ත්‍රිපිටක පොත් වහන්සේ/සූත්‍ර පිටකය/මජ්ක්ධීම නිකාය/සාමගාම සූත්‍රය
1. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ ශාක්‍ය ජනපදයෙහිවූ ´´සාම´´ නම් ගමෙහි වැඩ වසන සේක. එකල්හි වනාහි ´´නිණ්ඨනාථ´´ පුත්‍රතෙම චාපා නම් නුවර නොබෝ දින මැරුනේ වෙයි. ඔහුගේ මරණින් පසු බිඳී ගියාවූ නිගණ්ඨයෝ දෙකොටසක්ව හටගත් දබර ඇත්තාහු. හටගත් කලහ ඇත්තාහු, විවාදයට පැමිණියාහු, ඔවුනොවුන්ට මූඛ නැමැති ආයුධවලින් අනිමින් වාසය කෙරෙත්. ´නුඹ මේ ධර්‍ම විනය නොදන්නෙහිය. මම මේ ධර්‍ම විනය දනිමි. කිම නුඹ මේ ධර්‍ම විනය දන්නෙහිද, නුඹ වරදවා පිළිපන්නෙහිය. මම මනාකොට පිළිපන්නේ වෙමි. මට වැඩ සහිතය. නුඹට වැඩ සහිත නොවේ. පළමු කිය යුත්ත පසුව කීයෙහිය. පසුව කිය යුත්ත පළමු කීයෙහිය. තා විසින් පුරුදු නොකරන ලද්ද, විවාදයට පැමිණ නැවතුනේය. තට වාදය නගන ලද්දේය. නිග්‍රහ කරණ ලද්දේ වෙහිය. වාදයෙන් මිදීම පිණිස හැසිරෙව්. ඉදින් හැකි වන්නෙහි නම් අවුල් හරව´ යි කියමින් එකම වධයක් මෙන් නිගණ්ඨනාත පුත්‍රයාගේ අතවැස්සන් කෙරෙහි පවතියි. නිගණ්ඨනාත පුත්‍රයාගේ සුදුවත් හඳනාවූ යම් ගිහි ශ්‍රාවක කෙනෙක් වෙත්ද, ඔවුහුද නිගණ්ඨනාත පුත්‍රයාගේ අත වැස්සන් කෙරෙහි කළකිරුණු ස්වභාව ඇත්තාහු, නොඇථනු ස්වභාව ඇත්තාහු, පසුබස්නා ස්වභාව ඇත්තාහු වෙත්. නපුරුකොට කියන ලද්දාවූ, නපුරුකොට දන්නා ලද්දාවූ, නෛය්‍ර්‍යානික නොවූ, සංසිඳීම පිණිස නොපවත්නාවූ, සම්‍යක් සම්බුද්ධ නොවූවකු විසින් කියන ලද්දාවූ, බිඳුනු පිහිට ඇත්තාවූ, පිළිසරණ නැත්තාවූ ධර්‍ම විනයක යම්සේද, එමෙනි.
2. ඉක්බිති ´´චුන්‍ද´´ සමණුද්දෙස තෙම පාවා නම් නුවර වස් වසන ලද්දේ සාම නම් ගම යම් තැනෙක්හිද, ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිර තෙම යම් තැනෙක්හිද, එතැනට පැමිණියේය. පැමිණ ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේට වැඳ එක් පසෙක උන්නේය. එක් පසෙක උන්නාවූ චුන්‍ද සමනුද්දෙස තෙම ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන්ට මෙය කීයේය. ´´ස්වාමීණි, නිගණ්ඨනාථ පුත්‍ර තෙම පාවා නම් නුවර නොබෝ දින මැරෙන ලද්දේ වෙයි. ඔහුගේ මැරීමෙන් පසු බිඳී ගියාවූ නිගණ්ඨයෝ දෙකොටසක්ව හටගත් දබර ඇත්තාහු, හටගත් කලහ ඇත්තාහු, විවාදයට පැමිණියාහු, ඔවුනොවුනට මුඛ නමැති ආයුධවලින් අනිමින් වාසය කෙරෙත්. ´නුඹ මේ ධර්‍ම විනය නොදන්නහෙිය. මම මේ ධර්‍ම විනය දනිමි. කිම, මේ ධර්‍ම විනය දන්නෙහිද? නුඹ වරදවා පිළිපන්නෙහිය, මම මනාකොට පිළිපන්නේ වෙමි. මට වැඩ සහිතය. නුඹට වැඩ සහිත නොවේ. පළමු කිය යුත්ත පසුව කීයෙහිය. පසුව කිය යුත්ත පළමු කීයෙහිය. තා විසින් පුරුදු නොකරණ ලද්ද විවාදයට පැමිණ නැවතුනේය. තට වාදය නගන ලද්දේය. නිග්‍රහ කරන ලද්දේ වෙහිය. වාදයෙන් මිදීම පිණිස හැසිරෙව. ඉදින් හැකි වන්නෙහි නම් අවුල් හරව´ යි එකම වධයක් මෙන් නිගණ්ඨනාථ පුත්‍රයාගේ අතවැස්සන් කෙරෙහි පවතියි. යම් නිගණ්ඨනාථ පුත්‍රයාගේ සුදුවත් හඳනාවූ ගිහි ශ්‍රාවක කෙනෙක් වෙත්ද, ඔවුහුද නිගණ්ඨනාථ පුත්‍රයාගේ අතවැස්සන් කෙරෙහි කළකිරුණු ස්වභාව ඇත්තාහු, නොඇථණු ස්වභාව ඇත්තාහු, පසුබස්නා ස්වභාව ඇත්තාහු වෙත්. නපුරුකොට දන්නා ලද්දාවූ, නෛය්‍ර්‍යාණික නොවූ, සංසිඳීම පිණිස නොපවත්නාවූ, සම්‍යක් සම්බුද්ධ නොවූවෙකු විසින් වදාරණ ලද්දාවූ, බිඳුනාවූ පිහිට ඇති පිළිසරණ නැත්තාවූ (සස්නෙහි යම්සේද, එමෙනි.)´´
3. මෙසේ කී කල්හි ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරතෙම චුන්‍ද සමනුද්දෙසයන්ට ´´ඇවැත් චුන්‍දය, මේ කථා පඬුර භාග්‍යවතුන් වහන්සේ දක්නා පිණිස ඇත්තේමය. ඇවැත් චුන්‍දය, යමු. භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද, එතැනට පැමිණෙන්නෙමු. පැමිණ මේ කාරණය භාග්‍යවතුන් වහන්සේට කියන්නෙමු.´´ යි කීය. ´´සවාමීනි, එසේය´´ කියා චුන්‍ද නම් සමනුද්දෙස තෙම ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේට උත්තර දුන්නේය.
4. ඉක්බිති ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිර තෙමේද, චුන්‍ද සමනුද්දෙස තෙමේද, භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද, එතැනට පැමිණියාහුය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට වැඳ එක්පසක උන්නාහුය. එකත්පසක උන්නාවූම ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරතෙම භාග්‍යවතුන් වහන්සේට මෙය කීයේය. ´´ස්වාමීනි, මේ චුන්‍ද සමනුද්දෙස තෙම මෙසේ කීය. ස්වාමීනි, නිගණ්ඨනාතපුත්‍ර තෙම පාවා නම් නුවර නොබෝ දින මැරුනේය. ඔහුගේ මරණයෙන් පසු බිඳුනාවූ නිගණ්ඨයෝ දෙකොටසක්ව හටගත් දබර ඇත්තාහු, හටගත් කලහ ඇත්තාහු, විවාදයට පැමිණියාහු, ඔවුනොවුන්ට මුඛ නමැති ආයුධවලින් අනින්නාහු වාසය කෙරෙත්. ´නුඹ මේ ධර්‍ම විනය නොදන්නෙහිය. මම මේ ධර්‍ම විනය දනිමි. කිම නුඹ මේ ධර්‍ම විනය දන්නෙහිද? නුඹ වරදවා පිළිපන්නෙහිය. මම මනාකොට පිළිපන්නේ වෙමි. මට වැඩ සහිතය. නුඹට වැඩ සහිත නොවේ. පළමු කිය යුත්ත පසුව කීයෙහිය. පසුව කිය යුත්ත පළමු කීයෙහිය. තා විසින් පුරුදු නොකරන ලද්ද, විවාදයට පැමිණ නැවතුනේය. තට වාදය නගන ලද්දේය. නිග්‍රහ කරණ ලද්දේ වෙහිය. වාදයෙන් මිදීම පිණිස හැසිරෙව්. ඉදින් හැකි වන්නෙහි නම් අවුල් හරවයි එකම වධයක් මෙන් ´´නිගණ්ඨනාත පුත්‍රයාගේ අතවැස්සන් කෙරෙහි පවතියි. යම් නිගණ්ඨනාත පුත්‍රයාගේ සුදුවත් හඳනාවූ ගිහි ශ්‍රාවක කෙනෙක් වෙත්ද, ඔවුහුද නිගණ්ඨනාත පුත්‍රයාගේ අත වැස්සන් කෙරෙහි කළකිරුණු ස්වභාව ඇත්තාහු, නොඇථනු ස්වභාව ඇත්තාහු, පසුබස්නා ස්වභාව ඇත්තාහු වෙත්. නපුරුකොට දන්නා ලද්දාවූ, නෛය්‍ර්‍යාණික නොවූ, සංසිඳීම පිණිස නොපවත්නාවූ, සම්‍යක් සම්බුද්ධ නොවූවෙකු විසින් වදාරණ ලද්දාවූ, බිඳුනාවූ පිහිට ඇති පිළිසරණ නැත්තාවූ (සස්නෙහි යම්සේද, එමෙනි.) ´´ස්වාමීනි, ඒ මට මෙබඳු අදහසක් වෙයි. භාග්‍යවතුන් වහන්සේගේ ඇවෑමෙන් සංයා කෙරෙහි විවාදයක් නොම උපදීවා. ඒ විවාදය බොහෝ දෙනාට අවැඩ පිණිස, බොහෝ දෙනාට නොසැප පිණිස, බොහෝ දෙනාට අනත්‍ර්‍ථ පිණිස දෙවිමිනිසුන්ට අහිත පිණිස, දුක් පිණිස වන්නේය´´ කියායි.
5.´´ආනන්‍දය, ඒ කුමකැයි හඟින්නෙහිද, මා විසින් තොපට යම් ධර්‍ම කෙනෙක් නුවණින් අවබෝධ කොට දෙශනා කරන ලද්දාහුද, එනම් සතර සතිපට්ඨානයෝය, සතර සම්‍යක් ප්‍රධානයෝය, සතර ඎද්ධි පාදයෝය, පඤ්චෙන්‍ද්‍රියයෝය, පඤ්චබලයෝය, සප්ත බොධ්‍යඞ්ගයෝය, ආය්‍ර්‍ය අෂ්ටාංගික මාර්‍ගය යන මොහුයි. ආනන්දය, නුඹ මේ ධර්‍මයන්හි වෙන් වෙන් වාද ඇත්තාවූ භික්‍ෂූන් දෙදෙනකු දක්නෙහිද?´´ ´´ස්වාමීනි, යම් මේ ධර්‍ම කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ විසින් නුවණින් අවබෝධකොට දැන දේශනා කරන ලද්දාහුද, එනම් සතර සතිපට්ඨානයෝය, සතර සම්‍යක් ප්‍රධානයෝය, සතර ඎද්ධි පාදයෝය, පඤ්චෙන්‍ද්‍රියයෝය, පඤ්චබලයෝය, සප්ත බොධ්‍යඞ්ගයෝය, ආය්‍ර්‍ය අෂ්ටාංගික මාර්‍ගයෝය (යන මොහුයි.) මේ ධර්‍මයන්හි වෙනස් වාද ඇත්තාවූ භික්‍ෂූන් දෙදෙනතුදු මම නොදකිමි.
´´ස්වාමීනි, යම් ඒ පුද්ගල කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ ඇසුරුකොට වාසය කෙරෙත්ද, ඔවුහු භාග්‍යවතුන් වහන්සේ ඇවෑමෙන් සංයා කෙරෙහි ආජීවය හේතුකොටගෙන හෝ ප්‍රාතිමොක්‍ෂය හේතුනොටගෙන හෝ විවාද උපදවන්නාහුද, ඒ විවාදය බොහෝ දෙනාට අවැඩ පිණිස බොහෝ දෙනාට නොසැප පිණිස, බොහෝ දෙනාට අනත්‍ර්‍ථ පිණිස, දෙවි මිනිසුන්ට අහිත පිණිස, දුක් පිණිස වන්නේයයි´´ ආනන්‍ද ස්ථවිර තෙමේ කීය.
6. ´´ආනන්‍දය, යම් මේ ආජීවය හේතුකොටගෙන හෝ ප්‍රාතිමොක්‍ෂය හේතුකාටගෙන හෝ විවාදයෙක් වේද, ඒ ස්වල්පමාත්‍ර ඇත්තක් වේ. ආනන්‍දය, මාර්‍ගයෙහි හෝ ප්‍රතිපදාවෙහි හෝ සඞයා කෙරෙහි විවාදයක් උපදිනු ලබන්නේ උපදින්නේද, ඒ විවාදය බොහෝ දෙනාට අවැඩ පිණිස බොහෝ දෙනාට නොසැප පිණිස බොහෝ දෙනාට අනත්‍ර්‍ථ පිණිස දෙවි මිනිසුන්ට අහිත පිණිස දුක් පිණිස වන්නේය´´ යි වදාළේය.
´´ආනන්‍දය, මේ විවාදයට මුල් කරුණු සයක් වෙත්. කවර සයක්ද යත්? ආනන්‍දය, මේ ශාසනයෙහි මහණ තෙම ක්‍රොධ කරන්නෙක්, වෛර බැඳගන්නෙක් වේද, ආනන්‍දය, යම් ඒ මහණෙක් තෙම ක්‍රොධ කරන්නෙක්, වෛර බැඳගන්නෙක් වේද, හෙතෙම ශාස්තෘන් වහන්සේ කෙරෙහි ගෞරව නොකරන්නෙක්, යටහත් පැවතුම් නැත්තෙක්ව වාසය කරයි. ධර්‍මය කෙරෙහිද ගෞරව නොකරන්නෙක්, යටහත් පැවතුම් නැත්තෙක්ව වාසය කරයි. සංයා කෙරෙහිද ගෞරව නොකරන්නෙක්, යටහත් පැවතුම් නැත්තෙක්ව වාසය කරයි. ශීලයද සම්පූර්‍ණ නොකරන්නෙක් වෙයි. ආනන්දය, යම් ඒ මහණෙක් තෙම ශාස්තෘන් වහන්සේ කෙරෙහි ගෞරව නොකරන්නේ, යටහත් පැවතුම් නැත්තෙක්ව වාසය කෙරේද, ධර්‍මය කෙරෙහි ගෞරව නැත්තේ, යටත් පැවතුම් නැත්තේ වාසය කෙරේද, සංයා කෙරෙහි ගෞරව නොකරන්නෙක්, යටහත් පැවතුම් නැත්තෙක්ව වාසය කෙරේද, ශීලය සම්පූර්‍ණ නොකරන්නෙක් වේද, හෙතෙම සංයා කෙරෙහි විවාද උපදවයි. ඒ විවාදය බොහෝ දෙනාට අවැඩ පිණිස, බොහෝ දෙනාට නොසැප පිණිස, බොහෝ දෙනාට අනත්‍ර්‍ථ පිණිස, දෙවි මිනිසුන්ට අහිත පිණිස, දුක් පිණිස පවතියි. ආනන්‍දය, ඉදින් තෙපි මේ විවාදයට මුල් කරුණු තමා කෙරෙහි හෝ පිටත්හි හෝ දකින්නාහුද, ආනන්‍දය, එහි තෙපි ඒ ලාමකවූ විවාද මූලයාගේ පහකිරීම පිණිස උත්සාහ දරන්නහුය. ආනන්‍දය, ඉදින් තෙපි මේ විවාද මූලය තමා කෙරෙහි හෝ පිටත්හි හෝ නොදක්නහු නම්, ආනන්‍දය, එහි තෙපි ඒ ලාමකවූ විවාද මූලයාගේම මත්තෙහි හටනොගැනීම පිණිස පිළිපදින්නහුය. මෙසේ මේ ලාමකවූ විවාද මූලයාගේ දුරු කිරීම වේ. මෙසේ මේ ලාමකවූ විවාද මූලයාගේ මත්තෙහි හට නොගැනීම වේ.
7. ´´ආනන්‍දය, නැවත අනිකක්ද කියමි. මහණතෙම ගුණමකු වූයේ, එකට එක කරන්නේ වේ. හෙතෙම ශාස්තෘන් වහන්සේ කෙරෙහි ගෞරව නැත්තේ, යටහත් පැවතුම් නැත්තේ වාසය කරයි. ධර්‍මය කෙරෙහිද ගෞරව නැත්තේ, යටහත් පැවතුම් නැත්තේ වාසය කරයි. සංයා කෙරෙහිද ගෞරව නැත්තේ, යටහත් පැවතුම් නැත්තේ වාසය කරයි.
ශික්‍ෂාවෙහිද සම්පූර්‍ණ කිරීම ඇත්තේ නොවෙයි. ආනන්‍දය, යම් ඒ මහණෙක් තෙම ශාස්තෘන් වහන්සේ කෙරෙහි ගෞරව නැත්තේ, යටත් පැවතුම් නැත්තේ, වාසය කෙරේද, ධර්‍මය කෙරෙහි ගෞරව නැත්තේ, යටත් පැවතුම් නැත්තේ වාසය කෙරේද, සංයා කෙරෙහි ගෞරව නැත්තේ, යටත් පැවතුම් නැත්තේ, වාසය කෙරේද, ශික්‍ෂාවෙහි සම්පූර්ණ කිරීම ඇත්තේ නොවේද, හෙතෙම සංයා කෙරෙහි යම් විවාදයක් බොහෝ දෙනාට අවැඩ පිණිස, බොහෝ දෙනාට නොසැප පිණිස, බොහෝ දෙනාට අනත්‍ර්‍ථ පිණිස, දෙවි මිනිසුන්ට අහිත පිණිස, දුක් පිණිස වේද, එබඳු විවාද උපදවයි. ආනන්‍දය, ඉදින් තෙපි මෙබඳු විවාදයට මුල් කරුණු තමා කෙරෙහි හෝ පිටත්හි හෝ දකින්නහුද, ආනන්‍දය, එහි තොපි ඒ ලාමකවූ විවාද මූලයාගේම දුරුකිරීමට උත්සාහ කරන්නහුය. ආනන්‍දය, ඉදින් තෙපි මෙබඳු විවාද මූලය තමා කෙරෙහි හෝ පිටත්හි හෝ නොදක්නාහු නම්, ආනන්‍දය, එහි තෙපි ඒ ලාමකවූ විවාද මූලයාගේම මත්තෙහි නොහටගැනීම පිණිස පිළිපදින්නාහුය. මෙසේ මේ ලාමකවූ විවාද මූලයාගේ දුරු කිරීම වේ. මෙසේ මේ ලාමකවූ විවාද මූලයාගේ මත්තෙහි නොහටගැනීම වේ.
8. ´´ආනන්‍දය, නැවත අනිකක්ද කියමි. මහණතෙම ඊර්‍ෂ්‍යා කරන්නේ මසුරුවූයේ වෙයි. හෙතෙම ශාස්තෘන් වහන්සේ කෙරෙහි ගෞරව නැත්තේ, යටහත් පැවතුම් නැත්තේ වාසය කරයි. ධර්‍මය කෙරෙහිද ගෞරව නැත්තේ, යටහත් පැවතුම් නැත්තේ වාසය කරයි. සංයා කෙරෙහිද ගෞරව නැත්තේ, යටහත් පැවතුම් නැත්තේ වාසය කරයි. ශික්‍ෂාවෙහිද සම්පූර්‍ණ කිරීම ඇත්තේ නොවෙයි. ආනන්‍දය, යම් ඒ මහණෙක් තෙම ශාස්තෘන් වහන්සේ කෙරෙහි ගෞරව නැත්තේ, යටත් පැවතුම් නැත්තේ, වාසය කෙරේද, ධර්‍මය කෙරෙහි ගෞරව නැත්තේ, යටත් පැවතුම් නැත්තේ වාසය කෙරේද, සංයා කෙරෙහි ගෞරව නැත්තේ, යටත් පැවතුම් නැත්තේ, වාසය කෙරේද, ශික්‍ෂාවෙහි සම්පූර්ණ කිරීම ඇත්තේ නොවේද, හෙතෙම සංයා කෙරෙහි යම් විවාදයක් බොහෝ දෙනාට අවැඩ පිණිස, බොහෝ දෙනාට නොසැප පිණිස, බොහෝ දෙනාට අනත්‍ර්‍ථ පිණිස, දෙවි මිනිසුන්ට අහිත පිණිස, දුක් පිණිස වේද, එබඳු විවාද උපදවයි. ආනන්‍දය, ඉදින් තෙපි මෙබඳු විවාදයට මුල් කරුණු තමා කෙරෙහි හෝ පිටත්හි හෝ දකින්නාහුද, ආනන්‍දය, එහි තෙපි ඒ ලාමකවූ විවාද මූලයාගේම දුරුකිරීමට උත්සාහ කරන්නහුය. ආනන්‍දය, ඉදින් තෙපි මෙබඳු විවාද මූලය තමා කෙරෙහි හෝ පිටත්හි හෝ නොදක්නාහු නම්, ආනන්‍දය, එහි තෙපි ඒ ලාමකවූ විවාද මූලයාගේම මත්තෙහි නොහටගැනීම පිණිස පිළිපදින්නාහුය. මෙසේ මේ ලාමකවූ විවාද මූලයාගේ දුරු කිරීම වේ. මෙසේ මේ ලාමක විවාද මූලයාගේ මත්තෙහි නොහටගැනීම වේ.
9. ´´ආනන්‍දය, නැවත අනිකක්ද කියමි. මහණතෙම කෛරාටික වූයේ, මායා ඇත්තේ වේ. හෙතෙම ශාස්තෘන් වහන්සේ කෙරෙහි ගෞරව නැත්තේ, යටහත් පැවතුම් නැත්තේ වාසය කරයි. ධර්‍මය කෙරෙහිද ගෞරව නැත්තේ, යටහත් පැවතුම් නැත්තේ වාසය කරයි. සංයා කෙරෙහිද ගෞරව නැත්තේ, යටහත් පැවතුම් නැත්තේ වාසය කරයි. ශික්‍ෂාවෙහිද සම්පූර්‍ණ කිරීම ඇත්තේ නොවෙයි. ආනන්‍දය, යම් ඒ මහණෙක් තෙම ශාස්තෘන් වහන්සේ කෙරෙහි ගෞරව නැත්තේ, යටත් පැවතුම් නැත්තේ, වාසය කෙරේද, ධර්‍මය කෙරෙහි ගෞරව නැත්තේ, යටත් පැවතුම් නැත්තේ වාසය කෙරේද, සංයා කෙරෙහි ගෞරව නැත්තේ, යටත් පැවතුම් නැත්තේ, වාසය කෙරේද, ශික්‍ෂාවෙහි සම්පූර්ණ කිරීම ඇත්තේ නොවේද, හෙතෙම සංයා කෙරෙහි යම් විවාදයක් බොහෝ දෙනාට අවැඩ පිණිස, බොහෝ දෙනාට නොසැප පිණිස, බොහෝ දෙනාට අනර්ථ පිණිස, දෙවි මිනිසුන්ට අහිත පිණිස, දුක් පිණිස වේද, එබඳු විවාද උපදවයි. ආනන්‍දය, ඉදින් තෙපි මෙබඳු විවාදයට මුල් කරුණු තමා කෙරෙහි හෝ පිටත්හි හෝ දක්නාහුද, ආනන්‍දය, එහි තෙපි ඒ ලාමකවූ විවාද මූලයාගේම දුරුකිරීමට උත්සාහ කරන්නහුය.
ආනන්‍දය, ඉදින් තෙපි මෙබඳු විවාද මූලය තමා කෙරෙහි හෝ පිටත්හි හෝ නොදක්නහු නම්, ආනන්‍දය, එහි තෙපි ඒ ලාමකවූ විවාද මූලයාගේම මත්තෙහි නොහටගැනීම පිණිස පිළිපදින්නාහුය. මෙසේ මේ ලාමකවූ විවාද මූලයාගේ දුරු කිරීම වේ. මෙසේ මේ ලාමකවූ විවාද මූලයාගේ මත්තෙහි නොහටගැනීම වේ.
10. ´´ආනන්‍දය, නැවත අනිකක්ද කියමි. මහණතෙම ලාමක ආසා ඇත්තේ මිත්‍යාදෘෂ්ටිවූයේ වෙයි. හෙතෙම ශාස්තෘන් වහන්සේ කෙරෙහි ගෞරව නැත්තේ, යටහත් පැවතුම් නැත්තේ වාසය කරයි. ධර්‍මය කෙරෙහිද ගෞරව නැත්තේ, යටහත් පැවතුම් නැත්තේ වාසය කරයි. සංයා කෙරෙහිද ගෞරව නැත්තේ, යටහත් පැවතුම් නැත්තේ වාසය කරයි. ශික්‍ෂාවෙහිද සම්පූර්‍ණ කිරීම ඇත්තේ නොවෙයි. ආනන්‍දය, යම් ඒ මහණෙක් තෙම ශාස්තෘන් වහන්සේ කෙරෙහි ගෞරව නැත්තේ, යටත් පැවතුම් නැත්තේ, වාසය කෙරේද, ධර්‍මය කෙරෙහි ගෞරව නැත්තේ, යටත් පැවතුම් නැත්තේ වාසය කෙරේද, සංයා කෙරෙහි ගෞරව නැත්තේ, යටත් පැවතුම් නැත්තේ, වාසය කෙරේද, ශික්‍ෂාවෙහි සම්පූර්ණ කිරීම ඇත්තේ නොවේද, හෙතෙම සංයා කෙරෙහි යම් විවාදයක් බොහෝ දෙනාට අවැඩ පිණිස, බොහෝ දෙනාට නොසැප පිණිස, බොහෝ දෙනාට අනත්‍ර්‍ථ පිණිස, දෙවි මිනිසුන්ට අහිත පිණිස, දුක් පිණිස වේද, එබඳු විවාද උපදවයි. ආනන්‍දය, ඉදින් තෙපි මෙබඳු විවාදයට මුල් කරුණු තමා කෙරෙහි හෝ පිටත්හි හෝ දකින්නාහුද, ආනන්‍දය, එහි තෙපි ඒ ලාමකවූ විවාද මූලයාගේම දුරුකිරීමට උත්සාහ කරන්නාහුය. ආනන්‍දය, ඉදින් තෙපි මෙබඳු විවාද මූලය තමා කෙරෙහි හෝ පිටත්හි හෝ නොදක්නාහු නම්, ආනන්‍දය, එහි තෙපි ඒ ලාමකවූ විවාද මූලයාගේම මත්තෙහි නොහටගැනීම පිණිස පිළිපදින්නාහුය. මෙසේ මේ ලාමකවූ විවාද මූලයාගේ දුරු කිරීම වේ. මෙසේ මේ ලාමකවූ විවාද මූලයාගේ මත්තෙහි නොහටගැනීම වේ.
´´ස්වකීය දෘෂ්ටිය අල්වාගැනීම ඇත්තේ දැඩිව ගැනීම ඇත්තේ දුරලිය නොහැක්කේ වේ.
11. ´´ආනන්‍දය, හෙතෙම ශාස්තෘන් වහන්සේ කෙරෙහිද, ගෞරව නොකරන්නේ යටත් පැවතුම් නැත්තෙක්ව වාසය කරයි. ධර්‍මය කෙරෙහිද ගෞරව නොකරන්නේ යටත් පැවතුම් නැත්තෙක්ව වාසය කරයි. සංයා කෙරෙහිද ගෞරව නොකරන්නේ යටත් පැවතුම් නැත්තේ වාසය කරයි. සීලයද සම්පූර්‍ණ නොකරන්නේ වෙයි. ආනන්දය, යම් ඒ මහණෙක් තෙම ශාස්තෘන් වහන්සේ කෙරෙහි, ගෞරව නොකරන්නේ යටත් පැවතුම් නැත්තෙක්ව වාසය කෙරේද, ධර්‍මය කෙරෙහි ගෞරව නොකරන්නේ යටත් පැවතුම් නැත්තෙක්ව වාසය කෙරේද, සංයා කෙරෙහි ගෞරව නොකරන්නේ යටත් පැවතුම් නැත්තෙක්ව වාසය කෙරේද,. ශීලය සම්පූර්‍ණ නොකරන්නෙක් වේද, හෙතෙම සංයා කෙරෙහි විවාද උපදවයි. යම් විවාදයක් බොහෝ දෙනාට අවැඩ පිණිස, බොහෝ දෙනාට නොසැප පිණිස, බොහෝ දෙනාට අනත්‍ර්‍ථ පිණිස, දෙවි මිනිසුන්ට අහිත පිණිස දුක් පිණිස වන්නේද (එබඳු විවාදයෙකි)
12. ´´ආනන්‍දය, ඉදින් තෙපි මෙබඳු විවාදයකට මුල් කරුණ තමන් කෙරෙහි හෝ පිටත්හි හෝ දක්නහු නම්, ආනන්‍දය, එහි තෙපි එම ලාමකවූ විවාද මූලයාගේ දුරුකිරීම පිණිස උත්සාහ කරව්. ආනන්‍දය, ඉදින් තෙපි මෙබඳු විවාද මූලය තමන් කෙරෙහි හෝ පිටත්හි හෝ නොදක්නහු නම්, ආනන්‍දය, එහි තෙපි එම ලාමකවූ විවාද මූලයාගේ නොවැඩීම පිණිස පිළිපදිව්. මෙසේ මේ ලාමකවූ විවාද මූලයාගේ පහ කිරීම වේ. මෙසේ මේ ලාමකවූ විවාද මූළයාගේ මත්තෙහි නොහටගැනීම වේ. ආනන්‍දය, මොහු වනාහි විවාදයට මුල් කරුණු සය වෙත්.
13.´´ආනන්‍දය, මේ අධිකරණ සතරක් වෙත්. විවාදය පිළිබඳ අධිකරණය, සීල විපත්ති ආදීන් චෝදනා කිරීම් පිළිබඳ අධිකරණය, සප්ත ආපත්ති ස්කන්‍ධයන් පිළිබඳවූ අධිකරණය, අවලොකන ආදී කටයුතු පිළිබඳ අධිකරණය, ආනන්‍දය, මොහු වනාහි අධිකරණ සතර වෙත්.
14.´´ආනන්‍දය, උපනුපන් අධිකරණයන්ගේ සමථය පිණිස සංසිඳීම පිණිස මේ අධිකරණ සමථ සතක් වෙත්. සම්මුඛාවිනය දිය යුත්තේය. සති විනය දිය යුත්තේය. අමූළහ විනය දිය යුත්තේය. ප්‍රතිඥාවෙන් කරවිය යුතුයි. යෙභුය්‍යසිකාවය, තස්සපාපිය්‍යසිකාය, තිණවත්‍ථාරකය යන සතයි.
15.´´ආනන්‍දය, කෙසේ නම් සම්මුඛාවිනය වේද? ආනන්‍දය, මේ ශාසනයෙහි භික්‍ෂූහු අධර්‍මය ධර්‍මයයි කියමින්, හෝ ධර්‍මය අධර්‍මයයි කියමින් හෝ අවිනය විනයයි කියමින් හෝ විනය අවිනයයි කියමින් කලහ කෙරෙත්ද, ආනන්‍දය, ඒ සියලුම භික්‍ෂූන් විසින් සමගිව රැස්විය යුතුයි. රැස්ව ධර්‍ම නීතිය පරීක්‍ෂාකර බැලියයුතුයි. ධර්‍ම නීතිය පරීක්‍ෂාකොට බලා යම් ආකාරයකින් ධර්‍ම නීතිය හා සමවේද, ඒ ආකාරයෙන් ඒ අධිකරණය කලහය සංසිඳවිය යුතුයි. ආනන්‍දය, මෙසේ සංසිඳුවීම සම්මුඛාවිනය නම් සංසිඳුවීම වේ. මෙසේ වනාහි මේ ශාසනයෙහි සමහර අධිකරණයන්ගේ සංසිඳීම වේ. එනම් සම්මුඛාවිනයයෙනි.
16. ´´ආනන්‍දය, කෙසේ නම් යෙභුය්‍යසිකා නම් සංසිඳුවීම වේද, ආනන්‍දය, ඉදින් ඒ භික්‍ෂූහු ඒ අධිකරණය ඒ ආවාසයෙහි සංසිඳවන්ට නොහැකිවෙත් නම්, ආනන්‍දය, ඒ භික්‍ෂූන්ට වඩා යම් ආවාසයක භික්‍ෂූහු ඉතා බොහා් වෙත් නම් ඒ ආවාසයට යා යුත්තේය. එහි සියල්ලන්ම සමගිව රැස්විය යුතුයි.
රැස්ව ධර්‍ම නීතිය පරීක්‍ෂාකර බැලිය යුතුයි. ධර්‍ම නීතිය පරීක්‍ෂාකර බලා යම් ආකාරයකින් ධර්‍ම නීතිය හා සම වේද, ඒ ආකාරයෙන් ඒ අධිකරණය සංසිඳවිය යුතුයි. ආනන්‍දය, මෙසේ වනාහි යෙභුය්‍යසිකා නම් සංසිඳවීම වේ. මෙසේද වනාහි මේ ශාසනයෙහි ඇතැම් අධිකරණයන්ගේ සංසිඳවීම වේ. එනම් යෙභුය්‍යසිකාවෙනි.
17. ´ආනන්‍දය, කෙසේ නම් සතිවිනය නම් සංසිඳවීම වේද, ආනන්‍දය, මේ ශාසනයෙහි මහණතෙම මහණෙකුට පාරාජිකාවකින් හෝ පාරාජිකාවට ලංවූ ඇවතකින් හෝ
මෙබඳු ගරු ඇවතකින් ´ආයුෂ්මත් තෙමේ පාරාජිකාවකට හෝ පාරාජිකාවට ලංවූ ඇවතකට හෝ මෙබඳු ගරු ඇවතකට පැමිණි බව මතකදැ´ යි චෝදනා කරන්නේය. හෙතෙම, ´ඇවැත්නි, මම පාරාජිකාවකට හෝ පාරාජිකාවට ලංවූ ඇවතකට හෝ මෙබඳු ගරු ඇවතකට පැමිණි බව සිහි නොවෙමි´ යි කියන්නේද, ආනන්‍දය, ඒ භික්‍ෂූහුට වනාහි සති විනය නම් සංසිඳවීම දිය යුත්තේය. ආනන්‍දය මෙසේ වනාහි සතිවිනය නම් සංසිඳවීම වේ. මෙසේද වනාහි මේ සස්නෙහි ඇතැම් අධිකරණයන්ගේ සංසිඳවීම වේ. එනම් සතිවිනයෙනි.
18. ´´ආනන්‍දය, කෙසේ නම් අමූළහ විනය නම් සංසිඳවීම වේද, ආනන්‍දය, මේ ශාසනයෙහි මහණතෙම මහණෙකුට පාරාජිකාවකින් හෝ පාරාජිකාවට ලංවූ ඇවතකින් හෝ මෙබඳුවූ ගරු ඇවතකින් ´ආයුෂ්මත් තෙමේ පාරාජිකාවකට හෝ පාරාජිකාවට ලංවූ ඇවතකට හෝ මෙබඳු ගරු ඇවතකට පැමිණි බව මතකදැ´ යි චෝදනා කරන්නේය. හෙතෙම, ´ඇවැත්නි, මම පාරාජිකාවකට හෝ පැමිණියේ පාරාජිකාවට ලංවූ ඇවතකට හෝ මෙබඳු ගරු ඇවතකට පැමිණි බව මතක නැතැයි කියන්නේය. හෙතෙම ඔහුට අවුල් හැරීම වැඩියක් අවුල් කෙරෙයි. ´ආයුෂ්මත්තෙම යහපත්වම දැනගනු මැනව. ඉදින් පාරාජිකාවකට හෝ පාරාජිකාවට ලංවූ ඇවතකට හෝ මෙබඳු ගරු ඇවතකට පැමිණි බව සිහි කෙරෙහිදැ´ යි කියායි. හෙතෙම මෙසේ කියයි. ´ඇවැත්නි, මම වනාහි උමත ුබවට චිත්තයාගේ පෙරළීමට පැමිණියෙමි. ඒ උමතුවූ මා විසින් ශ්‍රමණයන්ට නුසුදුසුවූ බොහෝ දේ කරන ලදී. නුසුදුසු වචන කියන ලදී. නුසුදුසු ක්‍රියා කරනලදී. මට එය මතක නැත. මුලාවූ මා විසින් එය කරන ලදැ´ යි කියන්නේය. ආනන්‍දය, ඒ භික්‍ෂුවහට වනාහි අමුළහ විනය නම් සංසිඳුවීම දිය යුතුයි. ආනන්‍දය, මෙසේ වනාහි අමුළහ විනය නම් සංසිඳවීම වේ. මෙසේද වනාහි මේ ශාසනයෙහි ඇතැම් අධිකරණයන්ගේ සංසිඳීම වේ. එනම්, අමුළහ විනයයෙනි.
19. ´´ආනන්‍දය, කෙසේ නම් පටිඤ්ඤාතකරණය සංසිඳවීම වේද, ආනන්‍දය, මේ ශාසනයෙහි මහණතෙම චොදනා කරණ ලද්දේ හෝ චෝදනා නොකරන ලද්දේ හෝ ඇවත සිහි කරයිද, ප්‍රකාශ කරයිද, ප්‍රකට කෙරේද, ආනන්‍දය, ඒ භික්‍ෂුව විසින් වැඩිමහලු භික්‍ෂුවක් කරා පැමිණ සිවුර ඒකාංශකොට පොරවා, පා වැඳ, උක්කුටුකයෙන් ඉඳ, ඇඳිලි බැඳගෙන, ´ස්වාමීනි, මම මෙනම් ඇවතකට පැමිණියෙමි. එය දේශනා කරමි´ යි මෙසේ කියයුතු වන්නේය. වැඩි මහලු භික්‍ෂුව, ´ඇවත දක්නෙහිදැ´ යි අසයි. හෙතෙම, ´දක්නෙමි´ යි කියන්නේය. ´මත්තෙහි සංවරයට පැමිණෙන්නෙහිදැ´ යි වැඩිමහල් තෙරුන් වහන්සේ අසයි. ´සංවරයට පැමිණෙන්නෙමි´ යි හෙතෙම කියන්නේය. ආනන්‍දය, මෙසේ වනාහි පටිඤ්ඤාතකරණය නම් සංසිඳවීම වේ. මෙසේද වනාහි මෙහි ඇතැම් අධිකරණයන්ගේ සංසිඳීම වේ. එනම්, පටිඤ්ඤාතකරණයෙනි.
20. ´´ආනන්‍දය, කෙසේ නම් තස්සපාපිය්‍යසිකා නම් සංසිඳවීම වේද? ආනන්‍දය, මේ ශාසනයෙහි මහණෙක් මහණෙකුට, ´පාරාජිකාවකින් හෝ පාරාජිකාවට ලංවූ ඇවතකින් හෝ මෙබඳුවූ ගරු ඇවතකින් ආයුෂ්මත් තෙමේ පාරාජිකාවකට හෝ පාරාජිකාවකට ලංවූ ඇවතකට හෝ මෙබඳු ගරු ඇවතකට පැමිණියා මතකදැ´ යි චෝදනා කරන්නේය. හෙතෙම මෙසේ කියයි. ´ඇවැත්නි මම පාරාජිකාවකට හෝ පාරාජිකාවට ලංවූ ඇවතකට හෝ මෙබඳු ගරු ඇවතකට පැමිණියා මතක නැතැයි කියන්නේය.
හෙතෙම ඔහුට අවුල් හරින්නහු වැඩියක් අවුල් කෙරෙයි. ´ආයුෂ්මත් තෙමේ ඉදින් පාරාජිකාවකට හෝ පාරාජිකාවට ලංවූ ඇවතකට හෝ මෙබඳු ගරු ඇවතකට පැමිණිබව මතක්වෙහිදැයි මනාකොටම දැනගනුව´ යි කියයි. ඇවැත්නි මට පාරාජිකාවකට හෝ පාරාජිකාවකට ලංවූ ඇවතකට හෝ මෙබඳු ගරු ඇවතකට පැමිණි බව මතක නැත. ඇවැත්නි මෙබඳු කුඩා ඇවතකට පැමිණි බව මතකය´ යි කියායි. හෙතෙම අවුල් හරින්නාහු වඩාත් අවුල් කෙරෙයි. ´ආයුෂ්මත් තෙමේ ඉදින් පාරාජිකාවකට හෝ පාරාජිකාවකට ලංවූ ඇවතකට හෝ මෙබඳු ගරු ඇවතකට පැමිණිබව මතකදැයි මනාකොට දැනගනුව´ යි කියායි. හෙතෙම මෙසේ කියයි. ´ඇවැත්නි, මම වනාහි මෙනම් සුලු ඇවතකට පැමිණ නොඅසන ලදුවම ප්‍රකාශ කරන්නෙමි. කිමෙක්ද? මම පාරාජිකාවකට හෝ පාරාජිකාවට ලංවූ ඇවතකට හෝ මෙබඳු ගරු ඇවතකට පැමිණ අසන ලදුව ප්‍රකාශ නොකරන්නෙම්දැ´ යි කියන්නේය. හෙතෙම මෙසේ කියයි. ´ඇවැත්නි, නුඹ වනාහි මෙනම් සුලු ඇවතකට පැමිණ නොඅසන ලදුව ප්‍රකාශ නොකරන්නෙහිය. කිමෙක්ද ඔබ පාරාජිකාවකට හෝ පාරාජිකාවට ලංවූ ඇවතකට හෝ මෙබඳු ගරු ඇවතකට පැමිණ අසන ලදුව ප්‍රකාශ කරන්නෙහිද? ආයුෂ්මත් තෙමේ ඉදින් පාරාජිකාවකට හෝ පාරාජිකාවට ලංවූ ඇවතකට හෝ මෙබඳු ගරු ඇවතකට පැමිණි බව සිහි වන්නෙහිදැයි මනාකොටම දැනගනුව´ යි කියන්නේය. ඒ භික්‍ෂුතෙමේ ´ඇවැත්නි මට පාරාජිකාවකට හෝ පාරාජිකාවට ලංවූ ඇවතකට හෝ මෙබඳු ගරු ඇවතකට පැමිණි බව මතකය. ඉක්මන්කම නිසා හෝ අනිකක් කියනු කැමතිව මා විසින් මෙසේ අනිකක් කීම නිසා හෝ මට පාරාජිකාවකට හෝ පාරාජිකාවට ලංවූ ඇවතකට හෝ මෙබඳු ගරු ඇවතකට පැමිණි බව මතක නැතැ´ යි. කියනලදී. ආනන්‍දය, මෙසේ වනාහි තස්සපාපිය්‍යසිකා නම් සංසිඳවීම වේ මෙසේද වනාහි මෙහි ඇතැම් අධිකරණයන්ගේ සංසිඳීම වේ. එනම්, තස්සපාපිය්‍යසිකාවෙනි.
21. ´´ආනන්‍දය, කෙසේ නම් තිණවත්‍ථාරක නම් සංසිඳවීම වේද? ආනන්‍දය, මේ ශාසනයෙහි හටගත් දබර ඇති හටගත් කලහ ඇති විවාදයට පැමිණ වාසය කරන්නාවූ භික්‍ෂූන්ගේ බොහෝවූ ශ්‍රමණයන්ට නුසුදුසුවූ කියනලද දෙය හා කරණලද දෙය පුරුදු කරණ ලද්දේ වෙයි. ආනන්‍දය, ඒ සියලුම භික්‍ෂූන් විසින් සමගිව රැස්විය යුතුයි. රැස්ව එක් පක්‍ෂයෙක්හිවූ භික්‍ෂූන්ගෙන් ඉතා දක්‍ෂවූ භික්‍ෂුවක් විසින් හුනස්නෙන් නැගිට සිව්රු ඒකාංශකොට ඇඳිලි බැඳගෙන සංයාහට දැන්විය යුත්තේය. ´ස්වාමීනි, සංතෙම මා කියන්නක් අසාවා. හටගත් දබර ඇක්කාවූ, හටගත් කලහ ඇත්තාවූ, විවාදයට පැමිණ වාසය කරන්නාවූ අපගේ මේ බොහෝවූ ශ්‍රමණයන්ට නුසුදුවූ කියන ලද්දාවූද, කරණ ලද්දාවූද, පුරුදු කරණ ලද්දාවූද දේ වෙයි.
´ඉදින් සංයාට පැමිණි කල් ඇත්තේ නම් මම මේ ආයුෂ්මතුන්ලාගේ යම් ඇවතකුත් වේද, තමන්ගේ යම් ඇවතකුත් වේද, මහත් වරද සහ ගිහියන් පිළිබඳ වරද හැර යම් සෙසු සියලු ඇවැත් මේ ආයුෂ්මතුන්ලාගේ ප්‍රයෝජනය පිණිසද, තමන්ගේ ප්‍රයෝජනය පිණිසද, සංයා මධ්‍යයෙහි තිණවත්‍ථාරක කර්‍මයෙන් දේශනා තරන්නෙමි´ යි (කිය යුතුය.)
´´ඉක්බිති අනික් පක්‍ෂයෙක්හිවූ භික්‍ෂූන්ගෙන් ඉතා දක්‍ෂවූ භික්‍ෂුවක් විසින් හුනස්නෙන් නැගිට සිව්රු ඒකාංශකොට පොරවා ඇඳිලි බැඳගෙන සංයාහට දැන්විය යුත්තේය. ´ස්වාමීනි, සංතෙම මා කියන්නක් අසන සේක්වා. හටගත් දබර ඇත්තාවූ, හටගත් කලහ ඇත්තාවූ, විවාදයට පැමිණ වාසය කරන්නාවූ අපගේ මේ බොහෝවූ ශ්‍රමණයන්ට නුසුදුසුවූ කියන ලද්දාවූද, කරණ ලද්දාවූද, පුරුදු කරණ ලද්දාවූද දේ වෙයි. ඉදින් සංයාට පැමිණි කල් ඇත්තේ නම්, මම මේ ආයුෂ්මතුන්ලාගේ යම් ඇවතකුත් වේද, තමාගේ යම් ඇවතකුත් වේද, මහත් වරද සහ ගිහියන් පිළිබඳ වරද හැර සෙසු සියලු වරද මේ ආයුෂ්මතුන්ලාගේ ප්‍රයෝජනය පිණිසද, තමාගේ ප්‍රයෝජනය පිණිසද, සංයා මධ්‍යයෙහි තිණවත්‍ථාරක කර්‍මයෙන් දෙසන්නෙමි´ යි (කිය යුතුය.)
´´ආනන්‍දය, මෙසේ වනාහි තිණවත්‍ථාරක නම් සංසිඳවීම වේ මෙසේද වනාහි මේ ශාසනයෙහි ඇතැම් අධිකරණයන්ගේ සංසිඳීම වේ. එනම්, තිණවත්‍ථාරකයෙනි.
22. ´´ආනන්‍දය, ප්‍රියබව ඇතිකරන්නාවූ, ගරු බව ඇතිකරන්නාවූ, රැස්වීම පිණිස, විවාද නොකිරීම පිණිස, සමගිය පිණිස, එක්වීම පිණිස, මේ සිහි කටයුතු ධර්‍ම සයක් පවතිත්. එක්ව මහණදම් පුරන්නවුන් කෙරෙහි ඉදිරියෙහිද, නොඉදිරියෙහිද, කවර සයක්ද යත්? ආනන්‍දය, මේ ශාසනයෙහි මහණහුගේ මෛත්‍රී කාය කර්‍මය එළඹ සිටියේ වේද, ප්‍රිය බව ඇතිකරන්නාවූ, ගරු බව ඇතිකරන්නාවූ, මේ සිහි කටයුතු ධර්‍මයද, රැස්වීම පිණිස, විවාද නොකිරීම පිණිස, සමගිය පිණිස එක්වීම පිණිස පවතියි.
23.´´ආනන්‍දය, නැවතද අනිකක් කියමි. එකට මහණදම් පුරණ භික්‍ෂූන් කෙරෙහි ඉදිරියෙහිද, නොඉදිරියෙහිද භික්‍ෂුහුගේ මෛත්‍රී වාග් කර්‍මය එළඹ සිටියේ වෙයි. ප්‍රිය කරන්නාවූ, ගරු කරන්නාවූ, මේ සිහි කටයුතු ධර්‍මයද, සංග්‍රහය පිණිස, විවාද නොකිරීම පිණිස, සමගිය පිණිස, එකඟ බව පිණිස පවතියි.
´´ආනන්‍දය, නැවත අනිකක් කියමි. සබ්‍රම්සරුන් අභිමුඛයෙහිද, අනභිමුඛයෙහිද, භික්‍ෂුවගේ මෛත්‍රී මනො කර්‍මය එළඹ සිටියේ වෙයි. ප්‍රිය බව කරන්නාවූ, ගරු බව කරන්නාවූ, මේ සිහි කටයුතු ධර්‍මයද, රැස්වීම පිණිස, විවාද නොකිරීම පිණිස, සමගිය පිණිස, එක්වීම පිණිස පවතියි.
24.´´ ආනන්‍දය, නැවත අනිකක්ද කියමි. මහණතෙම යම් ඒ ධාර්මිකවූ, දැහැමින් ලබන ලද්දාවූ, යටත් පිරිසෙයින් පාත්‍රයෙහි ඇතුලත්වූවක් පමණවූද ලාභයෝ වෙත්ද, එබඳුවූ ලාභ සිල්වත්වූ සබ්‍රම්සරුන් හා බෙදා හදා නොවළඳන්නෙක් නොවේද, සමව බෙදා වළඳන්නෙක් වේද, ප්‍රියබව ඇතිකරන්නාවූ, ගරු බව ඇතිකරන්නාවූ, මේ සිහි කටයුතු ධර්‍මයද, රැස්වීම පිණිස, අවිවාද පිණිස, සමගිය පිණිස, එක්වීම පිණිස පවතියි.
25.´´ආනන්‍දය, නැවතද අනිකක්ද කියමි. මහණතෙම කඩනොවූ, සිදුරු නොවූ, කබර නොවූ, කැළල් නොවූ, දාසකමින් මිදුනාවූ, නුවණැත්තන් විසින් පසස්නා ලද්දාවූ, තෘෂ්ණා දෘෂ්ටි දෙකින් අල්වා නොගන්නා ලද්දාවූ, සමාධිය පිණිස පවත්නාවූ, යම් ඒ සීලයෝ වෙත්ද, එබඳු සීලයන්හි සබ්‍රම්සරුන් ඉදිරියෙහි හා නොඉදිරියෙහිද, සීලයෙන් සමාන බවට පැමිණ වාසය කරයිද, ප්‍රියබව ඇතිකරන්නාවූ, ගරුබව ඇතිකරන්නාවූ මේ සිහි කටයුතුවූ ධර්‍මයද රැස්වීම පිණිස, අවිවාදය පිණිස, සමගිය පිණිස, එක්වීම පිණිස පවතියි.
26.´´ආනන්‍දය, නැවත අනිකක්ද කියමි. මහණතෙම යම් මේ ආය්‍ර්‍යවූ නෛය්‍ර්‍යාණිකවූ එය පිළිපදින්නහුගේ දුක් මනාව නැසීම පිණිස පවත්නාවූ යම් ඒ ප්‍රඥාවක් වෙයිද, එබඳු ප්‍රඥාවෙන් සබ්‍රම්සරුන් ඉදිරියෙහි හා නොඉදිරියෙහිද සමාන බවට පැමිණ වාසය කරයිද, ප්‍රියබව ඇතිකරන්නාවූ, ගරුබව ඇති කරන්නාවූ, මේ සිහි කටයුතු ධර්‍මයද රැස්වීම පිණිස, අවිවාදය පිණිස, එක්වීම පිණිස පවතියි. ආනන්‍දය, ප්‍රිය බව ඇතිකරන්නාවූ මේ සිහි කටයුතු ධර්‍ම සය රැස්වීම පිණිස, අවිවාදය පිණිස, සමගිය පිණිස, එක්වීම පිණිස පවතිත්. ආනන්‍දය, ඉදින් තෙපි මේ සිහි කටයුතු ධර්‍ම සය සමාදන්ව පවත්නාහු නම් ආනන්‍දය, තෙපි නොඉවසන්නාවූ කුඩා වරද ඇත්තාවූ හෝ මහත් වරද ඇත්තාවූ යම් වචනයක් දකිව්ද?´´ ´´ස්වාමීනි, නැත.´´
´´ආනන්‍දය, එහෙයින් මේ සිහි කටයුතු ධර්‍ම සය සමාදන්ව පවතිව්. එය තොපට බොහෝ කලක් හිත පිණිස, සැප පිණිස වන්නේය..´´
භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළේය. සතුටු සිත් ඇත්තාවූ ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිර තෙම භාග්‍යවතුන් වහන්සේගේ වචනය සතුටින් පිළිගත්තේය.
සාමගාම සූත්‍රය නිමි.
උපුටා ගැනීම - උතුම් ශ්‍රී සද්ධර්මය ( dahamsithum.wordpress )