තිසර සන්දේශය-විවරණi

Wikibooks වෙතින්

විවරණ

ආශිර්වාදය[සංස්කරණය]

1. සැරද1 තිසරිඳුසඳ - සඳ වන්2 සරා සිරිනද නඳ නෙත් සොඳුරු විලසින් - විලසින් සිත්3 පිනවමින


පදාර්ථ සරා සිරිනද, ශරත් කාලයෙහි ශ්රීනයෙන් (ශෝභාවෙන්) තෙත් වූ හෙවත් වැසී ගියා වූ සතුටු වූ; සඳ වන්, චන්ද්ර යා වැනි; තිසරිඳුසඳ, උතුම් වූ තිසර රාජය; නෙත් නඳ, ඇසට ප්රි,ය වන; සොඳුරු විලසින්, සුන්දර වූ කාන්තාවන්ගේ; විලසින්, විලාසයෙන්; සිත් පිනවමින, (ලෝකයාගේ) සිත් සතුටු කරවමින්; සැරද, චිරාත් කාලයක් ජීවත් වේවා.


විස්තර

 සරා සිරිනද:	1.	සරා සිරිනඳ: ශරත් ශ්රීපයෙන් සන්තෝෂකර වූ, නන්දන වූ “නන් තුරු මලින් නඳ දෙදන” (ගුත්.429) යන තන්හි නන් තුරු මලින් සතුටු ගෙන දෙන්නා වූ යි අර්ථ ලැබේ.

2. සරා සිරින් අද: ශරත් ශ්රීුයෙන් ආර්ද්ර වූ, ආර්ද්රක>අද, තෙත් වූ යන අර්ථයි. 3. සරා සිරි නද: ශරත් ශ්රීුයෙන් නද්ධ, වැසුණු යන අර්ථයයි. සඳ වන්: චන්ද්රයයා වැනි. ‘වන්’ නිපාතයකි. ශරත් සෘතුවේ අහස වලාකුළු රහිත නසා සඳ වඩාත් බබළයි. හංසයා ද එවන් සුදු පැහැ ඇත්තේය. සරා සිරි: ශරත් ශ්රී ය, හේමන්ත, ශිශිර, වර්ෂාදි සෘතු හයෙන් එකකි. ශරත් කාලයේ අහස වලා රහිතය තිසරිඳුසඳ: තිසර ඉඳුසඳ. තිසර: සුදු හංසයා; කාල හංස හා ස්වර්ණ හංස ආදීහු අන්යියහ. ඉඳු< ඉන්ද (පා) < ඉන්ද්රල (සං) රාජ, අධිපති, ප්රදධාන යන අරුත්හි යෙදේ. චන්ද්රස (සං) > සඳ යන්න මැතිසඳ, හිමිසඳ යනාදි තන්හි මෙන් උතුම් යන අරුත්හි යෙදේ. සොඳුරු විලසින් විලසින්: සුන්දර වූ විලාසීනීන්ගේ විලාසයෙන්. සුන්දර විලාස ඇත්තේ රූමත් කතුන්ටය. හස ගමන, හස පියවුරු කව් සමයෙහි ප්රාකටය. විලසින් යන්නට (විල්+අසින්) තඩාගාශ්රරයෙන් යි කුමාරතුංගයෝ අරුත් දෙති. විලාසිනීන් යන අරුත මෙතැනට වඩාත් උචිත සේ පෙනේ. 1.ශරද -- ඉ.ර.: සරිද-- ග.; සැරදෙ -- ජ. 2. සද සවන් -- ග. 3. විලසින් සිත් යනු අ.ඉ.උ.ග.ප.බ.ර.ව. යන පොත්වල නැත.

සැරද: ආයු බෝ වන්; චිරං ජීවතු. මෙය සිංහලයේ සැරදෙව්, සැරදේ, සැරදෙ, සරද, දෙසැර යන රූප වලින් යෙ‍දේ. සිංහල සන්දේශ කාව්යර මෙවැනි ආශිර්වාදයකින් ආරම්භ කිරීම සම්ප්රනදායයි.


දූත වර්ණනා[සංස්කරණය]

2. සතත ගත පැහැයෙන - තරමැණ මනැති1 මමිතුර සරා වෙලක2 සිරි පානෙව් පවනිනෙන3 සරා අහස සහතොසිනෙන තදකිමින තම සිය4 සෙමෙර5 යයි - ළඟ නොම වූ ද සරසවි දෙව් ලොවිනෙන අම පි‍ඬෙකැයි6 සත පිනිනි දෙව්7 තොප දැක වට නොකොළෝ8 ද ස‍ඳෙකිනි උයනින් නඳුන් ගිලි මල් කැනෙක9 වී හැඳ සොබමන් තදැක නුවූ ද සිදඹුවෝ ළඟ ගමනින් දුකෙක්11 නොවී ද කිසි අතර මඟ නුවනින් ලබන ලබ12 නම් දැකුම් මයි තඟ


පදාර්ථ සතත, සැම කල්හි; ගත පැහැයෙන, ඇ‍ඟේ පාටින්; තරමැණ, චන්ද්රතයාගේ (වැනි): මනැති, මානය හෙවත් ආඩම්බරය ඇති: මමිතුර, මාගේ මිත්රයය; පවනිනෙන, සුළඟින් (ගසා) එන; සරා වෙලෙක, ශරත් කාලයේ වලාකුළක; සිරි පානෙව්, ශ්රීිය (සෝබාව) පෙන්වන සේ; අහස සරා, ආකාශය සරහා; සහතොසිනෙන, සන්තෝෂයෙන් එන්නා වූ; තදකිමින, තොප දකිමින්,‍ සරසවි, සරස්වතිය; තම සිය සෙමෙර යයි, තමන් සතු චාමරය යි කියා; ළඟ නොම වූ ද, ළං නොවූවා ද? සත පිනිනි, සත්වයාගේ පින හේතුකොට ගෙන; දෙව් ලොවිනෙන, දිව්යා ලෝකයෙන් එන්නා වූ; අම පි‍ඬෙකැයි, අමා පිඬුවකැයි (අමෘත පිණ්ඩකැයි); තොප දැක, ඔබ දකලා; දෙව් වට නොකොළෝ ද, දෙවිවරු වටකර නොගත්තෝ ද? නඳුන් උයනින්, නන්දන උද්යාතනයෙන්; ගිලි මල් කැනෙක වී හැඟ, ගිලිහී වැටෙන මල් පොකුරෙකැයි සිතා ගෙන; සිදඹුවෝ, සිද්ධාංගනාවෝ; තදැක, තොප දැකලා; ළඟ නොවූ ද; සමීප නොවූවෝ ද? 1. තරමැති මැනති -- අ.; තරමැනති -- ඉ. උ. ග. බ. ර. ව.; තරමැති නැමැති -- එ.; නරමැති නැමැති -- ජ. 2. වෙලක -- අ. ඉ. උ. ක. ග. ප. බ. ර. ව. 3. පවන නෙත -- ඉ. උ. ක. ග. ප. බ. ර. 4. පිය -- කු. 5. සෙමෙර -- අ. ක. 6. පි‍ඬෙක -- ඉ. උ. ක. ග. ප. බ. ව.; පිඬක -- ර. 7. ලෙව් -- අ. උ. ජ. ර. 8. නොකළෝ -- ක.; නොලෝ -- ග. ව. 9. කැනත -- ඉ. උ. ක. බ. ර.; කැනැක -- අ. 10. දැකැ -- ක. කු. 11. දුකක් -- අ. ඉ. උ. ක. ග. ප. බ. ර. ව. 12. ලද -- අ. ඉ. උ. ග. ප. බ. ර. ව.

ගමනින්, ගමන නිසා; අතර මඟ, අතර මඟ දී; කිසි දුකක් නොවී ද, යම් කිසි කරදරයක් නොවූයේද? නුවනින් ලබන ලබ නම්, ඇස්වලින් හෙවත් ඇස් ලැබීමෙන් ලබන්නා වූ ලාභය නම්; තඟ දැකුම මයි, තොපගේ ශරීරය දැකීම මය‍‍.


විස්තර

 තරමැණ: තාරකා අතර මාණික්යබයක් යන අර්ථයෙන් චන්ද්රගයාට යෙදේ‍.

සරසවි: සරස්වතී දෙවඟන; මහා බ්රදහ්මයාගේ දේවිය වන මෝ තොමෝ වචනයට මෙන් ම සකල සාහිත්යෙ කලා ශිල්පයන්ය ද අධිපති වන්නීය. වාග් දේවී යනු මැයගේ අපර නාමයකි. ලද යම් කෙනෙක් සරසවි බැලුමසක් නිසි කෙතරම් වුවත් මුළු ලොව කෙරෙති අතවැසී (3) යන ගිරා සන්දේශ පාඨයෙන් සරසවියගේ මහිමය පැහැදිලි වේ. මෙහි “සරසවි ළඟ නොම වූ” යි ස්ත්රීස ලිංග ඒක වචන උක්තය සමඟ අතීත අඛ්යාරතය බහු වචනයෙන් යෙදී ඇති බව සැලකුව මනාය. තම සිය: තමන් සතු, තමන්ගේ ම යන අර්ථයි‍. සෑම පුස්කොළ පිටපතක ම මෙම පාඨය යෙදේ. කුමාරතුංග “තම සිය” යන්න පුනරුක්තය යි සලකා “තම පිය” යි සකස් කර ඇතත් එසේ කිරීමට හේතු නොපෙනේ. “දන් දෙමි යි පන දවස් - පැවරි තම සිය නිවෙස්” යි සසදාවත (141 ගීය) ආදි තන්හි ද යෙදේ‍. වනෙව් (වන් - එව්), සිහිලැල් යන යෙදුම් ද සලකන්න‍. අම පිඬ: අමෘත පිණ්ඩ, දෙවියන්ගේ අහාරය අමෘතයයි. විෂ්ණු දෙවියන්ගේ මෙහෙයීමෙන් සුර අසුර දෙපිරිස එකතු වී කිරි මුහුද කළඹා ලබා ගත් අමරණීය පානයකැයි කියවේ‍. නඳුන් උයන: ශක්ර‍යාගේ නන්දන, මිශ්ර ක, ඵාරුෂක, චිත්ර්ලතා යයි උයන් සතරකි‍. නන්දන උද්යාිනයෙහි පාරිජාත, මන්දාරාදි පස් වැදෑරුම් දිව්යන වෘක්ෂයෝ ඇත්තාහ‍. සිඳඹුවෝ: සිද්ධාංගනාවෝ. සිද්ධ නම් දේව යෝනි විශේෂයකි. සිද්ධයන්ගේ අඹුවෝ සිදඹුවෝයි. තඟ: ත+අඟ, තොපගේ ශරීරය, සියල්+අග>සියලඟ යන පදය මෙනි. ත+අග-අග්රෝ වූ ඔබ යි ද, තග -- යුෂ්මත් තෙම යි ද ඇතැම්හු අර්ථ දක්වති‍.

3. මෙවිදු සවනතෙයි1 සද පදාර්ථ මෙය ද කනෙහි සදව හෙවත් අසව‍. විස්තර මෙයිදු: මෙ+අ යනු යකාරාගමයෙන් ‘මෙය’ වේ (නපුංසක ලිංග). මෙම රූපය ම ‘මෙයි’ කියා ද යෙදේ. මෙහි ‘දු’ යනු ද කාරයේ ම තවත් රූපයකි. 1‍. සවනතෙහි -- අ. ඉ. ග. ර.

සවනතෙයි: සවන+අත්, මෙහි ‘අත්’ යෙදී ඇත්තේ විශේෂාර්ථයක් දීම සඳහා නොව ස්වාර්ථයෙහි මය. කනත, වරලස යනාදි තන්හි මෙනි, ‘සවනතෙයි කියා දි ඇත්තේ ආධාරාර්ථයෙනි. සවනතෙහි වෙනස් කිරිම අවශය නැත. ‘සවනතෙයි සද’ යන්නෙහි මුඛ්යානර්ථය නම් කනෙහි සරසව යනුයි‍. එනම් ඇසීමය. මෙය විධි ක්රිනයාවකි. මෙහි ම අංක 9න් දැක්වෙන පාඨයෙහි යෙදෙන “තා සවන් මිණිබරණ සද” යන්න ද මෙයට සමාන අර්ථයක් දෙයි‍. “මිණි කො‍“ඬොල් ලෙස තා සවන් සද” යි ගිරා සන්දේශයෙහි (12) යෙදේ.


4. උ දේ පටන් දිවයුරු සහ1 නොපසු බැසේ

ත	දේ2	වෙයින්3 දිව දිය රැගෙන ලෝ	කුසේ
බ‍‍	ඳේ	පසිඳු විය සිය කුලතුමෙක්	මෙසේ
යෙදේ3 තොප ද පුවතර වුව5 හොතින්	එසේ‍


පදාර්ථ උදේ පටන්, උදයේ සිට; දිවයුරු සහ, සූර්යයා සමඟ; නොපසු බැසේ, පසු බස්නේ නැතිව හෙවත් නොපැරදී; තදේ වෙයින්, තද වේගයෙන්; දිව දිය රැගෙන, දුවමින් ජය ගෙන; සිය කුලතුමෙක්, ස්වකීය (හංස) කුලයේ උත්තමයෙක්; ලෝ කුසේ, ලෝක කුක්ෂියෙහි හෙවත් ලොව තුළ; මෙසේ පසිඳු විය, මේ ආකාරයෙන් ප්රිසිද්ධ වූයේය; බ‍ඳේ, බන්ධුවරය (මිත්ර ය), නැත හොත් බනුධු වූ; තොප ද, ඔබ ද; එසේ පුවතර වුව හොතින්, ඒ ආකාරයෙන් ප්ර්සිද්ධ වුව හොත්; යෙදේ, යෝග්ය වේ.

විස්තර

 දිවයුරු: දිව කරනුයේ දිවයුරු, දිවා+කර>දිවයුරු, ‘නිසා’+ ‘කර’ යන පද   සන්ධි වීමෙන් ‘නිසයුරු’ වනුයේ ද එසේ මය‍.
 තදේ වෙයින්: තද වේගයෙන් යන අර්ථයි. තද යන්න තදේ යි යෙදී ඇත්තේ එළිවැට සඳහාය‍.
 	වෙයින්; වේග>වේ; වේ+ඉන්>වෙයින්.
 සිය කුලතුමෙක්: සිය කුල උතුමෙක්. කතුවරයා මෙහි දී ජවනහංස ජාතකය සිහිපත් කරමින් ස්වකීය කුලයේ ඒ උත්තමයා (බෝසත්) ලෝ පතළ වූ සෙයින් ම ප්ර්සිද්ධ වන සේ අයදියි. මේ දූත කාර්යයේ යෙදීමෙන් එසේ පුවතර විය හැකිය.

5.පිනූ6 මිස සයුර පෙර වඳුරකු බෙලෙනි පිනූ කෙනෙකැද්ද7 අන් එකුලෙන් දෙවැනි8 දිනූ එසත්සරහූ9 නොකියා එයිනි දැනූ10 හස කළැකි11 දෙය කියව සබඳිනි 1. හා -- ජ 2. නදේ -- අ. උ. එ. ක. කු. ව. 3. වෙමින් -- අ. ඉ. උ. එ. ක. ග. ප. බ. ර. ව. 4. -- ග. ප. ව.; සෙදේ-- ක. බ. ර. 5. උව -- අ. ඉ. උ. ග. ර. 6. දිනූ -- ව. 7. එකෙකැද්ද - ප. 8. දෙවෙනි - ‍අ‍. ඉ. උ. එ. ක. ප. බ. ර. ව. 9. එසත් සරහු ද -- කු. 10 දනු -- කු. ප. බ. ව. 11. කලක -- අ. ඉ. උ. ක. ග. ප. බ. ර.; කලකි -- ව.


පදාර්ථ පෙර වඳුරකු, පෙර දවස ‍ (හනුමත් නම්) වානරයකු; බෙලෙනි, (කාය) බලයෙන්; සයුර පිනූ මිස, සාගරය පැන යෑම හැර; එකුලෙන්, ඒ (වඳුරු) කුලයෙන්; දෙවෙනි, දෙවනුව; අන් පිනූ කෙනෙක් නැද්ද, (සයුර) පැන ගිය අන් කෙනෙක් ඇත්ද? (නැත); එයිනි , එහෙයින්; දිනූ එසත්සරහු, ජය ගත්තා වූ ඒ සත්වසාරයා හෙවත් බෝසත්වරයා (ගැන වුව ද); නොකියා, කථා නොකොට; සබඳිනි, මිතුර; හස කළැකි දෙය, හංසයාට කළ හැකි දෑ; දැනූ කියව, දැන කියන්න.


විස්තර පෙර වඳුරකු: රාමායණයෙහි සඳහන් පරිදි රාම-රාවණ යුද්ධයේ දි හනුමත් නම් වානරයා මුහුද තරණය කර ජය අත් පත් කර ගත්තේය. එහෙත් ඉන් පසු වඳුරකුට එවැනි ජයත් ලබා ගත නොහැකි විය. පෙර වඳුරකු යි කියා ඇත්තේ එහෙයිනි. එසත්සරහු: ඒ සත්වසාර තෙමේ සත්වයන් අතර සාර ගුණ ඇත්තා සත්සර නමි. එනම් බෝධිසත්වතුමාය. සත්සරහු යි ‘හු’ දීර්ඝව යොදා ඇත්තේ විරිත රැකීම සඳහාය. ඒ (ජවනහංස ජාතකයෙහි සඳහන් පරිදි) බෝසත් හංසයා සූර්යයා හා තරග වැදි වේගයෙන් පියාඹා ජය ගත්තේය. කතුවරයා මේ පුවත සිහිපත් කර දෙනුයේ තම දූතයා දිරිමත් කිරීම සඳහාය. නොකියා...දැනු කියව: ඇතැම් මුද්රිසත පොත්වල ‘නොපියා’ යි යෙදේ. ‘දැනු’ යි යෙදී ඇත්තේ මුල් එළිවැට රැකීමටය. පෙර කාලයේ හංසයකුට ද කළ හැකි වූ දෑ ඒ ඒ කුලවල සෙස්සන්හට ද නැවත කළ හැකි නොවී. ඒ ගැන කිම නුවුවමනාය. කතුවරයා දැන් හංස මිත්ර යාට කියනුයේ කළ හැකි දෙයකි. එය දැනගෙන කියන ලෙස ආයාචනය කෙරේ.


6. ත වෙ ස් පමණ ගත් ලිය පියවුරුහු1 පවා කෙලෙස් වසඟ සත තම නතු බවට එවා2 සතො ස් කෙරෙති නිති3 දුටු මෙන් ම අමුතුවා වෙසෙ ස් තොපට බැරි දෙයකැද්ද මේ ලොවා පදාර්ථ තවෙස් පමණ ගත්, ඔබගේ වේශය හා ප්රලමාණය ගත්තා වූ; ලිය පියවුරුහු පවා, කාන්තාවන්ගේ පයෝධර පවා; කෙලෙස් වසඟ සත, කෙලෙස්වලට වශී වූ සත්වයා (නැතහොත් කෛලාසයේ වෙසෙන අග්රව වූ තැනැත්තා එනම්, ඊශ්වරයා); තම නතු බවට එවා, තමන්ට අවනත බවට පත් කොට; අමුතුවා දුටු මෙන් ම, අමුතුවෙන් දුටුවාක් මෙන් ම; නිති, නිරන්තරයෙන්; සතොස් කෙරෙති, සන්තෝෂ කෙරෙති; තොපට වෙසෙස් බැරි දෙයක්, (මේ අනුව) ඔබට විශේෂයෙන් කළ නොහැකි දෙයක්; මෙලොව ඇද්ද, මේ ලෝකයෙහි තිබේ ද? 1. පියවරහු -- අ. එ.; පියොවුරු -- කු. 2. මුල් පේළි දෙක ඉ.උ. ක.ග. ප. බ. ර. ව. යන පොත්වල නැත. 3. ති -- අ. ඉ. උ. ක. ග. ර.; නි -- ප. බ. 60 තිසර සන්දේශය

විස්තර තවෙස් පමණ: තොපගේ වේශය; ශරීර ප්ර.මාණය. කවිසමයෙහි කාන්තා පියවුරැ හංසයාගේ හැඩයටත් ප්රේමාණයටත් සමාන සේ සැලකේ. ලෝකයේ බලවත් ම තැනැත්තා හෙවත් ඊශ්වරයාටත්, එසේ ම කෙලෙස් වසඟ වූ සත්වයාත් හංසයාට අවනත වනුයේ එබැවිනි. (ඊශ්වරයා පාර්වතියට වසඟ වූ ආකාරය කාලිදාසයෝ කුමාර සම්භවයෙහි වැනූහ) පියවුරුහු: පයස්+ධර -- පයෝධර; කිරි දරනුයේ පයෝධරයි. පියවුරු, පියයුරු, පියොවුරු යන රූප සිංහලයෙහි යෙදේ. පියවුරු නපුංසක ලිංග වුව මෙහි ප්රාකණවාචී බහු වචනයෙන් පියවුරුහු යි යොදා ඇත. කුමාරතුංග, පියොවුරු (පිය+ඔවුරු) යන්න පමණක් නිවැරදි සේ සලකා සෙසු රූප බැහැර කරතත් ඊට හේතු යුක්ති නොපෙනේ. කෙලෙස් වසඟ සත: කෙලෙස් < ක්ලේශ; මින් රාගාදී කෙලෙස් ගැනේ. මේ කෙලෙස්වලින් වසඟ වන සත්වයා. මෙහි වසඟ යන්නෙහි ඟ කාරයෙහි සඤ්ඤකය ඉවත් කොට ගත් කල්හි “කෙලෙස් වසග සත” යන පාඨයෙන් වෙනත් අරුතක් ලැබේ. එකල්හි වසග යන පදය (වාස>) වස්+අග යි විසන්ධි කළ මනාය. කෙලෙස් වස් අග සත - කෛලාසකූට පර්වතයේ වෙසෙන අග්රෙ හෙවත් ප්රධධාන සත්වයා; එනම් මෙහෙසුරැය. මෙයින් අදහස් කෙරෙනුයේ ඊශ්වරයා පවා නතු කර ගැනීමේ ශක්තියක් පියවුරුවලට ඇති බවය. අමුතුවා: අමුතුව; අමුතුවෙන්. (ක්රිෙ. වි.)

