දූත ප්ර්ශංසා

Wikibooks වෙතින්

දූත ප්‍රශංසා[සංස්කරණය]

2. ඉඳු දුනු පැහැ දිනු - තුනු සිරිනු’දුල ම-මිතුර

ළඳ සොඳ අදර වැනි තගෙ තෙල තුඩ දුටුව

ලොබ බැඳ අදර නොකෙරෙති කවුරු සතුටුව


වන වනපති තුරෙහි - පුර පුරපතින් මැඳුරෙහි


නඳව නිතොර ලැබ පිය පියකර පහස

රඳව ප ව ර කෙළි කෙළ කෙළ හැම දවස


දි සි දි ය කු ස හැම සියොතුන්ගෙන් ගුරුව

නිසි ය ස රැ ස කියවන නුවණින් සරුව

ඉ සි වර ලෙස නිති පණිවායෙන් දුරුව

රි සි ප ල ර ස විඳ සතොසින් දවසරුව


3. ල ද ය ම් කෙනෙක් සරසවි බැලුම’සක් නිසි

කොතරම් වුවත් මුළු ලොව කෙරෙති අතවැසි

එ ත රම් පසිඳු සරසවි දෙවිය අත වැසි

ම න රම් කෙනෙක් තෙපිමය පරසිදු සුබැසි


4. මෙවන් ගුණෙන් යුතු තොපගේ පිය තෙපල

ස ව න් පුරා පැමිණෙත මිතුර මන කල

ලෙවන් නොයෙක ලෙස කීවත් සැප විපුල

නි ව න් දකින තෙක් සැප නම් එමැයි බල


5. දි රා වැටෙන තුරු තුර නොහැර ඉඳ තො සේ

පු රා තනෙහි පරසිදු මුළු තෙ දියකු සේ

ගි රා කුල උපන් සකි තොපගෙ සිත් ලෙ සේ

පු රා මිතුරු දම් අමුතුව වනනු කෙ සේ


6. පෙ මා වඩන ඉටු සකි සඳිනි දස දෙ ස

යොමා නුවන බැලුවත් මුළු මෙලෝ කු ස

මෙ ම‍ා සිතන කටයුතු සිදු කරන ලෙ ස

ප මා නොවන මිතුරෙක් නැත මෙතෙප මි ස


7. විශිෂ්ට පක්ෂපත්රත විචිත්රස පවිත්ර චාරිත්රි ඇති මිත්රෝේත්තමය, පක්ෂීන් අතුරින් තොපම දූත ක්රිටයවෙහි යොදනු පූර්ව් චාරිත්රුයක්ම නො?


8. හි ම සෙ ල් අතර කෙළ ලක් රකුසන් විසි නී

රැ ක ව ල් කළ කුවෙර අබතුර අඹතුරි නී

ලොහොදැල් තුළට වැද මී අඹ ගෙන දෙමි නී

පෙ ර ක ල් රජෙකු තුටු කෙළෙ ගිරවෙක ත-වැ නී


9. බ ඹ ද ත් රද රදුන්හට විස යෙදූ ස ඳ

එ ප වත් අසා සෙද සෙබළුන් යවා ත ද

ම හ සත් ගුණෙන් පිරි මහ ඔසු පඬී ස ඳ

දියසෙත් කෙළේ එක් කිරි‍ෙඳකු සඳා වෙ ද

"https://si.wikibooks.org/w/index.php?title=දූත_ප්ර්ශංසා&oldid=4162" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි