ධර්මප්‍රදීපිකාව-ධර්මප්‍රදීපිකාව iii
16. හිමවන්තං අජ්ඣොගහෙත්වා යන තන්හි හිමවත් පර්වයත නම් කවරැ යත්?
හෙ ජයමහාබොධීන් උතුරු දෙසෙහි තුන්සියක් යොදුන් තැනින් මත්තෙන් පිහිටියෙ යැ, උස පන්සියක් යොදුනැ, ආයාම විසින් විස්තාර විසිනුදු තුන් තුන් දහස් යොදුන.
එයින් කීහ:-
“යොජනානං ශතාන්යුදච්චෛර්2 හිමවාන් පඤ්ච පර්විතඃ, යොජනානාං සහස්රාදණී ත්රීසණි චායතවිස්තෘතඃ”යි. 161
එ පර්වජතය සුදර්ශ්න කූට යැ, චිත්රත කූට යැ, කාල කූට යැ, කෛලාස කූට යැ, ගන්ධමාදන කූට යැ යනාදි සියක් සියක් යොදුන් සුවාසූ ‘දහසක් රුවන් කුළින් දිලියෙනු වූයෙ යැ. රථකාර දහතළා යැ, මන්දාකිනි දහතළා යැ, හංසපාද දහතළා යැ,3 අනවතප්ත දහතළා යැ, ෂඩ්දන්ත දහතළා යැ කුණාල දහතළායැ, කර්ණමුණ්ඩ දහතළා යැ. යන අයම්විතරහි පනස් පනස් යොදුන් වටා යෙළසිය යෙළසිය යොදුන් සත්දහතෙලෙන් සැදුම් ලද්දෙ යි.
එයින් කීහ:-
“ස ෂොඩශසහස්රො-නලක්ෂකූටෛර්විභූෂිතඃ, අක්ෂොහ්යෛශස්සප්තහිර්යුක්තො රථකාරහුදාදිහිඃ”යි. 162
අනවතප්තයෙහි චතුර්මුඛයෙන් නිර්ග ත ආවර්තගඞ්ගාදී හාත්පසින් බස්නා පන්සියක් ගඞ්ගායෙන් විචිත්ර වූයෙ යි. 1. මහාභූතානි. 2. ශතාන්යු ච්චො 3. ශීඝ්ර6පාතය. 4. සත්දහතලෙයින්.
අභිසම්බොධිකථා 169
එයින් කීහ:-
“ගඞ්ගා සරස්වතී සින්ධුස්තරක්ෂුශ්ච මහාපාගාඃ, යෙෂාමනපතප්තාඛ්යාීත් ස්රශවන්ත්යඃ, ක්ෂපයන්ති නඃ”යි. 163
මෙසේ උක්තානුක්තවර්ණ නායෙන් විචිත්රඃ පර්ව තය “හිමවත්” නම්.
17. පවාළවණ්ණච්ඡදනං යන තන්හි ‘වණ්ණ’ ශබ්දය “සුවණ්ණවණ්ණො” යන තන්හි සෙයින් පැහැ යෙහි වැටෙයි. මෙයින් බැහැරැ “කදා සංයුළ්හා” පන තෙ ගහපති ඉමෙ සමණස්ස ෙගාතමස්ස වණ්ණා” යන තන්හි ස්තුතියැ වැටෙයි. “චත්තාරො වණ්ණා” යන තන්හි කුලයෙහි වැටෙයි. “අථ කෙනනු වණ්ණෙන ගන්ධත්ථෙනොති වුච්චති” යන තන්හි කාරණයෙහි වැටෙයි. “මහන්තං හත්ථිරාජවණ්ණං” යන තන්හි සංස්ථානයෙහි වැටෙයි. “තයො පත්තස්ස වණ්ණා්” යන තන්හි ප්ර්මාණයෙහි වැටෙ. _____________
18. ඡින්නං මෙ ගිහිබන්ධනං යන තන්හි ගෘහීන්ගෙ බන්ධන නම් කලත්ර. යැ. කලත්රය නම් ස්රී බ හ. ඔහු ජීවලෝකයහට බන්ධනයො යි.
කිසෙ යැ යත්? වදාළෙ මැ නො:-
“නාහං භික්ඛවෙ අඤ්ඤං එකරූපම්පි සමනුපස්සාමි එවං රජනීයං එවං කමනීයං එවං මදනීයං එවං බන්ධනීයං එවං මුච්ඡනීයං එවං අන්තරායකරං අනුත්තරස්ස යොගක්ඛෙමස්ස අධිගමාය” යථයිදං භික්ඛඅවෙ ඉත්ථිාරූපං. ඉත්ථීගරූපෙ හි භික්ඛවෙ සත්තා රත්තා ගින්ධා ගථිතා මුච්ඡිතා අජ්ඣාපන්නා, තෙ දීඝරත්තං සො වන්ති ඉත්ථි රූපවසානුගා. නාහං භික්ඛවෙ අඤ්ඤං එක සද්දම්පි පෙ- එකගන්ධම්පි, එකරසම්පි, එකඵොට්ඨබ්බමිපි සමනු පස්සාමි එවං රජනීයං එවං කමනීයං එවං මදනීයං එවං බන්ධනියං එවං මුච්ඡනීයං අන්තරායකරං අනුත්තරස්ස යොගක්ඛෙමස්ස අධිගමාය, යථයිදං භික්ඛවෙ ඉත්ථිය-
1. සංවිරූළ්හා.
170 ධර්ම-ප්රනදීපිකා
ඵොට්ඨබ්බො. ඉත්ථි ඵොට්ඨබ්බෙ හි භික්ඛවෙ සත්තා රත්තා ගිද්ධා ගථිතා මුච්ඡිතා අජ්ඣපන්නා, තෙ දීඝරත්තං සොවන්ති ඉත්ථිතඵොට්ඨබ්බවසානුගා. ඉත්ථිි භික්ඛවෙ ගච්ඡන්තීපි පුරිසස්ස චිත්තං පරියාදාය තිට්ඨති, ඨීතාපි-පෙ- නිසින්නාපි, සයනාපි, හසන්තීපි, හණන්තීපි, ගායන්තීපි, රොදන්තීපි, උග්ඝානිතාපි මතා පුරිස්ස චිත්තං පරයාදාය තිට්ඨති”යි.
ඔව්හු මෙසෙ බන්ධන මතු නො වෙති මාරපාශ ද වෙත්.
කිසෙ යැ යත්? වදාළෙ මැ නො:-
“යං හි තං භික්ඛවෙ සම්මා වදමානො වදෙය්ය: සමන්තපාසො මාරස්සාති මාතුගාමං යෙ ච සම්මාවදමානො වදෙය්යද සමන්තපාසො මාරස්සාති”යි.
සම්ප්රාතප්ත වන බැවින් මෙතැන සිට ඔවුන්ගෙ කතිපයප්රතකාරයෙක් දක්වනු ලැබේ.
කිසෙ යැ යත්?
යම්සෙ සිංහයාගෙ මුඛහස්තපාද පඤ්චායුධ නම් වෙද එ සෙයින් මැ ස්ත්රීසන්ගෙ රූප ශබ්ද ගන්ධ රස ස්ප්රදෂ්ටව්යස පඤ්චායුධ වෙ. යම්සෙ සිංහ තමහට භක්ෂ්යා වු ගොචර යන් ගන්නෙ තමාගෙ පඤ්චායුධයෙන් පැහැර ගනී ද එ සෙයින් මැ ස්ත්රී හු ද ක්ලෙශභක්ෂ්යායන් ගන්නාහු තමන්ගෙ රූපාදිපඤ්චායුධයෙන් පැහැර ගනිත්.
එයින් වදාළහ:-
“සීහො යථා ලොහිතමංසභොජනො වාළමිගො පඤ්චහත්ථො සුරුද්ධො, පසය්හ ඛාදී පරහිංසනෙ රතො තථිත්ථිායො තාසු න විස්සසෙ නරො”යි. 164
ඔවුහු මෞලි බැඳ අටවියෙහි සිටි චෞරයන් සෙ ජනයන් විලුම්පනය කරනුවහ, විෂදිග්ධ සුරාවක් සෙයින් විනාශයට පමුණු වනුවහ, භාණ්ඩයෙහි ගුණ වණන වණිග්ජනයන් සෙයින් තමන්ගෙ අසද්ගුණ වණනුවහ, කාලසිංහයන්ගෙ හඟ සෙයින් විපරාවෘත්තයහ,
අභිසම්බොධිකථා 171
හෘදයෙහි අනෙකක් තබා තෙපුලෙහි අනෙකක් ඕනා බැවින් දෙදිව් ඇති සර්පෙයන් වැනියව්හ, තෘණයෙන් ප්රෙච්ඡන්ත සර්පායකීණි නරකාවාටයක් සෙයින් පඤ්චකාමගුණතෘණයෙන් ප්රයච්ඡන්නයහ, පාතාල සෙයින් වස්ත්රාගලඞ්කාරමෛථුනාදීන් දුෂ්පූරයහ, මාංසරුධිරයෙන් දුස්තොෂ රාක්ෂෂීන් සෙයින් මෛථුනාදීන් දුස්තොෂයහ, ජනයන් එකාන්තයෙන් නරකයට ගෙන යන බැවින් යමපලුන් වැනියව්හ, ශුචි අශුචි භක්ෂණය කරන ගිනි සෙයින් උත්තමාධම සෙවීහ, සර්වශවාහී නදී සෙයින් උත්තමාධම වාහීහ, යම්තැනෙක්හිදු ගමන මාරුත සෙයින් පිරිරනු නැතියව්හ, යම්සෙ හිමව් යෙහි නෙරු නම් රන්ගල් සැපත් කාකයන් හා හංසයන් තමාගෙ පැහැයෙන් එක්පැහැ කරන් විසින් විශෙෂ නැත්තෙ ද එසෙයින් මැ උත්තමාධමයන් කෙරෙහි විශෙෂ නැතියව්හ. වර්ණිගන්ධරසයෙන් ආම්රමඵලසදෘශ වූ “කිපක්” නම් විෂවෘක්ෂයෙහි ඵල පරිභොග කළ ජනයන් විනාශභාග් වන සෙයින් තමන් කෙරෙහි රක්තයන් විනාශභාග් කරන බැවින් විෂවෘක්ෂ සෙයින් නිත්යමඵලිතයො.
එයින් වදාළහ:-
“චොර විය වෙණකතා, මදිරා විය විසදිද්ධා වාණිජො විය වාචාය සන්ථුතියො, ඉස්සසිඞ්ගම්ව විපරි වත්තායො, උරගමිව දුජිව්හා, සොබ්හමිව පටිච්ඡන්තා පාතාලමිව දුප්පුරා, රක්ඛසී විය දුත්තොසා, යමො චෙකන්තහාරියො, සිඛිරිව සබ්බභක්ඛා, නදීරිව සබ්බ වාහී,1 අනිලො විය යෙන කාමඤ්චරා, නෙරු විය අවිසෙස කරා, විසරුක්ඛො විය නිචිචඵලිනායො”යි.
ඔව්හු අට්ඨානජාකයෙහි: මහඍෂිහුගෙ ශීලහෙද කළ ගණිකාව සෙයින් හුදීදනන්ගෙ සිල්රුවන් වුලුඹුනා සෙරහ.
ධර්මනධ්වජජාතකයෙහි: සඞ්ග්රාීමයට යන රජු කෙරෙන් යොදුනෙන් යොදුනෙහි සිට ආ පුරුෂයන් හා මෛථුන කොට රජු නුවර වදනා දවස් රජගෙට වන් පෙරවිදරුවා
1. සබ්බවාහිනී.
172 ධර්ම1ප්රසදීකා
ලොකාමිෂයට නො ලැබුණෙන් වධ කැරැවියටි වු බිසොව සෙයින් විෂදිග්ධ ය හ.
කුණාලජාතකයෙහි: පඤ්චපාණ්ඩවයන් විසින් අතෘප්ත වැ කුබ්ජයා හා මෛථුන කොට ඔව්හට “තා සෙ මට ප්රිිය පුරුෂයෙක් නැති, රාජපුත්ර යන්ගෙ ගලලොහිත යෙන් තා පාදප්රඅක්ෂාලනය කෙරෙමි”යි බැණ පඤ්ච පාණ්ඩවයනට ද වෙන වෙන “තා හා සම මට ප්රිාය පුරුෂයෙක්1 නැති, මාගෙ ජීවිතය තට පරිත්යවක්ත යැ, මා පියරජහු ඇවෑමෙන් තට රජය දෙමි”යි තමාගෙ අසද්ගුණ කියන රාජකන්යාහව සෙයින් බඩුයෙහි ගුණ වණනුවන් වැනි යහ.
චුල්ලධනුග්ගහජාතකයෙහි: එ විගස දුටු සොරා කෙරෙහි බැඳි කුලදරු සැමියහට වධ කළ මාගම සෙයින් විපරාවෘත්ත ය හ.
කුණාලජාතකයෙහි: සැමියා කෙරෙහි යෙහෙළිය ඇර හොවා පරපුරුෂයන් කරා ගොස් සැමියා ඇය නාසා කැපූ කල්හි අවුදු ඇය පහ කොට පියා “තට නිවරද වීම් නම් මා නාසා නැඟෙව” යි සස් කළ මාගම සෙයින් මෘෂවාදී වන බැවින් දෙදිව් ඇතියව්හ.
කණවෙර ජාතකයෙහි: දවස දහසක් දෙන සිටු දරුවා මරවා සොරු ගෙන වාසය කළ සාමා නම් ගණිකාව සෙයින් ප්රදච්ඡන්නශ්වභ්රායක් වැන්නහ.
ගාමණීචණ්ඩ ජාතයෙහි: අතරමඟ පුරුෂයක්හු කෙරෙහි බැඳී ඤාති2 කුලයෙහිදු පති කුලයෙහිදු නො හින්දැ හි ඇවිදුනා මාගම සෙයින් දුෂ්පූර ය හ.
කුණාල ජාතකයෙහි: දෙතෙරැ දෙ රජනට මෙහෙ සුන් ව ද ගඟ මැද සිට මහලු කොර කෙවුළා හා මෛථුන කරන පඤ්ච පාපා නම් බිසොව සෙයින් දුස්තොෂ ය හ.
මහාපදුම ජාතකයෙහි: අත් පා සුන් කොටකු කෙරෙහි බැඳි තමා මරණින් මිදූ රජ කුමරහු පර්වුත මස්තකයෙහි සිට ප්ර පාතයෙහි බහාපී රාජ කන්යා්ව සෙයින් යමපලුන් වැනියව්හ. 1. කෙනෙක් 2. ජාත.
අභිසම්බොධිකථා 173
කුණාල ජාතකයෙහි: උත්තමාධමයන් හා මෛථුන කළ කුරඞ්ගවී නම් බිසො ව සෙයින් සවර්වෙභක්ෂ යහ.
කණ්ඩරී ජාතකයෙහි: රජු හා හොත් යහනින් නැඟී කවළියෙන් නික්ම පිළි රැහැනින් බැස දඹරුකට නැඟී පවුරු පැනැ පිළු කරා ගිය කින්නරා නම් දෙවිය සෙයින් සවර්වා හීහ.
කුණාල ජාතකයෙහි: අතර මඟ පසල්සැඬ නම් බමුණු දරුවකු කෙරෙහි බැඳී පුතු කසී රජු කෙරෙහි නො හින්දැහි සැමියා කොසොල් රජු කරා යන සැමියා කොසොල් රජු කෙරෙහි නො හින්දැහි පුතු කසී රජු කරා යන බිසොව සෙයින්න කාමවර ය හ.1
මහා උමංදායෙහි: සත් හවුරුද්දක් පතා ලද සැමියා පියා මඟ දුටු පුරුෂයකු හා ගමන් ගත් දික්තල සෙයින් අවිශෙෂකර ය හ.
අසාතමන්ත ජාතකයෙහි: ආගන්තුකයකු කෙරෙ බැඳි සිය අතින් මෙහෙ කොට පස්වටන පුතු ළැමිඬියෙහි ෙපාරොවින් ඇනි මාගම සෙයින් විෂ වෘක්ෂයන් වැනියො.
අපි ච, කුණාලජාතකයෙහි: ජනයන් කිවුටුකල ද නමස්කාර කරන තපස් ඇති වැ ධූර්තුයකු හා ගිය සච්චතපාවිය සෙයින් චලචිත්ත ය හ.
තක්කජාතකයෙහි: දියෙන් යන්නිය නඟාගෙන පුස්නා පුරුෂයක්හට සොරකු ලවා අපකාර කැරවූ මාගම සෙයින් මිත්රඟද්රොුහ ය හ.
අන්ධභූතජාතයෙහි: සොරසැමියා ලවා සියසැමියා හිසැ ටොකු ඔවා තමා අත් පෑ ගිනි මඬනට යෙමින් අනෙකකු අතැ පහළියෙන් “දැන් කලි ගිනි මඬනට නො නිස්සෙමි” යි ගිනි නො මැඬි මනෙවිය සෙයින් මායා වී හ.
ඛරපත්තජාතකයෙහි: රජු හා විල්කෙළිමින් සිටැ දියබරණකු හා මෛථුන කළ නාමනෙවිය සෙයින් දුරාචාර ය හ. 1. කාමාචාරයහ.
174 ධර්මීප්රමදීපිකා
මුදුපාණීජාතකයෙහි: අන්ධකාරවර්ෂයෙහි නහණ වන්වැ කවළියෙන් නික්මැ අත ගෙන සිටි රජු වඤ්චා කොට ගිය රාජකන්යාකව සෙයින් චලචිත්ත ය හ.
සුස්සොණිජාතකයෙහි: සෙරුම1 ද්වීපයෙහි ගරුඬ විමානයෙහි වෙසෙමින් නැව්බුනු වැ ගඳඹක්හු හා මෛථුන කළ බිසොව සෙයින් සමුද්රනමධ්ය යෙහි ලා නො රැක්කැ හැකියව් හ.
කාකානිජාතකයෙහි: සප්තසාගරයෙනුදු සප්තකුල පර්වතයෙනුදු පිරිඛෙව් ලද ශල්මලීවනයෙහි වෙසෙමින් ගුරුළුපියා ගැබින් ගිය ගඳවයා හා මෛථුන කළ බිසොව සෙයින් ගුරුළු විමන්හිදු2 ලා නො රැක්කැ හැකියව්හ.
සමුග්ගජාතකයෙහි: විද්යාහධරයා සුමුඟට ගෙන වැද ඔහු හා මෛථුන කළ මාගම සෙයින් රකුස්කුසුහිදු ලා නො රැක්කැ හැකියව් හ.
පැළමුහුණ මහනැටුම් බලමින් හිඳ සැමියා ඔර හිස තබා බැස හෙව ජවනිකායෙන් පිටත හුන් පුරුෂයකු හා මෛථුනයට අධඃකාය දුන් මාගම සෙයින් විළිබිරු නැතියව් හ.
උතුරුමුහුණ හඬා නැඟි පුතු කර අඹරා මරා හැඳ දෙ අතුරෙහි හොවා සොරසැමියහට දොර හැර විමසා බලා උහ් යන්නහු දැක “ගෙට වන් සොරෙක් මපුතු මරා යෙ”යි තිරැ කළ මාගම සෙයින් කාමක්රෝධයෙන් උද්දීප්තයො
එයින් වදාළහ ඔවුන් කෘෂ්ණසර්පොයපම කොට:-
“පඤ්චිමෙ භික්ඛවෙ ආදීනව කණ්භසප්පෙ කතමෙ පඤ්ච? කොධනො උපනාභී ඝොරවිසො දුජීව්හො මිත්තදුහී. ඉමෙ ඛො භික්ඛවෙ පඤ්ච ආදීනවා කණ්හසප්පෙ. එවමෙව ඛො භික්ඛවෙ පඤ්ච ආදීනවා මාතුගාමෙ. කතමෙ පඤ්ච? කොධනො උපනාභී ඝොර විසො දුජිව්හො මිත්තදුහී”යි. 1. සෙමර 2. සමුද්රොමධ්යියෙහිදු
අභිසම්බොධිකථා 175
ඔවුහු සර්වසාධාරණ වන බැවින් චතුර්වර්ණ යෙන් බැස ස්නාන පාන කරන නදීතිර්ථධයක් වැන්නො ම යැ, මහවතක් වැන්නො මයැ, පනාගාරයෙහි තැටියක් වැන්නො ම යැ, සතරදිශායෙන් ආවන් ලග්නා ශාලාවක් වැන්නො ම යැ, සතරමග එක්වු තැනැ පොකුණක් වැන්නෝ ම යැ. ඔවුනට මොහු හීන යහ මධ්ය ම යහ උත්තමය හ යන අවධි නැත්.
එයින් වදාළ හ:-
“යථා නදී ච පන්ථො ව පානාගාරං සභාපපා එවං ලොකිත්ථියො නාම වෙලා තාසං න විජ්ජති”යි. 173
හැම නදී වක් ව මිසැ නො යෙති, හැම වනයො කාෂ්ඨමය මිසැ නො වෙති, හැම මාගමහු අවකාශයක් ලදහු නම් පව් මිසැ නො කෙරෙත්.
එයින් වදාළහ:-
“සබ්බා නදී වඞ්කගතා සබ්බෙ කට්ඨමයා වනා, සබ්බිත්ථියො කරෙ පාපං
ලභමානා නිවාතකෙ”යි 174
ඔව්හු එක්කෙනකුන් නො ද අයත්හ, දෙදෙනකුන් නො ද අයත්හ, සදා තුබූ අවුණුදොරක් වැන්නහ, යමෙක් ඔවුන් තමා යයි හඟී නම් මහඇසිදැල් ගෙන සුළඟ බදා.
එයින් වදාළ හ:-
“න තා එකස්ස න ද්වින්නං
ආපණො සො පසාරිතො.
යො තා මය්හන්ති මඤ්ඤෙය්ය
වාතං ජාලෙන බාධයෙ”යි. 175
එවුනට ප්රි ය එකෙක්1 නැති, අප්රිිය එකෙක් නැති ඔහු රුක් වලඳනා ලිය සෙයින් ධන ඇතියන් වැළඳ ගෙන සිටිත්.
එයින් වදාළ හ:-
“නන්ථිත්ථිනං පියො නාම අප්පියො’ පි න විජ්ජති, ධනං තා පතිවෙල්ලන්ති ලතාව දුමනිස්සිතා”යි. 176
1. කෙනෙක්
176 ධර්මරප්රතදීපිකා
ඔවුහු ඇත්ගොව්වන් අස්ගොව්වන් ගොපල්ලන් සැඩොලුන්1 මහබැලවුන් පුස්සඩුවන් ධනපත්වුව ඔවුන් කරා එළඹෙති, කුලපුත්රධයනුදු පියත්.
එයින් වදාළ හ:-
“හත්ථිබන්ධං අස්සබන්ධං ගොපුරිසං චණ්ඩාලඡවඩාහකං පුප්ඵඡඩ්ඩකං, සධනමනුපතන්ති නාරියො කුලපුත්තම්පි ජහන්ති අකිඤ්චනං”යි. 177
ඔවුන් සැබවැ යි කී දැයෙක් බොරු වෙයි, බොරු යයි කී දැයෙක් සබා වෙයි, බොහොතණට වන් ගෙරි සෙයින් හැඟෙ තැන් බලත්.
එයින් වදාළ හ:-
“මුසා තාසං යථා සච්චං සච්චං තාසං යථා මුසා, ගාවො බහුතිණස්සෙව ඔමසන්ති වරං වරං”යි. 178
එ මායාවින්ගෙ අධ්යවශය දියෙහි මසුන් ගිය මඟ සෙයින් නො දතහැකි.
එයින් වදාළ හ:- “චොරීනං බහුබුද්ධිනං යාසු සච්චං සුදුල්ලභං, ථීනං භාවො දුරාජානො
මච්ඡස්සෙ වොදකෙ ගතං”යි. 179
ළදරු කල පටන්ගෙන පුරුදු වූ ප්රි ය වූ මනාප වූ අනුකම්පා ඇති ප්රා ණ හා සමකොට ගත් පුරුෂයා ආපද්ගතකල ද කාය්ය්ය යක් ඇති කල ද පියත්,
එයින් වදාළ හ:-
“චිරානුවුත්ථම්පි පියං මනාපං අනුකම්පකං පාණසමම්පි සන්තං ආපස්සු කිච්චෙසු ච නං ජහන්ති තස්මා හි ඉත්ථිසු න විස්සසාමි” යි. 180
යම් පුරුෂයෙක් ධනධාන්යියෙන් පරිපූර්ණ ව මෙ පොළොතලය ස්ත්රීරයකට දක්වා දී සම්මත කොට පෙරහරදී සිටුවූයෙ වී නම් හො ඔහට අවඥා මැ කෙරෙයි, එ බැවින් එ අසජ්ජනයන් වශඟ නො වුව මැන.
1 මිනිදවන අභිසම්බොධිකථා 177
එයින් වදාළ හ:-
“පුණ්ණම්පි චෙමං පඨවිං ධනෙන දජ්ජිත්ථියා පුරිසො සම්මතාය, ලද්ධා ඛණං අත්මඤ්ඤෙය්ය් තම්පි තාසං වසං අසතීනං න ගච්ඡේ”යි. 181
ඔවුන් තමහට සෙනෙහැත්තහ යි විස්වස් නො ද කරන්නෙ යැ, වැළත සිට වලප්තී විස්වස් නො ද කරන්නෙ යැ, ඔහු එක්වට එතෙර දිවන එක්වට මෙතෙර දිවන නැවක් සෙයින් ප්රි්ය අප්රියය සෙවා කෙරෙත්.
එයින් වදාළ හ:-
“න විස්සසෙ ඉච්ඡති මන්ති පොසො න විස්සසෙ රොදති මෙ සකාසෙ, සෙවන්ති හෙතා පියමප්පියඤ්ච නාවා යථා ඔරකූලං පරඤ්ච” යි. 182
පෙරැ අතොටලා වැළඳගත් කොළ විස්වස් නො ද කරන්නෙ යැ, හඳුනන සොරුන් කෙරෙහි විස්වස් නො ද කරන්නෙ යැ, සබඳ රජු කෙරෙහි නිසැක නො ද වන්නෙ යැ, තමහට දසරුවකු ලද ද ස්ත්රිසය කෙරෙහි විස්වස් නො ද කරන්නෙ යි.
එයින් වදාළහ:-
“න විස්සසෙ සාඛපුරාණසන්ථතං න විස්සසෙ ම්ත්තපුරාණචොරං න විස්සසෙ රාජසඛා මමන්ති නං න විස්සසෙ ඉත්ථි දසන්නමාතරං”යි. 183
ඔහු තමන් රිසින් හො ධන හෙයින් හො යමක්හු හා සංසර්ග කොළො නම් තුබූ තැන් දවන ගිනි සෙයින් එ මැ විගස ඔහු දවත්.
එයින් වදාළහ:-
“යං හෙතා උපසෙවන්ති ඡන්දසා වා ධනෙන වා, ජාතවෙදොව සං ඨානං
ඛිප්පං අනුඩය්හන්ති නං”යි. 184
178 ධර්ම්ප්ර”දීපාකා
ඔව්හු මායා මරීචි ශොක රොග උපද්ර ව වැන්නො ම යැ, බර වූ නිගඩබන්ධන වැන්නො ම යැ, මෘත්යු හු වසන ගුහා වැන්නො ම යැ. ඔවුන් කෙරෙහි යමෙක් විස්වස් කෙළෙ නම් හෙ නරයන් කෙරෙහි අධම යැ ලාමක යැ පාපක යි.
“මායා වෙසා මරීචී ච සොකො රොගො චුපද්දවො, ඛරා ච බන්ධනා චෙතා මච්චුවාසො ගුහාසයො තාසු යො විස්සසෙ පොසො සො නරෙසු නරාධමො”යි. 185
ඔව්හු හැලී සිටි මුවකු විදුනා ශරයක් සෙයින් ගැඹුරෙහි හොත් මසකු බදනා බිළියක් සෙයින් වඳුරන් බදනා ලහා සෙයින් පුහුදුනන් බදත්.
එයින් වදාළහ:-
“මිගං නිලීනං කූටෙන බලිසෙනෙව අම්බුජං,
වානරං විය ලෙපෙන බාධයන්ති පුථුජ්ජනං”යි. 187
ඛඞ්ගහස්ත සතුරන් හා සම්භාෂණ කරනු මැනැවැ, ඝොර විෂ උරගයන් සිප ගන්නෙ මැනැවැ, එකලා වැ එකලා මාගමක හා සංලාප කරනු නො මැනැවි.
එයින් වදාළ හ:-
“සල්ලපෙ අසිහත්ථෙන පිසාචෙනපි සල්ලපෙ, ආසීවිසම්පි ආසාදෙ2 යෙන දට්ඨො න ජීවති, නත්වෙව එකො රකයෙ මාතුගාමෙන සල්ලපෙ”යි 187
ඔව්හු හලාහලවිෂ සෙයින් කකියන තෙල් සෙයින් විලීනවූ ලොෙහාදිය සෙයින් දුරු කටයුත්තො.
එයින් වදාළ හ:-
“විසං යථා හලාහලං තෙලමුක්කට්ඨිතං යථා, තම්බලොහවිලීනංව මාතුගාමං විවජ්ජෙයෙ”යි. 188
පඤ්චකාමගුණයො ස්ත්රීවරූපයෙහි පැනෙත්.
එයින් වදාළ හ:-
“පඤ්චකාමගුණා එතෙ ඉත්ථිරූපස්මිං දිස්සරෙ, රූපා සද්දා රසා ගන්ධා ඵොට්ඨබ්බා ච
මනොරාමා”යි. 189 1. වෙසා. 2. ආසීදෙ, අභිසම්බොධිකථා 179
ඔව්හු බැල්මෙනුදු සිනායෙනුදු රහස්පියෙස් දැක්වී මෙනුදු මධුරතෙපුලෙනුදු මූඪස්මෘතිපුරුෂයන් බදත්.
“මුට්ඨස්සතිං තා බන්ධන්ති පෙක්ඛිතෙන සිතෙන1 ච අථොපි දුන්නිවත්ථෙන මඤ්ජුනා2 භණිතෙන ච”යි. 190
ඔව්හු තන්හි තන්හි මාරයා ඔත් මල වැන්නහ, සුව කැමැතියන් විසින් පරිවර්ජන කටයුතු වෙත්.
එයින් වදාළහ:-
“තා කුලෙසු විසිඛන්තරෙසු වා රාජධානි නිගමෙසු වා පන, ඔඩ්ඩිතං නමුචිපාසවාකරං චක්ඛුමා පරිවජෙ3 සුඛත්ථිකො”යි. 191
කුසදායෙහි සෙයින් තෙජස්වී අගරජුහුදු, හරිතවුස් දායෙහි සෙයින් මුළුලො දත් වියත්හුදු, මුදුලකුණුදායෙහි සෙයින ලො මුදුන්පත් මහත් හුදු, සකපුදායෙහි සෙයින් පුන්පැරුම් මහසත්හුදු ස්ත්රීහවශග වන්නාහු රාහු ගිලූ සඳක් සෙයින් නො දිලියෙත්.
එයින් වදාළ හ:-
“තෙජවාපි හි නරො විචකඛණො සක්කතො බහුජනස්ස පූජිතො, නාරිනං වසගෙතා න භාසති රාහුනා මුපගතො ච චන්දිමා”යි. 192
චුල්ලපලොභන ජාතකයෙහි සෙයින් අට්ඨාන ජාතකයෙහි සෙයින් ස්ත්රීලවශග වූ කිසිවැනි බලවත්හුදු දුර්වයල වෙති, ශක්ති මත්හුදු ශක්තිරහිත වෙති, ඇසැත්තාහුදු ඇස් නැති වෙති, ගුණව්තහුදු නිර්ගුණ වෙති, නුවණැත්තාහුදු නුවණ නැති වෙති, ප්රනමුක්තයො බන්ධනගත වෙත්. 1. මිහිතෙන. 2. මුදුනා. 3. පරිචජ්ජයෙ - පරිවජ්ජෙ.
180 ධර්ම3ප්රපදීපිකා
එයින් වදාළ හ:-
“බලවන්තො දුබ්බලා හොන්ති ථාමවන්තො පි හායරෙ, චක්ඛුමා අන්ධිතා හොන්ති මාතුගාමවසං ගතා 193 ගුණවන්තො නිග්ගුණා හොන්ති පඤ්ඤාවන්තො’පි හායරෙ පමුත්තා බන්ධනෙ සෙන්ති මාතුගාමවසං ගාතා”යි 194
ඔහු අලම්බුසා ජාතකයෙහි සෙයින් නළිනි ජාතක යෙහි සෙයින් සිල්වතුන්ගෙ ධ්යාකනාදිගුණරතනයන් පැහැරගන්නා කඩපළාසොරුන් වැන්නො ම යැ, කාෂ්ඨරාශියක් සෙයින් පමා වු වන්ගෙ1 ගුණරාශින් දවන ගිනි වැන්නො මැයි.
එයින් වදාළ හ:-
“අජ්ඣෙන්ඤ්ච තපං සීලං සච්චං වාගං සතිං මතිං අච්ඡින්දන්ති පමත්තස්ස පන්ථදුභීව තක්කරා. 195 යසං කිත්තිං ධිතිං සූරං බාහුසච්චං පජානනං, ඛෙපයන්ති පමත්තස්ස කට්ඨපුඤ්ජංච
පාවකො”යි. 196
එ මහාමායාවීහු සුවන්මොනරදායෙහි සෙයින් මහ මොනර දායෙහි සෙයින් උම්මදන්තිදායෙහි සෙයින් කිසිවැනි මහතුන් ගම්භීර උදකාවතීයෙහි නිඬුහුරු කරනුවන් සෙයින් ප්රනමථනය කරන ශීලයො.
එයින් වදාළ හ:-
“ආවට්ටනී මහාමායා බ්ර්හ්මචරියවිකොපනා, සීදන්ති නං විදත්වාන ආරකා පරිචජ්ජයෙ”යි. 197
ස්ත්රීිවශග වූයෙ භයානක නරකප්රැපාතයෙහි හෙයි, අයොමය ශල්මලිවනයෙහි කැඩෙයි, තිය්ය්්ම ග්ගතියැ වෙහෙසෙයි, ප්රෙ.තිවිෂ යෙහි වෙහෙසෙයි.
එයින් වදාළ හ:-
“සො උපෙති නිරයං පපාතනං2 සත්තිසිම්බලිවනඤ්ච මායසං, ආවසිත්වා තිරච්ඡානයොනියං පෙතරාජවිසයා න මුච්චති”යි. 198
1. ඔවුන්මගෙ. 2. පතාපනං අභිසම්බොධිකථා 181
යම්කෙනෙක්නට ස්ත්රී න් කෙරෙහි ආශා නැත්නම් දෙව්ලෙව්හි දෙව්රජ ද මිනිස්ලෙව්හි සක්විතිරජදරුවන් විමනුදු දිව්ය්ඞ්ගනාවොදු දුර්ලභ නො වෙත්.
එයින් වදාළහ:-
“දිබ්බඛිඩ්ඩරතියො න දුල්ලභා චක්කවට්ටිචරිතඤ්ච මානුසෙ, සොණ්ණව්යිම්හනිලයා ච අච්ඡරා යෙ චරන්ති පමදාහනත්ථිකා”යි. 199
යම් කෙනෙක් ස්ත්රීාසංසර්ග” දුරු කොළො නම් ඔව්නට කාමභව පරිත්යාෙග ද රූපභවනිවාස ද ශුද්ධා වාසයෙහි උත්පත්තිදු අමෘතමහානිර්වාාණයට ප්රාදප්තිදු දුර්ළභ නො වෙ.
එයින් වදාළහ:-
“කාමධාතුසමතික්කමා ගති රූපධාතුයා භවො න දුල්ලහො, වීතරාගවිසයූපපත්ති යා යෙ චරන්ති පමදාහනත්ථිකා”යි. 200
අපි ච, ඔව්හු අශුචි වූ දුර්ගන්ධ වූ සභීරු වූ සප්රෙතිභය වූ මිත්රණ ද්රො හි වූ කෘෂ්ණසර්පයන් වැන්නො.
එයින් වදාළහ:-
“පඤ්චිමෙ භික්ඛවෙ ආදීනවා කණ්භසප්පෙ. කතමෙ පඤ්ච? අසුචි දුග්ගන්ධො සහීරු සප්පටිහයො මිත්තදුහි. ඉමෙ ඛො භික්ඛවෙ පඤ්ච ආදීනවා කණ්හ සප්පෙ. එවමෙව ඛො භික්ඛවෙ පඤ්ච ආදීනවා මාතු ගාමෙ. කතමෙ පඤ්ච? අසූචි දුග්ගන්ධො සභීරු සප්පටිභයො මිත්තදුහී, ඉමෙ ඛො භික්ඛවෙ පඤ්ච ආදීනවා මාතුගාමෙ” යි.
ඔවුන් අශුචි පරිදි කිසෙ යැ යත්?
ඔව්හු දිව්ය කන්යායවන් සෙයින් සැදුණාහුදු වූහු නම් කෙශාදී අශුචිභාව අනතික්රාවන්ත වන බැවින් අශුචි කොට දැක්කැයුතු වෙත්.
182 ධර්ම.ප්ර දීපිකා
කිසෙ යැ යත්?
හිස්පිරුණුමුලැ, ඇස්පිරුණු කඳුළැ, නාසාපිරුණු මුකුණු යැ, මුවපිරුණු ලාලා යැ, උගුරුපිරුණු සෙමැ, උදරපිරුණු මූත්රාු පුරිෂ වකුගඩු හදමස් අක්මා දලබු බඩදිව් පපු අතුණු අතුණුවැටි යැ, නවද්වාරයෙන් වැහෙන අශුචි යැ, රොමකූපයෙන් වැහෙන අශුචි යුෂ යැ, හෙ ස්ත්රීඅරූපයෙක් නො වෙයි දෙපයින් ඇවිදුනා අශුචි රාශියෙකැ යි.
එයින් වදාළහ:-
“දිපාදකො’යං අසුචි දුග්ගන්ධො බහුකණ්ටකො, නානාකුණපපරිපූරො විස්සවන්තො තතො තතො, 201 පුබ්බලොහිතසම්පුණ්ණං බහුස්ස කුණපස්ස ච, නරවිරකතං චග්ගු සමුග්ගමීව චිත්තිතං”යි. 202
එයින් මැ කිව එක් සිටුදුවක් තමා කෙරෙහි රක්ත වූ තමා ස්වාමි වූ සිටුදරුවහට තමා සිරිරු ශුචි ෙනා වනපරිදි කියන්නී:-
“සචෙ ඉමස්ස කායස්ස අන්තො බාහිරතො සියා, දණ්ඩං නූන ගහෙත්වාන කාකෙ
සොණෙ ච වාරයෙ”යි. 203
මෙසෙයින් ඔහු අශුචි වෙත්.
ඔවුන් දුගීන්ධ පරිදි කිසෙ යැ යත්?
එ මැ සිටුදු කිව සිටුදරුවහට “ස්වාමිය, මෙ ශරීරය දුර්ග2න්ධ යැ, අශුචි යැ, කුණප යැ, නාගරිකජනයන් විසින් මලමූත්රදවිසර්ගධ කරන උත්කාරගෘහයක් වැන්නැ, පණ්ඩිත ජනයන් විසින් නින්දිිත යැ, බාලජනයන් විසින් නන්දි ත යැ, මෙහි කවර මැනැවක් දැක රාග කෙරෙහි”යි.
“දුග්ගන්ධො අසුචි කායො කුණපො උක්කරූපමො, නින්දිතො චක්ඛුභූතෙහි
කායො බාලාහිනන්දිතො”යි. 204
අභිසම්බොධිකථා 183
සෙස්සො ද කිහු මැ නො:-
“ජාතං නිර්ගමමනාර්ථං යච්ඡරීරිනගරාශුචෙඃ, විවරං තජ්ජනෛර්මූඪෛ රත්යාර්ථිමූපකල්පිතම්. 205
උත්තානොච්ඡුනමණ්ඩුක පාටිතොදරසන්නිහෙ, ක්ලෙදිනි ස්ත්රීඩව්රදණෙ සක්තිරක්රිූමෙඃ
කස්යර ජායතෙ”?යි. 206 මෙසෙයින් ඔහු දුර්ග න්ධ වෙත්.
ඔවුන් සහීරු සප්ර තිහය පරිදි කියෙ යැ යත්, මෙකීතාක් අගුණාඞ්ගයෙන් භයඞ්කර වනබැවින් සහීරු වෙත්. අසිවස හොත් තුඹස් සෙයින් වලස් හොත් ගස් සෙයින් වග් හොත් ළැහැප් සෙයින් සහළඟුරු පිරුණු වළ සෙයින් සොරුන් සිටි කඩ සෙයින් යකුන් වසන පල් සෙයින් රකුස්පිරිගා විල් සෙයින් පරිවර්ජනය කටයුතු වන බැවින් සප්රයතිහය වෙත්.
ඔවුන් මිත්රරද්රොනහ පරිදි කිසෙ යැ යත්? සර්වාසභරණ යෙන් සදා පෙරහැර දී පතිකුලයෙහි රක්නාලදුව ද ස්වාමින් ඉක්මැ මිථ්යා් චාරයෙහි පවතිත්.
එයින් වදාළහ:-
“ජාතරූපමණිමුත්තභූසිතා සක්කතා පතිකුලෙසු නාරියො, රක්ඛිතා අතිචරන්ති සාමිකං දානවංච හදයන්තරස්සිතා”යි. 207
මෙයින් ඔහු මිත්රසබිඳි වෙත්, බොෙහා කීමෙන් කිම?
ඔව්හු සංසක්තයනට ආවර්ත යහ, අසංවරයට ආස්පද ය හ, සාහසනයට පත්තන ය හ, දොෂයනට සන්නිපාත යහ, කපට මූර්තී හ, ශඨමූර්තී හ, දීනතාවට ක්ෂෙත්රි ය හ, ස්වර්ග යට ආවරණ ය හ, නරකයට මාර්ගැ ය හ, සර්ව,මායාවට සමුද්ග ය හ, ජීවලොකය හට මාරපාශයො යි.
184 ධර්මජප්රාදීපිකා
එයින් කීහ:-
“ආවතීඃ සංශ්රි තානාමවිනයභවනං
පත්තනං සාහසානං
ෙදාෂාණාං සන්නිපාතං කපටශඨමයං
ක්ෂේත්රසමප්රකත්යයානාම්,
ස්වර්ග චාරස්ය විඝනං නරකපුරමුඛං
සර්වමායාකරණ්ඩං
ස්ත්රී යන්ත්රං කෙන ඍෂ්ටං විෂමමෘතසමං
ජීවලොකස්යං පාශම්”යි. 208
මෙසෙ ඔවුන් අනෙකාදීනවකාරණ වූ ස්ත්රී න් පරිත්යාොග කළ සෙ කීහ: ඡින්නං මෙ ගිහිබන්ධනං යි. __________
19. ෙසාසාපිතො කාමපඞ්කො යන තන්හි කාමයෙහි ආදීනව නම් කවරැ යත්?
යම්සෙ පඞ්කයෙහි ජාත වූ තෘණශෛවාලනල කුමුදුවනාදීහු පිහිනන්නහු නො පිහිනියැදී උදකයෙහි නිමග්න කෙරෙද්ද, එසෙයින් මැ සංසාරසාගරය පිහිනන යොගාවචරයා සර්ව වස්තු කාමක්ලෙශකාමයො සංසාර ජලනිධියැ ගලා නිමග්න කෙරෙත්. යම්සෙ පලිප නම් ලද මහාකර්දමයෙහි නිමග්න වූ ශුකරමෘගයො ද සිංහවාරණයො ද එයින් නැඟී යන්නට අසමර්ථ වෙද්ද, එසෙයින් මැ ප්රනඥාවත් සත්වයො ද කාමපලියෙහි ලග්න වූවාහු එයින් නැඟී රමණීය ප්ර,ව්රිජ්යාීවට එළඹෙන්නට අසමර්ථහ වෙත්. යම්සෙ සුස්නාත වූ සුවිලිප්තාලඞ්කෘත වූ පුරුෂයක්හුගෙ ශරීරයෙහි වගුළ සියුම් රජස්හු ඔහු දුර්වපණර් කෙරෙද්ද, එ සෙයින් මැ සෘද්ධිබනයෙන් ආකාශයෙන් යන හිරසඳ සෙයින් ලොකයෙහි ප්ර සිද්ධ පුරුෂයො ද කාමරජසින් ඇතුළත් වූ තැන් පටන්ගෙන ගුණවර්ණවිරහිතයෙන් දුර්වජර්ණ වෙත්. යම්සෙ ධූමයෙන් පහරනා ලද සුපරිශුද්ධ භිත්තිදු කාලවර්ණස වෙ ද, එසෙයින් මැ කාම ධූමයෙන් පහරනාලද අතිපරිශුද්ධ ඥාන ද ගුණාවිනාශයට පැමිණ කලවර්ණු වෙ.
අභිසම්බොධිකථා 185
එයින් වදාළහ:-
“පඞ්කො ච කාමා පලිපා ච කාමා භයඤ්ඤමෙතං තිමුලං පවුත්තං රජො ච ධූමො ච මයා පකාසිතා හිත්වා තුචං පබ්බජ බ්රිහ්මදත්ත”යි. 209
කාමාස්වාදය සර්ෂිපයක් සෙයින් නීවතර යැ, කාම නිබන්ධන දුඃඛ වූ කල මෙරුපර්ව තය මෙයින් උච්චතර යි, කාමාස්වාදය පිනි බිඳක් සෙයින් අල්පතර යැ, කාමනිදාන දුඃඛ වූ කල සාගරජලය සෙයින් අප්රාමෙය යි. කාමා ස්වාදය තිලබීජයක් සෙයින් අණුතර යැ, කාමහෙතු දුඃඛ වූ කල මහීතල සෙයින් විපුල යි. කාමාස්වාදය සර්ෂතපගහයක් සෙයින් සම්බාධ යැ, කාමනිමිත්ත දුඃඛ වූ කල ආකාශය සෙයින් අනන්ත යි.
මෙ සෙයින් කාමතෙමෙහෙ පරිත්තසුඛ වන බැවින් අල්පස්වාද යැ, දෘෂ්ටධර්ම යෙහිදු සමපරායභවයෙහිදු අනන්තාපරිමාණ දුඃඛ දායක වනබැවින් බහුදුඃඛ යැ. ඓහලෞකික පාරලෞකික උපක්ලෙශසාධක වන බැවින් බහුපායාස යැ, දෘෂ්ටධාර්මිකසාම්පරායික උපද්රලවාධිෂ්ඨාන වන බැවින් බහ්මාදීනව යැ. අල්පාස්වාද වන බැවින් අස්ථිකඞ්කාලයක් වැන්නැ, බහුසාධාරණ වන බැවින් මාංස පෙශියක් වැන්නැ, දහනකෘත්යවසම්පාදක වන බැවින් තෘණොල්කාවක් වැන්නෙ, මහාභිතාපකර වනබැවින් අඞ්ගාරකර්ෂුවක් වැන්නැ, ඉත්වර වැ ප්රබත්යුරපස්ථිත වන බැවින් ස්වප්නයක් වැන්නැ, තාවත්කාලික වන බැවින් පිරුළු අළ දැයක් වැන්නැ, සියලු අඞ්ග ප්ර්ත්ය ඞ්ගයන් භඤ්ජනය කරවනබැවින් වෘක්ෂඵල වැන්නැ, අති කුට්ටනාර්ථුයෙන් අසිසුනා, වැන්නැ, විනිර්වෙ,ධනාර්ථටයෙන් ශක්ති ශුල වැන්නැ, සප්රිතිභායර්ථැයෙන් සර්පමුඛ වැනි.
එයින් වදාළහ:-
“අප්පස්සාදා කාමා බහුදුක්ඛා බහුපායාසා ආදීනවො එත්ථනභියෙයා. අට්ඨිකඞ්කලූපමා කාමා -පෙ- තිණුක්කූපමා කාමා, අඞ්ගාරකාසූපමා කාමා, සුපිනකූපමා කාමා,
1. අසිසූනුවක්.
186 ධර්ම.ප්රූදීපිකා
යාචිතකූපමා කාමා, රුක්ඛ ඵලූපමා කාමා, අසිසූනුපමා කාමා, සත්තිසූලූපමා කාමා, සප්පසිරූපමා කාමා බහුදුක්ඛා බහුපායාසා ආදීනවො එත්ථම හියෙයා”යි.
මෙසෙයින් අල්පාස්වාද වූ කාමබන්ධනයෙහි බැඳී සත්හවයො සංසාරකාන්තාරය තැරැ නො යාහී භවයෙහි මහදුක් අනුභව කෙරෙත්.
එයින් වදාළහ:-
“අප්පස්සාදා දුඛා කාමා නත්ථීෙ කාමපරං දුඛං යෙ කාමෙ පතිසෙවන්ති
නිරයං තෙ උපපජ්ජරෙ”යි. 210
යම්සෙ ඝර්මා භිතප්ත පුරුෂයෙක් පිපාසාතුර වැ පානාගාරයට වැද වර්ණගන්ධරසසම්පන්න විෂසුරා දැකැ එහි ගිජු වැ හිත කාමයන් කියමන්නො ගෙන වසරහ බී විනාශයට යෙ ද, එසෙයින් මැ යමෙක් පඤ්චකාමයෙහි ගිජු වැ විද්වජ්ජනයන් කියමන් නො ගෙන කාමපරිභොග කෙරෙමි යි ත්රිජවිධදුශ්චරිත පුරා ද, හෙ දෘෂ්ට ධර්මමයෙහි මැ මහත් අනයව්ය සනටය පැමිණැ සමපරාය භවයෙහි මහත් අපාදුක් අනුභව කෙරෙ.
එයින් වදාළහ:-
“යො චෙ පියං මෙති පියානුකඞ්ඛී අත්ථංො නිරංකත්වා පියානි සෙවති, සොණ්ඩොව පීත්වාන විසස්ස ථාලං තෙනෙව සො හොති දුඛී පරත්ථා”යි. 211
යමෙක් අනාගත භවය නො නහමා කාමසේවා කෙරෙ නම් බුභුක්ෂායෙන් කන කිපක් සෙයින් හෙ ඔහු නසයි.
එයින් වදාළහ:-
“ආයතිදොසං නාඤ්ඤාය යො කාමෙ පතිසෙවති, විපාකන්තෙ භනති නං කිම්පක්කමිව
භක්ඛිතං”යි. 212
ජනයො ක්ෂූර ධාරයෙහි තුබූ මී බිඳක් දිවින් ලෝනවුන් සෙයින් කාමාස්වාදය ම කටටියහ. එයින් වන කටුක දුඃඛ නො නහමත්.
අභිසම්බොධිකථා 187
එයින් වදාළහ:-
“කටුකං මධුරස්සාදං පියං නිබ්බන්ධනං දුඛං, ඛුරංච මධුනා ලිත්තං උල්ලෙහං නාවඛුජ්ඣති”යි. 213
සුනිශිත අසි පත්ර යට ද සුපායිත නිස්ත්රිංුශයට ද හෘදය දෙශයෙහි ප්රික්ෂිප්ත ශක්තිය ද පෞරුෂ ප්රිමාණ වූ ප්රදජ්චලිත අඞ්ගාර කර්ෂුවට ද ආදීප්ත අයඃස්කන්ධයට ද හලාහල විෂයට ද ප්ර්ක්වථිත තෛලයට ද විලීන තාම්රච ලොෙහාදකයට ද වඩා කාමය දුඃඛ පරිදි දක්වන්නට වදාළහ:-
“අසි යථා සුනිසිතො නෙත්තිංසොව සුපායිතො, සත්තීව උරසි ඛිත්තො කාමා දුක්ඛතරා තතො. 214
අඞ්ගාරානංච ජලිතං කාසුං සාධිකපොරිසං ඵාලංව දිවසං තන්තං කාමා දුක්ඛතරා තතො. 215
විසං යථා හලාහලං තෙලමුක්කට්ඨිතං යථා, තම්බලොහවිලීනංව කාමා දුක්ඛතරා තතො”යි. 216
බුදුන් විසින් මායා මරීචි ජලචන්ද්රා තරඞ්ග හා සම කොට දක්වන ලද ස්වප්නොපමා කාමයෙහි අසක්ති ඇති බාලයො නරකයෙහි නිපතිත වෙත්.
එයින් කීහ:- “මායාමරිච්ජලචන්ද්රතතරඞ්ගකල්පාඃ කාමා ජිනෙන ගදිතා විභවාඃ ස්ත්රිබයශ්ව, ස්වප්නාන්තදුර්ලලිතවිභ්ර මවිප්රශලුබධා බාලාඃ පතන්ති නිරයෙෂ්වපි යෙෂු සක්තාඃ”යි. 217
විෂ හා විෂය හා දෙදෙන මධුර ය හ, කටුක ය හ, ගහන ය හ, චපලයො යි. කිසෙ යැ යත්? ඔහු පරිභොග මාත්ර,යෙන් මධුර ය හ, ඝොර වූ විපාකයෙන් කටුක ය හ, මොහ නමැති අන්ධකාරයෙන් ගහන ය හ, දුර්වාර වූ විෂවෙගයෙන් හා විෂයවෙගයෙන් චපලයො යි.
එයින් කීහ:-
“ආපාතමාත්රෂමධුරා විෂයා විෂඤ්ච ඝොර විපාකකටුකා විෂයා විෂඤ්ච, මොහොන්ධකාරගහනා විෂයා විෂඤ්ච දුර්චාරවෙගචපලා විෂයා විෂඤ්ච” යි. 218 188 ධර්මප්ර දීපිකා
විෂ හා විෂය හා බලන කලැ විෂ මැ මැනැවැ, විෂය නො මැනැවැ කවර හෙතුවින යත්? විෂතෙමෙහෙ එක්ජන්මයෙක්හි මැ විෂබවට යෙයි, විෂයයො ජන්මාන් තරයෙහි දු විෂබවට යෙත්.
එයින් කීහ:-
“කාමං විෂඤ්ච විෂයාශ්ච නිරූප්යයමාණාඃ ශ්රෙකයො විෂං න විෂයා විෂමස්වභාවාඃ, එකත්රා ජන්මනි විෂං විෂතාම් ප්රණයාති ජන්මාන්තරෙ ‘පි විෂයා විෂතාම් ප්රපයාන්ති”යි. 219
යම්සෙ වෘෂභයෙක් විෂමකූපතටසමීපයෙහි ජාත වූ තෘණපර්ණයෙහි ලොහ ඇති වැ ගොස් ප්රකපාතයෙහි ෙහ ද, එසෙයින් මැ කාමානුගත සිත් ඇති බාලජනයො ගොස් නරකප්රකපාතයෙහි ප්රපතිත වෙත්.
එයින් කීහ:-
“යද්වද්වෘෂො විෂමකූපතටාන්තරූඪ දුර්වාප්ර්වාලලවලාලසමානසස්සන්, ශ්වහ්රේ පතත්යලථ ච නාශ්නුත එව ලොහං තද්වත් සුඛාන්විතමතිඃ ඛලු ජීවලොකඃ”යි. 220
නිල් වෙලෙහෙන් දසමඬුලු මුවහ නො වෙනතුරු සුඛ ලවයෙහි නො ඇවිළ වනවිලින් හැවිලැ නැඟී යන හසුන් සෙයින් වස්තු කාමක්ලෙශකාමයනුදු පුත්රයදාරාවනුදු වෛපුල්යමයට නො යන තුරු ක්ෂණසුඛලවයෙහි ලුබ්ධ වැ විනාශයට නො ගොස් තපොවනයට යනු මැනැ.
එයින් කීහ:-
“අලිගවලකලඞ්කශ්යා මලා මෙඝමාලාඃ පිදධති හි න යාවද්ව්යොැමදික්චක්රතවාලාම්, අපසරත සරස්තස්සත්වරං මල්ලිකාක්ෂාඃ ක්ෂණසුඛලවලුබ්ධා මා විපත්තිම්භජ ධ්වම්”යි. 221
පුඟුලො දෙදෙනෙක් වෙති, අනුසොතගාමී යැ පටි සොතගිමී යයි. එහි යටහොයට යනුවක්හු සෙයින් කාමසෙවා කොට අපාය භාග් වනුයෙ අනුසොතගාමී නම් වෙයි; උඩුහොයට යනුවක්හු සෙයින් වැලප වැලප ද බ්රසම්සරවස් රැක ස්වර්ගකයට යනුයෙ පටිසොතගාමී නම් වෙ.
අභිසම්බොධිකථා 189
එයින් වදාළහ:-
“ඉධ භික්ඛවෙ එකච්චො පුග්ගලො කාමෙ ච පටිසෙවති පාපඤ්ච කම්මං කරොති, අයං වුච්චති භික්ඛවෙ අනුදොතගාමී පුග්ගෙලා. ඉධ භික්ඛවෙ එකව්වො පුග්ගලො කාමෙ ව න පටිසෙවති, පාපඤ්ච කම්මං න කරොති, සභාපි දුක්ඛෙන සභාපි දොමනස්සෙන අස්සු මුඛොපි රුදමානො පරිපුණ්ණං පරිසුද්ධං බ්රනහ්මචරියං චරති, අයං වුච්චති භික්ඛවෙ පටිසොතගාමි පුග්ගලො”යි.
කාමයෙහි රක්තයො පව්කම් කොට නරකයට යෙති, කාමය පීවාහු පින්කම් කොට ස්වර්ගකයට යෙත්.
එයින් වදාළහ:- “කාමෙසු ගිද්ධා කාමරතා කාමෙසු අධිමුච්ඡිතා, නරා පාපානි කත්වාන උපපජ්ජන්ති දුග්ගතිං. 222 යෙ ච කාමෙ පහත්වාන නික්ඛන්තාි අකුතොභයා, එකොදිභාවාධිගතො න තෙ ගච්ඡන්ති දුග්ගතිං”යි. 223
ආදීප්ත වූ තෘණොල්කා ගත්තහු දවයි, පීවහු නො දවා. එසෙයින් මැ කාමයො ගතුවන් දවති, පිවන් නො දවත්.
එයින් වදාළහ:-
“ආදිත්තො තිණුක්කො ගණ්හන්තං ඩහති, නො මුඤ්චන්තං. උක්කොපමා හි කාමා ජහන්ති යෙ තෙ න මුඤ්චන්ති”යි.
මෙ යැ ‘කාමයෙහි ආදීනව’ නම් ___________
20. කරිස්සාමි සමණධම්මං යන තන්හි ශ්රහමණධර්ම් නම් කවරැ යත්? ශීලසම්පදාදි ගුණධර්මස යි.
වදාළෙ මැ නො:-
“චතුහි භික්ඛවෙ ධම්මෙහි සමන්තාගතො භික්ඛු අහබ්බො පරිහානාය නිබ්බානස්සෙව් සන්තිකෙ. කත මෙහි චතුහි? ඉධ භික්ඛවෙ භික්ඛු සීලසම්පන්නො හොති, ඉන්ද්රි යෙසු ගුත්තද්වාරො හොති, භොජනෙ මත්තඤ්ඤෑ හොති, ජාගරියං අනුයුත් තො හොති.
කථඤ්ච භික්ඛවෙ භික්ඛු සීලසම්පන්නො හොති? ඉධ භික්ඛවෙ භික්ඛු සීලවා හොති, පාතිමොක්ඛසංවර
190 ධර්මිප්රපදීපිකා
සංවුතො විහරති ආචාරගොචරසම්පන්නො අණුමත්තෙසු වජ්ජෙසු භයදස්සාවි, සමාදාය සික්ඛති සික්ඛාපදෙසු. එවං ඛො භික්ඛවෙ භික්ඛු සීල සම්පන්නො හොති. කථඤ්ච භික්ඛවෙ භික්ඛු ඉන්ද්රි.යෙසු ගුත්තද්වාරො හොති? ඉධ භික්ඛවෙ භික්ඛු චක්ඛුනා රූපං දිස්වා නා නිමිත්තග්ගාහී හොති නානුනක්‍යාඤ්ජනග්ගාහී. යත්වාධීකරණමෙතං චක්ඛුන්ද්රිනයං අසංවුතං විහරන්තං අභිජ්ඣා දෙමනස්සා පාපකා අකුසලා ධම්මා අන්වාස්සවෙය්යුං තස්ස සංවරාය පටිපජ්ජති, රක්ඛාති චක්ඛුන්ද්රි්යං, චක්ඛුන්ද්රිංයෙ සංවරං ආපජ්ජති. සො තෙන සද්දං සුත්වා - පෙ- ඝානෙන ගන්ධං ඝායිත්වා, ජව්හාය රසං සායිත්වා, කායෙන ඵොට්ඨබ්බං ඵුසිත්වා, මනසා ධම්මං විඤ්ඤායන නිමිත්තග්ගාහී හොති නානුබ්යතඤ්ජනග්ගාහී. යත්වාධි කරණමෙතං මනින්ද්රි්යං අසංවුතං විහරන්තං අභිජ්ඣා දොමනස්සා පාපකා අකුසලා ධම්මා අන්වාස්සවෙය්යුං තස්ස සංවරාය පටිපජ්ජති, රක්ඛති මනින්ද්රි්යං මනින්ද්රිසයෙ සංවරං ආපජ්ජති. එවං ඛො භික්ඛවෙ භික්ඛු ඉන්ද්රිරයෙසු ගුත්තද්වාරො හොති. කථඤ්ච භික්ඛවෙ භික්ඛු භොජනෙ මත්තඤ්ඤෑ හොති? ඉධ භික්ඛවෙ භික්ඛු පටිසංඛා යොනිසො ආහාරං ආහාරෙති, නෙව දවාය න මදාය න මණ්ඩනාය න විභූසනාය යාවදෙව ඉමස්ස කායස්ස ඨිතියා යාපනාය විහිංසුපරතියා බ්ර හ්මචරියානුග්ගහාය, ඉති පුරාණඤ්ච වෙදනං පටිහංඛාමි, නවඤ්ච වෙදනං න උප්පදෙස්සාමි, යාත්රාි ච මෙ භවිස්සති අනවජ්ජතා ච ඵාසුවිහාරො චාති. එවං ඛො භික්ඛවෙ භික්ඛු භොජනෙ මත්තඤ්ඤෑ හොති. කථඤ්ච භික්ඛවෙ භික්ඛු පාගරියං අනුයුත්තො හොති? ඉධ භික්ඛවෙ භික්ඛු දිවසං වඞ්ක මෙන නිසජ්ජාය ආවරණීයෙහි ධම්මෙහි චිත්තං පරිසො ධෙති, රත්තියා පඨමං යාමං වඞ්කමෙන නිසජ්ජාය ආවරණීයෙහි ධම්මෙහි චිත්තං පරිසොධෙති, රත්තියා මජ්ඣිමං යාමං දක්ඛිණෙන පස්සෙන සීහසෙය්යං් කප්පෙති පාදෙ පාදං අච්චාධාය සතො සම්පජානො උට්ඨානසඤ්ඤං මනසි කරිත්වා, රත්තියා පච්ඡිමං යාමං පච්චුට්ඨාය වඞ්කමෙන නිසජ්ජාය ආවරණීයෙහි ධම්මෙහි
අභිසම්බොධිකථා 191
චිත්තං පරිසොධෙති. එවං ඛො භික්ඛවෙ භික්ඛු ජාගරියං අනුයුත්තො හොති. ඉමෙහි ඛො භික්ඛවෙ චතුහි ධම්මෙහි සමන්නාගතො භික්ඛු අහබ්බො පරිහානාය නිබ්බානස්සෙව සන්තිකෙති.
“සීලෙ පතිට්ඨිතො භික්ඛු ඉන්ද්රිියෙසු ච සංචුතො, භොජනම්හි ච මත්තඤ්ඤෑ ජාගරියං අනුයුඤ්ජති. 224
එවං විහරමානාපී අහොරත්තමතන්දිතො, භාවයං කුසලං ධම්මං යොගක්ඛෙමස්ස
පත්තියා. 225
අප්පමාදරතො භික්ඛු පමාදෙ බයදස්සිවා, අහබ්බො පරිහානාය නිබ්බානස්සෙවව
සන්තිකෙ”යි. 226
මෙ මතු නො වෙයි, කුහනාදීනට සිද්ධවන ව්යා පතුදු කුහනාදීන් වියුක්ත වුවානට වන සම්පතුදු වදාළෙ මැ නො.
කිසෙ යැ යත්?
යම් කෙනෙක් කුහනාදීයැ නියුක්ත වූහු ද ඔහු බුද්ධධර්මායෙහි ප්රුතිෂ්ඨා ෙනා ලැබෙත්.
එයින් වදාළහ:-
“කුහා ථද්ධා ලපා සිඞ්ගී උන්නලා අසමාහිතා, න තෙ ධම්මෙ විරූහන්ති සම්මාසම්බුද්ධ
දෙසිතෙ”යි. 227
යම්කෙනෙක් කුහනාදීන් වියුක්ත වූහු ද ඔව්හු, බුද්ධ ධර්මපයෙහි ප්රකතිෂ්ඨිත වෙත්.
එයින් වදාළහ:-
“නික්කුහා නිල්ලපා ධීරා අත්ථද්ධා සුසමාහිතා, තෙ චෙ ධම්මෙ විරූහන්ති
සම්මාසම්බුද්ධදෙසිතෙ”යි 228
යමෙක් ලාභසත්කාරපරවශ වැ ක්රො ධාදියැ නියුක්ත වී නම් හෙ සරුකෙත වූ පූතිබීජ සෙ සද්ධර්මයෙහි රූඪ නොවේ.
එයින් වදාළහ:-
“ෙකාධමක්ඛගරූ භික්ඛු ලාභසක්කාරගාරවො, සුඛෙත්තෙ පූතිබීජංව සද්ධම්මෙන විරූහති”යි. 229
192 ධර්මප්රසදීපිකා
යම් කෙනෙක් ස්නෙහානුගත ඖෂධ රස සෙයින් ධර්මානුගත වෙද්ද ඔහු සද්ධර්මයෙහි ප්රගරූඪ වෙත්.
එයින් වදාළහ:-
“යෙ ච සද්ධම්මගරුනො විහංසු විහරන්ති ච, තෙ වෙ ධම්මෙ විරූහන්ති ස්නෙහමන්වාය
මිවොසධා”යි. 230
යමෙක් චතුර්විධ ඊය්යා පථයෙහි ගෙහාශ්රිිත විතර්කයක් විතර්කණය කරන්නෙ වී නම් හෙ නිර්වාණ ප්රා්ප්තියට අසමර්ථහ වෙ.
එයින් වදාළහ:-
“චරං වා යදි වා තිට්ඨං නිසින්නො උද වා සයං යං විතක්කං විතක්කෙති පාපකං ගෙහනිස්සිතං 231 කුම්මග්ගපටිපන්නො සො
මොහනෙයෙයසු මුච්ඡිතො,
අහබ්බො තාදිසො භික්ඛු ඵුට්ඨුං
සම්බොධිමුත්තමං”යි. 232
යමෙක් විතර්ක ප්ර ශමනයෙහි රත වී නම් හෙ නිර්වාසණ ප්රාචප්තියට සමර්ථ වෙ.
එයින් වදාළහ:-
“යො ච චරං වා තිට්ඨං වා නිසින්නො උද වා සයං, චිතක්කං සමයිත්වාන විතක්කූපසමෙ රතො, හබ්බො සො තාදිසො භික්ඛු
ඵුට්ඨුං සම්බොධිමුත්තමං”යි. 233
යමෙක් තෘෂ්ණාවශග වී නම් හෙ සංසාරාතික්ර මණයට අසමර්ථො වෙයි, නොවී නම් සමර්ථග වෙ.
එයින් වදාළහ:-
“තණ්හාදුතියො පුරිසො දීඝමද්ධාන සංසරං, ඉත්ථභවඤ්ඤථාභාවං සංසාරං නාතිවත්තති. 234 එතමාදීනවං ඤත්වා තණ්හං දුක්ඛස්ස සම්භවං, විතතණ්හො අනාදානො සතො
භික්ඛු පරිබ්බජෙ”යි. 235
යමක් හට සබ්ර හ්මචාරීන් කෙරෙහි ගෞරව නැද්ද හෙ අහසට පොළොව සෙයින් සද්ධර්මයට දුරුවෙ.
අභිසම්බොධිකථා 193 එයින් වදාළහ:-
“යස්ස සබ්ර හ්මචාරීහු ගාරවො නූපලබ්භති, ආරකා හොති සද්ධම්මා නභා
සො පඨවි යථා”යි. 236
යම් කෙනක්නට සබ්ර හ්මචාරීන් කෙරෙහි හ්යහපත්රවපා ඇද්ද ඔහු සංසාර දුඃඛක්ෂය කරනුවට සමර්ථ වෙත්.
එයින් වදාළහ:-
“යෙසඤ්ච හිරිඔත්තප්පං සදාසම්මා උපට්ඨිතං, විරූළ්හ බ්රහහ්මචරියො තෙ සන්තො ඛීණපුනබ්භවා”යි. 237
උද්ධත චපල මහණ පහුල් පෙරෙවියෙ සිහසම් පෙරෙවි වඳුරක්හු සෙයින් එයින් හොබනෙ නො වෙ.
එයින් වදාළහ:-
“උද්ධෙතා චපලො භික්ඛු පංසුකූලෙන පාරුතො, කපීව සීහවම්මෙන න සො තෙනුපසොහති”යි. 238
අනුද්ධත අචපල සංයම ඇති මහණ පහුල් පෙරෙවියෙ ගිරි ගහ්වරයෙහි සිංහමෘග රාජයක්හු සෙයින් ශොභමාන වෙ.
එයින් වදාළහ:-
“අනුද්ධහතො අචපලො නිපකො සංවුතින්ද්රිියො, සොභති පංසුකූලෙන සීහොව ගිරිගබ්භරෙ”යි. 239
යමෙක් අශුචීන් පරිලිප්ත ක්රිතමියක්හු සෙයින් ලාභ සත්කාරයෙහි ප්රකගල්භ වූයෙ ද, හෙ ජුගුප්සිත ද වෙයි, තුච්ඡ වැ ද යෙ.
එයින් වදාළහ:-
“කීමිව මීළ්හසංලිත්තො සංඛාරෙ අධිමුච්ඡිතො, පගාළ්හො ලාභසක්කාරෙ තුච්ඡො
ගච්ඡති පොඨිලො”යි. 240
අධර්මයෙන් දිවි රක්නෙන මැනැ ද, ධර්මොයෙන් මරණ මැනෑ ද යත්? අධර්මයෙන් දිවි රක්නෙ නො මැනැවැ; ධර්මයෙන් මරණ මැනැවි.
13
194 ධර්මප්ර දීපිකා
එයින් වදාළහ:-
“ජීවිතඤ්ච අධම්මෙන ධම්මෙන මරණඤ්ච යං, මරණං ධම්මිකං සෙයෙයා යඤ්ච
ජීවෙ අධම්මිකං”යි. 241
යම් මහණෙක් ධර්මාභිරත ද, ධර්ම චින්තා කෙරෙද, හෙ ධර්මයෙන් ප්ර භීණ නො වෙ.
එයින් වදාළහ:-
“ධම්මාරමො ධම්මරතො ධම්මං අනුවිචින්තයං, ධම්මං අනුස්සරං භික්ඛු සඬම්මා න පරිහායති”යි. 240
යම් මහණෙක් උපශාන්ත ද , උපරත ද, පරිමිත වචන ද, හෙ මාරුතයෙන් වෘක්ෂපර්ණ සෙයින් පාප ධර්මයන් ප්රංලය කෙරෙ.
එයින් වදාළහ:-
“උපසන්තො උපරතො මත්තභාණි අනුද්ධතො ධූනාති පාපකෙ ධම්මෙ දුමපත්තංච මාලුතො”යි. 241 පසඟතුරු රැවින් උපදනා සොම්නස් සමාහිත චෙතසින් ධර්මචින්තා කරනුවහට උපදනා සොම්නස් හා සම නො වෙ.
එයින් වදාළහ:-
“පඤ්චඞ්ගිකස්ස තුරියස්ස න රතී හොති තාදිසී, යථා එකග්ගවිත්තස්ස සම්මා
ධම්මං විපස්සතො”යි. 242
මෙතෙක් කරිස්සාමි සමණධම්මං යනුයෙහි කථයිතව්යස අර්ථ සඞ්ක්ෂෙපයෙන් දක්වන ලදී. ___________
21.ලභිස්සාමි සමණඵලං යන තන්හි ශ්රකමණඵල නම් කවරැ යත්? ජාති ජරා මරණ දුඃඛයෙන් පරිමුක්තිය යැ.
එහි ජාති නම් කවරැ යත්? වදාළෙ මැ නො:-
“යා තෙසං තෙසං සත්තානං තම්හි තම්හි සත්ත නිකායෙ ජාති සඤ්ජාති ඔක්කන්ති අභිනිබ්බත්ති ඛන්ධානං පාතුභාවො ආයතනානං පටිලාභො අයං වුච්චති ජාති”යි.
අභිසම්බොධිකථා 195
ජාති කිසෙ දුක් වුව යත්? ගර්භාුවක්රාපන්තිමූලක දුඃඛ යැ, ගර්භර පරිහරණ මූලක දුඃඛ යැ, ගර්භබවිපත්ති මූලක දුඃඛ යැ, විජායන මුලක දුඃඛ යැ, ගර්භයෙන් බහිර්නිෂ්ක්ර,මණ මූලක දුඃඛ යැ, ආත්මොපක්ර ම මූලක දුඃඛ යැ, යන එවමාදි අනෙක දුඃඛයනට මුල් වන බැවින් ජාති දුඃඛ නම් වෙ.
මෙහි ගර්භාවක්රානන්තිමූලකදුඃඛ නම් කවරැ යත්?
සත්ව මාතෘකුක්ෂි යැ උපදෙන උත්පල පද්ම පුණ්ඩරිකාදියැ උපදනෙ නො වෙයි. කොහි උපද්දි යත්? අමාශයෙන් යට පක්වාශයෙන් මතුයෙහි උදර පටලය හා පෘෂ්ඨකණ්ටක හා දෙක මධ්ය්යෙහි පරමසම්බානධ වූ තීව්රාලන්ධකාර වූ නානා කුණප ගන්ධ පරිභාවිත පරම දුර්ගන්ධපවනවිවරිත වූ අධිමාත්රජුගුප්සා ඇති කුක්ෂි ප්රරදෙශයෙහි පූතිමත්ස්යි පූතිකුල්මාෂ ස්යමන්දනිකායෙහි ක්රිකමියක්හු සෙයින් උපද්දි. හෙ එහි උපන්නෙ දස මසක් දවස් මාතෘකුක්ෂිසම්භව වූ උෂ්මයෙන් පුටපාකයක් සෙයින් පැසෙන්නෙ පිටි පිඬක් සෙයින් හිදෙන්නෙ ආකුඤ්චනප්ර සාරණාදී රහිත වූයෙ අධිමාත්රි දුඃඛානුභව කෙරෙයි. මෙ ගර්භාචක්රාින්ති මූලක දුඃඛ යැ.
ගර්භපරිහරණමූලකදුඃඛ නම් කවරැ යත්?
මාතෘව සාහස වැ උපස්ඛලන ගමන නිෂීදන ව්යුරත්ථා පරිවතිනාදියැ සුරාධූතිහස්තගත එළුවක්හු සෙයින් අභිතුණ්ඩිකහස්තගත සර්පථපොතකයක්හු සෙයින් ආකර්ෂණ පරිකර්ෂණ අවධූනන නිර්ධූනනාදී උපක්ර ම යෙන් අධිමාත්රකදූඃඛානුභව කෙරෙයි, මව ශීතොදකපාන කාලයෙහි ශීත නරකොත්පන්නයකුහු සෙයින් උෂ්ණා භාරාභ්ය,වහරණ කාලයෙහි අඞ්ගාරවෘෂ්ට් සම්පරීකීර්‍ා යක්හු සෙයින් ලවණාම්ලාදී අභ්යටවහරණ කාලයෙහි ක්ෂාර වතක්ෂකාදීකර්මාකාරණා1 ප්රාණප්තයක්හු සෙයින් තීව්රහදුඃඛානු භව කෙරෙයි. මෙ ගර්භාපරිහරණමූලකදුඃඛ යැ.
1. ක්ෂාරාවතක්ෂිකාදිකර්මකරණ
198 ධර්මප්රතදීපිකා
ගර්භවිපත්තිමූලකදුඃඛ නම් කවරැ යත්?
එ සත්වයහට මූඪගර්භ මාතෘවගෙ මිත්රාිමාත්ය සුභෘජ්ජන යනුදු විසින් අදර්ශවනාර්භ වූ දුඃඛොත්පත්තිස්ථානයෙහි ඡෙදනස්ඵාලනාදි විසින් යම් දුඃඛයෙක් උපදී ද, මෙ ගර්භ්විපත්තිමූලකදුඃඛ යැ.
විජායනමූලකදුඃඛ නම් කවරැ යත්?
විජායමාන මාතෘවගෙ කර්මරජවාතයන් විසින් පරි වර්තකනය කොට නරකප්රාපාතයක් බඳු අතිභයානක වූ යොනි මාර්ගයට ප්රරතිපාද්යකමානන සත්වයහට පරමසම්බාධ වූ යොනි මුඛයෙන් කුඤ්චිකාච්ඡිද්රකයෙන් නිෂ්කෘෂ්යරමාණය හට සඞ්ඝාත පර්වෙතයෙන් විවූර්ණ්යමාන නරක සත්වයක් හට සෙයින් යම් දුඃඛයෙක් උපදීද, මෙ විජායනමූලක දුඃඛ යැ.
ගර්භයෙන් බහිර්නිෂ්ක්රදමණමූලකදුඃඛ නම් කවරැ යත්?
ජාතසත්වයහට තරුණව්රනණසදෘෂ සුකුමාර ශරිරයහට හස්ත ග්ර්හණ ස්නාපනධොවන චොල පරිමාජීනාදි කාලයෙහි සූචිමුඛක්ෂුරධාරායෙන් වෙධනස්ඵාලනසමාන යම් දුඃඛයෙක් උපදී ද, මෙ ගර්භ යෙන් බහිර්නිෂ්ක්රාමණමූලක දුඃක යැ.
ආත්මොපක්රකමමූලකදුඃඛ නම් කවරැ යත්?
එයින් උත්තරයෙහි ප්රූවෘත්තියැ තමා මැ තමහට වධකරන්නා හට, අවෙලකව්රතාදී විසින් ආතාපන පරිතාපනානුයොගයෙහි යුක්තයහට, ක්රෝධවශයෙන් අභුඤ්ජ මානයහට, රජ්ජුවිසින් උද්බධ්යිමානයහට යම් දුඃඛයෙක් උපදී ද, මෙ ආත්මොපක්ර,මමූලක දුඃඛ යැ.
පරොපක්රදමමූලකදුඃඛ නම් කවරැ යත්?
පරයා කෙරෙන් වධබන්ධනාදීන් අනුභව කරන්නා හට යම් දුඃඛයෙක් උපදී ද, මෙ පරොපක්ර මමූලකදුඃඛ යි.
මෙහි ආදිශබ්දයෙන් දුඃඛදුඃඛ, විපරිණාමදුඃඛ, සංස්කාරදුඃඛ, ප්රකච්ඡන්නදුඃඛ, අප්ර ච්ඡන්නදුඃඛ, පය්යාුඃඛ යදුඃඛ, නිෂ්පය්යාඃඛප ය දුඃඛාදි සඞ්ග්රඛහ කරනු.
අභිසම්බොධිකථා 197
දැන් මෙහි උක්තානුක්ත දුඃඛ සඞ්ග්ර හ කළ ගාථා දක්වනු ලැබේ.
“යඤ්චාපි ගුථනරකෙ විය මාතුගබ්භෙ සත්තො වසං චිරමථො බහිනික්ඛමඤ්ච, පප්පොති දුක්ඛමතිඝොරම්දම්පි නත්ථි ජාතිං විනා ඉතිපි ජාතිරයං භි දුක්ඛා. 243
ජායෙථ නො වෙ නරකෙසු සත්තො තත්ථග්ගිදාහාදිකමප්පසය්හං,
ලභෙථ දුක්ඛං නු කුහිං පතිට්ඨා ඉච්චාහ දුක්ඛාති මුනිධ ජාතිං 244
දුක්ඛං තිරච්ඡෙසු කසාපතොද දණ්ඩහිඝාතාදිභවං අනෙකං, යන්තං කථං තත්ථං භවෙය්ය ජාතිං විනා තහිං ජාති තතොපි දුක්ඛා 245
පෙතෙසු දුක්ඛං පන බුප්පිපාසා- චාතාතපාදිප්පභවං විචිත්තං, යස්මා අජාතස්ස න තත්ථ අත්ථි තස්මාපි දුක්ඛං මුනි ජාතිමාහ. 246
තිබ්බන්ධකාරෙ ච අසය්හසීතෙ
ලොකන්තරෙ යං අසුෙරසු දුක්ඛං
න තං භවෙ තත්ථ න වස්ස ජාති
යතො අයං ජාති තතොපි දුක්ඛා 274
කිං භාසිතෙන බහුනා නනු යං කුභිඤචි අත්ථිධ කිඤ්චිදපි දුක්ඛමිදං කදාචි, නෙවත්ථිජාතිවිරහෙ යදතො මහෙසි දුක්ඛානි සබ්බපඨමං ඉමමාහ ජාතිං”යි. 248
මෙ ජාතිදුඃඛ යි.
ජරා නම් කවරැ යත්? වදාළෙ මැ නො:-
“යා තෙසං තෙසං සත්තානං තම්හි තම්හි සත්ත නිකායෙ ජරා ජීරණතා ඛණ්ඩිචිචං පිලිච්චං චලිත්තවතා ආයුෙනා සංහානි ඉන්ද්රිියානං පරිපාකො අයං වුච්චති ජරා”යි.
198 ධර්ම”ප්ර.දීපිකා
මෙසෙයින් නිර්දිෂ්ට වු සර්වතජරා ප්රරකට යැ ප්රිච්ඡන්න යයි දිවිවිධවෙ එහි දන්තාදීන් කෙරෙහි ඛණ්ඩාදිහාව දර්ශ නහෙයින් රූපධර්මයන් කෙරෙහි ජරා ‘ප්රෙකටජරා’ නම් වෙයි. අරූපධර්ම යන් කෙරෙහි ජරා වු කල තාදෘශ විකාරයක්හු ගෙ අදර්ශිනහෙයින් ‘ප්ර ච්ඡන්නජරා’ නම් වෙ සචීවි යැ අචීවි යයි දු ජරා ද්විවිධ වෙ. එහි මණිකනක රජත ප්රරචාලචන්ද්රනසූය්යාර දීන් ගෙ ජරා මන්දදශකාදියැ ප්රා්ණීනට සෙයිනුදු පුෂ්පඵලපල්ලවාදීන් කෙරෙහි අප්රාකණීනට සෙයි නුදු අතරතුරෙහි වර්ණ්ණවිශෙෂාදීන් දුර්විඥෙය වන බැවින් ‘අචීවිජරා’ නම් වෙයි, අතුරු නො පැනෙන ජරා යැ යූසෙයි. එයින් පිටත් යථොක්තයන් කෙරෙහි අතුර තුරෙහි වර්ණීවිශෙෂාදින් සුවිඥෙය වන බැවින් ජරා ‘සවීචි ජරා’ නම් වෙ.
ජරා තොෙමාහො කුමට දුක් වුව යත්? සංස්කාර දුඃඛ වන බැවින් දුඃඛ මැ යැ, කායිකචෛතසිකදුඃඛයනට වස්තු වන බැවින් දුඃඛ මැ යි.
කිසෙ යැ යත්?
ජීර්ණයයාගෙ ආත්මභාවය ජරත්ශකටයක් සෙයින් දුර්වනල වෙයි, ස්ථානගමනාසන සඳහා ව්යාමයාම කරන්නා හට බලවත් කායදුඃඛ උපද්දි. යම් හෙතුවකින් දහරකාල යෙහි සුක්ෂ්ම ද වූ ස්වවිෂය සුවයෙන් ගන්නට සමර්ථය වූ චක්ෂුරාදීන්ද්රිකය ජරාප්රාදප්තයහට පරිපක්ව ආලුලිත අවිශද වූයෙ ඖදාරික ද වූ ස්වවිෂයග්රයහණයට අසමර්ථ වෙ ද, එ හෙතුවීන් පුත්රයදාරාවන් පූර්ව්යෙහි සෙයින් සංරක්ෂණය නො කටහෙන්නාහට දෞර්මමනස්ය උපද්දි. මෙසෙයින් අඞ්ගප්ර්ත්යනඞ්ගශෛථිල්ය ඉන්ද්රි්යවිකාර විරූපතා යෞවන විනාශ විය්ය්ෙහ හානි ස්මාතිමතිවිප්රයවාස පරපරිභවාදි අනෙක ප්රමත්ය්ය වූ කායික චෛතසික දුඃඛ උපද්දි, ජරා එයට වස්තු වැ.
එයින් කීහ:-
“අඞ්ගානං සිථිලීභාවා1 ඉන්ද්රිරයානං විකාරතො,2 යොබ්බනස්ස විනාසෙන බලස්ස උපඝාතතො. 249 1. භාවො 2. විකාරතා.
අභිසම්බොධිකථා 199
විප්පවාසා සතාදීනං පුත්තදාරෙහි පත්තනො, 1 අපසාදනීයතො වෙව භියෙය බාලත්තපත්තියා.
පප්පොති දුක්ඛං යං මච්චො කායිකං මානසං තථා, සබ්බමෙතං ජරාහෙතු යස්්මා තස්මා ජරා දුඛා”යි. 251
මෙ ජරාදුඃඛ යි.
මරණ නම් කවරැ යත්? තිෂ්යස මෘත යැ, පුෂ්ය මෘත යැ. යන තන්හි සෙයින් එකභවය්යා් පන්න ජීවිතෙන්ද්රිායප්රෂබන්ධ විච්ඡෙද සඞ්ඛ්යාදත සංවෘතිමරණ මැ ‘මරණ’ නම්,
වදාළෙ මැ නො:-
“යා තෙසං තෙසං සත්තානං තම්හා තම්හා සත්ත නිකායා චුති, වචනතා, භෙදො, අන්තරධානං, මච්චුමරණං කාලකිරියා, බන්ධානං භෙදො, කළෙබරස්ස නික්ඛපො, ජීවිතින්ද්රිංයස්ස උපච්ඡෙදො. ඉදං වුච්චති මරණං”යි.
මෙහි ජාතිප්ර්ත්ය,යෙන් වන මරණ, උපක්රදමමරණ, ස්වරස මරණ, ආයුඃක්ෂය මරණ, පුණ්ය ක්ෂය මරණ, යනු ‘සංවෘතිමරණ, නම් යම්සෙ අභිච්ඡත්රො මුකුලය මස්තකයෙන් පාංශුග්රසහණය කොට මැ උද්ගත වෙ ද, එසෙයින් මැ සත්වයො ජරාමරණ ගෙන නිර්වෘුත්ත වෙත්.
කිසෙ යැ යත්?
ප්රෙතිසන්ධිචිත්තය උත්පත්තිසමනන්තරයෙ මැ ජරා ප්රාතප්ත වැ පර්ව තශිඛරයෙන් පරිගලිත ශීලා සෙයින් සම්ප්රරයුක්ත ස්කන්ධයන් හා සමඟ බිඳෙයි. මෙසෙ ක්ෂණිකමරණ හා වුව ජාති හා සමඟ ආගත යැ ජාතයා වූ කල එකාන්තයෙන් මියනබැවින් ඉහාභිප්රෙරත වූ සංවෘතිමරණ ද ජාති හා සමඟ ආගති යි. එයින් මැ සත්ව ජාතකාලයෙහි පටන්ගෙන යම්සෙ උත්ථිත වූ සූය්ය්යිඡ අස්තාභිමුඛ වූයෙ මැ යෙ ද, ගිය ගිය තන්හි මඳකුදු නො නවතී ද, යම්සෙ පාර්වනතෙය වූ ශීඝ්ර ශ්රො තස් ඇති භාරභාරිණී නදී ස්යොන්දනය කෙරෙ මැ ද, මඳකුදු නො නවතී ද, එසෙයින් මැ මඳකුදු නො නවත්නෙ මරණාභිමුඛ වූයෙ මැ යෙයි. 1. අත්තනො. අපත්තනො
200 ධර්මනප්රතදීපිකා
එයින් කීහ:-
“යමෙකරත්තං පඨමං ගබහෙ වසති මානවො, අබ්භුට්ඨිතොව සයති ස ගච්ඡං න නිවත්තති”යි. 252
මෙසෙ යන සත්වයහට ග්රීිෂ්මාභිතප්ත වූ ක්ෂුද්රම නදීජලයන්ගෙ ක්ෂායක් සෙයින් ප්රරභාතවෙලායෙහි අපො රසානුගතබන්ධන ඇති ද්රැයමඵලයන්ගෙ පතනයක් සෙයින් මුද්ගරාභිතාඩිත මෘද්භාජනයන්ගෙ භෙදයක් සෙයින් සූය්ය්ගෙ රශ්මීන් ස්පෘෂ්ට වූ අවශ්යාෙය බින්දුන්ගෙ විධ්වංසනයක් සෙයින් මරණ මැ ආසන්න වෙ.
එයින් කීහ:-
“අච්චයන්ති අහොරත්තා ජීවිතං උපරුජ්ඣති, ආයු ඛියති, මච්චානං කුන්නදීනංච ඔදකං 253
ඵලානමිච පක්කානං නිච්චං පපතතො භයං, එවං ජාතානං මච්චානං නිච්චං මරණතො භයං 254
යථාපි කුම්භකාරස්ස කතං මත්තිකභාජනං, සබ්බං හෙදන පරියන්තං එවං මච්චානජීවිතං 255
උස්සාවොච තිණග්ගම්භි සූරියස්සුග්ගමනං පති, එවමායු මනුස්සානං මා මං අම්ම නිවාරය”යි. 256
මරණ තෙමෙහෙ1 කවර හෙතුවින් දුක් වී යත් ? කායික චෛතසික දුඃඛයනට වස්තු වන බැවින් දුඃඛ යි.
කිසෙ යැ යත්?
මාරාන්තික වූ ශරීරවෙදනාවො ප්ර තිවාතයෙහි ගෘහති ආදීප්ත තෘණොල්කා සෙයින් ශරීරයන් දවති, නරකනිමිත්තා දීන් වටහන කලැ බලවත් දෞර්මනස්යී උපද්දි. මෙසෙ මෙ දුඃඛද්වයට වස්තු වන බැවින් දුඃඛ යැ මරණ
එයින් කීහ:-
“පාපස්ස පාපකම්මාදී නිමිත්තමනුපස්සතො, භද්දස්සාපසහන්තස්ස වියොගං පියවත්ථුකං 257 මීයමානස්ස යං දුක්ඛං මානසං අවිසෙසතො, සබ්බෙසඤ්චාපි යං සන්ධිබන්ධනච්ඡෙදනාදිකං, විතුජ්ජමානමම්මානං හොති දුක්ඛං සරීරජං. 258 1. තෙමෙ අභිසම්බොධි කථා 201
අසය්භමප්පතීකාරං දුක්ඛස්සෙතස්සිදං යතො, මරණං වත්ථු තෙනෙතං දුක්ඛ මිච්චෙව භාසිතං”යි. 259
මෙ මරණ දුඃඛ යි.
මෙහි දක්වනලද සංවෘතිමරණ මතු මරණ නම් නො වෙයි, ප්රවෘත්ති යැ රූපාරූපධර්මයන්ගෙ හෙද සඞ්ඛ්යාත ක්ෂණිකමරණද ක්ෂීණාශ්රවයන්ගෙ අප්රති සන්ධික කාලක්රියා සඞ්ඛ්යාත සමුච්ඡෙද මරණද මරණ නම්වෙ.
මෙසෙයින් දක්වන ලද ජාතිජරාමරණදුඃඛයෙන් පරිමුක්ති ලක්ෂණ නිර්වාණපදප්රාප්ති යැ ශ්රමණඵල නම් _____________
22. වනදෙවතානං යන තන්හි දෙවතා ශබ්දය “දෙවතා සමීති තත්ථ අප්පමෙය්ය අනප්පිකා” යන තන්හි සෙයින් දෙවියන් හා දෙව්දුන් කෙරෙහි වැටෙයි. මෙයින් බැහැරැ “අථ ඛො අඤ්ඤතරා දෙවතා” යන තන්හි දිව්යපුත්රයන් කෙරෙහි වැටෙයි, “දෙවොයෙව දෙවතා” යි ,අභික්කන්තෙ වණ්ණෙන යාත්වං තිට්ඨසි දෙවතෙ” යන තන්හි දිව්යකන්යාවන් කෙරෙහි වැටෙයි. “තා දෙවතා සත්තසතා උළාරා බ්රහ්මවිමානා අභි නික්ඛමිත්වා” යන තන්හි බ්රහ්මයන් කෙරෙහි වැටෙ.
______________
23. තපොවනං පවිට්ඨො’ස්මි යන තන්හි “කලහ යෙහි ආදිනව දැක ක්ෂමායෙහි ගුණ දැක ද්වෙෂයෙහි දොස් දැක මෛත්රි මහානෘශංස සෙ දැක තපස් කරන ජනයන්ගෙ වනයට වන්මි” යූසෙයි.
එහි කලහයෙහි ආදිනව නම් කවරැ යත්?
කලහවිසින්අස්ථානයෙහි වෛර කොට එක් රුක් දෙවියක්හු හා කාලසිංහයක්හු හා දෙදෙනා ඔවුනොවුන් කෙරෙහි කළ වෛර සියලු මෙකප පවත්නා පරිදි ඵන්දජාකයෙන්දන්නෙ යැ. හාසවිසින් එක් බකමුහුණු වකැ හා කවුඩුවකු හා දෙදෙනා ඔවුනොවුන් කෙරෙහි කළ වෛර යුගාන්ත දක්වා පවත්නා පරිදි කකොලුක
202 ධර්මප්රදීපිකා
ජාතකයෙන් දන්නෙ යැ. නො විචාරා එක් ශශකයක් හුගෙ තෙපුල් ගෙන තුන්දහස් යොදුන් හිමව් යෙහි සිපාවන් මුහුදට ප්රස්කන්න වූ පරිදි පඨවිඋද්රියන ජාතක යෙන් දන්නෙ යැ. දුර්වල වූද ‘ලටුකිකා’ නම් කුඩා ලිහිණියක ස්ථාමසම්පන්න වූ මහත් ඇතක්හට විනාශ කළ පරිදි ලටුකික ජාතකයෙන් දන්නෙ යැ. දඹදිව් දැනැ තෙසැටදහසක් නුවර ගත් දසබෑ රජුන් ඔව්නොවුන් හා කලහ කොට විනාශයට ගිය පරිදි ඝතජාතකයෙන් දන්නෙ යැ සමග්රයන්ගෙ සිදුරු දක්නට නො පිළිවන් පරිදි රුක්ඛධම්ම ජාතකයෙන් දන්නෙ යැ. සමග්රයන් විග්රහයෙන් විනාශපත් පරිදි වට්ටජාතකයෙන් දන්නෙයැ. සමග්රයන් උනුන් හැරැබැ නටපරිදි ලිච්ඡවිරාජවංශය උච්ඡින්නමුල වූ පරිද්දෙන් දන්නෙ යැ. මවුපියනුදු මැරූ සතුරුනුදු හා සමග වුවත් මහත් යසසුවයට පැමිණෙන පරිදි දීඝිති කෙසෙලජාතකයෙන් දන්නෙ යැ. යමෙක් කලහකරු වී නම් හෙ නො ලද ගුණ නො ලබයි. ලද ගුණයෙන් පිරිහෙයි, අයශස් දශදිශායෙහි පැතිරෙයි, මරණකාලයෙහි සම්මුඪ වෙයි, මියගොස් නරකයෙහි ප්රාදූර්භූත වෙ.
එයින් වදාළහ:-
“යො සො භික්ඛවෙ භික්ඛු භණ්ඩනකාරෙකා කලහකාරකො විවාදකාරකො හස්සකාරෙකා සඞ්ඝෙ අධිකරණකාරකො තස්ස පඤ්ච ආදීනවා පාටිකඞ්ඛා. කතමෙ පඤ්ච? අනධිගතං නාධිගච්ඡති, අධිගතොපරිහායති, පාපකො කිත්තිසද්දො අබ්භුග්ගච්ඡති, සම්මූළ්හො කාලං කරොති, කායස්ස භෙදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජති”යි.
මේ කලහයෙහි ආදීනව යැ.
ක්ෂමායෙහි ගුණ නම් කවරැ යත්?
හෙද බොධිසත්වචරිතයෙන් මැ දතයුතු.
කිසෙ යැ යත්?
ඔවුන් එක් ජන්මයෙක්හි තාපසයක් වැ රුක් මුලෙක්හි හිඳ රජුගෙ අවරොධජනයනට ක්ෂමා කළමනා
අභිසම්බොධිකථා 203
පරිදි කියනුවන් දැකැ නුවණ නැති කසිරජහු විසින් තාගෙ ක්ෂමා බලමි’යි. කටුමතිගායෙන් සියල් සිරුරැ දෙදහසක් පහර ඔවා මස්ලොඹුවක් වැනි සිරුරු දැකැද එතෙකිනුදු නොනැවත අත්පා සිඳුවා හිඟුල්හැලිසෙ හෙන ලෙහෙ දැකැ එයිනුදු නො නැවත කන්නැහැ කප්පවා පා විළුමෙන් හෘදයෙහි ඇන ලෙහෙ කටින් නංවාපියා1 ගිය කල්හි සෙනාපතීහි අවුදු ‘රජහට දහවුත් මිසැ ලොවට නො දහනෙ මැනැවැ’යි කීයෙන්-
“යො මෙ භත්ථ ව පාදෙ ව කණ්ණනාසඤ්ච ඡෙදයි චීරං ජීවතු සො රාජා න භි කුජ්ඣන්ති මාදිසා”යි 260
රජහට ආවචනී2 කළ පරිදි ඛන්තිවාද ජාතකයෙන් දන්නෙ යැ
මෙසෙ ඔවුන්3 වියත් කල්හි ක්ෂමා කරනු විස්මය නො වෙයි. ඔවුන් සුළුදම්පල් නම් රජකුමරක් වැ පිටින් මිසැ නො හොත හෙන ළදවියෙහි පියරජහු විසින් කිළිල්කඩ සෙයින් දෙඅත් දෙපා සිඳුවාපියා එතෙකිනුදු නො සතුටුවැ ‘මොහු හිස් සිඳ හෘදයෙහි කඩුසිළින් හැන අහසට නගාගෙන හිස්මත්තෙහි සිසාරා මස් ලියා වගුරුවා පියව’යා යෙදූ කල්හි “දැන් කලි දම්පල් කුමර, මෙතා සිත් නිගන්නට කලැ, තා හිස් සිඳු වන්නට යෙදූ පියා කෙරෙහිද හිස් සිඳුනා මිනිසුන් කෙරෙහි ද කඩාපී අත් පා හිඟැ එවගෙන පලප්නා මව කෙරෙහි ද තා කෙරෙහිද මෙ සතර තැන සමසිත් වව”යි තරකොට ඉටා කැත්කළ පරිදි චූළධම්මපාල ජාතකයෙන් දන්නෙ යැ.
ඔවුන් මෙසෙ සහේපිළිසිඳ මිනිස්පියට පැමිණැ ක්ෂමා කරනු විස්මය නො වෙයි. අහේපිළිසඳ තිරිසන් යොන්හි සදැත් ඇත් වැ විසපූ හීයෙන නාභියැ විදැ හදවත් කඩා පී වැද්දා කෙරෙහි දොම්නස් නො කොට සිනිඳු මියුරු තෙපුලෙන් “සබඳ, මට කුමට වධ කෙළෙහි” යි පිළිවිසැ බලා සිය අතින් සරස් විරෙන් දළ කඩා දුන් පරිදි ඡද්දන්තජාතකයෙන් දන්නෙ යැ.
1 කටක් නගාපියා 2 ආවැඩ 3 ඔවුන් විසින්
204 ධර්මප්රදිපිකා
තවද මෙයිදු විස්මය නො වෙයි, ඔවුන් සක්පල් නාරජ කල්හි දඩ වැද මස් නො ලදින් යන වැදි කෙනකුන් විසින් වල්භි ගෙන ඇද දික්කොට හොවා තියුණු බිහිසුණු සැතින් ෙකාට හුලින් අටතැනෙක්හි වද සහකටු වේවැලින් අවුණා නැහැයෙහිදු විද රැහැන ලා නඟා බැඳ සොළොස්දෙනකු අටතඩියෙකින් බිම සිප සිප ගෙන යන කල්හි දෙයොදුන් සුවහස් සතර නුහුවක් බොල් පස්පොළොව ද පවා දැහැ වැ බැලූ බැල්මෙකින් මැ දවා හළු කරන්නට පොහොසත් සැඬ දරුණු විසගොර නාරද වැද ක්ෂමා කළ පරිදි සඞ්ඛපාල ජාතකයෙන් දන්නෙ යැ.
තවද මෙයිදු විස්මය නො වෙයි, ඔවුන් වඳුරු යොන්හි ඉපද මහාකපි නම් වඳුරක් වැ තමා නරාවළින් නැඟු මිනිසක්හු පහණක් ඔසවා ගෙන තමන් මුඳුනෙහි ඇන පළාපි කල්හි කඳුළු පිරුණු ඇසින් ඔහු බලා ‘සබඳ, තො ද මට මෙසෙ විහි’ යි මනා මෙළෙක් තෙපුලෙන් බැණ මුහුණ හුණු සම නඟා එක් අතෙකින් හම්නාගෙන උහුට මඟ පෑ මහවත ඇර සිටුවැ ගිය පරිදි මහාකපි ජාතකයෙන් දන්නෙ යැ.
එයින් කීහ:-
“සුජනො න යාති වෛරං පරහිතබුද්ධිර් විනාශකාලෙ ‘පි, ඡෙදෙ ‘පි චන්දනතරුස්සුරභයති
මුඛං කුඨාරස්ය”යි. 262
ක්ෂමා කරනුයෙ බොහොදෙනහට ප්රියමනාප වැ වැටෙයි, වෛර බහුල නො වෙයි, අවද්ය බහුල නො අසබ්මූඪ වැ කාලක්රියා කෙරෙයි, ශරීරභෙදයෙන් උත්තර යෙහි ස්වර්ගලොකයෙහි උපද්දී.
එයින් වදාළහ:-
“පඤ්චිමෙ භික්ඛවෙ ආනිසංසා ඛන්තියා, කතමෙ පඤ්ච? බහුනො ජනස්ස පියො හොති මනාපො, න වෙරබහුලො හොති, න වජ්ජබහුලො හොති, අසම්මූළ්හො කාලං කරොති, කායස්ස භෙදා පරම්මරණා සුගති සග්ගං ලොකං උපපජ්ජති”යි.
මෙ ක්ෂාමායෙහි ගුණ යැ. 35
අභිසම්බොධිකථා 205
ද්වෙෂයෙහි දොෂ නම් න්වරැ යත්?
ද්වෙෂයෙන් දහනකලැ ව්යවහාරයෙන් දැහැවියැමනා බැවින් මුඛ්ය රූපයෙන් සිටැ ශරීරාවදාරණ කළ දණ්ඩ කාණ්ඩාදියට නො දැහැවැ තත්ප්රෙරක පුරුෂයහට දහවුත් හෙ ද ද්වේෂයෙන් කෙරෙයි. එබැවින් ද්වේෂයෙහි මැ ද්වේෂ කරනු මැනැවැ; උහු කෙරෙහි ද්වේෂ නො කළ මැනැ.
ද්වේෂ කරන කලැ එ නැසුව මැනැවැ, නො වැඩුව මැනැවැ. එ නසන කලැ ක්ෂාන්තිමෛත්රි කළ මැනැවැ හෙ එකලැ නසී.
එයින් කීහ:-
“මුඛ්යං1 දණ්ඩාදිකං හිත්වා ප්රෙරකෙ යදි කුප්යති, ද්වෙෂෙණ ප්රෙරිතසත්සො ‘පි
ද්වෙෂෙ2 ද්වෙෂස්තු මෙ වරම්”යි 263
ආකාශය සෙ අනන්තාපරිමාණ දුර්ජනයන් හැම දෙනා මරත් නො පිළිවන් බැවින් ක්රොධචිත්තයා මරනු මැනැවැ. එකලැ හැම සතුරො මාරිත වෙත්.
එයින් කීහ:-
“කියන්තො මාරයිෂ්යාමි දුර්ජනාන් ගගනොපමාන්,
මාරිතො ක්රොධචිත්තෙතු මාරිතාස්සර්වශත්ත්රවඃ”යි 264
යම්සෙ කෙළමුකුණු ඈ අශුචීන් ම්රක්ෂිතස්ථාන එ ම අශූචීන් දොවුනෙ1 පිරිසුදු කරන්නට නිර්ගන්ධ කරන්නට අසමර්ථ වෙයි, එතැන් භූයොභාවයෙන් අශුද්ධ වෙයි, දුර්ගන්ධ ද වෙයි, එ සෙයින් මැ හැවුවාහු බවනුයෙ ගැසුවාහු ගසනුයෙ වෙරින් වෙර සංහිඳුවන්නට අසමර්ථ වෙයි. භූයොභාවයෙන් වෛර මැ කෙරෙ. මෙසෙ වෙරින් වෙර කිසිකලෙකිහිදු සන්හිඳුනෙ නො වෙයි, සිට සිට වඩී. යම්සෙ කෙළමුකුණු ඈ අශුචිහූ විප්රසන්නොදකයෙන් දොවුනා ලද්දාහු නස්ති, එතැන් ශුද්ධ ද වෙයි, නිර්ගන්ධ ද වෙයි. එසෙයින් මැ අවෛරයෙන් ක්ෂාන්තිමෛත්රී
1 මුඛ්ය 2 ප්රෙරිතස්සො ‘පි තද්වෙෂෙද්වෙෂ. 1. දෝන.
206 ධර්මප්රදීපිකා
නමැති උදකයෙන් වෛරයො සනිහිඳුති, නස්තිඅභාවයට වෙත්, මෙසෙ අවෛරයෙන් වෛර සන්සිඳුවනු හැම බුදුපසෙබුදුමහරහතන් ගිය මඟී.
එයින් වදාළහ,-
“නහි වෙරෙන වෙරානි සම්මන්තීධ කුදාවනං, අවෙරෙන ච සම්මන්ති එස ධම්මො සනන්තනො”යි 265
යම්සෙ කාෂ්ඨමථනයෙන් නැඟී ගිනි එම කාෂ්ඨයෙහි ඇවිළ ගෙන දවා ද, එ සෙයින් මැ යමක්හට සංරම්භ යෙන් මැ ක්රොධ උපන්නෙ වී නම් ඔහුගෙ මැ සන්තාන වෙයි.
එයින් වදාළහ:-
“කට්ඨස්මිං මන්ථමානස්මිං පාවකො නාම ජායති, තමෙව කට්ඨං ඩහති යස්මා සො ජායතො ගිනි. 266
එවං මන්දස්ස පොසස්ස බාලස්ස අවිජානෙතා, සංරම්භා ජායතී කොධො සො ‘පි
තෙනෙව ඩය්හති”යි 267
තෘණයෙන් හා කාෂ්ඨයෙන් හා වඩනා ගිනි සෙයින් යමක් හුගෙ ක්රොධ වඩී ද, ඔහුගෙ යශස් කෘෂ්ණපක්ෂ යෙහි සඳහු සෙයින් පිරිහෙයි.
එයින් වදාළහ:-
“අග්ගීච තිණකට්ඨස්මිං කොධො යස්ස පවඩ්ඪති,
නභීයති තස්ස යසො කාලපන්ඛෙව
චන්දිමා”යි. 258
ඉන්ධනරහිත ගිනියක් සෙයින් යමක්හුගෙ ක්රොධ සන්හිඳි ද, ඔහුගෙ යශස් ශුක්ලපක්ෂයෙහි සඳහු සෙයින් වඩී.
එයින් වදාළහ:-
“අනෙධො ධුමකෙතුව කොධො යස්සූපසම්පති, ආපූරති තස්ස යසො සුක්කපක්ඛෙව
චන්දිමා”යි. 269
අභිසම්බොධිකථා 207
ඝනවාර්ෂායෙන් රජස් සන්හිඳුනා නියායෙන් ක්ෂාන්ති මෛත්රීන් ද්වෙෂ සන්හිඳුවූ පරිදි දක්වන්නට වදාළහ තමන් සුළුබෝතවුස් කල්හි-
“උප්පජ්ජෙ මෙ න මුච්චෙය්ය න මෙ මුච්චෙය්ය ජීවිතො, රජංව විපුලා වුට්ඨි ඛිප්පමෙව නිවාරයෙ”යි. 270
ගූථකූපයක් බඳු ක්රොධනපුද්ගලයා හා සංවාස නො කරන්නට වදාළහ බුදුහු.
“සෙය්යථාපි භික්ඛවෙ ශුථකූපො කට්ඨෙන වා කඨලාය වා ඝට්ටිතො භියයා සොමත්තාය දුග්ගන්ධො හොති. එවමෙව ඛො භික්ඛවෙ ඉධෙකච්චො පුග්ගලො කොධනො හොති උපායස බහුලො, අප්පම්පි චුත්තො සමානො අභිසජ්ජති කුප්පති ව්යාපජ්ජති පතිත්ථියති කොපඤ්ච දොසඤ්ච අප්පච්චයඤ්ච පාතු කරොති. එවරූෙපා භික්ඛවෙ පුග්ගලො අජ්ඣුපෙක්ඛිතබ්බො, න සෙවිතබ්බො, න භජිතබ්බො, න පයිරුපාසිතබ්බො”යි.
දෙමිටුඇති කියතෙකින් සොරහු යමක්හුගෙ අඟ පසඟ කඩද් ද, හෙ එවැනි කලුදු ද්වෙෂ නො කෙළෙවි නම් මෙ සස්නෙහි පිළිවෙත් කළා වෙ.
එයින් වදාළහ:-
“උභතො දණ්ඩකෙන චෙපි භික්ඛවෙ කකවෙන චොර ඔචරකා අඞ්ගමඞ්ගානි ඔක්කන්තෙය්යුං, තත්රාපි යො මනො පදුසෙය්ය න මෙ සො තෙන සාසනකරො”යි.
යමෙක් ක්රොධෙපනාභ බහුල වී ද, හෙ නරකයෙහි නිඃක්ෂිප්ත මැ යි.
එයින් වදාළහ:-
“ද්විහි භික්ඛවෙ ධම්මෙහි සමන්නාගතො යථාභතං නික්ඛිත්තො එවං නිරයෙ. කතමෙහි ද්වීහි? කොධෙන ච උපනාහෙන ච”යි.
මෙ ද්වෙෂයෙහි දොෂ යි.
208 ධර්මප්රදීපිකා
මෛත්රී මහානෘශංස පරිදි කිසෙ යැ යත්?
බුදුහු බෝමඬ හිඳ මෛත්රීන් මැ මාරවිජය කළහ. ධනපාලකාදි ප්රචණ්ඩසත්වයන් මෛත්රීන් මැ දමනය කළහ. මඝමාණවාදි ත්රයස්ත්රිංශත් සත්පුරුෂයො මගධරාජයා වුහුටු ප්රචණ්ඩ හස්තීහි මෛත්රීන් මැ පාදවනත කළහ. සාමාවතී ප්රමුඛ පන්සියයක් ස්ත්රීහු උදයනයා සහස්ර ස්ථාමයෙන් වුහුටු ශරය මෛත්රීන් මැ පරාඞ්මුඛ කොළො.
බුදුහු සසර වසන කලැ එක් ජන්මයෙක්හි තමන්ගෙ රාජ්යය අසිඳ ගෙන තමන් දොරතුරෙ එල්වාපි රජකු ප්රිය පුතකු සෙ දුටුහු.
එයින් වදාළහ:-
“අමච්චමණ්ඩලං රජ්ජං ඵීතං අන්තෙපුරං මම, අච්ඡින්දිත්වාන ගහිතං පියං
පුත්තංච පස්සයිං”යි. 271
මෛත්රීභාවනා කරනුවන් වසන පියෙස්හි වග්දෙන්හු බඩසා මුවපොල්ලන් දැකැ තමන් දරුවන් සෙයින් පෙම් කොටැ කිරි පොවති, ආතපයෙන් ඛින්නදෙහ ඇති නාගයො මයුරයන්ගෙ පිල්සෙවණට වැදැ සැතපෙති. මුෂිකාවො ආශිපිෂයන්ගෙ දරණගැබැ ඇවිදැ කෙළිත්.
එයින් කීහ:-
“ව්යාඝ්රී දෘෂ්ට්වා හරිණ්යස්ස්වසුතමිව
කෘශං පායයත්යශු ශාවාං
බර්හිච්ඡායාං භුජඞ්ගඃ ප්රවිශති
ශිඛිනාමාතපෛඃ ඛින්නදෙහඃ,
ක්රීඩන්ත්යාශීවිෂාණාං විෂදහනවතාං
මූෂිකා භොගගර්භෙ
කුර්වන්නෙවං හි මෛත්රයා වසති
ගිරිවනෙ යස්තු තස්මෛ නමොස්තු”යි. 272
යමක්හුගෙ චීවරයක් හො පිණ්ඩපාතයක් හො ශයනාසනයක් හො ගිලානප්රත්යයභෛෂජ්යපරිෂ්කාරයක් හො පරිභොග කරන භික්ෂුවක් මෛත්රීභාවනා කෙරෙ ද, ඔහුගෙ පුණ්යස්කන්ධ මහාසමුද්රයෙහි උදකස්කන්ධ සෙයින් අසඞ්ඛ්යෙය වෙයි අප්රමෙය වෙ.
අභිසම්බොධිකථා 209
එයින් වදාළහ:-
“සෙය්යථාපි භික්ඛවෙ මහාසමුද්දෙ1 න සුකරං උදකස්ස පමාණං ගහෙතු එත්තකානි උදකාළ්ශකානීතා වා එත්තකානි උදකාළ්හකසතානීති වා එත්තකානි උදාකළ්හකසහස්සානීති වා එත්තකානි උදාකාළ්හකසත සහස්සානීති වා, අථ ඛො අසඞ්ඛෙයෙයා අප්පමෙයෙයා මහාඋදකක්ඛන්ධොත්වෙව සඞ්ඛං ගච්ඡති එවමෙව ඛො භික්ඛවෙ ඉමෙහි චතුහි පුඤ්ඤාබිසන්දෙහි කුසලාහි සන්දෙහි සමන්නාගතස්ස අරියසාවකස්ස න සුකරං පුඤ්ඤස්ස පමාණං ගහෙතුං එත්තකො පුඤ්ඤාහිසන්දො සුඛස්සාභාරො සොවග්ගිකො සුඛවිපාකො සග්ගසං වත්තනිකො ඉට්ඨාය කන්තාය මනාපාය හිතාය සුඛාය සංවත්තතීති. අථ ඛො අසඞ්ඛෙයෙයා අප්පමෙයෙයා මහාපුඤ්ඤක්ඛන්ධොත්වෙව සඞ්ඛං ගච්ඡති” යනාදි.
මෙසෙයින් දායකයහට ඵල විපුලවන කැල භාවකය හට කියයුතු කිම? එයින් මැ සුභූතිමහතෙරහු දායක හට ඵල විපුල වනු සඳහා කෙණෙසි අහර සිඟන්නාහු දොර දොර සිට අහර ගෙනැ එනතුරු මෛත්රීධ්යානසමා පත්ති සමවැදැ එයින් නැඟී දෙයධර්ම පිළිගනිත්, දොර දොර සිට නිරොධසමාපත්ති සමවදානා ධර්මසෙනෙවි සැරියුත් මහතෙරුන් සෙයින්.
එයින් කීහ සඟිඅටුවායෙහි:-
“ධම්මසෙනාපති කිර වත්ථුං සොධෙති. සුභූතිත් ථෙරො දක්ඛිණං සොධෙති. තථා හි ධම්මසෙනාපති පිණ්ඩාය වරන්තො ගෙහද්වාරඞ්ගණෙ ඨීතො යාව භික්ඛං ආහරන්ති තාව පුබ්බහාගෙන පරිච්ඡින්දිත්වා නිරොධං සමපජ්ජති, නිරොධා වුට්ඨාය දෙය්යධම්මං පතිගණ්හාති, සුභූතිෙත්ථරො තථෙව මෙත්තජ්ඣනෙං සමාපජ්ජිත්වා මෙත්තජ්ඣානා වුට්ඨාය දෙය්යධම්මං පතිගණ්හාති”යි.
යම් භික්ෂුවක් මෛත්රීභාවනායෙහි අර්පණොපචාර විනා මැ සර්වසත්වයනට හිතස්ඵරණවිත්තය අසුරුසනෙක්හි 1. මහාසමුද්දස්ස,
14
210 ධර්මප්රදීපිකා
ආසෙවනය කෙරෙ ද, හෙ අපරිත්යක්තධ්යාන වැ වෙසෙයි, බුදුන්ගෙ සසුන්කම් කළා වෙයි, හෙ ඔව්හට දුන් දානය මහත්ඵල මහානෘශංස වන බැවින් ක්ෂීණාශ්රවයා සෙයින් ස්වාමී වා ශෛක්ෂයා සෙයින් දයදහාග් වැ අනෘණ වැ අචොර වැ පිණ්ඩපාත පරිභොග කෙරෙ.
එයින් වදාළහ:-
“අච්ඡාරාසඞ්ඝාතමත්තම්පි වෙ භික්ඛවෙ භික්ඛු මෙත්තං චිත්තං ආසෙවති, අයං වුච්චති භික්ඛවෙ භික්ඛු අරිත්තජ්ඣානො විහරති සත්ථුසාසනකරො ඔවාදපති කරො අමොඝං රට්ඨපිණ්ඩං භුඤ්ජති; කො පන වාදො යෙ නං බහුලීකරොන්ති”යි.
මෛත්රීභාවනා කරනුයෙ සුවයෙන් නිදයි, සුවයෙන් පුබුද්දී, දුස්ස්වප්න නො දක්කි, මනුෂ්යයනට ද අමනුෂ්යයනට ද ප්රිය වෙයි, දෙවතාවො ඔහු රක්ති, අග්නිවිෂ ශස්ත්රයෙන් උපද්රව නො වෙයි. වහා චිත්තසමාධාන ඇති වෙයි, මුහුණ පහන් පැහැ වෙයි, නො මුළා වැ කාලක්රියා කෙරෙයි, අධිගම නො කෙළෙවි නම් බ්රහ්මලොකයෙහි උපද්දි.
“මෙත්තාය භික්ඛෙවෙ චෙතොවිමුත්තියා -පෙ- උත්තරිං අප්පටි විජ්ඣන් තො බ්රහ්මලොකූපගො හොති”යි.
බුදුහු සසර වසනකලැ එක් ජන්මයෙක්හි සත් හවුරුද්දක් හැවූ මෛත්රීභාවනායෙහි ඵලයෙන් බ්රහ්ම ලොකයෙහි ඉපද සත් සංවර්තකල්පයෙක්හිදු මනුෂ්ය ලොකයට නො ආවාහ. සංවතීවන කල්පයෙහි ආභාස්වර තලයෙහි උපදිති; විවර්තවන කල්පයෙහි ශුන්යබ්රහ්ම විමානයෙහි ප්රාදුර්භූත වෙති. එහි බ්රහ්ම වෙති, වන්නාහු මහාබ්රහ්ම වෙති; තමන්ගෙ යශශ්ශ්රීන් අනුන් අභිභවා දිලියෙති, අනුන් විසින් තුමුහු අනභිභවනීය වෙති. සතිස් වරෙක්හි ශක්රදෙවරාජ වැ දෙව්රජ කළහ; අනෙකශතජන්මයෙහි චක්රවර්ති වැ සතරමහදිව්හි එක් රජ කළහ; දඹදිව අගරජ වූ කල් පමණ නැත්.
අභිසම්බොධිකථා 211
එයින් වදාළහ:-
“අභිජානාමි ඛො පනාහං භික්ඛවෙ දීඝරත්තං කතානං පුඤ්ඤානං දීඝරත්නං ඉට්ඨං කන්තං පියං මනාපං විපාකං පච්චනුභූතං සත්තවස්සානි මෙත්තං චිත්තං භාවෙත්වා සත්තසංවට්ට විවට්ටකප්පෙ නයිමං ලොකං පුනරාගමාසිං, සංවට්ටමානස්සුදං භික්ඛවෙ කප්පෙ ආභස්සරූපෙගා භොමි, විවට්ටමානෙ කප්පෙ සුඤ්ඤං බ්රහ්මවිමානං උපපජ්ජාමි, තත්ර සුදං භික්ඛවෙ බ්රහ්මා හොමි මහාබ්රහ්මා අභිභු අනභිභූතො අඤ්ඤද්තථු දසො වසවත්ති. ඡත්තිංසඛන්තුං ඛො පනාහං භික්ඛවෙ සක්කො අහොසිං දෙවානමින්දො, අනෙක සතක්ඛත්තුං රාජා අෙහාසිං චක්කවත්තී ධම්මිෙකා ධම්ම රාජා චාතුරන්තො විජිතාවි ජනපදත්ථාවරියප්පත්තො සත්ත රතනසමන්නාගතො. කො පන වාදො පදෙස රජ්ජස්ස”යි.
යම්තාක් තාරකාවන්ගෙ ප්රභා චන්ද්රප්රභාවගෙ සොළොස්වන කලාව අගනෙ නො වෙයි, චන්ද්රප්රභාව එ තාරකාවන්ගෙ ප්රභා අභිභවා දිලියෙයි, එ සෙයින් මැ යම්තාක් උපධිනිබන්ධන පුණ්ය කර්මයො මෛත්රීභාවනා ලක්ෂණ පුණ්යකර්මයාගෙ සොළොස්වන කළාව නො අගිත්.
එයින් වදාළහ:-
“සෙය්යථාපි භික්ඛවෙ යා කාවි තාරකරූපානං පභා සබ්බා ත චන්දිමා පහාය කලං නාග්ඝන්ති සොළසිං වන්දප්පභාෙයව තා අතිග්ගහෙත්වා භාසතෙ ව තපතෙ ව විරොචති ව. එවමෙම ඛො භික්ඛවෙ යානි කානිචි ඔපධිකානා පුඤ්ඤාකිරියව්ත්ථුනි සබ්බානි තානි මෙත්තාය චෙතොවිමුත්තියා කලං නාග්ඝන්ති සොළසිං, මෙත්තා යෙව තානි චෙතොවිමුත්ති අතිග්ගහෙත්වා භාසතෙච තපෙතෙච විරොවති ව”යි.
යම්සෙ සරාකල්හි නැඟී සූය්ර්ය හැමතන්හි අන්ධකාර විධ්වංසනය කොට දිලියෙ ද එ සෙයින් මැ යම්තාක් භවසුඛසම්පාදක පින්කම්හු මෛත්රීභාවනාලක්ෂ පින්කම්හුගෙ සොළොස්වන කලාව නො වටිත්.
212 ධර්මප්රදීපිකා
වදාළෙ මැ නො:-
“සෙය්යථාපි භික්ඛමෙ වස්සානං පච්ඡිමෙ මාසෙ සරදසමයෙ විද්ධෙ විගතවලාභකෙ දෙවෙ ආදිච්චො නහං අබ්භුස්සක්කමානො සබ්බං ආකාසගතං තමගතං අභිවිහව්ව භාසතෙ ච තපතෙ ච විරොවති ච. එවමෙව ඛො භික්ඛවෙ යානි කානිචි ඔපධිකානි පුඤ්ඤකිරිය වත්ථුනි සබ්බානි තානි මෙත්තාය චෙෙතාවිමුත්තියා අතිග්ගහෙත්වා භාසෙතෙ ච තපෙතෙච විරොචති ව”යි.
යම්සෙ අලුයම්හි නැඟී දවහත්තරුව උද්දීප්ත වැ දිලියෙ ද, එ සෙයින් මැ යම්තාක් භවභොගදායක පින් කම්හු මෛත්රීභාවනා ලක්ෂණ පුණ්යකර්මයාගෙ ෙසාළොස්වන කලාව නො වටිති, මෛත්රී මැ එ පුණ්ය කර්මයන් අභිභවා දිලියෙයි.
වදාළෙ මැ නො:-
“සෙය්යථාපි භික්ඛවෙ රත්තියා පච්චුසසමයං ඔසධිතාරකා භාසතෙ ච තපෙත ච විරොවතීච. එව මෙව ඛො භික්ඛවෙ යානි කානිචි ඔපධිකානි පුඤ්ඤ කිරියව්ත්ථුනි සබ්බානි තානි මෙත්තාය චෙතො විමුත්තියා කලං නාග්ඝන්ති සොළසිං මෙත්තායෙව තානි චෙතොවිමුත්ති අතිග්ගහෙත්වා භාසතෙ ච තපතෙච විරොචති ච”යි.
එබැවින් හැමසත්හු සුවපත් වෙත්වයි නිරන්තරයෙන් සිතිය යුතු.
මෙ මෛත්රියැ අනුසසි
මෙසෙ කලහයෙහි ආදීනව දැකැ ක්ෂමායෙහි ගුණ දැකැ ද්වේෂයෙහි දොස් දැකැ මෛත්රී මහනෘශසංස සෙ දැක තපස් කරන ජනයන්ගෙ වනයට තමන්වහන්සෙ වූ ටුහු “තපොවනං පවිට්ඨොස්මි”යි. __________
24. ජරාජිණ්නබ්යාධිමතපබ්බජිෙතා දිස්වා යන මෙයින් ඔවුන් ජරාරූපසන්දර්ශනයෙන් යෞවනමද පරිත්යාග හා ව්යාධි රූපසන්දර්ශනයෙන් අරොග්යමද පරිත්යාග හා මෘතරූපසන්දර්ශනයෙන් ජීවිතමද පරිත්යාග කළ සෙ කීහු.
අභිසම්බොධිකථා 213
මෙ ලොකයෙහි අශ්රැතවත් පෘථග්ජනයො වනාහි යෞවන මදමත් වැ තමන්ගෙ යෞවනය ජරායෙන් මිරිකෙන පරිදි නො දන්නවුන් සෙ පමා වැ අකුසල් ෙකාට නරකයට යෙති, ඇතම් කෙනෙක් ආරොග්ය මදමත් වැ තමන්ගෙ ආරොග්යය ව්යාධීන් අභිභූත වන පරිදි නො දන්නවුන්සෙ පමා වැ කුසල් නො කොට නරකයට යෙති, ඇතම්කෙනෙක් ජීවිතමදමත් වැ තමන්ගෙ ජීවිතය මරණින් මැකෙන පරිදි නො දන්නවුන් සෙ පමා වැ පින්කම් නො කොටැ නරකයට යෙති. සස්නෙහිදු යෞවනමදමත් ආරොග්යමදමත් ජීවිතමදමත් භික්ෂුහු තමන් ජරායෙන් මිරිකෙන පරිදි ව්යාධීන් අභිභූත වන පරිදි මරණින් මැකෙන පරිදි නොදන්නවුන් සෙ ශීක්ෂාප්රත්යාඛ්යාන කොටැ ගිහි ගෙට යෙත්.
වදාළෙ මැ නො
“තයොමෙ භික්ඛවෙ මදා කතමෙ තයො? යොබ්බනමදො, ආරොග්යමදො ජීවිතමදො යොබ්බන මදමත්තො වා භික්ඛවෙ අස්සුතවා පුථුජ්ජනො කායෙන දුච්චරිතං චරති, වාචාය දුච්චරිතං චරති, මනසා දුච්චරිතං චරති; සො කායෙන දුච්චරිතං චරිත්වා වාචාය දුච්චරිතං චරත්වා මනසා දුච්චරතං චරිත්වා කායස්ස භෙදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජති. ආරොග්යමදමත්තො වා භික්ඛවෙ අස්සුතවා පුථුජ්ජනො - පෙ- ජීවිතතමද මත්තො වා භික්ඛවෙ අස්සුතවා පුථුජ්ජනො -පෙ- කායස්ස භෙදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජති. යොබ්බ නමදමත්තො චා භික්ඛවෙ භික්ඛු සික්ඛං පච්චක්ඛාය හීනායාවත්තති. ආරොග්යමදමත්තො වා භික්ඛවෙ භික්ඛු -පෙ- ජීවිතමදමත්තො වා භික්ඛවවෙ භික්කු සික්ඛං පච්චක්ඛාය හීනායාවත්තති”යි. ____________
25. රම්මනගරවාසීහි යනු තුනුරුවන් සරණගිය රම්යපුරවාසි උපාසකයන් විසිනැයි යූසෙයි.
214 ධර්මප්රදීපිකා
මෙතැන්හි සිටැ තුනුරුවන්හිදු සරණගමණයෙහිදු උපාසක ලක්ෂණයෙහිදු විභාග දතයුතු.
මෙහි තුනුරුවන් නම් කවරැ යත්? බුද්ධරත්න යැ, ධර්මරත්න යැ සඞ්ඝරත්නයයි.
හෙ කවර අර්ථයෙන් “රත්න” නම් විය යත්?
චක්රවර්තිහට ප්රාදුර්භූත වූ චක්රය චිත්රිකෘත වන බැවිනුදු මහාර්ඝ වන බැවිනුදු අතුල්ය වන බැවිනිදු දුර්ලභ දර්ශන වන බැවිනුදු ‘රත්න’ නම් වූවා සෙයින් මෙයිදු චිත්රීකෘතාදිගුණයොගයෙන් ‘රත්න’ නම් වෙ.
කිසෙ යැ යත්?
යම්සෙ චක්රවර්තිහට චක්රවරත්නය ප්රාදුර්භූත වූ තැන් පටන්ගෙන ජනයො ගන්ධපුෂ්පාදිය ගෙන යක්ෂස්ථාන භූතස්ථාන නො ගොස් චක්රරත්නය මැ පුදත් ද , එසෙයින් මැ ලොකයෙහි බුදුන් උපන් තැන් පටන්ගෙන මහෙ ශාක්යදිව්ය මනුෂ්යයො අන්නට පූජාසත්කාර නො කොටැ බුදුනටම කෙරෙති. මෙසෙ බුදුහු චිත්රිකෘත වන බැවින් ‘රත්න’ නම් වෙත්. මෙහි අවිත්ර වූ ලොකයා චිත්ර කරනුයෙ ‘චිත්රීකාර’ නම් වෙ . යම්සෙ චක්රරත්නය මෙතෙක් කොටි මෙතෙක් ප්රකොටි අග්ගි යනාදි විසින් අගය නො කට හැකි වැ මහාර්ඝ වන බැවින් ‘රත්න’ නම් වෙද, එසෙයින්මැ බුදුහු යමක්හුගෙන් පස්මිටකුදු පිළිගත්හු නම් ඔහට මහත්ඵල මහානෘශංසදායක වන බැවින් මහාර්ඝ වන බැවින් ‘රත්න’ නම් වෙත්. යම්සෙ චක්රරත්නය තුලනා කටහැකි අනෙකක්හු ලෙව්හි නැති වන බැවින් ‘රත්න’ නම් වෙ ද, එ සෙයින් මැ බුදුහු ශීල සමාධිප්රඥාදී ගුණයෙන් තමන් හා තුලනා කටහැකි අනෙක්කෙනකුන් ලෙව්හි නැති වන බැවින් ‘රත්න’ නම් වෙත්. යම්සෙ චක්රරත්නයැ ඇතැම් කලෙක්හි මැ ලොකයෙහි ප්රාදුර්භූත වන බැවින් දුර්ලභ දර්ශන වන බැවින් ‘රත්න’ නම් වෙ ද , එ සෙයින් මැ බුදුහු කල්පෙකාටිශත සහස්රයෙකිනුදු දුර්ලභ දර්ශණ වන බැවින් ‘රත්න’ නම් වෙත්. යම්සෙ චක්රරත්නය චක්රවර්තිව්රත පිරූ උත්තම සත්වයක්හු විසින් මැ පරිභොග කළාමනා බැවින් ‘රත්න’
අභිසම්බොධිකථා 215 නම් වෙද. එ සෙයින් මැ බුදුහු අග්රශ්රාවකාදි මහා ශ්රවක යන් විසිනුදු මහා බ්රහ්මාදී බ්රහ්මයන් 1 විසිනුදු සෙවියැයුතු වන බැවින් ‘රත්න’ නම් වෙත්.
මෙසෙ ධර්මරත්න සඞ්ඝරත්න ද චිත්රීකෘතාදිගුණයොග යෙන් ‘රත්න’ නම් වෙ.
එයින් වදාළහ:-
“චිත්තීකතං මහග්ඝඤ්ච අතුලං දුල්ලභදස්සනං, අනොමසත්තපරිභොගං රතනං
තෙන පචුව්චති”යි. 273
මෙසෙයින් බුද්ධාදීහු රත්න නම් වෙත්. ____________
සරණගමන2 නම් කවරැ යත්? බුද්ධාදීන් කෙරෙහි ශ්රෙෂ්ඨා වශයෙන් ආත්මනිය්ර්යාතනාදි කිරීමැ.
එතද්විභාගජිඥාසුන් විසින් සරණ යැ, සරණගමන යැ, සරණ ගත යැ, සරණ ගමන ප්රභෙද යැ. සරන ගමන ඵල යැ, සංක්ලෙශ යැ, හෙද යැ යන විධි දතයුතු යෙ.
මෙහි සරණ නම් කවරැ යත්?
සරණගතයනට එම සරණගමනයෙන් භයසන්ත්රාස දුඃඛ දුර්ගතිපරික්ලෙශයන් හිංසනය හනනය විනාශය කරන්නෙන් රත්නත්රය ‘සරණ’ නම් වෙ. “සෘ=හිංසා යාම්” යන ධාතු යි.
තත්ප්රසාදකචිත්තොත්පාදය ‘සරණගමන’ නම් වෙ. තත් සමඞ්ගි සත්ව ‘සරණගත’ නම් වෙ.
සරණගමන ප්රභෙද නම් කවරැ යත්? හෙ ද්විවිධ වෙ, ලොකොත්තර යැ ලෞකික යයි. එහි ලොකොත්තර සමරනගමන දෘෂ්ට සත්යයනට මාර්ගක්ෂණයෙහි සරණ ගමනොපක්ලෙශ සමුච්ඡෙද වන බැවින් ආලම්බන විසින් නිර්වාණාලම්බන වැ කෘත්ය විසින් රත්නත්රයෙහි අවෙත්ය ප්රසාද වශයෙන් සිද්ධ වෙයි. ලෞකික සරණ ගමනය පුහුදුනනට සරණගමනොපක්ලෙශවිෂ්කම්භයෙන් ආලම්බන විසින් බුද්ධාදි ගුණාලබ්බන වැ සිද්ධ වෙ. හෙ 1. බ්රහ්මගණයන් 2. සරණාගමන
216 ධර්මප්රදීපිකා
වස්තු විසින් රත්නත්රයෙහි ශ්රද්ධා ප්රතිලාභ යැ, ශ්රද්ධා මුලක සම්යග්දෘෂ්ටි යැ, දශ පුණ්ය ක්රියා වස්තූන් කෙරෙහි දෘෂ්ටි සෘජු කිරිම යි.
මෙසෙයින් සිද්ධවන සරණ ගමනය සතර ප්රකාර යෙකින් ප්රවෘත්ත වෙ, ආත්ම නිය්ර්යාතනයෙන් තත්පරා යණතායෙන් ශිෂ්ය භාවොපගමනයෙන් ප්රණීපාතයෙනැයි.
මෙහි ආත්ම නිය්ර්යාතන නම් ‘අද පටන් කොට මම ආත්මය බුදුනට නිය්ර්යාතන කෙරෙමි, දහමට ද සඟනට ද නිය්ර්යතන කෙරෙමි’යි මෙසෙ බුද්ධාදීනට ආත්ම පරිත්යාග කිරීම යි.
තත්පරායණතා නම්: අද පටන් කොට මම බුද්ධ පරායණයෙමි, ධර්ම පරායණයෙමි, සඞ්ඝ පරායණයෙමි, මා තත්පරායණ බව දන්නෙ ය’යි මෙසෙ තත්පරවීම යි.
ශිෂ්යභාවොපගමන නම්: ‘අද පටන් කොට මම බුදුන්ගෙ ශිෂ්යයෙමි, ධර්මයාගෙ’ සඞ්ඝයාගෙ ශිෂ්යයෙමි, මා තත්ශිෂ්ය පරිදි දන්නෙ ය’ යි මෙසෙ ශිෂ්යභාව උපගමනය කිරිම යි.
ප්රණීපාත නම්: “අද පටන් කොට මම අභිවාදන ප්රත්යුත්ථාන අඤ්ජලි කර්ම සාමීචි කර්ම බුද්ධාදි තුන් වස්තුනට මැ කෙරෙමි, මා තත්පර පරිදි දන්නෙ ය’යි බුද්ධාදීන් කෙරෙහි පරමනිපත්යාකාර යි. මෙ සතර ප්රකාරයෙහි අන්යතර ප්රකාරයෙකින් මැ සරණ ගමන සිද්ධ වෙ.
අපි ච, “භගවතො අත්තානං පරිච්චජාමි, ධම්මස්ස, සඞ්ඝස්ස අත්තානං පරිච්චජාමි, ජීවිතඤ්ච පරිච්චජාමි, පරිච්චත්තොයෙච මෙ අත්තා, පරිච්චත්තංයෙච මෙ ජීවිතං, ජීවිතපරියන්තිකං බුද්ධං සරණං ගච්ඡාමි, බුද්ධො මෙ සරණං ලෙණං තාණන්ති”1 යි මෙසෙ ආත්ම නිය්ර්යාතන වෙදිතව්ය යි.
“සත්ථාරඤ්ච වතාහං පස්සෙය්යං භගවන්තමෙව පස්සෙය්යං සුගතඤ්ච වතාහං පස්සෙය්යං භගවන්තමෙව 1. සරණං තාන- ලෙණං පරායණන්ති.
අභිසම්බොධිකථා 217
පස්සෙය්යං සම්මා සම්බුද්ධඤ්ච වතාභං පස්සෙය්යං භගවන්තෙමෙව පස්සෙය්යං” යන වහසුප් මහතෙරුන්ගෙ සරණ ගමනයෙහි සෙයින් ශිෂ්ය භාවොපගමනය ද්රෂ්ටව්ය යි.
“සො අහං විවරිස්සාමි ගාමං පුරා පුරං, නමස්සමානො සම්බුඬං ධම්මස්ස ච සුධම්මතං” 266
යන ආලවකාදීන්ගෙ සරණ ගමන සෙයින් තත් පරායණතා වෙදිතව්ය යි.
“අථ ඛො බ්රහ්මායු බ්රාහ්මණො උට්ඨායාසනා එකංසං උත්තරා සඞ්ගං කරිත්වා භගවතො පාදෙසු සිරසා නිපතිත්වා භගවතො පාදානි මුඛෙන ච පරිචුම්බති, පාණීභි ව පරිසම්බාහති, නාමඤ්ච සාවෙති, බ්රහ්මායු අහං හො ගොතම බ්රාහ්මණො, බ්රහ්මායු අහං හො ගොතම බ්රාහ්මණො” යි. මෙසෙයින් ප්රණීපාත දෂ්ටව්ය යි.
එ ප්රණිපාතය ඥාති භය ආචාය්ය දක්ෂිණිය වශයෙන් චතුර්විධ වෙ. එහි දක්ෂියප්රණිපාතයෙන් සරණගමනය සිද්ධ වෙයි. සෙස්සන් කෙරෙහි ප්රණිපාතයෙන් නො වෙයි. ශ්රෙෂ්ඨවශයෙන් මැ සරණගමන වෙයි, ශ්රෙෂ්ඨවශයෙන් මැ හින්න වෙ. එ බැවින් මැ යම් ශාක්යයෙන් හො කොලිය වංශජයෙන් ෙහා ‘බුදුහු අප නෑ යහ’ යි වඳි ද, හෙ සරණ ගත නො වෙ. යමෙක් ‘ශ්රමණ ගෞතම රාජපූජිත යැ, මහානුභාව යැ, නො වැඳිකලැ අනර්ථයකුදු කරන්නෙ ය’යි භයින් වඳී ද, හෙ ද සරණගත නො වෙ. යමෙක් බෝසත් කලැ බුදුන් කෙරෙන් උගත් දැයක් සිහිකරනුයෙ බුදු වූ කලැ හො:-
“එකෙන භොගෙ භුඤ්ජෙය්ය ද්විභි කම්මං පයොජයෙ, චතුත්ථඤ්ච නිධාපෙය්ය ආපදාසු භවිස්සති” 274
යන මෙබඳු අනුශාසනයක් උගෙන ‘මෙ මාගෙ ආචාය්ර්ය ය’යි වඳී ද, හෙ ද සරණගත නො වෙ. යමෙක් වනාහි ‘මෙ ලොකයෙහි අග්රදක්ෂිණීය’ යයි වඳී ද, ඔහු විසින් මැ ගෘහීත වෙයි සරණ.
218 ධර්මප්රදීපිකා
මෙසෙයින් ගෘහීත වූ සරණ ඇති උපාසකයක්හට හො උපාසිකාවකට හො අන්යතීර්ථකයන් කෙරෙහි පැවිදි නෑයක්හු ‘මුහු අප නෑ යහ’ යි වඳනාහට සරණ නො බිඳෙයි, නො පැවිදි වු නෑයන් වඳනාහට මැ කවර දොෂ යැ? ‘රජ රටවැස්සන් විසින් පුජ්ය යැ, නො වැන්ද අනර්ථයකුදු කරන්නෙ ය’යි භයින් වඳනා හට සරණ නො බිඳෙයි. කිසියම් ශිල්පයක් උගැන්වූ තිර්ථකයක්හු ‘මෙ මාගෙ ආචාය්ර්ය ය’යි වඳනාහට සරණ නො බිඳෙයි. මෙ චතුර්විධ ප්රණීපාත යැ.
මෙසෙයින් සරණගමන ප්රභෙ ද වෙදිතව්ය යි.
සරණගමන ඵල නම් කවරැ යත්?
හෙ ද්විවිධ වෙ:- ලොකොත්තර යැ, ලෞකික යයි. එහි ලොකොත්තරසරණගමනඵලද ද්විවිධ වෙයි:- විපාක ඵල යැ, අනෘශංසඵල යයි, එහි විපාකඵල සතර ශ්රාමණ්ය ඵල යැ, අනෘශංසඵල සර්වදුඃඛක්ෂය යි.
එයින් වදාළහ:-
“යො ච බුද්ධඤ්ච ධම්මඤ්ච සඞ්ඝඤ්ච සරණං ගතො, චත්තාරි අරියසච්චානි සම්මප්පඤ්ඤාය පස්සති, 275
දුක්ඛං දුක්ඛසමුප්පාදං දුක්ඛස්ස ච අතික්කමං, අරියං වට්ඨඞ්ගිකං මග්ගං දුක්ඛූපසමගාමිනං. 276
එතං ඛො සරණං ඛෙමං එතං සරණමුත්තමං, එතං සරණමාගම්ම සබ්බදුක්ඛා පමුච්චති”යි. 277
අපි ච නිත්යාදි විසින් අනුපගමනවශයෙනුදු අනෘශංස ඵල වෙදිතව්ය යි.
එයින් වදාළහ:-
“අට්ඨානමෙතං භික්ඛවෙ අනවකාසො යං දිට්ඨි සම්පන්නො පුග්ගලො කඤ්චි සංඛාරං නිච්චතො උපගච්ඡෙය්ය, සුඛතො උපගච්ඡෙය්ය, කඤ්චි ධම්මං අත්තතො උපගච්ඡෙය්ය, මාතරං ජීවිතා චොරොපෙය්ය,පිතර- පෙ- අරහන්තං ජීවිතා වොරොපෙය්ය දුට්ඨ චිත්තො තථාගතස්ස ලොහිතං උප්පාදෙය්ය, සඞ්ඝං භින්දෙය්ය, අඤ්ඤං සත්ථාරං උද්දිසෙය්ය, නෙතං ඨානං විජ්ජති”යි.
අභිසම්බොධිකථා 219
මෙ අනෘශංසඵල යැ-
මෙසෙයින් ලොකොත්තරසරණගමනයෙහි විපාක ඵල ද අනෘශංසඵල ද චෙදිතව්ය යි.
ලෞකික සරණගමනයෙන් භවසම්පත් භොග සම්පත් හස්තගත1 මැ වෙ.
එයින් කීහ:-
“යෙ කෙචි බුද්ධං සරණං ගතෙසා -
න තෙ ගමිස්සන්ති අපායං,
පාහාය මානුසං දෙහං - දෙවකායං
පරිපූරෙස්සන්ති”යි. 278
“අථ ඛො සක්කො දෙවානමින්දො අසීතියා දෙවතා සහස්සෙහි සද්ධිං යෙනායස්මා මහාමොග්ගල්ලානො තෙනුපසඞ්කමි -පෙ- එකමන්තං ඨීතං ඛො සක්කං දෙවානමින්දං ආයස්මා මහාමොග්ගල්ලානො එතදවොච:- සාධු ඛො දෙවානමින්ද බුද්ධං සරණගමනං හොති, බුද්ධං සරණගමනහෙතු ඛො පන දෙවනමින්ද එවම්ධෙකච්චෙ සත්තා කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජින්ති. තෙ අඤ්ඤෙ දෙවෙ දසහි ඨානෙහි අධිගණ්භන්ති:- දිබ්බෙන ආයුනා දිබ්බෙන වණ්ණෙන -පෙ- සුඛෙන, යසෙන, ආධිපතෙය්යෙන, දිබ්බෙහි රූපෙහි, —පෙ— සද්දෙහි, ගන්ධෙහි, රසෙහි පොට්ඨබ්බෙහි”යි.
ධර්මසරණගමනයෙහිදු එ මැ නය යි.
අපි ච, ‘සනත්කුමාර’ නම් මහබඹ තව්තිසා දෙව් නුවරට බැස සුධම් දෙව්සභායෙහි සක්දෙව් රජහුගෙ අස්නෙහි දෙව් පිරිස් පිරිවරා හිඳ සරණගමන ඵල දක්වන්නට කීය:-
“යෙ කෙචි හොන්තො බුද්ධං සරණං ගතා, ධම්මං සරණං ගතා, සඞ්ඝං සරණං ගතා, සීලෙසු පරිපූර කාරිනො; තෙ කායස්ස භෙදා පරම්මරණා අප්පෙකච්චෙ නිම්මානරතීනං දෙවානං —පෙ— තුසිතානං දෙවානං, යාමානං දෙවානං, තාවතිංසානං දෙවානං, වාතුම්මහා
1. ගමන.
220 ධර්මප්රදීපිකා
රාජිකානං දෙවානං සභව්යතං උපපජ්ජන්ති. යෙ සබ්බ නිහානකායං උපපජ්ජන්ති තෙ ගන්ධබ්බකායං පරිපූරෙන්ති”යි.
වෙලාමසූත්රවශයෙනුදු සරණගමනයාගෙ ඵල විශෙෂ ද්රෂ්ටව්ය යි.
අපි ච, “හෙට්ඨිමකොටියා තිසරණගතො උපාසකො සොතාපත්තිඵලසච්ඡිකිරියාය පටිපන්නො හොති” යූ බැවින් අධිමුක්ති තුබූ පරිද්දෙන් ත්රිවිධ බොධියෙන් එක්තරා බොධියකට කාරණ යි.
මෙ සෙයින් සරණගමන ඵල වෙදිතව්ය යි.
එහි සංක්ලෙශ කවරැ යත්?
ලෞකික සරණගමනය රත්නත්රයෙහි අඥානයෙන් සංශයෙන්, මිථ්යා ඥානයෙන්, සංක්ලිෂ්ට වෙයි. එබැවින් හෙ මහාද්යුතික නො ද වෙයි, මහාවිස්ඵාර නො ද වෙයි. ලොකොත්තර සරණගමනයට සංක්ලෙශ මැ නැත්.
මෙසෙයින් සංක්ලෙශ වෙදිතව්ය යි.
එහි හෙද කවරැ යත්?
ලොෙකාත්තර සරණගමනයෙහි හෙද ඇති, එහෙයින් ජන්මාන්තරයෙහිදු ආය්ර්ය ශ්රාවක අනෙක් ශාස්තෘවක්හු උදෙසා නො වෙසෙ. ලෞකික සරණ ගමනෙහි වනාහි භෙද ඇති. හෙ ද්විවිධ වෙ:- සාවද්ය යැ, අනවද්ය ය යි එහි සාවද්ය නම් අන්ය ශාස්තෘන් කෙරෙහි ආත්ම නිය්ර්යාතනාදීන් වන භෙද යැ, හෙ අනිෂ්ටඵල යි. අනවද්ය නම් අන්ය ශාස්තෘන් කෙරෙහි ආත්ම නිය්ර්යාතනාදි නො කළවුන්ගෙ නො බුන්සරණට මරණින් වන භෙද යැ, හෙ අනවද්ය යි. මෙසෙ මරණින් සරණ බුන ද උත්තරොත්තර ජන්මයෙහි සුචරිතයට කාරණ වන බැවින් එසත්හු විශෙෂභාග් වෙත්. මෙ නියායෙන් රත්නත්රයට ආත්ම නිය්ර්යාතනාදි කොට සරණ ගතයන් මෙ රත්නත්රයෙන් පිටත් අනෙක් බුදුකෙනකුන් ඇතී ගෙන, මෙ දැහැමෙන් පිටත් අනෙක් දැහැමෙන් ඇතීගෙන, මෙ සඟුන් කෙරෙන් පිටත් අනෙක් සඟ කෙනකුන් ඇතී ගෙන ප්රණාම කළ සරණ බිඳෙ.
අභිසම්බොධිකථා 221
මෙසෙයින් “සරණ යැ, සරණගමන යැ, සරණ ගත යැ, සරණ ගමන ප්රභෙද යැ, සරණ ගමන ඵල යැ, සංක්ලෙශ යැ, භෙද යැ” යන මෙ විධි චෙදිතව්ය යි.
උපාසක ලක්ෂණ නම් කවරැ යත්?
උපාසක කවරැ? හෙ කවර හෙතුවින් උපාසක යැ? ඔහුගෙ සිල් කවරැ? ආජීව කවරැ? විපත් කවරැ? සම්පත් කවරැ? යන මෙ විධි චෙදිතව්ය යි.
එහි උපාසක නම කවරැ යත්?
යම් කවර ත්රිශරණගත ගෘහස්ථයෙක් ‘උපාසක’ නම් වෙ.
එයින් වදාළහ:-
“යතො ඛො මහානාම බුද්ධං සරණං ගතො හොති, ධම්මං සරණං ගතො හොති, සඞ්ඝං සරණං ගතො හොති; එත්තාවචා ඛො මහානාම උපාසකො හොති” යි.
හෙ කවර හෙතුවින් උපාසක නම් වියැ යත්? රත්නත්රයොපාසනයෙන් උපාසක නම් වෙ.
එයින් වදාළහ:-
“බුද්ධං උපාසතීති උපාසකො, ධම්මං, සඞ්ඝං උපාසතීති උපාසකො”යි.
ඔහුගෙ සිල් කවරැ යත්? ප්රාධණාතිපාතාදීන් විරතිය යී.
වදාළෙ මැ නො:-
“යතො ඛො මහානාම උපාසකො පාණාතිපාතා පටිචිරතො හොති, අදින්නාදානා —පෙ— කාමෙසුමිච්ඡා චාරා, මුසාවාදා, සුරාමෙරයමජ්ජපමාදට්ඨානා පටිවිරෙතා හොති”යි.
ආජීව කවරැ යත්?
පඤ්ච මිථ්යාතවණික්කර්ම පරිත්යා ග කොට ධැමින් සෙමෙන් ජීවිකාකල්පනා යි.
වදාළෙ මැ නො:-
“පඤ්චිමා භික්ඛවෙ වණිජ්ජා උපාසකෙන අකරණියා:- කතමා පඤ්ච? සත්ථවණිජ්ජා, සත්තවණිජ්ජා, මංසවණිජ්ජා, මජ්ජවණිජ්ජා, විසවණිජ්ජා, ඉමා ඛො භික්ඛවෙ පඤ්ච වණිජ්ජා උපාසකෙන අකරණීයා”යි.
222 ධර්මඅප්ර”දීපිකා
විපත් කවරැ යත්?
එ මැ ශිලයාගෙ ද ආජීවයාගෙ ද විකොපනය ඔව් හට විපත් නම් වෙ. අපි ච, යමෙකින් මෙ චණ්ඩාල වෙ ද, මල වෙ ද නිකෘෂ්ට තර වෙ ද; ඔව්හට විපත් නම් හෙ අර්ථන විසින් ශ්ර්ද්ධාවිරහාදී පඤ්ච ධර්ම යි,
වදාළෙ මැ නො:-
“පඤ්චහි භික්ඛවෙ ධම්මෙහි සමන්නාගතො උපාසකො උපාසක චණ්ඩාලො ච හොති, උපාසක මලඤ්ච, උපාසකපතිකිට්ඨො ච. කතමෙහි පඤ්චහි? අස්සද්ධො හොති, දුස්සිලො හොති, කොතූහල මඞ්ගලිකො හොති, මඞ්ගලං පච්චෙති නො කම්මං, ඉතො බහිද්ධා දක්ඛිණ්යෙං ගවෙසති, තත්ථ ච පුබ්බකාරං කරොති”යි.
සම්පත් කවරැ යත්?
එ මැ ශීල සම්පතුදු ආජීව සම්පතුදු ඔහට සම්පත් නම්. ඔහට රත්නභාවාදිකර පඤ්ච ධර්මජ ද සම්පත් නම්
එයින් වදාළහ:-
පඤ්චහි භික්ඛවෙ ධම්මෙහි සමන්නාගතො උපාසකො උපාසක රතනඤ්ච හොති, උපාසක පදුමඤ්ච, උපාසක පුණ්ඩරීකඤ්ච, කතමෙහි පඤ්චහි? සද්ධො හොති, සීලවා හොති, න කොතූහල මඞ්ගලිෙකා හොති, කම්මං පච්චෙති නො මඞ්ගලං, න ඉතො බහිද්ධා දක්ඛිණෙය්යංන ගවෙසති, ඉධ ච පුබ්බකාරං කරොති”යි.
මෙ උපාසක ලක්ෂණ යි. ________
26. චක්කවත්ති නරපති යන තන්හි ‘චක්ර ’ ශබ්දය “දිබ්බං චක්කරතනං පාරතුහොසි” යන තන්හි සෙයින් රත්න චක්රකයෙහි වැටෙයි. මෙයින් බැහැරැ “චත්තාරිමානි භික්ඛවෙ චක්කානි යෙහි සමන්නාගතානං දෙවමනුස්සානං” යන තන්හි සම්පත් චක්රායෙහි වැටෙයි. “පාද තලෙසු චක්කානි ජාතානි” යන තන්හි ලක්ෂණ චක්රරයෙහි වැටෙයි. “චක්කංච වහතො පදං” යන තන්හි රථාඞ්ගයෙහි වැටෙයි. “චතුචක්කං නවද්වාරං පුණ්ණං
අභිසම්බොධිකථා 223
ලොභෙන සංයුතං” යන තන්හි ඊය්යාි පථ චක්රතයෙහි වැටෙයි. “දද භුඤ්ජ ච මා ව පමාදො චක්කං චත්තය පබ්බපාණීනං” යන තන්හි දානයෙහි වැටෙයි. “ඉච්ඡා හතස්ස පොසස්ස චක්කං භමති මත්ථකෙ” යන තන්හි උරසි චක්රඉයෙහි වැටෙයි. “ඛුරපරියන්තෙන වෙචි චක්කෙන” යන තන්හි ප්ර භරණ චක්රඉයෙහි වැටෙයි. “අසනිචිය චක්කං” යන තන්හි අශනි මණ්ඩලයෙහි වැටෙයි. “අථ ඛො සො භික්ඛවෙ රථකාරො යන්තං චක්කං ඡහි මාසෙහි නිට්ඨිතං තං පවත්තෙසි” යන තන්හි දාරු චක්රචයෙහි වැටෙයි. “මාතා හුත්වා මෙථුනී සංසාරචක්කෙ පරිව්තයමානා” යන තන්හි සංසාරචක්රෙයෙහි වැටෙයි. “පවත්තිතෙ ච භගවතා ධම්මචක්කෙ” යන තන්හි ධර්ම චක්රවයෙහි වැටෙයි.
27. දෙවමනුස්සෙහි පූජියමානං යන තන්හි දෙව් මිනිසුන් විසින් පුෂ්ප පූජාදීන් පුදන ලදු වන යූ සෙයි.
පුෂ්ප පූජායෙහි ඵල කවරැ යත්? හෙ වනාහි උත්තර මහ තෙරුන්ගෙ අපදානයෙන් දතයුතු වෙ.
කිසෙ යැ යත්?
අතීතයෙහි තිස් දහසක් කපින් මත්තෙහි ලොකයෙහි සුමෙධ නම් සම්යයක් සම්බුද්ධ කෙනෙක් ප්රාකදුර්භූත වූවාහු එක් දවසක් එකලා වැ හිමව්පියෙසට එළඹ එක් තැනෙක්හි පලග බැඳැ සමාපත්ති සමවැද වැඩහුන්හු.
එයින් කීහ:-
“සුමෙධො නාම සම්බුද්ධො බත්තිංසවරලක්ඛණො, විචෙකකාමො භගවා හිමවන්තමුපාගමි. 279
අජ්ඣොගහෙත්වා හිමවන්තං අග්ගො කාරුණිකො මුනි, පල්ලඞ්කං ආභුජිත්වාන නිසිදි පුරිසුත්තමො”යි. 280
එකල්හි විද්යා ධර පුරුෂයෙක් ත්රි්ශූලායුධ්යඩක් ගෙන ආකාශයෙන් යන්නෙ බුදුන් ගල් මුදුනෙහි දිලියෙන ගිනි කඳක් සෙයින් නුබමුදුනෙහි චොරජනා පුන් සඳක් සෙයින් සුපිපි මහ සල් රුකක් සෙයින් වන මැද දිලියෙනු වන් දැක වන අගින් නික්ම දිවන බුදු රැස් දිට.
224 ධර්ම ප්ර දීපිකා
එයින් කීහ උත්තර මහ තෙරහු :-
“විජ්ජාධරො තදා ආසිං අන්තලික්ඛෙ වරො අහං, තිසූලං සුකතං ගය්හ ගච්ඡාමි අම්බරෙ තදා. 281
පබ්බතග්ගෙ යථා අග්ගි පුණ්ණමසෙව චන්දිමා, වනං ඔහාසතෙ බුද්ධො සාලරාජාව ඵුල්ලිතො. 282
වනග්ගා නික්ඛමිත්වාන බුද්ධරංසා විධාවරෙ, නළග්ගිවණ්ණසඞ්කාසා දිස්වා
චිත්තං පසාදියිං” යි. 283
මෙසෙ බුදුන් දැක චිත්තප්ර සාද කොට තුන්කිණිහිරි මලක් බිඳ ගෙන එයින් බුදුන් පිදීය. හෙ බුදුන්ගෙ ආනුභාවයෙන් තුවටු උඩු බලා මල් පත් බිම් බලා බුදුන් මුදුනට ඡායා කොට අහස්හි සිටියෙ යි.
එයින් කීහ එ මැ මහතෙරහු :-
“විචිනං අද්දසං පුප්ඵං කණිකාරං දෙවගන්ධිකං, තීණි පුප්ඵානි ආදාය බුද්ධසෙට්ඨං අපූජයිං. 284
බුද්ධස්ස ආනුභාවෙන තීණි පුප්ඵානි මෙ තදා, උද්ධවණ්ටා අධොපත්තා ඡායං
කුබබන්ති සත්ථුනො”යි. 285
එ පින්කමින් මිනිස් පියෙන් සැව තව්තිසා දෙව් නුවර උසායෙහි සැට යොදුන් අයම් විතරහි1 තිස් යොදුන් නන් විසිතුරු දද පෙළින් සැදුම් ලද සියක් දහස් කූටාගාර ඇති තන්හි තන්හි රුවන් පලග හා මහරු මහ යහන් ඇති ‘කිණිහිරි විමන්’ නම් රුවන් විමනෙක්හි උපන.
එයින් කිහ තමන් විසින් අනුභූත වස්තු දක්වන උත්තර මහ තෙරහු:-
“තෙන කම්මෙන සුකතෙන චෙතනාපණීධීහි ච, ජහිත්වා මානුසං දෙහං තාවතිංසං අගඤ්ඡහං. 286
තත්ථ මෙ සුකතං ව්යහහ්භං කණීකාරීති ඤායති, සට්ඨියොජනමුබ්බෙධං තිංසයොජනවිච්ථතං. 287 1. විතරින්; විතර.
අභිසම්බොධිකථා 225
සහස්සකණ්ඩං සතගෙණ්ඩුං1 ධජාලු හරිතාමයං, සතසහස්සං නිය්යුණහා ව්යා්ම්භෙ පාතුරභංසු මෙ. 288
සොවණ්ණමයා මණිමයා ලොහිතඞ්කමයාපි ච, ඵළිකාපි ච පල්ලඞ්කා යෙනිච්ඡකයදිච්ඡකා. 289
මහාරහඤ්ච සයනං තූලිකාවිකතීයුතං, උද්දලොමිකඑකන්තං බිම්බොහනසමායුතං”යි. 290
හෙ දෙව් පිරිස් පිරිවරා විමනින් නික්ම යම් තෙනකට යෙ නම් යට කිණිහිරි මල් අතුරු වෙයි, උඩ කිණිහිරි මල් වියන් වෙයි, හාත්පස්හි සියක් යොදුන් තන්හි කිණිහිරි මලින් සැදී ගැවසී2 සිටී,
“භවනා නික්ඛමිත්වාන චරන්තො දෙවචාරිකං, යදා ගච්ඡාමි3 ගමනං දෙවසඞ්ඝපුරක්ඛතො. 291
පුප්ඵස්ස හෙට්ඨා තිට්ඨාමි උපරිච්ඡදනං මම, සමන්තා යොජනසතං කණිකාරෙහි ඡාදිතං” යි. 292
ඔහට දිව්යජ නාටකයො4 සැට දහසක් තූය්ය්. යෙන් උපස්ථාන කෙරෙති; හෙ එ දිව්යන වූ නෘත්යාගීතවාදිතයෙන් පින පිනා දිව්යර කන්යානවන් විසින් පරිවෘත වැ දිව්යක ෙභාජන දිව්යි පාන වළදා දිව්ය් විමානයෙහි විසී.
එයින් කීහ:-
“සට්ඨිං තුරියසහස්සානි සායංපාතං උපට්ඨහුං, පරිවාරෙන්ති මං නිච්චං රත්තින්දිතවමතන්දි තා. 293
තත්ථ නච්චෙහි ගීතෙහි තාළෙහි වාදිතෙහි ච, රමාමි ඛිඞ්ඩා රතියා මොදාමි කාමකාමහං. 294
තත්ථ භුත්වා ච පීත්වා ච මොදාමි තිදසෙ තදා, නාරිගණෙහි සහිතො5 මොදාමි
ව්ය2ම්හමුත්තමෙ”යි. 295
එ මැ පින්කමින් පන්සියක් වර දෙව්රජ වැ ශක්ර සම්පත් වැළඳීය. තුන්සියක් වර සක්විති ව සක්වළ එක් රජ කෙළෙ. අසඞ්ඛ්යළයක් වර දඹදිව අග රජ විය. භවාභවයෙහි මහත්භොග ලැබී ය. භොගයෙහි උනුවනු නැත්.
1. සතහෙණ්ඩුං. 2. සැදි. 3. ඉච්ඡාමි. 4. දිව්යායඞ්ගනා නාටකාවො. 5. පරිචුතො.
15
226 ධර්ම ප්ර දීපිකා
එයින් කීහ:-
“සතානං පඤ්චක්ඛන්තුං1 දෙවරජ්ජමකාරයිං, සතානං තීණික්ඛත්තුං චක්කවත්ති අහොසහං. 296
පදෙසරජ්ජං විපුලං ගණනාතො අසංඛියං, භවාභවෙ සංසරන්තො මහාභොගං ලභාමහං, භොගෙ මෙ ඌනතා නත්ථි
බුද්ධපූජායිදං ඵලං”යි. 297
දෙව් ලොව දිවසපු වළඳා මිනිස් ෙලාවට එයි. මිනිස් ලොව රජ සපු වළඳා දෙව් ලොවට යෙයි. මෙ දෙගතීන් අනෙක් ගතියකට නො ගියෙ යැ2 මිනිස් පියෙහි උපදෙන රජ කුලෙහි හො බමුණු කුලෙහි හො උපද්දී, මෙ දෙකුලයෙන් අනෙක් නීච කුලයෙක්හි නො උපන්නෙ යි.
එයින් කීහ:-
“දුවෙ භවෙ සංසරාමි දෙවත්තෙ අථ මානුසෙ, අඤ්ඤං ගතිං න ජානාමි බුද්ධපූජායිදං ඵලං. 297
දුවෙ කුලෙ පජායමි ඛත්තියෙ වාපි බ්රාඵහ්මණෙ, නීචෙ කුලෙ න ජායාමි බුද්ධපූජායිදං ඵලං”යි. 298
එ මැ පින්කමින් උපන් උපන් තන්හි අනර්ඝ යාන වාහන ලැබෙයි, විධෙය දැසිදසුන් ලැබෙයි, අලඞ්කෘත නාරීගණයන් ලැබෙයි, අනර්ඝ9 ආස්තරණ ප්රාිවරණ ලැබෙයි, අග්රඝවස්තු අග්ර8ඵල අග්රබභොජන ලැබෙයි. “මෙ භොජනය වළඳන්නෙ යැ, මෙ පානය බොන්නෙ යැ, මෙ යහන්හි හොනෙ ය”යි අයදනා ලැබෙයි. හැම තන්හි පූජ්යා වෙයි, හිවියස ඇති වෙයි, මහත් පක්ෂ ඇති වෙයි, අභෙද්ය පිරිස් ඇති වෙයි, නෑයනට උත්තම වෙයි, හුණු නො ද වෙයි, සිහිල් නො ද වෙයි, පරිදාහ නො ද වෙයි, සිතට දුක් නො ද වෙයි, උපන් උපන්න තන්හි රන්වන් වෙයි, නො යහපත් වැ උපන් කල් නැත්.
එයින් කීහ:-
“හත්ථියානං අස්සයානං සිවිකං සන්දනමානිකං, ලභාමි සබ්බමෙවෙතං බුද්ධපූජායිදං ඵලං. 299 1. ක්ඛත්තුඤ්ච 2. නොයෙයි.
අභිසම්බොධිකථා 227
දාසිගණං දාසගණං නාරියො ච අලඞ්කතා, ලභාමි සබ්බමෙවෙතං බුද්ධපූජායිදං ඵලං, 300
කොසෙය්යබකම්බලීයානි ඛොමකප්පාසිකානි ච, ලභාමි සබ්බමෙවෙතං බුද්ධපූජායිදං ඵලං. 301
නවවත්ථං නවඵලං නවග්ගරසභොජනං, ලභාමි සබ්බමෙවතං බුද්ධපූජායිදං ඵලං. 302
ඉමා ඛාද ඉමං භුඤ්ජ ඉමම්හි සයනෙ සය, ලභාමි සබ්බමෙවෙතං බුද්ධපූජායිදං ඵලං. 303
සබ්බත්ථබ පූජිතෙ භොමි යසො අච්චුග්ගතො මම, මහා පක්ඛො සදා හොමි අහෙජ්ජපරිසො සදා ඤාතීනං උත්තමො හොමි බුද්ධපූජායිදං ඵලං 304
සිතං උණ්හං න ජානාමි පරිළාභො න විජ්ජති, අථො චෙතසිකං දුක්ඛං හදයෙ මෙ න විජ්ජති. 305
සුවණ්ණවණ්ණො හුත්වාන සංසාරාමි භවාභවෙ, වෙවණ්ණිකං න ජානාමි බුද්ධපූජායිදං ඵලං”යි. 306
මෙ සෙ තිස්දහසක් කප් දුගතියැ රැහැ නො දැන දෙව්සපු මිනිස්සපු වළඳා මෙ බුදුරජයෙහි දෙව්ලොවින් සැවැ සැවැත්නුවර මහාසාරකුලයෙහි උපද ‘උත්තර’ නම් කුමාරයක් වැ බුදුසස්නෙහි පැවිදි වැ සත්හැවිරිදි වියෙහි මැ සිවුපිළිඹියාපත් රැහත් වැ බුදුන් දුන් උප සපුයෙන් තුරුණුවියෙහි මැ පූජ්යව වූහු.
එයින් කීහ:-
“දෙව්ලොකා චවිත්වාන සුක්කමූලෙන චොදිතො, සාවත්ථි්යං පුරෙ ජාතො මහාසාලෙ සුඅඞ්ඪකෙ. 307
පඤ්ච කාමගුණෙ හිත්වා පබ්බජිං අනගාරියං, ජාතියා සත්තවස්සොභං අරහත්තං අපාපුණිං. 308
උපසම්පාදයී බුද්ධො ගුණමඤ්ඤාය චක්ඛුමා, තරුණොව පූජනීයොහං බුද්ධපූජායිදං ඵලං. 309
දිබ්බචක්ඛුං විසුද්ධං මෙ සමාධිකුසලො අහං, අභිඤ්ඤාපාරමිප්පත්තො බුද්ධපූජායිදං ඵලං. 310
පටිසම්භිදා අනුප්පත්තො ඉද්ධිපාදෙසු කොවිදො, ධම්මෙසු පාරමිප්පත්තො බුද්ධපූජායිදං ඵලං. 311 228 ධර්මප්රදදීපිකා
තිංසකප්පසභස්සම්හි යං බුද්ධමහිපූජයිං,
දුග්ගතිං නාභිජානාමි බුද්ධපූජායිදං ඵලං. 312
කිලෙසා ඣාපිතා මය්හං -පෙ- කතං
බුද්ධස්ස සායනං”යි. 313
මෙ උත්තරමහතෙරුන්ගෙ අපදාන යැ.
ඛණ්ඩසුමනමහතෙරහු වනාහි තමන් සසර වසනකලැ එක මලක් පුදා අශිතිවර්ෂහකොටියක් ස්වර්ගවසම්පත් වළඳා පුණ්යාක්ෂය නො වනතුරු මැ නිවන්පත් වූහු.
එයින් කීහ:-
“එකපුප්ඵං වජිත්වාන අසීතිං වස්සකොටියො, සග්ගෙසු පරිචාරෙත්වා සෙසකෙනම්හි
නිබ්බුතො”යි. 314
මෙසෙ තුන්මලක් එක්මලක් පන්සිතින් බුදුනට පිදුයෙහි ඵල අනන්ත වියැ, එබැවින් එදවස් රම්යදපුර වැසියන් කළතාක් බුද්ධපූජායෙහි ඵල ද දැන් මෙ වත් මනුයෙහි සැදැහැ ඇතියවුන් තුන්රුවන්හි පැහැද පූජා යෙහි ඵල ද කෙනම් කියනුවහ?
28. පරමපීතිපසාදපුණ්ණහදයො යන තන්හි සිට බුද්ධාදීන් කෙරෙහි චිත්තප්ර.සාදයෙන් සිද්ධවන ඵල දතයුතු.
කිසෙ යැ යත්?
යම් කෙනක්නට සෙසු ආය්ය්න් ධර්ම නැත ද බුදුන් කෙරෙහි ශ්ර ද්ධාමාත්රනයෙක් ප්රෙයමමාත්රමයෙක් ඇත්නම් ඔහු එ ශ්ර්ද්ධායෙන් හා ප්රෙ මයෙන් අත ගෙන ස්වර්ගදයෙහි ඇර සිටුවූවන් වැනි වෙත්.
එයිත් කීහ:-
“යෙසං අඤ්ඤො අරියධම්මො නත්ථි, තථාගතෙ පන සද්ධා මත්තං පෙමමත්තමෙව හොති, තෙ තයා සද්ධාය තෙන පෙමෙන හත්ථෙ ගහෙත්වා සග්ගෙ ඨපිතා විය හොන්ති”යි.
බුදුන් වෙදියක පර්වනතයෙහි ඉන්ද්ර්ශාලගුහායෙහි වැඩ වසන කල්හි එක් බකමූහුණුයෙක් බුදුන් දැක පැහැද අභිසම්බොධිකථා 229
බුදුන් කුලගෙට වඩනාකලැ ගමත්වල් දක්වා යෙයි, කුලගෙන් වඩනාකලැ වෙහෙරත්වල් දක්වා යෙයි. හෙ එක් දවසක් සවස සඟුන් පිරිවරා ලෙණදොර වැඩහුන් බුදුන් දැක ප්රවසාදකොට පර්ව තයෙන් බැස අවුදු වැන්ද, බුදුහු ඔහු දැක සිනා පහළ කළහ. බුදුන් සිනා පහළ කරන කල්හි ඔවුන්ගෙ සතර දළින් මහාමෙඝමුඛයෙන් නික්මෙන සියරැළි විදුලිකලබ සෙයින් මහත් තල්කඳ පමණ සඳරස් කලබ බඳු සුදුරස්කලප්හු නික්ම තුන්යලක් හිස වටා පැදකුණු කොට ගොස් දළ අග්හි මැ අන්තර්හිත වෙත්, මෙසෙ බුදුන් සිනා පහළකළ කල්හි අනඳමහ තෙරහු ‘බුදුහු නො කරුණෙහි සිනා පහළ නො කෙරෙති’යි හුනස්නෙන් නැඟී බුදුන් වැඳ මුදුනෙහි ඇඳිලි බැඳ සිට ‘ වහන්සෙ සිනා පහළ කරන්නට කරුණු කිමහො’යි පුළුවුත්හු. එසඳ බුදුහු “අනඳ, මෙ බකමුහුණු මා කෙරෙහිදු භික්ෂුසඞ්ඝයා කෙරෙහිදු කළ චිත්තප්රිසාදයෙන් කප්ලක්ෂයක් දුර්ගදතියට නො ගොස් දිව්යළ මනුෂ්යර සම්පත් වළඳා කෙළළුර සොම්නස්’ නම් පසෙබුදු වෙ”යි වදාළො.
මෙසෙ බුදුරුවන් කෙරෙහි කළ චිත්තප්රබසාදයෙහි ඵල සුමන මාලාකාරවස්තු මට්ටකුණ්ඩලිවස්තු ආදීනුදු දතයුතු.
දහම්රුවන්හි කළ චිත්තප්රිසාදයෙහි ඵල කවරැ යත්? ස්වර මාත්රපයෙහි නිමිත්තග්රිහණ කළ මණ්ඩුකයාගෙ වස්තුවිනු දු අනෙක දෙවමනුෂ්යරසහස්ර යන්ගෙ වස්තුවිනු දු දතයුතු.
සඟුරුවන්හි කළ චිත්තප්රරසාදයෙහි ඵල කවරැ යත්? යම් පැවිජිකෙනකුන්ගෙ මිය පරලොව ගිය මවක් හො පියෙක් හො ‘අප නෑ තෙරකෙනෙක් සිල්වත්හ ගුණවත්හ’යි ච්ත්තප්ර්සාද කොට ස්මරණ කෙරෙ ද, ඔහුගෙ එ චිත්තප්ර සාදය ද ස්මරණ මාත්ර්ය ද මහාඵල මහාණෘශංස වෙයි, අනෙකකල්පසහස්රහයෙහි දුර්ගණතියට නො යාදී අන්තයෙහි අමාමහ නිවන් පමුණුවා.
230 ධර්ම ප්රරදීපිකා
එයින් වදාළහ:-
“යෙ තෙ භික්ඛවෙ භික්ඛු සීලසම්පන්නා සමාධි -පෙ- පඤ්ඤා - විමුත්ති- විමුත්තිඤාණදස්සනසම්පන්නා, දස්සනම්පහං භික්ඛවෙ තෙසං භික්ඛුනං බහුකාරං වදාමි. සවනං -පෙ- අනුස්සතිං - අනු පබ්බජ්ජං - උපසඞ්කමනං පයිරුපාසනම්පහං භික්ඛවෙ තෙසං භික්ඛුනං බහුකාරං බවදාමි”යි.
කුලයට එළැඹි සිල්වතුන් දැකැ චිත්ත ප්ර සාද කළාහු ස්වර්ගහයෙහි උපදිති, හුනස්නෙන් නැඟී වැදැ අසුන් දුන්නාහු උතුම් කුලයෙහි උපදිති, මසුරු මල කැඩුවාහු මහෙශාක්යෙ වෙති, යථා බලයෙන් දන් දුන්නාහු මහාභොග වෙති, බණ ඇසුවාහු මහත් ප්රුඥා ඇති වෙත්.
එයින් වදාළහ:-
“යං භික්ඛවෙ සීලවන්තො පබ්බජිතා කුලානි උපසඞ්කමන්ති, තත්ථ මනුස්සා පඤ්චහි ඨානෙහි බහුං පුඤ්ඤං පසවන්ති” යනාදින්.
අපි ච, පහන් සිතින් බුදුන් වඳනට යම්හ, බණ අසන්නට යම්හ, සඟුරුවන් වඳනට යම්හ යි නැඟූ එක පියවරක් සොළොසක් කොට බෙදා එයින් එක් කලාවක් ගෙන වැළිදු සොළොසක් කොට බෙදා මෙනියා යෙන් සොෙළාස් වරෙක බෙදූ කලැ අන්ත කලාව අස්වලෙක එක් කෙහෙ අගක් ඔබන පමණ තැන් වෙයි, එතැනැ පැවැති කුසල් සිතැ ඵල පූර්වොකක්ත ක්ර මයෙන් සොළොස් වරෙක බෙදූ කලැ සර්වාභරණ විභූෂිත සියක් දහස් ඇත්හුදු සියක් දහස් අස්හුදු සියක් දහස් කන්යාරවො ද එහි අන්ත කලාව නො අගිත්.
කියෙ මැ නො:-
“සතං හත්ථි සතං අස්සා සතං අස්සතරී රථා
සතං කඤ්ඤා සහස්සානි ආමුත්තමණිකුණ්ඩලා එකස්ස පදවීතිහාරස්ස කලං නිග්ඝන්ති සොළසිං” යි. 315
අග්ර වූ බුදුරුවන්හි චිත්තප්රිසාද කළාහු, අග්ර3 වූ ආයුෂ ඇති වැ අග්ර වූ වර්ණණ ඇති වැ අග්ර වූ යශස් ඇති වැ
අභිසම්බොධිකථා 231
අග්රම වූ කීර්ති ඇති වැ අග්රත වූ සුඛ ඇති වැ අග්රය වූ බල ඇති වැ, දෙවි වැ උපන දෙවියන් කෙරෙහි අග්ර වැ, මිනිස් වැ උපන මිනිසුන් කෙරෙයි අග්ර වැ සම්පත් අනුභව කෙරෙත්,
එයින් වදාළහ:-
“යාවතා භික්ඛවෙ සත්තා අපදා වා දිපදා වා චතුප්පදා වා බහුප්පදා වා රූපිනො වා සඤ්ඤිනො වා අසඤ්ඤිනො වා නෙවසඤ්ඤිනාසඤ්ඤිනො වා තථා ගතො තෙසං අග්ගමක්ඛායති අරහං සම්මාසම්බුද්ධො. යෙ ඛො භික්ඛවෙ බුද්ධෙ පසන්නා අග්ගෙ තෙ පසන්නා. අග්ගෙ ඛො පන පසන්නානං අග්ගො විපාකො හොති”යි.
අග්රන වූ දහම්රුවන්හි චිත්තප්රිසාද කළාහු එසෙයින් මැ අග්රන පදප්රාවප්ත වැ අග්රනඵල අනුභව කෙරෙත්.
එයින් වදාළහ:-
“යාවතා භික්ඛවෙ ධම්මා සඞ්ඛතා අරියො අට්ඨඞ්ගිකො මග්ගො තෙසං අග්ගමක්ඛායති. යෙ ඛො භික්ඛවෙ අරියෙ අට්ඨඞ්ගිකෙ මග්ගෙ පසන්නා අග්ගෙ තෙ පසන්නා, අග්ගෙ ඛො පන පසන්නානං අග්ගො විපාකො හොති. යාවතා භික්ඛවෙ ධම්මා සඞ්ඛතා වා අසඞ්ඛතා වා විරාගො තෙසං ධම්මානං අග්ගමක්ඛායති යදිදං. මදනිම්මදනො පිපාසාවිනයො ආලයසමුග්ඝතො වට්ටුපච්ඡෙදො තණ්භක්ඛයො චිරාෙගා නිරොධො නිබ්බානං යෙ ඛො භික්ඛවෙ විරාගෙ පසන්නා අග්ගෙ තෙ පසන්නා, අග්ගෙ ඛො පන පසන්නානං අග්ගො විපාකො හොති”යි.
අග්රන වූ සඟුරුවන්හි චිත්තප්රනසාද කළාහු එසෙයින් මැ අග්රසපද ප්රාවප්ත වැ අග්රනඵල අනුභව කෙරෙත්.
එයින් වදාළහ:-
“යාවතා භික්ඛවෙ සඞ්ඝා වා ගණා වා තථාගත සාවකසඞ්ඝො තෙසං අග්ගමක්ඛායති යදිදං චත්තාරි පුරිසයුගානි අට්ඨපුරිස පුග්ගලා එස භගවතො සාවක සඞ්ඝො ආහුනෙෙය්යාි පාහුනෙෙය්යා් දක්ඛිණෙෙය්යා
232 ධර්මනප්රෙදීපිකා
අඤ්ජලිකරණීයො අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලොකස්ස යෙ ඛො භික්ඛවෙ සඞ්ඝෙ පසන්නා අග්ගෙ තෙ පසන්නා, අග්ගෙ ඛො පන පසන්නානං අග්ගො විපාකො හොති”යි.
එ මැ අර්ථඅයන් ගාථායෙන් දක්වන්නට වදාළහ:-
“අග්ගතො වෙ පස්සන්නානං අග්ගං ධම්මං විජානතං,
අග්ගෙ බුද්ධෙ පසන්නානං අක්ඛිණෙෙය්ය අනුත්තරෙ. 3116
අග්ග ධම්මෙ පසන්නානං විරාගුපසමෙ සුඛෙ, අග්ගෙ සඞ්ඝෙ පසන්නානං පුඤ්ඤක්ඛෙත්තෙ
අනුත්තරෙ. 3117
අග්ගස්මිං දානං දදතං අග්ගං පුඤ්ඤං පවඞ්ඪති, අග්ගං ආයුඤ්ච වණ්ණො ච යසො කිත්ති
සුඛං බලං. 3118
අග්ගස්ස දාතා මෙධාවී අග්ගධම්මසමාහිතො, දෙවභූතො මනුස්සො වා අග්ගප්පත්තො
පමොදති”යි. 3119
මෙ බුද්ධාදීන් කෙරෙහි ප්ර සාදයෙන් සිද්ධවන ඵල යි. ____________
29. සම්පන්නාභිනීහාරො. යන තන්හි ඔවුන් පරිපූර්ණං වූ අභිනීහාර ඇති වනු බුද්ධාදි කල්යානණ මිත්ර යන්ගෙ සංසර්ග්යෙන් වියැ. කල්යාඇණමිත්ර සංසර්ගයෙන් මෙවැනි අචෛවර්තිකබොධිසත්වාවස්ථාවට සම්ප්රාංප්ත වන්නට නිසි පුණ්යොිපචය සිද්ධ වී.
එබැවින් මෙතැන්හි සිට සර්වොනර්ථීමූලක වූ බාල ජනසෙවායෙහි ආදීනවද සර්වොනත්තමපදප්රාවප්තිකාරණ වූ පණ්ඩිතජන සෙවායෙහි අනුසසුදු එකදෙශයෙකින් දක්වනු ලැබේ.
කිසෙ යැ යත්?
ජනයො පාපමිත්රකසංසර්ගදයෙන් දුර්ජන වෙති, කල්යාෙණ මිත්ර සංසර්ගයෙන් සජ්ජන වෙත්.
අභිසම්බොධිකථා 233
එයින් වදාළහ:-
“යාදිසං කුරුතෙ මිත්තං යාදිසඤ්ච්ර්පසෙවති, සොපි තාදිසකො හොති සභවාසො හි
තාදිසො”යි. 320
යම්සෙ හලාහලවිෂලිප්ත ශරයෙක් ශරකලාපයෙහි ක්ෂිප්ත වූයෙ විෂයෙන් අලිප්ත ශරකලාපය විෂදිග්ධ කෙරෙ ද එසෙයින් මැ පාපමිත්රඅතෙමෙහෙ ළඟ වූ පාපයෙන් අලිප්ත පුරුෂයා තමා හා එකාධ්යශය1 කරනුයෙ පාපයෙන් උපල්ප්ත කෙරෙයි; එබැවින් පාප මිත්රඑ සංසර්ගය නො කරනු මැනැ.
එයින් වදාළහ:-
“සෙවමානො සෙවමානං සම්ඵුට්ඨො සම්ඵුසං පරං, සරො දිද්ධො කලාපංච අලිත්තමුපලිම්පති, උපලෙපහයා ධිරො නෙච පාපසඛා සියා”යි. 321
යමෙක් පූතිභාවයට ගිය දියමස් පිදුරෙන් වසා බඳ නම් එ පිදුරෙනුදු පුතිගන්ධ වැහෙයි; එසෙයින් මැ බාලජනයන්ගෙ සඞ්ගමයෙන් බාලභාවයට පැමිණෙත්.
එයින් වදාළහ:-
“පූමතිච්ඡං කුසග්ගෙන යො නරො උපනය්හති, කුසාපි පූති වායන්ති එවං බාලුපසෙවනා”යි. 322
යමෙක් තුවරලා පලාශපත්රතපුටයෙන් වසා බද නම් එ පත්රම කොළපත්ගොටුයෙනුද සරහිගන්ධ වැහෙයි; එසෙයින් මැ ප්රාොඥයන්ගෙ සමාගමයෙන් ප්රාදඥභාවයට පැමිණෙත්.
එයින් වදාළහ:-
“තගරඤ්ච පලාසෙන යො නරො උපනය්හති, පත්තාපි සුරභි වායන්ති එවං ධීරූපසෙවනා”සි. 323
එබැවින් තගරගන්ධපරිමලපලාශපත්රංපුටයක් සෙයින් පණ්ඩිත ජනසමාගමයෙන් තමහට වන පරිදි දැනැ බාල ජනයන් පියා පණ්ඩිත ජනයන් හා සමාගම කරනු මැනැවැ, එයට හෙතු කවරැ යත්? බාලජනයො
1. වරං: නරං.
234 ධර්ම1ප්රරදීපිකා
දෙවදත්තසමාගමයෙන් නිරෑවන් අනෙක ජනසහසුයන් සෙයින් තමන් හා නරකයට ගෙනැ යෙති; පණ්ඩිත ජනයො සැරියුත් මහතෙරුන්ගෙ සමාගමයෙන් ස්වර්ග භාග් වූ අනෙකජනසහස්‍රියන් සෙයින් ස්වර්ගයට පමුණුවත්.
එයින් වදාළහ:-
“තස්මා පලපුටස්සෙව ඤත්වා සම්පාකමත්තනො, අසන්තෙ නොපසෙවෙය්යඤ සන්තෙ
සෙවෙය්යස පණ්ඩිතො
අසන්තො නිරයං නෙත්ති සන්තො පාපෙන්ති
සුග්ගතිං”යි. 324
ජනයො සත්සමාගමයෙන් සජ්ජන වෙති, අසත් සමාගම යෙන් අසජ්ජන වෙති, සිල්වතුන් හා සමාගම යෙන් සිල්වත් වෙති, දුශ්ශීලයන් හා සමාගමයෙන් දුශ්ශීල වෙත්.
එයින් වදාළහ:-
“යං යං හි රාජ භජති සන්තං වා යදි වා අසං, සීලවන්තං විසීලං වා වසං තස්සෙ ගච්ඡති”යි. 325
එක්කලෙක මහසත් ‘අකිත්’ නම් මහතවුසක් වැ සමුද්ර මධ්යශයෙහි දිවයිනෙක වසනුයෙ ශක්ර‘යා අවුදු තමහට වර දෙන කල්හි ‘මහරජ, මට වරයක් දෙහි නම් බාලජනයන්ගෙ දර්ශාන ද ශ්රරවණ ද සංසර්ගම ද නො ලබන වරයක් දෙව’යි යෙමින් කීය:-
“බාලං න පස්සෙ න සුණෙ න ච බාලෙන සංවසෙ, බාලෙන අල්ලාපසල්ලාපං න කරෙ න ච
රොචයෙ”යි. 320
යළිදු වරයක් ගන්නට කීයෙන් ‘මහරජ, මට අනෙක් වරයක් දෙහි නම් පණ්ඩිතජනයන්ගෙ දර්ශනන ද ශ්ර වණ ද සංසර්ග ද ලබන වරයක් දෙව’යි යෙමින් කීය:-
“ධීරං පස්සෙ සුණෙ ධීරං ධීරෙන සහ සංවසෙ, ධීරෙන අල්ලාපසල්ලාපං තං කරෙ තඤ්ච
රොචයෙ”යි 326
යම්සෙ නළපැලෙකින් හො තණපැලෙකින් හො නැඟී ගිනි උල්ලිප්ත වූ නිවාත වූ සුපිහිතද්වාර අභිසම්බොධිකථා 235
වාතපාන ඇති කූටාගාරයනුදු දවා ද, එ සෙයින් මැ යම් කවර භයෙක් උපදී නම් එ හැම බාලජනයන් කෙරෙන් උපද්දී, පණ්ඩිතජනයන් කෙරෙන් උපදනෙ නෙ වෙ.
එයින් වදාළහ:-
“සෙය්යළථාපි භික්ඛවෙ නළාගාරො වා තිණාගාරො වා අග්ගිමුක්කො කූටාගාරානිපි දහති උල්ලිත්තාවලිත්තානි නිවාතානි ඵුස්සිතග්ගළානි පිහිතවාතපානානි. එවමෙව ඛො භික්ඛවෙ යානිකානිච භයානි උප්පජ්ජින්ති සබ්බානි තානි බාලතො උප්පජ්ජන්ති නො පණ්ඩිතතො”යි.
මෙසෙයින් පාපමිත්රො සංසර්ගය මහත් අනර්ථයට වැටෙ.
එයින් වදාළහ:-
නාහං භික්ඛවෙ අඤ්ඤාං එකධම්මම්පි සමනුපස්සාමි යො එවං1 මහතො අනත්ථාෙය සංවත්තති යථයිදං2 භික්ඛවෙ පාපමිත්තතා”යි.
කල්යාඅණමිත්රසසංසර්ගපය මහත් අර්ථයට වැටෙ.
එයින් වදාළහ:-
“නාහං භික්ඛවෙ අඤ්ඤං එකධම්මම්පි සමනු පස්සාමි යො එවං2 මහතො අත්ථාිය සංවත්තති යථයිදං භික්ඛවෙ කල්යා ණමිත්තතා”යි.
බුදුහු තමන්ගෙ ත්රියවිධශාසනය කල්යාකණමිත්රිසංසර්ගයෙන් අභිවෘද්ධී වන පරිදි දක්වන්නට වදාළහ:-
“සකලමෙව හිදං ආනන්ද බ්රිහ්මචරියං යදිදං කල්යාාණමිත්තතා කල්යාකණසන්දිට්ඨතා කල්යාසණසම්භත්තතා කල්යාණණසම්පවඞ්කතා කල්යාකණසහායතා”යි.
අනවරාග්රසංසාරයෙහි අනෙකකොටිසතසහස්රභ සම්යණක් සම්බුද්ධයන් උපද අනන්තාපරිමාණ සත්වයන් සංසාර දුඃඛයෙන් මුදා පරිනිර්වාමණ කළ තැනැ තව දක්වා තම සංසාරස්ථ වනු පූර්වසයෙහි කල්යා ණමිත්රසංසර්ග නො ලද්දෙන් කැරුණෙ ය යි විචාරා දක්නවුන් විසින් සජ්ජන සඞ්ගමය අමෘත සෙ අනුභව කරනු මැනැවැ, දුර්ජනයන්ගෙ දර්ශනය උග්ර විෂ සෙයින් දුරුකරනු මැනැවි.
1. එවා 2. යදිදං
236 ධර්මනප්රකදීපිකා
එයින් කීහ:-
“අමෘතමිච භජධ්වං සඞ්ගමං සජ්ජනානාං ත්යනජත විෂමිචොග්රංජ දර්ශන දුර්ජනානාම්, චිනුත හිතමතන්ද්රාඃෂ කිල්විෂං මා කුරුධ්වං භවති විධිරයං වශ්ශ්‍ෙචයසාමෙව පන්ථාඃ”යි. _________
30. කගගපිට්ඨෙ නිපජ්ජි යන තන්හි බුදුහු සතර ලක්ෂයක් සඟුන් හා සමඟ මා පිටින් මැ වඩිත්වයි බුදුනට ජීවිතපරිත්යාිග කොට ස්වර්ණසසෙතුවක් සෙයින් මඩපිට හොත් මහාපුරුෂ බුදුන් හා සමානධ්යාිශය වී.
කිසෙ යැ යත්?
අමරවතී නුවර මනුෂ්යමයො තමන් සෙ මැ හිනාධ්ය ශය ඇති සර්වතකාමානුභව කරන ජනයන් හා එක්වුහ. මහාපුරුෂයා හා ගිය එක්කෙනෙකුදු නැති වුහ. මහා පුරුෂ හිනාධ්යාුශය ඇති සත්වයන් පියා ගොස් තමා සෙ මැ කල්යාවණධ්යා ශය ඇති බුදුන් දැක ඔවුන් දුටු විගස මැ ජීවිත පරිත්යාැග කෙළෙ. යම්සෙ එ බුදුහු සත්වකරුණා යෙන් දශපාරමිතා පුරා සම්යතක්සම්බොධියට ප්රා ප්ත වූහු ද, එ සෙයින් මැ මහාපුරුෂ ද දශපාරමිතා පුරා සම්යසක් සම්බොධියට ප්රාවප්ත වූව මැනැවැයි සිතී යැ. එහෙයින් බුදුන් හා සමානාධ්යයශය වී.
මෙසෙයින් හීනාධ්යා ශය ඇති සත්වයො හීනාධ්යා ශය ඇති සත්වයන් හා එක්වෙති, කල්යාඇණාධ්යාධශය ඇති සත්වයො කල්යාහණාධ්යා ශය ඇති සත්වයන් හා එක්වෙත්. අතීතයෙහිදු අනාගතයෙහිදු එතෙක් මැ යි.
එයින් වදාළහ:-
“ධාතුසො භික්ඛවෙ සත්තා සංසන්දන්ති සමෙන්ති හීනාධිමුත්තිකා හීනාධිමුත්තිකෙහි සද්ධිං සංසන්දන්ති සමෙන්ති, කල්යානණාධිමුත්තිකා කල්යාිණාධිමුත්තිකෙහි සද්ධිං සංසන්දන්ති සමෙන්ති; අතීතම්පි භික්ඛවෙ අද්ධා නං -පෙ- අනාගතම්පි භික්ඛවෙ අද්ධානං, එතරහිපි භික්ඛවෙ පච්චුප්පන්නං අද්ධානං” යනාදි විසින්.
අභිසම්බොධිකථා 237
මෙහි ‘ධාතු’ ශබ්ද ද ‘අධිමුත්ති’ ශබ්ද ද අධ්යාිශය වාචක යි.
යම්සෙ ගූථ තෙමෙහෙ ජනපදාන්තරයෙහි ද්විපාන්තර යෙහි චක්රෙපාලාන්තරයෙහිදු තුබූ ‘ගූථ හා වර්ණයෙනුදු ගන්ධයෙනුදු රසයෙනුදු නානාත්වයට නො ගොස් එක් වැ අතුරු නැති වැ සිටි ද එ සෙයින් මැ හීනාධ්යාටශය ඇති සත්වයෝ යම් තැනෙක ද වූ හිනාධ්යාමශය සත්වයන් හා එක්වෙත්.
එයින් වදාළහ:-
“සෙය්යළථාපි භික්ඛවෙ ගූථො ගූථෙන සංසන්දති සමෙති; මුත්තං මුත්තෙන -පෙ- ඛෙළො ඛෙළෙන, පුබ්බො පුබ්නෙ, ලොහිතං ලොහිතෙනන සංසන්දන්ති සමෙති එවමෙව ඛො භික්ඛවෙ ධාතුසොව ‘සත්තා සංසන්දන්ති සමෙන්ති - හීනාධිමුත්තිකා හීනාධිමුත්තිකෙහි සද්ධිං සංසන්දන්ති සමෙන්ති”යි.
යම්සෙ ක්ෂීර තෙමෙහෙ ජනපදාන්තරයෙහිදු තුබූ ක්ෂීර හා වර්ණෙයෙනුදු ගන්ධයෙනුදු රසයෙනුදු නානාත්වයට නො ගොස් එක් වැ අතුරු නැති වැ සිටී ද, එ සෙයින් මැ කල්යා්ණාධ්යා්ශය ඇති සත්වයො ජන පදන්තරයෙහිදු වූ කල්යා ණාධ්යා ශය සත්වයන් හා එක් වෙත්.
එයින් වදාළහ:-
සෙය්ය ථාපි භික්ඛවෙ ඛීරං ඛීරෙන සංසන්දති සමෙති තෙලං තෙලෙන -පෙ- සප්පිං සප්පිනා, මධුං මධුනා, ඵාණිතං ඵාණිතෙන සංසන්දති සමෙති. එවමෙව ඛො භික්ඛවෙ ධාතුසොව සත්තා සංසන්දන්ති සමෙන්ති කල්යා ණාධිමුත්තිකා කල්යාංණාධිමුත්තිකෙහි සද්ධිං සංසන්දන්ත තසමෙන්ති”යි.
යම්සෙ පූතිමූත්රා තෙමෙහෙ ද්විපාන්තරයෙහිදු තුබු පූතිමූත්රස හා සංසක්ත වෙ ද, එ සෙයින් මැ ශ්රනද්ධාරහිත ස්තවයො යම් තැනෙක්හිදු වූ ශ්රකද්ධාරහිත සත්වයන් හා සංසක්ත වෙත්.
238 ධර්මාප්ර්දීපිකා
එයින් වදාළහ:-
“ධාතුසො භික්ඛවෙ සත්තා සංසන්දන්ති සමෙන්ති අස්සද්ධා අස්සද්ධෙහි සද්ධිං සංසන්දන්ති සමෙන්ති, අහිරිකා අහිරිකෙහි -පෙ- අනොත්තාපිනො අනොත්තා පීහි, අප්පස්සුතා අප්පස්සුතෙහි, කුසීතා කුසීතෙහි, මුට්ඨස්සතිනො මුට්ඨස්සතීහි, දුප්පඤ්ඤා දුප්පඤ්ඤෙහි සද්ධිං සංසන්දන්ති සමෙන්ති”යි.
යම්සෙ තෛල තෙමෙහෙ ද්විපාන්තරයෙහිදු තුබූ තෛල හා සංසක්ත වෙ ද, එ සෙයින් මැ ශ්රදද්ධාසම්පන්න සත්වයො යම් තැනෙක්හිදු වූ ශ්රදද්ධාසම්පන්න සත්වයන් හා සංසක්ත වෙත්.
එයින් වදාළහ:-
“ධාතුසො භික්ඛවෙ සත්තා සංසන්දන්ති සමෙන්ති සද්ධා සද්ධෙහි සද්ධිං සංසන්දන්ති සමෙන්ති, හිරිමානා හිරිමනෙහි1 -පෙ- ඔත්තාපිනො ඔත්තාපිහි, ඔහුස්සුතා බහුස්සුතෙහි, ආරද්ධවිරියා ආරද්ධවිරියෙහි, උපට්ඨිත සතිනො උපට්ඨිතසතීභි, පඤ්ඤාවත්තො පඤ්ඤාවන්තෙහි සද්ධිං සංසන්දන්ති සමෙන්ති”යි.
යම්සෙ පූයා තෙමෙහි චක්රුවාලාත්තරයෙහිදු තුබු පූයා හා සංසක්ත වෙ ද, එ සෙයින් මැ ප්රාරණාතිපාතයෙහි නියුක්ත දුශ්ශීල සත්වයො දුරයෙහිදු වූ ප්රා,ණාතිපාතයෙහි නියුක්ත දුශ්ශීල සත්වයන් හා සංසක්ත වෙත්.
එයින් වදාළහ:-
“ධාතුසො භික්ඛවෙ සත්තා සංසන්දන්ති සමෙන්ති පාණාතිපාතිනො පාණාතිපාතීහි සද්ධිං, අදින්නාදායිනො අදින්නාදායීහි සද්ධිං, කාමෙසු මිච්ඡාචාරිනො කාමෙසු මිච්ඡාචාරිහි සද්ධිං මුසාවාදිනො මුසාවාදිහි සද්ධිං, සුරා මෙරයමජ්ජපමාදට්ඨායිනො සුරාමෙරයමජ්ජපමාදට්ඨායීහි සද්ධිං සංසන්දන්ති සමෙන්ති”යි.
යම්සෙ සර්පිෂ තෙමෙහෙ චක්ර”වාලාන්තරයෙහිදු තුබු සර්පිෂ හා සංසක්ත වෙ ද, එ සෙයින් මැ ප්රාරණාතිපාතයෙන් විරත සත්වයන් හා සංසත්ක වෙත.
1. හිරිමන්තා හිරිමන්තෙහි.
අභිසම්බොධිකථා 239
එයින් වදාළහ:-
“ධාතුසො භික්ඛවෙ සත්තා සංසන්දන්ති සමෙන්ති පාණාතිපාතා පටිවිරතා පාණාතිපාතා පටිවිරතෙහි සද්ධිං, අදින්නාදානා පටිවිරතා අදින්නාදානා පටිවිරතෙහි සද්ධිං, කාමෙසු මිච්ඡාචාරා පටිවිරතා කාමෙසු මිච්ඡාචාරා පටි විරතෙහි සද්ධිං, මුසාවාදා පටිවිරතා මුසාවාදා පටිවිරතෙහි සද්ධිං, සුරාමෙරයමජ්ජපමාදට්ඨානා පටිවිරතා සුරාමෙරය මජ්ජපමාදට්ඨානා පටිවිරතෙහි සද්ධිං සංසන්දන්ති සමෙන්ති”යි.
යම්සෙ රුධිර තෙමෙහෙ දෙශාන්තරයෙහිදු තුබූ රුධිර හා සංසක්ත වෙ ද, එ සෙයින් අකුශලකමර්පුථ සමාපන්න සත්වයො දෙශාන්තරයෙහිදු වූ අකුශලකර්මිපථ සමාපන්න සත්වයන් හා සංසක්ත වෙත්.
“ධාතුසො භික්ඛවෙ සත්තා සංසන්දන්ති සමෙන්ති පාණාතිපාතිනො පාණාතිපාතීහි සද්ධිං, අදින්නාදායිනො අදින්නාදායිහි සද්ධිං, කාමෙසු ම්ච්ඡාචාරිනො කාමෙසු මිච්ඡාචාරීහි සද්ධිං, මුසාවාදිනො මුසාවාදීහි, පිසුණාවාචා1 පිසුණාවාචෙහි,2 ඵරුසාවාචා ඵරුසාවාචෙහි, සම්පප්පලාපිනො සම්ඵප්පලාපීහි, අභිජ්ඣාලුනො අභිජ්ඣාලූහි, ව්යාපපන්නචිත්තා ව්යාාපන්නචිත්තෙහි, මිච්ඡාෙදිට්ඨිකා මිච්ඡාදිට්ඨිකෙහි සද්ධිං සංසන්දන්ති සමෙන්ති”යි.
යම්සෙ මධුශර්කරාතොමොහො3 සමුද්රපයෙන් මෙතෙර වූවා4 පරතෙරද වූ මධුශර්කරා හා සංසක්ත වෙ ද, එ සෙයින් මැ කුසලකර්මපථසමාපන්න සත්වයො සමුද්රහ යෙන් මෙතෙර වූවාහු පරතෙර ද වූ කුශලකර්මපථසමාපන්න සත්වයන් හා එක් වෙත්.
එයින් වදාළහ:-
“ධාතුසො භික්ඛවෙ සත්තා සංසන්දන්ති සමෙන්ති පාණාතිපාතා පටිවිරත පාණාතිපාතා පටිවිරතෙහි, අදින්නාදානා පටිපිරතා අදින්නාදානා පටිවිරතෙහි, කාමෙසු මිච්ඡාචාරා පටිවිරතා කාමෙසු මිච්ඡාචාරා පටිවිරතෙහි, මුසාවාදා පටිවිරතා මුසාවාදා පටිවිරතෙහි, පිසුණාවාචා පටි
1. වාචිනො 2. වාචීහි 3. තෙමෙහෙ 4. වූයේ
240 ධර්ම,ප්රනදීපිකා
විරතා පිසුණාවාචා පටිවිරතෙහි, ඵරුසාවාචා පටිවිරතා ඵරුසාවාචා පටිවිරතෙහි, සම්ඵප්පලාපා පටිවිරතා සම්ඵප්පලාපා පටිවිරතෙහි අනභිජ්ඣාලුනො අනභිජ්ඣාලූහි, අව්යාරපන්නචිත්තා අව්යාහපන්නචිත්තෙහි සම්මා දිට්ඨිකා සම්මාදිට්ඨිකෙහි සද්ධිං සංසන්දන්ති සමෙන්ති”යි.
මෙසෙ තුන්කල්හි මැ හීනාධ්යාකශය ඇති සත්වයො හීනාධ්යාිශය ඇති සත්වයන් හා එක්වෙති, කල්යාඇණද්ධ්යා්ශය ඇති සත්වයන් හා එක්වෙති, කල්යානණාද් හා එක් වෙත්. ________
31. සංසාර කන්තාරං යන තන්හි කාන්තාර නම් කවරැයත්? චොරකාන්තාර යැ, ව්යාංලකාන්තාර යැ, අමනුෂ්යිකාන්තාර යැ, නිරුදක කාන්තාර යැ, අල්ප භක්ෂ්ය් කාන්තාර යයි පඤ්චවිධ වෙ.
එහි යම්තැනෙක්හි චොරභය ඇද්ද හෙ චොර කාන්තාර යැ, යම්තැනෙක්හි සිංහව්යානඝ්රාතදීන්ගෙ භය ඇද්ද හෙ ව්යා්ලකාන්තාර යැ, යම්තැනෙක්හි යක්ෂ රාක්ෂස භය ඇද්ද හෙ අමනුෂ්යාකාන්තාර යැ. යම් තැනෙක්හි ස්නානපානයට නිසි උදක නැද්ද හෙ නිරුදක කාන්තාර යැ, යම්තැනෙක්හි භක්ෂණය කරන්නට නිසි කන්දමූලඵලර්ණරමාත්රෙයකුදු නැද්ද හෙ අල්පභක්ෂ්යත කාන්තාරයයි. යම්සෙ මෙ පඤ්චවිධ කාන්තාර චොර භයාදියෙන් සභය ද, එසෙයින් මැ සංසාරය ද ජාති භයාදියෙන් සහග වන බැවින් ‘කාන්තාර’ නම් වෙ. ___________
32 පඤ්චවණ්ණපසාදසම්පන්නානි ෙලාවනානි යන තන්හි ‘සම්පන්න’ ශබ්දය: ‘සම්පන්නං සාලිකෙදාරං සුවා භුඤ්ජන්ති කොසිය’ යන තන්හි සෙයින් පරිපූර්ණණණ සම්පන්නයෙහි වැටෙයි. මෙයින් බැහැරැ “ඉමිනා පාතිමොක්ඛසංවරෙන උපෙතො හොති සමුපෙතො උපාගතො සමුපාගතො උපපන්නො සම්පන්නො සමන්නාගතො හොති” යන තන්හි සමඞ්ගි සම්පන්න යෙහි වැටෙයි. “ඉමිස්සා භන්තෙ මහාපඨවියා හෙට්ඨි මතලං සම්පන්නං සෙය්යැථාපි බුද්දං මධුං අනෙළකං” යන තන්හි මධුර සම්පන්නයෙහි වැටෙයි.
අභිසම්බොධිකථා 241
33. චතූභි ඛිණාසවසතසහස්සෙහි යන තන්හි ක්ෂීණශ්රනවයො නම් කවරහ යත්?
ආශ්ර ව මැ චතුර්විධ වෙ:- කාමාශ්රීව යැ, භවාශ්රිව යැ, දෘෂ්ට්යාසශ්රආය යැ, අවිද්යා්ශ්ර ව යයි. එහි චක්ෂුරාදි පඤ්ච ද්වාරයෙහි ආපාතගත වූ රූපාදි පඤ්ච ඉෂ්ටාලම්බනයන් කාමාස්වාද විසින් ආස්වාදනය අභිනන්දනය කරනුවහට කාමාශ්රව උපද්දි. මෙබඳු ආලම්බන අනෙක් සුගතිභව යෙහි ලැබෙම්වයි භවවිෂයප්රායර්ථානායෙන් ආස්වාදනය කරනුවහට භවාශ්රෙව උපද්දී. සත්ව යයි හො සත්වයා ගැත්තෙ යයි හො ගන්නාහට දෘෂ්ට්යාාශ්රභව උපද්දි මොවුන් හැම දෙනා හා සහජාත වූ අඥානය අවිද්යාෂශ්රකව නම් වෙ.
මොහු ‘ආශ්රතව’ නම් කුමට වූහ යත්? “ආ ශ්ර වන්තිතත්යාුශ්ර්වඃ” යි ගත් වන බැවින් ආ භවාග්රව දක්වා සර්ව අවකාශලොකය ඇතුළු කොට, ආ ගොත්රවඟුඥාන දක්වා සර්වධර්මයෙහි ව්යා්ප්ත වැ ශ්රුවත් වන බැවින් ‘ආශ්රතව’ නම් වෙත්.
එයින් කීහ:-
“තත්ථ ආසවන්තීති ආසවා:- චක්ඛුතොපි සොත තොපි ඝානතොපි ජීව්හාතොපි කායතොපි මනතොපි සවන්ති පවත්තන්තීති චුත්තං හොති. ධම්මතො යාව ගොත්රපභු ඔකාසතො යාව භවග්ගා සවන්තිනී වා ආසවා එතෙ ධම්මෙ එතඤ්ච ඔකාසං අන්තො කරිත්වා පවත්තන්තීති අසෙත්ථාා”යි.
මෙ සතර ආශ්ර වයො යම් රහත්කෙනකුන් විසින් පරික්ෂය කරනලදහු ද ඔහු ‘ක්ෂීණාශ්රයව’ නම් වෙත්.
එයින් කීහ:-
“ඉමෙ වත්තාරො ආසවා අරහතො ඛීණා පහීණා සමුච්ඡින්නා පටිනිස්සට්ඨා අහබ්බප්පත්තිකා ඤාණග්ගිනා දඩ්ඪා, තෙන වුච්චති ඛීණාසවො”යි.
මොහු ය ක්ෂීණාශ්රයවයො නම්. ________
16
242 ධර්මප්ර දීපිකා
34. පාදපඞ්කජො යන තන්හි සුරාසුරයන්ගෙ මුහුළුමිණියෙහි දිස්නා ඡායා උපචාරයෙන් ‘පාදපඞ්කජ’ ශබ්දයෙන් කියන ලද.
මෙහි උපචාර නම් අතථාභූතවස්තුහු කෙරෙහි තථාභූතඥාන විශෙෂය යි. හෙ චතුර්විධ වෙ:- තාත්ස්ථ්ය යැ, තාද්ධර්ම්ය යැ, තත්සහවය්ය්් යැ, තත් සාමිප්යච ය යි.
එහි තාත්ස්ථ්ය් නම් කවර යත්? “මඤ්චාඃ ක්රොදශන්ති ගිරිර්දහති” යන තන්හි මඤ්චස්ථ ජනයො ‘මඤ්ච’ ශබ්දයෙන් කියනු ලැබෙති. ගිරස්ථ දහනය ‘ගිරි’ ශබ්ද යෙන් කියනු ලැබේ.
තාද්ධර්ම්යස නම් කවරැ යත්? “අග්නිර්මාණවකඃ, ගෞර්වාහීකඃ යන තන්හි අග්නිධර්ම මාණවක ‘අග්නි’ ශබ්දයෙන් කියනු ලැබෙයි. ගොධර්ම වාහික ‘ගො’ ශබ්දයෙන් කියනු ලැබෙයි. මෙ තැන ‘ධර්ම’ ශබ්ද ස්වභාවපය්යා් ය යි.
තත්සාහවය්ය්් නම් කවරැ යත්? “යෂ්ටින් ප්රයවෙශය, කුන්තාන් ප්රසවෙශය” යන තන්හි යෂ්ටිසභචරිත පුරුෂයො ‘යෂ්ටි’ ශබ්දයෙන් කියනු ලැබෙති, කුන්තසහචරිත පුරුෂයො ‘කුන්ත’ ශබ්දයෙන් කියනු ලැබෙත්.
තත්සාමිප්යස නම් කවරැ යත්? “ගඞ්ගායාං ඝොෂඃ කූපෙ ගර්ගකුලම්” යන තන්හි ගඞ්ගාසමිපවතීති වූ ඝොෂාධරදෙශ ‘ගඞ්ග’ ශබ්දයෙන් කියනු ලැබෙයි. කූපසමීපවතීති වූ ගගීකුල නිවාසදෙශ ‘කූප’ ශබ්දයෙන් කියනු ලැබේ.
මෙ යැ ‘උපචාර’ නම්
35. එකස්මිං කප්පෙ යන තන්හි ‘කල්ප’ ශබ්දය “වත්තාරිමානි භික්ඛවෙ කප්පස්ස අසඞ්ඛෙය්යා්නි” යන තන්හි සෙයින් මහාකල්පයෙහි වැටෙයි. මෙයින් බැහැරැ ‘නෙක්ඛම්මසඞ්කප්පො අව්යාාපාදසඞ්කප්පො’ යන තන්හි විතර්කයෙහි වැටෙයි, “චිවරෙවිකප්පං ආපජ්ජෙය්යව” යන තන්හි විධානයෙහි වැටෙයි; “සත්ථු කප්පෙන වත කිර හො සාවකෙන සද්ධිං මන්තයමානා න
අභිසම්බොධිකථා 243
ජානිම්භ” යන තන්හි සාදෘශ්යයෙහි වැටෙයි; “ඉච්චා යස්මා කප්පො” යන තන්හි ප්රඥාප්තියැ වැටෙයි; “යන සුදං නිච්චකප්පං විහරාමි” යන තන්හි කාලයෙහි වැටෙයි; “ආකඞ්කමානො ආනන්ද තථාගතො කප්පං වා තිට්ඨෙය්ය කප්පාවසෙසං වා” යන තන්හි පරමායුෂ යෙහි වැටෙයි; “අනුජානාමි භික්ඛවෙ පඤ්චභි සමණ කප්පෙහි ඵලං පරිභුඤ්ජිතුං” යන තන්හි ශ්රමණව්යවහාර යෙහි වැටෙයි; “කෙවලකප්පං ජෙතවනං ඔභාසෙත්වා” යන තන්හි සමන්තභාවයෙහි වැටෙයි; “සද්ධා සද්දහනා ඔකප්පනා අභිප්පදාදො” යන තන්හි ශ්රද්ධායෙහි වැටෙයි; “අලඞ්කතො කප්පිතකෙසමස්සු” යන තන්හි ඡෙදනයෙහි වැටෙයි; “එවමෙව ඉතො දින්නං පෙතානං උපකප්පති” යන තන්හි විනියොගයෙහි වැටෙයි; “කප්පකතෙන අකප්පකතං සංසිබ්බිතං හොති” යන තන්හි විනය ක්රියායෙහි වැටෙයි; “අත්ථි කප්පො නිපජ්ජිතුං” යන තන්හි ලෙශයෙහි වැටෙයි; “න කප්ප යන්ති න පුරක්ඛරොන්ති ධම්මාපි තෙසං න පනිච්ඡි තාසෙ” යන තන්හි තෘෂ්ණාදෘෂ්ටි යැ වැටෙයි; “ආපායිකො නෙරයිකො කප්පට්ඨො සඞ්ඝභෙදකො කප්පං නිරයම්හි පච්චති” යන තන්හි අන්තඃ කල්පයෙහි වැටෙයි; “අනෙකෙපි සංවට්ටකප්පෙ අනෙකෙපි විවට්ටකප්පෙ” යන තන්හි අසඞ්ඛ්යෙය කල්පයෙහි වැටෙයි. _________
36. චක්කවත්තිරාජා යන තන්හි සතරසඞ්ග්රහ වස්තුවින් ජනයන් තමා කෙරෙහි අනුරාග කරවනුයෙ ‘රජ’ නම් වෙ.
එහි2 සතර සඞ්ග්රහ වස්තු නම් කවරැ යත්? දාන යැ, ප්රිය වචන යැ, අර්ථචය්ර්යා යැ, සමානාත්මතා යැ යන මෙ යි.
එහි යම් කෙනෙක් භොග කැමති වූහු නම් ඔව්නට භොග දානයෙන් රඤ්ජනය කරවයි; යම් කෙනෙක් රජු කෙරෙන් ප්රිය වචන කැමැති වූහු නම් ඔව්නට ප්රියංවද වැ රඤ්ජනය කරවයි; යම් කෙනෙක් තමනට අනර්ථයක් 1. අසඞ්ඛ්ය. 2. මෙහි.
244 ධර්මප්රදීපිකා
උපස්ථිත වූ කලැ තත්ප්රතීකාර කැමැති වූහු නම් ඔව්නට වහුල් වනුයෙ අර්ථ වය්ර්යායෙන් රඤ්ජනය කරවයි; යම් නෑ කෙනෙක් එකාසනනිෂද්යාදීන් රජු හා සමාන භාවය කැමැති වූහු නම් ඔව්නට තත්සම්පාදනය කරනුයෙ සමානාත්මතායෙන් රඤ්ජනය කෙරෙයි. මෙ හැම රජුන්ගෙ ධර්මතා යැ. එ නො කරනුයෙ ද තාලවෘන්ත ව්යවහාරයෙන් ‘රජ’ නම් වෙ.
මෙ යැ සතර සඞ්ග්රහ වස්තු නම් ___________
37. ඉමස්මිං පන භද්දකප්පෙ යන තන්හි බුදුන් පස්දෙනකු උපදනෙන් මෙ ‘භද්රකල්ප’ නම් වී.
මෙහි පස්වන බුදුහු නම් කවරහ යත්? මෛත්රෙය තථාගතයො යි.
ඔවුන් උපදනා පරිදි කිසෙ යැ යත්?
මෙ සස්න පඤ්ච ප්රකාර අන්තර්ධානයෙන් අන්තර් හිත වූ කල්හි මනුෂ්යයන්ගෙ අධර්මසමාදානයෙන් වර්ෂශතයෙහි සිටි ආයුෂය පිරිහී දශවර්ෂායුෂ වූ කල්හි මෘග සංවතිනයෙන් සත්වයො විනාශයට යෙති; එකල්හි ගහනනිඃශ්රීත වැ රැකුණු සත්වයන්ගෙ ධර්ම සමාදානයෙන් ආයුෂ ක්රමයෙන් වඩිමින් ගොස් අසඞ්ඛ්යයට යෙයි; අසඞ්ඛ්යයෙහි සිටි ආයුෂ ක්රමයෙන් බස්මින් ගොස් අසූවා දහසකට යෙයි. එකල්හි දඹදිව්තෙලෙහි සූවාසූ දහසක් නුවර පිරිවරලද ‘කෙතුමතී’ නම් රාජධානියෙක් වෙයි; එ නුවර දිග දොළොස් යොදුන් වෙයි. පළල සත් යොදුන් වෙයි; දෙවියන්ගෙ අලව්මඳා නුවර සෙයින් යහපත් වෙයි. එ නුවර ‘සඞ්ඛ’ නම් චක්රවතිතියෙක් වෙයි; එ රජහට නුවර මධ්යයෙහි පස්විසියොදුන් රුවන් පහයෙක් වෙයි; එ නුවර රුවන් මුවා සත්පවුරෙකින් පරික්ෂිප්ත වෙයි; එ රජුගෙ පිනින් තන්හි තන්හි පොළෝ පැළී නැඟී කප්රුක් වෙයි; ඔහුගෙ සුවාසුදහසක් නළුවො වෙති; අනන්තාපරිමාණ බලවාහන වෙ. එකල්හි දඹදිව් තලය දෙව්නුවරක් සෙයින් විසිතුරු වෙයි; උතුරුකුරුදිව
අභිසම්බොධිකථා 245
සෙයින් සුලහාන්නපාන වෙයි; අත්යන්තසුඛසමර්පිත මනුෂ්යයන් විසින් නළවන ශරවන සෙයින් ගහන වෙයි; දශවිධශබ්දයෙන් එකනින්නාද වෙයි.
එකල්හි මෛත්රෙය බොධිසත්වයො තුසිපුරෙන් සැවැ කෙතුමතිනුවර සඞ්ඛචක්රවර්තිහට අර්ථර්මානුශාසනා කරන ‘සුබ්රහ්ම’ නම් පුරොහිතයා පිණිස ‘බ්රහ්මවතී’ නම් බ්රාහ්මණිය කුසැ පිළිසිඳගෙන දසමාසාවසානයෙහි අනෙක ප්රාතිහාය්ර්යසහස්ර දක්වමින් මවුකුසින් ප්රසූත වැ වැඩැවිය පැමිණ නළුගණ පිරිවරා පොළෝ පැළී නැගි රුවන්මුවා ප්රාසාදත්රයෙහි වාසය කෙරෙත්.
එ පභා ප්රවාලෙන්ද්රනීලස්ඵටිකමණිමයකූටාගාරසහස්රයෙන් ඉන්ද්රායුධසහස්ර නැඟිකල් සෙයින් දිලියෙයි; පහාකුස් නොයෙක් දහස් වෙරළුමිණිපලගින් මිණිපුඩුසේසතින් සිරියහනින් රුවන් හිණින්1 මිණිපහන්රසින් සැදුම්ලදු වෙයි; සියන්දදඅග්හි2 ලළන කඞ්කිණික රවයෙන් කන්කලු වෙයි; නිරන්තරයෙන් වස්නා දිවකුසුම්වර්ෂායෙන් සුගන්ධිත වෙයි; සියක් දහස් නළුවො වෙති; අග මෙහෙසුන් ‘චන්ද්රමුඛී’ නම් වෙයි; ඇය කයින් දිවසඳුන් ගඳ වැහෙයි; මියෙන්න දිවමහනෙල්ගඳ වැහෙයි; අනේ සුවහස් ඇමැති මුඬුලු වෙයි; සඞ්ඛචක්රවර්ති සුවාසුදහසක් රජුන් හා සමඟ අවුදු උපස්ථානකොට සිටී.
එකල්හි මෙතේබෝසතාණො එ පභාහි මහත්සම්පත් අනුභව කරන්නාහු අටවාදහසක් ගිහිගෙයි වාසය කොට ‘බ්රහ්මවර්ධන’ නම් පුත්රයා උපන්කල්හි චතුර්විධනිමිත්ත දැක පැවිදි වැ සප්තභායක් පධන්හි යොග කොට චන්ද්රමුඛිය දුන් කිරිපිඬු වළඳා පහයින් ගොස් මහබෝමඬට පැමිණ දකුණුදෙසෙන් නැඟී තුන්යළක් පැදකුණු කොට නාරුක්මුල්හි පැදුම්ලොධා බලා වැඩහිඳ බුදු වෙත්.
එරුක් එක්සියවිසිරියන් කඳ වෙයි; එපමණක් පඤ්ච මහාශාඛා වෙයි; හැමකල්හි පුප්නා රථසක්පමණ මල් වෙයි; එක්මලෙක්හි නැළියක් පමණ මුවරඳ වෙයි; දස යොජනක් තන්හි වැහෙන ගඳ වෙයි; හාත්පසින් තුන්
1. රුවන්කොතින්. 2. සියන්අග්ගි.
246 ධර්මප්රදීපිකා
යොජනක් පමණ තන්හි වෘක්ෂයො මහබොයට වැඳුම් ගෙන සිටිති; සුපිපි ලියගස්සු දක්ෂිණාවෘත්ත වැ මුතු මැණික් පවුරු සෙයින් පිරිවරා සිටිති; ආකාශයෙන් යන නානාවර්ණද්විජගණයො මධුරස්වරයෙන් පූජාකෙරෙමින් පැදකුණු කොට යෙති; ශාඛාවිටපපතතුරෙහි දු හිඳුනා ලිහිණියො නැති.
බුදු වැ සප්තසප්තාභාවසානයෙහි බ්රහ්මාරාධනායෙන් ගොස් ඉසිපතන්හි ධම්සක් පවත්වත්. එ දවස් සියක් යොදුන් තන්හි මනුෂ්යපර්ෂද වෙයි; සක්වළගබ පිරී සිටි දෙව්බඹ පිරිස් වෙයි; අනෙකදෙවමනුෂ්යසහස්රයහට ධර්මාභිසමය වෙයි; සඞ්ඛචක්රවර්ති සහපිරිවරින් ගොස් බණ අසා රහත් වැ ‘එහි භික්ෂු’ භාවයෙන් පැවිජි වෙ.
එ බුදුනට ‘අසොක’ නම් ‘බ්රහ්මදෙව’ නම් මහ තෙරහු දෙදෙනෙක් අගසව් වෙති; ‘සිහ’ නම් මහතෙර කෙනෙක් අග්රඋපස්ථායක වෙති; ‘පදුමා’ නම් ‘සුමනා’ නම් තෙරීහි දෙදෙනෙක් අගසැවි වෙත්.
බුදුහු අටාසූහත් වෙති; ව්යාමප්රභාමණ්ඩලය පස්විසි යොජනක් තන්හි පැතිරී සිටි. අසූවාදහසකට ආයුෂ වෙයි; බුදුන් ඇකුත් ඇකුත් පියෙහි පුප්නා පියුම් වෙයි; එහි මුවරඳරොන් සළා බුදුන් අනවලො මුදුන් දක්වා නැඟී ලාරසපරිෂෙකයක් සෙයින් රන්වන්සිරුරු තවරමින් බස්සි, එරොන් අභිභවමින් මෙන් ශරීරප්රභා නික්ම දෙව්දුනු සුවහස් නැඟිකල් සෙයින්න දශදිශා බබුළුවයි. බුදුහු අනෙසුවහස් සව්ගණ පිරිවරා දනවු සැරිසරා ධර්ම වර්ෂා වස්වා අනන්තාපරිමාණ දෙව්මිනිසුන් දෑ ජරමරණින් මුදා අමාමහනිවන් පමුණුවත්.
එයින් වදාළහ සක්විටි සුත් දෙසන බුදුහු:-
“අසීතිවස්සහස්සායුකෙසු භික්ඛවෙ මනුස්සෙසු මෙත්තෙෙය්යා නාම භගවා ලොකෙ උපපජ්ජස්සති අරහං සම්මා සම්බුද්ධො” යනාදීන්.
මෙසෙ අනාගතයෙහි උපදනා බුදුන් ඇතුළු ව පස් දෙනකු උපදනෙන් මෙ “භද්රකල්ප” නම් වී. __________
අභිසම්බොධිකථා 247
38. එවමාදීසු යන තන්හි ‘එවං’ ශබ්දය “එවඤ්ච වදෙහි” යන තන්හි සෙයින් නිදර්ශනයෙහි වැටෙයි; මෙයින් බැහැරැ “එවං ජාතෙන මච්චෙන” යන තන්හි උපමායෙහි වැටෙයි; “එවං තෙ අභික්කමිතබ්බං” යන තන්හි උපදෙශයෙහි වැටෙයි; “එවමෙතං සුගත” යන තන්හි සම්ප්රහර්ෂණයෙහි වැටෙයි; “එවමෙවං පනායං වසලී” යන තන්හි ගර්භායෙහි වැටෙයි; “එවං භන්තෙ” යන තන්හි සම්ප්රතිග්රහණයෙහි වැටෙයි; “එවං ව්යාඛො ‘හං” යන තන්හි ආකාරයෙහි වැටෙයි; “එවං නො එත්ථ හොති” යන තන්හි අවධාරණයෙහි වැටෙයි; “එවං ගතානි” යන තන්හි ඉදමර්ථයෙහි වැටෙයි; “එවං නු ඛො” යන තන්හි පාචඡයෙහි වැටෙයි; “එවං ලහු පරිවත්තං” යන තන්හි පරිමාණයෙහි වැටෙයි. _______
39. රොජවරරොජ යනාදි වක්යයෙහි ‘මාන්ධාතෘ’ රජ කාම භොගීනට අග්ර යි.
කිසෙ යැ යත්? වදාළෙ මැ නො:-
“එතදග්ගං භික්ඛවෙ අත්තභාවීනං යදිදං රාහු අසුරින්දො, එතදග්ගං භික්ඛවෙ කාමභොගිනං යදින් රාජා මන්ධාතා, එතදග්ගං භික්ඛවෙ ආධිපතෙය්යානං යදිදං මාරෙ පාපිමා සදෙවකෙ භික්ඛවෙ ලොකෙ සමාරකෙ සබ්රහ්මකෙ සස්සමණබ්රාහ්මණියා පජාය සදෙව මනුස්සාය තථාගතො අග්ගමක්ඛායති අරහං සම්මා සම්බුද්ධො” යි.
මෙහි රාහු අසුරිඳුහු ආත්මභාවීනට අග්ර පරිදි කිසෙ යැ යත්?
හෙ උස සාර දහස් අටසියක් යොජනැ, ඔහු බාහු අතුර එක් දහස් දෙසියක් යොජනැ, බොල සසියක් යොජනැ, හිස නවසියක් යොජනැ, නළල තුන්සියක් යොජනැ, බැම අතුර පනස් යොජනැ, මුවය දෙසියක් යොජනැ, ගැඹුරෙහි තුන්සියක් යොජනැ, අතුල් පතුල් පළල දෙසියක් යොජනැ, ඇඟිලිපර්ච පනස් යොජනැ, මෙ පමණ ආත්මභාවයක් අනෙක් කෙනෙක්නට නැති වන බැවින් රාහු අසුරිඳු ආත්මභාවීනට අග්ර වී.
248 ධර්මප්රදීපිකා
මන්ධතෘහු කාමභොගීනට අග්ර පරිදි කිසෙ යැ යත්?
එ රජ සුවාසු දහසක් හවුරුදු කුමර ක්රීඩා කොට සුවාසූ දහසක් හවුරුදු යුවරජ ක්රීඩා කොට සුවාසු දහසක් හවුරුදු සපරිවාර සතර මහාද්වීපයෙහි චක්රවර්ති ඓශ්චය්ර්ය කොට අපොළා චක්රවාළ ගර්භයෙහි රත්නවර්ෂා වස්වා දිව්ය ෙලාකයට ගොස් සක්දෙව් රජහුගෙ අර්ධරාජ්යය ගෙන එක් ශක්රයක්හු තුන් කෙළ සැට ලක්ෂයක් හවුරුදු බැවින් දෙවරාජයන් සතිස් දෙනක්හු ක්රමයෙන් දිව්ය සම්පත් වළඳා චුත වැ යන තැන් දක්වා සිට දිව්යකාම අනුභව කෙළෙ. එයින් ඒ රජ කාමභොගීනට අග්ර වී.
මාරයා ආධිපත්ය ඇත්තානට අග්රපරිදි කිසෙ යැ යත්?
බුදුන් බොධිපය්ර්යඞ්කාරූඪ වූ කල්හි එන මර පිරිස් දැක දශ සහස්රී ලොක ධාතුවින් ආ දිව්ය බ්රහ්ම නාග සුපර්ණ ගරුඩ ගන්ධර්ව යක්ෂ රාක්ෂසයන් කෙරෙන් සිටි එකකුදු නැතිවැ බුදුන් එකලා කොට හිඳුවා තමන් තමන්ගෙ භවන ගියහ. මෙසෙ මරදෙව්පුත් තමාගෙ දර්ශනයෙන් මැ දෙව් බඹුන් ප්රලය කරන පමණ ආධිපත්ය ඇත්තෙ යැ. එයින් හෙ ආධිපත්ය ඇත්තානට අග්ර වෙ.
බුදුන් හැම සත්නට අග්ර පරිදි කිසෙ යැ යත්?
බුදුහු එ දවස් එවැනි මර පිරිස් දැක ද හුනස්නෙන් නො නැඟී තමන් බෝසත් කල්හි පවා ඔහු වස්වන නවවිධි වර්ෂා පරාඞ්මුඛ කොට මර සෙනඟ බිඳ ප්රලය කොට සම්යක් සම්බුද්ධ වැ අසාධාරණ ගුණයෙන් යුක්ත වූහ. එයින් බුදුහු සනරාමර ලොකයහට අග්ර වූහු.
එයින් වදාළහ:-
“රාහග්ගං අත්තභාවිනං මන්ධාතා කාමභොගිනං, මාරො ආධිපතෙය්යානං
සම්බුද්ධො දිපදුත්තමො”යි. 328
_____________