තිසර සන්දේශය-විවරණiv
150. බඳ1 තැන තැන දද ලෙළ දෙන නෙලේයා පත පිළිබිඹු පිළිමිණි කැට තෙලේයා බැස සුර ගඟ සිලිලෙහි සුවිමලේයා තොස2 කෙළනා වැනි සුරසිදු කැළේයා
පදාර්ථ තැන තැන බඳ, තන්හි තන්හි බඳනා ලද: නෙලේයා, ළෙල දෙන, සුළඟීන් සෙලවෙන්නා වු: දද පිළිබිඹු, කොඩිවල ඡායාව: පිළිමිණි කැට තෙලේයා පත, ස්ඵිටික මාණික්යබ කැඩපත් තලයෙහි වැටුණු කල්හි, සුවිමලේයා, ඉතා පිරිසිදු: සුර ගඟ සිලිලෙහි බැස, අහස් ගඟේ ජලයෙහි බැස: සුරසිදු කැළේයා, දේව සහ සිද්ධ සමූහයා: තොස කෙළනා වැනී සන්තෝෂයෙන් ක්රී:ඩා කරන්නා වැනිය.
විස්තර නෙලේයා : නල - ඒ > තලේ > නෙලේ. ස්වර පරරූපයයි. සුළඟ, නෙලේයා මෙන් ම අනෙක් පාදාන්ත ද එළිසමය සඳහා වෙනස් කර ඇත. පිළිමිණි කැට තෙලේයා: ස්ඵටික මාණික්යන. පළිඟු. කැට තෙලේ - කැටපත් තලයෙහි. සුර සිදු කැළේයා: සුර - දේව: සිදු - සිද්ධ. සිද්ධයන් නම් රිසි පරිදි ඉතා සියුම් හෝ මහත් හෝ විය හැකි, ආකාශවාරී දේව කොට්ඨාසයකියි සැලකේ. කැළ - සමූහය. ඒ නගරයේ තැන තැන කොඩි එල්ලා ඇත. එහි ප්රා-සාද, පළිඟු බිත්තිවලින් යුක්තය. කොඩිවල ඡායාව බිත්තිවල පිළිබිඹු වේ. එය දෙවියන් හා සිද්ධයන් අහස් ගඟේ ජලය ද සුදුය. පළිඟු බිත්ති ද සුදුය. ____________________________________________________________ 1. බැද - එ, 2. තො ය-කු.
විවරණ 171
තර පහ අග අඹළ කලදෝ කොතේයා
හර ගිරි හිසින් හුණු සුරගඟ වතේයා
තොර නොව ලෙළෙන රන් දද පල වෙතේයා
සුරඟන එගඟ බැස කෙළිතියි සිතේයා
යන පරෙවි සන්දේශ (16) පද්ය යෙන් ද මේ අදහස ම පැවසේ. පහත දැක්වෙන කව්සිළුමිණි ගීයෙන් ද ඒ අදහස ම නොවෙතත් ඊට සමාන කාව්යෝයක්තියක් පැවසේ:
සුනිල් මිණි වේ බිමැ - පිළිබිඹු බඳ දදසුමු
පෙරළෙත කළිඳු ගඟැ මින් - කැල කෙළි පෑ එපුරවර
(1. 11)
151. සමත ඇදුරු රස පිරි සඳ සක් සුසිරු
අනත බුජඟ ඉසිමින් දිය ගොසිනිතුරු
මහත ගුරුළු ඉසිමින් දිය සපිරු
සතත එපුරවර දලනිදු එක අයුරු
පදාර්ථ සමත ඇදුරු, සමස්ත ආචාර්යවයරයන් ඇති; රස පිරි, රසවලින් පිරුණු; සඳ සක් සුසිරු, ස්ත්රී් සමූහයා විසින් ඇසුරු කරනු ලැබුවා වූ: අනත බුජඟ. බොහෝ සලෙළුන් (ද) ; ඉසිමින්, අප්රරමාණ සෘෂීන් (හා) : දිය ගොසිනිතුරු, ජය ඝෝෂයෙන් උතුරා ගියා: මහත ගුරුළු දද වේ. මහත් වූ ගුරුළු කොඩි (සහිත) වීථී (ද) : මුතු මිණි සපිරු, මුතු මැණික් (ද) පිරුණු; එපුරවර, ඒ උතුම් පුරය: සතන, නිරන්තරයෙන්: දලනිඳු එක අයුරු, සමුද්ර ය හා එකාකාරය. මෙය ශ්ලේෂයකි. ඒ අනුව මුල් පාද තුනට අනෙක් අර්ථ ද දැක්විය හැකිය. සමත ඇඳුරු, හාත්පස පර්වත ඇත්තා වු: රස පිරි, ජලයෙන් පිරුණු: සඳ සක් සුසිරු, චන්ද්ර යා, හක් ගෙඩිය, ශුෂිරය (යන මෙයින් යුක්ත වූ): අනත බුජඟ, අනන්ත නම් නාගයා (වාසය කරන්නා වූ ද) : ඉසි මින්, ඉස්සන්, මාළුන් (හා): දිය ගොසිනිතුරු, ජල ඝෝෂයෙන් ඉතිරි ගියා වූ (ද) : මහත ගුරුළු දද, මහත් වූ ගරුඩ ධ්වජයා (සහිත): වේ මුතු මිණි සපිරු, (රළ) වේග හා මුතු මැණික් ද සම්පූර්ණ වූ: ..... දැතිගම්පුරය මහාසමුද්රුය හා එකාකාරය.
විස්තර සමත ඇදුරු: (නගරයේ) සමර්ථ ආචාර්යවරයෝය. (සාගරයේ) හාත්පස පර්වතයෝය. සමන්ත > සමත, හාත්පස, ඇදුරු < අද්රි්. පර්වත.
1. මේ - කු.
172 තිසර සන්දේශය රස පිරි: ස්ත්රී හු නම් ශෘංගාර ‘රසයෙන් පිරුණෝය. රස ජලයට ද නමි. “මනහර පසක් රස වූ” යන කව්සිළුමිණි (9. 3) ගීයේ ද “රස” යන්න ශ්ලේෂයක් සේ මේ අර්ථ දෙක්හි ම යෙදේ. අනත බුජග: අනන්ත: බුජඟ = භුජංග, සලෙළු, කාමුකයෝ, ධූර්තයෝ, එහි අනෙක් අර්ථය නම් භුජංග යනුය. භුජව භුජයෙන් - භෝග නම් දරණයෙන් බඩ ගා ගමන් කරන නිසා සර්පයාට ඒ නම යෙදේ. විහංග, තුරංග, උරංග මෙනි. මුවදෙව්දාවතෙහි “ගුරුළු දදා ගුරුළු රද” (31) අනත බුජග නම් අනන්ත නාගයාය. ඉසිමින්: අමින් ඉසි > ඉසිමින්. පද පෙරළියි. අප්රඅමාණ සෘෂිවරුන්. ඉසි මින් යන්නෙහි අනෙක් අර්ථය නම් ඉස්සන් සහ මීනයන් (මාලුන්) යනුය. දිය ගොස: ජය ඝෝෂ, ජල ඝෝෂ, ජය ඝෝෂය නගරයේය. ජල ඝෝෂය සාගරයේය. ගුරුළු දද : ගරුඩ රූප සහිත කොඩිවලින් නගර විථි සරසා ඇත. ගුරුළු දද < ගරුඩ ධ්වජ. විෂ්ණු යනු අනෙක් අර්ථයයි. විෂ්ණු ධ්වජයේ ගුරුළු රූපයක් වෙයි. දැතිගම්පුරයත් මහාසාගරයත් එක් සමානය. නගරයේ යම් ශෝභාවක් වේ ද පුරයේ ද එසේ මය. 152. දම් සෙනෙවි සැරියුත් - මුගලන් දෙඅග සව්වන1
පිළිවෙළිනි පැවතෙන2 සදහම් කඳ ඉගෙන යළි එළි කරන මොක්පුර නැණ වැටුපු ගෙන
සිහි යොතිනැද ඉඳුරු - දුවසුන් යොදන සුබ මඟ
තුන් දොස් රෙදෙස3 දුර ලන සියලඟ රැඳුණු සතළිස් සමත4 බවුනඹයෙන්5 නොකැළඹුණු
ස ස ර පියුම් වන බට ගිජිඳුන් අයුර අ ද ර කරන සතහට දෙන වත6 ඉසුර ප ව ර මෙවන් ගුණ යුතු සඟ ගණ නිතොර වෙහෙර7 පතර සැදුණෙය වෙත එපුරවර8 පදාර්ථ දම් සෙනෙවි සැරියුත් මුගලන්, ධර්ම සේනාපති සාරීපුත්ත මොග්ගල්ලාන (යන): දෙඅග සව්වන, අග්ර ශ්රාපවක දෙදෙනාගේ: පිළිවෙළිනි පැවතෙන, පිළිවෙළින් පැවත එන්නා වූ: සදහම් කඳ ඉගෙන, සද්ධර්ම ස්කන්ධය ඉගෙන ගෙන: නැණ වැටුපු ගෙන, නුවණ නමැති පහන් රැගෙන: මොක්පුර යළි එළි කරන. නිවන් පුරය නැවතත් එළි කරන්නා වු:
1. සව්වන් - කු. 2. පැවැතෙන - කු.ජ. 3. රෙදෙය - එ: රදස - කු 4. සම් - කු. 5. බැව් නඹයෙන් -එ. 6. දෙත වත කු.; දනවන -ජ. 7. මෙවර - එ.කු. 8. වෙතෙනෙපුරවර -කු.
විවරණ 173 සිහි යොතිනැද, සිහිය නමැති යොතින් ඇද ගෙන: ඉඳුරු දුවසුන්. ඉන්ද්රි ය නමැති දුර්දාන්ත අශ්වයන්: සුබ මඟ යොදන, යහපත් මාර්ගයෙහි යොමු කරන්නා වූ ද: සියලඟ රැඳුණු, සකල ශරීරයෙහි රැඳී ඇති: තුන් දොස් රෙදෙස, ත්රි:විධ දෝෂ නමැති දුහුවිලි: නොකැළඹුණු, නොකැළඹූණා වූ: සතළිස් සමත බවුනඹයෙන්, සතළිසක් වූ සමථ භාවනා නමැති ජලයෙන්: දුර - ලන, (සෝධා) දුර ලන්නා වූ (ද): සසර පියුම් වන බට, සංසාරය නමැති නෙලුම් වනයට බැස ගත්: ගිජිඳුන් අයුර. ඇත් රජුන් වැනි වූ (ද): අදර කරන සතහට, ආදරය කරන්නා වූ සත්වයාහාට: වන ඉසුර දෙන, වස්තු සහ අධිපතිභාවය දෙන්නා වූ (ද) : මෙවන් පවර ගුණ යුතු, මේ ආකාර උතුම් ගුණයෙන් යුක්ත වූ ද; සඟ ගණ නිතොර, සංඝ සමූහයාගෙන් තොර නොවූ: පතර වෙහෙර, ප්රිසිද්ධ විහාරය: එපුරවර වෙත සැදුණෙය, ඒ පුරවරය අසල සැදුණේය.
විස්තර නැණ වැටුපු: ඥාන නමැති ප්ර්දීප. නුවණ නමැති පහන්, වැටුප්. වැටුපු යන රූප දෙක ම ප්රුදීපාර්ථයෙහි යෙදේ. ඉඳුරු දුවසුන්: ඉන්ද්රිදය < ඉඳුරු. දු - අසුන් < දු - ව් - අසුන්, නරක අශ්වයන්. අදාන්ත හෙවත් නොදැමුණු අශ්වයන් යන අර්ථ ද ගැනේ. ඉන්ද්රිදයයයන් පාලනය කර ගත නොහැකිව ඔබ මොබ යනුයේ දිවෙන අසුන් මෙනි. දීලිප රජු ෂඩ් ඉන්ද්රිමය අසුන් දිනු අයුරු කුමාරදාස ජානකීහරණයේ කියයි. “ජිගිෂූරභ්යයස්ත සමස්ත ශාස්ත්රු ඥානොපරුද්ධෙ’න්ද්රි යවාජිවෙග:”
(1. 14)
තුන් දොස් රෙදෙස: රාග ද්වේෂ මෝහ යන තුන් දොස් නමැති රජස, ධූලිය. රජස් > රජස > රදස. එය ම රෙදෙස වේ. ගිරා සන්දේශයේ 17,202 පද්ය වල ‘රෙදෙසින්’ යි යෙදේ. තුන් දොස් කයට දුහුවිල්ලකි. සතළිස් සමත බවුනඹයෙන් : සමථ භාවනා ක්රිම සතළිසකි. දස කසිණ, දස අසූහ, දස අනුස්සති, සතර බ්රයහ්මවිහාර, සතර ආරුප්ප, ආහාර පටික්කුල, සඤ්ඤා, ධාතු වවත්ථාන යන සතළිසයි. මෙයට අනිත්යා, දුංඛ, අනාත්ම යන විදර්ශණා භාවනා අයත් නොවේ. බවුනඹයෙන් < බවුන් - අඹ - එන්. අඹ නම් ජලයයි. ශරීරයෙහි ඇති තුන් දොස් සමැති රජස් දුරු වනුයේ මේ සතළිස් සමත බවුන් (සමසතළිස් කමටහන් නමැති ජලයෙන් සෝදා හැරීමෙනි.) වත ඉසුරු: වත < වස්තු. ඉසුරු < ඓශ්වර්යය, අධිපති බව යන අර්ථවල යෙදේ. ‘වත ඉසුරු’ යන තන්හි වස්තුව හා අධිපතිබව යන අර්ථ ගැළපේ. 153 වැනි පදයවත යේ යෙදෙන “සිරිලක ඉසුරු උසුලන” යන පාඨය බලන්න.
174 තිසර සන්දේශය දැතිගම්පුර සමීපයෙහි වූ විහාරයත්. එහි වෙසෙන මහා සංඝයාත් පිළිබඳ වර්ණනයකි. 153. පිවිතුරු තුනුරුවන් - ගුණ සිය මුදුන් මිණි කළ
තෙ තිස් විදි අදිකරණ1 අතැඹුල සෙ2 දත3 සතොස් සතඟ යුතු රජ රැකුමෙහි සමත
සොබමන් තුන් බෙලෙන් - සිරිලක ඉසුරු උසුලන
විකුමෙන් යුතු උතුම් තෙවිකුම් සෙ එඩි වැඩි සම දන් දඬු බෙයින්4 රුදු විරුදු මන් මැඩි
ලෙවන් රැකුම පොහොසත් සගුණෙන් නිතොර රු වි න් ඉසුරු5 පන්සර6 දෙවිසෙනෙවියුර7 සි රි න් වෙසෙස් වෙසවුණු සිරි ගත නොහැර මෙවන් නමැති මැති ගණ වැජඹෙත් එපුර
පදාර්ථ පිවිතුරු තුනුරුවන් ගුණ, පවිත්රව වූ තෙරුවන් ගුණය: සිය මුදුන් මිණි කළ, තම වූඩාමාණික්යනය කළා වූ: තෙතිස් විදි, තිස් තුන් ක්රවමයක: අදිකරණ, අධිකරණය: අතැඹුල සෙ දත, අතෙහි තුබු නෙල්ලි ගෙඩියක් මෙන් (ඉතා නිවැරදිව) දත්තා වූ: සතඟ යුතු රජ, සප්තාංගයෙන් යුක්ත රාජ්යසය: සතොස් රැකුමෙහි සමත, සන්තෝෂයෙන් ආරක්ෂා කිරීමෙහි සමර්ථ: සොබොමන් තුන් බෙලෙන්, ශෝභමාන වූ ත්රියවිධ බලයෙන්: සිරිලක ඉසුරු, ශ්රීි ලංකාවේ ආධිපත්යෙය; උසුලන, දරන්නා වූ: උතුම් තෙවිකුම් සෙ, උත්තම ත්රිුවික්රසමයා (= විෂ්ණු) සේ: එඩි වැඩි, එඩිතර භාවයෙන් වැඩී ගිය: විකුමෙන් යුතු, වික්ර මයෙන් යුක්ත වූ: සමදන් දඬු බෙයින්, සාමය - දානය - දණ්ඩය -භෙදය (යන සතර සංග්ර:හයෙන්): රුදු විරුදු මන් මැඩි, දරුණු සතුරන්ගේ මානය මර්දනය කළ: සගුණෙන්. ෂඩ් ගුණයෙන්: ලෙවන් රැකුම, ලෝකයා රැකීමෙහි: නිතොර පොහොසත්, නිරන්තරයෙන් සමත් වූ: රුවින්. රූපයෙන්: ඉසුරු පන්සර දෙවිසෙනෙවියුර, ඊශ්වර, අනංග, ස්කන්ධ ආකාර වූ: සිරින් වෙසෙස්, ධන සම්පත්වලින් විශිෂ්ට වූ: වෙසවුණු සිරි, වෛශ්රධවණගේ ස්වභාව: නොහැර ගත, අඩු නැතිව ගත්තා වූ: මෙවන් නමැති, මේ ආකාර නාමධාරී මැති ගණ, මන්ත්රිෂ සමූහයා: එපුර වැජඹෙත්, ඒ නගරයෙහි වැජඹෙති. විස්තර මුදුන් මිණි කළ: මුදුන් නම් හිසය. මුදුන් මිණි නම් හිස මුදුනේ පළඳින මාණික්යමයයි. වූඩා මාණික්යෙය > සිළුමිණ, හිසෙහි පළඳින මැණික.
