Jump to content

නීල කොබෝ සන්දෙශය-කතරගම වැනුම්

Wikibooks වෙතින්

(ඌ) තවද සකල ශ්රීු10 හරිත විශුද්ධ විමලාතිප්ර සන්න යෞවන භාව ඇති ශ්රී්11 ලංකාංගනා මස්තකෛක කිරීටායමාන වු කදිර ග්රාඇම නම් පුරප්රරවරයාගේ විසිතුරු කථා ප්ර බන්ධයක් කෙරෙම්. එ ද සබඳ තා.12 මෙනෙහි කර.


     92

එක විට සත් සයුර ගොඩ වැද යන1 නාද

විල යට ඇසෙයි පවතින2 පසතුරු නාද

ලිය සිට වේ දෙ පස කියනා ගී නාද3

ඇසු විට සකි සඳිනි කා සිතු4 නො පිනාද


     93

දිව’ඟ න නුබ රඟන මෙන මිණි අතින් ගෙ නේ

බ ඳ ර න යට’ග දද පෙල එහි නිතින් වැනේ5

ස ව ද න සහ අමර හිමි සඳ කළ බැතින් මෙ නේ

‍ සිහ සු න සහ මැදුර දෙව් දකුණ’තින් පෙ‍ නේ


     94

දෙ විඳු බඹ අසුර නර යකල උරිඳුන

සු සැදු සරණ යුගලය කමලෙව් මුදුන6

මු නිඳු දා පිහිටි තෙද යසස විහිදුන

ප සි ඳු කිරි වෙහෙර බල උතුර සුසැදුන


     95

තැන් තැන දුලන7 රන් රජෙත’ව් තොරණ රඹ

බන් මිණි කිරණයෙන් එකලු වේ පුර’ඹ8

නන් රන යට’ග ලෙල දද මෙන සුර සර’ඹ

මන් මෙන එපුර සිරි මේ හැම සකි නරඹ


    96

සවතිඳු විසු මැදුර සොමි මඬල සිරි ගතී

එහි සිදු සෙන් අවට උළු පෙලෙහි9 සිරි ගතී

පර සිදු කදිර පුරවර නුහුනු සිරි ගතී

එයිනුදු සම කරත නුබ තෙලෙහි සිරි ගතී


    97

නි ම ල කොඳ සුවඳ ගෙන එන ‍හසුරමිනි

අ නි ල බෙලෙන් නද කරවන කිකිණි මිණි

ස ස ල දද පෙලෙන් ගැවසී එසිටි මිනි

ල ක ල එපුර වැලකිය කිරණ දිනමිණි10


      98

නුබ මිණි අවර වන් කල කුමුදු මුතු මිණි

මුතු මිණි කොඳ හැකිලෙයි උදය වර මිණි

ව ර මිණි එපුර11 සිරිසෙන්12 නිතොර13 සපැමිණි

සපැ මිණි බැව් දිව රෑ14 දැන ගනිති මිණි


     99

දි ලි ක ඳ කුමර පුරවර සිරිසර සමත

හෙලි වැ ද1 ගියෙන් පවසා නර අමර සත

බැ ලි ස ඳ2 තම සිරි’නු3 බැව් දැක සහසනෙත

වි ලි වැ ද ගොසින් වසනෙ’ව්4 දැන් සුනෙර මත


    100

අ ත ට කොතැති මෙ සුරිඳු පුරවර දුලන5

ය ස ට අලක පුර සිරිසරි6 නො වනු දැන

නොසිට දිනිඳු7 තුරු තම පුරවර රැගෙන

ම ත ට කෙලෙස කුළ දැන් ගිය වැනි විලින


    101

අසුර ර දු න් හට8 උරණය වෙමින් ම න

එසුර නි ඳු න් සැරසී9 කරන මෙන් ර ණ

අදර ර දු න් පරදිති10 යන බියෙන් ම න

එපුර ල ඳු න් විත් සිටි දෙව’ඟනන් මෙන


    102

කුවෙර හිමි අලක නම් පුර යසස දුලී11

අ ම ර පුර දිනු නෙක යසස සිරි සිලී

එ පු ර යස කියනු සවතිඳු ම මිස යලී

ක ව ර විදුවරෙක් පවසා ද නො පැකිලී


    103

දිලෙන රසුදුලා තොරණෙන් කදලීය

සැදුනි එහි තුලා පිරි ගට සියලීය

මෙ සිරිසර බලා මන තුටිනි පිලීය

සබඳ යව බලා මහ පතිනි පිලීය


   104

ගුණ රැ ඳි යසස සහ සරදෙ’ව් තරිඳු රඟ

එ ඹ රැ ඳි ව ම විසු පෙර මහ පිනැති අග

ප ව ර’ දිකරණ මැතිසුරු කළ වීදි මග12

නි ව ර දි ගොසින් වදු සකි කිරිවෙහෙර ලඟ


   105

මතු සග මොක් සැප ලබනා විලස තිර13

මොකැදුරු’දක්14 සලකා සිහියෙන් නො හැර

එහි තෙ විටක් පැදකුණු කොට නමා සිර

යලි බ ර ස ක් සුරහල වෙත යව මිතුර


   106

තිනෙත් දෙව් සමය ඇදහිලි කර බැතින

ම හ ත් දෙමළ ගොසයෙන් අයැදන1 නිතින

ය ලි ත් එගුරුවන් මඩම ද දැක නෙතින

ස ව ත් මැදුර පසෙකින් යව තුටු සිතින


   107

විතර නො වන බඹ සුර’සුර2 නර උරනA

පතර පෙමින් අවනත කළ යුග සරණ

සතර වැඩ සිටිය මිණි වෙහෙරක3 පොරණ

මිතුර එහි එලඹ පෙරටුව නො ව උරණB


   108

දැ මි ටු සත ගිමන පව හළ මැදුර මිණේC

පි හි ටු වන නැමදි සත ගෙන පුර නි‍වනේ

ඇ ස ටු තුරු කුළෙ’ව් ගන සතතින් දාලනේ4

ස නි ටු හන්ව මතු සැප විඳු සකි සඳිනේ


   109

බ ව න ම මු හු දු5 ගිය නොමදී ලෙව සතන

ස ද හ ම නැවි දු ගෙන ගොස් ලු පුර නිවන

දි ව ම න් මු නි ඳු දුටු මෙන් කර බුහුමනින6

සතොසින් න ම දු පිළිමය එහි වැඩ සිටින


   110

තෙද’ණ රැසින් බිඳ ලොව දුක් අඳුරු කඳ7

ස ද න සැපත් අයදින සතහට නො මද

ර ඳ න දිව’ඹ දිවසෙන් සහ කුමරු කඳ

න ද න එදෙව් රජ මැදුරට8 වදු සබඳ


    111

දුම් දෙන එම දෙව් රජ මැදුරෙහි9 අතුරේ

වන් දන තුවර කළුවැල් කපුරෙන් නිතොරේ10

සින් දන වී පැවති සත රෝ දුක් අතුරේ

නන් දන වෙයි ත සිත එය දුටු විට මිතුරේ


    112

ර ති සු රු රුවින් නැණයෙන් සුරගුරු සේමK

‍නොමසුරු වම දෙවන තිලිනෙන් සුර දුමK

එ ඇ සු රු උබ බෙත්ම අදිකරණැතිF නාමK

මැ ති සු රු බල සිටින සුර කුමරෙකු11 සේමK


    113

දු සු ර වෙනු නිගා කළ රුසිරැත් සියඟා

නු පු ර යුග දඟා ලෙලවා සිතැඟි රඟා1

‍	සේසර2 රණයුගා   යුගපත හෙලන                            නඟා

මේපුර ලිය යඟා තුටු කර සබඳ මඟා


   114

එ හි ප ව ති නා සිරි සර මේ යයි3 අයුරු

කර වෙනා වෙනා ඇති ලෙස කීමට සොඳුරු

සි කි වා හ නා ඇරැ4 සම්මුක සුරිඳු සුරු5

ය ලි අ න ත නා මිස ලොව පවසති6 කවුරු


   115

එ බැ වි න් එහි පැවති මේ විසිතුරු සියලු

ද කි මි න් අවසානයෙහි තුටු සිතිනි සිලු

සි හ සු න් වැඩ හිඳින මිණි බරණින් ලකුලු

සෛාබමන් සවත් සුර හිමි සඳ දකු යහළු


(ඌ), තවද සකල ශ්රී: හරිත විශුද්ධ විමලාතිප්ර සන්න යෞවන භාව ඇති ශ්රී, ලංකාඬ්ගනා මස්තකෛක කිරිටායමාන වූ කදිරග්රාශම නම් පුරවරයා ගේ විසිතුරු කථා ප්ර බන්ධයෙක් කෙරෙමි. එ ද සබඳ තා මෙනෙහි කර.

      අර්ථර  :  තවද සියලු සම්පත්තීන් බර වූ පිරිසිදු නිර්මල ප්ර සන්න තරුණ අවස්ථා ඇති සිරි ලකඟන නමැති ස්ත්රි‍ය ගේ ශිෂි මස්තකයෙහි වූ, කිරීටය (=කිරුළ-ඹටුන්න) වැනි වූ කතරගම නම් නගර තා සිහියට ගනුව.

92 එක විට සත් සයුර ගොඩ වැද යන නාද

         විලසට ඇසෙයි පවතින පසතුරු                         නාද
         ලිය සිට වේ දෙ පස කියනා ගී                            නාද
         ඇසූ විට සකි සදිනි කා සිතු නො                      පිනාද

  අන්වය  :  සුමග යි.
   අර්ථය    :  එක වර ගොඩ ගමන් ගත්තා වූ සප්ත මහා සාගරයාගේ නාදය ලෙසට පවතින පඤ්ච තූර්ය නාදය ඇසෙයි. සුත්රී න් විථී දෙපස සිට කියන ගීතිකා නාදය ඇසූ විට කාගේ සිත නො පිනා ද? මිත්ර යාණෙනි,
  සංලක්ය්ා  ය   :  සත් සයුර-134 වැනි කවයෙහි 2 සංලක්ෂ්යසය බලන්න.


93 දිව’ භන නුබ රඟන මෙන මිණි අතින් ගෙ‍නේ

      බඳ   රන   යට’ග දද පෙල  එහි             නිතින්           වැනේ
      ස ව ද න   අමර  හිමි  සඳ කළ             බැතින්           මෙනේ
      සිහ සුන     සහ මැදුර   දෙවි          දකුණි’තින්           පෙනේ

අන්වය : එහි බඳ රන දද පෙල මිණී අතින් ගෙනේ නුබ රඟන දිවඟන මෙන නිතින් වැනේ. සවදන අමර හිමි සඳ බැතින් මෙනේ කළ සිහසුන දෙව් මැදුර දකුණතින් පෙනේ. අර්ථන : එහි යෂ්ටීන් අග බඳින ලද ස්වර්ණබ ධ්වජ පඬ්ක්තිය (=රන් දද පෙළ ) ම්ණිගෙඩි අතින් ඇරගෙන අහසෙහි නෘත්ය( කරන දිව්යා්ඬ්ගනාවන් මෙන් නිතර වැනේ. ස්කන්ද දේවයන් කෙරෙහි සිතෙහි භක්තියෙන් කරන ලද සිංහාසනය සහිත දෙව මන්දිරය (=දෙව් මැදුර ) දකුණූ පැත්තෙන් පෙනේ.

සංලක්ය්්  : මිණි- යනු කුඩා ඝණ්ටා විශෙෂයකි. මිණිගෙඩි යයි ව්ය වහාරයෙහි පවත්නා මේවා සමහර පළාත්වල අදත් කොඩිවල පහළ කෙළවර එල්ලීම සිරිති. “ලොරි ” ආදි බඩු අදින යාන්ත්රිික රථ බෝවීමට පෙර ගැල් (=කරත්ත ) වල අමරාවේ මිණිගෙඩි කිහිපයක් එල්ලීම ද සිරිකත් ව පැවතිණි. මෙ වැනි ගැල් කිහිපයක බඩු පටවා ගෙන ගමනා ගමනය කරන විට ඇසෙන මිණි ගෙඩි හඬ ප්රිගයංකරය. ‍ෙම් හඬ දුර බැහැර කැලෑබද බ මාර්ගයන්හි වන සතුන් ගෙන් වන පීඩා වැලකීමට ද හේතු වූවා නිසැක ය. මිණිහඬ ඇසෙත් ම ඉන් බියපත් වූ වන සත්තු මග හැර වන වදිති.

94 දෙවිඳු බඹ අසුර සකල උරිඳන

       සු සැ ද     සරණ යුගලය කමලෙ’ ව්                    මුදුන
       මු නි ඳු     දා පිහිටි තෙද යසස                           විහිදුන
       ප සි ඳු      කිරි වෙහෙර බල උතුර                    සුසැදුන 

අන්වය : සකල දෙවිඳු බඹ අසුර උරිඳුද මුදුන කමල එව් සරණ යුගලය සුසැදු තෙද විහිදුන මුනිදු දා පිහිටි උතුර සුසැදුන පසිඳු කිරි වෙහෙර බල.


අර්ථ  : සියලු බ්ර හ්ම, අසුර, මනුෂ්ය , නාග යන මොවුන් ගේ මස්තකයන්හි (=හිස් මුදුන්හි ) පද්මයන් මෙන් ශ්රීන පාද ද්වය සුසජ්ජිත කළා වූ (මොවුන් දෙපා ළඟ වැටී හිස තබා අභිව‍ාදනය කළ අයුරු කී සැටියි මේ ) තේජස සහ කීර්තිය විහිදුණු මුනීන්ද්රදයන් වහන්සේ ගේ ධාතු පිහිටියා වූ උතුරෙන් මනා සේ සැදුණූ ප්රනසිද්ධ වූ ක්ෂීර චෛත්යසය බලන්න.

සංලක්ය්  : 1. තෙදු- තේජස් ගුණය, සතුරන් තවන ගතිය; උතුමන් ගේ -ප්රරධානයන් ගේ උතුම් ගුණ නිසා දුටු පමණින් ම තැවෙද්ද භයට පත් වෙත් ද සැළකිලිමත් වෙත් ද ඒ ගුණය තෙද (=තෙජස ) නමි. 2. යසස- යනු කීර්තිය යි. ගුණ කථණය යි. සමන් මල්, කල්හාර, කපුරු, අහස් ගඟ, සඳරස්, පිනි, මුතු, සුදු වලා කුළු, කිරි මුහුද, ප‍ඬෙර (සුදු නෙළුම්), කෛලාස පර්වතය, ඊශ්වරයා ගේ මහ සිනාව යනාදි ශුභ්රු වර්ණස දෑ කීර්තියට උපමා වශයෙන් කවි සමයෙහි දැක් වේ. 3. කිරි වෙහෙර - 104 වැනි කවියේ 2 සංලක්ෂ්ය ය බලන්න. කිහිරි උයන්හි කර වූ බැවින් හෝ කිරි වන් (ක්ෂීර වර්ණි) ආලෙපයකින් සුදෝ සුදු වූ බැවින් හෝ කිරි වෙහෙර නම් වී යයි සිතිය හැක. 95 තැන් තැන දුලන රන් රජතෙව් තොරණ රඹ

        බ  න්   මිණී කිරණයෙන් එනලු වේ                              පුර’ඹ
        න  න්   රන යට’ග ලෙල දද මෙන සුර                          සරඹ 
        ම  න්     මෙන එපුර සිරි මේ හැම සකි                          නරඹ 

අන්වය : අනාකූල යි.

අර්ථ  : තැන් තැන් රන් රිදී තොරණ සේ දිළෙන රඹ තොරණ වල බඳින ලද මාණික්ය වල කාන්තියෙන් පුර අහස එකැලොකව පෙනේ. නොඑක් රන් යෂ්ටීන් අග ලෙළ දෙන කොඩි පෙළ දෙවියන් ගේ නෘත්යර දැක්වීම ක් මෙනි. ඒ නගරයෙහි මේ හැම සිරිය සිත් වූ ලෙස නරඹන්න. මිත්රේය,

සංලක්ය්ෙ  : 1. රජතෙව් (රජත+ එව් ) 2. පුර’ඹ (පුර+ අඹ ) 3. යට’ග (යට+අග)


96 ස ව ති ඳු විසූ සොමි මඬල සිරිගති

       එහි   සි ඳු   සෙන් අවට උළු පෙලෙහි             සිරිගති
       ප ර  සි ඳු   කදිර පුරවර නුහුනු                       සිරිගති
       එ යි නු දු   සම කරත නුබ තෙලෙහි               සිරිගති

අන්වය : සුගමයි.

     අර්ථ  :  ස්කන්ධ දෙවියන් වැඩ වුසූ මන්දිරය  (=දේව මාලිගය. දේවාලය) චන්ද්රක මණ්ඩපයෙහි ශොභාව ගත්තේ ය.  ඒ දෙව් මැඳුරෙහි  අවට වූ දේව (=සිද්ධ ) සේනාව තරු පෙළෙහි සිරියාව ගති. ඒ  කාරණයෙන්ද ප්රසසිද්ධ වූ නො අඩු සරින්  යුක්ත වූ  කතරගම් පුරය සමාන කතර හොත් අහස්   තලයෙහි සිරියාව ඉසුලු වෙ ය.

97 නි ම ල කොඳ සුවඳ ‍ගෙන එන හසුරමිනී

      අ නි ල  දද පෙලෙන් ගැවසී  එ  සිටි              මිණී
       ස ස ල දද පෙලෙන්   ගැවසී එ සිටි              මිණී
      ල ක ල  එපුර  වැපකිය කිරණ                 දිනමිණි

අන්වය  : සරල යි.

  අර්ථ: : යහපත් වූ   කොඳ මල්  සුවඳ ගෙන එන සුළං  (=අනිල ) වේගයෙන් නද කරවන්නා  වූ   (= නාදය  පතුරු  වන ) මිණී  කිකිණි ඇති සෙලවෙන කොඩි පේළියෙන් අලංකාර වූ ‍ෙම් නඟරය  හිරු රස්  වැළැක් වී. 
  
  සංලක්ය්    :  1. කිකණි මිණි- කිකිණි   (කිඬ්කිණික - රසු)  රහු යන  නමින් ද   භාවිත  වේ. ගෙජ්ජි- යනු  ගම්බද  ව්ය වහාරය යි. මිණි යනු මිණිගෙඩි  ය යි කියන   කුඩා ඝණ්ටා විශෙෂයකි. 
                    2. හසුරමිනී, මිණී, සිටිමිනී දිනමිණී- හසුරමින්, මිණී සිටිමින්, දිනමින යනු එළවැට හා  ඡන්දය   සඳහා දීර්ඝ වූ සැටියි මේ.

98 නුඹ මිණි අවර වන් කල කුමුදු මුතුමිණි

      මුතු මිණි    කොඳ හැකිලෙයි  උදය            වර මිණි
      වර  මිණි    එපුර සිරි සෙන් නිතොර           සපැමිණි
      සපැමිණි    බැව් දිව රෑ දැන ගනිති                    මිණී
      අන්වය :- නුබමිණි අවර වන් කල කුමුදු මුතුමිණි මුතුමිණී කොඳ උදයවර හැකිලෙයි. එපුර සිරි වරමිණ නිතර සපැමිණි සෙන් දිව රෑ  සපැමිණි බැව් දැන ගනිති.
      අර්ථ  : සූර්යයා අපර පර්වතයට පැමිණි කල්හි (=හිරු බැසැ යන විට) කෞමද සමූහය මණියෙන් මුක්ත වේ. (=ප්ර්බුද්ධ වේ- පිපේ.) පිපුණූ කුන්ද පුෂ්ප හිරු උදා වූ කල හැකිලෙයි. ඒ  නගරයෙහි ශ්රීු සමෘද්ධිය පැමිණි කල්හි නිරන්තරයෙන් සම්ප්රායප්ත වූ සේනාවෝ කොඳ  මල් පුබුදීම හා හැකිලීම හා යන මේ දෙ කරුණෙන් රෑ දාවල් පැමිණීම  දැන ගනිති. 
     

සංලක්ෂය : ආද්යරන්ත යමක නම් ප්රමබන්ධයකි මේ.

99 දිලි කඳ කුමර පුරවර සිරිසර සමත

     හෙලි     වැද  ගියෙන් පවසා නර අමර                   සත
     බැලි       වැද  තම  සිරි’නු බැව් දැක            සහසනෙත
     වි ලි       වැද  ගොසින්  වසනෙව්  දැන් සුනෙර       මත
     අන්වය : කඳ කුමාර දිලි පුරවර සමත සිරි සර නර  අමර  සත  පවසා  හෙලි වැද ගියෙන් බැලි සඳ තම සිරි උනු බැව් දැක සහස විලි වැද ගොසින් දැන් සුනෙර මත වසන එව්.
     අර්ථ  : කඳ කුමරුන් ගේ ජ්වලිත වූ පුරයෙහි සියලු ශ්රී් සාරය දෙව්  මිනිසුන් විසින් කියා ආලෝකව ගියෙන් (එළිදරවු වූයෙන්) බැලූ කල්හි තමන් ගේ දිව්යර  සම්පත්තිය අඩු  බව දුටු  ශ්රිකයා ලජ්ජාවට පැමිණ ගොසින් දැන් මහමෙර  මුදුනෙහි වාසය කරන්නාක් වැනිය. 

සංලක්ය්ම  : 1. සහසනෙත -සහස්රහ නෙත්රඩධාරී වූ ශක්රලයා. සහස්ස නෙත්ත (පාළි) සහස්රල නෙත්රද (සංස්කෘත) < සහස නෙත 2. විළි - (ව්රීරගි < විළි) ලජ්ජාව. 3. සුනෙර- මහාමේරු පර්වතය.

100 අ ත ට කොතැති මේ සුරිඳු පුරවර දුලන

        ය ස ට     අලකපුර සිරි  සරි නො වනු                     දැන
        නොසිට   දිනිඳු  තුරු තම පුරවර                         රැගෙන 
        ම ත ට    කෙලෙස කුළ දැන් ගිය  වැනි                  විලින


  අන්ව‍ය : අතට කොතැති මෙ සුරිඳු පුරවර  යසට අලක පුරු සිරි සරි නො වුන දැක දිනිඳු නොසිට තම පුරවර රැගෙන උතුරු කෙලෙස කුළ මතට දැන් විලින ගිය වැනි.
  
    අර්ථක : අතට ගත් කුන්තායුධ ඇත්තා වූ මේ දෙවියන් ගේ නගරයෙහි  බබළන කීර්තියට ආලකමන්දා රාජධානියෙහි ශ්රීක සම්පත්තිය සමාන නො වනු දැකලා වෛශ්රාවණ තෙමේ නො සිට තහ නගරය රැගෙන කෛලාසකූටය (මස්තකය) ට දැන් ලජ්ජාවෙන් ගියා වැනි ය.

සංලක්ය්න  : 1. අතට කොතැති මෙ සුරිඳු- අතට ගත් කුන්තායුධය ඇත්තා‍ වූ සුරෙන්ද්ර යා - එනම් කතරගම දේවයා කොතැති (කොත+ ඇති) - සුරිඳු (සුර+ ඉඳු) 2. දුලන - උදුලන - මුල ලොපයෙන් ‘දුලන’ 3. අලකපුර - ශ්රීන සාරයට -ධනිශ භාවයට අලකපුර (ආලකමන්දා නම් රාජධානිය-උතුරු දිනිඳු පුර ) උපමා කිරීම කවි සමයාගත ශිෂ්ට ප්රරයොගයකි. මෙහි ම 102 වැනි පද්යමය බලන්න.

තොට‍ගමුවේ සිරි රහල් මාහිමියන් “දඹදෙණි අලක පුර විසූ දිනිසුරු විලස” යි පරෙවි සන්දේශයෙහි ද, “උතුරු දිනිඳ පුර දිනූ මෙ පුර වැජඹෙන” යි -සැළලිහිණි සන්දේශයෙහි ද මේ උපමාව දක්වා තිබේ. වීදාගම මාහිමියන් ගේ - හංස සන්දේශයෙහි “සිරි වද්දන සැපතින් සරි අලකපුර” යි පෙනේ.

“අලකාං අති වාභ්යෛ ව වසතිං වසු සම්පදාම්” (කුමර සම්භව) “ගන්තව්යාි තෙ වසතිඃ අලකා‍ නාම යක්ෂෙශ්වරාණාං” (මෙඝදූත)

4. දිනිඳු තුරු පුරවර - යනුන් අලකා පුරය මැ යි. උතුරු යන්නෙහි මුල ලොපයෙන් -තුරු යි සිටී. දිනිඳු - නම් ධනේශ්වරයා- කුවෙරයා - වෛශ්රාවණය‍ා - වෙසමුණුයි. (ධනින්ද / දිනිඳු) ආලකමන්දාවටත් වඩා කතරගම ඓශ්චර්යයෙන් පිරිපුන් බව යි මේ පද්යියෙන් ප්ර්කාශ වූ යේ. 5. කෙලෙස කුළ -කෛලාස කූටය - හිමාලයයෙහි වූ මෙය නිතර ම හිමෙන් වැසුණු ශුභ්ර වර්ණ පර්වතයෙකි. ශෙවත වර්ණ (= සුදු වන් - සුදු පැහැ) යමකට - විශාල දෙයකට - කීර්තියට උපමා


කරන විට බොහෝ විට කවීන්හට සිහිපත් වූයේ මේ කෛලාසය යි. ඊශ්වරයා බහුරි රඟ නම් නෘත්යසය ස්ත්රොනත්රව ගයමින් පවත්වනුයේත් මෙහි ම බැව් පෙනේ.

101 අ සු ර රදුන් හට් උරණය වෙමින් මන

      එ සු ර  -නිදුන්   සැරසී කරන                     මෙ න්      රණ
      අ මර     රදුන් පරදිති යන                        බියෙන්      මන 
      එ පු ර    ලදුන්   විත් සිටි                    දෙව’ඟනන්     මෙන
   
    අන්වය :  එපුර ලඳුන් අසුර රදුන් හට මන උරණ ය වෙමින් රණ කරන මෙන් එ සරනිඳුන් සැරසී අමර රඳුන් පරදිති යන මන බියෙන් ඇවිත් සිටි දෙවඟනන් මෙන. 

අර්ථත : එ නුවර ක‍ාන්තාවෝ (කෙබඳු ද? ) අසුර රජුන් කෙරෙහි සිත කෝප වී මෙන් යුද්ධාරම්භ කිරීමට මෙන් එම දිව්යර රාජයන් සැර5සී සිටි කල එම දෙවිවරුන් පරදිත් යයි සිතේ භයෙන් ඇවිත් සිටි දිව්යෝඬ්ගනා‍වන් වැනිය හ.

   සංලක්ය්ග   : අසුර - දෙවියන් හා යුද්ධයේ දී පැරැදී මොවුහු මහමෙර පහළට වැටුණහ. සුර නොවන හෙයින් අසුර නමි.

102 කු වෙර හිමි අලක නම් පුර යසස දුලී

       අ   ම ර    පුර  දිනූ නෙක යසස                     සිරි’සිලී
       එ පු  ර     යස කියනු සවතිඳු  ම මිස                     යලී 
       ක ව ර     විදුවරෙක්  පවසා ද                   නො‍ පැකිලී
       අන්වය : කුවෙර හිමි නෙක යසස දුලී අලක නම් පුර යසස සිරි ඉසිලි අමරපුර දිනූ  එ පුර යස කියනු සවතිඳු ම මිස යලි  කවර විදුවරෙක් නො හැකිළී පවසා ද? 
      
      අර්ථක : කුවෙර ස්වාමී (=වෙසමුණ රජු) හුගේ යස ඉසුරු වලින් බබළන ආලමකන්දා නම් නගරය ද කීර්තිය ඉසිලූ දිව්ය  ලොකය ද ජය ගත් කතරගම  ‍යශො ඝොෂණය   කියනුයේ කතරගම දෙවියන් ම විනා නැවත  පඬිවරයෙක් පැකිලීමක් නැතිව පවසයි  ද? 


103 දි‍ලෙන රස’ දුලා තොරණෙන් කදලිය

        සැදුනි  එහි’  තුළා     පිරි ගට                            සියලිය
        මෙ සිරි  සර බලා     මන තුටිනි                         ’පිලිය
       සබඳ  යව      බලා     මහ පතිනි                         ’පිලිය 
    අන්වය : සබඳ රසු  උදුල‍ා තොරණෙන් දිලෙන එහි ඇතුළ‍ා පිර ගට සැදුණි. මෙ සියලීය සිරිසර බලා මන  තුටින් ඉපිලීය බලා මහපතින් ඉපිලීය යව.
   අර්ථහ : මිත්රෙය රසු (රහු- කිංකිණි) යෙන් බබළන රඹ (=කෙසෙල්) ‍ෙතාරණන් දිළිසෙන ඒ (තොරණ)  ඇතුළ පුන් කළස් වලින් සජ්ජිත  වී ය. මේ සියලු ශ්රී  සාරය බලා සිත සතුටින් ඉපිලී (නැවත)  බලා  මහා මාර්ගයේ යන්න. 
      සංලක්ය්ව   : පිරි ගට - පිරි ඝට, පූර්ණස ඝට, මලින් පිරුණු කළස්, පුන් කළස්.

104 ගුණරැඳි යසස සහ සරදෙ’ව් තරිඳු රඟ

        එ ඔරැඳි     ව ම විසූ    පෙර මහ පිනැ’ති               අග
        පවර’ඳි     -කරණ මැති සුරු කළ වීදි                   මඟ
        නිවර දි     ගොසින් වදු සකි කිරි  වෙහෙර            ලඟ
     අන්වය : සකි, රඟ සරද තරිඳු එව් යසස සහ ගුණ රැඳි පෙර එ ඔරැඳිව ම විසූ මහ පිනැති පවර අග අදිකරණ මැති සුරු වීදි මඟ නිවැරදිව ගොසින් කිරි වෙහෙර ලඟ වදු.
 
    අර්ථ  ; යහළුව, ආකාරයෙන් සරා සඳ වැනි වූ කීර්තියෙන් සහ ගුණයෙන් රැදුනු පෙර එහි ම පැළඹෙමින් (බැබළී) විසුවා වූ මහ පින් ඇති ශ්රෙපෂ්ඨ වූ උතුම් වූ අධිකරණ මන්ත්රීගන් විසින් කරන ලද්දා වූ වීථි මාර්ගයෙන්  නො වැරැදී ‍ගොසින් කිරි වෙහෙර ළඟට පැමිණෙව්.
 

සංලක්ය්ඟ  : 1. සරදෙව් තරිඳු (සරද + එව්+තරු+ඉඳු) සරද තරිඳූ එව්. 2. කිරි වෙහෙර -තථ‍ාගතයන් වහන්සේ ලක්දිවට වැඩ කාච්රග්ග‍ාමාධිපති මහසෙන් දෙවු රජුන් ප්‍රමුඛ දෙව් සෙනඟට දහම් දෙසුවා වූ ද පන් සියයක් මහ රහතන් පිරිවරා වැඩ සිටියා වූ ද උත්තම වූ ශුද්ධ ස්ථානයෙහි මහානාග රජුන් විසින් කර වූ සෑය කිරි වෙහෙර (=ක්ෂීර චෛත්ය ) නම් වේ.

සොළොස් මහා ස්ථානාන්තර්ගත කතරගම වෙහෙරට තිස්ස මහාරමයේ සිට මයිල දොළොසක් පමණ දුරය. අලි වලස් ආදී චණ්ඩ මෘගයන් ගෙන් ගහන දුර්ගමය පසු කොට මැණික් ග‍ඟෙන් එගොඩ වී ඌව පළාතේ බුත්තල (=ගුත්හල් මඬුල්ල) කොට්ඨාසයට අයත් කතරගමට පැමිණ කඩ වීදිය පසු කරනවත් සමඟ ම රුහුණු මහ කතරගම් දේවාලය සම්භ වේ. මේ ළඟම ය අට්ඨඵල මහා බෝධීන්ට අයත් ‍බෝ රුක පිහිටියේ ඉන් ඔබ්බෙහි ‍දෙමහල් ධර්මමශාලාවෙකි. ඉනුත් ඔබ්බෙහි කිරි වෙහෙර පිහිටා තිබේ. එහි විහාර කර්මාමන්තය කරවූ මහානාග රජුන් ගේ ය යි සැළකෙන ගල් පිළිරුවකි. ගොඨභෙය. මහා විජයබාහු, ලොකෙශ්වර ආදී රජුන් විසින් වරින් වර මේ චෛත්යා ප්රළතිසංස්කරණය කර වූ බව සඳහන් වේ. අද එය ජීර්ණව පවතී.

105 මතු සඟ මොක් සැප ලබනා විලස තිර

      මොකැ‘දුරු’දක්     සලකා සිහියෙන් නො              හැර
      එහි  තෙ   විටක්     පැදකුණූ-කොට නමා                සිර
      යලි ‍‍  බර    සක්     සුරහල වෙත යව                     මිතුර
     අන්වය:  මතු සඟ මොක් සැප තිර විලස සිහියෙන් නො හැර මොකැදුරු  උදක් සලකා එහි  සිරස නමා තෙ විටක් පැදකුණු කොට යලි මිතුර බර සක් සුර හල වෙත යව.
      අර්ථම :  අනාගතයෙහි දිව්යන සැප හා නිවන් සැප ස්ථිර ලෙස ලබා ගන්නා කල්පනාවෙහි අත් නොහැර බුදුන් වහන්සේ  උදක් ම සිහි කොට එහි  හිස නමා තුන් විටක් ප්ර්දක්ෂිණා කර නැවත මිතුර කතරගම දෙවාලය වෙත යන්න.   

සංලක්ය්  : 1. මොකැ‘දුරු’ දක් (මොක් +ඇදුරු+ උදක් ) 2. තෙ විටක් පැදැකුණූ කොට - චෛත්යො දකුණු පැත්තට සිටින සේ තුන් වරක් වටේට ගොස් වැඳලා. 106 තිනෙත් දෙව් සමය ඇදහිලි කර බැතින

      ම හ  ත්    දෙමළ ගොසයෙන් අයැදන          නිතින
      ය ලි ත්     එගුරුවන් මඩම ද දැක               නෙතින
      ස ව  ත්    මැදුර පසෙකින් යව තුටු                සිතින
    අන්වය : බැතින නිතින තිනෙත් දෙව් සමය ඇදහිලි කර අයැදන දෙමළ ගොසයෙන් එගුරුවන් මඩම ද යලිත් නෙතින දැක සවත් මැදුර පසෙකින් තුටු සිතින  යව.
    අර්ථු : භක්තිමත්ව නිතර හින්දු ආගමනය ඇදහීම් කොට ආයාචනා කරන්නා වූ විශාල වූ දෙමළ ජනයා ලේ ඝොෂණයෙන් යුක්ත ඒ ගුරුවන් මඩම (නම් පූජක වාසය) ද නැවත නෙත්රුයෙන්  බලා‍ කතරගම දෙවොල (= සවත් මැදුර) පැත්තකින් සතුටින් යන්න.

සංලක්ය්න  : 1. තිනෙත් දෙව් සමය- තිනෙත් දෙව් නම් ඊශ්වරයා ය. ඔවුන් ඇදහිලි කරන ආගමය තිනෙත් දෙව් සමය වේ. හින්දු ආගම යනුත් මේ ය. බ්රනහ්ම, විස්ණූ, මහෙශ්වර හින්දු ආගමේ ත්රිඊත්වය යි. 2. එගුරුවන් මඩම දැක නෙතින - දැකීම නෙතින් ම ය. මෙය නො කිය යුත්තෙකි. නෙතින් නො බලා‍ අන් කුමකින් ද බලන්නේ? මෙ වැනි යෙදුම් කවි සමයෙහි එමට. මෙහි ම 17 වැනි පද්යහය බලන්න.

	“සිතින්  සිතන්නට බැරි මෙ තොප යාපත” (හංස  සන්දේශය) මේත් ඔ වැනි යෙදුමකි.

තවත් උදාහරණ : ලා ගජ බඳ සෙද- පුරුදු කළ කග එනිරිඳු කළ දෙසූනවටහි රුපුන් - ලකැ නො ගත වී හැඟිළෙන්

                                                               (කව් සිළුමිණ) 

හඟීම් ද මා මෙනෙන් -ගුණ හිමියා කියන්න‍ට පොහොම් නෙළුඹැසින’ වුණා - පලඳුන් හොත් තුසර කර

                                                                 (මුව දෙව් දා) 

107 ‘විතර නො වන බඹ සර’සුර නර උරන

         පතර      පෙමින්  අවනත කළ  යුග                     සරණ
         සතර      වැඩ සිටිය මිණි වෙහෙ‍ෙරක               පොරණ 
         මිතුර     එහි  එළඹ පෙරටු නො ව                        උරණ
     
     අන්වය :  සරල යි.
        අර්ථ  : අප්රපමාණ වූ හ්ම, දිව්ය , අසුර, මනුෂ්යල, නාග යන මොවුන් විසින් මහත් වූ ප්රෙ මයෙන් වැඳුම් කළා වූ ශ්රී  පාද ද්වයක් ඇත්තා වූ බුදුන් වහන්සේ (=සතර-ශාස්තෘන්)  පුරාණ කාලයෙහි වැඩ වුසූ මැණික් වෙහෙර නම් තැනක් ඇත. මිත්ර්ය කොප නො වී එම ස්ථානය ඉදිරියට පැමිණ  (වඳින්න.)

සංලක්ය්ව  : 1.උරන- 1වැනි පාදයෙහි උරන -යනු නාගයෝ යි. කවියෙහි එළිය පිණිස “ණ”නො යොදුණූ බවට එකලක ග්රයන්ථ සාක්ෂි දෙයි. සිවු වැනි පදයෙහි උරණ යනු කොපය යි. 2. මිණි වෙහෙර - මේ ස්ථානය කුමක් ද කො තැන ද යනු සොයා ගත හැකි ලකුණු දැන ගන්නට නැත. 108 දැ මි ටු සත ගිමන පව හළ මැදුර මි‍ ෙණ්

       පි හි ටු      වන  නැමදි  සත ගෙන පුර                 නිවනේ
       ඇ ස ටු     තුරු  කුළෙ’ව් ගන සතතින්                 දුලනේ
       ස නි ටු     හන් ව මතු සැප විඳු සකි                      සඳිනේ 
    අන්වය : දැමිටු  සත  ගිමන  පව  මිණේ  මැදුර හළ නැමදි සත  ගෙන  නිවනේ පුර පිහිටුවන ගන කුළු එව්  සතතින් දුලනේ ඇසටු තුරු සනිටුහන්ව සකි  සඳිනේ මතු සැප විඳුව.
      අර්ථ  : ධර්මිෂ්ඨ  අය ගේ ග්රීිෂ්ම පාපය මැණික් මැදුරක් මෙන් දුරු කළා වූ නමස්කාර කළ සත්වයන් ගෙන නිවන්  පුර යවන්නා වූ ඝන වැහි වලාකුළක් සේ නිතර ම බබළන්නා වූ බොධිය සිහි කොට වැඳලා මිතුරු තු මතු  සැප විඳව.

109 බව නම් මුහුදු ගිය නො ම දී ලෙව් සතන

      ස ද හ ම්    නැවිදු  ගෙන ගොස්  ලූ පුර               නිවන
      දි ව ම න්   මුනිඳු   දුටු මෙන් කර                  බුහුමනින 
      සතොසින් නමදු  පිළිමය එහි                       වැඩසිටින
    අන්වය :   සුගම යි.
 අර්ථ  :  සංසංරය (=බව= භවය) නමැති සාගරයෙහි වැටුණූ බොහෝ වූ ලොක සත්වයා සද්ධර්මලය  නමැති නැවෙන් ගෙන ගොස් නිවන් පුරයට  පැමිණි වූ ජීවමාන සර්වඥයන් වහන්සේ  (=දිවමන් මුනිඳු) දුටුවාක් මෙන් බොහෝ වූ භක්තියෙන් එම බොධි මූලයෙහි වැඩ සිටින ප්ර්තිමා වහන්සේ සන්තොෂයෙන් (නමඳු) වඳින්න.

110 තෙද ණ රැසින් බිඳ ලොව දුක් අඳුරු කඳ

        ස ද න      සැපත් අයැදි න  සතහට                 නො  මද 
        ර ඳ න      දිව’ඹ දිවසෙන් සහ කුමරු                      කඳ 
        න ද න      එදෙව්  රජ  මැදුරට වදු                         සබඳ
     අන්වය : තෙද අණ රසින් ලොව දුක් අඳුරු කඳ බිඳ අයැදින සත හට නො මඳ  සැපත්  සදන දිවඹ දිවසෙන්  සහ  කඳ කුමරු රඳන නදන එදෙව්  රජ මැදුරට  වදු  සබඳ.
     
    අර්ථ  : තේජස් ආඥ රශ්මියෙන් ලොකයා ගේ දුක්  නමැති අන්ධකා‍රය නැති කොට  ආයාචනා (=ඉල්ලීම )  කරන  අයට ‍බොහෝ වූ  සම්පත් සාධා දෙන  දිව්‍යාඬ්ගනා  (=දිවඹ- දිව්+ අඹ) දිව්ය් සේනා සහ ස්කන්ද දෙවියන් වැඩ   සිටින සිත තට කරන ඒ  දිව්යෝරා‍ජ භවනයට යන්න මිත්රනය.
     

සංලක්ය්ඒ  : 1. දෙව් රජ මැදුර -තකරගම දේවාලය. මෙය බෙහෙවින් අනුසස් ඇති ස්ථානයක් ලෙස සලකනු ලැබේ. බෞද්ධ, හින්දු ආගමිකයන් ගේ විශෙෂ ගෞරවයට පාත්රෙ වූ අන් කිසි දෙවොලක් මේ හැර මේ ලක් දෙරණෙහි නැත. වර්ෂරයක් පාසා අවුරුදු මංගලෝත්සවය, ඇසළ පූජා පෙරහර මංගලෝත්සවය, ඉල් මහ මංගලෝත්සවය යන පෙරහර පවත්වති. යථොක්ත උත්සව දිනයන්හි පුදු පූජා පෙරහර පැවැත්වීම පිණිස නානා ජාතික ජනයා පැමිණේ.

දේවාලය මුදුනේ තිබෙන්නේ රන් කොත් තුනකි. මේ දෙව් මැදුරේ වූ මහසෙන් දෙව්රුව ඝන රනින් කරවන ලද්දකැ යි කියති. එය කාහටත් දැක්මට ඉඩ නො දෙන බව ප්රදසිද්ධ යි. මේ අසල පිහිටි කන්දේ පුරාණ ගොඩනැඟිලිවල නෂ්ටාවශෙෂ හා ගල් ගෙවල් තිබෙන බව අසන්නට ලැබී තිබේ. මෙම දේවාලයට අයත් භූමි ප්‍රමාණය අක්කර අසූ දහසක් බව ද කියති.

මේ දෙවොල් ආදී කර්තෘ දුටු ගැමුණූ මහ රජුන් ය යි විශ්වා‍ස කරති. ක්රි . ව. 1747 දී ලක් රජ සිරි විඳි කීර්ති ශ්රීව රාජසිංහ රජ‍ුන් විසින් පැරැණී දෙව් මැඳුර ප්රණතිසංස්කරණය කරවන ලදී. මෙහි මේ දක්වා‍ දිනපතා නො කඩවා තේවය කිරීම් ආදී පුදසිරිත් නො අඩුව පැවැතේ. 111 දුම් දෙන එම දෙව් රජ මැදුරෙහි අතුරේ

       ච න් ද න    තුවර කළුවැල් කපුරෙන්                  නිතරේ
       සි න් ද න     වී පැවති  සත රෝ දුක්                     අතුරේ
       න න් ද න    වෙයි  ත සිත  එය දුටු විට                  මිතුරේ
       අන්වය : රෝ දුක් අතුරේ සින්දන වී පැවති ඝන  චන්දන තුවර කළුවැල් කපුරෙන් නිතරේ දුම් දෙන එම රජ මැදුරෙහි අතුරේ එය  දුටු විට මිතුරේ ත සිත නන්දන වෙ යි. 
  අර්ථර :  රොග දුක් අන්තරාය සිඳ  දැමුවා වූ  සත්වයා  සඳුන්  තුවරලා (=කට්ට කුමඤ්ජල්)  කළුවැල් (=අගිල්) තොර නැතිව දුම් දල්ලන එම දේවා ලය ඇතු‍ෙළහි ඒ දුටු විට මිතුර ඔබ  ගේ සිත සතුටු වෙයි. 
  සංලක්ය්ු   : චන්දන (=චන්දන). සින්දන (= ඡින්දන).  නන්දන (=නන්දන) . මේ වචන  එළි සමය  ගරු කො‍ට තත්සම ලෙස ලියා  තිබේ.අදිකරණ, පිරිගට, තුප හිමි  ඈ යෙදුසම්  ද මේ ගතෙහි එමට. සිංහල සාහිත්යියා ගේ  පුනරලෝකයක ඡායාමාත්ර ය දෘශ්යසමාන සමයෙක මේ   පද්යලයන්  ලියූ  බව  අමතක  නො කළ  යුතු ය.

112 ර ති සු රු රුවින් නැණයෙන් සුරගුරු සේ ම

       නොමසුරු   ව ම දෙවන තිලිනෙන්                  සුර-දුම
       එ ඇසුරු      උබ්බෙත්ම අදිකරණැති                   නාම
       මැති සුරු      බල සිටින සුර කුමරකු                  සේ  ම   
   අන්වය :  රුවින්  රතිසුරු නැණයෙන් සුරගුරු සේ ම  නො‍ මසුරු ව ම දෙවන  තිළනෙන් සුර  දුම එ ඇසුරු අදිකරණ  නාම ඇති බෙත්ම උබ මැතිසුරු සුර කුමරකු සේ ම  සිටන බල. 


   අර්ථ  : රූපශ්රීරයෙන්  අනංලයා   වැනි වූ ද නුවණින්  බෘහස් පතී වැනි වූ ද  නිර්ලොභීව (=මසුරු නො ව ම) දෙන්නා වූ ත්යා‍ගයෙන්  (= තිළිනෙන්)  කප් රුකක්  බඳු වූ ද  ඒ  දිව්ය  රාජ භවනය ආශ්රභය  කරන්නා වූ ද අධිකරණ නාමයක්   හා  බෙත්මේ ධූරය යන උභය නිල දරන මැතිවරයා දිව්යෙ කුමාරයකු සේ සිටිනා  හැටි  බලන්න.
    සංලක්ය්   : උබ බෙත්ම  අදිකරණැති නාම -අධිරණ  නාමයක් හා බෙත්මේ ධූරය  යන උභ්යේ නිල දැරූ මැති‍ඳෙක් සුර කුමරකු සේ යිටිය බව කියයි.  සමාධාන නඩුකාර (J.P.). නිල නො  ලත්   මහේස්ත්රාකත් (U.M.). ආදී  මෙකල ඇති තනතුරු  නාම ද අධිකරණ ධුර  ‍ෙනා වෙති. මේ බෙත්මේ  ද එ වැනි අධිකරණ නාමයක් තුබුණු කෙනෙකු බව  පැහැදිළිව ම දැක් වේ. 

“බෙත්මේ” භාරකරු යනු බෙදන්නා යන අර්ථ යි. දේවාලය වල මේ කටයුතු භාරකාර තැන බෙත්මේ රාළ යනුවෙන් දැක්වේ. (“බෙත්මෙ රාළ- Officer who divides income of temples” ඒ මැන්දිස් ගුණසේකර මුදලිඳු ගේ ඉංග්රීcසි- සිංහල ශබ්ද කොෂය ) විහාරරාමවල ඒ ඒ බෙදීමට සාටක භාජක, ඵල භාජක ආදී නම් වලින් භික්ෂූන් සිටි බව පෙනේ. භාජක යනු ද බෙදන්නා යන අර්ථ යි. දේවාලයවල බෙදීමේ එකල ‍බෙත්මේ -භාරයේ තුබුණු බව යි මෙයින් ප්රවකාශ වූ යේ.

	වර්තමානයෙහි භාරකාරයාත් දේවාලයවල සියලු  කටයුතු වල අධිපතියාත් “බස්නායක” නිලමේ ය. එ බැවින්  මෙ කල දේවාල‍යවල ‍ “බෙත්මේ”  නමින් ධූරයක් ලඇති බවක් අප්රාකටයි. ඒ ඒ දේවාලය කෝවිල්* වල  වතාවත් කරන්නා “කපුරාළ”  නමින්  හැඳින් වේ. කතරගම  සන්නසේ පෙනෙන්නේ “බෙත්මේ” ධූරය ගෞරව ස්ථානයෙක පැවැති බව  ය. අධිකාරම් කෙනෙකු ගේ  පත්වීමේ දී   පැවැත් වෙන ගෞරව  සම්මාන මෙන් දොළොස් ගුණයක කරු බුහුමන් බෙත්මේ ධූරයට පත්  වන්නාට  පැවැත් විය යුතු ය යි එහි  දැක් වේ. මේ නිසා දෝ සමහර කපුරාළලා  ඉබේම බෙත්මේ ආරූඩ කර  ගනිති.      
  • කෝවිල්- යනු කෝයිල් - යන දෙමළ වචනයෙන් ආයේය. රජ මැදුරු යනු කෝයිල් - යන්නෙහි අන්ථොය කෝවිල්-යනු දෙව්මැදුර දේවාලය - යන අර්ථයෙහි ලා සිය බසෙහි ගැනේ.


113  දු සු ර  වෙනු  නිගා      කළ රුසිරැති                  සිය ’ඟා
        නූපුර    යුග    දඟා       ලෙලවා සිතැ’ඟි                   රඟා
        සේසර   ලිය   යුඟා      යුග  පග හෙලන                 නඟ‍ා 
       මේ පුර   ලිය   ලඟා       තුටු පත  සබඳ                     මඟා   
        
      අන්වය : වෙනු සුර දූ සියඟා නිඟා කළ රුසිරැති දඟා යුග නූපුර  සිතැඟි රඟා ලෙලවා  රන සර  යුගා සේ පත යුග නඟා හෙලන මේ  පුර ලිය ලඟා තුටු කර  මඟා සබඳ. 
     
     අර්ථ  : විෂ්ණු භාර්යාව වූ දෙව් දුව ගේ ශරීරයට නිග්රඟහ කළා වූ රූප ශොභාවෙන් යුක්ත වූ කෙන්ඩා දෙකෙහි පා වළලු සිත් සේ ලෙළවා රන් නෙලුම් මල් දෙකක් වැනි වූ දෙ පා උස්සා  තබන්න‍ා වූ  සේ පුර ස්ත්රීින්ට ළංව  සතුටු වී බලන්න මිතුර.

සංලක්ය්ා  : 1. වෙනු සුර - විෂ්ණු භාර්යාව වූ දිව්යා ඬ්ගනාව එනම් ලක්ෂ්මී , සිරි නම් වූ ද මේ දෙවඟන වාසය කරන ස්ථාන දැක්වෙන වර්ථමානයෙහි කවීන්ද්රියකු ගේ කීමක්:

“බෙලිවන, කොළොම් මල්, ඇත්කුඹු , දිව්, ළදැරී

 සුර  වන,    සෙ භය,     තුඟුරිය,    මිනිරද,              මැඳිරී
 ගව   දන,    සෙමෙර,    කුඩ, කොඩි, ගඟ, ගෙවල      සිරී
 දන    දන,    ගොවිඳු  උර,  සබවස,  වසයි                  සිරී

2. රුසිරැති - (රුසිරු + ඇති)

               3.  සියඟ‍ා -   (සිය + අඟා ) ස්වකීය ශරීරය
               4. සිතැඟි-     (සිත්+ ඇති)  සිත් සේ. 

114 එ හි ප ව ති නා සිරි සර මේ යයි අයුරු

       කර වෙන වෙනා   ඇති ලෙස කීමට           සොඳුරු
       සි කි  වා   හ   නා    ඇරු  සම්මුක සුරිඳු            සුරු    
       ය ලි  අ න ත  නා    මිස ලොව  පවසති          කවුරු
     අන්වය:  අනාකූල යි. 
      
       අර්ථය : එහි  ඇත්තා වූ  ශ්රී  සාරය මේ ආකාරය යි වෙන් වෙන් කොට ඇති  සැටි කීමට සුන්ද ර වූ මයුරාසනාරූඩ වූ සමුහුණු දේවයා  හා අනන්ත නම් නාග  රාජයා  ද හැර  මෙ ලොව අන්  කවර කෙනෙක් කරත් ද? 

සංලක්ය්අ  : 1. සිකි වාහන ඇරෑ සම්මුක සුරිඳු - සිකි නම් මයුරා (= මොනරා) යි. මයුර වාහනරූඪ වූ මූණූ සයක් ඇති සුරිඳූ -එනම් කතරගත දෙවි. 2. අන්ත නා - අනන්ත නම් නාග ‍රාජයා- මුඛ දහසක් ඇතැයි සැළකෙන මොවුනට වඩා යමක් වර්ණඅනා කිරීමට සමතෙක් නැති. 115 එ බැ වි න් එහි ‍ෙම් විසිතුරු සියලූ

        ද කි මි න්        අවසානයෙහි තුටු සිතිනි           සිලු 
        සි හ සු න්        වැඩ හිඳින මිණී බරණින්       ලකුලු
       සොබමන්         සවත් සුර හිමි  සඳ දකු           යහළු
           අන්වය :   සරල යි.
           
           අර්ථය : ඒ  නිසා එහි පවතින මේ සියලු  විස්තර දකිමින් අවසන් වූ කල උසුලන ලද සතුටු සිතින් යුතුව සිං හාසනාරූඪව වැඩ හිඳින මාණික්යාසභරණයෙන්  අලඩ්කාර වූ ශොභන වූ මූණු සයක් ඇති  දෙවියන් වහන්සේ   දකින්න, යහළුව.

සංලක්ය්ඪ ය: සිතිනි’සිලු (සිතින්+ඉසිලු)