Jump to content

නීති ශතකය

Wikibooks වෙතින්


භර්තෘ හරීන් ගේ

නීතිශතකය



සිං හ ල පද්ය ය

ග. ආරියපාල ගුණසේන




නීති ශතකය


1 දික්කල් ඇ අනත් - නොසිඳි සිත්මත් ගත්යුතු

   	      හැඟුමෙන් පසක් වූ තුම්  - නමදිම් බැතිනි  ලොවැදුරු


මායාකාරී අනුරාගයෙහි ඇති චපලතාවට මෙසේ නින්දා කරයි.

2. ඇය ගැනම සිතම් මම් ඕ ඇලේ අන් තැනෙක් හී ඇයට නොව උගේ පෙම් ඌ පතන්නේ වෙනත් කල් මෙයතර එකියක් මා වෙත් බැ‍ඳේ කාම රාගෙන් ඇය ද ඔහු ද මෑ හා මා ද කම්දෙවි ද චී ! චී !!

1 දික් කල් ඈ නොසිඳි - දිහිකාල ආදි වශයෙන් නොබිඳුණු

    අනත්  සිත් මත් ගත් යුතු  -     අක්මුල් නැති  චිත්තමාත්රු  වූ 

ගතක් ඇති

    හැඟුමෙන් පසක්  වූ -   අව‍බෝධයෙන් ම අති බැව් ප්ර්ත්යරක්ෂ 

කර ගත්

    උතුම් ලොවැදුරු බැතින් නමදිම්  (මම) උතුම් මහබඹු 

බැතියෙන් වඳිමි







නිති ශතකය 11

මද දැනුමැති දුර්විදග්ධයන් ආශ්රනය කිරිමෙහි ඇති දුෂ්කරතාව මෙසේ දැක් වෙයි. 3 නුගත් දතා තුටු කැරුම් නොමවේ බැරෑරුම් ඊටත් වඩා පහසුවේ වියතුන් ගැනුම් සිත් තොස්පත් කැරුම් මද දැනුම් ලද හිස් පුරිස් ඒ ලෝ මැව් මහා බඹුටවත් කිසිදා ‍ෙනා හැක්මැය්

තමන්ගත් මතයම හරියයි එල්බගත් අදාන්ත අඥනයන් සතුටු කිරිමේ දුෂ්කරතාව උපමාවන් ගෙන දැක්වෙයි. 4 මොහොරකුගෙ මුවේ අත්ලා මිණක් මැත ගැන්මත් සැඬමරු රළවුල් ඒ නීඳු මැද්දේ සැරිමත් කිපුණු විස සපුන් මල් දම්සෙ ඉස් හී දැරිමත් හැකිය, නො හැකි දැ නම් මෝඩයන් සිත් ගැනීමය්.

5 හැකිම වතුදු වැල්ලෙන් තෙල් ලැබීමත් කෙසේ ‍හෝ මිරිඟුවෙනි ලදත් පැන් ඉන් පිපාසා නිවූවත්, තැන තැනැවි ද සා අං හෝ ලැබූමුත් පසන්නෙන් අනුවණ දන සිත්තොස් පත් කැරුම් නම් නො හැක්මැය්.

සත් පුරුෂ ජනයා ඇසුරු කළද දුදනන්ගේ දුදන ගතිය හරණට නො හැකි බව උපමාවන් ගෙන් දක්වයි. 6 බැඳුමද සියපත් නූලෙන් මදින් මත් ගිජින්දා කුලිස මල් පෙත්තේ අගින් බුන් කිරිමත් සමුදුර රස ගැන්නුම් මී බිඳක් ලා නො හැක්මැය්. දුදන නො වනු යාපත් සද්දනන් හා වුසුමුත්,

 2 වැනි සිලොවට සම්බන්ධත පුරාවීත්තයකි. එක්තරා බ්රාපහ්මණයෙකු ගෙන් ජරා වලිත පලිත දුරලා දිර්ඝව ජිවනය දෙන ඵලයක් රජ කෙනෙකුට ලැබුණේය. ඔහු එය නො වළඳා තමා ඉතා ආලය කරන තම බිසවට දුනි. බිසවද එය නො වළඳා තමා ඉතා ඇලුම් කරන වල්ලභයෙකුට දුන්නාය. ඔහුද එය තමා ඉතා ආලය කරන අන් වනිතාවකට දුනි. ඕද එය නොවළඳා තමා ඉතා ඇලුම් කරන රජුට දුන්නාය. තමා බිසවට දුන් ඵලය මෙසේ තමන් අතටම ආ අයුරු විමසු රජු කලකිරි රජ සැපතත් ගිහි දිවියත්  හැර තපසට ගිය බව දැක්වේ.

නීති ශතකය 13

පණ්ඩිතමානීනගේ මෞනව්රමතය බලවත් උපහාසයකට ලක් කෙරෙයි. 7 නො බිණුම සිය නූගත්කම් වසා ගන්න නූගත් දනට ලොවැදුරාණන් ගෙන් ලබා ගත් ‍වරෙක් මැය්. ඔවුනට වියතුන් ගෙන් යුත් සෙබේහි සැරුම්හී අනගි අබරණක් මැය් ඒ ඉතාමත් දි මුත් වූ.

දැනුම් සපිරුමෙන් පරිණනතාවන් දැනුම් නො පිරුමෙන් අහංකාරයක් ඇති වන බව දක්වයි. 8 මද දැනුමැති දා මම් සැමදේ දත් වියත්මී මතවරණිඳු මෙන් මත්වී මහත් සේ දැපීම් පඬිදන ඇසුරෙන් යම් යම් දැයක් දත්ත කල්හි අනුවණ කම තේරි මන් උණක් සේ බැසී යේ

ආත්ම ගෞරවයක් නැති නීච පැවතුම් ඇති දුර්ජනයා ලොක නින්දා ගණන් නොගෙන තම පහන් ක්රිපයා දිගටම කරගෙන යන බව දක්වයි. 9 මස් ලේ නොවූ පණු මිනී ඇටයක් ලෙවුමිහී බල්ලාට නෑ විළි කිසිත් හමුවෙත් සුරින්දා ලෝතුම් දහම් නුහුරු නින්දිත නීචයා ගෙත් ඒ ලෙස්ම වේ සිරිත නෑ කිසිවක් තැකිමක්

අවිචාරව වැඩ කරන උසස් ස්ථානයන්හි වැජ‍ඬෙන්නන්ගේ වැටීම නොයෙක් අන්දමින් බව දක්වයි. 10 සුරගඟ තිදසෙන් හී තුන්නෙතාණන් සිරස් හී හිම කුළද සිසාරා ගොස් ගැලෙයි සාගරේහී නොමැති නැණ පිරික්සුම ගත් උසස්තැන් දනන්ගේ වැනැසුමද මෙසේ වේ නෙක් මගින් මේ දහම්වේ

10 ගංගා නම් ගඟ දෙව්ලොවින් ඇරඹි මෙහෙසුරුගේ ජටාව සිසාරා ඒ උතුම් ස්ථානයන්හි නොරදා හිමාලය පර්වවතය ද වටා ගොස් පහත් සමුද්රසයට වැටෙන බව හින්දු කථාන්තරයන්හි දැක්වේ.


නීති ශතකය 15

ලොකයේ නොයෙක් දේට ප්ර තිකාර ඇති නමුත් අඥනයන් ගේ මුග්ධකම් වලට ප්ර තිකාර ක්ර මයක් නොමැති බව දක්වයි.

11 ඇතා අකුස්සෙන් මතුරියන් විසත් දියෙන් ගිනිත් කුඩෙන් අව්වලෙඩත් බෙහෙත්වලින් ගොනාද දංඩෙන් මැඩෙතැයි පසින් නුමුත් දදුන්ට නම් නෑ පිළියම් ‍ලොව් කිසිත්


ශබ්ද ශාස්ත්රෑ නුගත් පුදගලයා අන් කිසිවෙකුත් නො කළ අන්දුමේ බලවත් සමච්චලයකට භාජන කරයි.

12 සැහිටියාව ද ගීත කලා නොදත් ජන තෙමේ වලගත් දෙ අගන් නොමැත් ගොනෙකි ඌ නොබුදි තණ එච්චරය් වෙසෙස ඌගෙ ‍ෙගානුන්ගෙ පිනෙක්ය ඒ


ජිවිත සාඵල්යුය නො ලද්දත් මිනිස් ගණයෙහි ලා සැලකිය නොහැකි සේ හෙලා දකි.

13 සතර තපස දන්සිල් දම් නැණින් හා ‍ගුණෙන් හිස් සපලකර නොගත්තෝ ජිවිතේ යන්තමින් හෝ මිහිකතට බරක් වීමෙන් මිනිස් වෙස් දරාගත් මෙලොව වසන සිව්පාවෝ වෙත් හා ! අ‍දෝමැය් !


අන් සියලු දෙයින් සම්පූර්ණා වුවන් අඥනයන් මධ්යැයෙහි ජිවත් විම ඉතා නො වැදගත් සේ දක්වයි.

14 හික්මුම් කිසිත් නැති බිරම් වන වාසියන් හා එක්වී වුසුම් ගිරිදුදුල් වලැ යාපතක් මැය් සක්දෙව්පුරේ වුව දදුන් සහ එක්ව වාසේ කොය් අන්දමින් වුව උතුම් වනුනම් නොවේමැය්

නීති ශතකය									17

රජයේ නොසැලකීමෙන් දුකටපත් වියතුන් සම්බන්ධහයෙන් රටේ පාලකයාට දොස් නගයි.

15 දිළිඳු ද වියතුන් සත් දම් බෙදුම්හි සමත් වූ දදබවය හැ‍ඟෙන්නේ ඉන් මහීපාලයන් ගේ මැණික නොමැණිකැය් යෙත් නම් යමෙක් සිමුළාවෙන් මැණිකට නැත නින්දා ඕහටය් ඒ නිගාවන්

උගතුන් පහත්කොට තමන් උසස්කොට සිතන අහංකාර නූගත් පාලකයනට තර්ජනයක් කරයි. ‍‍ 16 පැහැර ගත් නොහෙන්නා සෑම යාපත් සදන්නා පතන දියුණ දෙන්නා කප්හිමේදිත් නොනස්නා ඇතුළු විදු දනැත්තා තුම් නොවෙය් මා උසස් යැ ය් නිරිඳුනි, නොදැපෙව් ! දැන් අත්හරිව් ! ඒ උදාරම්

‍පාලකයනට හෝ කිසිවකුට රටේ උගතුන් සැමකල්හි ඔබා තබනු නොහැකි බව දක්වයි.

17 තණ රොඩු සෙ හෙලා දැක්කොත් වැරැද්දය් උගත් තැන් නොහැකි සිරිවම්ගෙන් කොන් කිරිමත් එබන්දත් නවමදින කොපුල් සම්වන් ගිජින්දා රවින්දේ හුයෙනි බැඳ නවත්වා ලීම කාටත් නොහැක්මැය්

යමක නිසඟ ගුණ මහ බඬුට වත් වැළැක්විය ‍ෙනාහැකි බව පවසයි

18 කිපුණු බඹුට විල හසුන්ගෙ වියැලුම් හැකිවෙයි එනමුත් ඔහු ලද මනරම් “ජලයෙන් කිරි වෙන් කළැකි” යි පැසැසුම් මැකුමට නම් නොසමති විට කිසි යම්

12. සැහැටියාව = සාහිත්යපය


නීති ශතකය 19

මිනිසා බබුළුවන්නේ කෘත්රිවම බාහිර ආටොපයෙන් ‍ෙනාවන බව දක්වයි.

19 සඳ කැලුම විලස් වූ මුත්හරත් රන් වලල්ලත් ලකල හිස කෙසත් නැමත් කුසුම් අංගරාගත් මෙයින දන නො වේ දුල් බස් විලස්නෙන් දිලුම් වේ බරණ නොව වදන්න මැය් ඔප් නැගිමෙන් දිලෙන්නේ

විද්යාවශාස්ත්ර්යන්හි ඇති ශ්රෙනෂ්ඨත්ව යන් එය නොදැනිමෙහි ඇති තුච්ජතාවත් දක්වයි.

20 විදුව දනට රූවෙය් කිත් සැපත් ලංකෙරෙය් ඒ රද පිදුම ලබය් දෙව් ගුප්ත වත් බෝගකාරය් විදෙස ගමනෙදි නැයෙක් ගුරුන් ගේ ගුරෙක් වේ එබඳු විදු නොදත්තා ‍මෝඩ සිව්පා සතෙක් මැය්

රජපදයටත් වඩා කවිත්වය අගේ කොට සලකයි.

21 ඉවසතොත් පියවදන් කුමට ද? කිපේනම් අන් රිපුහු කුමට ද? සියන් ඇතහොත් ගිනි ද සුමිතුරු වෙතොත් දිමඹසුවකින් වැඩවේ ද? දුදන වීනම් සපු ද. හිරි ඇති කල්හි බරණ ද, පඬිට දනයද ඇතොත් කිවිබව රජය කුමට ද, එයින්ඇතිවන වෙසෙස්පල කොද?

ලොකයේ හා ජනනසමාජයේ පැවැත්මට ඉවහල්වන න්යා්යයෝ මෙසේ දැක්වෙති.

22 සියන්හට සැඟැහුමත්, පරණටදයා, දුදනට වක් පැවැත්මත්

    සුදනහට තුට, වියත්තට ඉදු බව ද, රදුනට නීති රැක්මත්
    ගුරුට ඉවසුම, ලඳට ලොල්බව, රුපුන්හට එඩිතර ව ඉඳුමත්
     කලාවෙහි සුරුබව ද මේ හැම ලොව පැවැත්මෙහි නියාවෝ වෙත්



නීති ශතකය

සත්පුරුෂ ජනයා හා කරන ආශ්රවය හැම යහපතට ම හේතු වන බව දක්වයි.

23 දද බව දුරු වෙවී සද්දනන් හා විසිමෙන් ගරු බවට ද යේ සත් බස් බෙණේ සිත් පහන් වේ ‍ දුරු වැ අකුසලින් කිත් රැස් නැගේ දෙස් විදෙස්හී මොන හොඳ ද නොවන්නේ සද්දනන් හා විසිමෙන්?

කවිත්වයෙන් නැගෙන කිත් සිරුර සදානුස්මරණිය යි.

24 බෝකල් ජරා විලිපිලී නොලැගි සරීරේ ජිවේ රැ‍ඳේ රස බෙහෙත් බලයෙන් උතුම් වූ ඒ ලෙස් උසස් රස කවා ගෙතු කව් කිවින් ගේ කිත් රැව් ලොවේ දිගුකලක් නොනැසී පැවත්වේ.

ජිවිතයක මේ ප්රිදයංකර දැ එසේ මෙසේ නිකම් ම ලැබෙන දැ නොව උපෙන්ර් ප යා පැහැදීමෙන් ම ලැබෙන දැ බව පවසයි.

25 සුපුතු සුබිරිය කුළුණුබර හිමි කලණමිතු හිත සුහද පිරිසත් නිමල හද මනහර විලාසය නො අඩුවන යස ඉසුරු සම්පත් ඉගැන්මෙන් සද සතර කිමෙහි බිණිමෙහි සුරුබුහුටිතාවත් මෙ හැම ලොසතට උවිඳුගේ පැහැදු‍මෙන් ලැබෙනා දැය ඉමහත්

හැම ආගමෙක ම දැක්වෙන සැපයට මග පෙන්වන ධර්ම යෝ

26 හොර බොරු පණිවා හා අන්ලඳුන් හා ඇලීමෙන් තොර ව හැකි සෙ දන් දීමත් ලොබින් සිත් මිදිමත් ගුරුනට පැවැතීමත් මෙත් වැඩීමත් සතන් වෙත් සැපයට මග යැය් සව් සද් දහම්හි මදැක්වේ



නීති ශතකය 23

දුබල මධ්යයම උත්තම යන මොවුන්ගේ කෘත්යා්රම්භයන් හා පැවැත්විම ගැන ‍මෙසේ දක්වයි.

27 බිය දුබලෝ නොකරති කිස ඇරඹුම් අනතුරු දුට මැදියෝ යෙති නැවැතුම් කොතෙකුත් ඇති වුව බාදා එළැඹුම් උතුම්න කිස’තර මග නැත නැවැතුම්

සත්පුරුෂ ජනයාගේ උතුම් ගතා පැවැත්ම් මෙසේ නිරූපණය කරයි

28 නොයදිනු දුදනන් හෝ සම්පතින් හිස් මිතුන් හෝ විපතැ පසු නොබැමත් දම් මගින් වෙන් නොවිමත් දිවි ගිය ද සිරිත් වේ සත් දනනගේ උතුම් වූ අසිදහර වතැය් යු සත්දනන්ගේ සැටිස් මේ

විපතට වැටුණ ද ශ්රේෂ්ඨ පුද්ගලයන් තමනට නොගැළපෙන පහත් ක්රිටයාවන්හි නො යෙදෙන බව උදාහරණයෙන් දක්වයි.

29 කෙසරිඳු කොතරම් සාදුක් දිරුම් හින වුවත් තෙද බල පිරිහිමෙන් මාරයා ළං ව ආවත් තණ‍රොඩු වැළැඳිමක් නැ කරන්නේ කිකල් වත් ගිජිදු කුඹු පළාලා ඉන්ම සෑහිම පත් වෙය්

නීචයා නිච කම් කරතත් ශ්රෙහෂ්ඨයා තම උතුම් පැවැත්ම ම කැරැගෙන යන බව පවසයි.

30 මස් සූන් වු ලේ කුණු රැඳු ඇටයක් ලෙවීමෙන් බල්ලා විඳි රස එහෙත් බඩසා නිටුම් නෑ ආමුත් ගිවල් ඇකට ඒ හැර දා මිහින්දෝ ඇත්කුම්බයන් බුදිති ඒ විහිඟුම් නියාවය්


28. අසිදහරවන - අසිධාරානම් ව්රුතය.

නීති ශතකය 25

යමක් ලැබීමේදි වුව නීචයා ගේ පහත් ගතියත් ශ්රොෂ්ඨයා ගේ උසස් ගතියත් නිරායාසයෙන් පළ කැරේ.

31. බල්ලා බොජුන් ලද සැ‍නේ වලිගේ වනාලා පාමුල් වැටී මුව කුසත් වැද හේවි පෙන්නා ඒමුත් උතුම් ගිජිඳු බෝනයක් බුදින්නේ බැල්මක් හෙලා ගැඹුරු වූ හිමියා පෙරැත්තෙන්

සසර වෙසෙන හැම කෙනෙක් ම ඉපිද ඇත. එහෙත් නියම වශයෙන් ‘උපන් මිනිසා’ යැයි කියහැක්කේ කාට ද?

32 පෙරුළෙන මෙ සසරැ මියෙන දනෝ හැම උපදිති යලි යලි කළ කම් අනුව ම යමකු ගෙ උපතින් දිලෙතොත් පවුල ම උපතැ යි කියැ යුතු වෙයි ඔහු උපත ම

උගතාටත් පුෂ්පයටත් සමාන වැඩ පිළිවෙළෙක් ඇත. එය දෙවැදැරුම්ය. ඒ මෙසේ දැක්වෙයි.

33 මලට වැඩ දෙකය් ඇත්තේ සිරස්හී දැරිමත් වෙනෙහි මැලැවි යැමත් ඒ කුසුමහී නියාවය් වියතුනට ද ඇත්තේ ලෝවැඩෙන් ඔප් ව යෑමය් එද නො ම හැකිනම් කෑකෝ නොගාමින් ඉඳිමය්

සිය බලපරාක්රනමය ප්ර්කට කරනු රිසි පුද්ගලයන් සෙස්සන් ගණන් නොගෙන මහ බලවතුන් පෙළන බව දක්වයි.

34 අමරගුරු වැනි මහඟු ගහ පස් හය දෙනෙක් ඇත ගුවන්තබ මැද

     ඔවුන්ගැනවෙර නොබැඳබමමින් දෙපෝදිනයෙහිදෙමින් තෙකවද
     වෙසෙස් විකුමෙහි කැමැති හිස’තිර රාහු බලලද අසුර අගපද
     සහස්රැස සහ තුසරකර ගිල දමා පෙන්වයි තමන් බල තෙද

34. ඉස’නිර රාහු - කිරිමුහුද කැළැඹිමේදි පහළ වු අමෘතය සුරයන් බී සිටිනු දුටු අසුරාධිපති රාහු හොරෙන් එය පානය කෙළේය. එය ශරීර ගතවෙන්නට මත්තෙන් සුරයෝ ගෙලට කඩුපහර ගසා රාහුගේ ගෙල සින්දෝ ය. අමෘතයෙන් පණ ගැන්වුණ හිස නොමළ හෙයින් රාහු නම් වීයැයි දෙව කථාන්තරයන්හි දැක්වේ. නීති ශතකය 27

උතුම් පුද්ගලයන්ගේ අසීමිත ගති හා බලපරාක්රණමයන් ගැන සඳහන් කරයි. 35 අන්ත නම් සුවිසාල නාරද පෙණපතින් මිහිතලය උසුලයි කසබුවෙස් දැරු උවිඳු දෙරණත් සමඟ නාරද පිටෙහි රඳවයි සයුර කැස්බත් සමඟ ඒ වූ සියල්ලම නිති ඇකෙහි දවටයි උතුම් අයගෙත් ඉමක්නැති ගතිසිරිත් මෙබඳුයි අහෝ ! පුදුමයි !

විපතට පත්වූවනට හිරිහැර කිරිමත් ස්වකීයන් විපතට පත් විට ස්වාර්ථය පමණක් සලසා ගැනීමත් නුසුදුසු බව දෘෂ්ටාන්තයන්ගෙන් විදාපායි. 36 සමද විදුරවින් විදා හුතැස් රොන් සුරින්දා සිඳම යහපතී ඒ කූටයන්හි පියාපත් නමුදු පිය හිමව් පත් වූ වෙලාවේ විපත්හී මෙනකකුළු පුතා ගිල්විම මුදේ හොඳක් නෑ

හිරුගේ පාපහර බදු රැස් පහර ලත් සූය්ය්විප කාන්ත මාණික්යළය කුපිතව ජිවලිත වේ නම් තෙදවත් පුරුෂයන් ගැන කෙසේ දැ යි විමැසේ. 37 රිවි මඬල කැළුම් කැන් පා ගැටුම් ලත් ඇසිල්ලේ රිවිකත මිණ සිත්පිත් ඈ නොමැත් මුත් දිලේමැය් මෙය මෙලෙසැති කල්හි දීර වූ තෙජසැත්තෝ ඉවසති ද? කෙසේ වත් අන් දනන්ගේ නිගාවන්.

වියෙන් අඩු වුව ශ්රෙදෂ්ඨයන්ගේ ගති සිරිත් දුබල නොවන බව දක්වයි. 38 සුළු වුව සිහපොව්වා තෙත් කොපුල් යුත් මදින් මත් ගිජිඳු මතැ පනී මැය් ඌ කුඹුත් ඉන් පළා මැය් වයස බල යසස් ඈ ඒතරම් දෑ නො වේ මැය් නසග ගතිය ඉස්මත්තේ පැණෙස් දැමතුන්ාගේ.

36 කූටයන්හි පියාපත් සිඳුම - දෙව කථාවන්හි දැක්වෙන අන්දමට පෙර පර්වකත පියාඹමින් ගොස් ගම් නගරයන්හි පතිතවන්ට විමෙන් වූ විපත දුටු ඉන්ර්ි සිය වජ්රාියුධය ගෙන ඔවුන් ගේ පියාපත් සිඳින්ට වනි. සමරහ පර්ව ත සමුදුර ගිලි පියාපත් රැකගත් අතර හිමාලය පර්වඔතය විපතට පත්විය. ඒ එසේ වුවද හිමාලය පුත්රත මේනක පර්වගත පලාගොස් සයුර සැඟවි රැකවරණ සලසා ගත්තේල 36 සමද - මදයෙන් යුක්ත හුතැස් රොන් - ගිනි දැල් නීති ශතකය 29

ජාතිය, ගුණය, ශිෂ්ට බව, කුලගොත්, විරොදාරකම් සියල්ල මුදල් බලයෙන් යට පත්වන බවට උපහාසයක්. 39 දැය රසාතලයට ම යේ වා ! ගුණය එයටත් යටට යේ වා ! සිල් ද කඳුපත්ලට වැටේ වා  ! වංසයත් ගිනිබත් ම වේ වා ! සූර බවැරුපු කගැ වැටේ වා  ! මුදලට ම මුල් තැන ලැබේ වා ! සියලු ගුණදම් මුදල හමුවෙහි තන රොඩු සෙ සැලකනු ලැබේ වා!

ධනය ඇති කල්හිත් ධනය නැති කල්හිත් එක ම පුද්ගලයාට දුෂ්ට සමාජයේ සැලැකිම දෙවැදැරුම් න්යාතයයෙකින් බව දක්වයි. 40 දනැති කල තුබූ අත් පා කැරුම් හා කතාවන් තියුණු නුවණ හා අන් සෑම දැමත් එසේ ඇත් එනමුදු දන රස්නෙන් සුන් වුවොත් ඒ තැනැත්තා අනෙකකු සෙ තැකෙය් හා ! මේ සමාජේ අ‍ඳෝ මැය්.

කාසි වලින් මිනිහා සම්පූර්ණන නම් ඔහුට තව අඩුවකුත් තිබිය හැකි ද? 41 මහත් දනැත්තේ ම කුලීනයා වෙස් උගත් වියත්තා ද ගුණී ද හේ වෙය් කියුම් සමත්තා ද හෙ වෙය් රුවැත්තේ කසුන් සෙවින් භව ගුණයෝ මෙ ලොව්හි.

යම් යම් පිරිහිම්වලට හේතු මෙසේ දැක්වේ. 42 කුමැතින්ගෙන් පිරිහේ රජා, යති කලුන් ගෙන්, පුත් තො‍ඳෝල් බස් වලින් නොඉගැන් මෙන් බමුණා, කුලේ කුපුතුගෙන්, සිල් පාපයන් සෙවිමෙනුත් රහමෙරෙන් විලි, කෙත්වතුත් නො බැලුමෙන්, අන්දෙස්හි වාසෙන් සෙනේ හැඩියා වෙන් මිතුදම්, වැඩුම් අනයයෙන්. දීමෙන් පමාවෙන් දනේ.


37 රිවිකන මිණ - හිරු රස් වැදීමෙන් අතිශයින් කාන්තිමත් වන සූය්ය් කාන්ති නම් මාණික්යද විශෙෂයෙකි.

නීති ශතකය 31

ධනය දීමටත්, පරිභොගයටතක් නො යෙදුවොත් ඊ ළඟට වන්නේ ඒවායේ විනාශය බව දක්වයි.

43 දීම කෑම නැසිම දැ යි දනයට මේ ගතිස තුන වෙයි යමෙක් නො දෙයි නො ද වළඳයි ඔහු දන තුන් වැන්නට යයි.

යහපත් දැයෙකින් පීඩා ලදුවත් පිරිහුණත් එය නින්දා ලැබිය යුත්තක් නො වන බව දක්වයි.

44 මිණක් හණගලැ මැඩුණු, අවි පහර කෑ දිනූ සෙබළන් ඇතුන් වැහැරුණු මදයෙන් , වැලි ද මතු වු ගඟත් සරදේ කලා පිරිහුණු උළිඳුත්, සුරතෙහි විඩා පත් යුවතියත් හොබිත්මය ගිලිහුණහුත් දනිත මෙරමා දනිත් සැනැසූ.

මිනිසා සතු යම් යම් දැවල වටිනාකම මැනෙන්නේ ඔහු ගේ ඒ ඒ කාලයන්හි පවතින දුප්පත් පොහොසත් තත්ත්විය අනුව ය.

45 දුප්පත් වුවොත් යව පතත් මහ වස්තුවෙක් වේ පෝසත් වුවොත් මෙ දෙරණත් තණපත් රොදෙක් වේ වත්හී ගුරුන් ලුහු බවත් එහෙයින් මැනෙන්නේ දුප්පත් කමින් ද දනවත් කිමනුය් දනන් ගේ.

බදු මගින් වැසියා පෙළන රාජ්යනපාලකයනට ධර්ම නියාවක් මෙසේ සිහි ගන්වයි.

46 මේ මා පොළෝ දෙන ඉදින් දොවිතොත් නිරින්දේ පුස්නේ ය ඈ වසු ලෙසින් රැක හව් පියෝරින් යව්දිව් මෙසේ ඇය සුරැක්ක හොතින් සැකක් නෑ ඕ කප්ලියෙව් පලතුරින් සපුරය් සියල් තැන්.


46 හව් පියෝරින් - සියලු ප්රතකාරයෙන්. නීති ශතකය 33

පාලකයන්ගේ ඇති වෙසඟනන්ගේ වැනි අස්ථිර වුත් චපල වුත් ගති හෙලා දකියි.

47 වරෙක සබවසය් අන්වාරයෙක්හි මුසාවය් වරෙක පරුස බස් තොස්බස් තවත් වාරයෙක්හී එමෙනි ලොබ ද දීමත් රැස් කැරුම් වෑ කිරිමත් වෙසඟන සෙ රජුන් ගේ නීතියත් එක් ලෙසක් නැත්.

මේ කරුණු සයෙන් තොර පාලකයකු ආග්ර ය කිර‍ිමෙන් කිසි වැඩක් නො වන බව දක්වයි.

48 අන ගුණ පැතිරිමත් සිල්වතුන් රැක්ම දිමත් වැලැඳුම ද රැකීමත් මින් කැලන් එක් ව ගත්තු නිරිඳු මෙ ම සයෙන් වෙන් වි ඉඳි නම් කෙසේ වත් ඔහු ඇසුරු කිරිමේන් කාට වත් නෑ ව‍ැඩෙක් නම්.

මිනිසා ගේ ලැබිම තමාගේ කර්ම ශක්තිය හෝ ඉරණම අනුව බව දක්වයි.

49 අඩු වුවත් වැඩි වුවත් සම්පත් ලැබුම මහ බඹු කොටුව ලෙසටයි නිසරුඅ කතරෙ ද ලැබෙයි එය රන් ගිරෙහි වුව ඉන් වැඩිය- නො ලැබෙයි දිරිය වඩවනු දනවතුන් හට දීන වීම ද ඉතා නො හොබි යි ළි‍ඳෙන් වුව සාගරෙන් වුව දිය ගැනුම තම අත කළයැ තරමයි.

කැඳැත්තෝ මෙඝයට කථා කරති. උපකාරය අවශ්යැයාට ඉල්ලන තෙක් බලා නොසිටිය යුතු බව අන්යොැක්තියෙකින් දක්වයි.

50 එම්බා වලාකූල ! ඔබේ ඉමහත් උදව්වක් ඕනෑය කැඳැතිගණාට එබව් රහස් නෑ දුප්පත් අපේ නිවට ලාමක ගීතිකාවන් ඇය මේ තරම් ඇවැසිසේ නියතින් පතන්නේ ?

50 කැදැත්තා - ජලාසයන්ගෙන් දිය නොබොන වර්ෂාි අවස්ථාවෙහි අහසට නැග වැසි දිය බොන පක්ෂිොයෙකි. මේඝයන් නැග එන විට අහසට නැග ප්රී ති කූජන පැවැත්විම උගේ සිරිත ය.

නීති ශතකය 35

මේඝය කැඳැත්තාට පිළිතුරු දෙන ව්යාපජයෙන් සමාජයේ දුර්ගුණයකට බර පතට පහරක් ඒලල කරයි.

51 කැඳැත්ත, මේ අසනු ! මේකුළු වූ අපේ යම් ඇත්තෝ දියෙන් තෙමති මි තල ඒ නමුත් යම් ඇත්තන්ගෙ හිස් ගෙරවුමක් පමණක් ය ඇත්තේ මේ බව් සිතා කහටවත් නො ම වන් බැගැපත්.

දුර්ජනයාගේ ගති වෙසෙස් මෙසේ ද නිරූපණය කරයි.

52 කාටත් නෑ කරුණා සිත තරහ යි. අන් සතු දැ පරඹුන් නිති රිසියෙයි. නෑ හිත කිසිවෙක් වත් නො ම පිය වෙයි. මේ හැමෙකක් දුදනන් සතු ගති වෙයි.

ශබ්ද ශාස්ත්ර් කොතෙකුත් හසල නමුත් දුර්ජනයා දුර්ජනයා ම ය. ඇසුරු නො කළ යුතු බව කියයි.

53 දුදනහු ඉඳිතත් සතරින් සැරැසී කිසි දු දිනෙක හේ ඇසුරට නො නිසි සිටිය ද විස සප් මිණෙකින් දිලිසි ගොර බියකරු බව අඩු වෙද ? කෙලෙසි.

දොඩමලු කුහකයා ගුණවතුන් ගේ ගුණ දකින්නේ ඔහුට හුරු පුරුදු වූ මේ අන්දමිනි.

54 විළිය ජඩ වෙයි, සීලමායම්, සුපිරිසිදු කම කපටිකම වෙයි

      සමත් බව රජු කම ය. පියබස දින වෙයි, තෙද අහංකාර යි
      නොවක් බව අනුවණ යි, කති බව දොඩමලු යි. තිර ගතිය අබලයි
      කුහක දුදනා ගුණවතුන් ගේ ගුණ දකින්නේ නුහුරු ලෙසට යි.



නීති ශතකය 37

‍ෙහාඳ නරක විවිධ කරුණු ගැන විමර්ශයනයක් කරයි.

55 මසුරු වෙයි නම් අවගුණත් සබවස රකී නම් තවුස් දහමද

     පිසුණු කියතොත් අකුසලුන් සිත සුපිරිසිදු නම් සුපින්තොටුව ද
     මහත්මා ගති ඇතොත් බරණන් සුදන බවැතොත් සියෝ කුමට ද
     සතර දනිතොත් දන ද නින්දා ල‍ෙදාත් තව මරණයත් කුමට ද?

හද පාරන කරුණු සතක් දක්වයි.

56 දිවා නොදිලෙන උළිඳු, යව්වන බැවින් වැහැරුණු කොමල වමිය ද නො රැඳි විදුමුව සොබන දන, තද මසුරු දනපති, දිළිඳු සුදන ද වරා ගිය අරවින් ද හිස් විල, නිරිඳු සෙවුනා කුහක දුදත ද සතක් මෙ කරුණු යවුල් යහරින් ලෙසින් පාරයි නිබඳ මා හද

කොපාවිෂ්ට වන රජුනට ස්වකීයයෝ ය න බවක් ද නො හැ‍ටඟෙන බැව් දක්වයි.

57 සැඩ කෝප ගන්නා - නරනට නෑ බවෙක් තැන් ගිතෙලින් ‍ හෝම දෙන්නහු - නො දවා ද ඒ ගින්න ම.

පරාපවාදයෙන් තොර ව සේවා කිරිමේ ඇති දුෂ්කරතාව දක්වයි.

58 නිහඬ නම් ගොළු බවයි බිණුවොත් වාන වැඩි හෝ හැකර බව වෙයි‍ ළං ව හැසුරුම නො ම වීනීතය ඈත් වනු නම් නුහුරු බව වෙයි නො ඉවසුව කුලහීන වෙයි ඉවසිම බිය වෙයි තැකුම මෙහෙම යි මෙබඳු සේවා දහම මුනිවරයන්ට මුත් අති දුරව‍බෝද යි නීති ශතකය 39

පාපිෂ්ට ධනවතුන් ‍ කොටසක් ගැන හා ඔවුන් ඇසුර ගැන සඳහන් කරයි.

59 දුදන ගති සියල්ලෙන් යුත් නොමෑත් ඊට බාදා අමතක ව පෙරත් බව් පාපයන්හී ගැලිල ගත් පෙර පිනින සැපත් ලත් මුත ගුණක් නම් නො රුස්නා පවිටකු ‍ වෙත පත් වූවොත් වැඩක් නැ සැදෙන්නේ.

දුර්ජනයා ගේ මිත්රි ධර්මවය පැවැත්වීමේත් සත්පුරුෂයා ගේ මිත්රර ධර්මසය පැවැත්විමේත් වෙනස දක්වයි.

60 සේයාව දික්ව ඇරැඹී ලුහු වෙය් උදේ කල් මිත් දම් පැවැත්ම දුදනන් ගෙ එසේ යැ දන්නේ සේයාව පස්වරු කොටින් ඇරැඹී ගැසෙයි දික් මින් දම් වැඩීම සුදනන් මෙලෙසස් කැරෙන්නේ.

වනයෙහිත් දියෙහිත් සමාජයෙහිත් වෙසෙන අහිංසකයනට හිඳිනා සතුරන් ගැන ප්රිශ්නයෙකි.

61 තණපත් පමණක් කා වල්හි ඉත්තා මුවන්ටත් සිලිල තුළ එයින් ජිවත් ව ගන්නා මසුන්ටත් සතුට ම දන සේ ගත් ලෝකයේ සද්දනන්ටත් වැදි කෙවුලු සදුන්, ඇය් රැණියක් මේ කරන්නේ ?

අංජලිකෘත ව පිළිගත යුතු ගුණවතුන් ගැන මෙසේ සඳහන් කරයි.

62 සුදතැසුර, පරගුණෙහි සතුට ද ඇදුරනට අවනතව හැසුරුම තමා සිත දමනුයෙහි හුරුබව, බැතිය, සිය අඹුවගෙන් සෑහුම දුදනැසුර දුරලීම, අපවාදයට බිය, සද සතර සැලැකුම, මේ ගුණ සෙව්නා යමෙක් වේ නම් ඔහුට වේ වා! මගේ නැමැදුම



නීති ශතකය 41

මහාත්ම ගුන ඇති උදාර පුද්ගලයන් ගේ නිසගි ගති දක්වයි.

63 විපතෙහි දිරි ගැන්මත් සම්පතේදි’ වසීමත් සෙබෙහි චතුරතාවත් වික්ම පෑමත් යුදේදී සද සතරෙහි ඇල්මත් කිත් ලැබීමේ කැමැත්තත් ‍ නිසගින මහතුන් ගේ මේ පවත්නා දහම් වේ.


පෙන්වීමට ‍ෙනාව ඇත්ත වශයෙන් අවංක වූ සත්පුරුෂයන්ගේ ගති විදහා දක්වයි.

64 පසිඳු විමෙන් තොර ව දීමත් අමුත්තන් හට සඟග කැරුම ද හිත වැඩක් කර නිහඬ විමත් කළ උදවු සබයේ නො කීම ද අනුත් බස යට කැරැ නො ලැමත් සම්පතේ දි නො පිම්බ්ම ද අසි දහර නම් තියුණු මේ වත ඉගැන්නුවෙ සුදනනට කවුරුද?


උතුම් මනුෂ්යියන් තව තවත් බබුළුවන අබරණ මේවා ය.

65 දීම අතට ද, ගුරුන් නැමැදුම සිරසට ද, සුසිරිතය හදට ද තැනින් ලබතා දිනුම බුජට ද, අබරණය මේ සියල එකලෙද ඉගැන්මේ ඇති එකම පලනම් ලබන නැණිසුරු බවය නිවරද උතුම් දනහට වෙනත් ඉසුරක් නැතත් මේවා බරණි මනනද


සැපතේහිදිත් විපතෙහිදිත් මහාත්මයන්ගේ සිතේ වෙනස මෙසේ ය.

66 සම්පතෙහි මහතුන් - සිත් මොළොක් වෙයි උපුල් කුසුමෙව් විපතෙහි ගලක් සේ - දැඩි ම වෙයි විරු ගුණය නො හරි.



නීති ශතකය 43

මිනිසා ගේ ගති ප්ර ගති හැම දෙයකට ම නීච මධ්යිම උත්තම ආශ්ර්ය බල පාන බව නිදසුන් වලින් හෙළි කරයි.

67 රත්යවට, මත දැමුව දිය බිඳ නම පවා තො ඉතිරිව සුන් වෙයි පියුම් පතකට එය ම ලූවොත් කදිම මුතු ඇට විලස බැබළෙයි සිත නැකතයුත් විටෙක බෙල්ලකු තුළට ලුව එය නියම මුතු වෙයි පහත් මැදහත් උසස් ගුණයත් උපදනේ නම් ඇසුර අනුව යි

කෘත පුණ්යතයෙන් ලබන ත්රිදවිධ සම්පතක් ගැන සඳහන් කරයි

68 සුරැක සුසිරිත පියාගේ සිත තුටු කරන්නා නියම පුත් වෙයි හිමිහු සිත දැන එයට අනුව ම නිති වෙසෙන්නී නියම බිරියයි විපත සැපතත් දෙකෙහි එකබඳු පිහිට වන්නා කළණ මිතුරුයි මෙ‍ෙලාව මේ තුන ලබා ගන්නේ පෙර කූසල් බලයෙන් ම පමණයි

ලෞකික සැප පතන්නා හා උවිඳුත් රාජාදිනුත් නගරය හා බිරියත් ඇසුරු කළ යුත බව ද අලෞකික සැප සොයන්නා මෙහෙසරුන් යෝගිනුත් ආරණ්යක හා ගිරිලෙනුත් ඇසුරු කළ යුතු බව ද දක්වයි.

69 එක ම දෙවිඳු මෙහෙසුරුඅ හෝ උවිඳු යි එක ම මිතුරු බුපති හෝ යතිඳු යි එක ම නිවෙස පටුනෙහි ‍ හෝ වනයෙ යි එක ම බිරිය සොඳුරිය හෝ දරිය යි.

පුදුම ගති ගුණ ඇති උතුම් මිනිසා මෙසේ ද නිරුපණය කරයි.

70 අනුන් ගුණ පැවැසුමෙන් සිය ගුණ පතුරුවන අරඹමින් - දිරියෙන තමන් වැඩ මෙරමා වැඩත් වඩනා හැරක බස් බැණුම් ඉවසන නැමුණු ගතියෙන් උසස් වන මේ පුදුම ගති ඇති ලබන බුහුමන උතුම් සුදන් කවුරු නම් නොපුදත් ද බැතියෙන් මෙලොව නිවසන

67 සිත නැකත හා මුතු - සිත නැක උදා වු විටෙක බෙල්ලා ගිලින දිය බි‍ඳෙන් මුතුඇටය නිපදෙන්නේ ය යනු සම්මතයෙකි. නීති ශතකය 45

පරෝපකාරයෙහි නියැලි උත්තමයන් සම්පත්වලින් උඩඟු නොවන බව වෘක්ෂෙය හා මෙඝය දෘෂ්ටාන්ත කොට ගෙන හැර පායි.

71 පල හට ගැනුමේ දි රක් නැමේ මේ කුළුන් ඒ ලෙස ම බිමට හෙය් සම්පත්වලින් ඌන නූනූ සුදන ගති ද ඒ ලෙස් මය් නො වේ සිත් උදාරම් සපරවැඩෙහි යෙදීමය් සැම දාමත් කරන්නේ

මිනිසාගේ ආ‍ෙලාකය ඇති වන්නේ බාහිර සැරැසිම්වලින් නොව උතුම් ක්රි‍යාවන් ගෙන් යැ යි දක්වයි.

72 දෙකන් සදහම් ඇසීමෙන් මිස ‍තෝඩුලැමෙන් නො සැරැ සේ දනින් පිනිනුත් දැත සැරැසෙයි වලලු දැම්මත් නැති එ සේ සඳුන් ඇනෙක සුවඳ ගෑමෙන් මෙ කුණුකය සැදේදෝ කෙසේ ගුණෙන් කරුණා ‍ෙලාවට කරනා උදව්වෙන් නම්එ සැරැ සේ

කල්යා්ණ මිත්රලයා ගේ සහජ ස්වභාවය මෙ‍සේ නිරූපණය කරයි:

73 පව්කම් කෙරෙන් රැකගනී වැඩෙහි යොදා ලය් ඇත්නම් රහස් එ සඟවයි ගුණ නම් කියා ලය් අත් නෑර පත් විපතැදි නිසැ දෑ ලබා දෙය් දන්නෝ කියත් මෙය හැබෑ මිතුරන් සොබා යැ ය්

‍ලෝවැඩ වඩන උත්තමයන් එසේ කරන්නේ කවරකු ගේ වත් ආයාචනයක් නිසා නොවන බව දක්වයි.

74 පත්මල් කමල් පුබුදුවය් ඇණැවුම් නො මැත්තේ සේරස් එසේ කොඳවනේ පොබයස් නිසාකල් පැන් දෙයි එ‍සේ දලදරත් නො ලබා යැදිමක් ලෝසත් වැඩුම්හි ඇරියුම් ‍තොපතත් මහත්මෝ.


74 සේරස් - චන්ර්ත්මයා

නීති ශතකය 47

සතර වර්ගයයෙක මිනිසුන් සඳහන් කෙරෙමින් නියම පරාර්ථ‍ සේවය හඳුන්වයි. 75 තමන් සැප හැර පර වැඩෙහි නියැලී වෙසෙන්නෝ මහඟු සුදනො යි

    පරවැඩට නොසතුරු ව අත් වැඩ සාදා ගන්නෝ මැදුම් දනයො  යි
    තමන්  වාසිය  බලා පරවැඩ නසා   ලන්නෝ මිනිස් රකුසො      යි
    නො කරුණේ පරවැඩ නසන්නෝ කිනම්හු ද අහ! ඉතා නින්ද   යි

කල්යා ණ මිත්රඩයන්ගේ ආත්මපරිත්යාිගී උතුම් ගුණයෙහි විශිෂ්ට බව දෘෂ්ටාන්තයෙකින් විද්යා පෙන්වයි. 76 තමන් වෙත පත් දිය මිතුට දුන් කිරි තමන් සතු සියලු රුව ගැන

    උදුනමත කිරි මිතු තැවෙනු දුටු දුක්ව දිය ගිනි දෙවිටකැප    විණ
    එදුටු  කිරි  මිතු ආපදාවෙහි ලිපට පැන නස්නට  ම  සැරැසිණ
    යළිදුවෙතපත් දියෙන්සැනහින කලණමිතුරන් ගතිය මෙලෙසිණ

මහත්මයනට ඇසුරට ලැබෙන විවිධ චරිත ඇත්තන් ගැන දෘෂ්න්තයෙකින් පළ කරයි. 77 පසෙක නිදියෙන දිත් රුපු යි තව පසෙක ඔහුරුපු අසුර කැල වෙයි

    තමන්   පිහිට  ම  පතාගෙන ආ තවත් පැත්තක   බෙයද රැස  වෙයි
    විනාසය  සලසවන  බිහිසුණු  පැතිරි  වඩ   බා ගින්න පසෙකයි
    සයුර  සිරුරට තිබෙන කරදර!  එහෙත් තව  මහ බරක්  උසුලයි

මිනිසකු විසින් පුරුදු පුහුණු කැරැ ගත යුතු සුදන ගුණ දම් මෙසේ දක්වයි. 78 සිඳිනු ලොබ, මත් නොවනු ඉවසනු, රකිනු සබ වස, පවෙහි නො ඇලෙනු

   පුදනු  තිස්සන්  රුපුන් අනුනය කරනු යාපත් දනගෙන මග යනු 
   ඇසුර  නො  හරිනු වියත් දන, කිත් රකිනු, තම ගුණ පිටත 

නො කියනු

   දුකට වැටුණන්මෙතින් සලකනු සුදනගුණ නම් මෙ යැ යි අදහනු

76 කිරි උනු කිරිමේදි එකතු කරන ජලය ද එම වර්ණය ස්වාභාවාදිය දැක්වනෙ හෙයින් දිය මිතුරාට සිය ගුණ රුව දුන් බවත්, කිරි උණු විම කිරි මිත්රෘයාට වූ පීඩ වක් ලෙසත්, දිය සිඳියෑම කිරි මිත්ර යාට වූ විපත ඉවසා සිටිය නො හැකි ව සිය කැමැත්තෙන් ම ගින්නට බිලි වූ ලෙසත්, කිරි උණු ව උතුරන්නට පටන් ගැනිම දිය මිත්රටයාගේ ආත්ම පරිත්යාඅග ගුණය දැක කිරි ද ලිපට පැන නසින්නට තැත් කරන බවත් දිය ටිකක් ඊට ඉස උතුරා යෑම වළක්වාලීම නැවත දිය මිත්ර්යාගේ සහයෝගයෙන් සැනසුණ නියාවත් හඟවයි. නීති ශතකය 49

සමාජයෙහි මිනිසුන් තුළ දුර්ලභ උතුම් ගුණ වෙසෙසක් සඳහනක් කරයි. 79 කය සිත වදනින් පින් දම් අමා රැස් කළා වූ කළ නෙක උපකාරෙන් තුන් ලොවත් පීති ගැන්වූ සුළු ගුණ මෙරමා ගේ මා විසල් සෙල් සෙ සිත් ගී හෙව එ පතුරුවන්නෝ කී දෙනෙක් වෙද්ද ලොව්හි.

සුදනන් ඇසුරු කිරිමෙන් ඔවුන්ගේ උතුම් ගුණ අන්ය.යනට ද ඇති වන බව අන්යොුක්තියකින් හඟවයි. 80 රජත ගිරි රුවන් පව්හී වැවෙන් මුත් නොයකේ රුක් එහි හැදෙන පලත් ඒ දැ ම නම් ඉන් පලෙක් නෑ මලය ගිර නමින් වු පව් මුදුන්හී වැඩි ගත් නිඹ‍ කෙළිඳ අසෝ ඈ රුක් හඟිමි මමි සඳුන් යැ ය්.

විරොදාර පුද්ගලයන් අතර මග ලැබෙන කම්කටොලුවලින් පසුබට හෝ යම් යම් ලාභයන් ගෙන් තෘප්ත හෝ නොවී, අභිමතාර්ථදය මුදුන් පමුණුවා නො ගෙන විවේක නො ගන්නා බව දක්වයි. 81 රත්නාදියේන සතුටකුත් විසයෙන් බියක් හෝ නූයෙන් සුරෝ ලදහ තැන් කරමින් අමාවක් ලෝකේ උදාර ගුණවත් ජනයන් උසස් වූ සිත්ගී පැතුම් ලබන තෙක් වුසුඹක් ගැනුම් නෑ.

වැඩ කැමැත්තන් ක්රිතයා සිද්ධිය මිස දුක සැපෙහි වෙසෙසක් නොසොයන බව දක්වයි. 82 කෙනෙකු බිම වැතිරෙද්දි තව අය සිරි යහන්වල වැදි සැතපෙති එකකු කොළ ඈ කද්දි අන් අය ඇල් සහල්වල බත් ම වලඳති කෙනෙකු වැරහැල්ලක් අඳිද්දී කෙනෙක් පට සළු වලින් සැරැසෙති වැඩ කැමැති නැණවත්හු වැඩ මිස දුකත් සැපතත් ගණන් නො ගනිති.

77 විෂ්ණු සයුරෙහි සතැපෙන බවත්, අසුරයන් ද එහි ම වෙසෙන බවත්, පියාපත් සිඳින්නට වන් ඉන්ර්පෙ යාගෙන් බේරි ගැනීමට ආ පර්වබත සමූහය ද එහිම ලගින බවත් දෙව කථාවන්හි දැක්වේ. ඒ සියල්ල එසේ තිබිය දි වඩබා මුකය ද සාගරයෙහි ම වේ. නීති ශතකය 51

මිනිසාට ගුණ ධර්මයයෝ ම ආභරණ කෙරෙති.

83 සත් ගුණය පොහොසතුනටත්, හික්මි සතදත් වියත් දනට ද දැමි වදන සූරයනටත්, කෝ නැසුම තපසට, දීම දනට ද නුවණටත් හික්මීම, ඉවැසුම පබුට, ඉදු බව දැහැමියාට ද සියලු ආකාරයෙන් හොබනා මහඟු බරණ ය මෙ හැම මන නද ‍ උදාර අදහස් ඇති විර පුරුෂයන්ගේ අචපල ගතියත් ස්ථිර ප්රරතිපත්තියත් මෙසේ දක්වයි.

84 නීති දතුවෝ තුති කරත්වා ! එසේ නැත‍හොත් නිගා දෙත්වා ! සිරිවමිය සිය ළඟට ඒවා ! එසේ නැතහොත් ඉවත යේවා ! මාරයා අද අද ම ඒවා ! එ‍සේ නැත යුග තුරෙහි ඒවා ! වීරයෝ අඩියකුත් නො තබති ඉවත ගත් නිසි මගින් සේවා

විපතට වන් අයට විස්මය ජනක අනපෙක්ෂිසත අවස්ථා එළඹෙන බව දෘෂ්ටාන්තයෙකින් ගෙන හැර පාසි.

85 සපෙකි සිර කළ ‍‍ පේටිකාවෙක සයින් පිඩිත මරුට කැප වුණ

     නො දැන මෙය මී  මොටෙක් එහි රිංගාපි රෑ සිදුරක්  තනා ගෙන
     කටට වන් ගොදුරෙන් තුටු ව සපුඑසිදුරෙන් පිට ඇවිත් ගැලවිණ
     දනුව ජනයිනි, දියුණපිරිහුම ඉරණමින් බව හැම ගෙ මෙලෙසින

අලසකමත් නො පසු බට උත්සාහයත් ගැන සඳහන් කරයි.

86 වැලැඳ ගත් සියො ගත - අලස බව නම් මහත් සතුරෙකි නො පසු බට වැර බඳු - යහළුවෙක් ලොවැ තවත් නැත් ම ය.


81. වුසුඹක් - විශ්රාතමයක්.



නීති ශතකය 53

වරෙක ලැබෙන පාඩුවෙකින් පසුබට නො විය යුතු බව නිදසුන් වලින් පෙන්වයි.

87 සුන් තුරු යළි වැඩේ - පිරිහුණු සඳු ද එලෙස යි ‍මේ දුටු පැණසර දන - උකටලි නොවෙති විපතෙහි.


දෛවයෙන් තොර වූ උත්සාහය ඵල රහිත බව දෘෂ්ටාන්තයකින් දක්වයි.

88 ගුරුය නායක, අවිය විදුරවි, සෙබළු දෙව් සෙන්, ගිජිඳු එරවණ පවුර නිදසය , උදව්වට හරි, මෙ හැම ඉදුරුට මෙ බල පැවතිණ එහෙත් සතුරන් අතින් පැරදිණ දයිවයේ බල හැ‍ඟෙයි එහෙයින දයිවයෙන් තොර දනන්ගේ හුදු දිරිය චී! චී! පලක් නොම වන


ඉරණම කෙසේ නියමිත වුව ද කරන දේ මිමාංශන ඥනයෙන් ම කළ යුතු බවෙකි.

89 මිනිසුන්ගෙ ලැබුමත් - නුවණත් කම් පරිද්දෙනි එනමුදු කරන හැම දේ - විමැසුම් නැණින් කළ යුතු


භාග්යු විරහිත පුද්ගලයාට යන යන තැන විපත් යෙදෙන බව දක්වයි.

90 මුඩු මිනිසකු අව්රස්නෙන් මිදුම් වස් දිනෙක්හී ගිය විට සෙවණක් අල්ලා මහා තල් තුරක් වෙත් හිස පොඩි ව ගියය් මා තල් පලක් ඉන් වැටිමෙන් යනෙන තැන විපත්තිය් පින් නො මැත්තන්ගේ පස්සේ.




නීති ශතකය 55

නිදසුන් සහිතව ඉරණමේ සැටියක් කියා පායි.

91 ගජ සපු විහඟා බැම්මෙන් බැ‍ඳේ ලොව් නරන් ගේ දිවයුරු උළිඳුන් පීඩා ලබත් රාහුගෙන් තෙක් නැණැති දන පෙළෙන් දුප්පත් කමින් මේ දැකිමෙන් ඉරණමක හැටිය් සිත් හී නැගේ මැය් අ‍ඳෝ මැය්!

ශ්රෙකෂ්ඨ පුද්ගලයන් අල්පායුෂ්ක ට මැවිම ගැන මහා බ්රිහ්මයාට උපහාසයක් කරයි.

92 ගුණයට නිදනක් වන් මී ත‍ලේටත් ලකල් වූ සෙට නරකු මවා ලය් හේ නො කල්හී නසා ලය් ලොවැදුරුගෙ මැවිල්ලේ තේරුමක් නැ පෙනෙන්නේ අහ දුකෙකි! බඹා ගෙත් කල්පනාවේ වැරැද්දය්!

ඉරණම ගැන මෙසේ ද නිදසුන් දැක් වේ.

93 කරිර වෙළෙපෙහි පත් නො මැත්තේ වසන්තේ ඇති වරදෙකින් ව ද? දවල් එළියක් දකින්නට බැරි කාරුපුට දිය නෙතුගෙ දෝසේ ද? වැහි ලිහිණි හට සිලිල පිමට නො හැක්කේ දලදරෙහි වරද ද? මහ බඹා නලළ තෙහි කෙටුවක් මකා ලන්නට සමත් කවුරු ද?

කර්මු ඵලය ඉදිරියේ අන් සියල්ල පසු බා සිටි

94 වඳිම් දෙවියන් එහෙත් තිරව ම භේද මහ මඹු හට යටත් වෙයි වැඳිය යුත්තේ මහා බඹාට යි ! හේත් කම්පලයට යටත් වෙයි එසේ නම් දෙව් කැලන් ගෙන් හා බඹුගෙනුත් මොනපලද? විපලයි බඹාටත් වැඩි බලැති කම්පලයට මගේ මේ නමස්කාර යි


93 කාරුපු - බකමුහුණා නීති ශතකය 57

මහ බඹු උවිඳු මෙහෙසුරු හිරු දෙවි ආදි මහා බලවතුනට පවා කර්මඹඵලය ඉක්මිය නො හැකි බව දක්වයි.

95 බඹුට කුඹලකු ලෙසින් ලෝකය මැවීමේ වදයක් විඳින්නත් වෙණුට දස අවතාරයක් ගෙන මහා කරදරයෙක වැටෙන්නත් සිවට නර කබලෙන් සිඟන්නන් රිවිට’ ඹරැබමමින් සරන්නන් වුණේ කම්බලයෙනුයි එයට යි නමස්කාරය මගේ ඉමහත්

පෙර කළ කුසල කර්ම යන් ම යථා කල්හි විපාක දෙන බව නිදසුන් සහිත ව දක්වයි.

96 හැඩ කුල විදු ‍මේ වා හෝ ලකල් වූ පැවැත්මත් දැඩිව කරන සේවාවන්ද නැත් මැය් පලක් නම් නිසිකල පල ගන්නා වූ පරිද්දෙන් තුරෙක් හී රකින ලද තපස් ඈයෙන් ලැබු පින් පලත් වේ.

සත්ව යා හැම විපතකින් ම මුදා රක්ෂා වරණය සලසන්නේ පුරුකෘත පුණ්යලය බව දක්වයි.

97 වන දිය ගිනි මැද්දෙත් මුදෙහිත් පවු මුදුනේහිත් විසම බිමැ සටන්හිත් සී මුළාවෙන් සරද්දිත් නිදියෙන මොහොතේ දිත් මේ සියල් තන්හි කල්හි පෙර කළ කුසලෙන් මැය් රැක්ම වන්නේ දන්ත දිව්.

යහපත් ක්රිලයාවන් හැම පසුබා විශිෂ්ට ප්රුතිඵල ගෙන දෙන බව දක්වයි.

98 දුදන සුදනන් දදුන් වියතුන් සතුරු සුමිතුරු බවට හැරවෙන

    නො දුටු හොඳ ඉදිරියට ළං වන හළාහල දිවො සුවට පෙරැළෙන 
    උතුම්   සත්කිස  කරන සුදනෙනි ලබත හැකි පල එවිට රිසියෙන
    කරන තැන පල රහිත වූවක්  නොකරනුව   වනසමිනි හොඳගුණ 



නීති ශතකය 59

ඉක්මන් කමින් බැස ගන්නා යම් යම් තීරණයන් ගෙන් කරන වැඩ වල ඇති අනතුරු දායක කම හඟවයි.

99 හොඳ නරක කිනම් දැ මුත් පටන් ගන්න මත්තෙන් නැණැති දන සිතත් වා ! ඒ කැරුම් හී විපාකත් යුහු ව කරන යම් යම් දැ නිසා වෙන් වරෙක් හී හද වැදුන හුලක් සේ දුක් ලැබෙන්නේය යම් දිව්

දුර්ලභ මනුෂ්යාකත්ම භාවයක් ලබා ‍අලෞකික ගුණවගාවන්නි නො යෙදි ලෞකික සැප සෙවීමේ නිසරුකම උදාහරණයන් ගෙන් දක්වයි.

100 මිනිසකු ව’පිද තපස් නොම කර යෙදුම අනෙකෙක නිසරු- කරුණෙකි සඳුන් දර ලා විදුරුමිණි බන් මහඟු බඳුනෙක තල පිසීමෙකි රුනක් නගුලින් වරා මුල ගලවා ගැනීමට පොළව හෑමෙකි කපුරු දඬුයෙන් නිසරු අමු ගොවිතැනක් රැකුමට වැට- බැඳිමෙකි

කර්මා නූරූප ව විය යුත්ත වන බවත් නොවිය යුත්ත නොවන බවත් දක්වයි.

101 වීරයෝ දිය තුළ ගිලෙත්වා! මෙර නැගෙත්වා! යුද දිනත්වා! වෙළඳ ගොවිවිදුද ඈ දනිත්වා! තැනින් විහඟසෙ නුබ සරත්වා! එහෙත් ‍ෙනාම විය යුත්ත නොමවේ කම බලය ඒ හැම නවත්වා දමනු ඇති වනිය යුත්ත සිදුවන බවද එලෙසින් දැන ගනිත්වා!

කළ පින් ඇති තැනැත්තන්ට හැම විපත්ක ම සැපතට හැරෙන බව දන්වයි.

102 පිත් දම් පිරූ දනට තුම් පෙර අත් බැවේහී සිත් බීත ග්නවන මහා වනයත් පුරෙක් වේ ලෝවාසි සව් දන ම ඕ හට නෑ දනෝ වෙත් මේ මීතෙලේහි කොතැනත් පිරි රන් නිදන් වේ.

නීති ශතකය 61

කරුණු රැසක් ගැන කැරෙන විචාරණාත්මක තීරණයක්

103 ලාබයකි ගුණවතුන් බජනය ඉතා දුක මෝඩයන් ඇසුර යි හානියකි වාරය ඉවත ලුම නිපුණ බව නම් දහම් දැනුම යි සූර බව ඉඳුරන් දැම්ම යි මහත් පිතිය සිතැගි පතිති යි සැපය අවරහ, දනය දැනුම ය, රජය එඩිතර සතිර අණ වෙයි

පුෂ්පයෙහි දෙවැදැරුම් න්යානය නැවත ද දක්වයි.

104 සිරස සැරැසුම් හෝ - වෙනෙහි පර වී යැමත් දෙගතිය මලිති මලකට - වියතුන්හට ද එබඳු යි.

මහ පොළොවට අබරණක්වත් උතුම් මිනිස් කොටසක් ගැන සඳහන් කරයි.

105 මීරි වදන් පවසනා රළු බස් නො සෙව්නා පත්තී වෙතින් තුටු වන පරඹුන් නො සෙව්නා වෙන් වු සදා මෙර මා අගුණාදි කිමෙන් මේ තුම් දනෝ බබුළු වත් දරණි තලේමත්.‍

වීර පුරුෂයන් පසු බා තබනු නොහැකි බව දක්වයි.

106 විපත් පත් වැරසර - දන පසු බා තබනු බෑ යටපත් කැරිණි ද හුතැස් - සිළුව නැගෙනෙ’ව් උඩු අත.


109 කි‍ඳෙල - කුඩා දියවල සුනෙර - මහමෙර




නීති ශතකය 63

තුන්ලෝ දිනි හැකි පිරිසිදු පුද්ගලයකු ගැන මෙසේ සඳහන් කරයි.

107 නෙත් කොන් බැලුම් ලැබ’ඟනුත් හදවත් ‍ෙනා සිල් වූ කාමාදිනෙක් රස වෙසෙස් පුඬුවේ නො බැන්දූ තාපාදියක් නො ලද සිත් තුළ කෝප ගින්නෙන් තුන් ලෝ දිනන්නට සමත් එ ම වීරයා මැය්.

ශූරයා මුලු පොළෝතලය ම වසඟ කරන බව දක්වයි.

108 සූරයා මුලු මිහි - තලය ම දිනයි දෙ පයින්. රිවි කිරණ තෙද දස දිල - වීදා බබුළුවන සේ.

ස්ථිර අධිෂ්ඨෘනයෙන් හා අප්රකතිහත ධෛය්ය්ළුවයෙන් යුත් විරොදාර පුරුෂයනට මේවා සුළු කරුණුය.

109 පිය තම පැවැතුම් ඇත්තන්ට ලෝකේ උතුම් වූ සුමුදුර කි‍ඳෙලය් ගින්නත් සිසිල් වු දියත්තය් සුනෙර සුළු ගලක් වෙය් සිංහ පොව්වා මියුල් වෙය් මහ විසය අමා වැස්සය් සපුන් මල් දමක් වෙය්.

සත්යියෙහි පිහිටි උදාර පුද්ගලයන් ස්වකීය ප්ර්තිඥවන් මැනියන්මෙන් ආරක්ෂා කරන බව දක්වයි.

110. උසස් සිතැත්තෝ සබ වස් කැමැත්තෝ හරිත් තමන් දිව් වුව ලේසියෙන් ඒ නිමල් හදැන් සත් හිරි ගුණෙන් යුත් දනෝ මවුන් සේ සුරකිත් පො‍රොන්දු


නිමි.

"https://si.wikibooks.org/w/index.php?title=නීති_ශතකය&oldid=5915" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි