නීල කොබෝ සන්දෙශය-ගමන් මඟ (i)

Wikibooks වෙතින්
Jump to navigation Jump to search

(ඊ) මෙ සේ මේ ශුභ අර්ථ සිද්ධිය වන්නා වු ශුභ වර යොගය යි යන නක්ෂත්ර යක් හා ශුභ නිමිත්තය දක්වා ගමනට නියොග කරන්නාහු “නෙක රටිනා” යනාදිය කියත්.


18.

නෙක රටිනා වැද යනෙ’නා’ ඟන ලතර

කළ තුටිනා රන නදනා වැනි රුසිර

මන පින නා නිති කෙළනා1සලෙළු වර

දැක සිටි නා මලු වෙලිනා යව එතර


19.

ඉවුර බලා දාරෙහි රැඳි මෙ කුළ මෙන

ඉම බබලා විට කෙක ඉඳු මිණි සමන

ඉසිය ඹලා තුරු මුදුනෙහි නල හමන

ඉඳුර බලා ඉඳු පහවන තෙක් ගිමන


20

න බෝ ත ල පැමිණ රිවි කිරණය වන්ඩ

නොබෝ ක ල බලා තම තුනු සැනසෙන්ඩ

සෙ බෝ ලොල නැමද සම්මුක සුරිඳුන්ඩ

කොබෝ නි ල එයින් නැග යාගන් යන්ඩ


21

ලොබල‍ා කමිනි1 ඳින2 පල රස නොවන් කි ස

බ බ ලා ඉඳුමිණි සෙ සිකි එහි තුරන් හි ස

එ බ ලා නො යව ගියහොත් වෙයි ගමන් ප ස

කු ඹ ලා දෙණිය සිරි නරඹන් එ යි න් බැස


22

බෙ ලෙ න් සුරු වු විස්සම් යුර වැද අසල3

ක ළෙ න් යුරු නෙ සිහ වග4 සිතුයමි නු’දුල

ප ලෙ න් පිරු කදුරු රුක වෙත හිඳ නොසල

පොළොන් මරු5 වෙල’ස සැදි අම්බලම බල


23

ගිම හිරු වන් දනන් එම මඩමටා ප ත

පිවිතුරු කෙත’ඹ එ කෙණෙහි නොම කොටා හි ත1

ගනසුරු පත සලත’වට රුක් වටා ප ත

එ ඉසුරු දුටු ත සිතු නෙතු2 සහ තුටා වෙත


24

ත ද නෙලෙනා ලෙල දෙන තරඟින් නිතර

රැ ඳි දු ල නා3 මුතු සක් පබළැ’ති පතර

නද ක ර නා දුටු දන මන සක් නිතර

ව දු ලො සි නා තංගලුවැල්ලට මිතුර


25

අ ත් ගිර නිවෙස පත් වු4 එවිට දිනිසුරු

ස ත් ලොව එවිගසින් වත සෙයිනි ගන’ඳුරු5

ව ත් සය.සුර මහත් තෙද පිහිට ගෙන සරු

සි ත් ලෙද නිද රුකක් අග නෙරළු පිවිතුරු


26

ය ලි දිවසකර පෙර ගිරි දොරට වැද

දි ලි සරස වෙල දද බන්නෙ ද එසඳ

ඇ ලී සිටින සක නිදිගැට හැර පැහැද

මැ ලී නොව ගුවන් වැද යාගන් සබඳ


27

පිය වෙල්ලේ තුළ මෙන් වසුදර පැහැද

දි ලි සි ල් ලේ දවලින්6 පුලිනය නො මද

සිතුලොල්ලේ කෙරෙමින් දැක මිතුරු සඳ

යව වැල්ලේ පතයෙන් අරනතට වැද


28

ත ව න මෙහි කතුන් පත් වු සඳ එදින

කෙවන ඉඟි ඇතත් තෙපලා සිතු ලෙදින7

දෙ ව න රිසි මිහිරි8 පල කා මන නදින

ප ව න විඳ එවන පෙද යන් සකි සඳින


29

හ ඬා යන සිලිලයෙහි සමුදුර අතර

වි ඩා නොව සිටින කුම්බිල9 මින් පතර

ස ඩා නන සුරිඳු අණ සිහි කර මතර

කු ඩා තොටින් සබඳිති යාගන් එතර


30

කු ම් බිල් ලේ සහ දැතිමෝරුන් තුතුර1

මන්ලොල්ලේ කර ගොදුරට එන නිතර

තං ග ල් ලේ මෝදර පැන නොව අතර

කන්ඩුල්ලේ වන මැද යාගන් මිතුර


31

ල ව න් ජල පිලිය කෙළනා මිනේ ග නේ

ලෙ සි න් දිලි සිලිය රළ පෙළ තැනේ තැ නේ

ගු ව න් මඟ දිලිය මින් තොප යනේ දි නේ

පෙරුන් කල් එළිය සමුදුර මෙනේ පෙනේ


32

ලොබය කර සිලිලයට එහි විත් සිදුව

උ බ ය පස සිටින ගජ කුළු වඳුව

ද ඹ ය පොකුණ දැක මෙ ම ලකුණැ’ති රුදුව

අ බ ය වම මිතුරු ගොස් රැකවට වදුව


33

දෙ ත ර ලෙලෙන ගිම් තුරු පලදා බරින

ප ත ර එපිළිබිඹු අභි ගණ සරි සිරින2

ස ත ර තුනැ’ස් සුර අණ මතුරා දරින

එ ත ර යව සබඳ කහඳා මෝදරින


34

සොල්ලා ඩා යනෙන දනහට ලෙස පිදුව

අ ල් ලා අතු අතින් දුම සත් වන දෙදුව

ක ල් ලා වර වෙතෙහි පත් වර දින රදුව

ති ල් ලා වටවනට සබඳිනි ගොස් වදුව


35

නි සා එදින බලමින් එහි තුරෙක සොඳ

වැ සා නැවත දිනිසුරු එන කල පිබිද

සු සා රව3 දරා ත සිරස සවත පද

ප සා රකර ගුවනට නැග යන් සබඳ


36

ක ළ අටි ‍යේ සිඳු රද සෙන් තරඟින්ද

එ නු සැටියේ දකිමින් එහි නරනින්ද

ක ළ සැටියේ සැදි සිටි කුළු පෙළකන්ද

ක ල මැටියේ මෝදර දකු මිතුරින්ද


37

ස ල් දෙ ල් දු ට පසු නො බැස ම එකලෙසින1

මු ල් පු ල් කොට සිඳ ලිය හැකි බල දරන2

නි ල් හෙ ල් බ ට3 මෙන් නිති මද ගජ රඳන

ග ග් මු ල් ල ට වැද සෙද යන් සකි සඳින


38

රු දි රා පැහැති ජල4 තුළ දිසි ලවන් රැසා

මදු රා සියක ලු විල‍ඳෙ’ව් ත යනු අසා

සොඳුරා එසිරි බලමින් තුටු කර මනසා

ගැ ඹු රා කලින් ගොස් යලි ලුණමට පිවිසා


39

ග ත් කු ස තමන් ගිනි නිවනා ලෙස තොසය5

කෙත් අ ස කට පිවිස බුදිමින් කැන් සසය

ප ත් ලෙස වී නම් තකුල’ඹ කර අබිලසය

සි ත් තොස කර යතුරු කර6 නැග නුබ කුසය


40

කුරිරු පියස් වැද විත් සිඳු කුසින් ගොඩ

සිරුරු එමස් ගෙන’වුත් කළ ලෙසින් ගොඩ

රුදිරෙ’ව් පස් යලි බඳු රත් කුසුන් ගොඩ

මිතුරු ත ඇස් යොමු කර බල උසන් ගොඩ


41

වෙනු කිර’ඹා අලළත සිරි ක තු න් ලොලේ

පුලිනෙල’ඹා තුළ මුතු සක්7 ලෙ සි න් දිලේ

නිති8 ඵල ඹා දන ගණ රැඳි තු ටි න් කෙළේ

සි රි න ර ඹා යව සකි වැලිපටන් විලේ


42

තු මු ලේ මතඟ’ඳුරුවන එය තුල්ලේ ය

උ දු ලේ සරඟ පෙළ ලෙසිනි විදුල්ලේ ය

එ වි ලේ තවාලු නම් සුවි සල්ලේ ය9

සිය ලේ සිරි නරඹ කර සිතු ලොල්ලේ ය


43

ගඟුල් බත්ත සිඳු කත ගිය1 ඇලුම් කොට

සිලිල් වත්ත මිදු වැනි2 කෙත් කලුන් දුට

එමල් විත්ත නො මදහස පා3 බැලුම් කොට

කුහුල් චිත්ත4 නො ව වදු අම්බලන් තොට


44

ත ම න් සිරි පාන මෙන් ලක ඟන ලතර

ස ම න් කුළ මුහුල විදහා කර සතර

නොහින් දිසි මෙ වලගිය ගං තෙර පතර

එ යි න් එකෙක සිරි පැයි දුටුහට නිතර


45

තුරු ම ලි ගි ලී සුවඳව5 වැහෙන සිහිලැලී

එ හි තු ළ ගි ලී නා පිරිසිදුව එමකලී

ගොඩ නැග යලි වැඳ දාගැබට එහි දුලි6

නොව සිතුමැලි ගඟ සිරි නරඹ මනකලී


18    නෙක රටිනා වැද යනෙ නා ඟන                       ලතර 
         කළ තුටිනා රන කදනා  වැනි                           රුසිර
         මන පිනනා නිති කෙළනා සලෙළු                      වර
         දැක සිටිනා මලු වෙලිනා යව                            එතර

අත්වය:සරලයි.

අර්ථ :නොඑක් රටවලින් පැමිණ යන එන ඉතා තරුණ බනන් කෙරෙහි (කළා වු )සතුටින් යුතුව රු සපුවෛන් අනංගයා වැනි වු සිත පිරියෙන් තිතර කෙළි සෙල්ලමි කරන සල්ලාලයන් දැක සිටිනා මලු වෙල් යායෙන් එගොඩට යන්න.

සංලක්ය්ම  : 1.යනෙ ‘නා’ඟන (යන +එන + අගන)

               2.රන නදනා -අනංගයා සියලු දෙවියන් අතර රුමත් බැවින්  අගතැන්පත් දේවයා .
                3. සිටිනාමලු වෙල -අද දැක්කහැක. එය විශාල සරු කෙත් යායකි.
  19      ඉවුර බලා දරෙහි රැදි මෙ කුළ                          මෙන
            ඉම බබලා විටකෙ ක ඉඳු මිණි                        සමන
            ඉසිය ඹලා තුරු මුදුනෙහි නල                        හමන
             ඉඳුර බලා ඉඳු පහවන තෙක්                         ගිමන
    අන්වය;සරලයි
     අර්ථ ;ඉවුරේ බලවත් ආධාර ස්ථානයෙහි රැඳුණු මෙඝ කුටය (වැසි වලාකුළ) ක්මෙන් ද සමහර විටක  ඉන්ද්රු නිල මාණික්ය යක් සේ ද එහි ම බබළන්නා වු සුළං හමහර විටක ඉන්ද්රි නිල මාණික්යියක් සේ ද එහි ම බබළන්නා වු සුළං හමන්නා වු එම සියඹලා ගස මුදුනෙහි ශ්රීුෂ්මය පහවන (සංසි‍ඳෙවන) තෙක් නැගෙණහිරදිශාබලාඉන්න.

සංලක්ය්ර  ; 1.බලාද‍රෙහි (බල+ආදාර+ එහි ) බලවත් ආධාර ස්ථානයෙහි.ප්රශතිස්ඨධාරයෙහි.

                2ඉම-එහිමවිටක.  
                 3.විටකෙක -(විටක+එක) එක විටක
                  4. ඉදුර -ඉන්ද්රට දිශාව නැගෙණහිර දිග “හැදිලි -ඉදුරු දිවයුරු .........”හිරුට අභිදාන බට රුවන් මල කියයි. ඉඳුර බලා-යි කිමෙන් හිරු නැගෙණ දිශාව ම වාව්යා වේ.
20    නබෝ තල පැමින රිවි කිරණය                චන්ඩ
          නො බෝ කල බල තම තුනු                       සැන සෙන්ඩ
           සෙ බෝ ලොල නැමද  සම්මුක                        සුරිඳුන්ඩ
          කොබෝ නිල එයින් නැග    යාගන්                          න්ඩ

අන්වය:සරලයි අර්ථ:අහසට පැමිණ (නහොතල සම්ප්රා ප්තව) තමන් ගේ ශරිර සැනසිමට තද හිරු රස් දෙස මද වේලාවක් බෙලා බොහෝ වු බැතියෙන් යු.ුව ස මුහුණු දෙවිදුට වැඳට වඳලා නිල කොබෝ පක්ෂිය.එයින්බැසලායාමටනික්මෙව. . සංලක්ය් 1. චන්ඩ රිවිකිරණ -චණ්ඩ (චන්ඩි-නපුරු ) සුර්ඩි-නපුරු)සුර්යරශ්මියතදහිරුරස්

                  2.නොබෝකලමඳවේලාවක්
                  3. සම්මුක සුරිඳුන්ඩ -(ෂන්මුඛ /ෂන්මුක/සන්මුක සම්මුක) සම්මුක සුරෙන්ද්රක යනුවෙන් මුහුණු  සයක් ඇති දෙවියන් ගැනේ හින්දු භක්තිකයන් ගේ ස්කන්ද කුමාරයා ය මේ දෙවියන් .දැන් මේ දෙවිඳුට කතරගම සුරිඳුන් යයි කියති. කතරගම දෙවි පුවත මෙ සේය.


‘බෞද්ධ සොළොස් මහා ස්ථානයට අයත් කතරගම කිරි වෙහෙර පිහිටි නැත සම්මා සම්බුදු පියාණන් වහන්සේ පන් සියයක් පමණ මහ රහ.න් වහන්සේ සමග සමවත් සුවයෙන් වැඩහිඳ මහාසේන නම් වු දෙවියනට ධම් දෙශනා කොට කතරගමට අරක් දි වැඩම කළ බව ප්රධසිද්ධ කරුණ † මේ මහාසේනයෝබෞද්ධ දේව කෙනෙකි. ක.රගම දෙවියන් නමින් ද පතළහ. රුහුණු ජනපදයෙහි කතරගම් නුවර එලරුහ බොධියෙක්†† වෙයි. එ අසළ කතරගම ප්රගසිද්ද දේවාලය පිහිටියේය. හින්දු භක්තිකයන්ගේ දෙවි කෙනෙකු වු කඳ කුමරුට ද මහසෙන් (මහාසේන) යන නමෙක් වෙයි.

     දෙව්සෙනෙවි(ද) කුමුරු ,සරයොන්.සවන්.               කඳ
     මහසෙන්, සිකියහන්. බර අත් ,කොතා                           යුද
     අඩයටිදර. හුතැස්යෙන්, ගුරු  බරනෙත්                           (ද)
     මෙකි තෙලෙස් නම් වේ කුමර හට                                  කඳ

යනුවෙන් “පුරාණ න‍ාමාවලියේ”එයි. කඳ කුමරු යුද්ධයෙහි අති දක්ෂ දෙව සේනාධිපතියකු බැවින් සෙනෙවි, මහසෙන් යන නම් භාවිත වු බව සැළකිය යුතු. සිංහල සාහිත්යික ග්ර න්ථවල සඳහන් වන්නේමේ හිනුදු මහසෙන් දෙවියන් ගැනයි. “විකුමෙන් සදිසි මහසෙන්”ආදියෙන් හේ ස්ථුට වේ . ජම්බුද්විපය පවා ස්විය ප්රිතාපයෙන් කම්පිත කරවමින් සංග්රා්මාවතිර්ණ වු අසුර නිකායික තාරක නම් දෛත්යි රාජයා පවා යුද්ධයෙන් අභිහවා විනාශ කළ ස්කන්ද දේවයනට දක්ෂිණ පථයෙහි වැසියෝ “වේලු”යයි කියත්. වේලායුදය කියන්නේ ඔහු ගේ බල සම්පන්න ආයුධයයි. හෙ තෙම යුද්ධයේ දි වේලා යුදයෙන් ඇන විරුධ පාක්ෂික තාරක නම් රජු මැරුවේය.

†ධාතුවංශ ††එක රොහණ ජනපදමිහි කවර ගාමේ-“සමන්ත පාසාදිකා”


“දෙශාස්තර කථරතර”යයි ව්ය වහාරයෙහි පවත්තා “දෙවශත්රැ කළුතර”තාරක අයුරයා ගේ කඳවුරය. තාරක තෙමේ ස්කන්ද දේව (වේල)පුර කළුතර” යයි දනමෙකි. දුරාතිතයෙහි තාරකයන් ලරාජිත කොට විජය ග්රරහණය කළෙන් මොහු ගේ සුරත්ව හා තේජත්වය ප්රටචලිතයග වේල් දේවයන් ස්විය ප්රිරයාව කැඳවාගෙන ආ මංගල චාරිකාව නිමිති කොට පැවැත්වු උත්සවය වේල් පෙරහර නමින් අදත් පවති. මොහු ගේ පියා ශිව ය. පාර්වති ය මවු තොමෝ.සහෝදරයා ගණදෙවි කතරගම දෙවියන් යයි භාවිත වන කඳකුමරුය කියන මේ ස්කන්ද සේවයා වික්රවමයේ මුර්තිය හැටියට සම්මත යි. එසේ මවවනයට-වාග්දේවි (සරස්වති) යත්, යශ ඓශවර්යයට -ශ්රි ක‍ාන්තාවන්.නුවරට -ගණදෙවිත්, ශාස්ත්ර යට - (ගුරු) බාහස්පතින් .කාමයට- අනංගයාත්,උත්පාදනයට -බ්ර්හ්මයාත්. පැවැත්මට-විෂ්ණුත් .කාමයට- අනංගයාත්.උත්පාදනයට- බ්රැහ්මයාත්, පැවැත්මට- විෂ්ණුත් ,විනාශයට ශිව (ඊශවරයා )ත්.ශක්තියට-බලබද්රමයාත් , කාලයට -කිලිදේවියත්, පතිප්රමතාවට -පත්තිනි දේවියත්.කමාන්තායට -විශවකර්මත් මුර්ති හැටියට සළකති.

      ගැමුණු රජඑළාර රජු සමග යුද්ධයට යාමට තිරණය කර ගෙන තකර ගම මැනික් ගං ඉවුරේ පෙහෙවස් සමාදන්ව සැතපි සත්යත ක්රිගයා කරමින් සිටින විට නිද්රො‍පගත වු බවත් එ කෙණෙහි දෙවි කෙනකු සිහිනෙන් කථා කළ බවත් ඇසු ප්රිශ්නයකට “මාගේ මේ උත්සාහය තමේ කිසි කලෙකත් රජ සැප පිණිස නොවන්නේ ය. සම්බුද්ධ ශාසනයා ගේ විරස්ට්තිය පිණිස මැ”යි පිළිතුරු දුන් බවත් “නිර්හයව සටන් කරව. ජය ලැබිම සත්යාටගීව ගොස් ජය ගත් බවත් කෘතඥ කෘතවේදි ගුණය දන්නා ගාමිණි අභය (ගැමුණු අබා -ගැමුණු) රජු කතරගම පිහිටි කතරගම දේවාලය කරවා පුද සිරිත් පැවැත්විමට නියම කළ බවත් ප්රුසිද්ධ යි.

කතරගම ඇසළ පෙරහරට ඉන්දිය-හික්තියෝ දපැමිණෙති. “කන්දස්වාමි හරො හරා”යන හක්ති කථනය එකල මුථ රුණු රටේම රාව ප්රමතිරාව වේ.


මෙහි කතරගම දෙවිවරු දෙ දෙනෙක් සඳහන් වුහ. තවත් කතරගම දෙවි කෙනෙකු ගැන ද ජන සම්මත කථාවෙන් ඇති. ඒ මේ සේය. පෙර කල දඹදිව දකුණු දෙස චණ්ඩ ගති ගුණයෙන් අනුන විර පුරුෂයෙක් වුයේය. හෙ තෙම ස්විය තෙජොබල වික්ර්මය ප්රනදර්ශනය කරවනු වස් ලක්දිවට පැමිණිමට අදහස් කොට පහුරක් තනාගති. පහුර දියත් කොට ඒ සම බර සේ තබා ගැන්මේ ආවශ්යිකත්වය සළකා ගල් බර තබා මුහුදේ පාවෙමින් මහත් ආයාසයට පැමිණියේ “සිනිගම” දේවාලය පිහිටි ස්ථනයට ළගා විය. එහි නතරවි අන්න පාන ආදිය ලබා ගනිමින් කලක් වෙසෙන අතර ඔහු ගේ නො කටයුත්තක් නිසා තන් ප්රදදෙශ වාසිහු කොපාවිෂ්ට වුහ. මේ බව දත් මේ උත්සාහවත් පුරුෂයා නැවත පහුර නැගි යාත්රා. කොට දැනට දෙවුන්දර “සිංහාසන වැල්ල”නමින් ප්රකසිද්ධ මුදු වෙරළ ගොඩ බටුයේය. ප්රනතාපවත් විර පුරුෂයෙක් ගල් පහුරකින් පැමිණියේ.යයි. රාව ප්ර්තිරාව විය. එහි දරිසි සේ වාසයට ප්රකසතාවාවසර නො ලැබුණේ ස්වල්ප දිනකින් රුහුණට ගමන් ගත්තේය. මේ තෙමේ තම සැරයටියෙන් දිය දෙබේ කොට වලවේ ගග මැණික් ගග ආදි ගංගාවරණය කලේ ලු මේ විර ක්රිවයා නිසා අලුත් නවාතැන් පොළ- එනම් කතරගම වාසයට රුකුල් ලැබුණි. එහි අධිපතියකු ගේ දියණියක් වු “වල්ලි අම්මා” භාර්යා තනතුරෙහි තබගෙන සිටියෙන් තන් ප්රයදෙශ වාසින් ගේ සම්මානය නො අඩුව ලැබුණි තෙජො බලධාරි කදිරවේල් නම් වු මේ විර පුරුෂයා පුජ්යොත්වයෙහි ලා සැළකෙන්නට වියත එ තෙම මළ පස “කතරගම දෙවි” යන නාමසම්මුතියෙන්සම්මානයටපත්විය.

  මහසෙන් (බෞද්ධ දේව) යනු ද ස්කන්ද කුමර (හින්දු දේව)යනු ද කදිරවේල් යනු ද විශෙෂත්වයක් නැතිව -අවිශෙෂයෙන් කල් යාමෙන් එක ම කතරගම දෙවියන් බවට රටේපිළිගැන්මෙන්පහළවිය*
             4.කබෝනිල-නිලකොබෝයනුඑළිය හා වාතය සඳහා කොබෝනිලයිසිටි.
              5.චන්ඩ -යෙදිමෙන් අර්ථ පරහැදිළි වේ. සැනසෙන්ට -සුරිඳුන්ට-යන්ට -යනු කථා ව්යිවහාරයත් එළියත් සළකා සැනසෙන් ඩ -සුරිඳුඩ -යන්ඩ -යි යෙදිණ.
     *දෙවුදරඉතිහාසය(116-120)
    2280 


21. ලොබලා කමිනි ඳින පල රස නොවන් කිස

             බ බ ලා ඉඳුමිණි සෙ සිකි එහි          තුරන්               හිස
             එබැලා නො  යව ගිය හොත් වෙයි  ගමන්               පස
             කුඹලා දෙණිය සිරි නරඹන්          එයින්                බැස

අන්වය;ලොබලා පල රස කමින් එහි තුරන්් හිස ඉදින් කිස නො වන් ඉඳු මිණි සෙ බබලා සිකි එබලා නො යව ගිය හොත් පස වෙයි.එයින්බැසකුඹලාදෙණියසිරිනරඹන්.

  අර්ථ;ලොභයෙන් රස ඵල අනුභව කරමින් එහි .තුරු මුදුන්හි ඉන්නා වු කාශ නො වු ඉන්ද්රනනිල මාණික්යනයන් සේ හොත් ගමන පමා වෙයි,එගසින් බැස කුඹලාදෙණිය නම් පෙදෙසේ සිරි නරඹන්න.

සංලක්ෂ්ය :1.කමිනි ඳින (කමින් +ඉඳින්)

              2. නොවන් කිස- කිස නො වන් කාශ නො වු ඵල රස බිදිමෙන් කෙටිටු නො වු -මහත දෙහෙත ඇත්තාවු.
              3.ගමන්පසවෙයි-ගමනපසු(පමා)වෙයි.
               4.කුඹ‍ලාදෙණිය-සිටිනාමලුව ගම්මුලාදැනි වසමට අයත්මේපෙදෙසඅදත්මෙනමින්පවති. 

22.බෙ ලෙන් සුරු වු විස්සම් සුර වැඳ අසල ක ළෙන් යුරු නෙ සිහ වහ සිතුයමිනු දුල පලෙන් පිරු කදුරු රුකවෙත හිඳ නොසල පොළොන් මරු වෙල ස සැදි අම්බලම බල අත්වය: සරලයි. අර්ථ;දේව බලයෙන් සුර වු විශවකම් දෙවියන් පැමිණිලා (සිත්) ආලයෙන් කළාක් වැනි වු නොළුක් සිංහ ව්යා ඝ්රි චිත්රලවලින් බබළන ආලය වැඩෙන සේ පලවලින් පිරුණු කචුරු ගස සමිපයෙහි වු පොළොම්මාරුවේ වෙල අසල සැදුණු අම්බලම බලන්න. සංලක්ෂ්යර:1.විස්සම් (විස්+කම්-විස්සම්)

               2.වග -(ව්යාවඝ්රම)

3. සිතුයමිනුදුල -(සිතුයමින්+ උදුල)‍ 4. පොළොම්මාරුවේ වෙල අසල(වෙලස-වෙල+අස) වු මේ අම්බලමේ නෂ්ටාවශෙෂ දැනුදු තිබේ මේය එකල (ගැල් යුගයේ -තවලම් සමයේ) මගින් ගේ ප්ර සිද්ධ නවාතැන් පොළකි.

   23 ගිම හිරු වන් දනන් එම                     මඩමටා පත
        පිවි තුරු කෙත ඹ එකෙණෙහි නොම කොටා               හිත
        ගන සුරු පත සලත වට රුක් වටා                                පත
        එ ඉසුරු දුටු ත සිතු නෙතු    සහතුටා                          වෙත
     අන්වය: ගිම හිරුවන් එ මඩමට පත පිවිතුරු කෙත ඹ එකෙනෙහි අහිත නො කොට ම ගනසුරු පත වට රුක් වටාපත සලත එඉසුරු දුටු ත සිත නෙතු සහතුටා වෙත.

අර්ථ:හ්රිතස්මයෙන් මිරිකුනු ඒ මඩම(අම්බලම) ට පැමිණි ජනයනට පවුත්රස වු කෙත් නමැති ස්ත්රිෙය එකෙනෙහි අහිත නො කොට ම නුග රුක් නමැති වටාපත ගන වු පවත නමැති අතින් අවට සලන කල්හි එම සැපත (සුබ ඓශවර්යය) දුටුවා වු තොප ගේ සිතු නෙතු සතුටු වෙත. සංලක්ෂය, 1. මඩමට-මඩමට යනු එළිය හා ජන්දස සදහා ය දිර්ඝ වුඅයේ.

          2.කෙත’ඹ -(කෙත්+අඹ)
           3. වට රුක් වටාපත -නුග ගස් නමැති වට අත්ත (විජිනිපත);වට යනු  නුග ගසට සංස්කාත නමයි.
         4.ගන සුරු පත-ඝනවු පවන හෙවත් මෙඝ නමැති අතින්.
         5.නොමස කොට හිත-(කොට+අහිත) අහිත නො කොට ම.
     6.සහතුටා -සහතුට යනු එලියත් වෘත්තයන් සඳහා දිඝි වු තැනි.


          24 තදනෙලෙනා ලෙල ලෙන තරඟින්                   නිතර 
              රැඳි දුලනා මුතු සක් පබළැ ති                              පතර
              නද කර නා දුටු දනමන සක්                             නිතර
             වදු -ගොසිනාලංගලු වැල්ලට                               මිතුර

අන්වය:අනාකුලයි.

 අර්ථ :තදසුළගින් (නෙලෙනා)නිතර ලෙළ දෙන රළ පතරින් රළ ලතරින් රැදි බබලන මහත් වු මුතු සක් පබළු ඇති (පබළැති) දුටු දනන් ගේ සිතු (මන)නෙතු (සක්) සතුටු කරන තංගලු වැල්ලට (ගොසින් වඳින්න) යන්න.

සංලක්ෂ්ය්;1.නෙලෙන.දුලන, කරන.ගොසින, මේ තැන් ජන්දස් හෙතුවෙනි දිර්ඝ වුයේ.

             2.තංගල්ල:මාතර සිට මයිල 21ක් නැගෙනහිරුන් වු ප්ර සිද්ධ නගරයෙකි.ඕලන්ද කාලයේ ආන්ඩුවේ ප්රැධාන ස්ථානයක් වු මේ අසල ය ආන්ඩුවේ ධාන්යා.ගාර (පත්තායම්)තුබුණේරංගල වෙහෙර යයි පතළ පැරැණි වෛත්යධය තුබුණේ දැනට තානායම අසල උස් බිම් මණ්ඩියක් වු කොටු ගොඩැල්ල නමින් යුතු පෙදෙසෙහිය රංගගලු /රංගල්ල/තංගල්ල විය යි මතයෙක් පවති මෙහි කල්ලු’යි වි “තංගල්ල”යනු එයින් වු බැවහර යයි ද කියති.

25 අත් ගිර නිවෙස පත් වු එවිට දිනිසුරු

            සත් ලොව එවිගසින් වන සෙයිනි                   ගනඳුරු
            වන් සය සුර මහත් තෙද පිහිට ගෙන                       සරු
           සිත් ලෙස නිද රුකක්අග නෙරළු                         පිවිතුරු

අන්වය: එවිට දිනිසුරු අත්ගිරි නිවෙස පත් වු සත් ලොව එ විගසින් ගනඳුරු සෙයිනි වන සරු වත් සය සුර මහත් තෙද පිහිට ගෙන පිවිතුරු නෙරළු රුකක් අග සිත් ලෙස නිද. අර්ථ: එකල්හි සුර්යයා අස්ත පර්වත නමැති නිවාසයට පැමිණි යට සත්ව ලොකය එක්ෂණයෙහි ඝනාන්ධරකාර පිණ්ඩයක් සේ වන විට ම පින් පැන ගුණයෙන් සරු වු මුහුණු සයකින් යුත් ස්කන්ද දේවයා ගේ මහත් තේජස පිහිධාර කොට ගෙන පවිත්රු වු නෙරළු රුකක් මුදුනෙහි සිත් සේ නිඳා ගනුව.


සංලක්ෂ්ය :1.දිනිසුරු (දින+ඉදුරු)දවසට ඊශවරයා ප්රවධානයා-දිනිසුරු, සුර්යයා යි.

               2.ගන ඳුරු (ගන+අඳුරු)

3.සිත් ලෙස නිද රුකක් අග නෙරළු විසිතුරුමෙන් නිද යනු සුඛාවබොධ නො වේ. නිදව (සුද්ධපාඨය-නිදව)නිදව රුකක ගනෙරළු පිවිතුරු”යි අනායාසයෙන් යෙදිය හැක. මේ කිවේ රැය ගතකළ මනා පිළිවෙළය. 26 යලි දිවසර පෙර ගිරි දෙරට වැද

     දිලි සරස වෙල දද බන්නෙද                                         එසඳ
     ඇලි සිටින සක නිදගැට හැර                                      පැහැද
      මැලි නොව ගුවන නැග යාගන්                                  සබදද

අන්වය;යුගමයි. අර්ථ:මිත්රිය නැවත සුර්යයා උදාගිරි පර්වතයට පැමිණ අරුණ වලා නමැති ධ්වජයන් බඳින්නේ ද (අඳින්නේ ද) එකල ඇලි සිටිනනිඳිගැට දුර හැරල‍ා මැලි (කම්මැලි) නොව පැහැදි අහසට නැගි යාගන්න. සංලක්ෂ්යන;1.දිවසර -සුර්යයා දවාල කරන්ටන් “දිවස

               2.පෙරගිරි දොරට -පුර්වත නමැති දොර (ද්වාරය.දොරටුව) ට. පෙරගිරින් හිරු උචාවන බවත් අවරගිරින් (අත්ගිරින් -අපර පර්වතයෙන්) අස්තයට බැස යන බවත් කවි සමයයි. 
              3.සරස වෙල දද බන්නේ දඑ සඳ-අර්ණ වලාහකනමැති ධ්වජයන් අදින්නේ ද එකල්හි; අරුණා ලෝකය නමැති කොඉි බඳින තැන හොත් අදින කල්හි ;හරස් (සරස් ) ගහ ළියව අදින වේලාව-කළු කපා එළිය යනු ගම්බුදු ව්ය වහාරයි


 27       පිය වෙල්ලේ තුළ මෙන් වසුදර                     පැහැද
             දිලිසිල්ලේ දවලින් පුලිනය නො                             මද
              සිතුලොල්ලේ  කෙරෙමින් දැක මිතුරු                     සඳ 
              යව වැල්ලේ පතයෙන් අරනනට                          වැද

අන්වය: වසුදර පැහැද පියවෙල්ලේ (අ) තුළමෙන් දවලින් නොමද දිලිසිල්ලේ පුලිවය සිතු ලොල්ලේ කෙරෙමින් දැක මිතුරු සඳ අරනතට වැල්ලේ පතයෙන් යව.

අර්ථ :මිහිකත (වසුදර) පැහැදි පාවාඩ ඇතුරුවාක් මෙන් සුදු පැහැයෙන් බොහෝ සේ (නොමඳ) දිළිසෙන වැල්ල සිතු ඇලුම් කෙරෙමින් දැකලා මිතුරු උතුම. වනයට වැදිලා වැල්ලෙහි වු මගින් (පතයෙන්-පථයෙන්)යව.
සංලක්ෂ්ය(;1.අරනතට -වනයට අරණ්යුයට අරන යනු (පාළි) අරඤ්ඤ හෝ (සංස්කෘත) අරණ්ය  යන්නෙන් බිදි එයි.

28 තවන මෙහි කතුන් පත් වු සඳ එදින

    කෙවන ඉගි ඇතතතෙපල‍ා සිතු                                  ලෙදින
     දෙවන රිසි මිහිරි පල කා මන                                     නදින
      පවන විද ළුවන පෙද යන් සකි                                    සඳින

අන්වය;අනාකුලයි. අර්ථ:එදින තොප ගේ වංශයෙහි (තවනමෙහි)ස්ත්රි න් (නිලකොබෝ ධෙනුවන්) පැමිණි කල්හි කොයි ආකාර අදහස් (ඉගි ඇත්ත සිත් වු ලෙස පිළිසඳරෙහි යෙදි (ඇලා විසින්) දෙන මිහිරි පලකා සිතු සතුටින් පවන් විද මිතුරු තුම ඒ වනයෙහි යාගන්න. සංලක්සෂ්යක:1.තෙපලා-කථා බස් කොට පිළිසඳරෙහි යෙදි අල්ලාප සල්ලාප බෙණෙමින්.

                  2.වනපෙද-වන ප්ර්දෙශය.මෙහි සිවු වැනි පදය “පවන විඳළුවන පෙත යව සකි සදින”යි යෙදුණි නම් නිරායාසයෙන්ම සුඛාවබොධවේ. පෙද-යනු දයොදනු නො බැරිය.


29 හඩා යන සිලිලයෙහි සමුදුර අතර

         විඩා නොව සිටින කුම්බිල මින්                                 පතර
         සඩා නත සුරිඳ් අණ සිහි කර                                    මතුර
        කුඩා තොටින් සබඳිනි යාගන්                                    එතර

අර්ථ;සමුද්රොයට ජලය නාද පවත්වා යන තන්හි (එනම් ගඟදියමුහුදට වදනා තැන-මෝදර )මහත් වු කිඹුලන් (කුම්බිල)හා මාලුවන් (මින්)ඉඩ නැතුව සිටින්නා වු (බොහෝ ගැවසුණු යනුයි) කුඩාතොට නම් ස්ථානයෙන් කතරගම දෙවි (සඩානන සුරිඳු) යන් ගේ ආඥ මන්ත්රසය සිහි කර එගොඩට යන්න. සංලක්ෂ්ය.;කුඩාතොට -අදත් එ පෙදෙස මෙනමින් ව්යගවහාරවේ. 30 කුම්බිල්ලේ සහ දැතිමෝරුන් තුතුර

     මන්ලොල්ලේ කර ලොදුරට එන                                තිතර
    තංගල්ලේ කර ගොදුරට එන                                         අතර
    කන්ඩුල්ලේ වන මැද යාගන්                                         මිතුර

අන්වය: අනාකුලයි. අර්ථ චතුර(තුතුර)වු කිඹුලන් හා සමඟ දැතිමෝරුන් සිත නසතුටු කොට නිතර ගොදුරු පිණිස එන තංගල්ලේ මෝදර පැන ගෙන (මෝදරින් එගොඩ වී)අතුරු,අන්තරායකට නො පැමිණ අතර මං නො වි (අතරනොව) මිත්රනය.කඩොල් වනය මැදින් යා ගන්න. සංලකය්දර ;1.තංගල්ලේ මෝදර -කිරම ඹය මුහුදට වදනා මුව දෙර.මෙ ස‍ඳෙස කල කිරම ඹය මුහුදට වැදුණේ මේ තැනිනි එහෙයිනි තංගල්ලේ මෝදරයයි පතළ වුණේ දැන් මේ පෙදෙස ‘මැඩිල්ල”නමින් බැවහර ව්. කිරම ඹය මුහුදට වදනා මෝසර මේ හරියට බටහිරිනි. ඒ ගංමෝදර පෙදෙස “මෝදර වැල්ල”නමින් ප්රයකට යි. 2.කන්ඩුල්ලේ වන -දැන් මෙ පෙදෙස ‘කඩොල් වාන ‘නමින් එයි. මෙය පිහිටියේ.රැකව කලපුවටත් මහ මුහුදටත් අතර රැකව බටහිර ගම් සිමාවෙහි ය. කඩොල් යනු ගස් වර්ගයකට

කියන නමකි ආන-යනු කැලය -වනය -යන අර්ථය. රත්මලාන (රත්මල් +ආන)යනාදි තන්හි මෙනි. කඩොල් කැලය-කඩොල් වනය යන අර්ථය “කඩොල් වාන”යන්නේ ඇති බව මෙයින් පැහැදිළි වේ. දුටු ගැමුනු රජු ගේ කණ්ඩුල (කඩොල් -කඩොල්)ඇතා මෙහි දි සම්හවු කියති. “තංතිත්ථසරතිරම්හ දිස්වාගුම්බන්තරෙධ්තං කණ්ඩුලව්හොබාලිසංකො රඤ්ඤො ආවික්ඛි තාව දෙ”† කඩොල් ඇතා විල් තෙරක දි හමු බව මෙයින් කියැ වෙ යි මේ විල අනෙකක් නො ව විශාල ජලාශයක් වු රැකව කලපුව යයි සිතිය හැක. “ඇතින්නක් රුණ මුද ළඟ කඩොල් කැලේ වදා දමා.............ගියාය. බිලි බා ඇවිදින කෙවුලෝ කඩොල් කැලේ ඉන්නා ඇත් පැටියා දැකලා රජ්ජුරුවන්ට‍ සැළ කළහ”*

       මේ කියන මුහුද සිමා කොට කඩොල්වාන පිහිට් හෙයින් හෙහි සඳහන් වු කඩොල් කැලේ කැලේ අනෙකක් නො වන බව කිව යුතුය.

පුරාණයේ කඩොල්වාන නිදහස් ඇත්ගාලක්ව තුබුණු බව ජන ප්රාවාදයේ එය. “මතවරණ ආරච්චි ගේ”යන පෙළපත් නාමය දරන්නන් අදත් රැක්ව සිටිම මෙයට හොද සාක්ෂියකි. “මතඟවිර පෙළේ අස ද මෙ අසළ සිටිති. ඇතත් පිළිබඳ රාජකාර්ය කළ අයගෙන් මොවුන් පැවත එන බව විශවාස කළ හැක. 31 ලවන් ජල’පිලිය කෙළනා මිනේ ගණේ

     ලෙසින් දිලි සිලිය රළ පෙළ තැ නේ                           තැනේ
     ගුවන් මග දිලිය මින් තොප ය නේ                               දිනේ
     පෙරුන් කල්ඵළිය සමු දුර මෙනේ                             පෙනේ

†මහාවාස22පරි;62ගා

  • රාජාවලිය 21පිට

අන්වය; ලවන් ජල ඉපිලිය කෙළනා මිනේ ගණේ තැනේ තැනේ රළ පෙළ ලෙසින් දිලිසිලිය පෙරුන්කල්එළිය. තොප ගුවන් මග යනේ දිනේ දිලියමින් සමුදුර මෙනේ පෙනේ. අට්;සමුද්ර ජලයෙහි (ලවන් ජල -ලුණු දිය,මුහුදු වතර)ඉල්පෙමින් ක්රිදඩා කරන්නා වු මත්ස්යන සමුහයා තැන් තැන්වල රළ පෙළ ලෙසින් (රංවු රංවු -හයින් භයින්)බබළන්නාවු පෙරුන්කල්ළුළිය නම් ජලාශය තොප ආකාශ මාර්ගයෙහි යන කල්හි දිළියෙමින් මුහුද මෙන් පෙනේ. සංලක්ය්ෙ ය; පෙරුන්ල්ළුළිය-වර්තමානයෙහි රුකුව කලපුව නම් වු මත්ස්යමයන් ගෙන් ගහණ දෙ දිය මිශ්රද ජලාශය යි මේ. අද විශාලජලාශයක්ව තිබෙන “රැකව කලපුව”ය මේ නමින් හැඳින් වුයේ. මෙහි එක් කොටසක් කුඹුරු වශයෙන් දඅනෙක් කොටස විල වශයෙන් ද තිබි කර දිය ගැළිය නිසා කුඹුරු පාලු වන්නට විය. පෙරුන්කල්ළුළිය නමින් දැක්වුණේ එම වෙල්ළුළිය-වෙල් යායයි. අද වෙල්යාය දකලපුවට ගොදුරැු විඇත. 32 ලොබය කර සිලිලයට එහි විත් සිදුව

     උබය පස සිටින ගජ ගිරි කුළු                                        බඳුව
     දඹය පොකුණ දැක මේලකුණැ ති                                රුදුව
    අබය වම මිතුර ගොස් රැකවට                                        වදුව

අන්වය;සිලිලයට ලොබය කර සිදුව එහිඇවිත් ලිරි කුළු බඳුව උබය පස මෙලකුණැති ැුදුව ගජ සිටින දඹය පොකුණ දැක මිතුර අබයව ම ගොස් රැකවට වදුව. අට්;දිය බිමට ලොහ කර ශිඝ්රඹව (සිසදුව;සෙසේ)එහි ඇවිත් පවත කුට (ගිරි තුළු) සමානව දෙපාර්ශවයෙහි මෙඝ ලකුණු ඇති (වැහිවලා ලක්ෂණවු හෙවත් කළු වන්) රෞද්රඝ වු ඇත් රළ සිටින්නා වු දඹයපොකුණ දැකලා මිතුර භය නො වි (අබයව නිර්හයව) රැකව නම් ගමට යන්න. සංලක්ෂව: 1සිලිලයට -දියබිමට ,පැන්පායට.සලිල-සදින් බුන් “සිලිල්-සිලිල”සද ජලය යන අර්ථය ගනි


                   2.දඹය පොකුණ-රැකව පන්සල නම් වු ජය මහා විහාරයෙහි නැගෙණහිර සීමාවේ පිහිටි මේ ජලාශය අද අඳුන් වන්නේ “පොකුණ”නමිනි.මෙහි ඉවුරේ අති විශාල දඹගසක් මැතක් වන තෙක් තුබුණු බැව් වෟද්ධයන්ගෙන් අසන්නට ලැබි තිබේ.දඹය පොකුණ යනු එබැවින් අන්වර්ථ නාමයෙකි.

3.රැකව-තංගල්ලේ සිට මයිල තුනක් පමණ නැගෙණ හිරින් බටහිරි ගිරිවා පත්තුවේ සමුද්රාලසන්නව පිහිටි ගමකි. තංගල්ල හම්බන්තොට පාරේ නටොල්පිටිය නම් ගමකි. ගොඨයිම්බර යොධයා ගේ ජන්මභුමිය යි මෙය. මෙහි වු මං සන්ධියෙන් දකුණට ගිය කල ැකවට පැමිනිය හැක. ජය මහා විහාරය නම් ප්රණසිද්ධ සිද්ධ ස්ථානය හා ආන්ඩුවේ පාසලද මේ ගමට උසස් මෙහෙයක් සිදු කෙරේ මාගමට ගිය පැරුනි පාරේ පිහිටි මෙහි රැකවලක් (කඳවුරක්-රක්ෂ) පිහිටි බවත් “රැකව”යන නාමය ඒ නිසා ම සිදු බවත් ජනප්ර්වාදයෙහි එයි. 33දෙතර ලෙලෙන ගිම් තුරු පලදා බරින

   පතර එපිළිබිඹු අහිගණ සරි                                            සිරින
  සතර තුනැ ස් සුර අණ මතුරා                                           දරින
 එතරයව සබඳකහඳා                                                  මෝදරින

අන්වය;දෙතර පලදා බරින ලෙලෙන ගිම් තුරු අහි ගණ සරිසිරින පතර ළුපිළිබිඹු කහඳාමෝදරින ළුතර සතර තුනැස් සුර අණ අදරින මතුරා යව.

අර්ථ;ගංඉවුරු දෙකෙහි  ඵලයෙන් බර වු ගිම් ගස්වල නයි රංවු වැනි පැතිරුණු පිළිබිඹු (ප්රෙතිබිබ -ජායා )ඇති කහඳාමෝදර නම් ගමින් ළුගොඩ (ළුතර)ට කතරගම දෙවියන් ගේ අණ ගුණ මතුරා යන්න.

සංලක්ය්ු ;1.සතර තුන් ඇස් -ඇස්දොළොසක් ඇස් දොළොසක් ඇති දෙවි එනම් ස්කන්ද දේවයි.(4×3= 12 ඇස්)

             2.කහඳාමෝ -තංගල්ල හම්බන්තොට පාරේ රන්නට නුදුරින් 130- 131 මයිල කණු අතර දකුණු දිගට වු ගම්සහා පාරේ මයිල21–ක් පමණ ගිය විට සම්භ වන සමුද්රාකසන්න මේ ගම නැගෙණහිරි ගිරිවා පත්තුවට අයිතිය.

පුජ්ය පැවිදි පඩිවරුන් කිහිප නමක් නිසා අදත් ප්ර සිද්ධ මේ ගමහි ආන්ඩුවේ පාසලක් ද තිබේ. කහඳාව,කහඳාදුව,කහඳ කැටේ යන මේවා ද කහඳා මෝදර අසල ය. ගාල්ලේ තල්පේ පතුතුවේ කහඳ නමින් ගමක් තිබේ. 34 සොල්ලා ඩායනෙන දනහට ලෙස පිදුව

    අල්ලා අතු අතින් දුම සත් වන                                     දෙ දුව
   කල්ලා වර වෙතෙහි පත් කල දින                                   රදුව
  තිල්ලා -වටවන සබඳිනි ගොස්                                         වදුව 

අන්වය ;ඩා සොල්ලා යනෙන දන හට වන දෙ දුව සත් අතු අතින් අල්ලා පිදුව ලෙස දිනරදු ව කල්ලා වෙතෙහි පත් කල සබඳිනි. තිල්ලාවටනට වදුව. අට්;ඩහදිය වගුරුවා යනෙන (යන+එන) ජනයාට වනය නමැති දෙව්දුව (දෙ දුව) විසින් (දුම+ද්රැජම) නමැති ජත්ර්යන් (සත්)අ3තු නමැති අතින් අල්ලා පුජා කළ ලෙස සුර්යයා අපර දිශා නමැති කාන්තාව (කල්ලා) ගේ සමිපයට පැමිණි කල මිතුර තිල්ලාවට වන (එනම් ගම) ට යන්න. සංලක්ය් ;1.තිල්ලාවයවන -මෙය කහඳාමෝදරට යාබඳ ව නැගෙණහිරින් පිහිටියේය. ගුරුපොකුණ ගම්මුලාදැනි වසමට ය අයිති .මෙහි නැමට හා බිමට වෙන් වු වැවු දෙක ශ්රිඅෂ්ම සෘතුවෙදි නියං සමයේ දි බොහෝ ප්රනයෝජවයි. ඉඳිකොස්ස වටවන, ඉලයන් ඇල්ලු වටවන.ඉස්සන් ඇල්ලු වටවන සේර වටවන ඉලයන් ඇල්ලු වටවන,ඉස්සන් ඇල්ලු වටවන සේර වටවන යන මේවා ද මේ අසලය. 2. දිනරදුව -එළිය හා ජන්දස් හෙතුව පිණිස වු ව කාරය විනිශ්චයාර්ථය ප්රුකාශ කෙරේ. 35 නිසා එදින බලමින් එහි තුරෙක සොඳ

     වසා නැවත චිනිසුරු එන කල                                       පිබිද
     සුසා රව දරා ත සිරස සවත                                              පද
     පසා රකර ගුවනට නැඟ යන්                                        සබඳ

අත්වව;සරලයි

අටි;එදින රාත්රි යෙහි (සිසා)එහි හොද තුක් -නිසි වෘක්ෂ යක් බලා -එනම් අරුණොදය වේලෙහි නින්දෙන් පිබිදි කතර ගම දෙවියන් ගේ පාදයන් ස්ට්ර ලෙස තා ගේ හිසේ දරා ගෙන (කතරගම දෙවියන් ගේ පා වැඳලා යන අර්ථයි) පියාඹමින් අහසට නැඟි යන්න.මිත්රෙය. 36කළ අටියේ සිදු රද සෙන් තරගින්ද

   එනු සැටියදකිමින් එහි                                             නරනින්ද
   කළ සැටියේ සැදි සිටි කුළු පෙළ                                    කන්ද
  කලමැටියේ මෝද  දකු                                              මිතුරින්ද

අන්වය;අනාකුල යි. අට්;කළාවු ඇලුම් ඇති -ඇලුම් කළාවු සමුද්ර (සිඳු) නමැති රජ සේනා නමැති රළ පෙළින් එන සැටි දකිමින් එහි රජු විසින් තැනුවා සේ සැදි සිටි පර්වත පෙළ සහිත කන්ද ඇති කලමැටි මෝදර මිතුරින්ද දර්ශනය කරන්න. සංලක්ය්ත ය; කලමැටියේමෝදර -හාතාගල ගම්මුලාදැනි වසමට අයිති ය. අදත් මෙ නමින් ම පවති .ලොක මහා සංගුාමය කල කලමැටියේ කලපුව ආකාශ යාත්රාෙ තොටුපලකි. පක්ෂින් ගේ අහස ස්ථානයකි. මේ කලපුව කව්විගල් ආර මුදට වැටෙන මෝදර මෙයයි. මේ තංගල්ල-හම්බන්තොට පාරේ133 මයිල කණුව සමිප මගින් දකුණට මුදු වෙරළ දෙසට -මයිල ------ක් පමණ ගිය විට මෙ ගමට පැමිණිය හැක. 37 සල්දෙල් දුට පසු නො බැස ම එක ලෙසින

    මුල් පුල් කොට සිඳ ලිය හැකි බල                                 දරන
    නිල්හෙල්බටමෙන්නිතිමදගජ                                     රඳන
ගල් මුල් ලට වැඳ සෙද යන් සකි                                       සඳින

අන්වය;සරලයි.

අට්;ලබුජ වාක්ෂයන් දුටත් පසු නො බැස ම එක ලෙසින් මුලින් උදුරා දමා (මුල්පුල් කොට -මුලොත්පාටනය කොට සිදැදැමියෙන් මන් ඇතුන් රඳන ගල්මුල්ල (නම් ගම) ට පැමිණ මිතුරු තුම වහා ම යන්න. සංලක්ය්ත ;1.මද ගජ -ඇතුන් ගේ ස්ථාන තුනෙකින් මද ගිලිහෙයි. දෙ කපොල හා කුම්භ ස්ථාන තුන ය. සොඩ අගවු දෙ සිදුර හා ලිංගය යන තුන් තැනින් මද වැහෙන බව ද පෙනේ .මද යුත් හස්තිහු නිතර චංචල වෙති. ඔවුන් ගේ මද යුගන්ධය අසා රොන් පිණිස මිමැස්සෝ පැමිණෙති. මද ගිලිහෙන ඇත්තු චණ්ඩ යෝය. 2.ගල්මුල්ල-කලමැටියට නැගෙණහිරින් වු මෙ ගම ද හාතාගල ගම් මුලාදැනි වසමට අයත්වේ. 3.සල් දෙල් -ලබුජ වෘක්ෂ රට දෙල් ගස් 38. රුදිරු පැහැති ජළ දිසි ලවන් රැසා

      මදුරා සියක ලු විල‍ඳෙවි ත යනු                                     අසා
     සොඳුරා එසිරි බලමින් තුටු කර                                 මනැසා
     ගැඹුරා කලින් ගොස් යලි ලුණුමට                              පිවිසා 

අන්වය;සුගම යි. අට්;ලේ පැහැය (රුදිරා +ලැහැ+ඇති )වු ජලසෙහි ලෙනෙන් නා වු ලුණු රාශිය (ලවන් රැස් )(කුමක් වැනි දයත්) තොප ගේ පැමිණිම අසා මි පැණි රැසෙක (මදු රාසියක-මධු රාශියක)දමු විලඳ සමානය. (විලඳ +එච්,නම් වි පොරි -ලාජා )සුන්දර වු ඒ සිරිය බලමින් සිතු නෙතු (මනැසා -මන+ ලාජා) සුන්දර වු ඒ සිරිය බලමින් සිතු නෙතු (මනැසා -මන+ඇසා )තුටු කර ගැඹුරා කලින් (එනම්ලේවායෙන් )ගොස් ලුණමට පැමිණෙව. සංලක්ෂ්යම;1.ගැඹුරා කලා -මේය පෙර ලේවායකි.දැනට කලපුව (දෙදිය මිශ්රත ජලාශය) කි මේ කලපුවේ මසුන් බහුලය.උසන් ගොඩටත් කතලමැටියටන් අතර සමුද්රාඹසන්නයේවු මේ කලපුවට දැන් “ජඹුරාකල”යයි කියති. 2. ලුණම; ලවණ (=ලුණු) ජලය සහිත පෙදෙසක් නිසා මේ ගමට ලුණම ය යි කියත් ලු. එයට යාබද ගම කිවුල නමින් ව්ය හාර වේ.

39 ග ත් කු ස තමන් ගිනි නිවනා ලෙස තොසය කෙත් අ ස -කට පිවිස බුදිමින් කැත් යසස ප ත් ලෙ ස විනම් ත කුල’ඹ කර අබිලසය සි ත් තොස කර යතුරු තර නැග නුබ කුසය

අන්වය: සරල යි.

    අර්ථ : තමා ගේ කුසයෙහි හට ගත් ගින්න (=සා ගින්දර) නිවන ලෙස සතුටින් කෙතෙහි පැත්තකට පැමිණි වී කරල් (=කැන් සසය සසය කැන් - ශෂ්යී මඤ්ජරින්) අනුභව කොට තොප ගේ කුලඟනක් (ත කුල ඹ - කුල+අඹ)එනම් කොබෙයි ධෙනුවක් පත්වී නම් අභිලාෂය පරිදි හැසිරි සිත සතුටු කර අහසට නැඟි යා ගන්න.
    40     කුරිරු පිසස් වැද විත් සිඳු   කුසින්                ගොඩ
             සිරුරු  එමස්  ගෙන’වුත් කළ ලෙසින්         ගොඩ
             රුදිරෙ’ව්  පස්  යලි බඳු රත්   කුසුන්            ගොඩ
             මිතුරෙ ත ඇස්  යොමු කර  බල  උසන්        ගොඩ 
  අන්වය:  කුරිරු පිසස් සිඳු කුසින් ගොඩ වැද විත් සිරුරු එමස් ගෙන අවුත් ගොඩ කළ ලෙසින් රුදිරෙව් යලි රත් කුසුම්ගොඩ බඳු පස් උසන්ගොඩ ත ඇස් යොමු කර මිතුර බල.
   අර්ථ  : ක්රෑමර වූ පිසාව (අමනුෂ්ය  වර්ගයක්) යන් විසින් සමුද්රත කුක්ෂියෙන් ස්ථලය (ගොඩබිම) ට ප්රෑවිෂ්ටාවතීර්ණව (මුහුදින් ගොඩ බිමට පැමිණිලා) (මරන ලද මනුෂ්යියන් ගේ) ශරීර මාංශය ගෙන අවුත් කඳු බැන්දාක් මෙන් ගොඩ ගැසූ ලෝහිත වර්ණ (ලේ පැහැය) වූ ද නැවත රක්ත කුසුම් (=රත්මල්) සමූහයක් බඳු වූ ද පාංශුයෙන් (=පසින්) යුක්ත වූ උසන් ගොඩ නම් ස්ථානය තොප ගේ ඇස් ඇරලා (මේ හොඳින් බලන්නට කියු සැටි යි) මිත්රේය බලව.

සංලක්ෂ්යලය: උසන්ගොඩ - චොළ (සොළා) දෙශයේ අධිපතීහු බොහෝ වාරයන්හි රොහණ ප්රොදේශයට විත් යුද කළහ. මානාකූල නුවර වූසූ ප්රොතාපවත් සිංහල රජ කෙනෙක් යුද්ධ නෞකා පිළියෙල


කොට මූදේ රැක සිට ශත්රැ සේනා පලවා හැරීමට ක්රයම යෙදුහ.මංග්රාත නම් අග මෙහෙසියක් හා උප මෙහෙසියන් හය දෙනකු ගේ ස්වාමියා වූ මේ රජ යුද්ධයෙන් පරාජිතව දිවි වැනයුණ හොත් රතු කොඩි ඹසවා නැවූ ආපසු එවන බව කියා තිබුණේ ය.

  මේ මුහුදු යුද්ධයේ දී සිංහල සෙනඟ ජය ගෙන පෙරළා එද්දී බිසෝවරුන් කෙබඳු තැනැත්තියන් දැයි පිරික්සනු සඳහා යුද්ධ නැවුවල අතු කොඩි ඹසවා ආවෝ ය. මේ දුටු මංග්රාු බිසොව අනෙක් බිසෝවරුන්ට දන්වා වලවේ ගඟේ ඇල්ලට පැන ස්වාමි ගෞරවයෙන් දිවි පිදි. අනෙක් බිසෝවරුන්ද ආභරණ ගලවා තබා එම ගඟුලැල්ලට පැන දිවි නසා ගත්හ. ඒ පුවත ජන කවියක මෙ සේ පැවැසේ.

මල් දම් කර පැළදි මංග්රාු බිසොවුන්නේ වල්ලන් තදින් සුළඟින් නික්ම එන්නේ මැරුණා සැබෑ ම යි රතු කොඩි පෙනෙන්නේ ඇල්ලෙන් පනින්නට නංගිල වරෙන්නේ

                                                                              (මංග්ර  හෑල්ල) 
   මාමඬල පෙදෙසේ වැටිය නම් ගමේ සිට මයිල දෙකක් පමණ දුරින් වලවේ ග‍ඟෙහි වූ මාබරණ ඇල්ල මේ බිසෝවරුන් පැන දිවි නසා ගත් තැනය යි කියති. රජ තෙමේ ද අබරණ අඳුනා. බිසෝ වරුන් දිවි නසා ගත් තැන බව ප්රබත්ය.ක්ෂ වී දියට පැන දිවි නසා ගතී. රජ මළ පසු යක්ෂයෙක් වී උස්සන්ගොඩ කන්දේ විසූ බව ජනප්රදවාදයෙහි එයි. උස්සන්ගේඩ අසල ගල් පොත්තේ මංගර මීමා ගේ අඩිය ය යි සලකන තැනක් ඇත. එය ගව අඩියකට සමාන සටහනකි.ගව වසංගත වලදී පට්ටි තොවිල් නටා මංගර හැලියේ පඬුරු ඹප්පු කරන සිරිතක් ද පැවැතේ. උසන්ගොඩ කන්දේ දරු මුර හැර වෙන වැවිලි නො වැවෙන බවත් කතරගම මෙන් තීන්නෝරු (=මකුළු වැනි පස් වර්ගයක්) පස් වර්ගයක් එහි පසෙක පිහිටි බවත් දැන ගන්නට ලැබුණි.
     කල් යාමක දී උසන්ගොඩ යක්ෂයා කළු කුමාරයා නමින් පතළ වූ බවත් යක් තොවිල් කාරයන් උසන්ගොඩින් ගෙනා දරුමුර (වැල් වර්ගයක්) ඹප්පු කර කළු කුමාර සමයම නටා ස්ත්රිරන්ගේ රොගවලදී


පෙළපාලි පවත්වන බවත් ප්රරසිද්ධ යි. දරුමුර උපත පිළිබඳ තොවිල් කවි වල මේ පුවත කිය වේ. උසන්ගොඩ බිසවු යි සඳහන් වනුයේ යක්ෂයා වූ රජු ගේ බිසෝවරුන් බව ද හැ‍ඟේ.

 41        වෙනුකිර’ඹා  අලලත සිරි       කතුන්               ලොලේ

පුලීනෙ’ලඹා තුළ මුතු සක් ලෙසින් දිලේ

  	නිති එලඹා    දන ගණ රැදි        තුටින්              කෙළේ

සිරි න රඹා යව සකි වැලිපටින් විලේ

 අත්වය:    වෙනු සිරි කතුන් ලොලේ කිර’ඹා අලලත අඹා තුළ මුතු සක් ලෙසින් දිලේ. ඵල පුලින එලඹා නිති තුටින් කෙළේ දන ගණ රැදි වැලිපටන්විලේ සිරි නරඹා සකි යව.
   අර්ථව :   විෂ්ණු දෙවයා ශ්රීටකාන්තාව කෙරෙහි ආලයෙන් ක්ෂිර සාගරය (=කිරඹ - කිරි+අඹ) කැලඹිම කරන කල්හි සයුර තුළ වූ මුතු සක් ලෙසින් දිළිසෙන්නා වූ සුදු වැලිතලාවට පැමිණ නිතර සතුටින් ක්රීසඩා කරන්නා වූ ජන සමූහයා රැදුණු වැලිපටන්විල ගම්වරයෙහි සිරියාව බලා සඛීන්ද්ර ය, යන්න.
    සංතක්ය්ව   :   1.  වෙනු කිර’ඹා අලළත සිරි කතුන් ලොලේ- විෂ්ණු දෙවයා කිරි මුහුද ඇලළු කල්හි ශ්රීදකාන්තාව ආදිය පහළ වූ බව මෙ සේ දැක් වේ.
           “ලක්ෂ්මිඃ කෞස්තුභ පිරිජාතක සූරා ධන්වන්තරීශ්චන්ද්ර මා’
             ගාවඃ කාම දුඝා සුරෙශවර ගජො රම්හාදි දෙවාංගනාඃ
             අශවඃ සප්ත මුඛො විෂං හරි ධනුඃ ශංඛො මෘතං චාම්බුධෙ
             රත්නානීහ චතුදර්ශ ප්රහතිදිනං කුර්වන්තු වො මඬ්ගලම්”
  ශ්රී”යාකාන්තාව, කෞස්තුහය, පාරිජාතකය, සූරා, ධන්වන්තරී, චන්ද්රන, කාමධෙනු, සුරෙන්ද්රල හස්ති, රම්හාදි දිව්යාතඬ්ගනා, සප්තමුඛ, අශව, කාලකූට විෂය, විෂ්ණුහු ගේ දුන්න, ශඬ්ඛය, අමෘතය යන තුදුස් රත්නයෝ පහළ වූහ.
           2.    පුලින ‘ල’ ඹා - (පුලින්+ඵල+අඹා) ඵල පුලිනඹා සුදු වැලි තලාවට එළඹ.
           3.      වැලිපටන්විල - තංගල්ල හම්බන්තොට පාරේ නෝනාගමෙහි මං සන්ධි දෙකකි. උතුරු දිගින් වූයේ රත්නපුරයට යන මාර්ගයේ සන්ධිය යි. දකුණු දිගින් වූ මාර්තයේ වැලිපටන් විලට මයිල එකකි. වැලි පටුනු විල - වැලිපටන් විල යන ග්රාටම නාමය එහි වූ විල හා සම්පන්ධයෙන් පහළ වූ බව පෙනේ. “වටවළ” යනුවෙන් දැන් භාවිත වනුයේ  රකී විලය.
           පුලිනතලාරාමය, ගංගාරාමය, යන විහාරස්ථාන දෙක ද ආන්ඩුවේ පාසල ද මෙහි දියුණුවට බෙහෙවින් උපකාර වුණි. ස්වදෙශ දෙශාන්තරයෙහි පතළ පැවිදි මහ පඬිරුවනක් නිසා වැලිපටන්විල යන නාමය ඉතිහාස ගත වූ බව කිව යුතුය.
      මේ ගම්වරය ද නැගෙණහිරි ගිරිවා පත්තුවට අයිතී ය.
   42      තුමුලේ  මහඟ’දුරු වන එය                  තුල්ලේය
             උ දු ලේ සරඟ පෙළ ලෙසිනි               විදුල්ලේය
             එ වි ලේ නවා ලු නම්                        සුවිසල්ලේය
             සියලේ සිරි නරඹ කර සිතූ                   ලොල්ලේය
       අන්වය  :  අඳුරු වන තුමුලේ මහභ එය තුල්ලේය විදුල්ලේය ලෙසිනි උදුලේ සරඟ පෙළ සුවිසල්ලේය. එතවාලු විලේ නම් සියලේ සිරි සිතූ ලොල්ලේය නරඹ කර.
        අර්ථස : අඳුරු වැනි වූ මහත් වූ ඇතුන් ගෙන් ද ඔවුන් අතුරෙහි විදුලිය ලෙසින් බබළන මුවන් ගෙන් ද ඉතා විශාල වූ තවාලූ විල නම් ගමෙහි සියලු සිරියාව සිතූ ආසාවෙන් බලව.
    සංලක්ෂ්ය  :    1.   (අ) දුරුවන - අන්ධකාරයට බඳු පැහැ ඇත්තා වූ එනම් අඳුරුවන් වූ

2. මතඟ - හස්තීන් (මාතංග-මතඟ) 3. විදුල්ලේය - විදුලිය 4. සරඟ - මුවන්

                  5.   තවාලු විල - තංගල්ල - හම්බන්තොට පාරේ නැඟෙණහිර ගිරිවා පත්තුවේ පිහිටි මේ ගමේ මුලාදෑනි වසමට බෙලිගලේ ගොඩ, එක්කස්ස, තවාලු විල ‍යන ගම් අයිතිය. තංගල්ලේ සිට දුර මයිල 17 කි. මෙහි සිට මයිල එකකි අම්බලන්තොටට.


43     ග ඟුල් බ ත් ත සිඳු කත ගිය     ඇලුම්                    කොට
         සි ලිල් ව ත් ත  මිදු වැනි කෙත් කලුන්                       දුට
         එ මල් පෙත්ත  මද හස පා      බැලුම්                      කොට
         කුහුල් විත්ත   නො ව වදු අම්බලන්                        තොට
  අන්වය :  සිඳු බත්ත ඇලුම් කොට ගිය ගඟුල් කත කෙත් කලුන් දුට සිසිල් වත්ත මිදු වැනි එමල්පෙත්ත මදහස පා බැලුම් කොට කුහුල් විත්ත නො ව අම්බලන්තොට වදු.
    අර්ථු : සමුද්රුය නමැති වල්ලභයා කෙරෙහි ආලය කොට ගියා වූ ගංගා ජලය නමැති සුත්රි ය ක්ෂෙත්රප නමැති කාන්තයක් දුටු කල්හි ජලය නමැති වස්ත්රරය මුදා ලුවාක් වැනි වූ ඒ මල්පෙත්තාව නම් ගම මඳ සිනා පාලා බලා සිතූ කල බල නො වී අම්බලන්තොටට යන්න.
  සංලක්ය්ට   :  1.  බත්ත - වල්ලභයා, ස්වාමියා.
                    2.  කලුන් - කාන්තයන්, සල්ලාලයන්.
                    3.  සිසිල් වත්ත - ජලය නමැති වස්ත්රසය.
                    4 . කුහුල් විත්ත - කුතුහල චිත්තය, කලබල නො වූ හිත. පාළි ‘කුතුහල’ හෝ සංස්කෘත ‘කෞතුහල’ යන්නෙන් “කුහුල”යි තද්භව වේ.

රම්යෙ වස්තු සමා ලොකෙ ලොලතාස්යාේත් කුතූහලම්” යනුවෙන් ප්රියයතම වස්තූන් ගේ දර්ශන ලෞල්ය ය කුතුහල - කුහුල බව ප්රයකාශ යි.

                   5.   මල්පෙත්ත - මල්පෙත්තාව නම් ගම.
                   6.   අම්බලන්තොට - මාතර සිට මයිල 40 කි. මෙ තැන් සිට මයිල 8 කි හම්බන්තොටට, වලවේ ගඟබඬ වූ මෙහි විශාල පාලමකි. නී කොබෝ  ස‍ඳෙස කල මේ පාලම සහිත මහ පාර නො තිබුණු බව පෙනෙණුයේ එහි ගමන් මඟ පාලමට බොහෝ පහළින් වූ තොටුපලකින් ගිය බව දැනෙන හෙයිනි. එ සේ නො වේ නම් වලවේ, මැඳ ගම ආදි ගම් ගමන් මඟින් බැහැර විය යුතුය. දියුණු වේගෙන එන වෙළඳ මධ්ය ස්ථානයක් වූ  මෙතැනිති මැලේකොලනි, බෝලාන , බැරගම, කොග්ගල යනාදි ගොවි ජනලදයට යන මං සන්ධිය. අරහන්ත පාරිභෝගික ස්ථානයක් වූ කරඹගලට ද ප්රධසිද්ධ අරණ්යර සේනාසනයක් වූ මුදුනාගලට ද යන්නේත් එකි මඟිනි.


44 ත ම න් සිරි පාන මෙන් ලක ඟන ලතර

          ස ම න් කුළ මුහුල විදහා කර		සතර
          නොහින්  දිසි මෙ වලගිය ගං තෙර	පතර
          එ යි න්  එකෙක සිරි පැයි දුටුහට	නිතර
 අත්වය  : අනාකූල යි.

     අර්ථන  :  ඉතා තරුණ වූ ලංකා නමැති සුත්රි්ය තමන් ගේ සිරියාව පෙන්වන්නාක් මෙන් සමනල කන්ද නමැති කෙස් වැටිය (=මුහුල) සතරක් කොට බෙදා හැරීමෙන් සීමා රහිතව දිළිසෙයි. මහත් වූ මේ වලවේ ගඟ ඒ ලක’ඟන ගේ කෙස් වැටි සතරෙන් එකෙක ශ්රීහ විලාසය දුටුවනට ප්රාකාශ කළා:
     සංලක්ය්ර  ය  :  සමන් කුළ - සමන්තකූටය. සමනොළ ගල. සමනොල කන්ද, ශ්රී: පාද කන්ද ඈ විසින් හැඳින්වෙන පරිශුද්ධත්වයෙන් අග්රල ගණ්යා වූ පර්වතය යි මේ. සමන් කුළ නමැති කෙස් වැටිය සතරක් කර මුදා හැරීමෙන් ය යි කීමෙන් සමනොළ කන්දෙන් ගංගා සතරක් ගලා බස්නා බව දැක් වී. මහවැලි, කැලණි, කළු සහ වලවේ ගඟ ඒ සතරය. වලවේ ගඟ සිවු කෙස් වැටියෙන් එකෙක ශ්රීග විලාසය ප්රළකාශ කළා යි මෙහි කීයේ එ බැවිනි.
      මේ පිළිබඳ වූ ජනකවියකි මේ.

“ලංකාවට හිමාල පරුවතේයා

                සතර දෙනෙක් වැදුවයි එක           කුසේයා
                ගණන් නැති වු දරුවෝ              මුනුබුරෝයා
                මුත්තා ළඟට මඟ බැසලා               ගියෝයා”

45 තුරු මලි ගිලී සුවඳව වැහෙන සිහිලැලී

          එහි තුළ ගිලී  නා පිරිසිදුව                               එමකලී
          ගොඩ නැඟ යලී  වැඳ දාගබට එහි                        දුලී
          නොව සිතූ මැලි ගඟ සිරි නරඹ                         මනකලී
    අන්වය  :   සරල යි.
     අර්ථන  :    වෘක්ෂයන්ගේ මල් ඉගිලි වැටීමෙන් සුගන්ධවත් ව බසින්නා වූ ශීතල ජලය ඇත්තා වූ ඒ වලවේ ග‍ඟෙහි ගිලි නාලා පිරිසිදුව එ වේලෙහිම ගොඩ නැඟ නැවත ඒ ගඟ අසල බැබළෙන දාගබට වැඳ අලස සිත් නැතිව සිත්කලු වූ ග‍ඟේ සිරියාව බලන්න.
   සංලක්ය්ඳ  ය  :  දාගබ - අම්බලන්තොට චෛත්ය්ය “ගිරිහඬු” දාගබ නමින් ප්රුකටයි. ගිරිඛණ්ඩශිව නම් වූ රුහුණු රට ආන්ඩු කළ ප්රාදදේශික රජෙක් මේ දාගබ කළේ ය යි ජනප්ර්වාදයෙහි පවතී.
       තපස්සු භල්ලුක වෙළඳ දෙ බෑයෝ ලක් දිව් බැස කෙස් දා කරඬුව ගෙන තුබූ තැනින් ගත නො හැකි වූයෙන් ළත වූහ. නැවත සොම්නස්ව දා කරඬුව වසා චෛත්යසයක් කළෝ ය. මේ අම්බලන්තේට චෛත්යාය එකී දාගබ යයි කියති.
   මේ හැර නැ‍ඟෙණහිරි ගිරිවා පත්තුවේ සමූද්රාසසන්නයෙහි වූ ගුරු පොකුණේ පුරාණ විහාරය, ගොඨපබ්බත විහාරය නමින් ද ප්රහකාර අම්බලන්තොට හම්බන්තොට අතරෙහි වූ දෙහිගහලන්දෙහි ගොඩව‍ායේ විහාරය, තංගල්ලේ මූදු වෙරළ බඩ තානායම සමීපස්ථ උස් බිම් මණ්ඩිය වූ පැරැණි රංගලු (තංගලු) වෙහෙර යන මේ තැන් ද කෙශ ධාතුව නිධාන ගත වූ ස්ථාන ලෙස ගරු බුහුමන් ලබති.
       මේ දැක්වුණු ස්ථාන පිළිබඳ  මතය අනාථ බවත් තිරියායේ සෙල් ලිපිය *එය සනාථ කරන බවත් අනාවරණය වී තිබේ. ඒ සෙල් ලිපියෙහි “තවුස් සහෝදරයන් ගේ කෙස් ද කරඬුව පිහිටි තැන කළ දාගබ ත්රිපකුණාමලයට උතුරු දිගින් වූ තිරියාය නමැති සමුද්රාාසන්න සිථානය බව”දැක්වේ.
   “කෙසේ ද නිදන් කළ තැන “ගිරිහඬු”නම් වෙහෙරක් වී ය”යි පූජාවලිය (12 පරි: ) කියයි.