ත්‍රිපිටක පොත් වහන්සේ/සූත්‍ර පිටකය/සංයුත්ත නිකාය/ සිව සූත්‍රය
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් නරවනලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක. එකල්හි වනාහි රෑ පෙරයම ඉක්මගිය පසු සිව දිව්‍යපුත්‍ර තෙම බබළන ශරීර වර්‍ණ ඇත්තේ මුළු ජේතවනය බබුළුවා භාග්‍යවතුන් වහන්සේ කරා පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එක්පසෙක උන්නේය. එක් පසෙක සිටි ඒ සිව දේවපුත්‍ර තෙම භාග්‍යවතුන් වහන්සේ ඉදිරියෙහි මේ ගාථා කීය.
’’සත්පුරුෂයන් සමගම විසිය යුතුයි. සත්පුරුෂයන් හාම මිතුරුකම් කළ යුතුයි. සත්පුරුෂයන්ගේ ධර්‍මය දැන එය පිළිපදින්නාහට අභිවෘද්ධිය වෙයි. කිසිදු අවැඩක් නොවෙයි.
’’සත්පුරුෂයන් සමගම විසිය යුතුයි. සත්සුරුෂයන් සමග මිතුරුකම් කළ යුතුයි. සත්පුරුෂයන්ගේ ධර්‍මය දැන් පිළිපදින්නහුට ප්‍රඥාව ලැබේ. අන් කෙනෙකුන්ගෙන් ප්‍රඥාව නොලැබේ.
’’සත්පුරුෂයන් සමගම විසිය යුතුයි. සත්සුරුෂයන් සමගම මිතුරුකම් කළ යුතුයි. සත්පුරුෂයන්ගේ සද්‍ධර්‍මය දැන පිළිපදනේ ශෝක වස්තු මැද ශෝක නොකෙරේ.
’’සත්සුරුෂයන් සමගම මිතුරුකම් කළ යුතුයි. සත්පුරුෂයන්ගේ ද්‍ධර්‍මය දැන පිළිපදින්නේ නෑයන් මැද බබළයි.
’’සත්පුරුෂයන් සමගම විසිය යුතුයි. සත්පුරුෂයන් හාම මිතුරුකම් කළ යුතුයි. සත්පුරුෂයන්ගේ ධර්‍මය දැන සත්ත්‍වයෝ ස්වර්‍ගයට යෙත්.
’’සත්පුරුෂයන් සමගම විසිය යුතුයි. සත්පුරුෂයන් හාම මිතුරුකම් කළ යුතුයි. සත්පුරුෂයන්ගේ ධර්‍මය දැන පිළිපැදීමෙන් සත්ත්‍වයෝ බොහෝ කල් සුවසේ සිටිත්. ’’
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ සිව දිව්‍යපුත්‍රයාට මෙසේ පෙරළා වදාළ සේක:
’’සත්පුරුෂයන් සමගම විසිය යුතුයි. සත්පුරුෂයන් හාම මිතුරුකම් කළ යුතුයි. සත්පුරුෂයන්ගේ සදහම් දැන පිළිපදනේ සියලු දුකින් මිදේ. ’’
( උපුටා ගැනීම - suttacentral.net )