Jump to content

පවුලේ වෙද පොත

Wikibooks වෙතින්

පවුලේ වෙද පොත

HOME DOCTOR




අනාදිමත් කාලයෙක සිට ලක් වැස්සෝ නානා ශාස්ත්රසයන් ගෙන් දියුණු ව විසුවෝය. ලක් වැස්සනට ‘රාක්ෂශයනැ’යි කිවු දඹදිව් වාසීහු පවා ඔවුන් ගේ ශාස්ත්රස ඥනය දියුණු ව තිබූ බව පිළිගත්හ. දැනට පවත්නා පුරාණ ග්රගන්ථ. හැටියට පිළිගැනෙන පුරාණයන්හි ද ලංකාව ගැන සඳහන් වේ. ලක්වැස්සන් වස්තු තත්ත්වි විඥනයෙහි (Chemistry) දක්ෂලයන් ව විසූ බව ගරුඩ පුරාණයෙහි පෙනෙන මේ ‍ෙශ්ලෝකයන්ගෙන්පැහැදිලි වෙයි.

“ශේවත භෂ්ම සමන්තාරං හෙමාංශ ශත යොජිතම්ර ස මදේධ්ය ප්රභදාවත්යං මෞක්තිකං දෙහ භුෂ්ණම්වං හි සිංහලෙ දෙශ කුර්ව නති විබුධා ජනාඃ”

ලංකාවෙහි විසූ අති පුරාණ ශාස්ත්රශඥයෙක් වූ පුලස්ති ඍෂිහු වරක සංහිතාවෙහි සඳහන් හිමාලයෙහි පවත්වන ලද මහා වෛද්යු සම්මෙලනයට පවා ගියහ. දැනට අභාවයට ගිය නමුත් අර්ක‍ ප්රමකාශ, කෞමාර තන්ත්රය ආදී ග්රැන්ථ‍ කිපයක් රාවණ රජ විසින් කැරුණු බව සඳහන් වේ.

ලක්වැස්සන් ගේ නීරෝගභාවය ආරක්ෂාම කිරිමට ශාස්ත්රී ය වූ ස්වාස්ථ්ය් නිති ද විකිත්සා ක්රාම ද ඒ දෙක පිළිබඳ වුවමනා වනස්පතිවිද්යාක (Botany), රසායන විද්යා‍ ආදිය ද මෙහි ඇති විය. මෙසේ අංග සම්පූර්ණන වූ වෛද්යo ශාස්ත්රියෙක් ඉතා පුරාණ කාලයෙක පටන් අප ලක්දිව පැවතුණේය. මේ කාලයෙහි ආයු‍ර්වෙටදය - සිද්ධ සම්ප්රමදාය - මිශ්රෙ ය සම්ප්රේදාය - යවන සම්ප්රුදාය ආදි වෛද්ය ක්රිම කිපයෙක් ප්රඅචලිත විය.

ලංකාවේ ද මුලින් ම ආයුර්වෙලදය පැවැතුණු බව සිතිය හැක. එහෙත් ඊට අසමාන වෛද්ය් ක්රලම කිපයෙක් ද දෙර්ශිය වෛද්ය. ශාස්ත්රිය නමින් පැවතුණු බව හැ‍ඟෙයි. ලංකාවට ආර්යරයන් ගේ ගොඩ බැසිමෙන් හා බෞද්ධ දර්ශ‍නය ප්රාචලිත විමෙන් පසු ආයුර්වේදය තදින් දියුණු වන්ට වන්නේය. ද්රිවිඩයන්ගේ ගොඩ බැසිමෙන් පුස අගසති සම්ප්ර දාය ද මිට මිශ්රය විය. නැවත අරාබි, ග්රීමක්. මිසර ආදි වෙළෙඳුන් ගේ මාර්ගනයෙන් මිශ්රෙුය. යවන ආදි චිකිත්සා ක්රගමයෝ ද දෙශිය චිකිත්සා ක්ර මයට එක් වූහ.


පවුලේ වෙද පොත - සංඥපනය

චිනුන් ගේ බෙහෙත් ක්ර.ම ද අප රට ප්රසචලිත විය. ග්රීයක් වෛද්යනයකු වූ හිපක්රෙගටිස් ‍ගේ චිකිත්සා පොත් ද අප වෙද පොත්වල මිශ්රී ව ඒ නමින් අද දක්වා ම පවතී. මේ සියල්ල ම එකතු විමෙන් දෙශිය චිකිතසා ක්රීමය අංග සම්පූර්ණප වී නිෂ්පාදනය ව ලක්දිව පැවතුණේ ය.

මෙසේ අංග සම්පූර්ණ වෛද්යව ශාස්ත්රෙයක් අප අතර ප්රීචලිත වීමෙන්, ලක්වැස්සෝ සුඛිත මුදිත ව වාසය කරන්නට වන්හ. දක්ෂර වෛද්යීයයෝ ද ශල්යැ තන්ත්රසඥයෝ ද ලංකාවේ නානා දිශා භාග යෙහි අති වුහ. සියලු ම පවුල්වල ම පාහේ කුල දෙටුවෝ ද වෛද්යඥ ශාස්ත්රාය ගැන සෑහෙන දැනුමක් ඇති වී සිටියහ.

කල් යත් යත් අපගේ අභාග්යව කාලය ළඟා විය. සතුරු වියවුල්, යුද්ධ කෝලාහල, නපුරු රජවරුන් ඇති වෙන්නට විය. අපගේ ශාස්ත්ර් ද ග්ර්න්ථු ද ජනපද ද කර්මා,න්ත ද පිරිහෙන්නට ද විනාශ වෙන්නට ද වන්හ. මුලු මුලවල සිටි ඇතැම් අය ඔවුනට හැකි පමණ පුරාණ ශාස්ත්රෙ රහසේ ආරක්ෂාත කරමින් සිටියහ. ක්රැම ක්රාමයෙන් ඉංග්රී්සි අධිරාජ්ය‍යට ලක්දිව යටත් විය. නැවතත් යුරෝපීය ශිල්ප ශාස්ත්රක සමඟ, මුලුගැන්වි තිබුණු අපේ ශිල්ප ශාස්ත්රය ද තරමක් දියුණු වන්නට විය.

අපේ සම්පූර්ණ‍ වෛද්යි ශාස්ත්ර ය නැසී ගිය නමුත් එහි සමහර අංගයෝ ශෙෂ වූහ. අපරදිගින් පැමිණි පශ්චාත්යය වෛද්යත ශාස්ත්‍රය ලංකාවේ දියුණු වන අතර, අපගේ ශෙෂ වූ වෛද්යණ අංගයෝ ද පශ්චාත්යය වෛද්යශ ශාස්ත්රුය හා තරඟ කිරිමට පුළුවන් තත්ත්වදයක පැවති හෙයින්, දේශිය වෛද්යාක ශාස්ත්රකය ද මඳ වශයේන දියුණු වන්නට වන්නේ ය.. ඤඤ සිංහල වෛද්යම ශාස්ත්ර ය පිළිබඳ ව ලියා තිබු පුරාණ ග්රදන්ථ්, පරම්පරාවල අයිති ධනයක් වශයෙන් ආරක්ෂාය කරගෙන රහසේ ප්ර තිකාර කරන්නට ල්ක වැස්සෝ පුරුදු වුහ. පරම්පරා නැති වීමෙන් ග්රණන්ථරයන් ගේ විනාශය විමෙන් විටින් විට දෙශිය වෛද්යය ශාස්ත්රවයට මරු පහර ‍වැදෙන්නට විය.

එසේ වූයේ නමුත් ඇතැම් දේශිය පඬිවරු සංස්කෘත, ද්ර විඪ භාෂාවලින් තිබුණු ග්රතන්ථි බොහොමයක් දෙශිය භාෂාවට පිටපත් කර පොත් කළහ. තවමත් ලංකාවේ මුලු මුලුවල වෛද්යම ශාස්ත්රවය පිළිබඳ පුස්කොළවල ලියූ අගනා ග්රංන්ථලයෝ ඇත්තාහ. මේවා මුද්රපණයෙන් ප්ර්චාරයට පැමිණවිමේ දැන් පවත්නා අමාරුවත් ඇතැම් පොත් පරම්පරික ගුප්ත ධනය වශයෙන් තබා ගැනීමත් නිසා තවමත් අපට ඇතැම් වෛද්යප අංගයෝ සම්පූර්ණන කර ගැනීමට නුපුළුවන් වූහ. පවුලේ වෙද පොත - සංඥපන

7 මේ කරුණු කල්පනා කර බලා අප විසින් ලංකාව . ඉන්දියයාව ආදි රටවල භාවිත කරන වැදගත් වෛද්යි ග්ර න්ථ දෙශිය භාෂායෙන් මුද්රිණය කර ප්රලචාරය කර දේශිය වෛද්ය‍ ශාස්ත්රැය නැගිමට ප්රෙයත්න යෙක් මිට අවුරුදු කිපයකටක පෙර කරන ලද්දේ ය. ඒ සඳහා අප විසින් පොත් බොහෝ ගණනෙක් ම ලියන ලද්දේ ය. මුද්ර ණයෙන් ප්රොචාරය කිරිමේ අමාරුව කෙතරම් තිබුණත් අප‍ගේ දැඩි උත්සාහයක් වසයෙන් ශර්ඞ්ගධර ව්යාමඛ්යාේතය, කෂාය ප්රශකරණය. අරිෂ්ටාසව ප්රණකරණය, අක්ෂිය රෝග චිකිත්සාවලිය ආදි පොත් කිපයක් මහාජනයා ඉදිරියෙහි තැබීමු.

මේ කාලයේ අද වනතුරු, අප නිදහස් රාජ්යෙයක වැසියන් වූ නමුත්, පාඨශාලාවල පවා ප්රාදථමික ප්රයතිවිදාන (First – Aid) වශයෙන් පුහුණු කරවන්නේ පාශ්චාත්ය චිකිත්සා ක්රරමයෙන් සපයා ගත් කොටසෙකි. ඉංග්රීතසි භාෂායෙන් මේ සඳහා ලියන ලද ග්ර න්ථපයෝ සිය ගණන් ඇත්තාහ. එතකුදු වුවත්, පාඨශාලාවල ඉගැන්විමට තබා, මහා ජනයාට වත් භාවිත කිරිම ට සුදුසු ප්රාුථමික ප්රසතිවිධාන අන්තර්ගතත, ක්රතමවත් සිංහල පොතක් නැති පාඩුව සැලකූ අප විසින් දේශිය චිකිත්සාවේ දියුණුව සඳහාත්, වෛද්ය යකු ගෙන්වා ගන්නා තුරු ශරීර සැපය ආරක්ෂාෙ කර ගැනීම සඳහාත් මේ පොත ලිවිමට මිට අවුරුදු 15කට පෙර පටන් ගත්තෙමු.

ඒ කාලයේ අපි මහා ජනයාට නො මිලයේ, ජන සේවයක් වශයෙන් ප්රාතිකාර කිරිමෙහි යෙදි සිටියෙමු. ඒ එක්කම වග කිය හැකි ඉගැන්වීම් කටයුතු වල යෙදුනෙමු. ඒ මදිවට ආණ්ඩුවේ නිලධාරීන් ගෙන් ද වෙනත් ‍ෙඅය ගෙන් ද අපි බොහෝ කරදරවලට මුණ පානා ලද්දමු. මෙසේ කම්කටුලු වලට ‍ෙගාදුරු වූ නමුත් රාත්රී් කාලයේ වැඩ කිරිමෙන් සුමාන ගණනෙකක දි මෙය ලියා කෙළවර කළමු. පසුගිය කාලයේ ඇති වූ කරදර හා මුද්රිණ කිරිමේ අමාරුකම් නිසා මේ වන තුරු ම මෙය මහාජනයා අතට පත් කරන්ට නො ලැබුණේ ය. දැනුදු අපට භාර ව තිබෙන කටයුතුවල අධිකත්ව්ය නිසා මෙහි ශුඬි පත්රද බැලීමට ද අවකාශ නො ලැබිනි. ඒ නිසා මෙහි පරිච්ජේද වෙන් කිරිමේ අඩු පාඩු හා ලකුණු යෙදිමේ මඳ වෙනස් කමක් සිදු වී තිබෙන බැව් පෙණේ. එසේ වුවත් පොතෙත් ප්රකයෝජන ගැනීමට අමාරු ‍කමෙක් නැත්තේ ය.

දෙවෙනි වාරයේ මුද්ර ණයේ ඒ සියල්ල සම්පූර්ණව කර සකස් කරන්නමු.

8පවුලේ වෙද පොත - සංඥපනය

මේ පොතෙහි සඳහන් තේරුම් ගන්නට බැරි යමක් හෝ ජිවිත වාසනාවත් කිරිමට වෛද්ය් ශාස්ත්ර්යෙන් ගත යුතු යම් ඕනෑ ම උපදෙශයක් හෝ දැන ගැනීමට අපෙන් අසා එවිය යුතු. මුද්රෑය සහිත ලියුම් කවරයක් ද ඒ සමඟ එවනු යෙහෙකි.

ආයු‍ර්වෙවදය ‍හෝ ‍‍දේශිය චිකිත්සා ක්රපමයන් පිළිබඳ පවු‍ලේ වෙද පොතක් වශයෙන් මේතරම් සම්පූර්ණ පොතෙත් පූර්වග දිශතව ම කිසි ම භාෂාවෙකින් ප්රේචාර වී නැත. ඒ නිසා මෙයින් සියුල දෙනාට ම නියම ප්රායෝජන ලබා ගත හැකි‍ ය යි අපේ කල්පනාව ය.

ලංකාවේ පාඨශාලාවන්හි උසස් ප්ර මාණයන්හි ශිෂ්යායනට මේ පොත ඉගැන්විමට පිළියෙලක් යෙදුවොත්, ඒ ශිෂ්ය්යෝ පසු කාලවල එයින් ඔවුන් ගේ ජිවිත වාසනාවත් කර ගැනීමට උදව් ගනිත් ය යි අපි විශ්වාස කරමු.


ඩී. සි. ජයසේකර,

කර්තෘා.


1948 මැයි 5 වැනි දින

බොරගොඩ වත්ත

මිණුවන්ගොඩ


"https://si.wikibooks.org/w/index.php?title=පවුලේ_වෙද_පොත&oldid=11415" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි