නීල කොබෝ සන්දෙශය-සිටිනාමලුව වැනුම්
(අ) නා නා ජන හෘදයානන්දකකර වු විශුද්ධ විමල ප්‍රභා ඇති නිඛිල ස්ථාන මධුර ක්ෂේත්‍ර මණ්ඩලයකින් හා තවද ඇඹුල උපුල ශතපත්‍රමදින් සත්ත සමලඬ්කෘත තඩාකෛශ්චර්යාදීන් යුක්ත වු ස්ථානාඬ්ගන නම් ග්‍රාමයාගේ විස්තීර්ණඇ ප්ර්බන්ධයක් කෙරෙමි. මිතුර, එ ද තා ශ්‍රවණාලංකාර කර,
7
සාතුට වඩන මලුවක් කර පසන් මෙනේ
ඊ බට දන නො හෙති යා නිදි හිඳුන් තුනේ
ඒ කට පවසද්ද විදු දන විසින් පැනේ
තාසිට යන ගාම නාමය එයින් දැනේ6
8
සිටිනා කල පොරණ මිණිකිට රද පේම
සිටිනා වැඩ දිවා මලු කර විය මීම
සිටිනා දැන් මෙ තොප අප මෙ පියස නාම
සිටිනා මලුව ය යි පැවසුනි1 එනිසා ම
9
මොකැදුරුවන් අප මුනි දෙසු දම් ආල
කර අසමින් රකිනා විලස ම සීල
දුසිරිත කන් දුරු කර සියලු ම ලීලා
සත ස්තොසින් වැජඹෙති මෙහි හැම කාල2
10
සර තැස වන් සත හට මෙහි හැම කාල3
පිය සැන සුන් කරනට කළ කර ආල4
පස පියුමෙන් ගැවසී සිටි වන ලීල5
නුබ ගඟමෙන් සිරිසිලි විල නව යාල.6
11
වත තඹරේ නෙ ති’ඳු ව රේ කෙස සෙවෙල
ල පියයුරේ පි ල ති ස රේ නිති නු’දුල
බමර හරේ දැරු නො හැරේ ගුණ සිලිල
එවිල සරේ දු ට ක ව රේ යෙති7 කීකල
12
පැහෙනා පු හු දි නා8 එහි වට කෙත් වැටිය9
වරනා නොවමිනා10 කොයි කලෙකත් සිටිය
දිලෙනා සැම තැනා ව තු ප ල රු ක් සැටිය
නදනා එ වු ය නා11 ලද සුර සක් වටිය
13
එ මි න් කිරුළු රදහට පොරණ නිරතුරු12
කෙළෙන් පසඟ තුරු නද ලැබ ම තනතුරු
බි යෙ න් නො හැර කරනා විලස අද තුරු
පු හු න් කරති සත මෙහි නිතර ගොසතුරු13
14
තරිඳු වනා නෙතුමිණි නාලිය ලවනා
හස සමනා තන යුග ගජලිය1 ගමනා
මෙපුරහනා නම් සක පිය ලිය නොහෙනා
අමතුවෙනා නැති ම ය සුර ලිය කියනා
15
නෙක දන් පින් කර වැජඹෙන සත අසෙස
ද කි මි න් අමරපති සිතු කරමින් සතොස
ඉසුරෙන් නුහුනු ගෙස සැදු මෙ පුරෙහි යසස
මු ව කින් කතන කර නිම කළැ’කි ද කෙලෙස2
අර්ත:නොඑක් ජනයන් ගේ සිත් සතුටු කරන්නාවු සුපිරිසුදු නිමල කාන්ති ඇති සියලු තන්හි වු කෙත් සමුහයකින් හා කුමුදු මානෙල් නෙලුම් ආදි ජලජ පුෂ්පයන්ගෙන් නිතර අලංකාර වුතඩාග(විල්) සම්පත්තියෙන් යුක්ත වු සිටිනාමලුව නම් ගමේ විසිතුරු පිළිබඳ පබඳක් කරමි. එයින් ද තොප ගේ කන් සරසා ගන්න.
අන්යය; සාතුට වඩන මලුවක් කර පසන් මෙනේ ඊ බට දන යා නිදි හිඳුම් තුනේ නොහෙති. ඒ කට විදු දන පැනේ විසින් පවසද්ද තා සිට යන ගාම නාමය එයින් දැනේ.
අර්ථ: සන්තොෂය වැඩි දියුණු කරන්නා වු මලුවක් කර ප්ර සන්න සිතින් එතැනට පැමිණි ජනයෝ යාම් නිඳිමි ඉඳිම් යන තුන් ඉරියව් වෙහි අසමර්ථ වෙත් ද ඒ ස්ථානයට පනිඩිතයෝ ප්ර්හ්නයන් වශයෙන් සිටිනාමලුව යි කියත්ද තොප සිට යන ගමේ නම් එයින් දැන ගන්න.
සංලක්ෂ්යි: 1.සාතුට -සහතුට සතුට
2.මෙනේ -මන සිත. 3.යා නිදි හිඳි හිඳුම් තුනේ -යාම. නිඳිම හිදිම යන ඉරියව් තුනෙහි මෙහි “නිදි”යනු අශුද්ධයි. “නිදි”ශුද්ධ පාඨය බැව් සළකත්වා.
අන්වය: පොරණ මිණි කිට රද සිටිනා කල පේම වැඩ සිටිනා දිවා මලු මිම කර විය. දැන් මේ තොප අප සිටිනා මේ පියස නාම සිටිනිමලුව යයි එ නිසා ම පැවසුනි.
අර්ථ: පුරාණ කාලයෙහි මිනිකිරුළු රජ සිටිනා කල ප්රෙිමයෙන් වැඩ සිටිමට දිවා මාලකයන් මෙහි (මේ පොළෝ තලයෙහි) ම කර විය. දැන් මේ තොපත් අපත් සිටිනා මේ ගමේ නම් සිටිනාමලුවය කියා ඒ නිසා ම ප්රමකාශ වුණි.
සංලක්ෂ්යක;1 .මිණිකිටරද-මිණි කිරුළු රජ .මේ රජු ගැන මෙහිත් කහකුරුළු සන්දෙශයෙහිත් හැර පැරැනි ඉතිහාස පොතක සඳහන් නො වුයේ ප්ර්දේශ රාජයෙක් වු බැවිති. මේ රජු ගේ මාලිගය තුබුණේ මාතර වැල්ල බඩ පත්තුවෙ නැගෙණහිරි සිමාවෙහි වු කෙමගොඩය. එලෙදෙස මාලිගා තැන්න කමින් පතළය. මොවුන් ගේ පුරෝහිත බ්රායහ්මණයන්ගෙන් පැවැතෙන්නෝ අදත් ඒ සමිපස්ථ ගමවල සිටිත් ලු.
කාසිවෙටටි පඩිතුමා ක්රි .ව1832 දි ලියු “ගැසටියර්”ග්ර්න්ථයෙහි මානින්ක ගලෙයි වේන්දර්”නමැති ප්රාගදේශික අධිපතියෙක් දකුණු පළාතේ වුසු බව සඳහන්ව තිබේ. මාණික්ක තලෙයි වේන්දර් යන දෙමළයෙහි සිංහල අදහස මිණි කිරුළු කුමරු (මැණික් ඔටුනු කුමාරයා) යනු යි. මිණි කිරුළු රජ - යනුවෙන් හාවිත වුයේ මේ ප්රාලදෙශික රජු බවට මෙය වැදගත් සාක්ෂියකි. මොහු පොළොම්මාරුවේ විහාරයෙහි (දැන් තංගල්ලේ තුඩා විහාරයෙහි) වෛත්යහයක් කර වු හයි කහකුරුළු සන්දෙශයේ 46 වැනි පද්යේයෙන් කිය වේ. ඒ කඩ මෙසේ යි.
“මුනිදු දාතු වඩමින් නිසි ලෙස සොඳුරු
නිරිදු මිනි කිරුළු කර වු සැය ගරු පසිඳු සුර නරන් අද කරන විසිතුරු දිනිඳු අවර වදු වෙහෙරට පොළොම්මරු”
මේ බව තුඩ පතකින් ද පෙනේ “සක වෂියෙන් දෙ සිය සතලිස් වැන්නෙහි ලක්දිව රජ පැමිනි මිනි කිරුළු රජ්ජුරුවන් විසින් කරවන ලද තන්ගළු මහ වෙහෙරට.....*
මිණි කිරුළු රජුගේ රාජ්යාෙනුශාසනා කාලය වෂී නියමයෙන් නො කිය හැකි වුව ද මෙහි සඳහන් වසිය වැරැදි බව කිවයුතුය. 2. දිවාමලු -දිවා මාලකයක්, දවාල ගත කිරිමට -දිවා විහාරණයට සුදුසු මාලිගයක්. සිටිනාමලුවෙතුබුණේ සංවාරක මාලිගයක් බව මින් පෙනේ. 3.සිටිනාමලු : බෙලිඅත්ත -තංගල්ල පාරේ පිහිටි මේ ගමට සිටිනාමලව යයි බැවුහර වුයේ එහි මිනි කිරුළු රජ විසින් දිවා විහරණ සඳහා මාලිගාවක් සාදවා තුබුණු බැවිනැ යි බරණ ගණිතැදුරෝ කිහ. වර්තමාන සාහිත්යක ප්රුබෝධයෙහි පාතරට පුරෝගාමි වු යතිවරයා ද සිටිනාමලුව නම් ගම උපත ලද උතුමෙකි. සිටිනාමලුවෙ ධම්මජොති යනු ඔවුන් වහන්සේ ගේ වානයයි. බරණයෝ ද මෙකි සාහිත්ය ධරයාණනු ගේ සිසු කෙනෙකි. *තංගලු වෙහෙරේ තුඩපතින් පිටුපත්කර ගක්නා ලදි.
අන්වය: මොකැදුරු වන් අප මුනි දෙසු දම ආල කර අසමින් සිල රකිනා විලාස ම සියලු ම ලීල දුසිරිත කම් දුරුකර මෙහි හැම කාල සත සතොසින් වැජඹෙති
අර්ථ; මොක්ෂාවාර්යවු අප ගේ මුනින්ද්ර යා දෙසු ධර්මය ආලයෙන් අසමින් සිල් රකිනා විලස ම සියවලු ම අයුරින් දුසිරිත් දුරු කර මෙහි සියලු කල්හි මිනිස්සු සන්තොෂයෙන් සිටිති.
සංලක්ෂ්යහ: 1 මොකැරුවන් -මොක්ෂාචාර්ය වු :මොක්ෂය නිවන යි. ඇදුරු (මොක් + ඇදුරු) වු යේ මොකැදුරු යි එනම් බුදුහු යි. 2.මුනි -මුනිදු “මුනින්ද්ර යන් වහන්සේ කවර අර්ථ යකින් එනම් විද යත් -මුනින්දො යන තන්හි “මෞන”ය යි නුවණ කියති. එනුවණින් යුක්ත වන බැවින් බුදුහු ද මුනි නම් වෙත්
මෙ සෙයින් ෂඩ්විධ මුනින් කෙරෙහි මුනි සුනි නම් ලද බුදුහු තුමුදු මුනිනට ප්රෂධාන වන බැවින් මුනීන්ද්රි නම් වෙත්†
නාමාෂ්ට ශතකයෙහි බුදුනට නම් එක සිය අටෙකි .”සවන සතර මරරුපු මොකැදුරු මුනාඳු ...... යනිදි ††මුනිදු පර්යාය නාමයෝ දැක්වෙත්..
†ධම් ප්රෝදිපිකාව. ††සවන සතර .මරරුපු මොකැදුරු මුනිඳු, සමනැස් ,පසැස්, දියබප් .දසබල. දිනිඳු සමන් බදුරු,සිරිගත,ලොවග, සුගතිඳු නරදම්,සැර්.විනා, දම්රද, සුගත්, බුදු තිලෝගුරු, ලොවිඳු , සිඳු , සවැනි, සිරිමත් දියනා,තිලෝනා, දින.(නම්ලු හැම සුගත්) මහමායා තෙනේ ,සැසි, ගොයුම් ගොත් සැමුනි,සිදුහත්, (නම් වේ ය අප සුගත්)
(පුරාණ නාමාවලිය)
3. සීල- ශික්ෂාපදයන් ;පංච ශිලය, අෂ්ටාංග ශිලය, ආදි සිල් ;ශිලයෙන් හික්මිම- සංවරය ඇති වේ. 4. දුසිරිත කන් -දුශ්චරිත කම්යන්- දුසිරිත් කම් ශබිද ධම්ය හා එළිවැට පිණිස දුසිරිත කන් -යි ලියු බව පෙනේ. 5. බුදු බණ අසමින් සිල් රකිමින් හැම ආකාරයෙන් ම දුසිරිත් දුරු කල යහපත් මිනිස්සු එ /මිහි සිටින් යනු මෙහි අදහස යි .
අන්වය: සරතැස වන් සතහට මෙහි හැම කාල පිය සැනසුන් කරනට ආලකැර කළ පස පියුමෙන් ගැවසි සිටි ලිලවන නවයාල විලනුබ ගග මෙන් සිරි ඉසිලි .
අරිථ ;හිරු රසින් තැවුණු සත්වයාට මෙ ගමෙහි හැම කලිහි බිම හා නැමට ඇලුම් වසා කරන ලද්දා වු පඤ්චවිධ පද්මයෙන් .ගැවසුණු (එසේ හෙයින් ) ලිලාමත්ව බබලන නවයාල විල ආකාශ ගංගාව මෙන් සිරියාව ඉසිලිය.
සංලක්ෂ්යා; 1.සරතැ වන් -සුර්ය සන්තාපයෙන් විඩාවට පත්වු.හිරු තැවුණු අවුවෙන් මිරිකුණු.
2. පිය සැනසුන් කරනට -පිමට හා නැමට . බිමට හා පැන් සැනැහිම(නැම) ට. සැනසුම් -යනු එළිවැට සඳහා ය “සැනසුන්”-යි ලිවේ. 3.පස පියුම් -පස් යනු අනෙක් පදයන් ගේ ශබිද ධම්ය අනුව පස පියුම් -යි යෙදිණ.පස් පියුම් නම් පඤ්චවිධ පද්මයෝයි. එනම් -ඇමුල .උපුල හෙමල්මැලි රත් පියුම් ,හෙල පියුම් වෙති. සුදු මානෙල්, නිල් මානෙල්, රත් නෙලුම් .සුදු නෙලුම් ඕලු යන විසින් ද බැවහර වේ. 4 .නුබ ගග -ආකාශ ගංගාව “හිමාලය වන ප්ර දෙශයෙහි අනවතල්තය, කර්ණමුඛය. රථකාරය, ජද්දත්තය, කුණාලය මන්දාකිර්ණ හිත ප්රුතාපය යි විල් සතෙක් වෙත්.ඔවුනතුරෙන්
අනවතප්ත විල ගැමුරිව්, පුළුලින් පණස් යොදුනෙක. එය සුදර්ශන කුට .චිත්රි කුට ගන්ධමාදන කුට කෛලාශ කුට, කාල කුට නම් වු පර්වත පසෙකින් වට කොට සිම් මෙ පර්චත පසින්බස්ිනා ජලය අනචතප්ත විලට බසි.සුර්ය රශ්මියෙන් තප්ත නො වන හෙයින් නෙහෛත් හිරු රස් මෙ විලට නො වැටෙන හෙයින් මෙහි ජලය රත් නො වෙයි. අනවතල්න යනු එසේ හෙයින් අන්වර්ථය.මෙහි මස් කැසුබ් ආදින් ගෙන් සිරහිත වජ්රමය සුපිරිමුසු ජලය බසි දිය බස්නට හිනි පෙතිද ඇත්තාහ. බුදු පසේ බුදු මහ රහත්හු ද සෘද්දිමත් සෘසිහුද. හක්රාමදි දෙවියෝ ද එහි ස්නානය කරත් ඒ විලෙහි සිංහ මුඛය.හස්ති මුඛය. අශවමුඛය, වෘෂභ මුඛය යයි ප්රෙසිද්ධ ද්වාර සතරක් වෙත්. දකුණු පසෙහි වු වෘෂභ ද්වාරයෙන් නික්මුණු දිය කඳ විල වටා තෙවිටක් පැදකුනු කොට ආවර්ත නම් ගංගාව වි දකුණු පසින් සෘජුව ගල් තලාවක් මතුයෙහි සැට යොදුන්ක් තැත. ගියාය.ඕ තොමෝ කන්හ ගංගායි කියනු පැබේ.එයින් පර්චතයක් පලා ගෙන මතු වි වමින් ගුන් ගවු පමණ වු දිය කඳක් ව අහසින් සැට යොදුනක් නැන ගියාය.ඕ තෝමෝ ආකාශ ගංගා (අහස් ගඟ) නම් වුවා”†
අර්ථ :වක්ක්ර කාර තාමරසයන් ගෙන් ද නෙත්රා කාර ඉන්දිවරයන් ගෙන් ද කෙශ කලාපාකාර ශෛවාලයන් ගෙන් ද බලා පයොධරාකාර උද්ගතවු හංසයන් ගෙන් ද නිතර ද බබළන්නාවු මුක්තාහරකාර හෘංගයන් ගෙන් ද (යුක්තවු) ගුණ සදාශ ජලයෙන් පිරි නොහොත් සිසිල් ගුණයෙන් යුතු ජගයෙන් පිරුණු ඒ විල නමැති අංගනාව දුටු කවර කෙනෙක් කිනම් කලෙක යෙත්?(නොයෙත් මැ යි.)
සංලක්ෂ්ය්: 1.ඒ (නවයාල) විල ස්ත්රිියකට (සරේ) උපමා කර කළ වැනුමෙකි මේ. වන (මුහුණු ) තමර (නෙලුම්මල) ය. නෙත (නෙත්රමය-ඇය) ඉදුරු 9නිල් මානෙල් ) ය. කෙස (කෙස් ) †සද්ධම්රත්නාකරය බලා විස්තර දත හැක.
සෙවෙල (හෛවාග-පෙඳ) ය. ළි පියයුරු (බාල පයොධර -තන) ඉපිල තිසර (උස්ව පෙනෙන හංසයන්) ය. බමර (මිමැසි සමුහය) හර (මුතුපට )ය. ගුණ නැමැති සිසිල් දියෙන් පිරුණු ඒ විල ස්ත්රි(යක
“හස තනි ඳුවර නෙති බමර බැම පුල් සර වති නිල් සෙවෙල් වර ලැති. එපුර විල් කල් යුති”(කුසජාතක කාව්මෙය හා සසඳන්න.
i නෙත-ඉදුවර නෙතිනි දුතිනි වතිනි දු සිරි....... (හංස) ......නෙත නිලුපු සේයා (පරෙවි) පුල්නිපුපුලැ”සියො (ගුත්තිල) වන නෙත කමලු පුල ජාතකය) නුවනින් නිල් උපුල් මඳහසිනි ....... ලිහිණි) සැම විට පුබුසු නුවනි දුවර දැක සොබන කුරුළු) ii පියයුරු -තිසර
.....තිසර තනබර (කාව්යිශෙඛරය) ......තන නම් රන් තිසරායා (මයුර) උන් පියයුරු දුරු දැක හසුනැ යි නටන (තිසර) තන රන් භස පැටිය (තිසර) ........... රිය සක යුරු තිසර තන (සැළලිහිණි) තන තිසරු පිනාය පසු පිනාය (මෙහි ම 48 වැන්න)
iii වන-තඹර
වනනෙත කමලු’පුල (කුජාතකය) .........ලිය වන කමල (මයුර) ........ඔහු මුව තඹරට පවර (ගිරා) වුවනින් කමල් පැ ලවනතිනි...........(සැළලිහිණි) සොබමන් වුවන් නෙත් පියයුරු ............. ගනරන් පියුම් නිලුපුල් තිසර ............. (පරෙවි) වන් සුරගන වරහන වුවන............ රන් පුයුමැ යි දැක නො හැකිළෙන........(කෝකිල)
iv. කෙස -සෙවෙල
......නිල් සෙවෙලැ යි සිතා .......සරල් වරල් ගතා (හංස)
2. තඹර .පියුරු ,හර සර, ඉදුවර ,තිසර .නොහුර කවර-මේ නැන් තඹරේ .පියයුරේ, භරේ.සරේ. ඉදුවරේ. තිසරේ .නො හැර කවරේ යනු විසින් යෙදුණේ එලි වැට සඳහා ය.
3. නෙති ඳු වරේ-(නෙත් + ඉඳුරේ) 4. නිතිනුදුළ- (නිතින් +උඳුරේ)
12. අන්වය: එහි වට පැහෙනා පුහුදිනා කෙත් වැටිය කොයිකලෙකත් වරනා නො වමිනා සිටිය හැම තැනා දිලෙන පලරුක් වතු සැටිය සුර සක් ලද නදනා එ උයනා වටිය. සංලක්ෂ්ය ; 1වරනා නොවමිනා කොයි කලෙකන් සිටිය කොයිකාලයකන් (කවදාවත්) වරන්නේ නැතුව සිටියා වු ඵල දරන්නා වු වෘක්ෂයන් සහිත පලතුරුවතු.
2.සුරසක් -දිව්යර සමුහයා විසින්. 3. එඋයනා -එම නන්දන-නදුන් උයන. “පින් පල අඳන් වක සතනෙත රස අඳන් වන දහසක් යොඳුන් වන පෙනුණු විසිතුරු වන නඳුන් වන රැඳි මිණි පවුරු වට මැද දිළි රුවන් සල් වට සැදි සිටි හැම විට පිවිස එ නඳුන් නඳුන් වනයට(ගුත්තිල) මේ ශක්ර යා ගේ උයන (උද්යා නය) යි. මෙහි පැමිණෙන්නවුන් ආනන්ද කරවන බැවින් මෙයට “නඳුන් උයනැ” යි නම් වි.
13 අන්වය: තනතුරු ලැබ මපොරණ එමින් කිරුළු රදහට නිරතුරු පසඟතුරු නද කෙළෙන් බියෙන් නො හැර කරනා විලස අද තුරු මෙහි සත නිරත තුරු ගොස පුහුන් කරති. අර්ථ; තනතුරු (ඨානාන්තර) පැබ ගෙන ම පුරාණයෙහි ඒ මිනි කිරුළු රජ හට නිතර පඤ්චාජග තුර්යනාද වු හෙයින් බියෙන් තොරව පවත් වන පරිද්දෙන් මෙහි තුර්ය වාදනය කරන්නෝ අද තෙක් තෙර නැතිව තුර්ය ඝොෂණය පුහුනු කරති. සංලක්ෂ්ය ය; පසඟතුරු -ආතනය, විතනය. විතතාතතය. ඝනය, සුසිරය යන තුර්ය පසෙහි වු ඝොෂය පසඟ තුරු යි. ආතත නම් එකැස් බෙරය.තම්මැට්ට-තම්මැට්ටම, රබාන මේ හණයට ගැනේ විතන නම් දෙ මුහුණු ඇති බෙරයි. මේ ගණයට සිංගාරම් ,යක්බෙර, දෙමළ බෙර ආදිය අයත් ය. වි.ා.ානන නම් තෙ මුහුණකින් යුත් බෙර වෙසෙසකි. තාලම් ,රැංගල් ආදිය ඝන නම්. සුසිරය නම් වස්. කුත්ත,හොරණැ. නලා ආදි යි.එයින් කිහ. “ආතතං තෙව විතත වාතත විතත’ ඝනං
14 අන්වය :තරිඳු උවනා මිණි නෙතු නාලිය ලවනා හස සමනා තන යුග ගජ ලිය ගමනා මෙ පුර ඟනා සක ලිය නොහෙනා නම් අමුතු වෙනා සුර ලිය කියනා නැතිමය. අර්ථ:චන්දයා වැනි මුහුනු (වුවන) ක් ඇත්තා වු ද, ඉන්නිල මාණික්යෙ වැනි නෙත්රය ඇත්තා වු ද,ඇතින්නන් බඳු වු ගමන් ඇත්තාවු ද. මෙ පුර ස්ත්රිනන් ගේ ඇසි පිය නො ගැහේ නම් අමුතුවෙන් දිව්යාංවගනාවන් යයි. කිමෙක් නැත. සංලක්ෂ්යි:-1 තරිඳුවනා -(තරු+ඉදු +උවනා) චන්ද්ර යාට බඳුමුහුන: නිසි පිරි සඳ වුවන් (කාව්යදශෙඛර) සිසි වන වුවන............. (සැළ ලිහිණි)
2.මිණි නෙතු -ඉඳු නිල් මිණි වැනි නෙත්; නිල් මිනි යුගය දෙ නුවන (කුස ජාතක) 3.නාලිය ලවනා -නා දලු සදිසි තොල්; රත’දරිනි නා ලිය (කසජාතක) 4.හස සමනා තන -හංසයන් සමාන පයොධර 11 වැනි කවෙහිii සංලක්ෂ්ය ය බලන්න. 5.ගජ ලිය ගමනා -ඇතින්නන් ගේ ගමන සමාන ගමන් ඇති.
6.මෙ කවෙහි අපරාර්ධය “ඇසිපිය හෙළන පමණින් නො වෙති දෙවඟන”(සැළලිහිණි) යන වැනුම හා සසඳන්න.
15
අන්වය සරලයි. අට් :නොඑක් විධියේ දන් දිමෙ ආදි ලපින් කම් කර වැජඹෙන සියලු සත්වයන් ශක්රවයා දකිමින් සිත සතොස කරමින් ඉසුරු සැපතින් අඩු නැති ලෙස සැදු මේ නගරයෙහි කිර්තිය එක මුඛයකින් කියා කොයි ලෙසකින් නිම කළ හැකිවේද?
සංපක්ය්් : 1. අමර පති- ශක්ර යා
(මඝ මානවක කාලයෙහි ඔහු ගේ) ඇතා ඒ රාවන නම් දියව්යස පුත්රියෙක් වඋපන්නේ ය. දෙව් ලොව වනාහි තිරිසන් ගත සත්වයෝ නැත්තාහ. එහෙයින් හෙතෙම සක් දෙවිදු උයන් කෙළියට නික්මෙන වේලෙහි ස්වකිය ආත්ම භාවය අත හැර යොදුන් එක සිය පණසක් උස ඒ රා වන නම් ඇතෙක් වෙයි. හෙ තෙම දිව්ය පුත්රඒයන් තිස් තුන් දෙනා සඳනා කුම්හස්ථල තිස් තුනක් මවා ගනි. ඒ කුම්භස්ථල සමුහය මැද ශක්ර යා සඳහා සුදර්ශන නම තිස් තුන් වොදුන් කුම්හස්ත ලයක් මවා ගනි. ඒ කුම්භස්ථලය මත්තෙහි දොළොස් යොදුන් උස සත්රුවන් මුවා කොඩි පැන නගි. ඒ වායේ කෙලවර කිකිනි දැල්එල් වෙයි. මඳ මඳ සුළග වදින විට පඤ්චාංගික තුර්ය ශබ්දය හා මිශ්ර් වු දිව්යහ සංගිත ශබිදය එයින් නික් මේ. මණ්ඩපය මැද ශක්රශයා සඳහා යොදුනක් උස මැනික් පළගක් ලිහිටියේය. එහි ශක්රයා හිඳ ගනි. වටා පිහිට් කම්භස්ථල තිස් තනෙහි එක එක කම්වක දත් සත සත මවයි ඒ එක දළයක් පණස් යොදුනක් දිගය. එක එක දළයෙහි පොකුනු සත බැගින් මැවෙ. එක එක පොකුණෙහි පියුම් ගස් සත බැගින් වෙයි. එක පෙත්තක දිව්යඑ ස්ත්රි්හු සත් දෙනා බැගින් නටන් හාත්පස පනස් යොදුනක් නැත ඇත් දළ මැද නැමිම වේ. “(මහාලි ලිච්ජයාට සර්වඥයන් වහන්සේ විසින් වදාරන ලද ශක්ර(යාගේ ශ්රි සෞභාග්ය විචරණයෙහි ඇතුළත්ව අටුවාවෙහි එන්නකි)
“සක් දෙවිඳු පෙර මිනිස් ලොව දි මඝ නම් විය. එහෙයින් මඝයයි කියති නැවත මේ සක් දෙවිඳ පෙර මිනිස් ලොව දි දනක් දේ නම් හැම දෙනාට පෙරාතු දෙයි. එහෙයින් දැන් පුරින්ද ය යි කියති. නැවත මේ සක් දෙවිඳු මිනිස් ලොව දි දෙනක දක් යහපත් දෙවියෝ (35 -37 පිටු)
අදහසින් සකස් කොට දෙයි. එහෙයින් ශක්රනයයි.නැවත මේ සක් දෙවිඳු මිනිස් ලොව දි මාවත යන එන්නවුන් සැතපෙනු සඳහා ගෙයක් කරවා දින. එහෙයින් වාසව යයි. කියති. නැවත මේ සක් දෙවිඳු දහසක් කාරණා ආසිල්ලෙකින් සිතයි. රු දැක්මෙහි සමර්ථ ඇස් දෙක වුවන් නුවණැස් දහසක් හෙයින් සහශ්රාෙක්ෂිය යි කියති. තවද මහාලිනි සක් දෙවිඳු හට සුජාතා නම් අසුර කන්යාාවක් වුව. එහෙයින් සුජම්පති නම් කියති. මහාලිනි මේ ශක්රකයෝ දෙ දෙව් ලොව දෙවියනට නායකයහ. එහෙයින් දෙවිඳු යයි කියති. 2. නුහුනු ලෙස-(නු+ උනු =නුහුනු) අඩු නැති ලෙස නො අඩුව
3. යසස -කිර්තිය.94 වැනි කවෙහි 2 වැනි සංලක්ෂ්යනය බලන්න. .4.කතන -කථන-කිම. 5.කළැකි -(කළ+ හැකි-කළ+ ඇකි-කළැකි) 6.සිටිනාමලුව වැනුම්හි ආරම්හ පාඨයෙන් ද7 වැනි කවෙන් ද මෙය ගමක් බව කියා 15 වැන්නෙන් පුරයක් -නගරයක් යයි දැක්විම නො මැනවි.