නීල කොබෝ සන්දෙශය-දෙව් රජ වැනුම්

Wikibooks වෙතින්
Jump to navigation Jump to search

(එ) තවද සමස්ත සත්ත්ව ලොකA රොග දුඃඛාන්ධකාර විධ්වංශනයට ප්ර දීපාකාර වුB ද සකල සත්ත්ව චිත්තාභිමතාර්ථ් සිද්ධියට ස්ර්ර්ද්රැරම භද්ර ඝට වින්තාමාණික්යමයමාන වු ද කදිර ග්රාධම නම් දෙව ස්වාමීන් වහන්සේ ගේ රාජ දෙහ වර්ණනා ප්රාබන්ධයක් කෙරෙමි. මිතුරු එද තාC ශ්රාවණාලංකාර කර.

     116

නොහින්7 තෙදැති එහිමි ගෙ ස සිරස තෙවුන

රු ව න් කිරුළු සය8 රැස්9 විහිදී සිලෙන

ප ස න් ගන කනක කුළු සයකට පැමිණ10

කෙළින් නම්11 කෙසර රණ ස දෙනෙක් එමෙන

(සිරස)

    117

පසිඳ සවතිඳු ගෙ නිති හෙබු නලල සය

හරිඳු තෙන අඩක් ගල රිවි මඬල සය

එබඳ ගන කනක පට සයෙහිC විලසය

විහිදු කිරණ ස විදුලැතොත්12 එම ලෙසය

(නලළ)

   118

ප සි ඳු සවතිඳු ගෙ සක පිය පිට හෙලන

සි නි ඳු බැම සඟල පෙල මනකලD ලෙලෙනE

නෙතිඳු වරන් දකිමින පුබුදුව දුලන

එ යි දු ලොබින් බිඟු පෙල’වුත් වැනි කෙළන1

(බැම)


   119

එසු රිදු නේ පළ කළ දිග’ තෙ ද සි නේ

බර සවනේ දිලිසෙන ගෝඩු කෙලෙසිනේ

විසු වදනේ සිරිකල බලන වෙසෙසිනේ2

යෙදුරුවනේ කැටපත්3 දොලොස විලසිනේ

(තෝඩු)


   120

සොබමන් එ හිමි රන’කුසවන් ගහණ සය

ව ද න න් බුජ සයට ලොබවන4 රණ හසය

කි වි ඳු න් විසින් යෙදුවත් මේ සම බසය

මු නි ඳු න් හට සමකළ නිවටුන් ලෙසය

(නාසය)


   121

තෙද’ණින් දනන් රෝ දුක් සිඳ දුර හ ර න5

මහ සෙන් දේව හිමිහු ගෙ සවදන් දිලෙන6

නොවමින් අඩු තිබෙන හැම දින එක ලෙසින

ල ප සු න් සොමි මඬලක් ඇත් නම් එ මෙ න

(මුහුණ)


   122

වැ ඳ පුදකොට සිටින දන නිති7 ලොව සියලී

සෙද සැපතට8 යොදවන තෙදැති මන කලී

ම ද හස විට9 එසුරිඳු මුව සය උදුලි

ර ද10 ද්නිඳට කොකනද සයෙක සිරිසිලී

(මඳහස)


    123

අ නි ක් තෙදිනු’දුල හිමි දර අඩයටිය

නොදික් ව ම අදර දළ1 වැසෙමිනි2 සිටිය

අ ඩ ක් සුරත් වෙලකින් වැසෙමින් සිටිය

පෙ ලක් සඳහු දිලිසෙත් නම් එම සැටිය

(දත්)


   124

ම හ ත් තෙද යසස ගුණ බරණින්4 තෙවුන

ස ව ත් සුරිඳු ගේ ගෙලෙ සය නිති දුලන5

එ ක ත් කොට පිහිටුවන ලද ගන රනින

ම හ ත් ටැම් සයෙක සිරි ඉසිලිය නිතින

(ගෙලෙ)


  125

දිරි තර තෙදැ’ති කඳ සුරනිඳු ගෙ පැහැදිලී

මනහර උරතලා යුග සිනිඳු හැම - කලී

සිරි සර සතත විසුමට නො කර සිතුමැලී

පලකර තුබු දෙ රුවන් ඇඳෙක සිරි’සිලී

(උරතල)


  126

රතැ’ගිලි නැටි ලපුලු අල්ලෙව්6 නක කුමුදු

පැහැදිලි මිණි’බරණ බිඟු පෙල7 සිරිනි රැඳු

මන කලි එහිමි සඳහු ගෙ බර පන පසිඳු

සිරි සිලි සුරතුරෙක අතු දොලොසෙක රයිදු

(අත්)


  127

එ බ ර ඇසා සුරුවිරු වර8 හේම ගට9

සැ දු වි ල සා නැබ සර දිසි10 පේම කොට

නෙ බිඟු රැසා11 එන මෙන් සුසැ දීම වට

ද් ලි නි ව සා රොද එ හිමි ගෙ සෑම විට

(නැබ හා වසා රොද)


   128

නොවිත1 තෙද රැසින්2 හළ ලෙව් දුක් අඳුරු

හැම වර සතන් රැකි සම්මුක එසුර විරු

මන හර පිටු තලා නිති බබලන සොඳුරු

පැහැසර රුවන්මය වු පෝරුවෙක3 යුරු

(පිට)


129 ප ද සෙ ව ‍ නේ වන්දන4 දුක ඳුරු සියල

නි ම ව මි නේ වැඩ උන් යහන සිකිපිල

එ සු රි ඳු නේ මනහර වන් පුළුලු’කුල

නිති හොබනේ ම ය ලෙස රිය සක් උදුල

(උකුල)


 130

බ ර නු ව ණි න් යුතු5 එහිමි ගෙ පරසිද්ද

පි රුණු බෙලෙන්6 යුවලෙ’ව් වටොරටු සුද්ද7

ත රුණු රු ව න් රඹ පැල යුවලෙක් ඇද්ද

කරුණු එමෙන් පැවසුව මුත් සම වෙද්ද

(වටොර)


 131

ප ස න් සුරනිඳු ගෙ වජවන දන අටිය8

නි ති න් දුලන9 කෙන්ඩා යුවලෙහි සැටිය

රු ව න් තැඹිලි මල් යුවලක් වන10 අටිය

නොමින් විසිර සිටියොත් මදකට වටිය

(කෙන්ඩා)


 132

ව ර ත ර11 එහිමි කෙන්ඩා යුවලෙහි12 මුලින

එ ස ක ර අක් වටය13 දිලිහෙන නිසි ලෙසින

නොවිසිර රන් තඅඹිලි මල් යුවලක මුදුන

එ ස ත ර ලතැඹිලිය පල දිලි නම් එමෙන

(අක්වට)


   133

න ල දු ල දහ අකවට කෙමි පතැ’ඟිලිය1

නොමදු වැඳි සතන් බිඟු නක රොන් දිලිය2

ප සි ඳු සය වදන් සුරිඳු ගෙ පැහැදිලිය

එ යි දු යුග පත්ල දෙ පියුම් සිරිසිලිය

(දෙ පා)


  134

තෙද’ණින් දි නි ඳු බලයෙන්3 දිනු කුළ මදුරු

ය ස සි න් උ ලි ඳු නැණයෙන්4 යුත් සත් සයුරු

සමු වෙන් ප සි ඳු සොබමන් එසුරිඳු රුසිරු

කි ය මි න් කෙබඳු පඬුවන්5 නිම වේ ද සුරු

(උසස් බව)



එ) තව ද සමස්ත ලොක සත්ව රොග දුඃඛාන්ධකාර විධ්වංසනයට ප්ර දීපාකාර වූ ද කදිරග්රා්ම නම් දෙව ස්වාමීන් වහන්සේ ගේ රාජ දෙහ වර්ණපනා ප්ර්බන්ධයක් කෙරෙමි. මිතුර එ ද තා ශ්රහවණාලංකාර කර.

අර්ථර : යලිත් සියලු ලෙව් සතුන් ගේ රෝ දු්ක නමැති අඳුර නැසීමට ප්රරදීපය (=පහන) ක් වැනි වූ ද සියලු දෙනා ගේ කැමති අදහස් සිදු කර ගැනීමට කල්පවෘක්ෂ, භද්ර ඝට, චින්තාමාණික්ය යන මොවුන් හා සමාන වූ ද කතරගම දෙවියන් වහන්සේ ගේ ශරීරය වර්ණකනා කිරීමේ පද බැඳුමක් කරමි. මිත්රණය, එය ද ඔබ ගේ ශ්රඳවණයට ආභරණයක් කිරව. ( නිසි සේ අසනව යන අදහස යි.)

සංලක්ය්  : 1. සුරද්රැ ම- මේ සිතැඟි සම්පත් ප්ර.දානය කෙරෙන දිව්යක වෘක්ෂ යි. මේවා පසෙකි. 51 වැන්නෙහි 1 වැනි සංලක්ය්‍නමය බලන්න. 2. භද්ර ඝට : (=බඳුරු කළ ) ද සිතූ පැතූ සම්පත් ප්ර දාන‍ය කරයි. කරන බව ප්ර සිද්ධ යි. 3. චින්තා මාණික්ය - සිතුමිණ. ‍ෙම් මැණික ද සිතූ පැතූ දෑ ප්ර ධානය ක රන බව ප්ර සිද්ධ යි.

                 “සිතුමිණි  බඳුරු                           කළ 
                   කළබ තිළිණෙන් පසු                  කළ
                   පුරන දමන සුරතුක්                   දොළ 
                    තමා සුරතම  සුරතුරක්             කළ”යි  ගුත්තිල කාව්ය යෙහි දැක් වේ. සසඳන්න.

116 නොහින් තෙදැ’ති එහිමි ගෙ ස සිරස තෙවුන

       රු  ව න්    කිරුළු සය රැස්   විහිදී                           දිලෙන 
       ප ස   න්    ගන කනක කුළු සයකට                        පැමිණ
       කෙළින්      නම් කෙසර රන ස  දෙනෙක්                එමෙන
     අන්වය : නො  ගිම් තෙදැති එ හිමි  ගෙ ය  සිරස තෙවුන රැස් විහිදී දිලෙන රුවන් කිරුළු සය  පසන්   ගන කනක කුළු  සයකට පැමිණ රන කෙසර ස දෙනෙක් කෙළින් නම් එ මෙන.

     අර්ථ  : සීමාවක් නැති -අප්රකමාණ තෙජස් ඇති එම දෙවියන් ‍ෙග් හිස් සයෙහි බබළන රශ්මිය දිළෙන රනින් කළ ඔටුනු  සය (කෙසේ ද?)  සතුටුව ඝන  රන් රත්රන් පර්වග මුදුන්  සයකට පැමීණ ස්වර්ණ් වර්ණු සිංහයන් සය  දෙනෙක් ක්රීදඩා කරතොත් ඒ  වාගේ ය.

සංලක්ය්ඒ  : 1. නො හින් - “නොහිම්” යනු එළිය සඳහා නො හින් -යි යෙදී තිබේ. 2. තෙදැති (තෙද + ඇති)


117 ප සි ඳු සවතිඳු නිති හෙබු නලල සය

        හ රි ඳු    තෙන අඩක් ගල රිවි                     මඩල’සය
        එ බ ඳු    ගන  කනක ස‍යෙහි                          විලසය
        වි හි දු    කිරණ සවිදුලැ’තොත්  එම                ලෙසය 
                                                                                  (නලළ)   
       අන්වය :   සරල යි.
         
         අර්ථ  :  ප්ර සිද්ධ  වූ කතරගම දෙවියන් නිතර ශෝභමාන වූ   සය නලළ  රාහු විසින් අඩක් ගිලින ලද සූර්ය මණ්ඩල ය  සමානයහ. එවැනි  වූ සය නලළෙහි  බඳින ලද  රන්   නලල් පට සයෙහි ආකාරය  (කෙ සේ ද කීවොත් ? ) විහිදුණු රශ්මි ඇති විදුලිය  සයක් ඇතොත් ඒ අයුරු යි. 
    

සංලක්ය්ු  : 1. හරිඳු තෙන අඩක් ගල රිවිමඩල සය- හරිඳු තෙනනම් රාහු ය. රාහු අර්ධයක් ගිල්ලා වූ සූර්ය මණ්ඩලයක ස්වභාවය (රිවි මඬල+ අසය) ගත් බව කීමෙන් අර්ධ සූර්ය ග්රභහණයක් මේ බව කියයි.

රාහු නම් අසුර රාජයෙකි. ඔවුන් ගැන ගුරුළුගෝමීන් දැක් වූ සැටි මෙ‍ ‍ෙස් ය:- “හේ උස සාර දහස් අට සියක් යොජන, ඔහු බාහු අතුරු එක් දහස් දෙ සියක් යෙජන, බොල ස සියක් යොජන, හිස නව සියක් යෙජන නලළ තුන් යොජන, බැම අතුර පනස් ‍ෙයාජන, මුවය දෙ සියක් යොජන........................” රාහු විසින් චන්ද්ර් සූර්ය දෙදෙනා තමා වසඟයට ගන්නා බැව් බෞද්ධ මතය වේ. සූරිය පරිත්ත- චන්දම පරිත්ත බලන්න. 2. සවිදුලැතොත් - විදුලිය සයක් වෙත් නම්. (විදුලි + ඇතොත් - විදුලැතොත්)

118 ප සි ඳු සවතිඳු ගෙ සක පිය විට හෙලන

       සි නි ඳු    බැම සඟල පෙළ මනකල                    ලෙලෙන
       නෙතිඳු   වරන් දකිමින් පුබුදුව                                 දුලන
       එ  යි  දු   ලොබින්  බිඟු පෙළ’වුත් වැනි                 කෙළන
                                                                                      (බැම) 


      අන්වය :  පසිඳු සවතිඳු ගෙ සක පිය  හෙලන විට ලෙලෙන මනකල  සිනිඳු බැම සඟල  පෙළ දුල න නෙතිඳුවරන් දකිමින් එයිදු ලොබින් බිඟු පෙළ අවුත් කෙළනා   වැනි.
     
     අර්ථන : ප්ර සිද්ධ  වූ කතරගම  දෙවියන් ගේ ඇසි පිය  ගහන විට ලෙළදෙන සිත් ගන්නා වූ සිනිඳු වූ දෙබැම පේළි   පඬ්ක්තිය පුබුදුව දිළිසෙන ඇස් නමැති මහනෙල්  දකිමින් ඒවා කෙ‍ෙරහි ලොභයෙන් මීමැසි පෙළක්  ඇවිත් ක්රීකඩා කරන්නාක්  වැනිය.
   සංලක්ය්ව   : නෙතුඳුවරින් (නෙත් + ඉඳුවරන්) 11වැනි කවෙහි  1 වැනි සංලක්ෂ්යස   බලන්න. 

119 එ සු රි ඳු නේ පළ කළ දිග’ත තෙදසිනේ

       බ ර ස ව නේ      සිරිකල   බලන              වෙසෙසිනේ 
       වි සූ  ව ද නේ      සිරිකල බලන                වෙසෙසිනේ 
       යෙදූ රු ව  න්      කැටපත්  දොළස                 විලසිනේ
                                                                                   (තෝඩු)
    අන්වය: දිගත තෙද’සිනේ පළ  කළ  එසුරිඳුනේ බර සවනේ දිලිසෙන තෝඩු  කෙ  ලෙසින් වදනේ විසූ  සිරිකල බලන වෙසෙසිනේ යෙදු රවන්  කැටපත් දොළස  විලසිනේ. 

    අර්ථ  : දිශාන්තයෙහි තේජස පැතිර වූ  ඒ දෙවිඳු  ගේ  කන් දොළොසෙහි  දිළිසෙන  තෝඩු  කොයි විලස ද කීවොත් මුහුණෙහි  වාසය  කළා වූ ශ්රීව කාන්තා‍වගේ  බැලීමට  මෙන් යෙදු රත්රන්  කැටපත් (=කන්නාඩි  -දර්පණතල) දොළොසක් වැනි ය. 

සංලක්ය්්  : 1. දිගත (දිග+ ඇති) 2. වදනේ - වදන යනු වදනේ දීර්ඝ වූයේ එළිය හා ඡන්දය පිණිස ය. සුරිඳනේ, සවනේ, රුවනේ යි ද වූයේ එ ලෙස මැයි වදන, වක්ත්රය, මුඛ යන මේ ශබ්ද විශේෂයෙන් මුඛමාත්රවය ම ව‍ාව්ය වෙති. උපවාරයෙන් වක්ත්රත අර්ථ ය ද ප්රයකාශ කරත්. බ “වක්ත්‍ාන ෙස්යඋ වදනං තුණ්ඩමානනං ලපනං මුඛම්” (අමර කොෂ) යන මේ ශබ්ද වක්ත්රානර්ථ යෙහි බැව් මින් සුඛාවබොධ වේ. 120 කවේ වදනම්බුජ යන තන්හි වදන පරීක්ෂා කරන්න


“වදන් අමරසිනා........................”, “ එ වදන් අසමින් ම එළඳ....... යනාදී තන්හි වදන් - වචන ශබ්දයෙහි තද්භවවූයේ. 3.සිරිකල - ශ්රීී කාන්තාව මුඛයෙහි හෝ වක්ත්ර යෙහි වාසය කිරීමක් නැත. මුඛයෙහි වසනුයේ “සරස්වතී” (සරසවි) ය. එබැවින් මේ තෙ වැනි පදය “විසූ වදනේ සරසවි බලන වෙසෙසිනේ” යි යෙදීම ය උචිත.

සරස්වතී: “ඍග් වේදයේ  සරස්වතී නමින් හඳුන් වනුයේ වෛදිකාර්යයන්  දුටු  පඤ්ච මහා  ගංගාවන්ගෙන් එකකි. උස්  පහත් වෙමින් නිම් න භුමිය  කරා ක්ර්මයෙන්  ගලා  යෙමින් හදිසියේ  වැලි තලාවක වැදී  සැඟවී යන මේ නදිය දෙවඟනක්  මෙන්  ආර්යයෝ කල් පනා කළහ. මේ සරස්වතී නදී දේවතා දුවට ගැයූ  ගීත ඍග් වේදයේ දක්නේ ය. උස්  -  පහත් වෙමින්  ක්රගමයෙන ගලා  බැස්ම, බ එක  විට සැඟවී යෑම,  වාච් (=  වචනය) විෂයෙහි ද දක්නා ලද  බැවින් සරස්වතී නදිය ට ආරොපණ්ය  කළ දෙවත්වය ස්ත්රී  ලිඬ්ගික වාච්  ශබ්දයට ද  ආරොපණය කොට පසුව සරස්වතී   වචනයට අධිපති දෙවතා  දුවා වූවා ය.  සරස් වති‍ය ගේ  සම්භවය  පිළිබඳ ඉතිහාසය මෙ සේ වුව  ද,   කල් යත් ඇය ගේ  තත්ත්වය දියුණූ  වී ඈ ඥනයට ද, කලාවට ද අධිපති වූවා ය.  චතුර් වෙදයම ඇය සතු බැව් පෙන්වීමට ඇයට අත් සතරක් නිර්මාණය කළහ. ඥන සම්පත්තියේ සහ  කලා‍ සම්පත්තියේ අධිකාරීත්වයේ  සඬ්කෙත  වශයෙන් එක් අතක පොතක් ද, අනෙක් අතක වීණාවක් ද, ඇයට ගැන් වූහ. ඥන මාර්ග ය අත්ය්න්ත සුන්දර  බැව් පෙන්වීමට ඇය ශුභ්රහ වර්ණරයයි  ද, එ සේ ම   වාගිශත්වයේ  පාරයට ගිය බැව් පෙන්වනු පිණිස බ්රේහ්මයා ගේ මුඛයෙන් උපන්  බැව් ද, ඒ  බ්ර්හ්මයා ඇය ගේ  ස්වාමියා  බැව්ද කීහ.   ..............  

මෙ සේ සරස්වතිය ත්ත්වයෙවන් උසස් වූ පසු සියල්ලන් විසින් ඇය පිදිය යුතු වී ය. එබැවින් සරස්වතී පූජාව හින්දු ජීවිතයේ විශිෂ්ට අනාගතයක ලකුණු පවසන සිත් කාවදින උපහාරයක් වි ය. අලෞකික ඥනයෙන් ලෝකයේ පරම සෞන්දර්යය රසාස්වාදනය කරන කැමැති කවියා ද, සරස්වතී පූජාව කෙළේ ය. ............... හින්දු බලය මහායාන යටය ඇතුළු වීම සමඟ සර්ව විද්යා. රාඥිය වූ සරස්වතී ද, බෞද්ධ දෙවඟනක්ව මහායානයට ඇතුළු වූවා ය. ............... සිංහල සාහිත්යායේ 122 වර්ණසනා සහිත

ආදිම ග්ර න්ථය වූ සියබස් ලක‍රෙහි ආරම්භයෙහි ම දක්නා සරස්වතී පූජාව වැඩි දියුණු වී කුළුගැන්වී ගිය පරිදි මහනුවර රාජධානි සමයේ අවසාන භාගයේ ලියූ වද් කවි පොතෙන් පැහැදිලි වේ.”*

120 සොබමන් එහිමි රන’ කුසුවන් ගහණ සය

        ව ද න න් ‍  -බුජ සයට ලොබ වන රණ                   හසය
        කි වි ඳු න්    විසින් යෙදුවත් මේ  සම                      බසය
        මු නි ඳු න්    හට සම කළ නිවටුන්                       ලෙසය 
                                                                                    (නාසය)
   අන්වය:   හිමි  සොබමන් රන්  අකුසු වන්  ගහණ   සය  වදන්  අම්බුජ යසට ලොබ වන රණ හසය කිවිඳුන්  විසින් මේ සම  බසය යෙදුවත් මුනිඳුන් හට නිවටුන් සම කළ  ලෙස ය.
   අර්ථස : ඒ (දෙව) ස්වාමීන් ශොභමාන වූ රන්  අකුසු වැනි  නාසිකා සය (කෙ සේද? )   මුහුණූ නමැති  නෙලුම්  සයකට ලොභ වන ස්වර්ණම හංසයන්  ස දෙනෙකු  වැනි යයි කවීන්ද්ර්යන විසින් මේ උපමා  වචනය යෙදුවත් එය   බුදුන් වහන්සේට නිඝණ්ඨයන්උපමා  කළාක් වැනි ය. 
  
   සංලක්ය්ි   : 1. රනකුසුවන්  (රන් +  අකුසු) 
                    2.  වදනන්බුජ -  (වදන්+අම්බුජ = වදනම්බුජ)   චක්ත්ර  නමැති නෙලුම්  මල්ත එළි වැට සඳහා  වදනන්බුජ යි යෙදිණ.
                     3. නිවටුන් - නිඝණ්ඨයන්, බුදු  සමයෙන්  බාහිර   නිර්වස්ත්ර  තාපසයන්. 

121 තෙද’ ණි න් දනන් රෝ දුක් සිඳ දුර හරන

       ම හ සෙ  න්      දේව හිමිහු  ගෙ  සවදන්               දිලෙන
       නොවෙමින්       අඩු  තිබෙන   සැම දින               ලෙසින
       ල  ප සු   න්       සොමි   මඩලක් ඇත්   නම්          එමෙන
                                                                                      (මුහුණ)
     අන්වය: සරල යි. 
    
      *  ලක්දිව  මහා යාන අදහස්  (256 – 258  පිටු) 
 
    අර්ථ  : තේජස්   ඇඥා  බලයෙන්  ජනයන් ගේ රොග දුඃඛයන් සිඳ දමා දුරු කරන මහසෙන් දෙවියන් ගේ  නිතර බබළන මුහුණූ  සය ( ‍ෙකබඳු ද යත්?) අඩු නො වී  සැම දා ම එකාකාරයෙන් තිබෙන සස  ලපය  නැති චන්ද්ර  මණ්ඩලයක් ඇත්නම් ඒ  වාගේ  ය.
    සංලක්ය්බ   :  තෙදණින්  (තෙද + අණින්) 

122 වැ ඳ පුද -කොට සිටින නද නිති ලොව සියලී

      සෙද   සැ ප ත  ට    යොද    වන  තෙදැ’ති මන              කලී
      ම  ද   හ ස   වි  ට    එ සුරිඳු මුව සය                             උදුලී
      ර  ද    දි නි  ඳු   ට    කො කනද සයෙක                    සිරි’සිලි
                                                                                      (මදහස)
 අන්වය:  නිති  වැඳ  පුද කොට සිටින ලොව සියලී  දන  සෙද සැපතට  යොදවන  තෙද ඇති  මනකලී  එ  සුරිඳු උදුලී මුව  සය මදහස විට දිනිඳු රදට කොකනද  සිරි   ඉසිලී.
  අර්ථ  : නිතර  වැඳුම් පිඳුම් කොට සිටින ලොව සියලු ‍ජනයන් වහා  සැපතට යොදවන තෙජස් ඇති සිත්කලු වූ එම දෙවියන්  ගේ  බබළන  මුඛ සය මඳ සිනාව  (=   මඳ හස, හාස්යඛය) පාන විට සූර්යයා (=දිනිඳු රද )  ට රත් නෙලුම් (= කොකනද) යසක්  හුගේ  සිරියාව ඉසිලී ය. 
  
  සංලක්ය්ළ   :   කොකනද- ශබද  රක්ත  පද්ම   වාචික වේ. 

“ පදුමං යථා කොකනදං සුගන්ධං පාතො. සියා ඵුල්ලම විත ගන්ධං

                අංගී රසං පස්ස  විරොවමා නං”  

( යම් සේ අලුයම පිපී සිටි කෙ‍ාකනද නම් වූ රත් නෙලුම් (=පියුම්) තොර නැතිව සුවඳින් යුතු ව දිළේ ද එ සේ ම සිල් සුවඳින් තොර නැතිවැ අහසෙහි බබළන හිරු මෙන් ‍ වොරදනා අංගීරසයන් (=බුදුන්) වහන්සේ බලව.)

“අථ කොකනදං රක්ත කුමුදෙ පංකජෙ” (මෙදිනී කොෂ )

‍  ‍ 

123 අ නි ක් තෙදිනු’දුල හිමි දර අඩයටිය

      නොදික්   වම අදර  දළ  වැසෙමිනි                        සිටිය
      අ  ඩ ක්    සුරත්   වෙලකින්  වැසෙමින්                 සිටිය
      පෙළක්    සඳහු  දිලිසෙත්  නම් එම                      සැටිය
                                                                                        (දත්) 
  අන්වය:   අනික්   තෙදින්  උදුල  අඩයටිදර හිමි නෙ‍ා දික්ව ම  අදර වැසෙමිනි සිටිය   දළ  සුරත්  වෙලකින් අඩක් වැසෙමින්  සිටිය  සඳහු පෙළක්  දිලිසෙත්  නම් එම  සැටිය.  
  අර්ථ  :   අනෙක තෙජසින්  බබලන  ස්කන්ධ  ‍දෙවියන් (= අඩයටිදර හිමි) ගේ දික් නො වූ තොල් (=අදර)   පෙළින්  වැසෙමින් සිටිය  දත් පෙළ  ඉතා රතු  වලාතුළෙකින්  අඩක්   වැසී  ගියා වූ චන්ද්රපයන් පේළියක් දිළිහෙත්  නම්  එ  ආකාර යි.
‍

124 ම හ ත් තෙද යසස ගුණ’ බරණින් තෙවන

        ස ව ත්    සුරිඳු   ගේ ගෙලෙ සය නිති                     දුලන
        එ කත්     ‍කොට  පිහිටු වන ලද  ගන                    රනින
        ම හ ත්     ටැම්  යසක  සිරි  ඉසිලිය                      නිතින
                                                                                     (ගෙලෙ)
       අන්වය:  අනාකූල යි. 
       අර්ථය :   මහත් වූ තේජස  කීර්තිය ගුණය   යන මේවා නමැති ආභරණයෙන්  බබළන  කතරගම දෙවි‍යන්  ගේ  නිතර  දිළෙන ග්රීබවා (=ගෙලෙ, බෙල්ල)  සය (කෙ සේ ද?) ගන රනින් එක් කොට පිහිටු වන ලද  විශාල හෙවත්  උදාර  වූ කුළුණූ  (ටැම්-ස්ථම්භ)   සයක සිරිය නිරන්තරයෙන් ඉසිලී ය.

125 දි රි ත ර තෙදැ’ති කඳ සුරනිඳු ගෙ පැහැදිලි

         ම න හ ර    උරතලා යුග සිනිඳු                     හැමකලී 
          සි රි ස ර    සතත විසුමට නො  කර             සිතුමැලි
         ප ළ ක ර     තුබූ දෙ රුවන්  ඇඳෙක              සිරි’සිලි
                                                                                (උරතල)
  අන්වය: දිරි තර තෙද ඇති  පැහැදිලි කඳ සුරිනුඳු ගෙ හැමකලී සිනිඳු මනහර උරතලා යුග (කෙබඳු ද?)  සිරිසර  සිතුමැලි නො කර සතත විසුමට  පළ  කර තුබූ දෙ රුවන් ඇ‍ඳෙක සිරි ඉසිලී.


      අර්ථ  : දෘඪතර තෙජස් ඇත්තා වූ ප්ර භායෙන් දිළිසෙන තකතරගම දෙවියන් ගේ සියලු කල්හි සිනිඳු වූ මනහර  වූ දෙවුර (උරතලා යුග) (කෙබඳු ද?) ශ්රීෙ කාන්තාව (=සිරිසර ) සිත අලසකර නො ගෙන නිතර වාසයට පිළියෙල කොට තුබුණු රන් ඇඳන් දෙකක ශොභාව ඉසිලී ය. 

126 රතැ’ඟිලි නැවී ලපලු අල්ලෙ’ව් නක කුමුදු

       පැහැදිලි    මිණි’බරණ  බිඟු පෙළ සිරිනි                     රැදු
       මනකලි     එ හිමි සඳහු ගෙ බර පන දෙ‍ාලොසෙක    පසිඳු
       සිරි’සිලි     සුර තුරෙක අතු දොලොසෙක                  එයිදු 
                                                                                           (අත්)
  අන්වය:  රතු ඇඟිලි නැටී අල්ලෙව් ලපලු නක කුමුදු  පැහැදිලි මිණී අබරණ බිඳු පෙළ සිරිනි රැඳ මනකලී එ හිමි සඳහු ගෙ  බර පන පසිඳු සුරතුරෙක අතු දොලොසෙක සිරි ඉසිලි.
  අර්ථ  : රතු ඇඟිලි නමැති නැටි ඇති අල්ල නමැති (= අල්ල + එව්) ලා දලු (ළපලු) ඇති නිය (=නක- නබ) නමැති  මල් ඇති බබළන (පැහැදිලි) මාණින්යාිභරණ නමැති  මීමැසි සමූහයා ගේ විලාසයෙන්  රැඳුණු සිතිකලු වූ ඒ (දෙව)  ස්වාමීන් ගේ අත් දොළොස  ප්රුසිද්ධ දිව්යා වෘක්ෂයක අතු දොළෙසෙක සිරියාව ඉසිලී ය.

127 එ බ ර ඇසා සුර විරු වර හේම ගට

       සැදු  විලසා    නැබ සර දිසි පේම                  කොට‍
       නෙ බිඟු රැසා එන මෙන් සුසැදිම                      වට
       දිලිනි වසා       රොද එ හිමි ගෙ සෑම                 වීට    
                                                                (නැබ හා වසා රොද)
  අන්වය : වර සුරු විරු එබර ඇසා නැබ සර පේම කොට හේම  ගට සෑදූ විලසා දිසි එ හිමි ගෙ වසා රොද නෙ බිඟු රැසා අවට එන මෙන් සුසැදිම සෑම විට දිලිනි. 

  අර්ථම : උතුම් වූ  සූර වීර වූ ස්කන්ධ දෙවියන් ගේ  නාභිය (=නැබ) නමැති පද්මය (=සර) ඇලුම් කොට ස්වර්ණය ඝටය (=හේම ගට- හේම ඝට, රන් කළස)  කින් කළාක් සේ පෙනේ. ඒ දෙවියන් ගේ  රෝම රාජිය (=වසා රොද) නොඑක් මීමැසි සමූහයා අවට එන මෙන් මනාව සෑදී සෑම විට ම දිළිණි.

126 වර්ණ නා සහිත

128 නොවිතර තෙද රැසින් හළ ලෙව් දුක් අඳුරු

       හැ ම ව ර    සතන් රැකි  සම්මුක එසුර                       විරු
       ම න හ ර     පිටු තලා නිති බබලන                      සොඳුරු
       පැහැස  ර    රුවන්මය වූ පෝරුවෙක                        යුරු
                                                                                        (පිට)
   අන්වය: නොවිතර තෙච රැසින් ලෙව් දුක් අඳුරැ  හළ හැමවර සතන් රැකි සොඳුරු සම්මුත එ  සුර විරු නිති  බබලන මනහර පිටුතලා‍ පැහැසර රුවන්මය වූ පෝරුවෙක යුරු.
  අර්ථ  : බොහෝ වූ තෙජො රශ්මියෙන් ලොකයා ගේ සොඳුරු දුඃඛාන්ධකාරය දුරු කලා වූ හැම කල්හි සත්තවයන් රැක්කා වූ සොඳුරු වූ  ෂන්මුඛ දෙවියන් ගේ නිතර බබළන මනහර වූ පිට පෙදෙස පැහැයෙන් සරු වූ රනින් කරන ලද්දා වූ පෝරුව (=ලෑල්ල) ක් වැන්නේ ය.

129 පද සෙ ව නේ වන්දන දුක’ඳුරු සියල

       නිම    වමිනේ   වැඩ උන් යහන                        සිකිපිල
       එ සුරිඳු නේ මනහර වන්                               පුළුලු’කුල
       නිති හොබනේ  -මය ලෙස රිය සක්                       උදුල
                                                                                   (උකුල) 
 අන්වය: පාද ඡායාව (=පද සෙවණේ) වැන්දා වූ  සියල්ල ගේ දුක් නමැති අඳුරු නිමා කරමින් හයුර වාහනරූඪව වැඩ සිටි ඒ දෙවිඳු ගේ  මනොහර වූ පුළුල් උකුල රථ චක්ර යක් (=රිය සක්) ලෙස නිතර හොබනේ (=බැබළේ) ය.

130 බ ර නු - ව නි න් යුතු එහිමි ගෙ පරසිද්ද

       පි රුණූ    බෙලෙන්    යුවලෙව් වටොර‍ට                සුද්ද
       ත රුණු    රු ව  න්     රඹ පැල යුවලෙක්                ඇද්ද
       කරුණූ     එ මෙ න්   පැවසුව මුත් සම                   වෙද්ද
                                                                                    (වටොර)


   අන්වය: බර නුවනින් යුතු පරසිද්ද එහිමි ගෙ බෙලෙන් පිරුණූ එව්  ඉද්ද වටොර යුවලට තරුණ රුවන් රඹ පැල යුවලෙක් ඇද්ද එමෙන් කරුණූ පැවසුව මුත් සම වෙද්ද ? 
   අර්ථ  : ඇස් දොළොසකින් යුත් ප්රෙසිද්ධ වූ ඒ දේව ස්වාමීන් ගේ බලයෙන් පිරුනාක් වැනි වූ සෘජු වූ දෙ වොටර (=කලවා) ට  තරුණ වූ රත්රන් කෙසෙල් පැල දෙකක් ඇත් නම් ඒ අයුරින් උපමි කළ යුතු ය යි කීවත්  සමාන වෙත් ද? (නැත.) 
 සංලක්ය්ප  : 1. පරසිද්ද - ප්ර සිද්ධ යන්නෙහි ගමේ ගොඩේ බැවහරය (ග්රාෂමීය ව්යුවහාරය) “පරසිද්ද” කියා යි.
                 2. ඇද්ද - (ඇත්ද - ඇද්ද) 
                 3. වෙද්ද - (වෙත් ද- වෙද්ද) 
                 4. වටොර (වට+ උර) 

131 ප ස න් සුරනිඳු ගෙ වඩවන දන අටිය

      නි  ති න්      දුලන කෙන්ඩා යුවලෙහි                       සැටිය
      රු ව   න්     තැඹිලි  මල්  යුවලෙක් වන                      අටිය
      නොමින්      විසිර සිටියොත් මදකට                           වටිය
                                                                                   (කෙන්ඩා)
  අන්වය: සුගම යි. 
  
  අර්ථය : සතුට උපදවන්නා වූ දෙවියන් ගේ ජනයා ආශාව වඩවන්නා වූ  නිතර දිළෙන කෙන්ඩා  දෙකෙහි ආකාරය (කෙ සේ ද යත්?) ආශාව  වඩන්නා වූ රන් තැඹිලි මල් දෙකක් නො  ඉහිරී (=පුබුදු නො වී- කොපුවෙන් නෙ‍ා  ගැළවී) සිටියොත් ස්වලිපයකට (උපමා පිණිස) වටී ය.
 සංලක්ය්    : කෙන්ඩා-පයෙහි වළලුකර හා දණ හිස  අතර කොටස -දඟ යනුත් මේ මැයි. මේ උපමාව  කාව්ය ශෙඛරයෙහි ද දිසේ.
    

“නුපුබුදු තැඹිලි මල්

 ඇගෙ දඟ යුගට                   මනකල්
 පැරද සැඟවුණු                           තුල්
කොලපු  ඇතුළට පිවිසි          ඇමකල්” 


132 ව ර ත ර එ හිමි කෙන්ඩ‍ා යුවලෙහි මුලින

       එ ස  ත  ර     අක්වටය දිලිහෙන  නිසි                ලෙසින
       නොවිසි ර     රන් තැඹිලි මල්   යුවලෙක               මුදුන
       එ ස ත  ර      ලතැඹිලිය පල  දිලි  නම් එ               මෙන
                                                                                     (අක් වට)
   
    අන්වය: අනාකූල යි. 
    අර්ථය: ඉතා උතුම් වූ ඒ දෙව ස්වාමීන් ගේ කෙන්ඩා  දෙකේ මුලින්  නිසි  සේ දිළිසෙන ඇස්  වට සතර නො ඉසිරුණු රන්  තැඹිලි මල් දෙකක මුදුනේ  තැමිලි ගෙඩි සතරක් දිළිණි නම් ඒ ආකාර යි. 
   
   සංලක්ය්   : කෙන්ඩා [කෙන්ඩ (දෙමළ) ] 

133 න ල දු -ලදඟ අකවට කෙමි පතැ’හිලිය

       නොමදු     වැදි සතන් කන රොන්                     දිලි ය
       ප  සි  දු      සය වදන් සුරිඳු ගෙ                    පැහැදිලිය
       එ  යි  දු      යුග පත්ල දෙ  පියුම්                   සිරි’සිලිය
                                                                                 (දෙ පා) 
 අන්වය: දුල දඟ නල අකවට කෙමි ඇඟිලිය පත් නොමදු වැඳි සතන් බිඟු නක රොන් දිලිය පසිඳු පැහැදිලිය සය  වදන්  සුරිඳු ගෙ  යුග පත්ල එයිදු දෙ පියුම් ඉසිලී ය. 
  අර්ථඟ: බබළන ජංඝා (- දඟ- කෙණ්ඩ)  නමැති  නාලයෙන් ද ඇස්වට නමැති කෙමියෙන් ද ඇඟිලි මීමැස්සන් ගෙන් ද නිය නමැති රොන්  වලින් ද දිළෙන ප්රමසිද්ධ වූ ප්රදභාවත් ස්කන්දෙ දෙවියන් ගේ දෙ පා නෙලුම් මල් දෙකක සිරියාව ඉසිලී ය. 
 සංලක්‍ෂ්ය : 1. කෙමි- කර්ණිකාව, මල් බට්ට.
                2. පතැ’ඟිලිය - (පත් +ඇඟිලිය) 
                3. කන - නඛ ,නිය (පොතු) 
                4. සිරි’සිලි (සිරි +ඉසිලි)


134 තද’ණින් දි නි ඳු බ ල යෙන් දිනුකුළ මදුරු

       යස සි න්    උ ලි ඳු   නැණයෙන්    යුත් සත්          සයුරු  
       සමුවෙන්    ප සි ඳු    සො බමන්    එසුරිඳු             රුසිරු
       කිය මින්    කෙබඳු    ප ඬු  ව  න්    නිම වේ ද           සුරු
                                                                               (උසස් බව) 
 අන්වය: සරල යි.
 අර්ථය: තේජසින් හා අඥවෙන් සූර්යය‍ා ද වීර්යෙන් ම‍න්දා ර පර් වතය ද පැරැද වූ හෙවත් ජය  ගත්තා වූ කීර්තියෙන් චන්ද්රයයා (=උලිඳු) වැනි වූ නුවණින්  සප්ත මහා සාගරය සම‍ාන වූ මුහුණු සයක් ඇති ප්ර සිද්ධ වූ	ශොභමාන වූ ඒ දෙවියන් ගේ රූමත් බව කියමින්  දක්ෂ වූ කවාරකාර පඬිවරුන් නිමාවට යේ ද? (නැත. )
  
    සංලක්ය්    : 1. මදුරු කුළ - ම‍න්දා‍ර පර්වතය. සුරා’සුරයන් එක්ව අමෘතය සෙවීමට ක්ෂීර සාගරය  (=කිරි මුහුද )  කැළඹී ල. මන්ථ දණ්ඩට ගන්නා  ලද්දේ මන්දාර පර්වතය යි. මන්ථය (-කැළඹීම)ට ගත් පර්වතය  යනු  එහි අර්ථය වේ. 
                          2. උළිඳු  : (උළු+ ඉඳු) චන්ද්ර යා 
                          2.  සත් සයුර : සත් කුළු  පව් අතරේ  පිහිටි සප්ත සීදන්ත සාගරයෝ  සත්  සයුරු වෙති. යුගන්ධාර සිදන්ත සාගරය, ඊශධර සීදන්ත සාගරය, කරවීක  සීදන්ත සාගරය,සුදර්ශන සීදන්ත සාගරය, නෙමින්ධර සීදන්ත සාගරය, විනතක  සීදන්ත සාගරය, අශ්වකර්ණ  සීදන්ත සාගරය යන මොහු  සත් සයුරු ය. 
                          3. දෙව්රද වැනුම - මඳහස  (122) , ගෙලෙ (124)  උරතල (125)  පිට (128), උකුල (129), අක්වට (132) ච මෙහි වැනුම් කර තිබේ.
	
	මයුර, තිසර, පරෙවි, කෝකිල, සන්දෙිශයන්හි  උපුල් වන් දෙව්  රජ  වැනුම් ද, සැළලිහිණියෙහි  විබිසණ දෙව්  වැනුම ද කියවා  සසසඳා බලා රස විඳින්න.  සැවුල් සන්දෙයශයෙහි සමන් ‍   දෙවි  වැනුම  ද කියවිය යුතු. 

නිල කොබෝ හැර සවත් සුරිඳු වැනුමක් ඇති ප්රුකට අනෙක් සන්දෙශය කහ කුරුළු ය. එහි දෙව වර්ණලනය මෙහි දෙව වර්ණෙනය හා සංසන් දනය කිරීම ප්රියොජනවත් ය. කහ කුරළු ස‍ඳෙසෙහි දෙව් රද වැනුම මෙහි මතු දැක්වේ.