පියදාස සිරිසේන නවකථා එකතුව- 01-අපට වෙච්ච දේ
අපට වෙච්ච දේ
(ක්‍රි.ව..1909)
01.පරිච්ඡෙදය
[සංස්කරණය]ඉතා වාසනාවන්ත විවාහයට පත් රොස්ලින් විවාහ වූ දිනයෙහිම “රොස්ලින්” යන පර නාමය අත්හැර ඒ වෙනුවට “රූපවතී” යන ආය්ය්‘සි සිංහල නාමය ගත්තීය. ජයතිස්සට හා රූපවතිට වෙච්ච දේ ගැන දුකට පැමිණ සිටි දහස් ගණන් ඤාතිමිත්රාතදීහු අමරසිංහ අප්පුහාමිලාගේ නිවසට පැමිණෙන්ට පටන් ගත්හ. “ අපට වෙච්ච දේ ඉතාම පුදුමයි. එය විස්තර සහිතව දැන් ප්රයකාශ කිරීම අමාරුය”යි කියමින් ඒ ඒ වේලාවට පැමිණෙන්නන්ගේ තත්වයේ හැටියට ජයතිස්ස හා රූපවතී ඔවුන්ට සිද්ධවූ කරුණු කියා දුන්නෝය.
මේ දෙදෙනාගේ විවාහ බන්ධනයෙන් දස දිනකට පසු ඔවුහු ජයතිස්සගේ ග්රාෙමය වන කෝට්ටේට යන්ට ලෑස්ති වූහ. ජයතිස්ස කෙරෙහි ප්රසසන්න එ ගම් වැසි සමූහයා මේ උතුම් සිංහල මහතාට හා කුලාංගනාවටත් ගෞරව වශයෙන් ජයතිස්සලාගේ “පැරකුම් නිවසය” නම් අලංකාර වූ මන්දිරය ඉදිරිපිට තොරණක් තනා ස්තුති පත්රඋයක් ද කියවන්ට සූදානම් කර තිබුණේය. අලංකාර වූ අශ්ව රථයෙන් ආ මේ යුවතිපති දෙදෙනා අමරසිංහ අප්පුහාමි හා හාමිනේ ද තොරණ ළඟදී බැස එහි පිළියෙළ කර තිබුණු ආසනවලට වාඩිගත් ඉක්බිති එම සභාවේ මහතුන් අතරෙන් ධනපාල මහතා මේ ස්තුති පත්ර ය කියෙව්වේය.
ජයතිස්ස විකුමසිංහ මහතා හා හාමිනේ වෙත පිළිගන්වන ස්තුත්යානශිර්වාද පත්රතය යි
ප්රිසය මැතිතුමනි, මැතිනියනි,
ශ්රීස සුද්ධ ආය්ය්ශි සිංහලයන්ගේ සිත් නමැති කෞමදයන් ප්රශබෝධ කරමින් විසූ තමුන්නාන්සේලාට පරශස්තෘ නමැති රාහුගෙන් පීඩා පැමිණි බැව් ඇසූ අපි මහත් සෝකයට පැමිණියෙමු. ඉක්බිති ඒ උපද්රීවවලින් මුක්තව සිය අදහස් මුදුන් පමුණුවා ගෙන ස්වකීය ග්රා්මයට පැමිණිම ගැන අප තුළ හටගත් ප්රී තිය මෙතකැයි කිව නොහැක්කේය.
ඇතැම් සිංහලයන් ළපටි කාලයේ හෙවත් වැඩි ධනවත් භාවයකට පැමිණෙන්නට පෙර බලවත් ජාති හිතෛෂි
පියදාස සිරිසේන නවකථා එකතුව 173
භාවයක් දක්වමින් සිට වැඩිවිය පැමිණි කල හෙවත් ධනවතෙක් වූ විට කලින් පැවති ජාති හිතෛෂි ගුණය අතුරුදන් කිරීම දැන් සිරිතක්ව පවත්නේය. නමුත් තමුන්නාන්සේලා වෙතට ඒ දුර්ගුණය නො එළඹී දැන් අධික ධනවත් භාවයට පැමිණ සිටින තමුන්නාන්සේලා අප ජාතිය කෙරෙහි වඩ වඩා ආලය ඇති කරමින් වැටීගන යන අප ජාතියට ද යම්කිසි සංග්රකහයක් කරමින් ශතවර්ෂාධික කාලයක් සැප සේ වෙසෙත්වා යි අත්යමර්ථයෙන් ආශිංසනය කරම්හ.
මේ වගට - හිතේසි වූ: ධ. විජයසේකර. පී. ධනපාල. ව. අමරබන්ධු.
සිංහල වර්ෂ 2450 ක්වු පොසොන් මස සත්වෙනි දින ජයවර්ධන කෝට්ටේදී ය.
මේ ස්තුති පත්රදයට පිළිතුරු දෙන පිණිස ජයතිස්ස මහතා නැගිට මෙසේ කීයේය.
මහත්වරුනි,
තමුන්නනාන්සේලා මට සහ මගේ හාමිනේටත් ගෞරව වශයෙන් මෙහිදී දරා තිබෙන වෙහෙස ගැන මුලු හෘදයෙන් ම ස්තූති කරමි. “අපට වෙච්ච දේ” කීමට දීර්ඝ වේලවක් උවමනා කරයි. අපට පැමිණි බලවත් විපත්වලින් මිදී තමුන්නාන්සේලා මධ්යඋයේ ක්රි.යා කිරීමට එන්ට ලැබීම ආශ්චය්ය්ී කරුණක්මයි. අද දින මේ තොරණ බැඳීමාදියෙන් තමුන්නාන්සේලා වෙහෙස විදි තිබෙන්නේ මක්නිසා දැයි මම දනිමි. මම ඉතා සුළු මිනිහෙක් නමුත් මගේ උතුම් ජාතිය කෙරෙහි ජිවිත පරිත්යාිගයට පවා නිතරම සූදානම්ව සිටින්නෙක් බව තමුන්නාන්සේලා දන්නා සෙයින් මට මේ ගෞරවය දුන් බව දනිමි. ඒ ගැන මම නැවතත් තමුන්නාන්සේලාට ස්තුති කරමි.
සමහර සිංහලයන් ධනවත් වෙන්ට හෙවත් යම්කිසි තනතුරක් ලබාගන්ට පළමු ජාති හිතෛෂීන් මෙන් ක්රිවයා කොට ධනවතෙක් වුනාම නැත්නම් නිලධාරියෙක් වුනාම ඒ පෙර පැවති ජාති හිතෛෂි ගුණය
අතුරුදහන් කර දැමීම බොරුවක් නොවේය. සමහරු එංගන්තයට ගොස් ශාස්ත්රාය ඉගෙන ගන්නා කාලේ ඒ රටේ දේශගුණය නිසාදේ බොහො ජාති හිතෛෂී ගුණයක් හට ගෙන උනන්දුව ක්රිුයා කරමින් සිටි ගමට පැමිනියාම ඒ ඔක්කොම මත නැති කර දමා කලින් බැන බැන සිටිය සුද්දන්ගේ වල් සිරිත් සියල්ලක් ම වැළඳගෙන ඔහේ කකා බිබි සිටිති. එබඳු කීප දෙනෙකු මට සඳහන් කළ හැක්කේය. “ තුතුකුඩි ගියත් එක අත පය මය”යි කීවක් මෙන් කොතන වත් ජාති භ්ර්ෂ්ට අධමයෙක් බොරුවට මොකුත් කී පළියට ඔහු ජාති හිතෛෂියෙක් නොවේ. ජාති හිතෛෂි ගුණය තුන් ප්රකකාරයකින් පිහිටන්නේය :-
1 වෙනුව උත්පත්තියෙන් ම පිහිටන ජාති හිතෛෂී ගුණය.
2 වෙනුව ජාති හිතෛෂීන් සමග ආශ්රජය කිරීමෙන් සහ ස්වකීය ජාතිය සම්බන්ධ ඉතිහාසාදි පොත් කියවීමෙන් හටගන්නා ජාති හිතෛෂී ගුණය.
3 වෙනුව උත්පත්තියෙන් හා ඉතිහාස කියවීමාදියෙන් යන දෙයාකරයෙන් ඇති වන ජාති හිතෛෂි ගුණයද යන මේ තුන් ප්රාකාරයෙන් ඇති වන ජාති හිතෛෂිත්වය තුන් වැදෑරුම් වන්නේය.
මෙයින් 1 ජන්මයෙන් ජාති හිතෛෂිත්වය ඇතිව ඉතිහාසාදී ස්වජාතියේ තොරතුරු අන්තර්ගත පොත පත කියවීමාදියෙන් දියුණු භාවයට ගෙන ආ ජාති හිතෛෂී ගුණය උත්කෘෂ්ටයි.
2 උත්පත්තියෙන්ම ඇති වූ ජාති හිතෛෂිත්වය මධ්යභමයි. 3 ඉතිහාසාදිය කියවීමෙන් පමණක් අට ගන්නා ජාති හිතෛෂිත්වය මෘදුයි. මෙසේ තුන් ප්ර කාරයෙන් අටගන්නා තුන් වැදෑරුම් වූ ජාති හිතෛෂිවන්ත භාවය එසේ ගුණයක් නොව මහෝත්තමයන් තුළම පියිටන මහෝත්තමයන් විසින් වර්ණා කරන උතුම් ගුණ ධර්මයකි. අපට හුඟක් මිනිස්සු නැති නමුත් අද දවසේ දහස් ගණනක් ජාතිය වෙනුවෙන් වැඩ කිරීමට සූදානම් වූ සිංහලයෝ සිටිති. මහත්වරුනි, අප ජාතියහදන්ට බැරිය කියා කිසිවෙක් මන්දෝත්සහ නොවිය යුතුයි. අවුරුදු 2450 ක් මුළුල්ලේ අපට වෙච්ච දේ ගැන සිතන විට ඉදිරියට තව දෙදාස් පන්සිය හතළිස් වර්ෂයක් අප උතුම් ජාතිය අන්තරායට නො පැමිණ පවතිනවා ඒකන්තමයි. තමුන්නාන්සේලා මට සහ මගේ හාමිනේටත් කරන ලද ගරුබුහුමන් ගැන නැවතත් ස්තුති කරමි”යි කියා රැස්ව සිටි පිරිසට ආචාර සමාචාර කොට
ජයතිස්ස සහ රූපවතී ස්වකීය නිවසට පැමිණියෝය.
එසේ ඔව්හු ස්වකීය නිවසට පැමිණ ප්රීමතියෙන් කල් යවන අතර එක් දිනක් රූපවති ස්වකීය ස්වාමියාට කථා කොට කෝට්ටේ රාජධානියක් ව පැවති කාලේ තිබුණු යස ඉසුරු ගැන කියන්ට පටන් ගත්තීය. නැවත එදිනම ඔව්හු කෝට්ටේ තැන් තැන් වලට පැමිණ මලිගා, විනිශ්චය ශාලා, රාජ සභාශාලා, වෙහෙර විහාර පන්සල් ආදියේ ගෙපළවල් බලමින් කණගාටුවට පත් වූහ. ක්රිරස්තු වර්ෂ 1415 වේදි හෙවත් මී අවුරුදු 491 කට ඉස්සර පැවති රාජ සභා ශාලාවක ලුහුඬු සටහනකුත් ඒ කාලයේ රාජසභාවට එලඹෙන උත්තමයන්ගේ නිලතල හෙවත් රාජ සභාව පවත්වන්නේ කවර පිරිසකින් යුක්තව ද යන බවත් ජයතිස්ස විසින් ස්වකීය භය්යා්වන්වට පෙන්වන ලදී.
ප්රේීමිය, මේ අපේ ශ්රීන සංඝබෝධි ශ්රීි පරාක්රඬමබාහු මහ රජාණන් වහන්සේගේ රාජ සභාවයි. මෙම ගොඩනැගිල්ල පුරාණ අප්රරසිද්ධ ශිල්පියෙකුගේ සටහනකි. සභාවේ විස්තර ත්රිොපිටකධාරී විදාගම මෛත්රි්ය මහ ස්ථවිර ස්වාමිපාදයන් වහන්යසේ විසින් රචනා කරන ලද හංස සන්දේශයෙහි දක්වා තිබෙන පරිදිය මේ
සත සිත ලෙසින් ගත - සලහා සුවඳ සිලිලෙන්
ක ඩා රැගත් රුපු රද යස දුහුල් බ දු ව ඩා සිනිඳු මුදු සළු සුපිරිසි දු
කැටි කළ රිවි කිරණ - පැටි කළ පැලඳ අබරණ
නි කු ත් සුරිදුමෙන් සුරගඟතරඟ පි ටි න් අ වු ත් උදුළ පිවිතුරු පියවිළිය පි ටි න්
ලෙළ මුතුදැල් දළපුඩු සේසතෙහි ය ට තු ළ සුදු පට තුඟු සිංහාසනේ පි ට ක ළ ලොව එකෙළි රිවි නැගි මෙන් පෙරගිර ට දු ළ පැරකුම්බුජ නිරිඳුන් උන් කල ට
ස හ ස කිරණ වන් දිළි මිණිබරණ රැ සි න් දි ග ස නුවන් තුටු කළ සොඳුරු රූ රැ සි න් ති ද ස ඉසුරු බර සුර කුමරුන් ලෙ සි න් දෙ ප ස සිටිති සැදි රජ කුමරුවෝ ගො සි න්
නො දැ ක රුපුන් යස සඳ සේ මස න් නේ
නො යෙ ක තමා යස රැස පැ දිස න් නේ
නි සැ ක ඒකනායක මැති මහ න් නේ
ප සෙ ක සිටි පිපි රුත මෙන් වස න් නේ
මුනිඳුන් උපුල්වන් - සුරුඳුන් නරනිඳුන් වෙත
බැ ති සි ත රකින තම පණ සතරවෙනි කෙ ට ස ත වෙ ත පතුරුවන මෙත් කුළුණු හැම වි ට
සන්නස් ලියන නිති - මැති කුල තිරිවරංගමු
ච ණ් ඩා තප කිරණ වන් තද තෙදින් දැ ඹී බ ණ් ඩා ර නායක තනතුරු සිරින් හෙ බී
වි ක්ර ම වීර නිරිඳු දැක නොපෑ පි ටී ස ක්ර ම නිබොරු බස් මිස නොතෙපලන සැ ටී අ ක්රල ම වංක ගුණ මඳක් නොගෙන සි ටී වි ක්ර ම සිංහ අදිකාරම් මැතිඳු සි ටී
කැ ම ති ලෙසින් පා නා අවි සරම ත ද බ ලැ ති නොපිටි පා නා යුද මැදට වැ ද රු වැ ති අ න ගි පා නා අබරණ පැල ද සි ටි ති දෙ ප ස සේනා නායකවරු ද
නො ව ස ස ලේ දැන් අය වැය ද මෙ සැ ටි ත් ස ද ස ස ලේ ලෙස එකතුව නොපෑ පි ටි ත් මු ව ක ම ලේ බොරු නොවකා සිතේ ලෙ ටි ත් අ ර මු ද ලේ ලේකම් මුදලිවරු සි ටි ත්
වි ම ති නොවී දැන් ගෙන අදිකරණ අ රු ත් පැ ව ති ලෙස ම කියමින් හැම තැන ම සු රු ත් නැ ව ති සිතින් අතුසල් අවගුණත් බො රු ත් සි ටි ති පසෙක වාසල මුකවෙට්ටිව රු ත්
මෙ සේ නොයෙක් මැති සෙන් පිවිස සිටි ස දේ එ සේ සිටින පරසිදු මැතිවරුන් මැ දේ ල සේ නොගොස් අවසර ලත් විටක වැ දේ තො සේ වෙමින් තොප අවසර ගැනිම යෙ දේ
පූර්වෝක්ත මධුර කොමල කවිවල සංක්ෂෙප අර්ථය මෙසේය :-
පළමුවෙනුව සුවඳ ජලයෙන් ස්නානය කොට සිනිඳු මෘදු අති පරිශුද්ධ වූ ශ්වෙතශාටකයන් හැඳ හිරු රැස් මෙන් රැස්මි විහිදෙන රන් මැණික් ආභරණ පැළඳ ශක්රයදෙවෙන්ද්ර යා මෙන් දිලිහෙමින් පාවාඩ පිටින් අවුත් මුතු වැල්වලින් බබළන දළපුඩු සේසත යට සුදු වස්ත්ර අතුරන ලද සිංහාසන මස්තකයෙහි මහ රජතුමා උන් ඉක්බිති මාණික්යා්දී ආභරණ පැළඳී ඉතා ප්රාසන්න රූප සෞන්දය්ය්් ඉයෙන් යුත් රාජකුමාරයෝ නරනිඳුන් පිරිවරා උන්හ.
ඉන් ඉක්බිති සතුරන් භග්න කොට මුළු ලෝකයෙහි තමාගේ යසස් පහළ කොට හැරියා වූ ලංකාද්වීපයේ අග්රළ සේනාධිපති ඒකනායක මැතිතුමා සොත්ඵුල්ල වෘක්ෂ රාජයෙක් මෙන් පසෙක උන්නේ ය.
ඊළඟට තිරිවරංගමු නම් මන්ත්රී කුලයකට අයිති සූය්ය් ම රස්මිය මෙන් පතළා වූ තේජස් ඇති බුද්ධාදී රත්නත්රෙයත් රජතුමාත් උත්පලවන්න දෙවියනුත් තමන්ගේ ප්රාේණයට වඩා ගරු කරන භාණ්ඩාගාරික නායක ධූරන්ධර වික්රදමසිංහාභිධාන ලංකාද්විපයේ අග්රට මන්ත්රීරතුමා සිටියේ ය.
ඉන් ඉක්බිති යුද්ධ ශිල්පයෙහි පරතෙරට පැමිණි භීමවික්ර ම ඇති මහාසේනාධිවතිවරු ඒ ඒ සමුදාවලට අයත් යුද්ධ ආයිත්තමින් සැරසී විත් සභාවේ උන්හ.
ඊට ඉක්බිති රජතුමන් නිතර ආශ්ර ය කරන සකල ශාස්ත්රස පාර ගත සත්යන වචනයෙහි පිහිටි ගුණවත් වූ රජවාසල නිල කරන ස්වාමිවරු පැමිණ උන්හ.
ඉක්බිති අය වැය දෙකෙහි මනා පටුත්වයක් ඇති සත්යනවාදී භාවයෙන් අග පැමිණි ඒ ඒ පළාත්වල දිසාපති නොහොත් ඒජන්තවරු පැමිණ උන්හ.
ඉන් ඉක්බිති අධිකරණයෙහි හා නීතියෙහි කෙළ පැමිණි අකුශල කර්මයෙන් සම්පූර්ණයෙන් විනිර්මුක්ත වූ නීතිඥවරු පැමිණ උන්හ.
මේ ආකාර තවත් නොයෙක් නිලධාරින්ගෙන් යුත් මේ රාජ සභාවට තෝ එක් විට ම නොගොස් අවසර ලැබුණ විටක පැමිණ
අවසර ගනුව යනු මේ කව්වල සංක්ෂෙපාර්ථය යි.
මෙහිදී සිතට ගත යුතු කරුණු නම් :- අපේ නර විරයන්ගේ කාලවල දැනට එංගලන්ත, ජපන් ආදී රටවල පවත්නාක් මෙන් සියලු ම නිලතල පැවති බවත් දැන් බවත්නාක් මෙන් රාජසභා පැවති බවත්ය. සිංහලයන්ගේ හැදීම වුයේ යුරෝපීන්ගෙන් යයි කියන අඥානයන්ගේ ඇස් පැහැදේවා!
ජයතිස්ස හා රූපවතී මාස කීපයක් ම කෝට්ටේ වාසය කොට කොළඹ තමන්ගේ නිවසට පැමිණ සැප සේ වාසය කරන්නාහ. රෑ දවල් දෙක්හි ම ස්වකීය ජාතිය ගැන ම සිතමින් සිටින ජයතිස්ස තමා මෙන් ජාතියට වැඩ කරන සිංහල තරුණයෙක් ඇත්නම් හොඳයයි සිත සිතා ද සිටියේ ය.
02. පරිච්ඡෙදය
[සංස්කරණය]ශ්රීය ලංකාද්වීපයේ කොළඹ නම් අග්රහ රාජධානියේ විජයසිංහය රාළහිමි නමැති ධනවත් ගෘහවතියෙක් වාසය කළේය. ඔහුගේ ධනය ඉතා බොහෝය. ඔහු ක්රිමස්තු වර්ෂ 1877 මැයි මාසයේදී කාලක්රිායා කළේය. ඔහුට සිටියේ එකම පුත්රැයෙකි. මිය පරලොව යන විජයසිංහ රාළහාමි ස්වකීය පුත්රයයා වන විල්ප්ර ඩ් විජයසිංහත් ස්වකීය හාමිනේත් ළඟට කැඳවා තමා විසින් කළ යුතු අන්තිම අවවාදය කොට මළේය. විල්ප්රාඩ් විජයසිංහට මේ කාලයේ අවුරුදු 20 ක් වයස් වී තිබුණේය. පියාගේ මරණින් පසු පියා සතු මහත් ධනයට එකම උරුමක්කාරයා තමා විය. ඔහු ඉංග්රීිසි භාෂාව තරමක් දුරටත්, සිංහල අකුරු යම්තම් අඳුනන්ටත් ඉගෙණ ගෙන තිබුණේය. මව් පිය දෙපාර්ශ්වයෙන් පවුන් හතළිස්දාහකට වැඩි ධනයක් අයිති වූ හෙයින් මේ විජයසිංහ මහත්මයා ඉතා වාසනාවන්තයෙකැයි සිතුයේය. නමුත් තරුණ භාවයත්, ආරක්ෂා විරහිත වීමත්, ධනයත්, රූප සම්පන්න කමත් එකවිට ලැබීමෙන් මනුෂ්යයයෙකුට පැමිණිය හැකි මහත් අන්තරාය ගැන ඔහු කිසිවක් දැන නො ගෙන සිටියේය. යම් යම් ගනුදෙනු ආදිය සම්බන්ධව වචන දහයක් දොළහක් කථා කරන්ට හෝ ලියන්ට ඉංග්රීිසිත්, බෙහෙත් සීට්ටුවක් නැතහොත් බයිබලය කියවන්ට තරම් සිංහලත් ඉගෙණ ගත් හැටියේ උගතෙක් යයි සිතන සිතිවිල්ල ම අපට වෙච්ච ටක්තරා විපතක් බව විජයසිංහ මෙන්ම නොදන්නෝ සිංහලයන් අතර බොහෝය.
ශ්රීස සංඝබෝධි රාජ කුමාරයාට නන්ද මහා ස්ථවිරයන් වහන්සේ
කළ අවවාදය මෙසේය :- මහත් භාග්යන ඇති කුමාරයාණෙනි, දැන් තෙපි දන්නා ලද බෞද්ධාගම ඇතියෙහි ය, දන්නා ලද සියලු බාහිර ශාස්ත්රා ඇත්තෙහි ද විය, අධ්යෞයන, අධ්යානපන, උද්ග්රෙහණ, ධාරණ ප්රලභෙද ඇති චතුෂ්ප්රයකාරයෙන් යුක්ත වූ පන්ඩිත භාවයෙහි ද කෙළ පැමිණියෙහිය. එතකුදු වුවත් අභිමාණ ධන කොට ඇති ක්ෂත්රිභය වංශයෙහි උත්පත්තිය යැ, සියලු අංග ප්රාත්යංිගයෙහි පතළ වූ යෞවන විලාශයෙන් සැරසුණා වූ ශරීර යැ, ඒ අසදෘශ වූ රූපශ්රීපය යැ, මනුෂ්යළත්වය ඉක්මුණා වු කායබල ද යන මේ සියල්ල ඒකාන්තයෙන් මහත් වූ ප්ර්බල වූ අනර්ථ පරම්පරාවෙක. ඒ ජාත්යාඒදීන් අතුරෙන් එකෙක් එකෙක් ම සියලු අනාචාරයන්ට ස්ථානය හෙවත් කාරණය යැ, ඒ යෞවනාදීන්ගේ එකස්ථානයෙහි එක්වීමෙන් වන්නා වූ අනභිවෘද්ධි තාමා කියනුම කිම් ද?” යනාදියෙන් මේ දනමිතිකම කියන ලද්දේ ත්රිනපිටක බුද්ධ ධර්මය ද පාලි සංස්කෘත සිංහල ද්ර්විඩාදී භාෂා ද ව්යා කරණ ඡන්දෝලංකාරාදිය ද කඩු ශිල්ප දුනු ශිල්ප ආදී ශිල්ප ද, තර්ක මන්ත්රම කාම ගාම ශාස්ත්රාාදිය ද උගත් කුමාරයෙකුට බැව් සැලකිය යුතුයි. ඉතින් මෙබදු උතුම් පණ්ඩි්තයෙකුටත් ධනය, රූප සම්පත්තිය, යෞවන භාවය, ආරකෂාවක් නැති කම යන සතර කාරණා ඇති කල්හි හෙවත් මේ සතරෙන් එකම කාරණයක් ඇති කල්හිත් පාපයට හෙවත් විනාශයට වැටෙන්ට ඉඩ ඇති බැව් විශාරද බුද්ධිමත් උත්තමයන් කියා තිබේ. කිසිම ධර්මයක් හෝ ශාස්ත්රියක් නූගත් ඉංග්රීදසි ටිකක් ඉගෙණ ගත් යුරෝපියන්ගේ තුච්ඡ වූ කාමසුඛය තදින් වැළඳ ගත් විජයසිංහ මහතා කෙසේ විනාශයට නො පැමිණ සිටියිද?
විජයසිංහ මහතාගේ මව් පුත්රොයාට ඉතා ආදරේ ඇති හෙයින් ඔහුගේ හිත රිදේය යන බියෙන් බලවත් වරදකට වත් කිසිම අවවාදයක් නො කරන්නී ය. පියා මැරී තුන් මාසය යන්ට ප්රවථම විජයසිංහට ‘මිත්ර ’ සමුහයක් ලෑස්ති වූවෝ ය. තුප්පහි සහ සංකරයෝ ද මේ පිරිසේ අධික වුහ. බයිසිකල් පැදීම ඔවුන්ගේ ප්රුධාන කටයුත්තක් ව තිබුණේ ය. කොළඹ නගරේ එකම විථියකවත් තිබෙන මත් පැන් ශාලාවක් අත නෑර නිතර බොන්ට පටන් ගත්තේ ය. ‘ක්ලබ්’ නමැති යුරෝපීය සමාගම් ශාලාවට මිතුරන් දෙතුන් දෙනා සමග පැමිණ මත් පැන් බොන්ටත් මස් පාන් කන්ටත් පටන් ගත්හ. මේ ක්ලබ් වලින් මසකට රුපියල් දෙතුන් සීයේ බිල් නිතරම ගෙදරට එන්ට ද පටන් ගත්හ. ඉරිදා දිනයන්හි නුවර යෑමත් එසේ බැරි වූ දිනට පන්නිපිටිය ආදී පිටිසර පලාතකට කුරුල්ලන් වෙඩි තියන්ට යෑමත් වැරදුණේ නැත.
ලෝකයේ මීට වඩා සැපතක් වත් සමර්ඛතමක් වත් නැතැයි සිතා විජයසිංහ අසත්පුරුෂ සමාගම් කාරයන් සමග හැසිරෙන්නට පටන් ගත්තේය. එක් දිනක් දඩයමේ ගොස් විජයසිංහ වෙරි මතින් සිටිය හෙයින් කිසිවක් දැන ගත නොහී හාවෙකැ යි සිතා පුංචි ළමයෙකුට වෙඩි තැබුවේය. වෙඩිපාර කෑ ඒ ළමයා නොමළ නමුත් බලවත් තුවාල විය.
ඒ ළමයාගේ අසරණ මව් හා පියා හඬමින් විලාප කියමන් ගම්මුලාදෑනියාට දන්වා සිටියෝය. තමා ධනවතෙක් හෙයින් මුලාදෑනින්ටත් ඒ අසරණ ළමයාගේ මව් පියන්ටත් යහමින් මුදල් දී දිසියක් බව ඔප්පු කර යන්තම් ගැලවුනේය. මේ ආදී නානවිධ දුෂ්චරිත කොට විජයසිංහ තමාගේ පියා මැරී අවුරුද්දක් යන්ට ප්ර.ථම පවුන් දහදාහක් පමණ විනාශ කර ගත්තේය. විජයසිංහ මෙසේ තැනින් තැන ඇවිදිමින් නොයෙක් නොපනත් කම් කරන අවස්ථාවෙහි ධනවත් වැදගත් සිංහල අප්පුහාමිලා රාළහාමිලා බොහේ සෙයින් ගැවසෙන සියනෑකෝරළේ එක් ගමකට ලංසි මිත්රහයෙකුත් සමග ගියේය. ඒ ගමේ තානායම්පළේ නැවතී සිටගන අසල වතුවල සතුන් වෙඩි තියමින් ඇවිදින අතර මද්දුම රාළහාමි නැමැති ඒ ගමේ වැදගත් කෙනෙකුගේ ඉතා රූපශෝභාවෙන් යුත්ආය්ය්ර ම කුල ධර්මයේ පිහිටි ‘චන්ද්රෙවතී’ නමැති උතුම් කුලාංගනාවක් අග්ගපුවත්තේ මහප්පලාගේ ගෙදරට ගොස් එන වේලාවේ විජයසිංහ සහ ලංසියන් විසින් දකුනු ලැබීය. මේ රූපත් තරුණිය දුටු හැටියේ ම පන්චේන්ද්ර්යයය්ටම වසඟ වූ යටත් වූ විජයසිංහ ඒ තරුණිය කෙරෙහි පිළිබද සිත් ඇති කොට ඈ කසාද බඳින්ට කල්පනා කළේය. ඒ චන්ද්ර වතීගේ පියාගේ නම ද දැනගෙන කොළඹට පැමිණ කොළඹ කන්තෝරුවක ලිපිකාර වැඩක් කරන පූර්වෝක්ත චන්ද්රපවතීගේම බාප්පා කෙනෙක් වන සිරිවර්ධන සමග ඒ ගැන කථා කළේය. චන්ද්රමවතීගේ බාප්පා ද ගුණ ධර්ම අතින් පහත් මිනිහෙක් හෙයින් විජයසිංහගේ ධනයත් ‘ඉසටයිල්’ එකත් බැලුවාම ඉහළ හෙයින් බොහෝම සතුටුව මද්දුම රාළහාමිට විජයසිංහගේ වර්ණනාව කියා යැව්වේය. කලිසමටත් ඉංග්රීහසි ටිකටත් මෙරාටුව ආදී පළාත්වල මිනිසුන් මෙන් ගරු කරන පිටිසර බද සමහර මිනිස්සු දැන් සිටින හෙයින් එබඳු කෙනෙක් වු චන්ද්රුවතීගේ පියා ද මේ මගුලට බොහොම සතුටුව මනමාලයත් සමග එන්ට කියා මලයාට ලියා යැව්වේය. ලියුම
ලාබුණ ඉක්මනින් සිරිවර්ධන යුරෝපීය වේසධාරි විජයසිංහත් ඔහුගේ ‘අඹ’ යාළුවන් වන ලංසි දෙදෙනෙකුත් සමග චන්ද්රසවතීලාගේ ගෙදරට පැමිණියේය.
විජයසිංහත් අනික් ලංසි දෙදෙනාගෙන් කෙනෙකුත් මීට ප්රතථම චන්ච්ර වතී දැකලා පුරුදු හෙයින් “මේ විකාර පර සිරිත්වල ගැලී වසන සංකර සිංඤෝ සමග කිසි දිනක නොයමි”යි චන්ද්රකවතී සිතුවාය. මනමාලයෙක් තමා බලන්නට ආවේය යන චේතනාවක් වත් නැතුව තමාට අයිති ගෙදර දොර වැඩබල කළාය. විජයසිංහ චන්ද්රිවතී කෙරෙහි මහත් ආලයක් බැඳ කිසිම දෑවැද්දක් නැතුව මුත් කසාද බදින බව ස්වකීය මිත්රී ලංසියා ලවා චන්ද්රැවතීගේ පියා වන මද්දුම රාළහාමිට කියෙව්වේය. ඒ කාණ්ඩය හොදටම “අඩිත් ගහලා” දවල් කෑම කැ කොළඹට ආවෝය.
චන්ද්රවවතී ස්වකීය මව් හා නැගනියන් සමග පමණක් තමා බලන්ට ආ මනමාලයා සමග ඈ විවාහ වීමට ඇති අසතුට කීවාය. චන්ද්රටවතීගේ බාප්පා වන සිරිවර්ධන ද විජයසිංහලාගේ ගෙදරට ගොස් කාරණ පරීක්ෂා කළ විට ඔහු අධික ධනවතෙක් බවත් යුරෝපීයන්ගේ වල් සිරිත් එකක් වත් අත නොහැරි කෙනෙක් බවත් දැන ගත්තේය. ඔහු ද මත්පැන් බීමට ගජ හපනෙක් හෙයින් විජයසිංහට ස්වකීය අයියාගේ දියනිය දෙන්ට ම පොරොන්දු වී අතිශයින් මිත්රජ විය. ඉක්බිති මේ මඟුල ඉක්මනින් තීන්දු කර ගන්නා පිණිස තමාගේ අයියා වන මද්දුම රාළහාමිට කොළඹට එන්ට ලියමනක් යැව්වේය. ඔහු ද ලියමන ලැබී චන්ද්රහවතී ළඟට කැඳවා “දුව, බාප්පා මට එන්ට කියා තිබේ. මම ගිය හැටියේම මේ මංගල්යඳය තීන්දු කර ගන්නෙමි. උඹට යමක් කියන්ට තිබෙනවා දැ”යි ඇසීය. එවිට චන්ද්රළවතී “තාතාතා, මට කියන්ට දේ ඇතත් තාත්තා ඉදිරිපිටදී කියන්ට අමාරුය. ඒ නිසා තාත්තා කොළඹ ගියම මම ලියා එවන්නෙමි. එවිට මගේ කල්පනාව තේරුම් ගත හැක”යි කීවාය. මද්දුම රාළහාමි ඊට කිසිත් නොකියා පස්වරු දෙකහමාරට කොළඹට පැමිණෙන දුම්රියෙන් ඇවිත් ස්වකීය මලයා වන සිරිවර්ධණ නැවතී සිටින ගෙදරට පැමිණියේය. එදින සවස හතට පමණ සිරිවර්ධන ස්වකීය අයියන්ඩි වන මද්දුම රාළහාමිත් සමග පැමිණියාය. විජයසිංහගේ මව් ද මේ පැණි දෙදෙනා සමාදරයෙන් පිළිගෙන වයින් හා කේක් ආදියෙන් සංග්ර්හ කළාය.
විජයසිංහ හා ඔහුගේ ‘කැරපොතු’ මිත්ර් රැලත් හොඳට ම වෙරිවී සිටියෝය. මත්පැන් බීමට ගිජු සිරිවර්ධන හා ඔහුගේ සහෝදරයා වන මද්දුම රාළහාමිටත් ක්ලැරෑට්, ෂැම්පින්, විස්කි, ආදී යුරෝපීය මත්පැන් කොයි කොයි වනුත් ටික ටික බොන්ට සැලැස්සුවේය. මත්පැන් බී වෙරි වී යන්තම් ගින්නේ තම්බාපු ගෙරිමස් ආදිය කා කාන්ඩයම ප්රී.ති සන්තෝෂ වූහ. මංගල්යෙය ඉංග්රීොසි පළිවෙළට ම ඉෂ්ට කරමුය යි පොරොන්දු වී රෑ දොළහට තරම සිරිවර්ධනත් මද්දුමා රාළහාමිත් සිරිවර්ධන නැවතී සිටින ස්ථානයට පැමිණියාය. රාත්රිා වෙරිමතින් නිදාගත් මද්දුමා රාළහාමිට උදේ පුබුදින විට වෙරිමත සිඳී ගොස් ප්ර කෘති සිහිය ලැබ තිබුණේය. ඔහු සිංහල භාෂාව හොඳට තේරෙන කෙනෙකි. නමුත් යුරෝපියන්ගේ වල් සිරිත්වල තිබෙන නින්දිත භාවය තවම අවබෝධ නුවූ හෙයින් ඒවාට ඉතා ආදරය ඇතතෙකි. මද්දුමා රාළහාමි උදේ මූණ සෝදන විට ලියුම් බෙදන්නෙක් ලියුමක් ගෙනත් දුන්නේය. ඒ ලියමන ස්වකීය දියනිය වන චන්ද්රයවතී විසින් එවන ලද්දකි.
නැ ති යෙ න් ජාති ආලය ඔබ පියතුම නී රු ති යෙ න් සලකතත් ඔය අය සුරෙකු මෙ නී බැ ති යෙ න් නැඹුවොත් මහවංසය සොඳි නී ස ති යෙ න් ඔබ මැරෙයි මේ ගැන ළතවෙමි නී
සු රැ කි ගුණදහම් තෙදබල විකුම් ප පා නොවැකි නපුරු දොස් බිඳ හළ සතුරු ද පා කි යැ කි උතුම් සිංහල ජාතිය මෙ අ පා නොරැ කි යොත් කිම ද පල ජිවිතෙන් අ පා
ඇ ත ත් උස මහත ඉංග්රී සි දතුව ද සැ ප ත් විඳි නමුත් අනරිය සිරිත් ලෙ ද ගු ණ ත් කිසි නොමැති මිසදිටු වන මෙ ත ද රු වැ ත් තරුණ “සිඤ්ඤොට” මම අඹු වෙමි ද
ප පා තෙද විකුම් ජාතිය නිසා ස ර කැ පා කළොය සිය දිවි සියල දන පෙ ර ක පා ලුව නමුත් මා සත් කඩක් ක ර එ පා පියාණනි ඔය මගුල සංක ර
මේ වගට - කීකරු. චන්ද්රකවති සිරිවර්ධන වෙමි.
මේ ලියමන මද්දුමා රාළහාමිට හොඳින් අවබෝධ විය. “අපි මඟුල්
ජෝඩු කළ විජයසිංහ වැදගත් සිංහලයෙක් නමුත් ඔහු සියලුම ආකාරයෙන් ලංසියෙකුගේ වෙස් ගෙන සිටින හෙයින් චන්ද්ර වතී ඔහු ලංසියෙක් ලෙසට සලකා තිබෙන බව ඇගේ ලියමනෙන් හැඟේ. චන්ද්රහවතීගේ කල්පනාව බෙහෝම හරිය. කොපමණ වැදගත් සිංහල වංශයක කෙනෙක් උවත් යුරෝපියෙකු මෙන් අඳිමින් යුරෝපියෙකු මෙන් කමින් බොමින් යුරෝපියෙකු මෙන් හැසිරෙමින් තමා උපන් ජාතිය කොහෙත් ම නො සිතා ඒ ජාතියට අයත් සිරිත් විරිත් සියල්ලක් ම අත්හැර ස්වජාතිය ඉතා පහත් කොට සිතමින් යුරෝපිය වීමට නොහැකි නමුත් එසේ වීමට තැත් කරයි නම් ඔහු අධම සංකරයෙක් මෙන් සැලකීම කොහෙත් ම වරදක් නැත්තේය. චන්ද්ර වතීගේ උතුම් අදහස කඩා දැමීමට මම කොහෙත් ම සතුටු නෙවෙමි”යි සිතා ස්වකීය මලයා වන සිරිවර්ධනට ලියුම පෙන්නුවේය. සිරිවර්ධන ද ලියමන බලා “අයියේ, ඔය කෙල්ලකගේ කථාවට ඇහුම් කන් දෙන්ට ඕනෑ නැත. විජයසිංහ ‘ගජ’ පොහොසතෙකි. දැන් කාලේට ඔබින හැටියට ‘සීලාචාර’ වෙලා ඉන්න කෙනෙකි. අපට මේ පෙලවාසිය කරගන්ට නොලැබුනොත් මහා අවාසනාවන්ත කමකැ’යි කීය. නමුත් මද්දු රාළහාමි මේ මලයාගේ කථාවට සතුටු නොව චන්ද්ර වතීගේ ලියමනත් සාක්කුවේ ලාගෙන ගමටයන පිණිස මරදානේ දුම්රිය පොළට යන්ට ගියේය. එහිදි දුම්රිය පැමිණිමට කල් තිබෙන හෙයින් ජේමිස් අප්පුහාමිලාගේ විශ්රානම ශාලාවට පැමිණියේය. විශ්රාෙම ශාලාවේ ජයතිස්ස මහතා ආදී ජාතිහිතෛෂිහූ කීප දෙනෙක් ද එවේලාවට කථා කරමින් උන්හ. මද්දුමා රාළහාමි ජේමිස් අප්පුහාමි අඳුනන හෙයින් තමා අදහස් කතර ගෙන කොළඹට පැමිණි දේ ගැනත් ස්වකීය දියනිය විසින් එවා තිබෙන ආශ්චර්යමත් ලියමන ගැනත් කීවේය. අප්පුහාමි ද ලියමන ඉල්ලා ජයතිස්ස මහතාට පෙන්වීය. ජයතිස්ස මහතා ලියමන කියවා බලා චන්ද්රමවතීගේ උතුම් ගුණය ගැන ප්රීවතියෙන් පිනා මෙසේ කීය :-
“ලද හැකි ගජන් ම ත් ලද හැකි රුසිරු දිගුනෙ ත් ලැබේ මිණි මුතු ව ත් නොලද හැකි ම ය තැනක් පැනව ත්
මේ අපේ තොටගමුවේ ස්වාමිපාදයන් වහන්සේ මහලු බ්රාවහ්මණයා සේනක පණ්ඩිතයින් ගැන කී කීම සිංහල කවියෙන් ප්රුකිශ කොට තිබෙන පරිදියි. ඉතින් මහලු බ්රා්හ්මණයා ඥානවන්තයන්ගේ ලැබීමේ ඇති දුර්වලතත්වය කියා බුද්ධාංකුර වු මහා සේනක පණ්ඩිතයන් අමාත්යු
තනතුරට ලැබූ බරණැස් රජ්ජුරුවන්ට
“එයින් ම වදන් ප තී දැක දැක ඉඳිනු ලෙස නි තී ඔබට මහ පින ඇ තී ලැබුණි දිවි ලත් පලය සැක නැ තී” යයි
කියමින් ප්රුශංසා කළේය. මේ වර්තමාන කාලයේ ස්වජාතය කෙරෙහි ආලය ඇති පුත්රනයෙක් වත් නැති කල්හි මෙබඳු ජාත්යා ලය ඇති දියනියක් ලැබුවා වූ මේ රාළහාමි වාසනාවන්තයන්ගෙනුත් උතුම් වාසනාවන්තයා හෙයින් මෙසේ ප්රයශංසා කරමි යයි ජයතිස්ස මහතා මේ කව් දෙක කීවේය.
“ඉංග්රීසසි වෙස්ග ත් පරබස් ටිකක් දැනග ත් දරුන් ලද හැකි මු ත් මෙබඳු දරුවෙක් මෙ කල නොලැබෙ ත්
එයින් සිය ජා ති ය ගරු කළ දිවි සෙ පි ති ය දියනිය සඳව ති ය ලැබූ ඹබතුම ඉතා පැනා ති ය
ඉන් ජයතිස්ස කෙරෙහි මද්දුම රාළහාමි අතිශයින් පැහැදී කථාවට බැස්සේය.මේ කථාව කෙරෙන අතරට ජාතිභ්ර ෂ්ට මුදලි කෙනෙකුත් ඒ ස්ථානයේ සිට කථාවට මැදිහත් විය
මද්දුම රාළහාමි - තමුන්නාන්සේ ගැන මම කලින් අසා තිබුණා. අද දිකින්ට ලැබුනාට ප්‍රීතිවෙමි.
ජයතිස්ස - ඒ වාගේම මේ මා දුටු ලියමන ලියූ චන්ද්රුවතී වැනි දියනියක් ලැබූ රාළහාමි වැනි කෙනෙක් දකින්ට ලැබීම ගැන මමත් අතිශයින් ප්රීවතියට පැමිණියෙමි.
මුදලිතැන - උඹලාගේ මේ කථාව මෙකක් ගැනද?
ජයතිස්ස - අපට “උඹලා”ය කියන්ට තමුසේට ඇති බලය මොකක් දැයි මට
නෙතේරේ.
මුදලිතැන - ආ මම.. පළාතේ ‘මඩ්ලියර්’ මම කව්ද කියා මේ මද්දුමා රාළහාමි නම් දන්නවා.
ජයතිස්ස - නමුත් තමුසේ වැනි නැහැදිච්ච වලෙකුට මදලි නමක් දීම ගැන මම කණගාටුවෙමි.
(සභාවේ සිටි මිනිස්සු බියපත්ව මේ කථාව අසාගෙන සිටිති)
මුදලි - උඹට “උඹය” නොකියා වෙන කුමක් කියන්ද? උඹ මම විතර ලොක්කෙක්ද?
ජයතිස්ස - තමුසේ වැනි මිනිහෙක් මිස ශිෂ්ටාචාර වූ යහපත් ගුරුවරුන් යටතේ හැබෑ හික්මීමක් ඇතුව හැඳුණු කෙනෙක් නම් මට කිසි දිනක ‘උඹය’ යි නොකියයි. තමුසේගේ මුදලි නමේ තරමත් මගේ නිදහස් නමේ තරමත් සුදු නිලධාරියකු ළඟට ගියාම දැනගන්ට වුළුවනි. (ජයතිස්ස සභාවට ආමන්ත්ර ණය කොට) මහත්වරුනි, මම එක් දිනක් දුම්රියෙන් නුවර යද්දී මහර දුම්රිය පොළේ දී හුඟක් ඉහල මුදලි කෙනෙකු උසස් කමක හැටි දුටිමි. මුදියන්සේ දුම්රියෙන් මහරදී බැස්සේය.යුරෝපීය නිලධාරීයෙකුත් ඒ දුම්රියෙන්ම එහි බැස්සේය. යුරෝපීය නිලධාරියා දුම්රියේ ගාඩ් සමග මොකක් ද කථා කරමින් සිටින විට මුදියන්සේ “ මෝනිං සර්” කියා යුරෝපීයා මුලාදෑනියාට අචාර කළේය. එවිට යුරෝපීයා මුදියන්සේ සිටි පැත්තට පස්සා පැත්ත හැරෙව්වේය. නැවතත් අනක් පැත්තෙන් ගොස් මුදියන්සේ යුරෝපීය මුලාදෑනියාට ආචාර කරන්ට තැත් කළ නමුත් යුරෝපීයා ඒ කිසිත් නොසලකා යන්ට ගියේය. නමුත් මුදියන්සේ ඔහුගේ පස්සෙන් යනවා දුටිමි.
මේ ක්රිසයාව දුටු මට සහ දුම්රියේ කීප දෙනෙකුටත් හිනා පහළ විය. මුදියන්සේලත් කවුරුත් වැදගත් සිංහල මහත්තැන්ට නම් අවනම්බු කරලා කථා කරන්ටත ලොකුකම් පාන්ටත් ගජ හපන්නු. නමුත් සුදු පාට ඇති කොයි එකාටත් දණ ගසා නමස්කාර නොකරනවා පමණ”යි කීවේය. මෙතනදී මුදියන්සේට ගජ කේන්ති ගිය නමුත් කිසිවක් කර ගත නොහී ලැජ්ජාවට පැමිණ යන්ට ගියේය. මද්දුමා රාළහාමිට ද ගමට යන්ට දුම්රිය පැමිනි හෙයින් නැවත දිනක ජයතිස්ස මහතා සම්භවෙන
බැව් කියා යන්ට ගියේය.
මද්දුමා රාළහාමි ගමට ගොස් චන්ද්රිවතීව ළඟට කැඳවා මෙසේ කථා කරන්ට
පටන් ගත්තේය.
මද්දුම රළහාමි - දුව චන්ද්රිවතී, උඹට බාප්පා කථා කළ මංගල්ය ය ඉතා හොඳයි කියා මටත් හිතෙනවා, උඹ විජයසිංහ මහත්මයා “සිඤ්ඤෝ” කෙනෙක් යයි සිතා ගෙන මට ලියුමක් යවා තිබුනා. උන්නැහේ සිඤ්ඤෝ කෙනෙක් නොව හොඳ වැදගත් රාළහාමි කෙනෙකුගේ පුතෙකි.
චන්ද්ර වතී - තාත්තා මට සමාවෙන්ට, ඒ විජයසිංහ කියන මහත්මයා රාළහාමි කෙනෙකුගේ පුතෙක් වෙන්ට පුළුවනි. නමුත් මා සිතා ගෙන සිටියේ “සිඤ්ඤෝ” කෙනෙක කියාලයි. එසේ සිතුවේ ඔහුගේ ඇඳුමෙන් වත්, හැසිරීමෙන් වත්, කථා බස්වලින් වත්, ක්රි,යාවෙන් වත් කිසිම දෙයකින් සිංහලයෙක් බව මට දැන ගන්ට බැරිවුණ නිසයි.
ම.රාළහාමි - හොඳයි දැන් ඔහු සිංහලයෙක් බව දැනගත්තා. ඉතින් උඹ ඒ මංගල්යදය ගැන සතුටුද?
චන්ද්රදවතී - “නමුත් කපුරු හාමිය කට ගඳය” කීවක් මෙන් නමින් පමණක් සිංහලයෙක් වූ ඔය විජයසිංහ සමග මට කසාද බඳින්ට බැහැ. ඒ ඇත්තා හැබෑ සිංහල ගතියේ පිහිටි කෙනෙක් නම් ඔපමණ ධනවතෙක් නූනත් මම අකමැති නැහැ.
ම. රාළහාමි - ආ චන්ද්රැවතී, ධනය තිබේ නම් වැදගත් කුලෙන් පැවත එන්නෙක් නම් මොකද ළමයො තිබෙන දෝසේ?
චන්ද්ර්වතී - තාත්තාට මොකවත් නො තේරෙන්නාක් මෙන් කථා කරන්ට හැටි! ඔය ජාති භ්රවස්ටයන් සමග ගියාම ඔවුන් යන එන “බාල්” වලට ගොස් තරුණණ සමග අත් වැල් බැඳ ගෙන නටන්ටත් ගෙදරට පැමිණෙන සිඤ්ඤෝලත් වෙන වෙන බේබද්දනුත් සමග කථා බස් කරන්ටත් කන්ටත් බොන්ටත් මට බැහැ. මට තවම කසාදයක් බඳින්ටත් වයසත් මදි, තාත්තා සමා වෙලා ඔය කාරණා තව ටික කලකට කල් දමන්ට.
