Jump to content

නීල කොබෝ සන්දෙශය-ගමන් මඟ (iii)

Wikibooks වෙතින්
    73

ය ලි මෙමෙනේ දැක කරුණේ එම සඳිනේ

පි ළි ස ර ණේ සවතිඳුනේ ගෙන තදිනේ4

දි ලි යෙ මි නේ නැග5 ගුවනේ පැහැ නදිනේ

මැලි නොමිනේ යව රනිනේ සකි සඳිනේ


     74

තුරු පෙළ සෙවනැල්ල සැදි දවලේ’ව් වැල්ල

කෙළ කෙළ මිගතොල්ල දී කති ලිය පල්ල

සි රි ස ර මෙ සි ය ල් ල දැක සිතු කර ලොල්ල

ස බ ඳි නි එ අ ඳ ල් ල පසු කර නො ව මැල්ල


    75

සැටිය සරා සඳ වත ඉඳ මිණි ඇසින

තැටිය පුරා1 රන තන යුවලෙන් දිසින2

ග ටිය කරා අඟනන් විසු සිතු ලෙසින

වි ටිය වරා එලඹී යව සහ තොසින


    76

තමන බැඳි යන ප ත දී යුග පසින

සිහින හෙදි තුරු ලෙ ල දී නල හමන

එහි නො රැඳි වෙලෙවෙලෙදී ගොස් ගමන3

ඔ ය කි රි ඳි වෙතෙහි රැඳි හරු ගිමන


    77

පු ලී නයෙන් දිසි ජල තුළ බසිමින් ද

ගි ලී නා ත තුනු පිරිසිදු කරමින් ද4

වෙලී එතර සිට දුක් මුලු’පුට5 මින් ද

ය ලී නමදු තෙ විටක් කඳ කුමරින් ද


    78

පෙනෙනා සෙයින් තිස්සෙවු වෙහෙර නෙත් පුරා

ල බ නා ලෙසින්6 මතු මොක් සැපත සිත් යුරා

සො බ නා එතුප හිමි දෙස අවනත’ත් කරා

ගො සි නා වදු සබඳ විල අසල සිත් තරා


    79

පැහැපත ලකල් උවනත නෙත7 මුහුල් සිත

සියපත උපුල් සෙවෙල ද මුදු සිලිල් යුතු

හරයුත උදුල් බිඟු ලිහිණින් මෙවුල් ගත8

සිරිගත සියල් වරඟනක ගෙ එවිල් කත


    80

ඔ දේ හළ අසුර9 කඳ සුර හිමි තුතුර10

වැ දේ විසු සයිල ලෙණ පෙනෙනුය උතුර

සෙදේ සිඳ සැපත වෙයි නෙක රෝ අතුර

න දේ දියුණු කර එදෙසත් වඳු11 මිතුර


     81

දු ර ත් නු සෙයින් එහි පිහිටුනු දුමිඳ

තිරත් නය උදෙසමින් සිය1 සිතු පැහැද

සිරත් බැඳ එහිමි තුන් විටක ම නැමද

සුරත් දෙක2 දකුව ඉන් ගිය කල සබඳ


    82

ලෙස ඉ න් දු ගුණ සුරගුරු අසෙස

ද න රැ න් දු නිබඳ ම විලසින් සතොස

වැ ව බැ න් දු පෙදෙස සිරිසර දැක වෙසෙස3

අපොරොන්දු ව ම4 යව විසුමට සවස


    83

ය නේ සඳ තපන වෙත’වර දික් ඇසින

තැ නේ එක ම ලු මෙන් දහසක් රැසින

ගු ණේ දැරු සබඳ බල පැලදික් හියින

පෙනේ රිවි මඬල රත් යවටක් ලෙසින


     84

එවි ග ස එහි පිහිටි නිසි තුරකට5 එලඹ

බ ර ඇ ස සරණ ගෙන නිදමින් නො ව කැලඹ

එනු ලෙස, බලා සරසිය පෙරගිරි කුල’ඹ6

යන ලෙස ගමන සකි සඳ පැලඹෙව නිල’ඹ




73 ය ලි මෙ මෙනේ දැක කරුණේ එම සඳිනේ

      පිළි සර ණේ සවතිදුනේ ගෙන			තදිනේ
      දිලි යෙ මි නේ නැග ගුවනේ සකි			නදිනේ
      මැලි නොමිනේ යව රනිනේ සකි 			සදිනේ
    අන්වය  :  යලි මෙ මෙනේ කරුණේ දැක එම සඳිනේ සවතිඳුනේ පිළිසරණේ තදිනේ ගෙන පැහැ නදිනේ ගුවනේ නැඟ දිලියෙමිනේ දරනියේ මැලි නොමිනේ සකි සඳිනේ යව.
  අර්ථ   :  නැවත මේ ආකාරයෙන් කරුණු දැකලා එ කල්හි කතරගම දෙවියන්ගේ පිහිටාධාරය තදින් ඇර ගෙන පැහැයෙන් බබළන අහස් තලයට නැඟලා දිළියෙමින් තිබෙන වනයෙන් කම්මැලි නො වී මිත්රොලත්තමය යන්න.

74 තුරු පෙළ සෙවනැල්ල සැදි දවලෙ’ව වැල්ල

       කෙළ කෙළ මිග තොල්ල දි කති ලිය                පල්ල
       සිරි සර මෙ සියල්ල දැක සිතු කර                    ලොල්ල
       සබදිනි එ අදල්ල පසු කර නො ව                       මැල්ල
    අන්වය  :  අනාකූල යි.
     අර්ථන   :   වෘක්ෂ පඬික්තීන්ගේ සෙවණැල්ලෙන් සැදුණු සුදු වැල්ලෙහි ක්රි ඩා කෙරෙමින් මෘගයෝ තුඩු දී ලතා පල්ලව කති. (මුවෝ තොම්බ උස් කර ගෙන වැල්වල දලු කති යනු භාවයි) මේ සියලු ශ්රී් සාරය දැක-ලා චිත්ත ලොලය කොට සඛීන්ද්ර)ය, කම්මැලි නො වී අඳල්ල පසු කර ගෙන යව.
      සංලක්ය්ස  ය  :  අඳල්ල- කිරිඳි ඔය කරා දිය බිමට ඇතුන් පැමිණෙන ප්රහසිද්ධ මං කඩකි අඳල්ල මෙය මාගම් පත්තුවේ උඩුවිල ගම් මුලාදෑනි වසමට අයත් ගමකි.

75 සැ ටි ය ස රා සද වත ඉදුමිණි ඇසින

        තැ ටි ය  පු රා   රන තන යුවලෙන්	              	දිසින
        ග ටි ය   ක රා  අඟනන් විසූ සිතූ 		             ලෙසින
        වී ටි ය   ව රා  එලඹී  යව 		       සහතොසින
 අන්වය  :  සරා සඳ සැටිය වන ඉදු මිණි ඇසින රන තැටිය පූරා තන යුවලෙන් දිසින ගටිය කරා අඟනන් සිතු ලෙසින විසූ වරාවිටිය එලඹි සහතොසින යව.
   අර්ථය  :  සරත් කල්හි චන්ද්රවයා (=සරා සඳ) සමාන චක්ත්රරයෙන් ද ඉන්ද්ර  නීල මාණික්යි සමාන ඇස්වලින් ද රන් තැටිය වැනි ජයොධර යුවලෙන් ද දෘශ්යරමාන වූ කුඹල් ගැහැනුන් සිතූ වූ පරිද්දෙන් වුසු වරාවිටිය නම් ගමට පැමිණ සන්තොපයෙන් යව.
  සංලක්ය්ූ    :  1.  රන තැටිය පුරා - පූරිත ස්වර්ණ  මණ්ඩාක‍ාර වූ, පිරුණු රන් තැටි වැනි.
             2.   ගටියකරා - ඝටීකාර; කුම්භකාර, කුඹල්.
             3.  වරාවිටිය - උඩුවිල ගම්මුලාදෑනි වසමට මේ ගමත් අයිති ය.

76 ත ම න බැඳි යන පත දී යුග පසින

       සිහිනි ගෙදී තුරු ලෙලදී නල		හමන
       එහි නො රැදි වෙලෙ වෙලෙදි ගොස්	ගමන
       ඔය කිරිදී වෙතෙහි රැදී හරු		ගිමන
   අන්වය : සරල යි.
  අර්ථය  :  තොප මනො බන්දනය කොට ගමන යන මාර්ගයෙහි දෙපාර්ශවයෙහි වූ සව්ගෙන්ද වෘක්ෂයන් ලලිත වීමෙන් මාරුතය හමයි. එම මාර්ගයෙහි නො නැවතී ලීලා දානය කෙරෙමින් ගමනය කොට කිරිදි ගඟ සමීපයෙහි රැදිලා ග්රීනෂ්මය හැර ගනුව.
 77   පු ලී නයෙන් දිසි ජල තුළ		බසිමින් ද
       ගි ලී නා ත තුනු පිරිසිදු			කරමින් ද
       වෙ ලී එතෙර සිට දුක් මුලු පුටු		      මින් ද
       ය ලී නමදු තෙ විටක් කඳ		කුමරින් ද
  අන්වය  :  අනාකූල යි.
  අර්ථය  :  වැලිතලාවෙන් දිළිසෙන දියට බසිමින් ගිලි නාලා තොප ගේ ශරීරය පිරිසිදු කර ගෙන එතෙරෙහි සිට ශරීරය වියලා දුක් මුලින් උදුරා දමා නැවත කඳ කුමරිදුට තුන් වරක් වඳින්න.
      සංලක්ය්ද     :  1.. පුලීනයෙන් - වැලිතලාවෙන්, වැල්ලෙන්
                          2.  තුනු - තනු, ශරීරය
                          3 . වෙලී - (ශරීරය) වියලා
                         4. මුලු’පුට - (මුල් + උපුට) මුලොත්පාටනය කොට මුලින් උදුරා දමා.

78 පෙනෙනා සෙයින් තිස්සෙවු වෙහෙර නෙත් පුරා

       ල බ නා    ලෙසින් මතු මොක් සැපත              සිත්      යුරා
       සො බ නා  එතුප හිමි දෙස                      අවනත’ත්    කරා
      ගො සි නා  වදු සබඳ විල අසල                           සිත්     තරා
අන්වය :  තිස්සෙවු වෙහෙර නෙත් පුරා පෙනෙනා සෙයින් මතු මොක් සැපත සිත් යුරා ලබනා ලෙසින් සොබනා එතුප හිමි දෙස අත් අවනත කරා ගොසිනා සබඳ. සිත්තරා විල අසල වදු.
      අර්ථ   :  තිස්ස මහාරාම චෛත්යලය ඇස් පුරා පෙනෙන බැවින් මතු අනාගතයෙහි මොක් (=මොක්ෂ-නිවන්) සැපත සිත් වූ පරිදි ලබන ලෙසින් ශොභන වූ ථුප රාජයා දෙසට අත් නමා - වැඳලා ගොසින් මිතුර, සිත්තරා විල අසලට පැමිණෙන්න.
      සංලක්ය්ල    :  1..  තිස්සෙවු වෙහෙර - තිස්ස මහාරාම චෛත්ය ය. තිලෝගුරු මුනිදුන් වැඩ වදාළ සොළොස් මහා ස්ථානාන්තර්ගත තිස්ස මහාරාම චෛත්යගය හම්බන්තොට සිට මයිල 21 කට දුරින් තිස්ස වැවට දකුණු දිගින් පිහිටා තිබේ. මේ මහ සෑය නිසා ම නන් පෙදෙස ද තිස්ස මහාරාමය නමින් ප්රේසිද්ධ යි.
     මේ වනාහි රුහුණු රට රජ සිරි විඳි  මාගම් පුර වුසු කාවන් තිස්ස මිහිපලුහු විසින් එක් සිය විසි රියනක් උස් කොට තෙ සිය සැට රියන් වට ඇතිව ගොඩ නඟන ලද චෛත්යෙයකි. මෙය කරවන ලද වර්ෂයය නිශ්චය නො කළ හැකි නමුත් ශ්රී  බුද්ධ වර්‍ෂ 315-379 අතර කරවන ලදැ යි සිතිය හැක්කේ එම රජුන් ගේ රාජ්යාවනුශාසනා කාලය මෙකී වර්ෂක ද්වය අතරෙහි බැවිනි.
          මෙ‍ම සැයෙහි නම “තිස්ස” යනු යි. හමා ආරාමය වසා මෙකි චෛත්ය්ය කර වූ හෙයින් තිස්ස මහාරාම චෛත්යෙය ය යි නම් වී. මෙහි ආරාමයක් ඇති වූ පරිදි කෙ‍ සේ ද යත්? ප්ර ථම වරට මාගම් රාජාභිෂෙක ලත් මහානාග රජ තෙමේ මෙම චෛත්ය ය පිහිටුවා තිබෙන ස්ථානයෙහි මහා විහාරයක් කරවා එහි බුදුන් වහන්සේ ශක්රන භවනයෙහි පඬුපුල් අසුන්හි වැඩහුන් පරිදි නියම ප්රසමානයට ඝන රන් බුදුරුවක් කරවා එම පිළිමයෙහි නළල්හි ශ්රි්මත් ලළාට ධාතුන් වහන්සේ නිධාන කළේය. මෙ සේ තුබුණු විහාරය වසා තත් චෛත්යේය කාවන්තිස් නරනිදුන් විසින් කරවන ලදැ යි කියති. මහානාග රජ විහාරය කර වූ බවත් පසු කලෙක යට කී පරිදි ස්වණමය ප්රවතිමාව කරවා නළල් දා නිදන් කරවා චෛත්ය ය ද කැවුයේ කාවන්තිස් රජුන් විසිනැයි ද අසන්නට ලැබි තිබේ.
      “ලංකා ශිලාලෙඛන” * නමැති පොතෙත් ද මෙ තන්හි ප්ර ථම වරට විහාරය ඇති වූ බව පෙනේ , මේ ආදිය ගැන සළකා බලන විටත් තිස්සමහාරාම චෛත්යූයට පෙරවිහාරයක් තුබුණු බැව් තීරණය කිරීම යුක්ති යුක්ත ය.
      මේ සෑය කල් යාමෙන් වල් බිහිවී තිබී මින් සිය වසකට ඔබ්බෙහි එනම් ක්රිය.ව.1853 දී වේපතඉර සුමන නම් හෙරණ පාණක් විසින් දැන ප්ර‍තිසංස්කරණය ‘ඇරඹු බව පෙනේ, සර් හර්කියුලිස් ජෝජ් රොබට් රෙජබින්සන් (1866-1872) ලකිසුරුගෙන් ද අවසර ලැබ චෛත්යනය ප්ර තිසංස්කරණය ඇරඹූ ඒ හිමියෝ මරු වසඟ වූහ. අනතුරුව තිස්ස මහාරාම විහාර කාර්ය සිධක සමිතිය දෘඪතර උත්සාහ යෙන් ශ්රීසඝ්රා ලෙස නවකම් කරවා 1900 දී කොත් පැළදවිමේ උත්සවය අත්යනලඬ්කාරයෙන් සිදුකරන ලදී. දැනට චෛත්ය්ය වටා පවුරද සුදෝ සුදින් නිමවා තිබේ.
     ක්රි්. ව. 1917 වැන්නෙහි පොසොන් පුර පොහෝ දා චෛත්ය යෙහි අභිනවයෙන් පිහිටු වූ සෙල් ලිපිය විවෘත කරන ලදී. හේ මෙ සේ ය.
      “සිරි ගන සුගත් මුනි වසරින් තෙ සිය පසළොස් වනුයෙහි පටන්තෙ සිය එකුන්අසුවනුව දක්වා රුහුණු මහ දනව්වෙහි අග රජය කළ කාවන්තිස් නම් මිහිපල්හු විසින් මාගම් පුරයෙහි සිය නමින් කරැ වු තිස්මහ අරම්භි සෑසි මුනිරදුන් ගේ නළල් දා පිහිටුවා නිම වන ලද මෙම මහ දාගබ පිළිදග්ගනවුන් නො ලදින් ජර ලත්ව තිබී බුදු වසින් දෙ දහස් තෙ සිය අනුවක් පිරුණු සඳ වේපතඉර සුමන නම් හෙරණ පාණක් විසින් එහි නටු කොහොල් හරවා අරඹන ලද පිළිසකර කරණය තිස් මහ වෙහෙර කිරිය දී කොට නිමවා කොත් පළඳවන ලදි. වල්පිට මෙධඩ්කර ස්ථවිර-ජෝසොප් අර්නෝලිස් අමරසිංහ-චාර්ලස් ප්රමන්සිස් සුධීර ජයවික්රොම” යනු යි.
          නළල් දා සේරු වා විල මංගල මහා චෛත්ය්යෙහි නිධාන කරන ලදැ යි පත් පොත් හි පෙනේ. ලළාට ධාතුව මෙහිත් නළලෙහි හිස දෙසට පිහිටි ඉහළ කොටස - එනම් උෂ්ණීස ශීෂී ධාතුව සේරුවා විලත් නිධාන කරන ලදැයි ද සමහරු කියති. 
                 * lnscription in Ceylon By Dr. Muller
             2.    සිත්තරා විල - මෙයට සමහරු චිත්රාම විල යයි කියති එහෙත් ආණ්ඩුවේ ග්රා.ම නාම ලෙඛන යේ “සිත්තරා විල” නමින් පෙනේ. තිස්ස මහාරාමය කිරින්ද පාරේ යොධ කණ්ඩිය ‘අසල වූ’ විල සහිත මෙම පෙදෙස උතුරු තිහව ගම්මුලාදෑනි වසමට අයිතිය.
          කාක බොධිය (සද්ධර්මා ලංකාරයෙහි-කාක වස්තුවෙහි සඳහන්) චිත්රාම විල ඉවුරේ පිහිටි බවත් යොධ වැව හා චිත්රා  විල අදුරාතීතයෙහි එකාබද්ධ කරන ලද බවත් දැන ගන්නට ලැබී තිබේ.
79         පැහැපත  ලකල්  උවනත  නෙත 	        මුහුල්  සිත
             සිය ලත   උපුල්  සෙවල ද මුදු	        සිසිල්  යුත
             හර යුත  උදුල් බිඟු ලිහිණින්		       මෙවුගල් ගත
             සිරි ගත සියල්  වර’ඟනක ගෙ	         එවිල්  කත
  අන්වය  :  පැහැපත ලකල් සියපත උවනත උපුල් නෙත සෙවෙල ද මුහුල් මුදු සිසිල් යුත බිඟු හර යුත උදුල් ලිහිණින් මෙවුල් ගත එවිල් කත වරහනක ගෙ සියල් සිරි ගත.
 අර්ථි  :  ප්රඋභා ප්රාවප්ත වූ ශතපත්රහ නමැති වක්ත්රෛ ඇත්තා වු නිලොත්පල නමැති නෙත්රථයන් ඇත්තා වු ශෛචාල නමැති ධම්මිල්ල ඇත්තා වූ ජලය නමැති චිත්තය ඇත්තාවූ හෘඩ්ගාවලී නමැති මුක්තාභාරයෙන් යුක්ත වූ උජ්වලිත වූපක්ෂින් නමැති මෙඛලා දාම ග්ර හණය කළා වූ ඒ විල් නමැති කාන්තාව වරඟනක ගේ සකල ශ්රීුය ග්රාහනය කළා.
 සංලක්ෂ්යඟ  :  1.  මෙවුල් (මෙඛලා=මෙවුල්) මෙඛලාදාමය, මෙවුල්දම. මෙය බෝ පත්රුයක හැඩරුව ඇති ස්ත්රිසන් ගේ ඉන වටා සළුවට යටින් බැ‍ඳෙන පළඳනාවෙකි. මෙය වත් පොහොසත් කම් අනුව රන් ආදි ලොහයෙන් කොට මැණික් ඔබ්බා කරවතී.
  
     පැරැකුම්බා රජ මෙවුල් දම පැළැදි බව-
  “මුතුදැල් මෙවුලින් දඟ මින් පතරින් පද පංකජ රන් සළඹේ” (පැරැකුම්බා සිරිත 126) යි.කියා තිබේ. ඉතිරින් මෙවුල් දම පැළැදි බව යි රටේ සම්මත ය.
         2.  වරහන - වර (=උතුම් වූ) අඩ්ගනා - වරාඩ්ගනාය. එහෙයින් “වරඟන” යනු උතුම් ස්ත්රි‍ය යන අර්ථය ගනී. වාරාඩ්ගනා යනු ද “වරඟන”ය යි බිදේ. වාර යනු සංස්කෘතයෙහි සමූහ පර්යාය යි. සමූහයන් ගේ අඩ්ගනා - බොහෝ දෙනා ගේ අඩ්ගනා “වාරාඩ්ගනා” යි එහි අර්ථය “වෙසඟන” යනු යි.

80 ඔ දේ හළ අසුර කඳ සුර හිමි තුතුර

        වැ දේ විසු සයිල ලෙණ පෙනෙනුය	උතුර
        සෙදේ සිඳ සැපත වෙයි නෙක රෝ 	අතුර
         නදේ දියුණු කර එදෙසත් වදු 		මිතුර
    අත්වය  :  සුගම යි.
      අර්ථන  :  අසුරන් ගේ ඔද (=තෙජස) බින්දා වූ චතුර වු ස්කන්ද දෙව ස්වාමීන් වැඩ වුසු ගල්ගුහාව උතුරෙන් පෙනේ. නොඑක් රොගාන්තරායන් ශීඝ්රවව සිඳ දමා සැපත වීමට සන්තොෂය දියුණු කොට ඒ දිශාවට ද වඳින්න.
  සංලක්ෂ්යො :  1 .  වැදේ විසූ - වැඩ වුසූ
                     2.  සයිලෙණ - (ශෛල< සයිල) ගල් ලෙණ, ගල්ගුහාව.

81 දු ර ත් නු සෙයින් එහි පිහිටුනු දුමිඳ

       ති ර ත් නය උදෙසමින් සිය සිතු		පැහැද
       සිර ත්  බැඳ එ හිමි තුන් විටෙක ම		නැමද
       සුර ත් දෙක දකුව ඉන් ගිය කල		සබඳ
 අන්වය  :  අනාකූල යි.
 අර්ථය  :  එහි නුදුරින් පිහිටුණු බොධිය තෙරුවන් සිහි කරවමින් තම සිත පහදා හිසෙහි අත් තබා එහි ම සිට තුන් විටක් ම වැඳලා මිතුර, ඒ ස්ථානයෙන් ගිය කල නගරයා ගේ දෙ පාර්ශවය දකුව.
  සංලක්ෂ්යත  :  1. තිරත්නය-ත්රිවවිධ රත්නය, තුනුරුවන්, බුද්ධ, ධම්ම, සංඝ යනු ත්රි.විධ රත්නය යි.
   “හේ කවර අර්ථයෙන් “රත්න” නම් විය යත්? චක්රරවර්තී හට පාදුර්භූත වු චක්රරය චිත්රිතකාතචන බැවිනුදු මහාර්ඝ වන බැවිනිදු අතුල්ය  වන බැවිනුදු අලාමක සත්වයන් විසින් පරිභොග කටය්තු වන 

බැවිනුදු “රත්න”නම් වූවා සෙයින් මෙයිනුදු චිත්රි කෘතාදි ගුණයොගයෙන් “රත්න” නම් වේ. කි සේ ය යත්? යම් සේ චක්රොවර්ති හට චක්රල රත්නය ප්රාමදුර්භූත වූ තැන් පටන් ගෙනජනයෝ ගන්ධ පුෂ්පාදිය ගෙන යක්ෂ ස්ථාන භූත ස්ථාන නො ගොස් චක්රා රත්නය ම පුදත් ද එසෙයින් ම ලොකයෙහි බුදුන් උපන් තැන් පටන් මහෙශාක්ය් දිව්යන මනුෂ්යියෝ අන් හට පුජා සත්කාර නො කොට බුදුනට ම කෙරෙති. මෙ සේ බුදුහු විත්රිොකෘත වන බැවින් “රත්න” නම් වෙත්. මෙහි අචිත්රු වු ලොකයා චිත්ර කරනුයේ “චිත්රි්කාර” නම් වේ. යම් සේ චක්රු රත්නය මෙතෙක් කෝටි මෙතෙක් ප්රගකෝටි අග්ගි යනාදි විසින් අගය නො කොට හැකි වැ මහාරඝ වන බැවින් “රත්න” නම් වේ ද එසෙයින් බුදුහු යමක්හු ගෙන් පස් මිටකුදු පිළිගත්තහු නම් ඔවුනට මහත් ඵල මහානිශංසදායක වන බැවින් මහාර්ඝ වන බැවින් “රත්න”නම් වෙත්. යම් සේ චක්රැ රත්නය තුලනා කට හැකි අනෙකක්හු ලෙව්ගි නැති වන බැවින් “රත්න” නම් වේ ද එසෙයින් ම බුදුහු ශිල සමාධි ප්රිඥදි ගුණයෙන් තමන් හා තුලනා කට හැකි අනෙක් කෙනකුන් ලෙව්ගි නැති වන බැවින් “රත්න” නම් වෙත්. .................... මෙ සේ ම ධර්ම“ රත්නය සංඝ රත්නය ද විත්රි.කෘතාදි ගුණයොගයෙන් “රත්න” නම් වේ.

   එයින් වදාළහ.

“චිත්ති කතං මහග්ඝංව - අතුලං දුල්ලභ දස්සනං අනොම සත්ත පරිභොගං - රතනං තෙන පවුච්චතී”යි මේසෙයින් බුද්ධාදීහු “රත්න” නම් වෙත්.*

          2.  සිරත් බැඳ - (සිර+අත්බැඳ) ශීර්ෂයෙහි අඤ්ජලි බද්ධ කොට, සිරසෙහි ඇඳිලි බැඳ ගෙන, හිස මත අත් තබා.
           3.  සුරත් දෙක - දැනට අප්ර්සිද්ධ. යි. මෙ කල මෙ පෙදෙස වන ලතව ඇතැයි සිතමු.

82 ලෙස ඉන්දු ගුණ නැණ සුරගුරු අසෙස

        දන රැන්දු නිබඳ ම විලසින්	              සතොස
        වැව බැන්දු පෙදෙස සිරි සර දැක	             වෙසෙස
        අපොරොන්දු ව ම යව විසුමට                     සවස
                      *  ධර්ම  ප්ර දිපිකා


 අන්වය  :  සරල යි.
    අර්ථය  :  ගුනයෙන් චන්ද්ර යා වැනි වූ ද නුවණින් සුර ගුැු වැනි වූ ද සියලු ජනයා සන්තොෂාකාරයෙන් නිතර ම රැදුණු වැව බැන්දු නම් පියසෙහි ශ්රීා සාරය විශෙෂයෙන් ම දැකලා (=බලා) අප්ර‍මාද ව (=අපො‍රොන්දුව, පොරොත්තු නො වී - ප්ර මාද නො වී) ම සවස් කාලයෙහි විශ්රාපමයට (=නිමසුමට-ගිමන් හැරීමට) යන්න.
    සංලක්ය්ද    :  1 . වැව බැන්දු - බැන්ද වැව නම් වූ ගම් පෙදෙස. එළිය සඳහා බැන්දු (බැන්ද වැව - වැව බැන්ද - වැව බැන්දු) යි ලියා තිබේ. මෙ පෙදෙස ද වන ගත වී යයි සිතිය හැක.

83 ය නේ සඳ තපන වෙත වර දික් ඇසින

      තැනේ එක ම ලු මෙන්                   දහසක්    රැසින
      ගුණේ  දරු සබඳ බල පැල                  දික්      හිසින
      පෙනේ රිවි මඬල රත්                     යවයක්  ලෙසින
      අන්වය  :   තපනඅවරදික් ඇසින වෙත යනේ සඳ එක ම තැනේ ලූ මෙන් දහසක් රසින රිවි මඬල රත් යවටක් ලෙසින පැල දික් හසින ලෙනේ. ගුණේ දරු සබඳ බල.
     අර්ථන  :  සූර්යයා අපර දිශා නමැති දීර්ඝාක්ෂිය කෙරෙහි ගමනය කරන කල්හි (හිරු බස්නා සමයෙහි) එක ම ස්ථානයක බහා ලූ වාක් වැනි වූ සහස්රා රශ්මීන් යුක්ත වූ සූර්ය මණ්ඩලය රත් වූ යකඩයක් සෙයින් පශ්චිම දිශා මස්තකයෙක් පෙනේ ගුණේ ඇති ‘මිතුර, (එය) බලන්න.
 84     එ වි ග ස එහි පිහිටි නිසි තුරකට                    එලඹ
          බර ඇස සරණ ගෙන නිදමින් නො ව            කැලඹ
          එනු ලෙස බලා සරසිය පෙර ගිරි                    කුලඹ
          යන ලෙස ගමන සක් සඳ පැලඹෙව                නිලඹ

අන්වය  : අනාකූල යි.

  අර්ථ:   :   ඒ ඇසිල්ලෙහි එහි පිහිටි විසිතුරු වූ ගසකට නැඟී කතරගම දෙවිදු ගේ පිහිට (සිතිහි) දරා ගෙන කලබල නො වී සූර්යයා නමැති කුලාම්බිකාව (=කඅලඹ, කුල+අඹ) පෙර දිග අහසට එන ආකාරය බලා මිතුරු තුම, ඔබ ගමන යන ලෙසට (යෑමට) නිලාකාශය (නිලඹ, නිල්+අඹ) ට එළඹෙන්න.


සංලක්ය්  : 1. නොව කැලඹ - කලබල නො වී.

                  2.   සරසිය  -  සූර්යයා.
                  3 .    83 වැනි කවෙන් සැදැ වැනුමෙහි දැක්වුණේ 84 වැන්නේ දෙ වැනි පාදයෙන් සූර්යොදය වේලෙහි ගමන යාමට කී බව පැහැදිළි වේ.