දළදා පූජාවලිය - ප්‍රස්තාවනා

Wikibooks වෙතින්
Jump to navigation Jump to search

දළදා පූජාවලිය


කර්තෘ:- අවිනිශ්චිතයි


සකස් කළේ:- පුඤ්චිබණ්ඩාර සන්නස්ගල


සංකෙත-ශොධන හා වර්ෂි

ඛදිර = ඛදිරංග ජාතක (ජාතක‍ට්ඨකථා) ජාගැ = ජාතක අටුවා ගැටපදය ජයතිලක 1943 ජාත = ජාතකට්ඨකථා පියතිස්ස 1926 ජිනා = ජිනාලංකාර දීපංකර 1900 ජිනාව = ජිනාලංකාර වණ්ණනා දීපංකර 1913 ථූප = ථූපවංසය ලංකානන්ද 1939 ථූපගැ = ථූපවංසය ගැටපද 1939 දා = දාඨාවංසය ආසභතිස්ස 1883 දීප = දීපවංස ඤාණානන්ද් 1927 ධගැ = ධම්පියා අටුවා ගැටපදය ජයතිලක 1932 නිකා = නිකායසංග්රුහ සයිමොන් ද සිල්වා 1907 ම = මහාවංස සුමංගල 1877 මච්ඡණ = මච්ඡජාතක (ජාතකට්ඨකථා) රස = රසවාහිනී ධම්මානන්ද් 1928 ල = ලබුගම ලංකානන්දම 1928 ලසිගි = ලංදෙසි සිංහල ගිවිසුම 1766 වට්ට = වට්ටජාතක (ජාතකට්ඨකථා) විධුර = විධුර ජාතක (ජාතකට්ඨකථා) වෙස = වෙසතුරුදාසන්නෙ හෙට්ටිආරච්චි 1950 ශිලා = ශිලාලෙඛන සංග්ර හ (ඉංග්රී5සි) වික්රසමසිංහ 1928 සද්ධල = සද්ධර්මා්ලංකාරය ඥ්ර්නෙශ්වර 1924 සපැ = සපරගමුවේ පැරණි ලියවිලි ඤාණවිමල 1926 සාරස = සාරසංගහ සොමානන්දි බු: 2458 සිසාහි = සිංහල සාහිත්යය වංශය සන්නස්ගල 1947


                                පටුන                                                     පිටු


සුමෙධ තාපස ... ... ... 1 – 4

සිද්ධාර්ථස කුමාර ... ... ... 5 – 9

ගෞතම බුද්ධ ... ... ... 9 – 14

දළදා වහන්සේ ... ... ... 14 – 15

දඹදිව දී පෑ පෙළහර ... ... ... 16 – 31

දළදාව සඳහා දඹදිව යුද්ධ ... ... ... 32 – 34

දළදාව ලක්දිවට වැඩමවීම ... ... ... 34 – 42

ලක්දිව දී පෑ පෙළහර ... ... ... 42 – 44

ලක්දිව දළදා පූජා ... ... ... 44 – 49

ගැටපද සහිත දළදා පූජාවලී - ශබ්ද කොෂය ... ... 50 – 58




ප්‍රස්තාවනා


(අ) ථෙරවාදී බෞධයන්ගේ බලකොටුවක්

1. ලක් වැසියන් බුදු සමයෙහි බැති ඇතිගත් කරවීමේ ප්ර0බල ව්යා5පාරයක් දඹදිව අශොක රජුගේ (ක්රි්: ය: 274 – 237) මෙහෙයීමෙන් දෙවනපෑතිස් රජුගේ (ක්රි): ය: 247 – 207) කාලයෙහි රට පුරා ම ඇති වූ බව ප්රෙසිද්ධ කාරණයකි. අනිත් ආගමක ස්ථිර පැවැත්මක් එදා මෙහි නොවී ය. එහෙයින් දඹදිව බෞද්ධාගම ගැන මෙ රටුන් තුළ මහත් ළැදි කමක් පැවතිණ. ඒ නිසා ම අශොක රජු එවූ මිහිඳු මහ රහතන් වහන්සේ ප්ර්මුඛ දූත පිරිසේ ව්යා.පාරය මැනවින් සාර්ථූක විය. මෙය ලංකා ජන සමාජයේ විශාල වෙනසක් ඇති කර වූ සිද්ධියකි. මේ නිසා එදා දඹදිව අශොක රජුගේ ධර්ම ද්වීපයෙහි පැවැති බොදු දහමේත් බොදු පරිසරයේත් එළිය නොඅඩුව මෙහි වැටී- ඒ අනුව සමාජය හැඩගැසෙන්නට පටන් ගති. එහිදී ලාංකිකයා කෑම් බීම් ඇඳුම් පැලඳුම් වැනි බාහිර අංගවල පමණක් නොව, සිතුම් පැතුම් වැනි ආභ්යමන්තරික ගති ගුණවල ද නව අරමුණු පෙරදැරි කොට ගමන් ගත්තේ විය.

2. මිහිඳු දූත පිරිස විසින් පිරිසුදු බොදු දහම යයි නම් ලත් ථෙරවාදී මත පමණක් නොව, ඔවුන් ඇසුරෙහි පැවැති විවිධ ශිල්ප ශාස්ත්රම හා කලාවනුත් මෙහි ගෙන එන ලද්දේ ය. ඒ දේ මේ රටේ සමාජ පෙරමුණෙහි දැඩියේ ක්රිසයාත්මකව පැවැති හෙයින් මිහිඳු දූත පිරිස විසින් නොතැකූ අනිත් සාහිත්යර ශිල්ප කලාවක් පැතිරී යෑමට ඉඩ කඩ තිබුණේ නැත. තුබුණ ද එය ඉතා කෙටි වූවකි. එහෙයින් සමාජයට පිටස්තර වශයෙන් හෙවත් ජීවිතය බාහිර ලක්ෂඅණයන්ගෙන් අලංකාර කර ගැනීමට අදාළ වන වෙනත් ධර්ම්යක හෝ සමාජයක හෝ ආභාසයක් ඊට පසු මෙ රට වැසියන්ට පොදුවේ ලබනු නොහැකි විය. මිහිඳු දූත පිරිසේ සේවයෙන් රටේ ඇති කළ ඒ තත්ත්වවය නිසා කුඩා ලංකාව සදහට ම ථෙරවාදී බෞද්ධයන්ගේ බලකොටුවක් බවට පෙරළී ආවේ ය.

(ආ) සිංහල සාහිත්යයයේ පුරාතන පොත් පෙල

3. මිහිඳු දූත පිරිස ඒමට පළමු කවරක් විෂය කොට ඇති කෙබඳු සාහිත්යකයක් මෙහි පැවතිණි ද යන වග නිවැරදිව දැන ගැනීමට තුඩු දෙවන කරුණු අප හමුයෙහි

II

නැත. ඒ අවස්ථාවෙහි ලංකාවේ සාහිත්යනයක් ගොඩ නැගී නොතිබුණු වග කියතොත් එය නිවැරදි හැඟුමකැයි සිතමි. සාහිත්ය්යක් ඇතිවිමේදි මිනිසාගේ සිතුම් පැතුම් හා අවට පවත්නා පරිසරය තදින් බලපානු ඇත. ඒ අනුව ථෙරවාදී බලකොටුවක් වූ ලංකාවෙහි වැඩී ආ හැකි සාහිත්යතය කෙබඳු වූවක් ද යන වග තේරුම් ගැනීම අපහසු නොවේ.

4. මෙහි ගොඩ නැගෙන්නට පටන් ගත් සාහිත්ය යක් ගැන පළමු ආරංචිය අපට ලැබෙන්නේ හෙළටුවාවලිනි. ඒවා වළගම්බා රජු දින (ක්රිි: ය: 43 – 29) මාතලේ අලුවිහාරයේදී පෙළ දහම පොත්වල ලිවීම ආරම්භ කිරීමටත් කලකට පෙර ලියැවී ඇත. අද අප තකන සිංහල සාහිත්යියේ පුරාතන පොත් පෙලය ඒ. ඒ පොත් පෙල ලාංකික භික්ෂූ න් විසින් පාලි අටුවා කථා සිංහලට නැගීමෙන් ඇති කළ සාහිත්යායකි.1

(ඉ) වැඩෙමින් ආ සිංහල පොත් පෙල ඇනහිටුවීම

5. හෙළටුවා ඇතිකිරීම සිංහලෙන් පොත පත ලියනු හැකි පිරිසට ඊට පසු මහත් අනුබලයක් විය. එහෙයින් සිහි කටයුතු සිදුවීම් ඇති වූ විට ඒවා ගැබ් කොට පොත් ලිවීම මෙරට උගතුන් විසින් සිරිතක් කොට පවත්වා ගෙන එන ලද්දේ ය. මෙ පරිද්දෙන් සිංහල පොත පත ලියැවී අනුක්රොමයෙන් එහි සාහිත්යපය වැඩී ආ අවස්ථාවකය බුදුගොස් හිමියන් මහානාම රජු දින (ක්රි‍: ව: 409 – 431) ලංකාවට වැඩ හෙළටුවාවන් නැවත පාලියට පෙරළන්නට පටන්ගත්තේ. එය වැඩෙමින් ආ සිංහල පොත් පෙල ඇනහිටුවන්නක් විය. සිංහල භාෂාවට වඩා පාලි භාෂාව ගැන හැඟීම උගත් භික්ෂුහ පක්ෂනය තුළ මතුවී වැඩි දියුණු වීමට එය කරුණක් වූ හෙයිනි. දඹදිව ථෙරවාදී බෞද්ධයන් පාලි භාෂාව ලක්දිවින් තුරන් වේදෝ යන භීතිය නිසා බුදුගොස් හිමියන් මෙහි එවා ඒ කටයුත්ත කරවන ලදැයි නොසිතිය හැකිද?

6. බුදුගොස් හිමියන් ස්වකීය ව්යාඒපාරයෙන් සිංහල භික්ෂූැන් තුළ පාලි භාෂාව ගැන ඇති කළ ඒ මානය ශත වර්ෂව ගණනාවක් තුළ ම වැඩී ආවේ ය. ඒ කාලය තුළ ලංකාවේ භික්ෂුය පරපුර පාලි සාහිත්ය යේ අභිවර්ධ්නය සඳහා නොයෙක් පොත් ලියූහ. පොලොන්නරු කාලය වනවිට (ක්රිර: ව: 1000)


1 මේ ගැන විස්තරයක් ප්රනපංවදීපිකා මැදුම්සහි සිංහල අටුවාවේ සංඥාපන


III

භික්ෂූ න් තුළ පාලි සාහිත්යපය දියුණු කිරීමේ තැත මුදුන් පෙත්තට ම නැගැවිත් තිබිණ. තවත් යුගයකදී නොකළ තරමට පාලි පොත් රැසක් එවක භික්ෂූ්න් විසින් ලියන ලද්දේ එහෙයින් වන.

(ඊ) සාහිත්යග රුචියක උසස් ප්රොතිඵල

7. පාලි භාෂාව කෙරෙහි භික්ෂූ න්ගේ හැඟීම වැඩි දියුණුවන්නට වූ තැන් සිට ම සිංහල පොත් ගැන සැලකිලි දැක්වූවෝ ගිහි පඬිවරුය. සියබස්ලකර ධම්පියා අටුවා සන්යතය අභිධර්මලව්යා ඛ්යාවනය වැනි ඒ කාල සීමාවට අයත් සිංහල පොත් ලියූවෝ ඔවුහුය. ඔවුන් ලියූ ඒ පොත් පෙලජීව භාෂාවක් වූ සිංහලයෙහි සාහිත්යඔයක් ගොඩ නැංවීම සඳහා අවශ්යජව පැවැති සමාජ රුචියක් ඇති කරවීමට පිහිට විය. එය පිටුබිම් කොට පොලොන්නරු කාලයේදී ගමන් ගත් ගිහි ලෙඛකයින් කීප දෙනකුට නොබෝ කලකින් සිංහල සාහිත්යයයක් ගොඩ නැංවීමේ සමාජ රුචිය පිළිබඳ විප්ලවයක් ඇති කරනු හැකි විය. ගුරුළුගෝමි විද්යාුචක්රවවර්ති ආදී ලේඛකයෝ සිංහල පොදු ජන සාහිත්යගයක් ගොඩ නගාලන ඒ කටයුත්ත ඇරඹූහ.

8. ඔවුන්ගේ ඒ සාහිත්යි ව්යාඛපාරය මහත් හරසරින් රටේ පොදු කැමැත්ත දිනූවක් විය. එහෙයින් තව දුරටත් උගත් භික්ෂූතන් වහන්සේට සිංහලෙන් පොත් නොලියා නො සිටිනු හැකි අවස්ථාවක් එළඹ සිටියේ ය. රත්නාවලිය පූජාවලිය වැනි ජන ප්රිටය සිංහල පොත් භික්ෂූ න් අතින් ලියැවුණේ එහි ප්රූතිඵලයක් වශයෙනි. මේ මොහොත වන විට ගිහි ලෙඛකයින් ශත වර්ෂ‍ ගණනක් තිස්සේ සිංහල පොත් ගැන වඩවමින් ආ ජන රුචිය මුලු රට ම වසාලන තරමේ බලගතු තැනකට පැමිණියේ වන. නොබෝ කලකින් එතෙක් පාලි වෙමින් පැවැති සෑම පොතකුත් අනිත් පාලි පොතුත් සිංහල වන්නට පටන් ගති. දඹදෙණි, කුරුණෑගල හා ගම්පොල කාලවල ලියැවුණු ඒ සිංහල පොත් ගණය කාලාන්තරයක් මුළුල්ලේ ගිහි පඬිවරුන් ඇති කරවමින් ආ සාහිත්ය් රුචියක උසස් ප්ර්තිථල වේ.

(උ) දළද‍ා‍ පූජාවලිය

9. දළදා පූජාවලිය ද කුරුණෑගල ශ්රීය පරාක්ර්මබාහු රජු දින (ක්රිර: ව: 1302 – 1333) පාලියෙන් සිංහලට පෙරළූ එබඳු පොතකි. කිත්සිරිමෙවන් රජු දින (ක්රි‍: ව: 263 – 389) සිංහලෙන් ලියූ


කාවන් දින (ක්රි : ව: 1197 – 1200) ධර්මකීර්ති 1 මාහිමියන් විසින් පාලි ගාථාවන්ට නගන ලදි. ඒ පාලි දාඨාවංසය කුරුණෑගල කාලයේදී දළදා පූජාවලිය නමින් සිංහල වී ඇත. ශත වර්ෂ්යකට පමණ උ‍ඩදී සිංහලෙන් පාලියට නැගූ ඒ පොත නැවත වරක් සිංහලට පෙරළන්නට සිදු වූයේ සිංහල පොත් ගැන වැඩී ආ ඒ සමාජ රුචිය නිසා නොවේ යයි කියනු හැකි ද? පාලි පොත් ලහි ලහියේ සිංහලට නැගී ගෙන ආ මේ යුගයේදී දෙදෙනෙක් ම පාලි දා‍ඨාවංසයට අත ගැසුවෝය. ඉන් එක් කෙනෙක් දෙවරාජ (දෙව්රද) දම් පසඟිනාවෝය. ඔහුගේ පොත දළදා සිරිත විය. දාඨාවංසයට අත ගැසූ අනිත් තැනැත්තාගේ නම සඳහන්ව නැත. එහෙත් ඔහු ඒ පාලි පොතට පරම්ප‍රාගත හිමිකම් ඇති තෙර කෙ‍නකු බව සැක කිරීමට කරුණක් නැත. පාලි දාඨාවංසය කළ ධර්ම කීර්ති 1 හිමියන්ගේ ශිෂ්යාබනුශිෂ්යණයන් ලියූ පොත් දෙස බලන විට දළදා පූජාවලියත් ඒ පරපුරේ කෙනකුගේ ම කෘතියක් බව පෙනීයන හෙයිනි.

(ඌ) දළදා පූජාවලියේ ඇසුර හා ඇතුළත් දේ

10. දළදා පූජාවලිය දාඨාවංසයේ පරිවර්තේනයක් වුවත් ඊට තවත් රචනා කිහිපයක ආශ්රගය වැටී ති‍බේ. පොතේ මුල් පිටු 14 තුළ විස්තර කළ බුද්ධ චරිතයේදී මහාවංස, දීපවංස, ජිනාලංකාර, ජිනාලංකාර වණ්ණනා හා රසවාහිනියෙනුත් ගාථාවන් උපුටා ගෙන ඇත. එතැන් සිට කියැවෙන දළදා පුවතට දාඨාවංසය ම මුල්ව පවතී. ඒ අතර, ජාතක සාරසංගහ හා තවත් පාලි පොත් කිහිපයක රචනාවන් ඇතුළත් කරගෙන තිබේ. ගත්කරු විසින් උපුටාගත් ඒ රචනා ඇතුළත් පොත්වල නම් ඒ ඒ තැන්වල වරහන් තුළ අප විසින් සඳහන් කොට ඇත. සඳහන් නොකොට ඇත්තේ සොයාගත නුහුනු තැන් කිහිපයයි.

11. දළදා පූජාවලියට නෑකම් දක්වන අනිත් සිංහල පොත් නම් සද්ධර්මා.ලංකාර, නිකායසංග්රතහ හා සද්ධර්මදරත්නාකරයත්ය. මේ පොත් සතර එක් තැන් කොට බලන්නකුට පොත් කීපයේ ම රචනා විලාසයේ සමකමකුත් ඒ හැම පොත්වල ම ස්වකීය ගුරුපරපුරේ පාලි රචනා ගැබ් කොට ගෙන ඇති බවකුත් දකින්නට පුළුවන. සද්ධර්මා ලංකාරයේ ඇතැම් තැනකට (56 පිට) හා දළදා පූජාවලියේ


ඇතැම් තැනකට (18 – 19 පිටු) එකම පොතක ආශ්ර6ය ද වැටී තිබේ. මේ දෙතැනේ ම එන පූජා පෙරහැර එක් ම පොතක පරිවර්තාන මැයි.

12. දළදා සිරිත හා මේ පොත අතර දළදා සිරිතම පෙරටුව ලියැවිණැයි සිතීමට අවකාශ තිබේ. දළදා සිරිතට හුරු වෘත්තගන්ධිර වාක්යය ඛණ්ඩයක් මෙහි (27 – 27) පෙනෙන හෙයිනි. සමහරවිට දළදා සිරිතේ රචනය එකල සිත් නොගත් හෙයින් දළදා පූජාවලිය ලියන්නට සිදුවිණැයි සිතනු ද නොහැකි නොවේ. දළදා සිරිත අමුතු රචනා විලාශයක් ගත් හෙයින් සාමාන්යු ජනයාට දළදා පූජාවලිය වඩා ප්රිුය වෙන්නට ඇත. මහනුවර කාලයෙහි මේ පොත එහෙම පිටින් ම ගෙන සිංහල දළදා වංශය යම් කිසිවකු විසින් ලිවීමේ හේතුව ද ඒ ජනප්රිියකම කොට සිතන්නට බැරි ද? දළදා පූජාවලිය සපුරා ඉගෙනීමට දළදා සිරිත හා ඒ සිංහල දළදා වංශයෙත් කියවිය යුතුය.

13. නමෙහි දළදාව උදෙසා කළ පූජාවන්ගේ වැළ - පෙළ - යන තේරුම ඇතත් මේ පොත වඩා බර දළදා කථා පුවතටය. සුමෙධ තාපස සිද්ධාර්ථත කුමාරව බුදුවී ලංකාවට තෙවරක් වැඩම කළ පුවත ද, පිරිනැවන් පෑ ඉක්බිති ඛෙම තෙරුන් ආදාහන චිතකයෙන් ගත් දළදාව කලිඟු රජුට දුන් වග ද, ගුහසීව රජුගේ දළදා පූජා ද, පාණ්ඩව රජුගේ දළදා පරීක්ෂුණය ද, ගුහසීව රජුගේ අන්ත් දන්තකුමාර, හෙමමාලා ජයම්පතීන් දළදාව ලංකාවට වඩමවා ගෙන ආ පුවත ද, කිත්සිරිමෙවන් රජු මහපෙරහරින් දළදා පිළිගත් සැටි ද, ඊටපසු ලක් රජුන් දළදා ආරක්ෂාන කළ වග ද, පොලොන්නරු දඹදෙණි කාලවල රජුන් හා දළදාව සම්බන්ධක තොරතුරු ද, කුරුණෑගල පැරකුම්බා රජු දළදා සුචරිතය පැවැත් වූ සැටි ද මේ පොතේ කෙටියෙන් සංග්රුහ වී ඇත.

(ඍ) දළදා පූජාවලියේ රචනය

14. දළදා පූජාවලිය දොෂ දර්ශඇනයකට අසු නොවිය හැකි අනුවාදයක් නොවේ. පොතේ මුල සිට අග දක්වා ලියැවී ඇති වාක්යන වින්යාවසයේ නොයෙක් තැන් නුපුරුදු රචක‍යකුගේ රචනයක හැඩහුරුකම පෙන්වයි. මුලු


VI

පොතේ ම අවසාන ක්රි‍යාවකින් වාක්යහ වෙන් කොට ඇති තැන් පවත්නේ ස්වල්පයකි. පූර්වි ක්රියයාවකින් - කාලාර්ථ් ක්රිැයාවකින් එක් වාක්යදයක් අනිත් වාක්යපයකට ගැටගැසී ඇති වාක්යක ඝටනා ක්රිමයකිනි පොතේ බොහෝ තැන් ඇමිනී ඇත්තේ. පාලි ගාථා දිගට ම සිංහලට පෙරළා යෑම නිසා ඒ රචනා විලාශය මෙහි වැද්ද ගෙන තිබෙන බව සිතිය හැකිය. ඒ සමගම රචනය පුරාම පාහේ පාලි සංස්කෘත මිශ්රන වචන පද්ධතියකින් යුක්තව පවතී. එහිදී වචනයක අර්ථහයට වඩා එහි පවත්නා ශ්රැ්තියේ හරබරකම ගැන ම සලකා ඒ වචන සංග්ර.හය පොතට ඇතුළු කර ගෙන ඇති පව පෙනේ. ව්යැක්ත රචනයක පිළිබිඹු විය හැකි ප්රළසාද ගුණය දළදා පූජාවලී රචනයෙහි දිස් නොවේ. “වචචිංසු ඔත්තප්ප විභූසනාපි (දා 253) = ලජ්ජා ඇත්තවුන් විසින් නටන ලද නෘත්ය.යෙන් ද” (29 – 8) අනුවාදයේ මෙ වැනි නුහුරු වාක්යු ඛණ්ඩ ම බහුල වීම ඊට හේතුවය. ස්වකීය ප්ර තිභානයට එකඟව ලියැවුණු තැන් ද මේ පොතේ සොයා ගැනීම අමාරුය. එක ම වැනුම් මග දෙතුන් තැන එක හැටියට ආ තැන් (15 – 18 – 19 – 30 – 31 – 36 – 41 පිටු) බෙහෙවින් ඇත. එකල සිංහල ව්ය වහාරය පැහැදිලිවන පරිද්දෙන් වචන ලියැවී ඇති තැන් ද පෙනෙන්නේ ඉතා කලාතුරිනි. “ගුණයෙන් දෙ‍තොත් දුන මැනවැ” (32 – 12) ගුණයෙන් (හොඳ හිතින්) යන්න තවමත් ගම්බද වහරෙහි පවතින එ බඳු වචනයකි. කාංසා (27, 42, 46 පිටු) යන්න යෙදුණු හැටිත් එවැන්නකි. මේ හැර ඒ සඳහා එළිය ලැබෙන අනිත් වචන වැළක් ද මෙහි ඇත. රචනයෙහි ඇති තතු මෙලෙසින් විමසනවිට දළදා පූජාවලිය සිංහල ගද්යත සාහිත්යචයෙහි දෙවැනි පන්තියේ පොතක්කොට පෙන්වීමෙහි වරදක් නැතැයි සිතමි.

(ඎ) දළදා පූජාවලියේ අගනා තැන්

15. මේ පොතේ සඳහන් කරුණු අතර පොලොන්නරු කාලයට පෙර සොලීන් මෙහි පැමිණ දළදා පාත්ර ධාතු ගෙන ගිය බව කියැවෙන (44 පිට) පුවත දළදා ඉතිහාසයේ තවත් තැනක නොකියැවෙන්නකි. ලංකාවේ තවත් වටිනා වස්තුවක් වූ මිණිබෙරය (44 පිට) ගැන ඇති සටහනත්, පොලොන්නරු කාලයේදී පැවති රාජ්යො පාලන ක්ර මයත්1 (47 පිට),


1. නිකායසංග්රජහ හා සද්ධර්මරරත්නාකරයෙහි ද මේ සටහන ඇත.


VII

කුරුණෑගල කාලයේ රජයට ආදායම් ලැබුණු නව තොටත් (49 පිට), ඒ ආදායමෙන් සියයට කාලක ප්රවමාණය දළදා වහන්සේට වෙන් කර තැබූ පුවතත් (49 පිට) දළදා පූජාවලියෙහි එන අගය නොකළ හැකි ඉතිහාස පුවත් කීපයකි. මින් මිණිබෙරය ගැන ලියැවී ඇති අනිත් සටහනක් පැරණි සිංහල සාහිත්ය පොතක සෙවීම උගහටය. එහෙයින් දළදා පූජාවලිය මේ සටහන තකා ගෙන වුවත් රැක ගත යුතු පැරණි සිංහල පොතක් බව කිවමනා නොවේ.

(ඏ) දළදා පූජාවලි පිටපත් හා මේ සංස්කරණය

16. දළදා පූජාවලියේ පුස්කොළ පිටපත් රටේ සුලභව පවතී. පැරණි පුස්කොළ පොත් තිබෙන කීප පලකම විමසූ විට ඒ තැන්හි පිටපත් තිබෙන බව දැන ගන්නට ලැබිණ. එ නමුත් ඒ හැම පිටපතක් ම සසඳා බැලීම අනවශ්ය බව පිටපත් දෙකක් කියවාගෙන යද්දී මට වැටහිණ. මේ සංස්කරණය සඳහා ඇසුරු කළ පුස්කොළ පිට පත් සතරකි. මුද්රිපත පොත් දෙකකි. කොළඹ කටුගේ පොත්ගුලේ පුස්කොළ පොත් තුන ‘ක’ 1, 2, 3, යනුවෙන් මෙහි සඳහන් කොට ඇත. ‘ල’ අකුරෙන් දැක්වෙන්නේ ආචාය්ය්ෙක ලබුගම ලංකානන්දම හාමුදුරුවන් වහන්සේ විසින් සොයා දුන් පිටපතයි. දළදා පූජාවලිය පළමුවරට මුද්රපණය වී තිබෙන්නේ ක්රි : ව: 1893 දීය. එය වැල්ලවත්තේ කේ. ඇම්. ප්‍රේරා මහතාගේ සංස්කරණයකි. ‘පෙ’ අකුර ඒ පොත හැඳින්වීම පිණිසයි. දෙවැනි වරට දළදා පූජාවලිය මුද්රසණය වී තිබෙන්නේ ක්රි : ව: 1929 දීය. බෙන්තොට ටී. සුගතපාල මහතා විසින් සංස්කරණය කළ ඒ පොත ‘යූ’ අකුරෙන් මෙහි හඳුන්වා ඇත. ‘සු (අ)’ ආවේ ඒ පොතේ අධොලිපි පාඨ සඳහාය. සුගතපාල සංස්කරණයේ කොට ඇති ලොකුම වෙනස්කම් දෙකක් නම් ගත්කරුගේ වාක්යය බොහෝ තැන් වලදී අලුත් කිරීමත් ඒ ඒ තැන්වලින් පරිච්ඡෙද කැඩීමත්ය. ඉන් දළදා පූජාවලියට හිමි මුහුණුවර මැකී ගොස් තිබේ. ඒ තැන් පෙහෙවින් අපේ පොතේ අධොලිපිවල සඳහන් කර ඇත. පිටපත්වල ආ වෙනස් පාඨ මිස ලෙඛකයාගේ හෝ මුද්‍රණයේ දී ඇති ව ගිය වෙනස්කම් මා විසින් මෙහි නොදක්වන ලදී, කියවන්නාගේ පහසුව සඳහා පොතේ දෙතුන් පලක ලොකු අකුරෙන් යොදා ඇති මාතෘකා පාඨ කිහිපයත්, ඒ ඒ ගාථා අග වරහන් තුළ කළ සටහනත් පමණකි මා මෙහිදී පොතට අමුතුවෙන් එකතු කළේ. ව්යා්කරණය වරද සහිතයයි පෙනෙන


VIII

තැන් පවා කර්තෘ ගේ ප්ර්යෝග හැටියට පෙනුණු හෙයින් ඒ තැන් වෙනස් නොකිරීමට වගබලා ගතිමි. එසේ ‍කළේ පැරණි පොතකට දිය යුතු එළිය නම් ඒ පොතේ ඇති තතු නොවළහා තැබීමයයි සිතූ නිසාය. එහෙයින් දැන් ඔබට කුරුණෑගල පැරකුම්බා රජතුමාගේ කාලයේදී ලියූ ඒ පැරණි දළදා පූජාවලිය එහෙම පිටින් ම මේ පොතින් කියවා බලා දැන ඉගෙන ගන්නට පුළුවන. පොතේ ඇති තතු හෙළි කර ගැනීමට පොත ගැන ලියූ මේ පිටු කිහිපයත් පොත අග යෙදු ගැටපද සහිත ශබ්දකොෂයත් උපකාර වෙනු ඇත.

17. මේ පොත පිළියෙළ කිරීමේදී උවදෙස් ගත්තේ ම‍ගේ ආදරණිය ආචාය්ය්හ ලබුගම ලංකා නන්දව හාමුදුරුවන් වහන්සේගෙනි. පොතේ ඇතැම් වචනයකට උන්වහන්සේ සිය කැමැත්තෙන් ලියූ ගැටපද‍ ඒ අයුරින් ම මෙහි බහා ඇත.

18. දළදා පූජාවලියේ මේ රමණීය මුද්ර්ණය ලේක්හවුස් සිල්පියාගේ තෙසතියක වැඩකි. පොතේ මුද්රරණය සඳහා එහි කටයුතු කරන පිරිස දැක්වූ සැලකිල්ල හා හපන්කම ගැන අපි ඔබ හැමට පොදුවේ තුති කරමු.


පුඤ්චිබණ්ඩාර සන්නස්ගල


3, ලේක් ක්රලසන්ට්,

කොළඹ 2

1954, අගෝස්තු 10 වන දින.