ත්‍රිපිටක පොත් වහන්සේ/සූත්‍ර පිටකය/මජ්ක්ධීම නිකාය/ධම්ම දායාද සූත්‍රය
1. , මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන්වහන්සේ සැවැත් නුවර සමීපයෙහි වූ අනාථපිණ්ඩික සිටුහු විසින් කරවන ලද ජේතවන නම් ආරාමයෙහි වැඩ වාසය කරති. එකල්හි භාග්‍යවතුන්වහන්සේ ,මහණෙනි,, කියා භික්‍ෂූන්ට කථාකළහ. ඒ භික්‍ෂූහු ,ස්වාමීනී,, කියා උත්තර දුන්හ. භාග්‍යවතුන්වහන්සේ මේ සූත්‍රධර්‍මය දේශනා කළහ.
2. ,මහණෙනි, මාගේ ධර්‍මය දායාද කොට ඇත්තෝ (පිළිගන්නෝ) වව්. ආමිසය (සිව්පසය)දායාද කොට ඇත්තෝ (පිළිගන්නෝ) නොවව්. කෙසේ නම් මාගේ ශ්‍රාවකයෝ ධර්‍මය දායාද කොට ඇත්තෝ වන්නාහුද, ආමිසය (සිව්පසය) දායාද කොට ඇත්තෝ (පිළිගන්නෝ) නොවන්නාහුදැයි තොප කෙරෙහි මාගේ අනුකම්පාව ඇත. මහණෙනි‚තොපත් මාගේ ආමිසය ගරුකොට පිළිගන්නෝ වන්නහුද? ධර්‍මය ගරුකොට නොපිළිගන්නෝ වන්නහුද, .ශාස්තෘ ශ්‍රාවකයෝ ආමිසය ගරුකව වාසය කරති, ධර්‍ම ගරුකව වාසය නොකරති.යි තොපද ඒ කාරණයෙන් ගැරහිය යුත්තෝ වන්නාහුය. .ශාස්තෘ ශ්‍රාවකයෝ ආමිසය දායාද කොටගෙන ධර්‍මය දායාද කොටනොගෙන වාසය කරත්ය.යි මමත් ගැරහිය යුත්තෙක් වන්නෙමි. මහණෙනි, තොපිත් මාගේ ධර්‍මය දායාද කොට ඇත්තාහු ආමිසය දායාද කොට නැත්තාහු වන්නහු නම් .ශාස්තෘ ශ්‍රාවකයෝ ධර්‍මය දායාදකොට ඇත්තාහු වාසය කරත්‚ ආමිසය දායාදකොට නැත්තාහු වාසය කරත්ය.යි තෙපිත් ගැරහියයුත්තෝ නොවෙන්නාහුය .ශාස්තෘ ශ්‍රාවකයෝ ධර්‍මය දායාදකොට වාසය කරති ආමිසය ගරුකොට වාසය නොකරති.යි මමත් එයින් ගැරහිය යුත්තෙක් නොවන්නෙමි. මහණෙනි‚ එහෙයින් ධර්‍මය දායාදකොට ඇත්තෝ වව්, ආමිසය දායාද කොට ඇත්තෝ නොවව්. කෙසේනම් මාගේ ශ්‍රාවකයෝ ධර්‍මය දායාදකොට ඇත්තෝ වන්නාහුද, ආමිසය දායාද කොට ඇත්තෝ නොවන්නාහුදැයි තොප කෙරෙහි මාගේ අනුකම්පාව ඇත.
3. ,මහණෙනි‚ මම වැළඳුවෙමි, ඇති පමණ වළඳා ආහාරය ප්‍රතික්ෂේප කළෙමි. භෝජනයෙන් සම්පූර්ණ වූයෙමි. වළඳා අවසන් කළෙමි. බඩගින්න නිවී යාමෙන් සුවපත් වූයෙමි. ප්‍රයෝජන ඇතිතාක් අහර ගත්තේ වෙමි. මහණෙනි‚ ඉතිරිව ඉවත දැමිය යුතුවූ පිණ්ඩපාතය (ආහාරය) ඇත්තේය.
,එකල්හි බඩගින්නෙන් ඇතිවූ දුර්වලකමින් පෙළෙන්නාවූ භික්ෂූන් දෙනමක් එන්නාහුය. මම ඔවුන්ට මෙසේ කියන්නෙමි. .මහණෙනි, මම වනාහි වැළඳුවේ වෙමි. ඇති පමණ වැළදුයෙමි. භෝජනයෙන් සම්පූර්ණ වූයෙමි. වළඳා අවසන් කළෙමි. සුවපත් වූයෙමි. ප්‍රයෝජන ඇතිතාක් අහර ගත්තෙමි. ඉතිරිවූ ඉවත දැමිය යුතුවූ මේ ආහාරයද ඇත. ඉඳින් කැමැත්තහුනම් වළදව්. ඉඳින් තෙපි නොවළඳන්නහු නම් මම දැන් එය තණකොළ නැති බිමක හෝ දමන්නෙමි. (බත් ආදිය දැමීමෙන් නැසෙන) කුඩා සතුන් නැති දියෙහි හෝ පාකොට හරින්නෙමි. (කියායි).
,ඔවුන් දෙදෙනා අතුරෙන් එක් භික්ෂුවක් හට මෙබඳු සිතක් ඇතිවෙයි. භාග්‍යවතුන් වහන්සේ වනාහි වැළඳුයේවෙයි. පවාරණය කළේ, ආහාරයෙන් සම්පූර්ණ වූයේ, වළඳා අවසන් කළේ, සුඛිත වූයේ, ප්‍රයෝජන ඇතිතාක් ආහාරගත්තේ වෙයි. ඉතිරි වූ ඉවත දැමිය යුතුවූ මේ ආහාරයද ඇත්තේය. ඉඳින් අපි නොවළඳන්නෙමු නම් භාග්‍යවතුන් වහන්සේ එය තණකොළ නැති බිමක හෝ දමන්නාහ. කුඩා සතුන් නැති ජලයෙක හෝ පාකොට හරින්නාහ. ,මහණෙනි,ධර්‍මය දායාදකොට ඇත්තෝ වව්. ආමිසය දායාද කොට ඇත්තෝ නොවව්ය,යි භාග්‍යවතුන් වහන්සේ විසින්ම වදාරන ලදී. මේ පිණ්ඩපාතයද එක් ආමිසයකි. .මම මේ ආහාරය නොවළඳවා මේ බඩගිනි දුබල කමින් යුක්තව මෙසේ මේ රෑ දවාල ඉක්මවන්නෙම් නම් ඉතා යෙහෙකැ.යි කියායි. ඒ භික්ෂු තෙම ඒ ආහාරය අනුභව නොකොට ඒ බඩගිනි දුකින්ම ඒ රෑ දවාල ඉක්මවන්නේය. නැවත දෙවන මහණ හට මෙබඳු සිතක් වන්නේය.
භාග්‍යවතුන් වහන්සේ වනාහි වැළඳුයේවෙයි. පවාරණය කළේ, ආහාරයෙන් සම්පූර්ණ වූයේ, වළඳා අවසන් කළේ, සුඛිත වූයේ, ප්‍රයෝජන ඇතිතාක් ආහාරගත්තේ වෙයි, ඉතිරි වූ ඉවත දැමිය යුතුවූ මේ ආහාරයද වෙයි. ඉඳින් අපි නොවළඳන්නෙමු නම් භාග්‍යවතුන් වහන්සේ එය තණකොළ නැති බිමක හෝ දමන්නාහ. කුඩා සතුන් නැති ජලයෙක හෝ පාකොට හරින්නාහ. .මම මේ ආහාරය වළඳා බඩගිනි දුර්වලකම දුරුකොට මෙසේ මේ රෑ දවාල ඉක්මවන්නෙම් නම් යහපතැයි. යි කියායි.
,මහණෙනි, ඒ දෙවන භික්ෂුව ආහාරය වළදවා බඩගිනි දුබල බව දුරුකොට .මෙසේ රෑ දවාල ඉක්මවන්නේ වී නමුත් අර පළමු භික්ෂුවම මා විසින් අතිශයින් පිදිය යුත්තේද අතිශයෙන් පැසසිය යුත්තේද වෙයි.
,ඊට හේතු කවරේද? මහණෙනි, ඒ ආහාරය නොගැනීම ඒ භික්ෂුවට බොහෝ කාලයක් මුලුල්ලෙහි ස්වල්පාආසා ඇති බව පිණිසද, ලද දෙයකින් සතුටු වීම පිණිසද, පහසුවෙන් කෙලෙසුන් කපා හරිනු පිණිසද, පහසුවෙන් පෝෂ්‍ය කළ බව පිණිසද, වීය්‍ර්‍යය පටන් ගැනීම පිණිසද පවත්නේය.
,මහණෙනි, එහෙයින් මාගේ ධර්‍මය දායාදකොට ඇත්තෝ වව්. ආමිසය දායාද කොට ඇත්තෝ නොවව්. කෙසේ නම් මාගේ ශ්‍රාවකයෝ ධර්‍මය දායාද කොට ඇත්තෝ වන්නාහුද? ආමිසය දායාද කොට ඇත්තෝ නොවන්නහුදැයි තොප කෙරෙහි මාගේ අනුකම්පාව ඇත, භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළහ. මෙය වදාරා සුගතයන් වහන්සේ හුනස්නෙන් නැඟිට විහාරයට වැඩියහ.
4. එකල්හි වනාහි ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථිවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ වැඩි නොබෝ වේලාවකින් .ඇවැත්නි, මහණෙනි,. කියා භික්ෂූන්ට කතා කළහ. ඒ භික්ෂූහු .ඇවැත්නි,. කියා ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථිවිරයන් වහන්සේට උත්තර දුන්හ. ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථිවිරයන් වහන්සේ මෙය දේශනා කළහ. ,ඇවැත්නි, ශාස්තෲන් වහන්සේ විවේකයෙන් වාසය කරද්දී ශ්‍රාවකයෝ කොපමණකින් (කරුණු කීයකින්) විවේකයෙහි හික්මෙත්ද? ශාස්තෘාන් වහන්සේ විවේකයෙන් වාසය කරද්දී ශ්‍රාවකයෝ කොපමණකින් විවේකයෙහි නොහික්මෙත්ද?
,ආයුෂ්මතුනි, අපි ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථිවිරයන් වහන්සේගෙන් මේ වදාළ ධර්‍මයෙහි අර්‍ථය දැන ගන්නට දුර සිටද එන්නෙමු. මේ ධර්‍මයයෙහි අර්‍ථය ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථිවිරයන් වහන්සේටම අයත්වීම යහපත්ය. ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථිවිරයන් වහන්සේගෙන් අසා භික්ෂූහ් දරාගන්නාහුයයි, කීහ. ,ඇවැත්නි, එසේ වී නම් අසව්, මනාකොට මෙනෙහි කරව් කියන්නෙමි., ඒ භික්ෂූහු .එසේය ඇවැත්නි. කියා ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථිවිරයන් වහන්සේට උත්තර දුන්හ. ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථිවිරයන් වහන්සේ මෙසේ දේශනා කළහ.
5. ,ඇවැත්නි, ශාස්තෲන් වහන්සේ විවේකයෙන් වාසය කරද්දී ශ්‍රාවකයෝ කොතෙක් කරුණකින් විවේකයෙහි නොහික්මෙත්ද? ඇවැත්නි, මේ ශාසනයෙහි ශ්‍රාවකයෝ ශාස්තෲන් වහන්සේ විවේකව වාසය කරද්දී විවේකයෙහි නොහික්මෙත්ද, ශාස්තෲන් වහන්සේ යම් ධර්‍මයන්ගේ නැති කිරීම දේශනා කළේද ඒ ධර්‍මයන් නැති නොකරත්ද, චීවරාදිය බහුලකොට ඇත්තෝ වෙත්ද, සර්‍වඥශාසනය ලිහිල්කොට ගන්නෝ වෙත්ද, නීවරණයන්හි ඇලී වාසය කරත්ද, උතුම් විවේකයෙහි (නිර්‍වාණයෙහි) බහා තිබූ වීය්‍ර්‍ය ඇත්තාහු වෙත්ද, ඇවැත්නි, ඒ භික්ෂූහු අතුරෙහි වැඩසිටි (ස්ථවිර) භික්ෂූහු කරුණු තුනකින් ගැරහිය යුතුවෙත්, ශාස්තෲන් වහන්සේ විවේකයෙන් වාසය කරද්දී ශ්‍රාවකයෝ විවේකයෙහි වාසය නොහික්මෙතියි යන මේ පළමුවෙනි කාරණයෙන් ස්ථවිර භික්ෂූහු ගැරහිය යුත්තෝවෙත්. ශාස්තෲන් වහන්සේ යම් ධර්‍මයක් දුරුකළ යුතුයැයි වදාළේ නම් ඒ ධර්‍මයන් දුරු නොකරතියි යන මේ දෙවෙනි කාරණයෙන් ස්ථවිර භික්ෂූහු යුත්තෝවෙත්. චීවරාදිය බහුලකොට ඇත්තෝය, සර්‍වඥශාසනය ලිහිල්කොට ගන්නෝය, නීවරණයන්හි ඇලී වාසය කරන්නෝය, උතුම් විවේකයෙහිබහා තැබූ වීය්‍ර්‍ය ඇත්තාහුය යන මේ තුන්වෙනි කරුණෙන් ස්ථවිර භික්ෂූහු ගැරහිය යුත්තෝවෙති. ඇවැත්නි, ස්ථවිර භික්ෂූහු වනාහි මේ කරුණු තුනින් ගැරහිය යුත්තෝවෙත්.
6. , ඇවැත්නි, ඒ භික්ෂූහු අතුරෙන් මධ්‍යම භික්ෂූහු කරුණු තුනකින් ගැරහිය යුත්තෝ වෙත්. ශාස්තෲන් වහන්සේ විවේකයෙන් වාසය කරත්දී ශ්‍රාවකයෝ විවේකයෙහි නොහික්මෙති යන මේ පළමුවෙනි කාරණයෙන් මධ්‍යම භික්ෂූහු ගැරහිය යුත්තෝ වෙත්. ශාස්තෲන් වහන්සේ යම් ධර්‍මයන් දුරු කළ යුතුයයි වදාළේ නම් ඒ ධර්‍මයන් දුරු නොකරතියි යන මේ දෙවෙනි කාරණයෙන් මධ්‍යම භික්ෂූහු ගැරහිය යුත්තෝ වෙත්. චීවරාදිය බහුලකොට ඇත්තාහුය, සර්‍වඥ ශාසනය ලිහිල් කොට සලකන්නෝය, නීවරණයන්හි ඇලී වාසය කරන්නෝය, විවේකයෙහි බහා තැබූ වීය්‍ර්‍යය ඇත්තෝය. යන මේ තුන්වෙනි කාරණයෙන් මධ්‍යම භික්ෂූහු ගැරහිය යුත්තෝ වෙත්. ඇවැත්නි, මධ්‍යම භික්ෂූහු වනාහි මේ කරුණු තුනින් ගැරහිය යුත්තෝ වෙත්.
7. ,ඇවැත්නි‚ ඒ භික්ෂූන් අතුරෙහි නවක (අලුත පැවිදිවූ) භික්ෂූහු කරුණු තුනකින් ගැරහිය යුත්තෝ වෙත්. ශාස්තෲන් වහන්සේ විවේකයෙන් වාසය කරත්දී ශ්‍රාවකයෝ විවේකයෙහි නොහික්මෙති යන මේ පළමුවෙනි කාරණයෙන් නවක භික්ෂූහු ගැරහිය යුත්තෝ වෙත්. ශාස්තෲන් වහන්සේ යම් ධර්‍මයන් දුරු කළ යුතුයයි වදාළේ නම් ඒ ධර්‍මයන් දුරු නොකරතියි යන මේ දෙවෙනි කාරණයෙන් නවක භික්ෂූහු ගැරහිය යුත්තෝ වෙත්. චීවරාදිය බහුලකොට ඇත්තෝය, සර්‍වඥ ශාසනය ලිහිල් කොට සලකන්නෝය, නීවරණයන්හි ඇලී වාසය කරන්නෝය. විවේකයෙහි බහා තැබූ වීය්‍ර්‍යය ඇත්තෝය යන මේ තුන්වෙනි කාරණයෙන් නවක භික්ෂූහු ගැරහිය යුත්තෝ වෙත්. ඇවැත්නි, නවක භික්ෂූහු වනාහි මේ කරුණු තුනින් ගැරහිය යුත්තෝ වෙත්. ,ඇවැත්නි‚ මෙපමණකින් වනාහි ශාස්තෲන් වහන්සේ විවේකයෙන් වාසය කරත්දී ශ්‍රාවකයෝ විවේකයෙහි නොහික්මෙති.
8. ,ඇවැත්නි, ශාස්තෲන් වහන්සේ විවේකයෙන් වාසය කරත්දී ශ්‍රාවකයෝ කොපමණකින් විවේකයෙහි හික්මෙත්ද? ඇවැත්නි, මේ ශාසනයෙහි ශාස්තෲන් වහන්සේ විවේකයෙන් වාසය කරත්දී ශ්‍රාවකයෝ විවේකයෙහි හික්මෙත්ද ශාස්තෲන් වහන්සේ යම් ධර්‍මයන් දුරු කළ යුතුයයි වදාළේ නම්, ඒ ධර්ම දුරු කරයිද‚ චීවරාදිය බහුලකොට නැත්තෝ වෙත්ද, ශාසනය ලිහිල්කොට නොගන්නෝ වෙත්ද, නීවරණයන්හි ඇලී වාසය නොකරන්නෝ වෙත්ද, විවේකය පෙරටුකොට ගන්නෝ වෙද්ද
9. ,ඇවැත්නි, ඒ භික්ෂූන් අතුරෙහි ස්ථවිර භික්ෂූහු කරුණූ තුනකින් පැසසිය යුත්තෝ වෙත්. ශාස්තෲන් වහන්සේ විවේකයෙන් වාසය කරත්දී ශ්‍රාවකයෝ විවේකයෙහි හික්මෙති යන මේ පළමුවෙනි කාරණයෙන් ස්ථවිර භික්ෂූහු පැසසිය යුත්තෝ වෙත්. ශාස්තෲන් වහන්සේ යම් ධර්‍මයන් නැතිකළ යුතුයයි වදාළේ නම් ඒ ධර්මයන් නැතිකරත් යන මේ දෙවෙනි කාරණයෙන් ස්ථවිර භික්ෂූහු පැසසිය යුත්තෝ වෙත්. චීවර ආදිය බහුලකොට නැත්තෝය, ශාසනය ලිහිල්කොට නොගන්නෝය, නීවරණයන්හි ගැලී වාසය නොකරන්නෝය, විවේකයෙහි පෙරටුව යන්නෝය යන මේ තුන්වෙනි කාරණයෙන් ස්ථවිර භික්ෂූහු පැසසිය යුත්තෝ වෙත්. ඇවැත්නි. ස්ථවිර භික්ෂූහු වනාහි මේ කරුණු තුනින් පැසසිය යුත්තෝ වෙත්.
10. ,ඇවැත්නි, ඒ භික්ෂූන් අතුරෙහි මධ්‍යම භික්ෂූහු කරුණූ තුනකින් පැසසිය යුත්තෝ වෙත්. ශාස්තෲන් වහන්සේ විවේකයෙන් වාසය කරත්දී ශ්‍රාවකයෝ විවේකයෙහි හික්මෙත් යන මේ පළමුවෙනි කාරණයෙන් මධ්‍යම භික්ෂූහු පැසසිය යුත්තෝ වෙත්. ශාස්තෲන් වහන්සේ යම් ධර්‍මයන් නැතිකළ යුතුයයි වදාළේ නම් ඒ ධර්මයන් නැතිකරත් යන මේ දෙවෙනි කාරණයෙන් මධ්‍යම භික්ෂූහු පැසසිය යුත්තෝ වෙත්. චීවර ආදිය බහුලකොට නැත්තෝය, ශාසනය ලිහිල්කොට නොගන්නෝය, නීවරණයන්හි ගැලී වාසය නොකරන්නෝය, විවේකයෙහි පෙරටුව යන්නෝය යන මේ තුන්වෙනි කාරණයෙන් මධ්‍යම භික්ෂූහු පැසසිය යුත්තෝ වෙත්. ඇවැත්නි‚ මධ්‍යම භික්ෂූහු වනාහි මේ කරුණු තුනින් පැසසිය යුත්තෝ වෙත්.
11. ,ඇවැත්නි‚ ඒ භික්ෂූන් අතුරෙහි නවක භික්ෂූහු කරුණූ තුනකින් පැසසිය යුත්තෝ වෙත්. ශාස්තෲන් වහන්සේ විවේකයෙන් වාසය කරත්දී ශ්‍රාවකයෝ විවේකයෙහි හික්මෙත් යන මේ පළමුවෙනි කාරණයෙන් නවක භික්ෂූහු පැසසිය යුත්තෝ වෙත්, ශාස්තෲන් වහන්සේ යම් ධර්‍මයන් නැතිකළ යුතුයයි වදාළේ නම් ඒ ධර්මයන් නැතිකරත් යන මේ දෙවෙනි කාරණයෙන් නවක භික්ෂූහු පැසසිය යුත්තෝ වෙත්. චීවර ආදිය බහුලකොට නැත්තෝය, ශාසනය ලිහිල්කොට නොගන්නෝය, නීවරණයන්හි ගැලී වාසය නොකරන්නෝය, විවේකයෙහි පෙරටුව යන්නෝය යන මේ තුන්වෙනි කාරණයෙන් නවක භික්ෂූහු පැසසිය යුත්තෝ වෙත්. ඇවැත්නි‚ නවක භික්ෂූහු වනාහි මේ කරුණු තුනින් පැසසිය යුත්තෝ වෙත්.
12. ,ඇවැත්නි, ඒ දුරු කළයුතු ධර්මයන් අතුරෙහි ලොභයද ලාමකය, ද්වේෂයද ලාමකය, ලොභය නැති කිරීම පිණිසද ද්වේෂය නැති කිරීම පිණිසද නුවණැස ඇති කරන්නා වූ සත්‍ය දැනීම ඇති කරන්නාවූ, රාගාදීන් සංසිඳීම පිණිස පවත්නාවූ චතුරාය්‍ර්‍යසත්‍යය දැනීම පිණිස පවත්නාවූ, සත්‍ය අවබෝධය පිණිස පවත්නාවූ නිර්‍වාණය පිණිස පවත්නා වූ මධ්‍යම ප්‍රතිපදාව ඇත. ඒ මේ ආය්‍ර්‍ය අෂ්ටාංග මාර්ගයයි. එනම් නිවැරදි දැකීමය, නිවැරදි කල්පනාවය, නිවැරදි වචනය, නිවැරදි ක්‍රියාවය, නිවැරදි ජීවිකාවය, නිවැරදි උත්සාහය, නිවැරදි සිහිය, නිවැරදි සමාධිය යන අටය. ඇවැත්නි, නුවණැස ඇති කරන්නා වූ සත්‍ය දැනීම ඇති කරන්නාවූ, රාගාදීන් සංසිඳීම පිණිස පවත්නාවූ, චතුරාය්‍ර්‍යසත්‍යය දැනීම පිණිස පවත්නාවූ, සත්‍ය අවාේධය පිණිස පවත්නාවූ නිර්‍වාණය පිණිස පවත්නා වූ මධ්‍යම ප්‍රතිපදාව මේය.
13. ,ඇවැත්නි, ක්‍රොධයද ලාමකය‚ බද්Ȁdධවෛරයද ලාමකය. ක්‍රොධය නැති කිරීම පිණිසද බද්Ȁdධවෛරය නැති කිරීම පිණිසද නුවණැස ඇති කරන්නා වූ සත්‍ය දැනීම ඇති කරන්නාවූ, රාගාදීන් සංසිඳීම පිණිස පවත්නාවූ චතුරාය්‍ර්‍යසත්‍යය දැනීම පිණිස පවත්නාවූ සත්‍ය අවබෝධය පිණිස පවත්නාවූ නිර්‍වාණය පිණිස පවත්නා වූ මධ්‍යම ප්‍රතිපදාව ඇත. ඒ මේ ආය්‍ර්‍ය අෂ්ටාංග මාර්ගයයි. එනම් නිවැරදි දැකීමය, නිවැරදි කල්පනාවය, නිවැරදි වචනය, නිවැරදි ක්‍රියාවය, නිවැරදි ජීවිකාවය, නිවැරදි උත්සාහය, නිවැරදි සිහිය, නිවැරදි සමාධිය යන අටය. ඇවැත්නි, නුවණැස ඇති කරන්නා වූ, සත්‍ය දැනීම ඇති කරන්නාවූ, රාගාදීන් සංසිඳීම පිණිස පවත්නාවූ චතුරාය්‍ර්‍යසත්‍යය දැනීම පිණිස පවත්නාවූ සත්‍ය අවබෝධය පිණිස පවත්නාවූ නිර්‍වාණය පිණිස පවත්නා වූ මධ්‍යම ප්‍රතිපදාව මේය.
14. ,ඇවැත්නි, ගුණමකුබවද ලාමකය, පලාසය (ගුණ නැතිව සිටිමින් ගුණවතුන් හා සමාන කොට සිතීම)ද ලාමකය. ගුණමකුබව නැතිකිරීම පිණිසද පලාසය (ගුණ නැතිව සිටිමින් ගුණවතුන් හා සමාන කොට සිතීම) නැතිකිරීම පිණිසද නුවණැස ඇති කරන්නා වූ සත්‍ය දැනීම ඇති කරන්නාවූ‚ රාගාදීන් සංසිඳීම පිණිස පවත්නාවූ චතුරාය්‍ර්‍යසත්‍යය දැනීම පිණිස පවත්නාවූ සත්‍ය අවබෝධය පිණිස පවත්නාවූ නිර්‍වාණය පිණිස පවත්නා වූ මධ්‍යම ප්‍රතිපදාව ඇත. ඒ මේ ආය්‍ර්‍ය අෂ්ටාංග මාර්ගයයි එනම් නිවැරදි දැකීමය‚ නිවැරදි කල්පනාවය‚ නිවැරදි වචනය‚ නිවැරදි ක්‍රියාවය‚ නිවැරදි ජීවිකාවය‚ නිවැරදි උත්සාහය‚ නිවැරදි සිහිය‚ නිවැරදි සමාධිය යන අටය. ඇවැත්නි‚ නුවණැස ඇති කරන්නා වූ සත්‍ය දැනීම ඇති කරන්නාවූ‚ රාගාදීන් සංසිඳීම පිණිස පවත්නාවූ චතුරාය්‍ර්‍යසත්‍යය දැනීම පිණිස පවත්නාවූ සත්‍ය අවබෝධය පිණිස පවත්නාවූ නිර්‍වාණය පිණිස පවත්නා වූ මධ්‍යම ප්‍රතිපදාව මේය.
15. ,ඇවැත්නි‚ ඊර්‍ෂ්‍යාවද ලාමකය, මසුරු බවද ලාමකය. ඊර්‍ෂ්‍යාව නැති කිරීම පිණිසද, මසුරු බව නැති කිරීම පිණිසද නුවණැස ඇති කරන්නා වූ සත්‍ය දැනීම ඇති කරන්නාවූ‚ රාගාදීන් සංසිඳීම පිණිස පවත්නාවූ චතුරාය්‍ර්‍යසත්‍යය දැනීම පිණිස පවත්නාවූ සත්‍ය අවබෝධය පිණිස පවත්නාවූ නිර්‍වාණය පිණිස පවත්නා වූ මධ්‍යම ප්‍රතිපදාව ඇත. ඒ මේ ආය්‍ර්‍ය අෂ්ටාංග මාර්ගයයි. එනම් නිවැරදි දැකීමය‚ නිවැරදි කල්පනාවය‚ නිවැරදි වචනය‚ නිවැරදි ක්‍රියාවය‚ නිවැරදි ජීවිකාවය‚ නිවැරදි උත්සාහය‚ නිවැරදි සිහිය‚ නිවැරදි සමාධිය යන අටය. ඇවැත්නි‚ නුවණැස ඇති කරන්නා වූ සත්‍ය දැනීම ඇති කරන්නාවූ‚ රාගාදීන් සංසිඳීම පිණිස පවත්නාවූ චතුරාය්‍ර්‍යසත්‍යය දැනීම පිණිස පවත්නාවූ සත්‍ය අවබෝධය පිණිස පවත්නාවූ නිර්‍වාණය පිණිස පවත්නා වූ මධ්‍යම ප්‍රතිපදාව මේය.
16. ,ඇවැත්නි‚ මායාව (කළ පව් වැසීම)ද ලාමකය, සඨබව (නැති ගුණ පහල කිරීම)ද ලාමකය. මායාව නැති කිරීම පිණිසද සඨබව නැති කිරීම පිණිසද නුවණැස ඇති කරන්නා වූ සත්‍ය දැනීම ඇති කරන්නාවූ‚ රාගාදීන් සංසිඳීම පිණිස පවත්නාවූ චතුරාය්‍ර්‍යසත්‍යය දැනීම පිණිස පවත්නාවූ සත්‍ය අවබෝධය පිණිස පවත්නාවූ නිර්‍වාණය පිණිස පවත්නා වූ මධ්‍යම ප්‍රතිපදාව ඇත. ඒ මේ ආය්‍ර්‍ය අෂ්ටාංග මාර්ගයයි එනම් නිවැරදි දැකීමය‚ නිවැරදි කල්පනාවය‚ නිවැරදි වචනය‚ නිවැරදි ක්‍රියාවය‚ නිවැරදි ජීවිකාවය‚ නිවැරදි උත්සාහය‚ නිවැරදි සිහිය‚ නිවැරදි සමාධිය යන අටය. ඇවැත්නි‚ නුවණැස ඇති කරන්නා වූ සත්‍ය දැනීම ඇති කරන්නාවූ‚ රාගාදීන් සංසිඳීම පිණිස පවත්නාවූ චතුරාය්‍ර්‍යසත්‍යය දැනීම පිණිස පවත්නාවූ සත්‍ය අවාේධය පිණිස පවත්නාවූ නිර්‍වාණය පිණිස පවත්නා වූ මධ්‍යම ප්‍රතිපදාව මේය.
17. ,ඇවැත්නි, දැඩි බව (හිත ඉදිමීම)ද ලාමකය, කරනුත්තරියකරණය (එකටඑකකිරීම)ද ලාමකය. දැඩි බව නැති කිරීම පිණිසද කරනුත්තරියකරණය නැති කිරීම පිණිසද, නුවණැස ඇති කරන්නා වූ සත්‍ය දැනීම ඇති කරන්නාවූ‚ රාගාදීන් සංසිඳීම පිණිස පවත්නාවූ චතුරාය්‍ර්‍යසත්‍යය දැනීම පිණිස පවත්නාවූ සත්‍ය අවබෝධය පිණිස පවත්නාවූ නිර්‍වාණය පිණිස පවත්නා වූ මධ්‍යම ප්‍රතිපදාව ඇත. ඒ මේ ආය්‍ර්‍ය අෂ්ටාංග මාර්ගයයි. එනම් නිවැරදි දැකීමය‚ නිවැරදි කල්පනාවය‚ නිවැරදි වචනය‚ නිවැරදි ක්‍රියාවය‚ නිවැරදි ජීවිකාවය‚ නිවැරදි උත්සාහය‚ නිවැරදි සිහිය‚ නිවැරදි සමාධිය යන අටය. ඇවැත්නි‚ නුවණැස ඇති කරන්නා වූ සත්‍ය දැනීම ඇති කරන්නාවූ‚ රාගාදීන් සංසිඳීම පිණිස පවත්නාවූ චතුරාය්‍ර්‍යසත්‍යය දැනීම පිණිස පවත්නාවූ සත්‍ය අවබෝධය පිණිස පවත්නාවූ නිර්‍වාණය පිණිස පවත්නා වූ මධ්‍යම ප්‍රතිපදාව මේය.
18. ,ඇවැත්නි‚ මානයද ලාමකය, අධික මානයද ලාමකය. මානය නැති කිරීම පිණිසද, අධික මානය නැති කිරීම පිණිසද නුවණැස ඇති කරන්නා වූ සත්‍ය දැනීම ඇති කරන්නාවූ‚ රාගාදීන් සංසිඳීම පිණිස පවත්නාවූ චතුරාය්‍ර්‍යසත්‍යය දැනීම පිණිස පවත්නාවූ සත්‍ය අවබෝධය පිණිස පවත්නාවූ නිර්‍වාණය පිණිස පවත්නා වූ මධ්‍යම ප්‍රතිපදාව ඇත. ඒ මේ ආය්‍ර්‍ය අෂ්ටාංග මාර්ගයයි. එනම් නිවැරදි දැකීමය‚ නිවැරදි කල්පනාවය‚ නිවැරදි වචනය‚ නිවැරදි ක්‍රියාවය‚ නිවැරදි ජීවිකාවය‚ නිවැරදි උත්සාහය‚ නිවැරදි සිහිය‚ නිවැරදි සමාධිය යන අටය. ඇවැත්නි‚ නුවණැස ඇති කරන්නා වූ සත්‍ය දැනීම ඇති කරන්නාවූ‚ රාගාදීන් සංසිඳීම පිණිස පවත්නාවූ චතුරාය්‍ර්‍යසත්‍යය දැනීම පිණිස පවත්නාවූ සත්‍ය අවබෝධය පිණිස පවත්නාවූ නිර්‍වාණය පිණිස පවත්නා වූ මධ්‍යම ප්‍රතිපදාව මේය.
19. ,ඇවැත්නි, මදය (මත්වීම)ද ලාමකය, ප්‍රමාදය (කාමසැපෙහි ගැලීම)ද ලාමකය. මදය නැති කිරීම පිණිසද ප්‍රමාදය නැති කිරීම පිණිසද නුවණැස ඇති කරන්නා වූ සත්‍ය දැනීම ඇති කරන්නාවූ, රාගාදීන් සංසිඳීම පිණිස පවත්නාවූ චතුරාය්‍ර්‍යසත්‍යය දැනීම පිණිස පවත්නාවූ සත්‍ය අවබෝධය පිණිස පවත්නාවූ නිර්‍වාණය පිණිස පවත්නා වූ මධ්‍යම ප්‍රතිපදාව ඇත. ඒ මේ ආය්‍ර්‍ය අෂ්ටාංග මාර්ගයයි එනම් නිවැරදි දැකීමය, නිවැරදි කල්පනාවය, නිවැරදි වචනය, නිවැරදි ක්‍රියාවය, නිවැරදි ජීවිකාවය‚ නිවැරදි උත්සාහය, නිවැරදි සිහිය, නිවැරදි සමාධිය යන අටය. ඇවැත්නි‚ නුවණැස ඇති කරන්නා වූ සත්‍ය දැනීම ඇති කරන්නාවූ, රාගාදීන් සංසිඳීම පිණිස පවත්නාවූ චතුරාය්‍ර්‍යසත්‍යය දැනීම පිණිස පවත්නාවූ සත්‍ය අවබෝධය පිණිසද නිර්‍වාණය පිණිසද පවත්නේය,යි වදාළසේක.
ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ මේ ධර්මය වදාළහ, ඒ භික්ෂූහු ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේගේ දේශනාව සතුටින් පිළිගත්තාහුය.
උපුටා ගැනීම - උතුම් ශ්‍රී සද්ධර්මය ( dahamsithum.wordpress )