Jump to content

පියදාස සිරිසේන නවකථා එකතුව- 01-තරුණියකගේ ප්රේමය

Wikibooks වෙතින්

තරුණියකගේ ප්‍රේමය

(ක්‍රි.ව. 1910)


සංඥාපනය

[සංස්කරණය]

ප්රාබන්ධ කථා මාර්ගගයෙන් මනුෂ්ය යාගේ ගුණ නුවණ වර්ධනය කිරීමට පූර්වනදෙශීය පණ්ඩිත ජනයා ආරම්භ කරන ලද්දේ යුරෝපීය වර්ගපයා වනචරව සිටි කාලයේයි. පංචතන්ත්රත ආදිය පූර්ව දෙශයෙහි පැරණි ප්රකබන්ධ කථායි. යුරෝපීය බලය පැතිරෙමින් පූර්වංදෙශීය දියුණුව යටපත්වුණාට පසු වෙන දේවල් මෙන් ම මේ ප්රිබන්ධ කථා තැනීම ද ඔවුන් විසින් ම උපදවන ලද්දකැයි සිතූහ. ඔවුන්ගේ ඒ මතය අපේ පැරණි දේ ගැන නොදත් ස්වකීය රටේදීම විදේශීව ඉන්නා සිංහල ජනයා ද සැලකූහ. අප විසින් 1904 රේදි ලියන ලද වාසනාවන්ත විවාහය හෙවත් ජයතිස්ස හා ජයතිස් හා රොස්ලින් යන ප්රිබන්ධ කථාවෙන් සිංහල ජාතියට ලැබුණු ප්රකයෝජනය එය සතර වරක් ම මුද්ර්ණය කරන්ට වීමෙන් පැහැදිලි විය. අපේ ඒ පොත දුටු බොහෝ සිංහල මහත්තැන් ද රටට ප්ර්යෝජන ඇතත් නැතත් කථාන්තර පොත් කීපයක් ලියා තිබෙනු දැක ප්රීරති විමු. මේ “තරුණියකගේ ප්රේ මය” වනාහි ස්ත්රීමන්ගේ ගුණධර්මා දියම විශෙෂ වශයෙනුත් ජාත්යාමලයාදි අන්ය“ ගුණ ධර්මර සාමාන්යි වශයෙනුත් වර්ධනය කරණු සඳහා ලියන ලද්දකි.

අපේ මේ පොතපතේ ප්රෙයෝජන පත්වීම ජනයාට නිසැකව ලැබෙන යනු අපේ විශ්වාසයයි.

පියදාස සිරිසේන,

1916 ජනවාරි මස 3 වෙනි දින කොළඹ “සිංහල ජාතිය” කන්තෝරු‍වේදීය.



01 වෙනි පරිච්ඡේදය

[සංස්කරණය]

දක්ෂිණ ලංකාද්වීපය විජය රජු හා එක්ව ආ රෝහණ කුමාරයා විසින් රුහුණු ජනපදය පිහිටවූ තැන් පටන් මේ දක්වා ම සියලු යස ඉසුරෙන් හා මහොත්තම‍යන්ගේ උත්පත්තියෙන් ද සුප්රිසිද්ධ ව පවත්නේය. ලක්දිව උපන් ජාති හිතෛෂි වූ තේජෝ බල පරාක්රපමයෙන් යුත් ශ්රෙනෂ්ඨ වීරපුරුෂයන්ගෙන් වැඩි දෙනා මේ දකුණු ලක්දිව ම උපන්නේය. දුටුගැමුණු, මහා පරාක්රයමබාහු ආදී නරවීරයෝ ද, වේලුසුමන, සුරනිමල ආදී රණසූරයෝ ද, ඉලංගක්කෝන් ආදී ත්යා‍ගවන්ත මහා සිටුව‍රයෝ ද, දකුණු ලක්දිව ම උපන්හ. විශාරද බුද්ධිමත් මහා පණ්ඩිතයන්ට ද සකල ශාස්ත්රග පාරගත මහා කිවිවරයන්ට ද, උත්පත්ති ස්ථානය වූ දක්ෂිණ ලංකාද්වීපය මායා පිහිටි දෙරටෙහි ම සිංහල බලය වර්ධනය කිරීමට සෑම කල්හීම අවශ්ය්යෙන් පිහිටාධාර වූයේය. මේ දකුණු ලක්දිවට අයත් මාතොට නමින් සුප්ර්දිද්ධ පුරප්රහවරයෙක් වූයේය. අතීත වර්තමාන කිවිවරයන්ගේ වණර්‍නා නමැති චිත්ර්කර්මාරන්තයෙන් ලොවට දක්වාලු මේ නගරය සම්බන්ධ වර්ණටනාවෙන් මඳක් මෙසේයි.

මි ල දි ය තු න් වටිනා රජ කුලේ දු ලේ ස රි දි ගැ තු න් උසුලන මිතලේ බ ලේ ගි ලි ම දැ තු න් ලොබිනෙන මිලොලේ අ ලේ බ ල ම දැ තු න් මාතොට ඇත්හලේ නි ලේ

තු ල් ව ලා දිවන සෙද දිසි දියාකර ලොල් ව ලා පනන මින් විඳු සියාකර නි ල් ව ලා සිදු පියටි බිය ගියායුර නි ල් ව ලා ගඟනෙතර කර පියාසර

(මයුර ස‍ෙන්ද ශෙය)

තු ල් ව ලා පෙනෙන ගොන්ගිර උසබ ව ර ලොල් ව ලා අදන සිඳුගවපල් සස ර නි ල් ව ලා සසල රැදි ගුණ සදිසි ත ර නි ල් ව ලා ගඟින් එතරට යව මිතු ර


ස‍ිඳු බොන අටින් මේ කුල රැස්වූසේ ව ටි න් බැඳි කඹ පටි න් සිටිනා ගලන මද ක ටි න් නුඹ රත දි ටි න් දැක නොබවමිනි සිත අ ටි න් යාක ර තු ටි න් ප්ර චතර පවර මා තො ‍ටි න් (කොවුල් ස‍ෙන්ද‍ශය)

මෙසේ අතීත වර්තමාන කවිවරයන්ගේ වර්ණශනාවෙන් ස්තුති ප්රබශංසා ලත් මාතොට පුරයෙහි පෙර මෙන් ම වර්තමාන කාලයෙහිත් ආත්ම ගෞරවයෙන් යුත් වීරවික්ර ම සිංහලයෝ වසන්නාහ. තෘණාදි විද්යාශවන්හි කෙළ පැමිණි උද්භිද ශාස්ත්රරයෙකු විසින් සර්ජිත කරන ලද උයනක උවත් නිස්සාර පැලෑටි ඇතිවීම ස්වභාව ධර්ම්යක් මෙන් කෙපමණ ජාත්යා භිමානයෙන් හා සත්පුරුෂ ගුණයෙන් අගතැන් පැමිණි මනුෂ්යමයන් මධ්යායේත් අධමයන්ගේ ඉඳීම ද ලෝක ධර්මණය වන්නේය. පුරාණ පටන් සූර වික්ර‍මාදියෙන් අනූන සිංහල පවුලක් මේ මාතොට පුරයෙහි වාසය කරන්නේය. අභයවික්ර‍ම නම් වූ ඒ සිංහල කුල ගෘහයෙහි ජොනතන් අභයවික්රරම, සෙලෙස්තිනා අභයවික්රවම යන සහෝදර සහෝදරියන් තබා අනික් සියල්ලෝම මැරී ගියහ.

පූර්වාිපරදෙශීය භාෂා තරමක් දුර උගත් ගුණධමර්යෙකහි පිහිටි ජොනතන් මහතා අධික ධනවතෙකු නුවූ නමුත් නිරන්තර උත්සාහයෙන් යුත් සිංහල සිරිත් විරිත් ආරක්ෂා කිරීමට රුචි ස්වකීය මුතුන් මිත්තන් ගරු කරන කෙනෙක් විය. තමා විසින් විසි වයස් කල්හි ම මව්පියන්ගේ හා අවශ්ය් ඥාතීන්ගේත් නැතිවීම නිසා තෙලෙස් වයසෙහි පිහිටි සෙලෙස්තිනා නම් ස්වකීය නැගනියගේ ද එකම ආරක්ෂකයා මෙන් ක්රි යා කිරීමට ජොනතන්ට සිද්ධවිය. ජොනතන්ට වැඩි ප්රාසිද්ධ නගරයකට පැමිණ වෙළහෙළඳාමාදිය කරන්ට ලැබුණා නම් ධනසඤ්චය කරගැනීම පහසුව තිබුණු නමුත් තරුණ වයසෙහි සිටි නැගනිය නිසා ගමින් බැහැර යා නොහැකි විය. මිනිරන් හා පැඟිරි තෙල් සුළු සුළු වශයෙන් වෙළඳාම් කරන ජොනතන් අභයවික්රුම එක් දිනක් ගාල්ලට පැමිණ ස්වකීය කටයුතු කරගෙන දුම්රියපළට එමින් සිටියේ තරුණ වයසෙහි සිටි සිංහලයෙකු පිට්ටනියේදී සම්මුඛව ආචාර කරණු ලැබුයේය.

කලිසම් මේස් සපත්තු ඇඳ බැගෑපත් ලීලායෙන් උන් මේ තරුණයාගේ ආචාරය ලැබු ජොනතන් ඔහුට කථාකොට කවර පළාතක කවරෙක් දැයි ඇසීය. එවිට අසරණභාවයට පත්ව සිටි ඇල්ප්රටඩ් ද සිල්වා මෙසේ කීය. “මම වනාහි කොළඹ පදිංචිව සිටි ජේමිස් ද සිල්වාගේ පුත්ර්යෙක්මි. ‍ම‍ගේ පියා ධනවතෙකුව සිටිය නමුත් නපුරු සමාගම්කාරයන් නිසා

බේබද්දෙක්ව මැරී ගියේය. මගේ මව්, පියාගේ මරණින් පසු වෙන කෙනෙකු සමඟ කරකාර බැඳ මට බාල නැගනියන් දෙදෙනත් සමග ඉන්නීය. මම ඉගෙන ගනිමින් සිටි නමුත් දැන් ඊට වියහියදම් නැති නිසා වැදගත් කෙනෙකු යටතේ සුළු රක්සාවක් වත් ලබාගෙන ජිවිකාව කරගැනීමට ආවෙමි”යි ඇල්ප්රයඩ් කීයේය. මේ කාරණා අසා මොහුගේ දුක්ඛිතභාවය ගැන මෙහෙයු මෛත්රි යෙන් යුත් ජොනතන අභයවික්රාම මහතාට ආචාය්ය් මෙ ඩියුසන්තුමා විසින් දෙමව්පියන්ගෙන දරුවන්ට උරුම වන කරුණු සම්බන්ධ ලියනලද වාක්යෙය මතක් විය. ප්රතශස්ත ශාස්ත්රිෙය වාක්යවයක් වූ ආචාය්ය්ද ඩියුසන්තුමාගේ ලියවිල්ලේ භාවය මෙසේ විය.

“දරුවෙක් ස්වකීය මව්ට මඳක් සමාන වෙනවා පමණක් නොව ශරීරශක්තියෙන් ද, ධාරණශක්තියෙන් හා ගුණධර්මාතදියෙන් බොහෝ සෙයින් ම පියාට සම වන්නේය. ළමයා ඉතා ලපටිකාලයේදී පියා මැරී ගියත් ඒ පියාගේ ගති ගුණාදිය ළමයාට ලැබෙන්නේය. මීට හේතුව පියාගෙන් මාතෘ ගර්භයට ප්රගවේශ වන ධාතු මාත්ර යම පමණකැයි කෙසේ සිතමු ද? පියාගේ ශරීරික චෛතසික ශක්තිය හා ගුණධර්මෙ මේ ශුක්රසබීජය නිසාම කොයි ලෙසකින් වත් ඇතිවිය නොහැක්කේය. නමුත් බොහෝ දරුවන් දෙස බලන විට හැඩ හුරුකමින් පමණක් නොව ගති ක්රිනයාවෙන් ද පියවරුන්ට සමාන වෙති. යන එන, කන බොන, කථාබස් කරන, අසන බලන හැටි ද පියාට සමාන වූ ළමෝ ‍සිටිත්.

පියාට සදෘශ මෙබඳු ගති ක්රිනයාදිය ඇතිවීමට මේ ශුක්රිබීජයට වඩා බලසම්පන්න ධර්මඳතාවයක් ඇතිවිය යුත්තේය මය. ඒ නම් ගැබ් හටගැනීමෙන් පසු මව්ගේ සිතේ හටගන්නා සිතිවිලිත් ඒ කරණකොටගෙන ඇගේ ‍ලේධාතුවට ඇතිවන බලයත් කලල රූපයේ ගැටී වර්ධනය වීමෙන්ම උපදින ළමයාගේ ගතිගුණ ඇතිවන බව නිශ්චය කටයුත්තේය. ස්ත්රියයක් ගර්භනීව සිටි අවස්ථාවේදී භයසුලු දේවල් දැකීමෙන් වෙන්ව දුක් කණගාටු සිතිවිලිවලින් තුරන්වෙන්ටත්, ලක්ෂණ සම්පන්න ප්රිකය මනාප දේ බැලීමටත් උගන්වන්වන්නේ ගර්භයෙහි පිටිහි කලල රූපයේ සමුර්ධත්වය ඇතිකරුණු සඳහා බැව් නිශ්චිතය. මේ පරණ කල්පනා පැත්තකින් තැබූවත් අපට කල්පනාවට ගතහැක්කේ ස්ත්රි යගේ හිතේ හටගන්නා තරහ, සෝකය, ප්රී්තිය ආදිය නිසා කුසේ ඔත් කලල රූපය ද ඒ ආශ්රිනතවූ බැවින් ස්ත්රියයගේ පැවතීමට අනුව ළමයා තැනෙන බවය. මේ මතය මෙසේම ඒත්තුගන්නාලද බැවින් මවගේ චිත්තයෙහි හටගන්නා ගතිගුණ සියල්ලක් ම කලල රූපයට ද ඇතිවන්නේ යයි නිසැකව විශ්වාස කරමි.


ඉතින් ස්ත්රිිය‍ගේ සිතේ ස්වාමිපුරුෂයා සම්බන්ධ කරුණු පමණ අන්ය කිසි කාරණයක් රාඳා නොතිබේ. ස්ත්රීේ ස්වකීය පුරුෂයා රෑ දෙවෙහි දකින්නීය, ගෙයින් බැහැර ගිය විට ඔහු ‍ගැන සිතන්නීය, ඈ සහ පව්ලේ සියලු දෙනාගේ ආරක්ෂකයා මෙන් සලකන්නීය, ස්වාමියාගේ ගුණවත්කම් ගැන සිතන්නීය, ඔහුගේ දේහශ්රීකයෙහි ප්රයමුදිත වන්නීය, ඔහු යන එන හැටි, කථාකරන හැටි, බලන හැටි, සිනාසෙන හැටි සිතන්නීය, එසේම (සමහර) ස්වාමිවරුන්ගේ දුර්වගලකම්, මෝඩකම් හා දුශ්චරිත ගැන ද සිතයි. මේ සිතන සිතිවිලි නව මාසයක් මුළුල්ලේ ලේ ධාතුව හා ක්රිචයාකිරීමෙන් කුස පිළිසිඳ ගත් දරුවාට ද උරුම වන්නේය. ස්වාමිපුරුෂයා කෙරේ පවත්නා යම් යම් ගුණ හෝ අගුණ ස්ත්රිතය ආදරය ඇති හැටියෙන් අඩු වැඩිව ද නිතර සලකන්නීය. මේ නිසා පියාට වඩා ද සමහරවිට දරුවෝ ගුණ අගුණවත්ව සිටිති. ජාතක පියාට අසමානව ද දරුවෝ සිටිති.

ඊට හේතුව (1) සමහර ස්ත්රිඅයෝ සදාචාර නොඉක්මවතත් යම්කිසි සහෝදර මිත්රා(දී අන්යමයෙකු ගැන නිතර සිතේ ඇඳී පවති නම් ඒ අයගේ ගති ක්රිරයාදිය ඇති වන්නේය. පියාට සර්ව ප්රයකාරයෙන් අසමාන වන්නේය. (2) යම් ස්ත්රිමයක් ස්වකීය පුරුෂයාට ප්රේෙමකරතත් යම් විපතකින් අන්ය් පුරුෂයෙකු නිසා ගැබ්ගත් නමුත්, නිතර සිය හිමියා ගැනම සිතන්නී නම්, ගැබ්ගැනීමට ආධාරවු මිනිසා සමාන නොව ස්වකීය නියම ස්වාමියාට සමාන ළමයෙක් හට ගන්නේය. රූප කැටයම් කිරීම හෝ ඒ ගැන නිතර සිතන ස්ත්රී න්ට සමහරවිට ඒ සමාන දරුවන් ද උපදින බැව් පෙනේ.” යන මේ ආචාය්ය් සම ඩියුසන්තුමාගේ ලියවිල්ල ගැන සිතූ ‍ජොනතන් මහතා ඇල්ප්ර ඩ්ගේ පියාත් මවුත් දෙන්නාම වල්පාහේ බැවින් මොහුත් වලෙකු වෙන්ට පිළිවෙනැයි ද සිතුයේය. එසේ ද වූවත් තමාගේ වැඩටත් ආධාරකාරයෙකු උවමනා බැවින් ඇල්ප්ර ඩ්ට රක්ෂාවක් දෙන බැව් කියා මාතරට එක්ක ගොස් තමා‍ගේ කටයුතු කරන පුන්චි කන්තෝරුවට භාරකොට ඔහු සමග වැඩකරන්ට පටන් ගත්ත්ය.

02 වෙනි පරිච්ඡේදය

[සංස්කරණය]

මෙ සේ කලක් වැඩකරගෙන යන අතර අබයවික්රනම‍ගේ වෙළදාම ද දියුණු විය. ඇල්ප්රනඩ් සිල්වා ඉතා සුවච කීකරු සත්පුරුෂයෙකු මෙන් පෙනී සිටියේය. ඇල්ප්ර්ඩ් තුළ දුෂ්ට ගතියක් වත්


ඇතැයි අබයවික්ර මට කොයි ක්ර4මකට වත් දැක ගත නොහැකි විය. ඇල්ප්රේඩ් කෙරෙහි එකකුස ඔත් සහෝදරයකුට මෙන් ජොනතන්ගේ සිතේ ආලය වැඩී ගියේය. අනලස්ව වැඩපල කිරීමෙන් ද සැකසුරුවම් කමින් හා අවංක භාවයෙන් ද ඇල්ප්ර ඩ්ට සමාන කෙනෙකු තවත් නැති තරමට ජොනතන් සිතුයේය. මෙසේ අවුරුද්දක් පමණ පසු වෙන විට ඇල්ප්ර ඩ්ටත් තමා‍ගේ වෙළඳාමෙන් කොටසක් දෙන බැව් කියා ස්වකීය නිවසෙහි ම කෑමබීමට සලස්වා ගෙන සිටින අතර ස්වකීය සහෝදරිය වු සෙලෙස්තිනා ඇල්ප්රීඩ්ට කසාද බඳවා දීමට ද ජොනතන් සිටත ගත්තේය. නුමුත් සෙලෙස්තිනා ඔහු කෙරේ ප්රේඳමයක් නොකළේය.

ටික කලක් පසුවෙන අතර ‍ජොනතන් අබයවික්රරමගේ කොළඹ මිත්රේයෙකු වන ජයසිංහ ඔහු සම්බවීමට මාතරට පැමිණියේ ජොනතන් හා ජයසිංහත් ඉතා දැඩි ප්රෙිමවන්ත මිත්රරයන් හෙයින් ජයසිංහ කීප දිනක්ම මාතර නවත්වා ගත්තේය. ජොනතන්, ජායසිංහ, ඇල්ප්ර්ඩ් යන තිදෙනා ම එක් රැයක් එකට ආහාර අනුභව කලාහ. ඉක්බිති ඇල්ප්රටඩ් නිදන පිණිස කන්තෝරුවට ගියාම ජොනතන් තමාට ඇල්ප්ර්ඩ් සම්මුඛවුණු සැටිත් ඔහු ඉතා යහපත් කෙනෙකුව සිටින හැටිත්, ඔහු කෙතරම් හොඳට සිටියි ද කිවහොත් තමාගේ නැගනියන් සරණපාව‍ා දීමෙට පවා අදහස්කර තිබෙන බවත් කීවේය. එබස් ඇසූ ජයසිංහ ජොනතන්ට කථා‍කොට “අබයවික්ර.ම මහතාණෙනි, මෝඩ වෙන්ට එපා. ඔය ඇල්ප්ර ඩ් හොදට ඉන්නේ ඔහුගේ ප්රකකෘති හොඳ ගතියක් නිසා නොව අසරණකම නිසයි. යහපත් මවෙකුගේ දරුවෙකු මිස අයහපත් මවෙකුගේ දරුවෙකු හොඳ කෙනෙකු වීම ඉතා පුදුම සිද්ධවීමකි. අධම මිනිස්සු අසරණ භාවයට පැමිණියාම ඉතාමත් උතුම් සත්පුරුෂ ස්වභාවයට පැමිණෙති. ගිනි උඳුන දර ඇති කල්හි තද රස්නය පතුරුවතත්. දර නැතිව ගියවිට නිශ්තේජස්ව ක්රරමයෙන් ගිනි නිවීගොස් සිසිල් බවට පැමිණේ. අධම මව්පියන්ගේ දරුවෝත් එසේමයි. ධනය ඇතිතාක් පරසිරිත් පර ඇඳුම් පර නම් ගම් ආදියෙන් කෙලවරට පැමිණ සිට අසරණ වුණාම ආය්ය්කල් සිරිත් වලටත් බැස උපාසක ලීලාවක් දක්වමින් මත්පැන් ආදිය දුරු කොට මනා ගුණවත් භාවයක් දක්වයි. කවදා නමුත් ධනය ටිකක් ලැබුණොත් ඔහුගේ අධම ගතිය නොඅනුමානව ම මතු කරන්නේය.

“ සැ ප ක් පැමිණි කල දුදනගෙ සිත කුරි රූ දු ක ක් පැමිණි කල සතහට වෙයි සොඳු රූ ද ර ක් ලැබුණු විට ගිනිකඳ වෙයි නපු රූ දි ය ක් ලැබුණු විට උනුසුම වේය දු රූ”

යන මේ ආප්ත වචනයත් සලකා බලා ක්රියයා කළ මැනවැයි කියේය. එවිට ජොනතන් “මහත්මයාකේ කථාව හරි. අවුරුද්දකටත් වඩා අශ්රවය කළ මට මොහුගේ කිසි වරදක් දැන ගත නොහැකි විය.

ජයසිංහ - අවුරුද්දක් තබා දස අවුරුද්දක් ආශ්රවය කළත් අධම කෛරාටිකයෙකුගේ ප්රදකෘති සිවභාව සොයා ගැනීම අමාරුයි.

ජොනතන් - එසේ නම් මිහිහෙකුගේ ගුණාගුණ දැන ගන්නේ කෙහොමද?

ජය - මිනිහෙකුගේ ගුණාගුණ දැනීමට ක්රණම බොහෝ තිබේ. (1) මව් පියන්ගේ හැටි සොයා බැලීමෙන්, (2) ඔහුගේම මිත්ර යන් සොයා බැලීමෙන්, (3) ඔහුගේ ඉගෙනීම සොයා බැලීමෙන් යන තුන් විධියෙනුත් මිනිහෙකුගේ උත්තමාධම ස්වභාව දැනගත හැක්කේය. මීටත් වඩා හොඳ මිනිහෙකු සොයා බැලීමට තිබෙන හොඳ විධිය නම් ඔහු ධනවත් කාලයේදීත්, දිළිඳු කාලයේදීත් පවතින පිළිවෙල පරීක්ෂා කිරීමය, දැන් ලක්දිව අපේ සිංහල බොහෝ දෙනා ප්රකයෝජනයක් ලැබෙන විට කෙතරම් හිතට විරුද්ධ දෙයක් උවත් කරති. වැඩි ධනය නැති කාලේ හොඳට පැවති කුල සිරිත් ගුණධර්ම ඇඳුම් පැලඳුම් සියල්ලක් ම ධනවත් වූණ ඉක්ම නින් නරක් වෙති. මේ ගැන මම හොඳ නිදර්ශනයක් කියන්නෙමි :-

කොළඹ ප්රමසිද්ධ පිරිවෙනක ඉගෙන ගනිමින් සිටි ශ්රිමණ වේශධාරියෙක් ක්රි ස්තියානිකාරයෙකුට අකුරු උගන්වන්ට ඔහුගේ ගෙදරට පැමිණෙමින් සි‍ටියේය. මේ අතර ක්රිනස්තියානිකාරයාගේ සහෝදර පාදිළි කෙනෙක් මේ ශ්රයමණ වේශධාරියාට කථාකොට “සිවුරු හැර අපේ කතිසාරු කෙනෙකු වෙතොත් මසකට රුපියල් 20 ක් පඬිදෙමැ”යි කීය. ඉතින් මේ ශ්රෙමණ වේශධාරියා ඒ පිරිවෙනේ ම ගුරෙක්ව ද ඉඳගෙන රුපියල් 20 සේ පඩිය නිසා තමාට සර්වවප්ර්කාරයෙන් පිහිටාධාර වූ රත්නත්රනයට අගරුකොට සිවුරු හැර ක්රි ස්තියානි ආගම වැළඳ “ක්රි‍ස්තියා” නමකින් බව්තීස්මව ක්රිොස්තියානි ආගම ඉගෙන ගනිමින් සිටින විට බෞද්ධයෙකුගේ උවමනාවකට තවත් බෞද්ධ‍ෙයකු රුපියල් 25 ක් පඩි දෙන බව කී විට ඒ විඩේ ක්රිවස්තියානිය එපා වී නැවතත් බෞද්ධාගම්කාරයෙක් වූයේය.

ඉක්බිති වඩා පඩි ලැබෙන්ට පටන්ගත් හැටියේ ම බෞද්ධ අනුශාසක ධූරයකට ද පත්ව ඉන්නේය. ඉතින් මේ කාරණය ම බලන්ට!


මීටත් වඩා කොළඹ පළාතේ විසූ උගත් පණ්ඩිතයෙකු තමුසේ ළඟට ඇල්ප්රසඩ් පැමිණියක් මෙන් අසරණව ආ අධමයෙකු තමා‍ෙග් වැඩකාරකමේ තුන් අවුරුද්දක් නවත්වාගෙන සිට ඔහු කෙතරම් සුවච කීකරු යහපත් කෙනෙක් වි ද කිවහෝත අන්තිමේදී තමහට ඤාති වන තැනකින් විවාහයක් ද කර දී පොහොසත් වීමට මාර්ගමය පෙන්වා දුන් ඉක්බිති තරමක් පොහොසත්වුණු හැටියේ ම තමාට සර්වටප්රගකාරයෙන් ආධාරභූතව උන් ඒ මහත්මයාට ම ද්රෝදහිකමකොට මරන්ට පවා උත්සාහ කළ බැව් මම දනිමි. ගුත්තිල ජාතකය කියවා බලන්ට -

දියෙහි යන දණ්ඩ ට පිහිටක් වෙතත් පෙර සි ට දුදනන් හට පිහි ට නොවව් යන බස සැබෑ කෙළෙ ම ට

කොපමණ ගුණ කළ ත් දුදනෝ නෙවෙති යහප ත් කිරි දියෙනි දෙවිය ත් අඟුරු සුදු වෙන කලෙක් නම් නැ ත්

          යනු නිරවශේෂ වචනයෙකි. අධමයෙකු කෙරෙහි රැවටී ඔහුට අනුබල දුනහොත් එයින් විඳින්ට සිද්ධවන විපත් හා සන්තාපය ඉතා බලවති. බුද්ධාංකුර ගුත්තිල පඞ්තුමා තැවුණු තැවිල්ල.

දුරු කර හිරි ඔත ප් පෙන්වයි දුදන ගුණ ගැ ප් මොහුට අප දුන් ස ප් පෙවූ කිරි වැන්න විස ගොර ස ප්

නුවණ නොසියුම් ම ට ගෙන ගියෙමි සිප් නිම්ම ට මා කළ නොදැම්ම ට යෙදේ මූ කරන දේ දැන් ම ට

යනාදී වශයෙන් නෙ‍ායෙක් කරුණු කී නමුත් ජොනතන් අබයවික්ර.මට අල්ප්රවඩ් ගැන කිසිම අප්රකසන්න භාවයක් ඇති නොවිය. ඒ ‍එසේම යි.

ගු ණ දො ස් දැක්ම හිත ඇති පැත්තට වේ ලූ බ ව දු ක් නිවෙන්නේ නිවනට ගිය දා ලූ දි යෙස ක් දුවන්නේ සකි උපදෙසකට ලූ ක න කෙ ක් සුදු පෙනෙන්නේ ඉගුලුණ විට ලූ


ජයසිංහ එදා රෑ පසුකොට ජොනතන් අබයවික්ර මගෙන් ආදර සංග්ර.හ ලැබ පසුදින කොළඹ යන්ට ගියේය. ජයසිංහ කී කථාන්තරය ග‍ඟේ ගසාගෙන ගිය ජලය මෙන් ජොනතන්ගේ සිත ඇල්ප්රවඩ් කෙරෙහි ම නිසාදෝ ජොනතන්ගේ සිත ඔහු කෙරෙහි ප්රළසන්න වූවක් මෙන්ම ඔවුන්ගේ පැඟිරි තෙල් වෙළඳාම ද මහත් දියුණුභාවයකට පත්විය. අවුරුදු එක හමාරක් කටයුතු කරන අතර පවුන් හාරදාහක් පමණ දෙදෙනාට පසයා ගන්ට පිළිවන් විය. ඉක්බිති ඇල්ප්රදඩ් අත් ඇරීමට ජොනතන්ට කිසිම ක්රෙමයකින් බැරිවූ සෙයින් ස්වකීය නැගනියන් වන සෙලෙස්තිනා සිරිත් ප්ර්කාර සරණ පාවා දුන්නේය. සෙලෙස්තිනා මේ විවාහයට මුල් කාලයේදී කොහෙත් ම සතුටු නුවූ නමුත් සහෝදර‍යාගේ කීම ඉක්මවන්නට අසමර්ථා හෙයින් අකමැත්තෙන් ම විවාහයට බැඳුනාය. වර්තමාන කා‍ලයේ බොහෝ සිංහල ගෑනු ළමයි මව්පියාදී වැඩිහිටියන්ගේ කීම ඉක්මවන්ට බැරි හෙයින් තමා තුළ අවංක ප්රේපමයක් ඉපදවිය නොහැකි අය සමඟ විවාහ වී ලෝකයාට පෙනෙන හැටියෙන් පමණක් හොඳින් කල් යැවීම බොරුවක් නොවේය. සාමාන්යමයෙන් තරුණියක සරණකරදීමට සිතන බොහෝ දෙනා ‍ඇගේ කැමැත්ත ගන්ට ප්රණථම විවාහය සම්බන්ධ කටයුතු සියල්ල ම තින්දු කරගන්නා බව පෙනේ. මේ බලවත් වැරැද්දකි. මිසිහෙකුට කොතරම් යස ඉසුරු බල පුළුවන්කාරකම් තිබුණත් ඔහු කෙරෙහි අවංක ආලයක් නිරායාසයෙන් සිත්හි හට නොගන්නා ස්ත්රිතයක සරණ කර දුණිනම් ඒ ස්ත්රීනටත් පුරුෂයාටත් කිසිම සැපතක් නැත්තේය.

සමහර ලක්ෂණ පුරුෂයන්ට වඩා අවලක්ෂණ වූ පුරුෂයන් කෙරෙහි පවා ස්ත්රීකන්ගේ සිත්හි ආදර හට ගනී. මීට හේතුව පූර්වු ජන්මයේදී ඔවුනොවුන්ගේ විශ්වාස භාවය විය යුතුයි. නක්ෂත්රර ක්රතමයට දස පොරොන්දම් බැලීම යයි අප රටේ ව්ය්වහාර කරන පිළිවෙළ ඉතා නිවැරදි වූ විවාහය සම්බන්ධව අවශ්යයයෙන් සැලකිය යුත්තකි. ඔවුනොවුන් උපන් රාශි, නැකත් ආදියෙන් ඔවුනොවුන්ගේ ධාතු ගුණ, දේහශක්ති ආදී සියල්ලක් බලා ගතහැකි හෙයින් එකසමාන ගුණ ඇති දෙදෙනෙකු එක් වූ විට රන් රස මෙන් බලවත් පෑහීමක් ඇති වන නිසා ස්ත්රීා පුරුෂයන්ගේ සරණ බන්ධනය තීන්දු කරගන්ට හෝ ඔවුනොවුන් දැකීමටත් පෙර ජන්ම පත්රේ බැලීම පෙර සිට පවත්වාගෙන එන උතුම් ක්රකමයක් වන්නේය. අපේ උතුම් වූ ශස්ත්ර ක්රිම පරදේශීන්ගේ බලය මෙහි පැතිරෙන්ට පටන්ගත් හැටියේ ම ක්රමමයෙන් හීන වේගන යන නමුත්, එම පරදේශීය බොහෝ ක්රටම අපට අනථර්දාඅයක බව පැවත ආ සිංහල ජාතිය සහමුලින් ම නැතිවීමට හේතුභූත නොවන්නේ නොවේය.


සෙලෙස්තිනා අබයවික්රාම ඇල්ප්රමඩ් ද සිල්වා හට විවාහකර දුන්නාට පසු ජොනතන් අබයවික්රඑම කෙරෙහි කලින් ඇල්ප්රතඩ් තුළ පැවති ගෞරවාදර අඩුවී විවාහය සිද්ධවී මාස තුනක් යන්ට ප්රිථම‍ ජොනතන් ඇල්ප්රවඩ්ගේ අතවැසියෙකු ලෙස සලකන්ට පටන්ගත්තේය. ඉක්බිති ජොනතන්ට තමාගේ මිත්ර ජයසිංහ කී කාරණය හොඳින් ‍මතක් විය. අබයවික්රතම සමග එකට වෙළඳාම් කිරීමට ඇල්ප්රවඩ් සතුටු නොවීය. දෙදෙනා හවුලට කළ වෙළඳාම ගණන් බේරා ගෙන කොළඹට යන්ට සූදානම් විය. පියා මෙන් දුක සැපේදී මැදහත් උන් එකම සහෝදරයා අත්හැර යාම ඉතා අමාරු වැඩක් වූ නමුත් සෙලෙස්තිනා ස්වාමි පුරුෂයාගේ අණට අකීකරු නොවීය. කොළඹට යන්නේ පසුවදා උදේ හෙයින් සෙලෙස්තිනා ස්වකීය අයියා ඉන්නා ස්ථානයට සවස් භාගයේ ගොස් සහෝදරයා දැක අඬා වැලප දැන් කුමක් කරම්දැයි ඇසීය. එවිට ඇසින් කඳුළු වැගිරෙමින් ජොනතන් අබයවික්ර්ම -

වෙනුර්නලී කර්කාටක ශ්චරම්භා විනාශ කාලෙ ඵලමුද්භවන්ති එවං නරානං මති විප්රනකාරං විනාශ කාලෙ විපරිත බුද්ධි

යන මේ ශ්ලෝකය කියා “මා විසින් දියුණු භාවයට ගෙන ආ මේ අධමයා මගේ ඇසක් වැනි නැගනියටත් මෙහි ඉන්ට නොදී කොළඹට යන්ට යන්නේය. හොඳයි කමක් නැහැ. උඹ මගේ කීමට කීකරු විය. මා කාරණා දුරට කල්පනා නොකළ හෙයින් මේ අනතුර සිද්ධවිය. උඹ ඔහුට ඉතා කීකරුව සැපසේ වසාපන්. සාමාන්යි නෑයන් මෙන් අපේ සහෝදරත්වය පවත්වන නමුත් සිත්හි අපේ විශේෂ ස්නේහය පවත්වා ගනින්” කියා නැගනිය සනසා ස්වමියාත් සමග යන්ට කීයේය. ඇල්ප්ර ඩ් සිල්වා සෙලෙස්තිනා අබයවික්ර්මත් සමග කොළඹට පැමිණ උසස් ලෙස වෙළඳාම් කිරීමෙන් මහත් ධනවතෙක් විය. ජොනතන් අබයවික්රසම තමා කළ මෝඩ කමකම සිතීමාදියෙන් ස්වකීය කටයුතුත් අතපසු කරගැනීමෙන් කරමින් සිටි කටයුතුත් හානිකරගෙන දුප්පතෙක් විය. නමුත් ගුණධර්මෙය දිවි මෙන් රක්ෂා කරන ජොනතන් ද කසාදයක් බැඳගෙන මාතර ම විසුයේය.

කාලක් යන අතර ජොනතන් අබයවික්රාමට පුතෙක් ලැබුනේය. මේ ළමයා ලැබී තුන් වර්ෂඅයකින් ‍ජොනතන් අබයවික්රේම කාලක්රි යා කළ නමුත් ඇල්ප්රඉඩ් සිල්වා වත් ජොනතන්ගේ සොහොයුරී වන සෙලෙස්තිනා වත්


ඔහුගේ කසාද බැඳීම හෝ ඔහුගේ මරණය හෝ නෙදන්නාහ. ඉතින් ජොනතන් අබයවික්රාමගේ භාය්යාර ව වන යසවතී ස්වකීය පුත්රඅයාත් සමග තමන්ගේ දෙමව්පියන්ගේ ගෙදරට පැමිණ පුත්ර යා වැඩිවර්ධනය කර ගනිමින් සිටියාය. යසවතීට නැවත කසාදයක් බන්දවා දීමට ඇගේ මව්පියන් සතුටු වු නමුත් ඈ ඊට අසතුටු විය. නිතර කරදර කරන මව්පියන්ට ඈ මෙසේ කීය. “මට නියම වු ස්වාමියා සමග එක පණ සේ කල් යැවිමි. ස්වකීය ප්රා.ණයටත් වඩා ‍මට ප්රේිම කළ ඒ මගේ ස්වාමිපුරුෂයාත් සත්පුරුෂ උත්තමයෙකි. එබඳු කෙනෙකුගේ ආදර සැලකිලි ලැබූ මට වෙන මිනිහෙකු සමග කල් ගතකිරීම අමාරු වැඩකි. ඇරත් මගේ ස්වාමිපුරුෂයා මැරෙද්දී ඔහුට සර්ව ප්රඅකාරයෙන් සමාන මේ දරුවා හොඳින් ආරක්ෂා කොට අබයවික්රැම පරම්පරාව නොනසා ආරක්ෂාකරන්ට මට නියම කළේය. මරණ මංචකයේදි මගේ ස්වාමියා කී වචනය කිසි සේත් මට ඉක්මවන්ට නොහැක්කේය. ඉන්නිසා උඹලා මට වෙන දීගයක යෑම ගැන කරදර කරන්ට එපාය”

ඉතින් යසවතී ස්වකීය පුත්රියා වන විජයදාසට අකුරු උගන්වා හොඳින් ඇති දැඩි කරන්නේය. සෙලෙස්තිනා හා ඇල්ප්රාඩ් මාතරින් ගොස් දොළොස් වර්ෂ”යක් වන තුරුත් ජොනතන් ගැන කිසිවක් සොයා බැලුව් ‍නැත. නමුතු දූවරු තුන්‍ දෙ‍ෙනකු හා පුත්ර යෙක් ඇති ඒ පව්ල පොල්වතු, තේවතු හිමිකාරයන්ව ඉතා ධනවත් සැපවත් පව්ලක්ව වාසය කරන්නෝය.

03 වෙනි පරිච්ඡෙදය

[සංස්කරණය]

ය සවතී ස්වකීය පුත්ර යාට ඉංග්රීතසි සිංහල භාෂාත් බණදහම් ආදියත් උගන්වමින් සිටිනා අතර ළමයාට 12 ඇවිරිදි වයසේදී උණ සන්නිපාත රෝගයකින් මළාය. පියත් මවුත් දෙදෙනා ම නැතිව අනාථභාවයට පත් විජයදාස මුත්තනුවන්ගේ ගෙදර සිටි නමුත් යසවතීගේ සහෝදරයෙකු වන විජයදාසගේ මාමා කෙනෙකුගේ අකරුණාවන්ත භාවය නිසා එහි ඉඳීමට නොහැකිව ගෙදර කිසිවෙකුට නොදන්වා මහ පාරේ බැස යන මන් නැතුව යන්ට ගියේය. දෙළොස් ඇවිරිදි වයස් වූ රූපශ්රීරයෙන් යුත් මේ ළදරුවා යම් යම් අයගෙන් ලැබුණු සුළු මුදලකින් යම්තම් දෙයක් කමින් බොමින් පසළොස් දිනකින් පමණ කොළඹට පැමිණියේය. පොහොසත්කම


ඇති දෙමව්පියන්ට දාව උපන් පුණ්යමවන්තයන්ටත් අපරාපය්ය්ඹට වේදනීය කර්මනය කරණකොටගෙන අන්තිම දුඃඛිතභාවය ඇති නොකර නොයන බැව් විජයදාසට සිද්ධවූ කරුණෙන් ප්රඃත්යනක්ෂ වන්නේය. කිළුටු රෙදි කැබැල්ලක් හා ඉරී ගිය බැනියමක් ද ඇඳි මේ ළමයා කොළඹ තොරතුරු කිසිත් නොදත් හෙයින් මංමුළාවූවෙකු ලෙස එක වීදියේ ම ඔබමොබ සංචාරණය කරන අතර ලංසි මහතෙක් දැන අඬගසාගෙන ගෙදරට ගොස් ‍ඔහුගේ තොරතුරු ඇසීය. චන්දකන වෘක්ෂය මුහුකුරා යන තුරු සුගන්ධ වහනයක් නැති නමුදු ඒ සඳුන් පැළය බැව් හැඟවීමට තරම් විශේෂයක් එහි පවතින්නේ යම්සේ ද එමෙන් ම ලෝකයෙහි උසස් බවට පැමිණෙන සත්වයන් තුළ ද ළපටි අවස්ථාවේදී ම සූර භාවයත් ස්ථානෝචිත ප්රණඥාවත් රඳන්නේමය.

දොළොස් ඇවිරිද්දේ සිටි නමුතු විජයදාස තමා‍ගේ නියම නම ගම මොහුට දැන්වුවහොත් මතුත් මහ අප කීර්තියට පත්විය හැකැයි සලකා තමාගේ නම “ජුන්ඩා”බවත් ගම තමා හරි හැටි ‍නොදන්නා බවත් කළුතර සිටලා ආ බවත් කීය. ලංසි මහතා ද කරුණාවන්ත මනුෂ්යතයෙකු වූ බැවින් “ජුන්ඩාට” බත් ටිකක් දෙවා තමාගේ ළමයෙකුගේ පරණ ‍කෝට් එකකතු, රෙදි කැබැල්ලකුත් අඳින්ට දි ස්වකීය නිවසෙහි වැඩකාර කමට නවත්වා ගත්තේය. ලංසි මහතාගේ ගෑණු ලමයි දෙදෙනෙකුත්, පිරිමි ළමයි දෙදෙනෙකුත් පාඨශාලාවට යන බැවින් ජුන්ඩා විසින් කටයුතුව තිබුණු ප්රකධාන වැඩේ නම් මේ ළමයින්ට සවස් භාගයේ තේවතුරත් සවස කෑමත් පාඨශාලාවට ගෙන ගොස් දීමය. ජුන්ඩා අලස නැති දක්ෂයෙකු බව මාසයකින් ම ලංසි පව්ලේ උදවියට අවබෝධ වූ බැවින් ඔහු කෙරෙහි මහත් ආදරයක් ඇති විය. පාඨශාලාවට ළමයින් නොයන සෙනසුරාදා ඉරිදා දෙ දවස්හි ඒ ගෙදර ලංසි ළමයි සතර දොත් ජුන්ඩාත් ගෝල්පේස් පිට්ටනිය, වික්ටෝරියා පාක් පිට්ටනිය ආදී ස්ථානවලට සෙල්ලම් පිණිස යන්නෝය.

මේ ලංසි ළමෝ සතර දෙනා සමග නිතර ම පාහේ එක්ව ඇවිදන පොහොසත් සිංහල පව්ලක ගෑනු ළමෝ තුන් දෙනෙක් හා පිරිමි ළමයෙක් ද වූහ. ජුන්ඩා සෙල්ලමට ගිය විට මේ කාණ්ඩයේ ම ආවතේව කරන්නෙක් විය. දෙවනු කී සිංහල ගෑනු ළමයින් තිදෙනාගෙන් දස ඇවිදිරි පමණ වයස් වූ ළමයාට මේ “ජුන්ඩා” කෙරෙහි පුදුම ඇල්මක් ඇති වී ජුන්ඩාට මුදල් හා නොයෙක් රසවත් කෑමත් නිතරම දෙන්නීය. ජුන්ඩා මේ කාණ්ඩයේ සිටින ලංසි ළමයි සතර


දෙනාටවත්, ධනවත් සිංහල ළමයි සතර දෙනාටවත් කිසිම ගරුසරු ඇත්තෙකු නොවන නමුත් ඔවුන්ට උවමනා වැඩපල වහාම කර දෙන්නෙකි. මෙසේ කාලයක් පසුවෙන් අතර ජුන්ඩාට සනීප නැති විය. ඉතින් ලංසි පව්ලේ ළමයි සහ සිංහල ළමෝ සතර දෙනාත් පමණක් සෙල්ලමට ගිය නමුත් ජුන්ඩා කෙරෙහි වැඩි ඇල්මක් ඇති ගෑනු ළමයා වන කැරොලයින් ජුන්ඩා නොදැක කණගාටුවට පැමිණ ඔහු සනිප නැති බැව් ලංසි ළමයින්ගෙන් ආස දනගෙන ඔහු බලන්ට සිතා ගත්තීය. ළමයින් ගෙදර පැමිණි කල්හි කැරොලයින් තමන්ගේ ගෙදරට ඉතා ආසන්නවු ලංසි ගෙදරට ගොස් කුස්සිය පැත්තේ කාමරයක උන් ජුන්ඩා දැක කාමරයට ඇතුල්ව ඔහු සමග කතාකරන්ට විය.

කැරොලයින් ජුන්ඩා වෙත ආ හැටියේ ම ජුන්ඩා තිබුණාටත් වඩා අසනීප ගතියක් දක්වා සිටියේය. කැරොලයින් ඉතා කණගාටුව ඈ විසින් කටයුතු කවර උපකාරයක් දැයි ඇසීය. “නෝනා මා ලබන්ට ආ එකමත් ලොකු උපකාරයකි” කියා ජුන්ඩා මෙසේ සිතීය. “මේ ළමයා තුළ මා කෙරෙහි අනික් ළමයින් තුළ නැති ආදරයක් පවතී. ඒ බව නිශ්චයකර දැනගැනීමට මෑට දිය නොහැකි මෑ පැලඳ සිටින රන් මාලය ඉල්ලමි”යි තීන්දු කරගෙන කැරොලයින් නෝනා මට අමාරුවක්ව තිබෙන්නේ මගේ දුප්පත් අම්මාට මොකුත් යවන්ට නැති ‍එකේ කණගාටුවයි. ඉන් නිසා ඔය කරේ තිබෙන මාල දෙපොට මට දෙනවා දැයි ඇසීය. කැරොලයින්ට මාල දෙපොට දීමෙන් මව්පියන්ගෙන් ලැබෙන හිරිහැර මොකුත් මතක නැතිව ජුන්ඩාව සතුටු කරන පිණිස මාලය ලිහා දී ගෙදර ගියාය.

වි හි දෙ න සුනඳ පැහැයෙන් නෙත් කරන වි සී සු පි පෙ න කුසුම් හිම වන තුළ යාය නැ සී නො ම දි න මුතු මැණික් රැස පැලඳුමට නි සී ස ත ති න සයුර පතුළේ පෙ‍රළෙමින් දි සී

ක ළ පි න් ඇතත් අබිමුව පත් අකුස ල ය වෙ‍ සෙ සි න් පල දෙමින් උතුමන් ලොව තු ළ ය නො ම ඳි න් දුකට පමුණන රඟ බැලු ක ල ය ස ස රි න් මිදෙනු ම යි සැප නම් සුනි ම ල ය


ද ජ ය ලෙ ස් බැබලුමට පින් ඇතත් පෙ ර වි ජ ය ද ස් ලදිය අකුසල් විපා ගො ර ර ජ ය ලෙ ස් ම වෙ අටලෝ දම් සස ර ද ජ ය ලෙ ස් සිතව් දෙසු සදහම් සත ර

ම ව් පිය නැසී ගිය හිතවත් කෙනෙක් නැ ති ප ව් කළ බවට පිළිගත් දරුවෙක් ගුණැත තී ලෙව් තුළ පසිඳු වුණ රඟ බැලුවොත් මෙ යු තී ප ව් පින් මිසක් පිහිටක් කිසිවෙකුට නැ තී

ම ව ත් පියතුමත් නෑ දන සහ පිරි ස කු ලෙත් ගුරුතුමත් රුසිරු ද ආය ස ද න ත් සැප ත් සියලු ම ලොව ඇති යස ස පෙ ර ත් බැවෙහි පව් පින් බව දනු නිදො ස

ජුන්ඩා නමින් පෙනී සිටින විජයදාස අභයවික්රනම අසනීප වූ නමුත් ලංසි ගෙදරට පැමිණි හාර පස් මාසය තුළදී කොළඹ නොයෙක් තැන තොරතුරු දැන ගත්තේය. සිහිබුද්දිය ඇති විජයදාස තමා සිටින දාස භාවය ගැන සිතා තදින් කලකිරුණෙය. පණ්ඩිත ජනයා ඉඩ නැති තැනදි තමාගේ අදහස මුදුන්පත් කර ගන්නා තුරු කෙතරම් දුක් කරදර විදිතත් ඉඩ ලැබුණු හැටියේ ආත්ම ගෞරවය පෙන්වන්නේමය. උපාය දන්නෝ පණ්ඩිතයෝය. ඒ උපාය ස්ථානොචිතව යොදන්නො ඇති පණ්ඩිතයි. විජයදාසට කැ‍රොලයින් නෝනාගේ රන් මාලය ලැබුණෙන් එයත් අරගෙන තමාගේ මව් බලන්ට යන බැව් ලංසි මහතාමට කිවිට ඒ මහත්මයා රුපියල් 5 ක් දුන්නෙන් එයත් රැගෙන පිටකොටුවට ගියේය. පිටකොටුවේදී ඒ මාලය කැබැලිවලට කඩා තමන්ට ටිකක් හිතේසිව උන් රන්කරුවෙකුට දී රුපියල් 80 කට විකුණා ගෙන ඒ මුදලින් රුපියල් 10 ක් වියදම් කොට කෝට් රෙදි මසා ගෙන අප්රකසිද්ධව ශාස්ත්රර ‍උගන්වන කොටහේනේ නිවැසි මහතෙකු ළඟට ගොස් ඉගෙනගන්ට පටන් ගත්තේය.

තම‍ාගේ මෑනියන් මැරෙණ විට ඉංග්රී.සි 4 වෙනි ප්රරමාණයටත්, සිංහල හා බණ දහම් හුඟක් දුරටත් දැන සිටි බැවින් විජයදාස පුද්ගලික ඉගැන්වීමකිනුත් ශාස්ත්ර ය දැන ගන්ට බැරි නොවන කෙනෙක් විය. තමා අසරණ පව්ලක කෙනෙක කියා උගන්වන මහතාට මසකට රු. 2 . 50 ක් ගෙවීමට සතුටු කරවාගෙන ඒ මහතාගේ ගෙදර ම ලැගුම් ගනිමින්


විජයදාස ඉගෙනීමට පටන් ගත්තේය. තමා ළඟ රුපියල් හැට ගණනක් තිබෙන නමුත් විජයදාස දවසකට වේලක් පමණක් ශත 9 යක බත් කමින් උදේ ශත තුනක තේ වතුර බොමින් ඉතා ප්ර වේශමෙන් ඉගෙනීම ලබන ලීලාව ඇසු හාස්ත්රා භිලාෂි සියල්ලන්ගේ සිත් ප්රමමුදිත වන්නේය.

අ ල් ලට සිඟා වත් රැස නැති කැවිලි ක කා ව ල් කොළ බිම අතුට නිදි නැතුව දුක් ත කා ක ල් ගිය රෙදි වැරලි ඇඳ දැලිකුණෙන් ව කා ඇ ල් මෙන් අකුරු උගනිව් ඉදිරි වැඩ ත කා

මේ කී ප්ර කාරයටත් වඩා දැඩි ‍දුක් විඳිමින් විජයදාස මේ ශාස්ත්රරය ඉගෙනීමට පටන්ගත්තේ ලෝකයේ තිබෙන විවිධාකාර වස්තූන් අතුරෙන් කිසිවෙකුට විනාශ කළ නොහැකි එකම ධනය මේ ශිල්ප ශාස්ත්ර් ඉගෙනීම නිසාය.

