ත්‍රිපිටක පොත් වහන්සේ/සූත්‍ර පිටකය/මජ්ක්ධීම නිකාය/මහා සච්චක සූත්‍රය
1 . මා විසින් මෙසේ අසන ලදී . එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ විසාලා මහනුවර මහා වනයෙහි කූටාගාරශාලාවෙහි වැඩවාසය කරති . එකල්හී භාග්‍යවතුන් වහන්සේ පෙරවරු කාලයෙහි පා සිවුරු ගෙන විසාලාමහනුවරට පිඩු පිණිස වඩිනු කැමතිව මනාව හැඳ පෙරව වැඩ සිටියහ . එවිට සච්චක නිගණ්ඨපුත්‍ර තෙමේ පයින් සක්මන් කිරීම සඳහා ඇවිදින අතර මහාවනයෙහි කූටාගාර ශාලාව යම් තැනෙක්හිද එහි පැමිණියේය . ආයුෂ්මත් ආනන්‍ද ස්ථවීරයන් වහන්සේ එන්නාවු සච්චක නිගණ්ඨපුත්‍රයා දුරදීම දුටහ .දැක භාග්‍යවතුන් වහන්සේට, , ස්වාමීනි කථාවෙහි දක්ෂවූ තමා පණ්ඩිතයෙකැයි කියන්නාවූ, බොහෝ දෙනා විසින් සම්මාන කරන ලද්දාවූ මේ සච්චක නිගණ්ඨපුත්‍ර තෙම එන්නේය . ස්වාමීනි, මෙතෙම වනාහී බුදුන්ගේ අගුණ කියනු කැමැත්තේය . සංඝයාගේ අගුණ කියනු කැමැත්තේය ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ අනුකම්පා උපදවා මොහොතක් වැඩහිඳිනු මැනවැ, යි කීහ . භාග්‍යවතුන් වහන්සේ පණවනලද අස්නෙහි වැඩ හුන්හ .
2 . ඉක්බිති සච්චක නිගණ්ඨපුත්‍ර තෙම භාග්‍යවතුන් වහන්සේ යම්තැනෙක්හිද එතනට පැමිණියේය . පැමිණ භාග්‍යවතුන් වහන්සේ සමග සතුටුවිය . සතුටුවියයුතුවූ, සිහිකටයුතුව, කථාකොට නිමවා එකපැත්තක උන්නේය . එක පැත්තක උන්නාවු සච්චක නිගණ්ඨපුත්‍ර තෙම භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීයේය .
භවත් ගෞතමයනි, කායභාවනාවෙහි යෙදී වාසය කරන්නාවූ, එහෙත් චිත්ත භාවනාවක් නොකරන්නාවු ඇතැම් මහණ බමුණෝ ඇත්තාහ . භවත් ගෞතමයනි ඔවුහු ශරීරයෙහි හටගත් දුක් වේදනාව විඳිත් . භවත් ගෞතමයනි, පෙර වූවක් කියමි . ශරීරයෙහි හටගත් දුක් වේදනා විඳින්නහුට කලවා හිරිවැටීමද, ළයද පැලෙන්නේය . උණුලේ ද වමනය කරන්නේය . උමතු බවටද, හිත අවුල් බවටද පැමිණෙන්නේය ්‍ර භවත් ගෞතමයානෙනි ඔහුගේ සිත කය අනුව ගියේ වෙයි . කයට අනුව පවතියි . ඊට හේතු කවරේද . සිත නොවැඩූ හෙයිනි . භවත් ගෞතමයනි චිත්තභාවනාවෙහි යෙදෙන්නාවු එහෙත් කාය භාවනාවක් නොකරන්නාවූ ඇතැම් මහණ බමුනෝ ඇත්තාහ . භවත් ගෞතමයනි ඔවුහූ චෛතසිකවු දුක් වේදනා විඳිත් . භවත් ගෞතමයනි පෙර වූවක් කියමි . සිතේ දුක්වේදනාවන් පෙළෙන්නාහට කලවා තදවීමක් ද වන්නේය . ළයද පැලෙන්නේය . උණුලේද වමනය කරන්නේය . උමතුබවටද සිත අවුල් බවටද පැමිණෙන්නේය .
,භවත් ගෞතමයනි ඔහුගේ මේ ශරීරය සිත අනුව ගියේ වෙයි . සිතට අනුව පවතියි . ඊට හේතු කවරේ ද ශරීරය නොවැඩූ බැවිනි . භවත් ගෞතමයනි, ඒ මට මෙසේ සිතක් වෙයි . ඒකාන්තයෙන් භවත් ගෞතමයන්ගේ ශ්‍රවකයෝ චිත්ත භාවනානුයෝගයෙහි යෙදුනාහු වාසය කරති . කාය භාවනාවෙහි නොයෙදුනාහුය, යී (කියාය)
,අග්ගිවෙස්සනය, නුඹ විසින් කාය භාවනාව කුමකැයි අසන ලදද?,
3 . ,මෙසේ අසනලදී . එනම් භවත් ගෞතමයනි, නන්දවච්ඡය, කිසසංකිච්චය, මක්ඛලිගෝසාලය යන මොවුහූ වස්ත්‍ර නොහඳින්නෝය, යහපත් පැවතුම් නැත්තෝය . අත ලෙවකන්නෝය නොහොත් අතින් මල පිසදමන්නොය එව, වහන්ස, කියා දුන් දෙය නොපිළිගනිත් . සිටුව, වහන්ස, කියා දුන් දෙය නොපිළිගනිත් ඉදිරියෙන් ගෙනෙනලද දෙය නොපිළිගනිත් ඔවුන් උදෙසා කරනලද දෙය නොපිලිගනිත් . ආරාධනාකොට දුන් දෙය නොපිළිගනිත් කළ කටින් ගෙන දුන් දෙය නොපිළිගනිත් සැලි කටින් ගෙනදුන් දෙය නොපිළිගනිත් එලිපත අතරකොට දුන් දෙය නොපිළිගනිත දන්ඩක් අතරකොට සිට දුන් දෙය නොපිළිගනිත් මෝල්ගසක් අතරකොට දුන් දෙය නොපිළිගනිත් අනුභව කරන්නාවු දෙදෙනෙකුගෙන් එකෙක් දුන් දෙය නොපිළිගනිත් ගැබිණිය විසින් දුන් දෙය නොපිළිගනිත් කිරිපොවන්නිය විසින් දුන් දෙය නොපිළිගනිත පුරුෂයෙකුවෙත ගිය තැනැත්තිය විසින් දුන් දෙය නොපිළිගනිත් සම්මාදම්කල දෙයින් කිසිවක් නොපිලිගනිත් යම් තැනෙක බල්ලෙක් පැමිණ සිටියෙනම් (ඔහුට නොදී ) එහිදී දුන් දෙය නොපිළිගනිත් යම් තැනක මැස්සෝ කැටි කැටිව හැසිරෙද්ද එහිදී දුන් දෙය නොපිළිගනිත් දිය මස් නොකන්නාහ . ගොඩමස් නොකන්නාහ සුරා නොබොන්නාහ (මල් යුසින්) කළ මත්පැන් නොබොන්නාහ . කාඩි දිය නොබොන්නාහ . ඔවුහූ එක ගෙයකින් පමනක් පිඬුසිඟන්නො හෝ වෙක් . එකම බත්පිඩකින් යැපෙන්නෝ හෝ වෙත් . ගෙවල් දෙකක පිඬූ සිඟන්නො හෝ වෙත් . බත්පිඬු දෙකකින් යැපෙන්නෝ හො වෙත් . ගෙවල් සතක පිඬූ සිඟන්නො හෝ වෙත් බත් පිඬු සතකින් යැපෙන්නෝ හෝ වෙත් එක් කුඩා බත් තැටිය කින් යැපෙන්නෝ හෝ වෙත් බත් තැටි දෙකකින් යැපෙන්නෝ හෝ වෙත් බත තැටි සතකින් යැපෙන්නෝ හෝ වෙත් එක දවකට වරක් හො ආහාර ගනිති . සත්දිනකට වරක් හෝ ආහාර ගනිති . මෙසේ අඩ මසකට වරක් ආහාර ගනිමින් ද වාර භෝජනයෙහි යෙදී වාසය කරන්නාහ .,
,අග්ගිවෙස්සනය කිමෙක්ද ඔවුහු එපමණකින්ම යැපෙත්ද?,
,භවත් ගෞතමයාණෙනි, ඒ එසේ නොවේමැයි භවත් ගෞතමයාණෙනි, ඇතැම් දවස්වල එව්හු ඉතා ප්‍රණීත කෑම කන්නෝය, ඉතා ප්‍රණීත භෝජන වළඳන්නෝය, ඉතා ප්‍රණීත දෙය රසවිඳින්නෝය . ඉතා ප්‍රණීත පාන පානය කරන්නාහුය . ඔවුහූ මේ ආහාරයන් කරන කොට ගෙන ශරීරය බලගන්වත්, වඩත්, ඔජා වර්‍ධනය කරත් ,
,අග්ගිවෙස්සනය, යම් හෙයකින් ඔවුහූ පළමු කල දුෂ්කර ක්‍රියා හැර පසුව ප්‍රණීත ආහාරයෙන් ශරීරය වඩත්ද, මෙසේ මේ ශරීරයාගේ වැඩීම හා නොවැඩීම වෙයි .
,අග්ගිවෙස්සනය, නුඹ විසින් චිත්තභාවනාව කුමකැයි කියා අසන ලදද?, භාග්‍යවතුන් වහන්සෙ විසින් චිත්තභාව පිළිබඳව විචාරනුලැබූ සච්චක නිගණ්ඨපුත්‍ර තෙම පිළිතුරක් සොයාකියන්නට අසමර්ථ විය .
4 . ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ සච්චක නිගණ්ඨපුත්‍රයාට මෙය කීහ . අග්ගිවෙස්සනය, නුඹ විසින් පලමුව යම් මේ කායභාවනාවක් කියන ලදද? එය බුද්ධ සාසනයෙහි ධර්‍මයට එකඟවූ කායභාවනාවක් නම් නොවෙයි . අග්ගිවෙස්සනය නුඹ කායභාවනාවවත් නොදන්නෙහිය . චිත්තභාවනාව කොයින් දන්නේද . එහෙත් අග්ගිවෙස්සනය, යම්සේ නොවඩනලද කායභාවනා ඇත්තේවේද?නොවඩනලද චිත්ත භාවනා ඇත්තේවේද ? වඩනලද කායභාවනා ඇත්තේවේද ? වඩනලද චිත්ත භාවන ඇත්තේවේද ? එය අසව මනාකොට සිහියට ගනුව කියන්නෙමි, යි වදාළහ .
,එසේය පින්වතුන් වහන්ස , යි කියා සච්චක නිගණ්ඨපුත්‍ර තෙම භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්නෙය . භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළහ .
5 . ,අග්ගිවෙස්සනය, කෙසේ නම් නොවඩනලද කායභාවනා ඇත්තේවේද නොවඩනලද චිත්ත භාවනා ඇත්තේවේද අග්ගිවෙස්සනය මේ ලෝකයේ නූගත් පෘථග්ජනයාට සැප වේදනාවක් උපදියිද හෙතෙම සැප වේදනාවෙන් ස්පර්‍ශකරන ලද්දේම සැපයෙහි ඇලෙයි . සැපයෙහි ඇලීම් බවට පැමිණෙයි ඔහුගේ ඒ සුඛවේදනා නැතිවෙයිද සැප වේදනා නැතිවීමෙන් දුක්වේදනා උපදියි . හෙතෙම දුක්වේදනාවෙන් ස්පර්‍ශ කරන ලද්දෙම ශෝක කෙරෙයි . ක්ලාන්ත වෙයි . වැළපෙයි පපුවේ අත් ගසමින් හඬයි මුළාවට පැමිනෙයි . අග්ගිවෙස්සනය ඔහුගේ උපන්නාවු සැපවේදනාව කුසල් සිත විනාශ කරයි . (කුමක් හෙයින්ද යත් ) කය නොවැඩූ හෙයිනි . උපන්නාවූ ද දුක්වේදනාව කුසල් සිත විනාශ කරයි සිත නොවැඩූ බැවිනි . අග්ගිවෙස්සනය යමෙකුට මේ දෙයාකාරයෙන් උපන්නාවූ සුඛවේදනාවද කුසල් සිත විනාශ කරයි . කුමක් හෙයින්ද කය නොවැඩූ හෙයිනි . උපන් දුක්වේදනාවද කුසල් සිත් විනාශ කරයි . කුමක් හෙයින්ද ? සිත නොවැඩූ හෙයිනි . අග්ගිවෙස්සනය මෙසේ වනාහී නොවඩනලද කය ඇත්තේවෙයි නොවඩන ලද සිත් ඇත්තේවෙයි .
6 . ,අග්ගිවෙස්සනය, කෙසේනම් වඩන ලද කය ඇත්තේවෙයිද, වඩනාලද සිත්ඇත්තේවෙයිද, අග්ගිවෙස්සනය, මේ ශාසනයෙහි නුවණ ඇති ආය්‍ර්‍ය ශ්‍රවකයාහට සැප වේදනාව උපදීද, හෙතෙම සැප වේදනාවෙන් ස්පර්‍ශ කරන ලද්දේම සැපයෙහි නොඇලෙයි . සැපයෙහි ඇලුම් බවට නොපැමිණෙයි . ඔහුගේ ඒ සැප වේදනාව නැතිවෙයි . සැපවේදනාව නැතිවීමෙන් දුක් වේදනා උපදියි . හෙතෙම දුක්වේදනාවෙන් ස්පර්‍ශ කරන ලද්දෙම, ශෝක නොකෙරෙයි, ක්ලාන්ත නොවෙයි, නොවැළපෙයි, පපුවේ අත්ගසමින් නොහඬයි . මුළාවට නොපැමිණෙයි . අග්ගිවෙස්සනය ඔහුගේ උපන්නාවූද, මේ සැප වේදනාව කුසල් සිත විනාශ නොකරයි . (කුමක් හෙයිද යත් ) කය වැඩූ හෙයිනි . උපන්නාවූද, දුක්වේදනාව කුසල් සිත විනාශ නොකරයි . සිත වැඩූ බැවිනි . අග්ගිවෙස්සනය, යමෙකුට මෙසේ දෙයාකාරයකින් උපන්නාවූද, සැප වේදනාව කුසල් සිත විනාශ නොකරයි . කුමක් හෙයින්ද සිත වැඩූ හෙයිනි . අග්ගිවෙස්සනය මෙසේ වනාහී වඩන ලද කය ඇත්තේ වෙයි, වඩනලද සිත ඇත්තේත් වෙයි .
7 . ,මෙයින් මම භවත් ගෞතමයන් කෙරෙහි පැහැදුනේ වෙමි භවත් ගෞතම තෙම ඒ කාන්තයෙන් වඩන ලද කාය භාවනා ඇත්තේ වෙයි වඩනා ලද චිත්තභාවනා ඇත්තේ වෙයි, අග්ගිවෙස්සනය, නුඹ විසින් ඒකාන්තයෙන්ම ගුණ ගටා, ගුණ පහළකර මේ වචන කියන ලදී . යලිදු මම නුඹට විස්තර කරන්නෙමි . අග්ගිවෙස්සනය, යම් කලක පටන් මම ඉසකේ දැළි රැවුලු බහා, කසාවත් හැඳ, ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදිවූයෙම්ද, ඒකාන්තයෙන් ඒ කාලය මුලුල්ලෙහි මට, .උපන්නාවුද සැප වේදනාව කුසල් සිත් විනාශ කරන්නේය . උපන්නාවූද, දුක්වේදනාව කුසල් සිත් විනාශ කරන්නේය . . යන මේ කාරනය සිදු නොවෙයි . , භවත් ගෞතමයන්ට යම් බඳුවූ සැප වේදනාවක් කුසල් සිත විනාශ කරයිද, එබඳු සැප වේදනාවක් නූපන්නා විය හැකිය . යම් බඳුවූ දුක් වේදනාවක් කුසල් සිත විනාශ කරයිද, එබඳු දුක්වේදනාවක් නූපන්නා විය හැකිය , .
,අග්ගිවෙස්සනය, කෙසෙනම් එසේ නොවන්නේද, අග්ගිවෙස්සනය, බූඬත්‍වයට පළමුවෙන්ම බුදුනොවූ බෝසත් වූම මට මෙබඳු අදහසක් විය . ගිහිගෙයි විසීම අවහිර සහිතය, කෙලෙස් රජස් උපදින මාර්‍ගයයි . මහනකම අවකාශය මෙන් නිදහස්ය . ගිහිගෙයි වසන්නහු විසින් සියලු ආකාරයෙන් පිරිසිදු වූ සියලු ආකාරයෙන් සම්පූර්ණ වූ ලියවනලද සකස් බඳුවූ මේ බ්‍රහ්මචය්‍ර්‍යාවෙහි හැසිරීම පහසු නොවෙයි . මම හිසකේ දැලි රැවුලු කපාහැර කසාවත් හැඳ ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදි වන්නෙම් නම් ඉතා යෙහෙකැයි (කියාය . )අග්ගිවෙස්සනය ඒ මම එයින් ටික කලකට පසු තරුණ වයස් ඇත්තේම කළුවු හිසකෙස් ඇත්තේම පළමුවෙනි වයසෙහි යහපත් තරුණ භාවයෙන් යුක්තවූ යේම නොකැමතිවූ මවුපියන් අඬදුදී හිස කෙස් දැළිරැවුල් කපාහැර කසාවත් හැඳ ගෙන ගිහිගෙන් නික්ම අනගාරිකව පැවිදිවීමි .
8 . ,මෙසේ පැවිදි වූ මම කුසල් කුමක්දැයි සොයන්නේ නිරුත්තර උතුම් නිර්වාණය සොයන්නේ ආළාරකාලාම නම් තවුස් තෙම යම් තැනක්හිද එතැනට ගියෙමි ගොස් ආළාරකාලාම තාපසයාට මෙසේ කීවෙමි .
,ඇවැත්නි, කාලාමයෙනි, තොපගේ මේ ශාසනයෙහි බ්‍රහ්මචරියාවෙහි හැසිරෙන්නට මම කැමකත්තෙමි, යි (කීවෙමි) අග්ගිවෙස්සනය, මම මෙසේ කී නල්හී ආළාරකාලාම තෙම මට මෙය කීවේය . ,යම් තැනක නුවණ ඇත්තාවූ පුරුෂයෙක් නොබෝ කලකින් තමන්ගේ ආචාය්‍ර්‍යයන්ගේ ධර්‍මය තමාම නුවණින් දැන අවබෝධ කොට ඊට පැමින වාසය කරන්නේද මේ ධර්‍මයද එබඳුය, එහෙයින් ආයුෂ්මත් තෙම වාසය කෙරේවා, (කියායි . )
අග්ගිවෙස්සනය, ඒ මම ටිකකලකින් වහාම ඔවුන්ගේ ඒ ධර්‍මය අසාම ඉගෙන ගත්තෙමි . අග්ගිවෙස්සනය, ඒ මම (කියන්ට´ තොල පෙරලු පමනින් (ඔහු ) කියන දේ නැවත කී පමණින් මෙබඳු ස්වල්ප කාලයකින් ඤාණවාදයද (දනිම්යයි කීමද ) කියමි . ථෙර වාදයද (එහි ස්ථිරයි කීමද ) දනිමියිද දකිමියිද පිළිගනිමි . මා පමණක් නොව අන්‍යයෝද (මා ගැන ) එසේ කියති අග්ගිවෙස්සනය ඒ මට මේ සිත විය . ආළාරකාලාම තෙම මේ ධර්‍මය ඇදහීම පමණකින් තමාම උසස් නුවණින් අවබෝධ කොට ඊට පැමිණ වාසය කරමියි නොකියයි . ආළාරකාලාම තෙම මේ ධර්‍මය දැන දැක වාසය කරයි (කියායි ) අග්ගිවෙස්සනය, ඉන්පසු මම ආළාරකාලාම යම් තැනකද එහි ගියෙමි . ගොස්, ආළාරකාලාම හට මෙසේ කීවෙමි ඇවැත්නි, කාලකමයෙනි, කොපමණකින් මේ ධර්‍ඹය තමාමදැන අවබොධ කොට ඊට පැමින ප්‍රකාශ කෙරේදැ.යී (කියායි )
අග්ගිවෙස්සනය, මෙසේ කීකල්හී ආළාරකාලාම තෙම ආකිඤ්ඤඤායතනය කෙළවරකොට ඇති සමාපත්තිය දැක්වූයේය . අග්ගිවෙස්සනය, ඒ මට මේ සිත විය . ආළාරකාලාමට පමණක් ශ්‍රඬාව ඇත්තේ නොවෙයි . මටද ශ්‍රඬාව ඇත . ආළාරකාලාමහට පමණක් වීය්‍ර්‍යය ඇත්තේ නොවෙයි, මටද වීය්‍ර්‍යය ඇත . ආළාරකාලාමහට පමණක් සිහිය ඇත්තේ නොවෙයි මටද සිහිය ඇත, ආළාරකාලාමහට පමණක් සමාධිය ඇත්තේ නොවෙයි මටද සමාධිය ඇත, ආළාරකාලාමහට පමණක් ප්‍රඥාව ඇත්තේ නොවෙයි . මටද ප්‍රඥාව ඇත, යම් හේතුකින් ආළාරකාලාම තෙම යම් ධර්‍ඹයක් තමාම නුවණින් දැන ඊට පැමිණ වාසය කරමියි කියයි නම් ඒ ධර්‍ඹය අත්කර ගැනීම පිණිස මම උත්සාහකරන්නෙම් නම් හොඳය (කියායි )
9 . ,අග්ගිවෙස්සනය, ඒ මම ටික කලෙකින් වහාම ඒ ධර්‍ඹය තමාම නුවණින් දැන අවබෝධ කොට ඊට පැමිණ වාසය කළෙමි . අග්ගිවෙස්සනය ඉන්පසු මම ආළාරකාලාම තෙම යම් තැනෙකද එතැනට ගියෙමි ගොස්, ඇවැත්නි කාලාමයෙනි, මේ ධර්‍මය දැන අවබෝධ කොට ඊට පැමින ප්‍රකාශ කරන්නේ මෙපමණකින්දැ.යි (ඇසීමි ) .ඇවැත්න,ි මේ ධර්‍ඹය දැන අවබෝධ කොට ඊට පැම්ණ ප්‍රකාශ කරන්නෙම් මෙපමණකින්ය.යි (ආළාරකාලාම තෙම ) කීය . .ඇවැත්නි, මමද මෙපමණකින් මේ ධර්‍මය දැන අවබේධ කොට ඊට පැමින වාසය කරමි.යි (කීවෙමි ) .ඇවැත්නි, යම් බඳුවූ අපි ආයුෂ්මත්වූ ඔබ වැනි වූ සමාන බ්‍රහ්මචය්‍ර්‍ය ඇත්තෙකු දකින්නෙමුද, ඒ අපට ලාභයකි. උතුම් ලාභයකි. මෙසේ මම යම් ධර්‍මයක් දැන අවබෝධ කොට ඊට පැමිණ ප්‍රකාශ කරම්ද, ඔබ ඒ ධර්‍මය දැන අවබෝධ කොට ඊට පැමිණ වාසය කරන්නෙහිය . ඔබ යම් ධර්‍මයක් දැන අවබෝධ කොට ඊට පැමිණ වාසය කරන්නෙහිද, මමද ඒ ධර්‍මය දැන අවබෝධ කොට ඊට පැමිණ ප්‍රකාශ කරන්නෙමි . මෙසේ යම් ධර්‍මයක් දන්නෙම්ද ඔබද ඒ ධර්‍මය දන්නෙහිය . මෙසේ මම යම් බඳුද ඔබත් එබඳුය . ඔබ යම් බඳුද මාත් එබඳුය . ඇවැත්නි එනු මැනව දෙදෙනම එක්ව මේ පිරිස පාලනය කරමු.යි (කීවේය ) අග්ගිවෙස්සනය මෙසේ මාගේ ආචාය්‍ර්‍යවූම ආළාරකාලාම තෙම අතවැසි (ශිෂ්‍ය) වූ ඔහු හි සම සම ස්ථානයෙහි තැබීය . උත්තමවූ පූජාවෙන් මා පිදුවේය .
,අග්ගිවෙස්සනය, ඒ මට මෙසේ සිතුනේය මේ (තාපස) ධර්‍ඹය සසර කලකිරීම පිණිස නොපවතියි . සසර නොඇල්ම පිණිස නොපවතියි . කෙලෙස් නැතිකිරීම පිණිස නොපවතියි . (දතයුතු ධර්‍මයන් ) දැනීම පිනිස නොපවතියි . (චතුරාය්‍ර්‍ය සත්‍යය ) අවබෝධය පිණිස නොපවතියි . නිර්‍වාණය පිණිස නොපවතියි . ආකිඤ්චඤඤයතන බ්‍රහ්ම ලෝකයෙහි ඉපදීම පිණිස පමනක් පවතියි . අග්ගිවෙස්සනය, ඒ මම ඒ ධර්‍මය ප්‍රමාණ නොවේයයි සිතා, ඒ ධර්‍මයෙහි කලකිරී ඉවත්ව ගියෙමි .
10 . ,අග්ගිවෙස්සනය, ඒ මම කුසල් කුමක්දැයි සොයන්නේ, නිරුත්තරවු උතුම් නිර්වාණය සොයන්නේ, උද්දකරාම පුත්තතෙම යම් තැනකද එතැනට පැමිනියෙමි . පැමිණ, උද්දකරාම පුත්තහට මෙසේ කීවෙමි . ඇවැත්නි, රාමයෙනි, මේ ධර්‍මවිනයෙහි බ්‍රහ්මචය්‍ර්‍යාව රකින්නට මම කැමැත්තෙමි (කීවෙමි) ,අග්ගිවෙස්සනය, මෙසේ කී කල්හී උද්දකරාම පුත්ත තෙම මට මෙසේ කීවේය. ,යම් තැනක නුවණ ඇත්තාවූ පුරුෂයෙක් නොබෝ කලකින් තමන්ගේ ආචාය්‍ර්‍යයන්ගේ ධර්‍මය තමාම නුවණින් දැන අවබෝධ කොට ඉට පැමිණ වාසය කරන්නේද මේ ධර්‍මයද එබඳුය . එහෙයින් ආයුෂ්මත්තෙම වාසය කෙරේවා, (කියායි)
11 . ,අග්ගිවෙස්සනය, ඒ මම ටික කලෙකින් වහාම ඔවුන්ගේ ඒ ධර්‍මය ඉගෙනගත්තෙමි අග්ගිවෙස්සනය, ඒ මම කීමට තොල සෙලවූ පමනින්, වචනයක් කී පමණින් දනිමි යන වචනයද, දැනීම ස්තීරය යන වචනයද ප්‍රකාශ කරමි. මම දනිමි, දකිමි යයි කියමි . මා පමණක් නොව අන්‍යයෝද (මා ගැන ) එසේ කියති . අග්ගිවෙස්සනය, ඒ මට මේ සිත විය . උද්දකරාමපුත්ත තෙම මේ ධර්‍මය ඇදහීම පමණකින් තමාම උසස් නුවණින් දැන අවබෝධ කොට ඊට පැමින වාසය කරමියි නොකියයි . උද්දකරාම පුත්ත තෙම මේ ධර්‍මය දැන, දැක වාසය කලේයයි (මට කල්පනාවිය) අග්ගිවෙස්සනය, ඉන්පසු මම උද්දකරාම පුත්ත යම්තැනකද එතැනට ගියෙමි ගොස් උද්දකරාම පුත්තහට මෙසේ කීවෙමි . ඇවත්නි, රාමයෙනි, කොපමණකින් මේ ධර්‍මය තමාම දැන අවබෝධ කොට ඊට පැමිණ ප්‍රකාශ කරේදෑයි (කියායි)
,අග්ගිවෙස්සනය, මෙසේ කී කල්හී උද්දකරාමපුත්ත නෙවසඤඤානාසඤඤායතනය, කෙළවර කොට ඇති සමාපත්තිය දැන්වූය්ය . අග්ගිවෙස්සනය, ඒ මට මේ සිත විය . රාමහට පමනක් ශ්‍රඪාව ඇත්තේ නොවෙයි . මටද ශ්‍රඬාව ඇත . රාමහට පමණක් වීය්‍ර්‍යය ඇත්තේ නොවෙයි මටද වීය්‍යය ඇත . රාමහට පමණක් සිහිය ඇත්තේ නොවෙයි මටද සිහිය ඇත . රාමහට පමණක් සමාධිය ඇත්තේ නොවෙයි . මටද සමාධිය ඇත . රාමහට පමණක් ප්‍රඥාව ඇත්තේ නොවෙයි . මටද ප්‍රඥාව ඇත . යම් හේතුවකින් රාම පුත්තතෙම යම් ධර්‍මයක් තමාම නුවණින් දැන ඊට පැමිණ වාසය කරමියි කියයි නම් ඒ ධර්‍මය තමන්ම ප්‍රත්‍යක්‍ෂ කර ගැණිම පිණිස වීය්‍ර්‍යය කරන්නෙම් නම් යහපත්ය (කියායි . )
,අග්ගිවෙස්සනය, ඒ මම ටිකකලකින් වහාම ඒ ධර්මය තමාම නුවනින් දැන අවබෝධ කොට ඊට පැමිණ වාසය කෙළෙමි . අග්ගිවෙස්සනය, ඉන් පසු මම උද්දකරාම පුත්ත යම් තැනකද එතැනට එතැනට ගියෙමි . ගොස්, උද්දකරාම පුත්ත හට මෙසේ කීවෙමි.
,ඇවැත්නි, රාමයනි, මේ ධර්‍මය දැන අවබෝධකොට ඊට පැමිණ ප්‍රකාශ කරන්නේ මෙපමණකින්දැ,යි ඇසීමි . .ඇවැත්නි, මේ ධර්‍මය දැන අවබෝධකොට ඊට පැමිණ ප්‍රකාශ කරන්නෙම් මෙපමණකින්ය.යි (උද්දකරාමතෙම ) කීය . .ඇවැත්නි මමද මෙපමණකින් මේ ධර්‍මය දැන අවබෝධ කොට ඊට පැමිණ වාසය කරමි,යි (කීවෙමි)
,ඇවැත්නි, යම්බඳුූ අපි ආයුෂ්මත් වූ එබ වැනිවූ සමාන බ්‍රහ්මචරියා ඇත්තෙකු දකින්නෙකුද ඒ අපට ලාභයකි . මහත් ලාභයකි . මෙසේ මම යම් ධර්‍මයක් දැන අවබෝධ ාට ඊට පැමිණ ප්‍රකාශ කරම්ද, ඔබ ඒ ධර්‍මය නුවණින් දැන අවබෝධ කොට ඊට පැමින වාසය කරන්නෙහිය . ඔබ යම් ධර්‍මයක් දැන අවබෝධකොට ඊට පැමිණ වාසය කරන්නෙහිද, මමද ඒ ධර්‍මය දැන අවබෝධකොට ඉට පැමිණ ප්‍රකාහ කරන්නෙමි . මෙසේ මම යම් ධර්‍මයක් දන්නේද, ඔබද ඒ ධර්‍මය දන්නෙහිය . ඔබ යම් ධර්‍මයක් දන්නේද මමද ඒ ධර්‍මය දන්නෙමි . මෙසේ මම යම් බඳුද ඔබත් එබඳුය . ඔබ යම් බඳුද මමත් එබඳුය . ඇවැත්නි එව දෙදෙනම එක්ව මෙ පිරිස පාලනය කරමුයි (කීවේය ) අග්ගිවෙස්සනය, මෙසේ මාගේ ආචාය්‍ර්‍යවූම උද්දකරාමපුත්ත තෙම අතවැසි (ශිෂ්‍ය) වූ මා එහු හා සම සම ස්ථානයෙහි තැබීය උතුම් වූ පූජාවෙන් මට පිදුවේය .
12 . ,අග්ගිවෙස්සනය, ඒ මට මෙසේ සිතුනේය මේ (තාපස) ධර්‍මය සසර කලකිරීම පිණිස නොපවති . සසර නොඇල්ම පිණිස නොපවති කෙලෙස් නැතිකිරීම පිණිස නොපවති . (දතයුතු ධර්‍මයන්) දැනීම පිණිස නොපවතී . (චතුරාය්‍ර්‍ය සත්‍යය) අවබෝධය පිණිස නොපවතී . නිර්‍වාණය පිණිස නොපවතී . යම්තාක් නෙවසඤ්ඤානාසඤඤායතන බ්‍රහ්ම ලෝකයෙහි ඉපදීම පිණිස පමණක් පවතියි . අග්ගිවෙස්සනය, ඒ මම ඒ ධර්‍මය ප්‍රමාණ නොකොට කලකිරී ඒ ධර්‍මයෙන් ඉවත්ව ගියෙමි .
13. , අග්ගිවෙසසනය‚ ඒ මම කුසල් කුමක්දැයි සොයමින්‚ නිරුත්තරවු නිර්‍වාණය සොයමින් මගධ ජනපදයෙහි පිළිවෙලින් ගමන්කරන්නේ උරුවෙල් දනවිවෙහි සේනානී නමි නියමිගම යමි තැනකද එහි පැමිණියෙමි. එහි සුදුවැලි තලා ඇත්තාවුද‚ ගලායන ගහ ඇත්තාවුද‚ අවට ගොදුරු ගමි ඇත්තාවුද‚ ප්‍රසාදය ඇති කරන්නාවුද‚ සිත් සතුටු කරන්නාවුද වනලැහැබක් ඇති බිමි පෙදෙසක් දුටිමි. අග්ගිවෙසසනය‚ ඒ මට මෙි සිත පහළ විය. ඒකානතයෙන් භුමි ප්‍රදෙශය සිත් අලවන්නේය. වන ලැහැබ සතුට උපදවන්නේය‚ සුදු වැලිතලා ඇති හොඳ තොටුපලවල් ඇති ගංගාවද සිත් අලවන්නීය. හාත්පස ගොදුරු ගමද වෙයි. වීය්‍ර්‍යර්‍ය කරන කුලපුත්‍රයෙකුට වීය්‍ර්‍යය කිරීමට මෙය ඒකානතයෙන් සුදුසුයි. අග්ගිවෙසසනය‚ ඒ මම මෙි සථානය වීය්‍ර්‍යය කිරීමට සුදුසුයයි සිතා වීය්‍ර්‍ය වැඩිම පිණිස එහිම උන්නෙමි
, අග්ගිවෙසසනය‚ මට ආශචය්‍ර්‍යවු‚ පෙර නොඇසු විරූ උපමා තුනක් වැටහුනාහුය‚ අග්ගිවෙසසනය‚ යමිසේ කිරි සහිතවු අමු දියේ දමනලද තෙත්වු (දිඹුල් )ලීකැබැල්ලක් වෙිද‚ ඉක්බිති පුරුෂයෙක් තෙම ගිනිගානා දණඩක් ගෙන ගිනි නිපද වන්නෙමියි ගින්දර ඇතිකරන්නෙමියි‚ කියා එන්නේය. අග්ගිවෙසසනය‚ ඒ පුරුෂතෙම ජලයෙහි බහාලනලද ඒ කිරිසහිත අමු ( දිඹුල් ) ලී කැබෙල්ල ගිනි ගානා දණෙඩන් මැදීමෙන් ගිනි නිපදවන්නේද?. ගිනි පහළ කරන්නේද?, ,භවත් ගෞතමයෙනි‚ එය සිදු නොවන්නේය. ඊට හේතු කවරේදයත් :- භවත් ගෞතමයෙනි‚ ( දිඹුල් ) ලී කඩ වනාහි අමුය‚ කිරි සහිතය‚ එපමණක් නොව ජලයෙහිද බහා ලන ලද්දේය. (එහෙයිනි ) ( ඒ ලීයෙන් ගිනි උපදවනු කැමැති ) ඒ පුරුෂතෙම ක්ලානතයටද‚ වෙහෙසටද පැමිණිම පමණක් සිදුවන්නේය,. අග්ගිවෙසසනය‚ එපරිද්දෙන්ම යමිකිසි ශ්‍රමණයෝ හෝ බ්‍රාහමණයෝ හෝ කයින් වසතු කාමයන්ගෙන් වෙන්ව වාසය නොකරත්ද‚ කාම වසතු කෙරෙහි ඹවුන්ගේ යමිකිසි ඇල්මක් වෙිද‚ කාම ආසාවක් වෙිද‚ කාම මුර්ජාවක් වෙිද‚ කාම පිපාසයක් වෙිද‚ කාම දැවිල්ලක් වෙිද‚ ඒ ක්ලේශ කාමය තමා තුල මනාව නැති නොවුයේ වෙිද‚ මනාව මැඩපවත්වන ලද්දේ නොවෙිද‚ ඒ පින්වත් මහණ බමුණෝ උපක්‍රමයෙන් හටගත්තාවු‚
දුක්වු‚ තියුණුවු‚ කටුකවු වෙිදනාවන් විදිත්. ඹවුහු ආය්‍ර්‍ය මාර්‍ගඥන දර්‍ශනයටද‚ නිරුත්තරවු අවබොධයටද නුසුදුස්සෝමය. අග්ගිවෙසසනය‚ ආශචය්‍ර්‍යවු පෙර නොඇසුවිරූ මෙි පළමුවන උපමාව මට වැටහුණි.
14. , අග්ගිවෙසසනය‚ ආශචය්‍ර්‍යවු පෙර නොඇසුවිරූ අන්‍යවු දෙවෙනි උපමාවක්ද මට වැටහිණි. අග්ගිවෙසසනය යමිසේ කිරි සහිතවු අමු ( දිඹුල් ) ලීයක් දියෙන් ඈත්කොට ගොඩබිමෙහි බහා තබන ලද්දේ වෙිද‚ ඉක්බිති පුරුෂයෙක් තෙම ගිනිගානා දණඩ ගෙන ගිනි කිපද වන්නෙමි. ගින්න පහළ කරන්නෙමියි‚ කියා එන්නේය. අග්ගිවෙසසනය‚ ඒ පුරුෂතෙම කිරි සහිතවු ‚ දියෙන් ගෙන ගොඩ තබන ලද්ද්‍රවු‚ ඒ අමු ලීය ගිනි ගානා දණෙඩන් මැදීමෙන් ගිනි උපදවන්නේද? ගින්දර පහළ කරන්නේද?, ,භවත් ගෞතමයෙනි‚ එය සිදු නොවන්නේය. ඊට හේතු කවරේද යත් :- භවත් ගෞතමයෙනි‚ ඒ ලී කඩ ජලයෙන් බැහැර කර ගොඩබිමෙහි දමා තිබුණත් කිරි සහිතය ( අමුය ) එහෙයිනි. ඒ පුරුෂයා ක්ලානතයටද‚ වෙහෙසටද පත්වීම පමණක් නමි සිදුවන්නේය., , අග්ගිවෙසසනය‚ එපරිද්දෙන්ම යමි ශ්‍රමණයෝ හෝ
බ්‍රාහමණයෝ කයින් කාමයන් ගෙන් වෙන්ව වාසය කරත්ද‚ ( එහෙත් ) කාම වසතු කෙරෙහි ඹවුන්ගේ ඇල්මක් වෙිද‚ කාම ආශාවක් වෙිද‚ කාම මුර්ජාවක් වෙිද‚ කාම පිපාසයක් වෙිද‚ කාම දැවිල්ලක් වෙිද‚ එය අභ්‍යනතරයෙහි මනාව නැති නොවුයේ වෙිද‚ මනාව මැඩ නොපවත්වන ලද්දේ වෙිද‚ ඒ පින්වත් මහණ බමුණෝ උපක්‍රමයෙන් හටගත්තාවු‚ දුක්වු තියුණුවු‚ කටුකවු වෙිදනාවන් විඳිත්. ඹවුහු ආය්‍ර්‍යඥන දර්‍ශනයටද‚ නිරුත්තර අවබොධයටද නුසුදුස්සෝමය. ඒ පින්වත් බමුණෝ උපක්‍රමයෙන් හටගත්තාවු‚ දුක්වු‚ තියුණුවු‚ කටුකවු වෙිදනාවන් ඉඳින් නොවිඳින්නා හුද‚ ඥනදර්‍ශනය ලැබීමටද‚ නිරුත්තරවු අවබොධයටද නුසුදුස්සෝමය. අග්ගිවෙසසනය‚ මෙි වනාහි මට වැටහුනු පුදුමවු‚ පෙර නොඇසුවාවු දෙවෙනි උපමාවයි.
15. , අග්ගිවෙසසනය‚ පුදුමවු පෙර නොඇසුවාවු තුන් වෙනිවු අන්‍ය උපමාවක්ද මට වැටහුනේය. අග්ගිවෙසසනය‚ වියලුනාවු‚ කිරි සිඳුනාාවු‚ දියෙන් ඈත්කොට ගොඩබිමෙහි තබනලද වියලි දරලීයක් වෙිද‚ එකල්හි පුරුෂයෙක් ගිනිගානා දණඩ ගෙන ගිනි උපදවන්නෙමි. ගින්න ඇති කරන්නෙමියි එන්නේය. අග්ගිවෙසසනය‚ ඒ පුරුෂතෙම වියලුනාවු කිරි සිඳුනාවු දියෙන් ඈත්කොට ගොඩ තබනලද ඒ ලීය ඒ ගිනි ගානා දණඩ ගෙන මැදීමෙන් ගිනි උපදවන්නේද? ගින්න ඇති කරන්නේද?, ,භවත් ගෞතමයෙනි‚ එසේය. ඊට හේතු කවරේද? භවත් ගෞතමයෙනි‚ ඒ ලීය වියලුනේ වෙයි‚ කිරි සිඳුනේවෙයි‚ දියෙන් ගෙන ගොඩ තබන ලද්දේත් වෙයි,. , අග්ගිවෙසසනය‚ එපරිද්දෙන්ම යමි ඒ ශ්‍රමණයෝ හෝ බ්‍රාහමණයෝ හෝ කයින් කාමයන්ගෙන් වෙන්ව වාසය කරත්ද‚ ඹවුන්ගේ කාමවස්තුන් කෙරෙහි යමි ඇල්මක් වෙිද‚ කාමආසාවක් වෙිද‚ කාමමුර්ජාවක් වෙිද‚ කාම දැවිල්ලක් වෙිද ඒ කාමආශාව අඬ්‍යාත්මයෙහි
( ඇතුලත ) හොඳින් ප්‍රහීනවුයේ වෙිද‚ හොඳින් මැඩ පැවතියේද‚ ඒ පින්වත් මහණ බමුණෝ උපක්‍රමයෙන් හටගත්තාවු‚ තියුණුවු‚ කටුකවු‚ වෙදනාවන් නොවිඳිත්‚ ඹවුහු මාර්‍ගඥනදර්‍ශනය පිණිස‚ නිරුතතරවු අවබොධය පිණිස සුදුස්සෝමයි.
, අග්ගිවෙසසනය‚ ආශ්චය්‍ර්‍යවු පෙර නොඇසු විරූ මෙි උපමාතුන මට වැටහුනාහුය.
16. , අග්ගිවෙසසනය‚ ඒ මට මෙි සිත පහළ විය. යමි හෙයකින් මම යටි දත් පෙළෙහි උඩු දත් පෙළ තදකරගෙන ( දත් මිටි කාගෙන‚) දිව උඩුතල්ලෙහි තද කරගෙන‚ කුසල් සිතින් අකුසල් සිත යටපත් කරන්නෙමි නමි‚ පෙළන්නෙමි නමි යෙහෙක. ( කියායි.) අග්ගිවෙසසනය‚ ඒ මම දත්මිටිකාගෙන දිවඋඩුතල්ලෙහි තදකරගෙන‚ කුසල් සිතින් අකුසල් සිත යටපත් කරමි‚ පෙළමි‚ තවමි. අග්ගිවෙසසනය‚ දත්මිටි කාගෙන‚ දිව උඩුතල්ලෙහි තද කරගෙන කුසල් සිතින් අකුසල් සිත යටපත් කරන්නාවු‚ පෙළන්නාවු‚ තවන්නාවු ඒ මාගේ කිහිලිවලින් ඩාදිය වැගිරෙන්නේය.
,අග්ගිවෙසසනය‚ යමිසේ බලවත් පුරුෂයෙක්තෙම වඩා දුර්‍වර්ර්‍ල පුරුෂයෙකු හිසින් හෝ අල්වාගෙන‚ බෙල්ලෙන් හෝ අල්වාගෙන තදකරන්නේද‚පෙළන්නේද‚තවන්නේද‚
අග්ගිවෙසසනය‚ එපරිද්දෙන්ම දත්මිටිකාගෙන‚ දිව උඩු තල්ලෙහි තදකරගෙන කුසල් සිතින් අකුසල් සිත යටපත් කරන්නාවු‚ පෙළන්නාවු‚ තවන්නාවු ඒ මාගේ කිහිලිවලින් ඩාදිය වැගිරෙය.ි
, අග්ගිවෙසසනය‚ මා විසින් නොහැකුළුණු වීය්‍ර්‍යය පටන්ගන්නා ලද්දේය. සිහිය එළඹ සිටියාය. එහෙයින්ම නුමුළාවිය. ප්‍රධාන වීය්‍ර්‍යයෙන් මඩන ලද්ද්‍රවුම මාගේ ශරීරය ද්‍රහ සහිත විය. අග්ගිවෙසසනය‚ මට උපන්නාවු මෙබඳුවුද‚ දුක්වෙිදනාව කුසල් සිත විනාශ නොකරයි.
17. , අග්ගිවෙසසනය‚ ඒ මට මෙි සිත පහළ විය. යමි හෙයකින් මම ආශ්වාසකිරීමි රහිත ධයානය වඩන්නෙමි නමි යෙහෙක ( කියාය.) අග්ගිවෙසසනය‚ ඒ මම කටින්ද‚ නාසයෙන්ද ආශ්වාස ප්‍රශවාස වැළැක්වුයෙමි. අග්ගිවෙසසනය‚ කටින්ද‚ නාසයෙන්ද ආශ්වාස ප්‍රශ්වාස වැළැක්වු කල්හි කන් සිදුරුවලින් පිටවන වාතයෙහි අධික ශබිදය ඇතිවෙයි. මයින හමක් පිඹින කල්හි යමිසේ අධික ශබිදයක් ඇතිවෙිද‚ එපරිද්දෙන්ම අග්ගිවෙසසනය‚ මාගේ මුඛයෙන්ද නාසයෙන්ද ආශවාස ප්‍රශවාස වැළැක්වු කල්හි කන් සිදුරුවලින් පිටවන වාතයෙහි අධික ශබිදය ඇතිවෙයි.
, අග්ගිවෙසසනය‚ මා විසින් නොහැකුළුණු වීය්‍ර්‍යය පටන්ගන්නා ලදී. සිහිය එළඹ සිටියාය. ( එහෙයින්ම) මුළා නොවීය. ප්‍රධාන වීය්‍ර්‍යයෙන් වීය්‍ර්‍යර්‍ය වඩන්නාවු මාගේ ශරීරය ද්‍රහ සහිත වෙයි. අග්ගිවෙසසනය‚ මට උපන්නාවු මෙබඳුවුද‚ දුක් වෙදනාව කුසල් සිත විනාශ නොකරයි.
18. , අග්ගිවෙසසනය‚ ඒ මට මෙසේ කල්පනා විය. .යමි හෙයකින් මම ආශවාස රහිත ධයානයම වඩන්නෙමි නමි යෙහෙක.( කියාය.) අග්ගිවෙසසනය‚ ඒ මම මුඛයෙන්ද‚ නාසයෙන්ද‚ කණින්ද ආශවාස ප්‍රශවාස වැළැක්වුයෙමි. අග්ගිවෙසසනය‚ මුඛයෙන්ද‚ නාසයෙන්ද‚ කණින්ද ආශවාස ප්‍රශවාස වැළැක්වු කල්හි අධික වාතය හිස්මුදුන පලන්නාක් මෙන් වෙයි. අග්ගිවෙසසනය‚ යමිසේ බලවත් පුරුෂයෙක් තියුණු කටුවකින් හිස්මුදුන විදින්නේද එපරිද්දෙන්ම අග්ගිවෙසසනය‚ මගේ මුඛයෙන්ද‚ නාසයෙන්ද‚ කණින්ද ආශවාස ප්‍රශවාස වැළැක්වු‚ කල්හි අධික වාතය හිස්මුදුන පලන්නා සේ වෙයි.
, අග්ගිවෙස්සනය‚ මා විසින් නොහැකුළුණු වීය්‍ර්‍යය පටන්ගන්නා ලද්දේමය‚ සිහිය එළඹ සිටියාය. ( එහෙයින්ම) මුළාව නොවීය. ප්‍රධාන වීය්‍ර්‍යයෙන් වීය්‍ර්‍යය වඩන්නාවු මාගේ ශරීරය ද්‍රහ සහිත විය. නොසංසිඳුනේ වෙයි. අග්ගිවෙසසනය‚ මට උපන්නාවු මෙබඳුවුද‚ දුක් වෙදනාව කුසල් සිත විනාශ නොකරයි.
19. , අග්ගිවෙසසනය‚ ඒ මට මෙසේ කලපනා විය. . යමි හෙයකින් මම ආශවාස රහිත ධයානයම වඩන්නෙමි නමි යෙහෙක. ( කියායි.) අග්ගිවෙසසනය‚ ඒ මම මුඛයෙන්ද‚ නාසයෙන්ද‚ කණින්ද ආශවාස ප්‍රශවාස වැළැක්වුයෙමි. අග්ගිවෙසසනය‚ මුඛයෙන්ද නාසයෙන්ද කණින්ද ආශවාස ප්‍රශවාස වැළැක්වු කල්හි හිසෙහි අධික වෙිදනාව ඇති වෙයි අග්ගිවෙසසනය‚ යමි සේ බලවත් පුරුෂයෙක් දැඩි වරපට බැමමකින් හිස වෙළයිද‚ එපරිද්දෙන්ම අග්ගිවෙසසනය‚ මුඛයෙන්ද‚ නාසයෙන්ද‚ කණින්ද ආශවාස ප්‍රශවාස වැළැක්වු කල්හි මගේ හිසෙහි වෙිදනාව ඇති වෙයි.
, අග්ගිවෙසසනය‚ මා විසින් නොහැකුළුණු වීය්‍ර්‍යය පටන්ගන්නා ලද්දේමය‚ සිහිය එළඹ සිටියාය. ( එහෙයින්ම) මුළාව නොවීය ප්‍රධාන වීය්‍ර්‍යයෙන් වීය්‍ර්‍ය වඩන්නාවු මාගේ ශරීරය ද්‍රහ සහිත විය. නොසංසිඳුනේ වෙයි. අග්ගිවෙසසනය‚ මට උපන්නාවු මෙබඳුවුද දුක් වෙිදනාව කුසල් සිත විනාශ නොකරයි.
20. , අග්ගිවෙසසනය‚ ඒ මට මෙසේ කල්පනා විය. .යමි හෙයකින් මම ආශවාස රහිත ධ්‍යානය වඩන්නෙමි නමි යෙහෙක.( කියායි.) අග්ගිවෙසසනය‚ ඒ මම මුඛයෙන්ද‚ නාසයෙන්ද‚ කණින්ද ආශවාස ප්‍රශවාස වැළැක්වුවෙමි. අග්ගිවෙසසනය‚ මුඛයෙන්ද‚ නාසයෙන්ද‚ කණින්ද ආශවාස ප්‍රශවාස වැළැක්වු කල්හි අධිකවු වාතයෝ කුස සිදිත්.
, අග්ගිවෙසසනය‚ දක්‍ෂවු ගවයන් මරන්නෙක් හෝ ගවයන් මරන්නෙකුගේ අතවැසියෙක් හෝ ගෙරින් කපන තියුණු ආයුධයකින් බඩ කපන්නේ යමිසේද‚ එපරිද්දෙන්ම මුඛයෙන්ද‚ නාසයෙන්ද‚ කණින්ද ආශවාස ප්‍රශවාස වැළැක්වු කල්හි අධික වාතය උදරය කපන්නාසේ වෙයි.
අග්ගිවෙස්සනය‚ මා විසින් නොහැකුළුණු වීය්‍ර්‍යය පටන් ගන්නා ලද්දේමය‚ සිහිය එළඹ සිටියාය. ( එහෙයින්ම) මුළාව නොවීය. ප්‍රධාන වීය්‍ර්‍යයෙන් වීය්‍ර්‍ය කරන්නාවු මාගේ ශරීරය ද්‍රහ සහිත වෙයි. නොසංසිඳුනේ වෙයි. අග්ගිවෙස්සනය‚ මට උපන්නාවු මෙබඳුවුද දුක් වෙදනාව කුසල් සිත විනාශ නොකරයි.
21. ,අග්ගිවෙස්සනය‚ ඒ මට මෙසේ කලපනා විය. ආශ්වාස රහිතවු ධ්‍යානය වඩන්නෙමි නමි යෙහෙක.( කියායි.) අග්ගිවෙස්සනය‚ ඒ මම මුඛයෙන්ද‚ නාසයෙන්ද‚ කණින්ද‚ ආශවාස ප්‍රශවාස වැළැක්වුයෙමි. අග්ගිවෙස්සනය‚ මුඛයෙන්ද‚ නාසයෙන්ද‚ කණින්ද ආශ්වාස ප්‍රශවාස වැළක්වු කල්හි ශරීරයෙහි අධික දැවිල්ලක් වෙයි. අග්ගිවෙස්සනය‚ යමිසේ බලවත් පුරුෂයෝ දෙදෙනෙක් දුර්‍වල පුරුෂයෙකු අත් දෙකෙන් අල්ලා ගෙන අඟුරු වළකට අල්ලා තවන්නාහුද‚ අතිශයින් තවන්නාහුද‚ අග්ගිවෙස්සනය‚ එපරිද්දෙන්ම මුඛයෙන්ද‚ නාසයෙන්ද‚ කණින්ද ආශවාස ප්‍රශවාස වැළැක්වු කල්හි මගේ ශරීරයේ අධික දැවිල්ලක් වෙයි.
,අග්ගිවෙස්සනය‚ මා විසින් වීය්‍ර්‍යය පටන්ගන්නා ලද්දේමය. සිහිය එළඹ සිටියාය. (එහෙයින්ම) මුළාව නොවීය. ප්‍රධාන වීය්‍ර්‍යයෙන් වීය්‍ර්‍යකරන්නාවු මාගේ ශරීරය ද්‍රහ සහිත වීය්‍ර්‍යයෙන්ම විඩා සහිත වෙයි. නොසංසිඳුනේ වෙයි. අග්ගිවෙස්සනය‚ මට උපන්නාවු මෙබදුවුද දුක් වෙදනාව කුසල් සිත විනාශ නොකරයි.
,එකල්හි දේවතාවෝ මා දැක මෙසේ කීහ. .ශ්‍රමණ ගෞතම තෙම කළුරිය කළේය.(කියායි.) ඇතැමි දේවතා කෙනෙක් මෙසේ කීහ. .ශ්‍රමණ ගෞතමතෙම කළුරිය නොකෙළේය. එහෙත් කළුරිය කරන්නේය.( කියායි.) ඇතැමි දෙවතා කෙනෙක් .ශ්‍රමණ ගෞතම තෙම කලුරිය කළේත් නොවෙි. කලුරිය කරන්නේත් නොවෙයි. ශ්‍රමණ ගෞතම තෙම රහත්ය. රහතුන්ගේ වාසය කිරීමකැ.යි( කීහ.)
22. ,අග්ගිවෙස්සනය‚ ඒ මට මෙසේ කල්පනා විය. යමි හෙයකින් මම මුළුමනින් ආහාර නොවැළඳිම පිණිස පිළිපදින්නෙමි නමි ඉතා යෙහෙක.( කියායි.) අග්ගිවෙස්සනය‚ එවිට දේවතාවෝ මා වෙත පැමිණ මෙසේ කීහ. .නිදුකාණෙනි‚ ඹබ මුළුමනින් ආහාර නොගෙන සිටින්නට නොසිතුව මැනවි. යමි හෙයකින් ඹබ මුළුමනින් ආහාර නොගෙන සිටිය හොත් අපි ඹබගේ ලෝම සිදුරුවලින් දිව්‍ය ඹිජස් ශරීරගත කරන්නෙමු. ඹබ එයින් යැපෙන්නෙහිය.. අග්ගිවෙස්සනය‚ ඒ මට මෙසේ කල්පනා විය. මම වනාහි මුළුමනින් නිරාහාරව සිටීමට සිතින් එකහ වුනෙමි. එහෙත් මෙි දේවතාවෝ මාගේ ලොමි සිදුරුවලින් දිව්‍ය ඹිජස ගිල්වන්නාහු නමි එයින් මම යැපෙන්නෙමි. එය මාගේ මුසාවක් වන්නේය( කියායි.) අග්ගිවෙස්සනය‚ ඒ මම ඒ දෙවියන් වැළැක්වුයෙමි. වුවමනා නැතැයි කීයෙමි.
,අග්ගිවෙස්සනය‚ ඒ මට මෙි සිත පහළ විය. යමි හෙයකින් මම පතක් පතක් පමණවු මුංතැමිබු දිය හෝ කොල්ලු තැමිබු දිය හෝ කඩල තැමිබු දිය හෝ කලතණ තැමිබු දිය හෝ ඉතා සවල්පවු ආහාරයක් වළඳන්නෙමි නමි යෙහෙකි( කියායි.)
,අග්ගිවෙසසනය‚ ඒ මම පතක් පතක් පමණවු‚ මුංතැමිබු දිය හෝ කොල්ලු තැමිබු දිය හෝ කඩල තැමිබු දිය හෝ කලතණ තැමිබු දිය හෝ ඉතා සවල්ප වශයෙන් ආහාරය වැළදුවෙමි. අග්ගිවෙසසනය‚ ඒ මම පතක් පතක් පමණවු මුංතැමිබු දිය හෝ කොල්ලු තැමිබු දිය හෝ කඩල තැමිබු දිය හෝ කලතණ තැමිබු දිය හෝ ඉතා සවල්ප වශයෙන් ආහාර ගන්නාවු ඒ මාගේ ශරීරය ඉතා කෙටිටු බවට පැමිණියේ වෙයි. අසු වසක් ගිය වැලක පුරුක් හෝ කලුවැල් නමි වැලක පුරුක් හෝ යමිසේද මාගේ අහපසහ ඒ නිරාහාර භාවය නිසාම එබදුවිය. ඹටුපියවර යමිසේ මැද ගැඹුරුවෙිද‚ එපරිද්දෙන්ම ඒ නිරාහාර භාවයෙන් මාගේ නිසීදනමාංසය(තටිටම) මාදින් ගැඹුරු විය. රැහැණක ඇවුණු දැව වැටිය යමිසේ අතරතුර උස් මිටි වෙිද‚ එපරිද්දෙන් ඒ නිරාහාර භාවයෙන් මාගේ කොඳු ඇටය උස් මිටිවෙයි. යමිසේ දිරූ ශාලාවක පරාල උඩු යටි වශයෙන් නැමුනාහු වෙද්ද‚ එපරිද්දෙන් මාගේ ඉළඇට උඩුයටි වශයෙන් නැමුනාහු වෙත්. ගැඹුරුවු ළිඳෙක දියයට පෙණෙන තරු ගැඹුරට ගියාහු යට බැස්සාහු දක්නා ලැබෙත්ද‚ එපරිද්දෙන්ම ඒ සවල්ප ආහාරය නිසා මාගේ ඇස්වල නෙත්තරු වලගැඹුරට ගියාහු යට බැස්සාහු දක්නා ලැබෙත්. යමිසේ නමි තිත්ත ලබු ගෙඩියක් අමුවෙන් කපන ලද්දේ අවිසුළහින් හැකුලුණේද මැලවුනේද‚ එපරිද්දෙන්ම ඒ සවල්ප ආහාරය නිසා මගේ හිසේ සම හැකුලුණේ මැලවුනේ වෙයි.
,අග්ගිවෙසසනය‚ ඒ මම බඩෙි සම අතගාන්නෙමියි පිට කටුවම අතගාන්නෙමි. පිට කටුව අල්වමියි බඩෙි සම අල්ලමි අග්ගිවෙසසනය‚ ඒ සවල්ප ආහාරය නිසා එපමණට මාගේ බඩෙි සම කොඳු ඇටයෙහි ඇලුනේ වෙයි. ඒ මම වර්චස් හෝ මුත්‍ර හෝ කරන්නෙමියි හුන්නේ ඒ සවල්ප ආහාරය නිසාම එහිම යටිකුරුව වැටෙමි. මම මෙි ශරීරය අස්වසමියි අතින් ශරීරාවයව පිරිමදිමි. අග්ගිවෙසසනය‚ එසේ ශරීරයේ අවයව අතගානවිට‚ ඒ සවලප ආහාරය නිසාම මුල්කුණුවු ලොමි ශරීරයෙන් වැටෙත්.
අග්ගිවෙසසනය‚ සමහර මිනිස්සු මා දැක මෙසේ කීවාහුය. .ශ්‍රමණ ගෞතමතෙම කලුය.. ඇතැමි මිනිස්සු මෙසේ කීවාහුය .ශ්‍රමණ ගෞතමතෙම කලු නොවෙයි පලාවන් පාටය. ඇතැමි මනුෂ්‍යයෝ මෙසේ කීවාහුය. .ශ්‍රමණ ගෞතමතෙම කලුත් නොවෙයි‚ පලාවන් පාටත් නොවෙයි‚ ශ්‍රමණ ගෞතමතෙම රන් වන් සිවි ඇත්තේයි.. අග්ගිවෙසසනය‚ මෙසේ කීමට තරමටම මාගේ පිරිසිදුවු හාත්පසින් බබලන්නාවු ශරීරයණීය ඒ නිරාහාරභාවය නිසාම නැසුනේ වෙයි.
23. ,අග්ගිවෙසසනය‚ ඒ මට මෙසේ සිතුනේය. අතීත කාලයෙහි යමිකිසි ශ්‍රමණයෝ හෝ බ්‍රාහමණයෝ හෝ උපක්‍රමයෙන් උපන්නාවු‚ දුක්වු‚ තියුණුවු‚ කටුකවු වෙිදනා වින්ද්‍රහු නමි ඒ මෙි තරමිම වෙයි. මීට වඩා වැඩි නොවෙයි. අනාගත කාලයෙහි යමිකිසි ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ උපක්‍රමයෙන් උපන්නාවු‚ දුක්වු‚ තියුණුවු‚ කටුකවු වෙිදනා විදින්නාවු නමි ඒ මෙි තරමිම වෙයි මීට වඩා වැඩි නොවෙයි. මෙි වර්‍තමාන කාලයෙහි යමි කිසි ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ උපක්‍රමයෙන් උපන්නාවු දුක්වු‚ තියුණුවු වෙිදනාවන් විඳිත් නමි ඒ මෙි තරමිම වෙයි මීට වඩා වැඩි නොවෙයි. මම වනාහි මෙි කටුකවු දුෂ්කරක්‍රියාවෙන් මනුෂ්‍ය ධර්‍මයට වැඩිවු ආය්‍ර්‍ය භාවය ඇති කිරීමට සමර්‍ථවු ඥනදර්‍ශන විශෙෂයක් නොලබමි. මාර්‍ගාවබොධය පිණිස අන්‍ය මාර්‍ගයෙක් ඇත්තේදැයි( කල්පනා විය.)
24. ,අග්ගිවෙසසනය‚ ඒ මට මෙි අදහස වීය. මම පියවු ශුඬෙදන ශාක්‍ය රාජයාගේ වප්මගුල් දිනයෙහි සිහිල්වු දඹ රුක් සෙවනෙහි හුන්නේ කාමයන් ගෙන් වෙන්වම අකුසල ධර්‍මයන් ගෙන් වෙන්වම විතර්‍ක සහිතවු විචාර සහිතවු විවෙිකයෙන් හටගත් ප්‍රීත්ය හා සැපය ඇති ප්‍රථමධ්‍යානයට පැමිණ වාසය කළබව දනිමි. ඒ මාර්‍ගය මාර්‍ගඥන අවබොධය පිණිස වන්නේයි( අදහස් විය.) අග්ගිවෙසසනය‚ ඒ මට අවබොධය පිණිස මෙි මාර්‍ගයමයැයි සිහිය අනුව පැවති විඤඤ්‍රණය පහළවිය. අග්ගිවෙස්සනය‚ ඒ මට මෙි අදහස විය. කාමයන්ගෙන් වෙන්වු අකුශල ධර්‍මයන්ගෙන් වෙන්වු යමි ඒ සැපයක්වෙිද‚ මම ඒ සැපයට භය වෙමිද( කියාය.) අග්ගිවෙසසනය‚ ඒ මට මෙි කල්පනාව ඇතිවිය. කාමයන්ගෙන් වෙන්වු අකුසල ධර්‍මයන්ගෙන් වෙන්වු යමි ඒ සැපයක්වෙිද‚ මම ඒ සැපයට භය නොවෙමියි( කියාය.) අග්ගිවෙසසනය‚ ඒ මට මෙි කල්පනාව ඇතිවිය. මෙතරමි දුර්‍වලවු ශරීරයකින් යුක්තව ඒ (ප්‍රථමධ්‍යාන) සැපය ලබන්නට බැරිය. යමිහෙයකින් මම බත් හා කොමුපිඩු ආදි ඹෟද්‍රරික ආහාරයක් ගන්නෙමි නමි හොඳය( කියාය.)
,අග්ගිවෙසසනය‚ ඒ මම බත්‚ කොමපිඩුයැයි කියන ඹළාරික ආහාරයක් ගත්තෙමි. අග්ගිවෙසසනය‚ ඒ කාලයෙහි .ශ්‍රමණ ගෞතමතෙම යමි ලොවුතුරා දහමක් ලැබුයේ නමි එය අපට කියන්නේය. යන අදහසින් භික්‍ෂුන් පස්දෙනෙක් මට උපසථාන කරමින් සිටියහ. අග්ගිවෙසසනය‚ යමි කලක පටන් මම බත් හා කොමුපිඩු ආහාර ගන්නට වුයෙමිද‚ එකල්හි ඒ භික්‍ෂුහු .ශ්‍රමණ ගෞතමතෙම ප්‍රත්‍යය බහුලකොට ඇත්තේය. රසයෙහි ගිජුව ප්‍රණීත පිණඩපාතාදිය වැළදීමට හැරුණේය. වීය්‍ර්‍යය කිරීමෙන් පිරිහුණේයැ.යි කියා කලකිරී බැහැර ගියාහුය.
.අග්ගිවෙසසනය‚ ඒ මම ඹිලාරික ආහාරගෙන ශරීර ශක්තිය ලැබ කාමයන්ගෙන් වෙන්වම අකුසල ධර්‍මයන්ගෙන් වෙන්වම විතර්‍ක සහිතවු විචාර සහිතවු විවෙිකයෙන් හටගත් ප්‍රීති සැපය ඇති ප්‍රථම ධයානයට පැමිණ වාසය කෙළෙමි අග්ගිවෙසසනය‚ උපන්නාවු මෙබඳුවුද සැප වෙිදනාව මගේ කුසල් සිත විනාශ නොකරයි.
විතක්ත විචාර සංසිද්මෙන් අභ්‍යන්තර පැහැදීම ඇති හිතේ එකහ බව ඇති‚ විතර්‍ක රහිතවු‚ විචාර රහිතවු‚ සමාධියෙන් හටගත් ප්‍රීති සැපය ඇති විතිය ධ්‍යානයට පැමිණ වාසය කෙළෙමි. අග්ගිවෙසසනය‚ උපන්නාවු මෙබඳුවුද සැප වෙදනාවද මගේ කුසල් සිත විනාශ නොකරයි. මැඩගෙන නොසිටියි. ප්‍රීතිය ඉක්මවීමෙන් උපෙක්‍ෂා ඇත්තේ වාසය කෙළෙමි. සිහියෙන් හා මනා නුවණින් යුක්තවුයේ කයින්ද සැපය වින්දෙමි. යමක් උපෙක්‍ෂා ඇත්තේ සිහියෙන් යුක්තවුයේ‚ සැප විහරණ ඇත්තේයැයි ආය්‍ර්‍යයෝ කියත්ද ඒ තුන්වැනි ධ්‍යානයට පැමිණ වාසය කෙළෙමි. අග්ගිවෙසසනය‚ උපන්නාවු මෙබඳුවු සැප වෙිදනාවද මගේ කුසල් හිත විනාශ නොකරයි. සැපය නැති කිරීමෙන්‚ දුක නැති කිරීමෙන් කල් ඇතිවම සොමිනස් ද්‍රෙමිනස් දෙක අතුරුදන් කිරීමෙන්‚ දුක්නැත්තාවු‚ සැප නැත්තාවු‚ උපෙක්‍ෂාවෙන් හටගත් සිහිය පිළිබඳ පිරිසිදුබව ඇති සතර වැනි ධ්‍යානයට පැමිණ වාසය කෙළෙමි. අග්ගිවෙසසනය‚ උපන්නාවු මෙබඳුවු සැප වෙිදනාවද මගේ කුසල් හිත විනාශ නොකරයි.
25. ,ඒ මම මෙසේ හිත සමාධියෙන් එකහවු කල්හි‚ පිරිසිදුවුකල්හි( පිරිසිදු හෙයින්ම) දීප්මත්වු කල්හි අඬගන (රාගාදී කෙලෙස්) රහිතවු කල්හි‚ පහවු උවදුරු ඇති කල්හි‚ මෘදුවු කල්හි‚ කටයුතතට සුදුසුව සිටි කල්හි සිත සථිරවු කල්හි පෙර ජාති දැනීමෙි ඤ්‍රණය පිණිස සිත නැමුයෙමි. ඒ මම නොයෙක් ආකාරවු පුර්‍වෙනිවාසය (පෙර උපන් ජාති‚) සිහිකරමි. එනමි එක් ජාතියක්ද‚ ජාති දෙකක්ද‚ ජාති තුනක්ද‚ ජාති සතරක්ද‚ ජාති පහක්ද‚ ජාති දශයක්ද‚ ජාති විස්සක්ද‚ ජාති තිසක්ද‚ ජාති සතළිසක්ද‚ ජාති පණසක්ද‚ ජාති සියයක්ද‚ ජාති දහසක්ද‚ ජාති ලක්‍ෂයක්ද‚ නොයෙක් සංවර්‍ත(විනාශවන) කල්පයන්ද‚ නොයෙක් විවර්‍ත (හැදෙන) කල්පයන්ද‚ නොයෙක් සංවර්‍ත විවර්‍ත කල්පයන්ද අසුවල් තැන උපන්නෙමි‚ එහිදී මෙි නමි ඇත්තේ වීමි‚ මෙබඳු ගොත්‍ර ඇත්තේ වීමි. මෙබඳු වණී ඇත්තේවීමි. මෙබඳු ආහාර ඇත්තේවිමි. මෙබඳු දුක් සැප වින්දෙමි. ඒ මම එයින් චුතව අසුවල් තැන උපන්නෙමි. එතැන්හිද මෙසේ නමි ඇත්තේ වීමි. මෙබඳු ගොත්‍ර ඇත්තේ වීමි. මෙබඳු ශරීර වර්‍ණ ඇත්තේ වීමි. මෙබඳු ආහාර ඇත්තේ වීමි. මෙබඳු සැප දුක් වින්දේ වීමි. මෙබඳු ආයුෂ ඇත්තේ වීමි. ඒ මම එතැනින් චුතව මෙහි උපන්නෙමි.යි මෙසේ ආකාර සහිතවු‚ දැක්වීමි සහිතවු‚ නොයෙක් ආකාරවු‚ පෙර විසු කඳ පිළිවෙළ සිහි කරමි.
,අග්ගිවෙසසනය‚ මා විසින් රාත්‍රියේ පළමුවෙනි යාමයෙහි මෙි පළමුවන විද්‍යාව (පෙර විසු තැන් දන්නා නුවණ) ලබන ලදී. (එය වසන) අවිද්‍යාව නසනලදී. විද්‍යාව උපන්නීය. අඳුර (මොහය) නසන ලද්දේය. ආලෝකය උපන්නේය. අප්‍රමාදව කෙලෙස් තවන වීය්‍ර්‍යයෙන් යුක්තව වාසය කරන්නෙකුට යමිසේ සිදුවිය යුතු නමි එසේවිය. අග්ගිවෙසසනය‚ උපන්නාවු මෙබඳුවු සැප වෙිදනාවද මගේ කුසල් හිත විනාශ නොකරයි.
26. ,ඒ මම මෙසේ (හිත සමාධියෙන්) එකහවු කල්හි‚ පිරිසුදුවු කල්හි‚
(සිරිසුදු හෙයින්) දීප්තිමත්වු කල්හි‚ අඬගණ (රාගාදි කෙලෙස්) රහිතවු කල්හි‚ කෙලෙස් පහව ගිය කල්හි‚ සිත මෘදුවු කල්හි‚ කටයුත්තට සුදුසුව සිටි කල්හි‚ සිත සථිරවු කල්හි‚ කමිපා නොවන බවට පැමිණි කල්හි සත්ත්‍වයන්ගේ චුති උත්පත්ති දෙක දැකීම පිණිස සිත නැමීමි. ඒ මම පිරිසිදුවු‚ මිනිස් බව ඉක්මවා සිටි දිවඇසින්‚ චුත වන්නාවුද‚ උපදින්නාවුද‚ ලාමකවුද‚ ප්‍රණීතවුද‚ මනා වර්‍ණ ඇත්තාවුද‚ මනා වර්‍ණ නැත්තාවුද‚ යහපත් ගති ඇත්තාවුද‚ අයහපත් ගති ඇත්තාවුද‚ කර්‍මය පරීදි මියගියාවු‚ සත්‍වයන් දකිමි.
,ඒකානතයෙන් මෙි පින්වත් සත්‍වයෝ කාය දුශ්චරිතයෙන් යුක්ත වුවාහු‚ වාක් දුශචරිතයෙන් යුක්ත වුවාහු‚ මනොදුශ්චරිතයෙන් යුක්ත වුවාහු‚ ආය්‍ර්‍යයන්ට ද්‍රෙස් කීවාහු‚ මථ්‍යාදෘෂ්ටි ක්‍රියා අනුමත කළාහුය. (එහෙයින්) ඹවුහු කය බිදිමෙන් මරණින් මතු සැපයෙන් පහවු‚ නපුරු ගති ඇති‚ යටිකුරුව වැටෙන‚ නරකයෙහි උපන්නාහුයයිද‚ මෙි පිනවත් සත්‍වයෝ වනාහි කාය සුචරිතයෙන් යුක්ත වුවාහු‚ වාක් සුචරිතයෙන් යුක්ත වුවාහු‚ මනො සුචරිතයෙන් යුක්ත වුවාහු‚ ආය්‍ර්‍යයන්ට ද්‍රෙස් නොකීවාහු සම්‍යක්දෘෂ්ටි ඇත්තාහු සම්‍යක්දෘෂ්ටි කර්‍ම සමාදන් වුවාහුය. (එහෙයින්) ඹවුහු කය බිදීමෙන් මරණින් මතු සවර්‍ග ලොකයෙහි උපන්නාහුයයි මෙසේ පිරිසිදුවු‚ මිනිස් ඇස ඉක්මවා සිටි දිවැසින්‚ චුත වන්නාවුද‚ උපදින්නාවුද‚ ලාමකවුද‚ ප්‍රණීතවුද‚ මනා වර්‍ණ ඇත්තාවුද‚ මනා වර්‍ණ නැත්තාවුද‚ යහපත් ගති ඇත්තාවුද‚ අයහපත් ගති ඇත්තාවුද කර්‍මය පරිදි මියගියාවු සත්‍වයන් දනිමි.
,අග්ගිවෙසසනය‚ මා විසින් රාත්‍රියෙහි මැද යාමයෙහි මෙි දෙවන විද්‍යාව (චුතවීමි‚ඉපදිමි දක්නා නුවණ) ලබනලදී (එය වසන) අවිද්‍යාවනසනලදී. විද්‍යාව උපන්නීය‚ අඳුර (මොහය) නසන ලද්දේය. ආලොකය උපන්නේය. අප්‍රමාදව‚ කෙලෙස් තවන විය්‍ර්‍යයෙන් යුක්තව වාසය කරන්නෙකුට යමිසේ සිදුවිය යුතු නමි එසේ වීය. අග්ගිවෙසසනය‚ උපන්නාවු මෙබඳුවුද සැප වෙිදනාව මගේ කුසල් සිත විනාශ නොකරයි.
27. ,ඒ මම මෙසේ සිත එකහවු කල්හි‚ පිරිසිදුවු කල්හි‚ දීප්තිමත්වු කල්හි‚ කෙලෙස් රහිතවු කල්හි‚ කෙලෙස් පහව ගිය කල්හි‚ සිත මෘදුවු කල්හි‚ කටයුත්ත ෙසුදුසුව සිටි කල්හි‚ සිත සථිරවු කල්හි‚ කමිපා නොවන බවට පැමිණි කල්හි‚ ආශ්‍රව ක්‍සයකර ඥනය (කෙලෙස් නැති කරන නුවණ) පිණිස සිත නැමුයෙමි. ඒ මම‚ මෙය දුකය.යි තතුසේ දත්තෙමි. මෙි .දුක් ඉපදීමට හේතුවය.යි තතුසේ දත්තෙමි. මෙි .දුක් නැති කිරීමය.යි තතුසේ දත්තෙමි. .මෙි දුක නැති කිරීමෙි මර්‍ගය.යයි තතුසේ දත්තෙමි.
.මොහු ආශ්‍රවයෝය.යි තතුසේ දැනගතිමි. .මෙි ආශ්‍රවයන්ගේ හටගැන්මය.යි තතුසේ දැනගතිමි. .මෙි ආශ්‍රවයන්ගේ නැතිකිරීමය.යයි තතුසේ දැනගතිමි. .මෙි ආශ්‍රවයන් නැති කිරීමෙි මාර්ගය.යි තතුසේ දැනගතිමි. මෙසේ දන්නාවු මෙසේ දක්නාවු ඒ මාගේ සිත කාමාශ්‍රවයන්ගෙන් මිදුනේය. භවාශ්‍රවයන්ගෙන්ද මිදුනේය. මිදුන කල්හි මිදුනේයයි දැනීම පහළවිය. උත්පත්තිය කෙළවර විය. මාර්‍ග බ්‍රහ්මචය්‍ර්‍යාව වැස නිමවන ලදී. කළයුත්ත කරන ලදී. කළයුතු අනිකක් නැත්තේයයි දැනගතිමි.
,අග්ගිවෙසසනය‚ රාත්‍රියෙහි අන්තිම යාමයෙහි මෙි තුන්වෙනි විද්‍යාව (ආශ්‍රවක්‍ෂයකරඥන නමිවු අර්හත් මාර්‍ගය) මා විසින් ලබනලදී. (එය වසන) අවිද්‍යාව නසන ලදී. විද්‍යාව උපන්නීය. අඳුර (මොහය) නසන ලද්දේය. ආලොකය උපන්නේය. අප්‍රමාදව‚ කෙලෙස් තවන වීය්‍ර්‍යයෙන් යුක්තව වාසය කරන්නෙකුට යමිසේ සිදුවිය යුතු නමි එසේ විය. අග්ගිවෙසසනය‚ උපන්නාවු මෙබඳුවුද සැප වෙිදනාව මගේ කුසල් සිත විනාශ නොකරයි.
,අග්ගිවෙසසනය‚ මම වනාහි නොයෙක් සියගණන් පිරිසෙහි ධර්‍මය දෙශනා කළ බව දනිමි. (එහිදී) .මටම ශ්‍රමණ ගෞතමතෙම ධර්‍මය දෙශනා කරන්නේය.යි එක් එක් පුද්ගලයා සිතයි. අගගිවෙසසනය‚ මෙි කාරණය මෙසේ නොදත යුතුයි. තථාගතතෙම අන්‍යයන්ට ධර්‍මය අවබොධ කිරීම පිණිසම ධර්‍මය දෙශනා කරති. අගගිවෙසසනය‚ ඒ මම ඒ දෙශනාව අවසානයෙහිත් මුලදිත් යමි කිසි සමාධියකින් නිතර වාසය කරන්නෙමි නමි ඒ සමාධියෙහිම සිත පිහිටුවමි‚ හිඳුවමි‚ සමාධිගත කරමි,.
,යමි ඵලසමාපතතියකින් නිතරම වාසයකරමි.යි (වද්‍රරන සේක්ද) අර්‍හත්වු සම්‍යක්සමබුඬකෙනෙකුට යමිසේ නමි එසේම භවත් ගෞතමයින්ගේ මෙි සමාපතතියට සමවැදිම ඇදහිය යුතුය භවත් ගෞතමතෙම දවල් නිද්‍රගත් බවක් දන්නා සේක්ද?, ,අගගිවෙසසනය‚ ග්‍රීෂ්ම සෘතුවෙහි අනතිම මාසයෙහි බතින් පසුව පිණඩපාතයෙන් වැළකුනේ සහල සිවුර සතර පටක් කොට එලා සිහි ඇතිව මනා නුවණ ඇතිව දකුණු ඇලයෙන් නිද්‍රගත් බව මම දනිමි., ,භවත් ගෞතමයෙනි‚ ඇතැමි මහණ බමුණෝ මෙි දහවල් නිදීම වනාහි සමෙමාහ විහරණයයි (මුළාවී වාසය කිරීමක්යයි) කියත්., ,අගගිවෙසසනය‚ මෙපමණින් මුළාවුවෙක් හෝ නුමුළාවුවෙක් හෝ නොවෙයි. අග්ගිවෙසසනය‚ යමිසේ මුළාවුවෙක් වෙිද‚ මුළානොවුවෙක් හෝ වෙිද‚ එය අසව‚ මනාකොට සිතෙහි තබාගනුව‚ කියන්නෙමි.. ,එසේය‚ පින්වතුන්වහන්ස, කියා සචචක නිගණ්ඨ පුත්‍රතෙම භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්නේය. භාග්‍යවතුන් වහන්සේ මෙසේ වද්‍රළහ.
27. ,අග්ගිවෙසසනය‚ යමි කිසිවෙකුට සිත කෙලෙසන්නාවු‚ නැවත ඉපදීම ඇතිකරන්නාවු දැවිලි සහිතවු‚ දුක් විපාක ඇත්තාවු‚ මත්තෙහි ජාති ජරා මරණ පිණිස පවත්නාවු යමි ආශ්‍රවයෝ වෙද්ද‚ ඹවුහු නැති නොවුවාහුද‚ ඹහු මුළාවු වෙනැයි මම කියමි. අග්ගිවෙසසනය‚ ආශ්‍රවයන්ගේ නැති නොකිරීම නිසා මුළාවෙයි.
,අග්ගිවෙසසනය‚ බමි කිසිවෙකුට සිත කෙලෙසන්නාවු‚ නැවත ඉපදීම ඇති කරන්නාවු‚ දැවිලි සහිතවු‚ දුක් විපාක දෙන්නාවු මත්තෙහි ජාති ජරා මරණ පිණිස පවත්නාවු යමි ආශ්‍රවකෙනෙක් වෙද්ද‚ ඹවුහු නැතිවුවැහුද‚ මම ඹහු නොමුළා වුවෙකැයි කියමි. අග්ගිවෙසසනය‚ කෙලෙසුන් නැති කිරීමෙන් නොමුළාවුයේ වෙයි.
,අග්ගිවෙසසනය‚ තථාගතයන් වහන්සේට වනාහි සිත කෙලෙසන්නාවු‚ නැවත ඉපදීම ඇති කරන්නාවුද‚ දැවිලි සහිතවු‚ දුක් විපාක ඇතිකරන්නාවු‚ මත්තෙහි ජාති ජරා මරණ පිණිස පවත්නාවු යමි ආශ්‍රවයෝ වෙත්ද‚ ඹවුහු නැති වුවාහුය‚ සිඳිනලද මුල් ඇත්තාහ. මුලින් උදුරන ලද තල් ගසක් මෙන් කරන ලදහ. විනාශ කරන ලදහ. මත්තෙහි නුපදින සවභාව ඇත්තාහ. අග්ගිවෙසසනය‚ මුදුන කපන ලද තල් ගසක් යමිසේ නැවත වැඩෙන්නට නොසුදුසුද‚ අග්ගිවෙසසනය‚ එපරිද්දෙන්ම තථාගතයන් වහන්සේගේ‚ සිත කෙලෙසන්නාවු‚ නැවත ඉපදීම ඇති කරන්නාවු‚ දැවිලි සහිතවු‚ දුක් විපාක ඇති කරන්නාවු‚ මත්තෙහි ජාති ජරා මරණ පිණිස පවත්නාවු යමි ක්ලෙසයෝ වෙත්ද‚ ඹවුහු නැති වුහ. මුල් සිඳින ලද්ද්‍රහ. මුලින් උදුරන ලද තල් ගසක් මෙන් කරන ලදහ. විනාශ කරන ලදහ. මත්තෙහි නුපදින සවභාව ඇත්තාහ.
මෙසේ වද්‍රළ කල්හි සචචක නිගණ්ඨ පුත්‍රතෙම භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීය. .භවත් ගෞතමයාණෙනි‚ ආශ්චය්‍ර්‍යය‚ භවත් ගෞතමයාණෙනි‚ අද්භුතය‚
මෙසේ ගට ගටා කියනු ලබන්නාවු‚ එලව එලවා කියනලද‚ වචන වලින් ව්‍යවහාර කරනු ලබන්නාවු භවත් ගෞතමයින්ගේ ශරීරවර්‍ණයද බබලයි. මුහුණෙහි වර්‍ණයද පහදියි. අර්‍හත්වු සම්‍යක් සමිබුදු කෙනෙකුට යමිසේ නමි එසේය.
,භවත් ගෞතමයණෙනි‚ මම පුරණ කාශ්‍යපහට වාද කථාවෙන් වාදය ආරොපණය කළබව දනිමි. හෙතෙම වනාහි මා විසින් වාද කථාවෙන් වාදය පටන් ගන්නා ලද්දේ අන්‍ය කථාවකින්‚ කථාව යටපත් කෙළේය. කථාව පිටතට නැමිය. කෝපයද‚ ෙවෂයද‚ නොසතුටද පහළ කෙළේය. මෙසේ ගට ගටා කියනු ලබන්නාවු වෙත පමුනුවන ලද්ද්‍රවු‚ වචනවලින් ව්‍යවහාර කරනු ලබන්නාවු භවත් ගෞතමයින්ගේ වනාහි ශරීරවර්‍ණයද බබලයි . මුහුණෙහි වර්‍ණයද පහදියි. අර්‍හත්වු සම්‍යක් සමිබුදු කෙනෙකුට යමිසේ නමි එසේමය. භවත් ගෞතමයාණෙනි‚ මකඛලිගොසාලහටද‚ වාදයෙන් වාදය නැගුවා දනිමි. ඹහු වනාහි මා විසින් වාදයෙන් වාදය පටන් ගන්නා ලද්දේ වෙන කථාවකින් කථාව යට කළේය. කථාව පිටතට නැමීය. කොපයද‚ ෙවෂයද‚ නොසතුටද පහළ කළේය. මෙසේ ගටගටා කියනු ලබන්නාවු‚ වෙත පමුණුවනු ලබන්නාවු‚ වචනවලින් ව්‍යවහාර කරනු ලබන්නාවු භවත් ගෞතමයින්ගේ ශරීර වර්‍ණයද බබලයි. මුහුණෙහි වර්‍ණයද පහදියි. අර්‍හත්වු සමිමාසමිබුදු කෙනෙකුට යමිසේ නමි එසේයි.
,අජිතකෙසකමිබලහටද‚ වාදයෙන් වාදය නැගුවා දනිමි. ඹහුවනාහි මා විසින් වාදයෙන් වාදය පටන් ගන්නා ලද්දේ වෙන කථාවකින් කථාව යට කළේය. කථාව පිටතට නැමීය. කොපයද‚ ෙවෂයද‚ නොසතුටද පහළ කළේය. මෙසේ ගට ගටා කියනු ලබන්නාවු‚ වෙත පමුණුවන වචනවලින් ව්‍යවහාරකරනු ලබන්නාවු භවත් ගෞතමයන්ගේ ශරීර වර්‍ණයද බබලයි. මුහුණෙහි වර්‍ණයද පහදියි. අර්‍හත්වු සමිමා සමිබුදු කෙනෙකුට යමිසේ නමි එසේයි.
,පකුධකචිචායනටද‚ වාදයෙන් වාදය නැගුවා දනිමි. ඹහුවනාහි මා විසින් වාදයෙන් වාදය පටන් ගන්නා ලද්දේ‚ වෙන කථාවකින් කථාව යට කළේය. කථාව පිටතට නැමීය. කොපයද‚ ෙවෂයද‚ නොසතුටද පහළ කළේය. මෙසේ ගට ගටා කියනු ලබන්නාවු‚ වෙත පමුණුවන වචනවලින් ව්‍යවහාරකරනු ලබන්නාවු භවත් ගෞතමයන්ගේ ශරීර වර්‍ණයද බබලයි. මුහුණෙහි වර්‍ණයද පහදියි. අර්‍හත්වු සමිමා සමිබුදු කෙනෙකුට යමිසේ නමි එසේය.
,සංජය බෙලටිඨිපුතතටද‚ වාදයෙන් වාදය නැගුවා දනිමි. ඹහු වනාහි මා විසින් වාදයෙන් වාදය පටන්ගන්නා ලද්දේ වෙන කථාවකින් කථාව යට කළේය. කථාව පිටතට නැමීය. කොපයද‚ ෙවෂයද‚ නොසතුටද පහළ කළේය. මෙසේ ගට ගටා කියනු ලබන්නාවු‚ වෙත පමුණුවන වචනවලින් ව්‍යවහාර කරනු ලබන්නාවු භවත් ගෞතමයන්ගේ ශරීර වර්‍ණයද බබලයි. මුහුණෙහි වර්‍ණයද පහදියි. අර්‍හත්වු සමිමා සමිබුදු කෙනෙකුට යමිසේ නමි එසේය.
,නිගණ්ඨනාතපුතතටද‚ වාදයෙන් වාදය නැගුවා දනිමි. ඹහුවනාහි මා විසින් වාදයෙන් වාදය පටන් ගන්නා ලද්දේ වෙන කථාවකින් කථාව යට කළේය. කථාව පිටතට නැමීය. කොපයද‚ ෙවෂයද‚ නොසතුටද පහළ කළේය. මෙසේ ගටගටා කියනු ලබන්නාවු‚ වෙත පමුණුවන වචන වලින් ව්‍යවහාරකරනු ලබන්නාවු භවත් ගෞතමයන්ගේ ශරීර වර්‍ණයද බබලයි. මුහුණෙහි වර්‍ණයද පහදියි. අර්‍හත්වු සමිමා සමිබුදු කෙනෙකුට යමිසේ නමි එසේය.
,භවත් ගෞතමයාණෙනි‚ දැන් අපි යන්නෙමු. අපි බොහෝ වැඩ කටයුතු ඇත්තෝ වෙමු., ,අග්ගිවෙසසනය‚ නුඹ යමක් ඒ සඳහා සුදුසුයයි හහින්නෙහිද‚ දැන් ඊට කාලය,යි වද්‍රළහ. ඉක්බිති සචචක නිගණ්ඨ පුත්‍රතෙම භාග්‍යවතුන් වහන්සේගේ දෙශනාව සතුටින් පිළිගෙන උන් ආසනයෙන් නැගිට ගියේය.
සයවෙනිවු මහා සචිචක සුත්‍රය නිමි. ( 4-6 )
උපුටා ගැනීම - උතුම් ශ්‍රී සද්ධර්මය ( dahamsithum.wordpress )