පියදාස සිරිසේන නවකථා එකතුව- 01-වාසනාවන්ත විවාහය හෙවත් ජයතිස්ස සහ රොස්ලින්

Wikibooks වෙතින්

වාසනාවනත විවාහය හෙවත් ජයතිස්ස සහ රොසලින්


(ක්‍රි.ව. 1904)


පස් වෙනි සංස්කරණයට ලියූ සංඥාපනය


මේ, වාසනවන්ත විවාහය හෙවත් ජයතිස්ස සහ රොස්ලින් යන ප්‍රබන්ධ කථාවේ පස්වෙනි සංස්කරණය යි. මේ පොතෙන් මේ වනතුරු පිටපත් 25,000ක් පමණ මුද්‍රණය කිරීමෙන් ම මේ පුස්තකය සිංහලයන් විසින් කොතරම් භක්ත්‍යාදරයෙන් කියවනු ලැබේ දැයි කාටත් තේරුම් ගැනීම පහසුය. ප්‍රබන්ධ කථා මාර්ගයෙන් ජාත්යාිලයාදී උතුම් ගුණ ධර්ම වර්ධන කිරීමට යුරෝපීය ජනයා ආරම්භ කරන ලද්දේ අවුරුදු 400කට මෑතදී නමුත් සිංහලාදී පෙරදිග ජනයා අවුරුදු දහස් ගණනකටත් පෙර එසේ කළ බවත් විනාශ භාවයට නොගිය ප්‍රබන්ධ කථා තවමත් පෙරදිග රටවල පවත්නා බවත් පෙනේ. ඒ එසේ ද උවත් අප විසින් ප්ර බන්ධ කථා තැනීමෙහි වැදගත්කම තේරුම් ගන්නා ලද්දේ ඉංග්රීබසි ප්රඒබන්ධ කථා (Novels) කියවීවෙන් ම බැව් සදහන් කරමු. අප විසින් ලියනලද මේ ප්ර බන්ධ කථාවෙන් පසු තවත් සිංහල බොහෝ දෙනා කථා පොත් ලියා ප්‍රසිද්ධ කර තිබෙන බැව් දැක සතුටුවිමු.

මේ කථාන්තරයෙන් හා මීට පසු අප විසින් ලියා ප්‍රසිද්ධ කරන ලද කථාවලින් ද අප ජාතියට අත්වූ ප්රායෝජන අවංක සිංහලයෝ දනිති. මෙහි සඳහන් වාක්යාාදියක් වෙත පොත පතට ගත නොහැකි බවත් සියල්ලන් විසින් සැලකිය යුත්තේය.

මේ වගට,

පියදාස සිරිසේන.

1916 ක්වු අප්රේ්ල් මස 5 වෙනි දින. කොළඹ “සිංහල ජාතිය” කන්තෝරුවේදීය.



පිළිගැන්වීම


මෙම වාසනාවන්ත විවාහය

අවුරුදු දෙදහස් හාරසිය පහක පටන්

උසස් දියුණු භාවයෙන් කෙළ පැමිණි

උතුම් සිංහල ජාතියට

මෙහි කර්තෘ විසින්

අත්යාදරයෙන් පිළිගන්වන ලදි.


01[සංස්කරණය]

ශ්රී  ලංකා‍ද්වී‍පයේ පශ්විම දිශා භාගයට අයත් කොළඹ නම් රාජධානියට නුඳුරුව කෝට්ටය නම් ග්රාකම‍යක් විය. මෙ‍ම ග්රාඅමය පුරාණ රාජධානියක් ව පැවැත්තේ ය. ඒ කාලයෙහි මීට “ජයවර්ධනපුරය”යි ව්යගවහාර විය. මෙම පුරයෙහි ධර්මපරාක්ර මබාහු නමින් ලෝක ශසනද්වයට අසහාය පිහිට ඇති නරශ්රෙිෂ්ඨයෙක් වැඩ වාසය කළේය. මෙහි යස ඉසුරු වාගේ විෂයාතික්රාහන්තව පැවැත්තේය. එම පුරය වර්ණනා කරන ලද උගත් පණ්ඩිතයන්ගේ කියුම්වලින් එය ස්ඵුට යි.

තුන්රුවනෙහි බැති පෙම් තර සත නිතොර උනු නොව යුත් පහ දද බිහි දොර පතර මනු කුල මුඳුන් නිරිඳුන් රඳන හැම වර දනුමමිතුර ජයවද්දන පුරපවර

කි කි ණි දැලින් ලෙල දෙන මුතු ලැල් සම ග ගි හි ණි ලකුළු තුඟු පහ පුදුන මනර ඟ කි ර ණි නොවැදි සැදි රත මිණි කැරලි අ ග පැ මි ණි මෙපුර නුබ මැද හිරු ළහිරු ර ඟ

ම න හ ර පුළුලුකුළු පියයුරු බරන දැ ක මෙ හෙ ව ර සියුම් බඹ නොපහළ වනැයි සැ ක හැ ම ව ර ඟනන් මැදපෙදෙසින් නොලැබ සෙ ක පු ර තු ර සරන සලෙලුන් බල සකි නොයෙ ක

ස ත කු ම් බා යොන් පාකළ රුපු සයු ර බ ද කු ම් බා සරි යදි දන නඳන ක ර බ ද කු ම් බා ගිරියුරු ගුණැති තිසර ර මෙ න කු ම් බා නර නිඳු දින මෙපුර ව ර මෙබදු ආශ්චය්ය්ිත මත් පුරය අෂ්ට ලෝක ධර්මය වූ පරිද්දෙන් පිරිහී ගොස් සුළු ගමක් වූයේය. මෙ‍ම ග්රානමයෙහි පුරාතන සිට පිරිසිදු වංශයෙන් පැවතෙන වික්රවමසිංහ අප්පුහාමි නම් කෙනෙක් වසන්නේය. මෙම අප්පුහාමි ක්රිශස්තු වර්ෂ 1882 කේ අප්රේපල් මස 20 වෙනි දින පුත්ර්යෙක් ලැබුනේය. මෙම ළමයා ඉතා පුණ්යවවන්ත දුටුවන් මන නුවන් සතුටු කිරීමෙහි සමර්ථ වූ රූපශ්රීමයෙන් යුතු වූයේය. ඔහුට නම තබන

දවසේ “ජයතිස්ස” යන නාමය තැබුවේය. ජයතිස්ස යන නමින් යුත් මෙ‍ම කුමරුවා නාමයට යෝග්‍ය වූ ගුණ ධර්මයෙන් අනුනව ශුක්ල පක්ෂයේ චන්ද්‍රයා මෙන් වැ‍ඩී ගියේය. හෙතෙම පස් හැවිරිදි කල පටන් ඉගෙනීමෙහි යෙදී දස ඇවිරිදි කාලය වන සඳ සිංහල භාෂාව හොඳ හැටි ලියන්ට කියවන්ට පිළිවන් කෙනෙක් වූ හෙයින් ඔහුගේ වැ‍ඩි දියුණුව නිතර පතමින් සිටින මවුපියෝ ඔහු ඉංග්‍රීසි උගන්වමුය යි සිතා කොළඹ මිත්‍රයෙකු සමග කථාකර ගෙන ඒ මිතුරාගේ ගෙදර නවතා ඉංග්‍රීසි ස්කෝලයට යන්ට සැලැස්සුවෝය.

මෙසේ ඉංග්‍රීසි ඉගෙන ගමින් සිටින ජයතිස්ස, ඉංග්‍රීසි පස්වෙනි ප්රේමාණයටත් සිංහල, පාලි, සංස්කෘත යන භාෂා හුඟක් දුරටත් අවුරුදු 14 වෙන කොට ඉගෙන ගත්තේ ය. ඔහුගේ දියුණුව දැක ප්රීවතිමත් මව්පිය දෙදෙනා ඔහු නැවතී සිටි මිතුරාගේ ගෙදරින් ඉවත් කොට වඩා සැප පහසු ඇති “බෝඩින් හවුස්” නම් විශ්රාතම ශාලාවක නැවැත්තුවෝය. මෙහි ඉතා සැප පහසු ලෙස ඉඳිමින් ත්රි්විධ රත්නය කෙරේ මහත් භක්තියෙන් යුත් වූ ජයතිස්ස සිංහල ආදී පූර්ව දේශීය භාෂා ද, ඉංග්‍රීසි ආදී අපර දිග භාෂා ද ඉතා ඕනෑ කමින් ඉගෙනීමෙහි යෙදී වාසය කරන්නේය. මේ ජයතිස්ස යන පාඨශාලාවේ ම ඉගෙන ගන්නා ඇල්ප්ර ඩ් ඩොනල්ඩ් ඩී. සිල්වා නම් තරුණයෙක් ද මේ විශ්රාගමශාලාවේ වෙසේ. මේ ඩොනල්ඩ් සිල්වා එක් දිනක් ජයතිස්ස සමඟ මිත්ර්යෙකු මෙන් කථා කිරීමට පටන් ගත්තේය. එම කථාව ආය්ය්සර්‍ නම් සදහා බැවින් සම්පූර්ණයෙන් මෙහි දැක්වීම යුතුයයි සලකමි. ‍ ඩොනල්ඩ් - තමුසේට ජයතිස්ස යන පුදුම නම කොහොම ලැබුණා ද?

ජයතිස්ස - මොනවා ! ජයතිස්ස යන නම පුදුම ලෙසත් ඇල්ප්ර ඩ් ඩොනල්ඩ් ඩී. සිල්!වා යන තමුසේගේ නම පුදුම‍ නැති ලෙසත් තමුසේට වැටහුණු එක පුදුමෙනුත් පුදුම යි!

ඩොනල්ඩ් - ඇයි දැන් ඉංග්‍රීසි නම් මිස ඔය “උන්නාන්සේල්ගේ” නම් ශීලාචාරවෙච්ච සිංහල මිනිස්සු ගන්නේ නැති බව දන්නේ නැද්ද ?

ජයතිස්ස - හොඳයි නමට ඉස්සරින් තමුසේගේ ශීලාචාරකම තෝරා බේරා ගන්ට ඕනෑ. තමුසේ ශීලාචාරය කියන්නේ කුමකටද ?

ඩොනල්ඩ් - ශීලාචාරය කියන්නේ (Civilization) “සිවිලිසේෂන්” එකටයි. ඉංග්‍රීසීන්ගේ ඇඳුම් පැළදුම් කෑම බීම නමගම


සහ “සටයිල්” ගත්තා ම එක් ශීලාචාරකමයි.

ජයතිස්ස - මිත්ර්ය, තමුසේ “ඩොනල්ඩ්” ම බව තමුසේගේ කථාවෙන් මට දැන් තේරුම් ගියා. “සිවිලිසේෂන්” යන ඉංග්‍රීසි වචනයේ තේරුමවත් තමුසේට දැනෙන්නේ නැති කොට ආය්ය්න්් අනාය්ය්ඩ්ල නම් කෙසේ දැනේද ?

ඩො-නල්ඩ් - හොඳයි “සිවිලිසේෂන්” යන වචනයේ තේරුම ශීලාචාර නොවේ නම් කුමක් ද? “සිවිලිසේෂන්” යන ඉංග්‍රීසි වචනයට නියම සිංහල වචනයත් ශීලාචාර යන සිංහල වචනයට අයිති ඉංග්‍රීසි වචනයත් කියන්ට.

ජයතිස්ස - “සිවිලිසේෂන්” යන්නෙහි තේරුම -විසිතුරු භාවය, ආලෝකය, ශ්රීත ශෝබාව, ශ්රී“ සමුර්ධිය යනාදිය යි. ශීලාචාර යනු Virtue Virtuousness වර්වු හෙවත් වර්චුවස්නැස් යනුයි. Civilization goes hand in hand with Vice. සිවිලේෂන් එක (යම් රටකට) යන්නේ දුශ්චරිතය හා අතිනත අල්ලා ගෙන ය. මෙයින් “සිවිලිසේෂන්” සීලයත් ආචාරයත් නොව නාගරික විසිතුරු භාවය බව සිතට ගත යුතුයි. යුරෝපීයන්ගේ ගෙරි මස් ආදිය කෑමත් ජින්, බ්රැින්ඩි ආදී මත්පැන් බීමත් නින්දිත හැසිරිලිත් ශීලාචාරය කියතොත් ත්රිරවිධ ද්වාරය හික්මවාගත් ‍පඤ්වේන්ද්රිායයන් වසඟ කර ගත් උත්තම තපස්වීන්ගේ ශීලයටත් ආචාරයටත් කියන නම කුමක් ද ? ශීලාචාර යන සිංහල වචනය ඉංග්රීමසි කරන විට කිසි දිනක “සිවිලිසේෂන්” යන වචනය ව්යංවහාර කර නොමැත්තේය. ඒ බව යටවර රටේ මහතා විසින් ඉංග්රීසසි කරන විට කිසි දඅනක “සිවිලිසේෂන්” යන වචනය ව්ය වහාර කර නොමැත්තේය. ඒ බව යටවර රටේ මහතා විසින් ඉංග්සිිරීසියට නගන ලද උමංදාවෙන් තේරුම් ගත යුතුයි. “එ බසට මහ රජ කියන සේක තොපගේ ඇඹේණියන්ට සහශ්ර ගුණයෙන් ‍වඩනා “ශීලාචාර” සම්පන්න සැළලිහිණියක් වුලනී රජ්ජුරුවන්ගේ යානා බලා ඉඳිනීය.”

“Thereupon the king sent me to you saying there is ‘virtuous’ selalihini watching king chulani’s bed chamber whose characler excels your wife’s by a thousandfold.”

ඉතින් මිත්ර ය, තමුසේට “සිවිලිසේෂන්” එකත් ශීලාචාරයත් තේරුම් යන්ට ඇතැයි සිතෙන හෙයින් ඒ ගැන වැ‍ඩිදුර නොකියමි. ජයතිස්ස යන මගේ නමට පුදුමවීම ගැන ටිකක් කියමි.අප ජාතිය අවුරුදු 2140


ක් පමණ කාලයක් ඔය ඩොනල්ඩ් සිල්වා,කබ්රාල්, යන්නක් ඇසුවේ නැහැ. නමුත් පරංගිත්,ඕලන්දයිනුත්, ඉංග්රීෙසිත් පැමිණියාට පසු සමහර සිංහලයෝ ඔවුන්ගේ නම් ගත්තෝය. එයින් සමහරෙක් බලාත්කාරයෙන් ක්රිපස්තියානි කරද්දී නමකුත් පටබඳිනු ලැබුවෝය.තව සමහරෙක් අනුන් ගන්නා පළියට අර්ථ සූන්ය් වූ පර නම් පටබැඳ ගන තිබේ. මෙයින් සිංහල ජාතියට වෙලා තිබෙන හානිය කල්පනාකරන්ට තමුසේට බැරි නමුත් ඒ සියල්ල ම විස්තර කර කියන්ට මට පිළිවනි. එසේ ද වූවත් දැන් කාලය මඳ බැවින් එන ඉරිදා ඒ ගැන තමුසේට කරුණු කියන්නෙමි.

සිංහල ජාතිය සම්බන්ධ අෂට ලෝක ධර්ම චක්රැයේ දුකමය රියදත මතුවීම පටන් ගත් හැටියේ ම පෘතුගීසි ලංකාවට අවුත් වන්හ. ඒ කාලයේ බලවත් සිංහල නරපතියෙක් නොසිටි හෙයින් ඔවුහු මූදුබඩ පළාත් ආණ්ඩු කිරීමට පටන් ගත්හ. රටේ උපදින ආදායම සිය රටට ගෙනයාමටත් වඩා ඔවුන්ට ඔනෑ කර තිබුණේ ඔවුන්ගේ රෝමානු කතෝලික දෘෂ්ටිය සිංහලයන්ට දීමයි. මේ ආගමට හාරවීම ඔවුහු තුන් ප්ර කාරයකින් කළෝය. අල්ලස් තෑගි බෝග දී සිංහලයන්ට කතෝලික දෘෂ්ටිය දුන්හ. එසේ කළ නොහැකි තැනදී නිලතල දුන්හ. එසේත් බැරි වූ තැනදී වද දි මරා රෝමනුවන් පිළිගැන්වූහ. මේ තුන් ප්රතකාරයෙන් අවුරුදු 150 ක් ඔවුහු සිටි කාලයේදී භක්තිය කෙසේ වෙතත් නමින් වත් මුදුබඩ පළාත්වාසී සිංහලයන් රෝමානු දෘෂ්ටියට හරවා ගත්හ.

ඒ සමග ම ආය්ය්යට සිංහල නම් ද සිරිත් විරිත් ද යන සියල්ලම සිංහලයන් කෙරෙන් අතුරුදන් වී යන අතර ඕලන්දයින් ඇවිත් “අලි මදිවාට හරක්” කීවාක් මෙන් “ප්රෝවතැස්තන්” සභාවත් බොහෝකොට ඉතිරිව සිටි සිංහලයන්ගේ සිංහල නම් ටිකත් නැත්තට ම නැති කළෝය.

	මේ වියවුල්වලින් ජාතියක් වශයෙන් ස්වකීය නම් ගම් සිරිත් විරිත් පවත්වන්ට අවකාශයක් නැති ව සිටි සිංහලයන්ගේ බලවත් දුකේ කාලය ඉවර වී ඉංග්රී්සීන්ට යටත් වූ හෙයින් දැන් නැවත එක්තරා නිදහසක් ලැබුණ මේ මොහොතේ දී අප ජාතිය දියුණු කිරීම යුතුකමකි. නාමයෙන් ඇ‍ති ඵලය ඉතා බොහෝයි. පසු ගිය කාල‍යක එංගලන්තයට ගොස් ඉගෙනගන පළමුවෙනි පංතියට සමර්ථ වූ සිංහල මහතුන් කීප දෙනෙකුට එංගලන්තයේ මහත්වරු “යුරේසියන්” (සංකර) ජාතිකය යි ප්රපසිද්ධියේම කීවෝය.

නමුත් මේ මහත්වරු සිංහල නම් ඇතුව පෙ‍නී සිටියාහු නම් අප


ජාතියට බලවත් නම්බුවක් ද, අප ජාතිය කොරෙහි රජාදි උතුමන්ගේ ගෞරවය ද ඇති වනු නිසැක යි. සාමාන්යතයෙන් දියස්, සිල්වා, පෙරේරා , සොයිසා, ලිවේරා, සරම්, මැල්. කබ්ර‍ාල්. අන්ද්රායදි, වැන්දබෝනා, මිරන්ද, අල්විස් ආදි නාම පෘතුගීසි ආදීහු ගිය ගිය කොයි රටවල මිනිසුන්ටත් දෙන ලද නම් වෙති. ඉතා නීච දෙමළුත් මේ නම්වලින් දැන් සිටිති. පරවර, ලංසි, සංකර ආදි නොයෙක් ‍දෙනාට මේ නාම ව්යනවහාර හෙයින් අප ජාතිය ආය්ය්තිි සිංහලයන් බව මේ නාම ඇති ව තිබෙන තුරු බොහෝ දෙනාට අවබෝධ කරවන්ට අමාරුයි. තවද අනාය්ය්ර්ා වූ නාමය ඇති තැනැත්තේ ආය්ය්ෝධ සිංහලයෙක් වූවත් සෑම වේලේ ම චපල ගතියක් දක්වයි. ස්වජාතික වූ අර්ථාන්විත නාම ඇති තැනැත්තේ නමින්ම මහෙශාක්යම ස්වභාවයක් බොහෝ තැන්වලදී දක්වයි;

“පිහිට ඉල්ලන්නාට පිහිට නොවීම මාගේ පරාක්රමම යන නමට නොහොබී” යයි පරාක්රඉමබාහු මහ රජතුමා සිතුයේය.

“එම්බල සැඩිදෙමළ, මම නන්දිමිත්ර් බැව් නොදන්නෙහි ද”යි නන්දිමිත්ර් සේනාධිපතිතුමා කීයේය. මෙයින නම් කරණ කොට ගෙන එක්තරා අභිමානයක් ඇති කරන බව පෙනේ. සම්පූර්ණයෙන් ම නාමය කරණ කොට ගෙන ජාත්යා ලක ඇති වන බව සමහර පණ්ඩිතයන්ගේ මතයක් ද වේ. මේ සියල්ල ම කෙසේ වෙතත් ස්වකීය භාෂවේ අක්ෂරවලින්ම ම සෑදුණු ස්වජාතියට අයිති නාම ඇති කර ගැනීම සියලු ම දියුණුවට පත් (Civilized) මිනිසුන්ගේ සිරිතකි. ජපනුන් දෙස බලනු! ක්රිවස්තියනිය බැරි නම් මහමත් වුණත් නමනම් ජපන් නම මයි. ආගම අනිකකි. සිය ජාතික නාමය ව්ය වහාර කිරීම අනිකකි. ඒ නිසා මිත්රයය, ඩොනල්ඩ් ටික අස්කර ආය්ය්ි නමක් ගැනීමට සිතට ගත මැනව”යි යනාදියෙන් ජයතිස්සගේ කථාව හමාර කළේය. ඩොනල්ඩ් සිල්වාට ද සිංහල ජාතිය ගැන කරුණු සෙවීමට මේ කථාව ම හේතුවක් වු හෙයින් ජයතිස්ස සමග අතිශයින් මිත්ර විය.

දහසය හැවිරිදි වය‍සේ සිටි ජයතිස්ස මෙසේ මහත් ඤාණවන්තව බලවත් ජාත්යාැලයෙන් යුක්තව වාසය කරන්නේ ඔහුගේ කීර්තිය ද සීඝ්රලව පැතිර ගියේය.

මේ කාලයෙහි රෝමනු කතෝලික භක්තිය තදින් ගත් වැදගත් සිංහල පවුලකට අයිති ක්රිකස්තියන් අමරසිංහ අප්පුහාමි නමැති ධනවත් සිංහල මහතෙක් කොළඹ පදිංචිව වාසය කරයි. ඔහුගේ භාය්යාප්පුව ද ඉතා දැඩි භක්තිවන්ත රෝමානු කාරියකි. මේ අමරසිංහ අප්පුහාමිට


අවුරුදු 13 ක් වසය ඇති රොස්ලින් නමැති දියණියක් වූවාය. ඕ තොමෝ රතී නම් දිව්යාං ගනාව මෙන් රූපශ්රීොයෙන් යුක්ත වූවාය. කාරණාකාරණ වහා අවබෝධ කර ගත හැකි සියුම් ඤාණයකින් යුත් මේ ගෑනු ළමයා සිංහල භාෂාව හොඳහැටි ලියන්ට කියන්ට දැනගන සිටියා පමණකුත් නොව ඉංග්රීභසි පස්වෙනි ප්රාමාණයට ඒ කාලයේදී ඉගෙනීම‍ ලබා තිබුණාය. ඕ තොමෝ ද ඉගෙනීමට යන්නේ ජයතිස්ස යන පාඨශාලාවට ආසන්න ගෑනු ස්කෝලයකටය.

එක් දිනක් ජයතිස්ස ස්කෝලයේ සිට එන්ට පිටත් වූ විට බලවත් වර්ෂාවක් පටන් ගත්තේය.මේ වැස්ස කොපමණ වේගවත් වී පැවතියා ද කිවහොත් විථිවල මිනිසුන්ගේ ගමනාගමනය පවා නැති විය. තමා අතේ කුඩයක් තිබුණ නමුත් වැසි වලාවේ වේගය නිසා ඉන් ප්ර.යෝජන ගත නොහැකිව දුව ගෙන ගොස් පාළු ගෙයක ඉස්තෝප්පුවට ගොඩනැඟුණ විට වැස්ස නිසා යා ගත නොහැකිව එම ස්තෝප්පුවේ ම සිටින රොස්ලින් සහ ඊට වයසින් බාල පුංචි ගෑනු ළමයෙක් ද දුටුයේය. ජයතිස්සට රොස්ලින් පෙනුණ හැටියේ ම සිතෙහි බලවත් ප්රීකතියක් ඇති විය. රොස්ලින්ට ද මේ ගතිය ඇති විය. දෙදෙනා තුළම තද ආලය හට ගැනීමෙන් ඔවුනොවුන්ගේ බැල්මෙන් ම තම තමන්ගේ රහස් අදහස හඟවන්නාක් මෙන් දෙදෙනාගේ ම මුහුණුවල මද රතු පෑය ඇති විය. රොස්ලින් කවර කුලයකට අයත් කොයි ප්රුමාණයක කෙනෙක් ද යනු සොයා ගැනීමටත් ඇගේ දැනීම විමසීමටත් ජයතිස්සට කල්පනා විය. එසේත් කල්පනාකොට “මෑ මා විසින් අසනු ලබන ප්ර ශ්නවලට නිසි පිළිතුරු දුන්නී නම් මෑ මගේ භය්යාඇගේ ව කර ගනිමැයි ද නිශ්චය කොට සිතුයේය. ඉක්බිති රොස්ලින්ගෙන් මෙසේ ඇසීය. “නුඹ රටේ ද ?” නොහොත් “තොටේ ද?” මෙය රොස්ලින්ට වහා ම අවබෝධව “මම රටේ” යයි පිළිතුරු දුන්නාය.

මෙයින් ජයතිස්සගේ හිත තදින් ප්රිබෝධ විය. වර්ෂාව නොනවත්නා හෙයිනුත් තමුන් ළඟ ඉන්නේ ඉතා පුංචි ළමයෙක් හෙයිනුත් මේ ළපටි ප්රේනමවන්ත දෙදෙනාට සිත් වූ පරිදි කථා කර ගන්ට ඉඩ ඇති විය. ඉක්බිති. ජයතිස්සගේ ප්රේමමය රොස්ලින්ගේ හෘදයාභ්යාන්තරයට පමුණුවන්නාක් මෙන් මිහිරි වචනයෙන් මෙසේ ඇසුයේය. “ප්රේයමිය, නුඹ අතිශයින් ප්රරබෝධවූවක් මෙන් හැ‍ඟෙන්නීය. එසේ වීමට කාරණා කවරේද? මීට ප්ර්ථම නුඹ අද දින මෙන් සතුටු නූනි ද?” ඊට ප්රේනමයෙන් උත්තර දෙන රොස්ලින් “මහත්මයාණනි, කුමුදු තාරකා එළි‍යටත් ටිකක් පිපෙති. නමුත් චන්ද්රා්ලෝකයට විශේෂයෙන් ප්ර බෝධ වී


සන්තෝෂයේ සීමාවට පැමිණෙති. එමෙන් ඔබ නමැති චන්ද්රියා දැකීමෙන් මාගේ හිත නමැති කෞමදය මින් ප්රුථම කිසි දිනක නොපැමිණියා වූ ප්රී‍තියට දැන් පැමිණියේය. ඒ මා විසින් ලබන ලද ප්රීිතිය ඔබගේ දර්ශනයෙන් ම මිස අන්යප ක්රිමයකින් නොලද හැකිය”යි උත්තර දුන්නීය.

ඉක්බිති දෙදෙනාගේ ම අදහස ඔවුනොවුන්කට තේරුම් ගිය හෙයින් ජයතිස්ස සමග නිසි වයසේදී රොස්ලින් විවාහ වෙන බවට පොරොන්දු වූවාය. ඔවුන් දෙදෙනාගෙන් කෙනෙක් විවාහයට පළමු මිය ගියොත් අනිකා අවිවාහකව සිටින්නට ද ස්ථිරව පොරොන්දු වූහ. මේ වේලාවේ වැස්ස පායා සූය්යාක ලෝකය ඇති වූ හෙයින් එම ස්ථානයේ දී ම හෙට ස්කෝලය ඇරී එන විට සම්මුඛ වෙමු යයි සම්මත කර ගෙන දෙදෙනා ම සුදුසු ආචාර සමාචාර පවත්වා ගියෝය.

රො ස ලි න් ජයතිස්ස යන පෙම්බර දෙදෙ න ද කි මි න් වෙන් ව ගිය බව දිනරද එදි න එ ත ම න් පුරුඳු විලඹුන් හට දුක් දෙමි න ළ සො වි න් සැඟවුණිය’ වරග‍ිරට සපැමි ණ



02[සංස්කරණය]

ඉ ක්බිති රොස්ලින් සහ ජයතිස්ස පොරොන්දු ප්රකකාර පසු දින පාඨශාලාවෙන් ගෙදර යන විට කලින් කී පාළු ගේ ළඟදී සම්මුඛ ව ප්රීදති සහගතව කථා කරමින් මද වේලාවක් සිටියෝය. මේ ක්ර මයෙන් නිතර නිතර ඔවුනොවුන්ගේ දර්ශනයෙන් ද ප්රියය කථා සල්ලාපයෙන් ද ජයතිස්සගේ සහ රොස්ලින්ගේ ප්රේශමය ඉතා බලවත් විය. ඔවුනොවුන් නොදැක දෙදෙනාට ම විසීම ඉතා අමාරුවක් විය. ජයතිස්සගේත් රොස්ලින්ගේත් යෞවන භාවයත් එක විටම වැඩී ගියේය. රොස්ලින්ට පහළොස් ඇවිරිදි වයස් වූ කල්හි දෙමව්පියන් විසින් පාඨශාලාවට යෑම නවත්වන ලදි. මේ කාලයේදී ජයතිස්ස වයස දහ අට අවුරුද්දක් වුණේවි නමුත් නොයෙක් භාෂාවන් ද නානා ශාස්ත්රස ද ආගම ධර්මය ද සැට ඇ‍විරිදි වයස් ගත පණ්ඩිතයෙකුටත් වඩැයෙන් දෘඪ උත්සහයෙන් ඉගෙන ගත්තේය.

කීප දිනකින් රොස්ලින්ගේ නොදැකීම ගැන මදක් ළත වෙමින්

34 වාසනාවන්ත විවාහය හෙවත් ජයතිස්ස සහ රොස්ලින්

විශ්රානම ශාලාවේ සිටින ජයතිස්ස සම්මුඛවීමට මිනිස්සු දෙදෙනෙක්.ආවේය ඉන් එක් කෙනෙක් ජයතිස්සගේ කිට්ටු වරයෙකි. අනික් තැනැත්තා පිටිසර පළාතක විදාන ආරච්චි කෙනෙකි. ආරච්චි මහත්මයා පැමිණියේ ජයතිස්ස ලවා අලුත මුහන්දිරම් නමක් ලබාගත් කෙනෙකුට ස්තුති පත්ර්යක් සාදවා ගැනීමට බැව් කීවේය. එ විට ජයතිස්ස “මම මේ ආරච්චි මහත්මයාට හොඳ පාඩමක් උගන්වමැ”යි සිතා “සොඳයි” කියා මුහන්දිරම්ගේ තොරතුරු මෙසේ ඇසීය.

ජයතිස්ස - මුහන්දිරම් මහතාගේ නම මොක ද?

ආරච්චි - දොන් ඇලැක්සැන්ඩර් ටයිටස්ග්රෙ හැම්... රාළහාමි.

ජයතිස්ස - මේ ස්තුති පත්රසය දෙන්ට ඕනෑ කළේ කවර කාරණයක් සඳහා ද?

ආරච්චි - මුන්නාන්සේ අපේ පළාතේ බොහොම පොහොසත් වැදගත් කෙනෙකි.උන්නන්සේට ළඟදී මුහන්දිරම් නමක් ලැබුණා. ඒ සඳහා ස්තුති පත්රනයක් සහ තෑගි බෝගත් නුදුන්නොත් අපට ‍ගමේ විසුමකූත් නැති වෙන තරම් සැරපරුස කෙනෙකි. ඒ නිසා ස්තුති පත්ර ය දෙන්ට ඕනෑ විය.

ජයතිස්ස - ආරච්චි මහත්තයා! බොහොම හරි. ස්තුති දෙන්නේ කරන යහපතකට නොවේයැ. දැන් ආරච්චි මහත්මයාට යටත් පිරිසෙයින් සුරුට්ටුවක් දුන්නොත් “ස්තුතියි” කියයි. නමුත් සුරුට්ටුවක්වත් නොලැබ යම් කෙනෙකුට නිකම්ම ස්තුතියි කිව්වොත් පිස්සු නොවේය කියා හිතනවා ද?

ආරච්චි - ඔව් සත්තකින් ම මා නිකම්ම ස්තුතියි කීවාම එය බාර ගන්න කෙනෙක්

                 නැහැ.

මේ ආකාරයෙන් ජයතිස්ස සහ ආරච්චි මහත්මයාගේ කථාව කෙරෙන විට ළඟ සිටි රත්නායක ද කථාවෙහි ඉතා දක්ෂයෙක් බැවින් ජයතිස්ස සමග කථාවට බැස ගන්ට බලාපොරෙතතු විය.

ආරච්චි - මේ කථාබස්වලින් කාරියක් නැහැ. මට මේ ස්තුති පත්රකය හදා දෙන්ට

ජයතිස්ස - එහෙම බැහැ. යමක් කරතොත් එහි අග මුල හරි හැටි විමසා කරන්ට ඕනෑ. ඔය මුහන්දිරම් මහතා සිංහල



පියදාස සිරිසේන නවකථා එකතුව 35

දරුවන්ට ඉගැන්වීමට පාඨශාලා කීයක් පිහිටුවා තිබේ ද?

ආරච්චි - එහෙම එකක් නැහැ. අපේ ගමේ ආණ්ඩුවේ පාඨශාලාවක් තිබුණා. නමුත් ස්කෝ‍ල බංගලාව දිරා පත් වුණ හෙයින් එය අමුතුවෙන් හදන්ට යයි ගම වැසියන්ට ආණඩුව නියම කළාම

මේ රාළහාමි අපේ ගමට පාඨශාලාවකින් කමක් නැත කියා අපේ ගමේ ස්කෝලය වසා දැම්මෙව්වා.

ජයතිස්ස - හරි ! ඔයාට ද ස්තුති පත්රි දෙන්ට හදන්නේ; ඔයා ගමට කළ ඔය වැඩේ ම මදැයි!

රත්නයක - හෙඳයි, මහත්මයාට මේ ගැන කියන්ට තිබෙන්නේ කුමක්ද ?

ජයතිස්ස - ඔය ගැන මට කියන්ට ඇති දේවල් නම් කෙළවරක් නැහැ. නමුත් තමුසේට කීමෙන් ඇති පලේ කුමක් දැයි හැ‍ඟෙන්නේ නැහැ.

රත්නායක - ඇයි අපි තුන් දෙනෙක් ම ඉන්න නිසා යමක් ඇත්නම් කීවාට වරදක් නැහැ.

ජයතිස්ස - හැබෑට ම ස්වකීය ජාතියට අයත් ජනයා සඳහා වැඩ නොකරන තැනැත්තාගේ තබා ලෝක වාසි සියලු ම සත්වයන් ගැන ම වැඩ කිරීමට උත්සහ නොකරන තැනැත්තාගේ ජීවිතයෙත්, තිරිසනෙකුගේ ජීවිතයෙත් වෙනස කුමක් ද?

‍”යෙෂාං න විද්යාන න තපො න දානං ඥානං න ශීලං න ගණං න ධර්මා තෙ මර්ත්යණලොකෙ භුවිහාර භූතං මනුෂ්යන රූපෙන මෘගාශ් චරන්ති”

යම් පනුෂ්යුයෙකුට ශාස්ත්රගයාගේ දැනීමක් හෝ තපෝ ගුණයක් හෝ දන්දීමක් හෝ ඥානය හෝ ශීලය හෝ ගුණයක් හෝ ධර්මයක් හෝ නැත්තේ ද, ඒ තැනැත්තා පෘථිවියට බරව මනුෂ්යග රූපයෙන් හැසිරෙන තිරිසනා වන්නේය.

එම්බා මහතුනි, මනුෂ්යණයෙක් වීමට ප්රරකෘතියෙන් පිහිටි ඇස් දෙකට වඩා අතිශයින් අවශ්යත‍ වූ ඇස් දෙකක් තිබේ. එනම් ධර්මය සහ


36 වාසනාවන්ත විවාහය හෙවත් ජයතිස්ස සහ රොස්ලින්

ශාස්ත්‍රයයි. මේ ධර්ම ශාස්ත්රබ නමැති ඇස් දෙක නැති තැනැත්තේ අහේතුක අධම සත්වයෙකි. දැන් කාලේ යුරෝපයාදී අපරදිග රටවල බොහෝ දෙනාට ශාස්ත්රකය නමැති වම් ඇස ලැබී තිබේ. එයින් ඔවුහු ස්වකීය රටත් ජාතියත් දියුණු භාවයේ කෙළවරට ගෙන ගොස් මෙලොව ඇති විශිෂ්ට පස්කම් සැප විඳිති. නමුත් පූර්ව දිශා වාසීහු ධර්මය නමැති දකුණු ඇසත් ශාස්ත්රමය නමැති වම් ඇසත් යන දෙකම පුරාණයේදී ඇති කරගෙන මෙලොව වින්ද යුතු විශිෂ්ට පස්කම් සැපතකුත් විඳ ප‍රලොව දිව්යන ලෝක බ්රුහ්ම ලෝකාදියේ සැපතටත් පැමිණියෝය. වර්තමාන කාලයේ සිංහල ජාතිය ධර්ම ශාස්ත්රබ දෙකින් අන්ධව පහත් මනුෂ්යප කොට්ඨාශයක් වීමට බොහෝ සෙයින් ආධාර වී තිබෙන්නේ ඔය තමුසේලා කියන්නා වූ අධම පොහොසත් මිනිසුන් ම බව හොඳින් තේරේ. ධනවතෙක් හෝ ප්රමභූකෙනෙක් හෝ රජෙක් හෝ ඇමතියෙක් හෝ වෙන්නේ තමාගේ යටතට මිනිසුන් ගැනිමට නොව අනුන්ට වැඩ සිදුකිරීමට බව නොසිතන මිනිහා ‍කෙබන්දෙක් ද? මේ බලනු:-

“වැඩ කරමි ලොව ට සපැමිණි මෙරජ සැපත ට කිසි කම් නැති ලොව ට කිමෙක පිහිටක් නොවෙනු මෙ දුක ට”

රජ සැපට පැමිණියෝ අනුන් ලවා හාමුදුරුවෝයි කියවා ගන්ට නොව ලොවට වැඩ කරන්ට බව මෙයින් තේරුණා ද? ඉතින් මුදලි වෙන්නෙත් මුහන්දිරම් වෙන්නෙත් පොහොසත් වෙන්නෙත් ඒකටමයි. ඒ නිසා උසස් වී යමෙක් ස්වකීය ජාතියත් රටත් හැදීමට උත්සහ නොකරන්නේ නම් එබඳු තැනැත්තාට කිය යුතු නම කුමක් ද?

ආරච්චි - අනේ මහත්මයාගේ කථාව නම් අගෙයි. නමුත් ජාතියත් රටත් නොව තමන්ගේ ම දරුමල්ලන් ගැන ම මිස ඊට වැඩියෙන් තමුන්ගේ නෑයෙක්වත් ගැන සලකන ලෝක්කෙක් අපේ ගමේ නම් ඇත්තේ නැහැ.

ජයතිස්ස - ඔව්. ධර්මශාස්ත්රක දෙකින් හීන ව වසන අසත් පුරුෂ අඥානයා එහෙම තමයි. නමුත් සත්පුරුෂ උත්තමයන් වස්තුව සපයන්නෙත් ක්රිරයා කරන්නෙත් මෙසේයි :-




පියදාස සිරිසේන නවකථා එකතුව 37

“මල් නොගෙන පල දෙ න දිඹුල් තුරු සේ ඇම තැ න කිසි කරුණක් නොගෙ න දනන් සුවපත් කරති නිතියෙ න”

මේ උතුම් ගුණයේ පිහිටි සිංහලයන්ගෙන් පිරි තිබුණ ලංකා ද්වීපයේ දැන් අධම පොහොසතුන් වැඩි වීමෙන් අධර්මය වැඩි වී තිබේ.

රත්නායක - දැන් කාලේ පොහොසත් වෙන්ට ධර්මයෙන් බැහැ.ලැබිච්ච එක කරලත් තමන්ගේ වාසියට වැඩ කරලත් ඕනෑ.

ජයතිස්ස - ඔව්, තමුසේලා වැනි පහත් ගුණයේ පිහිටියෝ එසේ තමයි. නමුත් උතුම් පැවතුම් ඇති දෙලොවම ජය ගන්නා පණ්ඩිතයන්ගේ කීම ආශ්රඇය කරන සත්පුරුෂයෝ එසේ නොවෙත්. වස්තු සැපයීම ගැන පණ්ඩිතයෝ කුමක් කියත් ද?

“අතු පතර කපමි න ‍ මොර කන්නවුන් විලසි න අන්නෑයෙන් කර න නසා රට තොට නූපයන් ද න

පල ගත් අතු න සා පල ගන්නවුන් විල සා දන ගැනුමක් නි සා දහම නොනසති දනන් වන සා

කුස ගිනි විතර මි ස නොකරන ලෙසින් බත් කි ස නොකරවති දන රැ ස සතන් රකිනා විතරකට මි ස

රොන් ඇරගෙන මිලි නි මි බඳින බමරුන් මෙ නි නොපෙළා සත යෙහෙ නි අයින් දන රැස් කරන් නිරිඳු නි


38 වාසනාවන්ත විවාහය හෙවත් ජයතිස්ස සහ රොස්ලින්

වතුරු වැලි බිම් පෙ ත නොහැරම කරන මෙන් තෙ ත දුප්පත් සතන් වෙ ත කෙරෙති නිති මහ කුළුණු මෙත් සි ත”

මේ උත්තමයන් දන සපයන සැටිත් ඒවා සපයන පරමාර්ථයත්ය. මේ ක්රතමයෙන් පිට ධන සැපයීම තමාගේ ආත්මයට හිතැති කිසිවෙක් නොකරයි. ඉක්බිති ජයතිස්සගේ කථාව අසා ගෙන සිටි ආරච්චි මහත්මයා ජයතිස්ස කෙරෙහි අතිශයින් පැහැදුණේය. නමුත් රත්නායක නැවතත් වාදයට පටන් ගත්තේය.

රත්නායක - මහත්මයා දැන් කියන්ට සුදානම් ව සිටින්නේ ජාතිය වෙනුවෙන් වැඩ නොකරන මිනිසුන්ට ගෞරව නොකිරීම ද?

ජයතිස්ස - ඔව්, සත්තකින්ම ඒක තමයි. ජාතිය වෙනුවෙන් වැඩ නොකරන දනවත් උගත් යම් අයෙක් ඇතහොත් ‍ඔහුට ගෞරව කිරීමටත් ඔහු සැලකීමටත් වඩා අපරාධයක් මේ මිහි පිට ඇත්තේම නැහැ.

රත්නායක - දැන් කාලේ මුදලි මුහන්දිරම්වරුන්ට මහත්මයා කියන හැටියට ගරු නොකර තෑගි බෝග නොදී දුප්පතුන්ට ඒ ගම් රටවල ඉඳීම පව අමාරුයි. එම නිසා යුතු අයුතුකම් කොහොම වෙතත් දැන් නම් දුප්පතා ලොක්කාට ගරු කරනවා මයි

ජයතිස්ස - බොහොම හරි, මා කියන්නෙත් ඒ ක්රි යාවේ වරද තමයි. ජාතියට වැ‍ඩ නොකරන දුෂ්ට ධනවතුන්ටත් මුදලි ආදීන්ටත් ගරු කිරී‍මෙන් රටත් ජාතියත් දිනෙන් දිනම පිරිහෙනවා. එබැවින් යමක් කමක් උගත් මිනිස්සු නූගත් මිනිසුන් විසින් අධමයින්ට දෙන ගරු බුහුමන් නැවැත්විය යුතුයි.

ආරච්චි - ඒ මහත්මයෝ! මුදලි කොනෙකුට සිරිත් ප්ර කාර දුප්පත් මිනිස්සු යම් උදව් ගැනීමට එළු ගාතයක් කිරි මුළක් ගෙන ගියා ම මුදලිතුමා ඉක්මනට තමාගේ කටයුත්තත් ඉෂ්ට කර දෙන නිසා එසේ සතුටු පඬුරු අරන් ගියාම වරද ද?

ජයතිස්ස - අහෝ දුප්පත් මිනිහෙක් අරගෙන යන එළු ගාතයත් කිරි මුළත් බලාපොරොත්තු වෙන්නේ අර දුප්පතාටත් වඩා දුප්පත් කාලකන්නියෙක් වෙන්ට ඕනෑ. ඉතින් දුප්පතා දුක සේ ගෙන එන දේ බාර ගන්න මුදියන්සේ හෝ බලවතා

පියදාස සිරිසේන නවකථා එකතුව 39

අන්තිම කාලකන්නි හිඟන්නෙක් වෙන්ට ඕනෑ. එසේ නොව ඔහු ධනවතෙක් හෝ මුදලි කෙනෙක් නම් අර දුප්පතාටත් මොකවත් දීලා ඔහුගේ වැඩෙත් වෙන අයට වඩා ඉක්මනින්කර දෙන්ට ඕනෑ.

රත්නායක - දැන් එහෙම මිනිස්සු බොහොම හිඟයි. ඉතින් බැරි දේට අපි කුමට උත්සාහ කරමු ද?

ජයතිස්ස - ඇයි බැරි, උත්සාහවත් ජනයාට ලෙව්හි බැරි දෙයක් නැත යනු තථාගත දේශනාවයි. අප උත්සාහ කළොත් කරන්ට බැරි කුමක් ද? වාල් වෙළඳාම නැති කිරීමට එංගලන්තයේ මහත්තැන් කීප දෙනෙක් උත්සාහකොට එය ඉෂ්ට කර ගත්තේ නැද්ද? පළමුවෙන් පස් දෙනෙකු ‍විස්න් පමණක් ගන්නා ලද උත්සහය කරණ කොට ගෙන දැන් ජපන් රාජ්යුය ඉතා බලවත් ආණ්ඩුවක් නූණේ ද?

          අපි මුදලි මුහන්දිරම් ආදීන්ට අයුත්තේ බියනොවෙතොත් අස්ථානයේ තෑගි නොදෙතොත් ඔය මිනිස්සු ඔපමණ නරක් වෙන්නේ නැහැ. ආරච්චිකමක් ගැනීමට දහ දොළොස් දෙනෙක් පවුන් පනහ හැට මුදියන්සේට දෙන එක දැන් සමහර පළාත්වල සිරිතකි. මේ නිසා ඇතැම් මුදලිවරු පුළු පළුවන් තරම් ඉක්මනින් ආරච්චිලා මාරු කරති. මෙසේ කරන්නේ මේ ආරච්චිකම ගැනීමට කැහුලෑ මිනිස්සු එමට සිටින නිසයි. මෙයින් මුදියන්සේත් රටත් ජාතියත් එකවිට ම නරක් වුණා පමණයි. මේ සම්බන්ධ කරුණු ගැන මම ළඟදී ප්රටසිඬ කථාවක් කරන්ට අදහස් කර සිටින හෙයින් දැන් වැ‍ඩිපුර යමක් නො කියමි. ආරච්චි මහත්මයා ස්තුති පත්රනය සාදවා ගන්ට ආ මුහන්දිරම් අන්ධයෙක් හෙයින් ඔහුට මම කැමති නොවෙමි. අන්ධයා කීවේ මේ නිසයි.

“දෙ ලො ව කිසිත් නෙතකන ඌ අ‍ඳෙක් මය මෙ ලො ව පමණක්ම සොයනේ කණෙක් මය දෙලො ව වැඩ සෙව්නෙ යුගසැති තැනැත් මය මෙ ලො ව පඬිහු මෙ තුනට ලෙව් බෙදත් මය”

“ඉතින් ආරච්චි මහත්මයා යන්ට හොඳයි. මම හැකිවුනොත් අප ජාතිය හදන්ට ම බලන්නෙමි.” ආරච්චි මහත්මයා හා අනික් අය ජයතිස්සගේ පුදුම කථා බස් ගැන සතුටුව යන්ට ගියෝය.

ඉක්බිති ජයතිස්ස මහත්මයා කීප දිනකින් දකින්ට නොලැබු රොස්ලින් ද ශෝකයෙන් පෙළුණාය. ජයතිස්සට ලියමනක්වත් ලියා


40 වාසනාවන්ත විවාහය හෙවත් ජයතිස්ස සහ රොස්ලින්

යවන්ට රොස්ලින්ට ක්‍රමයක් නැතිව ඒ ගැන ළතැවෙමින් එ දින සවස තම ගෙදර වත්තේ තාප්පයට හේත්තු වී පාර දෙස බලා සිටින විට ජයතිස්ස මහතා ඒ ගෙදර දෙස බලමින් එන ඈ ගෙට දුව ගොස් පැන්සලෙන් ලියමනක් ලියා තාප්පය මල්ලෙන් පාර අද්දරට දැම්මාය. ඔහු ඒ ලියමන රැගෙන බැලුවේය. එහි ලියා තිබෙන්නේ නම් “ඔබට ලියුමක් එවන්ට වත් කෙනෙක් නැත. මම ලියුම් ලියා මෙම තාප්පය කෙළවරේ ලොකු ගල යට තබන්නෙමි. ඔබ හවස ඇවිත් ඒ ගත මැනවි. මට දෙන ලියුම්’ද මේ ගල යට ම තබන්ට. එවිට මම ගන්නෙමි” යනුයි. වයසින් ඉතා ළපටි නමුත් ස්ත්රී මායමින් කිසි ම ඌන භාවයක් ඈට නොතිබුණ බැව් මෙයින් ප්රදත්යපක්ෂයි.

“මා ය ම් හැට හතර ලොව සැම අඟනු න් ට වෑ ය ම් කොහෙත් නොකරම හැක දැනග න් ට පී නු ම් කරන්නට ජලයෙහි බල්ල න් ට පා ඩ ම් කෙරෙව් ගුරුවරු නැත දැනග න් ට

තමන්ට ල‍ියුම ගනුදෙනු කිරීමට ඈ යොදන ලද උපායේ අනගිකම ගැන කල්පනා කරමින් ජයතිස්ස විශ්රාටමශාලාවට පැමිණියායින් පසු ඔහුගේ මිත්රයයෙකු සමඟ රොස්ලින්ගේ පියා වන අමරසිංහ අප්පුහමිගේ තොරතුරු කථා කළේය. සිල්වා නමැති ජයතිස්සගේ මිත්රංයා අමරසිංහ අප්පුහාමි මම අදුනමි.ඔහු වැදගත් ධනවතෙකි, නමුත් තද රෝමානුකාරයෙකැයි කීය. මේ කථාව මේ පමණින් නවත්වා ජයතිස්ස තමාගේ කාමරයට ගොස් ‍රොස්ලින්ට මෙහි පහත පෙනෙන ලියමන ලීවේය.

“ප්රේවමිය, නුඹ වෙත බඳින ලද මගේ ප්රේ,මය ඉතා බලවති.දැනට ඒ මගේ ප්රේනමය අන්තිම සීමවට ම දියුණු ව ස්ථීර ව ඉවරයි. නුඹ දැකීම පමණ ප්රි යදර්ශනයක්වත් නු‍ෙඹ් සුරතල් මිහිරි බස් ඇසීම පමණ රසවත් ශ්රදවණයක්වත් නොමැත්තේය. ප්රේිමිය, ඒ එසේ නුමුත් නුඹ තද රෝමානුකාරියක් බව මට දැන ගන්ට ලැබුණේ අදය.මම ඒ ගැන බෙහෙවින් කණගාටු වෙමි. මම නුඹට වූ පොරොන්දුවේ ප්රනකාර වෙන ස්ත්රිවයක් කසාද නොබැද අවිවාහක ව සිටිනු මිස නුඹ ක්රි්ස්තියානි මිථ්යා‍දෘෂ්ටියේ සිටින තුරා නුඹ සමග විවාහ නොවෙමි. මක්නිසාද, මා කියන වචනය වරදක් නම් හෙවත් නුඹ අදහන ආගම සත්යුයක් නම් මම ක්රි ස්තියනිකරයෙක් වී නුඹ කරකාර බඳින්නෙමි. ක්රිරස්තියානිය




පියදාස සිරිසේන නවකථා එකතුව 41

බොරු නම් උඹ බෞද්ධාගමකාරියක් වීම උඹේ යුතුකමකි. සැබවින් ම ප්රේසමිය, ආගම අතින් මෙසේ වුණත් නුඹ ‍මගේ හෘදයේ ඇදී පවතී.

         පි   යු   මෙ   ක   ර   ත්   උවන සෙවි නෙත් බිඟු නිති			නී
        ති   ස   රෙ    ක   යු  ත්    වැඩෙන තුඟු පියයුරු සොබ			නී
        වෙ න  සෙ    ක   නැ ත්    ම දිවි රොසලින් පියබඳි			නී
        කෙ දි   න      ක   අ   ත්    වේ  ද නුඹ  මට සිතු ලෙසි			නී

මේවගට - පෙම්බර, ජ. වික්රෙමසිංහ”

ජයතිස්ස මෙම ලියමන ලියා තමාට කී ප්රසකාර රොස්ලින්ගේ ගෙදර තාප්පය මුල්ලේ තිබෙන ගල යට තබා ගියේය. රොස්ලින් සවස හයාමාරට පමණ තාප්පය අද්දරින් විත් පාර දෙස බලා ඉන්නාක් මෙන් ඉඳ ලියමන අරගෙන මහත් ප්රීයතියෙන් තමාගේ කාමරයට ගොස් ලියමන කියව‍ා බැලුවාය. එය තුන් වරක් ම කියවා බැලුවාය. ඇගේ සිතේ හටගත් ප්රීනතිය මහත් විය. නමුත් ආගම සම්බන්ධව ඈ ඉතා භක්තිවන්ත රෝමානුකාරියක් හෙයින් ජයතිස්ස බෞඬයෙක් බව දැන ගත් හැටියේ ම දොමනසට පැමිණියාය. මීට ප්රෞථම ඔහු බෞද්ධයෙක් බව ඈ නොදැන සිටියාය. ඇගේ බලවත් ප්රේටමය නිසා ජයතිස්ස බෞධයෙක් වූ නමුත් ඈ ඔහුගේ භය්යාායය ව වීම ගැන ඇති බලාපොරොත්තුව මඳකුත් චංචල නොවීය. දෙමව්පියන් සමඟ රාත්රී් කෑම කා ඇගේ කාමරයට නින්දට ගොස් දොර වසාගන මේ ලියමන ලීවාය.

“පෙම්බර මහත්මයාණනි, ඔබගේ ලියමන නව ප්රාණණයක් ලැබුණාක් මෙන් ප්රීටතියෙන් බලා ගතිමි. මා ඔබට බඳින ලද ප්රේරමය කියන්ට මම වචන නොදනිමි. ඔබ බුද්ධාගම්කාරයෙක් බව මා දැනගත්තේ අදයි. ඔබ බෞද්ධයෙක් බව කලින් දන්නේ නම් මම ඔබට මගේ වචනය නොදෙමි. දැනුත් මගේ ජීවිතය විනාශ කර ගන්නවා මිස අපගේ ජේසුස් ස්වාමිදරුවාණන් සිතින් මතක නැති කර මොහොතක් වත් නොසිටිමි. ඔබ මට ආදරේ ඇති කෙනෙක් නම් සත්යද වූ ක්රිොස්තියානිය වැළඳ ගන්නවා ඇත. දැනට ලෝකයේ ඉතාමත් දියුණු වූ ද (Civilized) බලසම්පන්න වූ ද සියල්ලෝ ම ක්රිේස්තියානිකාරයෝය. ඔබ වැනි පණ්ඩිතයෙකුට එම ජේසුස් ස්වාමිදරුවන්ගේ ආගම එපා වෙන්ට හේතුව කුමක් ද කියා මට නොතේරෙයි. ඔබ කෙරේ මගේ ප්රේඑමය දින දින වැඩෙමයි. මා


42 වාසනාවන්ත විවාහය හෙවත් ජයතිස්ස සහ රොස්ලින්

නැලැවෙන අන්දමකට මේ ලියමනට උත්තර බලාපො‍රොත්තු වෙමි,

පි රි ස ඳ භරණ යස දැරු ගුණ නැණැති ති ර සි රි ස ඳ නිති වසන පෙම් බැද උර මැදු ර මැ ති ස ඳ ජේ. විකුම්සිහ මගෙ රුසිරු බ ර හැ ම ස ඳ මම පතමි ලැබුමට ඔබ අද ර

පි න වා රස බසින් මගෙ සිතු ගෙන නොම දේ ද න වා එ සිහි වෙන කොට මැතිතුමනි හ දේ මො න වා සිදු වුණත් මට ඔබතුමා හො දේ දෙ න වා ම පණ ඔබ වෙනුවට නිසැක ලෙ දේ

මේ වගට - පෙම්බරී වන, රො.අමරසිංහ”


මේ ලියමනත් පසු දින උදේ ම රහස් ලියුම් තබන ගල යට තබා එදින ඉරිදා බැවින් මව්පියාදීන් සමග රොස්ලින් පල්ලියට ගියාය. ජයතිස්ස ද “රොස්ලින්ලා උදේ පල්ලි යන්ට ඇත. දැන් ගෙදර කව්රුත් නැත්තාහ. ඒ නිසා මම වහාම ගියහොත් මගේ ලියමනට උත්තර ගන්ට පිළිවනැ” යි සිතා ඇවිත් ගල යට තිබුණු ලියමන දැක ප්රීයතියෙන් කියවා බැලුවේය. එම ලියමෙනෙනුත් ඇගේ භක්තියේ තිබෙන බලවත්කම හැඟී ගොස් “හෙඳයි මැ ඥානවන්තියක් නම් මා කියන දේ තේරුම් ගන්නවා, සත්තය. එසේ නැතහොත් මෑගෙන් මට කම් නැත. ඒ නිසා මෑ සමඟ ඉක්මනින් ලියුම් ටිකක් හුව මාරු කරගන්ට ඕනෑයයි සිතා විශ්රාමම ශාලාවට පැමිණ මෙසේ ලියමනක් ලීවේය.

“පෙම්බරිය, උඹේ ලියමන දැක සතුටු වූණෙමි. මටත් උඹ අදහන ආගම වැළඳ ගන්ට කියා තිබේ. බොහෝ යුරෝපකාරයන් උඹලාගේ ආගම අදහන බව කිය තිබේ ඒවා එසේ වේවා. යුරෝපාකාරයන් ඇදහු පමණකින් ආගමක් තේරුම් ගන්ට බැහැ. මා කියන මේ කරුණු තුනට උඹ උත්තර එවපන්.

i. සමකට ආශා කිරීම දුක ද? සැප ද? ii. මතු පැමිණෙන විපත ගැන නො සලකා ක්රිරයා කරන්නා ඥානවන්තයෙක් ද? අඥානයෙක් ද? iii. අඥානයෙකුගේ ජීවිතයෙන් ඔහුටවත් ලෝකයාටවත් යහපතක් වේද?

පියදාස සිරිසේන නවකථා එකතුව 43

වහාම ම මේ කාරණා තුනට උත්තර ඕනෑ. මේ වගට - පෙම්බර, ජ. වික්රරමසිංහ”

මේ ලියමන එ දින ම රෑ රොස්ලින්ට ලැබී ‍ඕ තොමෝ මෙසේ උත්තර ලීවාය.

“පෙම්බර මැතිසඳිනි, ඔබ මගේ ලියමනට හිත නරක් කර ගත්තාක් මෙන් මට ඉතා ලුහු‍ඬෙන් පිළිතුරු එවා තිබේ. මගෙන් වරදක් යෙදුණා නම් ඊට සමා වුව මැනව. ස්ත්රී න් ආදීන්ගෙන් වන දෝෂ නොගෙන අත්හැරීම පණ්ඩිතයන්ගේ ධර්මතාවකි.

“දදුන් කිවිඳුන් ගෙ න බිළිඳුන් සහ ළඳුන්ගෙ න වූ වරද නොම ගෙ න ‍හළෝ පෙර පඬිතුමෝ සත්ගු ණ”

යනාදිය ද සිහිපත් කරවමි. ඔබ මගෙන් අසා තිබුණු ප්රැශ්න කුමක් සඳහා අසන ලද දැ යි නොතේරේ. කුමක් සඳහා ද නමුත් මගේ දැනීමේ හැටියට ඊට උත්තර ලියමි.

	(1) යමකට ආශා කිරීම දුක ද සැප ද යන්නට මා විසින් දෙන උත්තරය නම් කොයි ම ලෞකික දෙයකට නමුත් ආශා වීම දුකය. දැන් මම ඔබ කෙරේ ප්රේ මයෙන් ඉඳිමි. එයින් ඔබ ලැබෙන තුරු මට මහත් දුකකි. මම මගේ දෙමව්පියන්ට ප්රේෙමයෙන් ඉඳිමි. යම් කලෙක මගේ දෙමව්පියන්ගේ වියෝගය වුණොත් මට මහත් දුකකි. එමෙන් ම මා කිසි දිනක ආලය නොකරන ලද දෙයක් නොලැබුණත් ප්රේ ම නොකරපු කෙනෙක් නැසුනත් මට කිසි දුකක් නැත්තේය. කොටින්ම ආශාව දුක බවත් ආශාව හෙවත් ආලය සැපතක් කියා ස්වල්ප වේලාවක් අඥානකමට හැඟුණත් එය ස්ථිර සැපක් නොවන බවත් කියා සිටිමි.


(2) මතු යම් විපතක් පැමිණෙන බව දැන දැන ම ඒ විපත ලැබෙනඅන්දමට ක්රි2යා කරන්නා සැබවින් ම මෝඩයෙකි.

         (3) මෝඩයෙකුගෙන් ඔහුට වත් ලෝකයාට වත් කිසි ම ප්රවයෝජනයක් නැත. ඔහුගෙන් යම් ප්ර යෝජනයක් සමහර විට ඇති වුණොත් හරකෙකුගෙන් ලැබෙන ප්ර යෝජනයක් සම වේ.


44 වාසනාවන්ත විවාහය හෙවත් ජයතිස්ස සහ රොස්ලින්

මේ මා කියන ලද කරුණු සෑම වේලේ ම මෙලෙස ම පිළි ගන්නෙමි.

පෙම්බරී වන, රො. අමරසිංහ”

මේ ලියමන ජයතිස්සට ලැබී “රොස්ලින් ඤාණවන්තියෙකි, මෑ නොඅනුමානව ක්රිකස්තියානිය නමැති අන්ධ දෘෂ්ටියෙන් හරවා ගන්ට පිළිවැනැ”යි සිතා මෙසේ ලියා හැවීය.

“ප්රේේමිය, නුඹේ ලියමන ලැබුණා. නුඹ කෙරෙහි මා තුළ නොසතුටක් නැහැ තිබෙන එක ම අසතුට නම් නුඹ අන්ධ දෘෂ්ටියේ වැටී ඉඳීමයි. එයත් නු‍ඹේ දෝෂයක් නොව නුඹේ අන්ධ බාල මව් පියන්ගේ දෝෂයකි.නුඹෙන් මා විසින් අසන ලද ප්ර ශ්න තුනට දීපු පිළිතුරු හරිය. ඒ ගැන මම නුඹට ස්තුති කරමි. නුමුත් නුඹේ දෘෂ්ටියට එයින් තද පහරක් වදින බව දැන ගත යුතුයි.

(1 ) නුඹේ දෙවියන් වහන්සේට ආශාව තිබේ. එහෙයින් ඔහුට ද්වේෂය ද, මෝහය හෙවත් මෝඩකම ද යන දෙකත් ඇතිවේ. කුමක් හෙයින් ද යත්? මෝඩකමත් ‍ද්වේෂයත් ආශාව එක්කම පවතින නිසාය.

(2) මතු පැමිණෙන විපත නොදැන ක්රිියා කළ හෙයින් නුඹේ දෙවියන් වහන්සේ මෝඩයකි. ඒ හෙයින් නුඹේ දෙවියන් වහන්සේට ද්වේෂයත් ආශාව හෙවත් තෘෂ්ණාවත් තිබේ.

(3) නුඹේ දෙවියන් වහන්සේ ඊෂ්යානවන්තයෙකි. ඒ හෙයින් ඔහුට මෝහයත් තෘෂ්ණාවත් යන දෙකම ඇත්තේය.

ඉදින් ලෝභය ඇති තැනැත්තාට ද්වේෂ මෝහ යන දෙක ස්වභාවයෙන් ම ඇත්තේය. ද්වේෂ ඇති අයට මෝහ ලෝභ යන දෙක ස්වභාවයෙන් ම පිහිටන්නේය. ඒ එසේ නම් වෙන් වෙන් වශයෙන් ලේභ ද්වේෂ මෝහ යන තුනම පිහිටි මේ තුනෙන් ම පරිපූර්ණ ව වසන නුඹේ දෙවියන් වහන්සේ ඇදහීම කවර සත්‍වයන්ට අයිති වැඩක්ද? මීට උත්තර එවාපන්.

මේ වගට - පෙම්බර, ජ. වික්රෙමසිංහ”

පූර්වොක්ත ලියමන ලැබුණ හැටියේ ම රොස්ලින්ගේ හිත චංචලවෙන්නට පටන් ගත්තාලය. ඈ බොහෝ සෙයින් ඇඬුවාය. ඇගේ ප්රේ මවන්තයාගේ රූප ලක්ෂණයත් ඈ ඔහු කෙරේ බඳින ලද පියදාස සිරිසේන නවකථා එකතුව 45

ප්රේාමයේ බලවත් කමත් දැනට ඇගේ ආගමට විරුද්ධව ඔහු කියන කරන දේත් ඇගේ නැන්දා කෙනෙකු වන ඈ ප්රවවේසම් කරමින් සිටින මරිය නෝනට කීවාය. “නැන්දේ, උඹ මේ කිසිවක් මම්මා පප්පා සමග කියන්ට එපා. වික්රඇමසිංහ මහතා නොලැබු‍ණොත් මගේ දිවි නැති කර ගනිමි. උඹ කොයි අන්දමකින්වත් මට මේ ඇත්තා මුණගස්සා දියන්නැ”යි ඇවිටිලි සහිතව කීවාය. ඒබසට දුකට පත් ඇගේ නැන්දා “දුව උඹ ඒ ගැන කණගාටු වෙන්ට එපා. හෙට මම්මත් පප්පත් නුවර පුංචම්මලාගේ ගෙදරට යන්නෝය. මම උඹේ ප්රේවමවන්තයා හෙට උදේ පටන් අනිද්දා හවස හය වන තුරුත් මේ ගෙදර ම නවත්වා ගන්නෙමි. එවිට උඹට ඕනෑ කථාවක් කර ගනින්නැයි” කියා අස් වැසුවැය.

එදින හවස රොස්ලින්ගේ මව්පිය දෙදෙනා “දුව අපි හෙට නුවර යන්නෙමුය”යි රොස්ලින්ට ප්රාවේසමෙන් සිටිමට අවවාද කර පසු දින උදේ හත හමාරට පිටත් වෙන දුම්රියෙන් ඔව්හු නුවරට යන්ට ගියෝය.රොස්ලින්ගේ නැන්දා වන මරිය නෝනා උදේ හත හමාරට ගෙදරින් පිටත් ව ජයතිස්ස සිටින විශ්රා ම ශාලාවට පැමිණ ජයතිස්ස දැක හැඳින “පුතා රොස්ලින් අඬ අඬා ඉන්නවා. ඇගේ මව්පියෝ අද නුවර ගියෝය. ඔව්හු අනිද්දා වන තුරු නො එන්නෝය. උඹ අපේ ගෙදරට ඇවිත් රොස්ලින් සමග කථා කර ඈ සනසාපන්නැ”යි සෙමින් ‍ආදර සහිත ව කීවාය. මේ වචනයට අතිශයින් සතුටට පත් ජයතිස්ස “හොඳයි මම එන්නෙමි. අම්මා යන්ට” කියා මරිය නෝනා පිටත් කර හැර හොඳට ඇඳ පැලඳ ගෙන ඉංග්රීාසි බයිබලයත් අරගෙන රොස්ලින්ලාගේ නිවසට ගියේය. එවිට රොස්ලින් ජයතිස්ස දැක සතුටු කඳුළෙන් හඬා අතට අත දී වාඩි වෙන්ට සලස්වා තේ වතුර බොන්ට දී නැන්දත් ඉදිරිපිට වාඩි කරවා ගෙන ජයතිස්ස සමග කථාවට පටන් ගත්තේය.

ද ල පි රු නිලඹ ගැබ ගුම සවනත වත ළ ත ද හි රු රැසින් පෙළෙමින් හුන් මියුරු කැ ළ ල ද යු රු සතුට ලැබ සිය පෙම්වතා දු ළ පි ය ක රු එ රොසලින් සිතු ගිය තොසිනි’පි ළ






46 වාසනාවන්ත විවාහය හෙවත් ජයතිස්ස සහ රොස්ලින්


03[සංස්කරණය]

ම රා දුක් දෙමින් ඇඟ මස් වියලා ද ත රා ලෙසින් වද දී දඟ ගෙයි ලා ද වි රා ජිත සියලු සම්පත් නැති වේ ද ති රා පඬි එ මුත් සත පිළිනොගනී ද

ජයතිස්ස - ප්රේැමි. කෝ මගේ ලියමනට පිළිතුරු?

රොස්ලින් - මොන ලියමනටද? අපේ දෙවි හාමුදුරුවන්ට රාගය, ද්වේෂය, ‍ මෝහය තිබෙනවයි කී ලියමනට ද?

ජයතිස්ස - ඔව් ඒකට තමයි.

රොස්ලිස් - මහත්මයා, දෙවිහාමුදුරුවන්ට එහෙම කියන්ට එපා, අප මවා ආරක්ෂා කරන සර්ව බලධාරී දෙවි හාමුදුරුවන්ට ඔය කරන

      චෝදනාව යුතුද? ඒ ගැන මට බොහොම වේදනයි.

ජයතිස්ස - ප්රේ?මි, ඒ දෙවියන්ට නැති දෝෂයක් කියනවා නම් මටත් ඒ තරමට වේදනයි. නමුත් තිබෙන දෝෂය කිව්වා ම උඹට ඔය තරමට කණගාටුවෙන්ට හේතුව මොකද? උඹේ වම් කම්මුලේ තිබෙන කළු ලපය දුටු මම එය ලපය යම් උවමනාවක දී උඹට තිබෙන බව කීවෙම් නම් උඹට කිපෙන්ට කරුණක් තිබෙනවා ද?

රොස්ලින් -නෑ. මහත්මයා, මට තිබෙන ඒ කැලල ගැන කීවාම ඒක හැබෑවක් නිසා මට කණගාටු නෑ. නමුත් දෙවි හාමුදුරුවන්ට නැති දෝෂ බුද්ධාගම්කාරයෝ හදා ගෙන කියති. ඒවා බොරුය. ඔබ විසින් මට බයිබලයෙන් එබඳු දෝෂ දෙවි හාමුදුරුවන්ට ඇති බව පෙන්නුවොත් මම ඔබගේ කියමන පිළිගනිමි.

ජයතිස්ස - ප්රේිමි, මෙන්ම බලාපන්.(උප්පත්ති පොතේ 6 වෙනි පරිච්ඡේදයේ 13 වෙනි පදේ පටන් කියවන්ට කියා රොස්ලින්ට අතට බයිබලය දුන්නේය.)

රොස්ලින් - මෙහි කියා තිබෙන්නේ දෙවියන් වහන්සේ ලෝකය මැව් බැවින් තැවෙන බවත් තමා මැව් සත්වයන් පියදාස සිරිසේන නවකථා එකතුව 47

පෘථිවියෙන් විනාශ කරන බවත් යනාදියයි.

ජයතිස්ස - ප්රේ මිය, තමා විසින් තමාගේ කැමැත්තේ හැටියට ම මවන ලද සතුන් තමාට අකීකරු වූ හෙයින් හෘදය තවා ගන්ටත් නැවත ඒ සතුන් විනාශ කරන්ටත් සිතීම තරම් අඥාන අධම ක්රිනයවක් මේ ලෝකයේ තිබේද? යේහෝවා සර්වඥ නම් සතුන් මවන්ට පෙර ඒ සතුන් තමාට කීකරු ද අකීකරු ද යන වග තෝ බේරා ගන්ට බැරි ද? හොඳයි ඔහු පළමුව

       මෝඩකමින් කළ වරදට නිකම් නොයිද තමා මැව් සතුන්

කෙරෙහි ම ද්වේෂ උපදවා ඒ සතුන් විනාශ කිරීම මෝඩකමින් මෝඩකම නොවේද? හොඳයි ප්රේ මිය දෙවියන් වහන්සේ ජල ගැල්මෙන් විනාශ කළේ නරක දුෂ්ට පව්කාරයන් සියල්ලම ය.ඉතුරු කර ගත්තේ ධර්මිෂ්ඨ නෝවාගේ පව්ලය.ඉදින් ඒ නෝවාගේ කාලයෙන් පසු අද වෙන තුරුත් ඇති වුණ සියලු ම මනුෂ්ය්යෝ - නෝවාගේ දරු මුනුබුරු ආදීහු - නිර්දේෂ වූ ධාර්මිකයෝ නොවෙද් ද?

රොස්ලින් - ඔව් එසේ වෙන්ට ඕනෑ.

ජයතිස්ස - එය එසේ නම් අපි හොඳ මිනිස්සු නොවෙමුද? අපේ මුතුන්මිත්තෝ යහපත් මනුෂ්ය යෝ නුවූවෝද? ප්රේඅමිය, ක්රිෙස්තුන් වහන්සේ ගැලවුම්කාර වේසයක් අරගෙන මේ ලොවට අවේ නෝවට පස්සේය. ඔහු ගලවන්ට ආවේ නිර්දෝෂ නෝවාගෙන් පැවතෙන්නන්ය.ඊට කලින් සිටි පව්ම පව්කාරයන් ගලවන්ට අවේ නෑ. ඒ අසරණයන් ජල ගැල්මකින් විනාශ කර සදාකාලික නිරයට පත් කළේය. අනේ ප්රේඒමිය,අඥානයන්ට රුචි වූ මේ ප්රටලාප අදහන්ට නුඹ මටත් කියයි.

රොස්ලින් - අනේ මහත්මයා එහෙනම් මහා පණ්ඩිතයන් මේවා විශ්වාස කරන්නේ මන්ද?

ජයතිස්ස - ප්රේ මිය, ඒ මෙසේය, උඹට මේ ආගමේ තිබෙන බොරු මම පෙන්නා නුදුන්නෙම් නම් ඒවා උඹ කිසි කලක දන්නේ නෑ නොවේ ද?

රොස්ලින් - නෑ මට කිසි කලක දැන ගන්ට ලැබෙන්නේ නැහැ.

ජයතිස්ස - අන්න එසේ ම උත්පත්තියේ පටන් යමෙක් යමක්



48 වාසනාවන්ත විවාහය‍ හෙවත් ජයතිස්ස සහ රොස්ලින්

භාවිතා ‍කරගෙන ආවොත් ඊට වඩා යහපත් දෙයක් තමාට දැන ගන්ට නෙලැබුණොත් ඔහු කිසි කලෙකත් ඒ තමා මුල සිට ම පුරුදු කර ගෙන ආ දේ අත් නොහරියි. මේ එක් ප්රනකාරයකින් ක්රිදස්තියානිය අදහන කොටසකි. තවත් සමහරු එය බොරු බව හොඳහැටි දැනගනත් තමාට මොලව වශයෙන් ලැබෙන යම් යම් සැප පහසු සලකාගෙන පරලොවදී ඕනෑ එකක් වුණත් කමක් නැත. මෙලොව අභිමතාර්ථය සිද්ධවූවොත් ඇත කියා අදහති. තවත් සමහරු පුළාවීමෙන් අදහති.ඒ සම්බන්ධව එක්තරා පුංචි කථාන්තරයක් නුඹට කියන්නෙමි.

සල් ගසක ශබ්දය කිසි දිනක නොඇසූ හාවෙකු සල් ගසක් යට සිටින විට මහත් සුළඟක් හමා සල් ගස සෙලවෙන්ට පටන් ගත්තේය. එවිට ලෝකය පෙරළීගෙන එනවාය යි මේ මුග්ධ හාවාට කල්පනා වී මරණ භයින් බිය පත්ව දුවන්ට පටන් ගත්තේය. ඒ බව දුටු මීමින්නෙකු ඇයි යාළුවා දුවන්නේ කියා ඇසූවිට ලෝකය පෙරළී‍ෙගන එන බව කීවාම කිසිත් කලපනා කරන්ට නොසිට ඌත් දුවන්ට පටන් ගත්තේය. මුන් දෙන්නා හති දාගෙන දුවන කොට තම මුවෝ ආදී ක‍ීප දෙනෙක් ද දැක ඔවුහු දුවන කරුණ අසා ඔවුහු ද මරණ භයින් බිය පත් ව දුවන්ට පටන් ගත්හ. ඊට පසු හස්ති අශ්වාදි මහා සතුන් ද පුංචි සතුන්ගේ බස් අසා කිසිත් කල්පනා කරන්ට නොනැවතී දුවන්ට පටන් ගත්හ. මේ ක්රුමයෙන් මුළු කැලේ තුළ ම සිටි සියලු ම සතුන් මරණ භයින් තැති ගෙන දිව්වෝය. ඉදින් මේ එක පුංචි හාවාගේ මුළා වීම නිසා ඇත් අස් ගව මහිසාදි කොපමණ සත්ව සමුහයක් මුළා වුණා ද කි බලනු මැනවි. එමෙන් ම තමාගේ නෑයන් වාල්කමින් මුදවා ගැනීමට මෝ‍ෙසස් නමැති යුදෙව් මිනිහෙකු විසින් ගොතන ලද බොරු ප්රවබන්ධය වූ බයිබලය එවකට සිටි එකෙකු දෙන්නෙකු තුන්දෙනෙකු යනාදී වශයෙන් අදහා ගෙන විත් දැන් දහස් ගණන් කෝටි ගණන් මනුෂ්යදයන් මුළාවට පැමිණ අදහන නමුත් ශාස්ත්ර යුක්ති වශයෙන් කල්පනා කරන එක ම පණ්ඩිතයෙක් වත් ක්රිසස්තියානිය නො අදහයි.

රොස්ලින් - හොඳයි මහත්මයා, ශාස්ත්ර යට විෂය නොවන කිසිවක් ලෝකයේ සත්ය නොවෙ ද?

ජයතිස්ස - ප්රේවමිය, සත්තකින් ම යමක් ශාස්ත්රකයට අවිෂය ද එය බොරුයි. ඒ කෙසේ ද කීවොත් ගිනිවතුරට පිච්චෙන යමක්




පියදාස සිරි‍ෙස්න නවකථා එකතුව 49 ඇද්ද එය රත්රන් නොවන්නාක් මෙනි. ධර්මය නමැති රත්රන්වල තියෙන හරි වැරදි සොයාගන්න උරගල ශාස්ත්රලයයි. ශාස්ත්ර්යට නොගැළපෙන යම් ආගමක් ඇත්නම් එය තනන ලද්දේ ලෝභ ද්වේෂ මෝහ ආදියෙන් පරිපූර්ණ සත්වයෙකු විසින් බව නිශ්චයකොට ‍දැනගත යුතුයි.

රොස්ලින් - සදාකාලික දෙවි කෙනෙකු ඉදීම ශාස්ත්ර යට විරුද්ධ ද?

ජයතිස්ස - ඔව්, සම්පූර්ණයෙන් ම විරුද්ධ යි. මක්නිසා ද, ද්ර ව්යේ වූ කිසිවක් සදාකාලික නම් අද්රාව්යස වූ අවකාශය සදාකාලික නොවේ ය

                             අවකාශය සදාකාලික නොව් යයි

කියන්නට කිසි ඥානයකට ගෝචර නොවන හෙයින් එය සදාකාලික වේ. එහෙයින් ම සියලු ද්රසව්ය කාලික වෙති. සදාකාලික නොවෙති. නුඹලාගේ දෙවියන් වහන්සේත් අද්රාව්ය. වූ අවකාශයට සමාන නම් සදාකාලික වෙන්ට පිළිවන. ඒ මිස පංචස්කන්ධයෙන් යුත් සත්වයෙක් නම් සදාකලික නොවේ.

රොස්ලින් - අපේ දෙවියන් වහන්සේ පංචස්කන්ධයෙන් යුත් කෙනෙක් නොවේ (He is a spirit) උන්වහන්සේ පිරිසිදු ආත්මයකි.

ජයතිස්ස - ආත්මය කියන්නේ කුමකටද?

රොස්ලින් - ආත්මය (Soul) යනු ඥානය වේ.

ජයතිස්ස - උපන් හැටියේ ළමයාට ආත්මය තිබෙනවාද? බලු පැටවාටත් ආත්මය තිබෙනවා ද?

රොස්ලින් - ළමයාට ආත්මය තිබෙනවා.බලු පැටියාට ප්රාබණය තිබෙනවා.

ජයතිස්ස - බලුපැටියාගේත් ළපටි ළමයාගේත් ඇති වෙනස කුමක්ද? ළපටි ළමයාට තිබෙන ඥානය යි කියා උඹ කියන ආත්මයෙන් දෙවියන් වහන්සේ දැන ගන්ටත් උඹලා අපට මෙන් යම් යම් කටයුතු කරන්ටත් පිළිවන්ද?

රොස්ලින් - බලුපැටියත් ළපටි ළමයත් එක් අතකින් කිසි ම දෙයක් නොදන්නා නිසා එක සමාන නමුත් ළමයා වැඩිවිය පැමිණියාම ඉතා ම යහපත් දේ කරන දෙවියන් ගැන දැන ගන්නා ඥාන ශක්තියක් ඇති කෙනෙකු වෙනවා. නමුත් බලු පැටියා ලොකු උණාම ළමයා ලොකු උණාම කරන ක්රිගයා කිසිත් කළ නො හැක්කේය. 50 වාසනාවන්ත විවාහය හෙවත් ජයතිස්ස රොස්ලින්

ජයතිස්ස - ප්රේ මිය, උඹේ මේ උත්තරය කොහෙත් ම හරි නෑ හොඳයි, ළමයාගේ ශරීරය වැඩෙන්නාක් මෙන් ආත්මය කියන එකත් වැඩෙන ලොකු වෙන එකක් ද? එසේ නම් උස මහත ඇති මිනිසුන්ගේ ආත්ම පුංචි මිනිසුන්ගේ ආත්මවලට වඩා ලොකු ද? එසේ නොවේ නම් ළමයාගේ පටන් මහල්ලා දක්වා සෑම දෙනාගේම ආත්ම එක මහතද? ප්රේපමිය, බලු පැටවා ලොකු වූණාම ළමයා කරන ක්රිනයා සමහරක් කළ නොහැකි බව සත්තයි. දැන් ඇඩ්වර්ඩ් රජතුමා‍ගේ ළපටි මුනුබුරෙක් ලොකු වුණාට කිසි දිනක කළ නොහැකියි. එක සත්වයෙක් තවත් සත්වයෙකුට සමහර ක්රිනයා කිරීම්වලින් වෙනස් බව හොඳ හැටි නොතේරෙණ හෙයින් උඹලා මුළාව දෙවියෙකු විසින් අප මැව්වාය යි කියන්නාහූය. “කර්මනා ජයතෙජන්තු - කර්මනෛව ප්රකලීයතෙ” යනාදි ශාස්ත්ර යට අතිශයින් ගැළපෙන පණ්ඩිත වචන පිළිගන්නවා නම් මේ තරම් වාද උවමනා නොවෙයි. හොඳයි උඹට මේ ගැන කියන්ට තිබෙන්නේ කුමක් ද?

රොස්ලින් - මට කියන්ට තිබෙන්නේ ශරීරය මෙන් ආත්මයේ ලොකුවීමක් නැත. එසේ ද වූවත් ඥානය දියුණු වෙනවා.

ජයතිස්ස - එසේ නම් ඥානයයි ආත්මයයි දෙක ම එක ද?

රොස්ලින් - ඔව්.

ජයතිස්ස - මෝඩයන්ට ආත්මය තිබේ නම් ආත්මය කියන්නේ ඥානයට නම් ඔවුන්ට මෝඩය කියන්නේ ඇයි?

රොස්ලින් - ‍මහත්මයා. මට වැරඳුණා, ආත්මය කියන්නේ ප්රාටණයට යි.

ජයතිස්ස - එහෙමද? ප්රේ මිය, ආත්මය කියන්නේ ප්රාසණයට නම් ඒ ආත්මය කියන ප්රාටණය තිරිසනුන්ටත් තිබෙනවා නොවේ ද? එසේ නම් තිරිසනුන් ආදී අප සියල්ලෝම සත්වයා වශයෙන් සම නොවෙත් ද?

රොස්ලින් - (මෙතනදී උත්තර දී ගත නොහැකිව මෙසේ කියයි.) මහත්මයා, මට තේරෙන්නේ නැහැ. ‍කරැණාකර ඔය ආත්‍මයේ ස්වභාව මට තේරුම් කර දෙන්ට.

ජයතිස්ස - හොඳයි ප්රේතමිය, එහෙනම් අහන්ට. ආත්මය කීවත් පියදාස සිරිසේන කථා එකතුව 51

ප්රා ණය කීවත් දෙක ම එකයි. මේ ආත්මය හෝ ප්රා ණය වෙන් වශයෙන් ගන්ට හැකි දෙයක් නොවෙයි. රූප, වේදනා, සංඥා, සංඛාරා, විඤ්ඤාණ යන ස්කන්ධ පහ එක් වු විටත් ඒවායේ ශක්තිමත් භාවය පවතින තුරුත් යාම් ඊම් ආදී ක්රි යා කිරීමට පවත්නා බලයට ආත්මය හෙවත් ප්රාාණයයි සම්මත වශයෙන් නමක් සාදාගෙන තිබේ. මේ අපේ ශරීර‍ය ධූම යන්ත්ර යකට සමානයි. ධුම යන්ත්ර යේ දහස් ගණන් සුත්‍ර යෝග්යාාකාරයෙත්

                              තබා යන්ත්රණය  සාදා එය රෝද පිට සවි කර ගිනි, වතුර

ආදිය සූදානම් කර එය නිසි ප්ර කාර ගිනියම් කර ඉස්සරහට දුවන්ට සලස්වන ඇණය කැරකු හැටියේ ම ඉදිරියට ගමන්කරයි. පස්සට දිවිමට කරකැවිය යුතු ඇණය කැරකු හැටියේ ම පස්සට දුවයි. නමුත් එම යන්ත්ර යට ප්රාකණය කියා එකක් ඇති බවක් මොලේ ඇති කි‍සිවෙක් විශ්වාස නොකරයි. එසේ ද වූවත් පණ නැත්නම් දුවන්නේ කොහොමද කියා ප්ර‍ශ්නයක් ඇසීමට මෝඩයකුට නම් ඉඩ තිබේ. මෙසේ ම ප්රාතීත්ය් සමුත්පාද ධර්මයන්ගේ තත්වය නෙතේරෙන මිත්යාම දෘෂ්ටි්ක අඥානයෝ ද මනුෂ්යපයාටත් ආත්මය කියා වෙන් වූ ද්ර්ව්යඅයක් ඇති බව විශ්වාස කරති. ඉදින් මුල කී ධූම යන්ත්ර යට ඕනෑ තරම් ගින්දරත් වතුරත් නැත්නම් නොහොත් එහි ඇති දහස් ගණන් සූත්රතවලින් එකකටවත් ශේෂ මාත්රා් තුවාලයක්වත් වී තිබෙතොත් එය නුදුවයි. එමෙන් ම මේ මනුෂ්ය ශරීරය ද නහර ආදියෙන් එකකට වත් තුවාලයක් හානියක් වූණි නම් කිසි සේත් ශරීරයෙන් කළ හැකි ක්රිායා කරන්ට බැරිය.

රොස්ලින් - මහත්මයා, පඤ්චස්කන්ධය එක් වීමෙන් ආත්මය කියා එකක් හට ගන්නා බැව් මම පිළිගත්තෙමි.ධූම යන්ත්රයය දුවන්ට කෙනෙක් ඕනෑ මෙන් අපට ද පිටිවහල් වීමට හෙවත් යම් යම් දේ කරවීමට කෙනෙක් ඉන්ට ඕනෑ නොවේ ද?

ජයතිස්ස - ඔව් ප්රේෑමිය, අ‍ෙච්තන වූ ධූම යන්ත්රමය ක්රියයා කරවීමට මනුෂ්යාමදී සචේතන සත්වයෙක් ඕනෑම යි. එමෙන් ම ස‍චේතන වූ මනුෂ්යාතදීන්ට පිටිවහල් වීමට අචේතන වූ




52 වාසනාවන්ත විවාහය හෙවත් ජයතිස්ස සහ රොස්ලින්

කර්මය අවශ්යෙයි. අචේතන දේට සචේතන දෙයෙහි සම්බන්ධයත් සචේතන දේට අචේතන දෙයෙහි සම්බන්ධයත් තර්කානුකූල ශාස්ත්රේයට ඉඳුරාම ගැළපෙන යුක්තියක් හෙයින් කර්මයත් දෙවියනුත් උඹට මෙයින් තේරුම් යතැයි මම විශ්වාස කරමි.

රොස්ලින් - මහත්මයා, පඤ්චස්කන්ධය ආශ්ර ය නොකර ආත්මයක් පවතින්ට

                    නොහැකි බවට මට තව උදාහරණයක් පෙන්වන්ට.

ජයතිස්ස - හොඳයි, එකට දහයක් පෙන්වමි. ද්ර ව්යනයක් ආධාර කර නොගෙන සුගඳක් දුඟදක් පවතී ද? ද්රමව්යදයක් ආශ්රමයකර නොගෙන නීල ආදී යම් කිසි වර්ණයක් පවතී ද?

රොස්ලින් - සත්තකට ම පවතින්ට බැරිය.

ජයතිස්ස - එසේ නම් පඤ්චස්කන්ධය ආශ්‍.යය නොකර ආත්මයක් ඇති විය නොහැක්කේය. සුවඳ මලේ හටගන්නාක් මෙන් ප්රාආණය හෙවත් ආත්මය පඤ්චස්කන්ධයේ ම හට ගනී.

රොස්ලින් - එය මට තේරුණා මහත්මයා, දෙවියන්ගේ පඤ්චස්කන්ධය අපේ පඤ්චස්කන්ධයට සමාන ද?

ජයතිස්ස - නැහැ ප්රේුමිය, දෙවියන්ගේ පඤ්චස්කන්ධය අපේ පඤ්චස්කන්ධයට වඩා ඉතා සියුම් දීප්තිමත් සැහැල්ලු එකකි.එහි වාතය අධිකව සැහැල්ලුව සෑදී තිබේ. අපේ ශරීර කබලිංකාහාරයට යෝග්යඅ ලෙස පඨවි ධාතුව අධික ව සෑදී තිබෙන්නාක් මෙන් නුඹලා අදහන යෙහෝවාගේ පඤ්චස්කන්ධය ද අපට වඩා කොහෙත් ම වෙනසක් නැත්තේය. එම නිසා දෙවියන් කී පමණින් උඹ එය යෙහෝවාට හේම භාර ගන්ට එපා.

රොස්ලින් - යෙහෝවා වහන්සේගේ පඤ්චස්කන්ධය අපේ පඤ්චස්කන්ධයට සමාන බවට ඔප්පු කරන්ට පුළුවන් ද?

ජයතිස්ස - සත්තකෙන් ම පුළුවනි. 1 වෙනු ව දෙවියන් වහන්සේගේ ස්වරූපයේ හැටියට මනුෂ්යදයා මැව්වේය. 2 වෙනු ව මා සමග කථා කළ ශබ්දය මොක ද කියා බලන්ට හැරුනෙමි. එ‍විට රත්රන් පාන් කඳු සතරක් ද ඒ මැද තමාගේ පතුල දක්වා වැටෙන ඇඳුමක් ඇඳ තන


පියදාස සිරිසේ නවකථා එකතුව 53

මත්තේ රන් පටියෙන් බැන්දා වූ මනුෂ්යේ පුත්රවයා මෙන් කෙනෙකු දුටිමි. (ප්ර කාශ 1-13). 3 වෙනුව යෙහෝවායාකොබ් සමඟ එළි වෙන තුරු පොර බදා ඔහුගේ කටි සන්ධි කඩා ගියේය. 4 වෙනුව ඔහු රොටි සහ මත්ස්ය මාංස කන්නේය.

රොස්ලින් - “අනේ මහත්මයා මට පුදුමයි. මෙ බඳු ලාමක දෘෂ්ටියක් අපටත් අදහන්ට වුණා ද? ඔබ මගේ ගැලවුම්කාරයා”යි කියමින් ජයතිස්සට මුව නොසෑහෙන ලෙස ස්තූති ද කළාය.මේ වේලාව දවල් දොළහ වූ හෙයින් පිළියෙළ කර තිබුණු භොජන අනුභවයට ජයතිස්ස ද රොස්ලින් ද (ඇගේ නැන්දා) මරිය නෝනා ද ලෑස්ති වූහ. කෑම කා ටික වේලාවකට පසුත් කථාව පටන් ගත්තේය. මේ වේලාවේදී මරිය නෝනාගේත් රොස්ලින්ගේත් බලවත් රෝමනු දෘෂ්ටිය මඳක් තුනීව තිබුණේය.

ඇ ස ක න දිවැති කන බොන කම් රස විඳි න ස ත ති න ඉඳිනු හැකි නම් සුරෙකුට එ මෙ න ගු ණ නැ ණ යුතු අපට බැරි කිම ද නොසිත න අ නු ව ණ යිනි කිමෙක පල තොප අත් ‍බවේ න


04[සංස්කරණය]

ජයතිස්ස - ප්රේ මිය, මම රෝමානුකාරයෙක් නූනට මෙකද ක්රිවස්තියානිය සම්බන්ධ ඇති වැදගත් සියලු ම පොත් කියවා බැලුයෙමි. බයිබලයේ තුනෙන් දෙපංගුවක් යක්ෂයන්ට මිස මනුෂ්යමන්ට කියවිය නොහැකි,නොසිතිය හැකි මිනී මැරීම් සම්බන්ධ කථායි. අනික් කොටස පණ්ඩිතයන්ට රුචි නොවූ අඥානයන්ට ගෝචර වූ කිසි ප්රඅයෝජනයක් නැති සම්පප්රිලාප වෙයි. වචන දහයක් දොළහක් වැදගත් ලෙස සලකන්ට ද තිබෙ. ඒ සියල්ල ම පූර්ව දිග පණ්ඩිතයන් ගෙන් කොයි ක්රලමයකින් ද දැන ගත්

                          දේ වෙයි. බයිබලයට වඩා ඉතා අලංකාර වූ රසවත් මිථ්යාා



54 වාසනාවන්ත විවාහය හෙවත් ජයතිස්ස සහ රොස්ලින්


පොත් එමට තිබේ. රාමායනය බයිබලයට වඩා ඉතා රසවත් පොතකි. එය ලියන ලද්දේ වේදය ආදී ශාස්ත්රා දත් පණ්ඩිතයෙකු විසිනි.අරාබි නිසොල්ලා‍සය ඉතා පුදුම විය යුතු පොතකි. එම පොත ලියූ පණ්ඩිතයන් බයිබලේ කර්තෘලාට වඩා දහස් ගුණයෙන් උගත්තන් බව බයිබලයත් අරාබි නිසොල්ලාසය කියන පොතත් අපක්ෂාපාතව කියවන ඇත්තන්ට අවබෝධ වේ. උඹ මේ පොත් දෙක ම කියවා‍ ඇත කියා විශ්වාස කරමි.

රොස්ලින් - රස වශයෙන් නම් රමායනයත් අරාබි නිසොල්ලාසයත් හොඳයි. ඒ පොත් මනුෂ්ය යන්ගේ චිත්ත ප්රයසාදය පිණිස කරන ලද ප්රනබන්ධන වෙති. බයිබලය දේව වක්යචය නොවේ ද?

ජයතිස්ස - ඔව් ප්රේනමිය, බයිබලය දේව වාක්යො හෙවත් යෙහෝවාගේ ‍වාක්ය ය යි ටිකකට පිළිගනිමු. හොඳයි, ඒ දෙවියන් (යෙහෝවා) රූපස්වභා ආදියෙන් මනුෂ්ය්යන්ට වඩා කොහෙත් ම වෙනසක් නැති නම් ඥානයෙන් ද ගුණයෙන් ද සමහර මිනිසුන් පමණ වත් උසස් නොවේ නම් ඔය වාක්යෙයෙන් හෙවත් බයිබලයෙන් කිසි ප්රවයෝජනයක් නැති බව උඹ පිළිගන්නෙහි ද?

රොස්ලින් - සත්තකට ම දෙවියන් වහන්සේ රූපාදියෙන් මනුෂ්යනයාටසමාන බවත් ඥානයෙන් පහත් බවත් ඔප්පු කළොත් මම කිසි කලක බයිබලය පිළි නොගනිමි.මක්නිසා ද සත්යස පිළිගැනීම ඥානයට උරුම හෙයිනි.

ජයතිස්ස - ප්රේ මිය, උඹ ඤාණවන්තියක් වාගේ කථා කරනවා දැකීම මට මහත් ප්රීනතියකි. යෙහෝවා දෙවියත් මනුෂ්ය්යත් රූපයෙන් එක සමාන බව මම මීට ඉහතින් නුඹට කී නමුත් නැවතත් කියමි. ප්රේ මිය, ෂඩෙන්ද්රි්ය කියන්නේ කුමට දැ යි දන්නෙහිද?

රොස්ලින් - ඔව්. මම දනිමි. ඇස, කණ, නාසය, දිව, සිත සහ ශරීරයත් යන සයයි.

ජයතිස්ස - උඹට ඔය සය තිබේ ද?

රොස්ලින් - ඔව්. මට තබා මේ “ටයිගර්” (ළඟ සිටි බල්ලා) ටත් පියදාස සිරිසේන නවකථා එකතුව 55

තිබේ.

ජයතිස්ස - නුඹලාගේ යෙහෝවාටත් ඔය ඉන්ද්රි5ය සය තිබේ ද?

රොස්ලින් - මට එය තේරුම් මදි. අපේ පාදිලි උන්නාන්සේලා ඕවා ගැන අපට තේරුම් කර දීමක් නැහැ. ඒ ඇත්තතන් කියා දෙන්නේ දෙවියන් වහන්සේ ගැන ම හිතා ගන්නවා මිස ඔය ඉන්ද්රිියාදි මනුෂ්ය් ශරීරයේ විශේෂ විභාග නොවේය.

ජයතිස්ස - ඔව්, ප්රේනමිය, සුදු පූජකයන් නමැති ගෝපාලයන් විසින් රෝමානුකාරයන් නමැති හරකුන්ගෙන් ඔනෑ වැඩ ගන්නේ ඔය ලෙස තමයි. යෙහෝවාට ඔය ඉන්ද්රිේය සය ම තිබේ. ඒ මෙසේයි,යෙහෝවා එළිය මවා එය හොඳ බව දැක සතුටු වූයේය. (උත්පත්ති 1-2) මේ ඇසින් බව සිතට ගත යුතුයි. (2) නුඹලා කරන යාඥා ඇසීමට ඔහු නිතර ම සැරසී සිටිය යුතුයි. ඒ අහන්නේ කනින් බව කීම උවමනා නොකරයි. ඔහුට (3) නාසය තිබේ. සතුන්ගේ මස් දවන දුමත් විශේෂ වශයෙන් මිනී මස් පුච්චන දුමත් ඔහුට ඉතා මිහිරි සුවඳක් වූයේය. (විනිශ්චය 11 වෙනි පර්ච්ඡේදයේ) (4) ඔහුට දිවක් තිබේ. රොටි සහ සතුන්ගේ මස් බඩ පුරා අනුභව කර තිබේ. (5) ඔහු සතුන් මවා එම සත්වයින් අකීකරුවන් වූ හෙයින් ඔහුගේ සිත තැවී ගියේය. මෙයින් සිත ඇති බව සිතට ගත යුතු. (6) ඔහුට ශරීරය තිබේ. ඉහතකී ඇස, කණ, දිව ආදිය ශරීරය නැතුව තිබෙන්ට බැරිය. ඇරත් ඔහු එළිවෙනතුරු යාකොබ් සමග “ගුස්ති” අල්ලා අසරණ යාකොබ්ගේ තුනටිය කඩා ඒත් යාකොබ්ට පැරදී ගියේය. (උත්පත්ති 32-34) ඉතින් ප්රේ මිය, යෙහෝවාටත් මනුෂ්යායන්ටත් සමාන වූ ඉන්ද්රිැයන්ඇති බව උඔ පිළිගන්නෙහිද?

රොස්ලින් - ඔව් මම එකහෙළා පිළිගනිමි.

ජයතිස්ස - හොඳයි, යෙහෝවාටත් අපටත් ඉන්ද්රි යන් සම සම ව තිබේ නම් අපි දෙ කොටසම දුකට භාජනය වූ දුකෙහි ගැලී ඉන්නා වූ දුක් අනුභව කරන්නා වූ සත්වයෝ නොවෙමු ද? තවද මේ ඉන්ද්රිරයන් ඇති වන්ට හේතුව හේතුව පඤ්චස්කන්ධයයි. ඒ පඤ්චස්කන්ධයත් අපටත්


56 වාසනාවන්ත විවාහය හෙවත් ජයතිස්ස සහ රොස්ලින්

යෙහෝවාටත් සමානව තිබෙන බව මම මීට කලින් කීවෙමි. පඤ්චස්කන්ධය නම් දුක් ඉපදීමට නිදානයයි. ඒ හෙයින් යෙහෝවා සහ අපිත් එක සමානව දුක් විඳින අසරණ සත්වයෝ වම්හ. නමුත් මනුෂ්යඅයන් අතර යෙහෝවාට වඩා ගුණයෙනුත් ඥානයෙනුත් උතුම් ඇත්තෝ සිටිති. එය උඹ විශ්වාස කරන්නෙහි ද?

රොස්ලින් - අනේ මට පුදුමයි. නමුත් එය විස්තර කළොත් මට විශ්වාස නොකර ඉන්ට බැහැ.

ජයතිස්ස - ප්රේ.මිය, හුඟක් ඉහළ මිනිසුන් ගැන කථා ‍නොකර මම ඉතා සුළු කෙනෙකු කළ ක්රිහයාවකුත් යෙහෝවා කළ ක්රිඉයවකුත් උඹට කියන්නෙමි. ඒ දෙක ගැන අපක්ෂපාතව කල්පනා කොට මේ දෙන්නා ගෙන් වඩා උතුම් ගුණවන්තයා කව්දැයි මට කියාපන්. හෝමාගම පදිංචි......අප්පුහාමිගේ ගෙට හොරු කාණ්ඩයක් ඇතුළුව ගෙයි තිබෙන පදම් බඩු මුට්ටු පැහැර ගෙන ගියෝය. හොරුන් අල්වා ගන්ට ලැබුණු නමුත් ඒ කරුණාවන්ත සත්පුරුෂ මහත්මයා හොරුන්ට කිසි ම හානියක් නොකර නඩුත් නොගෙන නිකම් සිටියා පමණක් නොව, ඒ හොරුන්ගෙන් කීප දෙනෙකුට ඊට පසු පැමිණි ව්ය,සනවල දී නොයෙක් ආධාර උපකාර ද කළේය. මේ කීවේ දැනට ජිවත්ව

                              සිටින ඉතා අප්රවසිද්ධ සත්පුරුෂ  මනුෂ්‍ජනෙයකු ගැනයි.

යෙහෝවා මුඪ භාවයෙන් මවන ලද මිනිස්සු ඔහු ඇර අන්යවයන් ඇදහු වැරැද්දට ඒ මිනිසුන් සියල්ල ම කඩුවෙන් කපා මරන ලදි. (විනිශචය 18-27) (මේ සඳහා කියන ලද කථාව බලාපන්) යෙහෝවා කුඩුකේඩු දෙවියෙක් බව තමා ම කියයි. I am a Jealous god. මෙයින් ඔහු ස්වභාවයෙන් ම ක්රෑ.රතර අධමයෙක් බව හැ‍ඟේ. ඉදින් ඉහත කී අප්පුහාමිගෙනුත් යෙහෝවාගෙනුත් වඩා හොඳ ගුණවන්තයා කව්ද?

රොස්ලින් - අපක්ෂපාතව කල්පනා කළා....ම අප්පුහාමි යෙහෝවාට වඩා ගුණවන්තයෙකැයි අපට කිව හැක. ඉතින් මහත්මයා යෙහෝවාගේ මෝඩකම් ගැන මට කියන්ට එපා.කොතැන ද ගොන් මිනිස්සු රැළක් ස්වර්ගටයට නගින්ට කොතක් ගොඩ නගන්ට ලෑස්ති වුණා ම එය



පියදාස සිරිසේන නවකථා එකතුව 57

ඔවුහු කරතැයි යන බයෙන් මිනිසුන්ගේ භාෂාව අවුල් කළ හාදයා (උත්පත්ති 11) දෙවිකමට ගෙන අපි මෙ පමණ කල් ඇඳහුවෙමු. අනේ මිථ්යාග කුලයක උපදිනවාට වඩා නරකාදියේ ඉපදීම හොඳය කියන්ට දැන් යුතු බව මට හැඟුණා.

ජයතිස්ස - ප්රේනමිය, බුද්ධාගම නම් සිංහලාදි පූර්වදේශවාසීහු සකල ශාස්ත්රොයෙන් ද සියලු යස ඉසුරෙන් ද සම්පූර්ණ කාලයක පිළිගත් නිර්මල සත්යන වූ ධමර්යනකි. යුරෝපීය ජාතීහු මේ කාලයේ ඉතා නීච අන්දමට මනුෂ්යල තිරිසනුන් මෙන් සිටි හෙයින්ඔවුන්ට මේ ධර්මය ලබා ගන්ට බැරි විය. ඒ කාලයේ දී ඔවුන්ට තිබුණ ඥානයේ හැටියට ක්රි ස්තියානිය ඉතා හොඳ එකක් හෙයින් එය පිළිගත්හ. දැන් යුරෝපීයයන්ගේ ශාස්ත්රී ඥානය දියුණු වූ හෙයින් ඔවුන්ගේ උගත් පක්ෂය ක්රි ස්තියානිය පිළිකුල් කරමින් අත් හරති. නමුත් සිංහලාදි පෙරදිග වැසියන්ගේ ඥානය පිරිහී ගොස් තිබුණ පසු ගිය වර්ෂ 300 ය ඇතුළත ක්රිඥස්තියානිය මෙහාටත් රිංගාගන තිබුණ නමුත් දැන් ඔව්හු (පෙරදිග වැසියෝ) ද ක්ර මයෙන් දියුණුවට යන හෙයින් ක්රළමයෙන් ක්රිදස්තියානිය ද පහ කරති. ලංකාවේ තව අවුරුදු විස්සක් යන කොට ක්රිකස්තියානිය විශවාසය කරන්නන් සොයා ගන්ට පිළිවන් වන්නේ මීගමු වැල්ලෙත් මෝදරත් යනාදි ගම්වල පමණක් බව උඹලාට අපට ජීවත්ව ඉන්ට ලැබුනොත් බලා ගනිතැකි.

ඉක්බිති ‍ෙරාස්ලින්ගේ සිත ක්රිුස්තියනි නමැති පඹ ගාලෙන් බේරී නිස්කලංක විය. “ඔබ මගේ කල්යාුණ මිත්ර යෙකි. මම අදින් මනත ක්රිුස්තියානිය නො අදහමි. සත්ය“ය පැතිරේවා. සත්යතය පිළිගැනීමට බියවීම සිංහල ගතිය නොවෙයි. අහෝ! සත්යේය සියල්ල ඉදිරි‍ෙය් බැබලේවා” යනාදී ප්රීයති සහගත වචනයෙන් රොස්ලින් ජයතිස්සට ස්තුති කළාය.

මො හ ඳු රු කඳින් අඳ වී උන් නිර තු රු ව පි ය ක රු එ රොස්ලින් හට පිනිති පු රු ව පි වි තු රු නැණ එළිය ලැබ ලෙස අපු රු ව බි ය ක රු කතෝලික ආගම දුරු කෙ රු ව




58 වාසනාවන්ත විවාහය හෙවත් ජයතිස්ස සහ රොස්ලින්


රු දු රු නි රා ගිනි දෙන කිතු සමය හැ රා සි ති නි නු රා උන් රොස්ලින් දැක රුසි රා කි ර ණ ත රා හකුළා ලොව සිහිල් ක රා අ ව ර ගි රා පැමිණිය පවර දිනක රා

රො ස ලි න් ජයතිස්ස වන සතුටු බව දැ ක ස ස ලි න් යුතු තරිඳු විහිදා සොමි රැස ක අ ස ලි න් සිටි ස‍ඳෙහි නුබ පෙර ගිරසුන ක ස ස ලි න් තැවුණු සොරු මිස දුටු ලෙසම දැ ක


05[සංස්කරණය]

එ දින සවස හය පමණ වන විට රොස්ලින් බුද්ධාගම ගැන කරුණු විචාරීමට ලෑස්තිවුණ නමුත් ජයතිස්ස ඊට නොසතුටු විය. එදා රාත්රිි රොස්ලින්ලාගේ නි‍වසෙහි නැවතීමට ජයතිස්සගෙන් ඉල්ලා සිටි කල්හි ජයතිස්ස “ලෝක චාරිත්රුයට යුතු නැත. අද රෑ මෙහි නැවතී සිටියොත් එයින් අපට මත්තට කැලලක් ඇති වෙන්නට පිළිවන. අපගේ සිත් නිර්මල ජලය මෙන් පිරිසිදු නමුත් කොයි මෙහොතේ දී එය වෙනස් විය හැකි දැ යි කිව නොහේ. මේ බලනු

“ඉ තා දික් කලක් රාගය පැවත එ න දෙ තා පසිඳුරන් හට බලය නොමඳි න මෙ තා සිත එයින් නපුරට ම සලස න සි තා එ බව සිහියෙන් කල් හරුව දැ න”

පෘථග්ජනයා සෑම වේලේ ම පෙරළෙන සුලුය. එහෙයින් මට නුඹලාගේ ගෙදර අද නැවතී ඉදීම යුතු නොවේ. බුද්ධාගම සම්බන්ධ කරුණු නැවත ලැබුණ විටකදී විමසා ගත හැකිය” යි කියා රොස්ලින්ට සහ මරිය‍ නෝනාටත් සුදුසු ආචාර සමාචාර පවත්වා ජයතිස්ස විශ්රාිම ශාලාවට යන්ට ගියේය.

ජයතිස්සගේ පැමිණීම බලාපොරොත්තුවෙන් අමරදාස නම් ප්රවසිද්ධ සිංහල මහතෙක් විශ්රාිම ශාලාවේ නැවතී සිටියේය. පසු දින සිංහල කථික සමාගමකදී ජයතිස්ස ලවා කථාවක් කරවන පිණිස ආරාධනා කිරීමට මේ මහත්මයා පැමිණ සිටියේය. ජයතිස්ස ද ඒ ආරාධනාව

පියදාස සිරිසේන නවකථා එකතුව 59

පිළිගත්තේය. නියම ප්ර කාර නියමිත වේලාවට ජයතිස්ස මහතා කථිකාසනය ළඟ ට පැමිණියේය. මේ කථාව ඇසීමට හාරසියයක් පමණ සිංහලයෝ රැස්ව සිටියෝය. මේ ප්රසසිද්ධ කථික ජයතිස්ස වික්රිමසිංහ මහත්මයා සභාවේ අන්යු මහතෙකු විසින් රැස්ව සිටි පිරිසට හඳුන්වා දුන් ඉක්බිති මෙසේ කථාව පටන් ගත්තේය.

මහත්වරුනි,

මාගේ කථාවේ මාතෘකාව නම් “හොනිමුන්”ය. හොනිමුන් කියා දැන් ව්යා වහාර කරන්නේ විවාහ වු දින මනමාලිත් මනමාලයත් ස්වකීය නෑ බන්ධුන් අත් හැර ටික දවසක් නැවතීම සඳහා පිට පළාතකට යන ගමනට බැව් කව්රුත් දන්නවා ඇතැයි විශ්වාස කරමි. මේ හොනිමුන් යෑම බෝවුණේ මෙන්න මෙසේ යයි මා විසින් අසන ලදි. යුරෝපයේ එක්තරා ධනවත් උපා දක්ෂ කෙනෙකුගේ රූමත් දුවණියක් සිටියාය. ඈ අනාචාර සීලි වූයේ නොයෙක් දෙනා සමග ඇවිදින්නට යෑම‍ ආදියෙන් පුරුෂ වසඟයට බැඳි ගර්භනී වූවාය. මේ බැව් දැන ගත් ඇගේ පියා තමාට ලැබෙන්නට එන අවනම්බුවෙන් ගැලවෙන පිණිස එක්තරා තරුණයෙකුට ස්වකීය දියණිය පාවා දෙන්ට හණි හණික ලෑස්ති කර කසාද බැඳපු හැටියේ ඒ මනමාලයාගේ ගෙදරට මනමාලිය ගිය හොත් මනමාලයාගේ මව් ආදී ස්ත්රී පක්ෂය හොරේ දැන ගන්නා හෙයින් “හොනිමුන්” යන ගමන ලෑස්ති කර මනමාලයත් මනමාලිත් පිටිසර ගමක තනිව විසීමට පිටත් කර යවන ලද්දේය.

මේ ප්රතයෝග දක්ෂ යුරෝපාකාරයා යොදන ලද ක්ර්මය එවකට “අලුත් පැෂන්” සොයමින් සිටි යුරෝපියන් විසින් ද භාර‍ ගෙන තිබේ. මේ ප්රනවෘත්තිය මෙසේ වුණත් නූණත් මහත්වරුනි, හොනිමුන් යන වචනයට දිය යුතු අර්ථය නම් “ස්ත්රිනයක් රහසින් කළ දුසිරිත් සඟවා ගැනීමට යන ගමනය”යි අපේ සීයා මා සමග කීවේය. මා ද එය විමසා බැලු කොට එසේ ම බැව් වැටහී ගියේය. මක්නිසා ද යුරෝපීය සිරිතේ හැටියට තරුණියක් තමා කසාද බැඳිමට අදහස් ඇති තරුණයා සමඟ සිත් වූ පරිදි කථා බස් කිරී‍මෙන් නොයෙක් තැන්හි ඇවිදිමින් අවුරුදු තුන් හතරක් ගත කරයි. සමහර විට මෙ‍ෙස් හැසුරුණු තරුණයා ඒ තරුණිය අත් හැර අන්ය් තරුණියක් සමග විවාහ වෙන්නේය. ඉතින් මහතුනි. පළමුවෙන් එක්ව හැසිරුණු තරුණිය දෙතුන් අවුරුද්දක් මේ තරුණයා සමග නාඩගම් නටද්දී ඕනෑවටත් වඩා ඉඩ පාඩු ලැබෙද්දි යම් දුෂ්යර භාවයකට නොබැඳුණායයි කාට කිව හැකිද?





60 වාසනාවන්ත විවාහය හෙවත් ජයතිස්ස සහ රොස්ලින්

“පිරිමියෙකු දු පත න අවසර කල් රහස් තැ න මිස නොලැබෙන බැවි න ගැහැණු කව්රු ද වරද නොබැ‍ඳෙ න

සත්තකින් ම මේ පණ්ඩිත මත මහමෙර මෙන් සොලවා ලිය නොහැකි ඒවා වෙති. ඉතින් මෙසේ තරුණියන්ගේ තනිව හැසිරීමට ඉඩ ලැබිමෙන් යුරෝපීය තරුණියන් ස්වකීය “මාන්නය” ළපටි අවස්ථාවෙහි ම නැති කර ගන්නා හෙයින් ඔවුන්ට හොනිමුන් යෑම හොඳ බැව් කීම උවමනා නොවේ. නමුත් සිංහලයන් මේ සිරිතට බැසීස කෙතරම් පහත් වැ‍ඩක් දැයි දැක්වීම මගේ කථාවේ පරමාර්ථ වේ. ඒ හෙයින් එය සාවධානව ඇසිය යුතුයි.

ලෝකයේ ඇති තරම් උසස් ගුණධර්ම සිංහලයන් විසින් පිළිගෙන ක්රිදයා කර තිබෙන අයුරු අපට ආඩම්බරයකි. තරුණයෙක් තරුණියෙකු සමග කථා බස් කිරීමාදියෙන් මිත්ර ව හැසිරෙන්නේ ඒ දෙදෙනාගේ තත්වය හොඳින් දැනගන්නා පිණිස යයි යුරෝපීය සිරිත් ගත් මන්ද බුද්ධික සිංහලයා ද කියයි. ඔව් සත්තකින් ම අන්ධයාට ඇත් නැති හෙයින් යමක් යම්තමකට වත් දැන ගැනීමට නම් එය අත ගාලා වත් බලන්ට ඕනෑය. නමුත් ඇස් ඇති තැනැත්තාට අත නොගෑ‍වාට ඇසින් බලා දැන ගත හැක්කේය. අප ජාතියේ තරුණයෙක් යම් තරුණියක් සමඟ විවාහ වී සමගියෙන් සහ සැපෙන් කල් යවන්ට හැකි වේ ද නොහැකිවේ දැයි සොයා ගන්නේ ඒ තරුණිය සමඟ හැසිරීමෙන් නොවේ. අප සියල්ලන්ටම ජන්ම පත්රව තිබේ. ඒ අපගේ කේන්ද්ර යෙන් ශරීරයේ ධාතු ආදීන්ගේ ද ගුණධර්මයේ ද මනුෂ්යඒයා සම්බන්ධ සියලු ම දේවල ද විශේෂ විභාග දක්වන ජ්යොේතිඃශාස්ත්රයය අප රටේ තිබේ. මේ උතුම් ශාස්ත්රා නුසාරයෙන් ඥාන නමැති ඇසින් උනුන්ගේ තත්වය හොඳින් දැන ගත් ආය්ය්මේධ සිංහලයන්ට “එක්ව නෑවිද්දාට” ස්ත්රිහයෙකුගේ තාරාතිරම දැන ගත හැක්කේය. අනික් අතට තරුණියන්ගේ “මාන්නය” සම්පූර්ණයෙන් රැකදෙන මහානර්ඝ සිරිත නම් විවාහ වූ දිනට පසු දින මනමාලියගේ නැන්දා ආදී පිරිසක් විසින් ඈ පරීක්ෂා කිරීමට යෑමයි. මේ නිසා සිංහල කුලවත් තරුණියෝ කෙතරම් ප්රසවේශම් වන්නියෝද කියතොත් ඔවුන්ගේ දිවි යතත් විවාහ වන තුරු අනාචාරයක් නොසිතති. සැබැවින්ම තරුණියන් ගුණධර්මතයට යොමු කිරීමට “බලන්ට යෑමටත්” කලින් ඔවුනොවුන්ගේ ආග්ර‍යට ඉඩ නොදී විවාහ වන විට තිබෙන “දස පොරොම්දම්





පියදාස සිරිසේන නවකථා එකතුව 61

බැලීම” යන සිරිත් ගැන කල්පනා කළා ම සිංහලයන්ගේ සිරිත් තරම් උතුම් ඒවා අන්යම කිසිම ජාතියක් අතරේ නැති බැව් ඒකාන්තය. ඉතින් මහත්වරුනි, යුරෝපීය තරුණියන් කලින් කර ගත් දුසිරිත් සඟවා ගැනීමට යන “හොනිමුන්” ආය්ය්නිට සිංහලයන්ට පිළිකුල් විය යුතු නොවේ ද? දැන් සිංහලයන් කොයි දෙය දුටු වත් ඒ ගැන කිසි වග විභාගයක් නැතුව භාර ගැනීම මුළු ජාතියට ම නින්දා ඵලවන කරුණකි. ‍විවාහ සම්බන්ධව සිංහලයන් අතර පැවතුන උතුම් සිරිත් අත් හැර මේ පර සිරිත් ගැනීම ගජ මුතු අහක දමා ඔලිඳ ඇට එකතු කිරීමක් වැනිය.

තව ද මහත්වරුනි, අපේ සිංහල ලොක්කන්ගෙන් සමහරෙක් හපන්කමක් කරගත්තාක් මෙන් සිතා මේ පරසිරිත් වලට බැස ඇත. ඔව්හු පරසිරිතුත් අප සිරිතුත් සසඳ බලා සුදුස්සක් භාර ගන්නෝ නොවෙති. යුරෝපීයයා පල්ලි යන පළියට ඔව්හු පල්ලි යති. “හොනිමුන්” යන පළියට එසේ යති. යුරෝපීයෝ පැහැරුවාට පසු,පසු පාර්ශ්වය නොසෝදා ඉන්නා නිසා කඩදාසි කෑලි භාවිතා කරති. සැබවින් මේවා හිනාවට කරුණුය. යුරෝපීයයාගේ හෝ යකාගේ හෝ යහපතක් තිබේ නම් එය ගත්තාට වැරදි නැහැ. නමුත් පෙරාපු රත්රන් වැනි අපේ උතුම් සිරිත් අත් හැර මළ බැඳි යකඩ වැනි යුරෝපීන්ගේ වල් සිරිත් සියල්ලක් ම ගැනීමට අප ජාතිය සැරසී සිටිම නින්දාවකි. අපේ ඉතිහාසය බැලීම අපේ බලවත් යුතුකමකි.

සත්තකින් ම සිංහල ජාතිය ගැන තොරතුරු නොදත් සිංහලයා ජීවත් වීම සිංහල ජාතියට සාපයකි. ඒ නිසා අපේ පෙර සිරිත් දැන ගැනීම‍ට අපේ ඉතිහාසය කියවන මෙන් ඉල්ලමි. මගේ කථාව සන්සුන් ලීලාවෙන් අසා ගෙන උන් තමුන්නාන්සේලාට ස්තුති කරමි.

ජයතිස්සගේ ඉගෙනීම සහ කීර්තිය ද තරුණ භාවය සහ සත්පුරුෂ ගුණය ද එක වරම වැඩි දියුණු විය. ජයතිස්ස වෙත ලියුම් යැවීමට රොස්ලින් විසින් මරිය නෝනා සලස්වා ගැනීමෙන් මේ තරුණ ප්රේණමවන්තයන්ගේ අදහස් උදහස් ප්රනකාශ කර ගැනීමට මහත් ආධාරයක් විය. රොස්ලින්ට ජයතිස්ස සමඟ කීප දිනකින් කථා බස් ආදියක් කරගන්ට කොලැබී සිට මේ ලියමන මරය නෝනා අත යවන ලදි.

“ප්රේ.මනීය මහතාණනි, හේතු ප්ර.ත්යීයන්ගේ දැනීමක් නොමැති ඉතා ලුහුඩු ඥානයෙන් යුත් මිනිසුන්ට රුචි වූ රෝමානු දෘෂ්ටියේ ගැලීඤඤඤඤඤ සිටිනා මගේ වම් පිය




62 වාසනාවන්ත විවාහය හෙවත් ජයතිස්ස සහ රොස්ලින්

දෙදෙන හුඟක් සල්ලි පණම් තිබෙන තරුණයෙකුට මා සරණ කර දෙන පිණිස දැන් කටයුතු සූදානම් කර, ගෙන යති. මේ තරුණයා අපට ඈත නෑකමකින් මාමා වන කෙනෙකුගේ පුතෙකි. ඔහු සිංහල හොඳ හැටි කථා කරන්ට වත් බැරි තරම් යුරෝපීය වෙස් ගන්ට ම දඟලන අමනයෙකි. ඔහු එක දවසක් අපේ පප්පත් සමග කථා කරනවා අසාගන සිටි මටඤ සිනාසෙන්ට මගේ මුඛය මඳ විය. ඒ කතාව ඔබටත් ලියා එවිම ප්රියෝජනයි - ‘කෝට්ටේ පරාක්රගමබාහු නම් රජෙක් ඉන්න කාලේ පෘතුගීසිවරු ලංකාවට පැමිණියාය. ඒ පෘතුගීසි එන කොට සිංහලයා දැන් බින්තැන්නේ ඉන්න වැ‍ද්දෝ වගේය.පෘතුගීසිවරු ලංකාව ද නිකම් අයිති කර ගෙන බුදු ආගම නැති කරලා ක්රියස්තියානි ආගම පතළ කර රට ශීලාචාර කළාය. එයින් යම්තම් අපිත් මේස් සපත්තු අඳිනවා, නැත්නම් අපේ හැටිත් බලන්ට තිබුනාය. ප්ර න්ස හාමුදුරුවරුන්ටත් ඉංග්රී සි කාරයන්ටත් පිං සිද්ධ වෙන්ට දැන් බුද්ධාගම්කාරයොත් කනවා බොනවා. ඒත් උන්ගේ පත්රේවලින් රෝමානුකාරයන්ට ඒක මේක කියනවා, මල් වත්තක්, අලංකාර ගෙයක්, ලක්ෂණ ඇඳුමක්, රථවාහන කිසිවක් මේ බුද්ධාගම්කාර සිංහලයන්ට තිබුනේ නැත. ඇන් උනුත් ඒවා ටික ටික හදාගන කනවා’ යනාදියයි. මේ තරුණයා මා සමගත් කථා කරන්ට ආවාම මා ඔහුට ‘මට උඹ සමග ගනුදෙනුවක් නැති හෙයින් කතාවෙන් කමක් නැත’කී විට ඔහු සිනාසී ටිකක් ඉඟි බිඟි කර දවාලට කෑමත් කා යන්ට ගියේය. පසු ගිය ඉරිදා පල්ලි නෙගියාට මට මම්මා සැරවුණා. ලබන ඉරිදා පල්ලි නොයන්ට මම හොර ලෙඩක්වත් ගන්නෙමි. මා මේ නපුරු සාපයෙන් ගලවා ගැනීමට ඔබට භාරය. ඔබ විසින් එවන ලද පොත් අන්තිමට කියවා බැලුවෙමි. මට වහාවංශය පොත ද මේ නැන්දා අත එවන මෙන් ඉල්ලමි.

මේ වගට - පෙම්බරී වන, රො. අමරසිංහ”

මේ ලියමන ලැබුණ ජයතිස්ස තුළ රොස්ලින් කෙරෙහි ඇති ප්රේවමය තවත් අධික විය. මේ තරුණිය නොඅනුමානව උතුම් භාය්යාවත වක් වන්නේම ය. අමාරුවක් ව තිබෙන්නේ මැගේ මව් පියන් තුළ ඇති බලවත් මිථ්යාෙදෘෂ්ටි ගතිය පමණකි, මෑ හට හොඳ ලියමනක් යවන්නෙමි. රොස්ලින්ට යහපත් කරුණු ඉගැන්නුවොත් යම්යම් කාරණාවලදී ඈට ඥානවන්තියකු ලෙස ක්රි්යා කරන්ට ලැබෙනවාට අනුමාන නැත යනාදිය සිතා මෙසේ ලීවේය.





පියදාස සිරිසේන නවකථා එකතුව 63

ප්රේාමිය, උඹේ ලියමන ලැබුණා. කිසිවකට සැක නැති ව සැපසේ නිසුව මැනව. මා විසින් නුඹ මිථ්යාි පාසයෙනුත් ගලවා අඳුරේ සිටින අප ජාතියේ බොහෝ ජනයන් අතරෙන් අන්තිම අහේතුවන්තයන් ඇර මඳක් වත් පිනැතියනුත් සුදු පූජකයන්ගේ දාස භාවයෙන්ගලවා ගන්නෙමි.

ලෝකයේ දොයාකාරයෙක මිථ්යාය ආගම් තිබේ. එයින් ප්රොේතැස්තන් ක්රිේස්තියානි සභාවත්. මහමත් ආගමත්, හින්දු ආගමත් පරලොව දී පමණක් දුක සලසා දෙන මෙලොව දි බොහෝ දුර යහපත ගෙන දෙන ආගමය. ඒ මෙසේ සිතිය යුතුය. ප්‍ෙහපාතැස්තන් සභාවෙත් මහමත් ආගමෙත් හින්දු ආගමෙත් මත්පැන් බීම තදින් ම තහනම් කිරීමත් අන්යන ආගම් සම්බන්ධ වූ ද නොයෙක් ශාස්ත්රාබදිය සම්බන්ධ වූ ද පොත්පත් කියවීම‍ට ඇති නිදහසත්ය. කොටින් ම මනුෂ්යරයාට ඇති උතුම් නිදහස් භා‍වයෙන් අර්ධයක් ඉහත කී මිථ්යාශදෘෂ්ටි ආගම් තුනෙන් ම ඇත්තේය. ඒ නිදහස නිසා මෙලොව වශයෙන් ලැබිය හැකි දියුණුවත් සහෝදර බන්ධුමිත්රාඇදීන් සමඟ ඥාතිත්වය පැවැත්වීමට අවකාශත් ලැබී තිබේ. නමුත් මෙලොව පරලොව යන දෙකට ම එකාකාර භයානක විපත් ගෙන දෙන එකම දෘෂ්ටිය නම් රෝමානු කතෝලික දෘෂ්ටියයි. මෙය මෙපමණ නපුරු වුනේ පූජකයන්ගේ කපටිකම රෝමානු ධර්මයට එකතු වීමෙනුයි. ප්රේවමිය, මම රෝමානුකාරයන් මෙලහකට නිදහස් කළෙමි.

සිංහලයෝ රෝමානු දෘෂ්ටිය ඇදහීමෙන් ඔවුන්ට පරලොව වශයෙන් ලැබෙන නිරා දුක අත්වනු පමණක් නොව මෙලොව වශයෙන් වහල් භාවයේ ගැලී සිටිති. සුරා බීමට විරුද්ධ වූ ඇතැම් සිංහල රෝමානුකාරයන්ට දඬුවම් විඳින්ට සිද්ධ වීම මීට එක සාක්ෂියකි. ගොනෙකු දිගේලි කර තිබෙන විට ඌ එහා මෙහා ඇවිදිමින් තණ කොළ කන අතර කඹය බැඳි කනුවේ ක්රෙමයෙන් කඹය එතී ගොස් අන්තිමට කනුවට ම කඹය තද වන්නේය. මේ කාලකන්නි තිරිසනා කනුවේ අනිත් අතට කැරකී තමා පැටලි සිටින කඹය බේරා ගන්ට බැරිව කකුලත් තද කරගෙන නිරාහාරව අව්වේ වියලි වියලී සිටින්නේය. මෙසේම සුදු පූජක නමැති ගෝපලයන් විසින් රෝමානුකාරයන් නමැති හරකුන් ඔවුන්ගේ අණපණත් නමැති කඹවලින් බඳිනු ලැබ සිටිති. ක්රේමයෙන් මෙ කඹ පැටලී රෝමානුකාරයන්ට නෑයෙක් මිත්රුයෙක් බලන්ටවත් ගුණධර්මයක්





64 වාසනාවන්ත විවාහය හෙවත් ජයතිස්ස සහ රොස්ලින්

රක්ෂාකරන්ටවත් ධර්ම ශාස්ත්රානදියක් අවබෝධකරගන්ටවත් නැතුව අන්තිම නීචභාවයට පත් වෙති.

රෝමානු දෘෂ්ටිය එංගලන්තයේ මේ පමණ කල් තිබුණා නම් සැබවින් ම මේ බ්රිදතාන්යන රාජ්ය ය මෙසේ උසස් දියුණුවකට නොයත්මය. රෝමානු කතෝලික දෘෂ්ටිය පරම මිථ්යායවක් ලෙස සලකන රටවල් දැන් දියුණු වී තිබෙත්. මේ නිසා ප්ර්න්ස සමුහාණ්ඩුව ඇතුව තිබුණ රෝමානු ආගමේ සම්බන්ධකම් සියල්ලක් ම මේ මෑතදී එම ආණ්ඩුවේ විචක්ෂණ මන්ත්රීබවරු නැති කර දැම්මෝය. දැනට රෝමානුව තදින් පැතිර පවතින රටවල් දෙකක් තිබේ. එනම් ස්පාඤ්ඤයත්ප්ර තිකාල් රටත්ය. මේ දෙක තරම් පහත් රාජ්ය් දෙකක් මුලු යුරෝපයේ ම නොමැතිය. අප රටේ ම රෝමානු දෘෂ්ටිකයන් ගණසැරේට ඉන්න පළාත් ගැන බැලිය යුතුයි. මෝදර, මීගමු වැල්ල, මග්ගෝන යනාදී පළාත්වල ධර්මශාස්ත්රයයක් දත් උගත් ගුණධර්මයෙන් යුත් කෙනෙක් සොයා ගැනීම ඉතා අමාරු වැ‍ඩකි. මෙයින් ම මේ දෘෂ්ටිය ගත් සිංහලයන්ට සුදු පූජකවරුන් කර තිබෙන හරිය නොපෙනේ ද?

ඉතින් ප්රේ මිය, යමක් කමක් දන්නා රෝමනුකායොත් නැත කියා මම නොකියමි. එයින් බොහෝ දෙනෙකුට ඉක්මනින් නිදහස ලැබෙන්ට එන හෙයින් ඔව්හු වැඩි කලබොල නොකර සිතින් ඥානවන්තයන්ගේ දෘෂ්ටිය හෙවත් බෞද්ධාගම අදහමින් ඉඳිති. ඉඩ ලැබෙන හැටියෙන් ප්රහසිද්ධ ‍වශයෙන් ද මේ කතෝලික දෘෂ්ටිය නමැති උර චක්රඳ මාලයෙන් ගැලවෙන රඟ ප්රනශංසනීය යි.තමන් ගැන හරි හැටි ‍නොදැනීමෙන් සිංහලයා මේ පහත් වූ ආගම් ආදිය අදහමින් පිරිහෙති. සිංහලයාගේ වික්රනම භාවය දක්වන යමක් සිංහල ජාතික රෝමානුකාරයෙකුට අසන්ට ලැබුණු බව දැන ගත්තොත් සංකීර්ණ වූ රෝමානුකාරයෝ එම සිංහල වික්ර මය නොපිටට ඔප්පු කරමින් අර පිරිසිදු සිංහල කතෝලිකයා ද නොමග ගෙන යති. “සිංහලයා දැන් බොහෝම දියුණුය. මීට ඉස්සර කිසි කලෙක මෙබඳු දියුණුවකට සිංහලයා පැමිණියේ ම නැත. මේ දියුණුව ආවේ ක්රිිස්තියානි ආගම කරණ කොට ගෙනය” යනු සාමාන්යණයෙන් ක්රි ස්තියානින් කියන කීමකි.

සැබැවින් ම ප්රේේමිය, සිංහලයන්ගේ දියුණුව පටන් ගත්තේ


1910 ක්වු ඔක්තෝම්බර මාසය තුළ ප්රනතිකාල් රට රාජ්යට ආණ්ඩුව විපය්යා මන්ස කොට සමූහාණ්ඩුවක් පිහිටුවා පූජක බලය විනාශ කරන ලදි. කන්යාන මඩම් ආදිය ද විනාශ කරන ලදි. කතෘ.



පියදාස සිරිසේන නවකථා එකතුව 65

ක්රිාස්තුන්වහන්සේ මේ ලෝකයට එන්ට ඉස්සරයි. ක්රිාස්තුන්වහන්සේ මෙලොව එළිය දකින්ටත් ඉස්සර දියුණු ව සිටි සිංහලයෝක්රිරස්තු ආගම්කාර මිථ්යාිවදි අන්ධ බාලයන් ගෙන් දියුණු වූනයි කීම ලජ්ජා නැති කීමකි.ක්රිතස්තුන් වහන්සේ උපදින්ට අවුරුදු හයසියයකට පමණ කලින්අපි දියුණු වෙන්ට පටන්ගෙන ක්රිුස්තුන්වහන්සේ පහන් ලොව එළිය දකින්ට අවුරුදු 2000 කට ඉස්සරින් දියුණු භාවයේ කෙළවරට ගියෙමු.

එම්බා ප්රේරමිය, සිංහලයන් ක්රි්ස්තුන් වහන්සේ උපදින්ට අවුරුදු200 කට ඉස්සර පැමිණි දියුණු භාවයට තවම කිසිම ජාතියකට පැමිණෙන්ට බැරි වූ බව යුක්ති සහිතව මා විසින් ඔප්පු කලොත් සුනඛ තර්ක ගෙනෙන සුරුට්ටුවලාට කුමක් වේද? මේ ලක්දිව ඉතා කුඩා දිවයිනකි. නමුත් ක්රිණස්තුන්වහන්සේ උපදින්ට අවුරුදු දෙසියයකට ඉස්සර මෙහි අග නුවරෙහි ප්ර මාණය නුඔට කියමි. අපි අපේ පොත පතේ පෙනෙන අනගි වාසගම් මොහොතකට පැත්තකින් තබා අවංක වූ උගත් යු‍රෝපීය පණ්ඩිතයන් ඉදිරියට ගනිමු.

“For space of twenty square miles extends the inner city entirely devoted to religious edifices and the palaces of the King and nobles, but beyond this for two hundred and fifty square miles streth the hives of industry that support it”

(Ruined Cities of Ceylon)

“හතරැස් හැතැප්ම විස්සක ප්ර මාණයේ අතුළු නුවර පැතිර පවතියි. එම අතුළු නුවර මුළුල්ල ම චෛත්යි විහාරාරාමයන්ට සහ රාජ මහාමාත්යාපදීන්ගේ මාලිගාවන්ට ද වෙන් වි තිබේ. මෙමෙ ඇතුළු නුවරින් පිටත හතරැස් හැතැප්ම දෙසිය පණසක් ප්රනමාණයේ ඒ ඇතුළු නුවර රක්නා නා නා කර්මාන්ත මණඩලයෝ පිහිටියාහු” (ලංකාවේ නටබුන් නුවරවල් නම් ප්රරකරණය.)

අමෙරිකාවේ නිවියෝක් නුවරවත්, ප්ර්න්සයේ පැරිස් නුවරවත්, එංගලන්තයේ ලන්ඩන් නුවරවත්, ජර්මනියේ බර්ලින් නුවරවත්,රුසියාවේ සැන් පීටර්ස්බර්ග් නුවරවත් ජපන් රටේ තෝකියෝ නුවරවත් හතරැස් හැතැප්ම දෙසිය හැත්තෑවක් විශාල ද කියා කල්පනා කර බැලීමට මොහානධ කාරයෙන් මුළාව මිථ්යාවදෘෂ්ටිය ගත් පිරිසිඳු සිංහල ‍සහෝදරයන්ට භාර කරමි. මී ළඟට මේ නුවර තිබුණු අලංකාර භාවය කියන විට අමන සිංහලයෝ කුමක් සිතත්ද? නගරයට යාම පිණිස



66 වාසනාවන්ත විවාහය හෙවත් ජයතිස්ස සහ රොස්ලින්

ඇති සියලු මාර්ගංයන්හි උඩට නගා කළු ගනිස් බැඳ විසිතුරු කොට තනන ලද විථිහු වාසල් දොරටුවලට අභිමුඛව සිටියාහූය. යථෝක්ත විථි දෑලේ අල්වන ලද කිරි ගරුඬමය කයිරුවල කර තිබෙන විසිතුරු කැටයම්වලින් නගරය ඇතුළත වැසි ශිල්පීන්ගේ දක්ෂතාවය ප්රිකාශ වේ (එච්. ඩබ්ලිව්. කේව්. ඇම්. ඒ. ) මී ලඟට මේ නුවර තිබුණු ප්රාාසාද ආදිය ගැන විස්තර කිරිමට ගියොත් මගේ ලියවිල්ල ඉතා දීර්ඝ වන සෙයින් එක ගොඩනැගිල්ලක් පමණක් මතක් කරමි. “එක එක පසින් (එක පැත්තෙන් ) රියන් දහස දහස (අඩි 1,500 පුළුල) වූයේය. සතර දොර ඇත්ත්වූ ඒ ප්රා්සාදය තෙම උසින් එ පමණක්ම වූයේය. (උස අඩි 1,500) ඒ ශ්රෙගෂ්ඨ වූ ප්රා සාදයෙහි මහල් නවයක් වූහ. එක එක මහලෙහි කුළුගෙවල් සියයක් වූහ. සියලු කුළු ගෙවල් රිදියෙන් නිමවන ලද්දාහ” යනාදි අතිශයාලංකාර වූ ලෝවාමහාප්රාගසාදය සම්බන්ධ වු විස්තර මහ වංශයේ 27 වෙනි පරිච්ඡේදයෙනුත් ලංකාවේ ශ්රීගමත් කාලය “ගෝල්ඩන් ඒජ් ඔප් ලංකා” නම් පරි‍ච්ඡේදයෙනුත් ථුපවංශයෙනුත් සද්ධර්මාලංකාරයෙනුත් බලා ගත යුතුයි. අනේ ප්රේනමිය, දියුණු නුවූ දේව දාස වූ අහේතු වන්ත රෝමානු කතෝලිකයන්ගේ තාත්තලා මුත්තලා වැනි අමුඩයෝයයි පුරාණ සිංහලයන්ට කියන්නේ අමුඩයන්ටත් මේ වැඩ කරන්ට පිළිවන් ද‍? අපේ අගනුවර විථිවල අල්ලා තිබුණ කිරි ගරුඬ ගල් දැන් රජ ගෙවල්වල අල්ලන්ටත් නැති බව මගේ අනික් ලියුමෙන් නුඹට දක්වන්නෙමි. අපේ අගනුවර වීථි වෙන් කර ති‍බුන අන්දම දැන් නාගරික සාමාජිකයන්ට ඉගෙනගනු පිණිස මෙහි ලියමි

“ There are streets without number cach assigned to a particular class of artisans, blacksmiths, sandal makers carpenters, ivory carpenters, gilders and others are all separately located. The completeness of organization is thorough and even if the aim is a misdirected one the results are astounding”

(Ruined Cities of Ceylon)

“ප්ර මාණයක් නොකළ හැකි තරම් විථි රාශියක් අනුරාධපුර නුවර ඇති විය. කුඹලුන්, කඹුරන්, වහන් සාදන්නන්, ලී වඩුවන්. ගල් වඩුවන්, රන් කරුවන්. ඇත්දත් කැටයම් කරන්නවුන් හා වෙනත් නොයෙක් කර්මාන්ත කරන්නවුන් අතුරෙන් එක එක කුලයට එකඑක වීථිය බැගින් පිහිටුවන ලද්දේ විය. මෙමෙ සංවිධානය (කිසිවකින් අඩුපාඩුවක් නැතුව) අතිශයින් සම්පූර්ණ විය. මේ කුල වෙන්කිරීම (දැන් හැටියට)




පියදාස සිරිසේන නවකථා එකතුව 67

නොමාර්ගයෙහි යවන ලද අදහසක්ය කියා හැ‍ඟෙන නමුත් එහි ඵල අතිශයින් ආශ්චය්ය්ෙහිමත් විය.” (ලංකාවේ නටබුන් නුවරවල් නම් ඉංග්රීේසි ප්ර කරණය.)

අනේ ප්රේෙමිය, අමුඩකාරයන්ට මෙබදු කර්මාන්තකාරයන් හා මෙයාකාර නගර නිර්වාණයකුත් කුමට ද? ශ්රෙනෂ්ඨ සිංහල ජාතියට අයුත්තේ අමුඩයෝය යනාදියෙන් පරිභව කරන නීච සිංහල වේසධාරින්ට යෙහෝවා කියා කෙනෙක් ලෝකයේ සෑම තැනම තබා සීනයි කන්දේ වත් හිටිනවා නම් අච්චු කරනවා මයි. මොවුන්ට දඬුවමක් නොලැබීමෙනුත් “යෙහෝවා” නාම මාත්රටයක් පමණක් බව මෙහිදී සලකා ගත යුතුයි.

ඉතින් ප්රේාමිය, ක්රියස්තුන්වහන්සේ මඟුල් සක්වළ එළිය දකින්ට අවුරුදු 200 කට කලින් අපේ අග නුවර පැවතුණ උතුම් දියුණුවට සමාන වන්ට ක්රිලස්තුන්වහන්සේ ඉපදී වර්ෂ 1905ක් වන තුරාත් එංගලන්තාදි කිසි ම රටකට නුපුළුවන් විම මෙයින් නුඹට අවබෝධ වෙන්ට ඇතැයි සිතමි.

‍අපේ පිරිහීම හෙවත් සිංහල ජාතියේ වික්රැමාන්විත භාවය නැති වුණේ ක්රිඅස්තුන්වහන්සේගේ ඉපදීම නිසා හෙවත් ඔහුගේ ආගම පරංගි “කපුරාළලා” මෙහාට ගෙන ආ දවසේ පටන් බව දැන් කවුරුත් දන්නා ඇත්තකි. ඒ එසේ නමුත් එහි විස්තර නුඹට මම අනික් ලියුමෙන් පෙන්වන්නෙමි.

ඉතින් ප්රේ මිය, අපේ පුරාණ දේවලට “අලුත් බණය”යි අමනයෝ කියති. නමුත් මේවා අලුත් බණ නොවෙයි. අලුත් වාගේ පෙනෙන්නේ මේවා යටපත්ව තිබී නැවත මතු වෙන නිසයි. අපේ උතුම් පොතපතුත් විසිතුරු ක්රනම ආදියත්, මීට අවුරුදු 400කට මෙහා පටන් යට වෙවි ගොස් නැවතත් අවුරුදු දහයක දොළහක වේලේ පටන් මතු වෙවි එති. ඒ ‍හෙයින් මේවාට අලුත් දේවල් යයි කියන්නා අමනයෙකි. උදේ පායා තුබුණු සූය්ය්වි යා යම් වලාකුළකට වැසී තිබී දවල් දෙකට පමණ නැවත දර්ශනය වුණා ම ඒ ඉර අලුත් එකක් නොව උදේ සහ ඊට ඉස්සර දවස්වලත් දැකපු එකමයි. කලින් පැවති දේ ටික වේලාවක් යම් හෙයකින් නොපෙනී තිබී නැවත ඒ දේ දුටු විට අලුත් යැ යි කීම බාල මන්ද බුද්ධිකයන්ගේ කථාවකි.

අපේ උතුම් වික්රතමය නමැති සුය්ය්යි යා රෝමානු කතෝලිකාගම ආදී දුෂ්ට වලාකුළෙන් වැසී තිබී එම වලාකුළ අෂ්ට ලෝක ධර්මය නමැති ප්රදචණ්ඩ වාතයෙන් ගසාගන යන හෙයින් නැවතත් ඒ සිංහල වික්ර මය




68 වාසනාවන්ත් විවාහය හෙවත් ජයතිස්ස සහ රොස්ලින්

නම් තරුණ සූය්ය්න යා බ්රාජජිත වීමට පටන් ගන්නවා මිස මේ අලුත් බණ යයි කියන මුග්ධයන් ගැන සැලකිය යුතු නොවේ.

මේ මගේ ලියමන කීප විටක් කියවා හොඳින් තේරුම් ගත යුතුයි. මීට අයිති අනික් කොට්ඨාශය හෙට එවන්නෙමි.

මේ වගට - ප්රේ මවන්ත, ජ. වික්ර මසිංහ



06[සංස්කරණය]

ජ යතිස්සගේ බලවත් ආසාවක් ව තිබුණේ රොස්ලින්ගේ පියා අභිමුඛයේ දී යම් කාරණයක් අරභයා කථාවක් කිරීමටය. මේ බලාපොරොත්තුව ඉෂ්ට වීමට දෝ කොළඹ කොටහේනේ පිහිටවන ලද දෘෂ්ටි භේදාදියෙන් විරහිත තරුණයන්ගේ සමාගමකදී “විවාහය” සම්බන්ධ ජයතිස්ස ලවා කථාවක් කරවීමට එම සමිතිය විසින් අදහස් කොට ජයතිස්සට ආරාධනා කරන ලදි. සැනි දින සවස් භාගයේ කරන මේ කථාව ඇසීමට රොස්ලින්ගේ පියා වන ක්රිනස්තියන් අමරසිංහ අප්පුහාමි ආදී රෝමානු භක්තිකයෝ කීප දෙනෙක් ද ඒ සමාගම් ශාලාවේ වාඩි වී සිටියෝය. නියමිත් වේලාවට ජයතිස්ස මහතා ද කථිකාසනය ළඟට පැමිණියේය. ජයතිස්සගේ රූපශ්රිායාව දුටු ක්රිසස්තියන් අමරසිංහ අප්පුහාමි ආදී සභාවේ සිටි බොහෝ දෙනෙක් ප්රරමුදිත වූහ. ඉක්බිති ජයතිස්ස කථාව මෙසේ ආරම්භ කරන ලදි.

“මහත්වරුනි, අවිවාහක වූ මා වැන්නෙක් විවාහ ජීවිතයේ ඇති අසීරු අමාරුකම් දත් වෘද්ධ මහතුන් සමූහයක් ඉදිරිපිටදී කථා කරන්ට බිය විය යුතුය. එසේ ද වූවත් මම මේ කථාව කරමි යි පොරොන්දු වු හෙයින් මා දත් තරමින් කියන දෙයෙහි වරදක් ඇත හොත් ඒ දොස මට නැවත දන්වන මෙන් ඉල්ලමි. විවාහය සම්බන්ධ මගේ කථාවේ කාණ්ඩ සතරකි.

පළමුවෙනුව - ගිහිව වාසය කරන ඉන්ද්රිමය විකල නුවූ ගුණ ධර්මයෙන් යුත් අඹුදරුවන් පෝෂ්යා කිරීමට තරම්වූ ධෛය්ය්ුව මත් සියලු දෙනා ම විවාහ විය යුතු මයි. ඉන්ද්රිිය විකල භාවාදියෙන්

‍ෙම් පෙ‍ාතේ කතෘගේ ම “ඔවදන් මුතුවැලෙන්”

පියදාස‍ සිරිසේන නවකථා එකතුව 69

විනිර්මුක්ත යම් මනුෂ්යරයෙක් විවාහ වනතුරු ඔහු සම්පූර්ණ නොවන බවත් ඔහු අවාසනාවන්තයෙකු බවත් පණ්ඩිතයෝ කියති.

“කොපමණ කල් වෙසෙඳ බිරිඳක් නොලැබ ස රු එපම ණ කල් පුරිස් ගිහි දනු අඩක් යු රු අබර ණ තුල් ගෙයට පිළිඳුන් නොපිරි වැ රු නොපමණ කල් වේය එම ගෙය සොහොන යු රු”

මෙය මෙසේ නමුත්විවාහ ජීවිතයට පැමිණ සැප සේ කල් යවන්න්ටත් වඩා දුක සේ කල් යවන්නෝ ඉතා බොහෝය. විවාහය ගැන කියන ලද රසවත් කීමක් මෙහි දක්වමි.

“වාසනාවන්ත ක ම නමැති ගෙය තැනුමට පෙ ම දැමු අත්තිවාර ම විවාහය බව දනිව් සැක කි ම

පවර සුරපුරය ට නොහොත් ගොරතර නිරය ට තබනා පළමු කො ට අඩිය බව දනු විවාහය තු ට

මහතුන්ගේ සබය ට නොහොත් දුඳනන් අතර ට පමුණන නියම කො ට විවාහය ම ය ඇඳුරු වනු සෙ ට

පෝරකයට නොහො ත් යහනාවකට සැපව ත් සලසන අදර යු ත් එකම මිතුරා විවාහය වේ ත්

ගුණ නැණ මැඬිම ට නොහොත් පිස්සෙකු වීම ට උපදෙස නම් ලොව ට විවාහය බව දනිව් කර තු ට


70 වාසනාවන්ත විවාහය හෙවත් ජයතිස්ස සහ රොස්ලින්

දෙ ලොවෙහි ම තිබේ නා සැපතට නොහොත් නොමි නා දුකට පත් කර නා විවාහය වේ එකම කරු ණා

බොහෝ සිංහලයන් විවාහ වන්නේ විවාහයේ නියම ප්රියෝජන ලැබීමට නොව අන්යහ කාරණා නිසාය. ඒ අප ජාතියේ පිරිහීමකි. කොටින්ම විවාහය ජීවිතයේ දුක නොහොත් සැපතේ පටන් ගැන්මිය. ඒ හෙයින් ‍ම විවාහය ඉහාත්ම සම්බන්ධ ව කළයුතු සියලු ම අන්ය කටයුතුවලට වඩා ඥානවන්තව කළ යුතු කෘත්ය්යකි. දැන් සිංහලයෝ විවාහයක් කර ගැනීමට පෙර ස්ත්රීෘ පුරුෂ දෙපක්ෂය ම සම්බන්ධ කරුණු පසක් පරීක්ෂා කර බලති. එනම් -කුලය, ධනය, රූපය, උගත්කම හෙවත් ශිෂ්ටාචාරකම සහ ආගමත්ය. සත්තකෙන් ම මේ කරුණු පස සැලකිය යුතු නමුතු මීට වඩා පුධාන වූ කාරණය වන විවාහයට ඇතුළත් වන දෙ‍ දෙනාගේ අභිමතය නොහොත් එම දෙදෙනා තුළ ඔවුනොවුන් කෙරෙහි ඇති ප්රේගමය හා පෑසීම ගැන නො සලකති. ඉදින් විවා වන දෙදෙනා ඔවුනොවුන් කෙ‍රෙහි සැබෑ ප්රේගමයක් නොමැත්තේ නම් ඉහත කී කරුණු පස ම එක සමානව තිබුණත් කිසි දිනක ඒ විවාහය වාසනාවන්ත වෙන්නේ ම නැත. තවද කාරණා කීපයක් ම සම්පූර්ණ මනුෂ්යහයෝ ඉතා විරල වෙති. කු‍ලයෙන් හා ධනයෙන් අධික නම් ඉගෙනීමෙන් හෝ වෙන කරුණකින් අඩු වෙයි. කිසි කලක සෑම දෙයින් ම දෙදෙ‍නෙක් එක සමාන නොවෙති. ඒ එසේ මැයි.

“ලො වි න් එකෙක් එක් දෙයකට වෙයි සම ත වෙ නි න් අනික් දේකට අනිකෙක් සම ත නො මි න් සුළඟ ලදුවත් නෙදිගින් සැප ත ගො ඩි න් නැව දීයෙන් රතය ද නොයනු යු ත”

කාරණා මෙසේ හෙයින් විවාහය විය යුත්තේ ධනය කුලය උගත් කම ආදිය සලකා ගෙන නොව විවාහය වන දෙ දෙනා තුළ ඔවුනොවුන් කෙරෙහි ඇති අවංක වූ ප්රේනමය ප්රදධාන කොට බව සැලකිය යුතුය. මේ ‍මගේ කථාවේ පළමු වෙනි කොටසයි.

දෙවනුව - දැන් බොහෝ තරුණෝ යන්තම් ඉංග්රීැසි ටිකක් ඉගෙන හස්ත කර්මාන්තාදී කිසි ම ශිල්පයක් නො ඉගෙන දෙමව්පියන්ට ඇති දෙයකින් හොඳට ඇඳ පැළඳ ගෙන නිකම් කාලය ගත කරති. ඔවුහු කුමක් නිසා එසේ කරද්ද කිවහොත් කසාදයක් බැඳලා එතනින්



පියදාස සිරිසේන නවකථා එකතුව 71

ලැබෙන දායාදයෙන් රැකී රක්ෂාවල් කරන්ටත් වතුපිටි ගෙවල් දොරවල් ගැනීමටත් බලාපොරොත්තුවෙන් බව කියති. මෙ පමණක් නොව මඟුල් කෑමට ද බලාපොරොත්තු වෙන්නේ මනමාලිගෙන් ලැබෙන දායාදවලින් බව බොහෝ තැන්වල දකින්නට තිබේ.මෙය නීච ක්රිනයවකි. මේ ක්රි යාව පූරාණ ලංකාවේ නොතිබුණේය. මේ දායාද දෙන සිරිත නිසා ‍ම සිංහලයන් හුඟක් දුර නරක් වුණ බැව් කිය හැක. මක්නිස ද සියයට අනු දෙනෙක් භාය්යාංහලයවන්ගෙන් ලැබෙන ධනයෙන් ම ධනවත් වීමට බලාපොරොත්තු වන හෙයිනි.

මේ නිසා දායාද දිය නොහැකි දුප්පත් දෙමව්පියන්ගේ රූපත් යහපත් තරුණියෝ දහස් ගණන් ගෙවල්වල වයස් ගත වී සිටිති. මෙසේ වීමෙන් අපේ ජාතියේ බෝවීම අඩු වුණත් හැර මවු තනතුර ලබා වාසනාවන්ත දරුවන් ඇති කළ හැකි දුප්පතු පවුල්වල උපන් යහපත් ස්ත්රීවන්ට අවිවාහකව සිට මැ‍රෙන්ට සිද්ධවන්නේය.

දායාද දීම ස්ත්රී. පක්ෂයට පුරුෂයා විසින් කළ යුත්තක් නමුත් එය දැන් නොපිටට හරවාගෙන තිබීම අප ජාතිය සෑම දෙයින් ම පාහේ පසුගිය ශත වර්ෂ දෙක තුනේදි නොපිටට හැරී තිබෙන බවට හොඳ සාක්ෂියකි. යම් මව් පිය දෙදෙනෙකු විසින් ගෑනු දරුවෙකු ඇති කරනු ලබන්නේ පිරිමි දරුවෙකුට වඩා දුක් විඳ ගෙන ප්රසවේශම් සහිතවයි. එසේ දුක සේ ඇතිකළ දරුවා යමෙකුගේ අත් පා මෙහෙගැනීමාදියට දෙන බැවින් ඒ දුක සේ ඇති කළ දෙමව්පියන්ට අර දියණිය වෙනුවෙන් සතුටු පඬුරක් දීම ඒ ස්ත්රී සරණ පාවා ගන්න පුරුෂයාගේ යුතුකමකි. එය එසේ ම පුරාණයේ ඉෂ්ට කර තිබෙන බැව් ද පෙනේ.

“සො දු රු ඔවුන් දැක පැහැ දී ප ඬු රු සමග රන් රුව දී ම හ රු මඟුල් කර උරු දී ළ පි රු නොසින් එව් නොරැ දී”

මෙයින් තේරුම් ගත යුත්තේ මනමාලියගේ පක්ෂයට සතුටු පඬුරු යැව් බවයි. සැබවින් මේ කළ යුතු යුක්තියක් ඉෂ්ට නොකර නිකම් වත් ඒ තරුණිය ගෙන යන්නේ නැතුව තරුණියගේ මව්පියන්ගෙන් යම් ගණනක් පොරොන්දු කර ඒකත් අය කරගෙන යෑම ඉතා බලවත් අසාධාරණ දෙයකි. මේ මෙසේ නමුත් දැන් කාලයේ කසාදයක් බැඳීමට ජෝඩු වුණ හැටියේ ම පළමුවෙන් ම අසන්නේ දෑවැද්දේ ගණනයි. දායාද ගණන හොඳ නම් තරුණිය යකිණියක් වැනි දුෂ්ට



72 වාසනාවන්ත විවාහය හෙවත් ජයතිස්ස සහ රොස්ලින්

ගෑනියක් වුණත් ඒ කිසිත් නෙ‍ාපෙනේ. දේපළවලට හට ගත් ලෝභකම නමැති ඝනාන්ධකාරයෙන් අන්ධ වූ තරුණයා තමාට කිසිසේත නොපෑහෙන තරුණිය විවාහ කර ගනියි. ඉතින් විවාහය අන්තිම කාලකන්නි එකක් ව තිරිසන් ස්වභාවට කාලය ගත කරන්ට යෙදේ. මෙසේ සිද්ධ වූ තැන් දහස් ගණනක් මට සඳහන් කළ හැක්කේය. දායාද දීම අප රටේ සිරිතක් නොවේ නම් සත්තකෙන් ම තරුණයන් ළපටි අවස්ථාවේ පටන් මොක මොකුත් සපයා ගෙන දිළිඳු පවුල්වල සිටින යහපත් තරුණියන් විවාහ කර ගෙන වාසනාවන්ත ජීවිතයක් ගත කිරීමෙන් අප ජාතියත් රටත් දියුණු වන්නේය. කොටින් ම විවාහවීමේ දී දායාදයත් එක් කරුණක් කර ගැනීම නවත්වන තුරු අප ජාතියේ පිරිහීම ද නොනවතින්නේය.

තුන්වෙනුව - සිංහලයන් අතර වාසනාවන්ත පවුල් ඉතා විරල වන්ට හේතුව ස්ත්රී පුරුෂයන් ඔවුනොවුන් කෙරෙහි පැවතිය යුතු අන්දම නොදත්කමින් වේ. සාමාන්යපයෙන් ම පුරුෂයෝ භාය්යාය වන් වැඩකාරියන් හෙවත් වහල් ස්ත්රීේන් මෙන් සලකති. කෑම පිසීම දර දිය ලෑස්ති කර ගැනීම දරුවන් තැනීම ගෙදර දොර රැක බලා ගැනීමාදියට ස්ත්රීෑය කැප වූ කෙනෙකි. මෙයින් පිට පුරුෂයා මෙන් ප්රි ය දර්ශනීය දේවල් දැකීමට යම් යම් සභා සහ සමාගම් ආදිය පැවැත් වීමට හා ඒවා දැකීමට නිදහ් වූ වේලාවක් වත් තමන්ගේ තරාතිරමේ හැටියට ඇඳ පැළ‍ඳගෙන ඥාති මිත්රා්දීන් සමග හැසිරීමට සහ පුරුෂයා ගේ ප්රටමාණයට කල් යැවීමටත් නොලැබීමෙන් බොහෝ පවුල් අවාසනාවන්ත වෙති. ස්ත්රි ය පුරුෂයාගේ වැඩකාරියක් ම යයි නොසිතිය යුතුයි. ස්ත්රීත පුරුෂයාට හය දෙනෙකුගෙන් ගත යුතු උපකාරත් හය දෙනෙකු වෙනුවටත් පෙනී සිටින තැනැත්තියකි. ඔවදන් මුතුවැලේ මෙසේ කියයි.

“සුපින්වත් වු සු ත ඇතිකර නුඹට දෙන ඉ ත කරනා ගෙය දිමු ත එ ලඳ එක බඳු නොවේ ද සිරි ක ත

නුඹෙ බඩගිනි බ ලා රසමසවුලෙන් යොද ලා අහර දෙන නිම ලා එ ලඳ මව් ම ය දනුව නුමු ලා





පියදාස සිරිසේන නවකථා එකතුව 73

‍සෝකය නුඹට ප ත් දුරු කර බසින් අම යු ත් සනසන සුගුණව ත් එ ලඳ සුමිතුරු නොව ද සිරිම ත්

නුඹේ සැම මෙහෙව ර කරන කීකරු ගුණ ස ර උඩඟුකම් හළ දු ර එ ලද දාසී නොවෙ ද පියක ර

යම් කටයුතු වල ට නුඹට උපදෙස් දෙන තු ට ගරුතර ඇඳුරෙකු ට එ ලඳ සම නොම වේ ද කිය ම ට

සහ කොමල පිය බ ස දෙන රස පහස කර තෙ‍ා ස සනසන හැම දව ස එ ළඳ බිරිඳ ය නුඹට අසදි ස

සිරි කත මව් මිතු රු දාසි ගුරු ළඳ ලෙස ස රු නිති සය දෙනෙක් යු රු නුඹට පිහිටැති අඹු පියක රු

සැලකු මුත් පණ ලෙ ද පවසව කවර වරද ද නුඹ වැළඳ ගත් සො ඳ එ ලඳ කප් ලිය නොවෙද මිත් ස ඳ

ඉදින් එක ම ස්ත්රිදය ගෙන් ශ්රී කාන්තා, මාතෘ, මිත්රය, දාසි, ආචාය්ය්ි , භාය්යාතු යන ස දෙනෙකුගේ ප්ර‍යෝජන ඇති කල්හි එම ස්ත්රිිය දාසියක් මෙන් සෑම කල්හි ම සැලකීම බලවත් අපරාධයකි. මේ ක්රි යව මෙසේ පවතිනා තුරු ස්ත්රී න්ගේ සිත් සතුටු නොවෙති. එසේ චිත්ත ප්රී තියෙන් විරහිත තැනැත්තිය වාසනාවන්ත ස්ත්රීනයෝ, පුරුෂයන් ඉතා පහත් අන්දමින් සලකති. පුරුෂයා‍ගේ යුතුකම වශයෙන් ස්ත්රීනට කරන ආදර සත්කාර ගැන ඈ කොහෙත් ම උඩඟු විය යුතු නොවන්නී ය.

සමහර ස්ත්රීින්, පුරුෂයන් ගෙදර සිටින වැඩකාරයන් මෙන්

74 වාසනාවන්ත විවාහය හෙවත් ජයතිස්ස සහ රොස්ලින්

කල්පනා කොට ක්රි යා කරන්ට යෑමෙන් අන්තිමේදී මුළු පවුලම කාලකන්නි භාවයට පැමිණි තැන් කීමයක් මම දනිමි. එ හෙයින් ස්ත්රිනය ද පුරුෂයා කොපමණ දිළින්දෙක් වුනත් අසමර්ථයෙක් වුනත් අවලක්ෂණ කෙනෙක් වුනත් දෙවියෙකු මෙන් සැලකිය යුතු වන්නේය. මෙසේ කරන පවුල් ඉතා ස්වල්පයක් මම දනිමි. ඒ සියල්ල ම ඉතා වාසනාවන්ත ව කල දවස යවන බව පෙනෙන්ට තිබේ. ඉතින් මෙහිදී මා විසින් තමුන්නාන්සේලාට ප්රපකාශ කළ කරුණුවල ලුහුඬු අදහස නම් විවාහවීමට ස්ත්රීස පුරුෂයන් සුදුසු වන්නේ තරුණකම පැමිණීමෙන් වත් ධනවත් භාවයට පැමිණිමෙන් වත් නොව ස්ත්රීෂ පුරුෂ දෙදෙනා ඔවුනොවුන් කෙරෙහි පැවැත්විය යුතු චාරිත්රො වාරිත්රා දිය ඉගෙන ගත්තායින් පසුව බවයි. අඹු සැමි දෙදෙනා ම සතුටු වන අන්‍දමට ඔවුනොවුන් ගැන පැවතිය යුතු අන්දම හා ඔවුනොවුන්ට අයිති සිරිත් විරිත් ඉගෙන ගන්නා තුරු කිසිවෙක් විවාහ වීමට සුදුසු නැත. එහෙත් නුසුදුසු දුහිතෘන් විවාහ බන්ධනයට ඇතුළත් කරන දෙමව්පියෝ දැන් ලක්දිව බොහෝය. මෙසේ මේ කාරණා පැවතීම ද අප ජාතිය පිරිහීමට මඟක්ව තිබේ.

හතර වෙනුව - සමහර තරුණයොත් තරුණියොත් මව් පියාදීන්ට රහසින් විවාහ වෙති. බොහෝ සෙයින් ම මෙසේ වීමට හේතුව ළපටි අවස්ථාවේ ඔවුනොවුන් ට යම් අන්දමකින් මිත්ර වෙන්ට වීමෙන් ඒ මිත්රේකම කරණ කොට ගෙන මවුපියන් ගේ කැමැත්ත ලබා ගන්ට බැරි වුණත් රහසින් වත් අදහස ඉෂ්ට කර ගන්ට යෑමය. මෙය බලවත් අපරාධයකි. යම් දරුවෙක් දෙමවුපියන්ගේ හිත් චංචල වන, දුෂ්යෙ වන අන්දමට යම් ක්රිසයාවක් කළොත් ඔහු මෙලො‍වදී ම ඊට සුදුසු විපාක ලබයි. මව්පියන් දරුවන් ඇති දැඩි කරන්නේ බලවත් දුකෙන් ය. එසේ දුක් විඳින දෙමව්පියන්ගේ සිත් සෑම වේලේ ම සතුටු කිරීම දරුවන්ගේ බලවත් යුතුකමකි. ඇරත් මනුෂ්යේයන් සම්බන්ධව ඇති ප්රවධාන අවස්ථා හෙවත් මඟුල් තුනකි. එනම් උපදින මංගල්යමය, විවාහ මංගල්යරය, මැරෙන (අව) මංගල්යෙය යන තුනයි. දෙමව්පියන්ගේ සහ අවශේස හිතෛෂීන්ගෙත් සිත් බලවත් ප්රී්තියට හා සංවේගයට පමුණුවන ප්ර ධාන අවස්ථා තුනත් මෙය වේ.මෙයින් උප්පත්ති මංගල්යටය දුක් සැප දෙකින් මිශ්රු වූ අවස්ථාවකි. මරණය සම්පූර්ණයෙන් බලවත් දුක් ගෙන දෙන අවස්ථාවකි.විවාහ මංගල්යනය වනාහි බලවත් ප්රිමතිය ගෙන දෙන්නා වූ මුලු ජීවිතයේ විශිෂ්ට කාරණය වෙයි. සියලු ම මව් පිය හිතෛෂීන් විසින් දූ දරුවන් සම්බන්ධව ප්රී ති වීමට බලාපොරොත්තු අසහාය කාරණයත් මේ විවාහ මංගල්යටය වෙයි. මෙ බඳු මේ ශ්රෙ ෂ්ඨ






පියදාස සිරිසේන නවකථා එකතුව 75

කාරණය මව්පියන් නොමැති අන්දමින් රහසිගත ව යම් දරුවෙක් කළේ නම් එය බලවත් අපරාධයකි. එම අපරාධයට කටුක විපාක ඔහු මේ ආත්ම භාවයේදී ම ලැවිය යුතුය.

ඒ හෙයින් දෙමව්පියන් සංවේගයට පමුණුවන දෙමව්පියන්ට රහසිගතව හෝ විරුද්ධව යම් විවාහයක් සිද්ධකර ගනියි ද එබඳු විවාහය ද කිසි දිනක වාසනාවන්ත නොවන්නේම ය. අවාසනාවන්ත විවාහයට ඇතුළත් කිසිවෙක් වාසනාවන්ත නොවෙයි. ගිනි ගොඩේ වැටුණ කෙනෙකුට කෙසේ සීතල දැනෙයි ද? අවාසනාවන්තයන්ගෙන් හටගන්නා දරුවොත් කිසි දිනක වාසනාවන්ත නොවෙති. අමුවලින් කවර දිනක වී ලැබිය හැකිද? කාරණා මෙසේ හෙයින් වාසනාවන්ත විවාහයවලට පැමිණිමෙන් වාසනාවන්තයන් වි වාසනාවන්තයන් අධික කරවීමට අප තරුණයන් සිතට ගෙන මේ උතුම් සිංහල ජාතිය දියුණු කිරීමට උත්සහ කරන මෙන් ඉල්ලමි. තවද මා කී කරුණු සාවධානව අසා උන් තමුන්නාන්සේලාට ස්තුති කරමින් මගේ කථාව මෙ තෙකින් නවත්වමි”

ජයතිස්සගේ කථාව ආස උන් සියල්ලෝ ම අතිශයින් ප්රීනති වූහ. ක්රි්ස්තියන් අමරසිංහ අප්පුහාමි විශේෂයෙන් ම ජයතිස්ස කෙරෙහි පැහැදුනේය. ඔහු ජයතිස්ස ගැන කරුණු විමසන්නට අදහස් කළේය. ඉක්බිති ජයතිස්සට අතට අත දී මිත්රග භාවය ප්ර කශ කොට අමරසිංහ අප්පුහාමි ආදී සභාවේ සිටි පිරිස විසිර ගියහ. එ කල්හි අන්ධකාරය ද අධික විය.

න ණ යෙ න් අමරගුරු දිනු සව් සත හස ළ ප ඬි ඳු න් විකුම්සිහ රස බස් සවන ක ළ රො ස ලි න් පිය සතුටු වුණ මෙන් නිසා ක ල වෙ සෙ සි න් සතුටු විය ලැබු පිරි සඳ සලෙ ල



07[සංස්කරණය]

ජ යතිස්සගේ කථා අසා ප්ර සන්න වූ අමරසිංහ අප්පුහාමි ගෙදර යනකොට රොස්ලින් කාර බැඳීමට අදහස් ඇතුව සිටි වින්සන්ට් ප්රේපරාත් අමරසිංහ හාමිනේත් කථා කරමින් ගෙදර


76 වාසනාවන්ත විවාහය හෙවත් ජයතිස්ස සහ රොස්ලින්

ඉස්තෝප්පුවේ වාඩි වී උන්නෝය. රොස්ලින් තමාගේ කාමරයේ පොතක් බලමින් සිටියාය. මේ වේලාව රෑ 7 ට පමණ හෙයින් අමරසිංහ අප්පුහාමි ද ඉස්තෝප්පුවේ ම වාඩි වී තමාගේ බෑනා සහ හාමිනේත් සමග කථා කරන්ට පටන් ගෙන මෙසේ කීය. “මම අද ප්රවසිද්ධ කථාවක් අසන්ට කොටහේනේ තරුණයන්ගේ කථික ශාලාවට ගියෙමි. එහිදී ජයතිස්ස වික්රකමසිංහ නම් තරුණයෙක් විවාහය සම්බන්ධව කථාවක් කළේය. සත්තකෙන් ම මේ තරම් රසවත් කථාවක් මම මීට පෙර නෑසීමි. ඒ කථා කළ තරුණයා ආශ්රකය කිරීමට ඇත්නම් අපට යහපත් ගුරුකම් ගන්ට පිළිවනි” යනාදියෙන් ජයතිස්ස ගැන බොහෝ සෙයින් වර්ණනා ‍කළේය. “ජයතිස්ස වික්රයමසිංහ” යන නම ඇසෙන කොට ම රොස්ලින්ගේ කනේ මී පැණි වත් කරන්නාක් මෙන් කියවමින් උන් පොත මේසේ උඩ තබා එළියට ආවාය. තම පියා ජයතිස්ස මහතා කෙරෙහි දැක්වූ ප්ර සන්න භාවය ම රොස්ලින්ට මහත් සතුටක් වූයේය.

ඉක්බිති සියලු දෙනා ම කෑම කන්ට ගියෝය. බත් අනුභව කරමිනුත් අමරසිංහ අප්පුහාමි ජයතිස්සගේ ගුණ කියන්ට පටන් ගත්තේය. එවිට රොස්ලින්ගේ සිතට හටගත් ප්රීේතිය දෙකපොලින් සහ ඇස්වලින් පිට වන්නාක් මෙන් මහත් ප්රතසන්න ගතියක් ඇති විය. අමරසිංහ හාමිනේට මේ වේලාවේදී දූවණියගේ රහස් මිත්ර කමක් ජයතිස්ස සමඟ ඇති වෙන්නට පිළිවන් යයි සිතී ගියේය. සැබවින් ස්ත්රීකන්ගේ සිත් දැනීමට ස්ත්රී්හු පුරුෂයන් ට වඩා සමර්ථය. මේ වේලාවේදී මරිය නෝනාට ද බලවත් ප්රී‍තියක් ඇති විය. සෑම දෙනා ම අනුභව කොට ඉවර වූ පසු අමරසිංහ අප්පුහාමි සහ හාමිනේත් වින්සන්ට් ප්රේරරාට තම දුවණිය වූ රොස්ලින් ඉක්මනින් විවාහ කර දෙන්ට ඕනෑ යයි කථා කරන්ට පටන් ගත්තෝය. රොස්ලින්ට මෙය මහත් කරදරයක් විය. ලබන මස මුල හරියේදී නම් ප්රතසිද්ධ කරන්ට දෙමව්පිය දෙදෙනා නියම කර ගත්හ. ඉන්පුසු ගෙදර සියලු දෙනාම නිදා ගන්ට ගියහ. රොස්ලින් තමා‍ෙග් කාමරයට ගොස් දොර වසා ගෙන ජයතිස්සට මෙ‍ම ලියමන ලීවාය.

“ප්රිසය මහතාණෙනි, ඔබ කොටහේනේදී විවාහය සම්බන්ධව කරන ලද කථාව අපේ පප්පත් අසාලා ඔබ ගැන බලවත් පැහැදීමක් ඇතුව ඉන්නේය. අප දෙදෙනාට එක් වීමට මෙය මාර්ගගයක් නමුත් ඉඩ නොලැබෙන්නට මෙන් මා ලබන මස මුල හරියේදී සිරිත් ප්රැකාර විවාහ කර දීමට නම්





පියදාස සිරිසේන නවකථා එකතුව 77

ප්රිසිද්ධ කරන්ට දැන් දෙමව්පියෝ කටයුතු කරගන යති. ඒ මා පාවා දෙන්ට හදන්නේ වින්සන්ට ප්රේරරා නමැති කලින් කී ජාතිග්ර ෂ්ටයටයි. මා ගලවා ගැනීමට ඔබ සමර්ථ බව මම දනිමි. නමුත් ප්රිමාද වූණොත් මගෙන් ඔබට වත් වෙන කිසිවෙකුට වත් ප්රියෝජනයක් ගන්ට නොලැබෙනවා සත්තකයි. මම මේ සුමානය තුළදී ම වින්සන්ට් සමඟ විවාහ වෙන්ට බැරි බවත් මගේ අදහසත් මම්මාට දැනුම් දෙමි.

මේ වගට - පෙම්බරී වන, රො. අමරසිංහ’’

මේ ලියමනත් රැගෙන මරිය නෝනා පසු දින උදේ ම ජයතිස්ස සම්භවීමට විශ්රාමම ශාලාවට ගිය නමුත් ස්වකීය ග්රාසමය වන කෝට්ටයට ගොස් සිටි බැවින් ලියමන දෙන්ට බැරි විය. මරිය නෝන ද ලියමන ජයතිස්සට දෙන පිණිස විශ්රාසම ශාලාව භාරකාරයාට දී ආවාය. එදින දවල් දොළහට රොස්ලින්ගේ විවාහය ගැන කථා බස් කර තීන්දුවකට පැමිණීමට වින්සන්ට ප්රේලරාගේ පියා වන අන්නැවි රාළද මාමා වන පාවුළු අප්පු ද රොස්ලින්ලාගේ ගෙදරට පැමිණියෝය. විවාහය ලබන මස අග හරියේදී ඉෂ්ට කරන්ටත් ලබන බෘහස්පතින්දා නම් ප්රදසිද්ධ කරන්ටත් දෙපාර්ශ්වය තීන්දුකර ගන්නා ලදි. මේ වේලාවෙහි රොස්ලින්ට බලවත් දුකක් ඇති විය. ඈ දෙමව්පියන්ට කීකරු තැනැත්තියක් ව සිටියද මේ කාරණයේදී ඒ කීකරුකම දැක්විය නො හැකි විය. මංගල්ය්ය ගැන තීන්දුව පැමිණි ඥාති පිරිස ගියායින් පසු රොස්ලින් ඉතා මලානික භාවයෙන් දවාලට කෑමත් නොකා සිටින ‍බව රොස්ලින්ගේ මවු දුටුවාය. එසේ දැක රොස්ලින් ළඟට ගොස් මෙසේ කථාවට පටන් ගත්තාය.

මව් - දුවේ, අපට ඇත්තේ උඹ පමණකි. අපේ පවුන් තිස් හතලිස් දාහක බූදලේ අයිති වෙන්නේ උඹටයි. උඹට මේ තීන්දු කර ගත් මඟුල්

 		ප්ර ස්ථාවත් අපට සොයා ගන්ට බැරි තරම් එකකි. ඉතින් නොසතුටු 

මෙන් ඉන්නේ ඇයි?

දුව - මම්මා, මට සමාවෙන්ට, මම තවම කසාද බඳින තරම් හැදිලා නැහැ. මට කසාදයකින් කමක් නැහැ. ඇරත් ඔය උඹලා ජෝඩු කරන මනිහා සමග මම විවාහ වෙන්නේ ම නැහැ.

මව් - ඇයි දුව, උඹ ඔහොම කියන්නේ? ඒ ළමයා හොඳට ඉංග්රීලසි ඉගෙනගෙන තිබෙනවා. පවුන් පනස් දාහක් පමණ බුදලයක් අයිතිකාරයෙකි. කුල ගෝත්ර වලින් අපටත් ‍වඩා හොඳයි. ලක්ෂණ ගැන බැලුවාමත් උඹට ම කැපෙන කෙනෙකි. ඉතින් “ඔය මනිහා සමග යන්ට බැහැ” කයන කථාව මොන නපුරු

78 වාසනාවන්ත විවාහය හෙවත් ජයතිස්ස සහ රොස්ලින්

           එකක් දැයි කියා උඹ ම බලාපන්කෝ.

දුව - මම්මා, උඹලා ඔය මිනිහාගේ ඉංග්රීාසිත් පවුනුත් කුලෙත් ලක්ෂණත් ගැන බැලුවා මිස වෙන මොකුත් කල්පනා කළේ නෑ නොවේ ද?

         (මෙසේ මේ කථාව කෙරී ගන යන අතර අමරසිංහ අප්පුහාමිත් 
         පැමිණියේය.)

පියා - මොකක් ද මේ කථාව.

මව් - ඒක ද, රොස්ලින් වින්සන්ට එක්ක යන්ට බැහැ කියනවා. අහෝ දෙවිහාමුදුරුවෝ කරුණා කරන සේක්වා. ඒ රත්රන් ළමයත් සමග යන්ට බැරිය කියන්නේ අපේ අහේතුවකි.

පියා- හැබෑද රොස්ලින්? උඹ වින්සන්ට් සමග යන්ට අසතුටු මන්ද?

දුව - (අඬමින්) පප්පා මාව ඇති කළේ මා වාසනාවන්තියෙක් කරන්ටද? නැද්ද?

පියා- පුතා, මගේ මුළු සිතින් ම උඹ වාසනාවන්තියක් කරන්ටයි කල්පනාව.

මව - ආ ළමාය, වින්සන්ට් සමග ගියාම උඹ වාසනාවන්තියක් වෙන්නේ නැද්ද? උඹට කන්ට අඳින්ටත් වෙන සෙල්ලම් ආදිය කිරීමටත් දේපළ නැතුවාද?

පියා - එයින් කමක් නැහැ. දුව, උඹ වින්සන්ට් සමග ගියොත් වාසනාවන්තියක් නොවන්ට ඇති කාරණා කියාපන්.

දුව - පප්පා මෙන්න බලන්ට- “යා දෙක නොකරත ර ත සමග පෑසීමෙක් නැ ත එබැවින් විරත ර ත දෙ දෙන සමහන් වී ඉඳිනු නැ ත”

මෙය මෙසේය. මෙයින් කියන්නේ රත් වූ ද නො රත් වූද යකඩ දෙක කිසි දිනක එකට පෑහෙන්නේ නැත. එයාකාරයෙන් ම ආලය ඇත්තාවූ ද ආලය නැත්තාවූ ද දෙ‍ දෙනා කිසි දිනෙක සමගි වී ඉඳීමක් නැත. ඉතින් උඹලා කියන වින්සන්ට් ප්රේ්රා මට ආලය ඇතත් මා සිතේ ඔහුට කිසි ආලයක් නැත. ඒ හෙයින් කවදා වත් මේ මංගල්යේය වාසනාවන්ත වන්නේ නැත පියදාස සිරිසේන නවකථා එකතුව 79

පියා - බොහෝම හරි රොස්ලින්, උඹ ඔහු කෙරෙහි ආලය නැත්තේ මක් නිසා ද?

දුව - පප්පා, ඔහු කෙරෙහි ආලය නැති වෙන්ට හේතු වූ කරුණුනම් අනන්තයි. නමුත් මම එකක් පමණක් කියන්නෙමි.

පියා - ඒ මොකක් ද?

දුව - ඔහු බේබද්දෙකි. එය පළමුවෙනි අසතුටයි.

පියා - මොනවා. රොස්ලින් ඔහු බේබද්දෙක් යයි උඹ කියන්නේ මොන කටකින් ද? ඔහු කවදා වත් බීලා වමනේ දමා ගෙන ඉන්නවා උඹ දුටුවා ද?

දුව - පප්පා, බේබද්දාය කියන්නේ මිනිහෙක් වමනේ දමාගෙන සිටියොත් ‍ පමණක් ද? වමනේ නො දමා බීවත් මත්පැන් බොන මිනිහා මම බේබද්දයි කියමි. හොඳයි පප්පා කියන හැටියට මිනිහෙක් හොරකමක් කරලා අහු නොවී හිටියා ම ඔහු හොර නොවේ ද?

පියා - ඔව්, හොරකම් කළාම අහුවුණත් නූනත් ඔහු හොරා මයි. නමුත් රා, අරක්කු පමණ දැන ගන බීවාම කිසි වරදක් නැති බව අපේ හාමුදුරුවරු පවා කියත්. ඇරත් හාමුදුරුවරුත් ජින්, බ්රැ.න්ඩි, අරක්කුත් ලැබුණොත් රාත් බොනවා. ඒ වගේ ම මමත් බොනවා. ඉතින් මට සහ හාමුදුරුවන්ටත් උඹ ඔය අන්දමට බේබද්දොයි කියනවා නොවේ ද?

දුව - අනේ පප්පා, උඹත්, හාමුදුරුවරුත් තබා දෙවිය්න වහන්සේ බිව්වත් බොන මිනිහා බේබද්දා ම යි. ටික බිව්වත් බේබද්දා. හුඟක් බිව්වත් බේබද්දා.

පියා - මොනවා රොස්ලින්, මිනිහාගේ ශරීරයට සෑහෙන තරම් පමණ දැන ගෙන බිව්වාම බේබද්ද යි කියන්නේ කොහොම ද?

දුව - පප්පා, ඔපමණ එකකුත් තේරුම් නැතුව කථා කරන එක පුදුමයි. එක මිසිහෙකුට වසූරිය හැදී ඒ මිනිහාට වැඩි අමාරු නැතුව ගෙඩිත් වැඩියෙ පිට නොදමා ඉක්මනට සනීප වුණත් ඒ ලෙඩින් සිටි කාලේ ඔහුට කියන නම මොකක්ද? තව මිනිහෙකුට ‍වැරේට ම ගෙඩිත් පිට දමා බොහොම අමාරු වුණොත් ඒ මිනිහාට කියන නම කුමක් ද?

පියා - දෙදෙනාට ම වසූරිකාරයෝ ය කියනවා. 80 වාසනාවන්ත විවාහය හෙවත් ජයතිස්ස සහ රොස්ලින්

දුව - ඇයි එහෙනම් කියන්නේ? එක මිනිහෙකුට අමාරු නැහැ. ඇනික් මිනිහාට අමාරුයි. ඉතින් දෙදෙනාට ම එක නම යුතු ද?

පියා - ඔය ලෙඩුන් ගැන කථාන්තර මේ බීමට මොකට ද?

දුව - ඇයි පප්පා, මත්පැන් නමැති වසූරිය මනුෂ්ය ශරීරයට ටිකක් වැළඳුනත් බොහොම හෝ වැළඳුනත් එක ම “මත්පැන් වසූරිය” හෙයින් ටික හෝ බොහොම හෝ බොන අය බේබද්දෝ ම ‍විය යුතුයි.

පියා - උඹ මත්පැනට ඔපමණ දොස් කියන නමුත් මහ රජවරු පවා ප්රාමාණයට මත්පැන් බොන බව ප්ර සිද්ධයි. ඉතින් අප විසින් ටිකක් බිව්වාම මොක ද?

දුව - හැබෑට ම පප්පා, මහ රජවරු තබා දෙවියන් වහන්සේ බොතත් බේබද්දයි කියා මා කලින් කී කොට ඒ බොන මිනිසුන්ගේ තරාතිරම් කුමට කියනවා ද?

පියා - දුව, මත්පැන් ශරීරයට ගුණ බව වෛද්යා ශාස්ත්රවයේ පවා පෙන්වා තිබෙන කො‍ට පමණ දැන ගන බීවා ම මට නම් කිසි දොසක් ඇති බව දැනෙන්නේ නැහැ.

දුව - පමණ දැන ගෙනය කියන්නේ කුමක් ද? ඒ නිකම් බේබද්දන්ගේ චපල කථාවකි. නරක දෙයක ටිකය බොහොම ය කියා කිසි වෙනසක් නො පෙනේ. බිම නමැති රාක්ෂයාට ගොදුරු ව මනුෂ්යි ප්රේබත භාවයට පැමිණි කිසිවෙක් පටන් ගැන්මේදී හුඟක් මත්පැන් බීපු අය නො‍වෙති. මුලදී ටික ටික වශයෙන් බී ගන ඇවිත් අන්තිමේදී ඒ ටික මඳි වෙනවා. හොරකම් ආදී අන්යශ දුෂ්චරිත කරන්නේත් මුලදී ස්වල්ප වශයෙනුයි. අන්තිමේදී ඒ සුළු වශයෙන් අපරාධ කරන්නාගේ සිත දැඩි ව අපරාධ කිරීමට භය ලජ්ජා නැති වීමෙන් බලවත් අපරාධකාරයෝ වෙති. බීමත් මෙයාකාර මයි. මත් පැන් බොන පළමු වෙනි දවසේ ම වමනය දමන තමරමට බොන කිසිවෙක් නොමැතියි. ක්රුමයෙන් බීමට ගිජු කමක් හටගනියි.

පියා - හොඳයි, එසේ නම් මේ පණ්ඩිත කියන අයත් ක්රිීස්තියානි ආගමත් පමණ දැන මත්පැන් බීවාට වරදක් නැත කියන්නේ ඇයි ?



පියදාස සිරිසේන නවකථා එකතුව 81

දුව - පප්පා මෙය වෙන ම කථාවකි. ක්රියස්තියානි ආගම හැදු අයත් ‍ඔය උඹ “පණ්ඩිතය” කියන අයත් දෙගොල්ලම සියල්ල දත් නිර්ක්ලේෂි නිර්දෝෂ වූ අය නොවෙති. එබැවින් එබදු පෘථග්ජනයන්ට වරදින්ට පුළුවනි. ලෝකයෙහි සර්වඥ වූ එක ම පුද්ගලයෙක් ඇති විය යුතුයි. ඒ උත්තමයාගේ වචනවල හැර අන්ය් සියල්ලන්ගේම කියුම්වල වැරදි ඇතිවෙන්ට පිළිවනි.

පියා - දුව, සර්වඥ වූ කෙනෙක් ගැන කීවේ උඹ ක්රිැස්තියානියත් අත් හැරලා වගේ පෙනෙනවා. මට නිකම් සැකයක් වූණා. ඒ මොකද කියාපන්කෝ.

දුව - එය මෙතනදී උවමනා නැහැ. ටික ටික මත්පැන් බීපු මිනිහෙකුගේ පවුලට වුණ හරියක් සිංහල පණ්ඩිතයෙක් මෙසේ කියා තිබේ, පප්පා එය අසන්ට.

සි රි ලක දකුණු දෙස එක් පෙදෙසක පත ල දි රි තර ගුණ නැණැති ජේමිස් නමිනුදු ල පි රි සිඳු සිතැති තරුණෙක් යස වසන ක ල වෙ රි මත අයට එක විය දිනෙක නොපැකි ල

ස ම ගි න් ඔවුන් ටික ටික මත් පැන් බී ම වි ග සි න් පුරුදු විය මොහුටත් නො වලා ම දෙ ගු රු න් එ දැක දුන් මුත් ඔවදන් පේ ම ර හ සි න් සුරා බොයි ටික ටික සැම දා ම

මෙ සේ වසන සඳ ඔහු හට රුසිරු ය තී තො සේ වඩන අඟනක් නැන්සී නමැ තී ලෙ සේ ලොව සිරිත් මව් පිය වී කැම තී ය සේ මඟුල් කා කර දුන් විවා ඉ තී

දෙ ප සේ මව් පියන්ගෙන් ලත් දන කඳි නී සැ ප සේ වසන සඳ මේ දෙදෙන සිතු පෙමි නී ල ප සේ සඳ නො වෙන් වී විසුමෙන් නිති නී අ ප සේ වෙන කෙනෙක් නැත ඔවුනට හැඟු නී



82 වාසනාවන්ත විවාහය හෙවත් ජයතිස්ස සහ රොස්ලින්

මෙ ක ල ‍ මේ ජේමිස් බීමෙන් වෙන් විය එ ක ල ඔහු‍ගේ මව් පර ලොව පත් විය එ ද ල දුකට වා ගනු සිත බැරි විය වි ක ල බල එ දා බී ලා මත් විය

එ‍ දි න පටන් ටික ටික බොනු විය රි සි යේ කෙ මෙ න දරුන් ඉපදී ඔහු හට නි සි යේ සො බ න පවුල බෝ දෙනගෙන් විය දි සි යේ ටි කි න ටික අඹුව සහ නොහොදින් වි සි යේ

ස ම හ ර කලෙක ජේමිස් බොන දන අත ර ග ත ක ර මුළු දවස හුනතින් එයි ගෙද ර එ ම ව ර කනු බොනු ද හිඟ විය සිරිත් යු ර ක ර ද ර දරුන්ගෙන් ඇති විය නොමඳ ක ර

ප ණ මෙ න් පෙමැති බිරිඳගෙ හිත විය නර ක

    	ද   න‍  යෙ  න්   ‍යමක් නැතියෙන් ඔහු වෙමින් දු			   ක

මි තු ර න් රුදු සමග දූ කෙළිනා ලෙස ක වි ග සි න් ගොසින් පැරදුණි ඉණ ඉහ සැණෙ ක

කේ න් ති ය වැදී හොඳටම බොමින් සු රා ‍පා න් කි ය න්නට බැරි කල එයි ගෙද රා මේ න් ම ළ යකෙක් කියමින් ඔහු සොඳු රා හා න් සි ය වෙන්ට සැලසුවයි එ ව රා

ටි ක ක් ඔහු ඉන්න කල ළමයෙක් අඬ න හ ඬ ක් ඇසී නැඟිටී දුව ගෙන ගොසි න නැ ත ක් අඹුට තැළුවයි කෙස් සිඳ ලමි න දු ක ක් එළඳ විඳ ඉවසා ගෙන මෙති න

ග රු ත ර හිමිට දරුවන් අත කටින් බ දා ර ස ක ර මඳක් දුනි ආහර හොඳට බෙ දා ප සු ව ර උදයෙන් ම බීලා වෙරි ව සෙ දා ක න ක ර බරණ ගති අඹුවට ගුටි ද බෙ දා

ඒ වා උගස්කර දූ කෙළ පැරදි ව වී ඒ වා සිහි නොවන්නට බී මත් වෙ ව වී මේ වා නිසා වත්තන් උගහට වෙ ව වී ලෝවා සින් ට ඔහු වත ගොත ‍පළ වෙ ව වී පියදාස සිරිසේන නවකථා එකතුව 83

ම ස කි න් මෙ ලෙස ගේ දොර වතු පිටි සි ය ල ස ම ගි න් අඳින පළදින කන බොන සි ය ල වි ය අ න් අතට එ බැවින් අඹු දරු සි ය ල ස හ ගි න් නේ සිටින සඳ දුක් විඳ සි ය ල

ත ද ලෙ ද සුරා බී ජේමිස් එන කල ට ම න න ද ගුණැති නැන්සී ලඳ කුළුණු කො ට ලු ණු කැ ඳ උයන කල හාමත් දරුවන් ට

    	සි  හි   ය  ද  නොමැති යකු වැනි ඔහු එ දැක සි				 ට

මො න ව ද බැල්ලියේ ඔය කියමින් නොප මා උ ණු කැ ඳ වලඳ ඇරගෙන ඇගෙ හිසේ න මා ත ද බ ද ලෙසින් ගුටි දුනි සුතනට ද සැ මා

     	මෙ ම   ස   ඳ	 නැන්සි දුක් විඳිමින් නොමැති නි				මා

ද රු ව න් සතර දෙන සහ අතරමන් වෙ ලා දෙගු රු න් වෙත ගියේ මළ පේතියක් තු ලා ද කි මි න් ඇගෙ දෙ ගුරුවන් හදවත වෙවු ලා මෙ ලෙ සි න් කිමද ඇසුවෝ ඈට වුණ මු ලා

එ බ ස ට කුඳුළු සලමින් ඉකි බි ‍ දේ යා දැ ඩි කොට කුස නගින සහගිනි වි දේ යා දෙනෙත ට දරුන් දැක දැක දුක ත ‍ දේ යා මෙ ලෙ ස ට පවසාය නැන්සි ල දේ යා

දෙ ගු රු ව න් පෙමැති ඔබ මා කාර බැ ඳ අ ද ‍ර යෙ න් ‍දන්ට මේ අයහට එ ස ඳ ප ළ මු වෙන් කිවු සඳ ඔහු බොනවා ද ඇ සු බැ වි න් මෙ මට ඔබ සැරවුනා ව ද

බ ස ට ඔබ ගියෙමි බේබදු ඔහු සම ගා ය ස ට ටික කලක් ඉද රන් රසෙක ර ඟා මෙ ම ට නැවත කළ අනතුරු සමග නි ගා සො ඳ ට මම කියමි අසනුව මැන එ ව ගා

ටි ක ටි ක තමයි බීවේ ම හිමි සඳ සු රා ටි ක ටි ක දවස දවසින් වැඩි වුණයි සු රා ටි ක ටි ක රැකුම මග ඇරුනා නිසා සු රා ටි ක ටි ක දිළිඳු බැව් අප හට දුනිය සු රා 84 වාසනාවන්ත විවාහය හෙවත් ජයතිස්ස සහ රොස්ලින්

ඉ න් පසු ම හිමි සිහි විකලෙන් යුතු වෙමි නී ස න් තොස වී ගියේ දූ කෙළියට ලොබි නී ස න් ‍තක දෙය පැරදියෙන් යළි යළි බොමි නී අ න් තිම බේබදු ව රකුසෙක් විලස වු නී

ප ම ණ නැත අනේ මා කැ ගුටි ඇනි ලී ප ම ණ නැත හිසේ හැලු උණු හෙදි ඇති ලී ප ම ණ නැත විඳපු දුක ඇඳි රෙදි වැර ලී ප ම ණ නැත කියන්නට මා මුව සිය ලී

ද රු ව න් මගේ ඉඳිති මිරිකී බඩ සයි නී අ ප උ න් ගෙදර වතු පිටි සැම ගිය විකි ණී තෙ රු ව න් ඇර මෙ මට පිහිටක් නැති වෙනි නී මෙ ලෙ සි න් කී ස‍ඳෙහි නැන්සී නම් ගැහැ ණී

දෙ ගු රු න් සිත හුණු ව එහි නවතවා ග න

   	නො ම   දි    න්  සඟහ කරනා ස‍ඳෙහි අදරි			න

අ ස මි න් එ බව ජේමිස් සිත රොස් වෙමි න නො ම දි න් සුරා බී ලොකු පිහියක් ද ගෙ න

පි යා එන කලට ඔහුගේ දෙවෙනි පු තු ගි යා ඉදිරියට වඩමින් අදර සි තු න යා බඳු එ ජේමිස් තෙම නො දැක ත තු ද යා නොව ගසා පිහියෙන් මැරිය පු තු

එ ය දැ ක ඉදිරියට ආ අඹුව ද මැ රි ය නො ව සැ ක ඔහු ද සිඳ ගත්තේ තම ගි රි ය ප වු ල ක විනාසය මේ සුරා සිදු කෙ රි ය ටි ක ටි ක බොන මිනිහ බල ඉන් වන හ රි ය

දුව - පප්පා, මේ පුරාණෙ සිදුවෙච්ච ප්ර වෘත්තියක් කවුදෝ කෙනෙක් කවිකර තිබෙන හැටියි. ටික ටික බීමෙන් බේබද්දෝ වෙනවා මිස එක පාරට ම බේබද්දෝ නොවෙති. බීම ටිකක් වත් ගැනීම විනාශයට ඉඩ ඇති කරුණකි. ඒ ටික ටික බීමෙන් විනාශයට ඉඩ ඇති හෙයින් සියල්ල දත් සර්වඥයන් වහන්සේ මත්පැන් බීම සම්පූර්ණයෙන් ම තහනම් කොට වදාළේය. අවශේෂ ආගම් කර්තෘවරයන් සියල්ල නො දත් පණ්ඩිතයන් හෙයින් මේ ටික ටික බීමෙන් මතුවට මහත් බේබද්දන් වන බව

පියදාස සිරිසේන නවකථා එකතුව 85

නොතේරී ටික ටික බීම වරදක් නැතැ යි කියන ලදි.

පියා - උඹ සර්වඥය කීවේ බුදුන්ට ද?

දුව - ඔව්, මම මෙහිදී එක පක්ෂයක් භජනය කර ගෙන නොව සාමාන්යටයෙන් කොයි උත්තමයාගේ කීමුත් ගරුකරන කථාවකි කීවේ. බුදුරජාණන් වහන්සේට පසු ජීවත් ව උන් තව නොයෙක් පණ්ඩිතයන් ද මත්පැන් බිඳක් වත් බීම අවැඩ බව ඒ බ‍ුදුන්ගේ වචනානුසාරයෙන් ප්රනකාශ කොට තිබේ. අපේ කතෝලිකාගමේ උත්තමයෙක් වන කාඩිනල් මැනිං සාමි මත්පැන් අධික ව තබා කොහෙත් ම බීම අයුතු බව ඉතා ප්ර්ශස්ත ලෙස දක්වා තිබේ. පප්පා, බුදුන්ගේ හෝ මහම්මත්ගේ හෝ ක‍ාගේ හෝ යහපත් අවවාද පිළිගැනීම යහපත් මනුෂ්යහයන්ගේ යුතුකමකි. එහෙයින් උඹලා අපි මේ පමණ කල් වැ‍ටී හුන් පාදිලි උගුලෙන් ගැලවී අපේ ඇස්වල දමා තිබෙන කතෝලික දෘෂ්ටිය නැමති නිල් කන්නාඩිය ඉවත්කර ලෝකය දෙස බලමු. එවිට නිල් දේ නිල් පාටටත් රතු දේ රතු පාටටත් වරද එ ලෙසටත් අපට පෙනෙනවා ඇත. ජේසූස්වාමි දරුවෝ කාගෙන් හෝ හොඳ දෙයක් ඉගෙන ගත්තාට තරහ නොවන්නෝය. එසේ

                      තරහවෙයි නම් උන්වහන්සේ උත්තමයෙක් නොවේ.කොයි දෙයක 
                     නමුත් හොදක් ඇති වෙන්ට පිළිවනිඒ හොඳ

ටික පමණක් අරගෙන නරක ඉවත් කිරීමට අපි වෑයම් නො කරමු.

                   නම් අපි මනුෂ්යා ත්මයේ නියම ඵලය ලබන්නෝ නොවෙමු.

මකුළුවා පරම්පරා ගත ව පැවතෙන ක්ර මයට ම දල වියන්නාක් මෙන් මනුෂ්යා වූ අපිත් පරම්පරාගතව යම් යම් දේ විශ්වාස කරගෙන ආ පලියට එසේ ම විශ්වාස කරමු නම් මකුළුවන්ට වඩා උතුම් ඥානයක් අපට කොයින්ද? ඇනට අවුරුදු 400 ක වේලේ පටන් ‍සමහර සිංහල මිනිස්සු පමණ දැනගෙන මත් පැන් බීම හොඳය කියා විශ්වාස කර ගෙන ආ පළියටත් අපි ඒ පක්ෂයට ඇතුළත් පළියටත් සෑම දා ම එම විශ්වාසය පිට විසීම යුතු නෑ.

මේ කථා‍ව අසා ගෙන උන් රොස්ලින්ගේ පියා ඈ කෙරෙහි කෝප වූවක් මෙන් හඟවා යන්ට ගියේය. රොස්ලින් ද අ‍ැගේ කාමරයට ගොස් එහි තිබෙන යහන පිට නිදා ගත්තාය. අමරසිංහ අප්පුහාමි, හාමිනේ ළඟට ගොස් දැම්ම රොස්ලින් කිසිවෙකුට විවාහකර දෙන්ට





86 වාසනාවන්ත විවාහය හෙවත් ජයතිස්ස සහ රොස්ලින්

යුතු නැත කියා විවාහය කල් දමන්ට නියම කර ගත්තේය. පසු දින වින්සන්ට්ලාගේ ගෙදරට මේ බව දන්වා හැරියාම ඔව්හු කනස්සල්ලට පැමිණියාහ. රොස්ලින් කොයි අන්දමකින් හරි සරණ කර ගැනීමට වින්සන්ට් අදහස් කොට ඔහු‍ෙග් ඉතා හොඳ මිත්ර යෙක් වන සිල්වා දොස්තර මහත්මයා ළඟට ගොස් රොස්ලින්ගේ රූපශ්රී යත් ඔහු ඈ කෙරේ ඇති ප්රේවමයත් කියා කොයි විධියකින් හෝ ඈ ලබා ගැනීමට උපක්ර මයක් යොදන මෙන් ඉල්ලා සිටියේය. තව ද ඒ සඳහා ඔහු පවුන් දාහක් වූවත් වියදම් කරන බව ද කීවේය. සිල්වා දොස්තර මහතා ද වින්සන්ට සතුටු කරමින් මෙසේ කීය. “මිස්ටර් වින්සන්ට්, උඹ ඔය ගැන කණගාටුවෙන්ට එපා. මම කොහොම හරි උඹට රොස්ලින් ලබා දෙන්නම්. ඇගේ හිත සතුටු කරවා උඹ සමඟ කසාද බඳින්ට තුන් මාසයක් ඇතුළත්්‍ දී සලස්වන්නෙමි. ඈ යම් විධියකින් සතුටු කර ගන්ට බැරි වුණොත් බෙහෙතකින් වත් උපක්රමමයක් කර සතුටුකරවා ගන්නෙමි. එසේත් බැරි වූණී නම් ඈ සිහි නැති කොට හොරෙන් ගෙන්වා නුඹට භාය්යාුකර කමට පාවා දෙන්නෙමි” යි කීවේය. විස්සන්ට් ද දොස්තර මහතාගේ කථාවට සතුටුව යන්ට ගියේය. රොස්ලින්ගේ මව් පිය දෙදෙන රොස්ලින් ඉතා ප්රනවේසමේ තැබුවෝය. ඇගේ දේව භක්තිය නැති වූවාක් මෙන් සිටිනබව නොයෙක් විට දකින්නට ලැබුණ හෙයින් ඈ සමඟ පල්ලියට ගොස් කොමිසන් කරන්ට අදහස් කළෝය. ‍ෙරාස්ලින්ගේ මව් පසු දින ඉරිදා පල්ලියට යන්ට සැරසෙන්ට කිවාය රොස්ලින් ඤාණවන්තියක් හෙයින් මෙසේ සිතුවාය. “දැන් මාගේ මව් පිය දෙදෙනා මා කෙරේ සැක ඇති ව අමනාප ව සිටිති. ඒ හෙයින් මා අද පල්ලි නො ගියොත් ගෙදර කලබොල ඇති වෙන්ට පිළිවනි. ඒ හෙයින් මගේ මනදොළ සම්පූර්ණ කිරීමට මව්පියන් සමගි කරවා ගැනීම සඳහා පල්ලි යමැ”යි සිතා දෙමව්පියන් සමග පල්ලියට ගොස් දේව මෙහෙයන් ද පවත්වා කොමිසන් ද කළාය.

ග රු ව න් ජාති ආලය ඇති යේසුතු ම ක ර මි න් සුර පුතෙක් පෙර මිනිහෙක් අද ම බො රු වෙ න් ගැලපු ආගම අදහන මහි ම නැ ණ සි න් යුතු දනට හසෙකැයි කියනු කි ම







පියදාස සිරිසේන නවකථා එකතුව 87


08[සංස්කරණය]

ජ යතිස්ස ගමට ගොස් කීප දවසක් නැවතී සිටි විශ්රා ම ශාලාවට පැමිණි හැටියේ ම විශ්රාගම ශාලාව අයිතිකාර ජේමිස් අප්පුහාමි විසින්, රොස්ලින් එවන ලද ලියමන දෙන ලදී. ජයතිස්ස ලියමන කියවා බලා රොස්ලින්ට පැමිණි විපත් ගැන කණගාටු වෙනවා වෙනුවට “මේ අපේ මනදොළ සපල වීමට හේතු කරුණු සිද්ධ වෙන්ට පටන් ගත් තැනය”යි සිතා සතුටු විය. රොස්ලින්ලාගේ ගෙදර සිද්ධ වූ කරුණු තත් වූ පරිදි දැන ගැනීමට ජයතිස්සට ඕනෑ බැවින් රොස්ලින්ලාගේ ගෙදර පැත්තෙන් එදින හවස් භාගයේ යන්නට ගියේය. ජයතිස්සට මරිය නෝනා අතර මඟදී සම්මුඛව සියලු කරුනු තත් වූ පරිදි දැන ගත්තේය. එසේ දැන ගන රොස්ලින්ලාගේ ගෙදර ලඟින් යන ජයතිස්ස අමරසිංහ අප්පුහාමි දැක එදා කොටහේනේ දී කථාවෙන් මිත්රය වූ හෙයින් ගෙදරට එන ලෙස ආරාධනා ‍කළේය. අමරසිංහ අප්පුහාමිගේ මේ ආරාධනාව සැබැවින් ම ජයතිස්සට අභිෂේකයක් මෙන් විය. මක් නිසාද රොස්ලින් දැක ගැනීමටත් අමරසිංහ අප්පුහාමි සමග ව‍ඩ වඩාත් මිත්රපකම ඇතිකර ගැනීමටත් ඉඩක් ලැබෙන හෙයිනි.

ඉක්බිති ජයතිස්ස ආරාධනා පරිදි ගෙදරට පැමිණියේය. අමරසිංහ හාමිනේ සහ රොස්ලින් ද තේ වතුර සහ රස කෑමවලින් ජයතිස්සට සංග්රනහ කළෝය. එසේ සංග්රසහ විඳ වාඩිගත් පසු අමරසිංහ අප්පුහාමි ද ඉදිරිපිට ආසනයක වාඩි විය. ජයතිස්සට සුරුට්ටු බොන්ට දුන් නමුත් එය ප්ර්තික්ෂේප කළේය. එවිට සුරුට්ටු බොන්නේ නැත්තේ මන් දැයි ජයතිස්සගෙන් අමරසිංහ අප්පුහාමි ඇසුයේය. ජයතිස්ස ද “නැත. මම සුරුට්ටු නො බොමි. මනුෂ්යු ශරීරයට සුරුට්ටු සැපදායක නොවේය. සමහර අසනීප වලටත් අධික ශීතලටත් දුම් බීමෙන් ස්වල්ප ප්රඩයෝජන ඇතත්ලංකාව වැනි උෂ්ණාධික රටවල වසන අපට දුම් බීම කිසි සේත ඔනෑ කරන්නේ නැත. ඇරත් ළපටි අවස්ථාවේ දී දුම් බීමෙන් හෘදය වස්තුව නරක් කරන හෙයින් අප පැන්නන්ට කොහෙත් ම දුම් බීම යුතු නැත. එ පමණකුත් නොව සුරුට්ටු ඉතා අපිරිසිදු අන්දමට කැසි රෝගය හැදිච්ච මිනිසුන් විසින් ඔතන වර්ගයකි. ඒවා ඔතන ද්රමවිඩාදී මිනිස්සු විසින් මල මුත්රව කෙල සොටු ආදිය දුම්කොළ ගොඩවලම දමමින් ඉතා නොසැලකිල්ලෙන් පිළිකුල් උපදින අන්දමට තනන බව

88 වාසනාවන්ත විවාහය හෙවත් ජයතිස්ස සහ රොස්ලින්

මෙය පරීක්ෂා කිරීමට ගොසින් දැන ගතිමි. දැන් තිබෙන සුරුට්ටු මිටියක් රැගෙන පරීක්ෂවෙන් ලිහා බැලුවොත් සුරුට්ටු දෙක තුනක ම හොරි කබලුත් ඉසකෙසුත් තවත් පිළිකුල් ද්රැව්යුයත් දකින්ට ලැබේ. මෙබඳු පිළිකුල් වූ ශරීරයට අගුණ වූ නිෂ්ඵල වියදමක් වු සුරුට්ටු බීම මම කිසි දිනක නොකරමි”යි කීයේය. සැබවින් ම මේ කථාව අසා උන් අමරසිංහ අප්පුහාමිගේ පමණක් නොව අමරසිංහ හාමිනේගේ ද සිත ජයතිස්ස කෙරෙහි බෙහෙවින් ප්රනසන්න විය. “වල් ඌරන් කැකුණ තැළුවා ම හබන් කුකුළන්ට මඟුල් ය” කීවාක් මෙන් අමරසිංහ අප්පුහාමි ජයතිස්ස ගෙදරට කැඳවා ගැනීම රොස්ලින්ට අභිෂේක මංගල්යමයක් මෙන් විය.

ඉක්බිති අමරසිංහ අප්පුහාමි ඔර්ලෝසුව දෙස බලා වේලාව පහමාර වූ හෙයින් මහත්ම යා “අද මට ආගම සම්බන්ධව ස්වල්ප වශයෙන් කථාවක් මහත්මයා සමග කරන්ට තිබෙනවා.ඒ හෙයින් මහත්මයා කරුණාකර අද රෑ මෙහි නවතින්ට කැමැති දැ”යි ජයතිස්සගෙන් ඇසීය. ජයතිස්ස ඊට අතිශයින් සතුටු නමුත් ඒ සතුට නො හඟවා “මට අද රෑට නවතින්නට බැරිකමක් නැත.නමුත් හිතේසිවන්තයන් අතරේ වාද විවාද ඇති කර ගැනීම තිබෙන ‍හිතෛෂිභායත් නැති වීමට ඉඩ තිබෙන සෙයින් මම ඒ ගැන සතුටු නොවෙමි”යි ක‍ීය. “නැත. අපි ඇණුම් බැණුම් සහිත ව වාද නොකරමු. ඒ හෙයින් අපේ හිතේසිවන්තකම මේ වාදය නිසා නැති වේ. යයි මහත්මයා සිතන්නට එපා ය”යි අමරසිංහ අප්පුහාමි කීයේය. ඊට ජයතිස්ස “හොඳයි, එය එසේ වේවා. අගම සම්බන්ධව වාද කිරීම නිෂ්ඵල වැ‍ඩක් මෙන් පෙනී යනවා.මක් නිසා ද අප්පුහාමි ක්රිේස්තියානි ආගම තදින් ම අල්ලා ගෙන එහි කොපමණ වැරදි තිබුණත් අත් නොහරිමි යි යන කල්පනාවෙන් අගතියෙන් වැරැද්ද දුටු තැනදීත් පිළි නො ගන්නවා නම් නැත්නම් බුද්ධාගම හෝ අන්යෙ ආගමක සත්යනය කොපමණ හොඳින් පහදා දුන්නත් අගතියෙන් බැඳී ඒ සත්යනය අසත්ය කර කථා කරනවා නම් වාද කිරීම නිෂ්ඵලය.

මේ කීම මා ගැනත් එ සේ මය. මෙත් ඇර ආගමක් අවංකව ම ඕනෑ කරන්නන්ට මිස නිකම් ඔය රටේ අදහන වාලේ ආගම් අදහන්නන්ටත් ආගම ගැන වාද කිරීමක් ඕනෑ නැත. තව ද ආගමක් නිසා තමාගේ වටිනා ජීවිකාවෘත්තිය කරගන්නන්ටත් ආගමක් නිසා හෝ ස්ත්රිායක් හෝ ධනයක් හෝ වෙන සම්පතක් බලාපොරොත්තු වෙන්නටත් ආගම ගැන වාද කිරීමෙන් ප්ර යෝජනයක් ඇත්තේ නැත. මක් නිසා ද ආගමේ





පියදාස සිරිසේන නවකථා එකතුව 89

සත්යාසසත්යථතාවයට වඩා තමාගේ බලාපොරොත්තුවට ආසා ඇති හෙයින් තමාට ඉහත කි ස්ත්රීා ඥාති ධන සම්පත් ආදිය ලැබීමට මාරිගයක් ව තිබෙන ආගම අත් නො හැරීම එසේ බලාපොරොත්තු ඇතියන්ගේ ස්වභාවධර්මතාමකි. මේ නිසා ආගම වාද කිරීමට මම සතුටු නොවෙමි” යි කීයේය. මේ කථවෙනුත් අමරසිංහ අප්පුහාමි පැහැදුණ හෙයින් ජයතිස්සගෙන් ආගම් ගැන කරුණු අසන්නට ම සිතුයේය.

එසේ සිතා “මහත්මයා මම ආගම නිසා රැකෙන ඊට වාල් වෙලා සිටින කෙනෙක් නොවෙමි.ඒ හෙයින් මා සමග කථා කළාට වරදක් නැත. හැබැයි මම හැබෑ ක්රිවස්තියනි කාරයෙක්මි. ඒ හෙයින් අප ආගම කෙ‍රෙහි තදින් සෑම වේලේ ම භක්තිය ඇති ව සිටිමි. මහත්මයා බෞද්ධයෙක් ය. මහත්මයා බුද්ධාගම කෙරෙහි සෑම වේලේ ම භක්තියක් ඇතුව සිටිනවා නො වේ දැ”යි ඇසීය. එවිට ජයතිස්ස “ඔව්, මම බෞද්ධාගම කෙරෙහි බලවත් භක්තියක් ඇතිව සිටිමි. එසේ ද වූවත් සියලු ම අගමුත් ධර්මශාස්ත්රමත් කියවා බලා ඉගෙන ගෙන ධාරණය කොට ඒවායේත් ගතයුතු යමක් තිබෙනවා ද කියා සොයා බලන්ට අප බුදුරජාණන් වහන්සේ ම නියම කර තිබෙන හෙයින් සත්ය යක් යම් තැනක දුටුවා ද ‍එ තනදී මගේ බුද්ධ භක්තිය සුණුවිසුණු කර දමා මම ඒ සත්ය වූ ආගම අදහන බව අවංකව කියමි.

එසේ ම අප්පුහාමිත් ක්රිිස්තියානි ආගමේ යම් අසත්ය යක් ශාස්ත්රාඅනුකූල ව අවංකව ඔප්පු වූණි නම් එය අසත්ය බවට පිළිගන්නෙහිදැ”යි ජයතිස්ස ඇසීය. “සත්තකෙන්ම මේ නිකම් වල් මිනිස්සු කියන ‘ඕපාදුප’ නොව යුක්ති සහිතව ක්රිසස්තියානි ආගමේ ධර්ම බොරු බව මගේ හෘද සාක්ෂියට එකඟ වන අන්දමට ඔප්පු වුණොත් මගේ පරම්පරා ගණනක් ඇදහූවත් මගේ සියලු ම නෑදෑ මිත්ර යන් මා අත්හැරියත් මම ක්රිිස්තියානිය ප්රගතික්ෂේප කරමි. එසේ ම මහත්මයාත් බුදධාගමේ ධර්මය බොරු බව ඔප්පු වුණොත් එය අත්හරින්නේ දැ”යි අමරසිංහ අප්පුහාමි කීයේය. “ඔව් අප්පුහාමිගේ කථාව බොහොම හොඳයි. අප්පුහාමි නියම සිංහලයෙක් වගේ කථා කරන හෙයින් මම අද රෑට නවතිමි”යි එදා රෑ නැතීමට ජයතිස්සගේ කැමැත්ත දුන්නේය.

ජයතිස්ස එදා රෑ නවතින හෙයින් ප්රී තියට පත් රොස්ලින් හණි හණික හොඳ හැටි කෑම ද සූදානම් කළාය. රෑ හතට සෑම දෙනාම සතුටින් කෑම අනුභව කළෝය. ඊට පසු ධර්ම සාකච්ඡාවට ලෑස්ති විය. අමරසිංහ අප්පුහාමිගේ පැත්තට කාරණා කීමට අල්ලපු වත්තේ



90 වාසනාවන්ත විවාහය හෙවත් ජයතිස්ස සහ රොස්ලින්

සිටින මුහුප්පු රාළ ද අඬ ගසා ගත්තේය. මේ සභාවේ අමරසිංහ අප්පුහාමි, හාමිනේ, දුව (රොස්ලින්), මරිය නෝනා (අමරසිංහ අප්පුහාමිගේ නෑ කමට නගා වන කෙනෙක්), මුහුප්පු රාළ, විල්ප්රේඩ් ප්රානාන්දු, බී.ඒ. යන ක්රිවස්තියානි පිරිස ද ජයතිස්ස වික්ර මසිංහ මහත්මයා ද යන සත්දෙනා සංසුං ලීලාවෙන් වාඩි වී සිටියෝය.

අමරසිංහ අප්පුහාමි - ක්රි ස්තියානි ආගමේ දෙවියන් වහන්සේ ගැන උග්නවති. සඳාකාලික සර්වබලධාරි ‍මහොත්තමයෙක් නැතුව මේ පුදුම වූ අලංකාර වූ ලෝකය සෑදෙන්නේ කොහොම ද?

ජයතිස්ස - ඔව්, වඩුවෙක් නැතුව පෙට්ටියක් හැදෙන්නේ කොහොමද, යන්න ඔය කාරණයට ක්රි ස්තියානිකාරයෝ නිදර්ශන කරති. ඔය උත්තරයත් සදාකාලික දෙවියන්ගැන විශ්වාසයත් උසස් විත්ත චෛතසිකාදි ධර්මයත් ආකර්ෂණ බලය, විදුලි බලය ආදිය උගන්වන ශාස්ත්රයත්ඉගෙන නොගත් මිනිසුන්ට හොඳයි. එසේ නැතුව ඥානය මෙහෙයා ටිකක් දුර කල්පනා කරන්ට හැකි අයට දෙවියන්ගේ ඉඳීම විහිළුවකි. පෙට්ටියකුත් ලෝකයකුත් එක සමාන ව කල්පනා කරන තරම් අල්ප බුද්ධියෙකුට පෙට්ටිය වඩුවා සෑදුවාක් මෙන් ලෝකය දෙවියන් වහන්සේ විසින් සෑදු බව ඔප්පු කළ හැකිය. ඒ මිස ලෝකයේ ස්වභාවයත් පංච මහ භූතාදීන්ගේ බලයත් ගැන කල්පනා කරන්ට තරම් ඥාන ශක්තියක් ඇති කෙනෙකුට ලෝකය මැව් බව පිස්සුවක් මෙන් වැටහෙයි.

අමරසිංහ අප්පුහාමි - හොඳයි, ලෝකයේ අග මුල නැද්ද, මැවුම් කාරයෙක් නැද්ද?

ජයතිස්ස - ඔය උසස් ඥානයෙන්දත යුතු කරුණු ගැන අප්පුහාමිලාට

                                  මුලදී කාරණා කියා දීමට ගියොත් මා පිස්සෙක් ගණනට 

ගනීවි. ඒ හෙයින් මම දැන් ඒ ගැන මොකුත් නොකියමි.

අමරසිංහ අප්පුහාමි - අන්න, ඔතන හොර්! උත්තර දී ගන්ට බැරි යමක් පැමිණියාම මගහැරීම බුද්ධාගම්කාර‍යන්ගේ සිරිතයි. ඒක මහත්මයාත් ගත්තා වාගේ පේනාවා.

ජයතිස්ස - එහෙම කියන්ට එපා. දැන් ගුරුවරයෙකු ළඟට පළමුවෙන් ම අකුරු කියන්ට දරුවෙක් පැමිණියාම ඒ ළමයාට අ යන්න ආ යන්න යනාදි වළශයෙන් අකුරු කියවන‍ කොට ඒ


පියදාස සිරිසේන නවකථා එකතුව 91 ළමයා විසින් “අකුරු” කියන්නේ කුමක් ද. අකුරුවලින් කරන වැඩේ කුමක් ද, අකුරු පළමුවෙන් ම ලියන්ට පුරුදු කළේ කව්ද, මේ පො‍ත මුද්රරණය කරන්ට කඩදකාසි කොයින් ද ඒවා සෑදුවේ කෙසේ ද, යනාදී වශයෙන් අර ළපටි ළමයා ප්ර ශ්න කළොත් ඒ ඒ ප්රකශ්නවලට උත්ත‍ර දෙන්ට මොලේ ඇති ගුරුවරයෙක් සතුටු වෙයි ද? හොඳයි ගුරුවරයා ඒඇසූ කරුණු වලට “අක්ෂර” කියන්නේ ක්ෂය නොවන අර්ථයෙන්ය යනාදි වශයෙන් උත්තර දුන්නොත් අර පුංචි ළම‍යාට ඒවා සිත්හි දරා‍ෙගන එයින් ප්රපයෝජන ලබන්ට පුළුවන් ද? සත්තකෙන් ම බැරිය. එයාකාරයෙන් ම පංච මහා භූතයන්ගෙත් ස්වාභා ධර්යෙත් හේතුප්ර ත්ය යන්ගෙත් තත්වය සම්පූර්ණයෙන් නූගත් මිනිහෙකුට ලෝකයේ අග මුල වත් මැවුම් කාරයෙක් නැති කීම ගැන වත් කාරණා කියන්ට ගියා ම කියන ඇත්තත් ඒ අසන ඇත්තාත් දෙන්නා ම මුළාවට පැමිණෙති. ඔය අප්පුහාමිලාගේ මතය අද ඊයේ ඇති වූ එකක් නොවෙයි. අපේ බුදු රජාණන් වහන්සේගෙන් ඔය ලෝක නිර්මිතාදිය ගැන නොයෙක් උගත්තු ප්රේශ්න කළෝය. ඉන් එකක් පමණක් අප්පුහාමිට කියමි. මේ මා කියන්නේ මජ්ධි්ම නිකායේ 63 වෙනි සූත්රමයෙන් කරුණු ටිකකි.

බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරම නම් විහාරයේ වැ‍ඩ වාසය කරන එක් කාලයක බුදුරජාණන් වහන්සේගේ ම ශ්රාමවකයෙක් වූ මලුංක පුත්රේ ස්ථවිරයන්ට මෙබඳු කල්පනාවක් ඇති විය. එනම්,ලෝකය සදාකාලිකය නැත්නම් පටන් ගැන්මක් අන්තිමයක් ද ඇත. ලෝකය මේ මපණ ය කියා ප්ර්මාණයක් ඇත්තේය. නැත්නම් ප්රයමණයක් නැත. ඇත්මය කියා එකකුත් ශරීරය කියා එකකුත් තිබේ. රහතුන් වහන්සේලා මරණින් පසු (කොහේ නමුත්) උපදිත් ය. නැත්නම් උපදින්නේ නැත යන ‍ෙම් කරුණු භාග්යණවතුනු වහන්සේ අපට පහදා දීලා නැත. බ‍ුදුන් සර්වඥ නම් මේ කරුණු දැන ගත යතුය. එසේ දන්නේ නම් අපට කියා දිය යුතුය. මේ කරුණු මට බුදුන් කියා නුදුන්නොත් ම සිවුරු හැරලා යන්ට ඔනෑය කියා සිතා ගෙන බුදුන් ළඟට පැමිණ ඉහත කී කරුණු බුදුරජාණන් වහන්සේගෙන් ඇසුවේය.

මෙසේ මාලුංක පුත්රන ස්ථවිර තෙම බුදුරජාණන් වහන්සේ ළඟට





92 වාසනාවන්ත විවාහය හෙවත් ජයතිස්ස සහ රොස්ලින්

පැමිණ “ භාග්යාවතුන් වහන්ස, මා භාවනා කරමින් සිටින අතර මට මෙ බඳු සිතක් ඇති විය. එනම් :- මේ ලෝකය සදාකාලිකය. නැතහොත් පටන් ගැනීමක් හා කෙළවරක් ඇති විය යුතුය. ලෝකයෙහි ප්‍රමාණයක් ඇති විය යුතුය. ආත්මය කියාත් ශර‍ීරය කියාත් වෙන් වෙන්ව හැඳින ගත හැකි ධර්මයක් ඇති විය යුතුය. රහත්හු මරණින් මතු ජීවත් විය යුතුය යන මේ කරුණු ගැන ම‍ට විමතියක් ඇති වූයේය. මේ කරුනු සර්වඥ වූ නුඹ වයන්සේ හොඳින් දැන වදාරණ ලද්දේය. ඒ හෙයින් මට ද පහදා දුන මැනව. නැතහොත් මම සිවුරු හැර යන්නෙමි”යි බුදුන්ට අඩාපාලි මශයෙන් කීයේය.

එ කල්හි බුදුරජාණන් වහන්සේ තුෂ්ණිම්භූතව උන් බව දුටු මාලුංක පුත්රහතෙම “නුඹ වහන්සේ මේ කරුණු දන්නා සේක් ද නැතහොත් ‍ෙ‍නාදන්නා සේක් දැ”යි බුදුරජාණන් වහන්සේගෙන් නැවතත් ඇසීය. එකල්හී භාග්යනවතුන් වහන්සේ මාලුංක පුත්රේයාට කථා කොට ‘ එම්බල මාලුංක පුත්රතය ලෝක‍ය සදාකලිකය, නැත්නම් පටන් ගැන්මක් අන්තිමයක් තිබේය යනාදි කරුණු උගන්වා දෙන්නෙමි. විස්තර කර දෙන්නෙමි යි පොරොන්දුවී මම තොප මහණ කළෙමි ද”යි අසා වදාළ සේක. එවිට මාලුංක පුත්රරයා “නැත ස්වාමීනී එසේ නුඹ වහන්සේගේ පෙරොන්දුවක් නැත. මගේ බලවත් ආයාචනාවට මහණකර වදාළේය”යි කීය. එවිට භාග්යතවතුන් වහන්සේ “එ සේ නම් මාලුංක පුත්රණය තෙපි කීපියාක් මෙන් ආඩාපාලියක් මෙන් කථා කරන්නේ කාට දැ”යි අසා මෙසේ දේශනා කළ සේක.

“එම්බා මාලුංක පුත්රමය, යමෙක් තෙම වනාහි, තමාට භාග්යකවතුන් වහන්සේ මේ ලෝකය සදාකාලිකය යනාදි ගම්භීර ධර්මයන් පහදා දෙන තුරු තථාගතයන් වහන්සේ ළඟ පැවිදි ව ගුණ ධර්ම රක්ෂා නොකරයි නම් ඒ සත්වයා ලෝකය සම්බන්ධ තොරතුරුත් දැන ගත නොහී ආත්මභාවය ද ව්ය්ර්ථ කර ගෙන මැරී යන්නේය. මාලුංක පුත්රහ ඒ කෙසේ ද යත් ? එක පුරුෂයෙකුට විෂ පොවන ලද රෞද්රය ඊ පහරක් වැදුණේතය. එකල්හි ඒ පුරුෂයාගේ ඥාති මිත්රාවදීහු ඔහු කෙරේ කරන ලද අනුකම්පාවෙන් දක්ෂ සල්ල වෛද්යා චාය්ය් පු වරයෙකු කැඳවා ගෙන අවුතු මේ ඊ සැරය ඉවත් කොට ප්රෂතිකාර කරන්නට ලෑස්ති වූ කල්හි අර තුවාල වූ අය මෙසේ කියන්නේය.

“මට මේ ඊ පහර විදින ලද තැනැත්තා ක්ෂත්රිරය, බ්රා හ්මණ, වෛශ්යු, සුද්රට යන මේ කුල සතරෙන් කවර කුලයකට අයිති ද යනු දැනගන්ට ලැබෙන තුරු මම මේ ඊය ඇද දමන්ට ඉඩ ‍නාරිමි. එ




පියදාස සිරිසේන නවකථා එකතුව 93

පමණකුත් නොව මට මේ තුවාලය කළ අයගේ නම දැන ගන්නා තුරුත් මට මේ තුවාලය කළ අය උස් වූ අයෙක් ද මිටු වූ අයෙක් ද මධ්යටම තරමේ අයෙක් ද යනු දැන ගන්නා තුරුත මට මේ තුවාලය කළ අය කළු පාට අයේක් ද දුඹුරු පාට අයෙක් ද කහ පාට අයෙක් ද යනු දැන ගන්නා තුරුත්මට මේ තුවාලය කළ අය මේ ගමේ වැසියයෙක් ද එහා ගමේ වැසියෙක් ද නගරයේ වැසියෙක් ද අග නුවර වැසියෙක්ද යනු දැන ගන්නා තුරුත් මට මේ තුවාලය ලැබුණේ චාප කියන දුන්නකින් ද නැතහොත් කේදන්ත කියන දුන්නකින් ද යනු දැන ගන්නා තුරුත් මට මේ විදින ලද දුන්නේ ලනුව හමක් ද වේවැලක් ද පට්ටයක් ද යනු දැන ගන්නා තුරුත් යනාදී අවුරුද්දක් දෙකක් පරීක්ෂා කළත් සොයාගන්නට බැරි තරම් කරුණු දැන ගන්නා තරුරුත් මේ අවාසනාවන්ත තුවාල කාරයා වෛද්යකවරයාට තුවාල සුව කිරිමට වත් විෂ පොවන ලද ඊ සැරය අඳුරා දැමීමටත් වත් ඉඩ නො හරි‍න්නේය. ඉදින්, මාලුංක පුත්ර ය, මේ තුවාල කාරයාට මේ තමා අසන කරණු පළමු කොට ම දැන ගෙන තමාගේ තුවාලය සුවකරවා ගන්ට ලැබෙන්නේ දැ යි බඳුරජාණන් වහන්සේ අසා වදාරා කියනසේක්, එම්බා, මාලුංක පුත්ර්ය, මේ කරුණු එකක් වත් දැන සොයා ගැනීමට මේ තුවාල වූ පුරුෂයා ප්ර මාද වූණි නම් ඔහු වහා නසින්නේය. ඔහුට ජීවත් වෙන්ට ලැබෙන්නේ වත් තමාට ඔනෑ කළ කරුණු කිසිවක් දැනගන්ට ලැබෙන්නේවත් නැත. එමෙන් ම මාලුංක පුත්රළය, තථාගතයන් වහන්සේගේ ධර්මය ඉගෙන සෝවාන් ආදි අධිගමයට නෙ පැමිණ ලෝකය ආදිය ‍ගැන යමෙක් කරුණු සොයානම් ඔහුට ලෝකය ආදි කාරණා දැනගන්නට වත් ජාති ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දොමනස්ස ආදී භයානක දුකින් මදීමක් වත් ලැබෙන්නේ නැත. තවද මාලුංක පුත්රරය, ආගම ප්රනතිපත්ති පිරීම ලෝක නිරමිතාදී රහස් උඩ රඳා තිබෙන්නක් නොවේය. ලෝකයෙහි විශේෂ විභාග යම් කෙනෙකුට මා විසින් ප්ර්කාශ කළ නමුත් ලෝභ ද්වේෂ මද මාත්සර්ය යනාදී ක්ලේශ ධර්මයන්ගෙන් පරිපූර්ණ වූ සත්වයාට අවබෝධ නො වන්නේය. ඒ හෙයින් ඔහු පරිශුද්ධ වූ අර්හත් භාවයට පැමිණි කල්හි ඕහටම ලෝකාදියෙහි විස්තර අවබෝධ වන්නේය යනාදියෙන් ධර්ම‍ දේශනා කළ කල්හි මාලුංක පුත්රව ස්ථවිර තෙම භාග්යවවත් තථාගත බුදුරාජණන් වහන්සේට දොහොත් මුදුන් දී නමස්කාරකොට උන්වහන්සේ ගේ දේශනාව මුදුනෙන් පිළිගෙන ශ්ර්මණ ධර්මය පිළිපැද්දේය.







94 වාසනාවන්ත විවාහය හෙවත් ජයතිස්ස සහ රොස්ලින්

ඉතින්, අප්පුහාමි, මේ ලෝක නිරමිතාදිය ගැන අප බුදුරුාජණන් වහන්සේ ගෙන් අග්ගීච්චවාදී අන්යා දෘෂ්ටිකයෝ පමණක් නොව තමන්වහන්සේගේ ම ගෝලයෝත් ප්රනශ්න ඇසුවෝය. පෘථක්ජන වූවන්ට බුදුරජාණන් වහන්සේ ලෝ‍කයේහි මුල අග ආදිය ගැන දේශනා නො කළේ ඔවුහු මුළා වන හෙයින් ය. ඒ‍ කෙසේ ද ලෝකය ගැන සියල්ල නො දත් පෘථක්ජන වූ පණ්ඩිතයෝ නොයෙක් මත ප්ර කාශ කළෝය. එසේ නානා විධ මතයන්ට හාත්පසින් විරුද්ධ වූ යමක් කී විට පෘථක්ජන වූ ක්ලේශයන් නිසා වහා පෙරළෙන සුලු තත්වයන්ට එය නො වැටහෙන්නේය. ඇරත් එයින් අපට ප්ර යෝජනයක් ද නැත්තේ ය. අපට දැන් ව්යානධියක් ඇති කල්හි වේදනාව අමාරුවෙන් විඳිමු නම් මේ වේදනාවට සුදුසු ඔසුත් මේ මේ වේදනාව හට ගැනීමට හේතුවත් මේ වේදනාව සුවකර ගැනීමට පිළිපැදීමකත් මිස මේ වේදනාවෙන් ඉන්න කාලයේදී වෙන මොනවා වත් සොයා පරීක්ෂා කිරීමෙන් කෙසේ කාලය ගත කරමුද? අප බුදුරජාණන් වහන්සේ පෘථක්ජනයන්ට පළමුවෙන් උගන්වන්නේ ඔවුන්ගේ ඇසට පෙනෙන්නා වූ ඔවුහු ම නිතර විඳින්නා වූ ඔවුන්ට ම දැනෙන්නා වූ දේ ගැනයි.

ඒ කෙසේ ද ඤාණවන්ත ගුරුවරයෙක් බාල දරුවන්ට අක්ෂර අභ්යානස කරන විට අ යන් ආ යන්න යනාදියෙන් උගන්වා ඔහු උගතෙක් වූ පසු අලංකාරදී ගැඹුරු ශාස්ත්ර උගන්වන්නාක් මෙන්ය. බුදුරජාණන් වහන්සේ පළමුවෙන්ම සත්වයාට දුක ගැන උගන්වයි. සත්තකෙන් ම අපි සියලු දෙනා ම සෑම වේලේ ම නා නා ප්රුකාර දුකින් පීඩිත ව ඉඳිමු. දැන් අප මේ කථා කරන මොහොතේ දීත් නිදි මැරීම කට දිව වෙහෙසීම ආදියෙනුතු අපට දුකය. ඒ හෙයින් ඒ දුක යන ධර්මය කිසිවෙකුට තමා අයත් නො වේය කියා නො හැකියි. ඒ හෙයින් ඒ දුක ගැන පළමුවෙන් සර්වඥයන් වහන්සේ උගන්වා ඉතින් දුක ගැන හොඳින් අවබෝධ වූණාමඒ දුක ඉපදීමට ඇති හේතුව උගන්වයි. ඒ බුදුරජාණන් වහන්සේගේ වචනය වැඩි දුර නො ගොස් තමාගෙන් ම හැබෑ බව විනිශ්චය කර ගත හැක්කේය.

අප්පුහාමිට අයිති මුදලක් නැති වුණාම අප්පුහාමි දුක් වන්නේය. වෙන කෙනෙකුගේ මුදලක් නැතිවුණාට දුක් නොවන්නේය. අප්පුහාමිගේ මුදල ගැන ආගයක් ති‍බුණේය. අනුන්ගේ මුදල ගැන ආගයක් නෙතිබුණේය. ඒ හෙයින් ආලය තිබුණු දෙයක් නැති වීමෙන් පමණක් ‍දුක් විය. මේ නිසා දුක ඉපදීමට හේතුව ආලය බව ප්ර ත්ය ක්ෂ



පියදාස සිරිසේන නවකථා එකතුව 95

වන්නේය. මෙසේ දුකත් දුක ඉපදීමේ හේතුවත් හොඳින් අවබෝධ වූ අපට දුක නැතිවීම සැප බවත් එම දුක නැතිවීමේ ස්වභාව බලවත් ප්රීදතියක් බවත් ඒකාන්තය. ඉතින් දුක නැති වීම හොඳ බව අවබෝධ වුණාට පසු ඒ දුක නැති කිරීමේ මාර්ගය උගන්වයි. මේ මාර්ගයෙන් දුකත් දුක ඉපදීමේ හේතුවත් නැති කොට දුක නැති ස්වභාවයට පමුණු වන්නේය. මෙසේ පිළිවෙලට මේ කරුණු උගන්වන බුදුරජාණන් වහන්සේ අ යන්න ආ යන්න යන කු‍මයෙන් ළදරුවන්ට උගන්වන ආචාරයවරයෙකු මෙන් පෘතක්ජනයාට ධර්මය අවබෝධ කරවන්නේය. බුදුරජාණන් වහන්සේ සර්වඥ වූ හෙයින් මිනිසුන් මුලා වන ගැඹුරු ධර්ම පළමුවෙන් ම සත්වයාට නුගන්වනවා පමණක් නොව යම් කෙනෙක් පළමුවෙන් අනුවණ කමින් එම ගැඹුරු ධර්ම ගැන ඇසුවත් ඔහුට කියා නො දෙ‍න්නේය.

සර්වඥ වූ බුදුන්ගේ ඉගැන්වීම මෙසේ නමුත් අසර්වඥ වූ අය ගේ ඉගැන්වීමක හැටි මෙසේය. “ පටන් ගැනීමේදී දෙවියන් වහන්සේ අහසත් පොළොවත් මැව් සේක” යනාදියයි. මේ පළමුවෙන් ම පටන්ගත් වචනය යි. සැබැවින් ම මුළු බයිබලයේ ම මීට වඩා ගැඹුරු ධර්මයක් නැත්තේය. මේ ඉගැන්වීම හරියට ම අ යන්න ආ යන්න ඉගෙන ගන්ට ආ ළපටි ළමයාට -

“කම් කතු කරණ හා - සපදන් අවදි අදර ද . මේ වියූ විබත් සයට ම - කරු නම්යියු පඬුවෝ” යන ගීයේ ක්රිදයාකාරක පද සම්බන්ධය උගන්වන මුග්ධ ගුරුවයකුගේ ක්රිෝයාව හා සමානය.

අමරසිංහ අප්පුහාමි - හොඳයි, මහත්මයා බුද්ධාගමේ හැටියට ආගමක් ඉගෙන ගන්න කොට පළමුවෙන් ඉගෙන ගන්ට නියම කර තිබෙන්නේ කුමක්ද?

ජයතිස්ස - බුද්ධාගමේ එය උගන්වන්නේ ඒ ඒ පුද්ගලයන්ගේ චරිතානුකූලවත් ඥානයේ හැ‍ටියටත්ය. ගම්භීර ධර්මයක් කියාපු හැටියේ අවබෝධ වන පුද්ගලයෝත් සිටිති. ගම්භීර නොවන ධර්මය පළමුවෙන් කියා දී උගන්වා ක්රිමයෙන් ඤාණවන්ත භාවයට පැමි‍ණවිය යුතු පුද්ගලයෝත් ඉඳිති.රාග චරිතයාය, ද්වේෂ චරිතයාය, මොහ චරිතයාය, ශ්රනද්ධා චරිතයාය යනාදි වශයෙන් ද මනුෂයයෝ බෙදනු ලැබෙත්.ඉතින් බුදුරාජාණන් වහන්සේ ඒ ඒ පුද්ගලයන් ගේ චරිතානුකූලවත් ප්රණමාණය බලාගණත් ධර්මය



96 වාසනාවන්ත විවාහය හෙවත් ජයතිස්ස සහ රොස්ලින්

දේශනා කරන්නේය. දැන් බුදුරජාණන් වහන්සේ අවිද්යාරමන නමුත් උන්වහන්සේ විසින් නොයෙක් ප්රදමාණවල නා නා විධ චරිතයෙන් යුත් පුද්ගලයන්ට සෑහෙන අන්දමට දේශනා කරන ලද ස්කන්ධ ව‍ශයෙන් අසු හාර දහසක් වූ ධර්මය තිබේ. ඒ ධර්මය දැන් කියා

                                         කර දෙන උදවිය 

තමන්ගෙන් ධර්මය අසන පුද්ගලයන්ගේ තරාතිරම දැන ගෙන කියා දිය යුතුයි. අමරසිංහ අප්පුහාමි - ‍‍‍මහත්මයා දැන් අප සමග කථා කරන්ට කැමති ‍ කොයි විධියට ද නොහොත් කියන්නේ කවර ධර්මයක්ද ?

ජයතිස්ස - රෝමනු දෘෂ්ටික වූ තමුසේලාට ධර්මයක් දේශනා කිරීමට ‍මගේ කල්පනාවක් නැත. නමුතු බුධාගම සම්බන්ධ ව මගෙන් යමක් ඇසුවොත් ඊට උත්තර දෙන්නෙමි. ඒ එක්කම ක්රිඋස්තියානි ආගමෙනුත් මා අසන කරුණු වලට අප්පුහාමිලා උත්තර දෙන්ට ඕනෑ.

අමරසිංහ අප්පුහාමි - බුද්ධාගම යන්නහි තේරුම කුමක් ද?

ජයතිස්ස - “බුද්ධ” යනු ඥානයයි. ඒ හෙයින් අන්වර්ථ ව‍ශයෙන් ඥානවන්තයන්ගේ ආගමට හෙවත් ඥානයට පමණක් ගෝචර වූ ආගමට බුද්ධාගම යයි කියනු ලැබේ

අමරසිංහ අප්පුහාමි - එහෙනම් ලෝකයේ තිබෙන අන්ය? ආගම් සියල්ලක් ම අඥානයක් ගේ ආගම් ද?

ජයතිස්ස - එහෙම කියන්ට එපා, සියලු ම මිථ්යාෙ ආගම්වල පවා ප්රිඥා ගෝචර ඉගැන්වීම තිබේ. සියලු ම ආගම්වල කර්තෘවරු සමාන්ය ජනයන්ට වඩා ඥානවන්ත සැලකිය යුතු පුද්ගලයෝයි. නමුත් සර්වඥ වූ නිර්දෝෂ වූ නිර්ක්ලෙෂි වූ පුද්ගලයා බුද්ධාගමේ කර්තෘ වූ බුදුරජාණන් වහන්සේ ය. බ්ර්හ්ම, සිව, මහමත්, ක්රි‍ස්තු, කොන්පියුසියස් යනාදී ආගම්වල කර්තෘවරුත් ඒ ඒ ඇත්තන්ගේ කාලවල ජීවත්ව උන් සාමාන්යර මිනිසුන්ට වඩා ඥානයෙනුත් ගුණධර්මයෙනුත් යුක්ත උතුමෝ වෙත්. එසේ ද වූවත් මේ කිසිවෙක් රාගය නැති කළේ වත් මොහය නැති කළේ වත් සියල්ල දැන ගත්තේවත් නැත. එ හෙයින් මේ ඇත්තන්ගේ ආගම නිරර්ථකය, පුහුය, ඇදහීමෙන් කිසි පියදාස සිරිසේන නවකථා එකතුව 97

පලක් නැත්තේය. ගැඹුරු ශාස්ත්රගයට නොගැලපෙන්නේය. පණ්ඩිතයන්ට රුචි නොවන්නේය.තර්කයට සෙල්වෙන්නේය.

අමරසිංහ අප්පුහාමි - දෙවියන් වහන්සේ හෙවත් ක්රියස්තුස් වහන්සේ ආදී ආගම් කර්තෘවරයන් රාගය නැති කළේ නැත. ද්වේෂය නැති කළේ නැත. මොහය නැති කළේ නැත.සියල්ල දැන ගත්තේ නැත. බුදුන් පමණක් රාගය නැති කළේය. ද්වේශය නැති කළේය. සියල්ල දැන ගත්තේය යන කීම තමුසේ කියන්නේ කොහොම ද?

ජයතිස්ස - මා එය කියන්නේ මේ සියලු ම ආගම කර්තෘවරුන්ගේ ආගම ධර්ම තිබෙන හෙයින් ඒ ධර්මත් ඒ ඒ ආගම් කර්තෘවරුන්ගේ චරිතත් බලා ගෙනය.මෙන්න යෙහෝවා වහන්සේගේ හෙවත් ක්රිෘස්තුස් වහන්සේගේ ධර්මය බලමු. බයිබලයේ උප්පත්ති පොතේ 6වෙනි පරිචඡේදයේ6වෙනි7වෙනි 8වෙනි පද ආදි නොයෙක් තැන් වලින් දෙවියන් වහන්සේ මොහය ඇති.ද්වේෂය ඇති කෙනෙක් බව ඔප්පු වන්නේය. පොළවේ මනුෂ්ය යන් මැව් නිසා නැවී.ඉතා සෝක ව “මම මනුෂයයන් ද දීර්ඝ ජාතීන් ද පක්ෂීන් ද මැව් නිසා තැවෙමි”යි කීවේය. මේ පද වලින් දෙවියන් වහන්සේ සියල්ල නො දත් මුග්ධ වූ ක්රොනධීපුද්ගලයෙක් බැව් ඔප්පු වෙයි. මක්නිසා ද ? මේ සාමහත් විශාල ලෝකයක දෙවියන්ට අකීකරු වන සත්වයෝ උපදිත් යයි ලෝකය මවන්ට පෙර නො දැනුණේ සියල්ල නොදත් හෙයින්ය. කළ දේ ගැන සෝක වුණේ මෝඩකම් නිසාය. තමා මැවූ මනුෂ්යාොදී සතුන් මැරීමට කල්පනා කොට මැරෙව්වේ ද්වේෂය හෙවත් ක්රොවධය ඇති නිසාය. මේ කරුණු අප්පුහාමි නැත කියන්නේ ද? (මෙහිදී රොස්ලින් ප්රී තියෙන් පීනමින් සිටියාය. අමරසිංහ අප්පුහාමිගේ සිත චංචල විය. මුහුප්පු රාළගේත් ශාස්ත්රාෙචාය්ය්ියා ප්රපනාන්දු උන්නැහේගේත් උගුර කට වේලී ගියේය.

අමරසිංහ අප්පුහාමි - ඕවා අපට දැනෙන්නේ නැහැ. ඒ හෙයින් ඒවා දේව රහස්ය කියා සිතමි.

ජයතිස්ස - අප්පුහාමිලාගේ පූජකවරුන් උගන්වන්නේ ඕවා දේව




98 වාසනාවක්ත විවාහය හෙවත් ජයතිස් සහ රොස්ලින්

රහස්ය කියා තමයි. එසේ නොකියා වෙන කියන්ට දෙයක් නැහැ -හොරෙක් හොරකමක් කළාම ඔහුට ඒක රාජ සභාවකදී කියා නො හැකියි. ඒ හෙයින වෙන බොරුවක්කීම වත් තුෂ්ණීම්භූත වීම වත් හොරා ගේ වැඩකි. රහස කියා යමක් ඇත්නම් එය කිසිවෙකුට නො දන්වා තමා තුළ ම තබා ගත යුත්තකි. දෙවියන්ගේ රහසක් ඇත්නම් එය උන්වහන්සේ තුළ ම තබා ගන්නවා මිස මෝ‍ෙසස් ආදීන් ලවා ලොවට ප්රනකාශ නොකරවයි. රහසක් යමෙකුට ප්රලකාශ කරන යමෙක් ඇත්නම් ඔහු ද පල් මෝඩයෙකි. අප්පුහාමිලා ආදි රෝමනුකාර පිරිස පූජකයන්ගේ කපටි වචන වලටත් පරම්පරාගතව ඇදහීමටත් යටත්ව අදහන ඇදහීම ළාමකයි. ලෝකයේ තුන් ප්රායකාර‍යක මිථ්යා දෘෂ්ටි තිබේ එනම් :-

(1) වෙනුව - සත්වයා සියලු ම සැප දුක් පෙර කළ කර්ම බලයෙන් ම විඳින්නේ යයි කියන “පුබ්බෙකත හෙතුවාදීහු” එක කොටසකි. මේ කොට්ඨාසයේ අය පූර්ව කර්මයේ විපාක මිස පිතෙන් සෙමෙන් වාතයෙන් සෘතු විපර්ය්යාාක සයෙන් යනාදියෙන් සිද්ධ වන දේ විශ්වාස නොකරති. බ්රදහ්මාගම්කාරයෝ මේ කාට්ඨාශයට අයිති වෙති

(2) වෙනුව - සත්වයා සියලු සැප දුක් විඳින්නේ සදාකාලික දෙවියෙක් නිසා ය යි කියන “ඊශ්චර නිර්මාන හේතු වාදීහු” එක කොටසකි. මේ දෘෂ්ටියට බැසපු අය තමන්ට ලැබෙන සැප දුක් ආදිය මෙලොවදී තමා කරන ක්රි්යාවක් නිසාවත් පූර්වීයෙහි දී තමා කළ ක්රිකයාවක් නිසා වත් නොව ඒ ඒ සත්වයන් විසින් මේ මේ අන්දමට සැප දුක් වින්ද යුතුයයි යම් මැවුම්කාරයෙකු විසින් නියම කරන ලද අනදමට ම විදිත්යයි කියන අප්පුහාමිලාගේ රෝමානු ආගම ආදී දෘෂ්ටියි. ඉහත කී දෘෂ්ටියත් වඩා මෙය නින්දිතය.

(3) වෙනුව - සත්වයා සැප දුක් විදින්නේ කර්ම බලයෙන් වත් මැවුම්කාරයෙකුගේ නියමයක් ලෙසවත් නොවේ යයි කයන “අහේතු අප්පච්චයවාදීහු” එක් මිථ්යපදෘෂ්ටියක කොට්ඨාශයකි. මොවුහු නම් කිසිම

පියදාස සිරිසේන නවකථා එකතුව 99

ආගමක් නැති අයයි. ඉතින් ලෝකයෙහි ඇති සියලුම දෘෂ්ටි මේ තුන් කොටසට ඇතුළත් නමුතු පණ්ඩිතයන් විසින් ගරු කළ යුතු කිසිවෙකු විසින් බොරු යයි කිය නොහැකි ඉහත කී තුන් දෘෂ්ටියෙන් බාහිර වූ එකම දෘෂ්ටිය බුද්ධාගමය. ඒ උතුම් වූ ‍ධර්මය සියලු ම ශාස්ත්ර යන්ට ද තර්ක න්යාමය ආදියට ද ඉඳුරා ම ගැලපෙන්නේය. ඒ ඉහතකී තුන් ප්රයකාර මිථ්යා දෘෂ්ටි තුනෙන් මුල කී “පුබ්බේ කතවාදී” දෘෂ්ටිකායාගෙන් යමෙක් මෙසේ ඇසුවොත් ඔහු දුර්මුඛ වෙනවා මිස වෙන කිසිවක් කියන්ට සමර්ථ නොවන්නේය. “මිත්රකය, යමෙක් හොරකම් කර දගගෙට යන්නේත් පුර්වයෙහි කළ අකුසලයකින්ද” එ විට උත්තර නැත්තේය.

ඉක්බිති දෙවනු කී මැව්මේ දෘෂ්ටිකයෙකුගෙන් “මිත්රැය යමෙක් සොරකම් ආදී අපරාධ කොට සිර ගෙට යන්නේත් ඒ දෙවියන් වහන්සේගේ නියමය ද” කියා ඇසුවාම ඔහු බොරු අනම් මනම් මොකවත් කියතොත් මිස කිසි ම උත්තරයක් නොදෙන්නේය. තුන් වෙනුව කී උච්ඡේද දෘස්ටියෙකුගෙන් “මිත්රොය යමෙක් සොරකම් කළා නම් ඔහුට කිසි විපාකයක් දඬුවමක්ද නොලැබෙන්නේ ද”යි ඇසුවොත් ඔහු දුර්මුඛ වන්නේය. ඉතින් අප්පුහාමි තථාගතයන් වහන්සේගෙත් ක්රිටස්තුස් වහන්සේගෙත් ධර්මය සමානකර බලමු.

ක්රිකස්තුස් වහන්සේ දේශනා කරන ලද බයිබලය නම් පොත දැන් අප ඉදිරියේ තිබේ. මෙම‍ පොතෙහි මනුෂ්යනයාගේ ඥාන වර්ධනයට වත් රගාදී පව් නැසීමට ආධාර පිණිස වත් එක ම එචන මාත්ර යක් නැත්තේය. මුළු පොතේ ම අඩංගුව තිබන කරුණු වලින් ඉතාම ටිකක් නූගත් අප්රුසිද්ධ යුදේව් මිනිසුන්ට ඒ කාලයට ප්රකයෝජන ඇති වෙන්ට හේතු පෙනෙන නමුත් උගත් පණ්ඩි තයන්ගෙන් ගහන වූ රටකවාසය කරන කිසිම කෙනෙකුට ඉගෙන ගත යුතු කිසිවක් එම පොතේ නොමැත්තේය. ග්රාිම්යන වූ කථාන්තරත් සමහර මිනිස්සු රොටි කාපු, දැල් ඇදපු ප්රාවෘත්තිත්, අරාබින්ගේ වංශ පරම්පරාවත් දක්වා ලියන ලද පොතකි.



100 වාසනාවන්ත විවාහය හෙවත් ජයතිස්ස සහ රොස්ලින්

තථාගතයන් වහන්සේගේ දේශනාව හෙවත් සමස්ත ශාස්ත්රස ශාලාවල මහා ආචාය්ය්් වරයන්ගේ ඥානයට පවා අමාරුවෙන් අවබෝධ කර විය යුතු පරම ගම්භීර වූ චිත්ත වෛතසික ධර්මයන්ගෙන් ද අනික් අතට පණ්ඩිතයාට පවා ක්රභමයෙන් ඉ‍ගෙන ගෙන අන්තිමේදී විශාර ද පණ්ඩිත භාවයට පැමිණිය හැකි ධර්මයකි. ඒ තථාගතයන් වහන්සේ පරමාර්ථ සත්යි වශයෙන් තමන්වහන්සේ සර්වඥතා ඥානයෙන් අවබෝධ කර වදාරන ලද වතුරාය්ය්ව සත්යායත් චිත්ත වෛතසික ධාතු ආයතනයන් සම්බන්ධ ධර්මදයත් දේශනා කර වදාරන ලදී. ඒ දේශනාවට ස්වභාවෝක්තියයි කියති. සවඥයන් වහන්සේ උපමාය කියා එක් ධර්මා කොට්ඨාශයක් ද දේශනා කර වදාළේය. යම් යම් සත්වයන්ගේ ශ්රචද්ධාදිය වර්ධනය කරනු සඳහා දේශනා කළ ඒ උපමා සංඛ්යා ත ධර්මය කෙට්ඨාශයට ජාතක කථා ආදි ධම්ර් ‍ ඇතුළත්වේ. දේශනා කර වදාළේය. සම්මුති වශයෙන් ලෝකයෙහි පැවැති දේවල් ගැන කරුණු දක්වන්ට උවමනා තැන්හිදි කරන ලද සප්ත සූ‍ෙය්යාගැන ත්ගමන සූතරාි කදී දේශනාවන් ද උන්වහන්සේගේ එක් දේශනා ක්රතමයකි.

මේ ආදී වශයෙන් ලෝකයාට සව්ප්රනකාරයෙන් ම එක එක වචනයෙන් ම එලෝ මෙලෝ දෙක්හි ම වැඩ සිද්ධි කර දෙන්ට සමර්ථ වු ධර්මස්කන්ධයක් දේශනා කරන ලද්දේය. ඉතින් ක්රිසස්තුස් වහන්සේගේ දේශනාවත් සර්වඥයන් වහන්සේගේ දේශනාවන් සමාන කළවිට ක්රි ස්තුස් වහන්සේගේ දේශනාව කණමැදිරි ආලෝකයටත් බුදුරජාණන් වහන්සේගේ දේශනාව තරුණ සූය්යාරි ලෝකයටත් සම කළ හැක්කේය. දේශනා අතින් මේ දෙදෙනා මෙසේය. පුද්ගලයන් වශයෙනුත් අපි මේ දෙ දෙනා විභාග කර බලමු ක්රි ස්තුස් වහන්සේ දේව පුත්ර යෙක කීම ක්රියස්තියානි ආගමේ හැටියට මහත් අරුමයක් නොවේ. මක් නිසා ද ක්රිශස්තුස් වහන්සේ පමණක් නොව අපිත් දේව පුත්රටයෝ වම්හ. “ස්වර්ගයේ වැඩ සිටින අපගේ පියාණන් වහන්ස ’’ කියා කීමෙන්ම ක්රිොස්තුස් වහන්සේ ඇතුලු අපි සියල්ලෝ ම දෙවියන් වහන්සේගේ පුත්රදයෝ වම්හ.

අපට වඩා ක්රි ස්තුස් වහන්සේගේ පුත්රදකමක් නොපෙනේ. ඒ හෙයින ඒ දේවපුත්රකකම ක්රිතස්තුස් වහන්සේ ගැන පමණක් ආශ්චය්යෙර්‍ කරුණක් ලෙස නොසිතිය යුතුයි. ඉතින් උන්වහන්සේ ආශ්චය්ය ර්‍ පුද්ගලයෙකු බව ලොවට ප්රිකාශ කරන පිණිස කන්යාවවිකය කුස උපන් බව බයිබලය ලී අය මෑතදී ලියා තිබෙතත් එබඳු කන්යාර උත්පත්තියක් සිද්ධ විය නොහැකි කරුණක් බව වර්තමාන කාලයේ ස්වභාවධර්ම





පියාදාස සිරිසේන නවකථා එකතුව 101

ශාස්ත්ර ඥයන්ගේ කල්පනාවකි. ඇරත් කන්යකවිය කයන්නේ මල්වර නුවූ දස ඇවිරිදි කෙල්ලන්ටයි. නාකි ගෑනුන්ට කන්යාිවිය යයි කීම අඥාන කීමකි. ක්රිිස්තියානි පාදිලි කෙනෙක් වන තවමත් ජීවත්ව ඉන්න අමෙරිකාවේ පිලඩැල්පියා නුවර සාන්ත ස්ටීවන්ගේ පල්ලියේ ධර්මාචාය්යන ඩබ්ලිව්. ඇස්. වෙන්ස්පොඩ් මහතා බයිබලය ගැන කරුණු කියා ගෙන ගොස් “යේසුසු වහන්සේගේ කන්යාා උත්පත්තිය මහත් විහිළුවක්ය”යි කියා තිබේ. මේ කියුම් සියල්ලම අහකින් තබා ක්රිඋස්තුස් වහන්සේ මව් වන මරියා නම් ස්ත්රී ක්රි ස්තුස් වහන්සේ හැර තව දරු පස් දෙනෙකු වදා තිබෙන බව බයිබලයෙන්ම පෙනෙන්ට තිබේන හෙයින් හය දෙනෙකුන් වැඳු මවෙකුගේ එක දරුවෙක් පමණක් කන්යා උත්පත්තියෙන් කෙසේ උපදින්නේ ද? මේ කන්යාන උප්පත්තිය ක්රි ස්තුස් වහන්සේ සාමාන්යි මිනිසුන්ගේ ඉපදීමට වඩා අමුතු විධියකට උපන් බව හැඟවීමට කරන ලද ප්රයයෝගයක් බව මෙහිදී නොකියත් අප්පුහාමිට පවා අවබෝධ වී ඇතුවට විශ්වාස කරමි.

ක්රිවස්තුස් වහන්සේ වඩු වැඩ කරමින් දුක් සේ ජීවත්ව උන් ජෝසැප් නම් මහළු වඩුරාළ කෙනෙකුට දාව මරියා නම් ස්ත්රිායක් කුස පිළිසිඳ ගෙයක් දොරක්වත් නැති අසරණවන්තයන් හෙයින් සතුන්ට කෑම දෙන, සතුන් නවතින, කරත්ත වාහන ලිහන “කරත්ත ගාලක” උපන් පුද්ගලයෙකි. මෙසේ කාලකණ්ණි වූ දුකඛිත වූ උත්පත්තියක් ඇති මුන් වහන්සේ ඉගෙනීමාදියට වත්කමක් නැති හෙයින් පියා සහ අනික් සහෝදරයනුත් සමග තරුණ අවස්ථාව පැමිණෙන තුරු වඩු වැ‍ඩ කරමින් ජීවිතාරක්ෂාව කරගෙන සිටියේය. එසේ සිටිනාතර උන්වහන්සේ එවකට සිටි අන්යක යුදෙව් මිනිසුන්ට වඩා ජාත්යා ලය ඇති යමක් කමක් තේරෙන කෙනෙකු හෙයින් ඉතා වනචර වූ ස්වජාතික මිනිසුන්ට අප්රාසිද්ධ වශයෙන් දේශනාදිය කරමින් ඇවිද්දේය. මෙසේ අප්ර සිද්ධ මිනිසුන්ට පමණක් දේශනා කර්නට හේතුව මුන්වහන්සේ කිසි ශිල්පශාස්ත්රමයක් නූගත් අප්ර සිද්ධ කෙනෙක් නිසාත් ඉතා පහත් පවුලක උපන් නිර්ධන වූ අසරණ කෙනෙක් නිසාත් බව සැලකිය යුත්තේය.

ක්රිැස්තුස් වහන්සේගේ ජීවිත කථාව සංක්ෂේපයෙන් කීවේමි. එය අප්පුහාමිට වැටහෙන්ට ඇතැයි විශ්වාස කරමි. මී ළඟට බුදුරජාණන් වහන්සේගේ ජීවිත කථාවත් ඉතා සංක්ෂේපයෙන් අක්වමි. මුන්වහන්සේ දඹදිව හෙවත් ඉන්දියාවේ සකල යස ඉසුරෙන් සම්පූර්ණ ව සිය ලකෂ






102 වාසනාවන්ත විවාහය හෙවත් ජයතිස්ස සහ රොස්ලින්

ගණන් තර්ක න්යානය ආදි සකල ශාස්ත්ර යන්හි පරතෙර පත් මහා පණ්ඩිත ජනයාගෙන් බබළන කාලයක් වූ කලියුග වර්ෂ 2478 වෙනි වර්ෂතයේ කපිලවාස්තු පරය නමැති එවකට ඉන්දියාවේ අග්රූ රාජධානියේ රජ වූ සාක්ය් වංශයෙහි ප්ර ධානියා වූ සුද්ධොධන නර ශ්රොෂ්ඨයාණන් නිසා මහමායා නම් රාජ මහේෂිකාවුන්ගේ කුසයෙහි පිළිසිඳ ලුම්බිනි නම් රාජෝද්යානනයෙහිදී රාජාමාත්යනයන් ද ක්ෂත්රි්ය කුලාංගනාවන් ද විසින් පිරිවරන ලදුව ප්රාහීන කරන ලද කාම රාගය ඇති සුඬාවාස බ්රිහ්මරාජයන්ගේ රන් දැලට උපන් කෙනෙකි. මුන් වහන්සේ උපන් රට තරම් සුප්රදසිද්ධ දියුණු රටක් ලෝකයෙහි නොමැති තරම් විය. මුන් වහන්සේ උපන් වංශයට වඩා බලසම්පන්න පොහොසත් උත්තම කුලයක් ද වෙන නොමැති විය. මෙසේ බලසම්පන්න ව ඉපිද වැඩි ගුරුපදේශ රහිතව ත්රිනවේදාදී සකල ශාස්ත්ර යන්ගේ ද යුද්ධාදි සකල ශිල්පයන්ගේ ද පර තෙරට පත් මේ උත්තමයා දිව්යා රාජයන්ට නොලද හැකි තරම් අනර්ඝ පඤ්චකාම සම්පත්තිය විඳිමින් 29 වර්ෂලයක් ගිහිගෙයි වාසය කළේය.

අමරසිංහ අප්පුහාමි - ටිකක් හිටින්ට, ඉතින් බුදු වෙන්ට උපන් මේ ඇත්තා පංච කාම සැප විඳින්ට ලෑස්ති වූනේ ඇයි?

ජයතිස්ස - අප්පුහාමිගේ ප්ර ශ්නය ඉතා අගෙයි. යමක් කියන කොට නොතේරෙන හරියේදී විස්තර කරවා ගැනීම බොහොම හොඳයි. සිද්ධාර්ථ කුමාරයාණන් වහන්සේ පංච කාම සම්පත්තිය නොවින්දා නම් උන්වහන්සේට කාම රාගය ප්ර හීන කර වහා ම ගිහි ගේ හැරයාමට සිත පහළ නොවේ. මක් නිසා ද කාමාදී ක්ලේශයන්ගේ දරුණු ස්වභාව කෘතඥානයෙන් දැන ගන්නා තුරු ප්රණථග්ජන කිසිවෙකුට අවබෝධ නොවන්නේය. ගිහි ගෙට බැදී එහි ඇති කම්කටුලු විදින ලද කෙනෙකුට ම මිස එහි කලකිරීමට සිතක් නූපදියි. කුමක් මෙන් ද ගින්නක් ළඟට නොපැමිණියෙකුට එහි රශ්නය හොඳින් අවබෝධ නොවන්නාක් මෙනි


තවද සිද්ධාර්ථ කුමාරයාණන්ට ක්ලේශන් නැති කරන්ට එහි ඇති දුක අවබෝධ වන්ට ඕනෑමයි. ඒ හෙයින් උන්වහන්සේ සතලිස් දහසක් පමණ පරිවාර ස්ත්රීව සමූහයක් ඇති යසෝදරා නම් ශාක්ය් රාජ කුමරිය සමග පස්කම් සැප විඳි වුසුයේය.


පියදාස සිරිසේන නවකථා එකතුව 103

අමරසිංහ අප්පුහාමි ‍ - හොඳයි, උන්වහන්සේ උපන් හැටියේම “මම ලොවට ජ්යෙිෂ්ඨය, ශ්රෙිෂ්ඨය, මින් මතු ඉපදීමක් නැත” කියා කී කොට කොහොමත් මේ ආත්මේ ම බුදුවී නිරවාණයට යන බව තමන් දැන සිටියා නොවේද?

ජයතිස්ස - උන්වහන්සේට උපන් මෙහොතේ දී තුබුනු ඥානය තරුණ කාලයේදී නැති විය. උපදින කොට උන් වහන්සේ තුසිත භවනයේ වැඩ උන්නාක් මෙන්මප්රොඥා සම්ප්ර යුක්ත වූ සේක. අතීත භවයේ ඇතිව තිබුණ යම් ‍ෙශ්රතෂ්ඨ භාවයක් ඇද්ද එය උපන් හැටියේ සම්පූර්ණයෙන් සියලු සත්වයන්ට ම පිහිටන්නේය. නමුත් ඒ පූර්ව ජන්මයේ උත්කෘෂ්ට ගතිය හෝ පහත් ගතිය ඉපදී දවස් ගත වෙන්ට ගත වෙන්ට පිරිහී ගොස් අන්තිමට ඒ පූර්ව භවය මතක නැතිව මේ උපන් ලෝකයෙහි කරුණු දැන ගැනීමට පටන් ගන්නේය.

අමරසිංහ අප්පුහාමි - එහෙම නම් දැන් උපදින සත්වයන්ට තමා පූර්වයෙහි උන් උස් පහත්ගති මතක තිබෙන්ට ඕනෑ නොවේද?

ජයතිස්ස - සත්තකෙන්ම මතක තිබේ.

අමරසිංහ අප්පුහාමි - එහෙනම් සිද්ධාර්ථ කුමාරු මෙන් දැන් කි‍සිවෙක් තමාගේ මහන්තත්වය කියා සත් පියවරක් තබා පියවරක්වත් නෑවිඳි “උංගා උංගා” කියමින් කෑ ගසන්නේ මොකද?

ජයතිස්ස - ඇයි අප්පුහාමි සිද්ධාර්ථ කුමරු මෙන් සංසාරයේදී සමත්රිංමසත් පාරමි ධර්මයන් පුරා බුද්ධ රාජ්ය ලැබීමට උපදින උතුමෙක් ඇති නම් එතුමා මිස අවශේෂ සත්වයෝ උපන් හැටියේ කෙසේ කථාකරද්ද? කෙසේ ඇවිදිද්ද? සිද්ධාර්ථ කුමාරයාණන් වහන්සේගේ මහා පුණ්ය් සම්භාරයාගේ හේතුවෙන් උන්වහන්සේට උපන් ඇසිල්ලක් දී පූර්වයෙහි තමාගේ දිව්යඋ ස්වභාවය වෙනස් නොව ම ක්රි්යා කරන්ට හැකි විය. අවශේෂ සත්වයන්ට ක්රි යා කරන්ට තරම් ශක්තියක් පුණ්යා.ගේ ඌන භාවය නිසා නැතත් තමාගේ සිතෙහි ඒ පෙර උන් ජාතියේ තොරතුරු සම්පූර්ණයෙන් රඳා තිබෙන්නේය.

104 වාසනාවන්ත විවාහය හෙවත් ජයතිස්ස සහ රොස්ලින්

අමරසිංහ අප්පුහාමි - මෙය මට මහා පුදුමයකි. දැන් උපදින ළමයාට තමාගේ පූර්ව ජාතියේ තොරතුරු මතක තිබෙන බව මහත්මයා ඔප්පු කරන්නේ කොහොමද?

ජයතිස්ස - හේතු ප්රොත්යාබදීන් ගැන කිසිවක් නූගන්වන රෝමානු දෘෂ්ටිය වැනි අන්ධ බාල ආගමක වැටී සිටින අප්පුහාමිලාට ඕවා නොදැනෙතත් උතුම් ධර්ම ශාස්ත්රාිදිය ඉගෙන ගන්ට නිදහස ඇති අපට ඔය කරුණු පහසුවෙන් ඉගෙන ගන්ට පිළිවනි. හොඳයි, අප්පුහාමිට මම මෙය ඔප්පු කරන්නෙමි. ඉපදී තුන් හතර දවසේ දහ පහාළාස් දවසේ ළමයි නිදා ඉන්න විට සමහරුඅඩන බවත් හයියෙන් සිනාසී නැගිටින බවත් සමහරු මර හඬ දී භය වී නැගිටින බවත් අප්පුහාමි දුටුවේද?

අමරසිංහ අප්පුහාමි - ඔව්, මම සිය දහසක් එබඳු ඒවා දුටුවෙමි. එසේ උපන් ළඟදී සිනාසෙන නෙ‍ාහොත් නාඬන එකම ළමයෙක් වත් ඇතැයි මම නොසිතමි.

 ජයතිස්ස	-	හොඳයි, එසේ වෙන්ට හේතුව මොකද කියාත් අප්පුහාමි 
                                         කල්පනා කළේ ද?

අමරසිංහ අප්පුහාමි - අනේ මහත්මයා නැහැ. නමුත් ළමයි හඬන්නේ බය

                                         වෙලා බව සිතමි.

ජයතිස්ස - එහෙනම් සිනාසෙන්නේ ප්රී ති වෙලා බව ඔප්පු වෙනවා නොවේ ද?

අමරසිංහ අප්පුහාමි - ඔව්, සත්තකෙන් ම එහෙම වෙන්ට ඕනෑ.

ජයතිස්ස - ඉතින් අප්පුහාමි ඉපදී තුන් හතර දිනක් ගිය ළමයාට ඇති ප්රීසතියක් ඇති දුකත් මෙක ද? ඉපදී හාර පස් මාසයක් ගිය ළමයාට වත් මරණ භයවත් රොග ව්යතසනදී භයක්වත් නොදැනෙන කොට මේ උපන් දවස දෙකේ ළමයාට කෙසේ දැනේ ද?

අමරසිංහ අප්පුහාමි - සත්තකෙන් ම හැබෑ තමයි, දැන් දෙ තුන් ම‍ාසයේ ළමයි සර්පයන් පවා අල්ලති. ඒ එසේ නම් උපන් හැටියේ ළමයාට භය වත් ප්රීනතිය වත් ඇති විය නෙ හැකියි. ඉතින් මහත්මයෝ මේකේ තේරුම මොකද? මේ අපේ රොස්ලින් පුංචි දවසේ නිදි කෙරෙව්වාම නිතරම

පියදාස සිරිසේන නවකථා එකතුව 105

කොක්හඬ දෙමින් සිනාසුනා.

ජයතිස්ස - ඔන්න අප්පුහාමි පෙර තමා සුවපත් ව ප්රීදති සැප විඳි අය ඒ ප්රීසති සහගත ක්රිහයා සිහි වන විට ප්රීපතියෙන් සිනාසෙති. නරකය ආදී දුක් විඳී අය තමාට පීඩා ගෙන දෙන ඒ වද වේදනා මතක් වන විට නොහොත් පෙනෙන විට බියෙන් මිරිකී මර හඬ දෙති. අප්පුහාමිගේ දුවණිය දිව්යී ලෝකයෙන් චුත ව අවුත් මෙහි උපන් කෙනෙක් හෙයින් නිතර ම පුංචි අවස්ථාවයේ දී සිනාසෙන්ට ම ඇති. (රොස්ලින්ට තබා මරිය නෝනාටත් හිනා. මුහුප්පු රාළට තබා ශාස්ත්රාටචාය්ය්ත් ප්ර්නාන්දු උන්නැහේටත් අලි කේන්ති.)

අමරසිංහ අප්පුහාමි - මේ කාරණය වැඩි විස්තර කරන්ට එපා. මට නම් හොඳට ම තේරුණා. මුහුප්පු මහත්මයාටත් තේරුණා නොවේ ද?

මුහුප්පුරාළ - අපි ඕවා තේරුම් ගත්තාට මොකට ද, මෙහෙම කථාවල් කළ බව හාමුදුර්වන්ට ආරංචි වුණොත් කටු ඔටුනු තියනවාට අනුමාන නැහැ.

අමරසිංහ අප්පුහාමි - චී. මුහුප්පු මහත්මයා. මනුෂ්යළ නාමයට නිග්ර)හ කරන්ට එපා. මේ කොතන වත් පරදේශික පූජකයෙකුට බයේ අපට ඇත්ත යුක්ත කථා කරන්ට බැරිද? මට කටු ඔටුනු තියන්ට ආවොත් මම උන්දෑට කරන එක දනිමි. ඉතින් ජයතිස්ස මහත්මයා කියන්ඩකෝ.

ජයතිස්ස - මෙසේ විශිෂ්ට වූ පංචකාම සැපත විදිමින්උන් ලොකාග්රය රාජ කුමාරයා ගිහි ගෙට කලකිරී තමන්ගේ දිව්යු භවනයක් සමාන වූ රජ මාළිගාව අමුසෙහොනක් මෙන් සිතා ඡන්න නම් ඇමතිතුමාට කථාකොට කන්ථක නම් අශ්වයා සරසන්ට නියමකර වදාළේය. ඉක්බිති රහුල නම් පුත්රා කුමාරයාණන් බලමැයි බිසාවගේ ගබඩාවට ගොස් පුත්ර යා වඩා ගතිම් නම් මගේ ගමනට බාධාවක් වන්නේය. එහෙයින් මම එක පුත්ර යෙකුට ප්රේ්ම කළෙමි නම් අනන්ත අප්රනමාණ වූ ලෝක සත්වයාට දුක් වන්නේ යයි සලකා අස් හල ළඟට ගොස් සරහා හුන් කන්ථක නම් අස් රජුට කථාකොට “එම්බල අශ්වරාජය තෝ අද මා එතර ලන්නෙහි නම් මම අනන්ත අප්රලමාණ සත්වයන් සංසාර


106 වාසනාවන්ත විවාහය හෙවත් ජයතිස් සහ රොස්ලින්

සාගරයෙන් එතර ලන්නෙමි” යි කීවිට ඒ අසා ප්රීයතියෙන් මත්ව උද්ගමනය වූ රෝමයෙන් බබළන අස් රජු විට නැග තිස් යොදුන් මග ගෙවා සූ‍ෙය්යාිස් ද්ගමනයට පෙර අනෝමා ගඟින් එතරව ශ්ර මණභාවයට පැමිණ ආලාරකාලාමාදි ප්රයසිදධ තපස්වින් ළඟට පැමිණ ඔවුන්ගේ ධර්මයෙහි අල්ප භාවය දැක සාමාන්යි මනුෂ්යෙයෙකුට සිතය නොහැකි තරම් දුෂ්කර ක්රිියා කොට එයින් ද අත්තකිලමතානුයෝගයෙහි නිස්සාර භාවය කෘතඥානයෙන් දැන ගත් සේක.

මෙහිදී අප්පුහාමී මෙසේ තේරුම් ගන්ට ඕනෑ. සිද්ධාර්ථ කුමාරයන් වහන්සේ යසොධරා බිසවත් සමග කිඹුල්වත් නුවර රම්මය, සුරම්මය, සුභය යන ප්රාකසාදත්රමයෙහි වසමින් විශිෂ්ට පස්කම් සැප විඳ “කාමසුඛල්ලිකානුයොගය”යි කියන අධික පස්කම් සැපෙහි දොස් කෘතඥානයෙන් දැනගන්නා ලදි. එසේ තමා ම විඳ දැන ගැනීමෙන් ඒ කාමසුඛල්ලිකානුයෝගයාගේ තුච්ජ බව නින්දිත බව දැනගන මේ කාමසුඛල්ලිකානුයෝගයට ප්රබතිවිරුදධ වූ අත්ථකිලමතානුයෝග යැයි කියන ශරීරයට දැඩි දුක් දීම ද පුහු බව, තුච්ඡ බව, න්න්දිත බව කෘතඥානයෙන් ම දැන මේ අත්ථකිලම‍තානුයෝගය ද දුරු කරන ලද්දේය. ඉතින් අධික ස‍පෙනුත් අධික දුකෙනුත් ප්ර්ඥා වගේ පරම සුද්ධිය නොවන බැව් අව‍බෝධ ව මධ්ය ම ප්ර තිපදාව පුරමින් උන් ඒ සිද්ධාර්ථ කුමාරයන් වහන්සේ කලියුග වර්ෂව 2507 තේ වෙසඟ පුණු පොහෝ දා බුද්ධගයාවේ නේරංජරා නම් ගඟ බඩ පිහිටි අශ්වත්ථ බොධිදාමය යට වැඩ සිට ප්රහතීත්යෙ සමුත්පාද ධර්මයන් අනුලොම ප්ර තිලොම වශයෙන් භාවනා කරමින් ක්ලේශයන් ප්ර්හීන කොට ලොවුතුරා බුද්ධරාජ්යලයට පැමිණ වදාළසේක. මේ අපගේ ශ්රෙධෂ්ඨයාණන්ගේ සංක්ෂේප චරිතයයි.

මී ලඟට ක්රි්ස්තුස් වහන්සේගේ ගෝල පිරිසත් බුදුන්ගේ ගෝල පිරිසත් බලමු ක්රිේස්තුස් වහන්සේගේ පළමු වෙනි ගෝල පේදුරු, ජෝන්, ලුක් ආදී පිරිස ඉතා පහත් මනුෂ්යේ කොටසකි. මම එසේ කියන්නේ මේ අය


පියදාස සිරිසේන නවකථා එකතුව 107

කිසි ම උසස් පැවතුමක් නැතුව මසුන් අල්ලා ජිවිකාව කර ගත් උදවිය බැවිනි. පේදුරුලා දැල් වට කර ගෙන අදින විට මූදු වෙරළට ගිය යේසුස්වහන්සේ “වරෙල්ලා උඹලාට ඔයිට වඩා හොඳ රක්ෂාවක් මම දෙන්නෙමි”යි කී විට මසුන් ඇල්ලීමෙනුත් වැඩි වාසියක් නැතුව කුස ගින්නේ සිටි මේ මිනිස්සු ක්රියස්තුස් වහන්සේ සමග ගියෝය. මේ කාණ්ඩය ගොන් පහේ මිනිස්සු පදිංචි ගම්වල ගොස් මෙක මොකවත් කියා ඒ අසරණ මෝඩයන්ගෙන් ලැබෙන මොකවත් කාලා උන්නෝය.

බුදුරාජණන් වහන්සේගේ ගෝලයෝ නම් බ්රාරහ්මණ මහාසාර කුලය, ගෘහපති මහාසාර කුලය, රාජවංශය ආදී උසස් කුලවල සිය කෝටි ගණන් වස්තුව ඇති ත්රි්වේදාදී බාහිර ශාස්ත්ර යන්ගේ පරතෙරට පැමිණි උත්තමයෝය. ශාරිපුත්රා, මෞද්ගල්යටන, යස කුලපුත්රත, භද්දවග්ගිය රාජ පුත්රා දී උතුමන්ගේ නම් මතක් කර ගත යුතුයි. මෙයින් අපට තේරුම් ගන්ට තිබෙන්නේ උත්තමයන්ගේ ආශ්රදය උතුමෙකු සමඟ බවත් පහත් අයගේ ආශ්ර ය පහත් අයෙකු සමග බවත් ය.

එබැවින් මෙයින් අපට ඇති ප්රදයෝජන නම් උසස් උතුමන් මී ලඟට ක්රිිස්තුස් වහන්සේ සහ බුදුරජාණන්වහන්සේගේ උදව්කාරයෝ හෙවත් දායකයෝ කවරහු දැයි බලමු, යේසුස්වහන්සේගේ දායකයෝ නම් ජෝසප් වඩුරාළ (පියා) මද්ගලාගේ මරියා, ලාසරස් (මස්මරන්නෙක්) ආදි පිරිසකි, බුදුරජාණන් වහන්සේගේ දායකයෝ නම්, බිම්බිසාර රජතුමා, කෝසල රජතුමා, සුදොවුන් මහරජතුමා (පියා) අනාථ පිණ්ඩික මහ සිටුතුමා, විසාඛා මහා ආය්ර්බ‍යාව, සීහසේනාධිපති තුමා ආදී පිරිසයි. ගේ ආදර සත්කාර උතුමෙකුට ම මිස පහත් අයෙකුට නොලැබෙන බවයි.


                                          මීලඟට  ක්රි ස්තුස්වහන්සේ සහ බුදුරාජනන්වහන්සේගෙත් ගුණය සහ වික්ර මය විභාග කර බලමු. ක්රියස්තුස් වහන්සේ මහලේ රෝගයෙන් යුත් ස්ත්රිහයකු සුව කළේය. මුද්රිලක පානය (මත්පැන්) බී වෙරි වී ස්වකීය මවට “ස්ත්රිදය” කියා කථා කළේය. ස්වකීය යුදෙව් ජාතික මිනිසුන්ගෙන්



108 වාසනාවන්ත විවාහය හෙවත් ජයතිස්ස සහ රොස්ලින්

“බොරුකාරයා තක්කඩියාය” යනාදියෙන් අවමන් විදින ලදි. රට ගම කොල්ල කන පල්‍ හොරෙක් බැව් රටේ රජුට සැලව අල්ලා ගෙන අවුත් කටු ඔටුනු පළඳවනු ලැබ කාඩි වතුර පොවනු ලැබ කසපහරවල් ගසනු ලැබ කුරුසිය නමැති එවකට පැවති පෝරකයේ මරණයට වරදකාරයන්ව සිටි අන්යත සොරු දෙදෙනෙකුත් සමඟ ඇනගසනු ලැ‍බ අහෝ “දෙයියනේ” කියමින් මරහඬ දිදී මැරී ගියේය.

මෙසේ මුන්වහන්සේට අනාථව මිය යන්ට සිද්ධවූයේ ඉතා අශිෂ්ටාචාර ජාතියකට යමක් කමක් කියා දෙන්ට යාමෙනුත් ඉතා වනචර මිනිසුන් ගහන කැලෑබද ගම්වල දී මුන්වහන්සේ “තමා රාජකුමාරයෙක”යන බොරු උඬඟුව ගන්ට යෑමෙන‍ුත් බව සැලකිය යුතුයි. බුදුරජාණන් වහන්සේගේ ගුණයෙන් අබැටක් තරමක් උන්වහන්සේ කළ සමහර ‍වික්රවමවලින් අල්ප මාත්රනයකුත් මෙහි දක්වමි. අප බුදුරජානන්වහන්සේ නව අරහාදී

බුදුගුණයෙන් යුකුත වන්නේය. හේ කෙසේද? ඉතිපිසො භගවා අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතො ලොකවිදු අනුත්තරො පුරිසධම්ම සාරථි සත්ථා දෙවමනුස්සානං බුද්ධෝ භගවා”තී යනුයි.

අමරසිංහ අප්පුහාමි - මහත්මයා, ඔය පාලි ගාථා අපට තේරෙන්නේ නැහැ.

ජයතිස්ස - හොඳයි, මම එය තේරුම්කර දෙන්නෙමි, (මේ වෙලාව රෑ දහයට වූ හෙයින් අප්පුහාමිට වතුර පිපාස වී කෝපි ලෑස්ති කරන්ට කියා ඒ ලෑස්ති කළ කෝපි සියලු දෙන ම බීවෝය. “රොස්ලින්, නුඹ නිසා අපේ ජීවිත මහත් වෙනසකට පත් වේය කියා හිතමි”යයි අමරසිංහ අප්පුහාමි කීයේය. කෝපියෙන් පසු බුලත් කා නැවතත් කථාව පටන් ගත්තේය.)




පියදාස සිරිසේන නවකථා එකතුව 109


09[සංස්කරණය]

ජයතිස්ස - අප බුදුරජාණන් වහන්සේගේ නව අරයාදී සර්වෙඥ ගුණයන් වර්ණනා කළ පණ්ඩිතයන්ට ඉතා විශාල ප්රයකාරණ වලින් එක ම ගුණයක් වර්ණණා කර ගත නොහැකි විය. සිංහල පණ්ඩිතයන් අතුරෙන් පණ්ඩිත ශිරොමණිභූත ආචාය්ය්වල ගුරුළුගොමීන් විසින් “පුරිසධම්ම සාරථි” යනපදයට අර්, ලියමින් පරිච්ඡේද 18 කින් සහ පිටු 200 කින් පමණ යුත් “අමාවතුර” නම් ප්ර්කරණයක් ලියන ලදි. තවද “අරහං” යන වචනයේ අර්ථ ලියන මයුරාපාද පරිවේණාධිපති බුද්ධපුත්රර මහා ස්ථවිරයන් වහන්සේ විසින් පරිච්ඡේද 50 ක් පමණ ද මුද්රිණය කරන ලද පිටු 700 කට වඩා විශාල “පූජාවලිය” නම් ප්රපශස්ත ධර්ම ප්ර කාරණයක් කරන ලදි. මෙබඳු විශාල උත්කෘෂ්ට ගුණ ඇති තථාගතයන් වහන්සේගේ අරහාදී බුදුදුගුණ නවය කෙසේ මම විස්තර කරම්ද? එසේ උවත් අනන්ත අවකාශයෙන් මදුරු පියපතකින් වැසූ ප්රේමාණයක් මෙන් ඒ ලෝකාග්රු වූ බුදුරජාණන් වහන්සේ ගේ ගුණය මම දක්වන්නෙමි.


‍”ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලොකවිඳු අනුත්තරෝ පුරිසධම්ම සාරථි සත්වා දේව මනුස්සානං බුද්ධෝ භගවාති” යන මෙහි ඉතිපි සෝ භගවා බු‍ඬො අරහං, ඒ භාග්යකවත් බුදුරජ තෙමේ මේ මේ කාරණයෙන් ද අර්හත් නම් වන සේක. කවර කාරණයන්ගෙන් අර්හත් වන සේක් ද කෙලෙසුන් කෙරෙන් දුරුවූ හෙයින් ද, කෙලෙස් සතුරන් නැසූ හෙයින් ද, සංසාර චක්රුයෙහි අර කැපූ හෙයින් ද රහස වත් පව් නොකරන හෙයින් ද යන මෙතෙක් කාරණයෙන් ඒ මාගේ ස්වාමිදරු වූ භාග්ය වත් බුදුරජාණෝ අර්හත් නම් වන සේක. මෙහි පළමු වෙනි අර්ථයෙහි ඒ භාග්යාවතුන් වහන්සේ සියලු කෙලෙසුන් කෙරෙන් දුරු වූයේය. මනාකොට ම දුරටත් වඩා දුරු වූයේය. ඒ කෙලෙසුන් කෙරෙන් දුරුවීම වනාහි අවකාශ වශයෙන් දුරු වූයේ නොවෙයි. සෝවන් සකාදාගාමි අනාගාමි අර්හත් යන සතර මාර්ගර ඤාණයෙන් වාසනා දෝෂ සහිත ක්ලේශයන් නැසීමෙන් දුරු වූ හෙයින් අර්හත්


110 වාසනාවන්ත විවාහය හෙවත් ජයතිස්ස සහ රොස්ලින්

නම් වන සේක.