නිර්දේශය

7. සතුටු කළ මන1 තඹුරු මිතුරුයුරු මිතුරුසඳ2 සසඳ3 ලෙස සසඳව4 ම මෙසඳ මා කරනු කිම යත් පදාර්ථ සතුටු කළ මත තඹුරු, සතුටු කරනු ලැබුවා වූ සිත් නමැති නෙලුම්වලට; මිතුරුයුරු මිතුරුසඳ, සූර්යයා (=මිතුරු) වැනි මිතුරුතුමනි; සසඳ ලෙස, සාවා හා සඳ ලෙසින්; සසඳව ම, (අප දෙදෙන) එකතුව ම; මෙසඳ, මෙකල්හි; මා කරනු කිම යත්, මා කරන්නේ කුමක් ද කියත හොත්; විස්තර මන තඹුරු මිතුරුයුරු මිතුරුසඳ: මිතුරු + අයුරු = මිතුරුයුරු. මිතුරු යනු හිරු යන අරුත් දෙයි. සිත නෙලුම් මලකි. හංසයා හිරුය. කවිසමයේ හිරු රැසින් පියුම් පිබිදෙයි. සිත නමැති පියුම පිබිදෙනුයේ හංසයා නමැති සූර්යයා නිසාය. හංසයා දැකීමෙන් සියලු දෙනාට සතුට උපදී. සසඳ ලෙස සසඳව ම: සා ද සඳ ද සසඳය. ද අරුත් සමස්. කවියාත් හංසයාත් හාවා හා සඳ මෙන් මිත්රබත්වයෙන් එකට බැඳී සිටින බව කියවේ. සසඳව ම යනු දෙදෙනා එකට එක්ව (සං+සද්) යන අදහසයි. 1. මමන -- කු. 2. සත් -- ක. ර.: සන් -- උ. 3. තසඳ -- අ. එ. ජ. 4. සඳට -- ඉ. උ. ක. ග. ප. බ. ර. ව. විවරණ 61 ජයතිලක “සසඳව ම” යන්නට “සංසක්තව ම” කියා ද, කුමාරතුංග “සංසන්දනය වී” කියා ද අර්ථ දෙති. සසඳනවා - සැසඳෙනවා, දෙදෙනා එකට එක පෑහෙනවා, ගැළපෙනවා යන තේරැම් ද මෙතැනට සුදුසුය. මා කරනු කිම යත්: කවියා තිසරා අත යවන ස‍ෙඳස පැවසීමට පෙර එය කොහි වෙසෙන කාහට දිය යුතු ද, ඒ සඳහා කවර මඟක පියාසර කළ යුතු ද යන කරැණු කීමට ඉදිරිපත් වෙයි.


8. තුඟු මනරම් බා බෙලෙනදහස ලෙස්න රැක දෙරණම්බා දැතිගම්පුර දිස්න හිමි1 පරකුම්බා නරනිඳුහට තොස්න මමිතුර2 එම්බා දන්වව මේ අස්න පදාර්ථ තුඟු මනරම් බා බෙලෙන්, මහත් වූ සිත් ගන්නා වූ බාහුවල බලයෙන්; අදහස ලෙස්න, (තම) සිතැඟි පරිද්දෙන්; දෙරණම්බා රැක, පොළොව නමැති කාන්තාව රැක ගෙන; දැතිගම්පුර දිස්න, දැදිගම නගරයෙහි පෙනී සිටින; හිමි පැරකුම්බා නරනිඳුහට, ස්වාමි වූ පරාක්රගමබාහු රජුට‍; එම්බා මමිතුර, එම්බා මගේ යහළුව; තොස්න, ප්රීගතිය ගෙන දෙන; මේ හස්න, මේ සන්දේශය, දන්වව, දැනුම් දෙන්න. විස්තර බා බෙලෙන්: බාහු බලයෙන් යන අර්ථයි. සෘග්වේදයෙහි “බාහු රාජන්යඃන කෘතඃ” (බ්රයහ්ම අත් කඳින් ක්ෂත්රි යයා මැවීය) යන ධර්මය ගත් හින්දු සමය හා කවිසමය අනුව ඇති වූ කාව්ය් සංකල්පනයකි. එදා පාලකයන්ට අතින් ගත් අවියෙන් - කඩුවෙන් - ජනතාව රැක ගත හැකි වූයේ බාහු බලය හේතු කොට ගෙන බව පිළිගැනිණ. දෙරණම්බා: දෙරණ + අම්බා. අම්බා (සං.) >අඹු (සිං.) පොළොව නමැති කාන්තාව. මිහිකත. කවිසමය අනුව පෘථිවිය පුද්ගලාරෝපණයෙන් කාන්තාවක ලෙස සැලකේ. ‘පෘථිවි’ නාමය ස්ත්රීර ලිංග හෙයිනි. දැතිගම්පුර හිමි පැරකුම්බා නිරිඳු: දැතිගම්පුරය වත්මන් දැදිගමය. චූළවංස, චුත්තමාලා ආදි පාලි කෘතිවල මෙය ජාතිගාම, පුංඛගාම යන නම්වලින් හැඳින්වේ. ගම්පළ යුගයට පෙරාතුව පොලොන්නරැ යුගයේ දී මායා රටේ හෙවත් දක්ෂිණ දේශයේ අගනුවර සේ පැවතිණ. මහාපරාක්රයමබාහු රජුගේ ජන්ම භූමිය වූයේ ද දැදිගමයි. තම මව වූ රත්නාවලී බිසවගේ භෂ්මාවශේෂ තැන්පත් කොට ඉදි කරනු ලැබූ රත්නාවලී චේතිය හෙවත් කොටවෙහෙර නටබුන් අද එහි දක්නට ලැබේ‍. මෙහි සඳහන් වනුයේ සවුළු පැරකුම්බා හෙවත් පස් වන පරාක්රවමබාහු (1344-1359) රට පාලනය කරමින් විසූ දැතිගම්පුරයයි. මේ සවුළු පැරකුම්බා වූ කලි සවුළු (පස් වන) විජයබාහු (1330 – 1341) රජුගේ සහ සුමිත්රා බිසවගේ පුතුන් දෙදෙනාගෙන් කෙනෙකි. අනෙක් පුත්රයයා නම් ගම්පළ රජ කළ සතර වන භුවනෙකබාහු (1341-1351) ය. 1. ඉමි--එ. ක. ජ. 2. මමිතුරු -- ය. ප. ර. ව. 62 තිසර සන්දේශය

දිස්න: දිසෙන, පෙනෙන. දිස් ධාතුවේ වර්තමාන කෘදන්ත රෑපයකි. එම්බා : ආමන්ත්ර1ණ නිපාතයකි.


දෙවිනුවර වැනුම[සංස්කරණය]

9. රස නුසුන් හසුන් මතු කියමි1 මමිතුර තොප නිකුත් වන සව් ඉසුරු නමුත් වන පුර පවර පසස්නා වදන් දැන් තා සවන්2 මිණි බරණ සද3 පදාර්ථ රස නුසුන් හසුන්, රසය හීන නොවූ අස්න; මතු කියමි, පසුව කියන්නෙමි; මිතුර තොප නිකුත් වන. මා යහළුව ඔබ පිටත් වන; සව් ඉසුරු නුමුත් වන, සියලු සම්පත්වලින් අඩු නැති හෝ නොමිදුණු; පුර පවර පසස්නා වදන්, ඉතා උතුම් වූ පුරය වර්ණනා කරන වචන; දැන් තා සවන් මිණි බරණ සද, මෙවිට ඔබගේ කන්හි මැණික් ආභරණ කර ගන්න හෙවත් අසන්න.

විස්තර මෙය ගද්යේ පාඨයක් සේ ආරම්භ වන නමුත් යති යොදා කියවිය හැකි වෘත්තගන්ධි ලක්ෂණ ද එහි තැනින් තැන දැකිය හැකිය. රස නුසුන් හසුන් මතු කියමි: ‘නො+සුන්’ ස්වර පර රූපයෙන් ‘නුසුන්’ වේ; රස හීන නොවූ. ශාසන යන අර්ථ ඇතිව හසුන්, හසුන, අස්න යන පද යෙදේ. නියමිත හස්න හෙවත් පණිවුඩය රස අඩු නොකොට පසුව පවසන බව සඳහන් කිරීම බොහෝ සන්දේශ කවීන්ගේ සිරිත වූ බව පෙනේ. “මියරු රසබස් නුමුතු අස්න මතු පවසමි” යි මයුර සන්දේශයේ (5) ද “එහසුන් පැසුළු පවසමි රස නුසුන් කොට” යි සැළලිහිණියේ (6) ද යෙදිණ. ‘මතු කියමි’ යි යන තන්හි ‘මතු’ යන්නෙන් අනාගතාර්ථය ප්රනකාශ කෙරේ. පුර පවර පසස්නා වදන්: ප්ර වර වූ පුරය, ඉතා උතුම් වූ පුරය. පසස්නා, ප්ර ශංසා කරන්නා වූ, වර්ණනා කරන්නා වූ; පසස් (ධා.): පැසසීමෙහි; -නා වර්තමාන කෘදන්ත ප්රකත්ය ය. වදන්, වදන, වචන. තා සවන් මිණි බරණ සඳ: තා සවන්හි මිණි අබරණ සරසව යනුයි. මිණි + අබරණ > මිණිබරණ. පරස්වර ලෝප සන්ධියි. සවන්හි, කර්ණයන්හි මාණික්ය ආභරණ සැරසීම නම් ශ්රරවණය කිරීම හෙවත් ඇසීමය.

10. බැ ඳි මිණි කිකිණි දැල් මුතුලැල් පා රැසිනි4 රැ ඳි රන් රුවන් සල්පිල් කෙළි තුරු ගොසිනි ඉ දි ගුණ නුවණ කුලඟන සුදනන් විසිනි සැදි දෙව්නුවර සිරිසර බල සහතොසිනි

1. කියමි මතු--ජ.; මෙ කියමි--එ.; මතු කියමි මම--ව. 2. ‘දැන් තා සවන්’ වෙනුවට: දෑසමන් -- ඉ. උ. ක. ග. ප. බ.; දෑසවන් -- ව; දැන් සවන්--ජ. 3. කර--කු. 4. මතුලැල පර තියිනි--ර.; මුතුලැල පර සිසිනි--අ. ඉ. උ. ක. ග. ප. බ.; මුතුලැල් පා රසිනි--එ. විවරණ 63 පදාර්ථ මිණි කිකිණි දැල්, මැණික් එබවූ සිහින් ගෙජ්ජි (වැල්) හා; මුතුලැල්, මුතුවැල්; බැඳි, බඳනා ලද; පා රැසිනි, ප්රාහසාද සමූහ‍ෙයන් යුක්ත වූ ද; කෙළි තුරු ගොසිනි, ක්රී,ඩාවන්හි තූර්ය ඝෝෂයෙන් යුක්ත වූ ද; රන් රුවන් රැඳි සල්පිල්, රත්රන් හා මැණික් රඳවා ඇති වෙළෙඳ ශාලායෙන් යුක්ත වූ ද; ඉදි ගුණ නුවණ, සෘජු වූ ගුණයෙන් හා ඥානයෙන් (සම්මන්න); කුලඟන සුදනන් විසිනි සැදි, කුල කතුන් හා යහපත් ජනයන් විසින් සෑදුණා වූ ද; දෙව්නුවර සිරිසර, දෙවුන්දර නම් නගරයේ ශ්රීජ සාරය; සහතොසිනි බල, සන්තෝෂයෙන් බලන්න.

විස්තර මිණි කිකිණි දැල්: මණි කිංකිණි ජාලා. මිණි කිකිණි යන්නෙන් මැණික් එබවූ යන අර්ථය ගත මනාය. කිංකිණි නම් කුඩා ගෙජ්ජි හෙවත් මිණි ගෙඩිය. ඒවා දැල් වශයෙන් පොටවල් ලෙස සදා එල්ලනු ලැබේ. මුතුලැල්: මුක්තා ලතිකා. ලතිකා < ලතා+ඉකා, සිහින් වූ මුතු වැල්ය. පා රැසිනි: ප්රාතසාද > පාසාද > පහා > පා. ප්රාැසාද රාශියකින් > සමූහයකින් යුක්ත යන අර්ථයි. සල්පිල් : ශාලා > සල්; පීඨ/පීඨිකා > පිල්. වෙළඳ හල්ය. දෙව්නුවර : < දේව නගර; දෙවන්+දොර > දෙවුන්දර වත්මන් වහරයි. දෙවිනුවර උපුල්වන් දෙවිඳුන්ගේ වාසස්ථානය විය. දෙව්නුවර ප්රා්සාද රාශියක් ඇත. ඒ ප්රාඨසාද මැණික් එබ්බූ කිකිණි වැලින් හා මුතුලැලින් සරසා ඇත. නගරයේ වෙළඳ හල් රන් රුවන් සහිත භාණ්ඩයන්ගෙන් සැදුණේය. එහි උත්සව ක්රී ඩා බහුලයි. අවංක ගුණ නුවණින් යුත් කුල කාන්තාවෝ ද සජ්ජනයෝ ද වෙසෙති. හංස දූතයා තුටු සිතින් නරඹනුයේ එවන් දෙව්නුවරය.

11. එමතු ද1 පදාර්ථ ඒ පමණක්ද?

12. ලෙළෙනා ගුරුළු මුළු දද2 වෙත ඇති අගළ දි යෙ නා පෙනෙන3 සේවුරු4 සේයා සලෙළ නු බි නා ගුරුළු මුළු දුර දැක බියෙනිගිළ න ත නා ගමන5 ඇර යන6 වැනි7 සයුර තුළ පදාර්ථ ලෙළෙනා, ලෙළ දෙන; ගුරුළු මුළු දද, ගුරුළු සමූහය (දරන) කොඩි; වෙත ඇති අගළ, සමීපයෙහි ඇත්තා වූ (දිය) අගළෙහි; දියෙනා පෙනෙන. ________________________________________________________ 1. ‘එමතු ද’ යන පාඨය ඉ. ව. පිටපත්වල නැත. 2. දද මුළු--කු. ජ. 3. පෙනෙන--කු. 4. සේවූ--ඉ. උ. ක. ග. බ. ප.: සෙවූ--අ. ව.; සේවුරැ--කු. ජ. 5. ගමන්--කු. 6. දුර යන--ජ.; අරඹින--කු. වෙනි--අ. ඉ. උ. ක. ග. ප. බ. ව.; මෙනි--ර.

64 තිසර සන්දේශය

ජලයෙහි පෙනෙන්නා වූ; සලෙළ සේවුරු සේයා, සෙලවෙන්නා වූ සුදු පැහැති ප්රාහකාරයෙහි සෙවණැල්ල; නුබිනා ගුරුළු මුළු, අහසින් පියාඹා ආ ගුරුළු සමූහය; දුර දැක බියෙනිගිළ, දුර දී (ම) දැක බියපත්ව ඉගිළී ගොස්; නතනා, අනන්ත නම් නාගයා; ගමන ඇර සයුර තුළ යන වැනි, ගමන අතහැර සාගරය තුළට (ඇදී) යන්නාක් වැනිය.

විස්තර ගුරුළු මුළු දද: ගුරුළන් සමුළු වූ හෙවත් එක් වූ කොඩි. මෙම පාඨය ජයතිලක; කුමාරතුංග යන දෙදෙන ම ස්වකීය සංස්කරණයන්හි “ ගුරුළු දද මුළු” යි යොදා ඇතත් සෑම පුස්කොළ පිටපතක ම ඇත්තේ “ගුරුළු මුළු දද” යනුවෙනි. එය වෙනස් කිරීමට හේතු නැත. ගුරුළා ඉන්දු-ආර්ය සංස්කෘතියේ මනඃකල්පිත පක්ෂියෙකි. හින්දු පුරාණ කථා අනුව, කාශ්යසප සෘෂිවරයාව සිටි විනතා නම් භාර්යාවගේ පුත් වූ නිසා ගරුඬයෝ ‘වෛනතේය’ නමින් ද හැඳින්වෙති. කාශ්යනප සෘෂින්ගේ කද්රැය නම් භාර්යාවගේ දරුවෝ නාගයෝය. මේ භාර්යාවන් දෙදෙනාගේ ගරුඬ නාග දෙපිරිස ද වෛර වූවෝය. සේවුරු සේයා: සේ+අවුරු සේයා. සේ+අවුරු>සේවුරු, පරස්වර ලෝප සන්ධියි. ශ්වේත ආවරණක ඡායා අවුරු යනු නගරය වටා ආරක්ෂාව සඳහා තනා ඇති කොටු තාප්පයයි. එය කවි සමයේදී සුදු පැහැ ගනී. නත නා: අනන්ත නාගයා, මේ මහ පොළොව උසුලා සිටින නාගරාජයන් අට දෙනාගෙන් කෙනෙකි. ලෝක විනාශයේ දී ද ඉතිරි වන හෙයින් ඔහුට අනන්ත, ශේෂ යන නම් යෙදේ. කවිසමය අනුව සුදු පැහැයෙන් යුක්ත අනන්තයාට මුව දහසක් ද, එබැවින් ම පෙණ දහසක් ද ඇත. පෘථිවිය දරා සිටිනුයේ ඒ පෙණ මඬලිනි. අනන්ත විෂ්ණුගේ ශයනය ද වේ. ගමන ඇර යන වැනි: අනන්ත නා රජ බුදුන්, දෙවියන් ඇසුරු කරන්නෙකි. ඔහු පාතාලයේ සිට දෙව්නුවර දිය අගළෙන් මතු වී ගමන් කරද්දි අහස්හි ලෙළ දෙන කොඩි වැල්වල සලකුණු වී ඇති ගුරුළු මුළු දුර දී ම දකී. ඔහු දකිනුයේ දිය අගලට වැටී ඇති කොඩි වැල්වල සෙවණැල්ලය. ඉන් බිය පත් අනන්තයා සිය ගමන හැර දමා පෙරළා සයුර තුළට ම පිවිසෙයි.

13. පුරඟන සරන වර මිණි නිල් සඳලු තෙලේ වැකි ලත1 පතලසින්2 රැවටුණු බමර වැලේ දැක දැක තඹරන3 ම මේ පුර ගෙදිගු විලේ තම තුඩ4 නොලත් එහි මිහි ලොලිනි කිසි කලේ පදාර්ථ පුරඟන, පුර ස්ත්රීඑන්; මිණි නිල් සඳලු තෙලේ, මැණික් ගලින් නිල්වන්ව පෙනෙන සඳලු තලවල; සරන වර, හැසිරෙන කල්හි; ලත වැකි පතලසින්, ලා රස තැවරුණු පතුල් ලාංඡන හෙවත් පා සලකුණු නිසා; (ඒ නිල් ජලය ________________________________________________________ 1. වැකිලන --උ. ග. ප. බ.: වැකිලණ--අ. ක., වැකිරණ--ඉ.; වැකිලතු--කු. 2. පද ලසින් --කු.ජ.; 3. තඹරත--අ. ඉ. උ. ක. ප. බ. ව. 4. තුඩු--අ. ඉ. උ. එ. ර. 5. මි--ජ.: විනි--ර.: හිමි--උ. විවරණ 65 මත පිපුණු නෙලුම් මල් යැයි) රැවටුණු බමර වැලේ, රැවටුණා වූ බමර රංචු; මෙපුර ගෙදිගු විලේ, මේ පුරයෙහි ගෙමිදුල්හි වූ කුඩා පොකුණුවල; තඹරන ම දැක දැක, නෙලුම් මල් ම දකිමින්; මිහි ලොලිනි, මී පැණිවලට තුබූ ආශා-වෙන්; එහි තම තුඩ නොලත්, ඒවාට තමන්ගේ තුඩ නොදමති. විස්තර පුරඟන: පුර+අඟන>පුරඟන. නගරයක අලංකාරය වැඩි වන්නේ එහි රූමත් කතුන් නිසා බව කවි සම්මතයයි. මිණි නිල් සඳලු තෙලේ: චන්ද්රිලකා ශාලා සඳලුය. සඳලු තලය නම් ඒ ඒ තලයේ හෙවත් තට්ටුවේ පියසින් ආවරණය නොවූ ගෘහ අංග විශේෂයකි. මේ සඳලු තල නිල්වන්ව පෙනෙන්නේ ඒවා නිල් මිණිවලින් සාදා හෝ නිල් මිණියෙන් සරසා හෝ ඇති හෙයිනි. වැකි ලත: අලක්ත>ලත/ලතු. ලතු යනු ලාකඩ යන අරුත් ගනී. වැකුණු ලතු හෙවත් ලහ දියර ඇති. යටි පතුල්වල රතු ලතු දියර ආලේප කර ගැනීම පෙර කතුන්ගේ සිරිති. ඉන් ඇතිවන පා සලකුණු පිපුණු පියුම් සේ කවියා දකී. පතලසින්: පතුලේ ලාංඡන=පතලස. පතුල/පතල+ලසින්>පතලසින්. මෙම පාඨය ජයතිලක “පාද ලාංඡනයෙන් නොහොත් පාද තලාංශයෙන්” කියා ද කුමාරතුංග “පාද ලාංඡනයෙන්” කියා ද අර්ථ ගෙන ‘පදලසින්’ යි සකස් කර ඇතත් එසේ කිරීමට හේතු නැත. පත්, පත යන පද ද පාද යන අර්ථයෙහි යෙදේ. රැවටුණු බමර වැලේ: රැවටුණා වූ බමර සමූහයා යන අර්ථයි. මෙහි ‘වැල’ වෙනුවට ‘වැලේ’ යි ඒ කාර දීර්ඝයක් යොදා ඇත්තේ එළිවැට රැකීම සඳහාය. සමූහාර්ථ බහුවචනයි. පුර කතුන්ගේ ලතු පැහැයෙන් රතු වූ පා සලකුණු පිපුණු නෙලුම් මල් වනැයි බමරු රැවටෙති. කතුන්ගේ මුව ද අතුල් පතුල් ද පියුම්වලට උපමා කිරීම කවිසමයයි. මෙහි කතුන්ගේ පා සලකුණු ලතු පැහැය නිසා රත් නෙලුම් සේ රැවටුණු බමරු පොකුණේ සැබෑ නෙලුම් ද නොතකා හරිති. තඹරන ම: තාමරය, රතු නෙලුම්. තඹර+අන/අන්. ප්රාවණවාචී අනුක්ත බහුවචනයි. ‘පියුමන්’ මෙනි. ‘ම’ නිපාතය යෙදුණේ සැබෑ නෙලුම් යයි අවධාරණය කිරීම සඳහාය. ගෙදිගු විලේ: ගෙවල් අසල තැනූ පොකුණු ගෙදිගු විල් නමි. තම තුඩ නොලත්: ‘තුඩ නොලත්’ යි බහුවචනය යොදා ඇත්තේ ‘බමර වැල’ යන සමූහාර්ථ බහුවචන උක්තය බලා ගෙනය. ඒ සමඟ ‘තම’ යන විශේෂණ පදය විභක්ති නොගෙන ම යෙදී ඇත. ඇතැම් සංස්-කරණයන්හි මෙන් ‘තමන් තුඩ’ හෝ ‘තමන් තුඩු’ යයි සකස් කිරීම අවශ්ය නැත. ‘තම’ ‘සිය’ වැනි විශේෂණ පද විබත් නොගෙන යෙදෙයි.


14. පැහැසර පැපෑ සියුමැලි තුනුව‍සඟේයා රඟ දෙන1නළඟනන් මිණි බිතු ළ‍ඟේයා පිළිබිඹු ලෙසින්2එහි සැදි සිට ර‍ඟේ යා අඩු වැඩි සුරඟනන් උගනිති3 හැ‍ඟේයා 1. දෙක--එ. කු. ජ. 2. සෙයින්--කු. 3. ලඟනිති--අ. ඉ. උ. ග. ප. බ. ර. ව.; සුරඟන--නුගනිති--ජ.

