පත්මාවති කථාව
උප්පලවණ්න චරිතය
හෙවත්
පත්මාවති කථාව
1. ස ත් හට සෙත දෙවණ තිසරණය නමක ර
යු ත් ලෙස එපින් සුරණට දී සිතිනිද ර
ති ත් පින කරණ සුදනට අගනා අයු ර
ප ත් මා වති චරිතය කියමි කවික ර
2. මි න් පෙර කල්ප ලක්ෂුය වූ කපෙහි ති ර
පි න් සරු “පියුමතුර” නම් මුනිඳු මනහ ර
සු න් දර ගුනෙන් පහලව සිතහට අද ර
ග න් බිර “හංසවති” පුර වැඩවසන ව ර
3. එ පු රේ සිටු කුලෙක යහපත් වූ රුව ට
ප ව රේ සිටු දුවක් සිටියේ මනා කො ට
නොහැරේ දිනක් දහමය අසනා ලෙස ට
අ ද රේ වෙමින් ගියෙ ඒ පුර විහාරෙ ට
4. ද හ ම ය අසන ලෙස මුනිතුමගෙන් එදි න
පැ මි නි ය දෙවි බඹුන් නා රකුසන් නොමි න
ස තු ට ය වෙමින් රජ යුවරජ මැති නෙද න
ස පි රි ය ගුණෙන් පැමිණි සිටීයෝ යසි න
5. එ දි නේ පියුමතුර නම් මුනිදු සතහ ට
ය සි නේ දම් දෙසා ඉවරව සිතලෙස ට
ස සු නේ විසුව මෙහෙණක් කැඳවා ලඟ ට
තු ටි නේ එර්දිමත් තනතුර දුනි අග ට
6. දැ ක ලා එබව සිටු කුමරිය වෙලා තො ස
පි න ලා මුනිඳු පාදය වැඳ කිව් මෙලෙ ස
නි ම ලා සමිඳුවනි ඔබතුම සහ යස ස
වි පු ලා රහත් සඟ සමඟින් සෙට දව ස
7. වැ ඩ ලා මා නිවස දානය වළඳා ලා
නි ම ලා දහම් දෙසනුය කීකල වැඳ ලා
වි පු ලා මුනිඳු ඉසූ කල පිරියවෙ ලා
එ ක ලා කුමරි සතුටුව කෙරූ මේ සිය ලා
(2)
8. ගොසින් තමා මාලිගයට සිටු කුමරිය එදි නේ ය සි න් දානෙ පිළියෙල කෙරු පස් ගෝ රස වලි නේ උ තු න් මුනිඳු පසු දිනයේ රහතුන් පිරිවරි නේ තු ටි න් වැඩියේ සිටු නිවසට අරැදුන් කළ ලෙසි නේ
9. ර හ තු න් ලක්ෂනය සමගින් වැඩිකල මුනි උතු මා
ව ඳි මි න් එහි වැඩහිඳවා දන්දී සිතු ලෙස මා
අ ස මි න් අනු මෙවෙනි දහම් ඉතාම පැහැදී මා
ප සු ඉ න් සදවසක්ම දන් දුන්නේ සිතුපේ මා
10. ස ත් වෙනි දින ලොවුතුරු මුනි පාදය වැඳ කුම රි
ස ත් දවසක් දන්දුනි වග සැලකෙරු සිත දහි රි
ස ත් තෙන් මතු බුදු සසුනෙක ඉපදීලා රුසි රි
ස ත් තිර ලෙස එර්දිය ලැබ අග වෙන්නට සපි රි
11. කු ම රි ය කිව් වදන අසා පියුමතුරා මුනි ඳු
ස පි රි ය ලෙස දෙසුවෙ එදින මෙලෙස බසක් සුමු ඳු
රු සි ර ය බද්රාෙකල්පේ ගව්තම නම් මුනි ඳු
පැ මි නි ය කල තොපේ පැතුම ඉටු වේ මැයි පසි ඳු
12. මු නි ඳු න් දෙසු තෙපුල අසා සතුටු වෙමින් එදි නා
ය ස සි න් පින් කලේ කුමරි දිවි ඇති තෙක් රැවි නා
එ ත නි න් චුතවෙලා ගොසින් දිවපුර ඉපදෙමි නා
ම න ර න් සැප විඳගන සිට එතනින් චුත වෙමි නා
13. පෙ ර කල පවක් පල දීමෙන් එවන් ක ල
ති ර සර බරණැසෙහි සිටු හට දාසිකු ල
ක ර දර විලස ඉපදී වැඩි වයස ක ල
ගොර තර වැඩිකලේ සිටුගේ නිවස තු ල
14. ඇ ල් ගොවිතැන් කරණ එම සිටුවර පව ර
ඇ ල් කෙත් පිදීමෙන් පැසෙන කලට ති ර
ඇ ල් කෙත රැක බලා ගන්නා ලෙස සති ර
ඇ ල් කෙතකට ඇරියේ දාසි එම ව ර
15. ගොසිනේ දාසි ඇල්කෙතකට අන විල ස
යසිනේ පැලක නැවති සිටගන නිදො ස
එදිනේ එනා පක්ෂීින් එලවා යස ස
දුකිනේ වසන සඳ කෙරුදේ අසනු ය ස
16. ක ර ල් කඩා දාසිය සිත ලෙස ටා
වි පු ල් ලෙසින් බැද විලඳද යස ටා
උ දු ල් ගුණෙන් තිබු පොකුණක් දෙස ටා
නි මල් විලස ගියෙ මුව දෝවනෙ ටා
17. දැ ක ලා පොකුණේ පියුමක් එදි නේ
පි න ලා තම සිත කඩමින් රැගෙ නේ
එ ක ලා මුව දෝවන කර තුටි නේ
දු ව ලා ආවයි පැල තුල ඉති නේ
(3)
18. එ දි නේ ගන්දමාදන පරුවත වස න රු වි නේ පසේ මුනිඳෙක් සම්පත් රකි න ය සි නේ සත් දිනක් ආහාර නොම රැගෙ න කු ළු නේ බාවනා කර සත් වෙනිවු දි න
19. කා ගෙ න් මෙදින දානය ලබමිද සිත ලා
පේ මෙ න් බැළු කලට මුනිඳානෝ විපු ලා
ආ ලෙ න් කෙත රකින දාසිය දැක නිම ලා
වේ ගෙ න් වැඩියෙ අනුකම්පා කර එක ලා
20. කෙ ත ර කි නා දාසි එදින පසේ මුනිඳු දැක ලා
සි ත තු ටි නා දන්දෙන්නට සිතා ගොසින් වැද ලා
ය ස සි රි නා විලඳ සමග පියුමන් පුදකර ලා
බැ ති සි ති නා මේ විලසට පැතුවයි ලඳ එක ලා
21. අ ද ද ව සේ මෙමා විසින් දුන් දානේ පින ටා
ම තු ද ව සේ මෙමනු ලොවේ ඉපදුනි නම් යස ටා
ර න් වි ල සේ සිරුර පාට සමග යසස් මෙම ටා
ය ස වි ල සේ ඇති වේවා පතමින් තව එවි ටා
22. සි රු රු තුලෙන් සඳුන් සුවඳ පැතරේවා එදි නේ
ප ව ර මුකෙන් මහනෙල් මල් සුවඳ පැතිර එමෙ නේ
අ ද ර මෙමා මනයන කල පියුම් පිපී සොඳි නේ
නොහැර පියුන් පිටින් යන්ට ලැබේවා මතු යසි නේ
23. මෙ දු න් විලඳ පින් බලයට පන්සිය පුතු ලැබි ලා
උ තු න් පසේ බුදුවේවා එකවිට ඒ සිය ලා
එමෙ න් මම ද මතු සසරේ මුනිදෙක් නෙත දැක ලා
උ තු න් නිවන ලබා ගන්ට ලැබේවා පැතු එක ලා
24. මෙලෙසට පැතු සඳේ කුමරි පසේ මුනිදු උතු මා
එලෙ සට තොප පැතූ සියලු ලැබෙවා සිතු ලෙස මා
ය ස සට තපසා මුනිතුම වඩිනා සඳ කදි මා
දා සි ට නැවතත් කරුණක් සිතුනේ මේ ලෙස මා
25. ප සේ මුනිඳ හට දුන් විලඳ ගණිති ආහාරය ට
ය සේ පිදු නෙළුන් මළින් වැඩක් නැතේ මුනිඳු තුම ට
එ සේ සිතා පස්සේ ගොස් පියුම් රැගෙන තම සුරත ට
වි සේ සයෙන් නැවතත් සිතු එම දාසිය මේ විලස ට
26. මු නි දා හට නෙළුම් මලින් වැඩ නැති නම් යස සේ
මෙම දා අරගන නොවඩිති පිදුවේ මුත් නිදො සේ
එලෙ දා සිත වෙමින් දාසි නැවතත් ගොස් පස් සේ
සු මු දා මල පූජාකර ගියා යන්ට සතො සේ
27. පි න් වත් එම පසේ මුනිඳු වඩිනාතර එදි නේ
ප න් සියයක් ගොපළු දරුන් විත් වැඳගෙන රුවි නේ
සු න් දර සමිඳුනි දානය ලැබුනද ඇසු සදි නේ
ස න් තොසයෙන් පසේ මුනිඳ දෙසුවයි මෙම ලෙසි නේ
(4)
28. කෙත රකිනා දාසියගෙන් විලඳ ලැබුනි දෙසු වා
සි ත සතුටින් එම දාසිය පැතුවෙ කිමද ඇසු වා
න ත ර වෙලා පසේ මුනිඳු ඇගේ පැතුම් දෙසු වා
සි ත පිනමින් ගොපලු දරුන් මෙලෙස දෙයක් කෙරු වා
29. කි රි සහ මීවදයක් ගෙණ මුනිඳුට පුදකර ලා
පි රි ය වෙමින් පන්සියයට මුනිඳුන් පා වැඳ ලා
සි රි යෙත් අප සියළු දෙනා ඇගෙ කුස ඉපදී ලා
ස රි යට සත් වසට පැමිණ බුදුවෙමු පැතු නිම ලා
30. අ ස ලා පන්සියගෙ පැතුම් පසේ මුනිඳ එදි නේ
නි ම ලා තොප පැතු විලස වේවා දෙසමින් නේ
වි පු ලා ගුවනට එර්දිව වඩිමින් එම සඳි නේ
නු මු ලා වෙන් විලඳ කිරිද මී වැළඳුවේ රුචි නේ
31. සි ටු කෙත රැක සිටිය දාසි නෙක පින්කර සිට ලා
ඉ ටු ලෙස එතනින් චුත වී කරපු පිනේ විපු ලා
තු ටු වෙන සැප ඇත දෙවුලොව ඉපදී සැප විඳ ලා
ඉ ටු ලෙස චුත වී එතනින් උපනි මෙලෙස උඳු ලා
32. හි මා ල වනයෙහි තිබෙනා සසොබ න
පෙමා වඩන පරුවතයක් පෙදෙස න
නි මා නොවන පස්පියුමෙන් ගැවසු න
සැ මා සතුටුවන විලකිය රුවයෙ න
33. එ වි ල තිබුන මහ පියුමක යෙහෙ නා
නි ම ල පිණෙන් මේ කුමරිය උප නා
පු ව ල ගුණෙන් මෝරන එම සඳි නා
ප ත ල දෙයක් සිදු උනු මේ ලෙසි නා
34. එ ක ල ට අප මහ බෝසත් උතු මා
රු සි ර ට බමුණුව ඉපදී නිය මා
ස ස ර ට සිත කලකිරිලා වහ මා
ව න ය ට වැද සිල් රකිනේ මහි මා
35. දි න ක එබෝසත් මුව දෝවන ටා
සැනෙ ක වැඩියෙ පෙර කී විල් තෙර ටා
අනෙ ක සිරින් බබලන මල නෙත ටා
සැනෙ ක පෙනී සිතු පිනමින් එවි ටා
36. ති බෙ නා මේ විල් මල් සැම තෙදි නා
පි පෙ නා බව මට පෙනෙතිය රුවි නා
ය සි නා මේ මල කැකුලසෙ තිබෙ නා
ක රු නා කිම බලනෙමි සිත වෙමි නා
37. බැ ස ලා විලටම බෝසත් එදි නේ
වි පු ලා ගුණයෙන් ගොස් එම සැති නේ
ක ඩ ලා ඒ මල ගත් සඳ රුවි නේ
නි මි ලා විලසට පිපුනයි සැනි නේ
(5)
38. ර න් රුව මෙන් සිටි කුමරිය එදි නේ
සු න් දර බෝසත් තුම හට පෙනු නේ
පි න් සිරි කුමරිට දරු සෙනෙ හසි නේ
ස න් තොසයෙන් ගෙණ වැඩියයි රුවි නේ
39. ත ම න් වසන පන්සල තුල පිවි සා
රු වි න් ඇඳක සතපා සිටි දව සා
එ ව න් කුමරි මාපටගිලි යස සා
රු වි න් එරුනු කිරි පින ලෙස විග සා
40. ක ට ලා තමැඟිලි කිරි බොන කුම රී වැ ඩි ලා යස ලෙස සඳ මෙන් සපි රී නි ම ලා අවුරුදු දොලසට විස රී බ බ ලා බෝසත් ලඟ සිටි රුසි රී
41. කු ම රි ය ගේ පින් බලයට එදි නා
උ නු වි ය සක් නිරිඳාගේ අසු නා
වි ග ස ය සක් රජ ඇවිදින් එත නා
