ත්‍රිපිටක පොත් වහන්සේ/සූත්‍ර පිටකය/මජ්ක්ධීම නිකාය/දේවදහ සූත්‍රය
1. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ ශාක්‍ය ජනපදයන්හි දෙවදහ නම් ශාක්‍ය රජුන්ගේ නියම් ගමෙහි වාසය කරති. එකල්හි වනාහි භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන්ට ´මහණෙනි´ යි කථාකළහ. ´පින්වකුන් වහන්සැ´ යි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළේය. ´´මහණෙනි, මේ පුරුෂ පුද්ගල තෙම සැපක් හෝ දුකක් හෝ දුක් සැප දෙකින් තොරවූවක් හෝ යම් කිසිවෙක් විඳියිද, ඒ සියල්ල පෙර කළ කර්‍ම හේතුවෙන්ම විඳින්නාහුය. මෙසේ පුරාණවූ කර්මයන් තපසින් කෙළවර වීමෙන්ද, අථත්වූ කර්‍මයන් නොකිරීමෙන්ද, මත්තෙහි නැවත නොඉපදීම වේ. මත්තෙහි නොඉපදීමෙන් කර්‍මයන්ගේ නැසීම වේ. කර්ම නැසීමෙන් දුක් නැසීම වේ.
2. ´´දුක් නැසීමෙන් වේදනා නැසීම වේ. වේදනා නැසීමෙන් සියථ දුක් දිරා යන්නේය. යන මෙබඳු වාද ඇත්තාවූ, මෙබඳු දෘෂ්ටි ඇත්තාවූ, සමහර මහණ බමුණෙක් ඇත්තාහ. මහණෙනි, නිගණ්ඨයෝ මෙබඳු වාද ඇත්තාහුය. මහණෙනි, මම මෙබඳු වාද ඇති නිගණ්ඨයින් වෙත පැමිණ මෙසේ කියමි. ´ඇවත් නිගණ්ඨයිනි, තෙපි මේ පුරුෂ පුද්ගල තෙම සැපක් හෝ, දුකක් හෝ, දුක් සැප දෙකින් තොරවූවක් හෝ විඳියිද, ඒ සියල්ල පෙර කළ කර්‍ම හේතුවෙන්ම විඳින්නේය.´ මෙසේ පැරණි කර්‍මයන් තපසින් කෙළවර කිරීමෙන්ද, අථත්වූ කර්‍මයන් නොකිරීමෙන්ද, මත්තෙහි කර්‍ම හට නොගන්නේය. මත්තෙහි කර්ම නොහට ගැණීමෙන් කර්‍මයන්ගේ නැසීම වේ. කර්‍මර් නැසීමෙන් දුක් නැසීම වේ. දුක් නැසීමෙන් වේදනා නැසීම වේ. වේදනා නැසීමෙන් සියථ දුක දිරා යන්නේය. යන මෙබඳු වාද ඇත්තාහුය. මෙබඳු දෘෂ්ඨි ඇත්තාහුය. යනු සැබෑදැයි අසමි. මහණෙනි, ඉදින් මා විසින් මෙසේ අසන ලද්දාවූ ඒ නින්ඨයෝ ´එසේය´ යි ප්‍රකාශ කෙරෙත්ද, මම ඔවුන්ගෙන් ´ඇවැත් නිණ්ඨයිනි, කිමෙක්ද, තෙපි ´අපි, පෙර වූවාහුමයයි දනිව්ද, නොවූහුමයැයි දනිව්දැ´ යි අසමි. ´ඇවැත්නි, එය නොදනිමුය´ යි කියත්. ´ඇවැත් නිණ්ඨයිනි, කිමෙක්ද, තෙයි පෙර අපි පාප කර්ම කෙළෙමුයයි දනිව්ද? නොකෙළෙමුයයි දනිව්දැ? යි අසමි. ´ඇවැත්නි, එය නොදනිමුය´ යි කියත්. ´ඇවැත් නිණ්ඨයිනි, කිමෙක්ද? තෙපි මෙබඳුවූ හෝ මෙබඳුවූ හෝ පාප කර්ම කෙළෙමුයි දනිව්ද?´ ´ඇවැත්නි, එය නොදනිමුය´ යි කියත්. ඇවැත් නිණ්ඨයිනි, කිමෙක්ද? තෙපි මෙපමණවූ දුක් දිරවන ලද්දේය. මෙපමණවූ දුක් දිරවිය යුතුය. මෙපමණවූ දුක් දිරවූ කල්හි සියලු දුක් දිරවන ලද්දේ වන්නේයයි දනිව්ද?´ ´ඇවැත්නි, එය නොදනිමු.´ යි කියත්. ඇවැත් නිණ්ඨයිනි, කිමෙක්ද? තෙපි මේ ආත්මයෙහිම අකුශල ධර්‍මයන්ගේ දුරු කිරීමත්, කුශල ධර්‍මයන්ගේ වැඩීමත් දනිව්දැ´ යි අසමි. ´ඇවැත්නි, එය නොදනිමු´ යි කියත්.
3. ´´ඇවැත් නිණ්ඨයිනි, මෙසේ වනාහි තෙපි පෙර අපි වීමු යයිද නොදන්නාහුය. නොවීමුයයි නොදන්නාහුය. පෙර අපි පාප කර්‍මය කෙළෙමුයයිද නොදන්නාහුය. නොකෙළෙමුයයිද නොදන්නාහුය. මෙබඳුවූ මෙබඳුවූ පාපකර්‍ම කෙළෙමුයයිද, නොදන්නාහුය. මෙපමණවූ දුක් දිරවන ලද්දේය. මෙපමණවූ දුක් දිරවිය යුතුය. මෙපමණවූ දුක් දිරවූ කල්හි සියලු දිරවන ලද්දේ වන්නේයයිද නොදන්නාහුය. මේ ආත්මයෙහිම අකුශල ධර්‍මයන්ගේ දුරු කිරීමත්, කුශල ධර්‍මයන්ගේ වැඩීමත් නොදන්නාහුය. මෙසේ ඇති කල්හි ආයුෂ්මත් නිණ්ඨයන්ට මේ පුරුෂ පුද්ගල තෙම යම් කිසි සැපක් හෝ, දුකක් හෝ, දුක් නොවූ සැප නොවූවක් හෝ, විඳියිද, ඒ සියල්ල පෙර කළ කර්‍ම හේතුවෙන්ම විඳින්නේය. පැරණිවූ කර්‍මයන් තපසින් කෙළවර කිරීමෙන් අලුත්වූ කර්මයන් නොකිරීමෙන් මත්තෙහි කර්‍ම හට නොගැණීම වේ. මත්තෙහි හට නොගැණීමෙන් කර්‍මයන්ගේ නැසීම වේ. කර්මයන්ගේ නැසීමෙන් දුක් නැසීම වේ. දුක් නැසීමෙන් වේදනා නැසීම වේ. වේදනා නැසීමෙන් සියලු දුක් දිරායාම වන්නේයයි ප්‍රකාශ කිරීමට සුදුසු නොවන්නේය.
4. ´´ආයුෂ්මත් නිණ්ඨයිනි, ඉදින් තෙපි පෙර අපි වීමුයයි දන්නාහුද, නොවීමුයයි දන්නාහුද, පෙර අපි පාප කර්ම කෙළෙමුයයි දන්නාහුද, නොකෙළෙමුයයි දන්නාහුද, මෙබඳු මෙබඳුවූ පාප කර්ම කෙළෙමුයයි දන්නාහුද, මෙපමණවූ දුක් දිරවන ලද්දේය, මෙපමණවූ දුක් දිරවිය යුතුය. මෙපමණවූ දුක් දිරවූ කල්හි සියලු දුක් දිරවන ලද්දේ වන්නේයයි දන්නාහුද, මේ ආත්මයෙහිම අකුසල ධර්‍මයන්ගේ දුරු කිරීමත්, කුසල ධර්‍මයන්ගේ වැඩීමත් දන්නාහුද. මෙසේ ඇති කල්හි ආයුෂ්මත් නිණ්ඨයන්ට මේ පුරුෂ පුද්ගල තෙම යම් කිසි සැපයක් හෝ, දුකක් හෝ, දුක් නොවූ සැප නොවූවක් හෝ විඳියිද, ඒ සියල්ල පෙර කළ කර්‍ම හේතුවෙන්ම විඳිත්. මෙසේ පැරණිවූ කර්‍මයන් තපසින් කෙළවර කිරීමෙන්, අලුත්වූ කර්මයන් නොකිරීමෙන්, මත්තෙහි කර්ම නොහට නොගැණීම වේ. මත්තෙහි කර්ම නොහටගැණීමෙන් කර්මයන්ගේ නැසීම වේ. කර්මයන්ගේ නැසීමෙන් දුක් නැසීමවේ. දුක් නැසීමෙන් වේදනා නැසීම වේ. වේදනා නැසීමෙන් සියලු දුක් දිරායාම වන්නේය.´´ යි ප්‍රකාශ කිරීමට සුදුසු වන්නේය.´
´ආයුෂ්මත් නිණ්ඨයිනි, යම් සේ පුරුෂයෙක් තෙම දැඩි කොට විස පොවන ලද විෂ සහිතවූ හුලකින් විදින ලද්දේ වන්නේද, හෙතෙම ඒ හුල ඇනීමේ වේදනාව හේතු කොට ගෙණ දුක්වූ, තියුණුවූ, කටුකවූ වේදනාව විඳින්නේය. ඔහුගේ අසල් වැස්සෝද, නෑ සහ ලේ නෑයෝද, ශල්‍ය කර්‍ම කරන්නාවූ වෙදෙකු කැඳවන්නාහුය. ශල්‍ය කර්‍ම කරන ඒ වෙද තෙම ආයුධයකින් ඔහුගේ වණ මුඛය කපන්නේය. හෙතෙම ආයුධයකින් වණ මුඛය කැපීම හේතුකොට ගෙනද, දුක්වූ, තියුණුවූ, කටුකවූ වේදනාව විඳින්නේය. ශල්‍ය වෙද තෙම සැත් කටුවකින් ඔහුගේ හුල සොයන්නේය. හෙතෙම සැත් කටුවෙන් හුල සෙවීම හේතුකොට ගෙනද, තියුණුවූ, කටුකවූ වේදනාව විඳින්නේය. ශල්‍ය වෙද තෙම ඔහුගේ ඒ හුල ඇද දමන්නේය. හෙතෙම හුල ඇද දැමීම හේතුකොට ගෙනද, දුක්වූ, තියුණුවූද, කටුකවූ වේදනාව විඳින්නේය. ඒ ශල්‍ය වෙද තෙම ඔහුගේ වණ මුඛයෙහි බෙහෙත් සුණු දමන්නේය. හෙතෙම බෙහෙත් කුඩු වණ මුඛයෙහි දැමීම හේතු කොට ගෙනද දුක්වූ, තියුණුවූ, කටුකවූ වේදනාව විඳින්නේය. හෙතෙම මෑත කලෙක්හි නැංගාවූ යහපත් සිවිය ඇති වණයෙන් සුව ඇත්තේ තනිව හැසිරෙන්නේ තමාගේ වසඟයෙහි වූයේ කැමති තැනක යා හැකි වන්නේය. ඔහුට මෙබඳු සිතක් වන්නේය. මම වනාහි පෙර දැඩි කොට පොවන ලද ඇති විෂ සහිතවූ හුලකින් විදින ලද්දෙක් වීමි. ඒ මම හුල ඇනීමෙන් වූ වේදනාව හේතුකොට දුක්වූ, තියුණුවූ, කටුකවූ, වේදනාව වින්දෙමි. ඒ මට අසල් වැස්සෝද, නෑ සහ ලේ නෑයෝද, ශල්‍යකර්‍ම කරන්නාවූ වෙදෙකු කැඳෙව්වාහුය. ශල්‍ය වෙද තෙම ආයුධයකින් ඒ මගේ වණ මුඛය කැපුවේය. ඒ මම ආයුධයෙන්ද වණ මුඛය කැපීම හේතුකොට දුක්වූ, තියුණුවූ, කටුකවූ, වේදනාව වින්දෙමි. ඒ ශල්‍ය වෙද තෙම සැත් කටුවෙන් ඒ මගේ හුල සෙව්වේය.´
´ඒ මම සැත් කටුවෙන් හුල සෙවීම හේතුකොට දුක්වූ, තියුණුවූ, කටුකවූ, වේදනාව වින්දෙමි. ඒ ශල්‍ය වෙද තෙම ඒ මාගේ හුල ඇද දැම්මේය. ඒ මම හුල ඇදීම හේතුකොටද දුක්වූ, තියුණුවූ, කටුකවූ, වේදනාව වින්දෙමි. ඒ ශල්‍ය වෙද තෙම බෙහෙත් ඒ මාගේ වණ මුඛයෙහි බෙහෙත් සුණු ගැල්වූයේය. ඒ මම බෙහෙත් සුණු වණ මුඛයෙහි ගැල්වීම හේතුකොටද, දුක්වූ, තියුණුවූ, කටුකවූ, වේදනාව වින්දෙමි. ඒ මම දැන් නැංගාවූ මනා සිවිය ඇති වණය ඇත්තේ, නිරෝග වූයේ, සුවපත් වූයේ, එකලාව හැසිරෙන්නේ තෙමේ තමහට වසඟවූයේ කැමති පරිදි යා හැක්කේ වෙමියි´ කියායි.
´ඇවැත් නිණ්ඨයිනි, එපරිද්දෙන්ම ඉදින් තෙපි පෙර අපි වීමුයි දන්නහු නම්, නොවීමුයි දන්නහු නම්, පෙර අපි පාප කර්ම කෙළෙමුයි දන්නහු නම්, නොකෙළෙමුයි දන්නහු නම්, මෙබඳුවූ මෙබඳුවූ පාප කර්ම කෙළෙමුයි දන්නහු නම් මෙපමණ දුක් දිරා ගියේය. මෙපමණ දුක් දිරවිය යුතුය. මෙපමණ දුක් දිරා ගිය කල්හි සියලු දුක් දිරා ගියේ වන්නේයයි දන්නහු නම් මේ ආත්මයෙහිම අකුසලයන්ගේ දුරු කිරීමත් කුසලයන්ගේ වැඩීමත් දන්නහු නම්, මෙසේ ඇති කල්හි ආයුෂ්මත් නිණ්ඨයන්ට මේ පුරුෂ පුද්ගල තෙම යම්කිසි සැපක් හෝ දුකක් හෝ, දුක් නොවූ සැප නොවූවක් හෝ විඳියිද, ඒ සියල්ල පෙර කළ කර්‍ම හේතුවෙන්ම විඳින්නේය. මෙසේ පැරණිවූ කර්‍මයන් තපසින් කෙළවර වීමෙන් අලුත්වූ කර්මයන් නොකිරීමෙන් මත්තෙහි කර්ම නොහට ගැණීම වේ. මත්තෙහි කර්ම නොහට ගැනීමෙන් කර්ම නැසීම වේ. කර්ම නැසීමෙන් දුක් නැසීම වේ. දුක් නැසීමෙන් වේදනා නැසීම වේ. වේදනා නැසීමෙන් සියලු දුක් දිරායාම වන්නේයයි ප්‍රකාශ කිරීමට සුදුසු වන්නේය. ඇවැත් නිණ්ඨයිනි, යම් හෙයකිනුත් තෙපි පෙර අපි වීමු යයි නොදන්නාහු නම්, නොවීමු යයි නොදන්නාහු නම්, පෙර අපි පාප කර්මය කෙළෙමු යයි නොදන්නාහු නම්, නෙකෙළෙමු යයි නොදන්නාහු නම්, මෙබඳුවූ මෙබඳුවූ පාප කර්ම කෙළෙමුයයි නොදන්නාහු නම්, මෙපමණ දුක් දිරා ගියේය, මෙපමණ දුක් දිරවිය යුතුය, මෙපමණ දුක් දිරා ගිය කල්හි සියලු දුක් දිරා ගියේ වන්නේයයි නොදන්නාහු නම්, ඉහාත්මයෙහිම අකුසලයන්ගේ දුරු කිරීම, කුසල ධර්මයන්ගේ වැඩීම නොදන්නාහු නම්, එසේ ඇති කල්හි ආයුෂ්මත් නිණ්ඨයන්ට මේ පුරුෂ පුද්ගල තෙම යම්කිසි සැපක් හෝ දුකක් හෝ, දුක් නොවූ සැප නොවූවක් හෝ විඳියිද, ඒ සියල්ල පෙර කළ කර්‍ම හේතුවෙන් විඳින්නේය. මෙසේ පැරණිවූ කර්ර්‍මයන් තපසින් කෙළවර වීමෙන් අලුත්වූ කර්මයන් නොකිරීමෙන් මත්තෙහි කර්ම නොහට ගැණීම වේ. මත්තෙහි කර්ම නොහට ගැනීමෙන් කර්ම නැසීම වේ. කර්ම නැසීමෙන් දුක් නැසීම වේ. දුක් නැසීමෙන් වේදනා නැසීම වේ. වේදනා නැසීමෙන් සියලු දුක් දිරායාම වන්නේයයි ප්‍රකාශ කිරීමට සුදුසු නොවන්නේය.´
5. ´´මහණෙනි, මෙසේ කී කල්හි ඒ නිණ්ඨයෝ මට මෙසේ කීවාහුය. ´ඇවැත්නි, සර්‍වඥවූ, සියල්ල දන්නාවූ නිණ්ඨ නාථ පුත්‍ර තෙම සියල්ල දන්නා ඥානය ඇති බව ප්‍රකාශ කරයි. යන්නාවූද, සිටින්නාවූද, නිදන්නාවූද, නිදි දුරු කරන්නාවූද මට, නිරන්තරයෙන් සියල්ල නුවණින් දැකීම එළඹ සිටියේය´ කියායි. හෙතෙම මෙසේ කීය. ´ඇවැත් නිණ්ඨයිනි, තොප විසින් පෙර කරණ ලද පාප කර්ම ඇත්තේමය. එය මේ කටුකවූ දුෂ්කර පැවැතුමෙන් දිරවව්. යම් හෙයකින් දැන් කයින් සංවර වූවාහුද, වචනයෙන් සංවර වූවාහුද, සිතින් සංවර වූවාහුද, එය මත්තෙහි පාප කර්මයාගේ නොකිරීම වේ. මෙසේ පුරාණවූ කර්මයන් තපසින් කෙළවර වීමෙන්. අලුත්වූ කර්මයන් නොකිරීමෙන් මත්තෙහි කර්ම නොහට ගැනීම වේ. මත්තෙහි කර්ම නොහට ගැනීමෙන් කර්මයන්ගේ නැසීම වේ. කර්ම නැසීමෙන් දුක් නැසීම වේ. දුක් නැසීමෙන් වේදනා නැසීම වේ. වේදනා නැසීමෙන් සියලු දුක් දිරායාම වන්නේය´ කියායි. එය වනාහි අපට රුචිද වේ. කැමතිද වේ. එයින්ද සතුටු සිත් ඇත්තෝ වීමුය,´ යනුයි. මහණෙනි මෙසේ කී කල්හි, මම ඒ නිණ්ඨයන්ට මෙසේ කීවෙමි. ඇවැත් නිණ්ඨයිනි, මේ ආත්මයෙහිම දෙපරිද්දෙකින් විපාක ඇත්තාවූ, මේ ධර්‍ම පසක් වෙත්. කවර පසක්ද යත්. අනුන්ගේ කීම් ඇදහීම, තමාගේ කැමැත්ත, ඇසීම ආකාර කල්පනා කිරීම, මෙසේමයයි නිශ්චය කිරීම යන මේ පසයි.
´ ඇවැත් නිණ්ඨයිනි, මේ ධර්ම පස මේ ආත්මයෙහිම දෙපරිද්දෙකින් විපාක ඇත්තාවූ, ධර්ම පස වෙත්. ඔවුන් අතුරෙන් ආයුෂ්මත් නිණ්ඨයන්ගේ ශාස්තෘහු කෙරෙහි අතීතය පිළිබඳව ඇදහීම කුමක්ද? කැමැත්ත කුමක්ද? ඇසීම කුමක්ද? ආකාර කල්පනා කිරීම කුමක්ද? විනිශ්චය කුමක්දැ´ යි අසමි. මහණෙනි, මෙසේ කියන්නාවූ මම වනාහි නිණ්ඨයන් කෙරෙහි කිසියම් කරුණු සහිතවූ උත්තර දීමක් නොදකිමි.
6. ´´මහණෙනි, නැවතද නිණ්ඨයන්ට මම මෙසේ කියමි. ´නිණ්ඨයිනි, ඒ කුමකැයි හඟිව්ද? යම් කලෙක්හි තොපගේ දැඩිවූ උපක්‍රමයක් වේද? දැඩිවූ වීය්‍ර්‍යයක් වේද? එකල්හි උපක්‍රමයෙන් හටගත්තාවූ, දැඩිවූ, දුක්වූ, තියුණුවූ, කටුකවූ වේදනාවන් විඳින්නාහුද? යම් කලෙක වනාහි තොපගේ දෘඪවූ උපක්‍රමයෙක් නොවේද, දැඩිවූ වීය්‍ර්‍යයක් නොවේද, එකල්හි උපක්‍රමයෙන් හටගත්තාවූ, දැඩිවූ, දුක්වූ, තියුණුවූ, කටුකවූ වේදනාවන් නොවිඳින්නාහුද?´
´ඇවැත්නි, යම් කලෙක්හි අපගේ දැඩිවූ උපක්‍රමයෙක් වේද, දැඩිවූ වීය්‍ර්‍යයක් වේද, එකල්හි උපක්‍රමයෙන් හටගත්තාවූ, දැඩිවූ, දුක්වූ, තියුණුවූ, කටුකවූ වේදනාවන් විඳිමු. යම් කලෙක්හි වනාහි අපගේ දැඩිවූ උපක්‍රමයක් නොවේද, දැඩිවූ වීය්‍ර්‍යයක් නොවේද, එකල්හි උපක්‍රමයෙන් හටගත්තාවූ, දැඩිවූ, දුක්වූ, තියුණුවූ, කටුකවූ වේදනාවන් නොවිඳිමු´ යි කීහ.
´ඇවැත් නිණ්ඨයිනි, මෙසේ වනාහි යම් කලෙක්හි තොපගේ දැඩිවූ උපක්‍රමය වේද, දැඩිවූ වීය්‍ර්‍යය වේද, එකල්හි දැඩිවූ උපක්‍රමයෙන් හටගත්තාවූ, දුක්වූ, තියුණුවූ, කටුකවූ වේදනාවන් විඳින්නාහු නම් යම් කලෙක්හි වනාහි තොපගේ දැඩිවූ උපක්‍රමයක් නොවේද, දැඩිවූ වීය්‍ර්‍යයක් නොවේද, එකල්හි දැඩිවූ උපක්‍රමයෙන් හටගත්තාවූ, දුක්වූ, තියුණුවූ, කටුකවූ, වේදනාවන් නොවිඳින්නහු නම් මෙසේ ඇති කල්හි ආයුෂ්මත් නිණ්ඨයන්ට මේ පුරුෂ පුද්ගල තෙම යම් කිසි සැපක් හෝ දුකක් හෝ දුක් නොවූ සැප නොවූවක් හෝ විඳියිද, ඒ සියල්ල පෙර කළ කර්‍ම හේතුවෙන් විඳින්නේය. මෙසේ පැරණිවූ කර්‍මයන් තපසින් කෙළවර වීමෙන්, අථත්වූ කර්‍මයන් නොකිරීමෙන්, මත්තෙහි කර්‍ම නොහටගැණීම වේ. මත්තෙහි කර්ම නොහට ගැනීමෙන් කර්මයන්ගේ නැසීම වේ. කර්ම නැසීමෙන් දුක් නැසීම වේ. දුක් නැසීමෙන් වේදනා නැසීම වේ. වේදනා නැසීමෙන් සියලු දුක් දිරවීම වන්නෙයයි ප්‍රකාශ කිරීම සුදුසු නොවන්නේය.´
´ආයුෂ්මත් නිණ්ඨයිනි, ඉදින් යම් කලෙක තොපගේ දැඩිවූ උපක්‍රමය වේද, දැඩිවූ වීය්‍ර්‍යය වේද, එකල්හි උපක්‍රමයෙන් හටගත්තාවූ, දුක්වූ, තියුණුවූ, කටුකවූ වේදනාව නවතින්නේ නම් යම් කලෙක වනාහි තොපගේ දැඩිවූ උපක්‍රමය නොවේද, දැඩිවූ වීය්‍ර්‍යය නොවේද, එකල්හි උපක්‍රමයෙන් හටගත්තාවූ, දුක්වූ, තියුණුවූ, කටුකවූ වේදනාව නොනවතින්නේ නම් එසේ ඇතිකල්හි ආයුෂ්මත් නිණ්ඨයන්ට මේ පුරුෂ පුද්ගල තෙම යම්කිසි සැපක්, දුකක්, දුක් නොවූ, සැප නොවූවක් විඳියිද, ඒ සියල්ල පෙරකළ කර්‍ම හේතුවෙන්ම විඳින්නේය. මෙසේ පැරණිවූ කර්‍මයන් තපසින් කෙළවරවීමෙන්, අලුත්වූ කර්මයන් නොකිරීමෙන් මත්තෙහි නොහට ගැණීම වේ. මත්තෙහි නොහට ගැණීමෙන් කර්‍මයන්ගේ නැසීම වේ. කර්මයන්ගේ නැසීමෙන් දුක් නැසීම වේ. දුක් නැසීමෙන් වේදනා නැසීම වේ. වේදනා නැසීමෙන් සියලු දුක දිරවීම වන්නේයයි ප්‍රකාශ කිරීමට සුදුසු වන්නේය.
´´ආයුත්මත්වූ නිණ්ඨයිනි, යම් හෙයකිනුත් යම් කලෙක වනාහි තොපගේ දැඩිවූ උපක්‍රමය වේද, දැඩිවූ වීය්‍ර්‍යය වේද, එකල්හි දැඩිවූ, උපක්‍රමයෙන් හටගත්තාවූ, තියුණුවූ, කටුකවූ වේදනා විඳින්නහුය. යම් කලෙක්හි වනාහි තොපගේ දැඩිවූ උපක්‍රමය නොවේද, දැඩිවූ වීය්‍ර්‍යය නොවේද, එකල්හි දැඩිවූ, උපක්‍රමයෙන් හටගත්තාවූ, දුක්වූ, තියුණුවූ, කටුකවූ වේදනා නොවිඳින්නහුය. ඒ තෙපි තුමූම උපක්‍රමයෙන් හටගත්තාවූ, දුක්වූ, තියුණුවූ, කටුකවූ ඒ වේදනාවන් විඳිනු ලබන්නාහු, අවිද්‍යාවෙන්, නොදැනීමෙන්, මුලාවෙන් මේ පුරුෂ පුද්ගල තෙම යම්කිසි සැපක් හෝ දුකක් හෝ දුක් නොවූ සැප නොවූවක් හෝ විඳියිද, ඒ සියල්ල පෙර කළ කර්‍ම හේතුවෙන් විඳින්නේය. මෙසේ පැරණිවූ කර්‍මයන් තපසින් කෙළවර වීමෙන් අථත්වූ කර්‍මයන් නොකිරීමෙන් මත්තෙහි කර්ම නොහට ගැණීම වේ. මත්තෙහි කර්ම නොහට ගැණීමෙන් කර්‍මයන්ගේ නැසීම වේ. කර්ම නැසීමෙන් දුක් නැසීම වේ. දුක් නැසීමෙන් වේදනා නැසීම වේ. වේදනා නැසීමෙන් සියථ දුක දිරවීම වන්නේයයි විපරීත වශයෙන් අදහන්නහුය.´ මහණෙනි, මෙසේ කියන්නාවූ මම නිණ්ඨයන්ගෙන් කරුණු සහිතවූ කිසියම් පිළිතුරක් නොදකිමි.
7.´´මහණෙනි, නැවතද මම ඒ නිණ්ඨයින්ට මෙසේ කියමි. ´ඇවැත් නිණ්ඨයිනි, ඒ කුමකැයි හඟිව්ද? මේ ආත්මයෙහි විපාකදෙන යම් මේ කර්මයක් වෙයිද, එය උපක්‍රමයෙන් හෝ වීය්‍ර්‍යයෙන් හෝ පරලොව විපාක දෙන කර්‍මයක් වේවායි, එසේ ලැබිය හැකිදැ´ යි අසමි. ´ඇවැත්නි, එසේ නොලැබිය හැකියයි´ කියත්. ´පරලොව විපාක දෙන යම් මේ කර්මයක් වෙයිද, එය උපක්‍රමයෙන් හෝ වීය්‍ර්‍යයෙන් හෝ මේ ආත්මයෙහි විපාක දෙන කර්‍මයක් වේවායි එසේ ලැබිය හැක්කේදැ´ යි අසමි. ´ඇවැත්නි, එසේ නොලැබිය හැකිය´ යි කියති.
´ඇවැත් නිණ්ඨයිනි, ඒ කුමකැයි හඟිව්ද? සැප විපාක දෙන්නාවූ යම් මේ කර්මයක් වෙයිද, එය උපක්‍රමයෙන් හෝ වීය්‍ර්‍යයෙන් හෝ දුක් විපාක දෙන්නාවූ කර්‍මයක් වේවායි, එසේ ලැබිය හැක්කේදැ´ යි අසමි. ´ඇවැත්නි, එසේ නොලැබිය හැක්කේයයි කියත්.´
´ඇවැත්නි, දුක් විපාක දෙන්නාවූ යම් මේ කර්මයක් වෙයිද, එය උපක්‍රමයෙන් හෝ වීය්‍ර්‍යයෙන් හෝ සැප විපාක දෙන්නාවූ කර්‍මයක් වේවායි එසේ ලැබිය හැක්කේදැ´ යි අසමි. ´ඇවැත්නි, එසේ නොලැබිය හැකියයි කියත්.´
´ඇවැත් නිණ්ඨයිනි, ඒ කුමකැයි හඟිව්ද? මුහුකුරාගිය කල්හි විපාක දෙන්නාවූ යම් කර්‍මයක් වෙයිද, එය උපක්‍රමයෙන් හෝ වීය්‍ර්‍යයෙන් හෝ මුහුකුරා නොගිය කල්හි විපාක දෙන කර්‍මයක් වේවායි එසේ ලැබිය හැකිදැයි අසමි.´ ´ඇවැත්නි, එසේ නොලැබිය හැකිය´ යි කියත්. ´´ මුහුකුරා නොගිය කල්හි විපාක දෙන්නාවූ යම් මේ කර්මයක් වෙයිද, එය උපක්‍රමයෙන් හෝ වීය්‍ර්‍යයෙන් හෝ මුහුකුරා ගිය කල්හි විපාක දෙන කර්‍මයක් වේවායි එසේ ලැබිය හැකිදැයි අසමි.´ ´ඇවැත්නි, එසේ නොලැබිය හැකිය´ යි කියත්.
´ඇවැත් නිණ්ඨයිනි, එය කුමකැයි හඟිව්ද? බොහෝ විපාක දෙන්නාවූ යම් මේ කර්මයක් වෙයිද, එය උපක්‍රමයෙන් හෝ වීය්‍ර්‍යයෙන් හෝ ස්වල්ප විපාක ඇත්තාවූ කර්‍මයක් වේවායි එසේ ලැබිය හැකිදැයි අසමි.´ ´ඇවැත්නි, එසේ නොලැබිය හැකිය´ යි කියත්. ´ස්වල්ප විපාක ඇත්තාවූ යම් ඒ කර්‍මයක් වෙයිද, එය උපක්‍රමයෙන් හෝ වීය්‍ර්‍යයෙන් හෝ බොහෝ විපාක ඇත්තාවූ කර්‍මයක් වේවායි එසේ ලැබිය හැකිදැයි අසමි.´ ´ඇවැත්නි, එසේ නොහැකිය´ යි කියත්.
´ඇවැත් නිණ්ඨයිනි, ඒ කුමකැයි හඟිව්ද? විපාක විඳිය යුතුවූ යම් මේ කර්මයක් වෙයිද, එය උපක්‍රමයෙන් හෝ වීය්‍ර්‍යයෙන් හෝ විපාක නොවිඳිය යුතුවූ කර්‍මයක් වේවායි එසේ ලැබිය හැකිදැයි අසමි.´ ´ඇවැත්නි, එසේ නොලැබිය හැකිය´ යි කියත්. ´´ විපාක නොවිඳිය යුතුවූ යම් ඒ කර්‍මයක් වෙයිද, එය උපක්‍රමයෙන් හෝ වීය්‍ර්‍යයෙන් හෝ විපාක විඳිය යුතු කර්මයක් වේවායි එසේ ලැබිය හැකිදැයි අසමි.´ ´ඇවැත්නි, එසේ නොලැබිය හැකිය´ යි කියත්.
´ඇවැත් නිණ්ඨයිනි, මෙසේ වනාහි මේ ආත්මයෙහි විඳිය යුතුවූ යම් මේ කර්මයක් වෙයිද, එය උපක්‍රමයෙන් හෝ වීය්‍ර්‍යයෙන් හෝ පරලොව විපාක විඳිය යුතු කර්මයක් වේවායි මෙය නොලැබෙන්නේද, පරලොව විපාක විඳිය යුතුවූ යම් මේ කර්මයක් වෙයිද, එය උපක්‍රමයෙන් හෝ වීය්‍ර්‍යයෙන් හෝ මේ ආත්මයෙහි විපාක විඳිය යුතු කර්මයක් වේවායි මෙය නොලැබෙන්නේය. සැප විපාක විඳිය යුතුවූ යම් මේ කර්මයක් වෙයිද, එය උපක්‍රමයෙන් හෝ වීය්‍ර්‍යයෙන් හෝ දුක් විපාක විඳිය යුතු කර්මයක් වේවායි මෙය නොලැබෙන්නේද, දුක් විපාක විඳිය යුතුවූ යම් මේ කර්මයක් වේද, එය උපක්‍රමයෙන් හෝ වීය්‍ර්‍යයෙන් හෝ සැප විපාක විඳිය යුතු කර්මයක් වේවායි මෙය නොලැබෙන්නේද, මුහුකුරා ගිය කල්හි විපාක විඳිය යුතුවූ යම් මේ කර්මයක් වේද, එය උපක්‍රමයෙන් හෝ වීය්‍ර්‍යයෙන් හෝ මුහුකුරා නොගිය කල්හි විපාක විඳිය යුතු කර්මයක් වේවායි මෙය නොලැබෙන්නේය. මුහුකුරා නොගිය කල්හි විපාක විඳිය යුතු යම් මේ කර්මයක් වේද, එය උපක්‍රමයෙන් හෝ වීය්‍ර්‍යයෙන් හෝ මුහුකුරා ගිය කල්හි විපාක විඳිය යුතු කර්මයක් වේවායි මෙය නොලැබෙන්නේය. බොහෝ විපාක විඳිය යුතුවූ යම් කර්මයක් වේද, එය මේ උපක්‍රමයෙන් හෝ වීය්‍ර්‍යයෙන් හෝ ස්වල්පවූ විපාක විඳිය යුතු කර්මයක් වේවායි මෙය නොලැබෙන්නේද. ස්වල්පවූ විපාක විඳිය යුතු යම් මේ කර්මයක් වේද, එය උපක්‍රමයෙන් හෝ වීය්‍ර්‍යයෙන් හෝ බොහෝ විපාක විඳිය යුතු කර්මයක් වේවායි මෙය නොලැබෙන්නේද. විපාක විඳිය යුතු යම් මේ කර්මයක් වේද, එය උපක්‍රමයෙන් හෝ වීය්‍ර්‍යයෙන් හෝ විපාක නොවිඳිය යුතු කර්මයක් වේවායි මෙය නොලැබෙන්නේද. විපාක නොවිඳිය යුතු යම් මේ කර්මයක් වේද, එය උපක්‍රමයෙන් හෝ වීය්‍ර්‍යයෙන් හෝ විපාක විඳිය යුතු කර්මයක් වේවායි මෙය නොලැබෙන්නේද. මෙසේ ඇති කල්හි
ආයුෂ්මත් නිණ්ඨයන්ගේ උපක්‍රමය නිෂ්ඵලවේ. වීය්‍ර්‍යය නිෂ්ඵලවේ.
8. ´´මහණෙනි, නිණ්ඨයෝ මෙබඳු වාද ඇත්තාහුය. මහණෙනි, මෙබඳු වාද ඇත්තාවූ නිණ්ඨයන්ගේ වාද අනුවාද දසයක් කරුණු සහිතය. ගැරහිය යුතු තැනට පැමිණෙත්. මහණෙනි, ඉදින් සත්ත්‍වයෝ පෙරකළ කර්ම හේතුවෙන් සැප දුක් විඳිත් නම් මහණෙනි, යම් හෙයකින් දැන් මෙබඳුවූ, දුක්වූ, තියුණුවූ, කටුකවූ, වේදනා විඳින්නාවූ නිණ්ඨයෝ ඒකාන්තයෙන් පෙර නපුරු කොට කරන ලද ධර්‍ම ඇත්තාහු වෙත්. මහණෙනි, ඉදින් සත්ත්‍වයෝ ඊශ්වරාදීන් විසින් මැවීම හේතු කොට ගෙණ සැප දුක් විඳිත් නම්. මහණෙනි, යම් හෙයකින් මේ කාලයෙහි මෙබඳු දුක්වූ, තියුණුවූ, කටුකවූ, වේදනා විඳින්නාවූ නිණ්ඨයෝ ඒකාන්තයෙන් පවිටුවූ ඊශ්වරාදියකු විසින් මවන ලද්දාහු වෙත්.
9. ´´මහණෙනි, ඉදින් සත්ත්‍වයෝ නියමය හේතු කොට ගෙන සැප දුක් විඳිත් නම් මහණෙනි, යම් හෙයකින් මෙකල්හි මෙබඳු දුක්වූ, තියුණුවූ, කටුකවූ, වේදනා විඳින්නාවූ නිණ්ඨයෝ ඒකාන්තයෙන් පාප නියමයක් ඇත්තෝ වෙත්. මහණෙනි, ඉදින් සත්ත්‍වයෝ සවැදෑරුම් උත්පත්ති හේතු හේතු කොට ගෙන සැප දුක් විඳිත් නම්, මහණෙනි, යම් හෙයකින් මෙකල්හි මෙබඳු දුක්වූ, තියුණුවූ, කටුකවූ, වේදනා විඳින්නාවූ නිණ්ඨයෝ ඒකාන්තයෙන් පවිටුවූ උත්පත්ති ඇත්තෝ වෙත්. මහණෙනි, ඉදින් සත්ත්‍වයෝ ඉහාත්මයෙහි වූ උපක්‍රම හේතුවෙන් සැප දුක් විඳිත් නම්, මහණෙනි, යම් හෙයකින් මෙකල්හි මෙබඳු දුක්වූ, තියුණුවූ, කටුකවූ, වේදනා විඳින්නාවූ නිණ්ඨයෝ ඒකාන්තයෙන් ඉහාත්මයෙහි පවිටුවූ උපක්‍රම ඇත්තෝ වෙත්.
10.´´මහණෙනි, ඉදින් සත්ත්‍වයෝ පෙර කළ කර්‍ම හේතුවෙන් සැප දුක් විඳිත් නම්, එයින්ද නිණ්ඨයෝ ගැරහිය යුත්තාහු වෙත්. ඉදින් සත්ත්‍වයෝ පෙර කළ කර්‍ම හේතුවෙන් සැප දුක් නොවිඳිත් නම්, එයින්ද නිණ්ඨයෝ ගැරහිය යුතු වෙත්. මහණෙනි, ඉදින් සත්ත්‍වයෝ ඊශ්වරාදීන්ගේ මැවීම් හේතුවෙන් සැප දුක් විඳිත් නම්, එයින්ද නිණ්ඨයෝ ගැරහිය යුතු වෙත්. ඉදින් සත්ත්‍වයෝ ඊශ්වරාදීන්ගේ මැවීම් හේතුවෙන් සැප දුක් නොවිඳිත් නම්, එයින්ද නිණ්ඨයෝ ගැරහිය යුතු වෙත්. මහණෙනි, ඉදින් සත්ත්‍වයෝ නියම හේතුවෙන් සැප දුක් විඳිත් නම්, එයින්ද නිණ්ඨයෝ ගැරහිය යුතු වෙත්. ඉදින් සත්ත්‍වයෝ නියම හේතුවෙන් සැප දුක් නොවිඳිත් නම්, එයින්ද නිණ්ඨයෝ ගැරහිය යුත්තාහු වෙත්. මහණෙනි, ඉදින් සත්ත්‍වයෝ සවැදෑරුම් උත්පත්ති හේතුවෙන් සැප දුක් විඳිත් නම්, එයින්ද නිණ්ඨයෝ ගැරහිය යුත්තාහු වෙත්. ඉදින් සත්ත්‍වයෝ සවැදෑරුම් උත්පත්ති හේතුවෙන් සැප දුක් නොවිඳිත් නම්, එයින්ද නිණ්ඨයෝ ගැරහිය යුත්තාහු වෙත්. මහණෙනි, ඉදින් සත්ත්‍වයෝ මේ ආත්මයෙහි වූ උපක්‍රම හේතුවෙන් සැප දුක් විඳිත් නම්, එයින්ද නිණ්ඨයෝ ගැරහිය යුත්තෝ වෙත්. ඉදින් සත්ත්‍වයෝ ඉහාත්මයෙහි වූ උපක්‍රම හේතුවෙන් සැප දුක් නොවිඳිත් නම්, එයින්ද නිණ්ඨයෝ ගැරහිය යුත්තාහු වෙත්. මහණෙනි, නිණ්ඨයෝ මෙබඳු වාද ඇත්තාහුය. මහණෙනි, මෙබඳු වාද ඇත්තාවූ නිණ්ඨයන්ගේ වාදානුවාද දසය කරුණු සහිතව මෙසේ ගැරහිය යුතු තැනට පැමිණෙත්. මහණෙනි, මෙසේ වනාහි උපක්‍රමය නිෂ්ඵල වේ. වීය්‍ර්‍යය නිෂ්ඵල වේ. මහණෙනි, කෙසේ නම් උපක්‍රමය සඵල වේද? වීය්‍ර්‍යය සඵල වේද? මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම දුකින් පීඩිත නොවූ තමා දුකින් පීඩිත කෙරෙයිද, ධාර්මිකවූ සැපය අත් නොහරියිද, ඒ සැපයෙහි මුසපත් නොවෙයිද, හෙතෙම මෙසේ දැන ගණියි. ´මෙසේ වීය්‍ර්‍යය කරන්නාවූ මාගේ දුකට හේතුවූ තෘෂ්ණාව වීය්‍ර්‍ය කිරීම හේතු කොට ගෙන දුරු වෙයි. මන්‍ද ජාති වශයෙන් බලන්නාවූ උපෙක්‍ෂාව වඩන්නාවූ මගේ දුකට හේතුවූ තෘෂ්ණාව දුරුවේයයි කියයි.
වීය්‍ර්‍ය කරන්නාගේ වීය්‍ර්‍ය කිරීම් හේතුකොටගෙන දුකට හේතුවූ යම් තෘෂ්ණාවක්හුගේ දුරු කිරීම වෙයිද, එහි මාර්‍ග වීය්‍ර්‍යයෙන් වීය්‍ර්‍ය කරන්නේය.
´එහි උපේක්‍ෂාව වඩයි. වීය්‍ර්‍ය කරන්නාවූ ඒ පුද්ගලයාහට වීය්‍ර්‍ය කිරීම හේතුකොට ගෙන දුක් උපදවන හේතුව වන තෘෂ්ණාවගේ දුරුවීම වෙයි.
මෙසේද ඔහුගේ ඒ දුක දිරා යන්නේ වෙයි. මධ්‍යස්ථ වන්නාවූ ඒ පුද්ගලයාහට මධ්‍යස්ථවීම හේතුකොටගෙන දුක් උපදවන හේතුව වන තෘෂ්ණාවගේ දුරුවීම වෙයි. මෙසේද ඔහුගේ ඒ දුක දිරා ගියේ නම් වෙයි.
11. ´´මහණෙනි, යම්සේ පුරුෂයෙක් තෙම ස්ත්‍රියක් කෙරෙහි ඇථම් සහිත වූයේ, පිළිබඳ සිත් ඇත්තේ, දැඩිවූ ආලය ඇත්තේ, දැඩිවූ බලාපොරොත්තු ඇත්තේ වේද, හෙතෙම අන් පුරුෂයෙකු සමග එක්ව සිටින්නාවූ, එක්ව කථා කරන්නාවූ, එක්ව සෙල්ලම් කරන්නාවූ, එක්ව සිනාසෙන්නාවූ, ඒ ස්ත්‍රිය දක්නේය. මහණෙනි, ඒ කුමකැයි හඟිව්ද? කිමෙක්ද? ඒ පුරුෂයා හට අන් පුරුෂයෙකු සමග සිටින්නාවූ, කථා කරන්නාවූ, මහත්සේ සිනාසෙන්නාවූ, මේ ස්ත්‍රිය දැක, ශෝකය, වැලපීමය, දුකය, දොම්නසය, උපායාසය යන මොහු උපදින්නාහුද?´´ ´´ස්වාමීනි, එසේය.´´ ´´ඊට හේතු කවරේද?´´ ´´ස්වාමීනි, මේ පුරුෂ තෙම වනාහි මේ ස්ත්‍රිය කෙරෙහි ඇථම් සහිත වූයේ, පිළිබඳ සිත් ඇත්තේ, දැඩි ආලය ඇත්තේ, දැඩි බලාපොරොත්තු ඇත්තේ වෙයි. එහෙයින් අන් පුරුෂයෙකු සමග සිටින්නාවූ, කථා කරන්නාවූ, මහත්තේ සිනාසෙන්නාවූ, සිනාසෙන්නාවූ, ඒ ස්ත්‍රිය දැක ශෝකය, පරිදේවය, දුකය, දොම්නසය, උපායාසය යන මොහු උපදිත්.´´
´´මහණෙනි, ඉක්බිති ඒ පුරුෂයාට මෙබඳු සිතක් වන්නේය. මම වනාහි මේ ස්ත්‍රිය කෙරෙහි ඇථම් සහිත වූයේ, පිළිබඳ සිත් ඇත්තේ, දැඩි ආලය ඇත්තේ, දැඩි වූ බලාපොරොත්තු ඇත්තේ වෙමි. ඒ මට අන් පුරුෂයෙකු සමග සිටින්නාවූ, කථා කරන්නාවූ, මහත්සේ සිනාසෙන්නාවූ, සිනාසෙන්නාවූ, මේ ස්ත්‍රිය දැක ශෝකය, පරිදේවය, දුකය, දොම්නසය, උපායාසය යන මොහු උපදිත්. ´මම මේ ස්ත්‍රිය කෙරෙහි මගේ යම් ඡන්‍ද රාගයක් (ඇල්මක්) වේද, එය දුරු කරන්නෙම් නම්, ඉතා යෙහෙකැයි ´ කියායි. හෙතෙම මේ ස්ත්‍රිය කෙරෙහි යම් තද ඇල්මක් වේද, එය දුරු කරන්නේය. හෙතෙම පසු කලෙක අන් පුරුෂයෙකු සමග සිටින්නාවූ, කථා කරන්නාවූ, මහත්සේ සිනාසෙන්නාවූ, සිනාසෙන්නාවූ, ඒ ස්ත්‍රිය දක්නේය. මහණෙනි, ඒ කුමකැයි හඟිව්ද, කිම? ඒ පුරුෂයාට අන් පුරුෂයෙකු සමග සිටින්නාවූ, කථා කරන්නාවූ, මහත්තේ සිනාසෙන්නාවූ, සිනාසෙන්නාවූ, මේ ස්ත්‍රිය දැක ශෝකය, පරිදේවය, දුකය, දොම්නසය, උපායාසය යන මොහු උපදන්නාහුද?´´ . ´´ස්වාමීනි, මෙය නොවේමැයි. ඊට හේතු කවරේද? ස්වාමීනි, මේ පුරුෂ තෙම වනාහි මේ ස්ත්‍රිය කෙරෙහි පහවූ ඇථම් ඇත්තේ වෙයි. එහෙයින් අන් පුරුෂයෙකු සමග සිටින්නාවූ, කථා කරන්නාවූ, මහ සිනාවෙන් සිනාසෙන්නාවූ, සිනාසෙන්නාවූ, ඒ ස්ත්‍රිය දැක ශොක, පරිදෙව, දුක් දොම්නස්, උපායාසයෝ නූපදිත්ය´´ යි කීහ.
12.´´මහණෙනි, එපරිද්දෙන්ම මහණතෙම දුකින් නොමඩනා ලද මේ මනුෂ්‍යාත්මය දුකින් නොමඩියි. දැහැමිවූ සැපයද අත් නොහරියි. ඒ සැපයෙහි මුසපත් නොවූයේද වෙයි. හෙතෙම වීය්‍ර්‍ය කරන්නාවූ ´මගේ වීය්‍ර්‍ය කිරීම හේතු කොට ගෙන දුකට හේතුවූ තෘෂ්ණාවගේ දුරුවීම වෙයි. උපේක්‍ෂාව වඩන්නාවූ මගේ උපේක්‍ෂාව වැඩීම හේතුනොට ගෙන දුකට හේතුවූ තෘෂ්ණාවගේ දුරුවීම වේය´ යි දැන ගනී. හෙතෙම වීය්‍ර්‍ය කරන්නාහට වීය්‍ර්‍ය කිරීම හේතු කොට ගෙන දුකට හේතුවූ යම් තෘෂ්ණාවක්හුගේ දුරුවීම වෙයිද, එහි වීය්‍ර්‍ය කරයි. උපෙක්‍ෂාව වැඩීම හේතුකොට ගෙන දුකට හේතුවූ තෘෂ්ණාවගේ දුරුවීමක් වේ නම් එහි උපෙක්‍ෂා වඩයි. වීය්‍ර්‍ය කරන්නාවූ ඔහුගේ වීය්‍ර්‍ය කිරීම හේතු කොට ගෙන ඒ දුක් උපදවන හේතුව වූ තෘෂ්ණාවගේ දුරු වීමක් වේ. එසේ ද ඔහුගේ දුක් දිරා යාම වෙයි. උපේක්‍ෂාව වඩන්නාවූ ඔහුට උපේක්‍ෂාව වැඩීම හේතු කොට ගෙන ඒ දුක් උපදවන හේතුව වූ තෘෂ්ණාවගේ දුරුවීමක් වේද, එසේද ඔහුගේ දුක් දිරා ගියේ වෙයි.
13. ´´මහණෙනි, නැවත අනිකක්ද කියමි. මහණ තෙම මෙසේ සලකයි. සැපසේ වාසය කරන්නාවූ මාගේ අකුසල ධර්‍මයෝ වැඩෙත්. කුසල ධර්‍මයෝ පිරිහෙත්. ශරීරයට දුක් ඇතිවන සේ උත්සාහ කරන්නාවූ මාගේ අකුසල ධර්‍මයෝ පිරිහෙත්. කුසල ධර්‍මයෝ වැඩෙත්.
´´ශරීරයට දුක් ඇතිවන සේ උත්සාහ කරන්නෙහි නම් ඉතා යෙහෙකි කියායි. හෙතෙම ශරීරයට දුක් ඇතිවනසේ වීය්‍ර්‍ය කරයි. ශරීරයට දුක් ඇතිවනසේ වීය්‍ර්‍ය කරන්නාවූ ඔහුගේ අකුසල ධර්‍මයෝ පිරිහෙත්. කුසල ධර්‍මයෝ වැඩෙත්. හෙතෙම පසු කාලයෙහි ශරීරයට දුක් ඇතිවන සේ වීය්‍ර්‍ය නොකරයි. ඊට හේතුව කවරේද? මහණෙනි, යමක් සඳහා ඒ මහණ තෙම ශරීරයට දුක් ඇතිවන සේ වීය්‍ර්‍ය කරන්නේද, ඒ අත්‍ර්‍ථය ඔහුට සම්පූර්‍ණ වූයේ වෙයි. එහෙයින් පසු කාලයෙහි ශරීරයට දුක් උපදින සේ වීය්‍ර්‍ය නොකරයි.
14. ´´මහණෙනි, යම් සේ හී වඩුවෙක් හීය ගිනි පෙනෙලි දෙකෙකින් තවාද, නැවත නැවත තවාද, ඇද හරියිද, කර්‍මන්‍ය කරයිද, මහණෙනි, යම් හෙයකින් වනාහි හී වඩුවා විසින් ඊය ගිනි පෙනෙලි දෙකකින් තවන ලද්දේ වේද, අතිශයින් තවන ලද්දේ වේද, ඇද හරින ලද්දේද, කර්මන්‍ය කරන ලද්දේ වේද, ඒ හී වඩු තෙම පසු කාලයෙහි ඒ ඊය ගිනි පෙනෙලි දෙකෙකින් නොතවයි. අතිශයින් නොතවයි. ඇද නොහරියි. කර්‍මන්‍ය නොකරයි. ඊට හේතු කවරේද? මහණෙනි, ඒ හී වඩු තෙම යමක් සඳහා ඊය ගිනි පෙනෙලි දෙකෙකින් තවන්නේද? අතිශයින් තවන්නේද, ඇද හරියිද, කර්‍මන්‍ය කරන්නේද, ඒ අත්‍ර්‍ථය ඔහුට සම්පූර්‍ණ වූයේ වෙයි. එහෙයින් ඊ වඩු තෙම පසු කාලයෙහි ඊය ගිනි පෙනෙලි දෙකකින් නොතවයි. අතිශයින් නොතවයි. ඇද නොහරියි. කර්‍මන්‍ය නොකරයි. මහණෙනි, එපරිද්දෙන්ම, මහණ තෙම මෙසේ සලකයි. සැපසේ වාසය කරන්නාවූ මාගේ අකුසල ධර්‍මයෝ වැඩෙත්. කුසල ධර්‍මයෝ පිරිහෙත්. ශරීරයට දුක් ඇතිවන සේ වීය්‍ර්‍ය කරන්නාවූ මාගේ අකුසල ධර්‍මයෝ පිරිහෙත්. කුසල ධර්‍මයෝ වැඩෙත්. මම ශරීරයට දුක් ඇතිවන සේ වීය්‍ර්‍ය කරන්නෙම් නම් ඉතා යෙහෙකැයි කියායි. හෙතෙම ශරීරයට දුක් ඇතිවන සේ වීය්‍ර්‍ය කරයි. ශරීරයට දුක් ඇතිවන සේ වීය්‍ර්‍ය කරන්නාවූ ඔහුගේ අකුසල ධර්‍මයෝ පිරිහෙත්. කුසල ධර්‍මයෝ වැඩෙත්. හෙතෙම පසු කලෙක්හි ශරීරයට දුක් නැතිවන සේ වීය්‍ර්‍ය නොකරයි. ඊට හේතු කවරේද? මහණෙනි, ඒ මහණ තෙම යම් අත්‍ර්‍ථයක් කඳහා ශරීරයට දුක් ඇතිවන සේ වීය්‍ර්‍ය කරන්නේද, ඒ අත්‍ර්‍ථය ඔහුට සම්පූර්‍ණ වූයේ වෙයි. එහෙයින් පසු කලෙක්හි ශරීරයට දුක් උපදින සේ වීය්‍ර්‍ය නොකරයි. මහණෙනි, මෙසේද උපක්‍රමය ඵල සහිත වෙයි. උත්සාහය ඵල සහිත වෙයි.
15. ´මහණෙනි, නැවත අනිකක්ද කියමි. මේ ලෝකයෙහි අර්‍හත්වූ, සම්‍යක් සම්බුද්ධවූ, අෂ්ට විද්‍යා පසලොස් චරන ධර්මයන්ගෙන් යුක්තවූ, ශොභන ගමන් ඇත්තාවූ, ලොකය දන්නාවු, නිරුත්තරවූ, දමනය කළ නොහැකි පුරුෂයන් දමනය කිරීමෙහි සාත්‍ර්‍ථ වාහකයෙකු බඳුවූ, දෙවි මිනිසුන්ට අනුශාසනා කරන්නාවූ, චතුස්සත්‍යයන් අවබෝධ කළාවූ, රාගාදී කෙලෙසුන් විනෘශ කළාවූ, තථාගතයන් වහන්සේ පහල වෙත්. ඒ තථාගත තෙම දෙවියන් සහිතවූ, මාරයන් සහිතවූ, බ්‍රහ්මයන් සහිතවූ, මහණ බමුණන් සහිතවූ, දෙවි මිනිසුන් සහිතවූ, සත්‍ව ප්‍රජාව සහිතවූ මේ ලෝකය විශිෂ්ට ඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂකොට දැන ගනියි. ඒ තථාගත තෙම මුල යහපත්වූ, මැද යහපත්වූ, කෙළවර අත්‍ර්‍ථ සහිතවූ, ව්‍යඤ්ජන සහිතවූ, සියල්ල සම්පූර්‍ණවූ ධර්‍මය දේශනා කරයි. පිරිසිදුවූ මාර්‍ග බ්‍රහ්මවය්‍ර්‍යාව ප්‍රකාශ කරයි. ඒ ධර්මය ගෘහපතියෙක් හෝ ගෘහපති පුත්‍රයෙක් හෝ එක්තරා කුලයක උපන්නෙක් හෝ අසයි. හෙතෙම ඒ ධර්මය අසා තථාගතයන් කෙරෙහි ශ්‍රද්ධාව ලබයි. හෙතෙම ඒ ශ්‍රද්ධාව ලැබීමෙන් යුක්තවූයේ මෙසේ සලකයි. ´ගිහිගෙයි විසීම අවහිරය. රාගාදී කෙලෙස් ඉපදීමට මාර්‍ගයයි. පැවිදිවීම අවකාශ ස්ථානයයි. ගිහිගෙයි වසන්නහු විසින් ඒකාන්තයෙන් සම්පූර්‍ණවූ, ඒකාන්තයෙන් පිරිසිදුවූ, ලියන ලද සකක් වැනිවූ, මේ බ්‍රහ්මචය්‍ර්‍යාවෙහි හැසිරෙන්ට පහසු නොවෙයි. මම හිසකේ රැවුල් කපා, කසට වත් හැඳ, ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදි වන්නෙම් නම් ඉතා යහපති´ කියායි.
16. ´´හෙතෙම මෑත කලෙක්හි ස්වල්පවූ සම්පත් රාශිය හෝ හැර මහත්වූ සම්පත් රාශිය හෝ හැර, ස්වල්පවූ නෑ පිරිවර හෝ හැර, මහත්වූ නෑ පිරිවර හෝ හැර, හිසකේ රැවුල් කපා, කසට වස්ත්‍ර හැඳ, ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදි වෙයි. හෙතෙම මෙසේ පැවිදි වූයේම, භික්‍ෂූන්ගේ අධිශීල ශික්‍ෂාවට හා සමාන දිවි පැවැත්මට පැමිණියේ, ප්‍රාණ ාතය හැර, ප්‍රාණ ාතයෙන් වැලකුණේ වෙයි. බහා තබන ලද දඬු ඇත්තේ, බහා තබන ලද ආයුධ ඇත්තේ, ලැජ්ජා ඇත්තේ, කරුණාවට පැමිණියේ, සියථ සතුන් කොරෙහි හිතානුකම්පා ඇත්තේ, වාසය කරයි. අදත්තාදානය හැර, අදත්තාදානයෙන් වැලකුණේ වෙයි. දුන් දෙය ගන්නා සුථ වූයේ. දුන් දෙය කැමති වන්නේ, සොරනොවූ, පවිත්‍රවූ, ආත්මයෙන් යුක්තව, වාසය කරයි. අබ්‍රහ්මචය්‍ර්‍යාව හැර, ශ්‍රෙෂ්ටවූ හැසුරුම් ඇත්තේ, ග්‍රාම ධර්මයක්වූ මෛථුන සේවනයෙන් දුරුවූයේ, වැළකුණේ වෙයි. මුසා වාදය හැර, බොරු කීමෙන් වැළකුණේ, සත්‍යය කියන සුථ ව්යේ, සත්‍යයෙන් සත්‍යය ගැලපීම ඇත්තේ, ස්ථිර වචන ඇත්තේ, ඇදහියයුතු වචන ඇත්තේ, ලොකයා නොරවටන්නෙක් වේ. පිසුනු වචනය හැර කේලාම් කීමෙන් වැළකුණේ වෙයි. මෙතැනින් අසා මොවුන්ගේ බිඳීම පිණිස, එතැන්හි නොකියන්නේ වෙයි. එතැනින් අසා ඔවුන්ගේ බිඳීම පිණිස මෙතන්හි නොකියන්නේ වෙයි.
17. ´´මෙසේ බිඳුනවුන් ගලපන්නේ හෝ, සමගි වූවන්ට අනුබල දෙන්නේ හෝ, සමගියට කැමැත්තේ, සමගියෙහි ඇථනේ, සමගියට සතුටු වන්නේ, සමගි කරන වචන කියන්නේ වෙයි. ඵරුෂ වචනය හැර, රථ බස් කීමෙන් වැළකුණේ වෙයි. යම් ඒ වචනයක් නිදොස්ද, කණට සැපද, ප්‍රෙමණීයද, සිත සතුටු කරන්නේද, පුරවැසි භාවයට සුදුසුද, බොහෝ දෙනා කැමතිද, බොහෝ දෙනාගේ මන වඩන්නීද, එබඳු වචන කියන්නේ වෙයි. සම්ඵප්‍රලාපය හැර හිස්වූ කථා කීමෙන් වැළකුණේ වෙයි. කලට සුදුසු වචන ඇත්තේ, සත්‍යවූ වචන ඇත්තේ, අත්‍ර්‍ථයෙන් යුත් වචන ඇත්තේ, ධර්‍මයෙන් යුත් වචන ඇත්තේ, විනය සම්බන්‍ධවූ වචන ඇත්තේ, සුදුසු කල්හි කරුණු දැක්වීම් සහිතවූ, ප්‍රමාණවත්වූ, අත්‍ථයෙන් යුක්තවූ, නිධානයක් මෙන් සිතෙහි තැබියයුතු වචන කියන්නේ වේ.
18. ´´හෙතෙම තෘණ, ගස්, වැල්, සිඳීම්, බිඳීම්, ආදියෙන් වැළකුණේ වෙයි. එක වේලේ වළඳනා ආහාර ඇත්තේ, රාත්‍රි භොජනයෙන් වැළකුණේ, නොකල්හි වැළඳීමන් වැළකුණේ වෙයි. නැටුම්, ගී කීම්, වීණා ආදිය වැයීම්. විසුථ දැකීම් යන මෙයින් වැළකුණේ වෙයි. මල් ගඳ විලවුන් දැරීම එයින් සැරසීම, අඩුතැන් පිරවීමෙන්, අලංකාර කිරීම යන මෙයින් වැළකුණේ වෙයි. උසසුන් මහ අස්නෙන් වැළකුණේ වෙයි. රන්, රිදී, මසු, කහවනු පිළිගැන්මෙන් වැළකුණේ වෙයි. අමු ධාන්‍ය වර්‍ග පිළිගැන්මෙන් වැළකුණේ වෙයි. අමු මස් වර්‍ග පිළිගැන්මෙන් වැළකුණේ වෙයි. ස්ත්‍රීන් හා ළදැරියන් පිළිගැන්මෙන් වැළකුණේ වෙයි. දාසීන් හා දාසයන් පිළිගැන්මෙන් වැළකුණේ වෙයි. එථවන්, තිරෙථවන් පිළිගැන්මෙන් වැළකුණේ වෙයි. කුකුළන්, හූරන් පිළිගැන්මෙන් වැළකුණේ වෙයි. ඇතුන්, ගවයන්, අසුන්, වෙළඹුන් පිළිගැන්මෙන් වැළකුණේ වෙයි. කෙත්, වත් පිළිගැන්මෙන් වැළකුණේ වෙයි. දුත මෙහෙවරය, පණිවුඩ පණත්වල යෙදීමය යන මෙයින් වැළකුණේ වෙයි. වෙළඳාම් පිණිස ගණු දෙනු කිරීමෙන් වැළකුණේ වෙයි. තරාදි ආදියෙන් වංචා කිරීමය, රන් හා නොරන් මිශ්‍ර වංචා කිරීමය, වී ආදිය මැනීමෙන් වංචා කිරීමය, යන මෙයින් වැළකුණේ වෙයි. අල්ලස් ගැනීමය, වංචා කිරීමය, උපායෙන් අනුන් රැවටීමය, කපටිකමය, යන මෙයින් වැළකුණේ වෙයි. සිඳීමය, මැරීමය, බැඳීමය, සැඟවී සිට වස්තු පැහැර ගැන්මය, ගම් පැහැරීමය, බලාත්කාරකම් කිරීමය, යන මෙයින් වැළකුණේ වෙයි. හෙතෙම කය පරිහරණයට සුදුසුවූ සිවුරෙන් හා කුස පරිහරණයට සුදුසු පිණ්ඩපාතයෙන් සතුටුවූයේ වෙයි. යම් යම් තැනෙක්හිම යයිද, අටපිරිකර හැරගෙනම යයි. යම්සේ නම් පියාපත් ඇති පක්‍ෂියෙක් යම් යම් තැනෙක්හිම පියාඹයිද, පියාපත් බර සහිතවම පියාඹයිද, එමෙන්ම මහණතෙම කය පරිහරණයට සුදුසුවූ සිවුරෙන් හා කුස පරිහරණයට සුදුසු පිණ්ඩපාතයෙන් සතුටුවූයේ වෙයි. යම් යම් තැනෙක්හිම යේද, පිරිකර හැරගෙනම යයි. හෙතෙම මේ ආය්‍ර්‍යවූ ශීල රාශියෙන් යුක්තවූයේ, ආධ්‍යාත්මිකවූ, නිරවද්‍යවූ, සුවය විඳියි.
19. ´හෙතෙම ඇසින් රූපය දැක නිමිති වශයෙන් නොගන්නේ කුඩා සලකුණු වශයෙන් නොගන්නේ වෙයි. යම් හේතුවකින් මේ චක්‍ෂුරින්‍ද්‍රියෙහි අසංවරව වාසය කරන්නහුට විෂම ලොභය හා දොම්නසය යන ලාමකවූ අකුසල ධර්‍මයෝ අනුව උපදිත්ද, ඔවුන්ගේ සංවරය පිණිස පිළිපදියි. චක්‍ෂුරින්‍ද්‍රිය රකියි. චක්‍ෂුරින්‍ද්‍රියෙහි සංවරයට පැමිණෙයි. කණින් ශබ්දය අසා තපසින් කෙළවර වීමෙන් අලුත්වූ කර්මයන් නොකිරීමෙන් මත්තෙහි නොහට ගැණීම වේ. මත්තෙහි නොහට ගැණීමෙන් කර්‍මයන්ගේ නැසීම වේ. කර්මයන්ගේ නැසීමෙන් දුක් නැසීම වේ. දුක් නැසීමෙන් වේදනා නැසීම වේ. වේදනා නැසීමෙන් නාසයෙන් සුවඳ ආ්‍රාණය කොට නිමිති වශයෙන් නොගන්නේ, කුඩා සලකුණු වශයෙන් නොගන්නේ වෙයි. යම් හෙයකින් මේ ශ්‍රොතෙන්‍ද්‍රියයයෙහි අසංවරව වාසය කරන්නහුට විෂම ලොභය හා දොම්නස යන ලාමකවූ අකුසල ධර්‍මයෝ අනුව වහනය වෙත්ද, ඔවුන්ගේ සංවරය පිණිස පිළිපදියි. ශ්‍රොතෙන්‍ද්‍රිය රකියි. ශ්‍රොතෙන්‍ද්‍රියයයෙහි සංවරයට පැමිණෙයි.
20. ´´ දිවෙන් රස විඳ නිමිති වශයෙන් නොගන්නේ, කුඩා සලකුණු වශයෙන් නොගන්නේ වෙයි. යම් හේතුවකින් මේ ාණෙන්‍ද්‍රියයෙහි අසංවරව වාසය කරන්නහුට විෂම ලොභය හා දොම්නසය යන ලාමකවූ අකුසල ධර්‍මයෝ වහනය වෙත්ද, ඔවුන්ගේ සංවරය පිණිස පිළිපදියි. ්‍රාණෙන්‍ද්‍රිය රකියි. ්‍රාණෙන්‍ද්‍රියයෙහි සංවරයට පැමිණෙයි. කයින් ස්පර්‍ෂ කළයුත්ත ස්පර්‍ෂ කොට නිමිති වශයෙන් නොගන්නේ, කුඩා සලකුණු වශයෙන් නොගන්නේ වෙයි. යම් හේතුවකින් මේ ජිව්හේන්ද්‍රියයෙහි අසංවරව වාසය කරන්නහුට විෂම ලොභය හා දොම්නස යන ලාමකවූ අකුසල ධර්‍මයෝ අනුව වහනය වෙත්ද, ඔවුන්ගේ සංවරය පිණිස පිළිපදියි. ජිව්හේන්‍ද්‍රිය රකියි. ජිව්හේන්‍ද්‍රියයෙහි සංවරයට පැමිණෙයි. සිතින් ධර්‍මය දැක නිමිති වශයෙන් නොගන්නේ, කුඩා සලකුණු වශයෙන් නොගන්නේ වෙයි. යම් හේතුවකින් මේ මනින්ද්‍රියයයෙහි අසංවරව වසන්නහුට විෂම ලොභ දොම්නස් යන ලාමකවූ අකුශල ධර්‍මයෝ අනුව උපදිත්ද, ඔවුන්ගේ සංවරය පිණිස පිළිපදියි. මනින්‍ද්‍රිය රකියි. මනින්‍ද්‍රියෙහි සංවරයට පැමිණෙයි. හෙතෙම මේ ආය්‍ර්‍යවූ ඉන්‍ද්‍රිය සංවරයෙන් යුක්තවූයේ, ආධ්‍යාත්මිකවූ ආධ්‍යාත්මිකවූ සැපද විඳියි.
21.´´හෙතෙම ඉදිරියට යෑමෙහි, හැරී යෑමෙහි, මනාව දැන කරන්නේ වෙයි. ඉදිරිය බැලීමෙහි, වට පිට බැලීමෙහි, මනාව දැන කරන්නේ වෙයි. (අත් පා) ඇකිලීමෙහි, දිග හැරීමෙහි, මනාව දැන කරන්නේ වෙයි. සඟල සිවුර හා පාත්‍රා සිවුරු දැරීමෙහි මනාව දැන කරන්නේ වෙයි. අනුභව කිරීමෙහි, පානය කිරීමෙහි, කඩා කෑමෙහි, රස විඳීමෙහි, මනාව දැන කරන්නේ වෙයි. මළ මූත්‍ර කිරීමෙහි මනාව දැන කරන්නේ වෙයි. යාමෙහි, සිටීමෙහි, හිඳීමෙහි, සයනයෙහි නිදි දුරු කිරීමෙහි, කථාවෙහි, නිශ්ශබ්ද වීමෙහි, මනාව දැන කරන්නේ වෙයි. හෙතෙම මේ ආය්‍ර්‍යවූ ශීල රාශියෙන්ද යුක්තවූයේ, මේ ආය්‍ර්‍යවූ ඉන්‍ද්‍රිය සංවරයෙන්ද යුක්තවූයේ, මේ ආය්‍ර්‍යවූ සිහි නුවණ දෙකින් යුක්තවූයේ. වනය, රුක්මුලය, පර්‍වතය, කඳුරැළිය, පර්‍වතගුහාය, සොහොනය, ඉතා දුර වන සෙනසුනය, හිස් තැනය, පිදුරු ගොඩය, යන විවේක සේනාසනයක් භජනය කරයි.
22.´´හෙතෙම බතින් පසු කල්හි පිණ්ඩපාතයෙන් වැලකුණේ පය්‍ර්‍යඞ්කය බැඳගෙන, ඎජුකොට කය පිහිටුවා, සිහිය ඉදිරිපත්කොට තබා හිඳගනියි. හෙතෙම ස්කන්‍ධ ලොකයෙහි දැඩි ලොභය දුරුකොට දැඩි ලොභය පහව ගියාවූ, සිතින් යුක්තව වාසය කරයි. දැඩි ලොභයෙන් සිත පිරිසිදු කරයි. ෙවෂයෙන් දූෂිතවූ සිත දුරුකොට ක්‍රොධ රහිත සිත් ඇත්තේ, සියථ සතුන් කෙරෙහි හිතානුකම්පා ඇත්තේ, වාසය කරයි. ව්‍යාපාද දොෂයෙන් සිත පිරිසිදු කරයි.
´´ථීනමිද්ධය හැර, පහවූ ථීනමිද්ධය ඇත්තේ, ආලෝක සංඥා ඇත්තේ, සිහි නුවණ ඇත්තේ වාසය කරයි. ථීනමිද්ධයෙන් සිත පිරිසිදු කරයි. නොසන්සුන් බව හා පසුතැවීම හැර නොසන්සුන් නොවී ඇතුලත සංසුන් සිත් ඇතිව වාසය කරයි. උද්ධච්චකුක්කුච්චයෙන් සිත පිරිසිදු කරයි. සැක කිරීම හැර එතර කළාවූ සැක ඇත්තේ, කුශල ධර්‍මයන්හි සැක රහිතවූයේ වාසය කරයි. විචිකිච්ඡාවෙන් සිත පිරිසිදු කරයි.
19.´´හෙතෙම මේ චිත්තයාගේ කෙළෙසීම් ඇත්තාවූ, ප්‍රඥාව දුර්‍වල කරන්නාවූ, නීවරන පස හැර, කාමයන්ගෙන් වෙන්වම, අකුසල ධර්‍මයන්ගෙන් වෙන්ව, විතර්‍ක සහිතවූ, විචාර සහිතවූ, විවේකයෙන් හටගත් ප්‍රීතිය හා සැපය ඇති. ප්‍රථම ධ්‍යානයට පැමිණ වාසය කරයි. මහණෙනි, මෙසේද, උපක්‍රමය සඵල වූයේ වෙයි. වීය්‍ර්‍යය සඵල වූයේ වෙයි. මහණෙනි, නැවත අනිකක්ද කියමි. මහණතෙම විතර්‍ක විචාරයන්ගෙන් සංසිඳීමෙන් ඇතුළත පැහැදීම ඇත්තාවූ, චිත්තයාගේ එකඟ බැව් ඇත්තාවූ, විතර්‍ක රහිතවූ, විචාර රහිතවූ, සමාධියෙන් හටගත් ප්‍රීතිය හා සැපය ඇති විතීය ධ්‍යානයට පැමිණ වාසය කරයි. මහණෙනි, මෙසේද, උපක්‍රමය සඵල වූයේ වෙයි. වීය්‍ර්‍යය සඵල වූයේ වෙයි. වීය්‍ර්‍යය සඵළවූයේ වෙයි.
20.´´ මහණෙනි, නැවත අනිකක්ද කියමි. මහණතෙම ප්‍රීතියගේද, නොඇල්මෙන් උපේක්‍ෂා ඇත්තේද, සිහි නුවණ ඇත්තේද, වාසය කරයි. සැපයද නාම කයින් විඳියි. ආය්‍ර්‍යයෝ යම් ධ්‍යානයක් උපෙක්‍ෂා ඇත්තේ, සිහි ඇත්තේ, සැප විහරණ ඇත්තේයයි කියත්ද, ඒ තෘතීය ධ්‍යානයට පැමිණ වාසය කරයි. මහණෙනි, මෙසේද, උපක්‍රමය සඵල වූයේ වෙයි. වීය්‍ර්‍යය කිරීම සඵල වූයේ වෙයි.
21 ´´මහණෙනි, නැවත අනිකක්ද කියමි. මහණතෙම සැපයද දුරු කිරීමෙන්, දුකද දුරු කිරීමෙන්, පළමු කොටම සොම්නස්, දොම්නස් දෙදෙනාගේ නැසීමෙන්, දුක් නැත්තාවූ, සැප නැත්තාවූ, උපෙක්‍ෂා ස්මෘති දෙදෙනාගේ පිරිසිදු බැව් ඇති චතුත්‍ර්‍ථ ධ්‍යානයට පැමිණ වාසය කරයි.
මහණෙනි, මෙසේද උපක්‍රමය සඵලවූයේ වෙයි. වීය්‍ර්‍යය සඵලවූයේ වෙයි.
22. හෙතෙම මෙසේ සිත එකඟවූ කල්හි, පිරිසිදුවූ කල්හි, නිර්මලවූ කල්හි, කෙලෙස් රහිතවූ කල්හි, පහව ගිය උපක්ලේශ ඇති කල්හි, මෘදුවූ කල්හි, කර්මක්ෂමවූ කල්හි, ස්ථිරවූ කල්හි. කම්පා නොවන බවට පැමිණි කල්හි, පෙර විසූ කඳ පිළිවෙළ සිහි කරණ නුවණ පිණිස සිත එලවයි. හෙතෙම නොයෙක් ප්‍රකාරවූ පෙර විසූ කඳ පිළිවෙළ සිහි කරයි. එනම් ජාති එකක්ද, ජාති දෙකක්ද, ජාති තුණක්ද, ජාති හතරක්ද, ජාති පහක්ද, ජාති දසයක්ද, ජාති විස්සක්ද, ජාති තිහක්ද, ජාති හතලිහක්ද, ජාති පණහක්ද, ජාති සියයක්ද, ජාති දහසක්ද, ජාති ලක්‍ෂයක්ද, නොයෙක් සංවර්‍ත කල්පයන්ද, නොයෙක් විවර්‍ත කල්පයන්ද, නොයෙක් සංවර්‍ත විවර්‍ත කල්පයන්ද, අසවල් තන්හි මෙබඳු නම් ඇත්තෙක්, මෙබඳු ගොත්‍ර ඇත්තෙක්, මෙබඳු වර්‍ණ ඇත්තෙක්, මෙබඳු ආහාර ඇත්තෙක්, මෙබඳු සැප දුක් විඳින්නෙක්, මෙබඳු ආයුෂය කෙළවර කොට ඇත්තෙක් වීමි. ඒ මම එයින් චුතවූයේ, අසවල් තන්හි ඉපදුනෙමි. එහිදු මෙබඳු නම් ඇත්තෙක්, මෙබඳු ගොත්‍ර ඇත්තෙක්, මෙබඳු වර්‍ණ ඇත්තෙක්, මෙබඳු ආහාර ඇත්තෙක්, මෙඳු සැප දුක් විඳින්නෙක්, මෙබඳු ආයුෂය කෙළවර කොට ඇත්තෙක් වීමි. ඒ මම එයින් චුතවූයේ, මෙහි උපන්නේ, වෙමියි. මෙසේ ආකාර සහිතවූ, උදෙසීම් සහිතවූ, අනෙක ප්‍රකාරවූ, පෙර විසූ කඳ පිළිවෙළ සිහි කරයි. මහණෙනි, මෙසේද උපක්‍රමය සඵලවූයේ වෙයි. වීය්‍ර්‍යය සඵලවූයේ වෙයි.
23. ´´හෙතෙම මෙසේ සිත එකඟවූ කල්හි, පිරිසිදුවූ කල්හි, නිර්මලවූ කල්හි, කෙලෙස් රහිතවූ කල්හි, පහව ගිය උපක්ලේශ ඇති කල්හි, මෘදුවූ කල්හි, කර්මක්ෂමවූ කල්හි, සිටි කල්හි, කම්පා නොවන බවට පැමිණි කල්හි, සත්ත්‍වයන්ගේ චුතවීම හෝ ඉපදීම දැන ගැනීම පිණිස සිත එලවයි. හෙතෙම දිව්‍යවූ, පිරිසිදුවූ, මිනිසැස ඉක්ම පැවැත්තාවූ ඇසින්, චුතවන්නාවූද, උපදින්නාවූද, හීනවූ, ප්‍රණීතවූ, සුවර්‍ණවූ, දුර්වර්ණයවූ, යහපත් ගතිවලට ගියාවූද, අයහපත් ගතිවලට ගියාවූද, සත්ත්‍වයන් දකියි. කම්වූ පරිද්දෙන් පරලොව ගියාවූ සත්ත්‍වයන් දැන ගනියි. ඒකාන්තයෙන් මේ පින්වත් සත්ත්‍වයෝ කාය දුශ්චරිතයෙන් යුක්තවූවාහුය, වාක් දුශ්චරිතයෙන් යුක්තවූවාහුය. මනො දුශ්චරිතයෙන් යුක්තවූවාහුය. ආය්‍ර්‍යයන්ට උපවාද කියන්නාහුය. මිත්‍යා දෘෂ්ටි ඇත්තාහුය. මිත්‍යා දෘෂ්ටින්ගේ කර්ම සමාදන් වූවාහුය: ඔවුහු ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු, සැපයෙන් පහවූ, දුකට පිළිසරණවූ, විවසව පතිත වන්නාවූ, නරකයෙහි උපන්නාහුය. මේ පින්වත් සත්ත්‍වයෝ වනාහි, කාය සුචරිතයෙන් යුක්ත වූවාහුය. වාග් සුචරිතයෙන් යුක්ත වූවාහුය. මනො සුචරිතයෙන් යුක්ත වූවාහුය. ආය්‍ර්‍යයන්ට උපවාද නොකියන්නාහුය. සම්‍යක් දෘෂ්ටි ඇත්තාහුය. සම්‍යක් දෘෂ්ටීන්ගේ කර්ම සමාදන් වූවාහුය. ඔවුහු ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු, යහපත් ගති ඇත්තාවූ, ස්වර්‍ග ලෝකයෙහි උපන්නාහුයයි, මෙසේ දිව්‍යවූ, පිරිසිදුවූ, මිනිසැස ඉක්ම පැවැත්තාවූ ඇසින්, චුතවන්නාවූද, උපදින්නාවූද, හීනවූ, ප්‍රණීතවූ, සුවර්‍ණවූ, දුර්වර්‍ණවූ, සුගතවූ, දුර්‍ගතවූ, සත්ත්‍වයන් දකියි. කම්වූ පරිද්දෙන් පරලොව ගියාවූ, සත්ත්‍වයන් දැන ගණියි. මහණෙනි, මෙසේද උපක්‍රමය සඵලවූයේ වෙයි. වීය්‍ර්‍යය සඵලවූයේ වෙයි.
26. හෙතෙම මෙසේ සිත එකඟවූ කල්හි, පිරිසිදුවූ කල්හි, නිර්මලවූ කල්හි, කෙලෙස් රහිතවූ කල්හි, පහව ගිය උපක්ලේශ ඇති කල්හි, මෘදුවූ කල්හි, කර්මක්ෂමවූ කල්හි, ස්ථිරවූ කල්හි, කම්පා නොවන බවට පැමිණි කල්හි, ආශ්‍රවයන්ගේ ක්‍ෂයවීම දැනගැණීම පිණිස සිත එලවයි. හෙතෙම මෙය දුකය තත්වූ පරිද්දෙන් දැන ගණියි. මේ දුක ඉපදීමට හේතුවයයි තත්වූ පරිද්දෙන් දැන ගණියි. මේ දුක් නැතිකිරීමයයි තත්වූ පරිද්දෙන් දැන ගනියි. මේ දුක් නැති කිරීමට පිළිපදින්නාවූ මාර්‍ගයයි තත්වූ පරිද්දෙන් දැන ගණියි. මේ ආශ්‍රවයෝයි තත්වූ පරිද්දෙන් දැන ගණියි. මේ ආශ්‍රවයන්ගේ ඇතිවීමට හේතුවයයි තත්වූ පරිද්දෙන් දැන ගණියි. මේ ආශ්‍රවයන්ගේ නිරෝධයයි තත්වූ පරිද්දෙන් දැන ගණියි. මේ ආශ්‍රවයන් නිරුද්ධ කිරීමට පිළිපදින මාර්‍ගයයි තත්වූ පරිද්දෙන් දැන ගණියි. මෙසේ දන්නාවූ, මෙසේ දක්නාවූ, ඔහුගේ කාමාශ්‍රව කෙරෙන්ද, සිත මිදේ. භවාශ්‍රව කෙරෙන්ද සිත මිදේ. අවිද්‍යාශ්‍රව කෙරෙන්ද සිත මිදේ. මිදුනු කල්හි ´මිදුනේය´ යන දැනීම වේ. ජාතිය ක්‍ෂය කරන ලද්දීය. බ්‍රහ්මචය්‍ර්‍යාව වැස නිමවන ලද්දේය. (සතරමගින්) කටයුතු දෙය කරන ලද්දේය. මේ ආත්මභාවය පිණිස අනිකක් නැතැයි දැන ගණියි. මහණෙනි, මෙසේද උපක්‍රමය සඵලවූයේ වෙයි. වීය්‍ර්‍යය සඵලවූයේ වෙයි.
25. ´´මහණෙනි, තථාගත තෙම මෙබඳු වාද ඇත්තේ වෙයි. මහණෙනි, මෙබඳු වාද ඇත්තාවූ තථාගතයන්ට කරුණු සහිතවූ පැසසිය යුතු කරුණු දසයක් පැමිණෙත්. මහණෙනි, ඉදින් සත්ත්‍වයෝ පෙර කළ කර්‍ම හේතුවෙන් සැප දුක් විඳිත් නම් මහණෙනි, ඒකාන්තයෙන් තථාගත තෙම යම් හෙයකින් මෙකල්හි මෙබඳුවූ ආශ්‍රව රහිතවූ, සැප වේදනා විඳියිද? එහෙයින් පෙර මනාව කරන ලද කර්ම කිරීම ඇත්තේ වේ. මහණෙනි, ඉදින් සත්ත්‍වයෝ ඊශ්වරයෙකුගේ මැවීම හේතුවෙන් සැප දුක් විඳිත් නම් මහණෙනි, ඒකාන්තයෙන් තථාගත තෙම යම් හෙයකින් මෙකල්හි මෙබඳුවූ ආශ්‍රව රහිතවූ, සැපවූ වේදනා විඳියිද, එහෙයින් යහපත්වූ, ඊශ්වරයෙකු විසින් මවන ලද්දේ වෙයි. මහණෙනි, ඉදින් සත්ත්‍වයෝ ප්‍රකෘතිය හේතුවෙන් සැප දුක් විඳිත් නම් මහණෙනි, ඒකාන්තයෙන් තථාගත තෙම යම් හෙයකින් මෙකල්හි මෙබඳුවූ ආශ්‍රව රහිතවූ, සැපවූ, වේදනා විඳියිද? එහෙයින් යහපත් ප්‍රකෘතියක් ඇත්තෙක් වේ. මහණෙනි, ඉදින් සත්ත්‍වයෝ ඉපදීම හේතුවෙන් සැප දුක් විඳිත් නම් මහණෙනි, ඒකාන්තයෙන් තථාගත තෙම යම් හෙයකින් මෙකල්හි මෙබඳුවූ ආශ්‍රව රහිතවූ, සැපවූ, වේදනා විඳියිද? එහෙයින් යහපත්වූ ඉපදීම ඇත්තෙක් වේ. මහණෙනි, ඉදින් සත්ත්‍වයෝ මේ ආත්මයෙහි උපක්‍රම හේතුවෙන් සැප දුක් විඳිත් නම් මහණෙනි, ඒකනේතයෙන් තථාගත තෙම යම් හෙයකින් මෙකල්හි මෙබඳුවූ ආශ්‍රව රහිතවූ, සැපවූ, වේදනා විඳියිද? එහෙයින් යහපත්වූ, මේ ආත්මයෙහි උපක්‍රම ඇත්තේ වේ.
´´මහණෙනි, ඉදින් සත්ත්‍වයෝ පෙර කළ කර්‍ම හේතුවෙන් සැප දුක් විඳිත් නම් එයින්ද තථාගත තෙම පැසසිය යුතු වේ. ඉදින් සත්ත්‍වයෝ පෙර කළ කර්‍ම හේතුවෙන් සැප දුක් නො විඳිත් නම් එයින්ද තථාගත තෙම පැසසිය යුතු වේ. මහණෙනි, ඉදින් සත්ත්‍වයෝ ඊශ්වරයෙකුගේ මැවීම් හේතුවෙන් සැප දුක් විඳිත් නම් එයින්ද තථාගත තෙම පැසසිය යුතු වේ. මහණෙනි, ඉදින් සත්ත්‍වයෝ ඊශ්වරයෙකුගේ මැවීම් හේතුවෙන් සැප දුක් නො විඳිත් නම් එයින්ද තථාගත තෙම පැසසිය යුතු වේ. මහණෙනි, ඉදින් සත්ත්‍වයෝ ප්‍රකෘති භාව හේතුවෙන් සැප දුක් විඳිත් නම් එයින්ද තථාගත තෙම පැසසිය යුතු වේ. මහණෙනි, ඉදින් සත්ත්‍වයෝ ප්‍රකෘති භාව හේතුවෙන් සැප දුක් නො විඳිත් නම් එයින්ද තථාගත තෙම පැසසිය යුතු වේ. මහණෙනි, ඉදින් සත්ත්‍වයෝ ඉපදීම් හේතුවෙන් සැප දුක් විඳිත් නම් එයින්ද තථාගත තෙම පැසසිය යුතු වේ. මහණෙනි, ඉදින් සත්ත්‍වයෝ ඉපදීම් හේතුවෙන් සැප දුක් නො විඳිත් නම් එයින්ද තථාගත තෙම පැසසිය යුතු වේ. මහණෙනි, ඉදින් සත්ත්‍වයෝ ඉහාත්මයෙහි උපක්‍රම හේතුවෙන් සැප දුක් විඳිත් නම් එයින්ද තථාගත තෙම පැසසිය යුතු වේ. මහණෙනි, ඉදින් සත්ත්‍වයෝ ඉහාත්මයෙහි උපක්‍රම හේතුවෙන් සැප දුක් නො විඳිත් නම් එයින්ද තථාගත තෙම පැසසිය යුතු වේ. මහණෙනි, තථාගත තෙම මෙබඳු වාද ඇත්තේ වෙයි. මහණෙනි, මෙබඳු වාද ඇත්තාවූ තථාගතයන්ට හේතු යුක්ති සහගතවූ මේ පැසසිය යුතු කරුණු දසය පැමිණෙත්.´´ යනු මෙය භාග්‍යවතුන් වහන්සේ වදාළේය. සතුටු සිත් ඇත්තාවූ ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේගේ වචනය සතුටින් පිළිගත්තාහුය.
දෙවදහ සූත්‍රය නිමි.
උපුටා ගැනීම - උතුම් ශ්‍රී සද්ධර්මය ( dahamsithum.wordpress )