නු රා ව

Wikibooks වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න


නු රා ව ________________________________________



සු න් දර ආලයේ අම රස උරන් නට ර න් හර රන් මුද්ද නැකතින් දමන නට ම න් ගල ඇදේ දවසක් නිදි මරන් නට පෙ ම් බර ලදේ ඔබ සතුටුද කියන් නට


න න් දන වන මඟුල් සක්වළ මවන් නට පෙ ම් කුසුමන් නෙලා මාලා ගොතන් නට ම න් ගල පොරුවට නැකතින් නගින් නට දෙ න් පිලිතුරක් හොඳ පේමිය ඉතින මට


බැ න් ද ආලයේ නිසි පල ලබන් නට සු න් ද රවිවා ජීවිතෙ සැප විඳින් නට කැ න් ද ගෙන යන්න මංගල සිරිත් කොට ම න් ද පමා උත්තරයක් දෙන්න මට


කන් න අඳින්නට හිතෙ හැටියට දෙන් නම් ර න් රිදී මුතු මැණික් අබරණ පළ ඳ න් නම් ය න් තම් වත් දුකක් නොමදී රැක ගන් නම් දැ න් මතිර බසන් දෙන් සුදො පුළු ව න් නම්


හො ඳ ට සුවඳ සැන් පවුඩර් ගෙන දෙන් නම් ග ත ට පහසු වාහන වල ගෙන යන් නම් අ ත ට පයට වැඩ කරුවන් සල සන් නම් ඔ බ ට කැමති ඕනම සැපතක් දෙන් නම්


ක ඩා උපුල් මල් මාලා ගෙල ලන් නම් වි ඩා නිවෙන ගස් වැල් යට ගෙන යන් නම් දොඩා කයි කතන්කර හා ගී වන් නම් ව ඩා ගන වුවත් පේමිය නල වන් නම්


සු න් ද රී පේමී සීගිරි අප්සරා කත ර ම් බ රී ‍පාති රූබරී පෙම් රුවන් කො ත පෙ ම් බරී රානී ආදරි මගෙ කොමළ කත දැ න් හ රී පිළිතුරක් දී සනසන්න සිත



2 යව්වන ලැම පෙදෙස පිරිලා එක එල් ලේ එන පියයුරු යුවල දැක හදවත සෙල් ලේ ඔබ සොය සොයා ආවෙමි මෙපෙදෙස ලොල් ලේ නාඩා ඔබ ඉන්න මගෙ සුරතල් කෙල් ලේ


ඔබ තොල් මෙහෙට යයි කියමින් සුදුසු න යි න් වන මල් කතාවෙති හිනැහෙති පිපෙති එයින් බර කල්පනාවක අද මා සිටින හෙයින් හුරතලියකට යා නොහැකිය මහද ගෙයින්


යස රාවය අතින් මල් වැසිද වස්වන සමරා අතේ ඇති දුන් දියද ගස්සන අනුරාගය නිතර මා සිතෙහි උස්සන සොදුරාවියේ ඇයි මේ තරම් ලස්සන


රි දී හද රැගෙන උඩරට දිය පාරෙන් සැදී සිනිඳු කම ගෙන මල් බර වාරෙන් ම දී මට නොදී ලැදිකමෙහිම මීරෙන් සු දී ඔබ ගන්න පෙම් මණි හද ආරෙන්


මි ණි වෙන ගෙන කැළණි ගං ඉවුරෙහි ඊයේ තන් වුණු නා මෙනෙවියකි හුරතලී වූයේ සි නිඳුයි සුදුයි මිහිරියි එබැවින් ආයේ ව නි තාවෙනි නොයනු සැගවෙනු හද පායේ


හිනැහෙන විටදි සැඟවී තොල් අතුරෙ රතු එහි පැණි උරා බොමි ලෙස මතු විලස පැතු ඉඳ හිට පිපෙන මුත් දැන් අප නමට හතු සමනලයෙක් කියාවිද එරහෙමින් ගතු


රසවත් උනා ඇති දැන් සිහින ලෝකයේ එනිසා ගොසින් එන්නම් නැවත සෝකයේ කවදත් කොහේදිත් ඔබ අතැර නෑ ගියේ ගිනි කන්දක් උනෙමි මම “නාග සාකියේ”


පෙම් ලෝකයක් මවමින් සමනලෙකු පිට නැග මල් පැනි උරා ඇවිදිමු කතර වට වන මල් පිපේ නව නව අපේ නුරා මට රස වද බඳිමු ආදර ගල් ගුහා යට



3 මාගේ රූ සපුව මොලකැටි හදවතට තදින් නොමයන නියාවට හංකිති කවන ලදින් මගේ හුරතලේ පැවසීමට මිහිරි නදින් හුරතල් ල‍ඳේ තව පොඩියක් ඔහොම ඉඳින්


දුනු හී දරාගෙන වියරුව ඉදිරි පිට සිටියොත් කෙනෙකු එය කරුණක් නොවෙයි මට සහතික දයාවේ ඉරණම කරණ කොට ඔබ ගැන පනේ ඔව් බය නෑ කිසිම විට


ආයුද රැගෙන ආවත් ඉදිරියට නෙරී ඔබෙ හද තුලින් මා වෙන් කර දමනු බැරී ඔබ මට පළමුවෙන් මැරුණොත් කොතන හරී මේ කොළුවත් එමදින ඇත එතන මැරී


ලෝකය කුරිරු දුදනන් ගෙන් දුරුව නැත දැඩි දුක් වේදනාවෙන් එය බරව ඇත මගෙ පෙම් තිරසරයි එනිසා තිරව සිත අද මුන් මතක නැති කෙරුමට කරට නැත


ඔබෙ හදවතට මගෙ හදවත හරිද කියා බැලුවා නොවෙද දෙගදම අපෙ එකට තියා කෙදිනක නමුදු අපි ජයකොඩි අදින නියා යමු ඉදිරියට නාඬා සැනසෙන්න ඔයා


රසවත් ගීත ගැයුවත් මා හැටට හැටේ දුක් බර වියෝ ගිනි දළුවත් හදෙහි ගැටේ මගෙ සුදු හුරතලිගෙ සුළපටි බොළඳ මිටේ වෙන්නට සිතෙයි “සැන්ඩල් වුඩ්” සබන් කැටේ


නුදුරින් සිටින විට ගෑවී ඔබගෙ ඇගේ මුළු ලෝකයම සුරපුරයක් විලස හැගේ සුදු පියුමක්ව ඇති රූපය නමැති ගගේ හුරතලි තමා මිහිරැති මී බිඳුව මගේ


සහසික සිත දැහැමි කරවන නිවන දු ක මහ තරගයක් සුරපුර වෙයි මෙඔබ දැ ක මා හද මැදුර බබලවනා හැම දිනෙ ක ඔබයි පනේ ඔබමයි මරකන මැණි ක



4 මා හුරතලියෙ හුරතල් බස් දෙන මිහි ර දවසක් ඔබේ මවුතුම සමගින් පව ර කටුගේ බලන්නට ගිය දින බැදි අද ර තවමත් පවති ගල කෙටු කුර මෙන් නිත ර


ඇතත් ලොව තරුණො නිකමට පෙම් බඳි න මම ඒවගේ කොල්ලෙක් බව නොසිතන් න කිව දෙය කරන කිවු දෙය නිති පිලිපදි න ඇද නැති හිතක් ඇත්තෙක් බව පිලිගන් න


මගෙ ලිය පිරිකමල යස තුනුරුව පේන රඟ දෙයි යොවුන් කැල ලෙස රතිලිය ගේන මට සුදු මිසක කවදත් සුරතල් පාන කමලක් බලා පල කිම ඔබෙ මිස මූන


ඔබ හා එකට සැප විඳ එක තැන වි සු ම සුරලොව සමානයි මගෙ හිත තුල හැ ඟු ම මා හද මල් උයනෙ පිපි රත්සර කුසුම කවදත් සුර සැපකි මට මගෙ සුදු දැ කුම


සිහිවෙන විටදි ඔබෙ ගුණ කඳ රම නීය මගෙ දහ පැලෙයි එ නිසා පිය කමනීය ඒ මෙන් ඔබද සිත‍තොත පිය නයනීය මනුලොව විඳින හැක සුර සැප කමනීය


කරුමය විලස දෙදෙනම ලන්නොවන් නට යොදුමුත් විනය හතුරෝ කැල විටින් වි ට දහමය විලස ගිය මේ කලියුගෙ අ ප ට ඉ ඩ නැහැ යමක් කෙරුමට සිතු විලස කට


සිහිවී ඔබව දෙවෙලේ රස පෙරෙන ල‍ඳේ ගිනි ගෙන අළු වෙවී යයි ආදරය හ‍ඳේ ආදරයෙන්ම ගෙනැවිත් මෙහි දිනක හො ‍ඳේ බමර ගීත ගයවෙමි පෙම් රසය වි‍ඳේ”


මදලස සිනාවෙන් යුත් මුව සිරි දැරිය බද වට උවන සියගත සුරගන සරිය තදද සල්ලාලයින් ඔබ වෙත වී පිරිය ආවත් නොබා එනු මැන පිය ආ දැරිය



5 මගෙ ලය පෙදෙස සිහිනිඟ පැදවෙන ‍ වේගෙන් පැවසෙයි නවක හැඟුමක් මංගල යෝගෙන් මෙය වරදක්ද පළමුව සිදුවුන මාගෙන් දැනගත හැකිද එය මට මිහිපිට කාගෙන්


සුපුරුදු පරිදි රස හැඟුමක් කියන ‍ ‍මෙනී ලය කිති කැවී ඇවිලෙහි හද පතුල ගිනී මට දෙව් ලොවක් බව මේ පෙම් අයන තනී සිරිලක් බිමේ ඇති ගහ කොළ වුවද දනී


සු ළු මුදලකට විකුණා කය හිත යෝද ජීවත් වීම නින්දා කටයුතු නේද මිහිරිය දුකය මට ඒ ගැන දැනු නාද ඉරණම ඔබේ කොයි අතකට විස ‍ඳේද


අරුණළු කිරණ ලබමින් මල් පොකුරු ලිහා රසවත් කරන විට මනුලොව අඳුරු ගුහා ආලය ආදරය පිළිබඳ ගැටළු ලිහා සැනසෙමු බලා මල් ලොව ඇති නවක මහා


සිහිනිඟ නටවමින් රණරසඟනක් වගේ උණුසුම් උකුල මැද පිහිනා අමර ග‍ඟේ නාමල් සුවඳ හමනා සිතිවිලිය දිගේ පියවර නැගුව කාලය හදවතට හැ‍ඟේ


සිතුවිලි ගොවුම රඳවා නිල් ගුවන මත පාවෙන වලා මැද සිතුවම් නගනු ඇත සිරියාවියේ මගෙ හුරතල් රුවන් කොත ඔබ ගැන පුවත් පවසන්නට කෙනෙකු නැත


උකුලට කළගෙඩිය ගෙන සුඟ ඉඟ ගස්සා දියඹට ඇදෙන ඔබ දැක පියවර උස්සා මල් කුමරියන් සංගීතය පසු බස්සා ලලනියෙ ඔබට ආදර රොන් සුණු ඉස්සා


ඔබෙ ලැසි ගමන මගෙ හදවත තුළ එබුනා ආලයෙ ආදරයෙ රස පිළිබිඹු මැවුනා නුමුරුදු නුහුරු පහසිනි ගත සිත තෙමුනා විසිතුරු ජවනිකාවක් ඉදිරියෙ පෙනුනා



6 මල්සර පහර ලත් අඟනක් ලමා වියේ හෙලනා කඳුළු බිඳු මෙන් පෙම් වියෝ ගයේ පාලා නොයෙක් හුරතල් ඔබ පැනල ගියේ මඑ සලකුණුද එන්නට පොඩි හුරත ලියේ


සුන්දර සොබාවික රෑපෙන් මත් වෙමිනී ගේ මැද තනිව සැඟවී නැලවෙන නිතිනී නොනැසෙන තරුණ ගතියෙන් හෙබි පිය ලලනි මගෙ මුළු හදවතම එබගෙන් විය රමනී


සවසට පරවෙනා වන මල් පෙති අත ර සැඟවී තිබෙන රොන් රස සොයනා නොහැ ර බඹරුන් වගේ පෙම රස ලැබුමට නිත ර එබ සතුටුද සොදුර ඔබ සතුටුද සොදු ර


සෙ ල වෙ යි අඹ දල්ල මදනල වැළඳ ගෙ නා ලි ය ල යි කැලල් නැති ආදරය එසෙයි නා නො දැනෙයි නෙසෙහසය ලබනා සැටි සොඳි නා හ ද ද යි සොඳුර කොහොමද නැ‍ලවෙන මා නා


දෙතොලට දෙතොල තබමින් බී මදු පාන සුදෝ කමල නව සඳ පර දාන සිඹ සැන සෙන්න දවසක තුටු ගග පීන කැමති ද පවසන්න මගෙ පෙම්බර නෝන


මගෙ රස නහර පිනවන සූකිරි බෝ ලේ හිනැහෙන කොටත් ලියලයි පෙම් හද පතු ලේ මා පත් නොකර මේහැටි දුකකට දෙවෙ ලේ පෙන්වන්නකෝ පනේ ඔබේ කදිම හුරත ලේ


ම ල් දම් ගසා බැද වරලස මනහා ර සෙල් ලම ගමන් ඔබ යනවා දුටු වා ර කෙල් ‍ලන් කොතෙක් ගිය මුත් මෙම මහ පා ර ඇල් මක් මසිතෙ ඉපදුනෙ ඔබ එයි නෑ ර


නිතරම දිලෙයි රත් පැහැ ගතියක් මූ නේ හොඳහැටි පෙනෙයි එය බැබලෙන හඳ පා නේ කරදර කරන්නට වැඩිපුර හිත නෑ නේ එන්නට හිතයි සතියට දෙවරක් ගා‍ නේ



7 ඔබ මා වෙතට නාමුත් වෙහෙස විඳ පායේ මා ඔබ ‍සොයා ආවෙමි සෝකයෙන් පියේ බමරෙක් මිසක කෑදර ගති ඇතුව ලයේ කුසුමක් කොතැන්දිද බමරෙක් වෙතට ගියේ


ආදර ගොයම් පැල අතරෙහි කිරට නැවී මම ඔබ වෙතට එන්නෙමි අද සිනහ වෙවී ලීවත් මම ඔබට අද රස ඇතිව කවි සමහර මුහුණු ඉදිමෙති කුණුහරුප වෙවී


සි න් ඉඟට ඇඳ නිල් සාරිය දිලෙ න වා න් හැඩට යන එන සැටි දැක නෙති න කාන් දමට යකඩය ඇදෙනා ලෙසි න ඕ න් ඇදුනි මගෙ සිත ඔබ වෙත තදි න


තන හස පැටව් යට වෙන්නට ඇද හැට් ටේ සාරිය ඇඳල පොට දමමින් බෙල්ල ව ටේ හුරතල් ලෙසින් මග යනවා දුටුව වි ටේ බැඳුනා ආදරය ඔබවෙත හැටට හැ ටේ


සැ ම දා මෙමට සිහිවේ මෙහි සිටින නියා නො නිදා යහනෙ ලතවෙනවා සිහිව ඔ යා නි බ ඳා මෙමට දුක් දුන්නොත් තවත් ඔ යා ක ව දා නමුත් දිවි දෙනවා නමට ඔ යා


බැ ඳු නා සිතේ ආලය නුඹෙ රුව දැක ලා සි ඳු නා ඇසේ කඳුළුත් සිහිකර අඬ ලා වැ දු නා සිතේ ගින්දර බොහො ඇවිලී ලා කෙ දි නා ලබන්නෙද ඔබෙ හුරතලෙ නිම ලා


ප ර සතු වෙනේ සුපිපුන මල් පොකුර ව ගේ ඇර ගත් සිරිය බැසගත් එහි සුවඳ ග ගේ වර තර හුරතලියෙ හුරතල් හැතැති ම ගේ සර ණයි ඔබට සැසි සම්බුදු රජු ගේ


වලා යටින් පුන්සඳ පෑ ලෙසට ර මා ගෙයිතුල ඉඳන් එබිකම් කරවන කදි මා ගෙන්නා පාන ලද හුරතලෙ බොලඳ ල මා අම්මාපල්ල සිහිවෙන කොට දාය ලැ මා‍



8 පේමිට උවම ලෙස රත්සර කුමුදු පෙති ගනිතොත් ලපටි සවිවන සිත් පුබුදු වෙති රස සාගරය, නාමල, මගෙ කුමුදු මතී මම ඔබෙ පෙම්වතා - ඔබ මගෙ සුමුදු මතී


වැඩිකල් නොයා ලග එන “දුරුතුවට” බැඳන් නිකමට විනෝදයෙ ගේ ලග පිටියෙ ඉඳන් මගෙ සුර දූතිකාවෙනි; සෙල්ලමට නිදන් දවසක නිකක් පෙරළෙමු “පල්ලමට” බදන්


දවසින් දවස ලියලය් හද අනු රාගේ මොහොතින් මොහොත නැග එයි සිතුවිලි වේගේ කෙල්ලෙක් සමග අත්වැල බැද ඔබ වාගේ කවදා නගින්නද මේ පෙම් බර බාගේ


ඉ මි හි රි කවි ලියා සුමිහිරි ගීත ගයා අ මි හි රි සියල්ලම එක පැත්තකින් තියා හ ද පි රි සත්තොසින් පේමිය; ගැනම ලියා ම ට හ රි හිරි හැරයි ඔබ ඔහි ඇද්ද කියා


සාලිය කුමරු සිය රජබව ඉවත හලේ කෙල්ලක් නිසාමලු රුව ඇති සැඩොල් කුලේ එ නිසා සොඳුරු; පෙන්වූ පෙම් දමමෙ බලේ “සාලිය - අසෝකා” නම් තව තවත් දිලේ


රන්වන් දෙ‍තොල් ගෝමර පෙති පිපුන ඇගේ පැහැබර මුව කමල මට පුන් සඳක් වගේ පිහිනා යට ගිලෙන මා පෙම් අමොද ගගේ මම “නල කුමරු වෙමි - ඔබ දමයන්ති” මගේ


ඉ සි සිත් ඇතිව අප පෙම්දම කඩන අටී දගලන කුහක ජඩ මිනිසුන් නමැති කොටි හමුවන හැම තැනම වනසා දැමුම වටී එ නිසා යුද සෙනග මෙහි රැස් කකා සිටී


ඇ ති සා “මූදේවී” පැ “සිරිකත” ඒවී නි ව සා වසන මෑ රස කිරි උතු රාවී ඉ ව සා දුක සැපත දෙක මගෙ සිරි යාවී මෙ නි සා සිරිදේවි මගෙ සිරි සැප දේවී



9 නාඹර හදට පළමුව මිහිරක් විද්ද ආ ද ර බර මැණික මගෙ අති පර සුද්ද පාක ර හරින ලෙස රුදු මල්සර යුද්ද සීකර මාව පළඳිනු මැන මේ මුද්ද


කරදර ඔබ පතා ටික කලකට විඳමී මේ ආදරය හද තුල දැඩිලෙස බඳිමී ඔබ ගැන සිතා නිතරම කඳුලැලි ‍ හෙලමී කොට්ටය තුරුල් ‍කරගෙන දුකසේ නි දමී


තම දියුණුවට වැදුනොත් නීති “කතිර කොමා ඒ හැම සිනහමුසු මුහුණින් ඉවත දමා දුක්, කම්, කටොලු, හැමදේටම සිරස නමා සැනසෙමු අපි දෙදෙන අද ලොව ඔහොම තමා


නොඉඳුල් මගේ ආදර පෙම් කුමුදු වනේ පෙම් පිඩ අනෙ! ඔබ හින්දයි පුබුදු උනේ මගෙ දිවි සමානයි ඔබ වෙත බැදුන සෙනේ මින් පසු සුදු මගෙයි - මම සුදුගෙමයි පනේ


රුචිරාණනිය, මගෙ කෝමල සුසුදු වතී ඉමිහිරි හැගුම් ලියලයි හද කවන කිතී ඒ මෙන් ලපටි ඔබෙ කම්මුල් පියුම් පෙතී පෙන්වයි සුදුසුකම “පෙම් හදවතක” ඇතී


සිදුවන ගැහැට දුක් කරදර හිසෙහි තියා හිත ගත වෙහෙසමින් අහසට දෙනෙත අයා “කිම අද මෙලෙස මට මේ සිදුවුනේ” කියා දුක්බර නොවෙනු මැන පෙම්බර සුදෝ, ඔයා


සිරිගර රස පොවා මා හද කළ එලිය බීමෙන් රස නහර පිනවන “කිරි නැලිය” මා වැනි ඇඹලයින් ලෙව්කන පැණි හැලිය ඔබ මහ මුහුද - මම කැරකෙන දිය සුලිය


ඊයේ රැයේ සිහිනෙන් මම ඔබ ගාව හිඳගෙන අදර නදියෙයි පිහිනා නෑවා ගනඳුරු පලාගෙන තද ‍එලියක් ආවා ඔබ හද හාමි නම් මම ඒ මැද හාවා



10 ඉන් පසු දෙඅත් ගෙන නිසිලෙස එකට කර මදමුදු සිනහ රැල්ලෙන් හිත පුබුදු කර ඒ සිරි හැම දෙනාටම ආචාර කර පෙම්වමු ඔවුන් හට පෙම් ලොව මුහුනු වර


සයිකලයක නැගී ගෙන නැති පොල්ල මැද රෑවී ගෙදර ආ සසු තරඟයට පැද ලොකුවට සොයන බඹසර ඉතුරු වේ විද මේ කැත සිරිත් මට නම් පිළිකුලකි අද


‍බොල් ගති ඉවත දා මගෙ දැඩි සෙනේ කඳ “ඉසදිය කළය” කුඩුවී යන තෙක්ම බිඳ කාටත් නිතර යන එන කොට පෙනෙන ලෙද තොරණක් නගමු ආදර මල් පොකුරු බැද


අම්මෝ; බඩගිනියි මට දැන් කිරි ඕන කිරිදී නිදිකරන්නකො සිඹ සිඹ මූන ඔබ මව් කෙනෙක් නම් දරු සෙනෙහස පාන මම පොඩි බබෙක් වෙමි ඔබ දෙස බඩ ගාන


ලා නිල් කෙහෙල් දල්ලට පිනි වැටෙන වෙලේ රවසත් වේවි හෙල්ලුනි මුලු ගුවන් තලේ පෙම් ගී ගැසීමෙන් මගෙ නවයොවුන් මොලේ කඳුකර කෙල්ල මයි හොඳටම අවුල් කලේ


සෙල්ලම් පහට ඉගිලෙන සමනලයි න්නේ අත්තටු රැගෙන ඔබ කොයිබද පියඹ න්නේ දුක් ගීතයකි ඉන් මදහට නැග එ න්නේ කොහොමද හුරතලියෙ කොහොමද ඉවස න්නේ


යස කවි සින්දු සිව්පද රසවත් වන් නම් කියමින් උකුල උඩ හවසට නල වන් නම් මා හඳ පෙම් උයන මැද නිදි කර වන් නම් මගෙ දිවි තිබෙන තුරු ඔබ අත් නොහරින් නම්


කවියක් කියන්නකො මා ගැන හදපු ඔයා කියමින් උකුල උඩ මා රස කරන නියා මා ආතිදැඩි කරපු ඔබ ආලයේ පියා කිව්වොත් අමර සැප ‍නේවිද අපව සොයා



11 කුසුමක් වෙලා පැහැබර පෙති උඩට ඇද මා එන විටදි සිටියොත් මල් පඳුරු මැද ‍රොන් රස උරා ගෙන ගොස් මී බිඳින සොඳ බමරෙකු ලෙසින් ඉගිලෙමි පැණි උරන ලද


හද බැඳි සෙනේ ගැන මේ කවි ලියැවී යයි මට රස උනේ ගවුමට වැඩියෙන් සා යයි රස වති වනේ අත්තක බැඳි රස මී යයි ‘මම හිරමනේ - ඔබ ගෑවෙන පොල් බෑ යයි’


කිරි දී මුහුණ සිඹගෙන දොයි දොයිය කියා ගැහැණුන් හට පුරුදු නැලවිල් ගීත ගයා මගෙ පුතුහට අනේ හොඳටම නින්ද ගියා කියමින් නොයනු මැන වෙන වැඩ කරන නියා


ගියහොත් බිමට පැන පස්සෙන් දන ගෑමී එතකොට තවත් සැරයක් නිඳිකර පේමී හා! හා!! නාඬන්න මගෙ සුදු හඳ හාමී කියමින් වඩා ගන්නා තෙක් මොර ගාමී


දරු සෝකයෙන් ඇග ලේ කැඩි කිරට පෙරා මම නිඳි නොගන්නෙමි ඒ කිරි පෙවෙන තුරා පුරවාගෙන හොඳට බඩ මම පපා නුරා යන්නෙමි ඊ ලඟට නිදියන යහන කරා


මව් දෙන අවවාද දැඩි ලෙස හිතේ තබා ඒ ලෙස වැඩ ක‍ළොත් හොඳ ලක්සණට නොබා වැඩිකල් නොගොස් ලැබගෙන ආකරයෙ බබා නලවමු දෙන්න පෙම් ගීතෙන් උකුලෙ තබා‍


උ‍දයෙම පිපෙන ගේ ලඟ මල් පඳු‍රෙ මලේ වෙනදා සුගන්දය නැතිබව දුනුන වෙලේ අසුවුන බව දැන හොර බමරුනුගෙ ‍දැලේ ඉන් පසු තවත් නොයනෙමි මම වඳිමි කැලේ


මින් පසු තවත් නැහැ එහි මල් පිබි දීම නැහැ බමරුන් දැන් හොර මල් පැණි බීම ඔබ වැනි බමට කුල දැරියකු හට තාම මගෙ හද මල් උයනෙ ඉඩ ඇත හොඳ ටෝම



12 ඔබ දුම්රියක් නම් යක දම දමා දුම සවි වූ රෝදයක් පාසා නැවී මම පෙන්වා ආලයක ඇති දැඩි සෙනේ දම එය දුවවනු පිණිස කැරකෙමි වටේ ටම


යටවී තොල් දෙකට යලි මතුවෙන හීනී හුරතල් දත් කුකුළු පා හිනැහෙන් රානී හද පැති කිති කවන නිති ගති ඇති පාණී ඔබ උණුවතුර නම් - මම තේකොල සීනී


ඔබ ගින්දර උනොත් මම දර ගොඩක් ‍ වෙමි ගිනි දැල් අවුලවා “පෙම්බත” උයන් නෙමි ඔබ පෙම්වතෙක් නම් කැඩු ආදරයෙ බැමී ගිහි ජීවිතෙන් කම් නැහැ මම මහන වෙමි


දවසට කීප සැරයක් ඔහෙ යාලු නොවි බොරුවට තරහ වෙමු නැවතත් යාලු වෙවී ඉන්පසු එකට හිඳගෙන අපි හැදු‍ව කවී කියමින් රස විඳිමු දෙන්නම හිනා ‍වෙවී


ගින්දර පුළුන් දෙක එකතැන ගිනි ග න්නේ අපෙ සමගිය නිසයි එද ඒ ලෙස වෙ න්නේ පෙම්වති අඬගසවවිට ඒවා! තෙත් වෙ න්නේ ඉන්පසු එකට තිබ්බත් නැහැ ඇවිලෙ න්නේ


දවසක රස විඳින ලෙස සස සී දේවී පේමිගෙ නමින් මෙහි පෙම්රැස් විහි දේවී දෙන්නම රස පෙරීගෙන විත් නෑ වේවී “මම කුස කුමරු වෙමි - ඔබ පබවති දේවී”


දුක් වර ජීවිතය මිහිරට ගෙන යෑමේ පුළුවන් කමක් ඇත ඹ’ට නොකඩව සාමේ ලව්කික සැපට තුඩු දී සුන්දර පේමේ වේ සිහි වේ නිතර ඔබෙ නොකැඩෙන නාමේ


මගෙ සුන්දරිය රස වෑහෙන කොපුල් තලේ සමගින් එකට පෑහුන නව යොවුන් මොළේ එ නිසා තමයි මම ඔයහැටි ඇළුම් කළේ මම සුදු නූල - ඔබ උඩ යන සරුං ගලේ



13 කවදත් මගේ සිත තුළ දුක් හරින නි මා සිහිවී ඔබව නිදිනැත මෙහි තවම මෙ මා එ නි සා සොදුර මා මෙන් පෙම් සිලිල තෙ මා සිටියොත් හොඳින් යහපත සිදුවේවි ත මා


විලිකුම් දෙළුම් කෑමට මන දොලක් ඇ ති මී අඹ වලින් කෙනෙකුට කිසි පලක් නැති එලෙසින් රස සොයන මට කිසි රසක් නැති වීනා ගායනය කුමටද වැඩක් නැති


හදකට සුවය ගෙනදෙන සුමිහිරක් ඇ ති ආලය නොමැති තැන ජීවිත පලුදු වෙ ති රස වී එක්වීම නම් පෙම් ලොවේ ග ති එක් වී රසවීමකින් මට පලක් නැති


පෙම්වතුනට මිසක පෙම්ලොව ර ජ වී ම පොඩි කොල්ලන්ට බැහැ එහි රස ඇ මි නී ම මී මැස්සන්ට මිස රොන් රස ඉ ර වී ම නිල මැස්සන්ට බැහැ මල් මල පැණි බීම


පේමිය මට ඔබව මිස කිසි දෙයක් නැති දුප්පත් අහිංසකයෙකි හද තැලුන නිති රොන් රස උරා පැනයන හොර බමර ගති මට නැහැ මගේ හිත දැන් පිරිසිදුව ඇති


හදවත් දෙකක ඇති රසවත් කම දැඩිය ඉස්සර වගේ නොව දැන් ආලෙන් වැඩිය තොල්වල කහට ගෑවෙන රස වං ගෙඩිය “ඔබ අත් මෝල නම් - මම ගල් වං ගෙඩිය


පිබිදී නැගෙන විට දිනකර අවර ගිරෙන් මිහිදුම් පලායයි කඳුරැලි අතර වැරෙන් පිහිදුන ගොයම් ලෙස ඔබ රස බරව කිරෙන් හිටියොත් බොල් කරමි මම ගොවියන්ට හොරෙන්


ඔබ නම් මඩ යටට ගිය ඒ “වල පොත්තා” මෙලහට බිලී කටුවෙන් ගොඩටම ගත්තා මල් වල රස බලන නිල්තන කොල පෙත්තා ඔබෙ පෙමදාම උඩ මම රජවෙන ඉත්තා



14 ඔබ නැති සෝකයෙන් හද ගිනි ගැනි දවයි බැහැ නිදියන්න ඔබෙ රුව කළුවරේ මවයි වැඩිපුර ඇති නිසා වට පිට නරක ළමයි ඔබ මෙහි ගෙනෙන්නෙත් හද නැති රැයක තමයි


ඔබ ගිය දිනේ සිට මගෙ තොල් සගල සිඹ රඟ දෙනු පෙනේ ආලයෙ පෙර නිමිති සුබ රස රාජිනියෙ; මගෙ නොඉඳුන් රසය ලැබ රසවත් කිරීමට එනු අද හෙටම ඔබ


හිටියත් අප දෙදෙන ගව් ගණනක් ඈත මට දැන් දැනෙන්නේ ඇති මෙනි ලග පාත ආදරයකු ඇතොත් මාහට සුවි නීත කුමකට විඳිනවද? ඔබ උඩරට සීත


උදයට පිපෙන මල හවසට පරව නැටී මැලවී ඇද හැලෙහි පුදුමයි ලොවේ හැටී එ නිසා සොඳුර; අද දින රසවත්ව ගැටී සිටියත් අපේ ඉරණම ඒ ලෙසම හිටී


නොලැබුන නිසා බෝකලකින් දැකීමට මට දැන් හරිම ආසයි ඔබ බැලීමට මොහොතක් කදේ දාගෙන පනෙ සිටීමට ලගදීම වගේ එන්නද ඔය පළාතට


පාසැල් සමයෙ සිට මම පෙම්වතෙකු ලෙසින් පේමෙට සැලකුවෙමි අඩුවක් නැතිව තොසින් එකතැන එකට රස විඳ දුර බැහැර ගොසින් ලිව්වත් ලිපි වැඩක් වෙද; සුදු නොදැක ඇසින්


රසවත් මගෙ සුදෝ වන් මී පැණි සීනි සුදෝ ඔබ තමයි මට ලස්සණ ගෑනී පුන්සඳ පැරද යන රුව - කටහඬ හීනී සැරදේ; මල් කැකුළ; සුදු හුරතල් රානී


එතකොට බැබලී බැබලී පෙම් ගගන තලේ පිනිදිය මල් පොකුරු හිස පිට වැටෙන වෙලේ වට පිට සිටින අය මගෙ පේමියගෙ ගෙලේ ලොකු මල් මාල පැළදූ පසු තවත් දිලේ



15 සුර සුන්දරිය මගෙ රස කවි වැලේ එතී ඇති පෙන්නුවා තව දුර පෙම් ලොවේ ගතී ආදර ගං ඉවුරුබඩ වන මලේ පෙතී මා නැති නිසා අයායෝ; පරවෙලා ඇතී


රොන් ගත් අහිංසක මල් හැම රසම පතා වෙන මල් ඉදිරියෙහි ගොතමින් රසික කතා අදහස ඉටු කරන් පොඩිකර “කුමුදු” ලතා බමරෙක් පැන්නහොත් ඔහු කෑදරම සතා


වනමල් කැකුල; රස සාගර සුවඳ පිඩ දහ වල් දවසෙ පායන පුන් තරඟ මැඩ රසකල් යානියේ ආදර සෙනහස පිඩ සුරකෙල්ල කට වැඩියෙන් ඔබ පෙනෙයි හැඩ


ඇ ගෙ නි ල් කෙස් කළඹ කළු පැහැයෙන් නෑවේ නි සි ක ල් නිසි වයස රත්සරපෙති පාවේ ග න නි ල් වලාකුළු ඒ මේ අත පාවේ ඉ ඳු නි ල් වන් මැණික මට නිතරම සීවේ


පැ හැ ප ත් නෙත් සඟල සැඟවී දෙබැම් යට පියයුරු තිසරු දැඩිවී එයි දිරි යට ලස්සන මුව කමල පැහැපත් විලස සිට කැඳවන බව පෙනේ පෙම් ලොව මගුල කට


මෙමපණ කලක් රැක ආ පෙම් දහම් කඩා පොහොසත් තරුණයෙක් තව සෙවුමකට ව‍ඩා ඔබගේ ඔබට සැලකුව දිවියටත් වඩා හාමත් උනත් නරකද මා සමඟ අඬා


ඔබගේ නිහඬවීමෙන් කල කි රී ම ට පත් වී මෙමට සිදුවෙයි නිදි මැ රී ම ට හදවත පුබුදු කරගෙන රස කි රී ම ට මට ඔබ මිසක වෙනනැත මෙහි රි දී කැ ට


හිත්වී සිඹින්නට ඔය සමනල් මූන මල්පෙති උඩට ඉගිලෙති ගේ ලග පේන ඇහුනම ඔබේ හද කොවුලන් පසු බාන සුරසැප කිසිම දින මම නොපතමි නෝන



16 හිමිදිරියෙන්ම මුදු මල්පෙති පුබුදි න්නා එලෙසම මරා හවසට බැසය න්නා ඉඳුමෙන් වැඩක් නැහැ දැන් දෙපොලක දෙ න්නා එ නිසා දිනක එක්වෙමු සුරතල් පෙ න්නා


සූකිරි කැටය පැණි බේරෙන වරක ඇටේ මී මැහි පොදිය කැරකෙන පැණි වදය වටේ නැහැ පො‍ඩි එකා යන ගෝනිය නැතුව පිටේ ඔබෙ ලස්සනට මට මෙහෙ නිකමටම නැටේ


අතගත් සමඟ දැඩිලෙස යුද වැදුන දිනේ සාමය පතා දිව්වේ කොයියිට ද පනේ හිතවත් පෙම්බරිය ඔබ දැක බැඳපු සෙනේ රසවත් වෙවී ලියලයි හද මැදුර කොනේ


සමහර කුසුම් ඇති සුවඳැති හොඳට ඔපේ වසන්තයෙහි මෙන් ගිම්හානයෙද පිපේ එනමුත් මගෙ කුසුම තව තව වැඩී ඔපේ වසන්ත්යෙහි මෙන් නොව හැමදාම පිපේ


නොමැරෙන හැගුම් සැප ගෙනදී විටෙක හැම රණහස තුඩින් කිති කව කව මෙමගෙ ලැම බඳවට යැවූ සුදු අත් පොඩි යුවල තම මිහිරියි පනේ කවදත් මට ඔබගෙ නම


කලතා අහස් ගග පෙණපිඬු එකට ඇනූ ඔබ දෙවඟනක් වාගෙයි ආ ලොවට මනූ පොඩි තොල් සඟල නයි බටුවල පැහැය දිනූ රස උල්පතකි මට මී පැණි පහළ වුනූ


පෙම් ජවනිකා මවමින් මල් යහන මත ‍ෙපන්වන්නියා ඔබ මා පිළිබඳව හිත හසරැලි වලින් ඔපකර ගෙන දිලෙන වත රසවත් වෙන්න අපි යමු ගං ඉවුර වෙත


හැරා සැම දුක් දොම්නම් සත නි න්න ස රා මඟුල් සක්වල අම රස බො න්න ප රා නේ සදිසි මට පෙම් බැඳඉ න්න නු රා සුන්දරිය නිදුකින් සැර දෙ න්න


________________________________________

"https://si.wikibooks.org/w/index.php?title=නු_රා_ව&oldid=5921" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි