නල සහ දමයන්ති - i

Wikibooks වෙතින්

NALA

AND

DAMAYANTI


( ADAPTED FROM MAHABHARATA )



න ල ස හ ද ම ය න් තී

( මහා භාරතයෙන් උපුටාගන්නා ලදි. )




පළමු වැනි පරිච්ඡෙදය


ශ්රී සෞභාග්යනයෙන් සුර පුර දිනූ නිෂධ නම් රාජ්යන යෙක් ජම්බුවීපයෙහි විය. ධාර්මික වූ ධර්මිෂ්ඨ නරවරයා පාලනයක ප්රකතිඵල ලොවට පෙන්වන්නා වූ ප්රීනතිමත් ජනතාවකගෙන්සමන්විත වූ ඒ රාජ්යරයේ නල නම් වූ ප්ර්තාපවත් නරවරයෙන් වාසය කෙළේ ය.

ධර්මිෂ්ඨව රාජ්යව පාලනයෙහි යෙදුණු ඒ නල රජ තෙමේ කරුණු දෙකකින් එවකට ජම්බුබීපයෙහි කිසිම රජකුට සම නො කළහැකි විය. එකක් නම් , එතුමාගේ රූපශ්රී ය යි. අනික නම් අසුන් ධාවනය කරවීමේ දක්ෂ කමයි.

එතුමා ගේ මහත් වූ කාය ශක්තියත් කාය ශක්තිය නො ඉක්ම වූ නිර්භයතාවත් ‍ඒ ලෝක ප්ර සිද්ධ වූ අශ්වා රොහක භාවයට සුදුසු වූවාක් මෙන් ම , රට වැසියන් කෙරෙහි පැවැත් වූ කරුණාවත් , කරුණාව නිසිසේ යොදවන යන ශක්තියත් ඒ රූපශ්රීයනට සුදුසු විය.

සිය පියරජු ගෙන් හිස් වූ සිංහාසනයටත් සියලු රට වැසියන්ගේ ආදරයටත් එකම හිමියා වූ තරුණ නල රජ තෙමේ බුද්ධිමත් අමාත්ය මණ්ඩලයක සභාගීත්වය ය ද ඇතිව නිෂධ රාජ්යතය පාලනය කෙළේ ය.



නල සහ දමයන්ති


රටින් රට තොරතුරු සොයා බලා වාර්තා කිරීමේ යෙදුණු චරපුරුෂයෙක් එක් දිනක් රජු වෙතට පැමිණ ඒ තරුණ රජු ගේ සිත කුල්මත් කිරීමෙහි සමත් වූ වෘත්තාන්තයක් පැවසී ය.

“ නරදේවයන් වහන්ස , විදර්භ දේශය ගැන ඔබ දන්නා සේක්මය. ඒ විදර්භ දේශය මෙකල පාලනය කරන්නා වු හිම රජ්ජුරුවන් හට දරුවෝ තුන් දෙනෙකි.


චරපුරුෂ වෘත්තාන්ගය.

එයින් බාල දරු දෙදෙනා පුතණුවෝ දෙදෙනෙකි වැඩි මහලු වූ දියණි. යෝ වූ කලී මිනිස් ලොව අබීතීය වූ රූපශරීූ යකින් විජාම්භිත වූවාහ. සොළොස්විය පුරමින් වසන ඒ දමයන්ති කුමාරි ගේ අභිරූප්යයය ඇසූ ජනයෝ කුහුලින් ඈ දකින්නට ඵළඹෙති. දුටු දුටු ජනයෝ පය වෙනතක ඇඳ ගත නොහී බලාගත්වනම සිටිති. ලෝක නිර්මාණයෙහි අකල්ප කල්ප ගණනක් මුළුල්ලෙහි පරිචිතය ලැබූ බඹු විසින් අභිනවයෙන් මාවාලූවාක් සේ ඒ කුමරියගේ රූ සපුවෙහි විශිෂ්ටතාවක් පවත්නීය. ඒ අභිරූපවත් කුමරිය දුටු ඇසිල්ලෙහි අගපත් පුරුෂ රූප ශ්රීන ධර වූ ඔබ මට සිහි විය. ”

මේ චරපුරුෂ වෘත්තාන්තයෙන් තම සිත් පිනා ගිය නමුත් ධීර ගුණ සම්පන්න වූ ද , සමග සතුරන් දිනි මෙහි සමත් වූ ද නල රජ තෙමේ වරයා ඉදිරියෙහි තම සිත් හසර හෙළි නො කෙළේ ය.

නල රජු පිළිබඳ තොරතුරු - විශේෂයෙන් එතුමා ගේ අබීතීය අශ්වදම්යි සාරථි බව හා රූපශ්රීිය , ගායක අන්යොමන්ය ප්රේොමය යන්ගෙන් අසා පුරුදු දමයන්ති කුමරිය ද එ තුමා කෙරෙහි පිළිබඳ සිත් ඇතිකළාය. වරසන්ගේ හා ගායකයන්ගේ වතුරතර වූ ද මධුරතර වූ ද වෘත්තාන්තයෝ මේ නල දමයන්ති දෙදෙනා උනුන් නුදුටුවත් දුටුවන් සේ පෙම්වත් බවට පැමින වීමෙහි සමර්ථ වූහ.


නල සහ දමයන්තී

ලියලන්නා වූ ප්රේතමලතාවෙන් වෙළී ගිය නල නර ගාථ තෙමේ එක් දවසක් උදායන ස්වකීය මන්දිරෝද්යානයේ සක්මනෙහි යෙදී සිටියේය. ශරත් කාලයෙහි අහස වලාකුළින් තොරව නිර්මලව බැබළුණු නමුදු ආසන්න වූ ඉඳුනිල් මිණිමුවා රජමැදුර දක්නා වූ ද එහි පවත්නා තුයි නාදය අසන්නා වූ ද උද්යාමන මයුරයෝ සෙබඩුන් ඉදිරියෙහි පිල් කල්ප විදහා නටන්නට පටන් ගත්හ.

හැකිළි යන්නා වූ හෙළ මහනෙල් මලින් ද පිපී ශරත් ග්රී්ය. ගෙන එන්නා වූ සුදු රත් නෙළුම් මලින් ද ශෝභිත වූ උද්යාීන තඩාගයන් හි ඔබ මොබ හැසරෙන්නා වූ හංස යුගලයෝ තුමූ නල රජුට පරිර ය සමාගමය සිහිපත් කරවූහ. මහ වන පෙතින් අවුත් එකල රාජොද්යාපනයෙහි වූ සල්රුක් අව්රා සිටි ගිරා සමූහයෝ රජු ගේ මනස්තාපය දුරලීමට ගී කියන්නාවුන් සේ නද දුන්හ. වඳුරකු විසින් කඩාගත් පේරගෙඩිය අසලම පැන පැන උන් වැඳිරියක් විසින් උඳුරා කනු දුටු රජතෙම මෙ‍ාහොතක් ගිරවුන් ගේ ගායනය නො අසා එ දෙස බලාගත් වනම සිටියේ ය.

හංසයන් ගේ පිඩගය හේතුකොට ගෙන පියුම් සමූහයෙන් ඉහළ නැගීගත් බඹර මීමැසි සමූහයා ගේ මධුමද මුදිත ගීත ධවනිය ඇසූ නල රාජයාහට එ කෙණෙහි වඳුරන් ගේ විහිළුව සිතින් බැහැර කරගත හැකි විය.

මේ නොයෙක් අයුරින් පැවති සරා සිරි නරඹමින් සල්රුකක් යට සිට රජ තෙමේ කිසිවිටෙක තමා නුදුටු

දිව්යටමය පණිවුඩ කරුවා විරූ ශෝභන ශ්රීකයෙන් රමණීය වූ හංසවර්ගයක් , ඉදිරිපස වූ විලෙහි. හැසිරෙනු දැක ප්රී තියෙනුත් විස්ම යෙනුත් ඇලළී ගි යේ ය . එසේ බලා



නල සහ දමයන්තී

සිටින අතර ඒ හංස වර්ග‍යාගෙන් ප්රමධානයකු ලෙස සැලකිය හැකි එක් හංසරාජයෙක් විලින් පියාඹා අවුත් විල අසලම වූ අඹරුකක් යටට පැමිණියේ ය.

තමා සමීපයට පැමිණි හංසරාජයා ගේ රූසිරින් ඔද වැඩුණු නල රජ තෙමේ වහා එ දෙසට දුව ගොස් ඒ හංසරාජයා ගෙල බදා අල්ලා ගත්තේ ය. රජු ‍ෙග් දෘඪ ග්රාලගයට අසුව ගැළවීයත නුහුණු හංස තෙම එ කෙණෙහි දැඟලුම් රහිතව සිටියේය. ඔහු ගේ රන්වන් පියාපත් පිරිමදිමින් රජ තෙමේ මහත් ‍ස්නේහය දැක්වූයේය. පුදුමයකි ! ඒ හංසරාජතෙම රජු ගේ භාෂාවෙන් කථා කරන්නට පටන්ගති.

“ දේවයිනි , මා අත තළ මැනව අඝෝ ! නල රජ තුමනි , මම වනාහි ඔබ විසින් අනතුරු නො කටයුතු වූ පක්ෂියෙක්මි. ” මෙසේ කී හංසරාජතෙම නැවතත් රජු අමතා , සිය පියකරු දෙ ඇස් රජු දෙසට යොමු කොට “ රජාණෙනි , මම ඔබගේ සියලු රහස් දනිමි . විදර්භා දේශාධිශ භීම රජු ගේ දූහිතෘ වූ අබීතීය නාරි ලාලිත්යමයෙන් සමන්විත වූ කුමරිය කෙරෙහි ඔබ ආලය කනෙ සැටි මට නො රහසකි. ඔබගේ මේ රහස් ආලය සඵල කිරීමෙහි සමතෙක් වේ නම් ඒ මා මිස අනිකෙක් නොවේ. රජාණෙනි ඔබට පිහිටවීමෙහි මම සමර්ථයෙමි. මම ඔබ අදහස් ඉටුකර දෙමැ ” යි ද කීයේය.

මහත් කුහුලින් හා ප්රීයතියෙන් කුල්මත්වූ නිෂධේශ්වර තෙම “ ප්රි යංකර වූ පක්ෂිින්ර්න් යාණන , මට ඔබගෙන් බලාපොරොත්තු විය හැක්කේ කෙබඳු පිහිටක් දැ ” යි හංසරාජයා ගෙන් විචාළේ ය.

“ නරේන්ර්ැ යාණෙනි , ඇසුව මැනව. මම දැන් භීම රජු හංසරාජයා ප්ර්තිඥාව අයත් ඒ දර්භ දේශයට යන්නෙමි. එහි ගේ ගොස් රාජදුහිතාව හමුව ඈ පිළිබඳ වූ ඔබ අදහස ඇය හමුවෙහි තබන්නෙමි.”


නල සහ දමයන්ති 5

මා‍ ඇයට කියා දෙන ඔබ ගේ රූපශ්රීඇයත් වික්රනමාහිශයයත් ඇගේ ප්රීනතියටම හේතුවිය යුතුය. එයින් ඇගේ සිත ඔබ ‍කෙරෙහි ඇදී එන බව මට නිසැකය. ඉන් පසු ඇගේ පෙම්වතා වසයෙන් ඔබ එහි පැමිණිවීමත් මටම භාරයි ” හංස භාෂිතයෙන් පිනාගිය සිත් ඇති නිෂධ ධිපති තෙමේ ඒ හංසරාජයා ගේ පිට පිරිමැද හිස සිඹ ඔහුට නික්ම යාමට අවසර දුන්නේය. බලවත් කාර්යභාරයක් එහි මග කියයුත්තා වසයෙන් තමා ම පවරාගත් හංසරාජ තෙමේ රජු අතින් මිදුණු ඇසිල්ලෙහි පියාඹා ඒ තාක් විලේ හැසුරුණු සිය පිරිවර හස් රැළ හා එක්ව ගෙන විදර්ශ දේශය බලා පිටත් වූයේය.

දිව්යුමය ගති ඇති හංසරාජ තෙමේ සිය පිරිවර සහිතව අහසින් ගොස් නොබෝ වේලාවකින් විදර්ග දේශයෙහි වූ රාජමන්දිරය අසල ගෙදිගුවිලට බැස්සේ ය. අහසින් වන්නා වූ ඒ ශෝගහ පක්ෂි සමූහයා දුටු දමයන්තී තොමෝ මහත්සේ ප්රී්තියට පැමිණියා වහා මාලිගයෙන් බැස සිය පිරිවර යෙහෙළියන් හා සමග ගෙදිගුවිල කරා මෙන් ගත්තීය. රාජ දුහිතෘව තමන් දකිනු රිසියෙන් පලා එන බව බව දුටු හංසේශ්වර තෙමේ සිය පිරිස විලෙහි සිටියදී දමයන්තියට අසුවනසේ ම ගියේය. සිය යෙහෙළියන්ගෙන් ඈත්ව හුදකලා වූ දමයන්තී තොමෝ මහත් ප්රීයතියෙන් හංසයා දෙසට අනුගමනය කළාය විවේක ස්ථානයකට පැමිණි හංසරාජ තෙම විස්මය එළවමින් කුමරිය හා කථා කරන්නට පටන් ගත්තේය.

“ ප්රිියංකර වූ දමයන්තියනි , මම ඔබට දැන ගතයුතු වෘත්තාන්තයක්

ශුභ ආරංචිය පවසන්නෙමි. පින් වනිය , නිෂධදේශය යි ප්ර සිඬ වූ රාජ්යනයෙක් ඇත්තේය.නල නම් වූ නරේශ්වරයෙක් ම ය පාලනය කෙරෙ යි.”




6 නල සහ දමයන්ති

“ දිව්යන ගන්ධර්වයන් ඒ නල රජු‍ ගේ යශෝ ගීතයන් ගයන කල්හි අසුර යුද දිනීමෙන් පැමිණි අභිමානය ඇති දේවයෝධයෝ හිස නමා ගනිති.

“ ලොව උසස් ම හිමියකු ලදිමි යි අහංකාර පරමග වීරතී තොමෝ නල රජුගේ රූපශ්රී ය දැක බැගෑ සිතින් කල්යවන්නීය යි හගිමි ”

“ මග නුවණින් ලොව පතල සුරගුරු තෙමේ නලරජුගේ ප්රනඥා පාටමග ඇසීමෙන් දැන් ලෝක නිර්මාතෘ වූ මහා බ්රරහ්මයා කෙරෙහි වෛර කෙරේදැ යි නො දනිමි.

“ ඇයැදීමෙන් තොරව ම ඒ රජුගෙන් යස ඉසුරු ලබන නිෂද දෙශවාසීහු කජරුගින යැද යැද යස ඉසුරු ලබන දෙව්ලෝ වැසියනට වඩා තමන්ගේ උත්කර්ෂය සලකති. ”

“ වැඩියක් කුමට කියමද ? ගාම්භීර්යය , ප්රවතාපය , ත්යා‍ගය , කරුණාය , මෛත්රී ය , ප්රනඥාය , දේශශක්තිය , රූපශ්රීිය යන මෙකී සියල්ල එක්කොට ඔහු විසින් මවාලුවකු මෙන් ඒ කල රාජ තෙමේ විජාම්භිත වෙයි. ”

“ එ තුමන් ගේ අවශෙෂ ගුණ සමූහය තිබියේවා. එකම දේහ ශ්රි, සාර විලාසය ගැන සලකා බැලූ මට වැටහී ගිය කරුණ නම් “ අබිතීය වූ ඒ පුරුෂ රූපය හා එක්තැන් කොට සැලකිය හැකි එක ම වනිතා රූපය නම් පින්වත් දමයන්තිය මෙණකි ” යනු යි.

කාලිදාසයන් ගේ උපමා විලාසයත් , දණ්ඩින් ගේ පද මාධූර්යයත් , සඵල වූ පණිවුඩය ක්ෂ්යමෙන්ද්රණයන් ගේ ප්ර්සාද ගුණ යත් භාරවින් ගේ අර්ථ ගෞරවයත් එක් කොට හැනුවාක් වැනි විචිත්රර මාඞිමාලාවෙන් සරහන ලද හංසරාජයා ගේමේ නල වෘත්තාන්තය අසන් අසත් ම දමයන්තී ගේ සිත සඳ රැසවන් කිරිසයුර මෙන් ඔද වැඩුණේය. හංසයකුගෙන් බලාපොරොත්තු


නල සහ දමයන්ති 7 විය නො හැකි ඒ උදාරතර වූ මානුෂභාෂිතයෙන් පුදුමයට පත් ඕ තොමෝ බොහෝ දිනක සිට සිය හද යහනෙහි ඒ නල රජු ගේ පිළිබිඹුව ගෞරවාදර පූර්වකව සතපා ඇති බැව් පවසා තමන් ගැන ඒ රජතුමන්හට කරුණු සැලකරනු මැනවැ යි හංසරාජයා ඇයැදියා ය. හංසරාජයා ඉවත්ව ගියේ ය.

දෙ වැනි පරිච්ඡෙදය


නල රජු කෙරෙහි ආලයෙන් බැඳුණු දමයන්ති තොමෝ හුදකලාව සිතිවිල්ලෙන් උන්නාහ. යෙහෙළියන්ගේ ආශ්රාය ප්රිණය නො කළා ය. සැරහුම් ප්රි ය නො කළාය. භෝජනය

දූ කු ම රි ය ගැ න සා ක ච් ඡා පවා ඇගේ අභිරුචියට හේතු නො වීය. රකවරණයෙහි යෙදුණු අඟනෝ කුමරියගේ මේ වෙනස් වීම ගැන රජුට සැල කළහ. භීම රජතෙමේ සිය බිසොව කැඳවා දියණියන්ගේ සිත කෙසේ අස්වසාලිය හැකි දැයි නිශ්චය කරගනු සඳහා සංකථා- වෙහි යෙදුණේය. මේ සංකථාවේ ඵලය නම් ‘ දියණියන් විවාහශ්රීතයට පැමිණ විය යුතුය ’ යනුයි. එහෙත් මේ වෙනසට මේ දොමනසට හේතුව කුමක් දැ යි තමන් නොදන්නා බැවින් තමන් විසින් නියම කරනු ලබන කිසියම් කුමාරය කුට කුමරිය පවා නොදී ඇගේම කැමැත්තෙන් හිමියකු තෝරා ගැනීමට අවස්ථාව ලබා දිය යුතුය යන අන්තිම තීරණයට ඒ රජ බිසෝ දෙදෙනා පැමිණිය හ.

භීම රජ්ජුරුවෝ අමාත්යි මණ්ඩලය රැස් කරවූහ. ඔවුන්ගේ සම්මතයද ලබා ගැනීම අවශ්යතයයි සැලකු බැවින් මේ තමන්ගේ දූ කුමරිය පිළිබඳ තීරණය අමාත්යව


8 නල සහ දමයන්ති

මණ්ඩලය ඉදිරියෙහි තැබූ විට තත්ත්ව ය හා අවස්ථාව අනුව ඒ තීරණය මැනැවැයි ඔහුද සම්මත කළෝය. දමයන්ති කුමරිය ගේ ස්වයංවරයට දින නියම කොට ගත් භීමයෝ මුළු නුවර සරගවා මංගල මණ්ඩප යක් පිළියෙල කරවා නානා දෙවිවරුන් ඉදිරිපත් වීම්. දිශාවල රජුන්ටත් රජ කුමරුවන්ටත් එදින එහි රැස්වීමට ආරාධනය කළහ. දමයන්තිය ගේ රූප ශ්රීල සාරය සියලු දිශානුදිශාවල පතළ බැවින් මේ අවසරයෙහි සියලු දිගින් රජ රජ කුමරුවෝ විදර්ග දේශයට රැස්වන්නට පටන් ගත්හ. නිෂධ දේශාධිපති වූ නල රජ තෙමේත් ඔවුන් අතර විය. මේ ස්වයංවරය නියම වූ දවසැ මහර්ෂි නාරද තෙමේ දේවලෝකාධිපති වූ ඉන්ර්ප යන් හමුවීමට දෙව්ලෝට ගියේය. රජුන් ගේ කලබලය ගැන තමන් ගෙන් අසන ලදින් “ අදමයන්තිය ගේ ස්වයං වරයට ඒ රජවරු රැස්වෙතැ ” යි කී නාරද තෙමේ ඇගේ ආභිරූප්යය සඳ දෙවියන් හමුයෙහි වනාලීය. මේ ප්ර වෘත්ති ශ්ර වණයෙන් කුතුහළයට පැමිණි දෙවිවරු දමයන්තියගේ ස්වයංවරයට තුමූත් සායටී වූහ. මෙසෙයින් දෙවියනට අධිපති වූ ඉන්ද්රවය , ගින්නට අධිපති වූ අග්නිය , ජලයට අධිපති වූ වරුණය , විනිශ්චයට අධි පති වූ යම ය යන මෙකී දෙවි මහ රජවරු භූලෝකය කරා ගමන් ගත්හ. භූලෝකයට පැමිණි ‍ඒ දෙවි වරුනට විදර්ග දේශයෙහි ගමන මාර්ග්යේ දී ස්වයංවරයට යන්නා වූ නල රජ තෙමේ සම්මුඛ වූයේය. ශ්රීෙමත් නලකුමරයන් බඳු නල රජු දුටු ඒ දෙවිවරු ඔහු ගේ රූප ශ්රීතය ගැන පුදුමයට නොසිතූ මෙහෙයක් පැමිණියහ . මිනිස් ලොව දුලබ වූ ඒ රූප ලාවණ්යතය දැකීමෙන් ප්රී තිමත් වූ දෙවිවරු ඔහු ගේ ගමන විලාසයට ද එසේම ප්රුසන්න වූහ. ඔහු තුමූ නල රජුට තමන්ගේ තත්ත්විය




නල සහ දමයන්ති 9

දැන් වූහ. එයින් භක්තිමත් වූ නල තෙමේ ඒ දෙවිවරුනට ගෞරවාචාර පැවැත්වූ‍ යේය. ඉන් පසු තමන්ගේ කීකරු මෙහෙකරුවකු හැටියට ගිවිසගත් නල රජුට දෙවියෝ ආමන්ත්රමණය කොට දමයන්තියගේ ස්වයංවරයට තමන් පැමිණෙන බව ඇයට සැල කිරීමට ආඥා කළහ.

මේ පුවතින් නල රජු ගේ සිත චංචල විය. ඔහු පිටත්ව යන්නේත් ඒ ස්වයංවරයටම බැවින් මේ බලාපොරොත්තු නොවූ මෙහෙ‍වර කිරීමට පසුබට විය. එහෙත් දෙවියන්ගේ අණ පිළිපැදීමට ගිවිසි නල රජුට මේ ලියෝගය කඩ කළ නො හැකි දෙයක් විය. විදර්ග දේශයට ආගන්තුකයකු වූ නල රජුට හුදෙකලා ව එහි ගොස් දමයන්තිය හමුවීම දුෂ්කර කටයුත්තකි. ඈ හා කථාබස් කිරීම දුෂ්කර බව කියනුම කිම ? අප්රනසිද්ධව යන්නා වූ මේ ගමනේදී තමන් කැමති සේ ‍මනා පෙනී සිටීමට ඉවහල් වූ දිව්ය මය බලයක් දෙවිවරුන් විසින් ප්රාදානය කර තුබුණු බැවින් මේ පණිවුඩය සඳහා නල තෙමේ පිටත් ව ගියේය. දෙවියන් දුන් වරප්රමසාද ඇති නල තෙමේ පණිවුඩ කරුවකු වසයෙන් ගන්නේ ස්වල්ප වේලාවකින් භිම රාජ භවනයට පිවිසියේය වාසල හඳුනාගත නුහුණු මුරකරුවන් ගෙනුත් කුමාරි මන්දි පණිවුඩකරුවා රයෙහි සේවකා රක්ෂක වනිතා වන් ගෙනුත් බේරී කුමරිය හමුවට පැමිණි ඔහු දුටු කවුරුත් විස්මිත වූහ. හේ කෙසේ එහි ඇතුළු වී ද යනු කිසිවකුට වටහා ගත නො හැකි විය. දමයන්තිය ගේ වර්ණනා විෂයාතිකාන්ත වූ රෑප සම්පත්තිය දුටු නල තෙමේ මොහොතක් වශීකෘතව බලා සිට - පින්වත් කුමරිය මම වනාහි ඉන්ද්ර ය , වරු





10 නල සහ දමයන්ති

-ණය , අග්නිය , යමය යන දෙවි මහ රජුන්ගේ පණිවුඩ පතතක් සිදු කිරීමට පැමිණි මෙහෙකරුවෙක්මි. එබැවින් ඒ මා කියන්නක් ඇසුව මැනව. ඔබගේ ස්වයංවරයට ඒ දෙවි උතුමෝ දැන් මග එමින් සිටිති . ” මේ අනුභාව සම්පන්න දෙවිවරුන්ගේ පණිවුඩය ඇසූ කුමාරිකා තොමෝ නල රජු දෙසට නෙත් යොමා සිටි “ එම්බා පණිවුඩකරුව , මම ඔවුන් කෙරෙහි නොව අනිකකු කෙරෙහි බඳනා ලද ප්රේාම ඇත්තියක්මි ඒ මාගේ වල්ලභයා වෙතට හංසයකු අත පණිවුඩයක් ද යැවූයෙමි. මේ ස්වයංවරයද ඔහු ලබා ගනු සඳහාම පිළියෙල කරන ලද්දකි. යම් හැටියකින් ඒ මාගේ ප්රි යයා මා විවාහ කොට නොගනී නම් මම අවිවාහ ජීවිතයක් ම ගත කරමැ ” යි කීවාය. හංස පණිවුඩය මතක් කොට දමයන්තිය කී වාත් කාන්තය නල රජුගේ ළය විනිවිද ගියේය. කුමරියගේ ස්ථිරාධිෂ්ඨානය කාරණ වූ වල්ලභයා තමන් බැව් මෙයන් රජුට ප්ර ත්ය ක්ෂා වුවද , දෙවියන්ගේ ‍මෙහෙවර කඩකිරීම නම් නො කළ හැකි දෙයකි. කෙසේ වුවත් භූ ලෝකවාසි වධුවක් ඉන්ර්ම් හෝ වරුණ වැනි දෙවියකු ගේ අත අත්හරිත් දැයි යන සැකය තමන් නළ ඇති විය පණිවුඩය කීමට වඩා වැඩි දෙයක් තමන් විසින් නො කිය යුතු බැවින් නල තෙමේ නිශ්ශබ්ද වූයේය. කඳුළු පිරි නෙත් ඇති දමයන්ති තොමෝ කවුරුත් කෙසේ කීවත් තමන් සිත්හි ඇඳී පවත්නා ඒ පෙම්වතාම සියල්ලන් මධ්ය යෙහිදී තෝරා ගන්නා බවම කීවාය. ‍මේ අන්තිම වචනයෙන් පසු නල තෙමේ එතැනින් ඉවත්ව ගොස් ඉන්රාේ අ දී දෙවිවරුන් කරා පැමිණ ඔවුන් තමන් හට කළ නියෝගය සිදු නිෂ්ඵල පණිවුඩය කළ බව ද , එහෙත් ඒ කුමරිය වෙන යම් ප්රිණයයකුට සිය කැමැත්ත දී තිබෙන බවද , ඒ පොරොන්දුව ඈ කඩ නො කරන අධිෂ්ඨානයෙන් වසන බව ද , යම් හැටියකින් ඒ බලා




නල සහ දමයන්ති 11

පොරොත්තු වන වල්ලභයා ඇය පාවා නො ගත හොත් ඈ ඔහු වෙනුවටම සිය දිවි පුදා වාසය කරන අදහස ඇති බව ද කියා සිටියේය. නල රජු තමන්ගේ පණිවුඩය ඉටුකිරීම ගැන දෙවියෝ සතුට ප්රිකාශ කළහ. දමයන්තිය ගේ ඒ අධිෂ්ඨානය කෙබඳු වු ව ද ඇය ලබා ගැනීමට වෙන යම්කිසි ප්ර යත්නයක් දැරීමට දෙවියෝ සතට ගත්හ.

තුන් වැනි පරිච්ඡෙදය

භීම භුමිපාල තෙමේ සිය දූ කුමරිය පිළිබඳ ස්වයංවරයට කටයුතු පිළියෙල කරවූයේය. සුධර්මා ශාලාවට නිගා කරන් නාක් වැනි මනහර මාලාලතා කර්මාන්ත ස්වසංවර ශාලාව යෙන් සරඟන ලද විචිත්රධ රජත කනක මණි තාරකාවලංඛිත ධවල විතානොප ශෝභිත වූ මංගල ශාලා තොමෝ තාල වාන්ත මයුර හස්ත වාලව්යකජන පූර්ණ සව් පඞ්කතින් ගෙ න් හා කොඩි සේසත් සෙන්කොල් මගුල් කඩු ආදිය ගත් අන් ඇති පරිවාරජනයා ගෙන් හාත්පස සැදුම් ලද්දීය. තනා දිශාවලින් පැමිණි දුටුවන් නෙත්සිත් පැහැර ගන්නා වූ විවිධාලංකාරයෙන් සමලංකෘත රාජ රාජකුමාරයෝ තුමූ ඒ ශාලාවේ පතවන ලද ආසනවල හිඳගත්හ. ලජ්ජ්වලිත වූ තාරකා පඞ්කතියෙන් අනුප්රා ණිත වූ චන්ද්රා් ලෝක ඇති රාත්රියයක අවුළුවන ලද මුචු වෙඩි පෙළක් බඳු චිත්තාකර්ෂණිය රාජකීය මංගලාභරණයෙන් සැදුම් ලද ඒ ක්ෂතත්රිියයන් ගෙන් ස්වයංවර ශාලාව විශේෂ ශ්‍ීාභයක් උද්වහනය කළාය. තම තමන් ගේ ඒ ඒ පදවිවලට නිසි ඇදුම් ආයිත්තමන් සැරසුණු ඒ රාජන්යකයෝ තුමූ දමයන්තියගේ රූසිරි දැක්මෙහි මහත් බලාපොරොත්තු සහිතව උන්හ. නියමිත වේලාවට දමයන්ති කුමාරිකා තොමෝ දකුණතින් ගත් මනහර මල්දමක් ඇත්තී අනුගතවූ හුරුබුහුටි සේවිකාවන් හා සමග සභා ගරිභයට ප්රකවිෂ්ට වූවාය.



12 නල සහ දමයන්ති

එකෙණෙහි සභා ගර්භය සහිත මුළු රාජ වානය පමණක් නොව මුළු නගරයම මංගල තූර්ය නාදයෙන් ඒසනින්නාද විය. මොහොතකින් මුළු සභාගාරය නිශ්ශබ්ද විය.මොහොතකින් මුළු සභාගාරය නිශ්ශබ්ද විය. ඇස පැළඳි රන් මිණි මුතු ආදියෙන් නිමියාවූ නානා ගරණයෝ ඇය ගෙන්ම සනාථ වූහ. සියලුදෙනාගේ ඇස් ඇය වෙත ඇදී ගියේය. ස්වයංවරය ආරබ්ධ විය. ශාලාවේ අසුන් ගෙන උන් රජදරුවන් අතුරෙන් එක් රජ දරුවෙකු ළඟට දමයන්ති පැමි ණියා ය. එවිට එරජු පිළිබඳව දතයුතු සියලු ශාලාවට පිවිසී පවත් දන්නාවූ අනුගත සේවිකාතොමෝ දමයන්ති දමයන්තියට ඔහු අඳුන්වා දුන්නී ය දම යන්තී තොමෝ එරජුට හිස නමා ආචාර කොට ඉන් ඔබ අන් රජකු ඉදිරියට ගියාය. ඔහු පිළිබඳ තත්ත්වදයද සේවිකාව විසින් කියා දුන් පසු ඔහුටත් හිස නමා ඉන් ඔබ්බට ගියා වූ දමයන්ති තොමෝ තමන් සිත ඇඳී පවත්නා නල රජු හමුවන තෙක් නොයෙක් රාජ රාජ කුමාරවරුන්ට ආචාර පවත්වමින් ඉදිරියටම ගියාය. ස්වයංවර ශාලාවේ එක් කොනක සිට අනික් කොන දක්වා ගිය නමුත් නල රජු සොයා ගැනීම ඇයට දුෂ්කර විය. ඈ දැන සිටියේ එකම නල රජෙකි. එසේ වුවද මේ පරීක්ෂාව කිරීමේදී ඈට නළ රජුන් පස්දෙනෙක් පෙනුණේය. සමාන රූප ශ්රීෂ ඇති සමාන ආභරණ පැළදි කිසි ලෙසකිනුත් විසදාශගාවන් නොපෙන්වන ඒ පස් දෙනා අතුරෙන් තමන්ට අභිමත වූ නල රජ කවරෙක් දැයි අඳුනා ගැනීම ඈට කිසිසේත් පුළුවන් නොවීය. ඉන්ද්රක ආදි දෙවිවරුන් ගේ මේ ප්රසයෝගය ගැන නොදන්නා වූ දමයන්තී තොමෝ බලවත් ඛෙදයට පැමිණියාය. ඈ මේ නල පරීක්ෂාව නවත්වා තුෂ්ණීම් භූත වූවාය. අන්තිමේදී ඈ දෙඅත් විදහා අහසට දිගු කොට උඩුමුව කරන ලද නෙත් ඇත්තී දෙවියන් අයදනට පටන් ගත්තීය. “ අහෝ ! දහසක් දිවැස් ඇති දෙදෙව්ලොවට අධිපති ඉන්ද්ර දිගධීශ වූ මහේන්ද්රව දේවරාජයා දෙවියන් යැදීම ණනි , සමස්ත ලෝක ධාතු වර්ති ව




නල සහ දමයන්ති 13

තේජසුන්ව අධීශ්වර වූ අග්නි දෙවරාජයාණනි , සසල චරාචර පදර්ථයන් වියළි ය , නොදී රැක දෙන්නා වූ අබ්ධාත්වවධීශ්වර වූ වරුණ දේවරාජයාණනි , සකල සත්ත්වා වර්ගයා ගේ මරණය පිළිබඳ දේවතා වූ යම් දේව රාජයාණනි , සමස්ත පදාර්ථ නිර්මාණයෙහි අසහාය ස්වාමි වූ පද්ම සම්භව වූ ප්ර ජාපතීන්ද්රදයාණනි , ස්වර්ග , මර්ත්ය , පාතාල සංඛ්යා ත භුවනත්ර්ය වර්තී සමස්ත වස්තු සංරක්ෂණයෙහි සතතෝපයුක්ත වූ නාරායණ දේවෝත්තමයාණෙනි , සර්ව වස්තු සංහාරයෙහි සමර්ථ මහිමයෙන් විරාජිත වූ මහේශ්වර දේවෝත්තමයාණනි , ඔබ හැම දෙනා මේ මොහොතෙහි භර්තා ගවේෂණ දෞෂ්කර්යයෙන් පීඩිත වූ එ සෙයින් ම අශරණ වූ මා කෙරෙහි අනුකම්පා කරනු මැනව. මාගේ පෙම්වතා සොයා ගැනීමට මට සහාය වුව මැනව. ” මේ ආයාචනයෙන් මෘදු වූ ඛන් ඇති දෙවියෝ සිවුදෙනා එකෙණෙහි ඒ නල රජුට බඳුව තමන් මවා ගත් වේශය අතුරුදහන් කොට ගෙන සිය සිරුරෙන් ම සිටගත්හ. ඒ මහානුභාව සම්පන්න වූ දෙවියන් දුටු දමයන්ති තොමෝ ඔවුන් ඉදිරියෙහි දණ ගසා වැඳ “ අහෝ දෙවියනි , මා කෙරෙහි දයා කළ මැනවැ ” යි කීවාය. දෙවිවරුන් සිය සිරුරුවලින් ම සිටියද මෙන් එක් දේව ප්රැයෝගයෙක් දෝ හෝයි සැක කොට ස්වල්ප වේලාවක් සිටිවනම සිටි දමයන්තියට සිය පෙම්වතා වෙන්කොට ගැනීමෙහි නො වරදින සුලු උපායක් වටහාගත හැකි විය. දෙවියන් ගේ ඡායාව පොළොවට නො වැටෙන බව අසා තිබුණු බැවින් ඕ තොමෝ ඒ කරුණ මෙහිදී පිහිට කොට ගත්තිය. ආශ්චර්යයකි ! ඒ දෙවි වල්ලභයා හඳුනා වරු සතර දෙනාගේ සිරුරින් ගැනීම පොළොවට සෙවණැල්ල නො වැටු . ණේය. එයින් ඔවුන් වෙන් කොට සැලකීමට ඉඩ ලැබූ දමයන්තී කුමාරිකා තොමෝ සිය පෙම්වතා අඳුනාගෙන වහා ඔහු ඉදිරියෙහි දණ ගැසුවාය.




14 නල සහ දමයන්ති

ඉන්පසු නැගිට සිය අතෙහි වූ මාලාදාමය නල නරේන්ද්රයයා ගේ ගෙලෙහි පැළඳවූවාය. දෙවියන් සහිත වූ ඒ මහා රාජ පරිෂත් මධ්යේයෙහි දි නල දමයන්තී දෙදෙනා ඔවුනොවුන් කෙරෙහි ප්රේඒමයෙන් වාසය කිරීමට පොරොන්දු වූහ. මෙසෙයින් දමයන්තී තොමෝ නල රජුගේ අග මෙහෙසුන් බවට පැමිණියාය. දමයන්තිය ගේ ස්වයංවරයට පැමිණි අවශේෂ රජවරු කඩ වූ බලාපොරොත්තු ඇත්තාහු නිෂධ දේශාගමනය තම තමන්ගේ පිරිවර සමග භීම මහීපාලයාගෙන් ලත් අවසර ඇතුව පෙරළා සිය දෙස්වලටම ගියහ. අද්විතීය රූප ශ්රීම සාර ධාරණී වූ දමයන්තිය ගේ ප්රේ ම පාත්ර් බවට පැමිණි නල නරනාථ තෙමේ ඒ තාක් එහි නතර වී සිටි ඉන්ද්රේ , අග්නි , වරුණ , යම යන දේවරජයනට ආචාර පැවැත්විය. යුතුකම් ඉටු කිරීමෙහි නො පසුබට වූ ඒ දෙවියෝ සිවුදෙනා නල රාජයාට වෙන් වෙන් වසයෙන් වර ප්රබසාද දී තම තමන්ගේ දිව්යජ භවනයන් කරා ගමන් ගත්හ. සිය දූ කුමරියට සුදුසු හිමියකු ලැබීම ගැන මහත් වූ ප්රීභතියට පැමිණි භීම භූමිපාල තෙමේ එය නිමිති කොට කීප දවසක් සිය නුවර සැණ කෙළ‍ි පැවැත්වූයේය. ශ්චශුර භවනයෙහි මහා මංගලෝත්සව ශ්රී‍යෙන් කීපදවසක් ගත කළ නල ධරණීස තෙමේ ඒ විදර්ග දේශාධිපතිහුගෙන් ලත් අවසර ඇත්තේ දමයන්තිය හා සිය දෙස බලා ගමනාරම්භ කෙළේය. පියකරු වූ සිය රජුගේ ආගමනය ඇසූ තෛෂධයෝ ස්වකීය රාජ්ය සීමාවේ සිට රාජ මන්දිරය තෙක් මහ මග නොයෙක් අයුරින් සරසා ලූහ. මග දෙපස සෑදු තොරණ හා ඇගෑ ද අහස ලෙළ දෙන්නා වූ විචිත්රා වර්ෂණෝපයක්ත වූ ධ්වජ පතාකා ද සුදුවැලි අතුරා පිළියෙල කළ මාර්ගය ද නානාවිධ මාලාකර්ඹ ලතා කර්මාදියෙන් අනුව්යංවජිත වූහ.





නල සහ දමයන්ති 15 අභිරමණීය විලාසයෙන් සරසන ලද මංගල හස්ති රාජයා පිට වනවන ලද කුටාගාර මණ්ඩපයෙහි ශක්රල දේවේන්ද්ර ලීලාවෙන් වැඩහුන් ශ්රී මත් නල නරේන්ද්රරයෝ ඉන්ද්රා ණිය සේ පසෙක හිඳුවාගත් ලෝක සුන්දුරී වූ දමයන්ති බිසොවුන් සමග මහ පෙරහරින් ගමන් ගත්හ. ආතත විතතාදි පංචාංගික තූර්ය නාදයෙන් දිගන්තයන් බිහිරීකරවමින් ගමන්ගත් ඒ පෙරහැර ගොඩ ගමන් ගත් මහ සමුදුරක් සේ අති ව්යාහප්ත පෙරහැර බැලීමේ විය. ඒ මහ පෙරහැර නගරයට ළං කලබලය. වත්ම මග දෙපස පිහිටි දහස් සුවහස් ගණන් මහා මන්දිරවල උඩුමහල් තලයන්හි වූ සීමැදුරු කවුළුවලින් එබි එබී බලන්නා වූ පුරාංගනාවන්‍ ගේ මුවපියුම් රැසින් මුළු නගරවරය මහා පද්ම තටාකතක ශ්රිංය උද්මහනය කෙළේය. මේ අභිනව මෙහෙස්න ගේ ශ්රීක විභූති දර්ශනයෙහි උත්සුක වූ ඇතැම් පුරගනෝ සළු හැද හැදම මාර්ගාසන්නයට දිවුහ. කලබල වූ ඇතැම් වනිතාවෝ ඇස ගානා අඳුනෙන් තොල් ආලේප කළහ. ඇතැම්මු තොල් සරහණ පාටල වර්ණ ද්රුවයෙන් ඇස් රඳා ගත්හ. ඇතැම් අගනෝ මංජිරය අතෙහි බහා ගත්හ. ඇතැම් අගනෝ කේයුරය පාදයෙහි බහා ගත්හ. නිජ රූප ශ්රී් දර්ශෙනයෙහි බද්ධාදර ඇති ඒ අගනන් ගේ ස්ථානභ්රෝෂ්ට වේශ විලාද දර්ශ නය වනාහි ඉන්ද්රිනය දමනයෙන් යුක්තව යන්නා වූ දමයන්තිය ගේ ප්රා‍සංගික හර්ෂයට හේතුවිය. මෙසේ චිත්තා විෂයාතික්රා න්ත වූ වාග් විෂයාති ක්රා්න්ත වූ ශ්රීම විභූතියෙන් වඩනා ‍රාජ රාගාදිහු නිෂධ රාජමන්දිරයට පිවිසියහ. මේ මහරු සිරිසල් දවල් තිස්සේ නරඹ නරඹා ප්රීිතිමත් වූ සූර්ය දිව්යවරාජ තෙමේ






16 නල සහ දමයන්ති

අනුජීවී ජනතාව ගේ යස ඉසුරට ඉඩ හැර සදදුවන මහාත්මගති ඇති ගෙහිමියකු සේ දිනාන්තයෙහි ඵළඹෙමින් සිටි චන්ද්රමතාරකාවනට කැමැති සේ ඒ රාජ ශ්රීද දර්ශනයට ඉඩහැර අස්තාවලයට ගියේය. චක්ර රත්න ලාභයෙන් පිනාහිස දුගියන් රැළක් සේ ලෝකමාන්යැ මහිෂියක් ගේ ලාභයෙන් පිනාගිය නුවරු මුළු රැය මහත් උත්සවයෙන් ගත කළහ. කලාවිද්යාියෙහි සුශික්ෂිත ගන්ධර්වයන් විසින් පවත්වන ලද ලයාන්විත ගීතයෙන් හා වාදිතයෙන් ද නර්තනයෙන් ද මුළු නුවර දෙව්නුවරක ශ්රීනය ඉසිලිය. නිෂධ දේශවැසීහු මහත් ප්රීලතියට පත්වූහ. මුළු රජගෙයි වැසියන්ගේ ද මුළු නගර වැසියන්ගේ ද මුළු රටවැසියන්ගේ ද ප්රී්තිය දියුණු තියුණු කෙරෙමින් දමයන්ති බිසොව සහාය කොට ඇති නල රජතෙමේ දැහැමෙන් සෙමෙ‍න් රාජ්යම පාරිපාලනයෙහි යෙදුණේය.

සිවු වැනි පරිච්ඡෙදය


විදර්ග දේශයෙහි පැවැති ස්වයංවරයට යමින් සිටි කලි නම් වූ දෙවියාහට එහි සම්ප්රාෙප්තවීමට පෙර අතර මගදී ඉන්ද්ර , වරුණ , යම , අග්නි යන දේවතාවෝ මුණ ගැසුණාහුය. ඔවුන් විසින් විචාරන ලද කලි තෙමේ තමාන් උපද්රැවත දමයන්තියගේ ස්වයංවරයට යන බව පැවසීය. සමයයක් ස්වයංවරය අවසාන වූ බවත් නිෂධ දේශාධි පති නල රජු දමයන්තිය විසින් තෝරා ගනු ලැබ බවත් තමන් ද එහි සිට එන බවත් ඒ ඉන්ද්රාිදීහූ. කලිට දැන්වූහ. මේ බලාපොරොත්තු නොවූ වෘතාන්ත යෙන් කලි තෙමේ දඬුයෙන් පහළ අසිවිෂකුසේ ප්රොකුපිත වූයේය. කලි කිපුන බව දුටු ඉන්ද්රා දීහු කලිගේ තරම දත් බැවින් නල කෙරෙහි වූ මෘදු සිත් ඇතිව “ පින්වත් කලි දේවතාව , අප කියන්නක් ඇස්ව මැනව. ඒ ස්වයංවරය. ”



නල සහ දමයන්ති 17

වූ විනයානුකූලව දැහැමි ලෙසින් සිදු කරන ලද්දේ විය. නල රජුගේ ජයග්රනහණයෙන් සතුටු වූ අපි ඔහුටත් ඔහු ගේ ධර්ම පන්තියටත් ආසිරි පැතුම්හ. එ බැවින් කලි ! ඔබ පෑහීමකට නො පැමිණිය ද , ධර්මිෂ්ඨ නරශ්රෙහෂ්ඨයකු වූ නලයන් කෙරෙහි ක්රොහධ නො කරනු මැනව. අපට ඇහුම්කන් නො දී ඔබ නලයන් කෙරෙහි ආඝාත බැඳීමෙන් ඔබට ම හාන් පමුණුවා ගත්තෙහිය ” යි කීවා හු ය. කලි තෙමේ දෙවිවරුන් ගේ බස් නො ඇසූ කන්ව නල රජුට ඊර්ෂ්යාන කෙරෙමින් ආගාත බැඳගෙන ඔහු වනසා ලීමට මානබලමින් කලක් හැසුරුණේය. කලි කළ විපත ධර්මිෂ්ඨ වූ නල රජ තෙමේ දිනපතා දෙවියනට කරන පුද සිරිත් නො වළහා ඉටු කෙළේය. දෙවියන් විෂයෙහි මේ සරු පුද සිරිත් පවත්වනු ලබනතුරු නල රජුට විපත් පමුණුවන්නට කලි අසමර්ථ විය.

දිවා රාත්රිත දෙකෙහි මොහොතක් නෑර මහත් පරීක්ෂා වෙන් කල් යවන කලීට දොළොස් අවුරුද්දකට පසු එක් දිනෙක දේව පූජා විධානයෙහි වූ නල රජුගේ ප්රටමාද දෝෂයක් දකින්නට ලැබුණේය. එ කෙණෙහි කලි තෙමේ නල රජුගේ සිරුරෙහි ආවිෂ්ට වූයේ ය. එවක් පටන් නල තෙමේ කලිගේ මෙහෙකරුවෙක් විය. කලි තෙමේ යමක් කැමැති වේද එය ම ක්රි යාවෙහි යෙදවීම දැන් නලහුගේ පැවැත්ම වෙයි. ජල යානයෙන් යන්නා වූනියමුව පුරුෂයාගේ කැමැත්ත‍ට අනුව සමසේ ජලයානය හැසිරේ ද එසේ ම කලිගේ කැමැත්තට අනුව කල තෙමේ හැසිරෙයි. මේ අවධියේ දී නල රජුගේ සොහොයුරු වූ පුෂ්කර නැමැති ක්රෑසර කුමාර තෙමේ නිෂධ රාජ්ය ය තමා සතු කර ගැනීමෙහි අදහස් ඇත්තේ විය. සිය අදහස් සඵල කර ගැනීමේ මාර්ගයය දුටු කලි සෙමේ එක් දවසක් නල රජු හා පුෂ්කර කුෂිරු අතර දූ කෙළියක් ඇති කර වූයේය. ආවිෂ්ට වූ





18 නල සහ දමයන්ති

කලි දේවතාවාගේ අදහස් අනුව ද්යුකතයෙහි යෙදුණ නල රජ තෙමේ පරාජයට පත් වූයේය. නැවත නැවතත් පැරදුණේ විය. ස්වකීය මිත්රා වාත්ය යන්ගේ වත් ප්රිදයංකර දමයන්තියගේ වත් හිතවත් අවවාද පිළිගැනීමෙහි අභිලාෂයෙක් කලිගේ ආවිෂ්ට හේතුවෙන් නල රජුට නැති විය. එ බැවින් දිනපතා දූ කෙළින්නවූ නල තෙමේ කිසිම විටෙක නො දිනුයේ ය. මේ භයංකාර ක්රීභඩාවෙහි පරිණාමය වටහා ගැනීමෙහි සමර්ථ වූ දමයන්ති මෙහෙසි තොමෝ නල රජුගේ රථාචාර්ය වූ වර්ෂණේයයාහට පණිවුඩ කොට ස්වකීය පුත්රෝ කුමාරයාත් දුහිතෘ කුමාරියත් දමයන්තිය ගේ ස්වකීය පිය මහරජාණන් වෙත ඥානාන්විත ක්රිතයාව. කැඳවා යන ලෙස භාරදුන්නීය . වර්ෂණේය තෙමේ නල රජුගේ ශෝභන රාජරථයෙන් ඒ රජ දරුවන් දෙදෙනා ‍විදර්ග රාජ්‍යයේ අගනුවර වූ කුණ්ඩින පුරයට කැඳවාගෙන ගොස් භීම රජුට භාර කෙළේ ය. මේ මෙහෙයෙහි යෙදුණු වර්ෂණේය තෙම ටික දවසක් කුණ්ඩිත පුරයෙහි නැවතී සිට ඉන් පසු පෙරළා සිය රටට නො පැමිණ කෝශල දෙශයට ගොස් එවකට එහි පාලකයා වූ සාතුපර්ණ රජු සමීපයෙහි රථාචාය්ය්්ර්‍ ධූරයට පත් විය. තමන් සතු නානාවිධ වස්තූන් පරදු කොට තබමින් දිනපතා දූ කෙළියෙහි යෙදෙන නලතෙමේ අන්තිමයේ දී සිය මාලිගයන් නගරයත් රටත් පුෂ්කරයා අයත් බවට පැමිණ විය. පරදු තබන්නට නිසි කිසිවක් නැතිව අකිංචන වූ නල රජු ගේ මුහුණු බැලූ පුෂ්කර තෙම “ සොහොයුරාණනි , ඔබ සතු සියල්ල පරදු තබා අවසාන හෙයින් දැන් දමයන්තිය පරදු කොට තබනු මැනවු ” යි කීය. මාලිගය , පුරය , රාජ්යිය යන මේ තුනත් ඊට අයත් සියලු උපභෝග පරිභෝග සම්පත් රාශියත් පැරදීමෙන් තමන්නට අසමර්ථ විය. සිය දිවි ගියත් දමයන්තිය පරදු කොට තැබීම වූ කලි නල රජුට නම් නො කළහැකි වූ ම දෙයති.



නල සහ දමයන්ති 19 පුෂ්කරයාගේ ඒ නියමය රජුට විෂපීත ශරයක් බඳු විය. එහෙත් දැන් කුමක් කරන්නට ද ? මුළු දුෂ්ට පුෂ්කරයා සේසත සතුරා සතුවම පැමිණ වූ නල තෙමේ - හැඳගත් රෙදිකඩම ධනය කොට ඇති ඒ දුගී තෙමේ - පුෂ්කරයාගේ නියමයෙන් දමයන්තියන් සමග මගට බැස්සේය. දුගී වේශයෙන් මගට පිළිපන් නල දමයන්ති දෙදෙනා කීප දවසක් නගර සීමාවෙහි නැවතී උන්හ. ධර්මිෂ්ඨ වූ ද අහිංසක වූ ද මේ දුගී දෙපළට පුරවැසි බොහෝ දෙනාගෙන් සංග්රනහ ලැබුණේ ය. එසේ වුවත් ඒ නරයෙහි රැඳීමට පුෂ්කරයාගෙන් අවකාශ නො ලැබුණේ ය. රටවැසියන් ගේ සංග්රවහ විඳිමින් ඔවුන් එහි වසන බව් සැල වූ පුෂ්කර තෙමේ නල දමයන්ති දෙදෙනා වහාම නිෂධ රාජ්ය යෙන් පිට විය යුතු බවත් යම් කිසිවකු ඔවුනට කෑම පිම් ආදියෙන් සංග්ර හ කළ හොත් ඒ සංග්රාබහකයන් මරණීය දණ්ඩනයට යටත් විය යුතු බවත් ප්ර කාශ කොට අණ බෙර හැසිරවූයේය.

මේ බියකරු ආඥාවෙන් තැතිගත් රටවැස්සන්ගේ අනුකම්පාවට භාජන නොවූ නල දමයන්ති දෙ දෙනා තුන් දවසක් ම කිසිම ආහාරයක් නැතිව දියෙන් පමණක් යැපුණෝ ය. අනේ රාජ්යෙශ්රීපය ! අනේ රාජ්යකශ්රී්ය !!

පස් වැනි පරිච්ඡෙදය

ජනවාසයෙන් නෙරපනු ලැබූ ඒ අසරණ දෙදෙනා ක්ෂුසධාග්නියෙන් පීඩිතවූවාහු මහ වන පිටුවහල් කරනු යට වන්හ. ඒ මත වනයෙහි අල මුල් ලැබූ රාජකීයයෝ පලාපල සොයා සොයා එයින් යැපෙමින් තැනින් තැන ගස් යටත් ගල් ගුහා වලත් ලැගුම් ගනිමින් මේ අසරණයෝ යම්තම් දිවිරැක ගත්හ.




20 නල සහ දමයන්ති

එකි දවසක් ස්වර්ණවර්ණ පක්ෂීේන් රැළක් බිම වසා අහිංසක ලෙස ගොදුරු සොය සොයා හැසිරෙනු දුටු නල තෙමේ “ අද අප දෙදෙනා ගේ ආහාරයට මොවුන් අල්ලාගත හොත් මැනවැ ” යි සිතුයේය. මෙසේ සිතා තමා ගේ රෙදි කඩ දිගහැර ඒ රන්කුරුළු රංචුව මත හෙළුයේ ය. අවාසනාවකි ! එකෙණෙහි ඒ කුරුල්ලෝ රෙදිකඩක් රැගෙන අහසට නැගුණෝ ය. අහසට නැගී පියාඹන ඒ ස්වර්ණ පක්ෂී හූ මෙසේ කීහ : -

“ අහෝ ! මූඪ නල , අපි වූ කලී ඔබ විසින් පුෂ්කර කුමරු හා සමග කළා වූ ක්රී ඩාවට අයත් පුදුම කුරුල්ලෝ . පසඇට වෙමු. දැනට ඔබ සතුව තිබෙන එකම වස්තුව වූ මේ රෙදි කඩන් ගෙන යාමට අපි පැමිණියෙමු. ” මේ වචන අසත්ම නල තෙමේ ත්රගස්ත වුයේය.අති මාත්රප වූ භීතියට පැමිණියේය. රෙදිකඩට පවා අහිමිව වල් කොළ අතු හැඳගත් හෙතෙම දමයන්තී දෙසට හැරුණේය. අහිංසකවූ අසරණ වූ ඇය දුටු නල තෙමේ බලවත් ‍ෙශා්කයෙහි නිමග්න වූයේය. තමන් නිසා මහත් යස ඉසුරෙන් වැඩුණු අසම ශ්රීර ධාරීණී වූ දමයන්තියට සිදුවූ විපත දරාගැනීමෙහි නල තෙමේ අපොහොසත් වූයේය. දමයන්තීය වැනි අගමෙහෙසියකගේ ස්වාමිපුරුෂයකු වශයෙන් පෙනී සිටීමට තමන් නුසුදුස්සකුන් බව ද සැලකුයේ ය. දුර්භාග්යුය විසින් පදානුපදිකව ලුහුබඳනා ලද නල තෙමේ අහිංසක දමයන්තිය හා ගමන් කරන්නේ ජන ශුන්යු වූ මාවතෙහි ශාංගාටකට හෙවත් සතරමාසත් දියකට පැමිණියේය. එහි සිට නල තෙමේ දමයන්තිය අමතා මෙසේ කීය : - “ ප්රි ය සුන්දරිය ම බසට ඇහුන්කන් දුන මැනව. මෙන්න මේ මාර්ගය දක්ෂි ණ දිග දේශවලට





නල සහ දමයන්ති 21

යන්නා වූ මාර්ගය යි. අර ඉදිරියෙහි පෙනෙන්නේ වින්ධ්යු කඳු වැටිය යි. ඒ සමීපයේ ගලා බස්නා නදින් ගේ ඉවුරු අසබඩ සෘෂිවරයෝ වාසය කෙරෙත්. මේ තිබෙන අනික් මාර්ගයේ විදර්ග දේශය තෙක් වැටී තිබෙයි. මෙන්න මේ මග සලකුණු කීම. තිබෙන්නේ කෝශල දේශයට යන්නා වූ මාවතයි .” මේ මාර්ග විස්තරය නල තෙමේ නැවත නැවතත් කෙළේය. මෙයින්දමයන්ති තොමෝ නලහුගේ අදහස දැන බිය පත් වූවාය. ඔහු දෙසට හැරුණු දමයන්ති තොමෝ මෙසේ කීවා ය. “ ස්වාමීනි , ඔබ ගේ බසින් මාගේ හෘදය කම්පිත වෙයි. මේ බෙදාස් පද වූ අවස්ථාවෙහි කෙසේ නම් මම ඔබගෙන් වෙන්වෙම් ද ? මම ඔබ හා සමාන සුඛ දුඃඛ භාගිනී වන්නෙමි. එ බැවින් මා අතහැර දමන්නට නොසිතනු මැනව. ” මේ ඇසූ නල තෙමේ “ අහෝ මාගේ පෙම්බර සොඳුර කෙසේ නම් මම ඔබගෙන් සතුවකින් වෙන්වන් නෙම් ද ? අහෝ ! මේ පුළුල් වූ භූ ලෝකයෙහි පාදචාරියකු වූ මම දෙසේ නම් මා නිසා ඔබ දුක් විඳුවම් ද ? දැන් මා සිත පැතිරෙන්නා වූ එක ම දුක නම් මෙ පමණෙකැ ” යි කීයේ ය. “ ප්රේපමනීය ස්වාමීනි , ඔබ මා පසෙක වෙසෙනතුරු කිසිමි දුකක් මම ගණනකට නො ගනිමි. ඔබගේ කැමැත්ත වේ නම් මාගේ කාරුණික පියාණන්ගේ පාලනයෙහි පවත්නා විදර්ග දේශයට අපි යමු. මපියාණන් අප ඉතා කරුණාවෙන් පිළිගන්නා බවට කිසිසේත් සැක නො කරමි. ” දමයන්තිය ගේ මේ යෝජනාව අනුමත නො කළා වූ නල තෙමේ “ පෙම්බරිය , මේ දමයන්තිය ගේ අදහස අවස්ථාවේදී විදර්ග රාජ්ය්යට නො පිළිගැනීම. ගාම මට නො කල හැකි දෙයකි.





22 නල සහ දමයන්ති

මම එහි වරක් මහත් ඓශ්චර්යයෙන් විරාජමාන වූයෙමි. එහිදී මහානුභාව සම්පන්න දෙවිවරුන් පරදවා නුඹ ගේ අත් දිනා ගතිමි. මම ම මහත් යසසින් වැජඹුනෙමි. ඒ මම වනාහි අද දුගියෙක්මි. එ බැවින් මේ විලාසයෙන් මා එහි නො යායුතු බව සලකනු මැනවැ ” යි කීයේය. මෙසේ කියා ඇය හැ එක්ව යන්නා වූ නල තෙමේ අන්තීමයේදී වනයෙහි ගමන් කරන්නා වූ මගීන්ගේ නැවතුම් පළක් වූ එක් අම්බලමකට ගොඩවැදුණේ ය. ගමනින් හා සාදුකින් පීඩිතව සිහ නො කළහැකි කය දෙකින් ම වෙහෙ‍සට පැමිණි දෙයක් කිරීම. නල දමයන්ති දෙදෙනා ඒ අම්බලමෙහි නිද්රෝකපගත වූහ. බලවත් ඛෙදය හේතුකොට දික් නින්දකට නො පැමිණි නල තෙමේ බොහෝ හේතුකොට දික් නින්දකට නො පැමිණි නල තෙමේ බොහෝ වේලාවක් බිම දඟලමින් සිට මධ්ය්ම රාත්රි යෙහි පිබිදුණේ ය “ අහෝ මා පෙම්බර දමයන්තිය ඔබ මා නිසා කුමකට මේ අචින්ත්ය් වූ දුක්ඛ රාශිය විඳින්නෙහි ද ? ” යන සිතිවිල්ල ඔහුගේ හදපත්ලෙන් නැඟී මුළු සිරුර දමා මේ ශෝකාග්නියෙන් වෙළුණු නල තෙමේ නැවතත් මෙසේ සිතුයේ ය : - “ අහෝ ! කාලකණ්ණි වූ මට සිදුවන දෙයක් සිදුවේවා ! මම රහසින් මැයගෙන් වෙන් ව පලායමි. මා නැති බැව් දැනගත් වට අසරණ වූ මේ මාගේ ප්‍රේම පිණ්ඩය මා කියයා තිබෙන මග සලකුණු අනුව විදර්ග දේශයට යනවා ඇත. එවිට ඇයට සිය පියාණන් ගේ ආරක්ෂාවට පැමිණ සුවසේ කල් යැවිය හැක කාරණය එසේ වුවත් මේ ඝනාන්ධකාරවත් මහා රාත්රිකයෙහි මැය තනිකොට දමා මඟහැර යාම කෙසේ නම් කළ හැකි ද ? අහෝ ! සිදු වූ විපතක හැටි ! කෙසේ වුවත් මා පලා නො ගියොත් ” මේ අහිංසක රාඥිය මා සමග බලවත් දුකක් ම විඳින්නී ය. මේ රාත්රිලයෙහි මා ඇය රැකවල් කර සිට එළි වූ පසු නැවත ඇගෙන් වෙන්වීම දැනට වඩා දුෂ්කර වෙයි. මම ඇයට ප්රේ ම කෙරෙම් ද ? සත්තකින් ප්රේ ම කෙරෙමි. එය සැබෑවක් නම් ඇයට දිගින් දිගට දුක් නොදී වෙන්ව යාම සුදුසු වේ.



                                      නල සහ දමයන්ති                                   83                               

මෙසේ කරගන්නා ලද නිශ්චය ඇති නල තෙමේ මද වේලාවක් නිශ්ශබ්දව කඳුලු හෙළමින් සිටි අන්තිම යේ දී දහයන්තියට ළංව ඇය පෙරවා සිටි දික් රෙද්දෙන් කොටසක් ඉතා සෙමින් ඉරාගෙන එය සිය ඉණ වට ඔතා ගත්තේය. සිය දිවි මෙන් ප්රේිම කරන බිසොව ගෙන් වෙන්ව යාමට පිටත් වූ නල තෙමේ නැවතත් ගලක් මෙන් නිශ්චලව අහිංසක විලාසයෙන් නිද්රෝතප ගත වූ දමයන්තිය දෙස මහත් ප්රේිමයෙන් බලා සිටියේය. අනේ ! ප්රිරයංකර වූ අසරණ දමයන්තිය කෙසේ නම් අතහැර පලාගිය හැකිද ? හා ! ඔහුට එය ඉතා දුෂ්කර වැඩකි. මඳ වේලාවක් ඇය දෙස බලා සිට ඇය කෙරෙහිම වූ උදාර අදහස් මුල්කොට ගෙන නැවතත් හෙතෙම පිටත් විය “ අනේ ! මහවනයේ හුදෙකලා වූ දමයන්තිය හැර දමා මම කෙසේ නම් ඉවත්ව යම්ද ” යි බලවත් වූ ප්රේිමාවනද්ධ ඛේදයෙන් නැවතත් හේ ආපසු හැරුණේය. ළය පැලී යන තරම් වූ ප්රේහම වේගය ධරාගත නො හැකි වූ නල තෙමේ නැවතත් පුරුෂ ධෛර්යය උපදවා ගෙන “ මාගේ පෙම්පිඩ දෙවියෝ රකිත්වා ” යන ආශාසනය සිහි කොට නො නැවතීම යන්නට ගි යේ ය. මහ වන මැද හුදකලාව නිද්රෝ පගත වූ අහිංසක දමයන්තී තොමෝ උදෑසන පිබිද වට පිට බැලුවාය. අහෝ දෙවියනි කාට කියන් අසරණ දමයන්තී නට ද ? සිරුන් ගේ හැඬීමෙන් නිරන්තර වූ අහස සුඹුනා මහා වෘක්ෂආයන් ගන් නිතොර ව ඒ මහ වනය සුඛෙධීතව පිරිවරින් හැසුරුණු දහයන්තිය ගේ මහත් බියට කරුණු විය. නල රජු පලා ගිය බැව් ස්ථිර සේ වටකා ගැනීමට ඇගේ සළුවෙන් කොටසක් ඉරාගෙන තිබීමට වඩා





24 නල සහ දමයන්ති

සාක්ෂ්යපක් කුමට ද ? අහෝ ! ස්ත්රිග රත්නයක් වූ දමයන්ති තොමෝ විලාප කියමින් එහිම ඇද වැටුණාය. සීසන් නැතිව බොහෝ වේලාවක් වැටී හුන් ඕ තොමෝ නැවත සිහි අවුත් නැගිට හඬමින් වැළපෙමින් “ අහෝ පෙම්බර හිමියාණනි , අහෝ ජීවිතේශ්වරයාණනි , අසරණ වූ මා මහ වනයක තනිකොට හැර දමා ඔබ කොයට ගියෙහිද ? එනු මැනව ස්වාමීනි , ඔබ ගේ සැපතෙහි මෙන්ම විපතෙහි එක්ව හැසිරීමට මට ඉඩ දුන මැනව ” යනාදි වු ඇසූ කෙනෙකුන් ගේ ළය කකියවන වචන මාලාවන් ගොත ගස ගසා කියමින් ඒ මහ වනයේ තැනින් තැන හැසුරුණාය. සිය හිමියා තමන් කෙරෙහි කොතරම් ප්රේනමයකින් වාසය කෙරේ ද යන බව ප්රමත්යකක්ෂඔ යෙන් දන්නා වූ දමයන්ති තොමෝ කිසිසේත් තමන් තනිකොට මහ වනයෙහි දමා නොයන බවම සැලකුවාය. මහ වනයෙහි වූ ගස් බිල් ගල්ලෙන් ලිය මඬු ආදී සැගවී සිටිය හැකි නො යෙක් තැන් පරීක්ෂාස කොට බල බලා හැසිරෙන්නා වූ දමයන්තියගේ විලාපය අසා සැනසිලි බසක් පමණ කීමට නිසි වූ මනුෂ්යෙයෙක් එහි නො විය. සිය හිමියා සොයා නො ගෙන ඈ කෙසේ නම් පිය රජු වෙත යන්නි ද ? ප්රේොමයෙන් වළදනා ලද ශෝක වෙනයෙන් තමන් මහ වනයේ හැසිරීමෙන් විය හැකි විපත් කිසිවක් නො සලකන්නා වූ දමයන්තී තොමෝ “ කිසියම් වන සතකු අතින් මිය යාම නල රජුගෙන් වෙන්ව ජීවත් වීමට වඩා හොදය ” යි සිතුවාය. මෙසේ සිතමන් හිමියා සොය සොයා වනයෙහි හැසිරෙන්නා වූ දමයන්ති තොමෝ විශාල සර්ප රාජයකුට හසුව ඔහු ගේ භෝගා කබලෙන් බැදි බැදි සිට වලියෙන් වෙළා ගනු ලැබූ ලිපට වැටීම. වාය මාරාත්මක වූ සර්ප රාජයා විසින් වෙළන ලදුව





25 නල සහ දමයන්ති

බලවත් පීඩාවට පැමිණි දමයන්තී තොම මහ හඬින් හැඬූවාය. අනේ ! කබලෙන් ලිපට වැටුණාක් වැනි අති භයංකාර වූ මරණාන්තක අවස්ථාවක මූණ පා සිටින දමයන්තියට කාගේ පිළිසරණක්ද ? ලෝක පාල දෙවියනට පින් අයිති වේවා! දමයන්තිය ගේ මේ කාරුණික වූ සැඬීම වී මහ වනයෙහි හැසිරෙන ව්යායධයකුට ඇසුණේය. හෙතෙම වහා එතනට අවුත් බැලූ විට ශොභන කාන්තාවක් මහා සර්ථයකුගේ දරණ වැලින් වෙළා සිටිනු දැක තමා අත තුබූ ආයුධයෙන් ඒ සර්ප රාජයා ගේ හිස දෙ පලු කෙළේය. එයින් දමයන්ති තොමෝ ඒ භයංකර විපත්තියෙන් මිදුණාය. සර්ප ග්රාතහයෙන් මිදුණත් තද්වේෂ්ටනයෙන් වූ පී‍ඩනය නිසා ද එයින් පැමිණි වසන් භය නිසා ද ඕ සිහිසන් නැතිව බිම වැතිරී උන්නාය. ව්යා ධයා විසින් අසල තිබුණු විලකින් පැන් ගෙනවුන් මුහුණට ඉඟ පවන් සැලූ ස්වල්ප වේලාවකින් ඕ තොමෝ සුවපත්ව මුව නොපොහොනා සේ ව්යා්ධයාට ස්තුති කළා ය. ස්වකීය ජීවිත වෘත්තාන්තයන් හෙළි කළාය. සනී වූ අහිංසක වූ අනාථ වූ දමයන්තියගේ ඒ කාරුණික ස්තුතියෙන් තෘප්තියට නොපත් ව්යාාධ තෙමේ ගින්නෙන් රන් කළ යකඳක් ස්පර්ග චරිත ශුද්ධියේ උසස්කම කිරීමෙන් අභිලෂිත වූ බාලයකු මෙන් කාමුක ප්රේසමයෙන් වශීකෘත වූයේ ඇයගේ අත ස්පර්ශ කෙළේය. ධර්ම රක්ෂිතාවූ දමයන්ති තොමෝ එයින් බලවත් කෝපයට පැමිණියාය. ජීවිතය රැක දීමෙන් කළ උපකාරයට වඩා බලවත් වූ වරදක් ව්යාාධයාගේ ඒ නිහිනතාවෙන් ඉදිරිපත් කෙළේ විය. අනාථවූ දමයන්තියට හැඩි දැඩි පුරුෂයකු වූ ව්යානධයා හා සටන් නො කළහැක. එබැවින් ඈ ව්යාුධයාට ශාප කළාය.






26 නල සහ දමයන්ති

බද්ධාංජලිකව අහසට නෙත් යොමු කරගත් දමයන්තී තොමෝ - “ දෙවියන් සහිත ලෝකයෙහි කිසිදු පරපුරුෂයකු කෙරෙහි කිසිම මොහොතක වත් කාමුක වූ අදහසින් නෙත් හෙළිම පමණකුත් නොකොට මාගේ ස්වාමියාට කීකරු භාර්යාවක් වූ මට මේ සිදුවන්නට යන විපත දෙවියෝ බලත්වා ! මේ අධමයා විනාශ කෙරෙත්වා ! ” යි ශාප කළාය. ඒ පත්ව්ර තාවගේ වචන දෙව්ලොවට ඇසුණේය. ඇසිල්ලකින් අහස ගිගුරුම් දුන්නේය. එකෙණෙහි වැදුණු අකුණකින් ව්යාකධයා ජීවිතක්ෂුයට පැමිණියේය. පෙම්බර හිමියා සොයමින් මෂවනයෙහි හඬ හඬා හැසිරෙන්නා වූ දමයන්තී තොමෝ ව්යාමඝ්රියකුට මුණ ගැසුණාය. තලහුගෙන් වෙන්ව දිවි රැක ගැනීමට වඩා මරණය යෙහෙකැයි සැලකුම් පතිව්රෙතා ධර්මානුභාවය තොමෝ ව්යා ඝ්රායාගෙන් බියට ආශ්චර්යයි. නොපැණියාය. පතිව්රමතා ධර් මානු භාවයෙන් ඒ විපතිනුත් මිදුණු දමයන්ති තොමෝ තුන් දිනක් මුළුල්ලේ කිසිම ආහාරයක් නැතිව මහ වනයෙහි හැසිරෙන්නී අන්තිමේ දී එක් අසපුවක් දුටුවාය. තපසෙහි යෙදී උන් සෘෂිවරයන් දුටු ඕ තොමෝ නිර්භයව ඔවුන් වෙතට එළඹුණාය. කුළුණු මෙත් ගුණබරණ ඇති ඒ සෘෂිහු ඇයට ආශිර්වාද කොට පිළිගෙන ඇයගේ තත්ත්වඇයට ගැළපෙන සේ ආගන්තුක සත්කාර කොට ඉක්බිති එහි පැමිණිමේ හේතු විචාළාහුය. ස්වකීය වෘත්තාන්ත කථාවෙහි යෙදුණු දමයන්ති තොමෝ - “ පින්වත් තාපසෝත්තමයිනි , දමයන්ති නම වූ මම වනාහි විදර්ශ දේශාධිශ්වර වූ භිම නර නිමිති ඇසීම වරයා ගේ දුහිතෘව වෙමි. නිෂධ දේශාධිශ වූ





27 නල සහ දමයන්ති

නල රජු ගේ බිසොව වෙමි. දුර්දශාපන්න වූ හිමියාණන් හා අනාථව හැසිරෙන අතර මහවනයෙහි දී ඒ මා‍ෙග් පෙම්බර හිමියා දෘෂ්ටිපථයෙන් ඈත් විය. නො කිය හැකි නො සිතිය හැකි මහා භයංකර උපද්ර්වයනට මුහුණ පාමින් මම ඔහු සොයා හැසිරෙමි. මම ඒ මාගේ හිමියාණන් සොයා ගන්නට බැරි වේදෝ යන බියෙන් මඩනා ලද්දෙමි. ශාරීරික වූ මහත් වේදනාවෙන් ද පීඩිත වූවා වෙමි පා නඟා යා නො හැකි තරම් බලවත් පීඩා ඇත්තෙමි. අහෝ උතුමනි , ඔබ අතින් බැගෑපත් ලෙස විචාරමි. මාගේ උත්සාහය පිළිබඳ ඵල සිද්ධිය වදාරනු මැනවැ ” යි ය. වඥා කළාය. විද්යායඥාන ලාභී වූ ඒ සෘෂි හු සිය නුවණ මෙහෙයුහ. ස්වල්ප වේලාවකට පසු එක් සෘෂිවරයෙක් ඈ දෙසට හැරී - “ දමයන්ති රාජපත්තිප , ඔබගේ බලාපොරොත්තු කඩ නොකරනු මැනව. වැඩි කල් නො ගොස් ඔබට හාස්යවය ළඟා වෙහි ඔබ සොයා යන්නා වූ නල රාජ තෙම ටික දිනකින්ම ඔබට මුණගැසෙයි. නිසැක වුව මැනවැ ” යි කීයේය. මහත් ඥානර්ධි ඇති සෘෂිවරයාගේ මේ අනාගත වාක්යසයෙන් බොහෝ දුර සැනසුම් ලැබූ දමයන්තී තෙමෝ ගෞරවාදරයෙන් ඒ සෘෂිවරයන් වැඳ සමු ගෙන එතනින් නික්ම පෙරසේම හිමියා සොයමින් මහවනයෙහි ඇවිද්දාය. මහා ප්රාෙසාදවල සුවපහස් ඇති විසිතුරු කමබලාස්තරණයන් ස්පර්ශ කළා වූ ඇය ගේ මෘදු පාද යුගලය කණු කටු ගල් බොරළු සහිත අවචීයෙහි හැසිරීමෙන් බලවත් වේදනාවට පත් විය. කැඩී සීරී තුවාල වූපාදයෙන් ඇවිදගන්නට තබා එක තැනක සිටින්නට ද අපහසු වුවත් බලවත් චිත්ත දෛර්යය ඉදිරිපත් කර ගත් දමයන්ති තොමෝ නල රජු හමුව මිස නො නවත්තා අදහසින් සොයා යන්නී මහා වනාන්තරයෙන් ගලා යන්නා වූ ගංගාවක් සමීපයට පත් වූවාය.






28 නල සහ දමයන්ති

"https://si.wikibooks.org/w/index.php?title=නල_සහ_දමයන්ති_-_i&oldid=5876" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි