ත්‍රිපිටක පොත් වහන්සේ/සූත්‍ර පිටකය/සංයුත්ත නිකාය/ජේතවන සූත්‍රය
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ ජේතවනයෙහි අනේපිඬු සිටාණන් විසින් කරවනලද ආරාමයෙහි වැඩවසන සේක. එකල්හි වනාහි රෑ පෙරයම ඉක්ම ගිය පසු ´අනාථපිණ්ඩික දෙව්පුත්´ බබළන වර්‍ණ ඇත්තේ මුළු ජේතවනය බබුළුවා භාග්‍යවතුන් වහන්සේ කරා පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එක් පසෙක උන්නේය. එක් පසෙක සිටි අනාථපිණ්ඩික දෙව්පුත් භාග්‍යවතුන් වහන්සේ ඉදිරියෙහි මේ ගාථාව කීය.
´´භික්‍ෂු සමූහයා විසින් නිතර සෙවුනා ලද, ධර්මරාජයානන් වහන්සේ විසින් වාසය කරන ලද මේ ජේතවනය වනාහි මට ප්‍රීතිය උපදවන්නේය.´´
´´කර්‍මයද (මාර්‍ග චේතනාවද), විද්‍යාවද (මාර්‍ග ප්‍රඥාවද), (සමාධිපාක්‍ෂික) ධර්‍මයද, ශීල සම්පන්න උතුම් ජීවිතයද, යන මෙයින් සත්ත්‍වයෝ ශුද්ධවෙත්. ගෝත්‍රයෙන් හෝ ධනයෙන් ශුද්ධනොවෙත්.´´
´´එබැවින්ම තමාගේ දියුණුව දක්නා නුවණ ඇති පුරුෂ තෙම නිසි මගින් ධර්‍ම සෙවිය යුතු. මෙසේ ඒ ආය්‍ර්‍ය මාර්‍ගයෙහි හෙතෙම පිරිසිදු වෙයි.´´
´´ප්‍රඥායෙන්ද, ශීලයෙන්ද, කෙලෙස් සංසිඳුවීමෙන්ද, ශාරීපුත්‍රයන් වහන්සේම උතුම්හ. පරතෙර පැමිණි යම් භික්‍ෂුවෙක් වේ නම් හේ මේ සැරියුත් තෙරුන් පරම කොට ඇත්තේම වන්නේය.´´
උපුටා ගැනීම - උතුම් ශ්‍රී සද්ධර්මය ( dahamsithum.wordpress )