Jump to content

පරිශීලක:සම්පත් සිටිනාමලුව/වැලිපිල්ල/යොමුහුරුව

Wikibooks වෙතින්

ලක්දිව[1] මහානාම රජු දවස (බු.ව. 953-975) බුද්ධඝෝෂ මාහිමියන් විසින් අටුවා සම්පාදනය ක‍ිරීමත් සමඟ[2] ශ්‍රී ලංකාවේ පැරණි සමාජ සිද්ධීන් පිළිබඳ කථාවන් ද ධර්ම කරුණු විස්තර කිරීම[1]:37 පරි., 243,244‍,245 ගාථා සදහා අටුවාවන් එකතු වූ බව පැහැදිලි වෙයි. පොළොන්නරු යුගයෙහි ටීකා සම්පාදනය වීමත් සමග ම[3] දේශිය බණ කථා සාහිත්‍යුය තවදුරටත් සංවර්ධනට පත්වූ බව පැහැදිලිය.[1]:222

විශේෂයෙන් බුද්දක නිකායට අයත් විමානවත්ථු, පෙතවත්ථු, ථෙරගාථා, ථෙරිගාථා, අපදාන, බුද්ධවංස චරියා පිටක යන කෘතීන් හි ඇතුළත් චරිත කථා හා නිදාන කථා මගින් ද බෞද්ධ බණකථා සාහිත්‍යතය අර්ථවත් ලෙස පෝෂණය වූයේ ය. විශේෂයෙන් ධම්මපදයේ අටුවාව වූ ධම්මපදට්ඨ කථාව සහ ජාතක නිදානයන් දක්වන ජාතකට්ඨ කථාවද මුල්කොට බිහි වූ ජාතක කථා සාහිත්‍යයය විසින් බෞද්ධ කථා සහිත්‍යමය නවමඟකට යොමුකළ බව සඳහන් කළ යුත්තකි.

ජාතක නිදාන මුල්කොට ලංකාවේ පන්සිය පණස් ජාතක පොත සම්පාදනය වීමත් සමඟ දේශීය සිංහල බණකථා සාහිත්‍යය තවදුරටත් පැහැදිලි අර්ථවත් මඟකට යොමුවිය.[4] ශ්‍රී ලංකාවේ ලියැවුණු පැරණි ගද්‍යන පද්‍යද සාහිත්‍යය සම්පූර්ණයෙන් ම ජාතක කථා පාදක කොට ගෙන බිහි විය. සාහිත්‍ය කරුවන් විසින් බුදුසිරිත වැනිය යුතුය යන්න පැරණි බෞද්ධ සාහිත්‍යිය රීතින්හි අනිවාර්ය පිළිගැනීමත් බවට පත්ව තිබිණි.

භාරතයේ බිහිවූ සෑම මහා කාව්‍යයක් ම හින්දු දේව කතා මුල්කොට ගෙන නිර්මාණය වූ ඒවා බැවින් ඒවායෙන් ප්‍රකචලිත වූයේ හින්දු දහම පිළිබඳ පිළිගැනීම් ය. මේ නිසා බෞද්ධයන් විසින ජන සමාජය තුළ බෞද්ධ සාරධර්ම පෝෂණය කිරීම පිණිස බුදුදහම මුල්කරගත් කථා සාහිත්‍යය උපයෝගී කරගැන්මට තීරණය කරගත් බවක් දැකිය හැකිය. එහිදී ස්වකීය බුදුබැතිය ප්‍රකට කරනු සඳහා චරිතය වර්ණනයට භාජන කිරීම සහ ඒ හා සබැඳි ජාතක කථාවස්තුන් ප්‍රස්තුත කරගනිමින් සාහිත්‍යකරණය ඉදිරියට ගෙනගිය බව පැහැදිලි වේ. එමගින් දේශීය බෞද්ධ සාහිත්‍යය අනන්‍යතාව සහ ස්වාධීනත්වය සුරක්ෂිත කරගන්නට ද සමත් වූහ.


මේ හැර මුලින් සඳහන් කළ පරිදි ශ්‍රී ලංකාවේ බිහිවූ සිහලවත්ථු, සහස්සවත්ථූ, රසවාහිනී ආදී පාලි ජනකථා සාහිත්‍යය බෙහෙවින් ජනප්‍රියත්වයට පත්විය. පසුකල ඒවා සිංහලයට පරිවර්තනය වූයේ ස්වාධීන කෘතින් වශයෙනි.

‘සහස්සවත්ථුව’ යන්නෙහි තේරුම ‘ස හාසවත්ථු’ හෙවත් හර්ෂ සහිත බව, ප්‍රීතිය උපදවන බව වියයුතු යයි පොල්වත්තෙ බුද්ධදත්ත හිමියෝ සඳහන් කරති.[5] එහෙත් ඇතැම් උගතකුගේ අදහස වන්නේ කථා දහසක එකතුව සහස්සවත්ථුව වීය යනුවෙනි. එසෙ වුවත් සහස්සවත්ථුවේ දක්නා ලැබෙන්නේ කථාවස්තු 94 ක් පමණක් බැවින් මුල් අදහස වඩා අර්ථවත් බව කල්පනා කළ හැකිය.

  1. 1.0 1.1 1.2 මහාවංසය
  2. මහාවංසය. 37 පරි, 243,244‍,245, ගාථා
  3. සදධම්මසංගහ, ග. පුඤ්ඤාසාර හිමි සංස්. 1989. 30 පිට
  4. සිංහල සාහිත්‍යහ වංශය, පුංචිබංඩාර සන්නනස්ගල 1964, 204 පිට
  5. පාලි සාහිත්‍ය_ය 11. කොටස. පොල්වත්තේ බුද්ධදත්ත හිමි 396 පිට