1. අදියරණ විදි - ජ. 2. අතමුළු සෙ - එ. 3. දැන - ඒ. 4. සවදන් වූ වෙයින් - කු. : සමදන් : දඹු මෙයින් -එ. 5. ඉසුර - එ. 6. පන්සැර - ජ. 7. සෙව්නෙයුර - කු. විවරණ 175 තෙරුවන් සිය මුදුන් මිණි කිරීම නම්, බුද්ධ, ධම්ම, සංඝ යන ත්රි විධ රත්නය ස්වකීය මස්තකයේ දරා ගැනීම හෙවත් පැළඳීමයි. තෙතිස් අදිකරණ විදි: සිංහල නඩු විසඳීම් ක්ර මයේ අංග තිස් තුනක් තීබූ බව මින් කියවේ. පුරාණ ලංකාවේ, විශේෂයෙන් ගම්පොළ යුගයේ පැවති රාජ නීති ග්රවන්ථ හා සමුප්රවදාය අද නොමැති හෙයින් විස්තර ලබා ගත නොහැකිය. දඹදිව ද මෙහි ද පැවති බව සැලකෙන දෙතිස් වධ මෙයින් අන්යහය. අතැඹුල: අත - ඇඹුල > අතැඹුල, හස්තාමලක. අත්හි වූ නෙල්ලි ගෙඩිය හෝ එනම් මැණික. නෙල්ලි ගෙඩිය ප්ර මාණයෙන් කුඩාය. අත්ලෙහි තබා ගත් කල්හි එහි සියලු තතු නිසැකව දත හැකිය. යමක් අතැඹුල සේ දන්නා බව කීම සාම්ප්රිදායිකය. සතඟ යුතු රජ: සප්ත - අංග > සත් - අග > සතඟ. රාජ්යෙයක තුබුව මනා අංග සත. ඒ සත අභිධානප්පදීපීකාවා අනුව මෙසේය: 1. ස්වාමි, 2. අමාත්යජ, 3. මිත්රු, 4. කෝෂ (වස්තුව), 5. දුර්ග, 6. විජිත, 7. බල යන සතය. තුන් බෙලෙන් : බල - එන් > බෙලෙන්. ත්රිෙවිධ ශක්ති කරණ කොට ගෙන, පාලන ශක්තියට හේතු වන ත්රිලවිධ ශක්ති වූ කලි ප්රනභාව. උත්සාහ, මන්ත්රනණ යනුයි. තෙවිකුම්: ත්රිිවික්ර ම, විෂ්ණුට නමකි. පූර්වයෙහි මහා බ්ර්හ්මයාගෙන් වර ලත් බලි නමැති අසූරයෙක් තුන් ලොව ජය ගත්තේය. දුකට පත් දෙවියෝ තමන් ඒ ව්යනසනයෙන් මුදා ගැනීමේ කාර්යය විෂ්ණුට පැවරූහ. විෂ්ණු වාමන වෙසක් ගෙන බලි අසුරයා දක්නට ගොස්, වරයක් ඉල්වීය. ඒ අනුව පියවර තුනක වරයක් ලබා ගත් ඒ වාමන, නාරයණ වෙස් ගෙන එක් පියවරකින් ස්වර්ගයත්. දෙවෙනි පියවරෙන් මිනිස්, ලොවත්. තුන් වැන්නෙන් බලි අසුරයාත් වසා ඔහු පාතාලයට නෙරපිය. මේ ආකාරයෙන් බලි පරාජය කිරීම නිසා විෂ්ණු ත්රිලවීක්රයම නම් වීය. “ලෙස තෙවිකුම් රුපු නොතැකුම් විකුම් කොට” යි මයූර සන්දේශයේ (51) ද, මේ සිද්ධිය සඳහන් කෙරේ. සම දන් දඬු බෙයින්: සාම, දාන, දණ්ඩ, භේද යන කරුණු සතරෙන්, මේ සතර වත් රාජ ධර්මයි. සාමා, දාන, භේද, දණ්ඩ යන අනුපිළිවෙළ මෙහි වෙනස් වී ඇත්තේ විරිත රැකීම සඳහා විය හැකිය. කුමාරතුංග සංස්කරණයෙහි “සවදන් වූ වෙයින්” යි සකස් කොට ‘වේගයෙන් ෂඩ්වදනයා (ස්කන්ධයා) වූ” යි අර්ථ දී ඇත. අත් පිටපත් අනුව එසේ වෙනස් කිරීමට හේතු නැත. සගුණෙන්: පාලන ගුණ සයෙන්, ඒ සය නම් 1. සන්ධි, 2. විග්රිහ, 3. යාන, 4. ආසන, 5. ද්වේධ, 6. ආශ්ර1ය, යනුයි. බලවත් සතුරා හා මිත්ර, වීම සන්ධිය. දුර්වලයා හා සටන් කිරීම විශ්රදහය. තමන් සිටින ස්ථානය යුද්ධය සඳහා නුසුදුසු කල්හි ඉදිරියට යෑම යානය.
176 තිසර සන්දේශය
සිටින තැන ආරක්ෂිත නම් සතුරා එන තුරු නැවතීම ආසනය. තමන්ට
වැඩ ඇති කල සංග්ර හ කිරීම සහ වැඩ නැති කල නිග්ර හ කිරීම ද්වෙධයයි. එකකු පරාජය කිරීම සඳහා අනිකකු හා මිතු වීම ආශ්රකයයි.
ඉසුරු පන්සර දෙවිසෙනෙවියුර: ඉසුරු නම් ඊශ්වරය. පන්සර නම් යට හෙවත්
ඊ පහක් ඇත්තාය. එනම් අරවින්ද (නෙලුම්), හෝපලු (අශෝක), වුත (මී අඹ), ඉද්ද, නිල් උපුල් යන මල් හී පහයි. දෙවිසෙනෙවි - දේවසේනාපති නම් ස්කන්ධ හෙවත් කඳකුමරුය.
දෙවිසෙනෙවියුර යන කොටස කුමාරතුංග සංස්කරණයෙහි “දෙවිසෙවිනෙයුර” යි සකසා “දේවයා විසින් අනේකාකාරයෙන් සේවන වූ” යි අර්ථ දැක්වේ.
මෙවන් නමැති: මේ ආකාර නම් ඇත්තා වූ හෙවත් විශේෂණ දැරූ යන අර්ථය. මෙය “මෙ - වන්නම් ඇති” යි පද වෙන් කර ගෙන “මේ වර්ණනාමය ප්ර ශස්ති ගායනා ඇත්තා වූ “ යනුවෙන් ද අර්ථ ගත හැකිය. ජයතිලක සංස්කරණයෙහි ඊට “උක්ත ප්රයකාර වූ (ප්ර සිද්ධ) නාමාන්විත වූ” යි අර්ථ දැක්වේ. කුමාරතුංග සංස්කරණයෙහි” නමැති මෙවන්” යි පද ගළපා” නාමයන් ඇත්තා වූ, මේ ආකාර වූ” යි අර්ථ දැක්වේ. 154. විසි නිය කොපොල් බොල් සත් තැන් බිම පිහිටි උස් කුඹු දකුණු දළ දෙඅසුන් සමව සිටි මද මත නොමඳ යුද බෙර ගිගුමට නොපැටි බල මේ ලකුණු ඇති එහි1 මඟුලැතුන් සැටි පදාර්ථ විසි නිය, නිය විස්සන් වූ: කොපොල් බොල්, කන් මුල් මහත් වූ: සත් තැන් බීම පිහිටි, අංග සතක් පොළොවෙහි ගෑවෙන; උස් කුඹු දකුණු දළ, කුම්හස්ථල (හිස පෙදෙස) හා දකුණු දළය උස් වූ: දෙඅසුන් සමව සිටි, හිඳ ගන්නා පිට මත දෙපස එක සමව පිහිටි: මඳ මත නොමඳ යුද බෙර ගිගුමට, මදයෙන් මත් වූ විශාල යුද්ධ හේරි ඝෝෂාවට: නොපැටි, අභීත වූ: මෙලකුණු ඇති, මේ ලක්ෂණ දරන: මඟුලැතුන් සැටි, මංගල හස්තීන්ගේ ආකාරය: එහි බල, ඒ නගරයෙහි බලන්න.
විස්තර කොපොල් බොල්: කපොල, කන් මුල්. බොල් < බහල = ඝන, ‘බොල් පොළොව” ආදි යෙදුම් මෙනි. වර්තමාන ‘බොල්’ යන්නෙන් ලැබෙනුයේ මෙහි විරුද්ධාර්ථයයි. ‘බොල් වී’ ආදි තැන් සත් තැන් බිම පිහිටි: සත් තැනක් පොළොවෙහි ගෑවීම මංගල හස්ති ලක්ෂණයකි. වලග කර සතර පය රහසඟය යන සතඟ දෙරණ සුපිහිටි තුඟු දළ දකුණ යනුවෙන් සැවුල් සන්දේශයේ (300) ද,
1. මෙ ලකුණැති එනි තුඟු - කු.
විවරණ 177 රහසඟ වලග කර සතර පය සුපිහිටි දර යනුයෙන් කුස ජාතක කාව්ය යේ ද අලගියවන්න කවියා ඒ විස්තර දක්වයි. ඒ සත නම් රහසඟ, වාලධිය, සොඬය, සහ පාද හතරය. උස් කුඹු දකුණු දළ: කුම්භය හෙවත් හිස මුදුන ද, දකුණු දළ ද, උස් වූ බව මඟුල් ඇතුගේ ලක්ෂණ දෙකකි. දළ දෙක සමව නොව දකුණු දළය උස්ව පිහිටීම විශේෂත්වයකි. දෙඅසුන් සමව සිටි: ඇතාගේ පිටෙහි දෙපස හිඳ ගැනීම සඳහා සමව තිබීම තවත් මංගල ලක්ෂණයකි. යුද බෙර ගිගුමට නොපැටි: ‘පැටි’ සැඟවූ, වැසූ යන අර්ථයි. “එරජහු පැටි විලස්” (13. 21), “කිසිසේනි පැටිය ද” (13. 36) යන කව්සිළුමිණි පාඨයන්හි “පැටී” යදෙනුයේ ‘සැඟවීම’ යන අර්ථයෙනි. ‘නොපැටි’ නම් නොසැඟවී, බියපත් නොවී යනුය. යුද බෙර හඬ ඇසෙත් ම ඒ ඇත්තු මද මත් වූ කලක මෙන් කුල්මත් වෙති.
මේ පද්ය යෙන් මංගල හස්තීන්ගේ ලක්ෂණ දැක්වේ. කව්සිළුමිණෙහි එන ගී දෙකකින් ද ගන්ධ හස්තීන් පිළිබඳ තතු කියවේ:
සත් තැන් බිම පහළ - හිවි කුඹු දකුණු දළ උස් කළ රජ වහන් මේ ඇත් - තුරිනි බළාම් තුස්නා
විසි නිය කොපොල් බොල් - දෙ අසුන් සමතලා වූ මොහොලතිනෙඩි රුපු නිරිඳු - සිය බිඳුන මෙ ගඳැත් නම් (8. 13, 14) 155. වි ම ල් හිදල් වල් බර බර දසන් යුත තු ලු ල් ලුහුඬු1 සවනුදු දස දුව2 නුමුත ල ක ල් මෙඈ පස් කලණින් රැඳි3 සතත වි ස ල් එපුර තුරඟුන් මැනවිය දකුත පදාර්ථ විමල් හිදල් වල් බර, නොකිලිටි ඉදල් වැනි වලඟ බරින් යුක්ත: බර දසන් යුත, දත් දොළසකින් යුතු: තුලුල් ලුහුඬු සවනුදු, මහත් කෙටි කන් (ද) ඇති: දස දුව නුමුත, ධ්රැ:ව (ලොම් සුළි) දසයකින් යුක්ත වූ: ලකල්, මනෝඥ; මෙඈ පස් කලණින්. මේ ආදි පඤ්ච කල්යාහණයෙන්: සතත රැඳි, සතතයෙන් රැඳුණු: තුරඟුන්, අසුන්: විසල් එපුර, විශාල වූ ඒ නගරයෙහි: දකුත මැනවිය, දකුත් හොත් යෙහෙකි.
විස්තර හිදල් වල් බර: හිදල් නම් ඉදලයි. විදල, හිදල. ඉදල යන පද තුන ම යෙදේ. ‘දල’ නම් පත්ර්යි. වි + දල / හි + දල = පත්රද රහිත, කොළ වැටුණ යන අර්ථයි. සසදාවතෙහි (61) ‘වන ගළ වත වදිල්’. එදා ඇමදිම සඳහා ගන්නා ලද්දේ කොළ නැති අතු මිටියකි. එයට හිදල,
1. තුමුල් මුහුළු - කු. 2. දුවෙ - එ. 3. සැදි - කු. 178 තිසර සන්දේශය විදල. ඉදල යන නම් යෙදිණ. ‘වල්’ යනු ලෝම, වාලධිය යන අර්ථ දෙයි. ‘ඉදල් වැනි වලඟ බර ඇති’ යනු මුළු පාඨයේ ම අර්ථයි. ඒ අශ්වයන්ගේ වලග පිරිසිදුව. ඉදල් මෙන් තුනීව තුබූ බව හැඟවේ. බර දසන්: බර = බාරස, දොළොස: දසන් = දත්. දත් දොළොසක් ඇති. තුලුල් ලුහුඩු සවනුඳු: තුලුල් ස්ථූල (සං.) ථූල (පා.) . මහත්. ලුහුඬු < ලකුණ්ඨක, කෙටි, නොදික්: සවනුදු - සවන් ද, ඒ අශ්වයන්ගේ කන් මහත්ය. නොදික්ය. දස දුව: දශ ධ්රැනව, අශ්වයාගේ ශරීරයෙහි ලොම් සුළි දහයකි. ඒවා පිහිටනුයේ මෙසේය. නළල් තලයෙහි එකකි: අපානයේ (= නාස - යෙහි හෝ මල මාර්ගයෙහි) එකකි: ළයෙහි දෙකකි; හිසෙහි දෙකකි; රන්ධ්රෝ (බඩ මැද) උපරන්ධ්රි (බඩ ඉහළ) යන තන්හි දෙක බැගිනි. අශ්වයන්ගේ දශ ධ්රැලව මෙන් අනෙකුත් මඟුල් ලකුණු ද මෙලෙසින් ම කව්සිළුමිණෙහි ගී දෙකකින් දැක්වේ. ඒ මෙසේය:
හිදල් වල් සවනින් - සුලුහුඬු බර දසන් කල් දුව දස සපන් මෙතුරඟ - තොප හිමියාට මනකල්
පපන් දුව නළලෙක - හිද මුදුන් යුවළ පළ රදු උපරදු දුව යුවළ - මෙතුරඟ මඟුල් හිමියා (8. 20, 21) භොජයන්ගේ ශාලිභොත්රල, නකුලාශ්වවිකිත්සා යනාදි සංස්කෘත ග්රයන්ථයන්හි ද මේ අශ්ව ලක්ෂණ නිර්දිෂ්ටය. තිසර සන්දේශකරුවා මේ විස්තර සඳහා සංස්කෘත ග්රඅන්ථ හෝ කව්සිළුමිණ හෝ ආශ්රසය කරන්නට ඇත. පස් කලණින් : පංච කල්යාකණයෙන්, අශ්වයකුගේ මංගල ලක්ෂණ පසකි. මුඛය ද සතර පාදය ද යන තැන් සුදු වීම ඒ පංච කල්යාාණයයි.
156. එහි සැරදෙන සියුරඟ සෙන් පද ගසිනි නැඟි රෙදෙ කඳ1 සිය සියලඟ වැකි විසිනි දින දින රිචි අත් ගිරි පත් වන ලෙසිනි සැනහෙති සිතෙනුය2 පැළ සයුරට ගොසිනි
පදාර්ථ එහි සැරදෙන, ඒ නගරයෙහි සැරිසරන: සියුරඟ සෙන්, චතුරංගිනී සේනාවේ: පද ගසිනි, පා ගැටීමෙන්: නැඟි රෙදෙ කඳ, නැඟුණා වූ රජස් සමූහය: සිය සියලඟ, තම මුළු ඇඟෙහි: වැකි විසිනි, තැවරීම කරණ කොට ගෙන: දින දින, දිනපතා: රිවි අත් ගිරි පත් වන ලෙසිනි, සූර්යයා අස්ත පර්වතයට පැමිණෙන ආකාරයෙන්: පැළ සයුරට ගොසිනි, බටහිර මුහුදට ගොස්: සැනහෙති සිතනුයේ, ස්නානය කරතියි සිතෙන්නේය.
1. රඳ කඳ - කු. 2. සිතෙනුව - එ.: සිතෙනු යැ - කු.
විවරණ 179
විස්තර සැරදෙන: සැරිසරන යන අර්ථයි. ‘බොහෝ කල් ජීවත් වන’, ‘වීර ජිවන/චිරං ජීවන’ යන යෙදුම්වල සිංහල රූප ලෙස ‘සැරදෙ’, ‘දෙසැර’, ‘සැරදෙවු’, ‘සැරදෙන’, ආදිය සැලකේ. එහෙයින් මේ තේරුම පිළිගත හැකිය. එහෙත් මෙහි දී ඒ අරුත නොගැළපේ. සැර යනු වාර යන්නේ තද්භව රූපයයි. චාරි > සැරි වේ. සැරදෙන = වාරිකාවේ යෙදෙන, හැසිරෙන යන අරුත් වඩා ගැළපේ. දුහුවිලි නැඟෙන්නේ සිවුරඟ සෙන් විර කාලයක් ජීවත් වන නිසා නොව, එහි සංචාරය කරන නිසා බැවිනි. පද ගසිනි: පා ගැටීමෙන්, පාද ඝර්ෂණයෙන්. රිය සේනාවේ නම් ගැටෙන්නේ පාද නොව රෝදයි. එහි බැඳි අසුන් ද අස් හමුදාවේ අසුන් ද වෙන්ව ගැනුණා විය යුතුය. සිය :ස්වකීය. මීන් පුර්ව පද්යුයේ ආ අස්හු ම ගැනෙත්. අත් ගිරි: අස්ත ගිරි, බටහිර පව්ව. ඉරු උදා වන හා බැස යන දිශාවල උදය පර්වතයත් අස්ත පර්වතයත් වෙතැයි යනු කවිසමයයි. පැළ සයුර: බටහිර අහස මෙන් ම බටහිර මුහුද ද රතුය. මහමෙර ඉදිරිපස ස්ඵටික නිසා එහි මුහුද කිරි මුහුද නමි. දකුණ ඉන්ද්ර නීලමය නිසා දකුණු මුහුද නිල් මුහුද වේ. බටහිර රතු (ලෝහිතංක) මිණිමය නිසා රත් මුහුද වේ.
ඉරුගේ රියෙහි පලාවන් අස්හු වෙති. ඒ නිසා හරිදශ්ව යනු ද නමි. සැලළිහිණි සන්දේශයේ:
“නිල තුරඟුට නැඟෙමින් රිවි දෙව් සිරින”
දිනපතා හිරු අස්තගත වන විට ඔහු හා ඔහුගේ අස්සු ද පැළ මුහුදේ වැදී නාති. එවිට රත් පැහැ ගනි. දැතිගම්පුර අස්සු ද රත් පැහැ රදස් සිය සියලු ඇඟ වැකි. හෙයින් රත් පැහැ වෙති. එහෙයින් සමානය. මොවුන් ද ඉරුගේ අසුන් සේ ජවාධික බව ධ්වනිතය.
මේ අදහස නොසලකා “ඉර දිනපාත තමාගේ ඇඟේ දුලි රාශිය වැකෙන හෙයින් සාගරයට ගොස් නහා පිරිසිදු වීමෙකි” යි කුමාරතුංග තිසර සන්දේශ දිපනියෙහි පවසයි. කවිසමයෙහි ඉරු අස්තයට යන්නේ තනිව ම නොවේ. සියුරඟ සේනාවේ පාද ගැටීමෙන් නැඟි ධූලියෙන් අශ්වයන්ගේ මුළු ඇඟ තැවරී තිබීම ඉරු අවරට යන නිසා ඉරත් අසුනුත් පැළ දිග රතු මුහුදට බැස ස්නානය කළ ආකාරයක් පෙන්වීය.
157. පත එපුරෙහි සිරිසර වෙන වෙන වනත සතනතුරෙන්1 කිවි පොහොසත යෙති අනත වත දහසක් තව සියුමුව2 මැවුව මුත නත3 නොසමත සිත ඇති මුවෙනි4 පවසත
1. සතනතුරින් - තු. 2. සිවුමුව - කු. 3. නැත - තු. 4. මුවිනි - කු-
180 තිසර සන්දේශය
පදාර්ථ එපුරෙහි පත, ඒ දැතිගම්පුර පැමිණි: සිරිසර, ශ්රී විභූතිය: වෙන වෙන වනත, වෙන් වෙන්ව වර්ණනා කරත හොත්: සතනතුරෙන්, සත්වයන් අතුරෙන්: අනත පොහොසත, අනන්තයා සමර්ථයැයි: කිවි යෙති, කවිහු කියති: සියුමුව, චතුර්මුඛයා (මහබඹු): තව වත දහසක්. තවත් මුඛ දහසක්: මැව්ව මුත, මවන ලද හොත් විනා: නත, අනන්තයා: සිත ඇති, සිතේ ඇති දෑ මුවෙනි පවසත, කටින් කියතොත්: නොසමත, අසමර්ථය.
විස්තර වත: වක්ත්රය (සං), වත්ත (පා.) මුඛයටත් මුහුණටත් අවිශේෂයෙන් යෙදේ. මෙහි මුඛයයි. සියුමුව: චතුර්මුඛ, මහාබ්රතහ්මයා, ‘සිවුමුවා’ යි ද යෙදේ. මුහුණු සතරක් ඇත්තේ සිවුමුවායි. දේව කථා අනුව ඔහු ලෝකය මවන්නා බව කියවේ. අනන්ත නාගයාට මුව දහසක් මැවුයේ ද ඔහුය. නත : අනත්ත. පෙණ දහසක් ද මුව දහසක් මැවුයේ ද ඔහුය. විෂයාතික්රායන්ත යමක් වර්ණනා කිරීමට සමත් වන්නේ අනන්ත නම් නාගයා බව හෝ ඔහුට ද ඒ කළ නොහැකි බව පැවසීම කාව්ය සම්ප්රාදායයි. “වුවන් සහස යුත නත නොවැ වනනු කොද” - මයුර සන්දේශය, (19).
පැරකුම්බා රජ වැනුම්
158. පවර යස සතින් දෙරණම්බා සුසැදු ගතවි දෙලෙනවල1 රුපුරම්බා ගිජිඳු පුළුලු උරැති වන2 කුසුමම්බා පුරුදු වැජඹි3 එපුරවර පැරකුම්බා නිරිඳු
පදාර්ථ පවර යස සතින්, උතුම් කීර්ති නමැති ඡත්රියෙන්: දෙරණම්බා සුසැදු. පොළෝ නමැති කාන්තාව මැනවින් සැරසූ: ගතවී දෙලෙනවල, ගන්නා ලද ආයුධ නමැති පත්රිවලින් ගැවසී ගත්: රුපුරම්බා, සතුරන් නමැති කෙහෙල් වනයට: ගිරිඳු, හස්ති රාජයා (වැනි වූ) : කුසුමම්බා, ශ්රිස කාන්තාවට: පුරුදු වන, පළපුරුදු ගන්නා වූ: පුළුලු උරැති, පුළුල් වූ පපු පෙදෙසක් ඇත්තා වු: පැරකුම්බා නිරිඳු, පැරකුම්බා රජ, එපුරවර වැජඹී, ඒ (දැතිගම්) පුරවරයෙහි වැජඹෙයි.
විස්තර යස සතින්: යශස් (සං) කීර්තිය. ප්රයසිද්ධිය, ඡත්රා > සත් කීර්තිය ඡත්රලයකට හෙවත් සේසතකට උපමිතය. කවිසමයෙහි, කීර්තිය
1. දෙලනවල - එ. 2. පුළුලුරැ නිවසන - කු.: පුළුලු උරැති වත - එ. 3. වජඹි - කු.
විවරණ 181 සුදුය. රජුගේ කීර්තිය පෘථිවි නමැති කාන්තාවට උසුලනු ලැබූ කුඩයකි: ඉන් මුළු පොළොව ම වැසී ගියේය: කීර්තිය රට පුරා පැතිර ගියේ. ගතවි දෙලෙනවල රුපුරම්බා ගිරිඳු: ගත් - අවි, දෙලෙන් + අවල. දල නම් පත්ර හෙවත් කොළය. දල + එන් > දෙලෙන් - පත්ර කරණ කොට ගෙන. රම්බා, රඹ - කෙසෙල් ගසය. ගජ - ඉඳු > ගිජිඳු ඇත් රජ. සතුරෝ කෙසෙල් ගස් වැනියහ. සතුරන්ගේ අවි කෙසෙල් කොළය. රජ ඇතෙකි. අවි ගත් සතුරන් රජු විසින් වනසනු ලබනුයේ කෙසෙල් වනයට පිවිසි ඇත් රජකුගේ විලසිනි. කුසුමම්බා: කුසුම් + අම්බා. කුසුම්හි ස්ත්රිිය. මලක වෙසෙන කත සිරිකතය: ශ්රී. කාන්තාවය. ඇගේ වාසය පියුමය. එහෙයින් ඇයට ‘පියුමම්බා’ මෙන් ම කමලා, පද්මා, කමලාසනා, පද්මාසනා යන නම් ද යෙදේ. පුරුදු වන පුළුලු උරැති : පුරුදු වන නම් පරිවයක් ඇත්තා වූ යනුය. නිතර වෙසෙන යන අර්ථයි. ශ්රී කාන්තාව රජුගේ පුළුල් උරට පුරුදුය.ඇය නිරන්තරයෙන් එහි වෙසෙන බව කී සැටිය. වැජඹී: වජඹ / වැජඹ ධාතු දෙකක් විය හැකිය. වජඹි/ වැජඹී වත්මන් රූප වේ. මෙහි 187 “එබැවින් දැන් වැජඹී’ යි කතුවරයා ම වත්මන් ක්රිවයාව ‘වැජඹී’ යයි යොදා ඇත. එය ‘වැජඹි’ යයි පිටපත්වලට වෙනස්ව ශුද්ධ කිරීම අනවශ්යදය.
159. එරජ තෙදග වැජඹෙත1 ලොව දසනුදිග2 පබළ ගඟෙහි සිරි කියලිය3 අහස් ගඟ එගඟ මුදුන රැඳි යළි ඔහු යසෙහි4 රඟ සුරත් යටග ලග සේ කෙහෙළි කෙළෙ දඟ
පදාර්ථ එරජ තෙදග, ඒ රජුගේ තේජස නමැති ගින්න: ලොව දසනුදිග, ලෝකයේ දිශා - අනුදිශෘවල: වැජඹෙත, බැබළෙත් ම: අහස් ගඟ, ආකාශ ගංගාව: පබළ ගඟෙහි සිරි කියලිය, ප්ර වාළ ගංගාවක ශෝභාව ප්රොකාශ කෙළේය. එළි එගහ මුදුන රැඳි, තව ද ඒ ගඟේ මුදුනෙහි රැඳුණා වූ : ඔහු යසෙහි රඟ, ඔහුගේ කීර්තියෙහි ආකාරය: සුරත් යටග, ඉතා රතු වූ යෂ්ටිය කෙළවර: ලග සේ කෙහෙලි, ලග්න වූ සුදු කොඩියක; දඟ කෙළෙ. සිර කෙළේය.
විස්තර තෙදග: තෙද + අග. තේජස නමැති අග්නිය. යටග, යට + අග: යෂ්ටිය කෙළවර. රජුගේ තේජස ගින්නකට සමාන කෙරේ. තේජස නමැති අග්නිය රතුය. එය ලෝ පුරා පැතිරෙයි. අහස් ගග සුදුය. රතු තේජස පැතිරෙන නිසා සුදු පැහැති අහස් ගඟ ප්රිවාල ගංගාවක ශෝභාව ගත් ____________________________________________________________ 1. වැජඹෙන - එ. 2. දිගනුදිග - කු. 3. කියෙලිය - කු. 4. යසෙසි -ජ. 182 තිසර සන්දේශය බව කියවේ. රජුගේ කීර්තිය ලෝ පුරා පැතිරීම කෙසේ ද යත්. රතු යෂ්ටියක් අග රැඳවූ සුදු කොඩියක විලාසය ගත්තේය. ‘දඟ කෙළෙ’ යනු සිර කිරීමය: බැඳීමය.
160. වැ ජඹෙත එරජ කෙසරිඳු ලක ගිරි අරණ ඔ දැ ති ව කෙලෙස ඇවිදිත්1 රුපු රජ වරණ සැලසෙත උදා ගිරි සිරිසට සැඬ කිරණ ති බියෙයි අඳුරු නම් සකි කිය මුළු දෙරණ පදාර්ථ එරජ කෙසරිඳු, ඒ රජු නමැති කේශර සිංහ රාජයා: ලක ගිරි අරණ, ලංකාව නමැති පර්වතාරණ්ය,යෙහි: වැජඹෙත, වැජඹෙන කල්හි: රුපු රජ වරණ, සතුරු රජුන් නමැති හස්තීහු: ඔදැතිව කෙලෙස ඇවිදිත්, එඩි ඇතිව කෙසේ හැසිරෙත් (ද?), සැඬ කිරණ, සූර්යයා: උදා ගිරි සිරසට, උදය පර්වත මුදුනට: සැලසෙත, පැමිණෙත් ම: මුළු දෙරණ, සකල ධරණී තලයෙහි: අඳුරු නම් තිබියෙයි, අන්ධකාරය නම් (ඉතිරිව) තිබේ දැයි: සකි කිය. යහළුව කියව.
විස්තර රජතුමා කේශර සිංහයෙකි. ලංකා තලය නමැති ගිරි අරණ වැජඹෙන කල්හි සතුරු රජුන් නමැති ඇතුන්ට ඔදවත්ව එහි හැසිරිය නොහැකිය. ඒ කෙසේ ද යත්, සූර්යයා උදය පර්වත මුදුනට පැමිණෙන කල්හි මුළු පොළොවෙහි ම අන්ධකාරය නැති වී යන්නා සේය.
161. ත ර ස ර ගුණැති එනිරිඳු ගිරිනිඳු සබඳ2 ම න හර කුලුණු සිලිලොත වන්3 වලා රොද නොමහැර මෙලක ඇල් කෙත ඔද කෙළේ මෙද ම මි තුර සතන් සිත් මියුරනුදු කෙළෙ නඳ පදාර්ථ තරසර ගුණැති, ස්ථීර පාර ගුණ ඇත්තා වූ: එනිරිඳු ගිරිනිඳු සබඳ, ඒ රජු නමැති පර්වතරාජයා හා සම්බන්ධ වූ: මනහර කුලුණු සිලිලොත, චිත්තාකර්ෂණීය කරුණා නමැති ජලය: වන් වලා රොද, බැහුවා වූ වලාකුළු සමූහය වැනි: මෙලක ඇල් කෙත, මේ ලංකාව නමැති ඇල් වී කුඹුර: නොම හැර. ඉතිරි නොකොට ම: ඔඳ කෙළේ මෙද, සරු කෙළේ මතු ද: මමිතුර, මාගේ මිත්රොය: සතන් සිත් මියුරනුදු. සත්වයන්ගේ සිත් නමැති මොනරුන් ද: නඳ කෙළෙ, සතුටු කෙළේය.
විස්තර ගිරිනිඳු : ගිරින් - ඉඳු. ‘ගිරිඳු’ යි ද යෙදේ. නරනිඳු - නිරිඳු, සුරනිඳු - සුරිඳු ආදිය මෙනි. ගිරි නම් පර්වතයයි. ඉඳු නම් රජුය. පර්වතයන්ගේ රජ මහමෙරය.
1. අවිදිති - ජ.: වැජැඹෙති - කු. 2. ගන කුළු පබඳ - කු. 3. වත් - ජ.
විවරණ 183
කුලුණු සිලිලොත වලා රොද: සිලිල් - ඔත. සලිල නම් ජලයයි. ඔත < අවාප්ත = බැහු, දැමූ. ජලය බැහු වලාව නම් වැහි වලාවය. රොද < රාජිය = පෙළ, පංතිය. සමූහය යන අර්ථ ගනී. වැහි වලාකුළු. සමූහය. ඒ වලාකුළෙහි ඇති ජලය නම් කරුණාවයි. මියුරනුදු නඳ කෙළෙ: මයූරයන් ද සතුටු කෙළේ. වැසි වලාකුළු දකින මොනරු පිල් විදහා නටති. එය උන්ගේ ආනන්දයට හේතු වේ.
162. ගැඹර1 ගුණ තියුණු නැණ තිළිණ අදහසා කුලුණු මෙත් රුසිරු2 විරුසිරි3 සුසිරි4 රැසා දිගා බල මෙ ඈ රැස් කර බඹහු තොසා මැවූ වැනි එරජ සිරිලක රැකුම5 නිසා
පදාර්ථ ගැඹර ගුණ, ගැඹුරු ගුණය: තියුණු නැණය, තීක්ෂණ වූ ඥානය: තිළිණ අදහසා, ත්යා ගයෙහි කැමැත්ත: කුලුණු මෙත් රුසිරු විරු සිරි, කරුණ වය මෛත්රිඅයය රූපශ්රීණයය විරශ්රීතයය, සුසිරි රැසා, සුචරිත රාශිය: දිගා බල, දීර්ඝායුෂය බල ශක්තියය: මෙ ඈ (යන) මේ ආදිය: රැස් කර, ඒකරාශි කොට: බඹහු, බ්රුහ්මයා විසින්: සිරිලක රැකුම නිසා, ශ්රීම ලංකාවේ ආරක්ෂා පාලනය සඳහා, එරජ තොසා මැවූ වැනි, ඒ පැරකුම්බා රජු සතුටින් මවන ලද සේය.
විස්තර තිළිණ අදහසා: ත්යාමගයෙහි අධ්යා්ශය. අධ්යාරශය නම් කැමැත්තය. රුසිරු විරුසිරි: රූපශ්රීසය, රුසිරු, රුසිරි යන රූප දෙක ම යෙදේ. කව්සිළුමිණෙහි (2. 35) “දිසි රුසිරු සරා” යනාදි ගියේ ‘රුසිරු’ යෙදෙනුයේ ද, ගුත්තිල කාව්ය5යේ එන “පසු කර රුසිරෙන් සුරඹා” (126) යන පාඨයේ ‘රුසිරෙන්’ යි යෙදෙනුයේ ද මේ අර්ථයෙනි. විරුසිරි < වීරශ්රිේය, විරත්වය. පැරකුම්බා සිරිතේ “මනහර විරුසිරි සරණා සරණා” යන (11) පදය් ුයේ එය යෙදෙනුයේ ද මේ අර්ථයෙනි.
ජයතිලක “රුසිරු විරුසිරි” යන්නට “රුචිර වූ වීරශ්රිණය” යි අර්ථ දෙන අතර කුමාරතුංග එය “රුසිරු රූසිරි” යි සකසා “රුචිර රූපශ්රී ” යි අර්ථ දෙයි.
මෙයට සමාන වැනුම් කව්සිළුමිණ, මයූර සන්දේශය ආදි කෘතිවල දක්නට ලැබේ.
විමල් යස තද තෙද - තියුණු නිය ඈ ගුණ රැස සිවුවත් රැස් කැරැ තමා - කෙළේ ඔහු ම මහනදන්
- කව් සිළුමිණ. (1. 33)
____________________________________________________________ 1. ගැඹුරු - කු.ජ. 2. රුසිරි - එ. 3. රුසිරි - කු. 4. රුසිරු - ජ. 5. වැවුම් -කු. 184 තිසර සන්දේශය ලොවට උතුම් කුල සිරි නුවණ ගුණ රැස අ ව ට පැතිරි යස තෙද අණසක සකස රු ව ට මෙඇම ගෙන මවමින් උවිඳු ලෙස ති ව ට මෙහිමි කෙළෙ ලක රජසිරි පිණිස
- පැරකුම්බා සිරිත (22).
163. ඇ තැ ම් කිවිඳු තුනු සිරිසරට මල්සරු1 උ ව ම් කෙරෙති නොම දැන2 පැවති තොරතුරු උ තු ම් රුවැති එනිරිඳු කර ඔහු අයුරු නොවෙම් මම ද ඒ මහලෑනහට ගුරු3
පදාර්ථ ඇතැම් කිවිඳු, සමහර කවීන්ද්රියෝ: පැවති තොරතුරු නොම දැන, පැවතුණා වූ තොරතුරු නොදැන ම: තුනු සිරිසරට, (රජුගේ) ශරීරයේ ශ්රීත සාරයට (= ශෝභාවට) : මල්සරු උවම් කෙරෙති: අනංගයා උපමාන කෙරෙති. උතුම් රුවැති, එනිරිඳු, උත්තම රූප ඇත්තා වූ ඒ රජු: ඔහු අයුරු කර, ඔහු (අනංගයා) හා සමාන කර: ඒ මහලෑනහට, ඒ මහලේනාහට: මම ද නොවෙම් ගුරු. මම දැඩි හෙවත් අගරූ නොවෙමි (ද?)
විස්තර මෙම පද්යදයේ අරමුණ නම් ඒ රජුගේ රූපශ්රීමය වර්ණනා කිරීමය. රජු අනංගයාට උපමා කිරීම අසාධාරණ බව කියවිණි. අනංගයාට රූපයක් නැත. ඔහු මෙහෙයුරු විසින් දවා හළු කරන ලද්දෙකි. ඒ බව නොදත් කිවිඳුන් මේ රජු අනංගයාට උපමා කරන්නේ යථා තත්වය නොදැනීමෙනි.
මේ පද්ය යේ
“නොවෙම් මම ද ඒ මහලෑනහට ගුරු” යන අවසාන පාදය ගැටලු සහිතය. පුස්කොළ පිටපත්වල ද මේ පාඨය පැහැදිලිව දක්වා නැත. පාඨාන්තර ආශ්ර යෙන් පෙළ සකස් කිරීමට පසුබට වූ ඩී. බී. ජයතිලක මහතා “නොවෙම් මම ද..... ගරු” (156) යනුවෙන් තිත් යොදා එහි කොටසක් ඉතිරි කරයි. “නො වේය දම් මඟලැ ලඟට ගුරු”, “නොවේ ම ද එ මහලෑණහට ගුරා” යන පාඨාන්තර දෙකක් දක්වතත් ඔහු මෙයින් හිතුමතයේ පෙළ සකස් කිරීමට හෝ අර්ථ දැක්වීමට ඉදිරිපත් නොවෙයි. මුනිදාස කුමාරතුංග මහතා තිසර විවරණයේ දී “වැනුම් නො වෙයි මඳකුදු හදැත හට ගුරු” (160) යනුවෙන් පෙළ සකස් කරයි. මේ සඳහා අත් පිටපත් පාදක කර ගත් බවක් නම් නොපෙනේ. තිසර සන්දේශ දීපනීය සම්පාදනය කිරීමේ දී අත් පිටපත් පාඨාන්තර තුනක් ලැබුණු බව කුමාරතුංග සඳහන් ___________________________________________________________ 1. මල්සරා - කුමාරතුංග සංස්කරණයේ සතර පාදයේ ම එළිසමය - රා අන්නවය. 2. දතුකු. 3. නොවෙ ම ද ඒ මග ලෑ ලඟට ගුරු - ළු: වැනුම් නො වෙ යැ මඳ මහ ලෑනහට ගුරා -කු: “නොවෙම් මම ද...... ගුරු” - ජ.
විවරණ 185 කරයි. එහි නම් හිස්ව ඇත්තේ පාදයේ මුල අකුරු කීපයකි. ඒ පාඨාන්තර මෙසේය: “....... ම් නො වෙය මද ඒ මහලැන හට ගුරා” “....... ම් නො වෙය දම් මනලෑ ලහට ගුරා” “....... ම් නො වේ ම ද ඒ මහලෑන හට ගුරා” කුමාරතුංග මහතා මේ පදය වේයේ අවසාන පාදය මතු දැක්වෙන අයුරු සකස් කර ඇන්තේය: “වැනුම් නො වෙයැ මඳ මඟ ලෑන හට ගුරා” (163). මේ පාද්යේයේ සඳහන් “මහලෑන” කුමාරතුංග මහතා කරන විවරණය අනුව නම් “ජයවර්ධන පුරයෙහි සවැනි පැරැකුම්බා නමින් රජය කළවුන්ගේ “පියාය. “ජය මහ ලෑන නම් සම්පූර්න නාමය යි” යනුවෙන් ඔහු තව දුර කරුණු දක්වයි. එහෙත් තිසර සන්දේශයෙහි මෙතන්හි වර්ණනා කෙරෙන්නේ සවැනි පරාක්රධමබාහු රජුගේ පිතෘ වූ ජයමහලෑන නම් නොවේ (සංඥාපනය බලන්න). “මහාලාන” , “මහලේ” , “මහාලේඛක” යන විවිධ රූපවලින් සිටින “මහලෑන” යන්න ගම්පළ යුගයට අයත් එළුසඳැස් ලකුණෙහි උද්ධෘත පාඨයක “මහලේනාකම ද පරබ කරලු වැනි වියත්කම්ය” යි දක්වා ඇත. පොලොන්නරු යුගයට අයත් මහාබෝධිවංශ ග්රින්ථ පද විවරණයෙහි “මහාලානට්ඨානං - මහාලානස්ථාන, මහලේ තැන යූසේයි.” (ධර්මාරාම සංස්. 154 පිටුව) ද මේ පාඨය සඳහන්ය. තව ද, ගුරුළුගෝමීන්ගේ ධර්මප්රලදීපිකාවේ “මහලේ” යන්න යෙදෙයි (ධර්මාරාම සංස්. 351 පිටුව). මෙහි “ලංකා ජගති මහාලානො”, “ලක් දිව් මහලේ”, “ජගති මහාලානො”, “දිය මහලේ” ආදි පාඨාන්තර රාශියකි. පාලි මහාබෝධිවංසයේ සිංහල අනුවාදය වන, කුරුණෑගල යුගයට අයත් සිංහල බෝධිවංසයෙහි “......ඔටුන්න හැර සර්වාභරණයෙන් සැරසුණා වූ ඒ බෝධිගුප්ත කුමාරයන්ගේ ..... මස්තකයෙහි ඔටුන්න පිහිටුවා.... මඟුලැතු මත්තෙහි හිඳුවා.... ධවලච්ඡත්රස තුන නංවා.... මඟුල් බෙර ගස්වා.....” ආදි වශයෙන් සිංහාසනයෙහි හිඳුවා බෝධිගුප්ත, සුමිත්ත ආදීන් අභිෂේක කරවා මහලේනා තනතුරු ප්ර දානය කෙරුණ ආකාරය විස්තර වේ (අමරමෝලි සංස්. 215 -218 පිටු). තව ද, එකල එනිරිඳු සුමිත් කුමරුන් පලඳවා මිණි වොටුණු පිවිතුරු උදුල සත් මඟුලැතු පිටින් පුර වැඩම කරවා පුදෙන් විසිතුරු නිමල කුල පරපුරෙන් එන ලෙස දෙමින්ජයමඟලෑන තනතුරු විපුල අදරින් සැලසි දුමිඳුන් පුද සිරිත් කරනුවට නිරතුරු යනුවෙන් පැරකුම්බා සිරිත (11) වාර්තා කරයි. ජයමහලාන තනතුර ශ්රී ලංකාවේ ප්රනථම වරට උසුලන ලද්දේ සුමිත්රක කුමරුන් විසිනි. හේ මහාබෝධීන් ආරක්ෂා කරනු පිණිස බෝධිගුප්ත කුමාරයාට සහාය වූයේය. එබැවින් බෝධිගුප්ත, සුමිත්ර යන
186 තිසර සන්දේශය කුමාරවරු දෙදෙනාට ම දෙවනපෑතිස් රජු විසින් අභිෂේකය දෙන ලදී. මේ බෝධී ආරක්ෂක කුමාරවරුන් වූ මහාලේනාවන්ගේ පරපුර පසුව ලක් රජය හිමි ලමැනි. සවුළු කුල නමින් හැඳින්විණ. මේ කරුණු අනුව, රජ, නිරිඳු, මහලෑන යන නම් සමානාර්ථවත්ව යෙදෙන බව පෙනී යයි. එපමණක් නොව නිකාය සංග්රරහයෙහි යුවරජ බව පෙනී යයි. එපමණක් නොව නිකාය සංග්රාහයෙහි යුවරජ තනතුරු දැරූ විරබාහු මාපාණන් පවා “රජු” යයි හඳුන්වා ඇති සැටි ද සිහිපත් කරනු වටි. මේ පද්ය යෙහි අවසාන දෙපාදයේ: උතුම් රුවැති එනිරිඳු කර ඔහු අයුරු නොවෙම් මම ද ඒ මහලෑනහට ගුරු “එනිරිඳු” , “මහලෑන” යන වචන යොදා ඇත්තේ එක ම දැතිගම්පුර පැරකුම්බා රජුන් වෙනුවෙනි. මේ අනුව. මේ පද්ය යෙහි උතුම් රුවැති ඒ නිරිඳු අනංගයාට සමාන කොට දැක්වීමෙන් තමා (කවියා) ඒ මහලැනහට “ගුරු නොවෙම්” යි පවසා ඇත. එහි අරුත් සුගම නොවේ. “ගුරු” යන පදයට දිය හැකි විවිධි අර්ථ අතර “දැඩි” “තද”, යනු ද වේ. ගුරු කම් පුරුදු කම් අසල් කම් සෙසු කළ කම් (14. 40) යන කාව්යනශේඛර පද්ය යෙහි “ගුරුකම්” (පා. ගරුකම්ම) යන්න යෙදී ඇත්තේ මේ අරුතිනි. සිඛවළඳ විනිසෙහි “ගුරුබඩ” (61 පිටුව) යි යෙදේ. මේ හැම තන්හි ම “ගුරු” සහ “ගරු” සමානාර්ථවත්ය. මේ අනුව එනිරිඳු හෙවත් මහලෑන අනංගයාට උපමා කිරීමෙන් තමන් ඕහට දැඩි හෝ තද හෝ නපුරු වීමට නොසිතුවේ යයි අර්ථ ගත හැකිය. ගුරු, ගරු යන දෙපදය ම අගුරු, අගරු යන පදවල අ කාර ලෝපයෙන් සිද්ධ වූ සේ ගනිතොත් ඒ “මහලෑනහට අගරු හෝ නිගරු කරන්නෙක් නොවේම් ද” යන අර්ථ ද ගත හැකිය.
164. පෙ මා මැවූ ඔහු දකිනුව ලොව ඇදුරු ත මා නුවන් තව දියුණනුව නිරතුරු ස මා සිතින් ඉඳ පියුමස්නේ සොඳුරු ප මා නොවි දපනුව1 මෙන් විය මතුරු2 පදාර්ථ ලොව ඇදුරු, ලෝකාචාර්යයා (- මහාබ්රුහ්මයා) විසින්: පෙමා මැවු ඔහු දකිනුව, ප්රෙඇමයෙන් මවන ලද ඔහු (- ඒ රජු) දැකීම සඳහා: තමා නුවන් තව දියුණනුව, තමාගේ ඇස් තවත් ද්විගුණ කරනු සඳහා, නිරතුරු, නිරන්තරයෙන්: සොඳුරු පියුමස්නේ, සුන්දර වූ පද්මාසනයෙහි: සමා සිතින් ඉඳ, සමාධි විත්තයෙන් හිඳ ගෙන: පමා නොවී, ප්රතමාද නොවී; මතුරු දපනුව මෙන් විය, මන්ත්රද ජප කරන්නාක් මෙන් විය.
1. දපනු - මැ - තු. 2. මිතුරු - එ.
විවරණ 187 විස්තර ලොව ඇදුරු: ලෝකය මවන ආචාර්යවරයා. මහා බ්ර හ්මයාය. ලෝකයට සියලු ශාස්ත්රර උගන්වනු ලැබුවේ ද බ්ර හ්මයාය. ඒ අර්ථයෙන් ද බ්ර හ්මයාට ලොව ඇදුරු නම යෙදේ. පෙමා මැවූ ඔහු: මහාබ්රවහ්මයා විසින් මේ රජු මවනු ලැබුවේ බලවත් ප්රේ මයෙන් හෙවත් ආශාවෙනි. ඒ ඔහුගෙන් ඉටු වන මෙහෙය සලකා ගෙනය: තව දියුණනුව : ද්වි - ගුණ (සං) > දියුණ. තව වරක් දෙගුණ කර ගැනීම. දියුණු කිරීම, වැඩි කිරීම යන අර්ථ ද යෙදේ. පියුමස්නේ : පියුම් - අස්නේ. මහාබ්රවහ්මයා නෙලුම් මලක වැඩ හිඳි යෝගි භාවනාවෙහි එන පද්මාසනය අනෙකකි. මේ පරාක්ර මබාහු රජු මහා බ්ර්හ්මයා විසින් ප්රේලමයෙන් මවන ලද බව සැබවි. එහෙත් ඒ රජු දැකීමට බඹුගේ නෙත් සතර ප්රහමාණවත් නොවන සේ සැලකිණ. ඇස් ද්විගුණ කර ගැනීම අවශ්යස විය. එහු පද්මාසනයේ හිඳ මන්ත්රක ජප කරන්නට පටන් ගත්තේ එබැවිනි. 165. බැති සිත නුමුත තෙරුවන1 මෙත2 ගුණ පුරුදු සව් සත දනුත සුරගුරු වත ලොව පසිදු රුපු සත සතත බිඳුවන3 නත4 තෙදින් රැදු කෙ ස ම ත වනත මුළු දෙරණත එනරනිඳු පදාර්ථ තෙරුවන බැති සිත නුමුත, රත්නත්රියය කෙරෙහි භක්ති විත්තය නොහැරියා වූ: මෙත ගුණ සුපුරුදු. මෛත්රි් ගුණය ඉතා පුරුදුවූ: සව් සත දැනුත. සියලු ශාස්ත්ර ය දැනීමෙහි: සුරගුරු වත ලොව පසිදු. බෘහස්පතිහු වැනි යයි ලෝක යෙහි ප්ර සිද්ධ වූ; රුපු සත, සතුරු ජනයා: රුදු නත තෙදින්, රෞද්රෙ වු අනන්ත තේජසින්: සත්ත බිඳුවන, නිරන්තරයෙන් බිඳුවන්නා වූ: එනරනිඳු, එ රජතුමා, වනත, වර්ණනා කරත් හොත්: මුළු දෙරණත, සකල ධරණිතලයෙහි: කෙසමත, කවරෙක සමර්ථ ද?
විස්තර සුරගුරු: දෙවියන්ගේ ගුරු. බෘහස්පති නම් සෘෂිවරයාය. දෙරණත : ධරණී, පෘථිවිය. දෙරණ - අත්. ස්වාර්ථයි.
නළඟන රැඟුම්
166. නි ල ඹ ර උසුලමින් නිසලව සිටි සතත දෙළෙබර5 ඉසුරු සිය ඇත6 ඔවුනෙසිරි ගත සැ දි වර කොතුරු පේකඩ සේ ටැඹින් යුත ම න හ ර සබා මඬුයෙහි පැමිණි7 සිරිවත8
1. තෙරුවන් - එ. 2. වෙත - කු. 3. බිදුවත - කු. 4. වත - කු. 5. දෙළබර - එ. දළබර - කු 6. සියනැත - කු. 7. පමණ - ජ: පමණි - එ. 8. සිරිමත - කු.ජ.
188 තිසර සන්දේශය
පදාර්ථ නිලඹර උසුලමින්, නිල් අහස උසුලා ගෙන: සතත නිසලව සිටි, නිරන්තරයෙන් නිශ්චලව සිටියා වූ: දෙළෙබර ඉසුරු සිය ඇත. ජටාවෙන් බර වූ ඊශ්වරයන් සිය ගණන් ඇත හොත්: ඔවුනෙසිරි ගත, ඔවුන්ගේ ඒ අලංකාරය ගත්තා වූ: වර කොතුරු පේකඩ සැදි, උතුම් කොකුරු ද පේකඩ ද සෑදුණා වූ: සේ ටැඹින් යුතු, සුදු කණුවලින් යුක්ත. මනහර සිරිවත සබා මඩුයෙහි පැමිණි. මනෝහර වූ ශ්රී කාන්තාවට වාසස්ථානය වූ (රාජ) සභා මණ්ඩපයට පැමිණියා වූ (මතු සම්බන්ධයි)
විස්තර නිලඹර උසුලමින්: නිල් - අඹර. නිල් අහස. ඉසිලීම නම් දරා සිටිමය. දෙළෙබර ඉසුරු සිය : ජටා > දළ, දෙළෙ. ජටාවෙන් බර යන්නෙන් අදහස් කෙරෙනුයේ මහත් වූ ජටා හිස දරා හුන් බවය. ඉසුරු යන්නෙන් ඊශ්වර දෙවිවරුන් යන අර්ථය මෙන් ම අධිපතීන්, ප්රනදානීන් යන අර්ථය ද ගත හැකිය. රාජ සභා මණ්ඩපයේ ටැම් සුදුය. ඊශ්වරයා ද සුදුය. එහි ඊශ්වර දෙවියෝ නැත හොත් අධිපතියෝ සිය ගණන් සිටියහ. කොතුරු පේකඩ: කොතුරු - කෙණ්ඩිය. කලස. ජාතක අටුවා ගැටපදයෙහි පාලි ‘පුණ්ණඝට’ යන්නට ‘කළවිටි කොතුරු පත්’ යි යෙදී ඇත. සතර වැනි මිහිඳුගේ (අංක 1) පුවරු ලිපියෙහි (E.Z.Vol, I, p. 219) “ගෙම්මුවා කොතුර් ටැම්බින්” යි යෙදේ. කාව්යහශේඛරයේ ‘කොතුරු’, පේකඩ’ යන දෙපදය ම යෙදේ. නව මිණි ටැම් කොතුරු දැව පේකඩින් පියකරු ලිය මල්කම් සොඳුරු මඩුව සරසත් සුදම් සබයුරු
(8. 18) පුරාණ ගොඩනැඟිලිවල කණු මුදුන් පියස්සට සවි වන කොටසෙහි
කැටයම් කළ කොතුරු පේකඩ දක්නට ලැබේ. ජයතිලක කොතුරු යන්නට ‘ශෘංග හෙවත් කොත්’ යි අර්ථ දෙන අතර කුමාරතුංග අර්ථ දෙනුයේ ‘කළ ය’ කියාය. සිරිවත : ජයතිලක, කුමාරතුංග දෙදෙන ම මෙය ‘සිරිමත’ යි ශුද්ධ කරති. ජයතිලක ඊට “ශ්රීල සෞභාග්යමයෙන් උපලක්ෂිත වූ” යි අර්ථ දෙයි. කුමාරතුංග “ශ්රීටමත් වූ” යි අර්ථ දෙයි. අත් පිටපත් අනුව නම් ඇත්තේ “සිරිවත” යනුවෙනි. පෙළ වෙනස් නොකර “සිරිවත - ශ්රීතවාස්තු වූ: ශ්රීර කාන්තාවට වස්තු හෙවත් වාසස්ථානය වූ” යන අර්ථය ගත හැකිය. එය මෙතන්හි ගැළපේ. “සිරිවත මෙපුර සරි පුරයෙක් නම් කවර” යි හංස සන්දේශ පද්යැයක ද (13) හමු වේ. විවරණ 189 167. සහසෙන් ඇමති ගණ මන කුමුදු කර නඳ පැහැපත්1 යුගත්2 පියුමිළු කර මුහුළු සෙද සිහිසන උදය ගිරි මුදුනතෙහි සිරිනද සහතොස මෙඅප3 නරනිඳුසඳ වැජඹී සඳ
පදාර්ථ සහසෙන්, සේනා සහිත: ඇමති ගණ මන කුමුදු. ඇමති සමූහයාගේ සිත් නමැති කුමුදයන්: නඳ කර, සතුටු කොට (පුබුදුවා) : පැහැපත්, පැහැපත් වූ: යුගත් පියුමිළු, දෙඅත් නමැති නෙලුම් ගාල: සෙද මුහුළු කර, වහා මුකුලිත කොට (හකුළුවා): සිරිනද, ශ්රී යෙන් නද්ධ (- වැසුණා) වූ: සිහසන උදය ගිරි මුදුනෙහි, සිංහාසන නමැති උදය පර්වත මුදුනෙහි: මෙඅප නරනිඳු සඳ, මේ අප නරේන්ද්රත නමැති චන්ද්රායා: සහතොස වැජඹී සඳ, සන්තෝෂයෙන් වැජඹුණු කල්හි (මතු සම්බන්ධයි)
විස්තර සහසෙන් ඇමති ගණ: ඇමතිවරු සේනාව සමඟ කෙළින් ම රාජ සභාවට රැස්ව සිටිති. සේනාව උනුන්ගේ ආරක්ෂාවටය. මන කුමුදු කර නඳ: සිත් නමැති කෞමුදයන් සතුටු කරවා. සඳු කොඳ කුමුදු පුබුදුවයි. . කුමුදු නම් හෙළුපුල්ය: සුදුමහනෙල්ය. කුමුදු නඳ කිරීමක් නැති හෙයින් පොබයා යන අර්ථ ගත යුතුය.
158. කැලුමින්4 යුතු මුතුලැල් ලඹ දෙන මල් දමිනවුලේ වියනින් පට නවහම් කළ තිරයෙන් දිගු පුළුලේ ගන රන් වැට පහනින් තුඟු කලසින් මලිනුදුලේ මෙඇමින් සැදි අබියෙස් ඔහු මනරම් රඟ මඬලේ
පදාර්ථ කැලුමින් යුතු, කාන්තියෙන් යුක්ත, මුතුලැල් ලඹ දෙන මුතුවැල් එල්ලෙන්නා වූ : මල් දමිනවුලේ. මල් දම්වලින් ආකුල වූ: පව වියනින්, පට (රෙද්දෙන් කළ) වියනින් (ද) : දිගු පුළුල් දික් වුත් පුළුල් වූත් නවහම් කළ තිරයෙන් අලුතින් වැඩ දැමූ තිරවලින් (ද) ; ඝන රන් වැට පහනින් ඝන ස්වර්ණ ප්රෙදීපාලෝකයෙන් (ද;) මලිනුදුලේ, මල්වලින් බබළන: තුඟු කලසින්, උස් පුන්කලස්වලින් ද (යන): මෙඇමින්. මේ සියල්ලෙන් ඔහු අබියෙස් සැදි, එරජු ඉදිරිපිට අලංකාර වූ: මනරම් රඟ මඩලේ, සිත් ඇද ගන්නා නෘත්යි මණ්ඩලයෙහි (මතු සම්බන්ධයි)
විස්තර මුතුලැල්: මුක්තාලතිකා. ලකා + ඉක + ආ > ලතිකා. මුතුවලින් කළ සිහින් වැල්.
1. අපැහැපත - ජ. 2. යුරත් - එ.: සපත් - ජ. 3. එ අප- එ. 4. කැලුමෙන් - ජ.
190 තිසර සන්දේශය
නවහම් කළ තිරයෙන්: නව කම්ම > නවකම් > නවගම. නොයෙක් විසිතුරු
මල් ලිය සත්ව රූප යෙදීම නවකම් කිරීමය. ගන රන්: ඝන රත්රන්, අමිශ්ර රත්රන්, මාඪ රන්. වැට පහනින්: වැට නම් ප්රකදීපයයි, පහනයි. ප්ර දීපාර්ථයෙහි වැටි, වැට, වැටුප්, වැටුපු, යන පද යෙදේ. මිහින්තලා ලිපියෙහි (E.Z. Vol. I, p. 89)”දා ගෙහි වැටි තෙලට්” යන තන්හි ‘වැට්’ යෙදෙනුයේ ප්රහදීප යන අර්ථයෙනි. පහන නම් ආලෝකයයි. සැළලිහිණි සන්දේශයෙහි “නිමල් සඳ පහන් වැනි වැලි පිට උදුල” (31) යන පාඨයේ ‘පහන්’ යි යෙදී ඇත්තේ ද, ‘ආලෝකය’ යන අර්ථයෙනි. මේ අනුව ‘වැට පහනින්’ යන්නෙහි නියම අර්ථය ‘පහන් එළියෙන්’ යනුය. එසේ ද වුව ‘පහන් වැට’ යන අරුත ද ගත හැකිය.
169. තහලම් තල1 බෙර තම්මැට පට තන්තිරි ඩමරු2 නඩමේ ඩැක බෙර3 බොම්බිලි විණා4 මිණි සුසිරු බෙර මද්දල කහළම් රසු නිගළම් බඳි සොඳුරු මෙසියල් මහ ගිගුමෙන් පළ කෙරෙමින් සිදු අයුරු පදාර්ථ තහලම් තල, තාලම් පටය: බෙර, බෙරය: තම්මැට, තම්මැට්ටය: තන්තිරි, තන්ත්රිල විණාය: පට, පටහ (නම් බෙර) ය, ඩමරු ඩමරු (නම් ඩෙර) ය: නඩමේ, නඩමේ (නම් බෙර)ය: ඩැක බෙර, ඩැක (නම්) බෙරය: බොම්බිලි, බොම්බිලිය: විණා, වීණාය: මිණි සුසිරු, මාණික්යිමය ශුශිර (නම් නළා) ය: මද්දල බෙර, මද්දල (නම්) බෙරය: කහළම්, කාළම්ය, නිගළම් බඳ රසු, කිකිණි බැඳි ගිගිරි වළලුය, සොඳුරු මෙසියල්, (යන) සුන්දර වූ මේ සියල්ලෙහි: මහ ගිගුමෙන්, මහා ගර්ජනයෙන්. සිඳු අයුරු පළ කෙරෙමින්. සමුද්රමයේ ආකාරය ප්රහකාශ කෙරෙමින් (මතු සම්බන්ධයි)
විස්තර රාජ සභාවේ වාදනය කරනු ලැබූ බෙර, විණා සහ නළා වර්ග මෙහි දැක්වේ. පුරාණ ලංකාවේ භාවිත කෙරුණු වාද්යි භාණ්ඩ සිංහල ථූපවංසය, දළදා සිරිත, සිහබා අස්න ආදි කෘතිවල ද එකින් එක නම් වශයෙන් සඳහන් වෙනත් ඒ ඇතැම් භාණ්ඩ අද නියම වශයෙන් හඳුනා ගැනීම පවා අසීරුය. තහලම් තල: තාලම් පොටය. අත්තාලම්, කයිතාලම් යි දෙවර්ගයක් ගැන සඳහන් වේ. තාලම සංස්කෘත හා පාළි භාෂාවල ‘ඝන’ නමින් ව්ය වහාර වෙයි. ‘තහලම්’, තාලම්’ යන පද ලීවිමේ දී මුර්ධන්ය් ‘ළ’ කාරය යොදතත් එසේ කීරීමට හේතු නැති සේය. බෙර: මෙම පද්ය්යේ අනෙක් බෙර විශේෂ කිහිපයක් ගැන ද සඳහන් වන හෙයින් ‘බෙර’ යන්නෙන් ඒ අනෙක් බෙර විශේෂවලට වෙනස් සාමාන්ය බෙරය අදහස් කෙරෙන බව අනුමාන කළ හැකිය. ____________________________________________________________ 1. කළ - කු. 2. ධමුරු - කු. 3. නඩගම් මක බෙර - එ.: තඹමේ ටක බෙර - කු. 4. විහිණා - කු.
විවරණ 191 තන්තිරි: තන්ත්රී නම් විණා විශේෂයකි. අභිධානප්පදීපිකාව අනුව “සත් තතක් ඇති වීණාවක්” බව කියවේ (සූභූති . 1938, 138 පිටුව). පට : පටහ නම් බෙර විශේෂයක් ගැන සිංහල ථූපවංසය සඳහන් කරයි. ‘පටා බෙර’ යි දඹදෙණි අස්නෙහි සඳහන් ය. කුමාරතුංග සංස්කරණයෙහි ‘තන්තිරිපට’ යි තනි වචනයක් සේ ගෙන බෙර විශේෂයක් ලෙස අර්ථ දැක්වේ. නඩමේ : අපැහැදිලිය. ජයතිලක “නළා ය” යි අර්ථ දෙන අතර කුමාරතුංග “තඹමේ ටක බෙර” යි පෙළ සකසා “තාමුමය ඩක්ක හේරි” කියා අර්ථ කියයි. ඩැක බෙර: “ඩැක්කි උඩැක්කි” යනුවෙන් සිංහල ථූපවංසය, දළදා සිරිත, කාව්ය ශේඛරය යනාදි පොත්වල යෙදෙන බෙර විශේෂය විය යුතුය. ‘උඩැක්කිය වැනි දිග තුර්ය භාණ්ඩයකි. උඩැක්කියේ වට තුනක් තිබේ. උඩැක්කි ඇස මැදට වඩා පළල් නමුත් ඩැක්කි ඇස එතරම් පළල් නොවේ” යි වැලිවිටියේ සෝරත හිමියෝ පවසති. (දළදා සිරිත. 105 පිටුව). බොම්බිලි: පැහැදිලි නැත. ‘බොම්බිලි’ යන පදය තෙලිඟු ‘පබ්බ’ යන වචනයට ‘ලො’ යන බහු වචන ප්ර ත්ය‘ය එකතු වී “පබ්බලො” යි සිද්ධ වී ඉන් ‘බොම්බිලි’ යන්න සෑදුණු බව වැලිවිටියේ සෝරත හිමියෝ පවසති (දළදා සිරිත, 107 පිටුව). ඇතැම් සංස්කාරකයෝ එය ‘නළා’ විශේෂයක් බව සලකති. මිණි සුසිරු : මැණික් එබවූ සුසිරි නම් නළා විශේෂයක් බව අනුමාන කළ හැකිය. ජයතිලක ඊට අර්ථ දෙනුයේ “ඝණ්ටා ය. ශුෂිර ය” යනුවෙනි. ජයතිලක “මණි’ යන්න “මිණී ගෙඩි” වලට සමාන කරන බව සිතා ගත හැකිය. කහළම්: කාළම් නළා වෙසෙසකි. සිංහල ථූපවංසයෙහි ‘කාලදම්’ යි යෙදෙනුයේ ද මේ විය හැකිය. සැලළිහිණි සන්දේශයේ “මුර ගා අහෝ මිණි කාළම වෙහෙස විඳි” (82) යි යෙදේ. 170. කැලුමින් යුතු ලකරින් සොඳ සු ව ඳි න් නන වෙසිනි සැදෙමින් තිර අතුරෙන් එළි බ සි මි න් ඉඟි ලෙසිනී කි ය මි න් හිමි නි රි ඳු න් සොමි තියු ගි රස බසිනී ර ඟ මි න් ලිය ස ම ඟි න් සිටි නළු කැ න් දකු තොසිනී පදාර්ථ කැලුමින් යුතු, කාන්තියෙන් යුක්ත: ලකරින් සොඳ සුවඳින්, ආභරණවලින් ද යහපත් සුගන්ධයෙන් ද: තන වෙසිනි. නොයෙක් වේශයන්ගෙන්: සැදෙමින්. සැරසෙමින්, තිර අතුරෙන් ඉඟි ලෙසිනි එළි බසිමින්. තිර (ජවනිකා) අතුරෙන් ඉඟිය අනුව එළියට එමින්: සොමි නිරිඳුන් හිමි තියු ගී, සෞම්යි වූ නරේන්ද්රඉ ස්වාමින්ගේ ස්තුති ගීතිකා : රස බසින් කියිමින්.
1. කැළුමින් - කු. 2. අතුරින් - කු.
192 තිසර සන්දේශය රසවත් වචනවලින් ප්ර කාශ කරමින්: ලිය සමඟින් රඟමින් සිටි නළු කැන්, කාන්තාවන් සමඟ රැඟුම් පවත්වමින් සිටියා වු නාටක සමූහයා; තොසිනි දකු, සන්තෝෂයෙන් දකින්න.
විස්තර කාන්තිමත් ආභරණවලින් සැරසි සුවඳ වර්ග ආලේප කර ගෙන නළු නිළියෝ රාජ සභාවට පැමිණ රජුට ඉතා සතුටින් ස්තුති ගීතිකා ගායනා කරති. ඒ රාජ සභාවේ තිර ඇද සරසා ඇත. ඔවුන් රාජ සභාවට නොහොත් රඟ මඩලට පැමිණීම නම් එළි බැසීමය. ඒ එළි බසින්නේ හිතු මානපයට නොවේ; සූත්රදධරයාගේ ඉඟිය අනුවය. ‘ඉඟි ලෙසිනි’ යන්නට ‘කැමැත්ත පරිදි’ කියා ද අර්ථ දිය හැකිය. මීට ජයතිලක “අභිප්රාොයානුකූල ව” කියා ද කුමාරතුංග “සංඥානුරූප ව” කියා ද අර්ථ දෙති. “තියු ගී” නම් ස්තුති ගීතය, රාජ ස්තෝත්ර ය: විරිදු ගීය. රජුන් පිළිබඳ ස්තෝත්ර ගායනා සඳහා විරුද කාව්යත, ප්ර ශස්ති කාව්යක යන නම් යෙදේ. ඉඟි ලෙසිනි: ඉංගිතාකාරයෙන්. ආභාර්යාහිනය මඟින් නැටුම්වල දී ඉඟි බිඟි පෑම. විත්තභාව පළ කිරීම.
171. නියෙන1 බරතැදුරන් කී ලෙසටා බැස රඟ තම නතු පදයෙහි පි හි ටා නු ව න ග බැලුමන් ලා සුබ දි ග ටා ප ඩෙ ර ඟ රඟ සිරි පෑ වැනි2 එ වී ටා පදාර්ථ නියෙනග, ඥානයෙන් අග්ර වූ: බරතැදුරන් කී ලෙසටා, භාරත ආචාර්යවරයන් කියූ පරිදි: රඟ බැස, රංගනයට පිවිස, තම නතු පදයෙහි පිහිටා, තමාට අයත් වූ පද තාලයෙහි යෙදී සුබ දිගටා, ශුභ දිශාවට; නුවනග බැලුමන් ලා, නෙත් බැලුම් හෙළා; පඩෙරඟ රඟ සිරි, ඊශ්වරයාගේ නැටුමෙහි අලංකාරය, එවිටා පෑ වැනි. ඒ අවස්ථාවෙහි පෙන්නුවා වැනිය.
විස්තර : නියෙනග බරතැදුරන්: නියෙනග < නියෙන් + අග, ඥානයෙන් අග්ර. වූ: බරතැදුරන් < බරත + ඇදුරන්. නාට්යය ශාස්ත්රවය භරත නම් මහා සෘෂීන් විසින් නිපදවනු ලැබූ බවත්, ඔවුන් විසින් නාට්‍ාගශාස්ත්රැ නම් කෘතිය සම්පාදනය කරනු ලැබූ බවත් ප්රාකටය. ඒ හේතු නිසි ම ඔහු ඥානයෙන් අග තැන් පත්ය. භරතයේ නාට්යව ශාස්ත්රවය උගන්වන භාරතීය ආචාර්යවරයන් ද”බරතැදුන්” ලෙස සැලකිය හැකිය. කුමාරතුංග සංස්කරණයේ එය “නිගැන’ග බරතැදුරන්’ යි ශුද්ධ කොට ‘අග්රණ වූ භරතාචාර්යයන් හට ද නිග්රරහ කොට” යි අර්ථ දැක්වේ. ____________________________________________________________ 1. නිගැන’ ග - කු. 2. පාමින් - එ ; පෑ මෙන් - කු.
විවරණ 193 තම නතු පදයෙහි පිහිටා : ‘නතු’ යන්නෙන් නැමුණු. අයත්. අනුකූල යන අර්ථ ගැනේ. නැටුම්. ගැයුම්, වැයුම් සම්බන්ධයෙන් තමන්ට අයත් වන පද තාල අනුගමනය කිරීම හෝ ඒ උල්ලංඝනය නොකිරීම නළුවාගේ කාර්යය වේ. සුබ දිගටා : ශුභ දිශාවට, ශුභ යන්නෙන් යහපත්. සුන්දර. මනෝඥ යන අර්ථ ලැබේ. මෙහි සුබ දිග නම් රජතුමා සිටින දෙසය. කෝකිල සන්දේශයෙහි ‘නඟමින් අත එළමින් සුබ රහ බැලුමන් දී” (281) යි යෙදේ. පඩෙරඟ රඟ : පඩෙරඟ නම් ඊශ්වරය. පණ්ඩ රංග, දේව කථා අනුව මෙහෙසුරා සුදු පැහැතිය. පඩෙරඟ රඟ නම් ඊශ්වරයාගේ නැටුමය. ඔහු නැටුමෙහි දක්ෂයෙකි. ඊශ්වරයාගේ සන්ධ්යාඊ රංගය නම් ශිව කාණ්ඩය නෘත්යෙයයි.
172. නඳනා ගණිඳුට1 පුද කළ නිමලි මලිගිය මල් සැදි2 රඟ බිම සුනිලි කිරි සයුරලළන3 සෙමෙ4 රසිනුදුලි5 දිය බිඳු රැඳි වෙන් උර සිරි කියලි
පදාර්ථ නඳනා ගණිදුට පුද කළ, නන්දකනිය ගණ දෙවිඳුට පූජා කළා වූ: නිමලි මලිගිය මල් සැදි, නිර්මල ඉද්ද මල්වලින් අලංකෘත වූ: සුනිලී රඟ බිම, ඉතා නිල්වන් රංග භූමිය; කිරි සයුරලළන සෙමෙ, කිරි මුහුද කළඹන කල්හි: රසිනුදුලි, රශ්මියෙන් බැබළෙන: දිය බිඳු රැඳි, ජල බින්දු රැඳුණා වූ: වෙන් උර සිරි කියලි, විෂ්ණුගේ ළයෙහි ආකාරය කියා පෑවේය.
විස්තර ගණිඳු: ගණ - ඉඳු, ගණ දෙවියා. ඝ්රාඟණ (සං) > ගණ, නාසය, සොඩය, ගණදෙවි, ගණපති, ගණිසුරු යනාදි නම් යෙදේ. ශිව - පාර්වතී දෙදෙනා ගේ හෝ පාර්වතියගේ පමණක් හෝ පුත්රනයා ලෙස සැලකේ. ඇත් සොඩක් ද, අත් සතරක් ද, විශාල උදරයක් ද ඔහුට තිබේ. “පින් ඇති ගණදෙවි නුවණක් දෙනනේ” (35) ආදි වදන් කවි පොතේ එන පාඨ අනුව නුවණ හා ආශ්රිණත දෙවියෙකි. මලිගිය මල්: ඉද්ද මල්ය. ඇතැම්හු මේ සමන් මල් යි සලකති. “ඉද්ද බොලිදි මලිගිය - මලපුදු එකක් වනුයේ” යන රුවන්මල් නිඝණ්ටු (218) ගිය අනුව ඉද්ද මල් බවට සැක නැත. ගණ දෙවි නැටුමේ දී රඟ බිමේ ඉද්ද මල් විසිරවු බව පෙනේ. සුනිලී රඟ බිම: ඉතා නිල් වූ රංග භූමිය. සුනිලි ආදී පද අග එළිවැට සඳහාය. කිරි සයුරලළන සෙමෙ: සයුර - අලළන > සයුරලළන. කිරි සයුර ක්ෂිර වර්ණය: එනම් සුදුය. පෙර පැවති සුර - අසුර යුද්ධයේ දී විෂ්ණු
1. ගිනිඳුට - එ. 2. රැඳි - කු. 8. කිරි සයුරලළත -කු. 4. මෙර - කු.: 5. ගසිනුදුලී - කු. 198 තිසර සන්දේශය දේවයා විසින් කිරි සයුර කළඹන ලද බව කියවේ. “පෙර උවිඳා ගෙන ගිරිඳා සිඳු සලත” (62) යනාදි වශයෙන් සැලළිහිණි සන්දේශයේ සඳහන් වන්නේ ද එදා විෂ්ණු මන්දර පර්වතය ගෙන කිරි මුහුද කැළමූ පුවතය.
රඟ හල පිළිබඳ වර්ණනසකි. එහි බිම නිල් පැහැතිය. ගණ දෙවියාට පූජා පිණිස පවත්වනු ලැබූ රැඟුමේ දී ඉද්ද මල් ඉසින ලදි. ඉද්ද මල් සුදුය. එහි අලංකාරය කෙබඳු ද යත්. කිරි සයුර කළඹන කල්හි විෂ්ණුගේ ළැම පෙදෙසෙහි විසිරුණු දිය බිඳු වැනිය. මුව දෙව්දාව, කව්සිළුමිණ ආදි කෘතිවල ද මීට සමාන අදහස් දක්නට ලැබේ. එක ම වෙනස නම් ගණිඳු වෙනුවෙන් කළ පූජා නැටුමක් ගැන සඳහන් නොවීමය.
සලත දිය වැඩෙති - කිරි සයුර ගොවිදුහු උරැ වතළ කිරි සිලිල් බිඳු - වැනි වී තරු නුභ තෙලේ.
- මුව දෙව්දාාව, (68)
සහතර තරු වැලනුදුල - ගුවනෙව් තෙවුනා විසුර අසෙනිය කුසුම් - සුනිල් මිණි බිම් රඳනා - කව්සිළුමිණ, (6. 46) 173. පිඹිනා වස්දඩු ගොසා කාළමටා වයනා1 මද්දල බෙර තාලමටා රඟනා නොහැර ම එම තාලමටා ලියනා දුට තොස වේ තා ළමටා
පදාර්ථ පිඹිනා වස්දඬු ගොස, පිඹින්නා වූ බටනළා නාදයට ද; කාළමටා, කාහළ නාදයට ද, වයනා මද්දල බෙර තාලමටා, වාදනය කරන්නා වු මද්දල බෙර තාලයට ද, එම තාලමට නොහැර ම රඟනා, ඒ තාලවලට අනුකූලව ම නටන්නා වූ; ලියනා දුට, කාන්තාවන් දුටු කල්හි; තා ළමට තොස වේ. නුඹගේ සිතට සන්තෝෂය (ඇති) වන්නේය.
විස්තර බෙර තාලම: බෙර තාලයයි. තාලයට ම තාලම කියා ද භාවිතා කර ඇති තැනකි. ස ම ඟ ගී තරඟ තාලමට සරි කොට මෙරඟ නළඟනන් රඟ කොට නැවති විට යන හංස සන්දේශ (111) පද්යතයේ යෙදී ඇත්තේ ද ඉහත කී අර්ථයෙනි. තා ළමටා (සිවු වැනි පාදය): තාගේ හෘදයට. ‘ළම’ යන්න හෘද්වාචී ශබ්දයකි. “රණ දෙරණත නොසැලේ දෝ කා ළම” යන පැරකුම්බා සිරිත (47) පද්ය පාඨයේ “ළම” යෙදෙනුයේ ද මෙම අර්ථයෙනි.
1. වසනා - එ.
විවරණය 195 එළිසමය සඳහා මෙහි පද වෙනස් කර ඇති බව සලකන්න.
174. මිටු ගත හැකි1 තුනු2 වළඟින් නිමලේ පටු නළලැති ළද සොඳ මුව කමලේ දුටු සඳ දිගු බැම බිඟුවැල සසලේ තුටු නළ රඟ දෙයි3 මන රඟ මඬලේ
පදාර්ථ මිටු ගත හැකි, මිටින් ගත හැක්කා වූ: තුනු වළඟින්, සිහින් ඉඟෙන් යුතු: නිමලේ, නිකැලැල්: පටු නළලැති, නොපළල් නළල ඇති: ළද සොඳ මුව කමලේ, තරුණ, සුන්දර මුහුණ නැමති පියුම්හි: යසලේ, චංචල වන: දිගු බැම බිඟු වැල, දික් වූ බැම නමැති මී මැසි පෙළ: දුටු සඳ, දුටු කල්හි: තුටු නළ, සතුට නමැති නළුවා: මන රඟ මඬලේ සිත නමැති කරලියෙහි රඟ දෙයි. නැටුම් පවත්වයි.
විස්තර තුනු වළඟින් : ‘තුනු’ යන්නෙන් ‘ශරීරය’ යන අර්ථය මෙන් ම සිඟින්. කුඩා යන අර්ථ ද ලැබේ. ‘වළඟ’ යන්නෙහි අර්ථය ‘කාශ වූ අංගය’ යනුයි. කව්සිළුමිණි පුරාණ සන්නය ඊට දී ඇති අර්ථය නම් “කෘග මධ්ය‘ය” යනුයි. ශරීරයේ කෘග වූ අංග ය නම් ඉගටියයි. සිගිනිඟ රූමත් ස්ත්රීංන්ගේ ලක්ෂණයකි. ‘වළඟ’, ‘වලඟ’ යන රූප දෙක ම යොදනු ලැබේ. සසලේ: සැලලෙන, සසල < වංචල, ‘යස ලේ’ යන්නෙන් ‘චන්ද්ර් ලේඛා’ (අඩ සඳ) යන අර්ථය ද ලැබේ. මේ ද ඇසි බැම් සඳහා කවිසමයෙහි යෙදුණ රූපකයකි. මේ නළඟනන්ගේ ඉඟ මිටින් ගත හැකි තරම් සිහින්ය. නළල් තල නිකැලැල්ය: පටුය. සුන්දර මුහුණ පියුම වැනිය. බැම දිගටිය. මුහුණෙහි ඇහි බැම කෙබඳු ද යත් පියුමක හැසිරෙන මී මැසි කැළක් වැනිය. මේ දැකීමෙන් සන්තෝෂය ඇති වේ. සන්තෝෂය නළුවෙකි. සිත රඟ බිමෙහි නැටුම් පවත්වයි.
175. ලකුළුව රඟ දෙන ලිය රුවිනුදුලා බැමළුව නෙතු සැර සරහා මුවලා සලෙළුව නළලත් විද විද නොවලා ම ද ළු ව සැතපිණි4 සිය කැමිනොබලා
පදාර්ථ රුවිනුදුලා, රූපයෙන් බැබළෙමින්: ලකුළුව රග දෙන ලිය, අලංකාර ලෙස නැටුම් නටන්නා වූ කාන්තාවන්: බැමළුව, බැම නමැති දුන්න.
1. ඇති - එ, 2. තුඟු - එ. කු. 3. දෙති - එ. 4. සැතැපිණි - කු. ජ.
196 තිසර සන්දේශය මුව ලා, මුවහත් කොට; නෙතු සැර සරහා, නේත්ර නමැති ඊයෙන් සරසා ගෙන: නොවලා විද විද, නොනවත්වා විදිමින්: සලෙළුවනළලත්, විනෝදකාමීන් කළඹන කල්හි; සිය කැමිනොබලා ස්වකීය කාර්යයෙන් දුර්වල වූ: මදළුව, අනංගයාගේ දුන්න: සැතපිණි, විශ්රායම ගත්තේය.
විස්තර ලකුළුව : ලකළ, ලකුළු, අලංකෘත, අලංකාර ලෙස. බැමළුව : බැම - අළුව, අළුව නම් ඊ තල ඇද හරින කරුව හෝ දුනු කඳ ය. ඒ අර්ථයෙන් දුන්නට ද යෙදේ. ඇස් බැම මඳක් වක්ය. සිහින්ය, දිගටිය. දුනු කඳ ද එවැනි හෙයින් යෙදු රූපකයකි. මුව ලා: මුව නම් මුඛයයි. මුණතයි. මුව ලැම නම් ආයුධයක් සියුම් ලෙස කැපෙන සේ ගෑමය. මුව අත්/මුවහත් තැබීමය. නෙතු සැර සරහා: නෙත් - සැර. සැර සැර නම් ඊයය ඊ තලය. සැරහීම නම් සන්නද්ධ කිරීමය. බැම නමැති දුන්න ඇස් නමැති ඊයෙන් සන්නද්ධ කොට. නොවලා: නොවළකා, නොනවත්වා සලෙළුවනළලත්: සලෙළුවන් + අළලත් සල්ලාලයන්. විනෝදකාමි ජනයන්. ඇළලීම නම් කැළඹීම ය. සිය කැමිනොබලා: කැමින් - ඔබල (පහත දැක්වෙන කව්සිළුමිණි ගීය බලන්න) මල්සරාගේ කාර්යය නම්. හදවත් තුළට මල් හී විද, රාගය ඇති කිරීමය. ඒ කාර්යයෙන් දුර්වල වූ බවයි. සැතපිණි: සන්තර්පණය. සැතපීම නම් විවේක ගැනීමය. මෙහි දී අනංගයා විවේක ගත්තේ ස්වකීය කාර්යය මේ කාන්තාවන් වඩා සාර්ථක ලෙස කරන බව තේරුම් ගත් හෙයිනි. මේ තිසර පද්ය්ය මතු දැක්වෙන කව්සිළුමිණි ගීය හා සැසඳිය හැකිය: සලෙලුවන් අලළත - පුරයෝනන් නුවන් හී සියකැමිනොබල මල්සර - සැතපී ගිවී මල් සර (1. 14)
176. රැ න් දු වරලස පිපි මල් පන්දු ප න් දු කෙළ යළි කියමින් සින්දු සි න් දු මන1 ගිම් දැක ඒ සොන්දු සොන්දු තොප දිවි ලත් පල වින්දු
පදාර්ථ: පිපි මල් පන්දු, පිපුණා වූ මල් ගුළා: වරලස රැන්දු, කොණ්ඩයෙහි රැඳවු: පන්දු කෙළ, පන්දු ක්රීලඩා කරමින්: යළි කියමින් සින්දු, නැවත සින්දු කියමින්, මත ගිම් සින්දු: සිත්හි විඩාව නැති කළ, ඒ සොන්දු දැක, ඒ සුන්දරීයන් ඇත, තොප දිවි ලත් පල, තොපගේ ජීවිත ලාභයෙහි ඵලය, සොන්දු වින්දු, මනා කොට විඳුව.
1. මැනැ - කු.
විවරණ 197 විස්තර මෙහි ‘පන්දු’ , ‘සින්දු’ ආදි වශයෙන් මුල සහ අග වචනවල ‘දු’ කාරය එළිවැට සඳහාය. මල් පන්දු: මල් බෝල, මල් ගුළා, කොණ්ඩ සැරසීම සඳහා මල් වට යොදා ගනී. මන ගිම්: මනසෙහි. සිතෙහි විඩාව. ගිම් යන්නෙන් ග්රී ෂ්මය, දාහය. විඩාව යන අරුත් ලැබේ. සොන්දු: සුන්දරියන්. යහපත් ස්ත්රී.න් යන අර්ථයි. මෙය ‘සොඳ - දු’ යන දෙපදය එකතු වීමෙන් සදා ගත හැකිය. එසේ ම සොඳහු - සොන්ද්හු - සොන්දු යනුවෙන් ද සෑදේ. “සොන්ද සෙකත්” යන සීගිරි ගී (559) පාඨයේ “සොන්දු” යෙදෙන්නේ ‘යහපත්’ ‘සුන්දර’ යන අර්ථයෙනි. 615 වන ගීයේ ‘සොන්ද්’ යෙදෙනුයේ ද ඒ අරුතින් ම ය. සොන්දු: සිව් වන පාදයේ මුල ‘සොන්දු’ යන්නට සොඳව, මනා කොට, මැනවින් යන අර්ථ දිය හැකිය. කුමාරතුංග ‘සොන්දු සොන්දු’ යන දෙපදය ම එකට ගෙන “ඒ සුන්දර ස්ත්රීුන්ගේ ස්වර්ණ දූතිය’’ යි අර්ථ දෙයි. වෙනත් සංස්කරණයන්හි ‘යහපත් ස්ත්රීගන්ගේ සෞන්දර්යය” යි ද අර්ථ දැක්වේ.
177. සඳමින් වරලස මලිගිය මලිනා සුදඹර1 ගෙන රඟ දෙන ලිය ලෙසිනා එනිරිඳු යස වෙන වෙන පිඬු වෙමිනා පැලඹෙන වැනි ඒ රඟෙහි2 ම සොබනා පදාර්ථ වරලස මලිගිය මලිනා සදමින්, කෙස් කලබ ඉද්ද මල්වලින් සරසමින්: සුදඹර ගෙන, සුදු වස්ත්රි හැඳ, රඟ දෙන ලිය ලෙසිනා, නැටුම් පාන කාන්තාවන් ආකාරයේන්: එනිරිඳු යස, ඒ රජුගේ කීර්තිය: වෙන වෙන පිඩු වෙමිනා, වෙන් වෙන්ව (කීර්ති) පිණ්ඩ බවට පත් වෙමින්: සොබනා ඒ රඟෙහි ම, ශෝභන වූ ඒ රංගයෙහි ම: පැලඹෙන වැනි, හැසිරෙන්නාක් වැනිය.
විස්තර සුදඹර ගෙන: සුදු - අඹර. අඹර නම් වස්ත්රයයි. සුදු වස්ත්ර් ඇඳ ගෙන, කුමාරතුංග “සුදඟර” යි පෙළ සකසා “ශුභ්ර අංගරාග” යි අර්ථ දෙයි. සුදු දුහුල් ඇඳි කතුන් ගැන කවිසමයෙහි සඳහන් වේ. මතු දැක්වෙන සියබස්ලකර ගීය බලන්න. අලුත් සඳුන් මලි - ගිය මල් දම් බර වරල අබිසරුවෝ සෙදුහුල හන් - සිසි රස්හි නොපෙනෙනුවෝ (227) රඟ මඩලෙහි රැඟුම් දෙන කතුන්ගේ වරලස සරසා ඇති මලිගිය මල් නිසා ද, ඇඳි සුදු වස්ත්රෙ නිසා ද, සුදු පැහැය ම ඉස්මතු වේ සුදු ____________________________________________________________ 1. සුදහර - කු.: සොඳඹර - එ. 2. රගෙහි - එ.
198 තිසර සන්දේශය පැහැය පිඬු පිඩුව හැසිරේ. එය කෙබඳු ද යත්; රජුගේ කීර්තිය පිඩු පිඬුව හැසිරෙනු වැනිය. කවිසමයේ දී කීර්තිය ද සුදු පැහැ ගනී.
178. පැහැසර රන් මිණි බරණින් ලකුළු අඟනන්1 රඟ බැස නොව කිසි කෝළු2 ගතඹල වෙන්3 වට විහිදුණු සෙ සළු මදහුගේ සේසත් සිරි පැයි යහළු
පදාර්ථ පැහැසර, ප්රවහාසාර වූ ( - කාන්තිමත්) : රන් මිණි බරණින් ලකුළු, ස්වර්ණ හා මාණික්යස ආභරණවලින් අලංකෘත, අඟනන්, කාන්තාවන්: කිසි කෝළු නොව, කිසිදු කෝළයක් නොව්: රඟ බැස, රඟ බිමට පැමිණ; වෙන් ගතඹළ, වේගයෙන් ශරීරය කරකවන විට: වට විහිදුණු සෙ සළු, (ඇඟ) වටා විහිදුණු සුදු සළු: යහළු, යහළුව, මදහුගෙ සේසත් සිරි පැයි, අනංගයාගේ සුදු කුඩයෙහි ශෝභාව පෑවේය.
විස්තර කෝළු: කෝළ / කොහොල් බව. බියෙන් ලජ්ජාවෙන් පසු බෑම, සභාවට ඇති බිය. ලජ්ජාව යන අරුතින් සබකෝළය යන වචන යෙදේ. කුමාරතුංග “ කොමළු” යි පෙළ සකසා “කොමළ යැයි සිටිය යුතු තැනි’ යි පැහැදිලි කරයි. ගතඹල: ගත් - අඹල. සිරුර අඹරවමින්, කරකවමින් නැටීම. වෙන් : වේගෙන (පා.) > වේයෙන්, වේ + එන්. 143 වැනි පද්යායෙහි ද ‘වෙන්’ මේ අර්ථයෙහි ම යෙදිණ. සෙ: ශ්වෙත > සේ > සේ සුදු. සේසත්: සුදු කුඩය, ශ්වේත ඡත්රසය භ්රුමණය වන නිළියගේ ඉඟ වටා ඉස්සී පැතීරී විදැගෙන සළුව අනංගයාගේ සේසත සේය.
179. කී කී බසටා කියමින් කවටා සබඳ ද නොගටා නඟමින් ගියටා රඟ දෙති සතුටා ලිය මේ ලෙසටා ඒ දුටු නෙතටා රසඳුන් කිමටා
පදාර්ථ කී කී බසටා කීයු කීයු වචනයට; කවටා කියමින්, විකට බස් කිය කියා; සබඳ ද නොගටා, සම්බන්ධය ද වෙනස් නොකරමින්; නඟමින් ගියටා, ගීයට පෙරළමින්; සතුටා ලිය. සන්තෝෂ වූ කාන්තාවෝ; මේ ලෙසටා, මේ ආකාරයෙන්; රඟ දෙති. නැටුම් කරති.; ඒ දුටු නෙතටා, ඒ දුටුවා වූ ඇසට; රසඳුන් කුමටා, රසාඤ්ජන කුමට ද?
1. අගනක - කු. 2. කොමළු - කු. 3. මෙන් - කු.
විවරණ 199
විස්තර එළිය සඳහා ‘බසටා’, ‘කවටා’ ආදි වශයෙන් පද වෙනස් කර ඇත. කවටා කියමින්: වාදකයන් කියන වචන වෙනත් තේරුම්වලට ගනිමින් විකට වචනවලින් නරඹන්නන් හිනැස්සීම දැනුදු කෝලම්, බලි තොවිල් ඈ ජන රංගනවල දක්නට ලැබේ. සබඳ ද නොගටා: ගීයට නැඟීමේ දී පද වාක්යත සම්බන්ධය නොකඩා. රසඳුන් : ඇස පිනවන, ඇසට සුව සෙත ගෙන දෙන නිල් පැහැ රස බෙහෙත් වෙසෙසකි. ඖෂධ දමා නිපදවන හෙයින් ද කාලවර්ණ හෙයින් ද රසාඤ්ජන නිලඳුන් නම් වේ.
180 නිලුපුල්1 දිගැසී තන රන් 2 කලසී විදුලිය2 සදිසී සියුමැලි4 දිගැසී රඟ බැස නොලසී5 රඟ දෙන විලසි දුටු6 එම විගසී7 මද තෙමෙ ඇවිසී8
පදාර්ථ නිලුපුල් දිගැසී, නිලෝත්පල වැනි දිගු ඇස් ඇත්තා වූ ද; තන රන් කලසී, රන් කලස් වැනි පියවුරු ඇත්තා වූ ද; විදුලිය සදිසි, විදුලිය හා සමාන වූ: සියුමැලි දිගැසි, සුකුමාර කාන්තාවන්: රඟ බැස, රඟ බිමට අවුත්: නොලසී රඟ දෙන විලසී, වේගවත් නැටුම් පවත්වන විලාසය: දුටු එම විගසී, දුටුවා වූ එකෙණෙහි ම: මඳ තෙමෙ ඇවිසී, අනංගයා ආවිෂ්ට වේ.
විස්තර එළිසමය සඳහා ‘දිගැසි’ ‘කලසී’ ආදී වශයෙන් පද වෙනස් කර ඇත. තන රන් කලසී: රනින් කළ කලස් වැනි පිරුණු පයෝධර ඇති. පියොවුරු රන් කලස්වලට උපමා කිරීම කවිසමයයි. සියුමැලි දිගැසී: දිගැසි නම් දිගු ඇස් ඇත්තිය යනුයි. එනම් කාන්තාවය. ‘නිලුපුල් දිගැසි’ යි මුල් පාදයේ යෙදුණේ ‘දිගු ඇස් ඇති’ යන අර්ථයේය. ‘සියුමැලි දිගැසි’ යන තන්හි ‘සුකුමාර කාන්තා’ යන අර්ථයි. එබැවින් පුනරුක්ත නොවේ. මඳ තෙමෙ ඇවිසී : මද තෙමෙ නම් අනංගයාය. ඇවිසි - අවුස් (ධා) ආවිෂ්ට විම. ඇඟට ආවේශ විම, වැසීමය. අවුසී (පරපද) , ඇවීසී (අත්පද) රූප ලැබේ. 158 පද්ය,යෙහි වැජඹී මෙවැන්නකි. අනංගයා ඇවිස්සිණ. කැළඹිණ යන අර්ථය ද ගත හැකිය. ____________________________________________________________ 1. නිලුපුලි - කු. 2. රන - කු 3. සිදුලිය - ජ. 4. සිවුමැලි - එ.කු. 5. නොලැසි - කු. 6. දුට - කු. 7. විගැසි - එ. කු. 8. අවුසි - කු.
200 තිසර සන්දේශය
181. වන් නෙත සව් සත සිත් තොස රැන්දු
රන් ලිය වන් ලෙළ සියුමැලි’ ළන්දූ
මන් ලෙස දෙත් රඟ රැවු දෙමිනන්දු
උන් දැක නෙත් තොප ලත් පල වින්දු
පදාර්ථ නෙත වන්, ඇසට වැදුණු (= දුටුවා වූ); සව් සත, හැම සතුන්ගේ ම; සිත් තොස රැන්දූ, සිත්හි සතුට රැඳවූ; රන් ලිය වන් ලෙළ, රන් වැල් සේ ලෙළ දෙන්නා වූ; සියුමැලි ළන්දු, සුකුමාර කාන්තාවෝ;රැවු දෙමිනන්දු, පා වළලු (නූපුර) රාව දෙවමින්; මන්, ලෙස, සිත් වූ පරිදි, රඟ දෙත්, නැටුම් කරති. උන් දැක, ඔවුන් බලා; තොප නෙත් ලත් පල, තොප ඇස් ලැබූ පලය; වින්දු විඳව.
විස්තර නෙත් වන්: ඇසට වැදුණු හෝ පැමිණි හෝ ලක් වූ, ඇසට වැදීම නම් දර්ශනය වීමය; දැකීමය. ළන්දූ : ළඳ-හු, ළන්ද් - හු, ළන්දු, මධ්යර ස්වර ලෝප, ව්යංඔජන සමීකරණ හා වෘද්ධි. රැවු දෙමිනන්දු: රැවු < රාව දෙමින් - අන්දු. ‘අන්දු රැවු දෙමින්’ අන්දු නම් පයේ ලන ගිගිරි වළල්ලය. නූපුර, පාද බන්ධන යන නම් ද යෙදේ. ඇතුන් බඳින යදම හෙවත් විලංගුව ද අන්දු/අන්දුක නමින් හැඳින්වේ.
182. සොබනා රුචිනා ම ද නා දිනනා ද කි නා මතිනා ලි ය නා පතනා සු ර නා නළනා ලෙසිනා රඟනා න ර නා නතනා ම විනා කෙවනා පදාර්ථ සොබනා රුවිනා, ශෝභන රූපයෙන්; මදනා දිනනා, මදනයා (-අනං - ගයා) දිනන්නා වූ; දකිනා මතිනා, දැකීම් පමණින්; ලියනා පතනා, කතුන් විසින් ප්රා්ර්ථනය කරනු ලබන්නා වූ, සුරනා නළනා ලෙසිනා, සුරනාථ (සක් දෙව් රජු) ගේ නළුවන් ලෙස; රඟනා රැඟුම් පානා; නරනා, මිනිසුන්; නතනා ම විනා, අනන්ත නාගයා ම හැර; කෙවනා, කවරෙක් වර්ණනා කෙරෙත් ද?
විස්තර එළිවැට සඳහා පද දීර්ඝ කිරීම් දක්නට ලැබේ. මදනා දිනනා: ‘මද’, ‘මදන’ නම් අනංගයාය. මෙහි 23 වැනි පද්ය යේ ද යෙදේ. ‘මදයට නායක’ යන අර්ථයෙන් ‘මද නා’ යනු ද අනංගයාට ම යෙදේ. ‘මදනා දිනනා’ යනු අනංගයා පරදවන්නා වූ යන අර්ථයි.
1. සිවුමැලි - කු.
විවරණ 201 දකිනා මතිනා: දැකීම් මාත්ර යෙන්, දැකීම් පමණින්. සුරනා නළනා: සුර නාථ, දෙවියන්ගේ’ නායක. එනම් සක් දෙව් රජය. ‘නළනා’ යනු නටයන්, නළුවන් යන අර්ථයි. ‘සුරනා නළනා’ යන්නට ‘දිව්ය නාග නාටකයන්’ කියා ද ඇතැම් සංස්කාරකයෝ අර්ථ දෙති. කෙවනා: මෙහි ‘කෙවනා’ යි යෙදී ඇත්තේ ඒක වචනයෙන් බව පෙනේ. බහු වචනය ‘වනත්’ විය යුතුය. ‘කො’, ‘කෙ’ යන සර්ව නාම පද සමඟ බහු වචන ක්රි යා පදය යෙදීම සාමාන්යත ක්රිමය වුව. ක්රිකයාව ඒක වචනයෙන් තුබූ මෙවැනි අවස්ථා ද වූ බව පෙනේ. “කෙ නම් නොගී තියු ගි” යන සසදාවත් (2936) පාඨය උදාහරණයකි.
අස්න
183. සි රි ව ත්1 එරඟ කෙළි නළු දැක්මෙන්2 නොමඳ තොසවත්3 එනරනිඳුසඳ4 බැති පෙමින් වැඳ මෙ පවත් පෙරටු කර කියමින් වෙමින් ඔද ද න් ව ත් මැනවී මෙඅසුන් මමිතුර එසඳ පදාර්ථ සිරිවත්, ශ්රිීයට වාසස්ථාන වූ; එරඟ නොමඳ කෙළි නළු; ඒ රංගයෙහි බොහෝ ක්රීවඩා සහ නැටුම්: දැක්මෙන් තොස වත්, දැකීමෙන් සතුටට පත්: එනරනිඳුසඳ, ඒ රජතුමන්: බැති පෙමින් වැඳ, භක්ති ප්රේෙමයෙන් වැඳ: ඔද වෙමින්, සතුටු වෙමින්: මෙපවත් පෙරටු කර කියමින්. මේ ප්රකවෘත්තිය ඉදිරිපත් කොට පවසමින්: එසඳ, ඒ මොහොතෙහි; මමිතුර, මාගේ මිත්රෘය; මෙ අසුන්, මේ හස්න: දන්වත් මැනවි, දැන්වුව මැනවී.
විස්තර සිරිවත්: සිරි- සම්පත්තිය. සමෘද්ධිය යන අර්ථ මෙන් ම ශ්රි, කාන්තාව යන අර්ථය ද ගැළපේ. වත්- වාස්තු වූ, නිවාස වූ, වාසස්ථාන වූ, ‘සිරි වත්’ (ශ්රිදවාස්තු) යන්නෙන් ‘ශ්රිසයට, සම්පත්තියට වාසස්ථාන වූ’ යන අර්ථය ලැබේ. “සිරිවමියට සිරි නිවෙස්” යන යෙදුම සසදාවතෙහි (207) එයි. ‘සිරිවත්’ යනු ව්යාවකරණ විරෝධි යයි සලකමින් එය ‘සිරිමත්’ යි වෙනස් කරන කුමාරතුංගයෝ “ශ්රී මත්” යි අර්ථ දක්වති. තොසවත්: සන්තෝෂයට පැමිණි, ප්රී තිමත්. ජයතිලක “සන්තෝෂප්රායප්ත වූ” යි අර්ථ දෙන අතර කුමාරතුංග එය “තොස මත්” යි සකස් කොට “සන්තෝෂයෙන් මත් වූ” යි අර්ථ කියයි. මෙම පදයෙන් දුතයා වෙත කාර්ය දෙකක් පැවරී ඇත. එකක් නම්, “මෙ පවත් පෙරටු කර” කීමයි. අනෙක ඉනික්බිති “මෙ අසුන්”
1. සිරිමන් - කු. 2. දැක්මෙනි - කු. 3. තොසමත් - කු. 4. සඳු- කු.
202 තිසර සන්දේශය දැන්වීමය. මෙය ගැටලුවක් සේ පෙනෙතත් ඉනික්බිති යෙදෙන පාඨයෙන් එය පැහැදිලි කෙරේ. පළමු පුවත රජු සතුටු කරනු සඳහාය. සන්දේශය දෙවැන්නය.
184. කෙපවත් පෙරටු කර කියමිනොහු සතුටු වන ලෙසේ1 මා2 කෙසේ වූ3 රස නුසුන් අසුන් යළි4 දන්වනු ද යත් පදාර්ථ කෙපවත් පෙරටු කර, කවර ප්රදවෘත්තියක් මුල් කොට: කියමිනොහු සතුටු වන ලෙසේ, පවසමින් ඒ රජු සන්තෝෂ වන පරිදි: මා කෙසේ වූ, මා විසින් කවර ආකාර වූ: රස නුසුන් අසුන්. රස නොසිඳි හසුනක්: දන්වනු ද යත්. දන්වනු දැයි කියතොත්.
විස්තර කෙපවත්: මෙහි ‘කෙපවත්’ යි සඳහන් වන්නේ 183 වැන්නේහි ‘මෙපවත් පෙරටු කර’ යි කී හෙයිනි. එසේ ම 9 වැනි පද්ය8යෙන් ‘රසනුසුන් අසුන් මතු කියමි’ යන්නට ද මෙය සම්බන්ධය. 184 පද්යයේ සඳහන් රජු සතුටු වන සේ, හසුනට පෙරාතුව පවසන පුවත නම් 185 පද්යවයේ සඳහන් පරිදි දෙව්නුවර යතිදකු හා මිතුරු වීමේ පුවතය. කියමිනොහු: කියමින් + ඔහු. රස නුසුන් අසුන්: රස ශුන්යු (රස හිස්) නැති හස්න. පණිවුඩය: රස භාව සහිත කාව්යස ස්වරූපි හසුන් පතක්. සැලළිහිණියෙහි: ‘එහසුන් පැසුළු පවසමි රස නුසුන් කොට’
185. තවසරවරකු හා5 දෙරණිසුරකු කැමති සමඟ මිතුරු වනු ලොව පැවතෙන සිරිති මම ද එයින් දෙව්නුවරෙහි වැජඹී නිති මිතුරු විමි යතිඳකු සමඟව ගුණැති පදාර්ථ කැමති, අභිමත; තවසරවරකු හා දෙරණිසුරකු, තපස්විවරයකු හා පෘථිවිශ්වරයකු; සමඟ මිතුරු වනු, එක්ව මිත්රප විම; ලොව පැවතෙන සිරිති, ලොව පවත්නා චාරිත්රියයි. එයින්, එහෙයින්; මම ද, මමත්; දෙව්නුවරෙහි නිති වැජඹී, දෙව්නුවරෙහි නිතර වැජඹුණු; ගුණැති යතිඳකු සමඟව, ගුණවත් සංඝ නායක කෙනෙකු හා එක්ව: මිතුරු විමි, යහළු වූයෙමි. විස්තර කැමති තවසරවරකු හා දෙරණිසුරකු: කැමති - අභිමත, තමන් ප්රිෙය කරන, තවසර - තපසෙහි හැසිරෙන්නා. තපස්වියා. වර - ගෞරවාර්ථයෙහිය.
1. ලෙස් - එ.ජ. 2. 0 - කු.; මම - එ. 3. කෙසෙව් - එ. 4. 0 - කු. 5. හෝ - කු.
විවරණ 203
තවසරවර - තපස්වීවරයකු. දෙරණිසුරකු= දෙරණ + ඉසුරු > දෙරණි සුරු.
පෘථිවියට අධිපතියා, පෘථිවීශ්වරයා, රජ.
පැරණි සමාජයේ ප්රවධානතම පුද්ගලයන් දෙදෙනා වූයේ සංඝ නායක
සහ ජල නායක යන දෙදෙනාය. එවැනි අය හා මිත්රද වීම ලෝක ශාසන දෙකට ම අභිවෘද්ධියකි; ලෝක චාරිත්ර් ධර්මයකි.
මෙහි යතිවරයකු හෝ රජකු හෝ සමඟ මිත්රර වීම විරාගත සම්මතයයි. හර්තෘහරි ඒ බව මෙසේ පවසා ඇත:
එකො දෙවඃ කෙශවො වා ශිවොවා එකං මිත්රංෙ භූපතිර් වා යතිර්වා එකා භාර්යා සුන්දරි වා දරීවා එකො වාසඃ පත්ථනො වා වනේවා (එක ම දෙවියා විෂ්ණු හෝ ශිවය. එක ම මිත්රමයා රජු හෝ යතිවරයාය. එක ම බිරිය සොඳුරිය හෝ ගල් ලෙනය. එක ම වාසය නගරය නැත් නම් වනයය.)
මේ අනුව නම් තවසරවරකු හෝ දෙරණිසුරකු හෝ සමඟ මිත්රම වීම අපේක්ෂා කෙරේ. එහෙත් මෙම පද්යුයේ සියලු පිටපත්හි “හා” යන පදය දැක්වේ. අවසන් පාදයේ එන “යතිඳකු සමඟව මිතුරු වීමි” යන්න අනුව එක් අයකු හා මිත්ර වූ බව පෙනේ. හර්තෘහරිගේ මුල් කියමන අනුව සලකතත් “හා” වැරදි බව ද “හෝ” යන්න නිවරද පාඨය බව ද කුමාරතුංග මතයයි. එහෙත් එය ශුද්ධ කිරීමට පිටපත් අනුව ඉඩක් නැත. දුතයා රජු හා ද මිත්රු වී සිටි බව සැලකීමට බාධා නැත.
දෙව්නුවර : දෙවුන්දර. උපුල්වන් දෙවියන් වෙසෙන නගරය නිසා දේවනගර / දෙව්නුවර නම් විය. ගිරිහෙළපුර යනු ද මුල් නමකි. කුමාරතුංග මතය: “දෙව්ම් + දොර” - දේවාලයට යෑමට පෙර ජල දෝවනය කරන දොරටුව නිසා දෙවුම්දොර වී පසුව එය දෙවුන්දර වූ බවයි. ගන්දර < ගම්දොර ද එවැනිය. එහෙත් “දෙවනගල”, “දෙවනපෑතිස්” ආදියේ, “දෙවන” දෙවියන්ගේ (දේවානම්) යන අරුත දෙයි. එය ම පසුව දෙවන් / දෙවුන් වන්නට ඇත. -දොර, -දර, දොරු යන කොටස් බොහෝ ග්රාෙම නාමවල සුලබය. දෙවුන්දර හා දෙව්නුවර එහි පර්යාය නාම වෙයි.
186. ර ස නු බ සේ යුතු එමිතුරු යතිඳුතුමා ද ස නු දෙ සේ සැදි යස තෙදැති ඔබට මා දෙසනු ලෙ සේ එවීය1 මේ අස්න මෙමා අ ස නු තොසේ මැනවිය හිමි සවන් යොමා පදාර්ථ රසනු බසේ යුතු, රසාන්විත වචන ඇති: එමිතුරු යතිඳුතුමා, ඒ මිත්රට වූ යතීන්ද්රෝුත්තමයා: දසනුදෙසේ සැදි, දිශා අනුදිශාවල සැදුණු: යස තෙදැති, 1. එවු ය- එ.; එවුයේ - කු.
204 තිසර සන්දේශය
යසස හා තේජස් ඇති: ඔබට මා, ඔබ වහන්සේට ම: මේ අස්න, මේ පණිවිඩය: දෙසනු ලෙසේ, කියන ලෙස: මෙමා, (තිසරකු වූ) මේ මා: එවිය, එවුයේය. හිමි, ස්වාමි වූ රජතුමනි: සවන් යොමා, කන් යොමු කොට: තොසේ අසනු මැනවිය. සතුටින් අසනු මනා වේ.
විස්තර රසනු බසේ: රසාන්විත/රසානුගත බස නම් රසවත්ව යෙදු කවී බසයි. යතිඳුතුමා: යති + ඉඳු (< ඉන්ද්ර ) + උතුමා. උපුල්වන් දෙවියන්ගෙන් ඉල්ලීමක් කරන මේ සන්දේශය රජු වෙත එවූ දෙව්නුවර විසූ කතුවරයාය. ඔබට මා: දැතිගම්පුර රජ වූ ඔබට ම දීර්ඝය එළිවැට සඳහාය.
187. සව් ඉසුරෙන් සුසැඳි - කිහිරැලිපුල්1 සුරිඳුසඳ2
සුරිඳුන් අතිනෙවර3 වර ලදුවත් සුදුසු නිරිඳුන් ඇතෝතිනි ලක රැකුමට පාසු4
එබැවින් දැන් වැජඹී - පැරකුම්බා නිරිඳුසඳ
සත රැක ලක5 එකසත් කරනුව6 වෙසෙස7 වෙත යොමු කර නිති වන තම කුලුණු ඇස
ලස නොව විරිදු සෙන් මන් බිඳිමින් නැවත යස තෙද දිගා රූ සිරි දෙවමින් සමත ලෙස සිතු රකුතු මැනවැයි එසුරිඳුගෙ වෙත වැස මෙම8 ලෙසට අයදිය9 දියුණමින්10 සිත
පදාර්ථ සව් ඉසුරෙන් සුසැදි, සකල ෙඑශ්වර්යයෙන් මනාව සැදුණු: කිහිරැලිපුල් සුරිදුසඳ, කිහිරැලි උපුල්වන් නම් දෙව් රජතුමනි: සුරිඳුන් අතිනෙවර වර ලදුවත්, සක් දෙව් රජු අතින් එදින නොයෙක් (දේව) වර ලැබූ නමුත්: ලක රැකුමට පාසු, ලංකාව ආරක්ෂා කිරීමට පහසු (වන්නේ): සුදුසු නිරිඳුන් ඇතෝතිනි, සුදුසු වූ රජුන් ඇතොත්ය. එබැවින්. එහෙයින්: දැන් වැජඹී, දැනට විජාම්භමාන වූ, පැරකුම්බා නිරිඳුසඳ, පරාක්ර්මබාහු නරේන්ද්රි උත්තමයා. සත රැක, ජනතාව රැක ගෙන: ලක වෙසෙස එකසත් කරනුව, ලංකාව විශේෂයෙන් එක්සත් කරනු පිණිස: නිති වන, නිත්යැව පවත්නා: තම කුලුණු ඇස, තමාගේ කරුණා ඇස: වෙත යොමු කර, (මේ රජු) වෙතට යොමා:
1. කිහිරැලි උපුල් - එ. 2. සඳු - එ. 3. අතින් නේ වර - කු. 4. පහසු - කු. 5. ලක රැක - ජ 6. කරනුය - එ. 7. සකස - කු. 8. මැ. මෙ - කු. 9. අයදියැ - කු. අයදිති - ජං 10. දියුනුමින් -එ.
විවරණ 205
ලස නොව, පමා නොවි: විරිදු සෙන්. මත් බිඳිමින්, සතුරු සේනාවගේ මානය බිඳ දමමින්, නැවත, යළි, යස තෙද දිගා රූ සිරි, කීර්තිය. තේජස, දීර්ඝායුෂ හා රූප ශ්රීම: සමත දෙවමින්, (යන) සියල්ල (ලබා) දෙවමින්: සිතු ලෙස, සිත් වූ පරිදි: රකුතු මැනවැයි, ආරක්ෂා කළ මනා යයි: එසුරිඳුගෙ වෙත, ඒ දිව්යබරාජයාගේ සමීපයෙහි: වැස, වාසය කොට: සිත දියුණමින්, (බැති) සිත ද්විගුණ කරමින්: මෙම ලෙසට අයදිය, මේ ආකාරයට ආයාචනා කරන්න.
විස්තර ලක රැකුමට පාසු: පාසු < ඵාසු (පා.) ‘ඵාසු විහාර’ යනාදි පාඨ පාලියේ යෙදේ. පහසු යන අර්ථයි. ලංකාව ආරක්ෂා කිරීම සඳහා පහසු. සිත දියුණමින්: මෙහි සිත නම් බැති සිතය. කැමැත්ත යන අර්ථය ද ගත හැකිය. ‘දියුණමින්’ යනු ‘ද්විගුණ’ කරමින්’ ය. එනම් වැඩී කිරීමය. භාවනා කිරීම මඟින් ද සිත දියුණු කර ගත හැකිය. එහෙත් දෙවියන් ඉදිරියේ සිත දියුණු කිරීම නම් බැති සිත වර්ධනය කිරීමය. ලක එක සේසත් කරනුව: ලංකාව එක් රජකුගේ පාලනයට ගැනීමට, මෙකල ම ගම්පොළ තෙවැනි වික්ර්මබාහු ද උතුරේ ආර්ය චක්රගවර්ති ද විසූහ.
188. සුර නර බිඟු සරන - පද තඹරැති සුරිඳුසඳ
රිවි කුල විල සරන රන1 හස ලියෙක බඳ සුවිපුල සොමි ගුණෙන් පැරයූ සුපුන් සඳ
රජ මිණි වැජඹමෙන්2 - මිණි අකර සිරි සපැමිණි
සැදි දෙරණම්බා මුදුනත ලකරයුරු මෙම පැරකුම්බා නරනිඳුතුමට3 ගුරු
සුමිතුරු4 බිසෝසඳ දැක කුලුණැසින් උදු වෙමිනොද නිතොර සැරදෙන ලෙස ලක පසිදු දෙමිනැම ඉසුරු රකිනුය කර සිරි පුරුදු මමිතුරු5 යතිඳුසඳ අයදිය6 එසුරනිඳු
පදාර්ථ සුරනර බිඟු සරන, දෙව් මිනිස් නමැති මී මැස්සන් හැසිරෙන: පද තඹරැති, පා පියුම් ඇති, සුරිඳුසඳ, දෙව් රජතුමනි, රිවි කුල විල සරන, සූර්ය වංශ නමැති විලෙහි හැසිරෙන: රන හස ලියෙක බඳ, ස්වර්ණ හංස ධෙනුව හා එක් සමාන වූ: සුවිපුල සොමි ගුණෙන්, ඉතා විශාල වූ සෞම්යණ ගුණයෙන්: සුපුන් සඳ, පැරයූ: සම්පූර්ණ චන්ද්ර යා පැරදවූ:
1. රන් - එ 2. වැජඹීමෙන් - එ. 3. නිරිඳුතුමහට - කු. 4. සොමිතුරු - අ.ඉ.උ.එ.ක.ග.ප.ව. සෙමිතුර - බ. 5. මමිතුර - අ.ඉ.උ.ක.ග.ප.බ.ව. 6. අයදිව - අ.ඉ.උ.ක.ග.ප.බ.ව. 206 තිසර සන්දේශය
රජ මිණි වැජඹමෙන්, රජුන් නමැති මැණික් විජෘම්භනය කරවීමෙන්: මිණි අකර සිරි සපැමිණි, මැණික් ආකරයක ශ්රී්යට පත් වූ: දෙරණම්බා මුදුනත, පෘථිවිය නමැති කාන්තාවගේ හිස මුදුනෙහි: ලකරයුරු සැදි, ආභරණයක් සේ සැදුණු: මෙම පැරකුම්බා නරනිඳුතුමට, මෙම පැරකුම්බා නරේන්ද්රෝ ත්තමයාට: ගුරු, මාතෘ වූ: සුමිතුරු බිසෝ සඳ, සුමිත්රාග නම් බිසෝ උත්තමාව: කුලුණැසින්. කරුණා නේත්රුයෙන්, උදු දැක. සෘජුව බලා: නිතොර වෙමිනොද, නිරන්තරයෙන් ඔදවත් වෙමින්, පසිදු ලක, සුප්රාසිද්ධ වූ ලංකාවෙහි: සැරදෙන ලෙස, චිරාත් කාලයක් ජීවත් වන පරිදි, දෙමිනැම ඉසුරු, සියලු සැප සම්පත් ලබා දෙමින්: සිරි පුරුදු කර, ශ්රීාය ආශ්රරය කොට: රකිනුය, රකින්නැයි: එසුරනිඳු, ඒ සුරේන්ද්රණයාගෙන්, මමිතුරු යතිඳුසද, මාගේ මිත්රු සංඝ නායකතුමා, අයදිය, අයදියි.
විස්තර සුර නර බිඟු සරන පද තඹරැති: තඹර + ඇති > තඹරැති, උපුල්වන් දෙව් රජුන්ට විශේෂණයකි. එතුමාගේ පාද නමැති පද්මයන්හි දිව්යත මනුෂ්යත නමැති හෘංගයෝ හැසිරෙති. දෙවියන් ද මිනිසුන් ද මේ දෙවියන්ගේ දෙපා වැඳ පිහිට ලබන බව කියු සැටියි. රිවි කුල විල සරන රන හස ලියෙක බඳ: ලිය + එක + බඳ > ලියෙක බඳ, සූර්ය වංශය නමැති විලෙහි හැසිරෙන ස්වර්ණ හංස ධෙනුවක වැනි, රිවි කුලය විලකි. සුමිතුරු බිසොව එයි වෙසෙන හංස ධෙනුවකි. හංස ධෙනුව නිසා විල ශෝභාවත් වන්නා සේ ම මේ බිසොව නිසා රිවි වංශය ද ශෝභාවත් වෙයි. රජ මිණි වැජඹමෙන් මිණි අකර සිරි සපැමිණි: මේ බිසොව මැණික් ආකරයක ශ්රීකයට සම්ප්රාිප්තය: මැණික් ආකරයක් බඳුය. මැණික් බිහි වන්නේ ආකරයෙහිය. එසේ වනුයේ රාජරත්නයන් හෝ රජුන් නමැති මැණික් විජෘම්භනය කිරීම නිසාය. ඒ නම් පරාක්රරමබාහු රජු නමැති මැණිකය. පැරකුම්බා නරනිඳුතුමට ගුරු: මා පිය දෙදෙනාට ම ‘ගුරු’ යි යෙදේ. මෙහි යෙදුණේ ‘මව’ යන අර්ථයෙනි. “සිය ගුරු බිසෝ හිමිසඳ” යනුවෙන් පරෙවි (49), කෝකිල (110) යන පද්ය යන්හි මාතෘ අර්ථයෙන් ම යෙදි ඇත. කුලුණැසින් උදු දැක: කුලුණු ඇසින්: කරුණා ඇසින්. උදු දැක - සෘජු ලෙස බලා, හොඳින් බලා සෘජුව බැලීම නම් යටත් හෝ සම තත්වයේ අයකු දෙස හෙළන බැල්මකි. අනෙකකුට නම් මේ බිසොව දෙස සෘජුව බැලිය නොහැකිය. උපුල්වන් දෙවියන්ගේ උසස් තත්වය නිසා එසේ බලා ඇය ආරක්ෂා කරන ලෙස ආයාචනා කෙරේ.
විවරණ 207 189. සිරිසඳ1 රැඳි සොඳුරු - උර මැඳුරැති සුරිඳුසඳ2
තෙරුවන් රුවන් වැල සලකා සිය මුදුන නුවණින් යෙදී ලක රකිමින් නිසැකයෙන
සුලකළ යස සෙමෙර - දිගු තුඟු3 ගජන් සවනත
සැදු රුපඹුවන් නෙතු රතුපුල්4 විලස රැඳු5 තෙදැති මැති උතුමන් වෙත වෙසෙස
යොමමින්6 කුලුණු නෙත යස තෙද කර දියුණ දෙ ව මින් දිගා විරුසිරි7 නොමඳ ගුණ නැණ සිය සෙන් සමඟ රකිනුය8 මෙරජ මැති ගණ මෙලෙසින් තොසින් අයදිය9 හිමි එසරමණ10
පදාර්ථ සිරිසඳ රැඳි, ශ්රී කාන්තාව රැඳුණා වූ: සොඳුරු උර මැඳුරැති, සුන්දර වූ ළය පෙදෙස නමැති මන්දිරයක් ඇති: සුරිඳුසඳ. දෙව් රජතුමනි: සිය මුදුන, තමාගේ හිස මත, තෙරුවන් රුවන් වැල, ත්රි:විධ රත්නය නමැති මැණික් මාලය, සලකා, යොදා: නුවණින් යෙදී, බුද්ධියෙන් යුතුව: නිසැකයෙන, සැකයෙන් තොරව, ලක රකිමින්, ලංකාව ආරක්ෂා කරමින්: යස සෙමෙර, කීර්ති නමැති චාමර, දිගු තුඟු ගජන් සවනත, දිශා නමැති, උත්තුංග ඇතුන්ගේ කන් තලවල: සුලකළ, මැනවින් අලංකාර කළ: රුපඹුවන්. සතුරු (රාජ) බිසෝවරුන්ගේ: නෙතු රතුපුල් විලස, ඇස් රතු පාට උපුල් මල් ආකාරය: රැඳු, රැඳවූ: තෙදැති, තේජස් ඇත්තා වූ: ඔබ මැති උතුමන් වෙත, මන්ත්රීර උත්තමයන් වෙත: වෙසෙස, විශේෂයෙන්: කුලුණු නෙත යොමමින්. කරුණා නේත්රාය යොමු කරමින්: යස තෙද දියුණු කර, කීර්තිය හා තේජස් දියුණු කොට: දිගා විරු සිරි, දීර්ඝායුෂ වීර ශ්රිමය හා: නොමඳ ගුණ නැණ, අප්රේමාණ වූ ගුණ නුවණ: දෙවමිනි, ප්ර්දානය කරමින්: මෙරජ මැති ගණ, මේ රාජ මන්ත්රීි සමූහයා: සිය සෙන් සමඟ, තමන්ගේ සේනාවන් හා එක්ව: රකිනුය, රකින ලෙස: එසරමණ හිමි, ඒ ශ්රමමණ හිමියා: මෙලෙසින් තොසින් අයදිය, මේ ආකාරයෙන් සන්තෝෂයෙන් ආයාචනා කරයි.
විස්තර සිරිසඳ: සිරි නම් ශ්රීෂ කාන්තාවය. සෞභාග්යඟයට අධිපති දෙවඟන, ශ්රී: කාන්තාව. ‘සිරි සඳ’ යන්නෙහි ද ඇත්තේ ඒ අර්ථය මය. මෙහි ‘සඳ’ යෙදෙනුයේ ගෞරවාර්ථයෙහිය: උත්තමාව යන අර්ථයෙහිය.
1. සිරි රැඳි - අ.ඉ.උ.ක.ග.ප.බ. 2. උර මැඳුර තිසරිඳු සඳ - ඉ.උ. 3. තුඟු දිගු - කු. 4. රතුපුල එ.කු. 5. රදු - අ.ඉ.උ.ක.ග.ප.බ.ව. 6. යොවමින් - අ.ඉ.ක.ග.ප.බ.ව. 7. විරිසිර - අ.ඉ.උ.ක. ග.ප.බ.ව. 8. රකිනුව -එ.: 9. අයදින් - එ.: අයදිති - උ.එ.: අයදිමි - ව.: අයදියැ - කු.; අයදිති -ජ. 10. එසරමෙණ - එ.ඉ. එසුරමෙන -ජ. සරම්වන -ඉ.ක.ප.බ.: සරලමන - ව.: පරවමන - අ.: සරුවමන -ග.
208 තිසර සන්දේශය
පැරකුම්බා සිරිතේ ද “සිරිසඳ” (45) යන්න යෙදේ. “පබවතසඳ” යනු කව්සිළුමිණි (4.29) පාඨයි. මෙය පුල්ලිඟු, ඉතිරි ලිඟු යන දෙක්හි ම යෙදේ. “මැතිසඳ” ආදිය පුරුෂලිංග භාවිතයට උදාහරණයි.
යස සෙමෙර දිගු තුඟු ගජන් සවනත සුලකළ: කීර්තිය කවිසමයෙහි සුදුය. චාමර ද සුදුය. දිගු තුඟු ගජන් = දිශා නමැති උස් ඇතුන්. උත්සව අවස්ථාවල දී ඇතුන්ගේ කන් චාමර බැඳ සරසනු ලැබේ. මෙහි උත්තුංග හස්තීහු දිශාවලට උපමා කෙරෙත්. දිශා නමැති ඇතුන්ගේ කන්වල කීර්තය නමැති චාමර බැඳ සැරසීම නම් කීර්තිය ඒ දිශාවන්හි පැතිරවිමය. කන්වල සෙමෙර බැඳීම සැලළිහිණියෙහි ද එයි: “සවන තල නිතද ගිජිඳුන් සෙමෙර බඳ” රුපඹුවන් නෙතු රතුපුල්: රිපු (පා.) > රුපු. සතුරා. අඹු - භාර්යාව. රත් + උපුල් > රතුපුල්. සතුරු රජුන්ගේ භාර්යාවන්ගේ නෙත් රතු උපුල් විලස් ගැනීම නම් රත් පැහැ ගැන්වීමය. ඇස් රතු වනුයේ ශෝක. බිය ඇති වූ කල්හිය. ඔවුන් බියපත් වූ බව කියූ සේය. සාමාන්යෙ ඇසට උපමා වන්නේ නිලුපුල්ය. සරමණ හිමි: ශ්ර්මණ වූ හිමි: යති හිමි යන අර්ථය. ශ්රලමණ යන්නෙන් සරමණ, සමණ යන රූප දෙක ම සෑදේ. ශ්ර ම - සරම, ශ්රා න්ත - සරතස යනාදි තන්හි මෙනි. ආසිරි 190. ඉති මේ තතු1 සැළ කර රසහව් නුමුතු මෙතිනිදුව ම2 වෙතවුන් කියමිනෙහි තතු රුති ලෙස වැස සිය නෑ3 සමඟ පෙම යුතු නිති තොස සිරි විඳ තිසරිඳුසඳ පවතු
පදාර්ථ ඉති, මෙසේ: රසහව් නුමුතු, රස භාවයෙන් තොර නොවූ: මේ තතු සැළ කර, මේ තොරතුරු ප්රවකාශ කොට, මෙතිනිදුට ම, මෛත්රි යෙන්(මිත්රළ භාවයෙන්) සෘජුව ම: වෙතවුත්, මා වෙත පැමිණ: කියමිනෙහි තතු, එහි තත්වය පවසමින්: පෙම යුතු, ඇලුම් ඇති: සිය නෑ සමඟ, තම ඥාතීන් හා එක්ව: තිසරිඳුසඳ, හංස රාජය, නිති තොස සිරි විඳ පවතු, නිති තොස සිරි විඳ පවතු. නිත්යඳ වූ සන්තෝෂ ශ්රි:ය විඳිමින් ජීවත් වන්න.
විස්තර රසහව්: රස භාව, භාරතීය කාව්ය සිද්ධාන්ත අනුව රස සඳහා භාව මුල් වන්නේය. එස නම් කාව්යන නාට්යා දි කලා නිර්මාණයකින් සහෘදයා ලබන ආස්වාදය හෙවත් වින්දනයයි. භාරතීයයෝ ශෘංගාර, ____________________________________________________________ 1. මෙතතුව - කු.ජ.: මෙතතු - අ.ඉ. 2. මෙතිනුදුවැ මැ - තු. 3. සී නා - අ.ඉ.ක.ග.ප.බ.ව.
විවරණ 209 හාස්ය , කරුණ, රෞද්ර , වීර, භයානක, බිහත්ස, අද්භූත, ශාන්ත යන නව රසයක් දැක්වූහ. ඒ රස සඳහා පිළිවෙළින් රති, හාස, ශෝක, ක්රෝබධ, උත්සාහ, භය, ජුගුප්සා, විස්මය, නිර්වේද යන භාව මුල් වන බව කියන ලදි. එස වින්දනය සඳහා සහෘදත්වයක් මෙන් ම අභ්යාුසයක් ද අවශ්යස සේ සැලකිණ. හැම දෙනාට ම රස - භාවා විඳිය හැකි නොවේ. “පෙදෙහි රසහව් විදුනා - දෙනෙතා ඉතා දුලබෝ” යි කව්සිළුමිණෙහි (1.2) සඳහන් වේ. එසේ ද වුව, මේ සන්දේශ ප්රාවෘත්තිය රස භාවයන්ගෙන් අනූනය. මෙතිනිඳුව: මෙතින් + ඉදු + ව. මෛත්රිණයෙන් යුක්තව නොහොත් මෛත්රිිය හේතු කොට ගෙන සෘජු ලෙස, එනම් කෙළින් ම, තමන් වෙත පැමිණෙන ලෙස දූතයාට පැවසිණ. වෙතවුත් කියමිනෙහි තතු: වෙත + අවුත් කියමින් + එහි. ‘අප වෙත’ යි අධ්යුහාරයි. දෙවිනුවර උපුල්වන් දෙවියන්ට භාර වූ මේ සන්දේශය දැතිගම්පුර රජුට සැළ කර, ඒ තතු පෙරළා තමන් වෙත පැමිණ දැනුම් දෙන ලෙස එහි කර්තෘ තෙරිඳුන් තිසරාට කළ නියමයකි. මේ දුතාශීර්වාදයයි. සන්දේශය ආරම්භය සහ අවසානය යන අවස්ථා දෙක්හි ම දුතයාට ආශිර්වාද කිරීම සන්දේශ කාව්ය සම්ප්ර දායයි.