චන්දුවතී මේ කථාවට මද්දුම රාළහාමි ද ඉතා ප්රවසන්නව ඒ බව නො හඟවා යන්ට ගියේය. චන්ද්රුවතීගේ රූපය සිත්හි ඇඳී පවතින විජයසිංහට විවාහ මගුල වහාම කර ගැනීමට ඕනෑ සෙයින් චන්ද්රළවතීගේ බාප්පා වන සිරිවර්ධනට නිතරම මේ ගැන කීවේය. සිරිවර්ධන තව දිනක් විජයසිංහත් සමග චන්ද්රධවතීලාගේ ගෙදරට පැමිණියේය. චන්ද්ර්වතී අමුත්තන්ට කළ යුතු සංග්රධහය කිසිත් නොපිරි හෙළා ස්වකීය බාප්පාටත් විජයසිංහටත් සංගුහ කළේය. සිරිවර්ධන චන්ද්රතවතී කුස්සිය පැත්තට කැඳවා විජයසිංහගේ වස්තුව ගැන කියා ඔහු සමග විවාහ වීමට සතුටු වෙන්ට කීය. චන්ද්ර්වතී “හොඳයි ඔහු කෙරෙහි මගේ අමනාපයක් නැත. ඔහු ආරුඪ කරගන තිබෙන පරසිරිත් අත් ඇරියොත් ඒ කාලයේදී කථා කරන්ට. දැන් මා සත්කඩකට කැපුවත් ඔය “බෙබේ” සමග නම් නො යමි”යි කීවාය.
මේ ගැන සිරිවර්ධනට කිසිවක් කියා ගත නොහී දුර්මුඛව විජයසිංහයත් සමග දුම්රිය පළට පැමිණ හවස දුම්රියෙන් කොළඹට ආහ. විජයසිංහ සිරිවර්ධනට මුදල්හදලින් ද උපකාර කරන්ට පටන් ගත්තේය. චන්ද්රිවතීගේ සිත ඔහු කෙරෙහි ආලය කරවනා දෙන්ට යයි නිතරම කියන්ට වන්නේය. විජයසිංහ චන්ද්රරවතීට ලියුමක් ලියන්ට කැමති නමුත් ඊට අවසර ගන්නේ කොහොමදැයි සිරිවර්ධනගෙන් ඇසුවේය. සිරිවර්ධන ද හොඳයි “ඒ ළමයාට ලියුමක් ලීවාට කිසි වරදක් නැත. ලියුම ලියා තැපැල් කරන්ට, ඊට පිළිතුරු තැපෑලෙන් ම ලැබෙයි”යි කීය. විජයසිංහට සිංහලෙන් ලියුමක් ලියා ගන්ට නොහැකි නමුත් සිංහල ස්කොල ගුරුවරයෙකු ළඟට ගොස් චන්ද්රසවතීට ලියුමක් ලියවා ගත්තේය. ඒ ලියුම මෙසේය :-
දේවාශිර්වාදයෙන් ලියා එවන වග නම්:
ඩාර්ලිං, උඹ සමග කසාද බඳින්ට මගේ තිබෙන මනාපය මෙ පමණයයි කියන්ට බැහැ. උඹ මා සමග කසාද බැන්දොත් උඹට උවමනාවටත් වඩා වස්තුව තිබෙනවා. ඉංග්රී සි නෝනා කෙනෙකුට වඩා ඉස්තරමට උඹට ඉන්ට ලැබේවි. පරක්කු කරන්ට වීමෙන් හිත නොයෙක් අතට හැරෙන්ට පුළුවන. ඉන්නිසා කල්පනා කරමින් නොයිඳ වහාම කැමැත්ත දන්වා එව්වොත් ඉක්මනට කසාද බඳින්ට පුළුවන.
මේ වගට - උඹ ගැන බලාපොරොත්තු ඇති.
ඩබ්ලිව්. විජයසිංහ
මේ ලියමන චන්ද්රොවතීට ලැබුණු හැටියේම විජයසිංහගේ අඥානකම හොඳින් අවබෝධ වී තමන්ගේ මැනියන් ළඟට ගොස් “අම්මේ මා කසාද බඳින බලාපොරොත්තුවෙන් මෙහාට දෙතුන් දවසක් පැමිණි කොළඹ විජයසිංහ නැමැති මහත්මයා මට ලියුමක් එවා තිබේ. නො අනුමානව මේ ලියුම එවා තිබෙන්නේ අපේ බාප්පගේ දැනිම ඇතිවයි. මොහුට මා ලියුමක් ලියනවාට අම්මා සතුටුදැ”යි ඇසීය. මද්දුමා හාමිනේ ද “ හොඳයි සුදුසු හැටියක් කරපන්නැ”යි කීවාය. චන්ද්රයවතී මෙසේ ලියමනක් ලීවේය.
මහත්මයාණෙනි,
තමුන්නාන්සේගේ ලියමන ලැබුනා. කසාඳ බැඳීම ඉක්මන් කරන්ට මට ඒ ලියුමේ කියා තිබෙන්නේ තමුන්නාන්සේට කසාද බැඳීමේ වගතුග මොකුත් නො තේරීයි. කසාද නො බැඳි අය නිතරම කසාද බඳින්ට දඟලන නමුත් කසාද බැඳපු අය නිතරම එයින් මිදෙන්නට උත්සාහ කරති” යන පණ්ඩිත වචනය මහත්මයා කොහෙත්ම නො දැන ඔය කරන ඉක්මන් ප්රරස්තාව පසුතැවිල්ලකට කාරණාවකි. මම කසාද බඳින නමුත් ඒ බැඳීමෙන් අන්තිමට වන පල විපාක හොඳින් කල්පනා කරලා මිස නොකරමි. ඉංග්රීිසි නෝනා කෙනෙක් වාගේ මට ඉන්ට පුළුවන්යයි මහත්මයා කියා තිබෙන නමුත් මම කිසි කලක එසේ ඉන්ට කැමති නොවෙමි. ඉංග්රීාසි නෝනලා ගැන මම මහත්මයා හිතා ඉන්න තරම් නොසිකමි. එංගලන්තයට නො ගියාට මම මෙහේ ඉන්නා නෝනලාගේ වග තුග හොඳින් අසා ඇත්තෙමි. ඒවායේ විස්තර උවමනා නම් දන්වා එවන්නෙමි. දැනට වැඩි දුර නොලියමි.
මේ වගට - හිතේසි,
චන්ද්ර වතී සිරිවර්ධන
03. පරිච්ඡෙදය
[සංස්කරණය]මේ ලියුම විජයසිංහට ලැබෙන විට ඔහු ඉතාමත් වෙරි මතින් සිටි බැවින් ලියමනේ අදහස හරිහැටි තේරුම් ගත නොහැකි විය. නමුත් මෙසේ ලාච්චුවේ දමා ගත්තේය. විජයසිංහගේ මව් ස්වකීය පුත්රතයාට ඉක්මනින් කසාදයක් බන්දවා දෙන කල්පනාවෙන් නිතරම සොයමින් සිටියාය. කොළඹ පදිංචි..... මුදියන්සේගේ දුවක් ඉන්නා බවත් දැන ගත්තේය. කැතරින් මාගරැට් ඉසබෙලා නමැති මේ
තරුණිය ඉංග්රීනසි ස්කෝලයක ඉගෙන ගනිද්දී ලංසි ගැටයෙක් සමග මිත්ර.ව සිටියාය. මෙවුන් ගේ වයස වැඩෙන්නාක් මෙන් ම මිත්ර් කමත් වැඩි විය. මුදියන්සේ හා ළමාඑතනින් ඉංග්රී සි තාලෙට වැඩ කරන්නන් හෙයින් දුවට උවමනා තැනක යන්ට එන්ටත් ඕනෑ කෙනෙකු සමග කථා බස් කරන්නටත් ඉඩ ඇති විය. ඉසබෙලා ලංසි ගැටයත් සමග නිතරම පල්ලි යාමත් ගෝල් පේස් පිට්ටනියේ හා වික්ටෝරියා පාක් එකේ ඇවිදීමත් කලක් ම පවත්වා ගෙන ගියාය. මේ කාලයේදී ලංසියා විසින් කිළුටු කරනු ලැබූ ඉසබෙලා ඔහු සමග විවාහ වන බවට පොරොන්දු වී සිටියාය. මුදලිතැනගේ දුවණියට ලැබී තිබුණු නිදහස කෙතරම්ද කිවහොත් සමහරවිට මේ ලංසියත් ඔහුගේ අක්කා කෙනෙකුත් සමග නුවරඑළියට පවා ගොසින් කීප දවසේ නැවතී සිටියි. ලංසියා ඉසබෙලාව භාය්යාිය ව කර ගැනීමට නියත වූ කාරණයක් විය. ඔවුන්ගේ මේ රහස් පලහිලව් මුදියන්සේවත් ළමාඑතනී වත් දැන නොගත්හ. ඉසබෙලා ලංසියා සමග මිස කිසිවෙකු සමග නොයන බවත් දෙමව්පියන්ට හොරෙන් ලංසියා සමග රහසින් යන බවත් ලංසියාට දන්වා තිබුණේය. මෙසේ ම ලංසියා කෙරෙහි සිත බැඳගත් දුව සරණ පාවා දෙන්ට මුදියන්සේ හා ළමාඑතනී සුදුසු කෙනෙක් සොයමින් උන්හ.
මේ කාලයේ විජය සිංහගේ මව් පුතා ගැන සෝකයෙන් පෙළෙමින් සිට ඈත නෑකමකින් මාමා වන කෙනෙකුට අඬගස්වා පුතාගේ “වල්කම්” යන්ට කසාදයක් බඳවා දෙන්ට ඕනෑයයි කියා අසවල් මුදලිතුමාගේ දුව ගැන කථාකරන්ට කීය. ලොකු රාළහාමි නැමති මේ මහල්ලා ද හොඳයි කියා පිළිගත්තේය. ලොකු රාළහාමි ස්වජාතිය ගැන හොඳින් තොරතුරු දැනගත් ජාතිහිතෛෂි කෙනෙක් නමුතු වැඩි ධනවතෙක් නොවීය. ලෙයාඩ් ගෝඩන්.... මුදලිතුමාගේ දියනිය වන “කැතරින් මර්ගරැට් ඉසබෙලා” නෝනාහාමු විජේසිංහටම කැපෙන ස්ත්රි යක් බව ද විජේසිංහගේ මව් කියා තිබුනේය. ලොකු රාළහාමි සවස් භාගයේ මුදලි වලව්වට පැමිණියේය. මුදලිතුමා ළමාඑතනීත් දුවත් පුතා හැරිත් යන හතර දොන ම “ටැනිස්” ගහලා මහන්සි වී අමුත් තේ වතුර බොන වේලාවක් විය. ලොකු රාළහාමි දුටු හැටියේ මුදලිතුමා “ කොහොමද නාකිරළ එන්ට ඉඳ ගන්ට” කීයා කීවේය. “හොඳයි මුදලිරාළ මන්න ඉඳ ගත්තා” කියා පැත්තකින් වාඩි වූයේය. මේ දෙ දෙනාගේ ම කථාව කවට වශයෙන් හෙයින් අවට සිටි ළමයි හා
ළමා එතනීත් සිනාසෙන්ට පටන් ගත්හ.
ලොකුරාළහාමි - මම මේ ආවේ වැදගත් කාරණයක් සඳහායි.
මුඳලි - ඒ මොකද ලොකුරාළහාමි?
ලොකුරාළහාමි - තමුන්නාන්සේගේ දියනිය අපේ මැරුණ විජේසිංහ රාළහාමිගේ පුතාට කථා කරන්ටයි.
මුඳලි - අපේ විනීටඳ? හොඳයි මම බොහොම කැමතියි. ඔවුන්ට ඕනෑ තරම් සල්ලි තිබෙන නිසා අපට දෑවැද්ද දෙන්ට වෙන්නෙත් නැහැ. හොඳයි මම බොහොම කැමතියි. ළමාඑතනී කියන්නේ මොකද?
ළමාඑතනී - විනීලට නම් බොහොම සල්ලි තිබෙන බව මමත් දනිමි. නමුත් එයා උගතෙක් ද කියා මට තේරුමක් නැහැ.
මුදලි - මේ මොනවා කියනවා ද? ඒ ළමයාට ටැනිස් ගහන්ට පුළුවනි, ක්රිිකැට් ගහන්ට පුළුවනි, අශ්වයා පිටින් යන්ට පුළුවනි, බයිසිකල් පදින්ට පුළුවනි, මොටෝ කාර් දුවවන්ට පුළුවනි, වෙඩි තියන්ට පුළුවනි, ලුවිස් මදේරා, ගැස්පර්, සබ්බා, වැන්ඩර්හූට්, පෝටර්, පොක්ස්, ලී යන මහත්තැන් නිතර ආශ්ර,ය කරන හොඳ උගතෙක් බව ඩාර්ලිං දන්නේ නැද්ද? (මෙසේ කියන විට ලොකු රාළහාමි “ මේ බයිසිකල් පැදීම ආදි විගඩම් දැනගත් පමණින් යමෙකු උගතෙකු ලෙස සලකන තරම් අඥානයෙකුට අනේ මුදලිකමකුත් දීලා තිබෙන මේ කාලේ හැටි” යයි සිතා ගත්තේය.)
ලොකුරාළහාමි - හොඳයි මංගලශ ඉක්මනට ම කරන්ට ඕනෑ කොයි දිනක නම් ප්රුසිද්ධ කරන්ට කැමතිද?
මුදලි - ලබන මාසේ 15 වෙනිදා එය කරමු. මමත් හෙට විනීලාගේ ගෙදරට එන්නෙමි යි කීය.
ලොකුරාළහාමි මුදලි වලව්වෙන් රෑට කැමත් කැ ගෙදර ගියේය.
පසු දින මුදලිතුමා විජේසිංහලාගේ ගෙදරට ගියේය. විජේසිංහ හාමිනේ සමග මංගල්යදය ගැන කථා කර කත්තේය. විජේසිංහ කැතරින්ගේ රූප ශ්රිගයවත්, ඈ ඉංග්රී්සි චාරිත්රර හොඳින් උගත් තමාට කැපෙන ස්ත්රිරයක් බවත් සිතා මංගල්ය ය ගැන බොහෝ සේ ප්රීරති වූයේයත නියම දිනට නම් ප්රටසිද්ධ කළෝය. ඊට පසු මාසේ 20 වෙනිදාට කසාද බඳින්ට ද නියම කර ගත්තෝය. ලොකුරාළහාමිට ද මේ දවස් වල
විජේසිංහ ගෙදර ම නවතින්ට විය. විජේසිංහට උදව්වට පෝටර් ආදි යුරේසියන්වරු මේ දවස්වල ගණනක් නැතුව පැමිණෙන්ට පටන් ගත්හ. මඟුල් ගෙදරට උවමනා කරන කළමනා ගැන ලයිස්තුවක් හදන්ට කබ්රාල් පෙරේරා නම් විජේසිංහගේ මිත්රකයෙකුට කීයේය.
ඒ වියදම් ලැයිස්තුව
රු. ශ. රු. ශ.
වැඩිං කේක් ගෙඩියට 1750 00 කේක් 100 00 ෂැන්පින්වලට 500 00 විස්කෝත්තු 250 00 බීරවලට 100 00 කේජු 10 00 පෝටර් 100 00 මස් වර්ග වලට 250 00 පෝට්වැයින් 150 00 පාන් 50 00 විෂ්කි 750 00 සිල්ලර වියදමට 500 00 බ්රැකන්ඩි 500 00 අශ්වකරත්ත 25 කුලී 200 00 ජින් 1500 00 ඇඳුම් වලට 1500 00 අරක්කු 75 00 ලියුම් අච්චුගැසීමට 50 00 එරේටඩ් වෝටර්ස් 150 00 බෑණ්ඩ් කණ්ඩායමට 200 00 පස්තෑල සැන්විච් 200 00 ________ 76835 00
මේ ලැයිස්තුව විජේසිංහ රැගෙන ගොස් “මම්මා මෙන්න මගේ වැඩිං එකට යන වියදම” කියා පෙන්නුවේය. විජේසිංහ හාමිනේ එය බලා මෙන්න ලොකුරාළහාමි මෙය බලන්ට කියා ලොකු රාළහාමි අතට දුන්නේය. ඔහු එය බලා මුලට ම කේක් ගෙඩියට රු.1750 ක් බව බලා “මේ මොකද කේක් ගෙඩියක්. මනාලිගේ ගෙදරට ගෙන යන්ටදැ”යි ඇසීය. විජේසිංහ හාමිනේ ඔව් දැන් කාලේ අනික් දේවල් කොපමණ හොඳට තිබුණත් කේක් ගොඩිය හොඳට නොතිබුණොත් මඟුල් ගෙදරක් ලක්ෂණ නැහැ. ඒ නිසා ඒක වැඩි නැහැ.
ලොකුරාළහාමි - උඹලාට මුදල් වැඩිපුර තිබෙන නිසා මුදල් ගියාට කාරණයක් නැහැ. නමුත් සුබ මඟුල් ගෙදරකට මේ අවමගුල් කොතක් හෙවත් සතුන් දහස් ගණනක් වළලපු සොහොන් කොතක් අරගෙන යාම හොඳයි කියා මට හිතෙන්නේ නැහැ.
මේ කථාව ඇසී විජයසිංහත් ඔහුගේ මිත්රැයෝත් එළියේ සිට දුවගෙන ගෙට ආවෝය. මිත්ර්යන් අතරෙහි කබරාල් කතාවට සමර්ථ
හෙයින් ලොකුරාළහාමි සමග කථාවට බැස්සේය.
කබ්රාල් - ලොකු රාළහාමි වැඩිං කේක් ගෙඩියට “සොහොන කොතක්”යි කියන්නේ.
ලොකුරාළහාමි - හොඳයි සොහොන් කොතෙයි කියන්නේ කුමටද?
කබ්රාල් - සොහොන් කොතෙයි කියන්නේ, මිනියක් වළලා ඒ සිහිවීම පිණිස තබන ගලකට හෝ ලක්ෂණ ගල්කණු ආදියටයි.
ලොකුරාළහාමි - හොඳයි, මිනිහෙක් නොව ගොනෙක් හෝ අශ්වයෙක් මැරුණාම ඒ ගොනාට අශ්වයාට ආදරය ඇති යම් ස්වාමියෙක් ඒ ගොනා වැළලු ස්ථානයේ යම් ගලක් හෝ වෙන දෙයක් තැනෙව්වොත් ඊට කයන නම මොකද?
කබරාල් - ඒකට සොහොන් කොතෙයි කිත්.
ලොකුරාළහාමි - එසේනම් උඹලා ඔය කියන වැඩිං කේක් ගෙඩියටත් සෙහොන් කොතෙයි කීවාට කිසි වරදක් නැත. ලොකු කේක් ගොඩියක් හදන්ට අඩු ගණනේ කිකිළි බිත්තර 500 ක් නැතුව බැහැ. ඉතින් ඒ 500 යක් සතුන්ගේ මළකුණු තැන්පත් කර ඉතා ලක්ෂණට කැටයම්, මල් අතු ආදිය ඇතුව හදන මේ කේක් ගෙඩියටත් සොහොන් කොත නොකියා වෙන මක් කියන්ටද?
සොහොන් කොත වෙන්නේ කොහොමද,
ෙලාකුරාළහාමි - නමින් කපුරු හාමි නමුත් කට ගඳය කබ්රාල් - අනේ අනේ, ඔය මොන කථාවක් ද, දැන් රටේ “සීලාචාර” කමවත් මොකුත් නො දන්නා ලොකු උන්නැහෙලා මේ කියන විහිළු කථා අල්ලා දමා අපේ වැඩේ කරමු. විජේසිංහ මහත්මයා තබා බුද්ධාගම් කාරයන් වන සුගතදාසලත් රුපියල් දෙ තුන්සියයේ වැඩිං කේක් ගෙන ගිහින් තවමත් ඒවාගේ පින්තූර පවා ගෙදරවල්වල තබා තිබෙන කොට කිකිළි බිත්තර ගත්තාට වැඩිං කේක් ගෙඩිය කීවක් මෙන් සුගතදාසය, ධර්මදාසය, බුද්ධදාසය කියා නම් අරූඪ කරගත් කපටි මෝඩයෝ ලෝකයේ අනන්තයි. මට ඕනෑ කරන්නේ ඕක නොවෙයි. ආගම් ගැන කථාවක් මගේ මෙතන නැහැ. මේ වැඩිං කේක් නමැති “සෙහොන් කොත” ඉස්සර කර ගෙන ගොහින් කැන්දාගෙන ආ එකම ගෙදරක් වාසනාවන්තව සිටි ද කියා උඹට ඔප්පු කරන්ට
පුළුවන්ද? සුගතදාසලාගේත් රේන්දරාළලාගේත් දැන් හැටි උඹ දන්නෙහිද? මා කියන්නේ මේ දරුවන්ගේ මගුල අවමගුල නොකර හොදින් කරන්ට යි. නමුත් මට කාරියක් නැහැ. “තමාගේ මට්ටම තම්මට්ටය”යි නරිරාළ කීවක් මෙන් විනීලාගේ මගුල විනීලාට ඕනෑ හැටියට කර ගත්තා වේ.
විජේසිංහ හාමිනේ - ලොකුරාළහාමි, හොඳයි ඒක තිබිච්චාවේ. ඒක අපි බලා ගන්නෙමු. අනිත් වියදම් ගැන බලන්ට.
ලොකුරාළහාමි - මොනවද බීමට පමණක් රුපියල් 2605ක්.
විජේසිංහ - සීයේ ඒක නම් නැතුව ම බැහැ. යාළු මිත්රබයන්ගේ කල්පනාව මෙහෙම දවසක වත් මොකුත් බීලා සතුටු වෙන්ට නොවෙයැ. මගේ බොහොම යාළුවෝ ඉන්නවා. ඔවුන්ට ටිකක් බොන්ට නොදී බැහැ.
ලොකුරාළහාමි - ඇයි හාදයෝ, මිනිස්සුන්ට නාන්ටත් එක්ක මේ හැටි මොකටද, උඹ මෙහෙම කරලා මත්තට මක්කරන්ට හිතා ගෙනද?
විජේසිංහ - මොනවද සීයේ ඔය, අර පානදුර පළාතේ බුද්ධාගම්කාර රේන්ද මහතුන්ගේ මඟුලට ඔයිට වඩා ගත්ත කොට ක්රිදස්තියානිකාර අපට මොකද?
ලොකුරාළහාමි - ඒ ළමයා රේන්දරාළ බැරි නම් ඕනෑ රාළ කෙනෙක්. මෝඩ කමක් කළාම අපට එය කරන්ට තිබෙන රුදාව මොකද? ආගම ඕනෑ මළ උලව්ව උනත් ඔපමණ උඹලා බීම ගත්තා ම මෙතන බීගන ගොජ දමන පිරිසගේ වමනේ අදින්ටත් ගුටි බැට හුවමාරු කර ගන්ටත් පොලිසියට ගෙන යන්ටත් මිනිස්සු තව කොපමණ ඕනෑ නො වෙද්ද?
විජේසිංහ - මොන බොරුද? මගුල් ගෙදරක කෙපමණ බිම තිබුනත් වමනේ දමන තරම් වනචර මිනිස්සු දැන් කාලේ කොයින්ද?
ලොකුරාළහාමි - අනේ විනී උඹ මොනවා දන්නවා ද, එක “පණ්ඩිතයෙක්” පවා මගුල් ගෙදරක ගොස් එන ගමන් මහ දුම්රියපළ ළග වමනේ දමාගෙන සිටියා මතක නැද්ද? නමුත් අපේ මොකද? උඹලාගේ කාසි උඹලාට කැමැත්තක් කරන්ට බැරුව මොකඳ? අපට කාරණයක් නැහැ කියා නිකම් සිටියේය. විජේසිංහ තමා කසාද බඳින්ට සිතා ගෙන සිටින තරුණිය ගැන කිසි වග විභාගයක් ද නොකර මඟුල් දින ආසන්න වූ විට ඉහත ලැයිස්තුවේ දැක්වූ කෑමත් බීමත් අනික් කළමනාත් ගෙදරට ගෙන්වා හිතේසි මිතුරන්ට සංග්රදහ කරන්ට පටන් ගත්තේය. කසාද බැඳීම තුන් දිනක් තබා හිත මිත්රූයින්ට සංග්රඩහ කරන්ට පටන් ගත් මේ මඟුල් ගෙදරට යම්කිසි ප්රියෝජනයත් තෑග්ගක් වත් ලැබේ දැයි ලොකුරාළහාමි පරීක්ෂාවෙන් සිටි නමුත් එන එන මිනිහා ගෙනෙන්නේ වීදුරු මල් පෝච්චියක්, අවානක්, හැරමිටියක්, වෙඬරු (බටර්) දමන වීදුරු භාජනයක්, තව මොක මොකවත් වීදරු බඩුවක් පීරිසි කුට්ටන් කීපයක්වත් පමණයි. මේක බලා උන් ලොකු රාළහාමිට විහිළුවක් මෙන් කල්පනා වී ළඟ සිටි ගෙදර වැඩකාරයා වන ජුසෙඅප්පුට කතා කොට “ආ ජුසේ අප්පු, මේ කාලේ හැටි! දැනට මගුල් කෑම පටන් අරගෙන දෙ දවසක් පසු උණා. මේ අතර බීමත් කෑමත් කරත්ත දෙකක් පමණ ඉවර වුණා. මේ කෑම බීමට පැමිණි සියල්ලන් ම මෙහි ගෙන ආ තෑගි දෙස බැලුවාම මට නම් සිනා නොවී සිටිය නො හැකියි, පුංචි මල් පෝච්චි නම් උවමනා තරම්, අනේ ජුසේ අප්පු! මේ සිංහල වර්ගයාට උන විපතක හැටි! පුරාණ යම් හිතේසිවන්තයෙකුගේ මංගල්යාිදියකට පැමිණෙන ඤාතිමිත්රා දීහු ඒ මනමාලයාගේ හා මනමාලියගේ දියුණුව පිණිස මුදලක් වත් ගහ කොළක් වත් ගව මාහිෂාදින් වත් තෑගි කරති. නමුත් දැන් “ක්රෑ න්ස්ටන්ට් එකක් මිස්ටර් ඇන්ඩ් මිසිස් විජේසේකරගෙන්” “සිගර් හෝල්ඩර් එකක් මිස්ටර් ඇන්ඩ් මිසිස් ජෝන්ස්ගෙන්” යනාදි පිළිවෙලට පුදුම තෑගි ලැබේ. හැබෑට ම සිය දෙනෙක් මගුල් කෑමට පැමිණ සුරුට්ටු අල්ලන භාජන (සිගරැට් හෝල්ඩර්ස්) රැගෙන ආවොත් ඒ ලබන අයට ඇති පලය මොකද,” “මේ අබුද්දස්සේ ලබුත් තිත්තයි”යි කියා ලොකුරාළහාමි සිනාසුනේය.
විජයසිංහ කසාද බඳින දින පැමිණියේය. චාල්ට්ර් බල්ඩිං නමැති යුරේසියන් මිනිහා විජයසිංහගේ යහළුවා මෙන් යන්ට සැරසී ආයේය. තවත් ලංසි සිංහල මිනිස්සු විසි දෙනෙක් පමණ මනමාලිය කැදවා එන පිණිස යන්ට ලෑස්ති වූහ. කසාදය බදින්ට “සන්පෝල්ස්” පල්ලියේ යයි තීන්දු කර ගෙන තිබුනු හෙයින් විජයසිංහ හා ඔහුගේ පිරිස අශ්ව කරත්තවල නැඟී නියම වේලාවට පල්ලියට ගොස් සිටින පිණිස පිටත්ව ගියහ. බලවත් ප්රීවතියෙන් යන මේ පිරිස උදේ 9 ට පමණ පල්ලියට ළඟා වෙන විට මුදලිතැනගේ දියණිය පෙම් බැඳ සිටි ලංසි
පියදාස සිරිසේන නවකථා එකතුව 195
ගැටයත් සමග රාත්රික සැඟවී ගොසින්යයන ප්රිවෘත්තිය මනමාලයාට අසන්ට ලැබුනේය. එසේ ද උවත් ඔව්හු කිසිවෙක් එය විශ්වාස නො කළෝය. වහාම මුදලිතැනලාගේ වලව්වට කෙනෙක් පිටත් කර මනමාල පක්ෂය පල්ලියට ගොස් වාඩි ගත්තෝය. පණිවිඩකාරයා වලව්වට ගොස් බලන විට කාරණය සැබෑ විය. මුලු ගෙදර මිනී මළ ගෙයක් විය. මුදලිතැන ලැජ්ජාවේ ඉවසා ගත නොහී කාමරයකට වැදී දොරවල් වසාගන උන්නේය.
විජයසිංහගේ පණිවුඩකාරයා පල්ලියට ඇවිත් මුදලිතැනගේ දියනි ලංසිකාරයෙකුත් සමග සැඟවී ගිය බවත් දැනට ඔව්හු කොහේ ද යන්න දැනගන්ට නො මැති බවත් කීය. විජයසිංහට ලජ්ජාව හා කේන්තිය ඉවසා ගත නොහී තමා සමග ගොස් සිටි කිසිවෙකුටත් කතා නොකොට වහාම පල්ලියන් පිටවී රිකෂෝ කරත්තයක නැගී ගෙදරට විත් මගුල් ඇඳුම් ලිහා දමා පුරුදු ඇඳුම් කුට්ටමක් ඇඳ ගෙන එවේලේ ම පිටත් වන දුම්රියෙන් නුවරට යන්ට ගියේය.
ලොකුරාළහාමි හා මනමාල පක්ෂයේ අනික් පිරිස “මනමාලිත් නැත. මනමාලයත් නැත.” කියමින් විජයසිංහලාගේ ගෙදරට පැමිණියෝය. ලොකුරාළහාමි පමණක් පරසිත් ගැනීමට ගොස් මොවුන්ට මේ වූ විපත ගැන සතුටුව මුදලි වලව්වට වහාම පිටත්ව ගියේය. මුදලිතැන ලොකුරාළහාමිව දැක “අනේ, ලොකුරාළහාමි මට මගේ ගෑණු ළමයා කළ නින්දාව, මගේ කුල වංශය එහෙව පිටින් ම මකාදාපි! කිසි කලක නො මැකෙන කැළලක් මට කරපි. මම මේ ලංසිගැටයා ගෙදරට ගිය ආ කාලයේ පොඩි හාමුත් සමග සෙල්ලමට එනව යි කියා සිටියෙමි. අනේ, අනේ, අපට වෙච්ච දේ අද මඟුල් කන්ටත් කසාද බැඳීමට පල්ලියටත් ආ සියගණන් වැදගත් මිත්රඅයන්ටත් නෑයන්ටත් නොපෙනී මම මේ මුල්ලට වෙලා ඉන්න හැටි! අනේ අපට වෙච්ච දේ ය”යි කියමින් අඬන්ට පටන් ගත්තේය. ලොකුරාළහාමි අඬනවා වෙනුවට සිනාසී මෙසේ කියන්ට පටන් ගත්තේය. “පුරාණ ජම්බුද්වීපයෙහි විසූ පණ්ඩිතයෝ මනුෂ්යටයාගේ උප්පත්තියේ පටන් ඒ ඒ තාලවලට හික්මිය යුතු අවවාදත්, මනුෂ්යෂයා මරණින් පසු දිව්ය ලෝක බ්ර්හ්ම ලෝකාදියට පැමිණිය හැකි ගුණ ධර්මත් කියා ලෝකයාට සාන්තිය දී තිබුනේය.
මනුෂ්ය යා නො මගට පමුණුවන අධික නිදහස, අධික සැප, යනාදි අධිකයත් මනුෂ්යායාට අන්තරා ගෙන දෙන අධික ආචරණය, අධික දුක
ය යන මේ අන්ත දෙක සිංහලයන්ගේ ආගම කර්තෘවරයන් වහන්සේගේ ධර්මයෙහි ප්ර කාශ වූවක් මෙන් ම සිංහලයෝ පුරාතන පටන් අත්හැර මධ්යදස්ථව සියලුම කටයුතු කළෝය. සිංහල රාජ නීතියෙන් වැසියාට ඕනෑවට මඩා අධික නිදහස දුන්නේ වත් පාප්ගේ නැතහොත් සුල්තන්ලාගේ නීතිය මෙන් වැසියන්ට උවමනා නිදහස නැති කළේ වත් නැත. එසේ ම සිංහල දෙමව්පියෝ ද ස්වකීය දූ දරුවන්ට ඕනෑවට වඩා තැන් තැන්වලට ඇවිදින්ටත් විකාර කරන්ටත් අධික නිදහස නුදුන්නෝය. දරුවන්ට දෙමව්පිය්ගේ අවසර ඇතුව කටයුතු කරන්ටත් අවසර ඇතුව යම් යම් තැන්වල යන්ට එන්ටත් සිංහල මිනිස්සු පුරුදු කළෝය. නමුත් තමුන්නාන්සේ උතුම් සිංහල සිරිත් මොකුත් දන්නේ නැති. සිංහල මිනිස්සු ගැන කිසිවක් නොදත් දැන් සිටින තමුන්නාන්සේලා වැනි ලොකු ලොක්කෝයයි සිතන උදවිය “සිංහලයෝ අමුඩයෝය, ඔවුන්ගේ පුරාණ සිරිත් විරිත් මෙනවා ද, යුරෝපීය පැෂන් තමයි හොඳ” කියමින් උඩ පනිති.
ඔන්න යුරෝපීය විධියට දුව හැදුවා! මෙහේ මගුල්කාරයෝ එනකොටත් දුව ලංසියෙක් සමග සැඟවී ගොස්! හොඳයි ගෝල්පේස් ගිය හැටි, හොඳයි තරුණන් හා ටැනිස් ගැහු හැටි! අනේ මුදියන්සේ රළහාමි අපේ කුල ස්ත්රී න් මරක්කල අච්චිලා වාගේ මුළු ගැන්නී ඔළුවේ සිට වසාගෙන නොඉන්න එක හැබැයි. ඒකට මොද, නොයෙක් තරුණන් සමග නොයෙක් විකාර සෙල්ලම් කරන්ටත් ඕනෑ දිහාවක යන්ට එන්ටත් ඕනැ අන්දමට ඉඩ දුන්නාම මෙච්චර අවදි වත් ඔය ගෑණු ළමයා හිටියා මැදෑ, අපේ තොටගමුවේ ස්වාමි ගෑණුන් ගැන කියා තිබෙන කරුණු වලින් එකක් දෙකක් තමුන්නාන්සේට ත් දැන ගන්ට කියන්ටද?
මුදලිතැන ලොකුරාළහාමිගේ කථාවට තව තවත් ලජ්ජාවට පැමිණ “අනේ ලොකුරාළහාමි, යුරෝපියයන්ගේ වල් සිරිත් නිසා අපට වෙච්ච දේ! මත්පැන් බොන්ටත් තරුණ තරුනියන් සමග පල්ලිත් වෙන වෙන තැන්වලත් ඇවිදින්ට යෑමෙන් හා ඕනෑවට වඩා අවකාශ ඇතිවීමෙනුත් අෙප් කැතරින් මේ වල් ලංසි ගැටයත් සමග ගොස් මේ වූ විපත නම් කියන්ට බැරි තමයි. ලොකුරාළහාමි කියන යම් අවවාදයක් හෝ පුරාණ පණ්ඩිතයන්ගේ කියමනක් මට පමණක් නොව ළාමතැනීටත් අඩගසා කියන්ට හොඳය”යි කියා ළමාතැනීටත් ලොකුරාළහාමි සිටින තැනට අඬගැසුවේය. ලජ්ජාවෙන් මිරිකී මලානික වු ළමාඑතනී ද පැත්තකින් අවුත් වාඩි ගත්තාය. එවිට ලොකුරාළහාමි අපේ තොටගමුවේ
ස්වාමින් වහන්සේ, “පිරිමිනු ද පත න අවසර කල් රහස් තැ න මිස නොලැබෙන බැවි න ගැහැණු කවුරු ද වරද නොබැඳෙ න”
යන මේ කවියෙන් කියා තිබෙන්නේ තමා බලාපොරොත්තු වෙන් පුරුෂයනුත්, නිවාඩු කාලෙත්, රහස් ස්ථානයත් ලැබුනොත් සියලුම් ස්ත්රීෝහු කාම මිථ්යානචාර, වරදට බැදෙන බවයි. මේ කියමන් මෙසේ තිබෙතත් මෙහිදී වැඩිදුර මුදලිතුමාටත් ළමාඑතනීටත් මා අවවාද කරන්ට කැමති නැහැ. නමුත් අපේ පණ්ඩිතයෙක් කියා තිබෙන තව එක කියමනක් කියන්නෙමි.
එනම් :- ම ව හොරහිමි සේවා කරමින් රහ සේ දු ව පතිනිය දම් යෙදුමට බැරි විල සේ ප ව නොමහළ අය ඔවදන් සුදුසු ලෙ සේ කි ව එහි පිහිට වන්නෙ ද ලො වැසින් කෙ සේ
ඉතින් මෙයින් මෙහිදී හිතට ගන්ට ඕනෑ තමුන්නාන්සේලා ලෝක ඇති තාක් පර සිරිත් පිළිගෙන බාල් නටන්ටත්, රා අරක්කු බොන්ටත්, කරට කර දාගෙන වල් සංකරයන් සමග ඇවිදින්ටත, කිසිම පරලොවක් ගැන නොව “ෂෝක් කරන්ට” පල්ලි යන අයවලුන් සමග එරස් යන්ට එන්ටත් මේ වේලාවය, මේ අවේලාවය වෙනසක් නැතුව අයුතු ගෑණු පිරිමින්ට ගෙදරට එන්ටත් සලස්වා තිබුනාම දරුවෝ කෙසේ හොඳට හැදේද්ද? අප ජාතියට පරංගින්ගෙන් පටන් ගත් “කුමේ බෙබේ”ම සලකා ක්රි්යා කරන දැන් උසස්ය කියා සිතා ගෙන ඉන්නා ඇත්තන්ට අපේ උතුම් ආර්ය චාරිත්රල වාරිත්රත කොහෙත්ම පුරුදු නැති බැවින් වැඩි කලක් යන්ට ප්රතථම ඔය ඉංග්රීාසි වෙන්ට ගිය. පරංගි වෙන්ට ගිය සිංහලයන්ට දැන් තමුන්නාන්සේලාට වැරදුනාක් මෙන් නොවැරැදෙයයි හිතන්ට එපා.
මෙසේ ලොකුරාළහාමි මුදලිතැනලාගේ අයුතු පර චාරිත්රාපදිය නිසා දූ නරක් වූ බවත් ඊට කණාගාටු විමෙන් තවත් මෝඩ කමක් කර ගත්තා වැනි බවත් ඒ නිසා ගිය නුවණ ඇතුන් ලව්වාත් අද්දවන්ට බැරියයි කියමින් මතුවටත් දැනමුතුව දැනට ඔය ගෙදර ඉන්න පුංචි
ගෑණු ළමයත් ඉස්කෝලයට යන පුංචි හාමවත් හොඳ හැටි කතා ගත්තොත් යෙහෙකැයි කියා යන්ට පිටත් වූයේය. එවිට ළමාතැනී ලොකුරාළහාමිට බුලත් විටකුත් ගෙන්වා දි අප පළමුවෙන් ඉතින් කරන්ට ඕනෑ මොකක් දැයි කාරුණාකර කියන්ටයයි කීවේය. එවිට ලොකුරාළහාමි ‘ළමාතැනී’ පළමුකොට කාරණාකාරණා දත්කෙනෙක් නිතර ගොදරට පමුණුවා ගෙන ඔහුගේ දැනමිතිකම් පිට කල් කෙරුවොත් මත්තට වත් වාසනාවන්ත වෙන්ට පුළුවනැ’යි කීය. ළමා එතනී ද ‘හොඳයි එසේ කාරණා කාරණා දත් කෙනෙක්ය කීවේ කව්ද. අපේ පාදිලි උන්නාන්සේ හොඳදැ’යි ඇසීය. ලොකුරාළහාමි ද අනේ මා දන්නේ නැහැ. මොකක් වත් උගත් කෙනෙක් වෙන්ට ඕනෑ. මෙන්න මේ පුංචි කවියත් තේරුම් ගෙන පිළිගන්වා නම් හොදයි. ඒ කවිය නම් :-
සඳුන් සුනු පල්ලේ හිය මී අඹ කකාරා කිරි දී මෝරු ගෙන වදුරු නැගි දැරියන් සරණ යව්”
කියා ලොකුරාළහාමි විජයසිංහලාගේ ගෙදරට ගියේය. විජයසිංහගේ මව් ගේ මුල්ලට වෙලා අඬ අඬා සිටියාය.
ලොකුරාළහාමි - “මොකද වලව්වේ මහත්මයා අඬන්නේ?”
වල්ව්වේ මහත්මයා - අනේ ලොකුරාළහාමි මට ඇත්තේ එක ළමයයි. ඇන් ඒ ළමයත් මේ මළඉලව් මගුලක් නිසා නැති වෙච්චි. මදලුත් පවුන් දාහක් පමාණ නැති වෙච්චි, දෙමළු, මරක්කල, කොච්චි පවා කොක්හඬ තිය තියා හිනහ වෙන්ට පටන් ගත්ති. ඉතින් මම නාඬා දොහොම ඉන්ටද?
ලොකුරාල හාමි - ඇයි වලව්වේ මහත්මයා. මඟුල් කථා කරන්ට මට කී දවසේ ම මම ඕක කීවේ නැද්ද, දැන් හිරියට
“ එ ක ක් කඩතොලු මකාගන්ට ගොසින් මට වුන කාරයා දෙ ක ක් කඩතොලු තනා දුන්නේ ඉඳුරුවේ ආ වරියා”
යන කාරණයයි උනේ. ඉතින් ඇඬීමෙන් පලක් නැහැ. හොඳ ද පුතා ලංසි පිළිවෙළට හැදුවා.හොඳද පුතාට ලංසි පිළිවෙළේ මඟුලක් ජෝඩු කළ! ළමාඑතනීලාට අපට වෙච්ච දේ ඕක තමයි. සිංහල සිරිත් ලෙස දරුවෙක් ඇති කෙළොත්
ඔහු දෙමව්පියන්ට කීකරු ගුණ ධර්මයෙහි පිහිටි ඕනැ නැති මිනිසුන් ආශ්රරය නොකරන බණ දහම් දැන හැදින වැඩි හිටියන්ගේ අවවාදයට නැමෙන අධික සැප පහසු නො සොයන කෙනෙක් වෙයි. යුරෝපීය විධයට හැදිච්ච එකෙක් ලක්දිව නිදහස් ලෙස ලෝකයාගෙන් ද අවලාද නාසා සැප සේ සිටිනවායයි වලව්වේ මහත්මයාට කියන්ට පුළුවන්ද? මම දන්නා මිසිනුන්ගෙන් මේ කාලේ අද්වකාත්වරු පමණ මුදල් සම්බ කරන්නන් වෙන නෑ. එබදු මුදල් රාහියක් හරිකර සමහරු අද්වකාත්වරු ඉසේ කෙස් ගණනේ ණය! ගෙදරට දවසක් පාසා හෙට්ටි ඇවිත් ණය ඉල්ලන විධිය බැලුවාම ඔවුන්ටත් සැනසිල්ලක් ඇත කියා හිතනවාද? එහෙම වෙන්ට කාරණය ලෝකයෙහි ඇති තරම් පඤ්චකාමය විදලා කම්මුතු කරන්ට මේ හාදයන් ලෑස්ති වීමයි. මේ යුරපීයන්ගේ තුච්ජ වූ අධික පස්කම් සැප විඳීමට අදහස් කළ අයට අය වැය දැනෙන්නේ වත් හොද නරක දැනෙන්නේවත් නැහැ. ඒ නිසා ලොකු මහත්තැන් මෙන් ලොවට පෙන්නා ගෙන ඉදිමින් පුහු පුද්ගලයෝ ව මැරී අපායට යති කවදා නමුත් වලව්වේ මහත්මයාගේ පුතාටත් ඔය කල දවසම නො ගියොත් ඇති.
වලව්වේ මහත්මයා - ලොකු රාළහාමි. මම දන්නේ නැහැ. දැනටම අපේ මුදලෙන් විනීගේ විගඩම්වට පවුන් පහළොස් දාහක් පමණ වියදම් වෙච්චි. ලොකුරාළහාමිගේ කීම නම් හැබෑමයි. අපේ විනී දැන් අශ්වයන් කී දෙනෙක් අරගෙන නරක් කළාද? අශ්ව කරත්ත කීයක් කඩා දැම්මාද? බයිසිකල් කෙළවරක් නැතුව ගෙනෙනවා, කඩා දමනවා, යාලුවන්ට දෙනවා, ඇඳුම් අද සූට් දෙකයි, හෙට සූට් දෙකයි, අද බූට්ස් කුට්ටමයි, හෙට දෙකයි, තොප්පි, ටයි, කමිස, සැන්ට් මගේ අම්මෝ මට කියන්ටත් බෑ එක මාසයකට මේ මළ ඉලව්වලට මේ හාදයා අඩු ගණනේ රුපියල් හාර දාහක් පන් දාහක් වියදම් නොකර නොසිටී! අනේ දෙවියනේ අපට වෙච්ච දේ! එසේ කරලත් මේකාව හදන්ට හිතා ගෙන කසාදයක් ලෑස්ති කළාටද! ඒ සංකර බැල්ලි ලංසියත් සමග හොරෙන් නොගොස් යම් මිදියකින් මෙහාව ගෙනෙන්ට උනා නම් මගේ කෙස් පොතත් විකුණා නොයා දැයි දැන් මට කල්පනා වෙනවා. මට කොපමණ නින්දා හා අලාභ
හානි වුනත් ඔය මගුල ඔයාකාර උන එක හොඳයි. ඉතින් ලොකුරාළහාමි කරුණා කරලා විනී ගියේ කොහේදැ යි සොයා බලා එක්ක එන්ටයයි කියා රුපියල් දහයක් ද දුන්නේය. ලොකුරාළහාමි ද හොඳයි අද ලෙල්ලන් වෙලා මට කොහේවත් යන්ට බැහැ. හෙට උදේ නුවර පළාතට ගොහින් විභාග කර බලන්නෙමි යි කියා යන්ට ගියේය.
මුදලිතැන හා ලමා එතනී එදා සවස් බත් කා ඉවර වූ පසු ලොකුරාළහාමි ලියා දුන් කවිය: එනම් :- “ සඳුන් සුනු පල්ලේ හිය මී අඹ කකාරා කිරි දී මෝරු ගෙන වුඳුරු නැගි දැරියන් අසරණ යව්
යන කවිය එළියට ගෙන තෝරන්ට පටන් ගෙන මුදලිතැන මෙසේ අර්ථ කීය.”හඳුන් කුඩු පල්ලේ දමලා (හියමි) වියන් දුඹුලුත් අබත් කකාරාලා දී කිරිත් මෝරුත් දුන්නාම පරංගි හොඳ වෙනවාය” යනුයි. එවිට ළමාඑතනී සත්තකෙන් ම මේ කවිය ලොකුරාළ අපට ඔච්චමට කියා ගොස් තිබෙන එකකි. ඔය මිනිහා මහා දැනමුත්තෙක් හැටියට ඇවිත් අපට කවටකම් කරලා ගොහින් තිබෙයයි කිය. මෙසේ මේ කවිය තෝර තෝරා ළමාඑතනීත් මුදලිතැනත් කථා කරන විට ජයතිලක පැදිලිතැන වලව්වට අවේය. පැදිලි තැනට වාඩිවෙන්ට කියා පෝට් වැයින් ටිකකුත් දී සුරුට්ටුවක් ද බොන්ට දුන්නේය. පාදිලිතැන සුරුට්ටුව ද බොමින් කැතරින් (මුදලිතැනගේ දූ) ලංසියත් සමග සිංගප්පූරුවට ගොසින් බව කීවේය. ළමාඑතනී හා මුදලිතැනත් “අනේ තමුන්නාන්සේ අපට ඔය හැතිරිගේ වගක් කියන්න එපා. ඈ මළාය කියා අපි කළු අඳිනවා. දැන් ඒකි නැතිවුන ගණන”යි කීවෝය.
අපට අද උදේ දැනමුතිකම් කියන්ට ලොකුරාළහාමි යි කියා මිනිහෙක් ඇවිත් අපට ඔච්චන් කරලා කවියක් දීලා ගොහින් තිබෙනවා. තමුන්නාන්සේට වත් ඒ කවිය තේරෙනවා දැයි බලන්ට කියා කවිය ලියා තුබුනු කඩදාසි කැබැල්ල දුන්හ. පාදිලිතැන කවිය බලා කිසිවක් තේරුම් ගත නොහී මෙසේ අර්ථ කීය.
සුනු පල්ලේ, සුනුගාපු අප්පල්ලක; සඳුන් හඳුන් ද; හිය, ඊතණ ද; මී අඹ ද; කිරි මෝරු, දී කිරි හා මෝරුත් සමග; කකාර, කකාරවලා; වදුරුනැගි දැරියන්, ලාදුරු හැදිච්ච ගෑණුන්ට දී; සරණ වේ, පිහිට
වෙයව්; කියා මේ කවියේ තේරුමක් තිබේයයි කීය. මුදලිතැනගේ තේරුම මීට ටිකක් වෙනස් නිසා ළමා එතනී මේ කවියේ මීට වඩා වෙස් අර්ථයක් ඇතැයි සිතා නිශ්ශබ්ද වුනාය. ඉක්බිති මුදලිතැනත් පාදිලිතානත් ළමාඑතනීත් ටික වේලාවක් කතා කර කර සිටලා නින්දට යන්ට ගියෝය. පසු දින උදේ ළමා එතනී අල්ලපු වත්තේ සෙත් කවි හදනවායයි ප්ර සිදධ ගුරුන්නාන්සේට අඬගස්වා කවිය පෙන්වා එහි අදහස කියන්ට කීය ගුරුන්නාන්සේ ය කියා නමක් ආරූඪ කර ගත් මේ මනුෂ්යහයා සෙත් කවි හදනවා තබා අස්ටගණ වත් නොදත් අමනයෙකි. දැන් විරිදු කියන්නාක් මෙන් පද හතරක් එකතු කර කියන්ට පළිවන් තක්කඩි ශබ්ද ශාස්ත්රයය කිසිත් නො දැන වල්කවි කියමින් බඩ වඩා ගනිමින් අපේ මධුර වූ උතුම් භාෂාව කොළහන නමුත් ඒ තක්කඩින් උගතුන් ලෙස මේ ළමාඑතනී වැන්ුනෝ සලකති. ව්යානකරණ චන්දොලනංකාරාදිය ගුරු ආශ්ර්යෙන් ඉගෙන පොත පත තනන ආචාය්ය්ම වරයන් නිසා අප භාෂාව අලංකාර වන්නා මෙන්ම කට හැකර කයි කොළ කාරයන් නිසා අප භාෂාව කිලුටු වන බැව් පෙනේ.
අනේ අපට වෙච්ච දේ! ඉංග්රීකසි නවල්ස් කියවා ඒකම සිංහලටය පෙරළන කථාන්තරකාරයොත් වචන හතරක් ව්යාකරණානුකුලව එකට ගලපා ගත නොහැකි පත්ර් කර්තෘවරයොත් කවියක් කියන්නේ කුමක්දැයි නොදත් කවිකාරයොත්, දැන් කොපමණ සිටිත්ද? අපට වෙච්ච දේ දැන් අප භාෂාවට වේගෙන යන මේ විපතින්ම නො පෙනේද? දැන් කතෝලික “හිංගල”, පල්ලි “හිංගල”, බයිබල් “හිංගල”, ගොන්සාල්ස්විස් “හිංගල” ඉංග්රීයසි “හිංගල” ලංසි “හිංගල” යනාදි “හිංගල” වර්ග කීයක් දැන් අපේ ආය්ය්භාෂ භාෂාවට ඇතුළු වී තිබෙද්ද? අනේ අපට වෙච්ච දේ? ඉතින් ළමාඑතනීට කවිය තේරුම් කර දෙන්ට ආ සෙත්කවි ගුරුන්නාන්සේට මේ කවිය ආන්ද්රං දෙමළ මෙන් වී “ඔය තේරුමක් ඇති කවියක් නොවේය. කව්ද කවට කමක් කර තිබේය”යි කියා යන්ට ගියේය.
නමුත් ළමාඑතනී ඊටත් සතුටු නැතුව ළඟ පහළ කීප දෙනෙකු ගෙන්වා මෙහි තේරුම ඇසූ නමුත් කිසිවෙකුට කියන්ට බැරි විය.
එවිට ළාමාඑතනී ළඟ සිටි මුදලිතැනට කථා කර “අනේ ඔයි, ලොකුරාළහාමි කීවාක් මෙන්, අපි තරම් අයුතු කරන්නෝ ලෝකේ නැ නොවෙන්නන්! අපේ ජන්ම භාෂාවෙන් තිබෙන මේ කවියේ තේරුම අප කාටවත් කියන්ට බෑ නොවෙයෑ! අපට ඉංග්රීතසිත් ග්රීනක් හා ලතිනුත් පුළුවනි. අනේ අපේ භාෂාවේ මෙබඳු තව කොපමණ උතුම්
කීම් නැද්ද? මේ කවියේ හැබෑ තේරුමක් ඇතුවාම මයි. කොයි හැටියකින්වත් මේ කවිය තේරුම් කරන්ට පුළුවන් කෙනෙක් ගෙන්වන්ටය”යි කීවාය. මුදලිතැනද මහත් ලැජ්ජාවට පැමිණ වැඩකරුවා අත ලියමනක් යවා ශ්රී”පාල වෙද මහතා ගෙන්නුවේය. වෙද මහත්මයා වාඩි වෙන්ට දී කවිය ලියන ලද කඩදාසි කැබැල්ල අතට දුන්නේය. වෙද මහත්මයා කවිය බලා ප්රීයතියට පැමිණ අර්ථ ලියා ගන්ට ළමාඑතැනීට නියමකර කවිය මෙසේ තේරුම් කළේය. “සඳුන් ස්ත්රී න්ද; සුනු, පුතුයන්ද; පල්, මස්ද; ලේ, ලේ ද; හිය, වාහන ද; කිරි, ඇතුන් ද; මී අඹ, මහීකාන්තාව; කකාර, ගගුරුවා; දී, දානය කොට; මෝරු ගෙන, ගිරිමේඛලා නම් ඇතු ප්රතලය කොට දුඳුරු ලැගි, වජ්රාසනාරූඪ වූ ; දැරියන්, ධෛය්ය්ෙන වන්තායාණන් වහන්සේගේ; සරණ යව්, සරණෙහි පිහිටව්” යනු මේ කිවියේ පදගතාර්ථයයි.
මෙහි භාවාර්ථය නම් “අඹු දරුවන් හා ඇත් අස් ගව මහීෂාදීන් ද ඇස් ඉස් ලේ ආදිය ද පොළව කම්පා කරවා දන් දීමාදියෙන් දසපාරමි ධර්මයන්පුරා සම්පූර්ණ කොට බෝමැඩ වජ්රාසනයෙහි නැග යුද්ධයට ආ වසවර්තිමාර දිව්යස රාජයා හා ඔහුගේ මාර හස්තියා වන ගිරිමේඛලා නම් ඇතා ප්රයලය කොට බිඳුවා හැර බුද්ධ රාජ්යමයට පැමිණ වදාළ ධෛය්ය්ම් වන්තායාණන් වහන්සේගේ සරණ ගනිව් යන මෙහි භාවාර්ථයයි.” ශ්රීධපාල වෙද මහතාට කථා කොට “ ආ ශ්රීගපාල උන්නැහේ මෙවැනි පුදුම අදහස් ඇති කියුම් අපේ සිංහල භාෂාවේ තවත් තිබේද? වෙද මහත්මයා ද “රාළහාමි අපේ භාෂාව තරම් අලංකාර පුදුම ප්රටබන්ධ ඇති භාෂාවක් තවත් කොයින්ද? තමුන්නාන්සේලා මේ භාෂාව ඉගෙන නොගත්තාට පුරාණ විසු මුදලිවරු නම් ඉංග්රී සි ආදි භාෂා සමග මේ ජම්ම භාෂාව හොඳින් ඉගෙන ගත්තෝය. ඒ නිසාම ඒ උතුමන්ගෙන් අප ජාතියට නොයෙක් ආධාරත් ලැබී අප භාෂාව ද දියුණු වූයේය”යි කීය. එවිට මුදලි තැන “ඔව් වෙදමහත්මයා අපේ මම්මටත් සීයා වන මුදලි කෙනෙක් මාතර හිටි බැව් මටත් මම්මා කීවා. උන්නැහේගේ නම අබයකෝන් විජේසුන්දර. උන්නැහේ හදාපු පොතකින් කවියක් දෙකක් දන්නවා නම් කියන්ටය”යි කීය. ශ්රී්පාල වෙදමහතා කථාකොට එතුමාගේ පොත්වලින් කව් තිහ හතලිහක් වත් මට කියන්ට පිළිවනි. නමුත් මට නිවාඩු නැහැ. මට ප්ර මාද වෙන්ට බැහැ. ඒ නමුත් කවි තුන හතරක් පමණක් කියන්නෙමියි කියා විජේසුන්දර මුදලි තුමාගේ වල්ලිමාතා කථාවෙන් මේ කි සතර කීවේය.
දි න කර උදා කරවන දිගඳුර දුරැ ර
ම න නඳ බිඳාහළ රුපු අසුරන් සම ර
ව න බිඟුරදා සොහොවුරු මහිම බරක ර
දු න වියො වැදා මගෙ සිත තැවෙනුය නිත ර
ප නි ඳු රුපු නැගී දද බැඳ තඹර සි ළූ වි රි ඳු දිත අරණ තෙදනළින කළ හ ළූ දි ළි ඳු නඳනඳුනි හිම වන තෙදිය ම ළූ පි සි ඳු ඔබ සරණ දැකුමට මසිත ඇ ළූ
සො මි තු රු මැදෙහි පත් ලෙස පුර කිරණ හෙ ළ පි වි තු රු යසිත් දිසි කඳ කුමරුනි ලක ළ අ මි තු රු දිතඹුවන්හට දුන් වියො නැබ ළ සු මි තු රු මටත් දෙනු කිම වරද මා ක ළ
පි ය යු රු මැද වැටෙයි නෙතගී කඳුලැ ල් ල හි ය ඹු රු හුරැලනසෙ විය දැන් ළතැවි ල් ල දි ය තු රු තෙද පැතුරු නදනෙනි ගෙලනි ල් ල වි යො දු රු කරන මෙන් නමදිමි දෙපතු ල් ල
මේ මධුර කවිත් අසා සිත් සතුටට පත් ලමාඑතනී තමාගේ බාල දියනියන්ට හා පුතාටත් සිංහල ව්යාිකරණ සිත භාෂාව උගන්වන්ටය කියා ශ්රීදපාල මහතාට ළමයි භාර කළාය. මුදලි තැනද වෙදමහතාට මසකට රුපියල් 15 ක් ගෙවන බව කියා සෑම දවස්වල ම වලව්වට පැමිණ ළමයින් දෙදෙනාට සිංහල උගන්වන්ට කීවේය. ශ්රීදපාල වෙදමහතා ද ඒ ඉල්ලීම පළි ගත්තේය.
විජයසිංහ සෙවීමට නුවර යන්ට පොරොන්දු වූ ලොකුරාළහාමි පසු දින උදේ දුම්රියෙන් නුවරට පැමිණියේය. විජයසිංහ කුවින්ස් හෝටලයේ නැවතී සිටින බව ආරංචි විය. ලොකුරාළහාමි හොටලයට ගොස් එහි වැඩ කරුවෙකුටු කථා කොට විජයසිංහගේ නම කියා ඒ මහත්මයාට කෙනෙක් කථා කරන බව කියන්ට කීවේය. හෝටලයේ වැඩකරුවා මත්පැන් අධිකව බී වෙරිවී සිටින විජයසිංහ ළඟට ගොස් ඒ බව කී විට. එම් බෙබදු මනුෂ්ය යාට තරහා ඇවිත් පණිවිඩකාරයාට පහරක් ගැසුවේය. ඔහු එක පාරක් පමණක් කා එළියට විත් ලොකුරාළහාමිට ඒ බව කීය. ලොකුරාළහාමි ද “ මේ අධමයා බලන්ට මට ඕනෑ කමක් නැත. මූ හදන්ට මූ ම මිස වෙන කෙනෙක් මිහි පිට
නැත. මුගේ මේ ධනය මූට අන්තරාවට සිටියේය.”යි සිතා නුවර වෙළදාම් පළට පැමිණ කදිම ගෝවා ගෙඩි කීපයකුත් අරගෙන එවලේ ම එන දුම්රියෙන් කොළඹට අවේය.
විජයසිංහ කුවින්ස් හොටලයේ දවස් දහයක් ම නැවතී සිටියේය. මේ දවස් දහය තුලළ බිලියඩ් ගසා පරාද වූ ගණනත් සමග රුපයල් හත් දාහක් වියදම් කළේය. මේ මුදල සියේට හැට ගණනේ පොලියට මෙයියප්පා සෙට්ටිගෙන් අරගෙන ගෙවා තවත් රුපියල් තුන් දාහකුත් එම මෙයියප්පාගෙන් ම තුන් මාසේ “තවනට” අරගෙන ජාපනයට ගියේය. ජාපනයේ ද සුමානයක් නැවති සිට් ඒ රුපියල් තුන්දාහත් ඉවර වුනාම දුම් නැවෙන් කොළඹට අයේය. ලෝකයේ කොපමණ අහ්චය්ය්හත මත් දෙයක් වත් කොපමණ නින්දාවක් වත් ඇති වී දවස් කීපයක් පසු වෙන විට එය සලකන කෙනෙක් වත් නැත්තේය. යම් යම් අයට පැමිණෙන අන්තරා හෝ නින්දා දවස් දෙකක් තුනක් ඉවසිල්ලෙන් විඳ දරා ගන්ට ඥානවන්තයන්ට එබඳු නින්දා ආදියෙන් කිසිම අමාරුවක් නොවන්නේය. මේ කාරණා කිසිත් නොදත් විජයසිංහ තමාට ජෝඩු කර අන් මනමාලි ලංසියත් සමග ගිය කාරණය බග්ගග් කොට සිතා ගමත් නොහිට තැන් තැන්වල ඇවිද සුරා බිලත් සූදු කෙළලත් රුපියල් දස දහක් විනාශ කර ගැනීම ඥානය මඳක්වත් ඇතත්නට හිනාවට කාරණයකි. විජයසිංහ නැවෙන් ගොඩ බැස සවස් වන තුරු ග්රෑසන්ඩ් ඔරියන්ටල් හෝටලේ නැවතී සිට ගෙදර ආවේය. පුතා නැති ශෝකයෙන් සිටි මව් ද පුතාට බලවත් ප්රෙසමය දක්වා ඔය කෙල්ල නැතිවාට නුඹට ඉංග්රීමසිකාරියක් මම කසාද බන්දා දෙන්නෙමිය කියා පුතාව සතුටු කළාය. විජයසිංහ ද කලින් පැමිණි කරුණු මතක නැති කර දමා වෙනදා මෙන් ලංසි යාළුවොත් සමග “කුමේ බෙබේ” කරමන් කාලය ගත කරන්ට පටන් ගත්තේය.
විජයසිංහලාගේ “මිසමට” අයිති පල්ලියේ අදිපති පූජක තැන වැල් නමැති යුරෝපීය පාදිල් උන්නාන්සේය. මේ පාදිලි උන්නාන්සේගේ යෞවන දූවරු දෙදෙනෙක් සිටිති ඉන් වැඩිමල් දූ වන මේරි ඉතා රෘප සම්පන්නය. විජයසිංහලාට හුඟක් මුදල් ඇති හෙයින් පාදිලි තැනගේ දුව කසාද බඳින්ට පුවවනැයි සිතා විජයසිංහගේ මව් දේව මෙහෙයට ගොස් එය ඉවර වූ පසු පාදිලි උන්නාන්සේගේ ගෘහයට ගියාම පාදිලි නෝනා හා දූවරු ද ඉතා ආදරයක් හා සැලකිලි දක්වා විජයසිංහ හාමිනේට ඉඳගන්ට කීවෝය. තේ වතුරු කෝප්පයකින් ද සංග්රසහ කළෝය. විජයසිංහ හාමිනේට ඉංග්රීපසි බැරි නමුත් වැල් වාදිලි තැනට “පාදිලි හිංගල” පුළුවන්කම
තිබුනේය. එයින් විජයසිංහ හාමිනෙත් සමග කථා කරන්ට පටන් ගත්තේය.
පාදිලි තැන - නෝනාමහත්මයා මෙහි ළඟාඋනා-මොකද කාරිය?
විජයසිංහ හාමිනේ - තමුන්නාන්සේ සම්බවෙන්ට අවා, මගේ ළමයා හිතුවක්කාරකමට සෙල්ලම් කර කර ඇවිදින නිසා ඒ ළමයාට හොඳක් කර දෙන්ට කියන්ට. ( මේ කථාව පාදිලිනෝනා හා දූවරුත් අසාගන සිටිති. දූවරු දෙන්නාට පමණක් කථාව තේරේ)
පාදිලි තැන - මොකද ඒ ළමයා මම දන්නවා-මගෙන් ඕනෑ එකකට මම ලේස්තියි.
විජේසිංහ හාමිනේ - මට වෙන උපකාරයක් නොවේ. තමුන්නාන්සේගේ වැඩිමහල් දුවනිය මගේ පුතාට කථා කර ගන්ට හිතා ගනයි මම ආවේ
පාදිලිතැන - තමුන්නැහේලාගේ පෙහොසත්කම කොච්චර ඇද්ද?
විජයසිංහ හාමිනේ - පවුන් පනස් දාහක් විතර ඇති.
පාදිලිතැන - හොඳයි, මම කැමතියි. එයාට පැදිලි වැඩේ උගන්වන්ට ඕනෑ. මගේ හිතේ තිබී ආවා මගේ දුව පාදිලි කෙනෙකුට මිස නොදෙන්ට. ඒක නිසා එයාට පාදිලි වැඩ ඉගෙන ගන්ට පුළුවන් ද කියා අසමු. හොඳයි මම නෝනා, ළමයි, අපි ඔක්කෝම අද හවස කෑමට නෝන මහත්මයාගේ ගෙදරට එනව. ඒ ආවාමත් කතා කරමු.
මේ කථාව ආස උන් විජයසිංහ හාමිනේ හනි හනික ගෙදර ගොස් වැල් පාදිලිතුමා ඔහුගේ දියනිය විනීට දෙන්ට සතුටු වූබව වනීටත් කියා පාදිලි පවුලේ මිනිසුන්ට හොඳ හැටි කැම සූදානම් කළාය. වැල් පාදිලිතුමා හා නෝනා ද දූවරු දෙදෙනා ද සවස හතාමාරට පමණ විජයසිංහ වලව්වට පැමිණියෝය. විජයසිංහ උන්නැහේ මා මවුත් ඔවුන් සමාදරයෙන් පිළිගෙන සතුටු සාමිච්ච කථාබස් කරමින් සිටි ඉංග්රීවසි පිළිවෙලට පිළියෙල කර තිබුනු ආහාර අනුභව කරන්ට පටන් ගත්හ. මේරි නමැති පැදිලි දියනියගේ මන්ද හාස්යනයෙන් යුත් බැල්මෙන් ම උන්මාද ඖෂධයක් වැළඳුවෙකු මෙන් විජයසිංහ විපරීත භාවබට පත්විය. මේරිගේ ලද බොලඳ බස් ලැබූ මොහුට කුමක් වී දැයි ප්රවකාශ කිරීම උවමනා නො වන්නේය. විජයසිංහත් පාදිලි පවුලේ කවුරුත් බොහෝ ප්රීකතියෙන් පැය කීපයක් කථා කරමින් සිටි මේරිව විජයසිංහට දීමට සතුට ප්රෙකාශ කොට ගියෝය. වැල් පාදිලි තැනෙග් කල්පනාව කුමක් දැයි කිසිත් නෙදත් නූගත් විජයසිංහ මේරිව ලැබේයයි සිතා ගත්තේය. මේරි නමැති මේ රූපත් තරුණිය ලබන ආසාවෙන් පාදිලිතැන නියම කරන පරිදි පාදිලි වැඩේ ඉගෙන ගන්ට විජයසිංහ පටන් ගත්තේය. හමාසයක් ම අන්යැ කිසිම කටයුත්තක් සඳහා පැයක් පත් කාලය ගත නො කොට පැදිලිතැනගේ කටයුතු කළ විජයසිංහගෙන් මේරිට දුන් තෑගිබෝග ආදියටත් සමග පාදිලි ගෙදරට රුපියල් පන් දාහක් පමණ වියදම් වූයේය.
මේ කාලයේදී පාදිලි උන්නැහේ ස්වකීය ධූරයෙන් ඉවත්ව පින් පඩි පිට ස්වකීය රට වන යුරෝපයට යන්ට සූදානම් විය. මේ බව කිසිත් නො කියා ගමට ගොස් එන්ට ඕනෑ බවත් ඒ ගොහින් ආවාම ස්වකීය දියනිය විජයසිංහට විවාහ කර දෙන බවත් ණයට පවුන් 250 ක් ඕනෑ බවත් විජයසිංහට කීවේය. මේ කාලයේ විජයසිංහලාගේ බුදලයට අයිති ඉඩම් කඩම්වලින් ලැබෙන ආදායම හෙට්ටින් ගෙන් අරන් තිබෙන ණයට පොලී ගෙවීමට වත් මදිව තිබුනේය. කිසිම මුදලක් තමා සන්තකව නොතිබුණ නමුත් මේරි කෙරෙහි බදිනා ලද දැඩි ලොභය නිසා ඉතා අමාරුවෙන් ‘බ්රෝමකර්’ කෙනෙකුගේ ආධාරත් ඇතු සියෙට 60 ටේ පොලියට හෙට්ටියෙකුගෙන් වපුන් 250 ක ණයට ගෙන පාදිලිතැනට දුන්නේය. පාදිලි තැන ද ඉතා සතුටු බැව් හඟවා විජයසිංහට සහ ඔහුගේ මව්ටත් ඉතා කරාණාවන්ත ලීලාවක් දක්වා ඉක්මනින් නැවත ලක්දිවට එන බැව් කියා පවුලත් සමග නැව් නැගී යන්ට ගියේය.
04. පරිච්ඡෙදය
[සංස්කරණය]මේ කාලයේ විජයසිංහ තමා ඉගෙන ගත් පාදිලි වැඩේ කටයුතු නැවත නැවතත් ප්රයගුණ කරමින් මේරිව බලාපොරොත්තුවෙන් සිටියේය. ඔහු මේරිව බලා උන් හැටි මුහුද දිය හිඳෙන තුරු මසුන් කෑමට බලා උන් කොකා ගේ ක්රි යාවට සමාන බැව් නොදත්තේය. වැල් පාදිලිතැන පවුලත් සමග එංගලන්තයට ගොස් විජයසිංහගේ අමන කම කියා තවමත් ‘සිංහලයා මෝඩයා කැවුම් කන්ට යෝදයා’ බව ස්වකීය හිත මිත්රේයන් සමග කියමින් සිනාසී විජයසිංහට මේ ලියමන ලීවේය :-
1904 ක්වු පෙබ්රකරවාරි මස
24 වෙනි දින ලිවර්පූල්
නුවරදීය.
මගේ ප්රේවමවන්ත විජේසිංහ
අපි සැප සේ ගමට පැමිණියෙමු. අප ආ නැව චණ්ඩ මාරුතාදියකට අසු නොවී සුවසේ ආවාය. මම මගේ නිලයෙන් අස්වි පැනෂන් ලබා ගත්තාය. ඒ හෙයින් වැඩ කිරීමට නැවත් ලංකාවට එන බලාපොරොත්තුවක් නැත. ලැබුණොත් තව හත් අට අවුරුද්දකින් ලංකාව බලන්ට එන කල්පනාවයි. මගේ දුව කසාද බඳින්ට තමුසේ බලාපොරොත්තු විය යුතු නැත. සුදු ස්ත්රි යක් කළු මිනිහෙකුට කෙසේ දෙන්ටද? පූර්ව දිහාවේ මිනිසුන්ට අපේ රටේ සාමාන්යුයෙන් ව්යාහවහාර කරන්නේ ‘තිගර්’ කියායි. මගේ දුව මේරි ද මීට අසතුටුයි. තමුසේ සිංහලයෙක්ව ඉඳගෙන ඉංග්රීනසි ස්ත්රිරයක් සරණ කර ගන්ට සිතීමෙන් ම සිංහලයන්ගේ අඥානකම අවබෝධ විය. ලක්දිව මිනිසුන් ක්රිනස්තියානි කාරයන් කරන්ටත් යුරෝපීය සිරිත් විරිත් කෑම බීම් පුරුදු කරවන්ටත් මේ තරම් පහසු වුනේ ඔවුන් දුර දිග නොබලා කරන මේ කටයුතු නිසාම බව පෙනේ. පිටරටවලට ගොස් ක්රි්ස්තියානිය දියුණු කිරීමට අප විසින් උත්සහ ගෙන දැඩි දුක් විඳින්නේ කුමක් නිසාදැයි නොදත් අඥාන මිනිස්සු ඉන්නා රටක් කවර කලක අභිවෘද්ධියකට පත්වේද? තමුසේට මම මේ කාරණා මිත්රධයෙකු වශයෙන් කීවෙමි. ඉතින් ආයුබෝවන්! මේ වගට - හිතෛෂි. ඇස්. ජී. වැල්
විජයසිංහට මේ ලියුම ලැබුනේය. පාදිලි පවුල ලක්දිවට නේන බවත් මේරිව තමාට නො දෙන බවත් දැනගත් හැටියේම විජයසිංහ පිස්සෙක් මෙන් විය. වැල් පාදිලි උන්නැහේගේ ලියමනෙන් ඉගෙන ගත හැකි කදිම අවවාද රාශිය ගැන කොහෙත්ම නොසිතා දෙතිස් කුණපයෙන් නිර්මිත වූ මේරි ගැන ම සිතූ මේ සිංහල තරුණයාගේ ඉගෙන ගැන්මේ පහත් ස්වභාව කාට නම් කිව හැක්කේද? පාදිලි උන්නැහේ කි අනෙක් කරුණු අහකින් තිබියදී” පිට රටවලට ගොස් ක්රිිස්තියානිය දියුණු කිරීමට අප විසින් උත්සහා කොට දැඩි දුක් විදින්නේ කුමක් නිසාදැයි නොදත් අඥාන මිනිස්සු ඉන්නා රටක් කවර කලක අභිවෘද්ධියට පත්වේද?” - යන මේ වචන වලින් ගුප්තව දක්වන ලද්දේ ක්රිදස්තියානිය යම් රටක දියුණු වේද ඒ රටේ මනුෂ්යමයන් තුළ
පඤ්චකාමාලය තදින් දියුණු වන බවය. ඒ දැඩි ලෝභය නිසා අනිත්ය ය දුක්ඛය ආන්ත්මය’යි සියලු සංස්කාරයන්ගේ අනිස්ථිරත්වය සලකමින් විසිය යුත්තෝ කිසි දිනක නොමැරෙන්නන් මෙන් සිතා යුත්තෙන් හෝ අයුත්තෙන් වස්තුව සපයති. ලෝකයේ ඇති තාක් පස්කම් සැප සිදීමට සැරසෙති. මේ නිසා නොසන්සුන් සිත් ඇති වී, අන්යො න්යසයන් කෙරෙහි ඊර්ෂ්යාය කරන්ටත්, එකිනෙකා ඇනා කොටා ගන්ටත් පටන් ගනී. මේත් ඇර යුරෝපයේ පෙරණ බීම වර්ග විකිණිමටත් යුරෝපීය ඇඳුම් පැළදුම් විකිණිමට විශාල වෙළඳ පලවල් ඇති කර ගැනීමටත්, යුරෝපීය ජනයා ස්වදේශීන්ගේ ස්වාමිවරුන් බව දැක්වීමටත් මේ ක්රිමස්තියානිය ඉතා කදිම මාර්ගයක් ව තිබෙන බවත් මේ ලියුමෙන් ගුප්තව දක්වා ඇතත් වර්තමාන අපේ සිංහල බොහෝ දෙනාට ඒ කරුණු අවබෝධව නැතුවාක් මෙන්ම විජයසිංහටත් අවබෝධ නොවීය.
ඉක්බිති විජයසිංහ ලියුමත් රැගෙව වම් ළඟට ගොස් පාදිලි තැන තමන් රැවට වූ පරිදි කීය. මහලු වයස කරණ කොට ගෙනත් ස්වකීය පුත්රටයාට ජෝඩු කළ මඟුල් ප්රිස්තා තුන ම හරි නොයෑම හා තමාගේ මහ්ත බූදලය සම්පූර්ණයෙන් ම විනාශ වීම ගැන ශෝක වීමෙනුත් විජයසිංහ හාමිනේ රෝගාතුර වූවාය. පවුන් පනස් දාහක පමණ බුදලයක්ඇතිව සිටලත් අන්තිම කාලයේදි සුදුසු සාත්තු සප්පායම් වත් ලබන්ට නැත්තෙන් ස්වල්ප දිනකින් විජයසිංහ හාමිනේ කාලක්රි්යා කළාය. මේ කටයුත්තය මේ නො කටයුත්තය, යි කිසි වග විභාගයක් නැති විජයසිංහ ස්වකීය මෑණියන්ගේ මෘත දේහය සම්බන්ධව කටයුතු දේ ඉතා අමාරුවේන ඉෂ්ට කෙළේය. ස්වකීය මෑණියන්ගේ මරණයෙන් තුන් දිනකට පසු ණයකාර හෙට්ටිත් වෙන වෙන අයත් ගෙදර එන්ට පටන් ගත් විට විජයසිංහ පුදුම වි මෙතරම් විශල ණය මුදලක් අපි කමකට ගත්තෙමුදැයි සිතන්ට පටන් ගත්තේය. නමුතු මොහු බාල් කාපු හැටිත් අඩි ගැහු හැටිත්, දඩයම් කළ හැටිත්, බිලියඩ් ගහපු හැටිත්, නරුණියන් සමග පෙම් බැඳ ගෙන කළ වියදමුත් මගුල් ගෙදරට කේක් වැයින් ගත් හැටිත්, නානාප්රමකාර සූට් මහපු හැටිත්, බයිසිකල් ආදිය ගත් හැටිත්, පාදිලි ගෙදරට කළ වියදමුත්, මිත්රු සිඤ්ඤාලාට දුන් මුදලුත් අන්තිමට හෙට්ටින්ට ගෙවාපු පොලිත් ගැන කිසිත් කල්පානා නොකළේය. හෙට්ටි සියලු දෙනා එක්සත්ව නඩු කියා බූදලය සන්තක සියලුම දේ විකුණා ගත්හ.
දැන් විජයසිංහට වෙච්ච දේ කුමක්ද? විජයසිංහ සම්පූර්ණ පිස්සෙක්
විය. බීම සාප්පු අසලත් තැබෑරුම් අසලත් ගැවසෙන්ට පටන් ගත්තේය. සමහර පරණ යාළුවන් ගෙන් බීම වීදුරුවක් දෙකක් දවසකට ලැබුන නමුත් කිසි ආහාර පානයක් නැති බැවින් මේ තරුණයාගේ ශරීරය ද දුර්වර්ණ වෙන්ට පටන් ගත. දස දොළොස් පලකින් ඉරී ගිය කිලුටු කලිසමක් හා කෝට් එකක් ඇඳගෙන ඉස රැ වුල් දින්ව ගිය මේ කාලකන්නි මනුෂ්ය යා “අපට වෙච්ච දේ” කියමින් වීදියක් ගානේ ඇවිදින්ට පටන් ගත්තේය. විජයසිංහ බොහෝ සෙයින් උපකාර කළ පරණ මිත්රි රැළ මේ කාලයෙහි මොහු දකන්විට ගල් ගහන්ටත් සිනාසෙන්ටත් පටන් ගත්හ. “අපට වෙච්ච දේ, අපට වෙච්ච දේ” කියමින් කොළඹ නගරයේ වීදියක් මුඩුක්කුවක් නෑර යමින් එමනි සිටින විජයසිංහ පිස්සා එක් දිනක් කයිමන් දොරකඩ බීම සාප්පුවක් ඉදිරිපිට කානුවේ හාන්සි වි සිටගෙන ද ‘අපට වෙච්ච දේ’ කියා සුසුම් ලෑවේය. මේ වේලාවේ ඒ අසලින් ගිය ලොකුරාළහාමි නමැති තමාට කලින් මුදලිතුමාගේ දවනිය වන කැතරීන් ජෝඩු කළ මහලු මහතාට මේ වචනය ඇසී විජයසිංහ දෙස බලා ඔහු කවරෙක් දැයි හුඟක් වේලා කල්පනා කිරීමෙන් තේරුම් ගත්තේය.
ඉක්බිති ලොකුරාළහාමි ‘අනේ සංසාරේ හැටි, මීට මාස කීපයකට පෙර පවුන් පනස් දාහක්ට අධික ධනයක් ඇතුව දිව්යා කුමාර ලීලාවෙන් කල් යැව් මේ පුරුෂයාදැන් අන්තිම කාලකන්නියෙක්ව මෙසේ කානු පල්ලේ නිදන්නේය. ගුණ ධර්මයත් ස්වකීය කුල චාරිත්රිත් අත් හැර පාපමිත්රන සේවනයෙන් හා පර සිරිත් පුරුදු වීමන් මේ මනුෂ්යාතයාට වු විපත බලන්ටය’යි ළඟ සිටි අයට කීය.
ලොකුරාළහාමිගේ සිතෙහි විජයසිංහ කෙරෙහි බලවත් අනුකම්පාවක් ඇති විය. මේ තරුණයාගේ පිස්සුව සනීප කොට මොහුට අභිවෘද්දියක් සලස්වා දෙමැයි සිතූ ලොකුරාළහාමි ‘රික්ෂෝ’ නම් අත්කරත්තයක විජේසිංහ හිඳුවාගෙන ස්වකීය නිවසට ගෙන ගොස් කාමරයක දමා කන්ට බොන්ට දුන්නේය. මොහුට සූපව්යාං ජන සහිත බත් විෂයක් වැනි විය. ඔහුගේ ශරීරටය ගැනීමට සතුටු එක ම ද්රවව්යනය නම් මත් පැන් පමණක්ය. අහෝ මනුෂ්යීයා ඉහ ලෝකයේදීම ප්රොතයෙක් කරන මත් පැනක් බියකරු ස්වාභාව! විජයසිංහ කිසිවකුට අඩම්තේට්ටම් කරන පිරිසෙක් නොවූ හෙයින් ඔහු ගෙදර ම නවත්වා ගැනීමට ලොකුරාළහාමිට අමාරුවක් නොවීය. ලොකුරාළහාමි මෙන් ම ඔහුෙග් හාමිනේත් ඉතා කරුණාවන්තියක් වූ හෙයින් විජයසිංහට
වෙදකම් කර ඔහුගේ අසනීපය සුව කිරීමට ඉක්මන් කළෝය. විජයසිංහගේ දික්ව ගිය ඉස රුවුල් කප්පවා පිරිසිඳු රෙද්දක් හා කමිසයක් අන්දවා කාමරයේම ඉන්ට සැලැස්සුවෝය. ඉතා අමාරුවෙන් කිරි ටිකක්, තේ වතුර ටිකක් පොවනවා මිස කිසිම කෑමක් ඔහුට කවන්ට නුපුළුවන් විය. විජයසිංහ පිස්සා ගේ තුළ සක්මන් කරමින් අපට වෙච්ච දේ යන වචනය දවසකට හත් අට දාස් වරක් කියන්ට පටන් ගත්තේය. මෙසේ දෙදිනක් ගතවුවාට පසු මොහුට ප්රනතිකාර කරවා ගැනීමට විද්යාතරත්න වෙද මහතා බලන්ට යන පිණිස ලොකුරාළහාමි පිටත් විය. ලොකුරාළහාමිට මසන් ගස් වීදියේ ජුවානිස් අප්පු සම්භවී ‘කොයිබ යනවාදැ’යි ඇසීය. එවිට ලොකුරාළහාමි කාරණය තත් වු පරිදි කීය. ඒ අසා අනේ ලොකුරාළහාමි ඔය ලෙඩේට සිංහල බෙහෙත් කොහොම පිරිමහන්ට ද, ඇරත් සිංහල බෙහෙත් කරන්ට ගියාම මොන මොන හිරිහැර ද? මුල් පොතු කොළ වර්ග සොන්ටත් වතුරුනැලි හත අට සිඳුවන්ටත් ලෙල්ලන්වෙන්ටත් මොන පිස්සුවක්ද? දොස්තර මහතා ළඟට ගියාම කිසි වරදක් නැහැ. ලෙඩේ කී හැටියේ බෙහෙත් කුප්පියකට වත්කොට කදිම ලේබලයකුත් අලවා දෙනවා. ඕනෑ කෑමක් කන්ට බොන්ටත් පුළුවනි. ඒ හෙයින් මේ ළඟ සිටින පින්තු දොස්තර මහතාට කියන්ටය’යි කීය. අයුරුවෙදයක් ඉංග්රීිසි වෙදකමත් ගැන කිසිම තොරතුරක් නොදත් ලොකුරාළහාමි ජුවානිස් අප්පුගේ කථාව අසා ඉංග්රීගසි වෙදකම බොහොම පහසු බව එවේලාවට පෙනී ගිය බැවින් විද්යාවරත්න වෙදමහතා ළඟට යෑම තබා පින්තු දොස්තර උන්නැහේ බලන්ට ගියේය. පින්තු දොස්තර උන්නැහේ ද ලොකුරාළහාමි ආ කාරණය අසා ලොඩා බලන්ට ඕනෑමයි කියා අශ්වකරත්තයක් ගෙනෙන්ට නියම කෙළේය. ලොකුරාළහාමි සිලින් පහක් කුලී ගෙවන්ට අශ්ව කරත්තයක් ගෙනාවේය. දොස්තර උන්නැහේ ලොකුරාළහාමිත් සමග ගොස් විජයසිංහව හොඳහැටි පරීක්සා කර බලා මොහුගේ අසනීපය මාසයකින් මෙහා සනීප කළ නොහැකි බව කීය. ලොකුරාලහාමි ඊට සතුටුව බෙහෙත් කරන්ට ඉල්ලා සිටියේය. දොස්තර උන්නැහේ ලොකුරාළහාමිත් සමග ස්වකීය බෙහෙත් ශාලාවට විත් බෙහෙත් බෝතලයක් දී මෙය දවසකට හය වර බැගින් දෙන්ටයයි නියම කොට රුපියල් හතාමාරකුත් තමාගේ ගමන් ගාස්තු වශයෙන් ගිනිය කුත් (රු. 10.50) ගෙවන්ට නියම කළේය. දුප්පත් ලොකුරාළහාමිට එක දිනකට ම රුපියල් 20
කුත් ශත 50 ක් වියදම් කරන්ට වීම කසාය උණු කරනවාටත් වඩා අමාරු බව හැඟී ගිය නමුත් ඉක්මනින් විජයසිංහගේ අසනීපයවත් සුව උනොත් ඒත් කමක් නැතැයි සිතා ගත්තේය. විජයසිංහට බෙහෙත් බෝතලය අවසාන වන තුරු දුන් නමුත් ඔහුගේ පිස්සුව අධික බවත් ‘අපට වෙච්ච දේ’ කියමින් කැ ගැසීමට වැඩි වූ බවත් පෙනී ගිය හෙයින් නැවතත් දොස්තර මහතා ළඟට ගොස් ඒ බව කීවේය. දොස්තර මහතා ද ‘හොඳයි මම එන්නෙමි. තමුසේ යන්ට’ කියා ලොකුරාළහාමිව පිටත් කර යවා සවස හතරට පමණ ලොකුරාළහාමිගේ ගෙදරට පැමිණ ලොඩා බලා ඔහුගේ නහරයක් විද බෙහෙත් ටිකක් ශරීර ගත කොට තව බෙහෙතක් බොන්ට දෙන පිණිස නියම කර ඒ බෙහෙතට රුපියල් දහයකුත් ගමන් ගාස්තුවට හා තමාගේ අහ්ව කරත්තයෙන් ආ හෙයනි ඊට ගාස්තු වශයෙනුත් ශල්යාකර්මයක් කළ හෙයින් ඊට ගාස්තු වශයෙනුත් රු. 60 ක් ගෙවන්ට නියම කළේය. ‘අනේ අපට වෙච්ච දේ ටක පාරටම රු. 60 ක් ගෙවන්ට වෙච්චිය’යි ලොකුරාළහාමි තාමා ළඟ තිබුනේ රු. 40 ක් හෙයින් අල්ලපු ගෙදරින් අත මාරුවට රුපියල් 20 කුත් ඉල්ලා දොස්තර උන්නැහේට දුනනේය.
මෙසේ දොස්තර උන්නැහේ පස් ගමනක් පැමිණිමට හා ඒ ඒ දවස්වලදී දුන් බෙහෙත්වලටත් රුපියල් 247 ක් වියදම වූ නමුත් එක් මස් පසලොස් දිනක් වන තුරුත් කිසිම සුවයක් දක්නට නැති වූ බැනින් ලොකුරාළහාමිට බලවත් කණගාටු ඉපී ‘අපේ සිංහල වෙදෙකු ලවා මේ අසනීපයට අවුරුද්දක් මුළුල්ලේ ප්රඉතිකාර කරවා ගත්තත් මුදලෙන් රුපියල් සියයක් වත් වියදම් නොවන්නේය. මාස එක හමාරක් තබා දහ දෙළොස් දිනක් සිංහල බෙහෙත් දුන්නා නම් සම්පූර්ණයෙන් කෙසේ වෙතත් මඳක් වත් මේ අසනීපය සුව වනු ඒකාන්තය. අලුත් පැෂන් එකක් පහසුවත් සලකා ජුවානිස් අප්පු රෑ වැටිච්ච වලේ මා දවල් වැටිච්ච හැටි! අනේ අපට වෙච්ච දේ. කියමනි කණගාටු විය. මේ බව අසා උන් ලොකුහාමිනේ “අරන් ගිය නුණ ඇතුන් ලාව්වාවත් අද්දවන්ට බැරිය. අපේ තියෙන දෙය්ක විකුණලා වත් මේ කදිම තරුණයා සනීප කරවා හරින්ට ඕනෑය. ඉන්නිසා තමුසේ විද්යාාරත්න වෙදමහතා කැඳවා ගෙන එන්ටය”යි ලොකුරාළහාමිව පිටත්කර යැව්වේය. ලොකුරාළහාමි බුලත් හුරුල්ලකුත් රැගෙන විද්යා්රත්න වෙදමහතුන්ගේ නිවසට පැමිණ ලොඩාගේ තොරතුරුත් කරවූ ඉංග්රීයසි ප්රෙතිකාරත් ඊට ගිය වියදමත් කීය.
ඒ අසා වෙදමහතා සිනාසී ‘අනේ ලොකුරාළහාමි තමුසේ අපේ සිරිත් විරිත් ධර්ම ශාස්ත්රෙ ගරු කරන්නෙකැයි මම සිතාගෙන සිටියෙමි. නමුත් එසේ බවක් මට දැන් පෙනෙන්නේ නැත. මේ මොන අඥාන කමක් කර ගත්තේදැ”යි ඇසීය. “අනේ වෙදමහත්මයා මට සමාවෙන්ට, මම නම් යුරෝපාකාරයන්ගේ ධර්ම ශාස්ත්රමවලටත් සිරිත් විරිත් වලටත් කොහෙත් ම ගරු කරන්නෙක් නොවෙමි. ඔය ලෙඩින් ඉන්නා වු විජයසිංහ පවුන් පනස් දාහක දේපල විනාශ කර ගෙන අන්තිමට කාලකණ්ණියෙක්, පිස්සෙක් අනෙත් ඒ අපට අයිති නැති විගඩම් කිරීමෙන් බව දනිමි. නමුත් මේ උගුලට අසු උනේ අපේ වෛද්යැ ශාස්ත්රනය ගැන නොදැනීමෙනුත් ජුවානිස් අප්පු නමැති අපේ ගේ ඉදිරිපිට සිටින මිනිහෙකුගේ වචනයට රැවටීමෙනුත් බව දිව්රා කියමි. ඒ නිසා වෙදමහතා මා කළ මෝඩකම ගැන මට අනුකම්පා කොට මේ ලෙඩේ සුවකර දෙන මෙන් ඉල්ලමි.”යි කීය.
ලොකුරාළහාමිගේ ඉල්ලීම ඉෂ්ට කරමියි කියා ඔහු අස්වසා අයුර්වේදය සම්බන්ධ ටිකක් කරුණු දැක්විය.
“අයුර්වෙකදය නම් ආයුෂ විදුවන ශාස්ත්ර්ය වේ. මේ අයුර්වේදය නම් වූ වෛද්යර ශාස්ත්රරය ආසියා මහාද්වීප වාසී ආරය්ය්වසා ජාතිකයන්ට අයිති වූ ශාස්තරෛද්යකි. මෙය හින්දුවරුන් අතර හින්දු වෛද්යද ශාස්ත්රවයයි කියාද, සිංහලයන් අතර “සිංහල වෛද්යු ශාස්ත්රුය”යි කියා ද, ව්යළවහාර කරනු ලැබේ. මනුෂ්යයයා ලෝකයෙහි විද්යාවමාන වූ කාලයේ පටන් පැවතෙන එක ම වෛද්යඅ ශාස්ත්ර ය නම් මෙම ආයුර්වෙරවදය බව පූර්ව දේශීය පණ්ඩිතයෝ පමණක් නොව උගත් අපරදිග පණ්ඩිතයෝ ද පිළිගනිති.
බෙංගාලේ යුද්ධ හමුදාවේ වෛද්යා චාරී වු ප්රොයපැසර් ජේ. ඇස්. ලේරායිල්, ඇම්. ඩී. ඇස්. ආර්. ඇල්. ඇස්. මහතා හින්දුවරුන්ගේ ඖෂධ අරාබිවරුන්ගේ සහ ග්රීාකවරුන්ගේ බෙහෙත්වලට වඩා ඉතා පුරාණවා සහ එය (අයුර්වෙ දය) පළමුවෙනි වෛද්යක ශාස්ත්රාය බව ප්රයකාශ කළේය. ප්රො)පැසර් හෝරේස් හේමන් විල්සන් ඇම්. ඒ ඇප්. ආර්. ඇස්. නම් ප්රයශස්ත වෛද්ය පඬිතුමා “අපේ උත්සහයෙන් දැනගත් පමණට ජොතිශ්ශාස්ත්රායෙහි සහ චෛතශික ධර්ම ශාස්ත්රනයෙහි ද ෛවද්යඉ ශාස්ත්රචයෙහි ද, හින්දු ලෝකයෙහි දියුණු භාවයේ කෙළවරට ගිය මනුෂ්යයයන් සම වූ බවත් වර්තමාන පරීක්ෂයන් විසින් සොයන ලද ක්ර මවලින් අපට සල්යයකර්මයාගේ දැන ගැනීම ලැබෙන්ට ප්ර ථම ඔවුහු (හින්දුවර්) සල්යයකර්මයෙහි සහ හෛෂජ්ය කර්මයෙහි ද සම්පූර්ණ දක්ෂ භාවය ලබා ගත් බවත් යනාදිය 1823 නේ ප්රෙසිද්ධ වූ
“ඔරියෙන්ටල් මැගෙසින්” නම් සඟරාවේ ප්රිකාශ කර තිබේ.
ඉහත දක්වන ලද ඉංග්රීසසි උතුමන්ගේ මතවලින් මෙහිදී අපට ඇති ප්ර යෝජනය අයුර්වෙසදයහි උසස් භාවය ප්ර කාශ වීමයි. මනුෂයායුෂ විදුවන මෙම උතුම් ශාස්ත්රඅය (1) සල්ය, (2) සාලක්යාය (3) කාය චිකිත්සාය, (4) භූතවිද්යා, (5) කෞමාප්වෘත්යද, (6) අගද, (7) රසායන (8) වාජිකරණ යන ආග අටකින් සමන්විතය. මෙම අංග අටෙහිම සමර්ථ) සිංහල වෛද්යකයෝ බොහෝ දෙනෙක් ලංකාවේ සිටි බව මහාවංශාදි ඉතිහාස කියවන්නේ දනිති. බුද්ධදාස රජතුමා සම්බන්ධ කරුණු අඩංගු මහාවංශ පරිච්ඡෙදය කියවීමෙන් ලංකාවේ අයුවේදය විජානනය කළ උතුවන්ගේ ප්ර්මාණය දත හැක.
මී ළඟට ඉංග්රී සි වෛද්ය ශාස්ත්රයය ගැනත් ටිකක් කරුණු දක්වා ලීම සුදුසුයයි හඟිමු.
යුරෝපීය බලය ලෝකේ උසස් හෙයින් යුරෝපීය වෛද්යත ක්රයමය උසස්ව යාම පුදුමයක් නොවේ. යුරෝපිය වෛද්යය ශාස්ත්රනය පළමුවෙන් ආයුවේදාදිය ආශ්රපය කර ගෙන ඉතා දුර්වෝල වශයෙන් පටන්ගත් නමුත් රාජරාජාදී උතුමන්ගේ ආධාරොපකාරයෙන් දැනට දියුණුව පවතී. නමුත් සමහර ලෙඩවලට සුදුසු තරම ඔසු සොයා ගත නොහැකි හෙයින් එබඳු තැන්වලදී ඔවුහු පුදුම දේ කරති. “වියරු බලු විසට ප්රනතිකාරයක් සොයා ගත නොහැකිව ඔවුහු (යුරොපීය වෙද්දු) පෘථුවිය මතු පිටින් සුනඛ වර්ගයා මුලොච්ජින්න කර හැරීමට තැත් කරති.”යයි කල්කාටවේ ප්රනසිද්ධ කවිරාජ නාගේන්ද්රහ නාත්සේන තුමා කියයි. යුරෝපීය වෛද්යට ශාස්ත්රසය ගැන ඉංග්රී්සි වෛද්යසවරයෙක් වන ලැන්ඩාර් බන්ටන් තමුමා මෙසේ කියයි. “වර්තමාන යුරෝපීය වෛද්යව ක්රවමය ශාස්ත්රේයක් වශයෙන් ගණන් ගැනීමට ඇති අයිතිවාසිකම් දුර්වවලභාවයෙනුත් තා දුර්වයලය” කෙළඹ ප්ර ධාන ආරෝග්යි ශාලාව් ප්රමසිද්ධ වෛද්යවයෙකුට වැළදී තිබුණ අක්ෂිරෝගයකට ලංකාවේ සිටින තරම් ඉංග්රීමසි වෙද්දු වෙදකම් කොට ඇස් අන්ධ වෙන්ට පැමිණි අවස්ථාවේදී වේයන්ගොඩ දොන් කරෝලිස් අප්පුහාමි නමැති අක්ෂි වෛද්යාචාය්ය්‍් තුමා වෙදකම් කොට මෙම බලවත් ඇස් ලෙඩේ සුව කිරීමෙන් සිංහල වෛද්යව ශාස්ත්ර ය ඉංග්රීතසි වෙදකම පරාජය කළේය. එසේ ම බැරිය තියා අත් හැර දැමූ ලෙඩුන් සිංහල වෛද්යොයන් වෙදකම් කොට සුව කළ බව ප්රකසිද්ධ පත්රහ මාර්ගයෙන් දුටුවෙමු.
මේ හැර ඉංග්රී සි වෙදුන්ට බැරිය කියා අත් හැර දමන ලද දහස් ගණන් අසාධ්ය රෝග කාලයාත්රාද කළ පොතුවිල සාමි ආදී සිංහල වෛද්ය් ශාස්ත්ර ය ජයගත් බව සැලකිය යුතුය. මෙබදු නිදර්ශන තව බොහෝ දැක්විය හැක්කේය. මෙනයින් බලන කල සිංහල වෛද්යා ශාස්ත්‍ර්යාගේ ඇති උතුම් භාවය මොනවට ප්‍රකාශ වෙයි. එහෙයින් උතුම් වූ සම්පූර්ණ වූ සිංහල වෛද්යා ශාස්ත්ර ය නැවතත් වර්ධනය කරලීමට සියලුම වෛද්යාවරයෝද, ධනවත් උතුමෝ ද උත්සහ කරත්වා.
මෙසේ ආයුවේදය ගැන කථා කරමින් විද්යාරරත්න වෙදමහතා ලොකුරාළහාමිත් සමග ගොන් කරත්තයකින් ගොස් ගොඩා බලා ඔහුට වැළඳී තිබෙන්නේ මත්පැන් නිසාත්, කණගාටුව නිසාත්, පිත කිපී පිත ඉසට ගැසීමෙනන් සිහි විකල වීම බැවින් එළ කිරි හා නොල්ලි ආදි ද්රඳව්යප අඹරා ඉසකුඩිච්චියක් දමන්ටත් කසායක් දෙන්ටත් නියම කෙළේය. වෙද මහතාට මුදලක් දෙන්ට තැනූ නමුත් ලෙඩේ සුව වෙන්ට ප්රකථම මුදල් ගැනීම අපේ වැඩක් නොවේය යි කියා වෙද මහතා යන්ට ගියේය. මේ සිංහල වෙද මහතා බලන්ට යද්දී ගෙන ගිය බුලක් හුරුල්ලට ශත 24 කුත් එතුමන් සමග ඒමට ගිය කරත්ත කුලී ශත 62 කුත් ඉසකුඩිච්චියට ශත 25 කුත් යන මේ ගණන් එකතු කළ විට රුපියලකුත් ශත එකොලහක් විය. මේ බව ලොකුරාළහාමිනේට කී විට ‘අනේ ඕයි ඕක නොවෙන්නන් අපට වෙච්ච දේ! අපේ වෙදකම පමණක්ද? කෑම බීමත් ඇඳීම පැළඳීමත් අන්යප කාරණා සියල්ලත් ඔයාකාරමයි. ඉතින් ඒවායින් කමක් නැහැ. මත්තට බලා ගනිමුකො’ කියා විජයසිංහ විද්යදරත්න වෙද මහතා කී ප්ර කාර වෙදකම් කරන්ට පටන් ගත්තේය.
ඉසකුඩිච්චිය දමා කසාය වඩි දෙකක් දෙනකොට විජයසිංහ මඳක් සනීප විය. රුපියල් 247 කතු වියදම් කොට එක් මස් පසළොස් දිනක් වඳ විඳලා ලෙඩේ කුමක්දැයි සොයායන්ට බැරිව තිබියදී රුපියලකුත් ශත එකොළහක් වියදම් කොට දවස් දෙකකදී සනීප කර ගත් අපේ බෙහෙත් අපට නරක් වූ හැටි “ අපට වෙච්ච දේ” තමයි සිතා ලොකුරාළහාමි විද්යාවරත්න වෙදමහතාට ලෙඩාගේ තොරතුරු කීයේය. එතුමා ඉන් පසු ද නැවත කසායක් නියම කර කළ යුතු සාත්තු සප්පායම් කීය. විද්යාුරත්න වෙදමහතාගේ ප්රනතිකාරවලිනුත්, ආදර සැලකිලි සහිතව කරන ලද ලොකුරාළහාමිගේ සංග්රහවලිනුත් සම්පූර්ණයයෙන් සනිපයට පත් විජයසිංහට අභිනව ජීවතියක් ලද්දාක් මෙන් තමාගේ
කලින් පැවති ගති මතක නැති විය. තමාට පත් විපත් සීනයක් මෙන් විය. ලොකුරාළහාමිගේ සාදර නැළවිලි නිසා මාසයක් පමණ ලොකුරාළහාමිගේ නිවසේම සිටියේය. ඉක්බිති එක් දනක් අනුරාධපුර පළාතේ ඇවිදින්ට යන්ට ඕනෑයයි සිතා ඒ බව ලොකුරාළහාමිට කීයේය.
සිංහලයන්ගේ තේජස දක්වන මේ ශුදධ නුගරයට යෑමෙන් විජයසිංහගේ අඥාන භාවය මඳක් තුනී වී ජාති මමත්වයක් ඇති වෙන්ට පිළිවනැයි සිතූ ලොකුරාළහාමි ඔහුගේ ගමනට සතුටුව රුපියල් දහයක් ද දී ගොහින් එන්ට කීවේය. විජයසිංහ කලිසම් මේස් සපත්තු ආදී ඇඳුම් නැතියෙන් රෙද්දක් හා සුදු කෝට් එකක් ද ඇඳ හිස් වැසුමක් ද නැතිව යන්ට පිටත් විය. විජයසිංහ මරදානේ දුම්රිය පළෙන් පොල්ගහවෙල දක්වා අවසර පත්රපයක් ගත්තේය. මීට ප්ර්ථම දුම්රියේ පළමුවෙනි පංක්තියේ ගමන් කළ මොහුට තුන් වෙනි පංක්තිය කරදරයක් නොව මේ කාලයේ මහත් ප්රීයතියක් විය. ඒ එසේමැයි.
“ ක ල ක දි මි තු රු ක ල ක දි හැ ර ය න වා ලු
ම ල ක දි බ ම රු ම ල ක දි ත නි වෙ න වා ලු වි ල ක දි මා ලු ව ල ක දි පොර ක න වා ලු ක ල ක දි ව හ ලු ක ල ක දි ර ස වෙ න වා ලු”
දුම්රියෙන් ගොස් පොල්ගහවෙල බැස ඒ අසල මද වේලාවක් හැසිරෙමින් සිටින අතර අනුරාධපුර පළාතේ තොරතුරු දන්නෙක් සම්බුව ඒ කාලය අනුරාධපුරයට යෑමට අයොග්යත බැව් කීයෙන් විජයසිංහ අනුරාධපුර යෑම නවත්වා පොල්ගහවෙල ම කිප දිනක් නැවති සිටියේය. එහිදී තමා අතේ තිබුණු මුදල් ද අවසාන විය. ඉක්බිති කෑගල්ලට යමැයි සිතා මහ පාරේ ගමන් කරන විට වට්ටරමයයි ප්ර සිද්ධ විහාරස්ථානය දැක එහි පැමිණියේය. මෙම වට්ටරාම් නම් වු රජමහා විහාරස්ථානයෙහි සිංහල ජාතියෙන් සිව් පිළිසිඹියාවට පත් අන්තිම රහතන් වහන්සේ වන මලියදේව මහා සාමන් විසූ හෙයින් මේ විහාරය ලෝකයෙහි ප්රේකටව පවත්නේය. සිංහල ජාතියේ වික්රරමාතිශය දක්වන්්නේ බෞද්ධ සිද්ධස්ථානාදිය කරණ කොට ගෙනය. එසේම සිංහල වර්ගයාගේ ශිෂ්ටාචාර බාවය ඇති වූයේ ඒ උතුම් බෞද්ධාගම කරණ කොට ගෙනමය. ස්වජාතිය සම්බන්ධව හෝ ධර්ම ශාස්ත්ර දෙක සම්බන්ධව දැනිමක් නැති නමුත් විජයසිංහට මේ සිදධාස්ථානය
දැකීමෙන් තමාගේ මහත් ධනස්කන්ධය විනාශ භාවට පැමිනියක් මෙන් රාජ ගෞරවාදර ලත් ස්ථානත් විනාශ භාවයට පත්විම ස්වභාධර්මකයෙකැයි සිතා ගන්ට පිළිවන් වී විහාරය අවට පරීක්ෂා කර බැලුවේය. මලියදේව මහ රහතන් වහන්සේ වැඩ විසූ ශාලාවේ ගල් කනු ගල් බාල්ක ආදියත් ගෙපලත් දැක සංවේගයට පත්ව එතැනින් පිටත් ව වට්ටාරමට ටිකක් ඈතින් කැගලු යන පාරේ මඳක් දිරාපත් වි තිබුණු අම්බලමකට ගියේය. විජයසිංහ අම්බලමට ඇතුළු වන විට එහි තනා තිබුණු ලෑල්ලක් පිට කෙනෙන් නිදා සිටියේය.
ඔහුට හොඳට නින්ද ගොස් තිබුණු හෙයින් යම් කිසිවෙක් අම්බලමට අවුත් සිටින බව නොදැන “අහෝ අපට වෙච්ච දේ” කිය සුසුම් ලෑවේය. එක පැත්තකින් වාඩිවී සිටින විජයසිංහට මේ ‘අපට වෙච්ච දේ යන ශබ්දය ඇසී මොහුටත් තමාට වෙච්ච දේ සමාන දෙයක් වූ කෙනෙකැයි සිතාගෙන ‘යහළුව නුඹට වෙච්ච දේ කුමක් ද?උඹ කොහේ යනවාද? යි ඇසීය. කලින් අම්බලමේ නිදාගෙන හුන් තරුණයා ද නැගිට විජයසිංහ දෙස බලා සිංහල තරුණයෙක් බව ඇඳින ගත්තේය. මේ වෙලාව රෑ අටට පමණ වන නමුත් නීලාකාශයෙහි සම්පූර්ණබ චන්ද්රතයා බබළමින් සිටියෙන් අන්ධකාරයක් නෙතිබුණේය. කලින් අම්බලමේ නැවතී සිටි තරුණයා මාතර වැසියෙකි. ඔහුගේ නම කරුණානායකගේ ජස්ටින් ද සිල්වාය. විජයසිංහ සමඟ ටික වේලාවක් කථා කර මිත්රාව ඔහුට වෙච්ච දේ මෙසේ කියන්ට පටන් ගත්තේය.
05. පරිච්ඡෙදය
[සංස්කරණය]අ පේ තාත්තා මාතර දිස්ත්රිඟක්කයේ විසූ ඉඩම් කඩම් අයිති ධනවතෙකි. තාත්තා සිංහල පිළිවෙළට වතු කුඹුරු වගා කර ගෙන නිදුකින් කාලා ඇඳලා පවුන් දෙළොස් දාහක දේපල ඇතුව සිටියේය. මා සත් ඇවිදිරි කාලේ ම ඉංග්රී.සි උගන්වන පිණිස ගාල්ලේ ඉංග්රීවසි ස්කෝලයකට ගෙනත් බාර දුන්නේය. මගේ මව් පියන්ට උන් එක ම දරුවා මා හෙයින් මට බොහෝ ආදරයෙන් මෙග් මව් පිය දෙදෙනා විසුවෝය. මම ස්කෝලයේ ම නැවතී ඉගෙන ගතිමි. ස්කෝල ගාස්තුවත් සමග පටන් ගැනීමේදී මගෙන් මසකට රුපියල් 15 ක් අය කරන ලදි. මගේ මව් පිය දෙදෙන දැඩි භක්තිවන්ත බෞද්ධයන්
නමුත් අපේ ස්කෝලය ක්රිථස්තියානි පාඨශාලාවක් හෙයින් අපේ ආගමවත් ජාතියවත් සම්බන්ධ කිසිම දෙයක් දැනගන්ට නොහැකි වුනා පමණක් නොව ක්රියස්තියානි ආගම ද ඉගෙන ගන්ට සිදු විය. මෙසේ සිටින අතර අපේ ගුරුන්නාන්සේට හොරෙන් මිත්ර යන් කීප දෙනෙක් ආශ්රටය කරන්ට වීමෙන් විෂ්කි බොන්ට ද පුරුදු විය. මට ඉංග්රීදසි ඇඳුම් සහ සිරිත් විරිත් ද සියල්ලක්ම පුරුදු විය. මා යන එන මිත්රගයන්ගේ ගෙවල්වල සියලු දෙනා ම පාහේ තාත්තාට ‘පප්පත්’ අම්මාට ‘මම්මත’ කියන නිසා මමත් අපේ මව්පිය දෙදෙනාට කලින් කියන ‘අම්මා තාත්තා’ යන නම් දෙක වෙනුවට ‘මම්මා පප්පා’ කියන්ට පටන් ගත්තෙමි. අපේ තාත්තා රෙද්දක් ඇඳ කෝට් ටකක් (කබායක්) ඇඳගෙන මා බලන්ට එන සිරත තිබුන නිසා මගේ යාළුවන් ඉන්න වෙලාවක ඒම ගැන මට ලජ්ජා ඇති විය. යාළුවන් සමග ඉන්නා දවසක තාත්තා හදිසියෙන් ආ නමුත් මම එළියට ගොස් කථා කොට මට දෙන්ට ගෙනා රුපියල් පණහ ඉල්ලා ගෙන පිටත්කර ඇරියෙමි. යාළුවන් ඒ කවුදැයි මගෙන් ඇසූ විට ගමේ මිනිහෙකැයි කීමි. මගේ යාළුවන් වන ගිල්බට් ඉතා ‘ස්ටයිල්’ කාරයෙකි. ඔහු මටත් කන්නාඩියක් ද පාවිච්චි කරන්ට කී නිසා රුපියල් 20 කට කන්නාඩියක් ගෙන පාවිච්චි කරන්ට පටන් ගතිමි. මම කන්නාඩි පාවිච්චි කරන්ට පටන් ගත්තේ අවුරුදු 14 වයසේදීය. එතැන් පටන් කන්නාඩිය නොදමා ඇහැ පෙනීම නැති විය. දැන් මට වයස අවුරුදු 23 නමුත් කන්නඩියක් නැතුව පොතක් කියවන්ට බැරිය. ගිල්බට් නමති මගේ මිත්ර්යා සමග ඔවුන්ගේ ගෙදර යන්ට පටන් ගතිමි. ඒ කාලයේ මගේ වයස 15 ස් අවුරුද්දකි. ගිල්බට්ගේ සහෝදරයෝ තිදෙනෙක් උන්හ. ලැසී, හා ජැසී යන ලමිස්සියන් දෙදෙනාගෙන් ලැසී වැඩිමල්ය. ඈ දුටු හැටියේ ම ඈව කසාද බඳින්ට නොලැබුනොත් ඉදීමෙන් පලක් නැතැයි කියා සිතුයෙමි. එසේ සිතා එදා ලැසීලාගේ ගෙදර නැවතී සිටියෙමි. ලැසීලාගේ තාත්තා ගාල්ලේ කොටුවේ පෙත්සම් ලියන්නෙකි. නමුතු දරුවන් පස් දෙනෙක් ඇති පවුලක් ඉංග්රීේසි විධියට පිළිපදින හැටි පුදුමයක.’
මෙසේ කථා කියගෙන යන විට විජයසංහට පිපාසය ඇති වී තමා අතේ ශත දොලහක් තිබෙන හෙයින් අම්බලමෙන් ටිකක් ඈත තිබෙන කෝපි කඩටය ගොස් ශත 12 ක කැවුමුත් රැගෙන වතුර පොල් කැටයක් ද රැගෙන අයේය. කුසගින්නේ සිටි ජස්ටින් හා විජයසිංහත් කැවුම් කා වතුර බීලා නැවතත් කථාව පටන් ගත්තේය.
“දූලා තුන්දෙනෙක් හා පිරිමි ළමයි දෙදෙනෙක් ඉන්නා මේ පවුල කොහොම නමුත් ඉංග්රී්සි විධියට ම අඳිති. කෑම ගැන නම් වැඩි සැලකිල්ලක් නැති නමුත් මොවුහු හොඳට අඳිති. මම ගිය පළමුවෙනි දවසේ ම ලැසීගේ අම්මා මගෙන් සල්ලි තිබේදැයි ඇසූ විට ලැසී කෙරෙහි මගේ සිතේ හටගත් ප්රේ මය නිසා මා අතේ තිබුණු රුපියල් දහය දුනිමි. එතැන් පටන් ගමින් ලැබෙන රුපියල් පණහෙන් කොටසක් පමණ ලැසී නිසා වියදම් කරන්ට සිදුවිය. මේ කාලයේ ඉගෙනීමත් අත පසු කරමන් ලැසී සමග කථා බහෙන් හා සෙල්ලම් කිරීමෙන් ද කාලය ගත කරන අතර නත්තල් නිවාඩු කාලය පැමිණියේය. ලැසීගේ මව් වන එංගල්තිනා සිල්වා මට කතා කොට “මේ අවුරුද්දේ හොඳට නත්තල් කන්ට ඕනෑය. නමුත් අපට බොහොම සල්ලි අමාරු කම් පැමිණ තිබෙනවාය. ජස්ටින් උඹ ගමට ගොහින් නුඹලාගේ පප්පාගෙන් රුපියල් දෙ තුන් සියය්ක සොය ගෙන වරෙන්නැහි කීය. ලැසීගේ ලද බොලඳ වචන ඇසීමෙන් හා නුවනග බැලුම් ලැබීමෙන් උමතු භාවයට පැමිණ සිටි මට මේ ඕනෑකම ඉෂ්ට නොකර නොහැකි හෙයින් වහාම ගමට ගොස් අපේ පාඨශාලාවේ ප්රනධාන ගුරුතුමාගේ උවමනාවකට පවුන් විස්සක් ඕනැ බවත් එය නැවත ලබන මාසේදී ගන්ට බිළිලිවන් බවත් කියා තාත්තාට කරදර කළාම මගේ දියුණුවට ඉතා ආසා ඇති පියා එය දුන්නේය. ඉක්බිති මව්ට ද බොරු කියා තව පවුන් දහයකුත් අරගෙන ගාල්ලට උදේ දහයට පැමිණ ලැසීලාගේ ගෙදරට ගියෙමි. මා එන විට ලැසීලා උම්බලකඩ ටික ටික කාලා වතුර බීලා හමාර උනා පමණයි. මෙහිදී මුන්නැහේට මේ උම්බලකඩ ටික කෑමේ ප්රරවෘත්තිය නොකියා නොහැකියි.
මෙ දින ම ඉස්සරින් දා ලැසීලාගේ පියාට රුපියල් 6 ක් සම්භ වී තිබේ. එයින් රුපියල් දෙකක් රෑ කෑමටත්, තව රුපියලක් වියදම් කර එදින උදේ ම ඉතුරු රුපියල් තුන දී අශ්ව කරත්තයක් රැගෙන අම්බලන්වත්ත පැත්තට නාන්ට ගොස් සුවඳ සබන් ආදිය ගා හොඳ හැටි කාන්ඩේ ම නාගෙන ආ නමුත් දවාලට උයන්ට හාල් ගැනීමට මුදල් නැතුව ලැසී ළඟ තිබුණු සල්ලි හතරට උම්බලකඩ කෑල්ලක් ගෙනත් ගෙදර තිබුණු පොල් බෑයත් සමග කාන්ඩේ එකතුව කෑවෝය. රුපියල් 3 ක් අශ්ව කරත්තයට දී නාන්ට යෑමට වියදම් කර කුසගින්නේ ඉන්නා තරම් බොරු ‘ස්ටයිල්’ ගන්නන් ඇතිවීම සිංහලයාට වෙච්ච දේට කදිම සාක්ෂි බව අවබෝධ විය යුතු නමුත්
“පලඟ සරග දලසර බිඟු මත වර ණ රූ සඳ ගඳට රස පහසට දෙවති ප ණ”
යනු කී හෙයින් රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ යන පස කෙරෙහි ම තදින් සිත් බැඳීමට ලැසීගේ රූපලංකාරයත් ඇගේ මෘදු වචනත් කොමල සිනාවත් ‘ස්ටය්ල් එකත් නෙත් අගින් බලන බැල්මත්’ මිසක් ඔවුන්ගේ විකාර සිරිත් ආදිය මතක් නොවීය. ඉතින් මා ගෙයි ඉඳගත් හැටියේ ම ලැසී මා වැළදගෙන ‘කිස්’ එකක් දී මෙකද ‘ඩියර්’ මේ පමණ පරක්කු උනේ කියා ඇසීය. මට ඇගේ කථාවත් ‘කිස්’ එකත් ස්වර්ග සම්පත්තියට වඩා උතුම් බව දැනිණ. ලැසී මගේ සාක්කුවෙන් රුපියලක් රැගෙන මම්මාට දුන්නාය. මම්මා අසල තිබෙන මරක්කල කඩයෙන් මසුත් සමග බත් පිඟන් දෙකක් ගෙන්වා මේසේ පිට පිළියෙළ කර හැඳි ගෑරුප්පුවල ආධාරයන් කවුරුත් සමගිව කෑවෙමු. ඉක්බිති ලැසීගේ මව් මට සල්ලි සම්භ උනාදැයි ඇසූ විට රුපියල් 300 ක් ලැබුණ බව කීවෙමි. ඒ අසා අපමණ ප්රී තියට පත් ඈ ‘ජස්ටින්’ අපි හෙට කොළඹ යමු. ‘ක්රිාස්මස් වලට ‘සූට්’ මහන්ට ගාල්ලෙන් අරන් හොඳ මදි. මමයි උඹයි උඹේ ඩාලං ලැසීයි. ගිල්බටුයි ගියාම ඇති කියා පසු දින උදේ දුම්රිය පළට පැමිණ දෙවෙනි පංක්තියේ රියක නැගී කොළඹට පැමිණ පිටකොටුවේ සාප්පුවකට ගියෙමු. පිටකොටුවේ සිංහල වෙලඳ ශාලාවකට ගොස් අපට උවමනා කරන ‘ට්විඩ්’ මුස්ලින්, පට රෙදි, දූරියස්, රේන්දපටි, මේස්, සපත්තු, ටයි (ලැසීගේ මව්ට) බොස්තරක්ක ආදිය ගණන් ආස බැලූ විට (ලැසීගේ තොප්පියට ඇර) රුපියල් 137 ක් විය. ලැසීට උවමනා කරන තොප්පියක් කොටුවේන මිස පිටකොටුවෙන් ගත නොහැකි හෙයින් පිටකොටුවෙන් බැලූ බඩු නොගෙන පළමුවෙන් ම කොටුවට ගොස් ලැසීට උවමනා කර “කුකුළු පිහාටු ගහපු සුදු ආප්පයක් හැඩේට ඇති පිදුරු තොප්පිය රුපියල් 22 කුතු ශත 50 ක් දි අරගත්තෙමු. ඉතින් ලැසීගේ මව්ට පිට කොටුවෙන් බැලූ බඩුත් ‘ෂෝක්’ එකට තිබෙන ඉංග්රීිසි කථා කරන මිනිස්සු ඉන්නා මේ කොටුවේ සාප්පුවෙන් ම ගන්ට ඕනෑ කළාය.
“පිටකොටුවේ බඩු ලාභය. ඒ බඩුත් ම් බඩුත් කිසි අමුත්තක් නැත. එ නිසා පිටකොටුවෙන් ම බඩු ගනිමුයයි මා කී නමුත් ලැසීගේ මව් “ජස්ටින්, සිංහල මිනිසුන්ගේ සාප්පුවල බඩු හොඳ නැහැ. මේ සාප්පුව කොච්චර ෂෝක් ද? ටිකක් වැඩිය ගියත් කමක් නැහැ.” කියා පිට කොටුවෙන් රුපියල් 137ට ගන්ට නියම කරගත් බඩුවලට
කොටුවේ සාප්පුවේ ගණන රුපියල් 205 ක් වූ නමුත් “හොයි තෙල් කෑල්ල කාලා ඉඩම් කෑල්ල ගියත් කමක් නැත” කියා සමහර අම්මන්ඩිලා මෙන් ‘ඉංග්රීඩසි පැෂන් එකට’ බඩු අරගෙන වැඩිපුර මුදල් ගියත් කමක් නැතැයි සිතා මම ද බඩුවල මුදල ගෙව්වෙමි. මෙසේ බඩු අරගෙන පිට කොටුවේ ලංසි හෝටලයකට පැමිණ දවල් කෑම කා සවස ගාල්ලට පැමිණියෙමු. ක්රිේස්මස් එකට උවමනා ඇඳුම් පැළඳම් ලෑස්ති කරන කොට මා ගෙදරින් ගෙනා රුපියල් 300 ය වියදම් වී ඇදුම් මැහීමට ආ කල රුපියල් 30 ක් ගෙවීමටත් මුදල් ඉතුරු නොවීය. ලැසීගේ මව්ට මේ ටිකේ කොච්චර කලබල ද කීවොත් ලැසීටත් මටත් ඕනෑ තැනක යන්ට එන්ටත් මනාප අන්දමින් හැසිරෙන්ටත් ඉඩ ඇති විය. ලැසීගෙන් මා බලාපොරොත්තුව සිටි කරුණු ඉෂ්ට වූ හෙයින් සර්වප්රවකාරයෙන් සතුටු කිරීම මගේ යුතුකමක් හෙයින් අපේ පියාගේ තොරතුරු දත් හෙට්ටියෙකුගෙනුත් රුපියල් 250ක් රැගෙන නත්තල් කෑමට වියදම් කළෙමි.
මේ කාලයේදී ලැසීත් ඇගේ මවුත් මට කොතරම් ආදරේ දැයි කීමට මම වචන නොදනිමි. ඉතින් ඒ නත්තල් හොඳ හැටි කා ලැසිත් සමඟ ඔවුන්ගේ ගෙදර පස් දෙනෙකුගේ හා විනාශකාරි නැන්දම්මා කෙනෙකුගේත් ඔුනෑකම් පිරිමසිමින් සිටින්ට උනා මිස ඉගෙනීම ද කිසි අන්දමකින් සාර්ථක කරගත නොහැකි විය. මේ කාලයේ තාත්තාට අසනීප විය. මට ඒ බව විදුලි ප්රැවෘත්තියකින් දැනුම් දුන් නමුත් ලැසීගේ හා නැන්දාගේත් තිබෙන ආදරය නිසා දෙ දවසක් වන තුරු කරුණාවන්ත පියාගේ අසනීපය බලන්ට යෑමට වත් නොහැකි වූයේය. තුන් වෙනි දින මා ගෙදර පැමිණෙන විට පියා කාල ක්රිූයා කළ බවත් එදින මාතෘ දේහය භූමිදාන කරන බවත් දැන ගතිමි. මෑනියෝ ද දුර්ව වල උන්හ. අපේ පියා බලවත් ශ්රතද්ධාවන්ත උපාසකයෙක් නමුතු මම “බුද්ධසෙපරකාරයෙක්ව” උන් හෙයින් ආගමේ චාරිත්ර වත් වැඩි සැලකිල්ලකින් ඉෂ්ට නොකොට මිනිය වළලා දමන්ට විය. මට එවකට විසි දැවුරුද්දක්ව තිබුනු හෙයින් අපේ බූදලයේ බලය ලබන්ට පළිවන් විය. රුපියල් 87,000 ක ඉඩම් කඩම් ආදිය ඇති විය.
බූදලයේ බලපත්ර ලබාගැනීමාදී කටයුතුවලට මාස පහක් පමණ ගත විය. ඒ අතර ගාල්ලට එන්ටත් එහි සිට මාතරට යන්ටත් ගමන් වියදම රුපියල් 1000 ක් පමණ විය. ඒ මක් නිසා ද ලැසී කෙරෙහි
මගේ තිබුණු ආලය කෙතරම් ද එක දිනක්වත් ඈ නොදැක ඉඳීම නොහැකි කරුණක් වූ හෙයිනි. මේ බුදලේ වැඩ කෙරෙන අතර මෑණියොත් කාලක්රිවයය කළහ. මට ලැසී ආදීන්ගේ ලැබීම නිසා මෑනියන්ගේ මරණයත් කණගාටුවට කාරණයක් නොවීය. මෑනියන්ගේ මරණයෙන් පසු ලැසීලාට උවමනා තරම් මුදල් දෙන්ටත් අපට උවමනා ‘නෙයියාඩම්’ කරන්ටත් පිළිවන් විය. මේ කාලයේ ලැසීට වයස 18 ක්ව තිබුණ හෙයින් ඈගෙත් මගෙත් කසාද බැඳීම මාස 6 කින් කර ගැනීමට නියම කර ගත්තෙමු.
නමුත් ඒ අතර කොයි තරම් දුරට වැඩ කළා ද කීවොත් බූදලය ලැබූ මාස තුනකින් පසු මාතර යන්ට එන්ටත් වියදම නැති තරම් වූයේය. පියා මැරී මාස 9 යක් පසු වෙනකෙට රුපියල් 87,000 වියදම් වූයේය. එසේ වියදම් උනේ ඉඩම් කඩම් අඩු මිලයට විකුණලත්, ණයට ලන්නා මුදලට පොලී ගෙවලත් පමණක් නොව රුපියල් 10 ක් කුලී ගෙවීමට අරන් උන් ලැසීලාට රුපියල් 60 ක් කුලී ගෙවන ගෙයක් හා ඊට උවමනා කරන ඇඳ පුටු ආදිය ඇන් දීමෙනුත්, ඒ පවුලේ 6 දෙනෙකුට හා මටත් ඉංග්රී සි විදියේ ඇඳුම් පැළදුනුත්, මරක්කල වීදීයේ කෑමත්, ලංසි විදියේ බීම හා හැසිරීමත් සැලැස් වූ නිසාවෙන්ය.
මේ කාලේ ඇඩොල්පස් කියා ලංසියෙක් ද මා සමග මිත්රාව ලැසීලාගේ ගෙදරට යන්ට එන්ට විය. මා නැති විට මේ ලංසියත් සමග ලැසී කථාබස් කිරීමත් සිනා වීමත් පැවති බව දැනගත් නමුත් “අපේ ඉංග්රීිසි සිරිතේ” හැටියට එය වරදක් නොවන හෙයින් නොසැලකුවෙමි. ලංසියාගෙන් ලැසීගේ මව්ට ලොකුවට උදව් ද ලැබෙන්ට පටන් ගත් නමුත් ඒ බව මා දැන ගත්තේ අන්තිමේදීය. මට මුදලෙන් හොඳට ම අමාරු විය. නමුත් මගේ සියලුම වස්තුව වියදම් කොට ලබාගත් ලැසී ඉතා ප්රේමමයෙන් ඉන්නීයැයි සිතූ මට එක්තරා සැනසිල්ලක් විය. නමුත් එය වත් හරි ගියාද? නෑ නෑ අනේ! ‘අපට වෙච්ච දේ’ ලැසී එක් දිනක් ඇඩොල්පස් සමග ඇවිදින්ට ගොස් ඉතාමත් රෑ වී ආවාය. මම එදින වෙනදා පුරුද්දට ලැසී සමග ප්රීලති වෙන්ට උත්සහ කළ නමුත් ගෙදර වැඩකරුවෙකු කෙරේ දක්වන සැලකිල්ලක් වත් මා කෙරේ නැති බැව් දැක පුදුම විමි. ලැසීට මා රූපත් කෙනෙක් බවත්, නම්බුකාර කෙනෙක් බවත්, මට සල්ලි තිබෙන කාලයේ පෙනුන නමුත් මට දාව දරුවෙක්ද බඩේ සිටියදීත් මට මුදල් නැතුව මාසයක් යන්ටත් ප්රබථම මාව මළ ප්රේෙතයෙක් මෙන් පෙනුනා මට ඉවසිය හැකිද? සිරිසඟබෝ
කුමාරයාට නන්ද මහා ස්ථවිරයෝ මෙසේ කීවෝය :-
“ ළ ඟ ට ඇදි නමුත් දුනුදිය සැරය ත බා
දු ර ට යනු සිරිත වෙයි අනුව කර වි බා සොද ට කව පොවා සිටියත් වෙතෙහි ත බා හි මි ට වැඩි ලෙසින් ලිය වෙනතක යි ලො බා
ස තු ට වෙති කලින් නොම දත් හටත් සි ත ඇ ස ට දුටු ලෙසින් කළ බිතු විලස් වෙ ත අ ත ට පත් දෙ පැ ත මුවහතැති කඩුප ත ලෙස ට නිතර සැක කටයුතු කෙනෙකි ක ත
න හ යි න් පිටත් වන යළි ඇතුළතට ව න වි ල සි න් පවන අඟනන් පණ සේ රකි න හි මි ය න් නිතර වනසති ගුණමකු බැවි න නැ ණ යෙන් යුතු දනෝ උන් දරු ලති දුරි න
ද න න් සිතු නමන අකුසලට ම රුදු රූ අ ති න් ගෙන සිටින නිරයේ දොර යතු රූ ව ටි න් පව්ටු මිතුරන් නිතර පිරිවැ රූ ලි ය න් සේවනය කළ ගැලවෙති කව් රූ
යන මේ අවවාදය මට ඉගෙන ගන්ට ලැබුණේ ලැසීගේ කරදරයට අසුව මා සම්පූර්ණේයෙන් නැති වුනාට පසුය. මුදල් අතින් කිසිවක් කර ගත නො හැකියෙන් එක් අතකිනුත් ලැසී සහ ඇගේ මව්ගේ “නොරෙක්කු” ඉවසිය නොහැකි වීමෙන් එක් අතකිනුත් අමාරුවට පත් මම රක්ෂවක් කරන්ට කල්පනා කොට එක්තරා ධනවතෙකුගේ වෙළදාම් පළක ලිපිකාර වැඩක් සොයා ගෙන එහි ගියෙමි. මට මසකට පඩිය රුපියල් 15 ක් විය. දවසකට රුපියල් 25 කටත් වඩා වියදම් කොට “ෂෝක්” කළ මට මසකට රුපියල් 15 ක් ලැබෙන විට කුමක් වාගේදැයි කියන්ට උවමනාවක් නැත. මේ කාලයේ ලැසීලාගේ ගෙදරට මා යන නමුත් ලැසීගේ ප්රේාමයත් ප්රීමතිවිමත් ඇඩොල්පස් සමගය. මේ රක්ෂාවට ත් වී සුවානයක් පමණ යන විට ලැසීගේ මවුත් අනික් සහෝදරයොත් ඔවුන්ගේ ගෙදරට එන්ට එපාය කීවෝය. ගෙයත් ගෙයි තිබෙන බඩුත් මගේ නමුත් මට එහි ඇතුළු වෙන්ට වත් ඉඩ නොදී සිටින අතර එක් දිනක් මහ පාරේදී ලැසීව සම්බ වී ගර්භනීව සිටින ඈගෙන් මම මෙසේ ඇසිමි.
“ඩාර්ලින්, අපි දෙන්නා කොපමණ ප්රේහමයෙන් විසුවෙමුද? දැන් නුඹේ බඩේ සිටින ළමයා පවා මගේය. එසේ තිබියදී මා අත්හැරියේ මන්ද?” එවිට ලැසී කෝපයෙන් මෙන් “මට උඹ ඕනෑ නැත. මගේ බඩේ සිටින ළමයා උඹට දාව උපන් ළමයෙක් නොවේය. ඒ ආඩොල්පස් මහත්මයාගේ ළමයෙකි.උඹ මාව රවටාගෙන කල් යවන්ට හැදූ නමුත් උඹට කිසිම දෙයක් නැති කාලකන්නියෙක”යි කීවාය. ඉතින් මහත්මයෝ! මගේ පපුව පැලී යන තරම් කණගාටුය. මගේ දෙමව්පියන් සන්තක රුපියල් 90, 000 ක පමණ වස්තුව අයුත්තේ විනාහ කොට අවුරුද්ධක් ගත වෙන්ටත් ප්ර ථම මෙසේ කථා කරන ස්ත්රියයකට කුමක් කටයුතුදැයි සිතීම තමුසේට භාර කරමි. (සිල්වා තමාට පැමිණි විපත් මෙසේ කියන විට විජයසිංහ සුසුම් ලා අනේ තමුසේට වෙච්ච දේ! මට වෙච්ච දේට වඩා අමුත්තක් නැත. අපට මොන නිදිමතද? ඒක කියන්ටයයි කීය.) ඉතින් දුස්ට වූ ලැසීගේ වචනය ඇසූ මට ඈ මරන්ට තරම් කේන්ති ආ නමුත් නිය නැති කොටියෙක් මෙන් මුදල් හදලින් ඉතා අසරණව සිටින මට ඒ කිසිවක් ඕනෑ නෙකළේය. නමුත් එදා රාත්රිඅය දොළාස් මාසයකට වඩා දීර්ඝ බව පමණක් දැනුනේය. එසේ එ රාත්රිතය දික් වූයේ නින්ද නොයෑමෙන් හා හිතේ පැවති බලවත් කරදරත් නිසාය. ඒ සම්බන්ධව උත්තමයෙකුගේ මතයක් එවකට දැන ගන්ට නොහැකි වූ නමුත් ඉන් පසු මම දැන ගතිමි
දීඝා ජාගරතො රත්ති දීඝං සන්තස්ස යොජනං දීඝො බාලානං සංඝාරො සද්ධම්මං අවිජානනං
නොනිදන හට තුන් යම් වු රැයක් බෝම දික් වේ මිරිකුණහට යැමෙන් බෝ දිගයි සිව් එ ගව්වක් තිරසර සදහම් දැන්මක් නොවු බාලයාටත් දිගය සසර බෝ සේ දම්රදුන්ගේ වදන් වෙ.
මෙසේ කරදර සහිතව නිදාගෙන සිටි මට පසු දින නියම වේලාවට මා රක්ෂාවෙහි යෙදී සිටින වෙළඳ ශාලාවට යා ගත නොහාකි වූයෙන් ටිකක් දවල් වෙලා එහි පැමිණි යැටියේ ම “මුදලාලි” මට බැණ වැදී මා එළවා ගත්තේය. මිනිහෙකුගේ දුක සැප දෙකත් තරාතිරමත් නොතකන ධනවතුන් යටතේ රක්ෂා වීමට වඩා වනයේ වැදී පලාපල කමින් වන
මෘගයන් සමග හැසීරීම ඉතා යහපත් බව මට අවබෝධ වූයේය. ඒ මෙසේ මැයි :-
අ නු න් සැප පහසු කිසිවක් නොම තක න ත ම න් කටයුතු ම කෙරුනොත් ඇත සිත න ක ලි න් කළ උදව් සිහි නැති කර දම න මෙ ව න් දුදන වෙත රැකුමට නොයනු ද න
දි ඹු ල් මල් බලා ආ බමරු රැවටෙ ති සු පු ල් පියුම් යයි තිසරෝ ද රැවටෙ ති කු හු ල් කර මසැ යි ගිජුලිහිණි රැවටෙ ති දි ඹු ල් රුක් වැන්න දැන් සමහරු දනැ ති
පි න වන සිතු සැපත මට ලැබුනොත් ඇ තිය වෙ න අය සයින් මැරුණත් මට කම් නැ තිය ව න සන ගුණ දහම් රුදු මේ ජඩ ග තිය ද න ඇති ඇතැම් සියලුන් තුළෙහි පව තිය
නෙම දි න් වෙහෙස ගෙන බෝ කල් වැඩ කර ලා වෙසෙ සි න් දියණු කර දුන් කටයුතු සිය ලා සු ප ස න් කම්කරුන් සහර දන මෙ ක ලා පැ ය කි න් පටට එලවති බොරු දොස් නග ලා
සෙ ව නි න් පලක් නැති වනතුරු සිටි දිඹු ලේ රොන යෙ න් පලක් නැති ගද නැති බැවින් ම ලේ ගෙඩි යෙ න් පලක් නැති රිලවුන් නොතන ක ලේ දු ද න න් දනැති උසුලති හැම ගති දිඹු ලේ
මට මේ කාරණා දැනගන්ට ලැබුණේ මේ මෑතකදීය. මා වැඩ කළ මුදලාලි ආත්මාර්ථකාමි අධමයෙකි. අලුත් පොහොසත් වූ නරාඛමයෙකි. මේ නිසා මම ඔහුගේ රක්ෂාවත් අත්හැර ලැසී ඉන්න පළාතේ සිටීමත් අනර්ථයකැයි සිතා උඩරට යන පිණිස ගාල්ලේ සිට පයින් ම ගමන් කරමින් අද රෑ මෙහි නැවැතුනාමි.”යි ජස්ටින් සිල්වා කීයේය.
මේ කථාව අසා උන් විජයසිංහට නිදිමත කොහෙත් ම නොමැති විය. ජස්ටින්ගේ කථාව සමාර වෙන විට එළිවෙන්ටද ළංව තිබුණේය. විජයසිංහ ද ජස්ටින්ට කථා කොට “මිත්රළයා, තමුසේ වෙච්ච දේ මට වෙච්ච දේට වඩා සුළුය. නමුත් අපේ ජාතියට අදාල නුවු වල්
සිරිතුත් පර න මාණය ඉක්මවා ඇඳුම් පැළඳුම් හා කෑම බීමත් පුරුදු කර ගැනීමෙන් තමුසේ සහ මම සම්පූර්ණ්යෙන් විනාශ භාවයට පැමින දැන් යන මන් නැති කාලකන්නි දෙ දෙනෙක් වීමු. ඒ හෙයින් “එක මල්ලේ ලූනූ කෑවුන්” වැනි අප දෙදෙනා මිත්රදව කොහේ යතත් කුමක් කරතත් එකතුව කරමුය” යි කීවේය. ජස්ටින් ද ඉතා සතුටුව පහන් වන්ට තිබු ඉතුරු කාලය අම්බලමේ නිදා ගත්තෝය. ඔවුන්ට් සැපසේ නිදි ගිය නමුත් මෙබදු අයුතු කළවුන්ට තව තවත් පීඩා කළ යුතුය යි හඟවන්නාක් මෙන් සූය්ය් ගි දිව්යන රාජයා වහාම උදාගිර පර්වවතයට පැමිණියෙන් ඔවුන්ට වහාම ප්රනබෝධ වන්ට විය. විජයසිහ හා ජස්ටින් සිල්වාගේ සිත් ද අන්යොටන්ය යන් දැකීමෙන් ප්ර බෝධ විය.
06. පරිච්ඡෙදය
[සංස්කරණය]එ ක සමාන විපත් පැමිණ අනාථ භාවයට පත් විජයසිංහ හා සිල්වා යන මේ සිංහල තරුණයන් දෙදෙනා ලපටි කාලයේ පටන් කය වෙහෙසා කිසි කටයුත්තක් කරන්ට නූගත් හෙයින් කුලී වැඩක් වත් කොට ජිවිකාව කර ගත නොහැකියෙන් කණාගාටුවට පත්ව කුස ගින්නෙන් ද පීඩිත කෑගලු යන මහ පාර දිගේ ගමන් කරන අතර වත්තක පොල් කඩනු දැක එහි ගොස් කුරුම්බා ගෙඩි දෙකක් ඉල්ලූහ. එහි පොල් කඩන නාකි මනුෂ්යඑයා ඉතා කණගාටුවට පත්ව මේ තරුණයන් දෙදෙනාට කුරුම්බා ගෙඩි දෙකක් කන්ට දි මුදලාලී එන්ට ඉස්සර මහා ම යන්ට කීවේය. විජයසිංහ හා සිල්වාත් තමහට වෙච්ච දේ ගැන දන්නා නමුත් රටේ තොටේ තොරතුරු හොඳ හැටි නොදන්නා බැවින් මහල්ලාගේන් “ ඒ මුදලාලි කවරෙක් ද,අසරණයෙකුට කුරුම්බා ගෙඩියක් දීමට විරුද්ධ වන මනුෂ්යියෙකුත් ඇද්ද” යි ඇසූහ. එවිට පහලු මනුෂ්යයයා ඔලුවේ අත තබා ගෙන මෙසේ කියන්ට වන්නේය. “අනේ අපට වෙච්ච දේ කියනට ගියොත් කාරණා බොහෝය. තමුසේලා ඒක ඇසුවොත් ඔය යන ගමන වත් යන්ට හිතෙන්නේ නැතැ”යි කිය. මේ “අපට වෙච්ච දේ” කියන කොට ම විජයසිංහලාට එය කොහොම නමුත් අසා ගන්ට ම උවමනා වී කුමක් වෙතත් එය දැන ගන්ට ම ඕනෑ බව කීයේය. එවිට ඇසින් වෑහෙන කඳුළු ධාරවෙන් යුක්තව මහලු මනුෂ්ය යා මෙසේ කියන්ට පටන් ගත්තේය.
“මම මේ වත්ත අයිතිකාර මුදලාලිය කීවේ හම්බන්කාරයෙකුටය.
දැන් මේ වත්තේ පොල් කැඩීම ආදි කුලී වැඩකොට ජිවිකාව කරගන්නා නමුතු මීට අවුරුදු 4 කට ඉස්සර මේ ඉඩමේ අයිතිකාරයා මමය. මීට අවුරුදු හයකට පමණ ඉස්සර දැන් මෙය අයිතිකාරයා වී මා සහ අපේ ගමේ බොහෝ සිංහලයන් ලවා වාල් වැඩ ගන්න මේ හම්බයා ළූනු, මිරිස් ආදී සිල්ලර බඩු ටිකක් ගෝනියක දමාගෙන ගෙයක් පාසා ගොස් වෙළදාම් කරමින් ඇවිද්දේය. මොහු අපේ ගෙදරට ද කිප දිනක් ඇවිත් උම්බලකඩ ආදිය විකුන්නේය. එක් දිනක් මොහු මට කතා කර ‘රාළහාමි තමුන්නාන්සේ උදව් කරතොත් මම මේ වත්තේ පාර අද්දරින් පුංචි පැලක් හදාගෙන ලූනු.කහ මිරිස් වෙළදම් කරන්ට කැමතිය’යි කීය. මේ අයගේ බැගෑපත් ඉල්ලීමට හිත උණු වී ගිය මම ඊට සතුටුව මගේ මලයා වන කිරිබන්ඩාගෙන් උදව් සලස්වා පුන්චි කඩ පැලක් පොල් අතු සෙවිලි කර තනා ගැනීමට ඉඩ ඇරියෙමි. එහි හම්බයා රුපියල් 5 ක පමණ ලූණු මිරිස් කුම්බිලා කරවල ආදිය තබාගෙන වෙළඳාම් කරන්ට පටන් ගත්තේය. නිතරම අපේ ගෙදරට ද පැමිණ අපට ඉතා යටහත් පහත් ලීලාව දක්වා රුපියල් තුන හතර අත මාරුවට ඉල්වා ගනිමින් වෙළදාම් කරන හම්බයා පොල් ගෙඩි දෙක තුන එකතු කරමින් පොල් වේලන්ට ද පටන් ගත්තේය.
මාස කීපයක් මෙසේ කරන විට හම්බයාගේ කඩේ බඩුත් වැඩි විය. වේලලා විකුණා මුදල් දෙන පිණිස මගේ පොල් මුරයක් ද ඉල්ලා ගත්තේය. මාව අප කර අසල පසල උදවියගේ ද පොල් ඉල්වා වේලමින් වෙළදාම් කරන හම්බයා තම හම්බන්කාරයන් දෙතුන් දෙනෙක් එක්වූහ. මාස 10 ක් වන කොට හම්බයා තරමක ධනවතෙක්උන නමුත් අපට දක්වන යටත් පහත් කම නිසා අපෙන් බොහෝ උදව් ඔහුට ලැබුනේය. ඉක්බිති අර පෙනෙන ලොකු කඩ ගෙවල් දෙක තනා ගැනීමට හම්බයා මගෙන් අවසර ඉල්ලු විට මසකට බිම් කුලිය රුපියල් පහකට මම ඔහුට එය දුන්නෙමි. ඉතින් මේ කඩය හදා ගත් පසු රෙදි, පිඟන් කෝප්ප, පොල් වේලීම ද බහුල වශයෙන් කරගෙන ගියේය. මේ කාලයේ මගේ දියනියකගේ මංගල්යපයක් සිදු වූ හෙයින් පොල් මුරේ කැඩුනාම දෙන තුරු මඟුල් ගෙදරට උවමනා සියලුම කන බොන දේ හම්බයාගේ කඩෙන් මිලේට ගත්තෙමි.
හම්බයා ද කිසිම කථාවක් නැතුව මට ඕනෑ තරමක් දුන්නේය. ඒ ගත් සියල්ල ම රුපියල් 230 ක් විය. ඒ ණය පසුව කැඩූ පොල් මුරෙන්
ද හම්බයා නො ගත්තේය. ගෙදරට කෑමට ඇඳීමට ගන්නා දේ ද හම්බයාගේ කඩෙන් ම ගන්නා නමුත් අපට වෙච්ච මළ ඉලව්වක හැටි ගණු දෙනු ගැන වැඩි සැලකීමක් නොකළෙමි. මෙසේ සිටින අතර හම්බයා නෝට්ටු පොතකුත් අරගෙන අපේ ගෙදරට අරවිත් “රාළහාමි”, කරුණාකර මට මේ නෝට්ටුවට අත්සන් කර දෙන්ට කොළඹ කඩේ මිනිහෙක් ඇවිත් අපේ ණය ගැන සැර වෙනවා. තමුන්නාන්සේගෙන් අපට මුදල් එන්ට තිබෙන බව කියා ඒ ණය කල් දා ගැනීමට මේක ගන්නවා මිසක් රාළහාමිගෙන් එන්ට තිබෙන මුදල ගැන බයකට නොවේය” කියා ශත පණහක නෝට්ටු මුද්දරය ගැසූ නෝට්ටුවට මගේ අත්සන් ගත්තේය.
විජයසිංහ - ඉතින් ඒ නෝට්ටුවේ මුදල් ගණනක් සඳහන් කළේ නැද්ද?
මහලු මනුෂ්යගයා - නෑ මොකුත් සදහන් කෙළ් නැත. අත්සන් කළා පමණයි. එසේ ම මොකුත් සඳහන් නොකළ අත්සන් පමණක් තිබෙන එබඳු නෝට්ටු තිහ හතළිහක් ඒ පොතේ තිබෙන බව හම්බයා මට පෙන්විය.
ඉතින් කලක් පසු විය. මේ අතර හම්බයාගෙන් ණයට බඩු ගත්තත් පොල් මුරේ කැඩුනාම ඔහුට දුනිමි. නමුත් අවුරුද්දකට පසු හම්බයා වෙනදාට වඩා ටිකක් උඩඟුවෙන් අපේ ගෙදරට විත් රුපියල් තුන්දාහක් ණය තිබෙන බවත් වහා ම නොගෙව්වොත් නඩු ගන්නා බවත් කීය. මේ කථාව අසා මම පුදුම විමි. මගේ හාමිනේ ද පුදුමව ඔපමණ මුදලක් කවදා ණයට ගත්තා දැයි ඇසුවාම හම්බයා පුටුවෙන් නැගිට “ඔහොම තමයි, ගන්නේ ටික ටකයි ගන්නකොට, අමිනේලා ණය ඉල්ලුවම බොහොම කේන්තියි. “පරෂාදි සිංගලවෙන්” ණය ඉල්ලුවාම ඔච්චර ගත්තේ නැ කියනව කියා සැරවෙලා ගොස් රුපියල් 4500 කට එන්ත්රලවාසියක් මට එව්වේය. “අපට වෙච්ච දේ!.මගේ අරක්කු මටම ගහනවායයි. ජුසේ අප්පු කීවාක් මෙන් මා උදව්කොට මුදලාලි කළ හම්බයා මට තට්ටු කරපි. ඉතින් කොයි දෙයියන්ට කියන්ටද? එන්තරවාසිය දුටු හැටියේ බය උන මම යම්බයාගේ කඩේට ගොස් “මුදලාලි ඇයි මෙහෙම කරන්නේ කියා ඇසුවාම කලින් මට රාළහාමිය කී හම්බයා බැණ වැදී මේ ඉඩම උකස් කර මට උප්පුවක් නුදුන්නොත් මේ මුදලට නඩු ගාස්තුත් එකතු කොට ඇස්කිසි කරන බව කීය.
එවිට කිසිවක් කරගත නොහැකිව මගේ මේ වත්ත රුපියල් 4500 යකට උකස්කර හම්බයාගේ “අපරාධ ණය” නිදහස් කළෙමි. රුපියල්
4500 යම සියෙට 25 පොලියත් යොදා තිබුනන් ද ඒ අතර ගත් ණයත් එකතු වීමෙන් ද මුළු ඉඩම ම හම්බයා නඩු කියා අයිති කර ගත්තේය. මේ හම්බයා මෙයාකාරයෙන් ම බොරුවට ගණන් දමා බොරු නෝට්ටු අරගෙන අනුන්ගෙන් කොල්ල කා ගත් ඉමේ අක්කර දහස් ගණනකි. අපේ අත් පා මෙහෙ ගැනීමට වත් නොගන්නා තමරම් මේ පහත් හම්බයා ප්රියෝගයෙන් අපේ ඉඩම් අයිති තරගෙන දැන් ගමේ ප්රතධානියාව සිටී. අඥානකමින් ඔහුට මුලදි අනුබන දි ඔහු ධනවතෙක් කළ පසු “අපට වෙච්ච දේ” අපි දැන් ඔහුගේ බැල මෙහෙ කරන්නෙමු. ඔහු දැන් ප්රපදේශ රජෙකුට සමානයි. “අපට රාළහාමි” යයි කී හම්බායා දැන් “කිරිහාමි මෙහෙ වරෙන්, පලයන්” යනාදියෙන් කථා කරයි. කොටින් ම අපි දැන් ඔහුගේ වහල්ලුව එලෝ මෙලෝ දෙකින් ම පිරිහුනා-අනේ “අපට වෙච්ච දේ” අපේ පුරාණ පණ්ඩිතයන්ගේ කියමන් එකක් වත් අප විසින් නොතැකු වරද නිසා අපට වෙච්ච දේ!
කෑ කල්හි රුඳු න යි දුක නම් මෙලොව පම ණ යි ඉන් එය සුබ ගු ණ යි දුදනෙකුට බල දුනොත් අගු ණ යි
රුදු දුදන මූසි ල ඇති කළ බැවින් තද බ ල ලද්දේ සිත් තැවු ල පවර බෝසත් තුමා ගුත්ති ල
ආ තමන් දෙස හැ ර පරංගින්හට මෙත් ක ර දුන් බැවින් අවස ර අහෝ සිහලුන්ට වුණ අනතු ර
අන් දනට මෙහි එ න සලකා කුළුණු වඩමි න උදව් කර ලීමෙ න බලම් තැන අපට මං යන එ න
මෙත් කෙරුම සුදන න ගෙදරින් පටන්ගත මැ න එලෙස නො කොළොති න තවත් කෙරුමට මෙතෙක් නොලැබෙ න
බුදු රදහු කළ මෙ ත නුබුදුව කරණු බැරි වෙ ත එබැවින් සියලු මෙ ත කරව් පළමුව සිය දනන් වෙ ත
නොතකා එය සො දේ මෙත් කළ බැවින් මෙ ස දේ අපහට වෙච්ච දේ තවත් ලොව කිසිවෙකුට නොයෙ දේ
මෙසේ අවඳෝනා වශයෙන් කිරිහාමි කී කල්හි විජයසිංහ හා සිල්වාත් පුදුමව අපට වෙච්ච දේට වඩා කිරිහාමිට වෙච්ච දේ පුදුමය. අපි පර සිරිත් ගැනීමෙන් හා ධර්ම ශාස්ත්රචය ඉගෙන නොගැනීමෙන් විනාශයට පැමිණයෙමු. නමුත් ගෙදර සැප සේ කල් යැම් කිරිහාමි අධම හම්බයාට උපකාර කිරීමෙන් බලවත් විපතට පැමිණියේය. අනේ අපට වෙච්ච දේ? යයි කීවෝය. ඉක්බිති කිරිහාමිත් විජයසිංහත් ස්වල්ප වේලාවක් කථා කළහ.
කිරිහාමි - තමුසේලා මේ බෑරක්ද?
විජයසිංහ - අපි තැනක් නියම නැතිම ඇවිදින්ට යන අයයි. අපට වෙච්ච දේ කියන්ට පටන් ගත්තොත් හම්බන්කාරයා ඇවිත් මෙතන කලපල හැදෙවි.
කිරිහාමි - අනේ ඔයි මේ පරදේහික හම්බාදීන්ට වාල්ව උන්ට බැලමෙහෙකරන්ට උනේ අපේ ම වරද නිසාමයි.
විජයසිංහ - සිංහලයාට වෙච්ච දේ ඕක නොවෙන්නන්. සිංහල කඩේ බල බලා ගොසින් අන්යට ජාතිකයාගේ කඩෙන් බඩු ගන්නවා.ඉතින් සිංහල වෙළෙන්දා වේලෙනවා. පරදේශිකයා රටේ අතිතාක් ධනය එකතු කර ගන්නවා
කිරිහාමි - ඒකතවද අපට වෙච්ච දේ? සිංහල වෙළෙන්දා ඇත්ත කියා අවංකව බඩු දෙන නමුත් හම්බාදිහු බොරුවෙන් මිල අඩු බව දක්වා වංකව වෙළදාම කරති. මේ බව සලකා ගත නොහැකි සිංහලායා පරදේශීන්ගේ වෙළෙන්දා පිරිහෙයි. එයින් මුළු සිංහල ජාතියමත් පිරිහෙයි.
විජයසිංහ - ඔව් අප්පුහාමි අපට වෙච්ච දේවලින් ඔයත් එකක් තමයි. මේ බව සිංහලයන්ට අවබෝධව සිංහල වෙළඳුන්ගෙන් 230 අපට වෙච්ච දේ
නරක බඩු වැඩි ගණනකට උවත් ගන්නා කාලයෙකට සිංහලයා පැමිණියොත් එදා ලක්දිව වෙළදාම සිංහලයන් අතේය. ඒ කරණකොට ගෙන අපේ ධනයත් අප අතේය. මේ ගැන ක්රිොයාකරන්නන් ඇති වූ කල්හි අපට වෙච්ච දේ තේරුම් යනවා ඇත.”
යනු කියා හමාර වෙනවක් සමග ම හම්බ මුදලාලියා එන බැව් දුටු කිරිහාමි කෙක්කක් රැගෙන පොල් කඩන්ට පටන් ගත්තේය. විජයසිංහ හා ජස්ටින් සිල්වාත් වත්තෙන් මහ පාරට බැස යන්ට ගියහ.
විජයසිංහ හා සිල්වාත් අතේ ශතයක් වත් නැති හෙයින් මග වියදමට මෙකුත් සපයා ගනිමුයයි දෙන්නා එක්ක කථාකොට ටික්ක දුර යන විට සිංහල ධනවතෙකුගේ වත්තක පොල් ගොඩක් ඩගාඩකර එය ලෙලි ගස්වන බව දැක මේ දෙ දෙනා එහි ගොස් පොල් ලෙලි ගැසීමට තිබෙදැයි ඇසූහ. එතන වැඩ කරන කංකානම මොවු දෙස බලා රක්සාවක් නැතුව අනාථව යන දෙදෙනෙක් බව තේරුම් ගෙන යකඩ උල් දෙකක් දී පුළුවන් තරමක් ලෙලෙි ගසන්ටයයි කීය. විජයසිංහ හා සිල්වාත් උල් දෙක සිටුවා පොල් ලෙලි ගසන්ට පටන් ගත්හ. “උවමනාව යම් තැනක ද එය ලබන මාර්ගයත් එතනමය”යි කී ආප්තෝපදේශය පරිදි මුදල් හිඟව කන්ට බොන්ට නැති වූ හැටියේ ම රාජකුමාරයන් මෙන් වැඩුණු මේ තරුණයන් දෙදෙනාට ඉතා පහත් කුලී වැඩ කරන්ට පිළිවන් වූයේය.
මෙසේ එදින සවස් වන තුරු පොල් ලෙලි ගැසීමෙන් දෙදෙනාටම රුපියල් දෙකක් කුලී ලැබුනේය. සවස හයට ඒ රුපියල් දෙකත් රැගෙන අසල තිබෙන බත් කඩයකට ගොස් පණම හතරකට බත් කා නිදාගෙන සිට පසු දින උදේ ම පිටත් ව යන්ට පටන් ගත්හ. මොවුහු සිතාගෙන යන්නේ අනුරාධපුරය පැත්තට නමුත් කරවනැල්ල පැත්තට යන පාරකින් ගමන් ගත්හ. මේ දෙදෙනා ටිකක් දුර මහ පාරේ ගොස් මිනිස්සු එන යන පටු මාවතකට බැස යන විට ඔවුහු යන්නේ විශාල වනයක් මැදින් බව දැන ගත්හ. නමුත් මේ පාරෙන් ගියත් ගමකට නොවැටෙද්දැයි සලකා ඒ පාර දිගේ ම ගියහ. හැතැප්ම හත අටක් යන කොට පුන්චි ගෙවල් හත අටක් ඇති ගමක් සම්භ විය. එහි තැබෑරුමක් ද තිබුනේය. විජයසිංහටත් සිල්වාටත් එක ලෙස ම මත් පැන් බීම පුරුදු හෙයින් පනම හතරක අරක්කු බී ගත්හ. කුස ගින්නෙන් හා ගමන් පීඩාවෙන් මිරිකුණු මේ දෙදෙනාට අරක්කු ටික බීපු හැටියේ ම වෙරි මත ඉසට ගැසීය. වෙරිමත වූ ඉක්මනින් දෙදෙනාටම තමන් ඉන්නේ
නුපුරුදු පළාතක බවටත් යා යුතු මාර්ගය කාගෙන්වත් අසා ගත යතු බව වත් කලඵනා නොවි කෙලින් ම ඒ පාරේ ම ගමන් කළෝය. ඉතින් යන්ට යන්ට පාර ක්රනමයෙන් සුළුව ඉතාමත් කලාතුරකින් මිනිහෙක් දෙ දෙනක් යන පාරක් මෙන් පෙනුනේය. නමුතු තවමත් වෙරි මත පවත්නා හෙයින් කැලේ රිංගාගෙනත් මේ දෙන්නා යන කල වෙරි හිදි ප්රතකෘති සිහිය ලැබුන විට “අපට වෙච්ච දේ” කියා ඉස අත බැද ගත්හ.
මේ වේලාව හයට පමණ වී තිබුණ හෙයින් “දවල් වරුවක් කැලේ ආ අපට එළියට යන්ටත් වරුවක් නැතුව බැරිය. ඒ නිසා තුච්ඡ වූ මත්පැනේ විපාකයක් වශයෙන් අද රෑ මේ කැලේ ම ඉඳලා උදේ කොහාට වත් යමු”යයි විජයසිංහ කීය. සිල්වා ද “අනේ විජයසිංහ මහත්මයා. මත්පැන් බීම ආදී දුෂ්චරිතවලින් අන්තිම කාලකන්නි භාවයට පත් අපට අදත් ඒ දුශ්චරිත නොකර ඉන්ට බැරිවුණාවද? අද පටන්වත් ඒ නපුරු සුරා පානය ජිවිතාන්තය දක්වා නොකරන ලෙස පොරොන්දුී වෙමු” යයි විජයසිංහ කීය. එවිට දෙදෙනා ම එක්සත්ව ඔවුනොවුන්ගේ හිස ගසා දිවුරා මත්පැන් බීම හළෝය. ඉක්බිති මේ මහ කැලේ ඉන්නා මොවුන්ට වෙරි මත සිඳෙනකොට පිපාසය ඇති විය. ඉර බැසස නමුත් සම්පූර්ණ චන්ද්ර ලෝකය ඇතියෙන් එහාමෙහා යන්ට පිළිවන් විය. දෙ දෙනා ම ඒ මේ අත යන විට ගලා යන සුළු දිය පාරක් දැක වතුර බී මූණ කට සෝදා ගෙන කැලේ රෑට බීම ඉඳීම යුතු නැත. කොටි වලසුන් හා නයි පොළොං ආදින්ගෙන් අන්තරා පැමිණෙන්ට පිළිවන. එයින් මේ අටඹ ගසට නැග එළිවෙන තුරු නොනිදා සිටිමුයයි සම්මත කර ගෙන දෙදෙනා ම ඇටඹ ගසට නැග්ගෝය. මේ ඇටඹ ගස වනාහි මුල සිට ම අතු පතර ඇති කොළවලින් ගැවසී ආවරණය වු එකකි.
ඉතින් විජයසිංහ හා සිල්වාත් ඇට්ඹය ගසේ අත්තක් උඩ වාඩි වී පැය දෙකක් පමණ ගත වන තුරු කිසිම කාරණයක් දැනගන්ට නොලැබිය. රෑ නවයට පමණ ගොනෙකු දක්කාගෙන මිනිසුන් තුන් දෙනෙක් අටඹ ගස ළඟට ආහ. එකල්හි ගස උඩ උන් මොවුහු ඒ දැක බියපත්ව මුවෙන් නොබැණ නිශ්ශබ්ද වූහ. ගොනා ගෙනාවෝ සොරු තුන් දෙනෙකි. ගොනාව හොරකම් කර මරණ පිණිස ගෙනාහ. ඒ තුන් දෙනාගෙන් කෙනෙක් “ජුසේ, බුලත් විටක් දියන්” කියා බුලත් පයිය ගෙන හැර තුන් දෙනාම බුලත් කා ලොකු පිහියක් රැගෙන අටඹ ගසේ බැඳි ගොනා ළඟට කිට්ටු වූහ. මේ ගෝඝාතකයා ළඟට කිට්ටු
වෙනවාත් සමග ගොනා මරහඬ දී පස්සට පැන්නේය. එවි ජුසේ පස්සට පැන පිහිය ළඟ සිටි රොමාට දී බෙල්ල කපන්ට කීය. රොමා ගොනාගේ බෙල්ලට පහරක් ගැසූ නමුත් එය මොල්ලිය උඩටවැදුන හෙයින් ගොනා නොමැරී ඒ මේ අත දුවමින් මර හඬ දෙන්ට පටන් ගත්තේය. ගස උඩ උන් විජයසිංහලා මේ දරුණු ගෝඝාතකයාට බයෙන් නිසෙල්මන් වූහ. ගොනාගේ කුලල කැපීමට දෙන්නෙක් උත්සහ කර නුපුළුවන් වූ හෙයින් අනිකා වන අල්ලිසේට කීහ. අල්ලිසේ හරක් බෙලි කැපීමට ගජ සමතෙක් “අරක්කු නොබී මට නම් ඔය වැඩේ කරන්ට බැරියයි කීය. ජුසේ සහ රොමාටත් හරකා මරන්ට බැරි වෙරි උනා මදි නිසා යයි කීහ. ඉක්බිති අල්ලිසේ අත තිබු රුපියලක් අරගෙන “මේක අරන් ගොස් අරක්කු බෝතලයක් අරන් වරෙන්නැ”යි ජුසේට කීය.
ජුසේ ද කොහේදෝ අසල ගමක හොර අරක්කු විකුණන තැනකින් අරක්කු බෝතලයක් රැගෙන ආය. ජුසේ, අල්ලිසේ, රොමා යන තුන් දෙනා සම සමව අරක්කු බෝතලය බී ගත්හ. එසේ බීලා බුලතුත් කාලා පිහිය ගලේ ගා මුවහත් කොට ගෙන අල්ලිසේ සහ ජුසේ නාස් ලනුව දෙුපැත්තෙන් අල්වාගේන සිටිද්දී රොමා කිසිම බියක් චකිතයක් නැතුව ගොනාගේ බෙල්ල කැපුයේය. බෙල්ල කපාපු හැටියේ ඔළුවත් කඳ කෑල්ලත් පැය කාලක් පැමණ ගැහෙන්ට පටන් ගත්හ. ගස උඩ ඉන්න දෙදෙනාට කුමක් සිතෙන්ට අත්දැයි කීම උවමනා නැත්තේය. ඉතින් ගොනා හම ගසා මස් කර ඒ මස් හමේ ම එතා තඩලා බැඳ ගෙන රෑ එකට පමණ හොරු තුන්දෙනා යන්ට ගියාහ. ගස උඩ උන් විජයසිංහට සහ සිල්වාටත් හොරුන් ගිය පසු මදක් සිහිය ආය. ගෝඝාතකයන්ට වූ භය කරණ කොට ගෙන ඔවුන්ට නිදිමත ද නැති විය. “හරකෙක් මරා මස්කරන ලද මේ ගස උඩ සිටීම යුතු නැත. එළිවෙන කොට වත් යම් කෙනෙක් මේ බව දුටුවොත් අප හරක් හොරුන් ලෙස අල්ලා ගන්නේය. ඒ නිසා වහාම බැහැලා වෙනින් තැනකට යමුය”යි කියා ගසින් බැස චන්ද්ර“ලෝකය තිබුණු හෙයින් හැතැප්මක් පමණ දුරු ගොස් ලොකු ගලක් උඩට නැග හාන්සි වී මෙසේ කථා කරන්ට පටන් ගත්හ.
විජයසිංහ - අනේ සිල්වා අද සිද්ධ වූ කාරණය තමුසේ සිතට ගත්තේද,
සිල්වා - ඔව්, සත්තකෙන් ම මම සිතට ගතිමි. මේ ලෝකයේ යම් අපරාධයක් දරුණු ක්රි යවක් කරතොත් ඒ සියල්ලක් ම
කරන්නේ මත්පැන් නිසා බව මට හොදින් ම අවබෝධ වුනා.
විජය - අනේ අපට වෙච්ච දේක හැටි! නිතරම හොර හරක් මරා පුරුදු ඒ පාපතරයන් තුන් දෙනාට වත් අරක්කු බීලා හොදටම සිහි විකල කර ගන්නා තුරු ගොනා මරන්ට බැරි උන කොට අරක්කු නොබී මිනි මරන්නෙත් පිහියෙන් අනින්නෙත් අනික් අපරාධ කරන්නෙත් කොහොමද?
සිල්වා - සත්ත?කෙන් ම අරක්කු ආදී මත්පැන් බීලා සිහි විකල කර නොගෙන මිනිහෙක් සතෙක් මරනු තබා ස්වකීය භාය්යා්පැ වට වත් පහරක ගැසිය නොහැකියි. ඒ නිසා දැන් ලෝකයේ යම් තරමක් අපරාධ පවතිත් නම් ඒ සියල්ලටම හේතුව, අධාරව පවත්නේ මේ මත්පැනයි.
විජය - ආ, සිල්වා, ඉංග්රීපසි ආණ්ඩුව මේ බව දන්නේ නැද්ද?
සිල්වා - අනේ මට තේරෙන්නේ නැහැ.
විජය - අපි ඉංග්රී සිකාරයන් මහා ඥානවන්තයන් ලෙස ඒත්තු ගෙන සිටිමු. දුම්නැව හදන, විදුලියෙන් වැඩ ගන්න, අහස් යාත්රාත හදන නොයෙකුත් සූත්රි වැඩ කරන මොවුන්ට මේ මත්පැන් නිසා ලෝකයේ අපරාධ කෙරෙන බව නොතෙරෙන හැටි පුදුමයි.
සිල්වා - ඉතින් තේරුණාම මොකද?
විජය - අයිසේ, ඇයි එහෙම කියන්නේ, තේරෙණවා නම් වෙන වෙන උපක්රාමවලින් අපරාධ මැඩ පවත්වන්ට උත්සාහ කරන ආණ්ඩුව මත්පැන් වෙළඳාම හා පෙරීමත් කුමක් නිසා නොනවත්මා සිටිද්ද?
සිල්වා - මොන බොරු ද, එහේම කළාම මිනිසුන්ට ඇති නිදහස නැති වෙනවා නොවේයැ! “ඕනෑ යකෙකුට” උවමනා තරමක් බොන්ට නිදහස දීම යුතුයි.
විජය - හොඳයි, ඕනෑ තරමක් බොන්ට නිදහස! නමුත් එසේ බීලා කෝලාහ්ලයක් කර ගත්තත්, අපරාධයක් කළත් එවිට නිදහස නැහැ.
සිල්වා - ඇයි තමුසේලාගේ අපේ ආගමේ විධියත් එහෙම නොවෙන්නන්. දෙවියන් වහන්සේ පළමුවෙන් ම මනුෂ්යේයා මවා ඔහුට නිදහස් බලය දුන්නා. ඒ එක්කම තහනම් ගහකුත් මැව්වා! ඉතින් ඒ
මුල් මනුෂ්ය යා වන ආදම් තහනම් ගහේ ගෙඩි කෑ හෙයින් මුළු මනුෂ්යන ජාතිය ම පව් කාරයන් කළේය. ඒකත් මේකත් එක වගෙයි. මක්නිසාද, අරක්කු බොන්ට නිදහස දුන්නා. ඒ අරක්කු බීමෙන් ප්රයතිපලය වන අපරාධය කළාම අච්චු කරයි.
විජය - “තමුසේලාගේ අපේ ආගමය” කීවේ ක්රිනස්තියානියටද? අනේ සිල්වා, ඒක මම අත්හැරලා මාසයක් පමණ වෙනවා, නිදහස් මනුෂ්යයයෙකු මවා, තහනම් ගහකුත් ඒ එක්කම මවා ඒ එක මනුෂ්යුයා කෑ වරදට දඬුවම දුන්නේ මනුෂ්යහ ජාතියට පමණක් ද? සර්පයින්ට බඩගාන්ටත් දූවිලි කන්ටත් උඩන් ඊට පස්සේව ද?
සිල්වා - “අපේ ආගමය” කියා ක්රිටස්තියානියට කීවේ ඒ මගේ ආගම නිසා නොවෙයි. මම නම් උප්පත්තියෙන් ම බුද්ධාගම්කාරයෙක්මි. නමුත් මගේ හැතිරි ලැසීව කසාද බඳින්ට ගොස් මම “බුද්ධ සෙපර” උනෙමි. තමුසේ එහෙම යැයි පැදිලි වැඩෙත් ඩගෙන ගත්තා නොවෙයැ.
විජය - ඒත් “අයිසේ” අපට ඒ පලහිලව්වෙන් කමක් නැහැ. මේ බීම වෙළදාම නැවැත්තුවොත් අප රටේ එක ම හොර හරකෙක් මරන්නේ නැති බව අද රෑ අප දුටු කරුණෙන් ඔප්පු වෙනවා නොවේද? ඒ එසේ නම් මිනීමැරීම ආදී ඊට වඩා දරුණු අපරාධ එකක්වත් සිදධ විය හැකි ද?
විජය - සත්තකෙන් ම බෑ. මිස්ටර් සිල්වා, නමුත් අරක්කු රේන්දයෙනුත් බීම සාප්පු ලැයිසන් වලිනුත් අබින් රේන්දයෙනුත් ආණ්ඩුවේ ආදායම කොච්චර ද කියා තමුසේ දන්නේහිද?
සිල්වා - මම නොදනිමි.
විජය - එක අවුරුද්දකට රුපියල් ලක්ෂ කීපයකි.
සිල්වා - අනේ “අපට වෙච්ච දේ” මේ ලක්වැස්සන්ට කන්ට අදින්ට පින්දහම් කරන්ට තිබෙන මුදල නාවේයැ. අපට වෙච්ච දේ මොකව ද?
විජය - ඉතින් වරදකාරයෝ කව්ද, අපි නොබොමු නම් කව්රුත් බලෙන් අපේ කටේ වත් කරද්ද? ඉතින් ඔච්චර ද? අරක්කුවට
ඔච්චර නමුත් පිට රටට රට බීමවලට ගිය ගණන ඔය වාගේ කී ගුණයක්ද? මෙරට රේන්දගරාළලනාට ඔය වාගේ කී ගුණයක්ද?
සිල්යා - අනේ අපට වෙච්ච දේ? පර සිරිතුත් ආගම ධර්ම්ය නොදැනීමත් ක්රියස්තියානි බයිබලයත් අපට කළ දේ! මම අද මේ හරකා මැරූ දරුණු ලෘලාවත් ඊට බිම පිටිවහල් වූ ලෘලාවත් දුටුවෙමි. මත්පැන් බොනු තබා මින්පසු මත්පැන් බොන්නෙක් යන පාරේ වත් නොයමි යි කීය. (විජයසිංහ ද එසේ ම දිවිලේය. මේ දෙ දෙනාට මේ රාත්රිකය සපල වූ බව් දුටු සූය්ය්ය දිවශ රාජයා ද ඉක්මනින් ම පෙර දිගින් පැන නැංගේය)
07. පරිච්ඡෙදය
[සංස්කරණය]විජයසිංහ සහ සිල්වාත් එළි වූ හැටියේ ම ගල උඩින් නැගිට තමන් සිටින වනාන්තරයෙන් දකුණු පැත්තට ගමන් කළෝය. ෂර්පාදීන්ගන් කිසි උපද්ර වයක් නැති බැවින් නොයෙක් පාලාපල වර්ග කඩා කමින් හැතැප්ම හතරක් විතර යන කල්හි ගමක් ආසන්න බව දැනුනේය.ඒ ගම තමන් සිටි කන්ද පාමුල පිහිටා තිබේ. මේ කන්දු බැවුමේ විශාල ලගක් ළඟ කදිම පැලක් තිබෙනු දුටු නමුත් එහි කිසිවෙක් නැති බව දැක මදක් එහි නැවතී ගියාහ. ඒ පුන්චි පැල හා අවටත් ඉතා පිරිසිදුව තිබේ. අසලින් කදිම පුන්චි ළඳක් ද දුටුවෝය. ඔවුහු ඒ ළඳෙන් වතුරු බි පැල අසල සිටින විට සුදු වූ දික් වූ රැවුලක් ඇති කසා වන් පාට රෙද්දක් ඇඳ එම වර්ණියෙන් ම යුත් රෙද්දක් පොරවා ගත් මහලු සිංහල මනුෂ්යදයෙක් පැලට අවේය. මේ වනාහි පැල අයිතිකාර සිංහල තපස්වරයාය. විජයසිංහ හා ජස්ටින් සිල්වාත් දුටු සැටියේ මෙවුහු ගෙවල් උමං කෑමාදී අපරාධ ක්රිියාවෙහි නියුක්ත පල්හොරු දෙ දෙනෙකැයි තපස්වරයාට සතී. “උඹලාට මෙහි එන්ට හේතුව කුමක්ද? මේ පේන ගමේ ඉන්න මුලාදෑනියාට නුඹලා අල්වා දෙන්නෙමි”යි ඉතා කෝපයෙන් මෙන් තාපසයා කීයේය.
එවිට විජයසිංහ හා සිල්වාත් බියපත්ව “අනේ පින්වත් තාපසයාණෙනි, අපි හොරු නොවෙමු. අපි මං මුළාව ඇවිදින පාත රට සිංහල තරුණෝ දෙ දෙනෙක් වෙමු. අපට වෙච්ච දේ තමුන්නාන්සේ අසුවොත් අප කෙරේ කෝප වෙනවා වෙනුවට අනුකම්පා කරනවා අතැ”යි කීහ. මේ වචනය ඇසීමෙන් ප්රවකෘතියෙන් මෘදු වූ හිතක් ඇති තාපසයාගේ හිත උණුව, හොඳයි, එසේ නම් මෙහි වාඩි වී නුඹලාට
වෙච්ච දේ කියාපල්ලාය”යි කීය. එසේ කියමින් ඔවුහු කුස ගින්නේ සිටින බැව් පෙනී තමාට ආහාර පිණිස ගම් ගොඩට ගිය කල්හි උදේ ලුබුණු රොටි දෙකත් කෙසෙල් ගෙඩි හතරත් කන්ට දුන්නේය. රාත්රුයේ ආහාරයක් නැතිව කුසගින්නේ මිරිකි උන් විජයසිංහ හා සිල්වාත් රොටිත් කෙසෙල් ගෙඩිත් කා වතුර ටික ටික බී මුල සිට එම තාපසයා ළඟට පැමිණෙන මෙහොත වන තුරු ඔවුන්ට වෙච්ච දේ පය හයක් මුළුල්ලේ කීවෝය ඔවුනු කියන සියල්ල ම සාවධානව අසා උන් තපස්වි තෙම;
“අනේ සහෝදරයිනි, නුඹලාට වෙච්ච දේ මට වෙච්ච දේට වඩා ඉතා සුළුය. අපට වෙච්ච දේ මට වෙච්ච දේටත් නුඹලාට වෙච්ච දේටත් වඩා ඉතා භායානකය. මම මට වෙච්ච දේ ගැන කලකිරි සිටින විට අපට වෙච්චදේ ගැන දැනගත් හැටියේ ම මනුෂ්ය පථයෙහි වාසය කිරීම වත් එපා වී මේ පැල තනවා ගෙන අසල් ගම් වාසීන්ගෙන් පිනට යමක් ඉල්ලා ගෙනත් මේ කැලේ පලතුරු වර්ග සපයා ගෙනත් කාලා මෙහි විවේකව ඉඳගෙන දස සීලය රක්ෂා කරමි. මට වෙච්ච දේත අපට වෙච්ච දේත උඹලාට කියන්නෙමි. නමුතු අද දාවලට අපි ආහාර ගත යුතු වෙමු. ඒ හෙයින් මෙහි තිබෙන හාල් ටික උයා මේ පලාකොළ වර්ගයත් උයා ගත යුතු” බැව් කියා තුන් දෙනාම මහන්සි වී ඒවා උයාගෙන කෑවෝය. තපස්වි තුමාගේ ඉරියම් දැක විජයසිංහ හා සිල්වාත් බොහෝ සෙයින් ප්රෝසන්න වූහ. ඉක්බිති දවල් එකට පමණ තපස්වී තුමා තමාට වෙච්ච දේ මෙසේ කියන්ට පටන් ගත්තේය :-
“මම වනාහි බස්නාහිර පළාතේ උපන්නෙක්මි. මගේ නම වීරසේකරය. මගේ පියා විදාන ආච්චි කෙනෙක්වා සහා විශාල ධනවතෙක්ය. තාත්තාට බොහෝ ම වස්තුව තිබුන හෙයින් මට ඉගෙන ගන්ට ඕනෑ තරම් පහසු ලුබුණ නමුත් සෙල්ලමෙන් ම කාලය ගත කළා මිස වැඩි දුර යමක් ඉගෙන නොගත්තෙමි. නමුත් සිංහල පාඨශාලාවක හත්වෙනි ප්රනමාණයටත් ඉංග්රි සි හතර වෙනි ප්රිමාණයටත් ඉගෙන ගත්තෙමි. මම ඉංග්රි්සි ඉගෙන ගන්ට වරුවකුත් සිංහල ඉගෙන ගන්ට වරුවකුත් අවස් පතා ගත කරන කාලයේදී මගේ වයස අවුරුදු 17 ක් පමණ විය. මගේ තාත්තාට උවමනා කර තිබුණේ මාවත් ආරච්චි නිලයට පත්කිරීමයි. ඒ බව නොයෙක් විට මා සමග ද කීවේය. අපේ කෝරළේ සමහර පවුල්වල තවමත් එක්තරා “නින්දි්ත ක්රදමයක” කසාද බැඳිමක් පවතින හෙයින් මට ඒ ගැන රටට අවවාද කරන්ට සිතුනේය. ඒ නින්දිරත ක්ර මයේ කසාද බැඳීම නම්, පවුලේ සිටින සියලුම සහෝදරයන්
එක ම ස්ත්රිසයක් සරණ පාවා ගැනීමයි. පුරාණ අපේ මුතුන් මිත්තන්ට නොතිබුණු මේ අධම සිරිත් කෙසේ ආ දැයි එවකටවත් මට කල්පානා වී මේ සදහා අපේ කෝරලේ පාඨහාලාවලට ගොස් එහි ගුරුවරුන්ට හා ගුරුවරියන්ටත් කියා මෙම විවාහ වීමේ නින්දිලතකම ළමයින්ට අවබෝධ කරවන්ට උත්සහ කළෙමි.
ජාතියටත් යම් යම් වැඩ කරමින් සිටි මට, තාත්තාගේ ආරච්චිකමේ කටයුතු කරන්ට සැලසුණේය. අපේ වතුපිටි ඉඩම් කඩම්වල වැඩත් තාත්තාගේ රාජකාරියේ වැඩත් මිස අන් කිසිවක් කරන්ට අවකාශ නැතුව සිටින මට අවුරුදු විස්සක් පමණ වූෙය්ය. මේ කාලයේදී අපේ ගමේ පාඨහාලාවට උගත් ගුරුවරයෙක් පත් වූයෙන් උන්නැහේගෙන් සිංහල ව්යාාකරණ සහිත අලංකාර ශාස්ත්රෙය ඉගෙන ගන්ට පටන් ගතිමි. මෙලෝ පරලෝ දෙකට සප්රායෝජනවත් අවවාද අනුශාසනා කිරීමෙන් ද ඒ ගුරුතුමා මට කල්යාඅණ මිත්රටයෙක් වූයේය.
මගේ වයස අවුරුදු 21 ක් විය. තරුණ කාලයේ සියල්ලන්ටම පාහේ ඇතිවන බලවත් කාමාලයක් මට ද ඇති විය. රූපත්, උගත්, ගුණවත් ස්ත්රිඅයක් කසාද බැඳීමට සොයන්ට මට කල්පනා විය. දිළඳු පවුලක උවත්, රූප ලක්ෂණය හා උගත්කමත් ගුණවත්කමත් තිබුණොත් එබඳු ස්ත්රිුයක් සරණ කර ගත්තොත් ඊට වඩා සැපයක් නැති නොවේදැයි මට කල්පනා වී. ඒ මගේ සිතට කැපෙන ස්ත්රායක් සෙව්වෙමි. මේ කාලයේ හෙනරත් ගොඩට ආසන්න ගමක ගෑනු ස්කෝලයේ උප ගුරුවරී ස්වකීය පියත් සමග දුම්රියපළේ සිටිනු දැක මේ තැනැත්තියගේ රූප ලාවණ්යුය දැක මගේ සිත ඇ කෙරෙහි කෙතරම් දුර ඇලී ගියේ ද කිවහොත්, මට කිසි කරුණක් නැති නමුත් ඒ තරුනිය හා පියා යන දුම්රියෙන් ම ඔවුන්ගේ ගමට ගියෙමි. එහි ගොස් ඈ සම්බන්ධ තොරතුරු කෙනෙකුගෙන් දැන ගතිමි. මේ නන්දාවතී නමැති කරුනිය කොළඹ පදිංචි වැදගත් අප්පුහාමි කෙනෙකුගේ දුවෙකි. විශාල ධනයක් ඇති නමුත් ගුණ ධර්මතයෙන් හා රූප ශ්රීනයෙන් ද ශාස්ත්රඇය දැන ගැනීමෙන් ද ස්ත්රී න්ගේ මුදුන් මල් කඩක් සමාන තරුණියෙකි. අපේ ප්රාමාණය සලකන විට ප්ර සිද්ධ වශයෙන් මැ කරණ කර ගැනීමට ඇගේ දෙ මව්පියාදීන්ගෙන් බාධාවක් නොවෙතත් මගේ දෙමව්පියෝ සතුටු නොවෙත් යයි සිතුවෙමි.
මගේ මව්පියන් සතුටු උනත් නූනත් නොඅන්මානව ම ඈ කසාද බඳින්ට ඕනෑය. ඉක්මනින්ම මෑ සමග මිත්රඅ වෙන්ට ඕනෑය සිතා ගමට ගොස් නන්දාවතී නැවත පාඨශාලාවට ආ බව දැන ගත් හැටියේ ම එදා
සවස් භාගයේ එම පාඨශාලාවට ගියෙමි. එහි මුල් ගුරුවරී මා දන්නා අඳුනන කෙනෙක් හෙයින් ඒ තැනැත්තියගේ ආධාරයෙන් නන්දාවතී සමග කථා බස් කර ඇඳින ගතිමි. නන්දාවි පුරුෂ වසඟයට පහසුවෙන් බඳවා ගත නොහැකි ස්ථිර ගුණයෙන් පිහිටි තැනැත්තියක් හෙයින් ම ඈ කෙරෙහි මගේ ප්රේබමය ඉතා අධික විය. මගේ තරාතිරමත් මා ඈ කෙරෙහි ඇති ප්රේ්මයත් කියා කොයි විධියකින් වත් ඈ සතුටු කරවා දෙන මෙන් ප්රමධාන ගුරුවරීට රුපියල් 50 ක් දී මම ගෙදර ගියෙමි. ප්රතධාන ගුරුවරී, මගේ ධනවත්කමත්, උගත්කමත් ගුණධර්මකයත් දෙතුන් ගුණයක් අධික කොට කියා නන්දාවතීගේ සිත මා කෙරෙහි සතුටු කරවූයේය. ඉක්බිති නන්දාවතීට මම රහස් ලියුමක් යැවිමි. ඊට පිළිතුරු වශයෙන් මේ උත්තම කාන්තාව විසින් එවන ලද ලියමන මෙසේය :-
යටහත් භාවයෙන් ලියා එවමි.
මහතාණෙනි,
මම තරුණ ස්ත්රිලයක් වෙමි. තමුන්නාන්සේ ද තරුණ පුරුෂයෙකි. තරුණකමින් අප සමාන නමුත්, අනිත් කරුණු වලින් තුමුන්නාන්සේ මට වඩා ඉතාමත් උසස්ය. ඒ හෙයින් මා කෙරෙහ් ප්රේ ම නොකොට තමුන්නාන්සේට සමාන උසස් ස්ත්රිුයක් සොයාගත මැනමි. මා පූර්වමයෙහි උතුම් පින්කම් නොකොට පහත්ව ඉපදී අදිකතර පින්කම් කොට උපන් තමුන්නාන්සේ වැනි කෙනෙකු පතන්නේ නම් ඒ මගේ ඉගෙනීමට නින්දාවකි. මම තමුන්නාන්සේට අගෞරයෙන් නොව ගෞරවයේන මෙසේ ලියූ බවත් මතක් කරමි.
මේ වගට - කීකරු, නන්දාවතී හාමිනේ
මේ ලියුම ලැබුණු හැටියේ මගේ සිත උමතු විය. නන්දාවතීව කොයි ක්රලමයකින් වත් සතුටු කරවා ගන්ටත් නොඅනුමානව කසාද බඳින්ටත් සිතාගෙන ඈ සම්බවෙන්ට ගොස් එදා ඉඩ නොලැබුණු හෙයින් මම දීර්ඝ ලියුමක් ලීවෙමි. ඒ ලියමනෙහි මේ කවි තුන යෙදිමි
ඇ න් දා වූ තිලක වැනි කුලඹ නළල තේ බි න් දා අඳුර පෑ සඳ වන් රුසිරු යු තේ න න් දා වතී නම් දැරු සුගුණවත් ක තේ කැ න් දා නුඹ ගෙනෙමි දවසෙක සැකක් නැ තේ
දු ටු දා නුඹ උතුම් නූ මම සම තා ය
ඇ සු දා පිය වදන් පිය විය ම සි තා ය
පෙ ර දා දෙ දෙන අඹු සැමි බව නිය තා ය
මෙ ස දා නුඹ රකිමි විලසින් දෙනෙ තා ය
එ බැ වි න් පිය බඳේ මගේ මෙ පෙරො න් දු ව ස තොසි න් පිළිගනින් ලෙස නඩු තී න් දු ව නොක ඩ න් මෙ මා බැඳි පෙම් අපි පසි න් දු ව සැ ප ති න් කල් යවමු ලෙස සා තරි න් දු ව
මේ කවි සහිත ලියුම ලත් හැටියේ ම මේ උත්තම කුලාංගනාව මගේ සත්යද වචනය පිළිගත්තේය. මම ඈ බලාපොරොත්තු නැති තරම් ධනවත් උසස් පවුලක උගතෙක සිතා ඈට මගේ ස්ථිර වචනය රාජ්යඋයක් ලුබුනාක් මෙන් ප්රීධති ඇති විය. මෙතැන් සිට නන්දාවතීට ආභරණ, සුවඳ සබන් ආදිය නිතරම සතුටු පඬුරු වශයෙන් යැවීමි. ඇගෙන් ද මට නිතරම රස කෑම වර්ගත්, විසිතුරු ගෙත්තම් වැඩත්, ප්රි ය වූ හසුනුත් ලැබුණේය. අපේ මේ දැඩි ප්රේ්ම බන්ධනය අවුරුද්දක් පමණ පවතින විට මගේ කල්යාරණ මිත්රු වූ මට ව්යා.කරණ ඉගැන්නූ ගුරුතුමාටත් මේ කාරණය දැනගන්ට ලැබී. “වීරසේකර, තමුසේ දිවි ගියත් මේ ස්ත්රිටය සමග වූ පොරොන්දුව වෙනස් කරන්ට එපාය. එසේ කළොත් තමුසේ ලෝකයේ අන්තිම කාලකන්නි ජඩයා බවට පැමිණෙන්නේය”යි කීය. මෙසේ කියා ටික කලකට පසු ඒ ගුරුතුමා සත්කෝරළේ පාඨශාලාවකට පත්ව ගියේය. එතැන් පටන් මට ආශ්රකය කිරීමට සුදුසු කල්යා ණ මිත්ර්යෙක් ද නැති වූයේය. මෙසේ කලක් යන අතර අපේ රහස් ප්රේදම සම්බන්ධයන් තිබියදී ම. මට කසාදයක් බැඳීමට අපේ පියා පිළියෙළ කරන බවත් ඒ ස්ත්රිේය නන්දාවතීට වඩා ලක්ෂණ තැනැත්තියක් බවත් දායාද වශයෙන් රුපියල් විසි දාහක් දෙන බවත් මට දැනගන්ට ලැබුණු නමුත් නන්දාවතී කෙරෙහි තුබුණු ප්රේිමය සෙලවුනේ නැත. ඉතින් දවසක් නන්දාවතී සම්භ වීමට ඔවුන්ගේ ගමට ගියෙමි. එහිදී ආගේ මව් පිය දෙ දෙනා හා සහෝදරයා ද මා ගැන දැනගෙන තිබුණු හෙයින් මට බොහෝ ගෞරවාදර දැක් වූහ. නන්දාවති සමග සිත් වූ පරිදි කථා බස් කර ගන්ට ද ලුබුණේය. මේ උතුම් කුල ස්ත්රිතය කෙතරම් කාරණා උගත්තියක් දැයි දැක්වීමට අප දෙ දෙනා එදින කථා වෙද්දි මා විසින් ප්රණත්යද ශතකයෙහි පෙනෙන මේ ලෝකයෙහි නරකාදි සය සඳහන් වන ශ්ලෝකය කීවෙමි. එනම් :-
“කුග්රා ම වාසී කුල හීන සෙවා
කුභොජනම් ක්රෑාර මුඛිච භාය්යාෝකයෙ
පුත්රොමපි මූර්ඛො විධවාච කන්යා්
ෂට්ජිව ලොකෙ නරකං වන්දතී.”
නන්දාවතී ඒ අසාගෙන සිට සිනාසී මහත්මයා මේ ලෝකයේ තිබෙන සැප හය අසා නැද්දැයි කීවාය.
“අථාගමා නිත්යකමරොගිතාච ප්රිියාච භාය්යාචමයා ප්රියයවදිනීච වසශ්ච පුත්රොරථි කරිච විද්යාේ ෂට්ජිව ලොකෙසු සුඛානි රාජා”
සත්තකෙන් ම මේ උතුම් කුලාංගනාව කෙරේ ධර්මි ශාස්ත්රරය ටිකක් වත් දත් මගේ සිත කෙතරම් ඇලෙන්ට ඇද්දැයි තමුසේලාට තේරෙනවා ඇති. ඉතින් නන්දාවතී සමග අල්ලාපසල්ලාප කථාවෙන් ප්රීමතිවෙමින් කොළඹ ම කීප දිනක් නැවතී සිටියෙමි. මගේ දෙමව්පියන්ගේ ධනය හා බලපුළුවන්කම නිසා ඔවුන්ට නොලැබෙන තරම් උසස් කෙනෙකැ යි සිතා නන්දාවතීගේ මිත්රුකම වැඩි දියුණු කර ගන්නා පිණිස ඈ සමග කථා බස්කර ගැනීමට අගේ මව්පියන් ඉඩ හැර තුබුණු හෙයිනුත්, මා කෙරෙහි නන්දාවතීගේ ස්ථිර විශ්වාසය පැවති හෙයිනුත්, ඒ හිටපු දවසකදී, මේ උතුම් ස්ත්රිනය මගෙන් කිළුටට පත් වූවාය. ඉතින් නන්දාවතීට පාඨශාලාවටත් යන්ට එපාය කියා රුපියල් සියයක් මුදලුත් දී මම ගමට පැමිණියෙමි. එසේ ගමට පැමිණ පාසයක් විතර ගියාට පසු අපේ තාත්තාත්, මාමත් මා කලින් මතක් කළ ස්ත්රිමය බලන්ට යන්ට මට කථා කළෝය. මම ද, නිකමටවත් ගොස් ඔවුන් සතුටු කරවමියි සිතා එහි ගියෙමි. මේ ස්ත්රි ය ලංසි චාරිත්රා නූකූලව ඇතිදැඩි වෙච්ච සංකර වූ පොහොසත් යයි ලෝකයෙහි ප්රතකට වූ පවුලක ස්ත්රියෙකි. ඇගේ ප්රපකෘති ලක්ෂණ වගේ සිය ගුණයක් ඇඳුම් වලින් වැඩිකරගෙන තිබුණු හෙයින් දිව්යාඩප්සරාවන් දුටු නන්ද කුමාරයාට ජනපද කල්යාරණිය එපා වුනාක් මෙන් මටත් ඈව දුටු කෙනෙහි ම නන්දාවතීව එපා වූයේය. අහෝ මේ උතුම් නන්දාවතීව මගෙන් බලවත් ව්යායාමයෙන් ගිවිසවාගෙන ඈ කිලිටි භාවටයත් පමුණුවා මා විසින් වූ පොරොන්දුව කඩ කරන්නට මගේ සිත නැමුනු හැටි! අහෝ ඉන්ද්රිිය වසඟයට ගිය කාලකන්නියාගේ සිතක පවත්නා චපල භාවය! ලිසී නමැති සංකර තරුණිය දුටු හැටියේ මගේ ගුණ ධර්ම යත් ශාස්ත්ර!යත් සියල්ලක් ම අන්තර්ධාන විය. ඒ සේ මැයි :-
උ ව න පිපි පියුම දිගු වරලස සෙවෙ ල දෙ ත න රණ තිසර වැලි තල පුළුලුකු ල සොබ න පැහැ සිලිල පිරි ලිය නමැති වි ල නි ව න ලෙස කාම ගිනි මැවි බඹු වික ල
ඉතින්, මගේ පියා සහ මාමා ද, ලිසීගේ පියා ද තවත් කීප දෙනෙක් මාත් සමග දවාලට ආහාර ගත් පසු මේ මංගලශයට මගේ කැමැත්ත ඇසුවේය. ලිසීගේ අභ්යදන්තරයේ ඇති ගුණාගුණ සියල්ලක් ම ඇගේ අලංකාර ඇඳුවෙන් හා ඔප් නැඟු ඝන රන් රුවක් මෙන් සජ්ජිත කරගෙන තිබුණු රූපය දැකීමෙන් මට කල්පනා කර ගත නොහැකි විය. ඊටත් වඩා රුපියල් විසි දාහක දායාද දෙන බැව් කි නිසා මගේ සිතට මේ මංගල්යජය හොඳ විය. “ඔව් මම බොහොම කැමැත්තෙමි”යි කීවේය. එවිට ලබන බදාදා නම් ප්ර්සිද්ධ කරමු යැයි තීන්දු කර ගෙන අපි පිටත්ව ගියෙමු. අනේ මගේ පෙම්බර නන්දාවතී ගැන මට මතක් වුනේද?ඔව් මට එදා රෑ මතක් වී ඈට කරන ලද අපරාධයට දඬුවමක් වශයෙන් මගේ අතින් රුපියල් 1000 ක් දී අන්යක පුරුෂයෙකුට කසාඳ බැඳ දෙමැයි සිතා මගේ සිත සනසා ගත්තෙමි. ඒ ගැන මා තව දුරටත් කල්පනා කළේ දැන් කාලේ සමහර ධනවත් අය තරුණියන් ටික කලක් භාය්යාමා වන් ලෙස තබාගෙන සිටි ඔවුන්ට මෙකවත් දී අසරණ කාලකන්නියෙකුට සරණ කර දෙන සිරිතකි.
මේ නියායෙන් මමත් නන්දාවතීට ඉෂ්ට කරන්ට සිතා අලුත දුටු ලිසි කසාද බඳින පිණිස නම් ප්රනසිද්ධ කරන දිනට කිට්ටුවරයන් හා එහි ගියෙමි. එදින ලිසී සමග කථා කරන්ට ද ලදිමි. නම් ප්ර සිද්ධ කරපු හැටියේ ම ලිසීගේ පියා මට රුපියල් දෙදාහක් දුන්නේය. මේ රුපියල් දෙදාහ දුන්නාම මට කල්පනා වූයේ මට දෙනවයි කී විසි දාහෙනුත් පිට වැඩිපුර දෙදාහක් බවයි. එහේත බාප්පා වන කෙනෙක් පැත්තක සිටගෙන “විසිදාහකට ම ඕක නූනොත් ඇතෙයි” කියනවා ඇසුන නමුත්, මම ඒ කිසිවක් කල්පනා නොකොට රුපියල් දෙදාහ කාමරය රැගෙන ගොස් ලිසී අතට දී මේවා ප්ර්වේසම් කර තබා ගන්ට කියා අවේමි. මගේ නම් ප්රොසිද්ධ කිරීම පසු වී දවස් 15 වකින් කසාද බදින්ට නියම කර ගතිමු. බොහොම ලොකුවට මගුල් කා ප්රරසිද්ධ ලෙස මංගල්ය්ය ඉෂ්ට කළ නමුත් මේ කාලයේ නන්දාවතී කොළඹ පළාතේ හෙයින් කිසිවක් ඈට ආරංචි නූන බව සැලකිය යුතුයි. ඉතින් කසාඳ බදින්ට ගියෙමු. දායාද ගැන කිසිවක් කල්පනා නොකළේ ලිසීගේ පියා දොමිනික් සිල්වා මහත්මයා ගජ පොහොසතෙක් බව ප්රළකට
නිසයි. නමුත් අපේ බාප්පා කෙනෙක් කසාද බැඳීමට ප්රබථම දායාද ගැන අසන්ට නරකදැයි කීවාම මම ඔහුට සැර වුනෙමි.
රෙජිස්ටර කන්තෝරුවට ගොස් ආවාම මුදල් ලැබේයයි සිතා අපේ පක්ෂයත් මනමාලිගේ පක්ෂයත් අශ්ව රථ වලින් එහි පැමිණ සිරිත් ප්රඅකාර කසාද බැඳ මනමාලියගේ ගෙදරට පැමිණ දවල් මංගල භෝජන අනුභව කළෙමු. ඉතින් මනමාලියත් කැඳවාගෙන එන්ට සුදානම් විමු. තවත් රුපියල් 20, 000 හේ දෑවැද්ද නොලැබුණේය. මේ ගැන අප පක්ෂයේ උදවිය කොඳුරණ බැව් දුටු මනමාලියේ පියා වන දොමිනික් සිල්වා උන්නැහේ ඉදිරිය විත් මගේ දියණියට දෙනවයි කී දායාදවලින් දෙදාහක් එදින දුනිමි. අනික් 18, 000 ට අසවල් පොල් වත්ත ලියා තිබෙනවාය. එම ඔප්පුව රොජිස්ටර් කන්තෝරුවට යවා තිබෙනවාය. තවම ආවේ නැත. එය ආ ඉක්මනින් මම රැගෙන එන්නෙමියි කියා පිරිසට ස්තුති කොට යන්ට සමු දුන්නේය. ඉතින් කුමක් කරන්ටද? මනමාලියත් රැගෙන අපි ගෙදර ආවෙමු. අප පක්ෂයේ ඤාතින් අතරත් අපේ පියා අතරත් බලවත් විරුද්ධ කථා බැවැත්තේය. ලිසීගේ පියා අප රැවටූ බව පසු දින උදේ ම දැන ගතිමි. ඒ කෙසේ ද යත්- අපේ නම් ප්රරසිද්ධ කළ දවසේ දුන් රුපියල් දෙදාහ හෙට්ටියෙකුගෙන් අත මාරුවට ගත් එකක් බවත්. මම එය ලිසී අතට දුන් හැටියේම හෙට්ටියා ගෙදරට ආවා ම ලිසීගේ පප්පා එය ඉල්ලා හෙට්ටියාට දුන් බවත් ලිසී මා සමග කීවාය.
අනේ අපට වෙච්ච දේක හැටි! පට සාය ආදිය ඇඳීමෙනුත් පියර සබන් ගෑමෙනුත් ඩන්කි පින්චස් කැපීමෙනුත් ඉස කෙස් රැලි දමා අලංකාර වීමෙනුත් සුරංගනාවියක මෙන් පෙනුණ ලිසීගේ ප්රනකෘති රූපය තිස් හතලිස් වයස් ගිය මැහැලියකට සමානය. බොස්තරැක්ක ඇඳීමෙන් ඌර්ද්ධවශරීරය මිරික් ලිහිල් බවට පත් වීමෙන් ලිසීගේ පයෝධරයේ දරුවන් වැදූ ස්ත්රිරයකගේ මෙන් වූහ. අහෝ මට ඇය පිළිකුල් විය. ශත බාගයක් නොලැබිණ. කිසිම ගුණ ධර්මහයක් නොපිහිටි සිංහලයෙන් ලියන ලද බෙහෙත් සීට්ටුවක් පවා කියවා ගත නොහැකි මේ පිටින් ඔප දමාගෙන උන් සංකර හැතිරියටත් අගේ පියාගේ බොරු ප්රපසිද්ධියටත් රැවටුණු මගේ සිහින නරක් වේගෙන ආ නමුත් ‘මදක් ඉවසා කටයුතු කරමැ’යි ධෛය්ය්ත් උපදවා ගෙන ලිසීට කිසි වෙනස්කමක් නොකොට අඹු සැමි දෙ දෙනෙකු මෙන් නොව මිත්රයන් දෙ දෙනෙකු මෙන් කල් යවන්ට පටන් ගිතිමි. එසේ කළේ මෑ අත්හැර නන්දාවතී භාය්යායන් ව කර ගන්නා කල්පනාව පිටය. ඉතින් මගේ
කසාද නිසා පැමිණි අලාභයත් ලජ්ජාවත් කරණ කොට ගෙන වයස් ගතව සිටි තාත්තාට අසනීපව කසාද බැඳ අට දිනකින් කාලක්රිරයා කළේය. පියාගේ මෘතදේහය සම්බන්ධ කටයුතු දේ කොට අපේ පරම්පරාවට උරුමයෙන් වාගේ එන විදානාරච්චි නිලය ලබාගැනීමට ඉතින් පටන් ගත්තෙමි.
08. පරිච්ඡෙදය
[සංස්කරණය]පළමුවෙන් ම එළු ගාතයකුත් ලොකුවායින් අන්නාසි ගෙඩි අටකුත් රැගෙන කෝරළේ මුදලිතුමා සම්බවෙන්ට ගොස් පෙනී සිටියෙමි. මා යනකොට මුදලි වලව්වේ විස්සක් පමණ සිටියෝය. ඒ සියලු දෙනාම මේ විදානාරච්චිකම ගන්ට ආ මිනිස්සු බව දාන ගතිමි. මුදලිතුමා මා ගෙට අඬගසා වීරසේකර ‘උඹ කීයක් දෙන්නෙහිදැ’යි ඇසීය. එය මට නොතේරී ටිකක් කල්පනා කරන විට වැටහී ගොස් රුපියල් 250 ක් දෙන්නෙමියි කියා හණි හණික ගෙදර ගොස් මඟුලට වියදම්ව අමාරු කාලයක් නමුත් ඒ මාසේ පොල් මුරේ කැඩුනාම දෙන්ට පොරොන්දුව ‘අරිසි මිරා’ ගෙන් රුපියල් දෙසිය පණහක් ණයට ඉල්වාගෙන ගොස් මුදලිතුමාට දුනිමි. මුදලිතුමා එය භාරගත් නමුත් වැඩි සතුටක් නොපෙන්වා ‘හොඳයි, වීරසේකර මේ වතාවේ විදානාරච්චිකම මට ඕනෑ කෙනෙකුට දී ගැනීමට අපහසුයි. ඒජන්ත උන්නාන්සේගේ කැමැත්තෙන් පිට වැඩ කිරීමට දැන් ඉඩක් නැහැ. ඒ නමුත් උඹ ගැන මම පුළුවන් තරම් රෙකමැන් කරනවා. යම් විධියකින් බැරි උනත් මට අවලාද කියන්ට එපාය’යි කීවේය.
එවිට මම “අනේ හාමුදුරුවනේ,එහෙම කරන්ට එපා. අපේ පියා තිස් හත් අවුරුද්දක් කරපු රාජකාරියයි. මා තරම් රම් ගැන සුදුස්සෙක් අත්තේ ම නැත. ඒ නිසා කාරණය ඉෂ්ට කරන්ට ඕනෑය’යි කීවෙමි. මුදලිතුමා හොඳයි බලමු කියා මට යන්ට කීය. නමුතු පස් දිනකට පසු වෙන කෙනෙකුට විදානාරච්චිකම ලැබුණ බව ආරංචි විය.මෙසේ වූයේ රුපියල් 700 ක් දුන් මිනිහා එම ලැබූ තැනැත්තා පමණක් හෙයිනුත් ඒ විඳානාරච්චිකමට ඉතාම අඩු ගණන රුපියල් 250 ක් ලැබුණේ මගෙන් නිසාය. අනික 18 දෙනාම රුපියල් 700 සිට 300 දක්වා ගෙවා තිබේ. කොයි හැටි නමුත් එක විදානආච්චිකමකින් පවුන් දාහකට අඩු නොවන ගණනක් මුදලිතුමාට ලැබෙන බවත් මේ
විදානාරච්චිකම ලබන අය මෙපමණ වියදම් කරන්ට හේතුව ඔවුන්ටත් හොඳ ලැබීමක් ඇති නිසා බවත් මම දැන ගතිමි. අපේ පියා අයුත්තේ කිසිවක් නොගත්තෙක් හෙයින් විදානාරච්චි නිලය ඒ තරම් ලාභ ලැබෙන වැඩක් ලෙස මා දැනගෙන නොතිබු නිසා මෙසේ සිද්ධ වුනා මිස නැත්නම් මටත් මෙය ලබා ගන්ට ඉඩ තිබුණේය.
මෙය කොයි හැටි උනත් අප පවුලේ මා පමණක් හෙයින් තිබෙන වතු කුඹුරු ආදියෙන් රැකෙන්ට හැකියයි සිතා ගතිමි. ඉඩමක් වත් විකුණා ලිසීගෙන් දික්කසාද වී නන්දාවතී කසාද බදින්ට තීන්දු කර ගතිමි. එසේ සිටින විට මට අන්තිමට ව්යානකරණ ඉගැන් වු ගුරුතුමා මා සම්භවෙන්ට විත් නන්දාවතී අත්හැර මේ කර ගත් සංකර විවාහය ගැන කණගාටුවට පත්ව, මා ඒ උතුම් ස්ත්රිීයට වූ පොරොන්දුව කඩකිරීමෙන් කරන ලද්දේ බලවත් අපරාධයක් බවත්, වහාම සුදුස්සක් නොකළොත් මෙලෝ පරලෝ දෙකින් ම පිරිහෙන බවත් කීයේය. එසේ කියා ගුරුතුමා පිටත්ව ගිය හැටියේ ම තැපෑලෙන් මට ලියුමක් ආවේය. එය නන්දාවතීගේ ලියමනක් බව ඇඳින ගත් හැටියේ ම මගේ අත් පා වෙව්ලන්ට පටන් ගත්තේය. ඉතා අමාරුවෙන් ලියුම කියවීමි. නන්දාවතීට මේ කසාදය ආරංචි වී ඉතා වේගයෙන් ලියන ලද දීර්ඝ ලියවිල්ලකි. ඒ ලියුමේ තිබුණ කවි පමණක් තමුසේලාට කියමි.
01. සැ බ ව ට ගන්ට හැකි අය ඇ සිතා ලො හෝ ග රුකොට ඔබ දැන් මගේ නෙතු සමයි ම හෝ වැ ඳු ම ට පැමිණි දේවාලය බැතින් බො හෝ ඉ ස පි ට කඩා වැටුනා මගෙ අනේ අ හෝ
02. ල පා සඳ ලෙසින් වෙන් නොව රකිමි නු ඹා ප පා බොරු අඳර මෙ මගේ සිතු පොළ ඹා උ පා ඔබ කරපු අත්පිට ම පල ල බා අ පා යෙත් කපක් දුක් විඳිනු වෙයි නො බා
03. ය ත ත් දිවි ලඳේ නුඹ වෙත බැදි අද රේ ම ද ක් නොම හරිමි කීවේ මැතිඳු ව රේ ඇ ත ත් ලොව ගෑණු බොරු නොකියන මෙ ව රේ එ කෙක් වත් පිරිමි ඇද්දෝ මේ ලොව තු රේ
04. කෙ නෙ කු ට බස් දී ඔහුගෙන් කිළුටු වෙ ලා
කෙ නෙ කු ට වෙනින් එක් වෙති ගෑණු ලොව තු ලා
එ ලෙ ස ට ඔබ සිතා කළමුත් මෙ වියවු ලා
නැ ත ම ට පලක් ඉඳුමෙන් මේ කඅළුට වෙ ලා
05. පෙ න් නා නොයෙක් ගුණදම් පැසූ කල ට ද න් නා හොඳ නරක සුදනෙක් ය ගරුකො ට දු න් නා රස පහස හිමි සඳිනි ඔබ හ ට දෙ න් නා ඒ ලෙසින් මගෙ පණ ද සෑබව ට
06. රු ට පි න කිය කියා සිප වැළඳ සිතු ලො ලේ ප ණ මෙ න කල් යවා විලසින් සඳ සස ලේ ම ගෙ ප ණ වැනසුවොත් බස නොම කර සප ලේ ලො ව වෙ න පිරිමින්ට අවනම්බුව යි කු ළේ
07. ප ඳු ර ක් ළඟට යම් කිසිවෙක් යනුව වි නා කි සි වෙ ක් ළඟට පඳුරක් එයි ද කිසි දි නා අ ඟ නෙ ක් පිරිමියෙකුගෙන් රැවටුනා වි නා මි නි සෙ ක් ලොවේ නැත රැවටුණු ලියෙකුගෙ නා
08. ප ණ සේ මා රකිමි කී ඔබෙ වදන අ සා
සු ර සේ පහස දුන් මා අත් හැරපු නි සා
වැ න සේ ඒ දුකින් මගේ දිවි සතිර ලෙ සා
සැ ප සේ ඔබ වෙසේවා පස්වා දහ සා
ඉතින් මිත්ර වරුනි, නන්දාවතීගේ මේ ලියමන බලාපු හැටියේ මගේ ඇස්වලි හුණු ලේ වැනි කඳුළු විගිරියේය. හෘදමාංසය උණු වෙන්ට පටන් ගත. උගුර කට වේලි ගියේය. මා කළ අපරාධය හෝ කොතරම්දැයි සිතා ගත නොහැතිව උන්මාදයෙන් මෙන් ඒ හිටපු ඇඳ උඩම දිග ඇඳී පසු දින එළිවෙන්ට පැයක් වනතුරු ම නිදාගතිමි. එසේ එළිවෙන්ට පැයක් තියා ඇහැ ඇරී මම ලිසී නිදා ඉන්නා කාමරයට ගියෙමි. කසාද බැඳ විසි දෙ දවසක් වන නමුත් මේ වන තෙක් ලිසීව භාය්යා ගියවක් මෙන් පාවා නොගෙන සිටි මම මේ එලිවෙන්ට පැයක් තියා ඇගේ කාමරයට ගියාම ඈ අනිකක් සිතූ බව මට දැනුන නමුත් මම කථාකොට ‘පෙම්බර ලිසී, මම නුඹ කසාද බැන්දා පමණකි. අප දෙ දෙනාටම කිසි කිළුටක් ඇති නොවීය. නුමලාගේ පියා මට කළ රැවටීම නිසා කොයි ක්රටමයකින් වත් නුඹ
සමග ප්රේ මයෙන් කල් යවන්ට බැරිය. ඒ හෙයින් නුඹ කරුණාකර ගෙදර ගොස් මව් පියන්ට ඒ බව කියා අපේ කසාදය කටු ගා නමන්ට බැලුව මැනව”යි කීමි. ලසීටත් ඉස කෙස් කැපු කලිසම්කාරයෙක් උවමනාව තිබුණේය. අපට බොහෝ ධනය තිබෙන හෙයින් දෙමව්පියන්ගේ මා සමග කසාද බැන්ද නමුත් ස්ටයිල් එකෙන් මා ඈට තරම් නොවේ. එහෙයින් හොඳයි කියා ගෙදර යන්ට කැමති විය.
ඉතින් උදේ ම ලිසීව කරත්තයකින් පිටත් කර යැවිමි. එසේ යවා මම කොළඹට විත් නන්දාවතීලාගේ ගෙදරට යන විට අතර මගදි නන්දාවතීගේ පියා සම්මුඛව මම කසාද බැන්ද බැව් සැබෑදැයි ඇසීය. මම ටිකක් මිරිකී ‘නැහැ අප්පුහාමි, අපේ තාත්තාගෙන් බේරෙන්ට බැරිව කසාද බඳින පිණිස නම් ප්ර සිද්ධ කිරීමක් කළාය. දැන් තාත්තා අපවත් වී 10 දවසක් වුනාය. ඉතින් ඒ කළ නම් ප්රීසිද්ධය එසේමය. මම නන්දාවතී හැර ස්ත්රි යක් පාවා නොගනිමියි කීමි. අප්පුහාමි ද මගේ කථාව විශ්වාස කොට මා සමග ගෙදරට ගොස් පළමු පරිද්දෙන් සංග්රකහ කළේය. නන්දාවතී මා දුටු හැටියේ ම තමා අභිමුඛයේ මව් පිය දෙ දෙනා සිටිත් ය යන කල්පනාවක් නැතුව මා වැළඳගෙන ඉකි බිඳිමින් හඬන්ට පටන් ගත්තාය. මම නොයෙක් වචන කියා ඈ අස්වැසූ නමුත් ඇගේ සිත සනසන්ට බැරි විය. ඉතින් එදා දවල්බත් කා නන්දාවතී සමග ධ්රේනමයෙන් කථා කරන්ට ඉඩක් ලැබේදැයි සිතා ඉන්න විට ඇගේ මව් අපේ මිත්රගකම වූ තත් වු පරිදි දන්නා හෙයින් අපට ඉඩ දි යන්ට ගියාය. එවිට නන්දාවතී සමග මෙසේ කථා කළෙමි.
මම - ප්රේිමිය, ඉතා තර්ජනය කොට ලියුමක් යැව්වේ ඇයි?
නන්දාවතී - ඔව්, ඒ මගේ අන්තිම ලියුම යයි සිතමි. තමුන්නාන්සේ මා රවට අන්යා පෙහොසත් රූපත් ගෑණියෙක් කසාද බැන්ද බව මට ආරංචි උනා. ඉතින් ‘දුකට කියන කවිවල අක්ෂර’ කුමක් වෙතත් මට පුළුවන් තරමට ලීවෙමි.
මම - මගේ කසාදය හැබෑද බොරු ද කියා දැන ගත්තේ කොහොමද?
නන්දාවතී - සැලකිය යුත්තෙක් කී නිසා ඒ දවසේ පිළිගතිමි. අද නැත කියන නිසා බොරුවට බාර ගතිමි
මම - හොඳයි අන්ය ස්ත්රිියක් කසාද බැඳ නුඹ හැර දැමූ මා වැනි
අධමයෙකු ඒ ලියුම ඔපමණ ගෞරවයෙන් ලියන්ට හේතුව කුමක්ද?
නන්දාවතී - තමුන්නාන්සේ මට ආදර පෙන්වා මගෙන් සතුටුව මා අත්හැර දමා අන්යා ස්ත්රි්යක් තබා ගත්තත් මම මගේ ස්වාමි භාවයට භාරගත් තමුන්නාන්සේට මගේ දිවි තිබෙන තෙක් ගෞරවාදර දැක්වීම සිංහල කුල ස්ත්රීනන්ගේ චාරිත්රී අනුව යන මගේ වැඩකි.
මම - සිංහල ගෑණු අනාදරයක් කළ මා වැනි කෙනෙකුට තබා ප්රේලමයෙන් ප්රානණය මෙන් සිටින ස්වාමියන්ටත්, උඹ තෝ, අරූ, මූ, වශයෙන් කථා කරීමත් කුණුසරුපයෙන් බැණිමත් කරන බැව් මම දනිමි.
නන්දාවතී - සිංහලය කියා නමින් පෙනී සිටින ඉංග්රීදසි ලංසි ආදී පර සිරිත් ගත් වල් ගෑණුන්ගේ වැඩ මට කියන්ට එපා. සිංහල ස්ත්රිරයක් ස්වකීය ස්වාමියට පැවතිය යුතු ආකාරය තොටගමුවේ ස්වාමිපාදයන් වහන්සේ කාව්යතශෙඛරයෙහි දී මෙසේ දක්වා තිබේ.
නොකියා සිය හිමි ට නැතිව ද උතුර සළුප ට ගමන් ඉක්මන් කො ට නොයන් නුඹ වසන ගෙන් පිටත ට
ප්රේ්මවන්ත දුවනිය, උඹේ ස්වාමියාණන්ට නොකියා හෙවත් ඔහුගෙන් අවසර නැතුව වත් උත්තර සාටකය හෙවත් මනාකොට පොරවන ලද ඔහොරියක් නැතුව වත් නුඹ වසන්නා වූ ගෙයින් පිටත අහළ පහළ ගෙදරකට වත් කිසි දිනක නොයන්න.
මහළුව ද සම ණ න හැර නොයෙක සෙසු පිරිමි න සමග සිට එක තැ න කතා නොකරව නුරා තෙපුළෙ න
නුඹේ ස්වමියා වයස්ගත කෙනෙක් වූවත්, දුප්පත් කෙනෙක් වූවත්, අවලක්ෂණ කෙනේක වූවත්, ඒ ස්වාමියා සමග මිස වෙන පුරුෂයන් සමග මිස වෙන පුරුෂයන් සමග අනුරාග වචනයෙන් කිසි දිනක කථා නොකරන්න.
නාබිය නොද ක් වා සළු ඇඳ බොලට ද ක් වා නොපව තන ස ක් වා සිනා නොමසන් දසන් ද ක් වා
පෙකිනිය පටන් කෙන්ඩා අවසාන කොට සම්පූර්ණයෙන් වැසෙන පරිද්දෙන් දස රියනකට අඩු නොවූ සළුවකින් අර්ධයක් ඇඳ පියයුරු සම්පූර්ණයෙන් වැසෙන පරිදි කර පුලුල් නොවූ සැට්ටයක් ද හැඳ ඒ මතුපිටින් ඇඳි සළුවේ ඉතුරු කොටස එකස් කොට ඔහොරියක් සේ පොරවා ගනින්න. මුඛයෙහි දත් පෙනෙන පරිදි සිනා නො වෙන්න.
හිමි නෑ හට ද ගු රූ පවතුව ලෙසින් මෙහෙක රූ සැතිරින් අවැඩ ක රූ කරව යෙහෙළින් ලෙසින් පියක රූ
නුඹේ ස්වාමියාගේ දෙමව්පියන්ට ද බන්ධු ජනයාට ද වැඩකාරියක් මෙන් යටත්පහත්ව කීකරුව සිටපන්න. නපුරු වූ හැතිරියන් ද ගුණයෙන් හා ඥානයෙන් ප්රිකයතර වූ යහළු ස්ත්රීූන් කර ගනින්න.
ඇත මෙහෙකරු ද නා පවතු දුක් සැප සම නා සැපත ඇත වැඩෙ නා ගරුව මදකුත් නොවව් නොම නා
නුඹේ ගෘහයෙහි වැඩකාර ජනයා සිටිත් නම් දුකේදීත් සපෙහිදීත් ඔවුන්ට එක සමාන කරුණාවෙන් හා සැලකිල්ලෙන් පැවතියන්න. නුඹ ධනවත් වෙන් විටත් ස්වල්පයක්වත් නින්දිත් වු අහංකාර ගතිය ඇති කර නොගනින්න.
අබිසරු ලිය තැප ල සෙර වෙසි දැසි නළඹ ක ල මල්කරු රදී ක ල සබඳ නොකරව සිතැන තොප කු ල
නුඹේ වංශයට හෙවත් පවුලට ආදරේ ඇත්නම් කිසි කාලයක අභිචාරික ස්ත්රිංය, (පුරුෂයා කී තැනට යන වේසා ගෑණු කොටසක්) හෙරය, වේසා ස්ත්රි ය, (අනුන්ගේ ගෙදර සිටින)වැඩකාර ස්ත්රිනය,
නාටිකා ස්ත්රිනය, මල් විකුණන ස්ත්රිිය, රදා ස්ත්රිරය, යන මේ ස්ත්රීවන් සමග මිත්ර කමක් ඇති කර නොගනින්න.
ඉඟුරු දුරු ඈ යු තූ මල්ගොමු හා වවා ව තූ ගව මී තමා ත තූ දසුන් පිළිවිස බලව ඇති ත තූ
ඉඟුරු, මිරිස්, ලබු, පුසුල් ආදී නිතර උවමනා කරන බෙහෙත් වර්ග හැ එළවළු වර්ග ද, ලක්ෂණ මල් පැල වර්ග ද, ගෙදර අවට නිතරම වවා ගනින්න. නුඹාලට අයිති එළ හරක් මී හරක් ආදීන් ගැන නිතර උන් ආරක්ෂා කරන අයගෙන් සොයා පරීක්ෂා කර ගනින්න.
ඉරු ගිලෙන ද ව සේ ගහනග දෙපෝ ද ව සේ සඳ සිකුරු ද ව සේ ගොමින් පිරිබඩ ගනුව නි ව සේ
සංක්රා න්ති දවස්හි ද, ග්ර හණ දවස්හි ද, දෙ පෝය දවස්හි ද, සඳුදා සිකුරාදා යන දවස්හි ද ස්වකීය නිවාසය ගොම මැටි ගා ශුද්ධ පවිත්රක කර ගනින්න. (එසේ නැතහොත් බිම සෝදා පිසදා ශුද්ධ පවිත්රග කර ගනින්න.)
නිති ගේ දොර ඇම ද කැලි කසල දැක නොම හි ද උදෑසන සවස ද පහන් දල්වව විමන නොවර ද
නුඹ වසන ගෙය මිදුල නිරන්තරයෙන් ම උදේ සවස අතු ගා කැලි කසල තණ කොළ ආදිය තිබෙනු දැක නිම් නොයිද ඒවා ඉවත්කර දමාපන්න. සෑමදාම ඉර බසින්ට පෙර ගෙයි පහන් දල්වන්න. (උදය සවස හයට පෙර පහන් දැල්වීමත් සෑමදා සවස ගේ මිදුල අතු ගා ශුද්ධ පවිත්රර කිරීමත් මෙහි භාවයයි.)
නවහම් මැදින් දි න පැමිණෙත මැදි පොහෝ දි න එ දවස් උදෑස න ගෙදෙවි පුද බත් පහන් සුවදි න
නවන් මැදින් යන දෙ මාසයෙහි (පෙබරවාරි මාර්තු පැමිණෙන මධ්යරම පොහෝ දිනයෙහි උදෑසන පහන් දල්වා සුවඳ දුම් පූජාකොට යාචකාදීන්ට දන් දී ඒ කුසල සම්භාරය ස්වකීය කුලයට අධිගෘහිත දේවතාවන්ට අනුමෝදන් කරපන්න.
හිමි ගමනක් ගො සි න් ගෙට ආ කලට සතො සි න් නො ඇනවා දහ සි න් නුඹ ම පය සෝදවන් වෙසෙ සි න්
නුඹේ ස්වාමියා යම් දුර පළාතක සිට නොහොත් උදේ රක්ෂාවට ගොස් සවස ගෙදර ආ විට ඔහුට අත පය සෝදා ගැනීමට පැන් දාසියන් ලවා නො තබ්බවා නුඹ ම තබාපන්න. (පුරාණයේදී ස්වාමියාගේ පය ස්ත්රි විසින් ම සේදීම සිරිත නමුත් දැන් වතුර ටිකක් වත් ස්ත්රිේ විසින් තැබීම යුතු බැව් සැලකිය යුතුයි.)
දොරකඩ රැක සිටු ම උයන් වතුවල ඇවිදු ම මෙහෙවරට මැළික ම නොකර මෙ කි සියලු නොතර ම
ගෙයි මිනිසුන් යන එන දොරකඩ හිරස් කර ගෙන සිටීමවත් උයන් වතුවල තනිව නිරථිකයේ ඇවිදීමවත් ගෙදර දොරේ තිබෙන වැඩපල කිරීමට කම්මැලිකමවත් යන මේ කී නොපනත් යම් කිසි දිනක නොකරපන්න.
නොකරතත් වියද ම් කරතත් ඉද වියද ම් කියමින් ඇති පද ම් රහස දන්වන් හිමිට කර පෙ ම්
ගෙදර කෑම බීම ඇඳුම් පැළඳුම් ආදිය ගැන ස්වාමියා සෑහෙන තරම් වියදම් නො කරතොත් එහි වරදත්, ඕනෑවට වඩා වියදම් කරතොත් එහි වරදත් ස්වාමියාට රහසින් කියා ඕනෑ කරන සුදුසු ප්රාමාණය වියදම් කිරීමට සලස්වා ගන්න. (ලාබෙන්නා වූ ප්රුමානය බලා එයින් කීයක් නමුත් ඉතුරු කර ගෙන වියදම් කරන් සලස්වා ගත යුතුයි.)
ගෙයි ඇති නොයෙක් බ ඩු
රකිමින් නිති නොකර අ ඩු
දරුවන් හට ද වැ ඩු
නොදෙන් නොකියා යලි නොදැන පු ඩු
නුඹේ ගෙදර තිබෙන ඇඳ පුටු මේස පින්තූර ආදී භාණ්ඩත් රන් රිදී ආභරණත් රෙදිපිළි ආදයත් නිතර පරීක්ෂාවෙන් ආරක්ෂා කර ගනින්න. ඒ යම්කිසි භාණ්ඩයක් තමන් ඇති දැඩි කළ කරුවන්ටවත් ස්වාමියාගේ අනුදැනීමක් නැතිව නොදෙන්න.
තමා හිමි සිතු ලෙ ස දුටුවොත් වෙනත සෙනෙහ ස නුවන් දඳුළෙන් මි ස යළිත් නොකියන් බසින් පිළිවි ස
නුඹේ ස්වාමියා පර ස්ත්රිියක් කෙරෙහි ස්නෙහයෙන් සිටින බව දැනගන්ට ලැබුණොත්ඇඬීමෙන් මිසක් වචනයෙන් ස්වාමියාගේ හිත රිදෙන පරිදි යමක් විචාරා නො කියන්න. (ස්වාමියාට බැණ වැදීමේ අකටයුත්තෙන් වැලකෙන්ට නොකියා ආදර කරුණාවෙන් කියා යුතුයි.)
හිමිහට ඉතා කැම ති දැන බත් මාලු අම නි ති පිස කවමින් පැව ති දකින් දුක් සැප මවක් සේ ඉ ති
නුඹේ ස්වාමියා ප්රිිය වූ, ශරීරයට සැපදායක වූ බත් මාලු වර්ග දැනගෙන ඒවා නිසි අන්දමට සෑම කල්හි ම සූදානම් කර දීපන්න. ප්රේයමවන්ත වූ මෑනි කෙනෙක් මෙන් ස්වාමියාට සැපතෙහිදී හා දුකෙහිදීත් හිතේසිව සිටපන්න.
හිමි වෙතට යන ක ල අබරණ සුවඳ මනක ල පට පිළීයෙන් උඳු ල යන්න සැරසී ලෙසින් සිරි ක ල
නුඹේ ස්වාමියා සමීපයට කොයි වේලාවක නමුත් යන විට සිරිත් ප්රටකාර අඳින සළුපිළි හා අභරණ ද ඇඳ පැළඳ හිස පීරා බැඳ මනාව සැරසී පලයන්න.
පැමිණෙන කල යහ න
සුදු තුනු සිනුඳු සළුවෙ න
ගිව් කන් අබරණි න
මලින් සුවඳින් සැදෙව රිසිව න
නුඹ නිදාගන්ට යන කල්හි පිරිසිඳු වූ සිනිඳු වූ සුදු වස්ත්රපයක් හැඳ බෙල්ලේ හා කනේ ද පළදිනා ඒ ඒ ආභරණයන් පැළඳ වත්කමේ ප්ර මාණයට සුවඳ මල් ආදියෙන් සැරසී යන්න.
හෙව පසුකොට හැට ට අලුයම පළමු නැගි සි ට හිමි පුබුදින කල ට ළඟම සිටිනේ ය රැකවල් කො ට
නුඹේ ගෙදර සිටින සියලු දෙනාම නිදාගත්තාට පසු (දෙර අඟුලු ලීම ආදිය හොඳට පරීක්ෂා කර බලා) නුඹ නින්දට පලයන්න. ගෙදර හැමට පළමුව උදේ නැඟිටපන්න. නුඹේ ස්වාමියා නැගිටින විට කල්පනා ඇතුව ඔහු ළඟම සිටපන්න.
මතුත් දැන් වන වැ ඩ දැනගෙන නොවී අඩ ද ඩ නොකොට සෙනහස ක ඩ යමක් නොකරන් හිමින් අත්මැ ඩ
නුඹලාට දැන් සහ පසුවටත් සිද්ධ වෙන යහපත හොඳින් දැනගෙන ඉකමන් (කලබල) නොවී ස්වාමියා කෙරේ බඳිනා ලද ප්රේ(මය නැති කොට ස්වාමියාගේ අභිවෘද්ධිය නැති වන යම් දෙයක් නොකරන්න.
හිමි උම ද උ ර ණා නොකියා තෙපුල් ද රු ණා වඩව සිත ක රු ණා වැලිත් නොසිතව දෙ තැන ස ර ණා
නූඹේ ස්වාමියා යම් විටක කෝප වූවත් නුඹ ස්වාමියාට නපුරු වචනයක් නො කියන්න. ඔහු කෙරෙහි සෑම වේලේ ම ආදරය වර්ධනය කරපන්න, තව ද දෙ දෙනෙකු සමග විවාහ වීමට කිසි දිනක කල්පනා නො කරන්න’ යනාදී තමා ඉගෙන පිළිපදින මේ උත්ම් අවවාදය මෙසේ කි ඉක්බිති නන්දාවතී කෙරෙහි මට හටගත් ප්රේදමය වාගත
නොහැකිව ඈ සිප වැළඳ මා අතේ තිබුණ රත්රන් මුදුව ද දමා, ’ප්රේරමිය’ නුඹ කසාද බදින්ට ලබන සුමානයේ එන්නෙමි’යි කියා මා කසාද බැද සිටින ලිසීගේ ගෙදරට මීගමුවට ගියෙමි. එහි ගොස් ලිසීගේ පියා සම්මුඛ වි අපේ මංගල්යගය හරි නොයන බවත් දික්කසාද කර ගැසීමට උවමනා බවත් කීවෙමි. එවිට දොමිනික් සිල්වා උන්නැහේ ‘කල දුටු කල වළ ඉගගන්’කී උපදේශය ලෙස හොඳයි, මඟුල ගැන මගෙන් රුපියල් පස් දාහක් වියදම්ව තිබේ. එය ගෙවා කසාදය අවලංගු කළාට කම් නැතැයි කීය.
ඉතින් මුත්රතවරුනි, මේ මගුල ගැන වියදම් ගිය තරමක් ගියේ මෙගෙනුයි. මෙහුගෙන් රු. 200 ක් වත් වියදම් වූයේ නැත. නමුත් රුපියල් 20, 000 ක් දායාද බලාපොරොත්තුව මා කළ අඥානකමට විපාකයක් වශයෙන් මේ රුපියල් 5000 ගෙවාලා වත් මගේ ප්රේඅමනීය නන්දාවතී කසාද බැඳ ගන්ට සිතා ගමට ගොස් රුපියල් 10, 000 ක් පමණ පිටිනා පොල් වත්තක් රුපියල් 7000 කට විකුණා දොමිනික් සිල්වා හා ලිසීත් සමග උසාවිට ගොස් පෙරකදෝරු කෙනෙකුටත් රුපියල් 20 ක් දෙවා කීප දවසක් ලෙල්ලන් වි දොමිනික් සිල්වාට රුපියල් පන් දාහ ගෙවා යන්තම් කසාදය අවලංගු කරවා ගතිමි. ඉතින් ස්ත්රිලයක් කසාද බැඳීමෙන් දායාද බලා එයින් ධනවත් වෙන්ට බලාපොරොත්තු වෙන කාටත් මට උන විපත නොවී නොයන බව සැලකුව මැනවි. අනුන්ගේ වස්තු ලබන්ට ගොස් මට රුපියල් 12, 000 ක් පමණ වියදම් වූයේය. අහෝ තෘෂ්ණාවක කැත! ඒ කලින් පෙම් බැඳ උන් ප්රේලමවන්ත නන්දාවතී අත්හැර කිසිම කුල චාරිත්ර යක් නොදත් පිටතින් ඔප දමා උන් ලිසී කෙරෙහි මගේ සිත මෙතරම් ඇදී ගියේ මේ රුපියල් විසිදාහේ දායාදය නිසා නොවේද? මා මෙන් ම බොහෝ සිංහලයෝ දායාද නිසා වල් ගෑණුන්ට බැඳී කොපමණ විනාශ වෙද්ද? ‘අහෝ අපට වෙච්ච දේ’ මට කොපමණ අලාභ උනත්, නන්දාවතීව කසාද බැඳ ගන්ට ලැබෙන හෙයින් සිත ප්රිගය වී, ගමට ගොස් මෑනිය්නට මේ සියලු ම ප්රලවෘත්තිය දැන්විමි. එවිට කරුණාවන්ත මෑනියෝ හොඳයි පුතා, උඹ අප්රනසිද්ධ වශයෙන් නන්දාවතීව කසාද බැඳගෙන වරෙන්නැයි කීවාය.
09. පරිච්ඡෙදය
[සංස්කරණය]ප්රෙ මණිය මෑණියන්ගෙන් අවසර ලත් මම වහාම කොළඹට විත් නන්දාවතීගේ පියා සමග කථාකොට අප්රණසිද්ධ වශයෙන් විවාහය සිද්ධ කිරීමට කැමති වූයන් එදින ම වැඩි මුදලක් ගෙවා කසාද බැඳ කීප දැනක් නන්දාවතීලාගේ ගෙදර ම නැවතී සිට නන්දාවතී සමග ගමට විත් සප සේ විසුවෙමි. කසාද බැඳීම හෙවත් ගිහිගෙයි වැසීම දුක් සහිත බව මා විසින් ආසා තුබුණ නමුත් සත්තකෙන් ම මට එබන්දක් නො දැනුනේය. නන්දාවතී සමග වාසය කළ මම දිව්යෙ ලෝකයහි සිටින්නාක් මෙන් සියල් වේලේම සැපතින් කල් යැවීමි. කීකරු කමින් හා ලද දෙයින් සතුටු වීමෙනුත් මෙහි ඉහත දැක් වූ අවවාද පරිදි කල් ගත කිරීමෙනුත් නන්දාවතී උතුම් භාය්යා ඉහතවක් විය. විවාහ වී අවුරුදු 2 ක් වන විට අපේ ධනවත් භාවය ද වැඩි විය. මගේ භාය්යාවූ ව වන නන්දාවතී නැමැති ශ්රිුයාකාන්තාව ආ දිනේ පටන් යස ඉසුරු වැඩි වූයේය. මෙසේ සැප සේ වසන අපට පුත්රියෙක් ලැබුණේය.
ළමයා ලැබීම අපට බලවත් ප්රීසතියක් විය. අපට ලැබුණේ මේ එකම ළමයා හෙයින් ඔහුට අපේ ප්රෙ මය මෙ පමණයයි කියන්ට ඕනැ නැත. ඉතාමත් සැප පහසු දී සුරතල් කිරීමෙන් හැද නිසා හත් හැවිරිද් වන තුරුත් අකුරු උගන්වන්ට නො ලැබුණේය. හත් අවුරුද්දේදී මව් විසින් අකුරු උගන්වන්ට පටන් ගෙන දහ ඇවිරිදි වන විට සිංහල තුන් වෙනි පොතත් ඉංග්රීදසි දෙවෙනි පොතත් ඉගෙන ගත්තේය. ඉතින් ළමයා ගෙදර නොනවන්වා කොළඹ නවත්වා උගන්වනට් ඕනෑයයි කී විට මව් ඊට සතුටු නොවී ‘මේ ළමයාට වැඩිපුර ඉංග්රීටසියෙන් කමක් නැත. ලියුමක් ලියන්ට කියවා ගන්ට තරම් ඉංග්රීපසි දැන ගත්තා ම ඇත. අපේ භාෂාවත් බණ දහමත් ඉගෙන අපේ වතු පිටි වගා දියුණු කරගෙන හේන් කුඹුරු වපුරවාගෙන මොහුට සපසේ ඉන්ට පුළුවන් නිසා ළමයා කොළඹ නැවැත්වීමට මම සතුටු නැතැ’යි කීවාය. මම ද ඊට විරුද්ධ නුවූ නමුත් ළමයාගේ මමා එවේලාවට එහි සිට ‘දැන් කාලේ උසස් ලෙස ඉංග්රීුසි නොයිගෙන මිනිහෙක් වෙන්ට බැරිය. නුඹලාගේ දේපලෙන් ගන්ට තිබෙන එකම ප්රවයෝජනය මේ ළමයාට ඉගැන්වීම පමණකැ’යි කීවේය. ඉතින් මාමගේ කීමට මමත මගේ හාමිනෙත් සතුටුව ළමයාට හොඳින් ඉංග්රීයසි ඉගැන්වීම සඳහා කොළඹට රැගෙන ගොස් කොලිජියකට භාර දුනිමු.
ඉංග්රී සි කථා කිරීමට පුරුදු වීමට ඉතා හොඳයයි බොහෝ දෙනෙකු ගේ කීම පිට ලංසි ළමයා බොහෝ දෙනෙක් ගැවසෙන ‘බෝඩිං හවුස්’ නම් ස්ථානයක මසකට රුපියල් 20 ගණනේ ගෙවන්ට පෙරොන්දුව ළමයා නැවැත්වීමු. ළමයාට උවමනා විටක රුපියල් හත අටක් ඉල්වා ගැනීමට මගේ මිත්ර මුදලාලි කෙනෙක් ද පංගාර්තු කළෙමි. ඉතින් ළමයා මේ ලංසි බෝඩිං ගෙදර ඉඳගෙන ඉගෙනීම කරන කල හය මාසයක් තුළදී ළමයාට සිංහල මතක නැති වුනේය. ඔහුට අප විසින් තබන ලද නාමය ‘හේමනන්ද්රල’ය. ස්කෝලයේදී ‘එච්. වීරසේකර’ යන නම් තබා තිබුණ නමුත් ‘හේමචන්ද්රල’ වෙනුවට පාවිච්චි ළ ‘එච්’ හමාසයක් පසු වෙන්ට ප්රමථම ‘හාර්බට්’ යන්නට පෙරළාගෙන තිබුණේය. හත් වෙනි මාසයේදී ළඹයා බලන්ට මම කොළඹ ආ විටකදී ඔහුගේ හැසිරීම ආදිය ඉතා නරක බව කියා අවවාද කළෙමි. තදින් අවවාද කොට අපේ ජාතියත් අපේ කුලධර්ම ත් මතක නැති කර දමන්ට එපායයි කියා මා ආ නමුත් හේමචන්ද්රජ ‘තුප්පහි’ යෙක් ම වූයේය. ඔහු කොලීජියට යන නමුත්, ලංසි ආදී සංකරයන්ගේ ආශ්ර ය නිසා සිංහල ජාතියට පිළිකුල් කරන්නෙක් වී කෑම බීම, ඇඳීම, හැසිරීම ආදී සියල්ලක් ම සංකර කර ගෙන, සිල්වා නමැති ලංසියෙකුගේ දුවෙක් සමග අවුරුදු 16 යේදී මිත්ර වී, මට සහ මව්ටත් මේ බව දැන ගත නොහැකි පරිදි අපේ මුදල් නිකරුණේ වියදම් කරමින් කල් යැව්වේය.
මේ තුප්පහි ලමිස්සියත් සමග මහනුවර, හැටන්, නුවරඑළි, ආදී පළාත්වල ඇවිදින්ටත, ටැනිස් ගහන්ටත්, නොයෙක් විකාර නටන්ටත් මිස අවුරුදු 18 න්පසු අපේ ළමයා ඉගෙනීමට කිසිම උත්සහයක් නොගත් බවත් ඔහු සිංහල ජාතියේ හතුරෙක්ව සිටින බවත් දැනගන්ට ලැබී, මම සහ ඔහුගේ මවුත් මාමාත් යන තුන් දෙනා ම ඔහු සම්භ වීමට කොළඹට ගොස් සිල්වා නමැති ඔහුගේ මිත්රම ලංසි ගෙදරට ගිය නමුත් ලංසියාගේ දුවත් හේමචන්ද්රුත් දෙදෙනා ම කොහේදෝ ගොස් කීප දවසක් වන බව ගෙදර සිටින වැඩකාර කොලුවාගෙන් දැන ගතිමු. අපේ පුතා ලංසීන්ගේ උගුලට අල්වාගෙන මේ කෙල්ලව කසාද බන්දවා තිබෙන බවත් පරීක්ෂා කළ විට දැන ගතිමු. අපට සිටි මේ එකම දරුවාට හොදින් ඉංග්රී සි උගන්වන්ට ගොස් නොසැලකිල්ලේ ක්රිනයා කිරීමෙන් සිද්ධ වූ විපත්තිය අහෝ කාට කියන්ටද? ‘ළමයා නැති වෙච්ච’ කියනවත් සමග මගේ හාමිනේ නන්දාවතීට බොහෝ අමාරු විය. ලේ ධතුව දූෂ්යේ විමෙන් හිමිනේට අසනීප විය. ඉක්බිති මම
හාමිනෙත් සමග ඉක්මනින් ගමට ඇවිත්, නොයෙක් නැළවිලි වචන වලින් ළමයා කෙරෙහි පවත්නා අමැගේ ආලය තුනී කොට ඈ සනසන්ට උත්සහ කළ නමුත් නුපුළුවන් වී, ඇගේ අසනිපය ක්ර මයෙන් වැඩි වී ඈ එයින් මළාය. අහෝ අපට වෙච්ච දේ! අපට සිටි එකම ළමයාව අපේ ආගම ධර්ම් සිරිත් විරිත ආදී කිසිවක් නොදත් වල් ගෙදරක නවත්වා අප විසින් කළ අනතුරෙන් ඔහුටත් වෙච්ච දේ! කියා හාමිනේගේ මෘත දේහය සම්බන්ධළු කටයුතු සියල්ල් ඉෂ්ට කර කීප දිනකට පසු කොළඹ ගොස් ඉතා අමාරුවෙන් වත් ළමයා දකින්ට නොලැබ මේ ලියමන ලී වෙමි.
ප්රිනය පුත්රගය,
අපට ඇත්තේ එකම දරුවෙකි. උඹ කෙරෙහි ඒ නිසා අපේ තිබුණු බලාපොරොත්තු ඉතා බොහෝය. උඹ අපේ කුලචාරිත්රඅ සියල්ලක් ම ඉක්මවා අපට අකීකරුව අපේ ජාතියත් මකා ලංසි වීමෙන් දුකට පත් නුඹේ මව් ඒ නිසා ම ලෙඩ වී මළාය. අපේ රුපියල් ලක්ෂයකට අධික ධනයට එකම උරුමක්කාරයා උඹය. උඹ මේ ලියමන දුටු කඩිනමින් ගමට ඇවිත් අපට කීකරුව අපේ නියමයේ හැටිය කල් නොයැව්වොත් මේ ධනයෙන් කිසිවක් උඹට නොදෙන බව සැලකිය යුත්තේය. ලෝකයේ දරුවෝ තුන් කොටසක් සිටිති. එනම් :- අතාජාත, අනුජාත, අවජාතා, යන තුන් කොසයි. අතිජාත දරුවා නම් තමාගේ පියාට වඩා ඉගෙන, ගුණ ධමර්යෙනන් යුක්තව, තේජසින් යුක්තව, ධන ධාන්යාඉදියෙන් ආඪ්ය ව, සර්වඅ ප්ර කාරයෙන් ම පියාටත් වඩා, උසස් ලෙස කුලය බබුළුවන උත්තම දරුවාය. අනුජාත දරුවා නම්, පියා ගිය අඩිපාරේ ගමන් කොට, පියා මෙන් ම ගුණ ධර්මා්දිය රක්ෂ කරමින් කුලය ආරක්ෂා කරන දරුවාය. අවජාත දරුවා නම්, පියාගේ කුල වංශය දුෂ්ය් කොට පියාගේ වස්තුව විනාශ කොට, ජාතිභ්රබෂ්ටව ස්වකීය ආගම ධර්ම ය හා චාරිත්රාවලින් වෙන්ව අධම ගතියට බැස්ස කාලකන්නියායි. ඉතින් පුත්ර්ය, නුඹ මේ තුන් වරිගයේ දරුවන්ගෙන් කවරෙක් වීමට සතුටුද? දැන් නුඹ මේ තුන් දෙනාගෙන් කාට සමානද? මීට වහාම උත්තර එවාපන්.
මේ වගට - නුඹේ පියා වන, වීරසේකර
හර්බට් විරහේකරට මගේ ලියුම ලැබුණු හැටියේ ම බුදලය නැතිවේ ය කියා බයින්දෝ මේ ලියුම මට එව්වේය.
ප්රේාමනීය පියාණෙනි,
ඔබගේ ලියුම ලැබුණා. මම තාත්තාට විරුද්ධව අවජාතක දරුවෙක් ලෙස වැඩ නොකළෙමි. මම ලංසි පවුලකින් කසාදයක් බැන්දා. ඒකෙන් අපි උසස් උනා මිස පහත් උනේ නැත. මම ස්කෝලේ යද්දී මේ ලමිස්සි සමග මිත්රෙ වෙන්ට වී. ඇගේත් මගේත් ප්රේ.මය දියුණු වී තාත්තලාව සතුටු කරන්ට බැරි බව දන්නා නිසා තනියම කසාද බැන්දෙමි. අපේ සිංහල ජාතියට වඩා යුරෝපීය මනුෂ්යවයෝ උතුම්ය. මම පමණක් නොව බොහෝ වැදගත් සිංහලයෝ ලංසි, ඉංග්රී්සි ජාතිවල ස්ත්රීකන් කසාද බැඳගෙන සිටිති. නෙබෝ දා ලක්දිව ප්රුසිද්ධ ධනවතෙකුගේ පුතෙක් ස්පාඤ්ඤ නෝනා කෙනෙකු බැන්ද බවත්, එසේ ම උසස් සිංහල මහතෙකුගේ පුතෙක් ඉංග්රීකසිකාරියෙකු බැන්ද බවත් තාත්තා ඇසුවේ නැද්ද? දැන් කොළඹ ලංසි නෝනලා බැදගෙන කොපමණ සිංහලයෝ සිටිද්ද? එසේ ම බුද්ධාගම අත හැර ක්රිාස්තියානිය පිළියෙන ක්රි්ස්තියානි ගෑනුන් කසාද බැඳගෙන සිංහලයෝ කී දෙනෙක් සිටිද්ද? කාරණා මෙසේ හෙයින් මමත් තාත්තාගේ ප්රැමාණය පහත් කරන්ට වැඩ කරන කෙනෙක් නොවන බව සැලකුව මැනවි.
මේ වගට - කීකරු, එච්. වීරසේකර
මේ ලියමන ලැබුණු හැටියේ මගේ ලේ ධාතුව උණු විය. නමුත් මේ අධම කොල්ලාගේ අමනකම තවදුරටත් පෙන් වූ විටවත් මොහු අපේ ජාතියට එත කියා කල්පානා කරගෙන ඔහුට මේ ලියුම ලීවේමි.
පුත්රකයා,
උඹේ ලියමන ලුබුණා. උඹට අපේ භාසාවත් ජතියේ තොරතුරුත් හරිහැටි නොතේරෙන හෙයින් උඹ නන්දඩවන බව පෙනේ. නමුත් මුලදී මා සිතාගෙන සිටියේ උඹට ඉංග්රී සි උගන්වා ඉන් පසු සංහල පාලි සංස්කෘතාදී අපේ භාෂා උගන්වන්ටයි. “හැදෙන ගහ පෙත්තෙදී දෙ පෙත්තේදී දැනේ ය” කීවක් මෙන් උඹ අතිජාත හෝ අනුජාත පුත්රීයෙක් නම් අපට නොදැනුවත්ව ලංසි කෙල්ලන්ට පෙම් බඳින්ටත් උන්ගේ සිරිත් විරිත් වැළඳගන්ටත් නොයනු ඒකන්තය. කොළඹ කොලිජිවල ඉගෙන ගත් උතුම් සිංහල දරුවෝ එමට සිටිති. ඒ උදවිය දෙමව්පියන්ට අකීකරු වීමටවත් ළපටි කාලයේ කෙල්ලන් සමග පෙම් බැඳීමටවත් ජාතිය මතක නැති කිරීමටවත් සැරසුණු බව අපට
නොපෙනේ. මව් පියන් විසින් දරුවෙකු හදන්ට ගන්නා දුක අප්රතමාණ බව නොතේරෙන්නා මනුෂ්යාත රූපයෙන් ඇවිදින තිරිසනෙකි.
දරුවෙකු කුසයෙන් ඉසිලීමත් ප්රූසූතයේදී ගන්නා භයානක දුකත් කිරි වෙනුවට ලේ පෙරාලා දෙ තුන් අවුරුද්දක් පෙවීමත්, කවා, නහවා, අන්දවා ඇති දැඩි කිරීමත් අහකින් තබා දරුවෙකුගේ ලෙඩකදී මව්පිය දෙදෙනාගේ හිතට ඇති වන දුක විස්තර කළ හැකි උගතෙක් මිහිපිට නැත්තේය. එබඳු දෙමව්පියන්ට අකීකරුව ළපටි කාලයේදී ස්ත්රි්යක් කෙරෙහි පෙම් බඳින ළමයා සත්තකෙන් ම බලවත් වරදකාරයෙකි. ඒ නිසා උඹ ඉගෙනීම අහකින් තබා ලංසි කෙල්ලකට පෙම් බැඳ කළ විගඩම පළමුවෙනි වරදයි. ඊළගට සිංහල ජාතියෙන් පිටස්තර අන්ය ජාතියකට බැඳී අපේ ආගම කුලචාරිත්රාගදිය අත් හැර දැමීම උඹ හපන්කමක් ලෙස කල්පනා කර තිබෙතත් ඒ තරම් නීච වැඩක් මේ මිහිපිට නැත්තේය. ආදෘශයට ගත යුතු සිංහලයන් ගැනවත් නොදත් උඹ මොට්ටයෙකි. වර්තමාන සිංහල ධනවත්තුය, කුලවත්තුය කියන බොහෝ දෙනා ආදෘශයට ගත යුත්තෝ නොවෙති. අපේ ජාතිය අන්යත ජාතීන් සමග සංකර කිරීම හොඳයයි කියන අධමයන් සිටින නමුත් සිංහල ජාතියේ ම පවත්නා ඒ ඒ කුලවලට අයත් උදවිය සමග සංකර වීමට මේ එකෙක්වත් සතුටු නොවන්නේ මොවුන්ගේ දැනීමේ තිබෙන පහත්කමයි. උඹ ලංසි කෙල්ලෙක් සමග මිත්ර ව කසාඳ බැඳ ගත්තා නම් සත්තකෙන් ම මම සතුටු වෙමි. උඹ උසස් ය කියා සිතන යුරෝපීයයන් ගැන අපේ උතුම් සිංහලයෝ කුමක් සිතුවෝදැයි බැලිය යුතුයි. මහනුවර රාජ්යපය කළ දෙවෙනි රාජසිංහ මහරජාණන්ගේ ආඥාවෙන් සිරකරනු ලැබූ නොක්ස් නමැති යුරෝපියා බොහෝ කලක් හිරගෙයි සිට සිංහල ඉගෙනගත් පසු ඔහු යුරෝපීය කුමාරියක් ගෙනත් දෙන බව කියා සිරෙන් නිදහස් කරන ලෙස යාඥාකොට මේ කවිය රජතුමා වෙත යවා තිබේ.
උ තු ම් රිවි කුලෙන් පැවතෙන මනුහු ලෙ ද ප ස න් තෙද විකුම් රජසිහ නිරඳු ස ඳ මෙ ති න් ඔබේ මෙ මා සිරගෙන් මිදු ස ඳ ගො සි න් ගෙන අවුත් දෙමි අපෙ රඳු ල ද
ඉතින් මොහුට රජතුමා යැව් පිලිතුර මෙසේය :-
“පල්ලර පඩක්කර මුරක්කරු ද පරව රූ
- - - - - - -
- - - - - - -
මුන් මිස තොපේ ලිය අරගන්නෝ කවු රූ
ඉතින් පුත්රසය, උසස් ය කියන සිංහලයෙක් පරදේශික ස්ත්රිරයෙක් කෙසේ නම් කසාද බඳීද? ජාතිභ්ර ෂ්ට, අලපේශාක්ය අඥාන සිංහල මිනිස්සු කරන කටයුතුවලට නින්දා කරනු මිස මම ඒවා ආදර්ශයට නොගනිමි. “පණ යන ලොල්ලේ-එල්ලුනි කිත්තොගෙ බෙල්ලේ!” කියා අඹන්විට රාළ කීවාක් මෙන් රැකී රක්ෂාවක් නැතිව සිටි කොතනවත් මරාලයක් කඩා වැඩටන විට ලංසි ගෑණු න් බඳින කෙටසකුත් ස්වකීය කුලය පහත් කිසා ඒ පාඩුව පිරිමසා ගන්නා පිණිස ලංසි ආදී පරදේහික ගෑණුන් බඳින එක කොටසකුත් අඥානකම නිසා රාගයෙන් මත්ව මෝහයෙන් මුළාව ලංසි ආදී පරදේශික ගෑණුන් බඳින තව කොටසකුත් ස්වකීය සිංහල ජාතියේ උසස් භාවය, මහන්තත්වය නොදැන මුළා වී ලංසි ආදි ගෑණුන් බඳින තව කොටසකුත් වර්තමාන කාලයේ සිටින බව හැබෑය. නමුත් ඒ කිසිවකු ආදර්ශයට ගත යුත්තෝ නොවෙත්ය. ක්රිටස්තියානි ආගම ගැනත් මට කිව යුතු දේ බොහෝ ඇතත් උඹේ ලියුමේ කියා තිබෙන කීම් සියල්ල ම අපේ ජාතියටත්, කුලයටත්, ගුණධමර්ය්ටත් ඉඳුරාම විරුද්ධ හෙයින් උඹ ඔය ලංසි කෙල්ලක්වත් අත් හැර මගේ සහජාත පුත්රදයෙක් ලෙස මා කරා පැමිණියොත් මගේ වස්තුව උඹට දෙන්නෙමි. එසේ නැතහොත් කුලචාරිත්රාමදිය කඩා විනාශ කළ නුඹට මගේ දේපළ කිසිවක් නොදෙන බව සැලකිය යුතු වේ.
මේ වගට - පියා වන. වීරසේකර
ඉතින් මට මේ ලියුමටත් පිළිතුරු ලැබුනේය. ඒ මෙසේය :-
කරුණාවන්ත පියාණනි, ඔබගේ ලියුම ලැබුනා. ලංසි ගැණුන්, ඉංග්රීදසි ගෑණුන් කසාද බැන්ද සිංහලයනට ඔවුන්ගේ සන්තක දේවල් යස රඟට දී තිබේ. ඔබ විතරක් මට බුදලය නොදී මග හැරියොත් අපරාධයකි. ක්රිැස්තියානිකාර සිංහලයන්ට බෞද්ධ මුදලිවරුන්ගේ දූවරු දායාදත් සමග දී බූදල්වල කොටසුත් දෙන මේ කාලේ තාත්තා මට පමණක් මෙසේ කරන එක
හරිද? මට මොකවත් නොලැබුණත් මගේ “වයිප්” භාය්යාටය ව අත් නොහරිමි. ඕනෑ නම් ක්රි?ස්තියානි ආගම අත් හරිමි. ඕනෑ නම් ක්රි ස්තියානි ආගම අත් හරිමි.
මේ වගට - කීකරු එච්. වීරසේකර
මට මේ ලියුම ලුබුන හැටියේ හිනා පහළ වී මේ ලියුම ලීවෙමි.
පුත්ර ය,
උඹේ ලියමන ලැබුනා. අපේ ජාතියේ ඉපද සිටින අධම මිනිසුන් නිසා ම සිංහල ජාතිය හුඟකු පසු බැස්ස බව සත්තකයි. ලංසි, ඉංග්රීසසි ගෑණුන් කසාද බැඳලා සිටින දරුවන්ට දේපල දුන් ඒ අඥාන දෙමව්පියන්ගේ ගණනට මාත් ගන්ට හදනවාද? මට අකීකරුව අපේ ජාතියෙන් බැහැර වී අපේ උතුම් ආගම ධර්ම් හා කුලචාරිත්රර අත් හළ නුඹ අවජාතකයෙකි. එවැනි අවජාතකයෙකුට මා සන්තක වස්තුව දීම මිනීමරුවෙකුට කඩුවක් දුන්නක් වැනිය. ධනවත් කමක් නැතුත් ඉද ජාතිභ්රදෂ්ට කරගෙන ආගම ධර්ම්යට පයින් ගසාගෙන කුලචාරිත්රම මතක නැති කරගෙන ක්රි යා කරන නුඹට හුඟක් මුදලුත් ලැබුනොත් අපේ රටත් ගිනි ලාවි. හොඳයි, උඹ උඹේ “නෝනච්චි” වත් ළඟ ලා ගෙන ක්රිිස්තියානි ආගමත් කරගහගෙන “කුමේ බෙබේ” කරපන්. මට අයිති රුපියල් 1,70,000 (එක්ලක්ෂ හැත්තෑදහ) ක් වටිනා බූදලය මගේ අක්කාගේ පුතා වන අබයසිංහට හෙට ලියා දෙන බවත් දැන ගනින්න්.
මේ වගට, විජයසේකර
මම මේ ලියුමට උත්තර බලා සිටි නමුත් කිසි පිළිතුරක් නැති බැවින් සුමානයකට පසු නොතාරිස් කෙනෙක් ළඟට ගොස් මගේ සියලුම චංචල නිශ්චල දේපල බෑනාට ලියාලා අවුරුද්දක් නොයෙක් තැන්වල ඇවිද්දෙමි. මගේ පුතා අන්තිම කාලකණ්ණියෙක්ව සපත්තු මහන බව ආරංචි විය. මම අවුරුද්දක් පමණ එහේ මෙහේ ඇවිදින කාලයේදී අපේ ජාතියට වෙච්ච දේ දැනගන්ට ලැබුනාම එයින් බලවත් කලකිරීමට පැමිණ මනුෂ්යට වාසයේ වත් ඉන්ට සතුටු නැතිව වනගතව උන් පාලිපාන සුමන ස්ථිවිර පාදයන් වහන්සේගෙන් දස සිල් සමාදන්ව මේ වනයේ මේ පැලේ වාසය කරමියි තපස්විතුමා කියා වර්තමාන සිංහලයන් විසින් කරගෙන තිබෙන අලුත් තාල හා විකාරත් මෙසේ ප්රලකාශ කළේය.
01. වි යේ මහත් විපතකි සිංහල දන ට ගි යේ ජාති මානය අපගෙන් දුර ට බි යේ මුලු වැදුනි වනසර දන ලෙස ට දි යේ පෙර වැඩිව උන් අය නෑ අප ට
02. පෙ ර දි න සුර පුරෙන් බට දෙව් ස මා න ය දි න දි න සමගියෙන් වැඩකර ප මා න ය හැ ම දි න ලොව දනන්ගෙන් ලැබුව මා න ය අ ද දි න සිහලුන්ට නැත ජාති මා න ය
03. ජ ය ගෙ න ලාඩ ගවුඩ ද වංග දේ ස ය දැ න ගෙන සියලු සිප් සත සහ සබා ස ය ව ස මි න නොයෙක ඉසුරෙන් සහල දේ ස ය සි ටි ද න හට බලව් දැන් යෙදුන දෝ ස ය
04. අප් පා පුතුට දෙයි මත්පැන් වීදු රු ව අප් පත් පුතත් දූ කෙළානෝ ය සී රු ව අප් පට තාත්යි කීමත් අමා රු ව අප් පේ සිහල ජාතිය නැසෙන සී රු ව
05. අ ම් මා යන වදන නම් බොහොම මිහි රි ය ම ම් මා කියත් දැන් විලසින් සුමිහි රි ය අ ම් ම දූ පුතුන් එකතුව හරි හ රි ය පෙ ම් මා සුරා බොති බල දැන් වුන හ රි ය
06. අ ක් ක ර සිය ගණන් ඉඩකඩම ඇති ද නා තොස් ක ර පර දනට අඩු ගණනට විකු ණා දු ස් ක ර නැතුව දැන් කුලියට වැඩ කර ණා වි ස් ත ර ඇසුව සඳ හිමයට යනු සිතෙ ණා
07. රු පි ය ල් දහස දහස් වියදම් කර ඉගෙ න
රු පි ය ල් අහක් ඇති වෙළෙදෙකු වෙත පැමි ණ රු පි ය ල් තිහේ පඩියට වැඩ කරන ද න මෙ ම ක ල් සිහලු අතරේ සිටිති අපම ණ
08. ව තු පිටි ගෙදර ගොඩ මඩ ගහ කොළ සිය ල යු තු නැත රැකීමට අත්හැරලා සිය ල ම තු වන අවැඩ නොසිතා දනහට දව ල යු තු නැත දාස බැව් පත් විඳිති මේ ක ල 262 අපට වෙච්ච දේ
09. ගොතා බොරු “කැඩුණු ඉංග්රි ස්” දෙඩුම මි ස ක තා වය බැරි බැවසුම සිහල බ ස ඉ තා හොඳ හපන් ලොකු තාලයක් ලෙ ස සි තා ගෙන සිටිති සමහර තරුණ රැ ස
10. කො ස් පො ලො ස් කකා සිටි සමහර ද න ය උ ස් හ ර ස් තාල ගෙන පරබස දැ න ය දො ස් ද හ ස් සොයා දුප්පත් නෑ ද න ය බ ස් ද හ ස් දොමින් දුරලති නෑදි න ය
11. ය ම් ත ම් උගත් කරමින් “ඉංග්රි සි” කෑ ලී ම ම් වෙ ම් සිතා හපන් සිරිලක බා ලී ස න් සු න් ගිතිය සමගින් හැර ගුණ සී ලී ද න් දැ න් තනිව මග බැස යයි නොව කෝ ලී
12. ය හ ප ත් ගුණ ඇතත් දැන සතර නියෙම ට ති බු නොත් නපුරු කොණ්ඩය යම් තරුණෙකු ට කැ ප වො ත් මිස ඒක ඇඳ කලිසම රුව ට මැ රු ව ත් ඔහු සමග නොබැඳෙයි සරණය ට
13. කැ ර පොතු තොප්පි ගෙන හිස තටු ගසා ගෙ න හි ර කර පැළඳ ඉගිලෙන ලෙස හිතා ගෙ න වැ ර සැර දිවිම පර තරුණන් බදා ගෙ න ගොර තර තාලයකි ජාතිය නසා ල න
14. ප සි ඳු දුවනි යෙහෙළින් සමගිව සතු ට සු මු ඳු ගවොන් ඇඳ රිය නැග යන කල ට දි ළි ඳු පියා දැක ගනු නුදුටුව ලෙස ට පු රු දු තාලයකි අප රට තරුණිය ට
15. පෙ ර අක්කා නංගි අයියා මල්ලි ය න සු ර තල් අනගි සිංහල නම් සුදුසු ව න ප ර නම්වලට පෙරළුම විහිළුව ලෙසි න ඇ ර ගත් තාලයකි නොහොබින අමන ද න
16. ම ඟු ල ක් ඉලව්වක් වුන කල පෙර දව ස මු ද ල ක් කඳක් දුන් එ සිරිත සතුටු ලෙ ස ප ල ය ක් නොමැති රට බඩු දීමට සදො ස න හ ම ක් කරපි පෙරළා තාලය විල ස පියදාස සිරිසේන නවකථා එකතුව 263
17. පෙ ර කිසි කලෙක නොමදුටු තරුණෙකු අ ල් ලා හි ර කර යුවල අත්පොඩි දී මනක ල් ලා වැ ර සැර නැටුම් නටනා වැද සබතු ල් ලා ප ර සිරිතැති ගෙන කිසි කල නොසෙය ල් ලා
18. ඉ ස් සර මේ ලෙක දන පාඩම් කර බොහො ම ද ස් සව සිටියමුත් ඇති වී ඇස් පෙනු ම වි ස් සට නොගිය වයසැති කොල්ලෝ කරු ම ඇ ස් නොපෙනෙත කියා කන්නඩි ලති පුදු ම
19. කොල් ල න් හට හැදෙන බොරු ඇස් ලොඩ ම ව ස කෙ ල් ල න් හටත් බෝ වී තිබෙනා විල ස අ ල් ල න් දිළිඳු මව් පිය වද දි අනි ස ලෙල් ල න් කරති කන්නඩි සපයන පිණි ස
20. ක ටේ කිරි සුවඳ යන්ට පළමුවෙ නි ර ටේ සිටින කෙල්ලන් සොයමින් ගොසි නි වි ටේ විට ලැබෙන පඬි මිල වනසමි නි බැ ටේ කති තරුණ දන නැණ මදිකමි නි
21. ම ව් පි ය දිළිඳු කළ උපකාරය අතැ ර “ල ව් මෙකිං” කියන කරුමෙට වැඳ රුදු ර ප ව් ක රු තරුණ සමහර දූදනෝ මෙ ව ර සෙව් ම ය කරති අඟනන් කුලයෙන් බැහැ ර
22. පෙර ක ල මේ සිරිලක තරුණිය මන න ද ය ත ම කු ල සිරිත විලසින් නැගිටි උ ද ය වැ ඩ ප ල ගෙදර කළ මුත් මෙම කල ල ඳ ය ත ද බ ල නිදි තාල ගෙන සැතපෙයි ඇ ඳ ය
23. උ ද ය ට ඇවිත් මව් ලඳ දාසිය ලෙස ට ම න තු ට දුවනි පුබුදින තෙක් සුරතල ට හ ත අ ට වන තෙක් ම නිදි ගැනුම ඇඳ පි ට මෙක ල ට පුරුදු තාලෙකි සිහල තරුණි ට
24. ද ස් සි ය සිතා කරමින් බොරු ගී න ද ය පි ස් සි ය ලෙසින් දුව පුටුවක් පිට ඉ ඳ ය කු ස් සි ය දෙස යැවීම වැඩිහිටි මව් ල ද ය රි ස් සි ය නොගෙන දැන් තාලෙකි තිර ලෙ ද ය 264 අපට වෙච්ච දේ
25. වි ස් ස ලැබෙන කල රුපියල් පඬි මිල ට ල ස් ස යක් ලැබෙන විලසක් ගෙන සිත ට ද ස් ස උඩඟු තාලෙන් තරුණෝ මෙර ට නි ස් ස නැති ඇඳුම් ගැන වෙහෙසෙති දැන ට
26. බැ ලු ව ම “සූට්” එක මසුරන් දහස් ව ටී එ ලෙස ම ගමන මග බැස මග මුදලි සැ ටී ඇ ති සැ ම හපන්කම් බැලුවොත් බලු නොව ටී වැ න සු ම මෙ ලෙස වද රට තාලයට වැ ටී
27. නෙදු ක විඳ කකා අල බතල නොම දි ය ග ම ක සිට ගොසින් ගෙන සතර පැහැ දි ය දි නෙක ලැබුන කල තනතුරු පටබැ දි ය ම ත ක නැති වේ ය ඉස්සර සිටි වි දි ය
28. සි ය ර ට බාස නොම දැන තරුණෝ අද ම සි ය ර ට ආල දුරලා නොහොබින තර ම පි ට ර ට තාල ගනිමින් ජාතිය කදි ම නැ සු ම ට සදති නොබලා වගතුග කිසි ම
29. ගෙ න් නා නටන එක එක බොරු තාලය ට ය න් නා නොදැනීම ලාබය පරදෙස ට ප න් නා විහිළු එබැවින් රට දියුණුව ට ග න් නා මැනවි සැම දෙන පීරිය සිත ට
30. නි ව සේ සිටින අසරණ මෙහෙකරු දන ට ද ව සේ මුලුල්ල ම වදකෙරුම සැරකො ට නිදො සේ තාලයක සිතමින් ලියො කප ට අ නි සේ පහල්කොට ජාතිය නසති ර ට
31. කී ක රු කමින් සිය හිමියන් සැනසුම ද ආ ද ර ගුණෙන් යටහත් ලෙස පැවතුම ද ආ හ ර හොඳින් පිස ගේ දොර සැලකුම ද රූ බ ර ලියන් කළ මුත් පෙර දින පැහැ ද
32. දෙන දෙ ය ක් “ඩියර්” වැඩකරුවන් මගි න ක නු මි ස ක් කතා නැත රස නොරස ගැ න ය ලි ය ම ක් කරන්ට අවසර නොගෙ න නි දි හ ස ක් නැති ය පිරිමින් හට මෙදි න පියදාස සිරිසේන නවකථා එකතුව 265
33. ප රු ස ගති ඉගෙන දැන කැඩුණු පර බ ස පු රු ස තනතුරට පත් වී ගැහැණු ව ස නි දොස පිරිමින්ට වද දෙනු තාල ලෙ ස අ නි ස නොතිබුණි ය අප රට පෙර දව ස
34. සැ රේ දුම නගින තයිලන් බම්බු ව ස ව රේ වර බොමින් තවෙකෙක් පුරුදු ලෙ ස වෙ රේ හොඳ ගතිය නසමින් මසින් ම ස “පෙරේ තයෙක්” වෙයි අත හැර මිනිස් වෙ ස
35. සෙ ල් ල ම් වැඩක් ලෙස තවෙකක් සුරා පැ න ස ල් ල න් වෙන තෙක් ම බී ගෙන මුළාවෙ න ලෙ ල් ල ම් නපුරු කොළහලයට වැදි ගෙ න එ ල් ලු ම් ගසට පැමිණෙයි මිනි මරා ගෙ න
36. එ ක බැ ඳ සෙහොයුරන් ලෙස සුසිරි දහම ට ම න බැ ඳ එකමුතුව වැද රුදුරු යුදය ට ජ ය ල ද සිහල දන විසු පරසිදු මෙ ර ට ති බු න ද මල ඉලව් මිනිමැරුම මෙහෙම ට
37. බා ලේ සිට ම සිගරැට් පන්දුව තු ට ය කෝ ලේ නැතුව ගසමින් ගෙන විට වි ට ය කා ලේ යන්ට පළමුව රුදු මරු හ ට ය ආ ලේ බැඳ නසිති කොල්ලෝ අප ර ට ය
38. සු ළු කරු ණක් ගැන බොරු නඩු සදා ගෙ න බ ලු රැ හැ න ක් ලෙස උනුනුත් සපා ගෙ න ඔ ලු පැලු මක් කර හිරගේ වැටී ගෙ න ත ළු ප ම ණ ක් නැතිය කොහු ගුටි ලබා ගෙ න
39. ක මි න් බොමි න් නටමින් තවෙකෙක් සදො ස දෙ ම ව් පි ය න් දුන් දේ කමින් වනා ස ඉ ඳු ම් පි ටු ම් නැති කර ගනිමින් විග ස තැ නි න් තැ නි න් ඉල්ලයි සිඟමන් අනි ස
40. ප ව් කම් සමග බොරු වැඩ අතහරිමි න් ම ලෙව් සැම සමගි දහමින් සිටියොත් ඉ න් ම ස ව් සිරි සැපත වැඩි වී සිතු විලසි න් ම දෙ ව් ලොව නොවන්නෙ ද ලක මද කලක න් ම 266 අපට වෙච්ච දේ
41. ෙහා ර කම දු කෙළිය පිහියෙන් ඇනුම ව ස ක ර මින මෙ වැනි අනදර නපුරු පවු රැ ස නි ර යට කුඩා නැති වද ඇති හැම අව ස හි ර ගෙට යන්ට කිම ආසාවක් මෙ ලෙ ස
42. වැලි කත් ඇඳුම සහ වියලුන ෙකාහු තැළු ම යලි බත් නැතුව ගුටි බැට කා වැඩ කෙරු ම තම ලත් අඹු දරුන් අතහැර දුක විඳු ම එම හත් සැප වේ ය හිරගෙයි නිරතුරු ම
43. එ බැ වි න් උතුම් සිහලුනි හිරගේ ගැ න ය සි හි යෙ න් පමණවත් නොසිතා කිසි දි න ය හ රි මි න් පව් දුසිරි සුසිරිත දැන ගෙ න ය සැ ප ති න් වසව සතුටින් සිත පින ප න ය
44. දෙ ගු රු න් සහ තවත් වැඩිහිටි දන මැ ද්දේ බු හු ම න් දෙමින් විසු තරුණන් කුල සු ද්දේ ග නි මි න් උඩඟු සිත විඳුරු කර ස ද්දේ සැ ල කු ම් නැතිව බොති මත්පැන් පරසි ද්දේ
45. දෙ න් නා එක්ව අප්පා සහ පුතා ය න පෙන් නා මිතුරුකම් එක බෝතලය ගෙ න ප න් නා සියලු විලිබිය මත්පැන් බෙමි න ඉ න් නා විලස බලනු ය තාලය රැගෙ න
46. පෙ ර කිසි කලෙක බොරුවක් නොකියා සි ටි ය ති ර සර සිහල ආරිය දන මන තු ටි ය තො ර නොව මෙ කල පල් බොරු කියනා සැ ටි ය නි ර යට පණ පිටින් ඇද ලීමට ව ටි ය
47. ආ ග ම බේද සමගින් ජාති බේ ද ය මේ සැ ම නොගෙන ලක දන වෙමිනි හා ද ය බෝපෙ ම බැතිනි සමගිය අතට පැ ද ය සෑ දු ම යුතුය සියරට දුරැර වා ද ය
48. ලෙ ඩ ක් දුකක් පොදු කටයුත්තක් කිසි ම ය ම ක් මෙ වැනි ඇති කල වඩමින් ළපෙ ම ම ත ක් නොකර ඇති පැටලිලි බේද සැ ම එ කෙක් මෙන් විසුම මද හොඳ ලෙව් දහ ම පියදාස සිරිසේන නවකථා එකතුව 267
49. තැ න තැ න නිදන නන් මිණිමුතු සුදු ල්ලේ ස ම ගි න ගව මහිස කෙත් වතු විපු ල්ලේ ල ක ඟ න මෙවැනි සිරියෙන් වි ලක ල්ලේ දි න දි න පවතු ලැබ ගරු මන් සිය ල්ලේ
50. සි දු මෙ න් කිරි පතළ යසසිත් මුළු ලොව ට හැ රි මෙ න් රුදුරු පිළිමල් තෙදණ පළකො ට ම හ සෙ න් සිහල දෑ පැවතෙන පොරණ සි ට වි කු මෙ න් සැපෙන් පවතීවා කප් හිම ට
10. පරිච්ඡෙදය
[සංස්කරණය]වි ජයසිංහ හා ජස්ටින් සිල්වාත් තපස්විතුමාගේ පුදුම කථාන්තරය අසා තමුන්ට වෙච්ච දේ මීට වඩා අඩුයයි කීවෝය. ඉක්බිති එදින රෑ වූ හෙයින් තපස්විතුමාට ගම්වැසියෙකු විසින් එවන ලද හාල් ටිකක් තිබී විජයසිංහත් ජස්ටිනුත් උයා කෑවෝය. තපස්විතුමා දසසිල් උපාසකයෙක් හෙයින් ගිලන්පස වශයෙන් කොත්තමල්ලි හා ඉඟුරු ටිකක් තම්බාගෙන බීවේය. මෙසේ තුන්දෙනා නිදන්ට ගොස් “අපට වෙච්ච දේ” කුමක්දැ යි කියන ලෙස තපස්වි තුමාගෙන් ඉල්ලා සිටි බැවින් එතුමා විසින් මෙසේ කියන්ට ආරම්භ කළේය.
“දරුවෙනි, සිංහල ආය්ය් ජාතිකයෝය. ඒ ආය්ය්ල යන් තුළ වෙනස් කළ නොහැකි ගැණාංග කීපයක් පවතිත්. එනම් :- ස්වජාතිය කෙරෙහි ආලය හෙවත් ජාතිමමත්වය, ජාත්ය භිමානය, ස්වකීය රට කෙරෙහි ආලය, සත්යල පිළිගැනීම, අයුත්තට බිය නොවීම, ප්රාණඝාතය, අදත්තාදානය, කාමමිථ්යාීචාර, බොරුකීම, සුරාපානය කිරීම යන මේ අනාය්ය්ප්ර මලෙච්ඡ මනුෂ්ය්යන් විසින් පමණක් කටයුතු පංචවිධ දුශ්චරිත නොකිරීම, කරුණා මෛත්රිය ගුණ්යත, ආගම භක්තිය, වැඩිහිටියන්ට ආදර ගෞරව පැවැත්වීම, සමගිය යනාදී මේ ගුණ ආය්ය්‍යහ ජාතීන් තුළ පවත්නා ගුණ වෙති. සිංහලයන් තුළ ද මෙ සියල්ල ම අනුනව පැවැත්තාහ. ඉතින් සිංහලයන්ගේ මේ අභ්ය.න්තරික ගුණත් කෘෂි වණික් කර්මාැදියෙහි පවත්නා ශූරභාවයත් ශිල්ප ශාස්ත්රා.දියෙහි දක්ෂ භාවයත් ඒ නිසා ම ඇති වූ රටේ සමෘද්ධත්වයත් ඒ සිංහලයන්ගේ රට කෙරෙහි ඇති අයිතිකමත් යන මේ සියල්ල ගැන පුරාණ වර්තමාන දේ කාලය ගැන කල්පනා කොට පරීක්ෂා කර බලන සිංහලයව ඉපිද
සිටින කාට උවත් සංවේග නො ඉපදී නොසිටින්නේය. මේ කරුණු පරීක්ෂා කර බැලූ විට අටගත් සංවේගයෙන්ම කැලේට ආවෙමි”යි කියා තපස්වි තුමා නිශ්ශබ්ද වූ විට විජයසිංහ නැවතත් එය විස්තර කරන්ටයයි කී බැවින් මෙසේ කියන්ට පටන් ගත්තේය.
“දැන් සිංහලයන්ගේ ගණන විසි දෙලක්ෂයක් පමණය. ලංකාද්වීපය වර්තමාන මැනීමේ හැටිය හතරැස් හැතැප්ම විසි පනස්දාස් ගණනකි. මේ උතුම් ද්වීපය නිල් රතු ආදී නවවිධ රත්නයට ද, මිනිරන් තඹ පිත්තලාදි ලෝහවර්ගවලට ද ආකාරයකි. වී සහල් යව මෙනේරි ආදි සශ්යාවර්ගයට සාරවත් කෙතකි. පොල් දෙල් කොස් ආදී පලතුරුවලින් සමුර්ධ උයනෙකි. සියලු උපභොග පරිභොග වස්තුගෙන් උපලක්ෂිතයි. මෙසේ සරුසාර වූ ලක්දිව වසන විසි දෙ ලක්ෂයක් තරම් වූ සිංහල ජනයා දැන් සැපසේ වෙසෙත් ය යි නුඹලා සිතන්නහු ද? කොළඹ ආදී නගරවල ඉතා ටික දෙනෙක් සැප සේ වසන බව හැබෑය. නමුත් ලක්ෂසංඛ්යාඉත සිංහල ජලයාට දෙවේලේ ආහාර ගැනීමට ඉතා අමාරුව සිටිති.
විජයසිංහ - ඇයි ඉස්සර සිංහල රජුන්ගේ කාලවලට වඩා දැන් ලක්දිව දියුණු නොවේද,
තාපසයා - ඔව්, තොරතුරු හරිහැටි නොදත් උඹලා එහෙම සිතති. සිංහල රජවරු ය කීවේ කොයි කාලේටද?
තාපසයා - ඔව් ළමයා, උඹලා මෙන්ම ඔය ගැන මුළාව ඉන්නෝ බොහෝයි. සිංහල රජ කියා සම්මත කර ගත් දෙමළ කුමාරවරු හතර දෙනෙක් ශ්රීල විජය රාජසිංහ, කීර්ති ශ්රීෙ රාජසිංහ, රාජාධි රාජසිංහ, ශ්රීහ වික්ර,ම රාජසිංහ යන නම්වලින් ලක්දිව රාජ්ය,ය කර තිබේ. ඒ අතර මූදුබඩ පළාත්වල කලක් පරංගිත් කලක් ඕලන්දයයොත් කලක් ඉංග්රිතසිත් රාජ්යවය කළෝය. දඳුකර පළාත් දෙමළ කුමාරවරුත් මූදුකර පළාත් යුරෝපීය යනුත් වියවුල් සහිතව රාජ්යපය කළ අවුරුදු තුන් සියයක පමණ වූ කාලයට වඩා ඉංග්රීුසි නීතියට සම්පූර්ණයෙන් ම ලක්දිව යටත් වූවාට තරමක් සමුර්ධ බව සැබෑය.
විජයසිංහ - එය එසේනම් අපට වෙච්ච අනතුර කුමක් ද?
තාපසයා - යම් මනුෂ්ය යෙකුට නපුරු ලෙඩක් වැලදී තිබෙන
කාලයේදී රසවත් ආහාර වර්ග කන්ට නොලැබුනාට යමෙක් අසතුටු වේද?
විජයසිංහ - නෑ. සත්තකෙන් ම ලෙඩෙකුට බෙහෙත් හා ඊට පථ්ය ආහාර මිස රසවත් ප්රසනීත ආහාර ඒ ලෙඩින් ඉන්නා කාලේ නොලැබුනාට දොස් නෙකියයි. අසතුට ද නොවෙයි.
තාපසායා - නමුත් නිරෝගි මිනිහෙකුට සුදුසු ආහාර පාන ඇතුව තිබියදී ඒවා අනුභව කරන්වට නොලැබෙතොත් ඒ මනුෂ්යමයා සතුටු වේද?
විජයසිංහ - නෑ. සත්තකෙන්ම ඔහුට සතුටු වෙන්ට බෑ.
තාපසයා - අන් ඒ නිසා වියවුල් සහිතව රාජ ආණ්ඩු කීපයක් පැවති පසුගිය අවුරුදු තුන්සියය තුළදී ලක්දිව සමුර්ධ නොවීමත්, ශාස්ත්රයය දියුණු නොවීමත්, ලක්වැස්සන්ගේ සැප සම්පත් දියුණු නොවීමත් කණාගජටු වෙන්ට කරුණු නොවේ. නමුත් බලසම්බන්න වූ ශිෂ්ටාචාර මන්ත්රීණන්ගෙන් යුත් සාධාරණ වූ බිත්රා න්යම ආණ්ඩුව පවතින මේ කාලයේ සිංහලයන්ගේ පිරිහීම කණගාටුවට කරුණක් බව මට පෙනේ.
විජයසිංහ - සිංහලයෝ දැන් කවර කවර කාරණා වලින් විරිහී සිටිද්ද?
තාපසයා - සියල්ලෙන්ම පිරිහිලා. ඔන්න ලක්දිව සිංහලයන්ගේ ගණන මා කීවේ විසි දෙලක්ෂ ගණනකි. මෙයින් ධනවත්තු කීදෙනා ද, උගත්තු කීදෙනා ද, කියා කල්පනා කටයුතුයි. ලක්දිව දැන් මදක් සමුර්ධ කී බැව් සැබෑ නමුත් සිංහලයන්ගේ සමුර්ධත්වයක් බවට තේරුම් නොගත යුතුයි. සිංහලයා පිරිහීමට හේතුව සිංහලයගේම අසමගියත්, අසල භාවයත් නිසා රටේ සාරවත් සියල්ලම පරදේශින් අතට පත්ව තිබීම මිස අන්ය යන්ගේ වරදක් නොවේ. සිංහල ජනයා දො කෝටියක් පමණ විසූ පුරාණ කාලයේ අපේ ප්රවධාන ආහාරය වන හාල් ඇටයක් වත් ඉන්දියාවෙන් ගෙන්වා නැත්තේය. නමුත් දෙකොටි සංඛ්යා ත ජනගහනය පැවති පුරාණ කාලයේ ඒ සා මහත් සෙනඟකට උවමනාවාටත් වැඩි හාල් මෙහි උපදවා පිට රටවලට යවා තිබේ. දැන් ඉන්න ලක්ෂ ගණනට 1906 අවුරුද්දේදි ඉන්දියාවෙන් ගෙන්වා තිබෙන හාල් බුසල් ගණන (10280328) එක්කෝටි දෙලක්ෂ අසූදහස් තුන්සිය
විසි අටකි. ඉතින් ළමයෝ. මේ හාල් බුසලක් රුපියල් පහ ගණනේ තැබුවත් හාල් සඳහා පමණක් ලක්දිව මුදලෙන් රුපියල් කොටි කීයක් ගියා දැයි බලමු. කොටින්ම ලක්දිව 1906 අවුරුද්දට අපේ කෑම බීම ඇඳීම සඳහා ගත් බඩුවලට පිට රටට රුපියල් දොළොස් කොට්ටි තිස්පන් ලක්ෂ දෙදාස් නවසිය විසි එකක් දි තිබේ.
මේ පිට රටින් ගෙන්වා තිබෙන හාලුත් රෙදිත් ඇක් ඇනක් දේවලුත් මෙහි ඇති කර ගත නොහැකිද? එසේ කළොත් අවරුදු පතා යන මේ රුපියල් දොළොස් කෝටිය ගණන මෙහි නොරඳා ද? එසේ අවුරුදු පතා ඒ මුදල මෙහි නතර වුනොත් ලක්දිව මිනිස්සු එක වේල කා නොමැරි නොසිටියාට කාටත් සිත් වූ පරිදි කා බී සැප සේ විසුව නොහැකිද? පුරාණ සිංහලයන්ට උවමනා හාල් රෙදි පෙරදි කැති උදලු හැලි වළන් පිඟන් කෝප්ප ආදී සිය්ල්ලක්ම ලක්දිවම රඳා සිටියේය. ඉතින් දැන් මේ අවුරුදු පතා පිට රටට යවන මුදලෙන් අපේ ශරීර ශක්තියත් සමගියත් ගුණධර්මයත් ශූරවීර භාවයත් ලැජ්ජා භයත් විනාශ කරන මත් පැන් සදහා කොපමණ ගියාද කියා සිතන්නෙහිද?
විජයසිංහ - අනේ තපස්විතුමාණනි, මත්පැන්වලට කොමණ ගියා ද කියා කියන්ට.
තාපසයා - අහෝ මට ඒ ගණන කිය නොහැකියි. නමුත් සිංහලයන්ගෙත් වෙන මෙහි සිටින මිනිසුන්ගෙත් ප්රනයෝජනය සඳහා 1906 අවුරුද්දේ ගෙන්වා තිබෙන බීම මෙසේයි :-
බ්රැ න්ඩි ගැලොන් 45149 ජින් ” 80229
ලිකර්ස් ” 1299 රම් (රට රා) ” 167 විස්කි ” 77216 මෝල්ට් ලිකර් ” 159915 මුළු ගැලොන් ගණන 363975
මේ බීම ගැලොන් තුන් ලක්ෂ හැටතුන් දාස් නවසිය හැත්තැපහ සඳහා පිටරට වෙළඳුන්ට දී තිබෙන ගණන
රුපියල් 1352628 ක් නමුත් ඒවා ගෙන් වු වෙළෙන්දොත් තව ම වාගේ ගුණයක්වත් ලබා නොගෙන නොසිටිත්. හොඳයි, ලක්වැස්සන් අවුරුද්දකට බොන බීම ඔපමණ ද නෑ. අරක්කු ගැලුන් දසලක්ෂ දහනවදාස් හත්සිය ගණනක් බොති. ඉතින් අප්පේ පවුල් දුප්පත් නොවෙද්ද? දේහ ශක්තිය අඩු නෙවෙද්ද? සිංහලයා නොපිරිහී කෙසේ නම් සිටිද්ද? මේ බීමේ විපත්තින් හිර ගෙවල් පිරී තිබේ. මනුෂ්ය යා කම්මැලි වී කාලකන්නි වී සිටිති. එසේ නැතහොත් අක්කර (16233600) එක්කොටි හැටදෙලක්ෂ තිස් තුන් දාස් හසියයක් පමණ වු භූමිය ඇති ලක්දිව සිටින මේ ලක්ෂ සංඛ්යාෂත පිරිසට උවමනා හාල් දෙල් පොල් එළවළු ආදිය වවාගෙන සුව සේ කා බී සිටින්ට නොහැකිද?
විජයසිංහ - ටිකක් අවසර ලැබෙන්ට. ලක්දිව වර්තමාන ආණ්ඩුවට ලැබෙන ආදයම කොපමණද?
තාපසයා - 1906 යේ ආදායම රුපියල් 35030660 කි. වියදම 34494554 කි. මෙයින් වැඩි කොටස යුරෝපීයි නිලධාරින්ටත් ස්වල්ප වශයෙන් ස්වදේශීන්ටත් ලැබෙති. ඒ ස්වදේශී ගොඩේ සිංහලයෝ ටික දෙනෙකුත් සිටිති. පැන්ෂන් පඩි සඳහා පමණක් රුපියල් 1412572 ක් ගොස් තිබේ. එංගලන්තයේ සිටින මහත්වරුන්ට මෙයිනුත් වැඩි කොටසක් යති.
ඉතින් ඒ ආදායම් වියදම්වල විස්තරයක් නොව මා කියන්ට ආවේ ලක්දිව බිම් තරම අක්කර 16233600 ක් නමුත් දැනට වවා තිබෙන අක්කර 2653204 ක් බව පෙනේ. ඉතින් මුඩු බිමට තිබෙන ප්රෙමාණය අක්කර 13580396 කි. මේ වවාගෙන තිබෙන අක්කර 2653204 රෙන් කොටසක් පමණ යුරෝපියන්ගේ තේ වතු බව සැලකිය යුතුයි. සිංහලයන් විසින් මොන උලව්වක් වවා තිබේද්ද? කම්මැලි වූ අසමගි වූ ජාත්යකලය විරහිත වූ වර්තමාන සිංහලයා පුරාණ සිංහල ක්රාමයත් ගුණධර්මතත් සමගියත් උසස් වීමේ අභිලාෂයත් ඇති කරගෙන මේ මුඩුව තිබෙන අක්කර 13680396 යේ සාරවත් හරියේ වී,
කුරක්කන්, උඳු, මුං ආදියත් පොල්, දෙල්, කොස්, තේ, රබර්, කෝපි, කුරුඳු, කපු ආදියත් වවාගතහොත් කුමට අනුන් යටතේ රැකීරක්ෂා සොයද්ද? කුමක් නිසා බඩගිනි උසුලද්ද? කුමක් නිසා දරිද්ර්භාවයට පත් වෙද්ද? පුරාණ ලංකාවේ පොළොව අඟලක් වත් මුඩුවෙන්ට හැර නොතිබුණු හෙයින් ම මෙය මගුල් උයනක් විය. ලංකාද්වීපය යසෝකීර්තියෙන් පිරවූ උත්තම මහීපාලයන්ගෙන් මහා පරාක්ර මබාහු රජතුමා ශ්රෙතෂ්ඨයි. උන්වහන්සේ රජ වූ ඉක්බිති සිතූ පළමුවෙනි සිතුවිල්ල නම් “හැමටම පළමුකොට බෙහෙවින් ධාන්යප රැස් කිරීම කටයුත්තේය.” මෙසේ සිතා අමාත්යාහදි ප්රබභූ ජනයාට මෙසේ ප්රරකාශ කළේය.
“බෙහෙවින් මා අයත් රජයෙහි අහස් දියෙන් නිපදතා නොයෙක් ගොයම් බිම් හැර නුසුන් දිය යුත් නදීන් හා එසේ ම මහ වැව් නිසා පැවති කෙත් ස්වල්පය බොහෝ වූ පර්වයතයෙන් ද ඝන වූ වන ලැහැබින් ද මහමඩින් ද රාජ්යසය අතිශයින් සම්බාධයි. මෙබදු දේශයෙහි වැස්සෙන් හටගත් ජලය මදකුත් ලෝකොපකාරයෙන් වෙන්ව කිසි කලකත් මුහුදට නොයේවා! මැණික් රන් ආදී වස්තුන් හටගන්නා ආකර බිම් හැර සෙසු තන්හි කෙත් මොනවට පැවැත්ම කටයුතුය. ලෝ වැඩ නොකොට සිය අතට පැමිණියක් අනුභව කොට විසිම මා වැන්නන්ට සර්ව ප්ර කාරයෙන්ම යුතු නොවේ. තෙපි සියල්ලෝ වනාහි දුෂ්කරවූ ද පැමිණි කටයුත්තෙහි නොපසුබට වීය්ය්ෝ ඇතිව එහි දුෂ්කර භාවය නොසිතා නිරවශෙෂයෙන් මාගේ සංවිධානය නොවරදාවා කර්ම න්තය අනුසස්නා පරිද්දෙන් පවසව’යි කීයේය. (මහවංසයේ 68 වෙනි පරිච්ඡෙදය)
ඉතින් මේ වචන ටික තෝරා බැලූ කල්හි ලක්දිව ආකර ගංගා ගල් හැර පෘථුවිය මුඩුවෙන්ට නොහැර වැවීම කරවු බවත් ඒ සුභික්ෂිත කාලයේ උපන් සිංහලයාගේ වීය්ය් බ ප්රෙඥාදි බලය අධික වූ බවත් ජාතියේ ජන සංඛ්යාසව ඉතා මහත් වු බවත් පෙනේ. අපේ සාරවත් පොළව පාළු වෙන්ට හැර කාගේවත් යටතේ ටොකු
කමින් පියුත් වැඩ, අප්පු වැඩ, කෝකි වැඩ කරන්ට සිංහල දරුවන්ට උගන්වා යොදවන සිංහල දෙමව්පියන් නිසා අපට වෙච්ච දේ නම් සිංහලයා ස්වාමීව සිටිය යුතු නැත, සිංහලයෝ අමුඩයෝය. අශිෂ්ටාචාර වුවෝය, ස්වකියට රට, ආගම, ජාතිය ආරක්ෂා කිරීමට ඉදිරියට නොගියෝය. එහෙයින් කෙපමණ දුක් ලැබුණත් කොපමණ පරිභව ලුබුණත් කොපමණ දිළිඳු උනත් අනුන් යටතේ දාස භාවයට හොඳය, යුරෝපීය ජාතීහු අපට වඩා උසස්ය.ඒ නිසා ඔවුන් සමග සංකර වීමත් ඔවුන්ගේ චාරිත්‍ර වාරිත්රස ආගම ධර්මාඔදිය පිළිගැනීමත් හොඳයයි සිතා සිංහල ජාතිය විනාශ වන්නේය.
විජය - තප්ස්වීතුමාණනි, හෙඳයි සිංහල ජනයා ස්වකීය රටත් ආගමත් ජාතියත් ආරක්ෂා කිරීම සඳහා ඉදිරියට පැමිණ කවර වික්රහමයක් දැක්වූවෝද?
තාපසයා - අනේ ළමයිනි, නුඹලා මෙතරම් අන්ධද? සිංහලයෝ, දෙමළ, සෙලී, පාඬි, කේරළ, චීන, බුරුම, ජා ආදී ආසියාතික ජාතීන් සමග කළ සියගණන් මහා සංග්රාරම අහකින් තබා මීම වර්ෂෙ තුන් සියයක් වන තුරු යුරෝපයේ ඉතා බලසම්පන්නා ජාතිය වන පෘතුගීසීන්ගේ දක්ෂ යුද්ධ සේනාධිපතියා වන කොස්තන්තීනු ද සා ජානරාල් සහිත මහා සමුදාවකට ගැසූ පහරක් නුඹලාට කියන්නෙමි. අපේ දුටුගැමුණු පරාක්ර මබාහු ආදි තේජවන්ත රජ කාලය ගැන ගියනුම කවරේද? මේ පෘතුගීසීන්ට 17 අවිරිදි රාජසිංහ කුමාරයා සිංහල ජාතිය තරමක් දුරට පිරිහීගන ආ කාලයක ගැසූ පහරකි. “ඇතා වැහැරුණත් කොරහේ නාවන්ට නොහැක” කී වචනය පරිදි මෙයින් තේරුම්ගත යුත්තේ සිංහලයා ස්වකීය රජුන් සිටිද්දී දුර්වමල වූවත් පසු නොබසීන බවයි. මේ වසින් දක්වන යුද්ධය මෙසේය :-
“ශ්රීව බුද්ධ වර්ෂි 2163 නේදී සේනාරත්න රජතුමා මහනුවර අගනුවර කොටගෙන නිරන්තරයෙන් පවත්වන දානාදී පුණ්ය කර්මය ඇතිව සිව සඟරා වතින් ජනරංජනය කොට රාජ්ය් කරන සමයෙහි මුහුදුබඩ පළාත්වල සිටි පවිටු ක්රැහර පරංගි රැල බලසම්පන්නව සිංහලයන්ගේ පරිශ්රුද්ධ භූමියට පැමිණ ඔවුන්ගේ ආගම සිංහලයන් අතරත් බෝ
කරන්ට උත්සාහ කළෝය. ඔවුහු බෞද්ධාය්ය්රද් සිංහලයන් ගෙවල් තුළ දමා ගිනි තුබුවෝය. විහාර ආරාම චෛත්යා්දී පූජනීය ස්ථාන විනාශ කළෝය. මේ අධම මිනිස්සු මුහුබඩ පළාත මෙන්ම උඪරට ද ඔවුන්ගේ මිථ්යා දෘෂ්ටියෙනුත් මත්පැන් බීම ආදී දරුණු දුශ්චරිතයන්ගෙනුත් කිළුටු කරන්ට පටන් ගත්හ. මේ ආකාරයට මහනුවැ ද පාපීන්ගේ බලහත්කාරකම් වලට ටයත් වූ හෙයින් යුද්ධ කිරීමේ ආලය සිතින් ඉවත් කරන ලද සේනාරත්න රජතුමා ස්වකීය අයියාගේ (විමලධර්මකසූය්ය්ා රජතුමාගේ) දරු දෙදෙනා ද ගර්භනීව සිටි ස්වකීය බිසව දමග වනගත පළාතකට (මහියංගනයට) පැමිණ විසූහ. මෙහිදී රාජසිංහ කුමාරයා උපන්නේය. මේ උතුම් වික්රහමාන්තවිත රාජ කුමාරයාගේ ඉපදීමෙන් පරංගීහු බිය වනාක් මෙන් කඳුකර පළාත් අත්හැර ගිය හෙයින් සේනාරත්න රජතුමා ස්වකීය රාජ පිරිසත් සමග මහනුවරට පැමිණියේය. ඉක්බිති මූදුබඩ පළාත් වැසි අන්ධ දෘෂ්ටිය ගත් සිංහලයෝද රජතුමා නැතිකොට පරංගින්ට මුළු රට ම අත්පත් කර දෙන්ට සිතූහ. මෙසේ එකවිට ලංකාවේ සිටි පෘතුකාල් ආණ්ඩුකාරයාත් සමග කථාකර ගත්හ. පෘතුගීසි ආණ්ඩුකාර තැන ගෝවේ සිටින පෘතුගීසි වයිස්රෝයි තුමාට දන්වන ලදින් ලෝකයේ ම ඉතා බලවත් යුද්ධ සෝනාධිපතීන්ගෙන් කෙනෙක් වන කොස්තන්තීනු ද සා නම් ජනරාල් යටතේ මහ සමුදාවක් මුළු ලංකාද්වීපය අත්පත් කර ගන්නා පිණිස පිටත්කර එවන ලද්දේ විය.
සද් දෙන් මහත් තෙඳබල පෙන්නා දරු ණ සුද් දෙන් කුරුස සුරුවන් රැගෙන පැමුනු ණ බැද් දෙන් පිට නොහැර සතුරන් මැරූ පොර ණ යුද් දෙන් මේ බලා සලකව් තතු ලෙසි ණ
ඉක්බිති ක්රි ස්තු වර්ෂ 1630 අගෝස්තු මස 25 වෙනි දින කොස්තන්තීනු ද සා නම් පෘතුගීසි ජනරාල් යටතේ 23000 ක් කොළඹින් පිටත් වූහ. මෙම සේනාවේ අධිපති ජනරාල්වරුද අවශෙෂ මුලාදෑනීහු ද සිය ගණනක් වූහ. පෘතුගීසින්ට පක්ෂ වූ සිංහලයෙක් ද මෙහි කර්නල් ධූරයක් ඉසුළුවේය. එනම්, ජෙරොම් පෙරේරාය.
මේ බලවත් පෘතුගීසි සෙනග සතර කෝරළේ මැණික්කඩවර කියන ස්ථානයේ බැඳ තිබුණු පෘතුගීසි කොටුවේ නැවතී සිට මෙසේ ගමන් කළේය :- (කොස්තන්තූනු හ
01. වි ක් මැති ප්රැතිකල් බලසෙන් සමගි න ල ක් දිව මහසෙන් ගනිමින් නොමදි න ස ක් පන සරි අප ජනරල් මනමෙ න නි ක් මුනි සිතා පුරයෙන් සතොසි න
02. ර ස ඹි න් පිරි ඇල දොල වැව් අමු නූ සැ දි න න් පලතුරු විලසින් ඇමු නු නොම දි න් කෙත් වත් අස්වැද පැසු නූ ද කි මි න් මග දෙපසෙහි ගම් පටු නූ
03. නො ද හ න් පෙර මද රජ මෙන් බබළ න රු සි රෙ න් දිසි අප ජනරල් සසොබ න බ ල මි න් ඇසි පිය නොහෙළා සිටියෙ න සු ර ඹු න් ඇසි පිය නොහෙළා සිටිය න
04. ද ප් බිඳ පිළිමල් රජුන්ගෙ නොමදි න ක ප් හිම කර තම යස පළවෙන මෙ න ස ප් හර තෙද යුතු අප ජනරල් තැ න තෙ ප් පනාව යන පියස ලැඟුම් ගෙ න
05. නොම දා ගනඳර බිඳ රැස් විහි දා සු ස දා පෙරඹර පොබයා සර දා දි නි දා උදයග පත් සඳ පිබි දා ස මු ද සහ නිකුමුනු වැඳ සුරි දා
06. බ ලැ ති සතුරු නිරිඳුන් දප බිදීමි න අ යි ති තමර ගම් තමහට සරුව න ය සැ ති මේ අප හිමි මහසෙන් සමගි න නි වි ති ගලැයි යන පියස ලැඟුම් ගෙ න
(යනාදි වශයෙන් මේ පෘතුගීසින් වර්ණනනා කරන ලද පොත කතෝලික කිවියරයෙකු විසින් කරන ලද්දකි.)
වනදුර්ග ගිරිදුර්ගාදියෙන් යුත් රටට පැමිණි මේ සතුරු සේනාවෝ බදුල්ලේ කඳවුරු බැඳ ගත්හ. ඉක්බිති පරශාස්තා මත්ත හස්තීනට කේසර සංහායමාන වූ අපගේ ශ්රී්මත් රාජසිංහ කුමාරයාණෝත්මයන් වහන්සේගේ භීමවික්ර ම සේනාධිපතීන් වන අධිකාරම් කැප්පෙටිපොල, පිළිමතාලාපේ, මඩුගල්ලේ, හේවාගම්කෝරළේ, කඩුවෙල වික්ර්මසිංහ, හංවැල්ලේ ජයවීර, හලාවත ජයපාල, මහනුවර තෙන්නකෝල් යනාදී
රණකාමී සිංහල ජනරාල්වරුන් යටතේ විසිදාහක් සිංහල සේනාව මේ පෘතුගීසින් පිළිගැනීමට සැරසුනාහ. යුද්ධොපායෙහි අතිදක්ෂ සංහල සේනාධිපතියෝ පෘතුගීසීන් සමුලඝාතනයෙන් නසමු යයි සම්මත කර ගෙන බදුලු නගරය පෘතුගීසීන්ට කැමති හැටියක් කරගැසීමට ඉඩ තබා සිංහල සේනාව වන දුර්ගය රැස් කරවූහ. කිසිම විරුද්ධකම් පෑමක් නොමැති හෙයින් කොස්තන්තීනු ද සා නම් පෘතුගීසි ජනරාල් තැන මුළු ලගරය ම ගිනි තබා නගරයට ඉතා ආසන්න කන්දට ස්වකීය සෙනග රැස් කොට ශක්තිමත් ලෙස කඳවුරු බැඳ ගත්තේය.
මේ කාරණකොටගෙන පළඹුවෙන් සිංහලයනි අදහස් කළ ක්රතම වෙනස් කොට අමුතු විධියකට යුද්ධ කරන්ට සිද්ධ විය. පෘතුගීසි යුද්ධ භටයින් කකුල් ලෙඩක් වැළදීමෙනුත් සිංහල සෙනගට තමන්ගේ යුද්ධ ක්රේමය වෙනස් කොට අමුතු පිළිවෙළකට කටයුතු සලස්වා ගන්ට උවමනා වූ හෙයිනුත් කීප දවසක් ම යුද්ධක් ඇති නොවීය. ඉක්බිති වනදුර්ගයෙහි උන් සිංහල සේනාව පංච තූය්ය්ට නාද පැවැත්වීමෙන් විශාල රණ කෙළියට පුල පුලා එන විට සතර දිසාවෙන් ම අවුත් සම්පූර්ණයෙන් පරංගි සමුදාව වට කළේය. පරංගින්ගේ කාලතුවක්කු අත්තුවක්කු ශබ්දයෙන් ද දුනු හඬින් ද මුළු බදුලු නගරය යුගාන්ත ගර්ජනාවක් මෙන් විය. මෙසේ රෑ දවල් තිස්සේ නිරන්තරයෙන් කරන ලද දරුණු වූ බයංකාර වූ සංග්රාුමයේදී පෘතුගීසීන්ගේ ද සිංහලයන්ගේ ද සේනාවන්ට බොහෝ අනතුරු වූහ. භීම වික්රෘමාන්විත තරුණ රාජසිංහ රාජකුමාරයා කළවර්ණු අශ්ව රාජයකු පිට හිඳිමින් තමා ම සෙනඟට අණ දෙන්නේ සෙනඟ එක එක සේනාධිපතියාට දහස දහස බැගින් වෙන් කොට දෙමින් ඉඩ ඇති සිටියෙන් අධම සතුරන් නැසීමට සැලැස්විය. මෙසේ තුන් දිනක් නොකවා යුද්ධකර ගෙන යන අතර දියගු ආදී සමථ පරංගි මුළාදෑනි බොහෝ දෙනෙක් මරණු ලැබූ හෙයින් පෘතුගීසින්ගේ බැගෑපත් භාවයත් ඝනාන්ධකාරයත් එක විටම හට ගත්තේය.
බි ය ක රු කුදිටු ගත් ප්රයතිකල් සෙනග රැ සේ හ ද තු රු ඇවිල ගත් මර බිය දක්වන සේ දි නි සු රු එදින පැළ දිග සපැමිණි විග සේ ග ණ ඳු රු කඳ පිරුණි සිරිලක්දිව එක සේ
ඉක්බිති රාත්රිිය ද නොසලකා යුද්ධ කරන්නාවූ වීර වික්ර්ම සිංහලයෝ පෘතුගීසීන්ගේ ඉතුරුව සිටි කැප්ටන් ආදී මුලාදෑනීන්
මරණ ලදින් කිසිම බලාපොරොත්තුවක් නැති කොස්තන්තීනු ද සා මරණ බියෙන් බියපත් වූහ. සිංහලයන් මේ සටනේදී කළ දස්කම් ඊෂ්යාිවෙන් වර්ණශනා කරන්නාවු කොස්තන්තීනු ද සාගේ පුතා සිංහලයින්ගේ බලවික්රසමය පහත් අන්දමින් දක්වා තිබේ.
එදින රාත්රි ය බලවත් සටනින් අතිශයින් බාගිය සිත් ඇති පෘතුගීසි මිථ්යාාෂ්ටිකයෝ පසුබසිමින් දෙවියන්ට යාච්ඤා කරන්ටත් පාදිලිවරු කොමිසන් දෙන්ටත පටන්ගත්හ. නමුත් සිංහලයන්ගේ වෙඩි පහරවලුත් ඊ පහරවලුත් කඩු පහරවලුත් දෙවියන්ට කොහෙත්ම වලක්වාලිය නොහැකි වීමෙන් සියලුම පෘතුගීසින් මරා දමන ලඳුව මුලු බදුලු නගරය මළ මිනියෙන් වසාදමන ලද්දේ විය. පෘතුගීසි ජනරාල්වරුන්ගේ ඔළු සත්කෝරළේ ගස්වල ඇන ගසන ලදි. ලෝක ඉතිහාසයේ පෙනෙන යුද්ධවලින් ටක ම සතුරෙකුට වත් පලා යා නොදී මරණ ලද එකම යුද්ධය මේ බැව් සැකිය යුතුයි.
දු හ ද සතුරු වනසා සුසිරි වඩමි නී ප බ ඳ විජය කොඩි බැඳි දියත වෙසෙසි නී මෙ ලෙ ද තෙද පහළ කළ සිහල දරුවෙ නී බ රි ද දියුණු වෙන්ට දැන් සිතුවොති නී
විජය - සත්තකෙන් ම මෙබඳු වික්රරමකම් මෑත වන තුරු කළ අප ජාතිය අප නොදැන ඉන්නා සැටි! අපේ ජාත්යාිලයත් ජාත්යා භිමානයත් නැති වූයේ අපේ මුතුන් මිත්තන් සම්බන්ධ කිසිවක් නොදැනීම ම නිසා බව මට දැන් හොඳට ම අවබෝධ වුනා. මේ රාජසිංහ රජතුමාණන්ට වඩා වික්රබමකම් කළ රජුන් ගැනත් කියන්ට තිබේද?
තාපසයා - කුමක් කියනුද? දුටුගැමුණු, මහා පරාකුමබාහු, වළගම්බාහු, මහා විජයබුහු ආදී ශ්රෙුෂ්ඨ රජවරුන් තබා රාජසිංහ රජතුමාට වඩා වික්රුමාන්විතව විසූ රජවරුන් කීදෙනෙක්ද? බදුධ වර්ෂ් 1955 හේදී ජයවර්ධනපුර (කෝට්ටේ) රජ කළ ශ්රීර සංඝබෝදි පරාක්ර මබාහු මහරජු ගැන රටවැසි සිංහලයන්කළ කථාවක් මෙසේ උගතෙක් දක්වා තිබේ.
01. තෙදින් රිවි බි ම බා නිරිඳු සඳ පැරකු ම් බා රුපු සිදු කල ම් බා කෙළෙ ය විරු සිරි සඳ ඔලො ම් බා
02. මෙරද සිරි සර ණ ය
නිරිඳුන් මුදුන් බර ණ ය
සිරි සදව වර ණ ය
වේය මුළු ලොවට එක සර න ය
03. බලකොටු ගරි දුදු ළු බළ සෙන් සමග තෙද ර ළු බුන් සෙන් සමග තෙද ර ළු නැබුළු විකුමැති නොයෙක් රජමු ළු
04. යුද පද පසි න් දා ඔවුන් බිඳ ලුහුබ න් දා යස දසත අ න් දා කෙළෙ ය මුළු දඹදිවට නි න් දා
05. දසටක් ගිරි දුදු ළු ජය ගෙන විකුම් තෙද ර ළු හළ දළ රුපු අඹු ළු දරුණු මර සෙන් අයුරු බළ මු ළු
06. අඹල මෙර මත වැ ද වෙරළ ගිරි සිදු දිය ක ඳ රොස කර ගොස නොම ඳ ඇවිත් වන සඳ යුදට එක බ ඳ
07. මැති සෙනග සල සා යාපා පටුන සක සා ගෙන අදහස් ලෙ සා තිබි ය පස්වා දහස් යස සා
08. මෙ නර පව රා යා හළ නැව් සෙන් පු රා යා අතර උඳු රා යා ගතී රායන්වල ව රා යා
09. දඹදිව සොළී ර ට ආදීව රාම පටුන ට මහ සෙනග යුදය ට යවා මහ නැව් පිටින් එක වි ට පියදාස සිරිසේන නවකථා එකතුව 279
10. නිබඳ බිඳ යුද සො ඬ දෙමළ බළසෙන් බල මැ ඩ දඹදිව තල නිහ ඬ කෙළේ සිරි ලක්දිවට දිය වැ ඩ
11. තෙවිකුම් විකුම් ඇ ති අපහිමි දිනිඳු කුල ප ති පෙර නිරිඳුන් අයි ති නුවූ දසටක් වන්නි ජය ග ති
12. සිය ගණනක් මෙ සේ රුදු රැණ දිනා වෙසෙ සේ දැක්වී යස රැ සේ මහලු පැරකුම් නිරිඳු විල සේ
13. පිවිස මුළු ලෝ කු ස යුගකෙළ සයුර ගොස ලෙ ස මැඩි රුපු රජ යස ස කොතන නොපතළෙ ද මොහු ජය ගො ස
14. දිසි දස දෙස ගො සි න් මොහුගෙ අණසක වෙසෙ සි න් සැණ මල්දම් ලෙ සි න් කවර රද නොදැරී ද සිර සි න්
15. තම තෙද අණට උ දු හිමිකර සතර දලනි දු පිම්බූ සැඩ විරි දු පසිඳු කන්නඩි නිරිඳුගේ රු දූ
16. මුළු දඹදිව අව ට බැලුවත් දෙරණ විකුම ට මෙ අප නරනිදු හ ට ඇද්ද සරි වන රජෙක් මෙ ලක ට
17. බෙලෙන් බලදෙව් යු ත අප නරනිඳුට සිරිම ත නොවි නිති අවන ත කවර නිරිඳෙක් ඉදිද මෙදිය ත 280 අපට වෙච්ච දේ
18. සිටි මුළු ලොව දී ලී මොහු අණ මිසක් නොමැ ලී කවරෙකු අණ බ ලී විද පරරජ ගජන් හැකි ලි
19. වනස හැම දුදු ළේ රුඳු රුපු රදුන් දප ළේ උවිඳු ද පසුකෙ ළේ කුමන විකුමක් ද මොහු නොකෙ ළේ
20. ජයගෙන මුළු දෙර ණ පෙන්වා තමන් තෙද අ ණ ලක එක හිරවර ණ කෙළේ අප හිමි විකුම් අපම ණ
21. දස දහසක් යො දු න් දඹදිව දිනු විරි දු න් දම්සෝ නරනි දු න් මිසක් කවරෙක් සරි ද මෙර දු න්
22. තම කුලයට මතු ත් වන ලෙසට ලක එකස ත් පෙන්වා රජ සිරි ත් විය මනු නිරිඳු මෙන් මැදහ ත්
23. තමන් සිළුමිණි දෝ සිලිලෙන් සරණ කර දෝ රජ ඉඟි දැන සො දෝ සිටිති සිරිලක සියල් නිරි දෝ
24. වැඳ ඔහු පද කම ල ලැබ සව් ඉසුරු මනක ල සොලී පාඬි කු ල නොයෙක් නිරිඳෝ සිටිති හැම ක ල
25. බුදු බණ අසා නි තී අප හිමි තියුණු නුවණඅ ති සසමය දැන පැව ති මිලිඳු සේ විය දනුමැ ති පියදාස සිරිසේන නවකථා එකතුව 281
26. විරිදුන් හැම දු ර ම වැඳ රද නීති අස ර ම දතැ අවිසිප් ස ර ම සියල් කිවි නළු ඇසී නොහැ ර ම
27. මනු නීති දසර ද දැහැමින් ලොවට අගර ද අප නිරිඳුට පැහැ ද පඬුරු නේවන කෙනෙක් කවුරු ද
28. පිසිඳ රිවි වං සා සපැමිණි මෙරද හං සා මුළු ලොවට හිං සා නොකොට කරණු ය නිති ප සං සා
29. මේ අප නර පව රා මනු නය සිතින් පසු රා නොහැර සිව් සඟ රා ලොවට නිරතුරු කෙරෙයි සඟ රා
30. මේ අප නරනි න්දේ රජ දහම සිත රැ න්දේ තොස් සිදු කිමි න්දේ නොයෙක් බමුණන්ට නිති ද න්දේ
31. ගත් මෙන් නව න ද න් කෙරෙමින් කලි අතුරු ද න් කර තම සති න ද න් දේය අවුරුදු පතා මහ ද න්
32. මේ අප නර පව ර සිරිලක රඳන මනහ ර මහ සඟනට නොහැ ර දේය අවුරුදු පතා පිරික ර
33. දිවමින් මුනිර දා දුටු මෙන් ම සිත පහ දා පුද පඬුරෙන් ස දා පුදයි බුහුමන් සිතින් දළ දා 282 අපට වෙච්ච දේ
34. රුපු වියවුල් පැහැ ර සදහම් සිතින් නොම හැ ර කරවා මහ වෙහෙ ර කරයි එහි නිබද පුද පෙරහ ර
35. කුළුණෙන් දුප්ප තු න් තියුණු නුවණින් විය තු න් විකුමෙන් බලව තු න් නිබඳ දෙන මහ දනින් නිව තු න්
36. මෙතින් නරපති ය න් නිති තනතුරෙනි මැති ය න් වැඩුමෙන් කුලැති ය න් නොකඩ බැති පෙම් සිතින් යති ය න්
37. රැක සිරිලක ලක ළ සව්සත සතන් තුටු ක ළ අප නරනිඳු බව ළ ලොවට බට පින් පිඬෙකි නිකස ල
38. අම්බලමේ නොම ද දන රැස් උනුන් මන් බැ ද මෙලෙසින් කියන සො ඳ තෙපුල් තා අස අසා උන් ස ඳ
ඉක්බිති විජයසිංහ සිල්වාට කථාකොට අපේ විශාල ධනය විනාශ කර ගෙන වත් මේ අපට වෙච්ච දේ දැන ගැනීමට නිසි මාර්ගය සලස්වා ගත හෙයින් දැන් අපට සැනසීමට කාරණයකැයි කියා අප ජාතිය මදක් වත් පණ උපදවා ක්රි යා කිරීමට කුමක් කටයුතු දැයි තපස්විතුමාගෙන් ඇසුයේය. එවිට තපස්විතුමා මෙසේ කියන්ට පටන් ගත්තේය.
11. පරිච්ඡෙදය
[සංස්කරණය]මිත්රකවරුනි, දැන් සිංහල ජාතිය පිරිහීමට පටන් ගත්තේ ජාතිය සම්බන්ධව ඇති දැනීම හෙවත් ජාතිය කෙරෙහි පවත්නා මමත්වය අන්තර්ධාන වීමෙනි. දුටුගැමුණු මහර රජතුමා මරණ මංචකයේ සිට ගෙන ස්වකීය මලණුවන්ට “මලඬ තිස්සය, ලක්වැස්සන් (සිංහලයන්) නෙපෙළා දැහැමින් පියදාස සිරිසේන නවකථා එකතුව 283
රජකරව” යි කීය. මේ උත්තමයාණෝ ජීවමාන කාලයේ ස්වකිය සිංහල ජාතියට කෙතරම් වැඩ කළෝ දැයි මෙහි දැක්වීම උවමනා නොවේ. මුළු ජීවිතයම ජාතිය වෙනුවෙන් ගතකොටත් අවසාන මොහොතෝදී පවා ජාතිය මතක නැති නොකළාහ. දැන් අප සියලු දෙනා තුළ වැඩියක් නොව අප ජාතිය සම්බන්ධව මමත්වය පමණක්වත් පවත්නේ නම් අනික් සියල්ල ම නිරායාසයෙන් ඉෂ්ට වන්නේය. අපේ ජාතිය ගැන ආගයක් සියල්ලන් තුළ ඇතිවීද, එකල්හි අපේ පිරිහීම වලකී. අප අතර බොහෝ දෙනා වචනයෙන් පමණක් ජාත්යා ලය දක්වති. නමුත් සිතින් ඒ ජාත්යාපලය තහවුරු වි නැත. සිංහලයෝ කම්මැලියෝ නොවෙති. සිංහලයෝ කටයුතු කරති. ඒ පුද්ගකික ලාභයම තකාගෙන වෙති. ආත්මාථය හෙවත් ඉතාම හිතෛෂින් ගැන පමණක් බොහෝ සේ වෙහෙසෙති. ජාතිය වෙනුවෙන් වැඩ කිරීමට මෙහෙයන ලද සිත් ඇත්තෝ දැන් ඉතා විරලයහ.
මේ ස්වාථ ලාභාපෙක්ෂාව වහා ම ඉවත් කළ යුතු කාලය පැමිණ තිබේ. රටත් ජාතියත් පිරිහී යන අතර ඒ රටේ ජාතියේ කීප දෙනෙකුට පමණක් සැප සේ විසිය හැකිද? නැවක එක් පෙදෙසකින් සිදුරුව නැවේ සිටින්නාවූ කීප දෙනෙක් යහනාවල නැගී සැපසේ සිටිතත් ඒ නැවේ සිදුරු වසා ඒ නැව නිරුපද්රට කරනොගතහොත් නැව් වාසීන්ටය වැඩි කල් සැප සේ විසිය හැකිද? නොහැක්කේමය. එසේම අප ජාතියේ උපන් ටික දෙනෙක් සැපසේ සිටිතත් ජාතිය සර්ව ප්රනකාරයෙන් පිරිහීගෙන යන මේ කලයේ ඒ පුණ්යයවන්ත කීප දෙනා උපෙක්ෂාවෙන් විසීම යුතු නොවන්නේය. සිංහලයන්ගෙන් බෙහෝ දෙනා වත්තක් කුඹුරක් හෝ අන්ය ඉතා සුළු වස්තුවක් ලැබිමට ගොස් ව්යෙසනයට පවා පත් වෙති. නමුත් ජාතියේ අභිවර්ධනයට වැඩ කිරීමට කිසිවෙක් ඉදිරිපත් නොවෙති. ආත්මාරර්ථිය සඳහා රෑ දෙවෙහි වෙහෙස ගන්නා අය දවසින් ස්වල්ප වේලාවක් වත් උපයන දෙයින් අල්ප මාත්රභයක් වත් ස්වජාතියේ දියුණුවට වියදම් නොකිරීම බලවත් නින්දාවකි. ස්වකීය සහෝදර සිංහලයන් පිරිහෙද්දී, අපරාධ කාරයන් වෙද්දී, හිඟන්නන් වෙද්දී, කුලීකාරයන් වෙද්දී, අතමිට ඇති අය නිසොල්මනේ සිටින මෝඩයාට සමානයි.
සිංහලයා ජාතියක් වශයෙන් මහෙශාක්යස භාවයෙන් කල් යැවීමට නම් අවුරුදු දෙදහස් ගණනකට අධික කාලයක් පටන් අපට උරුම වූ
උතුම් චාරිත්ර්ත්, ආගම ධර්මුයත්, භාෂාවත්, අණ්යොනන්යෙ සහෝදරත්වයත් වර්ධනය කර ගත යුතු වේ. ජාති මමත්වය ඇති වූ වහාම මේ කාරණා නිරායාසයෙන් සමුරුධ වෙති. අභිනව ග්රීයසිය, ඉතාලිය, බැල්ජියම, ජපන් ආදී රටවල් වර්ධනව ඒ ජාතීන්ට භේද නොව, කල්යවන්ට හේතුවූයේ ඔවුන්ගේ ජාති මමත්වය හෙවත් ජාතිය ගැන ආලය වේ. මුළු ලෝකයෙහි චන්ද්රය සුය්ය්මත්යන් මෙන් ජපනුන්ට ප්රරකට වෙන්ට හේතු වූයේත් මේ ජාත්යානභිමානය වේ. මේ ජාත්යාාභිමානය යම් ජාතියකට උචිත පරිදි ඉෂ්ට වෙන්නේය. බලවත් ජාත්යා ලය ඇති ජාතියක් අන්යා ආණ්ඩුවකට යටත් වුවත් ඔවුන්ගේ සහෝදරත්වය නිසා තමන්ට රුචි වූ පරිදි ආණුඩු කරණු ලැබිය හැක.
ජාත්යාකලය සිතෙහි තදින් පැතිරීම ක්රිවයා කිරීමට හේතුවේ. සිතෙහි යම් කටයුත්තකට ආලයක් ඇති උවහොත් ක්රිැයාව ඉක්ම විය නොහේ. ඒ හෙයින් පළමුකොට අපේ ජාතියත් රටත් ගැන සිතතුළ බලවත් හැඟීමක් ඇති කරගත යුතුයි. තිරිසනුන් මෙන් ආහාරත් නිද්රා්වත් මෛථ්රතන ධර්මෙයත් සඳහා පමණක් නොව ජාති ගෞරවයත් මහේශාක්යිභාවයත් ඇතිකර ගැනීමට විසි ලක්ෂයකට අධික වූ සිංහල ජනයා එක වරම පටන්ගතහොත් අපට කුලීකාරයන් වෙන්ට වත් යුරෝපීයන්ට දෙවෙනි වෙන්ට වත් කිසි සේත උවමනා නොවේ. ජාතිය කෙරෙහි අනාදරයෙන් අන්යොනන්යතයන් කෙරෙහි විරුද්ධත්වයෙන් ලැබී තිබෙන අන්තරාය දැන් අප ඇස් හමුවෙහි තිබේ. තව දුරටත් මේ දුරුගුණ අප අතර වර්ධනය වීමට ඉඩ හැර නිසොල්මන් උවහොත් කුමකින් කුමක් වේ දැයි කා කිවහැකිද? දැන් සිංහලයන් තුළ ධෛය්ය්හ ය නැත්තේ යයි කිව යුතුයි. ධෛය්ය්යහ ය ඇත හොත් සාධාරණයත් යුක්තියත් ඉෂ්ට කරවා ගැනීමට අසහයොපකාර වූ සමගිය ඇතිවිය යුතුයි. ශ්රී ලිංකාද්වීපය තවමත් අසාර නුවූයේය. මෙහි පුරාණ ඇති වූ රන් රිදී මුතු මැණික් මිනිරන් යකඩ තඹ පිත්තලාදි අගනා වස්තුත් වී සහල් යව මෙනේරි ආදී ධාන්ය් වර්ගත් පොල් දෙල් කොස් ආදි පලතුරු වර්ගත් පුරාණයේ මෙන්ම දැනුත් ලක්දිවින් සපයා ගත හැක්කේය.
අපේ ලක්දිව පුරාණ ස්වභාව කොහෙත්ම වෙනස් වී නැත. වෙනස් වී තිබෙන්නේ සිංහල මනුෂ්යායන්ගේ ගුණධර්මාදියයි. පුරාණ ලෝකය යසෝකීර්තියෙන් පිරවූ උතුම් ජාතියෙන් පැවතෙන මේ සිංහලයන්ගේ සිත්හි නැවත ඒ උතුම් ගුණ පිහිට විය නොහැකි යි ද නොසිතිය යුතුයි. ඒ හෙයින් ජාත්යා ලය ඇති උගත් ජනයා ගමක්
ගමක් පාසා සන්ධියක් සන්ධියක් පාසා සිංහලයාගේ ජාත්යාලලය වර්ධනය කටයුතු ආකාරයත් එසේ කිරීමෙන් මෙලෝ පරලෝ දෙක්හි ලැබි හැ අර්ථතසිද්ධියත් කියා දිය යුතුයි. මේ කිසිවක් කරගත නොහැකි හෙයින් වනගත වමි”යි තපස්විතුමා කීය.
12. පරිච්ඡෙදය
[සංස්කරණය]මේ කාරණා ඇසූ ඉක්බිති විජයසිංහ හා සිල්වාත් ධෛය්ය්සිවමත් හැබෑ සිංහලයන් මෙන් ප්ර බෝධව තපස්විතුමාට මෙසේ කීහ. තමුන්නාන්සේ අපට කරන ලද උපකාරය අප්රඇමාණය. අපි අපේ ජාතිය ගැන අන්ධයෝව උනිමු. දැන් අපි කවරහුදැයි දැනගතිමු. අපි මේ වැඩේ නැවතත් මුදල් උපයා ගත හැකි උනොත් ජාතියට වැඩ කරම්හ’යි තපස්වීතුමාට වැඳ යන්ට අවසර ඉල්ලූහ. එවි තපස්විතුමා ‘නුඹලාගේ කේන්ද්රත මතකදැ’යි අසුයේය. ඔවුනට ඒ ගැන දැනීමක් නැත. නමුත් විජයසිංහගේ වේලාවත්කඩය ලොකුරාළහිමි විසින් කඩදාසියක සලකුණුකර තිබුනෙන් එම කඩදාසි කැබෙල්ල තමාගේ කෝට් එකේ සාක්කුවේ තිබී තපස්වීතුමා අතට දුන්නේය. තපස්වීතුමා එය බලා එවකට විජයසිංහ බ්රීහස්පතීන්ගේ මහ දසාව හා අන්තර්දසාව ඇති බවත් ගුරු සය වැන්නෙහි සිටින බවත් දැන :-
අ රු ව න් හදන කෙලි ගෙවලට සතුටු නැ ති රු සි රෙ න් යුතු ලියන් වත්දැකුම් රිසි නැ ති කො වු ල න් හඬ යවුල් මෙන් කණ වැෙඳයි නි ති ස ය ව න් නට පැමිණි ගුරුගේ පලය වෙ ති
මෙස් කියා මේ ගුරු ලබන අවුරුද්දේදි සත්වන්නට පැමිණෙන්නේය, එවිට -
සැ ප ව ත් යහන් කම් සැප සමගින් ද න ය ය හ ප ත් අහර මල් විලවුන් වාහ න ය නැ ණ ව ත් දන සෙවුම ඈ සැප වෙන වෙ න ය ගු රු ස ත් වන දේය කිව පෙර පඬි ද න ය
මේ නිසා ලබන අවුරුද්දේ නොයෙක් සැප සම්පත් ලැබීම ද නිශ්චිතය. ඒ හෙයින් නොපසුබටව විය්ය්නො යෙන් කටයුතු කරවයි අවවාද කොට තපස්විතුමා ඔවුන්ට සමු දුන්නේය.
ඉක්බිති විජයසිංහ හා සිල්වාත් ඒ කැලෙන් එළියට විත් රත්නපුරා පළාතට පැමිණියේය. අතේශතයක් වත්මුදල් නැති නමුත් මහත් කාරණා රාශියක් ඉගෙනීමෙන් හා බලවත් මෝඩකම් කොට එයින් ලබන ලද දැනමිතිකම් වලිනුත් ඥානවන්තභාවයට පැමිණ සිටින මේ දෙදෙනා අල්ප මාත්රලයක් වත් මන්දොත්සාහී නොව මිනිරන් පතලයක කුලීවැඩට ගියෝය. දෙදෙනාටම දිනකට ලැබෙන්නේ රුපයලකුත් ශත පනහකි. මෙයින් ශතපනහ කෑමට වියදම් කර දිනපතා රුපියලකුත් ඉතුරු කර ගනිමින් එම පතලේ තුන් මාසයක් වැඩ කළෝය. තුන් මාසයක් ඉකුත් වූ පසු ගණන් බැලූ විට රුපියල් 75 ක් ඉතිරිව තිබෙනු දැක විජයසිංහ සිල්වාට මෙසේ කීය :-
“මිත්රසය, සෑම දිනම කුලීවැඩ කරමින් ජිවිකාව කරගැනීම අපට තරම් නොවේය. කුලීවැඩය කියන බැළමෙහෙ කිරීම තබා පඩියක් සදහා කරන ලොකු නිලයක් වත් මට නම් තරම් නොවේ. කුලීකාරයාටත් වඩා පඩියකට වැඩ කරන අය වාලෙකි. රුපියල් 1000ක පඩියක් ලබන අයත් රුපියල් 13 ක පඩි ලබන අයත් එක සමානව දුප්පතුයි. කෙතරම් විශාල පඩියක් ලබන්නෙකු උවත් සෛවරීභාවයක් නැති හෙයිනුත් තමාට ලැබෙන පඩියේ තරමට වියදම් ද ඇතිවීමෙනුත් කිසි කලක සැපයක් නැත්තේය. එසේ ද වූවත් දිනකට ශත විසිපහක් උපයන බුලත්විට විකුණන සුත්රි.යෙකුට ලොකු පඩිකාරයෙකුට වඩා සැප ඇත්තේය. ඒ හෙයින් අපට කිසිවක් කරගත නොහැකි තැනදී කුලීවැඩ කළ නමුත් අප අතේ රුපියල් 75 ක් තිබෙන හෙයින් මැනික් හාරන්ට යමුය’යි සම්මත කරගෙන රක්වානට විත් මැණික් පතලයක් බැහීමට දහයෙන් කොටසකට පිබ් කැබැල්ලක් අරගෙන මැණික් පතල් කපා පුරුදු කායෙකුගේත් උපකාර ඇතුව පතලය බැස්සේය. බඹ දෙකක් යටට හෑරු නමුත් මැණික් රශ්මියක් වෑදුණු තිරිවානගල් කැටයක් වත් දකින්ට නොලැබ රුපියල් 75 වියදම් විය. තුන් මාසයක් දුක් විඳ විජයසිංහ හා සිල්වාත් උපයන ලද රු.75 මාසයක් පමණ තව නොයෙක් දුක් විඳ වියදම් කොට කිසි අර්ථලයක් නෙවුයෙන් ඉතින් කුමක් කරමුදැයි සිතමින් සිට විජයසිංහ සිල්වාට මෙසේ කීය.
“ ප්රාවරභ්යාතෙන ඛලුවිඝන භයන නීෛචඃ
ප්රා රභ්යංවිඝන මිහතා විටමන්ති මධ්යඃී
විඝෛනා පුනරපි ප්රයතිභන්යි මානඃ
ප්රානරභ්යංචොත්තම ජනා න පරිත්යන ජන්ති”
මෙහි අදහස - කරන්ට බැරිවේය යි යන භයින් පහත් මිනිහා කිසිම කටයුත්තක් පටන් නොගෙන එදිනෙදාට යම්තම් පිරිමසා ගෙන මදක් දුර කරගෙන යනවිට යම් යම් උපද්රෙවයක් පැමිණි කල්හි අත්හැර දමති. නමුත් උත්තම ජනයා වනාහි ආරම්භ කළ කටයුත්ත කෙපමණ බාධා පැමිණියත් අත්නොහැර වඩ වඩා ධෛය්ය්ම්භයෙන් ම කරගන්නාහ. එසේ හෙයින් අපි සිංහල ජාතියේ උත්තම කොට්ඨාසයට අයිති නිසා දිවි තිබෙන තුරා කුලී වැඩ කර කර මැණික් ම හාරමු යි නිශ්චය කරගෙන නැවතත් කුලීවැඩ සදහා මිණිරන් පතලයකට ගියෝය. එහි ගොස් දෙමසක් වැඩකොට පඩි ඉල්ලු නමුත් එම පතල අයිතිකාරයා ස්වකීය වැඩකරුවන් කෙරෙහි කිසි අනුකම්පාවක් නැති අධමයෙක් හෙයින් විජයසිංහලාරගේ පඬිය නොලැබුණේය. “ගහින් වැටුණු මිනිහාට ගොනා ඇන්නාක් මෙන්” අමාරුවට වැටුණු තැනදි දුක සේ ඉපදු දේත නොලැබී යාම අතිශයින් කණගාටු විය යුතු කරුණක් නමුතු විජයසිංහ හා සිල්වාත් කණගාටුවෙනවා වෙනුවට සතුටුව ඒ පතලය අත්හැර වෙන තැනකට ගොස් මාසයක් වැඩකොට රු: 30 ක් ඉතුරු වූයෙන් ඒකත් රැගෙන ගොස් කලින් වැඩ කළ මැනික් පතලයේම 15ස් දිනක් වැඩ කළ නමුත් කිසිම දෙයක් නොලැබුණු හෙයින් ඒ අසල වෙන පතලයක 10 දිනක් වැඩ කෙළෝය. එයින් ද කිසිම ප්රියෝජනයක් නැති විය. ඉක්බිති,විජයසිංහ හා සිල්වාත් කල්පනා කරමින් සිටි -
කො ප ම ණ තැන් කළත් අකුසල් ගෙවන තු රු
නො යෙ දෙ න බැව් සැබැයි සැපතක් මෙ දිය තු රු
ප ල දෙ න කල කුසල් තැන් නොකළත් මහ රු
තැ න තැ න නිදන් මතුවෙයි පැවසූ ඉසිව රු
යනාදිය කියමින් නැවතත් පතලයක වැඩට ගොස් 15 දිනක් වැඩකොට රුපියල් දහයක් උපයාගෙන විත් කලින් වැඩ කළ මැණික් පතලයේම වැඩ පටන් ගත්හ. ඉතා ප්රිවේසමෙන් වියදම් කරමින් අන්යට කුලීකාරයකුත් නොගෙන ඒ දෙදෙනා විසින්ම වැඩ කළෙ හෙයින් පසළොස් දිනක්ම වැඩ කළෝය. එසේ වැඩකර පසළොස් දිනකට පසු මැණික් ඉල්ලමකැපෙන්ට පටන් ගත් නමුත් ශත පහක් වත් වටිනා මැණිකක් ලබන්ට බැරි විය. ඉක්බිති පසු දින ද පතලයේ වැඩට ආ නමුත් ඒ දවසටම කිසි ආහාරයක් නැති හෙයින් වරුවකට වඩා වැඩ කළ නොහැකිව නැවතී සිටින වාඩියට ගොස් විජයසිංහ ජස්ටින්ට කථා කොට ජස්ටින් අපි මාස නවයක් පමණ උත්සහකොට ශතයක්වත්
ප්රටයෝජනයක් ගත නොහැකි විය. නමුත් අපේ අහේතුවේ ප්රහමාණය ඉතා මහත් බැවින් අපි මන්දෝත්සාහි වීමත් යුතු නැත. එසේ ද උවත් තව තුන් දවසක් පමණ කැඳ වතුරත් බිබී පතලය හෑරීමට ඕනෑය. ඒ හෙයින් නුඹ මගේ මේ සරම කාටවත් ශත 50කට විකුණා හාල් සේරු දෙකකුත් ඊට උවමනා අනිත් දේත් රැගෙන වරෙන්නැයි කියා අමුඩයක් ගසාගේන ඇඳ උන් සරම ලිහා දුන්නේය.
ජස්ටින් ද සරොම ගෙන ගොස් දෙමළුන්ගේ කඩයකට ශත 60 කට විකුණා හාල් සහිත තුනපහ ගෙනවවුත් එදා රෑට උයාගෙන කා නිදා පසුදින උදයන් ම දෙදෙනාම පතලයට බැස ඉල්ලම කඩමින් ගරන්ට පටන් ගත්හ. මෙසේ ගරන අතර ඉර මුදුන් වේලාවට පමණ ලොකු දෙහි ගෙඩියක් පමණ විශාල වූ රුත කැයක් කුඩයට වැටුන බැවින් කුඩයරතු පාටින් ඒකාලෝක විය. නමුත් මැණික අතට ගන්ටත් ප්රැථම මැණික් පතලෙයේ ඉවුර දිගේ දිවගෙන ආ කළුපාට රෞද්රඅ නාගයෙක් පතලයට පැන්න හෙයින් කුඩයත් සමග අත හැර මරණ භයින් කෑ ගසා ගෙන විජයසිංහ හැ සිල්වාත් ගොඩනැගී වැඩියට දිව ගත්හ. දෛවය හෙවත් හේතුව නැතුව උත්සාහයෙන් කිසි පලයක් නොමැති බැව් සිතමින් වාඩියේ උන් ජයසිංහ නයා මරාලා වත් මැණික ගන්ට ඕනෑය යි සිත් ෙධෙර්යය උපදවා ගෙන නැවතත් පතලය ළඟට පැමිණ පරීක්ෂා කළ විට එහි නයෙක් නොසිටියේය. සවස් වන තුරු පතලේ දිය ඉස හිස් කර මැණික බැලූ නමුතු දක්නට නොලැබුනෙන් රෑ වාඩියට ගොස් නැවතී සිටි හිමිදිරියෙන් ම පැමිණ එ දවසත් සවස් වන තුරු ම උත්සාහකොට මැණික සෙව් නමුත් සොයාගත නොහැකි විය.
ඉක්බිති විජයසිංහගේ හා සිල්වාගේ සිත් අධෛය්ය්ක වී පතලයෙන් නම් ප්රබයෝජලයක් බැපිය නොහැක. අපට මැණික් මෙන් පෙනුනේත් ඒ ඉක්මනින්ම නයෙක් අප න්ට පැන්නේත් එක්තරා යක්ෂ මායමක, ඒ හෙයින් මිනිරන් පතලක නැවතත් දෙ තුන් මසක් වැඩකොට වෙන තැනක හාරමුය’යි සම්මත කරගෙන වාඩියට ගොස් ඉතිරිව තිබුණු හාල් ටික උයා කා නිදාගත්හ. එදා විජයසිංහට තදින් නින්දගොස් තිබුනෙන් ඉර පායන තෙක් නැගිටින්ට නොපිළිවන් විය. උදේ හයට පමණ විජයසිංහගේ දුණැලය සුදුපාට නයෙකු විසින් දෂ්ට කරන බැව් සිහිනෙන් දැක හයපත් වී නැගිට මේ සීනයේ කවර අදහසක් දැයි ජස්ටින් සිල්වානගෙන් ඇසීය. එවිට ජස්ටින් ‘සහෝදරය, භයවෙන්ට එපාය. තවත් මිනිරන් පතලයක කුලී වැඩට යන්ට අපට නොයෙදේ. මේ සීනේ තේරුම නම් :-
“න යෙ ක් ඉතා සුදු නගමින් පෙණප ත
නො යෙ ක් දරණ ලා කැට දුට දකුණ ත
ඉ ම ක් නොවන ලෙස ලැබගන සම්ප ත
ජ ය ක් වේය දස දින තුළ බොරු නැ ත
පුරාණ ඍෂීන්ගේ කථාවට ගරු කරන විජයසිංහත් මදක් සතුටට පැමිණ වාඩියෙන් නැගිට ස්වකීය මැණික් පතලය ළඟට ගියේය. එවිට පතලය එහෙම පිටින් ම රක්ත වර්ණකව තිබුනේය. මැණික පතලය මැද අනික් තිරිවාන ගල් මතුපිටතිබෙන බැව් දැක හෙවින් පතලයට බැස මැණික අතට ගෙන ‘සමන් දෙවියන්ට පින් සිද්ධවේවා’ කියා ප්රීෙතියෙන් කුල්මත්ව මැණිකත් රැගෙන වාඩියට දුව ගොස් ජස්ටින්ට මැණික පෙන්විය. ඉක්බිති දෙදෙනාම තමුන්ගේ දුක්කිත කාලය ගෙවුන බවත් මීට සතර දිනකට පෙර ඔය මැණිකම ඇසට පෙනී අන්තර්ධාන වූයේ අපේ අහේතු කාලය පසු නූන හෙයින් බවත් කියා මැනිකත් රැගෙන මැණික් වෙළෙන්දෙක් වෙතට පැමිණ මැණික පෙනුවූහ. මේ මැණිකට නියම මිල නොගෙවන පිණිස මැණික රුපියල් 5000 කට වඩා නොවටින බව කියා ඒ ගණනට ඉල්විය. නමුත් විජයසිංහලා සතුටු නොවී සිංහල වෙළෙන්දෙකුට පෙන්වූ කල්හි රුපියල් 30, 000 ක් දී මැණික ගත්තේය.
ඉතින් විජයසිංහ හා සිල්වාත් මේ මුදලෙන් මිණිරන් හාරන්ට පටන්ගෙන ඉතා හොඳින් හය මාසයක් සම්බකොට ඒ කටයුතුවලට සදුස්සන් පත්කොට දෙදෙනාම කොළඹට පැමිණ නොයෙක් ඉඩම් කඩම් ගෙවල් දොරවල් ආදිය අරගෙන නැවතත් ප්රසසිද්ධ ධනවත්තු දෙදෙනෙක් වූහ. නමුත් පළමුවෙන් සිටි මිනිස්සු නොව උතුම් ආය්ය්රසි සිංහලයෝ වූ හෙයින් වස්තුව විනාශයට කිසිම කාරණයක් ඒ ආය්ය්ු සිංහල සිරිතේ නොමැත්තෙන් මේ දෙදෙනා ද දිනෙන් දිනම ධනයෙන් හා ගුණයෙන් ද ඥානයෙන් හා සුසිලත්වයෙන් ද දියුණු වෙමින් සිටිනා අතර මේ තරුණයන් දෙදෙනාට නොයෙක් පළාත්වලින් කාසද බැඳින්ට මගුල් අසන්නෝ ඇති වූහ. රෑ වැටිච්ච වළේ දවල් වැටෙන්නන් දුරුලභවාක් මෙන් ජස්ටින් සිල්වාත් ඉංග්රීනසි ‘පැෂන්’ ගත් සිංහල ගෑණුන් නිසා වුණ මට්ටුව නිතරම සිත්හි ඇතිව උන්නෝය. මෙසෝ සිටිනා අතර වැදගත් සිංහල අප්පුහාමි කෙනෙක් පැමිණ ධනවත් උසස් සිංහල මහතෙකුගේ දුවක් විජයසිංහට කථාකරන්ට දැයි ඇසුයේය.
විජයසිංහ - ඔය මනමාලියේ පියාගේ වටිනාකම කොපමණයයි හිතේද?
අප්පුහාමි - රුපියල් පස් ලක්ෂයකට වැඩියි.
විජය - හෙට්ටින්ට කෙපමණ ණයද?
අප්පුහාමි - ආ එහෙම වැඩි ණයක් නැහැ. උන්නැහේ රු:20000 කට වඩා ණය නැහැ. ඔහොම ණය නැති කෙනෙක් කවුද?
විජය - හොඳයි හෙටටින්ට රුපියල් 20000 ක් ණය ඇති රුපියල් පන් ලක්ෂයක දේපල ඇති අයගෙනුත් හෙට්ටින්ට ණය නැති රුපියල් 1000 ක් දේපල ඇති මසකට රුපියල් 30 ක් සම්බකරන අයගෙනුත් වඩා ධනවතාත් වාසනාවන්තයාත් කව්ද?
අප්පුහාමි - අනේ මට තේරෙන්නේ නැහැ.
විජය - මට තේරේ. සත්තකින්ම දෙවනුව කී අය හෙට්ටින්ගේ ණයකාර පන්ලක්ෂයේ ධනවතාට වඩා හොඳයි. ඉතින් මේ ස්ත්රිහ.
අප්පුහාමි - මේ ඇත්තී හොඳට බණ දහම් සිංහල ඉංග්රී්සි භාෂා උගත් ඉංග්රීපසි සිරිත් දැනගත් දැන් කාලයට ඔබින කදිම තරුණියකි.
විජය - හොඳයි ඔය ස්ත්රිිගේ ඇඳුම කොහොමද?
අප්පුහාමි - ගෙදරට සාය හැට්ට අඳිනවා. ගෙදරින් පිට යන විට ගවොන් මේස් සපත්තු සහ තොප්පි අඳිනවා
විජය - අනේ ඕයි, එය තොප්පි අඳින ගවොන්කාරිගේ ඇඳුමෙනුත් රෙද්දක් හැට්ටයක් ඇඳ ඔසරියක් පාවිච්චි කරන ස්ත්රිපයගේ ඇඳුමෙනුත් වඩා ප්රිටය උපදවන සංසුන් භවයක් දක්වන ඇඳුම කෝකද?
අප්පුහාමි - ඔහොරිය ඇඳීම වඩා සාන්ත දාන්තයි, ප්රි ය කරුයි.
විජය - ඔහොරිය සහිත ඇඳුම වඩා හොඳයයි තමුසේ කීයයි. ඉතින් ගවොන් සහිත ඇඳුමටත් ඊට උවමනා ඉසපිට නංවන “පරුවතේටත්” යන වියදමත් ඔහොරිය සහිත ඇඳුමටත් යන වියදම කොපමණ කියා හිතනවාද? අප්පුහාමි - මට තේරුවක් නැහැ. පියදාස සිරිසේන නවකථා එකතුව 291
විජය - එහෙනම් අපි ගණන් බලමු ඉතා හොඳ පටරෙදි වලින් නොව සාමාන්යස රෙදිවලින් යතු ඇඳුමකට -
ගවොන් කාරියට රෙද්ද අඳින තැනැත්තියට
රු: ශ: රු: ශ:
ගවොමට 15 00 යටට අඳින රෙද්දට 1 25 යට ගවොමට 5 00 ඔසරිය සහිත උඩ බොස්තරක්කෙට 3 00 අඳින රෙද්දට 5 00 බොඩියට 2 00 හැට්ටයට 1 50 පටියට 2 00 බොඩියට 1 00 සපත්තු දෙකට 4 00 සපත්තු දෙකට 3 50 මේස් කුට්ටමට 1 25 මේස් කුට්ටමට 1 25 තොප්පියට හෙවත් ‘පරුවතයට 7 50 39 75 13 50
ඉතින් අප්පුහාමි රුපියල් 13 කුත් ශත 50 ක් ඇඳුම් අඳින ස්ත්රි්ය පමණ ලක්ෂණත් සාන්තදාන්ත ලීලාවත් නැති ගවොමට රුපි: 39 කුත් ශත 75 ක් වියදම් කිරීම පාත්තයාගේ රිස්ස යන්ට සතර කෝරළේ මිනිස්සු තුන් බෑය තබා වෙළුවාට වඩා නිවට නොවේ. යුරෝපියන්ගේ සිරිත් ඔවුන් අපට බෝ කළේ ඔවුන්ගේ බොස්තරක්ක පිදුරු තොප්පි ආදිය විකුණා ගැනීමටත් සමගයි. ඉන් නිසා ඔය ඉංග්රීකසි වෙසධාරී ගෑණුන්ගෙන් මට කමක් නැහැ. මට උවමනා වන්නේ ගෙදරදොර වැඩපල උගත් කුස්සියට ගොස් අපේ කෑම ටික උයාගන්ට පිළිවන් රෙද්දක් හැට්ටයක් ඇඳ පූර්විදිග ස්ත්රීින්ගේ උතුම් ඇඳුම් වූ ඔසරියක් අඳින පෝලෝ ටැනිස් ආදී ක්රී්ඩා නොදත් සිජහල අකුරුශාස්ත්රීය උගත් ස්ත්රීඔයෙකුයි. ඒ නිසා තමුසේ කිය ස්ත්රිඩය ‘සිවිල් සර්වන්ට්’ කෙනෙකුට නම් හොබී. මම දැන් මිණිරන් වෙළෙන්දෙක්මි. මට එපාය”යි කී විට අප්පුහාමි යන්ට ගියේය.
ඉක්බිති විජයසිංහ තමාට පළමුවෙන් ම මගුල් ඇහූ සීනාකෝරළේ මද්දුමරාළහාමිගේ දියණිය වන චන්ද්රඇවතී ගැන මතක් වි ජස්ටින් සිල්වාත් සමග මද්දුම රාළහාමිගේ ගෙදරට පැමිණ තමන්ට පැමිණි සියලුම තොරතුරු මුල පටන් අන්තිම දක්වා ප්රහකාශ කළහ. මේ
ප්රතවෘත්තිය සා උන් චන්ද්රවවතී සහ අගේ නැගනිය වන විමලාවතී ද මද්දුම රාළහාමි හා හාමිනේ ද විස්මයට පැමිණ අවුරුදු තුනක් ඇතුළතදී මනුෂයෙකුට මෙතරම් කරුණු සිද්ධවිය හැකිදැයි පුදුම වූහ. ඉක්බිති විජයසිංහ දැන් තමාට හා සහෝදරයා වන ජස්ටින් සිල්වාටත් ඇති දේපලත් තමන් පැමිණියේ චන්ද්රවවතී හා විමලාවතීවත් දෙදෙනාට කසාද බදින පිණිසත් බව කීවේය. මද්දුමරාළහාමි ද කාරණා සෝදිසි කර බලා දියනියන් දෙදෙනා ද අතිශයින් සතුටු වූ හෙයින් විජයසිංහට චන්ද්රබවතී වත් ජස්ටින් සිල්වාට විමලාවතී වත් සිරිත් ප්රසකාර උත්සව සහිතව කසාද බඳවා පාවා දී මගුල් කෑවෝය. ඉතින් යහපත් විවාහ මංගල්යසයට පත් ප්රේාමයේ කුක්තව සියලු යස ඉසුරු විදිමින් ජාතියට හා රටටත් වැඩ කරමින් විසුවෝය. ඔවුන්ගේ පසු ජිවිතය ‘මහා වියවුලෙහි’ ප්ර කාශ වන්නේයි.
ම ත සැ දූ බුදුරදුන් පා තඹර පී තියේ
පි රි සි දු ලෙසින් දිනු තුම් සිහල ජා තියේ
ගු ණ රැ ඳු සිරිසේන දත් සතර නී තියේ
අ ම බ ඳු මෙ පොත කළෙ වැඩ පිණිස ජා තියේ
නිමි.