ස පි රි ය බෝසත් වැන්දේ තුටි නා
42. පු ර ඳු රු බෝසත් වැන්දේ තුටි නේ
සි ත යු රු සැප දුක් කතනය වෙමි නේ
සි රි ස රු කුමරිය කැඳවා යසි නේ
ගු ණ දැ රු බෝසත් කිවු මේ ලෙසි නේ
43. පි යු න් ගැබ උපන් මා දුව පෙර පින ට
ය ස ස් නමක් තබනුය කී සත් රජු ට
තු ටි න් බලා සක් රජ කුමරිගෙ රුව ට
ඉ ති න් තැබූ “පත්මාවති” නාම තු ට
44. නා ම ය ත බ මි න් කු ම රි ට සක්රජු එම සදි නේ
පේ ම ය වි ල සි න් ස රි ය ට මාලිගයක් යසි නේ
වී රි ය බ ල යෙ න් වි ග ස ට නිර්මිත කප රුවි නේ
පේ ම ය වී මෙ න් ස හ තු ට නොයෙක් වස්තු දෙමි නේ
45. කු ම රි ට පි ට ති න් පැමිණෙන උවදුරු වලකමි නේ
ගු ව න ට න ගි මි න් සක්රජ දෙව්ලොව ගිය එදි නේ
හ රි ය ට රු සි රෙන් නදුයන පරදන මහ එව නේ
රු සි ර ට සි ටි යෙන් කුමරිය බෝසත් හට පෙමි නේ
46. දි වි ය ක තු න් පරදන එම පත්මාවති කුම රී
දි වි ය බොජු න් වලදා නිති සිටියෝ සිත සපි රී
දි වි ය සු ර න් ගනා නිලස ගී කියමින් දහි රී
දි වි ය සැපෙ න් සිටි දවසක් මාලිගයේ රුසි රී
47. එ දි නේ බරණැස වසනා වැද්දෙක් වන ඇවි දා
දු කි නේ යන කල ගී හඬ ඇසිලා ඔහු එස දා
ය සි නේ මේ කිමද කියා බලනා ලෙස පැහැ දා
සෙ මි නේ වන ගියයි එවැදි හඬ අසමින් එස දා
(6)
48. සොය නා කල වනගතයේ මාලිගයක් දැක ලා
එ දි නා පුදුමෙට පත්වී වට පිට බැලු විපු ලා
රු වි නා දිවඟන පරදන කුමරිය එහි සිට ලා
පෙ නු නා වැද්දාගෙ නෙතට සිතුවේ මේ අවු ලා
49. සි ටි නා වන මේ ලඳලිය මනු අඟනෙක් නොවෙ තා
ය සි නා සුර අඟනෙක් මයි සිතලා වැදි එපු තා
බ ල නා ලෙස කරුනු සොයා සැඟවී සිතු පෙමැ තා
සි ටි නා කල මෙලෙස දෙයක් දුටුවෙ ඔහු දෙනෙ තා
50. සු ප ස න් ගුණ අප බෝසත් වනගතයේ ගොසි නේ
ය ස සි න් පල වැල සොයලා බුදිනා ලෙස තුටි නේ
බ ඳි මි න් කද බරට රැගෙන ආව කලට එදි නේ
සු ප ස න් කුමරිය දුව ගොස් අරගති කදු සසි නේ
51. ත බ ලා පැත්තක එම කද පැන් අරගෙන ගොසි නේ
වි පු ලා මුව දොවනයට දීලා එම සැනි නේ
එ ක ලා තපසුන්ගේ දෙපා සෝදා තම අති නේ
ග ස ලා දන වැන්දෙ කුමරි තපසුන් හට එදි නේ
52. දැ ක ලා මේ කරණ ගැහැට වැද්දා එම දව සේ
එ ක ලා සිතු තපසුන්ගේ දුවනිය මයි යස සේ
වි ක ලා වී එවැදි පුතා ගොසින් ලඟට විග සේ
වැ ඳ ලා බෝසත් තුමහට සිටියයි එම දව සේ
53. ද කි මි න් බෝසත් වැද්දා තොරතුරු ඇසු කල ටා
කි ය මි න් දුන්නේ ඒ වැදි මග වැරදුන ලෙස ටා
ස තු ටි න් පලවැල දීලා වැද්දා හට කන් ටා
ඇ සු වෙ න් නවතිනුද කියා කීවේ ඔහු එවි ටා
54. ස මි ඳු නි මෙහි නැවතීමෙන් පලක් නැතේ මෙම ටා
එ බැ වි නි මනුසත් පෙදෙසට යමිය කියා සතු ටා
වි ග සි නි බෝසත් වැඳලා අවසර ගෙණ එවි ටා
ය ස සි නි නික්මුනි වැද්දා යන ලෙස බරනැස ටා
55. බැ ස ලා වනයට යන කල වැදි කොල අතු කැටි කඩ ලා
ද ම ලා මග රුක් සලකුණු තබමින් ගොස් එක ලා
ගෙ ව ලා වන බරනැස් නම් පුරයට පැමිණී ලා
නි ම ලා රජ මාලිගයට ගියාය සිතු පින ලා
56. ද කි මි න් එවැදි බඹදත් රජතුම එදි න
කොතනි න් අව කවුරුද තොප අසු සඳි න
ව ඳි මි න් රජුට වැද්දෙක් බව පවසමි න
සු ප ස න් වගක් කීමට ආමි කීවෙ න
57. කි ම දා කරණ බඹදත් රජ ඇසු සඳි න
පැ හැ දා කියා දුන්නේ වැදි මෙම ලෙසි න
සු මු දා සමිඳු වති වනගතයන සඳි න
පැ හැ දා කතෙක් දුටුවෙමි මුලු ලොව වටි න
(7)
58. දි ව ඟ න ක් විලස රූපය බබලන් නේ
කි ඳු රි ය ක් සේම ගී නද පතුරන් නේ
තා ප සෙ ක් වෙතේ එ ලඳ වැස ඉන් නේ
වෙන කෙනෙක් නැතේ වන ගත දිලිසෙන් නේ
59. අ ඩි ය තියන කල මහනෙල් පිපෙ න් නා
ස රි ය සිරුර චන්දන සුවඳ එ න් නා
මු ක ය නිතර මහනෙල් සුවඳ ව න් නා
බැ රි ය වරුණ කීමට සිත තැවෙ න් නා
60. කි ය නා කරුණු අසමින් මහ නිරි න් දා
ල සි නා සොලොස් දහසක් බිසවුන් කැ න් දා
රු වි නා උතුම් ආබරණ ද පල න් දා
එ දි නා වැදිට පෙන්නා ඇසු මෙලෙසි න් දා
61. සි ටි නා මේ බිසවු සැම දෙන බලා ගෙ න
ල සි නා කියනු කවුරුන්සේ දෝ අඟ න
එ දි නා වැදි බලා බිසවුන්ගේ වරු න
ය සි නා රජුට වැදලා කිව් මේ ලෙසි න
62. ව න යේ සිටි පින්වත් එම ලඳ බලමින් රජු නේ
පි රි යේ මුන් දෙස බැළුවොත් වැඳිරියන්සෙ වෙමි නේ
ස රි යේ වෙද මගේ වදන බලන ලෙසට නිති නේ
සැ න යේ ඔබ තුමා වඩිනු කිවයි වැදි එදි නේ
63. පු දු ම වෙමින් මහ නිරිඳා වැදි කියනා බස ටා
ස වු ම ගුණෙන් මහ පිරිවර රැස් කර සිතු ලෙස ටා
නි ය ම ලෙසින් මහ දන්නූ වැදි කෙන ඉදිරිය ටා
ව හා ම රජුන් පිටත් වුනේ වනගත යන ලෙස ටා
64. දැ ක ලා ඒ බව සක් රජ වනයට පැමිනෙමි නා
වි පු ලා මග සරසා ගන කුඩ කොඩි සමගින් නා
නි ම ලා දේවිවරු කැඳවා නාද කරණ ලෙසි නා
එ ක ලා නියමය කරමින් සිටියේ තුටු සිති නා
65. බ ඹ ද ත් රජ පිරිස සමඟ යන කල වන මැදි නේ
පැ හැ ප ත් විසිතුරු දැකලා පුදුමෙට පත් වෙමි නේ
එ ම හ ත් පිරිවර නවතා කීප දෙනෙක් රැගෙ නේ
ක ඩු ව ත් සුරතට අරගන ගියාය එම සඳි නේ
66. ය න කල පන්සල පෙදෙසට මහසත් තුම යසි නේ
ගු න වත් ලෙස රුක් මූලය සිටියා දැක නෙති නේ
ම න ලොබවන් නිරිදානෝ බෝසත් වැඳ එදි නේ
පි න මින් පැත්තක සිටියේ යටත් පහත් වෙමි නේ
67. ර ජු න් ආව කරුණ සොඳින් දැනගණ අප උතු මා
තු ටි න් ඇසුවෙ කාගෙ කව්ද ආවේ කිම මෙහෙ මා
ඉ ති න් රජුද බඹදත් බව පවසාලා කදි මා
ල සි න් ආව කරුණ කීවෙ වැඳලා මේ ලෙස මා
(8)
68. සු ප ස න් ඔබ දුවනි කෙනෙක් ඇත යන බස අස ලා
ස තු ටි න් අාවේ කැඳවා යන්නෙමි යයි සිත ලා
අ ස මි න් බෝසත් ඒ බස අඟනුන් ගෙන් අවු ලා
ය ස සි න් රජ හට කීවේ මේ විලසට විපු ලා
69. ර ජු නේ ලොව තිබෙන සියළු ගංඟාවල් ඇද වේ
එමෙ නේ ලොව සියළු කැලෑ දර ඇති බව සැබෑ වේ
ය සි නේ අඟනුද එලෙසින් රුව ඇති මුත් මෙලො වේ
ක ර නේ බොහො පාපවල්ද උන්ගේ අව ගුන වේ
70. එ ලෙ සා මාගේ දුවනිය රුව ඇතිමුත් මෙක ලා
නි දො සා කෙනෙකුන් නොම වෙම් ඒ බව දැන විපු ලා
ස තො සා ඇති නම් තොප සිත කැඳවා ගෙන නිම ලා
ය ස සා ලෙස ගොසින් රකිනු නෙතක් සේම විපු ලා
71. අ ස ලා මහ නිරිඳු එබස සමිඳුනි මේ කුම රී
සි ය ලා හට අග මෙහෙසුන් කරමිය කී රුසි රී
වැ ඳ ලා පැවසූ කාලෙක බෝසත් ගුණ සපි රී
එ ක ලා දුවනිය කැඳවා මේ ලෙස කිව් සුපි රී
72. දු ව නි ය නේ තොප යසසින් වැඩි වස පැමිණි ලා
මෙහි සි ටි නේ රුසිරියෙන් සුරඟන ලෙස බබ ලා
ර ජු පැ මි නේ සිටිනේ අද තොප නිසාම විපු ලා
එම බැ වි නේ ගොසින් මෙතොප වසනුය සැප විඳ ලා
73. ත ප සු න් කී වදන විලස පද්මාවති කුම රී
ය ස සි න් සැරසී ගමනට අඬා නැතුව දහි රී
ව ඳි මි න් බෝසතුන් දෙපා දන නමමින් සුපි රී
ය න මෙ න් මහ රජුන් සමග සිටියෙ පසෙක කුම රී
74. එ ම ග රු මහ නිරිඳු එදින රුසිරු කුමරි කැ න් දා
වි සි තු රු වන ගෙවා විගස බරණැස ගිය න න් දා
එ ම ග රු පුර යසසින් සරසා තිබු දකිමි න් දා
සි රි ස රු බිස රතයෙන් බැසපීශ පෙනෙන මෙ න් දා
75. ර ත යෙ න් බසිනවා සමඟ පියුම් පිපුණි යස සේ
මු ක යෙ න් මහනෙල් සුවඳ ද පිටවුන එක විල සේ
සි රු රෙ න් වන් සඳුන් සුවඳ මුළු නුවරම එක සේ
පැ ති රෙ න් නට උනු කාලේ පුදුම උනෝ පිරි සේ
76. පි යු න් පිටින් ගොසින් කුමරි මාලිගයට පැමි නේ
සු ර න් ගනාවක් විලසට වැඩ සිටියයි අසු නේ
ර ජු න් එදින සොළොස් දහක් බිසවුන් හට පෙමි නේ
උ තු න් කුමරි අග මෙහෙසුන් කලේ පසිඳු ලෙසි නේ
77. අ ග බි ස වු න් කෙරෙහි වයිර වෙන බිසවරු බැඳ ලා
ම හ නි රි ඳු න් වෙතට පැමිණ කීවයි උන් වැඳ ලා
අ ප හි මි ව න් මහ රජුනේ පද්මාවති විපු ලා
ඔ බ ස ම ගි න් අපත් දිනක් මරතිය නොව එමු ලා
(9)
78. ම නු අ ග නු න් මඟ යන කල පියුම් නැගෙද කෙදි නේ
රු දු ගු න ව ත් යකිනක් බව දැනගන ඔබ විසි නේ
පි ට ක ර මි න් මාලිගයෙන් එලවනු කී සදි නේ
ම හ නි රි ඳු න් සිතට නොගෙණ විසු පෙම් බැඳ යසි නේ
79. එ ලෙ සි න් සැප විඳ වසනා අතර බිසව කුස යේ
පෙ ර පි න් කළ ගොපළු දරුන් පන්සිය ඉපදී යේ
ස ස සි න් සිත දන් දෙන්නට බිසවුන් ඇති වී යේ
ස තු ටි න් ඒ බව දත් රජු දන් දුනි සිත පිරි යේ
80. දි නෙ න් දිනට බිසවුන්ගේ ගැබ වැඩෙමින් සිරි සේ
ය සි න් ම දස මස් පසු විය වදනට කල් සැප සේ
උ තු න් රජුට එම අතරේ යුදයක් වී සරො සේ
රු වි න් අනගි අග බිසවට කරුණු කියා විග සේ
81. සොලොස් දහසක් බිසොවරුන් කැඳවාලා ලඟ ටා
ස තො ස් වඩන අග බිසවුන් රකිනු කියා යස ටා
පි රි ස් සමග මහ නරනිඳා ගිය කල ඒ යුද ටා
කු කු ස් සිතින් සිටිය බිසව් කෙරුවේ මේ ගැහැ ටා
82. බි ස වු න් හට වදනා විලස රුජාව ගත් කල ටා
වි ග සි න් වින්නඹු ලඳලිය කැඳවා උන් ලඟ ටා
බි ස වු න් වදනා බිලිඳා දෙනු අපහට මෙව ටා
කි ය මි න් මසුරන් දහසක් දුන්නේ ඇගෙ අත ටා
83. ම සු ර න් ගත් වින්නඹූ ලිය සතුටින් එම බස ටා
සි ටි යෙ න් බිලිඳා දෙන ලෙස රහස තබා එවි ටා
වැ දු වෙ න් පලමුව කුමරෙක් පුන් සඳ මෙන් රුව ටා
වි ග සි න් කරඬුවක දමා දුන්නේ බිසවුන් ටා
84. පෙ ර පි න් කළ අනිත් කුමරු වැදෑමසෙහි එදි නේ
දු ටු වෙ න් සිටිනා බව උන් අරගෙන සිතු ලෙසි නේ
පෙ ර මෙ න් සඟවාලා සැම කරඬුවලම එදි නේ
ද ම මි න් සඟවා ගත්තෝ පන්සියයම ලසි නේ
85. ඉ න් ප සු දඬුකඩක් රැගෙන ලේ ගාමින් එක ලා
සු න් දර බිසවට පෙන්නුවේ මෙන්න පුතනු කිය ලා
න න් කරදර වැදී බිසව කල විපු ලා
ග න් බිර කරුණක් සිදුවුනි අසනු සුදන සිය ලා
86. කු ම රු න් කරඬුවල දමලා තැබූ දි න
ය ස සි න් සක් සුරිඳු දැකලා මේ කරු න
නි රි ඳු න් ජාත පුතනුය කියලා සොඳි න
ලි ය මි න් තැබුවෙ කරඬුවල සොඳ රුවි න
87. එ දි නේ මහ නිරිඳු යුදයෙන් දිනා ලා
තු ටි නේ පුරට පැමිණි පෙරහැර කර ලා
ය ස නේ මාලිගයට පැමුණුන සඳ විපු ලා
රැ ගෙනේ දුන්නේ දඬුකඩ පුතනුය කිය ලා
(10)
88. පෙ න් නා දඬුකඩද බිසවුන් කියන් නේ
ද න් නා තරම් කීවෙමු අපි ඔබට සෙ නේ
මෙ දි නා වත් යකින්නක් බව සිතට ගෙ නේ
සැ නි නා පිටවහල් කරණුය කී සඳි නේ
89. සොළොස් දහසක් බිසවුන් කියනා වද න
වෙ සෙ ස් නිරිඳු අසලා කෝපව එදි න
නි දො ස් රූ දරණ පද්මාවති සුගු න
ස රො ස් වෙමින් පියවාසල් කෙරු සැනි න
90. ර ජු න් අනට පිටමන් කෙරු බිසවුන් හට එදි නේ
ඉ ති න් සිරුර අවලක්ෂඅණ උනාය පෙර පවි නේ
එ මෙ න් සිරුර නැගුමත් නැත සඳුන් සුවඳ එමෙ නේ
ල සි න් ම නැති වෙලා බිසව ගියාය මහ දුකි නේ
91
දිවසැප මෙන් ද සැප විඳිමින් ද වනගත සිටියා යස ලෙසි නේ පිය තපසුන් ද ආදර ගෙයන් ද රැක සිටියා තම නෙතක් මෙ නේ සුරගන මෙන් ද දිලිසීමෙන් ද වසනා කල සක් රජ පැමි නේ වසන ලෙසින් ද යස සිරියෙන් ද මාලිගයක් මට කර දුන් නේ
92 එ හි ම න් ව ස නා කල පින ලෙසිනා මුකයෙන් මානෙල් මල් සුව ඳා ස ම ගි න් එ මෙ නා සිරුරෙන් සොඳිනා සඳුන් සුවඳ විහිදුනි එස ඳා ය න මෙ න් ග ම නා පා තැබු සදිතා පියුන් නැගේ මිහිපිට පැහැ ඳා අ ද න න් ඉ ති නා ඒ සැම කොතනා ගියාද නැත බලනුය සුරි ඳා
93 ව න ග ත ව ස නා කල රජු පැමිණා මාව රැගෙන ඇවිදින් මෙපු රේ ස තු ටි න් එ දි නා අග බිසක ළෙනා පේම වඩා විසුවාය ත රේ ප ව කි න් පො ර නා මා පිට කලෙනා දඬුරුව වැදුවයි කියා යු රේ ය මි ම ම ඉ ති නා මග බැස දුකිනා දෙවිඳු පිහිට වෙන මෙම කෙ රේ
94 මෙලෙසට කියමින් යන කල අඬමින් බරණැස් පුර වීදියෙ බැස ලා දෙනතට දකිමින් එපුරේ වැද උන් මහළු කතෙක් බිසවිය නිම ලා ආ ද ර බ ඳි මි න් කැඳවා සතුටින් නවතා ගන තම නිවස තු ළා ආ හ ර ස මඟි න් සියළුම උවටැන් කෙරුවේ මැහැලිය සිත පින ලා
95. බි ස වු න් පිටවහල් කරයි බරණැස් මහ නිරි ඳා
දු ක යෙ න් වසනා අතරට වෙන බිසවුන් පැහැ ඳා
ඇ වි දි න් මහ රජු ඉදිරියෙ සිටලා පා නැම ඳා
මෙලෙ සින් කීවෝ නිරිඳුට සැබැවෙන්ට එම ඳා
96. ර ජු නේ ඔබතුමා යුදට ගිය දින අපි විසි නේ
ය සි නේ බාරයක් උනිමු යුදෙන් දිනන ලෙසි නේ
ගොසි නේ අපි සියළු දෙනා ගංගාවට තුටි නේ
ය සි නේ අබරණ සමගින් බැසලා එහි රුවි නේ
(11)
97. ඉ ස් නානය කරණ ලෙසට බාර උනා එදි නේ
ස ස් තිර ලෙස ලෙස දෙන්ට බාර යමු කීවෝ ඉති නේ
ඉ ස් තිර බස කියා සිතලා බරණැස් රජු විසි නේ
දෙ ස් නොවනට කළාය වැඩ මෙන්න මෙලෙස රුවි නේ
98. ඇදලා ගඟේ පහලින් ලෝදැලු යස ටා
නිමලා මහා පිරිවර රැස් කර සතු ටා
නුමුලා තමන් බිසවුන් හට කියා සි ටා
විපුලා රජුන් සැරසුනෙ එම ගමනය ටා
99. එ දි නේ බිසව් සැමදෙන සැරසී රුව ටා
ය සි නේ කුමරු පන්සිය දැමු කරඬු තු ටා
රැ ගෙ නේ සළු පටින් වසලා රහසය ටා
තු ටි නේ ගියේ මහ රජු සමගින් ගඟ ටා
100. ගො සින් ගඟ ලඟට බිසවුන් සියළු දෙ නා
ත ම න් ඇඳි බරණ සළු සමගින් එදි නා
ල සි න් ගඟට පැනලා රහසට ඉති නා
ත ම න් අත තිබුණි කරඬුද දැමු එදි නා
101. හැරලා ගඟේ පහළට ඒ කරඬු සැ ම
පිනලා නොයෙක් සෙල්ලම් කරලා බොහො ම
නැගිලා ගොඩට මහ රජු සමඟින් පේ ම
නිමලා මාලිගාවට ආවෝය ඒ සැ ම
102. ර ජු න් තමගෙ බිසව් සමගින් ආප පසු මාලිගය ටා
ය සි න් දැල් අකුලනා අග සිට ඇදපු දැග ගොඩ ගන්න ටා
නොමින් බරවී තිබුන සින්දා ගොඩට ගෙන බැලු කාලෙ ටා
ඇ සි න් දුටුවෝ කරඬු පන්සිය ඉතා රුව ඇති එම වි ටා
103. පු දු ම වී සිත කරඬු පන්සිය ගෙනත් දුන්නේ රජු හ ටා
ව හ ම නරනිඳු සක් රජුන් ලිව් අකුරු දැක කරඬු පි ටා
නි ය ම විලසට කරඬු හැරලා බැළුව කාලේ කදිම ටා
එ ත ම පුතනුත් එපන්සියයම ඇගිල්ලේ කිරි බොති තු ටා
104. පු තු න් දැක මහ රජුන් දුක්වී එවුන් නඹුලිය ගෙන්ව ලා
ඉ ති න් ඇසු කල සියලු තොරතුරු කියා දුනි ඈ බිය වෙ ලා
සොඳි න් දැනගන සිද්ද වුන දේ තමන් ඇමතිඳු කැඳව ලා
උ තු න් පද්මාවතිය සොයනට පුරේ අණබෙර පලක ලා
105. ර ජු න් අග බිස සිටින තැනකින් සොයා දුන් කෙනෙකුන් හ ටා
ල සි න් මසුරන් දහක් දෙන බව කියා අනබෙර කෙරු වි ටා
එ ව න් පුරයේ මහළු මවගේ නිවස සිටි බිසවුන් හ ටා
මෙ ව න් කාරන දැනි මව් හට කීවෙ බෙර නවතන්න ටා
106. එ දා අනබෙර නැවැත් ඒ කත බිසව පෙන්වා දෙමි කි යා
න දා සිතකින් ඇමති දුව ගොස් බිසව දකිමින් සැනක යා
නි දා නක් දුටු ලෙසට පැහැදී රජුන් හට දන්වා පි යා
හ දා දුක් සෙන් නොයෙක් සලු පිළි හැරියෙ හැඳ ගෙන එනු කි යා
(12)
107. රු සි රු බිසවුන් සුරසි ගමනට පියත් වුනු පෙළහරයෙ නා
අ තු රු දන්වී තිබුන චන්දන සුවඳ එදීනේ සිරුරෙ නා
පැ තු රු නේ සිරි මුවෙන් මානෙල් සුවඳ එදිනේ යසසි නා
ම හ රු දෙපයට නැගුනි මානෙල් අඩිය තබනා කල පි නා
108. මෙ සේ පුදුමව පෙරහරින් එම බිසව ආ කල එම දි නේ
ඇ සේ කඳුලැලි ගලා මහ රජ වැළඳ ගත්තයි සිතුටි නේ
ය සේ කුමරුන් දුටුව බිසවගේ සිතේ දුක් වැද සිටි තැ නේ
ල සේ පුතණුවන් සුමගෙ මුකයට කිරි විදින්නට වනි අ නේ
109. දැ ක ලා එබව බඹදත් මහ නිරි න් දා
අ ඬ ලා වැදුන දුක ගැන එම සැනි න් දා
සි ය ලා බිසව් කැඳවාලා ලසී න් දා
නි ම ලා අග බිසවු හට කී මෙලෙසි න් දා
110. මෙ ව න් බිසව් සැම දෙන කරපු වරද ට මෙ තැ න් පටන් ගනු කිව් එවහල් කම ට ල සි න් එ බව දන්වා පුර වැසියන් ට ඉ ති න් එ අන බෙර හැරියේ නුවර ව ට
111. එ ගැ න දුක් සිතී පත්මාවති එදි නේ
ල සි න එයින් නිදහස් කරලා ඉති නේ
රු වි න උතුන් කුමරුන් පන්සියට සෙ නේ
එ දි න තැබුය කිරි මව් තනතුරට අ නේ
112. මෙලෙසා සියලු කටයුතු කරමින් රුව ට
ය ස සා සැප දෙමින් පුතනුන් සදා සි ට
නි දොසා එසත් අවුරුදු වී වසන වි ට
සතො සා දෙයක් සිදුවුනි අසනු කදිම ට
113. දි න ක් කුමරු පන්සිය සමගින් නිරි ඳු
තු ට ක් විලස උයනට වැඩියෝ සුමු දු
උ ද ක් එහි ඇවිදිනා කාලෙට පසි ඳු
වි ල ක් දුටුවෙ පස් පියුමෙන් ගැවසි මු දු
114. දි ය කෙලිනා විලසට පන්සිය කුම රු
පි ය සිතිනා බැසලා පොකුනට රුසි රු
දි ය කෙලිනා අතරට සිතතුල මහ රු
පි ය කරුනා මෙලෙසට සිතුනේ රුසි රු
115. තිබෙ නා සියලු මල් පිපිලා දැනට ය ස
එ යි නා සමහරක් පරවිලා එලෙ ස
සි ටි නා අපිත් රූපෙන් යහපත් විල ස
දු කි නා මැරෙනවා දිනකදි මෙමන් ලෙ ස
116. මෙලෙසා සැප විඳින අපි මැරුනොත් එලෙ ස
ය ස සා මෙයින් පල කිමදෝ සිතු විග ස
නිදො සා පන්සියෙම කෙලෙසුන් නසා ය ස
වි ග සා පසේ බුදුවිය විල තුලම ය ස
(13)
117. ල බ ලා පසේ බුදු බව පන්සිය කුම රු
නි ම ලා විලතුලේ මල්පිට සිටි කුම රු
දැ ක ලා එබව ඇමතින් පුදුමව මහ රු
එ ක ලා ගොඩට අඬ ගැසුවේ නොකර ග රු
118. අ ස ලා එබස පන්සිය බුදුවරු එදි න
මෙක ලා මෙ අප බුදුවරු යයි පැවසුවෙ න
නි ම ලා පසේ බුදු නම් සිවුරු ඇතිව න
වි පු ලා සිරස මුඩුකර ඇතිවේ කීවෙ න
119. එ ම වි ට පන්සියම හිස පිරිමැදි සඳි න
ක දි ම ට කේස නැති විය දකිනට එදි න
වි ග ස ට සිවුරු පහලව පොරවා සැනි න
ස හ තු ට පොකුණු තෙර වැඩ සිටියෝ පෙමි න
120. හ න් ස පෙලක් සේ වැඩ සිටිනා සදි නේ
ව න් ස රජුන් සහ බිසවුන් පැමිනෙමි නේ
පි න් ස රු ගුණෙන් වැඳලා පසෙක සිටි දි නේ
පු න් ස ඳ විලස දෙසුවේ දහමය රැචි නේ
121. ම වු න් පියද සැම පිරිවර හට දහමය දෙස ලා
ගු ව න් තලයට පන්සියයම නැගුනේ සඳ උදු ලා
ඇ සි න් දිටුව සියළු දෙනා සාදු නාදය පත ලා
එ ව න් දිනේ ගන්දමාන පරුවතයට වැඩ ලා
122. පු තු න් සියළු එබුදු උනත් දකිනට නැති හි න් දා
උ තු න් බිසව හට දරු දුක වැදුනේ ගිනි මෙ න් දා
ඉ ති න් එතන පටන් බිසව පින්කර සිටිමි න් දා
මෙ ව න් ලොවින් චුතවී ගොස් ඉපදුනි මෙලෙ න් දා
123. එ පු රේ මහ සිටු කුලයක ඉපදී සඳ ලෙසි නේ
නො හැ රේ වැඩි වසට පැමිණ දන් පින් කර එදි නේ
රු සි රේ නිල් මානෙල් මල් අටක් පුදා තුටි නේ
එ ව රේ පැතුවයි මේ ලෙස සිතේ විලස ඉති නේ
124. මෙ ව න් ලොවේ ඉපදුනි නම් මානෙල් පිදු පින ටා
උ තු න් සිරුර නිල් පාටය ඇති වේවා යස ටා
එ මෙ න් මෙම මතු සසුනක ඉපදී ලෙස ටා
සො ඳි න් දහම් අසා පැහැද මහණ වෙමිය යස ටා
125. ම හ ණ වෙමින් කෙලෙස් නසා රහත් ඵලය ලබ ලා
සු ගු ණ සියළු මෙහෙනින් හට අග තනතුර ලැබි ලා
ය සි ණ සසුන බබුළු වමින් දම් දෙසමින් සිට ලා
නි ව ණ ලබමි පැතු වේ සකි සිටු කුමරිය එක ලා
126. එ ත න පටන් එම අත්බැව පින් කරගණ සිට ලා
එ යි න් චුතව දිවිය පුරේ ඉපදුනි පින තිබි ලා
සු ගු න දිවිය සැප විඳගන සිටිනා කල විපු ලා
ය සි න මෙ අප ගවුතම මුනි බුදුබව ලැබු පත ලා
(14)
127. ග ව් තම මුනි ලෝ පහලව දහම් දෙසනා ක ලේ
ස ව් සිරි පින් කළ කුමරිය දිවපුරහැර ආ ලේ
ලෙව් පරසිඳු සැවැත් නුවර සිටු කුලයක ලො ලේ
ස ව් ම ගුනෙන් ඉපදීලා වැඩුනයි යස ලී ලේ
128. නිලි පුල් මලක් විලසට ගත බබල න් නා
සුනි මල් කුමරිය පුර සඳ ලෙස වැඩෙ න් නා
සුවි පුල් සසුන වෙත ආදර වඩ න් නා
සුනි මල් ගුණේ ගුණ පුරදන වඩ න් නා
129. මෙලෙ සා වැඩෙන කුමරිට උත්පල ව න් න
ස තො සා නමක් තැබුවෝ මව්පිය පු න් න
ය ස සා පුර සඳසෙ වැඩිලා ගුණයෙ න් න
නි දො සා තරුණ වයසට පැමිණිය ඔ න් න
130. ය ව් වන සිටු කුමරි දිනකදි සතුටි න් න
ග ව් තම මුනිඳු වෙත පැමිණී ගුණයෙ න් න
ස ව් සිරි දහම අසලා පැහැදී පු න් න
ලෙව් සැප එපා විය පෙර කළ පින යෙ න් න
131. එ ලෙ සා සසර කලකිරිලා ගිය සි න් දා
වි ග සා මුනිඳු සිරිපාදය වඳිමි න් දා
නි දො සා සමිඳුවනි කරුනා කරමි න් දා
ය ස සා මහණ කම දෙනු මැන කීවෙ න් දා
132. උ ත් පලවන්න සිටු කුමරිගෙ එ අයදු ම
උ ත් තම මුනිඳු බවසා එදිනේ පේ ම
ස ත් තෙන් ඉසකේස කපලා එවෙලේ ම
යු ත් ලෙස මහණ කෙරුවේ සඟ ඉදිරියෙ ම
133. ක ර ලා මහණ දම් දෙසමින් මෙහෙණිය ට
වි පු ලා ඔවා දීමෙන් මුනිතුම එවි ට
නි ම ලා කමටහන් දීලා යස රුව ට
ප ත ලා විලස සිටිනුය දෙසුවේ සතු ට
134. යු ත් ලෙස කමටහන් ඉගෙනා කෙලෙස් න සා
ස ත් නෙන් රහත් පලයට පැමිණි යස සා
උ ත් පලවන්න මෙහෙණියයි පසිඳු ලෙ සා
උ ත් තම සසුනෙ විසුවෙ ඉර සඳ විල සා
135. ඉ දි ම ත් බික්සුනින් අතුරෙන් මේ මෙහෙ නී
අ ග ප ත් තනතුරට තැබුවේ පිණ ලෙසි නී
ක ර තො ත් කුසල් තුන් සිත පහදා තුටි නී
මෙ ලො වත් පරලොව ද සැප ඇත්තේ නොම නී
136. උ ත් පල වන්න චරිතය බලනා අග න
සි ත් පමදා කර ගනු දන් පින් නිති න
ම ත් තට සැපල ලැබුම තුටු නම් ඉතා ගු න
යු ත් ලෙස මේ කියන ඔවදන් අසනු මැ න
(15)
137. ල ද හිමි මිසක් අන් හිමියන් නොසෙවී ම සො ඳ යහපත් වැඩකි අඟනුන් හට සෑ ම ම ද කින් නමුත් රාගය ඉපදී නිය ම සො ඳ නැත අන් පුමන් සේවන කිසි දින ම
138. හි මි යා සතු දනය නිසි ලෙස රැකී ම ද
සි රි යා වඩන කරුණක්මය දිනුව සො ද
නැ ත යා සැමට එක ලෙස පොහොසත් කම ද
පි රි යා ගුණෙන් වසනුය නැති මුත් දන ද
139. හි මි ය න් විසින් දෙන අබරණ හැකි පම න
ස තු ටි න් පිළිගැනුම යහපති සැම අග න
එ මැ හු න් ගෙතුන් දත් පමනචට කර නිති න
සු ප ස න් ගුණෙන් වසනුය නිවසෙහි තුටි න
140. ද රු ව න් ඇතොත් නිසි විලසට හසුරුව නු
පු ළු ව න් පමන පාපෙන් අත මුදවග නු
සි ටි න න් දැසි දසුන් නිති කරදර නොදෙ නු
හි මි ය න් තුටු කළොත් පින් අත් වේය ද නු
141. නි ව සේ අඹු සැමින් ලෙස පන ලෙස දවසැරු ම
අ හ සේ සඳ ලෙසින් පෙර පඬ් කිව් නිය ම
එ ලෙ සේ සමගිකම නැතිවීමෙන් ඉඳු ම
වි ල සේ වෙය රකුසන් වසනා ඉඩ ම
142. එ නි සා සියළු අඟනො පතිවත රැක ලා
ස තො සා කරණ තම හිමියන් සියලු ක ලා
එ ලෙ සා කළොත් අපමණ පින් රැස්වී ලා
ය ස සා නිවන් ලබනය හැකිවේ නිම ලා
143. ප ම ණ ක් අඹු සැමින් නිවසේ සැම දින ම
ස තු ට ක් නොවන අඩ දබරින් පසුවී ම
අ ඳු ර ක් ලෙසයි පෙර උතුමෝ කිව් පේ ම
එලෙ ස ක් සිටීමෙන් වැඩ නැත දෙලොවේ ම
144. අ ස ල වැසියන් සහ දබරෙට නොමය ල් ලා
ක ස ල ගොඩ ලෙසට නිවසේ නොසිටි ල් ලා
පු ව ල ගුණෙන් වසනා සිත අරග ල් ලා
නි ම ල නිවන් ලබනා වැඩ කරප ල් ලා
145. අ නු න් කියන බස් සිතකට නොමග ල් ලා
ඇ නු න් බැනුන් පිට අය හට නොකිය ල් ලා
ක නුන් කොරුන් හට නින්දා නොකර ල් ලා
උ තු න් නිවන ලබනට පින් කර ග ල් ලා
146. ප ති ව ත රැකුම සැම අඟනුන් හට ඔබි න
මෙ ත් සි ත වඩන ආබරණයක් වැනි කිය න
නො නැ ව ත දහම් අසමින් පින් රැස් කර න
සි රි ක ත ලෙසයි දෙසුවේ මුසීදුන් රුවි න
(16)
147. අ ඟ නු න් වෙලා උපදින්නේ මෙලොව ට පෙ ර මි න් කරපු පරදර පවු දොහොස ය ට එ බැ වි න් එවග සිහියේ තබමින් සොඳ ට නි ති ය න් පින් කරණු නිවනය ලැබීම ට
148. උ ප න් නොත් මෙලොව මනුසත් කය ලබ ලා
උ තු න් පිණකි සිහියට ගනිතොත් නුඹ ලා
උ තු න් බුදු දහම් සඟ ලැබුමන් විපු ලා
උ තු න් බව පෙනේ දහමේ විලස ලො ලා
149. ඇ ස කන නාස අතපය විකලත් නොව ම
ය ස ලෙස ගැබුම පිනකිය දැනගන නිය ම
තො ස වී ලැබුන මනුකය සපලක් ගැනු ම
බ ස මුනි රජුගෙ දැන ගනු අඟනුන් සෑ ම
150. සු ර රජු බිසව සක්විති රජුගේ බිස වී
ති ර ලෙස වෙන්නේ කර ගත් පිකිය පේ වී
ක ර දර තමයි මනුගොව උපනොත් සේ වී
ජ ර මර නොමැති නිවණට පැමිණෙනු තුටු වී
151. ද හ ස් ගණන් අඟනුන් සිටියත් මෙලො වේ
ස තොස් පින් කරණ අය නම් ටිත දෙන වේ
එ ලෙ ස් වෙන්නේ පෙර පවු පුරුදුව සේ වේ
නි දො ස් වෙන්ට නිවණය ලැබුවොත් හැකි වේ
152. පො ර නේ සුජාතා බිස පතිවත රැක් කා
එ මෙ නේ විසාකාවත් ගුණවත් අනෙ කා
සො ඳි නේ මල්ලිකා බිසවද සිටි සැපෙ කා
නි ව නේ ලැබුවෙ කරගත් පින් අනුහසෙ කා
153. උ ප න් අත් බැවින් පල ලබනට සතො ස
නි ති න් දාන සීල ද බාවනා ය ස
එ මෙ න් කලොත් ජාති ද ජරමර දොහො ස
දු රි න් දුර හැරේ දැන ගනු යස විල ස
154. ප න් සිල් අට සිල් ද රකිමින් අද රේ
තු න් සිත පහදවා ගන පින් කර රුසි රේ
ග න් බිර දිවිය සැප ලබමින් එකෙල ව රේ
සු න් දර නිවන් ලබනුය මෙත් මුනිඳු ව රේ
155. සු ප ස න් ජී.පී. ඩේවිඩ් සිල්වා මහ තා
අ ය දු න් කල නිසා කරණට මෙම පුව තා
අ ඟ නු න් හට බලා පින් කරණා එයු තා
මෙ ලෙ සි න් කලේ ඇස් පී අමරසිහ වෙ තා
෴ නිමි ෴