ත්‍රිපිටක පොත් වහන්සේ/සූත්‍ර පිටකය/මජ්ක්ධීම නිකාය/මහා අස්සපුර සුත්‍රය
1. මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ අඟු දනවි වැසියන්ගේ අස්සපුර නමි නියමිගමෙහි වාසය කරති. එකල්හි භාග්‍යවතුන් වහන්සේ ´´ මහණෙනි ´´ යි කියා භික්‍ෂුන්ට කථා කළහ. ´´ ස්වාමීනි ´´ කියා ඒ භික්‍ෂුහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළහ. ´ මහණෙනි, මහඡනයා තොප ´ ශ්‍රමණයෝය, ශ්‍රමණයෝය´ කියා හදුනයි. තොපිදු ´ තෙපී කවරහුදැ´ ය විචාරණ ලද්දාහු, ´ අපි ශ්‍රමණයෝ වෙමු ´ යි ප්‍රතිඥා කරන්නහුය. මහණෙනි, මෙසේ හඳූනනු ලබන්නාවු, මෙසේ ප්‍රතිඥා කරන්නාවු ඒ තොපගේ ශ්‍රමණ බව ඇතිකරන්නාවුද, බ්‍රාහ්මණ බව ඇතිකරන්නාවූද යමි ධර්‍ම කෙනෙක් වෙද්ද, ඒ ධර්‍මයන් සමාදන්ව පවතින්නෙමු නමි මෙසේ ඒ හැඳින්වීම සත්‍යවන්නේය. අපගේ ප්‍රතිඥාවද ඇත්තක් වන්නේය. අපි යමි කෙණෙකුන්ගේ සිවිරු, පිණඩපාතය, සේනාසනය, ගිලන්පස බෙහෙත් පිරිකර වළඳමද අප විෂයෙහි කරන්නාවූ ඔවුන්ගේ ඒ සත්කාරයෝ මහත් ඵල, මහත් අනුසස් වන්නාහ. අපගේද මේ මහණකම හිස් නොවු, ඵල සහිතවූ, වැඩීමි සහිතවූ එකක් වන්නේය´ යි මහණෙනි, තොප විසින් මෙසේ හික්මිය යුතුය.
2. ´´ මහණෙනි, ශ්‍රමණ බව කරන්නාවුද, බ්‍රාහ්මණ බව කරන්නාවූද, ධර්‍මයෝ කවරහුද? ´ හිරි ඔතප් ( ලඡ්ඡා, භය ) දෙකින් යුක්ත වූවෝ වන්නෙමු´ යි මෙසේ වනාහි තොප විසින් හික්මිය යුතුයි. මහණෙනි, තොපට මෙබඳූ අදහසක් විය හැක්කේය. ´´ අපි හිරි ඔතප් දෙකින් යුක්තවීමු. මෙි ප්‍රමාණ වන්නේය. මෙපමණකින් කටයුතු කෙළෙමු. අප විසින් මහණකමෙහි පල ලබනලදී. මින්පසු කළයුත්තක් නැතැ´යි තෙපි මෙපමණකින්ම සතුටට පැමිණිය හැකිය.
´´ මහණෙනි, තොපට කියමි. මහණෙනි, තොපට දන්වමි. මත්තෙහි කටයුතු ඇති කල්හි මහණකමින් පල ලබනු කැමති තොපගේ මහණකමෙහි පලය නොපිරිහේවා.
´´ මහණෙනි, මත්තෙහි කටයුතු නමි කුමක්ද? ´ අපගේ කයින් හැසිරීම පිරිසිදු වන්නේය. ප්‍රකටය. නොවැසූනේය. සිදුරු නැත්තේය. සංවර වූයේය. ඒ කයින් පිරිසුදු බව ඇතිකම නිසා තමන් උසස්කොට නොදකින්නෙමු, අනුන් පහත් කොට නොදකින්නෙමු´ යි මහණෙනි, තොප විසින් මෙසේ හික්මිය යුතුයි.
´´ මහණෙනි, තොපට මෙබඳූ අදහසක් වියහැකිය. ´ අපි හිරි ඔතප් දෙකින් යුක්තවුවෝ වෙමු. අපගේ කයින් හැසිරීම පිරිසිදුය. මෙපමණක් ඇත. මෙපමණකින් කටයුතු කළෝ වෙමු. අප විසින් මහණකමෙහි ඵලය ලබනලදී. අපට මත්තෙහි කළයුතු කිසිවක් නැතැ´යි තෙපි මෙප මණකින් සතුටට පැමිණිය හැකිය.
3. ´´ මහණෙනි, තොපට කියමි, මහණෙනී, තොපට දන්වමි. මහණෙනි, මත්තෙහි කටයුතු ඇතිකල්හි මහණ කමින් පල ලබනු කැමති තොපගේ මහණකමෙහි පලය නොපිරිහේවා මහණෙනි, මත්තෙහි කටයුතු නමි කුමක්ද ´ අපගේ වචනයේ පැවැත්ම පිරිසිදු, ප්‍රකටය, නොවැසුනේය. සිදුරු නැත්තේය සංවර වූයේය ඒ පිරිසිදුය වචන ඇති බැවින් තමන් උසස්කොට නොදක්නෙමු, අනුන් පහත් කොට නොදක්නෙමු´ යි මහණෙනි, තොප විසින් මෙසේ හික්මිය යුතුයි.
´´ මහණෙනි, තොපට මෙබඳූ අදහසක් වියහැකිය. ´ අපි හිරි ඔතප් දෙකින් යුක්තවුවෝ වෙමු. අපගේ කයින් හැසිරීම පිරිසිදුය වචනයේ පැවැත්ම පිරිසිදුය මෙපමණක් ඇත. මෙපමණකින් කටයුතු කරණලදී. අප විසින් මහණ කමෙහි ඵල ලබනලදී. අපට මින්පසු කළයුතු කිසිවක් නැතැයි මෙපමණකින් සතුටට පැමිණිය හැකිය.
4. ´´ මහණෙනි, තොපට කියමි. තොපට දන්වමි. මහණෙනි, මත්තෙහි කටයුතු ඇති කල්හි, මහණකමින් පල ලබනු කැමති තොපගේ මහණකමෙහි පලය නොපිරිහේවා, මහණෙනි, මත්තෙහි කටයුතු කුමක්ද? ´ අපගේ සිතේ පැවැත්ම පිරිසිදුය, ප්‍රකටය, නොවැසුනේය, සිදුරු නැත්තේය, සංවර වුයේය. ඒ පිරිසිදු සිතේ පැවැත්ම ඇති බැවින් තමන් උසස්කොට නොදකින්නෙමු. අනුන් පහත්කොට නොදකින්නෙමු´ යි. මහණෙනි, තොප විසින් මෙසේ හික්මිය යුතුයි.
´´ මහණෙනි, තොපට මෙබඳූ අදහසක් විය හැකිය. ´ අපි හිරි ඔතප් දෙකින් යුක්තවුවෝ වෙමු. අපගේ කයේ පැවැත්ම පිරිසිදුය. වචනයේ පැවැත්ම පිසිරිදුය. සිතේ පැවැත්ම පිරිසිදුය. මෙපමණක් ඇත. මෙපමණකින් කටයුතු කරනලදී. අප විසින් මහණකමෙහි පල ලබනලදී. අපට මත්තෙහි කළයුතු කිසිවක් නැතැ´ යි මෙපමණකින් සතුටට පැමිණිය හැකිය.
5. ´´ මහණෙනි, තොපට කියමි. මහණෙනි, තොපට දන්වමි. තොපට මත්තෙහි කටයුතු ඇති කල්හි, මහණකමින් පල ලබනු කැමති තොපගේ මහණකමෙහි පලය නොපිරිහේවා. මහණෙනි, මත්තෙහි කටයුතු කුමක්ද? ´ අපගේ ඡිවිකාව පිරිසිදුය, ප්‍රකටය, නොවැසුණේය, සිදුරු නැත්තේය, සංවර කරන ලද්දේය. ඒ පිරිසිදු ඡිවිකාව ඇති බැවින් තමන් උසස් කොට නොදක්නෙමු. අනුන් පහත්කොට නොදක්නෙමු´ යි මහණෙනි, තොප විසින් මෙසේ හික්මිය යුතුයි.
´´ මහණෙනි, තොපට මෙබඳු අදහසක් විය හැකිය. ´ අපි හිරි ඔතප් දෙකින් යුක්තවූවෝ වෙමු. අපගේ කයේ පැවැත්ම පිරිසිදුය. වචනයේ පැවැත්ම පිරිසිදුය. සිතේ පැවැත්ම පිරිසිදුය. ඡිවිකාව පිරිසිදුය. මෙපමණක් ඇත. මෙපමණකින් කටයුතු කරනලදී. අප විසින් මහණකමෙහි පල ලබන ලදී. අපට මත්තෙහි කළයුතු කිසිවක් නැතැ´ යි මෙපමණකින් සතුටට පැමිණිය හැකිය.
6. ´´ මහණෙනි, තොපට කියමි. මහණෙනි, තොපට දන්වමි. තොපට මත්තෙහි කටයුතු ඇති කල්හි මහණකමින් පල ලබනු කැමති තොපගේ මහණ කමෙි පලය නොපිරිහේවා.
මහණෙනි, මත්තෙහි කටයුතු කුමක්ද? ´ ඉන්ද්‍රියයන්හි වසන ලද දොරවල් ඇත්තෝ වන්නෙමු. ඇසින් රූපය දැක සිතට නොගන්නේ, නැවත නැවත මතක් වනසේ සිතට නොගන්නේ මෙි චක්‍ෂුරෙන්ද්‍රිය ( ඇස ) අසංවරව වාසය කරන්නාහට යමක් හේතු කොට ගෙන ලොභ ද්වෙෂ ආදී අකුශල ධර්‍මයෝ රැස් වන්නාහුද, ඒ චක්‍ෂුරින්‍ද්‍රියයාගේ සංවරය පිණිස පිළිපදින්නෙමු. චක්‍ෂුරින්‍ද්‍රිය රකින්නෙමු. චක්‍ෂුරින්‍ද්‍රියෙහි සංවරයට පැමිණෙන්නෙමු.
´´ කණින් ශබිදය අසා සිතට නොගන්නේ තදින් සිතට නොගන්නේ, මෙි සොත ඉන්ද්‍රියය අසංවරව වාසය කරන්නා හට යමක් හේතු කොට ගෙන ලොභ දොස අකුශල ධර්‍මයෝ රැස්වන්නාහුද, ඒ සොත ඉන්ද්‍රියයාගේ සංවරය පිණිස පිළිපදින්නෙමු. ඒ සොත ඉන්ද්‍රියය රකින්නෙමු. ඒ සොත ඉන්‍ද්‍රියයෙහි සංවරයට පැමිණෙන්නෙමු.
´´ නාසයෙන් ගන්‍ධය දැන එය සිතට නොගන්නේ, තදින් සිතට නොගන්නේ, මෙි ාණ ඉන්ද්‍රියය අසංවරව වාසය කරන්නාහට යමක් හේතු කොට ගෙන ලොභ දොස ආදී අකුශල ධර්‍මයෝ රැස්වන්නාහුද, ඒ ාණ ඉන්ද්‍රියය සංවරය පිණිස පිළිපදින්නෙමු. ඒ ාණ ඉන්ද්‍රිය රකින්නෙමු. ඒ ාණ ඉන්‍ද්‍රියයෙහි සංවරයට පැමිණෙන්නෙමු.
´´ දිවෙන් රසය විඳ එය සිතට නොගන්නේ, තදින් සිතට නොගන්නේ, මෙි ඡිවිහා ඉන්ද්‍රියය අසංවරව වාසය කරන්නා හට යමක් හේතු කොට ගෙන දැඩි ආසාව හා කලකිරීම ආදී අකුසල ධර්‍මයෝ රැස්වන්නාහුද, ඒ ඡිවිහා ඉන්ද්‍රියය සංවරය පිණිස පිළිපදින්නෙමු. ඒ ඡිවිහා ඉන්ද්‍රියය රකින්නෙමු. ඒ ඡිවිහා ඉන්ද්‍රියයෙහි සංවරයට පැමිණෙන්නෙමු.
´´ කයින් ස්පර්‍ශයක් විඳ එය සිතට නොගන්නේ, තදින් සිතට නොගන්නේ, මෙි කාය ඉන්‍ද්‍රියය අසංවරව වාසය කරන්නාහට යමක් හේතු කොට ගෙන ලොභ දොස ආදි අකුශල ධර්‍මයෝ රැස්වන්නාහුද, ඒ කාය ඉන්ද්‍රියය සංවරය පිණිස පිළිපදින්නෙමු. ඒ කාය ඉන්‍ද්‍රියය රකින්නෙමු. ඒ කාය ඉන්‍ද්‍රියයෙහි සංවරයට පැමිණෙන්නෙමු.
´´ සිතින් යමි ( ධර්‍ම ) අරමුණක් දැන එය සිතට නොගන්නේ, තදින් සිතට නොගන්නේ, මෙි මනො ඉන්‍ද්‍රියය අසංවරව වාසය කරන්නාහට යමක් හේතු කොට ගෙන ලොභ දොස ආදී අකුශල ධර්‍මයෝ රැස්වන්නාහුද, ඒ මනො ඉන්‍ද්‍රිය සංවරය පිණිස පිළිපදින්නෙමු. ඒ මනො ඉන්ද්‍රියය රකින්නෙමු. ඒ මනො ඉන්ද්‍රියයෙහි සංවරයට පැමිණෙන්නෙමු´ යි මහණෙනි, මෙසේ තොප විසින් හික්මිය යුතුය.
´´ මහණෙනි, තොපට මෙබඳූ අදහසක් විය හැකිය. ´ අපි හිරි ඹතප් දෙකින් යුක්තයෝ වෙමු. අපගේ කයේ පැවැත්ම පිරිසිදුය. වචනයේ පැවැත්ම පිරිසිදුය. සිතේ පැවැත්ම පිරිසිදුය. ඡිවිකාව පිරිසිදුය. ඉන්ද්රියයන්හි වසනලද දොරවල් ඇත්තෙමු. මෙපමණක් ඇත. මෙපමණකින් කටයුතු කරන ලදී. අප විසින් මහණකමෙහි ඵලය ලබනලදී. අපට මත්තෙහි කළයුතු කිසිවක් නැතැ´ යි මෙපමණකින් සතුටට පැමිණිය හැකිය.
7. ´´ මහණෙනි, තොපට කියමි. මහණෙනි, තොපට දන්වමි. මත්තෙහි කටයුතු ඇතිකල්හි, මහණකමින් පල ලබනු කැමති තොපගේ මහණකමෙහි පලය නොපිරිහේවා, මහණෙනි, මත්තෙහි කටයුතු කුමක්ද? ´ භොඡනයෙහි පමණ දන්නෝ වන්නෙමු. නුවණින් සලකා බලා ආහාර අනුභව කරන්නෙමු. ( ඒ අනුභවය ) ක්‍රීඩා පිණිස නොවෙයි. මද වැඩීම පිණිස නොවෙයි. සැරසීම පිණිස නොවෙයි, අලඞකාරය පිණිස නොවෙයි. යමිතමි මෙි ශරීරයාගේ පැවැත්ම පිණිස යැපීම පිණිස, හිංසා දුරලීම පිණිස, බ්‍රහ්මචරියාවට අනුග්‍රහ පිණිසය. මෙසේ පැරණි වෙිදනාවන් නසන්නේමි. අලුත් වෙිදනාවන් නො උපදවන්නෙමි, මාගේ දිවි පැවැත්මද වන්නේය. නිවරැදි බවද, සැප විහරණයද වන්නේය´ ( කියායි ) මහණෙනි, තොප විසින් මෙසේ හික්මිය යුතුයි.
´´ මහණෙනි, තොපට මෙබඳූ අදහසක් විය හැකිය. ´ අපි හිරි ඔතප් දෙකින් යුක්ත වෙමු. අපගේ කයේ පැවැත්ම පිරිසිදුය, වචනයේ පැවැත්ම පිරිසිදුය, සිතේ පැවැත්ම පිරිසිදුය, ඡිවිකාව පිරිසිදුය, ඉන්ද්රියයන්හි වසනලද දොරවල් ඇත්තෙමු, භොඡනයෙහි පමණ දැන වළඳන්නෙමු, මෙපමණක් ඇත මෙපමණකින් සිවි මග කටයුතු කරනලදී. අප විසින් මහණකමෙහි පල ලබනලදී. අපට මත්තෙහි කළයුතු කිසිවක් නැතැ´ යි මෙපමණකින් සතුටට පැමිණිය හැකිය.
8. ´´ මහණෙනි, තොපට කියමි තොපට දන්වමි. මහණෙනි, මත්තෙහි කටයුතු ඇතිකල්හි, මහණකමින් පල ලබනු කැමති තොපගේ මහණකමෙහි පලය නොපිරිහේවා. මහණෙනි, මත්තෙහි කටයුතු කුමක්ද? ´ නිදි තොරකිරීමෙහි යෙදුනෝ වන්නෙමු. දවල් කාලය මුලුල්ලෙහි සක්මන් කිරීමෙන්, හිඳීමෙන් නීවරණ ධර්‍මයන්ගෙන් සිත පිරිසිදු කරන්නෙමු. රාත්‍රියෙහි ප්‍රථම යාමය සක්මනින්ද, හිඳීමෙන්ද, නිවරණ ධර්‍ම යන්ගෙන් සිත පිරිසිදු කරන්නෙමු. රාත්‍රියෙහි මධ්‍යම යාමය දකුණු ඇලයෙන් දකුණු පයෙහි වමි පය මදක් ඇද තබා සිහියෙන් යුක්තව, හොඳ ප්‍රඥාව ඇතිව, නැගිටිමි යන සංඥාව සිත්හි තබාගෙන සිංහසෙය්‍යාවෙන් සැතපෙන්නෙමු. රාත්‍රියෙහි අන්නිම යාමයෙහි නැගිට සක්මන් කිරීමෙන්ද, හිඳීමෙන්ද, නීවරණ ධර්‍මයන්ගෙන් සිත පිරිසිදු කරන්නෙමු ´ යි මහණෙනි, තොප විසින් මෙසේ හික්මිය යුතුයි,
´´ මහණෙනි, තොපට මෙබඳූ අදහසක් විය හැකිය. ´ අපි හිරි ඹතප් දෙකින් යුක්තවූවෝ වෙමූ. ´ අපගේ කායසමාචාරය පිරිසිදුය, වචීසමාචාරය පිරිසිදුය, මනොසමාචාරය පිරිසිදුය, ඡිවිකාව පිරිසිදුය, ඉන්ද්රියයන්හි වසනලද දොරටු ඇත්තෝ වෙමු. භොඡනයෙහි පමණ දැන වළඳන්නෝ වෙමු. නිදි තොර කිරීමෙහි යෙදුනෝ වෙමු. මෙපමණක් ඇත. මෙපමණකින් කටයුතු කරනලදී. අප විසින් මහණකමෙහි පල ලබන ලදී. අපට මත්තෙහි කළයුතු කිසිවක් නැත´ යි මෙපමණකින් සතුටට පැමිණිය හැකිය.
9. ´´ මහණෙනි, තොපට කියමි. මහණෙනි, තොපට දන්වමි තොපට මත්තෙහි කටයුතු ඇති කල්හි මහණකමින් පල ලබනු කැමති තොපගේ මහණකමෙහි පලය නොපිරිහේවා. මහණෙනි, මත්තෙහි කටයුතු කුමක්ද? ´ සිහියෙන් හා යහපත් ප්‍රඥාවෙන් යුක්තවුවෝ වන්නෙමු. ඉදිරි ගමනෙ හිද, ආපසු ගමනෙහිද, නුවණින් ක්‍රියා කරන්නේය. ඉදිරි බැලීමෙහිද, වට පිට බැලීමෙහිද නුවණින් බලන්නේය. අත්පා හැකිලීමෙහිද දිගු කිරීමෙහිද මනා නුවණින් යුක්තව එසේ කරන්නේය. දෙපට සිවුරය, පාත්‍රය, සිවුරුය යන මෙි දේ දැරීමෙහිද, මනා නුවණින් දැන එසේ කරන්නේය. අනුභව කිරීමය, පානය කිරීමය, වැළඳීමය, රස විඳීමය යන මෙහිද මනා නුවණින් යෙදී එසේ කරන්නේය. මල මුත්‍ර පහකිරීමද නුවණින් සලකා කරන්නේය. යෑමි, සිටීමි, හිඳීමි, සැතපීමි, නිදි තොරකිරීමි, කථා කිරීමි. නිශ්ශබිදව සිටීමි යන මෙි දේ මනා නුවණින් දැන එසේ කරන්නේය´ යි මහණෙනි, මෙසේ තොප විසින් හික්මිය යුතුය.
´´ මහණෙනි, තොපට මෙබඳූ අදහසක් විය හැකිය, ´ අපි හිරි ඹතප් දෙකින් යුක්තවුවෝ වෙමු, අපගේ කාය සමාචාරය පිරිසිදුය, වචී සමාචාරය පිරිසිදුය, මනො සමාචාරය පිරිසිදුය. ඡිවිකාව පිරිසිදුය, ඉන්ද්‍රියයන්හි වසන ලද දොරටු ඇත්තෝ වෙමු. භොඡනයෙහි පමණ දැන වළඳන්නෝ වෙමු. නිදි තොර කිරීමෙහි යෙදුනෝ වෙමු. සිහියෙන් හා යහපත් නුවණින් යුක්තවූවෝ වෙමු. මෙපමණක් ඇත. මෙපමණකින් කටයුතු කරනලදී. අප විසින් මහණකමෙහි පල ලබනලදී. අපට මත්තෙහි කළයුතු කිසිවක් නැතැ´ යි මෙපමණකින් සතුටට පැමිණිය හැකිය.
´´ මහණෙනි, තොපට කියමි, මහණෙනි, තොපට දන්වමි. තොපට මත්තෙහි කටයුතු ඇති කල්හි, මහණකමින් පල ලබනු කැමති තොපගේ මහණකමෙහි පලය නොපිරිහේවා. මහණෙනි, මත්තෙහි කටයුතු කුමක්ද? මෙි ශාසනයෙහි මහණතෙම, ආරණ්‍ය සෙනාසනය, වෘක්‍ෂමූලය, පර්‍වතය,
කඳුරැළිය, පර්‍වතගුහාය, සොහොනය, ඈත වන මැද සේනාසනය, එළිමහනය, පිදුරු බිස්සය යන විවේක සෙනසුනක් සෙවනය කරයි. හෙතෙම බතින් පසුව පණ්ඩපාතයෙන් වැළකුණේ පය්‍ර්‍යඞකය බැඳ ශරීරය කෙලින් තබා සිහිය ඉදිරි කොට තබා හිඳියි. හෙතෙම ශරීර නමැති ලෝක යෙහි අභිද්‍යාව (ආශාව) දුරු කොට පහවූ අභිද්‍යා ඇත්තේ අභිද්‍යාවෙන් හිත පිරිසිදු කරයි. ව්‍යාපාදය (ක්‍රොධය ) හැර ව්‍යාපාද රහිත සිත් ඇත්තේ, සියලු ප්‍රාණීන් කෙරෙහි හිත අනුකම්පා ඇත්තේ වාසය කරයි. ව්‍යාපාදයෙන් හිත පිරිසිදු කරයි. ථිනමිඬය හැර පහවූ ථිනමිඬ ඇත්තේ, ආලෝක සංඥා ඇත්තේ, සිහියෙන් යුක්තවූයේ යහපත් ප්‍රඥා ඇත්තේ වාසය කරයි. ථිනමිඬයෙන් සිත පිරිසිදු කරයි. උද්ධච්චකුක්කුච්චය හැර විසිර නොගිය සිත් ඇතිව වාසය කරයි. ඇතුළත සංසිඳුනු සිත් ඇත්තේ උද්ධච්චකුක්කුච්චයෙන් සිත පිරිසිදු කරයි. විචිකිච්ඡා දුරලා පහකළ විචිකිච්ඡා ඇත්තේ, කුසල ධර්‍මයන්හි, කෙසේ කෙසේදැයි. පැවති සැක නැතිව වාසය කරයි, විචිකිච්ඡාවෙන් සිත පිරිසිදු කරයි.
10 . ´´මහත්‍ණනි, යම්සේ පුරුෂයෙක් තෙම ණයට මුදල් ගෙන කර්‍මාන්තයන්හි යොදවයිද, ඔහුගේ ඒ කර්‍මාන්තයෝ දියුණුවෙත්ද, හෙතෙම ඒ පැරණි ණයත් ගෙවන්නේද, අඹු දරුවන් පෝෂණය පිණිසද යම් මුදලක් ඉතිරිවන්නේද, ඔහුට මෙසේ අදහස් වන්නේය. මම වනාහී පෙර ණය ගෙන කර්‍මාන්තයෙහි යෙදූයෙමි. ඒ මාගේ කර්‍මාන්තයෝ දියුණු වූහ. ඒ මම පැරණි යම් ණය මුදලක් වී නම් ඒ මුදල්ද ගෙවවෙමි. අඹු දරුවන් පෝෂනයටද මුදල් ඉතිරිවීයයි හෙතෙම ඒ හේතුකොටගෙන සතුට ලබයිද, සොම්නසට පැමිණෙයිද.
´´මහණෙනි, යම්සේ පුරුෂයෙක් තෙම ආබාධයකින් යුක්තවූයේ, එයින් හටගත් දුක් ඇත්තේ, දැඩි ගිලන් වෙයිද, ඔහුට ආහාරයද රුචි නොවන්නේය. ඔහුගේ ශරීරයෙහි බලයද වන්නේය. ඔහුට මෙබඳු අදහසක් වන්නේය. මම වනාහී පෙර ලෙඩ වූයෙමි, එයින් හටගත් දුක්වේදනා ඇත්තේ වීමි. දැඩි ගිලන් වීමි. මට බතද රුචිනොවීය. මාගේ ශරීරයෙහි ශක්තියද නැතිවිය. ඒ මම දැන් ඒ රෝගයෙන් මිදුනෙමි. මට බතද රුචිය. මාගේ කයෙහි ශක්තිය ඇත. හෙතෙම ඒ හේතුකොටගෙන සතුටටපත් වෙයිද, සොම්නසට පැමිණෙයිද
´´මහණෙනි, යම්සේ පුරුෂයෙක් තෙම සිරගෙයි බැඳුනේද, තෛම පසුකලෙක ඒ බන්‍ධනයෙන් සැපසේ වියදමක් නැතව මිදෙන්නේද, ඔහුගේ භොගයන්ගේ කිසිවිනාශයකුත් නොවන්නේද, ඔහුට මෙසේ අදහස් වන්නේය. මම වනාහි පෙර සිරගෙයි බඳනා ලද්දෙක් වීමි. ඒ මම දැන් ඒ බන්‍ධනයෙන් සැපසේ වියදමක් නැතිව මිදුනෙමි. මාගේ භෝගයන්ගේ කිසි හානියක්ද නැත. හෙතෙම ඒ හේතුකොටගෙන සතුට ලබයිද සොම්නසට පැමිණෙයිද
´´මහණෙනි, යම්සේ පුරුෂයෙක් තෙම තමා ප්‍රධාන නොවූ අන්‍යයෙකුට යටත්වූ, කැමතිසේ හැසිරෙන්නට ඉඩ නොලබන දාසයෙක්වේද, හෙතෙම පසුකලෙක ඒ දාසභාවයෙන් මිදී තමාම ප්‍රධාන කොට ඇත්තේ, අනුන් ස්වාමිකොට නැත්තේ නිදහස්වූයේ කැමතිසේ හැසිරෙන්නට ඉඩ ලබයිද, ඔහුට මෙසේ අදහස් වන්නේය. මම වනාහී පෙර ස්වාධීන නෙවූ, අනුන්ට යටත්වූ, කැමති තැනක නොයාහැකිවූ දාසයෙක්වීමි. ඒ මම දැන් ඒ දාස භාවයෙන් මිදුනේ ස්වාධීනවූයේ, පරාධීන නොවූයේ කැමතිතැනකට යාහැකි වූ යෙමියි. හෙතෙම ඒ හේතුකොට ගෙන සතුට ලබයිද, සොම්නසට පැමිණෙයිද.
´´මහණෙනි, යම්සේ පුරුෂයෙක් තෙම ධන සහිතවූයේ, භෝගසහිතවූයේ, කාන්තාරයෙහි දර්‍ී මාර්‍ගයකට බැස්සේ වෙයිද, හෙතෙම ටිකකලකට පසු ඒ කාන්තාරයෙන් සැපසේ වියදමක් නැතිව එතර වන්නේය. ඔහුගේ සමපත්තීන්ගේ කිසිහානියක්ද නොවන්නේය. ඔහුට මෙබඳු අදහසක් වන්නේය. මම වනාහී පෙර ධන සහිත වූයේ භෝග සහිතවූයේ කාන්තාරයෙහි දර් මාර්‍ගයකට පැමිණියෙමි. ඒ මම දැන් ඒ කාන්තාරයෙන් සැපසේ, වියදමක් නැතිව එතර වූයෙමි. මාගේ සමපත්තින්හි කාසි හානියක්ද නැතැයි, හෙතෙම ඒ හේතුකොට ගෙන සතුට ලබයිද, සොම්නසට පැමිනෙයිද,
´´ මහණෙනි, මහණතෙම ණය යම්සේද, රෝගය යම්සේද, සිරගෙය යම්සේද, දාසභාවය යම්සේද කාන්තාර මාර්‍ගය යම්සේද එපරිද්දෙන්ම නැතිනොවූ මේ පංචනීවරන ධර්‍මයන් තමා කෙරෙහි දකියි. මහණෙනි, ණය රහිත බව යම්සේද, නිරෝගී බව යම්සේද, හිර ගෙයින් මිදීම යම්සේද, නිදහස් බව යම්සේද, නිර්‍භය ස්ථානය යම්සේද, එපරිද්දෙන්ම මහණතෙම නැතාවු මේ පංචනීවරනයන් තමාකෙරෙහි දකියි.
11 . ´´ හෙතෙම හිත කෙලෙසන්නාවූ, ප්‍රඥාව දුර්‍වල කරන්නාවූ මේ පංචනීවරන ධර්‍මයන් දුරුකොට කාමයන්ගෙන් වෙන් වූයේම, අකුශල ධර්‍මයන් කෙරෙන් වෙන්වූයේම විතර්‍ක සහිතවූ, විචාර සහිතවූ සිතෙහි විවේකයෙන් උපන් ප්‍රීතියම සැපකොට ඇති ප්‍රථම ධ්‍යානයට පැමිණ වාසය කරයි, හෙතෙම මේ ශරීරය විවේකයෙන් හටගත් ප්‍රීති සැපයෙන් තෙමයි. හාත්පසින් තෙමයි, පුරවයි, හාත්පසින් ස්පර්‍ශ කරයි. ඔහුගේ සියලු ශරීරයෙහි කිසියම් ප්‍රදේශයක් ප්‍රීති සැපයෙන් ස්පර්‍ශ නොකරන ලද්දේ නොවෙයි. මහණෙනි, යම්සේ දක්ෂවූ නාවන්නෙක් හෝ නාවන්නකුගේ අතවැසියෙක් හෝ ලොහො තලියක ඇඟගාන සුවඳසුනු දමා දියෙන් තෙම තෙමා පිඩුකරන්නේය. ඒ නහණ සුනු පිඩ දියෙන් යුක්ත වූයේ දියෙන් වළඳනාලද්දේ, ඇතුළත පිටත දියෙන් ස්පර්‍ශ කරන ලද්දේ වෙයිද, එයින් දිය නොවැගිරෙයිද, මහණෙනි, එපරිද්දෙන්ම භික්ෂුව විවේකයෙන් හටගත් ප්‍රීති සැපයෙන් මේ ශරීරය තෙමයි, හාත්පසින් තෙමයි, සම්පූර්ණයෙන් පුරවයි. සැම තන්හි පතුරුවයි, ඔහුගේ සියලු ශරීරයෙහි ප්‍රීති සැපයෙන් ස්පර්‍ශ නොකරනලද තැනක් නැත.
´´ මහත්‍ණනි, නැවත අනිකක්ද කියමි. මහණෙනි, භික්‍ෂුව, විතක්ක විචාරයන්ගේ සංසිඳීමෙන් තමා තුළ මනා පැහැදීම ඇතිකරන්නාවූ සිත පිළිබඳ එකඟබව ඇති, සමාධියෙන් හටගත් ප්‍රීති සැපය ඇති වීතීය ධ්‍යානයට පැමිණ වාසය කරයි. හෙතෙම මේ ශරීරයම චිතීය ධ්‍යාන සමාධියෙන් හටගත්තාවූ ප්‍රීතිය හා සැපයෙන් තෙමයි. හාත්පසින් තෙමයි. පුරවයි, පතුරුවයි, ඔහුගේ සියලු ශරීරයෙහි සමාධියෙන් හටගත් ප්‍රීති සැපයෙන් ස්පර්‍ශ නොකරනලද තැනක් නැත්තේය. මහණෙනි, උල්පතකින් ජලය ලැබෙන දිය විලක් යම්සේ වේද, ඒ විලට නැගෙනහිරින්ද, ජලය එකතුවන මාර්‍ගයක් නැත්තේය. බටහිර දිගින්ද ජලය ඇතුළුවන මාර්‍ගයක් නැත්තේය. උතුරු දිගින්ද ජලය ඇතුළුවන මාර්‍ගයක් නැත්තේය. දකුණු දිගින්ද ජලය ඇතුළුවන මාර්‍ගයක් නැත්තේය. වැස්සද කලින් කල ඊට හොඳින් නොවසින්නේය. එහෙත් ඒ දිය විලෙන්ම සිසිල්වූ ජලධාරාවෝ උඩට නැගී ඒ දිය විල මුලුල්ලම සිසිල් ජලයෙන් තෙමන්නේය. හාත්පසින් තෙමන්නේය. සම්පූර්ණායන් පුරවන්නේය, ඒ මුළු දිය විලෙහි කිසියම් පෙදෙසක් සිසිල් දියෙන් ස්පර්‍ශ නොකරන ලද්දේ නොවෙයිද,
´´ මහණෙනි, එපරිද්දෙන්ම භික්ෂුව සමාධියෙන් හටගත් ප්‍රීතිසැපයෙන් මේ ශරිරය තෙමයි, හාත්පසින් තෙමයි, සම්පූර්ණයෙන් පුරවයි, සෑම තන්හී පතුරුවයි. එහුගේ සියලු ශරීරයෙහි සමාධියෙන් හටගත් ප්‍රීති සැපයෙන් ස්පර්‍ශ නොකරනලද තැනක් නැත.
12 . ´´ මහණෙනි, නැවත අනෙකක්ද කියමි. භික්ෂුව ප්‍රීතියෙහිද නොඇල්මෙන් මැදහත් බව ඇත්තේ, සිහි ඇත්තේ, යහපත් නුවණ ඇත්තේ කයින්ද සැපයක් විඳියි. යම් ධ්‍යානයක් උපේක්ෂා (මැදහත් ) විඳීම ඇත්තේ, සිහි ඇත්තේ, සැප විහරණ ඇත්තේ යයි ආය්‍ර්‍යයෝ කියත්ද, ඒ තුන්වැනි ධ්‍යානයට පැමිණ වාසය කරයි. හෙතෙම මේ ශරීරය ප්‍රීති රහිතවූ සැපයෙන් හාත්පසින් තෙමයි, සම්පූර්ණයෙන් පුරවයි, සෑමතන්හී පතුරුවයි, ඔහුගේ සියලු ශරීරයෙහි ප්‍රීති රහිත සැපයෙන් ස්පර්‍ශ නොකරනලද තැනක් නැත. මහණෙනි, යම්සේ උපුල් විලක හෝ පියුම් විලක හෝ හෙළපියුම් විලක හෝ ඇතැම් අපුල් හෝ පියුම් හෝ හෙළ පියුම් හෝ දියෙහි හට ගත්තාහු, දියෙහි වැඩුනාහු, දිය අනුව ගියාහු, ඇතුළත වැද වැඩෙන්නාහු, අග දක්වාද මුල දක්වාද, සිහිල් දියෙන් තෙමූනාහු, හාත්පසින් තෙමුනාහු, පිරුනාහූ දියෙන් ස්පර්‍ශ කරන ලදුදාහු වෙත්ද, ඒ උපුල් අතුරෙන් හෝ පියුම් අතුරෙන් හෝ හෙළපියුම් අතුරෙන් හෝ කිසිවෙක් මුඑුමනින් සිහිල් දියෙන් ස්පර්‍ශ නොකරන ලද්දේ නොවන්නේද, මහණෙනි එපරිද්දෙන්ම භික්ෂුව ප්‍රීති රහිත සැපයෙන් ස්පර්‍ශ නොකරනලද තැනක් නැත්තේය.
13 . ´´ මහණෙනි, නැවත අනිකක්ද කියමි. භික්ෂුව සැපය දුරුකිරීමෙන්ද, දුක දුරු කිරීමෙන්ද, පළමු කොටම සැප දුක් වේදනා නැතිව යාමෙන් දුක්ද නොවූ සැපද නොවූ උපෙක්‍ෂාසති යන මොවුන්ගේ පිරිසිදු බව ඇති හතරවන ධ්‍යානයට පැමිණ වාසය කරයි. පිරිසිදුවූ පැහැදිලිවූ සිතින් පතුරුවා උන්නේවෙයි, ඔහුගේ සියලු අවයව ඇති ශරීරයාගේ කිසියම් ප්‍රදේශයක් පිරිසිදුවූ පැහැදිලිවූ සිතින් ස්පර්‍ශ නොකරන ලද්දෙ නොවෙයි. මහණෙනි, යම්සේ පුරුෂයෙක් තෙම සුදු වස්ත්‍රයකින් හිස සහිතව පොරවා හුන්නේද, එහුගේ මුලු ශරීරයේ කිසියම් ප්‍රදේශයක් පිරිසිදු සුදු වස්ත්‍රයෙන් නොවැසුණේ නොවෙයි. මහණෙනි, එපරිද්දෙන්ම මහණතෙම මේ ශරීරය පිරිසිදුවූ පැහැදිලිවූ සිතින් පැතිර වාසය කරයි. ඔහුගේ මුලු ශරීරයේ කොතනකවත් පිරිසිදුවූ පැහැදිලිවූ හිතින් සුපර්‍ශ නොකරන ලද්දෙ නොවෙයි.
14 . ´´ හෙතෙමේ මෙසේ සිත එකඟවූ කල්හි, පිරිසිදුවූ කල්හී, දීප්තිමත් වූ කල්හි, කාම හිත් රහිත වූ කල්හී, කෙලෙස් පහව ගිය කල්හී, මෘදුවූ කල්හී, කටයුත්තට යෝග්‍ය වූ කල්හී, සිත ස්තීර වූ කල්හී, කම්පා නොවන බවට පැමිණි කල්හී, පෙර ජාති සිහිකිරීමේ ඥානය පිණිස සිත ඉදිරිපත් කරයි. ඉදිරිපත් කොට (ඊට) නමයි. හේ තෙමේ නොයෙක් විදියේ පෙර විසීම් සිහි කරයි. කෙසේදයත් – එක් ජාතියක්ද, ජාතිී දෙකක්ද, ජාති තුනන්ද, ජාති හතරක්ද, ජාති පහක්, ජාති දහයක්ද, ු ජාති විස්සක්ද, ජාති තිහක්ද, ජාති හතළිහක් ද, ජාති පණහක්ද, ජාති සියක්ද, ජාති දහසක්ද, ජාති සියක් දහසක්ද, නොයෙක් විනාශ වෙමින් පවතින කල්පයන්ද, නොයෙක් හැදෙමින් පවතින කල්පයන්ද, නොයෙක් විනාශවෙන හෝ හැදෙන කල්පයන්ද, ´අසුවල් තැන වීමි මෙනම් ඇත්තෙම්, මේ ගෝත්‍ර ඇත්තෙම්, මේ පාට ඇත්තෙම්, මේ කෑම ඇත්තෙම්, මේ සැපදුක් වින්දෙම්, මේ ආයුෂ කෙළවරකොට ඇත්තෙම් වීමි. ඒ මම එයින් චුතවූයෙම්, අසුවල් තැන උපන්නෙමි: එහිද මෙනම් ඇත්තෙම්, මේ සැප දුක් වින්දෙමි, මේ ආයුෂ කෙළවරකොට ඇත්තෙම් වීමි. ඒ මම එයින් චුතවූයෙම්, මෙහි උපන්නෙමි´යි මෙසේ ආකාර සහිතව, දැකිවීම් සහිතව, නොයෙක් විදියේ පෙර ජීවිත සිහි කරයි.
´´ මහණෙනි, පුරුෂයෙක් යම්සේ තම ගමින් අන් ගමකට යන්නේද, ඒ ගමිනුත් අන් ගමකට යන්නේද, ඒ ගමිනුත් තමන්ගේ ගමට එන්නේද, ´ මම, සිය ගමින් අසුවල් ගමට ගියෙමි, එහි මෙසේ සිටියෙමි, මෙසේ හුන්නෙමි, මෙසේ කථාකෙළමි, මෙසේ නිශ්ශබ්ද වීමි. එගමිනිදු අසුවල් ගමට ගියෙමි, එහිද මෙසේ සිටියෙමි, මෙසේ හුන්නෙමි, මෙසේ කථාකෙළෙමි, මෙසේ නිශ්ශබ්ද වීමි. ඒ මම ඒ ගමින් සිය ගමට පැමිණියෙමි´ යි හෙතෙම දන්නේය.
15 . ´´ මහණෙනි, එපරිද්දෙන්ම භික්ෂුව මෙසේ සිත එකඟවූ කල්හි, පිරිසිදුවූ කල්හී, දීප්තිමත්වූ කල්හි, කාම හිත් රහිතවූ කල්හි, කෙලෙස් පහවූ කල්හී, මෘදුවූ කල්හි, කටයුත්තට යෝග්‍යවූ කල්හි හිත ස්තීරවූ කල්හි, කම්පා නොවන බවට පැමිණි කල්හි, පෙර ජාති සිහිකිරීමේ ඥානය පිණිස සිත ඉදිරිපත් කරයි, ඉදිරිපත්කොට නමයි. හේ නොයෙක් පෙරවිසීම් සිහිකරයි. කෙසේදයත්: එක් ජාතියක්ද, ජාති දෙකක්ද, ජාති තුනක්ද, ජාති සතරක්ද, ජාති පහක්ද, ජාති දසයක්ද, ජාති විස්සක්ද, ජාති තිහක්ද, ජාති සතළිහක්ද, ජාති පණහක්ද, ජාති සියයක්ද, ජාති දහසක්ද, නොයෙක් විනාශ වෙමින් පවතින කල්පයන්ද, නොයෙක් හැදෙමින් පවතින කල්පයක්ද, නොයෙක් හැදෙමින් හෝ විනාශවෙමින් හෝ පවතින කල්පයන්ද, අසුවල් තැන වීමි. මෙබඳු නම් ඇත්තෙම්, මෙබඳු ගෝත්‍ර ඇත්තෙම්, මෙබඳු පාට ඇත්තෙම්, මෙබඳු ආහාර ඇත්තෙම්, මෙබඳු දුක් සැප වින්දෙම්, මෙබඳු ආයුෂ කෙලවරකොට ඇත්තෙම් විමි. ඒ මම එයින් චුතව අසුවල්තැන උපන්නෙමි: එහිදු මෙනම් ඇත්තෙම්, මෙබඳු ගෝත්‍ර ඇත්තෙම්, මෙබඳු පාට ඇත්තෙම්, මෙබඳු ආහාර ඇත්තෙම්, මෙබඳු සුව දුක් වින්දෙම්, මෙබඳු ආයුෂ කෙළවර කොට ඇත්තෙම් වීමි. ඒ මම එයින් චුතව මෙහි උපන්නෙමි´ යි මෙසේ ආකාර සහිත, (පෙරවිසූ පිළිවෙල) දැක්වීම් සහිත, නොයෙක් අකාරවූ පෙරවිසීම් සිහිකරයි.
16 . ´´ ඔහු මෙසේ සිත එකඟවූ කල්හී, පිරිසිදුවූ කල්හි, දීප්තිමත්වූ කල්හි, කාමහිත් රහිත කල්හි, කෙලෙස් පහව ගිය කල්හි, මෘදුවූ කල්හි, කටයුත්තට යෝග්‍ය වූ කල්හි, හිත ස්තීරවූ කල්හි, කම්පා නොවන බවට පැමිණි කල්හි, සත්‍වයන්ගේ මරනින් පසු උප්පත්ති දැනගන්නා නුවණ පිණිස සිත ඉදිරිපත් කරයි, ඉදිරිපත් කොට නමයි. හේ පිරිසිදුවූ, මිනිස් ඇස ඉක්මවූ, දිව ඇසින් චුතවන උපදින සත්‍වන් දකී. පහත්වුද උසස්වුද, ලක්‍ෂණවුද, අවලක්‍ෂණවුද, හොඳ ලොව ගියාවුද, නරක ලොව ගියාවුද, කර්‍මය ලෙස පැමිණි සත්වයන් දනී. ´ මේ පින්වත් සත්වයෝ කාය (ශරීර) දුශ්චරිතයෙන් යුක්තය, වාග් (වචන) දුශ්චරිතයෙන් යුක්තය, මනො (හිතේ) දුශ්චරිතයෙන් යුක්තය, උත්තමයන්ට බණින්නෝය, මිත්‍යා දෘෂ්ටිකයෝය, මිත්‍යා දෘෂ්ටි කර්‍ම සමාදම් වූවෝය. ඔවුහු කය බිඳීමෙන් මරණින් මතු සැපයෙන් පහවූ නපුරුවු ගතිඇති යටිකුරුව වැටෙන්නාවු නිරයට පැමිනෙත්, නැතහොත්, මේ පින්වත් සත්වයෝ කාය ශරීර) සුචරිතයෙන් යුක්තය, වාග් (වචන) සුචරිතයෙන් යුක්තය, මනෝ (හිතේ) සුචරිතයෙන් යුක්තය, උත්තමයින්ට නොබණින්නෝය, සත්‍යය අදහන්නෝය, සත්‍ය ඇදහීම සමාදන් වූවෝය. මරණින් මතු යහපත් පැමිණීමවු ස්වර්‍ග ලෝකයෙහි උපන්නාහු මෙසේ පිරිසිදුවු මිනිස් ඇස ඉක්මවු දිව ඇසින් චුතවන උපදින සත්වයන් දකී. පහත්වුද, උසස්වුද, ලක්‍ෂණවුද, අවලක්‍ෂණවුද, හොද ලොව ගියාවුද නරක ලොව ගියාවුද කර්‍මය ලෙස පැමිණි සත්වයන් දනී.
´´ මහණෙනි, දොරවල් සහිතවු ගෙවල් දෙකක් යම්සේ වන්නාහුද, එහි ඇස් ඇති පුරුෂයෙක් තෙම මධ්‍යයෙහි සිටියේ ගෙට පිවිසෙන්නාවූද, නික්මෙන්නාවුද, සක්මන් කරන්නාවුද, මනුෂ්‍යයන් දක්නේද, මහණෙනි, එපරිද්දෙන්ම මහණතෙම පිරිසිදුවු මිනිස් ඇස ඉක්මවු, දිව ඇසින් චුතවන උපදින සත්වයන් දකී. පහත්වුද, උසස්වුද, ලක්‍ෂණවුද, අවලක්‍ෂණවුද, හොඳ ලොව ගියාවුද, නරක ලොව ගියාවුද, කර්‍මය ලෙස උපන් සත්‍වයන් දකී.
17 . ´´ මහණෙනි, එසේම භික්‍ෂුව මෙසේ සිත එකඟවූ කල්හි, දීප්තිමත්වු කල්හි, කාම සිත් රහිතවු කල්හි, කෙලෙස් පහව ගිය කල්හි, මෘදුවු කල්හි, කටයුත්තට යෝග්‍යවු කල්හි, සිත ස්තිර වු කල්හි, කම්පා නොවන බවට පැමිණි කල්හි, සත්වයන්ගේ චුති උප්පත්ති දැනගන්නා නුවණ පිණිස සිත ඉදිරිපත් කරයි, සිත ඉදිරිපත්කොට නමයි. හේ මිනිස් ඇස ඉක්මවු දිව ඇසින් චුතවන උපදින සත්‍වයන් දකි. පහත්වුද, උසස්වුද, ලක්‍ෂණවුද, අවලක්‍ෂණවුද, හොඳ ලොව ගියාවුද, නරක ලොව ගියාවුද කර්‍මය ලෙස පැමිණි සත්වයන් දනී. මේ පින්වත් සත්වයෝ කාය දුශ්චරිතයෙන් යුක්තය, වාග් දුශ්චරිතයෙන් යුක්තය, මනෝ දුශ්චරිතයෙන් යුක්තය, උත්තමයින්ට බනින්නෝය, මිත්‍යාදෘෂ්ටිකයෝය, මිත්‍යාදෘෂ්ටි කර්‍ම සමාදන් වූවොය. ඔවුහු ශරීරය බිඳීමෙන් මරණින් මතු අපායවු, දුර්‍ගතියවු, දුකවු, නිරයට පැමිණෙත්.´ නැතහොත්, ´මේ පින්වත් සත්වයෝ කාය සුචරිතයෙන් යුක්තය, වාග් සුචරිතයෙන් යුක්තය, මනො සුචරිතයෙන් යුක්තය, උත්තමයින්ට නොබනින්නෝය, සත්‍යය අදහන්නොය, සත්‍ය ඇදහිම සමාදන් වූවෝය. ඔවුහු ශරීරය බිඳීමෙන් මරණින් මතු සුගතිය වූ, ස්වර්ගලොකයට පැමිණියෝ,´යි මෙසේ පිරිසිදුවු, මිනිස් ඇස ඉක්මවු දිව ඇසින් චුකවෙන උපදින සත්‍වයන් දකි පහත්වුද, උසස්වුද, ලක්‍ෂණවුද, අවලක්‍ෂණවුද,සුගතියට පැමිණියාවුද දුර්‍ගතියට පැමිණියාවුද කර්‍මයලෙස පැමිණි සත්වයන් දනී.
18 . ´´ ඔහු මෙසේ සිත එකඟවු කල්හි, පිරිසිදුවූ කල්හි, දීප්තිමත්වූ කල්හි, කාමහිත් රහිත කල්හි, කෙලෙස් පහව ගිය කල්හි, මෘදුවූ කල්හි, කටයුත්තට යෝග්‍ය වූ කල්හි, හිත ස්තීරවූ කල්හි, කම්පා නොවන බවට පැමිණි කල්හි, සිතේ පැසවන කෙලෙස් පහකිරීමේ ඥානය (ආශ්‍රව ක්‍ෂයකර ඥානය) පිණිස සිත ඉදිරිපත් කරයි, ඉදිරිපත් කොට නමයි. ඔහු මේ දුකයයි තතු ලෙස දැනගනී, මේ දුක් ඉපදීමේ හේතුවයයි තතු ලෙස දැනගනී, මේ දුක් නැතිකිරීම යයි තතුලෙස දැනගනී, මේ දුක් නැතිකිරීමේ මාර්‍ගයයයි තතුලෙස දැනගනී, මේ පැසවන කෙලෙස් (ආශ්‍රව) යයි තත්‍ර ලෙස දැනගනී, මෙ පැසවන ක්ලේශයන්ගේ හේතුයයි තතු ලෙස දැනගනී, මේ ඒ කෙලෙස් නැතිකිරීමයයි තතු ලෙස දැනගනී, මේ ඒ කෙලෙස් නැතිකිරීමෙ මාර්‍ගයයයි තතු ලෙස දැනගනී. මෙසේ දන්නා ඔහුගේ සිත කාම ආශ්‍රවයන් කෙරෙන්ද මිදේ, භව ආශ්‍රවයන් කෙරෙන්ද මිදේ, අවිද්‍යා ආශ්‍රවයන් කෙරෙන්ද සිත මිදේ, මිදුනු කල්හී මිදුනේය යන සිත වෙයි. ඉපදීම නැතිවිය. උතුම් හැසිරීමෙහි වසන ලදී, කටයුත්ත කරණලදී, මින්පසු වෙනත් කළයුත්තක් නැතැ´යිද දැනගනී.
´´ මහණෙනි, යම්සේ පර්‍වත මුදුනක පිරිසිදු, සිත් සතුටු කරන නොකැළඹුනු, දිය විලක්වේද, එහි ඉවුරේ ඇස් ඇති පුරුෂයෙක් සිටියේ, නැවතී තිබෙන්නාවූ සිප්පි බෙල්ලන් හා සක්බෙල්ලන්ද, කැටකැබලිතිද, එහා මෙහා යන්නාවූ මසුන් රෑන්ද, දක්නේද, ඔහුට මෙසේ සිතෙන්නේය: ´ මේ දිය විල පිරිසිදුය, මනා සිත් ප්‍රිය කරන්නේය, නොකැළඹුණේය. එහි මේ සිප්පි බෙල්ලන් හා සක් බෙල්ලන්ද, කැටකැබිලිතිද, නැවතී තිබේ. මසුන් රෑන් හැසිරෙත්ය´ කියායි. මහණෙනි, එලෙසින්ම භික්‍ෂුව මෙසේ සිත එකඟවූ කල්හී, පිරිසිදුවූ කල්හී, දීප්ත්මත්වූ කල්හී, කාම සිත් රහිත කල්හී, කෙලෙස් පහව ගිය කල්හි, මෘදුවූ කල්හී, කටයුත්තට යෝග්‍යවූ කල්හි, හිත ස්තීරවූ කල්හි, කම්පා නොවන බවට පැමිණි කල්හී, බොහෝ කල්සිට එන ක්ලේශයන් නැති කිරීමේ ඥානය පිණිස සිත ඉදිරිපත් කරයි. ඉදිරිපත් කොට නමයි. ඔහු මේ දුක යයි තතුලෙස දැනගණි, මේ දුක් ඉපදීමේි හේතුවයයි තතු ලෙස දැනගනී,මේ දුක් නැතිකිරීම යයි තතුලෙස දැනගණී. මේ දුක්නැතිකිරීමේ මාර්‍ගයයි තතුලෙස දැනගණී, මේ කෙලෙස් යයි තතුලෙස දැනගනී, මේ කෙලෙස් හේතුයයි තතුලෙස දැනගණී මේ කෙලෙස් නැතිකිරීම යයි තතුලෙස දැනගණ, මේ කෙලෙස් නැතිකිරීමේ මාර්‍ගයය යි තතුලෙස දැනගනී, මෙසේ දන්නා ඔහුගේ සිත කාම ආශ්‍රවයන් කෙරෙන්ද මිදේ, භව ආශ්‍රවයන් කෙරෙන්ද මිදේ, අව්ද්‍යා ආශ්‍රවයන් කෙරෙන්ද සිත මිදේ. මිදුනු කල්හී මිදුනේය යන සිත වෙයි. ඉපදීම නැතිවිය, අතුම් හැසිරිමෙහි වසනලදී, කටයුත්ත කරණ ලදී. මින්පසු අනික් කළයුත්තක් නැතැ´ යිද දැනගනී.
19 . ´´ මහණෙනි, මේ මහණ තෙම, ´ සමණ´ යයිද, ´ බ්‍රාහ්මණ´ යයිද, ´ නාහාතක ´ යයිද, ´ වෙදගූ´ යයිද, ´ සොත්තිය ´ යයිද, ´ ආය්‍ර්‍ය ´ යයිද, ´ අර්‍හත් ´ යයිද කියනු ලැබේ.
´´ මහණෙනි, කෙසේ මහණ තෙම ´´ ශ්‍රමණ´´ නම් වේද ලාමකවු කෙලෙසීම කරන්නාවූ, නැවත ඉපදීම ඇතිකරන්නාවු, දැවිලි සහිතවු, දුක් විපාක ඇත්තාවු මත්තෙහි ජාති, ජරා, මරණ ඇතිකරන්නාවු, අකුශල ධර්‍මයෝ යමෙක් විසින් සංසිඳුවන ලත්දාහු වෙත්ද, මහණෙනි, මෙසේ් වනාහි මහණ තෙම ශ්‍රමණ නම් වෙයි.
´´ මහණෙනි, මහණතෙම කෙසේ ´´බ්‍රාහ්මණ´´ නම් වේද? කෙලෙසීම කරන්නාවු, නැවත ඉපදීම ඇතිකරන්නාවු, දැවිලි සහිත වු දුක්විපාක ඇත්තාවු මත්තෙහි ජාති, ජරා, මරණ ඇති කරන්නාවු ලාමකවු අකුසල ධර්‍මයෝ යමෙකු විසින් බැහැර කරන ලද්දාහු වෙත්ද, මහණෙනි, මෙසේ වනාහි මහණ තෙම බ්‍රාහ්මණ නම් වෙයි.
´´ මහණෙනි, මහණ තෙම කෙසේ ´´නහාතක´´ නම් වේද? කෙලෙසන්නාවු, නැවත ඉපදීම ඇතිකරන්නාවු, දැවිලි සහිතවු, දුක් විපාක ඇත්තාවු, මත්තෙහි ජාති, ජරා, මරණ ඇති කරන්නාවු ලාමකවු අකුසල ධර්‍මයෝ යමෙකු විසින් සෝදා හරින ලද්දාහු වෙත්ද, මහණෙනි, මෙසේ වනාහී මහණ තෙම ´´නහාතක´´ නම් වේ.
´´ මහණෙනි, මහණතෙම කෙසේ ´´ වෙදගූ´´ නම් වේද? කෙලෙසන්නාවු, නැවත ඉපදීම ඇතිකරන්නාවු, දැවිලි සහිතවු, දුක් විපාක ඇත්තාවු, මත්තෙහි ජාති, ජරා, මරණ ඇති කරන්නාවු ලාමකවු අකුසල ධර්‍මයෝ යමෙකු විසින් (සතර මාර්‍ගඥානයෙන්) දන්නා ලද්දාහු වෙත්ද, මහණෙනි, මෙසේ වනාහි මහණතෙම ´වෙදගූ´ නම් වේ.
මහණෙනි, මහණතෙම කෙසේ ´´සොත්තිය´´ නම් වේද? කෙලෙසන්නාවු, නැවත ඉපදීම ඇතිකරන්නාවු, දැවිලි සහිතවු, දුක් විපාක ඇත්තාවු, මත්තෙහි ජාති, ජරා, මරණ ඇති කරන්නාවු ලාමකවු අකුසල ධර්‍මයෝ යමෙකු විසින් ඉවත්කරන ලද්දාහුවෙත්ද, මහණෙනි, මෙසේ වනාහි මහණතෙම ´´ සොත්තිය´´ නම් වේ.
මහණෙනි, මහණතෙම කෙසේ ´´ අරිය´´ නම් වේද? කෙලෙසන්නාවු, නැවත ඉපදීම ඇතිකරන්නාවු, දැවිලි සහිතවු, දුක් විපාක ඇත්තාවු, මත්තෙහි ජාති, ජරා, මරණ ඇති කරන්නාවු ලාමකවු අකුසල ධර්‍මයෝ යමෙකු විසින් දුරු කරනලද්දාහු වෙත්ද, මහණෙනි, මෙසේ වනාහී මහණතෙම ´´අරිය´´ නම් වේ.
මහණෙනි, මහණතෙම කෙසේ ´´අර්හත්´´ නම් වේද? කෙලෙසන්නාවු, නැවත ඉපදීම ඇතිකරන්නාවු, දැවිලි සහිතවු, දුක් විපාක ඇත්තාවු, මත්තෙහි ජාති, ජරා, මරණ ඇති කරන්නාවු ලාමකවු අකුසල ධර්‍මයෝ යමෙකු විසින් ඈත් කරන ලද්දාහු වෙත්ද, මහණෙනි, මෙසේ වනාහී මහණතෙම ´´අර්‍හත් නම් වෙයි.
භාග්‍යවතුන් වහන්සේ මේ සූත්‍රය වදාළහ. සතුටු සිත් ඇති ඒ භික්‍ෂුහු භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව සතුටින් පිළිගත්හ.
නවවෙනිවූ මහා අස්සපුර සූත්‍රය නිමි. (4 – 9)
උපුටා ගැනීම - උතුම් ශ්‍රී සද්ධර්මය ( dahamsithum.wordpress )