66 තිසර සන්දේශය පදාර්ථ සියුමැලි තුනුවඟේයා, සුකුමාර සිහින් ශරීරයෙහි; පැහැසර පැපෑ, කාන්තිය පාමින්; මිණි බිතු ළඟේයා, මැණික් බිත්ති සමීපයෙහි; නළඟනන් රඟ දෙන, නාටිකාංගනාවන් රඟපෑම කරන කල්හි; එහි යා පිළිබිඹු ලෙසින් සැදි සිට, එහි යහපත් ප්රාතිබිම්බ ආකාරයෙන් සැරසී සිට; සුරඟනන්, සුරංගනාවන්; රඟේ රංගනයෙහි; අඩු වැඩි, අඩු වැඩි තැන් (බලා); උගනිති හැ‍ඟේයා, ඉගෙන ගනිති යි හැ‍ඟෙයි. විස්තර තුනුව‍ඟේයා: තුනු+අඟ > තුනුවඟ. ආගම සන්ධියි. සිහින් ඇඟ හෝ සිහින් ඇඟක් ඇත්තී. ‘තුනුව‍ඟේයා’ යි යෙදුණේ එළිවැට සඳහාය. සුරඟනන් උගනිති හැ‍ඟේයා : ‘ඟනන් උගනිති’ යි යෙදී ඇත්තේ ශංසයවාර්තාර්ථ ‘යි’ නිපාතය සහිත බහු වචන ක්රි යාව සමග අනුක්ත රූපය ලෙසිනි. ‘හැඟේයා’ යන තන්හි ‘යා’ යෙදුණේ එළිසමය සඳහාය. නළඟනෝ මිණිමුවා බිතු ළඟ රඟති. ඔවුන්ගේ පිළිබිඹුව මැණික් බිත්තිවල දිස්වේ. ඒ දර්ශනය කෙසේද යත්, සුරංගනාවන් තමන්ගේ නැටුම්වල අඩුපාඩු බලමින් ඉගෙන ගන්නා වැනිය. මෙම පද්යමයෙන් නගරයෙහි නළඟනන් සුරඟනන් හා සමාන බව ද ඔවුන් සුරඟනන්ට නැටුම් ඉගැන්වීමට තරම් සමත් ලෙස නටන බව ද නගර ප්රානසාද මණිමය භිත්තියෙන් යුක්ත බව ද පැවසේ.

15. රනලිය බඳ බඳ1පුර යෝනත් වතිනි පැරදම සඳ2 සඳ මතු දිනනුව තැතිනි පහ අග3 බඳ දද දද ගෙන4 පවනතිනි ලප පිරිමැද මැද හරනෙව් සිය ගතිනි

පදාර්ථ රනලිය බඳ බඳ, රන් ලතාවන් බඳු ශරීර ඇති; පුර යෝනන් වතිනි. පුර යුවතීන්ගේ මුහුණින්; සඳ ඇම සඳ පැරද ම, චන්ද්රනයා සියලු කල්හි පරා-ජය වෙමින් ම; තැතිනි මතු දිනනුව, උත්සාහයෙන් ඉදිරි කාලයෙහි දී (එම කාන්තා මුහුණු පරදවා) ජය ගැනීම පිණිස; පහ අග බඳ දද දද, ප්රාාසාද මුදුන්හි බැඳි කොඩි සමූහය; පවනතිනි ගෙන, සුළඟ (නමැති) අතින් අල්ලා ගෙන; සිය ගතිනි ලප පිරිමැද මැද හරනෙව්. තමන්ගේ ශරීරයෙන් (සස) ලප පිස දම දමා දුරු කරන්නාක් වැනිය. විස්තර රනලිය බඳ බඳ: රූමත් කතුන්ගේ බඳ (ඇඟ) ස්වර්ණ ලතාවන්ට හෙවත් රන් වැල්වලට උපමා කිරීම කවිසමයයි. සිහින් බවත්, දීප්තිමත් ලලිත බවත් ඔවුන්ගේ බඳෙහි ලක්ෂණයි. ‘බඳ බඳ’ යි දෙවරක් යෙදී ඇත්තේ අරුත් දෙකකිනි. බඳ=බඳු, වැනි. නිපාතයකි; බඳ=ඇඟ, ශරීරය. නාම පදයකි.

1. සරණ ලියන්ව ද බඳ--අ. ඉ. උ. ක. ග. ප. බ. ර. 2. පැරැදැම සඳ--කු. 3. අගැ--කු 4. දද දද ගෙනැ ගෙනැ--කු විවරණ 67

පහ අග බඳ දද දද: ප්රා-සාද මුදුන් කොඩි බැඳ සරසා තිබිණ. දද දද යනු ධ්වජ සමූහය යන අර්ථ දෙයි. පියුම්මලෙහි දද යන්න සමූහාර්ථයෙහි යෙදේ. ජයතිලක දද දද යන්නට “ධ්වජයක් පාසා” යි අර්ථ දෙයි. කුමාරතුංග මෙම පාදය “පහ අගැ දද දද ගෙනැ ගෙනැ” යි සකස් කර ඇත්තේ සතර පාදයේ යමකය සම කිරීම සඳහා විය හැකිය. පුස්කොළ පිටපත් අනුව නම් එසේ වෙනස් කිරීමට ඉඩක් නොපෙනේ. සිය ගනිති ලප පිරිමැද මැද හරනෙව්: ස‍ඳෙහි සාවාගේ රූපය ඇඳ ඇතැයි පැරණියෝ සිතූහ. එය ඇතැම් කවීහු ලපයක් සේ ද සැලකූහ. පුර යෝනන්ගේ මුහුණු නිතර සඳට උපමා කෙරේ. එහෙත් රූමත් කතුන්ගේ මුහුණුවල කැලැල් නොමැත. එහෙයින් සඳ ඔවුන්ට පැරදේ. මතු දවසක වත් මේ අවමානය නැති කර ජය ලැබීමට සඳ කල්පනා කරයි. එහෙයින් සඳ සුළඟ නමැති අතින් ප්රානසාද අග බැඳ ඇති කොඩි සමූහය ගෙන තම ඇඟ නොකඩවා පිරිමදිමින් කැලැල් දුරු කර ගනී. උස් වූ ප්රාිසාද අග කොඩි ලෙළ දෙන බවත් ඒ පුරයේ රූමත් ස්ත්රී න් සිටින බවත් පැවසූ වගයි. කුමාරතුංග “මැද පිරිමැද - ශරීර මධ්යනය පරිමාර්ජනය කොට” යි අරුත් දෙයි.

16. නිල් මිණි මැඳුරෙහි1 සී මැඳුරත සැපත කල් බඳ සොඳ වත දකිමින්2 මතඟ මත පුල් පියුමෙක කුහුලින් දිගු කරත3 අත තුල් රහු වැනි සිසි ගැනුමට4 ගමන් ගත පදාර්ථ නිල් මිණි මැඳුරෙහි, නිල් මැණික් මන්දිරයෙහි; සී මැඳුරත සැපත, සිංහ (රූපාකාර) කවුළුව ළඟට පැමිණි; කල්බඳ, කාන්තාවන්ගේ; සොඳ වත දකිමින්, සුන්දර මුහුණු දකිමින්; මන මතඟ, මත් වූ ඇතා; පුල් පියුමෙක කුහුලින්, පිපුණ නෙලුම් මලකැයි යන කුතුහලයෙන්; අත දිගු කරන, සොඬය දිගු කරත් ම; සිසි ගැනුමට ගමන් ගත, චන්ද්ර ග්රතහණය කිරීම පිණිස ගමන් ගත්; තුල් රහු වැනි, මහත් වූ රාහු වැන්න. විස්තර සී මැඳුරත: සිංහ පඤ්ජර; සී මැදුරු (-කවුළුව). මෙය ‘සිංහ පඤ්ජර’ මිස “චතුඃ පඤ්ජර” යි සැලකීම වැරදිය. පුරාණ වාස්තු විද්යාසව අනුව සිංහ පඤ්ජර, හස්ති පඤ්ජර. ව්යාැල පඤ්ජර ආදී කවුළු වර්ග සඳහන් වේ. මැඳුරත: මැඳුරැ+අත්>මැඳුරු දිශාව යන අර්ථයි. දකුණත, මහත යනාදී තන්හි මෙනි. මේ හැර වරලස, සිහිලස ආදී තන්හි යෙදෙන ‘අස්’ ප්රළත්යයය මෙන් ස්වාර්ථ තද්ධිතයක් ලෙස ද, ‘අත්’ යෙදේ. මුහුණත, වරලත යනාදී තන්හි මෙනි. මත මතඟ: මත්ත > මත = මත් වූ. මතැන් තෙමේ කවීන්ට රුචිය. මාතංග>මතඟ. ඇත් පර්යාය නාමයකි. මේ පදය මාතංග පක්ෂියා, චණ්ඩාල, බෝසත්, වැද්දා යන අරුත්හි ද යෙදේ.

1. මැඳුරේ--අ. ඉ. උ. ක. ග. ප. බ. ර. ව. 2. නද කියමින්-- අ. ඉ. උ. ර. ක. ග. ප. බ. ර. ව. 3. කරන-- අ. ඉ. උ. ග. ප. බ. ර. ව. 4. වැනුමට--එ.

68 තිසර සන්දේශය

රහු: ග්රයහයෙකි. පුරාණ ග්රූන්ථ සමයෙහි ඔහු රාහු නමි. රාහුගේ මව සිංහිකා වූ හෙයින් ඔහු සෛංහිකේය නමි. මේ ග්රකහයා විසින් චන්ද්ර් සූර්ය දෙදෙනා ග්රිහණය කරනු ලබන බව කවිසමයයි. කිරි සයුර කළඹා ලත්අමෘතය දෙවියන් අතර බෙදන කල රාහු අසුරයා සුර වෙසින් පැමිණ අමා බිඳක් ලබා ගත්තේය. හිරු සඳු දෙදෙන ඒ සොරකම විෂ්ණුට දැන්වූහ. කෝප වූ විෂ්ණු චක්රාබයුධයෙන් රාහුගේ හිස කපා දැමුයේය. එහෙත් ඊට පෙර ඒ අමෘතය මුව තැවරී තිබූ හෙයින් රාහු හිස අමර විය. කඳ කේතු විය. රාහු වරින් වර හිරු සඳු ග්ර හණය කරන්නේ ඒ කෝපයෙන් බව කියවේ. සිසි ගැනුමට ගමන් ගත: සිසි යනු සඳට නමකි. ශශ (සාවා) ඇති හෙයින් ශශින් සිසිය. සිසි ගැනුම නම් චන්ද්රන ග්ර හණයයි. එය “හඳ රාහු ඇල්ලීම” යි සාමාන්යි ව්යඳවහාරයි. නිල් මිණි මැඳුරෙහි සුන්දර කාන්තාවෝ සී මැදුරු කවුළුව වෙත සිටිති. මත් ඇත් තෙමේ ඔවුන්ගේ මුහුණු පොකුණක පෙනෙන නෙලුම් මල් සේ සලකා ගෙන රැවටී හොඬය දික් කරයි. මේ දර්ශනය නිල් අහසේ පායා ඇති සඳ ගිලීමට රාහු එන්නාක් වැනිය. මෙහි දී කවියා නිල් මිණි මැඳුර පොකුණ මෙනැයි ද තවත් වරෙක එය අහස මෙනැයි ද නොකියා ධ්වනිත කරන්නේ මුහුණු හා සඳ යන උපමේයයන් යෙදීමෙනි.


17. මහත1 රසොත පැනසර කිවි දනා2 බස නුමුත සතත නන් දෙසිනා දනා රැස බලත වනත මෙනුවර සිරි මනා ලෙස කෙවත3දියත සුරනත අනත නා මිස පදාර්ථ පැනසර කිවි දනා බස, ප්රාඥාවෙන් සරු වූ කවි ජනයාගේ වචනයෙහි; මහත රසොත; මහත් වූ රස බැහුවා වූ; සතත නන් දෙසිනා, නිරතුරුව නොයෙක් දේශවලින් පැමිණි; දනා රැස නුමුත, ජන සමූහයාගෙන් තොර නොවූ; මෙනුවර සිරි, මේ නගරයෙහි සමෘද්ධිය; මනා ලෙස බලත වනත, මැනවින් බලත හොත්-වර්ණනා කරත හොත්; සුරනත අනත නා මිස, සුරනාථයා (ශක්ර-යා) හා අනන්ත නාගයා ද හැර; දියත කෙවත, ලෝකයෙහි කවරෙක් (නම්) සමත් ද? විස්තර රසොත: රස+ඔත. ඕ (බැහුම්හි) ධාතුවෙන් නිපන් අතීත කෘදන්ත පදයි. නන් දෙසිනා දනා රැස නුමුත: නා නා දේශයන්ගෙන් ආවා වූ ජන රාශියෙන් තොර නුවූ යන අර්ථයි. “නන් දෙසින්” යන්නෙන් මෙරට නොයෙක් ප්ර්දේශවලින් යන අරුත් මෙන් ම “නා නා විදේශයන්ගෙන්” යන අර්ථය ද ගත හැකිය. මෙකියන දෙව්නුවරට විදෙස් ජනයා ද පැමිණි බවට සාධක ඇත. ________________________________________________________ 1. පැහැත--ඉ. උ. ක. ප. බ. ව.; පැහැය--ග. ර. 2. දෙනා--ඉ. උ. ක. ග. ජ. ප. බ. ර. ව. 3. කෙවෙත--උ. විවරණ 69 දෙසින්+ආ>දෙසිනා; නුමුත<නො+මුත. මුස් (මිදීමෙහි) අතීත කෘදන්ත රූපයි. නොමිදුණු, නොනැවතුණු, නොඅඩු වූ, නොතොර වූ යන අර්ථයි. මෙහි එළිවැටට අනුව ‘දනා රැස’ යි යෙදී ඇත්තේ ‘දන රැස’ යන පද මය. ධන, ජන යන පද දෙක ම ‘දන’ යි සිංහලයට බි‍තඳේ. ශ්ලේෂාර්ථ භාවිතය කාව්යඑ ලක්ෂණයකි. සුරනත: සුර+නාථ>සුරනත. සුරයන්ගේ අධිපති නම් ශක්ර’යාය. ‘සහසැස්’ යි ද ඔහුට නමකි. නෙත් දහසක් ඇති බව පුරාණෝක්තියි. මේ පුරයෙහි ශ්රී ය ඔහුට පමණක් බැලිය හැකි වනුයේ ඔහුට නෙත් දහසක් ඇති හෙයිනි. ඒ වනත් හොත් එද හැක්කේ මුව දහසක් ඇති අනන්ත නාහට මිස අනෙකෙකුට නොවේ. මේ නගරයේ වර්ණනා විෂයාතික්රාඇන්ත දියුණුව දෙපරිද්දෙකින් කියවේ. එකක් නම් ප්රවඥාසාර වූ කවි ජනයාගේ මහත් සේ යෙදූ වචන හෙවත් දෙව්නුවර වර්ණනා කරන කාව්යර නිර්මාණ ඇති බවයි. අනෙක, නිතර නානා දේශවලින් නොඅඩු ව ජන/ධන සමූහ සම්ප්රාවප්ත වීමය.

උපුල්වන් දෙව්රද වැනුම්[සංස්කරණය]

18. වි සේ ස වන්1 විකුමෙනි2 බාසුරු කෙසර ලෙ සේ අසුර ගජ දප්3 බිඳුමෙහි ළතර තොසේ උපුල්වන් සුරනිඳුතුම මෙපුර4 වෙ සේ නිතොර පුරඳුරැ මෙන් තිදසපුර පදාර්ථ විසේස වන් විකුමෙන්, විශේෂත්වයට පැමිණි (හෙවත් අනන්යි සාධාරණ) වික්ර මයෙන්; බාසුරු කෙසර ලෙසේ, බල සම්පන්න කේශර සිංහයක= ලෙස; අසුර ගජ දප් බිඳුමෙහි ළතර, අසුර නමැති ඇතුන්ගේ එඩි බිඳීමෙහි සිත් දැඩි වූ; උපුල්වන් සුරනිඳුතුම, උත්පලවර්ණ දෙව්රජ තුමා; තොසේ, සන්තෝෂයෙන්; මෙපුර, මේ නගරයෙහි; තිදසපුර පුරඳුරු මෙන්, තව්තිසා දෙව්ලොව සක් දෙව්රජු මෙන්; නිතොර වෙසේ, නිත්යියෙන් වාසය කරයි.

විස්තර විසේස වන් විකුමෙන්: විශේෂත්වයට පැමිණි හෙවත් අසමාන ආකාර වික්ර මයෙන් යුක්ත යන අර්ථයි. වන්-වද ධාතුවේ අතීත කෘදන්තයි. වන්-වැනි නිපාත ද වෙයි. ‘විසේස වන්’ යන්නට අනෙක් සංස්කාරකයන් ‘විශේෂ වූ’, ‘විශේෂ වන්නා වූ’ යනාදී වශයෙන් අර්ථ දී ඇතත්, ‘වන්’, ‘වැනි’ පද ඒ අර්ථය නොදෙයි. කෝකිල සන්දේශයෙහි එන “විසේස වන් විකුමෙන් සදිසි දිය බඳ” (23) යන තන්හි ද ඉහත කී පරිදි ම අර්ථ ගත මනාය.

1. වන--කු. 2. විකුමැති--එ. ජ. 3. දප--එ. ව. 4. මිතුර--ග. ප. ව. 70 තිසර සන්දේශය බාසුරු කෙසර: භාස්වර (සං) > බහසුරු > බාසුරු යන රූප සිංහලයෙහි යෙදේ. වීර, තැති ගන්වනසුලු; දිලිසෙන, වැජඹෙන යන අරුත්ය. සිදත් සඟරාවෙහි “බාකරණෙන් සුරුවූයේ බාසුරු” (120 පිට) යි වෙනත් අරුතක් දී ඇත. ඒ අනුව ‘බාසුරු’ යන්නට ‘බාහු ශූර වූ’ යි ඇතැම් සංස්කාරකයෝ අර්ථ දෙති. කේශරින් (සං); කෙසර (සිං.) බෙල්ලේ ද හිසේද කේශර හෙවත් දික් ලොම් ඇති හෙයින් සිංහයා කේශරින් (කේශර+ඉන්) නමින් හැඳින්වේ. අසුර: සුර (දේව) නොවනුයේ අසුරය; දෙවියන්ගේ සතුරෝය. වෛදික යුගයේ දී අසුරයන්ගේ තත්වය පිළිබඳව විවිධ මත පළ කෙරේ. පසුව පුරාණ ග්රඅන්ථයන්හි සඳහන් පරිදි ප්ර ජාපතී කාශ්ය.පයන්ගේ මුල් භාර්යාව වූ දිතියගේ දරුවන් දෛත්යය (සුර) නමින් ද අදිතිය නම් වූ අනෙක් භාර්යාවගේ දරුවන් ආදිත්යහ (අසුර) නමින් ද හැඳින් වූ බව කියවේ. මේ සුර - අසුර දෙපිරිස අන්යොසන්ය සතුරු වූහ. ‘අසුර රුපු’ යනු ශක්රයයාට ද විෂ්ණුට ද යෙදේ. පෙර එක් කලෙක දුර්වාසස් සෘෂිහුගේ ශාපය ලත් ශක්රශයා ප්රටමුඛ කොට ගත් දෙවියන් (සුරයන්) ගේ බලය හීන විය. අසුරයන්ගේ බලය අධික විය. මෙයින් ලජ්ජාවට පත් සුරයෝ විෂ්ණු වෙත එළඹ ආධාර පැතූහ. මන්දර පර්වතය මත්ථදණ්ඩ කොට ගෙන කිරි සයුර අලළන ලෙස විෂ්ණු උපදෙස් දුනි. එසේ කරන කල්හි මතු වූ අමෘතය පානය කළ දෙවියෝ අමර වූහ. ඉන් පසු ඔවුනට අසුරයන් පරාජය කළ හැකි විය. මේ සුප්රමකට යුද්ධය සුර-අසුර යුද්ධයයි. තිදසපුර: ත්රිකදශපුර; ශුක්රනපුරය; තාව්තිංස; තව්තිසාව. වෛදික දෙවිවරුන් තිස්තුන් දෙනෙකු වෙසෙන හෙයින් එය ත්රශයස්ත්රිංුශත් නමින් හැඳින්විණ. ද්වාදශ ආදිත්යක, ඒකාදශරුද්රඅ, අෂ්ටවසු, ද්විවිශ්වදේව යන තෙතිස් දෙවිවරු එහි වෙසෙති. පුරඳුරු: පුරන්දර. වේදයෙහි සඳහන් පරිදි පුරයන් දාරණය හෙවත් වැනසීම කරන හෙයින් ශක්ර යාට පුරන්දර නම යෙදේ. බෞද්ධ අටුවාචාරීන්ගේ මතය අනුව නම් ශක්රෙයා පුරඳුරු නමින් හැඳින්වෙනුයේ පූර්වයෙහි දන් දුන් හෙයිනි.

19. මිතුර1, මේ සුරිඳුගෙ2 වෙසෙස3 අස

පදාර්ථ යහළුව, මේ දෙව්රජුගේ විශේෂය අසන්න.

විස්තර වෙසෙස: විශේෂයයි. එනම්, අනෙක් දෙවිවරුන් කෙරෙන් වෙනස් වන්නා වූ අමුතු තතුය. _______________________________________________________ 1. මිතුරු--ඉ. ර. 2. සුරිඳුගේ--ඉ. උ. එ. ක. කු. ප. බ. ව. 3. විසෙස--ර.; විරස්ස--ඉ. උ. ක. ග. බ. ව.; විශේෂ--ප විවරණ 71 20. මෙරජ1 තෙදග රුපු රද හද2 තුළේ වැද දිලි3 සිළුමිණි සේ සෙද4 පෙනුණේ මතු5 ද ඇවිළ ගොසින් උනඹුව6 හද තුළේ වැද7 පෙනිණි8 නුවන්9 රත්තර ලෙසිනි විනිවිද පදාර්ථ මෙරජ තෙදග, මේ (උපුල්වන් දෙව්) රජුගේ තේජස් නමැති ගින්න; රුපු රද හද තුළේ වැද, සතුරු රජුන්ගේ හදවත් තුළට වැදි; දිලි සිළුමිණි සේ, (ඔටුන්නේ) දිලිහෙන, මුදුන් මැණික ලෙස; සෙද පෙනුණේ මතු ද, වහා පෙනුණා පමණක් ද; ඇවිළ ගොසින්, (එය තව ද) දීප්ත ව ගොස්; උනඹුව හද තුළේ වැද, ඔවුන් (සතුරු රජුන්) ගේ අඹුවන්ගේ හදවත් ඇතුළත වදිමින්; රත්තර ලෙසිනි, රක්ත වර්ණ රශ්මිය ලෙසින්; නුවන් විනිවිද පෙනුණි; ඇස් විනිවිද පෙනෙන්නට විය. විස්තර තෙදග: තේජස් අග්නි; තෙද+අග. පූර්වස්වර ලෝපයෙන් තෙදග වේ. තේජස කවිසමයේ දී රතුය. එය ගින්නක් සේ ගැනිණ. අග්නි > අග්ගි > අග වේ. දිලි සිළුමිණි සේ: දිලි - දුල, දිලීමෙහි, අතීත කෘදන්තයි. සිළුමිණි-චූඩා මණි. මුදුනේ, එනම් ඔටුන්න අග පළඳින මැණික. අනෙක් සංස්කරණවල මෙම පාඨය “දිලි සිළුමිණි ලෙසිනි”, “දිලි සිළුමිණි ලෙසිනිසැ” යනාදී වශයෙන් යෙදී ඇතත් අප ඇසුරු කළ අත් පිටපත් අනුව නම් එසේ ගැනීමට ඉඩක් නැත. උනඹුව හද තුළේ වැද: උනඹුව<උන්+අඹුව. ඔවුන්ගේ භාර්යාවන්ගේ යන අර්ථයි. මෙහි ‘අඹුව’ යන ඒකවචනය යෙදී ඇත්තේ සමූහාර්ථයෙනි. මෙහි 21 වැනි පද්යෙයේ ද මෙලෙසින් ම ‘රූපඹුව’ යි යෙදී ඇත. හද තුළේ: හෘද>හද-හදවත් ඇතුළත. ‘හද තුළේ වැද’ යනු එක ම පද්ය යේ පළමු පාදයේ සහ තුන් වැනි පාදයේ ද සමානාර්ථව යෙදී ඇතැයි සලකමින් දෝ ඇතැම් සංස්කාරකයන් විසින් තුන් වැනි පාදය වෙනස් කරන ලද බව පෙනේ. එහෙත් ඒ පුනරුක්ත නොවේ. පළමු පාදයේ ‘රුපු හද තුළේ’ය. තෙවැන්නේ ‘උනඹුව හද තුළේ’ ය. රත්තර: තර යන්න ‘රශ්මිය’, ‘කාන්තිය’ යන අර්ථ ද ගනී. රත්තර නම් රක්ත වර්ණ රශ්මිය හෙවත් කාන්තියයි. “විමන් මිණි තරපතර-කරන රතෙපුර පවර” යන කව්සිළුමිණි ගීයෙහි (1. 20) ‘තර’ යෙදී ඇති සැටි බලන්න. ‘විමානයන්ගේ මාණික්ය්ය සමූහ යාගේ රශ්මිය (=තර) ඒ පුරවරය රතු කරන කල්හි’ යනු මෙහි අර්ථයි. විනිවිද: ළයෙහි වූ ගින්න ඇස විනිවිද පෙනෙන්නේ ඇස් ද රත් පැහැ ගැන්වී ඇති හෙයිනි. ඇස් රතු වීමට හේතුව දුකින් කඳුළු සලා හැඬීම බව ධ්වනිත කෙරේ. ________________________________________________________ 1. මෙරද--කු. ජ. 2. හිද--ජ. 3. දිලු--ප. 4. ලෙසිතියැ--කු.: ලෙසිනි--ජ. 5. ඒ මතු--ජ. 6. උනුබුව--අ. ඉ. ක. ග. ර. ව.: උන් අඹුවන්--කු. 7. හිද තුළේ වැද--එ. ජ.: ගෙ දළ මැද--කු. 8. පෙනිනි--එ.; පෙනිණි--කු. 9. නුවන--එ.; නුවනැ--කු. 10. රතතර--කු. ජ.; රත්සර--ව. 72 තිසර සන්දේශය උපුල්වන් දෙව්රජුගේ තේජස ගින්නකි. එය සතුරු වූ අසුර රජුන්ගේ හදවත් තුළට වැදි දවාගෙන හිස මුදුනෙන් ද මතු වූවා සේ පෙනෙනුයේ ඔවුන් පැළඳ සිටින ඔටුනු මුදුනේ ඇති රතු මැණික් නිසාය. එපමණක් නොවේ. ඒ තේජස් ගින්න ඇවිළ ගොස් සතුරු රජුන්ගේ අඹුවන්ගේ හද තුළට ද පිවිසිණ. ඒ ගිනි විනිවිද යෑමෙන් ඔවුන්ගේ ඇස් රතු වී එළියක් සේ පෙනෙන්නට විය.

21. මොහු යස දසත පැතිරෙත1 ලොව වතිනි2 ඇමා3 තම පැහැ නොහැර පැවතියෙ4 නම් නියමව මා5 රුපඹුව6 නුවන රත තර හා7 සුරිඳු8 මෙමා9 ගත10 නිල් පැහැය මිස නොපෙරළියෙ නම්11 කිමා12 පදාර්ථ මොහු යස දසත පැතිරෙත, මොහුගේ කීර්තිය දශ දිශාවල පැතිරෙද්දි; ලොව ඇමා වතිනි, ලෝකයේ සියලු වස්තූන්ගෙන්; නියමව මා, නියම වශයෙන් ම; තම පැහැ නොහැර පැවතියෙ නම්, තමන්ගේ පැහැය අත් නොහැර පැවතුණෙ නම්, රුපඹුව, සතුරු (අසුර) අඹුවන්ගේ; නුවන රත තර හා, ඇස්වල රතු පැහැය හා; මෙමා සුරිඳු ගත, මෙම දෙවිඳුන්ගේ ශරීරයේ; නිල් පැහැය මිස, නිල් පාට හැර; නොපෙරළියෙ නම් කිමා, වෙනස් නොවූයේ නම් කුමක් ද? විස්තර දෙවිඳුන්ගේ කීර්තිය පැතිරෙත් දී ලොව හැම දේ ම එහි සුදු පැහැ ගනී. නියත වශයෙන් එසේ නොවූයේ සතුරු කතුන්ගේ ඇස්වල රත හා දෙවිඳුන් ඇ‍ෙඟ් නිල් පැහැ පමණි. යස: යශස්, කීර්තිය, ප්රෙසිද්ධිය. කවිසමය අනුව යශස සුදු පැහැ ගනී. ලොව ඇමා වතිනි: ලෝකයෙහි සියලු වස්තූන් අතුරින්. ‘ලොව’ ආධාර විභක්තියෙහි යෙදී ඇත. ‘ඇමා’ යනු ‘හැම’ යන්නේ හ කාර ලෝප යෙන් සහ පාදාන්ත එළිසමය සඳහා ම කාර දීර්ඝ වීමෙන් සෑදුණ පදයකි. සෙසු පේළි තුනේ ද ‘නියමා’, ‘මෙමා’, ‘කිමා’ යි යෙදී ඇත්තේ එළිවැට සඳහාය. නුවන රත තර: නයන>නුවන, ඇස. බහුවචනාර්ථයෙන් ද යෙදේ. ‘තර’ නම් රශ්මිය හෙවත් කාන්තියයි. ඇස්වල රක්ත වර්ණ රශ්මිය යන්නෙන් අදහස් කෙරෙනුයේ රතු පැහැයයි. යමකු කෝප හෝ ශෝක හෝ වූ විට ඇස රත් පැහැ ගැන්ම කවිසමයයි. මෙහි දෙවිඳුගේ තෙද බලය නිසා ශෝකයෙන් ඇස් රතු වූ බවකි. නොපෙරළියෙ නම් කිමා: නොපෙරළුණේ නම් කිමෙක් ද? පෙරළ - පෙරළීමෙහි; පෙරළියෙ - අතීත ප්රමථමා ඒකවචන කෘදන්ත රූපයකි. මේ උපුල්වන් දෙව්රජුගේ කීර්තිය දශ දිශාවන්හි පැතිරෙයි. එකල්හි ________________________________________________________ 1. පැතිරෙණ--අ. ඉ. උ. ක. ප. බ. ව. 2. වතැති--කු. 3. ඇම--එ. කු. ජ.; හැමා--උ. 4. නොපැවැති--කු. 5. ම--එ. කු. ජ. 6. රුපුඹුව--උ. ක. 7. රත නරඹා වති-- අ. ඉ. උ. ක. ග. ප. ර. ව.; රත් රඹාවති--බ. 8. සිරිදු-- අ. ඉ. උ. ක. ග. ප. ර. ව. 9. මෙම එ. කු. ජ. 10. ගණ--ව.: 11. නෙපෙරළියෙ නම්--අ; නෙපෙරෙලයමි-- ඉ. ක. ග. ප. බ. ර.; නෙ පෙනේ ලියමි--ව.; නෙ පෙරෙලියමෙ--උ.; නොමැ පෙරැළියේ--කු. 12. කිම--උ. කු. ජ. විවරණ 73 ඒ කීර්තිමත් සුදු පැහැය අනුව සියලු වස්තූන් ම සුදු වුව මනා බව කවියා අපේක්ෂා කරයි. න්යාසයය එසේ වුව වස්තු දෙකක් සුදු පැහැ නොගනී. එකක් නම් සතුරු වූ අසුර අඹුවන්ගේ නේත්ර‍යි. එසේ ම, උපුල්වන් දෙවියන්ගේ ශරීරයේ නිල් පැහැය ද එසේ ම පවතී. අසුර අඹුවන්ගේ නෙත්වල රත් පැහැය ඇති වනුයේ ඔවුන්ගේ ස්වාමීන් මරණයට පත් වෙතියි උපන් බියෙන් හා ශෝකීව හැඬීමෙනි. ඒ රත දිව්යෙරාජයාගේ සුදු පැහැති කීර්තියෙනුදු නොමැකේ. උපුල්වන් දෙවිඳුන්ගේ පැහැය වෙනස් නොවීමෙන් පැවසෙනුයේ ඔහුගේ ස්ථිර හෝ නියම ගුණයයි.

22. කළයෙන්1 උපන් අගතිසි නම් එකතු පෙර එකැඳිලිනි2 ගත්3 වර වියැළිණි සත් සයුර ඇම සුර නරන් ගත4 නෙතැදිලියෙන්5 නිතොර6 නොනිමා වැඩෙනු7 මිස මොහු රූ එක සයුර පදාර්ථ පෙර, පුරාණයෙහි; කළයෙන් උපන්, කළගෙඩියෙන් උපන්නා වූ; අගතිසි නම් එකකු, අගස්ති (මුනි) නම් එක් අයකු; එකැඳිලිනි ගත් වර, එක් දොහොතකට ගත් විට; සත් සයුර වියැළිණි, සාගර සත වියළී ගියේය; මොහු රූ එක සයුර. මොහුගේ (මේ උපුල්වන් දෙවිඳුගේ) රූප නමැති එක (ම) සාගරය; ඇම සුර නරන්, සියලු දෙවි මිනිසුන්; නෙතැදිලියෙන්. ඇස් නමැති දොහොතින්; නිතර ගත, හැම විට ම ගත්ත ද; වැඩෙනු මිස, (තව) වැඩි වනු මිස; නොනිමා, නිමාවට පත් නොවේ. විස්තර කළයෙන් උපන් අගතිසි: කළගෙඩියෙන් උපන් අගස්ත්යන/අගස්ති සෘෂි යන අර්ථයි. වේද කථා අනුව මොහු කළයකින් උපන් බව කියවේ. කුම්භයෝනි, කුඹුයොන්, කුම්භසම්භව. ඝටෝද්භව යනාදී නම් මොහුට යෙදෙනුයේ එහෙයිනි. වරක් ඔහු මුහුදේ සැඟවුණු කාලේය නම් අසුරයන් විෂ්ණුට පෙන්වීමට මුහුදු ජලය දෝතට ගෙන පානය කෙළේ ලු. මෙම පද්ය යෙන් ද ඒ පුවත ම කියවේ. “දිය කඳ ගැඹර පිරි පුවතර මහ සයුර - මුවරද ලෙසින් වත අගතිසි කර තඹර” යි සැලළිහිණි සන්දේශයෙහි (54) යෙදෙනුයේ ද ඒ අනුව ය. එකැඳිලිනි: එක් ඇඳිලින් > එකැඳිලිනි. අඤ්ජලි > ඇඳිලි. ඇඳිලිනි කරණ විභක්තියි. දෑතේ ඇඟිලි එකතු කළ කල්හි ඒකාඤ්ජලීය. සත් සයුර: සත් සයුර නම් බුත්සරණයෙහි ද විස්තර කෙරෙන සප්ත සිදන්ත සාගරය. සප්ත කුල පර්වත අතර පිහිටි සාගර සතකි. ප්රිකෘති සමුද්ර්, ක්ෂුරමාලි, අග්නිමාලි, දධිමාලි, කුශමාලි, නලමාලි, වඩබාමුඛ යන සමුද්රර සප්තකයේ විස්තර ජාතක පොතේ සුප්පාරක ජාතකයෙහි දැක්වේ. ________________________________________________________ 1. කුලයෙන්-- අ. ඉ. උ. ක. ග. ප. බ. ර. ව. 2. එකදිලිනි-- අ. ඉ. උ. එ. ක. ග. ප. බ. ව.; එකතිලිනි--ර. 3. ගම්--ඉ. ග. ප. බ. ර.; ගනිම්--අ. 4. නරඟන--අ. ක. ර. ව. 5. නෙතදිලියේ-- අ. ඉ. උ. ග. ප. බ.; නෙදිලියේ--ව.; නෙනෙතැදිලිනි --කු. 6. නිතර-- අ. ඉ. උ. ග. ප. බ. ර. ව. 7. වැඩෙ-- අ. ඉ. උ. එ. ග. ප. බ. ර.; වැඩේ නම්--ව. 74 තිසර සන්දේශය නෙතැදිලියෙන්: නෙත්+ඇදිලියෙන්, ඇස් නමැති දෝතින් යන අර්ථ යි. ඉහත ‘එකැඳිලිනි’ හා සැස‍ඳෙන රූපයකි. නොනිමා: නිම නොවේ යන අර්ථයි. නිමයි, නිමති යනුවෙන් මෙය වරනැ‍ඟේ‍‍‍. ‘නො’ නිපාතයි. ‘නිමා’ වර්තමාන ආඛ්යා ත ඒකවචනයි. කළයෙන් උපන් අගතිසි නම් එක් අයකු සප්ත සාගර ජලය එක ම දෝතකින් උකහා ගත් කල්හි ඒ සාගර සත ම වියළී ගියේය. එහෙත් සියලු දෙව් මිනිසුන්ගේ ඇස් නමැති දෝතින් මේ උපුල්වන් දෙව්රජුගේ රූපශ්රීෙය ගනු ලැබුව ද ඒ වැඩි වනු මිස අඩුවක් නම් නොවේ. උපුල්වන් දෙව්රජු සියලු දෙව් මිනිසුන් විසිනුදු බලා කෙළවර නොවන තරම් රූසිරියෙන් යුතු බව කී අයුරුයි.

23. සතොසින් වසත1 සිරි සරසවිය මොහු කෙරේ වියොවින් පැමිණි දුක් නොම විඳ එඅවසරේ රැකියෙන් මිසක2 බඹ බඹසර ම අරතරේ සොවගින් තැවී කළු නොම වේ ද3 වෙන්යුරේ4 පදාර්ථ සිරි සරසවිය, ශ්රීද කාන්තාව හා සරස්වතී දේවිය; මොහු කෙරේ, මොහු (මේ උපුල්වන් දෙවියන්) ළඟ; සතොසින් වසත, සතුටින් වෙසෙත් දී; බඹ, බ්රිහ්මයා; වියොවින් පැමිණි දුක් නොම විඳ, (සරසවිගේ) වියෝගයෙන් උපන් දුක නොවිඳ ම; එඅවසරේ, ඒ වෙලාවේ; බඹසර ම; බ්රදහ්මචර්යාව ම; අරතරේ රැකියෙන් මිසක, දැඩි ලෙස රක්ෂා කිරීම නිසා මිසක්; වෙන්යුරේ, විෂ්ණු අයුරින්; සොවගින් තැවී කලු නොම වේ ද (සිරිකත වෙන් වීම නිසා හට ගත්) සෝ ගින්නෙන් දැවී කළු පාටට නොහැරුණේ වත්ද? විස්තර සිරි සරසවිය: සිරි-ශ්රී කාන්තාව; විෂ්ණුගේ භාර්යාවයි. සුර-අසුර යුද්ධයේ දී සමුද්රර මථනය කරත් දී ඕ පහළ වූවා, විෂ්ණු දෙවියන්ගේ වක්ෂඃස්ථලයට පිවිසියාය. ඕ ශෝභා, සම්පත් ආදියට අධිපතිය. සරසවිය-සරස්වතී; මහාබ්රයහ්මයාගේ දෙවියයි. ඇගේ වාසස්ථානය මහාබ්රනහ්මයාගේ මුඛයයි. සරස්වතී වචනයටත් සියලු විද්යා කලාවන්ටත් අධිපතිය. සොවගින්: සොව්+අගින්. අග යනු ගින්නය. ශෝක නමැති ගින්නෙන් යන අර්ථයි. වෙන්යුරේ: වෙන්+අයුරේ, විෂ්ණු ආකාරයෙන්‍. ‘වෙන්’ යන පදය කුමාරතුංග ඇතුළු වෙනත් සංස්කාරකයන් විසින් ‘වෙණු’ යි වෙනස් කරන ලදී. එසේ කිරීමට හේතු නැති. “සිවුවත් වෙන් තිසුලවිය” (2. 47) ආදි තන්හි ‘වෙන්’ යනු කව්සිළුමිණෙහි යෙදි ඇත. විෂ්ණු කාල වර්ණය. කවිසමයෙහි කළු පැහැය නිල්වන් සේ සැලකේ.

1. වසන--ඉ. උ. ග. ප. බ. ව.; වසණ--අ. ර. 2. මිසක්--එ. ක. කු. ජ. 3. වෙද්ද--අ. උ. එ. ක. ග. ප. බ. ර. ව. 4. වෙණු--කු.

විවරණ 75 ශ්රීණ කාන්තාව, සරස්වතී යන දෙදෙන ම ඔවුන්ගේ ස්වාමිපුරුෂයන් අත හැර උපුල්වන් දෙවිඳුන් වෙත පැමිණියහ. මෙයින් ගම්යඔමාන වනුයේ උපුල්වන් දෙවි ශෝභා සම්පත්තියෙන් ද විද්යා කලා නෛපුණ්ය යෙන් හා වාක් චාතුර්යයෙන් ද අනූන වූ බවය. විෂ්ණු දේවයා ස්වභාවයෙන් ම කාල වර්ණ වුව ද ශ්රීප කාන්තාවගේ වියෝවෙන් ඔහු කළු වූ බව පැවසේ. බ්රරහ්මයා, ස්වභාවයෙන් රන්වන්ය. ඔහු සරස්වතියගේ වියෝ දුකින් කළු නොවූයේ ඒ අවසරයෙන් දැඩි ලෙස බඹසර රැකීමට පෙලඹුණ නිසාය.


24. ලොබැර1 තිදසපුර සිරි සරිනි2 ලෝ මුදුන් ඇසෙන විගඳ යුත් අඟ සිය3 විතර යොදුන් නරන් රකින ලෙස සපැමිණි4 මෙසුරරදුන් කුලුණු වනනු5 කිම අමුතුව6 මිතුර7 නඳුන් පදාර්ථ සිරි සරිනි, ශ්රීඅ සාරයෙන්; ලෝ මුදුන්, ලෝකයේ මුදුනින් හෙවත් ඉහළින් (පිහිටි); තිදසපුර, තව්තිසා දෙව්ලොව (පිළිබඳ); ලොබැර, ලෝභය අත් හැර දමා; සිය යොදුන් විතර, යොදුන් සියයක් පමණ (දුරට); ඇසෙන අඟ විගඳ යුත්, ආඝ්රාොණය වන ඇ‍ඟේ දුගද ඇති; නරන් රකින ලෙස, මිනිසුන් ආරක්ෂා කිරීම සඳහා; සපැමිණි, (මිනිස් ලොවට) පැමිණියා වූ; මෙසුරරදුන්, මේ දෙව්රජුන්ගේ; කුලුණු, කරුණාව; නඳුන් මිතුර, නන්දනීය (සතුට ගෙන දෙන) මිතුරෙනි; අමුතුව වනනු කිම, අමුතුවෙන් වර්ණනා කරන්නේ කුමට ද? විස්තර තිදසපුර: 18 වැනි පද්යිය යටතේ බලන්න. සිය යොදුන් විතර: යොදුන් සියයක් පමණ. යොදුන නම් ගව් සතරක් හෙවත් සැතපුම් සොළොසක් පමණ දුරය. මිනිස් ලොව දුගඳ යොදුන් සියයක් පමණ ඈතට ආඝ්රාකණය වන බව අට්ඨකථා ආදි පශ්චාත් කාලීන බෞද්ධ සාහිත්ය යෙහි කියවේ. සිය සිය ගවු අසල වූ නම් නරෝ යම් කල දෙවියෝ තමන් ගෙල දැවටි කුණු සේ කෙරෙති පිළිකුල (141) යි බුදුගුණ අලංකාරයෙහි දැක්වෙනුයේ ද මෙකරැණය. අඟවිගඳ: අංග>අඟ, ශරීරය. අඟපසඟ, සියලඟ ආදි තන්හි මෙනි. විගඳ; දුගඳ යන අර්ථයි: දු, වි උපසර්ගය. විගන්ධ, දුර්ගන්ධ (සං.). ඇසෙන: නාසයට දැනෙන, ආඝ්රායණය වන. මෙහි ‘ඇසෙන’ යනු යෙදී ඇත්තේ කනට ඇසෙන බව පැවසීමට නොව නාසයට දැනෙන බව පැවසීමටය. 1. ලොබැ’රැ--කු. ජ.; ලොව කර--අ.; ලෝ බැර--ර.; ලොබර--ඉ. උ. ග. ප. බ.; ලොබරි ව. 2. සරින්--අ. ඉ. උ. ක. ග. ප. බ. ර. ව. 3. අදහම්--ඉ. උ. ක. ග. ප. බ. ර.; අදහන්:--ව.; අහසින්--එ. ඇහැ සිය--කු 4. සැපමිණි--අ. ඉ. එ. ක. ර. ව.; සැපැමිණි--කු. 5. නුවණ--අ. ව. 6. පවසනු--අ. 7. මිතුරු--ඉ. උ. ක. ග. ප. බ. ර. 76 තිසර සන්දේශය “තුබූ අත්සුණු අසා සුව‍ඳේ” (කව්සේකරය) “මලක සුවඳ සිව් සිය ගව් ඇසේයා” (ගුත්තිලය) යන තන්හි මෙනි. නරන් රකින ලෙස සපැමිණි: පිරිනිවන් මංචකයෙහි වැඩ හුන් බුදුන් වහන්සේ විසින් මූල බුද්ධ ධර්මය වූ ථෙරවාදය ලංකාවේ චිරස්ථායි වන හෙයින් බුදු සසුන හා සිරිලක ආරක්ෂා කිරීම සක් දෙව්රජුට භාර කරන ලද බවත් එම කාර්යය සක් දෙව්රජු විසින් උපුල්වන් දෙවිඳුන් වෙත පවරන ලද බවත් වංසකථාවල සඳහන් වේ. ලංකාගමනයේයේ දී විජය හා පිරිසට පිරිත් හූ, පිරිත් පැන් එළවූයේ ද තවුස් වෙසින් පැමිණි උපුල්වන් දෙවිඳුන් බව මහාවංස වාර්තායි. උපුල්වන් දෙවි සිරිලක රකිනු වස් මෙහි පැමිණියේ යොදුන් සිය ගණන් ඈතට ඇසෙන ගඳ ද නොසලකාය. එසේ නම් එතුමන්ගේ කරුණා මහිමය අමුතුව වර්ණනා කරනු කුමට ද?


දෙව්නුවරින් නික්මීම[සංස්කරණය]

25. නඳ කළ සියලු සත සෙත දීමෙන් නිබඳ බඳ යස කෙහෙලි දිගු දිගු යටගෙහි නොමඳ මදයුරු සොඳුරු රූ1 යුතු මේ දෙවිඳුසඳ සඳ ලෙස අයද2 වැඳ සමු ගන් මිතුරුසඳ පදාර්ථ නිබඳ සෙත දීමෙන්, නිරතුරුව ශාන්ති (ලබා) දීමෙන්; සියලු සත නඳ කළ, සියලු සත්වයා සතුටු කළා වූ; නොමඳ යස කෙහෙලි, බොහෝ වූ කීර්ති ධ්වජ; දිගු දිගු යටගෙහි බඳ, දිශා නමැති දිග රිටි අගෙහි බැන්දා වූ; මදයුරු සොඳුරු රූ යුතු, අනංගයා හා සමාන සුන්දර රූපයෙන් යුක්ත වූ; මේ දෙවිදුසඳ, මේ දෙව්රජ උතුමාගෙන්; මිතුරුසඳ, උතුම් මිත්රැය; සඳ ලෙස, සිත් වූ පරිදි; අයද වැඳ සමු ගන්, යාච්ඤා කොට නැමැද (ගමනට) අවසර ගන්න‍. විස්තර යස කෙහෙලි: යස, යශස, කීර්තිය, ප්රදසිද්ධිය. කෙහෙලි, කොඩි, කදලි (සං., පා.) දිගු දිගු යටගෙහි බඳ: ‘දිගු’ යන්න පළමුව දිශා අර්ථයෙහි ද දෙවෙනිව දීර්ඝ අර්ථයෙහි ද යෙදේ. යට<යෂ්ටි. යට+අගෙහි>යටගෙහි. යෂ්ටි කෙළවර හෙවත් මුදුන්හි යන අර්ථයි. මදයුරු: මද+අයුරු > මදයුරු. මද අනංගයාට නමි. හින්දු දේව කථාත් කවිසමයත් අනුව මොහු පෙනී සිටිනුයේ කාම දේව වශයෙනි. සිංහල සාහිත්ය යේ මද දෙවියාට අනංග, අනඟ, උනඟ, නරඟ, විරඟ වියොවග, මල්සර, කුසුම්සර, කුසුම්දුනු, කුසුම්දද, මල් හී, මලවි, මලඟ, සමර, ________________________________________________________ 1. රැව්--අ. ඉ. උ. ක. ග. ප. බ. ර. ව. 2. අයැද--ජ.; ඇයැදැ--කු. විවරණ 77 ලියසැව්, තුනුවඟ යනාදී නම් රාශියක් යෙදේ. ඔහුට ‘මද’ යි යෙදෙනුයේ සිත මත් කරවන හෙයිනි. ඒ අර්ථයෙහි ම මන්මථ. මදන යන නම ද යෙදේ. අනංග නම් සිරුරක් නැත්තේය. වරක් ශිව දෙවියා හිමාලය කඳු මුදුනෙහි තපසක යෙදී සිටි කල්හි ඊට හානි පැමිණවීම සඳහා පැමිණි කාම දේවයා කෙරෙහි හට ගත් කෝපයෙන් හෙතෙම නළල මැද වූ ඇසින් ගිනි දැල් විහිදවූයේය. කාම දෙවි ඇසිල්ලකින් දැවී අළු වී ගියේය. එහෙත් ඔහු ඉන් මිය ගියේ නැත. ඔහුට උක් දඬු දුන්නක් ඇත. දුනු දිය බිඟු වැලකි. ඉන් විදීම සඳහා සර පසක් ද ඇත. අනංග ලොව සුරූපී තැනැත්තා ලෙස සැලකේ. ‘සොඳුරු රූ යුතු’ යි කීවේ එහෙයිනි. අයද: අයද ධා. අයදීමෙහි. බොහෝ සංස්කාරකයෝ සිය සදොස් පාඨයන් සේ සලකා අයැද යි ශුද්ධ කරති. එසේ කිරීමට හේතු නැත. ධම්පියා අටුවා ගැටපදය, අමාවතුර ආදී පොත්වල ‘අයදිමි’ ‘අයදන’ ආදි යෙදුම් දක්නට ලැබේ. මෙම පද්ය.යෙන් කියවෙනුයේ උපුල්වන් දෙවිඳුන්ගේ කීර්තිය දිශා කෙළවර තෙක් පැතිර පවත්නා බවය. දිශා නම් දිගු රිටිය. එහි අග බැඳි සුදු කොඩි සේ පෙනෙන්නේ දෙවියන්ගේ පිරිසිදු බව කියන සුදු පාට යශස හෙවත් කීර්තියයි. මෙම පද්යරය ගළපා ඇත්තේ සන්දෂ්ට සමකයක් ලෙසිනි. විස්තර සඳහා සංඥාපනය (19 පිටුව) බලන්න.


26. වැජඹීමෙන්1 උදම්2 - ලත් මේ දෙවිඳු3 නිසයුරු සයුරු අයුරු මෙවෙහෙර බබළන4 රුසිරු රුසිරු සරින් යුතු තුන් දියටෙක ඉසුරු ඉසුරු නිවනුදු5 දෙන - මුනි රූ ද ලකුණෙනි සරු6 නිසරු බව ගිමට සෙවණොත7 එක මිතුරු8 මිතුරුයුරු සිරින්9 අයන ළ පව් අඳුරු අඳුරු රැසෙව්10 දුම රදුනුදු සෙත්11 කතුරු කතුරු වන් සිඳින මිසදිටැඹුල පතුරු12 පතුරුවන තෙදැති දිව13 විමනෙක14 මිතුරු මිතුරුසඳ මෙසඟ ගණ15 වැඳ කර යතුරු ________________________________________________________ 1. වැජැඹීමෙන්--කු. 2. උදන්--අ. ඉ. උ. ග. ප. බ. ර. ව. 3. දෙවි--අ. අ. ඉ. උ. ක. ප. බ. ර.; දිවි--ග. ව. 4. බහලන-- අ. ඉ. උ. ක. ග. ප. බ. ර. ව. 5. නිවන්-- අ. ඉ. උ. ක. කු. ග. ප. බ. ර. ව. 6. සයුරු-- අ. ඉ. උ. එ. ක. ග. ප. බ. ර. ව. 7. සෙවනෙත-- අ. ඉ. උ. එ. ක. ග. ප. බ. ර. ව. 8. මැ තුරු--කු. 9. මිතුරුයුරු රුසින්--කු. 10. රෑපෙවු--ප. බ. ව.; රුපෙව්--ජ.; රෑපෑ--කු. 11. රසිනුතයෙන්--ඉ. ක. ග. ව.; රසිනූනයෙන්--අ. උ.; රසිනුතසෙත්--ප.; රසිනතසෙ--බ.; රදුනුත් සෙත්--කු. 12. මිස දිටු මුල පදුරැ--අ. ඉ. උ. ක. ග. ප. ව.; මිසදිටු මුල පතුරු--එ.; මිසදිටු පව් අඳුරු--බ. 13. දිය--ක. ජ. 14. මිණෙක-- අ. ඉ. උ. ක. ග. ප. බ. ව. 15. සඟ ගණද--ඒ. කු.; එ සඟ ගණ--ජ. ර. 78 තිසර සන්දෙශය පදාර්ථ මේ දෙවිඳු නිසයුරු, මේ දිව්ය.රාජයා නමැති චන්ද්රදයාගේ; වැජඹීමෙන් උදම් ලත්, විජෘම්භනය හෙවත් බැබළීම හේතු කොට ගෙන උද්දාම වූ; සයුරු අයුරු මෙහෙවර, සාගරය වැනි වූ මේ විහාරයෙහි; බබළන රුසිරු රුසිරු සරින් යුතු, බබළන්නා වූ රුචිර වූ රූප ශ්රී සාරයෙන් යුක්ත වූ; තුන් දියටෙක ඉසුරු, තුන් ලෝකයට එක ම ඊශ්වර වූ; ඉසුරු නිවනුදු දෙන, නිවන් සැපත පවා දෙන්නා වූ; ලකුණෙනි සරු මුනි රූ ද, (දෙතිස් මහා පුරුෂ) ලක්ෂණයන්ගෙන් සාරවත් වූ බුද්ධ රූපය (ප්රිතිමාව) ද; නිසරු බව ගිමට, නිස්සාර වූ භවය නමැති ග්රිවෂ්මයට; සෙවණොත එක මිතුරු, සෙවණ දීමෙහි එක ම මී ගසක් (වැනි) වූ; ළ පව් අඳුරු අයන, හදවත්හි පාප නමැති අන්ධකාරය දුර ලන්නා වූ; මිතුරුයුරු සිරින්, සූර්යයා/ප්රිදීපය වැනි ශෝභාවෙන් යුක්ත වූ; අඳුරු රැසෙව්, අන්ධකාර සමූහයක් වැනි වූ; මිසදිටු ඇඹුල පතුරු සිඳින, මිථ්යාරදෘෂ්ටි නමැති ඕලු පෙති කපා හරින; කතුරු වන්, කතුරක් වැනි වූ; දුමරදුනුදු, (බෝධි) වෘක්ෂරාජයන් ද; දිව විමන, දිව්ය විමානයෙහි (පවා); පතුරුවන තෙදැති, පතුරුවන්නා වූ තේජස් ඇත්තා වූ; එක මිතුරු, ඒක සූර්යයා වූ; මෙසඟ ගණ වැඳ, මේ සංඝ සමූහය නමස්කාර කොට; මිතුරු සඳ, මිත්රෝ්ත්තමය; යතුරු කර, ගමන් කරන්න.

විස්තර මේ දස පද හෑල්ල ද සන්දෂ්ට යමකයක් සේ ගළපා ඇත. එහි ප්ර්තිඵලය නම් පදාර්ථ සුගම නොවීමය. වැජඹීමෙන් උදම් ලත්: වැජඹීමෙන්: වජඹ ධාතුව+ඊම් ප්රඵත්ය ය>වැජඹීම්. වැජඹීම්+එන් කරණ විභක්ති ප්රඹත්ය.ය. චන්ද්ර යාගේ වැජඹීම හෙවත් විජෘම්භනය නම් බැබළීමයි. උදම්: උද්දාමය ඇති වූ සයුරු තුළ වඩ දිය-බා දිය ඇති කරන්නේ චන්ද්ර්යාය. රුසිරු රුසිරු සරින්: රුචිර රුසිරු සාරයෙන් (i) රුචිර > රුසිර > රුසිරු. මනහර හෙවත් සිත් ගන්නා යන අර්ථයි (ii) රූප ශ්රී> > රූ සිරි > රුසිරි > රුසිරු. රූප සම්පත්තිය. (iii) සරින්: සාර+ඉන් > සරින්, සාරයෙන්. තුන් දියට: තුන් ලෝකයට. කාම, රූප, අරූප යන තුන් ලොව හෝ ස්වර්ග, මර්ත්යි, පාතාල යන තුන් ලොව. ඉසුරු නිවනුදු: මෙහි දී ‘නිවන් ඉසුරුදු’ යි පද ගළපා ගෙන ‘නිවන් සැපත පවා’ යි අරුත් ගත හැකිය. ඉසුරු නම් ලෞකික ‍ෙඑශ්චර්යයයි; සැපතයි. ලකුණෙනි සරු: දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් සම්පූර්ණ වූ. ඒවා නරසිහ ගාථාවල ද ඇතුළත්ය. නැතහොත් ප්රමතිමා නිර්මාණය පිළිබඳ වෙන ම ශාස්ත්රදයක් ඇති හෙයින් මෙහි දී ඒ ප්රරතිමා නිර්මාණ ලක්ෂණවලින් අනූන යයි ද අර්ථ ගත හැකිය. මුනි රූ: බුද්ධ රූපය හෙවත් ප්රඒතිමාව යන අර්ථයි. මේ වෙහෙරෙහි ඇති බුද්ධ රූපය වනාහි ‘රුසිරු රුසිරු සරින් තුන් දියට එක ඉසුරු ඉසුරු නිවනුදු දෙන’ ප්රයතිමාවකි.

විවරණ 79 සෙවණොත එක මිතුරු: සෙවණ හෙළන එක ම මී ගසක්. සෙවණොත< සෙවණ+ඔත. ඕ (බැහුම්හි) ධාතුයි. මිතුරු<මී+තුරු. මීපක් 10 වැනි සියවසට අයත් එප්පාවල ලිපිය, (Epigraphia Zeylanica, Vol.III, p. 190) මිවන් (11 වැනි සියවසට අයත් බුද්ධන්නෙහැල ටැම් ලිපිය, (E. Z., Vol. 1. p. 194) යනාදී තන්හි මී වෙනුව‍ට මි කාරය හ්රපස්වව යෙදේ. මෙය ගැටලු සහිත පාඨයකි. කුමාරතුංග “එක මැ තුරු” (එක ම වෘක්ෂය) යනුවෙන් ද ජයතිලක “එක මිතුරු” (අසහාය මිත්ර් වූ) යනුවෙන් ද ශුද්ධ කොට එහි අර්ථ දී ඇතත් එසේ පෙළ වෙනස් කිරීමට හේතු යුක්ති නොපෙනේ. ‘මිතුරු’ පදය බි‍ඳෙන ‘මිත්ර1’ යන සංස්කෘත වචනයෙන් සූර්ය, ප්රයදීප යන සුලබ අර්ථ ගත හැකි වුව මෙතැනට එය උචිත නොවේ; සූර්යයාගෙන් හෝ ප්රීදීපයෙන් සෙවණ හෙළීමක් සිදු නොවන හෙයිනි. තව දුර විමසිය යුතු පාඨයකි. දිව විමන: මෙම පාඨයෙහි ද අර්ථය ගැටලු සහිතය. පැහැදිලි අර්ථයක් ගැනීම සඳහා මෙම පාඨය ‘දිය විමන’ යි ශුද්ධ කොට ‘ජගත් නමැති විමානය’ යි ඇතැම් සංස්කාරකයෝ අර්ථ කථනය කරති. ඒ හා සම්බන්ධ වන ‘එක මිතුරු’ යන තන්හි (මිතුරුයුරු සිරින් දිව විමනෙක මිතුරු යන දෙතැන ම) ‘මිතුරු’ යන්නට සූර්යයා මෙන් ම ප්රිදීපය යන අර්ථ ද ගැළපේ. උපුල්වන් දෙවියන් වැඳ සමුගත් දූතයා ඉනික්බිති දෙවිනුවර විහාරයට පැමිණේ. එහි දී බුද්ධ ප්ර තිමාවත්, බෝධි වෘක්ෂයත්, සංඝයාත් වැඳ නමස්කාර කර යන ලෙස දූතයාට කී සැටියි. මේ විහාරය උපුල්වන් දෙවියන් නමැති චන්ද්ර යාගේ බැබළීම නිසා උදම් වූ සාගරය හා සමානය. මුහුද සඳ එළියෙන් උදම් වන බව කවිසමයයි. ‘එසේ උදම් වී බබළන්නා වූ මේ විහාරයෙහි රූ සිරි සරින් යුතුව තුන් ලෝකයට එක-අසහාය නායකව නිවන් සැප ද සාදා දෙන්නා වූ, දෙතිස් මහා පුරුෂ ලක්ෂණයෙන් සාර වූ බුද්ධ ප්රදතිමාවක් ඇත. තව ද, සංසාර නමැති ග්රිාෂ්මයට සෙවණ දෙන එක ම මී ගසක් වැනි වූ ද, රශ්මිය හේතු කොට ගෙන නිශා පාප අන්ධකාරයන් දුරලන්නා වූ ද අන්ධකාර පිණ්ඩයක් වැනි මිසදිටු ඕලු පත් කපා හරින කතුරක් වැනි වූ ද බෝධි ද්රැරමයක් ඇත. එසේ ම, දිව්යං විමානයන්හි පවා පතුරුවන තේජස් ඇත්තා වූ අසහාය සූර්ය සමාන වූ සංඝ සමූහයා ද මේ විහාරයෙහි වෙසෙති. එකී ගුණයෙන් යුතු බුදු පිළිමයත්, බෝධියත් සඟ පිරිසත් නමදින ලෙස දූතයාට නියම කෙරේ.


27. සො‍‍ ඳේ තුඩින් සිය පිය යුවළ පිරිමැදේ මැ දේ කිවින් පුවතර මේ අසුන් ස‍ඳේ ස‍‍ ඳේ අම සෙ1 තබමිනි2 මිතුරු3 මන න‍ඳේ න‍ ඳේ වඩන මේ පුරවරිනි ඉරි උදේ

පදාර්ථ පිය පිය යුවළ, තම පියා පත් දෙක; තුඩින් සොඳේ පිරිමැදේ, හොටයෙන් මනා සේ පිරිමැද (අවුල් හැර): කිවින් මැදේ, කිවිවරුන් අතර; පුවතර මේ අසුන්‍; ප්රපසිද්ධ වන මේ අස්න; ස‍ඳේ අම සෙ, චන්ද්රඅයා තුළ ________________________________________________________ 1. මසෙ--අ. උ. ක. ග. ප. ර. ව.; මස--බ.; මෙසෙ--ඉ. 2. තබා මිණි-- අ. ඉ. උ. ක. ග. ප. බ. ර. ව. 3. මිතුර--එ. කු. ජ. 80 තිසර සන්දේශය අමෘතය මෙන්; සඳේ තබමින, සිත්හි තබාගෙන; මන න‍ඳේ මිතුරු, සිත සනසන මිත්රසය; මේ පුරවරිනි, මේ උතුම් පුරයෙන්; ඉරි උදේ, ඉරිමා උදයෙහි; (පාන්දරින්) න‍ඳේ වඩන, සතුටින් යන්න.

විස්තර කිවින් මැදේ පුවතර මේ අසුන්: මේ සන්දේශය කවීන් අතර ප්ර සිද්ධ බව පැවසේ. ‘කවීන් අතර පුවතර වන මෙම අස්න’ යන අරුත මෙන් ම ‘කවීන් අතර ප්රමකටව පවත්නා මේ සන්දේශ කාව්යඅය’ යන අර්ථය ද ගත හැකිය. ක්‍රි. ව. සතර වැනි පස් වැනි ශත වර්ෂවල දී භාරතයේ ප්ර කට වූ මේඝදූත ආදි සංස්කෘත සන්දේශ කාව්ය් මෙන් ම ඉන් පසුව ලියවුණු ද්රවවිඪ තුතු කාව්යං ද, එසේ ම ලංකාවේ පාලියෙන් ලියනු ලැබූ මානාවුළු සන්දේශය ආදිය ද අනුව සන්දේශ කාව්ය් කවීන් අතර ප්රනකටව පැවති බව පැහැදිලිය. සඳේ අම සෙ: දෙවියන් පුර පෑළවිය දින පටන් අමෘතය සඳ මඬලෙහි රැස් කරන බවත්, අව පෑළවිය පටන් අනුභව කරන බවත් පුරාණ දේව කථා කියයි. කවිසමය ඔස්සේ සිංහල සාහිත්යරයට ඇතුළු වූ මතයකි. දෙවියන් සඳ මඩලෙහි අමෘතය රැස් කරන්නා සේ මේ සන්දේශය තිසරාගේ සිත්හි ආරක්ෂා කර තබා ගන්නා ලෙස පැවසූ අයුරුයි. ඉරි උදේ: ‘ඉරිමා උදේ’ යි දැනුදු ව්ය්වහාර වේ. පහන් දොරින් ගමන් ඇරඹීම ශුභදායක ලෙස සැලකේ. ‘මැදේ’. ‘නදේ’ යන පද එළිවැට සඳහා වෙනස් කර ඇත.


සුබ නිමිති[සංස්කරණය]

28. දිගා වඩන මෙන්1 ගුගුරති ගජ තුරඟා රඟා පැපෑ යෙති එති බොළඳ කොමලඟා ළඟා පවති2 මඳ නල සුවඳ පෙර මඟා මඟා සතොස ලබ3 සුබ නිමිති මනරඟා4 පදාර්ථ ගජ තුරඟා, ඇත් අස්හු; දිගා වඩන මෙන්, දීර්ඝායුෂ වඩන්නාක් මෙන්; ගුගුරති, ගර්ජනය කරති; බොළඳ කොමලඟා, ළා බාල මොළකැටි අඟනෝ; රඟා පැපෑ යෙති එති, නැටුම් පාමින් යමින් එමින් සිටිති; පෙර මඟා, ඉදිරි ගමන් මඟ; සුවඳ මඳ නල, සුවඳවත් මඳ සුළඟ; ළඟා පවති, ළං වෙමින් පවතී; මනරඟා සුබ නිමිති, සිත් පිනවන යහපත් පෙර නිමිති; මහා සතොස ලබ, බලා සන්තෝෂ ලබන්න. විස්තර දිගා වඩන: දීර්ඝ>දිග්; ආයුෂ්>ආ; දිග්+ආ>දිගා. දිගා වැඩීම නම් ‘ආයු බෝ වන්’ කීමයි. උදේ ම මුණ ගැසෙන්නන් උනුන්ට ආසිරි පැතීම චාරිත්රනයකි. ඇතුන් අසුන්ගේ ගර්ජනය එය සඳහා උපමිතය 1. මේ--අ. ඉ. උ. ක. ග. ප. බ. ව. 2. සවති--අ. ඉ.: සවනි--උ. ග‍. ප. බ. ව.; සවන--ර. 3. බල--අ. ඉ. උ. ක. ග. ප. බ. ර. ව. 4. පෙර මඟා--අ. ඉ. උ. ග. ප. බ. ර. ව. විවරණ 81 කොමලඟා: කෝමල වූ අංග හෙවත් ශරීර ඇත්තියෝ කොමලාංගිහුය. රූමත් කාන්තාවන් සඳහා යෙදේ.‍ රඟා පැපෑ යෙති එති: රංග නම් නැටුමයි. ලෙළුම, පාට කැවීම, නැටීම, ගැයීම ආදි අර්ථ ද රංග/රංගන යන වචනවල ඇත. නර්තනයක දී අලුත්, වර්ණවත් ඇඳුමින් පැළඳුමින් විශේෂයෙන් සැරසී යන එන අයුරෙන් අඟනෝ උදයේ සතුටින් යමින් එමින් සිටි බව පැවසේ. පෙර මඟා සුබ නිමිති: පෙර මඟට හමා එන සුවඳ මඳ සුළඟ ද ශුභ ලක්ෂණ ලෙස අඳුන්වන බොහෝ දේවලින් එකකි.

නල මුදු සුවඳ පිරිකුඹු මියුරු අඹ ගෙඩි පුල හෙළ කුසුම ලිය පිය තෙපල, රන් කෙඩි සල සුදු සෙමෙර සේසත්, ගිජිඳුනොද වැඩී බල සුබ නිමිති පෙර මඟ නැකතටත් වැඩී

යනුවෙන් සැලළිහිණි සන්දේශයෙහි (16) සුබ ලකුණු සඳහන් වේ.


29. එත1 සලෙළුන්2 කොපමණ3 පානා ඉඩ ම පුර වෙසඟන සැදි මා වේ මුතු වඩම මැද4 බැඳි5 මිණෙක6 වන් ලෙව් නඳනා මඩම බලමින් මඟුල් වැලි තෙලෙහි ම කර වැඩම

පදාර්ථ සලෙළුන් කොපමණ එත, ක්රිමඩාශීලී තරුණයන් කොතරම් ආවත්; ඉඩ ම පානා, ඉඩකඩ (අවකාශ) ප්රුකාශ කරන්නා වූ; පුර වෙසඟන, පුරය නමැති නගර ශෝභිනියගේ; සැදි මා වේ, සරසන ලද මහා වීථි (නමැති); මුතු වඩම, මුතු හරෙහි; මැද බැඳි මිණක් වන්, මැදට ඇල්ලූ මැණිකක් බඳු; ලෙව් නඳනා, ජනයා ප්රීිති කරවන; මඩම බලමින්, අම්බලම බල බලා; මඟුල් වැලි තෙලෙහි ම, මඟුල්වැල්ල නම් වූ වැලි තලාව මතුයෙහි(ම); වැඩම කර, ගමන් කරන්න.

විස්තර සලෙළුන්: ‘සල්ලාල/(<සං+ලාල) යන පදයෙහි වත්මන් බසෙහි ‘අවිනීත’ අර්ථයක් ඇතත් සකුවෙහි ‘කෙළි දෙළෙන් හැසිරෙන තරුණයන්’ යන අර්ථ දෙයි. ඉඩ ම: මෙහි යෙදී ඇත්තේ ‘භූමි භාගය’ යන ප්ර කට අර්ථයේ නොව ‘අවකාශය ම’ යන අර්ථයෙනි. ඉඩම්--දෙ. මා වේ මුතු වඩම: දේවාලය වටා නගරය හරහා දිගට වැටී වට රවුම්ය යන මහා මාර්ගය දෙපස වූ මැඳුරු පේළි සහිත මහා වීදිය මා/මඟ වේ නමි. කුඩා වීදි කොවේ නමි. වීථි (පා., සං.); වීදි (දෙ.); වේ (සිං.) ‘වඩම’ යනු යෙදී ඇත්තේ මාලාව, වැල (සකු ‘වට’) යන අර්ථයෙහිය. ‘මල් වඩම’ යන්න හා සසඳන්න. දෙමළ ‘වඩම්’ යන පදය නූල, කඹය, යනාදී අර්ථ ගනී. 1. එත--අ. ඉ. උ. ග. ප. බ. ර. ව. 2. සලෙළුවන්-- අ. ඉ. උ. එ. ක. ග. ප. බ. ර. 3. කෙපමණ-- අ. ඉ. උ. එ. ප. බ. ර. ව 4. මද-- අ. ඉ. උ. ක. ග. ප. බ. ර. ව 5. මැදි-- අ. උ. ක. ප. බ. ර.; මදි--ඉ. ග. ව. 6. හිණෙක්-- අ. උ. ක. ග. ප. ව.; ගිනෙන්--ඉ. බ.; තිනෙත්--ර.; මිණක්--කු. ‍ 82 තිසර සන්දේශය නගරය වටා ඇති මහා වීදිය නගරය නමැති වෛශ්යා.ව (නගරශෝභිනිය) ගෙල වටා බැඳ ගත් මුතු හර සේ වැනිණ. සැලළිහිණියෙහි (89) ගම වටා ගෙඩි මල් සහිත පුවක් ගස් වටය නිල්මිණි පබළු සහිතව ගමඹුව පැළඳි මුතු හර සේ වැනිණ. “බන්නේ මරාමිණි දුල පබළු මුතුපට-වැන්නේ ගමඹු” ගෙලෙ පල මල් කුමුකු වට.” මැද බැඳි මිණක් වන් මඩම: වෘත්තාකාර මහා වීදි මාර්ගයට යා බද මේ ගිමන් හල මුතු හරේ මැද බැඳි ලොකු (තරල) මිණය. මෙය සෙසු ගොඩනැගිලි පරයා සිටි විශාලතම මන්දිරයක් බව මේ උපමාවෙන් ධ්වනිතය. මඩම< (සං.) මඨ (අසපුව). දෙමළෙහි ‘මඩම්’ යි යෙදේ. මයුර සන්දේශයෙහි (115) “මාවත් මඬුව” යි යෙදේ. මඟුල් වැලි තෙලෙහි: “දෙව්නුවරට ද වැල්ලේ මඩමට ද අතරෙහි පිහිටි වේලාන්ත ප්රතදේශය දිව්යද රාජයා උත්සව සහිත ගොඩ බැසීමෙන් මංගල වූයෙන් එතැන් පටන් මඟුල් වැල්ල වී යැයි වාසල මුදලි ගුණවර්ධනයෝ කියති.” – (කුමාරතුංග, තිසර සන්දේශ දීපනිය, 102 පිටුව) දෙවුන්දර නගරය නගර ශෝභිනියකට උපමා කර ඇත. නගර ශෝභිනිය අද ජුගුප්සිතාර්ථ වුවත් එදා එසේ නොවීය. සලෙළුන් කොපමණ පැමිණිය ද ඔවුන්ට ඉඩ ඇවිරීම හෙවත් ප්රීතික්ෂේප කිරීම නගර ශෝභිනියගේ පිළිවෙත නොවේ. දෙවුන්දර නගරයට කොපමණ ජනයා පැමිණියත් එහි වූ මඩමේ ඉඩකඩ තිබේ. මේ නගරය මැද අම්බලමකි. එය නගරයේ ඇති මහා වීථි නමැති මුතු හරෙහි මැදට ඇල්ලූ තරල මැණිකක් බඳුය. කව්සේකරයෙහි එය “නායක මිණ” ය. “ලමැණි කුල මිණි වැළ - අනගි නායක මිණෙව් පැහැදුළ.”

30. සියුමැලි1 තගෙ තෙලෙ සපල්ලේ2 තුඩ ම පෑයේ3 සිරිනි එත4 කිරණැල්ලේ5 සැඩ ම නොම සිට නෙරළු තුරු සෙවණැල්ලේ වැඩම කෙරෙමින් ගණිඳු දැක යව වැල්ලේමඩම පදාර්ථ සියුමැලි තගෙ, සුකුමාර වූ තොපගේ; තෙලෙ සර පල්ලේ තුඩ ම, අර පතුල් තලයෙහි (සහ) තුඩෙහි ම; පෑයේ සිරිනි, පැහැයේ ශෝභාවෙන්; සැඬ ම කිරණැල්ලේ එත, බෙහෙවින් චණ්ඩ වූ කිරණාලෝකය වැටෙත් ම; නෙරළු තුරු සෙවණැල්ලේ, පොල් ගස් සෙවණැල්ලෙහි; නොම සිට, නතර වී නොසිට; වැඩම කෙරෙමින්, පිටත්ව යමින්; වැල්ලේ මඩම, වැල්ලේ මඩම නම් පෙදෙසෙහි; ගණිඳු දැක යව, ගණ දෙවි (ප්ර්තිමාව) දැක යන්න.

විස්තර සර පල්ලේ තුඩ ම: හංසයාගේ පා දෙකෙහි පතුල් තල සහ තුඩ රතුය. සැඩ අව්වේ සමාන රත් පැහැය පෙන්වීමට යෙදූ අලංකාරයකි. ________________________________________________________ 1. සිවුමැලි--ක. ප. බ. ර. ව.; සිව්මැලි--අ. ඉ. උ. එ. ග. 2. සරණ පල්ලේ--එ. කු. 3. පැහැයෙ--අ. ඉ.; පැහැයේ--උ. ක. ග. බ.; පැහැයේ--ප. ව. 4. එක්--අ. ඉ. උ‍. එ. ක. ග. ප. බ. ර. ව. 5. රිවි නැලලේ-- අ. ඉ. උ. ක. ග. ප. බ. ර.; රිවි කිරනැල්ලේ--එ.; රිවිතැල්ලේ--ව.

විවරණ 83 සර: චර, චරණ. පාදයට සකුවේ යෙදෙයි. සිංහලයේ සර, සරණ වෙයි. පල්ල<පත්ල<පතුල<පාද තල; අල්ල<අත්ල<අතුල<හස්ත තල මෙනි. ‘සර පල්ලේ’ යන්නට ‘පියුම් පත්ර_ වැනි’ යි කෙනෙක් අර්ථ දෙති. කිරණැල්ල: කිරණ+අලු>කිරණලු, කිරණ ආලෝකය. කිරණලු ම කිරණැලි - කිරණැල්ල. සඳලු>සඳැලි>සඳැල්ල මෙනි. වැල්ලේ මඩම ගණිඳු: අදත් මේ නමින් ගැනෙන්නේ දෙවුන්දරත් රුහුණු සරසවියත් අතර මූදුබඩ පෙදෙසයි. මෙහි ගණ දෙවි කෝවිලක් නිසා ‘මඩම’ යන්න යෙදුණ බව සැලකිය හැකිය. වැල්ලේ විසුළ තර තරඟින් ලෙවන් මිණි දුල්ලේ ගණිඳු පුදයට ලූ මෙන් ගෙමිණි තුල්ලේ සුරිඳු විමනෙව් පෙර මඟ පැමිණි වැල්ලේ මඩම දැක යන් සිරිසර ගිහිණි යන පද්යමය කෝකිල සන්දේශයෙහි එයි. පරෙවියෙහි ද ‘ගණිඳු විමන’ නමින් පමණක් මෙය හැඳින්වෙයි.

31. කොහොන්1 ගස පොකුණේ - සැනහෙම්නි2 බඳ3 පවනේ4 යා ගන්න මඟ දකුණේ - විසිතුරු රුකන්5 සෙවණේ පදාර්ථ බඳ, මිත්ර ය; කොහොන් ගස පොකුණේ, කොහොන් ගස පොකුණෙහි; පවනේ සැනහෙම්නි, සුළ‍ඟෙහි සැනසී; මඟ දකුණේ, මහ මඟ දකුණු පස; විසිතුරු රුකන්, අලංකාර ගස්වල; සෙවණේ, හෙවණෙහි; යා ගන්න, ගමන් කරන්න. විස්තර බඳ: මිත්ර යා යන අර්ථවත් ආලපන විභක්ති රෑපයයි. මෙහි 4 වන පද්යියේ ‘බ‍ඳේ’ යි යෙදී ඇත්තේ ද මේ අරුතිනි. කොහොන් ගස: කොහොන්, කෝන්ය. විකල්ප ප්ර යෝගයි. මේ නමින් හැඳින්වුණු පොකුණ ගොඩකරේ පිහිටි බව “යා ගන්න මඟ දකුණේ” යන්නෙන් හැ‍ඟේ. වම් පස මුහුදු තීරය බැවිනි. කෝන් ගස සෙවණේ පිහිටි පොකුණ කොහොන් ගස පොකුණයි. රුකන් සෙවණේ: වැල්ල මඩම හා මාතර අතර පිහිටි මැද්දෙවත්ත පෙදෙස දැනුදු ගහ කොළ සහිතය. නිල්වලා නදියට නුදුරු හෙයිනි. රුක් ශබ්දය ‘රුකන්’ යි අනුක්ත (ප්රාටණී) බහුවචන ප්රබත්යිය ගනී. තලන්, මිහිවන් සිනිබලන්, පියුමන් ආදි පද මෙනි. 32. යන එන දිගැසියන් ඇඳි සළු මිණිමෙවුල ලිහිලුදු6 කෙරෙයි නිල් වරලුදු7 මිලිනවුල ඩා බිඳු ද දනවයි8 ගමනුදු කර9 අවුල එසෙයින් සලෙළු ගුණ ගති10 උග්ගල්බැවුල ________________________________________________________ 1. කොහොම්--එ. කු. ජ. 2. සැනහෙන්නි--අ. ඉ. උ. බ. ර.; සැනසෙන්නි--ග.; සැතපෙන්නි--ප. ව. 3. මද--එ. ජ. 4. පවණේ--කු. 5. රුකක්--අ. ඉ. උ. ක. ග. ප. බ. ර. ව. 6. ලිහිනිදු-- අ. ඉ. උ. ක. ග. ප. බ. ර. ව. 7. වරලදු--ඉ. උ. ක. ප. බ. ර. ව.; වරලස--අ. 8. ඩා බිඳුවද දන-- අ. ඉ. උ. ක. ප. බ. ර. ව. 9. කැරැ--එ. ජ.; කෙරෙ--කුත 10. ගනි--බ. ජ.; ගණි--ම. ව. 84 තිසර සන්දේශය පදාර්ථ යන එන දිගැසියන් ඇඳි, (මහ මඟ) යන එන කාන්තාවන් ඇඳ සිටි; සළු මිණිමෙවුල, වස්ත්ර_ හා (උකුළු වටා බැඳි) මිණිමෙවුල් දම ද; මලිනවුල නිල් වරලුදු, මලින් ගැවසි (නිල්) කළුවන් කොණ්ඩය ද; ලිහිලුදු කෙරෙයි, බුරුල් ද කරයි; ගමනුදු කර අවුල, යන ගමන ද වියවුල් කර; ඩා බිඳු ද දනවයි, ඩහ දිය බිංදුත් ඇති කරයි; එසෙයින්, ඒ ආකාරයෙන්; උග්ගල් බැවුල, උග්ගල්බැවුල නම් ගම; සලෙළු ගුණ ගති, කෙළි ලොල් තරුණයකුගේ ස්වභාව ගත්තේය.

විස්තර දිගැසියන්: දිගු ඇස් ඇති හෙයින් රූමත් කතුන්ට මේ නම යෙදේ. මිණිමෙවුල: උකුළු පෙදෙස වටා බැඳෙන හවඩියක් හෝ පටියක් වැනි ආභරණයකි. “මේහන්යසස්යන ඛස්යට මාලා” (මේහන නම් අංගයෙහි වූ මාලාව) යන සංස්කෘත විග්ර‍හ වාක්යයයේ මුල් පද දෙකේ මුලකුරු දෙක හා අග පදයේ අගකුර යන තුනින් “මේ-ඛ-ලා” පදය නිපන්හයි සංස්කෘතයේ කියවිණ. මිණි - මැණික් හෝ කිකිණි ඇල්ලූයෙන් මණිමේඛලා නමි. නිල් වරලුදු: නිල් වරල ද, විදහුණු කොණ්ඩය වරල, වරලස නමි. කවි සමයෙහි අලංකරණය සඳහා කළු පැහැය නිල් යයි ගැනේ. මලිනවුල: කොණ්ඩා වලින් සැරසීමේ උත්තර භාරතීය කාන්තාවන්ගේ සිරිත ලංකාවෙහි ද එදා පැවතිණ. ඩා බිඳු ද දනවයි: කොණ්ඩා සහ ඇඳුම් අබරණ බුරුල් කරන තරම් දැඩි සුළං මූද අසල මේ කඳු ප්රතදේශයෙහි හමා යයි. ලජ්ජාවෙන් ඒ හා පොර බැඳීමේ දී ඩා දිය බිඳු දමයි. උග්ගල්බැවුල උස් කඳු සහිත බිම් පෙදෙසකි. එහි යන එන දිගැසියන්ගේ ඇඳි සළු ද පැළඳි මිණිමෙවුල් ද මල් ගවසා ගත් කොණ්ඩාද ලිහිල් වෙයි. ඩා බිඳු නැඟේ. ගමන් අවුල් වේ. කාන්තාවකට මෙබඳු තත්වයක් ඇති වනුයේ සලෙළකු මුණ ගැසුණ කල්හිය. එබැවින් උග්ගල්බැවුල සලෙළකුගේ ස්වභාව ගත් බව පැවසේ.

33. ඉ න් ගිය කල තගෙ මෙයතුරට රවටන‍ මෙ න් අඟනෝ ඇවිදිති සුරඟන වටන උ න් පියවුරු1 දුර2 දැක හසුනැයි3 නටන ම න් තුටු කර4 නොලගව5 මාපාපටන

පදාර්ථ ඉන් ගිය කල, එතැනින් පිටත් වූ කල්හි; තගෙ මෙයතුරට, තොපගේ මේ ගමනට; රවටන මෙන්, රැවටිලි (බාධා) කරන්නාක් මෙන්; සුරඟන වටන අඟනෝ ඇවිදිති, දිව්යාං ගනාවන් සේ අගනා කාන්තාවෝ සංචාරය කෙරෙත්. උන් පියවුරු, ඔවුන්ගේ පයෝධර; නටන හසුනැයි, 1. පියොවුරු--කු. ජ.; පියයුරු--ඉ. උ. ප. 2. දුරැ--කු. ජ. 3. හසුනැදි--අ. ඉ. උ. ක. ග. ප. බ. ර. ව.; හසුනය--එ. 4. කැරැ--කු. ජ. 5. නොලසෙව--එ. ජ.; නොලසව--කු.

විවරණ 85 නටන්නා වූ හංසයන් යයි; දුර දැක, දුර සිට දැකීමෙන්; මන් තුටු කර, සිත් සතුටු කරගෙන; මාපා පටන, මාපා පටන (නම් ප්රීදේශයෙහි); නොලගව, නොම ලගිනු.

විස්තර පියවුරු: පයෝධර. මෙය පියවුරු, පියයුරු, පියොවුරු යි විවිධ රූප ගනී. අත් පිටපත්වල ඇත්තේ පියවුරු, පියයුරු යන පාඨයි. මාපා පටුන: වත්මන් මාතොට හෙවත් මාතරය. මෙය ආදායම් ලැබූ නැව් තොටක් සහිත පටුන් ගමකි. පට්ටන > පටුන නම් තොටමුණ සහිත නගරයයි. නිල්වලා නදියේ වාම තීර්ථයෙහි එකල මාපා පටුන වී යැයි කියනු ලැබේ. එය මාපා පටුන නම් වූයේ වීරබාහු මාපාවන් විසින් කරවන ලද හෙයිනි.

මාපා වීරබා කරවූ නමින් තමා මාපා පටුන් වැද යා ගන් මිතුරුතුමා -පරෙවි සන්දේශය

මාපා වීරබා කරවූ සසිරිදුල මාපා පටන සිරි නරඹා තොසිනිපිල‍ -කෝකිල සන්දේශය යන පද්යාලර්ධයන්ගෙන් ඒ බව පෙනේ.

34. පු ල් වලා කුසුම මෙන්1 කොක වැල නිසල2 ලො ල් වලා දියැර3 ගැනුමට බිමට බැස නිල් වලා රැඳි සෙ සැදි මාරුකු දෙපස නිල් වලා ගිඟිනෙතර යා ගන් සතොස පදාර්ථ කොක වැල, කොක් පංතිය; පුල්වලා කුසුම මෙන්, පිපි ගැවසී ගත්තා වූ මල් වැනිය; නිලස දියැර ගැනුමට, නොලස්ව ජලය ඇර ගැනීම සඳහ‍ා; ලොල්වලා, ආශාව ඇතිව; නිල්ව වලා බිමට බැස, කළු වලාකුළු පොළොවට බැස; මාරුකු දෙපස, පොල් ගස් (පේළි) දෙපස; රැඳි සෙ, රැඳුණාක් මෙන් පෙනෙන; නිල්වලා ගඟින්, නිල්වලා නම් ගංගාවෙන්; සතොස, සන්තෝෂයෙන්; එතර යා ගන්, එගොඩව යා ගන්න. විස්තර නිලස: මෙය අර්ථ කීමේ දී බොහෝ සංස්කාරකයන්ට ගැටලු ඇති කළ පදයකි. ජයතිලක “නීල වර්ණ ආකාශයේ” යි අර්ථ දක්වයි. එය “නිලැස” යි ශුද්ධ කර ගන්නා කුමාරතුංග “නීලාක්ෂ... නිල් වූ ඇසක් ඇති හෙයින් හංසයාට නමි” යි පවසයි. මේ පද්යණ “නොලස්ව” යන අර්ථයෙහි සීගිරි ගීයක “නිලස්වැ” යි (93) ද, රුවන්මල් නිඝණ්ටුවේ “නිලස්” (42) යි ද යෙදී ඇති හෙයින් නිසැකව ම ඒ අරුත මෙතැනට යෙදෙන බව කිව හැකිය. 1. කුසුම දිසි--ක. ජ.; දිසි කුසුම--එ 2. නිලැල--අ. ඉ. උ.; නිළස--එ.; නිලැස--කු. 3. දියැරැ--කු ‍86 තිසර සන්දේශය මාරුකු: පොල් ගස. “මහ ගස” යන අර්ථයෙනි. අහසේ පියාසර කරන හෝ ගහේ වසා සිටින හෝ කොක් සමූහය පිපී ගැවසී ගත්තා වූ මල් සමූහයක් මෙන් පෙනෙති. දියැර ගැනුමට...නිල්වලා: නිල්වලා ග‍ඟේ ජලය දකින වලාකුළුවලට වහා ඒ ගැනීමට ආශා ඇති වේ. කළු වැහි වලාකුළු බිමට බැස ගඟ දෙපස පොල් ගස් පේළි අතර තැන්පත් වෙයි. වලාකුළු බිමට බැස දිය බීම කවිසමයයි.

“සිඳු බොන අටින් මේ කුළු රැස් වූ සෙ වටින්” -කෝකිල “නිල්වලා සිඳු පිය’ටි බීම ගියයුර” -මයුර

35. සූ සැ ට කරණ නව රසය ද දැනීමට‍ මේ රට තමන් ඇර1 නැත්තා සෙ පාසෙට කී ම ට සපන්2 දළ අඟනන් දැකීමට මාතොට වැළිත්3 නොරඳව මිතුර බෝ කොට පදාර්ථ සූසැට කරණ, හැටහතරක් කාම ක්රි යා (ද); නව රසය ද, අලුත් රස (වර්ග) ද; දැනීමට පාසට, විඳ ගැනීමට (සහ) පහස ලැබීමට; මේ රට තමන් ඇර නැත්තා සෙ, මේ රටෙහි තමන් විනා (අනෙක් අය) නැත්තේ ය යි; කීමට සපන් ළද අඟනන්, පැවසීමට පිළිවන් තරුණ කාන්තාවන්; දැකීමට, බැලීම සඳහා; මිතුර, යහළුව; මාතොට වැළිත් බෝ කොට නො රඳව, මාතොට දී යළිත් වැඩිපුර නොනවතින්න. විස්තර සූසැට කරණ: භාරතයේ විසූ වාත්සායන ආදී ලේඛකයන් විසින් රචිත කාම සූත්ර ග්රඩන්ථයන්හි කාම ප්රාවේශන ක්රයම හැටහතරක් දැක්වේ. මෙහි සූසැට කරණ කීවේ ඒ හැටහතරටයි. වහරෙහි “මායම් හැට හතර” යි කියවේ. නව රසය: මෙහි ‘නව රසය’ යන්නට බොහෝ සංස්කාරකයන් අර්ථ දී ඇත්තේ ශෘංගාර, හාස්යන, කරුණ, රෞද්රර, වීර ආදි නවනාට්යස රසය කියාය. එහෙත් මෙහි සඳහන් වන්නේ ශෘංගාරයට බර වූ ළඳ අඟනන් ගැන හෙයින් ඒ නව නාට්යව රසය අදාළ නොවේ. එබැවින් ‘නව’ යන්නට ‘අලුත්’ , ‘අමුතු’ යන අර්ථ ගැනීම යෝග්යගතර සේ පෙනේ. මේ තරුණ කතුන් සූසැට කරණයන්ට අමතරව නව්ය රසය ද දැන සිටීම ඔවුන්ගේ විශේෂත්වයයි. ඔවුන් බලමින් මාතොට තව තවත් රැඳීමෙන් ගමන පමා විය හැකි බව ගම්යිමානය. 51 පද්යැය ද බලන්න. පාසට: පහසට, ශරීර ස්පර්ශයට වැළිත්: වැළි, යළි යන නිපාත සමානාර්ථයෙහි යෙදේ. මාතර නගරයෙහි පිරිමින් ඇද ගැනීමෙහි සමත් තරුණ කතුන් සිටි බව කී සැටියි. 1. ඇරැ--කු. ජ. 2. පසන්--ර. 3. ලොලින්--ජ.; වලින්--අ. ඉ. උ. ක. ග. ප. බ. ර. ව. විවරණ 87 36. යනෙ න දනා ලැසි කර1 තම සිතංගම2 පු ර න ලෙසේ නොම හැර3 කරන අංගම බ ල න පිණිස නොම4 සිට එතෙර5 සුංගම ව ඩ න මැනවි තර කර මිතුරු6 සංගම පදාර්ථ යනෙන දනා, යන එන ජනයන්; ලැසි කර, (ගමන්) අලස කරවා; තම සිතංගම, තමාගේ සිතේ අදහස ම; පුරන ලෙසේ, සපුරා ලන පරිදි; නොම හැර, අත් නොහැර (නොනවත්වා) ම; කරන අංගම, කරන්නා වූ අංගම් පොර; බලන පිණිස, බලනු සඳහා; එතෙර, එගොඩ; සුංගම නොම සිට, සුංගම (නම් ස්ථානයෙහි) නොනැවතී; මිතුරු සංගම තර කර, මිත්රු සංගමය දැඩි කොට ගෙන; වඩන මැනවි, යනු මැනවි.

විස්තර සිතංග: සිත්+අංග. අංග (සං.) සිත්හි අභිප්රාණය, අදහස යන අර්ථයි. මේ අර්ථයෙහි අංග, ඉංග, ඇඟි, හැඟි යනාදී රූප යෙදේ. කරන අංගම: කරන්නා වූ අංගම් නොහොත් අංගම් සරඹ යන අර්ථයි. අංගම් පොර සරඹ යනු සිංහල රජුන් දවස පැවති ද්වන්ද්ව යුද්ධ නොහොත් මල්ලව පොර විශේෂයකි. අංග යනු ශරීරාංගවලට යෙදේ. මෙය විනෝද ක්රීවඩාවක් ලෙස ද පැවැත්විණ. අංගම් පොරට සුදුස්සෝ ශක්තිමත් පුරුෂයෝ ය. මෙහි ‘අංගම’ යන පදය ‘රැඟුම’ යන අර්ථ බලා ගෙන ඇතැම් සංස්කාරකයෝ ‘රංගම’ යි ශුද්ධ කරති. සුංගම: අය බදු අය කරන ගම සුංගමයි. ශුල්ක (සං.), > සුංක (පා.) > සුඟු/සං. අයබදු සඳහා ‘සුංවත්’ යි ද යෙදේ. මේ සුංගම වර්තමාන හුංගම්ගොඩ යයි කියනු ලැබේ. නිල්වලා නදියේ එතෙර මෙතෙර යන්නවුන්ගෙන් සුංගම් අය කරන ස්ථානය එදා කාගේත් සිත් ඇද ගන්නා තැනක් වූ බව පෙනේ. එහි යන එන දනා පිණවීම සඳහා අංගම් පොර නොහොත් මල්ලව පොර ද පැවැත්විණ. එහි පමා නොවී යන ලෙස තිසරාට උපදෙස් දෙන ලදී.

37. තැන තැන කෙළන7 මියුලඟනන්ගෙ උදුළිය8 දිගු නෙත් කැලුම් දෙන වර9 තගෙ ගත රැළිය පුන් සඳ විලස පෑ සස ලපිනි10 බැබළිය ගෙවමින්11 යතුරැ කර පඟුරන් වෙල් එළිය ___________________________________________________ 1. කැරැ--එ. කු. ජ. 2. සිතුරඟම--අ. ඉ. උ. ක. ග. ප. බ. සිතරඟම--ව.; සිතැංගම--කු. 3. ඇර--එ.; ඇරැ--කු. ජ. 4. අරඟම-- අ. ඉ. උ. ක. ග. ප. බ. ර. ව.; රංගම--කු. 5. එතර--අ. ඉ. ප. බ. ව.; එතන--උ. ක.; එතෙරැ--කු. 6. මිතුර වඩන තර කර එතර-- අ. ඉ. උ. ක. ග. ප. බ. ර. ව. 7. කෙලින-- අ. උ. ක. ග. ප. බ. ව. 8. ලදුලිය-- අ. උ. එ. ක. ප. බ. 9. වරැ--එ. කු. ජ. 10. සස විනි--ඉ. උ. ක. ප. බ. ව. 11. ගෙවමිනි--අ. ඉ. ප. බ. ව.; ගෙවමිණි--ක 88 තිසර සන්දේශය පදාර්ථ තැන තැන කෙළන, තැන් තැන්වල ක්රී.ඩා කරන්නා වූ; මියුලඟනන්ගෙ, මුව දෙනුන්ගේ; උදුළිය දිගු නෙත් කැලුම්, බබළන දිග් ඇස්වල කාන්තිය; තගෙ ගත රැළිය දෙන වර, තොපගේ ශරීරයෙහි රැළි ගැසෙන විට; සස ලපිනි බැබළිය, හාවාගේ ලකුණෙන් බැබළුණු; පුන් සඳ විලස පෑ, පූර්ණ චන්ද්රබයාගේ විලාසය පෙන්වා; පඟුරන් වෙල් එළිය, පඟුරන් නම් කුඹුරු ප්රදදේශය; ගෙවමින් යතුරු කර, පසු කරමින් ගමන් කරන්න.

විස්තර පඟුරන් වෙල් එළිය: මාතර තොටමුණට පසුව එන සුංගම්ගොඩ ද පසු කළ විට මේ ස්ථානය හමු වේ. මේ වර්තමාන පඹුරන විය හැකිය. වෙල් එළිය නම් කුඹුරු ආශ්රිුත එළිමහන් ප්රමදේශයයි. වෙල් යාය යන්නෙන් ද මේ අර්ථය ම ගැනේ. මේ පඟුරන් වෙල් එළිය එකල මුවන්ගෙන් ගහන ප්රදදේශයකි. එහි තන් තන්හි ක්රීනඩා කරන මුව දෙන්නු (මියුලඟනෝ) ඔවුන්ගේ නිල් නෙත් හයා විස්මයෙන් හංසයා දෙස බලති. ඒ ඇස්වල ඇති නීල කාන්තිය හංසයාගේ සිරුරෙහි රැළි නංවමින් ගැටෙයි. හංසයා සුදුය. මුව දෙනුන්ගේ නෙත් කැලුම් නිල්වන්ය. එවිට හංසයා පෙනෙන්නේ සස ලපයෙන් බබළන පුන් සඳ විලසය.

38. අවට සැදි1 රුප්පා - අම්බලම කසරුප්පා දැක තනෙතු සිතු2 සිප්පා - යා ගන් පා සතප්පා

පදාර්ථ අවට රුප්පා සැදි, හාත්පස්හි රුප්පාවලින් (වෘක්ෂ මූලයන්ගෙන්) සැදුම් ලත්; කසරුප්පා අම්බලම දැක, කසරුප්පා නම් අම්බලම (ගිමන් හල) දැක; තනෙතු සිතු සිප්පා, තොපගේ නෙත් සිත් සනසවා ගෙන; පා සතප්පා, දෙපා සන්තර්පණය කොට (සනසා) ගෙන; යා ගන්, ගමන් කරව.

විස්තර රුප්පා: රුක්පා > රුප්පා. රුක් පාදම, ගස්වල මුල. ගහ කොළ වැවුණ පියස, බැද්ද යන අරුත් ද ගත හැකිය. සිප්පා: සිප ගන්වා; සන්තර්පණය කරවා. මෙහි යෙදෙනුයේ නෙත් සිත් සනසවා යන අර්ථයෙනි. සිප් - සිපීමෙහි, ස්පර්ශ කිරීමෙහි දයින් වූ ප්රවයෝජ්යත පූර්ව ක්රි-යාවකි. සිප්+වා > සිප්පා. මෙහි සඳහන් වනුයේ පඟුරන් වෙල් එළිය ඔබ්බෙහි වූ අම්බලමක් ගැනයි. එය කසරුප්පා අම්බලම නමින් ව්ය වහාර වූයේ කස රුක් සෙවණෙහි පිහිටි නිසාය. කස රුක් නම් පොල් ගස්ය. “කස රුප්පා වෙල කිරිවන් ගොයම බලා” යි පරෙවි සන්දේශයේ (116) එයි.

1. ස--අ. ඉ. උ. ක. ග. ප. බ. ර. ව. 2. සිතු-- අ. ඉ. උ. ක. ග. ප. බ. ර. ව. පොත්වල නොයෙදේ. විවරණ 89 39. තඹුරු හමුව1 සිහිලඹ2 පිරි ගෙදිගු විලා තඹුරු සෙමුව3 පෑ පෑ කෙළිති4 ලියො පුලා තඹුරු තමුව5 මුවරඳ ලොලිනි එහි නොලා කඹුරු ගමුව6 දැක යා ගන්න මඟ බලා පදාර්ථ තඹුරු හමුව, නෙලුම් සමූහය (ද); සිහිලඹ පිරි, සිහිල් ජලය (ද) පිරුණා වූ; ගෙදිගු විලා, ගෘහාශ්රිමත තධාගයන්හි; ලියො, කාන්තාවෝ; තඹුරු සෙ මුව පෑ පෑ, නෙලුම් වැනි මුහුණු පෙන්ව පෙන්වා; පුලා කෙළිති, (සතුටින්) පුල පුලා ක්රීගඩා කරති. තඹුරු තමුව, තාම්රු වර්ණවත් තොපගේ මුහුණ (හොටය); මුවරඳ ලොලිනි එහි නොලා, මල් පැණි ආශාවෙන් එහි (එම නෙලුම් මල් වැනි මුහුණුවල) නොබහා; කඹුරුගමුව දැක, කඹුරුගමු (නම් ග්රාමමය) දැකලා; මඟ බලා යා ගන්න, මාර්ගය බලා ගෙන ගමන් කරන්න.

විස්තර තඹුරු හමුව: තඹුරු - තාමරස. තඹුරු, තඹර යන රූප දෙක ම රතු නෙලුම් සඳහා යෙදේ. හමුව-සමූහ > සමු > හමු: ‘සමූහය’ යන අරුත් මෙන් ම සමූහ වූ හෙවත් ‘එක් රොක් වූ’ යන අර්ථ ද ගත හැකිය. මුවදෙව්දාවෙහි “සුමු” ය. එසේ ම, සම්මුඛ > සමු > හමු: හමු යි අනෙක් නිරුක්තියක් සලකා ගෙන වෙනත් අර්ථයක් ද දිය හැකිය. ගෙදිගු විල්: 13 වැනි පද්ය ය බලන්න. තඹුරු ගමුව: තාම්රන (සං.) > තමුරු/තඹුරු.තඹපාට යන අර්ථයි. ත+මුව, තොපගේ මුඛය. හංසයාගේ තුඩ තඹ පැහැ බව සැලකීම ගැළපේ. කඹුරුගමුවෙහි ගෘහාශ්රිාත විල්වල දිය පිරී ඇත; නෙලුම් පිපී ඇත. ලියෝ එහි නෙලුම් වැනි මුහුණු පෙන්ව පෙන්වා සෙල්ලම් කරති. මල් පැණි ඉරීමේ ලොලින් ඒ නෙලුම් මල්වලට හෝ ලියන්ගේ මුහුණුවලට හංසයාගේ තඹවන් තුඩ නොලා නොරැවටී මඟ දැන ගෙන ගමන් කරන ලෙසට අවවාද කෙරේ.

40. එමඟ යුග පස දිසි තුරු පතර වෙසෙස අස පදාර්ථ එමඟ, ඒ මාර්ගයේ; යුග පස දිසි, දෙපසෙහි පෙනෙන; තුරු පතර වෙසස අස, වෘක්ෂ සමූහයේ විශේෂත්වය අසන්න.

1. ගමුව-- අ. ඉ. උ. ක. ග. ප. බ. ර. ව. 2. සිසිලබ--උ. ව. 3. තඹුරු සුමුව--කු. 4. කෙලිනෙ--උ. ක. ප. ර. ව.; කෙළිකෙ--ඉ. ග. බ.; කෙළි කත--අ. 5. නැඹුරු තමුව--කු. 6. ලොලා--ව. 7. තඹුරුගමුව-- අ. ඉ. උ. එ. ක. ග. ජ. බ. ර. ව. 90 තිසර සන්දේශය විස්තර තුරු පතර: ගස් පෙළෙහි. තුරු පතර, පිය පතර ආදියෙහි පතර (ධා.) ප්රුසාරණය කිරීමෙහි, පැතිරීමෙහි. අතු පතර, තුරු පතර යනාදී තන්හි ‘පතර’ යනු සමූහාර්ථයෙහි යෙදේ. 41. ප ත ඹ කි ර ඹ මී1 අඹ නන් දොඹායා කොස ඹ කොස ඹ දිය දඹ මහ2 දඹායා කොළ ඹ සෙ ල ඹ3 ඇටරඹ4 වටරඹායා න ර ඹ ක ර ඹ වියලඹ වන ගැබායා පදාර්ථ පතඹ, පත (ලොකු) අඹය; කිරඹ, ගිරා අඹය; මී අඹ, මී අඹය; නන් දොඹායා, (සිහින් දොඹ ආදී) නොයෙක් දොඹය; කොසඹ, කොහු අඹය‍; කොසඹ, කොහොඹය; දිය දඹ, දිය ජම්බුය; මහදඹායා, මාදම්ය; කොළඹ, කොළොම්ය, සෙලඹ, ඇටඹය; ඇටරඹ, ඇට කෙසෙල්ය; වට, නුගය; රඹායා, කෙසෙල්ය; කරඹ කරඹය, වියලඹ, (ව්යාුලම්බ) රත් එරඬුය; වන ගැබායා, මූකලාන තුළ; නරඹ, බලන්න.

විස්තර පතඹ: පත+අඹ. පත - ‘ලොකු’ අර්ථයි. දැනට ‘පොල් අඹ’ යයි යෙදේ. කොසඹ: කොසු+අඹ = කොහු අඹ. නන් දොඹායා: සිහින් දොඹ, මා දොඹ ඈ දොඹ කිහිප වර්ගයක් ඇති හෙයින් ‘නන්’ යි යොදා ඇත. ‘දොඹය’ වෙනුවට ‘දොඹායා’ යි දීර්ඝ කර ඇත්තේ පාදාන්ත එළිය සඳහාය. සෙසු පදවල ද එසේ මය. රඹ: රම්හා (සං.; පා.) > රඹ. කෙසෙල් කරඹ: < කරමර්ද (සං.) ‘අත් මර්දනය (තුවාල) කරන’ යන අර්ථයෙනි. වියලඹ: < ව්යා්ලම්බ (සං.) රත් එරඬු.

42. ක ල් සිතු සේ ය දිසි5 එහි තුරු සියල්ලේ ම ල් ව තු සේ ය තොසිනිඳ6 වඩිමිනෙල්ලේ7 ග ල් යුතු මේ ය8 විසිතුරු බැලුම ලොල්ලේ පො ල් ව තු ඒ ය ලැසි නොව වඩන වැල්ලේ පදාර්ථ එහි, ඒ වන පෙදෙසෙහි; තුරු සියල්ලේ, වෘක්ෂ සමූහයෙහි; සිතු කල් සේය දිසි, සිත් කල්යස වන්නා (ඇද ගන්නා) ලෙසට පෙනෙන්නා වූ; මල් 1. මිහි--කු. 2. මා--ග.ප. 3. සෙලඹ--කු. 4. අමරඹ--ඉ. ව.; අටරඹ--උ. ක. ග. ප. බ.; ඇට අඹ--කු. 5. සේ සදිසි--ප. බ. ව. 6. තොසිඳ--ඉ. බ.; නොසියොද--ව. 7. වඩිනෙල්ලේ--ඉ.; වඩමිනැල්ලේ--කු.; වඩමිනෙල්ලේ--ජ. 8. යුතු වේය--ඉ. උ. ක. ග. ප. බ. ර. ව.; යුතු වෙය--අ.; මතු මේය--කු.

විවරණ 91 වතු සේය, මල් වතු සෙවණෙහි; තොසිනිඳ, සතුටින් නැවතී සිට; වඩිමි නෙල්ලේ, කෙළින් (එක එල්ලේ) ගමන් කරමින්; ගල් යුතු මේය, ගල් සහිත කර්මාන්තයෙහි; විසිතුරු බැලුම ලොල්ලේ, විචිත්රනතාව, බැලීමෙහි ආශාවෙන්; පොල් වතු ඒය, පොල් වතු (මෝදර) ඒ දණ්ඩෙහි (පාලමෙහි); ලැසි නොව, පමා නොවී; වැල්ලේ වඩන, වැල්ල දිගේ ගමන් කරන්න. විස්තර සිතු කල් සේය: සිත කල්ය වන, සිත්කලු, මනඃකාන්ත ආකාර. ඇතැම් සංස්කාරකයෝ මේ පදවලට ‘සිතට අභිමත පරිද්දෙන්’, ‘කාන්ත වූ චිත්රියක් (සිතුවමක්) සේ’, ‘ස්ත්රී න්ගේ සිත් වූ පරිද්දෙන්’ යනාදී විවිධ අර්ථ දෙති. වඩිමිනෙල්ලේ: වඩිමින්+එල්ලේ. එල්ලේ වඩිමින් යනු එක එල්ලේ හෙවත් කෙළින් ම ගමන් කරමින්ය. ගල් යුතු මේය: ගල් සහිත කර්මාන්තය. පොල් වතු මෝදර ගඟ හරහා පාලම ඉදි කිරීම සඳහා එවක කළු ගල් කර්මාන්තය කෙරුණු බව සිතා ගත හැකිය. මෙහෙය>මේය, කටයුත්ත, කර්මාන්තයයි. පොල් වතු ඒය: ගඟ හරහා වූ ඒය නොහොත් පාලම. සේතු>සේ; හේ >ඒ. ඉහත දැක්වෙන ‘ගල් යුතු මේය’ සහ ‘පොල් වතු ඒය’ එක ම පාලමක් ද එසේ නැතහොත් ගල් කර්මාන්ත සහිත ශක්තිමත් පාලමක් ඉදි කෙරෙන අතර හෝ ඊට පෙර ගඟ හරහා යෑම සඳහා වූ ඒදණ්ඩ හෙවත් තාවකාලික පාලම දැයි පැහැදිලි නැත.

43. දු න් මනහර රුදුගිරි1 කරඬුවේ රුදු ර න් පියනෙක2 සිරි නොලබන3 තුරු දිනිඳු ම න් පිනවන සත සිතුමිණි සුරතුරුදු ව න් සිරිබර මහවැලිගම්4 පටුන් වදු පදාර්ථ දිනිඳු, සූර්යයා; රුදුගිරි කරඬුවේ, මහත් වූ අවර ගිරි නම් කරඬුවෙහි; දුන් මනහර රුදු රන් පියනෙක, දෙන ලද්දා වූ මනෝහර විශාල රන් පියනක (=පියන් පතක, වැස්මක); සිරි නොලබන තුරු, ශෝභාව ලබන්නට පෙර; සත මන් පිනවන, සත්වයාගේ සිත් සතුටු කරවන්නා වූ; සිතුමිණි සුරුතුරුදු වන්, චින්තාමාණික්ය ය (ද) කල්ප වෘක්ෂය ද වැනි; සිරිබර, ශ්රීන සම්පත්තීන් බර වූ; මහවැලිගම් පටුන් වදු, මහවැලිගම (නම්) පටුනට පිවිසෙන්න. විස්තර රුදුගිරි කරඬුවේ: රුදු < රුද්රම (සං.) රුදු යන්නෙන් මහත්, උස්, භයානක යන අර්ථ ගත හැකිය. මෙතැනට මහත්, විශාල යන අර්ථය ගැළපේ. ගිරි නම් පර්වතයයි. අර්ථය සම්පූර්ණ වීමට නම් “අවර 1. වර ගිරි--කු. 2. වියනෙක--අ. ඉ. උ. ක. ග. ප. බ. ර. ව. 3. නොලැබෙන--උ. ක. ග. බ. ව. 4. ගන්--අ. ඉ. උ. ක. ග. ප. බ. ව. 92 තිසර සන්දේශය ගිරි’’ (අස්ත පර්වතය) යි අධ්යාිහාරයෙන් ගත යුතුය. කුමාරතුංග සංස්කරණයෙහි මෙතැන “මනහර’ වර ගිරි’’ යි සකස් කර ඇත්තේ එබැවිනි. එහෙත් අත් පිටපත් අනුව නම් එසේ කිරීමට අවසර නොමැත. සිරි නොලබන තුරු: සිරි ලැබීමට පෙර යන අර්ථ දෙන සාම්ප්රොදායික යෙදුමකි. “දික් කළ අතක් වක් නොකරන තුරු”, “හිරු නොනැඟෙන තුරු” ආදි යෙදුම් මෙනි. මහවැලිගම් පටුන්: උතුරේ ද දකුණේ ද වැලිගම් දෙකක් ඇත. උතුරේ පිහිටි වැලිගම මෑතක වල්ලිකාමම් විය. දකුණු දෙස වූයේ මහ වැලිගමයි. නාවික තීර්ථයක් සහිත වූයෙන් ‘පටුන්’ නම් වූ එය විශාල වෙළඳ නගරයක් වූ බව පෙනේ. හිරු බැස යෑමට කලින් තිසරාට වැලිගම පටුනට පිවිසෙන්නට නියම කෙරේ. අවරගිර මහ කරඬුවකි. බැස යන හිරු ඒ මත දිස්වන විසල් පියනක් සේ සැලකිණ. මෙසේ මුල් පාද දෙකින් කෙරෙනුයේ සන්ධ්යාව වර්ණනයකි. අනෙක් දෙපාදයෙන් වැලිගම නගරය වර්ණනා කෙරිණ.

44. පැ හැ ස ර විදු විදුම1 රන් මිණි මුතු නිතොර ම න හ ර එහි මහ2 වේ සල්පිල්3 පතර නොමහැ ර ඇති සිලිල් කුඹුයොනු4 රැගත් වර පු ව ත ර මිණි අකර සිරි කියලිය5 මිතුර පදාර්ථ මිතුර, යහළුව; පැහැසර, පැහැයෙන් සාර වූ (හෙවත් එළිය විහිදෙන); විදු, දියමන්ති; විදුම, පබළු; රන් මිණි මුතු, රත්රන් මැණික් මුතු (යන මෙයින්); නිතොර, අඩුවක් නැති; මනහර එහි මහ වේ, සිත් ගන්නා ඒ නගරයේ මහාවීථිවල; ඇති සිලිල් නොම හැර, ඇත්තා වූ ජලය ඉතිරි නොකොට; කුඹුයොන රැගත් වර, අගස්ති සෘෂිවරයා විසින් (දොහොතට) ගනු ලැබූ කල්හි; පුවතර මිණි අකර සිරි කිරිලිය, ප්රූකට “මැණික් ආකරය” (නම් මුහුදේ) ශෝභාව ප්ර කාශ කෙළේය. විස්තර විදු: වජ්ර (සං.) > විදුරු, විදු යන සමානාර්ථ රූප බිඳේ‍. රුවන්මල් නිඝණ්ටුව (390) අනුව වජ්ර අර්ථයෙහි ‘විදුරු, කුලිස්, වදුරු, විදු’ යන පද යෙදේ. ‘විදු’ පදයට ජයතිලක “ව්යාහප්ත කළා වූ” යි ද කුමාරතුංග “විහිදු” යි ද අර්ථ දෙති. විදුම: විද්රැයම (සං.) > විද්දුම (පා.) > විදුම. ප්රදවාල, පබළු යන අර්ථයි. රුවන්මල් නිඝණ්ටුව (390) අනුව ‘ප්රරවාල’ අර්ථයෙහි ‘පබළු, කබලු, විදුම’ යන පද යෙදේ. මහ වේ: මහාවීදිය (කො වේ = කුඩා වීදිය) 1. විදුරු--කු. 2. මද--අ. ඉ. උ. ක. ග. ප. බ. ර. ව. 3. සල්පිළි--එ. ජ. 4. කුඹුයොන්--ක. ග. ප. බ. ව. 5. කියලියෙ--ග.; කියෙලිය--කු. විවරණ 93 45. ම න් ලෙස යනෙන එහි අබිසරුව1 සිය ගත න න් මිණි බරණ නුලුව ද අලු බියෙන් පත උ න් තුනු කැලුම් උන්ට ම බිය කෙළෙ2 නැවත ඉන් තම අයති3 නොම වනු4 නියති සිය5 ගත

පදාර්ථ එහි ඒ වැලිගම; මන් ලෙස යනෙන, සිත් සේ යෑම් ඊම් කරන; අබිසරුව, අභිසාරිකාවන්; පත අලු බියෙන්, මඟ ආලෝක වන භයින්; සිය ගත, තම ඇ‍ඟෙහි; නන් මිණි බරණ නුලූව ද, නොයෙක් මැණික් අබරණ නොපැළැන්දත්; උන් තුනු කැලුම්, උන්ගේ ඇ‍ඟේ කාන්තිය; නැවත උන්ට ම බිය කෙළෙ, යළිත් ඔවුන්ට ම බිය ගෙන දුනි. ඉන් සිය ගත, එයින් තමාගේ ඇඟ; තම අයති, තමාට අයත්; නොම වනු නියති, නොවීම ම නියමයයි.

විස්තර අබිසරුව: අභිසාරිකාව. වල්ලභයා සොයා නම නියම කළ තැනට යන්නිය පත: < පථ (සං.; පා.) මාර්ගය. තුනු: < තනු (සං.; පා.) අඟ, ශරීරය. වැලිගම්පුරයේ අබිසාරිකාවෝ තමන්ගේ රහස් ගමන් පෙනෙතියි ඇති කරගත් බියෙන් අබරණ නොපළඳිති. එහෙත් උන්ගේ ශරීර කාන්තිය ඔවුන්ට බිය ගෙන දුනි.

46. සොබම න් රි ය පබළ6 ලිය නන් විමන් ගිරි ස රු ව න් කිවි රුවන් නන් තුරු ගොසිනිතිරි දද මින් හය තරඟ ගජ මේ කුළු සපිරි7 එ ප ටු න් මහ සයුර මුවෙකින්8 වනත9 බැරි පදාර්ථ සොබමන් රිය පබළ ලිය, ශෝභමාන රථ නමැති පබළු වැල් (ඇති); නන් විමන් ගිරි, නොයෙක් විමාන නමැති පර්වත (ඇති); කිවි රුවන් සරුවන්, කවීන් නමැති රත්න හෙවත් මහාකවීන් නමැති මැණික් සහිත; නන් තුරු ගොසිනිතිරි, නොයෙක් තූර්ය ඝෝෂයෙන් ඉතිරි ගියා වූ; දද මින් කොඩි නමැති මත්ස්යරයන් ඇති; භය තරඟ, අශ්ව නමැති තරංග ඇති; ගජ මේ කුළු සපිරි, ඇත් නමැති වැසි වලාකුළුවලින් සම්පූර්ණ වූ; එපටුන් මහ සයුර, ඒ පටුන් ගම නැමැති මහා සාගරය; මුවෙකින් වනත බැරි, මුඛයකින් වර්ණනා කරනු නොහැකිය. 1. බිසරුවන--කු. 2. කළෙ--අ. ඉ. ක. ග. ප. බ. ර. ව. 3. අයිති--අ. ඉ. උ. ක. ග. ප. බ. ර. ව. 4. නොමනුව--ක. ග. ප. බ. ර. ව.: නො වනු මැ--කු. 5. තම ගත--ක. කු. ග. ප. බ. ර. ව. 6. සෙබල--ඉ. බ. 7. සපිරි-- අ. ඉ. උ. ක. ග. ප. බ. ර. ව. 8. මුවෙකින්--එ. කු. 9. වනනු-- ක. ග. ප. බ. ර. ව. 94 තිසර සන්දේශය විස්තර කිවි රුවන් සරුවන්: කිවි රුවන්=කාව්ය රත්න; කවි රත්න යි යෙදෙනුයේ මහා කවීන්ටය. කවි > කිවි - පර රූපයෙනි. සරැවන් = ස+රුවන්; රුවන් සහිත. මහ මුහුද රුවන් සහිතය; නගරය කිවි රුවන් සහිතය. මෙම පාඨයට ජයතිලක “කවි, පණ්ඩිත ජන නමැති; රුවන්, රත්නයෙන්; රැවන්, සාර වූ” කියා අර්ථ දක්වන අතර කුමාරතුංග “සරු කිවි රුවන් වන්, සාර වූ කවීන් නමැති රත්නයන් ද පැමිණියා වූ” යි අර්ථ දෙයි. වැලිගම නගරය මහාසාගරයට උපමා කෙරිණ. නගරයෙහි රථ නම් සාගරයෙහි පබළු වැල්ය; විමන් පර්වතවලට උපමිතය; කවීහු රත්නයෝ ය. තූර්ය වාදන සමුද්රර ඝෝෂයට උපමා කෙරිණ; කොඩි මත්ස්ය යන්ට උපමිතය. අශ්වයෝ තරංගයෝය; ඇත්තු මේ කුළුය. මේ අනුව මහවැලි පටුන කරුණු හතකින් මහා සාගරය හා සමාන බව කියවේ. කව්සේකරයේ ද මෙවැනි ම උපමාලංකාරයක් දැකිය හැකිය; ගිජිඳු ගිරි පෙළ රැඳි රිය හය තරඟ වැළ සැදි කිවි තුරු ගොස නිසැදි සයුර සිරිසිලි එපුර මනබැඳි (1.37)

47. කු සු ම වි යා එන කල් කියනුව සෙ සෙද ස ර ස වි යා ගොස කර1 නිවෙසගත2 සඳ ම හ නැ වි යා පොකුණෙහි3 පොකුරු සිරි නඳ තො සැනැවි යා5 ගොස් එපටුන් සිරි නෙතැද පදාර්ථ කුසුමවියා එන කල්, අනංගයා පැමිණෙන වේලාව; සෙද කියනුව සෙ, වහා කියනු පිණිස මෙන්; සර සවියා, විලෙහි බමරා; ගොස කර නිවෙස ගත සඳ, නාද කොට නිවෙස්ගත වූ කල්හි; පොකුරු සිරි නඳ, නෙලුම්වල අලංකාරයන්ගෙන් සතුට ගෙන දෙන; මහනැවියා පොකුණෙහි, මහනැවියා නම් පොකුණෙහි; තො සැනැවියා ගොස්, ඔබ ස්නානය කොට ගොසින්; එපටුන් සිරි, ඒ නැව් තොටමුණෙහි ශෝභාව කෙරෙහි; නෙතැද, සතුටු වන්න. විස්තර කුසුමවියා: < කුසුම් අවියා. නෙලුම්, හෝපලු, මී අඹ, ඉද්ද, නිලුපුල්යන මල් පස අවි හෙවත් ඊ ලෙස භාවිත කරන තැනැත්තා; එනම් අනංගයා. සර සවියා: ‘සර’ විලට මෙන් ම පියුමට ද නමි. සවියා < ෂට පදි (පා සයක් ඇත්තා) එනම් බමරාය. සර සවියා යන්නට කුකුළා යන අනෙක් අරුතක් ද දිය හැකිය. ‘සර’ නම් චරණ හෙවත් පාදයයි. පාදයේ අවිය හෙවත් පොර කටුව ඇත්තේ කුකුළ‍ාය. කුමාරතුංග “සරස්හි වූයේ සාරස යි...වි යනු පක්ෂියාට නමි. සරස වියා නම් සාරස පක්ෂියා විල් ළිහිණියා යි” කියා අර්ථ දක්වයි. 1. කැරැ--කු. ජ. 2. ගත්--කු. ජ. 3. පොකුණැ හි--කු. 4. රිසිනැද--කු. 5. තොසැණැවියා--කු. විවරණ 95 නිවෙසගත සඳ: ලැගුම් සඳහා නිවෙසට හෝ කැදලි ආදියට පැමිණි කල්හි සිදත් සඟරාවෙහි කිරිය පෙරළියට උදාහරණ ලෙසින් “මොනරිඳු එකල්හි පුල්සලග නවා ගනි” යි දී ඇති පාඨයෙන් ද මීට සමීප අරුතක් ලැබේ. පොකුරු සිරි නඳ: පොකුරු < පුෂ්කර (සං.) පියුම්ය. නන්දිත/නන්ද > නඳ‍. පියුම්වල ශෝභාවෙන් නන්දිත වන. මහනැවියා පොකුණෙහි: මෙය වත්මන් මානෙය්යා පාරට ඔබ මූදු කෑමට අසුව ඇති ගල්පර සහිත මූදු කොටසය. කුමාරතුංග මෙය “මහනැවියා පොකුණැ හි” යි සකස් කොට “මහනැවියා පොකුණෙහි ගැලී” යන අරුත් දෙයි. තො සැනැවියා: ‘යුෂ්මත්’ අර්ථයෙහි ‘තෝ’ යනු ‘තො’ යි හ්ර ස්ව වීම සිරිති. තෝ සැනහී, ස්නාපිතව; ස්නානය කොට. කුමාරතුංග “තොස් ඇනැවී” යි පද වෙන් කර ගෙන “සන්තෝෂයා විසින් ආඥප්ත වැ (අණවන ලදු වැ)” යනුවෙන් අර්ථ දෙයි.

48. සුසැදි සිරි මා බෝ - අක්බෝ1 වෙහෙර මනහර2

පානා සිවු උපා සිරිලක රැකුම්3 නිසා සේනාලකදියර අගමැති සිතැඟි4 ලෙසා

පුරමින් දස පෙරුම්5 - පතමින් පසිඳු බුදු සිරි

පෙර වූ6 අයම් විතරින් මඳකුත් නොහැර කර වූ7 පිළිම ගෙට වැඳ ඉන් ගොස් එවර8

අ මා නිවන් පුරයට මහවතක්9 බඳ ස මානයෙන්10 යුතු මුනි රූ දැක එසඳ පෙ මා බරින් නැමෙනුව11 මෙන් නැමී වැඳ ස මා සිතින් ලගු රෑ එහි තැනෙක සොඳ පදාර්ථ සිරි මා බෝ සුසැදි, ශ්රීන මහා බෝධියෙන්; මනාව සෑදුණු; මනහර අක්බෝ වෙහෙර, සිත් ඇද ගන්නා අග්රකබෝධි විහාරයෙහි; සිරි ලක රැකුම නිසා, ශ්රීෙ ලංකාවේ ආරක්ෂාව වෙනුවෙන්; සිවු උපා පානා, සතර උපායන් ප්රනකාශ කරන්නා වූ; සේනාලකදියර අගමැති, සේනාලංකාධිකාර (නම් වූ) අග්රාාමාත්යවයාගේ; සිතැඟි ලෙසා, කැමැත්ත පරිදි; බුදුසිරි පතමින්, බුද්ධ ශ්රීවය ප්රාෙර්ථනා කරමින්; පසිඳු, ප්රාසිද්ධ වූ; දස පෙරුම් පුරමින්, දස පාරමිතා පූරණය කෙරෙමින්; ________________________________________________________ 1. අ. ඉ. උ. ක. ග. ප. බ. ර. ව. 2. මනහැර-- ඉ. උ. ක. ග. ප. බ. ර. ව. 3. රැකුන්-- අ. ඉ. උ. ක. ග. ප. බ. ව.; රැකුම--කු. ජ. 4. සිතඟි-- අ. උ. ක. ග. ජ. ප. ව. 5. පැරුම්--කු. ජ.; පෙරුන්--උ. ක. ර. ව. 6. පෙරව-- ඉ. උ. එ. ක. ග. ප. බ. ර. ව.; පෙරැවු--කු. ජ. 7. කැරැවු--එ. කු. ජ. 8. පවර--ප. 9. මාවතක්--එ. කු. ජ. 10. පමාණයෙන්--කු. 11. නැවෙනු මැ--කු. 96 තිසර සන්දේශය පෙර වූ අයම් විතරින්. පෙර පැවති දිග පළලින්; මඳකුත් නොහැර මඳක්වත් (අඩු) නොකර; කරවූ පිළිම ගෙට වැද, කරවන ලද ප්ර්තිමා ගෘහයට ඇතුළුව; ඉන් ගොස්, එතැනින් ගමන් කර; එවර, එකල්හි; අමා නිවන් පුරයට, අමෘත නිර්වාණය නමැති පුරයට; මඟ වතක් බඳ, මහා මාර්ගයක් වැනි; සමානයෙන් යුතු, සම්මත (මිනුම්) ප්ර්මාණයෙන් යුක්ත වූ; මුනි රූ එසඳ දැක, බුද්ධ රූපය එකල්හි දැක; පෙමා බරින් නැමෙනුව මෙන්, ආදර බර හේතු කොට ගෙන (පහතට) නැමෙන්නා සේ; නැමී වැඳ, නැමී නමස්කාර කොට; සමා සිතින්, සමනය වූ චිත්තයෙන්; එහි සොඳ තැනෙක රෑ ලගු, ඒ පිළිම ගෙහි මනා ස්ථානයක රාත්රිෙයෙහි ලගින්න. විස්තර සිවු උපා: සාම, දාන, භේද, දණ්ඩ යන සතර උපාය. රාජ්යද පාලනය සඳහා මේ වතුරෝපාය ඉවහල් වන බව සම්මතයි. සේනාලකදියර අගමැති: සේනා+ලංකා+අධිකාර. මේ තෙමේ සතර වන බුවනෙකබාහු, පස්වන (සවුළු) පරාක්රනමබාහු, තුන් වන වික්රසමබාහු යන රජුන්ගේ අග්රාවමාත්යය තනතුරු දැරීය. සිඟුරුවාණ නම් ගමෙහි උපන් මොහු කාංචිපුර කුමරියක සරණ පාවා ගෙන විසූ බව කියවේ. (සංඥාපනය, 10 – 11 පිටු බලන්න.) බුදු සිරි පතමින් පසිඳු: බුද්ධ ශ්රිවය ප්රාපර්ථනා කරමින් ප්රනසිද්ධියට පත් යන අර්ථයි. ‘පසිඳු’ යනු ‘බුදු සිරි’ යන්නට විශේෂණ කොට ගන්නා කුමාරතුංග ‘පසිඳු’ අනවශ්යි විශේෂණයකි යි දොස් දකී. එය එසේ නොවේ. බොහෝ දෙනා බුදු සිරි පතතත් මොහු සේ පසිඳු නොවෙති. බුදු සිරි පතමින් කළ මහ පින්කම් නිසා මොහු ජනයා අතර ප්රයසිද්ධ වූයේය. පෙර වූ අයම් විතරින්: අයම් < ආයාම (සං. පා.) = දිග. විතර < විත්ථාර (පා.) = පළල. පූර්වයෙහි තුබූ දිග පළල අනුව ම හෝ ප්රසතිමා ශාස්ත්රේයට අනුකූලව ම දිග පළල ගෙන ඒ පිළිමය නැවත සාදවන ලද බව අදහස් කෙරේ. සමානයෙන්: සම මානයෙන්. ප්රඅතිමා නිර්මාණයේ දී ශාරිපුත්රා)දි ශිල්ප ශාස්ත්රත ග්රනන්ථවලට අනුව බුදු පිළිමයක තුබුව මනා සම්මත මිනුම් අනුව යන අර්ථයි. ජයතිලක “සම ප්රුමාණයෙන් යුක්ත” කියා ද කුමාරතුංග “පමාණයෙන්” යි පෙළ සකස් කොට “ප්රපමාණයෙන් යුක්ත වූ” කියා ද අර්ථ දෙති. එහෙත් අත් පිටපත් අනුව නම් “පමාණයෙන්” යි ශුද්ධ කිරීමට හේතු නොපෙනේ. පෙමා බරින්: ප්රේ”මය නමැති භාරයෙන්. මෙහි ප්රේිම නම් ශ්රතද්ධා භක්තියයි. බුදු පිළිමයේ අරමුණ මේ පෙමාබර ජනිත කරවීමය. කුමාරතුංග “ආ පෙම් බරින් - ආවා වූ ප්රේුමයෙහි භාරයෙන්” කියා අර්ථ දෙයි. මෙහි සඳහන් සිරි මා බෝ නම් අනුරපුර සිරිමා බෝ රදුන්ගේ මුල් ම බීජවලින් හට ගත් දෙතිස් බෝධීන්ගෙන් එකකි. “දෙතිස් ඵලරුහ බෝධීන් වහන්සේ අතුරෙන්... තංගලු වෙහෙරට බටහිර දික්හි වූ වනවාස වෙහෙර ද වැලිගම් වෙහෙර ද පරගොඩ ද...” යනුවෙන් සිංහල බෝධිවංසයෙහි වැලිගම් වෙහෙර යි සඳහන් වන්නේ මේ බෝධිය පිහිටි ස්ථානයයි. විවරණ 97 අක්බෝ වෙහෙර නම් වැලිගම කුෂ්ටරාජ ගල අසල පිහිටි අග්රිබෝධි විහාරයයි.

49. ස ඳ හිමි නිසි නිසා කත1 රසතින්2 වැලඳ වි ඳ පාසේ රස වියොවට පැමිණි සඳ ම ද සැවු දිය පොළහන3 ගිගුමෙන් පිබිද සෙද යා ගන් ඉන්4 මඟ බැස මිතුරැසඳ පදාර්ථ සඳ හිමි, චන්ද්රය නමැති ස්වාමියා; නිසි, (තමාට) ගැළපෙන; නිසා කත, රාත්රිවය නමැති කාන්තාව; රසතින් වැලඳ, රශ්මි නමැති අතින් වැලඳ ගෙන; පාසේ රස විඳ, ස්පර්ශයෙහි රසය විඳ; වියොවට පැමිණි සඳ, වෙන් වීමට පැමිණි කල්හි; මද සැවු දිය පොළහන ගිගුමෙන්, අනංගයා දුනු දිය ඇද හරින ඝෝෂයෙන්; පිබිද, අවදි වී; මිතුරු සඳ, උතුම් මිත්රයය; ඉන් මඟ බැස, එතැනින් මාර්ගයට පිවිස; සෙද යා ගන්, වහා පිටත් වන්න. විස්තර මද සැවු දිය පොළහන ගිගුමෙන්: මද නම් අනංගයාය. සැවු නම් චාපය හෙවත් දුන්නය. දිය නම් ජ්යාමය හෙවත් ලණුවයි. අනංග තෙමේ අලුයම් කල තම දුන්නෙන් මල් හී සර විදින බව කියවේ. පොළහ නම් පෝඨනය කිරීම හෙවත් පෙළීමය. “දුනු දිය පොළා” යි සිංහල ජාතක පොතේ යෙදේ. “පොඨෙත්වා - පොළයි” යනු ධම්පියා අටුවා පාඨයි. පොළහන ගිගුමෙන් යනු ‘දුනු දිය ඇද හැරීමේ දී හෙවත් විදීමේ දී ඇති වන ශබ්දයෙන්’ යන අර්ථයි. කුමාරතුංග “පොළහන” යන්න “පැළඹෙන” යි ශුද්ධ කොට “හැසිරෙන්නා වූ” යන අරුත් දෙයි. චන්ද්රන තෙමේ ස්වාමියාය. රාත්රිෙය කාන්තාවය. චන්ද්රං යනු පුල් ලිංග වචනයක් නිසා පුරුෂයකු ලෙසත්, නිශා ස්ත්රී් ලිංග පදයක් නිසා ස්ත්රිශයක ලෙසත් ගැනීම කවිසමයයි. සඳ හිමියාගේ අතය. සඳ රස් අතින් රැය නමැති කාන්තාව වැලඳ ගෙන ස්පර්ශ රස විඳ ඉක්බිති වියොවට පැමිණේ. එසේ වන්නේ සඳ බැස ගොස් උදය කාලය එළඹි කල්හිය. මෙහි දුනු දිය නම් බමර වැලයි. අලුයම් කාලයේ බමරු නද දෙමින් පියුම් කරා යති. ඒ නාදය අනංගයා දුනු දිය පොළහන ගිගුමට සම කෙරිණ. ශෘංගාර රසාත්මක උදය වර්ණනාවකි.

50. දුටු දුටු දනා5 වන ලෙස පාසේ අටිය කර මුල් පැපෑ පිරිමදිනෙව්6 කෙස් වැටිය ලිය ගී කියා යන7 ගැමි ලියගේ8 සැටිය බලමින් වඩන ගෙවමින් පෝකරපිටිය9 _______________________________________________________ 1. නිසි නිසකත--එ.; නිසා කරත--ඉ. ක. ප. බ. ව.; නිසා කරන--උ. ප.; නිසා කලකර--ජ. 2. රස තතින්-- උ. ප.; සුරතින්--ජ. 3. පොලබණ--අ. උ. ක.; පොලඹන ඉ.ර. ප. බ. ව.; පැලැඹෙන--කු. 4. ඊ--ඉ. උ. ක. ග. ප. බ. ර. ව. 5. දන--අ. ඉ. උ. ක. ග. ප. බ.ර. ව. 6. පිරිමදිමින්----අ. ඉ. එ. ක. ග. ජ. ප. බ.ර. ව. ; පිරිමදිනෙව්--කු. 7. කියන--එ. ක. බ. ර. 8. මඟි ලියන්ගෙ--එ. ක. ප.; මගිලියගේ--බ. ව.; මැඟි ලියන්ගේ--කු. 9. පේකරපිටිය----අ. ඉ. උ. ක. ග. ජ. ප. ර. ව. ; ශේකරපිටිය--බ. 98 තිසර සන්දේශය පදාර්ථ දුටු දුටු දනා, ‘දර්ශනය කළ තාක් ජනයා (තුළ); පාසේ අටිය වන ලෙස, (තමන්) ස්පර්ශ කිරීමේ ආශාව ඇති වන පරිදි; කෙස් වැටිය පිරිමදිනෙව්, කෙස් කලඹ පිරිමදිනා සේ; කර මුල් පැපෑ, අත් මුල් (කිසිලි) පෙන්වමින්; ලිය ගී කියා යන, ලයාන්විත ගීත ගයමින් යන්නා වූ; ගැමි ලියගේ සැටිය බලමින්, ගම්බද කාන්තාවන්ගේ ආකාරය නිරීක්ෂණය කරමින්; පෝකර-පිටිය ගෙවමින් වඩන, පෝකරපිටිය (නම් ගම) පසු කර යන්න. විස්තර කර මුල් පැපෑ: කර මුල නම් කිසිල්ලය. අත් ඔසවා කිසිලි පෙදෙස පෙන්වීම ජනයාගේ සිත් ඇද ගැනීම සඳහා කෙරෙන ස්ත්රී් මායමකි. කෙස් කලඹ පිරිමැද්දේ අත් එසවීමට අවසරයක් ලබා ගැනීම සඳහාය. යළි මල් කැන් නව සල් යටි සිඳින ලෙසින් කර මුල් සැටි පෑ දුටුවන් වන ලෙස අටි යව බලමින් අඟනන් සිටි යනුවෙන් පරෙවි සන්දේශයේ ද දුටුවන් අටි වන ලෙස කර මුල් සැටි පෙන්වීම ගැන සඳහන් කෙරේ. ලිය ගී: ලයාන්විත ගී යන අර්ථයි. “ලය” නම් ගායනයෙහි තුබුව මනා අනුකූලතාවකි. ද්රැ ත, මධ්යල, මන්ද්රහ හෙවත් විලම්බිත යයි ලය තුනකි.

"https://si.wikibooks.org/w/index.php?title=තිසර_සන්දේශය-විවරණi&oldid=4402" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි