ත්‍රිපිටක පොත් වහන්සේ/සූත්‍ර පිටකය/සංයුත්ත නිකාය/ඉස්සර සූත්‍රය
1. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි වූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක. එකල වනාහි එක්තරා දෙවියෙක් රෑ පළමු දස පැය ඉක්ම ගිය කල්හි බබළන ශරීර ශෝභා ඇත්තේ සියලු ජේතවනය බබුළුවා භාග්‍යවතුන් වහන්සේ යමි තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක සිටියේය. එක්පසෙක සිටි ඒ දෙවියා භාග්‍යවතුන් වහන්සේ ඉදිරියෙහි මේ ගාථා කීය:
2. ´´ලොව අධිපති බව කිමෙක්ද? බඩු අතුරෙන් කිමෙක් උතුම්ද? ලොව ශාස්ත්‍රයට මලකව කිමෙක්ද? ලොව විනාශකාරී කවරේද?
´´ගෙන යන කවරකු (මිනිස්සු) වළක්වත්ද? ගෙන යන කවරෙක් වනාහි ප්‍රිය වේද? නුවනැත්තෝ නැවත නැවත එන කවරකු පිළිගනිත්ද?
3. (භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක.) ´´අණ පැවැත්වීම ලොව අධිපති බවයි. භාණ්ඩ අතුරෙන් ස්ත්‍රී උතුමි. ක්‍රොධය ලොව ශාස්ත්‍රයට මලකඩයි. සොරු ලොව විනාශකාරීහුයි.
´´බඩු ආදිය යමක් ගෙනයන සොරා (මිනිස්සු) වළක්වත්. තමාගෙන් යමක් ගෙන යන මහණ තෙම ප්‍රියවේ. නුවණැත්තෝ නැවත නැවත එන මහණහු සතුටින් පිළිගනිති.
උපුටා ගැනීම - උතුම් ශ්‍රී සද්ධර්මය ( dahamsithum.wordpress )