නීල කොබෝ සංදේශය-සංඥපනය

Wikibooks වෙතින්
Jump to navigation Jump to search

ශ්රීන වර්ධන-සෙංකඩගල පුර (මහනුවර) කීර්ති ශ්රීු රාජසිංහ නැනිඳුන් දවස (ක්රි-. ව. 1747 – 1780) වුසු භරන ගණිතාචාර්යයෝ සෙත් කවි හා වස් කවි කීමෙහි ප්රදසිද්ධ කවීන්ද්ර් කෙනෙකි. මොහු දකුණු ලක බටහිර ගිරිවා පත්තුවේ බෙලිඅත්ත හා තංගල්ල හා අතර බිහිටි සිටිනාමලුව නම් ගම ගණිතෙගෙ වත්තේ දී මෙයට සිය වසර දෙකකට පමණ පෙර මනු ලොව එළිය දුටහ. ඔවුන් පදිංචිව සිටියේ එම ඉඩමේ සතරැස් ගෙයක ය. සතර දිගට ගෙවල් සතරක් සාදා මැද මිඳුල සිටින සේ (ගෙවල්) තැනීම පැරැණි සිරිතය. ඒ සැළකිය යුතු ගෘහ විශෙෂයෙකි. ඔවුන් ගේ දෙ මා පියන් විසින් ඔහුට නම් තබන ලද්දේ “සාදා”යනු වෙනි. “නීල කොබෝ සංදේශයේ” “සජ්ජන නමින් යුත් වු අයෙකි ම මිතුරු” (140) යන කවෙන් ඔවුන් ගේ නම් “සජ්ජන”ය ලීවා විය යුතු.


ඉගෙනීම[සංස්කරණය]

පාතරට ශාස්ත්ර් ප්රජදීපය දැල්වීමට උදාවු සිටිනාමලුවේ ධම්මජොති වීහාරයට වැඩම කළේ මේ “සාදා” සමග ය. සාදා මේ හිමියන් ගේ ඇබිත්තයා ය. මොවුන් වහන්සේ වැලිවිට සගරජුන් හ‍ා ශාස්ත්රීවය සාකච්ජා පැවැත්වීමෙන් ද බ්රාවහ්මණ වංශික (ශ්රාමණ) කෙනෙකු ගෙන් සංස්කෘත ඉගෙනීමෙන් ද වඩාත් ව්යශක්ත වුහ. සාදා යථොක්ත බ්රාකහ්මණ පඬිවරයා ගෙන් නක්ෂත්රයය ද ඉගෙන ගත්තේ ය. ඉගෙනීමෙන් පසු සිටිනාමලුවේ සමුණන්දැ ගමරට ඒමට සමු ගැන්මට ඇබිත්තයාත් සමග මහ වාසලට ගියදෑ ය.


රාජසම්මාන[සංස්කරණය]

කීර්ති ශ්රී් රාජසිංහ රජ්ජුරුවෝ සංඝයා වහන්සේට ගරුකාර සත්කාර කොට මෙ සේ ඇසූහ “මේ කොලුවා කවුරු ද ස්වාමින් වහන්ස?”

1. මාතර සාහිතය වංශය (20 – 25)


“දෙවයිනි, මා ළඟ සිටින ගණිත කොලුවෙක් - මගේ ඇබිත්තයා” “තෝ මොනවා ද කොල්ලො ඉගෙන ගත්තෙ ?” “දෙවයන් වහන්ස, මා නක්ෂත්රිය ඉගෙන ගත්තා.” “තෝ නකත් දන්නවා නම් අද රිට්ටාව ඇති තැන කියාපිය.” “එහෙම යි දෙවයන් වහන්ස, සමා අවසර ලැබේවා! මට සතර රියන් දිග රිටක් ලැබෙන්න.” එය ලැබුණු පසු එහි මුදුනේ පුවන් පිඬක් රඳවා රාජාංගනයට බැස ලී--රිට අහසට දිගු -කොට තවත් වියතත් උස මය යි කී තැනේ දී රජහු ළඟ තුබුණු ඇත්දත්මුවා කුඩා පා පුටුව ගෙන්වා දුන් පසු එයට නැඟි එහි සිට රිට අහසට දික් කළේ ය. ඒ ඇසිල්ලෙහි පුළුන් රොද ගිනි ගති. නරදෙවයෝ මේ ආශ්චර්යය දැක සොම්නස්ව යථොක්ත පුටුව සහ තවත් තෑගි බෝග දී චන්ද්රායභරණ යන නාමය ද ප්රුදානය ළෝ. එතැන් සිට හෙ තෙමේ ‘භරණ ගණිතාචාර්ය නමින් පතළේය. මොවුන් ගෙන් පැවැතෙන්නෝ අදත් සිටිනාමලුවේ සිටිති. ඔවුහු “චන්ද්රාිභරන නැකති ගේ” යන පෙලපත් නාමය භාවිතා කරත්.


විශේෂ දක්ෂකම්[සංස්කරණය]

භරණ ගණිතාචාර්යයෝ ශොභන ලෙස පුස්කොළ (පොත්) ලිවීමෙහි (නීල කොබෝ 145)ද්ෂයහ. කථාවෙහි චතුරයෙකි. සෙත් කවි වස් කවි බැඳුමෙහි විශාරදයෙකි. සුබ නකත් කීමෙහි ජ්යෝතිර් ගණිතයෙහි (නීල කොබෝ 139) සූරයෙකි. වායසනිමිත්ත නම් වු පොත ද මොවුන් ගේ කෘතියකි.


මිත්රකයෙක්[සංස්කරණය]

පත්තායම් ලේකම්2 නමින් ප්රුසිද්ධ තංගල්ලේ සමරජීව කවීන්ද්ර යා මොවුන්ගේ හිතෛෂි මිත්රතයෙකි. මොවුනට හිග පාඩු වු විටෙක දී පහත පෙනෙන කව ලියා යැවුයේ පත්තායමේ ලේකම් කිවිඳුන් වෙතය.

2. මාතර සාහිත්‍ය වංශය (69 -82 පිටු)


“සමත වරණ මගෙ අබතුරයට ම වැදි

මසුත අගන වෙහෙස යි සුද දළය දිදි

උදිත සමරජීව ලිපි මැති සඳිනි සුදී

ඉවත වුනෙ ද ඔබ මෙත සිහ නදය නොදි”3

මොවුන් දෙ දෙනා ගේ සබඳකම පෙන්විමට මෙයට වඩා කුමට ද සාදක? “වැඩි සෙනෙහෙ දබරෙට ලු” යන ප්රයස්තාව පිරුළ සැබෑ බව නො බෝ දිනකින් ම ඔප්පු විය. මිතුරා සතුරා විම

සමරජිව කිවිවරයා භරන ගණිතයන් ගේ බිරිඳ සමග විශ්වාස විය.ඕ තොමෝ රහසේ සමරජිවයන් හා සමඟ පළාගියා ය. ඈ කොහි ගියා දැ යි සෙවු මුත් සම්භ නුණි. පළා - යැමේ පුවත රටතොට රැවු පිළිරැවු විය.


වස්කවි[සංස්කරණය]

භරණයෝ කඳ සුරිඳුන් ගැන තද භක්තියක් --මමත්වයක් ඇතුව සිටියෝ ය. ඔවුන් ගේ දුක් ගැනවිලිත් වෙනස් ඕනෑ දේත් ගැන ආයාචනය කරන ලද්දේ එකී ලද්දේ එකි සුරිඳුන් (කතරගම දෙවියන්) වෙත ය. පළා -ගිය භාර්යාව ගෙන්වා දෙන ලෙස කී කවි මෙ සේ යි.

වී රි ය කර බාල කාලේ ලැබපු ලමා

නෑ රි ය එක් වෙන්ඩ නෑ සිය දුජන සැමා

සු රි ය දෙවියන්ඩ වැඳ කියමි අත නමා

බා රි ය මගෙ එවන් දෙවියනි කතරගමා


3 මේ හා හැමතින් ම පද වශයෙන් අප වශයෙන් සම වු. ගජමන් නෝනා කිවිවරිය ගේ පැදියක් ඔබට කියවිය හැක.

“මෙ දි ළි දු මතවරණ මා මුවට වදිමින

ම බි ළි ඳු නිබඳ වෙහෙස යි සුද දළ දළින

මු ද ළි ඳු සඳානෙනි ඔබ මෙත් සිහ නදින

මෙ ම රු දු කුරිරු බිය පහ කල මැන යෙහෙන


රු ණු රටට තුම් නායක දෙවි කතරා

මු ණු සයකි බර අත් යුත් නැඟි මයුරා

පේ නු කර සිටිය මගෙ සුරතල් සොඳුරා

දේ නු ඔබෙ තෙදින් උදුරා මට මෙ වරා


මේ කවිවලින් පිහිටක් නො ලැබුණි. දෙවියන් කෙරෙහි කෝප වු ගණිතැදුරෝ තර්ජනාත්මක ව වස් කවි මතු දැක් වේ.


අ ත් බර අයුධ දරමින් සිටි කද කුමර

වි ත් තෙද අසුර යුද වනිගතෝ පෙර

ප ත් කර නුදුනි නම් මගෙ සුපුරුදු දොඳුර

අ ත් අරවා ගනිමි මම තගෙ කදිර පුර


ප ව රා කදිර පුර පුද ලබනා තුම්මා

නො හැ රා මම කීමි මගෙ දුක වැඳ නිම්මා

ප ව රා නුදුනි නම් මගෙ දිගැසිය නම්මා

උ ඳු රා මම ගනිමි තගෙ වල්ලි අම්මා


රට ක දි රා පුර නායක දෙවි කතරා

මට නි ත රා පැමිණුන දුක කී අතරා

මට උදුරා නුදුනි නම් මගෙ පිය සොඳුරා

තගෙ ම යු රා වාහන ගන්නෙමි උදුරා


ගු ණ ර නා කතරගම දෙවි තෙද යසස

දැ න ග නා කිමි ඔබහට ම සිතූ ලෙස

අ ණ යෙ නා ලබා නුදුනොත් මගෙ දිගැස

ක න උ නා වෙන්ඩ ඇති ඔබෙ නෙත්දොළොස


මෙයින් කෝප වු දෙවියෝ ගණිතැදුරන් ලෙඩ කළහ යි කියති.


වස් කවි කීමෙන් බොහෝ දෙනෙක් මොවුන් හා විරුද්ධ වුහ. ඔවුනට විපත් අන්තරායයන් පැමිණ වු හෙයිනි. විරුද්ද වාදිහු අප කවියාට අණ වින හදි හූනියම් කලහ. කර වු හ. එහි විපාක වහයෙන් භරනයෝ රොගියෙක් වුහ. දුටුවන් අප්‍රිය කරවන සුලු වණ කුෂ්ඨ හටගැනීමෙන් ද යටි පතුල්වල සම් ඉගිලි යනු නො හැකි වීමෙන් ද වාතාබාධයන් ගෙන් (නී . කො. 142) ද ස්වර භෙදයෙන් (නී. කො.144) ද පෙලෙන්නට වුහ.

දෙව කොපයෙන් හෝ වේවා විරුද්ධවාදින් ගේ අණ වින වලින් හෝ වේවා භරණයෝ ඇත්ත වශයෙන් ම රොගාතුර වුහ. (නී. කො. 141 -145) මොහු ගොඩ ගොවිතැන (හේන් ආදිය වැවිලි කිරිම) සහ මඩ ගොවිතැන (කුඹුරු කිරිම) ද කලහ. හේනක් පාලු කල සාවුන් ගැන කියන ලද්දකි මේ.


යා ම් බො ල න් අපි හේන් බලන්න

මේ ම් බ ල න් සාවුන් කල වින මට

කී ම් බො ල න් මම කළු වැදි රාලට

මා ම් බ ල න් පලයන් මගෙ උගුලට


මෙන්න එල දෙනක් මැ වැල් කෑවාට කී කවියක්.


පි රි ය සිතින් ඇති ල ලීමා වැල

හ රි ද රදා ගෙයි එල දෙන කෑ කල

න රි යෙකු නො වටින දිවියෙකු තෝ බල

ව රි ය වැටෙනව ද අල්ලන් කෑ කල


වතු කැනක් සොරුන් කැපුවාට කී කව් දෙකකි මේ.


ව න් ත පා කිරනය අවරඹ පත

ඉ න් උ පා බලමින් ඇවිදිල්ලා

පෙ ම් ප පා රැක අන් මගෙ ලා වතු

කැ න් ක පා ගෙන ගිය සොර කොල්ලා

ක න් දෙ පා පසු කරද ගොන් හිස

ව න් ස පා බරනින් යකු දුල්ලා

දැ න් තොපා තොපට ම කැපා කර දෙමු

උ න් ස පා කාලිය ගොස් අල්ලා

නි න් ද නෙත නොවමන් ද දුක් විඳ

කි ම් ද අපි මේ කරන්නේ

අ න් ද මට රඹ කැන් ද කපමින්

බැ න් ද වැට පැන දුවන්නේ

මු න් ද මුන් අඹුවන් ද උන් දරු

ව න් ද මින් මයි රැකෙන්නේ

ක න් ද සුරිඳුනි මන් ද මේ සොරු

කැ න් ද වා ගෙන නො යන්නේ



තම්පලා සොරුන් උදුරා ගත්තාට කී කවි --

ලොවට වැඩ කර මදක් උපකාරයෙන් ඉන්නට දවසැරා

ක ට ට රස ඇති මාලු පින්නක් වවා ගන්නට පල කරා

ව ට ට වැට බැඳ තම්පලා ගස් අනිමි මම දැඩි වන තුරා

හැ ට ට අකර වැදු වේසිග පුතේ උදුරා ගති සොරා


ව වා තිබුණු තම්පල ගණිතෙ ගෙ වත්තේ

මු වා වෙන් ඇවිත් සොරු උගුලා ගත්තේ

කි වා මෙ පද බොරු නැහැ අනෙ හරි සත්තේ

එ වා පන් මල්ලි උඹෙ අඹු මේ පැත්තේ


මෝ ට..කමට අපෙනුත් ගියා නො ගියා බෑ කියන් නට

ඊ ට නෑකම් දැනට මොටදෑ තව වවා දෙමි තම්පලා තට

කා ට වත් නොකියා ම රහසේ අඹුව ගෙන දුන්නොතින් මාහට

ඈ ට ටික කලකින් ම පුළුවනි ගණිත පැටියෙක් සදා ගන්නට


මේ කවිය කි වේ හාවෙක් කුමුරක පැලපත ගොයම පාලු ක විට ය.


ඉන්දු සේම පැලවෙන මගෙ ටිකිරි ගොයම් කනවා

පන්දු සේම බෙටි ගසමින් බැද්දට පැන යනවා

සන්දි කුලල් නහර උගේ ඇට පොඩිකර වනවා

කන්ද කුමාරා දෙවියනි සාවා මර වනවා


තෙලි දිය සොරකම් කළාට කී කවියක් මෙන්න.

ලා වෙලා තුබු ලා කිතුල් මල තුබු තෙලි දිය ගෙන අලුත්

ඒ බලා නුමු ලා සොරෙක් බිලා ගියා සැල ගෙන අලුත්

ලෝ තුලා තුමු ලා පසිඳු යස තෙද බලැති දෙවියනි අලුත්

ඌ හෙලා නුමු ලා ගසින් හල මැනවි දැන් නො තබා අලුත්


අසල දිය කඩිතිවල මාලුන් ඇල්ලීම ද මොවුනට පුරුදු ය. නවයාල විලේ කෙ‍මන් ඇටවීම ද කළ බව පහත පෙනෙන වස් කවි වලින් ඔප්පු වේ.

මු රු අ ණ බෙලෙන් රෝ දුක් ගත වැසියන්

දො රු ව න වදින ඉස්සන් බස ඉරාගත්

කි රු මෙ න තරාදිය බරණින් බලාගන්

ගු රු දි න කෙමන ගත්තෙකු යකු මරාගන්


බ හි න ජලය මෙන් සිය ගත ඇදියන්

න ගි න ගහෙන් උගුලෙන් උල ඇනීයන්

බ හි න බැම්ම වල හැරපට කැඩීයන්

කෙමන ගත් සොරා හතරට පැලියන්


කළු වන තැනය යන් රෑ පාන නො වැලකූ

මැලි නො ව සිතේ කැප කර ගන්න බිල්ලකු

මුළු ලොව බලන තෙද ඇති මහ සොහොන් යකු

අලු කර ලන්නා අල්ලා කෙමන ගත්තකු


කෙමන ගත් සොරා ගැන දුෂමාන ආරංචි පැතිරි තුබුණු බව මේ කවිවලින් දැනේ. “බහින ජලය....” ඈ කවෙන් මේ සොරා ගස් මදින්නකු බව ඉඳුරා ම වැටහේ. මඟුල් උළෙලක් වි ය. මාලු හිඟ කාලයෙකි. අල්ලා තෘප්ත නො වු ගණිතැදුරෝ හේනට ගියහ. ඕලු මුවකු දැකපු. මෙන්න එවේලේ ම කී වස් කවිය.


යා ල් වේ මෙ මට කල අව මාන්නෙට

වේ ලු වේ තිත්තකඩයින් බදින්නට

මා ලු වේ දෙයක් නැත මුසු කරන්නට

ඕ ලු වේ නුදුව සිට - පන්න මගුලට


ඹ්ලුවා නුදුව නැවතුණි. ඌ මස් කර ගෙන මඟුල් කෑමට ගති. මොවුන් ගේ බළලා ඇල්ලිම ගැන කී කවිය මේ ය.


අද්දර ගම ගෙයි බඩ ගෙඩි බල්ලා

මාගේ බලල ගෙ තුනටිය අල්ලා

අද්දර පඳුරේ උන් දිවි පොල්ලා

අල්ලන් කා පිය එම හොර බල්ලා


තමන් ගේ වැඩ පණිවුඩ කර - ගෙන සිටිය කොලුවා සැගවි ගිය හෙයිනි මේ කවිය කී වේ.


අ ම ඔ තුටේ නො දෙමැ යි දිව ගණපතිය

දි ය කර වටේ ආ හිමි බර නුවණැතිය

රි සි විල සටේ පෙරකුරු දුන නො නැවතිය

ය ස කර රටේ පවසති ඔබ ගේ තුතිය


මේ කවෙහි පද සතරේ පෙර කුරු (=මුල් අකුරු) සතර ගත් විට ඒ කොලුවා ගේ නම “අදිරිය” බව පැහැදිළි වෙයි.

තම ආචාර්යපාද සිටිනාමලුවේ ධම්මජොති ස්වාමින්ද්රකයන් ගේ පා සෙවණෙහි වැඩුණු සාමණේර නමක් සිවුරු හැර ගියෙන් මේ කව් දෙක කියා තිබේ.


යසස රැසින් දිසි රිවි විලසින් නම

දිමි සතොසින් ඔබ යුග පදෙසා

නෙක දිවසින් අප මුනිඳු විසින් දෙසු

සික පද සුන් කර ගිය නොලසා

ලොව දිවසින් නරඹා වෙසෙසින් රැකි

සිත සතොසින් සුරිඳුනි බරැසා

තිය දිවසින් මෙහි එවන් ලෙසින් නම්

දිවි සතොසින් වැඳ වැඳ මෙ ලෙසා


වන් දා නොයෙක අසුරින්දා වෙතෙහි යුද බින්දා

පතළ තෙද මහිමෙන්දා

මන්දා ර ගිර විල සින්දා බලය පාමින්දා

විසු සව් දද බන්දා

ලන් දා සුරැකි කදිරෙන්දා සුරින්දා වැන්දා

මෙන්න ඔබ පද ද්වන්දා

තුන්දා තුරෙනි මෙහි බින්දා එවන් සිල් බින්දා

ගමට ගිය හෙරණින්දා

වෙනත් ප්ර බන්ධ.[සංස්කරණය]

මේ කිවිවරයා ලෙඩින් පෙළුණු අවස්ථාවෙක පොළොම්මාරුවේ වෛද්ය වරයකු විසින් බේත් කරන ලදි. මොවුන්ගේ රොගය වෛද්යපයන් ගේ ඖෂධ වලින් සුව විය. ඒ ගැන ලියා යවන ලද්දකි මේ.


වසු කැලන් මැදට පත්තෙකු සමාගේ

දිසි කැලුම් වැදො හු ගිය මෙන් නොමාගේ

විසු පොළොම්මාරුවෙ විස ගුත් තුමාගේ

ඔසු බෙලෙන් පහව ගියෙ ලෙඩ මෙ මාගේ


පත්තායමේ ලේකම් සමරජීවයන් ගේ බිරිඳැ අන් පිරිමින් හා රහස් සබඳ කම් පැවැත්තුවා යන පුවත ද පතළ විය. මේ සෙවීමෙහි රිසි වු භරණයෝ ලේකම් තැන ගම නො සිටි දිනක් බලා ඇදිරි වැටි ගෙන එන වේලෙහි වෙස් වළා ගෙන විත් නවාතැනක් ඉල්ලා සිටියෝ ය. ගෙයට නුදුරු මඩුවේ නවාතැන් ලැබුණි. එහි දී රෑ දැනගත් දේ


යැ ද යැද සුරන් මා ඉන්නා කල මඩුවේ

ත ද බඳ ලෙසින් ලඳ ගෙයි ඉඳ -ගෙන දෙඩුවේ

ලඳෙ නුඹ කළ හදිය අද කීවොත් නඩුවේ

ල‍ඳෙ ඔට ඉන්න වෙයි වඳ විඳ මුර මඩුවේ


යි ලියා ඈට ලැබෙන සේ සලසා උදාසන ම එතැනින් ගිය බව අසන්නට ලැබුණි. මේ පුවත සමරජීවයනට ලියා හැරියේ මෙසේ ය යි ද කියති.


බාසිවල කොතන බැලුවත් ඔහොම ඇත

ඒ කන අත වරද නැත පූරුවෙ සිරිත

බෝසත මවුන් දඬුරුවකට පහර දෙත4

ඒ පොත ඇත සනසා ගන්න ඔබ සිත


කිරිනදේ සිට ඇවිදින් යන සුරූපි තරුණියක ගැන ලියන ලද කන් කලු පබැඳුමක්.


සු රි න් ද ගේ අඟනන් මෙන

බ රි න් බිමට බටු සන් දන

කි රි න් දෙ සිට ඇවිදින් යන -බිරින්දගේ සොබනා


රු වි න් ඇගේ යසසින් වන

ර ති න් ද ගේ ඔද සින් දන

ලෙ සි න් කියමි ඵලදුන් ගැන-සිතින් හැගෙන පමනා


ත දිං තකට දිමි තොං යන ප දි න් නටන ඇගෙ පුන් තන එ ර න් තිසර පැටියන් මෙන-නෙතින්නෙතට පෙනෙනා

මෙ ව න් අඟන මට දැන් ගෙන

වි දි න් ඩ රති සැප දුන් තැන

ඔ වු න් ඩ දෙමි මසුරන් ගැන-රැකෙන්ඩ මට තිබෙනා


4 අසාන මන්ත්‍ර ජාතකය (මුද්‍රිත ජා:193 පිට බලන්න)


රු වි න් සදිසි සිරිකල් වන

නු ව න් යුගැති ඉඳුනිල් වන

කු සු ම් වරල සිකි පිල් වන - ගහන් අකුස විලසා


ලෙ ව න් අදර ව ද ම ල් වන

ද ස න් පෙල ද කොඳ තුල් වන

ව ද න් කි ය න සු ර ත ල් වන -පෙමින් බලන අඩැසා


සු පු න් දෙ තන සුලකල් වන

පෙදෙන් පෙදට නිති සොල් වන

සෙ දි න් සලෙලු මන අල් වන -ලෙසින් හසිනි නො ලසා


මෙ ව න් රුසිරු නුමෙ දුල් වන

කු සු ම් සරු ගෙ ඔද සොල් වන

වි දින් ඩ රති සැප කල් වන -වරෙන් පියඹ සතොසා


“තදිං තකට දිමිතොං යන............” ආදියෙන් දැක්වුණේ මේ රචනය නාට්යක කලාවට එකඟ වු බෙර තාලයට ද සරිලන සුමිහිරි වෘත්තයකින් බැඳුන බව යි. රසවත් වු මෙය මොවුන් ගේ කාමුකත්වය එළි පිට ප්රනදර්ශනය කෙරෙන චිත්රු පටයක් වැන්නැ යි නො කිව යුතු ද?


නැකැත් සතර අනුව ගෙතුණු ප්ර හෙලිකා කවි[සංස්කරණය]

විශෙෂයෙන් මේ නිවිවරයෝ උසස් අයවලුන් ම ආශ්රහය කළෝ ය. “වියත් දස දෙස පුදත් හැම කල්” යනු නිබොරු ය. දිනක් මොවුන් එක්තරා වලව්වකට පැමිණි කල මුදලිඳුන් ආදි නිලධරයන් පුළුස්සාපු මාලු කකා රා බිබී පුරසාරම් නථා කරනු දැක ව්යංපගයෙන් කියු මේ කව ඉතා අගෙයි.


පෙර රැස නගා පලහා අන්තිම රාසි

නොමරැස එක් ගහන් දස -එක්වන රාසි

යුග රැස වන් දනෝ එකතුව කර පෑසි

පස රැස ලෙසින් විකුමෙන් බස් දෙත වාසි


තෙදැතියන් ඉදිරියේ බියැතියන් නො ව නැණැතියන් ලෙස උපහාස ලීලායෙන් එල්ල කළ මේ සරදම මොවුන් ගේ තන්වැසි බව දැන ගැන්මට හොඳ ම අවස්ථාව ය. තෙදැති බලැති ප්රවධානයෝ ද මෙය විකට විටක් සේ සළකා සිනහ මුසු මුහුණින් පිළිගත්හ. මේ කොතරම් විනිත බවෙක් ද?

පෙර රැස -මේෂ -ය යි. අන්තිම රාශිය -මීන- ය යි. නොම රැස එක් ගහන් රාශියෙක් නො වූ ග්රිහයෙක් එනම් -රාහු -යි. දස -එක්වන රාසිය කුම්භ (කළය) ය යි. යුග රාශියට ය පස රැස කී වේ.

මේසයක තබා -ගෙන පිච්චු හෝ බැද (පලහා) පු මාලු කකා රා කළයක් බොන ගොනුන් වාගේ මිනිස්සු සිංහයන් මෙන් වික්රයම කම් කථා බස් කරති යනු මෙහි පිණ්ඩාථියයි.

ව්යාරජ ගෞරවය නො දක්වා අස්ථාන භිතියෙන් තොරව - නිර්භිත ලෙස දවසැරිය සුරා සොඬකු නො වන මොවුන් ගේ චරිතයේ උසස් ජවනිකාවකි මෙය. මෙ වැනි වක් පැවැසුම්හි මොවුන් ගේ සමත්කම් වර්ණුනා විෂය ඉක්ම පවතී. මෙන්න එම ගණයේ තවත් පැදියක්.


බක් මස මුදුනේ සැතපි ඉදලා මදක් නැඟි බැලු කල ඉවතා

නවම් මසක් සුරතට අර ගනිමින් බිනරේ යනවා දැක දිමුතා

වෙසක් මසට නිසි එකෙකු ඇවිල්ලා බිනරේ අල්ලා ගෙන දුවතා

අසන්න විතුනි අම්බල ගම දී පොසොන් මසෙක් යෙදිනැ යි කියතා5


මෙහි බක්මස යනුවෙන් මේසය (බක් මසට හිමි මෙෂ රාශිය බැවිනි) ගැ‍නෙයි. නවම් මස - යන්නෙන් කළය (නවම් මසට හිමි කුම්භ රාශියයි) ගැනේ. බිනරේ -යනුයෙන් කුමරිය (බිනරයට හිමි කන්යාැ රාශිය යි) ගැනෙයි. වෙසක් මසට නිසි එකකු යන්නෙන් ගොනෙක් (වෙසක් මසට හිමි වෘෂභ රාශිය වේ) හෝ පැවිද්දෙක් ගැනේ. මෙහි දැක්වෙන පුවතේ හැටියට -වෙසක් සමට හිමි එකකු යන්නෙන් -වෘෂභයකු වැනි පැවිද්දෙක් ම යෙදේ. පොසොන්මසෙක් -යනුයෙන් මිථුනය (පොසොන් සමට හිමි මිථුන රාශිය යි.) ගැනෙයි. මෙයින් මේ ජුගුප්සාජනක කරුණ වටහා ගත යුතු. අම්බල නම් බෙලි අත්ත අසල ගම්මානයකි. සිටිනාමලුවට වැඩි ඈතක නො වේ. එහි වු සිද්ධියකි මේ කීවේ.

මොවුන් ගේ රචනා හාස්ය රසයෙන් හා බීහත්ස රසයෙන් හා අනුප්රානස රසයෙන් හා රසවත් වු බව පෙනේ. මේ ප්රටබන්ධ ද කාවය කරනය ද බොහෝ දෙනා ගේ පැසසුම හිමි කර ගති. මේ කිවිඳුන් ගේ නිර්භිත බවටත් උත්පාදක ශක්තියටත් යට දැක්වුණු පබැඳුම්වලට වඩා තවත් නිදර්ශන අනවශ්යට යි. මේ ඇතැම් ප්රපබන්ධයෝ මොවුන් ගේ අඹු සොඬ බවක් රාග ගින්නෙන් රත් වු විරහ මතින් මත් වු වකු බවත් කියා පාති.


බිරිඳගේ කවි[සංස්කරණය]

භරණයන් ගේ බිරිඳ ද කව් තැනුමෙහි සමතියකැ යි කියති. ඈ පොල් ගාමින් කී තේ කව් පෙළක් මෙහි මතු දැක් වේ. සිය සැමියාට ආසිරි පතා ගැයු මේ කව් වලින් ඇය ගේ ගණිත ඥනය ද දිසේ.


නන් දන සරසවි කිවි මුක රැන්දේ

නන් දන වියතුනි සවනත ඇන්දේ

වින් දන හිමි ගුවනේ රුස් වින්දේ

බන් දන කවි අස ගණිත කිවින්දේ


බක් මස අව පුර තිස් දින මැද්ද

අස්විද බෙරණය කැති පේ ලද්ද

ලත් එළු රැස හැම මෙ කී දෙවින්ද

බක් මස උවදුරු අද සිට ඇද්ද


අ ව පුර වෙසගය තිස් දින මැද්ද

ග ව රැස රෙහෙණය මුව සිරි සෙද්ද

දි ව මතුරක් මතුලා මෙන් සුද්ද

ත ව හැම උවදුරු අද සිට ඇද්ද


මැ දි ය පොසොන් ම තිස් දවසේයා

උ ද ය කළේ රිවි මිතුන රැසේයා

අ ද ය පුනාවස ලත් එ රැසේයා

වැ ද ය නො දී කිසි උවදුරු සේයා


ඇ ස ලය මස ලත් තිස් දින මැද්දා

පු ස අස්ලිස නළ රැස ගෙන මැද්දා

ව ස විස අන වීන සැම දොස සින්දා

බැස පලයන් සැම රෝ දුක් බින්දා


මස ද නිකින්නිය පුරවක ලද්දා

මා පුවපල් තුරුපල් ගුණ ලද්දා

සිංහ රැස ද බල තෙස නො වරද්දා

පහ කර උඅවදුරු අද සිට ඇද්දා


හ ත සිත වලදා රැස කන්යාායා

ස ත බිනරේට ම ඉරු කන්යාදයා

වෙ ත පත් උඅවදුරු දුර පන්නේයා

හ ත සිත වලදා වැඩ වන්නේයා


තුලා රැස ද සා වීසා නැකැත සේ

කල මුනි සඟ සහ වැලඳු සිරි සේ

පල දෙන සිව් සහ හෙළි කළ දිය සේ

තුලා රැසත් වප් මස සිරි සැප සේ


පු ර අව තිස් දින සලසා ගැවසි

තොර නො ව අනුරෙට වලදා ගැවසි

අනුර ය දෙට ලත් ගෝනුසු රාසි

තොර නො ව ආසිරි ඉල් මස පෑසි


ල ද මුව පුවසල තුරුපල් ලෙදයේ

වි ද එහි ඔසු රැස වලදා උදයේ

මැ ද උඳුවක් මස කෝණත මැදයේ

සොඳ සව් සිරි දී උවදුර යායේ


සොඳ ලෙස සවනය දෙනටය රිකයා

ල ද එහි දුරුතු ද මකර රැසේයා

පැ ඳ රතකය එහි දිනිසු ද තෙදයා

සි ඳ හැර යේ යී පිරි පත යේයා


අව පුර දෙක බබළයි තිස් දවසේ

සිය වස පුව පුටුපා ගෙන නොලසේ

ගැන රැස් තුන් භය එක්කර මෙ ලෙසේ

බැස දොස නිත්යෙන් රකුවා මෙ ලෙසේ


උත්රද පුටුප සහ රේවති නැකත

මිත්රො ගුණැති මීනය ගෙන සිත රුත

වස්ත්රස බරණ පැලඳපු වස් දොස් නැත

මිත්රර මැදින් දින වන් දොස දුරු වෙත


රැ ස් දොළස ද සත් විසි රික සමගින

දෙ ස් කොට සතුරන් කරනා අණ වින

මස් දොළස ද වක් පන්තිය සමගින

වස් දොස් ඇර යෙ යි වෙයි මස් දොළසින6


සෙත් යැඳුම්[සංස්කරණය]

හීනයානයට මහායාන මත එක් වු තැන් සිට දෙවියන් යැදුම සිංහල බෞද්ධයනට රිසි විය. අනුරාපුර සමයට පසු - එනම් පොළොන්නරු යුගයේ දී දෙව මත මෙහි වෙසෙසින් වැඳුණු බවට පොළොන්නරු වේ “ශිව දෙවාලය” සාක්ෂි කියයි. එයින් මෙදෑතුරේ සෙත් යැදී ම -සෙත් කව් ලිවීම -වෙන වචන වලින් කියතොත් සංදේශ ප්රාබන්ධ කිරිම මුල් බැස ගති. රජ, යුවරජ. මැති,ඇමැති ආදිනට සෙත් පැතීමට හෝ රට රැකුමට පින් පැන ගුන පුත් රුවනක් ලබා දීම් ආදියට හෝ සංදේශ මඟින් ඒ ඒ දෙවියන් ගෙන් සෙත් ශාන්ති යැදීම බහුල ව පැතුරුණේ ය.


කතරගම යැවුණු සංදේශ[සංස්කරණය]

මෙ සේ ඇරඹුණු සෙත් කවි ක්‍රමය සිය ලෙඩ රෝ මුද්‍ර සෙත යැදුමට ද මඟ කරගත්හ සමහර කවියෝ. “කහ කුරුළු සඳෙස” (කසා කුරුළු සංදේශය) 7මේ මග ගත් පලමු වැනි සෙත් කවි පෙළය යි කිව හැක. දෙ වැන්න “නීල කොබෝ සන්දේශය” යි. තල් අරඹේ 6. ශ්‍රී ලංකා-1951 අගෝස්තු කලාපය 7.ගාල්ලේ දන්ගෙදර ධර්‍මධ්වජ යතිදුන් විසින් ලියන ලද මෙ නමින් ම යුතු කවි 276 ක සංදේශයක් 1909 දී පළ විය. එය ගාල්ලේ සිට සුමන දිව්‍ය රාජයා වෙන යවන ලද්දකි.

යතින්ද්‍රයන් ගේ “දිය සැවුල් අස්න “ තෙ වැන්න වේ. දික්වැල්ලේ වැවුරුකන්නලින් යැවුණේ සිවු වැන්න ය. එය “මයුර සංදේශය” (ii) නම් විය. මෙයට මසු මෑත කාලයෙහි යැවුණු සංදේශ ද කිහිපයෙකි. කැට කිරිලි සංදේශය ද කතරගම දෙවියනට යවන ලද්දකි.


කහකුරුළු සංදේශය[සංස්කරණය]

ගලගම දෙවමිත්ත හිමියන් ගේ සිසුවර දික්වැල්ලේ සාමණෙරයන් විසින් විහිත මෙය විරපරාක්‍රම නරෙන්ද්‍රසිංහ රජු දවස (-මහනුවර රාජ්‍ය සමයෙහි) කරන ලද්දකි. ගලගම සිට ගොස් කතරගම දෙවාලයේ ස්කන්ද දෙවයන් වෙත ඔප්පු කරන ලද මෙය පද්‍ය 255 කින් යුක්ත ය.


කර්තෘද සංදේශනය[සංස්කරණය]

    255.   පීන සිරි යසස දිගුවැලි පියස		     ගරු
              පේම වඩන කඳවුරු කුල්ග		පිවිතුරු

සාමණේර යති සඳ නිමල ගුණ දැරු

හේම කුරුළු මෙ හසුන් පැවසි මියුරු

“පසිඳු වීර පැරකුමු නරනිඳු පවර”යි පොතේ දැක්වෙන හෙයින් මෙය අට වැනි වීරපරාක්ර මබාහු රජු කල කරන ලද්දකැ යි කියති. මෙහි වීරපැරකුම් නරනිඳු - කීවේ මහනුවර අන්තිම සිංහල රජු වු වීරපරාක්රෙම නරෙන්ද්රි සිංහයනැ යි ගත් කල මේ අවුල නිරවුල් වේ. සවත් සුරිඳුට අයැදිම මහනුවර සමයට පෙර කිසි ම ස‍ඳෙසකින් නො කැරුනෙකි. මේ රජු ගේ රැජින නායක්කර් වංහයේ නිසා ඕ තොමෝ දෙවාගමය -විශෙෂයෙන් -ස්කන්ද දෙව භක්තිය ගරු කළා ය. ඇයට දරුවන් නැති බැවින් රට රැක්මට හුරු බුහුටි පුත් කුමරකු ලබා -දෙන ලෙසටත් යට කී රජුත් උඅඅවඳුරු දුරැර රකින්නටත් ග්රෙන්ථ කර්තෘහු ගේ වතේ ගතේ සියලු රෝ දුක් දුරු -කොට සෙත් සලසා දෙන ලෙසටත් මේ ස‍ඳෙසෙන් කතරගම දෙවියන් අයැදි බව සිතා ගත හැක. තවද ලක්දිව දකුණු දෙසට මේ දෙවියන් අධිපති යයි සම්මත හෙයින් ගත් කතුවරයා තම පෙදෙසේ දෙවියන් වෙත ම මෙය යැවු බව ද සිතිම නිවරද සේ ය. මේ කවිවලින් නිමිත්තය සක්සුදක් සේ පැහැදිළි වේ.


ස ව් සිරි දී කුලුණෙන් ලෙව් සත රකින

දෙ ව් සෙනෙවි සුරිඳු වෙත සිට මන තුටින

ප ව් දුසිරි මුසද්ටු දුරලා නිතින

ලෙ ව් සාසන රකිනා ලෙස අයැදිමින


තරිඳු ගුනෙන් තෙද’ණින් යුතු සහසකර

පසිඳු වීර පැරකුම් නරනිඳු පවර

ගිරිදු වියත් සමුදුර දෙරණ හිම් කර

අයඳු නිතින් රකිනට සිකියහන් සුර


පිරි යසසින් සිවුරගසෙන් මැති සමඟ

සිතැඟියෙහෙන් සිඳු කර සිය නෑ සමඟ

අහිත රුපුන් දුරු කර නිත්යෙන් නොලග

අප නිරිදුන් රකිනට අයදු සිතු රඟ


ලත් තනතුරු අග මෙහෙසුන් හට පබඳ

කිත් සිරිලක සාසන මතු රකින ලෙද

පුත් රුවනක් දෙන ලෙස මහ පිනැති සොඳ

කොත් අත දරු සුරිඳුට අයඳු සකි සඳ


අප හිමි යති සඳුගෙ සිත ඉඟි සිඳුව තොස

ද ප බිඳ රුපුන් අමිතුරු දුරලා නොලස

සැප සව් සිරි ආසිරි දි රකින ලෙස

අප යැදුමෙන් සැළකර සුරනිඳුට තොස


වත පැමිණුණු රෝගය දුරුකර බැහැර

ගත සියලුම රෝ දුක් දුර ලා නිතර

ඉ ත මිතුරන් සමඟිව සිතැඟි සිඳු කර

සෙත දී අප රකිනට සැළකර මිතුර8

(-කහ කුරුළු සංදේශය 246-251) 8 මේ කව් උපුටා ගන්නා ලද්දේ තංගත්තේ ගෞතම විද්‍යාලයාධිපති පුජ්‍ය පණ්ඩිත රැකව පාලිත හිමියන්ගේ අත් පිටුපතිනි.


දිය සැවුල් අස්න[සංස්කරණය]

කඹුරුගමුවේ සිට කතරගම දේවාලයට යවන ලද්දක සේ විරචිත මෙහි පද්යත 174 කි. “දිය සැවුල් අස්න” ය යි පොතට නම් කර ඇතත් කල හස ස‍ඳෙස යයි එහි ම 171 වැනි කවියෙන් මෙ සේ දැක් වේ.


ස ක වසි නෙකින් දහ සත් සිය තෙසි පසී

එ ක -ලට නවන් පුර පසවක් ලසී සැසි

මෙක -රුණ ලදින් බැඳ කවි පොත රිසි ලෙසි

දු ක පවසමින් කල හස සන්දෙසී දෙසී


මෙයට අවුරුදු 140 ට පෙර ලියන ලද බව ද මේ පද්ය්යෙන් පෙනේ.

මේ පොතේ පක්ෂ පත්ර4, අවුල් ජාල, ගොමමුත්රි කා, සර්වතො භද්රො ,ධ්වජ, පද්ම, එකාක්ෂර බන්ධන, සාන්ද්රාසෂ්ටක ආදි දුෂ්කර බන්ධනාත්මක පද්ය් 25 ටත් වැඩිය. සමරජීව කිවිඳුන් ගිය මග ම ගිය මේ හිමියෝ එළි වැට කිහිපයකින් හා අන්තය (ද්වන්දාක්ෂර) එළි දෙ පෙළකින් ම නිමවා තිපේ. මේ ඕනෑ නැති බරක් හිස පිට පටවා ගැන්මෙන් කව් රස නීරස විය. පදෘයෙන් ගේ එළි වැට ම ප්රසමුඛ ස්ථානයෙහි තබනු වස් පුරවන්නට වීමෙන් අර්ථේ රසය සුන් වු තැන් බෙහෙවි. ශ්රා ව්ය ය හා අනුප්රාහස රසයේ මිහිර මිස මෙහි වෙන කිව යුත්තක් නැත.


ඇරඹුම[සංස්කරණය]

‍ ස ර ද ස ර ද සොමි පැහැ රුසිරු දුල ද ල

පැ ල ඳ පැ ල ඳ පිය වන් කනක පෙල පෙල

නි බ ඳ ප බ ඳ රන් වන් තුඩැති සුල කල

ස බ ඳ ස බ ඳ සැවුලිඳු මෙ සිරි පල කල


කටයුතු නියමය[සංස්කරණය]

        5.   දෙව්     රද කඳින්     දල දල නෙතු 	බරා කරා

දෙව් තුරු මලින් යස මිනි මුතු සරා සරා

දෙව් සිරි ලෙසින් සව් සිරි සැප තිරා තිරා

දෙව් මෙම අසුන් සවතිඳු වෙත පුරා ද රා



යැඳුම[සංස්කරණය]

160. පි ද වෙන ලෙස කුළුණු එබ සයුරගේ ර ‍ඟේ

   බැද කව් මිණි පඬ්රුයෙව් ම සිතගේ 		හැගේ
   කද කුමරිඳුනි බලනු ද දිවැස ගේ		 රගේ
   සිඳ හල මෙ හැම රෝ දුක් පද යුගේ		මඟේ


කතු තතු[සංස්කරණය]

     162.	    නායක   දියත  සඳහම් ස යු ර මා 		සෙමා

නායක සතර තෙර පත් සිත සෙමා පෙමා

නායක දෙමටපිටියේ හිමි තුම‍ා ර මා

	    නායක    එයති  ල ද  ස  ර  ඇසුරුමා              පෙමා


     163.	    මෙතින      සිත් සමග රුදු දුරු රසේ 		තොසේ

නි ති න මොක් සුරැකි දම් යුවලසේ ලෙසේ

ය ති න තල්අරඹ යන මෙ පියසේ දි සේ

බැ ති න මම් විසින් කව් කල රසේ බ සේ


මාතර බඹරැන්දේ කුරුඹුරේ විහාරයෙහි වැඩ වුසු. දෙමටපිටියේ සංග රක්ඛිත පාතරට නාහිමියන්ගේ 9 ශිය කොග්ගල දෙවගිරි විහාරයෙහි (දෙවාල ගොඩැල්ල - සමහරු මෙය රිහිරිගල් දෙවාලය යනු වෙන් හඳුන්වති) වුසු තල්අරඹේ ධම්මක්ඛන්ධ තෙරණුවෝ මේ පොතේ කර්තාාහු වෙත්. තාල (වාත්ත) දෙ තිසකින් යුත් අන්ධභුත ජාතක කාව්යඹය ද මේ හිමියන් ගේ කෘතියකි.


දෙව් ආසිරි[සංස්කරණය]

   170.	තෙ ද නි න්  දනන් රෝ දුක් පහ 	කරා කරා

මහ සෙ න් උතුම් දෙවිඳුනි බැති කරා වරා

සු ප ස න් බෙලෙන් ම විඳින දුක් දුරා හැරා

සැ ප ති න් නිතින් වසනා සේ තිරා තිරා10


9. මාතර සාහිත්යව වංශය (25-28 පිටු බලන්න) 10. 1398 මුද්රිවත පොතෙන් මේ කව් උපුටා ගන්නා ලදි



මයුර සංදේශය (ii)[සංස්කරණය]

දික්වැල්ලේ වැවුරුකන්නල සුදසුසනානන්ද විහාරාධිපති වු වැලිහිටියේ සුමන හිමියෝ මෙහි කර්තෘ වුහ. මේ හිමියන් විසින් විසින් සම්බුලා ජාතක කාව්යතය ද, දීඝ කොසල ජාතය කථා ශරීරකොට ගෙතුණු “කව් මිණි පහන” ද කරන ලදහ. මේ හිමියනට බබුන් අප්පු ගොවිරාළ නම් වු කැපකරු දායකයේ විය. හෙ තෙම තදබල ඇස් රොගයකින් පෙළුණේ ය. ඒ රොගය සුව කර ඔවුනට සෙත සල සනසේ ද තමන් ගේ රෝදුක් දුරු කරන ලෙ ද වැවුරුකන්නල සිට කතරගම දෙවාලයට මොනර පක්ෂියකු දුත කාර්යයෙහි යෙද වු අයුරු රචිත මෙය මිහිරි පද බැඳුමෙකි. මෙ සේ කිහ එහි නිමිත්ත.


183.	සොබන	 ගොවි කුලෙන් පිරිසිඳුව	              පැවතෙන

න ද න බබුන් අප්පු නමැති එසුදන

න ය න රෝ දුකින් බෝ ගල් පසු වෙමින

වි ඳි න දුක් බලා දිවැසින් මෙන් සිතින


184. මි තු රු රැසින් දුරු වන අඳුරු විලසිනි

රු දු රු මේ නයන රෝ දුරු කර ලමිනි

ප තු රු වමින් සවතිදු අණ සක යෙහෙනි

සො ඳුරු සැප දෙන සෙ අයදින් සකි සඳිනි


201. මගෙ සිතු ලෙසින් පිලිවෙත් හැම පිරිමට

නොම දෙන රුපුන් වැනි රෝ දුක් හැර දුරට

සිත කය සොඳින් සැප සේ නිති විසිමට

සලසන ලෙසින් අයදින් කඳ කුමරිඳුට


දූතයාට අණදිම[සංස්කරණය]

10 ප ත ර කුළුණු තෙද යසසින් ලෙව් දිස්න

නි ත ර මෙ සිරිලක තුල් සව් සත පුස්න

අ ත ර නො හැර සැම තැන මෙත් රස ඉස්න

ක ත ර ගම සුරිඳු දැක දෙන් මේ හස්න


කතුවරයා[සංස්කරණය]

ශක වර්ෂග 1781 දී - අදට අවුරුදු 94 ට පෙර මෙය ලියු බව හා කතුවරයා හා එහි ම අවසාන පද්ය1යෙන් (204) මෙ සේ පෙනේ.


සත් සක වසින් සතළොස් සිය’සු එකවර

සිත් මස එදිගු වැලි සුදසුන් නද වෙහෙර

සත් රස විඳින වැලිහිටියේ සුමන තෙර

සිත් ලෙස මියුරු සදෙසය පැවසි කවි කර11


මේ යුගයේ ඇතැම් කිවිවරු තම අගත්කම උස් හඬින් කියා පෑමට දුෂ්කර බන්ධන ද යොදා ජාතක කථාවන් කවියට නඟා පොත් ලියුහ. එලි වැට යොදා ලකර කිරිම මහඟු කාර්යයක් බව හුවා දැක්වුහ. නො දැනුවත්ම බොහෝ තැන අර්ථය රසය සුණු විසුණු වුයේ එ හෙයිනි. ජාත කථා කවියට නැගිම පසෙක තබ‍ා සංදේශ කාරක කවින් ගිය මඟ මහත් අභිරුචියකින් ගියහ බරන ගණිතැදුරෝ. මොහු ද එළි වැට තැබුමට හිස නැමුයේ සාඩම්බරයෙන් හා සාභිමානයෙන් හා සාභිරුචියෙනි.


නීල කොබෝ සංදේශය-[සංස්කරණය]

වන්දිභට්ට ගීගායෙන් මහත් බයාදුකමින් ස්කන්ද දේවයන් ප්රදණිපාත කෙරෙමින් බරන ගණිතාචාර්යයන් විසින් රචිත නීල කොබෝ සංදේශය පැරැණි සදෙස් බන්ධනයක් බව කිවමනා යි. මෙය හුදු පෞද්ගලික ලෙඩ රෝ දුරුකරවා ගැන්මට යැද කල සෙත් කවි පොතකි. ඒ බව මෙහි 138-145 පැදිවලින් මනාව පැහැදිලි වේ. ව්යැවහාරොපෙත සංස්කාත වචන ආදිය ද මෙහි කවිවල ඇතුලති. පද්ය‍ 148 කින් යුත් මෙය උසස් පෙළේ සාහිත්යද කෘතියක් නො වුව ද ආගමය - සිංහල සාහිත්ය්ය භාෂාව ගනඳරෙහි පතිත වී තිබී යන්තම් එලියක් -ක්ෂිණාලොකයක් -විදුලි එළියක් දැක ප්රීමතවන අවධියක මාතර පළාතේ බස වහරක් කවින් ගේ යෙඳුම් බැඳුම් නීති රිතින් සිටිනාමලුව -කතරගම අතර ගම් නියම්ගම් මග තොරතුරු ආදියත් මේ සංදේශයෙන් දත හැක්කේය. සමාජ චාරිත්ර. ඇඳුම් පැළඳුම් කෑම බීම් රැකි රක්ෂා ආදිය පිලිබඳ වටාපිටාව මෙහි නො සඳහන්වීම ඉමහත් පාඩුවකි.

11 දික්වැල්ලේ වුවුරුකන්නල විද්යාඩතුංග පරිවෙණාධිපති පුජ්යඳ පණ්ඩිත දික්වැල්ලේ විමලතිස්ස හිමියන් ගෙන් ලැබුණු අත් පිටුපතින් මේ කව් ගන්නා ලදි.

කතරගමට යැවුණු අනෙක් ප්ර්සිද්ද සංදේශ ගැන ද ඉතා ලුහුඩින් ලිවේ මාතර සාහිත්ය යේ ශත වර්ෂශ දෙකකට - එහමාරකට පමණ පෙරත් අදත් හැටි සසඳා බැලීමේ රිසිය - කුහුල - අවුස්සවන රිසිනි.


මිශ්ර වචන[සංස්කරණය]

සංස්කෘත වචන අමු අමුවේ නීති රීති උල්ලංඝනය කොට තත්සම විසින් මෙ තරම් යෙදුණු සංදේශ කව් පොතක් වෙන නැතැයි කිය යුතු තරමි. ග්රා්මින භාෂාව ද බෙහෙවින් රජකම් කරපු තැන් එමට. මේ බලන්න. 3. මුකිනි. 4. මුකයට 7. ගාම නාමය. 8.මිනි කිට, 13. මින් කිරුළු 15 කතන කර, 16 සම්බා. ගමනාරම්බා, 19 බලාදාරෙහි,20 නබොතල, චන්ඩ, සැනසෙන්ඩ. සුරිඳුන්ඩ, යන්ඩ,23ගිම හිරු,27 දවලින්, පුලිනය, ප‍තයෙන්, 28පෙදයෙන් 33අභිගණ,34 කල්ලාවර, 35 පසාරකර, 38 රුදිරා, මඳු රාසියක, 43 කුහුල් චිත්ත, 46 අජ්ජුන, 47උදක, මනුස කෙරේය, 55මහිසන්, ලියිලෙක්, 56 පන්න රස. වලමිගා,පන්න, 57 ගොර. 58 ඩසෙල්ලුන. සසොල්පෙව්. 59 මනුදාර, අවිදුර. 61 මනුසක්, 63 ගො මහිසන්, උදකෙහි,64 ගොර.65 ලියිලෙක්. 67 නෙත්තර 6 සයිලේ 73 තිස්සෙව් වෙහෙර. 80 සයිලෙන 81 තිරත්නය 83 තපන 85 පසාර ර 95 රජතෙව්. 104 අදිකරන 111 චන්දන,සින්දන,නන්දන, 117 කනක,120 වදනන්බුජ. 121 දේව. 130 පරසිද්ද. 133 නක, 135 අම්බුජ, 136 බුවිපාල,දේව 139 දෛවඥ කුල, 140 දුජ්ජන,සජ්ජන,ගජ්ජන, 141 වාතරෝග, 142 අබිමත.144 සන්දිවල. 145 අක්සර,දක්ස,යක්ස,රක්ස කළ මැනවි 147 අදිකව.විරාජිත.


ග්රකන්ථ තුලනය[සංස්කරණය]

“කාව්ය යක් නිර්මාණය කිරිමෙහි ලා ප්ර4තිහානයක්, පරිවයන්, කියවා හැදෑරිමෙන් ලත් උගැන්මක් හේතු වන බැව් අලංකාරිකයෝ12 කීහ. මාතර කාලය වන විට මෙ රට සාහිත්යංය පැවැත්තේ නෂ්ටප්රා ය අවස්ථාවකින් පසුව බිහි වු විලාසයකිනි. දෙශපාලන ආර්ථික හා


12නෛසර්ගිකිව ප්රශතිභා - ශ්රැිතඤව බහු නිමිලම්

අමන්දශවාභින්යාගො ‘ස්යා‍:-කාරණම් කාව්යර සම්පද:

නවිද්යවනෙ යද්ය‘පි පුච්වාසනා -ගුණානුබකි ප්ර තිභාන මද්භුතම්

ශ්රැුතෙන යත්නෙතච වාගුපාසිතා-ධ්රැ-ව කරොත්යේව කමප්යතනුග්රයහම්(කාව්යාවදර්ශර 1 පරි. 103-164)


සාමාජික දුෂ්කරතාවනට මුහුණ පෑ රට වැසියන් ආත්ම රක්ෂණය බුද්ධි ප්රනභාව වර්ධනයට වඩා අගය ‍කොට සැළකූ කාලයෙහි මාතරයුගයට පිටුතලය වන්නේ. මාතර යුගයෙහි පහළ වු වි පරපුර ගතානුගතිත්වයෙන් වෙළනු ලැබීමට ඒ ප්ර ධාන හේතුව් වනුයේ ඔවුන් ලත් ඒ පිටුතලය ය. දෙ සංස්කෘතියක සංඝට්ටනය මුල දී භෙද ජනනය කරන සුලු වුව ද පසුව අන්යොටන්යද සමතාවයකට පැමිණෙන අයුරු සෑම රටකම සංස්කාතියෙකින් පිළිබිඹු වේ. මෙ රට හා අවර දිග හා ගැටීමෙන් ඇති වු ප්රළතිඵලය ද එ වැන්නකි. අවර දිග ශිෂ්ටාචාරය හා සංකලනය වු සිංහල සංස්කාතිය නිසා මෙ රට කලින් පැවැති ලක්ෂණ බෙහෙවින් වෙනස්ව ගියේ ය. සංස්කෘති ලක්ෂණ වෙනස් වීම මැනවින් පිළිබිඹු වනුයේ මනුෂ්යතවර්ගනයා ගේ චෛතසික විපරිනාමයෙනි.යුද බියෙන් ඇලළුණු කාල පරිච්ජෙදයකින් පසු ව එ සේ සංකලනයට හෙළි පෙහෙළි වු සංස්කාතිය නිසා. රුචිය විසින් සිංහලය වෙනස් මඟකට තුඩු දුන් අයුරු මාතර සාහිත්යේ වංශයෙන් සක් සුදක් සේ පෙනේ. ශෘංගාර සම්මිශ්රි ලක්ෂණ අපේ ාහිත්යදයට වැදුනේ අමුතු ම ස්වරූපයකිනි. සිංහල සාහිත්යයය ඉන් පෙරාතුව ගත් මඟ එයට වඩා වෙනස් වුවකි. දහම් පුවත්, බෝසත් සිරිත් ආදියෙන් පොෂිත වු සිංහල සාහිත්යි මාලාව සිය මුහුණුවර වෙනස් කළේ සන්දේශ ග්රහන්ථයන්හි දී පමණකැ යි කීම නිවරද විය යුතුය. එහෙත් ඒ සන්දෙශයන්හි දු බෙහෙවින් ම බෞද්ධ ලාබ්ධික ලක්ෂණ ගැබිව තිබීම වෙසෙසින් සැළකිය යුතුය.


ආගම දහමය පෙරටු කොට එයට නැඹුරුව පොත් ලිවීමේ රිසිය මාතර යුගය උදාවනු හා සමඟ ම මෙ රටින් තුරන් වි ය යි කීම මුසාවකි. ඒ මග රැකුණු වැඩුණු තැන් සඳහා දිය හැකි සාක්ෂ්යම මෙතෙක් පවති. එහෙත් සිරිඟර රසය අග තැන් කොට ග්රමන්ත රචනය කිරිම,ආගමික වෘත්තාන්තයන් හැර වෙනත් වස්තු මුල් කොට ගෙන කාවය නිබන්ධය කිරිම් ආදිය මාතර සාහිත්යක යුගයේ දි විශේෂයෙන් උද්දීප්ත වු කාව්යම ලක්ෂණය. ශාංගාර කාව්ය වශයෙන් වෙන් කර ගත හැකි පත පොත හැරෙන්නට, සෙස්ස මාතර කවින් ගේ ගතානුගතික ලක්ෂණ හුවා පාන තැනි. ප්රනතිහානයත්,පරිචයත්,උගැන්මත් යන තුන් අංගය ම වෙළි පැටලි හැනි පෑසි එළි දක්නා ලබන කාව්යමයන් පැතීමට සුදුසු මාතර අවධිය නො වේ. විද්යාා පුනර්ජීවයේ ඒ ප්රාසථමික අවධිය අවධිය ගැන නො ව, එබඳු පැතිමක් කළ හැක්කේ වර්තමාන අවධිය ගැන ය.


හුදෙක් ගූඪාථිවත් නිබන්ධයන් කර්තෘහු ගේ ඊනියා උගත් කම් හුවා පාන පබැඳුම් සම්මානයෙන් පිළිගැනීම පිරිහුණු සාහිත්යා යුගයේ ලක්ෂණ වෙයි. අශ්වඝොෂ, කාලිදාස ආදින් අත මටසිලිටිව නිර්මිත වු කාව්ය වෙනුවට මාඝ ආදින් අතින් හෙළි දක්නා ලද්දේ වාග් හරඹයනට සුදුසු කාව්යාවවලියකි. සාහිත්ය් විචාරකයෝ - සාහිත්යඝ ගවෙෂකයෝ එබඳු කාව්යආ බහත් පෙළේ කෘතින් ලෙස සළකා බැහැර කරති.”පෙරලී බිම පතිත වුව ද, නො නැවති ඉතා ජව වේගයෙන් දිවිය හැකි. උඩට හා යටට හා පා සතර සතර ඇති සරහ මෘගයෝ ඉතා දුර්ලභ වෙති. එ සේ ම කවිත්වය ඇති කවිකාරයෝ ද විරලභ”යි වාණභට්ටයෝ කීහ. අලුත් යුගයක උදාව වශයෙන් මාතර සමය ප්රටශංසාර්භ වුව ද උපන් කවින් වශයෙන් තැකිය හැක්න් එකල වු යේ කිහිප දෙනෙකු පමණක් බව කිව යුතු ය. පත්තායමේ ලේකම්, කටුවානේ මුහන්දිරම්, මිහිරපැන්නේ හිමි වැන්නෝ එවක කවීහු වුහ. එහෙත් සිවු පද ගැට ගැහීමෙන් කාව්ය් නිපද වුවෝ ත් ප්රතහෙලිකා කරණයෙන් තරඟ බිමට බටුවෝත්. එසමයේ දුලභ නො වුය. සුලභ වුහ. කවිත්වය දුලබය. කවි සාදන්නෝ නම් ඉතා සුලසය.


නීල කොබෝ සන්දේශය පිළිබඳ සාමාන්ය තුලනයක් කිරිම සඳහා මේ පිටුතලය වහල් වේ ය යි සලකම්හ. පොත පිලිබඳ තත්වාවබොධය පොත හදාරන පාඨකයන් වෙත පැවරිය යුතුය. කාවය රසය හා විචාරය ඒ අනුව හැඬගසාගත් මනස ඇතියවුනට භාර කාර්යයෙකි. කාව්ය විවේචනය සංඥපනයකින් පැතෙන කාර්යය නො වේ. එහෙත් මඳක් නීිල කොබෝ සංදේශය ගැන පාඨකයන් ගේ නෙත් ඇරැවීම මෙහිදී අදහස් කෙරේ.


මාතර සාහිත්යී යුගය උසස් සාහිත්යැයක් පැතිය නො හෙන්නක් බව මෙයට පෙර කීමු. එබඳු වකවානුවක සාහිතය කෘතින් ගෙන් පැතිය යුත්තේ ගතානුගතික ලක්ෂණ මිස අන් කිසිවක් නො වේ. අමුත්තක් වශයෙන් ඇති වු අංග යට සදහන් කළෙමු. මේ සඳහා අපට හොඳම සාක්ෂ්යඇ ලබාගත හැක්කේ භාරතයෙනි. මාතර යුගයේ දී ගතානුගතික ලක්ෂන සම්පන්නව ලියැවුණු පත පොත අතර මෙහි දී අපේ විශෙස සැළකිල්ල හිමි වනුයේ සංදේශාවලියට ය. එක් කවියකු විසින් අරඹන ලද මඟ සෙසු බොහෝ කවින් ගේ කවි ශක්තිය විදහා පාන මාර්ග ය වීම ලංකාවට අපුරුවක් නො වේ. ග්රතන්ථ වශයෙන් පටන් ගත් ංදේශාවලිය මයුරයේ පටන් හැඳුණු වැඩුණු සැටි අපි දනිමු.කාව්යි ප්රගතිභා පූර්ණය වන්නේ කවින් තුල දැනැවුණු සාටෝප හැඟිම් ඔවුන් ගේ ම විශද විපුල කල්පනා ශක්තිය හා ම සකස් වී හැදි වැඩී එය තුලට පිවිසි කල්හි ය. රීති විසින් හා වස්තු විසින් එක් ම ස්වරූපයක් ගන්නා සාහිත්යලය කල් යත් යත් නො බස්නා දියත්තක් මෙන් පල් වෙයි. මාතර හුගය වන විට සංදේශාවලිය ද එබඳුම කල දාවකට මුහුණ පා සිටියේ ය. නීල කොබෝ සන්දේශය ඒ පිරිහීම් ප්රරපාතයට ඇද වැටුණු සන්දේශාවලියේ එක් පුරුකෙකි.


දුතාශිර්වාදය, දුත වර්ණරනය. පණිවුඩය පසුවට කල් තැබීම , සුබ මොහොතේ ගමන් ඇරඹුම, ගමන් මාර්ගය වර්ණරනය, අතරින් පතර සුළු ස්වභාව වර්ණ නයකට ඉඩදීම, දෙව වර්ණනනය,පණිවුඩය (සන්දේශය) යන මේ අංග නීල කොබෝ සන්දේශයේ ද දක්නට ල‍ැබේ. එයට පැසුමක් හිමි වෙතොත් හිමි වනුයේ කතුවරයා ගේ ම සිතැඟි ඉටු කර ගැන්ම සඳහා දෙවියන් යදින සන්දේශය එය වීම නිසා ය. වෙනස් වීම ස්වරූප කොට නැති සාහිත්යයය මල කදක් වැන්න. වර්ය්නැත වස්තු විසිනුදු අපුරුව් නො ගන්නා ඒ කාවය එළි වැටෙන් පද බැඳුමෙන් හා අලංකාර සැරසිල්ලෙන් ඔපු නඟන්නට -පලිප්පු දමන්නට යාම. මළ කඳක් දෙබරාඳු රන් බරණින් ඔප් නගන්නට -බබුළුවන්නට ගන්නා තැනට දෙ වැනි නොවේ. නීල කොබෝ සන්දේශ සමය වන විට සන්දේශාවලිය රිති විසින් දුබල ව පැවැත්තේ ය. කවියා ඒ අඩාලව ගිය මඟ ගැන්මෙන් යට කියු දුර්වලතාවයනට හසු වේ. “ප්රටතිභා අපූර්ව වස්තු නිර්මාන ක්ෂමා ප්රාඥ” යන අලංකාරොක්තියෙන් 13 මනින කල මේ කෘතියට හිමි වනුයේ පහත් තැනක් බව නො කීවොත් වරදෙකි.


දුර්වල මාර්ගවයක් පෙරටු කොට ලැන්ම නිසා කිවියා මුල පටන් ම කාව්යම කරනයට වඩා පද්යො බන්ධනයට ම තැතනී ය. උසස් ය යි සම්මත ලක්ෂනයක් නො වන පරිද්දෙන් එළි වැටට වහල් වීම භරණ ගණිතාචාර්යයන් තම පද්ය් රනය සසා ගන්නට යොදා ගත් මාර්ගරය යි. දිය කෙලියක් වනන්නට යන කවියා ඒ සඳහා යෙදු පැදියක් මෙහි දී නිදසුන් කොට පාමු.


තෙ ර තෙ ර සුසැදි තුර තුර කුමුදු සිර සිර

වර වර ලමිනි හැර හැර කුසුම පර පර

තර තර ඟු’දක කර කර සුවඳ තිර තිර

සර සර කෙළිති තෙර තෙර කොමල කර කර


ජල ක්රීෙඩා වර්ණකනයක ප්රරධාන ගක්ෂණය විය යුත්තේ එක්කෝ එය චිත්ර‍යට නඟා පෑම ය. එක්කෝ එයට උචිත භාවයෙන් උද්දීපනය කිරිම ය. පද ඝටනාව ද ඒ සඳහා අනුකූල වන පරිද්දෙන් කළ යුතු ය. එහෙත් මේ කවි කතුවරයා ගේ ආයාසය එබඳු මූලික කාව්යත රිතිවලට පටහැනිව ගොස් වුව ද නො එක් තැන එළි වැට රැක්ම සඳහා ම ගත් තැත පසක් ව පෙනෙයි. පුන පුනා කියැවෙන “ර”කාරය දිය කෙළියේ ඇති සුමුදු ලක්ෂණයනට අපේ ඇස් අඳ කරන්නකි. සිංහලය ගීතවත් භාෂාවෙකි. වර්ණකනයට අදාළ වන පරිදි යොදා ගැනීම ගීිතවත් භාෂාවකින් කවියා ලබන ලොකු ම -හොඳ ම ප්රතයෝජනය වෙ යි. එහෙත් මෙහි දී ඒ භාග්යරය කවියා නො ලැබු සේ ය. ශබ්දය නිතර ම රසයක් නො වෙයි. ශබ්ද රසය නමැති ලක්ෂනය උපදින්නේ කවියාගේ අභිමතය සපුරා ලන පරිදි පද ඝටනාව කරන ලද කල්හි ය. අනවශ්යඒ සේ කරන ලද ශබ්ද සංකලනය රසය හුවා පානු වෙනුවට හෙළා ලයි.


ශ්රෙලෂ්ඨ සාහිත්යරධරයන් ගේ පත පොත කියැවීමෙන් ලබන දැනුම නැගෙත් නැගෙත් ම උත්පාදක ශක්තිය ද නැ‍ඟෙන -වැඩෙන බව පෙර අපර දෙ දිග ම විචාරකයෝ පිළිගත්හ. එහෙත් එය ඇතිවනුයේ නිකම්ම කියවීමෙන් නො වේ. කියවා ලබා ගත් දැනුම විශද විපුල කල්පනා ශක්තිය නමැති කෝවෙහි ලා සකස් කළ කල්හි ය ඉන් නිසි පල නෙළා ගත හැකිවනුයේ .තමන් කියවා පළපුරුදු කවින් ගේ අදහස් ඒ නියායෙන් ම -ඒ අයුරින් ම නැතහොත් ඒ වචනයෙන් ම ගෙන ඇර පෑැම අමුතු කවි ශක්තියක් -උත්පාදක ශක්තියක් පාන්නක් නො වේ. කවි සංකල්පනය නැති තැන කවියක් නැති. ඒ නිකම්ම නිකම් “උද්ධෘත පාඨ දර්ශනයක්” පමණකි. නීිල කොබෝ සඳෙසෙහි එන මතු සඳහන් පද්යප මේ අනුසෙරෙන් උරගා -පිරික්සා බලන්න.


(11) වත තමරේ නෙ ති’ඳු ව රේ කෙස සෙවෙල

       ල පියයුරේ  පිල තිසරේ නිති 		    නු’දුල
       බමර හරේ දැරු නො හැරේ ගුණ 		    සිලිල
       එවිල සරේ දු ට ක ව රේ යෙති 		    කිකල


(14) තරිඳු වනා නෙතු මිණි නා ලිය ලවනා

       හස සමනා තන යුග ගජ ලිය 		    ගමනා
       මෙ පුර’හනා නම් සක පිය ලිය	            නොහෙනා
       අමුතු වෙනා නැති ම ය සුර ලිය 		   කියනා


(54) සඳ සෙම දුලා උවනත ගහණ රන් කුසේ

        න ද තන පිලා හස නා ලිය ගමන්                    දිසේ
        ලඳ නෙක බලා නෙතු සිතු වඩවමින්           තොසේ
        මැද ගම බලා යව මිතුරිඳුනි මන්                  ලෙසේ


මේ පද්ය ත්රාය මෙහි උපුටා දැක්වුණේ ඒවායේ ගතානුගතික ලක්සණ පෑමට පමණක් නොවේ. වස්තු විසින් හා රීති විසින් තෙ පැදිය ම එක් ම ස්වරූපය ගන්නා හැටිය ද පිරික්සා බැලුව මනා ය. අදහස පමණක් ගෙන නො රැඳුණු අපේ කවියා තමන් අගය කළ කර්තෲන් ගේ කාවයයන් ගෙන් පද පවා උද්දරණය කොට යොදන්නට සාහසික වි ය. නො මැළි වි ය.

මෙහි 15 වැනි කවෙහි “මුවකින් තනකර නිම කළැකි ද කෙලෙස” යන පද්යෙ පාදයත් “එහි පිපි මල’ සිරේය තුරු සිරේය” ආදි 47 වැනි කවක් පිළිවෙලින් සැළ ස‍ඳෙසෙහි හා ගිරා ස‍ඳෙදෙහි ඒ හා සමාන තැන් හා සැසඳිම මේ බව උගන්නට තරම් වෙ යි. සෙසු සන්දේශ කාවළ්යමයන් හි දෙව වර්ණනය හා මෙහි “දෙව් රද වැනුම” හා සැසඳිමෙන් -විචාරාත්මක කියැවීමෙන් අනුකරණ ප්රවමාණය බලා තුලනාත්මකව ඳැනගැන්ම ලොත අධ්ය යනය කරන්නවුන්ටහට අභ්යාමසයක් වේවා. මේ සංක්ෂිප්ත විවේචනයෙන් අප බලාපොරොත්තු වුයේ දුහුනනට ආධුනික පාඨකයනට නීිල කොබෝ සන්දේශය පිළිබඳ සුළු අවබොධයක් මුලින් ම ලබා දීම ය. සම්පුර්ණ ග්රින්ත සමාලොචනයකට මේ සංඥපනය ඉඩක් කොට තැබීම ප්රිඥ ගොචර නො වන්නේ එය ලොත උගන්නේ ගේ චින්තන ශක්තිය -බුද්ධිය විකසිතව තැබීමට


ගන්නා මං ඇවිරීමක් -මුවහ කිරිමක් වන හෙයිනි. ඒ මහා කාර්යය භාර දුර කටයුත්ත පොත හා සමඟ ම කලක් ජීවත්වන්නන් ගේ අතින් තමාට ම සිදු විය යුත්තකි. සාහිත්ය්ය හැදෑරිය යුත්තේ එ සේ ය.

ගමන් මඟ[සංස්කරණය]

සිටිනාමලුව,නවයාල,සිටිනාමලුවෙල,කුඹලාදෙනිය,පොලොම්මාරුව,තංගලු වැල්ල, කුඩාතොට, තංගල්ලේ මොදර (මැඬිල්ල),කන්ඩුල්ලේ වන (-කඩොල් වාන), පෙරුන් කල් එළිය (-රැකව කලපුව),දඹය පොකුණ (රැකව වැව), රැකව,කහඳා මෝදර,තිල්ලාවටවන,කලමැටිමෝදර.ගල්මුල්ල,ගැඹුරාකල,ලුනම,උසන්ගොඩ,වැලිපටන්විල. තවාලු විල, මල්පෙත්ත. (මල්පෙත්තාව), අම්බලන්තොට.වලවේගඟ.වලව,නිඹරුක්වැටිය,මැදගම,පයිබොක්ක,දෙබිජුකල,මාලිගාතැන්න.ආරබොක්ක,මහලේවාය,කොහොලන්කල,මලල ආර, වැලිගත්ත, අඳල්ල, වරාවිටිය, කිරිඳි ඔය, සිතතරා විල, සුරත්දෙක, බැන්ද වැව, මැනික් ගග මේවා පසු කොට කතර ගමට පැමින කිරි වෙහෙර වැඳ තරගම දේවාලයට ගොස් දෙවියන් වැඳ ගුරුවන් මඩම බලා මිණි වෙහෙර බෝධිය සහ එහි වු පිලිමය වැඳලා නැවත දේවාලයට ගොස් දෙව් රජ වැඳ දෙවියන් ගේ රූ සපුව හා තෙද බල දැක අස්න පිළිගන්වා දෙවියනට ආසිරි පතා දූතයාට ද සුබ පතා සන්දේශය අවසාන කෙරේ.

මේ මඟ සලකුණු වලින් අනාවරණය වුයේ දැන් කතරගම යන මග මේ ස‍ඳෙස්හි කියු මාර්ගය ම නො වන බවයි. මෙහි සඳහන් මඟ තංගල්ලේ සිට දෙ බිජුකල තේ මුදුබඩිනි. එතැන් සිට මාලිගාතැන්න හරහා ගොස් කොහොලන්කලට වැටේ. එතැන් සිට දැන් යන මහ මග ම ය කිරිඳි ගග තෙක්. එතැන් සිට දෙබර වැව තිස්සමහාරාමය පාරේ තිස්ස වෑ කණ්ඩිය උඩින් දැන් යන මඟින් නො ව ිරිඳි ගග පහළින් සිත්තරා විලට ගොස් එතැන් සිට තර ගමට පැමිණ තිබේ. ඒ එකල ගමන් මඟ බවට වාදයේ නැත. හම්බන්තොට සහ තිස්සමහරාමය මේ ගමනට හමු වී නැත. තිස්සමහරාමයේ සිට සිතුල් පව්ව හරහා කතරගම ගමන් මාර්ගය ද මේ නීල කොබෝ ගමන් මග නො වේ. 2280-B සිටිනාමලුවේ සිට කතරගමට සන්දේහය ගෙන යාමට සිවු දවසකි ගත වු කාලය.


වචනයක්[සංස්කරණය]

කවිහු ගේ ප්ර තිභා ශක්තිය හෝ සන්දර්බය මේ පොතෙන් හෙළි පෙහෙළි විම මඳ විම අභාග්යායෙකි. ග්රතන්ථ කරනයේ දි කෙසේ වෙතත් සාමාන්ය පදය බන්ධනයේ දී මොවුන් ගේ දක්ෂතාවය ප්රාත්යයක්ෂ වු බව නො කීවොත් වරදකි.”සුරින්ද ගේ අඟනන් මෙන.. “ආදි කියුම කොතරම් ලිහිල් ද? මනහර ද? ආයාසයක් නැති එළි වැට. වචනයන් ගේ මධුර කොමල තාවය, අර්ත සුගමත්වය ලාලිත්ය ය මේ කිසිවකින් එහි අඩුවක් නැති සේ ය. ශෘංගාරයෙන් ද රසවත් වු රස දහරකි. “පෙර රැස නඟා පලහා අන්තිම රාසි .......” “බක් මස මුදුනේ ....... “ මේ ඈ නව් කොතරම් චමත්තාර ජනකද ? රස දතුවෝ ම මෙහි රසයක් අගයත් දනිති. මේ පද්යතද්වය පමණක් වුවත් මාතර සාහිත්යයයේ උසස් බව පෙන්වීමට හුවා දැක් විය හැක.


සමරජීව (=පත්තායමේ ලේකම) යන් මෙන් ද්වන්දාක්ෂරයෙන් ම තතන තතනා එළි වැට තබා කව් බැඳුමේ ඹ්නෑ නැති බර භරණයන් හිස පිටට නො ගත් බවට ඔවුන් ගේ කෘතිහු දෙස් කියති. දුෂ්කර බන්ධන තනා කියවන්නවුන් කලකිරවිම ද, වෙහෙසට පැමිණවීම ද රස මසක් නැති ඇටකටු ලෙවීමක් වැනි ය යි මොවුන් සිතන්නට ඇතුවාට නො අනුමානයි. එහෙත් මේ කෘතිය සන්දේශයක් වශයෙන් නම් අබල දුබල බව ිව යුතු ය.


බරණ ගණිතයෝ වස් කවි සෙත් කවි ලිවීමෙහි (කීමෙහි) සමර්ථණයෙකි. යන්ත්රහ මන්තුයෙහි පමනක් නොව නක්ෂත්රරයෙහි ද අති දක්ෂයෙකි. මේ බව යට සඳහන් වී ඇත. ගම්බද ජනයාගේ වුවමනා සඳහා නැකත් කීවෙත් මොහුම ය. එබැවින් ගම්මු හැම කරුනෙහිම දී ම මොහුගේ සහාය ලබා ගත් හ. සමහරු වස්කවි ආදිය ගැන විශ්වාසය නො තබති. නකත් ගරු නො කරති. එහෙත් ගම්බද ජනයා පොල් හිටවන්නේත්. කුමුරු කොටන්නේත් හේන් කොටන්නේත්, ගෙවල් දොරවල් පිලිබඳ සියලු කටයුතු පටන් ගන්නේත්. දරුවන් දොරට වැඩීම්. කෙස් කැපිම්, ඉඳුල් කටගෑම්, කන් විදීම්, අකුරු කරවිම්. ගමන් යාම් ආදි දිවිපැවතිම පිලිබඳ කි නොකි හැම දෙයක් ම කරන්නේ නකත් මොහොත් අනුව ම ය. පැරැන්නෝ මේ සිරිත් අකුරට ම ගරු කලහ. එ බැවින් එකල හරණයන් වෙසෙසින් ගම්මුන්හට ඕනැ විය.

තම තමන්ගේ ඕනැ එපාකම් වලදි -ආලදාවලදි වස් කව් සෙත් කව් තනවා ගත්තේත් මේ ගණිතැදුරන් ලවා ය. එබැවින් මෙහි වු බොහෝ කව් අනුන්ගේ ඕනැ එපා කම්වලදී ප්රිබන්ධ කරදෙන ලදැයි සිතිම නිවැරැදි විය යුතු.

හරණාවාර්යන්ගේ නම ගම්බද අදත් රැවු පිළිරැවු වනුයේ නකත් කීම්. රසවත් කව් තැනීම් ආදිය නිසා මිස ඔවුන්ගේ ග්ර්න්ත සාහිත්ය් කෘතින් නිසා නො වේ යයි කිව හැක. එළි කිහිපයකින් සරසා ශෘංගාරය ද අනුප්රාිසය ද සංකලණයෙන් ගෙතු මොවුන් ගේ කව් කියවිමට එදත් අදත් කවදත් වුරුත් ප්රීවත වෙති. මේ පබැඳුම් වාග් රසයෙන් ආඪ්යලය කිව හැක.


මිණි කිරුළු රජ[සංස්කරණය]

මිණිකිට රද (8) මින් කිරුව රද (13) ඈ විසින් මෙහි ද; කහ කුරුව සන්දේහයෙහි ‘නිරිඳු මිණි කිරුව....” (46) දැ යි සදහන් රජ කෙනෙකු වු බවක් කිසි ම ඉතිහාස පොතකින් දක්නට නො ලැබුණි. මේ ගැන සෙවීමු. වෙසෙින් පිරික්සුම් කළෙමු. පැරැණි ලිපි පිළිබඳ පර්යේෂණ පවත්වන අපට තංගල්ලේ කුඩා විහාරයෙන් ලැබුණු “සක වර්ෂවයෙන් දෙ සිය සළිස් වන්නෙහි ලක්දිව රජ පැමිණි මිණි කිරුළු රජුජුරුවන් විසින් කරවන ලද තන්ගව මහ වෙහෙරට....’ යන ආදි වශයෙන් ලියවුණු තංගලු වෙහෙරේ තුඩපතක් කියවන්නට ලැබුණි. මෙහි වර්ෂුය වැරැදි ය යි සිතිය හැක. මේ වෙහෙරෙහි චෛත්යියක් එකී රජුන් විසින් කරවන ලද බව ය කහ කුරුව සන්දේශයේ 46 වැන්නෙන් දැක්වුණේ. ඒ අසල සිටිනාමලුවේ දිවා විහරනයට එම රජුනට මාලිගයක් තුබුන බව නීිල කොබෝ සන්දේශයේ 8 වැන්නෙන් ඔප්පු වේ. මේ කරුනු වලින් මිනි කිරුළු නම් ප්රාාදේශික රජ කෙනෙක් මෙ පෙදෙස වුසුහ යනු නිසැක වේ.

මාණික්ක තලෙයි වේන්දර් නමැති අදිපතියෙක් දකුණු පළාත ආණ්ඩු කළ බව කාසි වෙට්ටි පඬිවරයා ලියු (1832) ගැසටියර් නම් ග්රනන්ථයෙහි සඳහන් වේ. මාණික්ක (-මිණි) තලෙයි (-කිරුළු) වේන්දර් (-කුමාරයා) යනු මිණි කිරුළු කුමාරයා යනුවෙන් සිංහගයෙහි බැවහර විය. මාණික්ක තලෙයි වේන්දර් යනු දෙමළය. ප්රා.දේශික අධිපති කුමරකුට රජ ය යි වැසියන් ගේ ව්යයවහාරය සම්මත කීමකි. ලංකාන්ඩුකාරයානනට ලංකාවේ රජ්ජුරුවෝ ය යි ව්යතවහාර වු බැව් අපි දනිමු. මේ කරුණු සසඳා බලන විට “මිණි කිරුළු රජ”ය යි සඳහන් වුයේ “කාසිචෙට්ටි” පඬිවරයා සඳහන් කල “මාණික්ක තලෙයි චේන්දර්”නම් ප්රාචදෙශි රජු බව පෙනේ.


වායස නිමිත්ත[සංස්කරණය]

“වාහස නිමිත්ත” භරණයන් ගේ අනෙක් කෘතිය බව මීට පළමු සඳහන් වී ඇත. මෙය කපුටු ශාස්ත්රනය පිළිබඳ වු කව් පොතකි. අවසාන පැදිය වු සිවු පණස් වැන්නෙන් පොත සම්පාදිත කාල නියමය හා කතුවරයා හැඳින් වේ. මෙන්න එය හා පළමු වැනි කව.


54 “වසින් සක රාජ එක්වා දහස සිය

උවෙන් සිව් අනුව මිග රැසෙහි බස සිය

බරන් රැදි පියස ගණිතැදුරු බස සිය

ලෙසින් සිව් පනස බැඳ මෙ කව් පැව සිය


1 සිත් ලෙස බැතින් නම කර තෙරුවන් ලකල

කිත් ය ස පතල පෙරැදුරු මුව’ගින් පහල

අත් බැස පැවති වායස නිමිති පිලිවෙල

දත් ලෙස මදක් පවසමි කව් කර සිහල”


ගමන් බිමන් යන විට පෙර මඟ සුබ නිමිති දැක්ම සිය කටයුතු ඉෂ්ට ඵලදායි වන බවට ලකුණු ලෙස අදත් බොහෝ දෙන සළකති. ගමන් ඇරඹුමේ දී මතු නො ව නිවෙස ඉදිරිපිට හෝ අසල හෝ කපුටන් හැඬිම සැපත් විපත් පැමිණවීමෙහි සමත් පෙරනිමිති බව සමහරුන් ගේ විශ්වාසය යි. සුනු ශාස්ත්රරය හෙවත් සූනන් ඇඟ වැටීමේ ඵලාඵල ද, කෑරල් ශාස්ත්රිය හෙවත් කෑරලා හැඬිමේ ඵලාඵල ද විශ්වාස කරන්නෝ සිටිති. ඒ පමනක් නොවේ. අත් පා නියවල නියමල් ඇතිවිම ද ශුබ අශුභ පැමිණවීමක් සේ සළකා නියමල් ශාස්ත්රදය හෙවත් නබ පුෂ්ප ඵලාඵල කීම ය යි ක්රමමයක් ද ඇතැම් පෙදෙස්හි භාවිතා වේ. කපුටෙක් හෝ සූනෙක් හෝ කෑරලෙක් හෝ හැඬු කල්හි පියවර මැන බලා ශුභ ළග කීමේ ක්රකමයක් ද ඇත. පමණ ඉක්මවා හැම තැන දී ම නකත් ගරු කිරිම -පෙර නිමිති බැලීම සිය කටයුතු පමාවීමේ - අලසවිමේ පෙර නිමිති බැලිම සිය කටයුතු පමාවීමේ -අලසවීමේ පෙර නිමිති බව මැදහත් උගත්හු පවසති.

නක්ෂත්ර යෙන් රටට ඉ-බොහෝ සේවය කළ සිය දිවි පෙවෙත රැකුමේ රැකියාව එය බව උදාරම්ව රටට හුවා දැක් වු බරණයෙන් ගේ “වාසය නිමිත්ත හෙවත් කපුටු ශාස්ත්රසය” එය කෙරෙහි විශ්වාසය භක්තිය ඇතියවුන්හට ප්ර යෝජන වේ. ඒ නිසාත් බරණ ඇඳුරිඳුන් ගේ ම කෘතියක් නිසාත් එය ද මේ පොතෙහි ම ඇතුළු කොට “භරණාචාර්යයන් ගේ කෘති” නමින් සංග්රුහ කොට ප්රණසිද්ද කරවීමට අදහසක් පහළ විය.

භරණාවාර්ය්යන්ගේ කෘති[සංස්කරණය]

එක් තුවරයකු ගේ පත පොත පමණක් නො ව ඔවුන් ගේ විනෝද කාව්යර ආදි පද බැඳුම් ද හැකිතාක් දුරට සොයා එක් රොක් කොට සාහිත්ය‍ රසිකයන් , භාසා ප්රෙඑමින් අතට පැමිණවීම මෙ කලට ඉතා අවශ්ය ශාස්ත්රීතය සංග්රයහයෙකි. අපර දිග රටවල මේ ගනයේ සාහිතය කෘතින් මුද්රසණ ද්වාරයෙන් එළි දකිතත් අප රටේ මෙ වැනි ග්ර්න්ථයන් පලවු බවක් දක්නට නැත. පත පොත සොයා සංග්රනහ කිරිමේ බැරැරුමටත් වඩා එය මුද්ර.නය කරවා විසුරුවා හැරිමේ කාර්යයට අත ගැසිමට ඉදිරිපත් වන්නෝ දුර්ලභයහ. නියම මිල ගෙවා පොතක් ගෙන කියවන්නන් සෙවිම ඊටත් වඩා අසීරු ය යි කිව යුතුය. සාහිත්යාතභිලාෂින් එදාට වඩා අද සිංහල පත පොත කෙරෙහි -සිය බස වු සිංහලය කෙරෙහි ඇල්ම බැල්ම හෙළනු දැක්ම භාග්යනයෙකි. සිංහලයන් ගේ භාෂාව -සිංහලය-ස්වභාෂාව දියුණු වේවා. කරුණු කෙ සේ වුව ද වායස නිම්ත්ත පිටුපත් සෙවිමෙහි උත්සුකවුම්හ අපි. එක ම මුද්රිෙත පිටුපතක් දුටිමු. එහි පිට කොලය නො තිබුනෙන් කවර දා කොතැනක දි කවරකු විසින් පළ කරවන ලද. දැ යි නො කිය හැකි. සිංහල ශබ්දකොෂය 1 වැනි භාගයේ xxxvi වැනි පිටුවේ වායස නිමිත්ත 1930 දී මුද්ර ණය වු බැව් සඳහන් ව තිබේ. අපට මුද්රිකත පොතින් පිටුපත් කළ අත් පොතක් සිංහල ශබ්දකොශය කාර්යාලයේ ඇම්. ඇම්. ඒ. චන්ද්රසදේව (බී. ඒ) මහතා විසින් සපයා දෙන ලදි. ඒ ගැන ස්තුති වේවා. සසඳා බැලීමට ඒ හැර තවත් පිටුපත් - පුස් කොළ පොත් සපයා ගත නො හැකි විය.


54 වැනි කවෙහි කතු තතු දිස් වන පදය පවා අසහස් පාහාදිළිව මට සිලුටුව නොමැත. බොහෝ පද්යවයන් ගේ යෙදුම් පිරික්සුමට ලක් වී ඇති නිසාත් ලැබුණේ එකම අත් පිටු පත බැවින් භරණාචාර්යයන් ගේ කෘති නමින් පොත සකස් කිරීමේ තැන සඵල නුවු බව කියන්නට වීම ගැන කමත්වා.

අප ගේ සංස්කරණය[සංස්කරණය]

ක්රිේ. ව. 1896 දී කවීන්ද්ර බෙම්තොට ඇල්බට් ද සිල්වා මහතා ප්ර සිද්ධ කළ ගැටපද සහිත නීල කොබෝ සන්දේශයෙහි මුල් ගීය දෙ පද කවියක් ලෙස පෙනේ. පුස් කොළ පිටු පතේ වචන අකුරු නො පැහැදිළි නිසා දෝ බොහෝ තැන වරදින් ගහණව පිටුපත් කොට ඇති බව කිව යුතුය. ස්ථාන මාරු වී කව් යෙදී තිබේ. එබැවින් එහි ගමන් මඟ අවුල් වු බව පෙනේ. දොඩන්දුවේ වෛද්යි පී. වයි. ආර්යසේන මහතා විසින් මේ පොතට පද ගතාර්ථ සන්නයක් ලියා ක්රිහ. ව. 1915 දී ප්රපසිද්ධ කරවන ලදි. මේ පොත්වල අශුද්ධ වු බොහෝ තැන්වල ශුද්ධ පාඨ මේ සංස්කරණයෙන් එළි දක්නට ලාබී ඇත. මෙහි පද්යසයක් පායා අන්වය යොදා අර්ථ දී විස්තර කළ යුතු ඒ ඒ තැන සංලක්ෂ්යයයන් ද යෙදීමු. අනෙක් මුද්රිතත පොත්හි 136 වැනි කවිය මේ සංස්කරණයෙහි ලබා ආත්තේ 146 වැනි අංකය යි. එය වඩා යොග්ය් එතැනට ය යන නිගමනයට බැසීමෙනි එ සේ වුයේ. මේ එකිනෙක පිටුපත්වල ණ, න, ළ, ල, භෙදය රීතියට එකඟව නැත. එකල එළි සමයෙහි ණ, ළ, ල, මිශ්ර ව යෙදුණු බව ද පෙනේ. අපට ලැබුණු පිටුපත් අනුව වඩා සුදුසුය යි හැඟුන සේ පෙළ පිරිසිදු කළේ අද සාධු සම්මත වචන හා වාග් රීති අනුගමනය නො කිරීමෙනි. ඒ එසේ වුයේ බරණ ගණිතැදුරන් ගේ පද්ය සංග්රසහයක් වු නීල කොබෝ සන්දේශය හැකි තරම් එ සේ ම ඔවුන්ගේ බසින්ම සාහිත්යබ රසිකයන් අත තැබීම අප අදහස බැවිනි. තමනට අභිමත සේ අන්යයයන් ගේ කෘතීන් වෙනස් කිරීම සංස්කාරකයා ගේ කාර්යය නො විය යුතු ය.

මෙහි සඳහන් උපුටා ගත් පද්ය්යන් ද ඒ ඒ පිටුපත්වල දැක්වුණු පරිදි කිසි ම වෙනසක් නො කොට යෙදු බව ද සලකත්වා!

පත්තායමේ ලේකම,14 කටුවානේ මුහන්දිරම,15 දිශානායකමුදලි16 ආදි මාතර කිවිවරු භරණ ගණිතාචාර්යයන් හා සමකාලිකයෝ ය. මොවුන් ගැන දැන ගැනීමත් කරුණු සෙවීමත් මොවුන් ගේ පත පොත හ‍ා ප්රීබන්ධ කියවා බැලීමත් එකල මාතර සාහිත්යා සමයේ භාෂා රීති කාව්යු කරනය, වදන් බැවහරය, ආදිය සෙවීමත් ඉතා ප්රියෝජනයි. අදුරාතීතය ගැන පහන් සංවේග ඇති වීමට ද හේතු වේ. ඉන් ඈත හා මෑත හා කෘතීන් හා සසඳා බැලීමෙන් සාහිත්යව රස විඳිනු රිසි භාෂා ප්රේමින් ගේ:- කලා රසිකයන් ගේ නෙතු සිතු මාතර සාහිත්යන වංශය කෙරෙහි යොමු වීමෙහිලා අලිප මාත්රායකින්වත් බවහල් වුව හොත් ඒ අප ගේ පරිශ්රලමයට ප්රහමාණ බැව් අමන්දානන්දව ප්රඒකාශ කරම්හ.


ඇදුරු සමර[සංස්කරණය]

අප ගේ ගුරු දෙව දිවංගතවී වදාළ පුජ්යැ පණ්ඩිතාචාර්ය ශ්රීව සිද්ධාර්ථ ධර්ම කීර්ති වැලිපටන්විල ශ්රීම දීපංකර මහා ස්ථවිර ස්වාමීන්ද්රදයන් වහන්සේ මෙහි දී ද සිහිපත් කරනුයේ කෘතඥ කෘතවේදිව සාදරාවනතව ය.


තුති පැස්සුම්[සංස්කරණය]

පිටුපත් සපයා දීමෙන් ද ඒ ඒ පෙදෙස් වල පැරැණි පුවත් සපයා එවීමෙන් ද, කරුණු උපුටා ගැන්මට වුවමනා අමුද්රිපත පත පොත නො මසුරුව දීමෙන් ද, තවත් නොඑක් අයුරින් ද මේ කෘතියේ දී අපට උදවු පදවු කළ හැමට අපේ ඇසිරියත් නො වක් තුති පැසසුමත් පිරිනමම්හ.


කටු සටහන් පිටු පත් කළ මියුසියස් ශික්ෂිකා ජේ. ඇම්. පියසීලී මෙනෙවියටත් පොත මුද්ර ණයට සුදුසු සේ යුහුසුලුව ලියා දුන් මියුසියස් ශික්ෂිකා තිලකා වීරසුරිය, මෙනෙවියටත් අපේ නො මඳ තුති පැසසුම හිමි ය.


පී. ඩී. ඇස්. වීරසුරිය


2458

1954 ජුනි 15 වැනි දා

ගන්දර

කපුගම - කෝට්ටෙහේනේ

“ප්රි යවාස” යේ දී ය.



ඌන පුරණයක්[සංස්කරණය]

xiv පිටුවේ වෙනත් ප්රනබන්ධ යන ශීර්ෂැයට ඉහළින් මේ කොටසඇතුළත් විය යුතු.


මොකා දෝ එකා මට නො දැනෙයි මේකා

ක කා කුරුම්බා ගෙඩි බිම දමන එකා

ය කා ඇට නහර මස් බිල ගන් සැනෙකා

වි කා මහ සොහොන් දෙවි දිවි හරින් මකා


ගම්මුන්ගේ ඕනෑ එපා කම්වලදී වස්කවි, සෙත් කවි කියා ඔවුන්ගේ සැඵකිල්ල ලබාගත් ගණිතැදුරෝ රැයක සොරුන් ගස්වල සිට ම කුරුම්බා කකා කෝම්බ බිම හෙළමින් තමන්ගේ ගස් පාලු කරනු දැනුණු විටක දී මේ වස් කවිය කීහ.

මේ ජනප්රිමය කියු - ලියු වස් කවි සෙත් කවි සියල්ල අදහස ඉටු කිරීමෙහි සමත්වීයයි කාට කිව හැකි ද? මොවුන් ලවා කවි සාදවා ගත් ගම්මු කව් කියව‍ා ආස්වාද ලැබුහ. අදහස ඉටුවේ යයි සිතූහ. ඒ නිසාය යම් ආපදාවක් සොර සතුරු බියක් වු වහාම කවි ලියවා සැනසිලි ලබා ගත්තේ.

ගෙදර තුබුණු වංගෙඩිය සොරුන් ගෙන යාම ගැන ගැමියකුගේ අයැදුමට කියු වස් කවියක් මෙන්න.


මා මෙතෙක් කලක් වැඩ ගත් වංගෙඩිය

මා න ය ක් ගලා සොරු අරගෙන වැඩිය

දී හෙ න ක් නො පැළුවේ උගෙ ඔළු ගෙඩිය

නෑ ක ම ක් වත්ද දෙවියනි තෙද වැඩිය


දී හෙනක් නො පැළුවේ උගෙ ඔළු ගෙඩිය - නෑකමක් වත්ද දෙවියනි - යනු ඇසෙත් ම වංගෙඩිය අයත් දුප්පත් ගැමි‍යා බලාපොරොත්තු සහිත ව දයාපරවග ලීලාවකින් බරණ ගණිතයන් දෙස ඇස යවා යටිහිතින් සැනසෙන්නට ඇතුවාට සැක නැත.

"https://si.wikibooks.org/w/index.php?title=නීල_කොබෝ_සංදේශය-සංඥපනය&oldid=4368" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි