ථූපවංසය - iv
38. නටුව වට කොට නැට්ට. වටේට; වසල්ල වහල්ල; තෙසු සෙසු, ඉතිරි; පාත්රාය සුද්ධ කරන කොළ ආහාර වැළඳු පාත්රාය සේදීමෙන් පසුවත් යම්කිසි තෙල්මුසු ගතියක් වැනි අපවිත්ර් කමක් ඇත්නම් එය පිසලා පිරිසිදු කිරීමට ගන්නා කොළ. "පත්ත ධොවන සාඛඤච" යනු පාලි ථූපවංස පාඨයි. මහාවංසයේ පළමුවන පරිච්ඡෙදයෙහි 55 වෙනි ගාථාවෙහිද සමිද්ධි සුමන දිව්යසරාජයා පූර්වභවයෙහිදි මිනිසෙක්ව ඉපිද දන් වළඳන පසේ බුදුන්
ගැටපද විවරණය 19 කීපනමක් දැක උන්හන්සේට පාත්ර් සුද්ධ කිරීම සදහා කොළ සපයා දුන් බවද ඒ පින්කමේ හේතුවෙන් පසු භවයෙහිදි දිව්යිරාජව උපන් බව ද කියැවේ. "පචේචක බුඬෙ භුඤජනෙත-දිස්වා විත්තං පසීදිය පත්තසොධන සාඛානි-තෙසං පාදාසි තෙන සො" 'සාඛානි" යනුවට 'පණ්ණානි" යනු මහාවංසටීකායි. මුද්රිේත ථුපවංස පොත් බෙහොමයකම 'පාත්ර් සුද්ධකරන කොළ' යනු 'පාත්ර් සෝධන කොතල' යී යොදා තිබේ. යුහුව ඉක්මන්ව; පෑ පා, පෙන්වා; පටුන්ගම ගඟක් අද්දර එසේ නැතහොත් මුහුදු බඩ පිහිටියාවු ද එසේ හෙයින්ම වෙළහෙළඳා මෙන් දියුණුවූ ද විශාල ගම හෝ නගරය. උකා ගෙන බේරා ගෙන, එකතුකොට ගෙන. 39. වායව්යව වයඹ, උතුරටත් බස්නාහිරටත් අතර; දියහුණු වතුර වැටුණාවූ කඳුරැලියෙහි උසක සිට වතුර වැටී බීඳී යන පර්වත පසෙක; "කංවුච්චති උදකං, තෙන දාරිතං උදකහිත්තං පබ්බත පදෙසං යං නිතම්බනතිපි නදි නිකුඤ්ඡන්ති පි වදන්ති; තත්ථ හි රජත පට්ට සදිසා වාලිකා හොන්ති, මත්ථංක මණිවිතානං විය වනගහනං, මණික්ඛන්ධසදිසං උදකං සන්දති. එවරෑපං කන්දරං..." යනු කන්දර යනුවෙහි වර්ණනායි. (මනොරථපූරණී; 572, සුමංගල විලාසිනී i 146). දා පෝ සා පමණ ගල් පෝයකට නොහොත් ඇඹරුම් ගලේ අත් ගලකට සමාන වූ ප්රවමාණ ඇති. ථුපවංස සංස්කාරකයන් අතිශයින් නොමඟ ගිය තැනකි මේ. මුද්රිවත ග්රින්ථයන්හි බෙහෙවින්ම ඇත්තේ 'පෝරු සා පමණ' යනුයි. "ලෑලි පමණ" යයි ඊට අර්ථ ද කියා තිබේ. එහෙත් ලෑලි පමණ මැණික් තිබිය හැකි බවක් සිතා ගත නොහැකියි. මෙම මැණික් සම්බන්ධයෙන් පාලි ථූපවංසයෙහිත් මහා වංසයෙහිත් නිසද පොතප්පමාණා'යී සඳහන් වේ. මහාවංස ටීකාවෙහි "දීඝතො විදත්ථිවතුරංගුලා ආවට්ටතො නිසද පොතප්පමාණා" නොහොත් 'දිගින් එක් වියත් සතරඟුල් පමණව ද වටින් දාපෝයක් නොහොත් අත්ගලක් පමණවද. යි කියවේ. පාලි 'නිසද' යනු දාගලයි නොහොත් ඇඹුරුම් ගලයි. 'පොත' යනු 'පැටවා' යි. සිංහලයෙහි එයම 'පොවු' යී සිටී. 'පොවු' යනුවෙන්ම 'පෝ' යී වැඩේ. මෙසේ 'දාපෝ' යනු 'දාගලේ පැටවා' නොහොත් 'කුඩා ගල' යන අර්ථය ගෙන දෙයි. පැරණි වහරෙහි 'දාෂෝ' යනු පැවති බව "නිසදො, දාගල; නිසද පොතකො දාපොය" යන කංඛාවිතරණි පිටපත් (පිට 113-7) පාඨයෙන්ද නිසදපොත යණ්ඨානං දාපෝයකට බඳු සටහන් ඇත්තේ යන විසුද්ධි මාර්ග සන්න පාඨයෙන්ද ඔප්පු වේ. වඩුයෙන් වඩුවන්ගේ මීම්මෙන්, වඩු රියනින්; හස අසල; සම්භාරයන් ගොඩවල්, රාශි; බිම් ගන්නා පිණිස බිම නියම කිරීම සඳහා, බිම සකස් කිරීම සඳහා, "මහා ථූප කරණත්ථාය භූම් පරිකම්මං
20 ථූපවංසය
ආරහි”, යනු පාලි ථුපවංසයි. තලව්ව අත්තිවාරම; ඇත්පවුර ඇත් රූප ඇති උඩ ප්රිකාරය; පාලි 'හත්ථිපාකාර' යනුයි. සද්ධාතිස්ස රජ්ජුරුවන්ද මහ සෑයෙහි හත්ථි පාකාරයෙහි වැඩ කරවූ බව මහා වංසයෙහි 33 වෙනි පර්ච්ඡෙදයෙහි 5 වැනි ගාථාවෙන් පෙනේ. කඹුරු කුළින් කඹුරන්ගේ නොහොත් ලෝකුරුවන්ගේ නොහොත් කම්මල් කාරයන්ගේ කුළුගෙඩියෙන්; සොම් මරුන් හම් වැඩ කරන්නන්; සම්පයි විද ලවා හමින් උර සාදවා ඒවා දම්මවා නවනීත මැටි වෙඬරු වැනිවූ සියුම් මැටි විශෙපයක්; සයංජාත ඉබේ හටගත්; නිරන්තරයෙන් අතරක් නැතිව, නිතරම; කඩුළු ගඩොල්; කුරුඳු පහණ කුරුවින්දක නම් රත් පැහැති ගල් විශේෂයක්; යදැල් කැට යකඩ දැල්; සුවඳ කලල් සුවඳ ඇති මඬ; දෑවාණ ගල් පළිඟු ගල්. 40. ගල් අතළ ගල් තලාව, ඇතිරවූ ගල් තට්ටවු; තඹ පටක් තඹ තහඩුවක්; සිරියලින් හිරියල්වලින්; මඟුල් උළු නැකතට පළමුවෙන්ම තබන මංගල ගඩොල්; ඔබමි තබමි, පිහිටුවමි; පෙහෙව ගෙන පෙහෙවස් සමාදන් වී, පෝයට සිල් සමාදන් වී; නියොග කළහ අණ කළහ; හෙල සිද්දතු සුදු අඛ;කැකුළු මල් පොහොට්ටු; විලඳ පොර; පුර්ණ ඝට දිය පිරුණු කළ; ධජපතාක සතරැස් හා තුන් හුලස් කොඩි; දැළි රැවුළු උඩු රැවුළ හා යටි රැවුළ; කප්පවා කපන්ට සලස්වා, 'කප' කැපීමෙහි ධාතුවට දෙවරක් ප්රුයෝජ්යා වූ නැති කපයි > කපවයි, කප්වයි, කප්පයි > කප්පවයි. මිළඟ පිටෙහි ඇති 'තබ්බවා' යනුත් මෙසේයි. සුනු පැනි යනු ශරීරය සැරහීමට ගනු ලබන සුවඳ වූර්ණ හා ආලෙප විය හැකියි. මුද්රියත පොත්හි 'සුනු පැනි ලා' යනුව වෙනුවට 'උණු පැන් නාවා' යි ඇතත් 'ඉස් සෝධා නහවනු පිණිස' යී අනතුරුවම කියවෙන හෙයිනුත් ඉතා හොඳ පැරණි පුස්කොළ පිටපත් තුනකම 'සුනු පැනි ලා' යි ම තිබෙන හෙයිනුත් අර්ථය හොඳටම පැහැදිලි නොවූවත් ඒ පාඨයම බහා ලීමු. කරනැවෑමියන් හිසකේ රැවුළු කපන්නන්; කසා කහ. නාන විට ඇඟෙහි ගෑමට ගත් කහ පාට මැටි විශේෂයක්ද යනුත් විමසිය යුතුයි. බුත්සරණයේ එන (326) වෙස් සන්තුර ජාතක කථාවෙහිදී මද්රි දේවිය ඵලාඵල සොයා ගෙන වතයෙන් විත් දරුවන් අමතා "තොප නහන්නට වලින් කසා ගෙණාමි" යි කියයි. මෙහි 'කසා" යනුවට පාලි ජාතක අටුවා පෙළෙහි ඇත්තේ 'සුවණ්ණ භාලිද්ධිං' යනුයි. "සුවණ්ණ බාලිද්දින්ති පුත්තකා අහං තුම්හාකං නහා පනත්ථාය සුවන්ණ වණ්ණං භලිද්දිං ඝංසිත්වා ආදාය ආගතා" යනු අටුවායි. සුවඳ වහන සුවඳ හමන්නාවූ; වස්ත්රා භරණ ඇඳුම් හා පැලඳුම්; කපුවන් ඇදුම් පැලඳුම් කරවා සරහන්නන්; 'කප්පක' යනු පාලියි. කසපැන් කුරුම්බා වතුර; ලමඟ කරාබු නැටි, කුරුඳු යයිද සමහර විට අර්ථ කියත්. කකුල් සුවඳ ද්ර්ව්යබයක්; ලියකස්තුරු, කපුකිනිස්ස' යනු භෛෂජ්යා දර්පණයි. නාරඟ නාරං, පාලඟ, පාලඟා, යනුදු පාඨයි. හිඟුරු ඉඟුරු; යන මේ ආදී පස්පල වතින් 'පස්පලවත්' යනු බුලත්විට සමගම කන සුවඳ ද්රසව්යර පසකි. පස කිම් ගැටපද විවරණය 21 දැයි මෙතැනම සඳහන් කරනලදි. සද්ධර්මරත්නාකරයෙහි (400 වෙනි පිටෙහි) ඇත්තේත් 'කපුරු තකුල් නාරඟ ලමහ ඉගුරු' කියායි. එහෙත් 'සාදිද්කා, තකුල්, එන්සාල්, අරළු, පුවක්, යයි යොගරත්නාකරයෙහි සඳහන් කොට තිබේ. 41. සොළොස් දහසය; සූසැට ආභරණයන් පැලඳුම් වර්ග හැට හතරකින්; පෙහෙව පෙහෙවස් සමාදන්වී, අටසිල් ගෙන; පලන් පැලඳි; හෙරිජතීන් බෙරවර්ග; කාහල හොරණෑ, අභක හැඩහුරු කම ඇති පිඹිනා තුර්ය්යභාණ්ඩයක්. 'කාහල" නාමයෙන් විශාල බෙර විශේෂයක් ද වෙයි. වස්දඬු උණලි බටලී ආදියෙන් කළ නළා; යශ:ශ්රීවන් යසින් හා සිරියෙන් නොහොත් අලංකාරයෙන්; පස්වරු සවස; අටෝරා දහසක් අටකින් වැඩි දහසක්, එක්දහස් අටක්. 42-43. අටළොස් දහඅට; ගඟට ගැවීම, අපහසුව, හිරුහැරය, පීඩාව; නිෂ්ඨාවට නිමාවට, කෙළවරට; පැදකුණු කොට පිදියයුතු වස්තුව දෙසට දකුණු පස හරවා ගරුකිරීමක් වශයෙන් ඒ වටා තුන්වරක් ගොස්; රන් කිල යෙහී රත්රන් කූඤ්ඤයෙහි, රත්රන් කණුවෙහි; බහාලනලද සම්බන්ධ කරන ලද, ගැට ගැසූ, සවිකළ; සිසාරා ඇවිදිනා රියන් දණ්ඩ (දාගැබේ වටය ලකුණු කිරිම සඳහා) වටේට කරකැවෙමින් ගෙන යන රියනක් පමණ දඬු කැබෙල්ල; කුලජ උසස් වූ පිරිසුදු වූ කුලයෙහි උපන්: අභිමංගල සම්මත ශුභයයි පිළි ගන්නා ලද. 44. නොනිමෙන තෙක්ම අවසන් වීමට පෙර; පරිහරණය පාවිච්චිය, පවත්වා ගැනීම, රැකගැනීම, නඩත්තු කිරිම; හඳවා අන්දවා; ගන්ධමාලාදීන් සුවඳ මල් ආදියෙන්; සිසාරා කරකැවී; ඝට කළ; රන් උළු රනින් සෑදු ගඩොල්; හුළක් ගඩොල් කැටයක්. උළු යනුත් හුළු යනුත් එකමැයි. අද මෙන් නොව, පැරණි ව්යවහාරයෙහි 'උළු' යනුවෙන් ගෙයක් ඉදිකිරීමට ගන්නා ගඩොලුත් ගැනේ. ගඩොල් නොහොත් ගඩොළු නොහොත් ගඩුළු යනුවෙහිද 'උළු' ශබ්දය ගැබ වී ඇත්තේයි. 45. හනා වදාළ සේක ඇනූහ; යොග ලද (ග්රමහයන්ගේ) යෙදීම ලත්; මඟුල් විධාන මඟුල් උළු නොහොත් මුල්ගල් තැබිමේ උත්සවය පිළිබඳ කටයුතු; සිවූවනක් පර්ෂදට භික්ෂු, භික්ෂුණි, උපාසක, උපාසිකා යන සිවුවැදෑරුම්; (=සතර ආකාර) පිරිසට, යෙළ දහසක් එක්දාස් පන්සියයක්. 'හෙළ' යනු එකහමාරකි. දහසක් නයින් හෙබියාවූ ක්රාම දහසකින් අලංකාර වූ; දහසක් නය ධර්ම ප්රලදීපිකාවෙන් (ශ්රී ධර්මාරාම, 1915, පිටු 233-234) බලා දන්නේයි. තුදුස් දහහතර; මෙහෙණින්නෝ භික්ෂුණිහු; 'මහණ' ශබ්දයාගේ ස්ත්රී ලිංගික රූපය 'මෙහෙණ' යනුයි. 'සමණිඝර' වාචි 'මෙහෙණවර' යනුවෙහි මෙනි. 'මෙහෙණ' ශබ්දයෙහි ස්ත්රී. මුහුණුවරක් නොමැති කමින් 22 ථූපවංසය එය ස්ත්රීලිංගික වුවද 'බල්ලා' යනුවෙහි ස්ත්රී.ලිංගික රූපයවූ 'බැල්ල' යනු 'බැල්ලි' වෙන්නාක් මෙන්ද" 'බළලා' යනුවෙහි ස්ත්රී ලිංගික රූපයවූ 'බැළල' යනු 'බැළලි' වෙන්නාක් මෙන්ද, නැවතත් 'ඊ' යන ස්ත්රී ප්රත්යයක් යොදා 'මෙහෙණි' යි සිද්ධයි. 'මෙහෙණි' ශබ්දයට හෝ 'මෙහෙණ' ශබ්දයටම ගෞරවාර්ථයෙහි 'ඉණි' ප්ර්ත්යය වැටුණු විට 'මෙහෙණිණි' වෙයි. ඊට ප්රථමා විභක්ති බහු වචනයෙහි - ඕ ප්රත්යයය යෙදු විට මෙහෙණිණියෝ නොහොත් මෙහෙණින්නෝ යි ලැබේ. බැඳ නිමා ද බැඳ නිමවේ ද නොහොත් කෙළවර වේද; සිවු පසයෙන් සිවුරු, පිණ්ඩපාත, සෙනසුන් හෙවත් ආවාස, ගිලන්පස යන ප්ර්ත්යපය සතරින්; නොඉවසා එකඟ නොවී, නොපිළිගෙන. 46. පිරිහෙළා අඩුකොට; පා පාත්රව; උළු වඩුවන් ගඩොල් වලින් වැඩ කරන්නන්, පෙදරේරුවන්; බෙරවාසගම් අණබෙර ගැස්වීමෙන් කරන ලද ප්ර්කාශ; පොහාසත්මි සමර්ථයෙමි; දිට දුටුවේය; පස් යාළෙක පස් නොහොත් මැටි කරත්තයක පමණ; අළඟ යන්ට හැරියේය. ගෞරවාර්ථයෙහි බහු වචනයි. 'අර' ඇරී මෙහි ධාතුයි. දෑමුණක් අමුණු දෙකක්; උපායවත් අපාය දන්නා, නුවණ ඇති; වන ලා වංගෙඩියෙහි දමා; දාගල ඇඹරුම් ගලෙහි; ඇඟ ආවේශව ඇඟට වැහි; දෑවාණ වටක් පළිඟු ගුළියක් හෙවත් ගෝලයක්. 47. ස්වර්ණාභරණයක් රත්රන් ආභරණයක්; මිරිවැඩි සඟළක් පාවහන් දෙකක්, සෙරෙප්පු ජෝඩුවක්; පාන්ව එළි වී; උළුපොඩි ගඩොල් කැබලි, ගල් කෑලි; අන්තර්ධාන කරන්නාහ නොපෙනී යන්ට සලස්වත්; පර්ෂදට පිරිසට; අවුලුපත් කැවිල් වර්ග; සදෘශ සමාන, වඤචා කොට රටවා; අඥෝනා කම් දුක්මුසු කම්, බැගෑපත් කම්. 48. ගෙන හැර ඇරගෙන අවුත්; ආගන්තුක අමුත්තෙක් වන, සං. පා. ආගන්තුක > අවුතු අමුතු. නෙවාසික ස්ථිර වශයෙන් පදිංචි වී සිටින; මාලු මහලු, නාකි; බලතකු ආරක්ෂකයකු, මුරකාරයකු, මුලාදෑනියකු, මෙහෙකරුවකු; 'බලත්ථ' යනු පාලියි. ඔබගේ උන්වහන්සේගේ; මලසුන් මල් පූජා කරන ආසනය; සෝධා සෝදා පිරිසිදු කොට; සුවදින් පිරිබඩ ගෙන සුවඳ තවරා නොහොත් ගා සුවඳ ආලෙප කොට; මැටි පිඬ නොඅගනේය මැටි පිඬ තරම් වටින්නේ නැත; කුලුපග කුලයට නිතර එළඹෙන, විශ්වාස, මිත්රල. 49. බොල ඝනකම ඇත; පලහ පුලුස්සා; පාත්රදපයියේ පාත්රලය දමන උරයෙහි නොහොත් පසුම්බියෙහි; සොම්නසට සන්තෝෂයට, ප්රී;තියට; එක්ව ගතිමි එක්වුණෙමි, සහභාගි වීම්, පංගු කාරයෙක් වීමි; එක්වැනි එක සමාන; මෛත්රී හෙයින් මිත්‍ර නොහොත් විශ්වාස හෙයින්; පිළිසඳර කථා කොට සුවදුක් ආදී තොරතුරු අසා; අසෝ අසවල්, වහන්සහළක් පාවහන් දෙකක්, සෙරෙප්පු ජෝඩුවක්; තෙල් කුලාවක් තෙල් දමන භාජනයක්. පාලි ගැටපද විවරණය 23 ථූපවංසයෙහි ද, මහාවංසයෙහි ද ඇත්තේ සුගන්ධ තෙල නාළිං" කිසායි. 'සුවඳ තෙල් නැළියක' යනු සිංහල මහාවංසයි. පත්කුඩයක් තල්පත් ආදි කොළවලින් සෑදු කුඩයක්; ශ්රවමණ පරිෂ්කාර මහණ වූ අයට උවමනා පිරිකර. 50. ඵාසු පහසු; මැඩ මිරිකා, අතුල්ලා, පිළි සඟළ වස්ත්ර් දෙක; සරණ හිඳුවන භාය්යාකුඩයවක් පාවා දෙන; විවාහ ජීවිතයට ඇතුල් කරවන. සැරයටිය හැරමිටිය; මඟ නික්ම වදාළසේක ගමන් ආරම්භ කළහ; දොම්නස්ව සිත අසන්තොෂ වී, කනගාටු වී; තුන් සිවුරු අඳනය, තනිපට සිවුර, දෙපට සිවුර යන සිවුරු තුන; අස්වසා සනසා; සමුගෙන අවසර ගෙන; පෙරළා ආ පසු; බැලමෙහ කුලී වැඩ. 51. සන්තක අයිති; බුදුසස්නෙහි බුද්ධ ශාසනයෙහි, බුදුවරයන්ගේ ඉගැන්වීමෙහි; පහන් ප්රෙසන්න වූ, පැහැදුණු; මහා ඵල මහානිසංස මහත් වූ විශාල වූ ප්ර්තිඵල හා යහපත් විපාක ගෙන දෙනසුලු; සත්පුරුෂයන් වශයෙන් තිබෙන පේසාව; ගලාපූසේක ගිල්වූසේක, ගිල්ලූහ; සර්වාභරණයෙන් සියලු ආභරණයන්ගෙන්. 52. තීර්ථකයන් විසින් වන උපද්රුව මිථ්යාස දෘෂ්ටික වූ අන්යය ලබ්ධිකයන් කරණකොටගෙන හටගන්නා උවදුරු: උතුරුකුරු දිවයිනට මහමෙරින් උතුරු දෙසෙහි පිහිටි එනම් දුපතට. විසාණා යනු එහි අගනුවරයි. වෛශ්ර්වණයා එම රාජධානියට අධිපතියා යි. උතුරු කුරු දිවයින නොයෙක් වස්තුවෙන් පිරි සමෘද්ධි සම්පන්නව පවත්නේය යනු පිළිගැන්මයි. පිධාන පියන; වැලි මළුවේ පවුර වැලි සහිත මළුවෙහි තාප්පය; ධාතු ගර්භ මධ්යෙයෙහි ධාතු නිදහන් කරන ගර්භය මැද; සිත්කලු සිත්ගන්නාසුලු, ශොභන; ඉන්ද්රෙ නීල මාණික්යුමය ඉඳුනිල් මැණික් වලින් තැනු: සිරිවස විෂ්ණු දිව්යා රාජයාගේ හෝ ශ්රී කෘෂ්ණයන්ගේ පපුවෙහි පිහිටා තිබෙන මංගල සම්මතවූ සුදු පැහැයෙන් යුත් ලකුණක්; බුදුරජුන්ගේ ශ්රී පාද පත්ලෙහි පිහිටි 216 ක් මඟුල් ලකුණු අතරෙහිද "ස්වස්තික දෙකය, සිරිවස දෙකය, නදවට දෙකය, සෝවැති දෙකය" යනාදි වශයෙන් සිරිවසත් මඟුල් ලකුණෙහි සඳහන් වේ. ගුරුළු ගෝමීන්ගේ ධර්මප්රකදිපිකාවෙහි ද "හෙට්ඨාපාදතලෙසු වක්කානි ජාතානි" යන පාඨයාගේ වර්ණයෙහි (5 වෙනි පිට) බුදුන්ගේ සිරි පතුලෙහි පිහිටි චක්රීය වටා ඇති මංගල ලක්ෂණ අතුරෙහි "ස්වස්තිකයැ ශ්රීඨවත්සයැ නන්ද්යාළ වර්තයැ සෞවස්තිකැය" යනාදි වශයෙන් ශ්රී්වත්සයත් සඳහන් වේ. මෙසේ සිරිවස හෝ ශ්රීසවත්ස යනු මංගල ලක්ෂණයක් බැව් පැහැදිලියි. ශ්රී වත්ස ශබ්දයට සංස්කෘතයෙහි නොදක්නා 'උඩැක්කිය" යන අර්ථයක්ද සිංහල යෙහිදි සිරිවස යනුවට ආරොපණයවී තිබෙන බැව් "රන් සිරිවස නිහාය සිහිනිඟාය' යන ගුත්තිල පාඨයෙන් (395 වෙනි කව) පෙනේ. මෙම ශබ්දය
24 ථූපවංසය පිළිබඳව මුනිදාස කුමාරණතුංග මහතුන් විසින් කරනලද විස්තරයක් සැල ලිහිණි විවරණයේ 55 වෙනි කව යට එයි. කඳු ශාඛාව මහ කඳින් බෙදී ගිය අත්ත; බෝපත් බෝ කොළ; පඬෙර වන් පත් පඩු පැහැය ඇති නොහොත් ඉදි ගිය කොළ; "පණ්ඩුපත්තානි හෙමමයානි" යනු පාලි ථුපවංසයි. "හෙමමය පණ්ඩුපත්තඵලො" යනු මහාවංසයි. 'පඩෙරවන්' යනුවට 'සුදු වී ගිය නොහොත් සුදු පැහැති' යී ද අර්ථ කිව හැකියි. 53. රන් මිණි පඞ්ක්තියක් රත්රනින් සෑදු කුඩා මිණිගෙඩි පෙළක්; රන් දම් රත්රන් දම්වැල් නොහොත් මාලා; එලෙන්නේය එල්ලෙන්නේය; සතර මුතු කදක් මුතු (වැල්) ගොඩවල් නොහොත් මිටි සතරක්; "මුත්තාදාමකලාපකො" යනු මහාවංස පාඨයි. නකත් තරු නකත් සත් විස්ස හා තාරකා; පස්වනක් පැහැයෙන් නිල් කහ රතු සුදු මඳටවන් (නොහොත් මාඤේජ ) යන පාට පස් වර්ගයකින්; අටෝරා දහසක් එකදාස් අටක්; පිල්කඩක් වේදිකාවක්; ඇඹුල පක් නෙල්ලි ගෙඩි; විසි නිය නියපොතු විස්ස; ජාතිස්ඵටික මාණික්යවයෙන් අතිශයින් පිරිසිදු වූ පළිඟු වෙන්; රත්තැන් රතු වූ තැන්; මුදුන් කෙස් මුදුනෙහි නොහොත් හිසෙහි කෙස්; කෘෂ්ණ මණ්ඩල කළු රවුම්, කළු ඉංගිරියා; උෳර්ණ රොම ධාතුව මහා පුරුෂ ලක්ෂණයක් වශයෙන් බුදු රජුන්ගේ නළලෙහි දෙබැම මැද දකුණට කරකැවී පිහිටි සුදු පැහැති ලොම් ගහ; සක හක් ගෙඩිය; පඤ්චසිඛ දිව්යිපුත්රියා ශිඛා නොහොත් කෙස් වැටි පසක් කොට හිසකේ බැඳ ඇති හෙයින් පංචහිඛ නම් වූ ද ශක්රපදෙවේන්ද්රමයාගේ ප්ර්ධාන ගායකයා වූ ද දිව්යැපුත්රඛයා; බෙළුව පණ්ඩු නම් වීණාව ශක්රෙයා විසින් පඤ්චශිඛයාට දෙන ලද ඉදුණු බෙලිගෙඩියක පැහැය ඇති එනම් වීනාව; ස්තුති ඝොෂාවෙන් ගුණ වර්ණනා කරන හඬින්, ප්ර්ශංසා ගීතයන්ගෙන්; වන්දිභට්ටයකු සේ ස්තුති වචන කියන්නකු නොහොත් ප්ර්ශංසා ගීත ගයන්නකු සේ, ස්තුති පාඨකයකු මෙන්; ත්රීගශුල උල් තුනක් ඇති ආයුධයක්; මුද්ගරාදි මුගුරු ආදි; දහසක් කුඹින් ඇතුන්ගේ කුම්භස්ථල දහසකින්; සැරහුණු සැර සුණාවූ; දසබිම්බරක් මරසෙනඟ බිම්බර දහයක් පමණ නොහොත් විශාල සංඛ්යාවක් මාරසේනාව; භයංකාර භය ගන්වන නොහොත් භය උපදවන දේ; බොධිපය්ය්යාවඞ්කය බුදු වන පිණිස පලඟ බෑඳ හුන් ආසනය; අනික් තුන්දිග යි කීයේ ඊට කලින් (මේ පිටුවෙහි ම) නැඟෙනහිර දිශාව සඳහන් කළ හෙයිනි. මිට අනතුරුවත් ඒ බැව් ඔප්පු වේ. මුද්රිවත ථූපවංස රාශියකම මෙම පාඨය වරදවා 'අනික් තුන් දිගින් නැඟෙනහිරි දිසාවෙහි' යි ගෙන තිබේ. එවිට නැඟෙනහිර දිසාව දෙවරක් ගැනේ. 54. දළමිටු ඇත්දතින් කරන ලද මිට; ව්යථජනපත්රත විජිනිපත්, වටාපත්, අවාන්; බොධීන් වහන්සේට ඉස්දොර බොධියට ඉසලා, බොධිය පැත්තට
ගැටපද විවරණය 25 හිස තබා; කායබල දසයක් දස කුලෙහි ඇතුන්ගෙන් ඉතා ශක්තිමත් වූ ඡද්දන්ත කුලයෙහි ඇතුන් දසදෙනෙකුට සමාන ශක්තිය නොහොත් බලය; ඤාණබල දසයක් දසතැනක කම්පා නොවන්නාවූ නුවණ බල දහසක්. ඒ පිළිබඳ විස්තර ගුරුළුගෝමීන්ගේ ධර්මප්රිදිපිකාවෙන් (පිටු 32-36) බලාගත හැකියි. දෑස ඇස් දෙක; විමසූ පරීක්ෂා කළ, නුවණින් මෙනෙහි කළාවූ; භොගාවලියෙහි දරණ වැලෙහි; මීපිඬු මීයෙහි පිඬු නොහොත් මීයෙන් හැනූ පිඬු; සතරවරම් රජදරුවන් චාතුර්මහාරාජික වාසි වූ ධෘතරාෂ්ට්රඳ, විරූඪ, වීරූපාක්ෂ, වෛශ්රපවණ යන දිව්යථ රාජයන් සතරදෙන, ඔවුන් ගාන්ධර්ව, කුම්භාණ්ඩ, නාග, යක්ෂයයි විශාල සේනාවන් සතරකට අධිපතිව සිව් දිගට අරග්ගෙන සිටිතැයි ද, බුදුරජුන් මවුකුස පිළි සිදුණු තැන් පටන් උන් වහන්සේට ආරක්ෂා සලසමින් සිටියෝයයි ද, දිව්යි සභාවෙහි සිට එහි ප්රනවෘත්ති සියල්ල සටහන් කරතැයි ද, පෝය දිනයන්හි මිනිස් ලොවට ඇවිත් එහි කෙරෙන පව් පින් ආදිය බලාකියා තාවතිංස දිව්යු භවනයට ගොස් දිව්ය් සභාවට වාර්තා කරතැයි ද කියත්. එළවූ හැරගෙනැවිත් පිළිකැන්වූ; ධම්සක් පැවැත්වූ නියාව පළමුවන ධර්මදේශනාව වූ දම්සක් පැවතුම් සූත්ර්ය දෙසීමෙන් ධර්ම නමැති චක්රුය ගමන් කිරීමට ආරම්භ කරවූ ආකාරය; භද්ර් වර්ගයෙහි රූපසම්පත්තිය ආදියෙන් භද්රයයි නොහොත් යහපත් යයි සම්මත ව සිටි තිස්දෙනෙකුගේ සමූහයෙහි; තුන්බෑජටිලයන් ජටා හෙවත් එකට බැඳුණු හිසකේ ඇති හෙයින් ජටිල නම් ලත් සහෝදරයන් තුන්දෙනා; දෑගසව්වන් සැරියුත් මුගලන් යන අග්රශ්රාලවක දෙනම; නිත්ය පරිවාර නිරම පිරිවර කොට ඉන්නාවූ; රුවන් සක්මන්හි රුවනින් නිමි සක්මන් මළුවෙහි; පොකුරු වැසි තෙමෙනු කැමතියන් පමණක් තෙමා නොතෙමෙනු කැමතියන් නොතෙමා තදින් වසින මඟුල් වැස; වට වැසපු; යමක ප්රාතතිභාර්ය්ය ශරීරයෙන් ගිනිකඳ හා දියකඳ ආදි වශයෙන් එකිනෙකට ප්රුතිපක්ෂ වූ වස්තුන් දෙක එකවර පිට කරවමින් කළ විසිතුරු පෙළහර නොහොත් පුදුම ක්රිතයාව; හසුන්හි ආසනයෙහි; වීජම අභිධර්මය; දෙවොරොහණ දෙව්ලොවින් බැසිම; දමනය හික්මවීම, සංවර කිරීම. 55. හුදු ශුද්ධ, කලවමක් නැත: ආයුසංස්කාරය ජීවිතය තව දුරටත් ගෙන යාමේ ශක්තිය; හළ අත්හැරපු, 'හර' ධාතුවේ අතිත කෘන්තයි; සූකර මද්දවය එනම් භතු විශේෂයකින් පිළියෙල කළ භොජනය. ඌරු මස් ව්යමඤ්ජනයකැයි ද සමහරු කියත්. පහන් පැන පැහැදුණු ජලය; නැඟි නොසිටිනා සෙය්යාරවෙන් වැඩ හෙව නැවත නැඟිටීමේ බලාපොරොත්තුවක් නැති සැතපීමෙන් සැතපි; පුරාංගනාවන් පුර ස්ත්රීටන්, අනත: පුරයන්හි ස්ත්රීින්: හඬා වගුළ හඬමින් කඳුළු වැගුරූ නොහොත් බිම පෙරළුණු; ගණදෙවු සමූහයට ප්රමධානවූ; සොහොන් හස කළ 16 වෙනි පිටේ එන 26 ථූපවංසය 'සොහොන් අස් කරවා' යනුවෙහි විස්තරය බලනු. චතුමධුර මී ගිතෙල් වෙඬරු සකුරු යන මධුර වස්තු සතර; සප්නයෙක් සිහිනයක්, හීනයක්; බුදුන් වන දෙසට බුදුන්ගෙන් වෙන් බවට පත් දිශාවට, බුදුන් පිරිනිවන් පෑ නොහොත් නැතිව ගිය දිශාවට. 'වන' යනු පැරණි පොත පතෙහි දක්නා 'විනා' වාචි නොහොත් 'වෙන්ව, වෙන්වූ' යන අර්ථය ගෙන දෙන ශබ්දයෙකි. "වන දොස් නැත් බිය තමා" යි සියබස්ලකරෙහි (188) එයි. "තපවරියං, තවසිරිම-වන බුදුනුපාහි වෙදොක්ත විධින් තවුසන් රක්නා සිල් ඈ තපවරිය නම්' යන ධමපියා අටුවා ගැටපද පාඨයෙහි (60-19,20) 'වන බුදුනුපාහි" යනු 'බුදුවරයෙකුගෙන් වෙන්වූ අබුද්ධොත්පාදකාලයෙහි යනුයි. 'විනාහාවො අඤ්ඤථත්තං" යනාදි පාඨයෙහි 'විනාහාවො' යනු 'වන බැව්' යී පැරණ සන්නයන්හි දක්නට ලැබේ. විරහයට පත් ස්ත්රී'න් පුරුෂයන්ටත් විශේෂයෙන්ම විරහිනින්ටත්, 'වනත්" යී කියනු ලබන්නේ ඔවුන් සිය වල්ලභයන්ගෙන් වෙන්වීමට පැමිණ සිටින හෙයිනි. පැන් සලා දිය ඉස. 56. වියරු හුණුවක්හු පිස්සු වැටුණු තැනැත්තෙකුගේ; ළය ගෙන පපුව බදාගෙන; අභිමාන පුරස්සරව ආඩම්බර පෙරටුකොට ඇතියන්ව; අරාගි වූ අද්වෙෂි වූ අමොහි වූ රාග ද්වේෂ (නොහොත් ක්රෝ ධ) මොහ යන මොවුන් ගෙන් මිදුණාවූ; ලෙහෙ ලේ; පන්සාළිස් හතළිස් පහක්; කලහය දබරය, කෝලාහය; ද්රො;ණගර්ජිත නම් ගර්ජනාවක් පිරිවානා කල්හි කෝලාහලයක් පැවති තැන හෙයින් ද්රොජණ නම් බමුණු ආචාරි ගර්ජනා කරන්නාක් මෙන් මහක් හඬින් දේශනාවක් කරන කල්හි; පිරිවානා, පිරිවන, පිරුවන (පාඩම් ආදිය මෙන්) කියන; බණවරින් ධර්මයෙහි එක්තරා ප්රරමාණයකින්; අකුරු අටක් එක පාදයෙකි. පාද සතරක් එක ගාථාවකි. ගාථාවක්ම ග්ර්න්ථයකැ යි ද කියනු ලැබේ. ග්රනන්ථ දෙසිය පනහක් එක බණවරෙකි. 'අට්ඨක්ඛරා එක පාදො-එකා ගාථා චතුප්පදා ගාථාවෙකො මතො ගන්ථො-ගන්ථො ඛත්තිංස අක්ඛරො ඛත්තිංසක්ඛර ගන්ථොනං-පඤ්ඤාස දිසතං පන භාණවාරො මතො එකො-අට්ඨක්ඛරස හස්සකො" 57. ඇලි ඇතු සුදු ඇතා; සත්තසතක මහා දානය දන් දුන් සියලු දෙයින්ම සත් පියය බැගින් දුන් මහා දානය; අඹා දිවූ, හඹා දිවූ පසුපස්සෙන් දිවගෙන ආ; නියොගයෙන් මෙහෙයිමෙන්, අණ පරිදි; පලාපල ඵලාඵල, කුදු මහත් ඵල, කුඩා වූද ලොකු වුද ගෙඩි වර්ග නොහොත් පලතුරු, පැසුණු නොපැසුණු ඵල වර්ග යයිද අර්ථ කියත්, "ඵලාඵල-ඵල නම් ක්ෂූද්රය ඵලයි, අඵල නම් මහා ඵල-තල් ආදි" (ජාතක අටුවා ගැටපදය 130-27, 28). "ඵලාඵලං කුදු මහත් ඵල, විලිකුන් නොවිලිකුන් ගැටපද විවරණය 27 එවු" (එහිම-බිළාල කොසිය ජාතකය, අමුද්රි2ත): ඇවිටි ගෙන ආශා උපදවා. 'ඇවිටි' ශබ්දය යෙදුණු තැන් කිහිපයක් පාඨාන්තර සමඟ දී ඇත; දුනුපට දුන්නෙහි දණ්ඩ; අනාථ අසරණ, පිහිටක් නැති; සළු පෙරළා ඇඳුම් මාරු කොට; වල් කප්පවා කැළැ කපා දම්මවා. 'කප්පවා' යනු 'කප' කැපීමෙහි ධාතුවට දෙවරක් ප්රථයෝජ්යන කොට ගත් පූර්ව ක්රිපයාවෙකි; රන් ඉද්ද රන් ඉදිකටුව හෝ කපු කටින ඉද්ද; හැමද අතු ගා; ගහටින් කරදරයෙන්; කීන බල්ලන් නපුරු බල්ලන්; සිසාරා ගත් වට කර ගත්; වන් වැදුණු, ඇතුල් වූ. 58. අස්වසා සනසා; පාන්ව එළිය වැටී. එළිවී; වත් පිළිවෙත් සැලකිය යුත්තන් හෝ පිදිය යුතු වස්තූන් කෙරෙහි ඉටුවිය යුතු වූ ලොකු කුඩා යුතුකම්, ඔවුන්ට කළයුතු වූ සංග්රනහ සැලකිලි; පළමුව කරනු ලබනුයේ වත් ය, නැවත නැවත කරනු ලබන්නේ පිළිවෙත් ය යනුදු 'වත් පිළිවෙත්' යනුවෙහි පැරණි අර්ථ කීමෙකි (ධම:අ:ගැ: 14-1, 58-26). දේටිල්ල කෙක්ක; දෙහෙටිල්ල, දෙහෙතිල්ල යි ද ව්යවහාරයි. කණිනා හාරන; යහුල යකඩ උල; පැස කූඩය, පෙට්ටිය; යැද යාංඤා කොට; උරණ වූ කෝප වූ; ස්තුති කොට ප්රුශංසා කොට; දෙබින්නන් සාහෝදර සහෝදරියන් දෙදෙන; වටිනා වටිනා; පැකිල හුණු අවකාශයෙහි පය හැපි වැටුණු විට; මං හවුරා මඟ ආවරණය කොට, පාර හරස් කොට නොහොත් එන්ට ඉඩ නොතබා; යන්නාවූ යන්නාහු; රුප්පා (රුක්+ පා) ගස් මුල්; හැළලුණාවූ ඇළලී ගිය, කැලඹුණු; ගලසෙල ගල්වල හා පර්වතයන්හි, කඳු මුදුන්හි හා බෑවුම්වල, කඳු පල්ලම්වල. 'සෙල්' යනු 'ගල් කන්දය, පර්වතය' යන අර්ථයෙහි ද 'බෑවුමය, ප්රලපාතය' යන අර්ථයෙහි ද වැටේ. "සිලං පවිජ්ඣිත්වා,... මහත් සෙලක් විහිජ" (ධම්:අ:ගැ: 53-29): "එකතො පපාතං, එක් දිසායෙකින් සෙල් වූ (ජා: අ: ගැ: 150-22); "පපාත පසේස, ගල්සෙල් සමීපයෙහි (එහිම 150-24); ඇකයෙහි ඔඩොක්කුවෙහි; මුතුන් මුත්තා. 59. උදක ධාරා දෙකක් ජල ධාරා දෙකක්; ජටාවෙහි තවුසාණන්ගේ එකට බැඳුණු ඉසකේ වැටියෙහි; පතුල් සුං දෙක කුඩා පතුල් නොහොත් පතුල් පොඩි දෙක; පය්ය් ඳුඞ්ක බැඳ අරමිණිය ගොතා; සතර මහා නිධානය බොධිසත්වයන් වහන්සේ සිද්ධාර්ථකුමාරව උපන් දා තමන්ගෙ පිනින් පහළ වූ මහා නිධාන සතර, උචිත සුදුසු, ගැළපෙන; මෘතරූප මළ තැනැත්තෙකුගේ රූපය; දේව දූතයන් දෙවියන්ගේ පණිවිඩකාරයන්; වැලකී ඉදිරියට යාමෙන් වැලකුණු නොහොත් ආපසු හැරුණු; මඟුල් සල වට මංගල ගල් පුවරුවෙහි, රජුගේ උයනෙහි වාඩි වීමට තබා තුබූ ගල් ලෑල්ල පිට. 'මහිපෘෂ්ඨ' යනු 'මිහි වට' වන්නාක් මෙන් 'ශිලා පෘෂ්ඨ' යනු 'සල වට' වෙයි. නළුවන්ගේ විප්රිකාරය
28 ථූපවංසය නටන ස්ත්රී න් (නිදා සිටියදී ඔවුන්ගේ) විවිධ ආකාර නොහොත් විකාර; මහභිනික්මන් ගෙහිගෙන් අස් වී යාම නමැති උසස් ගමන; පර්වතච්ඡායාවෙහි පර්වතයේ සෙවණැල්ලෙහි; උඩු ගං ගඟේ උඩු අතට, පහළ සිට ඉහළට; එළවන ලද දුන්, පිළිගැන්වූ; සලා වගුළ සොලවා වැගිරවූ නොහොත් විසිරුවාවූ: තුදුස් රිය්න දහ හතර රියන්; වජ්රාපසනයට වජ්රරමය වූ නොහොත් දියමන්තියෙන් නිමියාක් මෙන් නොබිඳිය හැකි වූ ආසනයට. 60. කටාර ගල් ලෙණක් ඇතුළට ගල දිගේ වතුර බේරීම වැලැක්වීමට ලෙණ උඩින් වටේට කොටන ඉර; දෙ තිස් දිව්ය් පුත්රවයන් තව්තිසා දෙව්ලොව වසන ප්රමධාන දිව්ය් පුත්රියන් තිස්තුන් දෙනාගෙන් ශක්රියා හැර ඉතිරි තිස් දෙදෙන; ලිය වැට පහන් පහන් වැල්. 'සුවණ්ණ දණ්ඩ දිපක' යනු පාලි ථුපවංසයි. වස්දඬු උණ ලී ආදියෙන් කළ නළා; තන්තිරි යනු හොරණැ විශේෂයකි; ආලවත්ති යනුදු තූය්ය්ආදි භාණ්ඩයෙකි. කැටපත් කණ්නාඩි; මල්ල පොර බදන; පිළි හිස සිසාරන ප්රීයතිය ප්රිකාශ කිරීම් වශයෙන් වස්ත්ර් හිස වටේ කරකවන; ධම්සක් ධර්ම චක්රී; දුහුල් සියල්ලෙහි ඇවිළෙන දුල් රෙදිවලින් තැනූ වැටියෙහි පත්තු වෙන, "දුකුලවට්ටියං පජ්ජලිත" යනු පාලි ථුපවංස පාඨයි. දෑවාණමය පළිඟුවෙන් කළ; සතර ඇගෑයක් පහන්කණු සතරක්; වල්විදුනා සෙමෙර වල්ගයෙන් කළ විජිනි, චාමර; විදුලිය කරවීය තානාපැහැයෙන් දිලිසෙන ස්ත්රි න්ගේ ආකාරයෙන් කරනලද මල්කම් කරවුය. "විජ්ජුලතාති මෙඝලතා නාම විජ්ජූ කුමාරියො" යනු මහාවංස ටිකායි.(xxx 96) කඬුපුල්මල් නාලොවෙහි තිබෙන මල් විශේෂයක්; අවශේෂ ඉතිරි. 61-62. නොඅදහද්දෝහෝයි විශ්වාස නොකරද්දෝ කියා; පිරිහුණු දෑ අඩුවුණු දේ, මග ඇරුණු දේ; වැලිකොන්ද වැලිපවුර, වැලිමළුව; පටකඩින් පටරෙද්දෙස්; ජවනිකා තිර; භාණ්ඩාරයට වදනා අය හරවා භාණ්ඩාගාරයට එන අයබදු අත්හැර; තුන්මාල් පියවසාවෙහි පටන් මහල් නොහොත් තට්ටු තුනක් ඇති පේසාවෙහි පටන්, පාපිළිකඩෙහි නොහොත් පාද වේදිකාවෙහි පටන්; නටුයෙන් නටුව ගාවා නැට්ටෙන් නැට්ට ගෑවෙන පරිදි ඉතා ළං කොට; දියදැදුරු දී පැන් ඉස; හනවා අනවා; සුනුවම් සුනුකර්මාන්ත; හුනු ගෑම; ගැල්යක් සා කරත්තරෝද පමණ; සිරියල් හිරියල්; සල පතර මළුවෙහි ගල් පුවරු අතුරා කළ මළුවෙහි; ගොප්මස ගැලෙන පමණ බත්කෙණ්ඩය යටවෙන තරම්; අංගණයෙහි මළුවෙහි, මිදුලෙහි; ගඳකලල් සුවඳ මඩ; ජාල පැදුරු දැල් වැනි සිදුරු සහිතවූ සිතියම් කළ පැදුරු; නැසිනි අස්වා සොරොවූ වස්වා ජලය පිට වෙන තැන් වසාදම්මවා: තුලාභාර වස්තු බරට බර දෙන වස්තු කරාදියේ එක පැත්තකට තමා නැඟි අනික් පැත්තට දෙනුලබන වස්තු දමා තමාගේ බරට වස්තු කිරා දීම තුලාභාරදාන නම්. අධිකරණයෙහි විනිශ්චය ශාලාවෙහි, නඩු අසන තැන; නපුරු කොට
ගැටපද විවරණය 29 බණනලද යුත්තියක් වැරදි ලෙස කළ විනිශ්චයක්, අයුතු ලෙස දුන් නඩුතීන්දුවක්; මැදහත්ව මධ්යිස්ථව; පිරිව පිරිවා කිය කියා. 63-67. දාකුස පානා පිණිස දාගැබෙහි ඇතුළ පෙන්වනු පිණිස; එක දෙශමාත්ර්යක් එක කොටසක්; පන්තින් පේළි හෝ පෙළට; දස භාගයෙන් භාගයක් දහයෙන් පංගුවෙන් පංගුවක්; සතරැස් සම වූ හතර පැත්තම එක ගණනට ඇත, සම සතරැස්; සමචතුරශ්රත හරි හතරැස්; එයිත් එයද, ඒකත්; ධවලච්ඡත්ර ය සුදුකුඩය; ඇති විසින් ඇති බව කරණකොටගෙන, ඇති හෙයින්; ෂඩහිඥා පාරප්රා ප්ත අභිඥායයි කියනු ලබන උසස් නුවණ සයෙහි පරතෙරට පැමිණි; ක්ෂිණාශ්රුව ගෙවා පියනලද ආශ්රිව ඇති, නසන ලද කෙලෙස් ඇති, රහත් වූ; ද්රොශණයක් ලාස්සතරක්; සයානූ කෙළක් අනුභය කෝටියක්; අගුළුවා පියා ගොඩට ගන්වා; සරූප ප්රවෘත්ති, තොරතුරු; විභවානුරුපයෙන් වන්පො හොසත්කම්වල හැටියට, හැකි පමණ හොඳින්; එකුන්සියයක් එකක් අඩු සියයක්, අනුනවයක්; පස්වනක් මලින් මල් පස්වර්ගයකින් නොහොත් පස්පැහැයක මලින්; එලෙන්නාවූ එල්ලෙන්නාවූ; ශර්කරා හකුරු: පස්වනක් පියුමේන් පියුම් පස් වර්ගයෙන්. ඕලු ද නිලු පු ලා රත් පියුමු ද විපු ලා හෙල නෙළුඹු ද දු ලා වියූ පස්පියුමූය උපු ලා ලද පස් මල් ලාජ නොහොත් විලඳ පස්වැන්න කොට ඇති මල් පස්වගය; සමන් කැකැළු, ඊතණ, සුදු අබ, සුන්සාල් හා විලඳ; පිළී තොරණ වස්ත්ර්වලින් කරන ලද තොරන්; මල් ඇගෑ මලින් සරසනලද අලංකාර කනු; ඇඹුලමල් සුදු නෙළුම්. 68-70. සිරියොධයන් රජුගෙන් ලත් සම්මානයක් වශයෙන් එසේ නැතහොත් උසස් තත්වයක ලකුණක් වශයෙන් 'සිරි' යයි කියනු ලබන කෙටි කඩුවක් නොහොත් හෙල්ලක් පැලඳ සිටි යෝධයන්. "ජුරිකාය, සිරියෙන්' යනු ජානක අටුවා ගැටපදයි (223-15). "රන්සිරි බන් අගම්පඩි සෙනඟ හා එසේම ජයවිරිදු ලා සිටින... නැවැණි මහසෙනඟ හා" යන නිකාය සංග්රඳහ පාඨයද බැලුව මනායි. 77 වෙනි පිටෙහිද දුටුගැමුණු රජු සමග ධාතු පූජාවට ගිය අය අතර "සොළොස් දහසක් බිසෝවරුද රාජ රාජ මහා අමාත්යා යෝද නන්දිමිත්රාසදී දශමහා යෝධයෝද එකොළොස් දහස් එක්සියයක් පමණ සිරයෝධයෝද" යී සිරියෝධයෝ නැවත සඳහන් වෙත්; කුරුන් කුදුන් කුරු නොහොත් මිටි මිනිසුන් හා කුදු ගැහැනු අය. අන්ත:පුරයෙහි නියුක්ත සේවකයන් විය යුතුයි. හෙරිශබ්දයෙන් බෙර හඬින්; නිම්වළල්ලෙහි පට්ටමෙහි; අශ්වයන්ගේ හේෂාරවයෙන් අසුන කෑ ගැසිමෙන්; බලත්හඩෙහි බලතුන්ගෙ හඬෙකි. බලත්තු නම් රජුගේ සේවයෙහි 30 ථූපවංසය නියුක්ත නිලධාරි විශේෂයකි. රජුගේ පණිවුඩ ගෙනයන්නෝය, ආරක්ෂකයෝය යි ද කියත්. අභිඥාපාදක කොට ඇති චතුර්ථධ්යායනයට සමවැද පස්වෙනි ධ්යා නය යි ද කියනුලබන්නා වූ අභිඥවන්ට පාදය නොහොත් පදනම වශයෙන් පවත්නා සතරවෙනි ධ්යා නයට සමවැදි; දියකාවකු දියෙහි කිමිදිය හැකි කපුටු විශේෂයක් (පන්සියපනස් ජාතකය 1 372); 'උදක කාක' යනු පාලියි. මඬනා මඬින, මිරිකන; ඍධ්යා නුභාව ඍද්ධිබල; සිංහලයෙහි දක්නා 'ආනුභාව' යන්න හැර පාලි සංස්කෘත 'අනුභාව' ශබ්දහ ගතහොත් මෙය 'ඍධ්යා'නුභාව' විය යුතුයි. අත්සන් අතින් කරන සංඥාව: මයිලා මාමා; ගැලපියා ගිලදමා; විෂධුමයෙන් ද වහ්නින් ද පිඹින ලද විෂ සහිත වායුවෙන් (නොහොත් දුමින්) ද ගින්නෙන් ද; සුපර්ණයෝ ගුරුළෝ; පෑයේය පෙන්විය; පෑ පෙන්වා; සඳකඩ පහණ අඩ සඳක ආකාර ඇති ගලෙහි; එකානූසියයක් අනූනවයක් යනු අර්ථයි. නොහඟනේය නොඅගනේය. නොවටින්නේය; යුක්ත සුදුසු. 71-73. ආමිසය සිවුරු ආදි ප්රගත්යආය, ලාභප්රදයෝජන සැලකිලි ආදිය; ධර්මාභියොගයක් ලොකොත්තර ධර්මය අවබෝධ කරගැනීමක් නොහොත් ප්රමත්ය ක්ෂ කිරීමක්; නොලස්කොට නොපමාව, ඉක්මනින්; සුක්ෂම සියුම්; මකුළුහුයක් මකුළුදැලක නූලක්; කළුවන් පෑ කළුපාට; මෙහෙවර වැඬවණිවුඩ; ළය වහල්කොට ගෙන පපුවෙහි අත තබා, පපුව බදාගෙන; විරුවන්නවුන් මෙන් උණුකර නොහෙත් දියකර අරින්නවුන් මෙන්, තුනි කරන්නවුන් මෙන්; විෂඝොර විසින් දරුණු වූ විෂ සහිත හෙයින්; හලාහල තද විෂක්; කර්පූරසලාක කපුරුකුරු නොහොත් කපුරුවැටි. කපුරු ඇසට සැපදායකය යනු පිළිගැන්මයි. සලාකාව යනු කූරකි නොහොත් පින්සලයකි. මහවත් මහාමාර්ගය; හළ කල ඇරිය විට, දැමූ කළ; අසූ අතක් අසූ රියනක්; සළා වැටුමෙක්හි දියසුළියක; ගඳකිළි ගන්ධකුටිය, බුදුන් වැඩවිසූ ගෙය. වන්දිභට්ටයකු සේ ස්තුති පාඨකයකු නොහොත් ගුණ ගායනා කරන්නකු මෙන්; හිමිකම් බිණීමෙහි අයිතිවාසිකම් කිමෙහි; අනුග්ර්හ අනුකම්පා; හැරගෙන හීමෙන් ඇරගෙන ඊම කරණකොටගෙන. 'හිමෙන්' යනුවෙහි හකාරය 2 වෙනි පිටේ 'හස්නේ' යනුවෙහි මෙනි; සිඟිත්තකුත් ස්වල්පයකුත්; නිරවශේෂයෙන් කිසිත් ඉතිරි නොකොට, මුළුමනින්ම; මුනිදරුවන් බුද්ධපුත්ර්යන්; ඊපිට එය මතුපිට; රත්නපය්ය්ට තඞ්කයෙහි රුවන් අසුනෙහි; තල්වැට විජිනිපත්, පවාන්; කඩුවැට පහන් පන්දම්, විලක්කු; සත්තතක් විණාවෙහි නූල් හතක්; කූට්ටමකට කට්ටියකට, සමූහයකට. 74. අනන්තාපරිමාණ කෙළවරක් හෝ සිමාවක් නොහොත් ප්රිමාණයක් නැත; චුද්දස බුද්ධඥනයන් දහහතර වැදෑරුම් බුදු නුවණ; සබඳිනි මිත්ර්යෙනි; සමන්තභද්රර හාත් පසින්ම නොහොත් සර්වප්‍රකාරයෙන්ම යහපත්වූ
ගැටපද විවරණය 31 ශාක්යයසිංහ ශාක්යනවංශයට සිංහයකු මෙන් ශ්රෙෙෂ්ඨවූ; පරදු:ඛදු:ඛිත අනුන්ගේ දුකින් දුකට පැමිණි; සද්ධර්මගඞ්ගාප්ර්වාහ සද්ධර්ම නමැති ගඞ්ගාප්ර වාහයක් නොහොත් නොනවත්වා ගලාබසින ජලපහරක් ඇත; හෘදයානන්දකර හෘදයට නොහොත් සිතට සන්තොෂ ගෙන දෙන්නාවූ; අශරණ ශරණ සරණක් නොහොත් පිහිටක් නැත්තවුන්ට පිහිටවූ; ශරණගත වජ්රධපඤ්ජර සරණ සොයා ගියවුන්ට දියමන්ති කූඩුවක් (මෙන් ආරක්ෂා සලසන්නාවූ); ත්රිභුවන වන්ද්යාභිමානවන්ද්ය තුන්ලෝ වාසින් විසින්ම වැන්ද යුතු හා අභිමානයෙන් නොහොත් ආඩම්බරයෙන් වැඳිය යුතු වූ; දෙවාතිදෙව දෙවියන්ට උසස් දෙවියෙකු වූ; වීරිදු කියා ගෞරවාන්වි නාම සඳහන් කොට, ස්තුති පාඨ කියා; ජයකාහල ජය හා ප්රී තිය ප්රිකාශ කරන්නාවූ හොරණැ; ඉපිල වැනි ගියේය මතු වී නොහොත් උඩට ඇවිත් පැතිරි ගියේය. උගුළුවනු පිණිස එනමුත් සහමුලින් විනාශකිරිමට එන්නේ වී නමුත්; ලෝකුඩයක් ලෝහමය කුඹයක්; පඤ්ච නිකායික දිඝ මජ්ක්ධිම සංයුක්ත අංගුත්තර ඛුද්දක යන සූත්රු පිටකයට අයත් නිකාය පස සිත්හි දරන්නාවූ; පසඟ පිහිටුවා දෙදන, දෙවැළමිටි හිස යන අංග පස බිම තබා; දෑස් දල්වා ඇස් දෙක ඇර. 75. රන්පුඬු සේසතින් රනින්කළ පුඬුවක් හෙවත් දණ්ඩක් ඇති සුදු කුඩයෙන් දුටුගැමුණු රජුගේ මෙම රන්පුඩුසේසතම් රන්දඬු ඇති ධවලච්ඡත්රච යැයි 77 වෙනි පිටෙහි කියැවේ තවද "ඡත්ත දණ්ඩො, කුඩපුඬුව ද" යනු කංඛා විතරණි පිටපති (110-29). ස්වර්ණ භිඞ්කාරයෙන් රන් කෙණ්ඩියෙන් චතුපාරිසුද්ධිසීල ප්රාතතිමොක්ෂ සංවර ශීලය, ඉන්දිය සංවර ශිලය, ආජීව පාරිශුද්ධි ශීලය, ප්රනත්යවය සන්නිශ්රිරත ශිලය යන පිරිසිදු සිල් සතර; ද්වාවීසති ඉන්ද්රිධය ඉන්ද්රිටයයන් විසි දෙදෙන; ගොනැස් පරාල, කුඩනන; දශබල ඤාණබල දහය; පත්පෙළ පත්රරපඞ්ක්තිය, මෙයින් කුඩය වටේට එල්ලන ලද පත්රප කැබලි මාලාව හෙවත් පෙළ, එසේ නැතහොත් කුඩනන දෙකෙන් දෙකට ඒ අතරෙහි යොදනලද පත්රු කැබලි ගැනේ. "බලමාලං" යනු පාලි ථූපවංසයි. පත් සෙවෙනි පත්රියන්ගෙන් කළ වහලය කොළ වලින් කළ වැස්ම; විමුක්ති මිදිම, මොක්ෂය; සද්ධර්ම නමැති රත්න චක්රබය සක්විති රජෙකුගේ චක්ර.රත්නය මෙන් මුළු සක්වළෙහිම ආඥා පවත්වමින් පැවතියාවූ රුවනින් කළාක් මෙන් ශ්රෙරෂ්ඨ වූ සද්ධර්ම නමැති චක්රනය; එකනනූසියක් යොදුන් යොදුන් අනුනවයක්. 70 වෙනි පිටෙහි මෙයම 'එකුන් සියයක් යොදුන්' යි එයි. පාලි පාඨය 'එකුන යොජන සතිකං' යනුයි. 'එකක් අඩු' (අසවල් ගණන) යයි කිමට පාලියෙහිදි 'එකුන, එකෙනූන, ඌන යයි සංඛ්යා'වට පූර්වව යොදනු ලැබේ. මෙසේ එකක් අඩු පන්සියය නොහොත් 499 යනු එකූන පඤ්ච සතානි, හෝ ඌණපඤ්ච සතානි' යී සිටි. සිංහලයෙහි ද එය ම 'එකුන් පන්සියය, එකිනුනු පන්සියය,
32 ථූපවංසය හෝ උනු පන්සියය' යි සිටිය හැකිය. මෙහි එන 'එකුනනු' යනු ද එකිනුනු >එකුනුනු>එකුනනු වුසේයි. 76. සත්තලක් තලසතක්, තල නොහොත් 'තාල' යනු අතේ ඇඟිලි විදහාපු විට මාපටඟිල්ලේ පටන් මැදඟිල්ල දක්වා ඇති දිගයි. මාපටඟිල්ලේ සිට සුලඟිල්ලේ කොණ දක්වා දිගට වියතය කියන්නාක් මෙනි. පාලි අඟි ධානප්පදිපිකාව (267) බලනු. මුවවිට මෝවිට, ගැටට; ටැම් කණු; බුදු බඳ බුද්ධ ශරීරය; අශිතිඅනුඛ්යවඤ්ජනයෙන් දෙතිසක් මහාපුරුෂ ලක්ෂයන්ට දෙවැනිව පිහිටියාවූ අවශේෂ හෙවත් කඩු වු ලක්ෂණ අසුවෙන්; බ්යායමප්රසභා බුදුන්ගේ ශරිරය වටේට බඹයක් දුර පැතිර පවත්නා ආලොකය; කෙතුමාලා ලංකාරයෙන් බුදුන්ගේ සිරසින් නික්මෙන රශ්මිමාලාව නැමැති අලංකාරයෙන්; නිල නිල්; පීත කහ: ලොහිත ලේ පාට; අවදාත සුදු; මාඤ්ජිෂ්ඨ ලා රතුපාට; ප්රසභාස්වර ඉතා පැහැය ඇති, දීප්තිමත්; මන් මානය, ආඩම්බරය; සෙදගැමි සකෘදාගාමි; අනගැමි අනාගාමි; තොලබෝ විතෙක සුළං පිරාපී කලක් මෙන් තොලබෝ ගසේ බඩයෙහි තිබෙන සිහින් කොපුවක හුළං පිරෑ විට මෙන්. විත යනු මෙහි බොක්කක් වැනි දෙයකි. විශුද්ධි මාර්ගයෙහි ස්ඵරණ ප්රීැතිය වර්ණනා කරනවිට "ඵරණ පීතියාපන උප්පන්නාය සකල සරිරං ධමිත්වා පූරිත වත්ථි විය... අනුපරිප්ඵුටං හොති" හෙවත් ස්ඵරණ ප්රීයතිය උපන් විට මුළු ශරීරයම හුළං පුම්බා පිරවූ විතක් මෙන් හාත්පසින්ම පිරී සිටි' යී කියවේ: පෙරහා සුවඳ කවනලද පැනින් පෙරා සුවඳ කළ දියෙන්; සිවුදෑ ගඳින් කොකුම්, යොන්පුප්, තුවරලා, තුරුක් තෙල් යන සුවඳ ජාති හතරෙන්; ඒ හතර වෙනස් ලෙසිනුත් කියවේ. "කාලානුසාරි තගරං කප්පුරං හරිචන්දනං" නොහොත් 'කළු අගිල්, තුවරලා, කපුරු, රන්වන් සඳුන්' ය යනු ජාතක අටුවා ගැට පදයි, (35-11). 77-78. යමහල සල්රුක් දෙකට මධ්යපයෙහි යමකශාලනම් වූ සල්ගස් දෙක අතරෙහි 'යමහල' ශබ්දයෙහි 'ශාල' යනු ගැබවී ඇතත් එය ප්රුකට ලෙස නොදන්නා හෙයින් 'මහමාවත,' කුළාරගේ, පෙහෙරකරු' යනාදි ශබ්ද මෙන් නැවතත් 'සල්' යී එකතුකර තිබේ. නාරාවයෙන් නාරා සනයෙන්, යකඩ අලෙන්; සප්තකුල පර්වතයෝද කුලගිරි නම් ලත් පර්වත සත; අකාල මෙඝ නොකල්හි හටගන්නා වැසි වලාකුල්; ජිවමාන ජීවත්ව සිටින; චිත්තප්රඳසාදයෙහි සිතපහදා ගැන්මෙහි; ආයාසයක් වෙහෙසක්, හිරි හැරයක්; සමාධිව සිත එකඟ කොට ගෙන, සන්තොෂව; නොමලාව යි මැලවී නොයේවයි. 79-80. බුබ්බුලාකාරය බුබුලක් වැනි හරිය; සිවුරැස් කොටුව හර්මිකායයිද කියන හතරැස් කොටුව; කැරැල්ල කොත්කැරැල්ල; මරණාන්ත මරණයෙන් අවසන් වන; ඉස භයා හිස ළඟට ඇද හෙවත් ගෙන; ලාමක ගැටපද විවරණය 33 පහත්, සුළු; දෙව නංවා සෝදවා උඩට උස්සවා; 'දෙව්' යනුවෙහි මෙම අර්ථය 3 වෙනි පෙළෙහි එන 'පළමු සුදු කරවූ පිළියෙන්' යනුවෙනුත් පැහැදිලි වේ; සන්නාලින් රෙදි මහන්නන්; කුළුපත්තන් බටපොතු වේවැල් ආදියෙන් වැඩකරන්නන්; සැර බඳවා කොත් කැරැල්ලේ ආකාරයට උණ දඬු ආදිය තබා හැර ගස්වා: පිළීකස්සෙහි රෙදිවලින් කරන ලද උරයක් වැනි වැස්මෙහි; ඇතළමනා ඇතිරිය යුත; මුළු මුළු වගෙන රැස්වී. 81-82. හුදකලාව තනිව;අකුරු කැට පහණ කුඩා ගල් කැට හා ලොකු ගල්; පන්දුවට පන්දු ගහන බෝල; අත්බඹරක් අතින් කරකවන බමරයක්; ඊ ඊ පැහැර ඒ ඒ දෙයෙහි හෙවත් එක එකෙහි ගසා: අසංඛ්යාකයුෂ්ක අවුරුදු අසංඛ්යයයක් ආයුෂ ඇති; ස්වයම්භුඥානයෙන් තමන්ම අවබෝධ කරගත් නුවණින්; ගුණවිශේෂයන් විශේෂවූ ගුණයන්: පතිතව වැටි: පිටිවහල් උපකාර: සිව් තැන්හි අවස්ථා සතරෙහි; පාන් පියලි පාන් වැට; තෙල් උපුල්වා ගිතෙල් උල්පවා,බොහෝ ගිතෙල් දමා, ගිතෙල් ගා පාඨාන්තර සමග දි තිබෙන විස්තර බැලුව මනායි. බදනා ලද බැදපු. පුළුබබදනා මහදැල් කැවුම්, ආස්මි; මැදහත්ව පසිඳිනා පැත්තක් නොගෙන හෙවත් මධ්යෙස්ථව විනිශ්චය කරන; ධර්මාධිකරණ විනශ්චය ශාලා, උසාවි; ප්රුසව දරුවන් වැඳීම: මිනිනඹුවන්ට 'පසූතිකා පරිකම්ම, මිනිනඹු මෙහෙ" යනු ජාතක අටුවා ගැටපදයි. (අමුද්රිනත-අම්බ ජාතකය). ගෝනි ඇද බර හෙවත් තවලම් ඇද; 'ගෝනි' යනු බඩු පටවන උරයකි. වැකූ ගෑ, තැවරු. 83. තණසාලේ පැසිබත් මුලක් ඇඹුල් යයිද කියනු ලබන ව්ය්ඤ්ජන විශේෂය සහිත වූ තණසාලේ බත්මුලක්. "කඞ්ගු අම්බිල පිණ්ඩකො" යනු පාලි මහාවංසයි (xxxii 32). එය විස්තර කරන මහාවංස ටීකාකාරයෝ ද “කඞ්ගුතණ්ඩුලං ගහෙත්වා අම්බිල යාගුං පවාපෙත්වා” හෙවත් ‘තණසාල් ගෙන ඇඹුල් කැඳ පිසවා’යි කියත්. සිංහල මහාවංසයෙහි එනුයේ “ඇඹුල් සහිත තණසාලේ පිණ්ඩ (පාතය)” කියායි. උපේක්ෂාවක් නොකොට මධ්යතස්ථ බවක් නොහොත් නොසැලකිල්ලක් නොදක්වා සෑම පිටපත්හිම උපේක්ෂාවක්’ යි ඇතත් ‘අපේක්ෂාවක්’ යි ගතහොත් මෙතැනට වඩා ගැළපේ. මහාවංසයෙහි ඇත්තේත් ‘අත්තානං අනපෙක්ඛීය’ හෙවත් තමා ගැන බලාපොරොත්තුවක් නොහොත් සැලකිල්ලක් නොමැතිව’ යනුයි. (xxxii 32) අපෙක්ෂාවක් බලාපොරොත්තුවක්; තමා නොබලා නොපසු බැස තමා ගැන කල්පනා නොකොට සිතත් අධෛය්ය්ා කොට නොගෙන හෙවත් පසුබට නොවී. 84. දෙය්යත ධර්මය දියයුතු වස්තුව: පඨවි චාලක පොළව සොලවා පියන තරම් ශක්ති ඇති; උපකාරී උපකාර ඇති; පොහෝ කරන පෝය කරන්නාවූ; සක් පඤ්ච යනු 'හක්ගෙඩි සහ පඤ්චතූය්ය්්ත භාණ්ඩ හෝ 'පංච නම් 34 ථූපවංසය අන්කිසි තූය්ය්'පක භාණ්ඩයක්' විය හැකිය. දළදා සිරිතෙහිද (පිට 56) දළදා ගෙයි ධුරට විස්තර කරන විට 'සක්පඤ්ච' සඳහන් වේ. කල්යා ණවති බිසවුන් විසින් කරවන ලද සෙල්ලිපියක ද "නටන්නන් ගී කියන්නන් බෙර ගසන්නන් සකුන් (දු)රයන් ප(ංච)යන් පාදෙණියේ පැන් නගන ගැණුන් දමාලෙ බැලූ මඟුල් මිඬියන් මාලාකාරින්... ප්රකසාදයෙන් රනින් සතුටු කරන රුවන්වැලි මළුවේදි මැ ථූපවංස අසා'යි කියවේ. (ලඞ්කා ශිලා ලිපි: iv 250 නො පිරිහෙළා අඩුවක් නොකොට, අතපසු නොකොට. 85. පිරුවමින් කියමින්; වැලකු බව නැවැත්වූ බව; නන් දොඩන්න; විකාර බස් කියන්නාහ; නොබන භය නොවන, 'බා' ධාතුවෙන් සිද් වර්තමාන කෘදන්තයි; එලුණේය. එල්බුණේය. එල්ලුණේය; රථ ඉස්ව බෝල්ලී මෙන් රථයෙහි ඉදිරියට ඇති දඬුවල, රථධුරයන්හි: පාඨ 'රථහිස්වල යීද වියහැකියි. එහෙත් අර්ථය මෙය මැයි. සමහරු සන්න කිය පරිදි 'රියමුදුන්වල' යී ගත නොහැකිය. "රථිසාසු" යනු මහාවංස පාඨ 86. ඔපපාතිකව එකවරටම ඉපදි නොහොත් පහළ වී: සුනු මෙහෙවර හුනු කර්මාන්ත, කපරාරු වැඩ: වමත් සවු වම් පසෙහි සිටින ප්රෙධාන ශ්රාාවකයා: නැඳි වූ නැන්දා වූ: අග්රි උපස්ථායක ඇප උපස්ථාන කරන්නාගෙන් පළමුවැනියා; අග්රත උපස්ථායිකා උපස්ථාන කරන ස්ත්රීඇන්ගේ පළමුවැනියා; නිරුපධිශේෂ නිර්වාණ ධාතුවෙන් පිරි නිවන් පෑ භවය හෙතු වූ උපධි සඞඛ්යා ත ක්ලෙශයන් මුළුමනින්ම අභාව යට යාම නමැති නිර්වාණයට පැමිණිමෙන් පිරිනිවන් පා. තවත් ලෙසකින් මෙය විස්තර කරතහොත්:-ක්ලෙශොපධිය ස්කන්ධොපධිය යි උපධීහු දෙවැදෑරුම් වෙත්. ක්ලෙශොපධි නම් රාගාදි ක්ලෙශයෝයි. ස්කන්ධොපධි නම් රූපාදි ස්කන්ධයෝයි. ආය්ය්ියම පුද්ගලයන් මාර්ග ඥානයෙන් ප්රැත්යරක්ෂ කරන නිර්වාණ ධාතුව සොපධිශෙෂ නිර්වාණයයි. රහතුන්ගේ මරණින් පසු ලැබෙන නිවණ නිරුපදිශේෂ නිර්වාණයයි. වැඩි විස්තර ධර්මප්ර්දිපිකා වෙන් (පිට 236) බලා දන්නේයි.