Jump to content

තිසර සන්දේශය-විවරණii

Wikibooks වෙතින්


51. නොහළුවෙ න් සොඳුරු සුර අඟන එකළුව හ ස ළු වෙ න්1 පාස නව රසය2 ඇතුළුව බැ ම ළු වෙ න් විදින3 නෙත් සැර ලිය4 මුළුව ක ත ළු වෙ න් එවන් යා ගන්න යහළුව

පදාර්ථ සොඳුරු සුර අඟන එකළුව, සුන්දර වූ දිව්යාංතගනාවන් හා ඒකාකාර බව; නොහළුවෙන්, නොහැරිය හෙයින් (ද); නව රසය ඇතුළුව, අලුත් රසය සහිතව; පාස හසළුවෙන්, ස්පර්ශ (ක්රගමවල) හසළ වූ හෙයින් (ද); බැමළුවෙන්, (ඇස්) බැම නමැති (දුනු) අළුවෙන්; නෙත් සැර විදින, නේත්ර නමැති ඊ පහර විදින්නා වූ; ලිය මුළුව, ස්ත්රීු සමූහයා (ඇති); එවන් කතළුවෙන් එබඳු (ලක්ෂණ සහිත) කතළුවෙන්; යහළුව, මිත්‍රය; යා ගන්න, ගමන් කරන්න. විස්තර එකළුව: එක+අළු > එකළු. ‘අළු’ යන්න ආකාරය, හැඩය යනාදි අර්ථ ගනී. “තොප සිතන අළුව නපුර” යි = සද්ධර්මරත්නාවලියෙහි යෙදේ. නව රසය: නව්ය+ රසයයි. ශෘංගාරාදි නව නාට්යි රසය නොවේ. ඉහත විස්තර කෙරිණි (35 වැනි පද්යයය යටතේ බලන්න.) පාස හසළුවෙන්: පාස නම් ස්පර්ශයයි; පහසයි. හසළුවෙන් යනු හසළ වීමෙන්/පරිවිත බැවින් යන අර්ථයි. 1. සහළුවෙන්--ක. ග. ර. ව.; සයළුවෙන්--බ.; හසුළුවෙන්--කු. 2. රස මැ--කු. 3. බිඳින--ඉ.; විඳිති--කු 4. ලියො--අ. ඉ. උ. ක. ග. ප. බ. ර. ව. විවරණ 99 බැමළුවෙන්: බැම+අළු > බැමළු. ඇසි බැම නමැති දුනු අළුවෙන්. ඇසි බැම දේ දුන්නට හෝ අනංගයාගේ දුන්නට සම කිරීම කවි සමයයි. අළුව නම් දුනු මිටය. ඊය රඳවා විදිනුයේ මෙහිය. නෙත් සැර: ඇස් බැල්ම නමැති ඊ පහර. එවන්: එවැනි, එබඳු යන අර්ථයි. අනවශ්යු පදයක් සේ පෙනේ.


52. දු ර ම ඇසෙන සමුදුර ගිගුමේ තරම බි ර ම නොවී1 අසමින් එම2 සමුදුර ම3 තෙර ම ගොසින් දැක ලණුමෝදර අරම වි ර ම කර4 වඩින් නොම සිඳ වෙර උරම

පදාර්ථ දුර ම ඇසෙන, දුරට ම ඇසෙන්නා වූ; සමුදුර ගිගුමේ තරම, මුහුදු ගෝසාවේ ප්ර මාණය; බිරම නොවි අසමින්, භ්රාේන්ත නොවී අසමින්; එම සමුදුර ම, ඒ මුහුදේ ම; තෙර ම ගොසින්, තිරය (වෙරළ) දිගේ ම ගොස්; ලණුමෝදර අරම දැක, ලණුමෝදර (නම් ගමේ) ආරාමය (විහාරය හෝ අරණ්යනය) දැක; වෙර උරම නොම සිඳ, ඇ‍ඟේ ශක්තිය අඩු කර නොගෙන; විරම කර වඩින්, විවේක ගෙන යන්න. විස්තර බිරම: භිම. < භයානක, භිරුක යන අරුත් දෙයි බය බිරුම්, ගෝර බිරම්, බය බිරාන්ත යනාදී යෙදුම් ව්ය වහාර වේ. අරම: < ආරාම. ආරාමය, උයන, කැළෑව යන අරුත් ගනී. කැළෑ පර්යාය, ‘අරම’ යන්න පසුව ‘අරඹ’ බවට ද පෙරළී ඇත. විරම කර: විරම්, විරම යන පද විරාම, විවේක යන අරුත්හි යෙදේ. වෙර උරම: මෙයට අර්ථ දී ඇත්තේ “ශරීර ශක්තිය” යනුවෙනි. දෙමළ භාෂාවේ “උරම්” යන්න “ශක්තිය”, “තදබව” යන අර්ථ දෙයි. ලණුමෝදර දැනුදු මේ නමින් ම හැඳින්වේ. ලණු ඇඹරීම, කොහු තැළීම මේ මුවදොර දිගේ දක්නා ලැබේ. එය සමුද්රා සන්න ප්රබදේශයක් නිසා මුහුදු ඝෝෂය දුරට ම ඇසේ. ඊට භය විය යුතු නොවේ. ඒ හඬ අසමින් මුහුදු තිරයෙන් ගමන් කරන ලෙස දූතයාට නියම කෙරේ.‍


53. කු සු ම දු න් න රඟ දෙන රඟ බිම වැන්න5 පු ලි න තැන් න සිරි සර නෙත සලසන්න ස තු ටු ව න් න මඟිනිවතට නොවදින්න මි හි රි පැ න් න දැක සැතපී යා ගන්න

පදාර්ථ කුසුමදුන්න රඟ දෙන, අනංගයා නැටුම් පවත්වන; රඟ බිම වැන්න, රංග භූමිය වැනි; පුලින තැන්න සිරි සර, වැලි තලාවේ ශ්රීන සාරය; නෙත සලසන්න‍, ඇසෙහි සලසා (= යොදා) ගනු මැනවි; සතුටු වන්න, (එයින්) සන්තෝෂ වනු මැනවි. මඟිනිවතට නොවදින්න. මාර්ගයෙන් ඉවතට නොයනු මැනවි; හිරිපැන්න දැක සැතපී යා ගන්න. මිහිරිපැන්න (නම් ගම) දැක සන්තර්පිත ව (= විඩා නිවා ගෙන) ගමන් කරනු මැනවි. 1. නො වේ--කු. 2. ඒ--එ. කු. ජ. 3. සුමුදුර ම--කු. 4. කැරැ--එ. කු. ජ. 5. තැන්න--ඉ. උ. ක. ග. ප. බ. ව. 100 තිසර සන්දේශය විස්තර කුසුමදුන්න: අනංගයාය. කුසුම් දුන්නක් ඇති තැනැත්තේය. නෙත සලසන්න: සලස ධාතුව, සැලසීමෙහි, යෙදීමෙහි. කව්සිළුමාණෙහි (6.19) “ඇසහි සලසා” යනු “අංශයෙහි යොදා” යන අරුත්හි යෙදේ. නෙත සැලසීම නම් බැලීමය.


54. රුකුලේනන්1 සාමුව කැන් පිනීමෙනී නැඟී බසින තුරු පෙද2 දුර පෙනීමෙනී තොප කැඳවතී යන බව3 සිතු දැනීමෙනී4 ගොස් නොරැවට5 මඟ බැස යා තැනී වැනී6

පදාර්ථ‍ රුකුලේනන් සාමුව කැන්, දඬු ලේනුන් සහ වඳුරු රංචු; පිනීමෙනි, පැනීමෙන්; නැඟී බසින තුරු පෙද, උස්-පහත් වන්නා වූ ගස් පේළි; දුර පෙනීමෙනි, ඈතට පෙනීමෙන්; තොප කැඳවතී යන බව, ඔබ (තමන් වෙතට) කැඳවන්නේය යන කාරණය; සිතු දැනීමෙනි, සිතට හැඟී යෑමෙන්; ගොස් නොරැවට, (එහි) ගොස් නොරැවටී; තැනි වැනි, ස්ථානෝචිත ප්ර ඥා ඇත්තකු මෙන්; මඟ බැස යා, මඟට බැස යන්න. විස්තර රුකුලේනන්: වෘක්ෂ (සං.) > රුක්ඛ (පා.) > රුක්. රුකු යි ද සිටී. දඬුලේනන් යන අර්ථයි. සාමුව කැන්: වඳුරු රංචු. ශාඛා මෘග (සං.) > සාමුව. කැන් සමූහාර්ථයි. තොප කැඳවති යන බව: තොප යන අනුක්ත රූපය කැඳවති යන්නේ කර්මයයි. “කැඳවති” (ති+යි=තී) යෙදෙනුයේ සංශයාර්ථයෙනි. එහෙයින් ම “යන බව” යන පද ජයතිලක, කුමාරතුංග යන දෙදෙනා ම “යන සැක” යි වෙනස් කරති. අත් පිටපත් අනුව එසේ කිරීමට ඉඩක් නැත. තැනී වැනී: තැනී > ස්ථානී. තැනට සුදුසු ලෙස කටයුතු කරන්නකු වැනි. ජයතිලක “තැනි මෙනී” යි සකස් කොට “තැන්නක් බඳු වූ” කියා ද කුමාරතුංග “තැනී තැනී” යි ගෙන “තන්හි තන්හි” කියා ද අර්ථ දෙති. අත් පිටපත් අනුව නම් පෙළ එසේ වෙනස් කිරීමට අවසර නැත. පාදාන්තයෙහි “මෙනී” ආදි වශයෙන් ඊ කාරය යොදා ඇත්තේ එළි සමය සඳහාය.


55. අසුව7 පියබඳුන් පියරැව් ඇකිල්ලේ පයැද8 යා නොහී මහ9 වේ මුළුල්ලේ සිටිති සලෙළු මුළු රති කෙළිය ලොල්ලේ බලනුව ඔවුන් කල් නොයවන් ගාල්ලේ

________________________________________________________ 1. රුක ලේනන්--ග.බ.ව.; රැකුලේනන්--ජ. 2. පොද--අ.ඉ.උ.ක.ග.බ.ර.ව.; පෙත--කු. 3. බස--අ.ඉ.උ.ක.බ.ර.; සැක--කු.ජ. 4. දිනිමෙනි--අ.ඉ.උ.එ.කු.ජ. 5. නොරටුව--අ.උ.ක.ග.ප.බ.ර.ව.; නො රැටුව--ඉ. 6. මෙනි--ජ.; තැනී තැනී--කු. 7. අයුවැ--එ.කු.ර. 8. පයද-- අ.ඉ.උ.එ.ක.ග.ප.බ.ර.ව. 9. මග-- අ.ඉ.උ.ක.ප.බ.ව.

විවරණ 101 පදාර්ථ පියබඳුන්, ප්රි.යදේහිනීන්ගේ; පියරැව් ඇකිල්ලේ, ප්රි.යරාව නමැති දම්වැලෙහි; අසුව, අසු වී; පයැද යා නොහි, පය ඔසවා යා ගත නොහැකිව; මහ වේ මුළුල්ලේ, මහ වීදිය පුරා ම; සලෙළු මුළු, සල්ලාල පිරිස්; රති කෙළිය ලොල්ලේ සිටිති, කාම ක්රී ඩාවෙහි ආශායෙන් (රැඳී) සිටිති; ඔවුන් බලනුව, ඒ අය බැලීම පිණිස; ගාල්ලේ කල් නොයවන්, ගාල්ලෙහි පමා නොවන්න. විස්තර පියබඳුන්: පියබඳ+උන්. ප්රියය වූ සිරුරක්, බඳක් ඇත්තී පියබඳය. එනම් කාන්තාවය. පියරැව් ඇකිල්ලේ: ප්රිඋය (ප්රේ‍ම) රාව > පියරැව්. ශඩ්ඛලිකා (සං.) > සංඛලික (පා.) > සැකිලි > හැකිලි > ඇකිලි. දම්වැලය. කාන්තාවන් මිහිරි වදන් හෝ ගීත කියන නිසා සලෙළුවෝ දම්වැලකින් මෙන් බැ‍ඳෙති. ඔවුහු ඒ ප්රි.ය රාවයට ඇදෙති.


56. රඳනා මනා මා1 වේ සල්පිලුඩුවල නොම වන2 බොළඳ වෙළඳ දනන්ගෙ3 තුඩුවල ඇතියේ නම් කරන කොලහලය බඩු මිල රැඳුමට සිතක් නොසිතන්න උඩුතෙල4

පදාර්ථ

මනා මා වේ, මනෝඥ වූ මහාවීථියෙහි; සල්පිලුඩුවල රඳනා, වෙළඳ හල් උඩු (මහල්)වල රැඳී සිටින; බොළඳ නොම වන, ළාමක නොවන; වෙළඳ දනන්ගෙ තුඩුවල, වෙළඳ ජනයාගේ (මුව) තුඩුවල; ඇතියේ නම්, ඇත්තේ නම්; බඩු මිල කරන කොලහලය, භාණ්ඩවල ගණන් කියන්නා වූ කෝලාහලයයි. ඉන්, එසේ හෙයින්; උඩුතෙල රැඳුමට සිතක් නොසිතන්න. උඩුතෙල නම් ස්ථානයෙහි නැතහොත් උඩුමහලෙහි රැඳීමේ සිතිවිල්ලක් නොසිතනු මැනවි. විස්තර සල්පිඩුවල: සල්පිල්+උඩුවල. වෙළඳ හල් උඩු මහල්හි යන අර්ථයි. වෙළඳ දනන්ගෙ: වෙළඳ ජනයාගේ. මේ වෙළඳ ජනයා ස්ත්රීල-පුරුෂ දෙපක්ෂයට අයත් විය හැකිය. ජයතිලක සංස්කරණයෙහි “වෙළඳගනන්ගෙ” යි ශුද්ධ කර ඇතත් ඊට හේතු නැත. තුඩුවල: තුඩ, තුඩු යන පද දෙක ම හොටය, මුඛය යන අරුත්හි යෙදේ. තුඩු මෙහි යෙදී ඇත්තේ බහුවචනාර්ථවත්වය. “තුඩ තුඩ පැතිර” ආදි යෙදුම් සුලභය. උඩුතෙල: උඩු තලය‍, උඩු මහල යයි ද ගත හැකිය. උඩුතෙල/උඩුතල ග්රානම නාමයක් ලෙස සලකන්නේ නම් එය ගාල්ලත් දඩල්ලත් අතර පිහිටියහයි සිතිය හැකිය. 1. මහ--කු.ජ. 2. නොමනා--අ.ඉ.උ.ක.ග.ප.බ.ර.ව.; නොමැ වන--කු. 3. වෙලදදනාගෙ-- අ.ඉ.උ.ක.ග.ප.බ.ර.ව; වෙලදදනගෙ--ර.; වෙළඳඟනන්ගෙ--ජ. 4. උඩුතෙල--එ.; උඩුතල--කු.

102 තිසර සන්දේශය


57. මාවතිනිවත1 සැදි ගම නම්2 එදඩහලු සැරසු3 කුසුමවිය දෙවියාට ඉඩමලු ගියවුන්4 ලබනු නම් ඔහු කුසුම කඩ මලු එයිනොබ5 නොගොස් මඟ වඩු මිතුර වැඩකලු

පදාර්ථ මාවතිනිවත සැදි, මහාමාර්ගයෙන් ඔබ්බෙහි සැදුණු; එදඩහලු ගම නම්, ඒ දඩල්ල නමැති ග්රා මය නම්; කුසුමවිය දෙවියාට සැරසූ, අනංග දේවයාට සරසන ලද; ඉඩමලු, ස්ථානයක්ලු; ගියවුන් ලබනු නම්, (එහි) ගිය අය ලබන්නේ නම්; ඔහු කුසුම කඩමලු, ඔහුගේ මල් හී ම ලු; එයිනොබ නොගොස්, එබැවින් එහි නොගොසින්; වැඩකලු මිතුර, වැඩ කැමති මිත්රනය; මහ වඩු, මාර්ගයෙහි (ම) ගමන් කරන්න. විස්තර මාවතිනිවත: මහා+පථ > මාවත. මාවතින්+ඉවත. මහා මාර්ගයෙන් එපිට. දඩහලු ගම: වත්මන් දඩල්ල. එදා මුහුද අද්දරින් වැටී තිබූ මාර්ගයෙන් ඈත්ව පිහිටි බව කියවේ. කුසුම කඩ: මල් හී තල. කඩ < කාණ්ඩ (සං.) වැඩකලු: වැඩ කැමති. වැඩට යහපත්. කලු < කල්යත (සං.). දැකුම්කලු, සිත්කලු මෙනි. මුනිදාස කුමාරතුංග “කලු” යන්නට “දක්ෂ” යි අර්ථ දෙයි. මහා මාර්ගයෙන් ඔ‍බ්බෙහි පිහිටි දඩල්ල නම් ගම අනංග දෙවියා වෙනුවෙන් සරසනු ලැබූ ඉඩමක් බව පැවසේ. එහි ගිය අය අනංගයාගේ මල් හී ලබති. එහෙයින් එහි නොගොස් නියම මඟ ම ගමන් කරන ලෙස දූතයාට උපදෙස් දී ඇත.


58. ම හ රු සමන්ගිරි6 කිරුළෙන්7 සැදි වෙසෙස සොඳු රු මෙසිරිලකඟන වලඳිනු8 පිණිස ස යු රු රජහු දිගු කළ දිගු අතෙක9 හස මි තු රු සඳ වඩින් ගිං10 ගඟිනෙතර11 බැස

පදාර්ථ මහරු, මහාර්භ (පූජනීය) වූ; සමන් ගිරි කිරුළෙන්, සමනොළ පව්ව නමැති ඔටුන්නෙන්; වෙසෙස සැදි, විශේෂයෙන් අලංකාර වූ; සොඳුරු, සුන්දර වූ; මෙසිරිලකඟන, මේ ශ්රීං ලංකා නමැති අංගනාව; වලඳිනු පිණිස, සිප ගන්නා පිණිස; සයුරු රජහු, මහ මුහුද නමැති රජු විසින්; දිගු කළ, දික් කරන ලද; අතෙක හස, හස්තයක් හා සමාන වූ; ගිං ගඟිනෙතර බැස, ගිං ගඟින් එතරට බැස; මිතුරුසඳ, මිතුරුතුම; වඩින්, ගමන් කරන්න. 1. ඔවතිකිවත-- අ.ඉ.උ.ක.ග.ප.බ.ර.; මවතිනිවත--ව. 2. නන්-- අ.ඉ.උ.ක.ග.ප.බ.ර.ව. 3. සැරහු--එ.ජ. 4. ගියවුල-- අ.ඉ.උ.ක.ග.ප.බ.ර.ව. 5. එයිනුබ--ක.ප.බ.ව. 6. සමන්සිරි--ක. 7. සිරුලෙන්--ර.; කිරුළින්--කු.; කිරිලෙන්--අ. 8. වැලඳි-- අ.ඉ.උ.ක.ප.බ.ව.ර. 9. අතක-- අ.ඉ.උ.ක.ග.ප.බ.ව.; හතක--ර. 10. ගිම්--එ.; ගින්--අ.ග. 11. ගඟින්නෙතර--ඉ.ක.බ.; ගඟින්නෙතෙර--උ.ර.; ගඟිනෙතෙර--කු. විවරණ 103 විස්තර මහරු: > මහාර්හ, මහ (පූජාව) + අර්හ (සුදුසු), පූජාවට සුදුසු. මහනීය. කිරුළ: > කිරීට, ඔටුන්න. සමන් කුළ ශිඛරාකාර හෙයින් හිස මත පළඳින ඔටුන්නක් සේ සැලකේ. අතෙක හස: අතක් වැනි, හස යන්න මෙහි යෙදී ඇත්තේ “ආකාර” යන අර්ථයෙනි. සැලළිහිණි සන්දේශයෙහි: “පව් රෝ දුකුදු දුර ලන පොකුරඹ හයිනි” යන තන්හි මෙනි. එතර බැස: පුරාණ මුහුදුබඩ මාර්ගය ගිං ගඟ හරහා වැටී තුබූ හෙයින් මඟීන් ගඟ උඩින් වූ සේතුවකින් ගොස් එතර බැසීම මෙහි අභිප්රේැතයි. ශ්රී් ලංකාව නමැති සුන්දර කාන්තාව ඔටුනු පැළඳ සිටින්නීය. ඇය පැළඳ සිටින ඔටුන්න නම් පූජනීය වූ සමන් ගිරි කුළය. සමන් ගිර කිරීටයක් සේ සලකා ඇත. සාගරය නමැති රාජයා සිරිලක නමැති ඒ කත වැළඳ ගනී. එසේ කරනුයේ ගිං ගඟ නමැති අත දිගු කරමිනි.


59. පිවිතුරු සිරින් සරහන රත්ගම්1 ගණය මහ සඟ නම්2 සෙත් පුරයට හෙම්3 ඉණය4 එම සඟ ගණ5 පවසන මනරම් බණය අසමින් වඩන නිවමින් තුනු ගිම් ගණය6

පදාර්ථ පිවිතුරු සිරින්, පිරිසිදු හැසිරීමෙන්; රත්ගම් ගණය සරහන, රත්ගම් විහාරය සරසන්නා වූ; මහ සඟ නම්, මහා සංඝයා නම්; සෙත්පුරට හෙම් ඉණය, ශාන්ති පුරයට රන් ඉණිමඟකි; එම සඟ ගණ, ඒ මහා සංඝයා; පවසන මනරම් බණය අසමින්, දේශනා කරන්නා වූ මනෝරම්යම ධර්ම දේශනා ශ්රසවණය කරමින්; තුනු ගිම් ගණය නිවමින්, ශරීරයේ ග්රීරෂ්ම සමූහය නිවා ගනිමින්; වඩන. ගමන් කරන්න. විස්තර පිවිතුරු සිරින්: පවිත්ර හැසිරීමෙන්. සිරි යන්නට ශ්රීයය, චර්යාව, ආශ්ර.ය, චරිතය, හැසිරීම යනාදී අර්ථ රාශියක් දිය හැකිය. මෙහි හැසිරීම යන අර්ථය යෝග්යීතරය. ඇතැම් සංස්කරණයන්හි “සිලින්” යන පාඨය ගෙන “ශිලයෙන්” යි අර්ථ දක්වා ඇති බව පෙනේ. රත්ගම් ගණය: ගණ යනු සමූහය, සංඝ සමූහය, භික්ෂු නිකාය, භික්ෂු ආයතනය, සංඝාවාසය යනාදි අරුත් ගනී. හෙම් ඉණ: හේම > හෙම් - රන්; ශ්රේිණි > සේණි > හෙණි > හිණ > ඉණ. පඩි පෙළ, ඉණි මඟ යන අර්ථයි. ගිම් ගණය: ග්රිමෂ්ම සමූහය, පිණ්ඩය, එළිවැට අපේක්ෂාවෙන් යෙදුවක් සේ පෙනේ.


60. වැ ටි ය සුනිල් කෙස් බැඳ කුසුම දැවටිය සැ ටි ය පැපෑ යන එන ලිය තුනු අටිය සි ටි ය නරඹමින් තන රන් හස පැටිය අ ටි ය වමින් නොලගව උඩුගල්පිටිය

1. රතගම--ක.ප.ව. 2. නන්--අ.ඉ.උ.ක.ග.ප.බ.ව. 3. හෙන්-- අ.ඉ.උ.ක.ග.ප.බ.ව. 4. හිණ ය--කු. 5. මහ සඟ ගන නම්--උ.; එමහඟුසඟන--ජ.කු. 6. සැණ ය--කු. 7. යටිය--කු. ජ. 8. රම්--බ.; රන--කු. 9. නො ලගව--උ.ක.ග.ව.; නොරදව--ප.; නො ලසව--කු. ජ.

104 තිසර සන්දේශය පදාර්ථ කුසුම දැවටිය, මල් දවටන ලද; සුනිල් කෙස් වැටිය බැඳ, ඉතා නිල්වන් (කළු) කෙස් කලඹ බැඳගෙන; යන එන ලිය, යන එන කාන්තාවන්ගේ; තුනු සැටිය, සිරුරුවල ආකාරය; අටිය නරඹමින් සිටිය, ආශාවෙන් බලා සිටි; තන රන් හස පැටිය, පියයුර රන් හස් පැටියන් කෙරෙහි; අටිය වමින්. බලාපොරොත්තු (අර්ථි) වෙමින්; උඩුගල්පිටිය නොලගව, උඩුගල්පිටියේ නොලගින්න විස්තර තන රන් හස පැටිය: පියයුරු නමැති රන් හංස පැටවුන්. “පැටිය” යි සමුදායාර්ථයේ ඒකවචනයෙන් යොදා ඇතත් බහුවචනාර්ථය ගත මනාය. මෙම පද්ය.යේ මුල සහ අග යුගළ එළිවැට ගැළපීම හේතු කොට ගෙන පද යෝජනය යුක්තාර්ථ ලෙස නොයෙදේ. “සුනිල් කෙස් වැටිය බැඳ” යි තුබුව මනා තන්හි “වැටිය සුනිල් කෙස් බැඳ” යි ද “ලිය තුනු සැටිය” යි වුව මනා තන්හි “සැටිය...ලිය තුනු” යි ද යොදා ඇත්තේ එබැවිනි. පදාර්ථ දැක්වීමේදී මෙකරුණ සිහිපත් කළ යුතු වේ. දෙවන පාදයෙහි අග සියලු පුස් කොළ පිටපත්හි “අටිය” යි තිබිය දී “යටිය” යනුවෙන් සංස්කාරකයන් විසින් සකස් කරන ලද්දේ එකරුණ නොසැලකීමේ හේතුවෙනි.

61. දෙළෙ බර1 ඉසුරු වන් - ගන සා බර2 පුලුපුයෙන3 සෙවණත4 ම‍රඟොත5 නොගොසින්6 - එතෙරව යා7 මොලපුයෙන8 පදාර්ථ දෙළෙ බර: ජටාවෙන් බර වූ; ඉසුරු වන්, ඊශ්වරයා වැනි; ගන සා බර. ඝනව සිටි ශාඛාවලින් බර වූ; පුලුපුයෙන, පොල් ගසින්; සෙවණත ම‍ඟොත නොගොසින්, හෙවණ ඇති මාර්ගයෙහි බැස ගමන් නොකර; මොලපුයෙන එතරව යා, මොලපුව නම් ස්ථානයෙන් එතර වී යන්න. විස්තර දෙළෙ බර: ජටා > දළ > දෙළෙ. දළ යනු ම දෙළෙයි ද සිටී. මෙය ප්රෙථමාන්ත රූපයක් නොවේ. “දෙළෙබර” යන්න අපපාඨයක් සේ සලකන කුමාරතුංග එය “දළබර” යි ශුද්ධ කරතත් එසේ කිරීම අවශ්යප නැත. ඊශ්වරයා හිසේ ජටාවක් බැඳ සිටින හෙයින් ජටාහාරය. අතු පතර විහිදි, පොල් ගස ජටාවෙන් යුක්ත ඊශ්වරයාට උපමා කෙරිණ. සෙවණත ම‍ඟොත: සෙවණ+අත් > සෙවණත්, සෙවණත. ස්වාර්ථයෙහි ‘අත්’ ප්රාත්යජය. මඟ+ඔත. මඟ බැස. ______________________________________________________ 1. දළබර--කු. 2. ගනඹර--උ.ග.ප.බ.ර.; ගණඹර--අ.ඉ.ක.ව. 3.පුලුපුයෙන්--කුජ.; පලපුයෙන--අ.ව. 4. සෙවණොත--කු.ජ. 5. මග ම--ජ.; මගතැ මැ--කු. 6. ගොසින්--කු.; නොගොසින්--ජ. 7. “එතරව යා” එක ද පුස් කොළ පොතක හෝ නො යෙදේ. එ‍තෙර වැ යා--කු. 8. වොලපුයෙන්--කු.ජ.

විවරණ 105

62. උ තු ම් රිවි පිය වියොව1 විලඹුව සොඳුරු පි යු ම් දඟ බිඟු රැව්නි2 රැව් නොදෙන3 තුරු ලැගු ම්4 නොව ගොසින් ගෙවමින් මඟ අතුරු ලැගු ම් වනු5 කැමත6 තොටගමු වදු මිතුරු

පදාර්ථ සොඳුරු විලඹුව, සුන්දර විල් නමැති භාර්යාව; උතුම් රිවි පිය වියොව, උත්තම සූර්ය නමැති ප්රි,යයා (සැමියා) ගෙන් වෙන්ව; පියුම් දඟ බිඟු, පියුම්හි බැඳුණා වූ මී මැස්සන්; රැව්නි රැව් නොදෙන තුරු, ඝෝෂාවෙන් හඬ දෙන තෙක්; ලැගුම් නොව ගොසින්, නතර නොවී ගොස්; අතුරු මඟ ගෙවමින්, අතුරු පාර ඉක්මවා; ලැගුම් වනු කැමති, ලැගුම් ගැනීමට කැමති නම්; මිතුර, යහළුව; තොටගමු වදු, තොටගමුවට පිවිසෙන්න. විස්තර රිවි පිය වියොව: පුද්ගලාරෝපණයෙන්, ඉර බැස යෑම සැමියාගේ වෙන් වීමක් සේ කවියා දකී. හිරු සැමියාය. විල භාර්යාවය. පියුම් දඟ බිඟු: හිරු බැස යත් ම නෙලුම් මල් ඇකිළෙන විට එහි පැණි බිබී සිටි බිඟුන් ඒ තුළ හිර වෙති යි සැලකීම කවිසමයයි. රැව්නි රැව් නොදෙන තුරු: පියුම්හි හිර වූ මී මැස්සෝ ඉන් බැහැර විය නොහැකිව හඬ නඟ‍ා නාද කිරීමට පටන් ගනිති. එතෙක් පමා නොවන ලෙස දූතයාට නියම කෙරිණ. ‘රැව්නි රැව්’ රාවානුරාව යන්නට ද සමීපය. “රැව් නොදෙන තුරු” යනු සාම්ප්රනදායික යෙදුමයි. මෙහි වත්මන් ව්යවවහාරය නම් “රැව් දෙන තුරු” යනුයි. “රැව් දීමට පෙර” යන අර්ථයි. “දික් කළ අතක් වක් නොකරන තුරු”, “ඔවුන් නො වදනා තුරු” යනාදී යෙදුම් ඊට සමානය. අතුරු මඟ: තොටගමුව එදා මහා මාර්ගයෙන් ඔබ පැවති බව අතුරු මඟ ගෙවමින් යෑමට කීමෙන් හැඟේ. ලැගුම් වනු කැමත: සිවු වන පාදයේ “ලැගුම් වනු කැමත” යන්නෙහි අර්ථය “ලැගීමට කැමති නම්” යනුයි. පක්ෂීන් නවාතැන් ගැනීම ලැගීමයි. තුන් වන පාදයේ “ලැගුම් නොව ගොසින්” යන තන්හි ලග්න නොවී හෝ නතර නොවී ගොසින් යන අර්ථයි. මේ දෙතන්හි “ලැගුම්” යන්න විවිධාර්ථවත් බැවින් පුනරුත් දොසක් සේ සැලකීම නොවටී. ජයතිලක, කුමාරතුංග යන දෙදෙන ම එය පුනරුත් දොසක් සේ සලකා තෙවන පාදය “ලැසුම් නොව” යි සකස් කරති. අත් පිටපත් අනුව ද එසේ කිරීමට ඉඩක් නැත.


63. ය නෙ නා දනාහට7 නදනෙව්8 එහි වෙහෙර සො බ නා සුදු වැලිතුළ මළුවේ නිතොර ර ඳ නා සඟ වැළ දුටු වර කිරි සයුර ලෙළෙ නා පබළ ලිය සඳහන් වේ මිතුර

1. වියො වැ--කු.ජ. 2. බිඟුන් රැවුනි--අ.ඉ.ක.ග.ජ.බ.ව. 3. දෙන-- අ.ඉ.ක.ග.ප.බ.ර.ව. 4. ලැසුම්--කු.ජ. 5. වන--ක.ග.ප.බ.ර. 6. කැමති-- අ.ඉ.ක.ග.ප.බ.ර.ව. 7. දනන්--ඉ.‍ 8. නඳනෙව්--කු.

106 තිසර සන්දේශය පදාර්ථ යනෙනා දනාහට නදනෙව්, යන එය ජනයාහට නිධානයක් වැනි; එහි වෙහෙර, ඒ තොටගමුවේ පිහිටි විහාරයෙහි; සොබනා සුදු වැලි අතුළ මළුවේ, ශෝභන වූ සුදු වැලි අතුරන ලද මිදුලේ; නිතොර රඳනා සඟ වැළ, හැම විට රැඳී සිටින නොහොත් රඤ්ජමාන වන (පැහැපත්ව බබළන) සංඝ සමූහය; දුටු වර, දුටු කල්හි; කිරි සයුර ලෙළෙනා, කිරි මුහුදේ ලෙළ දෙන; පබළ ලිය සඳහන් වේ. පබළු වැල් සිහිපත් වන්නේය; මිතුර, යහළුව. විස්තර නදනෙව්: නදන එව්. නිධාන > නිදන් > නදන්. නදන්+අ=නදන. කර්ම විභක්තියි. ඒව > එව් මඟීන්ට විඩා හැර විවේක සුව ලබා ගැනීම සඳහා සුදුසු නිසා ද, වැඳ පුදා පින් රැස් කර ගත හැකි නිසා ද තොටගමුවේ රත්පත් වෙහෙර නිධානයක් බඳුය. නිතොර රඳනා සඟ වැළ: < රඳ; රැඳුම්හි ධාතුවෙන් නැවතීම, රඤ්ජනය (පාට ගැන්වීම), බැබළී, සතුටු කිරීම යනාදි අර්ථ ලැබේ. සඟ වැළ=සඟ ගණ, සංඝ සමූහය. පබළ ලිය: කිරි මුහුදෙහි රත් පැහැති පබළු වැල් පා වෙතියි කවිසමයාගත ය. එයින්, සුදු පැහැ ගත් වෙහෙර මළුවේ සැඳෑ කල්හි රත් පැහැති සිවුරු හැඳගෙන සක්මන් කරන භික්ෂු සමූහය හැඟවේ.


64. එසෙයි න්1 උදුල සඟ වැළ සහ දුමිඳුසඳු ස ම ඟි න් තිලෝගුරු මුනිවිරු නිතුඳුනුදු2 ව ඳි මි න් සිතැති අදහස වන ලෙසට3 සිදු4 ය දි මි න් ලැගුම කර තැනෙකෙහි සුපිරිසුදු5

පදාර්ථ එසෙයින්, ඒ ආකාරයෙන්; උදුල, උජ්වලිත වූ (බැබළි); සඟ වැළ සහ, සංඝ සමූහය සහිත; දුමිඳුසඳු, උතුම් වෘක්ෂ රාජයා (ද); තිලෝගුරු මුනිවිරු සමඟින්, තුන්ලොවට ගුරු වූ බුදු රජුන් සමඟ; නතිඳුනුදු, නාථ දෙව් රජුන් ද; වඳිමින්, නමදිමින්; සිතැති අදහස, සිත තුළ වූ බලාපොරොත්තුව; වන ලෙසට සිදු, සිදුවන ලෙසින්; යදිමින්, යාච්ඤා කරමින්; තැනෙකෙහි සුපිරිසිදු, ඒ විහාරයෙහි ඉතා පිරිසිදු වූ එක් තැනක; ලැගුම කර, ලගින්න. විස්තර එසෙයින්: ඉහත පැදියෙන් සඳහන් කළ පරිදි. කුමාරතුංග “එසිරින්” යි ශුද්ධ කර “ඒ ශෝභාවෙන්” යි අර්ථ දෙයි. දුමිඳුසඳු: දුම් < ද්රැයම. ගසට නමි. ඉඳු < ඉන්ද්ර්. ප්රපධාන යන අර්ථයි. සඳු < චන්ද්රස. උතුම් යන අරුති. උතුම් රුක් රජු නම් බෝධියයි. මේ මහ රුක් ‘වනස්පති’නමි. එදා තොටගමු වෙහෙර චෛත්යමයක් නොවූ නිසා පළමුව බෝධියට නමස්කාර කිරීමට නියම කෙරිණි. __________________________________________________________ 1. එසිරින්--උ.කු.ජ.; එසියන්--එ. 2. මුනිවිවරණනිනුදු--අ.ක.ග.ර.ව.; මුනිවිවරණනුදු--ඉ.බ.; මනි විවරණ නිතිඳු--ප. 3. ලෙසේ--උ.එ.ජෙ. 4. රුදු--ඉ.ක.ග.ප.බ.ව. 5. සුපිරිසිදු--අ.ඉ.ක.ග.ර.ව. විවරණ 107 නතිඳුනුදු: නාථෙන්ද්ර යන් ද. අවලෝකිතේශ්වර නාථ යයි කියවෙන මහායාන බෝසතුන්ගේ පිළිමය අභිප්රේනතයි. නත්+ඉඳුන්+දු--ඉඳුන්+උ+දු > ඉඳුනුදු. උකාරාගමයෙනි. කර්ම විභක්තියි. සිතැති අදහස: තිසරා සිත තබාගෙන යන අස්නට අයත් ඉල්ලීම්ය. ප්රයධාන වසයෙන් මහ බලවත් උපුල්වන් දෙවියන් වෙත එය යැවුණ ද අතර මඟ දී නාථ දෙවියන්ගෙන් ද ඉෂ්ටාර්ථ සිද්ධිය පතන්නට නියම කෙරේ.


65. ගහන අඳුරු ගජ ඉස1 රස් නිය පඳුර2 බහන ස‍වඳෙහි රිවි කෙසරිඳු විකුම් සර වහන සිහිල්3 බොල් පවනින් නිඳි දුරැර පහන එයින් මඟ බැස යා ගන් මිතුර


පදාර්ථ ගහන අඳුරු ගජ ඉස, ඝන වූ අඳුර නමැති ඇතාගේ හිසෙහි; රස් නිය පඳුර (ඉරු) රැස් නමැති නිය පහුර; විකුම් සර රිවි කෙසරිඳු, වික්රවමයෙන් සාර වූ හිරු නමැති සිංහ රාජයා විසින්; බහන ස‍ඳෙහි, ඔබනු ලබන කල්හි (නිය පහුරෙන් පහර දෙන විට); වහන, වහනය වන; සිහිල් බොල් පවනින්, ශීතල ඝන සුළඟින්; නිඳි දුරැර, නින්ද දුර ලා; පහන, අලුයම් වේලෙහි; එයින්, ඒ විහාරයෙන්; මඟ බැස යා ගන්, මඟට බැස ගමන් කරන්න; මිතුර, යහළුව. විස්තර ගහන අඳුර ගජ... රිවි කෙසර: ඝනාන්ධකාරය ඇතකු ලෙසත්, අඳුරට උදේ අවුව හෙළන ඉර සිංහයකු ලෙසත් රූපක විසින් යෙදී ඇත. අඳුර පසා කරන ඉරු රැස් සිංහයාගේ නිය පහරය. සිහිල් බොල් පවනින්: අලුයම හමන සුළඟ ශීතලය. පිනි සහිත නිසා ඝනය. වර්තමානයේ ‘බොල්’ යන්න ‘හිස්’, ‘සුන්’ යන අරුත්හි යෙදුණ ද එදා එය යෙදුණේ ‘ඝන’, ‘දැඩි’ යන අර්ථයෙනි. කාලයාගේ ඇවෑමෙන් විරැද්ධාර්ථ ගත් පදයකි. පහන: පහන් දොර, පාන්දර යනු අලුයමට නමි. කුමාරතුංග මෙය පුනරුක්ත දෝෂයකැයි කියයි. හිරු රැස් වැටී මුළුමනින් අඳුරු දුරු වන්නේ මැදහන වන විටය. දුර ගමන් යන්නකු එතෙක් පමා නොවී යා යුත්තේ උදයේ පහන (පාන්දරින්) මය. එහෙයින් පුනරුත් නොවේ.


66. ලිය ගුම් පා පතර4 බලමින් ගොස් සෙදය ම න ර ම් පා පෙළැති අම්බලමේ ඉඳය තු නු ගි ම් පා කර5 එන මඳ නල විඳය ම හ ද ම් පා මොදරින්6 වැඩියොත්‍ සොඳය

________________________________________________________ 1. හිසැ--කු. 2. පතර--එ.කු. 3. සිහිල--අ.ඉ.ග.බ.ර.ව.; සිලිල--ප.; සිසිල--ක. 4. තර--අ.ක.ග.ප.ර. 5. කැරැ--කු.ජ. 6. මෝදරින්--ඉ.; මුවදොරිනි--ජ.; මුව දොරින්--කු.

108 තිසර සන්දේශය පදාර්ථ ලිය ගුම්, වැල් ගොමු (හා), පා පතර, වෘක්ෂ සමූහ (ද); බලමින් ගොස් සෙදය, බල බලා වහා ගොස්; මනරම් පා පෙළැති; සිත් ගන්නා කුලුනු පේළි ඇත්තා වූ; අම්බලමේ ඉඳය. අම්බලමෙහි නැවතී සිට; එන මඳනල විඳය, හමා එන මඳ සුළඟ විඳිමින්; තුනු ගිම් පා කර, ඇ‍ඟෙහි විඩාව පහ කොට; මහදම්පා මොදරින්, මහදම්පා (ග‍ඟේ) මෝදරින්; වැඩියොත් සොඳය, ගමන් කළ හොත් මැනවි. විස්තර පා පතර: පා < පාද. “රුක් පා” යන අර්ථය අධ්ය හාරයි. “පා පතර” නම් ගස් සමූහයයි. සෙදය: ‘සෙද’ නිපාත පදයකි. මෙම පද්ය”යේ සතර පාදයේ ම අන්තයේ සෙදය, ඉඳය ආදි වසයෙන් ය කාරාන්තව යෙදී ඇත්තේ එළිවැට සඳහාය. මහදම්පා මොදරින්: මෙය දකුණේ මාදම්පේ හරහා ගලා බසින ග‍ඟේ මූදට වැටෙන තන්හි වූ මුවදොරය. මාදම් නම් ගස් බහුල නිසා වූ ග්රාිම නාමය ගඟට ද යෙදිණ.‍ මුව+දොර > මෝදර යන්න ම පසුව මොදර යැයි වහරට වැටී ඇත. බෙලිඅත්ත - වලස්මුල්ල මහා මාර්ගයේ වූ මොදරවාණ ද සලකන්න. ජයතිලක සංස්කරණයේ: “මහදම්පා මුවදොරිනි වැඩියොත් සොඳය” කුමාරතුංග සංස්කරණයේ: “මහදම්පා මුවදොරින් වැඩියොත් සොඳ ය” යනාදි වසයෙන් සකස් කර ඇත. අත් පිටපත්හි එනුයේ “මොදරිනි” යන්නය. “මුව දොරිනි/න්” ව්ය්ක්ත රූපයට පෙරළන්නට යෑමෙන් වෘත්තභංග දෝෂය ද පැමිණි සැටි සලකන්න. මෙසේ වෙනස් කිරීමට හේතු නැත.


67. මු තු පට සේය වැලිතල අතුළ1 මුවදොර දි ය පිට සේය දිසි වර තගෙ ම2 මනහර ස හ තු ට ඒය3 සිය ලය යන සැකිනෙවර4 වැලිතො ට ඒය ඉන් ලැසි නොව යව මිතුර පදාර්ථ වැලිතල, වැලි තලාව: මුවදොර අතුළ, ගං මෝවිටෙහි අතුරන ලද; මුතුපට සේය, මුතු පටක් (=පතරක්) වැනිය. තගෙ ම, තාගේ ම; මනහර, සිත් ගන්නා; දිය පිට සේය දිසි වර; ජලය මත පිළිබිඹුව පෙනුණ විට; සිය ලිය යන සැකිනෙවර, ස්වකීය හංසාංගනාවය යන සැකයෙන් ඒ මොහොතේ; සහතුට ඒය, සන්තෝෂයට පැමිණෙයි. ඉන්, එහෙයින්; වැලි තොට ඒය, වැලිතර පාළමෙහි; ලැසි නොව, පමා නොවී යව; මිතුර, මිත්රතය. විස්තර අතුළ: අතුරන ලද යන අර්ථයි. අතීත කෘදන්ත රූපයකි. ජයතිලක මෙය “උදුල” යි සකසා “බබළන්නා වූ” යි ද කුමාරතුංග “උදුල” යි සකසා “බැබළුණා වූ” යි ද අර්ථ දෙති. පිටපත්හි එන “අතුළ” වඩා අර්ථවත්ය. වෙනස් කිරීමට හේතු නැත 1. උදුල--උ,එ.කු.ජ. 2. තගෙ මෙ--ඉ.ක.ග.ප.බ.ර.ව.; තගේ මෙ--අ.; තගේ මැ--කු. 3. සේය--අ.ඉ.එ.ක.ග.ප.බ.ර.ව. 4. සකිනෙවර--අ.ඉ.ක.ග.ප.බ.ර.ව. 5. වැලිතුට--එ. විවරණ 109 වැලිතොට ඒය: සේතු > සේ > හේ > ඒ > ඒ+අ = ඒය. වැලිතර මාදු ගඟ හරහා වූ සේතුව හෙවත් පාලමය. ගල් කුලුනු මත ගල් පතුරු අතුරා දැවයෙන් පියසි බැදි ගල් පාලම් රැසක පැරණි නටබුන් ශේෂය. සිදත් සඟරාවේ ලකර අදියරෙහි උබබස්ලකරට නිදසුන් කළ: “කියී සෙවෙත නොද වැලි නි යළ තො ගොරා” යැයි සඳහන් වැලි-නී (වාලුකා නදිය) වැලිතර ගඟ විය යුතු සේ පෙනේ. ගම්පොළ යුගයේ පතිරද දෙව් ඇසුරු කෙළේ ද මේ පෙදෙස හෙයිනි.

68. උ සා බොනුව පරසතු කුසුම1 පියකරු ල සා නොවී දිව් දිගු කෙරෙමින්2 සොඳුරු ර සා තෙලෙන් නඟිනා3 නයි4 කැළ අයුරු තො සා තොමඟ5 මඟ යා දුල නොරළු තුරු

පදාර්ථ පියකරු පරසතු කුසුම, ප්රිලයංකර පරසතු මල් (සුළඟ); උසා බොනුව, උස් වී හෙවත් උත්සාහයෙන් බොනු පිණිස; ලසා නොවී, පමා නොවී; දිව් දිගු කෙරෙමින්, දිවවල් දික් කරගෙන; සොඳුරු රසා තෙලෙන්, සුන්දර වූ රසාතලයේ (ජලතලයේ) සිට; නඟිනා නයි කැළ අයුරු, නැගී එන නාගයන් සමූහයක් වැනි; දුල නෙරළු තුරු, දිලිහෙන පොල් ගස්; තො තොසා මඟ මඟ යා, නුඹ සතුටින් බලා යන්න. විස්තර පරසතු කුසුම: දෙව්ලොව (තව්තිසාවේ) පරසතු ගසේ මල්ය. ජයතිලක “පරසතු පවන” යි ගෙන “පාරිජාත පුෂ්ප (සුගන්ධ) මාරුතය” යි ද කුමාරතුංග “පරසතු කුසුම” යි ගෙන “කුසුමාශ්රියත වූ සුළඟ බොන තන්හි කුසුම බොන සේ ගැන්ම නුසුදුසු නො වේ” යි ද අරුත් දෙති. උසා බොනුව: “මල් බොනු පිණිස” යන්නේ අදහස “මල් වල සුවඳ පවන පානය කරනු පිණිස” යනුයි. උපචාර වශයෙනි. ‘උසා’ යනු උස්ව හෝ උත්සාහයෙනි. පොල් ගස් උස බව කීමේ අතිශයෝක්තියකි. රසාතලෙන්: පෘථිවි ගර්භයෙහි අතල, විතල, සුතල, රසාතල, මහාතල, තලාතල, පාතාල යැයි තල සතක් පුරාණයෝ දුටහ. රසාතලය ජලය සහිතය. එහි නාගයෝ වෙසෙති. ගඟ දෙපස පොල් ගස්වල දියෙහි සැලෙන පිළිබිඹු දිව අයා මතු වී එන නයින් සේ වැලිතර මාදු ගඟ දෙස බලන විට පෙනුණු සේය. නෙරළු: නාළිකේර (පා.) නාලිකේර (සං.) පොල්. මඟ මඟ: මැඟීම නම් බැලීමයි. බල බලා යන අර්ථයි. යා: යව. යහි>යහ > යව > යා. මධ්යඋ පුරුෂ ඒක වචනයි. විධි ක්රිඟයා අර්ථයි. ________________________________________________________ 1‍. පවන--එ.ජ. 2. කරමින්--එ.ක.ග.ප.බ.; තරමින්--ර.ව.; තුර මෙන්--ඉ.; තරමෙන්--අ. 3. නැඟිනා--අ.ඉ.එ.ප.බ.ර. 4. නැයි--අ.ඉ.ග.ප.බ.ර.; නා--කු. 5. තොසා--ඉ.ක.ග.ප.බ.ර.ව.; නොවණ--අ. 110 තිසර සන්දේශය වැලිතර පටන් මඟ දෙපස පිහිටි පොල් වතු පිළිබඳ විස්තරයකි. පරසතු මල් සුවඳ සහිත සුළඟ බොනු කැමති නයි කැළ නා ලොවින් මතුව ඉහළට දිව් දිගු කරති. පොල් ගස් අහසට දිව් දිගු කරන නාග සමූහයක් ලෙස නිරූපිතය. පොල් ගස්වල කඳ සුදුය. අතු පතර විහිදී ඇත. ඒ මුදුනෙහි උඩට නැඟෙන පොල් ගොබ දිස්වේ. පොල් ගස නාගයන්ටත්, අතු පතර පෙණ ගොබවලටත්, ගොබ ජිව්හාවලටත් උපමා කෙරේ.

69. විමල්1 පෙණ2 පිඬුවෙන් වලාකුළෙව් නුබ3 සුසැදි වැලි තුඩුවෙන් යනෙනා4 ඔබින් ඔබ ලියන් නෙත් කඩුවෙන් පහර තෝ නොම ලැබ5 අසුන් ගල් කඩුවෙන් යා ගන් මිතුරු සුබ6 පදාර්ථ නුබ වලාකුළෙව්, ආකාශයෙහි (සුදු) වලාකුළු මෙන්; විමල් පෙණ පිඬුවෙන්, නිර්මල පෙණ බුබුළුවලින්; සුසැදි වැලි තුඩුවෙන්, මනාව සැදුණු වැලි තුඩුව අතරින්; ඔබින් ඔබ යනෙනා, එහි මෙහි ගමන් කරමින් සිටින; ලියන් නෙත් කඩුවෙන්, කාන්තාවන්ගේ ඇස් (බැල්ම) නමැති කඩු පතින්; තෝ, ඔබ; පහර නොම ලැබ, පහර නොලබා; අසුන්ගල් කඩුවෙන්, අහුන්-ගල්ල නම් වනාතින්; සුබ මිතුර, යහපත් මිතුර; යා ගන්, පිටත්ව යන්න. විස්තර විමල් පෙණ පිඬු: සුදු පාට හැඟවීමට ද විමල් (පිරිසිදු) යන්න යෙදෙයි. මුහුදු අසල ගංගා ඉවුරුවල සුදු වැල්ල මතට සුළඟින් පෙණ බුබුළු ගසා ගෙනවුත් වැටී තිබෙනු දැකිය හැකිය.‍ වැලි තුඩුවෙන්: වැලිතුඩුව යන්නට ජයතිලක, කුමාරතුංග යන දෙදෙන ම “වැලි සහිත කෝණ භූමියෙන්” යි අර්ථ දෙති. තොටගමුව අසල වැලිතුඩුව නම් වූ මූදට නෙරා ගිය බිම් කඩක් මෙකල තුබූ බව මයුර සන්දේශයෙහි ද මෙසේ කියවිණ: “තොටගමුවෙන් වැලිතුඩුවෙන් වඩු මොනර” (80) නෙත් කඩුවෙන්: රූමත් ළඳුන්ගේ ඇස් දිගටි නිසාත්, ඇස් බැල්ම කඩු පහරක් සේ දැනෙන නිසාත් ඇස් කඩුවට සම කෙරිණි. අසුන්ගල් කඩුව: බළපිටිය අසල වූ වත්මන් අහුංගල්ලය. එහි වූ කැළෑබද කොටස කඩුවය. හික්කඩුව, පරකඩුව, හේනකඩුව ඈ විසින් ගම් නම්වලට ද ‘කඩුව’ යන්න යෙදේ.

70. නි ර තුර7 තම වෙත පත සත සතපමින වෙ ර සර තස නිවනුව සොඳ සිහිල්8 දෙන ත ර සර බැව් යුතු සුදනන් ගුණග වන ප ර තර කය පොල් උයනේ ඉඳ වඩන

1. නිමල්- අ.ඉ.ග.ප.බ.ව. 2. පෙනේ--ක.බ.ර.ව. 3. නුබ ම--ඉ.ක.ග.ප.බ.ව. (ඉතිරි පදවලට ද එළිසමය ම කාරයෙනි.) 4. යනෙන--කු.ජ. 5. පහර නො නොලැබ--කු.; පහර නොවී නොලැබම---අ.ක.ග.; පහර නොවී නො ලැබ--ව.; පහ නොවී නොලෑම--බ.; පහර සිතෙපි නොලැබ--එ.ර. 6. තුම--ඉ.ක.ග.බ.ව. 7. නිරතුරු--කග.බ.ව. 8. සිල්--එ.කු.; සිල්--ග.ජ. විවරණ 111 පදාර්ථ නිරතුර තම වෙත පත, නිරන්තරයෙන් තමන් වෙතට පැමිණි; සත සතප-මින, සත්වයන් සන්තර්පණය කරමින්; වෙර සරතස නිවනුව, ඇ‍ඟේ විඩාව නිවා ලීම පිණිස; සොඳ සිහිල් දෙන, යහපත් සිසිල ගෙන දෙන; තරසර බැව් යුතු, ස්ථිරසාර භාවයෙන් යුක්ත; සුදනන් ගුණග වන, සත්පුරුෂ ගුණයෙන් අග්ර වන; පරතරකය පොල් උයනේ, පරතරකය නම් ගමේ පොල් වත්තෙහි; ඉඳ වඩන, නතර වී වඩින්න. විස්තර සරතස: ශ්රානන්ත > සරත. සරත ම සරතස වනුයේ ඊට ස්වාර්ථ ‘අස්’ ප්රලත්ය-ය එක් වීමෙනි. මුහුලස මෙනි. තරසර බැව් යුතු: මුළුමනින් ම ස්ථිර වූයේ ස්ථිරසාර (තිරසර) ය. අවස්ථානුකූලව වෙනස් නොවන ගුණ ඇති යන අරුතයි. එබන්දෝ සුදනෝය. මේ පොල් වත්ත ද සෑම විට ම මගීන්ගේ විඩා සනසා සිසිලස දෙන හෙයින් තිසරසර සුදන ගුණ ඇතැයි කියවිණ. ගුණග වන: ගුණ+අග වන - ගුණයෙන් අග්රි වන යන අර්ථයි. මෙය “අඟවන” සේ ගෙන “අඟවන්නා වූ” යන අර්ථය ද ගත හැකිය. පරතරකය පොල් උයන: දේවප්ර තිරාජයන් මාදෙල් වනයක් උගුල්ලා පොල් වත්තක් කළ බව එළු අත්තනගලු වංසය කියයි. මෙය තිසරයෙහි සඳහන් පරතරකය පොල් උයන විය හැකිය. පස් වන බුවනෙකබා රජු සමයේ දී මේ පොල් වත්ත දකුණේ වෙළෙඳ තොටුපොළවල් රකින යුද බළකොටුවක් වූ බවත් බළපිටිය, අසුන්ගල්ල යන නම් ද ඊට අනුකූල බවත් පෙනේ. පරතෙර පැමිණි අවි සිප් සමුදුරේ දුර පරතර සරම ඇම ලෙස ගෙන ගත් පවර වැරසර සමර සෙබළුන් රඳනා නිතොර පරතරකයේ කය සතපා යන් මිතුර යන මයුර සන්දේශ (78) පද්යලයේ ද පරතරකය ගැන කියවේ.


71. රු දු1 අවරගිරි රජ කුළු කිරුළගට යෙ දූ මිණෙක සිරි ගත්2 වර දිනිඳු බට න ඳූ සිතින් ‍ගොස් රෑ දවස ලැගුමට ව දු මිතුරු බෙන්තොිට වනවාසයට

පදාර්ථ රුදු අවරගිරි රජ, විශාල අස්ත පර්වත රාජයාගේ; කුළු කිරුළගට, ශිඛරය නමැති ඔටුන්න අගට; යෙදූ මිණෙක සිරි, ඇල්ලූ (රතු) මාණික්ය්යක ශ්රීඅය; බට දිනිඳු ගත් වර, බැස යන සූර්යයා විසින් ගනු ලැබූ කල්හි; රෑ දවස ලැගුමට, රාත්රිත කාලයේ ලැගීමට; නඳු සිතින් ගොස්, සතුටු සිතින් ගොසින්; මිතුර, මිත්රයය; බෙන්තොට වනවාසයට වදු, බෙන්තර අරණ්ය,වාසීන්ගේ ආරාමයට ඇතුළු වන්න. 1. රැදු--අ.ඉ.ක.ග.ප.බ.ර.ව. 2. ගණ--ව.; ගත--ක.ග.බ.ර.ව. 112 තිසර සන්දේශය විස්තර රුදු: < රුදු (සං.) මහත්, උස්. සතර පාදයෙහි ම මුලට රුදු, නඳු ආදි වසයෙන් දීර්ඝව යොදා ඇත්තේ විරිත රැකීම සඳහාය. අවරගිරි රජ: රජ යන්න විශාලතම හෝ ප්ර ධානතම ගස්, කඳු ආදියට ද යෙදේ. ඉර උදා වන්නේ උදය පර්වතයෙන් බවත්, බැස යන්නේ අස්ත පර්වතයෙන් බවත් කවිසමයයි. බෙන්තොට: වත්මන් බෙන්තර, ‘තොට’, (තීර්ථ) ‘තර’ (තීර) සමව යෙදුණු බවට මාතොට-මාතර, කලුතොට-කලුතර ආදිය නිදසුනි. පාලි-භීමතිත්ථ. මේ ගං ඉවුරු පෙදෙස භීම/බෙම් යන යක්ෂයකුට පිදූ දෙවොලක් නිසා වූ නමක් යැයි ප්රෙවාදයයි. වනවාසය: ගම්, නගර අසල කැළෑබද පෙදෙස් භාවනානුයෝගී භික්ෂූන්ගේ සෙනසුන් සඳහා යෙදුණු විට මේ නමි. විරුද්ධාර්ථය ‘ග්රාීමවාසය’ ය.


72. වේස ය ඇත උනා වැද විලඹු පාසය පා ස ය නොවිඳ1 දැහැ2 මුවරඳිනි ආසය ආ ස ය ලෙසේ දකිමින්3 එවනවාසය වා ස ය කර4 මිතුරනි5 මුනි නිවාසය

පදාර්ථ වේසය ඇත, වෙහෙස ඇතොත්; විලඹු පාසය වැද උනා, විල් නමැති කාන්තාවන්ගේ නොහොත් විල් ජලයෙහි ස්පර්ශයට වැදී (එය) මුදා හැර; පාසය නොවිඳ, පිපාසය නොම විඳ; ආ සය, පැමිණියා වූ ක්ෂුධාව; මුවරදිනි දැහැ, මල් පැණියෙන් දුරු කොට; ආසය ලෙසේ, ආශා ඇති පරිදි; එවනවාසය දකිමින්, ඒ අරණ්ය්වාසය නරඹමින්; මිතුරනි, යහළුව; මුනි නිවාසය වාසය කර, බුදු ගෙයි වාසය කරන්න. විස්තර විලඹු පාසය වැද උනා: විල්+අඹු > විලඹු. අඹු යන්නෙන් කාන්තාව, ජලය යන අර්ථ දෙක ම ලැබේ. ඒ දෙක ම මෙතන්හි ගැළපේ. පාස නම් ස්පර්ශයය. එනම් විල හෝ විල් ජලය ස්පර්ශ කිරීම එක ම කාර්යයකි. මෙහි උනනුයේ හෙවත් මුදා හරිනුයේ වෙහෙසය. උන, මිදීමෙහි ධාතුයි. පාදාන්තයන්හි ‘පාසය’, ‘ආසය’ ආදිය යෙදෙනුයේ එළිසමය සඳහාය. පාසය නොවිඳ: පාසය - පිපාසාව. මෙය “පාසය නොවිඳි” යි කුමාරතුංග සංස්කරණයේ සකස් කර “භෘංගයන් නො වින්දා වූ” යි අර්ථ දෙයි. සපද < ෂට් පදී (සං.) යන්න පා සයක් ඇති හෙයින් මී මැස්සන්, බමරුන් සඳහා යෙදේ. ‘පාසය’ පදයෙන් ඒ අර්ථය ගත හැකිය. එහෙත් ‘නොවිඳි’ යි පිට පත්හි නොඑයි. 1. නොවිඳි--කු. 2. දැන--එ.බ.ර.; දඟ--අ. 3. දකිමිනි--කු.ජ. 4. කැරැ--කු.ජ. 5. මිතු--රුනි--ග.; මිතුරෙහි--කු.ජ.

විවරණ 113 විල් නමැති කාන්තාවගේ ස්පර්ශයෙහි වැදී හෙවත් විල් ජලයෙහි වැදී සරතැස නිවා ගෙන පිපාසයෙන් නොපෙළී මකරන්දය පානය කිරීමෙන් ක්ෂුධාව දුරු කොට ගෙන ආශා ඇති පරිදි වනවාසය නරඹමින් එහි බුදු ගෙයි රාත්රිු කාලය ගත කරන ලෙස දූතයා අයැදිණි. මුවරඳිනි දැහැ: මකරන්ද (සං) මුවරඳ. මුවරඳිනි - කරණ විබත්. දැහැ - ජහ ධාතුවෙන් ජහාති. ජහ, දහයන රූප දෙක ම යෙදේ. දැහැ - පූර්ව ක්රි යාය. අත හැර, දුරු කර යන අර්ථයි. පිපාසය මුවරඳින් දුරු කිරීම නම් මල් පැණි බීමෙන් පිපාසය දුරු කර ගැනීමය. ආ සය: ඇති වූ සාගින්න. ආසය යන්නෙන් ආශාව යන අර්ථ ද ගත හැකිය. මෙහි සතර පාදයේ ම මුල හා අග එළිසමය සඳහා යොදා ඇති වචන අනුව වෙනත් ආකාරයෙන් ද අර්ථ දිය හැකි බව සැලකුව මනාය.


73. ළ හි රු පියහු වස වසනත කරත දෙත1 කෙස රු2 දසන් මඳ මඳ පෑ3 එපෑපත4 ත ඹු රු මුවෙන් සෙන5 සෙන ස‍ෑඳෙහි විල් කත සොඳු රු සබඳ ඉන් යා ගන්න මාවත

පදාර්ථ ළහිරු පියහු, නොමේරූ ඉර නමැති හිමියා (විසින්); වස වසනත, (විල්) ජලය නමැති ඇඳි වතෙහි; කරත (කර අත) දෙත, අවු රැස් නමැති අත තබන විට; කෙසරු දසන්, නෙලුම් රේණු නමැති දත්; මඳ මඳ පෑ, ටික ටික පෙන්වමින්; එපැපත, ඒ පැහැපත්; තඹුරු මුවෙන්, නෙලුම් මල් නමැති මුවින්; විල් කත, විල නමැති කාන්තාව; සෙන සෙන කල්හි, (සිනා) සෙන සෙන විට; සොඳුරු සබඳ, යහපත් මිතුර; ඉන්, එතැනින්; මාවත යා ගන්න, මහ මඟ ගමන් කරන්න. විස්තර ළහිරු: බාල සූර්යයා. උදා වන හිරුය. ළ - නොමේරූ, තරුණ යන අර්ථයි. වස: සිදත් සඟරාවේ “වස දෙනුයෙ වසදා නමි” යන තන්හි “වස” යෙදී ඇත්තේ ‘ජලය’ යන අර්ථයෙහිය. විෂ යන අර්ථය ද ගත හැකිය. වසනත: වසන නම් ඇඳි වතයි. වසන හෙයිනි. ‘අත’ - අන්ත/අන්තර්, ඇතුළතය. කෙළවර යන අර්ථය ද යෙදේ. සෙන සෙන: සිනා සෙන සෙන.

74. ර න් තැටි අයුරු පියයුරු6 දැරු තුනු යටිනි ම න් පැටි කරන සුර ලිය ලිය එත වටිනි උ න් සැටි නෙතැඳ7 ගමනොත බිඳ තගෙ අටිනි බෙන් තොටිනෙතෙර8 බැස යා ගන් සහතුටිනි


1. තැත--අ.ඉ.එ.ක.ග.ප.බ.ර.ව. 2. කෙසුරු--අ.ඉ.එ.ක.ග.ජ. 3. පැහැ--අ.ඉ. 4. එපැ තැපත--ක.ග.ප.බ.ර.ව. 5. සෙනු--එ.කු.ජ. 6. පියොවුරු--කු. ජ.; පියවුරු--එ. 7. නෙතද-- අ.ඉ.ක. ග.ප.බ.ර.ව. ; නෙතග--එ. 8. බෙන් තොටිනෙතෙරැ--කු. 114 තිසර සන්දේශය පදාර්ථ රන් තැටි අයුරු, රන්මුවා තැටි වැනි; පියයුරු, පයෝධරයන්; තුනු යටිනි දැරූ, ශරීර නමැති රුක් කඳින් දැරූ; සුරලිය, දෙවඟනන්ගේ; මන් පැටි කරන, (සිතේ) මානය පටු (පුංචි) කරන්නා වූ; ලිය වටිනි එත, කතුන් අවටින් පැමිණෙන විට; තගෙ ඔත ගමන්, ඔබේ පටන් ගත් ගමන; බිඳ, නවත්වා; අටිනි, ආශාවෙන්; උන් සැටි, ඔවුන්ගේ ස්වභාවය; නෙත ඇඳ, ඇස්වල සිතුවම් කර ගෙන; සහතුටින්, ප්රී)තියෙන්; බෙන්තොටින්, බෙන්තර ගඟේ තො‍ටුපළින්; එතර බැස යා ගන්, එහා තීරයට ගොඩ බැස ගමන් ගන්න.‍

විස්තර රන් තැටි: පාලි, සංස්කෘත “තට්ටිකා” පුරාණ තැටි බොකු කෝප්පයක හැඩය ඇත්තකි. මත් පැන් පානය සඳහා ද ගැනුණේය. තුනු යටි: තනු නම් ශරීරයයි. යටි යෂ්ටියයි, කඳයි. මනාව වැඩුණු වෘක්ෂය, තරුණ ගස ඇඟට සමාන කිරීම කවිසමයයි. මන් පැටි කරන: මානය, ආඩම්බරය පටු (මදි පුංචි) කරන, වඩා රූමත් බෙන්තර කතුන් දකින සුර ලියන්ගේ පවා රූප මානය අඩු වෙයි. නෙතැඳ: නෙත්+ඇඳ. ආශාවෙන්, සැලකිල්ලෙන් බැලීම ඇසේ ඇඳීමයි. කාව්යෝ ක්තියි. ගමනොත බිඳ: ඔත+ගමන. ඔත (-අවාප්ත) හෙවත් පටන් ගත් ගමන බිඳීම රූමත් කතුන් නිසා සිදු වෙයි. බෙන්තොටිනෙතර: බෙන්තර ගඟේ තොටුපළින් එතෙර-මෙතෙර දෙපැත්ත ම නගර බවට පත්ව තුබූ බවක් “බෙන්තොට දෙගොඩ දෙනුවර දෙව් ලෝ දෙකකි” යි මයුර සන්දේශය (77) කියයි.


75. තඹරෙව් පැපෑ සිවුමැලි1 අත් අලුත් තම ලාලී2 කෙළින තුනු කැලුමෙන්3 අලුත්ව ම4 ළද සොඳ ලියන් බලනුව ගොස් අලුත්ව ම5 සකි ලැසි නොවන් සව් සිරි පිරි6 අලුත්ගම

පදාර්ථ තම සිවුමැලි අත් අලුත්, තමන්ගේ සිවුමැලි අත්හි අල්ල ද; තඹරෙව් පැපෑ, නෙලුම් මල් සේ පෙන්වමින්; තුනු කැලුමෙන්, ඇ‍ඟේ කාන්තියෙන්; අලුත්ව ම, අලුත් හෙවත් ආලෝකවත් වෙමින් ම; ලාලි කෙළින, ලාලී (වට උඩ දමා) ක්රී,ඩා කරන; ළද සොඳ ලියන්, තරුණ සුන්දර කතුන්; අලුත්ව ම, අලුතින් හෝ පළමුව ම; බලනුව ගොස්, බැලීමට ගොසින්; සව් සිරි පිරි, සියලු සිරි සැපතින් පිරුණු; අලුත්ගම ලැසි නොවන්, අලුත් ගමේ පමා නොවනු. 1. සියුමැලි--ජ. 2. ලාඑ--ග.ප.ව. 3. කැල්මෙන්--ජ. 4. අළුත්ගම--අ.ඉ.ක.ග.ප.බ.ර.ව. 5. අළුත්ගම--අ.ඉ.ක.ග.ප.බ.ර.ව. 6. බර--එ.කු.ජ.

විවරණ 115 විස්තර අත් අලුත්: අතේ අල්ල ද, ලාලී බෝල උඩ දැමීමට හා ඇල්ලීමට රතු පාට අත් මඳක් බොකුටු කිරීමට හෝ විදැහීමට සිදු වෙයි. පිපුණු නෙලුම් සේ එවිට පෙනෙයි. අතුල > අත්ල > අල්ලු > අලු+ද = අලුත් අලු, පලු, පිමි, බැමි, මිමි ආදිය අයථා සාදෘශ්යතයෙන් නිපන් ප්ර්කෘති වේ. ලාලී කෙළින: උඩු මහල්වල තරුණ කාන්තාවන් ලා කිරිවලින් තැනූ බෝල උඩ දමා අල්ලමින් නොනවත්වා කරන සෙල්ලමකි. ලියගී ගත පුර - කතන ලාලී කෙළුතු නෙත් නිසලසරන් විලස්හී - පිළිබෙදුමසක් නොතිබී යන කව්සිළුමිණි (1.25) ගීයෙන් ද ඇසි පිය නොගසා බෝල උඩ දමමින් ලාලී කෙළින කතුන් ගැන කියවේ. අලුත්ව ම: ක්රීවඩා කරන ලියන්ගේ ශරීර කාන්තිය බැබළීම සහිතව නරඹන්නන්ට පෙනෙයි. පරණ වීමේ දී පැහැය අඩු වන බවත් අලුත් නම් පැහැය වැඩි බවත් ලෝක ධර්මතා බැවිනි. අලුත්ගම: දැනුදු මෙනමින් හැඳින්වෙන ගමකි. නමේ අර්ථ නිරූපණය සඳහා ‘පරණගම’ යන්න හා සසඳන්න.


76. සැදී සිටින මද1 යුදයට සේ රුවල නිසි අඟනන් යුත් සුරඟන සේ රුවල රැඳි වෙළඳුන් වන්2 නිසලින් මේරුවල දැක යා ගන් සව් සිරි බර3 බේරුවල

පදාර්ථ මද යුදයට, අනංග (කාම) යුද්ධයට; රුවල සේ සැදී සිටින, (යුද නැවක) රුවලක් මෙන් සැරසී සිටින්නා වූ; සුරඟන සේ රුවල, දිව්යාංීගනාවන් මෙන් රූපයට නිවාස (=ආලය) වූ; නිසි අඟනන් යුත්, සුදුසු කාන්තාවන්ගෙන් යුක්ත වූ; නිසලින් මේරුවල වන්, නිශ්චල ගුණයෙන් මහාමේරු පර්වතය වැනි; වෙළඳුන් රැඳි, වෙළඳ ජනයා රැඳී සිටියා වූ; සව්සිරි බර, සියලු ශ්රී් සම්පත්තියෙන් පිරුණ; බේරුවල දැක යා ගන්, බේරුවල බලා යා ගන්න‍. විස්තර මද යුදයට; මඳ නම් කාමය දනවන දෙවියාය; අනංගයාය. අනංග යුද්ධය නම් රාගෝත්පාදනයයි. කුමාරතුංග “සැදී සිටී නො මඳ යුදයට සේරු වල (-වල යුදයට සැදි සිටි සේරු නො මඳ) -වනයෙහි යුද්ධයට (පොරට) සැරසී සිටියා වූ සේරු (නම් පක්ෂීන්) බොහෝ වූ” යනුවෙන් ද, ජයතිලක “සැදී සිටින මද යුදයට සේ රුවල - රුවල සේ (සංග්රා්මාභිමුඛ වූ නෞකාව නංවන ලද) ලකාරයන් මෙන්, මද යුදයට - අනංග යුද්ධයට, සැදි සිටින - සැරසී සිටින්නා වූ” යනුවෙන් ද අර්ථ දෙති. සේරු නම් විල් ළිහිණිය. මෙය විල් වැනුමක් නොවේ.

1. සිටි නොමද--අ.ඉ.ක.කු.ග.බ.ප.ර.ව. 2. වණ--අ.; වත්--කු.; වන--ඉ.ක.ප.ව. 3. බල-- අ.ඉ.ක.ග.ප.බ.ර.

116 තිසර සන්දේශය රුවල සේ: නැව් රුවලක් සේ, “යුද නැවක” යන්න නේයාර්ථය. සුන්දර කතුන් රුවලට උපමා කිරීමේ උචිත බව කුමක් ද? රජ සබයට එන ප්රනභාවතියගේ ශරීර නෞකාවේ රුවල ඇගේ උතුරු සළුව සේ ගෙන කව්සිළුමිණි කවියා මෙසේ වනයි: “වසා කුඹු තුරුසළු ලුවර - රසමෙණ නිරිඳු මෙර සබ සයුරනඟ කන්දර - තුනුනැව් ගත් නුවන්තොට” (4. 36) තිසරය මෙහි ආභාසය ලබා ඇතත් කාව්යාතර්ථය එතරම් විසිතුරු නැත. රුවල: රූ+අල - රුවට නිවෙස් වූ, රූප සම්පන්න, අල < ආලය නම් නිවාසයයි.


77. සුරඟනයුරු තුනු තුනු සිරිනි මත් ගොන රුසිරෙන යුත් පිනවන දැකුම මත් ගොන

ගොස කර1 නිතර2 උනුනස3 සරන මත්	ගොන

මමිතුර ගොස් වදන4 සිරිනුදුල මත්ගොන

පදාර්ථ සුරඟනයුරු, දෙවඟනන් වැනි, තුනු තුනු සිරිනි, සිහින් ඇ‍ඟේ සිරියෙන්; මත්, මත් වූ; දැකුම මත්, දැකුම් මාත්රගයෙන්; පිනවන රුසිරින යුත්, සතුටු කරවන රුචිරයෙන් (සුන්දරත්වයෙන්) යුතු; ගොන, උතුම් කාන්තාවන් ද; ගොන, ඝ්රා(ණයෙන් (නාසාවෙන්); ගොස කර, (ඝෝෂා කර) තප්පුලා; නිතර, සෑම විට; උනුනස සරන, ඔවුනොවුන් අසල හැසිරෙන්නා වූ; මත් ගොන, මත් වූ ගොනුන් ද ඇති; සිරිනුදුල, සුන්දරත්වයෙන් හෙවත් සම්පත්වලින් බැබළි; මත්ගොන, මග්ගොනට; මමිතුර, මගේ යහළුව; ගොස් වදන, ගොසින් පිවිසෙන්න. විස්තර තුනු තුනු සිරිනි මත්: තුනු - තුනි, සිහින්. තුනු සිරිනි - ශරීර ශෝභාවෙන්; තනු - (පා, සං.) ශරීරය යන අර්ථයි. සිහින් වූ ශරීර ශෝභාවෙන් මත් වූ යනු මුළු පාඨයේ ම අර්ථයි. සිහින් සිරුරු ඇති වීම කාන්තාවන්ගේ රූමත් බවේ ලක්ෂණයක් සේ සැලකේ. ඔවුහු ඉන් ආඩම්බර වෙති. ගොන: උතුම් කාන්තාවන්. සෙල් ලිපිවල “දෙව් ගොන් බිසව්” “සමිදි ගොන්” ආදි පද යෙදේ. ජයතිලක “මත් ගොන – මත්තංගනාවන් ඇති” යි, “මත් අගන”එළිසම පිණිස “මත් ගොන” වූ සේ ගනී. කුමාරතුංග “ගොන” – “සමූහයා” යි අර්ථ දෙයි. රුසිරෙන: රුචිරයෙන්, ලාවණ්යනයෙන්. ජයතිලක: රුසිරෙන - රූප සම්පත්තියෙන්. කුමාරතුංග: රුසිරෙන - රුචිරභාවයෙන්. කුමාරතුංග මෙහි “දේහ ශ්රී-න් දිව්යාං ගනාවන් බඳු වූ” යයි ගෙන “රුසිරෙන් - රූප සම්පත්තියෙන්” යනුවෙන් ජයතිලක දෙන අර්ථය පුනරුක්තයක් සේ සලකා ප්රමතික්ෂේප කරයි.

1. කැරැ--කු.ජ. 2. නිතොර--එ.කු.ජ. 3. උනුනැස--අ.ඉ.ක.ග.ප.බ.ර.ව . 4. වඩන-- අ.ඉ.එ. ක.ග.ප.බ.ර.ව.; වඩින--බ. විවරණ 117 ගොන: ඝ්රා.ණයෙන්, නාසයෙන්, සංස්කෘතයෙහි ‘ඝ්රාඅණ’ යනු නැහැයට නමි. පාල‍ියෙහි ‘ඝාණ’ ය. රුවන්මල් නිඝණ්ටුවේ (287) ද නාසය යන අර්ථ දෙන ‘ගොණ’ පදයක් ඇත. මේ හැම තැන ම මූර්ධජ ණ කාරය යෙදී ඇතත් මෙහි ඇත්තේ දන්තජ ‘න’ කාරයකි. මූල භාෂාවේ ‘ණ’ කාරය සිංහලයේ ‘න’ වන අවස්ථා ඇත. කර්ණ > කන, කන් මෙනි. මත් ගොන: මත් වූ ගොනුන්. මෙය අවුල් සහිත පද්යේයකි. සංස්කාරකයෝ විවිධාකාරයෙන් අර්ථ දක්වති.

78. පයියා ගල නොයිඳ1 - සැදි2 සිරි බලන ලොල්ලේ වයියා ගන්න විසිතුරු - නෙරළු තුරු3 සෙවණැල්ලේ පදාර්ථ සැදි, සැදුණා වූ; සිරි, අලංකාරය; බලන ලොල්ලේ, බැලීමේ ආශාවෙන්; පයියාගල නොයිඳ, පයියාගලයෙහි (නතර වී) නොඉඳ; විසිතුරු, විචිත්රෙ වූ; නෙරළු තුරු, පොල් ගස්වල; සෙවණැල්ලෙ, සෙවණෙහි; වයි, වහා; යා ගන්න, ගමන් ගන්න. වයි: වෛ (සං.) > වහා. සිංහල පද්යි භාෂාවේ දී එය ලියවෙන්නේ ‘වයි’ යනුවෙනි. වෛර - වයිර මෙනි. සෙවණැල්ලේ: සෙවණ + ඇල්ල - සිසිල් සෙවණේ.

79. මුනි සසව ම4 උපන්5 සමයෙහි ගිනි මැදට වැද වැඩ උන් ලෙස6 පානෙව් දැන් ලොවට දිනිඳු සැඳෑ වෙල7 අතුරට පැමිණි විට වදු මමිතුරුසඳ සිරිබර කළුතොටට පදාර්ථ මුනි, බෝිසතුන්; සසව ම උපන්, හාවකු වී ම උපන්නා වූ; සමයෙහි, කාලයෙහි; ගිනි මැදට වැද, ගින්නක් මැදට වැදී; වැඩ උන් ලෙස, වැඩ සිටි ආකාරය; දැන් ලොවට පානෙව්, අද ලෝකයාට පෙන්වන සේ; දිනිඳු සැඳෑ වෙල අතුරට පැමිණ විට, සූර්යයා හැන්දෑ වලාකුළු ඇතුළට ආ කල්හි; මමිතුරුසඳ, මගේ මිතුරුතුමනි; සිරිබර, ශ්රී; සම්පත්තියෙන් බර වූ; කළුතොටට, කළුතර ගං තොටට; වදු, පිවිසෙන්න. විස්තර මුනි: බුදුන්, බෝසතුන් යන අර්ථයයි. සසව ම: සාවකු වූයේ ම. සස ජාතකයෙහි සස බෝසත් සා ගිනි බමුණකුට ඇඟ මස් පිදීමට ගිනි ගොඩකට පැන සිටි අතීත කථාව. දිනිඳු: හිරු. දිනයට ඉඳු - අධිපති වන්නේ සූර්යයාය. සැඳෑ වෙල: සන්ධ්යානවේ රත් පැහැ ගත් බටහිර වලාකුළු 1. නො ඉඳ--කු.ප. 2. සදි--අ.ඉ.ග.ර.; යදි--ක.ග.බ.ර.ව. 3. තුරු--අ.ඉ.ක.ග.බ.ර.ව. යන පිටපත්වල නොයෙදේ. 4 . සස ව--එ.ජ.; සස වැ ද--කු. 5. දන්--කු. 6. ලෙස්--ඉ.එ. 7. සැඳවෙල--ග.ර. සඳැවෙල--ඉ.බ.; සඳ වලා--කු.ජ. 118 තිසර සන්දේශය කළුතොට: වත්මන් කළුතර. මෙහි මූදු වෙරළ අසල දී ගිනි මැද පිවිසි හාවකු සේ රතු වලාකුළු මැද බහින හිරු මූදු හරාව මත පෙනෙයි.

80. නුවනි න් නිල් උපුල් රතදරිනි නා ලිය දසනි න් කොඳ කැකුළු සිරුරෙන් කනා ලිය දිනමි න් නිතොර එහි රඳනා1 මනා ලිය දැක ගන්2 එගොස්3 හැකි4 නෙත් සිත් පිනා ලිය පදාර්ථ නුවනින්, ඇස්වලින්; නිල් උපුල්, නිල් මහනෙල් ද; රතදරිනි, රතු පාට තොල්වලින්; නා ලිය, නා දලු ද; දසනින්, දත්වලින්; කොඳ කැකුළු, කුන්ද මල් කුප්පි ද; සිරුරෙන්, ඇඟින්; කනා ලිය, රන් වැල් ද; දිනමින්, ජය ගනිමින්; එහි, ඒ කළුතර; නිතොර රඳනා, නිතර ම රැඳි (හෝ බැබළෙමින්) සිටිනා; නෙත් සිත් පිනා ලිය හැකි, ඇස හා සිත පිනා ලන්නට සමත්; මනා ලිය, මනෝඥ වූ කාන්තාවන්; එගොස්, එහි ගොස්; දැක ගන්, බලා ගන්න. විස්තර කොඳ: කුඩා සුදු මල් පිපෙන සමන් මල් වැනි මල් වෙසෙසක්. කනා ලිය: කනක ලතා, රන් වැල්. මෙහි යෙදෙනුයේ ස්ත්රීක වර්ණනයේ දී භාවිත කෙරෙන කවි සමයාගත උපමා උපමේය සමූහයකි. මේ උපමා උපමේය භාවිතයට අලගියවන්න කවියා ද බෙහෙවින් ප්රිනය කළ බව පෙනේ. ඔහු තිසර පද්යාය ම ගුරු තන්හි ලා සලකන්නට ඇත: ගතිනා කනා ලිය රතදරිනි නා ලිය‍ තෙනෙනා රනා හස ගමනින් එනා ලිය නිතිනා දිනා එහි සරනා මනා ලිය නතනා විනා වහී කවරෙක් වනා ලිය සැවුල් සන්දේශය, 146 රතදරිනි නා ලිය ගමනින් සදිසි නා ලිය එපුරෙහි මනා ලිය කවුරු නම් හැකි වෙති වනා ලිය කුස ජාතක කාව්ය ය, 29; දහම්සොඬදා කව, 34.

81. රං ගා දහන්5 නළු මුළු උර ර‍ඟෙහි මනා සං ගා නොයෙක පව් විරිදුන් නිබඳයෙනා නං ගා යසස් ද මහ සඟන වැජඹෙනා ගං ගා තිලක වෙහෙර ද දකු මිතුරු පිනා

1. සරනා--කු.ජ. 2. දැක යන්--කු. 3. එයින්--කු.ජ.; එතොත්--එ. 4. වැකි--ඉ.එ.ක.ග.ප.බ.ර.ව.; වැසකි--අ. 5. දහම්--එ. විවරණ 119

පදාර්ථ දහන් නළු මුළු, ධ්යා5න නමැති නාටක සමූහයා; උර ර‍ඟෙහි, හදවත් නමැති රංග භූමියෙහි; මනා රංගා, මැනවින් රංගනය කරවා (නටවා); නොයෙක පව් විරිදුන්, අනේක පාප නමැති සතුරන්; නිබඳයෙනා, නිරන්තරයෙන්; සංගා, සංඝාතනය කොට (නසා); යසස් දද නංගා, කීර්තිය නමැති කොඩි ඔසවා; මහ සඟන වැජඹෙනා, මහා සංඝයා විසින් බැබළෙන; ගංගාතිලක වෙහෙර ද, ගංගාතිලක නම් විහාරය ද; මිතුරු, මිත්ර ය; පිනා දකු, පිනා යමින් බලන්න.

විස්තර දහන්: ධ්යාදන භාවනා. ධ්යාමන නම් සිත එකඟ කිරීම සඳහා යොදා ගන්නා ප්ර්ථම, ද්විතීය ආදී ධ්යා,නයි. සංගා: නසා. සංඝාතනය කොට. “ජයතිලක විෂ්කම්භනය කොට” යි ද කුමාරතුංග “සඟවා” යි ද අර්ථ දී ඇත. පව් නැසීම මිස සැඟවීම නොගැළපේ. ගංගාතිලක වෙහෙර: කළු ග‍ෙඟ් වම් ඉවුරේ වූ විහාරය. ගංගාතිලක විහාරය මහා සංඝයාගෙන් බැබළේ. උන් වහන්සේගේ උර මඬල නමැති රංග භූමියෙහි ධ්යාෙන නමැති නළු පිරිස් මැනවින් නටති. උන් වහන්සේ පාප නමැති සතුරන් නිරන්තරයෙන් විනාශ කොට කීර්ති නමැති කොඩි ඔසවති. ගංගාතිලක විහාරවාසී භික්ෂූන් නිතර ධ්යාශන වඩමින් පාපයෙන් දුරු වී කීර්තිමත්ව වෙසෙන බව පැවසූ සැටිය. මෙහි භාවිත වන කාව්යෝ්ක්ති ධ්යාපන වඩන සිල්වත් භික්ෂූන් වර්ණනා කිරීම සඳහා යෝග්යෝ දැයි විමසිය යුතුව ඇත.

82. උ සි න් යුත් අඳුන් ගිරි කුළු එක ලෙසට ර සි න් උදුල සා බර දුමිඳුන් ළඟට1 තොසි න් අයද2 අදහස සිදු වන ලෙසට තොසි න් ලැගුම කර වැද එහි පිළිම ගෙට

පදාර්ථ

අඳුන් ගිරි කුළු, අඤ්ජන පර්වත කූටය (හා); එක ලෙසට උසින් යුත්, එක් වන් උස ප්ර මාණයෙන් යුතු; රසින් උදුල, රශ්මියෙන් දිලිසෙන; සා බර, ශාඛාවෙන් බර වූ: දුමිඳුන් ළඟට ගොසින්. (කළුතර) බෝධි රාජයා අසලට ගොස්; අදහස සිදු වන ලෙසට, බලාපොරොත්තුව ඉටු වන පරිදි; අයද, ආයාචනා කොට; එහි පිළිම ගෙට වැද, එහි බුදු ගේ තුළට වැදී; තොසින් ලැගුම කර, සන්තෝෂයෙන් ලැගීම කරන්න. 1. රඟට--එ.ර. 2. ඇයද--ජ.; අයැද--කු.

120 තිසර සන්දේශය විස්තර අඳුන් ගිරි කුළු: අඤ්ජන නම් කඳු මුදුන, කාල වර්ණය; හිමාලයෙහි ඇති කඳු මුදුන් සතින් එකකි. බෝධිය ද අඳුන් ගිරි කුළ සේ නිල් වන්ය. දුමිඳු: දුම් - ද්රැධම නම් ගසයි. ඉඳු - අධිපතිය. දුමිඳු - රුක් රජ යන අරුති. වනස්පති යනු ද නමි. මෙම පද්යය අනුව 14 වැනි සියවසේ ද කළුතර ගංගාතිලක විහාරයේ බෝධිය පැවති බව පෙනේ.

83. පැළ දිගු දිගැස නිසාය ගොස් ඇසිරි1 පතා සිසි පිය නරඹමින් අප වැන්නවුන් පතා නොනවත2 ගියා යේ පල ලදුවහයි සිතා පෙර දිගු දිගැස හස ගත ලෙසිනි අලු වතා

පදාර්ථ පැළ දිගු දිගැස නිසාය, බටහිර දිශා නමැති කාන්තාව වෙනුවෙන් (අපේක්ෂාවෙන්); ගොස් ඇසිරි පතා, ගොසින් ආශ්රායට පැමිණියා වූ; සිසි පිය නරඹමින්, චන්ද්රියා නමැති ප්රි,යයා බලමින්; අප වැන්නවුන්, අප වැනි අය; පතා නොනවත, බලාපොරොත්තුවෙන් නැවතී නොසිට; ගියා යේ, ගිය ගමනේ; පල ලදුවහයි සිතා, විපාක ලද්දේ යයි කල්පනා කොට; පෙරදිගු දිගැස, පෙරදිග නමැති කාන්තාව; හස ගත ලෙසිනි, සිනා ගත් ආකාරයෙන්; අලු වතා, ආලෝක වන කල්හි (මතු සම්බන්ධයි)

විස්තර ඇසිරි පතා: ඇසුරට පැමිණ යන අර්ථයි. සියලු අත් පිටපත්හි ‘ඇසිරි’ යි යෙදුණ ද මුද්රි්ත සංස්කරණවල ‘අසිරි’ යි ශුද්ධ කොට අනෙක් අර්ථ දෙනු පෙනේ. ‘අසිරි’ යන්නට ‘නිශ්ශෝභා’ යි ජයතිලක ද ‘අශ්රිිකභාව’ යි කුමාරතුංග ද අර්ථ කියති. වෙනස් කිරීමට හේතු නැත. ගියා යේ: ගිය ගමනේ හෝ ගිය බවෙහි යන අර්ථ යි. අතීත භාව නාමයකි. අලු වත: පහන් වන, එළි වන කල්හි. අසම්භාව්යත නිපාතයි. පෙරදිගින් අරුණ නැගෙත් ම අවරදිග අහසේ බැබළෙන සඳුගේ දීප්තිය අඩු වෙයි. කවියා එය දකින්නේ අමුතු ලෙසකිනි. පැළදිගු සහ පෙරදිගු යයි කාන්තාවෝ දෙදෙනෙකි. ඔවුන්ට සිටින එක ම සැමියා සඳුය. සඳ හිමියා බටහිර දිශා නැමැති කාන්තාව වෙතගොස් සිටින කල්හි (අරුණු නැ‍ඟෙන වේලේ) ඒ සඳ හිමියාගේ දීප්තිය අඩු වෙයි. ඒ දකින නැ‍ඟෙනහිර දිශා කාන්තාව සඳු තමන් වෙත ම රැඳී නොසිට යෑමේ විපාක ලදහයි සිනා පළ කරයි. අරුණාලෝකය පිළිබඳ රසවත් කවි කල්පනයකි. මයුරයේ (99) “සඳා නැඟෙත...” මේ අනුව ලියවුණු සේය. ________________________________________________________ 1. අසිරි--කු.ජ. 2. නො නවැත--එ.; නො නැවතැ--ජ.; නො නවතැ--කු. විවරණ 121


84. කෙරෙමි න් නෙත් පුබුදු දැහැ සිතැති නිඳි ලොබා තු ඩ ගි න් අවුල් හැර1 පිය යුගෙහි මැළි අඹා වැ ඩ උන් එමුනි අළ සුදු රැස් පි‍ඬෙක සුබා ප හ මි න් පිළිම ගෙන් යා ගන් මිතුර සුබා2 පදාර්ථ නෙත් පුබුදු කෙරෙමින්, ඇස් ප්රිබෝධ කොට; සිතැති නිදි ලොබා දැහැ, සිත්හි ඇති නින්දට ආශාව අත හැර; තුඩගින්, හොටය අගින්; පිය යුගෙහි, පියා ගත් යුගළයෙහි; අවුල් හැර, අවුල් කැ‍ෙඩන සේ පීරා; මැළි අඹා, කම්මැළිකම දුර ලා; වැඩ උන් එමුනි, (විහාර ගෙහි) වැඩ සිටියා වූ ඒ බුදු රදුන් විසින්; අළ සුදු රැස් පි‍ඬෙක, විහිදුවන ලද සුදු පාට (බුදු) රැස් ගුළියක; සුබා පහමින්, ස්වභාව පාමින්; සුබා මිතුර, ශෝභන හෝ ශුභදායී මිත්රුය; පිළිම ගෙන් යා ගන්, බුදු ගෙයින් පිටත් වන්න.

විස්තර නෙත් පුබුදු කෙරෙමින්: ඇස් අවදි කරමින්, පිබිදෙමින්. තුඩගින් අවුල් හැර: උදේ නැගිටින කුරුල්ලෝ පියා ඇඹීමට පෙර පියා පත් හොටයෙන් පිරිමදිමින් අවුල් කඩති. වැඩ උන් මුනි: හිඳි බුදු පිළිමය. සුදු රැස් පි‍ඬෙක: ෂටඩ් වර්ණ රශ්මියෙන් එකකි. අවදාත වර්ණය. හංසයා සුදු බැවින් එය පමණක් ගැනිණි. පහමින්: පහ/පා=පෑමෙහි - පෙන්වීමෙහි ධාතු ප්රාකෘතිය යි. සුබා: ශුභ්රහ (සුදු) ශුභ (සුබ) සහ ශුභ (ශෝභන) යන අරුත් හැම මෙතැනට ගැළපේ.


85. ලෙළ රළ පිරිලි3 දිලි වෙරළත වෙතේයා පෙණ මුතුලැලින් සැදි දලනිදු සතේයා4 රැඳි රුදු නිල් යටෙක සිරිසර ගතේයා කළු ගඟිනෙතර යව දිගු පුළුලතේයා5

පදාර්ථ ලෙළ රළ පිරිලි, ලෙළ දෙන රළ නමැති රැලිවලින් (සැරසිලි); දිලි, බැබළෙන; වෙරළත වෙතේයා, වෙරළ කෙළවරට ළංව ඇති; පෙණ මුතු-ලැලින් සැදි, (මූදු) පෙණ නමැති මුතුවැල්වලින් අලංකාර වූ; දලනිදු සතේයා, මුහුද නමැති ඡත්ර)ය; රැඳි රඳවන ලද; රුදු, උස් (මහත්); නිල් යටෙක, නිල් පාට මිටක; සිරිසර ගතේයා, ශ්රීන සාරය ගත්තා වූ; දිගු පුළුලතේයා, දික් වූත් පළල් වූත්, කළු ගඟිනෙතර යව, කළු ගඟින් එතරව යන්න. හෝ කළු ගඟින් එතරට යන්න. 1. හැරැ--කු.ජ. 2. සබා--ක.කු.ග.ප.බ.ර. 3. පිරි--එ.; වීරි--අ.ඉ.ක.ග.ප.බ.ර.; පිපිලි--කු. 4. ගතේයා-- අ.ඉ. උ.ක.ග.ප.බ.ර. 5. නෙතේ යා--ව., පුළුලැතේ යා--කු.

122 තිසර සන්දේශය විස්තර පිරිලි: රැලි වැට, රැලි පාලම්වල වැනි සැරසිලි. කුමාරතුංග සංස්කරණ- යෙහි මෙය ‘පිපිලි’ යි ශුද්ධ කොට ඇත. අර්ථයේ වෙනසක් නැත. වෙරළත වෙත: වේලාන්තයට ළංව ඇති. දලනිදු: ජල නිධි - මුහුද. මෙහි වෙතේයා, සතේයා ආදි වසයෙන් යෙදී ඇත්තේ එළිසමය සඳහාය. මුහුද කුඩයක් වැනිය. වෙරළ එහි වාටියයි. ඒ කුඩයෙහි මීට නම් දිගුපුළුල් කළු ගඟයි. මුහුදු රළ ඒ කුඩයෙහි හැඩ රැළිය. වෙරළෙහි ඇති පෙණ පිඬු කුඩයේ මුතුවැල්ය.


86. පැ හැප ත අහස් ගඟ කලිඳුනි මැදේයා ගමනො ත එසිරිසර පානෙව් න‍ඟඳේයා වන පෙත සුනිල් මුදුනෙන් එක බ‍ඳේයා පිය පත පතරමින්1 ගිය හොත් යෙදේයා

පදාර්ථ පැහැපත අහස් ගඟ. පැහැයෙන් යුතු (බැබළෙන) ආකාශ ගංගාව (මන්දාකිනී නම් සුර ගඟ); කලිඳුනි මැදේයා, කාලින්දි නදිය මැදින්; ගමනොත, ගමන් ගන්නා විට; එසිරිසර පානෙව්, ඒ ශ්රීද සාරය පෙන්වන්නා සේ; න‍ඳේයා, සතුටුව; එක බ‍ඳේයා, ඒකාකාර වූ; සුනිල් වන පෙත මුදුනෙන්, ඉතා නිල්වන් වන පංක්තිය උඩින්; පිය පත පතරමින්, පියා පත් විදහමින්; ගිය හොත් යෙදේයා, ගියොත් මැනවි.

විස්තර පැහැපත: අහස් ගඟ පිරිසිදු නිසා සුදු පැහැයෙන් බබළයි. කලිඳුනි: කලිඳු නී; කාලින්දි නදී. යමුනා ගඟ. කළු පැහැ නිසා කාලින්දි (කලිඳු) නමි. වනය හා සමානයි. නදී අරුත් දෙන ‘නී’ යන්න හ්රසස්වව යෙදෙනුයේ විරිත රැකීම සඳහාය.‍ එක බඳු: එක දිගට ම කැළෑබද හෙයිනි. මැදේයා, න‍ඳේයා ආදිය එළිවැට පිණිසය.

87. නෙකාල යේ ඇසිරූ2 කළ ලොවැස්සන උ දා ල යේ කුළු දී තොස සලස්සන ලොපාල යේ බැඳ3 සිතු නොපසු බස්සන දෙ වා ල යේ ඉඳ යා ගන් සුදස්සන

1. පියපතරතරමින්--අ.ඉ.උ.ක.ග.ප.බ.ර.; පියපතරණරමින්--එ.; පියපත තරමින්--ව. 2. ඇසුරුනු--අ.උ.එ.ක.ර.ව.; ඇසුරුණු--ඉ.ප.බ.; ඇසුරට--ග. 3. බඳ--අ.ඉ.උ.එ.ජ.; බැඳැ--කු.


විවරණ 123 පදාර්ථ නෙකාලයේ, නොයෙක් අවස්ථාවල; ඇසිරූ කළ, ඇසුරු කළා වූ; ලොවැස්සන; ලෝක වාසීන්ට; උදාලයේ, උදාව (බලාපොරොත්තු සඵල වීම) නමැති මැඳුර; කුළු දී, මුදුන් පත් කරවා (කූට ප්රාබප්ත කොට); තොස සලස්සන, සතුට සලසන්නා වූ; ලොපාලයේ, ප්රපජා පාලනයෙහි; බැඳි සිතු, බැඳුණු සිත; නොපසු බස්සන, පසු නොබස්සන; සුදස්සන දේවාලයේ ඉඳ, සුදර්ශන නම් දේවාලයෙහි නතරව සිට; යා ගන්, පිටත් වන්න.

විස්තර උදාලයේ: උදාව, සඵලත්වය නමැති ආලයෙහි, මැඳුරෙහි. ආලය නම් නිවාස ස්ථානයයි. කුළු දී: බලාපොරොත්තුව ඉටු කර දීම මැඳුරක මුදුන් වැඩ අවසන් කිරීම හා සමානය. කූටය නම් යමක මුදුනයි. ගෙයක මුදුන් වහළයි. අනෙක් තේරුම කුළු ගැන්වීම හෙවත් සාර්ථක කර දීමයි. ලොපාලයේ: ලෝක පාලනයෙහි. දෙවියන් ලොව පාලනය කරන බැවින් සතර වරම් දෙවිවරුන් ලෝක පාල නමි. සුදස්සන දේවාලයේ: සුදස්සන නම් දෙවි කෙනෙකුන් සඳහා තැනුණු දේවාලයක් පානදුරයට ළංව පිහිටා තිබිණ. දේශීය දෙවියකු විය හැකිය. සකුවේ (මහා භාරතයේ) සුදර්ශන නම ශිවට ද යෙදිණ. අග්නි දේවතාවාගේ පුත්රයයා ද සුදර්ශනය. විෂ්ණුගේ චක්රාහයුධය ද ඒ නමි. පරෙවියෙහි ද, “යැද සුදසුන් දෙවිඳු ද යා ගන් සබඳ” යි යෙදිණ.


88. සොඳුරු තෙනෙන් රැඳි ගන රන් පාණ යුරේ සමඟ1 වරඟනන් මිණි වැනි පාණතුරේ සරන කුසුම් සර2 සරහා බාණ කරේ වඩන මඳක් ඉඳ සැතපී පාණදුරේ


පදාර්ථ ගන රන් පාණ යුරේ, ඝන වූ රන් ගල් වැනි; සොඳුරු තෙනෙන් රැඳි, සුන්දර වූ පියොවුරු රැඳී ඇති; පාණතුරේ, පාෂාණ අතර; මිණි වැනි, මාණික්යව හා සමාන; වරඟනන් සමඟ, වරංගනාවන් (කුල කතුන්) හෝ වාරාංගනාවන් (වෙසඟනන්) හෝ සමඟ; කුසුම් සර, අනංගයා; බාණ කරේ සරහා, (මල්) හී දසරුවෙහි සන්නද්ධ කොට ගෙන; සරන, හැසිරෙන; පාණදුරේ, පානදුරේ නම් ස්ථානයේ; මඳක් ඉඳ, ටික වේලාවක් නතර ව හිඳ; සැතපී, නිඳා හෝ විඩා හැර; වඩන, ගමන් කරන්න. 1. වසමග--අ.උ.ක.ග.ප.බ.ර.ව.; වසව මග--ඉ. 2. සැර--උ.එ.කු.බර.ව.



124 තිසර සන්දේශය

විස්තර පාණතුරේ මිණි වැනි: ජයතිලක “පාෂාණාන්තරයෙහි” යි ද, කුමාරතුංග “පණ තීර්ථයෙක (වෙළෙඳ තොටෙක)... සකුයෙහි පාණ යනු වෙළෙඳාට ද වෙළෙඳාමට ද නමි” යි ද අර්ථ දෙති. මෙහි ‘පහනක් අතර මැණික් සේ දිලිසෙන’ යන අරුත ද ලැබෙන නමුත් පද්යවයේ ‘ණ’ දාන්ත්යද නොවීම බාධාය. වරඟනන්: ජයතිලක, කුමාරතුංග දෙදෙන ම ‘වරාංගනාවන්’ (කුල කතුන්) යි අර්ථ ගනිති. එහෙත් මෙහි දී වාරාංගනාවන් (වෙසඟනන්) යන අර්ථය වඩාත් ගැළපේ. කරේ: ‘කර’ යනු අත යන අරුත් ගනී. ව්යවවහාරයේ දී දසරුව, උරය යනඅරුත්හි ද යෙදේ. ඊ තල මිටිය රඳවා ගන්නේ අතෙහි නොව කරේය. පානදුරේ රූමත් සිටින බව පවසන කවියා එහි නැවතී විවේක ගෙන ගමන් අරඹන ලෙස දූතයාට නියම කරයි. මේ වරඟනන්ගේ පියවුරු ගන රන් ගල් වැනිය. එසේ උපමා කර ඇත්තේ පැහැය මෙන් ම උන්නත ස්වභාවය ද දැඩි බව ද සලකා ගෙනය. උමංදාවේ: “...මොළොක් වී නම්, පුරුෂයන් ඈ කෙරෙහි කරන්නා වූ ස්නේහ සුඟක් තනය සේ ම මොළොක් වන්නේය... තන දෙකක්... ස්නේහ වඩනා පරිද්දෙන් ඉතා දැඩිය.” මේ කතුන් සමඟ දසරුවෙහි හී බැඳ ගත් අනංගයා සැරිසරයි. ඉන් අදහස් කෙරෙනුයේ ඔවුන් දුටුවන් ඇද ගැනීමේ සැදී සිටින බවය.


89. ළෙලවමිනි1 තනබර2 පුවළ අළ ගන රන්3 තැඹිලියේ දුහුලැඳ උඩු දණ මඬල ද සිරිසර පාමිනෙළියේ4 ගෙරි නවතමින්5 යනෙන ගොපලු අඟනන්6 තුනු එළියේ7 නෙතු සිතු සනසමින්8 සබඳ නොලසව9 මොරටුව එළියේ

පදාර්ථ ගන රන් තැඹිලියේ පුවළ අළ, ගන රනින් කළ තැඹිලි (ගෙඩි) වල ආඩම්බරය දුරු කළා වූ; තන බර ලෙළවමිනි, පයෝධර භාරයන් ලීලෝපේත කෙරෙමින්; උඩු දණ මඬල ද සිරිසර, උඩු දණ මඬලේ ද ශ්රීළ සාරය; පාමිනෙළියේ, එළියේ පෙන්වමින්; උඩු දුහුලැඳ, දුහුල් වස්ත්රර උඩින් ඇඳ: ගෙරි නවතමින්, ගවයන් නවත්වමින් (=රැක බලා ගනිමින්); යනෙන ගොපලු අඟනන්, යන එන ගොපලු ස්ත්රීින්ගේ; තුනු එළියේ, ශරීර ආලෝකයෙහි (කාන්තියෙහි); නෙතු සිතු සනසමින්, නෙත් සිත් සතුටු කෙරෙමින්; මොරටුව එළියේ, මොරටුව එළිය නම් ගමෙහි; සබඳ, යහළුව; නො ලසව, පමා නොවව. 1. ලෙලවමින්--ඉ‍. 2. තනබාර--ඉ.උ.ක.ග.ප.බ.ර.ව.; තණබාර--අ.; තනබරන්--කු. 3. රන--කු. 4. දුහුලැඳැ ඇදැ උඩ දණ මඬලැ--කු. 5. කවමින්--කු. 6. අඟනන්ගෙ--කු. 7. තුනුනෙලියේ--උ.ක.ප.ර.ව.; තුනුනේලියේ--අ.; තුනු කෙලියේ--ඉ.බ.; තුනු තැළියේ--කු. 8. සලසමින්--ර. 9. නොලගව--ඉ.බ. විවරණ 125 විස්තර පුවළ අළ: ප්රැ-ඌඪ > ප්රෞ.ඪ. ප්රෞතඪත්වය. මනා සේ වැඩුණු බව; ආඩම්බරය; අහංකාරය. අළ < හළ, අත් හැරියා වූ, දුරු කළා වූ. එඩිය දුරු කිරීම නම් පරාජය කිරීමය. මේ ස්ත්රී න්ගේ පියයුරු ගත රන් තැඹිලි පරාජය කරයි. ගන රන් තැඹිලියේ: මේ තැඹිලි එසේ මෙසේ තැඹිලි නොව ගන රන් තැඹිලිය. ගන රන් පැහැය සහ එහි දැඩි බව, මහාර්ඝත්වය, පූර්ණත්වය ආදි ගුණාංග ධ්වනිත කෙරේ. තැඹිලියේ යි යෙදී ඇත්තේ සම්බන්ධාර්ථයෙහිය. උඩු දණමඬල: උඩු දණ මඬල නම් දණ මඬලේ උඩ පෙදෙසයි. ගොපලු අඟනන් උඩු දණ මඬල ද පෙනෙන සේ දුහුල් වස්ත්රේ ඇඳි බව පැවසේ. ගෙරි නවතමින්: ගවයන් නිවර්තනය කිරීම නම් රැක බලා ගැනීමයි. කුමාරතුංග සංස්කරණයෙහි මෙය ‘ගෙරි කවමින්’ යි සකස් ඇත. ගොපලු ලියන්ගේ කාර්යය ගවයන් තණ කැවීම වන නිසාය. සැම අත් පිටපතක ම යෙදෙන ‘නවතමින්’ යන්න වෙනස් කිරීමට හේතු නැත. ඉනුදු ‘කවමින්’, ‘රැක බලා ගනිමින්’ යන අරුත් ගත හැකිය. නිදහසේ තණ කෑමේ දී ගවයන් ඒ මේ අත දුවන නිසා ඔවුන් ‘නැවැත්වීම’ යන අරුත් ද ගත හැකිය. තුනු එළියේ: ශරීර ආලෝකයෙහි. ‘ශරීර කාන්තියෙහි’ යන අර්ථයි. කුමාරතුංග ‘තුනු තැළියේ’ යි එය ශුද්ධ කොට, ‘ශරීර නමැති තටිනියෙහි (නදියෙහි)’ යි අර්ථ දක්වයි. සනසමින්: ‘සතුටු කෙරෙමින්’ යන අර්ථයි. ‘ස්නානය කරමින්’ යන අර්ථය ද ගත හැකිය. මොරටුව එළියේ: තැනිතලා බිම් පෙදෙස එළිය නමි; හාවා එළිය, නුවර එළිය ආදිය උදාහරණයි. මෙය වත්මන් මොරටුවයි. පරෙවි, ගිරා, කොවුල් ස‍ ඳෙස්හි ද එයි. මේ පද්යසයේ මුල් තුන් පාදයේ මාත්රාට 23 බැගින් ඇති අතර සිවු වැන්නේ 24 කි. විරිත රැකීම සඳහා ‘මොරටු එළියේ’ යි සකස් කළ හැකි වුව අත් පිටපත් අනුව ඊට අවසර නැත.‍


90. නේ පා පෙළින් සුලකුළු මැඳුරැති නොමඳ මි පා ලෙසින් බිඟු රැඳි1 ලිය නිල2 පබඳ මා පා පටන් වැද තුරු රැව් සවන් නඳ3 තා පා සනසමින් යා ගන් මඳක් ඉඳ4

1. රැව්--ජ. 2. ගි--ජ. 3. මීපා ලෙසින් බිඟු රැඳි දිලි ලිය ළමැද--කු. 4. සවනිනද--අ.ක.ග.බ.ර.ව.


126 තිසර සන්දේශය

පදාර්ථ නේපා පෙළින් සුලකුළු, නොයෙක් ප්රා සාද පංතියෙන් මනාව අලංකාර කරන ලද: නොමඳ මැඳුරැති, බොහෝ මන්දිර අත්තා වූ ද: පබඳ මී පා ලෙසින්, එක දිගට මධු පානය කරන්නන් ආකාරයෙන්: බිඟු රැඳි, මී මැස්සන් රැඳුණා වූ ද: ලිය නිල, කාන්තාවන්ට නිවාස වූ ද: තුරු රැඳි සවන් නඳ, තූර්ය රාව ශ්රදවණයෙන් ආනන්දකර වූ ද, මාපා පටන් වැද, මාපා පටුනට ප්රවවිෂ්ටව; තා පා සනසමින් මඳක් ඉඳ: තොපගේ පාද සන්තර්පණය කෙරෙමින් මඳ වේලාවක් නතර වී: යා ගන්, ගමන් කරන්න.

විස්තර පබඳ මී පා: පබඳ - ප්රනබන්ධයෙන් යනු එක දිගට, අඛණ්ඩව යන අර්ථයි. මී පා - මත් පැන් හෝ මී පැණි පානය කරන්නෝ ය. ලිය නිල: නිල යනු ගෘහය, වාසස්ථානය යන අරුත්හි යෙදේ. කාන්තා වාසස්ථානය. මාපා පටන් : මේ මාපා පටුන මොරටු එළියට නුදුරින් පිහිටි බව පෙනේ. එබැවින් එය මාපා විරබා විසින් කරවනු ලැබූ මාතර පටුන් ගමට (වාණිජ නාවික තීර්ථයට) අමතර වෙනත් මාපා පටුනකි. “මන් තුටු කර නොලගව මාපා පටන” (33) යනුවෙන් තිසරයෙහි ම කලින් සඳහන් වන්නේත්, “මාපා විරබා කරවූ නමින් තමා මාපා පටන් වැද එතැනින් මිතුරුතුමා” (120) යි පරෙවියේ සඳහන් වන්නෙත් ප්ර කට මාතර පටුන ගැනය. මේ මාපා පටුන ගැන අනෙක් තැනක සඳහන් නොවේ. මෙම පද්යපය එක් එක් සංස්කාරකයා විසින් විවිධාකාරයෙන්සකස් කරනු ලැබ විවිධාකාරයෙන් අර්ථ කියවෙන්නක් බව සැලකුව මනාය.

91. ම න ක ල් නිස දිගැස1 පත රිවි මෙණ2 ගෙනැර සු නි ම ල් පැළ සයුරු කරඬුවෙ3 නිදන්4 කර5 ගන බොල්6 තම පියන නොම ලන තුරු පවර පි ටු උ ල් ගමු වදන් සව් ඉසුරෙන්7 නිතොර

පදාර්ථ මනකල් නිස දිගැස, මනොඥ වූ රාත්රිද (නමැති) කාන්තාව: පත රිවි මෙණ ගෙනැර, බැස යන හිරු (නමැති) මැණික රැගෙන; සුනිමල් පැළ සයුරු කරඬුවෙ, ඉතා පිරිසිදු බටහිර සාගර (නමැති) කරඬුවෙහි: නිදන් කර,

1. නිසැදිහස - අ.ක.ග.ප.බ.ර.ට.; නිසැදිගස - ඉංඋං 2. මැණ- කු. 3. කරඩුව - කු. 4. නදන් - එ.කු.ජ. 3 කැර- කු.ජ. 6. අගන බොල් - අ.ඉ.උ.ග.ප.ර.ව. 7. ඉසුරින් - කුං

විවරණ 127

සඟවා තබා: ගන බොල්, ඉතා ඝන වූ: තම පියන, අන්ධකාර (නමැති) පිධානය: නොම ලන තුරු, දමා වැසීමට පෙර: සව් ඉසුරෙන් නිතොර, සියලු සම්පත්තියෙන් තොර නොවූ: පවර පිටුඋල්ගමු වදන, උත්තම පිටුඋල්ගමුවට පිවිසෙන්න.

විස්තර

  ගන බොල්: ඝන සහ බහල යන වචන සමානාර්ථයි. වඩාත් ඝන යන 

අතිශයාර්ථයක් ඉන් ලැබේ. ‘ගන කඩ බොල් පොළොව’ වැනි පාඨ පොත්වල පෙනේ.

 තම පියන නොම ලන තුරු: තම, තමස් - අඳුර, අඳුර නමැති පියන වැසීමට 

පෙර යන අර්ථයි. සම්භාව්ය: සාහිත්ය යේ ‘‍නොයන තුරු’ ‘නොකරන තුරු’ ආදී යෙදුම්වලින් ‍ගැනෙනුයේ මේ අර්ථයයි. රාත්රිදය කාන්තාවකි. හිරු මැණිකකි. පැළ දිගු සයුර කරඬුවකි. අන්ධකාරය ඒ කරඬුවේ පියනය. පැළ දිගු අහසෙහි ඉර බැස යෑම කාන්තාවක විසින් මැණිකක් කරඬුවෙහි දමා වසනු ලැබීමට උපමිතය. එකල්හි අඳුර පැතිරේ. ඊට පෙර පිටුඋල්ගමුවට පිවිසෙන සේ දූතයාට නියම කෙරිණි.

92. අ ද හ ස් ලෙසේ ගමනොත බිසරුවන්හට සිසි රැස්1 දො හොයි යන සැක උපදින ලෙසට තුනුරැස්2 පතුරුවා වැද ඒ ගම් මැදට ගෙසරස්3 විලෙයි4 පිය ලෙන සිය කුලන්හට

පදාර්ථ අදහස්‍ ලෙසේ, සිත් වු පරිදි: ගමනොත, ගමන් ගත්: බිසරුවන්හට, අබිසරු ලියන්හට: සිසිරැස් දො හොයි යන, සඳ එළිය දෝ හෝ යි යනුවෙන්: සැක උපදින ලෙසට, සැක ඇති වන පරිදි: තුනු රැස් පතුරුවා, ශරීර රශ්මිය පතුරුවමින් : ඒ ගම් මැදට වැද, ඒ (පිටුඋල්ගමු නම්) ගම මැදට ඇතුළුව: සිය කුලන් හට, ස්වකීය (හංස) කුලවතුන් හට: පිය ලෙන ගෙ සරස් විලෙයි, ප්රිඅය ආරක්ෂා ස්ථාන වූ ගෙමිදු‍ල්හි පොකුණුවල (මතු සම්බන්ධයි).

විස්තර ගමනොත: ගමන් + ඔත - ගමනට බට. ඔත - ඕ - බැහුම්හි ධාතු ප්රබකෘතියේ අතීත කෘදන්තයයි. බිසරුවන් : අභිසාරිකාවන්, නියමිත තැන්වලට රාත්රිත ගමන් කරන වෙසඟනෝ අබිසරුවෝය. මෙරට අබිසරු ලියෝ නොසිටියහ. කවි සමයේ අවසරයෙන් ඔවුහු සාහිත්යසයට පිවිසෙති. 1 සිසි රස් - කු.ජ. 2. තුනු රස් - කු.ජ. 3. ගොසරස් - අ.ඉ.උ.ක. ; ගෙසරැස් - එ. බි. 4. විලෙහි - අ.ඉ.උ.ග.ප.බ.ම.ර.ව. 128 තිසර සන්දේශය සිසි රැස් දො හොයි: සඳ රැස් සමාන වන්නේ හංසයාගේ පැතිරෙන සුදු පැහැයටයි. පිය ලෙන : නිරවුල් යෙදුමක් නොවේ. අරුත් පැහැදිලි නැත. ‘ලෙන’ යන්නට ආරක්ෂා ස්ථානයට යන අර්ථ දී ඇත. හංසයාගේ ආරක්ෂා ස්ථානය නම් විලය. මයූරයෙහි: (34) “නරණ ලියෙව් පියලන පිය ලියන් රැඳු” – ‘ගමන්කරන’ අර්ථයි. ගෙසරස් විලෙයි : ගෙමිදුල්හි තැනූ දිගුවිල්. පොකුණු. සරස් - විල් ඒකාර්ථවත් පදය, “සදත් දහතළා නම් විලෙහි” (අමාවතුර) උදාහරණයි. සිය කුලන් : තම කුලයේ වූවන් - හංසයන්.


93. වරා ගිමන් ගමනිනි බඳ නිබඳයෙනා1 සරා වලා2 යුග ළඟ වනු සෙ පවනිනා4 නුරා සිතැති තිසරඟනක ළඟ3 වෙමිනා පුරා තමන දොළ ලගු එහි තැනෙක මා

පදාර්ථ නිබඳයෙනා ගමනිනි බඳ ගිමන් වරා, නොකඩවා යන ගමන නිසා ඇති වූ ශරීර ග්රිගෂ්මය වළකා: පවනිනා, සුළඟට පා වී ආවා වූ: සරා වලා යුග, සරත් සෘතුවේ වලාකුළු යුග්මයක්: ළඟ වනු සෙ, ළං වන්නා සේ: නුරා සිතැති, අනුරාග සිත් ඇති, තිසරඟනක, හංස ධේනුවක හා: ළඟ වෙමින්, එකතු වෙමින්; තමන් දොළ පුරා, තොපගේ සිතේ ආශාව ඉෂ්ට කර ගෙන; එහි මනා තැනෙක ලගු, එහි යහපත් ස්ථානයක ලගින්න. විස්තර ගමනිනි බඳ ගිමන්: ගමනින් වූ ඇ‍ඟේ ගිමන. බඳ නම් ශරීරයයි. පවනිනා: < පවනින් + ආ යුග ළඟ වනු සෙ: යුගළයක් ළං වන ලෙස. ජයතිලක “යුවළඟ වනු ‍ෙස - යුග්මයක්හුගේ (ශෝභාව) ප්රෙකාශ කරන්නාක් මෙන්” යි ද කුමාරතුංග “යුග ලඟ වනු සෙ - යුගමයක් ලග්න වන්නා සේ” යි ද ගෙන අර්ථ දක්වති. නූරා : අනුරාග ප්රේ මය හා ඉන් ඇති වන ප්රාතික්රිනයා නුරාය. සුළඟින් පා වී ආ සරත් කල (සුදු පැහැති) වලාකුළු දෙකක් එකට එකතු වීම ස්වාභාවිකය. දිගු ගමනක යෙදීම නිසා විඩාපත් හංසයාට හසඟනක හා එකතු වෙමින් සිත්හි මන දොළ පුරවා ගෙන සුදුසු තැනෙක ලගින් සේ නියම කෙරිණ. හංසයාට පැවරුණ දිග ගමනේ දී මීට පෙර නම් රැ බෝ වූ කල ඌ නවාතැන් ගත්තේ විහාරස්ථානවලය. පිටිඋල්ගමුවේ දී ඒ සිරිත වෙනස් කර, හංසයාට විලක නවාතැන් 1. නිබදයෙන - අ.ඉ.උ.එ.ක.ග.ප.බ.ර.ව. සෑම පුස්කොළ. පිටපතක ම මෙම පද්යුයේ දක්නට ලැබෙනුයේ ‘න’ අන්න එළිසමයයි. 2. වල - අ.ඉ.උ.එ.ක.ග.ප.බ.ර.ව. 3. සුග ලඟ- අ.ඉ.උ.එ.ක.ග.ප.ර.ව.: යුග ලඟ - කු: යුවළඟ-ජ. 4. පවනිනෙන - අ.ඉ.උ.ක.ග.ප.බ.ර.ව.

විවරණ 129 දෙනුයේ රෑ දවස හසඟනක හා ගත කිරීමට ඒ සුදුසු ස්ථානයක් සේ සලකන ලද නිසා විය හැකිය.


94. නි සා උරග1 ලිය පලවමිනි දුරු2 දෙසේ ර සා3 පිලිදු4 විදමින් පෙර ගිරිඳු හිසේ තොසා දිනිඳු මොනරිඳු සදිසි එවිගසේ ල සා නොවි ඉන් යා ගන්න මඟ බැසේ පදාර්ථ නිසා උරග ලිය, රාත්රිසය නමැති සර්ප ධෙනුව: දුරු දෙසේ පලවමිනි, ඈත පෙදෙසකට එලවා දමමින්: පෙර ගිරිඳු හිසේ. නැ‍ඟෙනහිරි දිශා නමැති පර්වත රාජයාගේ මුදුනෙන්: රසා පිලිදු විදමින්, රශ්මි නමැති පිල් ද විදහා: දිනිඳු මොනරිඳු සදිසි. හිරු නමැති මයූරේන්ද්ර්යා හා සමාන (ව පෙනුණා වු) : එවිගසේ, ඒ ‍මොහොතෙහි: ලසා නොවි, ප්රෙම‍ාද නොවි: මඟ බැසේ. මඟට බැස, ඉන් යා ගන්න, එයින් පිටත් වන්න.

විස්තර පෙර ගිරිඳු හිස : පූර්ව දිශා නැමැති පර්වත රාජයාගේ මුදුන. ගිරි + ඉඳු> ගිරිඳු. ඉර පෙරදිගින් උදා වීම ඒ දි‍ශාවේ ලොකු කන්දක මුදුනෙන් පැමිණිමක් ලෙස භාරතිය කවිසමය සලකයි. රාත්රිිය සර්ප ධේනුවකි. රාත්රිොය දුරු ‍කොට පැමිණි සූර්යයා නම් සර්ප ධේනුව පලවා හරිමින් පැමිණි මොනරිඳුය. හිරු රැස් නම් මොනර පිල්ය. මෙබඳු වූ හිරු නමැති මොනරා උදය පර්වත මුදුනෙහි පෙනෙන මොහොතේ නොපමාව මඟ බැස යෑමට කීමෙන් අදහස් ‍වනුයේ ඉර පායන වේලාවට ගමන් ඇරඹීය යුතු බවය. මීට ඉහත පද්යුයෙන් හංසයාට නියම වූයේ හංස ධේනුවක හා රමණය කරමින් රාත්රිතය ගත කරන ලෙසය. දැන් ඒ රාත්රි ය දුරු කළ මනා සර්ප ධේනුවකට උපමිතය. හංසයාට නම් එසේ නොහැ‍ඟෙනු ඇත! පමා නොවී යාමට කීවේ එහෙයිනි


95. කෙරෙමින් තුඩඩ5 අතු පත්6 සල සලාය බු දි මි න්7 සොඳුරු නව8 පලු පුල පුලාය මු ව කැ න් යනෙන වන පෙත බල බලාය යා ග න් මිතුර මඟ බැස දුල දුලාය

පදාර්ථ තුඩඩ කෙරෙමින්, තුඩ අඩවන් කරමින් (පහතට ලමින්): අතු පත් සල සලාය, අතු හා පත්ර සොලවිමින් ද: පුල පුලාය, පුල පුලා: සොඳුරු 1. උරඟ - ග.ප.බ.ර.ව 2. පලවමිනිඳුරු -ජ 3. සරා - ක.ග.බ.ර.ව. 4. පිලුදු - කු, 5. තුඩු - කු: තුඩු - එ.ජ. 6. අතු පතරැ -කු 7. බිඳිමින් -කුජ 8. වන - අ.ඉ.උ.ක.ග.ප.බ.ර.ව. 130 තිසර සන්දේශය නව පලු බුදිමින්, යහපත් අලුත් ළා දලු කමින් ද: මුව කැන් යනෙන, මුව සමූහයා යන එන: වන පෙත බල බලාය, කැළැ පෙදෙස් බලමින් ද: දුල දුලාය, දිලිසෙමින් ද: මිතුර, මිත්ර ය; මඟ බැස යා ගන්, මඟට බැස යා ගන්න. විස්තර තුඩඩ කෙරෙමින්: තුඩ අඩ කිරීම නම් හොටය මඳක් පහත් කිරීමය. ජයතිලක සංස්කරණයෙහි “කෙරෙමින් තුඩු” යි සකස් කොට “තුණ්ඩ දානය කෙරෙමින්” යි අර්ථ දී ඇති අතර, කුමාරතුංග “මුව කැන් අතු පතරැ තුඩු කෙරෙමින්” යි අන්වය ගෙන “තුණ්ඩය (මුඛය) කෙරෙමින්” යි අර්ථ දෙයි. සියලු අත් පොත්වල “තුඩඩ” යි යෙදෙන හෙයින් ද අර්ථයට බාධාවක් නොවන හෙයින් ද එය වෙනස් කිරීමට හේතු නැත. මුව කැන්: ‘කැන්’ සමූහාර්ථයි. ‘මුව’ (මෘග) යන්නෙන් ‘මුව වර්ගයේ සත්ව සමූහයා’ යන අර්ථ‍ මෙන් ම වන සත්ව හෙවත් තිරිසන් සත්ව සමූහයා’ යන අර්ථ ද ගත හැකිය. සතර පදයේ ම අග ‘සලාය’ ‘පුලාය’ ආදි වසයෙන් ය කාරය යෙදී ඇත්තේ ඡන්දස් පිරවීම සඳහාය.


96. ඔල ඔන තුනුවඟින් තුඟු පුන්1 පියවුරෙන2 පොල ඹන දුටු මතින් දන මන නුවන් ගෙන වි ස ඹ3 රස හසළ අඟනන් නි‍තොර වන කොළඹ ද දැක යන්4 නන් සිරි නිවෙස් වන

පදාර්ථ තුනුවගින් ඔලඹන, සිහින් ශරීරයෙන් උසුලන: තුඟු පුන් පියවුරෙන, උස් වූ පුර්ණ පයෝධරයන්: දුටු මතින්. දුටුවා වූ පමණකින්: දන මන නුවන් ගෙන පොළඹන, ජනයාගේ සිත් හා නෙත් ඇද ගෙන පොළඹවන්නා වූ: වියඹ රස හසළ, රති රස (විඳීමෙහි) පළපුරුදු: අඟනන් නිතොර වන, කාන්තාවන්ගෙන් තොර නොවූ: නන් සිරි නිවෙස් වන, නොයෙක් ශ්රීන සම්පත්වලට වාසස්ථාන වූ, කොළඹ ද දැක යන්. කොළොම් තොට ද දැක ගමන් කරන්න.

විස්තර තුනුවකින්: තුනු+අඟ +ඉන්: තුනු - තුනී සිහින් යන අරුති, අංග නම් ශරීරයයි. ඔලඔන: එල්ලීම, ඉසිලීම හෙවත් දැරීම යන අර්ථ දෙක ම ගත හැකිය. එහෙත් මෙතන්හි දෙවන අරුත වඩා ගැළපේ. සිහින් ඇඟ හා තුඟු පුන් පියයුරු කාන්තා ලාවණ්යායට හේතුය. වියඹ රස හසළ: විශ්රැම්භ රසය, රති සැප, කම් සැප විඳීම, හසළ < ආවරීත. මනා පරිවය ඇති. පුරුදු.

1.පින් - එ.කු.ජ: දුන් - ඉ : පන් - ක. 2. පියොවුරෙන - කු.ජ 3. පියඹ - අ.ඉ.උ.ක.ග.ප. බ.ර.ව. 4. යන්න - එ.ජ.: යන්නැ-කු.

විවරණ 131 කොළොම් තොට හෙවත් කොළොම්පුරය ගැන කෙරෙන වර්ණනයික. එහි විශේෂත්වය නම්, සිහින් සිරුරින් හා තුගු පුන් පියවුරින් සැදි. රති සැප පුරුදු කතුන් සිටීම සහ නොයෙක් ශ්රී් සම්පත්තියට වාසස්ථාන විමයි.

97. ත ව ස ර වර ඇර1 සෙසු දන වන සුමුව දි ව ස ර අයුරු ලිය රතදර ළපලුමුව2 අ ව ස ර නොව ඇවිදින නිති සලෙළු මුව මුව දොර දැක යව ගෙවමින් වන ගොමුව3

පදාර්ථ තවසරවර ඇර. තාපසවරුන් හැර: සෙසු දන, අනෙක් ජනයා: සුමුව වන, සතුටු වන්නා වූ: දිවසර අයුරු ලිය, දිව්යන අප්සරාවන් වැනි කාන්තාවන්ගේ: රතදර ළපලුමුව,රතු පාට තොල් නමැති ළා දලුවලට මුව දිගු කොට: සලෙළු මුව, සල්ලාල තරුණයන් නමැති මුවන්: අවසර නොව නිති ඇවිදින, ඉඩ නොතබා සෑම විට ම ඇවිදිමින් සිටින: මුවදොර දැක, (කොළඹ) මෝදර බාලා: වන ගොමුව ගෙවමින් වන පෙදෙස ඉක්මවමින්: යව, යන්න,

විස්තර තවසරවර: තපස්විවරයන්. ‘වර’ යෙදීමෙන් තවුසන් අතර ද දැඩිව තපස් කරන්නන් ගම්ය:මානය. නැතහොත් මෙයින් ගෞරවාර්ථය හැඟවේ. සුමුව වන: සතුටු වන සුමුඛ - දුර්මුඛ යනු සිංහලයෙහි සුමුව - දුමුව යි යෙදේ. රතදර ළපලුමුව: රත් + අදර: ළපලු + උමුව. රක්තාධර, රතු පැහැති තොල්. ළපලු නම් ළා දලුය. පල්ලව යනු සිංහලයෙහි පලු වේ. රතු තොල් ළා දලුවලට උපමා කෙරේ. උමුව: උන්මුඛව, එදෙසට ම මුහුණ යොමු කොට, උඩුකුරු කොට යන අර්ථයි. සලෙළු මුව: ක්රී ඩාශීලි තරුණයෝ ‍සලෙළු (සල්ලාල) ය. මුවන් ළා දලු දෙසට මුහුණ යොමු ‍කොට ඇවිදිනා සේ සලෙළුවෝ රූමත් කතුන්ගේ රතු තොලු දෙස ම බලා බලා ඇවිදිති. මුවදොර වන ගොමුව: වත්මන් කොළඹ මෝදර පෙදෙසයි. මෝදර පසු කරත් ම එදා වන කඩක් පසු කිරීමට ද සිදු වන බව කියවිණ.

98. සමත් සටන බළ මුළු රැඳි පෙර පටන නිවන් රටන රැකුමට සුරතුරු වටන නුමුත් තුටන ළධ සොඳ4 ලිය නරඟටන අලුත් පටන දැක යව5 සිරි සුපිහිටන

1. ඇරැ - ජ.: හැරැ - කු. 2. පලු ළමුව - එ.ජ. 3. සොමුව - ඉ.උ.ක.ග.බ.ර.ව.: යොමුව - ප. 4. සෙද - අ.ඉ.උ.ක.ග.ප.බ.ර.ව. 5. යා- එ.කු.ජ. 132 තිසර සන්දේශය පදාර්ථ සටන සමත් බළ මුළු, යුද්ධයෙහි දක්ෂ හට සමූහයා: පෙර පටන රැඳි, පූර්වයෙහි සිට රැඳී සිටින්නා වූ ද: නිවත් රටන රැකුමට නිර්ධන රටවාසින් රැකීම සඳහා: සුරතුරු වටන, කප්රුක් තරම් වටනා වු ද, නරඟටන, අනංගයාගේ හැසිරීම (නිස) : නුමුත් තුටන, සතුටින් අඩුවක් නැති: ළද සොඳ ලිය, තරුණ සුන්දර කාන්තාවන් (සිටින්නා වූ ද) : සිරි සුපිහිටන, ශ්රී සම්පත් මැනවින් දරා සිටින්නා වු ද: අලුත් පටන දැක යව, අලුත් පටන (නම් ස්ථානය) දැක යන්න. විස්තර නිවත් රටන: දිළිඳු රට වැසියන්. නි + වත්. වස්තුව නැති. අවිය සමස්, රටන : රටුන්, රටවැසියන්. නරඟටන: නරඟ + අටන. නරඟ < නිරංග, අනංගයා සිංහලයේ නරඟ, අනඟ, ආදි වශයෙන් යෙදෙනුයේ ඇඟක් නැත්තා යන අරුත් බලා ගෙනය. අටන නම් හැසිරීමයි. ‘යුද්ධය’යන අර්ථ ද අටන යන්නෙන් ගත හැකි වෙතත් එය මෙතැනට නොගැළපේ. ‘දේශාටන’ යනුත්

  සලකන්න. 

අලුත් පටන: වත්තල අසල වූ අභිනව නැව් තොටකි යි අනුමාන කළ හැකිය. හංස සන්දේශයෙහි “කොළඹ විසල් වත්තල් පුතතුරුවෙනි” (79) යන පද්යට පාදය අනුව වත්තල ප්ර දේශයේ පුතතුරුව නමින් සඳහන් කෙරෙනුයේ මේ අලුත් පටන විය හැකිය.

99. මුනි සරණග මිණින1 - සොබමන් සමන්2 ගිරිරද3

තමනට4 නඳුන් දු5 තනතුරට එළඹුණු6 වැලි පට මෙවුල් දම7 මින් බරණින් සැදුණු

කලණ බැවිනපමණ - කලණ8 නමිනුදු පුවතර9

රසවත් ඇළ කඳුරු පිරිවර ලියන් ඇති දන නෙත් දඟ කරන ගඟ වරඟ‍නගෙ ඉති

රළත ගෙන කොමළ සයුරිඳුගෙ රළ අත තබන සසඟ සිරිලක් ඔකඳින්10 මහත තහත කෙළින කෙළි නව නොහැර උනුනන බලත නිසියා ඉන් ලැසි නොවව ඒ වෙත 1. සරණගමනින් - අ.ඉ.උ.ක.ප.බ.ර.ව: සරණ ගනිමින් - එ.ජ. 2. 0-අ.ඉ.උ.ක.ග.ප.බ.ර.ව. 3. ගිරිරදනු - අ.ඉ.උ.ක.ප.බ.ව.: සිරිරදනු - ර. 4. තමහට - එ.කු.ජ. 5. දුන් - අ.ඉ.උ.ක.ග.ප.බ.ර.ව. 6. එළැඹුණු - කු: එලබුණු -ජ. 7. දම් - කු. 8. 0-ක.ග.ප.බ.ර.ව: කැලණිය - කු. 9. පුවතුරනු- අ.ඉ.එ.ක.ග.ප.ර.ව. පුවතරුනු-බ 10. එකදිව - ක. ඔකදව - ඉ.උ; ඔකදිව - ග ග.ප.බ.ර.ව. විවරණ 133

පදාර්ථ

මුනි සරණග මිණින්, බුදුන්ගේ ශ්රි පාදය නමැති අග්ර මැණික්ය යෙන්: සොබමන් සමන් ගිරි නද, ශෝභමාන වූ සමන්තකූට පර්වත රාජයා (විසින්): තමනට නඳුන්, තමන්හට නන්දනීය වූ : දූ තනතුරට එළඹුණු. දියණියගේ තත්වයට පැමිණියා වූ: වැලිපට මෙවුල් දම, වැලිතලා නමැති මේඛලා දාමයෙන් හා: මින් බරණින් සැදුණු, මාණික්යත හෝ මත්ස්යේ නමැති ආභරණයන්ගෙන් සැරසුණා වූ: කලණ බැවිනපමණ, අප්ර මාණ කල්යාදණ භාවයෙන්: කලණ නමිනුදු පුවතර, කැලණි (කල්යාාණි) නමින් ද ප්ර සිද්ධ වූ. රසවත්. ජලයෙන් යුක්ත වූ හෝ රාග සහිත වූ: ඇළ කඳුරු පිරිවර ලියන් ඇති. ඇළවල් සහ දිය ඇලි නමැති පරිවාර ස්ත්රි:න් ඇති, ඉති, ඉහත කී ආකාරයෙන්: දන නෙත් දඟ කරන, ජනයාගේ ඇස් බැඳ තබන: ගඟ වරඟනගේ, (කැලණි) ගඟ නමැති උත්තම කාන්තාවගේ: කොමළ රළත තබන, සමුද්රලරාජයාගේ රළ නමැති අත අල්ලා ගෙන: සයුරිඳුගෙ රළ අත තබන, සමුද්රාරාජයාගේ රළ නමැති අත්හි තබන් ම: සසභ සිරිලක් මහත ඔකදින්, සංසර්ගයෙහි සැපත ලැබීමේ අධික ප්රී්තියෙන්: උනුනත නොහැර, ඔවුනොවුන්ගේ අත් නොමුදා: තහත කෙළින නව කෙළි, නොකඩවා ක්රිලඩා කරන අභිනව ක්රීනඩා: බලත නිසිය. බලත හොත් හොඳය: ඉන් ඒ වෙත ලැසි නොවව, ඒ හේතුවෙන් ඒ සමීපයෙහි ප්රොමාද නොවන්න.


විස්තර මුනි සරණග මිණින්: මුනි සරණ+ අග මිණින්. සරණ, වරණ, පාදය, මුනි සරණ නම් බුදුන් වහන්සේගේ ශ්රී පාදයයි. සමනොළ පව් මුදුන්හි ඒ පිය සටහනක් පිහිටුවා තිබේ. අග මිණි නම් අග්රි මාණික්ය යයි. සමනොළ පව්ව රජකු නම් ඔහුගේ ඔටුන්න මුදු‍න්හි ඇති මාණික නම් සිරි පා සටහනය. මින් අබරණින්: මින් යනු මත්ස්යි, මාණික්යය යනාදි විවිධාර්ථවත් පදයකි. නුබ මින්’ යනු අහසේ මැණික යන අර්ථයෙහි සූර්යයාට යෙදේ. මෙහි ‘මින්’ යන්නෙන් මත්ස්යස, මාණික්යය යන අර්ථ දෙක ම ගත හැකිය. රසවත්: රස ඇතියේ රසවත්, ජලයට ද රාගයට හෙවත් ශෘංගාර රසටය ද යෙදේ. “එගශ වෙසඟන වැන්න රසවත්” යන කව්සේකර (3. 35) යෙදුම මේ දෙවැනි අරුත්හිය. තහත: නිරන්තරයෙන්, නොකඩවා, සතතයෙන්. නිපාත පදයකි. කැලණි ගඟ මුහුදට වැටෙන මුවදොර පිළිබඳ වර්ණනයකි. කැලණි ගඟ සමන් ගිරි රජුගේ දියණියන් අතර ප්රිපයතම දියණියය. ඒබව “නඳුන් දූ” යන්නෙන් කියවේ. ඒ ගංගා දියණියගේ මෙවුල් දම වැලි තලාය. එය නොයෙක් මාණික්යියන්ගෙන් හෝ මත්ස්යවයන්ගෙන් සැදී සිටි. ඇයට පරිවාර ස්ත්රීනහු ද සිටිති. ඒ කැලණි ඟගට ගලා එන ඇළ කඳුරුය. කැලණි ගඟ නමැති වරඟන ඇගේ රළ

134 තිසර සන්දේශය නමැති අත් ගෙන සමුද්ර රාජයාගේ රළ නමැති අත්හි තබයි. ඒ නම් මේ දෙදෙන හමු වීම හෙවත් සසඟ වීමය. ඒ එක් විමෙන් ඔවුහු ඔකඳ වෙති. එපමණක් නොව, තම තමන්ගේ අත් අල්ලා. ගෙන සිටින ඔවුහු අලුත් අලුත් ක්රීකඩාවන්හි යදෙති.


100. නෙතු නිල් උපුල් ගහණත කුසුම වත් තල වරඟන වොරැඳි සරහන නළල වත් තල නන් දෙසිනොසළ සතහට සෙතට වත්තල බල සහතොසින් සව්සිරිනුදුල වත්තල

පදාර්ථ නෙතු නිල් උපුල්. ඇස් නිල් මානෙල් (වැනි) : ගහණත තල කුසුම වත්, නැහැය කල මලක් වැනි: නළල වත් තල සරහන, නළල වෘත්ත වූ තිලකයෙන් සරසන්නා වූ: වරඟන වොරැඳි, කුලකතුන්ගෙන් විරාජමාන වූ: නන් දෙසිනොසළ සතහට. නොයෙක් දේශවල සිට පැමිණ රැස් වූ ජනයාට: සෙතට, සෙත් පිණිස වු , වත්තල, වස්තු ශාලාවක් (භාණ්ඩාගාරයක් වැනි) වූ: සව්සිරිනුදුල, සියලු සම්පත්තීන් බබළන: වත්තල. වත්තල (නම් ග්රා මය) : සහතොසින් බල, සන්තෝෂයෙන් බලන්න.

විස්තර තල කුසුම වත්: මෙයින් අදහස් වන්නේ තාල වෘක්ෂය නොව තිල ධාන්යා පැළයයි. තල පැළයේ සුදු දිගටි මල කාන්තාවන්ගේ නැහැයට උපමා කෙරේ. “දෙමට තල මල් ලෙස - දිගු තුඟු ගහණ මියුලැස” යි කාව්‍ිුශේඛරයේ (2. 32) ද ඒ උපමාව යෙදේ.

‘වත්’ යන්න මෙහි යෙදි ඇත්තේ සමානාර්ථ ප්ර ත්යඋයක් ලෙසය. “තුරු වත්” (මුවදෙව්දා, 7) “සුරඟනා වත්” (කව්සිළුමින, 4. 6) උදාහරණයි. මේ ප්‍රත්ය,ය අන්ත කොට ඇති පද වෙනස් නොවන බැවින් නිපාත ලෙස සැලකේ. 

නළල වත් තල සරහන : කාන්තාවන්ගේ වත් < වත්ත (පා.) වෘත්ත (සං) නළල වෘත්තාකාර තිලකයෙන් සැරසීම සිරිත විය. “වත්තල නළල තෙසු ලිය ලිය රැඳි නොමඳ” යන කෝකිල සන්දේශ (170) පදයලියයේ ද “වත් තල නළල” යෙදී ඇත්තේ මේ අර්ථයෙනි. සතහට සෙතට වත්තල: වස්තු ශාලා > වත්සල > වත්හල > වත්තල.

   ජනයා හට සෙත් පිණිස වූ වස්තු ශාලවක් හෙවත් භාණ්ඩාගාරයක් වැනි, යන අර්ථයි. කුමාරතුංගයෝ “සමර්ථස්ථාන, වත් පොහොසත්” යන අර්ථ දෙති. 

වත්තල: මෙකල නාවික නගරයක් වූ බවට හංසයෙහි “වත්තල් පුත්තුරු” ආදිය සාධකය.

"https://si.wikibooks.org/w/index.php?title=තිසර_සන්දේශය-විවරණii&oldid=4403" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි