Jump to content

නීල කොබෝ සන්දෙශය-අස්න

Wikibooks වෙතින්
    138

මොකදුරු අප මුනිඳු සත වෙත කර කුළුණ

සු මි යු රු1 බසින් වදහළ දම් කඳ පොරණ

පි වි තු රු සිහල අකුරෙන්2 ලියමින් බැතින

නි ර තු රු තිය සරණ දරු කිරුළෙ’ව් මුදුන


   139

පමණ නු ගණිත සත් සමුදුර කිමිද

දෙවන සුබ මෙහෛාත් මිණි දනහට ‍ නොමද

න ද න දෛවඥ කුල වන පෙතෙහි මැද

දුලන3 නැණ තුරන් ගෙන් නිසි තුරෙක ලෙද


  140

දුජ් ජන4 කම් ලිහිල් කර දත්තෙන් මතුරු

සජ්ජන බවට යෙදෙමින් වසන නිරතුරු5

ගජ්ජන6 කුළුණු නැණ දරු සිතෙහා පිවිතුරු

සජ්ජන නමින් යුත් වු7 අයෙකි ම මිතුරු


 141

වා ත රෝග ඔහු ගේ සියලඟ විහිදී

ගා ත වල දෙ යට්පලු සමි’ගුලුම යෙදී8

නී ත කුරිරු මේ මේ රෝගෙන් ම සැදී

බී ත නිසරු වියවුල9 තද වෙහෙස විඳී


 142

ත ද බ ල රෝ විපත්10 උගෙ එවෙනි සිය ගත

ත ද නි ල වන් වෙල ලෙස සිඳ ම නො නැවත11

තෙද බ ල මහිම යසසින් ඔබ ගෙ බරනෙත

සි දු ක ළ මැනැවි පවතින උ සිත අබිමත


 143

ව ගා කර වමින් මතු අනතුරු12 නො වන

ලඟා කර සියන් සහ ඉත මිතුරු දන

නිගා කර මිටිය රිපු ඔද සිඳ ලමින

දි ගා කර ඔහුට ජය දී සැප ලෙසින13


    144

රු දා සහ සනිදිවල සැදි සියලු ලෙඩ

සි දා කර ලමින් දි ඔහුට කට හඬ

යොදා එවු හසුන නම්1 මේ පඬුර දිඩ

න දා සිතින් පිළිගත මැනවි නනසඩ


   145

අක් ස රය ද පළමු කොට ඔහු ලොබ සතර

දක් ස වන විලස යලි නැණ දී පතර

සික් ස යුවල යුත් සරණට කර නැතුර2

රක් ස කළ මැනවි ‍නො ව කවදත්3 අතුර




138 මොකැදුරු අප මුනිඳු සත වෙත කර කුළුණ

       සු මි යු  රු  බසින් වදහළ දම් කඳ                    පොරණ
       පි  වි තු රු  සිහල අකුරෙන් ලියමින්                   බැතින
       නි ර තු රු   තිය සරණ දැරූ කිරුළෙ’ව්                 මුදුන
 අන්වය:  සුගම යි.
 අර්ථය : මොක්ෂාචාර්ය වූ අප මුනීන්ද්ර යන් සත්ත්වයා කෙරෙහි කරුණා පෙරදැරි කර ඉතා මිහිරි වචනයෙන් පුරාණයෙහි වදාළා වූ ධර්ම  ස්කන්ධය පිරිසුදු ලෙස සිංහල අකුරෙන් බැතියෙන් ලියමින් නිතර තෙරුවන් සරණ ඔටුන්නක්  මෙන් (හිස) මුදුනෙහි දැරුවා වූ, 
 
 සංලක්ෂ්්‍ය: 1. දම්කඳ පිවිතුරු සිහල අකුරෙන් බැතින ලියමින් - පිරිසුදුව සිංහල අකුරෙන් බණ පොත් ලියන බව මෙයින් කීහ. භරණ ගණිතාචාර්යයා පුස්කොළ (වල) බණ පොත් ලිවීමට හොඳ සමතකු බව ය මින් දැක් වූයේ.
                2. කිරුළෙ’ව්   (කිරුළු+ එව්)
                

139 ප මණ නූ ගණිත සත් සමුදුර කිමිද

      දෙවන   සුබ මොහොත් මිණි දනහට                      මද
      න ද න  දෛවඥකුල වන පෙතෙහි                        මැද
      දු ලන    නැණ තුරන් ගෙන් නිසි තුරෙක               ලෙද
  අන්වය: අනාකූල යි. 
 අර්ථය:  අප්රනමාණ වූ ජොතිර්ගණිත ශාස්ත්ර ය නමැති සප්ත මහා සාගරයෙහි කිමිදි ශුභ මුහුර්ත (=සුබ නකත්) නමැති මැණික්  බොහෝ වූ ජනයනට යහපත් වූ දෛවඥ කුල නමැති වනාන්තරය මැද  නුවණ ඇත්තන්   නමැති වෘක්ෂයක් අතු‍ෙරන්  නිසි වූ වෘක්ෂයක් පරිද්දේන්  බබළන,
 සංලක්ය්්  : දෛවඥ කුල - දෛවඥයන් ගේ  කුලය - නැකති කුලය. දෛවඥ යනු සිංහලට නො බිඳ එර සේ ම යෙදීමට රුචි වූ බව පෙනේ. මේ යෙදුමෙන් පද්යඳයේ සාටොපගතියක් නො පෙනේ ද?


140 දුජ්ජන කම් ලිහිල් කර දත්තෙන් මිතුරු

      සජ්ජන බවට යෙදෙමින් වසන                            නිරතුරු
      ගජ්ජන කුළුණු නැණ දැරූ සිතෙහි                        පිවිතුරු
     සජ්ජන නමින් යුත් වූ අයෙක                               ම මිතුරු
  අන්වය: දුජ්ජන කම් ලිහිල් කර මතුරු දත්තෙන්  නිරතුරු සජ්ජන  බවට යෙදෙමින් වසන ගජ්ජන සිතෙහි කුළුණු නැණ පිවිතුරු දැරූ  ම මිතුරු සජ්ජන  නමින් යුත් වූ අයෙකි.
  
 අර්ථප : දුර්ජන කම් බැහැර කොට මන්ත්රව ශාස්ත්රේය උගත් හෙයින් නිතර  සත්පුරුෂව වාසය කරන්නා වූ ද ග්රින්ථ කාරක වූ ද සිතෙහි කරුණා ඥන පිරිසුදු ලෙස දැරුවා වූ ද මා   ගේ  මිත්ර  තෙම සජ්ජන  (=සාද ) යන නාමයෙන්  යුක්ත කෙනෙකි.
සංලක්ය්ි   : 1. දුජ්ජන- (දුර්ජන )  අසත්පුරුෂයා, දුදනා. 
                2. සජ්ජන - (සත් +ජන) සත්පුරුෂයා, සුදනා.
                3. ගජ්ජන -  ( ගත් + ජන) ග්රින්ථ කාරකයා‍, ග්ර න්ථ කර්තෘ. දුජ්ජන, ගජ්ජන සජ්ජන මෙ එළි  වැට හා සුබාවබොධය සඳහා යෙදූ  සැටි යි. 

141 වා ත රෝග ඔහු ගේ සිය’ලඟ විහිදී

      ගා ත -වල දෙ යටිපලු  සමි’ගුලුම                   යෙදී
      නී ත  කුරිරු මේ රෝගෙන් ම                          සැදී
      බී ත   නිසරු වියවුල තද වෙහෙස                     විඳී
 අන්වය: ඔහු ගේ සිය’ලඟ විහිදි සිය’ලඟ විහිදි වාත රෝග ගාත දෙ යටිපලුවල සම් ඉගුලුම යෙදී නීත කුරිරු මේ මේ රෝගෙන් ම සැදී බීත නිසරු අවුල් වීය තද වෙහෙස විදී. 
 අර්ථී: ඔහු ගේ සකල ශරීරයෙහි විහිදුණු වාතරෝගකි. ගාත් යටි පතුල් දෙකේ සම් ඉගිලීම යෙදී ඇත. නීච- පිළිකුල් කටයුතු නපුරු මෙකී මෙකී රෝගයන්ගෙන් ම සැදුණු භයානක වූ නිස්සාර වූ ආකූල ව්යාගධියකින් (=අවුත් වූ ලෙඩකින්)  තද වෙහෙස විඳි යි.
  සංලක්ය්ර  : 1. සිය’ලඟ (සියල්+ අඟ) 
                 2. සමි’ ගුලුම (සම්+ ඉගුලුම)  
                 3. වියවුල (වි+ අවුල-වියවුල)


142 ත ද බ ල රෝ විපත් උගෙ එවෙනි සිය ගත

       ත ද’-නිල  වන් වෙල ලෙස සිඳ ම                නො නැවත
      තෙද   බල   මහිම  යසසින්  ඔබ ගෙ                 බර නෙත
      සි දු     කළ  මැනවි පවතින උ සිත                        අබිමත
 අනිවය: බර උගෙ සියගත එවෙනි තද බල රෝ විපත් තද අනිල වන් වෙල ලෙස නො නැවත ම සිඳ ඔබ ගෙ තෙද  බල මහිම යසසින් උ සිත පවතින අබිමත සිදු කළ මැනවි.
 අර්ථඋ : බරනෙන් දෙව් රජුනි, මිත්ර යා ගේ ස්වීය ශරීරයෙහි ඒ ආකාර වූ තද බල රෝග  විපත්ති තද මාරුතයක් (=තද අනිල- සැඩ සුළඟක්) හමන කල්හි වලාකුලක් පරිදිදෙන් ඉතිරි නො කොට ම සිඳ දමා ඔබ ගේ තෙද බල මහිමයන් හා කීර්තියෙන් ඔවුන් ගේ සිතෙහි  පවතින අභිමතාර්තය සිද්ධ කළ මැනවි.

143 වගා කර වමින් මතු අනතුරු නො වන

      ලගා  කර  සියන් සහ ඉත මිතුරු                            දන
      නිගා කර සිටිය  රිපු ඔද  සිඳ                               ලමින 
      දිගා  කර  ඔහුට ජය දී සැප                               ලෙසින
  අන්වය: මතු අනතුරු නො වන වගා කරමින් සියන් සහ ඉත මිතුරු දන ලඟා කර නිඟා කර සිටිය රිපු ඔද ලමින ඔහුට දිගා කර සැප  ලෙසින ජය දී, 
  අර්ථ : අනාගතයෙහි  අන්තරායන්  නො වන ලෙස වැඩිදියුණු කරවමින් නෑයන්  සහ හිත මිතුරු ජනයන් ද ළංකර  දීලා නිග්රනහ- අව-මාන්න කර  සිටි සතුරන්  ගේ ඔද (=එඩිය- දර්පය) සිඳ දමා ඔහුට දීර්ඝායු කර සැපතක් සැලසෙන ලෙස ජය ලබා දී.

144 රු දා සහ සන්දිවල සැදි සියලු ලෙඩ

       සි   ඳා    හැර ලමින් දී ඔහුට කට                         හඬ
       යොදා    හසන නම් මේ පඬුර                              දිඩ
       න   දා    සිතින් පිළිගත මැනවි                      නනසඩ 
අන්වය: නනසඬ, සන්දිවල රුදා සහ සැදී සියලු ලෙඩ සිඳ‍ා හැර ලමින් ඔහුට කට හඬ දී යොදා එවු හසුන නම් දිඩ මේ පඬුර නදා සිතින් පිළිගත මැනවි.

               
අර්ථ      :  සධානන දෙවියනි, සන්ධිවල රුදා සහිතව සැදුණු සියලු ලෙඩ රෝගයන් නැති කර දමා ඒ මිතුරුට කටහඬ දී (=ස්වර භෙදය නැති කර) ගළපා එවන ලද සන්දෙශය නමැති උදාර වූ මේ තුටු පඬුර සන්තොප  (=නඳා) සිතින් පිළිගත මැනවි.
 සංලක්ය්ැ  ය   :   සන්දි - සනිධි.

145 අ ක් ස රය ද පළමු කොට ඔහු ලොබ සතර

          ද ක් ස  වන විලස යලි නැණ දී                              පතර
          සි ක් ස යුවල යුත් සරණට කර                            නැතුර
          ර ක් ස  කළ මැනවි නො ව කවදත්                        අතුර
 අන්වය  :  අක්සරය ද පළමු කොට ඔහු ලොබ සතර දක්ස වන විලස යලි පතර නැණ දී සික්ස යුවල සරණට නැතුර යුත් කර කවදත් අතුර නො ව රක්ස කළ මැනවි.
      අර්ථ   :  (පුස්කෙිළ වල) අකුරු ලිවීම මුල් කොට ඒ මිත්ර යා හට ආශා වූශාස්ත්රලයෙහි (එනම් ජ්යො තිශ්ශාස්ත්රකයෙහි, කාව්ය  ශාසත්රශයෙහි) සමර්ථ වන පරිද්දෙන් නැවත ප්ර්ථුල ඤාණය (=පුළුල් නුවණ) දී සිල් ක්රළම දෙක හා තුනුරුවන් සරණ යාම පිණිස අන්තරාය රහිතව යොදවා කවදත් අනතුරු නැති කර ආරකිෂා කළ මැනවි.
         සංලක්ය්හ    :  1 . අක්සරය - අක්ෂරය.
                           2. දක්ස - දක්ෂ
                           3. සික්ස යුවල - ශික්ෂා දෙක; පඤ්චශිල, අෂ්ටාංග ශීල යන සිල් ක්රුම දෙක.
                           4.  රක්ස - රක්ෂා, ආරක්ෂා.
      මේ සංස්කෘත වචන සිංහලට බිදෙන ලෙස නොව තමහට වුවමනා ලෙස යෙදු සැටි මින් ලෙනේ. මෙවැනි යෙදුම් වලින් පද්යටයේ ප්රා.ණවද් භාවයක් නො පෙනේ ද?
"https://si.wikibooks.org/w/index.php?title=නීල_කොබෝ_සන්දෙශය-අස්න&oldid=4323" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි