පියදාස සිරිසේන නවකථා එකතුව- 01-මහා වියවුල

Wikibooks වෙතින්

මහා වියවුල

(ක්‍රි.ව.1909)


සංඥාපනය[සංස්කරණය]

මේ “මහා වියවුල” වනාහි මා විසින් ලියන දල තුන්වෙනි ප්රනබන්ධන කතාවයි. බොහෝ දෙනා විසින් ලියනු ලබන ප්ර්බන්ධ කථා කාලය ගත කිරීමට හේතු වන නමුත් මේ ප්රබබන්ධ කථාවෙන්ද මගේ අනික් පොත්වලින් ද ජාති ධර්මී ශාස්ත්ර යත් දේශපාලන ක්රධමයත් ඉගැන්වීම සිද්ධ වේ. ජාති මමත්වය හා ස්වදේශ වාත්ශල්යනය ඇති වීමටත් මෙ කල සිංහලයන් අතට ප්රීකට පොත් ඉතා විරල හෙයින් මේ පොත් සංක්තිය පිළියෙල කළෙමි.

යුරෝපීය ප්රොබන්ධ කථාවල නොඵල්ලී යුරෝපීය උගතුන් ගේ පොත පතින් ද ප්රොයෝජනවත් දේ ගනිමින් මේ පොත ලියන ලදි. පුද්ගලික ව‍ශයෙන් කිසිවෙකුට ‍මෙහි ගැරහීමක් නැතත් රටේ පවත්නා නොසිරිත් දැක්වීම සදහ එබදු දේ නොයෙක් තැන දක්වා ඇත්තේය. අපේ උතුම් සිංහල ජාතිය භේදව මුළාව විසිර යා නො දීමම පරමාර්ථ කරගෙන ලියන ලද මේ කථාන්තරයෙන් මගේ ඒ අදහස ඉෂ්ට වුවොත් මගේ උත්සහය ප්රලත්ඵල ලැබුණා වේ.


පියදාස සිරිසේන

වර්ෂස 1916 ක් වූ ඔක්තෝම්බ්රබ මස 10 වෙනි දින කොළඹදී ය.



01 පරිච්ඡෙදය[සංස්කරණය]

සිංහල ජාතියේ පුරාණ වික්රඔමාතිශයත් යස ඉසුරත් ගුණ ධර්මාෙදියත් හොඳින් දැන ඉගෙන උතුම් සිංහල කුලචාරිත්රාකනුකූලව සැපසේ කල් යවන විජයසිංහ හා චන්ද්රුවතීත්, ජස්ටින් සිල්වා හා විමලාවතීත් කිසි දිනක අන්යෙින්යරයන් අතර විරුදධකමක් ඇති කර නොගත්හ. පස්කම් සැපතෙහි අධික ආසාව පහ කළ තැනැත්තාට මෙ‍ලෝ වශයෙන් සියලු දුක් හීන වේ නම් පරලොව ගැන කියනුම කවරේද? ස්ථිර සහෝදරත්වයේ පිහිටි මේ පවුල් දෙක සිය ජාතියට හා රටටත් ආගමටත් වැඩ කරමින් කොළඹ පදිංචි වී උන්හ.

මේ කාලයෙහි සුපිරිසිදු සොත්ථුල්ල රෝස මල්හි මනා සුගන්ධය උකා බී හමන මන්ද මාරුතය විඳිමින් වික්ටෝරියා පාක් නම් ක්රීනඩෝද්යා නයෙහි ජෝජියානා හා ස්වකීය මව් වන ඉසබෙලා ගුණසේකර ළමා එතනීත් වැඩකාරියෙකුත් රිවි දින සවස් භාගයේහි උන්නාහ. ජෝර්ජියානාගේ ප්රේාමවන්තයෙකු වන සිරිල් වික්රනමතිලක ද ස්වකීය මිත්රපයන්ගෙන් අමාරුවෙන් මග ඇරී මොවුන් සිටින දිශාවට එන්ට පටන් ගත්තේය. මලින් ගැව‍සී සිටි මෙකුලක් බඳු වරලසින් ද, කනතට දුවන දිගු පුළුල් නේත්රන යුගලයෙන් ද, දෙව්දුනු සෙයින් මනහර වූ පටු නළලින් ද, හොල් ලන ඇසින් බැලු බැලුවන් සිත් උමත් කරවන භෘංග සමුහයකට බඳු බැම සඟලකින් ද, රදැලිය පල වන් තොල් යුගලවලින් ද, කොඳ කැකුළු වන් දත් පංක්තියෙන් ද, ස්වර්ණ හංස පෝතකයන් වැනි පුන් පියයුරු යුගවලින් ද, සුරත් පත්මයකට ලිගා කළ මුහුණින් ද, මල් පැරයු හස්ත යුග්මයකින් ද, සිරිවස පැරයූ සිහින් ඉඟටියෙන් ද, රන් වැලිතලා බඳු පුළුල් උකුළින් ද , රඹ කදත් බදු වට මටසිලුටු කලවා යුවලින් හා පුයම් සම වූ පාදයෙන් බබලල ජෝර්ජියානාගේ රූපය ඇසට ලූ මල බඳු විය. සිතට ලූ උන්මාද ඖෂධයක් බඳු විය. සසරට අකුල් වූ පස්කම් සැපට නිධාන වූ මේ ‍ජෝර්ජියානා සිහිල් මද පවන් විඳිමින් සූරිය ගසක් යට තුබු බංකුවේ සිටින්නි වික්රේමතිලක ද එහි පැත්තකින් වාඩි ගත්තේය. ජෝර්ජියානා මඳ සිනා ළඳ බොළඳ බසින් වික්රකමතිලකගේ හෘදය මංශය උෂ්ණ කර සිත විකලභාවයට පමුණුවා ගෙන රාගනිශ්රි ත තෙපුල් තෙපලමින් හුන්නාය. ඉසබෙලා ගුණසේකර ළමාඑතනිය හා

වැඩකාරි ද මඳක් ඈතින් තබා තුබුණු ආසනයේ වාඩි වී උන්හ.

මේ වේලෙහි පසළොස් හැවිරිදි තරුණියක් හා මධ්ය ම වහසේ ස්ත්රි යක් මේ පිට්ටනිය පැදින් යන්නාහු ගුණසේකර ළමාඑතනී හුන් ගස යටට පැමිණියාහ. ගුණසේකර ළමාඑතනී ස්වකීය දුවණියට “ආයා” කෙනෙක් මෙන් තරුණියක් සොයමින් සිටි බැවින් මේ තරුණිය ඊට සුදුසු බැව් සලකා මැහැලියට කථාකොට “ මේ කෙල්ල කොගේද? මෑ අපේ වලව්වේ නවත්වන්ට පිළිවන්දැ”යි ඇසුවාය. “ඔව් වලව්වේ මහත්මයෝ, මේ මාගේ ද‍ුවය මැගේ පියා හා සාහෝදරයාත් මැරී ගිය නිසා ඈ රැක ගන්ට මට නෙහැකි බැවින් වැදගත් ගෙදරක නවත්වන පිණිස මෙසේ ගෙනාවාය”යි කීවාය. එවිට ළමාඑතනී බොහෝ සේ සතුටුව, මැහැලියට රුපියල් පහක් දී යවා තරුණිය ජෝර්ජියානා ළඟට කැඳවා ගෙනවිත් පෙන්වා “දුව නුඹට ආවතේව කිරීමට මෑ ඉතා හොඳ නොවේදැ”යි ඇසීය. වික්රැමතිලක සමගින් කථා කරමින් හුන් ජෝර්ජියානාගේ ප්රිඳය කථාව නවත්වා “හොඳයි මම්මා මෑට පඬි කීයක් පොරොන්දු වී දැ”යි විචාළාය. මසකට කෑම දී රුපියල් පහක් පමණක් බව අසා සතුටුව එවේලාව සවස හයාමාර පමණ වූ බැවින් සිරිල්ට අතට අත දී කථාකොට හෙට හවස ගාලු මුවදොර පිට්ටනියේදී සම්බ වෙමුයයි කියා මව් සහ පරණ පමලු වැඩකාරි ද අලුත් වැඩකාර තරුණිය ද සමග ‍ජෝර්ජියානා කුරුඳුවත්තේ පසෙක පිහිටි ස්වකීය වලව්වට ගියාය.

අලුත් වැඩකාරි වනාහි හේවාගම් කෝරළේ ඉතා වැදගත් පාහොසත් පවුලක උපන් නන්දාවතී රූපසිංහ හාමිනේ නමැති තරුණියක්ය. මැගේ පියා ඒ ගමේ ඉඩම් කඩම් ඇති ධනවත් අප්පුහාමි කෙනෙක්ව විසුවේය. තවද ඔහු ජාතිහිතෛෂි ජාත්යා භිමානයෙන් යුත් ශ්රසද්ධාවන්ත බෙද්ධයෙක් විය. මේ අප්පුහාමිට සිටියේ එකම පුතෙකුත් මේ නන්දාවතී නමැති දුවත් පමණකි. දුවණිය ඉංග්රීාසි, සිංහල භාෂා දෙකත් ධර්මයත් මනා ලෙස ඉගැන්වූ පසු මේ අප්පුහාමි හදි‍සියෙන්ම මළේ ය. ඊට ටික දිනකට පසු පුතා ද මළේය. නොමැරී ඉතුරු වූ මව් සහ දුවට සැප සේ ජීවත්වීමට තරම් ගොඩ මඩ ඉ‍ඩම් තිබුණ නමුත් ඒ ගමෙහි දුෂ්ට ධනවතෙක් මේ අසරණවන්ත් ස්ත්රීමන් දෙදෙනාට ඒ කිසිත් නොදී බලාත්කාරයෙන් භුක්ති විදින්ට පටන් ගත්තේය. මේ නිසා ඉතා අසරණ භාවයට පැමිණ කීප වේලක් සාගින්නෙන් ද සිටි ස්වකිය දුවණිය වැඩකාරකමකට සිටුවා තමාත් මොකුත් සපයා ගෙන ජිවිකාව කර ගන්නා පිණිස රූපසිංහ හාමිනේ මගට බැස්ස බවත් ඒ හෙයින් ජෝර්ජියානාට ලැබුණු අලුත් වැඩකාරිගේ සංක්ෂේප චරිතය මේ බවත් දත යුත්තේය.

ඉතින් වලව්වට පැමිණි හැටියේ නන්දාවතීගේ නම කුමක්දැයි ජෝර්ජියානා ඇසීය. ගුණ නුවණින් හා රූපශ්රී යෙන් යුත් අසරණභාවටය පත් මේ තරුණ හාමිනේ ද, “මගේ නම නන්දාවතීය”යි කීවාය. එ අසා වලව්වේ උන් බොහෝ දෙනෙක් සිනාසී “ මේ අපුරු නමක් නන්දාවතී! නන්දාවතී!! චීඃ ඔය පිටිසර නම මෙහිදී කීවොත් අපට හිනාවේවි! අද පටන් නුඹේ නම ලිසී” යයි කීහ. නන්දාවතී ද ස්වකීය අදහස නොහඟවා ඉතා සතුටු භාවයටක් දක්වා හොඳයි කියා බාර ගත්තාය.

මේ ලිසි ‍ ජෝර්ජියානා මුව සෝදන පැන් ගෙන දීමටත් අඳින කාම‍රයේ බඩුමුට්ටු තැන්පත් කර තැබීමටත් ‍ජෝර්ජියානා නහන විට උවමනා දේ ගෙන දීමටත් ‍ජෝර්ජියානා අඳින පළඳින විට උදව් වීමටත් සලස්වා ගත්තාය. ඈ තමා මළ පත අකුරක් වත් දත් කෙනෙකු බව ඇගෙව්වේ නැත. එදා රාත්රීය ‍ජෝර්ජියානා ස්වකීය කාමරයෙහිම නිදන ලිසීට කථාකොට මෙසේ කීවාය. “උඹ මම කොහේ යතත් මා සමග වරෙන්. මම මගේ යාළු මහත්තැන් සමග කථාබස් කරන විට කෙළි සෙල්ලම් කරන විට ඒ ගැන සලකන්ට එපා”.ලිසී ද මේ නියෝග හොඳයයි කියා පිළිගත්තාය. ඉක්බිති රෑ ගෙවී පසු දින ජෝරජියානා හා වලව්වේ කවුරුත් සතුටු වන පරිදි ලිසී වැඩ කළාය. මෙතැන් සිට ලිසී සුවච කීකරු වැඩකාරියක් මෙන් පිළිගෙන වලව්වේ කව්රුත් ආදරරේ වූහ.

මේ ජෝර්ජියානාගේ පියා තරුණ කාලයේ ඉතා දිළිඳුව සිට අරක්කු වෙළඳාමෙන් ධනවත්ව මුහන්දිරම් නමක් ද ලැබ ගෙන සිටින ජොරෝනිස් ගුණසේකර රාළහාමිය. ගුණසේකර රාළහාමිට පුත්තු දෙන්නෙක් හා ජෝර්ජියානා නමැති දුවත් පමණක් දරුවන් වූ නමුත් විසි පස් වයස් වන තුරුත් වැඩි මහල් දියණිය වන ජෝර්ජියානා කිසිවෙකුට විවාහ කර දිය නොහැකි වූයේය. ජෝර්ජියානා ඉංග්රී සි භාෂාව කථාකරන්ට දත්, ගවොන්, බොස්තොරෙක්ක ආදී යුරෝපීය ඇඳුම් හොඳහැටි අදින්ටත්, බාල් නටන්ටත්, ටැනිස් ගහන්ටත්, අශ්වයා දක්කන්ටත් මනා පුරුද්දක් ඇති විලි බිය නොමැත්තියෙකි. මැගේ ප්රේටමවන්ත තරුණයන් සතර දෙනෙක් සිටිති. මෙයින් එකෙක් ලංසියෙකි. එකෙක් ලංසි සිංහල මිශ්රමව උපන් එකෙකි. දෙදෙනෙක් සිංහලයෝය. සතර දෙනෙක් සමගත් පෙම් බැඳගෙන සිටි නමුත් මේ වන තරු කසාද බදින්ට නොහැකි වීම ගැන කනගාටු වෙමින් කවරෙකුට අන්තිම වචනය දෙමි දැයි සිත සිතා එක් උදයක ජෝර්ජියානා හාන්සි පුටුවේ වාඩි වී කල්පනා කරමින් සිටියාය. මේ වේලාවට ලිසී ස්වකීය ස්වාමිදුවට තේ වතුර කෝප්පයක් රැගෙන ආවාය. තමා‍ගේ අදහස තනියම ස්ථිර ගරගත නොහැකි හෙයින් ලිසීගෙත් ආධාර ගත යුතු යයි කල්පනා කොට ලිසී සමග මෙසේ කථා කරන්ට පටන් ගත්තාය.

ජෝර්ජියානා - ආ ලිසී, ඇන් කාලේ හැටියට කසාදයක් බඳින්ට ඉස්සරියෙන් මිනිහා ගැන කල්පනා කරන්ට ඕනෑ මොන මොන කාරණා සම්බන්ධවද?

ලිසී - උගත්කම, ගුණවත්කම, කුලය, රූප ලක්ෂණ්ය හා වස්තුවත්ය.

ජෝ - ඇයි ලිසී ඔපමණ ද, දැන් කාලේ හැටියට ඔයිටත් වාඩා සලකන්ට සුදුසු දේවල් තිබෙනවා නොවේද?

ලි - නෝන හාමු. ඒ මොනවා දැයි මට නොතේරේ. මා කීවේ මා දන්නා කරුණු පමණයි.

ජෝ - ඉංග්රීමසි විධීයට කලිසම් මේස් සපත්තු තොප්පි අඳින්ට, බයිසිකල් පදින්ට, මෝටේ රථ එලවන්ට, බාල් නටන්ට, ටැනිස් ගහන්ට, විෂ්කි බ්රැ්න්ඩි බොන්ට ඉගෙන නොගත් කෙනෙකු දැන් කාලේ කොපමණ උගතෙක් වුණත්, ගුණවන්තයෙක් වුණත්, කුලවතෙක් වුණත, වස්තුව ඇති කෙනෙක් වුණත් මට නම් එපා.

ලි - නෝනා හාමුගේ කල්පනාව වරදක් නැහැ. දැන් කාලේ හැටි ඔහො‍ම තමයි -

“ කලේ කල වික ලේ කුලේ කම් නැත මෙක ලේ”

යනාදිය අඹන්විට රාළ කීවේ කට කහනවාට නොව මේ කාලේ හැටි ඔහොම වෙන බව දැනගනයි.

ජෝ - අඩේ ලිසී “කයිත්” දන්න හැඩයි. නෑ ලිසී, මා කීවේ දැන් මා සමග කසාද බඳින්ට හතර දෙනෙක් මිත්ර වෙලා ඉන්නවා. ඒ හතර දෙනාගෙන් ජිම් ලංසි මහත්මයෙකි. මම ඔක්කොට ම වඩා කැමති උන්නැහේටයි. ලංසිය කියා පප්පා අකමැතිවාට මොකද මට නම් කාරියක් නැහැ.

ලී - ඔව් නෝනා හාමු, තිරිසනුන්ටත් නැති ඔය ගතිය අපේ රටේ දැන් බෝවෙගන යනවා එළදෙනෙක් දිසි දකන මී ගොනෙක් සමග නොසිටි, වැඳිරියක් වඳුරෙකු සමග මිස රිලවෙකු සමග


‍නොහැසිරේ. නමුත් සිංහල ජනයා ඒ තුරිසනුන්ටත් වඩා දැන් පහත් වුණ බව කිව හැක. පුරාණ සිංහලයන් එබඳු සංකර විවාහ අසුචියක් මෙන් පිළිකුල් කළ බව පෙනේ. දෙවිනි රාජසිංහ මහ රජතුමාට නොක්ස් නම් හිරකාරයෙක් ශ්වේත රාජ දූහිතාවක් ගෙන දීමට පොරොන්දුව සමාව ඉල්ලූ බවත් ඊට රජතුමා කදිම පිළිතුරක් දුන් බවත් මුඛ පරම්පරාගතව පවතී. ඉතින් ඒ කාලේ එහෙමයි. නුමුත් දැන් නෝනාහාමුගේ කල්පනාව සම්පූර්ණුයෙන් අනික් අතටයි.

ඉක්බිති ලිසීගේ කථාව ජෝර්ජියානාට විසයක් වැනිවූ හෙයිනුත්, පසළොස් ඇවිරිද්දේ මිට මේ තරුණ ලිසීගේ දැනීමේ තරම ගැන පුදුම වූ හෙයින් ඈ කථාව නවත්වා නිශ්ශබ්දව වූවාය.



02 පරිච්ඡෙදය[සංස්කරණය]

‍ජො රොනිස් ගුණසේකර මුහන්දිරම් රාළහාමිට දුණිය විවාහකර දීමට වහාම ඕනෑ වී, මඟුල් කපුකම් නියුක්ත ඉතා දක්ෂයෙකු වන සිල්ලප්පු කැඳවා වැදගත් පොහොසත් කෙනෙකුට කථා කරන්ට කීවේය. ජෝඩුකාරයාට රුපියල් දෙයි පනහක් දෙන බවත්, දුවට දායාද වශයෙන් රුපියල් පන්දාහක් හා අක්කර දෙසීයක පොල්වත්තක් ද, කොළඹ නගරයෙන් ගෙයක් ද දෙන බව කීය. සිල්ලප්පු ද ඉතා සතුටට පැමිණ ජයතිස්ස මහත්මයාගේ මිත්රවයෙකු වන මහනුවර පදිංචි නවරත්න මුදලිගේ ධනපාල තෙන්නකෝන් මහත්මයා ගැන මඳක් කරුණු දැන සිටි හෙයින් උන්නැහේට මෙය කථාකරමැයි සිතා පසු දින උදේ හතහමාරට මරදානෙන් පිටත්වන දුම්රියෙන් නුවරට යන්ට පිටත් විය. සිල්ලප්පු යන දුම්රිය කාමරයේ දස දෙනෙක් පමණ සිංහල මිනිස්සුත්, ඉතා තර වු හම්බයෙකුත් උන්හ.

මේ පිරිසේ හම්බයන්ගේ පීඩාවට පත් පිරිස් අප්පුහාමි නමැති නලතුනා කෙනෙක් ද උන්නේය. දුම්රිය මරදානේ රියපොළෙන් පිටත් වූ විට හම්බයා දැකීමෙන් නොසතුටට පත් පීරිස් අප්පුහාමි “අනේ, මේකෙත් යම්බයෙක්! මොවුන් නැති එකම ස්ථානයක් නෑ නොවේදැ”යි කීය. එවිට හම්බයින් සමග ගනු දෙනු කිරීමේ නියුක්ත ‍‍ජෝන් පෙරේරා නැමැති සංහලයෙක් “ඇයි, සාධාරණ ඉංග්රීිසි ආණ්ඩුව පවතින තුරු තමුසේට මෙන් ම හම්බංකාර, කොච්චි, ඉංග්රී්සි ප්රංසශ ආදී කටත් මේ

රටේ ඕනෑ තැනක යන්ට එන්ටත්, රැකී රක්ෂා කරන්ටත් පුළුවනි. තමුසේ ගැන ම සිතන එක වැරදියි. කාටත් ඕනෑ කරුණාව පෙන්වා කථා කරන්ටත් වැඩපළ කරන්ටත්”යයි කීය. මෙහිදි පීරිස් අප්පුහාමිට ටිකක් කේන්ති ගොස් ජෝන් පෙරේරා ඉදිරිපිටින් ම වාඩි වී කථෘ කරන්ට පටන් ගත්තේය.

පීරිස් අප්පුහාමි - සාධාරණ ඉංග්රීනසි ආණ්ඩුව පපවතින තරු තමුසේ හම්බයන්ට මහා කරුණාවක් පෙන්වන්නේ තමුසේටත් වරදින කල් පමණකි.

ජෝන් ප්රේවරා - ඒ මොකද මට කෙහෙත්ම වරදින්නේ නැහැ.

පි.අ. - තමුසේට වරදින්නේ ටිකක් හේම නොව එලොව මෙලොව දෙකින්ම වරදින බව මට පේනවා. තමුසේ දන්නේ කුමක්ද?

ජෝන් පෙ. - හොඳයි මට වරදින එක කියන්ටකෝ?

පි. අ. - අනේ ඕයි, හම්බයොත්, කෙච්චි‍ත්, ගෝවා කා‍රයොත්, අප්ගන්කාරයොත්, ඉංග්රීේසිකාරයොත්, ප්රං?ශයොත්, ජර්මනුත්, වෙන වෙන හැත්ත හැතිකරේ මේකට රිංගා ගෙන මේකේ තිබෙන සාරය සූරා බේරා ගන්තාම මේකේ උපන් මේකේම කා බී මේකේම ඇට කටු දැමිය යුතු සිංහලයන්ට වෙන හරිය තමුසේ දන්නෙහිද?

ජෝන් පෙ. - වෙන ජාතිවල මිනිස්සු මෙහාට ආවාම අපට ඇති පාඩුව මොකද?

පී . අ. - තමුසේ මෙන් ලෝකයේ තොරතුරු කිසිවක් වත් නිති ක්රංම, දේශපාලන ක්රසම කිසිවක් වත් අය වැය සැකසුරුවම්කම් ආදී කිසිවක්වත් නොදත් අඥානයන්ගෙන් අධික නිසා තමයි අප රටත් ජාතියත් පිරිහෙන්නේ. (ජෝන් ප්රේතරා ටිකක් මර්දනය වී පීරිස් අප්පුහාමිගේ කථාව අසා සිටියි.) ඉංග්රීදසි ආණ්ඩුව සාධාරණ බව තමුසේ පමණක් නොව කවුරුත් කයති. නමුත් රටේ උපදින ආදායමෙන් කර කියන දේත් ඒවා යන එන හැටිත් තමුසේ දන්නෙහිද? ආණ්ඩුවේ ලක්දිව රාජකාරියට සුදුසු ලාංකිකයන් සිටියදී එංගලන්තයෙන් කොපමණ ගෙන්වත්ද? ඉංග්රීයසි ආණ්ඩුව සාධාරණ හෙයින් අපේ රටට ඕනෑ ජාතියෙකුට උවත් තහනමක් නැතු ඇතුළු වී ඉන්ට පුළුවන් නමුත් ඔය


ඉතා සාධාරණ ආණුඩුව පවතින සුදු මිනිසුන් ගේ රටකට ආසියාතිකයෙකුට යන්ට බැහැ. ඕස්ට්රේ්ලියාව කැනඩාව, දකුණු අප්රිතකාව ආදී කිසියම් රටකට ආසියාතිකයන්ට රැකී රක්ෂා සදහා පැමිණිය නොහැකියි. නමුත් ඉං ග්රීනසි ආණ්ඩුව පවතින ආසියාතිකයන්ගේ රටවලදි පමණක් පුදුම සාධාරණයක් දක්වා ඕනෑ කෙනෙකුට එන්ට අවසර දෙයි. හම්බයත් කොයි එකත් ඇවිත් අපට කරන හරිය හම්බයන්ගේ ඇම ගිල සිටින නිසා දෝ තමුසේට නොවැටහෙන නමුත් අපේ රටේ උපදින ධනය මොවුන් ඇරගෙන යන හැටිත් අපේ රට හිමි වූ සිංහලයා විඳින දුකත් විඳින ගැහටත් කිසිවෙකුට පෙනෙන්නේ නැත. මේ හම්බයා ගැනම කල්බනාකර බලමු.

මොහු තුතුකුඩියේ සිට කෙළඹට එන්ට උවමනා රුපියල් දෙකතුනකුත් ශත පනහකි. ඇඳගෙන හිටි සරමත් ඔළුවේ බැ‍ඳගෙන උන් ලේන්සුවත් පමණක් වස්තුවක් වශයෙන් ඇති බම්බයා අඟුරු ඇද හෝ වෙන කිසියම් වැඩක් කොට රුපයල් පහක් සපයා ලත් හැටියේ ඒ රුපියල් පහෙන් ලුනු කහ මිරිස් ටිකක් මිළයට ගෙන පිටිසර ගමකට පැමිණ එහි සිටින අප්පුහාමි කෙනෙකුට ඉතා බැගෑපත් ලීලාවක් දක්වා ඉතා යටහත් පහත් කමින් කෙදිරිගා අප්පුහාමිගෙන් කඩ පොඩ්ඩක් ඉල්ලාගෙන ඒ රුපියල් පහේ බඩු පොල් පුවක් ආදියට මාරු කරමින් රටේ කාටත් ඉතා යටත් පහත් ලීලා‍වක් දක්වා අසල්වාසී සිංහලයන්ගෙනුත් අතමාරු වශයෙන් ගනුදෙනු කරමින් මාස හත අටකදී රුපියල් දෙතුන් සියයක් සපයා ගනී. ඉක්බිති ඔහුගේ ජාතියේ තව‍ එකෙකු දෙන්නෙකු ගෙන්වා ගෙන ඉතින් ‍ගමේ උදවියට ණයටත් බඩු දෙන්ට පටන්ගෙන වෙළදාම් කරයි. මේ ණ්යවට බඩු දෙන්නේ අත මුදලට රුපියල් හතරට විකුණන හාල් බුසල ණයට රුපියල් පහ බැගිනි. පළමුවෙන් රුපියල් පහක නොහොත් හයක බඩු ණයට දී ශත පහක මුද්දරයක් ගසා නෝට්ටු කොළයක අත්සන් ගනී. ප්ර යෝග නොදත් නූගත් ගම්වැස්සා ද මෙහි තොරතුරු කිසිත් නොදැන රුපියල් පහක් ය කියා දුන් රුපියල් තුනේ බඩු රැගෙන නෝට්ටු කොළයට අත්සන් තබන්නේය.

මේ ණය ගෙනත් දුන් විට නැවතත් රුපියල් හත අටක බඩු ණයට ගෙන යති. මෙබදු නෝට්ටු පිට විසි තිස් දෙ‍නෙකුට ණයට දුන් පසු

කලින් අප්පුහාමිය, රාළහාමිය, හාමිනේය කී ගම්වැසි පුරුෂයෝ හා ස්ත්රී හු හම්බයාට කෝලම් වෙති. අප්පු, අරලිහාමි, ආමිනි යනාදි වශයෙන් ඉදිරිපිටත්, අනභුමුඛයේ ඌ, මූ, අරූ යනාදී වශයෙනුත් අවනම්බු ලෙස කථා කරමින් පොල් මුරේ කැඩුණු හැටියේම හම්බයාට නුදුන්නොත් රුපියල් දහයේ ණය සඳහා තුබුණ නෝට්ටුවේ රුපයල් එක්දාස් පන්සියයක් බව ලියා ඊ‍ට පොලිත් සමගඅයකර ගනු පිණිස නඩු පවරන්නේය. රෙකුලාසියේ හැටියට නෝට්ටු හරි බැවින් නඩුවෙන් ද ජය ගෙන කම් වැසියාගේ ඉඩම් කඩම් විකුණා ගනියි. ඉතින් ඉක්මනින් ම මේ ක්රජමයෙන් හම්බයා ගජ පෙහොසතෙක් වෙයි. ඉක්බිති ඔහුගේ අත් පා මෙහෙ කිරීමට ගම්වැසි අප්පුහාමිලාට සිද්ධ වේ. ඔහු ගමේ අධිපතියාත්, පො‍ හොසතාත් වන්නේය. ඉතින් රටට හම්බයන්ගේ ඒමෙන් ඇති පාඩුව කිමදැයි අඥානයෝ දොඩවති. ඉංග්රීපසි ආදී සුදු ජනයාගේ රටවලට ආසියාතිකයන් නොගන්නේ මෙබදු අපරාධ කරන නිසා නොව සිලින් පහේ කුලී වැඩේ ආසියාතිකයා සිලින් තුනට කරන නිසාවෙයි. සුදු මිනිසුන්ගේ රටවල සිංහලාදීහු ගොස් මෙබදු සාහසික ක්රි යා කරත් නම් එහි ඇති බරපතලකම බැලිය හැකියි. සාධාරණය යි කිව යුත්තේ ඒ ඒ රට හිමියන්ට ඒ ඒ රටවලට උපදින දේත, රැකීරක්ෂා ඇති වන පරිදි ආණ්ඩු කිරීම යි. දැන් මට දුම්රියෙන් බසින්ට කාලය හෙයින් මම මෙහෙන් බසිමි”යි කියා පීරිස් අප්පුහාමි වේයන්ගොඩ දුම්රිය පළෙන් බැස්සේය.

ජෝන් පෙරේරාටත් හම්බයන්ගෙන් රටට පැමිණ තිබෙන සාපය මඳක් අවබෝධ විය. තෙන්නකෝන් මහතා සම්බවීමට යන සිල්ලප්පුටත් මේ කථාව හොඳින් වැටහී ගොස් එහිදී මෙසේ කීවේය. “සත්තකට දැන් රම් කථා කළ අප්පුහාමිගේ කථාව හිරි නොවෙන්නන්. සියක් යොදුන් මේ ලංකාවේ ඉන්න විසි පන් ලක්ෂයක් පමණ සිංහලයන්ට මෙහි සැප සේ ඉන්ට බැරිව තිබෙන්නේ එක එක ජාතිවල පරදේසක්කාරයන් මෙහි පැමිණ ටික ටික වත් රටේ ධනය අරගෙන යාම බව හැබෑවය‍”යි කීය. හම්බයා ද මේ කථාබස් අසා බොහෝ සෙයින් භීතියට පැමිණ සිට රඹුක්කන දුම්රියපළෙන් බැස ගියේය. සිල්ලප්පු ද නුවරට පැමිණ තෙන්නකෝන් මහතුන්ගේ නිවසට ගියේය. ධනපාල තෙන්නකෝන් මහතා ද ඔහු ගිය තොරතුරු ඇසූ විට මඳක් රහස් ගතව නැවත කියන බැව් කී හෙයින් සිල්ලප්පුට දවාලට ආහාර දී සවස් භාගයේ සිල්ලප්පුත් සමග වැව අසලට පැමිණ ඔහුගේ පැමිණිම කුමක් සදහා දැ යි කියන්ට කීයේය.

සිල්ලප්පු ද ‘මහත්මයාණනි, කොළඹ කුරුඳුවත්තේ පදිංචි ජොරෝනිස් ගුණසේකර මුහන්දිරම් රාළහාමිගේ දුව මහත්මායාට ජෝඩු කරන පිණිස මම පැමිණියෙමි. ඉංග්රීුසි ආදිය හොඳින් ‍ඉගෙනගත් රූපශ්රි්යාවෙන් ඉතා කදිම ගෑනු ළමයෙක්ය. පිරිමි සහෝදරයෝ දෙදෙනෙක් සිටිති. දායාද වශයෙන් මහත්මයාට රුපියල් පන්දාහකුත් අක්කර සියයක පොල් වත්තකුත් කොළඹ කුරුඳුවත්තෙන් ගෙයකුත් දෙන බව පෙරොන්දු විය. මෙය ඉතා කදිම මංගල්යෙයක් ය. මේ ගැන අතපසු නොකොට හෙට උදේම බලන්ට යන්ට ඇත්නම් හොඳය”යි කීයේය. තෙන්නකෝන් මහ්මයා ද “හොඳයි ගොහින් බලමුය”යි කියා හෙට උදේ එන බව කියා විදුලි පණිවුඩයක් යවන්ට කීය. සිල්ලප්පු තැපැල් කන්තෝරුවට ගොස් “හෙට දහයට මහත්මයෙකුත් සමග එන්නෙමි” යන විදුලි පණිවුඩය ගුණසේකර මුහන්දරම් මහත්මයාට යැව්වේය.

විදුලි පණිවුඩය ලැබ ගුණසේකර මුහන්දිරම් මහතා හා වලව්වේ කවුරුත් සතුටට පැමිණ ‍ජෝර්ජියානාගේ මනමාලයා පිළිගැනීමට සූදානම් වූහ. ලිසීට ද මේ ප්රෘැත්තිය අසන්ට ලැබී ජෝර්ජියානාගේ දුෂ්ටභාවයත්, පරසිරිත්වලට ඇති ආලයත්, ගුණ ධර්මටයෙහි නෙපිහිටීමත් නිසා “ඈ සමඟ විවාහ වන පුරුෂයා කාලකන්නියෙකු නූනොත් කමක් නැත” කියා සුවාය. එදින රෑ වලව්වේ බඩුමුට්ටු තබා තැන්පත්කොට වෙනදාට වඩැ රෑ ගතවී ලිසී නිදන්ට විය. ලිසී ජෝර්ජියානාග් ඇඳ ළඟ බිම පැදුරක් එලාගෙන රෑ දොළහාට පමණ නිදාගත් හෙයින් ඉතා තදින් නින්ද ගියේය. මෙසේ නිදන ලිසීට උදේ පහමාරට පමණ සීනයක් පෙනුණේය. ඒ සීනය නම් ලිසීගේ මියගින සහෝදරයා සුදුපාට අසුන් දෙදෙනෙකු යොදන ලද සුදුපාට ඇතිරිලි වලින් සරසන ලද ශ්වේතවර්ණඅ රථයකින් අවුත් ලිසී එහි වාඩි ‍කරවා ගෙන ගොස් ස්වකීය ගමට යන අතරමගදී ලිසී රථයෙහිම සිටියදී අන්තර්ධාන වීම යි.

එවිට සුදු ඇඳුමෙන් සැරසුණු අන්යදයෙන් බලහ්තනාරයෙන් ම ලිසීට මත්පැන් වීදුරුවක් පෙවුවේය. මේ සීනය දැක සතුටු වූ ලිසී මෙය ශුභ ස්වප්නයක් වූවත් දාසිභාවයේ සිටින තමාට කුමන යහපතක් දැයි සිතා නැගිට ගෙදර දොර තමාට අයිති සියලු වැඩපළ කළාය. එදින එකොළහට පමණ තෙන්නකෝන් මහතා හා සිල්ලප්පුත් අහ්ව කරත්තයකින් ගුණසේකර වලව්වට විත් බැස්සෝය. ගුණසේකර රාළහාමි තෙන්නකෝන් මහතා පිළිගෙන සුරුට්ටු සිගරැට් ආදී දෙය


පිළිගැන්වූ නමුත් හෙතෙම ඒ කිසිත් නොගෙන සතුටු විය යුතු තෙපුල් තෙපලමින් උන්නේය. ජෝර්ජියානා තමා බැලීමට මනමාලයෙකු ආ හෙයින් උදේ ම වතුර නා රෝස පාට සේදවලින් මසන ලද විසිතුරු වැඩ සහිත ගවොමක් ඇඳ දිව්යුප්සරාවක් මෙන් ඔබ මොබ හැසිරෙමින් උන්නාය.


03 පරිච්ඡෙදය[සංස්කරණය]

දා වල් කෑම ගතයුතු වේලාව පැමිණියේය. ඉංග්රී සි විධියට පිළියෙළ කරන ලද මස්, පාන්, එළවළු, මාළු, බත් ආදී භෝජන අනුභවයට තෙන්නකෝන් මහතා, ගුණසේකර රාළහාමි, තරුණ ගුණසේකර මහත්වරු දෙදෙනා හා ජෝර්ජියානාගේ මාමා කෙනෙක් ද වාඩි වුහ. තෙන්නකෝන් මහතාට ඉංග්රීාසි කෑම රුචි නොවූ නමුත් ස්ථානෝචිතව ක්රිමයා කළයුතු හෙයින් පිළිගන්වන ලඳ ආහාර අනුභව කරන්ට පටන් ගත්තේය. මෙසේ ආහාර අනුභව කරන විට කීප විටක් ම ගරු සරු නැතුව ළඟින් ගිය ආ ජෝර්ජියානා දැක මේ මට ජෝඩුකරන මනමාලිය යි සිතා අතිශයින් කලකිරුණේය. ඒ කොයි හැටි නමුත් ආහාර අනුභව කොට නමවු පසු වලව්වේ ඉස්තෝප්පුවේ වාඩි වී සතුටු විය යුතු කථා බස් කරන්ට පටන් ගත්තේය. තෙන්නකෝන් මහතා සුරුට්ටු, සිගරැට් ආදිය නොබොන හෙයින් බුලත් විටක් ගෙනෙන්ට සිල්ලප්පුට කීවේය. සිල්ලප්පු මහපාරට දුව ගොස් බුලත් වෙළෙන්දියකගෙන් ශතයකට බුලත් විටක් ගෙනත් දුන්නේය.

මේ ක්රිදයාව දුටු ජෝර්ජියානාගේ හිත බොහෝ සෙයින් නරක් වී “මොහු හොඳට ඇඳ පැළඳ සිටගනත් පිටිසරයෙකු වාගේ බුලත් කන හැටි පෙනේද? සුරුට්ටු සිගරැට් එකක් වත් බොන්ට පුරුදු නැති මෙයා සමග ගොහින් කොහොම ද”යි එහාට මෙහාට යමින් සිතුවාය. ජෝර්ජියානාගේ වැඩකාරී වන ලිසී කුස්සිය පැත්තේ සිට මඳක් දැලිකුණු වැකි සිරුරෙන් යුක්තව කළයකුත් රැගෙන වත්තේ කිබෙන ළිඳට නාන්ට යනවා මුදුලේ ඇවිදිමින් සිටි තෙන්නකෝන් මහතා දුටුවේය. ලිසීගේ සන්සුන් ගමනත්, ප්රිේයකරු රූපයත්. නිහතමානි ගතියත් දුටු තෙන්නකෝන් මහතාට මෑ කෙරෙහි දැඩි වූ පිළිබඳ සිතක් ඇති විය. එසේ ඇති වූ හැටියේ ම “ මේ වැඩකාර ‍කමෙහි නියුක්ත වූ තැනැත්තිය නම් උතුම් කුලාංගනාවක් ය. නමුතු මෑ උවමනා තරම් ධර්මය ශාස්ත්රය දෙක දන්න තැනැත්තියක් ද යන වග සෝදිසි කරමි”යි සිතා

ගත්තේය. ලිසී ගැන විමසන්ට සිතට ගත් තෙන්නකෝන් මහතා මේ කවි දෙපද ලියා වත්තේ සක්මන් කරමින් ඉන්නාක් මෙන් ඉඳ ලිසී නාලා එන පාරේ කඩදාසි කැබැල්ල දමා ගෙට ගියේය. ඒ කඩදාසි කැබැල්ලේ මෙසේ ලියා ති‍බුණේය.

“මැ ණි ක ක් යයි කියා ඔප ලමිනි සොඳ ලෙ ද අ නි ක ක් දී තනයි අප රවටන්ට අ ද ධනපාල තෙන්නකෝන් ත්රිෝකුණාමලය වීදිය, මහනුවර”

ලිසී වතුරු කළයත් රැගෙන එන ගමන් මේ ක‍ඩදාසි කැබැල්ල ඇහිඳ බඩතුරේ තබාගෙන අවුත් දවල් බත් කා ස්වකීය කටයුතු කළේය. දවල් දෙකට පමණ තේවතුරු බීවට පසු තෙන්නකෝන් පහතා සිල්ලප්පුට කථා කොට පැත්තකට අඬ ගසාගෙන ගොස් “අරන් සිල්ලප්පු කෙපමණ මුදල් දේපල තිබුනත් නුඹ ජෝඩුකරන ලද මේ ගෑනී සිංහලයෙකුට නම් ඔබින්නේ නැත. මම ධනයටත රූපයටත් වඩා හික්මීමත්, ගුණ ධර්මියත්, නිරහංකාර ගතියත් සලකන්නෙකිමි. ඒ හෙයින් මැගෙන් මට කම් නැත. නමුත් ඒ බව මා ගියායින් පසු මොවුන් සමග කිය යුතුයි. දැන් මම ආවාට වෙනුව ගුණසේකර මුහන්දිරම් මහත්මායාට කෙසේ වෙතත් පුත්තු දෙදෙනාට වත් හැදෙතොත් හැ‍ඳෙන්ට සෑහෙන කථාවක් කර හයහමාරට යන දුම්රියෙන් ගෙදර යන්නෙමි”යි කීවේය. සිල්ලප්පු කනගාටුවෙන් හොඳයි කීවේය.

ගුණසේකර මුහන්දිරම් මහතා තෙන්නකෝන මහතාට කථාකොට “එංගලන්තයට පවා ගොස් ඉගෙන ගත් කොට ආණ්ඩුවේ රක්ෂාවක් වත් නොකොට නිකම් ඉන්නේ ඇයි දැයි අසා කථාවට බැස්සේය. (මේ කථාව ගුණසේකර පවුලේ උදවියත් තවත් පිටින් පැමිණි දහපහළොස් දෙනෙකුත් අසාගෙන සිටිති)

තෙන්නකෝන් - මා එංගලන්තයට පිටත් කර අරිද්දී අපේ තාත්තා කීවෙත් සිවිල් නිලධාරීන් ගේ විභාගය “පාස්” කර එන්ටයි. ඒ යද්දී මා තුළත් ඒ කල්පනාව තිබුණ නමුත් එංගලන්තයට ගොස් ඉගෙනගසිද්දී සිංහල ඉතිහාසය හා වෙන රටේ තොටේ පෙතුපතුත් කියවන විට මගේ මුලින් පැවති කල්පනාව වෙලස් වී ගියා. මම දැන් නිකම් නොසිටිමි. අපේ ඉඩම් තිබෙනවා. දැනට මා විසින් වවන ලද අක්කර එක සිය පනහක කොකෝ වත්තක්


තිබෙනවා. එයින් සියලු වියහියදම් ගොස් මසකට රුපියල් පන්සීයක් පමණ ලැබේ. පසුගිය යල් මෝසමට මා විසින් වී පනස් පෑලක් වපුරණ ලදි. එයින් මට වී බුසල් තුන් දාහක් ලුයුණා. ඒවා බුසල්ක රුපියල් දෙක ‍ගණනේ විකුණා රුපියල් හය දාහක් ලැබුණා. එහි පිඳුරු විකුණා රුපියල් හාරසියය්ක ලැබුණා. මේ ඇර මා විසින් වවාගෙන යන අක්කර දෙසීයක පොල්වත්තක් ද තිබේ. දැනට මට ගොවිතැනෙන් හා කොකෝ වත්තෙනුත් අවුරුද්දකට රුපියල් දහ තුන් දාහක් පමණ ලැබේ. අපේ පළාතේම කෙනෙක් එංගලන්තයට ගොස් වෛද්යණ ශාස්ත්ර්ය ඉගෙන මෙහි අවුත් පළමුවෙන් ලැබූ පඩිය රුපියල් 75 කි. එංගලන්තයේ ඉඩගන ආ නමුත් මටත් ඊට වඩා ලැබෙතොත් “සොච්චමකි” ඒ මුදල හිඟන්නෙකුට දෙන්ටත් මට මදි හෙයින් අපේ මුතුන් මිත්තන් කළ වැඩ ම කරන්ට පටන් ගිතිමි.

ගුණසේකර රාළහාමි - ඔව් එහෙම තමයි ප්රගයෝජන අතින්. නමුත් ලෝකෙන් සැලකිල්ලත්, නමුබුවත් ආණ්ඩ‍ුවේ වැඩ නිසා දැන් කවුරුත් ඒවා ම බලාපොරොත්තු වෙති. දැන් මගේ මේ ළමයින් දෙන්නාගෙන් අල්ප්රරඩ් අද්වකාත් කෙනෙක් කරන්ටත්, ඇඩ්වඩ් දොස්තර විභාගය “පාස් කරන්ටත්, මම උගන්වමි.

තෙන්නකෝන් - ඔව්, දැන් රාළහාමි වගේ අඥාන භවයේ ගිලී සිටින්නන්ගෙන් ලක්දිව පිරිලා. ඔය පහත් කල්පනා නිසා ම අපේ ‍රට පිරිහෙන‍වා. අමෙරිකාවට, ජපන් රටට ගොස් බැලුවොත් ආණ්ඩුවේ වැඩවලත්, නිදහස් වෙළඳාමේත් ඇති අගය තේරේ. රාළහාමිගේ පුත්තු දෙන්නා ම “රට කාබාසිනියා කරන්නන්” කිරිමට ගත් අදහස කදිමයි. (මෙවිට සභාවේ උන් අ‍යගෙන් බොහෝ දෙනෙක් පුදුම වූහ. සමහරෙක් තෙන්නකෝන් මහතා කෙරෙහි කිපුනෝය.)

ගුණසේකර රාළහාමි - (කෝපයෙන් මෙන් ටිකක් හයියෙන්) අද්වකාත් වීමත් දොස්තර වීමත් රට කාබාසිනියා කරන්ට යයි තමුසේ කියන්ටද?

තෙ - ඔව්, සත්තකට ම මම එසේ කියමි. රටේ යමක් නුපදවා අන්ය යන් විසින් උපයන ‍ලද දේ කා බී විනාශ කරන්නන්ට කියයුතු කුමක්ද? අද්වකාත් කෙනෙක් එක වී ඇටයක් වත් පොල් ගෙඩියක් වත්


රටේ ඇති කරනවාද? දොස්තරත් ඒවාගෙයි.

ගුණ - එසේ නම් මේ ඇත්තන් නැතුව රටේ ඉන්ට පුළුවන්ද?

තෙ - ඒක වෙන ම කථාවක්. ගුණධර්ම යෙහි පිහිටා පස් ‍‍පවෙන් වැලකි සිටියොත් උසාවියක් වත් අද්වකාත් ආදී නීතිඥයෙක් වත් උවමනා නැහැ. ඒ හෙයින් අද්වකාත්ලා නැතුවාට ඉන්ට බැරුව තිබෙන රුදාව මොකද? දොස්තරලා ගමකට එක් කෙනෙක් දෙන්නෙක් ‍හොඳට මඇති. ඇරත් සිංහල මිනිසුන්ට දොස්තර ලාට වඩා වෙදරාළලා ඉතා හොඳයි. අපේ වෙදරාළලා ඉන්නා හෙයින් දොස්තරු නැතත් ඇති අමාරුවක් අපට නොපෙනේ. රටක් දියුණුවීමටත්, ජාතියක් උසස් වීමටත් ඇති විය යුත්තෝ සපයන්නොමයි. කා දමන්නන් අධික වූ රටවල් සියල්ලක් ම දිළිඳු වේ. අපේ රටේ පවත්නා ආණ්ඩුව මේ ගැන කිසිත් නොතකයි. ඊට හේතුව මෙහි සිටින උගත්තු ආත්මාර්ථණය සලකාගෙන ආණ්ඩුවේ ගරුබුහුමන් පමණක් තකා වැසියා ගැන නොසැලකීමත්, රාළහාමිලා වැනි ධනවත් අය අඥාන නූගත් අය වීමත්ය.

ගුණ - (ඉතාමත් කෝපව) මහත්මයා අපට අඥානය කියන්නේ ඇයි?

තෙ - කථාකරන විට සුදුසු තැනදී සුදුසු වචන පාපිච්චි කළාට රාළහාමි තරහ වියත යුතු නොවේ. රාළහාමිට මම අඥානය කීවේ පවුන් හැට හැත්තෑ දාහක දේත් තිබියදී ස්වකීය දරුවන් දෙන්නා හා රටත්, ජාතියත් දියුනු කිරීමට වැඩ නෙකිරීම නිසා‍ වෙයි.

ගුණ - ආ මහත්මයා, අපට ධනය තිබෙන හෙයින් තමයි වැඩි කරු බුහුමන් ලැබීමට ආණ්ඩුවේ කටයුතු වල යොදවන්නේ.

තෙ - මොන ගරුබුහුමන්ද? හොඳයි දැන් සිංහලයන්ට ලැබෙන ඉතාම ලොකු නිලය දිස්ත්රිුක් නඩුකාර කමකි. ඒක ලැබී තිබෙන ඇත්තාට කොපමණ ගරුබුහුමන් ලැබෙනවාද?

ගුණ - ඇයි එහෙම කියන්නේ! හුඟක් ම ගරුබුහුමන් ලැබේ. “හාමුදුරුවො”යි කියනවා. බොහොම ලොකුවට රටේ ඉන්නවා.

තෙ - අනේ රාළහාමිගේ නොදත් කමක හැටි. මගේ කුඹරුවලත් වතුවලත් වැඩ කරන දෙදාහක් පමණ සමූහයක් උවමනා විටක මා වෙනුවට දිවි පුදන්ට සැරසී සිටිති. මට ඉදිරිපිටදී පමණක් නොව අනභිමුඛයේදීත් හාමුදු‍රුවොයි කියන්නේ දහස් ගණනකි.


නමුත් මට ඒ වචනය කියන්ට එපා කළෙමි. මා නිසා රැකෙන්නාත්, මට ස්තුති කරන්නොත් මා පැමිණි සභාවලදී ස්තූති පත්රි පිළිගන්වන්නොත් කොපමණ කියා හිතනවාද? කාලයාත්රාැ කළ ජෝන් කොතලාවල පහතා ගැන බැලිය යුතුයි. උන්නැහේගේ මළකඳට ගෞරව කිරීම වශයෙන් කී දහක් ‍පැමිණියෝද? පසුගිය (1908) ජනවාරි මාසයේ දී කාලයාත්රාි කළ මිසර දේශයේ මුස්තාපා කමාල් පාෂා නම් ජාති හිතෛෂියාගේ මලකඳට ගෞරව කිරීම සඳහා පනස්දාහකට වැඩි පිරිසක් පැමිණි බව ඇසුවේ නැද්ද? ඕනෑ ඒජන්ත කෙනෙක් මළත්, සභාවකට පැමිණියත් අසරණ මිනිසුන් 1000 කට රැකී රක්ෂාවක් දෙන මිනිහෙකුට තරම් ගෞරව නොලැබෙන බව සැලකිය යුතුයි.

දිස්ත්රිබක් නඩුකාරයෙකු වෙනුවෙන් නැත හොත් ඒජන්ත කෙනෙකු වෙනුවෙන් ඉදිරියට පැමිණ ගරු බුහුමන් දක්වන පහජනයා කව්ද? ආණ්ඩුවෙන් වත්, තමා යටතේ සිටින පහත් මුලාදෑනියෙකුගෙන් වත් ලබන ගරු නම්බුව මහ බක්කක් ලෙස රාළහාමි සිතූ නමුත් මට නම් විහිළුවකි. දැන් රාළහාමිගේ ලමාඑතනී රාළහාමිට කරන ගරු නම්බුවෙන් ඇති ළුලය කුමක්ද? නමුත් මහජනයාගෙන් පස් දෙනෙක් ‍එකතු වී යම් ගෞරවාදරයක් දැක්වූවොත් ස්වකීය ලමාඑතනී හා දරුවන් අවරුදු සියයක් මුළුල්ලේ කළ ගෞරව ප්රඑශංසාවට වඩා නොවට‍නේද? ලොකයෙහි යම් ගරු බුහුමනක් ලබතොත් ඒ සැබෑ ගරු බුහුමන ලැබිය යුත්තේ මහජලයාගෙනි. තමන් යටතේ සිටින පහත් මුලාදෑනීන්ගෙන් ලැබෙන ගරු බුහුමන බඩුගන්ට සාප්පුවට ගිය විට මරක්කයාගෙන් ලැබෙන ගරු නම්බුවට සමානයි. මෙය මහ ජනයා තේරුම් ගන්න තුරු අප ජාතිය දියුණු නොවේ.

ගුණ - අපේ රටත්, ජාතියත් දියුණු කිරීමට කටයුතු කුමක්ද?

තෙ - අන්න රාළහාමිට ඇනගතයුතු වැදගත් කාරණයක්දැන් අපේ රටේ පවත්නා ඉගැන්විම පිළිවෙල වහාම වෙනස් කළ යුතුයි. ගමක් පාසා බලහත්කාරයෙන් ගෙන්වා උගන්වන කාර්මික පාඨශාලා, වෙළඳ පාඨශාලා, ගොවිකම පාඨශාලා ඇති කළ යුතුයි. එසේ නොකොට දැන් මේ කරන පිළිවෙලට කිසි ශිල්පයක්, කර්මා න්තයක් නුගන්වා ඉංග්රීේසිත්, ගණන් ටිකකුත් ඉගැන්වීමට රට පිරිහීමට කාරණයකි. කිසිවක් නූගන්වා ‍ඉඳීමෙන් වැසියා

අශිෂ්ටාචාර වෙතත් හරක් වාගෙ වත් ස්වකීය කය වෙහෙසවා කුසගින්න නිවා ගැනීමට යමක් සපයා ගනිති. කිසිම ශිල්පයක් වත්, කර්මානන්තයක් වත් නූගන්වා අකුරු පමණක් උගත් අය නූගත් අඥානයා මෙන් වත් යමක් සපයාගත ‍නොහැකිව (සිවිලයිස්ඩ්) ‘සිලාචාර වෙච්ච’ තක්කඩියෝව රට කති. මේ නිසා රටේ අත්කම් වෙ‍ළදාම් හා ගොවි කර්මාකන්තයන් විධි වූ පරිදි උගන්වන තුරු මේ රටත් ජාතියත් දියුණු කිරීමට මේ කටයුතු කිසි කලක නොකරයි. “ඇඬු විටලු කිරි එරෙන්නේ” කීවාක් මෙන් අපේ ලොකු ලොක්කොත් ධනවන්තයොත් ඉදිරියට බැස “රටේ දියුණුවට මේ මේ දේ කටයුතුය”යි කෑගැසිය යුතුයි. එසේ කරන තුරු අපේ රටේ අධික වන්නේ රට කාබාසිනියා කරන පෙරකදෝරු, අද්වකාත්, දොස්තර්, බ්රෝ කර්, කොමිෂන් ඒජන්ත ආදීහු පමණකි. මෙත් ඇර “ජාතික අධ්යාාපනයක්” නැතුව ජාතියක් දියුණු විය නො හැකිය. ඒ ඒ ජාතීන් සම්බන්ධව හෙවත් ඒ ඒ ජාතීන්ට අදාල ඉගැන්විමට ජාතික අධ්යා්පනය යි කියනු ලැබේ.

එංගලන්තයේ ඉගැන්වීම ඉංග්රීකසි ජාතික අධ්යාමපනය වේ. මෙබඳු ජාතික ඉගැන්වීම පවත්නා රටවල් නම් අමෙරිකාව, එංගලන්තය, ප්රං සය, ජර්මනිය ආදී යුරෝපීය රටවල් හා ජපන් රටත් ය. මේ ජාතික ඉගැන්වීමක් නොමැති ජාතයක් කිසි කලක අභිවෘද්ධියට පැමිණිය නොහැකියි. එසේ ම ජාතික ඉගැන්වීමක් නොමැති ජාතියක ජාති හිතෛෂීන්ගේ ඇතිවීමක් අතිශයින් දුර්ලභයි. පෙරදිග රටවල් අතුරෙන් ජපන් රට අරුනාම ජාතික ඉගැන්වීමක් නැතුව ජාතියක් දියුණු කළ නො හැකි බව දැනට තේරුම් ගෙන තිබෙන රට නම් ඉන්දියාව යි. ජාතික ඉගැන්වීම සඳහා ඉන්දියාවේ ප්රෙභූ ජාති හිතෛෂීහු ඉදිරියට පැමිණ ලක්ෂ ගණන් මුදල් වියදම් කොට කල්කටාවේ ජාතික මහා ශාස්ත්රි ශාලාව හා ප්රණධාන ගම නියමගමහි පාඨශාලාත් පිහිටුවා ගෙන වැඩ කර ගෙන යන්නාහ. මේ ඉන්දියාවේ ජාතික ‍පාඨශාලාවල ඉගැන්වීම් ක්රගමය ගැන ස්වජාතිකයන් පමණක් නොව උසස් ඉංග්රීහසි නිලධාරි මහත්තැනුත් පවා සතුටුව අනුබල දෙන බව පෙනේ.

අපේ ජාතිය ඉතා පුරාණ පටන් ශිෂ්ටාචාරව බලසම්පන්නව සිටි නමුත් දැන් එක ම ජාතික පාඨශාලාවක් අපට ඇත්තේ නැත. ඉංග්රීදසි ආණ්ඩුව විසින් ප්ර්සිද්ධ අධ්යාකපන මණ්ඩලය පිහිටුවන්ට පෙර අපේ

පන්සල්වල පැවති ඉගැන්වීම් ක්ර මය ශිල්ප කර්මානන්ත වලින් තොරවූ ජාතික ඉගැන්වීම් ක්රිමයක් නමුත් මේ අභිනව ඉගැන්වීම් ක්රගමයෙන් පස් පම්පූර්ණ යෙන් ඒ ජාතික ඉගැන්වීම් ලක්දිවින් අතුරුදහන් වූයේය. ඉතින් මේ ජාතික ඉගැන්වීම ය කියන්නේ කුමක් දැයි ස්වල්පයක් වත් ලක්වැස්සන්ට අවබෝධ කරවීමට මම උත්සහ කරමි. සියලු ම ශිල්පන් ශාස්ත්ර ත් ගුණ ධර්මාැදියත් ස්වකීය ජන්ම භාෂාවෙන් ම ඉගැන්වී ම ජාතික ඉගැන්වීමේ ප්රශධාන ගුණයයි. මෙසේ ස්වකීය භාෂාවෙන් ඒ ඒ ශිල්ප ශාස්ත්ර උගන්වන විට ඊට ආදර්ශ නිදර්ශනාදියත් ස්වකීය රටෙහි ම පවතින ‍දේවලින්ම දැක්වීම එනම් - ස්වකීය රටේ භූමි ලක්ෂණ, වැව්, පොකුණු, ගංගා, ඇල, දොල, දේශගුණය, වර්ෂාැදී ඍතුහේද, ස්වකීය රටේ සත්වයන්, ස්වකීය රටේ ‍ෙඖෂධ ආදී දේ ඒ ඒ තැන්වලදී දක්වමින් ඒ අනුව ඉගැන්වීමත් ජාතික ඉගැන්වීමේ ගුණයකි.

මෙකී තරමිනුත් ජාතික ඉගැන්වීම සම්පූර්ණෂ නොවේ. ජාතික ඉගැන්වීමේදී ජාතිය යනු කුමක් ද කියා පළමු කොටම බාල දරුවන්ට ඉගැන්විය යුතුව තිබේ. ජාතියක් ය කියනු ලබන්නේ මිනිස්සු සමූහයකට වත් වෙළඳ සමාගමකට වත් නොවේ. ජාතියක් වනාහි එකම ස්වභාවක් ඇති ඒකමතික වූ එකම වර්ගදයක ජන සමූහයක් වේ. සියලු දෙනා අතර එකාකාර ජිවිතයක් ඇති අන්යෙ‍න්ය න් කෙරෙහි මමත්වයක් හෝ සහෝදරත්වයක් ඇති වීමෙන් අභ්යඑන්තරික ගුණ වශයෙනුත් යාම්, ඊම්, කෑම්, බීම්, ඇඳුම්, පැළඳුම් ආදී ක්රිහයා බාහිර ගුණ වශයෙනුත් එකාකාරත්වයක් යම් ජන සමූහයකට අත්තේ නම් ඒ ජාතියකි.

අපේ ලක්දිව පවත්නා වර්තමාන ඉගැන්වීම් ක්ර මයෙන් අකුරු හා ශාස්ත්රඉ ඉගැන්වීම කෙරෙන බැව් සැබෑ නමුත් ජාතික ඉගැන්වී‍මක් කිසි කලක ඇති නොවේ. ඉංග්රීබසි ජාතියේ පැවැත්මට හැ අභිවෘද්ධියට පිළියෙල කළ ඉගැන්වීම් ක්රේමය සිංහල මිනිසුන්ට පුහුණු කරන්ට යෑමෙන් ඒ මිනිසුන්ට ඉංග්රීලසි වෙන්ට ක්රේමයක් නැතුවාක් මෙන් ම සිංහල ව ඉන්ට ද ඉඩක් නැත්තේය. ඉතින් දෙකට ම නැති වීමෙන් බලවත් විපතකට පත්වන්නේමය. උණසන්නිපාතයට දිය යුතු බෙහෙතක් අතීසාරයට දුන් විට ලෙඩා නොමැරුණත් අතීසාරය සුව විය නොහැකියි. ඉංග්රීලසි ජාතිය අනිකකි. ඔවුන්ගේ අදහස් උදහස් දේහ ලක්ෂණ චාරිත්රි වාරිත්රී අනිකකි. එසේ වූ ඉංග්රීගසි ජාතික ඉගැන්වීම ඉංග්රීරසින්ට සර්වප්රිකාරයෙන් වෙනස් වූ සිංහලයන්ට කෙසේ පිරිමසීද? ඉතින් සිංහල ජාතියට අවශ්ය් වූ ක්රයමයක ඉගැන්වීමක් අපට නැති


බැවින් අපේ මිනිස්සු සිංහල කුල චාරිත්රාවදියෙන් පිරිහී ගොස් අනතුරට පැමිණියා මිසක් දේහ ලක්ෂණය නිසා ඉංග්රීලසි ජාතියට ඇතුළත් වීමට ද ඉඩක් නො ලැබේ. ඒ හෙයින් දෙපෙත්තෙන් ම අවාසිය ඇති වූයේ අපට යි.

ඉංගිරිසි ක්රෙමයට ඉගෙන ගත් නමුත් අප ඉංග්රීතසි ජාතියට ඇතුළත් කර නොගනිති. අනික් අතට සිංහල ජාතික ඉගැන්වී‍මක් නොමැති හෙයින් සිහල ව ඉන්ටත් හැටියක් ද නැත්තේය. දැන් අපට උගන්වන්ට ප්රොධානීන් ව, ඒ ඉගැන්වීමේ පටිපාටිය තනන මහතුන්ට අපේ අදහස් දැනගැන්ම කිසි සේත නොහැක්කේය. පූර්ව දේශීය භාෂා ධර්මද ශාස්ත්රත දත් යුරෝපීය උගත්තුන්ගෙන් ‍ශ්රේයෂ්ඨයා ලෙස සලකන්නේ ආචාය්ය්න මැක්ස්මුලර්තුමායි. ඒ මැක්ස්මුලර්තුමා ධම්මපදය ඉංග්රීේසි කරන විට නිරුද්ධ “ස්ට්රොංන” යනුවෙන් පරිවර්තනය කිරීමෙන් නිරුද්ධ විය්ය්්ර ය කියන වෙනස් අදහස එතුමාාට නෙවැටහුණු බව පැහැදිලියි. “ස්ට්රොං්” යනු ශක්තිමත් භවයයි. මාබුල්ඛාන, සැන්ඩවි ආදී මල්ලවයන්ට ඒ ඇත්තේ. නමුත් “නිරුද්ධවීය්ය්භවයයක්” ඔවුන් ඇත්තේ ද? ඉතින් ආචාය්ය්නිර මැක්ස්මුලර්තුමා වැනි උගතෙකුටත් අපේ අදහස් දැනගත නො හැකි වී නම් අපට ඉගෙනීමට පොත්පත් හදන අන්යෙ ඉංග්රී සිකාරයන්ට ‍අපේ අභිවෘද්ධිය කෙසේ කටයුතු කළ හැකිද?

සිංහල ජනයාට ජාතයක් වශයෙන් හා සිංහල ජාතියේ අභිවෘද්ධියට සිංහල ජාතිය විසිර නෙයාදී ජාතික ප්රේසමයෙන් විසීමට ශිල්පශාස්ත්රග පුහුණු කිරීමට වර්තමාන ආණ්ඩුව කිසි ඕනෑකමක් නැතුවක් මෙන් ඒ ආණ්ඩුවේ ප්ර තිපත්තිවල හැටියට කළ හැකි පැඩක් ද නොවන්නේය. නමුත් යුරෝපීය ක්ර්මානුකූලව පිහිටුවන ලද පාඨශාලාවලින් අපේ රට ගැනවත්, අප ජාතිය ගැනවත් නිසි ආකාර ඉගෙනගැන්මක් ලැබෙන්නේ දැයි අප විසින් කල්පනා කටයුතුයි. දැන් අපේ පාඨශාලා පොත්වල “නයිටින්ගේල්, ස්වලෝ, රොබින්” ආදී පක්ෂීන්ගේ නම් දක්නා නමුත් ඒ ඉගෙනගන්නා බාල දරුවෝ ඒ පක්ෂීන් නුදුටුවෝයි. ඒ හෙයින් ඒ සම්බන්ධ ඔව්හු ලබන්නාවු දැනගැන්ම ද පුහු වන්නේය. විදේශිය ශාස්ත්රෙ නමැති ‍පසෙහි සිටුවන අපේ ඥානය නමැති බීජයෙන් හටගත් රුකෙහි ගුණ ගති වෙනස් වන්නාක් මෙන්, අපේ චිත්ත ස්වභාව, ගුණය, ජන්ම භාෂාව, ජන්ම භූමිය කෙරෙහි ආලය ජාතිමමත්වය ද, සිංහලයන් තුළ ඇති කරවීමට නම් සිංහල ජාතික පාඨශාලා පටන් ගැනීමට කාලය, පැමිණ තිබේ.”

මේ අසා තෙන්නකෝන් මහතාගේ කථාව බොහොම හරිය යි


ගුණසේකර රාළහාමි ස්තුති කළේ ය.

ඉක්බිති තෙන්නකෝන් මහතාට දුම්රියට යා යුතු වේලාව පැමිණි හෙයින් ජෝර්ජියානා හා ගෙදර සිටි සෑම දෙනා ම අතට අත දී කථා කළෝය. තෙන්නකෝන් මහතා ගිය වහා ම සිල්ලප්පු, ගුණසේකර රාළහාමිට කථාකොට “ඒකද රාළහාමි, තෙන්නකෝන් මහතා නෝනා හාමුට සතුටු නැත. නෝනා හාමු අද ඇඳලා තිබෙන ගවොම දැක උන්නැහේ මට කීවේ, ඔය ඇත්තිට ගෙදරට අඳින්ට ඔය තරම් උවමනා නම් ගමනකට අඳින්ට ඔය වාගේ සතර ගුණයක් පත් විටිනා ඇඳුමක් ඕනෑ කරන්නේය. ඔය අප්රගයෝජන ඉංග්රීිසි පැෂන්වලට යන වියදමින් සිංහල පවුල් තුන හතරකට රැකෙන්ට මග පෙන්වන්ට මට පුළුවන. ඒ නොමග යන එය ඇත්තන්ට සම්බන්ධ වෙන්ට බැරිය”යි කී බව කීවේය. ඒ ආස පවුලේ සියලු දෙනා ම එකතු මෙසේ කථාවට පටන් ගත්හ.

ගුණසේකර රාළහාමි - ඔය උඩරට මහත්තයාගෙන් අපට කමක් නැහැ.

ගුණසේකර ළමාඑතනී - දෙයියනේ අපට මොන ජාති හිතේසියෝ ද, අපි සිරිල්ට දෙමු. ළමයාත් කැමති එහු සමග යන්ටයි.

අල්ප්රරඩ් ගුණසේකර - පප්පා, මම නම් කැමති යි ජිම් පෙරේරා, (මේ ලංසියෙකි)

ජස්ටින් දාබරේ (මාමා) - ඔය ඔක්කට ම වඩා ඩෙවිඩ් විජේතුංගට දෙන එක හොඳයි කියා මම කල්පනා කරමි.

ගුණසේකර රාළහාමි - මම නම් අපේ ටිමොන්ටි දාබරේට දෙනවාට කැමති යි කීයේය.

මේ කාරණා අසා උන් ජෝර්ජියාන්. “ඌට උනොත් ඌට උනේ, මූට උනොත් මූට උනේ”කියා මේ හතර දෙනාගෙන් කා උනත් හෙඳය යි සිතා ගත්තාය. මේ “මහා වියවුල” අසාගෙන වුන් ලිසී කුස්සියට ගොස් කුස්සි අම්මත් සමග සිනා වෙන්ට පටන් ගත්තාය. මෙදින සවස් විය. ඉක්බිති මේඝ නමැති නීල පත්රස හා සඳවෙල නමැති ලා දලුයෙන් උජ්වලිත දිශා නමැති අතුපතර ඇති ඉන්ද්රනනීල මාණික්යම මෙන් නීල වර්ණ යෙන් යුත් ආකාශ නමැති මහා වෘක්ෂයෙහි අවර දිශා නමැති නැට්ටෙන් සූය්ය්ා මණ්ඩලය නමැති අතිරක්ත මහා ඵලය සමුද්රකය නමැති පාතාලයට වැටෙන කල දස දිශාවෙන් ඝණාන්ධකාරය සිසාරාවුත් ලෝකය පිරී ගියේය. නමුත් ගුණසේකර වලව්ව දල්වන ලද ගෑස් පහන් ආලෝකයෙන් සුරපුරයෙන් බට දිව්යන විමානයක් මෙන් බැබලුනේය.



04 පරිච්ඡෙදය[සංස්කරණය]

රා ත්රිය සියලු දෙනා ම කා බි නින්දට ගියහ. තමා සහ කුස්සි අම්මාත් නිදාගන්නේ කාමරේ භූමිතෙල් කුප්පිය පත්තුකරගෙන ලිසී බඩතුරේ සඟවා ගත් කඩදාසි කැබැල්ල එලියට ගන්නා විට අත වෙව්ලන්ට පටන් ගත්තේය. ඉතා අමාරුවෙන් සිහි එලවා ගෙන කඩදාසි කැල්ල දිග හැර එහි තිබූ කවි දෙපදය හත් අට වරක් කියවා බලා එහි අදහස හොඳින් තේරුම් ගෙන මෙසේ කල්පනා කළාය. “මම දැන් ඉතා ම පහත් ප්රෙමාණයට බැස සිටිමි. ගෙදරක වැඩකාර කමකට පත්වීම තරම් පහත් වැඩක් දැන් සම්මත වශයෙන් නැත්තේය. තෙන්නකෝන් මහතා පවුන් හැට හැත්තෑ දාහකටත් අධික ධනවතෙකි. ශ්රෙතෂ්ඨ ශාස්ත්රාවචාය්ය්නිද නාමය දරණ උගතෙකි. සුපිරිසිදු උසස් වංශයෙහි උපන් වීරයෙකි. ශ්ර්ද්ධාබුද්ධි සම්පන්න ජාති හිතෛෂි සිංහලයෙකි. මේ තරම් උසස් පංතියක මහතෙක් සමග මගේ පියා හා සහෝදරයා ජීවත්ව සිට මගේ උත්පත්ති කාලයේ මෙන් අප පවු‍ල පැවතුනත් විවාහවිය නෙහැක්කේය. කාරණා එසේ ව තිබියදී, දැන් අනුන්ගේ වාල් ඉට්ටමට බැස සිටින මා වැනි පව්කාරියක් මේ පුණ්ය වන්ත මහතාණන්ට කෙසේ භාය්ය් වන්නීද? ඒ කෙසේ වෙතත් ගුණ ධර්ම ය ම ශ්රේවෂ්ඨ කොට සලකන මෙතුමාට මගේ මියගිය පියාණන් විසින් අගන්වනු ලැබූ ශාස්ත්රතය දැක්වීමක් වශයෙන් වත් පිළිතුරක් යවමි”යි තීන්දු කර සිතා ගෙන මේ කව් දෙපදය තනා කඩදාසියක ලියුවාය.

“ දෙ ස ක ක් ඇති කෙනෙක් ඒක‍ට රැවටේ ද මැ ණි ක ක් ඔපය නැති ලුබුණෝතින් හොඳ ද

මේ වගට. නන්දාවතී.

ලිය‍ුම් එවන හැටි,

වෝඩ් ප්ලේස්හී ජෑන්ස් මහතා භාරේ ජොහානාහාමිට.

මේ ලියමන ලියා ජෝර්ජියානාගේ කාමරයෙන් අන්විලොප් එකක් ගෙන එහි බහා තබා ගත්තාය. ලිසීට මේ රාත්රිකය අතුරු කපක් මෙන් විය. “අහෝ! අහ්චර්ය්ය්ා යක්ය. හරි ගියත් නො ගියත් ස්වාමිදුව


භාය්යාය් කමට ගැන්මට පැමිණ ඈ කෙරේ ‍පිළිබඳ සිතක් නූපදවා දැන් දාසී භාවයේ සිටින මා කෙරේ මෙහොතකට වත් ස්නේහයක් දැක්වූ මේ වීර පුරුෂයා මේ ආත්මයේ මට නො ලැබුණත්, මතු සසරේදී වත් ස්වාමි පුරුෂයාණෝ වෙත්වා. මා විසින් මේ තාක් ම ප්රා ණවත් ‍සතෙක් නොමරණ ලදී. අන් සතු කිසිවක් නොගත්තෙමි. පුරුෂයෙකු කෙරෙහි මඳක් වත රාග සිතින් කල්පනා නොගෙළෙමි. ක්රීෂඩා වශයෙන් වත් බොරුවක් නොකිමි. මත්පැන් බිඟඳක් පමණ ද නොබීමි. අදය සවස තුනුරුවන් ගුණ සිහිකරමි. මියගිය මගේ පියාණණ් හා සහෝදරයාණන් අනවරතයෙන් මතක් කරමි. මෑනියන්ට හා පිණන්ට නොසතුටු වචනයක් වත් නොකියමි. මා මේ කරන්නේ පුණ්ය්කර්මට මට තෙන්නකෝන් මහතා ලැබේවා!

අලුත් අධර්මනයෙන් ධනවත් ව සිටින මේ අධම මිනිස්සු මුලදී මා බැලමෙහෙ පිණිස නොව, සේවය කිරීමට නවත්වා ගෙණ දැන් දර දියා අදවා ගැනීම, බඳුන් සෝදවා ගැනීම් ආදී වැඩ ද ගනිති. මොවුන්ගේ අභිමුඛයෙන් ම අශ්ව රථයකින් තෙන්නකෝන් මහතාත් සමග මට යන්ට ලැබුණේ නම්, මේ ජීවිතයෙහි ඵලය ඒ වේ” යනාදීන් සිතමින් සිතිවිලි නමැති මුහුදෙහි උඩුයටිකුරුව පෙරෙළෙමින් සිට අමාරුවෙන් රාත්රියය ගෙවා ගත්තාය. උදය ම නැගිට තමා විසින් කටයුතු වැඩකොට නිමවා. ස්වකීය මව් වන ‍ජොහානා රූපසිංහ හාමිනේ වෝඩ් ප්ලේස්හි ජෑන්ස් මහතුන් ගේ ගෙදර නැවතී සිටින හෙයින් මව් බලන්ට යන්ට යයි සිතා සමුගෙණ රාත්රි ලියූ ලියුමත් රැගෙනවිත්, ලියුම තැපැල්කොට ස්වකීය මව් සම්බුව “මීට මාස තුනකින් ඔබ්බෙහි ස්වාමිදුවරුන්ව සිට දැන් වහල්ව සිට ගෙන අනුන්ගේ බැල මෙහෙ කරන්නමෝ දැ”යි දෙදෙනා ම වැළඳ අඬන්නට පටන්ගත්හ. ඉක්බිති ලිසී සිතේ ධෛය්ය්ා ම උපදවා “මැණියනි, දුක් සැප රිය සක්ක මෙන් පෙරළේ. අප පියාණන් ජිවත්ව සි‍ටියදී හේවාගම්කෝරළේ අධිපතිභාවය අපට තිබුණේය. දැන් අනුන්ගේ ගේවල බැලමෙහෙ කරන්නමෝය. නැවතත් අපට පෙර සිටියාටත් වඩා අසස්වීමට හෝ දැන් සිටිනා වහල් භාවයටත් නීච පහත් භාවයකට පත්වෙන්ට හෝ බැරිකමක් නැත්තේය. ඒ කොයිහැටි නමුතු දුක් සැප දෙකේ ම අපේ උදාරතර ගුණධර්මම අත් නොහැර සිටිය යුතුය”යි මව්ට කියා “අම්මා නමට ජෑන්ස් මහතා භාරේ ලියමනක් ආවොත් එය අම්මා ම අරගෙන අවිත් මට දෙනු මැනවැ”යි කියා යන්ට ගියාය.

පසු දින උදේ ධනපාල තෙන්නකෝන් මහතාට තැපැල් කාරයා

ලියුම් කීපයක් ගෙනත් දුන්නේය. මේ ලිසී නමින් සිටින නන්දාවතීගේ ලියමන ද ඉන් එකකි. තෙන්නකෝන් මහතා ඒ ලියුමේ පිට ලියා තිබෙන අකුරුවලින් ‍ම ස්ත්රිකයකගේ අත්අකුරු බැව් දැන ඇදින අනික් ලියම් කඩා කියවා බලා. ඒවා ස්වකීය ලියන්නාට භාර දී මේ ලියුමත් රැගෙන උඩුමහලට ගොස් ලියුම කඩා කියවා බලා පුදුමට පත්ව මෙසේ සිතු‍වාය. “ මේ එවා තිබෙන කවි දෙපදය මේ තැනැත්තිය විසින් ම ගොතන ලද්දක් නම් ඉතා ආහ්චය්ය්් ය. මෑ විසින් මෙය නොතනා අන්යවයෙකු ලබා ප්ර්බන්ධ කරවා ගත්තා නම් මෙහි හරය මේ තරම් විය නොහැකියි. නන්දාවතී දැන් වැඩාකාරියක් ව සිටිතත්. ගුණ නුවණින් හා ශ්රවද්ධා සීලාදී ගුණ ධර්මායෙන් යුක්ත උසස් කුලාංගනාවක් නම් මෑ මගේ භාය්යාන් ව කර ගන්නෙමි. යම් හෙයකින් මෑ මට තරම් නොවී මෑ කෙරෙහි මගේ සිත නොඇලී ගියෙ නම්, මෑ සමගකුමක් නිසා මිත්රට වී දැයි ලෝකයාගෙන් ලැබෙන අපකීර්තියෙන් වැලකීම සඳහා ජෝර්ජියානාගේ තොරතුරු අසා දැන ගැනීම සඳහා මෑ සමග ලියුම් ගනුදෙනු කළ බව හැ‍ඟෙන්ට කටයුතු කළ යුතුය”යි තෙන්නකෝන් මහතා සිතා නන්දාවතීට ලියුම ලීවේය. නන්දාවතී තමාගේ භාය්යාෝන ව කර ගන්නා බවක් නොහැ‍ඟෙන සේ ද මේ ලියුම ලීවේය.

“නන්දාවතී,

නුඹ විසින් එව් කවි දෙපදය ලැබුණා. ඒ ගැන මම විභාග කරන්නෙමි. ජෝර්ජියානා නෝනා හාමුලාගේ ගෙදර තොරතුරුත් දැන් ඒ තැනැත්තිය සම්බන්ධව නුඹ දැන ගත් යමක් ඇතහොත් එයත් නොවලාම මට කියා එවිය යුතුයි. අප්ර්යෝජන වූ කිසිවක් නැත කී හෙයින් නුඹේ අදහස් උදහස් වලින් ද මට ඉගෙනීමට බොහෝ දේ තිබේ. ඒ හෙයින් ජෝර්ජියානා ගැන නුඹේ කල්පනාවත් දැන්වූවොත් යෙහෙකි. නුඹට ලියුම් එවන්ට ජොහානාහාමි කෙනෙකු සඳහන් කර තිබෙන්නේ ඒ කව්ද? මේ සමග මට ලියුම් ලිවීම සඳහා කඩදාසිත් තැපැල් මුද්දරත් එවමි. නුඹට උපකාර කිරීමටද මගේ කැමැත්තක් තිබේ. උඹට දැන් ලැබෙන පඩිය කීයද? අපේ කිට්ටුව‍රයෙකුගේ ගෙදර නවතින්ට කැමතිද?

ඔ ප ඇ ති නමුත් විදුරුවක් බව සොඳ ට ඇ ස ඇ ති බැවින් දැනගත්තෙමි නිසැක කො ට ඔ ප නැ ති නමුත් මැණිකක් නම් හොඳයි ම ට පි න නැ ති ල‍ඳෙ කියව ලැබ ගන්ට හණික ට

මේ වගට - හිතේසි, ධ. තෙන්නකෝන්.”

මේ ලියමන ජෑන්ස් මහතා බාරේ ‍ජොහානා හාමිට ලැබුණේය. ජොහානා හාමිනේ ද ස්වකිය දියණිය කී ලෙසට ලියුම ලැබුණු වහා ම එය රැගෙන ගොස් දුවට දුනුනාය. ලිසීට අමුතුම ජිවිතයක් ලැබුණාක් මේන් ලියුම බඩතුරේ තබා ගත්තාය. එදින ජෝර්ජියානා හා ඇගේ මව් ගුණසේකර ළමාඑතනීත් ඇඳුම් වගයක් මහන්ට රෙදි ගැනීමට ගියහ. ලිසීට මේ වේලාව ඉතාමත් අවකාශ හෙයින් තෙන්නකෝන් මහතාගේ ලියමන කඩා කීප විටක්ම කියවා මෙසේ සිතුවාය. “මේ මහතාණෝ මා කෙරෙහි බලාපොරොත්තුවක් ඇතුව සිටිත්. එසේද වූවත් මට නොහැ‍ඟෙන්ට මේ ලියුම ලියා තිබේ. මමත් උන්නැහේට ඒ බව මට නොතේරෙන්නාක් මෙන් ලියමි.” සිතා මෙසේ ලීවාය.

“ගරුකටයුතු මැතිතුමාණෙනි,

ඔබතුමාණන්ගේ ලියමන ලැබුණා, ජෝර්ජියානා නෝනා හාමුගේ දින චරියාව මෙසේය: උදේ හතට පමණ නින්දෙන් නැගට ශාරිරකෘත්යයය කර ඉවර වූ පසු වතුර බේසම ළඟට ගොස් බුරුසුවකින් දත් මැද තුන් සැයෙක් පැමෝරා සෝප් ගා මූණ සෝදයි. මූණ සෝදා පිය දමන එක එක වරට පාවිච්චි නොකළ තුවායක් ඕනෑ කරයි. මෙසේ මූණ සෝදු හැටියේම කෑම කන මේසය ළඟට ගොස් උදේ පිළියෙල කර තිබෙන ආහාර අනුභව කොට, අඳින කාමරයට ගොස් “නැවිකට්” සිගරැට් එකක් පත්තු කර ගෙන, ඔළුව පීරන්ට පටන් ගනී. පැමෝරා සෝප්, පොමාද කේස ජන්ජන තේල් ආදිය ගාමින් ඉංග්රීනසි පැයක් පමණ ඔළුව පිරීමට කාලය ගත‍ වේ. ඉක්බිති යට සාය දෙකක්, බොස්තරක්කයක්, ගවොමක්, මේස් සපත්තු තොප්පි ආදියත්, රත්රන් ආහරණත් පැළඳ අශ්ව කරත්තයකින් හෝ පයින් ඇවිදින්ට යන්නීය. මෙසේ ඇවිදීමට යන විට සමහර දවස්වල මිත්රය තරුණයෙකු හො තරුණියක සමග යයි. කීප දවසක් මා සමග ද ගියාය. මෙසේ ගොස් දවල් එකොළහමාරට පමණ ඇවිත් දවාලට කෑම කා සවස් දෙක ‍වන තුරු නිදා ගෙන හෝ කථා කරමින් සිට, උදේ මෙන් ම මූණ අතපය සෝදා ගෙන නැවතත් වෙනින් අඳුමක් ඇඳ ගෙන ඇවිදීමට ගොස් සවස හතට නොහොත් අටට ගෙදර එයි. ඒ ඇවත් මූණ ‍අත පය සෝදා ගෙන නයිට් ඩ්රෑනස් කියන රෑ ඇඳුම් ඇඳ ගෙන කෙළි කවට කරමින් සිට රෑ නවයට බත් කා නිදා

ගනියි. මේ අපේ නෝනා හාමුගේ පමණක් නොව ඉංග්රීෝසි විධියට “සීලාචාර වෙච්ච” කොළඹ පළාතේ අත මිට ඇති කොයි තරුණියන්ගෙත් සිරිතයි.

දොරකඩ රැක සිටු ම උයන් වතුවල අවිදු ම මෙහෙවරට මැලික ම නොකර මේ කී සියලු නොතර ම

යනාදී වශයෙන් දක්වා තිබෙන පුරාණ සිංහල ශිෂ්ටාචාරය වර්තමානය තරුණියන්ගෙන් දන්නා කෙනෙකු සොයා ගැනීම නිකිණි සෙවීම වැනි යයි කී විට ඔබතුමාණන්ට කසාද බැඳීම එපා වන්ටත් පිළිවනි. ඒ එසේ නමුත් ඇත්ත නොකියා නොහැකිය. මැතිතුමාණනි, මනුෂ්යන ආත්මයකින් යුත් මගෙන් තබා කොටළු, කකුළු, ලේන්, දිවි ආදී තිරිසන් ගත සත්වයන්ගෙන් ද දුන්න, ලබුවැල, ජලය, ගින්න ආදී අචේතන වස්තූන්ගෙන් ද ගත යුතු අංග ඇති බැව් ලොවුතුරා බුදුරජාණන්වහන්සේ දේශනා කරන ලදි. ඒ හෙයින් මගෙන් ඔබ තුමාට අන්ය යමක් ඉගෙන ගත නොහැකි උවත් ගෑනුන්ගේ චරිත ස්වභාව ගැනවත් මොකමොකවත් දැන ගන්ට බැරි‍ නොවේ. මගේ කල්පනාවේ හැටිය ජෝර්ජියානා කසාද බඳින මනුෂයයා තරම් කාලකන්නියෙක් තවත් ඇද්දෝ කියාය. මට ලියම එවන්ට කී ‍ජොහානාහාමි නම් අපේ මෑණියෝය. මෑණියන්ගේ නාමය මීට තුන් මාසයකට ඉස්සර ජොහානා ‍රූපසිංහ හාමිනේය. නමුත් දැන් උන්දෑ ජෑන්ස් මහත්මයලාගේ ගෙදර වැඩකරන්ට පත්වි සිටින හෙයින් දැන් මොන රූපසිංහ හාමිනේ කම්ද? ඒ නිසා ඒ නාමය අගෞරව ලෙස ලීවෙමි. මට දැන් ලැබෙන පඩිය අසා තිබෙන්නේ මට කරන කවටකමකි. දැන් ලැබෙන්නේ රුපියල් පහයි. තමුන්නාන්සේලාගේ කිට්ටුවරයෙකුගේ වලව්වේ වැ‍ඩකාරකමට මා නොසෑහේ. නමුත් එක් ස්ථානයක එක්තරා තනතුරක් බලාපොරෙත්තු වෙමි. මම පසළොස් වයස් ඇති කෙනෙක් හෙයින් තව අවුරුද්දක් පමණ පසුවූ විට මගේ හිතේ තිබෙන මහතාණන් ස්වාමිපුරුෂ භාවයට ලදහොත් කසාද බඳින්නෙමි. මා වෙත එව් කඩදාසිත් මුද්දරත් ඉතා ප්රායෝජනයි. මෙහි යම් වරදක් අතහොත් තුනුරුවන් වෙනුවෙන් සමාව ඉල්ලමි.

ඉතා යටහත් කීකරු, නන්දාවතී.”


05 පරිච්ඡෙදය[සංස්කරණය]

මේ ලියමන තෙන්නකෝන් මහතාට ලැබී කියවා බලා නන්දාවතීගේ දැනීම ගැන මවිත වී, හෙතෙම ප්රී තියට පැමිණ මෙසේ ලීවේය.

“නන්දාවතී, උඹේ ලියමන ලැබුනා. ජෝර්ජියානාගේ චරිතය හොඳින් ලියා එව්වාට ස්තුතියි. ස්ත්රීලන්ගේ අගුණ මමත් ටිකක් දනිමි. නමුත් බොහෝ වූ අන්ය ගස් අතරෙහි සඳුන් ගස් එකක් දෙකක් තිබෙන්ට හැකිවාක් මෙන් යහපත් ස්ත්රීරනුත් ස්වල්ප වශයෙන් ඉන්ට පිළිවන. මා විසින් සොයා ගන්ට හදන්නෙත් එබඳු තැනැත්තියකි. නුඹ කොටළු ආදි සතුන්ගෙන් හා දුන්න ආදි අචේතන දේවලින් සිතටගන තිබෙන අංග කවරේ දැයි දැන ගන්ට කැමතියි. ජෝර්ජියානා කසාද බඳින අය කාලකණ්ණියෙක් නමුත් නුඹ කසාද බඳින අය කවරෙක් වේද කියා කියන්ට හැකිද? නුඹ අපේ වලව්වක වැඩකාරකමට නො‍සෑහේය කීවේ අපේ නෑයන් ජෝර්ජියානාලා වගේ සංකර නොවන හෙයින්ද? උඹ බලාපොරොත්තු මහතෙක් ඉන්නා බව හැ‍ඟේ. රැස්වීමකට හෙට කොළඹට ගොස් ගමට පැමිණෙන්නේ සුමානයකින් වාගේ හෙයින් මේ ලියුමට උත්තර එවි යුතු දස දිනක් පසුවී බව කියමි.

මීට-හිතේසි, ධ. තෙන්නකෝන්.”

‍ මේ ලියමනත් පළමු ලියුම මෙන්ම, ජොහානා රූපසිංහ හාමිනේ නන්දාවතීට ගෙන ගොස් දුන්නාය. නන්දාවතී ලියමන කියවා බලා තෙන්නකෝන් මහතා තමා කෙරේ තද ආදරයක් ඇති බවත් එය ප්රලකාශ නො කරන බවත් තේරුම් ගත්තාය. පසුවදා තෙන්නකෝන් මහතා කොළඹ එන බැව් කියා තිබෙන හෙයින්. එතුමාගේ රූපය නමැති රසාංජනය ඇසේ තවරා ගත හොත් ඒ ද තමාගේ දාසී භාවයේ දුක් මඳක් මග ඇරීමට හේතු විය හැකියයි සිතා ගුණසේකර වලව්වට ලැබෙන ඉංග්රීුසි පත්රීයේ කොළඹ ප්රිසිද්ධ සභාවක් ගැන යමක් සඳහන්ව තිබේ දැයි බැලුවාය. කොළඹ සිංහල තරුණයන්ගේ සභාවක් පවත්වන බවත් එහි දි ධනපාල තෙන්‍‍කෝන්, ජයතිස්ස, වික්ර මසිංහ ආදී මහතුන්


කථා පවත්වන බවත්, එයින් තෙන්නකෝන් මහතා “වර්තමාන ලංකාව” යන මාතෘකාවෙන් යුත් කථාවක් කරන බවත් ප්රෙසිද්ධව තිබුණේය. නමුත් මේ සභාවට දුප්පතුන්ගේ පැමිනිමක් නොමැති හෙයින් නන්දාවතීට තෙන්නකෝන් මහතා දැකීමට වත් ලැබෙය යි සිතිය නොහැකි විය. එසේද වූවත්, මේ සාභාවට යන පිණිස ජෝර්ජියානා ගුණසේකර නෝනා හා ගුණසේකර ළඹාඑතනීත්, ගුණසේකර මුහන්දිරම් රාළහාමිත් සූදානම් වී , ලිසීටත් කථා කළාහ. ලිසී ද අභිසේකයක් ලද්දාක් මෙන් සතුටුව චීත්ත රෙද්දකුත් කර පළල් නුවූ සුදු හැට්ටයකුත් හැඳගෙන වලව්වේ උදවියත් සමග සභාවට පැමිණියාය. ජෝර්ජියානා කසාද බැඳීමට මඟුල් ඇසූ මහතෙකු හෙයින් තෙන්නකෝන් මහතා ගේ කථාව ඇසීමට මොවුන් ගිය බැව් සැලකිය යුතුයි. සභාව නියමිත වේලාවට පටන් ගැනිණි. තුන් දහක් පමණ ස්ත්රීන පුරුෂයෝ රැස්වූහ. ඉක්බිති තොන්කෝන් මහතා කථාව ආරම්භ කොට මෙසේ කියන්ට පටන් ගත්තේය :-

නෝනා වරුනි, මහත්වරුනි,

“වර්තමාන ලංකාව” යනු මගේ කථාවේ මාතෘකාවයි. මේ කථාවෙන් වර්තමාන ලංකාවේ ආණ්ඩුවත්, එහි වැසියනුත්, වැසියන් ගේ දියුණුව හේ පිරිහීමත් ඉතා සංක්ෂේපයෙන් දැක්වීමට උත්සාහ කරමි. අපේ මේ ලංකාද්වීපය වර්තමාන ඉංග්රීසසි මැනීමේ හැටියට හතරැස් හැතැප්ම 25,331 ක්ය. 1901 කේ අවුරුද්දේ ගත් ජන ලේඛනයේ හැටියට ලක්දිව ජනසංඛ්යාහව තිස් පන් ලක්ෂ හැට පන් දාස් නවසිය පනස් හතර දෙනෙකි. යුද්ධ හමුඳාවට අයත් හේවායන්ගේ ගණන 2023 කි. මේ තිස් පස් ලක්ෂ සංඛ්යාවත සේනාවට ඉගැන්වීමට පිහිටුවා තිබෙන ආණ්ඩුවට අයත් හෝ ආණ්ඩුවෙන් ආධාර ලබන පාඨශාලා 3,780 කි. මේ ගණන් 1904 රේ ඒවායි. මේවායේ ඉගෙන ගන්නා ගෑනු පිරිමි ශිෂ්ය්යෝ 2,46,669 කි. ගොවිතැන් හෝ තේ, රබර්, පොල්, කුරුඳු ආදිය වවා තිබෙන අක්කර ගණන 23,32,257 කි. ආණ්ඩුවට ලැබෙන ආදායම රුපියල් තුන් කෝටි අට ලක්ෂ හතලිස් හයදාස් හයසිය අනු හතරකි. ආණ්ඩුකාරතුමා‍ගේ පඩි ආදී සියලු ම වියදම් රුපියල් තුන් කෝටි විසි ලක්ෂ දහ නව දහස් තුන් සිය අනූ දෙකකි.

මෙරට මිනිසුන් ගේ ප්රලයෝජනය සදහා පිට රටින් ගෙන්වා තිබෙන හාල් ආදී ද්රනව්යලවල වටිනාකම රුපියල් එකළොස් කෝටි හැට හතර ලක්ෂ අසූ තුන් දාස් නවසිය හතළිස් තුනකි. මෙරට උපදින තේ, කෝපි, මිනිරන් ආදිය පිටරට යැවීමෙන් මෙරටට ලැබී තිබෙන ගණන රුපියල් දස කෝටි ‍හතළිස් දෙ ලක්ෂ හැට පස් දාස් නව සිය විසි හයකි. තවද තිස් පන් ලක්ෂ සංඛ්යා‍ත ජනයා විසින් හතරැස් හැතැප්ම විසි පන් දාස් තුන්සිය තිස් එකක් ඇති මේ ‍ලක්දිව කුඹුරු වශයෙන් වපුරන භූමි ප්ර මාණය අක්කර 7,11,406 කි. කුරක්කන, යව, මෙනේරි, මුං ආදී අන්යද ධාන්යය ජාති වපු‍රා තිබෙන බූමි ප්ර1මණය අක්කර 1,03,891 කි. කෝපි වවා තිබෙන බිම් ප්රීමාණය අක්කර 3,954 කි. කොකෝවා වවා තිබෙන බිව් ප්රිමාණය අක්කර 5614 කි. කුරුඳු වවා ඇති බිම් ප්රකමාණය අක්කර 41,679 කි. කපු වවා තිබෙන බිම් ප්ර මාණය අක්කර 40 කි. තේ වවා ‍තිබෙන බිම් ප්ර්මාණය අක්කර 4,19,210 කි. දුම්කොළ වවා තිබෙන බිම් ප්රාමාණය අක්කර 9,26,537 කි. සින්කෝනා වවා තිබෙන බිම් ප්ර මාණය අක්කර 1,172 කි. රබර් වවා තිබෙන බිම් ප්ර මාණය අක්කර 13,167 කි. ඉතින් ලක්දිව මේ කියන ලද සංඛ්යා2වලින් දැන් පවත්නා ස්වභාව වැටහෙතැ යි විශ්වාස කරමි.

මෙහි කියන ලද ආණ්ඩුවට ලැබුණු ආදායමත්, ආණ්ඩුවෙන් වියදම් වඋ ආඳායමත් සම්බන්ධව ස්වල්පයක් කියමි. ආණ්ඩුවට ආදායම් වශයෙන් ලැබී තිබෙන රු: 3,08,46,694 රෙන් රුපියල් 31,29,250 ක් ලැබී තිබෙන්නේ අරක්කු රේන්දයෙනුත් 16,465 ක් ලැබී තිබෙන්නේ අබින් විකිණිමෙනුත් බව පෙනේ. වියඳම් පැත්ත ගැන බැලුවා ම පඩිනඩි හා පැෂන් ආදියත් සඳහා ලැබුණාටත් වඩා ගොස් තිබේ. ලක්දිව කලක් රාජකාය්ය් ආද කොට එංගලන්තටට ගොස් විශ්රා ම ගන්නා ඉංග්රී.සි මහත්තැන්ට පමණක් රුපියල් දශ ලක්ෂ හතලිස් අටදාස් තුන්සිය හැටපහක් යන බව පෙනේ. ආණ්ඩුකාරතුමාගේ පටන් අන්තිම කුලීකාරයා දක්වා රුපියල් 70,48,313 කුතු ඉංග්රීරසි සිංහලාදීන්ට පැන්ෂන් පඩි පිණිස රුපියල් 13,25,397 කුත් ගිය බව පෙනේ. මෙයින් ලක්වැසියන්ට ලැබුණු ගණනුත් යුරෝපියාදීනට ලැබුණු ගණනුත් තේරුම ගැනීම අමාරු නොවන හෙයින් විස්තර නොක‍රමි. ලක්දිව උපදින ධනයෙන් රුපියල් එකළොස් කෝටි හැටහතර ලකෂ අසූතුන්දාස් දෙසිය හතලිස් තුනක් පිට රට ගිය බව ඉහත කීවෙමි. ඒ ගණනින් හාල් ආදි ධාන්යස වර්ගු වලට රුපියල්31,10,082 කුත් රෙදි පිළි ආදිය සඳහා රුපියල් 2,70,893 කුත්, මත්පැන් වලට 10,38,546 ක් තීරු වශයෙන් ආණ්ඩුවට ලැබී තිබෙන බැවින් මේ කී ද්රනව්යප වල වටිනාකම වශයෙන් පිට රටට

ගොස් තිබෙන මුදල සිතට ගත හැකියි.

යම් රටක උපදින ආදායම අන්යි රට වාසීන්ට දී ඔවුන් ගේ ද්ර ව්යර රැගෙන පාවිච්චි කිරීමට පුරුදු වූවහොත් ඒ රටේ අභිවෘද්දියක් ඇති විය නො හැක්කේය. යුරෝපාදී පිටරටවලින් ගෙනෙන රෙදි පිළි, පිඟන් කෝප්ප, අදළු, පොරෝ, පිහියා, කැති, ඇණ, සරනේරු, තින්ත, කඩදාසි, සුවඳ සබන් ආදයත් ඉන්දියාවෙන් ගෙනෙන හාල් ආදී ධන්යප වර්ගයත් මේ රටේත් තනන්ට හා ඇති කර ගන්ට බැරි නොවේ. පුරාණයේ දි සිංහලයා ගේ පාවිච්චියට උවමනා සියල්ලක් ම මෙහි උපදවා ගත හැකිවූවා ‍නම් යන්ත්රහ සූත්රාචදියත් සුලභ මේ කාලයේ කොහෙත් ම බැරි කමක් නැත්තේය. නමුත් අප රටේ දැන් යමක් ඉපදවීමට එකෙක් සිටි නම් ඒ එකා උපයන දේ කෑමට විස්සක් තිහක් සිටිති. මෙසේ වීමට හේතුව මේ රටේ උගැන්වීමේ තිබෙන අසම්පූර්ණ්තාවයයි. දහස් ගණනක් ස්වභාෂා, ඉංග්රීතසි, ද්විභාෂා දී පාඨශාලාවක “උපයන්නන්” ඇති කිරීමට නූගත්වති. ඊට ඉඳුරා ම ප්රගතිවිරුද්ධ ව දැන් අපේ පාඨශාලා වල ඉගැන්වීම කරන්නේ “ කා දමන්නන්” ඇති කරන පිණිසයි.

රටේ උපයන්නෝ යි කියනු ලබන්නෝ නම්- ගොවියෝ, කර්මාපන්තකාරයෝ, ශිල්පියෝ, වෙළෙන්දෝ හා වැවිලිකරුවෝය. රටක් කාබාසිනියා කරන්නෝ යයි කියනු ලබන්නෝ නීතිඥයෝ, දොස්තරවරු, බ්රොසකර්වරු හා (පඩි නැති) මුලාදෑනි ආදීහුයි. දැන් පවත්නා අපේ පාඨශාලාවල පළමු කී ගොවියන් ආදී උපයන ජනයන් ඇති කරද්ද? නැත්හොත් රට කාබාසිනියා කර දමන්නන් වන නීතිඥාදීන් ඇති කරද්දැ යි, මගේ කතාව ආස ගෙන සිටින කාටත් තේරෙනවා ඇත. අපේ රටේ අමුතු කර්මා්න්තත්, විශාල වශයෙන් ගොවි කර්මාේන්තයත් කිරීමට නම් ගමක් පාසා කෘෂිකර්මන, හස්තකර්මය ශාලා පිහිටුවා ලක්වැසි දරුවන්ට ළදරු කාලයේ පටන් ශාස්ත්ර හා ගුණධර්ම‍ත් සමග ඒ ඒ පුද්ගලයන්ගේ චාරිත්රාවනූකූලව හස්ත කර්මාරන්තයට අයත් වැඩුවැඩ, යකඩ වැඩ, සුනු කර්මාේන්තය, ගල් වැඩ, කැටයම් වැඩ, රෙදි විවිම, නූල් කැටීම, කඩදාසි තැනීම, සබන් සුවඳ විලවුන්, සිමෙන්ති, කැති, උදලු,තැනීම ආදී කර්මා්න්ත ඒ ඒ දරුවන්ට උගැන්විය යුතුයි. එසේම ගොවි කර්මානන්තාදී වැවිලිත් ඒ ඒ ළමයින්ට සුදුසු පරිදි උගැන්විය යුතුයි.

මෙසේ කරන තුරු ලක්දිව ජනයා දියුණු නොවේ. මේ අභිනව ඉගැන්වී‍ම් ක්රේමය ඇති කර ගන්ට නම් දැන් පවත්දා ආණ්ඩු ක්රිමය

ප්රේකෘතිමත් කර ගත යුතුයි. ලක්දිව ‍පවත්නා නීති සම්පාදක, නීති දායක යන මන්ත්රරණ සභා දෙක ම වෙස් කළ යුතුයි. නිති සම්පාදක සභාවට නිල නො දරණ, වැසියන් විසින් තෝරා ගනු ලබන මන්ත්රීතවරු එක් කෙනෙක් දෙන්නෙක් පත් කර ගත යුතුය. නීතිදායක මන්ත්රතණ සභාව දැන් පවත්නා ප්රරමණයෙන් සම්පූර්ණයෙන් වෙනස් කට යුතු‍ වේ. නිල දරණ අණ්ඩුවේ මන්ත්රීත වරු දස දෙනා එසේ ම සිටිය දී විසියන් වෙනුවෙන් යටත් පිරි සෙයින් ලක්දිව පළාත් නවයට වැසියන් විසින් තෝරා ගනු ලබන මන්ත්රී්වරු දහ අට දෙනෙකුත්, ඒ ඒ ජාතීන් වෙනුවෙන් යටත් පිරිසෙයින් එක එක මන්ත්රීවවරයෙක් බැගිනුත් ඒ ඒ ජාතීන් විසින් තෝරා ගෙන පත් කොට මන්ත්රනණ සභාව පිළියෙළ කොට වැඩ කරන්ට පටන් ගත හොත් නො අනුමානව ලක්දිව ජනයාටත් ලෝකයේ අන්යෙ රට වාසීන්ට මෙන් මේ ශත වරෂයේ දි දියුණු වීමට බැරි කමක් නැත්තේ ය. “කැමැත්ත ඇති නැති මාගර්යනත් එතන ම තිබේ” යයි කී අප්තෝපදේශය බොරුවක් නොවේ. අපේ රටත් ජාතියත් දියුණු කිරීමට අප තුළ අභිලාසයක් ඇත හොත් එය කිරීමට ඇති ක්රවම බොහෝයි.

වර්තමාන සිංහල ධනවතුන් ගෙන් මුග්ධාභා‍වයේ ගිලී සිටින්නෝ බොහෝය. ගෞරවය මේය. අගෞරවය මේය කතියා වත් නො දන්නෝ සිටිති. ඉංග්රිනසි නමකින්. ඉංග්‍රීසි ඇඳුමෙන්, ඉංග්රීතසි සිරිත් විරිත වලින් හා ඉංග්රී සින් සමගව සමාගම් ආදිය පැවැත්වීමෙන් ලොකු ගරු නම්බුවක් ලැබෙය යි බොහෝ දෙ‍නා සලකති. කපුටෙක්, කොවුලෙකු මෙන් ඔවුන්ගේ සමාගමෙහි සිට ගෙන උන් සේ සැරසී සිටියත් නාද කරපු ඉක්මනින් ම දැන ගන්ට ලැබී කොවුල් රැලෙන් පහ කරණු ලබයි. එසේ ම සිංහල ජාතියේ උපන් අයෙක් ස්වජාතියේ සිරිත් විරිත් අත්හැර යුරෝපීය වීමට උත්සාහ ගැනීමෙන් ඔවුන්ගේ අදහස මුදුන් ‍නො පැමිණෙන්නාක් මෙන් ස්වජාතිකයන්ගෙන් ලැවිය හැකි ගරු බුහුමන් ද නො ලැබ උතුම් වූ මනුෂ්යන ආත්ම භාවය ව්යාිර්ථ කරගෙන මිය යයි. දැන් මේ සභාවේ ම සිටින ස්ත්රි් පුරුෂ බොහෝ දෙනා යුරෝපීය වීමට හෝ යුරෝපීයයන් අනුව සියලු ම කටයුතුවලදි ක්රි‍යා කරන්ට කෙපමණ සතුටු දැයි ඔවුහු දනිති. ඔවුන්ගේ ඒ අඥාන ක්රිවයාවේ විපාක වැඩි කල් නො ගොස් ඔවුහු විදිති.

යුරෝපීය වීමට උත්සහ කොට ලෝකයෙන් අපකීර්තිය ද ලබා විනාශභාග් වූ සිංහල පවුල් බොහෝයි. අවංක යුරෝපීය මහත්තැන් පවා අමන සිංහලයන්ගේ මේ විකාරවලට සිනාසෙති. අපි ඉංග්රීැසි

ආණ්ඩුවට පක්ෂව අපේ දියුණුවට නීත්යා2නුකූලව කරවා ගත යතු දේ උත්සහයෙන් සලස්වා ගෙන අපේ ජාතිය වර්ධනය කර ගැනීමට අපට නො හැකිව තිබෙන පාඩු නම් අපේ නොදැනීම යි. බතේ අරුම දැනෙන්නේ හාමතේදීය කීවාක් මෙන් සිංහල ජාතියේ අගය අපට දැනෙන්නේ මේ උතුම් ජාතිය පිරිහි භ්රවෂ්ටව ගිය විටයි. ඒ හෙයින් මහත්වරුනි, දැන් ‍ලක්දිව සවභාවත් මෙහි අයිති කාරයන් වන අපේ ස්වභාවත් සංක්ෂේපයෙන් දැක්වූ මගේ කථාවෙන් තමුන්නාන්සේලා ප්රතයෝජන ගනිතැ යි විශ්වාස කරමින් මගේ කථාව මෙයින් සමාප්ත කරමි. තව ද මගේ කථාව සංසුන් ලීලාවෙන් අසා උන් තමුන්නාන්සේලාට ස්තුති කරමි” යනු තෙන්නකෝන් මහතාගේ කථාවයි. මීට පසු ජයතිස්ස ආදී උගත් මහත්තැන් කීප දෙනෙක් ද කථාකොට සභාව විසිර ගියේය. තෙන්නකෝන් මහතා ගුණසේකර රාළහාමි‍ෙග් පවුලත් සිටිනු දැක සුතුටු විය.


06 පරිච්ඡෙදය[සංස්කරණය]

එ දින රෑ භාගයේ තෙන්නකෝන් මහතා ජයතිස්ස මහතුන්ගේ ගෙදර නැවතී සිට පසු දින උදේ ම වෝඩ් ප්ලේස් කියන ස්ථානයේ ජෑන්ස් මහතුන්ගේ ගෙදර සොයා ගොස් එහි ජොහානා හාමි කියා ගෑනු කෙනෙක් ඉන්නේ දැයි ඇසුයේය. ජෑන්ස් නෝනා ද ඔව් කියා කුස්සිය පැත්තේ සිටි ජොහානා හිමිට කතා කොට මහත්මයෙක් සම්බ වෙන්ට ඇවිත් සිටින බව කීවාය. ජොහානා හාමි ද වහාම ගෙයි ඉස්සරහ පැත්තට අවුත් තෙන්නකෝන් මහතා දුටුවාය. නම්බුකාර කුලයක විසූ සුඛුමාල ශරීරයෙන් යුත් ගුණවත් කෙනෙකු බව ‍ජොහානාහාමි ගේ දර්ශනයෙන් ම තෙන්නකෝන් මහතාට අවබෝධ ව ඒ ස්ත්රි ය තාප්පය දෙරටුව ළඟට කැඳවා ගෙනවුත් මෙසේ කථා කරන්ට පටන් ගත්තේය.

තෙන්නකෝන් - නුඹලාගේ ගම කො‍හේද?

ජොහානාහාමි - අපේ ගම හේවාගම් කෝරළේ ය.

තෙ - උඹේ දූ දරුවන් හා ස්වාමිපුරුෂයා කොයිබද?

ජො - මගේ ස්වාමිපුරුෂයාත් එකම පුත්රායාත් මළාහ. දැන් මට

සිටින්නේ දුවක් පමණයි. ඈ කුරුඳුවත්තේ ගුණසේකර මුහන්දිරම් මහතුන් ගේ ගෙදර නවත්වා ඉන්නවා.

තෙ - උඹත් දුවත් දෙ‍න්නා ම මෙසේ අනුන්ගේ ගේවල ඉන්නේ නුඹලාගේ ගමේ වතු පිටි ගේ දොර හා නෑදෑයෝ නැද්ද?

ජො - අනේ මහත්මයා අපට බොහොම ඉඩම් කඩම් තිබෙනවා. අපේ නෑයොය කියා සිටන උන් ඒ සියල්ලක් ම බලාත්කාරයෙන් කොල්ලකාගෙන කන නිසාත්, ඔවුන් සමග අඬදබර කරගන්ට බැරි නිසාත් මමත් මගේ ළමයත් මේ කෙළඹට පැමිණ අනුන්ගේ ගෙවල ඉදිමින් ජිවිකාව කර ගිනිමු.

තෙ - හොඳයි නුඹලාට දැන් රුපියල් සියයක් හමාරක් මුදල් ඇත්නම් මෙසේ අනුන්ගේ ගේවල නොසිට යම් කිසි වෙළඳාම් ආදියක් කොට රැකෙන්ට බැරිද?

ජො - බෑ මහත්මයෝ, අපට ඒ කිසිවක් පුරුදු නැහැ. මගේ බලාපොරොත්තුව මගේ දුවණියන් තව අවුරුද්දකින් දෙකකින් අපේ කුලයට අයත් ගුණ ධර්මගයෙහි පිහිටි කෙනෙකුට දී නැවත අපේ ඉඩම් කඩම් බලවත් කෙනෙකුට අඩු ගණනකට විකුණන්ටයි.

මේ කථාව මෙපමණින් නවත්වා තෙන්නකෝන් මහත්මයා යන්ට ගියේය. ඉක්බිති තෙන්නකෝන් මහතා හේවාගම් කෝරළයට ද ගොස් මේ පවුල ගැන විභාග කළ විට පොහොසත්ව සිටි නම්බුකාර බලසම්පන්න පවුලක් බවත් ස්වකිය නෑයන්ගේ අයුතු ක්රිියා නිසා මේ මව්ට සහ දුවට එහි සිටිය නොහී යන්ට සිද්ධ වූ බවත්, එසේ විසිය නොහැකි ප්ර ධාන කාරණය එගම වැසි රා අරක්කු බොන ලිසී නමින් සිටින නන්දාවතී කසාද බදින්ට උත්සාහ කොට නොහැකිවීමත් බව දැන ගෙන තෙන්නකෝන් මහතා මහනුවරට යන්ට ගියේය. ලිසීට තෙන්නකෝන් මහතා දැක ගැනීමට ලැබී ප්රීනතිව උන්නැහේගේ ලියමනට පිළිතුරු ලිවීම ප්ර මාද කළ නොහැකි විය. තෙන්නකෝන් මහතාගේ ලියමනට ලිසී මෙසේ පිළිතුරු යැවුවාය.

“ගරු කටයුතු මහතාණෙනි,

ඔබ එදා සභාවේදී කළ කථාවත් ආස ඔබගේ රූපශ්රීවයත් දැකීමට ලැබූ මමත් වාසනාවන්තියෙක් ලෙස සිතා ගතිමි. තිරිසන් සතුන් ගෙන් හා අචේතන වස්තුවලින් ගතයුතු ප්රතයෝජනය බුදුරජාණන් වහන්සේ විස්තර ව දක්වා වදාරා තිබේ. මම සමහර සතුන්ගෙන්


සිංහල ජනයා විසින් ගත යුතු ප්රගයෝජන මෙසේ යයි සිතා ගෙන ඉඳිමි. කොටළුවා, කකුළා, ලේනා, දිවිදෙන, දිවියා, ඉබ්බා, කපුටා, වේයා, මුගටියා, ඌරා, සිංහයා, සක්වාලිහිනියා, කෑදැත්තා, පරවියා, ගෝනුස්සා ආදී සත්තුත් දුන්න, ලබු වැල, ජලය ගින්න ආදී අචේතනික වස්තුත් ලෝකස්වාමි වූ බුදුරජාණන් වහන්සේගේ ශ්රාලවකයන් වහන්සේලා ආශ්ර ව ක්ෂය කිරීම පිණිස ගුරුකමට ගත්තෝ ද එමෙන් ම පුරාණ සිංහලයා ද ලෞකික සැප පිණිස ගුරුකමට ගත් බව සිතමි.

කොටළුවාගෙන් අපට ඉගෙන ගත යුතු ගුරුකම නම් කෙටළුවා සතර මංසන්ධියක හෝ සොහොන් පළක හෝ මහපාර අද්දරක හෝ රෑ නදන්නේ ද, ඌ සෑම වේලේ ම නිදිවර ඇතුව ම නිදන්නේය. ස්වල්ප වූ ඝෝෂාවක් හෝ වෙන යම් කාරණයක් ඔහුට නො දැනී නොපවත්නේය. මේ කොටළුවාගෙන් ගතයුතු අංශය වන මඳ නින්ද යම් මනුෂ්යපයෙකුට පුරුදු වූයේ නම් ඔහුට සොරුන්ගෙන් පීඩා ‍ලැබෙන්නේ වත් කට යුතු අතපසු වන්නේ වත් නැත. ඒ හෙයින් කොටළුවාගෙන් මේ අංශය යුතු බව කියමි. කුකුළාගෙන් අංග පසක් හෙවත් ගුරුකම් පසක් ගත යුතුව තිබේ. සන්ධ්යාු කාලයේ ම හෙවත් ඉතා රෑ වෙන තුරු නොයිඳ උගේ කූඩුව‍ට රංගා ගෙන නිදන්නේය. එසේ ම ශරීර සුවයත්, දීර්ඝායුෂත්, කාය්ය් න සිද්ධියත් ‍යන මේ කරුණු ලැබීමට සතුටු මනුෂ්යියෝ වේලාසනින් ම රෑබත් කිස නිමවා නිදා ගත යුත්තාහ. කුකුළා අලුයම එළිවෙන්ට සත් පැයකට පෙර අඬලා අරුණ නැගෙන වේලාවේ ම නැගිටින්නේය. එසේම දියුණුවීමට කැමති මනුෂ්ය යෝ ද උදේ බ්රනහ්ම මුහුර්තය යි නම් ලත් අරුණට‍ සත් පැයකට පෙර අවදිව ස්වකීය ආගම ධර්ම ය වූ පරිදි තුනුරුවන් ගුණ සිහිකිරීමෙන් හා සතර කර්ම ස්ථාන භාවනා කරමින් සිට අරුණට පෙර නැගිට මුව සෝදා තුනුරුවන් හා දමව්පිය වැඩිහිටයන් වැඳ උදයට කෑ යුතු දෙය කා බී ස්වකීය රැකීරක්ෂ සඳහා යන්නාහ. මේ කුකුළාගෙන් ගතයුතු දෙවෙනි අංගය වන්නේය.

කුකුළා පෘථිවිය ස්වකීය පයින් ම සාරා ගොදුරු සොයා කන්නේ යම් සේ ද උත්සාහ වත් ජනයා අනුන් උපයන දෙයින් ජිවිකාව කර ගැන‍ීමට අලස කමින් බලා නොයිද ස්වකීය සිත කය වෙහෙසා ආහාර පාන සපයා ගන්නේය. මේ කුකුළාගෙන් ගත යුතු තුන්වෙනි අංගය වන්නේය. කුකුළාට ඇස් අතත් රාත්රිවයෙහි එළිය ඇතත් නොපෙනෙන්නේය. එසේ ම උතුම් මනුෂ්යකයා අනුන්ගේ යස ඉසුරුත්, වැරදිත්, නපුරු අදහසින් නොබලන්නේය. අනුන් ගේ සම්පත්

අන්ධයෙකු මෙන් නපුරු අදහසින් නොබලන්නේය. මේ කුකුළාගෙන් ගතයුතු සතර වෙනි අංගය වන්නේ කුකුළාට කැට කැබිලිති දඬු මුගුරු ආදියෙන් ගැසූ නමුත් ඔහු ස්වකීය කූඩුවත් අත් නොහරින්නේද එසේ ම උතුම් මනුෂ්යෙයා පටන්ගත් කටයුත්ත සඵලභාවයට පත්වෙන තුරු කෙපමණ හිරිහැර අලාභ හානි පැමිණියත් අධෛය්ය්ඵලභ නොවන්නේය. අත්නොහරින්නේය. මේ කුකුළාගෙන් ගතුයුතු පස් වෙනි අංගය වන්නේය.

ලේනාගෙන් ද එක් අංගයක් ගත යුතුතේය. ලේනාට සතුරු වූ සත්වයෙකුට ළඟට එන විට ඌ උගේ වල්ගය පොලා හැර මහත්කොට විදාගෙන ඒ වලිගයෙන් ම සතුරා මැඬිමැයි එඩිතර වන්නේය. එසේ ම ආත්ම ගෞරමය ඇති මනුෂ්යයයා ද තමාට විරුද්ධව එන සතුරාට බියව හකුළුවා නොගෙන ස්ථානෝචිතව පුර්ෂ වික්ර මය දක්වා ක්රිබයා කරන්නේය. මේ ලේනාගෙන් ගත යුතු අංගය වන්නේය.

දිවි දෙන ගෙන් ගත යුතු එක ම අංගය නම් දිවි දෙන එක වරක් ම වදන්නීය. එ වරක් වැදුවාට පසු ප්රෙසවයෙහි ඇති වේදනාව නිසා ඉන්පසු සුරති ක්රීනඩ‍ාවෙහි ආලය දිවි ඇති තාක් නොගන්නේය. එසේ ම මනුෂ්යුයන් විසින් ද එක වරක් යම් වරදක් කොට ඊට කටුක විපාක ලැබූ පසු එය ‍නැවතත් නොකොට යුතුයි. දැන් සිංහල ජනයා මත් පැන් බී වෙරි ව නොයෙක් විකාර කොට මහ්ත ව්යුසනයට පැමිණ නැවතත් බොති. නමුත් මේ අඥානයාගේ ක්රිටයාවකි. තිරිසන් ගත දිවි දෙන එක වරක් වූ දුක යම් සේ සිහි නැති නොකරේ ද එසේ ම ප්රයඥාවන්ත මනුෂ්යියන් විසින් ද තමාට අනර්ථදායි බව වරක් වැටහුණු දේ නැවත කිසි කලෙකත් නොකළ යුතුයි. ඒ හෙයින් මේ දිවි දෙනගෙන් ගතයුතු අංගය වන්නේය.

දිවියාගෙන් ගත යුතු ගුරුකම් නම් දිවියා සතෙකු පිට පැන මැරූ කල්හි ඒ සතා වම් පැත්තට වැටුණි නමි ඌ සාගින්නෙන් මියයත් ඒ සතාගේ මස් අනුභව නොකරන්නේය. එසේ ම උතුම් සිංහල වංශයත් පැවැතෙන්නෝ දිවි යතත් අධර්ම්යෙන් උපයා ගත් දෙයකින් ජිවිතය රක්ෂා කර නොගන්නාහ. මේ දිවියාගෙන් ගත යුතු ගුරුකම වන්නේය. මේ ආදී වශයෙන් තිරිසනුන්ගෙන් ද යම් යම් දේ දැනගැනීමට ඇති කල්හි මනුෂ්යා ත්මයෙහි උපන් මගෙන් යම් ගුරුකමක් ගන්ට නැති විය හැකිද?

තවද මහතාණෙනි, උතුම් කුල ගෘහයක ඉපදී පූර්ව ජන්මයේ කළ පාපයක් පල දී මෙසේ බැල මෙහෙයට පත්වීම ගැන පුදුම නොවෙමි.


මුළු ජම්බුද්වීපයට අධිපති රජව උපන් බුද්ධංකුර කුස රජාණන්ට අපටත් වඩා කටුක දුක් විඳීමට සිදුවෟ බව අසා අත්තෙමි. සකල විද්යාව චක්රනවර්ති පරාක්රිම වඬිතුමා ඒ බව මෙසේ කියන්යේ:- “නුඹවහන්සේ කුස රජ කල ප්රටභාවතී නම් බිසව සිත් ගන්නා පිණිස ළමැද දැලිදිය වගුරුවා පැන් ඇද, කෙටේරිය කරලා වැර සිඳ දර පලා දර කත් ඇද උකුලු වසා කළු දාකඩක් හැඳ පෝරුපිට ‍පෝරු‍ ගෙට පිදුරු කැටි ගෙන වළන් දෙව ඔබ්බට දිය දමා වැර සොල්වා සසරි නොසිටුවා පාහැසර අකුරු වියට හැර සාල් ගරා බොල් පානු මාලුවට තබා දියවර තබා තුන් ලිප් කැට සම සේ දර උදුලුවා බත් කොමු නොකොට නොදවා රස් නොනගා සාල් නොකොට මේ සැටියේ බත් පිස බුළු ගෙඩි සේ කැට නොකෙට දඬු ගා බඳුන් අත් බහා වසා දාගල් ගෙන ලුනු ඇඹුල් සම සේ ලා සකස් කොට පැසවා මාලු බරවා අක්පතල රත්වූ කල මිරිස් තෙල් ලුනු කරබෙඹියලා අනා කර නොකොට සෑදී මිටින් අඹරා සකස් කොට ගෙන මේ සැටියේ මාලු පිස ගෙන අත් වසුන් කොට උනුසුන් නිවා අඟ ඩා සිඳුවා කද බැඳ තබා ඒ කද කර තබා ගෙන මහවේ බැස ගෙන ගොස් තබා එන කල බස් පමණකුත් නොලැබ මියඬර ලා සුසුම් ලැ දවසින් දවස රස වඩා පිස එක් දවසක් දේවි ස්නේහ ඇත්තිදෝහෝ”යි යනාදී ව‍ශයෙන් ඒ අග්ර රාජන් වූ කුස රජතුමාට මෙසේ සිතය නොහැකි දුක් අනුභව කරන්ට සිදු වූ කල අප වැනි නර පණුවන්ට කුමක් සිදුවුණත් කමක් නැත්තේය. එසේ ද වූවත් නුඹවහන්සේගේ ලියමනෙන් මගේ සිතට යම් සැනසිල්ලක් ලැබුනා ද ඔබටත් එසේ ම සැනසිලි දායක භාවයක් මා නිසා ඇතිවෙනු නොඅනුමාන මය. මා අදහන ධර්මමය සත්යභ නම් නිරවද්ය ව සිතන දේ එසේ ම සිද්ධවීම සත්යඹ නම් මගේ මනදොල සපල වේව! වැඩිදුර නොලියමි.

මේ වගට - ඉතා ටයහත් කීකරු.

නන්දාවතී”

තෙන්නකෝන් මහතාට මේ ලියමන ලත් හැටියේ ම නන්දාවතී කෙරෙහි තිබුණු ආදරය කීප ගුණයකින් අධික විය. “මේ ස්ත්රිෙය ධර්මම ශාස්ත්ර දෙක දැනීමෙන් හා ස්ථානෝචිත ප්රගඥාවෙන් ද වර්තමාන කාලයේ සොයා ගැනීමට නොහැකි තරම් උතුම් ස්ත්රිු රත්නයක. තිරිසන් සතුන්ගෙන් ගත යුතු ගුරුකම් කීමෙන් ඈ බුද්ධ ධර්මය දත් තැනැත්තියක් බවත් ඒ ධර්මිය ස්ථානෝචිතව තේරුම් ගෙන තිබෙන පිළිවෙළත් ප්රැශංසනීය වන්නේය. එසේ ම කර්මාේනුරූව පල විපාක

ලබීම දැක්විමට මෑ විසින් දක්වන ලද වාක්යමයෙන් මෑ ධර්මමයත්, ලංකා ඉතිහාසයත්, සූප ශාස්ත්රකයත්, ස්ථානෝචිතව ලිවිමත් යන කාරණා සතරක් දන්නා තැනැත්තියක් බව දැක්වූවාය. මෙබඳු උතුම් ස්ත්රිෙයක් මට ලුබුණොත් මගේ ධනයත් දියුණු කර ගෙන අප ජාතියට හා ආගමට ද ආධාරීව ලෝකයෙහි වසන්ට පිළිවෙනැ”යි සිතා නන්දාවතී කෙරෙහි බලවත් ආදරයක් ඇති කර ගත්තේය.


07 පරිච්ඡෙදය[සංස්කරණය]

ගු ණසේකර රාළහාමි ස්වකීය දියණිය වන ජෝර්ජියානා කසාද බැඳ දීමට ඉක්මන් විය.ත ජෝර්ජියානාගේ බලාපොරොත්තු ඇති තරුණන් සතර දෙනෙකු හෙයින් කා සමග වූවත් කමක් නැත කියා සිටින අතර සිරිල් වික්රගමතිලකට ම කසාද බැදීමට පොරොන්දු විය. ඉතින් කසාදය බැඳීමට නම් ප්රරසිද්ධ කර මංගලශය සඳහා කටයුතු සූදානම් කරන්ට පටන් ගත්තේය. “අලුත් පැෂන්” වලින් කෙළ පැමිණි සිරිල්ගේත් ජෝර්ජියානාගේත් එක්වීම කො‍හොඹ ගහට කරවිල වැල ගියාට වැඩි අමුත්තක් නොවීය. මේ මංගල්ය්ය නිසා නන්දාවතී (ලිසී) ට ත් බොහෝ කලබල ඇති වූ බැවින් තෙන්නකෝන් මහතාට ඒ බව දන්වා යැව්වාය. මඟුල් මාසයක් තියා සිරිල් හා ජෝර්ජියානා ද, ගුණසේකර මුහන්දිරම් හ ළමාඑතනී ද, සිරිල්ගේ මව් මැටිල්ටඩා වික්රාමතිලක නෝනා ද, මඟුලට උවමනා අඩුවැඩි ලෑස්තිකිරීමට කතාකරගන්ට පටන් ගත්හ.

ගුණසේකර මුහන්දිරම - අපේ මේ මංගල්යරයට පැමිණෙන්ට මිත්රසයොත් අඳුනන උදවියත් බොහෝය. ඒ නිසා සිරිල්ලාගේ ගෙදර මඟුල් නුදුන්නත් අපට “ඇට්හෝම්” එකක් වත් නොදමා බැහැ.

ගුණසේකර ළමාඑතනී - අනේ මේ මක්කියනවා ද, හාපුරා කියා ගන්නා මඟුල් ප්රසස්තාව. මේක බොහොම හොඳින් ම කරන්ට ඕනෑ. කෑම බීම ආදී ඕනෑ කරන දේවල්වලට ලැයිස්තුවක් දැන්ම ම හදන්ට ඕනෑ.

ගු. මු. - විෂ්කි බෝතල දුසින් 10 250 00 බ්රැමන්ඩි ” ” 6 300 00


පොට් වැයින් ” ” 12 150 00 බීර ” ” 12 144 00 අන්ස්විටන් ජින් ” ” 3 108 00 සෝඩා ලැමනඩ් ” ” 60 60 00

ජෝර්ජියානා - පප්පා, බීමවලට රුපියල් 1012 ක් ආවා.

ගු. මු. - කෑමවලට එනම් කේක, පස්තැල, සැන්ඩ්විච්, විස්කෝතු, හැම්, බේකන්, මස් , පාන්, කරි, එළවළු, බත් ආදී ඔක්කොට ම රුපියල් 1000 ක්, අහ්වකරත්ත අපට නිකමට ඉල්ලා ගන්ටත් පුළුවනි. ඒ ‍උනත් තව දහයකට රුපියල් 250 ක් තියාපන්කෝ. මේ ඇර “වැඩිං කාඩ්ස්” අච්චු ගැසීමට රු: 150 ක් ද, ගෙදර සියල්ලටම ඇඳුම් මැහීමට රු: 1500 ක් ද, වෙන සිල්ලර වියදම්වලට රුපියල් 500 ක් ද තියාපන්. එකොට ඔක්කොම කොච්චරද?

ජෝ - (ගණන ටකතුකරමින්) 1012 00 1000 00 250 00 150 00 1500 00 500 00

පප්පා හාරදාස් හාරසිය දොළහයි.

ගු. මු. - හොඳයි, වැඩි නැහැ. දෑවැද්දට රුපියල් 5000 යි. මඟුල් කෑමට 4412 යි, මොනවද මෙනවද ජේර්ජියානා ගැන රුපියල් 10,000 ක් මුදලෙන් ගියා ම වැඩිද?

සියලු දෙනා ම මේ වියදමටත් වැඩ පිළිවෙලටත් සතුටු වූහ. ජෝර්ජියානා හා සිරිලුත් රු: 1000 ක චැක් එකක් අරගෙන ගොස් කොටුවේ සාප්පුවකින් “වැඩිංඩ්රැිස්” මහන්ටත් වෙන උවමනා කරන “ප්ලවර් ගර්ල්ස්ලා” ගේ ඇඳුමුත් “පේජස්” ලාගේ ඇඳුමුත් මස්සවන්ට බාර දුන්නෝය. ගුණසේකර වලව්ව මේ දවස්වල බොහෝ කලබල සහිත විය. ලිසී (නන්දාවතී) ටත් බොහෝ වැඩපල ඇති විය.

මේ මඟුල සම්බන්ධව හදිසියේ ම ටිමොන්ටි දාබරේටත් කැඳවීම් පත්රබයක් ලැබී තමාගේ පෙම්බරී අනභයෙකු සමග කසාද බඳන බව දැන ගන ඔහුට උමතු ගතියක් ඇති වුණාක් මෙන් විය. “අවුරුදු 10 ක් මුළුල්ලේ ආදර හසුන් ලියමින්, ගෝල්පේස් පිට්ටනියේ කරට අතදාගෙන

ඇවිදිමින් පණටත් වැඩියෙන් මට ආද‍රය යි කියමින් උන් මගේ පෙම්බර ජෝර්ජියානා මට නොලැබුණොත් මගේ දිවි නසා ගන්නෙමි”යි තිමොත්ති දාබරේ සිතා ගත්තේය.

“ව ති න් බතින් බුලතින් සියලු සැපති නී කි ති න් විඳින පහසින් රස මුසු බසි නී ක තු න් සිත් ගනිමි සලෙලුන් යනු කෙ ‍වැ නී දැ ලි න් සුළං බඳිනට තැන් කරන වැ නී

මේ ආදී වශයෙන් දුෂ්ට ස්ත්රීළන් තුළ පවත්නා ගුණ කිසිත් නොදත් දාබරේගේ සිතට ජෝර්ජියානා ගේ නොලැබීම මහත් දබරයක් වී ගෙදර ගොස් මුණින්තලා වී නිදාගත්තේය. දාබරේ දවල් 12 හේ සිට පසුවදා එළිවෙන තුරුත් නෙනැගිටිම නිදාගත්තේය. දාබරේගේ මව වන සෙලෙස්තිනා හාමිනේට පුතා ඊයේ සිට ම නිදන බැව් දැන ගන්ට ලැබී ඔහු ළඟට ගොස් ඇඟට අත ගසා දහ දොළොස් කථා කොට යන්තම් නැගුටුවා, එසේ කනගාටුවෙන් නිදාගන්ට කාරණය කිම දැයි අසුවාය. ඔහු ඊට කිසි පිළිතුරක් දුන්නේ නැත. ඉක්බිති සෙලෙස්තිනාහාමි වැඩකාර ළමයෙකු ලවා වතුර භාජනයක් ගෙන්වා පුතාගේ මූණ ඈ විසින් ම සෝදා ආදරයෙන් කථා කොට තේ වතුර කෝප්පයක් බොන්ට දී පුතාට දී පුතාට ඒ තරම් ශෝකාතුර වෙන්ට හේතුව ප්රනශ්න කළාය.

ඒ බස් ඇසු තිමොන්ති දාබරේ මෑනියන්ට කතා කොට “මෑණියෙනි, ගුණසේකර මුහන්දිරම් මාමගේ දුව ජෝර්ජියානා හා සමග මම මිත්රෙ වුණේ ස්කෝලයට යන කාලයේය. මා සමග ඇර ිවි යතත් වෙන කෙනෙකු සමග නොයන බවට පොරොන්දුව සිටියාය. ඇගේ රූප ලක්ෂණයත්, ඇගේ මධුර කථාවත්, මා වෙත ඇක්ව?ූ ආදරයත් මතක් වන විට මගේ හෘදය දිය සිඳී ගිය විලක් මෙන් වියලී තෙත් ගතිය නැතුව යන්නේය. මට ඈ නොලැබුණොත් ජිවත් විය නොහැක්කෙමි”යි කීයේය. එ බස් ඇසූ තිමොන්ති දාබරේගේ මෑණියෝ පුතාගේ අඥානකම ගැන සිනාසී “පුතා ස්ත්රිූයෙකු සමග සේවනය නො කළ අයට අගේ රූපයත් ඇගේ වචනයත් ඇගේ ආදරය දැක්වීමත් මහා ආශ්චය්ය්සේවයක් මෙන් දැනෙන නමුත් ඇත්ත වශයෙන් බලතොත් ඒවා විහිළු ය. උඹ ලක්ෂ්ණණය කියන අගේ ශරීරයේ හැටි බලාපන්.

01. “අඩ තුන් කෙළක් කෙ ස් නවනු දහස් රේම රැ ස් විසි තිය දත් දෙති ස් සමත් සියොලඟ සිවි වසා ම ස්

02. නව සිය මස් වැද ලි නව සියයක් නහර වැ ලි තුන් සිය ඇට සැකි ලි පුරා සිටිනා ඇට මිදුලි ව ලි

03. වකුගඩු ද හදව ත් අක්මා දලබු මස්ම ත් බඩදිවි පපු කැනැ ත් දෙතිස් රියනක් අතුනුවැටිය ත්

04. අතුනුබඳ බහන ද නොපැසුණු අහර කසල ද ඉස්මුල් පිත් සෙම් ද සැරට ලේ සෝදිය මෙතෙල් බ ද

05. කඳුළු ද වැරුනු තෙ ල් කෙළ සොටු පිරෙන අම ක ල් අසුසිය සඳව ල් පිරුණු සඳමිදුලු මු පිළිකු ල්

06. දුගඳ දෙතිසක් කු ණු මේ පෙවෙත් අහස විහිදු ණු විදුලි ඇතු පය හු ණු කුකුළු බිජු මෙන් අනිස මුරික ණු

07. ජරා ලෙඩ ඈ දු ක් වලකන කවර පිහිටෙ ක් එපවත් දැන නිස ක් ලබන සැටියේ තැත් කරව මො ක්”

      මෙසේ කී මව්ට විලි බිය නැති උන්මත්තකයෙක් මෙන් තිමොන්ති‍ මෙසේ කීයේය. ඔය “මම්මා කියන කරුණු මම්මාට වැටහී තිබෙන හැටියි. නමුත් මට වැටහී තිබෙන්නේ -


සි කි පි ල් දිනු සුනිල් දිගු කුන්තල ව ල්ල දු ටු ක ල් මේ දුටුව මියුරෙව් විය ලො ල්ල සි රි ක ල් ජෝර්ජියානා සුරඟන තු ල්ල දෙ න ක ල් මට අනේ නොලැබේ සැනසි ල්ල

ස ර මු වා මැවු වැනි ඇගේ පැහැති මුවා ම ට මු වා නොවී බෝ කල් සිට හ මුවා නෙ තු මු වා ‍විඳපු සැර වැද මසිත් මුවා නැ ත මු වා වෙන්නේ තොලදොත් ඵ ලඳ මුවා

වැ ඩෙ නා ලැම වගේ රන් තැඹිලි එකයු රා ත න නා හස යුතේ තුඟුතර දෙපියයු රා සො බ නා රිය කතේ ජෝර්ජියනා අනු රා වෙ ති නා මට නැතේ සැනසුම් ඵ ලඳ හැ රා

පෙ නේ ඇගේ රුසිරු සුරඟන එක සේ ම ක නේ වැදෙති බස් පිරිසිදු මි සේ ම උ නේ නම් මේ මට ඈ අත් ඇර යා ම ව නේ වැද නසිමි කාටත් නොකියා ම

එ දෙ ති ස් කුණෙන් තැනුන යි කියතත් ඵ ල ද ම ගෙ ඇ ස් අරන් බැලුවොත් නොපෙනෙයි එලෙ ද ගු ණ උ ස් මව් සදිනි ඈ නොලදොත් මෙ ස ඳ ම ට හි ස් වනු නියත මයි අත්බව මෙලෙ ද

මේ වචන ඇසූ දාබරේ හාමිනේ ස්වකීය පුතා කෙතරම් දුර මුළා වී සිටින්නේ දැයි තේරුම් ගෙන පුතාට මෙසේ කීවාය. “අනේ තිමොන්ති, මම අත්දැකීමෙන් දැන ගත් දේ ආසාපන්. පිරිමි ළ‍මයෙක් හෝ ගෑණු ළමයෙක් අවුරුදු 25 ක් පසුවෙන තුරු කාම සැපය ගැන වෙන්නා වූ මුළාව ඉතා භයානකයි. කොයිතරම් දුෂ්ට අවකල් ක්රිුයාවෙන් යුත් අධඹ වෙග්යාන ස්ත්රි යක් උවත් කාම සේවනය පුරුදු නැති එහි නින්දිත භාවය තමාම දැන නොගත් පුරුෂයාට ඉතා ආශ්චය්ය්රුදමත් කෙනෙකු ලෙස පෙනේ. ස්ත්රීචන්ගේ කෝමල සිනාවෙන් ඔවුන්ගේ ඇතළත පවත්නා නපුරු ස්වභාව නොදත් තර්ණයාගේ හෘදය වෙඬරු මෙන් උණු කළ හැක්කේය. ස්ත්රිතයකගේ උගත්කම, ගුණධමර්ය , අගේ දෙමව්පියන්ගේ ස්වාභාව, සහෝදරයන්ගේ හා ඤාතීන්ගේ ප්ර්මාණය ආදි කිසිවක් ගැන සිතන්ට වත් ඒවායේ ඇති වැරදි බලන්ට


වත් තරුණයෙකුට ඉ‍ඩ නොලැබෙන්නේ තමාගේ ම අත්දැකීමෙන් කාම සේවනයෙහි ස්වභාව නොදත් බැවින් කාම සැපය නිවන් සැප මෙන් ආශ්චය්ය් ස්මත් සැපක් බව සිතා ගැනි‍ීම නිසා ය. ඒ හෙයින්.

“සේ ව න නොමකර ලද ලිය රස ප හස තා ම ත දදුරු විය වැද අනඟ සැර පස”

යනාදියෙන් දක්වන්නේ ස්ත්රීව සේවනය ‍නොකරන ලද්දා වූ ඊට ආලය ඇති තරුණයාගේ සිත සෑම වේලේ ම දැදුරු වෙලා-ජිද්රො වෙලා පවතින හෙයින් ඔහුට මේ යහපතය. මේ අයහපතය කියා නොදැනීම හේතු‍ කොට ගෙන ඉතාම පහත් ස්ත්රිතයක් උවත් ගුණධර්මාිදියෙන් යුත් ඉතා උතුම් ස්ත්රිනයක් මෙන් පෙනෙන බවයි. නමුත් කාම රතියෙහි මදක් ආලය අඩු කොට කාරණා තත්වූ පරිදි බලතොත් උඹට ජෝර්ජියානාට වඩා රූපසම්පන්න වූ ගුණ නුවණින් යුතු වූ ස්ත්රිබයක් ලබැ ගත හැකිය”යි කීවාය. එබස් ඇසු තිමොන්ති දාබරේ. එසේ නම් මම ගිහිගේ අත්හැර බ්රයහ්මචාරීව සිටිමි. ඒ මිසක් ‍ජොර්ජියානා හැර අන් ස්ත්රිහයක් කසාද නොබදිමි කීයේය. එවිට මෑණියෝ “හොඳයි පුතා අපේ බුදුහාමුදුරුවන් ගේ දේශනාවෙත් “අප්රඑහ්මචරියං පරිච්ං්ජයෙය්යඅ අංගාරකසුං ජලිතංවවිඤ්ඤු-පන්ඩිතයා ගිනි ගෙන දිලිහෙන අඟුරු වළක් මෙන් අබ්ර්හ්මචරියා යයි කියන මෛථුන ධර්මිය අත්හරින්නේය”යි ප්ර්කාශ හෙයින් උඹේ කල්පනාව වරදක් නැහැ. නමුත් උඹ බ්ර‍හ්මචාර‍ි වෙන්ට හදන්නේ කොයි විධියට ද”

තිමොන්ති - දැන් අපේ රටේ බ්ර‍හ්මචාරීව චීන පට රෙදි ඇඳගෙන සමාගම්වල කථා පවත්වමින් දෙතුන් දෙනෙක් ඉන්නාහ. මමත් ඒ වාගේ කෙනෙක් වෙන්ටයි කල්පනාව.

මව් - හා හා! දැන් තේරුනා, පළමුවෙනි ක්ලෑසියේ කෑම කමින් පළමුවෙනි ක්ලෑසියේ ඇඳුම් අඳිමින් ඕනෑ තරම් මුදලක් අතේ ඇතුව නගරයේ වේලා අවේලාවල ඇවිදිමින් ඉන්න‍ බ්රවහ්මචාරියන් වගේ කෙනෙක් වෙන්ට ද? අනේ තිමොන්ති ආඳාමාලු ඉරටෙන් කෑවත් අතින් කෑවත් දෙකම එකයි. ලෝකයා රවටා ගෙන හොර හොරෙන් වල්වැඩ කරන ඔය හාදයන්ට මොන බ්රතහ්මචාරි කමක් ද?

ද ත ති න් පවන් අඹ කොළ බුදින තවස ර දැ හැ නි න් මිදෙත් දුට ලෙල දෙන ලිය තඹ ර බු දි මි න් දමත සිඳු ඉපිලෙව් මදර ගි ර

යනාදියෙන් පුරාණ පණ්ඩිතයෝ බ්රෙහ්මචය්‍ාහ්ම වයෙහි අමාරුකම දැක්වූහ. කොටින් ම බ්රරහ්මචය්යාව් ව ලෝකයෙහි තිබෙන උතුම් ශීලයෙන් ශ්රොස්ඨය. එහි ආනිශංසය ද එසේම අනන්තය, අප්ර‍මාණය, ඒ හෙයින් ම බ්රරහ්මචය්යාය්ඩ ව රක්ෂා කිරීමත් අමාර ය.

තිමෙන්ති - ඉහත කී කවියෙහි තේරුම?

මව් - එයින් දක්වන්නේ, හුළඟත්, වතුරත්, කොළ පත්රරත් නිසා ම, ජිවත් වෙන වනගත තපස්වරයාත් නාරිලතා නම් වූ ස්ත්රීුන්ට සමාන මල් දුටුවාම (එය මලක් බව දැන දැනත්) රාගය ඇති වීමෙන් ධ්යාවනයෙන් මිදෙන්නේ ය. ඉතින් එය එසේ නම් දී කිි ගිතෙල් ආදියෙන් යුත් රස ආහාර කමින් බොමින් නගර ග්රාළමවල ඉන්න කෙනෙකු ඉන්ද්රිසයයන් ද දමනය කරීම, මහමෙර මූදේ රැලෙන් ඉපිලෙව්වාක් සමානය යනුයි. මෙයින් තේරුම් ගන්ට ඕනෑ මිනිසුන් නැති මහ හිමයේ වැදී කොළ පත්‍රයක් කමින් වතුර ටිකක් බී ජිවිකාව කරගනිමින් තපස් රකින තවුසා මලක් බව දැන දැනත් ස්ත්රීවන්ට මඳක් සමාන වූ නාරිලතා මල දැක ධ්යා්නයට අන්තරාය කර ගන්නා කල්හි ලක්ෂණ තරුණියන් සමග කථාබස් කරමින් කෙළි සිනා පවත්වමින් පටසළු අඳිමින් කේෂරංජන තෙල් ගාමින් දවසට දෙතුන් වරක් පැමෝරා සබන් ගා ඇඟ සෝදමින් දවසට දෙවරක් එළුමස් ආදී ව්යාෝඤ්ජන සහිතව බත් කමින් තව දෙවරක් වෙඬරු පාන් කෝලිකුට්ටු කෙසෙල් ගෙඩි කා කිරි තේවතුර බොමින් ඒ අතර කුරුම්බා ගෙඩියක් හමාරකුත් කමින් රෑ එක දෙක වන තුරු නගරයේ නොයෙක් තැන්වල ඇවිදින්ට අවකාශ ඇති මුදලුත් අතේ ඇති සම්පූර්‍ණ තරුණ වයසින් යුත්කෙනෙක් බ්රතහ්මචාරයාව රක්ෂා කරනවයි කියන කීම විශ්වාස කරන මිනිහාට මීගමුවේ නිකිණි ගසක් තිබෙනවා යයි කී කීමත් විශ්වාස කරන්ට බැරිකමක් නැත්තේය.

තිමො - එහෙනම් අම්මේ දැන් කීප දෙනෙක් එහෙම මිනිස්සු ඉන්නේ.


මව් - ඔව් පුතා, ඔහොම මිනිස්සු දැන් පමණක් නොව ඉස්සරත් උන්නා. අනගාරිකය, බ්රතහ්මචාරිය කියන්නෝ කවදත් ලෝකයේ උන්නා. අපේ බුදුන් වැඩ සිටි කාලේ බලවත් දුක් විදිමින් බුදුන් යන නම පට බැඳගත් කී දෙනෙක් උන්නෝ ද? ඔවුන් ශරීරයට මිනිසුන් ඉදිරිපිට දී දුක් දීලා වත් එක් ක්රෝමයක ගරු බුහුමන් ලැබීමට සතුටු වූවෝය. එසේ ම දැනුත් වෙහෙසක් මහන්සියක් නැතුව හොඳ හැටි කන්ට බොන්ටත් ඒ සමග ලෝකයාගෙන් ගරු බුහුමන් ලබන්ටත් සතුටු වූ කොටසක් “බ්රගහ්මචාරී” නාමය පටබැඳ ගෙන සිටින නමුත් ඒවා විශ්වාස කරන්නෝ උඹ වාගේ මෝඩයෝ මිස වෙන කව්ද?

තිමො. - එහෙනම් අම්මා කියන්නේ දැන් බ්රමහ්මචය්යාටින ව රක්ෂා කරන උතුමෝ නැත නියා ද?

මව් - නෑ. මම එසේ නොකියමි. බුද්ධ පුත්රනයින් වහන්සේලා ලෝකේ එමට සිටිති. උන්වහන්සේලා ඒ බ්රකහ්මචය්යාපටබ ව ආරක්ෂා වන පිණිස ජන සූන්යස වූ පන්සල්වල ආරක්ෂා ඇතුව ශරීරයට තද සැප නොදී බණ භාවනා කරමින් ඉතා අමාරුවෙන් බ්ර හ්මචාරිව වසති.

තිමො. - එහෙනම් මම මහණ වෙමි.

මව් - අන්න හොඳයි, මම බොහොම කැමතියි. මහණකම හොඳින් රක්ෂාකරතොත් ඊට වඩා උතුම් වැඩක් තවත් නෑ.

      (මේ වේලාවට ‍විජේ‍නායක ගුරුන්නාන්සේ දාබරේලාගේ ගෙදරට පැමිණියේය. දාබරේ හාමිනේ ගුරුන්නාන්සේට ඉඳගන්ට කියා පුතා ජෝර්ජියානා නොලැබීමෙන් ගිහිගෙන් නික්මෙන්ට යන බවත්, බ්රලහ්මචාරි වෙන්ට සිතූ කල්හි එහි තත්වය කී විට මහණ වෙන්ට සිතන බවත් කීවාය.)

ගුරුන්නාන්සේ - හැබැ ද? තිමොන්ති ‍මහත්මයා මහණ වෙන්ටෙයි කියන්නේ.

තිමො. - ඔව් ගුරුන්නාන්සේ මේ කරදර ගිහිගෙයි මට ඉන්ට බැහැ. මම මහණ වෙන්ට ම ඕනෑ.

ගුරු - “කරෙ වියාරෙ ඉධ ජම්බුදීපෙ කෙන්තං කරිත්වාන තයොචදීපෙ.”


යනාදියෙන් මහණවීමේ ආනිසංස දක්වා තිබේ. මීට වඩා උතුම් පදවියක් තවත් ලෝකේ නොමැතියි. සක්විති රජ වීමටත් වඩා මහණ වීම උතුමි.

තිමො. - ඒක නිසා තමයි, මම මහණවෙන්ට කැමති.

මව් - හොඳයි මහණකම ඔය තරම් උසස් පදවියක් නම් ගුරුන්නාන්සේ සිව්රු හැරියේ.

ගුරු. - අනේ හාමිනේ මට සමා වෙන්ට, මට හරි මහණ උන්නාන්සේ කෙනෙක් නොලැබුණු නිසා ම මම අපාය භයින් මහණකම අත් හැරියෙමි.

මව් - දැන් ලක්දිව මෙතරම් පන්සල් නිකායවල් ති‍බිය දී සුපෙසල ශික්ෂාකාමී භික්ෂුන්වහන්සේ නමක් ගුරුන්නාන්සේට නොලැබුණා නම් පුදුමයකි.

ගුරු. - ‍මගේ අහේතුවට නොලැබුණාට දැනුත් ලක්දිව සුපෙසල ශික්ෂාකාමි උත්තමයන් වහන්සේලා එමට සිටිති. නමුත් මා ආශ්රිය කළ පන්සල් 17 කි. ඒවායේ නම් ශ්රමමණ ප්ර තිරූපකයන් මිස බුද්ධ පුත්රෙයන්වහන්සේ නමක් නුදුටිමි.

මව් - ඒ මොකද ගුරුන්නාන්සේ ඔය පන්සල්වල ශ්රාද්ධාවන්ත කුල පුත්රමයන් කිසිවෙක් මහණවෙලා නැද්ද?

ගුරු. - නෑ හාමිනේ, ඒක නොවෙයි. එහි තේරුම. ඔන්න යමෙක් ශ්රුද්ධාවෙන්ම, සසරට භයින්ම මහණ උණත් ඔහුට ප්රිකයශීලිවූ ශික්ෂා කාමීව ඉදීමට කලින් එහි සිට ශ්ර මණ ප්රිතිරූපකයන් ඉඩ නොදෙන හෙයින් ඔහුත් ඒ ශ්රඑමණ දුශ්ශීලයන්ගේ දෘෂ්ටානුගතියට බැඳී චාරිත්රො පමණක් ආරක්ෂා කරමින් ඔහේ සිටිති. ඒ මිසක් සතර පාරාජිකාය, තෙලෙස් සංඝාදිසේසය, අෂ්ටකුල දුසනය, එක්විසි අන්වෙසනය ආදි කුදු මහත් ආපත්ති ගැන නොසැලකති. සමහර ප්ර සිද්ධ ශ්රමමණ වෙශධාරීන්ගේ දුශ්තරිත ඉතා භයානකයි. උතුම්වූ බුද්ධ පුත්රරයින්වහන්සේලාත් අතරෙන් පතර වාසය කරති. නමුත් දැන් මිල මුදල් සපයමින් ගිහිගෙටත් වඩා පඤ්තකාමයේ ඇලී ගැලී ඉන්නා මහණුන්ගේ වැඩිකම නිසා උතුම් බුද්ධ පුත්රඇයින්ටත් ශික්ෂාකාමීව ඉන්ට අමාරුකම් පැමිණ තිබෙන බව පෙනේ. දැන් නග‍රයේ තක්ක‍ඩි රැළකුත් තමුන් ම සිවුරු පොරවා ගෙන බත් බුලත් තෙල් පහන් මිල මුදල් ආදිය

සම්මාදම් කරමින් රැකෙන බවත් පෙනේ. ඒ සමගම තවත් තක්කඩියෙක් පරිබ්රාකජික නිකායය කියා අමුතු නිකායක් තනා ගෙන ඒ ඒ නිකායවලින් බැහැර කරන පාරිජිකාදි බරපතළ දොස්වලට අසු වූ මිනිසුන්ට සිවුරු පොරවමින් තිබේ. මේ ආදී වශයෙන් දැන් ලක්දිව ශ්රිමණයින් වහන්සේ නමක් ඉතා අමාරුවෙන් ඉතා පරීක්ෂාවෙන් සොයා ගතයුතු අවස්ථාවට පැමිණ තිබේ. ඒ හෙයින් තිමොත්ති මහතා මහණ වෙතොත් බොහෝ කල් ආශ්රබය කොට උත්තම බුද්ධ පුත්රමයන් වහන්සේ නමක් වෙත ම මහණ වෙන්ට ඕනෑ.

“ඉතින් මහණවීමත් බ්රේහ්මචාරිවීමත් දෙක ම මේ තරම් අමාරු නම් මම කුමක් කරම් දැයි කල්පනා කරමි”යි කියා තිමොන්ති ‍ජෝර්ජියානා කොරෙහි තිබුණ ආලයත් පහකොට නිදාහුන් ඇදෙන් නැගිට ඔහුට කටයුතු කරන්ට පටන් ගත්තේය.

කඩිමුඩියේ සිටි ජෝර්ජියානාගේ මඟුල ඉතා ම ළංවිය. ඉංග්රීගසි විධියට මසන ලද ඇදුම හා කෑම බීමත් නිසා ජොර්ජියානාගේ මඟුලට ඉහලින් මංගල්ය යක් සිද්ධ නොවී යයි ඔවුන් ගේ කල්පනාව විය. ඉතින් නියම ප්රතකාර මඟුල් කාලා බීලා කසාඳ බැඳ විශාල කේක් ගෙඩියක් හෙවත් සොහොන් කොත ද කපා සියලු දෙනාම අනුභව කොට ජෝර්ජියානාත් සිරිල් වික්රොමතිලකත් මොටෝ රථයක නගී “හොනිමුන්” නමැති අභිනව කාරණය සඳහා මහනුවරට පිටත්ව ගියහ. ගුණසේකර මුහන්දිරම් සමග මිත්රි වූ රාජපුටානා නුවර වැසියෙක් වන බ්රාගහ්මණ මහතෙක් ද මේ මඟුල් දවසේ ගුණසේකර මුහන්දිරමලාගේ ගෙදර ගොස් සිට එහි කෙරෙන වැඩ පිලිවෙල බලා පුදුම වෙමින් සිටින අතර ගුණසේකර මුහන්දිරම් සමග කථාකරන්ට පටන් ගත්තේය.

බ්රාේහ්මණයා - කොහොම ද, දැන් මඟුල් කටයුතු ඉවර ද?

මුහන්දිරම් - ඔව්, අල්ත ජෝඩුව හොනිමුන් පලච්චි. ඉතින් දැන් ඩැඩක් නැහැ.

බ්රා්. - මුහන්දිරම් මහත්මයා මට සමානේට, මම යුරෝපා, අමෙරිකා, අප්රිදකා, චීන, ජපන් යන රටවලත් ඉන්දියා මහද්වීපයේ සියලු ම පළාත් වලත් ඇවිද හොඳට පුරුදු මිනිහෙක්මි. නමුත් වර්තමාන සිංහලයනගෙන් සමහරුන් වාගේ අඥාන අමන තකතිරු සංකර මනුෂ්යන වර්ග්යක් මට දකින්ට බැරි විය.


මු. - ඇයි එහෙම කියන්නේ? දැනට සීලාචාර වෙලා ඉංග්රීංසි විධියට මඟුල් ඉලව් ආදී සියල්ල ම ගන්නා අපට අඥාන යයි කියන්නේ!

බ්රා . - සිංහල මනමාලයෙක් දිග කළු කෝට්එකක් හා කලිසමකුත් බූට්ස් හා තවත් වේස්ට්කෝට් ආදියත් ඇඳ ‍ටොප්හැට් නම් උස් තොප්පියක් ඇඳගෙන මනමාලයා වාගේ යන විට මට තේරුම් යන්නේ එංගලන්තයේ පිටිසර පළාතක කුදිරකාරයෙක් වාගේ බවයි. අඥාන අමන “සිංහලයා” අනික් දවස්වල කොහොම වෙතත් ස්වකීය ජීවිතයේ ඉතා උතුම් දවසේදීවත් ස්වකීය ජාතික සිරිත් නොසලකයි නම් ඔහු තරම් අමනයෙක් ඇති විය හැකිද? ඉතින් මනමාලි ගැණ බලමු. දොළොස් රියන් දිග පාරුවක් හෙවත් වල්ගයක් තව ගෙල්ලන් කීප දෙනෙකු ලවා උස්සවා ගෙන විකාර ‍ගාවොමක් ඇඳ ඉතින් ලෝකේ ඇති කරම් විකාර කළ අනික් කළමනාත් ඇඳගෙන ලැජ්ජා නැතුව පාරේ බැහැලා කසාද බඳින්ට යන්ට සිංහල ගෑණුන්ට පිළිවන්වා මිස අපේ ඉන්දියාවේ ආය්ය්ින්යන්ට නම් දිවි ගියත් කළ නොහැකි වැඩකි. මගුල් වත් ස්වකීය කුලසිරිත් ලෙස ගන්ට නොදත් හිංගල මිනිස්සුත් “සිංහල ජාතියෙ” යි කියනු ඇසීම මට සත්තකට ම පුදුමයක් ය.

අවුරුදු 2453 ක් පැවත ආ ජාතික සිරිත් විරිත් ඇඳුම් පැළඳුම් ජිවිතයේ ඉතාමත් ම වැඳගත් වූ විවාහ මංගල්ය වලදී වත් භාවිතා නො කිරීම සිංහලයා සංකරවීමේ බලවත් සාක්ෂියකි. තමුසේලාගේ මහා පරාක්රාමබාහු රජතුමා විසින් දකුණු ඉන්දියාවට යවන ලද සිංහල යුද්ධ සේනාවන්ගෙන් බලවත් පහර කීපයක් කෑ ඉන්දියාවේ කුලසේඛර රජතුමා ඉතා තදින් කිපී, ජාති විසිහතකින් යුත් මහා සමුදාවක් පිළියෙල කොට සිංහලයන් සමූලඝාතනයෙන් විනාශ කර ජය පානය බොමියි උඩඟු සිතින් යුක්තව “රාමේස්වරම් දේවාලයෙහි දේව පූජාව සිංහලයන්ගේ හිස් කපා පවත්වා ඉක්පිති ජය පානය බොමි”යි කී වචනය ඇසූ සිංහලයෝ ගින්නට ලූ අබ මෙන් ජාති මානයෙන් පිපිර කුලසේඛර රජා ගේ ගම් හතක් ගිනි තබා ඔහුගේ සේනාවත් පරාජය කොට ඔහු නැගි අසුත් නසා වික්ර මකම් දැක්වූ බව අපි දනිමු. පිටරටකට ගොස් සිට ස්වකීය “සිංහල” නාමයට ගරු කළ මෙබඳු අයගෙන් පැවතෙන්නෝ නම් කිසි කලකත් පර ඇඳුම් පැළඳුම් ආදියට ස්වකීය කුල චාරිත්රැ වාරිත්රස පවත්වන

අවස්ථාවක වක් පිළිකුල් නොකර නො සිටින්නෝය. දැන් සිංහලයන්ගෙන් බොහෝ දෙනා සංකරවූවෝ යයි බ්රා හ්මණයා කියා යන්ට ගියේය.


08 පරිච්ඡෙදය[සංස්කරණය]

ගු ණසේකර මුහන්දිරම් ගේ දුව ජෝර්ජියානා කසාද බැඳපු දවසේම ස්වාමියා වන සිරිල් වික්රහමතිලකත් සමග හොනිමුන් පිණිස වහනුවර ගියෝය. නුවර කටුකැලේ විදීයේ මොවුන්ට සූදානම් කර තිබුණු ගෙදරට පැමිණ එදා රෑ අඹු සැමි දෙදෙනා මෙන් විසූහ. නමුත් ජෝර්ජියානාට සතුටක් නුවූයේය. ජෝර්ජියානා පෙම් බැඳ ගන වුන් ජිම් පෙරේරා තරම් සතුට ලැබිය හැකි කෙනෙකැයි සිරිල් වික්රවමතිලක ගැන සිතා සිටි නමත් එසේ නොවීය. ජොර්ජියානා ස්වකීය ස්වාමියා ගෙන් එක දිනකින් ම වෙන් වී ජිම් පෙරේරා සමග යන්ට ඇත්නම් හොඳ යයි සිතුවා ය. (මේ ඇයි! අනේ අපේ පරණ සිරිත්! පොරොන්දම් බැලීම යයි ගුප්ත නමකින් පවත්වාගෙණ ආ ශාස්ත්ර!ය, විවාහ වන ස්ත්රීද පුරුෂ දෙදෙනා ඔවුනොවුන්ට ශරීර ශක්තිය ආදියෙන් පෑහෙන නොපෑහෙන බව සොයා ගැනීම වේ. ඒ උතුම් ශාස්ත්රාශදිය පරිබාහිර කොට පර වෙස් ගත් අධමයන් නිසා සිංහල ස්ත්රීෙන්ගෙන් කී දහසක් කාලකන්නිව දුරාචාරීව වසත්දැයි බලත්වා) ඉතින් ජෝර්ජියානා ජිම් පෙරේරාට ඉංග්රීදසියෙන් ලියුමක් ලියා බෝධි ලවා තැපැල් කෙරෙව්වාය. එම ලියමනේ තේරුම නම්.

“ප්රේලමවන්තය,

මම පප්පලා සතුටු කරන්ට සිරිල් සමග කසාද බැන්ද නමුත් මගේ සම්පූර්ණර ප්රේපමය නුඹ අතේය. මේ කසාදය බැඳීමට පළමුවෙන් ප්රීාතිවුන නුඹ කිසි දිනක මතක නැති නොවේ. දැන් කරන්ට තිබෙන්නේ කුමක්දැයි කථා කර ගන්ට මේ ලියුම දුටු කඩිනමින් නුඹ නුවරට වරෙන් මේ වගට - නුඹෙ ජෝර්ජියානා”

“හොනිමුන්” විස්තර වාසනාවන්ත විවාහය හෙවත් ජයතිස්ස හා ‍රොස්ලින් යන පොතේ සඳහන්ව තිබේ.


ජිම් මේ ලියුම ලැබී පසු දින නුවර ගියේය. ජෝර්ජියානා එදින දවාලට කෑම කද්දි සිරිල්ට හොඳට ම පොවා මත් කර ඔහුට තද වෙරිමතේ නිදා ගන්ට සලස්වා ජිම් ගෙදරට කැඳවා ගෙන ඔහුත් සමග සිත් වූ පරිදි කථාබස් ආදියෙන් සතුටු වී ජිම් අතට රුපියල් 200 ය කත් දී නුවර හෝටලයක නැවතී සිටින්ට කියා පිටත්කර ඇරියාය. සිරිල් වික්රදමතිලකට රෑට නිදාගන්ට ඉඩ නො දෙන පිණිස ජෝර්ජියානා තමාගේ සෙල්ලම්, පියානෝ තට්ටුකිරීම ආදිය හොඳින් දැක්වූයේය. රෑ නිදිමැරීම කරණ කොට ගෙනත් ජෝර්ජියානා පෙරැත්ත නිසා වැඩිපුර බොන විෂ්කි නිසාත් දවල් දොළහේ සිට සවස හතර පහ වන තුරුත් සිරිල් වික්රවමතිලක නිදාගන්ට පටන් ගත්තේය. මේ අතරතුරේදී ජිමිත් ජෝර්ජියානාත් කාලා බීලා සිත් වූ පරිදි හැසිරේ. මේ හොනිමුන් ගොහිනුත් කල් යවන “ශිස්ටාචාරයයි!” මෙසේ හත් අට දනක් යන කොට කෑමට බීමට ඉතා ගිජු වූ ජිම් ලංසියත් විෂ්කි බෝතලයෙන් කාලක් පමණ බී ජෝර්ජියානාත් සමග කාම‍රයේ නිදන්ට ගොස් බොහෝ තද නින්දට වැටුනේය. සිරිල් හතරට පමණ නැගිටින බැව් දත් ජෝර්ජියානා ජිම්ට කථා කළ නමුත් වෙරි මරගාතේ නිදන ඔහු ඒ අකට මේ අතට හැරි හැරි “වට් යූ ගැට් එවේ” කියමින් හයියෙන් කෑගැසීය. වෙරි හිඳ නින්දෙන් නැගිටින සිරිල්ට මේ හඬ ඇසී නැගිට ඒ කාමරය පැත්තට ගොස් බැලූ විට ජිමිත් ජෝර්ජියානාත් එකට දොයියන බව දැක දන්ඩෙන් පහළ සර්ප‍යෙකු මෙන් ‍කිපී දොරට දමන පොල්ලෙන් ජෝර්ජියානාටත් ජිමිටත් කීපයක් තඩි බෑවේය. ජෝර්ජියානා වෙ‍රි මත සිඳී තිබුණ බැවින් වැඩි තුවාල නොලැබ තුන හතරක් පොළු පහරවල් කා එලියට පැන ගත් නමුත් ජිමීගේ ඔළුව පැලෙන තුරු සිරිල් පොල්ලෙන් තඩි ‍බෑවේය. ඉතින් ජිමි දෙන මර හඬ අසා අහළ පහළ මිනිසුන් රැස්වී සිරිල් අල්ලාගෙන ජිමී පොලිසියටත් එතනින් ස්ප්රි තාලයටත් ගෙන ගියේය.

ජෝර්ජියානාගේ පියා ගුණසේකර මුහන්දිරමට වික්රමමතිලක හා හොනිමුන් ගිය දුව තවත් මිනිහෙකු සමගත් “හොනිමුන්” ගිය බවත් ඒ නිසා බලවත් කෝලාහලයක් ඇති වූ බවත් ආරංචි වී වහා ම නුවරට ගියේය. එසේ නුවරට ගොස් දුවත් බෑනාත් නැවතී සිටින ස්ථානයට පැමිණ බැලූ විට ඒ එදඑදනා පොලීසියේ බව කී‍ හෙයින් ඔහු පොලිසියට ‍ගියේය. මුහන්දිරම් මහත්මයා දුව සමග කථා‍කරන්ට පෙර සිරිල් (බෑනා) සමග කථාකරමැයි සිතා ගොස් “ආ සිරිල්, උඹලා කසාද බැඳලා

සුමානයක් යන්ට ප්රඑථම මෙහෙම කෝලාහල කර ගත්තාම යුතුදැ”යි ඇසීය. ඊට කෝපයෙන් සිටින සිරිල් “උඹලාගේ දුව හැබෑ ගෑනි! මා සමග කසාද බැඳලා තුන් දිනක් ගත වෙන්ටත් ප්ර ථම හොර මිනිහෙකු ලෑස්ති කර ගත් හැදි. ඔයා මා සමග එන්ට ඉස්සර හොඳ හොඳ වැඩ කළ ගෑනියක් බව මට ‍දැන්වද තේරුනේ” යයි කීය. ගුණසේකර මුහන්දිරමට කිසිවක් කියා ගත නොහී ජෝර්ජියානා ඉන්න කාමරයට විත් බලවත් කණගාටුවෙන් මෙසේ කථාවට බැස්සේය ,-

මුහන්දිරම් - ආ ජෝර්ජියානා උඹ “හොනිමුන් ආ හැටියේම මේ නොපනත් කමක් කළ කොට තව ටිකක් කල් ගියාම උඹේ මිනිහාගේ මසුත් නොකායැ?

ජොර්ජියානා - පප්පා මම කැමැත්තෙන් හිටි මිනිහා ජිමියි. මම සිරිල් සමග කසාද බැන්දේ උඹලාගේ වදේටයි. මට ඔනෑ කරන්නේ “ජිමිවයි”

මු. - ජෝර්ජියානා ලැජ්ජා නැති ගෑනියෙක් වගෙයි. උඹට ඕනෑ පලියට හිතුන හිතුන එකා ගැනීමත් යුතුකමක්ද? අපේ සිංහල මිනිස්සුන්ටත් උඹ නින්දා කරනවා

ජෝ. - මම දන්න සිංහල කමක් නෑ මම ඉගෙන ගත්තේ යුරෝපීය විධියටයි. ඒ යුරෝපීය විධියේ සිරිත නම් එක් මිනිහෙක් සමග ගොස් ඔහු සතුටුදායක නොවේ නම් වෙනින් කෙනෙක් එක්ක යෑමයි.

මු. - අනේ ජෝර්ජියානා උඹ දැන් කියන්නේ සිරිල්ව අත්හැර ලංසියත් එක්ක යන බවයි. හොඳයි, උම ඔය කල්පනාවෙන් සිටියා නම් සිරිල් සමග අවුරුදු කීපයක් ම මිත්ර,වෙලා ඇවිද්දේ?

ජෝ. - මා මැරුවත් මම ජිමි එක්ක යනවාමයි. සිරිල් සමග මම ඇවිද්දා සැබැයි. තවත් තිමොන්ති සමගත් මම ඇවිද්දා. එසේ අවිද්දේ අත‍ිරේක සුළු මිත්රමයන් වශයෙන් සිතාගෙනයි මට පිරිමසින මිනිහා ජිමි පමණයි.

මු. - ඉතින් ජෝර්ජියානා මේ මෙනා අවනම්බුවක්ද? කසාද බැඳලා දහ දිනක් යන්ට මත්තෙන් මිනිහා සමග දික්කසාද වී වෙනින් මිනිහෙක් සමග යන්ට උනාම ලෝකේ මිනිස්සු අනේ මට මක්කා කියද්ද?

ජෝ. - පප්පා ඔය රටේ මිනිස්සු සිනාසුනාට අපට ඇයි. එංගලන්ත අමෙරිකා රටවලද අවුරුද්දකට කී දෙනෙක්


දික්කසාද වෙද්ද? මම කසාද බැන්දා හැබැයි. නමුත් ඒ මිනිහා නරක නම් වෙනින් මි‍නිහෙක් සමග යමි. මු. - හොඳයි! බො‍හොම හොඳයි! යුරෝපිය ශිෂ්ටාචාරය හොඳයි! අනේ අපි අපේ කුල සිරිත් ආගමධර්ම කිසිත් නූගන්වා කොල්ලන්ටත් කෙල්ලන්ටත් ඉංග්රීලසිම උගන්වනවා මදැයි! රුපියල් විසි තිස් දාහක් වියදම්කොට දුව දුන්නා. ඉතින් දික්කසාද කරන්ටත් තව රුපියල් දෙ තුන් දාහක් නැතිව පිළිවන්ද? කියා එතනින් නැගිට පෙරකදෝරුවෙක් ළඟට ගොස් මේ කාරණය කීවේය. ජිමීට ගසා ඔළුව පැලීම ගැන සිරිල් වික්රේමතිලකට විරුද්ධව නඩුවක් ඇති විය. ජිමීටත් යන්තම් සනීප වී උසාමියට පැමිණෙන්ට පුළුවන් කම ලැබුණේය. සිරිල් වික්රමමතිලක පෙරකදෝරු මහතෙකුත් අද්වකාත් කෙනෙකුත් බඳවා ගත්තේය. ජිමි අද්වකාත් කෙනෙක් තැබුවේය. සඳු දින නඩු විභාගය පටන් ගත්තේය.

නඩුකාරතුමා -(පැමිණිලිකාර ජිමීගෙන්) නුඹට මේ විත්තිකාරයා තැළුවේ කොහේදීද? ජිමි - ඔහු පදිංචි ස්ථානයේදීය.

නඩු. - නුඹ ඔහු පදිංචි ස්ථානයට කුමකට ගියෙහිද?

ජිමි - ජෝර්ජියානාගේ ඉල්ලීමට ගියෙමි.

න. - ජෝර්ජියානා කව්ද?

ජි. - විත්තිකාරයාගේ භාය්යා මිකව, මගේ මිතුරියක්.

න. - නුඹට විත්තිකාරයා පහර දෙන විට උඹ සිටියේ කොහේද? සිටියේ කා සමග ද? කොයි විදියට ද?

ජි. - මම හිටියේ කාමරයේ ඇඳක් පිට ජෝර්ජියානා සමගයි.

න. - ආ බන් උඹ කාගෙවත් භාය්යාි වක් සමග ඔහුගේ ම ගෙදර දෙවෙනි දවල් මේ විධියට උන්නාම උඹට ගහපු එක වැරදීද?

ජි. - ඔව් මහත්මයා මට ගහපු එක වැරදියි. ජෝර්ජියානාව සිරිල් කසාද බදින්ට ඉස්සරත් ඈත් මමත් ඔහොම කල් යැව්වා. දැන් අමුත්තක් නොවෙයි.

න. - උඹ කර තිබෙන්නේ බලවත් අපරාධයකි. උඹලාගේ ඉස්සර යාළුකම නෙම එකක්? තරුණ කාලේ දඩාවතේ ඇවිද හොර මිනිසුන් ගන්න වල් තරුණියන් සමග මිත්රුවීමත්


අපරාධයකි. එබදු තරුණියක් කසාද බැන්දායින් පසු ඈ සමග එක්වීමත් බලවත් අපරාධයකි. උඹ පොළු පහර කා ගැලවුනා පුදුමයි. උඹේ පැමිණිල්ල ගැන නීතියෙන් කුමක් කරන්ට ද? යම් මිනිහෙක් ගෑනියෙකු කසාද බැඳ පළමු වෙන් ම “හොනිමුන්” ගිය හැටියේ මත් ඈ සමග පරදාර සේවනය කර අසු උනාම ඒ පුරුෂයාට කෝපයක් හටගන්නා බව පුදුම ද? උඹ පලයන්.

(සාක්ෂි අඬගස්වති. ජෝර්ජියානා කූඩුවට නැග බයිබලය සිම්බාය)

නඩු. - නුඹේ නම කුමක් ද?

ජෝ. - මගේ නම ජෝර්ජියානා ගුණසේකර.

න. - උ‍ඹේ නීති ප්රනකාර මිනිහා මේ නඩුවේ විත්ති කාරයා?

ජෝ. - ඔව්. නමුත් මම ඒ මිනිහාට ආදරේ නැහැ මම ආදරේ ජිමීට යි.

නඩු. - ඉතින් සිරිල්ට ආදරේ නැත්නම් ඔහු සමග කසාද බැන්දේ,

ජෝ. - මම පප්පලාගේ වදේටත් සිරිල්ව නමින් මිනිහා කමට තියාගෙන මට ඕනෑ කෙනෙක් සමග හැසිරෙන්ටත් සිතාගෙන කසාද බැන්දා.

නඩු. - හොඳයි. හොර මිනිහෙක් ගන්න එක දෙතුන් මාසයක් පහුවෙලාවත් කරන්නේ නැතුව “හොනිමුන්” දවස්වලම එහෙම කළාම මේ නින්දා අපහාස කලබල ඇතිවෙන බව උඹ දන්නේ නැද්ද?

ජෝ. - මම එහේම සිතුවේ නෑ. මගේ යාළු නෝනාලා කව්රුත් කසාද බඳින්ට ඉස්සර දෙ තුන් දෙනා සමග ගොස් තිබේ. කසාද බැන්දාට පසුත් මිනිහා ගෙදර සිටිද්දී ම වෙන මිනිස්සු එක්ක නොයන එකම මිත්ර යෙක්වත් මට නැත.

න. - ඔහෝ එහෙනම් උඹ ආශ්ර ය කළ ගෑනුන්ගේ සිරිත අරන් තිබෙනවා. උඹ ආශ්රටය කළේ උගත් වැදගත් මිනිස්සු බවඒ ක්රිගයාවලින් ම පේනවා!

ජෝ. - ඔව්. මම ආශ්රසය කළේ හොඳට ඉංග්රීිසි ඉගෙනගත්,ටැනිස් ගහන්ට දැන ගත්, ගවොන් අඳින, බාල් නටන්ට දත් ලන්සි සිංහල ගෑනුන්මයි. අපේ මමගේ දූවන සුසියා කසාද

බඳින්ට ඉස්සරින්දත්ඇගේ මිත්රඳයෙක් සමග කාමරේ සිටිනවා ඈ කසාද බැන්ද ‍ලෝරැන්ස් දුටු නමුත් කථා නොකර යන්ට ගියාය. නමුත් මගේ මිනිහා වන සිරිල්ට මම ජිමි සමග හිටියාට ‍ෙබහොම කේත්තියි!

- දැන් උඹ සිරිල් සමග යනවා ද ජිමි සමග යනවා ද? දෙන්නාම බෑ එක් කෙනෙක් පමණයි.

ජෝ.

න.

සිරිල් - ඔව්, මම ඈ සමග දෙතුන් අවුරුද්දක් ඇවිද්දා. ඇගේ මායම් නමැති මලපත් පුඩුවේ පැටලී සිටිය මට ඇගේ තාත්තාගේ ධනය නමැති ඇම ගිල වමාරා ගන්ට බැරි වීමෙන් මේ අන්තරාවට පැමුණුනා.

න. - උඹලා දැන් පුරුදු කරගන යන්නේ කාගේ සිරිත් ද?

සිරිල් - අනේ මහතාණනි, මම දන්නේ නැහැ. ඉංග්රීුසින්ගෙත් ලංසින්ගෙත් පහත් වල් අයගේ සිරිත්ටික පමණයි. ඉංග්රීනසින්ගෙත් ලංසිගෙත් උසස් පංක්තියේ සිරිතුත් සිංහල අපේ උතුම් සිරිතුත් අපට නැතිවී පලච්චි. අනේ අපට වෙච්ච වියවුලක්!

නඩුකාරතුමා - උඹලා‍ට උනේ මහ වියවුලකි. යුරෝපය ආදි පර දේශවලින් එන පාදඩයින්ගේ ඇතිතාක් වල් සිරිත් උඹලාගේ ලොක්කොයි කියන හැත්ත පිළිගත්හ. ඒ බලාගෙන මධ්යකම පංක්තියේ උඹලාත් දුවන්නත් පාරේ කෙට එළදෙන දිව්වාක් මෙන් වැඩ කරන බව පෙනේ. හැදිච්ච ඉංග්රීෙසි මහත්තැන්ගේ චාරිත්රන ඉතා හොඳයි. ඉතා හොඳට හැදිච්ච ඉංග්රී්සි මහත්තැන් උඹ දැක තිබේද?

සිරිල් - ඔව් මහතාණනි, මම දුටුවෙමි, එක් දිනක් මමත් මගේ තරුණ නැගනියත් මවුත් නුවර යන පිණිස මරදා‍ෙන් දුම්රිය‍පලෙන් දුම්රියට නැගුනෙමු. අප නගින දුම්රිය ‍කාමරේ ඉංග්රී‍සි මහත්තැන් දෙදෙනෙක් උන්නෝය. රූපශ්රී යෙන් යුත් මගේ නැගනියන් දෙස මේ තරුණ මහත්තැන් දෙන් බාලත් යයි මම සිතා

සිටි නමුත් සත්තකෙන්ම නුවරට ගොස් බසින තුරු ඒ මහත්වරු දෙදෙනා ඒ මගේ නැගණියන් දෙස යටැසින් වත් නොබැලුවෝය. මෙබඳු ඉන්ද්රිනය දමනය කළ යහපත් මහතුන් එමට සිටින බව දනිමි.

නඩු. - හොඳයි දැන් උඹ ‍ෙජාර්ජියානා සමග කල් යවනවා ද? නැද්ද? නැතහොත් දික්කසාද වෙනවාද?

සිරිල් - අනේ මහතාණෙනි, මා සමග කසාද බඳින්ටත් පෙර පුරුෂයන් සමග හැසිරී ඒත් මදිව හොනිමුන් ඉවර වෙන්ටත් ඉස්සර කිසි බියක් චකිතයක් නැතුව මෙබඳු නොපණත්කම් කරන දුෂ්ට ස්ත්රිඉයක් සමග මොන වාසය කිරීමක්ද? මම දික්කසාද වෙන්ට කැමතියි.

න. - හොඳයි මට ඒ ගැන මොකුත් කරන්ට බැහැ. උඹලා දිස්ත්රි්ක් උසාවියෙන් ඊට සුදුසු බල ලබාගත යුතුයි. මෙසේ කියා නඩුකාරතුමා අයුතු ලෙස අනුන්ගේ ගෙට ඇතුල්වීමේ වරදට ජිමීට රුපියල් පනහක් දඩ ගසා නඩුව තීන්දු කළේය.


09 පරිච්ඡෙදය[සංස්කරණය]

ගු ණසේකර මුහන්දිරම සිරිල් වික්රටමතිලකට කථා කොට සමාදානය පවත්වන ලෙස අවවාද කළේය. සිරිල් ඒ ගැන කිසිත් කථානොක‍ර ඉන්නා විට සිරිල් වෙනුවෙන් නුවරට පැමිණ සිටි සිරිල්ගේ මස්සිනා කෙනෙක් වන විට්ටහච්චි නැගිට මෙස් කීය. “සමාවෙතත් දික්කසාද වෙතත් සිරිල් අයියලාගේ වැඩකි. නමුත් මම පුරාණ කථාන්තරයක් කියමි. මෙයින් උඹලාටත් ඉගෙන ගන්ට යමක් තිබෙතොත් ඉගෙන ගනිල්ලාය”යි කීය. ඒ කථාන්තරය මෙසේය :-

“පූර්ව කාලයෙහි සම්භාවනි නම් නුවර දේවප්රිවය නම් මහළු ගොවියෙක් විසුයේය. තරුණ වයස් වූ ඔහුගේ භාය්යාි ක ව අන් පුරුෂයින් කෙරෙහි පෙම් බඳිමින් පසු වෙන සමයෙහි දිනක් මාර්ගයෙහි ගමන් කළ පුරුෂයෙක් ඈ දැක සමීපයට එළඹ ප්රේිමි මාගේ භාය්යාාය්වව මිය ගිය හෙයින් මම ඉතාමත් කණගාටුවෙන් පසුවෙමි. නමුත් අද නුඹව දැක ඇති සතුටට පත්වුණා පමණකුත් නොව රාගයෙන් මත්වුයෙමි. එබැවින් මා ඒ දුකින් මුදවා හැරියොත් නුඹට මහත් පින් රාශියක් අත් වේය යි කී විට ස්ත්රීි ද යෞවන පුරුෂයෙකු කවදා ලබම් දෝ යි යන

කල්පනාවෙන් සිටි බැවින් අතිශයින් සතුටින් පිනා මගියා දෙස බලා ඔබතුමා ස්වල්ප වේලාවකට මේ අසල ප්රුමාද වන්නෙහි නම් මම මහලු හිමියාට අයිති වටිනා වස්තු රාශිය රැගෙන එමි. ඉන් පසු අපි දෙදෙනා දුර රටකට ගොස් සුව සේ වසමු යයි කී කල මගියා මටත් වාසනාවන්ත කාලයක් පැමිණෙන්ට තිබෙන්නාක් මෙන් පෙනේය යි සතුටුව “එය ඉතාමත් යෝග්යපය, වහා එලෙස කරවයි” කීය.

ස්ත්රිෙය වහා ගෙට ගොස් මහලු ගොවියාට අයිති වටිනා වස්තු රාශිය ගෙන පොදියක් කොට බැඳගෙන මගියාත් සමග අන්යො රටකට යනු පිණිස කඩිසර ලෙස ගමන් කළාය. මෙසේ යන විට ඔවුන්ට ගංගාවක් සම්මුඛ විය. එවිට ඒ අසත් පුරුෂ මගියා සිතන්නේ යම් කිසිවෙක් මේ ස්ත්රී සොයා අ‍ාවොත් මේ වටිනා වස්තු රාශිය හා ස්ත්රිමයත් ආපසු ගෙන යනවා පමණකුත් නොව මගේ ජිවිතයට ද අනතුරු කරනවා ඇත. එබැවින් ඇ අත් හැර වස්තුව පමණක් හැර ගෙන සැඟවී යාම උතුම් යයි කල්පනාකොට ස්ත්රිඇය දෙස බලා මෙම ගංගාවේ ‍දිය දිය පාර ඉතා සැරය. මම පළමු කොට මේ බඩු සියල්ල ගෙන ගොස් එගොඩ තබා විත් නැවත නුඹව ප්ර.වේසම් ලෙස ගෙන යමි යි කී විට ස්ත්රීඑත් ඊට සතුටුව බඩු පොට්ටනිය දුන් විට වහා ඈ මෙය අසල ගමට ගොස් නො කියන ලෙස ගෙන යමි යි කී විට ස්ත්රී ත් ඊට සතුටුව බඩු පොට්ටනිය දුන් විට වහා ඈ මෙය අසල ගමට ගොස් නො කියන ලෙස කර යා යුතුය යි සිතා සොඳුර නුඹ ගඟට බැස දියෙහි සිට ගෙන ඇඳ සිටින සළුවත් උනා දියන්, එවිට නැවත නුඹ ගෙන ය‍ාම මට ඉතා පහසු වේ. දිය පාර සැර බැවින් සළුවක් ඇඳගෙන යෑම නුපුළුවනැයි කියා ඇඳ සිටි වස්ත්රතයත් ඉල්වා ගෙන ගඟින් එතර ව වස්තුව රැගෙන යන්ට ගියේය.

එය දුටු ස්ත්රීව අතිශය ශෝකයෙන් මම කළ ද්රෝ හිකමට විපාකය ක්ෂණයේන් ම ලදිමි. මහලු ගෙවියා මෙය දැන ගත හොත් කුමක් කරාදෝ නොදනිමි. වස්ත්රශය නොමැතිව දියෙන් ගොඩ යාගත නොහැකිය යනාදිය කල්පනා කරමින් විලි වැද ඉන්නා සමයෙහි මස් කැබැල්ලක් කටින් ඩැහැ ගත් සිවලෙක් මත්ස්යැයෙක් දියෙන් ගොඩට පනිනවා දැක මස් කැබැල්ල බිම තබා මත්ස්ය යා කරා ගිය කල ඌ ඒ ක්ෂණයකින් නැවත දියට පැනීම ද එය දුටු සිවලා මස් කැබැල්ල ගන්ට යන කල අවකාශයෙහි පියාසර කරමින් සිටි උකුස්සෙක් මස් කෑල්ල ඩැහැ ගෙන යෑම ද සිවලා ශෝකයෙන් අවකාශය දෙස බැලීම ද දැක සිනාසී මස් කැබැල්ල හා මත්ස්යසයාත් නැති වූවායින් පසු අවකාශය දෙස

බැලීමෙන් ඇති ඵලය කවරේ දැයි ස්ත්රි4ය ඇසීය. එබස් ඇසූ සිවලා කෝපයෙන් දිලිහි මට සිදු වූයේ නුඹට සිදු වූවක් මෙන්ය. නුඹ නුඹේ ස්වාමි පුරුෂයා හා වස්තුවත්නැති කර නිර්වස්ත්රිව දියෙහි සිට ගෙන කල්පනා කළායින් ඇති ඵලය කුමක් දැයි කී‍ය. මෙසේ කථා කරමින් සිටින විට මහලු ගොවියාට මේ බව සැළ වී එහි විත් ඈට නොයෙක් දඬුවම් කර පන්නා හැරියේය.”

යන මේ කථාන්තරය පංචතන්ත්ර්යේ දක්වා තිබෙන්නේ මෙයිනුත් කදිම ගුරුකමක් ගැනීමට යයි විට්ටහච්චි මහත්මයා කී විට සිරිල් වික්රමමතිලක වතුර ටිකක් බී එන පිණිස කුස්සිය පැත්තට ගියේය. ජොරෝනිස් ගුණසේකර රාළහාමි විට්ටහච්චිට කථා කොට “ආ ළමයා, සිරිල් දුප්පත් මිනිහෙකි. ඔහුට පවුන්ඩ් පස් දහසක් පමණ දුන් මාගේ කීම නො සැලකීම පුදුම නොවේද, මේ මංගල්යකය සඳහා සිරිල්ට මා විසින් ඔය දෑවැද්ද නුදුන්නා නම් ඔහු ඔය තරම් පොහොසතෙක් වෙනවාදැ”යි කීය. ඒ අසා සිටි විට්ටහච්චි ‘ඔව් රාළහාමි සිරිල් අයියාට රුපියල් 50000 ක් පමණ වටිනා දේ දීලා ඔහු වාල් කමට ගත්තා නොහොත් නරකාදියට දැම්මා. රුපියල් පණස් දාහක් තබා සියක් දාහක් වත් බලාගෙන නරකාදියට යනවාට වඩා සතයක් වත් නැතුව මිනිස් ලෝකේ ඉන්නා එක මට නම් හොඳය”යි කීය. මේ වචනය මුහන්දිරම් මහත්මයාට තදින් අවබෝධ වී කිසිත් කථා නොකර යන්ට ගියේය. සිරිල් විකරමහතමතිලක ජෝර්ජියානා ගෙන් දික්කසාද වීමට දිස්ත්රි ක් උසාවියේ පැමිණිල්ලක් දැම්මේය. මුහන්දිරම කොළඹට ආවේය. ජෝර්ජියානා හා ජිමි පොරේරාත් නුවරඑළියට යන්ට ගියෝය. සිරිල් හා ඔහුගේ මස්සිනා වන විට්ටහච්චිත් කොළඹට පැමිණියාහ.

ජොරෝනිස් ගුණසේකර මුහන්දිරම් මහතා ගේ අතේ තිබුණ ‍මුදල් හිඟ විය. එංගලන්ත‍යට ඉගෙනීමට ගොස් සිටින පුත්තු දෙදෙනාට මසකට පවුම් පණහක් යවන්ටත් ජෝර්ජියානා ගේ විපරිත වලට වියදම් කරන්ටත් වීමෙන් මේ හානිය වේගන එන බව සැබෑවක් නමුත් යුරෝපීය විධියේ අහංකාර භාවයෙන් ඒ කිසිවක් ඔහුට නො පෙනුණේය. මේ කාලේ ජොරෝනිස් ගුණසේකර මුහන්දිරම ගේ ගෙදර නැවතී සිටි ලිසී (නන්දාවතී) එතන ඇති කරදර නිසා ම සනීප නැති විය. ඇගේ මව් වන ‍ෙජාහානා හාමිට ඒ බව දැනගන්ට ලැබී ගුණසේකර වල්ව්වෙන් අත් අරවා ගෙන ස්වකීය දියණිය තමා සිටින ජෑන්ස් මහතුන්ගේ ගෙදරට අඬ ගසා ගෙනවිත් වෙදකම් කොට සුවපත් කරවා ගත්තාය.

නන්දාවතී හා මවුත් ඒ ලංසි ගෙදර ම නැවතී සිටින අතර ඔවුන්ට අයිති හේවාගම් කෝරළේ කුඹුරක් භුක්ති විඳින සත්පුරුෂ කෙනෙක් පසු ගිය අවුරුදු දෙකකට බිම් කොටහට ලැබිය යුතු වී විකුණා රු.150 ක් ලැබන ලදින් ඒ ජොහානාහාමි අතට ගෙනත් දුන්නේය.

ජොහානා හාමි ඒ සත්පුරුෂයාට ස්තූතිකොට ගම තොරතුරුත් අසා දැන ගෙන ඒ මුදල භාර ගෙන ඔහුට ඒ බවට ලියවිල්ලක් ද ලියා දුන්නාය. ජොහානා හාමිට හා ස්වකීය දියණියටත් රුපියල් 175 ක් පමණ මුදල් අතට ලැබී තිබෙන බැවින් ඔවුන් ගේ වහල්කම් ඉක්මනින් ම තුරන් වේය යි සිතන්නට ඉඩ ඇති විය. මෙසේ මොවුන් එහි ම වසනා අතර එක් සවස් භාගයක නන්දාවතී ස්වකීය මව් වන ජොහානා හාමිට කථාකොට “අම්මේ දැන් අවුරුදු එක හමාරක් පමණ අපි දාස භාවයේ උනිමු. අප අතේ මුද‍ල් වශයෙන් රුපියල් 175 කුත් පමණ තබා ගෙන මෙසේ ඉඳීම යුතු නැත. අපි මෙතනින් අහක් වෙලා පුංචි ගෙයක් කුලියට අරගෙන රුපියල් 60 ක් දී මහන මැෂින් එකක් අරන් කුලියට ඇඳුම් මසා දී රැකෙමු ද”යි ඇසුවාය. මේ යහපත් යෝජනාවට ප්රීඳතියෙන් සතුටු කඳුළු වැගිරෙන ඇස් ඇති මෑණියෝ දුවනියන්ගේ ඉස සිඹ “බොහොම හොඳය” කියා ඔවුන්ගේ අඳහස ජෑන්ස් නෝනාටත් කී කල ඈ කරුණාවන්ත ස්ත්රිමයක් හෙයින් ඔවුන් කෙරේ බලවත් ලෙස අනුකම්පා කොට තෑගි වශයෙන් රුපියල් දහයකුත් දී උවමනා දිනක යන්ට අවසර දුන්නාය.

නන්දාවතීගේ සිත ඉතා සතුටු විය. එදා රෑ අමාරුවෙන් එළි කර ගත්තාය. ජෑන්ස් මහතතුන්ගේ ගෙදර සිටින බබුන් සිඤ්ඤෝ නමැති මහලු මිනිහා ජොහානා හාමිට ඉතා හිතෛෂි උපකාර කාරයෙකි. ජොහානා හාමි දුවණියගේ කීමේ ප්රාකාර බබුන් සිඤ්ඤෝත් අඬ ගසා ගෙන ගෙයක් සොයන්ට ගොස් මරදානේ ඩීන්ස් රෝඩ් නමැති වීද‍ියෙන් පුංචි ගෙයක් කුලියට ගත්තාය. එය මසකට රුපියල් දහයක් කුලී ගෙවන පිරිසිදු පුන්චි ගෙයකි. එහි ගෙට ඒකාබද්ධ ගේවල ද ශිෂ්ටාචාර මිනිස්සු වාසය කරන බව හැඟී ගියා හෙයින් ‍ජොහානාහිමි සතුටු ව මසක කුලී ගෙවා යතුරු රැගෙන ගොස් ස්වකීය දියණියට දී ඉතින් කුමක් කරමු දැ’යි ඇසුවාය. නන්දාවතී ස්වකීය රෙදි පෙරදි ආදිය ලෑස්ති කර ගෙන මෑණියන් හා කරත්තයක නැගී තමන් කුලියට ගත් ගෙට පැමිණ ගෙයි ප්රයමාණයට උවමනා බඩු ගැනිම සඳහා එම කරත්තයෙන් ම පිටකොටුවට විත් ඇඳ පුටු මේස ආදී සියලුම උපකරණ ගෙන ඒවා කරත්තකාරයෙකුට භාර දී මහණ මැෂින් එකක් ද මිලයට ගෙන

ගෙදරට පැමිණ ගෙය ඉතා පියකරු ස්වභාවකට පිළියෙල කර ගෙන පදින්චි වූහ.

නන්දාවතීලා සන්තකට තිබුණු මුදල රුපියල් 190 ක්වු හෙයින් මැෂින් එකටත් ගෙටත් බඩුවලටත් ගොස් ඉතුරු වුනේ රුපියල් 10 ක් පමණ විය. ජෑන්ස් මහතුන්ඩගේ ගෙදරින් නිකම්පහේ ඉඳ කන බොන බබුන් සිඤ්ඤෝ නමැති මහලු මිනිහාට දවල් කාලේ වැඩක් පලක් කරදෙන්ට ය කියා නන්දාවතී ස්වකීය මෑණියන් ලවා අසල පසල උදවියට උවමනා ඇඳුම් දැන බලා ඒවා මසා දෙන්ට පටන් ගත්තීය.නන්දාවති ඉතා දක්ෂ මහන්නියක් හෙයින් ඈට උවමනා තරමටත් වඩා මැහුම් ලැබෙන්ට පටන් ගත්තේය. මෑණියන්ට කිසි වැඩක්පලක් කරන්ට නොදී ගෙදර අතුපතුගාගැණීම කෑම පිසීම ආදී වැඩත් කරමින් දවසකට රුපියල් තුණක් තරම් සපයන්ට නන්දාවතීට පිළිවන් වූ හෙයින් ඔවුන්ගේ ජිවත්වීම කරදරයක් නොවීය. මෙසේ මාසයක් විතර පසුවෙන කොට නන්දාවතීගේ සිතේ ඇඳී පවතින තෙන්නකෝන් මහතාගෙන් මාස හතරකින් වත් ලියමනක් නොලැබෙන්ට හේතුව කිම දැයි සිත සිතා මෙසේ ලියමනක් ලීවාය-

ගෞරවාදර පෙරටුවයි.

ගරුකටයුතු මැතිතුමාණෙනි,

තමුන්නාන්සේ සම්බන්ධ කිසි ම තොරතුරක් ක‍ලකින් දැන ගන්ට බැරි වුණාට කණගාටු වෙමි. ජෝර්ජියානා නෝනලාගේ පලහිල්ව්ව මහ නුවරදී ම සිද්ධවූ හෙයින් තමුන්නාන්සේලාටත් දැනුම් ඇතිවාට සැක නැත. ඔය දුෂ්ට ගෑනි ගැන මා විසින් තමුන්නාන්සේට කී කරුණු අප ඇස් හමුවෙහි ම සිද්ධවුනා පුදුමයකි. තමුන්නාන්සේට ලැබෙන්ට තිබුණු අවනම්බුවෙන් ගැලවීමට මාත් ස්වල්ප ආධාරයක් වී නම් ඒ මතක නැති නොකළ මැනවි. මින්පසු මට ලියුම් එවන්නේ කොළඹ මරාදානේ ඩීන්ස්‍ රෝඩ් වීදියේ පදිංචි නන්දාවතී රූපසිංහ හාමිනේ නමටය කියාය.

මේ වගට, යටහත් කීකරු, නන්දාවතී

තෙන්නකෝන් මහතාට මේ ලියමන ලැබුණ හැටියේ “නන්දාවතී” ගුණසේකර ගෙදරින් අස්වී ගොස් ඉස්සරට වඩා සැප සේ සිටින බවත් තේරුණේය. එසේ තේරි නන්දාවතී කාගේ ද අධාරයක් ලබමින් සිටිනවා විය යුතුය යි ද කල්පනා කළේය. දැන් මෑට ලියමනක්


ලියයුතු නොවේ. මෑ කොයි විධියට කල් යවන්නීදැ”යි පරීක්ෂා කරමි යි සිතා තෙන්නාකෝන් මහතා කොළඹට පැමිණියේය. එසේ කොළඹට පැමිණ කොළඹ වැසි මිත්රයයෙකුගේත් ආධාර ඇතුව නන්දාවතී කල් යන ලීලාව තත්වූ පරිදි දැන සතුටුව තෙන්නකෝන් මහතා මෙසේ කල්පනා කළේය. “ස්ත්රී හු වනාහි මොහොතෙන් මොහොතට වෙස් වන වර්ගහයක් ය. දුප්පත් ස්ත්රි යක් කසාද බැන්දොත් ඈට සැප ලැබෙන්ට පටන්ගත්තාම මහත් උඩඟු භාවටය පත්ව ඈ කලින් සිටි ස්වභාව මතක නැති කර ගෙන පුරුෂයාට පීඩා කරන්නීය. පොහොසත් ස්ත්රිභයක් කසාද බැන්දොත් ඇගේ උඩඟුව පටන්ගැන්මේ සිට ම ඇති වේ. අධික රූපවත් ස්ත්රි්යත් කසාද බැන්දොත් ඈට වැඩකාර කමට පත්වූවෙකු මෙන් ස්වාමියා සලකන්නීය. මේ නිසා ස්ත්රි යක් මාසයක් දෙකක් පරීක්ෂා කර බලා සොයා ගැනීම නම් නොකට හැකි වැඩක් ය. ඒ බව ස්ත්රිකයක් නිසා වෙහෙසට පත් කවි වරයෙක් මෙසේ කියා තිබේ :-

ලි යෙ ක් නිසා මට ඇති වී තිබෙන දු ක සි ය ක් වසා කීවත් නිම කළ නොහැ ක එ ඳු ක් නිසා විමසමි ලිය ගැන නොයෙ ක මෙ ල ක් කුසා නැත දැනුමට හරි එකෙ ක

එ කි ය ක බස ‍හොඳ යි හිත නරක යි බෝ ම එ කි ය ක රුව හොඳ යි දැඩි වෙයි ගති කා ම එ කි ය ක පැනැති වෙයි ඇත අවගුණ සෑ ම එ කි ය ක වත් දෙකක් ගුණ නුදුටිමි තා ම

අ ඟ න ක් බලන්නට යන එන කා ල යෙ හි ප ම ණ ක් නොමැත දක්වන තද ආ ල යෙ හි නු ව ණ ක් ගුණක් නැත ලොව නැති ඈ ල යෙ හි අ ඟ න ක් මෙ බඳු දැක නොඇ‍ඳෙ ද කා ල යෙ හි

න මු ත් එම අඟන විදි ලෙස විවා ක ර ම ස ක් යන්ට පළමුව වේ ය බියක ර ව ස ක් දෙකක් යන විට ඈට ගොර ත ර ය කෙක් වැහුණු විලසයි දනුව සැක හැ ර


ද රු වෙ ක් වැදුව පසු ලිය වේ ඇති න් නි ය දෙ දෙ නෙ ක් දරුවන් වැඳු පසු වේ සැපි න් නි ය ති දෙ නෙ ක් දරුන් වැඳූ කල වේ යකි න් නි ය ස ම තෙ ක් කොඳ ඉන්ට සහ ඒ යකි න් නි ය

හි මි යෙ ක් සමග යන්ට පළමුව අඟ න ත ප සෙ ක් සමාන යි පස් ඉඳුරන් දැමු න හි මි යෙ ක් සමග ගොස් අතරෙදි කල් යව න උ ර ස ක් මාලයකි සැක නොකරව එ ගැ න

රි සි ව න තෙක් ම පිනා සුරති සාග රේ ඇ ති ව න තෙක් ම සරි කර රසැති ආහ ‍ රේ නි ව ස න ලියන්ගේ හැටි බලව ලෝතු රේ බැ රි වු න දාට ඉවර යි හිමිට ආද රේ

ක න බො න අඳින පළදින දේ සපයමි නී ය න එ න ගමන බිමන ද නිති සලසමි නී ප ණ මෙ න රකින හිමි හට යම් විදියකි නී වැ ර දු න එ දින වෙයි තම ගැහැණිය යකි නී

පෝ ස ත් ගෙදරකින් බැන්දත් හොඳ නැති ළු රූ ප ත් ඉතා අඟනෙක් වත් හොඳ නැති ළු බෝ ස ත් උගත් අඟනත් සකි හොඳ නැති ළු මේ යු ත් සිතාලා විමසා රටෙහි මු ළු

අ ස ර ණ ගෙදරකින් වැඩි රුව නැති ලියෙ ක නො ම දි න සොයා විමසා වරුස ගණන ක නි දු කි න ඉන්ට බැඳි මුත් කාර නොව සැ ක ම ට වු න එක ඇසුවහොත් සකි පුදුමයෙ ක

ම ට‍ පෙ න් නා අදර සිය පණට වැඩි ක ර නො ම දි න් නා දුන් සැප අඩු වෙනා ව ර දු ක දෙ න් නා අහෝ දැදුරු ක ර සැ ප ග න් නා පිණිස නොගනිව් විවා ක ර

මේ එක්තරා පඬිව‍රයෙකු ස්වකීය භාය්යාව ව නිසා සිද්ධ වූ කරදරයක් ගැන කර තිබෙන ප්රිබන්ධයකි. මේ කථාව කොයි හැටි උනත් ස්ත්රීසන්ගෙන් සියේට අනුපස් දෙනෙක් පුරුෂයින්ට අවුරුද්දෙන් තුන්සිය

දවසකටත් වඩා දුක් දෙන්නියෝ මයි. සියේකට පස් දෙනෙක් පමණ ස්වාමියාගේ සිත් වූ පරිදි කල් යවා ස්වාමියා සැපවත් කරති. ඒ නිසා මා විසින් මේ අසරණ නන්දාවතී කසාද බඳිතොත් බඳින්ට ඕනෑ මැගේ තත්වය සම්පූර්ණකයෙන් ම දැනගත්තාට පසුවයි. මම මෑ කසාද කසාද බඳින බව ඈ දැනගත්තොත් ඈ ඉතා ගුණවත් උතුම් ස්ත්රිතයක් බව අඟවනවාටත් අනුමාන නැත. දැන් සාමාන්යතයෙන් ම ගෑනු කසාද බඳින්ට නියම වු මිනිහා ගෙදර යන එන කොට ඉතා ගුණවත් භාවයක් දක්වත්. ඒක හරියට ම කොකාගේ තපස් රැකීම වාගේ ය. ඒ නිසා නන්දාවතීට කිසිම ලියුමක් වත් නොලියා අත්හැර දමමි. මා ළඟදී ‍යුරෝපයට යන නිසා එහි අවුරුදු දෙකක් ඉඳ ගමට එනකොටත් මෑ මා කෙරෙහි ම බලාපොරොත්තුවෙන් සිට ශිෂ්ටාචාර භවයෙන් කල් යැව්වොත් මෑ කසාද බඳිමි’යි තෙන්නකෝන් මහතා නිශ්චය කොට සිතා ගෙන නුවරට ගොස් කිප දිනකට පසු වැදගත් කටයුතු කීපයක් සඳහා යුරෝපයට යන පිණිස “හිමාලයා” නැමති නැවෙන් පිටත් වී ‍ගියේය.

	නන්දාවතී  “සිංහල ජාතිය” නමැති ප්රිසිද්ධ සඟරාව කියවන්නියෙකි. සිංහල ජාතිය සඟරාව වනාහි ලක්දිව ප්රයසිද්ධ වෙන පත්ර් සඟරා අතුරෙන ඇත්ත ප්රහකාශ කිරීමටත් අයුත්තට ‍පහර දීමටත් නිර්භය වූ එකම පත්රුයයි. එය මසකට පිටු 28 කින් යුත් කලාප දෙක බැගින් සෑම මාස්වල ම පළමු වෙනි පහළොස් වෙනි දිනවල ප්රිසිද්ධ කරනු ලැබේ. මෙම සඟරාවෙහි දෙශපාලන ක්ර ම සම්බන්ධ වාක්ය ත් වැදගත් ප්රකවෘත්තිත ජාති හිතෛෂි උතුමන්ගේ ජිවිත කථා හා ඡායාරූපත් ප්ර්සිද්ධ වෙති. රසවත් කවි, කථාන්තර හා වංචාකාර සිංහලයන්ගේ කපටි ප්ර්යෝග ද මෙයින් ලොවට ප්රෘකාශ කරති. පුරාණ සිංහලයන්ගේ වීර වික්රකම භාවයත් වර්තමාන සිංහලයන් විසින් ඒ උතුම් ගති ලැබිමට සඳුපදේශත් ප්රිසිද්ධ වන මේ “සිංහල ජාතිය” නමැති සඟරාවට අවුරුද්දකට ගෙවියයුතු දායක මිල රුපියල් දෙකකුත් ශත පනහකි.

කොළඹ පිටකොටුවේ සිංහල ජාතිය කන්තෝරුවෙන් ලබාගත හැකි මේ සඟරාව කියවන කිසිම සිංහලයෙක් පර සිරිත් නිසා විනාශයට යන්නේ වත් අධික වියදම් නිසා අසරණ වන්නේ වත් නැත. තම දරුවන් සිංහල ගතියෙන් ඇති දැඩි වීමට සතුටු දෙමව්පියවරු මේ සඟරාව දූ දරුවන්ට ගෙන්වා දෙන්නෝ මය. මේ සඟරාව ගෙදරකට ගෙන්වා ගැනිමෙන් අවුරුද්දක‍ට රුපියල් සියයකට වඩා අයුත්තේ වියදම් වන නිරර්ථක වියදම් වලකී නම් මේ වර්ෂ යකට රුපියල්


දෙකකුත් ශත පනහක් දී මෙය ගැනීමට අකමැති වෙන සිංහලයා කව්ද? මේ නිසා නන්දාවතී ද දායක වී‍ මේ සඟරාව නිතර ම කියවයි. නන්දාවතී ඉතා තීක්ෂ්ණ බුද්ධිමත් උතුම් ස්ත්රීී රත්නයක් වූයේත් “සිංහල ජාතිය” සඟරාව කියවීමෙන් ම බව දත යුත්තේය. ඉතින් ධනපාල තෙන්නකෝන් මහතා හිමාලයා නම් නැවෙන් යුරෝපයට ගිය බවත් සිංහල ජාතිය සඟරාවෙන් දැක ඉතා ශෝකයට පත් නන්දාවතී මෙසේ සිතා ගත්තාය.

සමහර පුරුෂයන් ස්ත්රීතන්ටත් වඩා චපල ය. තරුණ ස්ත්රිනයක් දැකීමෙන් රාග ගින්න හට ගනී. ඒ රාගාග්නියෙන් දවන ලද හෘදය උණුවීමෙන් ස්ත්රිිය කෙරෙහි ආලය ඇති වුණත් ඒ තැනැත්තිය නො දැක කීප දිනක් පසු වෙන විට ඒ ගින්න නිවීගොස් අර අටගත් ආලය නැති වේ. මේ සාමාන්යි පුරුෂයන‍ගේ ගතිය. නමුත් රාගයෙන් මත් වී ආලය ඇති නොකරන උතුම් පුද්ගලයෝ ද ඇත්තාහ. ඒ හෙයින් තෙන්නකෝන් මහතා මා මතක නැතිකර දැම්මා ද නැද්ද යනු තවම නිශ්චය කර ගත යුතු නැතැයි සිතා නැවතත් මෙසේ සිතුවාය. “මම උසස් පවුලක උපන්නෙමි. පූර්වයෙහි අකුසලයකින් පහත් වහල් භාවයට පත්විමි. දැන් ස්වකීය උත්සහයෙන් නිවහල්ව වසමි. ඉතින් අවුරුදු 18 ක් වන්ටත් ප්රේථම තුන් ප්රසකාරයකට පත්වූ මේ ජිවිතය පුදුම එකක්ය. නමුත් මින් ඉදිරියට එක්කෝ ඉතාම උසස් භාවයකට පත්වෙන්ට ඕනෑය. නැතහොත් මේ ඉන්නා අඩියේ ම ඉන්ට ඕනෑය. තෙන්නකෝන් මහතා නොලැබුනොත් මම කසාද ‍බඳිම් ද නොබඳිම් ද යනු කෙසේ තීන්දු කර ගනිමි දැයි බලවත් පටලැවිල්ලකට පත් නන්දාවතීට සිහි විකල් වේගන ආවාක් මෙන් වූ බැවින් ඒ සියලු ම කල්පනා අත්හැර දමා තේවතුර ටිකක් වක්කර ගෙන බීලා මහන්ට පටන්ගත්තා ය . මෙසේ මහමින් සිටින නන්දාවතී සමග කථාකිරීමට අල්ලපු ගෙදර ජේන් නෝනා නමැති මධ්යතම වයසේ ස්ත්රීත ආ හෙයින් ඔවුන් නොයෙක් දේවල් ගැන කරන කථා ඇති හෙයින් එදින ද එබඳු කථාවක් ඇති විය.

නන්දාවතී - ජේන් නෝනක්කා අද බොහොම ප්රීගතියෙන් ව‍ාගේ ඉන්නා බව පේනවා. මොකද අමුතු යස ඉසුරක් වත් ලැබීලා ද?

ජේන් නෝනා - නෑ දෙයියනේ මොන යස ඉසුරක් ද?

න. - නෑ උඹ කොහොම කීවත් මොනවා නමුත් අමුත්තක් සිද්ධවී තිබෙනවා. නුඹට ඔය තරම් ප්රීමති ඒකමයි.


ජේ. - ඔව් හාමිනේ, මට අද වැදගත් මහත්මයෙක් සමග මිත්රාවෙන්ට ලැබී පෙර කිසි කලක දැනගන්ට නොලැබුණු කරුණු රාශියක් දැනගත්තා.

න. - කව්ද ඔය වැදගත් මහතා, මොනවද උඹට දැනගන්ට ලැබුණු කරුණු?

ජේ. - දැන් සිංහල මිනිසුන්ගේ ගෙවල්වල පවතින අසරණ භාවයටත් අවාසනාවන්ත භාවයටත් හේතුව මේ කාලයේ වැරැද්දක් වත් රටේ වැරැද්දක් වත් නොව සිංහල මිනිස්සුන්ගේ ම වැරැද්ද බව ඒ මහතා කදිමට විස්තර කර දුන්නේය.

න. - ඒ මොකද ජේන් නෝනක්කේ, කරුණාකර මටත් කියාපන්කෝ. ඒ කථාව ඉතා හොඳ ප්රකයෝජනවත් එකක් වෙන්ට ඕනෑ.

ජේ. - මගේ ස්වාමියා ලවා වැඩක් කරවා ගන්ට ඒ මහත්මයා අද අපේ ගෙදරට ආ විට අපේ ගෙදර පවතිනා දුඛිතභාවය දැක එසේ වෙන්ට හේතුව මොක දැයි මගෙන් ඇසීය. ඉතින් “අපේ දුප්පත්කම නිසාය”යි මම කීවෙමි.

න. - හොඳයි ඒ මහත්මයා උඹලාගේ ගෙදරට එන විට ඒ තරම් කල කිරෙන්ට තරම් උඹලාගේ ගෙදර පැවති කරුණු මොනවාද?

ජේ. - ඒ වේලාවට මම එක තැනකත් මගේ මිනිහා වෙන තැනකත්, නිදාගෙණ උන්නෙමුය. මගේ එක ළමයෙක් අඬ අඬාත් අනික් ළමයා සෙල්ලම් කරමිනුත් උන්නෝය. ගෙයි කුණු කසලත් රෙදි පාන්කඩ කෑලි ආදී දේත් තැන් තැන්වල දමලා ති‍බුණේය.

න. - සත්තකේන් ම උඹලා දෙන්නා ම දහවල් නිදා ගනිමින් ගෙදර දොර ඒ විදියටත් තබා ගෙන සිටිනු දැක හැදිච්ච මහතෙක් කෙසේ කල නොකිරී සිටින්ට ද? ඉතින් ඒ මහතා පළමුවෙන් ඇසුවේ කුමක් ද?

ජේ. - පළමුවෙන් අපේ මිනිහාට අල්බට් සිඤ්ඤෝ කියා කථාකොට අඬන කොලුවාගෙන් අඬන්නේ මක්නිසා ද කියා ඇසුවා ම “බඩගින්නේය” යි ඒ කොලුවා උත්තර දුන්නේ ය. ඉතින් අපේ මිනිහා නැගිට ඒ මහත්මයාට වාඩිවෙන්ට පුටුවක් තිබුවාම එහි වාඩිවී අඬන කොලුවාට ශත හයක් දි මොකුත් කන්ට නියම කොට අපේ මිනිහාගෙන් “ඇල්බට් සිඤ්ඤෝ දිනකට කොපමණ සපයනවාදැ”යි ඇසීය. එවිට “‍මගේ මිනිහා සමහරදා රුපියල් දෙකක් හෝ සිලිම් පහකුත් සපයනවා”යි


කීය. එබස් ඇසූ මහත්මයා “ආ යෝදයෝ ඔපමණ මුදලකුත් සපයන උඹලා මේ ඉන්න හැටිදැ”යි ඇසීය. එවිට අපේ මිනිහා අනේ මහත්මයෝ අපට දවසකට දෙසරයක් බත් කන්ට වත් දැලිකුණු නොවැකි රෙද්දක් අඳින්ට වත් ගෙවල් කුලී කාරාදීන්ගෙන් කරදර නොවිඳ ඉන්ට හැටියක් වත් නැතැයි කීවාට පසු මම එළියට ආවාම ඒ මහතා මා සමඟ කථාවට බැස්සේය.

සිංහල මහතා - ජේන්නෝනාගෙන් මමකාරණයක් දැනගන්ට කැමතියි. උඹලාගේ මිනිහා දිනකට කොච්චර සපයනවා ද?

ජේන්නෝනා - වැඩියෙන් අඩුවෙන් සම්බකරන ඒවත් එකට දමා බැලුවොත් සැමදාම සිලින් තුනක් වේවි.

සිං - හොඳයි, ඉතින් උඹලාට මේ ඉන්නවාට වඩා සැප සේ කල්ගත කරන්ට ඔය මුදල මදි ද?

ජේ. - ඒ කොහොම ද මහත්මයෝ අපේ ගෙදර හතර දෙනෙක් ඉන්නවා. ඉතින් හතර දෙනාට දවාලටයි රෑටයි කෑමට රුපියලක් ඕනෑ. උදේට කඩයප්පන් වලට පනම් තුනකුත් හවසට තේ වතුරට පණම් දෙදකුත් ගියාම තව තියෙන්නේ පණම් තුනයි. ඉතින් පිනට දහමට දෙන්ටත් ඇපුල්ලුම් කුලී ගෙවන්ටත් ගෙවල් කුලී ගෙවන්ටත් අඳින්ටත් ඔය පනම් තුන ඇති ද?

සිං. - ඇයි ජේන්නෝනා උඹ ගණන් බැලූ හැටි බොහොම වැරදියි. දිනකට රුපියලකුත් ශත පනහක් සපයනවා නම් මසකට රුපියල් 45 කි. සත්තකට ම උඹලාටත් යමක් තේරෙනවා නම් මේ රුපියල් 45 හෙන් උඹලාගේ ප්ර මාණයේ හැටියට කාලා බීලා ඇඳලා සියලු ම දේ කරලා තව රුපියල් 5 ක් ඉතුරු කරන්ට පිළිවන්කම තිබේ.

ජේ. - ඒ කොහොමද මහත්තයෝ අහෝ අපට තේරෙන්නේ නැහැ. කරුණාකර ඒ පිළිවෙල කියන්ට!

සිං. - ඔව් උඹලා වගේ ම දැන් බොහොම සිංහල ගෑනු පි‍රිමි විවාහ වෙන්නේ අය වැය සැකසුරුවම් කම් පිරිමසා ගැනීම ආදී කිසිවක් දැනගන නොවෙයි. තරුණ වුනාම කසාද බැඳ මේ ලෝකේ හසරක් නොදැන තිරිසනුන් වාගේ දුක් විඳින ගෑණු පිරිම කී දෙනෙක් අනේ අපේ ජාතියේ සිටිද් ද?

ජේ. - ඔව් ඒක හරි අපිට රුපියල් හතළිස් පහකින් සැප සේ කල් ගත

කරන්ට පිළිවන් හැටි කියා දෙන්ට.

සිං. - ඔව් ජේන් නෝනා මම කියා දෙන්නෙමි. උඹලා පවුලේ හතර දෙනයි. ඉතින් ඔන්න මාසේකට උවමනා වියදම්.

රු. ශ.

         හාල් බුසල් 2 යි	9	00
         ළූනු, මිරිස්, ආදී සිල්ලර	3	50

එළවලු (දිනකට ශත 6 බැගින්) 1 80 පොල් 1 80 මාලු (දවසකට එක වේලක් කෑවාම හොඳටම ඇති) 3 60 ගෙවල් කුලී 7 50 ඇපුල්ලුම් කුලී 1 50 තෙල් ආදි සිල්ලර වියදම් වලට 5 30

‍මසකට සෑහෙන හාල් සිල්ලර එකවිට ගෙන්වා තබාගෙන ගෙරි මස් කෑමෙන් වැලකී ආය්ය්් චාරිත්රා නුකූලව එළවළු කෑම වැඩි කරගත් 5 දෙනෙකුගෙන් යුත් පවුලකට යන වියදම ඔපමණ යි. ඉතින් ඔය ගණන ගියාම මසකට රුපියල් 45 න් 11 ක් ඉතුරු වේ.

නමුත් පිළිවෙළවත් සැකසුරුවම්කරුවත් නො දන්නා සිංහල ගෑනුත් පිරිමිත් මෝඩයාගේ අසූචි හත්පලේ ගාගන්නවා කී කීම මෙන් ශත 50 හෙන් කර ගත හැකි වැඩේට රුපියලක් වියදම් කරලත් හරියට කර ගත නොහැක්කේය. මෙසේ වීමට ප්ර ධාන හේතුව ළපටි කාලයේ පටන් දරුවන්ට මුදල් හදල් අනිසි විධියට වියදම් කිරීමට ඉඩදීමත් මව් පියන්ගේ පිළිවෙළක් නැතිකම ළමයින්ට පුරුදු වීමත් ය. ඉන්දියාවේ රුපියල් දහයක් සපයන මිනිහා ලක්දිව රුපියල් 50 ක් සපයන සිංහලයාට වඩා සැපවත් ලෙස කල් යවන බව පෙනේ. ලැබෙන ආදා‍යමේ තරමට ම මිස වියදම් කිරීමට පුළුවන් පළියට වියදම් වන මාර්ග තනා ගන්නා මිනිහා අඥානයෙකි. කෙතරම් අමාරු වුණත් අය ලබා ගෙන ම වැය සූදානම් කර ගත යුත්තේ යයි කියා ඒ මහත්මයා යන්ට ගියේ යයි ජේන් නෝනා කීවාය. නන්දාවතී ද සැබවින් ම ඒ මහතා ලෝකයේ තොරතුරුත් ධර්මසශාස්ත්රා0දි‍යත් උගත් සත්පුරුෂයෙකැයි ප්රීශංසා කළාය.


10 පරිච්ඡෙදය[සංස්කරණය]

ති මොන්ති සැබවින් ම පංචකාම සැපතට කලකිරුණේය. තමාගේ සිත් වූ පරිදි භික්ෂුවක් නො ලත් හෙයින් හුදකලාව වනයට වැද දස සිල් ආරක්ෂා කිරීමට ම ස්ථීර කර ගත්තතේය. නුවරටළිය ඒ කාලයේ ඉතා සීතාධික නමුත් සසර කලකිරුණු තිමොන්තිට ඒ කාරණයක් නොවීය. හෙතෙම නුවරඑළි නගරයෙන් බැස නැගෙනහිර පැත්තට ගමන් කොට මහ හිමයට ප්ර විෂ්ට විය. ශරීරය තුච්ඡ ලෙස වැටහී ගිය පුද්ගලයාට ප්රා ණ භය සාමාන්යි සත්වයන්ට මෙන් නො දැනෙන බැවින්දෝ මහ හිමයේ ගමන් කරන තිමොන්තිගේ සිතට කිසි භයක්, චකිතයක් ඇති නොවීය. මෙසේ මොහු හිමයේ ගමන් කරන විට ගිරි දැදුරකින් ගලා බසින දිය පාරක් දැක ඒ ඔස්සේ කන්දෙන් පහළට ගමන් කරන අතර එම දියපහර හොයක්ව ගලා බසින සුදුවැලිතලායෙන් සෝභමාන ප්රනදේශයක් දැක සතුටු වී එහි වාසයකරමින් තපස් කිරීමට කල්පනා ‍ෙකළේ ය. එදා රෑ ගලක් පිට නිදා සිට සිසිල් ජලයෙන් මුව දෝනා කොට ගං ඉවුරේ තිබෙන ඵල භරිත මී අඹ වෘක්ෂයකට නැග ගෙඩියක් දෙකක් ගස උඩ හිඳම අනුභව කරන්ට පටන් ගත්තේය. මෙසේ අනුභව කරන විට එම ගං ඉවුරේ ම බඹ විස්සක් තිහක් ඈතින් ගසක් යට වැලිතලා මතුයෙහි මුණින් අතට දිග ඇදී නිදන කෙනෙකුන් දැක දාබරේ ගසින් බැස සෙමින් සෙමින් ඒ දෙසට ගමන් ‍ෙකළේ ය. තිමොන්ති දුටු මිනිස් රූපය ළඟටම නොගොස් බඹ තුන හතරක් ඈතින් සිට පරීක්ෂා කරන විට පිනි මෙන් සුදු වර්ණියෙන් යුත් දේහයකින් බබලන දිව්යාං ගනාවක් බව දැක ඇගේ නීල වර්ණ් වූ දික් කේස කලාපයත් සියුම් සළුවෙන් සම්පූණර්යෙින් ආවරණය නුවූ තරුණ හංස පෝතකයන් බඳු පූර්ණප පයෝධරත් රදලිය පලක් වැනි රක්තවර්ණව අධර යුවලත් ස්වෙත පද්මයක් වැනි ඇගේ මුහුණත් දුටු දාබරේගේ සිල්, ඔයේ ජලය බැස ගෙන යන්නාක් මෙන් නැති වී ගොස් සිද්ධාංගනාව ළඟටම ගියේ ය. එසේ හදිසියෙන් ඔහු ගිය විට තරුණ සිද්ධාංගනාතොමෝ මලානික මුහුණින් යුක්තව මඳක් ඔහු දෙස බලා ශරීරයෙන් ඉවත්ව තිබූ වස්ත්රෝ හරිගස්සාගෙන එක් ඇලයකට හැරී අත හිසට තබා ගෙන මුවෙන් නොබැන සිටියා ය. ඉක්බිති තිමොන්ති මෙසේ අසන්ට පටන් ගත්තේ ය.

සු නි ල් වරල මලවුල්කර වි‍දාගෙ ණ උ පු ල් පෙති පැරයු දෙනුවන් පියාගෙ ණ සි හි ල් පවන විඳිමින් මේ උදෑස න ල ක ල් නුඹ කව්ද මේ හිඳින නිදා‍ගෙ න

සු රි ඳු සැව් දිනු බැම යුවල මනර මා පැ ර දු රන තිසර පියයරු වැඩන ල මා සි නි ඳු සළු ඉවත් කර ලා පසෙක ද මා සු මු දු ල‍ඳෙ කව්ද නුඹ මෙහි ඉඳිනු කි මා

ඉ නී දි ගු වරල සුදුවැලි පිට අතු රා වැ නී ත ද සොවින් රුක් සෙවනෙහි වැති රා පි නී පොද වතළ පියුමෙව් වතැනි නු රා ත නී ය ම සිටිනු කිම ල‍ඳෙ මෙ වන තු රා

කි සි පි ල් ලේ සදිසි දිගු වරල සුසිනි ඳු පි රි තු ල් ලේ වැඩෙන පියයුරු තිසර බ ඳු ස ඳ ඇ ල් ලේ කැලුමැති ලඳුනි පිරිසිු දු ළ තැ වි ල් ලේ සිටිනු කිම වනයෙක මෙඛ ඳු

ම ලා නික ලෙසින් උවනත පෙනෙ න්නා මු ලා වුන තිසරු ලෙස ළැම තැවෙ න්නා වෙලා වියො දුකක් ආ බව හැ‍ඟෙ න්නා ග ලා නුඹෙ ඇසින් කඳුළුත් වැහෙ න්නා

ද වා හද සැලෙයි දැක නුඹෙ හැටි ලඳු නී අ වා සනය කිම තිට සිදුවුණු ඉති නී නි වා ගනුව ඇත හොත් සිතෙහි වියො ගි නී දොවා ලමි නුඹට සිරි සැප සිතූ ලෙසි නී

පෙ නේ නු‍ෙඹ පැහැති මුව පියුම මැලවි ලා මෙ නේ දුකක් ලෙස තන තිසරු හැකිලි ලා ව නේ මේ ඉඳිනු කිසිවක් නොම තෙප ලා අ නේ මම තැවෙමි නුඹ කවුරු ද සිත ලා

මේ ලෙසින් තිමොන්ති දාබ‍රේ කී කල්හි තරුණ සිද්ධාංගනාව සිනිඳු පට දුහුල ඇරගෙන පයෝධර වසා ගනිමින් මධුර වීනා නාදයට හා කොවුලන්ගේ රාවයටත් නිගා කරන මිහිරි වචනයෙන් මෙසේ කියන් පටන් ගත්තී ය.


පෑ බ ලේ ලොවට පැරකුම් රජු ‍දව ස මා ත ලේ දන්ඩනා සෙන් පතිහු ය ස බෝලොලේ වැඩුව පුත් කුමරෙක් නිදො ස ඒ ක ‍ ලේ විසිය සුරකුමරුවෙක් ලෙ ස

දැ න ග න් යුද සතර සව්සැට ක ලා යා සි රි ම ත් එම සෙනෙවි කුමරිඳු ලො ලා යා යු ද ප ත් කල්හි දඹදිව එම ක ලා යා ලෙස සි ත් පියා හා එහි පැමිණි ලා යා

ක ර නා රුඳු යුදෙහි රාමෙස්සරමෙහි දී ද රු ණා ගුණ දෙමළ සෙන් පති පහර වැ දී මැ රු ණා සිහල ජාතිය සන්දා පැහැ දී ක රු ණා කර අසන් ඔහු කී බස් එහි දී

         “ය	ස	ස	ක්	ජාතියට වඩනා පණිස හි		වී

ක රු ණ ක් පැමිණියොත් සිහලුනි බියක් නො වී අ බැ ට ක් පමණ වත් නොතකා දෙවච් දි වී සැ ප ත ක් ඒ මිසක් වෙන මේ ලොවෙහි නො වී”

මෙ ලෙ සි න් කියාලා ඒ සෙන්පති කුම රා මැ රෙ මි න් රුක් දෙවිව උපනිය මෙ වන තු රා කැ ලු මි න් මේ වන ගැබ හෙළි කර ‍ස‍ඳෙක යු රා න ම කි න් රූප සඳ පසිඳුව වසන ව රා

හි ම ව නේ සිටිය මා දවසක් දැක ලා බැ ද සෙ නේ‍ ගතිය අඹුකමට සිතු ලො ලා ප ණ මෙ නේ වසමු අපි දැන් මෙ වන තු ලා සු ඹෙ ගු ණේ කියා මට පත්වුණි අවු ලා

        යනුවෙන් කියා නිශ්ශබ්ද විය. එවිට තිමොත්ති රාග ගින්නෙන් තැවෙමින් ඩහදිය හෙලමින් මෙසේ කීයේ ය. පින්වත් සිද්ධාංගනාවෙනි. මාතලේ ශ්රී්මත් දන්ඩනාථ සේනාපතීන්ගේ පුත්රන කුමාරයා ජාතිය වෙනුවෙන් යුද්ධ කොට මිය ගොස් වන දේවතාව උපන් බවත් තමුන්නාන්සේ හිමාල වනයේ උපන් දේවතා දුවක් බවත් ඒ රූපචන්ද්රත නම් දේවතාවාණන් සමග විවාහ වූ බවත් දැන් මේ වනයේ වසන බවත් තේරුම් ගතිමි. ඉතින් මගේ ගුණ කියා තමුන්නාන්සේට පත් වූ අවුල කුමක් දැයි ඇසුයේය. සිද්ධාංගනාව මඳක් තුෂ්ණිම්භූතව සිට “එම්බා 


තාපසය, නුඹ ඔය ඉවුර දිගේ එන විට මගේ ස්වාමිපුරුෂ වූ දේවතාවාත් මමත් ඒ ඔය ළඟ මහා පර්වත‍ය උඩ ප්රීඑතියෙන් සිටියෙමු. නුඹ දුටු හැටියේම උතුම් තාපසයෙක කියා මම නුඹෙ ගුණ වර්ණ නා කළෙමි. නමුත් මගේ ස්වාමිපුරුෂ වූ දේවතාවා ඊට සිනාසී දැන් සිංහල මිනිස්සුල්ගේ වැඩි පක්ෂය චපල අධමයෝ ය. ඔය මිනිහාත් හැබෑ ශ්රිද්ධාවකින් තපස් රකින්නෙක් නොව තමාට පැමිණි වියවුලක් නිසා කැලේ වැදුණු හාදයෙකැ”යි කීය.

‍මම ඒ බසට කෝපව “ඇයි එසේ කියන්නේ. ගුණවත් උතුම් තාපසයෙක. දැන් සිංහල ජාතියේ උතතමයෝ නැද්ද තමුන්නාන්සේම මීට ඉස්සර ජාතියේ සිංහලයෙක්ව ඉනාසිටියේ දැයි ටිකක් හයියෙන් කීවෙමි. එකල මගේ ස්වාමිපුරුෂයා “ඔව් ප්රිදයේ ගුණවත් සිංහලයෝ අතරෙන් පතර සිටිති. නමුත් පරදේශින්ගේ විකාර පටලවා ගෙන හිතින් ම යුරෝපීය වෙලා පුරාණ සිංහලයන්ට ගරහමින් ඔවුන් පහත් කොට සිතමින්මිලෙච්ඡ සිරිත් පුරුදු කර ගෙන සිටින්නෝ පිරිසිදු සිංහලයෝ නොවති. ඔව්හු ද්රෝවිඩ, යුරෝපීය, අරාබි ආදීන් හා සංකරව උපන්නෝ යි. එබඳු අය තුළ ආය්ය්ීයනයන් තුළ මෙන් ස්ථිර ගුණයක් නොපවතී. ඔව්හු චපලයෝ යි. අද එක විධියකටත් හෙට එක විධියකටත් හැරෙන වර්තමාන සිංහලයන් ගෙන් වැඩි දෙනා තපස් රැකීමට තබා කිසිවකට සුදුස්සෝ නොවෙත් මය. ඔය එන මිනියාගේ සීලය මොහොතෙන් විනාශ කරන්ට දැයි කීයේ ය. එවිට මම කෙසේ දැයි ඇසුවෙමි. මගේ ස්වාමිපුරුෂ දේවාතාවා ‘මා දැන් සිටි විධියට ගඟ අසල සුදු වැලි තලාවෙහි වැතිර සිටින්ටත් එසේ සිටින විට තපසා‍ගේ වචන වලින් ම ඔහුගේ සිල් ඔයේ ජලය මෙන් ගසා ගෙන ගිය බව දැනගන්ටත් පිළිවන් වේ යයි කියා මා එ‍ව්වේ ය.

ඉතින් නුඹ මා දැක රාගයෙන් මත්ව කී වචන වලින් ම ඒ මගේ ස්වාමි පුරුෂයා කීවා මෙන් නුඹේ සිල් ඔයේ වතුර මෙන් ගාස ගෙන ගිය බව දැනුණ හෙයින් නුඹ හොඳ සිල්වතෙක් කී වචනය බොරු වූ නිසා මට වූයේ මහත් වියවුලෙකැ යි කියා සිද්ධාංගනාව නැගිට “භීතිමත්, කීමත්, කෙරීමත් එක හා සමාන වන තුරු සිංහලයා පිරිහේ” යයි කියා අන්තර්ධාන වූවාය.


11 පරිච්ඡෙදය[සංස්කරණය]

සි ද්ධාංගනා‍වගේ හැබෑ වචනය අසා තිමොත්තිට බලවත් ලජ්ජාවක් හටගත්තේ ය. “අවංක වූ ශ්රාද්ධාවක් හො ජාත්යාධලයක් නැති අපට දෙවියන් සහිත ලෝකයාගෙන් ලැබෙන ගැරහුම් මෙසේ නොවේදැ”යි සලකා තමාගේ චපල ගතිය ගැන තමට ම නින්දා ‍කර ගත්තේ ය. “ජාතිය කෙරෙහි හෝ ආගම කෙරෙහි ඒකාන්ත භක්ත්යාරදරයක් නැති තැනැත්තේ ග්රා.ම සුකරයෙකුට සමාන වන්නේ ය. ග්රා්ම සූකරයා උගේ ආහාර වශයෙන් කොයි කුනු කසලත් සලකන්නාක් මෙන් ආය්ය්තෙන ගුණයෙන් විරහිත මනුෂ්ය්යා ද තමන්ගේ සිතට කයට ඒ ඒ වෙලාවට සැපය කියා හිතෙන කෝක කෙරෙහිත් සිත අලවන්නේ ය. එක් වේලාවක දී හොඳය කියා හිතා ‍ගත් දේ වෙනින් වේලාවක දී නරකය කියාත් එක් දිනක් නරක යයි සලකා ගත් දේ තවත් වේලාවක හොඳයා කියාත් සිතන්නේ ය. මේ චපල ගතිය ඇති තැනැත්තේ කිසි කලක උසස් භාවයකට නොපැමිණෙන්නේ ය. පාරමී ධර්මදය පුරණ බෝධිසත්වවරු සිතූ දේ දිවි යතත් කරන සිරිත යි. ඒ බෝධිසත්ව චරිතය අද දවසේ ජපන් ජනයාගේ සිත තුළ තහවුරු වී තිබේ. පසුගිය කාලයේ සිද්ධ වූ ජපන් රුසියන් යුද්ධයේ දී මත්සුසිරෝ නම් ජපන් නාවික සෙන්නපති තුමා ස්වකීය භටයන්ට පංචායුධ ජාතකය කියා විස්තර කොට අත පය කැඩී ගියත් සතුරාට පහර දිය යුතු බව අවබෝධ කර දුන්නේය. එයින් කීහ :- සිරිසේන මහතා ගේ රුසියන් ජපන් යුද්ධ විස්තරයෙහි -

නැ ව් ‍පති පවර “මත්සුසිරෝ” නමැති ස රූ සෙ ව් තම සෙබළුවන් වෙත කැඳවා සොඳු රූ ස ව් සත සතුට වන රස තෙපුලෙන මියු රූ කි ව් ඔවදන් අසව් සිහලුනි වඩා ග රූ

බු දු කු රු අපේ කුමරිඳු පසවි පෙර දි න බි ය ක රු රකුසෙකුට බිලි වී සිටිය තැ න ග රු ස රු නොකර පෙන්වා විකුම් නොම දි න පි ය ක රු දකුණතින් ගැසි රකුසුට සැණි න

ද කු ණ ත ඇළුණ සඳ බිහිසුනු රකුසු ඇ ‍‍ඟේ තෙද යු ත කුමරු ගැසි වමතින් ද සිතු ර ‍ඟේ එ ව ම ත ඇළුණ සඳ දෙපයින් ගසා උ ගේ රු දු ග ත එයත් ආලුනෙන් කරුමයට ව‍ ගේ


එ වි ට ත් කුමරිඳා සිතු බිය නොව කි සි ය ගු ණ නැ ත් රකුසු භට සිය සිරසින් ගැ සි ය සි ර ස ත් ඇළුණ සඳ බිය නොව සිටි ලෙ නි ය ර කු ස ත් බිය වුණිය ඉන් පසු නොවල සි ය

අ පි බු දු රඳුන්ගේ සදහම් අදහමි නි මෙ ම රු දු දනට පසුබට වූවහොත් බියෙ නි පි රි සි දු ඉරිඳු බැව් නොලදිමු ඒ හෙයි නි දි වි පි දු මට යමව් නිසි පිරිමින් ලෙසි නි

කි යා මේ ලෙසට විකුමන් බෝසතු ගේ ගි යා ඉදිරියට එ ජපන් සෙනග අ ගේ බි යා වැද සිටිය රුසියන් සුදු දන ගේ ගි යා ඔද බිඳ කා පහර ජපන ගේ

යනාදිය තිමොන්ති දාබරේ කල්පනා කොට දිවි යතත් සිතු දෙයම් කරන සිංහල ගතියෙන් යුත් වෙමි යි අධිෂ්ඨාන කොට ගෙන කැලෙන් එලියට අවුත් ගිහිගෙයි සිටිමට ඇති කළ අමනාපය පහ කොට නැවතත් ගිහිගෙයිම සිටිමිය සිතා ස්වකීය ග්රාඇමයට පැමිණ තමන්ට සිද්ධ වූ තොරතුරු සියල්ලක් මවට කීයේ ය. සිද්ධාංගනාවගේ දැක්මේ පටන් තොරතුරු ඇසූ දාබරේ මව් සෙලෙස්තිනා හාමිනේ පුදුම‍යට පැමිණ ජෝර්ජියානාලා කරගත් වියවුල් කී කල්හි තිමොන්ති දාබරේ ඒ දුෂ්ට පර චාරිත්රෝ ගත් හැතිරිට අසු නොවීම ගැන මහත් ප්රීනතියට පැමිණියේ ය. එතැන් පටන් තිමොන්ති දාබරේ ස්ථිර වූ ජාත්යා ලයෙන් හා ආගම භක්තියෙන් යුතු ස්වකීය රැකීරක්ෂා සම්බනධ කටයුතු කරන්ට පටන් ගත්තේය.

යුරෝපයට ගිය ධනපාල තෙන්නකෝන් මහතා ඒ රටවල දියුණු වූ ශිෂ්ටාචාර මහත්තැන් ගැනත් අශිෂ්ටාචාර වනචර අධම කාලකන්නීන් ගැනත් තත් වූ පරිදි කරුණු විමසමින් ඇවිදිනා කාලයෙහි උත්තැරධ්රැාවය සෙවීමට ගිය යුරෝපීය පිරිසකගෙන් කීපදෙනෙක් පැමිණි දවසක ඒ සඳහා පවත්වන සභාවකට ද පැමිණියේ ය. එහි දී ඒ ජනයා විඳි මහත් අමාරු කම් සහ එසේ ද වූවත් ඔවුන්ගේ සිත්හි ඇති මහත් ධෛය්ය්දී යත් ඔවුන්ට ස්වජාතික අවශෙෂ ජනයා දැක්වූ ගරුබුහුමනුත් දුටු තෙන්නකෝන් මහතා පුදුම විය. මේ දවස්වල ම අහස්නැව ද තනා කීප දෙනෙක් යාත්රාු කළ හැටිත් එසේ එතරම් බියකරු අන්තරායට පත්වන නමුත් කිසිවෙක් ඒ


අහස්නැව දියුණු කර ගැනීමට සිතූ සිතුවිල්ල අත් නොහරින හැටිත් දැනගත් තෙන්නකෝන් මහතා පුදුම වූයේ ය.

ස්ථිර වූ ජාත්යාපලයත් සමගි ධර්ම යත් අභිවෘද්ධිකාමි භාවයත් ඇති කව්රුත් හිතන දේ එසේ ම සිද්ධකර ගන්නා බව පුරාණ සිංහලයන්ගේ ගති ක්රිධයාවලින් ද නොවලහා ප්රේකට වන බව ද තෙන්නකෝන් මහතා සිතුයේ ය. දෙමළුන් විනාශ කොට ජාතියත් ශාසනයත් වර්ධනය කිරීමට සිතූ දුටුගැමුණු මහරජතුමා එසේ කරන තුරු ම පසුබට වූණේ නැත. පෙර විසූ සිංහලයන්ගේ වීර වික්රනමභාවයත් පෙර විසූ යුරෝපිය ජාතීන් ගේ පහත් භාවයත් දැන් සිටින යුරෝපිය ජාතීන්ගේ උසස් භාවයත් දැන් සිටින සිංහලයන්ගේ පහත් භාවයත් සැලකූ තෙන්නකෝන් මහතාගේ සිත බලවත් සංවේගයට පැමිණියේ ය. එසේ සංවේග ප්රානප්ත ව මේ කවි පන්තිය තනා කොළඹ සිටින තමා ගේ විත්රයයකුට එව්වේ ය.

ඉ ස් ස ර කොළ ඇඳපු දන බටහිර පැ ත්තේ වි ස් ත ර බලන්නට යති මහමෙර පැ ත්තේ උ ස් ක ර ජය කෙහෙලි නැඟු මුලු ලෝ ම ත්තේ ඉ ස් ති ර සිහලු කුලියට යති තේ ව ත්තේ

රූ ස රු මව් තනේ බිව් සිංහල ද රුවා පා කෙරු මිනිස් තෙද විකුමන් පෙර දැ රුවා වි දු රු තනේ රට කිරි බොන දැන් ‍ද රුවා ලා දු‍ රු හැදී ලොකු වෙයි වී තකති රුවා

බ ට හි ර ද නෝ මෙහි එති දන සපය න්ට අ ප ර ට ද නෝ එහි යති දන වනස න්ට වෙන ර ට ද නෝ දඟලති සමතුන් වෙ න්ට අ ප ර ට ද නෝ දඟලති මකබෑ වෙ න්ට

පෙර ලිය තරුණ බව ඇඳුමෙන් සුරැ ක්කේ අද ලිය නාකි වෙති ඇඳ බෝස්තරැ ක්කේ නැත කිසි දෙයක් අද සියලුන්ගේ බො ක්කේ පිටතින් ඔපය බැලුවොත් බොහොම බ ක්කේ

සි ය ද න දියුනුවට සතර රකිති වී ‍රිය අ ප ද න සියන් නැසුමට කරති වී රිය ‍නොදැ නෙන හෙයින් විලි බිය කිසිම කා රිය පි රි හෙ න රඟ අහෝ! ගුණදමිනි ආ රිය

වෙ න ද න ඉඩ කඩම් ගෙණ නිවහල් වෙ න්න නොම දි න තැන් කරති දිව රෑ සතති න්න අ ප ද න ඉඩකඩම් විකුණා දමමි න්න ඇ ඳ ගෙන පර ඇඳුම් සැරසෙති පඩි ක න්න

ත ර ම ට තමන් කන බොන දේ පෙර කා ලේ නි ය මෙ ට කළ නමුත් දැන් සිතු නොව කෝ ලේ වෙන ර ට අය කරන හැටියට ගෙන තා ලේ බ ඩ ක ට සියල්ල ම රෑ‍ දෙවෙහි ම වෙ ලේ

සා ය ම් කර සිරුර විසූ දන පෙර දව ස වෑ ය ම් කර නගිති අහසට සිතූ විල ස මා ය ම් උනා මෙන් වී සිහලු මේ දව ස වෑ ය ම් කරති යන්ට පහළට ම බැ ස

වෙ න වෙ න ර‍ටවලත් තොරතුරු පෙර කා ලේ ද න ගෙන සිටිති බටහිර දන මෙම කා ලේ අ ප ද න අප මුතුන් ගැන වත් කිසි කා ලේ ‍නොසි ත න කරුමයක හැටි බල නොව කෝ ලේ

සිය ර ට සියල්ලට කන බොන දේ සෑ ම

            වෙන රට දනෝ උපයති  සිය රටෙහි                                   ම
            අප රට දනෝ යති  වාලට  හැමදා                                        ම
           මෙරට ට උනේ මෙලෙසින් වද පිරිහි                                    ම
           
            උ	න්	නා	සැබෑ මුත් මුත්තතන් වලව්ව	ල

ඉ න් නා මුනුපුරෝ වතුවල ලැයින්ව ල ද න් නා කෙනෙක් කීවොත් ඒකෙ සුලමු ල ප න් න ගනිති හැපුමට ඔහුගේ ඉහමො ල

සැ ප ග න් න ට හදති බටහිර දනන් ලෙ සේ උ ප ය න් න ට ඔවුන් ලෙස නොසිතති කිසි සේ වැ න සෙ න් න ට උනේ සිහලුන් හට මෙලෙ සේ දැ න ග න් න ට නොහැකියෙනි වග පෙර දව සේ

අපේ හොඳ සිරිත් ඔක්කෝම එපා උ නා බටහිර දනන්ගෙන් හොඳ දේ නරක් උ නා පිටරට මෙරට වල් දේ අපට හොඳ උ නා හතර හිනාවකි ලෝකෙට අප දකි නා


හැට ලස්සයක් හොඳ රුපියල් ගැන දී ලා සය ලස්සයක් ගැළුමෙන් මැන ගෙන්වා ලා බොන්නේ රට සුරා සිංහල අයියා ලා ‍ලා දු රු ල බා ගැන්මක් මෙනි පොල් දී ලා

ම ඟු ල ක් ගත්තොතින් සිංහලයෙක් හොඳ ට ම ඟු ල ක් වේය වීදුරු බඩු වෙළෙන්ද ට උ ගු ල ක් ඇටවුණේ අපට ම ය හිරිය ට අ ඟු ල ක් පදින වැනි දෙන්නා දෙ ‍පැත්ත ට

ගා ය ක් නැතුව ඇඳි රෙදි ඔහොරිය අතැ ර සා ය ක් කර ගතිය සායක් නිසා ප ර සී ය ක් වස් තිබෙන රන් අබරණ ඇතැ ර ලා ග ත් සුදු ආප්පෙ වැනි තොප්පිය මෙව ර

වී දු රු බඩු පිදුරු තොප්පිත් විසිතුරු ‍ වෝ ඒ දු රු රටින් ගෙන්වා ‍සිංහල දරු වෝ පා ක ර ලොබ යවති රුපියල් නොමසුරු වෝ ලෝතු රු තව ඇද්ද අප වැනි කතතිරු වෝ

තෙන්නකෝන් මහතා මේ කවි පංක්තිය තමාගේ මිත්රියෙකුට එවා ලන්ඩන්නුවර “ඊස්ට් ඇන්ඩ්” නම් පළාතට පැමිණියේය. එහි පවත්නා දුක්ඛිත භවයත් එහි සිටින අධම මිනිසුන් ගැනත් සිතා පුදුම විය. එංගලන්තය දිව්ය ලෝකයකැ යි නිසැක ව කියන්ට එහි තිබෙන යස ඉසුරු ප්රඑමාණ වන්නේ ය. එමෙන් ම එංගලන්තය අපායකැ යි කීමට තරම් දුක් විඳින අශික්ෂිත කාලකන්නීන්ගෙන් ද සමාකීර්ණකව පවතී. ලෝක ධර්මඑය වූ පරිදි සැප දුක් ‍හොඳ නරක ආදියෙන් සියලු ම රටවල ද සත්වයන් ද යුක්ත බව නිසැකව ම වැටහී ගියෙන් තෙන්නකෝන් මහතා ලක්දිව ගැන ද පැවති කනගාටුව තුනී කර ගත්තේ ය. එතැන් සිට ජර්මනිය, ප්රංනශය, බැල්ජියම, ස්විට්ලන්තය ආදී යුරෝපයේ ප්රදධාන රටවල හයමාසයක් පමණ ඇවිද්දේ ය.

ස්වකීය රක්ෂාවල් ගැනත් රට හා ආණ්ඩුව කෙරෙහි මහජනයා තුල පවත්නා ආලයත් තම තමන්ගේ යුතුකම් කිරීමට යුරෝපීය මනුෂ්යායන් තුළ පවත්නා පුදුම උනන්දු භවයත් අවබෝධ වූ තෙන්නකෝන් මහතාට යුරෝපීය ජනයාගේ වර්තමාන දියුණුව පුදුමයක් නොවන බව හැඟුණේ ය. මේ රෑ ය, මේ දවාල ය, මේ අව්ව ය, මේ වැස්ස ය, මේ කුස ගිනි වේලාව ය, මේ ආහාර ගත් හැටියේ


ය යනාදී කිසිවක් ගැන නොසිතා තමතමාට අයිතිවූ ද තම තමා විසින් කටයුතුවූ ද වැඩ ඉතා ආශාවෙන් කරන මනුෂ්යා වර්ග යක් යුරෝපියන් මෙන් තවත් මිහි පිට ඇද්දැයි උන්නැහේට කල්පනා විය. නොයෙක් පාදඩකම්හි නියුක්ත සුරා සොඬ, අනාචාරී දුෂ්ට ගෑනුන් යුරෝපයේ බො‍හෝ සිටිති. නමුත් ශික්ෂිත වූ ගෙදර දොර වැඩපල ගනත් දරුවන් තැනීම ගැනත් මැහුම් ගෙතුම් කර්මාින්තාදිය ගැනත්, මනා දැනගැනීමක් ඇති කාන්තාවන්ගෙන් ආකීර්ණ වූ යුරෝපයේ වර්තමානය දියුණුවට ඔව්හු ද කොටස්කාරියන් බව තෙන්නකෝන් මහතාට ප්රගත්ය ක්ෂ විය. “යම් රටක් දියුණුවීමට නම් ඒ රටේ ස්ත්රී් පක්ෂය, ධර්ම ශාස්ත්රටය උගත් ශික්ෂිත කොටසක් විය යුතුය” යන පණ්ඩිත මතය වර්තමාන යුරෝපයෙන් ප්රරත්යමක්ෂ වන්නේ ය. මව්ගේ ගුණවත්කමේ ඥානවන්තකමේ හැටියට ම ස්වකීය දරුවන් ඇති දැඩි වන බව නොයෙක් වර ප්රවත්යික්ෂවූ කාරණයකි.

දුටුගැමුණු කුමාරයාණන් ශ්රයද්ධා, ශීල, ත්යා‍ග, ප්ර්ඥා, විය්ය්ම යන ගුණ මහන්තත්ව භාවයට පැමිණීමට අවශ්ය්යෙන් ආධාරවූයේ උන්වහන්සේගේ මෑණියන් වහන්සේ වන විහාරමහා දේවීන්ගේ උතුම් ගුණවත් කමමයි. මහා පරාක්ර්මබාහු කුමාරයාණන් ගේ තේජවන්ත භාවාදියේ අභිවර්ධනයට හේතු වූයේත් ප්රනඥා ශීලාදී උතුම් ගුණ සම්පන්න ස්වකීය මෑණියන් වහන්සේ වන රත්නාවලී බිසවුන් වහන්සේ මයි. දරුවන් යහපත් ලෙස තැනීමට නම් මෑණිවරුන ධර්ම් ශාස්ත්රස දත් උගත් පිරිසක් විය යුතු ම වේ. මේ බව නොයෙක් කාරණා කල්පනාකොට නිශ්චය කර ගැනීමට තෙන්නකෝක් මහතාට ‍මේ යුරෝපා ගමන වෙසෙසින් ආධාර වූ හෙයින් බලවත් ප්රීතතියක් ඇති විය. නන්දාවතී, කොකෙක් මහා සාගරය සි‍ඳෙන තෙක් මසුන් කෑම‍ට බලා සිටියාක් මෙන් තෙන්නකෝන් මහතා සමග කසාද බඳින්ට බලාපොරොත්තුව, මැහුම් ගෙතුම්වලින් ස්වකීය මෑණියනුත් සමග වාසය කරන්නී ය.

බොරුවට තපස් රැකීමට ගොස් සිද්ධාංගනාව ගෙන් නින්දා ලැබී ගමට ආ තිමොන්ති දාබරේ ස්වකීය දෙමව්පියන් ගේ ඉඩම් කඩම් බලා ගනිමින් උත්සාහ වන්තයෙක් ව වාසය කරන අතර ජෝන් ද පැල් නමැති සිංහල තරුණයෙක් සමග මිත්රව විය. මොවුන්ගේ මිත්රලකම් ක්ර මයෙන් කෙතරම් දියුණු භාවයට ආයේ ද කිව හොත් ඔවුනොවුන්ට එක දවසක් වත් සම්මුඛ නොව සිටිනු නොහැකි තැනට ආ ය. ජෝන් ද මැල් තරමක ධනවත් මව්පියන්ගේ දරුවෙක් නමුත් මුදල් උපයන රැකී රක්ෂාවක් කරන්නෙක් නුවූයේ ය. ඉංග්රීැසි සිංහලාදී භාෂා මඳක් දුරු


දත් ඔහු යුරෝපීය ක්රාමයට අඳින පළඳින රූප සම්පන්න කරුණාවන්ත කෙනෙකි. මැල් උන්නැහේගේ පියා කාරණා කාරණා දත් කෙනෙක් නමුත් ස්වකීය පුත්රඋයාටය කරන අවවාදාදීයෙන් හෙතෙම වැඩි ‍ප්ර්යෝජන නොගන්නේ ය. තරුණ වයසට පත් සිංහල මිනිසුන්ගෙන් බොහෝ දෙනෙක් දෙමව්පියන්ට ඇති දෙයකින් හොඳට ඇඳ පැළඳ ගෙන රූප සම්පන්න ස්ත්රි්යක් සරණ කර ගැනීමට සැරසී සිටිනු මිස ගිහි ගෙයි ඇති අමාරුකම් කිසිත් නොදන්නාහ.

‍ජෝන් ද මැල් නිතර ම කසාදයක් බැඳ ගැනීමට බලාපොරොත්තු නමුත් ගිහි කම්කටුල්ලේ අමාරුකම් ටිකක් වත් බැහැර කර ගැනීමට හේතුවන කිසිවක් නො කරන බව තේරුම් ගත් පියා බලවත් කනගාටුවට පැමිණ පුත්රේයාට කෙසේ අවවාදයක් කරම්දැ යි සිත සිතා සිටින විට “සිංහල ජාතිය” නැමිත ප්රනසිද්ධ සඟරාව දකින්ට ලැබී එහි තිබෙන “ගෘහබන්ධනය” යන මාතෘකාවෙන් යුත් ලියවිල්ල කියවා මහත් ප්රී ති‍යට පැමිණ ජෝන් ද මැල්ට ලැබෙන පිණිස එය ළමයෙකු අත ලියුමකුත් සමග යැව්වේ ය. ඒ ජෝන් ද මැල් තිමොන්ති දාබරේ සමග කථා කරමින් තිමොන්තිලාගේ ම සිටින වෙලාවකි. ඔහුට ස්ත්රිදයක් ගැන කථාවක් කරන්ට එන විසෙන්ති අප්පු ද එ වේලාවේ එහි සිටියේ ය. කොලුවා ලියමන ගෙනත් මැල් අතට දුන්නේ ය. ඒ මෙසේය :-

“යම් මනුෂ්ය යෙක් ගිහිගෙයි වසමින් අඹු දරුවන් පෝෂ්‍ය කිරීමෙහි සතුටු ඇත්තේ වී නම් හේ තෙම එම කාරණයහි ඇත්තා වූ බාරදූරතාවය හොඳාකාර සිතා බැලීම සහ ලෝකයෙහි ගෘහබන්ධනයෙන් බැඳී ඒ ඒ කෘත්ය කර ගත හැක්කේ වී නම් සුදුසු කාලයෙහි සුදුසු කුලයකින් කුමාරිකාවක් සරණ කොට ගෙන වාසය කළ යුත්තේ ය. එසේ නැතුව තමාගේ ඇඟපත දැඩි වූයේය කියා වත් තරුණ කාලය පැමිණියේ ය කියා වත් දමව්පියාදීන්ගේ ඕනෑකමට වත් වෙන යම් ඤාති මිත්රාැදීන්ගේ කීමට වත් ගෘහබන්ධනයෙහි බැඳී කෙළවර කර කියා නොහැකි දුකට පත් නොවිමට සිතට ගත යුත්තේ ය.

ගිහි බන්ධනය නම් හුදකලාව වැසි තමාට සහාය පිණිස අනික් කුලයකින් කුමාරිකාවක් ගෙන ඈ හා සමග ජීවිතාන්තය දක්වා ම එක්ව ප්රේලමයෙන් යුක්තව වාසය කිරීම යි. එසේ වාසය කිරීමට යම් දවසක යම් පුරු‍ෂයෙක් පටන් ගත්තේ ද එ දින එම මොහොතේ සිට ඒ පුරුෂයා “ගෘහපතියා, පස් කම් සැප අනුභව කරන්නා ය.


ගෘහස්තයා”ය යනාදී උසස් නාම ලබා ප්රගකට වන්නේ ය. රාජ රාජ මහාමාත්යා දීන් සහ ලෝකවාසීන් ද ශ්රයමණ බ්රා හ්මණාදීන් හේතෙම ගිහිගෙයි කොටස්කාරයෙකු මෙන් ගණන් ගන්නේ වේ. පෙර මෙන් නොව එතැන් සිට තමා විසින් සියලු කටයුතු ගෘහවාසයෙහි කළ යුත්තේ ය. එනම් මෙහි පහත දක්වන කාරණ ඔහුට ඇතිවිය යුත්තේ ය.

ප්රවථම කොට තමාට භාය්යාා ව සහ වාසය පිණිස ගෙයක් ඇති විය යුතුයි. මෙසේ තනන ලද ගෘහය තමාගේ ප්රාමාණයේ හැටියට ද සැප පහසු ගෙන දෙන ලෙස ද තමා සතුටු ලෙස ද නිරවුල්ව පැවතිය යුත්තේ ය. සැතපීමට ඇඳ ඇතිරිලි, කොට්ට මෙට්ට ආදිය ද හිඳීමට පුටු බංකු පලස් ආදිය ද ගේ අලංකාර කිරීමට සිතියම් ආදියද ආලෝක කිරීමට පහන් ආදියද උයාපියා ගැනීමට සැළි වළන්, අරණු, දර දිය ආදිය ද ආහාර බෙදන පිඟන් කෝප්ප ආදිය ද ආදී වශයෙන් ලුණු පොල්කටුවේ සිට ගෘහ‍යකට ඕනෑ කරන සියලු ද්රදව්යශ ම ගෘහයෙහි තමා සතුව තිබෙන්ට යුතු වේ.

තමාට ගෙදරදී ඇඳීමට සුදුසු ඇඳුම් පැළඳුම් ද වැදගත් ගමන් බිමන් යාමෙහි පැළදිය යුතු ඇඳුම් පැළඳුම් ද විහාර පන්සල් ආදියට යන විට අඳන්ට සෑහෙන ඇඳුම් පැළඳුම් ද සාමාන්යි ගමන් බිමන් ආදියෙහි පැලඳ යා යුතු ඇදුම් පැළඳුම් ආදිය ද නිසි ලෙස සම්පාදනය කර ගත යුතුයි.

තමාට දායාද වශයෙන් දෙමව්පියන් විසින් දෙන ධනයත් ඤාතිමිත්රා දී වෙන යම් අය විසින් දෙන ධනයත් භාය්යාිස වගෙන් ලැබුණු ධනයත් යන අනුන්ගෙන් ලැබුණු ධන සහ තමා වෙළදාම් ආදී කර්මා්න්ත වලට යොදා තිබෙන ඉපදීමට සුදුසු ධන සහ විපතක් පැමිණි විට ප්ර යෝජන ගැනීමට තිබෙන ධනය ද හැර තමා විසින් සපයා ගෙන තිබෙන වියදමට නිසි ධනයකින් කිසි ම රක්ෂාවක් නොකොට අඹු සැමි දෙදෙනාට අවුරුද්දක කෑම් බීම් ආදිය කිරීමටත් ඒ අතර ඉලව් මඟුල් ආදියට සහ ඤාති මිත්රාරදීන්ට සංග්රිහ කිරිමටත් දන්දීම් ආදී පරලෝ වැඩ කිරීමටත් සෑහෙන ලෙස ධනය ඇති විය යුත්තේ ය.

ජීවිතාන්තය දක්වා ඤාති මිත්රා.දීන්ට සංග්රහහ ‍කිරීමට ද දෙමව්පියාදීන්ට කටයුතු උපස්ථාන කිරීමට ද සහෝදර සහෝදරියන්ට කළමනා උපකාර කිරීමට ද රාජ රාජ මහාමාත්යාදදීන් විසින් නියම කරන ලද අය බඳු ගෙවීමට ද මංගල්ය ප්රාස්ථාවන්හි තෑගි බෝග දීමට ද අවමංගල්ය වලදී ඊට නිසි දීමන දීමට ද දුගී මගී යාචකාදීන්ට සහ


ශ්රදමණ බ්රා හ්මාණාදීන්ට දන් දීමට ද අවුරුදු මංගල්යස දිනවලදි කම්කරු දාසිදාසාදීන්ට දීමට ද මංගල්ය භෝජනාදියට ද ගේදොර අලංකාර කිරීමට ද අලුත් වස්ත්රාාභරණාදිය ගැනීමට ද මේ අතර ඒ ඒ ගම්වාසීන් විසින් කරන්ට නියම කර ගන්නා වූ පොඳු වැඩපලාදියට ද ධන සම්පත් ආදිය ඇති විය යුත්තේ ය.

තමා නිසා භාය්යාැ ව ගේ කුස දරු උත්පත්තියක් ඇති වී නම් එතැන් සිට තෙල් බෙහෙත් ආදියට ද වෙදුන් ගේ බත් වැටුප් පිණිස ද ප්ර්සූතයෙහි කිරිමවුන්ට ද ළදරුවාගේ සැප විහාරණයට ඇඳුම් පැලඳුම් ආදියට ද ළදරුවා බලාගන්නා අයට ද නම් තැබීමේ මංගල්යරයට ද බත් දීමේ මංගල්යුයට ද මහත් ධනයක් උවමනා වන්නේ ය. දරුවාට අකුරු ශාස්ත්රේය ඉගැන්වීමට ද ගුරුවරාදීන්ට දීමට ද පොත්පත් ගැනීමට ද කෑම්බීම් ආදියට ද ක්රීශඩා පිණිස ද වෙළඳාම් ගොවිතැන් සිත්තම් වඩු කම් ආදී කර්මායන්ත ඉගැන්වීමට ද ඊට නිසි ගුරුවරාදීන්ට දීමට ද ඊට නිසි පොත්පත් ආදී උවමනා ද්ර්ව්යම ගැනීමට ද ජීවිකාව පිණිස ද මේ අතර ලෙඩ දුක් ආදියක් පැමිණියේ නම් බෙහෙත් ආදියට ද වෙඳුන්ට ද ආවතේව කරන්නන්ට ද යනාදී කාරණා ගැන ද මහත් ධනයක්උවමනා වන්නේ ය.

අන්තිමෙහි දරුවා තරුණ බවට පැමිණ වසන අතර සුදුසු කර්මානන්තාදියක යොදවා ජිවිකාව පිණිස කෙත්වත් ගම් බිම් මිළමුදල් ආදියෙන් දායාද කොට දී පැවැතිය යුතු අවවාද ද දායාද කොටදෙමින් කාලය දේශය කුලය ප්රාමාණය බලා ගිහිගෙයි අඹු දරුවන් පොෂ්යදය කරමින් නිඳුකින් වාසයට පොහොසත්කම තිබේ නම් සුදුසු කුලයකින් ඔහුගේ කැමැත්ත ඇතිවන තරුණියක් මඟුල් කොට පාවා දීමෙන් වෙන් කොට නිදහස් විය යුත්තේ ය. දූහිතෘවක් නම් ඈ සතුටු පුරුෂයෙකු විමසා ඕ හට පාවා දීමෙන් නිදහස් විය යුත්තේ ය.

මෙසේ දරුවන් හතර පස් දෙනෙක් සමහරවිට ගෘහස්ථයෙකුට ඇති වන්ට හේතු ඇති බැවින් ඒ ඒ දරුවන් හොඳින් තානා ගත යුතු බවත් අන්තිමේ දී ඔවුන්ට දායාද දීමට ධනය ඕනෑ බවත් සලකා ලෝ වැස්සන් ගෙන් සහ තම අඹු දරු ආදීන්ගෙනුත් අපහාස නොවිඳ රාජ රාජ මහාමාත්යාෙදීන්ගෙනුත් දඬුවම් නොලබන ලෙස සම්පත් ඇතුව ඒ සම්පත් නිසි ලෙස කාලයට වියදම් කරමින් තෙමෙත් ජිවිකාව කරමින් අන්තිමේ දි දූ දරු ආදීන්ගෙන් වෙන් වූ කාලයෙහි මහලුව කර්මාකන්තාදිය කිරීමට නො හැකි වන කාලයෙහි භාය්යාෙන වට සහ තමාටත් සැප සේ ස්වකීය ගෘහයෙහි මරණය දක්වා පසුකිරීමට හැකි


වන ලෙස සම්පත් ආදිය සපයා ගෙන ගිහි ගෙට - ගෘහබන්ධනයට ඇතුළත් විය යුතුයි.

එසේ නැතුව දෙමව්පියන්ගේ වස්තු බලාගෙන හෝ භාය්යාවි වගේ වස්තුව බලා ගෙන හෝ සම්බ කර කියා (රක්ෂාවක් කර) අඹු දරුවන් පෝෂ්යර කරත හැක්කේය කියා හෝ සිතා ගෙන යමෙක් ගෘහ බන්ධනයෙන් බැඳී අඹු දරුවන් පෝෂ්යේ කිරීමට පටන් ගත්තේ වී නම් එය වනාහි නරකාදී දුකටත් වඩා මහත් දුක් වන්නේ ය. නරකාදියේ වනාහි මහත් උවත් එක ස්වභාවයක දුකකි. මේ වනාහි එසේ නොව ඉන්ට හිටින්ට තැනක් නිසි ලෙස නැති කම එක දුකකි. නිසි ලෙස කන්ට‍ බොන්ට නැති කම එක දුකකි, ඇඳුම් පැළඳුම් නැති කම එක දුකකි, දරුවන්ට නිසි ලෙස කෑම්බීම් නැතිව වැලපෙනු දැකීම එක දුකකි, ඇඳුම් පැළඳුම් නැතිව වැරහැලි ඇඳ ඇවිඳිනු දැකීම එක දුකකි, අකුරු හෝ වෙනයම් ශිල්ප ශාස්ත්රානදියක් හෝ උගන්වා ගන්ට නොහැකි කම එක දුකකි, දායාද දෙන්ට නොහැකි කම එක දුකකි, මිත්රා මාත්යාදදීන් පැමිණි විට සංග්රැහ කිරීමට නොහැකි කම එක දුකකි, මව්පියන්ට උපස්ථාන කරන්ට නොහැකි කම එක දුකකි, රාජ රාජ මහාමාත්යා,දීන් විසින් නියම කරන ලද අයබදු නොගෙව් විට අල්වාගෙන ගොස් දඟගෙයි ලා ගෙන වැඩ ගැනීම එක දුකකි, යම් යම් කටයුතු නිසා රැස් කරන සභා ආදියකට පැමිණිවිට පසුබටවෙන්ට වීම එක දුකකි, ශ්රනමණ බ්රාසහ්මණාදීන් විසින් නො සලකා ලීම එක දුකකි, භාය්යාස් ව විසින් නින්දා කරණු ලබනු දැක්ම එක දුකකි, පැමිණි කාලයෙහි දන් දෙන්ට නොලැබීම එක දුකකි. මේ ආදී කිය නො හැකි දුක් මරණය දක්වාම වස්තු නැතිව අඹුදරුවන් පෝෂ්ය කිරීමට පැමිණි අය හට ඇති වෙන්නේ ය. හෙතෙම තැවෙන්නේය. සෝක වෙන්නේ ය, මරණින් මතු සතර අපා දුකට ද පත් වන්නේ ය.

ගෘහ බන්ධනයෙන් බැඳුණු අය හට නිස්කලංකව පිළිවෙළකට වස්තු සැපයීමට නොහැකි වේ. ඒ මක් නිසා ද යත් තනිව හුදකලාව වසන කලයෙහි මෙන් නොව තමා විසින් ඉෂ්ට කළ යුතු බලා කර ගත යුතු කාරණා රැසක් තමා වෙත ඇතුව පවතින සෙයිනි. එනම් :- භාය්යා් වගේ ලෙඩ දුක් ආදිය ගැන ව්යාාවෘත විය යුත්තේ ය. දරුවන්ගේ ලෙඩ දුක් ආදිය ගැන ද, ඤාතීන්ගේ ලෙඩ දුක් ආදීය ගැන ද, මිත්රා්දීන් ගේ ලෙඩ දුක් ආදිය ගැන ද ව්යාාවෘත විය යත්තේ ය. ඒ ඒ උදවියට පැමිණෙන වෙන යම් මංගල්යා අවමංගල්‍ ආාදීන් ගැන ද ව්යායවෘත විය යුත්තේ ය. තමාගේ අසනීපාදිය ගැන ද ව්යා වාත


විය යුත්තේ ය. ආගම සම්බන්ධ කාරණා නිසා ද ව්යාාවෘත විය යුත්තේ ය. මේ ආදී වශයෙන් ඒ ඒ කම්කටුලු උදෙසා සාමාන්ය්යෙන් මසකට 10 දවසක් පමණ කිසි රක්ෂාවක් කර ගත නො හැකිව නිකරුණේ කාලය ගත වන්නේ ය. ඉතින් ඇඳුම් පැළඳුම් වලටත් ඥාති මිත්රාිදීන්ට උපස්ථාන කිරීමටත් ලෙඩ දුක් ගැන වියදම් කරන්ටත් දන් දෙන්ටත් ගේ දොර තනා ගෙන්ටත් මඟුල් ඉලව්වට දෙන්ටත් මේ ආදි දේ කිරීමට මුදල් ආදිය කෙසේ ලැබේ ද, මේ නිසා කොපමණ තැවීමක් දුකක් විඳින්ට ලැබේ ද, තමා මසක් දෙකක් ලෙඩින් ඔත්පලව සිටියේ නම් කෙසේ සම්බ කරන්නේ ද දවසක් දවසක් පාසා ම තමාත් දුර්වල වන්නේ ය. දරු මල්ලනුත් වැඩි වීමෙන් වියදමත් අධික වන්නේ ය. ඉපදීමත් සුළු වන්නේ ය. කෙසේ ගෘහ බන්ධනය නැමැති සිර ගෙයින් සහනයක් ලබන්නේ ද? අහෝ නො ලබන්නේ මය. හුඟක් වස්තුව සම්බකර ගෙන පංචකාම සැප විඳීමට පැමිණි අය හට ස්වල්ප සැනසීමක් පෙනෙන්නේ ය . එසේ නැති අය නිරා දුකටත් වඩා දුකකට පත් වන්නේ ය.

දුර ගිය නොබලා නොසොයා ස්වල්ප වූ සැපතක සිතන පමණක් වූ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ යන පංචකාමය පතා පැමිණ එම විපත ගැන ඒ මේ අත දුව පැන ඇවිඳිමින් ඉන් ගැලවෙන උ‍පදෙස් සොයන්නේ ය. නුවණැත්තනි, වස්තුව සෑහෙන ප්රමමාණයට සපයා ගත නොහැකි නම් ගෘහ බන්ධනයට බැ‍ඳෙනවාට වඩා වන ගතව දලු පත්රා දිය අනුභව කිරීම සහස්රප වාරයක් උතුම් වන්නේ ය. මේ බැව් නුවණින් සලකා බලාය කාර බන්ධනයට පැමිණිය යුත්තේ” යන මේ ලියවිල්ල කියවූ හැටියේ ‍ජෝන් ද මැල්ගේ හිතට මහා වියවුලක් ඇති විය. ස්ත්රිැයක් සරණ කර ගැනීමට පැවති කැමැත්ත තුනී වී ස්ත්රි”යක් සරණ බැඳ සැපසේ විසීමට උවමනා කරන දේ සපයා ගනිමියි සලකා තිමෙන්තිට ද ඒ ලියවිල්ල නොපෙන්වා ඒකත් සාක්කුවේලාගෙන ගෙදර ‍ගියේ ය. ගෙදර ගොස් පියාණන්ට ගෞරවාදරයෙන් මෙසේ කීය.

“තාත්තා විසින් එවන ලද ලියමන දැක මගේ සිත මහත් වෙනසකට පැමුණුණේය. එක දවසක් වත් කාලය නිකම් ගත කළොත් ඒ අයට ගිහි ගෙයි සැප සේ විසීමක් වන්නේ නැත. ඒ හෙයින් මම මහා ම රක්ෂාවක් කරන්නෙමි. ඒ සඳහා මට රුපියල් 500 ක් දුන මැනවැ යි ඉල්වීය. කාරණා කාරණා දත් කරෝලිස් ද මැල් මහත්මයා පුතාට තමා යැව් ලියවිල්ලෙන් යම් කිසි ප්රලයෝජනයක්

වුණ බැව් සලකා ප්‍රීතිව රුපියල් 500 ය කුමක් කිරීමට දැයි ඇසූ විට මිනිරන් වෙළඳාමට බව කීය. පුතා ගේ ළපටිකම ගැන සිනාසී “ජෝන්, රුපියල් 500 කින් උඹට මිනිරන් වෙළදාම් කළ නොහැකි ය.මම නුඹට මිනිරන් මඩුවක් සම්පූර්ණ අවි ආයුධත් සමග භාර දී මුදලුත් රුපියල් 1000 ක් දෙමි. එයින් උඹ දියුණු වෙයන්නැ”යි කී විට ජෝන් ද මැල් අතිශයින් සතුටු විය. කනත්තෙන් පුංචි මඩුවක් බද්දට ගෙන මවුන් 100 ක මිනිරන් ගෙනත් දි සුද්ධකොට වෙළඳාම කරන්ට පියා පැවරුවේ ය. ජෝන් ද මැල් උත්සාහවත් ව රෑ දවල් ස්වකීය කටයුත්තේ ම යෙදූ සිතින් යුතුව හාරපස් මාසයක් වැඩ ‍කරන විට ඔහුට රක්ෂාව මඳක් අවබෝධ වුනා මපණකුත් නොව රුපියල් හත්අට සියයක ලාභයක් ද ලැබුණේ ය. මෙයින් ‍ෛධය්ය්් යට පත් ‍ජෝන් ද මැල් ප්ර්සිද්ධ මිනිරන් වෙළෙන්දෙක් මෙන් රටේ පිළිගත් බැවින් ටිකක් විශාල ව වෙළඳාම පටන් ගත්තේ ය. ඔහු ගේ වැඩපලේ සිංහල කුලීකාර ස්ත්රීමහු ද බොහෝ දෙනෙක් වැඩ කරති. මේ සිංහල කුලීකාරයන්ගේ කංකානම් අම්මා ජේන් නෝනා ය. ජේන් නෝනා අපේ මේ කථාන්තරයේ සඳහන් නන්දාවතීලා පදින්චි ගෙය ළඟ ම වාසය කරන නන්දාවතීට වැඩ පල කරදීමෙන් ආධාර ව වසන ස්ත්රිඟයක් හෙයින් නොයෙක් රසවත් කවි සොලෝ ආදිය ද නන්දාවතීගෙන් ඉගෙන ගෙන වසන්නී ය. එක් දිනක් මිනිරන් මහත් රාශියක් අව්වේ දැමූ හැටියේ වහින්ට පටන් ගත්තේ ය. ජේන් නෝනාත් අනික් කුලීකාර ගෑනුත් ඉතා උත්සාහයෙන් ඒ මිනිරන් ගෙට ගන්නා සැටි ජෝන් ද මැල් මහත්මයා ද බලා ගෙන සිටියේ ය.ජේන් නෝනාලා අමාරු වැඩේ ලෙහෙසි වන පිණිස “කාවියන්” කියමින් වැඩ කරන්නාහ. මේකාවියන් කීම කුඹුරු නෙළන, ගොයම් කපන සිංහල ස්ත්රීින් නිතරම කරන සිරිතක් නමුත් වෙන වැඩ පල කරන ස්ත්රීාන් ද තමන් ගේ වැඩේ මහන්සිය නො දැනෙන පිණිස කියන බව සැලකිය යුතු ය.

පු ර ට එකොළොම් සැදී ආ ජනරාල් කුස්තන්තිනූ ද සා මෙ ම ට සරි අය අනික් කවුරු ද පමණ නු රළු තෙපුල් පව සා වෙ ල ට බැස සුදු පාන යන තැන පැමිණ යුදයට සැරී නොල සා ‍ෙම වි ට යුදකොට මබල දක්වමි කියා සිටි සඳ සෙනඟ වෙහෙ සා


එ ලෙස සිටි රුපු අසුර යුදයට පැමිණි සක්දෙව් රජෙකු විලස ට ප ලි ස සහ කග රැගෙන රජසිහ නිරිඳු උන් අබියසෙහි වැඩ සි ට ම බ ස අසමින් යා නොදෙව් අද කියා බළසෙන් රක්කවා සි ට සරො ස පෑ තම යෝබළන් සහ වැදී යුද සිය විලස් පළ කො ට දෙ වා බලු බැට ලෙසින් වාලට මුගුරු පොළු ගල්වලින් තැන තැ න නොවා යුදයට හැපුණු ජනරල් සමග අපමණ පරංගී ද න ප වා තුරු හිස් කපා ඔළු ගෙඩි ගස්සවා අටු ගණන් වෙන වෙ න ව ටා සිරිලක මගුල් ගෙය ලෙස කළේ පෙර මෙම මඟුල් යුදයෙ න ළ ත ර ඔළ මොළ රඳන රුපු නෙක මහත් ‍තුඟු කොටුපෙළින් පරසි ඳු ස ප ර ගමු මල්වානය ද සහ මැණික් කඩවර සමග අනිකු දු වි ත ර නොමකර යුද එකින් එක බැඳැර සෙඳ අල්වමින් ඔවුනු දු කු ම ර කෙළි රණ කෙළි කෙළපු නර වීරයෙකි රජසිංහ නරනි ඳු


12 පරිච්ඡෙදය[සංස්කරණය]

        මේ කාවියන් ඉතා ආසාවෙන් ආසා සිටි ජෝන් ද මැල් මහතාගේ හිත තදින් ප්ර බෝධ විය. ජේන් නෝනාලා මහන්සිව වැඩේ ඉවර කළ බැවින් එදා වැඩපල වේලාපහින් වැසුවේ ය. අනික් වැඩ කරන ස්ත්රීවන් ගිය පසු ජේන් නෝනාගගෙන් මැල් මහතා ඒ කවි කොහෙන් ඉගෙන ගත්තා දැයි ඇසීය. එවිට ජේන් නෝනා තමන් පදිංචි ගෙවල් ළඟ සිටින නන්දාවතී නොයෙක් ශාස්ත්ර  හා 

පුරාණ සිංහලයන්ගේ තොරතුරු දන්නා බවත් ඇගේ රූපශ්රීවයත් ගුණවත්කමත් පිරිසිදු ජිවිතයත් තත්වු පරිදි ජෝන් ද මැල් මහතාට කීවා ය. එ පමණකුත් නොව නන්දාවතී හාමිනේ නිසා ජෝන් නෝනාත් කාරණා කාරණා දත් ගුණවත් කෙනෙක් වූ බවත් සිංහලයන්ගේ ධර්මතශාස්ත්ර් ඉගෙනීම තරම් මනුෂ්ය්යෙක් යහපත් ගුණවත් කෙනෙකු වීමට වෙන කිසි ම ක්රකමයක් නැති බවත් ජේන් නෝනා කීවා ය.

ජෝන් ද මැල් මහතාගේ හිතට මෙය බලවත් කාරණයක් විය. ජේන් නොනාලා එදා යන්ට ගියහ. මැල් මහතා නන්දාවතී ගැන කරුණු විමසීම මතක නැති නොකළේ ය. පසු දින සවස මැල් මහතා ජේන් නෝනා සම්බ වීමට ඔවුන් පදිංචි නිවසට ගියේ ය. ධනවත් වු ආහාරදායක ස්වාමියෙකු ගෙදරට පැමිණියාම ස්වභාවෙන් ම කා විසිනුත් කරන ගරුබුහුමනටත් වඩා ජේන් නෝනා මැල් මහතාට ගෞරවාදර දැක්වූවා ය. ඉක්බිති මැල් මහතා ජේන් නෝනා ළඟට කැඳවා උඹ පෙරේදා වර්ණයනා කළ නන්දාවතී බලන්ට මම කැමතිය, එතනට යන්නේ කොහොම දැයි ඇසීය. ප්ර යෝග යෙදීමේ ඇති දක්ෂවූ ජේන් නෝනා “හොඳයි මහත්මයා මම ඒකට කාරණයක් කියමි. මහත්මයාලාගේ සහෝදරියෙකුට ඇඳුමක් මැස්සවීම ගැන කථා කරන්ට එහි ගණන් මිනුන් දැන ගැනීමට මෙන් යන්ට පිළිවනැ”යි කීවා ය.

ජේන් නෝනාගේ තීක්ෂණ ප්රනයෝගය ගැන සතුටු වූ මැල් උන්නැහේ ඈත් සමග නන්දාවතී ගේ ගෙදරට ගියේ ය. එ වේලාවට නන්දාවතී කෑම උයා පිස තබා පොතක් බලමින් සිටියා ය. ඔවුන් ගිය හැටියේ නන්දාවතීගේ මව් ‍ජොහානා හාමිනේ ඔවුන්ට වැඩි වෙන්ට කියා බුලත් හෙප්පුව ළඟින් තැබුවා ය. ඉක්බිති ජේන් නෝනා කථා කරමින් පහත්මයාලා ගේ නැගණියට ඇඳුමක් මස්සවා ගන්ට මගේ කීම නිසා මේ මහත්මයා ආවේ ය. නන්දාවතී හාමිනේ එහි තොරතුරු කියා දුන මැනවැයි කී කල්හි නන්දාවතී එළිය විත් කොයි විදියේ ඇඳුමක් දැයි අසා ඒ කියපු කාරණාවලට පිලිතුරු දුන් නමුත් මැල් උන්නැහේට උවමනා කර තිබුණේ ඒ ඇඳුම් නොව නන්දාවතී බලා ගැනීම හෙයින් මේ වෝලාවේ දී ඇගේ හැ‍ඩහුරුකම් ආදී සියල්ලක් බලා තමා සිතා උන්නාටත් වඩා රූප ශොභාවන් හා ස්ථානෝචිත ඥානයෙන් යුත් කාන්තාවක් බව දැන බලවත් ප්රේ්මයක් සිතේ හටගෙන “හොඳයි මම අපේ නංගි ව හෙට උදේ එවන්නෙමි”යි කියා මැල් උන්නැහේ හා ජේන් නෝනාත් යන්ට

ගියෝ ය. මැල් උන්මන්තකයෙකු මෙන් නන්දාවතී අත්හැර නොයා හැකි තරමට අමාරුවට පත්විය. ජේන් නෝනාලා‍ෙග් දුප්පත් පැලට තව වරක් මොහු රිංගා ගත්තේ ය. රාගයෙන් මත්වූ, මොහයෙන් මළාවූ, ද්වේෂයේන පීඩිත වූ සත්වයන්ට තමාගේ තරාතිරම කිසි සේත් නොපෙනේ. මැල් උන්නැහේ ජේන් නෝනාට රුපියල් දහයකුත් දී “ජේන් නෝනා උඹ හෙට වරුවකින් වැඩට ආවත් ඇති. නන්දාවතී සමග උදේ වරුවේ කථාබස් කර ඇගේ සිත මා කෙරෙහි කැමති කරවා දියන්නැ”යි කියා මැල් අමාරුවෙන් ගෙදර යාගත්තේ ය.

ජේන් නෝනා උදය ම නැගිට ගෙදර දොර කටයුතු කර අටට පමණ නන්දාවතීලාගේ ගෙදරට ගොස් නන්දාවතී සමග වෙනදා මෙන් සිරිත ප්රයකාර කථාබස් කොට අන්තිමේදී “හාමිනේ ඊයේ රෑ ආවා මහත්මයා කුමකට ආවේ යයි’කියා හිතනවාදැ”යි ඇසීය. “ඇයි ඇඳුමක් මස්සවන්ට යයි උඹ කීවා නොවේදැ”යි නන්දාවතී ඇසුවා ය. “නැත ඒ බොරුවට ය හාමිනේව දැකගන්ට ආ මහත්මයෙකි. උන්නැහේ හොඳ සත්පුරුෂයෙකි. ධනවත් කෙනෙකි. අපි වැඩට යන්නේත් උන්නැහේ ළඟට ය. හාමිනේ සතුටු නම් මම කථා කරමි” යි කීවාය. එවිට නන්දාවතී ගේ මෑණියෝ ටිකක් මෝඩ පාහේ නිසා “අනේ ජේන් නෝනා පුළුවන් නම් කථා කරපන්-ඒ ඉලන්දාරියා කදිම කෙනෙකි. මම නම් බොහොම සතුටුයි. මොකද දුව උඹ කතා නොකර ඉන්නේ” කියා ඇසුවා ම නන්දාවතී සිනාසී “අම්මේ හොඳ හොඳ මිනිස්සු ලෝ‍කේ හිටියාට ඔහොමත් මගුල් හිලව් කෙරෙණවා ද? අපි අපේ තරමට මිසක් ඊට වඩා එකක් කල්පනා කළොත් රජ කම් කළ නරි නයිදේට වෙච්ච එක අපටත් වෙන්ට පුළුවනි. මට ඔය කාරණා ගැන ඒ හැටි ඉක්මනක් නැත්තේ ය” යි කියා ජේන්නෝනාට මෙසේ කීවා ය.

“ජේන් නෝනක්කාක අපට බොහොම උපකාර කාරියෙක් ව සිටිනවා හැබෑ ය. නමුත් ඔය කාරණාව ගැන වෙහෙසෙන්ට කමක් නැතැ”යි සිනාසුනා ය. ජේන් නෝනාට නන්දාවතී සතුටු කරන්ට ඉඩ තිබේ යයි හැඟී “හොඳයි අපි ඔය ගැන නැවත කථා කර ගනිමු” කියා යන්ට ගියා ය. ජේන් නෝනා මැල් උන්නැහේ ගේ වැඩපලට ගිය හැටියේ ම “කුමක් කථා කරගත්තා දැ”යි මැල් උන්නැහේ ඇසුවේ ය. එවිට ජේන් නෝනා සිනාසී “මහත්මයා, ඔය තරම් ඉක්මනින් ඔය කටයුතු කථා බස් කර තීන්දු කර ගන්ට පිළිවන් නොවේ. මහත්මයා ඉවසන්ට. තුන් මාසයකින් මම නන්දාවතී


හාමිනේ මහත්මයාට සතුටු කරවා දෙන්නෙමි”යි කීවාය. මැල් උන්නැහේ ද ජේන් නෝනාගේ කීම එසේ ම සිද්ධ වේ යයි විශ්වාස කළේය. මේ සතියේ මහනුවරට බුරුම වන්දනාකාර පිරිසක් පැමිනියෙන් දන්ත ධාතූන් වහන්සේ මහා ජනයාට වැඳ පුද කිරීම සඳහා එළියට වැඩමවන බව ප්ර සිද්ධව තිබුණු බැවින් නන්දාවතී තම මෑණියනුත් සමග එහි යන්ට කල්පනා කර තම ගෙදරට නිතර යන එන ජේන් නෝනාටත් ඒ බව කීවා ය.

ජේන් නෝනා, නන්දාවතීගේ සිත දිනාගන්ට මැල් මහතාට මේ කදිම ප්ර්ස්තාවකැ යි සිතා ඒ බව මැල් මහතාට කීවා ය. මැල් මහතාද ඉතා සතුටුව “ජේන් නෝනා හෙට නන්දාවතී හාමිනේලා සමග මක්කරලා වත් උඹත් එකට ම වරෙන්. ඒ අත්තන් දෙවෙනි පංක්තියේ දුම්රිය කාමරයක එතොත් උඹද ඒ සමග ආ යුතු ය. මම අද නුවර ගොස් හෝටලයකින් කාමරයක් ම ගෙන නන්දාවතී හාමිනේලාට රැයක් හෝ දෙකක් නැවතීමට ලෑස්ති කරන්නෙමි. උඹ මක්කරලා වත් ඒ ස්ථානයේ නැවතී මගේ ආදර සංග්රලහය භුක්ති විඳීමට සැලැස්විය යුතු ය”යි කියා එදා දවල් කෝච්චියෙන් මැල් මහතා නුවර ගියේය. පසු දින උදේ මරදානෙන් හතර හමාරට යන දුම්රියෙන් නුවර යන පිණිස නන්දාවතී හාමිනේ හා මෑණියෝ ද ඔවුන්ගේ වැඩකාරියක් මෙන් ජේන් නෝනා ද දුම්රිය පළට ගියහ. චාන් ලෙස මනා විධියට හිස පීරා අත කර ආභාරණාදියෙන් සර්ජිතව ස්වේත වර්ණතයට හුරු සිහින් පටරෙද්දක් හැඳ කර පලල් නුවූ සුදු හැට්ටයක් ඇඳ ඉනට ඇඳි රෙද්දෙන් ම ඉතුරු සතර රියන වාමාංස කොට ඔහොරිය කොට පො‍රවා අඩි උස් නුවූ දුඹුරු පාට පාවහන් දෙකක් හා සුදු පාට පාදජාලා දෙකක් පය ලා සුදු ‍ලේන්සු පුංචක් හා පුංචි කුඩයක් ද අතින් ගෙන දිව්යාසප්සරාවක් වෙන් රූප ශෝභාවෙන් දුටුවන් මන නුවන් පිනවමින් මෑණියන් හා ‍ෙජ්න් නෝනාත් සමග පැමිණි නන්දාවතී හාමිනේ දුටු ස්ත්රී පුරුෂ කාගේත් සිත් වෙසෙසින් ප්ර බෝධ විය.

වටපිට නොබලා සන්සුන් ලීලාවෙන් ආ ඇ‍යගේ හංස ධෙනුවකට ස්මාන ලැසි ගමන ද දුටුවන්ගේ සිත ඇලීමට වෙහෙසන් හේතු විය. ඉංග්රීමසි සිංහලාදී භාෂා හොඳින් දත් නන්දාවතී හාමිනේ විලි බිය වියයුතු කරුණුත් ස්ථානයත් දත් බැවින් ඇතැම් මෝඩ ගෑනුන් මෙන් බිය සැක නොවී රුපියල් දොළහක්දී දෙවෙනි පංක්තියේ අවසරපත්රෙ දෙකක් ගෙන ජේන් නෝනාට තුන්වෙනි පංක්තියේ අවසර පත්රතයක් ගත්තා ය. මෙ විට මහනුවරට යාම පිණිස අවසර පත්රයයක් ගනිමින්

සිට ජෝන් වීරසිංහ නමැති තරුණ මහතා නන්දාවතී උගත් යුරෝපීය තරුණියක මෙන් ඉංග්රීරසියෙන් කථාකොට අවසර පත්රායක් ගත් නමුත් උතුම් සිංහල කුලාංගනාවක් මෙන් සැරසී සිටි හැටි හා වට පිට බැලිමාදියක් නැතුව දමනය කරන ලද ඉඳුරන් ඇති මෙහෙණියක් මෙන් සිටි ලීලාවත් බලා මහත් පුදුමයට පත්ව දුම්රියට නගිද්දී නන්දාවතී හා මෑණියන් නගින කාමරයට අල්ලාපු කාමරයේ නැග්ගේය. නන්දාවතීලා යන කාමරයේ සාය හා කර පළල් හැට්ටය ඇඳී තරුණියන් දෙදෙනෙකුත් සම්පූර්ණා ගවොමක් ඇඳ හිසේ කුකුළු කූඩුවක් මෙන් පිදුරු තෙප්පියක් ලා ගත් තරුණියක් ද සිටියෝ ය. නන්දාවතී දෙස බලමින් මේ තොප්පිකාරිත් කර පළල් හැට්ටකාරියොත් සිනා සෙමින් උන්හ. මෙසේ යන අතර වේයන්ගොඩ දුම්රියපළෙන් ද ඔහොරිය හා කර පළළ් ‍නුවූ හැට්ටයක් ඇඳ තැන්පත් වූ සිංහල තරුණියක් ඇගේ මහලු මෑණියනුත් සමග නන්දාවතීලා ඉන්න කාමරයට ම නැග්ගා ය. එතනදී ඒතරුණිය නන්දාවතී සමග කථා කොට මිත්ර වුවා ය. සාය හා කර පළල් හැට්ට ඇඳි “නෝනා හාමුලා” දෙ‍න්නාගෙන් වැඩි මහලු තැනැත්තී වේයන්ගොඩින් දුම්රියට නැගි තරුණිය සමග එක ම ආසනයේ සිටි බැවින් මෙසේ කථා කරන්ට පටන්ගත්තා ය.

සාය කාරි - ඔය ඔහොරිය දෙමළ ගෑණුන්ගේ ඇඳුමක් නොවේ ද? සිංහල ඇත්තෝ ඔහොරි ඇඳීම වස කැත යි. කාගෙන් මේ ළමයින්ට පුරුදු වුනා ද?

ඔහොරිකාරි - ඒ මොකුත් නොදැන කරන කථාවකි. වැදගත් දෙමළ ස්ත්රිංයනුත් ඔහොරිය අඳනු සැබෑ ය. නමුත් ඔහොරිය උතුරු දඹදිව පාර්සි, රජපුත්රඅ, සික් ආදී ආය්ය්ිය වර්ගළවල කුල ස්ත්රී්න් ගේ ප්රලවේණි ඇඳුමකි. සිංහල ජනයාත් ඒ උතුම් ආය්ය්ොද යන්ගෙන් පැවත එන බැවින් එම ඇඳුම පරවේණි වශයෙන් ඇඳ ගෙන ආ නමුත් මීට අවරුදු 400 කට මෙහාදි අප රටට පැමිණි පරංගි, ඕලන්ද, ඉංග්රීැසි ආදී යුරෝපීය විදේශීන්ගේ ඇඳුම් සිරිත් විරිත් භාර ගත් අපේ මිනිස්සු ක්රශමයෙන් අපේ නියම ඇඳුම් අත් හැර ප්රංිශාදි රටවල ‍ෛ‍වශ්ය‍ ස්ත්රීින් ගේ විලි බිය රහිත කර පළල් හෙළුවැලි හැට්ටත්ය බරු දැලක් වැනි සැයක් ඇඳීමට පුරුදු විය. ඉතින් නෝනා ගේ කල්පනාව සායටත් කර පළල් හැට්ටෙටත් වඩා මේ


උතුම් ආය්ය් ස්ත්රී න් ගේ ඇඳුම් නරකය කිය ද?

සායකාරි - (ටිකක් හිතට අමාරුව) මේ ළමයා ගේ කල්පනාව හැබෑ තමයි. අපට තමයි වැරදිලා තිබෙන්නේ. මේ ළමයාට ඔය ඔහොරිය සහිත ඇඳුම පුන්චි කාලේ සිට පුරුදු උනා ද - එසේ නැති නම් ළඟදී කාගෙන් වත් පුරුදු උනා ද?

ඹහොරිකාරි - මට මේ ඔහොරිය අඳින්ට සිද්ධවුන කරුණ කීවොත් නෝනා මහත්මයා පුදුම වේවි. නමුත් පරදේශින් ගේ වල් විකාර ඇඳුම් අඳින කාටත් හොඳ පා‍ඩමක් වෙන නිසා ඒ මට සිද්ධ වෙච්ච විපත කීවත් නරකය යි නොසිතමි.

සායකාරි - අනේ ළමයෝ කියන්ට. මම ඒක අහන්ට බොහෝම මනාපයි-කියන්ටකෝ!

ඔහොරිකාරි - එහෙනම් ඔන්න අහන්ට - මීට මාස හයකට පමණ ඉස්සර මමත් මේ මගේ මවුත් තාත්තාත් මගේ පුන්චි මල්ලිත් අපේ බාප්පලාගේ ගෙදර යන පිණිස දුම්රියෙන් ගමන් කෙළෙමු. අපි දෙවෙනි ක්ලෑසියේ කාමරයටකට නැගුනෙමු. ඒ කාමරයේ ආසනයේ කෙළවර තරුණ සිංහල මහතෙකුත් සිටියේය. ඒ මහතා අප දෙස වත් නොබලා සිටින්නාක් මෙන් සිටි නමුත්, මමත් එවකට කර පළල් හැට්ටය සහ සායකුත් ඇඳ සිටි බැවින් මා‍ කෙරේ පිළිකුලෙන් ම සිටින්නාක් මෙන් හැඟුනේ ය. මෙසේ ටිකක් දුර යන විට අප ගෙන යන මංගුස්ටින් ගෙඩි දෙකක් අරන් දෙන්ට කියා අම්මා මට කීවා ම බංකුව යට තිබුණු පෙට්ටිය ලිහා එහි තුබුණු මංගුස් ගෙඩි දෙකක් අරන් දෙන්ට කර බෑවා ම බොස්තොරොක්කයෙන් ඌර්ධගතව තිබුණු මගේ පයෝධර පළල් වූ හැට්ටයෙන් එළියට ආයේ ය. මේ අන්තරායවූ සැටියේ මගේ තුන් මුණින් දාඩිය වැටී සිහි නැතිව ගියේ ය. ඒ වැරදීම අම්මාගෙත් මගෙත් උත්සාහයෙන් හරිගස්සා ගත් නමුත් ඒ කාමරයේ සිටි මහතා හොඳින් දැක තිබේ. නමුත් ශිෂ්ටචාර වූ ඒ මහතා අප දෙස බැලුවේ වත්


සිනාසුනේ වත් නැත. ඉතින් ටිකක් දුර යන විට ‍මගේ සිතේ අමාරුවත් ඇරුණේ ය. අර තරුණ මහතා පොල්ගහවෙල දුම්රියපළ ළඟ සිට මොකක්දෝ කඩදාසියක ලියනවාත් මම දුටුවෙමි. ඉතින් ඒ මහතා කඩුගන්නාවේ දුම්රිය පළෙන් බැස ගියේ ය. උන්නැහේ වාඩිවී සිටි ඉඩමේ කඩදාසි කැබෙල්ලක් ද දමා ගියේය. මම එය රැගෙන බැලුකල එහි ලියා තිබුණු කවි තුන මෙසේ ය.

නැත් මැයි සිසිල් ගතිය ගින්නෙහි නම් මඳක් වත් නැත් මැයි හොදක් පර සිරිත්වල ඒ විලස්නෙන් ඇන් දැත් කතේ නුඹ මැනික් මුතු හා රුවන් වත් නැත් මැයි පලක් සිදුවුණේ වල් හැට්ටේ සන්දා

වැසිය යුතු රහස් තැන් ඒ විලස්නෙන් නොවස්වා වෙසඟනහු අදිත් සල්ලාලයින් සිත් ගැනුම් වස් කුලඟනක විලස් යුත් සෝවුරි ඇන්ද හැට්ටේ විලි බිය වැනසීමේ බේතකැයි දැන් පෙනෙන්නා

ත න ර න් තිසර බඳු වත පිරි සසි බි ම්බු තු මු ව න් දවල දත් රතදර ලග බි ම්බු සු ප ස න් ලඳුනි ඇඳ ඔය හැට්ටය ව ම්බු නො ක ර න් ජාතියට මින් මතු අවන ම්බු

      මේ කවි තුන හත් අට වරක් ම කියවා තේරුම් ගත්මට බලවත් ලජ්ජාවක් ඇතිවී-කාරණාකාරණා දත් මගේ අයියාට මෙය පෙන්නා සිද්ධවූ තොරතුරු කීවෙමි. මගේ අයියා ද මේ වැදගත් අවවාදය දුන් මහතා කව්දැයි බොහෝ උත්සාහයෙන් සොයා (පියදාස සිරි‍සේන මහත්මයා බව දැන) උන්නාහේ ළඟට ගොස් ස්තූති කොට එදා පටන් ඔහොරිය අදින්ට පටන් ගතිමි යි කීවාය. සායකාරි හා අනික් සායකාරිත් ගවොන්කාරිත් පුදුම ව ඒ කවි තුන ලියාගෙන ඔවුන් මහත් ලජ්ජාවට පැමිණ සිටින විට ඒ කාමරේ ම සිටි නන්දාවත‍ී ද කථාකරමින් “සිරිසේන මහතා පාඨශාලාවට යන කාලයේ ස්වකීය ගමේ තරුණියන්ට කියාපු කවියක් ද මට මතකය”යි කීය. එවිට හෙනරත්ගොඩ පළාතේ තරුණිය “අනේ හාමිනේ එහි තොරතුරුත් කියා මට ඒ කවිය ලියා ‍ෙදන්ටය”යි ඉල්විය. එවිට නන්දාවතී “එහි තොරතුරු නම් සිරිසේන මහතා තවත් ළමයි දෙන්නෙකු සමග 


ළිඳක් ළඟට නාන්නට ගොස් සිටින විට අසල ගෙයක තරුණියක් වතුර කළය ගෙන යන පිණිස අවුත් ලිඳට කළය බා වතුර කළය උඩට අදින විට හොඳටම පළල්වු ඇගේ හැට්ටයෙන් පයෝධර එළියට ආහ. තරුණියන් තිදෙන පැනලා දිවූහ. තරුණිය කළෙත් අතහැර ගෙදර දුව ගත්තා ය. නාන්නේ නැතුව සිරිසේන මහතා ගෙදර ගි‍ය නමුත් මේ කවිය තරුණිය වෙත එවුයේ ය.

අ ම න කර පළල් හැට්ටය නුඹ ඇ න්දා දෙ ත න තිසරු ඒ ගැන සිතු නොව න න්දා ප නි න ලෙස ළිඳට එළියට ආ ස න්දා එ දැ න නොකර මින් මතුවට නව නි න්දා

මෙසේ මේ තරුණියන්ගේ කථා අසමින් පරීක්ෂාවෙන් සිටි යමක් කමක් දත් ‍ජෝන් වීරසිංහ මහතාගේ හිත මහත් පුදුමයකට පත්ව නන්දාවතී ගැන විමසීමට කල්පනා කළේ ය. මේ කාණ්ඩය මහනුවරට ගොස් බැස්සෝ ය. ජේන් නෝනා සම්බ වීමට දුම්රියපළට අවුත් සිටි ජෝන් ද මැල් ඈත් සමග කථාකොට ආ යුතු ස්ථානය කියා ඔහු කලින් ගියේ ය. ජේන් නෝනා නන්දාවතී හා ඇගේ මෑණියන් ද බක්කි කරරත්තයක ඉඳුවා ගෙන මැල් මහතා සූදානම් කළ ස්ථානයට ගොස් ඒ ඉඩම ගැන ඉතා සතුටුව දවාලට ලෑස්ති කර තිබුණ ආහාර පාන ගෙන සතුටින් සිටින විට මැල් මහතා ද පැමිණියේ ය. ජේන් නෝනා එවිට නන්දාවතී හාමිනේට කථාකොට මේ සියලුම සංග්රිහ මැල් මහතාගෙන් බව කීවා ය. ඒ ගැන මඳක් හිත චංචල වූ නමුත් නන්දාවතී මැල් සමග ටික වේලාවක් කථා කරමින් සිට සවස හතරට පමණ ඇවිදින්ට ගියා ය.

දළදා සාමින් දක්නා පිණිස මව් හා ජේන් නෝනාත් සමග මාළිගාවට ගොස් වැඳ පුදා අවුත් රෑට ද එකී ස්ථනයේ ම නැවතුනා ය. මැල් උන්නැහේගේ වියදමෙන් ඉතා ඉහාඳින් කෑම බීමාදිය එදා රෑට ද පසු දින උදේට ද ලැබුණේ ය. ගමට එන්ට සූදානම් වන විට මැල් උන්නැහේ ආවේය. මේ කළ සංග්රේහ ගැන නන්දාවති හාමිනේ මැල් මහතාට බොහොම ස්තුතිකොට මේ උපකාරය කිසි දිනක මතක නැති නොකරන බවත්, මීට ප්ර ති උපකාර කරන්ට ද උත්සහ කරන බවත් කීවා ය. මැල් ද ඊට අතිශයින් සතුටුව ස්තුති කරමින් තමා ද එසේ උපකාර බලාපොරොත්තු වන බව කීවේය. නන්දාවතීලා උදේ දුම්රියෙන් ම කොළඹට පැමිණියාහ. මැල් උන්නැහේ ද ඊට පසු දින කොළඹට අවුත් නන්දාවතීට මේ ලියුම ලියා යැව්වා ය.


13 පරිච්ඡෙදය[සංස්කරණය]

ප්රේාමවන්ත නන්දාවතී හාමිනේ වෙතට යි,

මම පෙරෙයිදා නුවරදී හාමිනේ සමග එක්තරා කාරණයක් කථාකර ගන්ට සිතා සිටි නමුත් මෑණියන් ගේ සිටීම නිසා නිකම් සිටියෙමි. හාමිනේලා පුරාණ පොහොසත් ව සිට දැන් අසරණව සිටින අය බව දනිමි. අපට නම් තුණුරුවන් ගේ සරණින් යමක් කමක් තිබේ. නමුත් මගේ හිතට කැපෙන කාන්තාවක් හාමිනේ ඇර මේ තාක් නුදුටිමි. හාමිනේ මා මතක නැති නො කරන බව කී විට මම සිතට ගත්තෙත් මේ කාරණයම යි. ඉන් නිසා මගේ අදහසට එකඟ ද නැද්ද යනු ජේන් නෝනා අත ලියුමකින් දන්වනු මැනවි.

මේ වගට, බලාපොරොත්තු වන. ජෝන් ද මැල්

මේ ලියමන නන්දාවතීට ලැබුණේ තැපෑලෙන් ය . ඈ ලියමන බලා මහත් පුදුමයකට පැමිණ මේ අය එක කුලයක ය. මම අන්යඑ කුලයක ය, එසේ තිබියදී මා විවාහ කරගැනීමට සිතුවේ මේ ජේන් නෝනා වැනි දුෂ්ට ගෑනිය සමග ආශ්රයය කළ වැරැද්දෙනි. ඒ කෙසේ වෙතත් මොහු වෙනුවෙන දෙතුන් වේලක් වත් අප නොදැනුවත් ව නමුත් සංග්රේහ විඳී බැවින් මොහුට සැලකීමක් කට යුතුයි. එසේ නැතත් ලියමනට පිළිතුරු ලිවීම හොඳ නරක දත් කාගේත් යුතුකමකැයි සිතා මෙසේ ලියමනක් ලීයා ය.

ප්රි ය මහත්මයාණනි,

මහත්මයාගේ ලියමන ලැබුණා. තරුණ ස්ත්රීයන්ට ලියුම් ලිවීම යුතු යයි මම නො සිතමි. මඳක් දුර අකුරු ශාස්ත්ර්ය ඉගෙන ගත් තරුණියක් තරුණයෙකු සමග ලියුම් ලිවීමට වැටුණොත් ඒ තැනැත්තිය මහත් අන්තරායට පත් වන්නී ය. නමුත් මා වැනි කාරණාකාරණා දත් බොහෝ දුර ධර්මප ශාස්ත්ර ය උගත් තරුණියෙකුට කා සමග ලියුම් ලියා ගත්තත් අන්තරායක් නොවේ. මහත්මයා අපට නුවරදී කළ සංග්රිහය ගැන නැවතත් ස්තූතිකරමි. ඒ සංග්ර හය අප කලින් බලාපොරෙත්තු වූ එකක් නොවේ. ඒ කොයි හැටි වුණත් කළ ගුණ සැලකීම් වශයෙන් මහත්මයාට සුදුසු ප්රරස්තාවලදී අපේ කෘතඥභාවය දැක්වීමට මතක නැති නොකරන්නෙමු. මහත්මයා මා සමග විවාහ වීමට කථා කිරීමෙන් ම මහතා හොඳ ගුරු අශ්රකයෙන්


වැඩුණු කෙනෙකු නොවන බව දැන ගතිමි. මම එක කුලයක ය. මහත්මයා වෙනින් කුලයක ය. එසේ තිබිය දී මේ කළ යෝජනාව නොසෑහෙන එකකි. ඒ එසේ ද වූවත් ඒ කල්පනාව ඔය තරමින් ම නවත්වා අ‍පේ මිත්රනකම පමණක් පවත්වා ගන්නා ලෙස ඉල්ලමි. මේ වගට-හිතමිත්ර , නන්දාවතී රූපසිංහ.

මැල් උන්නැහේට මේ ලියමන ලැබුණු හැටියේ හිතට මහත් වියවුලක් විය. ස්වකීය උත්සාහයෙන් යන්තම් ජිවිකව කර ගන්න මව්පිය සහෝදරාදී කිසිවෙකු නැති තරුණියක් මේ තරම් තේජවන්ත ගතියකින් කථා කරනවා දැකීම පුදුමයකි. සැබවින්ම මේ තැනැත්තිය උතුම් කාන්තාවකි. මටත් වඩා මේ තැනැත්තිය මහත් උඩඟුවකින් කථා කරන බැවින් මෑ කොයි විධියකින්වත් විවාහ කර ගන්ටම ඕනෑය යි සිතා නන්දාවතීගේ ලියමනට පිළිතුරු වශයෙන් මෙසේ ලීවේ ය.

නන්දාවතී හාමිනේ වෙතට යි,

මා වෙත එවන ලද ලියමන ලැබුණා. මම එක කුලයකත් හාමිනේ වෙනින් කුලයකත් බව මම දනිමි. නමුත් සුළු වශයෙන් සැලකිය යුතු කුල භේදයට වඩා ජතිය වශයෙන් හා ආගම අතින් අපි එක ය. දැන් අපේ කුලයේ මිනිස්සු කී දෙනෙක් ගොවි කුලයේ ස්ත්රීආන් විවාහ කරගන සිටිත් ද? එසේම ගොවිකුලයේ කී දෙනෙක් කරාව කුලයේ ස්ත්රීින් විවාහ කරගෙන සිටිත් ද? ඊටත් වඩා දුටුගැමුණු මහ රජතුමාගේ පුත්ර සාලිය රාජ කුමාරයා චණ්ඩාල ස්ත්රිතයක් විවාහ කර ගත් බව ද පෙනේ. ස්ත්රීේ පුරුෂයන්ගේ ප්රේ්මය මිසක් අන්යක කුල ගෝත්රම බැලීමට කරුණක් ද? දැන් ඉන්දියාවේ බ්රා්හ්මණ ශ්රේෂෂ්ඨයන්ගේ දූ දරුවන් උගත් ශුද්රියන් සමග පවා අවාහ විවාහ වන බව පෙනේ. ඒ නිසා හාමිනේ වැනි යමක් කමක් තේරෙන කෙනෙක් ජාතිය ආගම හා ලෝකයේ තොරතුරු දත් මා අන්ය කුලයක යි වෙන් කිරීම කිසි සේත යුතු‍ නොවේ. මේ වගට - හිතේසිවන්ත, ජෝන් ද මැල්.

මේ ලියමන කියවා බැලූ නන්දාවතී‍ෙග් හිත බලවත් ධෛය්ය්ි වවත් භාවයකට පත් විය. නමුත් ධනපාල තෙන්නකෝන් මහතා ස්වාමිපුරුෂයා කර ගනිමැ යි කලින් කරගත් නියමය වෙනස් කිරීමට හේ කුලමල නොතකා විවාහ වීමට හෝ ඈ කිසිසේත් කල්පානා


ලොකළාය. එසේද වූවත් ජෝන් ද මැල් මහතාගේ ජාති ධමර්යහ දැනීම ගැන සතුටුව මේ ලියමන ලීවා ය.

ප්රිිය මහතාණෙනි,

මහතාගේ ලියමන ලබුණා. කලින් මා සිතා සිටියාටත් වඩා මහත්මයා කාරණාකාරණා දත් කෙනෙකු බැවින් මේ ලියමන ඉතා ප්රී තියෙන් ම ලියමි. ජාතිය වශයෙන් අපි සියල්ලෝ ම එක බැව් හැබෑ ය. හැදිච්ච පවුල්වල උදවිය කුල භේද නොතකා ආවාහ විවාහ කරගන්නා තුරු කිසි කලෙක ජාතියක් වශයෙන් අපට ශක්තියක් ඇති නොවේ මැයි. එසේ ද වූවත් එය පටන් ගත යුතු අසරණ මගෙන් නොව උසස් පවුල්වලින් ම යි. කුල දෙකක අසරණ අය එක්වීම කුල භේද නැති කිරීමට කරන ක්රිලයාවක් ලෙස මහ ජනයා පිළිගනු නොලැබේ. අසරණ අය තමාට කරගන්ට කිසිවක් නැති නිසා කරනවාය යි කියනු අනුමාන නොවේ. ඒ හෙයින් සිංහලයන්ගේ කුල භේදය නැති කරනු පිණිස ඉතාම උසස් සිංහල පවුල් අතර කුල භේද නොතකා ආවාහ විවාහ පටන් ගත යුතුව තිබේ. මිශ්ර වීම කොහෙත් ම හොඳ නොවේ. නමුත් සිංහල ජාතියේ කව්රුත් එක නිසා ඔවුනොවුන් අතර පමණක් කුල භේදය නොතකා විවාහවීම වැරදි නැත. හරක් පමණක් මිශ්රත වූ විට බර ඇඳීමට හොඳ ය. මනුෂ්යකයන් අතර ස්වජාතියෙන් පිට අන්ය් ජාතියක් හා මිශ්රරවිම හොද නොවේ. මහත්මයා හා මමත් විවාහවීම මිශ්ර විමක් නොවන නමුත් තවම අප රටේ කුල භේදය පවත්වන බැවින් ලොකු මිනිස්සු ඉදිරියට අවුත් එය කඩා දමන තුරු අපේ මිශ්රයවීම බලවත් වැරැද්දක් වන්නේ ය. ඊටත් වඩා මා විවාහ වීමට කෙනෙකු සම්මත කර ගෙන සිටින බැවින් මහත්මයා මා කෙරේ ඇති කළ ප්රේීමය දුරු කරන ලෙස ඉල්ලා සිටිමි. මේ වගට - හිතේසිවන්ත, නන්දාවතී රූපසිංහ.

මැල් මහතට මේ ලියමන ලැබුණාම ඈ කෙරේ වඩ වඩාත් ප්රේයමය ඇති විය. මැල් මහතා මෙසේ සිතුයේ ය. නන්දාවතී කුල ධර්මේය ජාති ධර්ම ය හොඳින් දත් උගත් ස්ත්රිෙයෙකි. කුල භේදය ලක්දිව සිංහලයන් අතර ඇතිවී තිබෙන්නේ කල්යාසණවතී බිසවගේ කාලයේ ය. ඉන් ඉස්සර එබන්දක් තිබුණ බවක් නොපෙනේ. දැන් ඒ කුල භේදය පවතිතත් එය කාරණාකාරණා දත් අයට සිනාවට කරුණකි. අමිශ්ර වූ සිංහල පවුලක් සොයාගැනීම පවා දුෂ්කරව තිබෙන මේ කාලයේ අමිශ්රවවූ

කුලයක් හෙවත් ගොත්ර යක් ඇතිවෙන්ට ම බැරිය. නන්දාවතී උගතියක් නිසා අපෙන් මේ කුලභෙද මලකඩය කඩා ලන්ට ම පිළිවන් වනු අනුමාන නොවේ යයි සිතා මෙසේ ලීවේ ය.

නන්දාවතී හාමිනේ වෙතට යි.

‍මා වෙත එව් ලියමන ප්රී තියෙන් කියවා බැලිමි. ජාති ධර්මන ශාස්ත්රයය උගත් මින්සුන් අතර කුල භේදය ඇති විය නොහැකි බව හාමිනේ ම පිළිගෙන තිබේ දැන් එංගලන්ත, ප්රින්ස, ජර්මන්, ජපන් ආදී රටවල එබන්දක් ඇත්තේ නැත. ඊට හේතුව ඒ රටවල මිනිසුන්ට පාඨශාලාවලදී ම නොහොත් මෑණියන්ගේ උකුලේදී ම ජාති ධර්මල ශාස්ත්රාය උගන්වන බැවිනි. එක ජාතියක මිනිසුන් විවිධ කුලවලට බෙදී අන්යොමන්ය යන් කෙරෙහි පිළිකුල් කරමින් අසම්බන්ධව ඉඳිම ජාතියේ පිරිහීමට ඇතිවී තිබෙන එක ම වියවුලක් ය. කුල භේදය නරක නමුත් එය රටේ ප්රිකටව පවත්නා හෙයින් එය කඩා දැමීමට මූලික විය යුත්තෝ සිංහල ජාතියේ ප්රිධානීහු බව හාමිනේ කියන්නී ය. සැබවින් එය සැබෑවකි. අන්යහ ජාතිවල කෙසේ වෙතත් අප සිංහල ජාතියේ ප්රිධානීන්ගෙන් ඉතාමත් වැඩි පක්ෂය ආත්මාර්ථාකාමි අධමයෝ යි. එ බැවින් මනුෂ්යනයන් අඥාන භාවයේ ගිල්වා ගෙන ඔවුන්ගෙන් අයුතු ගරු බුහුමන් ලබන ප්රිධානියා කියන අය ජාතිය දඅයුණු කරවා තබා ඒ ගැන වචනයක් කියනවාටත් සතුටු නොවෙති. ඉන් නිසා ජාතිය සම්බන්ධ දියුණුවක් වන කුලභේදය නැති කිරීම අප විසින් ම ආරම්භ කළ යුතු ය. හාමිනේ මා සමඟ විවාහවීමට කැමති වන්නෙහි නම් රටට ද ආදර්ශයක් වනු අනුමාන නොවේ. මීට පිළිතුරු ල‍ැබේවා!

මේ වගට - හිත‍වත්, ජෝන් ද මැල්.

නන්දාවතී මේ ලියුම බලා මැල් උන්නැහේට අන්තිම ලියමන ලියන්ට සිතා මෙසේ ලීවා ය


ප්රි ය මහතාණෙනි,

නීති ශාස්ත්රරය මෙසේ කාරණයක් දක්වා තිබේ.

වි පු ල නැණැති මහතුන්හට පත් විප ත නි ස ල නැණින් යුතු උතුමෝ ම දුරල ත ක ල ල ගිලුණු මත වරණිදු ගොඩගනු ත තු මු ල බලැති ගිජිදෙකු මිස අන් කෙව ත



නීතිය මේ නිසා ම මුළු ලෝකයෙහි පතළා වූ යසෝරාශියෙන් හෙබි අපේ සිංහල ජාතිය දැන් දුර්වල ව අසමගි ව බෙල හීනව සිටින මේ කාලයෙහි එය තව වරක් නැගිටවීමට ජාති ධර්මවය ප්රවකෘතිමත් කිරීම වශයෙන් වැඩ කරණු සඳහා ඉදිරියට ආ යුත්තෝ ධර්මල ශාස්ත්රාලදිය උගත් පණ්ඩිත ජනයා හා ධන සම්පත් ආදියෙන් යුත් ජනයා මයි. මම වනාහි දුගී ස්ත්රිණයෙක්මි. ඒ මාගේ අසරණකම නිසා ටිකක් ධනය ඇති මහත්මයා සමග විවාහවීම නිසා ජාතිය සමගි කිරීමට කළ ක්රි්යාවක් බව පිළිගන්නා කිසිවෙක් ඇත්නම් ඔහු අඥානයෙකු විය යුතුයි. ඉන් නිසා මා ගැන මහත්මයා බලාපොරොත්තු නොවී ස්වකීය කුලයෙන් ම ස්ත්රියයක් සරණ කර ගත මැනවි. මටත් අපේ කුලයෙන් ම සුදුසු ස්වාමියෙකු ලැබී දියුණුව කල යවන්ට ලැබුණොත් ඒ අප නිසා ම යම් දූ දරුවෙක් ඇතිවුණොත් ඒ කාලයේදී කුල මල නොතකා අවාහ විවාහ කර දීමට බලන්නෙමි. මහතාත් එසේ කල්පනා කළ මැනවි. මින් මතු මට ලියුම් නොඑවන මෙන් ද ඉල්ලා මි.

මේ වගට - හි‍තවත්, නන්දාවතී රූපසිංහ.



14 පරිච්ඡෙදය[සංස්කරණය]

මැ ල් මහතාට මේ ලියුම ලැබී මහත් කනගාටුවට පැමිණ කොයි ක්රදම‍යකින් වත් නන්දාවතී භාය්යාපැම කරගනිමැ යි තදින් සිත‍ාගෙන ලියුම් ලිවීම නැවැත්තුවේ ය. නන්දාවතීලා දළදා වන්දානාවට නුවර යද්දී දුම්රියේදී දැක නන්දාවතී කෙරෙහි ප්රනසන්න වූ ජෝන් වීරසිංහ මහතා එදා පටන් නන්දාවතී ගැන සොයා පරීක්ෂා ‍ෙකාට ඈ කෙරෙහි බලවත් ප්රනසන්නයක් ඇතිව සිටියේ ය. වීරසිංහ මහතා ඉඩකඩම් ඇති ධනවතතෙක්වාත් ඇර පරම්පරාගත වැදගත් කෙනෙකි. නන්දාවතීලාගේ තොරතුරු අසා ඔවුන් ගේ මුල් කාලය කෙසේ වෙතත් දැන් සිටිනා ‍පහත් ගතිය නිසා තමාගේ ප්රේමාණයට නන්දාවතී භාය්යාොද කර ගැනීම සුදුසු නොවේ යයි සැලකූ නමුත් නන්දාවතී සම්බ වන පිණිස එක් දිනක කොළඹට පැමිණියේ ය. එසේ පැමිණ කොළඹ ‍මැ‍ෙට්රාතපොලිටන් හෝටලයේ කීප දිනක් නැවතී සිටියේ ය. මේ මහතා ද යුරෝපයේ සිට අවුත් එම හෝටලයේ ම කීප දිනක් නවතින පිණිස ලැඟුම් ගත්තේ ය. තෙන්නකෝන් මහතා ගැන


වීරසිංහ මහතා නොදනිතත් යම් විධියකින් කථා කරන්ට ලැබී දෙන්නාම ඔවුනොවුන්ගේ තරාතිරම් ගැන අසා පැහැදී එක් දිනක් රෑ කෑමෙන් පසු මෙසේ කථාවට බැස්සේ ය.

වීරසිංහ - මහත්මයා මේ යුරෝපයේ ඇවිද එන ගමන ම නිසා අපට බොහෝ කාරණා ඉගෙන ගන්ට ඇතුවාම අනුමාන නැහැ.

තෙන්නකෝන් - ඔව් මහත් රාශියක් දැන ගතිමි. නමුත් සිංහලයන්ට පැමිණ තිබෙන මහා වියවුල ගැන ළතැවිල්ලට පත් මම බොහෝ අසනීපව සිටිමි.

වී. - ඒ කුමක් ද මහත්මයා?

තෙ. - වර්තමාන සිංහල මිනිස්සු තරම් කිසි කාරණයක් තේරුම් නොගෙන ක්රිමයා කරන අන්යි මනුෂ්යර වර්ගකයක් ඇත්තේ ම නැහැ.

වි. - අපි යුරෝපීය නම් ගම් ඇඳුම් පැළඳුම් සිරිත් විරිත් ආදිය පිළිගෙන සිටිමු. මහත්මයා කියන වැරැද්ද ඒක ද?

තෙ. - එපමණක් නොවෙයි - යුරෝපීය, ඇමෙරිකන්, ජපන්, චීන ආදී කිසි රටක නැති විධියේ භේද ඇතිකර ගෙන අසමගිව පිරිහෙන වර්ගතයක් සිංහලයෝ ඇර වෙන කව් ද? දියුණු වීමට ඉඩ නැති, එකට සම්බන්ධ වීමට ඉඩ නැති කුල ගොත්රි ලංකාවේ කොපමණ ද? නමුත් යුරෝපයේ එබඳු එකක් වත් නැහැ. ස්වකීය ජාතියෙන් පිට අන්යන ජාතීන්ට සම්බන්ධවීම පමණක් ඔවුන් තදින් පිළිකුල් කරති.

වි. - ඒක මට විශ්වාසකරන්ට බැහැ. මක්නිසාද දැනට ම සිංහල මිනිස්සු කීප දෙනෙක් ඉංග්රීණසි ගෑනුන් කසාද බැඳ ගෙන තිබෙන බව පෙනෙන හෙයිනි. එසේ ම අන්ය් ආසියාතික ජාතික මිනිසුන් සමග ගොස් සිටින ගෑනුන් අනන්තයි.

‍තෙ. - හරි - මහත්මයාත් අපේ රටේ අන්ය මිනිසුන් මෙන් ම ඔය කාරණය මුළාවෙන් තේරුම් ගෙන තිබේ. කොයි රටවලටත් පංක්ති තුනක මිනිස්සු සිටිති. එංගලන්තයේ පහත් පංක්තියේ ගෑනු තැබෑරුම්වල සාප්පුවල වෙන වෙන කර්මාබන්ත ශාලාවල කුලියට වැ‍ඩ කර රැකෙන කුල ධර්මාවදියක් අනුව නොහැදුන වල් ගෑනු ය. කාගේ බෙල්ලේ එල්ලෙමු දැයි සිටින විට අප රටෙන් ඉගෙනීමාදිය සඳහා යන ධනවත් අය සමග විවාහ වෙති. ඒ මිසක් යුරෝපයේ අසවල් කුලාංගනාව ආසිකාතිකයෙකු සමග විවාහ වූබව මිත්රකයාට ඔප්පු කළ හැක ද?

වී. - ඔව් එසේ පිළිවන්ක3මක් නැහැ. ඒ නිසා දැන් අප රටට එන කොච්චි ආදීන් සමග යන එනමං නැති වල් ගෑනුන් එක් වෙන්නාක් මෙන් යුරෝපයේ ගෑනුන් ආසියාතිකයන් සමග එක් වෙන බව තේරුම් ගතිමි.

තෙ. - ඉතින් වියවුල කීවේ ඕක පමණක් නොවේ. අප රටේ නොයෙක් කුල පවත්නා බැවින් එක කුලයකින් තවත් කුලයකට විවාහ නොකරන අතර ස්වකීය කුලයට වඩා සර්වප්රතකාරයෙන් පහත්, ජාතියෙනුත් පිටස්තර වූ යුරෝපීය ගෑනුන් කසාද බැඳ ගැනීමේ දී කිසිවෙක් කුලමල නොසෙවිම මහා වියවුලකි. මෙපමණකුත් නොව යුරෝපිය ජනයා ධන රැස්කිරීම සඳහා යොදන උපක්ර මවලට ඔවුන් විසින් තනන අප්රධයෝජන ද්ර්ව්යො ගැනීමටත් මෙහි ඇති තරම් ධනය සිංහලයන් ඉතා ආශාවෙන් පුදකරනු ලැබේ. යුරෝපීය ජනයාගෙන් ඉගෙන ගත යුතු උත්සාහවත් භාවය, ජාත්යාකලය, සමගිය ආදී මා හැඟි ගුණධර්මු කිසිත් ඉගෙන නොගෙන ඔවුන්ගේ පහත් සිරිත් වන මත්පැන් බීම, හොනිමුන් ‍යාම, ස්ත්රීඔ පුරුෂයන් එකට නැටීම, ප්රිමාණය ඉක්මවා සැප විදීම, කොයි කුමයකින් හරි ධන සැපයීම යනාදිය පමණක් අප රටට පුරුදුවී තිබේ. මේ මහා වියවුල් සිංහල ජනයා තේරුම් ගන්නා තුරු කිසි කලක අපට දියුණු වක් නම් අත් නොවේ. මේ ගැන සුදුස්සක් කරන්ට මේ කාලයව තිබේ.

වි. - මේ ගැන කුමක් කටයුතු ද?

තෙ. - ජාතියක දියුණුවට අවශ්යේයෙන් උවමනා කරුණු තුනකි. එනම් - කැළඹවීම, ඉගැන්වීම, හා එක්ව ක්රිමයා කිරීම, (Agitation, Education and co-operation) යන කාරණා තුනයි. මේ ගැන හැකි තරමින් ක්රිියා කරණු සඳහා මගේ ඉතිරි කාලය ගත කරන්නෙමි කියා නිදන්ට ගියේය. වීරසිංහ උන්නැහේ ද එදා තෙන්නකෝන් මහතා නිදන කාම‍රයේ ඇඳක ම නිදා ගන්ට ගොස් මෙසේ කීයේය.

“මහතාණෙනි! දැන් අපේ ස්ත්රිද පක්ෂය අතර අපේ පැරණි ආය්ය්ැකි ඇඳුම වන ඔහරිය පුරුදුවේගන යන බව කීමට සතුටු වෙමි. මීට දෙමාසයකට පමණ පෙර දුම්රියේ යන අතර සාය ගවුන් ඇඳි කුල ස්ත්රීුන් දෙදෙනෙක් ඔසරිය ඇඳි කුලස්ත්රීදන් දෙදෙනෙක් ඔසරි ඇඳි


කුලස්ත්රී න් දෙදෙනෙකුත් එක කාමරයක යමින් කළ කථාවකින් ඔසරිය ඇඳි තරුණියන්ට ජයවූ හැටි දැක මට මහත් පුදුමයක් විය. එදා ඒ ඔසරිය ඇඳ කොළඹින් ම දුම්රියේ නැග ගිය නන්දාවතී නම් තරුණ කුලාංගනාව කෙතරම් සුවිනීත ස්ථානෝචිත ප්රගඥා සම්පන්න සිංහල කුලාංගනාවක් ද කිවහොත් මම මේ වත‍ාවේ කොළඹට පැමිණියේත් ඈ ගැන පරීක්ෂා කිරීමටයමය”යි වීරසිංහ මහතා කීයේ ය.

මේ කිය ලද්දේ තමාගේ සිතෙ පවත්නා නන්දාවතී රූපසිංහ හාමිනේ ගැනම යයි වැටහුණු තෙන්නකෝන් මහතාගේ හිත බලවත් ප්රීසතියට පැමිණියේ ය. ඒ බව නොහඟවා “ඉතින් මහත්මයා ඒ ස්ත්රිා සොයාගෙන ආවේ කුමන අදහසක් පිට දැ”යි ඇසුවේ ය. “මම ඇය සොයාගන ආවේ ඈ යහපත් මවුපියන්ගේ යහපත් තරුණියක් නම් ඈත් කැමැති නම් විවාහ කර ගන්න කල්පනාවෙන් යයි කීය. එවිට තෙන්නකෝන් මහතා ද “බොහොම යසයි” කියා නිදා ගත්තේ ය. පසු දින උදේ ම වීරසිංහ මහතා නැගිට තේවතුර බී මිත්රයයෙකුගේ ආධාරයෙන් නන්දාවතීලා සිටින ස්ථානය සොයාගෙන ගියේ ය. නන්දාවතී හා මෑණියන් පමණක් ඒ වේලාවට ගෙදර සිටියහ. වීරසිංහ මහතා එහි පැමිණි හැටියේ ගරු බුහුමන් පෙරදැරිව වාඩිවෙන්ට දී බුලත් හෙප්පුව ද ළඟන් තබා නන්දාවතී ටිකක් ඈත්ව සිට “මේ මහත්මයා කොයි සිට කුමක් සඳහා ආ කෙනෙක් දැ”යි අසුවා ය. එවිට වීරසිංහ “ඇයි හාමිනේට මා මතක නැද්ද. එදා නුවර යද්දී මමත් දුම්රියේ සිටි‍ෙයමි. ඒ ඇඳිනීම නිසා හාමිනේ සොයා ගෙන ආමී”යි කීයේය. එවිට නන්දාවතීට ද මතක් වි සිනාසී “ඔව් මටත් මතකය” කියා ටිකක් පිළිසඳර කථාකොට මෙහි පැමිණෙන්ට උවමනාව කුමක් දැයි ඇසුයේය. වීරසිංහට තමාගේ අදහස කියන්ට ලජ්ජා නමුත් නොකියා නොහැකි හෙයින් මෙසේ කීයේ ය.

“මම වීරසිංහ රාළහාමිගේ එකම පුත්රටයා යි. හාමිනේ එක දිනක් දැකීමෙන් ම බලවත් ප්රේංමයක් සිතේ ඇති විය. හාමිනේ සතුටු නම් සිරිත් ලෙස සරණ බන්ධනයට විමසීමට ආවෙමි. දැන් කාලේ පවතින සිරිත්වලට මේ මඟුල් ඇසීම ටිකක් විරුද්ධ නමුත් මගේත් හාමිනේගේත් ප්රේමාණයේහැටියට මීට වෙනස් ක්රකමයකින් මේ මඟුල ඇසීමට ඉඩක් නැති බැවින් මම ම ආවෙමි.”

වීරසිංහ දුටුහැටියේ මත් ප්රී තියට පත්ව සිටි නන්දාවතීගේ ම‍ෑණියෝ මේ වචන ඇසීමෙන් අභිෂෙක ලද්දියක් මෙන් දුවණිය


ගෙට අඬ ගසා ගොස් “පුතා උඹ කැමති වෙයන්. මීට වඩා හොඳ කාරණයක් ලැබෙන්නේ ම නැත. උඹ වහාම සතුටු වෙයන්නැ”යි කීවාය. නන්දාවතී එවිට මෑණියන්ට කථාකොට “අම්මේ කෙනෙකුගේ වාසනාව අවාසනාව වැඩි මහන්සියක් නැතිව ලඟටම ඇවිත් පලදීම සිරිතකි. ඒ නිසා මට වැදගත් සෑහෙන පුරුෂයෙක් ලැබෙතොත් උඹයි මමයි ඉක්මන් නූනාට ලැබෙනවා මයි. මම විවාහයක් ගැන කල්පනා කර ගෙන හුඟක් කලියි. එය සිතින් අත් හැරීමට තවම කාරණා සිද්ධවී නැත. ඉන් නිසා මේ ඇවිත් ඉන්න මහත්මයාට සුදුසු සංග්රුහ කර යන්ට අරිමු. අම්මා මොකුත් මේ ගැන කතා කරන්ට කමක් නැත” කියා ඉදිරියට විත් “මහත්මයා මා කෙරේ ප්රොසන්න වීම ගැන ඉතාම සතුටුයි. මීට කලින් මම විවාහ වීටම තීන්දු කර ගත් මහතෙක් ඉඳියි. ඒ මහතා සමග විවාහ වීමට මම ඒකාන්ත භක්තියෙන් සිතා‍ගත් බැවින් මගේ චෛතසික බලයෙන් ඒ මහතාගේ හිත වසඟ කරනු අනුමාන නොවේ. ඉන් නිසා මහත්මයා මා ගැන බලාපො‍රොත්තු විය යුතු නොවේය”යී කීවාය.

වීරසිංහ මේ වචන ඇසීමෙන් පුදුමයට පැමිණ මට පවුන් තුන් හාරදාහක දේපලත් සමග ප්ර සිද්ධ ධනවතෙකුගේ දුවක් කසාද බඳින්ට පිළිවන්කම තිබිය දී මේ අසරණ කාත් කව්රුත් නැති තරුණිය සතුටු නූනා පුදුම යයි සිතා මෙසේ කීවේය. “හාමිනේ ඔය හිතා ගෙන ඉන්න කෙනෙකු ගැන ඒ බලාපොරොත්තුව ඉෂ්ටවීම විශ්වාසයක් නැත. මගේ මේ පැමිණිම පුරාණ පිනක් මතු වීමක් හා සමාන ය. මම නැවත එන්නෙමි යි නොසිතිය යුතුයි. දැන්ම සතුටු වෙතොත් හොඳය”ය කීය. එවිට නන්දාවතී මඳක් සිනාසී “නිවැරදිවු අදහස් ඇති කෙනෙකු සිතන සිතිවිල්ල එසේම සිද්ධවීම අහසට දැමූ කැටක් බිම වැටෙන්නාක් මෙන් සිද්ධවන ඒකාන්ත කාරණයකි. ඒ හෙයින් මම එක්තරා මහතෙකුට භාය්යාධවන වෙමියි සිතා ගෙන දැනට අවුරුදු කීපයක් ගත වී ‍ගියේය. ඒ මහතා නොලදොත් අවිවාහකව සිටිනු මිස කිසි කාලයක කසද නොබඳිමි. ඉන් නිසා කරුණාකර මහත්මයා යන්ටය” කීවාය. මින් පසු වීරසිංහට කිසිවක් කියා ගත නොහැකිව නන්දාවතීගේ උතුම් කල්පනාව ගැන ස්තූතිකොට යන්ට ගියේය.

වීරසිංහ ‍මැට්රොාපොලිටන් හෝටලයට එන වි‍ට තෙන්නකෝන් මහතා යම් කිසි කටයුත්තක් සඳහා එළියට ගොස් ආ හැටියේ ම විය. වීරසිංහ දැක සිනාසී “කොහොම ද අදහස් කර ගෙන ගිය තරුණිය


සම්බවුනාදැ”යි ඇසුවේය. එවිට වීරසිංහ ද “ඔව් මහත්මයෝ ඉතා අමාරු‍ෙවන් ඈ ඉන්න තැන සොයා ගෙන ගොස් කථාකෙළෙමි. ඉතා ශිෂ්ටාචාර ලෙස ඉන්නා දුප්පත් රූපත්, උසස් කල්පනා ඇති තැනැත්තියෙකි. ඈ මිට අවුරුදු කීපයකට පෙර කව්දෝ මහතෙකු සමග විවාහ වීටම සිතා ගත් බවත් එය ඈට නොඅනුමානව ඉෂ්ට ‍වන බවත් කියා මා ප්රතතික්ෂේප කරන්නීය”යි කීවේය. එවිට තෙන්නකෝන් මහතාට කාරණය හොඳින් අවබෝධව “එසේනම් ඈ ඒ බලාපොරොත්තුව ඉන්නා අයත් කැමැත්ත දී තිබෙන බව කීවේ දැ”යි ඇසුවේය. “නැත එසේත් නොවේය. ඈ කියන්නේ පිරිසිදු අවංක අදහස් ඇති කෙනෙකු සිතන යමක් ඇත්නම් ඒ ඉෂ්ට කර දීමට චෛතසිකයන්ගේ ශක්තියක් ඇති බවය. මේ තරුණිය මහ භූතයන් කෙරෙහි අධිපති භාවයක් සිතට පවතින බව පවා දන්න මහත් ඥානවන්තියෙකි. ඒ හෙයින් මෑ අයිති වන කව්රු ‍නමුත් මහත් වාසනාවන්තෙයෙකැ”යි කියා තමා ගමට යන බව ද කියා යන්ට ගියේය.

තෙන්නකෝන් මහතා නන්දාවතී කෙරෙහි බලවත් ප්රේනමයක් ඇති ‍ෙකළේ ය. ඉක්බිති ඈ සොයන්ට යමැයි සිතා මරදාන පැත්තෙන් යන පාර මිනිසුන්ගෙන් අතුරු සිදුරු නැති හෙයින් තමා ගිය රික්ෂො රථයෙන් බැස ඒ අසල සපත්තු තනන අසරණ මිනිහෙකුගේ කඩේ ස්තෝප්පුවට ගොඩ නැඟුනේ ය. එහි ඉරී ගිය කබල් ‍ගවොමක් ඇඳ දැලිකුණු වැකුනු ශරීරයෙන් යුත් කෑම හිඟාකමින් වැහැරී ගිය ස්ත්රී්යක් ළ‍මයෙකුත් වඩා ගෙන තව ළමයෙකුත් අතින් අල්වා ගෙන සිටිනු දැක තෙන්නකෝන් මහතා පරීක්ෂා කර බලන විට තමාට කලින් මඟුල් ඇසූ ගුණසේකර මුහන්දිරම්ගේ දුව වන ජෝර්ජියානා බව ඇඳින ගත්තේය. “අහෝ මේ සසරේ හැටි. ජෝර්ජියානාලා හි‍ටියේ කොහොම ද? දැන් මේ පැමිණි තිබෙන හැටි ‍නොවේද? අනේ පරසිරිත - අනේ විකාර - අනේ ධර්මඑය ඉවත ලෑම - අනේ ජාතිය මතක නැති කිරීම - අනේ කුල සිරිත් නොරැකීමේ විපාක ඉහාත්ම භාවයේ ම පල දුන්නා නොවේ දැයි සිතා ‍ජෝර්ජියානාට තෙන්නකෝන් මහතා අඳුනා ගන්ට බැරිවූ සෙයින් කථා නොකර ම යන්ට ගියේය.

තෙන්නකෝන් මහතා නන්දාවතීලාගේ ‍ ගේ ළඟට ම ගොස් නැවතත් මෙසේ කල්පනා ‍ෙකළේය. ස්ත්රී න්ගේ තත්වය මහත් භායානක ය. වීරසිංහ සමග මිත්‍රව මා රවටන අදහසකින් වාගේ ගුණවත්කම හඟවා එව්වා දැයි කියන්ටත් බැරිය. ඊටත් වඩා මම ගමටත් තවම නොගොස් යුරෝපයේ සිට එන ගමන් මෑ බලන්ට


යාමෙන් මැගේ සිත අහංකාර වන්නේ ය. ඒ හෙයින් ගමට ගොස් ලියමනක් එවා පරීක්ෂා කර බලමැ යි සිතා ආපසු මරදානේ දුම්රිය පළට විත් ඒ ළඟම යන දුම්රියෙන් මහනුවරට යන්ට ගියේය. තෙන්නකෝන් මහතා ස්වකීය වතුපිටිවල කටයුතු ගැන කීප දවසක් පරීක්ෂා කර බලා නන්දාවතීට ලියුමක් යැවීටම සිතා ගෙන ස්වකීය කන්තෝරුවට ගියේය. පළමුකොට නන්දාවතීට ලියනවා වෙනුවට ජෝර්ජියානාලාට සිද්ධවී තිබුණු හරිය දුටු බැවින් ඒ ගැන ගුප්තවශයෙන් යමක් ලියමියි සිතාගෙන මෙසේ ලියමනක් ලීවේ ය.

නන්දාවතී වෙතටයි,

‍මම යුරෝපයේ සිට නව මාසයකට පසු ගිය සතියේ ගමට පැමිණියෙමි. ලක්දිව හා උඹලාගේත් ‍ෙතාරතුරු කිසිත් ‍නොදනිමි. ගුණසේකර මුහන්දිරමගේ දූ වන ‍ෙජාර්ජියානා ‘හාමු’ ගේ තොරතුරු කෙ‍හොමද. දවසකට තුන් හතර වරක් පැමෝරා සෝප් ගගා අතපය සේදීමත් පාවිච්චි නොකළ තුවය හතරක් පහක් දිනකට මූණ අත පය පිසීමට ගැනිමත්. දවසකට දෙවරක් අශ්ව රථයකින් ගෝල්පේස් වික්ටෝරියා ආදී පිට්ටනිවල සංචාරණයත්, තරුණයන් සමග ටැනිස් ගැහීම්, කෝට් කිරීම ආදයත් දැන් කොහොමද? දැනුත් ඉස්සර වාගේ ජාරය රුපියල් 71/2 ටගත් පට රෙදිවලින් ගවොන් තුන හතර බැගින් දවසට අඳිනවා ද? කකුළු පිහාටු කඩදාසි මලුත් ගසා ‍තනන සුදු ආප්ප හාඩේ ඇති රුපියල් තිහ හතළිහ වටිනා තොප්පි අඳීමත් එසේ ම ද? වයිට් රෝස්, හසුනොහනා සැන්ට් වර්ග7 බෝතලයක් දෙකක් ඇඳ ඇතිරිල්ලේ දමා සයනය කරීම දැනුත් එසේම ද? නුඹලාගේ කල දසාව කොහොම ද? දැන් සිංහල ස්ත්රීඑන් කීප දෙනෙක් විකාර ඇඳුම්වලිනුත් තුරන්ව සිටින නමුත් මුදල් යහමින් ල‍ැබෙන පවුල්වල තරුණ තරුණියන්ට වියරු වැටීම ඉතා අධික බව සැබෑ ද? උඹේ හරි පදිංචිය ආදිය නොදත් හෙයින් මීට වඩා නොලියමි.

මේ වගට - හිතවත්, ධ. තෙන්නකෝෝ.


15 පරිච්ඡෙදය[සංස්කරණය]

නන්දාවතීට මේ ලියමන ලැබී මහත් ප්රී,තියට පැමිණ තමාගේ බලාපොරොත්තුව ඉෂ්ට වෙන තැනට පැමණියේ යයි ප්රී්ති වී මෙසේ ලියමනක් ලීවා ය.


ගරුතර මහතාණෙනි,

මා වෙත එවන ලද ලියමන ලැබී අපමණ ප්රී තියෙන් කියවා බැලිමි. තමුන්නාන්සේ යුරෝපයේ සංචාරණය කොට සුවසේ පැමිණිම ගැන ප්රීීතිවෙමි. ජෝර්ජියානා පළමු කසාද බැදි සිරිල් වික්රපමතිලකගෙන් දික්කසාද වන පිණිස නඩු කියා පවුන් දාහකට වඩා වියහියදම් කර ගෙන අවුරුදු එක හමාරක් පමණ විඳ විඳ යන්තම් කසාදය අවලංගු කර ගෙන ජිමී නමැති ලංසියා සමග විවාහ වුණ බව පමණක් ආරංචිය. ඉන් පසු කුමකින් කුමක් වුණා දැයි නොදනිමි. අපේ සුව දුක් සම්බන්ධව කියන්ට අමුත්තක් නැත. තමුන්නාන්සේ දැකීමට මහත් ආසාවකින් සිටිමි. මම අවාසනාවන්තියක් නිසා තමුන්නාන්සේට දැකීමට වත් කැමැත්තක් නැති හෙයින් කොළඹට ගොඩබැස්ස දිනවල අප නොසැලකූ බව හැ‍ඟේ.

මේ වගට - යටහත් කීකරු, නන්දාවතී.

තෙන්නකෝන් මහතා මේ ලියමන බලා නන්දාවතීගේ ගුණ ධර්මාූදිය ගැන පුදුම විය. ලෝකයේ බොහෝ ස්ත්රීේහු තමාට වැදගැම්මක් නැති අයගේ පවා තොරතුරු ඉතා ඕනෑකමින් පරීක්ෂා කර බලමින් කාලය ගතකරති. නමුත් නන්දාවතීට හෙලා තලා කථා කරමින් මහත් උදාරමකමින් සිටි දැන් සපත්තු මහන සිඤ්ඤො කෙනෙකු සමග මනුෂ්ය ප්රෙදතියක් මෙන් තමන් පදිංචි ගේ අසලම ඉන්නා ජෝර්ජියානාගේ තොරතුරු කිසිත් නොදැනීමෙන් ම නන්දාවතී තමාගේ පාඩුවේ ඉන්නා යහපත් කාන්තාවක් ම යයි සිතා ජෝර්ජියානාට සිද්ධ වූ ‍තොරතුරු දක්වනු සඳහා හාස්යයජනක වූ මේ කවි ටික නන්දාවතී වෙත ලියා එව්වේ ය.

01. මු ද ල වඩා නැති කල සිංහලු මෙ ක ල සි හ ල සිරිත් සුරකිති පණ ලෙස නිම ල අ ස ල පසල අයටත් හිත වෙති සිය ල වි පු ල ගුණැති වෙති නැත කිසි ම කලබ ල

02. ද න ව ත් කමක් නැති කල සිය සිරිත් හො දා සි රි ම ත් බුදුන් දහමත් ඒ කලට හො දා ර ට ට ත් ජාතියට ඇත තද අදර බැ ඳා සැ ර සෙ ත් ලොවැ‍ඩ කරනට මුදල නැති ස දා


03. මු ද ල් නැති කලට නිති පන්සිල් රකි ති වි පු ල බැතින් පොහොයට අටසිල් ගනි ති නි ම ල් ජාති ආලය හොඳට පෙන්ව ති මු ද ල් නැති කලට සමහර අයගෙ ග ති

04. න මු ත් කරුමයක් පල දී මුදල් ලැ බ වුණොත් පොහොසතෙක් සිංහලයෙක් අසු බ සි රි ත් සිහල හොඳ නැත ඊට නැහැ ලො බ අ ලු ත් සිරිත් කර බැඳ ගනිති ලා ක ඹ

05. මු ද ල නැති කලට මව් සඳ අ ම් මා ය මු ද ල වැඩි වුණොත් අම්මා ම ම් මා ය අ ස ල නෑ දනන් ඉවතට දැ ම් මා ය ප වු ල ඉතින් තනි වී ගති බු ම් මා ය

06. ප ප් පා වේය පියතුම දන ලැබෙන කො ට අ ප් පා ඉතින් සිංහල බැරිය දෙඩුම ට පු ප් පා ගනිති දුප්පත් අය දකින කො ට තැ ප් පා ලෙස වේ ය නයි විස දුම ඔහු ට

07. ඇ ඳ රෙ දි පෙරදි ඔහොරිය කමිස විගස ට පෙර ලෙති කලිසමට සහ සාය ගවොම ට වැ ඩ නැ ති වට්ටි තොප්පිය ගනිති ඔලුව ට ද ඟ ල ති ඉතින් කැරපොතු වෙන්ට විගස ට

08. ක ලි න් රැකපු සිල් ගහ ගෙන ගියා ජ ලේ ක ලි න් හොඳ වූ ජාතිය පැටලුනි අකු ලේ ඉ ති න් කුකුළන් ද ජින් බ්රැින්ඩි ගේ තු ලේ නි ති න් ගෙදර එති සුදු පාදිලින් රැ ලේ

09. බ ණ ද හ ම් සමග සිය සතර මන හ රා නැ ත ඉ ති න් හොඳක් මිල වැඩි වුණ එ ව රා ගු ණ ද හ ම් ගියා විලසට ගංවතු රා සි ත ක යි න් ගතිය කැරපොතු වෙස් නොහැ රා

10. ක න වා ගෙරි මසුත් හැම් බේකන් ද‍ ගෙ න බොන වා ජින් බ්රැ්න්ඩි සහ විස්කි අපම ණ ය න වා අලුත් තාලෙට ලංසි වෙන මෙ න මොන වා අඩු පාඩු ද බල ඉති න


11. පප්පා මම්මා ද සිස්ටර් බුවා ය න ඇන්ටි සමග සියලු ම දෙන එක්ව ගෙ න කාලා මස් පාන් එක තැන ම ඉඳ ගෙ න බීලා දමති විස්කිත් එතනදි තුටි න

12. අප්පත් දූත් අම්මත් පුතු ද එක ගො ඩේ ඇන්ටිත් තවත් හිටි අයටත් කදිම වැ ඩේ ග්රීික් ලතින් බැරිමුත් නිකමට මෙ දෙ ඩේ අයියෝ දනය ඇති සමහර අයගෙ හැ ඩේ

13. ර න් දා ගුණ දහම් බැඳි ගෙලත මනහ රා න න් දා වතී නම් පිය බඳිති රූ ස රා වි න් දා වූ සැපත ජෝජියානා එ ව රා ම න් දා නොබලන්නේ ඉඳලත් කොළොම්පු රා

14. ද ව ස ට තුන් වරක් සේදු ඇගෙ මුහු ණ ද කි න ට හැකි ය දැන් වැඳිරියකුගෙ ලෙසි න ඇ ඳි ප ට ගවොන් දවසට තුන හතර ගෙ න ලි ප ක ට ලු නමුත් දැන් ‍ගවොම නොදැවෙ න

15. කොරොයිස් කළා ගැසුවා බෝල තැන තැ න උ ද හ ස් වෙලා දෙවියන් ඊට කිපෙමි න අ ද හු ස් හුස් කියා ලිප මොලවති බැති න ඇ ර ඇ ස් ‍ජෝර්ජියානා දෙස බලනු මැ න

16. ර ස ම ස වුලෙන් කෑ ‍පර කෑම එ දව ස මෙ ද ව ස ගෙරිමසුත් කන්නේ කොස් පොලො ස ස හ තොස යහන් ඇතිරිලි පිට සිට දිගැ ස මෙ ද ව ස ලගින රඟ බල පිට කසල රැ ස

17. මු ද ල ටිකක් ලත් පලියට ඉල ව්වේ සි හ ල බවක් නොසිතා ඉද වල ව්වේ සි ය ල ගුණ දහම් ඉවත එලෙ ව්වේ මේ ක ල වුනේ දොස් ඒ පලහිල ව්වේ

18. එ බැ වි න් ජෝර්ජියානා හට වුණ අවු ල බ ල මි න් උඩඟු නොව ලැබුනාට ම මුද ල ර කි මි න් ගුණ දහම් සිය ජාතියේ විපු ල ක ර ග න් සපල අත්බැව නොකර නිස්ප ල


19. මෙ ලෙ සි න් දන්වනා ලද්දේ මේ නුඹ හ ට දි විමෙ න් සිය සිරිත් ගුණදම් රකින සෙ ට ම වි සි න් තෙන්නකොන් නු‍ෙඹ ගතිය දැනුම ට එ බැ වි න් පිළිතුරක් කැමති නැරඹුම ට


16 පරිච්ඡෙදය[සංස්කරණය]

මේ කව් ලියුම නන්දාවතීට ලැබෙන කොට නන්දාවතීලා දැනට පදිංචිව සිටින අසල මරියකඩේ පදිංචි ජෝර්ජියානාලා විදින බලවත් දුක් කරදර නිතර දකිනා ලොකුහාමි නමැති මහලු ස්ත්රිායක් ඇඳුමක් මස්සවා ගැනීම පිණිස ගොස් නන්දාවතීලාගේ ගෙදර උන්නා ය. ලියුම කඩා බලා නන්දාවතී පුදුමව ස්වකීය අම්මාට සහ ඒ ‍ලොකුහාමිටත් ඇසෙන්ට ඒ ලියමන කියවා දුන්නා ය.ලොකුහාමි ජොර්ජියානා කියන ඒ ස්ත්රියය විඳින දුක තව දුරටත් විස්තර කොට කී විට නන්දාවතී ඔවුන් ඉස්සර හිටි හැටි දන්නවා දැයි අසා කථාව පටන් ගත්තාය.

මීට අවුරුදු හතරකට පමණ ඉස්සර ජෝර්ජියානා හාමුගේ හැටි! ගෙදරට දමන ස්ලිපර් කුට්ටමයි. මිදුලට දමන තවත් එකක් කක්කුස්සියට තවත් එකක්- දවසට තුන් සැරයක් ඇවිදින්ට යන කොට තුන් විධියක සපත්තු කුට්ටන්, උදේ ප්රං ස තාලෙට කොන්ඩෙ පීරා බඳියි. දවාලට ඉංග්රී,සි තාලෙට හවසට ජර්මන් තාලෙට කොන්ඩේ පීරා බැඳීම, උදේට ඉංග්රීතසි ඇඳුම්, දවාලට ජර්මන් ඇඳුම්, රෑට ප්රෙන්ස ඇඳුම්, අම්මා අප්පා සහෝදරයෝ යන සියල්ලෝ ම එක මේසේ කකා විස්කිත් සෝඩත් බෝතල කීයක් බොත් ද? අයියත් නංගිත් එකට බඳා ගෙන නැටීම, එකට ටැනිස් ගැහීම කොළා! එක පිදුරු තොප්පිය රුපියල් 75 ට ගත්තා. එබඳු පිදුරු තොප්පි එකවරට 27 ක් ගෙදර තිබුණා. පුයර සබන් සුවඳ පැන් කරත්ත බාගයක් ගෙදර! ඉතින් මෙසේ කර කර ඉඳලා ඒ අනාය්ය්ි වූ, තුච්ඡ වූ, නින්දිත වූ, හැසිරීම්වලත් සිරිත්වලත් විපාක ඉහාත්මයේ දී ම පල දී තිබෙන්නාක් මෙන් දැන් මරියකඩේ පැලග ඉඳ ගෙන විඳින දුක් කාට කිව හැකි ද? වැදගත් නම්බුකාර පවුලක සිරිල් වික්රෙමතිලක මහතා අත්හැර ස්ටයිල් එක බලාගෙන වල් ලංසියෙකු සමග ගොස් දැන් හොඳ සැප විඳිනවා. ජෝර්ජියානා හාමු ගැන කියන්ට කාට හැකි ද?


අනේ දැන් පරසිරිතෙහි ගැලී ඉන්න අනික් අපේ ලොක්කන්ටත් කවදා නමුත් වන්නේ ජෝර්ජියානා හාමුට වුණ එක ම බව තව දුරටත් සලකන්ට පිළිවන්කම තිබේ. අන්ය රටවල මිනිස්සු වෙන වෙන රට වැස්සන්ගෙන් නොයෙකුත් ගුණ ධර්මි හා ශිල්ප ශාස්ත්රර ඉගෙන ගනිති. නමුත් සිංහලයා පමණක් පරදේශීන්ගෙන් දැන ගත හැකි තාක් දුශ්චරිත පුරුදු කර ගෙන ඒ පරදේශීන්ගේ මැහැඟි ගුණධර්මැවලට ගරහති. අනේ අපට පැමිණි වියවුලක හැටි කියා නන්දාවති ලොකුහාමී මහන්ට දී තිබුණ ඇඳුමත් දී ඈ යන්ට ඇර තෙන්නකෝන් මහතාගේ ලියමනට පිළිතුරු වශයෙන් එදා රෑ මේ කවි විස්ස තනා තැපැල් කළාය.

01. එ ව න ලද හසුන සිරිමත් මැති විසි නි ප ව න ලෙද ම සිත් ගිනි නිවුමට යෙදු නි නොදැ න කුල සිරිත් සහ ගුණදම් කල නි සි ටි න සියලුන්ට එය සිතුමිණක් වැ නි

02. දෙ ද හ ස් සාරසිය ගණනක් වරුස ව ල ලොව කු ස් පුරාලු යස කිත් රැස විම ල ති ද හ ස් ලෙසට ඇති කළ ගුණ දම් සිය ල මෙ ද ව ස් නරක් වුණෙ කරුමයකි තදබ ල

03. නො දැ න සිය සතර තතු සහ ගුණ දා ම ද කි න දකින පරසිරිතට කර පේ ම ත දි න පත පතා සැප විඳුමට කා ම මෙ ‍ දි න අහෝ වැනසෙති සිංහලු බෝ ම

04. මු ද ල් වැඩි වෙලා පර දන වෙස් ග ත්තු වි ක ල් වෙමින් මිසදිටු සමයම් ග ත්තු නි ම ල් සිය සතර තොරතුරු නො ම ද ත්තු මෙක ල් ලක පුරා සිංහල පුහු ස ත්තු

05. ඒ ලෙ සි න් සිටිය ගුණසේකර පවු ල බෝදු කි න් විඳිනා දැන් සිත් තැවු ල රූ ප ස න් ජෝර්ජියානාට වුණු අවු ල මා මු වෙ න් කියා ලමි කෙලෙස ද සිය ල


06. ක ර ක ර දුසිරි තරුණන් සමග හැම දි නේ දු රු ක ර සිහල කුල දම් පර වෙස් රැගෙ නේ අ න ද ර කරපු පල දුන්නා විලස අ නේ බ ල ත ර දුකින් පසුවෙයි එ ලද අද දි නේ

07. වැ ර හැලි ඇඳ වැකුණු දැලිකුණු සිය සිරු ර තො ර නොව කඳුළු විද බඩ ගිනි දුක නිත ර සැ ර වැර එ බේබදු හිමියගෙ නොවි තො ර ක ර දර ඈ විදින බැරි කියනු මුව හැ ර

08. බැ ති න් පෙමින් සෙල්ලම් කර සිටිය නි ති ත ම න් පමණ නොතකා පර සිරිත් රු ති ප ස න් ‍ජෝර්ජියානා දිගැසිය රුවැ ති අ ති න් කටින් දරුවන් රැගෙන වැලපෙ ති

09. අ ත හැ ර සිය සිරිත් සිය ගුණ දහම් සො ද රු පු ප ර සිරිත් ගත් කාටත් නිසැක ලෙ ද නැ ත දු ර ලැබෙනු එහි රුදු අපල හැම ස ඳ මේ ම ව ර අපි දුටිමු සියාසින් නිසැක ලෙ ද

10. එ බැ වි න් මැති තුමනි ඔබ කී කරුණු සෑ ම සැ බ වි න් සැබෑමය් තුති කරනෙමි බොහො ම එ ක ති න් දිවි ගියත් ලදුවත් මුළු ලොව ම සි හිනෙ න් පවා නොගනිමි පර සරිත් ම ම

11. ම ව් පිය සොයුරන් වැඩිහිටි සැම දන ට ග ව් රව කරණු සිරිතකි අපෙ පොරණ සි ට ස ව් සිරි සැපෙන් වැ‍ඩුණත් උඩඟු නොව සිට ලෙව් හට මෙතින් පවතිනු උරුමෙකි අප ට

12. සි හි ක ර මුතුන් මිත්තන් පොරණ කළ වැඩ බැ ඳ ත ර අදර සිත තුළ නොකරමින් කඩ හැ ම ව ර ඔවුන් කුල දම් විලස කර වැඩ සු ර පු ර සැප ලබන්ටත් අපට ඇත ඉඩ

13. න මු ත් නොම සිතා එ බවක් සිහි ලෙ ‍ස්සේ එකෙ ක් දිවි ලෙසට කෙට එළදෙන ප ස්සේ හු ඟ ක් දන දුවති දැන් පර දන ප ස්සේ ක ල ක් යන්ට පෙර යති උන්ගේ රි ස්සේ


14. දො ළො ස් කෙළක් රුපියල් අපගේ රටි නි නො ල ස් වම යා ය වසකට සහතිකෙ නි මෙ බ ස් ඔබෙ කතාවෙහි මා අසු බැවි නි කෙ ලෙ ස් සැනසෙත් ද සිංහලු මට හැඟු නි

15. සි රි ත ‍ට පර බැස්ස ගෑනුන් නිසාව ට ව ස ක ට ලක්ස හතරයි බොස්තරැක්කෙ ට එ ලෙස ට ගණන් යයි වීදුරු තනවල ට මෙ ර ට ට වුණ විපත මේ යයි හැඟණි ම ට

16. අ ල් ලපු ගෙදර සංකර ගෑනිගෙ ලෙස ට ක ල් යැවූමට සිතයි සිංහල ලිය මෙ වි ට ක ල් නොගොසින් පෙනේ එහි විපත දෙ ඇස ට දු ල් ගුණ මැති එපා මා සිතනු එ ලෙස ට

17. ද හ ම සමග දත් කුල සිරිත මනර ම උ තු ම් සිහල කුල අඟනන් දනිමි ම ම නොහි ම් දුක් ලදත් දිවි පවතින තුරු ම ද හ ම් නොම හරිමි සැප බවකි වදන මෙ ම

18. සි ත මි න් මැතිතුමා ‍ගැන බෝ කලක් සි ට නොදෙමි න් බස ඉඳිමි වෙනතක විවාහෙ ට ද න යෙ න් සම ගුණෙන් වැඩියෙන් හොඳ දෙය ට තු ටු ව න් කෙනෙක සලකමි ඔබ නිසැක කො ට

19. ස ඳ ස ර ත් යසැති සුර ගුරු පැන සා ර දැ ඩි පෙ මැ ත් ජාතියට මැති බන්ඩා ර ම සි ත යු ත් ගතොත් බැඳ මා කරකා ර සු ර පු ර ත් යවමි දැන නිවැරදි පා ර

20. ස ස ක් ලෙස යසැති රුසිරැති කමා වන් ඇ ස ක් බඳු පෙමැති මැති බස අමා වන් පි න ක් වෙයි පිහිට ලියෙකුට මෙ‍ මා වන් දොස ක් මෙහි ඇතත් වෙසෙසින් කමා වන්

මේ වගට - යටහත් කීකරු වූ, නන්දාවතී.

තෙන්නකෝන් මහතාට නන්දාවතීගේ ලියමන ලැබී ඉක්මනටම ඈ සමග විවා වෙමැයි සිතුනේය. නන්දාවතී කෙරෙහි බලවත් ‍ප්රේ මයෙන් කල් යවන ජෝන් ද මැල් යම් කිසි උපක්ර මයකින් වත් මැ අත්කර ගනිමැයි සිතා තමාගේ මිත්රව ජේන් නෝනා සමග කථා කළේ ය. ජේන් නෝනා ද “මහත්මයෝ භයවෙන්ට එපා. ගෑනුන්ගේ සිත් බොහොම ඉක්මනින් ‍එහෙ මෙහෙ යනවා. මහත්මයා පවුන් විස්සක් තිහක් වියදම් කරතෝත් මම නන්දාවතී හාමිනේ අත්කර දෙමි” යි කීවා ය. ජෝන් ද මාල් කථා කරමින් “ජේන් නෝනා උඹට පුළුවන්කම තිබෙතොත් මට මේ තැනැත්තිය භාය්යා කර දියන්. මම පවුන් විස්සක් තිහක් නොව සියයක් වත් වියදම් කරමි”යි කීවේ . එබස් ඇසූ ‍ජේන් නෝනා හොඳයි මට අදට රුපියල් 100 ක් දෙන්ට. මම කොයි ලෙසකින් වත් නන්දාවතී හාමිනේ සතුටු කර දෙන්නෙමි. මොනවාද මහත්මායා දැන් ඉංග්රී සි ස්ටයිල් එකට ගරු කරන මිනිස්සුන්ගෙන් පිරී තිබෙන මේ කාලේ කා රවටන්ටත් බැරි දැ”යි කීය.

එබස් ඇසූ ජෝන් ද මැල් “ඔව් ‍ජේන් නෝනා කලිසම ඇඳගත් තරුණාටත් සාය ගවොම් ඇඳගත් තරුණියන්ටත් බලවත් ගෞරවයක් සැලකීමක්” දැන් තිබෙන බව හැබෑ තමයි. ඔය ණයට ගත් පිහාටුවලට රැව‍ඳටෙන ගෑණු පිරිමි හරකුන්ට සමාන පිරිසකි. නමුත් නන්දාවතී හාමිනේ එබඳු කෙනෙක් නොව පරදේශික ඇඳුම් පැළඳුම් සිරිත් විරිත් ආදියට තදින් පිළිකුල් කරන ධර්මුශාස්ත්රද උගත් සිංහල කුල චාරිත්රස හොඳින් ආරක්ෂා කරන උතුම් ස්ත්රි යකි. උඹ හිතා ඉන්නා තරම් ලේසියෙන් ඈ උඹට වසඟ වේ යයි මම නොසිතමි යි කීවාය. ජේන් නෝනාට මීට විරුද්ධව කිසිවක් කියා ගත නොහැකි වු බැවින් ජෝන් ද මැල් මහතා යන්ට ගියේය.


17 පරිච්ඡෙදය[සංස්කරණය]

ජො න් ද මැල් මහතාගේ හිතට වැදී තිබෙන බලවත් කාරණය කාට කියම් දෝ හෝ යි සිතමින් සිටින විට තමාගේ මිත්රර වූ තිමොන්ති දාබරේ ආවේය. බොරුවට තපස් රකින්නට පවා ගොස් ආ තිමොන්ති දාබරේ නන්දාවතීගේ තොරතුරු මැල් අතින් අසා පුදුමව “මෙබදු දුප්පත් ස්ත්රිීයක් මහත්මයාට භය්යාිතා කර ගැනිමට යම් කිසි අපාසුවක් ඇති විය

නොහැකිය”යි කියමින් මෙ‍සේ කථාවට බැස්සේ ය.

ජෝන් - අනේ තිමොන්ති උන්නැහේ නන්දාවතී කොපමණ අසරණ අඬියේ සිටිතත් ගුණධර්මාතදියෙන් අද ලක්දිව සිටින ඉතා ම ධනවත් ස්ත්රී්න්ටත් වඩා උතුම් ය. මම ඇගේ ගුණයට කොතරම් පැහැදී සිටිම ද කියා කියන්ට වචන නොදනිමි.

තිමොන්ති - හොඳයි ‍මහත්මයාට ඈ කසාද බැඳගන්ට බැරි ඈ ගොවිගමත් මහත්මයා කරාව කුලයෙත් නිසා ද?

ජෝන් - ඔව් ඒකත් එක කාරණයකි. තවත් කාරණයක් නම් ඈ වෙන කෙනෙකු සමග විවාහ වීමට පො‍රොන්දුවී සිටින බවත් ආරංචිය. ඉතින් ඔය කාරණා දෙක නිසා ඈ විවාහ කර ගැනීමට නොහැකිව සිටිමි.

තිමො - හොඳයි අප විසින් ඔය බාධා දෙක නිසා මන්දෝත්සාහි වෙමු ද? පළමු කොට ඇගේ ප්රේ මවන්තයා සොයා ඈව ඔහුට එපා කොට ඔහු ගැන ඇගේ බලාපොරොත්තුව නැති කර ගත්තොත් ඊළඟට ඔය කුල භෙදය අපට දුරු කර ගන්ට පිළිවන් කම තිබේ. ඉන් නිසා පළමු කොට ම නන්දාවතීගේ ප්රේ්මවන්තයා කව්දැයි පරීක්ෂා කර බලමු.

ජෝන් - හොඳයි යම් විධියකින් නන්දාවතී හාමිනේගේ ප්රේ්මවන්තයා සොයා ගත්තත් අපට කරන්ට පිළිවන් කුමක් ද?

තිමො - කරන එක මම කියන්නෙමි. තමුසේ කොයි විදියකින් වත් නන්දාවතීගේ ප්රේ මවන්තායා සොයාලා මට දැනුම් දෙන්ට. එවිට ඈ කැමැත්තෙන් ම හෝ අකැමැත්තෙන් ම සතුටු කරවා දෙන්නෙමි යි කීය.

මේ තරම් ජෝන් ද මැල් කථාව නවත්වා ජේන්නෝනා සම්භවන්ට ගොස් “ජේන්, නන්දාවතී ගේ ප්රේනමවන්තයා කව් දැයි ප්රදයෝගයකින් ඇගෙන් හෝ ඇගේ මෑණියන්ගෙන් දැන ගන කියපන්නැ”යි කීයේය. ජේන් නෝනා ද සවස් වරුවේ නන්දාවතීලාගේ ගෙදරට ගොස් කථාකරමින් සිට “ආ හාමිනේ නන්දාවතී හාමිනේට හොඳ මඟුල් කීපයක් අහද්දීත් සතුටු නොවන්නේ මහත් අනුවණකමකි. ඔය හිතා ගෙන ඉන්නා මහත්මයා ‍ විශ්වාස කරගෙන හිටියාට ලැබේ ද නොලැබේ ද කියා කව්රු දනිද්ද? කියා කීවේ ය. එවිට ජොහානා හාමිනේත් අනේ ජේන් නෝනෝ මම දන්නේ නැහැ. ඒ ළමයාගේ කල්පනාව මොකඳ කියා. නුවරපළාතේ


තෙන්නකෝන් මහත්මයා කියා උසස් පවුලක කෙනෙකු සමග යන්ට සිතා ගෙන අපේ තරමට වත් වඩා ඉහලින් ලැබුනු කාරණා කීපයක් ම අත් හැර දම්මාය”යි කියන කොටම ජේන් නෝනාට උවමනාකර තිබුණු කාරණය ඒ තරමින් දැන ගත් හෙයින් මට රෑ උනාය මම ගොහින් එන්නා කියා ජේන් නෝනා ගෙදර ගියා ය. එදා සවස ජෝන් ද මැල් සහ තිමොන්ති දාබරේත් ජේන්නෝනාලාගේ ගෙදරට පැමිණ “නන්දාවතීගේ ප්‍රේමවන්තයාගේ නම දැන ගත්තා ද”යි ඇසුවෝ ය. “ඔව් මහත්මයෝ මහනුවර තෙන්නකෝන් මහතා” කීවා ය. ඔවුන්ට ඒ තරමින් කාරණය තෝරාගන්ට පිළිවන් හෙයින් යන්ට ගියහ.

පසු දින උදේ ජෝන් ද මැල් තිමොන්තිලාගේ ගෙදරට අවුත් “කොහොම ද තිමොන්ති මහත්මයෝ මේගැන කරන්ට හිතා ‍ ඉන්නේ කුමක් දැ”යි අසුවේ ය. “මොකද ඉතින් කරන්නේ. මහනුවරට ගොස් මක්කරලා වත් තෙන්නකෝන් මහතා සොයා ගෙන ඔහු ළඟම රක්ෂාවකුත් ලබා ගෙන ඔහුගේ අත් අකුරු මෙන් ලියන්ට පුරුදු කර ගෙන නන්දාවතී රවටා කොහොම වත් ගෙන ගොසින් මැල් මහත්මයාගේ මනදොල සඵල කර දෙන්ට ඕනෑ. වෙන කරන්ට දෙයක් නැහැ. මට නොයෙක් කෛරාටිකකම් මෙහිදී කරන්ට සිද්ධ වේවි. ඒ සියල්ලටම බොහොම මුදල් වියදම් වේවි. ඉන් නිසා වියදමට මුදලක් දී මහත්මයා යන්ට. මිත්රේයෙකු නිසා දිවි දිම වත් බැරිය කියන්ට පිළිවන් ද? ඒ හෙයින් කාරණය කොහොම නමුත් ඉෂ්ට කර දෙමියි කියා ඔහු නුවර යන්ට සූදානම් වූයේ ය.

එවිට ජෝන් ද මැල් රුපියල් පන් සියයක් දී තව උවමනා විටක මුදල් ගැන කියා එවන්ට ය කියා දෙන්නා ම මරදානේ දුම්රියපලට අවුත් උදේ හත හමාරේ රේල්වෙන් තිමොන්ති දාබරේ නුවරට පැමිණියේ ය. තිමොන්ති නුවර වැදගත් කෙනෙකුගෙන් තෙන්නකෝන් මහතා ගැන විභාග කළ විට අන්න අර පෙනෙන්නේ එතුමාගේ කන්තෝරුව ය. උන්නැහේලාගේ වලව්ව නගරයෙන් පිට ය. කන්තෝරුවට සමහර විට ඇවිත් සිටින්ටත් පිළිවනැ යි කීය. තිමොන්තිට තෙන්නකෝන් මහතා වහා ම සොයා යන්ට ලැබීම සුබ නිමිත්තකැයි ද සිතා එතුමන්ගේ කන්තෝරුවට ගොස් තෙන්නකෝන් මහතා දැක ආචාර කොට පැත්තකින් උන්නේය. තෙන්නකෝන් උසස් ධනවතෙකු නමුත් කරුණාවන්ත ශිෂ්ටාචාර උතුම් සිංහලයෙකු හෙයින් ඔහුට සුදුසු තැනකින් වාඩි වෙන්ටය කියා තමාගේ අතේ තිබුණු වැඩ වහා ම පැත්තකින් තබා ඔහු සමග කථාවට අයේ ය.


තෙන්නකෝන් මහතා “මේ කොහේ සිටලා ද? මොකද ආ කාරණය” කියා දාබරේගෙන් ඇසුව ම දාබරේ “මම කෙළඹ ඉඳලා තමුන්නාන්සේ දැක මගේ අසරණකම කියා රක්ෂාවක් බලා ගන්ට ආවෙමි”යි කීවිට තවදුරටත් ඔහුගේ තොරතුරු විමසා ස්වජාතික සිංහලයන් කෙරේ මහත් කරුණාවක් ඇති තෙන්නකෝන් මහතා තමාට ලියන්නෙක් අවශ්යේයෙන් උවමනා නොකරතත් තිමොන්තිට කන්තෝරුවේ නැවතී වැඩ කරන්ට නියම කෙළේ ය. තමාට ම හානි පමුණුවනු පිණිස පැමිණි දාබරේ කෙරෙහි පවා ජාතිහිතෛෂිභාවය නිසා අනුකම්පා කළ තෙන්නකෝන් මහතාගේ ක්රිරයාව මෝඩ කමකැයි නොසිතිය යුතුයි. පරාර්ථගකාමි භාවයේ උසස්කම දත් එතුමා අමාරුවට පත් අයකු බැවින් ඔහු ගැන වැඩි දුර පරීක්ෂා නොකිරීම පුදුමයක් මෙන් නොහැ‍ඟේ. දාබරේ ද නුවර තමාට ටිකක් හිතේෂිවන්ත ගෙදරක නැවතී සිටිමින් තෙන්නකෝන් මහතාගේ ලියකිවිලි සම්බන්ධ කටයුතු කරන්ට පටන් ගත්තේ ය. මෙසේ මාසයක් පමණ වැඩ කරන විට තෙන්නකෝන් මහතා දාබරේ කෙරෙහි මහත් විශ්වාසයක් ඇති කළේය. තමාට ලැබෙන බොහෝ ලියුම් වලට උත්තර ලිවීමට ද ඔහුට භාර කෙළේය. නන්දාවතී ජෝන් ද මැල්ට පාවාදීමට ප්රවයෝගයෙන් ද ක්රිෙයා කරමින් සිටින දාබරේ ඉතා ඉක්මනින් තෙන්නකෝන් මහතාගේ අත් අකුරුවලට සමාන වන්ට ලියන්ට ද ඉගෙන ගත්තේ ය. මේ අතර ම උඩරට ඉතා පහත් පවුලක රූපත් තරුණියක් ද යහළුවෙකුගේ උපකාරයෙන් ගෙන්වා ගෙන තමාගේ වසඟයෙහි තබා ගෙන විසුවේ ය.

මෙසේ කලක් යන කොට ඒ තමා වසඟයෙහි සිටින බබීට නන්දාවතී සම්බන්ධ තොරතුරුත් කියා ඈ සමග උවමනා දවසේ ආයුතු අන්දම ආදිය ද ඉගැන්නුවේ ය. තෙන්නකෝන් මහතා දාබරේ තමන් ළඟට පැමිණ මාස එකහමාරක් පමණ ගියාට පසු කොළඹ අවුත් නන්දාවතී කොයි ක්රඟමයකින් නමුත් දැකිමැයි සලකා සවස් වන තුරු මිත්ර්යෙකුගේ ගෙදර සිට සවස 5 ට පමණ නන්දාවතීලා පදිංචි ඩීන්ස් රෝඩ් වීදියේ පුංචි ගෙදරට පැමිණියේ ය. තෙන්නකෝන් මහතා දෙ දිනක් පමණ දුටු නන්දාවතීටත් එක් දිනක් පමණක් දුටු නන්දාවතිගේ මෑණියන්ටත් එක විට ම ඔහු හඳනා ගත නො හැකි විය. නමුත් නන්දාවතී එතුමාට ගෙට ඇතුළු වූ හැටියේ ම උන් ආසනයෙන් නැගිට එක පාරට ම ගෙට දුවන්නෙත් නැතුව ප්රීවති සහගත ස්වභාවයෙන් “වාඩි වෙන්ට මහත්මයා” කියා පුටුවක් දොර

ළඟට මඳක් කිට්ටුවෙන් තබා කල්පනා කරමින් සිටියා ය.

තෙන්නකෝන් මහතා නන්දාවතීලාගේ පුන්චි ගෙයි ස්වල්ප බඩු ටික තැන්පත් කර තිබෙන හැටිත්, වහලේ සහ බිත්තිවල මකුළු දැල් ආදී අපවිත්රව දේ බැ‍ඳෙන්ට ඉඩ නොදී ශුද්ධ පවිත්රච කර තිබෙන සැටිත් බලා බලවත් සතුටට පැමිණියේ ය. ගේ ඇතුළේ ම පුන්චි පෝච්චි කීපයක මල් පැල කීපයක් ද වවා ගෙයි බිත්තිවල සිත් ප්රිදය උපදවන්නා වූ ද දුක් දෙම්නස් පහ කරන්නා වූ ද රසවත් වාක්යබ කීපයක් ඉතා ලක්ෂණ විල්ලුද රෙදි කැබලිවල මසා ඒවා විධි වූ ලෙස රාමුවල යොදා තිබෙන හැටිත් මේසය මතු පිට පුටුවලට එලා තිබෙන විත්තාකර්ෂණය වන ඇතිරිලිත් දෙස බලා තෙන්නකෝන් මහතා මෙසේ කල්පනා කළේ ය. “දැන් අපේ සිංහල ස්ත්රීමන් ගෘහස්ත කර්මවය හෙවත් ගිහිගෙයි මනා ලෙස පිළිපැදිය යුතු ක්රදමය නොදන්නා කමින් ම සිංහල පවුල් අපිරිසිදු වූ ගෙවල් වුණා මිස අසරණකම නිසා ම නොවේ ය. පිළිකුල් ලෙඩ වලින් බලවත් අසරණ භාවයෙන් පීඩිත අයට මිස යන්තම් දෙවේල සපයා ගත හැකි පවුල්වලට ගෙදර ඉන්නා ස්ත්රිතය කම්මැලි නැති ශාස්ත්රහය උගත් තැනැත්තියක් නම් ගෙයක් දිව්යඉ මාළිගාවක් මෙන් චිත්තාකර්ෂණය වන පරිදි පවත්වා ගන්ට පිළිවන් වන්නේ ය.

අපේ වලව්ව අලංකාර නමුත් විශාල නමුත් වටිනා පුංචි භාණ්ඩ රාශියකින් යුත් නමුත් මේ නන්දාවතී ඉන්නා පුංචි ගේ තරම් ප්රිභයදර්ශනීය නොවන්නේ ය. ඒ ඒ දේ ඒ ඒ තැන තැබිය යුතු යයි යන උගැන්විම අවබෝධ නුවූ ස්ත්රීවන්ට ගිහි ගෙයි වාසය කිසි සේත් නොවටනේ ය. ස්වාමි පුරුෂයා කෙතරම් ධනය සැපයූවත් ගෙදරට කටයුතු කිරීමට කෙතරම් මෙහෙකරු ජනයා සිටියත් ගෘහණි හෙවත් ගෙදර භාය්යාත ව “ ඒ ඒ දේ ඒ එඒතැන යෙදීමට” නොදත් කෙනෙක් නම් කිසි කලක ඒ පවුල සුඛිත නොවන්නේ ය. සුඛිත නොවූ කල්හි පරලෝ අභිවෘද්ධියට කිසිත් කර ගත නො හැක්කේ ය. එසේ වු කල්හි මේ ආත්මභාවය ව්යිර්ථ වන්නේ ය. හෙවත් පුහු වන්නේ ය. සැබවින් ම නන්දාවතී මේ තරම් ‍ම හොඳ බැව් පරීක්ෂා කාට දැන නොගත් මා විසින් කරන ලද්දේ බලවත් වරදකැ”යි සිතා නන්දාවතී දෙස බලා “හාමිනේ මා අඳුනනවා දැ”යි ඇසිය. මෙසේ කියන විට නන්දාවතීට තෙන්නකෝන් මහතා දෝ යන සැකයක් ඇති වී “තමුන්නාන්සේ මහනුවර දැ”යි ඇසුවාය. එවිට තොන්නකෝන් මහතා සිනාසී. “ඔව් මම තෙන්නකෝන්”යයි කියන කොට හටගත් බලවත් ප්රීහති වේගයෙන් හිස ඔසවා ගත නොහි මඳක් බලා සිට අස්ථානයෙහි විලි විය යුතු

නොවන නන්දාවති මෑණියන්ට කථා කොට කුස්සියට ගොස් රෑට ආහාරත් සම්පාදනය කිරීමට සූදානම් වෙමින් තෙන්නකෝන් මහතාට බුලත් හෙප්පුවක් ගෙනත් දුන්නා ය.

නන්දාවතීගේ සුවච කීකරු බවට හා ස්ථානෝචිත ඥානයට පිරිසිඳු බවට හා ගෙදර දොර කටයුතු කරන හැටියටත් තිශයින් ප්රෝසන්නව සිටි තෙන්නකෝන් මහතා ඇ‍ෙග් ප්රිැයකරු රූපය දැක්මෙන් පත් වූ ස්වභාව මේ කියවන්නාට අවබෝධ වන්නේ යයි සිතමි. බුලත් හෙප්පුව ළඟට ගෙන ගිය හැටියේ තෙන්නකෝන් මහතා වට පිට බලා කිසිවෙක් ඉදිරියේ නැති බැවින් සුළු කවටකමක් වත් කරමි යයි නන්දාවතී ගෙන් බුලත් හෙප්පුව ගනිමින් ම දකුණතින් ඇගේ අත අල්වා ගත්තේ ය. කාන්දමට වානේ කටුව ළං වීමෙන් යම් සේ ආකර්ෂණයක් ඇති වී‍ යේ ද එසේ ම මේ තරුණ තරුණියන්ගේ හස්ත ස්පර්ශය බලවත් බැඳීමක් විය. විලියෙන් පියන ලද දිඟු පුළුල් නේත්රරයන්ගෙන් යුත් නන්දාවතී තෙන්නකෝන් මහතාගේ අතින් ස්වකිය හස්තය උඳුරා ගැනීමට අසමර්ථව මුවෙන් නොබැණ සිටින විට තෙන්නකෝන් මහාත “ප්රේමමිය, නුඹ මා කෙරෙහි තැබූ විශ්වාසය වටු දෙනක් ඇත් පැටවෙකු ප්රාසූත කිරීමට සිතූ සිතිවිල්ලකට සමාන වේ. එසේ ද වූවත් නිවැරදි වූ ඍජු වූ අවංක වූ හිතින් කය සිත දෙකත් හික්මවූ කෙනෙකු විසින් සිතන සිතිවිල්ල අහසට දැමු කැටක් බිම හෙන්නාක් මෙන් ‍නොඅනුමානව ම සිද්ධවන කාරණයක් ය. ප්රේ්මිය මේ තාක් කල් නුඹ පරීක්ෂා කරන පිණිස නොපැමිණ නුඹට මගේ ප්රේණමය නොදන්වා සිටිය නමුත් සැබවින් උඹ මා ගැන යම් ආලයක් ඇති කළා නම් මම ද එසේ ම ආලය කළෙමි. මට ඉතා ප්ර්සිද්ධ ධනවත් පවුල්වලින් නොයෙක් විට සරණ මඟුල් ඇසූ නමුත් ඒ සියල්ල ම නුඹේ පිරිසිදු ගුණයත් නියම සිංහල ගතියත් නිසා නුඹේ පය දූවිලි පමණ වත් නො සැලකුවෙමි. ඉතින් වැඩි කල් යන්ට ප්ර ථම නුඹ මගේ ප්රි යාව කරන්නෙමි. අද මගේ අවංක ප්රේණමයත් ස්ථිර පොරොන්දුවත් පිළිගනින්නැයි කියා නන්දාවතීගේ දකුණු අත සිඹ ස්වකීය නාමය කොටන ලද රන් මුදුව නන්දාවතීගේ දකුණතේ මුඳු ඇඟිල්ලේ දමා අත ඇරියේ ය.

තෙන්නකෝන් මහතා ගේ මුඛයෙන් “ප්රේඇමිය”යන වචනය පිට වෙනවාත් හා සමග නන්දාවතීගේ ඇස්වලින් ප්රී ති කඳුළු වැගිරෙන්ට විය. තමා විසින් කරන ලද අධිෂඨානය ඉෂ්ටවීමට තමාගේ ගුණධර්මලය හේතු භූත වූ බව හා මිය ගිය ස්වකීය පියාණන් හා සහෝදරයාණන්

ද සිහිපත් විය. ඉක්බිති ජීවිතයේ අර්ථය ලද්දෙමි යි රාජාභිෂෙක ලත් චක්රයවර්ති රාජිනියක් මෙන් කුස්සියට ගොස් තමන්ගේ මනෝරථය මස්තකප්රායප්තවූ බව ස්වකීය මෑණියන්ට ද කියා රසමසවුලෙන් යුත් භෝජන සූදානම් කොට තෙන්නකෝන් මහතාට ආහාර අනුභව කෙරෙව්වාය. තෙන්නකෝන් මහතා නන්දාවතී විසින් පිසන ලද ආහාර අනුභව කරමින් මෙසේ කල්පනා කළේය. දැන් කාලේ ඉතා ම ධනවත් පවුල්වල ගෑනුන්ගේ ඉතා ම වැඩි දෙනා කුස්සිය තිබෙන්නේ කොයි පැත්තේ ද කියා වත් නොදනිති. කෑම උයන පිහන හැටි තබා ඒ සම්බන්ධ වචන මාත්රකයක් ම නොදනිති. මධ්ය ම පංක්තියේ උගත් ගෑනුන් අතර ද පොත පත කියවීම හා මැහුම් ගෙතුම් කරන්නියන් මිස උයන පිහන හැටි දන්නියෝ ඉතා විරලය හ. පහත් පංක්තියේ ගෑණු උයා පිහගෙන කන නමුත් රසවත් ලෙස පිරිසිදු ලෙස විධිවූ ලෙස උයා ගන්ට නොදන්නාහ. ඉතා ම උසස් පංක්තියත් මධ්යසම පංක්තියත් ඉතා ම පහත් පංක්තියත් යන මේ තුනේ ම ස්ත්රී්න් අතර විරල වූ විශේෂ ගුණාංග මේ නන්දාවතීට විද්යාපමානව තිබේ.

මෑ ඉංග්රීවසි සිංහලාදී භාෂාත් ගණිත ලිඛිත ආදී ශාස්ත්රතත් පුරාවිද්යාෑ හා ඉතිහාසත් බණදහමුත් කුලචාරිත්රග මැහුම් ගෙතුම් හා සූප ශාස්ත්ර ත් ඉතා හොදින් දන්නී ය. මෙබදු ස්ත්රිගයක් ලැබීම පවුන් ලක්ෂයක බූදලයක් අත්වන ධනවත් ගෙදරකින් යුරෝපීය ක්රචමයට වැඩුණු ස්ත්රි්යක් ගැනිමට වඩා සත සහස්රෙ වාරයක් අගනේය. ඉතා ප්රායෝජනවත් මිනිස්සු කී දෙනෙක් ධනය සලකා ගෙන පොහොසත් පවුල්වල පරසිරිත් ලෙස වැඩුණු හැතිරියන් විවාහ කර ගෙන දිවි නසා ගත්තෝ ද? කී දෙනෙක් පිස්සෝ වූ ද? ඉන් නිසා මට ව‍ූයේ මහත් ලාභයකැ යි සිතා නන්දාවතීට කථා කොට “රාත්රි මෙහි ගත කිරීමට අපට යුතු නොවේ. මම දැන් මැ‍ෙ‍ට්රා පොලිටන් හෝටලයට ගොස් නිදා ගෙන හෙට උදේ ගමට යන්නෙමි. ඒ ගොස් ප්රේෙමියට ලියමනක් එවන්නෙමි. ඒ ලියමනේ අපේ විවාහය සිද්ධ කරන හැටි ලියා එවන්නෙමි”යි කියා නන්දාවතී තුලට ස්වකීය ප්රා ණය ඇතුළු කොට ශරීරය පමණක් ගෙන ගියාක් මෙන් තෙන්නකෝන් මහතා පිට වී ගියේ ය.

නන්දාවතී තෙන්නකෝන් මහතා යන දෙස බොහෝ වේලා බලා සිටි හැටි ඔහුත් සමග ගිය ඇගේ ප්රා ණය නැවත එන තුරු බලා සිටියක් මෙන් ය. නමුත් නන්දාවතීටත් ඇගේ මෑණියන්ටත් අභිෂෙක මඟුලක් හා සමාන විය. තෙන්නකෝන් මහතා ගියායින් පසු

නන්දාවතීත් මෑණියනුත් බත් කා දුක් විඳ ගෙන වත් කුල ධර්මකය ආරක්ෂා කරමින් ඉවසිලිවන්තව සිටීමේ විපාක ඇස් ඉදිරිපිට අපට දක්නට ලැබුණේය යි කියමින් මිය ගිය පියාණන් හා සහෝදරයාණන් ද සිහි කොට පින් දී සුව සේ නිදා ගත්තෝ ය. තෙන්නකෝන් මහතා නුවර ගොස් කීප දිනකට පසු නන්දාවතිට මේ ලියමන ලියා කන්තෝරුවෙන් තැපෑලට යවන අනිත් ලියුමත් සමග ම සිරිත් ප්රමකාර දාබරේ අතට දී ස්වකීය වලව්වට ගියේ ය. තිමොන්ති දාබරේ සියලුම ලියුම්වල පිට ලියා තිබෙන නම් පොතක ලියා තැන්පත් කර තබන හෙයින් “නන්දාවතී රූපසිංහ හාමිනේ” කියා තිබෙන ලියමන ඇර ඉතිරි සියල්ලක් ම තැපැල් කන්තෝරුවට යවා නන්දාවතීට ලියන ලද ලියමනත් රැගෙන ස්වකීය නිවසට ගොස් කඩා බැලුවේ ය. එය මෙසේයි :-

ප්රේෙමිය, උඹ ගැන තව දුරටත් පරීක්ෂා කිරීම මට වෙහෙසත් හා උඹට දුකත් පමණකි. මම අවංක ප්රේවමයෙන් ම උඹ භාය්යාෙ කර ගනිමි. නමුත් ප්රිසිද්ධ වශයෙන් නොව අප්රිසිද්ධ වශයෙන් විශ්ෂ බලපත්ර්යක් පිට නුඹ කසාද බැඳීමට සූදානම්ව ලබන බෘහස්පතින්දා කොළඹට එන්නෙමි. මගේ මිත්රනයෙකු සමග පමණක් එන හෙයින් නුඹ සිරිත් ප්ර කාර අඳින ඇඳුම් ලෑස්ති කර ගෙන සූදානම්ව සිටපන්. එදාට ම මෑණියනුත් සමග ම අපේ ගෙදරට එන්ට කටයුතු පිළියෙල කර ගත යුතු බව මතක් කරමි.

‍ මේ වගට - ප්රේනමවන්ත, ධ. තෙන්නකෝන්.

තෙන්නකෝන් මහතාගේ මේ ලියමන තිමොන්ති කඩා බැලූ හැටියේ ම ස්වකීය මිත්රත ජෝන් ද මැල්ට කර දෙනවයි කී උපකාරය කිරීමට ඉඩ නොලැබෙන බව සලකා “අද ම අපේ අදහස් ඉෂ්ට කර ගනිමි” සිතා රාත්රීළ එන දුම්රියෙන් එන්ට කියා ජෝන් ද මැල්ට විදුලි පණිවුඩයක් යැව්වේ ය. ජෝන් ද මැල් විදුලි පණිවුඩය ලැබුණු ඉක්මනින් ඒ සිකුරාදා රෑ දහයට මරදානෙන් පිටත් වන දුම්රියෙන් නුවරට ගියේ ය. ජෝන් පැමිණෙන්ටත් පෙර දාබරේ තෙන්නකෝන් මහතා ලියන හැටියට උන්නැහේගේ අත් අකුරුවලට හුරුවෙන්ට මේ ලියමන ලියා තැපැල් කළේ ය.

ප්රේ මිය, උඹ ගැන කළ පරීක්ෂාවලින් නුඹ ම‍ෙග් භාය්යාන් කමට ඉතාමත් සුදුසු තැනැත්තිය බව තේරුම් ගතිමි. මගේ තරාතිරම නුඹ

දන්නා හෙයින් ප්රඑසිද්ධ වශයෙන් කොළඹට අවුත් නුඹ කසාද බැඳීම බැරි වැඩකි. නුවර දි නම් අප්ර්සිද්ධ වශයෙන් නුඹ කසාද බැඳ ගන්ට පුළුවනි. ඉන් නිසා ලබන ඉරිදා උදේ දුම්රියෙන් නුඹ සමග නුවරට එන පිණිස නෑකමට මට නැගණිය වන තරුණියකුත් තවත් වැඩකාරයෙකුත් එවන්නෙමි. ඔවුන් සමග නුඹ දුම්රියෙන් ආ යුතුයි. නුඹ මා සිටින තැනට ඔවුන් සමග කිසි කනස්සල්ලක් නැතුව ආ යුතුයි. එවිට ඊ ලඟ සඳුදා අපේ සරණ බන්ධනය සිද්ධකර ගන්ට පිළිවන් වන්නේ ය. අපේ කටයුතු සියල්ලක් දැන් කථාබස් කර ගෙන නිවාඩු හෙයින් වැඩි දුර නොලියමි.

මේ වගට - ප්රේ මවන්ත, ධ. තෙන්නකෝන.


18 පරිච්ඡෙදය[සංස්කරණය]

මේ ලියමන සෙනසුරාදා උදේ ම නන්දාවතී අතට ලැබුණේ ය. ඈ ලියමන කඩා බලා මහත් පුදුමයටත් භයටත් පැමිණ අම්මාට කථා ‍කොට “අම්මේ තෙන්නකෝන් මහතා මට ලියුමක් එවා තිබේ. එහි කියා තිබෙන කාරණය පුදුම සහිත ය. මට නුවර පැමිණෙන්ට කියා එහිදී කසාද බඳින බව දන්වා තිබේ. මීට පිළිතුරු යවනවා ද එසේ නැතුව එතුමාගේ නියමය ඉෂ්ට කරනවා දැයි මට සිතා ගැන්මට පවා අපහසු වැඩක්ව තිබේ” යයි කියන කොට ස්වකීය ගෙදර ඉදිරි පිට තිබෙන අන්දරේ ගසක එක් පයින් ඉර දෙස බලා ගෙන කපුටෙක් අඬන බව දුටුවේ ය. පුරාණ ශාස්ත්ර වල මේ හැඬීම ඉතා අසුබ බව කියා තිබේ. බරණ ගණිතාචාය්ය්ේ තැන.

“රිවි දෙස බලා රිටු තෙම සිට පයින් එ ක සිය ගොස කළොත් ලේ දැකුමක් වනු නිසැ ක එම ලෙස සිට දෙරණ හෝ සිය ගෙයි පසෙ ක හිරි ලදුවොත් ගමනට වනු වැනසුමෙ ක”

යන කවිය නන්දාවතීට සිහි වුණ නමුත් එය ප්ර ත්ය ක්ෂ වශයෙන් අත් දුටු කාරණයක් නොවන හෙයින් වැඩි සැලකීමක් නො කළාය. මේ කාරණා නන්දාවතී පමණක් නොව බොහෝ උගත් පණ්ඩිතවරුත් නොසලකා ක්රිමයා කිරීමෙන් මහත් විපතට පත් වෙති.


ගමනක් යන විට පෙර මග දකින සුභාසුභ නිමිතිවලින් ඒ ගමනේ ඵල විපාක නො අනුමානව සිද්ධවන බව දන්නා බො‍හෝ දෙන පවා ඒ වේලාවට නොසලකා යාමෙන් මහත් අනතුරකට පත් වෙන බව පෙනේ. ඉතින් නන්දාවතී තෙන්නකෝන් මහතාගේ නියමය පරිදි නුවර යම් ද නොයම් දැයි සිත සිතා සිටින විට ස්වකිය මෑණියන් වන ‍ෙජාහානා හාමිනේ දියණියට කථා කොට “දුව නන්දාවතී, කවදා වත් තෙන්න‍කෝන් මහතා උඹට අයුත්තක් කරන්නේ නැත. උන්නැහේ පළමු වෙනි පංක්තියේ නම්බුකාර ධනවත් ලෝකප්ර සිද්ධ උගත් උතුමෙකි. අපේ අසරණ කමත් නොසලකා උඹව කසාද බැඳ ගන්ට කල්පනා කළේ එතුමාගේ සත්පුරුෂ ගුණයත් ජාති හිතෛෂි භාවයත් නිසා මයි. උන්නැහේගේ නංගි කෙනෙකුත් ඉරිදා එවනවයි කියා තිබෙන හෙයින් ඒ මැණිකේත් සමග උඹ පලයන්. මම ගෙදර දොර බලා ගෙන ඉඳලා උඹෙන් පණිවුඩයක් ලැබුණු හැටියේ එන්නෙමි”යි කීවාය.

නන්දාවතීට තෙන්නකෝන් මහතාගේ මේ නියමය ඉක්මවන්ට බැරුවාක් මෙන් ම එය ඉෂ්ට කිරීම ඊටත් වඩා අනතුරුදායක යයි සිතමින් එදා දවස යන්තම් අමාරුවෙන් රෑ කළාය. සිකුරාදා රැ දුම්රියෙන් නුවර ගිය ජෝන් ද සෙනසුරාදා උදේ තිමොන්ති දාබරේ දුම්රියපළට ඇවිත් සිටි බැවින් ඔවුනොවුන් දැක කථාබස් කරන්ට පටන් ගත්තේ ය. තිමොන්ති දාබරේ ජෝන්ට කථා කොට “මහත්මයා තව ටිකකදි අපට වැඩේ වල්වෙන්ට තිබුණි. තෙන්නකෝන් මහතා ලබන බ්රටහස්පතින්දා නන්දාවතී කසාද බඳින්ට නියම කර ගෙන ලියන ලද ලියමන මෙන්න. ඉතින් රාජ අපරාධයක් කරන්නාක් මෙන් ඒක වලක්වා මම බොරු ලියමනක් යැව්වෙමි. අද රැ මේ නවාතැන් ගෙන ඉන්නා බබිත් තම හිතේෂිවන්ත මිනිහෙකුත් කොළඹට පිටත් කර යවන්ට ඕනෑ. එසේ ඔවුන් ලවා නන්දාවතී ගෙන්වා ගෙන නාවලපිටියේ වත් ගම්පළ වත් නැත් නම් ඊටත් වඩා දුර ස්ථානයකට වත් ගෙන ගොස් ඇගේ අකමැත්තෙන් වත් පාවා ගෙන නැවත කසාද බැන්ද යුතුය”යි කීවේ ය.

ජෝන් ද මැල් තිමොන්තිගේ මැහැඟි උපාය අසා මහත් සතුටට පැමිණ “යමු මහත්මයෝ අපි පළමුවෙන් ම ගම්පළට, එහි ‍මගේ ඉතා ම හිතේෂිවන්ත මිත්රමයෙක් සිටියි. ඔහුව සම්බව මේ ප්රතවෘත්තිය ඔහුටත් කියා සුදුසු තැන්කින් ගෙයක් ලෑස්ති කර ගෙන ඔහුගේත් උපකාරයෙන් කටයුතු කර ගනිමු ය”යි කියා දෙන්නා ම ගම්පළට ගොස් එහි සිටි

කරෝලිස් සිල්වා නමැති ජෝන් ද මැල්ගේ මිත්රෙයා සම්බ වී කාරණය කීවෝ ය. කරෝලිස් සිල්වා බේබදුකම් කරන මිනිහෙකු නිසා තක්කඩි පාහේ බොහෝ දෙනෙක් ඔහුට එක්ව සිටිති. ඉතින් ඔහු පළාතේ අධම පංක්තියේ බලවතෙකු හෙයින් වහා ම ගෙයක් ද සූදානම් කොට ඇඳක් හා පුටු තුන හතරකුත් මේසයකුත් තවත් උවමනා කාරණාත් සම්පාදනය කොට දුන්නේ ය. ජෝන් හා තිමොන්ති නැවතීමට ඉතා ම යෝග්යර තැනක් ලත් බැවින් සතුටුව නුවරට ගියහ. තිමෙන්ති තෙන්නකෝන් මහතා ළඟට ගොස් තමාගේ හිතේෂිවන්ත නෑයෙක් අපාසු‍වක් කියා ගෙන ආ බැවින් ඔහු නිසා වරුවක් ගත වූ බවත් ඉතිරි වරුවත් නිවාඩු දෙන ලෙසත් කියා සිටියේ ය.

තෙන්නකෝන් මහතා ද හොඳයි කියා ඔහුට නිවාඩු දුන්නේ ය. පසු දින ඉරිදා හෙයින් එදත් නිවාඩු ඇති තිමොන්ති ජෝන් ද මැල් සමග කථා කරමින් ඉතින් කුමක් කරමු දැයි කීය. එවිට ජෝන් ද මැල් “තිමොන්ති මහත්මයෝ, අප මේ කාරණය කරන්ට ඕනෑ මෙසේ යි. දැන් බබිත් සමග අප දෙන්නාත් කොළඹ යමු. කොළඹදී මගේ හිතේසිවන්ත දක්ෂ මිනිහෙකුත් එකතු කර දී බබිත් සමග නන්දාවතීලාගේ ගෙදරට යවමු. ඔවුන් නන්දාවතී සමග දුම්රියේ නැගුනා ම අපිත් වෙන කරත්තයක නැගී ගම්පළට ඉරිදා රෑට ගොස් අපි සූදානම් කළ ඉ‍ඩමට යන්ට සලස්වා ගනිමු. එසේ නැතුව බබීත් තවත් මිනිහෙකුත් මෙහෙන් යවා මේ වැඩ ගන්ට වෙන්නේ නැතැ”යි කීය. එසේ කියා ජෝන් දුම්රිය පළෙන් පිටතට නොගොස් සවස බබිත් සමග කොළඹට එන්ට කියා සවස දුම්රියෙන් කොළඹට ආයේ ය. තිමොන්ති තමා සිටින ස්ථානයට ගොස් මෙහි තොරතුරු සියල්ලක් ම දැන් බබීට උගන්වා ඈ හොඳින් සූදානම් කර ගන්ට ඕනෑ යයි සිතා බබීට කථා ‍කොට ළඟට ගෙන්වා මෙසේ කියන්ට පටන් ගත්තේ ය.

තිමොන්ති - බබී උඹට මම කුමාරියෙකු මෙන් ඇඳුම් පැළඳුම් කෑම් බීම් දී ගෙන මෙහි තියා ගෙන ඉන්නේ මගේ මිත්රර මහත්මයාගේ හිතට අල්ලා ඉන්න තරුණිය ගෙනත් දීමටයි. උඹට මම හුඟක් දුරට එහි තොරතුරු කියාත් ඇති. උඹට මතක ද?

බබි - ඔව් මට මතකයි. මාව මහත්මයා ගෙනත් තියා ගෙන ඉන්නේ ඔය කාරණාවට ම නොවෙයි. තවත් කාරණාවලටත් සමග යි.

ඉතින් අපේ අප්පොච්චා මොකුත් නොදත් අමනයෙක් නිසා මහත්මයා දුන් රුපියල් දහයට රැවටිලා මාව ගෙනත් දුන්නාට ටිකක් කල් යන කොට මහත්මයාට මා එපා වේවි. ඉතින් මට මගේ බත්ගම කුලයේ මිනිහෙක් සමග යන්ට ලැබුනේ වත් ගෙදර නිකම් ඉන්ට ලැබුනේ වත් නැත. ඒ වාගේ ම වැදගත් වංශයක තරුණියෙකුත් විනාශ කරන්ට මට කියනවා ද?

ති. - මෙන්න බබීට පිස්සු. මම උඹට කොච්චර ආ‍දරේද? දැන් පවුන් විස්සක වාගේ ඇඳුම් උඹට අරන් දුන්නා නොවේ ද? උඹව තව අවුරුදු විස්සකට තිහකට වත් මම අත් හරිනවා ද? දැන් අප විසින් මේ ගෙනෙන්ට හදන තරුණ හාමිනේ වැදගත් කුලයක දුප්පත් කෙනෙකි. එසේ ගෙනත් ඒ ඇත්තීට අන්තරාකර අතරමං කරන්ට හදනවා නොව ඒ ඇත්තීට ම වයසින් හැ රූපයෙන් කැපෙන ධනවත් මහත්මයෙකුට විවාහ කර දෙන්ටයි හඳන්නේ? ඉතින් ඒක අවැඩක් යයි උඹ සිතන්නේ ඇයි?

බබි - අනේ නිලමේ මට ඕවා තේරෙන්නේ නැහැ. කෙනෙකුගේ අකමැත්තෙන් කොච්චර ධනවත් ලක්ෂණ කෙනෙක් ලැබුනත් මක්ක කරන්ට ද?

ති. - ඒක එහෙම තමයි. උඹට ඔය කාරණය තේරිලා නැහැ. ඔය අපි ගෙනෙන්ට සිතා ගෙන ඉන්නා තරුණියට ආදර බැඳලා දෙන්නෙක් ඉන්නවා. ඉතින්ඉස්සරියෙන් ගත් අයට ලැබෙන නිසා මගේ මිත්රැයාට ප්රනයෝගයෙන් ඈ ඉක්මනින් ගෙන්වා ගන්ට හදනවා. උඹ මේ කාරණය ඉෂ්ට කළොත් උඹ කියන එකක් මම කරන්නෙමි.

බබි - (ටිකක් සිනාසී) එහෙම නම් මා කසාද බැඳගන්ට. එතකොට ගොයිගම මිනිහෙක් බත්ගම ගෑණියෙකුත් කරාවේ මිනිහෙක් ගොයිගම ගෑණියෙකුත් කසාද බැන්ද නිසා ප්රේසිද්ධ වශයෙන් කුල භේදයත් කැඩේවි. එහෙම කරන්ට ද?

ති. - (ටිකක් හිතට අමාරුව) හොඳයි බබී ඒවා ගැන අපි පස්සේ කල්පනා කරමු. මේ කාරණය හොඳින් ඉෂ්ට කර දී උඹ මට කීකරුව හිටියොත් නොවරදවා උඹව කසාද බඳිමි. උඹ මා විශ්වාස කරපන් කියමින් විෂ්කි වීදුරු බාගයක් බීවේ ය.

බබි - අනේ දැන් කාලේ සිංහල මිනිසුන්ගේ එහෙම වගක් කොයින් ද? සල්ලි පණම් වැඩිපුර නැති කලට හොඳ උපාසක රාළලා


සල්ලි ලැබුනා ම ගජ බේබද්දෝ. පරසිරිත් මරුවෝ. එසේ ම නිලතල මොකුත් නැති ක‍ාලේ ජාතියට ආගමට වැඩ කරන මිනිස්සු. යම්තම් නිලයක් ලැබුණු හැටියේ සිය ජාතියේ මිනිස්සුන් සුනඛයන් තරමට වත් නොසලකති. හොඳයි ඒ කොයි හැටි නමුත් මේ කටයුත්ත තෙන්නකෝන් මහතාට විරුද්ධව මෙසේ කරලා අපට මේ රටේ වාසය කරන්ට පුළුවන් වේ යයි මහත්මයා සිතනවා ද?

ති. - අපි මෙහි සිටින්ට ඕනෑ නැහැ. මට රක්ෂාවක් නැතුව තෙන්නකෝන් උන්නැහේ ළඟට ආවා නොව මේ වැඩේ කරන්ට ම ඇවිත් ඉන්නවා. උඹ මොකකට වත් බව වෙන්ට එපා. ජෝන් ද මැල් මහතා දැන් ගජ පොහොසතෙක්. පවුම් හත් අට සියයක උපකාරයක් වත් මට උන්නැහේ කරනවාට අනුමාන නැහැ. ඉතින් ඇඳ ගනින් දැන් කෝච්චියෙන් යන්ට ඕනෑ.

බබි - හොඳයි මේ කරන්ට යන කාරණයේ පල විපාක ඉතා බොහෝ යි කියා බබී ද මැණිකේ කෙනෙකු මෙන් ඔසරිය සහිත ඇඳුම් ඇඳ ගෙන තිමොන්තිත් සමග දුම්රියපළට ගියා ය.

ඔවුන් සවස හතරට යන දුම්රියෙන් ගිය බැවින් මරදානට අටට පැමිණියාය. ජෝන් ද මැල් තමාගේ ඉතා හිතේසි වැඩකාරයා වන අන්ද්රනයස් සමග දුම්රියපළට අවුත් සිට තිමොන්ති හා බබිත් පිළිගෙන මරදානේ ජේමිස් අප්පුහාමිලාගේ ජනහිත භෝජන ශාලාවට ගොස් රෑට කා බී මේ කරන්ට යන වියවුල ගැන හෙඳින් කථා බස් කර ගත්තේය. තිමොන්ති අන්ද්රසයස්ට කථා කොට “උඹ මේ බබීට නන්දාවතීලාගේ ගෙදරදී “පුන්චි කුමාරිහාමි” කියා කථා කරපන්. අද රෑත් හෙට හතර වන තුරුත් එහි සිට අශ්ව කරත්තයක් ගෙනවුත් හරියට හතරට නුවර යන දුම්රියට අවුත් දෙවෙනි පංක්තියේ ටිකැට් තුනක් ගම්පළට අරගෙන නන්දාවතීත් බබීත් ප්ර වේසමෙන් දුම්රියෙන් බස්වා ගෙන ‍වරෙන්. උඹලා සමග එක කරත්තයේ ම මමත් එන්නෙමි. නමුත් මැල් මහත්මයා අපට උවමනා අනික් කටයුතු සූදානම් කර ගැනීම සඳහා දැන් රෑ කෝච්චියෙන් ගම්පළට ගොස් සිට ගම්පළ දුම්රියපළ ළඟට උවමනා කරත්තත් රැගෙන එ වේලාවට එනවා ඇතැයි කියා මැල් උන්නැහේව දහයාමාරේ කෝච්චියෙන් පිටත් කර හැර අන්ද්ර්යස් හා බබිත් නන්දාවතී හාමිනේලාගේ ගෙදරට යවා තිමොන්ති ස්වකීය ගෙදරට යන්ට ගියේ ය.


අන්ද්රයයස් හා බබීත් රෑ දහයාමාරට පමණ එන විට නන්දාවතී හාමිනේලා කෑම කා නිදාගන්ට සූදානම් වන වේලාව විය. බබීලා ගෙට ඇතුළු වෙනවත් සමග නන්දාවතී අවුත් ආචාර කොට වාඩි වෙන්ට දී රෑට කෑම කෑවා දැයි ඇසුවාම. ඔව් අප සමග බණ්ඩාර මහත්මයෙකුත් ඇවිත් හෝටලයකින් කැම කාලා අප මෙහාට එවා උන්නැහේ එම හෝටලේ ම නැවතුණා. හෙට හාමිනෙත් සමග යන කොට උන්නැහේත රේල්ලෙන් ම එනවා ඇති කීවා ය. නන්දාවතී මේ ස්ත්රිටයගේ කථාව කොහෙත්ම බොරුවකැයි සැක නොකළේය. ඒ නිසා ඈට නිදාගන්ට සූදානම් කර දී වැඩකාරයා වාගේ සිටි අන්ද්ර යස්ට එළියෙන් පැඳුරක් එලා දී කවුරුත් නින්දට ගියහ. එසේ නිදා ගනිමින් පුන්චි කුමිරිහාමි නමින් පෙනී සිටින බබීත් සමග කථා ‍කරන්ට පටන් ගෙන “තෙන්නකෝන් මහත්මයා කුමාරිහාමිලාගේ කව්දැ”යි ඇසුවා ම “ඒ අපේ බාප්පාගේ පුතා ය. මම කසාද බැඳලා ඉඳ මගේ මහත්මයා මළායින් පසු මල්ලිලාගේ වලව්වට වෙලා ඉඳිමි. මට ඊට පසු මගුල් ප්රහස්තා කීපයක් ඇසූ නමුත් කිසිවකට වචනයක් නොදී එහි ම සිටිමි. මල්ලිට නොයෙක් තැන්වලින් මගුල් ‍ජෝඩු කළ නමුත් ඒ කිසිවකට සතුටු නැතුව හාමිනේවම කසාද බඳින්ට ඕනෑය කියා මාත් කුඩම්මාත් සමග නොයෙක් වර කීවා. හාමිනේගේත් මල්ලිලාගේත් ලියුම් කියුම් පවා මම මුල පටන් ම දනිමි. හාමිනේ කසාද බඳිනවාට බොහොම කැමැතින් තෙන්නකෝන් මහතාගේ මෑණියොත් මමත් පමණකි. මෙහිම අප්රතසිද්ධ වශයෙන් මෙය කරන්ට හේතුවත් ඒක මය” යි ක‍ීවාය.

මේ ප්රඅයෝගකාර බබීගේ වචන සියල්ලක් ම නන්දාවතී විශ්වාස කළාය. ඉතින් රෑ නිදා සිට පසු දින ඔවුන්ට ද හොඳින් කන්ට බොන්ට දී තමා සිරිත් ලෙස අඳින හැටියට ඇඳ පැළඳ ගෙන මෑණියන් වැඳ සමු ගෙන පුන්චි කුමාරිහාමිත් අන්ද්රැයසුත් සමග අශ්ව රථයකින් මරදානේ දුම්රිය පළට ගොස් සවස දුම්රියෙන් නුවර යන පිණිස ගමන් ගත්තා ය. නන්දාවතී හා බබීත් දෙවෙනි පංක්තියේ රථ කාමරයක නැගුනේ ය. වැඩකාර අන්ද්රනයස් තුන් වෙනි පෙළ රථයක නැගුනේ ය. නන්දාවතීලා සිටි කාමරයට අල්ලපු කාමරේ තිමොන්ති දාබරේ ද නැංගේ ය. නන්දාවතීගේ හිත ඉතා සතුටු වන ආකාරයට නොයෙකුත් කථා බස් කිරීමට බබි පටන් ගත් බැවින් නන්දාවතීට කිසි කනස්සල්ලක් ඇති නොවී ය. නන්දාවතීගේ රූපශ්රී්ය දකින තිමොන්ති දාබරේගේ සිත ද විකල විය. ඒ මෙසේ මැයි. ජරාවෙන් ජීර්ණරව


කුස ගින්නේ පෙළෙමින් ඇඟ පුරා තුවාල ඇතිව කුස රෝගයකින් ද පහරමින් දුක් විඳින සුනඛයාත් සුනඛියක් දුටු විට රාග ඇල්මක් ඇති කොට ඒ සුනඛිය පස්සේ දුවන්නේ ය. කාම සේවනය ‍‍ඌට කිසි සේත් නොපිළිවන් නමුත් ඒ ගැන සිතේ පවතින ආසාව නිසා එසේ යන බව පෙනේ. ඉතින් රාගයෙන් යුත් ශරීර සුඛයෙන් යුත් තරුණ වයසෙහි පිහිටි කෙනෙක් රූප සෞන්දය්ය්යෙනයෙන් හා යෞවන භාවයෙන් යුත් ස්ත්රි යක් දුටු කල කෙසේ අනංගයාට වසඟ නොවී සිටියි ද?

තිමොන්ති දාබරේ මීට ප්රරථම කිසි දිනක නන්දාවතී නුදුටු නිසා ඈ ජෝන් ද මැල්ට ලබා දීමට උත්සාහ කළා මිස ඈ දැන සිටියා නම් තමාගේ භාය්යා් ද කමට ගැනීමට උත්සාහ කරණු මිස අන් කිසිවෙකුට ලබා දෙන්ට උත්සාහ නොකරන්නේය. තිමොන්ති තමාටම මෙසේ කියා ගත්තේ ය. “තෙන්නකෝන් මහතා වැනි උගත් ධනවත් ජාති හිතෛෂියෙක් අසරණව සිටින මේ නන්දාවතී කෙරෙහි ප්රේගමයක් ඇති කළේ මෑ උතුම් ස්ත්රීි රත්නයක් නිසායි. ඉතින් මෑගේ ගුණය මා සමග ගියත් වෙනස් විය නොහැක. මේ තරම් වටිනා උතුම් ස්ත්රීෝ රත්නයක් මේ ජෝන් ද මැල්ට කුමකට සලසා දෙම් ද? මම ම ඈ විවාහකර ගනිමි. ඔහුට බබීව සලස්වා දෙමි”යි මෙසේ කල්පනා ‍කරමින් නන්දාවතී හා බබී ඉන්න කාමරයට ගොස් පාර්ශ්වයකින් වාඩි වී තව දුරටත් නන්දාවතීගේ රූපශ්රී්ය නමැති අමෘතය තමාගේ ඇස් දෙක නමැති තුඩින් බොමින් සිටියේ ය.

රෑ දහය වන විට දුම්රිය පේරාදෙණියේ සන්ධිය පසු කළේ ය. මී ලඟට තිබෙන්නේ ගම්පළ දුම්රිය පළ විය ජෝන් ද මැල් බබීව අඳුනන්නේ නැතුවාක් මෙන් නන්දාවතී තිමොන්ති දාබරේව අඳුනන්නේත් නැත. ගම්පළ දුම්රියපළේ දුම්රිය නැවත්තු කල්හි සතර දෙනා ම දුම්රියෙන් බැස බබී හා නන්දාවතීත් ස්ත්රීයන්ට නැවතීමට වෙන් කර තිබෙන කාමරයට තිමොන්ති විසින් යවන ලදි. නන්දාවතීත් බබීත් ඒ කාම‍රයේ වාඩි ගත්හ. මේ පලහිලව්ව ගැන කිසිම සැකයක් තව ම නන්දාවතීට ඇති නොවීය. තිමොන්ති දාබරේ කරන්ට යන මිත්ර්ද්රො හි ක්රි යාවත් ජෝන් ද මැල් කරන්ට යන අධම ක්රි යාවත් නන්දාවතී නොදැන ම මහත් සතුටින් සිටියා ය. තිමොන්තිත් ජෝන් ද මැලුත් දුම්රියපළ ඉදිරිපිට නවතා තිබුණු රථයට නැග ඉතින් කුමක් කරමු දැයි කථා කළෝය.

තිමොන්ති - මැල් මහත්මයා ඉස්සර වෙලා යනවා ද? නැතුව නන්දාවතී සමග යනවා ද?

ජෝන් ද මැල් - මම දන්නේ නැහැ. කියන එකක් කරන්නෙමි. දැන් බබීටත් තිමොන්ති මහත්මයාටත් නැවතීමට වෙන ම කාමරයකුත් මම සූදානම් කර තිබෙනවා. අපි දැන් අශ්වකරත්ත දෙකකින් ‍ගියොත් අසල පසල මිනිස්සු ටිකක් කලබල වේවි. ඒ නිසා බක්කි කරත්ත දෙකක් අරගෙන කිසිවක් නොපෙනෙන්ට වසා ගෙන තමුන්නාන්සේත් මමත් එක කරත්තයකත් නන්දාවතීත් බබිත් එක කරත්තයකත් නැග යමු. එහි ගොස් කා බී ඉවර වූ පසු කිසිත් නොකියා මට සුදානම් කළ කාමරයේ නන්දාවතීටත් තමුසේට සූදානම් කළ කාමරයේ බබීටත් ඉන්ට සලස්වමු.

ති. - (තමා‍ෙග් හිතට හරිගොහින්) ඔව් බොහොම හොඳ යි. එහෙම කරමු කියා දෙන්නා ම සතුටුව අතේ තිබුණු විෂ්කි බෝතල බාගය දෙන්නා සමග බී නන්දාවතී හා බබීත් එක කරත්තයක නංවා ගම්පළ පාලමට ටිකක් එහා පුස්සැල්ලාවට යන පාරේ සුදානම් කර තිබුණු පුන්චි ගෘහයට ගියහ.


19 පරිච්ඡෙදය[සංස්කරණය]

එ හි ගොස් බැසපු හැටියේ ම නන්දාවතීගේ හිත විකල විය. නන්දාවතීට තුන් මුනින් දාඩිය දා “ඉතින් ‍මම විනාශ වුණෙමි. මේ දුෂ්ට හැතිරිත් මේ මිනිස්සු දෙ‍න්නාත් මා විනාශ කළහ. තෙන්නකෝන් මහතාගේ ලියමන බලා ‍අහෝ මම සැක කළෙමි. ඒ ලියමන කඩා බලන විට හැඬූ කපුටාගේ ලක්ෂණින් ද මේ විනාශය වන බව හැඟුණේය. නමුත් ඒ කිසිත් විශ්වාස නොකළෙමි. අනේ මම විනාශ උණෙමි. ඉතින් මා රැක්ක ගුණ දහමත් මගේ බලාපොරොත්තුත් කොයි ද? යනාදීන් කල්පනා කරමින් භය ශෝක දෙක එකක් වීමෙන් ඒ දෙක එකට ගැටීමෙන් වෙඩි බෙහෙත් යටට දමා උඩින් ඩයිනමයිට් දැමූ බෝරයට ගල යම් සේ සුණුවිසුණුව පිපිරෙන්නේ ද එමෙන් ම නන්දාවතීගේ හිත ද බලවත් වේදනාවකට පත් විය. ටිකක් වේලා මෙසේ කල්පනා කරමින් සිටින විට බබී “ඇයි හාමිනේ නුපුරුදු රටකට ආ නිසා ද කථා නොකර ඉන්නේ. එළියට


යතොත් යන්ට මූණ කට සෝදා ගෙන දැන් කෑම කාලා සූදානම් වන කොට තෙන්නකෝන් මහතාත් ඒවි”ය කීවා ය. මේ දුෂ්ට නීච ස්ත්රියය කථා කරන විටත් ඈ මරන්ට තරම් වේගයක් සිතට ආ නමුත් -

ඉවසන දනා රුපු යුදයට ජය කො ඩිය මහමෙර උසුලනා මිහි කතටත් වැ ඩිය

කී කීම මතක්ව නන්දාවතී මුවෙන් නොබැණ “මූණ සෝදා ගෙන අවුත් ප්රීීතියෙන් මෙන් බබී සමක කථා කරන්ට පටන් ගත්තාය. ජෝන් ද මැල් සහ තිමොන්ති තවත් අඩියක් ගහලා ප්රීාතිවෙවී කෑම කන්ට දෙන්ට වැඩකරුවන්ට කියා ඔව්හු නො පෙනී සිටියහ. නන්දාවතීට කෑමට පිළිවන් කමක් නැත. ඉතා සෝකයෙන් හෝ භයින් යුත් කෙනෙකුට ආහාර නිද්රාෑ මෛථුන යන කාරණා තුන විෂයක් හෙයින් නන්දාවතීට කන්ට නොහැකි විය. නමුත් ඈ කිසිත් නොකෑම මනමාලිය නිසා යයි අනික් අය සිතුවෝය. බබී හොඳටම කෑවාය. දැන් රෑ දහයට විය. මෙහි දි තිමොන්ති බබීට ඉවතට හඬ ගසා “උඹ අන්න අර කාමරයේ නන්දාවතී නවත්වාපන්නැ”යි නන්දාවතීට සහ ජෝන් ද මැල්ට සූදානම් කළ එක බබීටත්, බබීට හා තිමොන්තිට සූදානම් කළ එක නන්දාවතීටත් ඉන්ට සැලැස්සුවේය. මෙසේ කොට ජෝන් ද මැල්ට හොඳට ම සිහි නැති කරමි යි සිතා ඔවුන් අනුභව කරන අතර නො සෑහෙන ලෙස මත් පැන් බී ගත්හ.

තිමොන්ති ජෝන් ද මැල්ට සිහි නැති කරන කල්පනාවෙන් මෙසේ අධිකව බී ගත් නමුත් දෙදෙනාට ම එක සමානව සිහි නැති විය. මෙසේ සිහි නැතිව සිටිනා අතර බබී නන්දාවතී ළඟට ගොස් “එන්ට හාමිනේ කියා අඬ ගසා ගෙන ගොස් තිමොන්ති කී ලෙස ඔහු ගේ කාමරයේ ඇඳ උඩින් නන්දාවතීව වාඩි කොට බබී ජෝන් ද මැල්ට සූදානම් කළ කාමරයට ගොස් පහන නිවා දමා සරසන ලද යහනාවේ දෙවඟනක් මෙන් නිදාගත්තා ය. තිමොන්ති හා ජෝන් ද මැලුත් හොදට ම බීගෙන සිහියත් නැතුව ප්රීගති වෙමින් උන්නේය. නන්දාවතී කාමරයට ඇතුළු වූ හැටියේ ම තමාට වූ අනතුර මුවකින් කිය නොහැකි බව කල්පනා කරමින් දිවි නසා ගැනීමට මාරුවක් සොයන අතර එහි මේසය යට විෂ්කි බෝතලය දැක “මෙය අද මට පිහිටය”යි අතට ගෙන නැවත මේසේ උඩ තබා මේසේ කල්පනා කළා ය. විපතේ දී නැති ධෛය්‍ර්‍යයෙන් පලක් නැත. මට මේ අධමයන්ගෙන් ගැලවී යන්ට ලැබුණොත් එසේ යමි. බැරි වුණොත් දිවි නසා ගනිමි. මේ බෝතලයෙන් භාගයක් මේ කාමරයට එන අධමයාට


පොවන්නෙමි. අපේ ජාතියට මත් පැන් මහා වියවුලක් වී තිබෙන්නාක් මෙන් මොහුටත් මහා වියවුලක් මෙයින් සලස්වා මගේ සිංහල ගතියේ ප්රීයෝජන ගනිමැ යි සිංහ පෝතකියක් මෙන් කනස්සලු ස්වභාව පහ කොට මෙසේ ළඟ තිබුණු පුටුව උඩ වාඩි වී සිටියා ය. දහයාමාරට තිමොන්ති නන්දාවතීගේ කාමරයට ඇතුළු විය. ජෝන් ද මැල් බබී සිටින කාමරයට ගොස් එහි කිසිවක් නො පෙනෙන නමුත් ඇඳ උඩ නිදා ගත්තේ ය. ඇඳ උඩට ආවේ තිමොන්තිය කියා සිතා ගෙන බබීත් කථා නොකර නිදා ගත්තා ය. ජෝන් ද මැල් වෙරි මරගාතේ බබිත් සමග කම්සැප අනුභව කොට සිත් වූ පරිදි නිදා ගත්තා ය. වෙරි අධිකව ‍තිබුණු හෙයිනුත් තමා ප්රාිර්ථනා කළ නන්දාවතී ම යයි මහත් සතුටින් “ඈ විරුද්ධකම් ආදියක් නොදැක්වූයේත් තිමොන්ති මහතා කාරණා කියා සතුටු කර තිබෙන ‍නිසා යයි ජෝන් ද මැල් මළාක් මෙන් නිදා ගත්තේ ය.

පළමුවෙන් ම කම්සැප විඳ ගන්නාටත් අධික ප්රීමතියට පත්වූවන්ටත් ඉතා වේගයෙන් නින්ද යා‍ම ද ස්වභව ධර්මරයකි. ජෝන් ද මැල් හා බබිත් එක කාමරයක දොර වසා ගෙන නිදා ඉන්නා කල තිමොන්ති නන්දාවතීගේ කාමරයට ඇතුළු විය. නන්දාවතී ඔහු දැක “ජෝන් ද මැල් නොව අනිකෙක් එන්නේ කිම දැ”යි පුදුම ව ඔහු කෙරේ ආදර සහිත ව ලැජ්ජා ගතියක් පෙන්වා පුටුවෙන් නැගිටුනා ය. එවිට තිමොන්ති “නන්දාවතී හාමිනේ මම හොඳ දෙමව්පියන්කේ දරුවෙකි. මට සැබවින් ම අදරේ ද? හෙට අපි නුවරදී කසාද බඳිනවාය”යි වෙරි මරගාතේ කියමින් නන්දාවතී අතින් අල්වා ගන්ට තැනුවේ ය. එවිට නන්දාවතී “අහෝ මහත්මයෝ, මම අ‍ාවෙත් කසාද බඳින්ට සතුටුව මයි. නමුත් මා කසාද බඳින තුරු මාගේ ඇඟට ගෑවෙන්ට වත් බැරිය” කියා විස්කි බෝතලය ඇර තමාත් බොන බව කියමින් පෙරැත්ත කර කර බාගයක් පමණ තිමොන්තිට පෙව්වා ය. මුළු දවසේ ම බිබී සිටි මේ මනුෂ්යායාට ඒ විස්කි බාගය බොන කොට ම මුර්ජා විය. ඔහු යන්තම් ඇඳ උඩට නැග ගොරොද්දෙ අදිමින් නිදා ගත්තේ ය.

ඉතින් ඒ කාමරයේ ඇර මුළු මුළු ගෙයි ම පහන් නිවා තිබුණු හෙයින් නන්දාවතීට පිට වී යන්ට ඉඩ ඇති විය. නමුත් රෑ 12 ට පමණ වූ මේ වේලාවේ බලවත් ලෙස වහින්ට ද පටන් ගෙන තිබුණෙන් සුඛුමාල තරුණියක් කිසි කලක නොගිය රටක දී කොයිබට යන්ට ද? නන්දාවතී ඒ කිසිත් නොසිතා ඇඳගෙන උන් වටිනා ඇඳුම් ලිහා පොට්ටනියක් කොට බැඳ ගෙන එක ‍රෙද්දකුත් හැට්ටයකුත් හැඳ උඩ


තිබුණු ලොකු තුවායක් ඔළුවේ දමා ගෙන මහ වැ‍ස්සේ ම ගෙයින් පිටත්ව මහ පාර පැත්තෙන් බස්නාහිරට තිබෙන වෙලේ ලොකු නියරක් උඩින් යන්ට ගියා ය. තෙමි තෙමි ඝනාන්ධකාරයේ යන මේ ගුණවත් තරුණිය කිසි ම උවදුරක් නො ලැබ වෙලෙන් එගොඩ තිබෙන පුංචි ගෙයක් ළඟට ගොස් ඒ ගෙයි දොරට තට්ටු ක‍ළාය. ඒ ගෙයි අය එවෙලාවටත් නිදා නොගෙන සිටි බැවින් වහා ම දොර හැර ඒ තරුණිය දැක බිය පත්ව මේ වේලාවේ කොහේ යනවා දැයි ඇසුවා ය. ඒ ගෙයි ඉන්නෝ නම් මහලු ස්ත්රියයෙකුත් තරුණියෙකුත් පුංචි ගෑණු ළමයෙකුත් පමණකි. මේ තුන් දෙනා කුලී වැඩ කර රැකෙන අසරණ පව්ලකි.

ඔවුන් ‍වැඩ කරන්නේ තෙන්නකෝන් මහතාට අයිති පේරාදෙණියේ කොකෝවා වත්තකයි. සුමානයකට වරක් සෙනසුරාදා සවස ස්වකීට ගමට අවුත් නැවතත් ඉරිදා රෑ සඳුදාට එළිවෙන්ට වත්තට යන්ට සූදානමෙන් කාලා සෙල්ලමෙන් සිටියෝ ය. තෙන්නකෝන් මහතාට ඔවුන් මේ නන්දාවතී දුටු හැටියේ ගෙයි තිබුණු රෙද්දකුත් හැට්ටයකුත් අඳින්ට දී තෙමුණු ඇඳුම් ඉවත් කර ගෙයි තිබුණු බත් ටිකකුත් කනව්ට දී තොරතුරු ඇසුවා ය. නන්දාවතී ද “ඉතින් ගැලවුනෙමි”යි ප්රී තියෙන් පිනා මැහැලි මව්ටත් තරුණියට හා පුංචි ළමයාටත් තමා ගේ තත්වය පම්පූර්ණියෙන් සඟවා අන්යන කරුණු කියා ඔවුන් සිත් ගෙන ඔවුන් සමගම වත්තේ වැඩට යන්ට එන බව කීවාය. ඔවුහුද ඊට අතිශයින් ප්රීසතිව සතර දෙනා ම නිදා ගත්තාහ.

බබීත් සමග යහනාවේ සිටි ජෝන් ද මැල්ට වෙරි හිඳී සිහිය අයේ ය. එසේ සිහි ආ විට නන්දාවතී යයි සිතා ගෙන ඉන්නා බබීට කථා කොට “ප්රේ්මිය නුඹ රැගෙන එන්ට මම ගත් උත්සාහය! අනේ නුඹ මට මේ කරදර වියදම් නොකර කොළඹදී ම කසාද බැන්දා නම් කොච්චර හොඳ දැ”යි කීය. මේ වචන ඇසූ බබී හණි හණික නැගිට කොට්ටය යට තිබුණු ගිනි‍ පෙට්ටිය පත්තුකොට ලාම්පුව දල්වා බැලූ කල තමා එදා කල් යවා තිබෙන්නේ තිමොන්ති සමග නොව ජෝන් ද මැල් සමග බව දැක “අනේ ජඩ මිනිස්සුන්ගේ හැටි! කොළඹින් එක්ක ආ නන්දාවතී හාමිනේ තිමොන්ති උන්නැහේ ම අරගෙන මාව බද්ගමිව මුන්නැහේට දීපි. අනේ මේ මිනිස්සු වාගේ ජඩයෝ තවත් ‍ඉඳිත් දැ”යි හයියෙන් කීවා ය. ජෝන් ද මැල්ට දෙයියන් සිහි වෙච්චි! පණ යනතුරා උත්සාහ කොටත් බද්ගමියෙකු ලැබීමට වඩා ලොකු වියවුලක් ඇද්ද? තවත් ඇද්ද‍? අයුත්තෙන් අධර්මියෙන් බේබදුකමින් ක්රිකයා

කරන ජඩයන්ට වන වියවුල මෙපවණ නොවේ. ජෝන් ද මැල් දණ්ඩෙන් පහර කෑ සර්පයෙකු මෙන් කිපී ඇ‍ඳෙන් නැගිට බබීටත් පහරක් ඇන දොරත් හැරගෙන එළියට පැන “අයිසේ තිමොන්ති යූ ආර් ඒ ස්කවුන්ඩ්ර්ල්” කියා කෑගැසුවේය.

තිමොන්තිටත් මේ වේලාවේ ටිකක් වෙරි හිඳී තිබුණු ‍බැවින් නැගිට වට පිට බැලූ විට නන්දාවතී දකින්ට නොසිටියෙන් එකත් එකට මැල් එළියට ගෙන්නාගෙන කෝලහල කරනවා යයි සිතී දොර ඇර ගෙන ආයේ ය. මැල් කිසිත් විභාග නොකර තිමොන්තිට කම්මුල් පහරක් ගැසී ය. තිමොන්තිත් මැල්ට එකක් ගැසීය. බබී “මිනී මරණවේ” කියා මරහඬ දුන්නී ය. ඒ හඬට ගෙදර උන් වැඩකාරයෝ දෙන්නා ද නැගිට ගෙට ආහ. තිමොන්තිත් ජෝන් ද මැලුත් බබීත් වැඩ කා‍රයෝ දෙන්නාත් එක ගොඩේ පෙළෙමින් ඇන මරා ගත්හ. ජෝන් ද මැල් තිමොන්තිට පිහියෙන් ඇන්නේ ය. ජෝන්ගේ වැඩකාර අන්ද්රජයස් තිමොන්තිට පිහියෙන් ඇන්නේ ය. බබීට ද පිහිය පාරක් වැදී මරණාසන්න විය.

මේ මධ්යමම යාමයේ කෙරෙන කෝලාහලයට අසල පසල උදවිය රැස්ව මුලාදෑනීන් ද ගෙන්වා කෝලාහලය නවත්වා තොරතුරු විභාග කළා ම උතුම් කුලාංගනාවක් රවට ගෙනවුත් අපරාධ කළ මේ අධමයන්ට වුණ හරිය ගැණ කිසිවෙක් අනුකම්පා නොකළ නමුත් නන්දාවතී හාමිනේ ග‍ඟේ පැන දිවි නසා ගන්ට ඇතැයි බොහෝ දෙනා සිතූහ. මේ මහා වියවුලෙන් ‍ජෝන් ද මැල් සහ තිමොන්තිත් බබීත් තුවාල ලැබ ආරොග්යනශාලාවට ගෙන යද්දී මළෝය. මුලාදෑනීන් විසින් විභාගයක් පවත්වන ලදී. තමන්ට යුතු නැති දේ කරන මිත්රෑද්රෝ හි කපටියන්ට හා බේබද්දන්ටත් මේ ලොවදී ම පැමිණෙන විපත් මේ මහා වියවුලෙන් කාටත් ප්රිත්ය ක්ෂ වූයේ ය. ස්ථිර ගුණයෙහි නොපිහිටි බීම වීදුරුවට මිත්‍රවන අය හා එක් වන කාටත් ජෝන් ද මැල්ගේ විනාශය ආදර්ශයකි. ගුණ ධර්මුය ඉක්මවා රාගාලය කළවුන්ට වන විපත තිමොන්ති ගෙන් අවබෝධ වේ. ද්රෝුහි කමක් කිරීමට පිටිවහල් වන අයට වන විපත බබීගෙන් ‍ප්රුත්යටක්ෂ වන්නේ යයි බොහෝ දෙනා කියමින් කණගාටු වූහ.

අසරණ කිරිඑතනලාගේ ගෙදරට ගිය නන්දාවතී ඔවුනුත් සමග රෑ හතරට නැඟිට පේරාදෙණියේ ඔවුන් වැඩ කරන වත්තට ගියාය. ඒ වත්තේ ලැයිමක ඔවුන්ට ද කාමරයක් ඇති බැවින් එහි ගොස් නන්දාවතීට එදා වැඩට එන්ට එපා යයි කියා කෑම පිසීමට ඈ

නවත්වා ඔවුන් තුන් දෙනා වැඩට ගියහ. නන්දාවතීත් ඉතින් කුමකින් කුමක් කරම් දැයි බලවත් සෝකයෙන් නිදා නොගෙන ම සිටියා ය. කරුණාවන්ත කිරිඑතනා හා ඇගේ දියණියන් දෙදෙනා ද නන්දාවතීට බොහෝ සංග්රීහ කළහ. නන්දාවතී ලැයිමට ආ පසු තෙන්නකෝන් මහතා ගැන සිහි කළ නමුත් උන්නැහේ කරන ලද්දේ රැවටිල්ලක් බවත්, තිමොන්ති නමින් එදා රෑ තමාගේ කාමරයටආ අයට විවාහ කර ‍දීමට තෙන්නකෝන් මහතා ක්රිතයා කළ බවත් සිතමින් බලවත් සේ සෝකාතුර වූවාය.

බෘහස්පතින්දාට එළි විය. තෙන්න‍කෝන් මහතා නන්දාවතීට ලියා යැව් පරිදි එදා උදේ දුම්රියෙන් මිත්රමයෙකුත් සමග නන්දාවතී කසාද බැඳ ගෙන එන පිණිස කොළඹට පැමිණ නන්දාවතීලාගේ ගෙදරට ගියේ ය. නන්දාවතීගේ මව් දියණියගෙන් පස් දවසක් වන තුරුත් කිසි තොරතුරක් අසන්ට නොලැබුණු බැවින් කණගාටුවෙන් සිට තෙන්නකෝන් මහතා දැක වාඩි වෙන්ට කියමින් ම “කෝ මහත්මයෝ නන්දාවතී. ළමයත් එකක් නාවේ මන්දැ”යි ඇසුවා ය. එවිට තෙන්නකෝන් මහතා මේ මව්ට අඳුනා ගන්ට බැරුව කථා කරනවා දැයි සිතා “මම තෙන්නකෝන්ය. නන්දාවතී සමග යන්ට ආවෙමි”යි කිවාය. අනේ මහත්මයාගෙන් ලියමනක් ලැබී- මහත්මයා එහෙන් එව් මහ්තමයාලගේ නංගිත් තව වැඩකාරයෙකුත් සමග ඉරිදා නුවර ගියා. අනේ මේ වුණේ මොකදැයි පොළොවේ හැපෙන්ට විය. තෙන්නකෝන් මහතාට මේ මැහැලිය අස්වසන්ට වෙන හැටියක් නැති බැවින් තමා සමග ගිය මිත්රායා නවත්වා ඈ සනසන හැටියට කියා මහා ම මේ කාරණය සෙව්වේ ය.

ගම්පළදී ස්ත්රිකයක් නිසා දෙන්නෙකු අතර කෝලාහලයක් වී තුන් දෙනෙක් පිහියෙන් ඇනගන මළ බවත් ඒ ස්ත්රි ය මාවැලි ග‍ඟේ පැන මළ බවත් කොළඹට ආරංචි වී තිබූණු හෙයින් නොඅනුමානව “මා ළඟට ගිය ‍තිමොන්ති දාබරේ නන්දාවතී නිසා ම මා ළඟට ගොස් මේ වියවුල කළා වෙන්ට ඇත. අනේ ගුණවත් සුශික්ෂිත නන්දාවතී! මා නිසා පේවි සිට අධමයන්ට රැවටී විනශ විය. මමත් ඈ වෙනුවෙන් දිවි නසා ගනිම් නම් ඒ ද මෝඩකමකි. නමුත් ඇගේ මෑණියන්ට සියලු සැප සලස්වා දී ඈ නිසා අන්යම කිසි ම ස්ත්‍රියක් විවාහ කර නොගෙන ලොකාර්ථසිද්ධිය කරමින් ඉන්නෙමි යි සිතා “මැණියෙනි භයවෙන්ට එපා. නුවර පළාතට ගියා නම් මම නන්දාවතී සොයා ගන්නෙමි. සැප සේ ඉන්ටය”යි ඒ අඬන මෑණියන් නොයෙක් විධිවලින් සනසා


20 පරිච්ඡෙදය[සංස්කරණය]

ප සු දින උදේ ගම්පළට ද ගොස් කාරණා විමසු විට තමා ළඟ සිටි අධම තිමොන්තිත් ජෝන් ද මැලුත් බබී නමැති දුෂ්ට ස්ත්රීවත් එක්ව කළ කුමන්ත්රනණයෙන් ඔවුන් තුන් දෙනාත් නන්දාවතී නමැති පංචකල්යා ණයෙන් යුත් උතුම් කාන්තාවත් විනාශ වූ බව අසා බලවත් චිත්ත සන්තාපයෙන් යුක්තව තෙන්නකෝන් මහතා නුවරට ගියේ ය. එසේ අවුත් සිකුරාදා සවස පේරාදෙණියේ තිබෙන තමාගේ කොකෝවා වත්තේ බංගලාවේ කීප දවසක් නවතින පිණිස ගොස් රාත්රීක හඳ තිබෙන බැවින් රෑ 9 ට පමණ වත්තේ ඇවිදීම පිණිස කන්කානම් කෙනෙකුත් සමග පිටත් විය. නන්දාවතී තවමත් වත්තේ වැඩට නොගියේ ය. කිරි එතනා හා ඇගේ දූදරුවන් සපයන දෙයින් කා බි සිටිමින් තමාට සිද්ධවුණ විපත ගැන කවි කීපයක් තැනුවා ය. ඒ සිකුර‍ාදා දවල් තැණු කවි රෑ කෑවට පසු කිරි එතනාගේ දූ වන මැණික් හාමිට පෙන්නුවාම අනේ අපටත් ඇහෙන්ට කියන්ට යයි ඔවුන් කරදර කරන නිසා ඒ කවි කියන් පටන් ගත්තා ය.

01. ත ද අ කු ස ලා ළඟට ම විත් විඳි න්නට දු ක ප මු න ලා රහසින් දැන ‍නොග න්නට ගි නි අ වු ල ලා පිටතින් නොම පෙනෙ න්නට ම ට වු ණ මු ළා බැරි කාටත් කිය න්නට

02. ප ල දී අකුසලක් පියතුම ළද වය සේ නො රැ දී මරු සමග ගිය තැන් පටන් ල සේ නො වි ඳී දුකක් නම් නැත මා මෙදිය කු සේ නො බැ ඳී පවට නිවසව් එ බැවින් දිගැ සේ

03. ස ම ගි න් කුළුනුබර මගෙ මව් සඳ ගුණැ තී සැ ප ති න් කලක් විසූවෙමි අදර බැ තී වැ ඩි යෙ න් ‍ සැප ලබනු වස් තෙන්නකෝන් මැ තී පැ තු වෙ න් මට දෙලොව හිස පිට වැටුණ යු තී

04. නැ ණ යෙ න් ගණිඳු වන් යසසින් පිරි සෝ ම බ ල යෙ න් රවිඳු දිණු තුනු රුසිරැති ක ම සු ප ස න් තෙන්නකොන් අග මැතිඳුනි පේ ම ම ම ව න් කතෙකු හට කිම දුක් දෙනු මේ ම


05. ප ස් ව ස ක් ඔබගේ නම රැ දෙවේ ලේ ලෙස් අ ම ක් සිතා සිටියෙමි එ කා ලේ ද ස් ක ම ක් නොදත් අඟනෙක් මෙ ව ලේ දු ක් ක ද ක් ලබා ඒකෙන් ‍ම වේ ලේ

06. ලක් ස ත් කෙරෙහි පෑ නිතර ම කුළුණු බ ර සක් යු ත් සිරි සැපැති දෙන තිළිණ සුර තු ර වික් මැ ත් තෙන්නකොන් ‍මැති සඳිනි ගරුත ර දුක් ග ත් මෙමට ලැබුණේ කඳුළු මුතු හ ර

07. සො ඳ මගෙ මවුත් නැති විය යන මාංද නැ තේ ල ද මගෙ කීත් රැසත් ගුණයත් ගියෙ අප තේ ව ද මිස එක දිනක් වත් තව ම සැප නැ තේ හ ද වත ඔබෙ පැළෙයි දනිතොත් දුක ම සි තේ

08. එ දා අත රැගෙණ සිප රන් මුදුව ද මා න දා බස් කියා ආ බැවිනි හිමි තු මා අ දා ගණ අවුත් දැන් අසරණවූ ම මා නි දා ගනිමි කෙලෙස ද දා සැලෙයි ළැ මා

09. එ න ම ද සුළං වැදෙමින් මහවැලි එ ග ‍ඟේ ත ද බ ද පොලොං විස සේ විය ඇඟට ම ගේ මැ ති ස ඳ මෙ වන් දුක් දනිතොතින් ඔබ ගේ නැ ත හ ඳ තිබෙන්නේ උණුවෙයි ‍ඬෙරු ව ගේ

10. ගු ණ ය ට පැහැදුමෙන් සහ ලැබ ද තිර බ ස ස ර ණ ට නොලදියමි පල දී පවක් ව ස ව න සෙ ට තෙන්නකොන් මැති සඳිනි සහතො ස ම ම හෙ ට නසිමි පවතින් ඔබ සුරිඳු ලෙ ස

මේ කවි ලැයිම අසල ම සිටගෙන අසා උන් තෙන්නකෝන් මහතාට මේ තමාගේ ප්රේිමවන්තිය බව එක පාරටම අවබෝධව තමා ළඟ සිටි කංකානමට කිසිත් නොහඟවා බංගලාවට ම ගියේ ය. එසේ ගොස් මෙසේ කල්පනා ‍කළේය. නන්දාවතී අධමයන්ගේ අතට අසු නොව සැඟවී අවුත් සිටින්නී ය. පිරිසිදු ගුණයෙන් යුත් කෙනෙක් ස්ථිර ලෙස සිතා ගත් දෙය සිද්ධ නොවි වලක්වන්ට පිළිවන් බලයක් මුළු ලෝකයේ නැත්තේ ය. දෙමළුන් විනාශ කොට බුද්ධ ශාසනය


වර්ධනය කිරීමට සිතූ දුටුගැමුණුරේ ජතුමාගේ අදහස යම් සේ සඵල වී ද ඒත් පිරිසිදු ගුණයෙන් යුත් උත්තමයා නිවැරදි වු දෙයක් ස්ථිරව සිතූ බැවින්මය. දැන් නන්දාවතී වැඩි දුරටත් පරීක්ෂා කළ යුතු නොවේ. අගේ වියෝවීමෙන් මට ඇති දුක ඈ නොදනියි. ඈ දැන්මම ගෙන්වමි” යි සිතා තමා එක්ක ගිය කංකානමට හා තමාගේ හිතෛෂි වැඩකාරයෙකුට ද කථා ‍ෙකාට කංකානමට මෙසේ නියම කළේය. “දැන් අපි අවිදින්ට යද්දී ලැයිමක් ළඟ නැවති සිටින විට එක කාමරයක කවදෝ කවි වගයක් කියනවා ඇසුනා. උඹලා ගොහින් ඒ කාමරේ සිටින සෑම දෙනා ම එක්ක වරෙල්ලා”ය යී කීය.

එබස් ඇසූ කංකානම කවි ඇහුණේ කිරිඑතනා සිටින ලැයින් කාමරයෙන් බව දැන වහාම එහි ගොස් කිරිඑතනාට කථා කොට “උඹලාගේ කාමරේ ඉන්නේ කව්ද ඔක්කොම එළියට වරෙල්ලා බන්ඩාර හහාමුදුරුවෝ ටිකක්ට එන්ට කියනවා”ය යි කීය. මේ කථාව අසා වුන් නන්දාවතී කබලේ බැදි බැදී උන් අය ලිපට තල්ලු කර දැමූ කලක් මෙන් විය. කිරිඑතනාට මහත් භයක් හට ගෙන මේ අලුත් ළමිස්සී නිසා මොකක් දෝ විපතකැයි සිතා “කංකානම් මහත්මයෝ අපට අඬගසනේ කුමට ද මෙහි ඉන්නේ මමත් මගේ දුවලා දෙන්නත් තවත් ගෑණු ළමයෙකුත් පමණකි” යයි කීවෝ ය. “ඒකට කමක් නැත. බන්ඩාර හාමුදුරු‍වන් ළඟටත් යන්ට බය දැ” යි කියා සතර දෙනාම එක්ක ගියාහ. බන්ඩාර හාමුදුරුවොයි කියන්නේ කව් දැයි නන්දාවතී දන්නේ නැත. නන්දාවතී ද අනිත් කුලීකාර ස්ත්රී න් ලෙස ඇඳ, පොරවා ගෙන උන් රෙදි පිටින් ම බංගලාවට ගියාය. තෙන්නකෝන් මහතා තමාගේ කාමරයේ සිටියේ ය. කංකානමට කාමරයකට අඬ ගසා ඒ ආ ඇත්තන්ගෙන් කිරි එතනාට හා ඇගේ දූලා දෙන්නාට බිමත් අනික් ළමිස්සිට ඇඳ උඩත් නිදාගන්ට කියා අනිත් කාමරය පෙන්නුවේය. ඒ සතර දෙනා නියම කළ පරිදි නිදා ගත්තාහ.

“විපතට පෙර සැපතය” කී පරිදි අමුතු යහනක් ලැබුණේ මගේ අන්තිමය දැයි නන්දාවතී සිතමින් තමාට පැමිනි කරදර ගැන සලකමින් උන්නා මිස නිදා නොගත්තා ය. උදේ එළිවෙන කොට කිරිඑතනා සහ ඇගේ දූවරු දෙන්නත් එක්ක වැඩට යන්ට කංකානම කථා කළේය. රෑ හතරක් ම කොහෙත් ම නිදි නැතිව සිටින නන්දාවතී එදා ටිකක් එළිපහලි වන තුරු ම නිදා ගත්තා ය. කිරිඑතනා බංගලාවෙන් ගියාට පසු තෙන්නකෝන් මහතා නන්දාවතී උන් කාමරයට ගොස් “නන්දාවතී හාමිනේ තවමත් නිදිද’ කියා ඇඟට අත ගැසූ විට


නන්දාවතී භයින් ත්රථස්තව ඇස ඇර බැලූ විට තෙන්නකෝන් මහතා බව දැක මේ සිහිනයක් දැයි සැක සහිතව කිසිත් කියා ගත නොහී සිටියා ය. නන්දාවතී වික්ෂිප්තව සිටිනු දුටු තෙන්නකෝන් මහතා “ප්රේනමිය මා අඳුනන්ට බැරිව සිටිනවා ද” කියන විට නන්දාවතීට සිහි ඇවිත් තෙන්නකෝන් මහතා වැළඳ අඬා තමාට වුණ විපත කීවාය.

එවිට තෙන්නකෝන් මහතා “ප්රේිමිය අපේ ජාතිය පිරිහුණේත් පරහස්ත ගත වූයේත් ආත්මාර්ථකාමි මිනිසුන් නිසාම ය. ස්වකිය ජාතිය ස්වකීය සිරිත් විරිත් කුලධර්මා අත් හැර සිතට කයට සැපය කියා හිතෙන කෝක නමුත් යුත්තෙන් හෝ අයුත්තෙන් ලබන්ට උත්සාහ කරන අධමයන් නිසා රටේ සාමාන්යන ජනයාත් ඔවුහුත් පිරිහෙති. නුඹට අන්තරාය කරන්ට උත්සාහ කළ අධමයන් ගැන මම දනිමි. ඔවුන් යෙදු දුෂ්ට උපාත් මම දනිමි. නමුත් ධර්ම යෙන් පිට සැපතක් නැත කි සාදර්ශීන් වහන්සේගේ උතුම් වචනය පරිදි ඒ අධමයෝ ඔවුන්ගේ දරුණු අපරාධයට මෙ‍ලොවදී ම විපාක ලද්දා හ. පිරිසිදු ගුණ ධර්මමය ජිවිතය මෙන් රක්ෂා කිරීමේ විපාක වශයෙන් නුඹේ බලාපොරොත්තුව ඉෂ්ට වන්නේ ය”යි නන්දාවතී දිව්යේප්සරාවක් මෙන් සරසවා ගෙන අශ්වරථයකින් මහනුවරට ගෙන ගොස් විශේෂ පලපත්රයයක් පිට කසාද බැඳ ප්රිථය භාය්යාෙන තනතුරට පත් කර ගෙන එතැන් සිට රටටත් ජාතියටත් වැ‍ඩ කරමින් සැප සේ කල් යැව්වේ ය.

ප ර ද වන පිණිස සතුරන් මිග දෙ ඩුව එ ස ඳ රාජසිහ කුමරුට දුන් ක ඩුව නි බ ද බුදු සසුන් රැකුමෙහි පෙම් වැ ඩුව සැ ර ද බර නයන සුර යසිනි නො අ ඩුව

සු රැ ඳු මුව තඹර සරසවි අම දව ස නොම දු තැන් කරන සිය දෑ වැඩ පිණි ස කි වි ඳු පියදාස සිරිසෙන් සතිස් ව ස ප සි ඳු කළෙ මේ මහවියවුල බසැති ර ස


සිද්ධිරස්තු .