තිබූ තැනක සොර සතුරන් ගත නොහෙ නා එසැඩ මනාවත් වතුරෙන් වල නොහෙ නා කෝප උවත් රජ මැතිඳුන් ගත නොහෙ නා උගත මනා සිල්පය මයි මතු දින නා

ඉතා ඕනෑකමින් ශිල්ප ශාස්ත්රන ඉගෙනගන්නා විජයදාසගේ මුලු මුදල වන රුපියල් අසූපහ මාස දහයකින් ඉවර විය. ඇඳීමටත්, කෑමටත්, පොත්පත් ගැනීමටත්, ගුරුවැටුප් ගෙවීමටත් දහමාසයක් රුපියල් 85ක් වියදම් කළ දරුවා කෙතරම් උතුමෙකු විය යුතු ද? ස්වකීය රෙදි බැනියම් කෝට් තමා ම සෝදා ගනිමින් දිනකට වරක් ඉතා දුප්පත් කඩයකින් ශත 9 යක බත් කමින් කාගේවත් ස්තෝප්පුවක වැටී නිදාගනිමින්, රසවත් අහාර පානයක් ගැනවත්, කිසියම් කෙළි සෙල්ලමක් ගැනවත් ලක්ෂණ ඇඳුමක් පැලඳුමක් ගැනවත් අල්පමාත්රකයකුදු නොතැකු මේ ආශ්චය්ය්්ෂ මත් සිංහල පැටියා ආදර්ශයට ගත යුත්තේය. ක්රීකඩාව වනාහී ළපටියන් ගේ සිත් අතිශයින් අලවන්නාවූ එකකි. ඉතින් විජයදාස අභයවික්රටම ඊට නොඇළුණේ මක්නිසා ද? සැබවින් අබයවික්රසම ළපටි වයසේ සිටි නමුත් පෙරදිග නීති ශාස්ත්රළය සම්බන්ධව මුල් පොත් කියවා ඉගෙනගත් කෙනෙකි. ඔහුට ක්රී ඩා සදහා යෑමට සිතෙන වේලාවෙහි මෙම ශ්ලෝකය සිහි වන්නේය.


“අනභ්යාිසෙ විෂං ශාස්ත්රං මජිර්ණෙ භොජනං විෂං දාරිද්ර ස්ය විෂං ගොෂ්ඨි වෘධශ්යර තරුණි විෂිං”

මෙහි අදහස පුරුදු නොකළ කල්හි ශාස්ත්රංය විෂයක්ය, අජීර්ණය පවතින කා‍ලයේ ආහාර අනුභවය විෂයක්ය, දිළිඳු අයට කෙළි සෙල්ලම් විෂයක්ය,මහලු පුරුෂයාට තරුණ ස්ත්රි ය විෂයක් යනුයි. මෙය සිතමින් විජයදාස කිසි දිනක ක්රීෂඩාවකට නොගියේය. විජයදාස දස මාසයක් පමණක් ඉගෙනත් නමුත් ඉංග්රීනසි භාෂාව කියවා තේරුම් ගන්ටත් ඒ සම්බන්ධ ගණිත, භූගෝල, ඉතිහාසාදියත් හුඟක් දුර ඉගෙන ගත්තේය. මෙ පමණක් නොව කෙටහේනේම ඉඳගෙණ දුර ඉගෙන අභිධර්‍මාදී ගැඹුරු ධර්ම ඉගෙණ ගන්නා විමලානන්දර ස්වාමීන්වහන්සේ කෙරෙන් පාලි භාෂාවත් සිංහල ව්යා කරණයත් ඉගෙන ගත්තේය. සිංහල ව්යානකරණ හා අලංකාර ශාස්ත්රාය ද මඳක් දුර උගත් විජයදාස උප්පත්තියෙන් ම මුඛරි වූ පණ්ඩිතයෙක් හෙයින් ඒ උගත්‍ දේ පෙණහැල්ලෙන් ඇවුලූ පහනක් මෙන් ටික ඉගෙනීමෙන් මහත් දැනීමක් ඇති කර ගත්තේය. උත්සාහවන්තයන්ගේත් පින්වතුන්ගේත් ඉගෙනීම එසේම මැයි.

“පෙණහැල්ලෙන් ඇවු ලූ පහනෙව් වතුන් කළ අ ලූ ගුරුනු ද නොම හස ලූ කුමරු සත දැන යෙහෙන් සුලක ලූ”

(කවිසේකර)



03 වෙනි පරිච්ඡෙදය

[සංස්කරණය]

වි ජයදාස කොපමණ ඉගෙනීමට සමර්ථුයෙකුවූ නමුත් ඔහු අතේ තිබුණු මුදල් සියල්ලක් ම ඉවර වූ හෙයින් ඉගෙනීම නවත්වන්ට විය. එදා රෑ කෑමත් නැතුව නිරාහාරව ඉඳත් විජයදාස මෙසේ කල්පනා කරන්ට වන. මගේ සීයත් ආච්චිත් මාමලත් මා අතර සිටිති. මොවුන් ලඟට ගොස් යමක් ඉල්ලුවොත් ඔව්හු මගේ අගය කිසිත් නොතේරෙන අඥානයන් හෙයින් මට ආධාරයක් නොකරති. මගේ තාත්තාගේ ආධාර ලබාගෙන දියුණුව මගේ නැන්දා කසාද බැඳගෙන දැන් පොහොසත්ව ඉන්නා පව්ලක් කොළඹ සිටින බවත්

අම්මා කීවාය. ඔවුන් ලඟට ගියත් මා නාදුනන බවක් අම්මා කීවාය. ඔවුන් ළඟට මා ගියත්මා නාඳුනන නිසාත් පසුකාලයේදී තාත්තා සමග විරුද්ධව සිටි නිසාත් ඔව්හු මා නොසලකති. දැන් මට කරන්ට තිබෙන්නේ මේ දසමාසය වත් ඉගෙනීමට ආධාර කළ කැරොලයින් නෝනා සම්බ‍න්වෙන්ට යෑම පමණකි. මාස දහයක් ම මා ගිය ආ තැනක් වත් නොදැන්නූ හෙයින් සමහරවිට කැරොලින් නෝනාටත් මා මතක තිබෙන්ට බැරිය. එසේ නමුත් හෙට සවස් භාගයේ “වික්ටෝරියා පාක් එකට” ගොස් ඈ සම්භව යම් උදව්වක් ලබා ගන්ට හැකි උණි නම් තව දුරටත් ඉගෙන ගන්නෙමි. එසේ නොහැකි වුනොත් කිසි යම් කටයුත්තක් කරමි යි සිතා නිදාගත්තේය.

විජයදාස රාත්රි නිදා සිට තමා තේවතුර බොන කඩේට ගොස් තේ වතුර බී තමා සන්තකව තිබුණු මඳක් ඉරී ගිය එකම කෝට් එකත් රෙද්දත් ඇඳගෙන කුරුඳුවත්ත පැත්තට යන්ට ගියේය. කෞතුකාගාරයට ගොස් පොත්පත් හැ නොයෙක් දේ බලමින් දවල් වරුව ගතකොට සවස් භාගයේ පිට්ටනියේ ගසක් මුල වාඩිවී සිටින විට කැරොලයින් නෝනා හා ඇගේ නැගනියන් දෙදෙනාද, තවත් වැ‍ඩකාරි‍යක් ද ලංසි ගෑනු ළමයි තුන් දෙනා ද පිට්ටනියට එනැ දැක විජයදාස මඳක් සතුටු විය. විජයදාස කැරොලයින් නෝනා දුරදී ම දැක සිනාසුණ නමුත් කැරොලයින්ට පළමු‍ෙවන් ඔහු ඇඳුනාගන්ට බැරි විය. ලංසි ළමයි හා නංගිලත් වැඩකාරියත් ටිකක් ඈතට ගියාට පසු කැරොලයින් විජයදාස ළඟට එන්ට සිතා සිටි නමුත් වැඩකාරිය ඊට අවකාශ නොදෙන හෙයින් ඒ ගැන විජයදාස ස‍ාක්කුවේ තිබුණු කඩදාසියක් ගෙන පැන්සලෙන් ලියුමක් ලීවේය. ඒ මෙසේය.

ප්රේයමනීය කැරොලයින් නෝනා,

මා අඳුනන්ට බැරි උනාට කණාගාටු වෙමි. ටික කාලකට පෙර ජුන්ඩා නමින් සිටියේ මම යි. මම අමාරු වේලාවේදි ලංසි මහත්තැන්ගේ ගෙදර සිටි නමුත් ඊට පසු ඉගෙන ගනිමින් ඉඳිමි. මා මෙහි ආවේ නෝනා සම්බවෙන්ට මයි. මට මුදල් නැතිකමින් මගේ ඉගෙනීම තව ටිකක් දියුණු කරගත නොහැකිව සිටිමි. ඉඩක් තිබෙතොත් මට පුදල් ටිකක් දෙනු මැනවි. ඒ මට ‍කරන උපකාරයට සහශ්ර වාරයකින් උපකාර කරන්නෙමි. මගේ නරක කාලය නිසා මගේ පියත් මවුත් දෙන්නාම ම මැරී නොගියා නම් මගේ පියාණන්ගේ “අබයවික්රේම” නාමයට සුදුසු පරිදි මම ක්රිීයා කරමි. මව්පියන් නැති


අභිවෘද්ධිකාමිවූ මට කැරොලයින් නෝනා මිස කිසිවක් නැත්තේය.

මේ වගට, විජයදාස අබයවික්ර ම.

මේ ලියමන ලියා සාක්කුවේ ලාගෙන විජයදාස ටිකක් වේලා බලා උන් නමුත් කැරොලයින්ලා කොහේ ගියාදෝ නොපෙනී ගිය හෙයින් මන්දෝත්සාහයට පැමිණ ගස මුල ම හාන්සි විය. ඉතින් විජයදාසට පමණක් නොව අහේතුවන්ත කාලය පැමිණි කාටත් පල දෙන බලවත් දුක ගැන ඔහුට කිසි සේත් සිත තනාගන්ට නොහැකි වීමෙන් විපරිතවූවෙකු මෙන් ලියූ ලියුම ගැන වත් සිහි නැතිව ඒකත් ගස මුල ම තිබෙද්දී යන්ට ගියේය. කැරොලයින් සහ නංගිලා ද ඔවුන්ගේ පියා වන ඇල්ප්රබඩ් සිල්වා හ මෑනියන් වන සෙලෙස්තිනා අබයවික්ර මත් කණ්ඩායම් එක් වී කෞතුකාගාරය බලා පයින් ම ගෙදර යන්නෝ විජයදාස වාඩිව උන් ගස ළඟින් ගියෝය. මේ ගස යට ලියුමක් තිබෙනු දැක ඇල්ප්රසඩ් සිල්වා එය අතට ගෙන දිග හැර බැලූ කල්හි පැන්සලෙන් ලියූ සිංහල ලියුමක් බව දැක එක අකුරක්වත් නොකියවා විසි කළේය. එය විසිකරනවාත් සමග ම ළඟින් එමින් සිටි කැරොලයින් එය අවුලා ගනිමින් “ඇයි පප්පා එය විසි කළේ” කියා ඇසීය.

“ඒක සිංහල ලියුමක්, අල්ලා දාපන්” කීය. කැරොලයින් ලියමන ගත් හැටියේ ම “ප්රේ මනීය කැ‍රොලයින්” කියා තිබෙනු දැක නොඅනුමානව තමාට ලියන ලද්දකැයි සිතා මවුපින්ට නොදැනෙන ලෙස සඟවා ගත්තාය. ඇල්ප්රකඩ් සිල්වා “ඒක සිංහල ලියුමක් අල්ලා දාපන්” කියන කොට ඔහුගේ හාමිනේ වන සෙලෙස්තිනා අබයවික්රසම නෝනාට ටිකක් කේන්ති ගොස් “සිංහල ඔය තරමට නරකද? ඇයි එහෙම කියන්නේ. කලින් ආ කනට වඩා අලුත ආ අඟ කොහොම අගේ වේද? ඉංග්රීිසි ආදී අන්ය භාෂා කොයි හැටි දැන් අගේ වුනත් අපේ ම ජන්ම භාෂාවට ඔහොම නිගරු කරන එක යුතු” දැයි ඇසුවා ය. ඊට ඇල්ප්රයඩ් සිනාසී “මාතර මිනිසුන්ට කොහොමත් සිංහල බොහොම අගෙයි. අයියෝ මට වැරදුණා! මට නම් සිංහල ශතයක් වත් වටින්නේ නැතැ”යි කීය. මෙසේ කථාකරමින් ඔව්හු ස්වකීය නිවසටආහ. සෙලෙස්තිනා අබයවික්ර.මට ස්වකීය ස්වාමිපුරුෂයා විසින් ජන්ම භාෂාවට ත් සිංහල චාරිත්රස වලටත් නිග්රබහ කිරීම නිතර ම නුරුස්සන කරුණක්වු බැවින් එදා තව දුරටත් කථා කළාය.

“මහත්මයාගේ කල්පනාව අපේ ම නිසා සිංහල භාෂාව


බොහොම සැහැල්ලුය කියායි. වර්තමාන සිංහලයන්ගෙන් යුරෝපීය වෙච්ච කාටත් වැළඳී තිබෙන ලෙඩකි ඔය. ස්වකීය භාෂාවට ගරු නොකිරීම මව්පියන්ට අගරු කිරීමට සමානයි. ඒ බලවත් අපරාධයට මේ ජාතියේම ඔවුන්ට විපාක ලැබේ. අපේ සිංහල භාෂාවේ තරම අපේ රජවරුන්ගේ කාලේ නම් බලන්ට තිබුණි. දැනටත් අපේ භාෂාවෙන් ලියවී තිබෙන මාහැඟි පොත්පත් කියවා උගත් කෙනෙකු ඇතහොත් ඔහු යුරෝපයේ සමස්ත ශාස්ත්ර ශාලාවක උගතෙකුටත් වඩා ගුණයෙන් හා ඥානයෙන් අගතැන් පැමිණියෙක් වන්නේ ය”යි කීය. එවි ඇල්ප්ර්ඩ් සිල්වා භාය්යානයෙ වගේ මේ කථාව අසා “හොඳයි සිංහල භෂාව ඉගෙන එයින් රැකෙන කෙනෙකු කියන්ට. දැන සිංහල ඉගෙනගැනීම පිස්සුවක් ය”යි කීය.

“ඔව්, මහත්මයා කියන්නේ දැන් ආණ්ඩුවත් විශාල වැඩපළවල් ආදියත් ඉංග්රී්සි භාෂාවෙන් කටයුතු කරන නිසා වෙන්ට ඇති. ඒක පුදුමයක් නොවේ. ජර්මන් ආණ්ඩුව පවතින් රටක ජර්මන් භාෂාව අගෙයි. නමුත් මා කියන්නේ ‍ඕක නොවෙයි. ජන්ම භාෂාව යමෙකු ඉගෙන නොගත්තොත් ඔහුට ස්වකීය මුතුන් මිත්තන්ගෙන් කිසි ම වගක් තුගක් දැනගන්ට නොලැබී ඔහු ජාතියක් නැති, පරම්පරාවක් නැති, ජඩ ගතියකට පත්වීම ය. ස්වජාතීන්ගේ උතුම් ගුණධර්මි නොදැන පරසිරිත් අනුව යාමට පුරුදු වූයේත් පහත් මිථ්යාා ආගම හා මිථ්යාඋ මත පිළිගැනීමට හේතු වුයේත් අපේ උතුම් ආය්ය් ප භාෂාව නොදැනීමෙන් ය. අපේ භාෂාව හරි හැටි නොඉගෙනීම අපේ පුරාණ මුතුන්මිත්තන්ගේ මහේසාක්යන භාවය වැසීමට නැගූ කොටු බැම්මකි. සිංහල ජාතියේ පරම්පරා නමැති දම්වැලෙන් පුරුකක් ක‍ඩා දැමී‍මක් වැනි එක ම අපරාධය නම් සිංහල භාෂාව ඉගෙන නොගැනීමයි.

දෙවියෙක, මනුෂ්ය්යෙක යන වචන දෙක තත්වු පරිදි සිංහලාදී භාෂා නූගතෙකුට කිසි විටෙක නො තේරේ. ඉංග්රීනසියෙන් “ගෝඩ්” (God) කියන ශබ්දයත් සිංහලයෙන් “දෙවියෝ” යයි කියති. සත්තකින් ම මේ භාෂාව නොදත් කමයි. යහපත් මනුෂ්යදයෙකුට වඩා දෙවියෙකුගේ කිසි ම ගුණ ධර්මියක් අත්තේ නැත. වෙනසක් වශයෙන් ඇත්තේ වාතජ ශරීරයත් විනිවිදව ක්රිණයා කරන ඉන්ද්රි යයන් ඇති බවත් මනුෂ්යරයන්ට වඩා ප්රවනීත පඤ්චකාම සැපතක් විඳීමත් පමණකි. ඉතින් වචනාර්ථ වශයෙන් දෙවියෙක්, මනුෂ්යීයෙක් යන මේ සතුන් ගෙන ඉගෙන ගැනීමට ත් ඒ ඒ සත්වය්න කෙරෙහි සුදුසු ප්රිමාණයකට සැලකිලි දැක්වීමට ත් පවා අපේ මාතෘ භාෂාව ඉගෙන ගත යුතු වේ. හොඳයි මහත්මයා


බලන්ට, මගේ බලවත් ඕනෑකමින් සිංහල භාෂාව හොඳ හැටි උගැන්නූ අපේ කැරොලයින් පමණ යහපත් දරුවෙක් අපට ඇතිවේද? අපට බොහොම පොහොසත්කම නැති කාලයේදී ලැබුණු දරුවා නිසා කැරොලයින්ට අපේ මාතෘ භාෂාව හොඳින් උගන්වන්ට ලැබුණා. අපට බොහොම ධනය ලැබුණු වැරැද්ද නිසා අපේ ජැසීටත් අඩලේඩ්ටත්, ඇල්බර්ට්ටත් සිංහල අකුරුවත් උගන්වන්ට බැරි විය. නමුත් අපේ භාෂාව නූගත් මේ අන්තිමට කී අපේම දරුවෝ යම් කලකදී අපටම තිරිසනුන්ට තරම වත් සලකත් ද කියා බලමු. අපේ රටේ මිනිසුන්ගෙන් බොහෝ දොනට අපට මෙන්ම ධනය ලැබෙන්ට ලැබෙන්ට වියරු යි. ස්වකීය භාෂාව, ස්වකීය චාරිත්රද යනාදි සියල්ලක් එපා වෙයි.

පුරාණ තේජවන්ත වූ අපේ මුතුන් මිත්තන් සමග අපේ බැඳීමක්ව පවතින්නේ අපේ ආගමත්, භාෂාවත්, සිරිතුත් පමණකි. ඉතින් ඒ බැමි තුනම කපාලු ඉක්මනින් ම ඒ මිනිස්සු ජාතියක් නැති පරම්පරාගත මහන්තත්ව භාවයට හිතින් පහවු අභිනව ජාතියකට අයත් අධමයෝ වෙති. අපට මෙන් ම මේ රටේ ධනවත් කාටත් වූයේ මේ විපතයි. ස්වකීය භාෂාව හොඳ හැටි නොතේරෙන අයට ස්වකීය මුතුන්මිත්තන් ගැන කිසිත් නොදැනේ. එතැන් පටත් වර්තමාන කාලයේ දියුණුව ඉන්නා යුරෝපීය ආදී මිනිසුන් කෙරෙහි බලවත් ඇල්මක් ඇති‍ කොට ඔවුන්ගේ හොඳත්, හොඳට වඩා නරකත් ජඩකමුත් සියල්ලක් ම ඉගෙන එසේ අධමභාවටය පත්වී යුරෝපීයන් සම සමව ක්රිතයා කරන්ට උත්සාහ කරති. නමුත් ඒ යුරෝපීය මිනිස්සු පාටින් වෙනස් නිසා එසේ ද උවත් අප මෙන් ධනවත් වුණ බොහෝ දෙනා යුරෝපිය මිනිසුන්ගේ “නෙරෙක්කු” අපහාස විඳ විඳත් ඔවුන්ගේ පස්සේ දුවති. මේ නිසා ම අපේ රටේ මිනිසුන්ගේ අභිවෘද්ධියට වත් පු‍රාණ අපේ මුතුන් මිත්තන් විසුවා මෙන් සමගි සම්පන්නව රට වාසීන්ගේ යහපත හා දියුණුව සඳහා වැඩ කිරිමටත් වත් ආලයක් නැතුව දැන් ජාතිය පහත බැස තිබේ. කලක් යන කොට අපට වෙන්නෙත් පරංගිවෙච්ච, ලංසි වේච්ච, ඉංග්රීනසි වෙච්ච, සිංහලයන්ට වෙන විපත බව බලන්ට පිළිවනැ”යි සෙලෙස්තිනා අභයවික්රුම හාමිනේ කී කල්හි ඇල්ප්රබඩ් ද සිල්වා මහතා කොක්හඬ නගා සිනාසී ඇල්බට් අද මම්මා “ලැක්චර්” කරන හැටි බලාපන්නැයි කියා ළමයත් සමග සොල්දරය උඩට ගියේය.

වික්ටෝරියා පාක් පිට්ටනියේදී අවුලා ගත් ලියුම ගවොම් සාක්කුවේ ලාගෙන සිටි කැරෙලයින් නෝනා තමාගේ කාමරයට ගොස් කියවා


බලා ජුන්ඩාගේ ලියමනක් බව තේරුම් ගෙන පුදුමයට පත්ව “විජයදාස අභයවික්රඩම” කියන මොහු ජුන්ඩෙක් නොව සැලකිය යුත්තෙක. අපේ මම්මලාගේ පෙළපතත් “අභයවික්ර”ම”ය. ඒ නිසා මෙය ටිකක් විමසමි යි සිතා සවස කැම කෑවට පසු අම්මා ඉන්නා කාමරයට ගොස් “අම්මේ උඹලාගේ පරම්පරාවේ කවුරුවත් නැද්දැ’යි ඇසීය. එවිට සෙලෙස්තිනා හාමිනේ අඬමින් “ඇයි දුව උඹ මට කණගාටු උපදවන්නේ. මගේ පරම්පරාවේ උන්නේ මගේ කරුණාවන්ත අයියා පමණකි. උඹලාගේ පප්පා පොහොසතා කළෙත් හැදුවෙත් ඒ අයියන්ඩිය. ගුණ නුවණින් හා කරුණාවන්ත භාවයෙන් යුත් මගේ ප්රාළණය සමාන ඒ සහෝදයා සමග උඹලාගේ පප්පා තරහ වී මාත් සමග මාතරින් ආවාට පසු සම්පූර්ණඋයෙන් ම ඒ අයියා අත්හැර දමන්ට විය. ඉතින් ඒ අයියා පළමු තිබුණු වත් පොහොසත් කම් නැති වී ගොස් කසාදයක් බැඳගෙන සිටලා එක ම ළඹයෙකු ලැබුණු හැටියේ ම මැරුණා. ඉතින් ඒ ළමයා තවම ඉන්නවාද මළා ද කියා මම දන්නේ නැහැ. අපේ පරම්පරාවට ඇත්නම් ඇත්තේ ඒ ළමයා පමණකැ”යි කීවාය.

කැරොලයින් නෝනාට මේ කථාව හොඳට ම සෑහි විජයදාස තමාගේ මමාගේ පුතා බව තේරුම් ගෙන ඔහු කෙරේ බලවත් ප්රේේමයක් ඇති විය. කොයි ක්රගමයකින් ඔහු සම්බවේදැයි කල්පනා කරමින් කැරොලයින් නෝනා මෑනියන්ගේ අල්මාරියෙන් රුපියල් 100 ක් අරගෙන ඒකත් ගවොන් සාක්කුවේ ලාගෙන ගෙදර වත්තේ ඒ අත මේ අත බලමින් සිටින විට තුන් වේලකින් කෑමක් නැතු කිලුටුව දිරාපත්වූ රෙද්දකුත් කෝට් එකකුත් ඇඳි විජයදාස ඒ වත්ත දෙස බලමින් පාරේ යනවා දුටුවාය. කැරොලයින් තාප්පය අද්දරට දුව ගොස් හෙමින් කථාකර නවතින්ට කී විට විජයදාස නැවතී කඳුළු හෙලමින් අඩන්ට පටන්ගෙන “අනේ කැරොලයින් නෝනා සම්බවෙන්ට මම ඊයේ දවසේ උත්සහ කළ නමුත් බැරිය වුණාය. මගේ අහේතුව නිසා මා ලිව් ලියුම වත් දෙන්ට බැරි වුණා ය”යි කීවේය. එවිට කැරොලයින් අනේ තරහාවෙන්ට එපා. මම ඊයේ හිටි‍ය ගහ ළඟට එන්ට එනකොටම වාගේ අපේ පප්පාත් මම්මත් කෞතුකාගාරය බලන්ට යන්ට විත් අපත් එක්ක ගියෝය. ඒ ලියු ලියමන මට සම්බවුණා. මෙන්න මේ රුපියල් සියය ගෙන ගොස් හොඳට සැපසේ ඉගෙන ගන්ට. උවමනා තරමක් මම කොහොම වත් වියදම් දෙන්නා. මට යමක් කියන්ට තිබෙනවා නම් කිසිවෙකුට දැන


ගන්ට බැරි හැටියට දන්වන්ට ඕනෑ. අපේ මේ මිත්ර4කම මම්මා වත් පප්පා වත් දැනගත්තොත් මා මරාවි. ඒ නිසා ඉක්මනින් යන්ටය” කියා කැරොලයින් ගෙදරට දිව්වාය.

රුපියල් 100 අතට ලැබුණු හැටියේ විජයදාසට සීනයක් මෙන් විය. මේ ගෑණු ළමයා මම වැඩකාරයෙකු මෙන් සිටි බවත් දන්නවා ය. ඈ ඉතා පෙහොසත් දෙමව්පියන්ගේ දරුවෙකු බවත් දන්නා හොඳ නරක තේරෙන කෙනෙක. එසේ තිබියදිත් මට මේ තරම් මුදලක් දුන්නෙත් මා ගැන සැලකීම ඇත්තෙත් මැගේ හිතේ බලවත් ප්රේ මයක් ඇති නිසාම යි. “සත්තකෙන් ම මම දක්ෂ උගතෙකු ව මේ මාගේ හිතකාරී ප්රේරමිය කසාද බැද මෙලෝ වශයෙන් වින්ද හැකි සියලු ම සැප මෑට සලස්වන්නෙමි”යි තදින් අධිෂ්ඨානකොට ගෙන සාප්පුවකට ගොස් උවමනා තරම් ඇඳුම් ද අරන් තමාගේ ගුරුතුමා ළඟට පැමිණියේය.


05 වෙනි පරිච්ඡෙදය

[සංස්කරණය]

පු රාණ රුහුණු වාසී සුමන නම් උපාසකයෙක් ස්වකීය ප්රිටය දියනියන් උකස්කොට මසුරන් දහසක් ගෙන ඒ මුදලින් දනක් දී දුවනිය ගලවා ගැනීමට මායා රටට ගොස් මාස තුනක් මුළුල්ලේ වැඩකොට මසුරන් දහය සපයා ගෙන යාමට එන අතර අම්බලමක වාඩි විය. එවිට රහත් ඵලය ලැබීමට උත්සාහ කරන උත්තමයාණන් වහන්සේ නමක් පින්ඩපාතයට වඩින්නේ මේ අම්බලමට පැමිණියේය. ඈත ගමකට යාමට කල් නැති බැවින් සත් දවසක් නිරාහාරව සිටි මේ උත්තමායට එදිනත් ආහාර නොලැබුණොත් මිය යෑම නොඅනුමාන විය. සුමන උපාසක තුමා තුන් දිනක් ම කුසගින්නේ සිටගෙනත් අවුරුදු ගණනක් වාල් මෙහෙයට පත්ව සිටින දියනියන් මුදවා ගැනිමට සම්බකර ගෙන යන මසුරන් දහය අල්ලන්ටත් සතුටු නොව සිටිය නමුත් ක්ෂුධාවෙන් පීඩිත මේ භික්ෂුන් වහන්සේ දැක අම්බලමේ බත් මුළක් අ‍තේ ඇතිව උන් මිනිහෙකුගෙන් එම බත් මුළ විකුණන්ට යයි යාඥා කර ඉලිවිය. ඒ ලෝභි පුරුෂයා විකුණන්ට අසතුටු බව පෙන්වා නැවත සෑහෙන මුදලකට දෙමැයි කීය.

එවිට සුමන උපාසක තැන මසුරමකට ඉල්විය. නමුත් වේලාවේ


අමාරුකම දත් ලෝභි පුරුෂයා සතුටු නොවීය. ඉතින් මේ ක්ර මයෙන් මසුරන් දහය දක්වා ත් ඉල්ලා නොදෙන බැව් දැක සුමන උපාසකයා “පින්වත, මේ මසුරන් දහය දෑවුරුද්දක් දුක සේ සිටින මගේ දුවනියන් ගලවා ගන්ට මාස් ගණනක් වෑයම් කොට උපයා ගත් ආශ්චය්ය්න මත් මසුරන් දහයක්ය. මේ ස්වාමිදරුවන්ට මේ දානය දෙන්ට බැරි වුණොත් මහත් අන්තරාවෙක. ඉන් නිසා තෝත් පින් අරගෙන මසුරන් දහයට බත් මුළ දෙව”යි ඉල්වා ඒ ස්වාමීන් වහන්සේට පිළිගැන්විය. විදර්ශනා භාවනාවෙහි උත්සාහ කොට පසු බැස යන මේ ස්වාමීන්වහන්සේට සුමන උපාසකයන්ගේ බත් මුළේ මහන්තත්වය ඇසූ විට බලවත් සිංවේගයට පැමිණ මේ උත්තම ශ්රතඬාවනතයාගේ දානයේ ඵලය දෘෂ්ටධර්ම වෙදනීය කරවමි යි අටගත් මහා කරුණා සහගත දෘඪ විය්ය්වනතය කරණකොට ගෙන හුන් තැන ම හිඳ සකල ක්ලේසයන් නසා පිව්පිළිසිඹියා පත් මහා රහත් භාවයට පැමිණියේය.

යන මේ ප්ර වෘත්තිය අසා තිබුණු විජයදාසට ද කැරොලයින් දුන් රුපියල් සියය සිතිය නොහැකි තරම් විටිනා රුපියල් 100 කි. මෙයින් ම මගේ ඉගෙන‍ීමේ එක් ප්රවමාණයක් ඉවර කරමි යි තදින් අධිෂ්ඨානකොට ගෙන රෑ දවල් උත්සාහ කරමින් ඉගෙන ගත්තේය. මෙසේ තුන් මාසයක් දැඩි දුක් විඳිමින් ම ඉගෙන ගත්තා මිස කැරොලයින්ලාගේ ගෙදර පැත්තේ වත් විජයදාස නොගියේය. විජයදාස ඉන්නා ආචාය්ය්තේ තුමාගේ ගෙය හා ලියුම් යවන හැටිත් කැරොලයින් දන්නා නමුත් විජයදාසගේ අදහස් උදහස් කිසිත් නොදන්නා බැවින් ලියමනකින් ඔහුගේ සුව දුක් දැනගත නොහැකි ව රෑ දාවල් දෙක්හී විජයදාස ගැන සිතමින් ම උතුම් ධර්මැ ශාස්ත්රෑ හා සිංහල කුලාංගනාවක විසින් දැනගත යුතු වන්නාවූ මැහුම් ගෙතුම් ගෙදරදොර වැඩ ආදිය උගත් මෑනියන්ගේ අවවාද පිට ඉගෙන ගනිමින් විසුවාය. විජයදාසගේ හිත නමැති ගලේ කැරොලයින්ගේ රූපය නමැති රේඛාව ඇඳී තිබෙන නමුත් ඇගේ වටිනා රුපියල් සියය ප්රේයෝජනවත් කරණු සඳහා අගෝස්තු මාසයේ පවත්වන “ජූනියර් ලෝකල්” විභාගයට සූදානම් වන විජයදාස මෙසේ ඈ මතක නැති කළා මෙන් විසුයේය.

උත්සාහවත් විජයදාස කෙරෙහි ස්වකීය ගුරුතුමා ද බලවත් ප්ර සන්න භාවයකට පැමිණ ලතින් ග්රීික් ආදි සහිතව ඉංග්රීපසි ඉගැන්නුවේය. විජයදාස විබාගයට ගියේය. තමා පාලි සංස්කෘත හා සිංහල ව්යාීකරණ ජ‍ෙන්දාිලංකාර කාව්යය නාටක ද හොඳින් ප්රිගුණකර, තිබුණු හෙයින්

සියලු ම කරුණුවලින් ඉතා පහසුවෙන් සමර්ථස විය. තමා සියල්ලෙන් ම සමර්ථනවූ බව දැන ගත් නමුත් විභාගයේ තොරතුරු ප්රමසිද්ධ වන තුරු කිසි ම සතුටක් ඇති නොවීය. තුන් මාසයක් වන තුරුත් විභාගයේ තොරතුරු දැනගන්ට බැරි විය. කැරොලයින් දුන් රුපියල් සියය දස මාසයක් පිරිමසා ගත් නමුත් එතැන් සිට රැකෙන්නේ කෙලෙස දැයි තැවෙමින් කැරොලයින් නෝනා වත් බලන්ට යම් දැයි සිතමින් සිටිනා අතර එක් දිනක් තමාගේ ගුරුවරයාට ලැබුණු ලියුම් කඩමින් විජයදාසලාගේ විභාගයේ තොරතුරු අඩංගු ලියමන ක‍ඩා බලා විජයදාස අබයවික්රාම ලක්දිවින් ම පළමුවෙනියාට සමර්ථඩ වි තිබෙන බැව් දැක “මෙන්න අබයවික්රාම උඹ පළමුවෙනියාව සමර්ථයව තිබෙනවා” යයි කියා තමා නමට ගුරුවරයා භාරේ එවා තිබෙන වෙන ලියමනක්ද දුන්නේය.

ඒ ලියමන අතට ගනිමින් තමා ලක්දිවින් ම සමර්ථථයා වුණ බැව් ඇසීමෙන් හටගත් ප්රීාතිය නිසා සකල ශරීරය පැතිර ගිය සන්තෝෂයෙන් හරිතව ගුරුතුමාට ස්තූති කොට වහා ම පන්සලට ගොස් තමන්ගේ ආචාය්ය්ග තුමෙකු වන විමලානන්ද ස්වාමීන්වහන්සේට නමන්කාරකොට ඒ බව කියා විහාරයට ගොස් බුදුන් වැඳ මල් පුදා මියා ගිය‍ පියාණන්ට හා මෑනියන්ට ද පින් දී ලෝකපාලනය කරන දිව්යත රාජයන්ට ද පින් දී, කැරොලයින් බලන්ට ඉතින් නිසැකව යන්නෙමි යි සිතා පාරට බැස්සේය. තමාට ලැබුණු ලියමන තවම කඩා බලන්ට මතක නැතිවී තිබුණෙන් මහ පාරේදී එය මතක්ව සාක්කුවෙන් එය අතට ගෙන කඩා බැලුවේය. එය මෙසේය.

ප්රේෙමනීය මහතාණෙනි,

මම ඊයේ (බ්රමහස්පතින්දා) උදේ වරුවේ වැඩිවිය පැමිණියෙමි. ඔබගේ සුවදුක් මාස දහයකින් දැනගන්ට බැරිවුණාට කණගාටුයි. මා මතක නැති කරායයි නොසිතමි.

මේ වගට - බලාපොරොත්තු වන, කැරොලයින්

මේ ලියමන දුටුහැටයේ විජයදාස “මඟුල් පිට මඟුල් කීවාක් මෙන්” මගේ ප්රේිමියගේ වැඩිවිය පැමිණීම ත් මගේ සමර්ථුවීම ත් එක නැකතින් සිද්ධවුනා වැනිය. ඉතින් මනදොළ සඵලවුණාට සැක නැත. මගේ ප්රේඑමියට මගේ සමර්ථි භාවයත් දන්වමින් ලියුමක් යවමියි සිතා ස්වකීය ගුරුවරයාගේ ගෙදරට පමිණ මේ ලියමන


ලීවේය.

පෙම්බරිය,

නුඹගේ ප්රීුතිමත් හසුන ගෙනාවේ මම ජූනියර් ලෝකල් පාඩම් විභාගයෙන් පළමුවෙනියාට සමර්ථීවූ බැව් සඳහන් ලියමන ගෙනා තැපැල්කාරයාමයි. මට එක විටම දැරිය නොහැකි සතුටු දෙකක් ඇති වුණා. මා කෙරෙහි ප්රෙනමියගේ ඇති බලාපොරොත්තුව එවා තිබෙන ලියමනෙන් තේරුම් ගතිමි. මම ජුන්ඩා නමින් ‍වැඩකාරයෙකු සේ මාස කීපයක් සිටි නමුත් මම උසස් පරම්පරාවක කෙනෙකු බව සැලකුව මැනවි. මගේ පියා ජීවත්ව සිටියේ නම් අහෝ ‍මගේ හැටි! මා වැඩකාරයෙකු සේ සිටි කාලයේත් ප්රේ මිය දැක්වූ ප්රේ්මය අපේ සංසාරගත ප්රේාමබන්ධනය විය යුතුයි. මට දැන් ඉගෙනීමට මාර්ගඅයක් ලැබුණා. මම පිටරටකට ගොස් ඇවිත් ධනවතෙකුව ප්රේයමිය කසාද බඳින්නෙමි. මට කළ උදව්වලට මේ ලොවදී පමණක් නොව සංසාරයේදී ද අනන්ත අප්රකමාණ උපකාර කරන්නෙමි. මම දැන් සමර්ථ්යෙකු වූ නිසා සමහර විට මගේ පියා නිසා පොහොසත් වූ මගේ නැන්දලාගේ පවුලෙන් ද ආධාර ලබන්ට බැරි වෙන්නේ නැහැ. නමුත් ප්රේමමිය නුඹට මගේ ජිවිතයෙන් සංග්ර හ කරමි. මගේ පියාගේ පරණ අත්පොතක තිබුණු කවියක් මෙසේයි.

ස බ ය වි කු ම් පෑ පැරකුම් රජුන් දි න ලැ බ ය තැ කු ම් විසු සිරි ලක්දිව දකු ණ අ බ ය වි කු ම නම් පුවතර පරපුරෙ න අ බ ය වි කු ම මම් හා නැගනිය පම ණ

මෙයින් මගේ පරම්පරාව දැන ගත මැනවි. ප්රේණමිය වැඩිවිය පැමිණ තිබෙන නැකතත් දිනයත් අපේ බලාපොරොත්තුවට පූර්වන ලකුණකි.

ගු රු ද නේ ලැබුව මල්වර පින්ව ති ය ල බ මි නේ සැපත් යස දරු සම්ප ති ය ස ම ගි නේ රුසිරු සර හිමිහු නැණැ ති ය උ ම ඟ නේ සදිසි වෙයි දනු සැකැ නැ ති ය


රෙ හෙ ණ නැකත මල්වරවුණ පිය කත නී ද ර ණ ගුණ නුවණ රුසිරෙන් අග පැමි නී ව ර ණ හිමිත‍ුමෙකු සහ සරණය වෙමි නී දෙ ර ණ පතළ සිරියෙන් වැජඹෙයි නිත නී

ඉතින් ප්රේිමියගේ වැඩිවිය පැමිණීමත් මෙබඳු සුභ ලක්ෂණ වලින් යුත් හෙයිනුත් මගේ ජයග්රමහණය ඇතිවූ හෙයිනුත් සතුටට පත් අද දවසේ ම මගේ ඒ අවංක ප්රීමතිය මෙසේ පිළිගන්වමි.

පි පි ප ස න් තඹර දිනු පැහැසර වති නි මි ණි ප හ න් සදිසි කුල විමනත දිලි නි කැ රොල යි න් නමැති රූබර පියබඳි නි උ ප නු ප න් තන්හි නුඹ පතමි සතුටි නි

අ ස ර ණ මේ මාහට පා හද අදර සො මි එ ස ර ණ දියුණුවට මගෙ වුණ බව කිය මි මෙ ස ර ණ සසර හිමි වන තුරු සිහි කර මි ති ස ර ණ දෙ වැනි කොට මගෙ පෙම්බරි සිත මි

අ වා සන කලෙහි පත් මගෙ රුඳුරු දු ක නි වා ලු රුසිරු පෙම්බරි ගුණ අදි ක ලොවා සින්ට දක්වා ගුණය මහිමෙ ක දෙ වා ලමි සියලු සැප ලොව ඇති නොයෙ ක

‍ම ගෙ සි ත් මුවා බැඳි ගුණ රන්දෙමින් ය ස ඇ ඳි සි ත් පහණතෙහි තුනු රූසිරු වෙසෙ ස සි ටි ත ත් අප දෙ දෙන පළක මෙන් මෙලෙ ස එ ක වෙ ත් පණ අනිත් පඬි දන එ අදහ ස

රු සි‍ රෙ න් මයැස වදනින් මියුරු සවන ත ගු ණ යෙ න් මසිත තුටු කළ පියබදිනි ඉ ත පි හි‍ ටෙ න් මගෙ යසස් වැඩු නුඹට සිරිම ත ම ප ණි න් පුද කළත් ම සිතට පමණ නැ ත

මි දි යේ රස දනිත් මිදි කැ නැණැති දි න රැ දි පින්සිරි රුසිරු ගුණ නුවණ එක තැ න මෙ දි යේ දුබල වෙත් ම ය නුඹ වැනි අඟ න ම දි වේ ම දිවි දුන් මුත් කළ උදව් ගැ න

වැ ළ ඳ ගෙලෙ බොමින් මුව මී අම සේ ම බොල ඳ රස වදන් ලැබ එක පණ සේ ම මෙ ල ද දිවි සපල වෙන්නේ නිසි සේ ම එ ල ද දින තමයි අපගේ එක්වී ම


මේ වගට - ප්රේ‍මවන්ත, වී. අභයවික්ර‍ම.

අභයවික්ර.ම මේ ලියමනත් ලියාගෙන ඉරුදින සවස්භාගයේ කැරොලයින්ගේ ගෙදර පැත්තේ වීදිය ‍දියේ යන විට කැරොලයින් වෙනුවෙන් ප්රිලය සම්භාෂණයක් පවත්වන නිසා එය කෙසේ දෙම් දැයි සිත සිතා ඒ වථීයේ සන්ධිය අයිනකින් කල්පනා කරමින් සිටියේය.

විජයදාස ඒ පැත්තෙන් යනු දුටු කැරොලයින්ට කොයි විධියකින් වත් ඔහු සම්බවෙන්ට ඉඩක් නැති බැවින් කුමකින් කුමක් කරම්දැයි කල්පනා කරමින් සිට කුස්සියට දුව ගොස් වැඩකාර කෙල්ලට කථා කොට ඈත් සමග වත්තට පැමින “අන්න අර සන්ධියේ ඉන්නා ළමයා ලියමනක් දේවි. එය වහාම අරගෙන එව”යි කියා යවා තමා තාප්පය අද්දරින් සිටියාය. විජයදාස ද ප්රාවෘත්තිය හොඳින් දැන ගෙන කෙල්ලට ලියමන දුන්නේය. කැරොලයින් කෙල්ල අතින් ලියමන ගෙන සඟවා ගත්තාය.

ඇල්ප්රතඩ් සිල්වා උන්නැහේලාගේ ගෙදරට සිය ගණන් මිත්රනයෝ රැස්වූහ. වැඩි පිරිස ලංසිත් සංකර සිංහලයෝත්ය. ඇල්ප්රමඩ් සිල්වා උන්නැහේ ගේ නෝනාට මේ “ඇට්හෝම්” එක විකාරයක් මෙන් වැටහුණ නමුත් කිසිවක් කියා ගත නොහී තුෂ්ණිම්භූත විය. එන එන මිනිසා “බාර්” එකට ගොස් විෂ්කිත් සෝඩත් බිබී සැන්ඩ්විච්, පස්තෑල, විස්කෝතු, කේජු ආදිය කා මුදුලේ තබා ‍තිබෙන පුටු උඩ ඇද වැටෙමින්ද, සමහරු ගී සින්දු කියමින්ද, සමහරු ටික ටික වමනය කරමින් ද, සමහරු කථා පවත්වමින් ද ගෙදර එකම කෝලාහලයෙක් විය. මේ අතර ඇල්ප්ර ඩ් සිල්වා උන්නැහේ නැන්දා වන මහලු ස්ත්රිහය හා අගේ දරු මුනුපුරෝ ද “ඇට්හෝම්” එකට ආහ. ඒ පිරිසත් සෑහෙන තරම් අඩි ගසා කන්ට පටන්ගත්තාහ. ඒ ආ මහලු ස්ත්රි ය ඇල්ප්ර ඩ් සිල්වා නෝනා ඉන්න කාමරයට ගොස් “මොකද දුව මුල්ලට වෙලා ඉන්නේ” කියා අසමින් ඒ කාමරයෙන් ම වාඩි විය. එවිට ඒ හාමිනේ “මොනවද නැන්දේ මේ විකාර බලන්ට බැරුව මම මුළුගැන්නීගෙන ඉඳිමි. දැන් කාලේ මිනිසුන්ට කාසි වැඩිවීම වාගේ හෙනයක් නැත. අපේ දරුවා වැඩිවිය පැමිණියාට ප්රීනතිවෙන්ට මේ ලෑස්ති කළා. නමුත් අපේ මහත්මයා කොටුවේ සාප්පුවල තිබුණු තරම් බීමත් මස් පාන් විස්කෝත්තුත් ගෙන්වා තබා ගෙන වංගුවෙක් කති, පංගුවෙක් බොති, පංගුවෙක් නටති, පංගුවෙක් “ලැක්චර්” කරති, ඒ අස්සේ සමහරෙක්


ගොජ දමති; තවත් සමහරෙක් කුණුසරුප කියති; තවත් සමහරෙක් පියානා ගාති; තවත් සමහරෙක් නිදති; සමහරු ඔළු කෙලින් තියාගන්ට බැරුව වැනි වැනී සිටිති. ඉතින් මට මේ විකාර බලන්ට බැරුව මම මුල්ලට වෙලා ඉඳිමි”යි කීවාය.

මහළු නෝනා - ඉතින් මොකද දුව දැන් කාලේ කොළඹ ඇට්හෝම් ඔහොම තමයි බීම නැතුව මොන මඟුල් ද?

සිල්වා නෝනා - ඔව් නැන්දලාටත් ඔය විකාර පුරුදු නිසා ඕවා ගැන පිළිකුල් නැහැ. අපට නම් එය මළඉලව් කැතයි; පිළිකුලයි.

ම - ඒ පළාතේ මෙහෙම ඇට්හෝම් පවත්වන්නේ නැද්ද?

සි - ඒ පළාතේ කිව්වේ කොයි පළාතේද?

ම - මාතර පළාතේ.

සි - ඒ පළාතේ නැහැදිච්ච වනචර සංකරයෝ ‍ඔහොම විකාර කරති. නමුත් ඒ පළාතේවත්, මේ පළාතේවත්, ලංකාරවේකොයි පළාතකවත් හැදිච්ච වැදගත් සිංහලයෝ මේ විකාර නොකරති.

ම - අනේ, ළමයෝ තරහාවෙන්ට එපා, මම දන්නේ නැතුවයි අහන්නේ. මෙහෙම මඟුල් තුලාවලදි කොහොම ද කරන්ට ඕනෑ

සි - හැදිච්ච වැදගත් සිංහල ගේවල දරුවෙක් වැඩිවිය පැමිණියත්, මඟුලක් ගත්තත්, අවමඟුලක් උනත්, ඔය විකාර කිරීමක් නැහැ. දරුවෙක් ලොකු වුනාම ඒ දරුවාගේ ඉස තෙමා ගෙදරට අඬගසා ගන්න දිනට තම තමන්ගේ කලදේවතාවන් වන මහාසංඝයාට පළමුකොට දන් දී නැවත ඤාතිමිත්රගයන්ට සංග්රතහ කර ඉක්බිති යාචකාදී අසරණයන්ට කන්ට බොන්ට දී පුළුන් කම තිබේ නම් රෙදිකෑල්ල හමාරත් දී මෙබඳු මඟුල් පවත්වති. ඒ මිසක් රටේ තිබෙන තරම් විස්කි බ්රැරන්ඩිත්, ගෙරි මසුත් ගොඩගසාගෙන බේබද්දන් රැලක් එකතු කරගනෙ ගෙදරදොර අපවිත්රෙ කරමින් බඩුමුට්ටු කඩාකප්පල් කරන සිරිතක් මම අහලා නැහැ. අනේ මේ විකාර!

ම - අනේ මේ ළමයා කියන ‍හැටි නම් බොහොම හොඳයි. දැන් මේ කොළඹ අලුත් පැෂන්වල හැටි මෙහෙමකොට මක්කරන්ට ද?

සි - මොන ‍බොරු ද නැන්දේ, අලුත් පැෂන් කියන්නේ මේ විකාරවලට ද? අලුතෙන් යම් සිරිතක් ගන්නවා නම් ගන්ට ඕනෑ අපට කලින් තිබුණු එකකට වඩා හොඳ එකක්. එසේ ‍නැතුව අපේ පරම්පරාගතව පැවතිච්ච සාන්ත දාන්ත හොඳ සිරිත්

අත්හැර මේ “ගොජදමන” සිරිත් ගැනීම පොල් දීලා පරංගි හදා ගත්තාක් වැනි ක්රි යාවකි. ඒක නොවෙයි වැරැද්ද වුණේ. අපේ ජාතිය ගැනවත් අපේ සිරිත් විරිත් ගැනවත් කිසිවක් නූගත් අපේ මහත්මයාට කාසි වැඩිවුන එකේ වැරැද්දෙන් මේ ඔක්කෝම වුනේ. සල්ලි යහමින් නොතිබුණු කාලේ මේ තරම් මිත්රඔයොත් නැහැ. බීමත් නැහැ. කෑමත් නැහැ. ආගම එපා වුණෙත් නැහැ. පරණ සිරිත් එපා වුණෙත් නැහැ. සිංහල නරක්වුනෙත් නැහැ. මොන තත්වුලව්ව හැපුනෙත් නැහැ. දැන් සල්ලි වැඩිවෙන්ට වැඩි වෙන්ට ඔක්කෝම විකාර.

ම - එහෙනම් උඹලාට සල්ලි වැඩිවුණ එකත් නරකට ගියා.

සි - ඔව්, අපට පමණක් නොව නූගත් අඥාන කාටත් සල්ලි වැඩි වීම හොඳ නැහැ. එහෙම නරක්වුණ පවුල් කී දහසක් කියන්ට ද? සල්ලි කොපමණ ලැබුණත් උගත් ඥානවන්ත ගුණ ධර්මසයෙහි පිහිටි සත්පුරුෂයන්ට නම් ඒ මුදල්වලින් කරන්ට එමට වැඩ ‍තිබේ. නමුත් නූගත් චපල සංකර අධම සිංහලයන්ට වැඩිපුර මුදල් ලැබීමෙන් ඇති පලේ ජාතිය මතක නැතිවීමත් මුතුන්මිත්තන්ගේ සිරිත් මතක නැතිවීමත්, ගුණවන්ත කුලදේවතාවන් සිහිනැතිවීමත්, රටබීම වෙළඳුන් තරකිරීමත්, තමන්ගේ ශරීර දුෂ්යයකර ගැනීමත්, උපයාපු දේ නැතිකර ගැනීමත් යනාදී මෙලොව වශයෙන් මහත් දුක් විඳ මරණින් මත්තේ අපායට පත්වීමත් පමණකි.

මහළු නෝනා මේ කතාව අසා වැඩි වේලා නොසිට ස්වකීය දරු මුනුබුරුනුත් සමග යන්ට ගියාය. ඇල්ප්රරඩ් සිල්වා උන්නැහේගේ යහළුවෝ සවස් වන තුරු “කුමේ බෙබේ” කර කර ඉඳ යන්ට ගියෝය. ඇල්ප්රහඩ් සිල්වා උන්නැහේත් හොඳට ‘අඩි ගහලා’ සිහි නැතුව නිදාගතිය. සිල්වා හාමිනේ කුලීකාරයන් ලවා රෑ දොළහ වන තුරු වමනේ අද්දවා ගෙදර දොර ශුද්ධකර කැඩිච්ච ඇඳ පුටු පැත්තකට දමා යන්තම් ගේ අස්කර ගතිය.


06 වන පරිච්ඡෙදය

[සංස්කරණය]

මෙ‍ සේ “ඇට්හෝම්” කලබලය පවතිද්දී ම කැ‍ෙරාලයින් තමාගේ කාමරයට පැමිණ විජයදාසගේ ලියමන කඩා බලා අභිෂේකය ලද කලක් මෙන් ප්රීයතියට පැමිණියාය. විජයදාස තමාගේ

මාමා‍ගේ පුතා බවත්, ඔහු ඉගෙනීමෙන්උසස් භාවයට පත්වෙන කෙනෙකු බවත් නියත හෙයින් මව්පියන්ගේ කැමැත්තෙන් ම ඔහු හා විවාහවෙන්ට ලැබෙන බවත් සිතා ගත් කැරොලයින්ට විජයදාසගේ රසවත් කවි ගැන විශේෂ ප්රීකතියක් ඇති විය. සිංහල ව්යාදකරණ්ය හා අලංකාර ශාස්ත්රාඇදිය උගතියක් නිසා ඈ කාව්යා රසයෙහි ප්රිාය කරන්නියක් විය. විජයදාසගේ ලියමනට පිළිතුරු ලියන්ට කල්පනාකොට මෙසේ ලීවේය.

ප්රේතමවන්ත මහතාණනි,

ඔබගේ ලියමන අමෘතයක් මෙන් ලදිමි. මගේ වැඩිවිය පැමිණිමත් ඔබගේ සමර්ථලවීමත් එක විට සිද්ධ වුණාක් මෙන් ම අපගේ එක් වීමත් සිද්ධවේවායි මම ප්රාථර්ථනා කරමි. බොහෝ දෙනා අතර මව්පියන්ට රහසින් ඇති වෙන ආදර බැඳුම් නිසා අනතුරුත් පැමිණෙන නමුත් එබ නිසා මට මගේ ජීවිත හානිය වුණත් කාරියක් නැත්තේය. මට ඔබගේ භාය්යාට තනතුරට පැමිණෙන්ට නොහැකි වුණොත් ඒ නමින් ම අවිවාහකව සිටිමි. ඔබගේ ඉගෙනීමට උවමනා කරන මුදල් මම කොහොම නමුත් දෙන්නෙමි. ඔබේ තොරතුරු අප මෑනියන් සමග කියන්ට ද? අපේ මාමා ගැන නිතරම අඬමින් සෝක කරමින් ඉන්නා අපේ අම්මා ඔබ ගැන දැන ගත්තොත් නො අනුමානව ඔබට සියලු උපසත්කාර ලැබෙන්ට පිළිවන. මට යම් ලියමනක් එවතොත් මේ ලියමන ගෙන එන ළමයා අත අව්වාට වරදක් නැත. ඔබගේ පොරොන්දුව මහමෙර මෙන් මම බලාපොරොත්තු වෙමි.

මේ වගට - ප්රේ්මවන්තවූ, කැරොලයින්.

මේ ලියමන ලියා කැරොලයින් ගෙදර සිටින කොලුවාට ‍උගන්වා කොටහේනේ වෝල් වීදියේ විජයදාස සිටින ස්ථානයට ගොස් විජයදාස අතට ම ලියමන දෙන්ට කියා පිටත්කර යැව්වාය. සයිමන් නමැති මේ කොලුවා ද කැ‍රොලයින් නෝනා කී ලෙස ලියමන රැගෙන යන අතර ඇල්ප්රමඩ් සිල්වා මහත්මයා පිටකොටුව පළාතේ සිට අශ්වකරත්තයෙන් ස්වකීය වැඩකාර කොලුවා කොහේදෝ යනබැව් මරදානේදී දැක අශ්වරථය නවත්වා “තෝ කොහේ යනවා දැයි” ඇසීය. කොලුවාට කථා කරගත නොහැකිවිය. ඒ නිසා ම ඇල්ප්රනඩ් සිල්වා මහත්මයා තව දුරටත් සැක සිතී කරත්තයෙන් බැස කොලුවාගේ ඉණ ඉහ පරීක්ෂා කරන විට බඩතුරේ තුබුණු ලියමන රැ

ගෙන කියවා බලා දන්ඩෙන් පහර ලත් සර්පයෙකු මෙන් කිපී කොලුවාටත් ටොක්කක් ඇන ඔහුත් කරත්තයේ ම ඉඳුවා ගෙන කොටහේනේ විජයදාස කියා ළමයෙක් ඉන්නවාදැයි ඇසු විට එහෙම කෙනෙකු ඉන්නා බවත්, දැනට ඔහු කොහේදෝ ගොසින් සිටින බවත් කීවේය. සිල්වා උන්නාහේ විජයදාස එවෙලාවේ දකින්ට නොලැබීම ගැන වඩාත් කෝපයට පැමිණ කොලුවාට මෙසේ කීය. තෝ මට මගදි සම්බවූ බවක් වත්, මේ ලියුම මා ගත් බවක් වත් කියන්ට එපාය. තෝ ලියමන දුන්නායයි කියවි කියා ඔහු කරත්තයෙන් බස්වා සිල්වා මහත්මයා කුසගින්නෙන් පීඩිත කොටියෙකු මෙන් ගෙදර ගියේය. සයිමන් නමැති කොලුවා ද ඉතින් කැරොලයින් නෝනලා‍ගේ ගෙදර යෑමට වඩා අපේ ගමට යෑම හොඳයයි සිතා ඔහු හෙමින් ම මහපාර දිගේ තමාගේ ගම වන හේවාගම් කෝරළේ කොට්ටාවට යා ගත්තේය.

සිල්වා මහත්මයා මගදී බීම සාප්පුවකින් විෂ්කි ටිකකුත් බීගෙන ගෙදරට විත් කරත්තයෙන් බැසපු හැටියේම ඉදිරි ශාලයේ වාඩිවි උන් ස්වකීය භාය්යා ක ව වන අබයවික්රෙම හාමිනේට නොසෑහෙන අන්දමට තළන්ට පටන්ගත්තේය. කැරොලයින් ආදී ළමෝ කෑගසිමින් ඔබමෝබ දිවන විට අල්ලපු ගෙදර ලංසි මහතාට දැනගන්ට ලැබී වහාම දුවගෙනවිත් සිල්වා උන්නැහේ අල්වා කාමරයකට දමා අබයවික්රහම හාමිනේගෙන් තොරතුරු අසන්ට පටන් ගත්තේය. නොසෑහෙන පරිදි තැළුම් කා ක්ලාන්ත භාවයට පත් ඒ හාමිනේ “අනේ මහත්මයෝ මම මොකුත් දන්නේ නැතැ”යි කියා සීසන් නැතිවූවාය. ඉක්බිති ලංසි මහතා සිල්වා උන්නැහේගේ කාමරයට ගොස් “මොකද මිස්ටර් සිල්වා. මේ යහපත් හාමිනේට තැළු‍වේ තමුසෙට පිස්සුදැ”යි ඇසීය. එවිට සිල්වා “මිස්ටර් මට ඕකිව මැරුවත් මදි. මගේ ළමයි නරක් කරන්නෙත්, මම හම්බකරන තරම් දේ පාදඩයන්ට දෙන්නෙත් ඔය වල් ගෑනි තමයි” කියා වෙරිමරගාතේ නිදාගත්තේය. අබයවික්ර ම හාමිනේ උපන්තෙකට නොලැබු වද වේදනා නිසාත් බලවත් ලෙස හිත නරක් වීමෙනුත් රෝගාතුර විය. ලෝකයේ හැදෙන ලෙඩ දෙකකි. එකක් ශරීරයේත් අනික හිතේත් හටගනී. ශරීරයෙහි අටගන්නා ලෙඩට සුදුසු නොයෙක් ඖෂධ පුරාණ විසූ ධන්වන්තරී ආදී ඍෂීන් විසින් නියම කර තිබේ. නමුත් සිතේ හටගන්නා ලෙඩට මහා ඍෂිවු ශාක්ය මුනි වූ බුදු රජාණන් වහන්සේගේ නවලොකොත්තර ශ්රීා සද්ධර්මෂය මිස වෙන කිසිම ප්ර්තිකාරයක් නැත්තේය.

එයින් කීහ පුරාණ ආචාය්ය්ස වරු :-

පා න ත් බෝජනය නුපුරුදු ගැනුමෙ න් ද දෝ ස ත් කීපෙන නුසුදුසු සේවනයෙ න් ද පා පෙ ත් පෙර කරපු පැමිණෙත එබැවි න් ද රෝ ග ත් සතට වෙති මේ ලෙස තිදොසි න් ද

වා පි ත් සෙම් වෙන්ව තනි තනි ලෙඩ සැ දෙ ති දෝ ස ත් දෙකක් කිපෙමින් සිටි ලෙඩ සැ දෙ ති බේ ද ත් නොව තිදොස් එකතුව ලෙඩ සැ දෙ ති බේ තු ත් මෙ දැන කළහොත් රෝගසු ව වෙ ති

ක ය න ම් මහ බූතයො පස් දෙනෙ ක් ම ය ලෙ ඩ න ම් සියලු පැමිණෙන්නේ දෙ ක් ම ය වෙ ද ක ම් අසන්නේ එයිනුත් එක ක් ම ය එ බැ වි න් කියන්නේ ඔසු මෙහි මඳ ක් ම ය

ඉතන් ලෙඩ තැනෙන හැටිත්, ඊට සුදුසු ඖෂධ වර්ගිත් පුරාණ ආචාය්ය්ඩ වරුන් දක්වද්දී රෝග දෙවර්ගියක් බවත් කියා තිබේ. ඒ දෙවගෙන් එකක් ශරීරයෙත්, අනික හිතෙත් හටගන්නා බව කියා තිබේ. ශරීරයේ හටගන්නා රෝගයන්ට ධන්වන්තරී ආදී ඍෂීවරයන් විසින් නනාප්ර කාර ඖෂධ දැක්වීමට පෘථක්ජන වූ ඒ ඍෂිවරයන්ට නොහැකිවූ නමුත් සකල‍ෙඥය මණ්ඩලය කරතලාමයක් මෙන් දත් දේවතිදේව වූ බ්රුහ්මාතිබ්රයහ්මවූ ශක්රා තිශක්ර වූ පරදුක්ඛදුක්ඛිතවූ කරුණා නිදාන වූ අපගේ ස්වාමිදරු වූ භාග්යඩවත් බුදුරජානන් වහන්සේ අවබෝධ කරන ලද ඒකායන මාර්ගමයෙන් පමණක්ම සත්වයාට සිතේ හටගන්නා ලෙඩට සුවය දෙන්නේය. අන් කිසිවකින් ඒ නොහැක්කේය. ඒ උතුම් වූ මාර්ගලය නම් “එකායනො අයං භික්කවෙ මග්ගො සත්තානං විසුද්ධියා සොක පරිද්දවානං සමතික්කමාය දුක්ඛ දොමනස්සානං අත්ථගමාය ඤායස්ස අධිගමාය නිබ්බාණස්ස සච්ජිකිරියාය අදිදං වත්තාරො සතිපට්ඨනා භික්කවේ, මහණෙනි සත්තානං සත්ත්වයන්ගේ; විසුද්ධියා, පිරිසිඳුවීම පිණිසද; සොකපරිද්දවානං,සෝක පරිදේවයන්ගේ; සමතික්කමාය, ඉක්මවීම පිණිසද; දුක්ඛදොමනස්සානං, කායික චෛසික දුක් දොම්නස්; අත්ථගාමය, දුක්ඛදොම්නස්; අත්ථගමාය, නැසීම පිණිසද; ඤායස්ස, ආය්ය්ුක් අෂ්ඨාංගික මාර්ගදයාගේ; සමතික්කමාය, ඉක්මවීම පිණිසද, නිබ්බාණස්ස, නිර්වාොන අමෘතයාගේ;


සච්ජිකිරියාය, අවබෝධය පිණිසද; යදිදං අයං, මේ තෙමේ එකායනො මග්ගො, එකම මාර්ග ය වන්නේ යයි; වදාළ සේක. ඉතින් සත්ත්වයාගේ පරම විසුද්ධිය පිණිසත්,කායික චෛතසික දුක් දොම්නස් නැතිකර ගැන්ම පිණිසත් පරම සුන්දදර නිර්වා්ණ සැප ලැබීම පිණිසත්, එකම මාර්ගමය වූ මේ සතර සිත්පට්ඨාන ධර්ම‍ය දන්නාවූ එහි සත්යසවාදීභාවය මඳක් වත් පුරුදුකිරීම් වශයෙන් යමෙක් අවබෝධ කරගත්තේ නම් ඒ සත්ත්වයාට කායික චෛසික ලෙඩක් කිසි කලක හටනොගත්තේය. කයේ හටගන්නා ලෙඩ ඍෂිවරයන්ට ශාස්ත්රාතනුකූලව ඖෂධ යෙදීමෙන් සුව කරන්ට හැකි වෙන්ටත් නොහැකි වෙන්ටත් පිළිවන් ‍වන්නේය. නමුත් සර්වුඥයන් වහන්සේ දේශනා කළ සතර සතිපට්ඨාන ධර්මප සිත එකඟ කිරීමෙන් භාවනා කරන ‍නොසන්සුන් බැව් ආදී සිතේ හටගන්නා ලෙඩ සියල්ලක් ම නිසැකව සුව වන්නේය. ඒ හෙයින් ලෝකානථවූ බුදුරජාණන් වහන්සේගේ ආදි මධ්ය පරියොසනා කල්යනණවූ, ඇස් ඉදිරිපිට විපාක දක්වන්නාවූ උතුම් ධර්ම ය සියලු දෙනා විසින්ම ඉගෙන ගත යුතු වන්නේය. ඒ උතුම් ධර්මිය මඳක් වත් නූගත් තැනැත්තා කෙතරම් බාහිර ශාස්ත්රත උග‍තෙකු වූවත් ඔහුට මෙලොවවත් පර‍ැලොවවත් කිසි සැපක් නැත්තේය. ස්වකීය හිතවත් කෙනෙකු මළා ම බලවත් හානියක් පැමිණියාම බුද්ධධර්ම ය නූගත් බාහිර ශාස්ත්ර උගත්තෙකුට තමන්ගේ හිත සනසා ගැන්මට කිසිම ක්ර්මයක් නැත්තේය. ඉන් නිසා සමහරු සිතට බලවත් පීඩාවක් පැමිණි කල්හි මත්පැන් පානය කරති. එයින්ම ක්රමමයෙන් බේබදු පුරුෂයෙක්ව විනාශ වෙති. සමහරු බලවත් චිත්ත පීඩාවක් හටගත් විට දිවි නසා ගණිති. සමහරු චිත්ත පීඩාව ඇති කර ගනිමින් ලේ ධාතුව දුෂ්යහ කරගෙන ශරීරය ද සෝකයෙන් දූෂ්යශකර ගනිමින් මියෙති. නමුත් බුදුරජාණන් වහන්සේගේ මේ උතුම් ධමර්යූ දත් තැනැත්තාට කෙතරම් බලවත් චිත්ත පීඩාවක් පැමිණියත් සතර සතිපට්ඨාන භාවනායෝගීව පැයක් භාවනා කළ කල්හි ඒ සියල්ල හිරු දුටු අඳුර මෙන් දුරුව යන්නේය. ඒ හෙයින් බුදුරජාණන් වහන්සේගේ ධර්මටය නූගත් සත්ත්වයාගේ උත්පත්තිය බිනර මාසේ වපුරණ කුඹුරු මෙන් නිස්සාර වන්නේය. එසේම සෙලෙස්තිනා අබයවික්රරම හාමිනේ ද බෞද්ධව සිටි නමුත් චිත්තයෙහි දුක් දොම්නස් පහකර ගැනීමට ලෝකසත්ත්වයාට හිතානුකම්පාවෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කර වදාළ මේ සතිපට්ඨාන සූත්රාහදිය නොදත් බැවින් ස්වකීය පුරුෂයා අයුත්තේ කළ අඩත්තේට්ටම ගැන බලවත් චිත්තසන්තාපයට පත් වීමෙන් ඒ නිසාම ගත් උණය බලවත් වී තුන් දිනකින් කාලක්රිතයා

කළාය. සෙලෙස්තිනා අබයවික්රනම හාමිනේ මැරුණාය යන ආරංචිය දස දෙස පැතිර ගියේය. අසරණයන්ට උපකාර කිරීමේ නියුක්තවූ සිංහල කුලචාරිත්ර ආරක්ෂා කරගෙන ස්වකීය දරුවන් සිංහල සිරිත් අනුව ඇති කළාවූ ද, නපුරු පරසිරිත් අනුව ඇතිවූ නූගත් දුෂ්ටයෙකු ධනවත් භාවයට පමුණුවා සැපවතෙකු කළ මේ කුලවත් හා‍මිනේගේ මරණය සැබවින් රටට ම පාඩුවක් වියයි කිය යුතු තරම්ය. ඇල්ප්රාඩ් සිල්වාට ද හාමිනේගේ මරණය ඉතා තද ශෝකයට කාරණා විය. නමුත් අතීසාරයට අමුඩ ගසන්නාක් මෙන් සෝකයට නියම වූ අඥානයන්ගේ බෙහෙත වන මත්පැන් බෝතල බාගයක් පමණ බිගත් ඇල්ප්ර ඩ් සිල්වාගේ සෝකය ටිකක් යටපත් විය. අබයවික්රනම හාමිනේගේ කැරොලයින් ආදී දූවරු තිදෙනාත්, ඇල්බට් නැමැති පුංචි පුතාත් පොළොවේ හැපෙමින් අඬන්ට පටන්ගත්හ.

ඇල්ප්ර්ඩ් සිල්වා මහත්මයා හාමිනේගේ මරණය හිතමිත්රි්දීන්ට දැනුම් දෙන පිණිස අවමඟුල් හසුන් 500 ක් අච්චුගස්වා හිත මිත්රා සෑම දෙනාට ම දැනුම් දුන්හ. පසු දින එළිවූ හැටියේම අවමංගල්ය ය සඳහා උවමනා කරුණු සූදානම් කිරීමට බොහෝ හිත මිත්රහයෝ පැමිණියෝය. ස්වකීය දූ වන කැරොලයින් පප්පාට කථාකොට “අනේ පප්පේ මම්මාගේ මෘතශරීරය දවන්ට ඇත්නම් හොඳය”යි කී නමුත් යුරෝපීය මිථ්යාපවදීන්ගේ සිරිත් අනුව ගිය සිල්වා මෘත ශරීර භස්ම කරදැමීමේ ආනිශංස නොදත් බැවින් ඊට සතුටු නොව වළලා දමන්ට ලෑස්ති විය. ඉතින් සවස 4 ½ ට කාළවණී මිනීපෙට්ටියක බහා ලන ලද අබයවික්ර.ම හාමිනේගේ මෘතදේහය සම්බන්ධ ආගමික කෘත්යළයන් මතකවස්ත්රානදිය පිළිගන්වා ඉවරවූ පසු කනත්තේ ප්රබසිද්ධ සොහොන් භූමියේ තැන්පත් කරන ලදි. ඇල්ප්ර ඩ් සිල්වාගේ සිත මත්පැන් නමැති හලාහල විස පානය කිරීම නිසා විකෘතියට පැමිණියෙන් ප්රිසය කාන්තාවගේ මරණය ගැන වැඩි ශෝකයක් නොකළේය. ඉතා ලපටි අවස්ථාවේ සිටි නමුත් කැරොලයින්ට මවගේ මරණය ගැන හටගත් බලවත් ශෝකය සර්ව්ඥයන් වහන්සේගේ ධර්මලය සිහිකිරීමෙන් මඳක් තුනී කර දෙන්ට හැකිවිය.

දහරා ව මහන්තාච - යෙ බාලා යෙච පණ්ඩිතා සබ්බා මච්චු මසංයන්ති - සබ්බාමච්චු පරායනා.

යනාදී දේශනා කල්පනා කිරීමෙන් සෝකය තුනී කරගත් කැරොලයින් නෝනා තමන්ගේ හිතේසිවන්තයා වන විජයදාස අබයවික්රකම වෙත

මව්ගේ මරණයත් දක්වමින් ඒ ප්රේරමවන්ත මෑනියන් කෙරෙහි විද්යකමානවූ ගුණ සමූහය ද මෙසේ කවි සංක්තියකින් දැක්වූවාය.

උ සු ලා දස මසක් දුක් විඳ කිය නොහැ කී පෙ ර ලා කිරට ලේ පෙව් ලෙස අම රසෙ කී වි ම ලා ගුණැති මව්සඳ ‍අප හැර සැණෙ කී වැ ඩ ලා සුරපුරට මෙ දිනට සත් දිනෙ කී

තෙ රු ව න් මුදුන දරමින් ගුණ දමින් බැ ඳී ද රු ව න් සිතූ අදර යදමින් ලිහෙනු නො දී ග රු ව න් සිරි කතෙව් විසු දිනිතිය පැහැ දී ස රු ව න් තුසී පුර වනි අපහට දුක දී

ම ව් සඳ සඳ නැතිව හද කොඳ මැල වි ය කැ ව් රස බොජුන් අත කප් ලිය නැති වි ය ප ව් අප පෙර කරපු දැන් ඉස්මතු වි ය නි ව් මට මේ සෝ ගිනි උපදෙස් නැති වි ය


බු දු ර ද පසේ බුදු මහ සව් උතුම් ස ත රි සි ලෙද වසඟ කළ මරුවා නොමැති මෙ ත ගු ණ ක ඳ නමුත් අප දිනිතිය ද නොහරි ත සි තු ස ඳ එ බව සැනසේ යම්තම් මසි ත

සි රි ක ත් මව් මිතුරු දාසී පිය බිරි ඳ ගු ණ ව ත් අඳුරු යන මේ සය දෙනා ලෙ ද ම ද කු ත් වෙනස් නොව විසු අ‍පගෙ මව් ස ඳ සි රි ම ත් කෙනෙකි ඇසුවන් සිත් කරන න ද

අ ද ර වන සුතන් දිවි ලෙස තනා ගෙ ණ ගෙ ද ර ර දොර සුපිරිසිදු ලෙස තබාග ණ නි ත ර සුමුදු පිය රස බස් දෙඩාග ණ ප ව ර ගුණෙන් අප මව් සිරි ලඳා වු ණ

අ ප පිය කෙරෙහි අපටහ මෙන් සෙනේ සි ත සැ ප දුක දෙකිහි දක්වා නොවමින් අහි ත වි ප තට කිසිත් නොමකළ ගුණ නැණ දිමු ත අ ප මව් මව් තුමෙකි දක්නට නැති වෙන ත

පැ තු රු සෙනෙහසින් අප පියතුමා හ ට ස තු රු වියවුලුත් දුසිරිත් හැර දුර ට මි යු රු රස බසින් ඔවදන් දුන් සොඳ ට මි තු රු තුමෙක් විය අප මෑණියෝ සෙ ට

පෑ සී දුක සැපෙහි යටහත් වී නිත ර රා සී වෙමින් ඇති මෙහෙවර කර ගෙද ර නෑ සී තද බසක් කීවත් කිසිම ව ර දා සී ලෙස විසී අප දිනිති පෙම්බ ර

පි ය ව න ලෙසට සැරසී පිය තෙපුල් සො ඳ පි ය ව න අප පියා මන නුවන හැම ස ඳ පි ය ව න විමන පහනෙව් බ‍ැබලි නිවර ද පි ය ව න අප දිනිති විය පෙම්බර බිරි ඳ

ක ට යු තු නොකටයුතු මෙයයි පවසමි නී දු ක සි තු තුළෙහි පහකර උපදෙස් දෙමි නී අ ප සි තු විලස තැනු සුසිරිතෙහි යොදමි නී ගු ණ යු තු අප දිනිති විසු ගුරුතුමෙක් මෙ නී

ගෙ ද ර ට පැමිණි කිසියම් කෙනෙකු කිසි ව ර ස හ තු ‍ට නොකර නොමයැව් මව්සඳ පව ර ස ම‍ කොට පැවසුවත් කප්ලිය අමර පු ර සැ බ ව ට ‍වැඩියෙ අප මව්ගේ තිළින බ ර

ප ණ ම කි නු ත් එලෙසම රන් පවුමකි නී දෙ න ර ස ව ත් අහර ඉදිකොට එක ලෙසි නී පැ මි ණි දු ක ත් පැණි රස මෙන් විඳ නිති නී අ ප සි රි ම ත් මව් ලිය මිණ සදිසි වු නී

ක ර ද ර බොහොමයයි සිත අසතුටු නොක ර සැ ර වැ ර කළාය යි මඳකුත් මැලි නොක ර නි ර තු රු සුතන් රැක වැඩපල කර ගෙද ර වැ ර සැ රු කුලඟනෙකි විසු මව් සුගුණ බ ර

පි ට ර ට ලියන් ඇඳුටම සිරිතට කප ට හැ ම ව ට තදින් පිළිකුල් කළ දුසිරිත ට ග රුකොට තමන් කුලදම් රැකි පණ ලෙස ‍ට හැ ම වි ට මුදුන් දී නමදිමි මව් සඳු ට

ම ට ප ත් විපත් නැතියෙන් පෙම්බර දිනි තී ඔ බ ‍ට ත් මෙලෙස කීවෙමි මහතුනි ගුණැ තී ම‍ෙග සි ත් ළදල මෙන් සැඩ නල වන් තැවෙ තී දු නහො ත් පිළිතුරක් සැනසෙන පින් ලැබෙ තී

ම ව් සඳ විසුව නම් ඔබටත් උදව් ක ර ස ව් සිරි සැපෙන් විසුමට තිබුණි අවස ර ප ව් අපෙ පල දෙන්ට ආ නමුදු මෙ ව ර කි ව් බස මගෙ තිරයි ලෙස ගල ඇඳි අකු ර

පි යා මගේ ඉතා තද නපුරු මිනිසෙ කි කි යා ගන්ට බෑ මට වෙන දේ නිසැ කි ද යා බර මගේ හිමිසඳිනි ගුණ වැ කි ති යා ගෙන ම දිවි වෙනතක යා නොහැ කි

එ ම බැ වි න් නැතත් මව් සිත සැක නොක ර සි තු ලෙ සි න් උගත මැන තව සිප් සත ර මෙ ම ලෙ සි න් එවන ලද්දේ මේ ලිපි ක ර කැ රොල යි න් විසින් බැඳි ඔබට ආද ර

කැරොලයින් නෝනා මේ ලියමනලියා තැපැල් මුද්දරයක් ගසා ගෙදර සිටින කෙල්ල අත බොරැල්ලේ සන්දියේ ලියුම් දමන ප්රරසිද්ධ ලියුම් කූඩුවේ දමන්ට යැවිය. පසු දින උදේ විජයදාස වියදමට මුදල් ටිකක් කාගෙන් ලබා ගනිමිදැ යි සිතමින් සිටින විට තැපැල් කාරයා මේ ලියමන ගෙනත් දුන්නේය. ලියමන කඩා බැලූ හැටියේ ඔහුගේ ඇස් දෙකින් කඳුළු වැගිරෙන්නට විය. ස්වකීය නැන්දනියන්ගේ මරණයත්, තමාගේ ඉගෙනීම ගැන බලාපොරොත්තුව සිටි ආධාර පමණක් නොව තමාගේ ප්රා ණය මෙන් සිතාගෙන ඉන්නා කැරොලයින් නොලැබෙන බවත් වැටුහුණු විජයදාසගේ සිත වික්ෂිප්ත විය. නමුත්

අපින්ති තම්පි භවති - වින්තිතම්පි විනස්සති නිහි චින්තා මයා හොගා - ඉත්ථියා පුරිසස්සවා.

යනුවෙන් නොසිතන ලද්දක් ම සිද්ධවන්නේය. සිතන ලද්ද විනාශ වේ. ස්ත්රී්යෙකුටවත් පුරුෂයකෙකුටවත් සිතිවිල්ලෙන් සැපතක් ‍නම් නැත්තේය යන මේ සර්ව ඥ දේශනාව කල්පනා කොට මෙසේ සිතුයේය. පූර්වේයෙහි කරන ලද පිනින් යම් සය ඉසුරක් සැපතක් ලබා නම් ඒ පුදුමයක් නොවේ. ප‍ුණ්යේය නිසා ලැබෙන ඉසුර ගඟක් පහළට ‍ ගලාගෙන යන්නාක් වැනි පසුවෙන් සිද්ධවීමක්ය. යමෙක් දෘඪ විය්ය්‍ම් කොට ඊට විපාක වශයෙන් යම් යස ඉසුරක් ලබන්නේ නම් ඒ ක්රි.යාව ගඟක් උඩහට බැස්සවීමක් වැනිය. මනුෂ්යනයන් විසින් පැසසිය යුත්ත්ත් ඊටමය. මගේ උත්සහයෙන් මම දැන් මෙතරම් යමක් දැනගතිමි. මේ ධෛය්ය්ත්තමත් හිත මා තුල නොපැවතියා නම් මම අනුන්ගේ ගෙදරක නියුක්ත ජුන්ඩාය. ඒ කාලයේදි මෙතරම් වත් ඉගෙනීමට ධෛය්ය්ගෙදයක් පැවති මට මගේ ආධාරකාර මා කෙරෙහි අවංක වූ බලවත් ප්රේ මයක් ඇති කැරොලයින් නෝනා ලබා ගන්ට බැරි මක්නිසාදැයි සිතා කැරොලයින්ගේ ලියමනට පිළිතුරු ලියමියි කල්පනා කරමින් කාමරය ඇතුළට ගියේය.

විජයදාස කැරොලයින්ට මේ ලියමන ලිය්නට පටන් ගත්තේය.

ප්රේදමිය,

මෑනියන්ගේ මරණය ගැන අතිශයින් සෝකයට පැමිණියෙමි. නමුත් කුමකට සෝක කරමුද? අපගේ බුදුරජාණන් වහන්සේ මරණය ගැන කිසිම සෝකයක් නොකරීමට උවමනා සියලුම කරුණු දක්වා වදාර තිබේ. ඒ ධර්මකය අපේ පණ්ඩි තයෙක් අපේම භාෂාවෙන් මෙසේ දක්වා තිබේ.

01. ළඳරුය රුසිරැ ති ය නැණැති ය සියුම් ගුණැ ති ය බලැතිය තෙද ඇ ති ය කියා වෙනසක් මරුට නොමැ ති ය

02. බුදුබුදු සච්ච නු දු සක් කුවෙර ඈ සුර නු දු සක්විති නිරිඳු නු දු මෙ උතුමැ යි මරු කිකල අරි නු දු

03. යම් පලයක් ඉඳු න නටුවේන ගිලී බිම එ න කවර දිනක ද ය න නියම දැනගත හැකි ද නිසැකි න

04. පැසුනු පල බිම හෙ න කරුණු නියත ය සැබවි න එමෙන් ලෙවුපන් ද න මැරෙණු නියත ය මරු පැමිනි දි න

05. උදෑසන දුටුවන් දවස් කල නැත දුටුවන් සවස් කල දුටුවන් එ මැද යම්හී නොමැත දුටුවන්

06. ම පියානො ය උතු ම් මා වැඳූ මව් ය මනර ම් ම පුතු ය බැඳුණු පෙ ම් මරහු ආ‍ කල කොද එ නෑක ම්

07. මළ දන ගැන හඬ න සතැඟ කළු වෙයි සොවගි න කය සිත ද තැවෙමි න විඳින දුක මිස නැත සැපක් වෙ න

08. නෑසිය ඉටු මිතු රු දූදරු දෙගුරු කලතු රු මිණි මුතු රුවනුතු රු මෙ මා සතුයයි කියති නිරතු රු

09. නමුත් මේ බස මි ස මියන දින නැත තව මි ස කරපු පව් පින් මි ස කැටුව යනුවෝ කව්ද දිය කු ස

10. ම පුතු ය දනය ඉ ති අවිඳු රැක නිති වෙහෙසෙ ති තුමු කය තුමුට නැ ති කල්හි දරු ‍කොඳ කොඳ දනය ඇ ති

11. කුඹුකරු පලහ දෙ න මැටි බඳුන් මෙන් වැනසෙ න මෙහි උපන් හැම දෙ න නියම ජරමර දෙකට පැමණෙ න

12. පෙර පණිවා පවි න උපනුපන් තැන බෙහෙවි න ආසකර සැකෙවි න සැපත් නොවිඳ ම ගෙවෙයි ළසොවි න


13. දිය බුබුළු විඳු ලිය ඇතු පය බිජුසෙ කිකි ලිය ලඹ ඔවිලෙහි කෙ ලිය සෙයින් අනිසය මෙ පණ තෙක ලිය

14. මඳ කල් නොනවති න මෙ දිවි ගමනින් දිව ය න උදය සිට දක්ව න නොසිට දිව යන සෙයින් නුබමි ණ

15. වැ මුවැවුලු පහ න තිර නොවන මෙන් හැම ප ණ පිළි සිඳි පටන් ගෙ න නසී වැනසේ දුකින් අපම ණ

16. දෙවි බඹ ඈ කෙනෙ ක් නොවෙයි මැව් තැනූ කිසිවෙ ක් මිණිමුතු ඈ වතෙ ක් බහා නිමියේ නො‍වෙයි අනිකෙ ක්

17. මව් පිය සමගි ව ත් සමා ලෙහෙයෙන් උතුග ත් කුසල් පිළිසිඳ සි ත් ඇසුරු ගැබමල කලල රූයු ත්

18. කෙස් ලොම් ඇ දෙති ස් කුණළු කොටසින නිමි ගො ස් වැඳ හිඳ දිනිති කු ස් මලින් වටනින් සෙයින් සම්ම ස්

19. එකඩ දස මස් ක ල් ගෙවා පසුත ද ලත් ක ල් විඳ තියුණු දුක් දැ ල් මෙලෝ පත්වෙති දනෝ හැමක ල්

20. උපන් සත මෙම ලෙ ස පළමු කළ පින් පල ලෙ ස ඉතිරි පුම බැව් ලෙ ස මහරවි දවසරිති කම් ලෙ ස

21. ඉති මිනිස් ලොවුප න සැප මෙදෙනු දන්වන ද න පිළිසඳ පටන් ගෙ න ගොදුර ජරමර ලෙඩට අපම න

22. මෙ කරුණු සිතට ‍ ගෙන අටලෙව් දහම් දැන ‍ ගෙන තැණින් දිවි රැක ගෙන ‍යමෙක් හිඳිනම් මෙවිය ගුණ ගෙන

23. ඔහුට සෝ දුක කුත් කසිත පොපියම් විම කුත් නොවෙ පෙර මසඩි කුත් සදෙව් බබලයි නිබොරු මඳ කුත්

24. ලාබ ද අලාබ ද අයස ද වැලිදු යසස ද ගැරහුම් පැසසුම ද දුකය සැපය යි ලොදම් අට ව ද

25. මෙවි අටලෙව් ද ම් සැම සතට සම බව ද ම් මෙ දත්හට දුක් ද ම් නොවැටහෙයි වදහළේ මුනිතු ම් (කාව්ය මුක්තාහාරය)

ඉතින් ප්රේවමිය මරණය ගැන සෝක නොකළ මැනවි. කිසිම දෙයකට සෝක කළ යුතු නොවේ. යමක් ගැන සෝක කරනවා වෙනුවට ඒ වැරදුනු අමාරුවට පැමිණි දේ හරිගස්සා ගැනීම අපේ යුතුකමව තිබේ. මගේ ඉගෙනීමට බොහෝ බාධා දැන් විය. ඒ මේ ලියුමේ කීමෙන් ප්රබයෝජන නැත. නැවත දන්වමි.

මේ වගට - හිතවත්, විජයදාස.

මේ ලියමනත් ලියාගෙන විජයදාස කැරොලයින්ලාගේ ගෙදර පැත්තෙන් ගියේය. ලියමන දීමට කෙනෙකු නැතුව තැවෙමින් සිටින විට ගෙදර වැඩ කාර කෙල්ලක් එනු දැක ඇ අතට ලියුම දී

කැරොලයින් නෝනාට එය දෙන්ට කීවේය. මෙසේ කියා යන්ට යන අතර කොහේදෝ ගොස් සිට ගෙදර ‍එන ඇල්ප්ර ඩ් සිල්වා උන්නැහේට විජයදාස මුණගැසුණේය. විජයදාස ඔහු කව්ද කියා නොදන්නාක් මෙන් ම ඇල්ප්රසඩ් සිල්වා ද ඔහු කවරෙක් දැයි නාඳුනන සෙයින් එදින අසුනොවී යන්තම් පැන ගත්තේය. කැරොලයින් විජයයදාසරග් ලියමන කියවා සිත තනා ගෙන ඔහුට කෙසේ උපකාර කරම් දැයි කල්පනා කළාය. ඇල්ප්රඔඩ් සිල්වාගේ හාමිනේගේ මරණයට ‍ෙහ්තුවූයේත් විජයදාස අභයවික්රිම නමැති මොහුයයි ඇල්ප්රයඩ් සිල්වා ගේ වෛරය මේ ළමයා කෙරෙහි අතිශයින් වැඩී ගියේය. විජයදාස ළපටි වියේදි ම විනාශ කර දැමීම මීළඟට ඇති ඉතාම වැදගත් කාරණය ලෙස ඇල්ප්රමඩ් සිල්වා නියම කරගෙන ස්වකීය මිත්රියෙකු වන කෛරාටිකකමින් කෙළපැමිණි දානියෙල් නමැති මිනිහාට කථාකොට තමන්ගේ හාමිනේගේ මරණයට හේතුව විජයදාස අභයවික්රනම බව කියා කොයි විධියකින් වත් ඔහු නැති කළ යුතුයයි කීය. දානියෙල් උත්පත්තියෙන් ම අධමයෙකි. මව්පියන් මෙන් විසූ දෙදෙනෙකුට අනර්ථ ඵලවා ලෝකයේ ඇති තරම් කෛරාටික කම්වලින් රැගෙන මේ හාදයා ඉතා මිටි වූ දර්ශනයෙන් ම අධමයෙක් නමුත් මෙහුට මුළවන මිනිස්සු කෙළවරක් නැත්තේය. ඇල්ප්රමඩ් සිල්වා දානියෙල්ට රුපියල් 20 කුත් දී කොයි ක්රයමයකින්වත් විජයදාස සමග මිත්රප විය යුතු බවත්, මිත්රඅ නොවී කෙනෙකුට අන්තරාවක් කළ නොහැකි බවත් කීවේය. මෙසේ කථාකරගෙන දානියෙල් පිටත් වූ හැටියේම මේ කථාව අසුනු කැරොලයින්ට කාරණය තේරුම් ගොස් වහාම මේ බව විජයදාසට දන්වමියි සලකා මේ ලියමන ලීවේය.

ප්රේමමවන්තය,

අපේ පප්පා ඔබ සමග ඉතා අප්රිසන්නව සිටී. මම්මාගේ මරණයට හේතුවත් ඔබය කියයි. මම්මා ගේ මරණය සිද්ධවුණේ ඔබට මා විසින් ලියමනක් එව් දවසේ පප්පා කේන්තිව අවුත් කළ අඩත්තේට්ටන් කරණකොට ගෙනයි. මා ලියුම එව් කොලුවත් තවම මෙහි අවේ නැත. නො අනුමානව මා විසින් ඔබට එව් ලියමන පප්පාට අසුවී තිබේ. ඔබ නිති කිරීමට දානි‍ෙයල් නමැති මිටි මූ කෙට්ටු වූ පුංචිමිනිහෙකු සමග කතාබස් කරගෙන ඔහුට ශත 20 ක්ත් දී අද පිටත්කර එව්වේය. ඔහු ඔබ සමග මිත්රශවෙලා ඔබට අන්තරා කරයි. ඉන් නිසා ප්ර වේසම් වෙන්ට මා කෙරෙහි පප්පා ඉතා අප්ර සන්නව මෙන් ඉන්නා බවත් පෙනේ. මට කුමකින් කුමක් වේ දැයි කියන්ටත් බැහැ. අහෝ මගේ ජිවිතය ඉතා වාසනාවන්ත වේයයි මුලදී කල්පනා කෙළෙමි. නමුත් දැන් ඒ කිසිවක් විශ්වාස කළ නොහැක්කේය. කමක් නැහැ. මට කුමක් වුණත් ඔබ ‍ප්රැවේසම් වුව මැනවි.

මේ වගට - පෙම්බරි වන, කැරොලයින්.

කැරොලයින් පප්පා ගෙදරින් පිටත් වෙනවත් සමගම මේ ලියමන වැඩකාරිය අත තැපැල් පෙට්ටියේ දමන්ට යැව්වාය. ඈ එය තැපැල් කළාය. එදින සවස 4 ට වාගේ දානියෙල් ඇඳ පැලඳ ගෙන කොටහේනේ ජෑන්ස් මහතුන්ගේ ගෙදරට ගොස් ඉස්තෝප්පුවේ එහා මෙහා ඇවිදින විට විජයදාස ඔහු දැක “සොයන්නේ කවුරුන්දැ”යි ඇසුමාම මම විජයදාස උන්නැහේ බලන්ට ආවෙමියි කීවේය. එවිට විජයදාස එළියට විත් ඒ මමය. මේ කොහේ සිටලා දැයි ඇසුවේය. එවිට දානියෙල් ඉතා සංවේග ලීලාවක් දක්වා “අනේ ළමයා ද? මම මාතරය. අපේ බාප්පාගේ දුවගේ පුතා වූ උඹ ගැන මට දැනගන්ට ලැබුණේ ඊයේය. උඹ බලන්ට අවෙමි. අනේ උඹට ඕනෑ උපකාරයක් කරමි. කොහොම ද පුතා සුවදුක්” කියා ඇසුයේය. එවිට විජයදාස මේ කථා විශ්වාසකොට ඔහු‍ගේ කාමරයට අඬගසා ගෙන ගොස් වාඩිවෙන්ට දී බුලත්විටකුත් ගෙන්වා ඔහුට දී මෙසේ කීය. ම‍ගේ මව්පිය දෙදෙනා ම නැතිවුණ බැවින් අපේ මාතර නෑදෑයින් ගැන කිසිවක් බලාපොරොත්තු නොවී මම මෙහි ඉගෙන ගනිමින් ඉඳිමි. උඹ මා දුටු බවක් වත් මතක නැතැයි කීය. මෙසේ මොවුන් කතා කරමින් සිටින විට තැපැල්කාරයා ලියුමක් ගෙනත් විජයදාසට දුන්නේය. විජයදාස දානියෙලුත් සමග කථා කරමින් මේ ලියමන කඩා බැලුවේය. තමාගේ ප්රොමවන්තී වන කැරොලයින්ගේ ලියමන කියවා බලා තමාට අනතුරු කරන්ට ආ ඔහු ගැන හොඳින් හිතට අරගෙන ඔහුගේ නම ඇසුවේය.

මගේ නම දානියෙල් පෙරේ‍රා අප්පුහාමි යයි කී හැටියේ ම නිසැකව මේ මගේ හතුරායයි තේරුම් ගත් විජයදාස. හොඳයි මොහු මා රැවටීම මෙපමණයයි සිතා ඉතින් යන්ට මට වැඩ වගයක් තියෙනව. වෙනින් දවසක කතාකරන්ට පිලිවනැ”යි කීය. ඉක්බිති දානියෙල් රුපියල් දහයක් විජයදාසට දුන්නේය. විජයදාස එක පාරටම එය එපායයි කියා තමාට මුදල් තිබෙන බවත් උවමනා විටක ඉල්ලන බවත් කීය. දානියෙල්ගේ රුපියල් දහය ගැනීම විජයදාසට මහත්


පිළිකුලක් විය. තමා අතේ ශතයක්වත් නැතිව ඉතා අමාරුවෙන් කුසගින්නේම පවා සිටිතත් මේ අධර්ම වාදී මිත්ර ද්රෝවහි කපටියාගේ මුදල තමාට ඉතා පිළිකුලක් විය. විජයදාසට එක පාරට මෙසේ සිතුණේය. තමා විසින් උදව්වක් ගතයුත්තේ ඊට ප්රටතිඋපකාර කරන්ට සිතා ගෙන විය යුතුය. මට අන්තරාය කරන්ට එන මේ අධමයාට කොයි ලෙසකින් වත් මගේ සිතේ ආලයක් ඇති නොහැක. ඉතින් මෙහුගේ මේ මුදල මා ගනිතොත් ගන්නේ ප්රසයෝගයටයි. එය මැ වැන්නන්ට නොවටන්නේය.

ග ජ කු ම් බුදින එකසර කෙසරිඳ බලැ ති කෙ ත ර ම් සා වූවත් තණ කබල නුබුදි ති වි හි ගු ම් කුලෙන් යුතු උතුමෝ අබිමනැ ති දි වි හි ම් කොටත් නොතරම් කම් නොම කර ති

මේ මා නිසා කිවු කීමක් වැනිය සිතා දානියෙල් අමතුම් කරද්දීත් රුපියල් 10 ය ප්රීතික්ෂේප කොට හලේය. දානියෙල් ඉතින් කුමක් කරම්දැයි සිතමින් ඇල්ප්රනඩ් සිල්වා සම්මුඛවීමට ගියේය. එසේ ගොස් විජයදාසගේ ඥානවන්තකමත් ඔහු මුළා නොකළ හැකි කෙනෙකු බවත් කියා ඔවුන් කථාකරන්ට පටන්ගත් විට ස්වකීය කටයුතු කරමින් ම කැරොලයින් ද‍ මේ කථාව කෙරෙහි ඇහුම්කන් දෙන්ට විය. “හොඳයි දානියෙල් උඹ නිකම් හිටපන්. ඔහුට මම උගුලක් අඳින්නා. මට දෙතුත් මාසයක් පසුවෙන තුරු කටයුතු හුඟක් තිබෙනවා. ඒවා ඉවර කර මම ඔහුට වැඩේ කරන්නෙමියි”යි කීය. එතැන් පටන් දානියෙල් ඇල්ප්රිඩ් සිල්වා උන්නැහේට දෙවෙනි වරට කසාදයක් බැඳීමට කතටයුතු සූදානම් කරන්ට පටන් ගත්තේය. කැරොලයින් ස්වකීය ප්රෙ මවන්තයාට වන විපතත් තමාට වන විපතත් ගැනම සිතමින් වික්ෂිප්ත වූවාය. මෑනියන්ගේ රහස්ගතව එකතු තර ගත් රුපියල් 1700 ක් කැරොලයින්ට අයිතිව තිබුණේය. කැරොලයින් ඒ රුපියල් 17‍00 ය ලොකු ලියුම් කවරයක දමා විජයදාස කවදා දෙන්ේනෙම් දැයි සිතමින් සිටියාය. විජයදාසට ඉගෙන ගැනීමට ලක්දිවින් පිට යෑමට කිසිම වත්කමක් නැතුව තැවෙන නමුත් ඔහු විභාගයෙන් ලැබූ සමර්ථෑකම නිසා පොත් පත් හා තෑගි කීපයක් ලත් කෙනෙකි. පියා නැවත කසාද බදින කල්පනාව දානියෙල් සමග කී හැටියේම කැරොලයින්ගේ හිත බලවත් ලෙස කලකිරී එදා රෑ ම මේ ලියමන ලීවාය.

ප්රේලමවන්ත මහතාණෙනි,

මේ සමග රු: 1700 ක් ඇති. එයත් රැගෙන ඔබ කල්කටාවට වත් ගොස් බී. ඒ. විභාගයවත් පාස් කර එන්ට උත්සාහ කරනු මැනවි. අපේ තාත්තා අයෙම කසාදයක් බඳින්ට ලෑස්ති වේ. එය අපේ කරුමයටයි. නංගිලා දෙන්නාට හා මල්ලීටත් අනතුරක් නූනත් මට නම් වෙන්නේ අන්තරාවයි. යුරෝපීය ක්රදමයට තැනුණු නංගිලාට සහ මල්ලිට පප්පා කියන කියනවිාව දිය හැසිරෙන්ට හැකි වුණත් මට එසේ කරන්ට බැහැ. අපේ අම්මා ජීවත්ව සිටින තරු ම මට කීවේ අපේ කුලසිරිත් ජිවිතටය වඩා ආරක්ෂා කරන්ටයි. මා ගැන ඔබ සැක කරන්ට එපා. මගේ දක්ෂ කමින් ආරක්ෂාවෙන්ට උත්සාහ කරන්නෙමි. බැරි වුණත් ඔබ හැර අන්යද පරුෂයෙකු හා විවාහ නොවන්නෙමි.

‍ මේ වගට - ආදරනීය, කැරොලයින්.

යන මේ ලියමනත් මුදල රු: 100 යේ නෝට්ටු 17 ත් අන්විලොප් එකක දමා ගෙන විජයදාස කවර දිනක මුණගැසේ දැයි සිතමින් සිටියාය. එක් දිනක් දානියෙලුත් තවත් වයසක කෙනෙකුත් ඇල්ප්රිඩ් සිල්වාගේ නිවසට ආහ. මේ ආවේ ආර්මන් කුරේ උන්නැහේගේ දුව වන මැගි මාර්ගරැට් කුරේ තරුණ නෝනා ඇල්ප්ර්ඩ් සිල්වා උන්නැහේට කථාකොට තීන්දු කර ගැනීමට විය. මේ නිසා කැරොලයින් ආදී ගෑනු ළමයි ගෙදරින් පිට යැවීමට ඇල්ප්රුඩ් සිල්වා උන්නැහේට උවමනා වී. “කැරොලයින් උඹලා ගෙදරම වැදීගෙන ඉන්ට එපා. ඔක්කොම එකතුවෙලා ගෙදර කෙල්ලත් සමග “වික්ටෝරියා පාක්” එකේ ඇවිදලා වරෙල්ලාය”යි කීවේය. කැරොලයින් මේ ගැන සතුටක් නැතත් පියාගේ කීම ඉක්මවන්ට බැරි හෙයින් නංගිලා සහ මල්ලිත් ගෙදර ඉන්නා බාලහිමිත් සමග සවස 3 ට පමණ ‘වික්ටෝරියා පාක්’ පිට්ටනියට ගියාය. එසේ ගොස් සිසිල් සෙවනැති ගස් යට සිටිමින් ක්රී‘ඩා වශයෙන් කල් ගත කරන අතර, කෞතුකාගාරය සම්බන්ධ පුස්තකාලයේ පොතක් කියවා පිට්ටනියට බැස්ස විජයදාසට හැතැප්ම කාලක් පමණ ඈත ඉන්නා කැරොලයින් පෙනී ඒ කැරොලයින් ම යයි හැඟුණේය.

එවිට ශාස්ත්ර.ය උගත් විජයදාස මෙසේ සිතුයේය. ඒ පෙනෙන්නේ කැරොලයින් ම නොව වෙන තරුණියක් විය හැකිය. නමුත් මගේ හිතේ ඇඳි පවතින හෙයින් ඈ කැරොලයින් සේ පෙනෙන්ටත් ඉ‍ඩ තිබේ. එසේද වූවත් ඒ පැත්තෙන් යමැයි කැරොලයින්ලා සිටින


අසලට එන විට තමාගේ පෙම්බරි වන කැරොලයින් බව දැන ප්රීතතියෙන් පීනමින් වික්ටෝරියා පාක් උයනේ ශාලාව දෙසට ආයේය. කැරොලයින් ද නංගිලා මඟ අරවා ශාලාව අසලට ගියාය. ගුණ ධර්ම.යෙන් යුක්තව විලි බිය ඇතුව ඇතිදැඩි වන තරණයෙකුට හා තරුණියකට තමන්ගේ ප්රේගමය දක්වා කථාකිරීම ඉතා අපහසු කාරණයක් වූ බැවින් ශාලාවේ ඉස්තෝප්පුවේ වඩිවී උන් විජයදාසට බඹයක් පමණ ඈතින් සිටි කැරොලයින්ට කොයි ක්රවමයකින් වත් මුහුණ ඔසව ඔහු දෙස බලනු නොහැකි වූයේය. බියපත් වූවෙකු මෙන් සුදුමැලිව වෙව්ල වෙව්ලා සිටි විජයදාස කැරොලයින්ට කථා කරන්ට උත්සාහ කළ නමුත් ඔහුගේ මුඛය විවෘත වෙන්නේ වත් ශබ්දය නැගෙන්නේ වත් නැතුව රූපයක් මෙන් සිටියේය.

මෙසේ ටිකවේලාවක් සිටි පරිශුද්ධ වූ තේජවන්ත සිංහල ලෙයින් ඇති වූ මම, මාත් මාගේ ප්රේවමියත් අතර මා විසින් ප්ර ගුණ කරන ලද ධර්මටය නමැති ප්රැකාරය ඇති බැවින් මේ කථාව කිසියම් අනර්ධයකට කාරණයක් නො‍වේ යයි සිතා උත්සාහයෙන් සිත ධෛය්ය්සියමත් කරගෙන ‘ප්රේිමිය, නුඹගේ පියා මා මරන්ට සොයනා බව දැන ගතිමි. දැන් මම ලංකාවෙන් පිටවී යන අදහසින් සිටිමි. නුඹ කෙරෙහි බඳින ලද මගේ ප්රේයමය ඉතා දැඩිය. එය කොයික්රසමයකින් වත් කඩා දමනු නොහැක්කෙමි. ඒ එසේ ද වූවත් උඹට මා නිසා විඳ දරන්ට වන මහත් දුක මා දන්නා බැවින් අපේ හිතුබුද්ධියට බැඳගත් ඒ ප්රේඋමය නීති ප්රනකාර බලය නොලත් නොතාරිස් කෙනෙකු විසින් ලියන ලද ඔප්පුවකට සමාන හෙයින් නුඹේ හිතුවක් කරගැනීමට මම කැමැත්ත දෙන්නෙමි. මගේ අසරණ අවසථාවේ නුඹ වූ පිහිට ගැන මගේ ජිවිතයෙන් පූජා කරමි. ඉතා ස්වල්ප උපකාරයක් ලැබ ඊට ජිවිතයෙන් පරිත්යා ග කළ උත්තමයෙක් අපේ බෝධිසත්ත්වයන් වහන්සේය. ඊට සමාන කර බලන කල නුඹ මට කළ උපකාර වලට මගේ ජිවිතය ලක්ෂ වාරයක් පිදුවත් ප්ර මාණ නොවේය”යි කඳුළු හෙලමින් කීයේය. විලිබියෙන් මිරිකී ප්රේරමයේන මුළාවී උන් කැරොලයින් “අනේ මහතාණෙනි, මගේ මෑනියන්ගේ මරණයත් මගේ පියාගෙන් විඳින්ට ලැබෙන අප්ර මාණ දුක්ගැහැටත් යන සියල්ලම විඳීමට මට ලැබී තිබෙන එකම ශක්තිය නම් ඔබ ගැන ඇති බලාපොරොත්තුව පමණකි. අපේ ප්රේතමය අනන්ත අප්ර මාණ කාලයක් මුළුල්ලේ සංසාරයේදී අත්නොහැර එන ප්‍රේම බන්ධනයකි. එය කැඩීමට අපම මිස අන්යස කිසිවෙක් සමර්ථ නොවේ. ඔබ ලක්දිවින් පැහැර ගොස් මේ කාලයට උවමනා තරම්

ඉගෙන ගෙන මෙහි පැමිණෙනු මැනවි.

එවිට මා නිසා ඔබට ලැබිය හැකි යම් ප්රී තියක් ඇද්ද, ඒ සියල්ල නොවලහා ලැබෙන්නේය. මා ගැන කිසිසේත් සැක නොකළ මැනවි. මම ම‍ාගේම හිතටත් වඩා ඔබ විශ්වාස කරමි”යි කීය. ඉක්බිති මඳක් චංචලභාවයෙන් තොරවූ විජයදාස ‘ප්රේිමිය, නුඹ යම් නියමයක් පියාගෙන් වුණි නම් ඊට අකීකරු නොව ඥානයෙන් මැඩපවත්වා ගත යුතුය. මගේ ස්ථීර පොරොන්දුව නුඹේ සිත්වූ පරිදි ඉෂ්ට වන්නේමය. මම ඉතාම උසස් පදවියට ගියත් නුඹ ඒ කාලයට අන්තිම දුගී බවට පැමිණියත් නුඹ කෙරෙහි අද ඇති ප්රේ මය එදිනටත් එසේමය”යි කියා ශාලාවේ ඉස්තෝප්පුවෙන් නැගිට කැරොලයින් සිටින අඹ ගස මුලට ඇවිත් ඇගේ දකුණු අත ගෙන සිඹ “මේ ‍අපගේ කලකට වෙන්වීමය”යි කියන විට කඳුළු වැගිරෙමින් මලනිකවූ ඇස් දෙකින් විජයදාස දෙස බලා තමා ලියා ගෙන තිබූ ලියමනත් රු: 1700ත් අතට දුන්නාය. විජයදාස ලියමන රැගෙන එය කඩා නොබලාම වික්ටෝරියා පිට්ටනියේ යමින් -

“උට්ඨානවතෝ සිතිමතෝ සුචි කම්මස්ස නිසම්ම කාරිනො සඤ්ඤතස්ස ච ධම්මජිවිනෝ අප්පමත්තස්ස යසොහි වඩ්ඩති”

යනු කල්පනා කරමින් ඉක්මනින් ම උත්සාහ කරමියි සිතා ලියමන කඩාබලා එහි තිබෙන මුදලත් ලියමනත් දැක දරාගත නොහී විනාඩි කීපයක් කඳුළු සලමින් අඬා පරලෝකප්රාලප්ත ප්රේාමවන්ත පියාණන් හා මෑනියන් ද සිහිකොට කොටහේනට ගොස් ස්වකීය ආචාය්ය්ම තුමාට දන්වා එතුමාගෙන් ගතයුතු ලියුම් රැගෙන පසු දින කල්කටා‍වට පිටත්ව යන නැවකින් යන්ට ගියේය.


07 වෙනි පරිච්ඡෙදය

[සංස්කරණය]

කැ රොලයින් නංගිලාත් සමග සවස 5 ½ ට පමණ ගෙදරට ගියාය. ස්වකීය පියා දෙවෙනි වර කසාද බැඳීමට තීන්දු කරගෙන තිබෙන බව දැනගත් නමුත් කුමක් කරම්දැයි සිතා


සුසුම් ලෑවාය. ස්වකීය දරුවන් සිටියදී දෙවෙනිවර විවාහ වෙන පුරුෂයා ඉතා කල්පනා සහිතව ඒ කටයුත්ත කළයුතුව තිබේ. ලෝකයෙහි උතුම් ගුණධර්මාෙදිය දැන ඉතා හොඳින් නොහික්මුනු ස්ත්රිියක් දරුවන් ඇති කෙනෙකු විසින් විවාහ කර නොගතයුත්තේය. පළමු විවාහ කරගන්නා ස්ත්රිවය යකින්නියක වූවත් එයින් දුකට භාජන වන්නේ තමා පමණකි. නමුත් දෙවෙනි වර විවාහ කර ගන්නා ස්ත්රී දුෂ්ට‍ ස්ත්රිනයක් වී නම් තමා පමණක් නොව තමාගේ දරුවෝ ද ඒ රාක්ෂියට ගොදුරු වන්නාහ. ඒ හෙයින් ම ස්ත්රීවන් සත් දෙනාගේ තොරතුරු මෙහි දැක්විය යුතුව තිබේ.

ස්ත්රිනවිලාස නම් පොතේ :-

උ තු ම් අප මුනිඳු සෙත් කළ තුන්ලොව ට ක තු න් නිසා දෙසු දහමකි ලෙව් සත ට ක තු න් සත් දෙනෙක් වෙති ගුරුහිණි කම ට බැ ති න් අසව් සුදනෙනි ඒ මනා කො ට

බා රි ය වඳක සොර හිමි මාතු ද බගි නී යා ළු ය දාසි යන ‍සත් දෙන වෙති එයි නී වේ ම ය හොඳ නොහොඳ හිමිහට බෝ සෙයි නී පේම ය සිතින් අස ඒ වෙන වෙන ඉති නී

වදක බාරී

හි මි හ ට වද අවැඩ රුදු සිත් සියලු වි ට කු ළු න ‍ට මඳ සිතක් නැති වෙද මනාකො ට ‍අ නු න ‍ට ඇලුම්කර මායම් යොදා සි ට ප හ ස ට යෙදී සි‍ටියෙන හිමි නිසරුකො ට

මි ල දී ගත් එකෙකු මෙන් ගෙහිමි නොතක න නි සැ කී තැත් කෙරේ වෙහේසුමට හැම තැ න මෙ ම කී අගුණ ඇති අඹුවක් දුටුව තැ න නි සැ කී වදක බාරිය බව දනුව මැ න

චෝර බාරි

දු ක සේ ගෙහිමි රැස්කොට තිබු සියලු ද න සැ ප‍ සේ හොරහිමි සහ වැස උන්ට දෙ න කෙලෙසේ උවත් හිමිහට බොරු බස් කිය න සි ත සේ සොරුන් සහ වැසුමට සිතාගෙ න


වැ ඩ ප ල නියමකර අඩු බඩු සෙවීම ට කි සි ප ල නැතත් තම හිමි හැර බැහැරක ට සි ත අ ල වා හොරුන් සහ වැස රිසි ලෙස ට එ ම ක ල හිමි රහස් පවසන්නී හොරු ‍ට

ස ප ය න නොයෙක් දන තම හිමි වෙහෙස ගෙ න ලි ය ගෙන තමන් නෑයින්හට බෙදා දෙ න කි සි දි න මහණ බමුණන් හිමිගෙ දෙගුරු න ස බ ඳු න කිසිවෙකුට උපකාර නොකර න

ත ර කො ට අදර වන රුදු නපුරු දුදන ට මෙ ලෙ ස ට මාගමක් ලැබුනොත් යමෙකු හ ට ක රු මෙ ට ලැබුණු සොරබාරිය දැන එවි ට ප හ කො ට ගෙයින් හළ මැන මතු වන වැඩ ට

ස්වාමි බාරි.

සො ර හිමි සොයා ගේ ඇර යන තැනින් තැ න නි ර තුරු හිමි නසන අවැඩක් ම සිතමි න ත ර කර සිත රසැති කෑමට සිතා ගෙ න ක ර යුතු වැඩ ගේදොර ගැන නොසලක න

අ ල සව වසති හිමි දුක් සැප නොසලක ති කු ල යට නොනිසි අබරණ සොයමින් අඳි ති ක ල එම ඇසුණු විට හිමි බසට රොස වෙ ති බ ල වන රළු පරළු බස් නිතර තෙපළ ති

ර හ සි න අනුන් වෙත පෙම් බැඳ ඉඳ බැති න නි සි ව න වියදම් ද වෙහෙකරු හට නො දෙ න ලෙඩ දැ න මෙහෙකරුට පල පල යන බසි න අ ස ර න කල ගෙයින් පහකර පඬි නො දෙ න

ගුණ නැති මේ කත අඹු කර වසන හිමිහ ට කිසි කල වැඩක් නැත අවැ‍ඩ ම වේ ඔහු ට සැක නැත ‍ෙම බස් දැන හිමි බාරිය කම ට හළ යුතු ගෙයින් පහකර යකින්ය ලෙස ට

ක ල් කර වරදවා මෙකි අඹුවන් තිදෙ න තු ල් ගොර නිරේ උපදිති ගිනිගෙන දිලෙ න ඇ ල් මෙන් හොර හිමින් හා විඳි සැපත ගැ න ක ල් සිය දහස් එ පවින් දුක් විඳ එත න

ඉ න් අත්මිදි ඉපදී කටුඹුල් නි රයේ න න් දුක් විඳිත් කප් කෙළ සුවහස් ත රයේ ගි න් නෙත් දිලි මුගුරු ගෙන යමපල් ත රයේ ඉ න් උන් විඳින දුක් පවසමි කොයි ව රයේ

එ බැ වි න් ඉතිරියෙනි බියපත්ව හිමි හ ට සැ බැ වි න් මහත් බැතිපෙම් ඇතිව ‍හාමවි ට එ දු කි න් මිදෙන ලෙස බියගෙන විටින් වි ට කු ළු නෙ ත් හිමි රකුව එම වැඩකි තමහ ට

මාතු බාරි.

හි මි යෙ කු පෙ මි න් අඹුකොට වසනා ලියෙ ක හි මි හ ට ඇ ලු ම ඇතිවී වැඩි නෙ ක ත ම පු තු ලෙ සි න් නිරතුරු රකිනා මවෙ ක ත ම හි මි වි සි න් සපයා ගෙනෙන දන රැ ක

දී බත බුලත හිමිහට නිසි වේලා‍ව ට කී ලෙස සියලු දුක් සැප දෙක එක ලෙස ට බෝ ලෙස පෙමින් රොස් නොව පවතී යස ට ඒ හිමි පවින් වලකා වෙ‍සෙස හැම වි ට

නො යෙ ක් දුක් ඇතත් තම හිමිට බැති පෙ මින් ක තෙ ක් වෙසෙ ද සලකා නිතර තම හි මින් ම වෙ ක් පුතු රකින ලෙස දැන ගන නිය මින් මෙ තෙ ක් ගුණැති බාරිය වේ මාතු න මින්

බගිනි බාරි.

දෙ ට සොයුරුට මෙන් තම හිමිට ගරු ක මින් සි ට නිති විලි බියැති වී අනුව සිප පෙ මින් ය ට හත්වම සිතින් වෙනතක ද නොසිත මින් සි ට තම කුලය සතතින් බබලවයි පෙ මින්

වී රි ය ගුණැත මම දිගැස කුල වැඩ වඩ න බා රි ය බගිනි නම් වේ හිමි දැන ඇඳ න වී රි ය කර නිතර පණ මෙන් රැක යෙහෙ න නෑ රි ය යුත මෙ වැඩ වන ලිය දිවි හිමි න

යාළු බාරි

ලෙව් වැසි ලියක් හිමි දුටු විට සිනාසෙ න කි ව් පෙර යාළු මෙන් පෙන්විය මනා ගු න ස ව් ලෙව් රහස් පවසයි හිමි දන ඇඳි න දෙ ව් ‍මෙන් අදර කර රැකි යුතු මනා ගු න

ස තු ර න් මිතුරු කොට හිමිගේ ඇති අගු න කි සි ය ම් තැනක නොකියා ‍ගුණ‍යම කිය න ප ත මි න් තම හිමිම අන් දෙස නොලබමි න හි මි ය න් හට අවැඩ දුටු විට තද දුකි න

හි මි හ ට වන වැඩට තුටු පහටුව වස න ල ද වි ට රසැති දේ හිමිහට පළමු දෙ න ප සු ව ‍ට ඉතුරු වුණ විට ගෙන තම බුදි න මෙලෙස ට වසන බාරිය යාළු නම් ව න

දාසි බාරි

ත ර කො ට හමි කිපී කරගත් දඬුවම ට‍ ති ර කො ට ඉවසා ද නෙකිපී සියලු වි ට හි මි හ ට පෙමින් ඉඳ නිති වඩවයි සතු ට කි සි වි ට සිත නොබිඳ කටයුතු කරයි සි ට

වැ ඩ ක ට කිසිම මැලිනොව දාසිය ලෙස ට වි ග ස ට කර වසයි එබැනි පොරණ සි ට මෙක ත ට දාසි බාරිය කියති ගුණ සෙ ට අ ඹු කො ට ගත් හිමිට වැඩ වේ සියලු වි ට

අ ඹු ව න් මෙ කී සිව් දෙන හිමිට ගරු ලෙ ස පි රු ව න් බැවින් සිල් ‍මිය ගොස් සැපත් ය ස ග රු ව න් උතුම් දෙව් ලොව ඉපද වී තො ස මු රු ව න් සැප විඳිති ඉඳ කප් සිය දහ ස


මෙ ලෙ සි න් අ ප මු නි ඳු න් දෙසු ද හ මි න් ගෙන සිත් ‍ සේ ‍ මෙ ක තු න් ගැන ‍නොදැනුන් ලෙස බැදෙමින් හිමි රහ සේ වැ න සු න් වන එ බ යි න් උන් ගැල වෙන් නටහැකි සේ ක වි යෙන් කී ගි හි ය න් හට දෙ ලොවින් වැඩ වන ‍ සේ ස්ත්රීින් සත් දෙනාගේ තබා මේ ලෝකේ දෙයක් නොදත් ඇල්ප්රැඩ් සිල්වා මැගී මර්ගරැට් කුරේ නැමැති 20 ඇවිරිදි වයස් වූ තරුණිය විවාහ කරගන්ට ඉක්මන් කළේය. දියනියන් තිදෙනෙකුත් පුත්රවයෙකුත් ඇති පියෙක් තරුණ වූ රූපශ්රීකයෙන් යුත් යුරෝපීයයන්ගේ පහත් සිරිත් අනුව ඇතිදැඩි වූ තරුණියක් විවාහ කර ගැනීම මහත් භායානක වැඩකි. “වෘද්ධෂ්ය් තරුණි විෂං” කී නීති උපදේෂය දනිතත් කිසිවකු තමා මහලු යයි නොසිතන හෙයින් වර්තමාන කාලයේ බොහෝ මහලු අය තරුණියන් හා විවාහ වෙති. තමන්ගේ තරාතිරම දන්නෝ ලෝකයේ ඉතා ස්වල්ප දෙනෙකි ඒ එසේමැයි.

“නො මි න් ලොව සියලු දේ දකිනා ඇස ට ත ම න් සැටි ‍මදක්වත් නොපෙනෙන ලෙස ට

යනාදී පණ්ඩිතයෝ කියති. වෘද්ධබවත් ගුණ ධම් යෙන් පහත් බවත් යසසින් වැඩිගිය බවත් දන්නෝ දුර්ලභයහ. ශරීරය දිර ගිය නමුත් තෘෂ්ණාව කිසි කලෙක දිරීමට නොයේ. මේ නිසා නොදිරූ තෘෂ්ණාව ඇති ජරාවට පත් ශරීරය ඇති තැනැත්තා දිරූ ඉණි හා මාරවලින් යුත් අලුත් ලනුවලින් වෙළන ලද වැටකට සමාන වන්නේය. මේවා මෙසේ නමුත් ඇල්ප්රනඩ් සිල්වා 25 ඇවිරිදි තරුණයෙකු මෙන් සිතා මැගී මාර්ගරැට් කුරේ හා විවාහවීමට තීන්දු කර ගෙන ඊට සූදානම් විය. ලෝකයෙහි කාරණා තුනක් නිසා යම් යම් සත්ත්වයන් කෙරෙහි ප්රි.යවීම අටගනී. යහපත් රූපය, යහපත් වදනය, යහපත් ගුණය කියන තුනෙන් පළමුකොට රූපයටත් ඉන්පසු වචනයටත් යන මේ ක්රයමයට මිනිසුන්ගේ සිත්හි ප්රුසන්න භාවයක් ආලයක් ඇති වේ. යම් ස්ත්රි යකගේ හෝ පුරුෂයෙකුගේ ප්රි්ය එලවන රූපය දුටු කඩිනමින් පැහැදීම ලෝක ස්වභාව නමුත් ඤාණවන්ත මිනිස්සු රූපය කෙරෙහි ම පමණක් ස්ථිර ආලයක් ඇති නොකරති.


යම් ස්ත්රි යකගේ රූපයට ඇලී ඈ කෙරෙහි පිළිබඳ සිතක් ඇති කරගන්ට පෙර ඇගේ වචනය කෙසේ දැයි සෙවිය යුතුයි. කනට මධුර වූ අර්ථා න්විත වචන ඇති තැනැත්තියක් වූවත් ඈ සම්පූර්ණෙයෙන්ම යහපත් තැනැත්තියකැයි නිශ්චය කර ගන්ට පෙර ඇගේ ගුණය හෙවත් හිතේ ස්වභාව විමසිය යුත්තේය. එසේ ම ඇගේ රූපයත් වචනයත් මෙන් ම යහපත් නම් ස්ථිරවූ ආලයක් ඈ කෙරෙහි ඇති කිරීම ඤාණවන්තයාගේ සිරිතකි. නමුත් රූපයට ගිජු තැනැත්තා එහි තදින් බැඳුණු පසු ඇගේ දුර්වචනත් එසේම දුර්ගුණයත් ඔහුට අමෘතයක් මෙන් හැගෙන්නේය. රුපයත් වචනයත් ගුණයත් යන තුනම ඇති යහපත් කෙනෙක් ‍ලෝකයේ දුර්ලභ වේ. රූපය වචනය ගුණය යන තුනෙන් ගුණය උසස් කොට සැලකිය යුත්තේය. යම් ස්ත්රිචයකට මනා රූපය තිබුණත් පණ්ඩිතයා ඇ‍ගේ රූපයට පැහැදී වචනය නරක නම් කලකිරෙන්නේය. යම් ස්ත්රි යකගේ රූපයත් වචනයත් දෙකම හොඳ වුණත් පණ්ඩිතයා ඈ ආශ්රනය කරන අතර ඇගේ ගුණය නොමනා නම් රූපය වචනය ගැන බැඳුණු ආලය කඩා දමන්නේය.

එහෙයින් රූපයට වඩා වචනයත් ඒ දෙකට ම වඩා ගුණයත් ශ්රෙේෂ්ඨයි. යම් ස්ත්රි්යකගේ රූපය දැක වහා පැහැදුනත් ඇගේ වචනයත් ගුණයත් කෙරෙහි නෙපහදින්නෝ සිටිති. රූපයත් වචනයත් දෙකම අප්ර්සාදජනක වූවත් ගුණ යහපත් නම් පණ්ඩිත තෙමේ ඈ කෙරෙහි රූපය හා වචනයෙන් යහපත් ස්ත්රි යට වඩා ගරු කරන්නේය. වඩා හොද දේ වඩා දුර්ලභ හෙයින් ස්ත්රිදයකගේ රූපයටත් වචනයටත් වඩා අගය ඇති හෙයින් ගුණය ද දුර්ලභ වෙයි. එය දුර්ලභවා මෙන් ම ස්ත්රි්යකගේ යහපත් ගුණය සොයා ගැනීම ද ඉතා අමාරු කටයුත්තකි. ඇසින් බලා රූපය දැන ගත හැක්කේය. කනින් අසා වචනය දැන ගත හැක්කේය. නමුත් ස්ත්රිැයකගේ ගුණය දැන ගැනීමට ඇසෙන්වත් කනින්වත් නොපිළිවන. එය පිළිවන් වන්නේ ඥානයෙන් ම පමණකි. නමුත් තෘෂ්ණාවෙන් වැසී ගිය කාගෙත් ඥාණශක්තිය දුර්වගල හෙයින් රූපය හා ධනසම්පත් ආදියෙහි ලොල් වූවෙකුට ස්ත්රි්යකගේ ගුණය සොයා ගත නො හැක්කේය. ලෝකයේ සිටින ස්ත්රීටන් මෙහිදී පංක්ති දෙකක සතර කොට්ඨාසයකට බෙදිය හැකියි.

උතුම් පංක්තියේ සතර දෙනා

ප්රි්ය රූපය ප්රි ය වචනය ප්රිතය ගුණය

(1) ඇති ඇති ඇති (2) නැති ඇති ඇති

(3) ඇති නැති ඇති (4) නැති නැති ඇති

නපුරු පංක්තියේ සතර දෙනා :-

ප්රිුය රූපය ප්රි:ය වචනය ප්රිතය ගුණය

(1) ඇති ඇති නැති (2) නැති ඇති නැති (3) ඇති නැති නැති (4) නැති නැති නැති

මෙහි පළමුවෙනි පංක්තියේ දක්වන ස්ත්රීචන් සතර දෙනා ලෝකයේ උතුම් ස්ත්රීළහු වෙති. එයින් ප්රිනය රූපයත් ප්රිෝය වචනය හා ප්රි ය ගුණයත් ඇති තැනැත්තී ලෝකයේ ලැබිය නොහැකි තරම් දුරුලභ උත්තමියකි. ප්රිතය රූපය නැතත් ප්රිිය වචනයත් ප්රි ය ගුණයත් ඇති උතුම් ස්ත්රීයහු ද ලෝකයේ දුරුලභයහ. ප්රි‍ය වචනය නැතත් ප්රිිය රූපයත් ප්රිඋය ගුණය පමණක් ඇති තැනැත්තියද ප්රි්ය රූපය ප්රිුය වචනයත් ඇති ප්රිැය ගුණය නැති රාජ කුමාරිකාවකටත් වඩා වටනේය. දෙවෙනිකොටසේ ස්ත්රීයහු මනුෂ්‍්නයන් සංසාරයේ සැරිසැරවීමට උපන් කොටසකි. මෙ‍ලෝ පරලෝ දෙක්හි භහානක දුක් පමුණන මේ සතර වැදෑරුම් ස්ත්රීීන්ගෙන් කිසිවෙකු තුළ උතුම් ගුණයක් නැත්තේය. අධම කොටස් 1 ස්ත්රීට මනා රූපත් මනා වචන ඇත්තියෙකි. මෑට ශාස්ත්රකය උගත් පණ්ඩිතයෝ පවා රැවටී අපායට යති. 2 රූපය නැති ගුණයක් නැති ප්රිටය වචනයෙන් හරිත ස්ත්රි යට ද රැවටෙන්නෝ උගතුන් අතර පවා සිටිති. 3 වැනිවූ ගුණයක් නැති ප්රිැය වචනයන් නැති රූපත් ස්ත්රී න්ට ද රැවටෙන්නෝ බො‍හෝය. ප්රිරය රූපයත් ප්රියය වචනයත් ප්රිීය ගුණයත් නැති ස්ත්රීපන් ආශ්රනය කරන්නෙකු නැති බැවින් ඔවුන්ගෙන් 2 වෙනි පංක්තියේ 1, 2, 3, වෙනි ස්ත්රී්න්ගෙන් පමණ ලොවට අවැඩක් නැත්තේය.

ඉතින් මෙම කතාන්තරයෙහි සඳහන් ඇල්ප්‍රඩ් සිල්වා දෙවෙනි වර කසාද බඳින්ට නියම කරගත්තේ මෙහි දැක්වූ අධම පංක්තියේ තුන්වෙනි ස්ත්රි ය බව දත යුත්තේය.

මැගී මාර්ගරට් කුරේ සමග ඇල්ප්රවඩ් සිල්වා ප්රෙසිද්ධ වශයෙන් විවාහ විය. ශ්රා ම සූකරයාට ගැබ්මල ලැබුණු කල්හි ඇස් නොපෙනී එය ගිල දමන්නාක් මෙනා වෘද්ධ වයසක කෙනෙකුට රූපවත් තරුණ ස්ත්රිියක් ලැබුණු කල්හි ඔහුත් සර්වධප්රසකාරයෙන් අන්ධ වන්නේමය. ඇල්ප්රලඩ් සිල්වා දෙවෙනි භාය්යා‍්රාව කෙරෙහි ස්වකීය ප්රාකණයටත් වඩා ආදරය ඇති විය. මාර්ගරැට් කුරේට ගවොමක් මැස්සවීමට

සාමාන්යමයෙන් රුපියල් 30 කින් අඩුව බැරි විය. නමුත් කැරොලයින්ගේ ගවොමකට රුපි. 5 වියදම් වූයේ කලාතුරකිනි. මාර්ගරැට් කුරේට රුපියල් 18 ක් වටිනා පිඳුරු තොප්පියක් නැතුව ගෙයින් පිට යෑමට නොහැකි වුණ නමුත් කැරොලයින් තොප්පි පැලඳීම සම්පූර්ණයෙන් අත්හළේය. ඇල්ප්රකඩ් සිල්වා කසාද බැඳ තුන්මාසයකට පසු ස්වකීය වත්තක කටයුතු වගයක් නිසා කුරුණෑගලට ගොස් 12 දවසක් නැවතුණේය.

මේ කාලයේදී මාර්ගරැට් කුරේගේ ප්රේ්මවන්තයෙකු වන ඩග්ලස් පෙරේරා ඇල්ප්රයඩ් සිල්වාගේ ගෙදරට එන්ට පටන් ගත්තේය. මාර්ගරැට් කුරේ සමග පැවති මිත්රරකම නිසා එන මොහුට කැරොලයින් ආදී ඇල්ප්රුඩ් සිල්වාගේ ළමයි ගෙදර ඉඳීමෙන් සිත් වූ පරිදි ක්රිහයා කරන්ට නොහාකිවීම නිසා සිතට බොහෝ අමාරු විය. එක් සවසක මාර්ගරැට් කුරේ කැරොලයින්ලාට පිට්ටනියට ඇවිදින්ට යන්ට කීවාය. නමුත් ඒ ළමයි ඊට කොහෙත්ම ඇහුම්කන් නුදුන් බැවින් කෝපයට පත් මාර්ගරැට් කැරොලයින්ට බණින්ට පටන්ගත්තාය. මේ අහිංසක ගෑනු ළමයා කිසිත් කථානොකර අඬ අඬා ස්වකීය කාමරයට වැදුනු බැවින් කෝලාහලයක් නොවීය. කැරොලයින් නිශ්ශබ්දවීම මාර්ගරැට් කුරේට වඩාත් හිතට අමාරුවක් විය. දබරයට කැමති තැනැත්තා දබරයට අකමැත්තන් සමග විශේෂයෙන්ම තරහවීමට සිරිතකි. කැරොලයින් ගේ නැගනිලා දෙන්නත් මල්ලිත් මාර්ගරැට් කියාපු අන්දමට පිට්ටනියට යන්ට ගියෝය. කැරොලයින් තමාගේ කාමරයේ දොර මඳක් වසා ගෙන පොතක් බලමින් සිටියාය.

ඩග්ලස් පෙරේරාත් මාර්ගරැට් කුරේත් සිත්වූ පරිදි කමින් බොමින් හා සිත්වූ පරිදි ක්රි්යා කරමින් සිටි ඩග්ලස් 6 ½ ට පමණ යන්ට ගියේය. මසේ 12 දවසක් පමණ ඔවුන් අනාචාරීව සිටින අතර ඇල්ප්ර6ඩ් සිල්වා කුරුණෑගල සිට අවේය. ‘පුංචි මම්මා’ ගෙනා දින පටන් කෘශ වෙන්ටත් අවලක්ෂණ වෙන්ටත් පටන්ගත් කැරොලයින් මේ කාලය වෙනකොට ඉතාමත් විරූපීව සිටියාය. ඇල්ප්ර්ඩ් සිල්වා දුවගේ හැටි දැක “ මොකද කැරොලයින් උඹ බලාපොරොත්තු නැතිවූ කෙනෙකු වාගේ ඉන්නේ” කියා ඇසුයේය. එවිට කැරොලයින් කථාකරන්ට පළමුවෙන් මාර්ගරැට් කුරේ ඉදිරියට ඇවිත් “අනේ මම මෙහි සිටියොත් ඒ ළමිස්සි අන්තරා කර ගනීවී. ඉස්සර වාගේ කොළුගැටවුන් එක්ක හොර ලියුම් ගනුදෙනු කර ගන්ටත් ‍ඕනෑ ඕනෑ හැටියට නටන්ටත් මම ඉන්න නිසා අමාරු වී ඒ ළමිස්සි කන්නේ බොන්නේ නැතුව සෝකයෙන් ඉන්නවාය”

යි කීවාය. මේ හොර ලියුම්වල ප්රෝවෘත්තිය කලින් තමාත් දැන සිටි බැවින් ඇල්ප්රමඩ් සිල්වා අලුත් භාය්යාා වට ගරු කිරීමක් වශයෙනුත් කැරොලයින්ට නොසෑහෙන ලෙස බැණ වේවැලක් ගෙන පාර හත අටක් තැලුවේය. අනේ! නිර්දෝෂ වූ අසරණ ගෑනු ළමයා තුළුම් කා මුල්ලකට වෙලා සිටියාය. ඉතින් අනික් ළමයි ද භයට පත් නමුත් මාර්ගරැට් කුරේ ඔවුන්ට බො‍හෝ කරුණාව දක්වන හෙයින් ඔවුන්ට කාරණයක් නොවීය.

කුස්සියේ වැඩපලත් ගෙදරදොර වැඩපලත් සියල්ලක්ම කැරොලයින්ට කරන්ට කියා පියා නියම කෙළේය. මේ කීකරුවූ ගෑනු දරුවා උදේ සිට සවස් වන තුරු දාසක් දී ගත් දාසියක් මෙන් උයන පිහන වැඩ ආදිය කරන්ට පටන්ගත්තාය. මාර්ගරැට් කුරේ කසාද බැඳි පුරුෂයා වන ඇල්ප්රිඩ් සිල්වාට වඩා කසාද නොබැඳි පුරුෂයා වන ඩග්ලස් පෙරේරා කෙරෙහි ගරු බුහුමන් ආදර කරුණා පවත්වන බව කැරොලයින් දන්නා නමුත් අඥාන පියාට ඒ කිසිවක් නොකීවාය. මෙසේ කලක් පසුවෙන විට ඇල්ප්රතඩ් සිල්වාගේ ලැබීමට වඩා වියදම අදික හෙයිනුත් දුෂ්ඨ භාය්යාසු ව ඩග්ලස් පෙරේරා නම් වූ ඇගේ හොර පුරුෂයාට අතට අසුවෙන තරම් ධනය දෙන බැවිනුත් ඇල්ප්ර්ඩ් සිල්වා ණය වෙන්ට පටන්ගත්තේය. ඒ මෙසේමයි. මසකට රුපයල් දාහක් වියදම්කළොත් කෙසේ රටේ හිටින්ටද? මධ්ය.ම පංක්තියේ සිංහල ගෙදරකට වර්තමාන කාලයේ හැටියට රුපියල් 150 කින් මසක් පිරිමසා ගත හැක්කේය.

නමුත් ඇල්ප්ර ඩ් සිල්වාගේ දෙවෙනි භාය්යාවෙ ව ඒ කිසිත් නොදත් අධම ගෑනියක් වූ බැවින් මසකට පිදුරු තොප්පි එකක් දෙකකුත්, දකින දකින සේද රෙදි, පටරෙදි ගවොනුත්, ඒවා මැස්සවීමට එකකට රුපියල් 15 හ විස්ස බැගින් ගෙවීමටත් පටන්ගත්තාය. දිනකට අහක දමන බටර්, පාන්, කිරි තේ, කෝපි, සීනි, බත්, මාලු, එළවලු ආදිය තබා ඒවා ගෙනෙන්ට යන වැඩකාරාදීන් ශත 5 ට 10 ක් බැගින් වැඩිපුර ගන්නා මුදල වත් සලකන්ට තරම් ඥානයක් නැති ශරීරය පිටතින් ඔප දමාගෙන උන් මේ තරුණිය ඇල්ප්ර්ඩ් සිල්වාගේ විනාශයට ළංවූ බව ඔහු නොදත්තේය. කැරොලයින් පුංචි මම්මාගෙන් ටොකු කමින් ඈ කියන හැටි කළා මිස ස්වකීය පියාට වෙන හානිය දැක දැකත් නිශ්ශබ්ද වූවාය. මක්නිසා එසේ කළාද කිවහොත් ඇගේ පියා ස්වකීය දෙවෙනි භාය්යා ව ව කෙරෙහි සක්තුභක්තක ජාතකයේ පෙනෙන බ්රා හ්මණයා මෙන් ඇලුණු කෙනෙකු වූ බැවින්ය.


‍තොප රුසිරු පිය බඉ ඳ නිති බලත එක තැන ඉ ඳ ඇසිපිය හෙලන ස ඳ නොවෑවෙන මම කෙසේ යෙමි අ ද

යනාදී වශයෙන් ස්ත්රීිසොඬව සිටි බ්රාමහ්මණයා මෙන් මර්ගරැට් කුරේට ඇලුණු ඇල්ප්රරඩ් සිල්වාගේ ධනය පිදුරු තොප්පි වලටත්, පටසේද ගවොන් වලටත්, මේස් සපත්ත්වලටත්, සුවඳ වර්ග වලටත්, ලේස් බෝස්තරැක්ක ආදියටත්, විපොන්, ග්ලවුස්, චීත්ත ආදියටත්, මස්පාන්, කේජු, බටර්, සැමොන්, සාඩින්, හැම් බේකන්, විෂ්කි, බ්රැාන්ඩි ආදියටත්, බාල් නැටුම්, බාල්කෑම්, නෘත්ය් බැලීම්, නුවරඑළිය යෑම ඊම් ආදියටත් හොර මිනිසුන්ට දීමටත් වහාම දියවී ගියේය. හෙට්ටින්ගෙන් මුදල් ණයට ගැනීම නිසා ඔහුගේ අසරණ කම ඉතා ආසන්න විය. අබයවික්ර ම හාමිනේ සිටියදී පවුම් පන්දාහක් ඇතුව සිටි ඇල්ප්ර ඩ් සිල්වා අලුත් කසාදයක් බැඳ වර්ෂමයක් ගතවෙන්ට පෙර රුපියල් විසි දහසක් පමණ හෙට්ටින්ට ණය විය.



8 වෙනි පරිච්ඡෙදය

[සංස්කරණය]

හෙ ට්ටින්ට රුපියල් විසි දහසක් ණය වුණොත් පවුන් පනස් දාහක් ඇති කෙනෙක‍ුගේ වූවත් ඒ මුදල අවරුදු තුන හතරකින් දියවි යෑම කෙසේ ද කීවොත් ලුණු ටොන් එකකට වතුර ගැලොමක් දැමීමෙන් ඒ විශාල ලුණු කඳ දියවි යන්නාක් මෙනි. හෙට්ටීන්ගේ පොලිය නැඟීමත් ඔවුන්ගෙන් ගන්නා ණය පැටලිල්ලෙන් පැටලිල්ලට යාමත් අවබෝධ කරගත හැකි අය බොහෝ ටික දෙනෙකි. හාල් ඇටයක් 50 ස් වාරයක් කිරුවාම කෙනෙකුට කල්පනා කරගත නොහැකි විශාල හාල් රාශියක් ලැබෙන්නේ යම්සේ ද, හෙට්ටින්ගෙන් ගත් සුළු මුදලකට ගෙවන්ට වන ධනස්කන්ධයත් එසේ මැයි. ඉතින් හාල් ඇටයක් පනස් වරක් කිරුවාම කොපමණ වේද කියා මෙය කියවන්නෝ සලකන්නාහුද?

පළමු ව තරාදියේ දෙපැත්තට හාල් ඇට දෙකක් දමා කිරා නැවත ඒ දෙකම එක පැත්තකටත් ඉක්බිති ඒ හතරම එක පැත්තකටත් යනාදී වශයෙන් එක වරක් ‍කිරීමෙන් එන බර නැවත නැවත එක්කොට කිරණවිට 16 වෙනි වාරයේදී හාල් පතක් ලැබෙන්නේය ඉතින් 17 වෙනි


වාරයේ සේරු බාගයකුත්, 23 වෙනි වාරයේදී බුසල් 2 ක්ද, මේ ක්රලමයට කිරණ විට 30 වෙනි වාරයේදී බුසල් 128 ක් ලැබේ. 33 වෙනි වාරයේ බුසල් 1024 ක් ලැබේ. 40 වෙනි වාරයේදි හාල්බුසල් 131052 ක් ලැබේ. ඉතින් 45 වෙනි වාරයේ කිරුවාම හාල් බුසල් 4193664 ක් වෙති. මේ ක්ර මයට 50 වෙනි වාරය කිරූ කල්හි හාල් බුසල් 134197248 (දහතුන් කෝටි හතළිස් එක්ලක්ෂ අනූහත් දාස් දෙසිය හතළිස් අටක්) ලැබෙන්නේය.

මෙහිදී සැලකියයුත්තේ හාල් ඇටයක් පනස් වරක් කිරන්නේ මොන ඉලව්වකටද කියා බොහෝ දෙනා කල්පනා කරන බවයි. නමුත් මෙහි දැක්වූ පරදි පනස්වෙනි වාරයට හාල් බුසල් දහතුන්කෝටි හතළිස් එක් ලක්ෂ අනුහත්දාස් දෙසිය හතළිස් අටක් ලැබේයයි සිතන කෙනෙකු සොයා ගැනීම වත් උගහටය. මෙසේම හෙට්ටියාගෙන් රුපියල් 500 ක් තුන්මාසයක් තුළ ගෙවන පිණිස ණයට ගන්නා අයත් ඉතා සුළුකොට සිතයි. සියේට 18 ටෙ පොලියට රුපියල් 500ට තුන්මාසයකට 22 – 50 කි. බැංකු කොමිස් මුද්දර ගාස්තු හා කෝවිලේ ගණන් එකතු වුනාම රුපියල් 25 ක් වෙයි. ඉතින් මේ ණය 10 වරකට රුපියල් 50 බැගින් ගෙවයි. මෙහි මුල් රු. 50 ගෙවෙන්නේ ණය ගත් 10 දිනකින් නමුත් ඒ 50 ටත් තුන්මාසයක පොලී මුදල් අතට ගන්ටත් පෙර ණයකාරයා විසින් හෙට්ටියාට ගෙවන ලදි. රු. 500ක් ණයට ගත් නමුත් ඔහුට කවදාවත් රු. 500ක් හෙට්ටියාගෙන් නොලැබුණේය. එසේම රු. 500 කට නියම පොලී තුන් මාසයකට ගෙව් නමුත් ණයකාරයා අතේ එකම දිනක් වත් රුපියල් 500 ක් නොතිබුණේය. මෙ මහා ගුප්ත ශාස්ත්රවයකි.

හාල් ඇටයක් 50 වරක් කිරුවාම සිතිය නොහැකි විශාල හාල් රාශියක් ලැබුණේ යම්සේ ද හෙට්ටින් සමග අවුරුද්දක් රුපියල් දහදාහක ණය ගනුදෙනු කළ අය විසින් ඔහුට පොලී වශයෙන් ගෙවන ලද මුදලත් අර හාල් වැඩි වූ ලෙස වැඩි නූණාට සැක නැත්තේය. අප රටේ වෙළෙන්දන්ගෙන් මෙය තේරෙන්නෝ ඉතා ටිකදෙනෙකි. ඇල්ප්රගඩ් සිල්වා මේ කිසිත් නොදත් අමනයෙකු හෙයින් ඔහුගේ පවුන් පනස් දාහේ බුදලය අවුරුද්දකින් දිය කරගෙන ඉතා දුප්පත් අඩියකට පත්විය. මාර්ගරැට් කුරේට පුත්රකයෙක් ද ලැබී සිටියේය. දුප්පත් අවස්තාවට පැමිණි විට ඇල්ප්රරඩ් සිල්වා ටිකක් සත්පුරුෂ ගතියට පත්විය. භාය්යාවට වගේ දුෂ්ට ගුණ මඳක් තේරුම් ගැනිමට ද සමර්ථ විය.

මේ අධම මිනිසුන්ගේ ගතියයි. මාර්ගරැට් කුරේ ස්වකිය දෙමව්පියන් ළඟ සිටිද්දිට වඩා සැප විඳිමින් සිටිතත් ඇල්ප්රරඩ් සිල්වා කෙරෙහි කලින් පැවති ප්රේදමයවත් හොඳ හිතවත් නැතිව ගියේය. දුෂ්ට ස්ත්රිිය ස්වකිය පුරුෂයාට ධන සම්පත් ඇති කාලේ බලවත් භක්ත්යා්දරයක් දක්වත් ස්වාමිපුරුෂයාට අමාරුවන කල්හි ඔහු යකෙකු, ප්රේ‍තයෙකු මෙන් සලකන්නීය. ඇල්ප්රිඩ් සිල්වාගේ වතු සියල්ලක්ම විකිණි ගියේය. පදිංචි ගෙය විකිණි ගිය නමුත් එය මිලේට ගත් වික්රලමසිංහ මහතා ඇල්ප්ර්ඩ් සිල්වාගේ පවුලේ දුක්ඛිත භාවය සලකමින් කුලය වත් නොගෙන එම ගෙයිම ඉන්ට ඉ‍ඩ හැරියේය. මේ සිනා සිල්වාගේ පවුලට මගට බහින්ට නූන නමුත් ඉතා කරදර සහ හිත් වේදනාවෙන් යුක්තව දුක සේ කල් ගතකරන්ට සිදු විය. කැරොලයින් මේ සිද්ධවීම ගැන ඉතාමත් ප්රීරතිවිය. “මගේ අරක්කු මටම ගහනවාය” කෙනෙකු කීවාක් මෙන් ස්වකීය චාරිත්රර වාරිත්රු ගුණ ධර්මේ ආදිය නොදත් අඥානයන්ගේ යස ඉසුරු ඔවුන් ගේ අඥන භාවය නමැති කාලයක්ෂණිය විසින් ගිල දමනු ලබන්නේය. අපේ උතුම් සිරිත් අනුව අපේ කුලධර්මණයට යටත්ව අපේ පියා කල් යැව්වේ නම් ජිවිතාන්තය දක්වා කිසිම අපාසුවක් නොවිඳ කල් ගතකරන්ට තිබ‍ුණේය.

ලෝභජං දොසජං චෙව, මොහජං වාපිවිද්දසු ය තෙන පකතං කම්මං, අප්පංවා යදිවා බහුං ඉධෙවතං වේදනීයං, අඤ්ඤං වත්ථුං නවිජ්ජති.

යනු අපේ සර්වයඥයන් වහන්සේගේ දේශනාව ප්ර්ත්ය ක්ෂවූ හෙයින් අපට හිඟාකන්ට වුණත් අපේ පියාට මෙසේ සිද්ධවීම ගැන මම කැමතිය’යි කැරොලයින් සිතුවාය.

මාර්ගරැට් කුරේ ඇල්ප්රයඩ් සිල්වා කෙරෙහි දක්වන අනාදර ඔහුගේ හිතට වැඩි අමාරුවක් විය. යමෙකුට යමක් කෙරෙහි ප්රි ය ද එය කෙතරම් දුක් කරදර සහිත උවත් නොදැනීම ස්වභාව ධර්මමයෙකි. යක්ෂණියන් වැනි දුෂ්ට ස්ත්රීදන්ගේ කරදර විඳිමින් බොහෝ සත්පුරුෂයෝ ඒ කිසිවක් ගැන නොකලකිරී වාසය කරත්. ඔවුන්ගේ සිත්හි පවත්නා කාමාලය නිසා එබඳු දුෂ්ට ස්ත්රීදන්ගේ ඒ කරදරය වින්ද යුතුවූ ජිවිතයට අයත් කාරණයයි සිතා ගනිති. කැරොලයින් පුංචි මම්මා පියාට දෙන වද දැක ඉවසිය නොහැකිව තැනූ කවි පංක්තියක් ස්ත්රීින්ගෙන් පීඩා විඳින්නන්ට සැනසීම පිණිසත්, කසාද බඳින්නට සිටින අයට ස්ත්රීෙන්

ගැන ප්රසවේසම්වීමටත් හේතු වේයයි සිතෙන හෙයින් මෙහි යොදනු ලැබේ

මා පි ය හිමි සඳුනි කියමින් දනැති ක ල වි පි ය සිටි ලියෙක් තම හිමිට ගුණඳු ල වා පි ය කට ජඩය කියමින් බණින ක ල වේ ම ය මඟුල් සක්වළ අවමඟුල් හ ල

අ හ ර ට රිසි නමුත් රසවත් ඔඳ වඩ න බැ රි වි ට එය ලැබුම අතමිට හිඟ වෙමි න හි මි හ ට මිග කියන ගරහන දිගැසිය න පො ළ ව ට‍ බරව ඉපදුණ යකිනියෝ ව න

ද න ව ත් කලෙහි රන් මිනිමුතු බරණ ඇ ඳ ඇ ති මු ත් පුරුඳු අසරණ කලටත් එලෙ ද ඇ ඳු ම ත් පුරුදු අසරණ කලටත් එලෙ ද ඇ තහො ත් ලියෙකු ඈ මිස යකිනිය කව් ද

ග ම න් විමන් ගියමුත් දන ඇති දව ස එ මෙ න් යන්ට අසරණ කල වී සතො ස හි මි න් හට බණින කරදර කරන රො ස ලි ය න් සැපිනියන් මය දනු මෙලෝකු ස

නො ම දැ න කල් යවා මතු වන හොඳ නොහො ඳ පැ මු නු න කල්හි අසරණ බවට හිමිස ඳ නො ව ම න කල් කරන ගැරහිම තදබ ඳ අ නු ව න කල් නිසා ලොවඳුරු විය අ ද

සි ඳු ව න බව සැමට ලොව අටලෝ දහ ම නො ම දැ න සිතා සැප විඳිනට සැම දින ම වෙ හෙ ස න සිය හිමින් ගුණ නැණ නැති අද ම රු දු ව න ලිය නිසා දික්විය සසර මෙ ම

ගු ණ ව ත් පුරුසයෙකු දුදනෙකු කිරි මට නැ ණ ව ත් අයෙකු යලි පිස්සෙකු කිරී මට සැ ප ව ත් ලෙස විසූ අය දිවි නැසී මට සු රු වෙ ත් රුදුරු ලිය මෙලොවෙහි කදී මට


ඇ ‍ ඟ ර ත් පැහැය තිබුණත් සැරසුනත් ඉ තා රු ව යු ත් වන නමුත් දෙන මිහිරි බස් ඉ තා නො ම යු ත් තිර ගුණෙන් රුඳු ඉතිරියන් ප තා ල ද අ ත් බැව් නිසරු කර ගනිති ලෙව් ස තා

හි මි සි ත ක යෙ හි ඇති වෙහෙසය නොද න්නී දු ක සැ ප දෙ කෙ හි එක ලෙස තුටු නොව න්නී ති ර ගු ණ ද මෙ හි නොබැඳී කල් යව න්නී ඇ ය නර ලොවෙ හි ලිය වෙස් ගත් යකි න්නී

මෙ ව න් රුඳු ලියන් ලොව වැඩිවුණ ස න්දා ප ඬි න් රජවරුන් වැනසී සිතු බ න්දා එ යි න් තිර ගුණැති ලියට එක මෙ න්දා ක තු න් හට සියලු ලොව ඇති විය නි න්දා

හි මි න් දිළිඳු කල සිත නොම ම නා ව න් නි ති න් කරන ගැරහුම් යකඟ නා ව න් ලි ය න් රුඳු මුවැති ගුණ නැති ම නා ව න් ද කි න් නට නොලදහොත් වාස නා ව න්


ඇල්ප්රොඩ් සිල්වා ස්වකීය භාය්යානැතිව වන මාර්ගරැට් කුරේ කෙරෙහි අතිශයින් කලකිරුණේය. තමාගේ පළමු භාය්යාැති ව වන අභයවික්ර්ම හාමිනේ ගැන සිහි කරමින් බොහෝ විට ඇඬුවේය. දුක් සැප දෙක්හි එකාකාරව පැවති සිත කය වෙහෙසී ගෙදර ආවිට ගෙදර දොරේ ඇති කිසිම අමාරුවක් නොදන්වා නිතරම ආදර සංග්රදහ කරමින් තමාගේ සිත තැනූ ඒ කරුණාවන්ත හාමිනේ සිහි කරමින් මාර්ගරැට් කුරේගේ කරදරයෙන් කෙසේ ගැවෙම් දැයි සිත සිතා ඔහු සියල්ලෙන්ම පිරිහුනු කෙනෙක් විය. කිරොලයින් හා නැගනියන් දෙදෙනා ද මල්ලී ද යන දරුවන් සතර දෙනා ද කෙරෙහි ඇල්ප්රනඩ් සිල්වාගේ ආදරය නැතිව ගොස් සිහි විකලවූවෙකු මෙන් විය. කිසිවක් ගැන බලාපොරොත්තු නැති මොහු “දිවි නසා ගැනීමට” අදහස් කළේය. ගුණධර්‍ත්ය ඉක්මවා ප්ර මාණය නොදැන කෑම් බීම් කෙළි සෙල්ලම් පවත්වා අමාරුවට පත් වූ විට දැන් කර ගන්නා අමනයින්ගේ ප්රමතිකාරය දිවි නසා ගැනීම බව පෙනේ. වර්තමාන කාලයේ බොහෝ යුරෝපීයෝත් ල්කවැස්සෝත් මෙ‍සේ කර ගනිති. නමුත් මරණයට වඩා කිසිම දුකක් ලෝකයේ නැති බවත් සියදිවි නසා ගැනීම තරම් අපරාධයක් නැති බවත් මේ


අමනයෝ නොසිතති.

මුදල් හදල් ආදිය හිඟවීමෙන් පැමිණි අමාරුවට දිවි නසාගන්නා අධම අමනයාට වඩා තකතීරුවෙක් ලෝකයේ නැත්තේය. මුදල් හදල් සැප දුක් ආදී සියල්ලක් පැයෙන් ඇති නැති වන දේ බවත්, මනුෂ්ය ජීවිතය කල්ප කෝටි සත සහශ්රටයකින් වත් නොලැබිය හැකි උතුම් එකක් බවත් දන්නා කිසිවෙක් ලෝකයේ ඇතිතාක් දුක් එක්රැස්ව ‍ඔහු පිටට පැමිණියත් ස්වකිය ජිවිතය විනාශකර ගන්ට නො සිතන්නේය. ඇල්ප්රටඩ් සිල්වා කිසි දෙයක් නොදත් මිනිහෙකු නිසා ඒ කිසිත් නොදැන එදා රෑ තමා වෙඩි තබා ගෙන මැරෙමියි සිතා ගෙන ලියුමක් ලියා තබන්ට කල්පනා කර “මගේම ඕනැකමකට මම දිවි නසා ගතිමි. ඊට වෙන කිසිවෙකු වගකියයුතු නොවේය”යි යන මේ වචන ‍ටික කඩදාසියක ලියා එය මේසේ ලාච්චුවේ දමා අරක්කු බෝතලයක් ගෙන එන පිණිස බොරැල්ලේ තැබෑරුමට ගියේය.

ඇල්ප්රබඩ් යනවාත් සමගම ‍ස්වකීය පුංචි පුත්රියාට තොගේ අප්පාගේ මොල කාපියයි බැණ බැණ සිටි මාර්ගරැට් කුරේ ද කබල් කවොමක් ඇඳගෙන ඉරිච්ච සපත්තු දෙකක් පය ලා කොලුපැටියත් වඩාගෙන රික්ෂෝවක නැඟී කොටහේනේ ස්වකීය දෙමව්පියන්ගේ ගෙදරට ගියේය. මේ දවල් කෑමෙන් පසු නිසා කැරොලයින්ටත් වෙන ‍වැඩක් නැත් හෙයින් පෙත්පත් වගයක් සොයන පිණිස ඒ මේ තැන බලන විට මේස ලාච්චුවේ තිබුණ කඩදාසිය දැක බිය පත්ව නංගිලා දෙන්නාටත් මල්ලීටත් ඒ බව කිය‍ා මේ ගැන කුමක් කරමුදැයි කලබලව අල්ලපු වත්තේ සිටින ජෑන්ස් නමැති ලංසි මහතාට මේ බව කීවාය. ලංසි මහත්මයා හොඳයි මම ඒක වලක්වා ගනිමි. උඹලාගේ වාසනාවට කලින් මේක දැනගන්ට ලැබුනා යයි කියා බය නැතුව ඉන්ට කීවේය. කැරොලයින් ද පියාට මුදල් හදල්වල අමාරුව නිසා මේ අඥාන දුෂ්ට අපරාධය කර ගන්නා බව සිතා තමාගේ මෑනියන් සොරෙන් සඟවා තිබූ මුදලෙන් රු. 1700 ක් විජයදාසට දුන් නමුත් ඉතිරිව තමා ළඟ තිබෙන රු. 1000 පියාට දී ඔහුගේ සිත සතුටු කරමියි සිතා ගේදොර තැන්පත් කොට ඉතා සාන්තදාන්ත ලීලාවෙන් නංගිලා හා මල්ලිත් සසමග උන්නේය.


09 වෙනි පරිච්ඡෙදය

[සංස්කරණය]

ඇ ල්ප්රයඩ් සිල්වා හොඳටම මත්පැන් බී තව බෝතලයකුත් රැගෙන සවස 4 ½ ට පමණ ආවේය. එසේ ඇවිත් පුංචි මම්මා කෝ කියා දුවගෙන් ඇසූ විට කොටහේනට ගිය බව කීවාම ඔය පරට්ටි නැති වෙලා වත් ගියාවේ කියා ඉස්තෝප්පුවේ තිබුනු හාන්සි පුටුව උඩ ම නිදා ගත්තේය. ඇල්ප්රිඩ් සිල්වාගේ වෙරිගතිය මඳක් සිඳි පහමාරට පමණ නැගිටින කොට කැරොලයින් සව් දෙදෙල් ආදී කෑමත් තේ වතුරත් ලෑස්තිකර පියාට කන්ට බොන්ට දී “පප්පේ මම්මා සඟවා තිබුනු මුදල් රුපියල් දාහක් තිබෙනවාය. මෙයින් මොකවත් රක්ෂාවක් ‍කළොත් හොඳය”යි ඒ මුදල පියා අතට දුන්නාය. රුපියල් දහස් ගණන් කැලේකොළේ ගැහු නමුත් දැන් රු. 1000ක් රාජ්ජයක් මෙන් වැටහුණු ඇල්ප්රැඩ් “අනේ දුව උඹලාගේ මම්මාගේ තරම තේරෙන්නේ මට දැන් තමාය. අනේ උඹ මේක ප්රාවේසම් කරගත් එක ඊට වඩා උපකාරයකි. පසුගිය කලබල කාලේ මේක තිබුණත් මගෙන් වියදම් වෙනවාය”යි කියා තමා දිවි නසා ගන්ට කළ කල්පනාව ගැන වහාම කණගාටු වි ඒ කලින් ලියූ කඩදාසිය ලාච්චුවේ බලා නැති බැවින් ලජ්ජාවට ද පැමිණ කැරොලයින් ළඟට අඬගසා “දුව උඹ මෙහි තිබුණු කඩදාසිය අරන් තිබෙනවාය. මගේ අමාරුකම නිසා ජීවත්වීමෙන් පලක් නැත සිතා මෙසේ කරන්ට කල්පනා කෙළෙමි”යි කඳුළු හෙලමින් කිය කියා කැරොලයින්ගේ හිස සිඹින්ට පටන්ගත්තේය. කැරොලයින් ද කඳුළු සලමින් පියාගේ අතේ එල්ලී මේ කරන්ට හැඳු මෝඩකමේ විපාකය ඉතා භයානක බවත් ඉතා දුක සේ ලැබූ උතුම් මනුෂ්යාැත්මය තමාම නැති කරගෙන අනන්ත අප්රාමාණ කාලයක් අපායෙත් දුක් විඳ උපනූපන් තන්හි උන්මත්තකයෙක්ව උපදින බවත්. ජිවත්ව ඉන්නා දරුවන් මගට බස්වා මෙලොවටම මහත් ව්යාතසනයක් කරන බවත් පියාගේ සිත උණුව යන පරිදි කියමින් ධර්මමය කියන්ට පටන්ගත්තාය. “අනේ පප්පා මෙලොව වශයෙන් කෙනෙක් සැපවිඳින්ටත් පරලොව වශයෙන් සුගතිය පැමිණෙන්ටත් ‍අපේ බුදුහාමුදුරුවන්ගේ ධර්මොය නොදත් කිසිවෙකුට පුළුවන් නොවන්නේය. යුරෝපයේ නොයෙක් රටවල දිනපතා අප්රොමාණ ගණනක් මනුෂ්යවයෝ දිවි නසාගනිති. එසේ ඔවුන් කරන්නේ ධර්මදය නොදැන අන්ධකාරයේ ගැලී ඉන්නා නිසාය. අපේ උතුම් ධර්මකයේ මෙසේ කියා තිබේ.


යථාපිමූලෙ අනුප්පද්දවෙ දළෙහ ජින්නාපිරුක්ඛෙ පුනරෙවරූහති එවම්පි තණ්හානුසයෙඅනුහතෙ නිබ්බත්තති දුක්ඛමිදං පුනප්පුනං

මෙයින් දක්වන්නේ යම්සේ ගසක මුලට යම්කිසි උපද්ර වයක් නැති කල්හි ඒ ගස ස්ථිරව පැවතිද්දී අගින් කැපූ නමුත් ඒ වෘක්ෂය නැවතත් හටගන්නේය. එසේම තෘෂ්ණාව හෙවත් ලොභ ද්වේෂ මෝහාදී ක්ලේසයන් පවතිනතාක් නොහොත් සෝවාන් සකෘදගාමි අනාගාමි අර්හත් යන සතර මාර්ග ඵලයන්ට පැමිණ ඒ ක්ලේසයන් ප්රමහීන කරන තුරු මේ ජාතිජර‍ා මරණාදී දුක් රාසිය නැවත නැවත ඇති වන්නේය. ඒ නිසා කිසි කෙනෙකු විසින් පැමිණි දුක් නැති කර ගන්නා අදහසින් මේ ශරීරය අකාලයේ විනාශ කර ගනී නම් මතු උප්පත්තියේදී ඊට වඩා සතසහශ්රම වාරයක් දුක්වැඩි කර ගැනීමට මාර්ගේය තැනුවා වන්නේය. පප්පාටත් අපටත් පමණක් අෂ්ටලෝක දර්මවය නොපැමිණි තිබෙන්ට කිසි යුතුකමක් නැත. කලක් සැප වින්දොත් කලක් දුක් විඳින්ට ම ඕනෑය. ඒ ඇරත් සැපවන්තයෝය ධනවන්තයෝය කියා අපි යම් යම් අයට කියන නමුත් ඇත්ත නම් ධනවත් වූ ද නිර්ධන වූ ද බලවත් වුද ලෝකයේ සියලුම සත්ත්ව වර්ගෑයා එකාකාරම ගිනි එකොළසකින් වෙලි වෙලී දැවෙමින් සිටින්නාහ. ධර්ම‍ය දත් ධර්මායෙහි හැසිරෙන පණ්ඩිතයන්ට හැර රජාට වත් අන්තිම හිඟන්නාටත් ඒ කිසිත් නොතේරි ඒ ගින්නට ගොදුරුව එයම සැපක් මෙන් සිතා කල් යවති. ඒ ගිනි එකොලොස නම් :-

රාගොච දොසො මොහොච ව්යාුධි, ජරාව මරණම්පිච සොකමෙච පරිදෙව දුක්ඛංපිච දොමනස්සං, පායාසමෙකො දස අග්ගිමාහ.

ඉතින් පියාණනි, කාටත් සාධාරණවූ යම් ගිනි එකොළොසකින් තැවෙන අප කවුරුන් විසිනුත් මේ ජිවිතයෙන් යම් ප්රමයෝජනයක් ගන්ට නම් ලද දෙයින් සතුටුව අලසභාවයෙන් තොරව මෛත්රීෙ කරුණාවෙන් යුක්තව ධර්මටයට කීකරුව ධර්මුය පරිදි ක්රිතයා කටයුතු යයි කීවාය. කැරොලයින්ගේ අවවාදයට ඉතා තදින් ප්රමසන්නවූ ඇල්ප්ර්ඩ් සිල්වා දුවනිය දුන් රුපියල් දාහෙන් කෝපි, කරදමුංගු, කුරුඳු ආදී මෙරට උපදින ද්රූව්ය‍ මිලේට ගෙන සුද්ධකරවා ලොකු වෙළඳන්ට විකුණන්ට පටන් ගත්තේය. තමා‍ගේ දෙවෙනි භාය්යාධකරවව වන මාර්ගරැට් කුරේ කෙරෙහි

වැඩි සැලකිල්ලක් නොදක්වන නමුත් අඹුසැමියන් වශයෙන් කල් ගත කරන්නේය. අවුරුද්දකට පෙර කල්කටාවට ගිය විජයදාස අභයවික්රෙම කල්කටා සමස්ත ශාස්ත්ර ශාලාවේ බී. ඒ. විභාගයෙන් සමර්ථව විය. සංස්කීත භාෂාවත් පූර්වයදිග ධර්මතශාස්ත්රරත් විද්ය රත්න නම් මහා පණ්ඩිතයෙකු කෙරෙහි ඉගෙනගත් විජයදාස අබයවික්ර‍ම උතුම් පණ්ඩිතයන්ගේ සිංඛ්යායවට පත්විය. සම්පූර්ණෙ අවුරුද්දකුත් මාස තුනක් කල්කටා වේදී ඉගෙන ගැනීමට වියදම්වූයේ රු. 700 ක් බැවින් තමා ගෙන ගිය මුදලෙන් තවත් රු. 1000 ක් ඔහු ළඟ ඉතිරි විය. බී. ඒ. විභාගය දක්වා ඉංග්රීදසිත් සංස්කෘත භාෂාව හා ජ්යොකතිර් නක්ෂත්රාිදී ශාස්ත්රනත් උගත් ඔහු තව දුරටත් ඉංග්රීදසි ආදිය උ‍ගනිම් ද එසේ නැතහොත් මුදල් ඉපයීමට යම්කිසි රක්ෂාවක් කරම්දැයි යන මේ සැකය පිට ශාස්ත්රවශාලාවේ නිවාඩු කාලය නිසා බුරුමයට ගියේය.

තමාගේ හිතකාරි වූ කැරොලයින් නෝනාලා‍ගේ යම් කිසි තොරතුරක් ඉතින් වත් දැනගනිමියි සිතා කොළඹදී තමාට ඉතා හිත මිත්රයව සිටි කොටහේනේ ලංසි මහතෙකුට ලියුමක් එවමින් කොළඹ තොරතුරු ඇසූ නමුත් තමන්ගේ ගුරුතුමා කාලක්රිුයා කළබව මතු වෙන කිසි ආරංචියක් දැනගන්ට බැරිවිය. ඉතින් කැරොලයින්ට කෙසේ ලියමනක් යවම්දැයි ළතවෙවී ඊට උපක්රටමයක් කොහෙත්ම නැති බැවින් තමාගේ නම් සහ නැවතී සිටින ස්ථානය මුද්රීණය කරනලද කඩදාසි කැබෙල්ලක් ලියුම් කවරයක දමා කැරොලයින්ගේ නමට එවීය. තැපැල්කාරයා එම ලියමන කැරොලයින්ලාගේ ගෙදරට ගෙනෙන විට කැරොලයින් හැර වෙන කිසිවෙක් නොසිටි බැවින් ඈටම ලියමන ලැබී ඉතා ප්රීැතියෙන් විජයදාසට ලියුම් යවන හැටි දැනගත්තාය. නමුත් විජයදාසගෙන් පිළිතුරු ලබාගන්ට ක්ර මයක් නැති හෙයින් කල්පනා කරමින් සිට ස්වකීය නිවස ලඟ සිටින ලංසි මහතාගේ දූ වන තරුණියකට නිතරම ඇගේ සහෝදරයෙකු සිංගප්පූරුවේ සිට ලියුම් එවන බැවින් ඈ මීට සහය කර ගනිමැයි සිතා ඒ ලංසි තරුණිය දැක ඈට සියලුම ප්ර වෘත්තිය කියා තමාටම ඈ භාරේ ලැබෙන ලියුම් ප්රලවේසමේ දෙන හැටියට තීන්දු කර ගත්තාය. මෙසේ තීන්දු කරගත් පසු කැරොලයින් ස්වකීය ප්රේුමවන්තයාට තමන්ගේ පවුලට සිදුවූ විපත් කිසිවක් සඳහන් නොකොට විජයදාසගේ තොරතුරු පමණක් අසා ලියමනක් යවන ලදි. විජයදාසට බුරුමයේදීම එම ලියමන ලැබී තමාගේ ගමනේ පටන් සිදුවෟ තොරතුරු සහිත මේ ලියමන ලිව්වේය.


ප්රේාමවන්තිය,

මම දැනට බුරුමයේ මන්ඩලේ නුවර සිටිමි. මෙහි තිබෙන ආශ්චය්ය් මත් විහාර පන්සල් ආදිය බලමින් වන්දිනාමානනාදිය කරමින් මාස තුනක් පමණ ගතකරන කල්පනාවයි. මා සම්බන්ධ තොරතුරු නුඹට ලියා එවන්ට හැටියක් නැතුව බලවත් සෝකයෙන් සිටියෙමි. ඊටත් වඩා මගේ ඉගෙනීමේ එක් ප්රුමාණයක් ඉවර කරගන්නා තුරු මගේ හිතට සැපක් ද නොවීය. දැන් මම බී. ඒ. විභගයෙන් සමර්ථාව සිටිමි. සංස්කෘත හා පූර්වවදිග ධර්මැශාස්ත්ර. හුඟක් දුරට ඉගෙන ගතිමි. මගේ අනික් තොරතුරු ක්ර්මයෙන් දන්වන්නෙමි. මම පසු ගිය අවුරුද්දේ ඔක්තෝම්බ්රම මාසේ පිටත්ව ආ බැවින් ලක්දිවින් අවුත් මාස 15 ක් වේ. මේ කාලය තුළ කර කියා තිබෙන දේ ලොකු පොතක් ලිය හැක්කේය. නමුත් කල්කටාව දක්වා නැවේ එද්දී ලියන ලද කවි කීපයක් මෙසේයි.

වි ජ ය නිවන් ලත් දින මුනිඳු දස බ ල වි ජ ය කුමරු සිය සෙන් සහ විත් විපු ල වි ජ ය ගෙන යකුන් නැගු දිවයින සිහ ල ද ජ ය මෙන් පෙනිණි රන්වන් හිරුමඬ ල

ත ර ම් නොදැන කළ තරවටුවට බුරු මේ උ තු ම් අපගේ පැරකුම් හිමි යැව් එ ස මේ බි ර ම් නැව් පෙළින් එකකට සම උව මේ එ දු ම් නැව් පිටත්විය කොළඹින් වහ මේ


දෙ ද හ ස් වසක් පැවතී මුලු තෙදිය තු රේ ය ලි හි ස් වුණා මෙන් සිහලුන් තෙද මෙ ව රේ සි ය රැ ස් කැලුම් දී සිටි ලොව එකලු කෙ රේ සැ ‍ඩ රැ ස් ගොසින් වනි විගසින් අවරගි රේ

ක ල ක ට ජය කෙනෙක් කලකදි යෙති පැර ද ස ත හ ට තිර කරන මෙන් එ දහම පබ ද ස හ තු ට කර වැජඹි ලොව ‍පවර දිනර ද වි ග ස ට අදිසි විය වරවලබ මුව වැ ද

එ ත ර නිසඹ සැඳ වෙල පට දුහුල් හැ ඳ ප ත ර ගහන් මුතුවැල් සිය ගෙලේ බැ ඳ ස ත ර කර නදන රජකර දියත සෙ ද ස ත ‍ර තඹර හිමි එනතෙක් උනු පැහැ ද


නි දා පෙරදිගින් පොබකර කොඳ මිතු රු එ දා රජවූ මෙන් බිඳ ගනඳුරු සතු රු නි දා සිටි නමුත් අද සිහල සොහොයු රු න දා සිතින් නැගිටිනු නම් නොවේ බො රු

සැ ලි සැ ලී දිවෙන මහ රල පතර බයි ඳා තැ ලි තැ ලී හමන තද රුඳු සුළඟ වි දා ගැ ලි ගැ ලී දුවන නැව මහ සයුර මැ දා පෙ ලි පෙ ලී වුනිමි පෙම්බරි සිහිව එ දා

මේ මහා සාගරයේ ගමන්ගත් නැව 5 දිනකින් කල්කටාවට සම්ප්රා ප්ත විය. පුරාණ ද මේ ගමන තරම්ම ඉක්මනින් ගොසින් තිබෙන බව පෙනේ.

“ඉක්බිති ‍ඒ දෙවෙනිපෑතිස්ස රජතෙමේ බෑණවූ මහාරිෂ්ට නම් ඇමතියාද, ප්රෝඉහිත බ්රාදහ්මණයාද, තවත් ඇමතියෙක්ද, ලේකම්තුමාද, යන සතර මහා ඇමතියන් මහත් පිරිසක් සහිතව පාටලීපුත්රබ නුවර ධර්මායසෝක දීපචක්රතවර්ති මහරජාණන්ට සතුටු පඬුරු වශයෙන් මැණික් තුන් වර්ග යක් ද, මුතු අට වර්ගමයක් ද, දක්ෂිණාවෘත සංඛයක් ද යනාදී මේ වස්තූහු යවා තිබේ. ඒ ගිය පිරිස දඹකොල පටුනින් නැව්නැග සත් දවසක් නැවින් ගොස් ගො‍ඩ බැස තවත් සත් දවසක් රථ වාහනවලින් ගොස් පැලලුප් නුවර (වර්තමාන පැට්නා රාජධානිය) ට පැමිණියෝය”යි මහාවංශයෙහි කියා තිබෙන බැවින් දැන් තරම්ම වේගයෙන් දුවන නැව් එවකටත් තිබුණු බව පෙනේ. ඉතින් මම කල්කටාවට පැමිණ විශ්රාපම ශාලාවක ඉඳිමින් ඉගෙන ගත්තෙමි. මම සනීපයෙනි. ප්රේරමියගේ තොරතුරු කිසිත් නොදන්නා බැවින් මීට වඩා නොලියමි.

මේ වගට, විජයදාස.

විජයදාස කැරොලයින්ට ලියමන තැපැල් කාට මන්ඩලේ නුවරට ගොස් එහි විහාරාරාම චෛත්යාිදිය බලා බුරුම මනුෂ්යොයන් මෙන් වර්තමාන කාලයේ ආගම භක්තියෙන් යුත් පිරිසක් නැති බවත් පුරාණ සිංහල මනුෂ්යනයන් මොවුන්ටත් වඩා ආගම කෙරෙහි බලවත් භක්ත්යා්දරයක් දැක්වූ බවත් කල්පනාකොට වර්තමාන සිංහලයන්ගේ ශ්රකද්ධාහීනත්වය ගැන කනගාටු විය. විජයදාස එදා රෑ නවතීමට සුදුසු

තැනක් සොයන්නේ “ආය්ය්ශ්ර විශ්රාුමශාලා” නමින් තිබෙන භෝජන ශාලාවට පැමිණියේය. විජයදාස එහි පැමිණ තමා සිරිත් වශයෙන් පුරුදුවූ ලෙස කලිසම් කෝට් ගලවා තබා අතපය සෝදගෙන සුදුරෙද්දත් බැනියමත් ඇඳ විශ්රාලමශාලාවට ඉතා ආසන්නව තිබෙන විහාරයට ගොස් බුදුන් වැඳ පන්සිල් සමාදන්ව මල්මහන් පුදා අවුත් රෑ ආහාර අනුභව කළේය. එම විශ්රා මශාලාවේ ම නැවතී සිටින “භොජදත්ත” නම් බ්රාළහ්මණ ධනවතා විජයදා‍ස‍ගේ මේ ආය්ය්ි චාරිත්රණ දැක සතුටුව ඔහු සමග කථා කරන්ට අදහස්කොට මෙසේ පටන්ගත්තේය.

බ්රාසහ්මණයා - තමුසේ කොයි ‍රටේද?

විජයදාස - මම ලක්දිව සිංහලයෙක්මි.

බ්රාද - ලංකා‍ව ගැන හොඳට අසා තිබේ. එහි තෙරතුරු පොත පතින් බොහෝ සේ දැක තිබේ. දැන් ලක්දිව වාසය කරන ප්රඳධාන මනුෂ්යි වර්ගරයා කව්ද?

වි - ගණනින් නම් තවමත් සිංහලයෝ වැඩි කියන්ට පිළිවනි. නමුත් බලපුළුවන්කාරකමින් විදේශිකයෝ ඉහළ වෙති. එසේ කීම අපට අවනම්බුවක් නමුත් ඇත්ත නිසා නොකියා බැරිය.

බ්රා් - ඇයි එහෙම වුනේ. සිංහල මිනිස්සුය කියන්නේ පුරාණ අපේ රටින් (වංගදේශයෙන්) ගිය මහා සූර වික්ර ම භාවයෙන් වැජඹි ජාතියකි. ලක්දිව සියලු යස ඉසුරෙන් සම්පූර්ණා වූ රටකි. එබඳු රටක “සිංහල” නාමයෙන් යුත් මනුෂ්යය වර්ගමයක් දුර්වවලව අසමගිව අසරණව සිටිත් යයි කීම කෙසේ විශ්වාස කරම් ද?

වි - නමුත් ඇත්ත නම් සිංහලයන් ඉතා අසරණ බවයි. එසේද වූවත් ටික දෙනෙක් ධනවත්තුය කියාත් සිටිත්.

බ්රා් - ම‍හත්මායාගේ නම කුමක් ද ?

වි - මගේ නම විජයදාස අබයවික්රමමයි.

බ්රා් - ජුබට් ක්රොරන්ජි ඩග්ලස් ඇ‍ලොසියස් ඒබ්රෙහම් ප්රයනාන්දු ය කියා එකම මිනිහාට ව්යාවහාර කිරීමත් ලක්දිවපවතිනවා නොවේද?

වි - ඔව්, එහෙම මිනිස්සු බොහොම සිටිති. කොටින්ම සිංහලය කියා ඉන්න අයගෙන් දහයෙන් හත් කොටසක් සම්පූර්ණමයන් ගලීලයේ මස් මරන්නන්ගෙත්, පරංගි,ලංසි, ඉංග්රීනසි ආදීන්ගෙන් නම් ආරූඪ කරගෙන සිටිති. දහයෙන් දෙකොටසක් පමණ පරදේශිය නමකුත්,


සිංහල නමකුත් එකට පටලාගෙන පාටලාගෙන පාවිච්චි කරයි. දහයෙන් එක කොටසක් පමණ ආය්ය්ල සිංහල නාම පාවිච්චි කරති.

බ්රාො - සිංහලයන් අතර ලොකු පොහොසෙත්තු ඉන්නාහුද?

වි - අනේ මහතාණෙනි, දන්නේ නැහැ. තරමක් පොහොසත්තු සිටිති. නමුත්......

බ්රා් - මොකද නමුත් නමුත් කියා වික්කල් ගහන්නේ ඒ පොහොසත්තු අග්නිභුදර වගේද?

වි - බොහොම දෙනෙක් ඒ වාගෙයි. නමුත් ආත්මාර්ථග පරාර්ථත දෙකට වැඩ කරන ටික දෙනෙක් ද සිටිති.

බ්රාද - තමුසේලාගේ රටෙ පෙහොසතුන් හිඟවෙන්ට හේතුව මොකද කියා කවදාවත් හිතුවෙහි ද?

වි - නෑ මහත්මයා. කවදාවත් ඒ ගැන හිතන්ට කාරණයක් වුණේ නැහැ. මම හිතා ඉන්නේ අපේ රට පුංචි නිසා විශාල ධනවතුන් වීමට කාටත් අවකාශයක් නැත කියයි.

බ්රාශ - ඇයි එහෙම කියන්නේ. තමන්ගේ රටේ ඉතිහාසයම නොදැන කථාකරන එක වැරදියි. බලමු පුරාණ ලක්දිව ජනගහනය එක්කෝටි හැත්තැ ලක්ෂයක් බව පෙනේ. ඉතින් ඒසා විශාල සෙනගක් සිත්වූ පරිදි කමින් බොමින් එක රජකෙනෙකුගේ කාලයේම තනවා තිබෙන වෙහෙර විහාර කොපමණය කියා තමුසේ දන්නෙහි ද?

වි - ඔව්, තරමක් දුරට මමත් දනිමි. අපේ දුටුගැමුණු මහරජතුමා විසින් තනවා තිබෙන අප්රාමාණ වෙහෙර, විහාර, පන්සල් අතුරෙන් ඉතිහාසයේ ගණන් සඳහන්වූ ප්ර ධාන ඒවයින් “මිරිසවැටි” චෛත්යිය සම්බන්ධව කරන ලද පුදපූජා හැර එම චෛත්යර රාජයා බැදීමට පමණක් මසුරන් 9, 0000, 0000 ක් වියදම් කර තිබේ. එසේ ම “ලෝවාමහාපායට” පුදකරන ලද අගනා ඇඳපුටු ආදී භාණ්ඩත් ඒ සඳහා කළ අන්ය පුණ්යාකර්ම්ත් හැර ප්රානසාදය තැනිමට පමණක් මුසරන් (තිස් කෝටියක්) 30,00, 00, 000 ක් වියදම් කර තිබේ. එසේම “රුවන්වැලි” චෛත්ය0රාජයාගේ ගර්භයෙහි නිදන්කර තිබෙන නැවක් බරට වැඩි තරම් රන් මැණික් පිළිම ආදී මෙතෙකැයි පමණ කළ නොහැකි වස්තුව ගණනට නොගෙන එම චෛත්ය රාජයා බැඳවීමට පමණක් කෝටි දහසක් මසුරන් වියදම් කර තිබේ. මේ


රජතුමා මෙකී ගණන්වලටත් තව ගුණයකට වඩා අන්ය‍ වෛත්යාමරාමාදිය වියදම්කර තිබෙන බව පෙනේ.

බ්රාම - ඉතින් ලක්දිව පුරාණයේ පැවති සශ්රීමකමද්භාවය දැන් ඇඩුවී ගියේ ද?

වි - ඔව් මහතාණෙනි. එසේ වියි මම සිතමි.

බ්රාම - ඒ මුළාවෙන් සිතන සිතිවිල්ලකි. ඒ සාරය අඩුවුණා නොව උත්සාහවත් මිනිසුන් අඩුවුණි යයි කියතොත් වඩා යහපති.

වි - ඔව් ඒක විශ්වාස කටයුතුයි. පුරාණ අපේ වික්රජමවන්ත මුත්තන් කළ ඇතැම් ආශ්චය්ය්-අඩමත් වැඩ අහක ඉන්නා දේවතාවන් පිට පටවා තිබේ.

බ්රාය - ඔව් ඒක එහෙම මයි. දඹදිවත් පුරාණ සිටි මහා වික්රුමවන්ත ජනයා කළ ආශ්චය්ය්‍අඩමත් දේ සියල්ලක්ම දෙවියන් විසින් කළ බැව් කියමින් නම පමණක් වූ සමහර දෙවිවරුන්ට තවමත් නූගත් මිනිස්සු වඳිති, පුදති, ඇත්ත නම් පුරාණ විසූ ඒ වික්ර්මවන්ත‍යන්ගේ නොපසුබට උත්සාහය නමැති දෙවියන්ගේ සහායෙන් ඒ වික්රතමවන්ත වැඩ කළ බවයි. දැන් අපට ඕනෑකම තිබෙතොත් ඒ උත්සාහවත් භාවය නැමැති දෙවියන් ආවේශ කරගෙන ලෝකයේ අනික් මිනිස්සු කරන්නාක් මෙන් ආශ්චය්ය්ය මත් දේ කරන්ට බරිකමක් නැත්තේය.

වි - මනුෂ්යස ජාතියකගේ දියුණුවට ආගම හේතු වේද?

බ්රාම - සත්තකින්ම ආධ්යාණත්මික වශයෙනුත් බාහිර වශයෙනුතු මනුෂ්ය් ජාතීන්ගේ දියුණුවට ආගම හේතු වන්නේය.

වි - එ‍සේ නම් යුරෝපාකාරයන්ගේ දියුණුවට ක්රිිස්තියානිය හේතු වීද?

බ්රාණ - ඔව්, ඔවුන්ගේ දියුණුවට හේතු වන පරිදි මැත කාලයේ පණ්ඩිතවරු එක්තරා සමගියක් ඇතිකර තිබේ. ක්රිඔස්තියානිය මුලින් පැමිණි හැටි නම් ලෝකය විනාශ කරන විදියටයි. ගුණධර්ම්ය නැතිකර ධනවත්වීමට ශිල්ප ශාසත්රි ඉගෙනීමට බාධකව පැවති ආගම ක්රිණස්තියානියයි. නමුත් එංගලන්තයේ උගත් අය එය ප්රටකෘතිමත් කොට තනාගත්තාට පසු ආධ්යා්ත්මික ගුණධර්මා කෙසේ වෙතත් බාහිර බලය වර්ධනය ‍කරගන්නා පිලිවෙළට සකස් කරගෙන තිබේ.

වි - ක්රිේස්තියානියේ ආධ්යා ත්මික පරිසුද්ධ භාවයක් ඇති නොවීමට හේතුව කිම?

බ්රාව - තමාගේ ගැලවුම්කාරයා තමා ම යයි උගන්වන ආගමේ පමණක් ආධ්යාෙත්මික ගුණධර්මග වැඩේ. ක්රිආස්තියානිකාරයාට කොපමණ පින් කළත් දෙවියන්ගේ ආධාර නැතුව ගැනවෙන්නට බැරිය කියති. අනික් අතට කොපමණ පව් කළත් දෙවියන් විශ්වාසකොට පාදිලියන්ගේ ආධාරයෙන් කළ තරම් පව්වල සමාව ලබාගන්ට පුළුවන. ඉතින් මේ බොළඳ විශ්වාසය තර්ක න්යා්යාදී ශාස්ත්රප නූගත් අයට පමණක් හොඳ වෙයි.

වි - එතකොට ජාතිකර්ම් ශාස්ත්රතදි‍යේ කෙළ පැමිනි එංගලන්තයේ මහා උගත් අය මෙය විශ්වාස කරන්නේද?

බ්රාව - ඔව්, සත්තකෙන්ම ජාතිධර්මවශාස්ත්රිය දත් නිසාම ඒ මහ උගත්තු ක්රිාස්තියානිය විශ්වාස කරති. මක්නිසාද, ජාතික ආගමය කියා පිළිගෙන තිබෙන නූගත් මහා සමූහයක් අදහන ආගම වෙනස් කිරීම දේශපාලනය සම්බන්ධ කටයුතුවල ඉතා බාධක වේ. ඒ හෙයින් පරලොවට වඩා ස්වකිය ජාතියේ මහන්තත්වය රඳවා ගැනීමට අවශ්යක නිසා යුරෝපීය උගත්තු මෙසේ ක්රිහයා කරති. නමුත් ආණ්ඩුක්ර මාදියට සම්බන්ධ නැති නිදහස් උගත්තු ක්ර්මයෙන් ක්රිතස්තියානියේ තිබෙන ලඝුකම තේරුම් ගෙන යති.

වි - බ්රාතහ්මණ පඬිතුමා බුද්ධාගම සත්යන බව දැනගනත් එතකොට හින්දු ආගම අදහන්නේ?

බ්රා් - හින්දු ආගමත් කර්මදළුල උගන්වන ආගමකි. ඇරත් අපේ ජාතික ආගමව දැන් පවතින්නේ හින්දු ආගමයි. එය අත්හැරිම ජාතියට කරන වරදකි. අපේ අඥාන රජවරුන්ගේ කාලවල බෞද්ධ බලය නැතිකොට හින්දු ආගමේ බලය ඇති කළ බැවින් බලසම්පන්න රජෙක් ඇතිවී හින්දු ආගමේ බලය එකවිටම නැති කොට බෞද්ධාගම නැවතත් ජාතික ආගම කළොත් මිස ජාතිය නිසා හින්දු ආගම අත්නොහරින අය හින්දු දේශයෙහි වැඩි කොටස වන්නේය.

වි - ක්රි.ස්තියානි ආගම ආධ්යාුත්මික බාහිර ගුණයෙන් හීන නමුත් දැන් අප රටේ බොහෝ දෙනා එය විශ්වාස කරති.

බ්රා - ඔව්, ලක්දිව ගැන තොරුතු අසා මමත් බුදුමයට පැමිණියෙමි. සිංහල මිනිස්සු බොහෝ සෙයින් මිලෙච්ඡ ජාතීන්ට සංකරවී

තිබේ. මව්පිය දෙපැත්තෙන් ම හෝ යටත්පි‍රිසෙයින් එක පැත්තකින්වත් සිංහල ලෙය නැති තැනැත්තා ජාති මමත්වය ඇති කෙනෙක් විය නොහැකියි. මේ නිරවශේෂ වූ ශාස්ත්රී්ය කල්පනාවකි. සිංහලයන්ගේ මුතුන් මිත්තන් සකල ශාස්ත්රතයෙන් කෙළ පැමිණි දෙවියන්ට සමාන යස ඉසුරෙන් යුක්තව නිදහස් වූ ස්වකීය රජුන්ගේ රාජානුශාසනාවන් පවතින කාලේ පිලිගත් ආගම බෞද්ධාගමයි. චිත්ත චෛතසිකාදි පරම ගම්භීර ධර්ම ඒ උසස් කාලයේදී සිංහලයන්ට අමෘතව තිබුණු නමුත් ඒ සිංහල ජාතිය පිරිහී ඥාන ශක්ත්යා දියෙන් පිරිහුණු කොටසට ලඝුවු චපල පුහු ආගම් හොඳ වූහ. අනික් අතින් අනාය්ය්ුණ මිලේච්ඡ ජාතීන්ගෙන් බෝවෙන සිංහල නම් ආරූඪ කරගත් අයට නිලමැස්සාට නෙලුම් මල රොන් ප්රි්ය නොවන්නාක් මෙන් ආය්ය්ිලමයන් වහන්සේලාගේ ධර්මරය රුචි නොවේ. ක්රි්ස්තියානි ආගම යුරෝපාකාරයන් විසින් පිළිගන්නා ලද්දේ ඉතා පහත් අඥාන කාලයකදීය. “ඉනික්විසීෂන්” ආදියෙන් කෝටි ගණන් මනුෂ්යන ප්රා ණින් ඒ කාලයේ ක්රිකස්තියානි පූජකයන්ට මරන්ට ඉඩ ලැබීමෙන් එවකට යුරෝපීයන්ගේ තිබුනු පහත් බව හොඳ හැටි ප්ර්ත්යනක්ෂ වේ. ඔව්හු ශිල්ප ශාස්ත්රා්දිය ‍ඉගෙන ගත්තාට පසු ජාතික ආගම රටේ මුල්බැස තිබෙන ක්රිතස්තියානිය නිසා ඒ නපුරු වගවාසගම් ක්රිතස්තියානි පොත්වලින් ඉවත්කොට ප්ර කෘතිමත් කර ගෙන තිබේ. එසේ ද උවත් නමින් මිස භක්ත්යා ලයෙන් ක්රිිස්තියානිය අදහන්නෝ උගතුන් අතර ඉතා විරල වෙති.

වි - ජාතියේ ස්ථීර දියුණුවට ආගම් කීපයක් ඇතිවීම බාධකද?

බ්රා් - සත්තකෙන් ම ජපන් ජනයා ක්රිීස්තියානි වුණ දා ජපන් ජාතියක් නැහැ. ඩොක්ටර් කොතෝකි කියන ක්රිකස්තියානිකාරයා හා පිරිස රජතුමා ආදීන් මරන්ට සූදානම්වුණා මතක නැද්ද? සිංහලයන්ගෙන් කීප දෙනෙක් වත් ක්රිටස්තියානි නූනානම් සිංහල බලය සෙල්විය නොහැක්කේය. සිංහල රට විදේශීය පරංගීන්ටත අල්වා දීමට බදුල්ලේ යුද්ධයට ගිය (68000) න් 20000 ක් පමණ රෝමානු ලබ්ධිය වැලඳගත් මස්මැරීමෙහි නියුක්ත වූ සිංහලයෝයි. “ජෙරොම් පෙරේරා” නමින් ඒ හමුදාවේ සිටි කර්නල්තැන පවා සිංහලයෙකි. ජාතියක් බැදී පවතින ප්ර්ධාන බැමි තුනකි. එනම් :- ආගම, භාෂාව, චාරිත්රු යන තුනයි. ක්රිලස්තියානි වෙනකොටම

භාෂාවත්, චාරිත්රාත්, එපා වී පරදේශික පූජකයන්ගේ වාල්භාවයට පත්වෙති. ඒ එක්කම ජාතියේ හතුරෝ වෙති.

වි - එතකොට බ්රාඑහ්මණයන්ට අන්යත ආගමක් දැන් අවබෝධ කරන්ට බැරිද?

බ්රාෙ - සත්තකටම බ්රා්හ්මණයන්ට අවබෝධකරගන්ට පිළිවන් එකම ආගම ශාක්යතමුනීන්ද්රඑයාණන් වහන්සේගේ නෛය්යායන නික ධර්ම යයි. චන්ද්රකරශ්මිය උරාගන්නේ චන්ද්රනකාන්ත පාෂාණයට පමණකි. කළුගලට සඳ එළිය වැටෙතත් කිසි දිනක එය උරා නොගනී. උතුම් රාජකුමාරයෙක් ක්ලේශයන් නසා අතිපරිශුද්ධ භාවයට පැමිණ ප්රමකාශ කළ ආය්ය්් ක ගුණයෙන් ප්රාතිමණ්ඩිත ධර්මිය අනාය්ය්ාශ මිලේච්ඡ ජාතීන්ට නිලමැස්සාට පියුම් රොන් වැන්නේය. අනික් අතට අනාය්ය්කළ වූ, අසරණවූ, මෝහයෙන් මුළාවූ, ද්වේෂයෙන් පීඩිතවූ, රාගයෙන් හරිත වූ, ගලීලයේ කෙවුල්ජනයා විසින් ප්ර්කාශ කළ පහත් ක්රිිස්තියානිය ආය්ය්රිත වු බ්රාවහ්මණයන්ට කෙසේ පිරිමහීද? නමුත් ඉන්දිරයාවෙනුත් කීප දෙනෙක් ක්රිූස්තියානි වී සිටිති. ඒ වෙන වෙන අදහස් උදහස් පිට එක් විධියක මිනිස්සුයි.

වි - නමුත් ලක්දිව එසේ නොවේ. ලොක්කොයි කියන බොහෝ දෙනා ක්රිමස්තියානිවී සිටිති.

බ්රාම - ඔව්, සිංහලයන් පිරිහී මිශ්රෝවී විනාශවූ බව කීවෙමි. ඔය ක්රි ස්තියානි වී ඉන්නාවුන් ස්වකීය මුතුන් මිත්තන්ගේ තරම දනිත්නම් ඒ මුත්න් මිත්තන් බෞද්ධාගම අදහා ගිය කොහාට වූවත් යන්ට අසතුටු නොවෙති. ඒ හෙයින් මගේ කල්පනාව පුරාණ විසූ වික්රඅමවන්ත තේජවන්ත සිංහලය්නට දැන් මේ සිංහල නමින් පෙනී විදේශිය වෙස් ගෙන විදේශීය ආගම් අදහන්න වූන්ට හැබෑ සම්බන්ධයක් නැත” කියා බ්රා්හ්මණ පඬිතුමා එදින බොහෝ රෑවූ සෙයින් නිදාගන්ට ගියේය. විජයදාස ද තමාගේ කාමරයට ගොස් නිදාගත්තේය.

විජයදාසත් භෝජදත්ත බ්රායහ්මණතුමාත් ටික දවසක් එකම විශ්රාිමශාලාවෙහි වසන අතර මේ සිංහල මහතා කෙරෙහි බ්රා්හ්මණ තුමාගේ සිත තදින් ප්රඑසන්නව තමාගේ තේක්ක ලී වෙළඳාමට සම්බන්ධව ධන සපයන්ට කැමැතිදැයි බ්රාේහ්මණතුමා විජයදාසගෙන් ඇසීය. ආණ්ඩුවේ ආදී තැන්වල ලිපිකරු ආදි වැඩකින් කිසි කලක සෑහෙන

තරම් ධනය උපයන්ට බැරි බැවින් නිදහස් ජිවිතයක් ගතකිරීමට ඉ‍ඩ නැති බැවින් එබඳු නිලතල ගැන කිසි බලාපොරොත්තුවක් නැති විජයදාස භෝජදත්තතුමාගේ ඉල්ලීමට අතිශයින් සතුටුව බුරුමයේ මුල්මෙන් නුවර පිහිටි ඔහුගේ තේක්ක ලී ඉරන යන්ත්රිය සම්බන්ධ කටයුතු කිරීමට ගියේය. මුළු වෙළදාමේ ලාභයෙන් තුනෙන් කොටසක් විජයදාසට දෙන ලෙස පොරොන්දු ඔප්පු ලියාගෙන කටයුතු පටන්ගත්තේය. බ්රාෙහ්මණයා සිය කැමැත්තෙන්ම ස්වකීය වෙළඳමෙන් තුනෙන් කොටසක් විජයදාසට දුන් නමුත් නීති ප්රණකාර එහි අයිතිවාසිකම් ද ලියාදුන්නේ ඔහු සැබැවින් ම අවංක කෙනෙකු නිසා බව සැලකිය යුත්තේය. මෙතැන් පටන් විජයදාස නොමැරෙණ කෙනෙකු මෙන් සිතා ස්වකීය හිතමිත්රරයන් පවා සිහි නොකොට ස්වකීය වෙළඳාම දියුණු කිරීම පිණිස වැඩ කෙළේය. ඒ එසේ මැයි.

“අර්ථාකතුරානම් නගරුර් නබන්ධුර් විද්යාෙතුරානාම නසුඛං නනිද්රාධ කාමාතුරානාම නහයං නලජ්ජා ක්ෂුධාතුරානාම නරුචිර් නපත්ථ්යාි”

වස්තු රැස්කිරීමෙහි නියුක්ත වූවාහු ගුරුවරු ඤාති මිත්රාඩදීන් ද, විද්යා ව ඉගෙනගන්නාහු සැප හා නින්ද ද, කාමයෙන් පීඩිතවූ අය භය හා ලජ්ජාවෙන් ද, කුසගින්නෙන් පීඩිතවූවාහු අරුචිය හා අපථ්යනය ද, නොදනිතියි නීති ශාස්ත්රකඥයෝ කීවෝය.


10 වෙනි පරිච්ඡෙදය

[සංස්කරණය]

කැ රෙලයින් නෝනාගේ පියා (ඇල්ප්රථඩ් සිල්වා) රුපියල් 1000 ත් කෝපි කරුදමුන්ගු ආදිය වෙළදාමට පටන් ගෙන ටිකක් උත්සාහවන්තව වැ‍ඩකරන අතර “ජෝසප් පෙරේරා” නම් වෙළෙන්දෙක් ද ඔහුට මිත්රශවී ආධාර කරන්ට පටන්ගත්තේය. ජෝසප් පෙරේරා තරමක් ධනය ඇති රූපත් තරුණයෙකි. සිංහල ඉංග්රී්සි භාෂා ටිකක් දුර උගත් මේ තරුණයා යුරෝපීය විධියට ඇඳ පැලඳ ගෙන සිටිතත් පැරණි සිංහල‍යන්ගේ ගුණධර්මග හා චාරිත්රීධර්මව කෙරෙහිත් භක්ත්යාෙදර ඇත්තෙකි. ජෝසප් පෙරේරා ඇල්ප්රාඩ් සිල්වා සමග බොහෝ එකතුව සිට ඉක්බිති හවුලට වෙළඳාම් කරන්ට පටන්ගත්තෙන් ඔහු සිල්වාගේ ගෙදරට ද ඉඳහිටලා යන්ට වූයේය. මෙසේ යන එන විට කැරොලයින්ගේ

රූපශ්රීනය දැක ඈ කෙරෙහි සිත ඇළුණේය. “පුරුෂයන්ගේ සිත් ඇලවීමට ස්ත්රීි රූපය වැනි කිසිවක් ත්රිහවිධ ලෝකයෙහි නොදැක්කෙමි” යි වදාළ සර්ව්ඥයන් වහන්සේගේ වචනය ස්ථීර කරන්නාක් මෙන් ජෝසප් පෙරේරාගේ හිතද කැරොලයින් කෙරෙහි ඇලී ගියේය.

කැරොලයින්ගේ පියා තමාට වඩා ධනයෙන් හා කුලයෙන් ද අඩු බැවිනුත් ඔහු අමාරුවට වැටී සිටි වේලෙහි ආධාර කරන්නෙකු වූ බැවිනුත් තමාගේ දියනිය වන කැරොලයින් කසාද බැඳ දීමට ඇල්ප්රනඩ් සිල්වා වහාම සතුටු වෙනවාට සැකක් නැත්තේය. එසේ ද උවත් ඒ බව ඇල්ප්ර ඩ් සිල්වාට දන්වන්ට පෙර කැරොලයින්ගේ දැනගැනීම හැ ශීලාචාර භාවයත් විමසීමට ජෝසප් පෙරේරාට කල්පනා‍වී ස්වකීය මෑණියන්ට කැරොලයින් විමසීමට කියා සිටියේය. ජෝසප් පෙරේරාගේ මෑනියෝ සුසානා හාමිනේ ඉතා ගුණවත් බණ දහම් හා චාරිත්රිවාරිත්රජ දත් තැනැත්තියකි. ජෝසප් පෙරේරා නොයෙක් වල් මිනිසුන්ගේ අශ්ර යට පවා ගිය නමුත් ඔහු ගණන් ගත යුතු සිංහලයෙකු වූයේත ස්වකීය මව්ගේ ගුණ යහපත්කම නිසාමයි. මවෙක් යහපත් නම් චාරිත්රව වාරිත්රව දන්නී නම් ඒ පව්ල සම්පූර්ණනයෙන්ම අධමභාවයට නොයන්නේමය.

ජෝසප් පෙරේරාට උගත් ගුණවත් තරුණියක් විවාහකර දීමට කැමති සුසානාහාමිනේ පුතාගේ කීමට සතුටුව ඉරුදින සවස්භාගයේ කෑමට සුදුසු කැවිලි වර්ගනත්, කෙසෙල්කැන් ඇවරි දෙකකුත් රැගෙන ගෙදර සිටින තමාගේ දියනියන්ගේ පුංචි ගෑනුලමයෙකුත් සමග බක්කි කරත්තයක නැගී ඇල්ප්ර ඩ් සිල්වාගේ ගෙදරට ගියේය. ඇල්ප්ර ඩ්සිල්වා ඉතා ගරු බුහුමනින් වෘද්ධ හාමිනේ පිළියත්තේය. කැරොලයින් උතුම් සිංහල කුලාංගනාවකගේ ලීලාවෙන් සුසානා හාමිනේට සංග්රටහ කළාය. සුසානා හාමිනේ දුටු පමණින්ම කැරොලයින් කෙරේ ප්රිසන්න වූවක් මෙන් ඇල්ප්රතඩ් සිල්වාගේ දෙවෙනි භාය්යාන් ව වන මාර්ගරැට් කුරේ කෙරෙහි අප්ර්සන්න වුවාය. කැරොලයින්ගේ උගත්කම ආදිය අසා සතුටුව තවදුරටත් විමසමියි සිතා “දුව උඹේ උගත්කම ගැන මම ඉතා සතුටු වෙමි. පොතක් තැනීමට මම නුඹට ආරාධනා කරමි. මේ පොත උවමනා වන්නේ ස්ත්රීතන්ට හැදීමටයි. මගේ ආරාධනාවෙන් පොත කළ මැනවි. ඊට තැග්ගත් වශයෙන් රුපියල් විසිපහ ගනින්න” කියා සුසානා හාමිනේ කැරොලයින්ට රුපි. 25 කුත් දී යන්ට ගියාය. මේ ගැන ඇල්ප්රේඩ් සිල්වා ඉතා ප්රහසන්නව දුව ගැන ආඩම්බර විය. නමුත් මාර්ගරැට් කුරේගේ පපුව පැලෙන්ට පටන්ගත්තීය. කැරොලයින් සිංහල ව්යායකරණ හා කාව්යාේලංකාර ඉගෙනීමේ උතුම්කම ගැන

ප්රීාතියට පත්වී පොත් පිංචක් ප්ර්බන්ධ කරන්ට පටන් ගත්තාය. ඒ පොත මෙහි බහාලනු ලැබේ.

ප ණ ලෙස නිතර රකිනා පතිවත දහ ම දැ න ගන ලැබෙන තරමට වියදම් කෙරු ම පි ණ වන රස බසින් හිමි සිත දිනෙහි ඇ ම ගු ණ නැණ යුතු බිරිඳ ජයගනිය දෙ ලොව ම

ක ට යුතු වුල්වි නඩුහබ කරද ර ය සි ට ගතනොහී ඇවිදින සඳ හිමිව ර ය තු ට වන රස බසින් පළකර සිතද ර ය සෙට වන ඔවා පවසයි දුක් දුරුක ‍ර ය

අ මා රුවට පත්වි දුලියෙකු වෙමි නී ත මා හිමිහු සිටිතත් සිටුතමෙකු මෙ නී පෙ මා දරින් සලකා උවටැම් කර නී ත මා දෙලොව ජයගන්නා තුම් අඟ නී

සැ ප සේ සිටි කලත් දුප්පත් කල සේ ම එ ක සේ හිමිට ඇතිවු සිතතුළ පේ ම ස රො සේ කළ නමුත් හිමිසඳ ගැරහී ම නො ඇ සේ ඒ කිසිත් බිරිඳට ගුණසෝ ම

ත ද රුදුකම් කරන හිමිසඳ විකලයෙ නී ත ද බඳ බසක් නොකියා එවිටම සැණි නී හ ද මුදුවු කලෙහි හිමිසඳුට අදරි නී සො ඳ රසබස් කියයි ගුණවත්වූ අඟ නී

ය ට හ ත් පහත් ගුණයෙන් යුතුවූ හිමි ට ම ඳ කු ත් අලස නොමවී කටයුතුවල ට නි සි බ ත් මාළු පිස රසකොට ඇති ලෙස ට බැ ති යු ත් හිමිට දෙයි තුම් බිරිඳ සහතු ට

මු ද ල නැත කියා යහමින් නොකිපෙමි නී සි ය ල ලද තරමකින් පිරිමැසීමේ නී අ ස ල වැසියාට අගහිඟ නොකියාමි නී ප වු ල රැක ගනි යහපත්වූ අඟ නී


හි මි හ ට සිතට කරදර වන ලෙස ගෙද ර කි සි වි ට කිසිත් නොකරන ගුණ නැණැති ති ර ත ම හ ට ඇති දත් අඟන ගුණස ර නි ය මෙ ට සුරලියෙකි හැර ආ අමර පු ර

ද රු ව න් ඇති නමුදු කරදරැතත් නොයෙ ක ම ඳ කි න් වත් හිමිට නොමහඟවා එ දු ක නැ ණ යෙ න් ඉවසුමෙන් ඒ සැම ලෙස සැපෙ ක ස ල ක න් නීය යහපත් බිරිඳ නොව සැ ක

නැ ත ත් හිමි ගෙදර ඔහු නැ දන මිතු රූ අ වො ත් හිමි සිටින කලහටත් වඩාග රූ ම හ ත් සිත දරින් සඟහා කර සොඳු රූ ගු ණැ ත් ලිය ලබයි දෙ ලොවම සැප මහ රූ

ද න ව ත් වුවයි නොමගෙන් උඩඟු සිතතු ල දු ක ප ත් වූවයි සොවගින් නොතැවි කිසි ක ල ව ර ද ත් දොසත් ඇතිමුත් නොකර කොලහ ල ගු ණ ව ත් ලිය වෙසේ පොරකුරඹ ලෙස නිම ල

දු ‍ටු ව ‍ට පර සිරිත් වෙන අය ගත් සිරි ත කි සි වි ට තුටුනොවී රකිනා කුල සිරි ත ද හ ම ට වැඩිහිටියන් බසට අවන ත ම න තු ට අඟන දෙලොවම සිරිසැප ලබ ත

ඇ ති මු ත් රන් බරණ මිනිමුතු සහ එම ට යු තු නැ ත් මය ඇඳුම් ඒ සියලුම තැන ට ගු ණ ව ත් අඟන දැනගෙන එය තතු ලෙස ට ගෙ න දෙ ත් ලොවෙන් ගරුබුහුමන් හිමිසඳු ට

ද න යෙ න් නොයෙක් බලයෙන් යුතුමුත් පෙ ම ය සැ ප ති න් ඉන්ට පවුලක් සතුට ලෙස ම ය වෙ සෙ සි න් ගුණැති බිරිඳක් උමවනා ම ය එ බැ වි න් ඵලඳ දුක සැප දෙකෙහි මුල ම ය

ස ප ය න පණම් හය සමහර ගෙදරව ල සැ ප ති න කල් යවති නැත කිසිම කලබ ල ද න යෙ න වැඩි පවුල් දුක් විඳිති තද බ ල බැ ලු මැ න ගෑනුන්ගේ හොඳ නොහොඳ නොපැකි ල


නි සි තැ න නැණින් ඉසවීමෙන් කල් ක රණ ස සො බ න අඟනහට ඇඳි ගුණ මිනි බ රණ නො ලැ බෙ න සැපත් නැත කොතනත් මුළු දෙ රණ නො ල බ න කෙනෙක් කොඳ පෑ සඳ සඳකි රණ

හි මි හ ට දරුවන්ට මේ මේ වෙලාව ට ස හ තු ට කෑම මේයයි දැන කදීම ට නි සි කො ට උගත් වත්කම් ලෙස තැනීම ට ලි ය හ ට බැරිනොවේ සග සැප ලැබීම ට

ද ‍ඟේ සිතතුළෙහි මදකුත් ඇති නොක ර ළ‍ ‍ඟේ දැවටීගෙන හිමිසඳුගෙ ආද ර ස ගේ සැප දෙවන මෙලොවම නැණින් ස ර ඇ ගේ අගය දන්නෝ පඬිය ලෝතු ර

නො ද මා හිමිගෙ බස් ඉවතට තම නැණි නී නො ප මා වම සිටින දුක සැපෙහි සපැමි නී එ තු මා නැණින් රකිතා පවුල වෙසෙසි නී උ ප මා කොයිද එකතට ලොවෙහි වියතු නී

නො ල බා සිටත් තමහට සිත කය සැප ත නො ත බා සිත එවග වඩමින් හිමි සැප ත ක ර බා මග යන්ට ඉඩ නොහරින එක ත සු ර ඹා යයි නොකයන ලොව කෝ විය ත

සු රා බොන කරන පරදර පව් දරු ණ ති රා ගුණ නොමැති අය හා වී සර ණ ස රා නැණින් ඔහු මහ උතුමෙක් කර ණ වි රා ජිත අඟන නැන්දෝ මෙ‍ම දෙර ණ

ක ස ල කුණු සුපිපි මල්වන හා මුහු දු සි ය ල තැනට එකරැස දෙන ලෙසින් ස ඳු සි ය ල දුක් දුගී බැව් නැති කර සුමු දූ ප වු ල රැක ගනී ගුණ නැණ යුත් බිරි ඳු

ස ඳ ද ත ගලට ගන්නා විලස සඳරැ ස නැ ණ යු ත ලියට ගත හැක හිමිගෙ සෙනෙහ ස පෙ ම යු ත ගෙදර නැත කරදරය කිසි ලෙ ස මෙ දි ය ත නැත අඳුරු ඇති කලට රිවිරැ ස


සැ ප ති න් විසීමට සිත තුළ ඇතොත් පෙ ම ඉ ව සු ම් ගුණෙන් යුතු වෙන්නට නිතර ත ම ඉ ගැ නු ම් ඇති අඟන පෙම්බරවූ හිමිතු ම දෙ වි ය න් වෙතට යවනා බව කියනු කි ම

අ ල ස කම නොදත් කේලම් පිළිකුලැ ති පි වි ස අන් ගෙයක විසුමට කැමති නැ ති ස රො ස වඳන් මුවතුළ කිසි කලක නැ ති දි ගැ ස සුර පුරෙන් බැස ආ සුරඹ වෙ ති

සු රු ව න් වඬිතුමෙක් මුත් හිමි සඳ පබ ඳ ද රු ව න් තැනුම බැරි අනුවණ විනම් ල ඳ ගු රු ව න් කර එයින් දැන සතර විදි ලෙ ඳ ග රු ව න් ලිය නැද්ද ලොව රකින මනන ද

දෙ ගු රු න් ගුරුන් මිතුරන් වැඩිහිටි දන ද ස ත ති න් සිත රැගත් යටහත් ගුණෙනි සො ඳ න ළ ව න් නට සමත් හිමිහුගෙ දුකැති හ ද බි රි ඳු න් සුරඹුවන්ටත් වැඩි සොඳ නොවෙ ද

හැ ම ක ල් රකින සිය කුලදම් මිණි නිද න සු ර ත ල් රස බසින් හිමි සිත සතුටුකර න ගු ණ දු ල් බිරිඳ වැසි ගෙය සිරිකත රඳ න සු ම ඟු ල් හලක්මය සුරපුරවත් නොවෙ න

න පු රු බස් කියන කල ගෙදර සිරික ත එ ඳු රු වී යාය යන බව දැන නිය ත රු ඳු රු දොසකටත් තද වදන නොකිය ත මෙයු රු ලිය වසන මුළු ගමට වැඩ වෙ ත

නි ර ය ට යවන්ටත් සුරපුර යැවී ම ට ක ර ද ර කරන්ටත් සිරිසැප දෙවි ම ට ලො ව ඇ ත රජුන්ටත් බැරිදේ යෙදී ම ට ලො ව නැ ත කතුන්ටත් බැරිදේ කිරී ම ට


එම බැවින් සියලු දුක සැප ගිහිගෙද ර අඹු වගෙන් ම වෙන බව දනු සැක නොක ර ලද හොතින් ලියක් යහපත් සැපෙකි නි ර රුදුලියක් වසන ගෙය වේය යමපු ර


11 වෙනි පරිච්ඡෙදය

[සංස්කරණය]

කැ රොලයින් මේ කව් ටික සුසානා හාමිනේට ලියා යැව්වේය. ජෝසප් පෙරේරා මෙය බලා ඉතා පුදුමයට පැමිණ මේ තරම් කාරණාකාරාණා දත් ස්ත්රිනයක් මෙකල සොයා ගැනීම දුෂ්කරය. ඉන්නිසා මැ විවාහකරගනිමැයි සිතා ස්වකීය මෑනියන්ටත් මැගේ දැනීම ගැන කියා මව්ද ඉතා සතුටුවූ බැවින් ඇල්ප්රිඩ් සිල්වාගෙන් කැරොලයින් කසාද බැඳ දෙන්ට සතුටුදැයි අසා යැව්වේය. ඇල්ප්රගඩ් සිල්වා කුමක් කරම්දැයි සිටින අතරට මේ විවාහය ඇසීම ගැන මහත් ප්රී තියට පැමිණ එදා රෑ ජෝසැප් පෙරේරලාගේ ගෙදරට පැමිණ ජෝසැප් පෙරේරාත් ඔහුගේ මෑනියන්ද අභිමුඛයේ මෙසේ කීය. “මගේ දුවනිය ‍ඉතා හොඳට හික්මී ඉගෙනනෙ ඉන්නා ළමයෙකි. මට දැනට කිසිම දායාදයක් දෙන්ට නැත. මේ මහත්මයා සතුටු නම් ලබන සතියේ නම් ප්රදසිද්ධ කරන්ට සතුටුවෙමි”යි කී විට ජෝසැප් පෙරේරාට කැරොලයින් ලැබෙතොත් අන්යට වස්තුවකුත් උවමනාදැයි සිතා “සිල්වා මහත්මයා දැන් අමාරු අඩියේ ඉඳගෙන මොන දෑවැද්දක් දෙන්ට ද? දෑවැද්දෙන් කමක් නැත. අනිද්දා (බ්ර හස්පතින්දා) නම් ප්ර්සිද්ධ කරමුදැ”යි කීය.

ඇල්ප්රදඩ් සිල්වා අබිෂේක ලද්දාක් මෙන් සතුටුව හොඳය කියා ගෙදරට ගොස් කැරොලයින් ළඟට කැඳවා “දුව අපේ නරක කාලය දැන් ටිකක් හොඳ අතර හැරෙන්නාක් මෙන් පෙනේ. උඹේ මෑනියෝ උඹට ඉගැන්නූ ශාස්ත්රටය නිසාම මගේ මේ දුප්පත් කාලයේත් උඹ වටිනා තරුණියක් උනා දැක්ම මට ප්රීමතියකි. මාත් සමග දැන් වෙළඳම් කරන ජෝසැප් පෙරේරා මහත්මයා උඹ කෙරේ ප්ර‍සන්නව උඹ කසාද බැඳීමට අහන්නේය. ඔහු වැදගත් පෙළපතකින් පැවතෙන පවුම් විසිතිස් දාහක දේ තිබෙන හොඳ කල්ක්රිෙයාවේ කෙනෙකි. අනිද්දා නම් ප්රපසිද්ධ කරන්ට නියමකර ගත්තෙමි”යි කීය. කැරොලයින් මේ වචන ටික අසමින් මුර්ජාවූවාක් මෙන් විය. මව්පියන් යටතේ ආචාර සමාචාර

සම්පන්නව ඇතිදැඩි වන තරුණියන් ළපටි අවස්ථාවේ යම් කෙනෙකු සමග පෙම් බැඳීමේ බරපතළ වරද මෙහිදී කැරොලයින්ට වැටහුණේය. නමුත් තමාගේ ස්ථිර වචනය දුන් විජයදාසට කුමක් කියම්දැයි කැරොලයින් මෙසේ සිතුවාය.

මාගේ පියා දැන් අමාරු‍වට පත්ව සිටින වේලාවේ පියාගේ කටයුතු වලට ආධාරකාරයෙක්ව සිටින ජෝසැප් පෙරේරා මහත්මයා සමග විවාහ වෙන්ට බැරිය කීවොත් ඉවසුම් ගුණයෙන් අඩු වූ පියා මාත් මරා ඔහුත් දිවි නසා ගැනීම අනුමාන නැත. අනික් අතට විජයදාස මහතාට දිවි යතත් අන්යමයෙකු සමග විවාහ නොවමැයි කී ස්ථිර පොරොන්දුවක් ද තිබේ. විජයදාස මහතාට වූ පොරොන්දුව ඉෂ්ට නොකළොත් “ස්ත්රීකහු ස්ථිර වචනයේ නොපිහිටි චපල වර්ගයක” කියන කථාව මගෙන්ද ස්ථිර වන්නේය. ඉතින් අහෝ! මම කුමන අවස්ථාවකට පැමිණියෙම්ද කියා සිතන්ට පටන්ගත් කැ‍රොලයින් ඒ සිතිවිලි නවත්වා රෑට උයා තිබුණු කෑම බීම ලෑස්තිකොට පියාණන්ටත් පුංචිමම්මාටත් මල්ලිටත් කන්ට දී නංගිලා දෙන්නත් සමග ඉතුරුවූ දේ කාබී සැළි වළන් පිඟන් කෝප්පාදිය සෝදා තැන්පත් කොට තබා නිදාගන්ට ගොස් මේ ගැන කල්පනා කරන්ට පටන් ගත්තාය.

පළමුවෙන් කැරොලයින් විජයදාසට යවන ලද ලියමනුත් විජයදාස විසින් ඈට එවන ලද ලියමනුත් සිහිකොට “අනේ මම මේ තරම් ස්ථිරවූ පෙ‍ාරොන්දුවක් වූයෙමි. මා සතුටු කිරීමට පිළිවන් මගේ ස්වාමිකමට සුදුසු තැනැත්තා විජයදාස මහතාමය. මගේ ප්රේේමවන්ත මෑනියන්ගේ පරම්පරාව දියුණු කිරීමටත් විජයදාස මහතාටම මම භාය්යාිැන ව වියයුතු වෙමි. මා නිසාම යම් දියුණුවකට පත්ව සිටින විජයදාස මහතා මා කෙ‍රේ මරණයෙන් වත් කඩා දමනු නොහැකි බද්ධ ප්රේිමයෙන් යුක්තව සිටින්නේය. මම යම් විදියකින් අන්යයයෙකු සමග විවාහවීමයයි ඔහු දැනගතහොත් එක්කෝ දිවිනසා ගන්නේය. එසේ නැතහොත් පිස්සෙක් වන්නේය. ඉතින් පුරාණ සිට පැවතෙන උතුම් පරම්පරාවකින් ඉතුරුව සිටින ආගම භක්තියෙන් හා ජාති හිතෛෂි භාවාදියෙන් යුත් ‍‍ධෛර්යමත් මේ සිංහල තරුණ මහතාගේ විනාශයට මම හේතුවීම නම් මට මෙලොවම එහි දුෂ්ට විපාකම පල දී මරණින් මතු අපායේත් ඉපදී අනන්ත අප්රවමාණ කාලයක් මුළුල්ලේ කටුක දුක් විඳීමට සිද්ධවන්නේය. අනික් අතට මගේ පියාට අමාරුව තිබෙන වේලාවේ පියාගේ නිදහස ගැනීමට මේ ලැබුනු වටිනා

මංගල්ය ය ඉෂ්ටකර ගැනීමට පියාට ඉ‍ඩ නොදීමත් බලවත් ඉවසිය නොහැකි අපරාධයක් වන්නේය. දැන් මම මේ අපරාධ දෙකින් එකක් කිරීමට ඒකාන්තයෙන්ම බැඳී සිටිමි. මම විජයදාස මහතාට වූ පොරොන්දුව කඩම්ද, අබයවික්රනම පෙළපත විනාශ කරම්ද නැතහෝත ම‍ගේ පියාගේත් මගේත් දිවි නැසීමට ඉඩදෙම්ද යනු සිතමින් පැයක් පමණ සිතිවිලි නමැති චණ්ඩමාරුතයෙන් උඩුයටිකුරුව භ්රයමණය වන්නාවූ කැරොලයින්ට සිහි නැති විය.

‍පැය දෙකක් පමණ මෙසේ යහනේ සිට නැවතත් සිහිය ඉපදුණ බැවින් කල්පනා කරන්ට ගත්තාය. මගේ පියා ඉතා දුෂ්ටතයෙක් වුනත් ආදර ගෞරව සංග්රාහ කිරීම මගේ යුතුකමකි. නමුත් ගුණ ධර්මාදිය කිසිත් නොසලකන මගේ පියා අපේ විනාශයටද මුල්කාරයෙකි. මගේ මෑණියනගේ උතුම් ගුණයත් මනා දැනීමත් නිසා පියා දියුණුවූ නමුත් එසේ ම දියුණුවීමට මූලිකවූ මගේ මාමාට බලවත් විරුද්ධවාදී කම් දැක්වූ මගේ පියා එක අතකින් කොහෙත්ම සැලකිය යුත්තෙක් නොවේය. මම ළපටි කාලයේම මව්පියන්ගේ කැමැත්තක් නැතිව කෙනෙකුට විවාහ බස් දීම වරදක් බැව් සැබෑය. නමුත් මා විසින් එසේ කරන ලද්දේ ළාමකවූ රාග චේතනාවෙන්ම නොව ගුණධර්මයත් ශාස්ත්ර්යත් උසස් පරම්පරාවත් ගරු කිරීමෙන්ය. ඉන්නිසා සංසාරගතව අවිවජින්නව එන ම‍ගේ ස්වාමි පුරුෂයාණන් වන විජයදාස අබය වික්ර්ම මහතාට මා දුන් වචනය නොකඩමි. පියා මා මැරුවත් මට කමක් නැත්තේය. “ඇත්ත කියනු ගෑනු ලොව නැත” කියන කථාව මම බොරු කරන්නෙමි.

මා මළත් විජයදාස මහතා ඒ නිසා දිවිනසා ගන්නේ වත් පිස්සෙක් වන්නේවත් නැත. නමුත් මම අන්යි පුරුෂයෙකු සමග ගියොත් ඔහු ඒ දෙකින් එකක් නොඅනුමානවම කරන්නේය. ඉන්නිසා මේ මඟුල ගැන මම අසතුටු බැව් පියාට දැනුම් දෙන්නෙමියි තීන්දු කරගනෙ නිදාගත්තාය. කැරොලයින් රැයින් නැගිට ගෙයත් මිදුලත් හොඳට අතුගා සුද්ධපවිත්රා කොට ඇඳ පුටු මේස ආදියත් පිසදමා ඒ ඒ දේ ඒ ඒ තැන තබා ඉක්බිති මුහුණත් අතපයත් හොඳට සෝදා ගෙන හිස පීරාගෙන ඇඳ තිබුණු රෙදි හැට්ට ඉවත් කර පිරිසිදු රෙද්දක් හා හැට්ටයක් ඇඳගෙන උදේට සූදානම් කළ කෑමත් තේවතුරත් ගෙදරට සිටින සියල්ලන්ට දී සියලුම වතාවත් ‍ෙකළේය. පියා වේල්ලේ වීථියේ පිහිටි ස්වකීය වෙළදාම්පළට ගියේය. ඉක්බිති කැරොලයින් මේ ලියමන ලීවාය.


ප්රේයමවන්ත පියාණනි,

ඔබතුමා සමග ඉදිරිපිට දී කියන්ට බැරි නිසා මේ ලියමන ලියන්ට අවසර ඉල්ලා සිටිමි. අම්මා ජීවත්ව සිටින කාලයේ මට නොයෙක් කාරණා කියා තිබේ. එයින් එකක් නම් මගේ කේන්ද්ර්යේ හැටියට අවුරුදු 21 ක් වන තුරු විවාහයකට බැ‍ඳෙන්ට එපාය කීමයි. දැන් මට වයස අවුරුදු 18 කි. තව අවුරුදු 3 ක් වන තුරු විවාහවිම මගේ ජිවිතයට අන්තරාවක් බව අම්මා කියා තිබේ. ඉන්නිසා හෙට ‍නම් ප්රාසිද්ධ කිරීම නවත්වා ටිකක් ඉවසන මෙන් බැගෑපත්ව ඉල්ලමි.

මේ වගට - යටහත් කීකරු, කැරොලයින්.

කැරොලයින් මේ ලියමන ලියා මල්ලී අත ස්වකීය පියාට යවන ලදි. ඇල්ප්රිඩ් සිල්වාත් ජෝසප් පෙරේරාත් දෙන්නා කතාකරමින් සිටින වේලාවට මේ ලියමන ගෙන ගියේය. ඇල්ප්රේඩ් සිල්වා ලියුම කඩා බලා මහත් කෝපයට පැමිණ ‍ජෝසප් පෙරේරා අතට දී “බලන්ට මහත්මයා ගෑනු ළමයින්ට අකුරු ශාස්ත්රි ඉගැන්වීමේ නරක්කම? මෑට මේ ශාස්ත්ර් පුරුදු නොකළා නම් මේ වැඩිපුර කථා මොකුත් නැතුව අප නිදහස් කළ කාරණය අපේ සිත්වු පරිදි කර ගන්ට ලැබෙනවා නොවේද? බලන්ට ඉතින් මම කොහොම සැනසී සිටිම්ද”යි කීවාය. එවිට ජෝසප් පෙරේරා සිනාසී “සිල්වා මහත්මයා කෝපවෙන්ට එපා. ඒ ළමයාට අකුරු නූගන්වා සිටියා නම් උසස් ධර්මශාස්ත්රම නූගැන්නුවා නම් එළදෙනක‍ මෙන් කියන කරන කෝකටත් හා හූ කියා අන්තිමේදී මහත් ව්යානසනයට පත්වෙනවාය. ඒ ළමයාට ඉගැන්නූ නිසාම යුක්තායුක්ත තේරී කථා කරනවාය. තමා උගත් ශාස්ත්රකයේ හැටියටත් තමා‍ගේ උගත් මෑනියන්ගේ කීමේ හැටියටත් ක්රි යා කරන ඒ ළමයා ඉතා ඥානවන්තියෙකි. විවාහය ප්ර මාද කරන්ට කීවා මිස අනිකක් කියා නැත. සිල්වා මහ්තමයා මේ දුවනිය ගැන තරහාවෙනවා වෙනුවට සතුටු විය යුතුයි” කියා සිල්වා උන්නැහේගේ කෝපය සතුටට හරවා ජෝසප් පෙරේරා ගෙදර ගියේය. ජෝසප් පෙරේරා ගෙදර ගියේ අනිකකට නොව කැරොලයින් කෙරෙහි පැවතියාට වඩා බලවත් ප්රේපමයක් ඇතිවීමෙන් ඒ ගැන කල්පනා කරන පිණිසයි.

“දැඩි වුව රිවි රැ සා පුබුදු වෙයි නෙක පියුම් සර සා”


කීවාක් මෙන් කැරොලයින්ගේ ගැඹුරු කල්පනාව දැනගන්ට ගන්ට ජෝසප් පෙරේරා වැනි යමක් කමක් දැනගත් කෙනෙකුගේ සිතෙහි ප්රේ මය ඈ කෙරෙහි දැඩි වන්නේමය. ජෝසප් පෙරේරා මෙසේ සිතුවේය. “කැරොලයින් මා සිතුවාට වඩා යහපත් තරුණියෙකි. මෑ තව තුන් වර්ෂ්යනක් යන තුරු කසාද නොබදින බව කියන්නීය. නමුත් තුන් අවුරුද්දක් තබා පස් සඅවුරුද්දක් පසු වෙලාවත් මට මෑ ලබාගත හැකි වීනම් ඒ පුමාදයෙන් මට ඇතිවිය හැකිවු පාඩුවක් නැත. එසේද උවත් මැගේ යම් ප්රේෙමවන්තයෙක් ඉන්නා නිසා ඔහු සමග යන පිණිස මෙසේ කල්පසු කරණු සඳහා වංචාවක් කළාදැයි නොදනිමියි. සිතා ඇල්ප්රමඩ් සිල්වාගේ දෙවෙනි භාය්යාාද ව මාර්ගරැට් කුරේ සම්භවෙන පිණිස ගියේය. ජෝසප් පෙ‍රේරා කැරොලයින්ලාගේ ගෙදරට ගිය හැටියේම සමාදරයෙන් පිලිගනු ලැබුයේය. කැරොලයින්ද ඉදිරියට පැමිණ සතුටු වියයුතු කථාබස් කෙළේය. මාර්ගරැට් කුරේ සමග ටිකක් කථාකරන්ට උවමනා බව ජෝසප් පෙරේරා කීය. ඉක්බිති කැරොලයින් මගඅරවා ජෝසප් පෙරේරා මාර්ගරැට් කුරේගෙන් කැරොලයින්ගේ යම් කිසි ප්රේරමවන්තයෙක් ඉන්නේද, ඒ ගැන මොකුත් දන්නාවාදැයි ඇසීය. එවිට කැරොලයින්ගේ නොකිලිටි ජීවිතය කිලුටු කිරීමට ඉඩක් සොයමින් සිටි මේ හැතිරිට ලැබුණේ හොඳ ප්රගස්ථාවක් බැවින් මෙසේ කියන්ට පටන් ගත්තාය.

“මොනවද මහත්මයා, මේ ළමයා ඉතාමත් අකීකරු කෙළවරක් නැති ප්රේමමවන්තයන් සමග ලියුම් ගනු දෙනු කර ගනිමින් ඉන්නා කෙනෙකි. ඇගේ මව් මැරෙන්ට ඉස්සර හිටන් කොහේදෝ ගැටයෙක් සමග ලියුම් ගණුදෙනු කරමින් හිටලා එක ලියුමක් පියාට අසුවෙලා කෝලාහලවෙලා එයින්ම ඇගේ මව්ටත් අන්තරා වුනේය. මැගේ නොපනත් ක්රිායා නිසාම අම්මාවත් මරාගත්තාය. ඒ කාලේ කුට්ටුව සිටි අය දැන් කොහේද කියා මම දන්නේ නැත. නමුත් දැනට හොර ලියුම් ගනුදෙනු කරන්නන් නම් කෙළවරක් නැත. පප්පා ඉක්මනට කසාද බඳවා දෙන්ට හදන්නේත් ඒ නිසාමය”යි කීය. ජෝසප් පෙරේරා මේ කථාව අධික ලෙස බරපතළ කර කියන ලද්දක් බැව් තේරුම් ගත් නමුත් කැරොලයින්ට ප්රේ මවන්තයෙකු සිටින බව තේරුම් ගත්තේය. ඉතින් ජෝසප් පෙරේරාගේ හිතට කැරොලයින් ස්වකීය පියාට යවන ලද ලියමන වංචාවක්යයි හැඟුණේය. කැරොලයින්ට ප්රේසමවන්තයෙකු සිටින බව තේරුම්ගත් විට ‍ජෝසප්


පෙරේරා ඈ කෙරෙහි ඇතිකළ ‍ආලය අත් හරින්ට යුතුව තිබුණු නමුත් වඩ වඩා ඈ කෙරෙහි ආලය ඇතිකරන්ට පටන් ගත්තේය.

අහෝ රාගයක තුච්ඡකම? යම් මිනිහෙක් තමාගේ සිත ඇලීමට හේතුවූ යම් ස්ත්රිගයක් දුටුයේද, ඈ වෙතට නොයායුතු බවට දක්නා සියලුම කරුණු යටපත් කර දමා ඇය ලැබැගැනීමට උපක්රේම යොදන්නේය. දරුණු රෝගාදියෙන් පීඩිත තැනැත්තියක් උවත් කෙනෙකු සමග පොරොන්දුවී සිටින ගෘහණියක් උවත්, යම් පුරුෂයෙකුගේ හිතට රුචිනම් ඈ ලබාගැනිමට උත්සාහ කරන්නෝ කොපමණ සිටිද්ද? මෑ වෙශ්යාාවියෙක, මෑ කෙනෙකු සමග විවාහවීමට සිටින්නියක, මෑ ස්වාමිපුරුෂයා යටතේ සිටින ගෘහණියෙක, ඒ නිසා මෑ සහ එක්වීමට ව්යා යාම කරීම අධර්මයෙක, අකුසලයක සිතන්නෝ ලෝකයෙහි ඉතා දුර්ලභ වන්නාහ. රාගය, ද්වේෂය, මෝහය යන තුනින් සත්වයා අන්ධකරන බව, නොමග යවන බව සියල්ල දැන වදාළ සර්වඥයන් වහන්සේ ප්රහකාශ කළ නමුත් ඒ ධර්මය පවතින කාලයේ ඉපිද සිටින මනුෂ්යහයාත් ජාත්යශන්ධයන් මෙන් ක්රි යා කිරීම ඛේදයට කාරණාමය. ජෝසප් පෙරේරා කැරොලයින්ලාගේ ගෙදරින් පිටත්ව වේල්ලවීදියේ වෙළද ශාලාවට පැමිණ ඇල්ප්රයඩ් සිල්වාට මෙසේ කීය. කැරොලියින් කර තිබෙන්නේ වංචාවකි. කැරොලයින්ට පුංචි කාලේ මිත්රවවූ කෙනෙක් සිටිනවාට අනුමාන නැත. ඉන්නිසා අපි වහාම නම් ප්රිසිද්ධකර මාසයකින් දෙකකින් කසාද බඳිමු දැයි ඇසීය.

එවිට ඇල්ප්ර ඩ් සිල්වා ඔව් මහත්මයා, කැරොලයින්ගේ මව් සිටින කාලේ ඔවුන්ගේ නෑයෙකු වන විජයදාස කියා ළමයෙකු සමග මිත්ර ව සිටි බව එක් ලියමනකින් මටත් දැනගන්ට ලැබුණා. ඒ විජයදාස දැන් කොළඹ නැත. ඔහු එනතුරා මෑ කල්ගන්ට මට මේ ලියුම එවා තිබේ. මහත්මයා කැමති නම් අදම නම් ප්රුසිද්ධ කරන්නෙමි”යි කීය. දෙදෙනාම ඒ ගැන සතුටුව රිජිෂ්ටර් කන්තෝරුවට ගොස් නම් ප්රරසිද්ධ කොට ආයේය. ජෝසප් පෙරේ‍රා තමන්ගේ ගෙදරට ගොස් මෑනියන්ට කියනුයේ “අම්මේ මම අද ‍කැරොලයින් කසාද බැඳීම පිණිස නම් ප්රිසිද්ධ කෙළෙමි. කැරොලයින්ගේ මව් සිටින කාලේ යම් කිසිවෙකු සමග කරගත් ගිවිසුමක් තිබෙන්නා වාගේ පෙනෙනවාය ඉන්නිසා උඹ ඔවුන්ගේ ගෙදරට ‍දවසකට දෙකකට වරක් ගොස් කැරොලයින්ගේ සිත සතුටු කර ගතමැනව”යි කීය. ස්ත්රීල මායම් හොඳින් දත් සුසානා හාමිනේ ද “හොඳයි පුතා, ළමිස්සියන්ගේ පොරොන්දු මොනවාද, මම ඈ සතුටු කරවමි”යි කිය පුතා අස්වසා

උදේම ඇල්ප්රේඩ් සිල්වාගේ නිවසට ගියාය.

මේ නම් ප්රරසිද්ධකළ වගක් ඇල්ප්රසඩ් සිල්වා ගෙදරදී නොකී බැවින් ඒ ගැන කැරොලයින් නොදැන සිටියේය. සුසානා හාමිනේ ආ හැටියේ කැරොලයින් ඉතා ගරු බුහුමනින් පිළිගෙන සතුටුසාමිචි කථා පැවැත්තුවාය. සුසාන හාමිනේ ගෙනගිය රත්රන් මාලයකුත් පටරෙද්දකුත් කැරොලයින් අතට දී “මෙන්න දුව, උඹට උඹේ මහත්මයා මේ සතුටු පඬුරු එව්වාය. උන්නැහේටම එන්ට ලැජ්ජා නිසා මා අත එව්වාය”යි කියා ඒ මාලයත් පට රෙද්දත් කැරොලයින්ට දුන්නාය. කැරොලයින්ගේ හිත තදින් භයට පත්වී මට තවම මහත්මයෙක් නැත. හාමිනේ කියන්නේ මොන මහත්මයෙක් ගැනදැයි ඇසුවාය. එවිට සුසානා හාමිනේ, දුව උඹ තවම දන්නේ නැද්ද? ඊයේ උඹත් මගේ පුතත් කසාද බඳින පිණිස නම් ප්රතසිද්ධකර තිබේ. තව මාසයකට මෙහාදී උඹලාගේ මංගල්ය ය සිද්ධවන්නේ යයි කීය. මේ වචන අසමින් මුර්ජාවට පත් කැරොලයින් මාලයත් පට රෙද්දත් අරගෙන මේසේ උඩ තබා මලානික ස්වභාවයෙන් දුස්සිය පැත්තට ගියාය. ටික වේලාවක් කැරොලයින් එළියට නොඑනු දුටු සුසානා හාමිනේ කුස්සියට ගොස් එහි මුල්ලක වාඩිවී සිටින කැරොලයන් අතින් අල්වාගෙන එළියට අවුත් ස‍ාලේ තබා ‍තිබෙන කවිච්චිය උඩ වාඩිකරවාගෙන හිස සිඹ දුව, උඹ කණගාටුවට පත්වුනාක් මෙන් ඉන්නේ මක් නිසාදැයි ඇසුවාය. දෙනෙතින් වැගිරෙන කඳුළු ධාරායෙන් යුත් කැරොලයින් මගේ මියගිය මෑනියන්ගේ ඉල්ලීම ඉෂ්ටකරන්ට බැරුවාට මම කණගාටු වෙමි. වෙන කාරණාවක් නිසා නොවේ යයි කීය. එබස් ඇසූ සුසානාහාමිනේ දුව අපිත් උඹ වගේ තරුණ වයසෙහි සිටියෙමු. ළපට් කාලයේ යම් කෙනෙකුට ටිකක්වත් ආදරය කළොත් එය කඩාදමා ගැනීම අමාරුය. නමුත් ඉසේ කොටා තිබෙන දෙයක් සිද්ධවෙනවා මිස අපේ හිතේ තිබෙන දෙයක් වෙන්නේ නැත. මගේ පුතා උඹට සෑහෙන ළමයෙකි. අපට තිබෙන තරමක් පවුන් විසිතිස් දාහක දේ උමටම අයිතිවෙනවාය. ජෝසප් මත්පැන් ඇදිය නොබොන ගුණධර්මය ගරු කරන යුරෝපීය දේවලට කැමති නැති සිංහල දරුවෙකි. උඹ ගැනම ඔහු ඒ තරම් ඇලී තිබෙන්නෙත් උඹේ සිංහලකමටත් ගුණයටත්මය. එසේ නැතුව ඉංග්රීමසි විදියට ඇතිදැඩි වෙච්ච ගෙදරවල් කීපයකින්ම පවුන් දෙතුන් දාහේ දෑවැද්දත් සමග මගේ පුතාට මඟුල් කතා කළෝය. මමත් පුතත් ඊට කොහෙත්ම කැමති නැතුව කිසිම දෑවැද්දක් නැතුව මතුවට කිසිම

බූදලයක් ගැන බලාපොරොත්තුවකුත් නැතුව උඹ ගැන සතුටුවී ඉන්නේ උඹේ නිරහංකාරකම, චාන් ගතිය නිසාය. ඉතින් උඹ මේ ගැන අසතුටු මන්ද?”කියා කීවාය. එවිට කැරොලයින් “මගේ මෑනියන් විසින් මට මිනිහෙකු නියම කර තිබේ. ඔහු හිඟන්නෙක් වුනත් ඔහු සමග යන බවට මම පො‍ෙරාන්දුවී සිටිමි. සල්ලි හෝ වෙනවෙන දේ ලැබෙන පළියට කලින් අදහස්කළ දේ වෙනස් කිරීමත් කලින් පැවති ගුණධර්ම වෙනස් කිරීමත් ස්ථිර ගුණයෙහි පිහිටියන්ගේ යුතුකමක් නොවේ. දැන් කාලයේ සමහර සිංහලයෝ මුදල්හදල් නිසා ස්වකීය ආගම අත්හරිති. ගෑනු නිසා ආගම අත්හරින ජඩයොත්, පුරුෂයෙකු නිසා ආගම අත්හරින ජඩ ස්ත්රි යොත් අපේ රටේ සිටිති. සිංහලයන්ට දැන් ජාතියක් නැත. ජාතික ආගමක් නැත. ජාතික සිරිතක් නැත.කුලධර්මයක් නැත. ස්ථිර ගුණයක් නැත කියන්නේ ඔවුන් පැයින් පැයට මොහොතින් මොහොතට වෙනස්වෙන නිසාමයි. සත්ය වචනයත් ස්ථීර ගුණයත්, උතුම් ආගමත්, නිසා ජිවිතය පවා පුදන සිංහල ජනයා පුරාණ විසුවෝය. ඒ නිසාම අවුරුදු 2454 ක් අප ජාතිය පැවතවිත් තිබේ. දැන් ජාතිය දුරුවලව සංකරව ගියේ ඒ ගුනවන්තයන් විරලවූ නිසාවෙනි. මුදල් ටිකක් වැඩිවුනාම මුදලි නමක් ගන්ට උවමනා වුනාම, තමාට ප්ර ත්යවක්ෂ ලෙස වැටහී තිබුණ සත්යාලගම පවා අත්හරින චපලයෝ අ‍ප ජාතියේ සිටිති. යුරෝපීය නිලධාරීන්ගේ මූණ සතුටු කිරීම පිණිස අසත්යා ප්රෝලාපයක් බව දැන දැන ක්රිාස්තියානිව ඉන්නෝ කීදෙනෙක්ද? මුදලිකමගන්ට නයිට්කම ගන්ට සිතාගෙන දහස් ගණන් ලක්ෂ ගණන් ධනයත් පුදා ස්වකීය ආගම, ජාතිය, සිරිත් අත්හළ අය කීදෙනෙක්ද? මුදල් නිසා මිථ්යාීදෘෂ්ටියට දූවරුන් කැපකළහු කීදෙනෙක්ද? පළමුවෙනි පංක්තියට යන පිණිස ආගමත් කුල සිරිතුත් කැලපකළ කීදෙනෙක් අප ‍රටේ සිටිද්ද? ඉතින් මම කෙතරම් දුර්වල වුනත් කාලකන්නියක් උනත් මගේ ස්ථිර වචනයත් මගේ මැනියන්ගේ උතුම් අවවාදයත් රැක ගනිමි. මා හත්කඩකට කැපුවත් හාමිනේ කියන පරිදි මගේ ස්ථිර ප්රේගමය නොකඩමි. මම හාමිනේගේ පුතා සමග ගොස් අවුරුදු 100 ක් රජසැප සමාන සැප වින්දත් මැරෙනවා ඒකාන්තමය. නමුත් මගේ ස්ථිර ගුණයෙන් යුක්තව අද මැරීම චපල බොරුකාරියක්ව අවුරුදු 100 ක් ජීවත්ව මැරෙනවාට වඩා මට මෙලෝ පරලෝ දෙකටම හිත සැප පිනිස වන්නේයයි කීවාය. සුසානා හාමිනේ කැරොලයින්ගේ පුදුම කථාව අසා සිට කිසිවක්


කියන්ට අසමර්ථව එළියට අවුත් මර්ගරැට් කුරේට රුහුනු රටේ උපන් ගෑනුන්ගේ හැටි දුටුවාදැයි කිය. එවිට මාර්ගරැට කුරේ “මොනවාද හාමිනේ ඇඟිල්ලේ තරමට වඩා ඉදිමුනොත් එය පැලී විනාශවෙනවාය. ඔය ගෑනු ළමයා උවමනාවට වඩා උගත් හැටපැහිච්ච ගෑනියෙකි. ඔය ගැන හාමිනේලා මොනවාට විපරම් කරනවාදැ”යි කීවාය. ඉක්බිති බලවත් ලෙස හිත නරක් කරගෙන සුසානා හාමිනේ ස්වකීය නිවසට යන්ට ගියාය. ඇල්ප්රලඩ් සිල්වාත් ජෝසප් පෙරේරාත් දෙන්නාම එකම කරත්තයෙන් ජෝසප් පෙරේරාලා ගේ ගෙදරට ආහ. සුසානා හාමිනේ කනස්සල්ලෙන් ඉඳිනු දැක ජෝසප් පෙරේ‍රා “මොකද අම්මා කැරොලයින් නෝනා සම්බවෙන්ට ගියාද, ඒ ළමයා සතුටු නැතුවාදැ”යි ඇසුයේය. එවිට සුසානා හාමිනේ කැරොලයින්ගේ පියාට කථාකොට දුවනිය කව්දෝ තරුණයෙකුට වචනය දී දිවි යතත් එය ඉෂ්ට කරන බවම කියන්නිය. දැන් වෙන පලහිලව් ජෝඩු නොකර ඒ ළමයාට උවමනා හැටියක් කරගන්ට ඉඩදිය යුතුය”යි කීය. මේ කථාව ඇසූ ඇල්ප්රඋඩ් සිල්වාගේ හිතට වන් ක්රෝයධයේ වේගයෙන් ඔහුගේ හෘදය දෙදරා ගියේය. ජෝසප් පෙරේරා ද පුදුමයට පැමිණ කාමරයට ගොස් ඔහුගේ ඇඳුම් ලිහුවේය. ඇල්ප්රසඩ් සිල්වා ක්රෝපධයෙන් දිලිහෙමින් බීම සාප්පුවට ගොස් නොසෑහෙන තරම් බී තව විෂ්කි බෝතලයක් ද රැගෙණ රික්ෂෝ එකක නැගී යන්තම් ගෙදර යාගත්තේය. ඔහු ගෙදර ගියේ කැරොලයින්ට අන්තරා කරන කල්පනාවෙනි. නමත් මත්වීම කෙතරම්ද කීවොත් ඔහුගේ ශරීරයවත් ඔහුට හසුරුවාගත නොහැකිවිය. එසේ අමාරුවට පැමිණ ඇඳක් උඩ වැටිලත් ඉඳිමින් ගෙන ගිය විෂ්කි බෝතලයෙනුත් කාලක් පමණ බීවේය. මෙසේ බී ඔහු නිදාගත්තේය. ඔහුරගේ දෙවෙනි භාය්යාක් උව (මාර්ගරැට් කුරේ) ස්වකීය පුංචි පුත්ර්යාත් සමග කාමරයකට වෙලා නිදාගත්තාය. කැරොලයින් නැගනිලා දෙන්නත් මල්ලිත් සමග බියපත්ව කොටියෙකු මෙන් සෙම දමමින් නිදාසිටින පියා ළඟට එන්ට බියවූහ. ඇල්ප්රාඩ් සිල්වාගේ හිතට ආ අධික ක්රෝ්ධයත් අදික ලෙස මත්පැන් බීමත් කරණකොටගෙන ඔහුගේ හෘදවස්තුවේ ලේ ධාවනය් නැවතී ඔහු රෑ දොළහට මිය ගියේය. නමුත් එදා පහන් වන තුරු මේ බව කිසිවෙක් නොදත්තේය.



12 වෙනි පරිච්ඡෙදය

[සංස්කරණය]

උ දේ පහට පමණ කැරොලයින් නැගිට ස්වකීය පියා බීමත්ව නිදාසිටි ඇඳ ළඟට ඇවිත් සෝදිසි කරන අතර කාලක්රිියා කර තිබෙන බැව් දැන හඬන්ට පටන්ගත් විට මාර්ගරැට් කුරේ හා අනික් ළමෝ ද නැගිට හඬන්ට පටන් ගත්තෝය. අසල්වාසීන්ටද දැනගන්ට ලැබී මේ බව කොළඹ ප්රතසිද්ධ විය. ඇල්ප්රෙඩ් සිල්වා සමග එකට වෙළඳාම් කරන බැවින් හා කැරොලයින් කෙරේ ප්රේෝමයෙන් සිටින හෙයිනුත් ජෝසප් ‍පෙරේරාද වහාම අවුත් කැරොලයින් ආදී ළමයින්ට ‍සැනසිලිදායක අවවාද දී ඇල්ප්රේඩ් සිල්වා‍ගේ මෘත දේහය ගරුබුහුමන් ඇතුව භූමිදාන කරන ලද්දේය. ඒ පමණකුත් නොව වෙළඳාමෙන් ඇල්ප්ර ඩ් සිල්වාට එන්ට තිබුනු රු: 750 ක් පමණවු මුදලද ජෝසප් පෙරේරා වහාම ගෙනවුත් එයින් මාර්ගරැට් කුරේටත් ඉතිරි කොටස ඇල්ප්රමඩ් සිල්වාගේ දරුවන් හතරදෙනාටත් දුන්නේය. මාර්ගරැට් කුරේ තමාගේ මුදල් කොටසත් ගෙදර තිබුනු හොඳ හොඳ බඩු ටිකත් රැ ගෙන අට දිනකට පසු ඔවුන්ගේ කොටහේනේ පිහිටි ගෙදරට යන්ට ගියාය. කැරොලයින්ලා ඔවුන්ටක ලැබුනු මුදලෙන් පියාණන් වෙනුවෙන් පින්කමක්ද කොට එහිම විසුවාය. එසේ වසන කල ගේ අයිති වික්රෙමසිංහ මහතා අවුත් මසකට රුපියල් 50 ක් පමණ කුලී ගතහැකි ‍මේ ගෙය නුඹලාට දෙන්ටත් බැරිය. ඊටත් වඩා මෙය නුඹලාට උවමනාවට වඩා ලොකුය කියා කොම්පඤ්ඤ වීදියෙන් මසකට රු.8 ක් කුලී ගෙවන පුංචි ගෙයක් රැගෙන දී එහි පදිංචිකරවූවාය. කැරොලයින්ලා එම ගෙදරට ගොස් දහපහළොස් දිනකට පසු ජෝසප් පෙරේරා කැරෙලයින්ට මෙසේ ලියා යැව්වේය.

කරුණාවන්ත කැරොලයින්,

උඹ දැන් අමාරු අවස්ථාවේ සිටින බව දනිමි. උඹලාට කිසිම ආරක්ෂාවක් ද නැත. උඹත් උඹේ තරුණ වයසට පත් නැගනියන් දෙදෙනත් අවුරුදු 12 ක් පමණවන ළපටි මලයත් ආරක්ෂා කර ගැනීමට මගක් නැති බව මම දන්නා හෙයින් ඉතාමත් කණගාටු වෙමි. දැන් නුඹලාගේ පවුලේ භාරව සම්පූර්ණයෙන් උඹ කසාද බඳින අයටම දරන්ට වේ. ඒ ‍කොයිහැටි උනත් උඹ සතුටු නම් මම ඒ අමාරුව භාරගන්නෙමි. මීට මේ එන අය අතම පිළිතුරු එවනු.

මේ වගට, ජෝසප් පෙරේරා.


කැරොලයින්ට මේ ලියමන ලැබුණු හැටියේම ඇස්වලින් කඳුළු ආය. ජෝසප් පෙරේරා මහත්මයා කරන්ට හදන්නේ නම් බලවත් උපකාරයකි. අපට දැන් යනමං නැතිව සිටිමු. විජයදාස මහතා කොයි ගියේද දන්නෙත් නැත. මාත් නැගනියන් දෙදෙනත් ළමිස්සියෝය. මල්ලි පුංචි කොලුවෙකි. මම නම් කෑවත් නොකෑවත් පැමිණෙන තරම් දුක් විඳගෙන ඉන්ට දනිමි. නමුත් ගුණධර්මයට ඇති දැඩි ‍නුවූ මගේ නංගිලා දෙදෙනා තරුණ මදයෙන් මත්ව සිටින බැවින් කෙබඳු අනාචාරයෙක හැසිරෙද්ද කෙබඳු අය සමග එක්ව යද්දැයි කිව නොහැකිය. ඉන්නිසා ජෝසප් ‍පෙරේරා මහතාට කැමති වූවහෝත මේ අවනම්බුවෙන් ගැලවෙන්ට පිළිවනැයි සිතා නැවත්ත මෙසේ කල්පනා කෙළේය. විජයදාස මහතා සමග පොරොන්දුවට බැඳී දස අවුරුද්දක් පමණ වේ. ඒ කාලයේ සිට මේ දක්වා මම ස්ථිර පොරොන්දුව ආරක්ෂා කරනු සඳහා නොවිඳි දුකක් නැත්තේය. සත්යාය රක්ෂා කිරීමට වඩා උතුම් ගුණයක් ද ලෝකේ නැත. ඉන්නිසා කුමකින් කුමක් වූවත් විජයදාස මහතා වෙනුවෙන්ම නසිමියි තීන්දු කරගන ජෝසප් පෙරේරාට මේ ලියමන ලීවාය.

ප්රිරය මහතාණෙනි,

තමුන්නාන්සේ මා කෙරෙහිත් අපේ පවුල කෙරෙහිත් දැක්වූ අනුකම්පාව නිසා තමුන්නාන්සේට නිවන් සැප ලැබේවා. තමුන්නාන්සේ කැමති නම් මගේ නැගනිය (ඇ‍ඩලේඩ්) කසාද බැඳගත මැනවි. මා මිට ප්රමථමයෙන් වෙලා තිබෙන පොරොන්දුව කොයි අන්දමකින්වත් නොක‍ඩමි. අමනාප නොවනු මැනවි.

මේ වගට - යටහත් කීකරු, කැරොලයින්.

මේ ලියමන ජෝසප් පෙරේරාට ලැබී කියවා බලා පුදුමයට පැමිණ මට මැගේ නැගනිය ඇඩලේඩ් කසාද බැඳගැනීමට කියන්නීය. ඇ‍ඩලේඩ්ට වඩා රූප ලක්ෂණ ඇති පොහොසත් ගෑනියෙක් මට කසාද බැඳගත හැක්කේය. කැරොලයින් ඤාණවන්ත වූ ගුණ ධර්ම දත් කෙනෙක් නිසාත්, රූපශ්රීනයෙන් අගපත් තරුණියක් නිසාත් ඈම මිසක් මට අනිකෙකුගෙන් උවමනා නැත. මෑ දැන් ඉතා අමාරු අවස්ථාවේ නිසා කැමති කරවා ගන්ට පිළිවනියි මෙසේ ලියා යැවිය. කැරොලයින් නෝනා,

උඹේ ලියමන ලැබුණා. උඹ මට උඹේ නැගනිය පවාදෙන්ට හදන්ට කමක් නැහැ. උඹ බලා ඉන්නා විජයදාස ඒ ද නේ ද කොහේ ගියා දැයි කවුරු දනිද්ද? මෝඩකම් කළ නමුත් නැවත නැවත කිරීම බලවත් වැරැද්දකි. උඹ පසුතැවිල්ලට පත් නොවී වහාම උඹේ සතුට දන්වා එවාපන්.

මේ වගට - හිතෛෂි, ජෝසප් පෙරේරා.

කැරොලයින්ට මේ ලියමන ලැබුණු හැටියේ හිතට ඉතා අමාරු විය. නැගනිය ජෝසප් පෙරේරාට පාවාදී නම්බුව ප්ර වේසම් කරගන්ට සිතාගෙන සිටි නමුත් ඊට සතුටු නැති බව දැන ගත් හැටියේම හිතට ආ අමාරුව කොපමණදැයි මේ කියවන්නන්ට වැටහෙනවා ඇත. නමුත් කැරොලයින් තමාට පසුතැවිල්ලට පත්වෙන්ට තිබෙන බැව් කියා තිබෙන හෙයින් ඒ කවර ධර්මියකින් දැයි සිතා මෙසේ කල්පනා කළාය. තථාගතවූ බුදුරජාණන් වහන්සේ ජනසන්ථව ජාතකයෙහිදී පසුතැවිල්ලට හේතුවූ ධර්මද දහයක් ප්රනකාශකර වදාරණ ලදි. මම ඒ දශයෙන් එකක් වත් කඩ නොකළෙමි. ඒ හෙයින් මට පසුතැවිල්ලට යෙදුනොත් මගේ පූර්වකකර්මකයකින් විනා මෙලොවදී කරනලද වැරැද්දකින් නොවේය. පූර්වර කර්ම්ය ගැන දැන් කරන්ට කිසිත් නැත. නමුත් මෙලෝ වශයෙන් නම් පසුතැ‍විල්ලට හේතු කිසිවක් නොකෙළෙමිය. ඒ හෙයින් කණගාටු නොවෙමියි සිතා ජෝසප් පෙරේරාට මෙසේ ලියා යැවීය.

මහත්මයාණෙනි,

තමුන්නාන්සේ අපේ නැගනියන් කසාද බදින්ට කැමති නම් එසේ කරන්ට, නැතහොත් කමක් නැත. මට පසුතැවිලි වෙන්ට වෙන බව තමුන්නාන්සේ කියත්ත පසුතැවිලි වෙන්ට හේතු කාරණා වශයෙන් එකක් වත් නොකෙළෙමි. ශාස්තෘවූ අපේ බුදුරජාණන් වහන්සේ විසින් වදාරණ ලද ඒ පසුතැවිල්ලි ධර්ම ය නම් මෙසේය-

දශ ඛලු ඉමානි ධානානි යානි පුබ්බේ අකරිත්වා, සපච්ඡා මනු තප්පති ඉව්වාහ රාජාජනසංථො.

භාවය - මේ මතු දක්වන්නවු කාරණා දසය ඒකාන්තයෙන් දැන පිළිපැද්ද යුතුය. එසේ නොකළ හොත් ‍ඔහු ඒකාන්තයෙන්ම පසුතැවිල්ලට පත් වෙන්නේ යයි ජනසන්ථව නම්වූ බොධිසත්වයන් වහන්සේ දේශනා කළසේක. ඒ දසය නම් -


01. අලද්ධා ච්ත්තං තපති පුබ්බේ අසමුදා නිතං න පුබ්බේ ධන මෙසිස්සං ඉතිපච්ඡානු තප්පති.

තරුණ අවස්ථාවෙහි සේවාකම් වෙළදාම් ආදියෙන් ධන සපයන අය ඒ ඒ ධනය ඒ ඒ වේලාවේම වියදම්කර දමද්ද, මහළු අවස්ථාවෙහි ප්රසයෝජන ගැනීමට එයින් කොටසක් තැන්පත් කොට නොතබද්ද, එබඳු ජනයා වාරු නැති අවස්ථාවෙහි ධනයෙන් ප්රකයෝජන ගන්නා අන්යඑයන් දැක පශ්චාත්තාපයට පත් වන්නේය.

02. සාක්යයරුපං පුරෙ ශක්තිං මායා සිප්පං නසික්ඛති කිච්ජා වුත්තිං අසිප්පස්ස ඉති පච්ඡානු තප්පති.

යමෙක් බාල අවස්ථාවෙහිම ශිල්ප ශාස්ත්රනය ඉගෙන නොගත්තේද, ඔහු ශිල්පශාස්ත්රස ඉගෙන එයින් සැපසේ ජිවිකාව කරගන්නාවුන් දෙස බල බලා අනේ මටත් මෙසේ ඉගෙනගන්ට බැරිවුනා නොවේදැයි සිත සිතා මහත් පහ්චාත්තාපයට පැමිණෙන්නේය.

03. කුට වෙදි පූරේ ආසිං පිසුණො පිට්ඨී මංසිකො චණ්ඩො ච පරුසො ආසිං ඉසි පච්ඡානු තප්පති.

‍යමෙක් හොරකිරුම් මැනුම් ආදියෙන් මිනිසුන් මුළාකෙ‍ලේද, බොරු හා කේලාම් කියා අත්ලස් අරගෙන තද පරුෂව වාසය කළේද, එබඳු අසත්පුරුෂයා මරණාසන්න කාල‍යෙහි කරන ලද අපරාධ සිහිවීමෙන් බලවත් පශ්චාත්තාපයට පැමිණෙන්නේය.

04. පාණතිපාතා පුරෙ ආසිං ලුද්දො ආසිං අනිරියො භූතානංච වධායිස්සං ඉතිපච්ඡානු තප්පති.

යම් කෙනෙක් ආය්ය්ියොයන් විසින් පිළිකුල් කරන්නාවූ සතුන් මැරීම කෙළේද එබඳු අය මරණාසන්න කාලයෙහිද කරන ලද සත්ව ඝාතනය සිහිවීමෙන් මහත් පශ්චාත්තාපයට පැමිණෙන්නේය.


05 බහුසුවත සන්තාසු අනාපාදාසු ඉත්ථිසු පරදාරං අසේවිස්සං ඉති පච්ඡානු තප්පති.

යමෙක් අස්වාමික වූ ස්ත්රීතන් පාවාගැනීමට ඉන්දදී අනුන් අයිති ස්ත්රීලන් සේවනය කරයිද, එබඳු අශිෂ්ටාචාර අධමයා මරණාසන්නයේ මම මහත් පාපයක් කෙළෙම් යයි බලවත් - පශ්චාත්තාපයට පැමිණෙන්නේය.

06. බහ්ර ම්හි වන සන්තම්භි අන්නපානෝ අපට්ඨතො නපුබ්බේ අදදං දානං ඉති පච්ඡානු තප්පති.

යමෙක් දන් පින් කිරීමට කොපමණවත් අවකාශ හා සම්පත් තිබියදීත් පරලොව පිහිටක් උවමනා යයි සලකා දනක් පිනක් නොකළේ නම් එසේවූ කාලකන්නි තැනැත්තා මගේ බොහෝ සම්පත් තිබියදිත් දනක් පිනක් නොකළෙමියි මරණාසන්නයේදී බලවත් පහ්චාත්තාපයට පැමිණෙන්නේය.

07. මාතරං පිතරං චාපි ජින්නකං ගතයොබ්බනං පහුසන්තො නපොසිස්සං ඉති පච්ඡානු තප්පති.

යමෙක් තමන්ගේ මව්පියන්ට කෑම්බීම් ඉදුම්හිටුම් දීමාදියෙන් සංග්ර හ නොකෙලේනම් එබඳු තැනැත්තාත් මගේ මව්පියන්ට උපස්ථානයක් නොකෙලෙමිය. ඒ හෙයින් මා විසින් කරන ලද්දේ බලවත් අයුත්තකැයි මරණාසන්නයේදී පශ්චාත්තාප වන්නේය.

08. ආචාරිය මනුසත්ථාරං සබ්බකාම රසාහරං පිතරං අඤ්ඤා මඤ්ඤස්ස ඉති පච්ඡානු තප්පති.

යමෙක් තමාට මෙසේ කව. පොව, ඉඳුවයි උගන්වන හෙයින් ආචාය්ය්ම වරයෙකු ‍සමානවූද, දුක් මහන්සි විඳු තමා කැමති ආහාර පානාදිය සපයා දී තමා යසසෙහි පිහිටුවන හෙයින් ඉෂ්ට


දේවතාවෙක් වැනිවූද, පියාණන්ට, කීකරුනොව ඒ පියාණන්ගේ කීම ‍නොසලකා ක්රිායාකෙරේ නම් එබඳු අධමයාද මරණාසන්නයේදී බලවත් පශ්චාත්තාපයට පැමිණෙන්නේය.

09. සමණො බ්ර හ්මනො වාපි සීලවන්තො බහුස්සුතෙ නපුබ්බෙ පයිරුපාසිස්සං ඉති පච්ඡානු තප්පති.

      	යමෙක් සීලවන්ත වූ බහුශෘතවූ ශ්රාමණ බ්රාිහ්මණයන් සේවනය භජනය පයිරුපාසානය නොකෙරේද, එබඳු පුද්ගලයාද මම කිසි ගුණවන්තයෙක් උගතෙක් සේවනය නොකෙළෙමියි මරණාසන්නයේදී බලවත් පසුතැවිල්ලට පැමිණෙන්නේය.

10. සාධුහොති නපොචිණ්ණො සන්තො ච පයිරුපාසිතො නචපුබ්බේ නපොචින්ණො ඉති පච්ඡානු තප්පති.

යමෙක් සිල්වත් ගුණවත් උතුමන් කරා ගොස් ස්වාමින් පරලොව සඳහා මට අවවාද කිව මැනවයි යාඥාකොට අසා ඒ වූ පරිදි නොපිළිපැද්දේ නම් එබඳු පුද්ගලයාද මරණාසන්නයේදී බලවත් පශ්චාත්තාපයට පැමිණෙන්නේය.

‍ යොචඑතානි ඨානානි යොනිසො පටිපජ්ජති කරං පුරිස කිව්වානි සොපච්චනානු තප්පති.

යමෙක් මෙකී දශ කාරණයෙන් පළමුකොට නුවණින් සලකා පිළිපදීද, සත්පුරුෂයන් විසින් කටයුතුවූ මෙම ධාර්මික ක්රිියාවන් කරන්නාවූ අප්ර මාදවූ ඒ තැනැත්තා පසුතැවිලි නොවන්නේ යයි සකල ඥෙය මණ්ඩලය කරතලා මලකයක් මෙන් දැන වදාළ තථාගතයන් වහන්සේ දේශනාකර වදාරණලදි. ඉතින් මහතාණෙනි, මම පසුතුවිලි වීමට හේතුවු මේ කාරණා එකක් වත් නොකළ බැවින් මහත්මයා කී කාරණය බොරුවන්නේය. තවද,

ධනංචජෙ යොපන අංගහෙතු, අංගංචජෙ ජිවිතංරක්ඛමානො අංගං ධනං ජිවිතංවාපි සබ්බං, වජෙනරො ධම්ම මනුස්සරන්තො

යනුවෙන් අතපය ආදිය රැක ගැනීමට ධනයත්, ජීවිතය රැක ගැනීමට අතපය ආදියත් මිනිස්සු පුදති. නමුත් ධර්මවය හෙවත් සත්ය ය රැක ගැනීම සඳහා සත්පුරුෂයා ධනයත්, අංගප්රධත්යංමගත්, ජිවිතයත් පරිත්යාසග කරන්නේය. ඒ හෙයින් මට ඒ සංඛ්යාධවට පැමිණෙන්ට ලැබී මළත් ඇති අවාසියක් නැත.

මේ වගට - යටහත්, කැරොලයින්.

කැරොලයින්ගේ මේ ලියමන ලැබුණු හැටියේම ජෝසප් පෙරේරා පුදුමව මෑ මනුෂ්යග ස්ත්රිුයක් නොව දේවතාදුවෙකි. මැගේ සිත හැසිරවීමට මහපොළොව පිට උපන් කිසිවෙක් නැත්තේය. ඉන්නිසා මෑ භාය්යාේරා කමට බලාපොරොත්තුවීම ආය්ය්පන්‍ ජාතිකයන්ට ගලීලයේ මස්මරණ ජනයා ප්රයකාශ කළ ආගම අවබෝධකරවන්ට උත්සාහ කිරීමක් වැනිය. ඉන්නිසා මින්පසු යම්විධියකින් මෑ මා කරා නාවොත් කිසිවිටක කථා නොකරමැයි නිශ්ශබ්ද වූයේය.


13 වෙනි පරිච්ඡෙදය

[සංස්කරණය]

කැ ‍ෙරාලයින්ලා සන්තකව තිබුණු මුදල්වලින් හය මාසයක් පමණ යැපුනේය. ඉන්පසු අත කරේ තිබුණු ආභරණත් විකුණා කෑහ. කිසිවෙකුගෙන් කිසි පිහිටක් නැති තරුණියන් තුන් දෙනෙකු හා පුංචි පිරිමි ළමයෙකු ඉන්නා මේ පවුල කුමක් කරන්ටද? මෙසේ මොවුන් දුක සේ සිටින අවස්ථාවට ගෙවල් කුලී ද ගෙවාගත නොහැකිවීමෙන් බලවත් කරදර විඳින්ට විය. ගෙවල්කුලී අය කරන්ට එන තරුණයා මේ කදිම තරුණියන් කෙරෙහි ආලයෙන් නිතරම එන්ට පටන්ගැනීමෙන් කැරොලයින්ගේ බාල නැගනිය ඔහු සමග මිත්රතව රහසින් ඔහු සමග සැඟවී ගියාය. කොපමණ උතුම් කුලයක උවත් අසරණභාවයට පත් ස්ත්රිමය ගුණ නුවණින් හීන නම් ඉදිරියට පැමිණි පුරුෂයා සමග


යෑම සිරිතකි. ඉතා අගනා මල්වැල පවා අබිමුඛවූ කොහොඹ ආදී තිත්ත වෘක්ෂයන්ගෙන ද වෙළෙන්නේමය. කැරොලයින් ස්වකීය නැගනිය වැඩකාරයෙකු සමග ගිය නමුත් ඔව්හු ආරංචි නොවෙන පළාතකට ගිය බැවින් ඉවසා දරාගෙන උන්නාය.

අනික් නැගනියත් මල්ලිත් සමග ඉතා දුක සේ කිලිටි වස්ත්රි අඳිමින් දෙතුන් වේලකින් වේලක් ‍ආහාර ගනිමින් ජීවත්වන කැරොලයින්ට ධනවතෙකු සමග යන්ට තවමත් පුළුවන්කම් පෙනෙන්නේය. නමුත් ඒ ගැන කිසිත් නොසලකා තමාගේ ස්ථිර ගුණයම නොකැඩු මේ උතුම් සිංහල කුලාංගනාව සියලුම ස්ත්රීනන් විසින් ආදර්ශයට ගතයුත්තේය. කැරොලයින් යමක් කමක් සපයා ගැනීමට අන්ය මාර්ග්යක් නැතිව කඩයප්පන් සෑදීමට පටන්ගත්තීය. උදේට හාල් සේරු හතරක කඩයප්පන් සාදා අසල ගේවලට දී මුදල් ගෙන එයින් දිනකට ශත විස්සක් විසිපහක් ලාභ ලබාගෙන සවසට පමණක් වේලක් ආහාර සපයා ගනිමින් විසුවාය.‍ දෙවෙනි නංගි අඩෙල්ඩ්ට ද නිතර අවවාද කරමින් පැමිණි දුක් පැනිරසයයි සලකාගෙන විසුවාය. මසකට රුපියල් 10ක පඩියට කන්තෝරුවක පියුම් වැඩකට මල්ලී ද යවන ලදි. අසල පහලින් ලැබෙන සුළු මැහුම්වලිනුත් උදේ කඩයප්පම් ඉවීමෙනුත් දුක සේ කල් ගතකරන මේ පවුල මීට ඉස්සර සිටි හැටි මෙය කියවන්නෝ දන්නාහුය. අහෝ! අෂ්ටලෝක ධර්‍ැටයක හැටි.

01. දුක හෝ නිති සැප ත කිසිවෙකුට ලොව හිමි නැ ත රියසක මෙන් නිය ත මෙ දෙක උඩු යටිකුරුව පෙරලෙ ත

02. ලාබද අලාබ ද අයස ද ‍එමෙන් යසස ද නිඳි පැසසුම දෙක ද සැපත හා එම ලෙසින් විපත ද

03. මෙ කී මේ කරුනු අ ට අටලො දහමැයි නම් කො ට මේ සසර සතුන් හ ට ‍පැමිණෙතැයි වදහළේ මුනි සෙ ට


04. කිත්යුග හෙබෙව් ස රු මන්දාතු නම් බුවිසු රු වැද දිවපුර මහ රු සොඳුරු මිනිසත් බවෙන් පියක රු

05. එහි සුරසෙන් කැටු ව විඳ සුර ඉසුරු නොපටු ව වැස බෝ කල් තුටු ව නැවත දළ ලොබිනි සිත කිළිටු ව

06. ඉන් හෙව මෙ ලොව තු ල ඉවසිය නොහෙන දුක් කැ ල විඳිනට උවෙන් ය ල සොපින් නැති කර ගතිය පණන ල

07. දුක ළඟට සැප තා සැප ළඟට යළි විප තා මෙලෙසින් මෙ දිය තා සතට පල දෙයි මෙ දෙක සන තා

මේ ආදී ලොක ධර්ම ය කල්පනා කරන්ට දත් නිසා කැරොලයින්ටත්, කැරොලයින්ගේ අවවාදය පිලිපදින නංගි වන අ‍ැඩලේඩ්ටත්, මල්ලී වන ඇල්බර්ට්ටත් වැඩි දුකක් නොවීය. මීට අවුරුදු තුන හතරකට පෙර ගෙදර වැඩකාරියන් වත් නොහැන්ද වැරහැලි රෙදිත්, ඒ කාලයේ ගෙදර සුනඛයන් වත් නොකෑ කටුක ආහාරත් මේ දරුවන් තිදෙනාට ඉතා හොඳවූයේය. මෙසේ මොවුන් කලක් වසන අතර මොවුන්ගේ පියාණන්ගේ දෙවෙනි භාය්යාන ව වන මාර්ගරැට් කුරේ කලින්ද මිත්රොව සිටි හොරමිනිහා සමග කසාද බැන්දේය. ඔහු ගේ මිත්රෛයෙකු වන රොබ්ර්ට් සිල්වා මාර්ගරැට් කුරේගෙන් කැරොලයින්ගේත්, ඇ‍ඩලේඩ්ගේත්, රූපශ්රියයාව අසා ඔවුන්ගෙන් කෙනෙකු කසාද බැඳීමට රුචි විය. මාර්ගරැට් කුරේ රොබට් සිල්වාගෙන් බොහෝ මුදල් හදල් පැහැර ගත්තේය. රොබට් සිල්වා පහත් පවුලක ඉපිද හදිසියෙන් පොහොසත්වූ රෝමානු ලබ්ධික සිංහල තරුණෙකි. මාර්ගරැට් කුරේ කැරොලයින් ඔහු සමග නොයන බව දැනගන ඇ‍ඩ්ලේ‍ඩ් ගැනම කරුණු කීවාය. එක් දිනක් මාර්ගරැට් කුරේ රොබට් සිල්වා සමග කොම්පඤ්ඤවීදියේ ඔවුන් පදිංචි ස්ථානයට ගොස් ‍ ඔවුන් පදිංචි ස්ථානයට ගොස් ඔවුන් දැක සතුටුව අවුත් මංගල්යටය ඉක්මන් කරන්ට


නිතර නිතරම රොබට් සිල්වා මාර්ගරැට් කුරේට කියන්නීය. මාර්ගරැට් කුරේ හොඳයි කියා කීප දිනකට පසු කැරොලයින්ලා‍ගේ නිවසට ‍ගොස් මෙසේ කථාකරන්ට පටන් ගත්තාය.

මාර්ගරැට් - කැරොලයින් නෝනා, දැන් උඹළා ‍ඉතා අමාරු අඩියේ ඉන්නවාය. උඹ උඹේ ප්රේනමවන්තයා බලාපොරොත්තු වෙතත්, ඇඩලේඩ්ට එහෙම එකක් නැති නිසා මේ රොබට් සිල්වා මහත්මයාට දී නිදහස් වෙන්ට නරකද?

කැරොලයින් - පුංචි මම්මාගේ තල්වනාවට මම ස්තුති කරමි. මම එක විඩේට සියවරක් කැමතියි. නමුත් කසාද බඳින්ව පල්ලි යන්ට ඕනෑ නොවේද?

මා - ඔව්, එහෙම නැතිව රෝමානුකාර නෑදෑයෝ ඒ ඉලන්දාරියාට රිජිස්ටර් කන්තෝරුවෙන් කසාද බඳින්ට ඉඩ අරීද? දෙවනු රොබට් සිල්වා බුද්ධාගම්කාරයෙක් වෙන්ටත් බැරි නැහැ. නමුත් කසාද බැඳීම පල්ලියේදීම කරන්ට ඕනෑ.

කැ - අනේ පුංචි මම්මේ කුණු ශරීරය රැකගැනීමට ඇත්තට පයින්ගසන්නේ කොහොමද? හොඳයි කසාද බැන්දායින් පසු නංගි රෝමානුකාරි උනත් කමක් නැහැ. කසාද බැඳීම ‍රිජිස්ටර් කන්තෝරුවේදී කරමු.

මා - එහෙම කවදාවත් රෝමානුකාරයෝ සතුටු නොවෙති. පස්සේ ආගම් වෙනස් කරතත්, ඔවුන්ගේ සත්වෙනි ශක්රොමෙන්තුව ඉෂ්ට කරන්ට ඕනෑ.

කැ - රෝමානුකාරයෝ එසේ නොකරත් නම් බුද්ධාගම්කාරයෝ එසේ ඔවුන්ට යටත් වෙද්ද? රෝමානුකාරයන්ට ඔවුන්ගේ චාරිත්ර ය ටිකකට වත් ඉක්මවන්ට නොහැකි නම් බුද්ධාගම්කාරයන් මොහොතකට වත් ඉක්මවියයුතු නොවේ.

මා - අමාරු වේලාවේදි ඕවා බලලා බැහැ. බලාපන් නඩුකාරවරු පවා උඹලා මෙන් අසරණ බවට ‍ෙනාපැමිණත් ආගම් මාරුකරලා කසාද බඳිනවා. උඹ මේ අන්තිම අමාරුවෙත් වැටී ඉඳගෙන කියන කරන දේ.

කැ - කමක් නැහැ පුංචි මම්මේ-

“ව්යා-පාරා සබ්බ භූතානං සුඛත්ථාය විධියරෙ සුඛං ච න විනා ධම්මා. තස්මා ධම්ම පරොභව.”


සි ය ලු ම සතුන් කටයුතු සැප පිණස වෙ ති ස ද හ ම කෙරෙන් වෙන්වී කිසි සැපක් නැ ති එ ද හ ම එයින් රකිනුව දිවි ලෙසින් යු ති ලො ව සැ ම පඬින්නේ මේ නීතිය ද වෙ ති

මේ උත්තම අවවාද ඉගෙන ගත් අපට හිතට විරුද්ධව යමක් කළ නොහැකියි. රොබට් සිල්වා ධනයෙන් කඅලයෙන් රූපයෙන් වරදක් නැතත් ආගම අතින් ඉතා අධමයි. නංගි ඔහුගේ ආගමත් නොසලකා අමාරු වෙලාව නිසා යන්ට කැමති වෙතත් කසාද බැඳීමවත් මව්පියන්ගේ නාමයට නින්දා නොලැබෙන පරිදි කරන්ට ඕනෑය. එසේ බැරිඋනොත් මේ අසරණ කමින් ඉඳලා මැරෙන්ට මම නම් කැමතියි. නමුත් නංගිගේ කැමැත්තක් කරගන්නැයි කීය. මෙසේ කි කල්හි මාර්ගරැට් කුරේ ඇඩ්ලේඩ් දෙස බලැ “ඇඩ්ලේඩේ උඹ රොබට් සිල්වා සමග පල්ලියේදී කසාද බඳින්ට කැමතිදැ”යි ඇසීය. එවිට ඇඩ්ලේඩ් “අක්කා කියනවාට විරුද්ධව මම මොකුත් නොකරමි. අක්කා අත හැරදාලා මම යන්ට කැමති නැත. ඒ කොයිහැටි උනත් අපේ අසරණ වේලාව නිසා රිජිස්ටර් කන්තෝරුවෙන් කසාද බඳිතොත් මම කැමතියි. නැත්නම් බැරිය”යි කීය. මාර්ගරැට් කුරේ කැරොලයින්ලාට රුපියල් 5 කුත් දී රික්ෂෝ එකේ නැගී ගෙදර ගියාය.

මාර්ගරැට් කුරේ එන තුරු එහි රැකගෙන සිටි රොබට් සිල්වා “මොකදැයි මොකදැයි වැඩේ හැරිදැ”යි ඇසීය. එවිට මාර්ගරැට් කුරේ “ධර්මායක් ශාස්ත්රැයක් නොදැන එළදෙනුන් මෙන් යුරෝපීය චාරිත්ර්යට ඇති දැඩිවෙන අප වාගේ කැරොලයින්ලා සතු‍ටු කර ගන්ට බැරිය. ඔවුන් ආගමත් ගුණධර්මවයත් ජිවිතයට ඉහලින් රකින්නේය. කසාද බැන්දායින් පසු ඕනෑ එකක් කර ගනිතත් කසාද බැදීම රිජිස්ටර් කන්තෝරුවෙන් කරතොත් මඟුල්ප්ර ස්තාව කරගන්ට පුළුවන. එසේ නැත්නම් වැඩේ හරියන්නේ නැතැ”යි කීය. මේ අසා රොබට් සිල්වා “හොඳයි මම කියන්නෙමි” යි කියා තමාගේ මිත්රතයෙකු වන ක්රිබස්තියානි ධමර්යි දැනීමෙන් කෙළපැමිණයෙකැයි කියන දේවදාස ළඟට ගොස් බලන්ට මහත්මයෝ ඉතා අසරණ භාවයට පත්ව ඉන්නා බුද්ධාගම්කාර ළමිස්සියෙකු මෙපමණ මුදල් ඇති මට පල්ලියේදී බැඳීමට සතුටුකරවාගන්ට බැරිය. මේකට කරන්ට තිබෙන උපාය කුමක්දැ”යි කීය. දේවදාස ‍රොබට්ට වාඩිවෙන්ට කියා සුරුට්ටුවකුත් දි ප්රකයෝගකාර ශාස්ත්රව කියන්නෝ තමන්ගේ බොරු උගත්කම කියා අඥානයන් මුළාකරන්නාක් මෙන් තමා‍ගේ උගත් කමත් තමා


ක්රිාස්තියානියට ගත් බුද්ධාගම්කාර ස්ත්රී පුරුෂයන්ගේ ගණනත් කියා පෑවේය.

නමුත් රොබට් සිල්වා මෙසේ කීය. “මහත්මයා ඔය ක්රි්ස්තියානියට අරන් තිබෙන්නේ නමින් බුද්ධාගම්කාරවූ ඒ ආගම ගැන කිසිත් නොදත් වල්පාහේ උන් වෙන්ට ඇත. එසේ නැතුව බුද්ධාගම තරමක් දුරටවත් දත් හොඳ දෙමව්පියන්ගේ දරුවෙකු එසේ ගත්බව මට අවබෝධකරවන්ට නම් මම කසාද බඳින්ට සිතාගෙන ඉන්නා ඇඩ්ලේඩ් ද සිල්වා හාමිනේගේ සහෝදරී වන කැරොලයින් ද සිල්වා හාමිනේ ක්රිඩස්තියානි කරනවා තබා මට ඇගේ සහෝදරිය පලිලියෙන් කසාද බැඳීමට කැමැත්ත වත් අරන් දුන මැනවි. එසේ කළොත් මම සතුටු පඬුරු වශයෙන් රුපි. 500 ක් තෑගිකරන්නෙමි”යි කීය. අඥානයන් මුළා කිරීමට සමර්ථි දේවදාස ද “හොඳයි මට ලියුම් කීපයක් ඒ ළමිස්සි සමග ගනුදෙනු කරන්ට ඉඩ තිබේදැ”යි ඇසීය. ඔව් “ඕනෑ තරමක් පිළිවනි. නමුත් එක ලියුමෙන්ම කට නොවැහුවොත් ඇතැ”යි රොබට් කීයේය. දේවදාසට මේ අවනම්බුව වත් විඳ දරා ගත නොහැකිව බුද්ධාගම්කාර ගෑනියෙක් රවටන්ට බැරි මම ඉඳලා මොකටදැයි සිතා “ඔන්න අද රෑ මම කැරොලයින්ට ලියුමක් ලියන්නෙමි. එය ලියන්නේ තමුසේ ලියන හැටියටයි. එය හෙට උදේම යවන්ට ඕනෑයයි කීය. රොබට් සිල්වා ද හොඳයි කියා ගෙදර ගියේය. දේවදාස තමා දන්නා තරම් ඉහළ භාෂාවෙන් මෙසේ ලියන්ට පටන්ගත්තේය.

නෝනා මහත්මයාණෙනි,

මගේ සදහටම ඇති ආලය අවංකව කියමි. මම දුප්පත් මව්පියන් ළඟ ඉඳලත් පොහොසතෙක් වුණේ දේවවරප්ර සාදයෙනුයි. ලෝකය මවා ආරක්ෂා කරන සර්වහබලධාරී දෙවිහාමුදුරුවන් යුරෝපීය රට රාජ්ජවල මහ බලසම්පන්න සියල්ලොම අදහති. වැඩි තර්කයක් විවාදයක් නැතුව ලෝකය මැව් උත්තමයෙකු ඇති බව ළදරුවෙකුට පවා විශ්වාසකරන්ට පුළුවන් කරුණකි. අ‍පගේ ක්රි්ස්තු ස්වාමිදරුවෝ පව්කාරයන් වෙනුවෙන් මේ ලෝකයට ඇවිත් දුක් වින්ද කෙනෙකි. උන්වහන්සේගේ ගුණමහිමය කිය නොහැකි කාටද? දැන් සීලාචාර වෙච්ච කවුරුත් අදහන රෝමානු කතෝලික ලබ්ධිය ගැන නෝනා මහත්මිගේ හිත අප්රුසන්නවෙන්ට ඇති යුතුකම කිමද? අපේ ස්වාමි දරුවූ ජේසුස් ක්රිතස්තුස් වහනසේ ‍ලෝකයේ ආලෝකය, පාපය භාරගත් උත්තමයාය. උන්වහන්සේගේ ගුණයත් උන්වහන්සේ‍ට


වඳින පුදන සෙනගත් ගැන කල්පනා කොට මිථ්යා්දෘෂ්ටියෙන් මිදී ආලෝකයට බසිනු මැනවි. ක්රිකස්තු ස්වාමිදරුවන්ගේ ගුණමහිමය දැක්වීමට මහත්මියගේ කල්පනාව දන්වා එවනු මැනවි.

මේ වගට - හිතේසිවන්ත රොබට් සිල්වා.

මේ ලියමන ලියා තබාගෙන ඉද රොබට් සිල්වා පසුවදා උදේ ආ හැටියේම දේවදාස කියවා ඔහු අතට දී මෙය අදම යැවි යුතුයයි කීය. කැරොලයින්ගේ උගත්කම කිසිත් නොදත් රොබට් සිල්වා දේවදාසගේ මේ ලියුම මහ බක්කකැයි සිතා එයත් රැගෙන මාර්ගරැට් කුරේලාගේ ගෙදරට ගොස් තමන්ගේ රික්ෂෝ එකෙන්ම මාර්ගරැට් කුරේ පිටත් කර යැව්වේය. කැරොලයින් හා නැගනියන් කඩයප්පන් පුලුස්සා අවකාශවී මූණ අතපයත් සෝදා ගන්නා විටම මාර්ගරැට් කුරේ පැමිණියාය. මාර්ගරැට් කුරේටත් තේවතුර ටිකක් බොන්ට දී ටික වේලවක් කථා කරමින් ඉන්නා අතර ඈ ගෙන ගිය ලියුම කැරොලයින් අතට දුන්නාය. එසේ දෙමින් මීට උත්තර දැන්ම ම ගෙනයන්ට ඕනෑය කීවාය. කාරොලයින් ලියුම බලා “අක්කේ ඔය ලියුමට හොඳ උත්තරයක් ලියාපන්නැ”යි කියමින් සිනාසෙන විට මාර්ගරැට් කුරේට ටිකක් කේන්ති ගොස් “උඹලා සිනාසෙන්නේ ඇයි, පුළුවන්ම් ලියුමට උත්තර දීපල්ලා”යයි කීවාය. එවිට කැරොලයින් “පුංචි මම්මේ, තරහවෙන්ට එපා, මේ අමනයන්ට තබා මොවු‍න්ගේ අන්තිම උගතෙකුගේ ලියුමකට වත් මට උත්තර ලියන්ට බැරිකමක් නැත. ජාත්යඅන්ධයන් මැදේදේ සිටින එකැස් කතා රජාය කීවාක් මෙන් රෝමානු කතෝලිකයන් මැ‍ද්දේ සිටින මේ දේවදාසයා වැන්නෝ ඔවුන්ට මහ උගත්තුය. නමුත් බලාපන් මම උන්දැගේ ගුරුන්නැහේටත් නොතේරෙන අර්ථමවත් ලියුමක් ලියන්නෙමි”යි කියා මාර්ගරැට් කුරේ අස්වසා මේ ලියුම ලියන්ට පටන් ගත්තාය.

ප්රි ය මහතාණෙනි,

තමුන්නාන්සේ විසින් එවන ලද ලියමන ලැබී බලා ගතිමි. මහත්මයා දුප්පත් ‍මව්පියන්ගේ දරුවෙක්ව ධනවත්වී තිබෙන්නේ දේවවරප්රහසාදයෙනුයි. හොඳයි පෘතුගාලේ මානුවෙල් රජ රටින් එලවා දමනු ලැබුයේ කාගේ වරප්ර සාදයකින්ද? යුරෝපිය රටවල මිනිස්සු ධර්මතශාස්ත්රයයෙන් අන්ධව සිටි කාලේ ලෝකයේ යම් කිසිවෙකු විසින් මැව් බව විශ්වාස කළ බැව් හැබැයි. දැනුත් ධර්මන ශාස්ත්රා්දිය නොදත්


අය විශ්වාස කරති. නුමුත් අප රට පවා විනාස කරමින් රෝමානු ආගම පතළකරන්ට දැඟලූ පෘතුගාලයේ උගත් අය කන්යාර මඩම්, පල්ලි කඩා දමමින් පූජකාදීන් නෙරපන හැටිත්, ස්පාඤ්ඤයේ පාදිලිවරුන්ට දේශනා කුඩුවේදීම පිහියෙන් ඇන මරාදමන හැටිත්, ප්රංඤශයේ රෝමානුව උගුලවා ඇරිය හැටිත්, එංගලන්ත, ජර්මනි ආදී රටවල දස දහස් ගණන් දිනපතා “බෞද්ධ” වන හැටිත් මහත්මයා දන්නේ නැති හැඩයි. මහත්මයාලා කවදත් එය ලෝකයේ තොරතුරු දැනගන්ට අවකාශ නැති පාදිලිවරු නමැති එ‍ඬේරුන් යටතේ සිටින හරක් වර්ගනයකි.

ලෝකය කෙනෙකු විසින් මැව් බව තර්කයක් නැතුව ළදරුවන්ටත් මෝඩයන්ටත් විශ්වාස කරන්ට පිළිවන් එකක් බව හැබෑයි. නමුත් තර්කශාස්ත්රාශදිය නොදනිතත් සාමාන්යබ ලෝකයේ තොරතුරු වත් දත් පිරිමියෙකු තබා ගෑනියෙක් වත් ලෝකය යමෙක් මැව්වේ බව විශ්වාස නොකරයි. අචේතනික ලෝකය යමෙක් මැව්වේ නම් සචේතනවූ ඒ මැවුම්කාරයා මවන්ට තව කොනෙක් ඕනෑ වේ. රෝමානු කතෝලික ලබ්ධිය මා තබා ආත්මගෞරවය ඇති කවරෙකු වත් නො අදහන එකකි. ලෝභ ද්වේෂාදියෙන් මැඩි මැඩී සිටින පූජකයන්ගේ වාල් භාවයට පත්වෙන්ට කැමති මිනිස්සු අනාය්ය්යෙන මිලේච්ඡයන් අතර මිස ආය්ය්් භයන් අතර නැත්තේය. මහත්මයාලාගේ ස්වාමිදරුවෝ ලෝකයේ ආලෝකයි කියන්නේ අලුතක සිටය. නමුත් යෙහෝවා ආදී අල්පේශාක්යැ මහේශාක්යි දෙවියන්ගේ රජවූ ශක්රම දිව්යීරාජයා අපේ ස්වාමිදරුවු බුදුරජාණන් වහන්සේ නමස්කාර කරමින් මෙ‍සේ කිව් බව අපේ භාෂාවෙන්ම දත මැනවි.

ප ර වැඩ ඇඳුරානෝ ලෝ සියල් එක් නොතා නෝ දි ය ටෙක වියතානෝ මොක් පුරේ එක් රජා නෝ බ ව සිඳු පසු රා නෝ තිත්නලන් මත් ගජා නෝ සු ර නර ඉසු රා නෝ සව් සැපත් කප් රුකා‍ නෝ

මහත්මයාලාගේ ස්වාමිදරුවන්ගේ යම් ගුණයක් තිබුණා නම් ඊටත් වඩා ගුණ ඇති මිනිස්සු දැනටත් සිටිති. මක්නිසාද? මහත්මයාලාගේ ස්වාමිදරුවෝ ලෝභ, ද්වේෂ, මෝහ තුනී කරණු තබා ඒ කුමක්දැයි වත් නොදත් නීච මස්මරන්නන් සමග හැසුරුණ නූගතෙකි. අපේ ස්වාමිදරුවෝ එසේ නොවෙත්. උන්වහන්සේගේ සර්වැඥතාඥානාදිය තබා ඇසට පෙනෙන්නාවූ රූපය කියා දක්වන්ට දෙවියෙක්, බ්රාහ්මයෙක්, නාගයෙක්, උගතෙක් තවම ලෝකයේ

උපන්නේ නැත. කිසි කලක උපදින්නේත් නැත. අපගේ ස්වාමිදරුවන් වහන්සේ දෙවියන්ගේ රජවූ ශක්ර්යා සහිත දිව්ය් බ්ර හ්මයන්ට අභිධමර්ය දේශනා කරන්ට වඩින ප්රේස්තාවයේ දැක්වූ ප්රා තිහාය්ය් ර යේදී ත්රෛසතල තිලක චූඩාමාණික්යව වූ ස්වාමිදරුවන්‍ ගේ බුදධ ශ්රී ශරීරය මුව දහසක් ඇති අනන්ත නම් නාග රාජයා මෙසේ වර්ණවනා කර තිබේ. එයින් කීහ. ප්රඇතිහාය්ය්නාග ශතකයේ -

සිරිසර වත මේතා රූ විලස් ලෝ ඉකුත්වූ අනත වනත සිත්සේ මා වදන් මා වදන් හිම් ඉතිඳු දළ පෙමින් මා රූ විලස් රැස් වැනුම් දැන් සිදුලුවෙනි මැනුම්වත් තෝනිදන්හී සිලිල්රැස්

නොඉති මගේ තෙපුල් හූලා විනූ රූ විලස්තා හරවැල නොලලේ කිමලෙස් වියත්ලෝ සියල්ලන් තද අදර එබැව් නෙත් රූ විලස් තෝනිදන්වූ තරුසිරු පැවතුම් හී දැන් කළේ මා යුහු සිත්

අසුරසුර තරන් හිස් පා පියුම් දුන් තිලෝනා මෙමුනි රඳු මුදුන් පත් බැව්ම වී ලෝ ඉකුත්වී ඉතිකල සමු දුන් දුන් නිල් උපුල් කැන් විලස්හස් පවසති යති කෙ‍ස්දා ඒ වනුම්දා උවම්දා.

සමර සමර සෙන් මන් ගිම් කැලුම් මෙන් තමන්රැස් බිඳි නොදි සරුපුන් අන්දම් පැරුමයෝ බලන් ලූ මඬගලඳ මුදුන් දුන් සේරුවන් රන් පලක් පෑ බැමලිය උනු ලොම්දා පත් නළනල් දික් පුළුල්වූ.

දිවකුරු මුනි පාමුල් හිම් මෙඅත් බැව්දු දක්වා මෙමුනිඳුහු දොසෙක්හී ලෙස්දූ ‍මම් කල් නොදිස්නෙම් සවන පරපුරේ තාදත් දෙයක් තාගෙ ඇද්දැයි යළිඳු පිළිවිසුම් වස් මෙන් නුවන් පත් සවන් මුල්

ඉඳුමිණි යුවලැස්නෙන් බන් මහත් දප් එමිලොල් බියෙනැලලි ගොසින් වන මෙන් සුපුල් මල් ගබන්හී කළ අපහස දක්මින් නිල් උපුල් විල් සිලිල්හී කිමිද විලි බරින් මෙන් හිස් නගා දික් බැලී එව්.


‍තනෙත සිකිනිඳුන් වස් දික්ව වක්වූ සුනිල්වූ බැම උගුල ය‍කටෙය් බන් රන් පසින් පත් විලස් වන් මෙතොප සවන එක් දෙස් ලෙව් වනත්තාම සිත්කල් කුළුණු මෙත කලුන්ගේ හෙම්මුවා හෝවිලි ගිම්.

වැටුප ගිනි උදුම් දුම්වා වෙසින් යත් දෙයත්හි එහි තර පතරෙක්හී පත්විලස් දික් සුනිල්වු බැමලිය ගහනත්හී තාම කල් දෙව් දිනූ කල් කනමුව පුඩු නිල් සත් මෙන් වනත් ලෙව් සුරන් ලූ.

නැගි නිසයුරු හව්වෙන් හෙම්මුවා සෙල් මුදුන්හී ගහන වෙතෙහි තෙව්නා ලොම් වැලෙන් පත් පහන්පෑ උවනත සිරිතෙත් කල් කල් දැරූහෙම් මිටෙය් ලු පිළිමිණි දපනේ පෑ පෑරගත්හයි හඟිම් මම්.

යදිදන මන තුස්වූ තාම සික්සේ පුළුල්වූ සගවග මොහුපත් වෙයි තා බැලුම් මෙන් ම දික්වූ දුදැනය රස දන්නා තානියෙන් ලෙස් සියුම්වූ ලෙල කොමල සුරත්වූ දිව් ‍සදෙව් ලෝ වනාදා.

ලද කොඳ වැල හවියෙන් ලෝ නුවන් ගත් දසන්හී මෙරජ රජ වටායත් වත් වාටයත් මෙතාවත් සමුඬුලු පිණිපා හා පත් සරාකල් වනත් ලෙව් නලවෙයි නිවටා වන් කේමලි යුත් කමල් හා

ඇලවන සුර නරන් කැන් මත් ගජන් බුන් මහත් දප් බුදුකුරුව එසී ගොස් නන් දිගත් කුස් පුරා දුන් අසමින අලලා මේ ගොස් ගුවන් වන් බියෙන් මෙන් ගැඹුරු සිඳු නදන් වන් තා තෙපුල් දැන් වනම්දා.

රොනිනවල පියුම් ගැබ් මත්බිඟුන් පා නිහාලත් නිසයුරු තගෙ දස්බැව් සා ලෙසින් දුන් සනින්චි පැහැසර දපනත් වේ කල්සුලායත් මලින් සන් සොමිවත කුමයෙම් මම් තා විනා අන් තිලෝහී.

පවර සුර තුරෙක්හී තන් වතින් ලෝ සගන්නා බව අරළු සිරින්වූ තා යුගත් ලෝ පසන්නා බිහිදොර සිරි දැක්වී මොක්පුරේ ලූ කසුන් වන් ලෙල තරඟ කැලුම්නූ රූ විලස් නීදු ගබ්හී


ලතමළුලිය උස්වූ රන් එතෝතැන්න වැන්නයි මේ මුනි රජ මඟුල්හී දන් පෙරුම් ඈ දසුන් ලූ කළුවැලින් සඳුම් රා හෙම්මලායය් දුදක්වත් ගැඹර නැබ වසාවන් උන් වදන් දැන් සිනාවන්.

මියුරඹතුරු සාහී උන් එතා සෙත් බියෙන් ගොස් වලඟ වැලඟ බන්දා නේ විලස් පෑ එතාගත් මෙතොප කිව්ව වෙල්හී ලා දුළුල්වූ මැදුම් දෙස් හඟිමි නොමහළය් දැන්වූ දුඹුල් බැව් තමාගේ.

කනරඹ ගබහවියන් මත් ගජන් අත් විලස්නෙන් වටොර සිරි වනත්වූ දොස් නිදොස් බැව් නොදිස්නෙන් නිසරු සිදුරු ඒ දෙක් මේ විලස් ලෝ ඉතුන්වත් මම කලි උවමක් අන් මේ තිලෙව්හී නොදක්නෙම්.

මහරු රුසිරු තා රූ රැස් සිසිල් රැස්හි තෙව්නා බුබුලු දෙදන සිත් කල්තාම පින්කම් සිපීහු මෙතුනු කරුණු වස්නා හෙම් රැසින් දොස් දවාළූ කිබිසිතුතු විලස්යය් තේ එමාසිත් නුරුස්නේ.

කිරුළු කුළු ලඟාවන් නන් සුරන් හිස් රඟා වන් මෙදඟ යුග ගඟාවන් ලෝනුවන් සිත් දඟා වන් එ එළු මුව නිගාවන් ගොස් බියෙන් සෙත් මගා වන් එවෙතදැහැ රඟා වන් වල්හිමව් පව් ලඟා වන්

ලෙල පබල දෙලෙන් සන් හෙම්මුවා පුල්ලියේහී මිනිදැදිරි කුසුම් හී පත්විලස් රැස් මෙතාගේ සරණ තල තෙලේහි නී කැලුම් ලෙව් පනත් පත් තුසර පතර හවියෙන් පුල් සහස් පත්හි පත්හි.

උලිඳු මෙරජ නෙක්වූ පත් සඳැකල් වලාහී දපහළ සරණත් පෑ නී කැලුම් හා නොවෙන්වූ කළෙතු ගැලෙමිණෙක්වන් දෙව් කැලුම් දෙව් ගඟුල්ලේ ඉපිල එදිගරා හා මම් වනම් මක් දෙසෙන් දැන්

පිය ගඳ කුසුවෙක් මැය් මා මුදුන්හි මෙතාපා සිඳ දන සිසි තුස් මැය් මා නුවන්හී මෙතාරු මිණි කො‍ඬොල අමාමැය් තා වදන් මා සවන්හී දි මු තු මුතු හෙරෙක් මැය් මා උරේ ලු මෙතා දැන්

බැමලිය සුරසුන්හී තාගෙ වක් බැව් සිදිස්නේ බිඹුවැල් වනත්හී තා නුරාබැව් දුතෙව්නේ මෙතොප සලකුණෙක් නම් තා සවන් වැල්හී දිස්නේ මනකල මනකල් මම තා නොදිස්නෙන් සදොස්වූ

මුළු දිය සත්වු තාම සිත්සේ නිමල්වු තතෙදය තර සල්හී නාමිනේ පා තුමුල්වි දිගඟන අගරා ගිම්මෙන් බිහීසේ රුවන්හී තරපතර සුරත්වී සිව් මුවාලෙව් විමන්හී.

දිය ඉසුරත කින් රැස් නන්දිගස් කුස් පුරායත් කිරිසිදුහිම රැස් රැස් ගිම් කැලුම් පා ගුවන්හී කෙලෙස විලස දැක්වී සව් විසල් සෙල් දිගත්හී නන නද තෙනෙතින් වී නිල් වදා නිල් කටාහා.

මෙතොප යස දියත් හිම් තාව මෙත් සව්සතුන් හිම් කුළුණු පරඳු කැන් හිමි තාවකුම් ලෝ සපත් හිම් තනුවන මු ළු නේ හිම තාවදන් මොක් වැදුම් හිම් තෙදරුපු වැනසුම් හිම තැවැනුම් කාකියම් හිම්

‍සසර සිඳු කියමින්දා සව් සතුන් දුක් විසි න්දා දි ස බි තැ ය සන්දා සක් එදෙව් වන්දේ ව න්දා ඔහු දොල රසවිනිදා සාව දුන් දන්ම ස න්දා එසඳ එ ස ඳ අන්දා දැන් මෙතා කුම වන ම්දා

උදෙසිනි කිව මේ තා රූ විලස් ලෝ ඉකුත්වු නිදෙසිනි පැවසිම්මැයි නන් විලස්නෙන් මෙනෙන්මා ගැඹුරුදු සුමහත්වූ ඒ සිලිල් ආරැ තෝයෙන් බිඳු විඳ රස දන් ලෙව් ඉන් නොවෙන් සව් පෙදෙස්හී.

මෙසේ අනන්ත නම් දිව්ය නාගරාජයා බුදුන්ගේ රූපකාය පමණක් වණර්නාට කොට ඒ මහා සාගරයේන ගත් ජලබින්දුවක් පමණකැයි කියා තිබේ. ඉතින් අප ස්වාමිදරුවන්ගේ රූපකාය මෙ‍සේ නම් උන්වහන්සේගේ ඥානකායාදී කෙසේදැයි සැලකිය යුතුයි. මහත්මයාලාගේ ස්වාමි දරුවන්ගේ හැටි ඉන්දියාවේ අද්වාකාත් කාරේ මහතා විසින් ලියනලද “ක්රායිස්ට් ඇන්ඩ් ක්රි ස්ටියන්ට්” යන පුංචි ඉංග්රීාසි පොතෙන්ම උවත් තේරුම් ගතහැක. ඉන්නිසා ඒ ගැන වැඩිදුරට කියන්ට කමක් නැත. ක්රි ස්තියානිය උසස් ආගමක් බවට කිය කියා උන්නේ යුරෝපාකාරයන් විසින් එය


පිළිගැනීම නිසයි. කුරහන් පමණක් තිබෙන රටේ ඒ කුරහන් කෑම පුදුමයක් නොවේ. නමුත් ඒ රටට හාල් ලැබෙන්ට පටන්ගත්තාම කුරහන් කන්නෝ අන්තිම දුප්පත්තුයි. දැන් බුද්ධාගම හොඳ මදි. නමුත් දුප්පතු වුනත් අපි ඒ සංඛ්යා වට ඇතුළත් නොවෙමු. ඉන්නිසා මින්පසු ක්රිනස්තියානිය වර්ණඒනා කිරීමෙන් කමක් නැහැ.

මේ වගට - හතේසිවන්ත, කැරොලයින්.

මේ ලියමන මාර්ගරැට් කුරේ රැගෙන ගොස් ඒ බලාපොරොත්තුවෙන් උන් රොබට් සිල්වා අතට දුන්නාය. රොබට් ලියමන කඩා බලා එය තමාට “අන්ද්රය දෙමළ” මෙන් නොතේරෙන බැවින් දේවදාස ළඟට ගෙණගොස් පෙන්නුවේය. දේවදාස ද ලියමන බලා බැරි තැනදී නිශ්ශබ්දවීමත් ඒක පණ්ඩිත කමකැයි සිතා “අනේ සිල්වා මහත්මයෝ ඔය ලියමන ගෑනියෙක් ලීවානම් බස්නාහිරින් ඉර පායයි. කාගේදෝ රැවටිල්ලකි. මහත්මයා ඔය බොරුවට නොරැවටී නිකම් ඉන්ටය”යි කීය. රොබට් සිල්වා දේවදාසයා ගේ අමනකම් තේරුම් ගෙන “හොඳයි තමුසේගේ තරමත් අපි දැන ගතිමු. අපේ “ගවරැල” තණකොළ නොකනවා පමණකැයි කලකිරි කැරොලයින්ගේ නැගනිය කවදා නමුත් කසාද බඳිමියි සිතාගෙන තමාගේ කටයුතු වගයක් සඳහා මාස කිපයක් නැවතීමට උඩරටට ගියේය.

කැරොලයින්ලා අන්තිම අමාරවට පැමිණ හෙවත් පියාගේ මරණය සිද්ධවි අවුරුද්දකුත් මාස නවයක් ‍ගතවිය. මේ විසි එක් මාසය තුළ නොවින්දාවු දුකක් නැත්තේය. මේ කාලයේම ස්වකිය මලයාට උණසන්නිපාතය වැළඳීමෙන් කබලේ බැදි බැදි සිට ලිපට වැටුනාක් මෙන් අමාරුවද අධික විය. දුක විඳීමට උගත් නමුත් මෙතැන් පටන් කැරොලයින්ට විදින්ට ලැබුණ දුක ඇගේ ප්රීමාණය ඉක්ම පැවැත්තේය. තුන්හතර වේලේ ආහාරයක් වත් මලයාගේ අසනීපය නිසා නින්දපක්වත් නැතිව දැලිකුණු වැකි කඩමාලු ඇඳගත් මේ සොහොයුරියන් දෙ දෙනාගේ දුක්ඛිත භාවය දැනගත් අසල ගෙයක පදිංචි සෙලෝහාමි උපාසිකාව නම් කරුණාවන්ත සිංහල ස්ත්රී රුපියල් 10 ක්ද ගෙනත්දී ඔවුන්ට බොහෝ පිහිටාධාර වූවාය. කරුණාවන්තවූ විද්යාෝරත්න වෙද මුහන්දිරම් මහතාගේ ප්රිත්යංක්ෂ ප්රාතිකාරවලින් යම්තම් මල්ලීට සනීප ලැබුණේය. කැරොලයින්ලාට උදව් කරමින් නිතර යන එන සෙලෝහාමි උපාසිකාවගේ පුත්රියාට මේ ගුණවත් උතුම් ස්ත්රීනරත්නය සරණකර දුන්නොත් යෙහෙකැයි ඒ


හළු මව්ට සිතී වඩ වඩාත් කැරොලයින් අශ්රෙයට එන්ට පටන්ගත්තීය.

කැරොලයින්ලාට රෙදි කෑලි කිපයක් ද ගෙනත් දුන්නේය. මේ යම්කිසි අදහසක් පිට නොව අපේ අසරණකම සලකාම කරන උපකාරයකැයි සිතා කැරොලයින්ලා ඒවා සතුටින් පිළිගත්හ. නමුත් සති කීපයකට පසු උපාසකම්මා ස්වකීය පුතාගේ ගුණ නුවණ හා උගත්කම ආදිය කියමන් කැරොලයින් ඔහු සමග විවාහ වෙතෙත් කසෙන් වැදූ දුවෙකුට මෙන් ප්රේිම වෙමැයි කීය. එවිට කැරොලයින් තමා මුලදී වෙලා තිබෙන පොරොන්දුවත් එය කඩන්ට නොමැති නිසා අවුරුදු 10 ක් මුළුල්ලේ වින්ද දුකත් සෙලෝහාමි උපාසිකාවට මෙසේ කීය. ‘කරුණාවන්ත අම්මේ, අපේ මෑනියන්ගේ අයියාගේ පුත්රායෙක් වන කෙනෙකුට මම ළපටි කාලයේම විවාහ වීමට පත් පියා මගේ මව්ට තළා අනියම් මරණයෙන් මව් නැසුනාය. මගේ මේ ප්රේමමබන්ධනය නිසා මවුත් මළේය. ඒ නිසා බීමටත් නපුරු මිනිසුන් අශ්රහයටත් පැමිණි පියා නපුරු ස්ත්රිටයක් සරණපාවාගෙන පවුන් හැට හැත්තෑ දාහක දේපලත් විනාස කරගති. ඔය කාලයේ මගේ පියාගේ හා කුඩා අම්මාගෙනුත් ඇසූ අමිහිරි කර්කශ වචනත් විඳපු වදත් ලැබූ පහරවලුත් මෙපමණයයි කිව නොහැකියි.

ඉන්පසු ජෝසප් පෙරේරා නම් ධනවත් ප්රිසිද්ධ මහතෙක් මා සරණ කරගන්ට උත්සාහ කළ නමුත් මගේ ප්රේ්මය කඩාදැමීමට බැරිව ඊට සතුටු නූනෙමි. ඉක්බිති එයින් කෝපයට පත් මගේ පියා මත්පැන් බී මැරී ගියේය. නැගනියන් දෙදෙනෙකුත් මාත් මල්ලිත් පමණක් ඇති අසරණ පවුලේ බර භාර ගැනීමට එම ජෝසප් පෙරේරා නැවත්ත කැමති වි කසාද බඳින්ට පුළුවන් තරම් උත්සාහ කෙළේය. නමුත් මම මගේ මුලින් බැඳි ප්රේළමය මදකුත් චංචල නොකෙළෙමි. දැන් අවුරුදු දෙකකට ළංවන කාලය තුළ මා නොවිඳපු දුකක් මේ මිහිපිට නැත්තේය. නමුත් මම මුලින් බැඳි ප්රේමමය තවම චංචල නොකෙළෙමි. ස්ථිර ගුණයෙහි පිහිටි ස්ත්රීුහු නැතැයි කියන කථාව බොරු කිරීමට මගේ ප්රානණය වත් පුදමි. ඒ හෙයින් උපාසක අම්මා මට කරදර නොකළ මැනවැ”යි කීය. කැරොලයින්ගේ මේ කථාව අසා පුදුමයට පත් සෙලෝහාමි උපාසිකාව අසතුටු වෙනවා වෙනුවට ඈ සමග සතුටුවී ගෙදර යන්ට ගියාය.

කැරොලයින්ලා උදයට කඩයප්පන් පිලිස්සීමාදියෙන් ඉතා දුක්ඛිත ජීවිතයක් ගතකරමින් සිටියෝය. ඉක්බිති මාස දෙකක් පමණ යන විට


කැරොලයින් ගර්භනී වූවාක් මෙන් බලන්නට පෙනුණේය. කැරොලයින්ගේ නැගනිය ඇඩලේඩ් ද අක්කාට මේ බව කීය. නමුත් කැරොලයින් පුරුෂයෙකුගේ අතින් අත ස්පර්ශය වත් නොලත් බැවින් ඈට ඒ ගැන කිසිත් කනගාටුවක් නොවීය. නමුත් කැරොලයින් කසාද බැඳීමට උත්සාහ කළ ජෝසප් පෙරේරා මහතා ආදී කීපදෙනෙකුටම කැරොලයිනුත් ගර්භනීව සිටිනවායයි හොඳටම ආරංචි විය.


14 වෙනි පරිච්ඡෙදය

[සංස්කරණය]

බු රුමයේ තේක්ක ලී වෙළදාමේ නියුක්ත විජයදාස අබයවික්රවම මහතා ඉතා තීක්ෂණ බුද්ධියෙන්ද, බලවත් උත්සාහයෙන්ද තුන් අවුරුද්දකින් ඒ වෙළදාම මහත් දියුණුභාවයට ගෙනාවේය. පවුන් සියක්දාහකට අදික ධනයක් මේ වෙළෙඳාමෙන් උපදවන ලදි. තමා බී. ඒ. විභාගයෙන් සමර්‍ථ වුණ නමුත් යම් කෙනෙකු යටතේ පඩියට වැඩකළා නම් මසකට පවුන් 10 ක් පඩිගැනීම පහසු නොවේ. ලෝකයේ පඩි ලබන කවුරුත් එදා වේල පිරිමසා ගන්නෝයි. පවුන් තිහක්පඩිකන මිනිහාත් රුපියල් 10 ක් පඩිකන අයත් දෙන්නාම රක්ෂාව නැතිවුණදාට එක සමාන දුප්පත්තු වෙති. පවුන් 50 ක් ලැබෙන අයත් යන්තම් මාසය පිරිමසා ගනියි. පවුම ලැබෙන අයත් කොහොමවත් එසේ පිරිමසා ගිනියි. එහෙයිනි පඩි කෑම එදා වේල කෑමයයි සිතිය යුතුයි. ගොවිකම වැවිලි වෙළඳාම් කර්මානන්ත කරන්නෝ පමණක් නිවහල්ලුය. මතු ප්රියෝජනයට ඉතිරි කරන්නෝයි.

මේ බව හොඳින් අවබෝධව විජයදාස වෙළඳාමට බැස්ස බැවින් අධික ධනවතෙක් විය. ඉතින් විජයදාසගේ අනික් කොටස්කාර භෝජදත්ත බ්රාෙහ්මණතුමා අපුත්ර කව කාලක්රිොයා කළ බැවින් ඔහුගේ ධනයෙන් පවුන් 5000 ක් ස්වකීය භාය්යාාහ් වට ද, අසරණ දරුවන්ට ශිල්ප ශාස්ත්ර්ය ඉගැන්වීම සඳහා පවුන් 2000 කුත් අනාථ වෛද්ය්ශාලාවට පවුන් 1000 කුත් ලියාදී ඉතිරිවූ තමාගේ සියලුම ධනයත් විජයදාසට හිමිකර ‍මළේය. විජයදාස බ්රාකහ්මණතුමා නියමකළ පරිදි සියල්ල ඉෂ්ට කර තේක්ක ලී හා යන්ත්රාාදිය රුපි. 500000 පන් ලක්ෂයකට විකුණා ඒ මුදලත් තමාට කලින් ලැබි තිබුණු ධනයත් බ්රාාහ්මණතුමාගෙන් අයිතිවූ ධනයත් යන මේ සියල්ලම රුපියල් (2500000) විසිපන් ලක්ෂයක් බව දැන මේ ධනය මාගේ


දියුණුවට සෑහේ යයි සලකා ලංකාවට එන්ට පිටත්විය. ඒ එනවිට සිංගප්පුරුවේ සිට එන සිංහල තරුණයක් ද සම්භවිය. ඒ තරණයා සිංහල නමුත් විජයදාස සමග ඉංග්රී සියෙන් කථාකළාම විජයදාස තමා සිංහලයෙක් බව කී නමුත් තරුණයා නැවතත් ඉංග්රීීසියෙන්ම කථා කෙළේය. එවිට විජයදාස ඔහු කරණ නොපනත්කමේ තරම කියා දුන්නේය.

සිංහලයෙක් සිංහලයෙකු සමග අවශ්ය යෙන්ම එසේ කටයුතු තැනකදී මිස සාමාන්යක කථාබහේදි ඉංග්රී සියෙන් කථාකිරීම නින්දා කටයුතු ක්රිනයාවක් වන්නේය. ඉන්දි්යාවේ මහා ඉංග්රීගසි උගත්තු බවා කිසි විටක ස්වකීය ගෙදර උදවිය හෝ ඥාති මිත්රායදීන් සමග ඉංග්රීගසි ආදී අන්යත භාෂාවකින් කථා නොකරන බව පෙනේ. අපේ සිංහලයන් පමණක් මහත් ගෞරවයක්ය සිතා සිංහලයෙක් සම්මුඛවු විටත් ඉංග්රීේසි කථාකරන බව පෙනේ. මේ අපේ ජාති ගෞරවය පහත බැස්ස බවට ඇති බලවත් සාක්ෂ්යබයක් වන්නේය. ඉන්නිසා කිසි දිනක සිංහලයෙකු සමග ඉංග්රීරසි ආදී අන්යි භාෂාවකින් කථා නොකරවයි අවවාද කොට විජයදාස ඔහුත් සමග කොළඹ නැව් තොටින් ගොඩවැස වැඩි වේලා කොළඹ නොනැවතී මහනුවරට ගියේය. එසේ ඔහු ගියේ කොළඹ ඌෂ්ණාධික බැවින් ටික දිනක් ලක්දිව දේශගුණය පුරුදු වෙන පිණිස මහනුවර නැවතීම වඩා සැපදායක යයි සිතාගෙන විය. විජයදාස මහනුවර සිටිමින් ප්රවසිද්ධ වෙන්දේසියේ විකුණන නුවර ඉඩම් කීපයකුත් සත්කෝරළයේ පොල්වතු දෙකක්ද මිලයට ගෙන ඉතින් තමාගේ ප්රේනමවන්ත අධාරකාරී වන කැරොලයින්ගේ තොරතුරු සොයමැයි සිතා කොළඹට පැමිණියේය. ඔහු කොළඹට ආ හැටියේම කුරුඳුවත්තෙන් අලංකාර ගෙයක් අතමුදලට ගෙන ඊට උවමනා ගෘහ භාණ්ඩද,සම්පාදනය කරවා එහිම පදිංචිවිය. කැරොලයින්ලා කලින් සිටියාක් මෙන් ධනවත්ව සිටිත්ය යන කල්පනාවෙන් ඈ ගැන නොවිමසා මෙසේ කෙළේය. ඉක්බිති විජයදාස අබයවික්රනම මහතා හොඳට ඇඳ පැළ‍ඳගෙන එක් දිනක් උදයෙන්ම රික්ෂෝ රථයක නැගී කැරොලයින්ලා කලින් පදිංචිව සිටි ස්ථානයට ගියේය. එහි ඉංග්රීීසි පවුලක් සිටිනු දැක ඊට ආසන්න ලංසි ගෙදරින් විමසු විට එහි සිටි මහළු ස්ත්රිංයක් කැරොලයින්ලාට සිද්ධවූ සියලුම විපත්ති කියා දැන් කැරොලයින්ලා අනාථව කොම්පඤ්ඥවීදියේ වත්තක පුංචි ගේක සිටින බවත් ඒ පව්ල සම්පූර්ණලයෙන්ම විනාශවූ බවත් කීය.


දු ක සැප රිය සකක් මෙන් නිතර පෙරළෙ ත එ ක ලෙස දිවිතුරා කිසිවෙක් ඉඳිනු නැ ත දු ක සැප දෙකෙහි එබැවින් සත් දත් නිය ත එ ක ලෙස පවතීය තැවුමක් නැතුව සි ත

යනාදිය කල්පනාකරමින් විජයදාස මහතා කොම්පඤ්ඤ වීදියට ගොස් කැරොලයින්ලා සිටින ඉඩම දැන‍ගන ඔවුන්ගේ ගෙට යන පාර අයිනේ පරීක්ෂාවෙන් සිටින විට කැරොලයින්ලාට ආධාර උපකාර කළ සෙලෝහාමි උපාසිකාව රූපශ්රීනයෙන් යුත් විජයදාස මහතා දැක “මහත්මයා කුමක් බලන්නේදැ”යි ඇසීය. එවිට විජයදාස “මේ වත්තේ කැරොලයින් නමැති ගෑනු ළමයෙක් සහිත පව්ලක් වාසය කරත්දැ”යි ඇසුයේය. එකල්හි‍ සෙලෝහාමි උපාසිකාව නොඅනුමානවම මේ කැරොලයින්ගේ ඉගෙනීම ආදිය අසා ඈ කෙරේ ප්රසසන්නව ආ කෙනෙක්යයි සිතා එසේ අසන්නේ කුමකටදැයි ඇසීය. “මම අඳුනන කෙනෙක, ඒ මිස වෙන ‍කිසිවකට නොවේය. කලින් ධනවත්ව හොඳින් කල්යැව් පව්ලක්ය. දැනුත් එසේදැ”යි විජයදාස ඇසුයේය. බොහෝ ස්ත්රී්න්ට තමා දත් දේ නොකියා සිටින්ට බැරිය. මේ යමක් කිවයුතු තැනය. මේ නොකිය යුතු තැනයයි බොහෝ ස්ත්රීඅහු නොදනිති. යමෙකුට අනාර්ථැයක් කිරීමට හිතේ අදහසක් නැත්ත තමා දත් තරමම කීම නූගත් ස්ත්රී න්ගේ සිරිතකි.

සෙලෝහාමි උපාසිකාව මේ ගතියෙන් තොරනුවු හෙයින් “එන්ට මහත්මයෝ මම ඔක්කෝම කියන්නෙමි”යි කියා ස්වකීය නිවසට අඬගසා ගෙන ගොස් කැරොලයින්ලා කෑම ඇඳීම නැතිකමින් විඳිනා දුකත් කැරොලයින්ගේ එක නැගනියක් වැඩකාරයෙකු සමග සැඟවී ගිය සැටිත් කිය. තවද කැරොලයින්ගේ අනික් නැගනිය ධනවත් රෝමානු කතෝලිකයෙක් කසාද බඳින්ට හැඳූ හැටිත් කැරොලයින් සතුටු නොවීමෙන් එය මගහැරුණු හැටිත් කැරොලයින් විවාහ කරගන්ට බොහෝ දෙන උත්සාහ කළ නමුත් ඈ ඊට සතුටු නොවීමෙන් නොහැකිවූ බවත් යනාදී ඇගේ යහපත් ගුණ මහත් රාසියක්” කියා මෙසේත් කීය “මහත්මයෝ කැරොලයින් කොපමණ උගත් හික්මුණු ගෑණියෙක් උවත් දැන් ඇගේ කල්ක්රි යාව නරක්වුනා මෙන් පෙනෙනවා”යයි කීය “ඒ මොකදැ”යි විජයදාස ඇසූවිට “මහත්මයෝ සමහර ගෑනු කෑම බීමාදියෙන් දුක්විඳින විට නොපණත් කම් උවත් කරන්ට සතුටු වෙති. නමුත් කැරොලයින් ගැන මම

නිසැකව යමක් නොකියමි. රටේ තොටේ නම් කැරොලයින් ගර්භනීව සිටියයි කියති. පෙනිමටත් එසේය”යි කීය. විජයදාස මහතා මේ තරමින් කතාව නවත්වා සෙලෝහාමි උපාසිකාවට ස්තුතිකොට යන්ට ගියේය. කැරොලයිනිගේ මල්ලී එදා සවස කොටුවේ සිට අවුත් “අක්කේ, විජයදාස අබයවික්රමම කියා මහතෙක් කුරුඳුවත්තෙන් රු. 50,000 ගෙයක් මිලේට ගත් බව කියා තිබේ. ඒ කවුදැයි කියන්ට බැරිය. උඹ කියන අපේ මාමාගේ පුතා ද කියා සිතන්ටත් පිළිවනැ”යි කීය . ඒ අසා කැරොලයින් පුදුමයට පැමිණ ශත 5 ක් දී ප්රනවෘත්තිය පළවු පත්රැය ගෙන්වා බලා තමාගේ ප්රේ මවන්ත විජයදාස මහතාම බව තේරුම් ගෙන කණගාටුවට පැමිණ මෙසේ කල්පනා කළාය.

“අනේ දැන් කාලේ සිංහල මිනිස්සුන්ගෙන් බොහෝ දෙනා කෙළහි ගුණ නොදනිති. පොරොන්දු නොසලකති. අසරණ කාලේ ආධාර කළ අය ගැණ ධනවත් වුනාම මතක වත් නැත. ඉතින් කාලය මෙවැනි හෙයින් විජයදාස මහතා ඒ වල් සිංහලයෙක් වාගේ කළාද මොකද කියන්ට බැරිය”යි සිතා මහත් විපරිත භාවයකට පැමිණ එළිවෙනතුරු කාලය ගත කරන්ට කැරොලයින්ට අමාරුවුයේය. නිදමින්ද කැරොලයින් මෙසේ කල්පනා කළාය. මම විජයදාස මහතා නිසා නොවින්ද දුකක් නැත. ධනවත් හැදිච්ච බොහෝ දෙනෙක් මා සරණ කරගන්ට උත්සාහ කළ නමුත් මම සිංහල ස්ත්රියයක් මෙන් මගේ පො‍ෙරාන්දුව ඉෂ්ට කරන්ට උනිමි. විජයදාස මහතා දැන් ධනවත් උගත් කෙනෙක්ව ඇවිත් සිටින බැවින් අසරණ හිඟන්නන්ව සිටින මා බලන්ට නාවා වෙන්ට ඇත. ඊ‍ටත් වඩා මා ගර්භනීව සිටින බව කවුදෝ කියා මා ගැන නොසලකනවා වෙන්ට ඇත. කෝක වුනත් තුන් හතර දිනක් තව දුරටත් බලමියි කල්පනා කරගෙන විජයදාස මහතාට යවන පිණිස රෑම නැගිට මේ ලියමන ලීවාය.

ක ළ පි න් ගෙවුණු කල උතුමන්ටත් පව ර නො ම දි න් දුක ලැබෙති ඒ ගැන සැක කව ර දෙ වි ය න් හටත් මහමන්දාතු රජක ර වි ඳි මි න් දුක මළේ ලැබ සිතට කරද ර

ලෙ ස දිවි ඔබට බැඳි තද ආදරය න සා ද ස වස් මා විඳපු දුක් සිඳු ජලය ලො සා අ ස වල් පමණකැයි නැත මහතුනි ‍නිදො සා බ ස කින් කියනු කෙලෙසද මා වැනි දිගැ සා

කෙ ත ර ම් දුකක් විඳිද මා මුළු ලොවේ ඇ තී එ ත ර ම් ඔබට බැඳුනේ සිතෙහි පෙම්ග තී ම න ර ම් ඔබ උවන එනමුත් දැකුම් නැ තී නො ත ර ම් කමක් කළදෝ මා නුවණ නැ තී

‍ නො කී වට ඔබට බැදි අදර මා ස තේ ද කී නැණ ඇසින් ඒ ගැන සැකක් නැ තේ දු කී මා විඳපු ඔබ ගැන සුගුණව තේ දැ කී නම් පුදයි ඔබෙ දිවි මෙ‍මා වෙ තේ

ක න් න ට අඳින්නට වෙන සැපත දී ම ට වෙ න් න ට සරණ ඇසුවෝ සිතු බැඳී ම ට දු න් න ‍ට පසු බැරිව මගේ බස් කැඩී ම ට දැ න් ම ට සිදු උනේ හිමි දුක් විඳී ම ට

ග ල ක් නොවන බව මම දනිමි ඔබේ ළ මා වි ල ක් මෙන් විය නෙතු කඳුළැලින් තෙ මා ක ල ක් දුක විඳත් ඔබ පැමිණෙන තුරු මා ම ළ ත් ඔබ නිසා යුතුකම් කළෙමි ම මා

ඇ වි දි න් සිරිලකට දැන් සතියක් වි ය දි වි ව න් කැරොලයින් තව සිහි නොම වි ය ස ත ති න් මගෙ සිතින් ඔබ තොර නොම වි ය ඉ ති කි න් දිවි රැකුම් මට කම් නැති වි ය

මේ වගට - අසරණ කැරොලයින්.

කැරොලයින් රාත්රි ය ඉතා අමාරුවෙන් ගතකොට එළිවූ හැටියේ මල්ලිට තේවතුර බොන්ට දී “මල්ලී නුඹ මේ ලියමනත් රැගෙන විජයදාස මහතා සිටින තැන සොයා මෙය දීලා යම් උත්තරයක් දුන්නෝත ඒකත් රැගෙන වරෙන්න”යි පිටත්කර යැව්වාය. ඇල්බට් ද කිළුටුවූ රෙද්දත් බැනියමත් ඇඳගෙන විජයදාස‍ගේ “විජය මන්දිරය” නම්වූ අලංකාර වලව්වට ඇතුල්වන දොරටුව ළඟ උන්නෝය. එවේලාව විජයදාසට මුදලි කෙනෙකුගේ දුවක් දසාද බදින්ට ජෝඩුකරන පිණිස කීප දෙනෙක් ඇවිත් සිටි වේලාවක් වී. විජයදාස ඔවුන්ට සුරුට්ටුවලින් සංග්රවහක‍ර මඟුලෙන් කමක් නැත කියා ඔවුන්


පිටත්කර යවා මිදුලට බැස්ස විට හිඟන කොලුවෙකු මෙන් තාප්පේ ළඟ සිටි ඇල්බට් දැක ටික වේලාවක් කල්පානා කර අඳුනා වහාම ළඟට වුත් අත ළඟින් අල්ලා ගෙට ගියේය. ඒ එසේමැයි -

ත ම හ ට උදව්කළ සත අසරණ උව ද නො ම කොට ඔවුන් පිළිකුල් සිතනු ගරු ලෙ ද ගු ණ සෙ ට මහතුමන් සිරිතකි වන පබ ද සු ර ත ට සුරිඳු පිළිගති සාවා එස ඳ

සුබුමාලව තැනුණු ඇල්බට් විජයදාස අතින් ඇල්ලු හැටියේම කඳුළු සලමින් අඬන්ට පටන් ගතිය. විජයදාස ඇල්බට් පුටුවක් පිට වාඩිකරවා රසකැවිලි කන්ට දී තේවතුර පොවා “උඹලාට මේ මක්වුනාදැ”යි ඇසීය. එවිට ඇල්බට් ඇඬුවා මිස කිසිත් නොකිය සිට අක්කා විසින් දුන් ලියමන කඩා කව් එකක් දෙකක් කියවන විට ඔහු ගේ ඇස්වලින් කඳුළු ආහ. “ප්රේ මිය නුඹ දැකීමට මගේ සිත්හි ඇති ඉක්මන්කම නුඹ මා දැකීමට ඇති ප්රීුතියට වැඩිය”යි සිතමින් ලියුම කියවා බලා ඉක්මනින් කැරොලයින් සනසමින් සලකාගෙන ඇල්බට්ට හොඳ රෙද්දකුත් බැනියමක් හා කෝට් එකකුත් අඳවා කනගාටු නැතුව අක්කාට ඉන්ට කියාපන් කියා රුපියල් 50 කුත් දී තමාගේ රික්ෂෝ රථයෙන් ඇල්බට් පිටත්කර එව්වේය. ඔහු එනතුරු මග බලාගෙන අන් කැරොලයින් හොඳට ඇඳපැළඳ ගෙන එන මල්ලී දැක බලවත් ප්රීබතියට පැමිණ “ආ මල්ලි නුඹව ඇඳින්නාද, මොකද මහත්මයා කීවේ” කියා ඇසුවාය. එවිට ඇල්බට් “මට කන්ට බොන්ට දී හොඳට අඳවා මේ රුපියල් 50 ත් දී කනගාටු නැතුව අක්කාට ඉන්ට කියාපන්” කියා එව් බව කීවේය.

කැරොලයින් රුපියල් 50 පැත්තකින් දමා කනගාටුවෙන් යුක්තව මෙ‍ෙස් කල්පනා කළාය. “විජයදාස මහතා දැන් ලොක්කෙක් නිසා අසරණ අපට මුදල් හදල් ආදියෙන් සංග්රයහකරන්ට සිතුවා වෙන්ට ඇත. නමුත් උන්නැහේ මා ළඟට පැමිණ මා සනසන තුරු උන්නැහේගේ මුතු මැණික් රන් රුවන් කුනුකසල තරමට වත් මම නොතකමි යනාදිය කල්පනා කරමින් බලවත් සෝ‍කයෙන් නිදා ගත්තාය. ඇල්බට් රුපයල් පනහෙන් 5 ක් රැගෙන ගොස් හාල් තුනපහ ආදිය ගෙනත් ඇඩ්ලේඩ්ට දුන්නේය. ඇඩ්ලේඩ් එයින් හොඳ හැටි උයා ඇල්බට්ගෙන් විජයදසාස මහතාගේ තොරතුරු අසා “අපට නවතත් සැපවතුන් වියහැකිය”යි සතුටුව ඔවුහු බත් කෑවෝය.


කැරොලයින්ටද කථාකොට බත් කන්ට කී නමුත් “විජයදාස මහතාගේ මුදලෙන් පිසූ පත් මට උවමනාවක් නැත. උඹලාම කාපල්ලා” යයි කී නමුත් ඔවුහු වංචාකොට ඒ මුදලෙන් නොව මේ බත් පිසන ලද්දේ අපේ මුදල්වලිනැයි කියා කැරොලයින්ටද බත් කැව්වෝය. කැරොලයින් ඒ බතුත් කා විජයදාස මහතා දකින තුරු සැනසිල්ලක් නැතැයි සුසුම්ලලා නැවතත් නිදා ගත්තාය.

විජයදාස මහතා එදින දවල් බත් කා දොස්තර කෙනෙකු ළඟට ගොස් ස්ත්රීසන්ට මුඪගර්භ සෑදීමට හේතු කවරේදැයි ඇසූ නමුත් ඔහු අනම්මනම් කීවා මිස ශාස්ත්ර යට ගැළපෙන කිසිවක් නොකී හෙයින් බලවත් ලෙස කලකිරි අපේ උතුම් අයුර්වෙ ද ශාස්ත්රපය තිබියදී මොහුගෙන් යමක් දැනගන්ට ආ මම්ම මෝඩයෙකැයි තමාටම නින්දා ‍කරගනිමින් කොම්පඤ්ඤවීදියේ සිටින විද්යා්රත්න වෙද මුහන්දිරම් රාළහාමි ළඟට පැමිණ දැන ඇඳිනගෙන් ස්ත්රීයන්ගේ මූඪගර්භ සාධනයට හේතු කවරේදැයි ඇසූවිට එතුමා “සුශ්රැ තය” ගෙන මේ බලන්ටය කියා පොතම අතට දුන්නාය. සංස්කාත භාෂාව මනාසේ දැන උගත් විජයදාස මහතා එහි ශ්ලෝක කියවා කනගාටුවෙන්, සෝකයෙන්, දුක්විඳීමෙන් ඔසප් ලෙය වැළකෙන බව තේරුම් ගෙන කැරොලයින්ට වූයේත ඒකමයයි නිශ්චකොට තේරුම්ගෙන වෙද මුහන්දිරම් රාළහාමිට ස්තූතිකොට යන්ට ගියේය. තවද විජයදාස ස්වකීය නිවසට යමින් මෙසේ සිතීය.

“කැරොලයින් උතුම් ස්ත්රිසයකි. උතුම් සිංහල ජාතියේ උපන් ස්ත්රිෙයෝ දිවි යතත් නොපණත්කම් නොකරත්, පුරාණ සිංහල ස්ත්රිියෝ දිවි නොතකා පතිවෘතාදී ගුණය රක්ෂාකරමින් නොයෙක් වික්රිමකම් දැක්වූහ. වර්තමාන කාලයේ ද සංකීර්ණර වල් ගෑණු නොපණත්කම් කර්තමත් උතුම් සිංහල ස්ත්රීනහු නොකරත්මය. ස්ත්රිවයක් උතුම් ගුණයෙන් පිහිටීමට ඇගේ මව් උතුම් ගුණයෙහි පිටහි තැනැත්තියක් විය යුතුමයි. කැරොලයින්ගේ මව් වනාහි උතුම් ස්ත්රීතරත්නයකි. ඒ උතුම් මෑනියන් අනුව කැරොලයින් වැඩුනේය. සමහර කරුණුවලින් කැරොලයින් මවටත් වඩා දැනමිති වේ. කැරොලයින් දිවි යතත් අයුත්තක් නොසිතන්නීය. මා නිසා දස අවුරුද්දක් මුළුල්ලේ කිය නොහැකි තරම් දුක් වින්දාවුද මගේ මේ දියුණුවට පරම ආධාරකාරිවු ප්රේුමියට මගේ ප්රාොණය වූවත් පුදමියි සිතුයේය. එසේද වූවත් කැරොලයින්ට කවටකමක් කරමියි සිතා මෙසේ ලියුමක් ලීවේය.


ප්රේාමිය,

නා සෙ න් පිටත්වුන එසුළඟ කොයි ගියෙ ද කී මෙ න් සෙවීමෙන් පලයක් නොමැති ලෙ ද පේ මෙ න් කතාවෙන් අඟනත් හොඳ නොහො ඳ නැ දැ න් දැනගන්ට හැකි සමතෙක් ඉපි ද

ඒ කෙ ලෙ සි න් උවත් මට ආදර කිය න රූ සි රි යෙ න් පසිඳු කැරොලයින්හට සොබ න මේ ස ම ග න් එවන මුදලුත් රෙදිත් ගෙ න බෝ ස තු ටි න් වසනු මැන නොවනස් කමි න

මේ වගට - පෙම්බර, විජයදාස.

විජයදාස මේ ලියුමත් මුදල් වගයක් හා රෙදිකෑලි කීපයකුත් රැගෙන ගොස් ගේ ළඟ සිටින විට ඇල්බට් යනු දැක ඔහු අතට දී ඒවා අක්කාට දෙන්ට කියා ගියේය. කැරොලයින්ද ලියමන දැක විජයදාස දුටුවක් මෙන් සිත පිනා ගිය මුත් ලියුමේ කියා තිබෙන කරුණුවලින් ස්ත්රීකන් සැක සහිත කොටසක් බවත් කැරොලයිනුත් ඒ ගොඩේම බවත් වැටහී ගොස් මෙසේ සිතුවාය. කෙළෙහි ගුණ සැලකීම වශයෙන් විජයදාස මහතා මට මුදල් හදලින් ආධාර කරනු මිස මගේ බලාපොරොත්තුව ඉෂ්ට නොකරන්නාක් මෙන් පෙනේ. ඒ හෙයින් මට දිවි තොරකර ගැනීම මිස අනිකක් නොවේය”යි සිතමින් දුකින් සිටියාය.

ඇඩලේඩ් හැ ඇල්බට්ද තමාගේ යහපත් කාලය ආ බව දැන ප්රීුතිවෙතත් බලවත් චිත්ත සන්තාපය නිසා යුක්තායුක්ත විසඳාගැනීමට නොහැකි කැරොලයින්ගේ හිත වඩාත් නරක් විය. දිව්යනප්සරාවක් මෙන් උන් කැරොලයින් මව්පියන්ගේ නැතිවීමෙන් අසරණවී විරූපවී ගිය නමුත් විජයදාස මහතා ආ බව දැනගත්දැ සිට ඔහු තමා බලන්ට නා සෝකයෙන් වැදිරි මැහැල්ලියක් මෙන් විරූප විය. “මට ඉතින් කමක් නැත. මම විජයදාස මහතාගෙන් එක උපකාරයක් ඉල්ලා නැතිවෙමි”යි සිතාගත් කැරොලයින් මෙසේ ලියුමක් ලීවාය.

ගරුකටයුතු මහතාණෙනි,

ඔබගේ ලියුම් ලැබුණා. මින්පසු මගෙන් ලියුමක් වත් පණිවුඩයක් වත් බලාපොරොත්තු නූන මැනවි. නමුත් එක උපකාරයක් ඉල්ලා

සිටිමි. මා මළ කල්හි වැලලූ ස්ථානයේ සොහොන් කොතක් බැඳ මෙන්න මේ වාසගම ගලක කොට ‍එහි තැබිය යුතුයි. එනම්,

“වැඩිවිය පැමිණි කල දෙමව්පියාදීන් විසින් පාවාදෙන පුරුෂයා කෙරෙහි මිස කිසිම පුරුෂයෙකු සමග ප්රේිමබන්ධනයට නොබැඳිය යුතුයි. යම් ස්ත්රිකයක් අඥානකමින් එසේ කළහොත් ඈටත් මේ කැරොලයින් මෙන් අනන්ත අප්ර මාණ දුක් විඳ අනියම් මරණයෙන් මැරෙන්ට සිද්ධවේ” යන මේ වාසකම ගලක කොට තබනු මැනවි. මේ ලෝකයේ අනික් තරුණියන්ට ප්රයයෝජන වන පිණිසයි.

තවද මගේ දුකද ඔබට මෙසේ මතක් කරමි.

මෙ මා කර රැගෙන සිප බස් කියා සො මි අ මා කර සවන් ගිය තැන් පටන් හ මි පෙ මා දර යෙහන් දිවි දෙවැනි රැකි මි ස මා උව මැනවි වරදක් ඇතත් හි මි

ම න් නා මගෙ අදර රසබස් මිනිතයෙ නී ද න් නා ලොවෙහි දුක්වල රසය වෙසෙසි නී දෙ න් නා මව්පියන් නැති කතෙකුට ම වැ නී දු න් නා හොඳයි සැප පින්පත් හිමිසඳ නී

හ ම න කිරි සුවඳ මුවයෙන් යුත් ළඳැ රී ලෙ සි න දාසයෙන් උන් උබට පෙම්දැ රී මෙ දි න මා මෙබඳු දුක් විඳිතත් අප රී කු ම න විලි ද මෙහි එන්ට නැද්ද හ රී

කි ය න්‍ නේ ලියන්නේ අගුණ හැමදෙ නා ක ර න් නේ වැරදි ලොව පිරිමින් විස නා නො ද න් නේ නොවෙයි හිමි ඔබතුම එගැ නා ඉ ති න් නේ නොකළ මැන මාහට කරු නා

ස ල කා ඔමගේ දියුණුව හිමි සඳිනි ම ම නො ත කා දිවි කළෙමි වැඩ ඒ කියනු කි ම එ ත කා වත් නොපැමිණ මවෙත ඔබතු ම ස ල කා ගෙන ඉඳිනු වේ විලි නොමැතික ම


පි ණි රස බිසින් බැඳි දලපෙම් ක න් ද පි ණි මෙන් දියව ගිය පුදුමය කි න් ද පෙ ණි ගියොත් දෙනෙතට ඔබ මැතිස න් ද පි ණි යාය සතුටින් පන්චස් ක න් ද

කී ලෙ ස නොකරතත් ඉටු මෙමගෙ අදහ ස නෑ දො ස කිසිත් වන්නේ ආවට මදෙ ස ඒ ලෙ ස නොම කළොත් මැතිඳුනි සෙට දව ස ආ යු ස මගෙ ඉවර වේමය නිසැල ලෙ ස

මේ වගට - අසරණ, කැරොලයින්.

විජයදාසට එදින උදේ කැරොලයින් ස්වකීය මලයා අත මේ ලියමන යවා දැලිකුනු වැකි සිරුරින් යුතුව උන්නාය. විජයදාස කැ‍රොලයින් දකින්ට යමැයි සූදානම් වනවිටම ලියමන ගෙනා බැවින් එය බලා මෙසේ සිතුවේය. “කැරොලයින් මා නිසා බලවත් දුක් විඳ දස වර්ෂ යක් මුළුල්ලේ බලාපොරොත්තුව සිටි මම ඈ පරීක්ෂා කිරීමටවත් නොගොස් සිටියොත් මෑ දිවි නැතිකර ගනීයයි සිතමින් සිටින විට තමන්ට ධනවත් ගෙදරකින් මඟුලක් කථා කරන්ට එදත් ආ බැවින් ටිකක් ප්රටමාද වෙන්ට විය. ඇල්බට ලියමන ගෙනත් දී ගෙදර ගියේය. පිළිතුරු දුන්නේ නැද්දැයි කීවිට නැතැයි කී බැවින් බලාපොරොත්තු රහිතවූ කැරොලයින් වික්ෂිප්ත සිතින් සිටින විට ජෝසප් පෙරේරාගේ මෑනියෝ බක්කි කරත්තයකින් විත් බැස කැරොලයින්ලාගේ ගෙට ගියේය. කැරොලයින්ට සුසාන හාමිනේ දැක මහත් ලජ්ජාවක් ඇතිවිය.

ඉක්බිති සුසානාහාමිනේ කැරොලයින්ට ආදරයෙන් කථාකරමින් “දුව උඹ බලාපොරොත්තුවෙන් සිටි විජයදාස මහතා ඇවිත් සිටින්නේය. මගේ පුතා ඔහු ගැන තොරතුරු හොඳටම දන්නේය. සංස්කෘතාදී භාෂාත් ශාස්ත්රිේචාය්ය් ේය යන ඉංග්රීබසි භාෂාවේ දැනගැම්මත් ඇති රුපියල් විසිපන් ලක්ෂයකට අදික ධනයක් ඇති ඒ මහත්මයා කිසි කලක උඹ කසාද නොබඳියි. ඔහුට මහා ධනවත් මුදලිතුමෙකුගේ දුවනියක් ගැන කථා කරති. හොඳයි උඹට විජයදාස මහත්මයා ලැ‍ෙබ්ය කියා උඹ හිතනවාද? සත්තකටම ලැබෙන්නේ නැත. ඉන්නිසා මගේ පුතා උඹලා කොපමණ දුඃඛිතව සිටිතත් උඹ කෙරෙහි ප්රේනමයෙන්


ඉන්නේය. කසාද බඳින්ට කැමැත්ත දියන්නැ”යි කීය. එවිට කැරොලයින් සුසුම්ලමින් “ ඔව් හාමිනේ විජයදාස මහතා ඇවිත් සිටිනවා. උන්නැහේගේ උගත් කමටත් රුපියල් විසිපන්ලක්ෂයේ ධනයටත් වඩා මා උන්නැහේ සලකනවාට අනුමාන නැහැ. උන්නැහේ මා කසාද නොබැන්දොත් තව දවස් දෙක තුනකින් හාමිනේට කියා එවන්නෙමි”යි කීය. එවිට සුසානා හාමිනේ ඉතා සතුටුව කනගාටු නැතුව ඉන්ටයයි අවවාදකොට ඇඩ්ලේඩ් හා හා ඇල්බට්ද මාලිගාකන්දේ පින් කමක් බලන්ට යන්ට සූදානම්වන බැවින් ඔවුන්ද කරත්තයේ හිඳුවාගෙන ගියාය. ඔවුන් ගිය පසු කැරොලයින් දොර කෑල්ලක් වසාගෙන දැලිකුනු වැකි ගතින් යුතුව තමා‍ෙග් දුප්පත් ගේ පැලේ ඉරීගිය සෝපාව උඩට වී නිදාගත්තාය.


15 වෙනි ‍පරිච්ඡෙදය

[සංස්කරණය]

සු සානා හාමිනේ ගෙදර ගොස් කැරොලයින්ගේ අදහස කීවිට ජෝසප් පෙරේරා විජයදාසත් සම්මුඛව ඔහුගේද අදහස දැනගනිමියි සිතා වහාමඇඳපැළඳගෙණ විජයදාස සම්මුඛවීමට ගොස් ඔවුනොවුන් නාඳුනන නමුත් කථාබන්කොට මිත්රිවිය. ඔවුන්ගේ කතාවක්ද ඇතිවිය.

ජෝසප් පෙරේරා - මහත්මයා බුරුමයේ ලී වොළෙඳාම්කර ලොකු ධනයක් සොයාගත් බවත් ධර්මයශාස්ත්රාුදිය හොඳින් දැන ඉගෙන ආ බවත් ආරංචිය.

විජයදාස - ඔව්. එහෙම ටිකක් කරගත්තා. නමුත් ඔය ලෝකයේ කියන තරමට නැත.

ජො - දැන් මහත්මයාට උසස් පවුලකින් කසාදයක් බඳින්ට පුළුවන. අපේ ජාතිය කෙරෙහි භක්ත්යා්දරය ඇති කෙනෙක් උසස් පව්ලකට බැදී ඔවුන්ද ජාති හිතෛෂි භාවයට පමුණුවනවා දක්නට මම කැමතියි. මහත්මයා කැමති නම්........ මුදලි තුමන්ගේ දියනිය ‍ජෝඩුකරන්ට පිළිවනි. පවුම් පනස් දාහකටත්වැඩි දායාදත් ලැබේ.

වි - ඒ ගැන බොහොම ස්තුතියි. දැන් මේ මහත්මයා එනකොටත් කෙනෙක් ඇවිත් සිටියේ අද්වකාත් කෙනෙකුගේ දුවක් ජෝඩු කරන්ටයි. නමුත් මා ජෝඩුකරගත් තැනක් තිබෙන හෙයින්


දැන් වෙන මඟුල් ‍ජෝඩුවලින් කමක් නැහැ.

ජෝ - හ හා ! මහත්මයා එහෙම කලින් ‍ජෝඩු කරගත් මඟලක් තිබෙනවාද?

වි - ඔව්, මමත් ඒ මනමාලිත් මගුල් ජෝඩුකර ගත්තේ අප දෙන්නා විසින්මයි. ඒ ජෝඩුකර ගනිද්දී මනමාලි ඉතාම ධනවත් පින්වන්තියෙකි. ‍මම ඒ කාලේ කාලකන්නි පව්කාරයෙකි. දැන් ඒ මනමාලි අන්තිම කාලකන්නි පව්කිරියක්වී සිටින්නීය. නමුත් මම ධනවත් පුණ්ය වන්තරයෙක්ව සිටිමි.

ජෝ - (කාරණය තේරී) ඔය මහත්මයා කියන්නේ අවුරුදු 2 කට වාගේ පෙර මැරුණු ඇල්ප්රසඩ් සිල්වා මහතාගේ දූ වන කැරොලයින් ගැනද?

වි - ඔව්, ඒ මාගේ ප්රේූමිය ගැන තමයි.

ජො - ඒ තැනැත්තිය ගැන මහත්මයා එය තරමට සිතන්ට එපා. දැන් ඈ අනාචාරීව ගර්භනීව ඉන්නීය. ඉතාමත් දුඃඛිතව සිටින හෙයින් ඇගේ නැගනියක් වැඩකාරයෙකු සමග සැඟවී ගියාය. ඈ දැන් කොප්මඤ්ඤවීදියේ වත්තක අශික්ෂිත ගෑනියක් ලෙස කල්ගතකරනවාය.

වි - මහත්මයා ඒ තැනැත්තිය ගැන ඔයතරමට විපරම් කළේ ඇයි?

ජෝ - එසේ විපරම් කළේ ඇල්ප්රැඩ් සිල්වා ඉන්න කාලේ මටත් ඈ ජෝඩුවුණු බැවිනි. ඒ කාලයේ ඈට බැරිය කී නමුත් දෙවනු කථා කළා නම් මට කසාද බඳින්ට තිබුණා.

වි - ඒ මහත්මයා කියන්නේ හිතට විරුද්ධ බොරුවකි. මහත්මයා තබා ශක්ර දේවේන්ද්රකයාට වත් මට මිසක් කැරොලයින් කසාද බඳින්ට බැරුවාමයි. කැරොලයින් හා මමත් ජාති ධර්ම යත් ආගම ධර්මබයත් උගත්තෙමු. ඇගේ ප්රෙකමය මා කෙරෙන් කඩන්ටවත් මගේ ප්රේ මය ඈ කෙරෙන් කඩන්ටවත් කිසිවෙක් ලෝකයේ නැහැ.

ජෝ - හොඳයි, මහත්මයා ඈ වැනි අසරණ අනාචාර ස්ත්රිගයක් කසාද බඳිනවාද,

වි - සත්තකින්ම ඈ මංමාවත්වල හිඟාකතත් මම ඈ කසාද බඳිමි. අනාචාරීව ඉන්නා බව කියන්නේ බොරුවටයි. අසරණ අයට


ඔය විදියට බොරු දොස් නැඟීම සිරිතකි.

ජෝ - හොඳයි මහත්මයා කැරොලයින් සම්බවෙන්ට ගියාද?

වි - නෑ මම ඈ සම්බවෙන්ට යන්ට මේ සූදානම් වෙලා. මහත්මයා නාවානම් මෙලහකටත් ගියෙමි.

ජෝ - හොඳයි ඒ ගියවිට ඈ ගර්භනීව සිටිනු නොවේ දැයි බලන්ට?

වි - ඔව්, සත්තකෙන්ම ඈ වැනි සුඛුමාල ස්ත්රි යක් මා නිසා අනන්ත දුක් විඳ එයින් ඍතු ලේ වැළකී සමහරවිට ඈට මූඪගර්භයක් ඇතිවෙන්ට බැරි නැත. මා දැක සතුටුවුනාම නැවතත් මගේ ප්රේ මිය කුමාරියක් වැනි වේ.

‍ජෝ - මහත්මයාගේ පුදුම කල්පනාව මට ආශ්චය්ය්ේමි කාරණයක් මෙන් වැටහේ.

වි - ඔව්, මහතාණෙනි, අපේ ජාතිය පිරිහුනේ කළගුණ නොදැනීමෙන් වේ . වර්තමාන‍ අපේ ජාතිය නිසා අපරට නිසා ජිව රුධිරය හෙළූ ජිවිත පරිත්යාතග කළ අපේ මුතුන්මිත්තන් ගැන සලකන්නෝ දැන් විරලවූහ. තමාට අමාරු අවස්ථාවේ පිහිටාධාරවූ අය අසරණවූ විට නොසලකා හරිති. ටිකක් ධනවත්වූ හැටියේ අසරණ ඤාතිමිත්රොයන් නාඳුනන අය මෙන් සලකති. තවත් කෙනෙකුට අසරණ කාලයේදී, අමාරුවේදී, ව්යා සනයේදී, පිහිටාධාරවූ අය තමා සුපත්වූ හැටියේ ධනවතෙක්වූ හැටියේ අඳුනන කෙනෙක් මෙන්වත් නොසලකයි. කෙළෙහිගුණ නොදන්නා තැනැත්තා තිරිසනෙකුට සමානවේ. කෙළෙහිගුණ නොදන්නෝ අනාය්ය්ා අධමයෝයි. මම ආය්ය්ණ න සිංහලයෙක්මි. මට උපකාර කළ, මගේ ඉගෙනීමට ආධාර කළ මා නිසා දුක්වින්ද, මා නිසා බලාපොරොත්තුවූ මගේ ප්රේේමිය මම ප්රමසිද්ධියේ විවාහ කර ගනිමි. මම ධනවත්වුණ පළියට, ඉංග්රීමසි ආදී භාෂා ඉගෙනගත් පළියට කිසි කලකත් මගේ ජාතියත් මගේ උතුම් ආගමත් මගේ උතුම් මුතුන්මිත්තන් ගේ ගුණධර්මණ හා චාරිත්ර්ත් අත්නොහරිමි. කාලෝචිත ලෙස ඇඳීම පමණක් සිංහලයන්ට වෙනස් කරන්ට ඉ‍ඩ තිබේ. වෙන අභ්යගන්තර බාහිර සිරිත් කිසිවක් වෙනස්කරන්ට නැත. එසේ යමෙක් අපේ මුතුන් මිත්තන්ගේ ආගම, සිරිත්, ගුණධර්මක ආදිය වෙනස් කරයිනම් ඔහු සංකරවූ කෙළහිගුණ නොදන්නාවූ අධමයෙකැයි


විජයදාස මහතා කීයේය. ‍ මෙබස් අසා සිටි ජෝසප් පෙරේරා මහතා විජයදාස කෙරෙහි අතිශයින් පැහැදි මෙසේ කියන්ට පටන් ගත්තේය. “කී වචනය ස්ථිර කරන උත්තම ගුණධර්මමය නොකඩන දිවි යතත් පොරොන්දුව ඉෂ්ට කරන ආගමත්, ජාතියත් දිවි ලෙස ආක්ෂා කරන ස්ත්රිොයක් දැක මම බලවත් ප්රීඉතියට පැමිණ සිටිමි. ඒ ස්ත්රිගය නම් මහතාගේ ප්රේරමවන්තිය වන කැරොලයින්ය. ඈ කසාද බැඳීමට මා ගත් උත්සාහය අප්රගමාණය. නමුත් එඒඋතුම් කාන්තාවගේ බුරුල් වචනයක් වත් නොලද්දෙමි. “ස්ත්රීේහු චපලය”යි කී කථාව කැරොලයින් බොරු කළාය. ඇගේ ගුණය කියන්ට වචන නැතැයි මුව නොසෑහෙන ලෙස කැරොලයින්ට ස්තූතිකොට ඉක්බිති ‍ජෝසප් පෙරේර‍ා මහතා මෙසේ කියන්ට පටන් ගත්තේය. “උසස්වූ හැටියේ ජාතියත්, ආගමත්, සිරිත් විරිත් සහ අසරණ ඤාතිමිත්රපයන්ද එපාවෙන වර්තමාන සිංහලයන් අතර තමුන්නාන්සේ වැනි කෙනෙකුගේ ඉඳීම අශ්චය්ය්ණ ඤමත්ය.

මහත්මයාට අසරණ වේලාවේ කැරොලයින් නෝනා කළ උපකාර මහමෙරක් මෙන් සිතාගෙන සිටීම සැබවින්ම උතුම් සිංහල ලෙයට කරන ගෞරවයකි. උනාවු පොරොන්දුව එසේම ස්ථිර කරන්නාවූ තම්න්නාන්සේ හැබෑ සිංහලයෙකි. පවුන් ලක්ෂ ගණන් බූදලයක් ලැබෙන උසස් තැනකින් විවාහයක් කරගත හැකිව තිබියදී තමාට ආධාරවූ පෙම්වතීගේ අවකල් ක්රිසයාවල් අසමිනිත් ඇගේ දුඃඛිතභාවය බලමිනුත් තමුන්නාන්සේ ඈ විවාහ කරගන්ට සිතීමෙන්ම හැබෑ සිංහලයෝ අප අතර තවමත් ඉන්නෝයයි සිතමි. දැන් තමුන්නාන්සේගේ භාය්යාිං කමට ගැනීමට යුතුයයි කිසිවකු විසින් නොසිතන තරම් දුක්ඛිත ඒ කැරොලයින් කෙරෙහි ස්ථිර ප්රේමමයක් ‍ඇති තමුන්නාන්සේ “අභයවික්රදමය”යි ස්තූතිකොට සහෝදරයෙකුට මෙන් තමුන්නාන්සේට මතුත් ගරුබුහුමන් දක්වමි”යි ජෝසප් ‍ෙපරේරා විජයදාසට ස්තූතිකොට මංගල්යියෙන් පසු නැවතත් එමැයි කියා යන්ට ගියේය.

ඉක්බිති විජයදාස මෙසේ සිතීය. කැරොලයින් වැඩිදුර පරීක්ෂා කිරීමට සුදුසු නොවේ. කෑම, බීම, ඉඳුම්, හිටුම් ආදියෙනුත් මව් පියන්ගේ වියොවෙනුත් බැගෑපත්ව සිටින මගේ ප්රේතමිය ඇගේ ප්රාමණයටත් වඩා මා විශ්වාස කරගෙන සිටින්නීය. මම ලක්දිවට අවුත් 30 දිනක් වනතුරුත් ඈ ගැන සැලකිල්ලක් නොකිරීමෙන් ඇගේ ඥානය විකෘතියට පැමිණ තිබෙනු අනුමාන නැත. මට අද එවා


තිබෙන ලියමනෙන්ද එය පෙනේ. ස්ත්රීෙහු බොරුවට මිනිසුන් භයගන්වන්ට මම මැරෙමියි යන කීම හැබෑ නොවෙතත් කැරොලයින් ඒ අන්දමේ ස්ත්රිොයක්‍ නොවේ. ගුණධර්මියත්, සත්යනවචනයත් ජිවිතයට වඩා ගරුකළ මගේ ප්රේ.මිය යමක් කීවොත් එය එසේ ඉෂ්ට නොකර නොසිටී. යමි හෙයකින් මා අද එහි නොගියේ නම් ඈ සිහි විකලත්වයට පැමිණ දිවි නසාගන්ට පුළුවනි. එසේ උනොත් මගේ සියලු යස ඉසුරු ලැබීමට එකම ආධාරකාරීවූ මගේ ප්රේළමිය නිසාම මටත් දිවිදෙන්ට වේ. ඉන්නිසා වහාම කැරොලයින් බලන්ට යමැයි සිතා ඇඳපැළඳගෙන තමාගේ රික්ෂෝ රථයේ නැගී කොම්පඤ්ඤවීදියට ගොස් කැරොලයින්ගේ පුංචි ගේ පැලට ගියේය.

ඒ වේලාවට කැරොලයින්ගේ නැගනිය හැ මල්ලිත් පින්කම්පලට ගොස් බැවින් කරොලයින් ගෙයි පාත දොරකෑල්ල වසාගෙන බලවත් චිත්තසන්තාපයෙන් ගිලන්වූ බැවින් ඉරීගිය සෝපාව පිට නිදාගෙන සිටියාය. විජයදාස මහතා දොරට උඩින් එබී බැලූවිට කැරොලයින් නිදිබව දැන හෙමින් ‍ඇතුල්ව දොරකෑල්ල වසා ඒ සෝපාව උඩින්ම වාඩිව කැරොලයින්ගේ රූපය විරූපව තිබෙන හැටි බලා ඇසින් දඳුළු හෙලමින් කැරොලයින් සිප වැළඳ ගත්තේය. කැරොලයින් බියපත්ව නැගිට බැලූ විට ස්වකීය ස්වාමිපුරුෂයාණන් බව දැක ඉවසාගත නොහී හඬා වැළප විජයදාස වැළඳගෙන “මා පරීක්ෂා කළා මදිව තවදුරටත් පරීක්ෂා කළ හැටි කදිමයි” කීවාය. එවිට විජයදාස “ප්රේයමිය. නුඹ ‍මගේ ප්රා්ණය සමානයයි කීම වර්ණිනාවක් නොවේ. උඹ මට දැක්වූ ප්රේුමයත් කළ උපකාරයත් නොදැනගන්ට මම සිංහලයෙක් නොවෙම්ද?

මීට ප්ර්ථම නුඹ දැක නුඹේ කනගාටුව දුරුකරන්ට නාවේ අපට උවමනා ගෙදරදොර බඩුමුට්ටු ඇඳුම් කැඩුම් ආදිය සූදානම්කර ගැනීම නිසාමය”යි ප්රේදමිය සනසා නීතිප්රුකාර විවාහ බන්ධනය සඳහා ප්රගධාන මොහොට්ටාල තුමන්ගේ කාය්ය්ීත ශාලාවට යන පිණිස ඇනද යුතුව රන්, මැණික් ආදී ආභරණත් ඔසරිය රෙදි හැට්ට ආදී ඇඳුමත් කැරොලයින් අතට දී හෙට උදේ දහයට අපේ අශ්වරථයෙන් මම එන්නෙමියි කියා විජයදාස මහත ප්රේහමිය සනසා ගියේය. කැරොලයින්ගේ සිත සැනසුනේය. කෙළෙහි ගුණ දන්නා උතුම් මව්පියන්ගේ දරුවෙකුට කළ උපකායෙහි ‍ප්රජතිළුල ලද්දේය. නියම සිංහලයෙක්වූ පොරොන්දුව අනන්ත බාධා මධ්යායේත් ඉෂ්ට විය.


ඉතින් පසුදින කැරොලයින් විජයදාස අභයවික්රෙම මහතාත් මහාමොහොට්ටාලතුමාගේ කන්තෝරුවේදී කැ‍ෙරාලයින් යන පරනාමය අත්හැර “කමලාවතී” යන ආය්ය්යින නාමයද ගෙණ විශේෂ බලපත්රුයක් පිට නීතිප්රටකාර සරණ විය. මේ ප්රේ්මවන්ත දෙදෙනා රන්රස පරිදි බලවත් ප්රේරමයෙන් යුක්තව උතුම් සිංහල කුල සිරිත් නොයික්මවා වාසය කළේය. නැගනිය හා මල්ලිටද සුදුසු විවාහ මංගල්ය් සලස්වා ඔවුහු සැපසේ වාසය කළෝය.

දි වි මෙ න තුනුරුවන් වෙත බැති පෙම් රකි න පැ ව තෙ න පරපුරෙන් වැරණියගොඩ නමි න ස සො බ න පියදාස සිරිසෙන් විදි ලෙසි න සි ය ද න වැඩ පිනිස කළෙ මෙ බපඳ යෙහෙ න