තොටගමු විහාරය

Wikibooks වෙතින්

තොටගමු විහාරය[සංස්කරණය]

210. පල රස බී තුරින් - තුර එහි කුසුම් රදසින්

තැවරී සැරී සැනහී - වෙහෙ‍රට ගොසින් සතොසින්


211. බ ඳ දද ලැල් පැහැ රද පැතිර දස අතේ

න ඳ සඳ කැල් මෙන් දිලි කෙලෙස කුළු යුතේ

කොඳ සඳ කල් සුනුවම් උදුල පල බිතේ

ඉ ඳ මඳ කල් වහසල් කැරලි මුඳුනතේ


212. පහ ළ සිත’බ හිම හිම සෙල් මහිම හැර

වතළ අහස් ගඟ රළ වැළ පැහැ පැහැර

අඹළ කිරණ පෙණ පෙළ ලෙස නොම වැහැර

උදුළ පොහොය මළු සිරිසර බල වෙහෙර


213. නි තො ර ඳ න සඳ රස් ලෙස මුනි පුදට

නො හැර බැබලි මළු පැහැසර සතර පිට

පැ ති ර ඇඹර කඳ ගෙන සිටි මෙන් අවට

මි තු ර උදුල මහ’වුර දුට වෙයි සතුට


214. ගු ව න් කුස පැතිරි රන් කැරලි මිණි රැසේ

ප ව න් වැද ලෙළෙන දද මිණි කිකිණි ගොසේ

ලෙවන් සතුටු කළ හිම ගිරි කුළෙ’ක ලෙසේ

ස වන් මැදුර බල දිලිහෙන ඉඳුරු දෙසේ


215. නර ණ සකොබ කළ සඳ නොකමසේයා

කිර ණ පිඬුව දිසි අම රස ලෙසේයා

දෙරණ පසිඳු එවෙහෙර වම් දෙසේයා

කිර ණ විහිදි දහගබ බල තොසේයා


216. වි දු කි ඳු වැලඳි මුදුනත රැඳි කළබ කුළු

උදු රුදු කෙලෙස ගිරි කුළු පැහැ සිරි රුකුළු

මු දු දි දු ලන දළු නිල් සා බර ලකුළු

සුදු රු දු කඳිනු’දුල දුමිඳුන් බල යහළු


217. ප ත ඟ කිරණ දුරු කළ දද ගළපාය

ස ර ඟ කවුළු බිම් බිතු දිලි පිළිපාය

නි ස ග බැබලි සුර පහ සිරි වෙළපාය

බ ල ග උතුරු දිග විජයබ මහ පාය


218. තවද, ඒ විශුද්ධ ප්රෙසිද්ධ සමෘද්ධ විහාරයාගේ මෙද එක් අසාධාරණ කාරණයෙකි.


219. ම න ර ම් වෙහෙර තුළ තැන තැන සපැමිණය

සි ති ය ම් බණ වසුන් විදහා අපමණය

සිතසොම් - නසින් සිහි කර බුදු ගුණය

අ බි ද ම් පෙළ අරුත් විමසන සඟ ගණය


220. උතුරු ගුණෙන් සපැමිණ පිළිවෙත් මගය

පතුරු- ව මි න් සත වෙත මෙත් මහ ගඟය

අතුරු ද හ න් කෙරෙමින් සිවු අව මගය

සුතුරු ද හ ම් පවසන සමහර සඟය


221. ස ම හ ර සුපිළිපන් සඟ ගණ මන මෙනය

පු ව තර අරුත් ටීකා ගෙන වෙන වෙනය

පැ න ස ර ඇදුරු උවදෙස් බස් දැන ගෙනය

නොමහැර ගැඹුරු තැන් විමසති විනය නය


222. ගැඹුරු නොයෙක තැන් පිළිවිස සිත් ලෙසින

වෙහෙර ප සෙ ක ඉඳ සොඳ පත්පොත් රැගෙන

නොහැර ස ල ක මින් සන් සඳරුත් යෙදෙන

හෙරණ රැ සෙ ක වියරණ ‍වනපොත් කරන


223. තියුණු නැණින් කෙරෙමින් සැක නිවාරණ

පමුණු වමින් එකිනෙක සමය කාරණ

දැමුණු සිතින් ඉඳ කර වෙහෙර පූරණ

බමුණු රැසෙක් වෙද’රුත් කෙරෙති දාරණ


224. පබා තුරු ලෙසින් බොල්ලන් ගෙන නොමඳ

තබා පෙළින් පෙළ ඇද නිල් පලග මැද

බබා සෙද තැනින් තැන ගහ ගණන් බැඳ

පබා ‍කර සිදත් සමහරු ගනිති ඉඳ


225. මු නි වි රු දෙසූ සදහම් මෙන් ඇම දවස

උ ව දු රු දුරැ’ර රකිනුව සත්වග වෙසෙස

පෙරැ’දුරු ඉසිවරන් පැවසූ නොයෙක ලෙස

වෙද වරු වෙද සතර පිරුවති එහි සතොස


226. මනහර පොත් රැගෙන පරසිදු පෙර පටන

එහි පද’රුත් කියන ලෙස නොහැර දැන ගෙන

සුරගුරු ටත් උතුරු දෙම්හයි වනපොතින

සමහරු අත් ස තර පිරුවති නොයෙක තැන


227. සි රි ම ත් සොඳුරු ‍එවෙහෙර තැන තැන ලකුළු

ඉ ඳ සි ත් ලෙසට පෙර කිවියර සිරි රුකුළු

දැන ගත් සඳ ලකර වියරණ වියත් මුළු

ප ව සත් සකු මගද එළු දෙමළ කව් නළු


228. පෙර තොප නුදුටු නොඇසු මෙබඳු සිරි සර

නෙත සිත සතුටු කර දැක පවර එවෙහෙර

පුදයට පිවිටු දන කොලහල නැවති වර

වැද ඉටු දමිටු ම - මිතුර මුනි මැඳුර තුර


229. ලක රද ඉසුරු ලද - දද කැලණිතිස් මහරද

යුව රද වරද තතු ලෙස නොදැන පිරිසි‍ෙඳ්

නිවරද වරද යතිඳුට වරද කළ ස‍ෙඳ්

කිපියෙන් සුරන් සිත් - සිඳු එත වෙරළ මැඩ ගෙන


නිසා මෙලක සෙත ඒ මුහුද පැහැ මැවූ

දි සා ‍පිළිම රුව දැක සක් දෙවිඳූ මැවූ


රුදු සෙනඟ ගෙන ආ වස්තුව යුදට

මුදුව බිණූ තෙපලෙන් ජය ගෙන ලොවට

බුදුව ‍නොයෙක් සෙත් කළ අප මුනිඳු හට

වඳුව අදර බැති පෙම් සිත් දියුණු කොට


230. ම හ ත සසර සයුරෙහි කුමුටුව සරන

අ න ත සත නිවන් පුර ගෙන යන සිතින

ස ත ත සොඳුරු බුදුකුරු ගුණදම් පුරන

දි ය ත පසිඳු නතිඳුන් දැක ගොස් සොබන


231. ප ව ර රුසිරු මහ සෑ සමග බෝ තුර

නොහැර නැමද බැති පෙම් සිතිනි විසිතුර

වෙහෙ ර පුද පසඟ තුරු රැව් නොදෙන තුර

මි තු ර තොසින් වැද සැදි සොඳුරු පහ’තුර

"https://si.wikibooks.org/w/index.php?title=තොටගමු_විහාරය&oldid=4181" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි