Jump to content

දහම් සොඬ කව-විවරණය i

Wikibooks වෙතින්

දහම්සොඬ කව් වැනුම මුනි සරණ නමදිම්

(මේ වර්ණදනාව පදාර්ථඇ භාවාර්ථි විස්තර වන අංග තුනෙන් යුක්ත වේ. එහෙත් හැම කවෙහිම පදානුපදික (පදයක් පාසා) අර්ථව නො කියැ වේ. තේරුම් ගැනීමට පහසු ඇතැම් කව්හි අන්වය (පදසම්බන්ධය) දක්වා දුර්බොධ පදයනට පමණක් අර්ථ පවසම්හ. පදානුපදික අර්ථව දැක්වෙන කව්හි අන්වය වෙන ම නො දැක්වෙයි. ඒ අන්වයාර්ථම බැවිනි.

පදාර්ථඅ: සවුදෙවු සැව් වොරඳ - ශ්රාථවක නමැති ඉන්ද්ර චාපයෙන් විරාජිත වූ, තිත්මුවරද - තීර්ථ්ක නමැති මකරන්දය, පසුන් කළ - ප්‍රච්ඡින්නකළා වූ, කෙළෙස් රද - ක්ලේශ නමැති රජය, මැඬහල - මර්දනය කොට හැරියා වූ, සුගත් ගනරද - සුගත නමැති මෙඝ රාජයා, අදරින් - ආදරයෙන්, වඳිම් නමස්කාර කරම්.

භාවාර්ථකය:- ශ්රා්වක සමූහයා නමැති දෙව්දුන්නෙන් බබළන්නා වූ තීර්ථොක නමැති මල් පැණි හෝ මල් රේණු වැනසු ක්ලේශ නමැති දූලි මර්දනය කර හැරියාවූ බුදු රජාණන් වහන්සේ නමැති මෙඝරාජයා හෙවත් මෙඝරාජ රූපණීය වූ බුදුරජාණන් මහත් භක්තියෙන් වඳිම්.

විස්තර:- “මම සුගත් ගනරද වඳිම්” යනු ක්රි යා කාරක පද සම්බන්ධයි. ‘වඳිම්’ යනු වඳ (වැඳුම්හි) යන ධාතුවෙන් සිදු වර්තයමාන උත්තම පුරුෂ. එකවචනාඛ්‍යාත පදයි. එයින් ‘මම’ යන අධ්යනහෘත පදය උක්ත (කතර්‍ෘයි.) ‘සුගත් ගනරද’ යනු අනුක්ත කර්මව යි. වොරඳ - කළ - හළ යනු විශෙෂණ යි; අදරින් යනු කරණ විබත් පදයි. ක්රිරයා විශෙෂණයි. දෙවියන්ගේ සැව්ව - දෙව් සැව්ව, සව්වෝ ම දෙව් සැව්ව-සව්දෙව් සැව්ව එයින් වොරැඳි - සව් දෙවු සැව් වොරැඳි විභක්ති විශෙෂණ සමාස ගර්භ විභක්ති




30 දහම්සොඬ කව

සමාසයි. ‘වොරැඳි’ යනු ‘වොරඳ’ (බැබළුනි) දයින් සිදු කෘදන්ත පදයි. එය මෙහි ‘වොරඳ’ යි සිටියේ ඇ, ඉ ලොපයෙනි. පසුන් - ‘ප’ පූවර්‍ ‘සිඳ’ (සිඳීමෙහි) ධාතුවෙන් සිද්ධ යි; කම්විබති, කළ ‘කර’ (කිරියෙහි) ‍දයින් සිඬයි. තිත් ම මුවරද තිත්මුවරද, (වි.ස.) කම්විබති. මැඬු ‘මඬ, (මැඩිමෙහි) ‍දයින් සිදු පෙර කිරිය පදයි. හළ - ‘හර, (හැරුම්හි) දයින් සිදු කෘදන්තයි, දෙකට ම කර්මනය ‘කෙලෙස් රද’ යන්නය. කෙලෙස් ම රද -, (වි. ස) සුගත්ම ගනරද-සුගත්ගනරද, (වි.ස)

මේ කවෙන් බුදුන් වහන්සේ මේඝරාජයාට සම කරන ලදි. ‘මෙඝය’ වැසිවලාව යි. පෙළ සකු දෙබසින් ‘ඝණ’ යි කියනු ලැබේ. ලෝකයාගේ තැවීම් හරින්නා යනු අර්ථටයි. බුදුහු කවර හෙයින් මෙඝය වැනි වෙත් ද? මෙඝය දේදුන්නෙන් බබලයි. මල්පැණි හෝ බබලති, තීර්ථවකයන් වනසති, කෙලෙසුන් මර්දනය කර හරිති. දෙව් දුන්නෙන් බැබලීම ආදිය මෙඝයේ ස්වභාවික ගුණයි. එසේ ම ශ්රා වකයන්ගෙන් බැබලීම ආදිය බුදුන් වහන්සේගේ ස්වභාවයි. මහ වැසිවලාවෙකින් ලොවට සෙත වනුයේ යම්සේ ද බුදුන්ගෙන් ද එසේම ශාන්තිය සැලසේ.

සව් දෙව් සැව් වොරඳ - දෙව් ‘දුන්න’ සැදෙනුයේ සුළඟින් අහසට ගත් දිය මතුයෙහි එළිය වැටීමෙනි, දහවල දක්න දෙව්දුනු හිරුරැස් වැටීමෙන් සැදුණේ වෙයි. සඳරැස් වැටීමෙනුදු මෙය සැදෙයි. දුන්නක් වැනි වනුයේ පොළොව ගොළාකාර බැවිනැයි කියති. බොහෝ පෙර විසූ මිනිසුන් මෙය ශක්රගයාගේ දුන්නයයි විශ්වාස කළ හෙයින් ඉන්ද්ර ධනුස් දෙවධනුස් යනාදී නම් වැටුණ බව පෙනේ. මෙය වර්ණව පසෙකින් යුක්තය. එසේ ම බුදුන් වහන්සේගේ ශ්රායවක සමූහයා ද භික්ඛු භික්ඛුනී උපාසක උපාසිකා, යන සතර කොටසින් යුක්ත වෙයි. ‘ශ්රාකවක’ වාචි ‘සවු’ සදත් ‘චාප’ (දුන්න) වාචී ‘සවු’ සදත්





                                දහම්සොඬ කව                                                   31

උකාරාන්තය. සව්වා, සවුවෝ-සැව්ව සැවු යනාදී විසින් වර නැ‍ෙඟ්. එහෙත් හෙළු කව්හි මේ දෙසද උකාර ලොපයෙන් ‘ව්’ අන්ත ව ද සිටී. ‘සවු’ (ශ්රාරවක) නම් අවවාද අනුශාසනා අසන්නෝය. ‘සැවු’ යන්නට පාලි සංස්කෘත දෙබසින් ම ‘චාප’ යි කියති.

පසුන් කළ තිත් මුවරද:- ‘තිත්’ යුනු පාළි ‘තිත්ථිය’ ශබ්දයෙනි, සකුයෙන් ‘තීර්ථමක’ යනුයි. ‘තීර්ථා’ (තොටු) කරන්නෝ තීර්ථටකය. ‘තීර්ථි’ යනු මිථ්යා්දෘෂ්ටිය. එහෙයින් මිසදිටුවෝ ‘තීර්ත්ථකයෝ’ ය. වැසිවලාවෙන් ‘මකරන්දය වැනසෙන්නාසේ බුදුන්ගේ පහළ වීමෙන් මිසදිටුවෝ’ වැනසෙති, ‘වැනසීම’ නම් ඔවුන්ගේ උඩඟුකම බිඳීමෙන් වන හික්මීමයි. ‘නුඹ වහන්සේ පහළ වන ක්ෂණයෙහි මිථ්යාහදෘෂ්ටි ගත්තවුන් උඬෘතවැ සැලෙන සැලුම් හැරපියා විනීත වන්නා සේ”යි දහම්සරණකාරයන් කීයේ එ බවය. බුදුහු කිසිවකුගේත් ජීවිත විනාශයක් තබා මඳවූ ද වරදක් නො කරති. මහ කරුණා මෙතින් පිරි ඔවුහු මිසදිටුවන් දහමින් හික්මවති, බුදුන් විසින් ම:-

“නයන්ති වෙ මහාවීරා - සඬම්මෙන තථාගතා”යි

එ බව දක්වන ලදි. බුදුන්ගේ ප්රාෙදූර්භාවයෙන් වන මේ විනාශය ස්වභාවිකය. වැස්සෙන් මල් රේණු හෝ මල් පැණි වැනසීම, සේදී යාම ස්වභාවයෙන් සිදු වන බව ප්රෙකට කරුණෙකි. බුදුන් වහන්සේ මෙඝ රාජත්වයෙන් ගත් කල තීර්ථ්කයන් මකරන්ද ත්වයෙන් සැලකීම සුදුසුය.

වි:- (මම) “සදවු මහගඟ මුදුනත්” යනු ක්රි.: ප: ස: ‘සදම්’ – ‘සද’ (සැදුම්හි) දයින් සිදු වර්තකමානාඛ්යාුත යි. ‘මම’ යනු උක්ත කර්තෘ් යි. ‘සදම් මහගඟ’ යනු අනුක්ත කර්මි ය. ‘දිමුත්-යුත්-සෙවි’ යනු එයට විශේෂණ යි. මුදුනත්-ආධාර යි. මොක් වෙරළින්-කරණ විබති. මොක් ම වෙරළ, මොක් වෙරළ, මහසවුසියොත් කතු විබති. මග ද පල ද මගපල, අමා ද එම රස ද-අමාරස, මඟ පල ද එම අමා රස ද-මගපල අමරස, මහත් ද එම සවු ද මහ



32 දහම්සොඬ කව

සවු මහ සවු ම සියොත්-මහසවුසියොත්, සදම් ම මහ ගඟ-සදම මහගඟ, යනු සමාස යි. සෙවි - ‘සෙවු’ (සෙවුම්හි) දයින් සිදු අතීත කර්ම කාරක කෘදන්ත යි. මුදුනත්-මුදුන ම මුදුනත්, මෙහි ‘අත්’ යනු ස්වාර්ථයෙහිය. අමුතු තේරුමෙක් ඉන් නො ලැබේ.

මොක් වෙරළ:- (පා) මොක්ඛ, (සං) මොක්ෂ යන දෙකින්ම ‘මොක්’ යි පැමිණිය හැකියි. රාගාදියෙන් හෙවත් සසරින් මිදීමට උපකාර හෝ ආධාර වේ නුයි ‘මොක්ෂ’ (මොක්) නමි. වෙරළ යනු (පා: ස:) ‘වෙලා’ ශබ්ද යෙන් ආයේ යයි හැ‍ෙඟ්. වෙළ, වෙළෙළ යනු ද මෙයට ම නමි. ‘වෙළෙළ’ යනුම ‘වෙරළ’ යි වහරට පත් වී ය යි කල් පනා කරනු ලැබේ. ‘සීමාව’ ‘හෙවත්, කෙළවර යනු තේරු ම යි. එහෙයින් මොක්ෂ නමැති සීම‍ාවෙන් හෙවත් ‘පර්ය්යරන්තයෙන්’ යනුවෙන් අදහස ගත යුතුය. ‘වෙරළ’ යන්නෙහි ‘ඉවුර’ යන අර්ථ ය ද වෙයි. සදහම් මහ ග‍ෙඟ් ඉවුර මොක්ෂය කෙළවර කොට ඇති බැවිනි. සියලු ම ගංඟාවන්ගේ අවසානය මුහුදිනි. ඔවුහු මුහුද සීමාකොට ඇත්තාහ. සඬර්මමය ගංඟාවක් වශයෙන් සලකන විට මොක්ෂය සමුද්ර.ය වශයෙන් සැලකිය යුතුයි. ‘සදම් මහගඟ’ යි කීයේ බුඬවචනය යි. සිංහල කවීන් ශ්රීක මුඛ දේශනාව සඬර්මම ගංගාව වශයෙන් ගෙන වර්ණනා කෙළේ ඉපැරණි රචනාවක් වන පහත සඳහන් ගාථාව අනුව යයි හැ‍ෙඟ්.

‘දසල්ලසෙලප්පහා නිබ්බාණවහාසමුද්දපරියන්තා, අට්ටඬගමග්ගසලිලා, ජිනවචනනදී චිරං වහතු.

(බුදුරජ නමැති පර්ව්තයෙන් පහළ වූ නිවන් නමැති මහ මුහුද මාකොට ඇති, අටග මගදම් නමැති දිය ඇති බුදු වදන් නමැති ගඟ බොහෝකල් ගලාවා)





                                                     දහම්සොඬ කව                                              33

පැරකුම්බා සිරිත් කාරයෝ මෙය ම මෙසේ පෙරළා ගත්හ:-

“මුනි මුවගින් පහ ළ මගපල සිසිල සිහිල ළ පිවිතුරු මොක් වෙර ළ වඳිම් අදරින් දහම් ගඟ ලෙ ළ”


මෙහිදු ‘මොක් වෙරළ’ යනු ‘මොක්ෂය’ නැමැති සීමාව ඇති යන අරුත්හි ය ‘ධර්මළ’ නම් පර්ය්යාවප්ති, ලොකොත්තර යි විවිධ වූ ධර්ම යි. බුඬ භාසිතය වන සූත්රද අභිධර්මෙවිනය යන ත්රියපිටකය ‘පර්ය්යාොප්ති’ නම් වේ. සෝවාන්, සකෘදාගාමී, අනාගාමී’, රහත් යන සතර මඟත් සතර පලයත් නිවනත් ලොවුතුරු දහම් වේ. සඬර්මව මහා ගඬගාව ශ්රී’ මුඛදෙශනාව යයි ගත යුත්තේ මොක්ෂය වෙරළ වශයෙන් ද, මාර්ගඬඵල ජලය වශයෙන් ද වෙන ම ගත් බැවිනි. එවිට සදහම් මහ ග‍ෙඟ් සීමාව නිවනය යි ද ජලය මාර්ග ඵල ය යි ද සැලකිය යුතු‍ වේ. ගංගා ස්වරූප වූ බුඬ වචනය ඉගෙන පිළිවෙත් පුරන්නාහු මාර්ග ඵල නමැති දිය බොති, නිවන නමැති මුහුදට පැමිණෙති. ‘නිබ්බානං ය යි දතයුතු. ගංගාවෙක් මුහුදින් එහා නො යන්නේය. එහි කෙළවර මුහුදම බැවිනි. එහෙයින් මේ කවේ ‘වෙරළ’ යනුවෙන් ‘සීමාර්ථ ය’ ගතයුතු වේ.

මඟපල-(මාර්ග්ඵල) නිවන් සැප කැමැත්තවුන් විසින් බොහෝ කල් සොයනු ලැබෙනුයි. ‘මාර්ග ’ නමි. ‘මග’ යනු ‘මග’ (සෙවුම්හි) දයින් සිද්ධයි.ඵල නම් විපාකයි, සෝවාන් ආදි මාර්ග. සිත් සතර ලෝකොත්තර වේ. ඒ සිත්හි සම්මා ‘දිට්ඨි’ ආදි අඬ්ග අට සම්පූර්ණකයෙන් යෙදුනේ වෙයි. මාර්ගය චිත්තයාගේ විපාක වශයෙන් උප දනා සිත පල සිත යි හෙද සතරෙකි. ‘අමාරස’ යන්නෙහි ‘අමා’ යනු ‘මිහිරි’ යන අරුත දෙයි. දෙවියන්ගේ බොජුනද ‘අමා’ නමි. ඉතා මිහිරි බොදුනෙකි. එ මෙන් මිහිරි දැයට ද එ නම් වහරති. ‘රස’ සද ජලාර්ථත යි රසාර්ථ් ද වෙයි. මෙහි ජලාර්ථ ය මැනවි.


                                                                                            			2

34 දහම්සොඬ කව

සෙවිමහ සවු සියොත්:- පක්ෂීන් විසින් සෙවනය කරනු ලැබීම ග‍ෙඟක ස්වභාවයෙකි. සදහම් මහමඟ සෙවනය කළාහු මහ සවු නමැති පක්ෂීහුය. ‘මහසවු’ යන්නෙන් මහා ශ්රා වක උත්තම ශ්ර වක යන අර්ථ දෙකම ලැබේ. මහා ශ්රාුව‍කයෝ අසූ දෙනෙකි. උන්වහන්සේගේ නම් හා විස්තර ධර්ම ප්රුදීපිකා, බුත්සරණ, ශ්රාහවක චරිත ආදියෙන් බලාගත හැකියි. සදහම් මහගඟ සෙවුණේ ‘මහාශ්රාසවක’ නමැති පක්ෂීන් විසින් පමණක් නො‍ෙව්. සියලුම උතුම් ශ්රාහවක නමැති පක්ෂීන් විසිනි. එ හෙයින් පසුව කී අර්ථ්ය මැනවැයි සිතම්හ. ‘සෙවිසුවි මල්සවග’යි තොටගමුවේ මාහිමියන් ‘සදහම්බාරුසිගඟ’ ඉතා නිර්මමල අග්රසශ්රාිවක නමැති පක්ෂීන් විසින් සෙවිත බව දැක්විණ. එහිදු ‘අග’ යන්නෙහි අරුත ‘උතුම්’ යි ගත හැකි යි. ‘සියොත්’ සද සාමාන්ය යෙන් සියලු පක්ෂීණට ද විශෙෂයෙන් කෑදැත්තනට ද නමි (පා. සං.) ‘චාතක’ නාමය කෑදැත්තනට ම ය. ‘සියොත්’ යනු එයින් ආයේ ය යි සිතති. එසේ නම් කෑදැත්තනට පමණක් ව්ය වහෘත වූ එය පසුව හැම පක්ෂීණට ම රූඪිනාමයෙන් වීය යි සිතිය හැකියි. අලගියවන්නයෝ සුභාසිතයෙහිදු දහමට නම කරවනුවස් මෙබඳුම කවක් යෙදූහ:- එනම්

“උ තු ම් දහම් රජමුව ගිරගින් පහ ළ අ ද ම් මගිම් හළමොක් වෙරළතිනුදු ළ නො හි ම් සියුම් නය මිණිපද අරුත් ර ළ ස ද ම් ස ද ම් ගඟ ම මුඳුන බැතිනි ද ළ”

3

ප:- නිමල - නිර්ම ල වූ, මුනිසඳ -මුනි නමැති චන්ද්රතයා සෙවි - සෙවනය කළ, සදහම් නුබතල - සද්ධර්මි නමැති නහස්තලයේ, වැජඹි - විජෘම්භිත වූ, සිල්කැලුමෙන් - ශීල නමැති කාන්තියෙන්, උදුල උජ්වලිත වූ, මහසඟ ගන තුරුකැල - මහා සඬඝ නමැති තාරකා සමූහය, නිති නිරන්තරයෙන්, වඳිම් - වන්දනය කෙරෙම්.



                                                       දහම්සොඬ කව                                              35

භා:- පිරිසිදු බුදු රජ නමැති චන්ද්ර යා ඇසුරු කළා වූ, ශාසන නමැති අහසෙහි රැඳුනා වූ, ශීල රශ්මියෙන් බබළන්නා වූ, මහා සංඝ නමැති තරු සමූහය නිතර වඳිමි.

වි:- (මම) මහ සඟන තුරුකැල වඳිමි:- (ක්රි . ප. ස.) නිති යනු ක්රිෙයා විශෙෂණාථයෙහි යෙදුන නිපාත පදයි. සෙවි:- කතෘ කාරයෙහි ‘ඉ’ ප්ර ත්ය(ය ව සිඬ කෘදන්තයි. කතුකම් දෙකරුහි ම ‘සෙවි’ යනු ය. මුනි ම සඳ - මුනිසඳ ‘සෙවි’ යන්නට කර්මු යි. මල නැතියේ යමෙකුගේ ද හේ නිමල, විශෙෂණ යි ‘වැජඹි’ යනු ‘වජඹ’ ධාතුවෙන් සිදු අතීත කර්තෘ.කාරක කෘදන්තයි සදහම් නුබතල - අධාරයි. නුබෙහි තල - නුබතල, සදහම් ම නුබතල සිල් කැළුමෙන් කරණ විබත්, සිල්හි කැලුම - සිල් කැළුම, උදුල යනු ‘උ’ පූර්ව ‘දුල’ (දිළුම්හි) ධාතුවෙන් සිඬයි ‘දුළ’ ධාතුවෙක් ද වෙයි. ‘උ’ පූර්වම වූ විට එය උදුළ’යි සිටී. ධාතු දෙක ම එකාර්ථු යි තුරුන්ගේ කැල තුරු ‘කැල’ (මෙහි ‘කැල’ සද සමූහාර්ථ යි).

‍මෙයින් මහා සංඝයා තාරකා සමූහයට සම කරන ලදි. තාරකාවෝ සඳ ඇසුරු කෙරෙති. අහසෙහි රැඳුනෝ වෙති. කාන්තියෙන් බබලති. මහා සංඝයා වහන්සේ මුනිතුමන් ඇසුරු කරති. ශාසනයේ රැඳුනාහු වෙති. ශීලයෙන් බබලති.

මුනිසඳ නිමල - මුනිතුමෝ සඳ වැන්නාහ. සොමිගුණ යෙන් පරිපූර්ණියහ. සාමාන්ය චන්ර්ා යාගේ නිර්මුලත්වයෙක් නැත. ලපයක් ඇති බැවිනි. මුනි චන්ර්නි යාගේ එ බඳු කිසි කැලලෙක් නැත්තේ ය. එහෙයින් ඔබ ‘නියළ’ ය දනීනුයි හෝ ‘මොනෙය්ය ’ නමැති භාවනා ගුණය ඇතිනුයි ‘මුනි’ ය ශ්රෙහෂ්ඨ තාපසයෝ මෙ නමින් ගැනෙති. අගාරිය මුනි, අනගාරිය මුනි, සෙඛ මුනි, අසෙඛ මුනි, පච්චෙක මුනි. මුනිමුනි යි මුනිහු සදෙනෙකි. ගිහි තව්සාගේ හෝ මාර්ගැ ඵලාව‍බොධය කළ ගිහයා ‘අගාරිය මුනි’ නමි. එබඳු ම පැවිද්ද‍ා අනගාරිය මුනි ය. සෝවාන් ආදී මාර්ග් තුනට හා පල තුනට පැමිණි සදෙන ය රහත් මගට



36 දහම්සොඬ කව

පැමිණි තැනැත්තා ය. යන සත් දෙන සෙඛ මුනි නමි රහත් පලයට පැමිණියේ අසෙඛ මුනි නමි. පසේ බුදු රජ ‘පච්චෙක මුනි’යි මේ සියලුම මුනිවරයිනට ශ්රෙුෂ්ඨ නූයි ලොවුතුරු බුදුරජාණන් වහන්සේ මුනි මුනි නොහොත් ‘මුනිරජ’ නම් වන සේක.

සදහම් නුබතල - මෙහි ‘සදහම්’ (සද්ධර්ම ) යන්නෙන් බුදුසසුන ගැනේ. (පා) ‘නහ’ ශබ්දය හෝ සංස්කෘත නහස් ශබ්දය හෝ නුබයි. එය ‘තල’ යන්නෙයි ‘මතුපිට’ යන අරුත ඇත්තේ ය. පාලි සංස්කෘත දෙකට ම සමයි. ‘නුබතල’ යනු පාළියෙහි ‘නහොතල’ යි ද, සංස්කෘතයෙහි ‘නහස්තල’ යි ද එයි, සිල් කැලුමෙන් - සීලය නම් කායාචාර වාක්චාර යන දෙක හික්මවන්නා වූ ගුණයයි. සඬ්ඝයාගේ රස්මීය එය වේ. මහසඟනතුරුකැල ‘සඬඝ’ නම් සතර මහා සතර පලයට පැමිණි (අටවැදෑරුම්හි ආර්ය සමූහයා යි. උතුම් බැවින් ‘මහසඟ’ නමු. ‘සඬ්ඝ’ යන්නෙහි අර්ථකය ‘සමූහය’ යනුය. එ හෙයින් ‘මහසඟ නම්’ උතුම් සමූහය යි. සඬ්ඝ නාමය හෙළු පොතහි ‘ආර්ය්යබ’ හෙවත් ‘භික්ෂු’ යන අර්ථ යෙහි යොදා තිබෙනු පෙනේ. බුත් සරණෙහි ‘සඬ්ඝයා වහන්සේ නමකට’යි ‍එයි. ඒ එක් භික්ෂුවකු සඳහා යෙදුණෙකි. තව බොහෝ‍‍ පොත් හි මෙය පැනේ. පසු පසුව සඟ ශබ්දයෙන් පරව ‘ගණ’ ශබ්දය ද පෙනේ. ‘සඬ්ඝ සමූහය’ යනු අර්ථ යි. මෙහි ‘සඬ්ඝ’ නාමයෙන් ගත යුත්තේ ‘ආර්ය්ය ’ සමූහය යන අදහස ලැබේ. ‘සඟගන’ යන්නෙහි ‘ග’ යන දෙකෙහි අග ‘ග’ යන්න කීමෙහි පහසුව සැලකීමෙන් දෝ පසු කාලයෙහි ඉවත් වී, ‘සඟණ’ යි වහරට පත් වී යයි සිතිය හැකි යි. එහෙත් පොත්හි පැනෙන්නේ දන්ත්යැ ‘න’ කාරය මැයි. සමූහාර්ථ ‘ගණ’ ශබ්දය මිස ගන ශබ්දයෙක් ද ප්රයකට නැත. ණ යන්න ‘න’ යන්නට පෙරැළීම නොවිය හැක්කෙක් නොවේ. ‘සඟන’ යනු කර්ම‘ විභක්ත්ය්න්ත පදයකැ යි ද මතයෙකි. එසේ නම් එය ‘තුරුකැල’ යන්න සමාස වූ‍ෙය් නොවේ. සමාස වීමේදී විබත්




                                                       දහම්සොඬ කව                                              37

ලොප්වන බැවිනි. ‘සඟන’ යනු ප්ර කෘතියෙකැ යි සනකතොත් ‘මහ සඟන ම තුරුකැළ - මහ සඟන තුරුකැල’යි සමාස වන්නේය. ‘න’ යන්න ස්වාර්ථළ ප්ර ත්යුයයක් වසයෙන් ද සැලකිය හැකිය. ‘සඟන’ යනු වෙනි. සඟන යනු ශබ්ද ප්රරකෘතියක් වශයෙන් ම යෙදුණු සේ සිතිය හැකි තැන්ද දක්නා ලැබෙන හෙයින් මේ ගැන විමසිය යුතුය.

“පිවිතුරු සිරින් සරහන රත් ගම් ග ණය

 මහ සඟන නම් සෙත් පුරයට හෙම් හි	ණය
 එ මහඟු සඟන පවසන මනරම් බ		ණය
 අසමින වඩන නිවමින් තුනුගිම් සැ		ණය”

තිසර සන්දෙමශයෙහි එන මේ කවේ ‘මහ සඟන’ යන්න එයට නිදසුනි.

4

ප:- පස්නෙත - සර්ව‘ඥයා; සහස් නෙත - ශක්රසයා ය, අටනෙත බ්රසහ්මයාය, තිනෙත- ඊශ්වරයාය, බරනෙත-කඳ කුමරුය, දියනෙත‍-සූර්ය්යහයාය, කමල නෙත-විෂ්ණුය, යන මේ දෙවිවරු දිවනෙත යොමා-දිව්යන නෙත්රයය මෙහෙයා, දෙනෙත-ජන සමූහයා, රැක දෙත ආරක්ෂා කොට දෙත්ව!

“(මෙ සුරෝ) දිවනෙත යොමා දෙනෙත රැක-දෙත්” (ක්රිර. ප. ස.) ‘රැක, යනු රක් (රැකුමෙහි) දයින් සිදු පෙර කිරියයි. දෙත් යනු ‘දා’ (දීමෙහි) යි දයින් සිදු කොට ඇත්තේ ය. අග ‘අ’ යන්න ආගමයි. දෙත් යන්නට ‘රැක යනු උපකාර ව සිටියේ වෙයි. රකිත්වා යන එක ක්රිියාව වෙනුවට මේ දෙක යෙදිණ. කර්තෘේ මේ සුරෝ යන අඬ්යායහෘත පදය යි. පස්නෙත යනාදී පදයන්ගේ අර්ථය මෙයට ඇතුළති. දෙනෙත යනු කර්මය යි. ‘දිවනෙත’ කර්ම. යි. දිව වූයේ ද ඒ නෙත් වූයේ ද ‘දිවනෙත්’ පස් නෙත -ප්රේථමා විභක්ති එක වචනයි. නෙත් පසක් වූයේ



38 දහම්සොඬ කව

යම‍කුට ද හේ පස්නෙත් ‘සහස් නෙත්’ යනාදිය ද මෙසේ යි. පස්නෙත්, නම් බුදුරජාණන් වහන්සේ ය. ම සැස, දිවැස, පැනැස, බුදු ඇස, සමතැස-යනු උන් වහන්සේට ඇති ඇස් පසයි. මස් ඇස් නම් ප්රැකෘති චක්ෂුස යි. දිව්යං් චක්ෂුරභිඥානය දිවැස යි. පැන ඇස නම් සියලු දේ සර්වයප්රකකාරයෙන් දන්නා නුවණයි. බුදු ඇස නම් සියලු සතුන්ගේ අදහස් උදහස් දන්නා නුවණයි. ‘සම තැස’ නම් සර්වනඥතාඥානය යි. ‘මසැස’ හැර අන් සියල්ලම නුවණයි. ඇසින් කරන දේ කරන නුවණ ද ‘ඇස්’ නම ලැබීය. බුදුන් ලොකාරක්ෂ දෙවියන් අතුරෙහි ලා ගත්තෝ මේ කිවිහුම නොවෙති. සුගත් මෙත් බෝසත්’යි ගුත්තිල යෙහිදු කියන ලදි.

සහස් නෙත්- ශක්ර්යාට මේ නමි. දහස් දෙනෙකුන් සිතන දේ වහා දත හැකි නැණැති හෙයින් මෙ නම් වීයයි බෞඬ ග්රින්ථයන්හි කියැ වේ. ප්රහකෘති ඇස් ම දහසෙක් ඇතැ යි වෛදිකයෝ කියති.

අට නෙත් - බ්රෙහ්මයාට මුහුණු සතරකැයි කියති. එ හෙයින් ඇස් අටෙකි. තිනෙත - ඊශ්වර යි. ඔහුට නළල මැද ද ඇසෙක් ඇතැයි යෙති. බර නෙත - ‘බර’ යනු ‘දොළස’ යන අරුත ඇත්තේ ය. පාළි ‘ඛාරස’ ශබ්ද යෙනි. කඳකුමරුට මුහුණු සයෙක් ල. මේ තෙමේ ඊශවරයා ගේ පුත්රයයෙකි. දියනෙත් - (ජගත්නෙත්රම) ලොවට ඇසක් වැනිනුයි, හිරුට මේ නමි. ලොව සියලු රූප ප්රතකට වනුයේ හි‍රුගෙනි ‘දිය’ සද ලොක වාචීහ. කමලනෙත් - කමලක් (පියුමක්) වැනි නෙතක් ඇති නුයි විෂ්ණුට නමි. එයින් අඟවන්නේ පියුමක් වැනි මනොඥවූ ඇස් ඇති බවය; ‘කමලනෙත’යි ගත්තත් විෂ්ණු වාචකයි. කමලනාථ (කාමලනත) යන්නෙහි තේරුම සිරිපති යන්න ය. ‘කමලා’ යනු සිරි දෙවියට නමි. දෙනෙත ජනයන් ගේ සමූහය යන අර්ථණ ඇති ‘දෙනෙත’ ශබ්දයෙක් වෙයි. ‍දනන් සුමු දෙනෙතා යනු සිදත් සඟරා පාඨ යි. දන ශබ්දයෙන් පරව සමූහාර්ථ ‘තා’ ප්රාත්යබයවීමෙන්




                                                       දහම්සොඬ කව                                              39

ඒ සිද්ධ යි. මේ ඒ යයි ගත හොත් ආකාරය හ්ර ස්ව වීයයි සැලකිය යුතු වේ. පෙළ සකු දෙබස්හිම ජනතා ශබ්දයෙක් ඇත. එයින් ආයේ ය යි සැලකීම ද නුසුදුසු නොවේ. එහෙත් ‘නෙත්’ දෙකක් වූයේ යමකුද හේ’ ‘දෙනෙත්’ යි සමාස විධියෙන් ගත් කල ප්ර කෘතිය ‘දනෙත්’ම ය. මනුෂ්යනයන් සඳහා දෙනෙත් යි යෙදීම වැරදි නැත.

5

ප:- බඹ උපතින් බ්රීහ්මයන්ගේ උත්පත්තියෙන්, සැපත් - සම්ප්රාෙප්ත වූ, මහා සම්මත රජගොත් - මහා මද්ධ්යයයෙහි, දිමුත් - බබලන්නා වූ, සරාපුන් පුඳ මඬල-ශරත්චන්ද්ර් මණ්ඩලයා ගේ, සිරි - ශොභාව, ගත්- ග්ර හණය කළා වූ-

භා:- බ්රූහ්මයන් ගේ උත්පත්තිය පටන් පැමිණි, මහා සම්මත නම් රජුගේ වංශ නමැති අහස මැද බබලන, සරත් කාලයෙහි වූ පුන්සඳ මඬලෙහි ශොභාව ගත්තාවූ-

වි:- බඹ - යනු සම්බන්ධ විභක්ත්යසර්ථමයි, උපතින - අවදි විබත්, ප්රෙකෘතිය ‘උපන්’ ය සැපත් - ‘සැපමුණු’ (සැපැමිණුම්හි) දයින් සිදු කෘදන්ත යි. ‘පමුණු’ දයින් ‘පත්’ යි සිද්ධ වේ. පාළියෙහි ‘සම්පත්ත’ යනුයි. මහා සම්මත වූයේද හේ රජ වූයේ ද - මහ සම්මත රජ, ඔහුගේ - ගොත් - මහා සම්මත රජගොත්, මෙය ‘නුබතල, යන්න හා සමාස වූයේ වන්නේය. පද්යගයෙක දෙවැනි පාදයේ අගකොටස හා තුන් වැනි පාදයේ මුල කොටස සමාන නොවන්නේය. ‘සැපත්’ යනු ම-ර ගොත් යන්නට විශෙෂණයි. දිපැතියේ දිමුත් යි සිදත් සඟරාහි සිද්ධ කරන ලදි. ‘දීප්තිය’ යන අර්ථැ ඇති ‘දිප්’ සදින් පරව අස්ත්යදර්ථගයෙහි ‘මත්’ ප්රහත්ය‘යයි. ‘පුන් ද, එම සඳ ද පුන්සඳ’ එහි මඬල පුන්සඳ මඬල,




40 දහම්සොඬ කව

සරාහි වූ පුන්සඳ මඬල සරා පුන්සඳ මඬල, සම්බන්ධ විභක්තියෙන් මෙහි සිටියේ ය. ගත-‘ගන්’(ගැනුම්හි) දයින් සිදු කෘදන්ත යි. සිරි යනු එයට කර්මය යි.

බඹ උපතින් - ලොක විනාශයේ දී වැනසී ගිය පොළොව යළිත් ඇතිවූ පසු ‘ආභස්සර’ නම් බඹ ලොව පළමු උපන් සත්වයෝ ආයුෂ හෝ පින් හෝ ඉවරවීමෙන් එයින් චුත ව ඕපපාතිකව මෙහි උපන්හ. ස්වකීය ශරීරාලොකයෙන් එළිය කරන ඔවුහු අහසින් යන්නො වූහ. මනුෂ්ය යන්ගේ ආරම්භය වූයේ ඔවුන් ගෙනැයිද මිනිසුන් ‍‍බෝවී ගෙන යනවිට ඔවු‍න්ගේ මනා පාලනය ක්රනමයක් වුවමනා වීම නිසා ඔවුන් විසින් ම ප්ර‍ධානත්වයට සුදුස්සකු සම්මත කරගන්නා ලදැයි ද; මහජනයා විසින් සම්මත වූ හෙයින් හේ ‘මහා සම්මත’ නම් වී ය යි ද, ක්ෂෙත්රවයනට අධිපති වූ හෙයින් ක්ෂත්රිසය, නම් වී යයි ද දැහැමින් සෙමෙන් සත්ත්වයන් රඤ්ජනය කළ හෙයින් ‘රාජ’ නම් වී යයි ද බෞද්ධ ග්ර න්ථයන්හි එයි. මේ කල්පයේ ප්රිථම රාජයා නම් ඒ ‘මහසම්මත’ ය. බ්රයහ්මයන් ගේ උත්පත්ති යෙන් ආ හෙයින් ‘බඹ උපතින්’ යි කීහ. වෙද ග්රයන්ථයන්හි එන පරිදි මේ කප පළමු රජ ‘ශවයම්භූව’ නම් මනු‍රජෙකි. හේ බඹහුගෙන් උපන් හෙයින් එනම් වීයයි කියති. ස්වයම්භූහු (බඹහු) විසින් විරාජ්’ නමැත්තකු උපදවනු ලදැයි ද ඔහුගෙන් ‘ස්වයම්භූව’ නම් මනු තෙමේ උපනැයි ද කියති. මනුහු තුදුස් දෙනකි. “වෛවස්වත” නම් මනුරජ තෙමේ. එයින් සත් වැන්නා‍ ය. සූර්ය වංශික රජුන් ගේ ප්රගථමයා හෙතෙමේ යයි සලකති. ‘වෛවස්වත නම් විවස්වත්හු හිරු ගේ පුත්රයයා යි. එහෙත් පැරකුම්බා සිරිතෙහි ‘වෛවශ්වත මනු තෙමේ බ්රයහ්ම පුත්රර’යි ‘අතුරු කප පෙර උපන් බඹ පුත් විවස් වත් මනු රජ කුලෙන් පත’ යන්නෙන් දැක්විණ. මහා සම්මත නම් ‘වෛවස්වත මනු’ය යි ඇතම්හු කියති.





                                                      දහම්සොඬ කව                                              41

සරාපුන්සඳ මඬල - (පා) ‘සරද’ (සං) ‘ශරත්’ යනු හෙළු වට සරායි. ශරත් කාලය නම් වප්, ඉල් දෙමස ය. එකල අහස ඉතා පිරිසිදු බැවින් සඳ මැනැවින් බැබළේ යි. මහා සම්මත පරපුරෙහි වූ අන් රජුනට වඩා බුවනෙකබා රජ ශොභාවෙන් බැබළුන බව මෙයින් ප්රමකාශිතයි. ‘ගත්’ යනු මී ළඟ කවේ ‘බුවනෙකබුජ’ යන්නට විශෙෂණයි. මේ කවෙන් පටන් ගන්නා වාක්යවය අවසන් වනුයේ එකොළොස් වැනි කවෙනි. මෙබඳු කව් වලට ‘කුලකය’යි කියති. පද්යම දෙකකින් යුග්මකය ද තුනෙකින් ‘විශෙෂයෙක’ක ද, සතරෙකින් කලාපය ද ඉන් වැඩි ගණනකින් ‘කුලකය ද වෙයි.

6

අ:- නමින බුවනෙකබුජ පවර නරනිඳු සිත් ගෙන නො මින තුරු ලත් හැම තැන පරසිදු වෙමින් වැජඹී-

ප:- නමින නාමයෙන්, බුවනෙකබුජ - භුවනෙක බාහු වූ, පවර උතුම්, නරනිදු - රජුගේ, නොමිණ - අප්ර්මාණ වූ, පරසිදු -ප්රයසිද්ධ වැජඹී - විජාම්භිත වූ,

භා:- බුවනෙකබාහු නමැති රජ තුමාගේ සිත ගෙන අපමණ තන - තුරු ලැබූ, සියලු ස්ථානයෙහි ප්රාසිද්ධව බැබළුණා වූ-

වි:- බුවනෙකභුජ (පා) ‘භුවනෙකබුජ’ යන්නෙහි. ‘බුවන’ නම් ලොකය යි, ‘එකබුජ’ එක ම බාහුව යි. නමින් - කරණ විබත්, අග, ‘අ’ යන්න එළිසමය පිණිසය. නරනිඳු නරනට ඉඳු, නරනිඳු විබත් ලොප් නොවූ සමාස පදයි. ලොප්වූ විට ‘නිරිඳු’ යි සිටී, ගෙන-තුරු- (පා) ‘ඨානාත්තර’ (සං) ස්ථානාන්තර ශබ්දයෙනි. නිල, පදවි යනාදි අර්ථම ඇත්තේ ය. ‘තන් - අතුර, යි ශබ්ද දෙකකි. ‘අතුරු’ සද ‘විශෙෂ’ යන අර්ථය ඇත්තේ වෙයි. ලත් - ‘ලබ’ (ලැබුම්හි) දයින් සිදු අතීත කෘදන්තයි. ‘මින්’ නම් ප්රෙමාණ යයි. (පා, සං) මාන ශබ්දයෙනි. ‘මිනක් නො වනුයේ යමෙකු ද ඒ නොමින්, අග ‘අ’


42 දහම්සොඬ කව

යන්න එළිසමයි. වැජඹි - අතීත කෘදන්තය යි. මෙය හා ‘ලත්’ යන්න 8 වැනි කවේ ‘මැතිඳු’ යන්නට විශෙෂණයි. පරසිදු - (සං) ‘ප්ර සිද්ධ’ ශබ්දයෙනි. වෙමින් - ‘ව’ හෝ ‘වූ’ (වීමෙහි) (දයින් සිදු පූර්ව ක්රි්යාර්ථී මිශ්රේ ක්රියයා පද යි, ‘මින්’ පස යෙදුනද මිශ්රාවර්ථ ය නැත. පූර්ව ක්රිවයා නිපාත වශයෙන් සලකනු ලැබේ. ‘නිපාත ක්රිනයා’ යි ද නමෙකි. මෙහි කී බුවනෙකබාහු රජ නම් ජයවර්ධන පුරයෙහි ක්රි‍: ව 1534 දි රාජ්යැයට පත්ව සතළොස් (17) වර්ෂකයක් රාජ්ය ය කළ ‘සත් වැනි’ බුවනෙකබාහු රජතුමා සවැනි විජයබාහු රජු ගේ වැඩිමහල් පුත්රියා යි එතුමාට ‘රයිගම් බන්ඩාර’ මායාදුන්නේ යි සහෝදරයෝ දෙදෙනෙක් ද වූහ.

7

අ:- නො මඳ කෙත් වතු, මනනඳ සව්සිරිත් සැදි සුදනන් පබඳ රැඳි ‍සොඳ ‍පාණ බුනුකෝරළය බඳ-

ප:- නොමඳ අනල්ප වූ, කෙත්වතු - ක්ෂෙත්ර වතු මන නඳ - මනොනන්ද නීය වූ, සව්සිරිනි -සකල සම්පත්තියෙන් පබඳ - නිරන්තරෙයෙන්, රැඳි - රඳනා ලද, බඳ - අන්තර්ගරතවූ

භා:- බොහෝ කුඹුරු හා වතු ඇති සිත් තුටු කරන සියලු සැපතින් සැදුණා වූ සජ්ජනයන් නිතර රැඳුණා වූ - (වසන්නා වූ) යහපත් පාණබුහු කෝරළයට අයිති වූ -

වි:- කෙත්වතු - කරණයි, කෙත් ද වතුද කෙත්වතු කෙත් නම් කුඹුරය, (පා) ‘ඛෙත්ත’ (සං) ‘ක්ෂෙත්රර, ‘වතු’ නම් උයන් හෝ වාස භූමිය (පා) වත්ථු’ (සං) ‘වාස්තු’ මඳ නොවනුයේ නොමඳ ‘කෙත්වතු’ යන්නට විශෙෂණ යි. සව්සිරිනි - කරණ විබත්, සව් ද එම සිරි ද ‘සව්සිරි’ සැදි ‘සද’ (සැදුමිහි) දයින් සිදුවූ කෘදන්ත යි මනනඳ - ‘සව්සිරිනි’ යන්නට විශෙෂණ බැවින් කරණ විබති. සුදනන් ‘කතු විබති, ‘රැඳි’ - යන්නට අනුක්ත කර්තෘ්යි. මනා දන ‘සුදන’ ‘රඳ’ (රැඳුම්හි) දයින් ‘රැඳි’ යන කෘදන්තය ප්රෘසිද්ධ යි. පබඳ - ‘ප’ පූර්වැ බඳ (බැඳුම්හි) දයිනි; නිතර සමූහය, ප්රනසිද්ධ යනාදී අර්ථ ඇත්තේ ය. මෙහි ප්රපසිද් ධ වූ, යන අර්ථුය ද


                                                   දහම්සොඬ කව                                              43

ගත හැකියි. ‘නිතර’ යන අරුත ගත් විට ‘රැඳි’ යන කෘදන්තයට විශෙෂණයි. ප්ර සිද්ධර්ථනය ගතහොත් ‘පාණ බුනු කෝරළය’ යන්නට විශෙෂණ යි. යුතු, සැදි රැඳි, සොද යනුද එයට ම විශෙෂණ පද යි. ‘යුතු’ ආදී තුනද එයටම ‍විශෙෂණය යි ගතද වරද නැත පානබුණු කෝරළයට - අදර විබති. කතු විබතින් යුතු ය යි සැලකීම නුසුදුසු බව හැ‍ෙඟ්. ‘බද’ යන්න ‘ඇතුළත් වූ’ යන අර්ථ යෙන් යුක්ත බැවිනි. ‘ගම්බඳ’ - නගර බඳ යනාදී තන්හි ඇත්තේ ද මේ ‘බඳ, ශබ්දය මැ යි. පානබුණු කෝරළයයනු සල්පිටි කෝරළයට ව්යුවහෘත පුරාතන නාම ය යි, පානබුණු බඳ පැපිළියානෙහි යි පැපිළියානේ සන්නසෙහි ද එයි. කෝරළ පත්තු ආදියට බොහෝ සෙයින් නම් වැටි තිබෙන්නේ ගමක් හෝ ස්ථානයක් මුල්කර ගෙනයි. සල්පිටි කෝරළය යනු සල්පිට’ නම් ගම මුල් කොට ඇතිවුණාක් මෙනි. ‘පාණබුන්න’ යනු ද ගමකට හෝ ස්ථානයකට ව්යඇවහෘත වූවෙකි. මේ ගැන කඩයිම් සහ විත්ති පොත් හි ඇතුළත් විස්තරය මෙසේ යි:-

පාණබුන්න යයි කියන ලද රට නම්:- අතීත කාල යෙහි එක් රජෙක් පාන් පූජාවක් කරන කල පහන් බැඳි තොරණ ඇගෑ ආදිය ද්රතවිඩ ජාතියක් බැඳපු හෙයින් ද පසුව රජ යුද්ධයෙන් ජයගත් හෙයින් ද පාණ බුන්න යයි කියන ලද රට පාන් කන්ද වැනිගල් පර්ව්තයක් කොතක සටහන් ඇත්තේය. එතන සිට නටබුන් වෙහෙරෙක් ඇත්තේය. සපල වූ රජනුවරක් ඇත්තේය. එනුවරට තුන් ගවුවක් මත්තෙහි පූර්වත දිගින් නියම් ගමක් ඇත්තේය. ඒ ගමට පූර්වත දිග පර්ව තයක් අසල ඕතෙරක් හා කඳු රැලියක් ඇත. දකුණු දිගින් තුන් ගවුවක් ගිය කල අඩ සඳ කෙටු ගල් පවර්‍තයක් ඇත. බටහිරින් ඉර මඬල කෙටු ගලක් හා අස් ලකුණෙන් හෙබියාවූ ගල් ගිහිරක් හා උතුරු දිගින් ගෝකුරය කෙටු ගලක් හා සතර අනුදිග කඳුරැළි දෙනිපත්වල පිහිටුවන ලද දහසක් ගම්වර සැදුණේ ය.





44 දහම්සොඬ කව

මේ විස්තරයෙන් හැ‍ෙඟන්නේ පාන් පූජාවක් නිසා නැත් හොත් පාන්කන්ද වැනි ගලක් නිසා ‘පාණබුන්න’ යන නම වැටුණ බවයි. ‘පානබුන්න’ නොව පාණ බුනන, යනු හරියයි සිතම්හ. ගල බිඳුණ තැන යන අර්ථබය ඇත්තේය. මේ ස්ථානය දැනට ප්රිකට නැත. එහෙත් මේ කියන ලකුණු අනුව පරීක්ෂා කළ හොත් දැනගත හැකි වනු ඇත. කෝරළ ශබ්දයේ ප්රුභවය ද ප්රොකට නැත. අන් බසෙකින් ආවෙකැයි හැ‍ෙඟ්. ප්රපදේශය (දිසාව) යන අර්ථ යි. පාන බුන්න මුල්කොට ඇති වූ දෙශය (දිශාව) පාණබුනු කෝරළ ය යි. මේ පොත කරන කාලයේත් සල්පිටි කෝරළ යන ව්යුවහාරය පැවැති නමුත් පැරණි නම ම කර්තෘයහුහට අභිමත වූ බව පෙනේ.

8

අ:- මාම්පය නම් සරු පිවිතුරු පියෙස හිමිවන විජය රජ නම් ගරු පලිහ වඩවන මැතිඳු මුනුබුරු

ප:- සරු - සාර වූ පිවිතුරු - පවිත්ර වූ, පියෙස- ප්රුදේශයේ, හිමි ස්වාමියා, විජය රජ නම් - විජය රජ යන නම ඇති, ගරු - උතුම්, පළිහ - ඵලකය, වඩවන - වැඩම කරවන.

භා:- සාර වූද පිරිසිදු වූද මාම්පය නම් ගමෙහි ස්වාමියා වන විජයරාජ නම් ගරු පලිහ ගෙන යන මැති තුමාගේ මුනුබුරු වූ-

වි:- මාම්පය නම්, සරු පිවිතුරු යනු ‘පියෙස’ යන්නට විශෙෂණයි. ‘පියෙස’ යනු සබඳ විබත් පදයි. විජය රජ නම් ගරු යින දෙක පලිහ යන්නට විශෙෂනයි. මැතිඳු-සබඳ විබත් මැතිනට ඉඳු මැතිඳු වඩවන යනු එයට විශෙෂණයි. මුනුබුරු යනු 10 වැන්නේ සමරදිවාකර යනාදි පදයට විශෙෂණ ය.

මාම්පය:- මහ අඹ පා වනුයේ යම් තැනෙක ද ඒ මාම්පෙ යන්න බව පෙනේ. මහ ඹ‍ෙප මාඹ‍ෙප ම‍ාම්පෙ යන ක්ර මයෙන් සිදුවිය. ‘අඹ, යනු ‘අම්’ වූ තැන් බොහෝයි.


දහම්සොඬ කව් වැනුම

ගස් නිමිති කොට ඇති වූ බොහෝ ගම්හි නම් ‘පෙ’ යන්නෙන් අවසාන වේ. මාදම්පෙ, දොඩම්පෙ, අම්පෙ, දම්පෙ, යනාදි විසිනි. කොළඹ සිට සැතපුම් දොළසකට දුරින් මාම්පෙ පිහිටියේ ය. පිළියන්දළ, කැස්බෑව හරහා යන ප්රසසිද්ධ පාර වැටී තිබෙන්නේ මේ ගම් මැදිනි.

පියෙස- පාළි ‘පදෙස’ ශබ්දයෙන් ආ මෙය ‘ගම, අරුතෙහි වහරනු ලැබේ.

විජය රජ නම් ගරු, පලිහ වඩවන මැතිඳු:- මෙහි ‍විජය රජ යනු විජයදජ යි. මුද්රිඩත පිටපත්හි එයි. මැතිඳු‍ෙග් නම යයි සිතා කළ පෙරැළියෙකි, ඒ එතුමාගේ නම නොවේ විජයරජ යනු පලිහේ නම යි. මැතිඳු කෙළේ එම පලිහ වැඩීම යි. එතුම‍ාගේ නාමය සෙම්බ ගප්පෙරුමාල් ය. මාම්පේ නම් ගමේ ස්වාමියාව සිටි එතුමා විජයරාජ නම් පලිහ ගෙන යාමේ තනතුර ඉසිලු බව සැලකිය යුතු යි. මාම්පය පමණක් නොව ඊට යාබද දෙමළ දූව නම් ග්රාතමය ද එතුමාගේ නින්ද ගමෙකි. මේ කරුණු මැනවින් තේරුම් ගත හැක්කේ මාම්පයේ ද දෙමළ දූවේ ද සන්නස් බැලීමෙනි, ඒ දෙක පහත දැක්වේ:-

මාම්පෙ සන්නස ස්වස්තිස්ශ්රී ‘සූරියවංශොත්භූත සුමීත්රවරාජ පුත්ර පවිත්රල ගොත්ර භිජාත ත්රිට සිංහලාධිශ්වර නවරත්නාධිපති ශ්රීනමත් ශ්රී සඟබෝධි ශ්රීු භුවනෙක බාහු චක්රලවතර්වන ස්වාමින්වහන්සේට තුන්වන්නෙන් මතු අවුරුධු වෙසඟ පුර පහලොස්වක මාම්බෙ සෙම්බගස්පෙරුමාලා සොඳින් ඒකාන්ථ පක්ෂවෙලා දුක් ගැන ගෙන ආ හෙයින. සල්පිටි කෝරලෙ මාම්බෙ කියන ගමට හිමි නැගෙන හිරින් පිනි දිය අගාරෙ බක්මීගහ හා මෙසේම අළුත් ගෙයි වත්ථෙ උඩගලි පොත්ථෙ හා මෙසේම පිළියන්දෙළ වැනියර හා බස්නාහිරින් හොරිනෛ වත්ථ හා උතුරු දිගින් ගල ගොඩපිටියගෙයි වත්තෙ දෙල්ගහ හා මකුළුදූවෙ මීගහකුඹුරෙ වැනියර හා මෙකී සතර මාහිමට ඇතුළත් වූ



46 දහම්සොඬ කව

මෙහි බඳ ගම් මුදල් ගෙවතු ගස කොළ කුඹුරු ඕවිටි මල් විල් මෙ ආදි වාතැන් පටන් ශ්රී් ධන්තධාතූන් වහන්සේ සන්ථක කොට අවුරුදු එකකට පනම් දසයක් පඬුරට දී ප්ර යෝජන විඳිනා නියායෙන් මාම්බෙ සෙම්බගප්පෙරුමාලා හා මෙකුගෙ දරු මුනුබුරු පරම්පරාවට අවන්ද්රාපර්ක ස්ථායීව ස්වස්තිරව පවත්නා ලෙසට සලස්වා කොරල කරන්නන් අතු කොරලයින් යන එන හෙවා භාලයින් බහුවිධානයක් නොකියන නොකරන නියායෙන් නියම කල ජයවඩන කෝට්ටේ චිත්රනකූට මන්ඩපයෙහි මකර තොරනත ධවාලත පත්රරයෙන් සමලංකෘතවූ සිංහාසනයේ ඇමැතිගනා දෙවෙන්ද්රක විලාශයෙන් වැඩ හිඳ වදහළ මෙවරින් මෙසන්ගස් තැඹුදාන පාත්ථුය ලියා දුන් බවට සන්හස් තිරුවරගප් පෙරමලුම්හ.ධර්මදය වර්ධන කරන්නෙ ඉර හඳ පවතිනාකල්.

දෙමළදූවෙ සන්නස

සවස්තිස් ශ්රීම වෛවස්වත සංඛ්යායත මහා සම්මත පරම්පරායාත සූර්ය්යතවංශොත් භූත සුමිත්රස රාජ පුත්රද පවිත්රම ගොත්රා භි ජාත මහා රාජාධිරාජ ත්රියසිංහලාධීශ්වර නවරත්නාධිපති ශ්රීර මත් සිරිසඟබෝ ශ්රීම සකලකලා සාහිත්යත පණ්ඩිත භුවනෛකබාහු චක්රශවර්ති ස්වාමීන් වහන්සෙට නවවන්නෙන් මතු අවුරුදු වෙසඟ පුර සතවක මාහිපෙ විජයරාජ පලිහ වඩන සෙඔගප්පෙරමාළා වැඩ උන්තැන අදහසට ඒකාන්ත පක්ෂව දුක්පළ ගැන‍ සොඳින් පැවතිළි නිසා මෙකියන පළමු පටන් ප්රවවෙණිව පැවත ආ සල්පිටි කොරළය බද දෙමළදූව යයි යන ගමට හිම් නැගෙන හිරින් මදිත්තර වෙලමැද හා දකුණු දිගින් රැක් කුමාරයා වත්තේ අගළ පිට අඹගස හා බස්නාහිරින් ගැඩඹුවානෙ ගල් පොත්ත හා උතුරු දිගින් මාම්පෙ ගල් පොත්ත හා මෙකියන සතර මාහිමට ඇතුළත් වූ මෙහි බද ගම්මුදල ගස කොළවල් විල් කුඹුරු ඕවිටි මේ ආදි ශ්රී දන්ත ධාතුන් වහන්සෙ සන්තක කොට පුදට අවුරුදු එකකට පඬුරට පණම් පසක් දී ප්ර්යෝජන විඳින




               දහම්සොඬ කව වැනුම                                     47

නිය‍ායෙන් මෙකියන මාම්පේ විජයරාජ පලිහ වඩන ශෙඹගප්පෙරු මාළාට හා මෙකුගෙ දරු මුනුබුරු පරම්පරාවට ආවන්ද්රපකර්ක සථායිව සවස්තිරව පවත්නා පනතට සලස්වා පත් ලියා දෙන්නේ යයි මීට අසහාය වූ කෙනෙක් ඇත්නම් සංජීව කාල සූත්රා්දී අට මහ නරකයෙහි පැසී ගොඩ නුදුටුවාහු නම් වෙති. මීට මතු සහායව බලෙලා නිලලා දුනු කෙනෙක් ඇත්නම් මතු මයිත්රිෙ භුදුන් දැක ඒ ශාසනයෙහි මහනව රහත්ව අමා මහ නිවන් දකිති. කියා වදාරා ජයවර්ධන‍කොට්ඨයෙ මාලිගාවෙහි විචිත්රන චිත්රර කර්මුන්තයෙන් විරාජමාන වූ සිංහාසනයෙහි වැඩ හිඳ සකල නගරාඟනයෙහි මුදලිවරුන් මැද වදාළ මෙහෙවරින් මේසන්හස්තාමුපත්ර ය ලියා දුන් බවට සන්හස් තීරු වරාගන් පෙරුමා ළූම්හ ධර්මමය වර්ධන ක‍රන්නෙ යි.”

මේ දෙකම තඹ සන්නස් ය. ලෙඛක දොස බොහෝ යි. පළමු වැන්නට වඩා දෙවැන්න හොඳ බව. පෙණේ මෙයින් බොහෝ කරුණු නිරවුල් වේ. සෙම්බගප්පෙරු මාල්හු ගේ රාජපාක්ෂික කම නිසා මාම්පෙත් දෙමල දූවත් නින්දගම් වශයෙන් දුන් බව හැ‍ෙඟ්. ‘විජයරාජ පලිහ වඩන’ යන කොටස මාම්පෙ සන්නසේ නැත. එයින් හැ‍ෙඟන්නේ එය පසුව දුන් තනතුරක් බවයි. මේ කාලයේ දළදා වහන්සේ වැඩ උන්නේ ජයවර්ධන පුරයේ ය, දළදා පෙරහැරේ හෝ රාජ සේනාවේ විජය රාජ නම් පළිහ වැඩීම කළ හෙයින් විජය රජ පළිහ වඩන මැතිඳු’යි ප්රැසිද්ධ විය. සන්නස්හි සඳහන් ඇතැම් නම් දැනුදු ව්ය වහාර කරනු ලැබේ. පිනිදියඅගාරෙ යනු ‘දැන් පිණ්ඩියාගාරය’යි කුඹුරෙකි. ‘පිළියන්දෙළ’ දැන් ‘පිළියන්දළ’ නම් කුඩා නගරයයි. ‘මකුළු දූව’ දැන් එ නමින්ම ය ‘දෙමළ දූව’ ද එසේයි. ‘මාදිත්තර’ යනු දැන් මාවිත්තර ය. සෙම්බගප් පෙරුමාලුන් විසින් කරවන ලදැයි සිතිය හැකි දෙවාලයක නෂ්ටාවශෙෂ දැනුදු මාම්පේ ගණේවත්ත නම් ස්ථානයෙහි වෙයි. අවුරුදුපතා එහි පුද සිරිත් පවත්වනු ලැබේ.




48 දහම්සොඬ කව වැනුම

‘පළිහ’ යනු සතුරු පහර වළක්වන උපකරණයෙකි. පාළියෙන් ‘ඵලක’ යි කියනු වඩවන - ‘වඩ’(වැඩුම්හි) දයින් සිදු කෘදන්ත පද යි. ‘ව’ යනු ප්රකයොජ්යා ර්ථ ප්රඋත්යමයයෙකි.

මුනුබුරු - (පා) ‘නත්තු (සං) ‘නප්තඃ’ යනු යි. සමහරු ‘නප්තෘ’ යන්නෙන් මේ සිඬ යයි කියතත් පිළිගත නොහේ. ඉපැරැණි ලිපිවල ‘මනු මරක’ යි තිබුණ මෙය ‘මුනුම් බුරු’ යි පසු කාලයේ ලිපිවල දක්නා ලැබේ. මුනුම්බුරු යනු මුනුඹුරුය්, සිදුවී මුනුඹුරු, මුනුපුරු, යනුවෙන් වහරට පත් වූ බව සැලකිය යුතු වේ.

9

ප:- රුපුරජගජන් -සතුරු රාජ නමැති ඇතුන් ගේ; දැඩි- මහත් වූ, එඩි - දර්පය, කෙසර මෙන් -සිංහයා මෙන්, බිඳහළ -භග්න කර හැරියා වූ, රිවිකුල පහග කොඩි - සූර්ය්යාවංශ නමැති ප්රා සාදාග්රවයෙහි ව්ර ජයක් බඳු වූ, රාජසිංහ රජ - රාජසිංහ නම් රාජයාගේ, පා සෙවන - පාදච්ඡායායෙහි, වැඩි - වැඩුණා වූ.

භා:- සතුරු රජුන් නැමැති ඇතුන්ූගේ මහත් ආඩම්බරය සිංහයා මෙන් බිඳ හැරියා වූ සූර්ය්යනවංශ නමැති විමන මුදුනේ බැඳි කොඩියක් වැනි රාජසිංහ රජතුම‍ාගේ පා සෙවනෙහි වැඩුනා වූ-

10

ප:- සුගුණරුවනාකර - සද්ගුණ නමැති රත්නයනට ආකරයක් වූ, සුදාකර සරි - චන්ද්ර යා සමාන වූ, යසසින් කීර්තියෙන් යුක්ත වූ, දයාකර - කරණාවට උත්පත්ති ස්ථාන වූ, මෙ- දැන් කියන ලද, සමරදිවාකර - සමරදිවාකර නම් වූ, මුකවෙට්ටි මැතිසඳ - මුකවෙටි මන්ත්රි් තුමා-

11

ප:- සොඳ - සුන්දර වූ, ගුණ අමරැසින් - ගුණ නමැති අමෘත රශ්මියෙන් ද, දන මන කොඳ -ජනයාගේ සිත් ‍නමැති කුන්දයන්, පුබුදුකර - ප්රාබොධ කොට


                                                 දහම්සොඬ කව වැනුම                                              49

සියකුල -සව වංශ නමැති, ගුවන් මැද - ගගන මධ්යකයෙහි පුන් සඳ සිරින් - පූර්ණචන්ද්ර ශ්රීයයෙන්, හැම සඳ - නිරන්ත‍රයෙන් දි‍ෙල් - විජෘම්භමාන වේ.

භා:- යහපත් ගුණ නමැති අමෘත රශ්මියෙන් දනන් ‍ෙග් සිත් නමැති කොඳ මල් පුබුදුවා තම කුල නමැති අහස් මැද පුන් සඳ මෙන් නිතර බබළයි.

වි:- (9,10,11) රුපුරජගජන් - සබඳ විබත්; රුපුහුද ඔහු රජහු ද රුපුරජහු, රුපුරජහු ම ගජහු රුපු රජ ගජහු ‘රුපු’ යනු (පා, සං) ‘රිපු’ සදිනි. එඩි-‘බිඳ’ (බිඳුම්හි) දයින් සිදු බිඳ යන පෙරකිරියට කර්මස යි ‘එඩි’ යනු අහංකාර කම යි. කෙසර - කම් විබති. කෙසරු ඇතිනු යි කෙසර බෙල්ලේ ලොම් සමූහය ‘කෙසුරු’ යි හැම සිංහයාටම මේ නමි. (පා) ‘කෙසර’ (සං) ‘කෙසරින්’ එහෙත් කෙසර සිංහයි සිංහයෙක් ද වෙයි. සිංහයෝ සිවු දෙනෙකි. තෘණ සිංහ, කාලසිංහ, පාණ්ඩුසිංහ, කෙසර සිංහ යනුයි. කෙසර සිංහයා ශ්රෙතෂ්ඨයි. ඔහුගේ මුඛය වලග, පා, අග යන තුන් තැන ලාකඩින් කැටයම් කළාක් වැනිය, හිසෙහි සිට නගුට දක්වා පිට මැදින් ගිය විසිතුරු ඉරි තුනෙක් වෙයි. බෙල්ලෙහි ලොම් සමූහය වටනා කම්බිලියක් වැනි ය. මෙන-නිපාතයි, දැඩි -‘එඩි’ යන්නට විශෙෂණයි (සං) ‘දෘඪ’

රිවිකුල පහග කොඩි - රිවිහුගේ කුල රිවිකුල වෛවශ්වත මනුරාජයා ගෙන් පටන්ගත් වංශය යි. හෙතෙමේ හිරුගේ පුත්රතයා ය. රිවි කුල ම පහ රිවි කුල පහ, එහි අග රිවිකුල පහග, එහි වූ කොඩි රිවි කුල පහග කොඩි, සූර්ය්යහවංශ නමැති ප්රාරසාදයේ අග වූ කොඩියක් මෙනැ යි කීමෙන් උස්ව බැබළෙන බව පැවසෙයි. රාජසිංහ රජ -(මෙහි ‘සිහ, සද ශ්රෙනෂ්ඨර්ථව යි) මේ වනාහි මායාදුන්නේ රජුගේ පුත්රවවූ ක්රිි: ව: 1581 දී සීතාවක රජ පැමිණි ප්රවථම’ රාජ සිංහ රාජයා ය. මොහු ගේ වර්ණරය සැවුල් අස්නෙහි දැක්වේ. පාසෙවන - ‍පයේ සෙවණ. ‘පාසෙවණ’. හළ - යන්නන් රිවි කුල පහග කොඩි යන්නන් රාජ



50 දහම්සොඬ කව වැනුම

සිහ රජ යන්නට විශෙෂණයි. දැඩි - ‘මුකවෙට්ටි මැතිසඳ යන්නට විශෙෂණයි. සුගුණ රුවනාකර, යාකර, සමරදිවාකර යනු ද එයට විශෙෂණය, මනා ගුණ, සුගුණ සුගුණ ම රුවන් සුගුණ රුවන්, සුගුණ රුවනට ආකර සුගුණරුවනාකර; ‘ආකර’ නම් මැණික් ආදිය උපදින ස්ථාන යි. සමරදිවාකර මැති යහපත් ගුණ නමැති රත්නයන්ගේ උත්පත්ති ස්ථානයෙකි. හෙවත් ගුණ මුහුද කැයි කියන ලදි. මුහුදට ‘රත්නාකාර’ යනු නමෙකි. යසසින් - කරණ විබති ‘යසස්’ නම් කීර්ති යයි කෙබඳු යසසින් ද? සුදාකර සරි යසසින් කීර්තිය සුදු යයි කවිසමයෙහි එයි. සමරදිවාකර තුමා ගේ කීර්තිය චන්ද්රසයා වැනි ය. ප්රසසිද්ධය, සුදාකර -(පා,සං) ‘සුධාකර’ යස චන්ද්ර යාට නමි, අමෘත රශ්මි ඇත්තේය යන අර්ථියෙනි. ‘සුදාකර’ යනු ‘යසසින්’ යන්නට විශෙෂණ යි.

සමර දිවාකර - යන නමයි. විජය රජන පළිහ වඩන මැතිඳු ගේ මුනුබුරු වූ මෙතුමා රාජසිංහ රජු ගේ පා සෙවණෙහි වැඩුණ බවත් මුකවෙටි යනු විනිශ්චය කාරයනට නමක් බව හංස සන්දෙශාදියෙන් පෙනේ. දයාකර - දයාව‍ට ආකර, ‘දයා’ නම් මෛත්රිිය හා කරුණාව යි.

ගුණ අමරැසින් - කරණ විබත් අම ද එම රැස් අමරැස්, ගුණ ම අමරැස්ගුණ අමරැස්, ‘සොඳ’ යනු එයට විශෙෂණ යි. කර යන පෙර කිරියට දන මන කොඳ යනු අනුක්ත ප්රරකාතිකර්මි ද, පුබුදු යනු අනුක්ත විකෘති කර්මම ද වේ. දනන්‍ ගේ මන දනමන. දනමන ම කොඳ දනමනකොඳ, කොඳ නම් ‘සමන්’ වැනි මල් වර්ගනයෙකි. සියන්ගේ කුල ‘සියකුල’ සියකුල ම ගුවන සියකුලගුවන, ඔහුගේ මැද සියකුල ගුවන් මැද, අදර විබත් - දිලේ -‘දල’ (දිලුම්හි) දයින් සිදු වර්තමානාඛ්යාිත යි. ‘මුකවෙට්ටි මැති සඳ, යනු කර්තෘයි, ‘දල’ ධාතුව අකර්ම්ක බැවින් කර්මමයෙක් නැති.





                                                 දහම්සොඬ කව වැනුම                                              51

පුන්සඳ සිරින් - පුනු වූයේ ද එම සඳ වූයේ ද පුන්-සඳ, පුන්ස‍ෙඳ් සිරි පුන් සඳ සිරි සමරදිවාකර මැතිතුමා පුන්සඳට උපමා කළ අයුරු යි. සඳ සිය රැසින් කොඳ පුබුදුවා ගුවන මැඳ දිලෙයි. මේ මැති සඳ, ගුණ අමරැසින් දන මන කොඳ පුබුදුවා සිය කුල අහස මැද දිලෙ යි. සඳු‍ගේ රශ්මියට රශ්මිය යි කියති. දෙවියන් අමෘතය රැස්කර තබන්නේ සඳමඩලෙහි ල, එයින් නික්මෙන් රශ්මිය ද එ හෙයින් අමා රැස් නමි. කොඳ මල් සඳ රැසින් පිපෙති යනු කවි සමය යි. හැමසඳ යනු ආධාර යි.

12

අ:- මොක් සැපත ම කුසලට ම සිතු නතු කර පෙති පිළිම කරවා මනරම් තෙවළා දහම් ලියවී.

ප:- මොක් සැපත ම - මොක්ෂ සම්පත්තිය ම, සිතු - චිත්තය, නතු කර - නැමීම කොට, පෙතිපිළිම- පෙතිකඩ හා ප්රේතිමා, මනරම - සිත්කළු, තෙවළා දහම් - ත්රිමපිටක ධර්මහ ය.

භා:- නිවන් සැපතම පතා පිනටම සිත නමා පෙති පිළිම කරවා සිත්කලු ත්රි-පිටක ධර්ම ය ලියවී ය.

වි:- පතා- ‘පත’ (පැතුම්) දයිනි මොක් සැපත යනු කර්ම- ය. කර -යන්නට සිතු - යනු ප්රිකෘති කර්මත ද වේ. නතු යනු විකෘති කර්මම ද වේ. කුසලට - ආධාරාත්ථි්යෙහි සබඳ විබත් පළමු දෙවෙනි පාදයන් හි අග ‘ම’ යන්න අවධාරණාත්ථි නිපාත යි. කරවා - ප්රෙයෝජ්යා ත්ථිැ පූර්ව ක්රි යා යි. පෙතිපිළිම - යනු කර්ම යි. ලියවි - ‘ලිය’ (ලියුම්හි) දයින් සිදු අතීත ආඛ්යාිත යි. තෙවළ දහම් - යනු කර්ම යි. මනරම යනු එයට විශෙෂණ යි. මෙහි සියලු ක්රි යාවනට කර්තෘ මුකවෙට්ටි මැතිසඳ’ යි.

සිතු - ‘සිත්’ සදක් මෙන්ම තදර්ථයයෙහි ‘සිතු’ සදෙක් ද වෙයි. නෙත්රසවාචි ‘නෙතු’ සද මෙනි. නතු - නම නමුම්හි දයින් සිදු කෘදන්ත යි. (පා, සං.) ‘නත’ යනුයි.



52 දහම්සොඬ කව වැනුම

කුසල - කුත් සිත වූ පව් සලනය කම්පනය කෙරේනු යි පිනට මේ නමි. ‘දක්ෂය’ යන අර්ත්ථෙය ද පවතී. සැප ලබා දීමට දක්ෂවනුයේ කුසල ය’යි.

පෙති පිළිම -‘පෙති’ යනු වසුත්රායදියෙහි අඳනා රූපයි. ‘මුනි පෙත්තක්’ යනාදී වශයෙන් පොත්හි එයි. ‘පෙති කඩ’ යි වහරෙති එයි ‘පිළිම’ නම් මැටි ආදියෙන් කරන ප්රවතිරූප යි. පෙති ද පිළිමද ‘පෙතිපිළිම’

තෙවලා දහම් - ‘වළා’ යනු පු‍ටක ශබ්දාර්ත්ථෙයෙහි ය. වළා තුනෙක් එක්කොට සැලැකුණෙ ‘තෙවළා’ ත්රියපිටක ය යි තෙවළා ද එම දහම් ද තෙවළා දහම්, සූත්රළපිටකය, අභිධර්ම පිටකය, විනය පිටකය යනු ත්රි පිටක යයි. සූත්රම පිටකය දීඝ - මජ්ක්ධිළම- සංයුත්ත -අංගුත්තර - බුද්දකයි නිකාය පසෙකින් යුක්තය. අභිධර්මට පිටකයෙහි කොටස් සතෙක්; එනම්: ධම්ම සඬගනි, විහඬග, කථවතුථු, පුග්ගල පඤ්ඤත්ති, ධාතුකථා, යමක, පට්ඨාන යනු යි. විනය පිටකය - චුල්ලවග්ග, මහාවග්ග, පාරාජික, පාචිත්තිය, පරිවාර යි පස් වැදෑරුමි. මේ මැතිඳු ත්රිාපිටකය ලියැවූයේ නිවන පතාගෙන ය, පිනටම සිත නමාගෙන ය. ලාභ කීර්ති ආදියක් බලාගෙන අපිරිසිදු සිතින් නො‍ෙව්.

13 ප:- බොරු තෙපල - මුසාවාදය ද, රහමෙර සුරා මෙරය ද, ලොරවිස සෙ- ගොර වූ විෂ මෙන්, තුඩ- මුඛ-යෙහි නො වකයි-නො තවර යි. අන්සතු දන පතර අන්ය්යන් සන්තක වූ වස්තු සමූහය. කැටකැබිලිති සෙ - ශර්කරා ලොෂ්ටයන් මෙන්, හැමවර - සියලු කල්හි, සිතයි චින්තනය කර යි.

වි:- නො වකයි-‘වකයි’ යනු ‘වක’ (වැකුම්හි) දයිනි. ‘වක’ යන වර්තමාන ආඛ්යා ත ප්රදථම පුරුෂ එකවචන රූප ය යි, නිපාතය සමග යෙදීමෙන් ‘වකය’ යන රූපය සැදිණ. ‘කරයි’ යනාදිය මෙනි, ‘මුක-වෙට්ටි’ මැතිසඳ


                                                 දහම්සොඬ කව වැනුම                                              53

කර්තෘය බොරු තෙපල, රහමෙර යනු කර්මණය යි. තුඩු - යනු ආධාර යි. විය-කම් විබති, ගොර යනු’ එයට විශෙෂණයි, සෙ-යනු නිපාතයි.

බොරු තෙපල බොරු වූයේද එම තෙපල වූයේ ද, ‘බොරු තෙපල’ ඇතිදේ නැතිකොටද ති දේ ඇති‍ කොට ද කීම බොරුවයි. ‘වචනය’ යන අර්ත්ථන ඇති ‘තෙපුල්’ සද ‘තෙපලයි’ සිටියේය. තෙපල ‘තෙපුල’යි සිටිනුයේ එක බස්හිය, සිටියේය. බුහු බස්හි තෙපුල්’යි ම සිටී. තෙල තෙපුල-තෙපුල් ඈ විසිනි. රහමෙර - (පා) සුරා-මෙරය යනුයි. ‘රහ’ යනු යි. ‘රා’ යි එයි. ‘සුර’නම් වැද්දකු විසින් පළමුයෙන් සොයාගත් හෙයින් හෝ සුරයන් විසින් ඇති කළ හෙයින් හෝ ‘සුරා’ නම් වියයි කියති. බීම, යන අරුත ඇති ‘සු’ ධාතුයෙන් පරව ‘ර’ ප්රිත්යවය කොට මාගධි නෛරුක්තිකයන් මෙය සිද්ධ කරන හෙයින් පානය කරණු ලැබේ නුයි හෝ ‘සුරා’ නම් වේයයි සැලකිය යුතු ය. සුරා පස්වගෙකි. පිටියෙන් කළ සුරාය, කැවුම් වලින් කළ සුරාය, බතින් කළ සුරාය, සුරා බීජ ලා කල සුරාය, නොයෙක් දේ ලා කළ සුරාය, යනුවෙනි, මදය උපදවානු යි ‘මෙර ය’ නමි ‘මද’ ධාතුවෙන් පරව ‘ණය’ ප්ර ත්යහය කොට ‘අ’ ‘හ’ ‘එ’ ‘ඳ’ හට ‘ර’ ද ආදෙශ කොට සිද්ධ කරනු ලැබේ. එනම්, ‘ආසව’ යි. මල්වලින් ද ගෙඩි වලින් ද උක් සකුරින් ද මියෙන් ද නොයෙක් උපකරණයෙන් දැය මෙසේ මෙරය පස් ක්රරමයකට සාදති.

තුඩ - (පා) ‘තුණ්ඩි’ ශබ්දයෙනි. විස සෙ ගොර - නපුරුවූ විෂයෙක් මුඛයෙහි ගෑවුණු තරමින් දිවි නැසෙයි. එහෙයින් නුවණැත්තෝ එම විස මුඛයෙහි නොවකති, සමරදිවාකර මැතිතුමා බොරුවත් රහමෙරත් එ පරිද්දෙන් ම සලකයි නොහොත් බොරු නොකියයි. රහමෙර නො බොයි.

කැටකැබිලිති සෙ-මේ ඒ මැතිඳු සොරකමින් වැළකුණ සැටි කී පරිදියි.අනුන් අයත් වස්තුව එතුමා සලකන්නේ කැටකැබලිති ලෙස ය. කැට ද කැබලිති ද



54 දහම්සොඬ කව වැනුම

කැටකැබිලිති, ‘කැට’ යනු කුඩා ගල්වලට නමි. ‘කැබිලිති යනු බඳුන් ආදියේ ඛණ්ඩය. (පා) ‘කපාල’ ශබ්දයෙන් එන ‘කබල්’ සද ‘කබලු’ කැබෙලි, කැබලි, කැබිලි යි කීපාකාරයෙකින් පවතී. සවල්පාර්ත්ථියෙහි වූ ‘ඉති’ යන ශබ්දය යෙදීමෙන් ‘කැබිලිති’ යි විය.

14 ප:- ලොව - ලෝකයෙහි, හැමතැන - සියලු තන්හි, විතත- පතළා වූ, පුන් සිසි කැලුම්-පූර්ණෝ චන්ද්ර‘යාගේ කාන්තිය හා; එකයුත- එකාකාර වූ, මෙත් සිත-මෛත්රී් චිත්තය; හිතා හිත ‍සතවෙත- හිතවූ ද, අහිත වූ ද සත්ත්වයන් කෙරෙහි එකරඟට- එකාකාරයෙන්, පතුරුවයි- එරණය කෙරෙයි.

භා:- පූර්ණක චන්ද්රඑයාගේ රශ්මිය වෙනසක් නැතිව ‍ෙලාව සියලු තන්හි පැතු‍රුණේ වෙයි. මෙ මැතිඳුගේ මිතුරෝ ය, සතුරෝ ය, යන වෙනසක් නැතිව සියල්ලන් කෙරෙහි එකසේ පැතිර වූ මෛත්රීු චිත්තය ද එබඳු ය.

වි:- චිත්තය - පාළි සංස්කෘත දෙකට සමයි. එකයුත- මෙත් සිත යන්නට විශෙෂණ යි. හිතා හිත + අහිත යි, විසන්ධි යි. ‘හිතයෝ සම් වැඩ කැමැත්තෝ ය මිත්ර.යෝ ය. ‘අහිතයෝ’ නම් විරුද්ධයෝ ය. සතුරෝ ය. කර්තෘ මුකවෙට්ටි ‘මැතිසඳය, කර්මදය - මෙත්සිත යනු යි. ‘මෙත් සිත’ නම් සියලු සත්වයෝ සුවපත් වෙත්වා, යන සිතිවිල්ලයි. එකරඟට- කරණාර්ථතයෙහි සපදන් ‘මෙත්සිත’ පූර්ණල චන්ද්ර- රශ්මියට සමවන්නේ එය සියලු සතුන් කෙරෙහි එක සේ පැතිරෙන බැවිනි.

15

ප:- බැවහර බස- ව්යිවහාර වචනය, අසා- ශ්රරවණය කොට, සිවු අගති දොස- සතර අගතියේ දෝෂය, දැන ගෙන- විජානනය කොට, කිරඹ- ක්ෂිරාම්බුඬිය. වෙන්කළ- පෘථග්භූත කළාවූ හසලෙස- හංසයා මෙන්, විනිසකර- විනිශ්චය කොට, තුති ගොස- ස්තුති ඝොෂය, කරවි- කර වූයේ ය.



                                    දහම්සොඬ කව් වැනුම                                      55

භා:- නඩු අසා සතර අගතියේ දැන කිරිත් දියත් වෙන්කළා වූ හංසයා මෙන් විනිශ්චය කොට තුති පුදු ලැබූ බව මෙයින් පැවැ‍ සේ.

වි:- අසා කරතෘ ‘එ මැති’ යි ගත යුතු යි. බැවහර බස යනු කර්ම යි. දැනගෙන-කර්මකය, ‘සිවු අගති දොස’ යනු ය. ‘කර’ යන්නට කර්ම ය ‘විනිස’ යන්න ය කරවි-ප්රුයොජ්යාසර්ථන ආඛ්යායත ක්රි’යා යි. ‘තුතිගොස’ යනු කර්මව යි. බැවහරබස මේ සංස්කෘතයෙහි එන ‘වණවහාර පද’ යන්න වෙනුවටය එනම්, නඩු ඇසීම ය නඩු ඇසීමේ ක්රෘම සතරෙකි. පූර්වා පක්ෂෙය (පැමිණිල්ල) උත්තර පක්ෂ ය (විත්තිය) ක්රිපයා පදය (සාක්ෂළ්ය(), නිණිපාද (විණිශ්චය) යනුයෙනි. ‘වැවහැර’ යන්නෙහි ‘ව’ හට ‘බ’ වීමෙන් ‘බැවහර’ යි විය.

සිවු අගති දොස-‘අගන්තබ්බාගති අගති ය’ යූ හෙයින් නො යායුතු ගමන ‘අගති’ නමි. ඡන්දාගති, වෙෂාගති ,භයාගති, මොහාගති යි සතර ආකාරයි අශාවෙන් නො මග යාම ඡන්දාගතිය යි. ක්රො ධයෙන් නො මග යාම වෙෂාගතිය යි, භයෙන් නො මග යාම භයගතිය යි, මෝඩ කමින් නො මඟ යාම මොහාගතිය යි. අගතිගාමි පුද්ගලායාගේ යසස කළුවර පක්ෂයේ සඳ මෙන් පිරිහෙන්නේ යයි බුදුහු වදාළහ.

කිරඹ වෙන්කළ හස- හංසයා කිරෙන් දිය වෙන් කළ ලෙස ය යි සමහරු අර්ථළ කියති. මෙහි හංසයාට උපමිත් වූයේ සමරදිවාකර තුමා යි. එ හෙයින් එම අර්ථ ය නො යෙදේ ‘කිරෙන් දිය වෙන් කළ හංසයා ලෙස’ යනු එහි අදහසය. කිරි දියදෙක මුසුකොට දුන් කළ හංසයෝ කිරි පමණක් උරා බොත් ල! එ මැතිඳුගේ විනිශ්චය ද එ බඳු ය. යුතුකම, අයුතුකම, යන දෙකින් යුතුකම ම වෙන්කර ගන්නා බව පැවසිණ, ‘කිරඹ’ කිරි-‘අඹ’ යනු විසන්ධි යි (පා. සං) ‘අම්බු’ ශබ්දය ‘අඹ’ යි එයි.





56 දහම්සොඬ කව් වැනුම

16

ප:- රූසිරි-රූපශ්රී ය ය, ගුණ-ගුණ ය, නුවණ-ඥානය යස-යසස ය, බල-ශක්තිය, විකුම්-වික්ර මය, විතාරණ-ත්යා-ගය යන, මෙ හැම ගුණ- මේ සියලු ගුනයන්, එක් ‍කොට-එකීභූත කොට, මහබඹ-මහා බ්රාහ්මයා විසින්, මෙ මැතිමිණ-මේ මන්ත්රීක ශ්රේෂ්ඨයා, මැවූ වැනි-මවන ලද්දාක් වැනි ය.

භා:- රූප සම්පත්තිය, කරුණාදි ගුණය, නුවණ යසසය, ශක්තිය, වික්රයමය, ත්යා,ගය යන මේ සියලු ගුණ සමරදිවාකර මැතිඳු කෙරෙහි පිහිටි බව කී සැටි යි. එ මැතිඳු මේ හැම ගුණ එක්කොට මහබඹු විසින් මැවුවාක් වැන්න.

වි:- මෙහි අවසාන ක්රිුයාව ‘‍වේ’ යි. අද්ධ්යානහාර, කටයුතු යි. ‘මෙ මැතිමිණ’ යනු ප්රකකෘති කර්තෘ ද ‘මැවු වැනි’ යනු විකෘති කර්තෘ ද වේ. ‘මව’ (මැවුම්හි) දයින් සිදු මැවු යන කෘදන්තයට ‘මහබඹ’ යනු අනුක්ත කර්තෘයි. එය කතුවිබත් පද යි. ‘එක්’ යන්න පූර්වක කොට ඇති ‘කොට’ යන පෙර කිරියට ද කර්තෘ එය මැ යි. මේ හැම ගුණ යනු කර්ම යි.

රුවෙහි සිරි රූසිරි ශරීර ශොභාවට මේ නමි. ‘රූසිරි’ යි සිටින්නේ මෙහි ආදිය හ්ර ස්ව වීමෙනි. ‘රුසිරු’ යනු ‘මනොඥ’ යන අර්ථක ඇති අන්ය පදයෙකි. එය (පා. සං.) ‘රුචිර’ යන්නෙන් අයේ ය. ‘ගුණ’ යනු මෛත්රීව කරුණාදි යහපත් ගුණයි. ‘යස’ කීර්තිය යි ‘බල’ නම් ශක්තිය යි. හෙවත් සමත්කම යි. විකුම්-(වික්රුම) අනුන් මැඩලීමේ බලය යි. විතරණ-(විතාරණ) ත්යාවග ගුණය යි. ‘රුසිරි’ යනාදී පද සත ම ප්ර ථමා විභක්ත්යරන්ත යි. ‘මැවු වැනි’ බ්ර්හ්මයා විසින් ලොව මවන ලදැයි අදහන්නෝ වෛදික යෝ ය, බෞඬයෝ මැවීමක් විශ්වාද නො කරති. එහෙත් කවිසමයෙහි බ්රතහ්මයා මැවුම්කාරයා ලෙස එන හෙයින් මේ කවිහුද මෙසේ යෙදූහ. පැරණි කවීන් අනුව යාම සියලු ම කවීන්ගේ සිරිතකි. එ හෙයින් මේ යෙදීම නිවැරදිය.



                                            දහම්සොඬ කව් වැනුම                                            57

මහ බඹ තෙමේ විෂණුහුගේ නාභි පද්මයෙහි උපනැයි ද මුහුණු සතරක් හා අත් අටක් ඇත්තේ ය යි ද කියති. බෞඬ ග්රුන්ථයන්හි එසේ නො කියැ වේ. ‘මැතිමිණ’ යන්නෙහි ‘මිණි’ සද ශ්රෙයෂ්ඨාර්ථ යෙහි ය.

17


අ:- මේ මැතිඳු සඳ පවර මුනිරජු‍ ගෙ පෙර සිරිතක් අසනුව අදරකර මනහර ආරාදනා කෙළෙන්.

ප:- පවර-උතුම්, පෙර සිරිතක්-පූර්ව චරිතයක්, අසනුව-ඇසීම පිණිස, අදරකර- ආදරය කොට, මනහර-ම‍නොඥ වූ, කෙළෙන්- කළ හෙයින්,

වි:- මෙ මැතිඳු සඳ - මේ කියන ලද සමරදිවාකර මුකවෙට්ටි මැතිතුමා යි, ‘මැතිතුමා’ යන අරුත ‘මැතිඳු’ යන්නෙන් ම ලැබේ. උත්තමාර්ථය ශබ්දයන්, කෙරෙන් තවද උත්තමාර්ථව ශබ්ද යෙදීම වැඩි වූයේ මෑත භාගයේදී ය. මැතිඳු ම සඳ මැතිඳු සඳයි සමාස කටයුතු වේ. මන්ත්රීයන්ද්රබ ශ්රෙඳෂ්ඨයා විසින්’ යි අර්ථමය ලැබේ. කතු විබත් පද යි. ‘පවර’ යනු ‘මුනි රජුගේ’ යන සබඳ විබත් පදයට විශෙෂණ යි. ‘ගෙ’ යනු නිපාත යි. සම්බන්ධාර්ථ්‍ ම ප්රෙකට කිරීමට ය, මේ යොදනුයේ. සිරිතක්- ප්රාකෘතිය ‘සිරිත්’ ය. ‘චරිත’ (පා, සං) ශබ්දයෙනි; කථා ප්රමවෘත්තිය ‘චරිතය’ යි. පෙර-බුදු වන්නට පූර්වච කාලයෙහි යන අර්ථේ යි. අදර විබති. අසනු ව-අසන්නට; ඇසීම පිණිස, ‘අසනු’ යනු භාවකෘදන්ත යි. ‘ව’ යනු සම්ප්රිදානාර්ථනයෙහි යෙදෙන ‘වස’ ප්රුත්යයයාගේ අන්තය ලොප් වී‍මෙන් සිටියේ වි. ‘අසනු වස්’ යි කිවයුතු තැනි. එහෙත් ‘ව’ යන්න වෙන ම ප්රිත්යායයෙකැයි සැලකුව ද වරද නැති; යනුව, එනුව, දෙනුව යනාදීන් බොහෝ සේ යෙදී තිබෙන බැවිනි. ‘අසනු’ යන්නෙහි කර්ම‍ ය ‘සිරිතක්’ යනු යි. ‘කර’ යන පෙර කිරියට ‘මැතිඳු සඳ’ යනු කර්තෘ ද, ‘අදර’ යනු කර්මය ද වෙයි. කෙළෙන්- ‘කළ යන නාමයෙන් පරව ‘එන් ප්ර ත්ය,ය යි; හෙත්වර්ථ‍යෙහි කරණ විබත්.


58 දහම්සොඬ කව් වැනුම

ආරාධනා-(පා) ‘ආරාධනා’ ගරු බුහුමන් පෙරදැරිව කරන මෙහෙයීමට නය ‘කළ’ යන කෘදන්තයේ කර්ම’ය යි. මනහර- යනු එයට විශෙෂණ යි.

මේ කාව්ය- කිරීමට බාහ්ය නිමිත්ත වූයේ සමරදිවාකර මැතිඳුගේ ආරාධනාව යි.

18

අ:- සිත එකඟ කෙරෙමින් ඇසූ සතහට මනරඟ සග පවග සැප දෙන දහමි සොඬ වග පද බැඳ කියමි.

ප:- එකඟ එකාග්රස, මනරඟ- මනොඥ වූ, සගපවග-සැප- සවර්ගද අප වර්ගඑ සම්පත්, දහම් සොඬ වග- ධර්මාව ශෞණ්ඩ රජතුමා පිළිබඳ ප්ර වෘත්තිය, පදබැඳ- පද්යා බන්ධනය කොට-

භා:- සිත එක් අරමුණෙක පිහිටුවා ගෙන ඇසූ සත්ත්වයනට යහපත් සවර්ගග සම්පත් හා නිවන් සම්පත් දෙන්නා වූ දහම් සොඬ රජතුමා පිළිබඳ පුවත පද්ය‍යට නගා කියමි.

වි:- සිත එකඟ කෙරෙමින්- ‘කෙරෙමින්’ යනු ‘කර’ දයන් සිදු නිපාක ක්රිතයා යි. ‘කොට’ යනු ‘අර්ථයි’ සිත යනු ප්රපකෘති කර්මක ද ‘එකඟ’ යනු විකෘති කර්මය ද වේ. (පාළි) ‘එකග්ග’ ශබ්දය ‘එකඟ’යි අර්ධවර්ගාින්තාගම ව ‘එකඟ’ යි. සිටී; මෙහි ‘අග සද අරමුණ’ යන අර්ථ ඇත්තේය. එකම අරමුණක් ඇත්තේ ‘එකඟ’ යි. සිත වෙනතකට නොයාදී එක ම අරමුණකට ගත් කල ‘එකඟ වුණා’ නම් වෙයි.

සතහට-සප දන්, ‘ඇසූ’ යනු එයට විශෙෂණ යි, ‘අස’ (ඇසුම්හි) දයින් සිදු අතිත කෘදන්ත යි. මනරඟ- යමෙක සිත ඇලේ නම් ඒ ‘මන රඟ’ යි. මෙහි ‘රඟ’ සද රඤ්ජනාර්ථ යි.

සගපවග (සග්ග අප වග්ග, සවර්ගඟ අප වර්ගද) ‘සග’ නම් දිව්‍ය ලොකයි. චාතුම්මහා රාජික, තාවතිංස, යාම තුසිත, නිම්මාණරති, පරනිම්මිත වසවත්තී යි ඒ සයෙකි.

                                            දහම්සොඬ කව් වැනුම                                                  59

සැපතින් අග්ර ස්ථාන ‘සවර්ග ’ යි. ‘අප වග’ නම් නිවන යි. ‘මොහු (නිවන) කෙරෙත් සංස්කාරයෝ පහ වෙත් නුයි අප වර්ගව නමි. සග ද අප වග ද ‘සගපවග’

‘කියමි’ කිය (කියුම්හි) දයිනි. ‘මම’ යි කර්තෘන අද්ධ්යා හාර, යි. ‘දහම් සොඬ වග’ යනු කර්ම( යි. දහම්හි සොඬ දහම් සොඬ මෙහි ‘සොඩ’ සද ‘ඇලුණේ’ යන අර්ථම යි. දහම් සොඬහුගේ වග ‘දහම් සොඬ වග’ මෙහි ‘වග’ ‘සද’ ප්ර වෘත්තිය, යන අර්ථයෙන් යුක්ත ය. වර්ගා්ර්ථ ‘වග’ ශබ්දයෙකුදු වෙයි. රස වාහිනියෙහි ‘ධම්මසොණ්ඩ වග්ග’ යේ මුල් කථාවස්තුව ‘දහම් සොඬ වත’ යි, සමරදිවාකර තමා ආරාධනා කෙළේ මුනි රජු ගෙ පෙර සිරිතක් කියන්නටය. එ හෙයින් දහම් සොඬ වර්ගාය පද බැඳීම කවියනන්ගේ අදහස නොවී ය. ‍එයට කථා වස්තු දසයක් ඇතුළති. ගිය වග කළ වග යනාදීන් ව්යසවහාරයෙහි එන ප්රඑවෘත්ති වාචක ‘වග’ ශබ්දයම මෙහි යෙදිණැ යි දත යුතුයි. (පා) ‘ධම්මසොණ්ඩ’ යන්නද ‘දහම් සොඬ’ යි අව හැකි යි. දහම් සොඬ ජාතකය දැන් ජාතක පොතේ නැත.

බැඳ-බඳ’ (බැඳුමිහි) දයිනි. ‘දහම් සොඬ වග’ යනු කර්ම යි. ‘පද’ කරණ විභක්ත්යබන්ත යි. ‘බැඳ’ යන්නෙහි කර්මදය වශයෙන් ගතහොත් කම් විබත් පද ය යි සැලකිය යුතු ය. පද්යදයෙන් බැඳීම පද බැඳීම යි. එනම් පද්ය යට නැඟීම යි. ගද්යප පද්යෙ මිශ්රබ යි කාව්යගය ත්රිමවිධය.

19

ප:- නැණ පබඳ -ඥානයෙන් ප්රයසිද්ධ වූ හෝ ඥානරාශි ඇත්තා වූ, වියතුනි- ව්යීක්තයෙනි, මෙහි- මේ කාව්ය යෙහි දොසක් දුටුවද- දොෂයක් දර්ශමනය කළද, හැර- වර්ජනය කොට; බුදු ගුණයට පැහැද- බුද්ධ ණයෙහි ප්රයසන්න ව, අදර බැතින්- චිත්ත භක්තියෙන්, දෙසවන නමා- දෙකන් යොමු කොට, අසවු - ශ්රෝවණය කරවු.’




60 දහම්සොඬ කව් වැනුම

භා:- නුවණින් පසිඳු පඬිවරුණි, මෙහි වරදක් දුටු වත් දුරු කොට බුදු ගුණය කෙරෙහි පැහැදි සිතෙහි භක්තියෙන් යුක්ත ව කන්දෙක යොමුකර අසවු:

වි:- විය තුනි- ආලපන යි. ප්රදකෘතිය ‘වියත්’ ය, (පා), ‘වියත්ත’ ශබ්දයෙනි, නැණපබඳ- ‘පබඳ’ සද සමූහය, ප්රදසිද්ධය යන අර්ථ ඇත්තේ වෙයි. එහෙයින් ‘නැණයන්’ ගේ පබඳ ඇතියේ’ කියා හෝ ‘නැණින් පබඳ’ කියා හෝ විග්රලහ කටයුතු යි. ‘වියතුනි, කියන්නට විශෙෂණ යි. ‘හැර’-‘හර’ (හැරුම්හි) දයිනි ‘තෙපි’ යි කර්තෘව ද ‘එය’ යි. කර්ම ය ද ගත යුතු යි. දුටුව-අසම්භාව්යල කෘදන්ත යි, ‘දිස්’ දයිනි ‘දොසක්’ යනු කර්මව යි. ‘ද’ යනු නිපාත යි. බුදුගුණයට-ආධාරර්ථේයෙහි සපදන් පැහැද-‘පහද’ (පැහැදුම්හි) දයිනි අසවු ‘අස’ (ඇසුම්හි) දයින් සිදු වර්තෙමාන මධ්යැම පුරුෂ බහු වචන යි. ‘තෙපි’ යනු කර්තෘස යි. කර්මදය ‘එය’ යි ගතයුතු යි. නමා- ‘නම’ (නැමුම්හි) දයිනි. දෙසවන් යනු කර්මද යි. සවන් දෙකක් එක් කොට සලකන ලද්දේ දෙසවන්. අද- ‘හද’ යන්නෙහි ‘හ’ කාරය ලොප්වීමෙනි ‘අද’ යි නිපාතයෙක් ද වෙයි. ‘මෙ කල්හි’ යනු අර්ථය. අර්ද්රම වූ (තෙත් වූ) යි ද අර්ථය. ගත හැකි යි. එවිට භක්තියෙන් තෙත් වූ දෙකන් යොමු කොට, යන අදහස ලැබේ. සිත යන අරුත මෙහි ලා වඩා මැනවි. බැතින්-කරණ විබත්, ‘නමා’ යන ක්රිියාවට විශෙෂණ යි. ‘බැති’ යනු (පා) ‘භක්ති’ (සං) ‘භක්ති’ ශබ්දයන් ගෙනි, සෙවනය’ කිරීම යන අර්ථය ඇත්තේ ය.

20

ප:- පුවතර - ප්රතසිඩ වූ, මෙම කපෙහි - මේ කල්පයෙහිම, තුන් වන කපතුර- තුන්වැනි වූ අන්තඃ කල්පය තුළ ලොව- ලෝකයෙහි, පහළ- ප්රාතද්රනර්භූත වූ, පින්සර- පුණ්යියෙන් සාර වූ, මනහර- මනොඥ වූ, කසුප් මුනි රජ තුමා- කාශ්ය ප මුනින්ද්රොමත්තමයා.





                                             දහම්සොඬ කව් වැනුම                                                     61

වි:- ‍මෙම කපෙහි පුවතර - අන්තඃ කල්ප, අසංඛ්ය කල්ප, මහා කල්පයි කල්පය තුන් ආකාර වේ. මහ පොළොව එක් යොදුන් තුන් ගවුවක් පමණ වැඩෙන කාලය අන්තඃ කල්ප නමි. අවුරුදු දහසකට වැඩෙන්නේ එක් අඟලකි. අන්තඃ කල්ප සූසැටෙක් අසංඛ්යව කල්පයෙකි. අසංඛ්යන කල්ප සතරෙක් මහා කල්පයෙකි. අන්තඃ කල්ප සතරෙක් මහා කල්පයෙකි. අන්තඃ කල්ප විසසෙක් අසංඛ්යන කල්පහෙකැයි ද මතයෙකි. මෙහි ‘කප්’ සද අසංඛ්යප කල්ප වාචි යි. මේ අසංඛ්යය කල්පය බුදුවරුන් පස් නමකුගෙන් ප්ර්තිමණ්ඩිත හෙයින් ‘භද්රා කල්ප’ නමින් ද ප්රලසිද්ධය. ‘පුවතර’ යි යෙදුණේ එ බැවිනි. අතුරු කප තුර- (පා) ‘අන්තර කප්ප’ යනු ‘අතුරු කප්’ යි එයි. අග ‘අතුරු’ සද ඇතුළ යන අර්ථ යෙන් යුක්ත ය. පිනෙන් සර පින්සර කසුප් මුනිරජතුමා- මෙ කප් තුන් වැනි ව පහළ වූ බුදුරජාණන් වහන්සේ යි. පියා ‘බ්රිහ්මදත්ත, නම් බමුණුය. මවු ධනවතී නම් බැමිණි ය. වර්ෂ දෙදහසක් ගිහිගෙයි වැස ‘සුනන්දා’ නම් අග මෙහෙසිය. ‘විජිතසේන’ නම් පුත් කුමරු වැදු දිනයෙහි මහාබිනික්මන් කොට පැවිදි වූ සේක. බොධිය වූ‍ෙය් නුගරුකෙකි. විසි දහසක් වස් ආයුෂ වින්ද මුන්වහන්සේට තිස්ස ය, භාරද්වාජය යන දෙනම අගසවු වූහ. පහළ පින්සර මනහර යනු ‘කසප් මුනිරජ තුමා’ යන ප්රෂථමා විභක්ත්ය.න්ත පදයට විශෙෂණ යි.

21

ප:- දෙතිසක් ලකුණෙනුදු- වත්ත්රිංාශත් ලක්ෂණ යෙන් ද, සවන්ගන බුදුරැසිනිදු:- ෂඩ්වර්ණ් ඝණ බුඬ රශ්මියෙන් ද, ‍ෙකාත්මල් ලකරිනුදු - කෙතුමාලාලංකාරයෙන් ද, විසිරියන් බඳනුදු - විංශතිරතන පරිමිත ශරීරයෙන් ද, බබලමින්-භ්රා,ජමාන වෙමින්-

වි:- දෙතිසක් ලකුණෙන්-කරණ විභත්, ලකුණෙන් ‘දු’ යනු ලකුණෙනුදු යි විය. ‘දු’ යන්න නිපාතයි, එහි උකාරය අනු ව ‘න්’ යන්නට ද උකාරය විය. ‘රැසිනු’ යනාදී තැන්හිද මෙසේයි. මනාව පිහිටිපා ඇති බව



62 දහම්සොඬ කව් වැනුම

යටි පතුලෙහි දහසක් දැවියෙන් යුතු චක්ර ඇති බව යනාදී මහා පුරුෂ ලක්ෂණ දෙතිස මෙයින් අභිප්රෙ ත යි; එම ලකුණු පිහිටන්නේ බුදු වරුන්ටත්, සක්විති රජුන්ටත්, පමණි. විස්තර ධර්ම් ප්රටදීපා‍දියෙන් - බලාගත හැකි යි.

සවන්ගන බුදු රැසිනුදු- වන් සයක් ඇත්තේ යමක්හු හටද හේ සවන්, බුදුන්ගේ රැස් බුදු රැස්, ගන වූයේ ද එ ම බුදුරැසු වූ යේද ගන බුදුරැස්, සවනින් යුත් ගන බුදුරැස් සවන් ගන බුදුරැස් (පා) ඡබ්බර්ණැ ඝන බුද්ධ රංසි,(සං) ෂඩ්වර්ණන ඝන බුද්ධ රශ්මි පාට සයක් ඇති ඝන වූ බුදුරැස් යන අත්ථංර්‍ යි. පාට සය නම් නිල්, කහ, රත්, සුදු මඳට යන පස හා පැහැ විහිදෙන (ප්රුභාස්ව‍ර) පාට යි. බුදුරජාණන් වහන්සේ ගේ ශරීරයෙන් මේ පාට සයෙන් යුත් රශ්මි විහිදෙන්නේ ය.

කොත්මලේ ලකරිනුදු- කොතුන්ගේ මල්, කොත් මල් කොත් මල් වැනි වූයේද එම ලකර වූයේද කොත් මල්ලකර (පා, සං) ‘කෙතු’ මාලාලඬ්කාර’ ‘කොත්’ නම් ධවජයි. ධවජමාලාවක් වැනි අලංකාර ය. කොත්මල් ලකරයි. බුදුන්ගේ දෙතිසක් මහලකුණු පළට කරමින් ඒ අනුව පවත්නා අසූවක් කුඩා ලකුණු (අනුව්යණඤ්ජනයෝ) වෙති. කෙතුමාලාලංකාරය ද ඔවුන්ගෙන් එකකි. හිස මතුයෙන් වඩු රියණක් පමණ උසට පැතිර පවත්නා ධවජ සමූහයක් වැනි රශ්මි මාලාවට මේ නමි. පිළිමවල සිරස්පතින් දක්වන්නේ එම ලක්ෂණය යි.

බබළමින් -‘බබළ, (බැබළුම්හි) දයින් සිදු මිශ්රා ක්රිතයා පද යි. ‘කසුප් මුනිරජතුමා, කර්තෘ යි.

විසිරියන් බඳිනුදු- රියන් විස්සක් එක්කොට සලකන ලද්දේ, විසිරියනින් යුත් බඳ විසිරියන් බඳ ‘බද’ සඳ ශරීර වාවියි පාළියෙහි ‘බොන්දි’ යනුයි, කාශ්යකප බුදුරාජාණන් වහන්සේගේ ශරීරය විසිරියන් උසවිය.



                                             දහම්සොඬ කව් වැනුම                                                    63

22

ප:- මහත් -විශාලවූ, බව සයුරෙහි- සංසාර සාගරයෙහි පිවිස- ප්ර විෂ්ටව, පරතෙර නොමදත්- පරතීර නොදත් තා වූ, සූවිසි අසෙකි සත්-චතුර් විංශති අසංඛයක් සත්වයන්, සිරිමත්-ශොභාවෙන් යුක්තවූ; මොක්පුරට- නිර්වාසණ පුරයට, පමුණුවා -ප්රාවප්තකරවා-

වි:- බව සයුරෙහි - බව ම සයුරු, බව සයුරු (පා, සං) භව සාගර ‘භව’ නම් සංසාරය යි. ස්කන්ධ- ධාතු ආයතනයන්ගේ පිළියෙළ නො සිඳී පැවැත්ව ‘සංසංර’ නමි. එය සාගරය මෙන් බියකරු ය. පිවිස- ‘පිවිස’ (පිවිසුම්හි) දයිනි. පරතෙර-එහා ඉවුර, සංසාර සාගරයාගේ පරතෙර නම් නිර්වරණය යි. ‘පර’ සද අන්යෙර්ථ යි. පර වූ යේද එම තෙර වූයේද ‘පරතෙර’ (පා,සං) ‘පරතිර’ නොම- නිපාත යි දන-‘දන්’ (දැනුම්හි) දයින් සිදු කෘදන්ත යි.

සූවිසිඅසෙකි සත් - සිවු, විසි යන ශබ්ද දෙක සන්ධි වීමෙන් ‘සූවිසි යි වේ. අසෙකි’ යනු (පා, සං) අසංඛෙය්ය ‘අසඬඛ්යර’ ශබ්දයන්තගෙනී. ‘ගණන්නැති’ යනු අර්ථිය. ‘අසංඛ’ ය යි ගණනක් ද ඇති නමුත් මෙහි ‘අසෙකි’ සද අප්ර මාණ වාචීය. බුදුහු සූවිසි තැනකදී සංඛ්යාද පථය ඉක්ම ගිය පිරිස් විසි සතරක් නිවනට පැමිණ වූහ. සංසාර සාග‍රයේ එතර නො දත් ජනයෝ නම් පෘථග්ජනයෝයි. ‘සක’ යනු (පා) සත්ත, (සං) ‘සත්ව’ ශබ්දයන් ගෙනි. ‘අසංඛ්යව’ නම් ගණන ලියැවෙනුයේ බින්දු 146 කිනි.

පමුණුවා:- පමුණ (පැමුණුම්හි) ධාතුවෙන් සිදු ප්රකයෝජ්ය පූර්ව් ක්රිුයායි. ‘සත්’ යනු ප්රකකෘති කර්මදයි, මොක්පුරට - යනු විකෘති කර්මද යි. මොක් ම පුර මොක්පුර, නිවන යි. එය නගරයෙක් නොවේ. එහෙත් නගරත්වයෙන් රූපිතයි. බව සයුර බියකරුවාක් මෙන් ‘මොක් පුරය’ අභය යි.

සිරිමත්- සිරි ඇතියේ සිරිමත්, ‘සිරි’ සදින් පරව අසත්ය ථියෙහි ‘මත්’ ප්රිත්යතය යි. නිවන කවර සිරියකින් යුක්ත ද යනු බුදුහු මෙසේ වදාළහ:-



64 දහම්සොඬ කව් වැනුම

“යත්ථ ආපො ච පඨවි, තෙජො වායොනගොධති. න තත්ථ සුක්කා ජොතන්ති, ආදිච්චො නප්පකාසති”

න තත්ථ චන්දි මා භාති තමො තත්ථ න විජ්ජති, උදානපාළි (යම්) නිවනෙක ආපො, පඨවි, තෙජො, වායො යන සතර භූතයෝ නො පිහිටත් ද? එහි ග්රආහ නක්ෂත්රම තාරකා‍වෝ නො බබලත්. අඳුරෙක් ද නැත.

23

අ:- සත වෙත පතල උදු සිව් බඹ විහරණින් මුදු පර සිදු එ මුනිසඳ විසිදහසක් ම විසි.

ප:- පතල- පැතුරුණා වූ, උදු-සෘජුව (ඇද නැති) සිවුබඹ විහරණින් - සතර බ්ර හ්ම විහරණයෙන් මුදු මොලොක් වූ, විසී-වාසය කෙළේය.

වි:- පතල- ‘පතුර’ පැතුරුම්හි දයින් සිදු අතීත කෘදන්තයි. උදු - උව ශබ්දයෙනි,

සිවු බඹවිහරණින් කරණ- විබතු බ්රවහ්ම විහාර නම් බ්ර හ්මයන් නිතර වාසය කරණ ක්රිමය යි. ඔව්හු මෛත්රීර කරුණා, මුදිතා, උපෙක්ෂා යන සතර භාවනාවෙන් යුක්තව නිතර වෙසෙති, ‘මෛත්රි් ආදී සතරට බඹ විහරණ’ නම ලැබුනේ එහෙයිනි. ‘බඹ’ (බ්රමහ්ම) ශබ්දයේ ‘ශ්රෙඋෂඨ’ යන අර්ථණයද වෙයි. එබැවින් ශ්රෙ.ෂ්ඨ වූ විසීම, උත්තමයන්ගේ විසීම යනාදී තේරුම්ද ලැබේ. සියල්ලන් තමා සමාන කොට සිතීම ‘මෛත්රී ය’ යි දුක් විඳින සත්වයන් කෙරෙහි උපදින අනුකම්පාව කරුණාවයි. සම්පත් විඳින්නවුන් දැක සතුටුවීම මෘදුතාවයි. සියලු සතුන් කෙරෙහි මධ්ය ස්ථ භාවය ‘උපෙක්ෂාව’ යි. කසුබු බුදුරජාණෝ මේ සතරින් යුක්තව විසූහ.

විසි-‘වස’ (විසුම්හි) දයින් සිදු අතීත කර්තෘන කාරක ප්ර ථම පුරුෂ එක වචන යි. කර්තෘම ‘එ මුනිසඳ’ යන්න ය. විසි දහසක් යනු අත්යෂන්ත සංයොගාර්ථනයෙහි කම් විබති.



දහම්සොඬ කව් වැනුම 65

අවුරුදු යන්නෙහි වර්ෂ යක් සම්බන්ධි යන අර්ත්ථ ය ඇති බැවින් එය සම්බනධ විභක්ත්යුන්ත යයි සැලකිය යුතු ‘අවුරුදු විසි දහස’ නම් අවුරුදු පිළිබඳ විසි දහස යි.

20 වැනි කවෙන් පටන් ගත් වාක්ය ය අවසන් වනුයේ මේ ‘විසි’ යනු ක්රිවයා වෙනි. ‘කසුපු මුනිරජ තමා’ යි, කතු පදය මුලින් යෙදී ඇති බැවින් එ මුනි සඳයි යෙදීම වැරදි යයි හැ‍ෙඟනු නිසැකය. එහෙත් දොස් වනුයේ ලඝු වාක්යඳයන්හි එබඳු පද යෙදීමෙනැයි ද, දීර්ඝහ වාක්ය යන්හි යෙදීම වරද නැතැයි ද කියති. ගුත්තිල කාව්ය යන්හි ද දීර්ඝව වාක්ය යන්හි එකම අර්ථදයෙන් යුත් පද කීප තැනෙක යොදා ති‍බෙනු පෙනේ.

24

ප:- සුනෙරසිර - මහ මෙර මුදුනෙහි - බැබැළි- භ්රා ජිතව, නිවී ගිය පහනක් යුර- නිවෘත ව ගියා වූ ප්රනදීපයක් මෙන් එ මුනි- ඒ සර්වනඥයන් වහන්සේ, පිරි නිවි වර- පරිනිර්වායනවූ කල්හි, මනහර-මනොඥ වූ, මුනි සසුන්- බුඬ සාසනය, පිරිහුණේය- පරිහානි පත් විය.

භා:- මහ මේරු පර්ව,තය මුදුනෙහි බබලමින් තිබි නිවී ගිය පහනක් මෙන් ඒ සර්වුඥයන් වහන්සේ පිරිනිවන් පා වදාළ කල්හි බුදු සසුන පිරිහී ගියේය.

වි:- බැබැළි-පූර්ව් ක්රිනයායි. සුනෙර සිර- ආධාර යි. සුනෙරේ සිර සුනෙර සිර, නිවී-‘නිව’ (නිවුම්හි) දයින් සිදු පූර්ව- ක්රිියා යි. ගිය-‘යා’ (ගමන්හි) දයින් නිපාතන විධියෙන් සිදු අතීත කෘදන්ත යි.

පහනක්යුර:- පහනක්+අයුර, අ ලොප යි. පිරිනිවී පිරි, ‘නිවි’ (පිරිනිමුම්හි) දයින් සිදු කෘදන්ත යි.

පිරිහුණෙය- ‘ය’ නිපාතයි. ‘පිරිහෙ’ (පිරිහීමෙහි) ධාතු යෙන් සිදු පිරිහුණේ යන කෘදන්තයේ අන්ත්යනය හ්රිසව වීමෙන් ‘පිරිහුණෙ’ යි සිටියේ ය. ‘වි’ ආඛ්යා තය අමුතු


                                                                                               3

66 දහම්සොඬ කව් වැනුම

වෙන් ගත යුතුයි. එයට ‘මුනිසසුන්’ යන ප්රඬකෘති කර්‍ ෘ ද ‘පිරිහුණේ’ යනු විකෘති කර්තෘ ද වේ. ‘පිරිහිණි’ යනු නම් ආඛ්යා‍ත යි. කරතෘ වන‍ුයේ ‘මුනිසසුන්’ යන්න පමණි.

සුනෙර- යනු මහමෙරට නම් පාළියෙහි ‘සිනෙරු’ යනුයි. දෙවියන් පිරිසිදු කෙරේනු යි එනම් වී යයි කියති. ‘නෙරු’ යි ද මහ මෙරට නමෙකි. යොදුන් අසූසාර දහසක් මුහුදට ගිලී සිටින එහි, මුහුදින් උඩට සිටි ප්ර.මාණය ද යොදුන් අසූසාර දහසෙකි. එ බැවින් මුළු උසයොදුන් 168000කි. හැම පවර්ත යටම වඩා උස් වූ මහමෙර මුදුනෙහි පහනක් දැල්වේ නම් එහි එළිය මුළු ලොවට ම ලැබේ කාශ්යෙප බුදුරජාණන් වහන්සේ මුළු ලොව ම බබුළුවමින් වැඩහුන් බැවින් මෙර මුදුනෙහි දැල්වුණු පහණක් බඳුය. උන්වහන්සේගේ පරිනිර්වනණය එය නිවී ගියා බඳු ය.

පිරිනිවී- පිරිනිවීම දෙයාකාරයි. ක්ලෙශ පරිනිර්ව ණය ස්කන්ධ පරිනිර්ව ණය යනුයෙනි. යම් දිනෙක සියලු කෙලෙසුන් නසා බුදු බවට පැමිණිසේක් ද? එදා ක්ලෙශ පරිනිර්වලණයට පැමිණි සේක. ආයුෂ ඉවරවීමෙන් නිරුපධිශෙෂනිර්වාිණ ධාතුවට පැමිණීම ස්කන්ධ පරිනිර්ව්ණය යයි මේ කීයේ දෙවැන්න ය. කාශ්යධප මුනීද්රමයෝ විසි දහසක් ආයුෂ විඳ පිරිනිවන් පා වදාළහ.

පිරිහුණෙය- දීර්ඝා යුෂ්ක බුදුවරුන්ගේ ශාසනය වැඩි කල් නො පවත්නේ ය. කාශ්යාප බුද්ධ ශාසනය ද වැඩි කල් නො පැවැත්තේය. ශාසන පරිහානිය වනුයේ ශාසනිකයන්ගේ භික්ෂු ශ්රාසමණේර, උපාසක, උපාසිකා යන බෞද්ධයන්ගේ බුද්ධ ගෞරවාදිය හීන වීම නිසා ය. අදහන්නවුන් නැති වූ කල ශාසනය පිරිහුණා නම් වෙයි.

25

ප:- සුවිසෙස් - අති විශිෂ්ට වූ, සවුඉසුරෙන්- සකල ‍ෙඑශ්චර්ය්යනය කරණ කොට ගෙන, තිදස්පුර සිරින් - දිව්ය නගරයෙක ශොභාවෙන්, දිසි-දෘශ්ය මානවූ, සුදනන්හට- සජ්ජනයනට, නිවෙස්- වාසස්ථාන වූ, බරණැස් නමින් - බාරණසි නාමයෙන් යුත්, පුරයෙක් -නගරයෙක්, විය- වූයේ ය.

  දහම්සොඬ කව් වැනුම                                               67

භා:- බරණැස් පුරය ඉතා උතුම් හැම සම්පත්තියෙන් පිරිපුන් හෙයින් දිව්ය- පුරය මෙන් පෙනෙන බවත් සත් පුරුෂයන්ගේ වාසස්ථානය වූ බවතු ප්ර කාශිත යි.

වි:- සව්ඉසුරෙන් - කරණ විබත් සව් ඉසුරු යනු ප්රිකෘතිය. තිදස් පුර සිරින් - කරණයි. දිසි -දිසි (දැකුම්හි) දයින් සිදු අතීත කෘදන්තයි. සුවිසෙස් -‘සුවිශෙෂ, (සං) ‘සු’ යන්න අතිශ්යාදර්ථීයි. සුදන්නහට - සබඳ විබත් ‘වි’ යන්නට කර්තෘස පුරයෙක් ය.

සුවිසෙස් සව් ඉසුරෙන් - අනෙක් නගරයක නැති උතුම් හැම සැපතක් ම එහි වූ බව දැක්විණ.

තිදස් පුර- දස් තුනෙක් ඇත්තේ යම‍කුට ද හේ තිදස් තිදසුන් ගේ පුර දෙවියනට තිදන් (පා) තිදස (සං) ත්රිේදස යන නම වූයේ දශා (අවස්ථා) තුනක් ඇති බැවිනි. ඉපදීම පැවැත්ම හා මරණය යන තුන යි. එහෙයින් හැම දෙවියනට ම තිදස් නම යෙදෙයි. එහෙත් මෙය තව්තිසා වාසියනට විශෙෂ නාමයෙකි. තිස්තුන් දෙන‍ාගේ දෙව්ලොව යන අර්ථදයෙනි. තිතිදස් යී කිවයුතු නමුත් එක් තියන්නක් ලොප් වීමෙන් තිදස් යි සිටියේය. තුනක් අධික කො ඇති දස සංඛ්යාන තුනෙක් ‍යන අර්ථනයි.

මඝ මාණවකයන් හා පිරිවර දෙතිස් දෙන මැරී උපන් දෙවැනි දෙව්ලොව තාවතිංස හෙවත් තිදස නම් වීයයි බෞඬ පොත්හි එයි. වෛදික පොත්හි එන තිස්තුන් දෙන නම් ශක්රතයා ය. දොළොස් අරක‍යෝ ය. එකොළොස් රුද්ර් යෝය අට වසූහුය. විශ්වයෝ දෙදෙනය යන මොහුයි. තිදසපුරය නම් ශක්රුයාගේ නගරය වූ අමරාවති යයි.

බරණැස්- (වාරාණසී බාරාණසී) බාරාය නසිය ‍යන නැමැති හෝ වරණාය අසිය යන නමැති ගංගා දෙකක් මෙ නම වී යයි කියති. දැනුදු මේ නම වෙයි. කලිකතා නග‍රයෙහි සිට හැතැපුම් 429 ක් දුරින් ගංගා නම් ගඟබඩ පිහිටියේය. හින්දු භක්තිකයන් විසින් මොක්ෂ දායක යයි සලකන පුන්යිතීථි සතින් එකක් පිහිටියේ මේ නගරයෙහි ය.


68 දහම්සොඬ කව් වැනුම

ප:- එපුර - ඒ නගරයෙහි, තුඟු ‍ගොපුර- උස්වූ බහිර්චාර නැමැති, පෙණ- එණ ය, කර- කොට,-නත-අනන්ත නාග රාජයා විසින්, ලූ -බහන-ලද, කරන වැල යුර-භොගාවලිය වැනිවූ, පිළිමිණි වුර- ස්ඵටික මණිප්රානකාරය තෙමේ, සුරපුර හිම්ව- දිව්යත පුරය සීමාකොට, හැමවර-සියලු කල්හි, දිලෙයි- බබළයි.

භා:- එනුවර වටා පිහිටි ප්රාරකාරය (තාප්පය) ඉතා උස් බවත් අනන්ත නාග රාජයා විසින් ලූ දරණ වැළ වැනි බවත්, මෙයින් කියැවිණ. එහි වූ උස් බිහි දොර (ගේට්ටුව) එම නා රජු විසින් පුප්පන ලද පෙණය වැන්න.

වි දිලෙ යි:- ‘දල’ (දිලුම්හි) දයින් සිදු වර්තමාන ආඛ්යාසතය යි. පිළිමිණිවුර යනු කර්තෘල යි. ‘කර’ යන පෙරකිරියට නත යනු කෘදන්තයි. ‘නත’ යනු අනුක්ත කතෘ යි.

ගොපුර:- නගරයෙක දොරටුවට මේ නමි. (පා. සං) ගෝපුර යනු යි. පෙණ (පා. සං) ‘එන’ නත- (පා. සං) ‘අනන්ත’ ශබ්දය ‘අනත්’ යි එයි. ආදි ලෝපයෙන් ‘නත්’ යි සිටි. අන්තයක් (කෙළවරක්) නැතිනු යි ‘අනන්ත’ නමි. මොහුට මුඛ දසෙකැයි කියති. විෂ්ණුහූ ‍ෙග් වාහන යයි ද පොළොව මොහුගේ දරණ වැල උඩ පිහිටියේ යයිද හින්දුහු කියති. ‘වාසුකී’ යනු ද මොහුට ම නමෙකි. ‘දරණ’ යනු ගුණාර්ථයෙහි වූ (සං) ‘ධරණ’ශබ්දයෙනි.

පිළිමිණිවුර- ‘පිළිමිණි’ නම් ‘පළිඟු’ යි. (පා) ‘ඵලකමණි’ යන්නෙන් හෝ (සං) ‘ස්ඵටික මිණි’ යන්නෙන් ආයේය. අවරනුයේ-(ආවරණය කරනුයේ) ‘අවුරු’ ය, ප්රායකාරයට නමි. පිළිමිණියෙන් කළ සිටියේය. එ පුර වටා පිහිටි සුදු පාට තාප්පය මෙයින් කියැ‍ෙව්. සුදුවන් දැයක් වැනිමේදී උපමාවට බොහෝසේ පළිඟුවම ගැනීම කවීන් ගේ සිරිති.

සුර පුර හිම්ව- මේ අතිශයොක්තියෙකි. පවුර දිව්යය නගරය තෙක් හිටි බව කීමෙන් එහි උස් බව අඟවති. සුර පුරය හිම් වූයේ යමක් හට ද හේ ‘සුරපුර’ හිම්.


                                             දහම්සොඬ කව් වැනුම                                              69

27

ප:- සඟගුම්බිඟු- ඝොෂා සහිත භෘඬගයන් විසින්, වතළ-විසතෘත වූ, තඹර පිරි- තාම රසයෙන් පිරුණා වූ සුළකළ මනාසේ අලංකාර කරනලද, පිරි- පරිඛාව, පුරඹ- පුර නමැති කාන්තාවගේ, වහවුරුකුල-මහා ප්රා,කාර නමැති ජගනයෙහි, අනුබඳ-නිරන්තරෙයෙන්, බද-බඳනාලද, රසන වැල- මේඛලා දාමය, රැපැයි- ගෙනහැර දැක්විය.

භා:- මේ එහි දිය අගල වැනූ සැටියි. එය පුර නමැති කාන්තාවගේ මහා ප්රාකකාරය නමැති උකුලෙහි බැඳි මෙවුල් දම වැනිය. පවුර වටා පිහිටි බැවිනි. එය ගොස සහිත බමරුන් වැතිර ගත් පියුමින් පිරුණේ ද වෙයි.

වි:- සහගුම් - ගුම් සහ වූයේ ‘සහඟුම්’ ‘ගුම්’ යනු ඝොෂයට නමි. බිඟු-කතු විබත්, වතළ- ‘වතුර’ (වැතිරීමෙහි) දයින් සිදු කෘදන්තය. තඹර-‘තාමරස’(පා. සං) ශබ්දයෙනි. පිරි-‘පරිඛා’ (පා. සං) ශබ්දයෙනි. සුළකළ-‘සු’ පූර්වය ලකර ‍දයින් සිදු කෘදන්තයි. පුර’-පුර ම අඹුපුර ‘ඹු’ ‘අඹු’ යනු (පා. සං) ‘අම්බා’ ශබ්දයෙනි. ‘අම්බිකා’ ශබ්දයෙනැයි ද යෙති. මහවුරු ම උකුල, මහවුරු කුල රැපැයි ‘ඇර’ යන්න පූර්වි කොට ඇති ‘පා’ (පෑමෙහි) දයින් සිදු වර්තරමානාඛ්යායතයි. ඇරැපැයි ආදි ලොපයෙන් රැපැයි. මහවුරු කුල යනු කර්තෘ යි. රසන් වැළ යනු කර්මඛ යි. අනුබඳ-නිපාත යි.

රසන් වැළ- (රසනාවලි) ස්ත්රීසන්ගේ උකුළෙහි බඳනා ආභර‍ණයෙකි.

28

ප:- පහකොතගරැස්-ප්රා සාද ශාඬ්ගයන් ගේ අග්රආයෙහි වූ රශ්මිය, වැද- පිවිස, පුරඹර-පුරාකාශයෙහි, දිසි-දෘශ්යයමාන වූ, සුපුන්සඳ-සම්පූර්ණ චන්ද්රකයා, රන්මිණිය-ස්වර්ණ මය යෂ්ටියෙහි, වොරඳ-බබලන්නා වූ, සේසතෙව්- ශෙවතඡත්ර-යක් මෙන්, දන මන නුවන් - ජනයා ගේ සිත් නෙත්, බඳ-බද්ධ කෙළේය.

භා:- එ පුරෙහි ප්රාඳසාදයන් ගේ කොත්වල මුඳුනේ රශ්මිය වැදි නුවර නමැති අහසෙහි පෙනුණ පුන්සඳ රනින් ද


70 දහම්සොඬ කව් වැනුම

මාණික්ය යෙන් ද කල දඬුයෙක බබළන ශෙවතඡත්ර යක් මෙන් ජන‍යා‍ ‍ෙග්සිත් හා ඇස් බැඳීම කෙළේය. ප්රාකසාදයන් ගේ කොත් අග රශ්මිය රන්මිණි යටියක් වැන්න. පුන්සඳ යටියෙහි සවි කළ සේසත වැන්න.

වි:- වැද-‘වද’ (වැදුම්හි) දයිනි. පහකොතගරැස් යනු කර්මන යි. පහවල කොත් පහකොත් පහකොත්හි අග පහ‍ෙකාතග, එහි රැස් පහකොතග රැස්, පුරඹර ආධාර යි. රන්මිණියට- ආධාරයි. රන් ද මිණි ද රන්මිණි එයින් කළ යටිය රන් මිණි යටි. සේසතෙව්-විසන්ධිය ‘සේසත්එව්’ ය. බඳ-කෘදන්ත නාම යි. ධාතුව ‘බඳ’ (බැඳුම්හි) ය. සුපුන් සඳ’ යනු කර්තෘ යි. සුපුන් ද එම සඳ ‘සුපුන්සඳ’ කර්ම ය ‘දන මනනුවන්’ ය. මන ද නුවන් ද මනනුවන්, දනන්ගේ මනනුවන් දනමනනුවන්, ‘සේසත’ නම් සුදු කුඩ ය යි. මන නුවන් බැඳීම නම් සිතත් ඇසත් එහි ඇලවීමයි.

29 ප:- දුල- උජ්වලිත වූ, සුනිල්මිණිබිම- ඉන්ද්රුනීල මණිභූමියෙහි, බිළිබිඹුව-ඡායාව, දිසි-දෘශ්ය මාන වූ, දද වැළ- ධ්වජාවලිය, කලිඳු ගඟ තුළ- කාලින්ද ගංගාභ්යනන්ත‍රයෙහි, කෙළි-ක්රී්ඩා කළා වූ, අමින් මින් රළ-අප්රකමාණ මත්ස්යි සමූහයාගේ, විලස්-විලාසය, පළ කළ-ප්රකකාශ කෙළේය.

භා:- මේ නගරයෙහි බිම ඉන්ද්රිනීල මාණික්යියෙන් කැරුණේ ය. එහි ඡායාව වැටී පෙනෙන ධ්වජ සමූහයේ හෙවත් ධ්වජ සමූහයේ ඡායාව කලිඳු ග‍ෙඟ් ක්රීජඩා කළාවූ අප්රහමාණ මත්ස්යන සමූහයා‍ ගේ ස්වභාවය ප්රඳකාශ කෙළේ ය.

වි:- සුනිල් මිණි බිම-අධාරයි, ‘සුනිල් මිණි’ නම් ඉන්ද්ර නීල මාණික්ය‍ ය, හේ ඉතා නිල් ය. නගරයෙහි බිම, හෙවත් මිදිවැල බිම එයින් කරන ලද්දේ වෙයි. කවිහු සුදුවත් දැයක් වැනීමේ දී බොහෝ සෙයින් පළිඟු ද, කළු හෝ නිල් වන් දෙයක් වැනීමේ දී ‘ඉඳුනිල්මිණ’ ද ගත්හ. පිළිබිඹු (පා) ‘පටිබිම්බ’ (සං) ‘ප්රයතිබිම්බ’ ඡායාව යි. දද- (පා) ‘ධජ’ ශබ්දයෙකි.



   දහම්සොඬ කව් වැනුම                                                       71

කලිඳු- (කාලින්ද) ‘කාලින්ධ’ නම් පර්ව තයෙන් පටන් ගන්නා ‘යමුනා’ ගඟට මේ නමි. අමින්-‘මිනක්’ (ප්ර මාණය) ‘නැති’ යන අර්ථබ යි. මින් (පා. සං) මීන ශබ්දයෙනි. කළ- යන කෘදන්තයට ‘දද වැළ’ යනු කර්තෘ් යි. ‘අමින් මින් රළ විලස්’ යනු ප්රකකෘති කර්මර ද වේ.

30

ප:- පහග- ප්රායසාදාග්රකයන්හි වූ, රත් මිණි රැස - රක්ත මාණික්යනයන්ගේ රශ්මිය වැද-ප්ර්විෂ්ටවීම හේතු කොට ගෙනැ රත-රක්තවර්ණ- වූ, තරිඳු-චන්ද්රරයා ගේ. මැද-මධ්යනයෙහි වූ, සස-ශශලාඤ්ඡනය, බෝසත්-බොධිසත්ව-යා, සස දවස- සා ව උපන් කාලයෙහි, ගිනිරැස් මැදට- අග්නි රාශි මද්ධ්යේයට, පිනි ලෙස- පැන්න ආකාරය, රැපැයි- ප්රවකාශ කෙළේ ය.

භා:- එහි පහ මුදුන්හි යෙදුණේ රතු මැණික් ය. එහි රශ්මිය වැදී චන්ර්හිනයා ද රතු විය. එයින් එ මැද පිහිටි සා රූපය බෝසතුන් සාව උපන් කාලයෙහි ගිනි ගොඩ මැදට පැන්න ආකාරය හැඟවී ය.

වි:- වැද-හෙත්වත්ථරර්‍ පූර්වි ක්රි්යා යි, සඳු රතු වීමේ හේතුව රත් මිණිරැස් වැදීම ය. තරිඳු -තරුන‍ට ඉඳු තරිඳු ය. තාරකාවනට අධිපති හෙයින් චන්ද්රමයාට නමි. බෝසත්-(බොධි සත්ත) බුදුබවෙහි ඇලුණු තැනැත්තාට නමි. සෝවාන් ආදී සතර මාර්ග- නුවණ ‘බොධි’ නමි. රහත් බෝසත්, පසේ බෝසත්, ලොවුතුරු බෝසත් යයි බෝ ගෞතම බොධි සත්ත්වතයන් වහන්සේය.

සස දවස- අප බෝසතාණෝ සා ව උපන් ජාතියෙක පුර පොහෝ දිනෙක පෙහෙවස් (සිල්) ඉටා ගෙන යාචකයකු පැමිණියොත් ඇඟ මස් දන් දෙමැ යි සිතා හුන්හ. එ තුමන් ගේ ගුණ තෙදින් ශක්රම දිව්යහ රාජයා දුප්පත් බමුණු වෙසක් ගෙන අවුත් ආහාරයක් ඉල්ලුයෙන් බෝසත්හු ඔහු ලවා ගිනි ගොඩක් කරවා එ මැදට පැන්නා හ. එහෙත් මඳ වූ ද හානියෙක් නොවී ය. සක්රජ බෝසතාණන්



72 දහම්සොඬ කව් වැනුම

කෙරෙහි පැහැදී උන්වහන්සේ ගේ රූපය වලාවට පෙනෙනු වස් සඳ මඬලෙහි අන්දේ ය. විස්තරය සස ජාතකයෙන් බලා ගත හැකි යි. ‘සසදාවත’ නම් කව කරන ලද්දේ මේ ජාතකය ඇසුරුකොට ය.

පිනු:- ‘පන්’ (පැනීමෙහි) දයින් සිදු කෘදන්ත යි. ‘පැනි’ යනු වැරැදි යි. රැපැයි- යන්නට සස යනු කර්තෘද ද ‘පිනුලෙස’ යනු කර්මය ද වේ.

31

ප:- එහි- ඒ නගරයෙහි, මිණිබිත්- මණි භිත්තියෙහි, පෙණුනු-දෘශ්යිමාන වූ, රඟගත්-රඬග ග්රසහණය කළා වූ, නළඹ-නාටිකාවන්ගේ, පිළිබිඹු-ප්ර්තිබිම්බයෝ, පිළිමල් වෙමින අවුත්- සතුරු ව පැමිණ, රඟන -නටන්නා වූ, සිරිමත්- කාන්තිය ඇති, සුරඟන වැන්න- දිව්යාඬගනාවන් සමාන ය.

භා:- එ නුවර ගෘහ බිත්ති මිණියෙන් කරන ලද ය. එහා වැටුණ ගෙ තුළ නටන ස්ත්රීාන් ගේ රූප ඔවුනට විරුද්ධ ව පැමිණ නටන්නා වූ සුරඟනන් මෙන් පෙනේ. නාටිකාවන් සුර ස්ත්රීනනට සම කළ සැටිය මේ.

වි:- රඟ- නැටුමට නමි. ‘රඟ’ (රැඟුම්හි) ධාතුව ම නාම පදය මෙන් සිටියේ ය. පිළිමල්-(පා) ‘පටිමල්ල’ ශබ්දයෙනි. සතුරාට නමි. වැන්න- වැනි ය. ආඛ්යාලතය ‘වෙත්’ යි ගත යුතු යි. පිළිබිඹු යනු ප්රසකෘති කර්තෘ යි. ‘සුරඟන වැනි’ යනු විකෘති කර්තෘව යි.

අවුත්- ‘එ’ (ගමන් හි) දයින් නිපර්තතත පෙර කිරියෙකි. මිණිබත්-මෙහි ‘මිණ’ යන්නෙන් ස්ඵටික මණි (පළිඟු) ගත යුතු යි.

සඳ කිඳුරු දා කව්හි:

“පිළිමිණි බිතැ දිමු ත් නළු පිළිබිඹු කෙ වැනි ය ත් සුර ලොවින් මෙහි වු ත් ඔවුන් සහ නටන නළු මුළු යු ත්”

යන්න ද මේ කවට සමාන ය.


දහම්සොඬ කව් වැනුම                                                       73

32 ප:- එ පුරයෙහි - ඒ නගරයෙහි, සරන ලද-හැසිරෙන්නා වූ කාන්තාවෝ, කරදරින්-අතින් හා තොලින් උනඟ තෙද- අනඬගයාගේ තෙදස ද, දද නිය රැසිනි-දන්තයන් ගේ හා නඛයන්ගේ රශ්මියෙන්, යසසද-කීර්තිය ද, විසි බැලුමෙන් - වශ්ය නිරීක්ෂණයෙන්, සරද-බාණයන් ද, පළ කළෝ - ප්රනකාශ කළෝ ය.

භා:- එ නුවර හැසිරෙන ස්ත්රීෝහු අත් ය, තොල් ය යන දෙකින් අනඬගයාගේ තෙජස ද, දත් නිය දෙකේ රශ්මියෙන් කීර්තිය ද, වසඟ කර බැල්මෙන් ඊ ද ප්රයකාශ කරති.

වි:- කරදරින් - කර ද අදර ද කරදර, (පා. සං) ‘කර අධර’ උනඟ - උනු (අඩු) අඟක් සිරුරක් ඇත්තේ යමකුට ද හේ ‘උනග’අනඬ්ගයා යි. ඉතාම රූ සිරින් බැබළි අනංගයා ඊශ්වරයා විසින් දවා හළු කරන ලදැ යි දෙව කථා වන්හි එයි. එයට හේතුව ඊශ්වරයා භාවනාවෙක යෙදී සිටින විටෙක ඔහු ගේ සිතෙහි කාමාශාව ඉපදීම ය. එයින් කුපිත වූ ඊශ්වර‍යා පසු පස සිට හැරී බලන විට, ඔහු ගේ නළලෙහි වූ ඇසින් නැගි ගින්නෙන් අනංගයා දා හළු විය. ඊශ්වරාය ගේ දූ ‘රතිය’ කළ අවිටිල්ල නිසා අනංගායාට පුනර්ජීවය ලැබුණේ ය. ‘ඌනාඬ්ග’ වූයේ එ හෙයිනි. අනංගයා විෂ්ණුහු ගේ පුතාය යි ද කියති. දෙවකථ‍ාවන් මෙ සේ එතත් ‘අනංග’ යනු කාමයට නමි. පුර ස්ත්රීකන් ගේ අත් හා දෙතොල් අනංග තේජසට සම කෙළේ. එ දෙක රතු බැවිනි, තේජස රක්ත වර්ණේය යි කීම කවි සමය යි.

දද නිය රැසින් යසස ද- ‘දද’ යනු ‘චිජ’ ශබ්දයෙනි, දෙ වරක් උපදිනුයි මේ නමි. ‘නිය’ යනු ‘නඛ’ ශබ්දයෙනි. දත් හා නිය සුදු ය. එ දෙකේ රශ්මිය ද සුදු ය. අනඬ්ගයාගේ කීර්තියට සම වනුයේ එ හෙයිනි. කීර්තිය සුදු යයි කවි සමයෙහි එයි.

විසිබැලුමෙන් සරද - පුරුෂයන් වසඟ කරන මද සිනා සහිත නෙතග බැල්ම ‘විසි බැලුම’ යි ‘වහසි-බැල්ම’ යයි ද



74 දහම්සොඬ කව් වැනුම

කියති. ‘විසි’ යනු (පා) ‘වසී’ ශබ්දයෙන් හෝ (සං) ‘වශ්යක’ ශබ්දයෙන් ආයේ ය. ‘සර’ යනු ඊයට නමි. අනඬ්ගයා ගේ ඊ පසෙකි. උන්මාදන, තාපන, ශොෂණ, ස්තම්භන, සම්මොහන යනු යි. මේ පස කවි සමයෙහි නෙළුම්, හො පළු, අඹ, සත්පෙති, දෑසමන්, නිල් උපුල් යන මල් පස වශයෙන් එයි. සමහර තන්හි තරුණ ස්ත්රීින් ගේ නෙත් කොන අනඬ්ග ශරය යි දැක්වේ.

“බැමලුවෙන් විදිති නෙත් සැර ලියො මුළුව”. යි තිසර සංදේශයෙහිදු එය එයි. ස්ත්රීින් නෙත් සැර විදින්නේ බැම නැමති දුන්නෙනි. බැම දුන්න වැනි ය. ‘විසි බැලු මෙන්’ යි මෙහි කියවුණෙත් මේ අදහසය. එම බැල්මෙන් පුරුෂයන්ගේ හදවත දෙදරා යන බැවින් අනංග ඊයට එය සම කිරීම සුදුසු ය. කළෝ - ආඛ්යානත යි. කරතෘ ළඳ ය. තෙර ය සස සර යන තුන ප්ර්කෘති කර්මත යි. ‘පළ’ යනු විකෘති කර්මු යි. සරන-‘සර’ (සැරුම්හි) දයින් සිදු කෘදන්ත යි. ළඳ-(සිත) අදීනු යි ‘ළඳ’ නමි. වර්ගයන්තාගමයෙන් ‘ළන්ද’ මාත්රාං්ශ හානිය වීමෙන් ‘ළඳ’ තරුණ ස්ත්රීසනට ව්යයවහෘත මෙය පසුව සාමාන්ය් ස්ත්රීම අර්ථශයෙහිදු වැටිණ.

33

ප:- සලෙළු-මුවකැල-සලීල ජන නමැති මෘග සමූහ යා, දුළ-බබළන්නා වූ, එ පුරඟනන්ගේ- ඒ පුරස්ත්රීෘන්ගේ නෙත් කැලුම් දැල- ඇස්හි කාන්තිය නමැති දැලෙහි දැවටී- වෙළී මද හසපනින්-මන්දනහාස්යෙ නමැති පණියෙන් ඇකිල- ආස්ඛලිත ව, යා නොහී-යනු නො හැකිව, සිටිති ස්ථිතිය කෙරෙත්.

භා:- එ නුවර වැසි තරුණ ජන නමැති මුව සමූහයා පුරඟනන්ගේ ඇස්වල රශ්මිය නමැති දැළෙහි වෙළී, මද සිනා නමැති පණියෙන් ඇකිලී යා නො හැකිව සිටිති.

වි:- දැවටී ‘දවට’ (දවටුම්හි) නෙත් කැලුම් දැල නෙත්හි කැලුම්, එය ම දැල නෙත් කැලුම් දැල, පුරස්ත්රීදන්ගේ ඇසින් විහිදෙන කාන්තිය තරුණ දනන්

                                             දහම්සොඬ කව් වැනුම                                                 75

වෙළෙන දැලෙකි; මද හස පණින් - සලෙලු මුවකැල ඇකිලෙනුයේ මඳ සිනා නමැති පර්ණ යෙනි; පර්ණ- (පණ්ණ, පර්ණි) කොළ යි; මුවන් වලකනු වස් පන්, ඇදීම සිරිතෙකි; මේ සිරිත වූයේ බෝසතු නිග්රෝ ධ නම් මුව රජව උපන් සමයෙහි පටනැ යි කියති. කුඹුරු ආදිය වටාපත් (කොළ අතු) ඇද තැබූ විට මුවෝ බිය වී ඇකිලෙති. සලෙළු - ‘ලෙළු’ යනු (ක්රී)ඩා) සහිත් වූවෝ ‘සලෙලු’ – (පා. සං) සලීල යනු යි. හෙළුයෙහි ‘ලෙලු’ යනු ක්රීමඩාවට නමි. සලෙළු යි ද සිටී. යා නොහී - ‘යා’ යනු ‘ය’ ධාතුයෙන් සිදු පෙර කිරිය යි. ‘කළ නොහී’ ඇසිය නොහී යනාදිය මෙන් ‘යා’ නොහී යන්න සැලකිය යුතු. යන්නට අසමත් ව යනු අර්ථය ය ඡන්දස රැකීමට මෙහි ‘හි’ භ්රනස්ව ම විය. මේ කව පරෙවි සන්දේශයේ එන පහත සඳහන් කව බලාගෙන රචිතය යි හැ‍ෙඟ්.

එ පු ර ලිය සරල් දිගු නිල් වරල්ව ලේ ත ඹ ර වුවන් මඳහසැ පනැ’දැ මනක ලේ ස ම ර සබර සලෙලුන් සිත් මියුල්කැ ලේ නොහැර විදැ විදී සර පසිනි ඇම ක ලේ

34

ප:- රතදරිනි-රතු තොලින්, නාලිය- නා දළු ද, ගමනින්- යාමෙන්, නාලිය - ඇතින්නන් ද, සදිසි- සමාන වූ, එ පුර සරනා - ඒ නගරයෙහි හැසිරෙන්නා වූ, ලිය - ස්ත්රීලන් වනාලිය හැකි - වර්ණ නා කිරීමට සමර්ථ යො, කවුරු නම් වෙති- කව‍ර නම් කෙනෙක් වෙත් ද?

වි:- රතදිරිනි- රත්+අදරිනි, ‘ලිය’ යනු දළුවට ද නමි. ස්ත්රීරහු රතු පාට තොලින් නා දළු වැනි ය. හෙවත් නා දළු වැනි තොලින් යුක්තය.

ගමනින් සදිසි - මෙහි ‘නාලිය’ නම් නාග ස්ත්රීාහු යි. හෙවත් ඇතින්නෝ යි. ‘නාග’ යනු ඇතුනට ද නමි. ඇතින්නන්ගේ ගමන යම්සේ ද? එ පුර ස්ත්රී න්ගේ ගමන ද



76 දහම්සොඬ කව් වැනුම

එ බඳු ය. ‘වෙති’ යන්නට ‘හැකි’ යනු ප්ර්කෘති කර්තෘත යි. වනාලිය-වනා පෙර කිරිය පෙරටු කොට ඇති ‘ල’ (ලීමෙහි) දයින් සිදු අසම්භාවන කෘදන්ත යි.

35

ප:- සිටිනා - සපිහිටියා වූ, තනයුගැති-පියොවුරු දෙකක් ඇති, මිටින් - මුෂ්ටියෙන්, ගතහැකි- ගන්නට පුළුවන් වූ, ඉඟ සුඟ- අල්ප වූ මඬ්යනයභාග ඇති, මේ මුළු ලොව වටිනා මේ සමස්තලොකයෙහ් වටිනා කම ඇති, කලුන් - කාන්තාවන්, සිටිනා- ‍අවස්ථානය කරන, සඳලු -චන්ද්රියකා ශාලා, සුසැදිනි - සුසජ්ජිත විය.

භා:- එ නුවර සඳලු මනාසේ සැරසුණේ වෙයි. එහි සිටින ස්ත්රී.න්ගේ මද තන මනාව පිහිටියේ ය. ඉ‍ෙඟහි අල්පත්වය කොතරම්ද යත් මිටින් ගත හැකිය. ඒ ස්ත්රීමහු මේ මුළු ලෝකය තරම් වටනාහු වෙති.

සිටිනා තන යුග- ‘සිටිනා’ යන්නෙන් ‘මනාව පිහිටි’ යන අරුත ගත යුතු ය. යට බලා වැටුන තන මනාව පිහිටියේ නො වෙයි. හංසයන් වැනි පියොවුරු මනා ය. ඉඟ සුඟ- සුඟ වූ ඉඟ. සුඟ යනු අල්පර්ථ්ය යි. කෘශාර්ථය ‘සිඟු’ සදෙක් ද වෙයි. සිහින් ඉඟ ඇතිවීම ශොභනත්ව යෙකි. ගතැකි- ගත+හැකි, ‘හ’ ලෝපයෙන් ගත+ඇකි; පූර්ව ස්වර ලොපයෙන් ‘ගතැකි’.

සුසැදිණි- ‘සු’ පූර්වද ‘සද’ (සැදුම්හි) දයින් සිදු අතීත කාලික එක වචන ක්රිියා යි. ‘සඳළු’ බොහෝ වුව ද නපුංසක ලිංග ශබ්දයන්ගේ ප්ර ථමා බහු බහු වචනට අයත් ක්රිියාව එක වචනයෙන් සිටීම සිංහලයෙහි විශෙෂ රීතියක් බැවින්, මෙසේ යෙදිණ. ‘සඳුලු’ යනු සඳරැන් වැටෙන සේ ගෘහ මස්තකයෙහ් තනන ශාලා විශෙෂයකි.

කලුන් - ප්රෂකෘතිය ‘කල්’ යනුයි. මනොඥ හෙයින් මෙ නම් වීයැයි හැ‍ෙඟ්.



                                     දහම්සොඬ කව් වැනුම                                                         77

අ:- එපුර මල් පලු පල දැරු, කොවුල් බමරු නද දෙන රිවිකිරණ ඇවුරු, ගෙ වුයන් කවුරු වනති.

ප:- පලු- පල්ලව ‘දළු’ කොවුල් බඹරු - කොකිලයන් හා භ්ර මරයන් විසින්, රිවිකිරණ- හිරුරැස්, ඇවුරු- ආවරණය කළ-‘වැළකූ’

භා:- එනුවර මල් දළු ගෙඩි යන මොවුන් දැරුවා වූ කොවුලන් හා බමරුන් විසින් නාද නරන, හිරු රැස් වැළැකූ ගෘහොද්යාුන, කවුරු වර්ණනනා කෙරෙද් ද?

වි:- දැරු- ‘දර’ (දැරීමෙහි) දයිනි. දෙන-‘දා’ දීමෙහි දයිනි. මෙයට කර්තෘ ‘කොවුල් බමරුය ‘නද’ යනු කර්මයයි.

රිවිකිරණ ඇවුරු-ගෙ වුයන් ඇති තැන ඉරු රැන් නො වැටීම ස්වභාවයෙකි. ගෙවුය- ‘ගෙ+උයන’ ‘ව’ කාර ‘ආගම යි.’ ගෙවල් සමීපයෙහි වූ උයන්වලට ‘ගෘහොද්යා න’ නමි.

37

ප:- එහි- ඒ නගරයෙහි, ළකල්- මනොඥ වූ, ළඳ කාන්තාවන් විසින්, කෙළිනා- ක්රී,ඩනය කරන්නා වූ, තිසර මිහිළොල්-‘හංස මී මැසි යන මොවුන් විසින්, කුල්නා -නාද කරන්නා වූ, නිමල් සිහිළඹ - පිරිසිදු සිහිල් දියෙන්, පිරි-පූර්ණා වූ, ගෙ දිගුවිල් - ගෘහදීර්ඝිකාවන් ගේ, පමණ නො කළැකි - ප්රුමාණයෙක් කළ නො හැකි ය.

වි:- කෙළිනා - ධාතුව ‘කෙළ’ (කෙළීමෙහි) ය ‘ළඳ’ යනු කර්තෘ යි. කුල්නා - ‘කුල්’ (හැඬුම්හි) දයිනි, මිහිලොල් මිහියට (මධුවට) ලොල් වූ යේ මෙ නමි. සිහිලඹ - සිහිල්+අඹ

ගෙ දිගුවිල් -සබඳ විබත්, ගෙය අසළ කළ දික් විලට නමි. (සං) ‘ගෘහදීර්ඝිකා’ දුනු තුන් සියයක් බිම වසා සිටි (රියන් 33 කට මඳක් වැඩි දිග පළල ඇති) විල් ‘දීර්ඝිකා’ නමැයි කියන ලදි. දුන්නෙක ‍ප්රගමාණය සිවු රියන යි.


78 දහම්සොඬ කව් වැනුම ‍ මෙහි අවසන් කිරිය ‘වෙ’ යි ගත යුතු යි. ‘පමණ’ යනු ප්ර කෘති කර්තෘ ද, ‘නො කළැකි’ යනු විකෘති කර්තෘ ද වේ.

38

ප:- උස්කුඹු - උස් වූ කුම්භයන්ගෙන් ද, දළ දළින- මහත් වූ දංෂ්ට්රා-යෙන් ද, දෙරණ සුපිහිටි-පෘථිවියෙහි මනාව පිහිටියා වූ, සතඟින - සප්තාඬගයෙන් ද යන,සොබන ලකුණෙන- ශොභන වූ ලක්ෂණයෙන්, යුතු- යුක්ත වූ, මතඟසෙන්- හස්ති සේනාවො, එහි - ඒ නගර යෙහි, හැම දින- සියලු දිනයෙහි, සරති-සඤ්චාරය කරති.

භා:- එ නුවර හැසිරෙන ඇතුන්ගේ සැටි මෙයින් පැවසිණ. ඔවුහු උස් වූ ඇත්හිස (කුඹු) ය, මහත් වූ දළ ය. බිම පිහිටි සත් අවයව ය යන යහප් ලකුණෙන් යුක්ත වූවෝ වෙති.

වි:- උස් කුඹු ‘කුඹු’ නම් ඇත හිස යි. එය උස්ව පිහිටීම මනා ලකුණෙකි. දළ දළිණ -ප්ර ථම ‘දළ’ යන්න (සං) දෘඪ යන්නෙන් ද දෙවැන්න (පා) ‘දාඨා’ යන්නෙන් ගෙන (සං) ද්රං)ෂ්ටා යන්නෙන් ආයේ ය.

දෙරණ සුපිහිටි සතඟින - අවයව සතක් බිම පිහි‍ටීම ද යහපත් ලකුණෙකි. ඒ සත නම්- රහසඟ ය, වලඟ ය, සොඬ ය, පා සතර ය යනුයි.

ලකුණෙන් යුතු සොබන - උතුම් ඇතුන්ගේ ලක්ෂණ උස් කුඹු ය, මහත් දළ ය බිම පිහිටි සතඟ ය යන තුන පමණක් නොවේ. නො කී බොහෝ ලකුණු ද ගැනීම පිණිස මේ පදය යෙදිණ.

තිසර ස‍ෙඳසෙහි:-

“විසි නිය කොපුල බොල් සත් තැන් බිම පිහි ටි උස් කුඹු දකුණු දළ දෙ අසුන් සම වැ සි ‍ටි මද මත නො මඳ යුද බෙර ගිඟුමට නො පෙ ටි බල මෙ ලකු‍ණැති එහි තුඟු මඟුලැතුන් සි ටි” යි


                                            දහම්සොඬ කව් වැනුම                                                  79

නිය විස්සක් වීම, හසත්යා රොහකයන් හිඳ ගන්නා තැන් දෙක සම ව පිහිටී ම, යුද බෙර හඬට මදයෙන් මත්වීම යන මොහු ශුභ ලක්ෂණයයි දැක්විණ.

“තාම්රෝෂ්ඨතාලු වදනාඃ කලවිඬකනෙත්රාඃ සනිග්ධොන්නතාග්රල දශනාඃ පෘථුලායතාස්යාඃඃ චාපෙනන්තායත නිශූඪ නිමග්න වංශා- සතත් වෙකරොමවිතකුර්ම් සමානකුම්භාඃ”

“විස්තීර්ණවකර්ණක හනුනාභි ලලාටගුහ්යාඃා කුර්මොෙන්නතචිනව විංසතිභිර්නඛෛශ්ව රෙඛත්රෙයොපවිතවෘත්ත කරාං සුවාලා ධන්යාඃෙ සුගන්ධි මද පුෂ්කර මාරුතාශ්ච” යි

තඹවන් තොල් - තලු මුඛය. ගේ කුරුලු ඇස් වැනි ඇස ය; සිනිඳු වූ අගින් නැමුණු දත් ය, පළල් දිග මුහුණ ය, දුන්නක් සේ ක්රටමයෙන් උස් වූ දික් වූ සිලිටි වූ ඉතා උස් නො වූ පිට ය, තුනි වූ එක් සිදුරෙක්හි එක ‍රෝමය බැගින් ගැවසී ඉදිබුවකු වැනි මැදින් උස් කුම්භ ය, පළන් වූ කන් ය, හනු ය, නැබ ය, නළන ය, ලිඬග ය, මැදින් උස් වූ අටළොස බැගින් හෝ විස්ස බැගින් ඇති නිය ය, ඉරි තුනෙකින් යුක්ත වූ සොඬ ය, ‍යහපත් ලොම් ය, සුවඳවත් මද ය යන ලකුණු ශුභ යයි කියන ලදි. තවද බොහෝ ලක්ෂණයෝ වෙති.

මතඟ:- (පා.සං) ‘මාතඬග’ ශබ්දයෙනි, මහත් වූ සිරුරක් ඇතියෙන් මේ නමි.

39

ප:- පස් දහර යුතුවන- පඤ්චධාරායෙන් යුක්ත වන්නාවූ, කලණ ලකුණෙන්- කල්යාුණ ලක්ෂණයෙන්, වොරඳන - බබළන්නා වූ, කෙසරුන් මෙන්, සිංහයන් මෙන්, පනින - උල්ලඬඝනය කරන්නා වූ, තුරඟ සෙන් - අශ්ව සේනාවො, එහි ඒ නගරයෙහි, නිතියෙන- නිරන්තරයෙන්, සරති -හැසිරෙති.


80 දහම්සොඬ කව් වැනුම

වි:- පස් දහර- (පඤ්චධාරා) ‘දහර නම් ගමන් වෙසෙසයි’ එය පසෙකි, ආස්කන්දිත ය; ධෞරිත ය; රෙචිත ය; වල්ගිත ය; ප්ලුත ය; යනුවෙනි.

කලණ ලකුණු-කල්යාසණ ලක්ෂණපසෙකි; එනම් පා සතර සුදුවන් වීම; නළලෙහි අඩ හඳ ලකුණු ඇතිවීම යනු යි; පා සතර හා මුඛ ය සුදුවීම ‘පස් කළණ’ නමැ යි මතයෙක් ද වෙයි. අශ්වයන් ගේ ශුභ ලක්ෂණ තව බොහෝයි. දික් වූ ග්රීතවාව හා අක්ෂිකූටය පළල් උකුල හා හෘදයය. තඹවන් තළු දිව ය. සියුම් සම කෙස් හා වලග‍ ලොම් ය. යහපත් වූ කුර, ගමන හා මුඛය, හ්ර ස්ව වූ කන් ද, -උඩු තොල හා වලගය. වට වූ කෙණ්ඩා-දනහිස් හා කලවා ය. එක සමාන සුදු දත් ය දර්ශ නීය ශරීර ශොභාව ය. යන මොහු යහපත් අසුන් ගේ ලකුණු යයි කියා තිබේ. ශරීරයෙහි දශධ්රැ වයක් (ලොම් සුළි දසයක්) පිහිටීම ද අසුන්ගේ ශුභ ලක්ෂණයෙකි.

කෙසරුන් මෙන්- සිංහයන් මෙන් පැනීම ශික්ෂිත අශ්වයන් ගේ ලකුණෙකි. නිතියෙන් - ‘නිති’ නිපාතය. ‘එන්’ විබත් පසගෙන සිටි තැනි; එහෙත් සම්පූර්ණ්යෙන් ම නිපාතය වශයෙන් සැලකිය යුතු.

40

ප:- ලෙළ රන් රිදී දද- කම්පිත වූ සවර්ණෙ රජතමය ධ්වජ ඇති, මනනඳ - සිත් තුටු කරන්නා වූ, සුදු සිඳු යෙදු-ශේවත අශවයන් යොදන ලද, රිය-රථයන්ගේ, සක්නඳ-චක්ර නාදය, එ පුර- ඒ නගරයෙහි, දිගත-දිගාන්තයන්, විනි විද- විනිර්වෙධනය කොට, පැතිර - ව්යාරප්තව, පවතී - ප්ර්වෘත්ත වේ.

භා:- සෙලවෙන්නා වූ රන් රිදී කොඩි ඇති; මනොනඥ වූ සුදු අසුන් යෙදූ රියවල රෝද හඬ එ නුවර දිගාන්තයන් විනි විද පැතිරෙන්නේය.





                                             දහම්සොඬ කව් වැනුම                                                   81

වි:- ළෙල රන් රිදී දද - රන් ද රිදී ද රන් රිදී එයින් කළ දද රන් රිදී දද, ලෙළ රන් රිදී, දද ඇතියේ යමෙක්හි ද, ඒ ලෙළ රන් රිදී දද,‍ ‘ලෙළ’ යනු කම්පා වීම, බැබළීම යනාදි අර්ථද ඇත්තේ ය. යෙදූ - ‘යොද’ (යෙදුම්හි) දයිනි සිදු- (පා ‘සින්දව’) හෝ (සං) ‘සෛන්ධව’ ශබ්දයෙනි. පැතිර - ‘පතුර' (පැතුරුම්හි) දයිනි. පවතී-පවත්, (පැවතුම්හි) දයිනි. දිගත - දිගු+වත දිශාවන්ගේ කෙළවර, විනිවිද - ‘විනිවිද’ විනිවිදුමිහි ධාතුයෙනි. නො නැවතී කෙළින් පැතිරීම ‘විනිවිද’ පැතිරීම යි.

"https://si.wikibooks.org/w/index.php?title=දහම්_සොඬ_කව-විවරණය_i&oldid=5394" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි