දිය කෙළි

Wikibooks වෙතින්

දිය කෙළි[සංස්කරණය]

82. සි ට ග ඟ ඉවුරෙහි සෙද නොහැලියා

ම න ර ඟ මල’වල මුදු වරලියා

කොමළඟ පැන හෙන රඟ උදුලියා

වියොව ග දද ලෙළ සිරි කියෙලියා


83. කෙ ළ නා ලිය පියොවුරු බිත ගැසෙමිනි

වි දු නා රළ රොන් වැද වැද වෙසෙසිනි

සොබ නා සොමි වුවනත නඳ විලසිනි

ර ඳ නා අම කිරණින් පිරි සඳ වැනි


84. කි ය මි න් වෙන වෙන වාසි පෑ බල

ඉ ඳි මි න් දිය තුළ නොපෙනී බෝ කල

පෙනෙමින් තැන තැන විදුලිය සේ දුල

ග ස මි න් කෙළ කෙළ යෙති දිය කෝකිල


85. වි ල සි න් දිය කෙළ කෙළ යත නොමැලි

වෙසෙසින් නැගි රළ රොන් ගඟ ඉපිලී

ප හ සි න් තම එක සරි යැයි එකලී

සතො සින් ලොමු දහ ගත් සිරි කියෙලී


86. කොම ළ’ඟනක වුවනත උඩුකුරු කොට

ත ම මුහුල’ත් බැඳ පිහිනනු දිය පිට

හැ ම සියපතු හැකිළෙනු සොමි තරිඳුට

මෙ ම රඟයයි පානා වැනි දිනිඳුට


87. ඉසිරී දිසි දිය දහරින් අඹරා

සසරී හුණු ඉඳු - සැවු සිය පතරා

විසිරී ගිටය ගඟ ලතු කොකුම’ඟරා

අසිරී සිතුවම් දැක්වී එතරා


88. නඳනා දන නෙත් පැහැ ලණු ලා සිට

අ ද නා මෙන් තම තම වෙත දෙ තෙරට

පිහිනා යන එන අඟනන් දිය පිට

බඳනා වැනි රන් හේ තොප යතුරට


89. සෙදනා ලොවිනා ළ ඳු නා ලෙසිනා

ර ළි නා ලෙළෙනා සොබනා ගතිනා

න ඳනා ග ඟ නා කෙළනා ලියනා

ද කිනා ම ති නා හ ද නා තොසිනා


90. සො බ නා තුනු රුසිරින් දස මන බැඳ

ලෙළෙනා නිල’ඹර රන් දද මෙන් සොඳ

ර ළි නා ගැලි ‘පිලෙමින් සතොසින් වැද

කෙ ළනා සඳ මෙලෙසින් අඟනන් ලද


91. කෙ ළ න ළ ඳු න් සොමි වුවනින් දිනනුවට

මෙන් තුර සෙ න් ගෙන එන පුන් තරිඳු හට

නු ඹ වෙසෙසි න් අවසර කර යන ලෙසට

බල ය ස සි න් යනු රිවි බිඹු පැළ’ඹරට

"https://si.wikibooks.org/w/index.php?title=දිය_කෙළි&oldid=4171" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි