ථූපවංසය - i

Wikibooks වෙතින්

ථූපවංසය


දුටුගැමුණු චරිතය



ඉක්බිති දෙවෙනිපෑතිස්ස රජ්ජුරුවන් බොහෝ පින්කම් කොට සතළිස් අවුරුද්දක් රාජ්‍යය කොට මළ කල උන්ගේ මලණුවෝ උත්තිය නම් රජ්ජුරුවෝ රජ පැමිණ දස අවුරුද්දක් රාජ්‍යය කළෝ ය. උන්ට ඉක්බිතිව උන්ගේ මළණුවෝ මහාසීච රජ්ජුරුවෝ දස අවුරැද්දක් රාජ්‍යය කළෝ ය. උන්ගේ මලණුවෝ සූරතිස්ස රජුජුරුවෝ දස අවුරුද්දක් ම රාජ්‍යය කළෝ ය. සූරතිස්ස නම් රජ්ජුරුවන්ට ඉක්බිති අස් නැවියකුගේ පුත් වූ දෙමළු දෙන්නෙක් සූරතිස්ස රජ්ජුරුවන් මරාපියා දෙවිසි හවුරුද්දක් දැහැමින් රාජ්‍යය කළෝ ය. පසුව උන් දෙන්නා අල්වා ගෙන මරාපියා මුටසීව නම් රජුගේ පිත් අසෙල නම් රජෙක් දස හවුරුද්දක් රාජ්‍යය කෙළේ ය. පසුව සොළිරට එළාල නම් රජෙක් අසෙල නම් රජු මරාපියා සූසාළිස් අවුරුද්දක් රාජ්‍යය කෙළේ ය. එළාල රජු හා සටන් කොට දුටුගැමුණු නම් රජ එළාල රජු මරාපියා රජු විය. ඒ දුටුගැමුණු රජ්ජුරුවන්ගේ පූර්ව පිළිවෙළ කථාවයි.


මහානාග යුවරජ[සංස්කරණය]

දෙවෙනිපෑතිස්ස රජ්ජුරුවන්ගේ දෙවෙනි මල් මහානාග නම් යුව රජ්ජුරු කෙනෙක් ඇත. ඉක්බිති රජ්ජුරුවන්ගේ අග මෙහෙසුන් බිසවූ තමන්ගේ පුතණුවන්ට රාජ්‍යය දෙනු කැමතිව සරස්නා වැව බඳවන සුළුගෙයි යුවරජ්ජුරුවන්ට අඹයෙහි සිරිඟි ලාලා තෙසු අඹ හා සැළියේ ලා සිරිඟි ලූ අඹය මතුපිට තබා යවූ ය. බිසවුන්ගේ පුතාත් කුඩා පියාණන් හා සමග වැව බඳිනා තෙනට ගියේ ය. එවේලෙහි අඹ ගෙන ගිය බඳුන අස් කඩන්නා හා ම කුමාරයා මතුපිට විෂ මිශ්‍ර කොට තුබූ අඹ ගෙඩිය අතට ඇරගෙන කා එවිට ම මළේ ය. යුවරජ්ජුරුවෝ ඒ කාරණය දැක බෑණන් කෙරෙහි ආසා සිඳි කරන රාජ්‍ය ලොභයත් හැර දෙවින් කෙරෙහි භයින් බෑණන්ට නො කියා එතැන සිට තමන්ගේ බිසවුන් හා සේනාවත් හැරගෙන රූණට පලා අවු ය. එසේ එන රජ්ජුරුවන්ගේ බිසවූ අතර මහ යටාල නම් විහාර යෙහිදි පුතණු කෙනකුත් වදාපීහ. ඒ වැදු පුතණුවන්ට තමන්ගේ බෑණන්ගේ නම ම තුබූහ. පසුව බිසවුන් නාපී කල ඉන් නික්ම මාගම වසන රජ රූණ ම රාජ්‍යය කෙළේ ය.


2 ථූපවංසය


උන්ගේ අයාමෙහි උන්ගේ පුත් වූ යටාලතිස්ස කුමාරයෝ මාගම ම රාජ්‍යය කළෝ ය. උන්ට ඉක්බිති ව උන්ගේ පුතණුවෝ ගොඨාභය නම් රජ්ජුරුවෝ එම මාගම රාජ්‍යය කළෝ ය.


කාවන්තිස්ස රජු හා විහාරමහාදේවිය[සංස්කරණය]

ගොඨාභය රජ්ජුරුවන්ගේ පුතණුවෝ කාවන්තිස්ස රජ්ජුරුවෝ එම මාගම ම රාජ්‍යය කළෝ ය. ඒ කාවන්තිස්ස රජ්ජුරුවන්ගේ වනාහි විහාර මහාදේවි නම් බිසෝ කෙනෙක් ඇත. උන් කෙසේ වූ කෙනෙක් ද යත්; කැලණිතිස්ස නම් රජ්ජුරු කෙනෙක් ඇත. උන්ගේ උත්තිය නම් මලණු කෙනෙක් ඇත. ඒ මලණුවෝ කැලණිතිස්ස රජ්ජුරුවන්ගේ අගමෙහෙසුන් බිසවුන් හා සංවාසයක් ඇතිව වසන්නෝ ය. ඒ සැළ ව ගිය තැනදී බෑණන් කෙරෙහි භයින් පලා ගොස් තමන්ට පාසු තෙනක වසන්නෝ බිසවුන් කෙරේ කළ සොකයෙන් බිසවුන්ට සොරා පත්හස්නක් යවූ ය. ඒ කෙසේද යත්: එක් පුරැෂයකු කැඳවා ඌ සිවුරු පොරොවා පත ඌ අතට දී කැලණියට යවූහ. ඒ සොරාත් පත හැරගෙන ගිය තැනැත්තෝ, රජ්ජුරුවන්ගේ රජ ගෙට අවුත් වන. ඒ රජගෙයි නිරන්තරයෙන් රහත් තෙර කෙනකුන් වහන්සේ වළඳන්නට වඩනා සේක. එසේ වඩනා තෙරුන් වහන්සේට නො හඟවා ඒ පත ගෙන ගිය සොරා ඔබ හා කැටිව ඇතුළු රජගෙට වැද කෙළවර හස්නේ හිඳ වළඳා වැළඳූ අන්තයෙහි රජ්ජුරුවන් තෙරුන් වහන්සේ ට පසුගමන් කරන්නට නික්මුණු කල තෙමේ පසු වූයේ පසු ව ලා එන බිස වුන්ට පෙනෙන සැටියේ පත බිම හෙළා ලී ය. තෙරුන් වහන්සේට ආදර සිතින් අත දි ලා ඉදිරියෙහි යන රජ්ජුරුවෝ පත බිම හුණු හඬ අසා පිටිපස්ස බැලූහ. රජ පත දැක, නුවණ නැති කම් කළ ඒ කැලණිතිස්ස රජ, "මේ පත අකුරු අනික් කෙනකුන් අත අකුරු නො වෙයි. මේ තෙරුන් වහන්සේ අත අකුරු ය" යි කියවා කොපයෙන් තමාගේ මලුගේ අත අකුරු දැන ගත නුහුණුයේ පත ගෙන ගිය සොරා මරා මූදුදියට දමාපියා, "තෙරුන් වහන්සේ ගනුව" යි කියා තෙල්කටාරයේ ලා තෙල් කකියවන්නේ තෙල් හුණු කොට ගත නුහුණුයේ ය. තෙරුන් වහන්සේ තෙල් කටාරයේ වැඩ හිඳ තෙල් හුණු නොවන්නට කාරණ කිම්දෝ හෝයි දිවසින් බලන සෙක්, යටගිය ජාතියෙහි ගොපලු ව තමන් වහන්සේ උපන් තෙනදී කකියන හුණු කිරි සැළක මැස්සකු හෙළා මැරූ ලෙස දැක, "රජුගේ වරද නැත. යටගිය ජාතියෙහි මා කළ කර්මය" යි දැන වැඩහුන් පසු තෙලෙහි ම කකියා පිරිනිවන් පෑ වදාළ සේක. එවෙලෙහි දේවතාවෝ තෙරුන් වහන්සේ කෙරෙහි කළ ශොකයෙන් කිපී, "මේ රජුත්


ථුපවංසය 3


මේ රජුගේ රටත් ගලා මරම්හ" යි මූද උත්පාතික කොට ඔහුගේ නුවර ගලන්නට පටන් ගත්හ. එවේලෙහි කැලණිතිස්ස රජ තමාගේ රාජ වංශයෙහි උපන් විශේෂ රූ ඇති තමාගේ දියණියන් දිව්‍යාංගනාවක සේ සරහා සැළෙක හිඳුවා බිසවුන් නියාවට සැළ අකුරු ලියවා මූදුදියට සැළ හැරපි ය. එලෙස බිසවුන් නැඟි සැළ කාවන්තිස්ස රජ්ජුරුවන්ගේ කෙවුළෝ දැක ගොසින් කාවන්තිස්ස රජ්ජුරුවන්ට කීහ. රජ්ජුරුවෝ එබස් අසා සතුටු ව අවුත් බිසවුන් දැක බිසවුන් නියාවට සැළ අකුරු කියවා බිසවුන් හැරගෙන මහ පෙරහරින් මාගමට ගොස් සුවඳ පැන් සොළොස් කළයකින් ඉස් සෝධා නාවා රන් සළු හඳවා සර්වාහරණයෙන් සරහා රුවන් රැසක් පිට සිටුවා රුවන් සකින් අභිෂෙක ජලය දී නැඟි තොට විහාර කරවූ හෙයින් විහාර මහාදේවී යයි යන නමින් ප්‍රසිද්ධ කොට අග මෙහෙසුන් තැන තුබූහ. ඒ විහාරමහාදේවී කාවන්තිස්ස රජ්ජුරුවන්ට ඉතා ප්‍රියයෝ ය. මන වඩති. ඒ දෙදෙනා සුවසේ වසන කල එක් දවසක් විහාරමහාදේවී රජගෙයිදී බොහෝ සංඝයා වහන්සේට මහ දන් දී වළඳවා වැළඳූ අන්තයෙහි සුවඳ මල් තෙල් බෙහෙත් බඩු මේ ආදීය ගෙන්වාගෙන මහ පෙරහරින් විහාරයට ගොස් ගෙන්වා ගෙන ගිය බෙහෙත්සත් ආදිය මහා සංඝයා වහන්සේට දන් දී ඔබගේ ශ්‍රීපාදය වැඳ, "දුන් දනෙහි අනුසස් අසනු කැමැත්තෙමි" යි ආරාධනා කොට එකත්පස් ව සහපිරිවරින් බණ අසන්නට උන්හ. එවේලෙහි එසේ හුන් විහාරමහාදේවීන්ට ධර්මදේශනා කරන තෙරුන් වහන්සේ මෙසේ වදාළ සේක: කෙසේ ද යත්: "යටගිය ජාතියෙහි තොප කළ සුචරිත පින්කමින් මෙවෙනි සම්පත් ලදුව. දැනුත් අප්‍රමාදව පින් කළා නම් මතු මෙයට වඩා සම්පත් ලැබ නිවන් දක්නාවාදැ" යි වදාළ සේක. එබස් ඇසූ විහාරමහාදේවී තෙරුන් වහන්සේට මෙසේ කීවාහු ය: "ස්වාමීනි, මා වඳ වුව. දරු කෙනෙක් මට නැත. සම්පත්තීන් කාරිය කිම්දැ, යි කිවු ය. එබස් ඇසූ සර්වඥ පුත්‍ර වූ ප්‍රතිපත්තියට දිවි පුදන්නා වූ අෂ්ටාය්‍ර්‍ය පුද්ගල වූ තෙරුන් වහන්සේ, "මේ දේවීන්ට පුත්‍ර ලාභයකට හේතුවෙක් ඇද්දෝ හෝ" යි දිවසින් බලා වදාරන සේක්, දරු කෙනකුන් ලබන නියාව දිවසින් දැක බිසවුන්ට මෙ‍සේ වදාරන සේක්, "මහ පිනැති දේවීනි, තෙල ගෙයි වසන ගිලන් වූ මියන්නට ආසන්නව සිටි සාමණෙරයන් හා කථාකරව" යි වදාළ සේක.


ගැමුණු කුමරු පිළිසිඳ ගැනීම[සංස්කරණය]

එබස් ඇසූ බිසවු ලැගුම් ගෙට ගොස් ඒ ලැගුම් ගෙයි වැද හොත් සාමණෙරයන් වහන්සේ සමීපයට එළඹ වැද" දොහොත් මුදුනෙහි තබා ගෙන මෙසේ දැන්වූ ය: "ස්වාමිනි, මාගේ සම්පත් ඉතා මහත. මේ අත්බැවින්


4 ථුපවංසය


වුතව මට දරු වුව මැනවැ" යි ආරාධනා කළෝ ය. එබස් ඇසූ සාමණෙරයන් වහන්සේ, "මිනිසත් බව ඉතා ප්‍රතිකූල ය" යි සිතා නො ඉවසා වදාළ සේක. නුවණැත්තා වූ ඒ විහාරදේවී එබව දැන බොහෝ සුවඳ මල් ගෙන්වා ගෙන සාමණෙරයන් අත පහරවා මල් පුදා නැවතත් දරු වන්ට ආරාධනා කළෝ ය. සාමණෙරයන් වහන්සේ නො ඉවසත් ම සාමණේරයන් වහන්සේගේ ඉඟි දත් ඒ විහාරදේවී එවිට ම අරළු උක්සකුරු හෙළ ගිතෙල් මේ ආදී බොහෝ බෙහෙත් බඩු ද නැවත බොහෝ සිවුරු සළුපිළි ද ගෙන්වා ගෙන සාමණෙරයන් වහන්සේ අත පහරවා, "ස්වාමීනි, නුඹ වහන්සේ නමට දන් දෙමි" යි කියා මහා සංඝයා වහන්සේට පිළිගන්වා නැවතත් දරු වන්ට ආරාධනා කළෝ ය. එවේලෙහි සාමණෙරයන් වහන්සේ, "දුක්පත් ව උපනොත් පින් කොට ගන්ට බැරි ය. මේ බිසවුන් බඩ පිළිසිද" රජ ව ඉපද ගත්තොත් බොහෝ පින් කොටගත හැක්කැ" යි සිතා, එවිට, "මම දරු වෙමි" යි බිසවුන් මුහුණ මෛත්‍රියෙන් බලා ඉවසා වදාළ සේක.

එවිට සතුටු සිත් ඇති බිසවූ වැඳ සමුගෙන යානාවට නැඟී නික්මුණු ක්ෂණයෙහි ම සාමණෙරයන් වහන්සේ ද නිරුද්ධ ව බිසවුන් මාළිගාවට නො යන තෙක් ම බඩ විදුරැ පුරාපී කලක් මෙන් බිසවුන් බඩ පිළිසිද" ගත් සේක. එකෙණෙහි බිසවු සාමණෙරයන් වහන්සේ මළ බැව් දැන, යන ගමන් වැළකී විහාරයට පෙරළා අවුත් සාමණෙරයන් වහන්සේ මළ පවත් කාවන් තිස්ස රජ්ජුරුවන්ට කියා යවා රජ්ජුරුවන් ගෙන්වා ගෙන දෙමහල්ලෝ ම බොහෝ පූජා සත්කාර කොට සාමණෙරයන් වහන්සේට ආදාහන පූජා කරවා බිසවු රජ ගෙට නො ගොස් විහාරයෙහි ම වැස මහා සංඝයා වහන්සේ ට මහ දන් දුන්හ.


දොළ උපත[සංස්කරණය]

නැවත මහ පිනැති බිසවුන්ට මේ නියා දොළෙක් උපන. කෙසේ වූ දොළෙක් ද යත්: සියක් රියන් දිග ඇති මහත් මීවැදැල්ලක් සමීපයෙහි හිස තබා ගෙන වමැලයෙන් යහන්පත් ව දොළොස් දහසක් මහා සංඝයා වහන්සේ ට මි දන් දී ඉතිරි මී තමා අතින් කඩා ගෙන කන්නට ද, නැවත අනුරාධපුර නුවර රජ කරන එළාල රජ්ජුරුවන්ගේ විසිමහා යොධයන් අතුරෙන් නායක යොධයාගේ ඉස කැපූ කඩුව දෙව ඒ පැන් ඔහුගේ හිස මැඩ ගෙන බොන්නට ද, නැවත අනුරාධපුර නුවර දෙමළ රජුගේ තිසා වැව මානෙල් කෙතින් නො මලා ගිය මානෙල් මල් පලඳින්නට ද යන මෙතෙක් දොළ දේවීන්ට උපන. කාවන්තිස්ස රජ්ජුරුවෝ විහාරදේවින්ට උපන් දොළ අසා නිමිත්ත දන්නවුන් ගෙන්වා ගෙන වීචාළෝ ය. එබස් ඇසූ නිමිත්ත පාඨකයෝ


ථුපවංසය 5


තමන්ගේ නුවණින් පරීක්ෂා කොට දිවසින් දුටුවන් මෙන් කියන්නෝ, "දෙවයන් වහන්ස, නුඹ වහන්සේගේ මේ බිසවුන් බඩ පිළිසිඳ ගත්තේ මහ පිනැති පුතණු කෙනෙක. ඌ තුමූ දසඑකඩ මසින් බිහිව වැඩිවිය පැමිණ මතු මේ ලංකාද්වීපය පුරා ගෙන හුන් දෙමළුන් මරා ලක්දිව බුදුසසුන් පවත්වති" යි කිවු ය. එබස් ඇසූ රජ්ජුරුවෝ මාගම බෙර ලවන්නෝ මෙසේ කියා බෙර ලැවූ ය. කෙසේ ද යත්: "සියක් රියන් දිග ඇති මී පටලයක් දැක මට කී කෙනෙක් ඇත්නම්, බෙ‍ාහෝ සම්පත් මාගෙන් ලැබෙති" යි කියා බෙර ලැවූ ය.

ඉක්බිති ගොළු මුහුද වෙරළ මුණින් නමා තුබූ මාලු නැවක මීමැස්සෝ මී බැඳ තුබූ ය. මිනිසෙක් ඒ මී දැක කාවන්තිස්ස රජ්ජුරුවන්ට දැන්විය. රජ්ජුරුවෝ එබස් අසා සතුටු ව මහ පෙරහරින් බිසවුන් එතැනට ගෙන ගොස් එතැන්හි යහපත් කොට මඬුවක් ලවා ඒ මඬුව සරහා යහන් පනවා බිසවුන් මී අනුභව කරවන්නට දොළොස් දහසක් රහතුන් වහන්සේට ද මී දන් දුන්හ. නැවත ඉතිරි දොළ බිසවුන්ට දෙනු කැමැති කාවන්තිස්ස රජ්ජුරුවෝ වෙළුසුමන නම් යොධයා කැඳවා දොළ ගෙනෙන්නට නියෝග කළෝ ය. ඒ යොධයා රජ්ජුරුවන් කී බස් ගිවිස මාගමින් නික්ම අනුරාධපුර නුවරට එදවස් ම ගොස් දෙමළ එළාල රජුගේ මඟුලසු රකිනා අස්සලයා හා මිත්‍ර ව ඔහු කරන සියල්ල ම තෙමේ කොට නැවත වෙළුසුමන තෙම අස්සලයා තමාට නො වෙනස් බව දැන එක් දවසක් උදැසන ම මානෙල් කෙතින් මානෙල් මල් කඩා ගෙන කොළොම් ඔය සමීපයේ මලුත් කඩුවත් සඟවා තබා කිසි කෙ‍නකුන් කෙරෙහි භයක් සැකක් නැති ව වෙළුසුමන එළාල රජුගේ මඟුලසු පිටට පැන නැඟි තමාගේ යෝධ නම් අස්වාලා, "සුරෙක් මා අල්වා ගනුව"යි කියාලා අශ්ව වේගයෙන් නික්මිණ.ඒ ඇසූ දෙමළ රජ වෙළුසුමනයන් ගන්නා පිණිස යොධයන් විසි දෙනාගෙන් නායක යොධයාට තමා නැඟෙන දෙවෙනි මඟුලසු දි, "ඌ ගනුව" යි සමු දින.එවේලෙහි වෙල්දෙව නම් දෙමළ යෝධයා රජ්ජුරුවන් වැඳ සමුගෙන අසු පිටට පැන නැඟී අශ්ව වේගයෙන් ඔහු අඹා දිවී ය. එවේලෙහි වෙළුසුමන තමා පසු පස්සෙහි අඹා දිවන දෙමළ යෝධයා දැක කැලයක් මුවාව ගෙන අසුපිට හිඳ වේගයෙන් දිවන්න වුට කඩුව සරස් කොට පෑ උගේ හිස කපා හිස අසුපිට තබා ගෙන ඌ ගෙනා අසුත් හැර ගෙන එදවස් ම සවස් වේලෙහි මාගමට ගොස් වන. එවේලෙහි කාන්තිස්ස රජ්ජුරුවෝ සතුටු ව බිසවුන් රුචි වූ පරිද්දෙන් දොළ දෙවා දොළ පහ කොට වෙළුසුමනයන්ට බොහෝ සම්පත් දුන්හ. ඉක්බිති බිසවු වැදුව මනා සමයෙහි මහ පිනැති උතුම් කුමාරයන් වැදු ය. එදවස් කුමාරයන්ගේ පිනින් රුවන් පිරූ නැව් සතෙක් අවුදින් තොටට බට. තවද කුමාරයන්ගේ පිනින් හිමාලයෙහි ඡද්දත්ත විලින් එක් ඇතින්නක් තමාගේ පුතු ඇලි ඇත් පැටවකු ගෙනහැර හෝතෙර ලාපියා පලා ගියා ය.


6 ථුපවංසය


එතැන සිටි ඇලි ඇත් පැටවු බිළි බාන්නට ගිය කඩොල් නම් බිළී වැද්දෙක් දැක රජ්ජුරැවන්ට කී ය. එබස් ඇසූ රජ්ජුරුවෝ ඇත්තලයන් යවා ඇත් පැටවු ගෙන්වා ගෙන පෙරහර තබා දුන්හ. කඩොල් නම් බිළී වැද්දවු දුටු විසින් ඒ ඇතුට කඩොලැතා යයි නම් විය. නැවත කුමාරයන් උපන් දවස් ම රන් වළන් පිරූ නැවකුත් තොටට බට. රජ්ජුරුවෝ එයින් ගෙන්වා ගෙන තැබූ ය. කාවන්තිස්ස රජ්ජුරුවෝ පුතණුවන්ට නම් තබන මඟුලෙහි දොළොස් දහසක් සංඝයා වහන්සේ රැස් කරවා, "මාගේ පුතණුවෝ සියලු ලංකාද්වීපයෙහි දෙමළුන් සාධා බුදුසසුන් ඇති කෙරෙත් නම්, ගොතම නම් තෙර කෙ‍නකුන් වහන්සේ මාගේ පුතණුවන් අත අල්වා ගන්නා සේක්ව" යි, "උන්වහන්සේ ම ශරණ ශීලයෙහි පිහිටුවන සේක්ව" යි සිතූහ. රජ්ජුරුවන් සිතූ සැටි ම විය. ඒ සියලු නිමිත්ත දැක රජ්ජුරුවෝ සතුටු ව සංඝයා වහන්සේට කිරිබත් දන් දී පුතණුවන්ට ගැමුණු කුමාරයෝ යයි නම් තැබූ ය. නැවත බිසවුන් හා පුතණුවන් හැරගෙන විහාරයෙන් රජගෙට ගියහ. එසේ රජගෙට ගෙන ගිය නව දවසකින් දේවින් හා කැටීව සංසර්ග වූහ. ඒ සංසර්ගයෙන් නැවතත් පුතණු කෙනකුන්ට උපතක් සිටියේ ය. ඒ උපත සිට වැදු කුමාරයන්ට තිස්ස ය යි නම් තැබූහ. මෙසේ මහ පෙරහරින් දෙබෑයෝ වැඩුණාහු ය. රජ්ජුරුවෝ දරුවන් දෙන්නාගේ සියලු මඟුලෙහි ම පන්සියයක් පන්සියයක් මහණ වහන්දැට කිරිබත් දන් දුන්හ. නැවත කුමාරයන්ට බත් කවන මඟුලෙහි එසේ ම පන්සියයක් දෙනා වහන්සේ පවරා වළඳවා වැළඳූ අන්තයෙහි රන් තලිය ගෙන හැර දෙමහල්ලෝ ම පන්සියයක් දෙනා වහන්සේ ගෙන් පන්සියයක් බත් ආලොප ගෙන දරුවන් දෙන්නා ගෙන තබා බතට හිඳුවා මෙසේ කිවු ය. "දරුවෙනි, තෙපි දෙදෙනා බුදුරජාණන් වහන්සේගේ සස්නෙහි පින් කරවු නම්, මේ බත තොපගේ කුසහෙ යෙහෙන් දිරාව" යි කියා දුන්නු ය. කුමාරවරු දෙබෑයෝ ඒ බත අමාවක් මෙන් කැවු ය. උන් දෙබෑයන් (දස) දොළොස් හැවිරිදි වූ කල දරු දෙන්නා විමසනු පිණිස පෙරසේ ම වහන්දෑ වරුන් වළඳවා වැළඳූ අන්‍තයෙහි වැළඳු බත් තලියෙහි ලා ගෙන දෙබෑයන් හිඳුවාලා තලියේ බත් තුන් කොටසක් කොට ඒ කාවන්තිස්ස රජ්ජුරුවෝ දෙබෑයන්ට මෙසේ කිවු ය. "තෙපි දෙබෑයෝ ම 'අපගේ කුල දෙවතා වූ සංඝයා වහන්සේට විමතියක් නො කරම්හ" යි කියා මේ බත් තුන් කොටසින් එක් කොටසක් කව" යි කිවු ය. එවේලෙහි එබස් ඇසූ දෙබෑයෝ, "අපි දෙන්න ම නිරන්තරයෙන් ම සංඝයා වහන්සේට, පියාණන් වහන්ස, නුඹ වහන්සේ කී සැටියේ ම කරම්හ" යි කියා පළමු කොටස කැවු ය. නැවත රජ්ජුරුවෝ කියන්නෝ, "අපි දෙබෑයෝ ඔවුනොවුන්ට විපක්ප නොවම්හ යි කියා දෙවෙනි කොටස කව" යි කිවු ය. ඒ කොටසත් එසේ ම කියා අමාවක් මෙන් කෑවු ය. තුන්



ථුපවංසය 7


වන කොටස, "දෙමළුන් හා සටන් නො කරම්හ යි කියා දිවුට කව" යි කිවු ය. මෙසේ රජුජුරුවන් කී කල්හි තිස්ස කුමාරයෝ තමන් අතින් ගත් බත් පිඬ පිට හෙළාපියා පලා ගියෝ ය. ගැමුණු කුමාරයෝ ද එසේම තමන් ගත් බත් පිඩ තලියේ හෙළාපියා තමන් වැදහෝනා තැනට ගොස් යානට පැන නැඟි අත පය හකුළුවා ගෙන වැද හොත්තෝ ය. එවේලෙහි එලෙස හොත් පුතණුවන් දැක විහාරමහා දේවි ශෝකයෙන් කම්පා ව මියුඩුරු සුසුම් ලා මෙසේ කියන්නාහ. "ඇයි, පුතණ්ඩ, ගැමුණු කුමාරයෙනි! මේ යහන සුව සේ අතපය දික් කොට වැද නො හෙව කුමක් පිණිස අතපය වක් කොට ගෙන බැණ නො නැඟී වැද හෝනාවු ද පුතණ්ඩැ" යි කිවු ය. එබස් ඇසූ ගැමුණු කුමාරයෝ, "කුමක් කියන සේක් ද මෑණියන් වහන්ස! ගඟින් එතෙර දෙමළුන් වුව, මෑතින් ගොළු මුහුද වුව; කෙසේ ද මා අතපය දික් කොට සුවසේ වැද හෝනේ?, යයි කිවු ය. එබස් අසා ගැමුණු කුමාරයන්ගේ අභිප්‍රාය දත් මවුපියෝ මුයෙන් නො බිණු ය. ගැමුණු කුමාර තෙම ක්‍රමයෙන් වැඩෙන්නේ සොළොස් හැවිරිදි වි ය. ඒ කුමර මහ පිනැතියේ මහත් යසසට පැමිණියේ ය. ධෛර්යෙන් ද තෙජසින් ද බල පරාක්‍රමයෙන් ද යුක්ත ය. හස්ති ශිල්ප අශ්ව ශිල්ප රථ ශිල්ප ඛඬ්ග ශිල්ප ධනු ශිල්පයෙහි දක්ෂ ය. ඒ මහා බල ඇති ගැමුණු කුමාර තෙමේ මාගම විසී ය.


දශ මහා යෝධයෝ[සංස්කරණය]

ඉක්බිති කාවන්තිස් රජ්ජුරුවෝ පුතණුවන් ගැමුණු කුමාරයන්ට සේනාවක් දී ඇති කරන පිණිස නන්දිමිත්‍ර යෝධයන් ඇතුළු ව දස දෙනකු දුන්හ. ඒ යෝධයෝ කිනම්හු ද යත්: නන්දිමිත්‍ර නම් යෝධයාණ කෙනෙක, සුරනිර්මල නම් යෝධයාණ කෙනෙක, මහාසොණ නම් යෝධයාණ කෙනෙක, ගොඨයිම්බර නම් යෝධයාණ කෙනෙක, ථෙරපුත්තාභය නම් යෝධයාණ කෙනෙක, භරණ නම් යෝධයාණ කෙනෙක, වේළුසුමන නම් යෝධයාණ කෙනෙක, ඛඤ්ජදේව නම් යෝධයාණ කෙනෙක, ඵුස්ස දෙව නම් යෝධයාණ කෙනෙක, ලභිය්‍ය වසහ නම් යෝධයාණ කෙනෙක යන මෙ කී දශ මහා යෝධයන් පුතණුවන් ගැමුණු කුමාරයන්ට පාවා දුන්හ. ඒ දශ මහා යෝධයන්ගේ උත්පත්ති ගම් බිම් උන් කළ කුසල් මෙසේ දත යුත. හේ කෙසේ ද යත්:


නන්දිමිත්‍ර යෝධයා[සංස්කරණය]

නන්දිමිත්‍ර නම් යෝධයා-අනුරාධපුර නුවර නැගෙනහිරි දිශාවෙහි රාජ්‍යය කරන එළාල රජ්ජුරුවන්ගේ මිත්ත නම් සෙනෙවිරත් කෙනෙක් ඇත. ඒ සෙනෙවි රදුන් හා එකකුස හෝත් නැඟණියන්ගේ පුතණුවෝය.


8					ථුපවංසය


ඌ අනුරාධපුර නුවරට නැගෙනහිරි දිශාවෙහි සිතුල් පවුව යයි යන පර්වතයක් සමීපයෙහි කඩරොද යන ගම උපන්නේ ය. එසේ උපන් කුමාරයන්ට නම් තබන්නෝ මයිලණුවන්ගේ නම තබන්නාහු මිත්ත නම් තුබූහ. ඒ මිත්ත නම් කුමාරයන් දණ හෙළා ඇවිදිනා කල දණ ගාගෙන කුමාරයා දුරට යන විසින් මෑණියෝ වලකා වෙහෙසි පියා "තට කියටි දනිමි" යි වරපටක් හැර ගෙන කුමාරයන් හිණ බැඳලා ඒ වරපට කෙළවර දාගල බැන්දෝ ය. ඒ කුමාර, "මෑණියෙනි, තොප බැඳ රැඳෙවුවත් මා රඳන්නේ නැතැ" යි බැඳ ලූ දාගල ඇද ගෙන යන කුමාර එළිපත දක්වා ඇද ගෙන ගොස් එළි පත් පඩියේ දාගල වැද ගත් විසින්, එසේ ද වුවත් ගලත් ඇද ගෙන යෙමී" ගල අදීනාවූ හිණ බැඳි වරපට සිඳි ගියේ ය. වරපට සිඳි ගිය හෙයින් නන්දි මිත්‍රයෝ ය යි එදා පටන් මේ නමින් ප්‍රසිද්ධ වූයේ ය. ඒ නන්දිමිත්‍ර කුමාර ක්‍රමයෙන් වැඩී අභිවෘද්ධියට පැමිණියේ ය. ඇතුන් දශ දෙනකුට බල දරන්නේ ය. උහු අනුරාධපුර නුවරට ගොස් මයිලණුවන් මිත්ත නම් සෙනෙවිරදුන්ට ම සේවාකම් කෙරෙති. එසමයෙහි අනුරාධපුර එළාල රජුගේ දෙමළු සවස උදැසන පලා ගොස් ථූපාරාම මළුවෙහි හා ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඩසිටි මළුවට ගොස් කිස අත්පස කරන දෙමළුන් දැක නන්දිමිත්‍ර නම් යෝධයා‍ මෙසේ සිති ය: "මා වැනි සැදැහැ ඇති තුනුරුවන් දස් එකක්හු මේ දැක දැක හිඳිනා බව සුදුසු නො වෙයි" සිතා දිව ගෙන ගොස් විහාරය නසන දෙමළුන් අල්වා ගෙන හඬව හඬවා බලි සේ හෙළා ගෙන සල්ව සල්වා තමාගේ දකුණු පයින් උන්ගේ කලවා මැඩ අතින් අනික් පය ඔසවා ගෙන මහත් බල ඇති නන්දි මිත්‍රයා දෙමළුන් දෙකඩක් කොට පළා පවුරෙන් පිටතට දමන්නේ ය. එලෙස දැමු දෙමළුන් දැක, "නන්දිමිත්‍රයන්ට භය එති" යි සිතා දෙවියෝ අන්තර්ධාන කෙරෙති. මෙසේ මරන දෙමළුන් දවසකට පනසක් සැටක් බැගින් බොහෝ දෙමළුන් මැරූ කල දෙමළුන්ගේ විනාශය දැක අමාත්‍යයෝ එළාල රජ්ජුරුවන් කරා ගොස් මෙසේ කිවු ය: "දෙවයන් වහන්‍ස, යක්ෂ රාක්ෂයකු සිංහ ව්‍යාඝ්‍රයකු විසින් කන බවත් නො දනුම්හ. එසේ ඔවුන් කතොත් ඉසකේ ඇට ආදිය නො දකුමෝ ද? මීට කාරණ කිම් දැ" යි රජ්ජුරුවන් විචාළෝ ය. එබස් ඇසූ රජ්ජුරුවෝ අමාත්‍යයන්ට මෙසේ කිවු ය. කෙසේ ද යත්: "තෙපි හැම දෙන රාත්‍රියෙහි ඒ ඒ ස්ථානවල සැඟවී සිට ඒ උපද්‍රව කරන්න වුන් අල්වා ගෙන මා සමීපයට ගෙනෙව. උන්ට කළමනා දෑ දනිමි" යි අමාත්‍යයන්ට සම්මත කළෝ ය. එතැන් පටන් නුවර පරීක්ෂා කරන්නා වූ අමාත්‍යයෝ පරීක්ෂා කොට දෙමළුන් මරන නන්දිමිත්‍රයන් අල්වා ගත නුහුණුවාහු ය. දෙමළුන් මරන නන්දිමිත්‍රයෝ එක් දවසක් මෙසේ සිතු ය: "මම මේ සැටියේ දෙමළුන් මරන්නම් මාගේ ආයු ප්‍රමාණයෙන් මරන්නා මුත්, මරා


ථුපවංසය 9


නිමවාගත නො හැක්කේ ය. එසේ වූ දෙමළුන් මරා කවර දා බුදුසසුන් පවත් කෙරෙම් දැ" යි සිතා නැවත මෛස් සිතූ ය. කෙසේ ද යත්: "රූණ රජ කරන බොහෝ රජදරුවෝ ඇත. ඒ රජදරුවන් අතුරෙන් රත්නත්රුයෙහි සැදැහැඇති රජ්ජුරු කෙනකුන්ට සේවාකම් කොට ලඞ්කා ද්වීපයෙහි පුරාගෙන හුන් මේ සියලු දෙමළුන් සාධා ඒ රජ්ජුරුවන්ට රාජ්යයය ගෙන දී උන් ලවා බුදුරජාණන් වහන්සේගේ පස්වාදහසක් පවත්නා බුදුසසුන් බබුළුවමි" යි සිතා අනුරාධපුර නුවරින් නික්ම සවස මාගමට අවුත් ගැමුණු කුමාරයන් දැක මෙපවත් කියා ගැමුණු කුමාරයන් සමීපයෙහි ම වසන්නාහ. ගැමුණු කුමාරයෝ ද මෑණියන් හා කථාකොට නන්දිමිත්රප යෝධයන්ට බොහෝ සත්කාර කොට සම්පත් දුන්නු ය. ඒ නන්දිමිත්රා යෝධයෝ එතැන් පටන් ගැමුණු කුමාරයන් සමීපයෙහි විසූ ය. න්න්දිමිත්ර යෝධයාණන්ගේ උත්පත්ති කථාව මෙසේ දත යුතු.


සුරනිර්මල යෝධයා[සංස්කරණය]

නැවත සුරනිර්මල යෝධයාණන්ගේ උත්පත්ති කථාව කෙසේද යත්: කාවන්තිස්ස රජ්ජුරුවෝ දෙමළුන් ගඟින් මේතරට ආ නො දි වලකනු පිණිස මාවැලිගඟින් මෙතර දිගට ම රැකවල් ලැවූය. එසේ රැකවල් ලබන රජ්ජුරුවෝ තමන් බිසෝවරුන් අතුරෙන් එක් බිසෝ කෙනකුන්ගේ දීඝාභය නම් පුතණු කෙනකුන් කසාතොට යයි යන තෙන රැකවල් ලැවු ය. දීඝාභය නම් කුමාර යෝ ද තමන් උන් කසාතොටට හාත්පසින් සතර ගව්වෙක ගම්වලින් "එකි එකී මහ කුලයකින් තම තමන්ගේ එකි එකී පුතණු කෙනකුන් මා සමීපයෙහි සිටිය මැනවැ" යි ගෙන්වූ ය. එසමයෙහි කෙළිවාපි ජනපදයෙහි කඩවිටි නම් ගම බොහෝ සම්පත් ඇති සංඝ නම් කෙළෙඹියක්හුගේ පුත්තු සත් දෙනෙක් වූහ. රාජ කුමාරයෝ සංඝ නම් කෙළෙඹියාණන්ගේ පුතුන් සත් බෑයන් ඇති නියාව අසා, "එක් කෙනකුන් මට සේවාකම් කළ මැනවැ" යි පත් යවූ ය. සත් බෑයන් අතුරෙන් කිස්දොවුන් පුතණුවෝ නිර්මල නම් වූහ. ඒ කුමාර ඇතුන් දශ දෙනකුට බල ඇත්තේ ය. එසේ බල ඇතත් කිසි කර්මාන්තයක් දෙමවුපියන්ට නො කරන්නේ ය. එසේ හෙයින් අනික් සැබෑයෝ නිර්මල නම් මලණුවන්ට "කාලා කිසි කර්මාන්තයක් නො කොට ගෙන් දොරට නො යෙයි. එ සේ වූ සොරු රාජ කුමාරයන් සමීපයට, එවූ පතට, යවුව මැනවැ" යි සබෑයෝ මලණුවන් නො කැමැතිව ම දෙමවුපියන්ට කිවු ය. මවුපිය දෙදෙන කෙනෙක් දරුවන් ඇතත් කිස්දොවුන් දරුවන් කෙරේ සෙනෙඟ බොහෝ විසින් නිර්මලයන් යවනු නොකැමැත්තෝ ය. නිර්මල කුමාරයා මල් බෑයන්ට කිපී උදෑසන කඩවිටි නම් ගමින් නික්ම දොළොස් කව්වක් ගෙවා ගෙන හිරු නැගෙන වේලාවට කසාතොටට ගොස් දීඝාභය කුමාරයන් දුටුයේ ය.


10 ථුපවංසය


කුමාරයෝ නිර්මලයන් දැක උන්ගේ ගමන් පරීක්ෂා කරනු පිණිස දුරු මෙහෙවරක් කියා යවා ගමන් පරීක්ෂා කළ මැනවැයි සිතා, "මිහින්තලා ගල ආසන්නයෙහි ද්වාරමණ්ඩල නම් ගම මාගේ යහළණුවන් කුණ්ඩල නම් බමුණාණන් සමීපයට ගොස් මා යවූ පත දීලා, උන් දුන් සඳුන් කපුරු කස්තුරු කළුවැල් තුවරලා මේ ආදී සුවඳ ගෙනෙව" යි කියා නිර්මලයන් බත් කවා බමුණානන් සමීපයට පත දී යවූ ය. ඒ කසාතොට අනුරාධපුර නුවරට සතිස් ගව්ව ය. නිර්මලයෝ ඒ සතිස් ගව්ව ගෙවා ගෙන පෙරවරු ම ද්වාරමණ්ඩල නම් ගමට ගොස් බමුණානන් දැක පත දුන්හ. බමුණාණෝ නිර්මලයන් "කවර දා නික්මුණුදැ"යි විචාළෝ ය. එසේ විචාළ බමුණාණන්ට නිර්මලයෝ "උදෑසන ම බත් කා ආමී" යි කිවු ය. එබස් ඇසූ බමුණාණෝ කියන්නෝ, "ආශ්චර්යය, තිසා වැවට ගොස් නාපියා බත් කන්නට පලා එව" යි කීහ. ඒ බස් ඇසූ නිර්මලයෝ අනුරාධපුර නුවරට ගොස් තිසා වැවින් නා පියා ශ්රි මහාබෝධින් වහන්සේට මල් පුදා වැඳ ථූපාරාම මළුවට ගොස් ථූපාරාමයත් වැඳ ඇතුළු නුවරට වැද-නැඟෙනහිරි වාසලින් බස්නාහිරි වාසල දකින්නේ සතර ගව්වක් ගිය කල ය; දකුණුදිග වාසලින් උතුරු දිග වාසල දකින්නේ සතර ගව්වක් ගිය කල ය; එසේ වූ සියලු නුවර නිර්මලයෝ බලා සතර වාසල් දොර ඇවිද පියා සල්පිළින් සුවඳ හැර ගෙන උතුරු වාසල් දොරින් නික්ම මානෙල් කෙතට ගොස් මානෙල් මල් කඩා පැලඳ ගෙන නැවත බමුණන්ගේ ගෙට ම පෙරවරු බත් වේලාවට ම ගියාහු ය. බමුණා "කොයි ගියා ද" යි විචාරා ගිය ගමන් අසා සතුටු ව විස්ම පත් ව මෙසේ සිති ය: "මේ පුරුෂයා උතුම්පිරිමියෙක. ඉදින් එළාල රජ මොහුගේ බල දත් නම් තමා සමිපයට හැර ගන්නේ ය. එසේ හෙයින් දෙමළුන් ආසන්නයේ කල් යවා හිඳීම සුදුසු නො වෙයි. දීඝාභය කුමාරයන්ගේ පියාණන් සමීපයේ වසන්නට සුදුසු ය" යි සිතා කාවන්තිස්ස රජ්ජුරුවන් සමීපයෙහි හිඳිනා නියායෙන් පතක් ලියා නිර්මලයන්ට දින. නැවත පූර්ණවර්ධන නම් පිළී සඟළක් ද ඇතුළු වූ පඩුරු දී බත් කවා තමාගේ යහළු වූ දිඝාභය කුමාරයන් සමීයට යවී ය. ඒ නිර්මලයෝ ඒ දවස් සවස් වේලෙහි ම රාජ කුමාරයන් ඇවිත් දුටහ. නැවත තමා ගෙන ගිය පත හා පඬුරු රාජ කුමාරයන් දින. රාජ කුමාරයෝ නිර්මලයන්ට මසුරන් දහසක් වටනා මැහැඟි ප්ර්සාද දී නිර්මලයන් හිසකේ කපා මාවැලි ගඟින් නාවා බමුණාණන් තමන්ට එවූ පූර්ණ වර්ධන නම් පිළිසහළ ද මල් සුවඳ ද නිර්මලයන්ට දී දුහුලින් නිර්මලයන් හිස වෙළා තමන් කන සැටියේ බත් කවා මසුරන් දහසක් වටිනා මාහැඟි යහනක් ද දුන්හ. ඉක්බිති නිර්මලයෝ තමන්ට දුන් සියලු ප්රකසාද එක් කොට


ථුපවංසය 11


ලා කිසිල්ලේ ගන්වා ගෙන දෙමවුපියන් හිඳිනා ගමට එදා ම ගොස් පිළි සහළ මෑණියන්ට දී මාහැඟි යාන පියාණන්ට දී දෙමෝපිය දෙදෙනා වැඳලා සමුගෙන නැවත ඒ දවස් ම රාත්රි යෙහි රැකවල් රකිනා තෙනට අවුත් උන්හ. රාජ කුමාරයෝ නිර්මලයන් දෙමෝපියන්ගේ ගම නො රඳා ඊයේ ම රැකවලට ආ නියාව උදෑසන අසා සතුටුට මසුරන් දහසක් දී, "කාවන්තිස්ස රජ්ජුරුවන් සමීපයෙහි වසව" යි සමු දුන්හ. නිර්මලයෝ මසුරන් දහසත් දෙමෝපියන්ට දි එදවස් ම මඟ ගෙවා ගෙන මාගමට ගොස් කාවන්තිස්ස රජ්ජුරුවන් දුටහ. රජ්ජුරුවෝ ඒ දැක සතුටු ව නිර්මලයන්ට බොහෝ ප්රිසාද දී සුරනිර්මල යෝධයා යයි මේ නමින් ප්රාසිද්ධ කොට පුතණුවන් ගැමුණු කුමාරයන්ට ම පාවා දුන්හ. එතැන් පටන් ශෞර වීය්ය් ොස ඇති හෙයින් සුර නිර්මල නම් විය. මේ සුරනිර්මලයන්ගේ උත්පත්ති කථාවයි.


මහාසොණ යෝධයා[සංස්කරණය]

නැවත මල්වතු මඬුල්ලෙහි උදුර කරවිටි නම් ගම තිස්ස නම් කෙළෙඹි යක්හුගේ පුත්තු අට දෙනෙක් ඇත. උන් අට දෙනා අතුරෙන් කිස්දොවුන් පුතා සත් ඇවිරිදි වයසේදි ඉස් වට උස කොර තල් උදුරන්නේ ය. දස ඇවිරිදි කල මහ තල් ගස් උදුරන්නේ ය. ක්රමයෙන් වැඩි සොළොස් ඇවිරිදි කල ඇතුන් දසදෙනකුට බල ඇත්තේ ය. එතෙම මහාසොණ නම් යෝධයා ය යි මේ නමින් ප්රරසිද්ධ විය. කාවන්තිස්ස රජ්ජුරුවෝ ඔහුගේ බල අසා දෙමෝපියන් දෙදෙනාට බොහෝ සම්පත් යවා, "තමන්ගේ තෙල පුතා තමන් සමීපයේ වසන්ට සුදුසු නො වෙයි. මාගේ පුතනුවන් ගැමුණු කුමාරයන් සමීපයේ වසන්නට සුදුසු ය යි කියා ගෙන්වා ගැමුණු කුමාරයන්ට පාවා දුන්හ. මේ මහාසොණ නම් වූ යෝධයාණන්ගේ උත්පත්ති කථාවයි.


ගොඨයිම්බර යෝධයා[සංස්කරණය]

තවද දොළොස් දහස් ගිරුවා හෝ බඩ නිටුල්විටි නම් ගම මහානාග නම් කෙළෙඹියක්හුගේ පුතෙක් මිටි හෙයින් ගොඨ යයි කියනු ලැබෙයි. එසේ කියන බව මුත් ඇතුන් දස දෙනකුට බල ඇත්තේ ය. ඔහුගේ වැඩි මහලු සබෑයෝ බාල මලණුවන්ට මිටි හෙයින් ගොඨයා යයි පරිහාස කියා වෙහෙසා කෙළිනාහු ය. එක් දවසක් මාසට කුඹුරු ඉදි කරන්නා වූ සබෑයෝ උනුන් අතුරෙන් ගැණ ගැණලා ගස් මුල් කපන්නෝ බාල මලණුවන්ටත් භාගයක් තබා තුමු සදෙන ගස් මුල් කපා ගෙට අවුත් මලණුවන්ට සබෑයෝ කියන්නෝ:


12 ථුපවංසය


"ගොඨය, මෙතෙක් දා සේම ගෙයි කාලා වැද හුන්නා සේ ඉතිකින් වැඳ හිඳිමි යි නො සිතව. තොපටත් කුඹුරු කිරියක වපවල් තබාලා ආම්හ" යි කීහ. ගොඨයා ද මල් බෑයන් කී වාසි බස් අසා කුඹුරට ගොස් කුඹුරෙහි තල් පොල් සා ඉඹුරු වනය තම්පලා පැළ උදුරන්නා සේ උදුරා කඳ වැට බැඳ කුඹුරේ වළ ගොඩ තැන් උදලු ගා සම කොට තනා ගෙට අවුත් තමාට වාසි කී සබෑයන්ට එපවත් කී ය. සබෑයෝ එපවත් අසා උනුන් මුහුණ බලා සිනාසි, "ගෙයි කාලා හිඳිනා ගොඨයා හින්ද නො දී මෙහෙයට යවූම්හ. උන් කළ මෙහෙවර බලාපුව මැනවැ" යි කුඹුරට ගොස් ගොඨයන් කළ ආශ්චර්යමත් කර්මාන්ත සබෑයෝ දැක මහත් වූ විස්මයට පැමිණියාහු ය. එතැන් පටන් ගොඨයා ඉඹුරු ඉදුරු හෙයින් ගොඨයිම්බර යෝධයා ය යි මේ නමින් ප්රයසිද්ධ විය. කාවන්තිස්ස රජ්ජුරුවෝ ගොඨයිම්බරයන්ගේ බල අසා දෙමවුපියන් දෙදෙනාට ප්රසාද යවා ගොඨයිම්බරයන් ගෙන්වා ගෙන පුතණුවන් ගැමුණු කුමාරයන්ට පාවා දුන්හ. මේ ගොඨයිම්බර යෝධයාණන්ගේ උත්පත්ති කථාවයි.


ථෙරපුත්තාභය යෝධයා[සංස්කරණය]

නැවත කොළපවු පර්වත සමීපයෙහි කැතිගම රොහණ නම් කෙළෙඹි යක්හුගේ පුතෙක් උපන. ඌ උපන් තෙනදී ඌට නම් තබන්නෝ ගොඨාභය නම් රජ්ජුරුවන්ගේ නමින් අභා නම් කුමාරයා යයි නම් තුබූහ. ඒ කුමාරයා දොළොස් හැවිරිදි වූ කල මහත් ශක්ති ඇත්තේ ය. නැවත සතර පස් දෙනකු විසින් සොලවා ලිය නො හැකි වට ගල් කෙළිපෙඳවට සේ ඔසවා ගෙන සරු නැතිව දමන්නේ ය. සොළොස් හැවිරිදි කල ඔහුගේ පියාණන් කරවා දෙන ලද අටතිස් අඟුලක් වට ඇති වඩුවෙන් සොළොස් රියනක් දිග ඇති යගදාවක් ගෙන තල් පොල් යගදාවෙන් ගසා හෙළන්නේ ය. එසේ හෙයින් අහා නම් යෝධයා ය යි ප්රයසිද්ධ විය. නැවත ඒ අභා නම් කුමාරයන්ගේ පියාණෝ රොහණ නම් කෙළෙඹි පුත්රයා මහාසුමන නම් තෙර කෙනකුන් වහන්සේගෙන් බණ අසා සේවාන් ඵලයට පැමිණ කෙළ පවු පර්වතයෙහි වසන සුමන නම් තෙරුන් වහන්සේ සමීපයෙහි මහණ වෙමි යි ගිහිගෙයි කළකිරි කාවන්තිස්ස රජ්ජුරුවන්ට කියා යවා අවසර ඉල්වා ගෙන මහණව භාවනා කොට රහත් විය. එසේ හෙයින් ඒ කුමාර යාව රජ්ජුරුවන්ගේ නමින් අභය නම් හැර පියාණන් මහණව රහත් වූ හෙයින් ථෙරපුත්තාභය නම් යෝධයා යයි මේ නමින් ප්රාසිද්ධ විය. කාවන් තිස්ස රජ්ජුරුවෝ ථෙරපුත්තාභය නම් යොධයාණන්ගේ පවත් අසා උහු ගෙන්වා ගෙන පුතණුවන් ගැමුණු කුමාරයන්ට පාවා දුන්හ. මේ ථෙරපුත්තාභය නම් යෝධයාණන්ගේ උත්පත්ති කථාවයි.


ථුපවංසය 13


මහා භරණ යෝධයා[සංස්කරණය]

නැවත කප්පඳුරු නම් ගම කුමාර නම් කෙළෙඹියක්හුගේ භරණ නම් පුතෙක් උපන. ඒ භරණ නම් කුමාරයා දොළොස් ඇවිරිදි කල බලයෙන් ද ජවයෙන් ද යුක්ත ය. බාලයන් හා කැටිව වල ඇවිදිනේ සාවුන් ලුහුබඳවා ගෙන පයින් ගසා මරන්නේ ය. එසේ ම සොළොස් හැවිරිදි කල ගම් වැස්සන් හා කැටිව වලට ගොස් මුවන් ගෝනන් ඌරන් ලුහුබඳවා කකුල් අල්වා ගෙන බිම ගසා මරන්නේ ය. මෙසේ බල ඇති හෙයින් මහාභරණ නම් යෝධයා ය යි මේ නමින් ප්ර්සිද්ධ විය. ඉක්බිති කාවන්තිස්ස රජ්ජුරුවෝ ඔහුගේ බල අසා ගෙන්වා ගෙන පුතණුවන් ගැමුණු කුමාරයන්ට පාවා දුන්හ. මේ මහා භරණ නම් යෝධයාණන්ගේ උත්පත්ති කථාවයි.


වෙළුසුමන යෝධයා[සංස්කරණය]

නැවත ගිරිනිල් දනව්වෙහි කෙළෙඹියඟණ නම් ගම වසභ නම් කෙළෙඹි යක්හුගේ පුතෙක් උපන. එම දනව්වෙහි වෙළු නම් ගම වෙළු නම් (කෙළෙඹි පුත්රායකු හා සුමන නම් ජනපද නායකයකු හා දෙදෙන ඔහු) හා මිත්ර්ව හිඳිනාහ. (ඔහු දෙදෙන) තමන්ගේ වසභ නම් යාළණුවන්ගේ පුතණු කෙනකුන් උපන්හ යි අසා බොහෝ උපකරණ ගෙන්වා ගෙන යාළණුවන්ගේ ගමට අවුත් යාළුණුවන්ගේ පුතණුවන් දැක තමන්ගේ සුමන නම් වෙළු නම් දෙක එක් කොට වෙළුසුමන යයි නම් තබා (සුමනයන්ගේ) ගමට කුමාරයන් ගෙන ගියෝ ය. ඉක්බිති වෙළුසුමන කුමාර වැඩිවිය පැමිණ මහත් යසසට පැමිණියේ ය. එසමයෙහි එක් සෛන්ධවයෙක් කිසි කෙනකුන් තමා පිටට නැංග නො දෙයි. ඒ සෛන්ධවයා වෙළුසුමනයන් දැක "මා පිටට නැඟෙන්නට සුදුසු සේවායෙකැ" යි සතුටුව වෙළුසුමනයන් මුණ බලයි. ඒ දැක කුඩා පියා වෙළුසුමනයන්ට "පුත, වෙළුසුමනයෙනි, තෙපි මේ අසු පිටට නැඟෙව" යි වෙළුසුමනයන්ට අසු දින. එවේලෙහි වෙළුසුමනයෝ කුඩා පියාණන් දුන් අසු පිටට පැන නැඟි අසු විහිදුවා ලූ ය. ඒ වේලෙහි ඒ සෛන්ධවයාගේ ජව කෙසේද යත්: අසුන්ගෙන් වටලා ලූ අස් වළන්ලක් මෙන් විය. එසේ අසු විහිදුවා නැවත අසු දිග හැර දිවන අසු පිට තෙමේ සිට ගෙන ඌ කෙරේ මඳ ශඞ්කාවක් නො කොට තමා හැඳගත් සළු පටින් පට අසු දිවියදි ම ගලවයි. නැවත පටින් පට ඇඳ ගන්නි. ඒ දැක බොහෝ දෙනා මහත් කොට ඔල්වර හඬ පැවැත්වූ ය. එවේලෙහි වෙළුසුමනයන්ගේ කුඩා පියාණෝ පුතණුවන්ගේ බල දැක සතුටුව ඔහට මසුරන් දහසක් දී, "මේ මාගේ කුඩා පිත් මා කෙරෙහිත් මාගේ යාළුණුවන් කෙරෙහිත් වසන්නට සුදුසු නොවෙයි" සිතා ඌ කැඳවා ගෙන මාගමට ගොස් කාවන්තිස්ස රජ්ජුරුවන්ට


14 ථුපවංසය


පාවා දුන්හ. කාවන්තිස්ස රජ්ජුරුවෝ ඕහට බොහෝ සම්පත් දී වෙළුසුමන යන් තමන් සමීපයෙහි රැඳ වූහ.

මේ වෙළුසුමන යෝධයාණන්ගේ උත්පත්ති කථාවයි.


ඛඤ්ඡදෙව යෝධයා[සංස්කරණය]

තවද අංජලි පවු සමීපයෙහි මීදෙණිය යන නම් ඇති ගම අභා නම් එක් කෙළෙඹී පුත්ර්යක්හුගේ පුතෙක් උපන. ඒ උපන් පුතා මඳක් පිළු හෙයින් ඛඤ්ඡදෙව යයි මේ නමින් ප්රෙසිද්ධ විය. ඛඤ්ඡදෙවයා මහත් බල ඇත්තේ ය. ඒ ගම්වැස්සන් හා කැටිව වලට මුව දඩ ගියේ, වල දිවන වල් මීවුන් දැක ඛඤ්ඡදෙවයා ඔවුන් දෙකකුල් අල්වා ගෙන තමා හිස සිසාරා බිම ගසා ඇට තුතු කොට වල් මීවුන් මරයි. කාවන්තිස්ස රජ්ජුරුවෝ ඔහුගේ බල අසා දෙමවුපියන්ට බොහෝ සම්පත් දී උන් ගෙන්වා ගෙන පුතණුවන් ගැමුණු කුමාරයන්ට ම පාවා දුන්හ. මේ ඛඤ්ඡදෙව නම් යෝධයාණන්ගේ උත්පත්ති කථාවයි.


උන්මාද ඵුස්සදෙව යෝධයා[සංස්කරණය]

තවද චිත්තල පර්වත සමීපයෙහි ගොඩිගමුව යයි යන ගම් උප්පල නම් කෙළෙඹියක්හුගේ ඵුස්ස(දෙව) නම් පුතෙක් බාල කල තමා සේම සෙසු බාලයන් හා එක්ව විහාරයට ගොස් බොධීන් වහන්සේට පූජා පිණිස විහාරයෙහි තුබූ සක තමා අතට හැර ගෙන පිඹපී ය. ඔහු පිඹපූ ඒ සඬ්ඛ නාදය සිය ගණන් එක විට ගැසූ සෙණ හඬ මෙන් ශබ්ද පතළේ ය. ඒ ඇසූ බාල දරුවෝ භය පත්ව උන්මත්ව මුහුණින් කඩා ගෙන වැටියෙති. එතැන් පටන් ඒ කුමාරයා උන්මාද ඵුස්සදෙව යයි නමින් ප්රවසිද්ධ විය. ඉක්බිති ඵුස්සදෙවයාගේ පියාණෝ පුතුට දුනු සිල්ප ඉගැන්වුහ. ඒ කුමාර ශබ්දවෙධී ය. වැලි පිරූ ගැල් ද විද හිය පලවන්නේ ය. සමීන් බඳනා ලද සම් ගැල් ද අටඟුල් සොළොසඟුල් බොල පියා පෝරු ද විද හීය පල වන්නේ ය. සතරඟුල් බොල යපට ද අතින් අතට විද පලවයි. ඔහු විසින් හරන ලද ශරය ගොඩින් අට ඉස්බක් යන්නේ ය. දියෙන් ඉස්බක් පමණ යන්නේ ය. කාවන්තිස්ස රජ්ජුරුවෝ ඔහුගේ දුනු සිල්ප අසා දෙමෝපියන්ට සම්පත් දී ඔහු ගෙන්වා ගෙන පුතණුවන් ගැමුණු කුමාරයන්ට පාවා දුන්හ. මේ උන්මාද ඵුස්සදෙව නම් යෝධයාණන්ගේ උත්පත්ති කථාවයි.


ලහිය වසභ යෝධය[සංස්කරණය]

තවද තරාල් පවු සමිපයෙහි වේරවෑගම මත්ත නම් කෙළෙඹියක්හුගේ, නමින් වසභ නම් පුතෙක් උපන. ඒ වසභ නම් පුතා යහපත් ශරීර ඇති හෙයින් ලභිය වසභ යයි මේ නමින් ප්ර්සිද්ධ විය. ඒ ලභිය වසභයා විසි හැවිරිදි


ථුපවංසය 15


වයසට පැමිණියේ ඇතුන් දස දෙනකුට බල ඇත්තේ ය. මිනිසුන් කීප දෙනකු හැර ගෙන මහ වැවක් බඳවන්නේ විසි තිස් දෙනකු විසින් ඔසවා ගත නො හැකි පස් පිඬි උදැල්ලෙන් දමා වැව බඳවා නිමවිය. කාවන්තිස්ස රජ්ජුරුවෝ ලභිය වසභයන්ගේ බල අසා ඔහුගේ දෙමවුපියන්ට සම්පත් දී යවා ඌ ගෙන්වා ගෙන පුතණුවන් ගැමුණු කුමාරයන්ට පාවා දුන්හ. මේ ලභිය වසභ නම් යෝධයාණන්ගේ උත්පත්ති කථාවයි.


යෝධයන්ගේ පින්කම්[සංස්කරණය]

මේ යෝධයන් දසදෙනාගෙන් නන්දිමිත්රේ නම් යෝධයාණෝ මෙම කප බුදු වූ කොණාගමන නම් බුදුන් සමයෙහි බොහෝ සම්පත් ඇති කුල ගෙයක ඉපද, බොහෝ මිනිසුන් පැහැද සංඝයා වහන්සේට මහදන් දෙන්නා දැක, තුමුත්, "එක් කෙනෙකුන් වහන්සේට දනක් දෙමි" යි සිතා, තුන් මස්සක දි හැර ගෙන සුවඳ කවා තිබූ හැල් සාලින් බත් ඉදි කරවා, එක් රහත් කෙනකුන් වහන්සේට දන් දී ඒ ආත්ම භාවයෙන් චුත ව දිව්යා ලොකයෙහි ඉපද අනන්ත කාලයක් දිව්යා සම්පත් අනුභව කොට නැවත දෙව්ලොවින් චුත ව කාශ්යුප බුදුරජාණන් වහන්සේ සමයෙහි මනුෂ්යභ ලොකයෙහි ඉපද සතලිස් දහසක් අවුරුදු සම්පත් අනුභව කොට සංඝයා වහන්සේට කිරි බතින් ලාබතක් දුන්හ. ඒ දුන් දනින් ඒ ආත්මභාවයෙන් චුත ව දෙව්ලොවින් චුත ව මේ අත්බැව්හි මෙ බඳු බල ඇති ව උපන. සුරනිර්මලයෝ කවර පින් කළෝ ද යත්: මෙතනට බුද්ධාන්තරයකින් යට බුදු වූ කාශ්යයප බුදුරජාණන් වහන්සේ සමයෙහි අනන්ත සම්පත් ඇති කුලයෙක ඉපද කිරිබත් වහ්නි කබල් ඇල් කල පොරෝනට පලස් යන බල වඩනට නිසි පින්කම් කොට දෙව්ලොව ඉපද දිව්යො සම්පත් අනුභව කොට මේ ආත්ම භාවයෙහි මෙ වැනි බල ඇතිව උපන. සෙසු යෝධයෝ ද තමන් බල වඩනට නිසි පින් කම් කොට මේ ආත්ම භාවයෙහි මෙසේ බල සම්පන්න ව උපන්නාහ යි දත යුතු. කාවන්තිස්ස රජ්ජුරුවෝ ඒ දශ මහා යෝධයන්ට පුතණුවන්ට කරන සත්කාර හා සමග කොට සම්පත් දී පුතණුවන්ට බොහෝ සත්කාර කොට බලවාහන ද දී දශ මහා යෝධයන් ගැමුණු කුමාරයන්ට ම පාවා දුන්හ. දෙවෙනි පුතණුවන් තිස්ස කුමාරයන් රට රකිනා පිණිස දිගාමුඬුල්ලට යවූහ. ගැමුණු කුමාරයෝ තමන්ගේ අනන්ත වූ පාබළ සේනාව දැක, "මේ සේනාව හැර ගෙන දෙමළුන් හා සටන් කළ මැනවැ" යි සිතා පියාණන් වහන්සේට, "දෙමළුන් හා සටන් කරනු කැමැත්තෙමි" යි කියා යවූ ය. රජ්ජුරුවෝ, "පුතණුවන් සටනේ නැසී යෙති" යි යන ශොකයෙන් පුතු රකිනා පිණිස, "ගඟින් මෑත අපට පමණ. සටනින් කාය්ය්ශොක නැතැ" යි වැලකූ ය. ගැමුණු


16 ථුපවංසය


කුමාරයෝ ද සටනේ කළ ලොභයෙන් තුන් වාරයක් පියාණන්ට කියා යවා තුන් වාරයෙහි ම නො ගිවිස්නා හෙයින් සතරවෙනි වාරයෙහිදි, "මාගේ පියාණන් වහන්සේ, පිරිමියෙක් වූ නම්, මෙසේ කියා මා නො වලකන සේක; ගැහැනියක සෙයින් වේද එසේ කියන්නේ? අදවක් පටන් එකාවැල දහන්හූ කටිසූත්රව රුවන්තෝඩු යන පිරිමි ආභරණ නො පලඳිනේ ය. පාමුදු පාඩගම් රුවන් තනපට පමුතිලිඞගම් පට්ටකාර මේ ආදී ගෑනු පලඳනා ම පලඳින්නේ ය" යි පියාණන්ට කියා යවූහ. ඒ දැක කාවන්තිස්ස රජ්ජුරුවෝ ගැමුණු කුමාරයන්ට කිපි, "රන් හැකිලි ගස්වා මසා මුත් මාගේ පුතණුවන් රැක ගත නො හැක්කැ" යි කිපුණාහ. එබස් ඇසූ ගැමුණු කුමාරයෝ පියාණන්ට කිපි නො කියා ම මායා රට කොත්මලේ ගිලිමලයට පලා ගොස් හිඳිනාහ. පියාණන්ට නො කියා කිපී ගෙන දුෂ්ටව ගිය හෙයින් දුට්ඨගාමිණි ය යි මේ නමින් ප්රණසිද්ධ විය.


කාවන්තිස්ස රජුගේ මරණය[සංස්කරණය]

කාවන්තිස්ස රජ්ජුරුවෝ, "දරුවන් දෙදෙනා මා නැති අතරෙක සම්පතෙහි කළ ලොභයෙන් හා රටට කළ ලොභයෙන් දබරෙක් වී නම් දශ මහා යෝධයෝ එක් කෙනකුන්ට පක්ෂ වූ නම් එක් කෙනෙක් බල නැතිව මියන්නාහ. දෙන්නාගේ දබරෙහි දි දශ මහා යෝධයන් එක් කෙන කුන්ටත් සහාය නො වන පිණිස දිවුරවාපුව මැනවැ" යි සිතා දශ මහා යෝධයන් දිවුරවා පීහ. කාවන්තිස්ස රජ්ජුරුවෝ සූසැට විහාරයක් කරවා සූසැට ඔටුන්නක් පැලඳ මළෝ ය. තිස්ස කුමාරයෝ පියාණන් මළ නියාව අසා දිගාමඬුල්ලෙන් අවුත් පියාණන් දවා සොහොන් අස් කරවා පියාණන් මළ පවත් බෑණන්ට කියා නො යවා ම මෑණියන් විහාර දේවීන් ද, කඩොලැතු ද, වස්තුව ද හැර ගෙන බෑණන් කෙරෙහි භයින් ඔටුනු නො පැලඳ ම දිගාමුඬුලු නැඟි ගියේ ය. මාගම හුන් අමාත්යවයෝ ඒ බව ගැමුණු කුමාරයන්ට කියා යවු ය. කුමාර යෝ අසුන් කියවා පියාණන් මළ ශෝකයෙන් හඬා වැලප උදෑසන කොත් මලයෙන් නික්මුණු තැනැත්තෝ පෙරවරු ම ගුත්හලට අවුත් වන්හ.


දෙබෑයන්ගේ යුද්ධය[සංස්කරණය]

ඉක්බිති දිගාමඬුල්ලේ උන් මලණුවන් තිස්ස කුමාරයන් එන්නට පත් යවා තුමූ මාගමටගොස් ඔටුනු පැලඳ මෑණියන් හා කඩොලැතු එවන්නට තුන් වාරයක් පත් යවා තුන් වාරයේ ම යවූ පතට මලණුවන් නා විසින් ගැමුණු කුමාරයෝ, මෙවිට "මම ම යෙමි" යි සේනාව හැර ගෙන සටනට නික්මුණාහු ය. තිස්ස කුමාරයෝ ද, "මාගේ බෑණන් වහන්සේ වේද" යි


ථුපවංසය 17


නැකුලු කමෙක් වේචයි, නායක රජ්ජුරුවෝ වේදැ යි සැකයක් නැතිව තුමු ද සේනාව පිරිවරා ගෙන කඩොලැතු පිටට පැන නැඟි සටනට සැරහි නික්ම සුළඟුණු පිටියේදී දෙබෑයන්ගේ මහත් වූ සටන් විය. එදවස් සටනේදී, "දශ මහා යෝධයෝ ආදී ම දෙබෑයන්ගේ සටනෙක් වී නම් එක් කෙනකුන්ට නතු නො වම්හ" යි රජ්ජුරුවන්ට ශපථ කළ විසින් දෙබෑයන්ගේ සටන් නො ඉවසා සිටීයෝ ය. එදවස් දුටුගැමුණු රජ්ජුරුවන්ගේ නොයෙක් දහස් ගණන් සේනාව යටතේ මිය වැගිර ගියාහ. දුටුගැමුණු රජ්ජුරුවෝ මලණුවන්ට සටනේ පැරද තිස්ස නම් අමාත්යවයකු හා දිඝතූණී නම් වෙළඹක මෙපමණක් හැර ගෙන බිඳි දිව ගත්හ. තිස්ස කුමාරයෝ ද බිඳි පලා යන බෑණන් පසු පස්සෙහි සේනාව හැර ගෙන, "කොල සේ ව සේ ව දිව්ව" යි කීහ. "සේව කොල, ගනුව, කොටව, වීදුව" යි කියා දිවන සේනාවට සරස රහතන් වහන්සේ ගල් කන්දක් මවා සේනාව වලකාපි සේක. ඒ ගල් කන්ද දැක තිස්ස කුමාරයෝ, "රහතුන් වහන්සේ කොට වදාළ දෙයෙකැ" යි දැන සේනාව හැර ගෙන දිගා මුඩුලු නැඟි ගියෝ ය.


දුටුගැමුණු රජු පලා යෑම[සංස්කරණය]

දුටුගැමුණු රජ්ජුරුවෝ ද බිඳී පලා ගොස් සප්පඳුරු නම් හොය දාවල් නාන තොට්ට ගොස් ඇමැත්තහු බණවා. "බෑණෙනි, තිස්සයෙනි, සා දුකට වඩා මහත් දුකෙක් නැත. බතෙක් ඇද්ද" යි විචාළහ. එබස් ඇසූ තිස්ස නම් අමාත්යවයා, "ස්වාමීනි, රන් තැටීයෙන් ගෙනා බතෙක් ඇත. මේ නිමවා වදාළ මැනවැ" යි කියා රන් තැටියේ බත් මෑත් කොට රජ්ජුරුවන්ට දින. එවේලෙහි රජ්ජුරුවෝ බත දැක වේලා ඇති බැව් දැන, "සඟුරුවන්ට දන් දී මුත් මේ බත් නො කම්" යි සිතා, "බෑණෙනි, තිස්සයෙනි, සංඝයා වහන්සේ සිඟා වඩනට කලැ යි අඬගාව" යි සම්මත කොට ඒ බත තමන් අතට හැර ගෙන සඟුරුවන්ට දන් දෙන්නට ද, තමන්ට ද, ඇමැත්තවුට ද, වෙළඹට දැ යි සතර කොටසක් කොට බෙදා තුබූහ. එවෙලෙහි හඬ ගෑ හඬ පුවඟු දිවයින කුටිම්බිය තිස්ස නම් තෙර කෙනකුන් වහන්සේ දිව කනින් අසා ඍද්ධියෙන් අවුත් රජ්ජුරුවන් ඉදිරියෙහි වැඩ සිටි සේක. රජ්ජුරුවෝ "තෙරුන් වහන්සේ සයින් ඉන්දදී මම මේ බත අනුභව කෙරෙම් ද" යි සිතා තමා ලත් බතුත් පිළිගන්වාපූ සේක. එවේලෙහි තිස්ස නම් අමාත්යතයා ද, "රජ්ජුරුවන් සයින් ඉන්දදි මම මේ බත කම්ද" යි තමා ලත් බතුත් දන් දින. එවේලෙහි වෙළඹ ද තමා ලත් බත් කොටස ද දන්දෙනු කැමති ව සතුටින් රජ්ජුරුවන් මුහුණ බැලූ ය. ඇගේ අභිප්රාදව දැන අමාත්යටයා ඇගේ බත් කොටසත් දන් දින. තෙරුන් වහන්සේ ද පාත්රමය නමාපියා පිළිගෙන ආකාශයට පැන නැඟී පුවඟු දිවයිනට වැඩ ගොතම නම් තෙර කෙනකුන් වහන්සේට දුන් සේක. ඒ ගොතම නම් තෙරුන් වහන්සේ ඒ බත් පන්සියයක් දෙනා වහන්සේ


18 ථුපවංසය


හා සමග වළඳා නමකට බත් ආලොපයක් බැගින් පාත්රාය පුරාලා, "මේ බත් පාත්රදය ආකාශයෙන් ගොස් රජ්ජුරුවන් ඉදිරියෙහි අත පොවා අල්වා ගත හැකි සැටියේ සිටීව" යි අධිෂ්ඨාන කොට වදාළ සේක. එවේලෙහි පාත්ර්ය ආකාශයෙන් අවුත් ඉදිරියෙහි සිටියා දැක තිස්ස නම් අමාත්යහයා පාත්රවය ගෙන රජ්ජුරුවන් බත් කවා තෙමේත් බත් කා වෙළඹත් බත් කැවී ය. ඉක්බිති රජ්ජුරුවෝ, "පාත්රමය සෝධා දිය සිඳ තමන් පෙරවි සන්නාහ සුඹුළුවක් කොට පාත්රවය ඊ පිට තබා මේ පත්රිය ගොස් තෙරුන් වහන්සේ අත පිහිටවා" යි සිතූ ය. රජ්ජුරුවන් සිතූ සිත හා සමග පාත්රළය ආකාශයෙන් ගොස් තෙරුන් වහන්සේ අත පිහිටා ගියේ ය.


නැවත සටන් කිරීම[සංස්කරණය]

නැවත රජ්ජුරුවෝ ඔය අස සැතපි මාගමට අවුත් සේනාව රැස් කොට ගෙන සැට දහසක් සෙනඟ ගෙන නැවත මලණුවන් හා සටන් කළෝ ය. එදවස් කළ සටනෙහි තිස්ස කුමාරයන්ගේ නොයෙක් දහස් ගණන් සේනාව මළාහ. දුටුගැමුණු රජ්ජුරුවෝ සේනාව සටනෙහි මියන්නා දැක. "ඉදිරියේ මා කරන දෙමළ සටන් ඇත. සේනාව නට කල සටන් කොට ගැන්ම බැර වේදැ" යි සිතා මලණුවන් හා සටන් නො කළ මැනවැ යි සිතා කඩොලැතු පිට හුන් තිස්ස කුමාරයන්ට කියා යවන රජ්ජුරුවෝ, "සටන් කොට සේනාව නො නසා මා සමීපයට නැඟී එව" යි මලණුවන්ට කියා යවූ ය. එබස් ඇසූ තිස්ස කුමාරයෝ බෑණන්ට කිපී තෝමරය හැර ගෙන ඇතු ඉදිරියට මේ හෙයූහ. එවේලෙහි දුටු ගැමුණු රජ්ජුරුවෝ, "තිස්සයා එන ගමන් සැදැහැයෙන් එන ගමන් නො වෙයි" සිතා දීඝතූණී නම් වෙළඹ පිටට පැන නැගි කඩුව තරයේ ගෙන මල් රජු දැමු තෝමරය වළහා ඇතු පිට හුන් මලු හිස පන්වා වෙළඹ විහිදවූහ. එවේලෙහි ඒ වෙළඹ පන්වා අත තුබූ කඩු පිටින් මලණුවන් පිට ලූ සන්නාහය පිටට ගැසූහ. එවේලෙහි කඩොලැත් සිතන්නේ, "මා පිට හුන් තිස්ස කුමාරයාගේ නො පිරිමිකමින් වේද පිරිමි රජු ගෑනු වෙළඹ ලවා මා හිස පැන්වූයේ?" යයි සිතා කිපි පිට හුන් කුමාරයා සලමින් ගෙන ‍ෙගාස් ගසකට නැංවී ය. කඩොලැතාත් අවුත් ගැමුණු රජ්ජුරුවන් දිට.


තිස්ස කුමරු විහාරයට ගොස් වැදීම[සංස්කරණය]

තිස්ස කුමාරයෝ ද ගසින් බැස දිවගෙන ගොස් විහාරයට අවුත් වන්හ. ඔවුන් දැක ගැමුණු රජ්ජුරුවෝ සේනාව ගෙන, "තිස්සයා නො මරා ගෙනෙව" යි කියා ලුහුබඳවා ගත්හ. එසේ දිවන කුමාරයෝ විහාරයට වැද තෙරුන් වහන්සේගේ ශ්රී පාදය වැඳ, "ස්වාමීනි, ගැත්තවූ රැකගත මැනවැ" යි කියා ගෙමැද සිට ගත නො හී බෑණන් කෙරේ ගත් භයින් තෙරුන් වහන්සේ


ථුපවංසය 19


සැතපුණු ඇඳ යට වන්හ. එවේලෙහි තෙරුන් වහන්සේ ඇඳ යට හුන් කුමාරයන් නො පෙනෙන නියායෙන් ඇඳ සිවුරු වසා වදාළ සේක. දුටුගැමුණු රජ්ජුරුවෝ පසු පස්සෙහි ලුහු බඳවා ගෙන අවුත් විහාරය වට කොට සේනාව සිටුවා තුමු විහාරයට අවුත් තෙරුන් වහන්සේගේ ශ්රීවපාදය වැඳ, "තිස්සයා කොයි ද? ස්වාමීනි" යි විචාළෝ ය. එසේ විචාළ රජ්ජුරුවන්ට තෙරුන් වහන්සේ වදාරන සේක්, "දෙවයෙනි, තිස්සයා ඇඳ නැතැ" යි වදාළ සේක. රජ්ජුරුවෝ කියන්නාහු, "තිස්සයා ඇඳ නැති නියාව මමත් දනිම් ම ය. එතෙකුදු වුවත් කුල දෙවතාවන්ට පටහැණි ව විචාරීම අප සේ වූ තුනුරුවන් දස් ගැත්තවුන්ට සුදුසු නො වන්නේ වේදැ" යි සිතා නැවත ඔබගේ ශ්රීත පාදය වැඳ අවකාශ ඉල්වා ගෙන එතනින් නික්ම විහාරය වට කොට තරයේ රැක වල් ලවා රජ්ජුරුවෝ තුමූ දොරටුවේ රැකවල් ගත්හ. එවෙලෙහි තෙරුන් වහන්සේ කුමාරයන් ඇඳක ලා සිවුරු කඩින් වසා බාල සතර දෙනකු වහන්සේ ලවා මළ සඟුරුවනක් ගෙන යන පරිද්දෙන් කුමාරයන් විහාරයෙන් පිටත් කළ සේක. එවේලෙහි වහන්සේ වරුන්දෑ කරින් ගෙන යන්න දැක දුටුගැමුණු රජ්ජුරුවෝ මෙසේ කීහ: "එම්බල තිස්සය, තා සේ වූ ගැත්තෝ කුලදෙවතා වූ ස්වාමිදරුවන් කරින් යෙද්දැ" යි කියා, "බලාත්කාරයෙන් ස්වාමීදරුවන් අතින් අදුරා ගැන්ම අපි සේ වූ බුදුසස්නෙහි පහන් තුනුරුවන් දස් සැදැහැ ඇත්තවුන්ට තරම් නො වෙයි" සිතා, "තිස්සය, ස්වාමිදරුවන් තට කළ උපකාර මතු සිහි කරව" යි කියා සේනාව හැර ගෙන මාගමට යන රජ්ජුරුවෝ, "මෑණියන් වහන්සේ දැන් මාගමට ගෙන ගියෙන් නම් බලාත්කාරයෙන් ගෙන ගියා සේ තිබෙයි. ඒ මතු ඇසුවන්ටත් දුටුවන්ටත් නින්දාය" යි සිතා තුමූ මාගමට ගොස් නැවත ආදර සහිතව මහත් වූ පෙරහරින් දිගාමඬුල්ලේ හුන් මෑණියන් වහන්සේ ගෙන්වා ගත්හ.


මහා සංඝයා දෙබෑයන් සමගි කරවීම[සංස්කරණය]

ඉක්බිති තිස්ස කුමාරයෝ ද ගොතම නම් එක් තෙර කෙනකුන් වහන්සේ සමීපයට ගොස් වැඳ එකත් පස්ව සිට මෙසේ දැන්වූහ. "ස්වාමිනි, මම මාගේ බෑණන් වහන්සේට බොහෝ අපරාධ කෙළෙමි. එසේ හෙයින් මම ගොස් ඔබ වහන්සේ දැක ගත නො හෙමි. නුඹ වහන්සේ මා කැඳවා ගෙන ගොස් මා දක්වාලා ක්ෂමා කරවුව මැනවැ" යි කිවූ ය. එවේලෙහි එබස් ඇසූ ගොතම නම් තෙරුන් වහන්සේ පන්සියයක් පමණ මහා සංඝයා වහන්සේ පිරිවරා තිස්ස කුමාරයන් කැඳවා ගෙන මාගමට ගොස් රජගෙට වැඩ හිණිහිස කුමාරයන් රඳවා පන්සියයක් දෙනා වහන්සේ පිරිවරා තෙරුන් වහන්සේ රජ්ජුරුවන් සමීපයට වැඩි සේක.


20 ථුපවංසය


රජ්ජුරුවෝ තෙරුන් වහන්සේ ඇතුළු වූ පන්සියයක් දෙනා වහන්සේ වැඳ වඩා හිඳුවා පය සෝධවා වළඳන්ට කැඳබත් එළවූහ. තෙරුන් වහන්සේ පාත්රව පතින් පාමුව වසා වදාළ සේක. එවේලෙහි රජ්ජුරුවන්, "කුමක් පිණිස ද ස්වාමිනි" යි විචාළ කල්හි, "මහ රජ, තිස්ස කුමාරයන් දක්වනු පිණිස ගෙන ආම්හ" යි වදාළ සේක. එවේලෙහි රජ්ජුරුවෝ, "ස්වාමිනි, නුඹ වහන්සේ කැඳවා ගෙන ආ තිස්සයා දැන් කොයිදැ" යි විචාළෝ ය. තෙරුන් වහන්සේ වදාරන සේක්, "තිස්සයා හිණිහිස රඳවලා ආම්භ" යි වදාළ සේක. එවේලෙහි එබස් අසමින් ම විහාරදේවී සෝකව ගොසින් හිණිහිස සිටී පුතණුවන් දැක හඬා වැලප සිටීයෝ ය. දුටුගැමුණු රජ්ජුරුවෝ ද තෙරුන් වහන්සේට දන්වන්නෝ, "ස්වාමිනි, ගැත්තවු කරා සත් හැවිරිදි සාමණේර කෙනකුන් වහන්සේ අත එවා නො වදාර මෙතෙක් සංඝයා වහන්සේ හැර ගෙන ස්වාමීන් වඩනට මාගේ ගැතිකම ස්වාමිදරුවන්ට නැති නියා වේද" යි කියා නැවත මෙසේ කියන රජ්ජුරුවෝ තෙරුන් වහන්සේට මෙසේ දැන්වූ ය. "ස්වාමිනි, ගැත්තවුට මේ කරන අවවාද ආදිම කොට වදාළා නම් මෙතෙක් දහස් ගණන් සේනාව නො නස්නේ වේද? ගැත්තවුන්ගේ වරද නැත. ස්වාමිදරුවන්ගේ වරදම ය" යි තෙරුන් වහන්සේට රජ්ජුරුවෝ කියා මලණුවන් ගෙන්වා ගෙන මහා සංඝයා වහන්සේ මධ්යහයේ දෙබෑයෝ වැලඳ ගෙන පියාණන් ගුණ සිහි කොට හඬා වැලප ඉස් සෝධා නහා බත් කා මහා සංඝයා වහන්සේ වැඳ පුදා පසු ගමන් කොට අවකාශ ඉල්වා ගෙන මාළිගාවට නැගී ආහ.


දෙමළුන් හා සටනට සැරසීම[සංස්කරණය]

දුටුගැමුණු රජ්ජුරුවෝ එතැන් පටන් හැම දෙනා ම ගොයම් කරනු පිණිස සම්මත කොට මලණුවන් තිස්ස කුමාරයන් දිගාමුඩුලු යවා බොහෝ ගොයම් කරවන්ට සම්මත කොට රට රක්නා පිණිස සමු දී රජ්ජුරුවෝ තුමූ ද මාගම බොහෝ ගොයම් කරවූහ. ඉක්බිති රජ්ජුරුවෝ සේනාවට රත්රන් පටකඩ පිළිකඩ ප්රමසාද දී සේනාව සිත් ගෙන තමන්ගේ ජයකොන්තයට ධාතුන් වහන්සේ වඩා තුමූ ශක්රහදෙවෙන්ද්රිලිලායෙන් සැරහි සේනාව පිරිවරා තිස්ස නම් ආරාමයට ගොස් සංඝයා වහන්සෙ වැඳ මෙසේ දැන්වූ ය. "ස්වාමිනි, බුදුසසුන් ඇති කරනු පිණිස මාවැලි ගඟින් එතර යෙමි. වැඳ පුදා ගන්නා පිණිස මා හා කැටි ව වඩනා භික්ෂූන් වහන්සේ දුන මැනවැ" යි කිවු ය. එබස් ඇසූ සංඝයා වහන්සේ ද පන්සියයක් දෙනා වහන්සේ දුන් සේක. දුටුගැමුණු රජ්ජුරුවෝ භික්ෂු සංඝයා වහන්සේ හැර ගෙන කඩොලැතු පිටට පැන නැඟි මෑණියන් විහාරමහාදේවීන් ද කැඳවා ගෙන නන්දිමිත්ර්යන් ආදී වූ දශ මහා යෝධයන් පිරිවර මහත් වූ බලකායෙන් යුක්ත වූ රජ්ජුරුවෝ


ථුපවංසය 21


මහත් වූ යස සිරින් මහත් වූ පෙරහරින් මාගමින් නික්ම කළුවළ අවුත් ලැගුම් ගත්හ. එයින් නික්මුණු රජ්ජුරුවෝ ඒහල ලැගුම් ගත්හ. ඒහල සැතපි සංඝයා වහන්සේ වැඳ පුදා දන් දී සේනාව හා සමඟ මහ පෙරහරින් අවුත් ගිකිත්තේ ලැගුම් ගත්හ. එයින් නික්මුණු රජ්ජුරුවෝ ගුත්හල අවුත් ලැගුම් ගත්හ. එයින් නික්මුණු රජ්ජුරුවෝ කිරිගම ලැගුම් ගත්හ. කිරිගමින් නික්මුණු රජ්ජුරුවෝ නියමුල්ලේ ලැගුම් ගත්හ. එතනින් නික්මුණු රජ්ජුරුවෝ මැදගම උයන්තොට ලැගුම්ගත්හ. මැදගම උයන්තොටින් නික්මුණු රජ්ජුරුවෝ ගොසින් තුන්ගම කසටපිටියේ ලැගුම්ගත්හ. එතනදි සන්නාහ සන්නද්ධව අන්නට කොටන්නට විදින්නට සැරහි මුළුබැඳිසිටි සේනාව කොපමණදයත්: සේනාව සිටි නැගෙනහිරි කෙළවර පටන් බස්නාහිරි කෙළවරට සතර ගව්වෙක පිරිස උරයෙන් උරය ගැසී සිටීයෝ ය. එවේලෙහි රජ්ජුරුවෝ සේනාව පෙළ බලා, "දෙමළ මහ සෙනඟ වූ නියාවට මේ සෙනග යම්තම් දෙනෙක. එකාන්තයෙන් බුදුසස්නෙහි තර සැදෑයෙක් මට ඇත්නම්, දෙමළුන් සාධා නටබුන් වෙහෙර සසුන් කරවමි යන මනදොළ මට හැම වේලෙහි ම ඇත්නම් දෙවියෝත් මට වහල් වන්නෝ වේදැ" යි සිතා එදවස් රෑ සැතපි උදෑසන ධාතුන් වහන්සේ වැඳ පුදා පන්සියයක් රහතුන් වහන්සේට දන් දී රජ්ජුරුවෝ තුමූත් කා බී සැරහි දශ මහා යෝධයන් ඇතුළු වූ සේනාව කා බී පටකඩ පට්ටෝලි බැඳ සැරහී සිටි සේනාවට ප්රුසාද දී ගැට බෙර පණා බෙර එකැස් බෙර මිහිඟු බෙර මද්දල පටහ ලොහො බෙර යුවළ බෙර මහ බෙර දැදුරු බෙර රෝද බෙර මිහිඟු බෙර කරඬි බෙර ඝොෂා බෙර තලප්පර වීරන්දම් තම්මෑට නිසාන රණරඬ්ග ඝොෂා සමුද්රා ඝොෂා අනුක්කත්තුලි තිඹුලිවු දවුල් මොරහූ මල්ලරි සිරිවිලි තප්පු තත්සර ඩැක්කි උඩැක්කි මඬල නාගසර උච්චාංභයාඞ්ගි කොම්බු දළහම් සකුණවිරිදු සුරණ කාල දම් දාරා දළහම් ලෝහම් සින්නම් කින්නර කයිතාලම් සමුත්තාලම් ගිතාලම් පටහ ඩමරු මඩු ඩෙණ්ඩිම ධ්වනි මේ ආදි සිය ගණන් දහස් ගණන් හෙරි ජාතීන් ගස්වමින්, රන්සක් රිදිසක් රන් සින්නම් රිදි සින්නම් රන් දාරා රිදි දාරා දළ දාරා දළහං ලෝහං ගවරහං විජයොධ්වනි ඔත්තු තන්තිරි පටසිරි මෙකී කාහල ජාතීන් යුගන්ධර පර්වත සමීපයෙහි සාගර නාදයක් මෙන් මහත් කොලා හලයෙන් කෙළිමින් අසුර පුරයට නික්මුණු ශක්ර්දේවෙන්ද්රියා පිරුවැරූ දෙවතා සමූහයක් මෙන් දුටුගැමුණු රජ්ජුරුවෝ මහ සෙනඟ පිරිවරා තුන්ගම කසට පිටියෙන් නික්ම මියුගුණු ගොස් මියුඟුණෙහි ඡත්රත නම් දෙමළා හා සටන් කොට ඌ මරා ගහ ලා මියුඟුණේ කසු දාගබක් කරවූහ.


මියුඟුණු දාගැබ් කථාව[සංස්කරණය]

ඒ මියුඟුණු දාගබ් වහන්සේ බැඳවූ නියාව කියනු පිණිස මේ කියන පිළිවෙළ කථාවයි. හේ කෙසේදයත්:


22 ථුපවංසය


අපගේ බුදුරජාණන් වහන්සේ බුදු වූ නවවෙනි මස දුරුතු මැදි පොහෝ දවස් මේ ලඞ්කාවට වැඩ මාවැලිගං බිත්තියෙහි දොළොස්ගව්වක් දිග ඇති සතර ගව්වක් පළල ඇති මහානාග නම් උද්යා නයෙහි යක්ෂයන්ගේ සන්නි පාත ස්ථානයට අවුත් ඒ යක්ෂයන්ගේ හිස් මත්තෙහි මියුඟුණු දාගබ පිහිටුවන තැන ආකාශයෙහි සර්වඥයන් වහන්සේ වැඩ සිට වැසි හා සුළං හා ඝනාන්ධ කාරයක් මවා යක්ෂයන්ට හය උපදවා ඒ යක්ෂයන් විසින්, "අපට අභය දුන මැනවැ යි, ස්වාමිනි" දැන්වූ කල්හි, "මම වනාහි තොපට අභය දෙමි. තොපි හැම දෙන ම සමඟ ව මා හිඳිනා තැනක් දෙව" යි වදාළ සේක. ඒ යක්ෂයෝ, "ස්වාමිනි, මේ සියලු ලංකාද්වීපය නුඹ වහන්සේට අපි හැම දෙන ම එක් ව දෙම්හ. නුඹ වහන්සේ අපට අභය දුන මැනවැ" යි කිවු ය. ඉක්බිති බුදු රජාණන් වහන්සේ උන්ට වූ භය දුරු කොට උන් හැම දෙනා විසින් දුන් බිම සම්කඩ අතුට ඒ සමකඩ වැඩ උන් බුදු රජාණන් වහන්සේ තොජොකසිණ සමාපත්තියට සමවැද, "සම්කඩ හාත්පසින් ගිනිදැල් නික්මෙව" යි අධිෂ්ඨාන කොට වදාළ සේක. එවේලෙහි ඒ යක්ෂයෝ ගිනිදැල් දක්නාහු මරණ භයින් භය පත්ව සියලු යක්ෂයෝ මුහුදු වෙරළ රැස් වුහ.

ඉක්බිති අසමසම වූ අප්ර්තිපුද්ගල වූ බුදුරජාණන්වහන්සේ තමන් වහන්සේගේ ඍද්ධි බලයෙන් යක් ගිරිදිවයින නම් දිවයිනක් (මවා ඒ දිවයින) ගෙන්වා යක්ෂයන් ඊට නංවා ඒ දිවයින පෙර තිබූ තැන්හි ම තබා සමකඩ අකුළුවා වදාළ සේක. එවේලෙහි දෙවතා සමාගමය විය. ඒ දෙවතා සමාගම යෙහි බුදුරජාණන් වහන්සේ බණ වදාළ සේක. එවේලෙහි නොයෙක් කෙළ ගණන් දෙවතාවෝ බණ අසා ශරණ ශීලයෙහි පිහිටියාහු ය. අසංඛ්යයක් දෙවියෝ සෝවාන් වූ ය. සමන්තකූට පර්වතයෙහි මහාසුමන නම් දෙවේන්ද්රතයෝ සෝවාන් ඵලයට පැමිණ සර්වඥයන් වහන්සේගේ ශ්රීනපාදය වැඳ තමා වැඳ පුදා ගන්නට බුදුන්ගෙන් පූජා වස්තුවක් ඉල්වූ ය. එවේලෙහි සියලු සත්වයන්ට හිත වූ සර්වඥයන් වහන්සේ දක්ෂිණ ශ්රීු හස්තයෙන් සිරස පිරිමැද මිටක් පමණ කෙශධාතුන් වහන්සේ ඒ සුමන නම් දෙව්රජ්ජුරුවන්ට දුන් සේක. ඒ සුමන නම් දෙවේන්ද්රේ ඒ කෙශධාතුන් වහන්සේ උතුම් රන් සුමුඟකින් පිළිගෙන සර්වඥයන් වහන්සේ වැඩහුන් තැන පිහිටුවා උසින් සත් රියනක් උස ඇති නොයෙක් සත් රුවනින් ඒ කෙශධාතුන් වහන්සේට පූජා කොට ඉන්ද්රසනීල මාණික්ය්මය දාගබක් කෙළේ ය. නැවත බුදු රජාණන් වහන්සේ පිරිනිවන් පෑ කල ධම්සෙනෙවි සැරියුත් මහ තෙරුන් වහන්සේගේ අතවැනි සරභූ නම් එක් තෙර කෙනකුන් වහන්සේ දරසෑයෙහි ගිනි නො නිවෙන තෙක් ම ශ්රි වා ධාතුන් වහන්සේ ගෙන මහා සංඝයා වහන්සේ විසින් පිරිවරන ලදුව අවුත් ඒ මියුඟුණ දාගැබ ධාතුන් වහන්සේ නිධාන කොට ඒ වසා මෙවන් පාණින් දොළොස් රියනක් උස කසු වන් දාගබක් කොට වදාළ සේක. ඉක්බිති දෙවෙනි පෑතිස්ස රජ්ජුරුවන්ගේ මලණුවෝ චූලාභය


ථුපවංසය 23


නම් රජ්ජුරුවෝ ආශ්චය්ය්රුයමත් ඒ දාගබ දැක උසින් තිස් රියනක් කොට දාගබ බැන්දේ ය. දැන් මේ දුටුගැමුණු රජ්ජුරුවෝ මියුඟුණ අවුත් එහි උන් දෙමළුන් මරා ගහ ලා (ඒ දාගබ වසා) අසූ රියනක් කොට දාගබක් බැන්දෝ ය. මෙසේ ඉක්මන් ඉක්මන්ව සටන් කරන්නෝ ද පවා ගුණයට ආකර වූ, සංසාර භයින් භයපත් වූවාහු, පින්කම් කොට දිව්යජලොක සම්පත් අත්පත් කොට ගත්තෝ ය. එසේ හෙයින් සියලු සත්වයෙනි, හැම වේලෙහි ම නොපමා ව කුසල් කළ යුතු මියුගුණු දාගබ් කථාව නිමි


දෙමළ කඳවුරුවලට පහර දීම[සංස්කරණය]

ඉක්බිති ගැමුණු රජ මියුගුණෙන් නික්ම අඹටුවට ගොස් අඹටු දෙමළා හා සටන් කොට සාර මසකින් අඹටු දෙමළා සාධා ඒ නුවරින් නික්ම මහා සේනාව පිරිවරා මහත් බල ඇති සත්බෑකොට්ටය වට ලා ගෙන සත්බෑ දෙමළුන් ඇතුළු වූ බොහෝ දෙමළ සේනාව එක දවස් ම සාධා දුටුගැමුණු රජ සේනාවට රන් ප්රිසාද දී සේනාව සිත් ගෙන එයින් නික්ම අතුරොබට ගොස් මහාතුණ්ඩ නම් දෙමළා හා සටන් කොට ඒ දෙමළා මරා දෙණගම ගොස් ගවර නම් දෙමළා සාධා එයින් නික්ම කඩොලැතු පිටට පැන නැඟී මහා බල සේනාව පිරිවරා කෙළිමින් සෙමින් හාලකෝල නම් නුවරට ගොස් ඒ නුවර වසන මහාතිස්ස නම් දෙමළා හා සටන් කොට ඒ දෙමළා සාධා එයින් නික්ම පොල්වත්තේ නාළික නම් දෙමළා සාධා දීඝාභයගල්ලට ගොස් දීඝාභය නම් දෙමළා සාධා එයින් නික්ම කසාතොට ය යි යන තෙන වසන කිංවිසීහ නම් දෙමළා හා සටන් කොට ඒ දෙමළා සාර මසකින් සාධා එයින් නික්ම වෙඨ නම් නුවර වෙඨ නම් දෙමළා සාධා හාණක නම් ගම හාණක නම් දෙමළා ද වෙඨක නම් ගම වෙඨක නම් දෙමළා ද ගාමිණි නම් ගම ගාමිණි නම් දෙමළා ද කුම්භ නම් ගම කුම්භ නම් දෙමළා ද නන්දික නම් ගම නන්දික නම් දෙමළා ද බානුක නම් ගම බානුක නම් දෙමළා ද තඹුන්න නම් ගම තඹුන්න නම් දෙමයිල් දෙමළුන් දෙන්නා හා සටන් කොට බොහෝ දෙමළුන් ද මරා එයින් නික්ම දඹුන්නරුවේ දෙමලා හා සටන් කරන වේලෙහි, "සිය සේනාව ය සතුරු සේනාව ය" යි වෙනසක් නැති ව එක සැරහුම් හෙයින් ඒ දවස් දුටුගැමුණු රජ "තමාගේ සේනාව ඔවුනොවුන් තෝරා ගත නො හී මරති" යනු අසා ඒ සටන් බිමදි රජ මෙසේ වූ සත්යි ක්රි යාවක් කෙළේ ය. ඒ කෙසේදයත්:


සත්යක්රියාව[සංස්කරණය]

"මම කිසි කලෙකත් මට රාජ්යළ සුවයක් පිණිස සටන් කරන්නෙම් නො වෙමි. සම්යාක් සම්බුදු රජාණන් වහන්සේගේ පස්වා දහසක් පවත්නා


24 ථුපවංසය


ශාසනය පිහිටුවන පිණිස ය යි යන මනදොළෙක් හැම වේලෙහි ම ඇත් නම් ඒ සත්යා ක්රියයායෙන් මේ මාගේ සේනාව හන් පිළි ද පලන් ආභරණ ද ගත් ඵලකායුධ ද යන මේ සියල්ල ගිනි ගෙන දිලිසේවයි, දෙමළුන්ට ඒ සැටි නො වේව" යි සත්යනක්රිියා කෙළේ ය. එකල්හි ඒ රජුගේ සත්ය් ක්රි යාව ඒ පරිද්දෙන් ම විය. ඒ සැටියේ ඒ නුවර සාධා සේනාවට රන් ප්ර්සාද දී දුටු ගැමුණු රජ්ජුරුවෝ දසමහා යෝධයන් ඇතුළු වූ මහ සෙනඟ පිරිවරා ගංගා තීරයෙහි පටන් දෙමළ කඳවුරු තාක් පැහැර විජිතපුරයට නික්මුණාහ.


විජිතපුර සටන[සංස්කරණය]

ඉක්බිති බුන් බුන් නුවර ගැලවුණු දෙමළු අවුත් මහ බල ඇති විජිතපුරයෙහි රැස්වුහ. එසමයෙහි දුටුගැමුණු රජ්ජුරුවෝ විජිත පුරය සමිපයෙහි කඳවුරු බැඳ ඒ පුරය ගන්නා කැමති ව දස මහා යෝධයන්ගේ බල විමසනු පිණිස දක්නට එන නන්දිමිත්රව නම් යෝධයා ඉදිරියට, තමන්ගේ කඩොලැතු රා පොවා කිපෙන්නට සුදුසු බස් බැණ නියපිට ගල් ගසා ඩවුර සින්නම් ගෙන වඩබා මුඛයෙන් පිටත්ව ගිය අවීචියෙහි ගිනි කඳක් සේ රළු වූ ඒ කඩොලැත් මහ පොළොව යදඬෙන් ගසා ලූ ලෝතලියක් සේ අනුරාව කෙරෙමින්, ගිගුරූ හඬින් තතනවමින්, කෝපයෙන් පය ඇද ලූ කෙණෙහි මකුළු හුයක් කඩන්නා සේ බැඳ ලූ යදම් සුනු විසිනු කෙරෙමින් නෙලුඹු දැලියක් උපුටා ගන්නා සේ බැඳ ලූ කඹය පෙරළී සිට ඇන තුතු කෙරෙමින් සිටි ඇත්හල පැහැර ධූලි කෙරෙමින්, බිඳපු කඹය හකුළුවා දළ අස්සේ තබා ගෙන තමාගේ සේයට ඇන ලූ ඇන්මෙන් ම පොළොව දැදුරු කෙරෙමින්, දිව ලුහු බඳවා පළාපූ මිනී දළග අවුණුවා නඟමින්, ලෙහෙයෙන් රැඳි ගිය මුහුණින් ලෙහෙයෙන් රැඳි ගිය දළින් ගෙරින් මීවුන් ලුහුබඳවා ඇන පළමින්, ඔවුන් අතුණුබහනින් බැලු බැලූවන් කොපයෙන් ඇස් පියවමින්, සොඬ කට ලා හිස සල සලා ගුගුරමින් මෙලෙසින් කඩොලැත් අවුත් විථීයට වන. එවේලෙහි නන්දිමිත්රී නම් යෝධයා ඇතු කෙරෙහි කළ භයින් සේනාවා ඒ ඒ අත දිවන්නවුන් දැක මෙසේ සිතී ය: "මේ කඩොලැත් ඡද්දන්ත කුලයෙහි උපන්හෙයින් ඇත් බලයෙන් සියක් කෙළක් ඇතුන්ට බල ධරන්නේ ය. එසේ වූ ඇතු දැක හිසකේ පිට හෙළා දිවීම මා සේ වූ යෝධයන්ට තරම් නො වෙයි. අද ඇත් රජ, තට කියටි දනිමි" යි වමත හකුළුවා ගෙන දකුණතින් අත් පොළා මහත් කොට බැණ නැඟී, දිව ගෙන ආ ඇතු සොඬ හයා කරපිට තබා දෑතින් දෙදළ තරයේ ගෙන උක්කුටුකයෙන් හිඳුවාපී ය. ඒ වේලෙහි දුටුගැමුණු රජ්ජුරුවෝ මහත් සන්තෝෂයට පැමිණියාහ. මහා සේනාව ද "නන්දිමිත්රදයන්ගේ පුරුෂ බලපරාක්රනම ඉතා ආශ්චය්ය්ත්ර නියා ය යි සන්තොෂ වෙමින් මහත් කොලාහල පැවැත්වූහ. දුටුගැමුණු රජ්ජුරුවෝ


ථුපවංසය 25


නන්දිමිත්ර යන්ගේ බල විමසා විජිතපුර නුවර දෙමළ සටන් සැක නැතැ යි සේනාව සන්නාහ සන්නද්ධ කොට පිරිස මෙහෙයූහ. ඉක්බිති දකුණු වාසල යෝධයන් හා දෙමළුන් හා සටන් විය. නැඟෙන හිරි වාසල වෙළුසුමන නම් යෝධයෝ අසු පිටට පැන නැඟි බොහෝ දෙමළුන් මැරී ය. එවේලෙහි දෙමළු වේළුසුමනයන් කෙරෙහි භයින් ආයුධ හෙළා ඇතුළු නුවරට වැද වාසල් හෙළා ඉදි හැර අට්ටාලවලට පැන නැඟි උන්හ. ඉක්බිති ගැමුණු රජ යෝධයන්ට සම්මත කරන්නේ කඩොලැතු ද නන්දි මිත්රහයන් ද සුරනිර්මලයන් ද යන මේ තුන් දෙනා දකුණු වාසල සටනට යවී ය. මහාසොණ නම් යෝධයා ද ගොඨයිම්බර නම් යෝධයා ද ථෙරපුත්තාභය නම් යෝධයා ද යන මේ තුන් දෙනා ඉතිරි වාසල්වල සටනට නියම කෙළේය. ඒ විජිතපුරය කෙසේද යත්: අගළ තුනකින් යුක්ත ය. දැඩි වූ, උසින් අටළොස් රියන් ලෝ පවුරෙන් හා පළල් වාසලින් හා යදොරින් ද යුක්ත ය. ඒවේලෙහෙ කඩොලැත් දිව ගෙන ගොස් පෙරවා අත දණ බිම ඔබා සිට පවුරේ උළු බිඳ යදොර බිඳින්ට ගියේ ය. එවේලෙහි උඩ සිටි දෙමළු අනෙක ප්ර්කාර ආයුධ ඇතුට ගැසූ ය. එසේ ද නො වැලක ඇතු දොර බිඳිනාවුට රත් කොටපූ යවට දැමූ ය. නැවත කකියවාපු මලකඩ ඇතුපිට නැමූ ය. එවෙලෙහි කඩොලැත් වේදනායෙන් පිඩිත වූයේ මහ හඬින් හඬා දිය අගළට ගොස් ගැලිණ. එවේලෙහි එසේ දියෙහි ගැලුණු ඇතු දැක ගොඨයිම්බර නම් යෝධයා ඇතු ඇලයට ගොස්, "මෙතෙක් දා තා බොන රා සේ නො වෙයි. මේ දෙමළ වාසල බිඳීම නම් බැරි දෙයකැ යි නො සිට තවත් ගොස් යදොර බිඳුව" යි කී ය. එබස් ඇසූ ඇත් හටගත් අභිමාන ඇතිව කුඤ්චනාද කොට දියෙන් ගොඩ නැඟි සිටියේ ය. ඉක්බිති ඇත් වෙදහු ඇතු පිට ඇලුණු මලකඩ සෝධා බෙහෙත් ගැල්වූ ය.


කඩොලැතු යදොර බිඳීම[සංස්කරණය]

ගැමුණු රජ්ජුරුවෝ ඇතු පිටට පැන නැඟි අතින් කුඹ පිරිමැද, "මා උපන් දවස් මාගේ පිනින් උපන් ඇති රජ, මේ සියලු ලක්දිව රජය තොපට දෙමි" යි මෙසේ මියුරු තෙපුල් කියා ඇතු සතුටු කොට තමන් මේ නිමවන්ට තුබූ උතුම් රාජ භොජනයෙන් ඇතු කවා පිට වණය සළුවෙන් වසා ඊ පිට මිසට සියක් පට අතුට මත්තෙහි තෙලිසම් බැඳ දොර බිඳිනට අළහ. ඒ වෙලෙහි ඒ ඇත් රජ සෙණ හඬ මෙන් ගර්ජනා කොට ඇතුළු නුවර දෙමළුන් භය ගන්වමින් දිව ගෙන ගොස් දළින් යදොර ඇන බීඳපි ය. එවේලෙහි එළිපත පයින් ඇන දොර හා දොරබාව හා සමග ඇතුපිට උගුලක් සේ ඇතු යට කොට ගෙන හෙන්නා දුටු මහ බලැති නන්දිමිත්රම නම් යෝධයා මාගේ රජ්ජුරුවන්ගේ රාජ වාහන ඇතු නටහොත් අලාභ ය යි සිතා තමාගේ උරයෙන් පැහැර ඉස්බක් පමණ තැන් දමාපී ය. කඩොලැත් තමාගේ දෙදළ ගෙන බිම කෙළින්


26 ථුපවංසය


හිඳුවාපු වෛරය එදවස් හැරපි ය. එවේලෙහි කඩොලැත් තමා පිටට නැඟෙනු පිණිස නන්දිමිත්රපයන් මුහුණ බැලී ය. එවිට නන්දිමිත්රා යෝධයා තා තිරිසනා කළ මගින් මම කුමට වදිම් දැයි කියා උසින් අටළොස් රියන් ලෝ පවුර උර බාහුවෙන් පැහැර අට ඉස්බක් පමණ තැන් පවුර කඩා හෙළා සුර නිර්මල නම් යෝධයන් මුහුණ බැලී ය. එසඳ සුරනිර්මල නම් යෝධයාණෝ ද එක්පොළකින් බිඳපූහ. ථෙරපුත්තාභය නම් යෝධයාණෝ ද වේළුසුමන නම් යෝධයාණේ ද භරණ නම් යෝධයාණේ ද ඛඤ්ඡදෙව නම් යෝධයාණෝ ද ඵුස්සදෙව නම් යෝධයාණෝ ද (මහාසොණ නම් යෝධයාණෝ ද ගොඨයිම්බර නම් යෝධයාණෝ ද) ලභිග වසභ නම් යෝධයාණෝ ද යන මෙ කී දස මහා යෝධයෝ එකකු වන් කඩින් එකෙක් නො වැද වෙන වෙන ම අට ඉස්බක් අට ඉස්බක් පමණ තැන් එකී එකී දෙනා බිඳ වන්හ. එවේලෙහි කඩොලැත් ගැල් සකක් ගෙන දෙමළුන් මැරී ය. නන්දිමිත්රන ගැලැත්තක් අත ලා ගෙන දෙමළුන් තැළී ය. ගොඨයිම්බර නම් යෝධයා පොල් ගසක් කඩා ගෙන තැළී ය. සුරනිර්මල නම් යෙධයා උතුම් කඩුවක් ගෙන කෙටී ය. මහාසොණ නම් යෝධයා තල් ගසක් උදුරා ගෙන තැළී ය. ථෙරපුත්තාභය නම් යෝධයාණෝ යගදාවක් ගෙන තැළූ හ. එසේ හෙයින් කියන ලදි:


"හත්ථි ගහෙත්වා රථවක්කං මිතේතා සකට පඤ්ඡරං නාළිකෙරතරු ගොඨො නිම්මලො බග්ගමුත්තමං, තාලරුක්ඛං මහා‍ෙසාණො ථෙරපුතේතා මහාගදං විසුං විසුං විථිගතා දමිළෙ තත්ථ වුණ්ණයුං"

අනුරාධපුරයෙහි සටනට නික්මීම[සංස්කරණය]

මෙසේ විජිතපුරය සාර මසකින් සාධා එහි උන් බොහෝ දෙමළුන් මරා එයින් නික්ම ගිරිනිල් නුවර ගනුම්හ යි සැරසි ගිරිනිල් නුවරට ගොස් වැද ගිරිනිල් දෙමළා මරා, එයින් නික්ම මානෙල් නුවරට ගොස් මානෙල් දෙමළා හා සටන් කොට සාර මසකින් ඒ දෙමළා සාධා, එයින් නික්ම දුටු ගැමුණු රජ්ජුරුවෝ සේනාවට රන් ප්රාසාද දි පන්සියයක් රහතුන් වහන්සේ වැඳ පුදා මහා සේනාව පිරිවරා කඩොලැතු පිටට පැන නැඟී එලිල්ලන්කඩ පැන අනුරාධපුර නුවරට සටනට නික්මෙන රජ්ජුරුවෝ මඟ කෙළිමින් සෙමින් ගොස් කසාගල් පාබඩ කඳවුරු බැඳ එතැන්හි වැවක් බඳවා සේනාව හා සමග මහත් වූ පෙරහරින් පොසොන් මස දිය කෙළියට පටන් ගත්හ. එසමයෙහි එළාල රජ දුටුගැමුණු රජ්ජුරුවන් ආ බව අසා තමාගේ අමාත්යයයන් හා කථා කරන්නේ, "කිමෙක් ද අමාත්යමයෙනි, තොප වැනි මන්ත්රි වරුන් ඇත්තේ මෙසේ වූ තෙනට වේ ද? දුටුගැමුණු රජ මියුඟුණේ පටන්


ථුපවංසය 27


සියලු දෙමළ කඳවුරු තාක් පැහැර දැන් අප උන් නුවර ගනුම්හ යි සැරහි කසාගලු නම් තෙන කඳවුරු බැඳ ගෙන හිඳින්නේ ය. ඒ රජු හා සමඟ කෙසේ සටන් කරමෝ දැ" යි අමාත්යායන් විචාළේ ය. එබස් ඇසූ අමාත්ය්යෝ කියන්නාහු, "මෙලොව නුවණින් පරීක්ෂා කොට කළ මනා සියලු කටයුත්තෙක් ඇත් නම් එහි කෙළ පැමිණ සිටි අප වැනි අමාත්යහයන් විසින් පිරිවරන ලද නුඹ වහන්සේ විසින් කිසි සැකයක් නොකොට සෙට දවස් සටන් කොට වදාළ මැනවැ" යි නියත කළහ. එබස් ඇසූ එළාල රජ්ජුරුවෝ දීඝඡත්තු නම් යෝධයා ඇතුළු වූ විසි මහා යෝධයන් ප්රලධාන කොට ඇති මහත් වූ දෙමළ සේනාවට රන් රුවන් ප්රුසාද දීමෙන් සෙනඟ සිත් ගෙන දුටුගැමුණු රජ්ජුරුවන්ට කියා යවන්නෝ, "සටනට ඇවිත් ඔතන ඉඳ කරනු කිම් ද? වහා සටනට අව මැනවැ" යි පත් යවුහ. එබස් ඇසූ දුටුගැමුණු රජ්ජුරුවෝ, "කියා එවූව මනා ද? අපි එමින් සිටියම්හ. සෙට දවස සටනට සැරහි සිටිය මැනවැ" යි පත් යවා, නන්දිමිත්රි නම් යෝධයාණන් ආදී වූ තමන්ගේ දශ මහා යෝධයන් ළඟට කැඳවා කියන්නාහු, "මෙතෙක් දවස් කළ සටන් සේ නො වෙයි. දෙමළ දෙතිස් කඳවුරට නායක වූ විසි මහා යෝධයන් විසින් පිරිවරන ලද මාර සේනාව වැනි මහත් සේනාවෙන් යුක්ත වූ එළාල රජ්ජුරුවන් හා සෙට දවස් සටන් කෙසේ කරමෝ දෑ" යි විචාළහ. එබස් ඇසූ දශ මහා යෝධයෝ කියන්නාහු, "දෙවයන් වහන්ස, එක එළාල රජුගේ සේනාව තබා මුළු දඹදිව සියලු සේනාව ඇවිදිනුත් අප දසදෙනා ජයගතනො හෙති. සැක නො සිතා වදාළ මැනවැ" යි කිහ. එබස් අසා දුටුගැමුණු රජ්ජුරුවෝ සතුටුව සේනාවට ප්රළසාද දී ස්නානාහ සන්නද්ධව සටනට නික්මුණාහ.


දීඝඡත්තු යෝධයා[සංස්කරණය]

එළාල රජ දුටුගැමුණු රජු සටනට ආ බව අසා දෙවන දවස් සන්නාහ සන්නද්ධ වූයේ මහා පර්වත නම් ඇතු පිටට පැන නැඟි දෙමළ මහා සේනාව පිරිවරා අවුත් වන. එවෙලෙහි දුටුගැමුණු රජ මෑණියන් විහාරමහාදේවීන් හා මන්ත්රහණය කොට දිඝඡත්තු නම් යෝධයා පිණිස මෑණියන්ගේ අප දෙශයෙන් දෙතිස් බල කොටුවක් කරවා ධවලච්ඡත්රණ නංවා සර්වාභරණයෙන් සැරහු කිහිරි හරින් කළ රජ රූ දෙතිසකුදු සිටුවා දෙතිස් වන මහ බල කොටුවෙහි රජ තෙමේ සිටගත. ඉක්බිති දෙසෙනඟ සටන් කෙරෙමින් සිටියදී එළාල රජුගේ දිඝඡත්තු නම් යෝධයා කඩු පලඟ ගෙන බිමින් අටළොස් රියනක් අහසට පැන නැගි රජ රූ පොලු ගසා පළමු වන බල කොටුව හා සෙසු බල කොටු ද බිඳ ගැමුණු රජ සිටි බල කොටවට නික්මිණ. එවේලෙහි රජ්ජුරුවන් සමීපයට යන දිඝඡත්තු නම් යෝධයා දුටු සුර නිර්මල යෝධයා තමාගේ නම කියා "මා සිටියදී ඔබ කොයි යෙයි ද නිවට


28 ථුපවංසය


දෙමළෑ" යි හඬ ගැසී ය. එවෙලෙහි ඔහු බිණූ බස් ඇසූ දීඝඡත්තු නම් යෝධයා "දෙපලු කොට ගසා මොහු මරා රජු පසු ව මරමි" යි කිපි අහසට පැන නැඟි තමාගේ හිස මුදුනට බස්නහු දැක සුරනිර්මල නම් යෝධයා තමා අත තුබූ පලඟය මිටින්ගෙන ඉස වසා සිටියේ ය. දිඝඡත්තු නම් යෝධයා ද ඉස් වසා සිටි පලභය දැක පලඟය හා මොහු හා එක් කොට ගසමි යි සිතා පලඟයට ගැසි ය. එකෙණෙහි සුරනිර්මල නම් යෝධයා පලඟය අතින් හැරපි ය. දිඝඡත්තුවා පලඟය හා බිම වැටී හිණ. එවේලෙහි සුරනිර්මල යෝධයා බිම හුණුවහු නැඟී සිටිය නො දි කඩුවෙන් දෙපලු කොට ගැසි ය. ඵුස්සදෙව නම් යෝධයා එකෙණෙහි සෙණ ගසන කලක් මෙන් සක පිඹපි ය. එවේලෙහි දෙමළු උන්මත්ත භාවයට පැමිණයන් මෙන් වූ ය.


එළාර රජුගේ මරණය[සංස්කරණය]

ඉක්බිති දෙමළ සේනාව ද බිඳුණාහු ය. එළාල රජ, "දිඝඡත්තුවා හුණු කල කුමන සටන් දැ" යි බිදි පලා ගියේ ය. එදවස් බොහෝ වූ අපමණ දෙමළුන් මැරූ ය. එසේ මැරූ දෙමළුන්ගේ ලෙහෙයෙන් පොළොව ගලා ගෙන වැව දියට වැද ඒ වැව දිය ලෙහෙයෙන් කැලති ගියේ ය. එසේ හෙයින් එතැන් පට ඒ වැව කලතා නම් වැව ය යි ප්රේසිද්ධ විය. දුටුගැමුණු රජ "මා මුත් සෙසු කෙනෙක් එළාල රජු නො මර ව" යි ඒ යුද්ධ භූමියෙහි බෙර ලවා ගැමුණු රජ සන්නාහ සන්නද්ධ ව සන්නාහ සන්නද්ධ වූ කඩොලැතු පිටට පැන නැඟි බිඳි දුවන එළාල රජු ලුහු බඳවා දිව ගෙන ගොස් අනුරාධ පුර නුවර දකුණු වාසලදි රජදරුවන් දෙදෙනාගේ සටන් විය. ඒ දෙදෙනා සටන් කළ පරිදි කෙසේ ද යත්: එළාල රජ තෝමරය දමා මරමි සිතා තෝමරය දැමී ය. දුටුගැමුණු රජ එළාල රජු දැමූ තෝමරය වළහාපි ය. එකෙණෙහි එළාල රජු නැඟි පර්වත නම් ඇත්හු, ගැමුණු රජ තමාගේ කඩොලැත්හු ලවා දළින් දළ අන්වා එළාල රජහට තෝමරය දමා ඒ රජු ළෙන් ඇන පිටින් නැංවි ය. එවේලෙහි ඇතු හා සමග ඒ රජ එතැන්හි ම හිණ. ඉක්බිති දිනන ලද සංග්රා ම ඇති දුටුගැමුණු මහ රජ වතුරඬ්ගිනි සේනාව සහිත වූයේ ලඞ්කාද්වීපය එකාතපත්රර කොට දෙදෙව්ලොව දෙවතාවන් පිරුවැරූ සක්දෙව් රජහු මෙන් මහ පෙරහරින් අනුරාධපුර නුවරට වන.



දුටුගැමුණු රජ ලක එක්සත් කිරීම[සංස්කරණය]

ඉක්බිති දුටුගැමුණු රජුජුරුවෝ නුවර බෙර ලවා නුවරට හාත්පසින් සතර ගව්වක් පමණ තැන මිනිසුන් රැස් කොට එළාල රජුගේ මළ ශරිරයට මහත් වූ පූජා සත්කාර කරවා රන් සිවිගෙයකින් ගෙන ගොස් දවා සොහොන් හස්කොට ඒ රජු දැවූ තැන ඔහු නමින් එළාල නම් දාගබක් කරවා "මා ඇතුළු


ථුපවංසය 29


වූ එන දවස රජදරුවන් ඇතුන් අසුන් ඉදෝලි දෝලිකූණම් නැඟී මෙතෙනින් නො ගිය මැනවැ යි, බෙරත් නො ගැස්වුව මැනවෑ" යි පෙරහැර තබවා ශිලා ලෙඛයක් හිඳුවා ය. මෙසේ දුටුගැමුණු රජ දෙතිස් දෙමළ කඳවුරක් පැහැර ලඞ්කාද්වීපය එකච්ඡත්රේ කෙළේ ය.


භල්ලුක යෝධය[සංස්කරණය]

යම් දවසෙක දුටුගැමුණු රජ විජිතපුරය පහළේ ද, එදවස් ම දිඝඡන්තු යෝධයා එළාල රජු සමීපයට ගොස් තමාගේ බෑනා භල්ලුක නම් යෝධයාගේ බල රජ්ජුරුවන්ට කියා ඔහු එන පරිද්දෙන් දඹදිවට පත් යවී ය. එපවත් ඇසූ භල්ලුකයා ද එළාල රජ්ජුරුවන් දැවූ සත්වෙනි දවස් සැට දහසක් යෝධයන් පිරිවරා පඩ්වු නැඟි මාවටුතොටට අවුත් බැස එළාල රජ්ජුරුවන් මළ බව අසා "ලජ්ජාවෙන් නැවත රට නො යමි; සටන් කෙරෙමි" යි මාවටුතොටින් නික්ම කොළඹලා නම් ගම පඩවිටි බැඳ උන්නේ ය. දුටුගැමුණු රජ්ජුරුවෝ ද භල්ලුකයා ආ බව අසා සන්නාහ සන්නද්ධ ව කඩොලැතු පිටට පැන නැඟි දශ මහා යෝධයන් පිරිවරා ගෙන මහත් වූ ශ්රීක විභුතීන් මහත් වූ පෙරහරින් සේනාව පිරිවරා නික්මුණාහ. ඵුස්සදෙව නම් යෝධයා ද පඤ්චායුධ සන්නද්ධ වූයේ ගැමුණු රජු නැඟි ඇතුගේ පශ්චිමාසනයෙහි හුන්නේ ය. භල්ලුක නම් මහායෝධයා ද සන්නාහ සන්නද්ධ ව ඇතුපිට හුන් ගැමුණු රජ අභිමුඛයට අවුත් වන. එදවස් කඩොලැත් ඔහුගේ වේගය මඳ වනු පිණිස සෙමෙන් සෙමෙන් පසුබැස යෙයි. ගැමුණු සේනාව ද ඇතු හා සමග පසු පස්සෙන් බටහ. එවේලෙහි ගැමුණු රජ්ජුරුවෝ ඵුස්ස දෙව නම් යෝධයාණන්ට මෙසේ කිවු ය. කෙසේ ද යත්: "මේ ඇත්රජ පෙර අප අටවිසි මහ සටනක් කරන කල පසු නො බට, දැන් භල්ලුකයාගේ සටනට කුමක් පිණිස පසුබසි දැ" යි විචාළහ. ඵුස්සදෙව නම් යෝධයා රජ්ජුරුවන්ට මෙසේ කී ය: "දෙවයන් වහන්ස, ජය අපට ම ය. මේ ඇත්රජ ජය බිමක් සොයා යයි. පසු පස්සෙන් බැස ජය බිමකට පැමිණි කල එතැන්හි සිටිනේ ය" යි දැන්වී ය. ඉක්බිති ඒ කඩොලැත් ද පසු පස්සෙන් බැස අනුරාධපුර නුවර සමීපයෙහි මහාවිහාර සීමා අන්තයෙහි සිට ගත. එවේලෙහි භල්ලුකයා ද ගැමුණු රජහු අභිමුඛයට අවුත් මා බෑනන් මැරූ මේ රජහු මුඛයට ම විදිම යි හීයක් හිඳුවා ගෙන බැණ නැංගේ ය. ගැමුණු රජ ද කඩු තලයෙන් මුඛය වසා ගෙන, "කිමෙක් ද? නිවට දෙමළැ" යි කියා බැණ නැංගේ ය. බැණ නැඟි රජහුගේ මුඛයට ම විදිමි යි භල්ලුකයා හීයක් හැරපි ය. ඒ හිය ද ගොස් කඩුව පට වැද ගෙන බිම වැටී හිණ. එවේලෙහි රජ්ජුරුවෝ කට පුරා හුන් ලාරස බිමට දැමූ ය. ඒ දුටු භල්ලුකයා ද දුටුගැමුණු රජුහුගේ මුඛයට ම තර කොට විද්දෙමි යි සොම්නසින් ඔල්වර හඬ පැවැත්වි ය. එවේලෙහි රජ්ජුරුවන්ට පශ්චිමාසනයෙහි හුන් ඵුස්සදෙව්


30 ථුපවංසය


නම් යෝධයාණෝ රජ්ජුරුවන් පැලඳි කුණ්ඩලාභරණය පැහැර ගෙන භල්ලුකයාගේ මුඛයෙහි සැරයක් විද්දාහ. එවේලෙහි විත් කා රජ්ජුරුවන් දසාවට පය ලා හෙන්නහුගේ දණට නැවත සැරයකින් විද රජ්ජුරුවන් දසාවට හිස ලවා හෙළී ය. එදවස් ලබන ලද ජය ඇති දුටුගැමුණු රජ නුවරට අවුත් වන. ඉක්බිති ඵුස්සදෙව නම් යෝධයා රජ්ජුරුවන්ගේ කුණ්ඩලාභරණය පැහැර තමා සැරය විදි දඬුවමට තමාගේ කන්වැලින් ලේ ගෙන හැර, "ස්වාමීනි, නුඹ වහන්සේගේ කුණ්ඩලාභරණය පැහැර මා සැරය විදි වරදට මේ දඬුවමැ" යි රජ්ජුරුවන්ට දැන්වූයේ ය. එවේලෙහි රජ්ජුරුවෝ, "මාගේ සතුරන් සාධක පිණිස කළ දෙයින් තොපට වරද නැතැ" යි ඒ විදි හීය ගෙන්වා ගෙන "හිය ගෙළින් සිටුවා හීපගිලිය වසා මසුරන් ගොඩක් ඵුස්සදෙවයන්ට දෙව" යි කියා මෙලෙස දෙවූහ.

මෙසේ මේ ලඞ්කාද්වීපය සතුරන් සාධා එකාතපත්රර කොට රජ්ජුරුවෝ දශ මහා යෝධයන්ට හිමි පමණ රන් රුවන් තනතුරු දෙවූහ.


ථෙරපුත්තාභය යෝධයා මහණ වීම[සංස්කරණය]

එසේ තනතුරු දෙන වේලෙහි ථෙරපුත්තාභය නම් යෝධයාණෝ තමන්ට දෙන තනතුරු නො ගත්හ. "කුමක් පිණිස නො ගනුදැ" යි රජ් පුරුවන් විසින් විචාරන ලද්දාහු, "දෙවයන් වහන්ස, තව සතුරෝ ඇතැ" යි කීහ. එබස් ඇසූ රජ්ජුරුවෝ: "දැන් සිංහලය මට එකරාජ්යයය වුව, කුමන සතුරු කෙනෙක් ඇද්ද" යි විචාළහ. මෙලෙස විචාළ රජ්ජුරුවන්ට ථෙර පුත්තාභය නම් යෝධයාණෝ: "දෙවයන් වහන්ස, කිසි කලෙකත් කෙලෙස් නැමැති සතුරා ජයගත නො හැක්ක. එසේ හෙයින් ඒ කෙලෙස් නැමැති සතුරා හා යුද්ධයට යෙමි" යි කීහ. එබස් ඇසූ රජුජුරුවෝ දෙතුන් වරෙක ම වලකා නො ගිවිස්නා හෙයින් "යහපත, වැලි, මහණ වව" යි අවසර දුන්හ. රජ්ජුරුවන් විසින් දෙන ලද අවසර ඇති ථෙරපුත්තාභය නම් යෝධයාණෝ මහණ ව විදර්ශනා වඩා සිවුපිළිසිඹියාපත් රහත් වූහ. රහත් ව පන් සියයක් රහතන් විසින් පිරිවරන ලදුව රුහුණු දනව්වෙහි වූ ගුත්හල අඤ්ජලි පවු නම් විහාරයෙහි වැඩ වසන සේක.


රජුගේ දොම්නස[සංස්කරණය]

ඉක්බිති දුටුගැමුණු මහරජ මාළිගාවෙහි විසිතුරු කොට සරහන ලද ශ්රිව යහන් මස්තකයෙහි සැතපී දිව්යිසම්පත් හා සමාන සම්පත් සඳහන් කොට, "ගිය ජාතියෙහි කළ සුචරිත පින්කමින් මේ සා මහත් සම්පතකට පැමිණි යෙමි" යි සතුටුව නැවත මැරූ අටළොස් කලන්දයක් දෙමළුන් සඳහන්


ථුපවංසය 31


කරන රජ්ජුරුවන්ට මහත් වූ දොම්නස් උපන. එවේලෙහි පුවඟු දිවයින වැඩ හුන් එක් රහත් කෙනකුන් වහන්සේ රජ්ජුරුවන් සිතූ සිත තමන් වහන්සේගේ නුවණින් දැන වදාරා රජ්ජුරුවන්ව අස්වසනු පිණිස රහත් අට දෙනකුන් වහන්සේ ඒවා වදාළ සේක. ඒ අට දෙනා වහන්සේ ද අවුත් තමන් වහන්සේ වැඩි නියාව රජ්ජුරුවන්ට කියා යවා මාළිගාවට නැඟී වදාළ සේක. එවේලෙහි රජ්ජුරුවෝ තෙරුන් වහන්සේ වැඳ අසුන් පනවා වඩා හිඳුවා "වැඩි කාරණ කිම් දැ" යි විචාළහ. තෙරුන් වහන්සේ ද තමන් වහන්සේ වැඩි කාරණ වදාරන සේක්, "මහරජ, තොප විසින් මැරූ අටළොස් කලන්දයක් දෙමළුන්ගෙන් ස්වර්ග මොක්ෂ දෙකට අන්තරායක් වේදෝ හොයි යනුවෙන් සිතූ සැකය හරනට ආම්හ" යි වදාළ සේක. එබස් ඇසූ රජ්ජුරුවෝ, "එසේය ස්වාමීනි, අටළොස් කලන්දයක් පමණ දෙමළුන් මරා මේ සා යුද්ධයක් කරන ගැත්තවූ විසින් බොහෝ පව් රැස් කරන ලද. මේ අකුශල කර්මයෙන් ස්වර්ග මොක්ෂ දෙකට ගත්තවුට බාධා ඇද්දෝ හෝ නැද්දෝ හෝ යි යන මේ සැකය පසිඳ වදාළ යහපතැ" යි කීය. එබස් ඇසූ තෙරුන් වහන්සේ ද "මහරජ, මේ නිසා තොපට ස්වර්ග මොක්ෂ දෙකට බාධාවක් නො පැනෙයි" වදාළ සේක. "ඇයි, ස්වාමීනි, බාධා නැතැයි වදාරන්ට කාරණ කීම ද?" කිහිඹි කුහුඹු ලේඬිති ඉනිකුණු ආදි කුඩා සතුන් මෑරු කල මහත් පාප ය යි යන කල මෙතෙක් මනුෂ්යළන් මැරූ පවින් මේ දුටුගැමුණු රජ්ජුරුවන්ට ස්වර්ග මොක්ෂ දෙකට බාධා නැත්තේ ඇයි ද යත්: මේ දුටුගැමුණු රජ්ජුරුවෝ එකාඞ්ඛ්යහ කප් ලක්ෂයක් පිරූ පාරමිතා ඇති කෘතාධිකාර මහාත්මයාණෝ ය. අනාගත යෙහි බුදු වන මෛත්රී නම් සම්යාක් සම්බුදු රජාණන් වහන්සේට දකුණත් සවු වන්නාහු ය. එසේ හෙයින් මේ රජ්ජුරුවන් සසරෙහි විසීම නැති හෙයින් පාපයට අවකාශ නැතැ" යි වදාළ සේක.


මිරිසවැටි විහාරය කරවීම[සංස්කරණය]

එවේලෙහි තෙරුන් වහන්සේගේ බස් අසා සතුටුව අස්වැසුණු රජ්ජුරුවෝ තෙරුන් වහන්සේ වැඳ යවා අවකාශ ඉල්වා ගෙන නැවත ශ්රිස යහනෙහි සැතපී මෙසේ සිතූහ: "සංඝයා වහන්සේට දන් නො දී මම කිසි කලෙක්හි බත් ආදි කිසිවක් අනුභව නො කළ වීරිමි. මාගේ දෙමවුපිය දෙදෙනා මා බාල කල්හි ම අප දෙබෑයන් දන් නො දි කිසිවක් අනුභව නොකරව" යි දිවුරවූහ. සංඝයා වහන්සේට මා විසින් දන් නො දි කෑ දෙයෙක් ඇද්දෝ හෝ නැද්දෝ හෝ යි පරීක්ෂාම කරන්නාහු සඳහන් නැතිව දන් නො දී කෑ මළ මිරිස් පැස්සක් දැක, "මා විසින් කෙළේ මහා අපරාධයෙක, එසේ හෙයින් මා ම දඬුවම කළ මැනවැ" යි සිතා රජ්ජුරුවෝ ඔටුනු පලන් සතියක් ගිය කල මහත් වූ රාජානුභාවයෙන් සේනාව පිරිවරා දිය කෙළිනා


32 ථුපවංසය


පිණිස ද, නැවත රාජාහිෂෙකයට පැමිණි රජදරුවන්ගේ චාරිත්රිය රක්ෂා කරනු පිණිස ද, තිසා වැවට නහන්නට ගිය රජ්ජුරුවන්ගේ කැටිව ගෙන ගිය රන් වළන් ද පිළි සම්බඩම් ආදි වූ සෙසු වස්තුන් ද මිරිසවැටි විහාරය කරවන තැන තබා වැව දිය කෙළියට පටන් ගත්හ. ඒවේලෙහි රජ්ජුරුවන් හා කැටිව ගිය රාජ පුරුෂයෝ මිරිස වැටි දාගබ බඳිනා ස්ථානයෙහි රජ්ජුරුවන්ගෙ ධාතු සහිත ජල කොන්තය ඉඳුරා කෙළින් සිටුවූහ. දුටුගැමුණු රජ්ජුරුවෝ පුරඟනන් හා සමඟ දිවාභාගය මුළුල්ලෙහි දිය කෙළ සවස් වේලෙහි "නුවරට යම්හ යි; ධාතු පිහිටවූ රුවන් කොන්තය ඉදිරි කොට නික්මෙව" යි කීහ. රජ්ජුරුවන්ගේ බස් ඇසූ රාජ පුරුෂයෝ "ජයකොන්තය ගනුම්හ" යි ගොස් ඒ ගන්නා තබා තුබූ කෙනින් සොල වාලිය නුහුණුවාහු ය. ඒ ආශ්චය්ය්ගොස දැක රජ්ජුරුවන් ඇතුළු වූ සේනාව සුවඳින් මලින් ඒ ධාතු සහිත ජයකොන්තයට පූජා කළාහ. නැවත දුටුගැමුණු රජ්ජුරුවෝ සතුටු සිත් ඇතිව හාත්පසින් එතැන්හි රැකවල් ලවා නුවරට ගොස් අවුත් ජයකොන්තය වසා දාගබක් බඳවා මහත් වූ විහාරයක් කරවන රජ්ජුරුවෝ තුන් අවුරුද්දකින් කරවා නිමවූහ.


විහාර පූජාව[සංස්කරණය]

නැවත මේ දුටුගැමුණු මහරජ ඒ විහාර පූජා පිණිස මහා සංඝයා වහන්සේ රැස් කරවී ය. කෙපමණෙක් රැස් වූ ද යත්: භික්ෂූන් වහන්සේ ගෙන් ලක්ෂයක් දෙනා වහන්සේ රැස් වූ සේක. භික්ෂුණීන් වහන්සේගෙන් අනූදහසක් දෙනා වහන්සේ රැස් වූ සේක. එසමයෙහි මහා සංඝයා වහන්සේ දැක සතුටු වූ රජ්ජුරුවෝ, වැඳ එකත්පස් ව සිට මෙසේ දැන්වූහ. කෙසේද යත්: "ස්වාමීනි, සඳහන් නැති ව සංඝයා වහන්සේට නො දි මළ මිරිස් පැස්සක් කෑමි. ඒ පිණිස මට මේ දඬුවම් වේවයිදාගබ සහිත මේ මිරිසවැටි විහාරය කරවිමි. ගැත්තවුට පින් පිණිස පිළිගෙන වදාළ මැනවැ" යි දන්වා දාගබ සහිත විහාරය දන් දී ඇත පැන් වත් කොට මහා සංඝයා වහන්සේට වැඩ හිඳිනා පිණිස මහත් කොට මඩුවක් ලැවූ ය. ඒ මඩුවේ පලය බයා වෑව දිය පිට දක්වා සිටියේ ය. සෙසු අවකාශයෙහි කියනුම් කිම ද? එසේ ලවන ලද මඬුයෙහි ලක්ෂයක් පමණ භික්ෂූන් වහන්සේ ද අනූ දහසක් පමණ භික්ෂුණීන් වහන්සේ ද එහි වඩා හිඳුවා අත පැන් වත් කොට භික්ෂු සංඝයා වහන්සේට මහ දන් දී සිවුරු ආදී සියලු පිරිකර දන් දින. එහි වැඩිමහලු සඬ්ඝ ස්ථවිරයන් වහන්සේලත් පිරිකර ලක්ෂයක් වටනේ ය. (සෙසු භික්ෂුන් වහන්සේට පිළිගැන්වූ පිරිකර පන්සියයක් වටනේ ය.) මෙසේ යුද්ධයෙහි ද දානයෙහි ද සූරවීර වූ ප්ර්ඥා සම්පන්න වූ, රත්නත්රයයෙහි ප්රයසන්න වූ නිර්මල වූ සිත ඇති, ලොක ශාසන දෙක බැබළවීමෙහි


ථුපවංසය 33


කරන ලද මහත් වූ වීය්ය් ූර ඇති, කෙළෙහි ගුණ දන්නාවූ ඒ දුටුගැමුණු රජ්ජුරුවන් රත්නත්රයය පුදනු පිණිස ආදියෙහි දාගබ කරවීමෙහි පටන් ගැන්මෙහි පටන් ඒ මිරිසවැටි දාගබ පූජාව අන්ත කොට පරිත්යාකග කළ අනර්ඝ වස්තූන් හැර සෙසු වස්තූහු (එකුන්විසි) කෙළක් පමණ වස්තූහු ය. නුවණැත්තවුන් විසින් බිඳෙනසුලු වූ නිස්සාර වූ ආත්මයෙහි ද වස්තුයෙහි ද කරන ලද ඇල්මෙක් ඇත් නම් ඒ දුරු කොට මෙලෝ පරලෝ දෙක සුව විඳිනා පිණිස මේ දුටුගැමුණු මහරජහු මෙන් සියලු කුශල සම්භාරයන් රැස් කොට කෙළවර ජරා මරණ නැති අමා ය යි බුදුන් විසින් වදාරන ලද නිවන් දහම් ප්රවත්ය ක්ෂ කටයුතු. මිරිසවැටි විහාර කථාව නිමි.


ලෝවාමහාපායේ සැලැස්ම[සංස්කරණය]

ඉක්බිති දුටුගැමුණු රජ්ජුරුවෝ මෙසේ සිතුහ: මිහිඳු මහ තෙරුන් වහන්සේ මාගේ මුත්තණුවන් දෙවෙනි පෑතිස්ස රජ්ජුරුවන්ට වදාරන සේක් "මහරජ, තොපගේ මුනුබුරු වූ දුටුගැමුණු නම් රජෙක් එක්සිය විසි රියන් රුවන්වැලි නම් දාගබක් කරවන්නේ ය. සඬ්ඝයා වහන්සේට ද පොහෝ කරන්නට නව මහල් ඇති ලෝවාමහපා ය යි යන ප්ර්සාදයක් කරවන්නේ ය" යි (යනු සිතා පරීක්ෂා කරන්නෝ) රජගෙයි කරඬුවෙක රන්පත ලියා තුබූ අකුරු දැක කියවා බලා, "මතු එන දවස එක්සිය සතලිස් අවුරුද්දක් ගිය කල කාවන්තිස්ස නම් රජ්ජුරු කෙනකුන්ගේ පුත් වූ දුට්ඨගාමණී අභය නම් රජෙක් මෙකී විහාර දෙක කරවයි" කියා ලියා තුබූ හසුන් කියවා සතුටු වූ ඒ දුටුගැමුණු රජ්ජුරුවෝ වමත හකුළුවා ගෙන දකුණතින් අත් පොළා, "මාගේ ස්වාමිදරු වූ මිහිඳු මහතෙරුන් වහන්සේ විසින් මම දක්නා ලදිම් වනැ" යි සතුටුව දෙවෙනි දවස් උදෑසන මහ සෙනඟ පිරිවරා මහමෙවුනා උයනට ගොස් මහා සංඝයා වහන්සේ රැස් කරවා සඬ්ඝයා වහන්සෙ වැඳ එකත් පස් ව සිට දොහොත් මුදුනෙහි තබා ගෙන මෙසේ දැන්වූහ: "ස්වාමීනි, මම භික්ෂු සංඝයා වහන්සේට පොහෝ ගෙයක් දිව්යා විමානයක් හා සදෘශ කොට කරවමි. රහතන් වහන්සේ දෙව්ලොවට යවා පෙතිකඩෙක මාළිගා සැලැස්මක් අඳවා ගෙන්වා ගෙන මට දෙවා වදාළ මැනවැ" යි දැන්වූහ. ඉක්බිති මහා සඬ්ඝයා වහන්සේ රහත් අට දෙනකු වහන්සේට එපවත් කියා දෙව් ලොවට යවූ සේක. ඒ අට දෙනා වහන්සේ ද තව්තිසා දෙව්ලොවට ගොස් බීරණී නම් දිව්යව ස්ත්රින යටගිය ජාතියෙහි අනුන්ට මිඬීව ඉපිද සමයිතින් දන් පිසු කුසලින් උපන්නා වූ තුන් ගව්වක් උස දිව්යී ශරීරයක් හා ගව්වක් උස වන් ඔටුන්නක් පැලඳ අටසාලිස් ගව්වක් දිග දිව සළුවක් හැඳ සැට ගැලක් පුරා ලන ආභරණ පැලඳ නවාමුණක් සුවඳ විලවුන් ගෙන සපු නා පනා සිහින් කෙන්ද දෑසමන් දෙඉද්ද සුරගි උපුල් පරසතු කොවිළාර මහනෙල්


34 ථුපවංසය


දුනුකේ වැටකේ කරාකේ සෙව්වන්දි සෞගන්ධික මරුවා විදෑවන මේ ආදි වූ සුවඳ මුල් යෙළයාළක් පැලඳ සැට දහසක් නළු නාටකයන් පිරිවරා උන්, අටසාලිස් ගව්වක් උස ඇති දහසක් රුවන් ගබඩායෙන් සැදුම් ලද රුවන් මාළිගාව දැක රහතන් වහන්සේ ඒ ප්රකසාදය දැහිඟුලෙන් පෙතිකඩෙක හැඳ ගෙනවුත් භික්ෂූ සඬ්ඝයා වහන්සේට දුන් සේක. සඬ්ඝයා වහන්සේ ද ඒ පෙති කඩ රජ්ජුරුවන්ට දෙවා වදාළ සේක.


ලෝවාමහාපාය කරවීම[සංස්කරණය]

රජ්ජුරුවෝ ඒ පෙති කඩ දැක සතුටුව ඒ ප්රෙසාදය හා සදෘශ කොට ලෝවාමහාපාය කරවූ ය. කෙසේ කරවූ ද යත්: මාළිගාට පටන්ගත් දවස් ම සතර වාසල අට දහසක් රන් තැබී ය. නැවත සතර වාසල් දොර දහසක් පිළිසම්බඩම් ද උක් සකුරු හෙළ ගිතෙල් තල තෙල් මී තෙල් පුරා තුබූ නොයෙක් සිය දහස් ගණන් සැළ තැබ්බවිය. නැවත ඒ දුටුගැමුණු රජ්ජුරුවෝ යමෙක් මේ ලෝවාමහාපයේ මිල නොගෙන මෙහෙ නො කළ මැනවැ" යි නුරාධපුර නුවර බෙර ලවා "යම් කෙනෙක් මිල නො ගෙන ඉදින් මෙහෙ කළෝ වූ නම්, උන් කළ මෙහෙ අගය කරවා මිල දෙව" යි සම්මත කළෝ ය. ඒ ලෝවාමහාපාය එකි එකි දිගින් සියක් සියක් රියන් විය. උසිනුත් සියක් රියන් විය. නව මහලකින් සැදුම් ලද. එකි එකී මාලෙහි සියක් සියක ගබඩා ගෙවල් විය. ඒ සියලු ගබඩා ගෙවල් රිදියෙන් ම කරවූ ය. එකී සියලු ගබඩා ම රන්රසු දැලින් පරික්ෂෙප කරවූහ. ඒ ගබඩා ගෙවල් නොයෙක් විසිතුරු රුවනින් හෙබියා වූ පබළුමය පදනමින් ද යුක්ත ය. ඒ වෙදිකායෙහි පියුම් ද නොයෙක් සත් රුවනින් කරවූ ය. එසේම දහසක් ගබඩා අනෙක රත්නයෙන් කරවා සිවුමැදුරු කවුළු ද රුවනින් ම නිමවා වෙසමුණු රජුහුගේ නාරි වාහනය අසා ඒ වාහනය ආකාර කොට මාළිගා මද්ධ්යෙයේ රුවන් මණ්ඩපයක් කරවූ ය. ඒ මණ්ඩපය ද නොයෙක් රුවන් ටැඹීන් ද සිංහ රූපයෙන් ද ව්යා.ඝ්රඩ රූපයෙන් ද දෙවතා රූපයෙන් ද යනාදි නොයෙක් රූපයෙන් හෙබියා වූ හාත්පසින් එලෙන්නා වූ ඇඹුලපක් සා මුතුදැලින් ද පරීක්ෂෙප කරවූ ය. ඒ මණ්ඩපයෙහි පබළුමය වෙදිකා පෙර කී ලෙස ම කරවූ ය. සත් රුවනින් විචිත්රහ මණ්ඩප මද්ධ්යායෙහි දෑවාණමය බිම ඇද්දළින් ආසනයක් කරවා පිටාටුව ද ඇද්දළින් ම කරවූ ය. හිරු මඬල ද රත්රනින් ම කරවූ ය. එසේ ම රිදියෙන් සඳමඬල ද කරවූ ය. නැවත මුත්තෙන් කරවන ලද තරුවෙන් ද විචිත්රර විය. ඒ ඒ තන්හි සුදුසු ලෙස රත්නමය පියුම් ද ප්ර්සාදවහ වූ ජාතක ද අතුරතුරෙහි රන්ලිය ද කරවූ ය. ඒ මණ්ඩපයෙහි මාහැඟි වූ බුමුතුරුණු අතුට සිත්කලු වූ ඇද්දළින් කරවන ලද ව්යූජන පත්රැ ද තබා පබළුමය පියගැට කරවූ ය. එසේ ම ආසන මත්තෙහි ද පබළුමය පියුම් පිහිටුවන ලද්දේ ය. රිදියෙන් කරවන ලද දඩු ඇති රුවන්


ථුපවංසය 35


සේසත් ද පිහිටවූ ය. එහි සත් රුවන්මය අටමඟල ද අතුරතුරෙහි මැණික්මය වූ මුතුමය වූ සිවුපා පඬ්කතියක් ද කරවූ ය. ධවලච්ඡත්රන කෙළවර රත්නමය වූ මිණි පඬ්කතියක් ද එල්වූ ය. මාළිගාව ද, ධවලච්ඡත්රුය ද, ආසනය ද, මණ්ඩපය ද යන මේ සතර අනර්ඝ ය. මාහැඟි වූ ඇඳ පුටු පනවා එහි මැහැඟි වූ පලස් ද අතුට මාහැඟි වූ බිම බුමුතුරුණු ද අතුරුවූ ය. සැට කළයක් පැන් ගන්නා රන් සැළ ද පැන් ඉස්නා රන් එව් ද කරවූ ය. සෙසු අනුභව කළමනා සියලු පිරිකර මෙතෙකැ යි පමණ නැත්තේ ය. නැවත ප්රුසාදය වට කොට වාසලින් ද පවුරින් ද පිරිවරන ලද. ලෝ හුළින් ද මාළිගාව සෙවූ බව හෙතු කොට ගෙන "ලෝවාමහාපාය" යි නම් විය.


ලෝවාමහාපාය සංඝයා වහන්සේට පිළිගැන්වීම.[සංස්කරණය]

මෙසේ තව්තිසා දෙව්ලොවෙහි සුධර්මා නම් දිව්යච සභාව මෙන් ප්රදසාදය නිමවා මහා සංඝයා වහන්සේ රැස් කරවූහ. මිරිසවැටි විහාර පූජාවට මෙන් මහා සඬ්ඝයා වහන්සේ රැස්වූ සේක. යට මාලේ පෘථග්ජන වහන්සේවරුන්දෑ වැඩහුන් සේක. දෙවෙනි මාලේ සූත්රර පිටකය අභිධර්ම පිටකය විනය පිටකය යන තුන් පිටකය ධරන වහන්සේවරුන්දෑ වැඩහුන් සේක. තුන්වෙනි මාල ද සතර වෙනි මාල ද පස්වෙනි මාල ද යන තුන් මාලෙහි සෝවාන් සකෘදාගාමි අනාගාමි භික්ෂූන්වහන්සේ වැඩහුන් සේක. මත්තේ සතර මාලෙහි රහතන් වහන්සේ වැඩහුන් සේක. ඉක්බිති දුටුගැමුණු රජ්ජුරුවෝ මෙසේ මහා සඬ්ඝයා වහන්සේ රැස් කරවා වඩා හිදුවා අත පැන් වත් කොට සඬ්ඝයා වහන්සේට මහාපාය පිළිගන්වා මිරිසවැටි විහාර පූජාව මෙන් සද්දවසක් මහ දන් දුන්හ. මහත් වූ දාන පරිත්යාවග ඇති දුටුගැමුණු මහ රජ්ජුරුවන් විසින් ප්රා සාද යට අනර්ඝ වස්තූන් තබා ප්රුසාදය පිණිස පරිත්යාමග කළ ධනය තිස් කෙළක් පමණ ය. එසේ හෙයින් "නුවණැති සත්වයෙනි, පරලොව යන කල හැරපියා යා යුතු වූ ධන සමූහය ඒ රජ්ජුරුවෝ මෙසේ දන් දීමෙන් තමා කැටුව පර ලොව ගෙන ගියහ" යි දත යුතු. ලෝවාමහපා කථාව නිමි.


මහ සෑයට උළු ලැබුණු අයුරු[සංස්කරණය]

නැවත එක් දවසක් ඒ දුටුගැමුණු මහ රජ්ජුරුවෝ ලක්ෂයක් ධන වියදම් කොට බොධීන් වහන්සේට පූජාවක් කරවා ඇතුළු නුවරට වදනෝ රුවන්වැලි දාගැබ් වහන්සේ පිහිටුවන තෙන දෙවෙනි පෑතිස්ස රජ්ජුරුවන් විසින් ඉඳුවන ලද ශිලා ලෙඛය දැක මිහිඳු මහ තෙරුන් වහන්සේ විසින් කියන ලද වචනය ද සිහි කොට, "මහ දාගබ කරවමි" යි කරන ලද සනිටුහන් ඇතිව ඇතුළු නුවරට


36 ථුපවංසය


වැද රජගෙයි මතු මාලට පැන නැඟි රසමසවුලෙන් යුක්ත වූ ආහාරය මෙහෙ නිමවා යහන්හි සැතපුණු රජ්ජුරුවෝ මෙසේ සිතූහ. හේ කෙසේ ද යත්: "රාජ්ය්වාසිහු මා හා කැටිව දෙමළ සටන් කොට මහත් වූ දුකට පැමිණි යෝ ය. කවර උපායකින් ලොකවාසින්ට දුක් නො දි දැහැමෙන් සෙමෙන් මහ දාගබට සුදුසු ලෙස උළු උපදවා ගනිම් දෝහෝ" යි රජ්ජුරුවන් සිතූ ක්ෂණයෙහි ධවලච්ඡත්රයෙහි අධිගෘහිත දෙවිඳූ, සිතූ සිත් දැන, "දුටුගැමුණු රජ්ජුරුවෝ මෙසේ සිතූය" යි මහත් කොට හඬගෑ ය. ඒ හඬ ගෑ ශබ්දය පරම්පරාවෙන් ගොස් සදෙව්ලොව පැතිර සිටියේ ය. ඒ බව සක්දෙව් රජ දැන විශ්වකර්ම දිව්යය පුත්රවයා කැඳවා මෙසේ කී ය: "දරුව, දුටුගැමුණු රජ්ජුරුවෝ රුවන්වැලි දාගබ බඳිනට උළු කෙසේ ලැබෙම් දෝ හො යි සිතා උන්නෝ ය. තෙපි ගොස් අනුරාධපුර නුවරට උතුරු දිග නුවරට සතර ගව්වක් පමණ තෙන ගැඹුරු හෝතෙර උළු ගොඩක් මවා එව" යි යවී ය. එබස් ඇසූ විශ්වකර්මයා අවුත් ඒ හෝබඩ මහ දාගබට සුදුසු උළු මවා දෙව්ලොවට ගියේ ය. දෙවන දවස් බල්ලන් හැර ගෙන දඩගිය බලු වැද්දෙක් ඒ ඒ තැන ඇවිදිනේ උළු තුබූ තෙනට ගොස් උළු නො දැක නැවත නුවරට එන්නේ ය. ඒ ඇසිල්ලෙහි එක් බූමාටු දෙවියෙක් ඒ වැද්දවුට උළු දක්වනු පිණිස මහත් ගෝ වෙසක් මවා ගෙන වැද්දවුට ද බල්ලන්ට ද තමා දක්වා උන් විසින් ලුහුබඳවා ගෙන යන ලද්දේ උළු ගොඩ තැබු තෙනට ගොස් අන්තර්ධාන විය. එසේ ලුහුබඳවා ගෙන ගිය වැදි උළු දැක,"අපගේ රජ්ජුරුවන් වහන්සේ දාගප් කරවනු කැමති සේක. මා විසින් මහත් වු පඩුරක් දක්නා ලදැ" යි සතුටු වූ සිත් ඇත්තේ නුවරට අවුත් දෙවෙනි දවස් උදැසන මාළිගාවට අවුත් රජ්ජුරුවන් දැක තමා දුටු උළු පඬුරු රජ්ජුරුවන්ට දැන්විය. එබස් ඇසූ ගැමුණු රජ්ජුරුවෝ සතුටුව ඒ බලු වැද්දවුට බොහෝ සම්පත් දී ඒ වැද්දවු ම උළු රක්නා නියායෙන් සම්මත කළාහ. දුටුගැමුණු රජ්ජුරුවෝ, "උළු දක්නට මම ම යෙමි. රුවන් කොන්තය ඉදිරි කරව" යි කිහ:


රන් පහළ වීම[සංස්කරණය]

ඒ ඇසිල්ලෙහි අනික් අස්නක් ගෙනවුත් රජ්ජුරුවන්ට දැන්වූහ. අනුරාධ පුර නුවරට දොළොස් ගව්වකින් ඈත ඊශාන කොණයෙහි අවුරුවිටි නම් ගම තුන්යම් රාත්රිසයෙහි වැසි වට කල තුන්යාළ සාරමුණක් බීජුවට යන තන්හි රන් පැළ පැන නැංගේ ය. එසේ නැඟුණු රන් පැළ කෙතෙක් උස නැඟි ද යත්: උස්ව නැගි රන් පැළ වියතක් උස නැංගේ ය. මිටි ව නැඟි රන් පැළ සතරඟුල් පමණ උස ඇති ව නැංගේ ය. රාත්රිේය පාන් ව ගිය කල ඒ ගම්වැස්සෝ රන් පැළ දැක සතුටුව, "අපගේ රජ්ජුරුවන්ට සුදුසු භාණ්ඩ


ථුපවංසය 37


යෙක් උපනැ" යි එතැන්හි රැකවල් ලවා රන් පැළ පාත්රණයක් පුරා ගෙනවුත් රජ්ජුරුවන්ට දැක්වූහ. රජ්ජුරුවෝ සතුටුව ගම්වැස්සන්ට සුදුසු ලෙස සම්පත් දී ඒ ගම්වැස්සන් ම ඊට ආරක්ෂායෙහි සිටුවූහ.


තඹ පහළ වීම[සංස්කරණය]

නැවත එම ඇසිල්ලෙහි ම අනික් අස්නක් රජ්ජුරුවන්ට ගෙනවුත් දැන්වූහ. නුවරට නැගෙනහිරි දිශාවෙහි අටවිසි ගව්වකින් ඈත ගඟින් එතෙර තඹවිටී නම් ගම තඹ උපන. ඒ ගම්වෑස්සෝ, "රජ්ජුරුවන්ට සුදුසු භාණ්ඩ යක් ලදුම්හ" යි සතුටුව එයින් තඹ පාත්රටයක් පුරා ගෙනවුත් රජ්ජුරුවන්ට දක්වූහ. රජ්ජුරුවෝ ද ඒ දැක සතුටුව උන්ටත් සුදුසු ලෙස සම්පත් දී ඒ ගම්වැස්සන් ලවා ම රැකවල් ලැවූහ.


මැණික් පහළ වීම[සංස්කරණය]

ඒ අස්නට ඉක්බිතිව අනික් අස්නකුත් ගෙනවුත් දැන්වූහ. අනුරාධපුර නුවරට සොළොස් ගව්වකින් ඈත අග්නි කොණයෙහි සමන් නම් වැව සමීපයෙහි උපුල්වන් කුරුඳු හා බොහෝ මැණික් උපන. ඒ ගම්වැස්සෝ එයින් පාත්රනයක් පුරා ගෙනවුන් රජ්ජුරුවන්ට දැක්වූ ය. රජ්ජුරුවෝ ද ඒ පඬුරු දැක සතුටුව ඔවුන්ටත් සුදුසු ලෙස බොහෝ සම්පත් දි උන් ම ඒ වස්තුවට රැකවල ලැවුහ.


රිදි පහළ වීම[සංස්කරණය]

ඒ අස්නට ද ඉක්බිතිව අනික් අස්නක් ගෙනවුත් රජ්ජුරුවන්ට දැන්වූ ය. අනුරාධපුර නුවරට දකුණු දිග දෙතිස් ගව්වකින් මත්තෙහි ඇමතොට දනව් වෙහි එක් ලෙණක රිදි උපන. එසමයෙහි අනුරාධපුර නුවර හිඳිනා එක් වෑපාරයෙක් බොහෝ ගැල් ගෙන්වා ගෙන ඉඟුරු කසා ආදිය නිසා ගල්වල යන්නේ ඒ රිදි තුබූ ලෙණ දොරට නුදුරු තෙන ගැල් මුදා කැවිටි දඩු හා දර සොයා ඒ පර්වතයට නැංගේ එක් කොස් ගසක් දිට. එසේ දුටු කොස් ගස අත්තෙක සැළක් සා එකම එක් කොස් ගෙඩියක් පල ගෙන කොස් අත්ත නමාගෙන යට ගල් මත්තෙහි තුබූ කොස් ගෙඩිය ඒ වෑපාරයා දැක කොස් ගෙඩිය සමීපයට ගොස් අතින් මැඩ බලා විලිකුන් බව දැන වෑයෙන් නටුව කැපි ය. එවේලෙහි ඒ කොස් අත්ත පෙර සේ ම කෙළින් සිටියේ ය. ඉක්බිති ඒ ව්යා.පාරයා ඒ කොස් ඵලය කපා ගෙන, "තමා ලත් දෙය දන් නො දි නොකමි" යි සිතා, "සිඟා වඩනට කලැ" යි සංඝයා වහන්සේට හඬ ගෑ ය. එවේලෙහි රහත් සතර දෙනකුත් වහන්සේ ඒ වෙළඳා අභිමුඛයෙහි අවුත් පෙනුණු සේක. ඒ වෙළඳා ද වැඩි සරතදෙනා වහන්සේ දැක සතුටුව ඒ සතරදෙනා


38 ථුපවංසය


වහන්සේගේ ශ්රි පාදය වැඳ වඩා හිඳුවා කොස් ගෙඩිය නටුව වට කොට වෑයෙන් සැස වසල්ල උදුරා හැරපී ය. එවේලෙහි කොස් ඵලයෙහි සියලු රසය බැස වසල්ල පහ කළ තැන පිරී ගියේ ය. ඒ වෙළඳා රන්වන් පැහැ බඳු වූ ඒ කොස් පැණි පාත්රය සතර පුරා ගෙන දන් දින. ඒ රහත් සතරදෙනා වහන්සේ ඒ වෙළඳා බල බලා සිටියදි ම ආකාශයට පැන නැඟි වැඩ වදාළ සේක. නැවත ඒ වෙළඳා "සිඟා වඩනා කලැ" යි හඬ ගෑ ය. එවේලෙහි ම අනික් සතර දෙනකු වහන්සේ වෙළඳා සමීපයට වැඩි සේක. ඒ සතරදෙනා වහන්සේ අතින් පාත්රඳ ගෙන රන්වන් පැහැයෙන් යක්ත වූ කොස් මිදුලු පාත්රල පුරා පිළිගැන්වී ය. එවේලෙහි ඒ තෙරුන් වහන්සේගෙන් තුන් දෙනකු වහන්සේ අහසින් වැඩ වදාළ සේක. අනික් ඉන්දගුත්ත නම් තෙර කෙනකුන් වහන්සේ ඒ ගල් ලෙණ තුබූ රිදි ඒ වෙළඳාට පානා කැමැති සේක් පර්වතයෙන් බැස රිදී තුබූ ලෙණ දොරට නුදුරු තෙනක වැඩහිඳ කොස් මිදුලු වැළදු සේක.ඒ වෙළඳා තෙරුන් වහන්සේ වැඩි කල ඉතිරි කොස් මිදුලු තෙමේ අනුභව කොට තෙසු මිදුලු පොදියක් කොට බැඳ ගෙන එන තැනැත්තේ කොස් මිදුලු වළඳන තෙරුන් වහන්සේ දැක සතුටුව ඔබ අත සෝධන පැන් ද පාත්රබය සුද්ධ කරන කොළ ද දින. තෙරුන් වහන්සේ ද රිදි තුබූ ලෙණ දොරින් වෙළඳා ගැල් තුබූ තෙනට යන මගක් මවා" "උපාසකය, මේ මගින් යව" යි වදාළ සේක. ඒ වෙළඳාත් වදාළ බස් මුදුනෙන් පිළිගෙන වැඳ යමු ගෙන ඔබ මෑවු මගින් යන තැනැත්තේ ලෙණ දොරට පැමිණ ඇතුළු ගල් ලෙණ බලන්නේ පුරා තුබූ රිදි දැක රිදි පිඬක් හැර ගෙන වෑයෙන් සැස බලා රිදී බැව් දැන සතුටුව මහත් රිදි පිඬක් හැර ගෙන ගැල් තුබූ තෙනට ගොස් තණ පැන් ඇති තෙනක ගැල් රඳවා යුහුව අනුරාධපුර නුවරට ගොස් තමා ගෙන ගිය රිදී රජ්ජුරුවන්ට පෑ ඒ කාරණය දැන්වී ය. එපවත් ඇසු දුටුගැමුණු මහරජ ඒ වෙළඳාට බොහෝ සම්පත් දින.


මුතු හා පබළු[සංස්කරණය]

ඒ අස්නට ඉක්බිතිව අනික් අස්නක් දැන්වූහ. අනුරාධපුර නුවරට බටහිරි දිශාවෙහි විසි ගව්වකින් මත්තෙහි උරුවෙල් නම් පටුන්ගම මහත් ඇඹුලපක් සා මුතු හා පබළු හා ගැල් සැටක් පුරා ලන පමණ මුතු සාගරයෙන් නැඟි අවුත් වෙරළ ගැසි ගියේ ය. ඒ පටුන්ගම කෙවුළෝ ඒ දැක, "අපගේ රජ්ජුරුවන්ට සුදුසු භාණ්ඩයෙක් උපනැ" යි සතුටුව ඒ මුතු හා පබළු උකාගෙන ගොඩක් කොට රැකවල් ලවා එයින් පාත්ර්යක් පුරා ගෙන අවුත් රජ්ජුරුවන්ට දැක්වූහ. රජ්ජුරුවෝ ඒ කෙවුළන්ට සුදුසු ලෙස බොහෝ උපකාර කළහ.


ථුපවංසය 39


මැණික් සතරක්[සංස්කරණය]

නැවත අනික් අස්නක් ගෙනහැර දැක්වූ ය. නුවරට වායව්යා කොණ යෙහි අටවිසි ගව්වකින් ඈත පෙළවාපි නම් ගම වැවට දිය හුණු කඳුරැලි යෙහි වැලි පිට දාපෝ සා පමණ දිගින් වඩුයෙන් එක් වියත් සතරඟුල් පමණ දිග ඇති දිය මෙරලිය මල් පැහැ වැනි වූ සතර මැණිකෙක් උපන. ඉක්බිති මත්ත නම් එක් බලු වැද්දෙක් බල්ලන් හැර ගෙන හෝ කඳුරැලිය හස ඇවිදිනේ ඒ මැණික් සතර තුබූ තෙනට අවුත් මැණික් සතර දැක සතුටුව, "මේ මාගේ රජ්ජුරුවන්ට සුදුසු පඬුරෙකැ" යි සිතා ඒ මැණික් සතර වැල්ලෙන් වසා නුවරට අවුත් රජ්ජුරුවන් දැක එපවත් දැන්වී ය. එපවත් ඇසූ රජ්ජුරුවෝ සතුටුව ඒ වැද්දවුට ප්රජසාද දුන්හ. මෙසේ දුටුගැමුණු මහ රජ්ජුරුවෝ දාගබ පිණිස උපන් උළු යන මේ ආදිය එක දවස් ම අසා උළු හා රිදි ආදිය උපන් තෙනට රජ්ජුරුවෝ ගියෝ ය. ඒ ඒ රත්නයෙන් උපන් තැන් ඒ ඒ නම් විය. ථූප සාධන කථා නිමි.


කර්මාන්ත පටන් ගැනීම[සංස්කරණය]

ඉක්බිති දුටුගැමුණු රජ්ජුරුවෝ දාගබ් නිසා උපන් රත්රන් ආදි සියලු රුවන් ම ගෙන්වා ගෙන තමන්ගේ භාණ්ඩාගාරයේ රැස් කරවූ ය. නැවත ඒ සියලු සම්භාරයන් නිමි කල වෙසඟ පුර පසළොස්වක් දවස් විසා නකතින් මහදාගබ බිම ගන්නා පිණිස කර්මාන්තයට පටන් ගෙන රජ්ජුරුවෝ දාගබ පිහිටන තෙන දෙවෙනි පෑතිස්ස රජ්ජුරුවන් හිඳුවූ ශිලාලෙඛය හරවා තලව්ව පිණිස හාත්පසින් ඇත් පවුර කෙළවර කොට වඩුවෙන් සත් රියනක් පමණ තෙන බිම කප්පවා හැර යෝධයන් ලවා වටගල් අතුරුවා කඹුරුකුළින් තළා පොඩි කොට ඊට ඉක්බිතිව සොම්මරුන් ලවා ඇතුන් පයට සමිපයි විද ලවා ඇතුන් ලවා මඩවා නැවත ගල්සුනු මත්තෙහි නවතින මැටි අතුරුවූ ය. ඒ නවනීත මැටි නම්: ආකාශ ගඞ්ගාව හුණු තෙන ජලබින්දු නැඟි හාත් පසින් එක්සිය විසි ගව්වක් පමණ තන්හි ජල බින්දු ඉසෙන්නේ ය. යම් තෙනක සයංජාත හැල් උපදි ද, ඒ ස්ථානය නිරන්තරයෙන් ම තෙමෙන හෙයින් ඒ ස්ථානයට තින්තසිසකොල ය යි නම් විය. එතැන මැටි සියුම් හෙයින් නවතින මැටි යයි කියන්නාහ. එතැනින් ඒ මැටි ක්ෂිණාශ්රිව සාමණේරයන් වහන්සේ ගෙනෙන සේක. ඒ මැටියෙන් හැම තැන්හි ම මැටියෙන් කරන කර්මාන්ත කළහ. ඒ මැටි මත්තෙහි ගඩුළු අතුරුවා ඒ මත්තෙහි බොරළු සුනු ලැවූ ය. ඒ බොරළු සුනු මත්තෙහි කුරුඳු පහණ අතුරුවා ඒ කුරුඳු පහණ මත්තෙහි යදැල් කැට අතුරුවා ඒ යදැල් කැට මත්තෙහි රහත් සාමණේරයන් වහන්සේ හිමාලයෙන් ගෙනා සුවඳ කල්ල අතුරුවා ඊපිට කිරිවාණ ගල් අතුට කිරිවාණ ගල් මත්තෙහි දැවාණ ගල් අතුට දැවාණ ගල්


40 ථුපවංසය


මත්තෙහි ගල්බිම කැරවිය. හැම තැන්හි ම මැටියට නවතින මැටි ගත්හ. ගල් අතළ මත්තෙහි රසදියෙන් අනන ලද ගිවුළු ලාටුයෙන් හනන ලද මැටි පෙළ මත්තෙහි අටඟුල් බොල තඹ පටක් අතුට, ඒ තඹ පට මත්තෙහි තල කතලින් හනන ලද සිරියලින් සතරඟුල් බොල රිදි පටක් අතුට මෙසේ දුටු ගැමුණු මහ රජ සර්වප්රුකාරයෙන් තලව්ව කරවා ඇසළ මස තුදුස්වක් දවස් භික්ෂු සංඝයා වහ්නසේ රැස් කරවා වැඳ එකත්පස්ව සිට මෙසේ දැන්විය.


නුවර බෙර ලැවීම හා සැරසිම[සංස්කරණය]

"ස්වාමීනි, සෙට මැදි පොහෝ දවස් උතුරුසළ නැකතින් මහ දාගබ් මඟුල් උළු බිම ඔබමි. සෙට දාගබ බඳිනා තැන්හි මහා සංඝයා වහන්සේ රැස් වන සේක්ව" යි දන්වා අනුරාධපුර නුවරට වැද නුවර බෙර ලවන්නෝ මේ සැටියේ කියා බෙර ලැවූ ය: "සෙට හැම දෙන ම පෙහෙව ගෙන සුවඳ ම්ල පහන් තෙල් මේ ආදිය හැරගෙන දාගබ බඳිනා තන්හි රැස් වෙත්ව" යි බෙර ලවා, ඉක්බිති විසාඛ ය, සිරිදෙව ය යි යන නම් ඇති අමාත්යායන් දෙදෙනකුට මෙසේ නියෝග කළහ: "තෙපි දෙදෙන ගොස් දාගබ බඳිනා තෙන සරහව" යි කියා යවා, උන් දෙන්න අවුත් හාත්පසින් රිදි පට හා සමාන වැලි අතුරුවා ඒ වැලි මත්තේ හෙළ සිද්දතු ය, සුන්සාල ය, දෑසමන් කැකුළු ය, හීතණ ය, විලඳ ය යි යන මේ පස අතුරුවා කෙහෙල් තොරණ නංවා පූර්ණ ඝට පූර්ණ කලස තබවා ඉඳුනිල් මැණික් වැනි නිල් හුණදඩු අග රත් නිල් සුදු මේ ආදී පඤ්ච වර්ණයෙන් යුක්ත ධජ පතාක බඳවා රන් මල් රිදි මල් සුවඳ වහන අනෙක ප්රණකාර මල් ද බිම අතුරුවා නොයෙක් සැටියේ ඒ දාගබ බදිනා ස්ථානය සැරහූය. ඉක්බිති දුටුගැමුණු මහ රජ සියලු අනුරාධපුර නුවර ද විහාර මාර්ගය ද තව්තිසා දෙව්ලොව සුදර්ශන වීථිය මෙන් සරහා රාත්රි ය පාන්ව ගිය කල නුවර සතර වාසල් දොර පූජාවට එන දනවූ ගම්වැස්සන් ද නුවර වැස්සන් ද දැළිරැවුළු කප්පවා සුනු පැනි ලා පූජාවට ගෑනු පිරිමින් සරහනු පිණිස කරනැවෑමියන් ද, ඉස් සෝධා නහවනු පිණිස තෙල් කසා ද සුවඳ වහන දෑ ද වස්ත්රබභරණ ද, ඔවුන් සරහනු පිණිස කපුවන් ද, නහා හැඳ පැලඳ පූජාවට වදනවුන් අනුභව කරනු පිණිස මියුරු බත් මාළු ද, සකුරු කෙහෙල් උක්දඬු පොල් පුවක් වැල වරකා මී පැන් උක් පැන් කස පැන් ඇටකෙහෙල් පැන් අඹ පැන් දඹ පැන් මේ ආදී වූ අනුභවයට සුදුසු දෑ ද පානය කටයුතු වූ අෂ්ට විධ පාන වර්ගයන් ද, කපුරු ලමඟ තකුල් නාරඟ හිගුරු යන මේ ආදී පස් පලවතින් බුලත් ද සතර වාසල් දොර තබ්බවා ඒ රජ මෙසේ සම්මත කෙළේ ය. "මේ චෛත්යඟ ස්ථානයට පූජාවට වදනා මේ මාගේ ලංකාද්වීප වාසීන් මාගෙන් තැබ වූ සියලු වස්තූන් අනුභව කොට පූජාවට අව මැනවැ" යි සම්මත කෙළේ ය. එවේලෙහි සියලු ජනයෝ තම තමන් රුචි වූ පරිද්දෙන්


ථුපවංසය 41


දැළිරැවුළු කප්පා ඉස් සෝධා නහා බත් මාළු අනුභව කොට සුවඳ කවා තබන ලද සුවඳ පැන්බී වස්ත්රා භරණයෙන් සැරහි. "දාගබ බඳිනා තෙනට යෙත්ව" යි ලියන්නන් විසින් කරන ලද විධාන වූ පරිද්දෙන් සියලු ජනයෝ පූජාවට වදනාහ.


රජු දගබ බඳින තැනට පෙරහරින් යෑම[සංස්කරණය]

ඉක්බිති දුටුගැමුණු රජ්ජුරුවෝ සුවඳ පැන් සොළොස් කළයකින් ඉස් සෝධා නහා රන් සළු හැඳ රන් පට රුවන් සොළු කර්ණකුණ්ඩලාභරණ තාඩංක නාගවඩම් කාදුකාප්පු මුතුපට කට්ටොඩම් බාහුදණ්ඩි මිණි වළලු කයිවළලු ගිගිරිවළලු මණිකයිවඩම් පස්රූ රුවන් වැල රන් සවඩි පාදසංඛලා පාදහරණ පාසලඹ කිංකිණිජාලා මේ ආදි වූ සූසැට ආභරණයෙන් ද, සිද්ධ ඔටුනු මිණි ඔටුනු සිංහ ඔටුනු ව්යාරඝ්රු ඔටුනු රුවන් ඔටුනු යන මේ ආදි වූ සත් ඔටුන්නෙන් රුවන් ඔටුන්නක් පැලඳ දෙදෙව්ලොව දෙවියන්ට අධිපති වූ සක් දෙව්රජහු මෙන් සැරහී, සූරවීර වූ විචිත්රෝ වූ චිත්රළ කර්මාන්තයෙන් යුක්ත දඬු ඇති අසි සන්ති තොමරාදි වූ ආයුධ ගත් හස්ති ශිල්ප අශ්ව ශිල්ප ඛඞ්ග ශිල්ප ධනුශ් ශිල්ප මේ ආදි අෂ්ටාදශ ශිල්පයෙහි දක්ෂ වූ නන්දිමිත්ර්දි යෝධයන් ප්රකධාන කොට ඇති සතලිස් දහසක් පුරුෂයන් විසින් පිරිවරන ලදුව, පෙහෙව, නොයෙක් දහස් ගණන් අමාත්යනයන් විසින් ගන්නා ලද රැකවල් ඇතිව, කනක කටක සර නුපුර තාඩංක පාදාඬ්ගුලි පාදපට පස්රූ පස්පෙරහර එක්වැටි පා මුදු පා සලඹ පා පියුම් නබ පියුම් දෙපට විද්යා ඔරවසුම් රන් සවඩි මණිකයිවඩම් රන් තනපට මුතු පට කට්ටොඩම් පමුති ලිංගම් කාදුකාප්පු රුවන් තෝඩු සිරිකත් කොණ්ඩමාල මේ ආදි ආභරණ පලන් සුජාතා නම් දිව්යාතඬ්ගනාව හා සමාන වූ සොළොස් දහසක් නාටක ස්ත්රී න් පිරිවරා, සක්දෙව් රජහු මෙන් තමන්ගේ ශ්රිමසම්පත්තීන් ඒ දුටුගැමුණු මහ රජ්ජුරුවෝ බොහෝ දෙනා සතුටු කරවමින් ගැට බෙර පණා බෙර එකැස් බෙර මිහිඟු බෙර මද්දල පටහ ලොහො බෙර තලප්පර වීරන්දම් ඉඬිත්ති තම්මැට රණරඟ ඝොෂා සමුද්රව ඝොෂා ඩවුර සක්පඤ්ච යන මෙකී හෙරි ජාතීන් ද, රන් සක් රිදි සක් ජය සක් රුවන් සක් යුවළ සක් දකුණු සක් රන්සින්නම් රිදි සින්නම් රුවන් සින්නම් රන් දාරා රිදි දාරා දළ දාරා දළහං ලෝහං ගවරහං විජයොධ්වනි ඔත්තු තන්තිර පටසිරිවිල මෙ කී කාහල ජාතින් ද, නකුල වීණා භාඬ්ග වීණා ක්ෂුද්රු වීණා ආලවත්ති වඬ්ගී වස්දඬු මේ ආදි නාදයෙන් ද ඒ දුටුගැමුණු මහ රජහු යුගන්ධර පර්වත සමීපයෙහි සාශර නාදයක් මෙන් මහත් වූ යසඃශ්රි න් මහත් වූ පෙරහරින් පස්වරු දාගබ බඳිනා ස්ථානයට නික්මුණාහ. ඉක්බිති දාගබ බඳිනා තැන මඟුල් පිණිස පොදි කොට බඳනා ලද අටෝරා දහසක් පිළි සම්බඩම් තැබූහ. තෙල් මී හකුරු උක් කෙහෙල් වැල වරකා හා අනෙක වර්ගයේ කැවුම් ද රැස් කරවූහ.


42 ථුපවංසය


රැස්වූ මහා සංඝයා වහන්සේ[සංස්කරණය]

එවේලෙහි නොයෙක් රටින් බොහ සඞ්ඝයා වහන්සේ වැඩි සේක. හේ කෙසේ ද යත්: රජගහ නුවර සමීපයෙහි වසන ඉන්දගුත්ත නම් මහ තෙර කෙනකුන් වහන්සේ අසූ දහසක් රහතන් පිරිවරා ආකාශයෙන් වැඩ වදාළ සේක. එසේ ම බරණැස් නුවර ඉසිපතන මහා විහාරයෙහි වැඩ වසන ධර්මසෙන නම් එක් මහ තෙර කෙනකුන් වහන්සේ දොළොස් දහසක් රහතන් වහනසේ පිරිවරා වැඩි සේක.

සැවැත් නුවර බුදුන් වැඩ විසූ ජෙතවන මහා විහාරයෙන් පියදස්සි නම් එක් මහ තෙර කෙනකුන් වහන්සේ සැට දහසක් රහතන් වහන්සේ පිරිවරා වැඩි සේක. විසාලා මහ නුවර සමිපයෙහි මහවන නම් විහාරයෙන් බුද්ධරක්ෂිත නම් මහ තෙර කෙනෙකුන් වහන්සේ අටළොස් දහසක් රහතුන් පිරිවරා වැඩි සේක. කොසඹෑ නුවර ඝොෂිතාරාමයෙන් ධර්මරක්ෂිත නම් මහ තෙර කෙනෙකුන් වහන්සේ තිස් දහසක් රහතුන් පිරිවරා වැඩි සේක. එසේ ම උදේනි නුවර දකුණුගිරි විහාරයෙන් මහා ධර්මරක්ෂිත නම් මහ තෙර කෙනකුන් වහන්සේ සතලිස් දහසක් රහතුන් වහන්සේ පිරිවරා වැඩි සේක. පැළලුප් නුවර අශොකාරාමයෙහි වසන මිත්තිණ්ණ නම් මහ තෙර කෙනකුන් වහන්සෙ එක් ලක්ෂ සැට දහසක් රහතුන් පිරිවරා වැඩි සේක. ගන්ධාර දෙශයෙන් උත්තිණ්ණ නම් එක් මහ තෙර කෙනකුන් වහන්සේ දෙලක්ෂ අසූ දහසක් රහතුන් වහන්සේ පිරිවරා වැඩි සේක. මහා පල්ලව භොග නම් රටින් මහාදෙව නම් එක් මහ තෙර කෙනකුන් වහන්සේ සාර ලක්ෂ සැට දහසක් පමණ රහතුන් වහන්සේ පිරිවරා වැඩි සේක.යොන් රට අලසන්දා නම් නුවරින් යොනක ධර්මරක්ෂිත නම් මහ තෙර කෙනකුන් වහන්සේ තිස් දහසක් රහතුන් වහන්සේ පිරිවරා වැඩි සේක. වින්ධ්යාුටවි වත්තනියෙන් උත්තර නම් එක් තෙර කෙනකුන් වහන්සේ අසු දහසක් රහතුන් වහන්සෙ පිරිවරා වැඩි සේක. මහාබොධිමණ්ඩල විහාරයෙන් චිත්තගුත්ත නම් මහ තෙර කෙනකුන් වහන්සේ තිස් දහසක් රහතුන් වහන්සේ පිරිවරා වැඩි සේක. වනවාසිභොග නම් විහාරයෙන් චන්දගුත්ත නම් මහ තෙර කෙනකුන් වහන්සේ අසූ දහසක් රහතුන් පිරවරා වැඩි සේක. කෙලාස මහා විහාරයෙන් සුරියගුත්ත නම් මහ තෙර කෙනකුන් වහන්සේ සයානූ දහසක් රහතුන් වහන්සේ පිරිවරා වැඩි සේක. ද්විපවාසී වූ බිමින් වැඩි පෘථග්ජන භික්ෂූන් වහන්සේ මෙතෙකැ යි ගණන් නැත. ඒ සමාගම යෙහි රැස් වූ භික්ෂූන් වහන්සේ අතුරෙන් ක්ෂිණාශ්රරව වූ ආකාශයෙන් වැඩි සයානු කෙළක් පමණ රහතන් වහන්සේ ය යි දත යුතු.

මෙසේ රැස් වූ මහාසංඝයා වහන්සේ පබළු වළල්ලක් මෙන් දුටුගැමුණු රජ්ජුරුවන් මැදි කොට ඔවුනොවුන් වහන්සේට ගහට නො වන සැටියේ අතුරෙහි නමකට බිම තබා වැඩ සිටි සේක. එවේලෙහි බුද්ධරක්ෂිත නම්


ථුපවංසය 43


මහ තෙර කෙනකුන් වහන්සේ තමන් වහන්සේගේ නමින් බුද්ධරක්ෂිත නම් ඇති පන්සියයක් රහතුන් හැර ගෙන නැගෙනගිරි දිසාවෙහි වැඩ සිටි සේක. එසේ ම දකුණු දිග, ධර්මරක්ෂිත නම් මහ තෙර කෙනකුන් වහන්සේ ධර්මරක්ෂිත නම් ඇති පන්සියයක් රහතුන් හැර ගෙන දකුණු දිග වැඩ සිටි සේක. සඬ්ඝරක්ෂිත නම් මහ තෙර කෙනකුන් වහන්සේ සඬ්ඝරක්ෂිත නම් ඇති පන්සියයක රහතන් වහන්සේ පිරිවරා ගෙන බස්නාහිරි දිශාවෙහි වැඩ සිටි සේක. ආනන්ද නම් මහ තෙර කෙනකුන් වහන්සේ තමන් වහන්සේගේ නමින් ආනන්ද නම් ඇති පන්සියයක් රහතන් වහන්සේ පිරිවරා උතුරු දිග වැඩ සිටි සේක. පියදස්සි නම් මහ තෙර කෙනකුන් වහන්සේ තමන් වහන්සේගේ නමින් පියදස්සි නම් පන්සියයක් රහතුන් වහන්සේ හැර ගෙන ඊසාන කොණයෙහි වැඩ සිටි සේක. මෙසේ බුද්ධරක්ෂිත ධර්ම රක්ෂිත සංඝරක්ෂිත ආනන්ද යන මෙ කී තෙරවරුන් වහන්සෙ නැඟෙන හිර දකුණු දිග බටහිර උතුරු දිග වැඩ සිටි සේක.

සහ මැදට වදනා වූ දුටුගැමුණු මහ රජ, "මා මේකරන දාගබ කර්මාන්ත අන්තරායක් නැති ව නිෂ්ඨාවට යේ නම් මේ මේ දිග මේ මේ නම් ඇති දෙනා වහන්සේ සිටිනා සේක්ව" යි රජ්ජුරුවෝ සිතු සේක. ඒ සිතු සැටියේ ම විය.

ඉන්දගුත්ත නම් මහ තෙර කෙනකුන් වහන්සේ රජ්ජුරුවන්ගේ අභිය දැන එලෙස ම සිටවූ සේක. නැවත සිද්ධාර්ථ නම් තෙර කෙනකුන් වහන්සේ ය, මඬ්ගල නම් තෙර කෙනකුන් වහන්සේ ය. පදුම නම් තෙර කෙනකුන් වහන්සේ ය, සීවලී නම් තෙර කෙනකුන් වහන්සේ ය, චන්දගුත්ත නම් තෙර කෙනකුන් වහන්සේ ය, සුරියගුත්ත නම් තෙර කෙනකුන් වහන්සේ ය, ඉත්දගුත්ත නම් තෙර කෙනකුන් වහන්සේ ය, සාගර නම් තෙර කෙනකුන් වහන්සේ ය, චිත්ත සෙන නම් තෙර කෙනකුන් වහන්සේ ය, ජයසෙන නම් තෙර කෙනකුන් වහන්සේ ය, අචල නම් තෙර කෙනකුන් වහන්සේ ය යන මෙකී එකොළොස් දෙනා වහන්සේ තම තමන් වහන්සේගේ භික්ෂූන් වහන්සේ පිරි වරන ලදුව පුන් කලස ඉදිරි කොට නැඟෙනහිරට අභිමුඛ ව වැඩි සිටි සේක.

"https://si.wikibooks.org/w/index.php?title=ථූපවංසය_-_i&oldid=5594" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි