ධර්මප්‍රදීපිකාව-ධර්මප්‍රදීපිකාව vi

Wikibooks වෙතින්

ධාත්වාගමනකථා. දුමින්දාගමනකථා 198. වාසං කප්පෙසි යනු යම්සෙ අනෙකරත්නයෙන් පරිපූර්ණ වූ මහනැව් බුන් පුවරු අතුරෙන් දිය වදනා කලැ මුහුර්තඅයෙක් හිදු අධ්යුමපෙක්ෂණීය නො වෙයි. ශීඝ්රප වැ විවරපිධාන ක‍ට යුතු වෙ. එසෙයින් මැ අභ්යෙන්තරයෙහි ශීලරත්නාදීන් නොනස්නා පරිද්දෙන් ක්ලෙශයන්ගෙ ප්ර‍වෙශයට අවකාශ නො දී මුහුර්ත්යෙක්හිදු උපෙක්ෂා නො වැ සතර ස්ථානයෙක්හි අප්රහමත්ත වැ වුසුව යූ සෙ යි.

කවර සතරස්ථාන යැ යත්? වදාළෙ මැ නො:- “වතුහි භික්ඛවෙ ඨානෙහි අප්පමාදො කරණියො. කතමෙහි චතුහි? කායදුච්චරිතං භික්ඛවෙ පජහථ කාය සුචරිතං භාවෙථ තත්ථ. ච මා පමාදත්ථ , වචීදුච්චරිතං භික්ඛවෙ පජහථ වචීසුචරිතං හාවෙථ තත්ථථ ච මා පමා දත්ථඅ, මනොදුච්චරිතං භික්ඛවෙ පජහථ මනොසුචරිතං




දුමින්දාගමනකථා 415

භාවෙථ තත්ථ ච මා පමාදත්ථ, මිචඡාදිට්ඨිං භික්ඛවෙ පජහථ සම්මාදිට්ඨිං භාවෙථ තත්ථ ව මා පමාදත්ථ යතො ඛො භික්ඛවෙ භික්ඛුනො කායදුච්චරිතං පහීනං හොති. කායසුචරිතං භාවිතං, වචීදුච්චරිතං පහීනං හොති වචීසුචරිතං භාවිතං, මනොදුච්චරිතං පහීනං හොති මනොසුචරිතං භාවිතං, මිච්ඡාදිට්ඨි පහීනා හොති සම්මා දිට්ඨි භාවිතා. සො න හායති සම්පරායිකස්ස මරණස්ස” යි.


199. අසත්ථිඝාතාරහං යන තන්හි මහබොයැ සැත් පහර වන්නට නො නිසි පරිදි කිසෙ යැ යත්? එහි දැහැවැ සැත් නො පැහැරවියහැකි, තථා හි. මිලිඳු රජ නාසෙන්මහතෙරනට “බොරුක්මුලින් එක්බො පතක් ගෙන බැහැරැ පිව දෙව්සපුව ලැබෙති හො”? යි කි ය. “මහරජ, සසර සිටියහොත් සත්කප්සුවහසකුදු දෙව්රජ කෙරෙති” කීහු. මිලිඳුරජ “මෙසෙ බැවින් බොරුක් සහ කොළ සහ මුල්නෙන් උපුරුවා බැහැරැ පිව හොත් පින්කම් එවර ද බොහො වෙයි. එබැවින් දඹදිව හැමරජුන් ගෙන්වා ගෙන පොරො හා හුදලු ගෙන්වාගෙන දිඹදිව්තෙලෙහි ඇතිතාක් බොරුක් කොටවා හුදැල්ලෙන් මුල් උපුරවා බොරුක් පයින් පැහැරැ පියවමි පින්කම් එවර ද බොහොවනු සඳහා ය” යි කී. එසඳ මහතෙරහු රජු කියූ අසා “මහරජ, තො කරකම් හා කර වයි”? යූහ. “නාසෙන, මම් කරකම් කරවමි” යි කි. “මහරජ, පුන පුනා කරකම් කරවත් තට දුකැ, තා සියුමැලිරජහට කොටුකරයෙන් දවදවා කෙස් බහවනුදු දුකට වැටෙන බැවින් තා කඳට ලා මැ කැපුව හොත් නැවත කෙස් නො ‍නැඩඟනු වෙයි. තො එසෙ නො කොට නෑවියහට සතුටුවිහි නම් සඟරා දෙහි දැහැ වියෙහි නම් මරවහි. එසෙයින් මැ මහබොපරණලා හැමඳැ හළපින් බොහො වෙයි2 . දැහැ වැ නියෙනුදු පහළ අවිවිමහනිරයැ පස්ති” 1. උදුරුවා. 2. පින් වෙයි ; පින්කම් වෙයි.





416 ධර්මඋප්ර.දිපිකා

යූහු. එසඳ මිලිඳු රජ සොම්නස් වැ අපොළා සාධුකාර දින. දෙව්මිනිස්හු ගඳින් මලින් පිදූහු. මහබො පිළිදග්නා සඳහා වූ කලැ ඔජොහරණ දිරා ගිය තැනුදු සිඳුත් වටී. එයින් කීහ සඟිඅටුවායෙහි :- “බොධිපටිජග්ගනත්ථංහ ඔජොහරණසාඛං වා පූතිට් ඨානං වා ඡින්දිතුං වට්ටතියෙව, සරීරපටිජග්ගනෙ විය පුඤ්ඤම්පි භොති යෙව” යි.

200. පීඨස්ස යන තන්හි ‘පීඨ’ ශබ්දය ස්වර්ණ පීඨයෙහි වැටෙයි, මෙයින් බැහැරැ “පාදපීඨං පාදකඨ ලිකං” යන තන්හි පා තබන්නට නිසි දාරු ඛණ්ඩයෙහි වැටෙයි. “පීඨසප්පි” යන තන්හි පඞ්ගුලයන් අතින් ගන්නට නිසි දඬුකඩැ වැටෙයි, “පීඨිකා” යන තන්හි ඇතම් ජනපදයෙකැ දෙශව්යටවහාරවිසින් ආපණයෙහි වැටෙයි “භූතපීඨිකා දෙවකලපීඨිකා” යන තන්හි දෙවියනට බලි දාධන පිළැ වැටෙයි. “ භද්දපීඨං උපනෙසි” යන තන්හි වෙත්රාලතාදින් උපරිචිත අස්නෙහි වැටෙයි, “පීඨං තෙ සොවණ්ණමයං උළාරං” යන තන්හි පය්ය්පා ඩ්කයෙහි වැටෙයි.

201. ඡද්දන්තදහං දස්සෙන්තො වියයන තන්හි සදත්දහතළා නම් කවරැ යත්? එහි මැද දොළොස්යොජනක් තන්හි දිය දොස්මුත් මිණි කඳක් බඳු පහන් දිය යැ, එදිය වටා පළල යොජනක් තන්හි හුදු හෙල්මැලිවෙනෙන් පිරිඛෙව් ලදුයෙ යැ, හෙල් මැලි වනය වටා පළල යොජනක් තන්හි නිල්මහනෙල් වෙනෙන් පිරිඛෙව් ලදුයෙ යැ, එසෙයින් මැ යොජනක් තන්හි රත්මහනෙල් වෙනෙන්, යොජනක් තන්හි හෙළ මහනෙල් වෙනන්, යොජනක් තන්හි රත්නෙළුඹු වෙනෙන්, යොජනක් තන්හි හෙළනෙළුඹු වෙනෙන්, යොජනක් තන්හි කුමුදු වෙනෙන් පිරිඛෙව් ලදුයෙ යැ. මෙසත් කුසුම්වන2 වටා පළල යොජනක් තන්හි හෙල් 1. ළදරුවා 2. පින් වෙයි; පින්කම් වෙයි.




දුමින්දාගමනකථා 417

මැලි නිල්මහනෙල් රත්මහනෙල් හෙළමහනෙල් රත්නෙළුඹු හෙළ නෙළුඹු කුමුදු වෙනෙන් ව්යතතිමිශ්රෙ වූ කුසුම් වෙනෙන් පිරිඛෙව් ලදුයෙ යැ. තුබූ තැනැ වර්ණනා වංගීශසංයුක්තයෙහි කි පරිද්දෙන් දන්නෙ යැ.

මෙසෙයින් නන් විසිතුරු මුවරඳබර වහන පියුම් වෙනෙන් සැදුම්ලද ජලතල ඇති සදත්දහතළා දක්වනුවන් බඳු පස්පැහැ ඇති පද්මයන් විසින් එ මුහුදු සුපුස්පිත වී.

202. උළාරය පූජාය යන තන්හි ‘උළාර’ ශබ්දය “අප්පමාණො උළාරො ඔහාසො ලොකෙ පාතුරහොසි” යන තන්හි සෙයින් වෛපුල්යසයෙහි වැටෙයි, “උළාරානි ඛාදනියානි ඛාදන්ති” යන තන්හි මධුරයෙහි වැටෙයි. “උළාරාය බලු භවං වච්ඡායනො සමණං ගොතමං පසං සාය පසංසති” යන තන්හි ශ්රෙ ෂ්ඨයෙහි වැටෙයි. 203. රාජා තස්මිං සමයෙ යන තන්හි ‘සමය’ ශබ්දය “උණ්හසමයො පරිළාහසමයො” යන තන්හි සෙයින් කාලයෙහි වැටෙයි. “අප්පෙට නාම සෙව්පි උපසඞ්ක මෙය්යරම කාලඤ්ච සමයඤ්ච උපාදාය” යන තන්හි සමවායෙහි වැටෙයි. “එකෙව ඛො භික්ඛයෙ ඛණො ච සමයො ච බ්ර හ්මචරියවාසාය” යන තන්හි සමූහයෙහි වැටෙයි. “සමයොජි ඛො තෙ භද්දාලි අප්පටිවිද්ධො අහොසි” යන තන්හි හෙතුවැ වැටෙයි. “තෙත බා පන සමයෙන උග්ගහමානො පරිබ්බාජකො සමණමණ්ඩිකා පුත්තො සමයප්පවාදකෙ තින්දුකාචීරෙ රකසාලකෙ මල්ලිකාය ආරාමෙ පටිවසති” යන තන්හි දෘෂ්ටි යැ වැටෙයි.

“දිට්ඨෙව ධම්මෙ යො අත්ථො යො වත්ථො සම්පරායිකො අත්ථාභිසමයා ධීරො පණ්ඩිතොති පවුච්චති” 382 යන තන්හි ප්රධතිලාභයෙහි වැටෙයි. “සම්මා මානහි සමයා අන්තමකාසි දුක්ඛස්ස” යන තන්හි ප්රැහාණියැ




418 ධර්ම”ප්රනදිපිකා

වැටෙයි, ‘දුක්ඛස්ස පිළනට්ඨො සඞ්ඛතට්ඨො සන්තා පට්ඨො විපරිණාමට්ඨො අභිසමයට්ඨො” යන තන්හි ප්රනතිවෙධයෙහි වැටෙයි.


204. බොධිගුත්තාදීහි පරිපාලිතා යනු බොධිගුප්තාදීන් විසින් මහබො සුතප්රේමයෙන් පරිපාලිත යැ යූ සෙ යි.

කිසෙ යැ යත් මෙරට මහබොපිහිට හවුරුදු සියක් ඉකුත් කල්හි ලක්දිව මහලෙ විදුරිඳු‍නාවො නම් කෙනෙක් වූහු. ඔහු මහබො වැඳ දා වඳනට තුඹරුප් යන්නාහු උයන්වලැ සිවුරුපෙරෙවි ස්ත්රීන පුරුෂ කෙ‍නකුන් මෙවුන් සෙවුනා දැක “අප කුලදෙවිය්නගෙ වරදක් දුටුම්හ, ඔවුන් කෙරෙහි කළ අප්රවසාදයෙන් අපායභාග් වම්හ, හෙ අප ඇස් ඇත්තෙන් කැරුණෙ යැ” යි ඇස් පුරා වැලි එවගෙන මිරිකා දෙඇස් නසාපීහ. පරිජනයො අවුදු වැලප වැහැස ගෙට ගෙන ගියහ. ඔවුන්ගෙ ගෘහයෙහි අධිෂ්ඨිත රාක්ෂසයෙක් ඔවුන් දුඃඛවෙදනායෙන් අභිභූත සෙ දැක “ඔවුන් කළ කම් උන්ට යැ,තොප මෙදුක් වැදගත් සෙ කුමට යැ”? යි කී ය. “එ තට කීවාහු කවරහ”? යි කීහ. “මම මැ දත්මි” යි කීහ. එතැන සිට තමන්ගෙ ගෙහි වසන රාක්ෂසයා බව් දැන “යා මෙහි නො වසා” යි දැහැවියහ. හෙ “ මෙ මහාපුරුෂයාගෙ ගුණ තුන්ලෙව්හි පහළ කළ මැනැවැ” යි පැන අඹමළුයෙහි සිට තුන්යලක් කාලොද් ඝොෂණය කෙළෙ. එසඳ සියලු ලක්දිව්තෙලෙහි නයින් හා දෙවියො අවුදු රැස්වූහ. එ සමාගමයෙහි රාක්ෂස නාවන් කළ දෑ කී ය. එකල්හි මහකෙළ නාරජ තමා අළ කඩුපුල් මලක් “මෙ උනට දෙව” යි දින, හෙ ළු ගෙන ගොස් “මා කී‍ සෙ නෙ යෙදෙයි, ම‍ට දඬුවමට ටම මල ගන්නෙ ය” යි නාවනට දින. නාවො දිව මහනෙල්මලැ පියගඳින් සොම්නස් වැ “අප ඇස් ඇති කලක් වුව අප පුතණුවන් පළඳවා බලබලා හිඳිනාම්හ”යි කීහ. ඔවුන් එසෙ කී විගස අඳුරුයෙහි සතර රියනක් තැනැ වගුළ සිදුහතු හවුලාගන්නට නිසි දිව ඇස් උපන.




දුමින්දාගමනකථා 419

ඔහු එමැ වේලෙ ගොස් කඩුපුල්මල ගෙන මහබොකද පැළඳවූහ. මල නො මලා නො පර වැ හවුරුදු තුන් සියක් මහබොයට පුද ගෙනැ සිටියෙ යැ. එක්බිති එ වංශයෙහි උපන් කෙනෙක් මීමෙදෙන් උදම් වැ මලැ අත් ලූහ. එකෙණෙහි මලින් වැහෙන කුසුම්දල බැස පොළොතල සැදී.

දුමින්දාගමනකථා

205. චිරං තිට්ඨතු සද්ධම්මො යනු “බුදුන් විසින් සත්කාර ගුරුකාර නමස්කාර කොට නිසා වුසූ දහම් අමාරස වහන පුන්සඳකි සෙයින් සියල් ලෙව් සනහමින් බොහොකල් පවතීව” යි යූ සෙ යි.

බුදුන් දහම් නිසා වූසූ පරිදි කිසෙ යැ යත්? බුදුහු ප්ර්ථමාහිසම්බුද්ධ වැ “කා නිසා වෙසෙම් දෝ හො” යි සකලලොකධාතු බලන්නාහු යම්තැනෙක්හි තමන් හා සම කෙ‍නකුන් හො තමනට වැඩැ2 සිටි කෙනකුන් හො නුදුටුහු.

එයින් වදාළහ :- “න ඛො පනාහං පස්සාමි සදෙවකෙ ලොකෙ සමාරකෙ සබ්ර හ්මකෙ සස්සමණබ්රානහ්මණියා පජාය සදෙව මනුස්සාය අඤ්ඤං සමණං වා බ්රාමහ්මණං වා අත්තනා සීලසම්පන්නතරං යමහං සක්කත්වා ගරුකත්වා උප නිස්සාය විහරෙය්යංල” යි. එසෙයින් මැ සමාධීන් ප්රමඥායෙන් විමුක්තීන් විමුක්ති ඥාන දර්ශ‍නයෙන් තමන් හා සම කෙනකුන් හො තමනට වැඩැ සිටි කෙනකුන් හො නො දැක තමන් පිළිවිදු දහම් නිසා වුසූහු.

එයින් වදාළහ :- “තස්ස මය්හං භික්ඛවෙ එතදගොසි: යන්නූනාහං යොපායං ධම්මො මයා අභිසම්බුද්ධො තමෙව ධම්මං සක්කත්වා ගරුකත්වා උපනිස්සාය විහරෙය්යංධ” යි. 1.ගරුකාර 2. වැඩි


420 ධර්මාප්ර.දීපිකා

එසඳ මහබඹ බුදුන්ගෙ පරිවිතර්කය දැන අවුදු බුදුන් වැඳ අඩ දැණි වැ මුදුනෙහි ඇඳිලි බැඳ හිඳ අතීතයෙහි බුදුන් දහම් නිසා වුසූ පරිදි, අනාගතයෙහි බුදුන් දහම් නිසා වසන පරිදි, දැන් අප බුදුන් දහම් නිසා වුසූව මනා පරිදි දක්වන්නට කී ය:- “යෙපි තෙ භන්තෙ අහෙසුං අතීතමද්ධානං අර භන්තො සම්මාසම්බුද්ධා තෙපි භගවන්තො ධම්මඤ්ඤෙසව සක්කත්වා ගරුකත්වා උපනිස්සාය විහරිංසු, යෙපි තෙ භන්තෙ හවිස්සන්ති අනාගතමද්ධානං අරයන්තො සම්මා සම්බුද්ධා තෙපි භගවන්තො ධම්මඤ්ඤෙව සක්කත්වා ගරුකත්වා උපනිස්සාය විහරිස්සන්ති, භහවාපි භන්තෙ එතරහි අරහං ස්මමාසම්බුද්දො ධම්මඤ්ඤෙව සක්කත්වා ගරුකත්වා උපනිස්සාය විහරතු” යි.

අපි ව:- කන්දක මහ තෙරුන් දෙව්රම් වෙහෙරැ උපස්ථාන ශාලායෙහි වැඩ හිඳ ධර්ම දෙසන කල්හි බුදුහු නො නහ මැ ගොස් තියමු රූ සිට ධර්මකථා අසා දෙහනාපය්ය් බ ව සානයෙහි සාධුකාර දුන්හ. මහ තෙරහු අවුදු වැඳ “කවරවෙලෙක වැඩිදෑය වහන්සෙ”? යයි පුළුවුත්හ. “තා සූත්ර යට ආරම්භ කළ විගස මැ ආමි” යි වදාළහ. “වහන්සෙ කළ දෑ දුෂ්කර යැ බුද්ධසුකුමාර වැ” යි කීහු. “ඉදින් නන්දකය, තො කපක් දවස් මෙසෙ හිඳ දෙසන්නට පොහොසත් විහි නම් කපක් දවසුදු මම සිට අසනු වෙමි” යි වදාළො :- “සචෙ ත්වං නන්දක කප්පං වා දෙසෙතුං සක්කු ණෙය්යා සි කප්පමත්තම්පහං ඨිතකොව සුණෙය්යංෙ” යි. මෙතෙකින් මෙ වංශයෙහි පරිකථානුකූල පද ගෙන

ව්යාකඛ්යාින කරන ලදි. ප්රාකාශයන්තී සද්ධර්මං දීපයන්තී ව සත්පථම්. විහාතු භානුවද් හානොරියං ධර්මප්රදදීපිකා. 386

ගුරුළුගොමින් විසින් කරන ලද ‘ධර්මරප්ර.දීපිකා’ නම් මහාබොධිපංශ පරිකථා නමි.

1. නො සනහා.