ත්‍රිපිටක පොත් වහන්සේ/සූත්‍ර පිටකය/මජ්ක්ධීම නිකාය/ මාලුඬක්‍ය සූත්‍රය
1. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතූන් වහන්සේ සැවත් නුවර අනේපිඬු මහ සිටුහුගේ ජෙතවන නම්වූ ආරාමයෙහි වැඩ වාසය කළහ. එකල්හි භාග්‍යවතූන් වහන්සේ ´´මහණෙනි´´යි භික්‍ෂූන්ට කථාකළහ. ´ස්වාමීනි´´යි ඒ භික්‍ෂූහු භාග්‍යවතූන් වහන්සේගේ වචනයට පිළිතූරු දුන්හ. භාග්‍යවතූන් වහන්සේ මෙය වදාළහ.
´මහණෙනි, තොපි මා විසින් දෙසන ලද ඔරම්භාගීය සංයොජනයන් (යට කොටසයයි කියනු ලබන කාම ලොකය භජනය කරන සංයොජනයන්) දරන්නා හුද´´
2. මෙසේ ඇසූ කල්හි මලුඬක්‍ය පුත්‍ර ස්ථිවිර තෙම භාග්‍යවතූන් වහන්සේට මේ කාරණය කීය.
´´ස්වාමීනි, මම භාග්‍යවතූන් වහන්සේ විසින් දෙසන ලද පඤච ඔරම්භාගීය සංයෝජනයන් සිතින් දරමි.´´
´´මාලුඬක්‍ය පුත්‍රය, තෙපි මා විසින් දෙසනලද පඤ්චඔර ඔරම්භාගීය සංයෝජනයන් කෙසේ දරන්නා හූද´´
´´ස්වාමීනි මම ආත්මයක් ඇත යන භාග්‍යවතූන් වහන්සේ විසින් ඔරම්භාගීය සංයෝජනය වශයෙන් දෙශනා කරන ලද සක්කාය දිඨ්ය දරමි. ස්වාමීනි, මම භාග්‍යවතූන් වහන්සේ විසින් ඔරම්භාගිය සංයොජන වශයෙන් වදාළ විචිකිච්ඡාව දරමි. ස්වාමීනි, මම භාග්‍යවතූන් වහන්සේ විසින් දෙසනාකළ ඔරම්භාගීය සංයෝජන සීලබ්බත පරමාසය දරමි. ස්වාමීනි, මම භාග්‍යවතූන් වහන්සේ විසින් ඔරම්භාගිය සංයොජන වශයෙන් දෙශනාකළ කාමච්ඡන්‍දය දරම්.
´´ස්වාමීනි, මම භාග්‍යවතූන් වහන්සේ විසින් ඔරම්භාගිය සංයෝජන වශයෙන් වදාළ ව්‍යාපාදය දරමි. ස්වාමීනි, මම භාග්‍යවතූන් වහන්සේ විසින් දෙසන ලද පඤචඔරම්භාගිීය සංයෝජනයන් මෙසේ දරමි.
3. ´´මාලුඬක්‍ය පුත්‍රය තොප මා විසින් කවරෙකූට දෙසන ලද පඤචඔරම්භාගීය සංයොජනයන් මෙසේ දරයිද? මාලුඬක්‍ය පුත්‍රය, අන්‍ය දෘෂ්ටික පැවිද්දෝ දොස් නගනහැකි මේ ළදරු උපමාවෙන් දොස් නගන්නාහු නොවෙත්ද? (කෙසේද) මාලුඬක්‍ය පුත්‍රය, උඩුකුරුව නිදන බිලිඳු කුඩා දරුවෙකූට ස්වකීය ශරීරය යන හැඟීමක් නැත. ඔහුට මම යන දෘෂටියක් කොහින් උපදීද? ඔහුට අනුශය වශයෙන් පවත්නා සක්කාය දෘෂ්ටියම ඇත්තේය. මාලුඞක්‍ය පුත්‍රය, උඩුකූරුව නිදන බිලිඳු කුඩා දරුවෙකුට ධර්‍මයෝයයි හැඟීමක් නැත. ධර්‍මයන්හි සැකයක් කොයින් උපදීද? ඔහුට අනුශය වශයෙන් පවත්නා විචිකිච්ඡාවම ඇත්තේය. මාලුඞක්‍ය පුත්‍රය, උඩුකුරුව නිදන බිලිඳුකුඩා දරුවෙකුට සීලයයි හැහීමක් නැත. ඔහුට වරදවා ගන්නා සීලයක් ව්‍රතයක් කොයින් උපදීද? අනුශය වශයෙන් පවත්නා සීලබ්බත පරාමාසයම ඇත්තේය. මාලුඞක්‍ය පුත්‍රය, උඩුකුරුව නිදන බිලිඳු දරුවෙකුට කාමයයි හැඟීමක් නැත. ඔහුට කාමයෙහි කැමැත්ත කොයින් උපදීද ? ඔහුට අනුශය වශයෙන් පවත්නා කාමච්ඡන්දයම ඇත්තේය. මාලුඞක්‍ය පුත්‍රය, උඩුකුරුව නිදන කුඩා දරුවෙකුට සත්වයෝයයි හැහීමක් නැත. එවිට සත්වයන් කෙරෙහි කෝපයක් කොයින් උපදින්නේද? ඔහුට අනුශය වශයෙන් පවත්නා ව්‍යාපාදයම ඇත්තේය. මාලුඞක්‍ය පුත්‍රය, අන්‍ය දෘෂටික පැවිද්දෝ දොස් නගන හැකි මේ ළදරු උපමාවෙන් දොස් නගන්නාහු නොවෙත්ද ?´´
4. මෙසේ කී කල්හි ආනන්‍ද ස්ථවිර තෙම භාග්‍යවතුන් වහන්සේට මේ කාරණය කීය. ´´භාග්‍යවතුන් වහන්සේ යම් හෙයකින් පඤ්චඔරම්භාගීය සංයොජනයන් දෙසත් ද භාග්‍යවතුන් වහන්සේගෙන් අසා භික්ෂූහු දරත්ද, (-ඉගෙණ ගණිත් ද) භාග්‍යවතුන් වහන්ස, මේ එයට කාලයයි, සුගතයන් වහන්ස, මේ එයට කාලයයි.´´
´´අනන්‍දය, එසේ නම් අසව, හොඳින් සිහි කරව. කියන්නෙමි,´´ ´´එසේය, ´´ස්වාමීනි´´යි ආනන්‍ද ස්ථවිරතෙම භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන්නේය. භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළෝය.
5. ´´ආනන්‍දය, මේ ලෝකයෙහි අය්‍ර්‍යයන් නොදන්නා, ආය්‍ර්‍ය ධර්‍මයෙහි අදක්ෂ, අය්‍ර්‍ය ධර්‍මයෙහි නොහික්මුනු, නොදක්නා සත්පුරුෂ ධර්‍මයෙහි අදක්‍ෂ, සත්පුරුෂ ධර්‍මයෙහි නොහික්මුණු, නූගත් පෘථග්ජනයා සත්කාය දෘෂ්ටියෙන් මඩනාලදුව උපන් සත්කාය දෘෂ්ටිය ඇති සිතින් වාසය කරයිද, උපන් සත්කාය දෘෂ්ටිය නැතිකිරීමට ඇතිසැටියෙන් නොදනීද, ශක්තිමත්වූ දුරුකිරීමට අපහසුවූ ඔහුගේ සක්කාය දිට්ඨිය ඔරම්භාගීය සංයෝජනයක් වෙයි.
6. ´´සීලබ්බත පරාමාසයෙන් මඩනා ලදුව, උපන් සීලබ්බත පරමාශය ඇති සිතින් වාසය කරයිද, උපන් ශීලව්‍රත පරාමාශයේ නැති කිරීම ඇතිසැටියෙන් නොදනීද, ශක්තිමත්වූ දුරු කිරීමට අපහසු වූ ඔහුගේ සීලබ්බත පරාමාසය ඔරම්භාගීය සංයෝජනයක් වෙයි.
´´කාම රාගයෙන් මඩනා ලදුව, උපන් කාම රාගයෙන් යුත් සිතින් වාසය කරයිද, උපන් කාම රාගයේ නැති කිරීම ඇති සැටියෙන් නොදනිද, ශක්තිමත්වූ දුරු කිරීමට අපහසුවූ ඔහුගේ ඡන්‍ද රාගය ඔරම්භාගීය සංයෝජනයක්වේ.
´´කෝපයෙන් මඩනා ලදුව, උපන් කෝපයෙන් යුත් සිතින් වාසය කරයිද, උපන් කෝපයේ නැති කිරීම නොදනී, ශක්තිමත්වූ දුරු කිරීමට අපහසුවූ ඔහුගේ ව්‍යාපාදය ඔරම්භාගීය සංයෝජනයක් වෙයි.
´ආනන්‍දය, ලෝකයෙහි ආය්‍ර්‍යයන් දක්නා ආය්‍ර්‍ය ධර්‍මයෙහි දක්‍ෂ ආය්‍ර්‍ය ධර්‍මයෙහි හික්මුනු සත්පුරුෂයන් දක්නා සත්පුරුෂ ධර්‍මයෙහි දක්‍ෂ සත්පුරුෂ ධර්‍මයෙහි හික්මුනු උගත් ආය්‍ර්‍ය ශ්‍රාවකයා සත්කායදෘෂ්ටියෙන් නොමඩනා ලද, සත්කායදෘෂ්ටිය නූපන් සිතින් වාසය කරයිද, උපන් සත්කාය දෘෂ්ටි නැති කිරීම ඇතිසැටියෙන් දනීද අනුශය සහිතවූ ඔහුගේ ඒ සත්කාය දෘෂ්ටිය නැතිවී යන්නේය.
´´සැකයෙන් නොමඩනා ලද, සැකය නූපන් සිතින් වාසය කරයි. උපන් සැකයේ නැති කිරීම ඇතිසැටියෙන් දනී. ඔහුගේ අනුශය සහිතවූ ඒ සැකය නැතිවීයයි,
´´ශීලව්‍රත පරාමාශයෙන් නොමඩනා ලද, ශීලව්‍රත පරාමාශය නූපන් සිතින් වාසය කරයි. උපන්නාවූ ශීලව්‍රත පරාමාශයේ නැති කිරීම ඇතිසැටියෙන් දනී. ඔහුගේ අනුශය සහිතවූ ඒ ශීලව්‍රත පරාමාශය නැතිවී යන්නේය.
´´කෝපයෙන් නොමඩනා ලද, නූපන් කාම රාගය ඇති සිතින් වාසය කරයි. උපන් කෝපයේ නැති කිරීම ඇතිසැටියෙන් දනී, ඔහුගේ අනුශය සහිත ඒ කෝපය නැතිවීයයි.
7. ´´ආනන්‍දය, පෙක්‍චාරම්භාගීය සංයෝංජයන්ගේ නැති කිරීමට යම් මගක්, යම් පිළිපැදීමක් වේද ඒ මගට ඒ පිළිපැදීමට පැමිණ පඤ්චොරම්භාගීය සංයෝජනයන් දැනගන්නේය හෝ දක්නේය හෝ පහකරන්නේය හෝ යන මේ කාරණය සිදු නොවන්නකි.
´´ආනන්‍දය, යම්සේ කෙලින් සිටින හරය ඇති මහ ගසක පොත්ත නොසිඳ ඵලය නොසිඳ හරය කපන්නේය යන මේ කාරණය සිදුනොවන්නක් වේද, අනන්‍දය, එපරිද්දෙන්ම පඤ්චොරම්භාගීය සංයෝජයන් නැතිකිරීමට යම් මගක් යම් පිළිපැදීමක් වේද ඒ මගට ඒ පිළිපැදීමට නොපැමිණ පඤවොරම්භාගීය සංයෝජනයන් දැනගන්නේය හෝ දකින්නේය හෝ නැතිකරන්නේය හෝ යන මේ කාරණය සිදු නොවන්නකි.
´´අනන්‍දය, පෙඤ්චාරම්භාගීය සංයොජයන්ගේ නැති කිරීමට මගක් යම් පිළිපැදීමක් වේද, ඒ මගට ඒ පිළිපැදීමට පැමිණ පඤ්වොරම්භාගීය සංයෝජනයන් දැන ගන්නේය, කියා හෝ දකින්නේය කියා හෝ නැති කරන්නේය, කියා හෝ යන මේ කාරණය සිදුවන්නෙකි.
8. ´´ආනන්‍දය, යම්සේ කෙළින් සිටින හරය ඇති මහ ගසක පොතු කපා ඵලය කපා හරය කපන්නේය යන මේ කාරණය සිදුවන්නක් වේද, ආනන්‍දය, එමෙන් පඤ්චොරම්භාගීය සංයෝජයන් නැති කිරීමට යම් මගක් යම් පිළිපැදීමක් වේද, ඒ මගය ඒ පිළිපැදීමට පැමිණි පඤ්චොරම්භාගීය සංයෝජනයන් දැන ගන්නේය හෝ දකින්නේය හෝ නැති කරන්නේය හෝ යන මේ කාරණය සිදුවන්නකි.
9. ´´ආනන්‍දය, යම්සේ කවුඩෙකුට කර නොනමා පානය කළහැකිසේ දෙඉවුර සමව දිය පිරුණු ගංගාවක්වේද, ඉක්බිති මම මේ ගංගාවේ දිය පහර අතින් සිඳගෙන පහසුවෙන් සසර එතරට යන්නෙමි´යි දුබල මිනිසෙක් එන්නේද ඔහු ගංගාවේ දිය පහර අතින් සිඳගෙන පහසුවෙන් සසර එතරට යන්ට නොහැකි වන්නේද, ආනන්‍දය , එමෙන්ම යම්කිසිවෙකුට සක්කාය දෘෂ්ටිය නැති කිරීමට ධර්‍මය දෙශනා කරණ කල්හි එහි බැස නොගනීද, නොපහදීද, නොසිටීද , (කෙළෙසුන් ගෙන්) නොමිදේද, ඒ දුබල මිනිසා යම්සේද ඔවුහුද එසේද දත යුත්තාහ.
10. ´´ආනන්‍දය , යම්සේ කවුඩෙකුට කර නොනමා පානය කළ හැකිසේ දෙවුර සමව දිය පිරුණු ගංගාවක්වේද, ඉක්බිති මම මේ ගංගාවේ දිය පහර අතින් සිඳගෙන පහසුවෙන් සසර එතර යන්නෙමි´යි බලවත් මිනිසෙක් එන්නේය. ඔහු ගංගාවේ දිය පහර අතින් සිඳගෙන පහසුවෙන් එතර යන්ට හැකි වන්නේය, ආනන්‍දය, එමෙන් යම්කිසි වෙකුට සක්කාය දෘෂ්ටිය නැති කිරීමට ධර්‍මය දේශනා කරන කල්හි සිත එහි බැසගනීයිද, පහදීද, සිටීද, (කෙළෙසුන්ගෙන්) මිදේද, ඒ බලවත් මිනිසා යම්සේද , ඔහුද එසේද දත යුත්තාහ.
11. ´´ආනන්‍දය, පඤ්චොරම්භාගීය සංයෝජනයන් නැති කිරීමේ මාර්‍ගය කවරේද? පිළිපැදීම කවරේද?
´´ආනන්‍දය, මේ ශාසනයෙහි භික්‍ෂුව උපධි විවේකයෙන් (-පස්කම් ගුණයෙන් වෙන් වීමෙන්-) අකසල ධර්‍මයන්ගෙන් වෙන්ව (-නීවරණයන් දුරලීමෙන්-) ශරීරයේ අලස බව සංසිඳවීමෙන්, කාමයන්ගෙන් වෙන්වම, අකුශලයන්ගෙන් තොරව, විතර්ක සහිතවූ විචාර සහිතවූ විවේකයන් හටගත් ප්‍රීතිය හා සැපය ඇති ප්‍රථමධ්‍යානයට පැමිණ වාසය කරයි. ඒ පුද්ගලයා එහි රූපයට අයත් වේදනාවට අයත් සංඥාවට අයත් සංස්කාරයන්ට අයත් විඥායට අයත් යමක් වේද, ඒ ධර්මයන් අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් රෝගයක් වශයෙන්, ගඩක් වශයෙන් ,හුලක් වශයෙන්, දුකක් වශයෙන් ආබාධයක් වශයෙන්, තමාට අයත් නොවන දෙයක් වශයෙන්, බිඳෙන දෙයක් වශයෙන්, සූන්‍ය වශයෙන් අනාත්ම වශයෙන් දකී. ඔහු ඒ ධර්‍මයගෙන් සිත ඉවත් කරයි. ඔහු ඒ ධර්මයන්ගෙන් සිත ඉවත් කොට යම් මේ සියලු සංස්කාරන්ගේ සංසිඳීමක් වේද, සියලු උපධීන්ගේ දුරලීමක් වේද, තෘෂ්ණාව නැති කිරීමක් වේද, නොඇලීමක් වේද, නැති කිරීමක් වේද, නිර්‍වාණයක් වේද, මෙය සාන්තය , මෙය ප්‍රණිීතයයි අමෘතය නම් නිර්‍වාණයට සිත යොදවයි. ඔහු එහි සිටියේ ආශ්‍රවයන් ක්‍ෂයකිරීමට පැමිණෙයි. ආශ්‍රවයන් ක්‍ෂයකිරීමට නොපැමිණියේ නම් ඒ ධර්‍මයෙහිම ඇලීමෙන් ඒ ධර්මයෙහි කැමති වීමෙන් පඤ්චොරම්භාගීය සංයෝජනයන් නැති කිරීමෙන් ඔපපාතික වෙයි. එහි පිරිනිවෙයි. ඒ ලොකයෙන් නැවත මෙහ නොඑන ස්වභාවය ඇත්තේ වෙයි. ආනන්දය, පඤ්චොරම්භාගිය සංයොජනයන්ගේ නැති කිරීම පිණිස මේ මාර්‍ගයයි මේ පිළිපැදීමයි.
12. ´´ආනන්‍දය, නැවත අනිකක් කියමි. භික්‍ෂුව විතර්‍ක විචාරයන් සංසිඳවීමෙන් සිතේ ෂතුට ඇතිකරන සිතේ එකඟ භව ඇති කරණ අවිතර්‍ක අවිචාර සමාධියෙන් හටගත් ප්‍රීතිය හා සැප ඇති ද්විතීය ධ්‍යානයට පැමිණ වාසය කරයි. ඒ පුද්ගලයා එහි රූපයට අයත් වේදනාවට අයත් සංඥාවට අයත් සංස්කාරන්ට අයත් විඥානයට අයත් යමක් වේද, ඒ ධර්මයන් අනිත්‍ය වශයෙන් ,දුක් වශයෙන් , රෝග වශයෙන් ,ගඩක් වශයෙන්, හුලක් වශයෙන්, දුකක් වශයෙන්, ආබාධයක් වශයෙන් තමන්ට අයත් නොවූවක් වශයෙන්, විනාශවන්නක් වශයෙන්, සූන්‍ය වශයෙන්, අනාත්ම වශයෙන් දකී. ඔහු ඒ ධර්මයන්ගෙන් සිත ඉවත් කරයි. ඔහු ඒ ධර්මයන්ගෙන් සිත ඉවත්කොට යම් මේ සියලු සංස්කාරයන්ගේ දුරලීමක් වේද , තණ්හාව නැති කිරීමක් වේද, නොඇලීමක් වේද, නිරුඬ කිරීමක් වේද, නිර්‍වාණයක් වේද මෙය ශාන්තය මෙය ප්‍රණීතය නිර්‍වාණයයි සිත යොදවයි. ඔහු එහි සිටියේ ආශ්‍රවයන් නැති කිරීමට පැමිණෙයි. ඉදින් ආශ්‍රවයන් නැති කිරීමට නොපැමිණියේ නම් ඒ ධර්මයෙහි ඇලීමෙන්, ඒ ධර්මය කැමතිවීමෙන් පංච ඔරම්භාගීය සංයෝජනයන් නැති කිරීමෙන් ඕපපාතික වෙයි. එහි පිරිනිවෙයි. ඒ ලොකයෙන් මෙහි නොඑයි. අනන්‍දය, පංචඔරම්භාගිය සංයොජනයන් නැති කිරීමට මේ මාර්‍ගයයි, මේ පිළිපැදීමයි.
13. ´´ආනන්‍දය, නැවත අනිකක්ද කියමි. භික්‍ෂුව ප්‍රීතියේද නොඇලීමෙන් උපෙක්‍ෂා ඇත්තේ වාසය කරයිද, සිහියෙන් යුක්තවූයේ නුවණින් යුක්ත වූයේ ශරීරයෙන් සුවය විදින්නේද යම් ඒ ධ්‍යානයක් උපෙක්‍ෂා ඇත්තේ සිහි ඇත්තේ සැප විහරණ ඇත්තේයයි ආය්‍ර්‍යයෝ කියද්ද, ඒ තෘතීය ධ්‍යානයට පැමිණ වාසය කරයි. ඒ පුද්ගලයා එහි රූපයට අයත් , වේදනාවට අයත්, සංඥායට අයත්, සංස්කාරයන්ට අයත් විඥානයට අයත් යමක් වේද, ඒ ධර්මයන් අනිත්‍ය වශයෙන් , දුක් වශයෙන්, රොග වශයෙන්, ගඩක් වශයෙන්, හුලක් වශයෙන්, දුකක් වශයෙන්, ආබාධයක් වශයෙන්, තමන්ට අයත් නොවූවක් වශයෙන්, විනාශවන්නක් වශයෙන්, සූන්‍ය වශයෙන්, අනාත්ම වශයෙන් දකී. ඔහු ඒ ධර්මයන් ගෙන් සිත ඉවත් කරයි. ඔහු ඒ ධර්මයන්ගෙන් සිත ඉවත් කොට, යම් මේ සියලු සංස්කාරයන්ගේ දුරලීමක් වේද, තණ්හාව නැති කිරීමක් වේද, නොඇලීමක් වේද, නිරුඞ කිරීමක් වේද, නිර්‍වාණයක් වේද සිත යොදවයි. ඔහු එහි සිටියේ අශ්‍රවයන් ක්‍ෂය කිරීමට පැමිණෙයි. ඉදින් අශ්‍රවයන් ක්‍ෂය කිරීමට නොපැමිණේ නම්, ඒ ධර්මයෙහි ඇලීමෙන් ඒ ධර්මයෙහි කැමති වීමෙන් පංචඔරම්භාගිය සංයෝජනයන් නැති කිරීමෙන් ඔපපාතික වෙයි. එහි පිරිනිවෙයි. ඒ ලොකයෙන් මෙහි නොඑයි. ආනන්‍දය, පංච ඔරම්භාගිය සංයොජන නැති කිරීමට මේ ධර්‍මයයි, මේ පිළිපැදීමයි.
14. ´´අනන්‍දය, නැවත අනිකක්ද කියමි. භික්‍ෂූව සැපය දුරු කිරීමෙන්ද, දුක දුරු කිරීමෙන්ද පළමුව සොම්නස් දොම්නස් දෙදෙනාගේ නැසීමෙන් දුක් නොවූ සැපද නොවූ උපෙක්‍ෂා සිහියෙන් පිරිසිදු බව ඇති සතරවන ධ්‍යාන යට පැමිණ වාසය කරයි. ඒ පුද්ගලයා එහි රූපයට අයත් වේදනාවට අයත්, සංඥාවට අයත්, සංස්කාරයන්ට අයත්, විඥානයට අයත් යමක් වේද, ඒ ධර්මයන් අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන්, රෝග වශයෙන් , ගඩක් වශයෙන, හුලක් වශයෙන්, දුකක් වශයෙන් , ආබාධයක් වශයෙන්, තමන්ට අයත් නොවූවක් වශයෙන්, විනාශ වන්නක් වශයෙන්, සූන්‍ය වශයෙන් අනාත්ම වශයෙන් දකී. ඔහු ඒ ධර්මයන් ගෙන් සිත ඉවත් කරයි. ඔහු ඒ ධර්මයන් ගෙන් සිත ඉවත් කොට, යම් මේ සියලු සංස්කාරයන්ගේ දුරලීමක් වේද, තණ්හාව නැති කිරීමක් වේද, නොඇලීමක් වේද, නිරූඞ කිරීමක් වේද, නිර්‍විණයක් වේද, මෙය ශාන්තය , මෙය ප්‍රණීතය, නිර්‍වාණයයි සිත යොදවයි. ඔහු එහි සිටියේ අශ්‍රවයන් ක්‍ෂය කිරීමට පැමිණෙයි. ඉඳින් අශ්‍රවයන් ක්‍ෂය කිරීමට නොපැමිණ් නම්, ඒ ධර්මයෙහි ඇලීමෙන් , ඒ ධර්‍මයෙහි කැමැත්තෙන් , පංච ඔරම්භාගිය සංයෝජනයන් නැති කිරීමෙන් ඔපපාතික වෙයි. එහි පිරිනිවෙයි. ඒ ලොකයෙන් මෙහි නොඑයි. අනන්‍දය, පංච ඔරම්භාගිය සංයෝජනයන් නැති කිරීමට මේ මාර්‍ගයයි, මේ පිළිපැදීමයි.
15. ´´අනන්‍දය , නැවතද අනිකක් කියමි. භික්‍ෂුව සර්‍වප්‍රාකාරයෙන් රූප සංඥාවන් ඉක්මවීමෙන් ප්‍රති සංඥාවන් දුරලීමෙන් නානතත සංඥාවන් මෙනෙහි නොකිරීමෙන් ´ආකාශය අනන්තය´යි ආකාසානඤචායතනයට පැමිණ වාසය කරයි. ඔහු එහි වේදනාවට අයත් සංඥාවට අයත් සංස්කාරයට අයත් විඥානයට අයත් යමක් වේද, ඒ ධර්මයන් අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන් , රෝග වශයෙන්, ගඩක් වශයෙන්, හුලක් වශයෙන් , දුකක් වශයෙන් , ආබාධයක් වශයෙන් , තමන්ට අයත් නොවූවක් වශයෙන් , විනාශ වන්නක් වශයෙන්, සූන්‍ය වශයෙන් අනාත්ම වශයෙන් දකී. ඔහු ඒ ධර්මයන්ගෙන් සිත ඉවත් කරයි. ඔහු ඒ ධර්මයන්ගෙන් සිත ඉවත් කොට යම් මේ සියලු සංස්කාරයන්ගේ දුරලීමක්වේද, තණ්හාව නැතිකිරීමක් වේද, නො ඇලීමක් වේද, නිරුඞ කිරීමක් වේද, නිර්‍වාණයක්වේද, මෙය ශාන්තය , මෙය ප්‍රණීතය, නිර්‍වාණයයි සිත යොදාවයි. ඔහු එහි සිටියේ අශ්‍රවයන් ක්‍ෂය කිරීම පැමිණෙයි. ඉදින් අශ්‍රවයන් ක්‍ෂය කිරීමට නොපැමිණියේ නම් ඒ ධර්‍ම යෙහි ඇලීමෙන් ඒ ධර්‍මයෙහි කැමැත්තෙන් පංච ඔරම්භාගිය සංයොජනයන් නැති කිරීමෙන් ඔපපාතික වෙයි. එහි පිරිනිවෙයි. ඒ ලොකයෙන් නොඑන ස්වභාව ඇත්තේ වෙයි. ආනන්‍දය, පඤ ්චොරම්භාගිය සංයොජනයන් නැති කිරීමට මේ මාර්‍ගයයි, මේ පිළිපැදීමයි.
16. ´´ආනන්‍දය, නැවත අනිකක්ද කියමි. භික්‍ෂුව සර්‍වප්‍රකාරයෙන් ආකාසානඤ්චායතනය ඉක්මවා විඤ්ඤාණය අනන්තයයි විඤ්ඤාණචායතනයට පැමිණ වාසය කරයි. ඔහු එහි වෙදනාවට අයත් සංඥාවට අයත්, සංස්කාරයන්ට අයත්, විඥානයට අයත් , යමක් වේද, ඒ ධර්මයන් අනිත්‍ය වශයෙන්,අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන් , රෝග වශයෙන්, ගඩක් වශයෙන්, හුලක් වශයෙන් , දුකක් වශයෙන් , ආබාධයක් වශයෙන් , තමන්ට අයත් නොවූවක් වශයෙන් , විනාශ වන්නක් වශයෙන්, සූන්‍ය වශයෙන් අනාත්ම වශයෙන් දකී. ඔහු ඒ ධර්මයන්ගෙන් සිත ඉවත් කරයි. ඔහු ඒ ධර්මයන් ගෙන් සිත ඉවත් කොට යම් මේ සියලු සංස්කාරයන්ගේ දුරලීමක් වේද, තණ්හාව නැති කිරීමක් වේද, නොඇලීමක් වේද, නිරූඞ කිරීමක් වේද, නිර්‍වාණයක් වේද, මේ ශාන්‍තය , මෙය ප්‍රණීතය , නිර්‍වාණයයි , සිත යොදවයි. ඔහු එහි සිටියේ ආශ්‍රවයන් ක්‍ෂය කිරීමට පැමිණෙයි. ඉදින් ආශ්‍රවයන් ක්‍ෂය කිරීමට නොපැමිණියේ නම් , එය ධර්‍මයෙහි ඇලීමෙන් , ඒ ධර්‍මයෙහි කැමැත්තෙන් පංච ඔරම්භාගිය සංයෝජනයන් නැති කිරීමෙන් ඔපපාතික වෙයි. එහි පිරිනිවෙයි. ඒ ලොකයෙන් නැවත නොඑන ස්වභාවය ඇත්තේය වෙයි. ආනන්‍දය, පඤච ඔරම්භාගිය සංයොජනයන් නැති කිරීමට මේ මාර්‍ගය වෙයි. මෙය පිළිපැදීම වෙයි.
´´ආනන්‍දය, නැවත අනිකක්ද කියමි. භික්‍ෂුව සර්‍වප්‍රකාරයෙන් විඤඤාණඤාචායතනය ඉක්මවා කිසිවක් නැතයි අකිඤ්චඤඤායතනයට පමිණ වාසය කරයි. ඔහු එහි වේදනාවට අයත්, සංඥාවට අයත්, සංස්කාරයන්ට අයත්, විඥානයට අයත් යමක් වෙිද , ඒ ධර්මයන් අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන්, රෝග වශයෙන් , ගඩක් වශයෙන්, හුලක් වශයෙන් , දුකක් වශයෙන්, ආබාධයක් වශයෙන්, තමන්ට අයත් නොවූවක් වශයෙන්, විනාශ වන්නාක් වශයෙන් , සූන්‍ය වශයෙන් අනාත්ම වශයෙන් දකියි. ඔහු ඒ ධර්මයන්ගෙන් සිත ඉවත් කරයි. ඔහු ඒ ධර්මයන්ගෙන් සිත ඉවත් කොට යම් මේ සියලු සංස්කාරයන්ගේ දුරලීමක් වේද, තණ්හාව නැති කිරීමක් වේද, නොඇලීමක් වේද, නිරූඞ කිරීමක් වේද, නිර්‍වාණයක් වේද, මෙය ශාන්තය, මෙය ප්‍රණීතය, නිර්‍වාණයයි සිත යොදවයි. ඔහු එහි සිටියේ අශ්‍රවයන් ක්‍ෂය කිරීමට පැමිණෙයි. ඉඳින් ආශ්‍රවයන් ක්‍ෂය කිරීමට නොපැමිණියේ නම් ඒ ධර්මයෙහි ඇලීමෙන්, ඒ ධර්‍මයෙහි කැමැත්තෙන් පංච ඔරම්භාගිය සංයෝජනයන් නැති කිරීමෙන් ඔපපාතික වෙයි. එහි පිරිනිවෙයි. ඒ ලෝකයෙන් නොඑන ස්වභාව ඇත්තේ වෙයි. අනන්‍දය, පඤච ඔරම්භාගිය සංයෝජනයන් නැති කිරීම පිණිස මේ මාර්‍ගය වේ . මෙය පිළිපැදීම වේ.
17. ´´ස්වාමීණී ඉඳින් පංච ඔරම්භාගිය සංයෝජනයන් නැති කිරීමට, මෙය මර්‍ගය, මෙය පිළිපැදීම වේ නම් කවර හෙයින් ඇතැම් භික්‍ෂූහු චිත්ත විමුත්තිය ඇත්තාහු වෙත්ද, ආනන්‍දය, ඒ කාරණයෙහි මම ඔවුන්ගේ ඉන්‍ද්‍රියන් පිළිබඳ වෙනස් බවයයි කියමි. ´´
18. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාලහ. සතුටු සිත් ඇති ආනන්‍ද, ස්ථිවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේගේ කීමට සතුටු වූහ.
හතරවෙනිවූ මහා මාලුඞක්‍ය සූත්‍රය නිමි.
උපුටා ගැනීම - උතුම් ශ්‍රී සද්ධර්මය ( dahamsithum.wordpress )