දෙවෙනි අර්ථයෙහි තමන්ට අනර්ථදායක හෙයින් සතුරන් බඳු වූ රාගාදී කෙලෙසුන් ඒ භාග්යතවත්හු විසින් මර්ගර ඥානයෙන් නසන ලද හෙයින් අරීනංහතත්තා”යි කිය යුතු තන්හී ව්යාබකරණ විධියෙන් “අරහං”යි කියන ලද්දේයි. මේ රාග ‍ද්වේෂ මෝහ යනාදී සියලු කෙලෙස් සතුරන් ඒ ලෝකස්වාමි වූ බුදුරජාණන් විසින් මාර්ගය ඥාන නමැති කඩුවෙන් කපා හැර නසන ලද්දාහු ද එ හෙයින් අර්හත් නම් වන සේකැයි දත යුතු.

තුන් වෙනි අර්ථයෙහි කාමාදී භවත්රයය නමැති රථයෙහි යොදන ලද්දාවූ අනන්ත අප්රභමාණ කාලයක් මුළුල්ලේ පැවැත්තා වූ ස්කනධ ධාතු ආයතනයන්ගේ අතුරක් නැති ව පවත්නා පළිවෙළය යි කියන ලද යම් සංසාර චක්රයයෙක් ඇත්තේ වේ ද මේ භාග්යයවත් බුදුරජාණන් වහන්සේ විසින් බුද්ධත්වයට පැමිණිමෙහිදී ‍සියලු ගුණ ධර්මයන් රඳා සිටීමට පිහිටවූ සීල නමැති පෘථිවියෙහි පිහිටා ශ්රදද්ධා නමැති හස්තයෙන් කර්ම ක්ෂ්යව කර ඥාන නමැති පොරව සමාධි ඥාන නමැති කරගල ගා මුවහත් කොට ගෙන ඒ සංසාර නමැති චක්ර්යාගේ දැව කපන ලද හෙයින් “අරහං හතත්තා”යී කී බැවින් අර්හත් නම් වන සේක.

සතර වන අරථයෙහි ලෝවැස්සන් විසින් කරන නානාප්රතකාර පූජාවන් ලැබීමට සුදුසු හෙයින් ඒ භාග්යිවත් බුදුරජාණෝ අර්හත් නම් වන සේක.

පස් වෙනි අර්ථයෙහි යම් සේ ලෝකයෙහි සමහර සත්වයෝ අප කීර්තියට භයින් රහස් ගත ව සතුන් මැරීම් රා අරක්කු බීම් ආදී පව් කෙරෙද්ද ඒ තථාගත තෙමේ බෝධිදෘම මූලයෙහි වැඩ හිඳ රාග ද්වේෂ මෝහ සංඛ්යාවත සියලු පාප හේතූන් නැසූ හෙයින් කිසි කලෙකත් රහසින් පව් නොකරන්නේ යි අර්හත් නම් වන සේක.

ඉතිපි සො භගවා බුද්ධෝ සම්මා සම්බුද්ධෝ, ඒ භාග්ය වත් බුදුරජාණෝ කවර කාරණයකින් සම්යවක් සම්බුද්ධ වන සේක් ද යත් මනා හේතුවෙන් ක්ර මයෙන් තමන් වහන්සේ ම ප්ර ත්යත සමුත්පන්න ධර්මයන් අවබෝධ කළ බැවින් සම්මා සම්බුද්ධනම් වන සේක. ඒ කෙසේ ද යත් මාගේ ස්වාමිදරු වූ බුදුරජාණන් වහන්සේ විශිෂ්ටඥානයෙන් දත යුතු චතුරාය්ය් යත සත්යු ධර්මයන් පූර්වභාගයෙහි විදර්ශනා ප්රෂඥාදියන් ද අධිගම කාලයෙහි පාර්ගාප්ර‍ඥාවෙන් ද අපර




පියදාස සිරිසේන නවකථා එකතුව 111

භාගයෙහි සර්වඥතාඥානාදියෙන් ද විශේෂ යෙන් දැන වදාළ හෙයින් සම්යරක් සම්බුද්ධ නම් වන සේක. තවද දුක්ඛාය්ය්ළ සත්යකය දුකැ යි දැන වදාළ හෙයින් ද සමුදය සත්යමය යි කියන ලද තෘෂ්ණාව ප්රාකර්ෂණයෙන් දුරු ඛල බැවින් ද නිර්වාණ ධර්මය ප්රයත්යික්ෂ කළ හෙයින් ද ආය්ය්න් අෂ්ටාංගික මාර්ග ධර්මයන් වැඩූ බැවින් ද සියලු යුතු ධර්මයන් හස්තාමලකයක් මෙන් සර්වප්රදකාරයෙන් දැන වදාළ හෙයින් ද ඒ ලෝක ස්වාමී වූ බුදුරජාණෝ සම්මාසම්බුද්ධ නම් වන සේක.

“ඉතිපි සෝ භගවා බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ” ඒ භාග්යසවත් බුදුරජතෙම මේ මේ කාරණයෙන් ද අෂ්ට විද්යාපවෙන් හා පසළොස් චරණ ධර්මයෙන් සම්පූර්ණ වන සේක.

සියලු සංස්කාර ධර්මයන් අනිත්ය. දුක්ඛ අනාත්ම වශයෙන් දන්නා විදර්ශනා ඥානය ද තමන්ගේ රූපය වැනි රූපයන් මවා ලීමෙහි සමර්ථ මනොමය සෘද්ධි ඥානය ද, නොයෙක් ප්රා්තිහාය්ය්මව පෑමෙහි සමර්ථ සෘද්ධි විකුර්වන ඥානය ද සියලු සක්වළ පවත්නා ශබ්ද එක තැන සිට ඇසීමෙහි සමර්ථ දිවශග්රෝත ඥානය ද, අනිකෙකු විසින් කියන්ට කරන්ට සිතූ දෙය ද‍ැනෙන චෙතොපරිය ඥානය ද පූර්ව ජන්මයෙහි ‍ෙතාරතුරු දැනීමෙහි සමර්ථ පූර්වෙනිවාසානුස්මෘති ඥානය ද, ඒ ඒ සත්වයන්ගේ කර්මවිපාක දන්නා දිව්ය චක්ෂුරබිඥානය ද, කාමාදී සියලු ආශ්රවවයන් පහ කිරීමේ සමර්ථ ආශ්රවවක්ෂයකර ඥානය ද යන මේ අට අෂ්ට විද්යාජවෝය.

එහෙයින් වදාලෝ;

විපස්සනාඥාන මනොමයිද්ධිං ඉද්ධිප්පභෙදොපිච දිබ්බ සොතං පරස්ස චෙතො පරයායා ඤාණං පුබ්බේ නිවාසානු ගතංච ඤාණං දිබ්බංච චක්ඛා සච සංඛයොච එතානි ඤාණානි ඉධට්ඨ විජ්ජා

තවද චරණ ධර්මයෝ නම් පසළොසකි. ප්රාරතිමොක්ෂ සංවර සීලය, ඉන්ද්රිෝය සංවර සීලය, භෝජනයෙහි පමණ දන්නා බවය. නිදිවර්ජිත කිරීමය, පස්වැදෑරුම් ශ්රරද්ධාවය, පවට ලජ්ජාවය, පවට හයය, බොහෝ ඇසූ පිරූතැන් ඇති බවය, සතර සමයක් ප්රරධාන විය්ය්ි , සතර සතිපට්ඨාන ගත ස්මෘතියය,ප්රනඥාව, ප්ර්ථමධ්යා නාදී සතර ධ්ය්නයෝය යන මේ ය.



112 වාසනාවන්ත විවාහය හෙවත් ජයතිස්ස සහ රොස්ලින්

සීලංචරං ඉන්ද්රි්ය සංවරොච මත්තාසිතා ජාගරියානු යොගො සද්ධාභිරොතප්ප බහුස්සුතත්තං පරක්කමො වෙව සතී මතිච

චත්තාරී ඣනානිච තානිමානි තිපංච ධම්මා චරණානි ජඤ්ඤා එතානි විජ්ජා හිවසම්ප යොගො සම්පන්න විජ්ජාචරණො මුනීන්දො


මෙසේ දක්වන ලද අෂ්ට විද්යාදවෙන් හා පසළොස්වරණ ධර්මයන්ගෙන් යුක්ත හෙයින් ඒ මාගේ ස්වාමිදරු වූ තිලෝගුරු බුදුරජාණෝ විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

ඉතිපිසෝ භගවා බුද්ධෝ සුගතෝ, ඒ භාග්යගවත් බුදුරජතෙම මේ මේ කාරණයෙන් ද සුගත වන සේක. කවර කාරණයකින් ද , නිරවද්යය ගමන් ඇති හෙයින් ද , සුන්දර වූ නිවන්පුර ගිය හෙයින් ද, මනා තෙපුල් ඇති හෙයින්ද, ඒ ලෝකනාථ වූ බුදුරජාණෝ සුගත නම් වන සේක.

ඉතිපිසෝ භගවා බුද්ධෝ ලෝකවිදු - ඒ භාග්යනවත් බුදුරජතෙම මේ මේ කාරණයෙන් ද ලෝකය දන්නා සේක. කවර හෙයකින් ලෝකය දන්නා සේක් ද යත්? ලෝකය වනාහි සත්වලෝකය, සංඛාර ලෝකය, ඕකාස ලෝකය යි කියා ත්රිිවිධ වන්නේය. මෙහි සත්ව ලෝකය නම් රූපාදී පංචකාම‍යෙහි සක්ත විසක්ත වන බැවින් සත්ව යයි කයන ලද ඉන්ද්රිකය බද්ධ ස්කන්ධයන්ගේ රාශිය හෙවත් පරම්පරාවය. ඔකාස ලෝකය නම්, ඒ ඉන්ද්රිනය බද්ධ රූපාදීන්ගේ පිහිටීමට ආධාර වන අනින්ද්රියය බද්ධ රූපාදීන්ගේ රාශිය හෝ පරම්පරාවය. ඉන්ද්රිනය බද්ටධ අනින්ද්රිසය ලෝක‍ දෙ‍ දෙනා ම හේතු ප්රෝත්ය‍යෙන් හටගන්නා හෙයින් ද පවත්නා හෙයින් ද විනාශ වන හෙයින් සංස්කාර ලෝක නම් වන්නේය. මේ ආදි වශයෙන් විස්තර වූ සකල තුන් ලෝකය සර්වප්රාකාරයෙන් දැන් වදාළ හෙයින් මාගේ ස්වාමි දරු වූ බුදුරජණෝ ලෝකවිදු නම් වන සේක.

ඉතිපි‍ සො භගවා බුද්ධෝ අනුත්තරො - ඒ භාග්යසවත් බුදුරජ තෙම මේ මේ කාරණයෙන් ද අනුත්තර නම් වන සේක. කවර කාරණයකින් ද යත්? සීලයෙන් ද , සමාධියෙන් ද, ප්ර්ඥාවෙන් ද, විමුක්තියෙන් ද, විමුක්තිඥාන දර්ශනයෙන් ද, තමා‍හට සමාන දෙවියන්, මිනිසුන්,


පියදාස සිරිසේන නවකථා එකතුව 113

මාරයන්, බ්රතහ්මයන් සහිත ලෝකයෙහි කිසිවෙක් නැති බැවින් අනුත්තර නම් වන සේක. සමානවූවෙකු නැති කල්හි වැ‍ඩිසිටියෙකු නම් කෙයින් ද?

එයින් වදාළෝ

නමෙ අචරියො අත්දු සදිසො මෙ ‍න විජ්ජති ඉධෙවකස්මිං ලොකස්මිං නත්ථි මේ පටි පුග්ගලො

මෙසේ සීලාදී ගුණ ධර්මයෙන් තමන්වහන්සේට අධිකයෙක් තබා සමානයෙක් මුලු ලෙව්හි නැති හෙයින් මාගේ ස්වාමි දරුවාණෝ අනුත්තර නම් වන සේක.

ඉතිපි සො භගවා බු‍ඬො පුරිසධම්ම සාරථි - ඒ භාග්යමවත් බුදුරජ තෙම මේ මේ කාරණයෙන් පුරිසධම්ම සාරථි නම් වන සේක. කවර කාරණයකින් ද යත්? අන්යධයෙකු විසින් නොයික්මවිය හැකි දමනය කළ නොහැකි තිරශ්චීන පුරුෂයන් ද මනුෂ්යන පුරුෂයන් ද අමනුෂ්යි පුරුෂයන් ද වමන් වහන්සේ දමනය කොට සිත් වූ පරිද‍ි හසුරුවන හෙයින් පුරිසධම්ම සාරථි නම් වන සේක. මහානුභාව සම්පන්න උග්රම‍ ඝෝර විෂ හා තේජස් ඇත්තා වූ චුලෝදර මහෝදර අග්නිසිඛ ධුග්සිඛ ආදී නාගරාජයෝය. ධනපාලාදී රෞද්රත හස්ති රාජයෝය, සච්චකය, අම්බට්ඨ මානවකය, පොක්ඛරසාති බ්රාරහ්මණය, ඝොටමුඛ බ්රානහ්මණය, කුටදත්ත බ්රා,හ්මණය, උපාලි නම් ගෘහපතිය යන ශාස්ත්රබඥානදියෙන් උඩඟු වූ මනුෂ්යතයෝය. අලවකය, රුචිරෝමය, බරරෝමය, අජකලාපය යනාදි අති භයංකර යක්ෂයෝය, ශක්රාලදි දෙවියෝය, බක බ්රරහ්මාදී බ්රෙහ්ම රාජයෝය යනාදීහු නොයෙක් සමශක් උපායෙන් හික්මවනු ලුබුවෝය.

දම්යක වූ පුරුෂයන් තදංගවිනයාදි වශයෙන් දමනය කොට අෂ්ට සමාපත්තියෙහි ද නිරෝධ සමාපත්තියෙහි ද අගත පූර්ව නිරවාණයෙහි ද යන දස දිසාවන්හි හසුරුවන බැවින් ගමන් කරවන හෙයින් මාගේ ස්වාමි වූ බුදුරජාණන් වහන්සේ පුරිසධම්ම සාරථි නම් වන සේක.

ඉතිපි සො භගවා බුද්ධෝ සත්ථා දේවමනුස්සානං - ඒ භාග්ය වත් බුදුරජ තෙම මේ මේ කාරණයෙන් ද සත්ථා දේවමනුස්සානං වන සේක. ඒ කෙසේ ද යත්? දක්ෂ නෞකාධිපති තෙමේ යම් සේ චණ්ඩ වු මහා සාගරයෙහි මගීන් සහිත නැව අන්තරායෙන් වලකා ඒ


114 වාසනාවන්ත විවාහය හෙවත් ජයතිස්ස සහ රොස්ලින්

මගීන් ගේ බලාපොරෙත්තු ස්ථානයට සුව සේ පමුණුවද්ද, එමෙන් ම සද්ධර්මය නමැති නෞකාවෙන් දිව්ය මනුෂ්යාවදි සත්වයන් ජාති ජරා මරණ නමැති රෞද්ර් රළ පතරින් යුත් සංසාර සාගරයෙන් එතර කොට නරුපද්රව වූ නිර්වාණ නමැති පුරවරයට පමුණුවන හෙයින් ඒ මාගේ ස්වාමිදරු වූ බුදුරජාණෝ සත්ථා දේව මනුස්සානං වන සේක.

ඉතිපි සො භගවා බුද්ධො - ඒ භාග්ය වත් බුදුරජ තෙම මේ මේ කාරණයෙන් ද‍ බුද්ධ නම් වන සේක. කවර කාරණයකින් ද යත්? අතීතානාගත වර්තමාන යන කාලත්රසය සම්බන්ධි වූ ද කාම රූපී අරූපී යන භවත්ර්ය සම්බන්ධි වූ ද සියල්ල දත් හෙයින් ද ගුරුපදේශ රහිත නිර්වාණය අවබෝධ කළ බැවින් ද ප්ර ඥාවෙහි පරම විසුඬ භාවයට පැමිණ සකල ලෝක සත්වයාට ගුරු වූ හෙයින් ද ඒ ස්වාමිදර්වාණෝ බුඬ නම් වන සේක.

ඉතිපි සො භගවා බුද්ධො භගවා - ඒ භාග්ය්වත් බුදු රජ තෙම මේ මේ කාරණයෙන්ද භගවා නම් වන සේක. කමර කාරණයකින් ද යත්? රාගය භග්න කළ සේක, ද්වේශය භග්න කළ සේක, මෝහය භග්න කළ සේක, සියලු කෙලෙස් සතුරන් සමුලඝාතයෙන් භග්න කළ සේක, සත්තිස් බෝධිපාක්ෂික ධර්මයන් සේවනය භාජනය පර්යුපාසනය කර වදාළ සේක යන මෙතෙක් කාරණයෙන් මාගේ ස්වාමිදරු වූ බුදුරජාණෝ භගවා නම් වන සේක.

මේ බුදුන්ගේ ගුණය විස්තර කොට මට හැකි තරම් සැකෙවින් දැක්වීම බව සැලකුව මැනවි. මේ‍ ස්වාමිදරු වූ ලෝකනාථ වු බුදුරජාණන් වහන්සේ ලෝක සත්වයාට වැඩ සාදා දෙන පිණිස අනන්ත අප්රැමාණ කාලයක් මුලුල්ලේ ප්රවමාණයක් නොකළ හැකි මුක්තාමාණික්යා‍දි ධනය ද පුත්රලකලාත්රාරදීජනයන් ද ගෘහ ක්ෂේත්රාාදී සම්පත් ද ස්වකීය ප්රාවණය ද, ස්වකීය ශරීරය ද, රාජ්යහ සම්පත් ද, යනාදි සියල්ල දන් දීමෙන් දාන පාරමිතාය, දාන උප පාරමිතාය, දාන පරමාර්ථ පාරමිතාය යන පාරමී ධර්මයන් සර්වප්ර කාරයෙන් සම්පූර්ණ කොට පුරන ලද්දේය. මේ ක්රසමයෙන් ශීලාදි පාරමිතාවන් ද තුන් තුන් ප්රනකායෙන් පුරා ලෝක සත්වයන් නිසා බුද්ධ මුඛයකින් මිස අණ්යන කිසි ම සත්වයෙකුට කිව නොහැකි දුක් අනුභව කරන ලද්දේය. විතරාග වූ මුනිශ්රෙෙෂ්ඨ වූ මහාකරුණාවට සමුද්ර්යක් මෙන් විපුලධාරී වූ බුදුරජාණෝ සියල්ලන්ට එකාකාර වූ මෛත්රිශයක් ද පෑ සේක. මුදිතාවක් ද පෑ සේක. කරුණවක් ද පෑ සේක. උපේක්ෂාවක් ද පෑ සේක. සතුරාට ද තමාට ද එක සමාන ආදරයක් දැක් වූ එක ම




පියදාස සිරිසේන නවකථා එකතුව 115

මහෝත්තමයා මේ ඇර වෙන කවරෙක් ද?

මැස්සෙකු බොන පමණ වත් ලේ බින්දුවක් නොසෙල්වා සොයෙක් රටවල නොයෙක් ජාතිවල මිනිසුන් සත්පුරුෂයන් කළ ආගම් මේ භාග්ය්වතුන් වහන්සේගේ ධර්මය පමණකි. ක්රියස්තියානි ධර්මය නමැති උරචක්රවමාලය මිනිසුල්ගේ කරේ බලහත්කාරයෙන් පැලඳවීමට පසු ගිය ශත වර්ෂ තුල ඇතුළතදී පමණක් මුලු ලෝකයේ මිනිසුන් විසි කෝටියකට වඩා දරුණු දුක දී මරා තිබෙන බව ඉතිහා‍සයෙන් පෙනේ. ශුද්ධ යුගයේදී මැරුම් කන ලද නිරපරාධ මිනිසුන් ගැන සිතා බලන විට “ක්රිසස්තුස්” යන නාමය මතක් කරන අයටත් දැඩි හිතක් පහළ වන්නේය. අපේ මේ පුංචි ලක්දිවේ දැනට සිටින ක්රිමස්තියානිකාර ටික දෙනා ඇති කර ගැනීමට නිර්දෝෂ සිංහල පවුල් තිස් දාහක් පමණ ක්රෑදරතර අන්දමට වද දී මරා තිබේ. “මාර්ෂල්ස් සිලෝන්” නම් ප්රතකාරණය කියවන ජාත්යාිලය ඇති සිංහලයන්ට හටගන්නා සංවේගය කොපමණද කියා කීමට මම අසමර්ථ වෙමි. මේ ක්රි්ස්තුස් වහන්සේ නිසා අපායට පැමිණියන්ගේ සංඛ්යානව අනන්තයි අප්ර්මාණයි. රජවරුන්ගේ බලයෙනුත් මුදල් බලයෙනුත් නඩත්තු කර ගෙන සිටින මේ අධර්මවාදී ක්රිිස්තියානි ආගම මුළා වුනු මනුෂ්යේයන් විසින් පිළිකුල් කටයුත්තකි.

ශාස්ත්රාිචාය්ය්රිස ප්රේනාන්දු - තමුසේ ඔහොම කීවාට මොකද ක්රි ස්තුස් වහන්සේ මනුෂ්යකයන් නිසා දිවි පිදු කරුණාවන්ත උතුමෙකි.

ජයතිස්ස - ඒ තමුසේලා මුළාවෙන් පිළිගත් එකකි. ක්රිරස්තුස් වහන්සේ අනුන් නිසා දිවි දුන්නා නොව තමා විසින් කළ රාජ අපරාධයට දිවි දුන් කෙනෙකි. ඔහොම දිවි පිදුව වූ උදවිය වැලිකඩ හිරගෙදරදී මාස් පතා ම දකින්නට ලැබේ. හැබෑවට ම ක්රිිස්තුස් වහන්සේගේ දිවි දීමෙනුත් ප්රේයෝජනයක් ඇත කියා කියන්නේ ද?

ශාස්ත්රාෙචාය්ය්රයෝ - සත්තකටම උන්වහන්සේගේ මරණය නිසා අපට ගැලවීම ලැබුණා.

ජයතිස්ස - එහේමද, එහෙම නම් අපි සියලු දෙනා ම දැන් ගැලවීම ලැබුවෝ නොවෙමුද ?

ශාස්ත්රාොචාය්ය් ෝ - අපි උන්වහන්සේ කෙරෙහි විශ්වාස කොට ධර්මිෂ්ටව සිටියොත් ගැලවීම ලැබුවෝ වෙමු.



116 වාසනාවන්ත විවාහය හෙවත් ජයතිස්ස සහ රොස්ලින්

ජයතිස්ස - හැබෑට ම තමුසේ කියන දේ තමුසේට නොතේරෙන එක පුදුමයි. ක්රිේස්තුස්වහන්සේගේ මරණයෙන් මුළු ලෝකය ගැලවුණ බව පළමුවෙන් කීවේය. ඊට පසු ඒ මුලින් කී වචනයට හාත්පසින් ම වෙනස් වූ “අපි උන්වහන්සේ කෙරෙහි විශ්වාස කොට ධර්මිෂ්ඨ ව සිටියොත් ගැලවීම ලැබුවෝ වෙමු ය”යි කියයි. ක්රියස්තුස් වහන්සේගේ මරණයෙන් ලෝක සත්වයාට කිසිම ප්රගයෝජනයක් වුණාය යි මේ තමුසේගේ මේ දෙවෙනි කීමෙන් හැ‍ඟෙන්නේ නැහැ. අපි ගුණධර්මය පුර පුරා ගැලවීම ලැබිය යුතුතෝ වෙමු නම් ක්රිඅස්තුස් වහන්සේ මැරුණත් නොමැරුණත් ඇති එක මොකද? හොඳයි, ක්රිනස්තුස් වහන්සේගේ මරණයෙන් ලෝකයා ගැලවුණා නම් දැන් මේ තමුසෙලා කොමිසන් කරන්නේත් පල්ලි හදන්නේත් නොයෙක් කටයුතු කරන්නේත් පිස්සුවටද? ක්රිුස්තුස් වහන්සේගේ මරණයෙන් මුළු ලෝකය ගැලවුණා නම් ගැලවුණාමයි. දැන් අපි ගුණ ධර්ම පුරන්ටත් අරක කරන්ටත් මේක කරන්ටත් ක්රිදස්තුස් වහන්සේ අදහන්ටත් යාඥා කරන්ටත්උවමනා නැත. එසේ කරනවා නම් නිරර්ථක වැඩකි! යමෙකුට යමක් නීති ප්රවකාර ඔප්පුවක් පිට දුන්නොත් දුන්නාමයි. ඔහුගේ ඒ අයිතිකම ඒ දුන් අයට නැවත් වෙනස් කරන්ට බැරිය. ක්රිාස්තුස් වහන්සේ මැරුණේ අපි සියල්ලන් වෙනුවට බව නිරවශේෂ‍ කොටම කියා තිබේ. එහෙයින් සියල්ලෝම දැන් ස්වර්ගයට හිමිකාරයෝ වම්හ; එසේ නොවේද?

ශාස්ත්රාදචාය්ය්ිමි - ක්රිිස්තුස් වහන්සේ නො ඇදහුවොත් ගැලවීමක් නැහැ.

ජයතිස්ස - ඇයි ඕයි, ක්රි‍ස්තුස් වහන්සේ මැරුණේ මොකටද?

ශාස්ත්රාදචාය්ය්ිමි - අප ගලවන්ටයි.

ජයතිස්ස - උන්වහන්සේගේ මරණයෙන් අප ගැලවුණා ද?

ශාස්ත්රාදචාය්ය්ේගේ - ඔව්, උන්වහන්සේ ඇදහුවොත් ගැලවීම ලබා ගත හැකියි. ජයතිස්ස - හොඳයි, ඉතින් උන්වහන්සේ නොමැරුණත්

පියදාස සිරිසේන නවකථා එකතුව 117


උන්වහන්සේ ඇදහීමෙන් ගැලවීම ලබන්ට පුළුවන් බව හැ‍ඟෙනවා නොවේද?

අමරසිංහ - ඔව්, සත්තකින් ම හැ‍ඟෙනවා. ක්රිහස්තුස් වහන්සේගේ මරණයෙන් අප ගැලවුණා නම් දැන් අපි කුමකට ගුණ ධර්ම පුරා මහන්සි වෙමු ද? අපේ ගැලවීම අපි ම මහන්සි වී ගුණ ධර්ම පුරා ලබා ගත යුතු එකක් නම් ක්රිසස්තුස් වහන්සේගේ මරණය “නිකම්” අමන ක්රිසයාවක් බව මටත් තේරුම් ගියා.

ජයතිස්ස - ක්රිබස්තුස් වහන්සේ අප නිසා මැරුණයි කීමට වඩා උතුවන්කන්දේ සරදියෙල් අප්පු අප නිසා මැරුණයි කීම යුතුයි. මක් නිසා ද ක්රිණස්තුස් වහන්සේ ස්වකීය රටේ රජුට විරුද්ධව දේශනා කරමින් තමා අසරණ වඩුරාළ කෙනෙක් ව ඉඳගනත් කැලෑබද අසරණ මිනිසුන්ට තමා රාජ කුමාරයෙක් බව කියමින් බලවත් තක්කඩිකම් කළ කෙනෙකි. සරදියෙල් අප්පු වනාහි ධනවත් මිනිසුන්ගේ වස්තුව දුප්පත් මිනිසුන්ට දෙමින් සැඟවී සිටි කෙනෙක්ය. ක්රිසස්තුස් වහන්සේ මැරෙන කොට “අනේ දෙයියනේ” කියමින් මරහඬ දී මළ කෙනෙකි. සරදියෙල් අප්පු මැරෙන විට බෙහෝ දෙනෙකුට ප්රකයෝජනවත් වන වචන ටිකක් කියා මැරණේලු. ඒ වචන දැනට මුද්රවණය කර තිබෙන සර්දියෙල් අප්පුගේ ජීවිත කථාවෙන් බලා ගත හැක. මේ ඇරත් කෙනෙක් මැරුණ පළියට තව කෙනෙක් ගැලවෙයි නම් තමුසේ බත් කෑවාම තමුසේගේත් භාය්යාි වගේත් බඩ පිරිය යුතුයි. ඕයි, යුක්තියට නැති මේ අඥාන කියුම් මින් මතු කියන්ට එපා.

අමරසිංහ - මහත්මයා බුද්ධාගමත් ක්‍රිස්තියානි ආගමත් ගැන අද මේ කරන ලද කථාවෙන් ඥානය ඇති අයට හොඳට ම ප්රසයෝජන ගන්ට ඉඩ තිබේ. දැන් එළිවෙන්ටත් ළඟයි, ඒ නිසා ජයතිස් මහත්මයා නිදාගන්ට හොඳයි කීයේය.

(ඉක්බිති ජයතිස්ස මහතා රොස්ලින් විසින් ලෑස්ති කරන ලද සැප ඇති යහනේ නිදා ගත්තේය. මුහුප්පුරාළත් ශාස්ත්රාදචාය්ය්. න ප්රඟනාන්දු උන්නැහේත්

118 වාසනාවන්ත විවාහය හෙවත් ජයතිස්ස සහ රොස්ලින්

ක්රිලස්තු භක්තිය කෙරෙහි බලවත් ලෙස කලකිරී ගෙවලට ගියෝය. අමරසිංහ අප්පුහාමිත් හිතින් ක්රිටස්තියනි ආගම සහමුලින් නැති කර දමා ප්රිසිද්ධියේ බෞද්ධාකම්කාරයෙකු වන හැටි කල්පනා කරමින් නිදන්ට ගියේය. රොස්ලින්ගේ මව් ද “අපි මේ පමණ කල් ඇදහුවේ මේ අසරණ වඩු රාළ කෙනෙකුගේ පුතෙකු නොවෙමු දැ”යි බලවත් ලජ්ජාවකට පැමිණ දේවාති දේව වූ ශාක්යර මුනීන්ද්රැයාණන් වහන්සේ ‍ප්රනසිද්ධ වශයෙන් ඇදහීමට පටන් ගන්නට කෙදින ලබමු දැයි රොස්ලින් සහ මරියා නෝනාත් සමග කථා කරමින් සිට නින්දට ගියාය. මේ උභය ලෝකාර්ථ සිද්ධිදායක විවාදය කිරීමෙන් කීර්තියට පත් ජයතිස්ස වික්රිමසිංහ මහතා බලන පිණිස මෙන් ඉක්මනින් ගමන් ගත් සූය්ය් ව දිව්යෙ රාජයා උදය උදයගට පැමිණියේ මතු නොවෙයි, මිථ්යානදෘෂ්ටි ඝනාන්ධාකාරය අමරසිංහ අප්පුහාමිගේ හිතින් දුරු උනාක් මෙන් ගන අඳුරු කඳ ද සැඟවී යන්නට පටන් ගත. එ කෙණෙහි ලෝකය සූය්යාී ලෝකයෙන් ආලෝකය ද වූයේය)



10[සංස්කරණය]

ප සු දින උදය ජයතිස්ස අමරසිංහ අප්පුහාමි සහිත පවුලේ සෑම දෙනා සමග කථාබස් කොට ආචාර සමාචාර පවත්වා විශ්රා ම ශාලාවට යන්ට ගියේය. රොසලින් සමග ජයතිස්සගේ විවාහ බන්ධනය නො අනුමානව සිඬ වනබව ඔවුන් දෙ‍ දෙනාට හොඳින් හැඟී ගිය හෙයින් මේ තරුණ දෙ දෙනාගේ සිත් බෙහෙවින් ප්රීයතියට පත් විය. අමරසිංහ අප්පුහාමි රෝමනු දෘෂ්ටියට විරුද්ධ ව ක්රිවයා කරන බැව් “කට්ටලේ” පූජා ප්රිසාදිතැනට ආරංචි වී කිහිපදිනකට පසු එම ප්රිසාදිතැන තවත් පූජක කෙනෙකු හා අන්නවිරාළත් සමග අමරසිංහ අප්පුහාමිගේ නිවසට පැමිණියේය. එසේ පැමිණි පූජකාදීන් කෙරෙහි වෙනදා මෙන් බලවත් ආදර භක්තියක් නොපෙන්වීමෙන් ‍ම

පියදාස සිරිසේන නවකථා එකතුව 119

අමරසිංහ අප්පුහාමිගේ ඇස් පැහැදී කතෝලික දෘෂ්ටිය නමැති උරචක්රිමාලය ඉවත් තිබෙන බැව් පූජකවරු දැන ගත්තෝය. එසේ දැන ගත් ඔව්හු පිළියෙළ කර තිබුණු ආසනවල වාඩිගත් ඉක්බිති අමරසිංහ අප්පුහාමි සමග මෙසේ කථාවට පටන් ගත්තෝය

පූජාප්රතසාදි තැන - අප්පුහාමි, බුද්ධාගම් කාරයෙකුට රැවටී සුඬ වූ සභාවට විරුද්ධව ක්රි යා කරනවා යයි ආරංචියි. හැබෑ නම් අදම කොමිසන් කර දෙවි හාමුදුරුවන්ට යාඥා කර දේව වරප්රනසාද ලබා ගන්ට ඕනෑ.

අමරසිංහ - මම තමුන්නාන්සේලාගේ සුඬ වූ සභාවට විරුඬව තවම ක්රිරයා කරන්ට පටන් නොගතිමි. ඇරත් මා වැනි දුර්වල කොනෙක් ඔය සභාවට විරුද්ධ වී මක්කරන්ටද? මට කරන්ට තිබෙන එකම වැඩේ නම් සභාවෙන් ඉවත් වීම පමණයි. ඉතින් ඒ මාගේ ඉවත් වීමට බොහෝ අනුකම්පා කොට තමුන්නාන්සේ මා සම්බ වෙන්ට ඇවිත් තිබේ. ඒ ගැන මම ස්තුති කරමි. සුද්ධ වූ සභාවට විරුද්ධව ක්රිනයා කරන්නේ තමුන්නාන්සේගේ ම “ප්රින්සයේ” බැව් තමුන්නාන්සේලා නොකීවත් පත්ර් කතෘ මහතුන්ට පින් සිද්ධ වෙන්ට අපටත් ටික ටික ආරංචියි. ඉතින් තමුන්නානසේලාගේ ම රටට ඔය සුද්ධ සභාව එපා වූණේ මොකද?

පූජාප්රකසාදි - ඒක මෙතනට ඕනෑ කරන එකක් නොවෙයි. අප්පුහාමි යක්ෂයාගේ පරීක්ෂාවට වැටී තිබෙනවා. යක්ෂයාගේ මායමට රැවටෙන්ට එපා. සදාකාල අපායට යන්ට වීරිය කරන්ට එපා

අමරසිංහ - බොහොම ස්තුතියි. අපට යන්ට සිද්ධ වෙන අපාය ගැන ඔය හැටි තමුන්නාන්සේට කණගාටු මොකද? තමුන්නනාන්සේගේ ම රටේ ස්වකීය ජාතියේ උදවිය අපායට ය‍ාමෙන් ගලවා ගැනීමට උත්සහ නොකරන්නෙත් ඔවුන් කෙරෙහි අපට මෙන් කරුණා නොකරන්නෙත් මොක ද කියා මට පළමුවෙන් කියන්ටකෝ.

අමරසිංහ හාමිනේ - මොනවද, ප්රරන්ස ආණ්ඩුවේ නිලධාරි ශබ්ද ශාස්ත්රාසදිය උගත් පණ්ඩිත ජනයා හෙයින් ඔවුන් රවටා ගෙන ඉස්සර වාගේ “සෝක්” කිරීමට දැන් අමාරුයි. 120 වාසනාවන්ත විවාහය හෙවත් ජයතිස් සහ රොස්ලින්

අන්ධාකාරයේ ගිල්වා ගත්ත කිසිම පොත ‍පතක් ශාස්ත්ර.යක් ඉගෙන ගන්ට ඉ‍ඩ නෑර හරකුන්ගේ ගණනට ඉන්ට සලසා ගත් සිංහල මිනිසුන්ගෙන් තවම “බැල මෙහෙ” ගන්ට ඉඩ තිබෙන බව දැන ගන අනකම්පා කරනවා මිස වෙන මොනවාද?

පූජාප්රවසාදි තැන‍ - නුඹලා දැන් යක්ෂයාට ගිහිල්ලා, මම ඒ බව බිෂොප් උන්නාන්සේට කියනවා.උඹලාට මිනීමළ වත් ලැබෙන්නේ නැති බව බලාපල්ලා.

අමරසිංහ - නැහැදිච්චකමට අපට “උඹලා කියා කථා කරන්ට එපා. උඹලාගේ ගමේ මිනී වළෙන් අපට කමක් නැහැ. අපේ රටේ මිනී වළවල් හාර ගන්ට උඹලාගෙන් අපට අවසර ඕනෑ ද? උඹලා වැඩි කල් අපට නිග්රාහ කරමින් ඌරන්ට බල්ලන්ට වාගේ කථා කරමින් අපේ මුදලෙන් කුකුළන් මර මරා කන්ටත් ජින් බ්රැඅන්ඩි බීගන ඔහේ ඔරිසන් කිය කියා මර හඬ දෙන්ටත් හිතන්ට එපා. මට සුද්ධ සභාවත් එපා. ක්රිාස්තුස් වහන්සේ අමන යුදෙව්වන් සමග වැල්ලේ දේශනා කර ඇවිදිද්දී අපේ මුතුන්මිත්තන් කළ වැඩ අනුරාධපුර ආදී ස්ථානවලට ගොස් බැලුවාම උඹලාගේ ආගමෙත් ‍අපේ මුතුන්මිත්තන්ගේ ආගමෙත් වෙනස හොඳට පෙනේ.

(පාදිලිවරු කේන්ති වැදී වහාම පිටත්ව ගියෝය. අමරසිංහ හාමිනේ ද රොස්ලින් ද තවත් ගෙදර උන් අය ද සිනාවෙන්ට පටන් ගත්හ. අන්නවිරාළ පමණක් නැවතී අමරසිංහ අප්පුහාමි සමග කථාවට බැස්සේය.)

අන්නවි - අප්පුහාමි, මොකද අද කේන්තියෙන් කථා කරන්නේ?

අමරසිංහ - මොනවද අන්නවිරාළ, එරෝපේ සුදු පූජකයන්ගේ නිග්ර්හ විදපු කල් මදැයි. අප ගලවන්ට එන ඔය හාදයන්ගේ රටේ හැටි ඇසුවොත් තමුසේත් ‍වැඩි කල් අන්නවිකම් කරන්නේ නැහැ. තමන්ගේ මිනිසුන්ට එපා වෙන ක්රි්ස්තියානිය අපට මී පැණි කරන්ට මේ හාදයන්ට ඕනෑ කර තිබෙන්නේ මොකද කියා කල්පනා කරන්ට ඉතින් වත් පටන් ගනිමු.

අන්නවි - අනේ, අප්පුහාමි අප මවා ආරක්ෂා කරන දෙවි හාමුදුරුවන්ට සතුරු වෙන්ට එපා.


පියදාස සිරිසේන නවකථා එකතුව 121

අමරසිංහ - හැබෑටම අන්නවි මහත්මයා, අප මවා ආරක්ෂා කළායින් ඔය දෙවියන්ට ඇති පලේ මොකද?

අන්නවි - අයි උන්වහන්සේට මෙහෙ කරන්ට.

අමරසිංහ - අනේ ඔය මරිමට්ට අඥාන කියුම් කියන්ට එපා. ඔයා‍ගේ වැඩකාරකමට සුර දූතයින් ටික දෙනෙක් මවා ගත්තාම හොඳටම ඇති වේ. අප්රනමාණ ලෝක සත්ව සමූහයක් මවා එයින් සමහරෙක් සදාකාලික ගින්නටත් සමහරෙක් සදාකාලික ස්වර්ගයටත් දමමින් හාල්මැස්සා හුරුල්ලාටත් හුරුල්ලා පරවාටත් පරවා තෝරාටත් යනාදී ක්රුමයෙන් පුංචි එකාව ලොකු එකාට ගොදුරු පිණිස මව මවා මේ කරන විකාර උමතු නූවූ සියල්ලන්ට විහිළුවකි. ලෝක ස්වභාව වත් සතර මහා භූතයන්ගේ විශේෂ විභාගය වත් හේතු ප්රවත්යස දෙ‍ දෙනාගේ තත්වයවත් නො දන්නා මනුෂ්යත නාමය ලබා උපන් කොතන ද කෛරාටික අධම ටික දෙනෙකු ගොතපු මේ පුහු නින්දිත ආගම කිසි ශිල්ප ශාස්ත්ර යක් නූගත් කාලයේ ඒරෝපෙට රිංගා දියුණු වූ පළියට අෂ්ටාදස විද්යා්වන් ද සූසැටක් කලා සිල්ප ද දැන මුළු ලෝකය විස්මපත් කළ සිංහල ජාතියේ පැවැතෙන අපටත් යුතුද? යන්ට අන්නවී මහත්තයෝ. මම දැන් අන්ධයෙක් නොවෙමි. කේවි මහතාගේ ලංකාවේ නටබුන් නුවරවල් නම් ඉංග්රීවසි පොත ඉංග්රී සි දන්නා කෙනෙකුට කියා තේරුම් කරවා ගන්ට, ඔය ඇ‍ගේ තිබෙන නිල් කන්නාඩි අහක්කර මේ බයිබලය කියවන්ට.එත කොට ඔය බයිබලේ පෙනෙන දෙවියන්ට වඩා වික්රේම කළ ඇදහිය යුතු සිංහල මිනිස්සු විසූ බව මහාවංශයත් අපක්ෂව බැලු කෙණෙහිම පෙනේ. එවිට මේ කෙහෙල් මල් වලින් අපට ඕනෑකමක් වෙන්නේ නැහැ. අන්නවිරාළට මේ කී කරුණු ගොනා පිට පොල් පටවන්නාක් මෙන් වී, කුරුසයක් ඉඹ ඉඹ යන්ට ගියේය. අමරසිංහ අප්පුහාමි හලාවත පළාතේ තමාගේ වත්තක් බලල්ට ගියේය.

ඉතින් මේ කාරණා මෙසේ සිද්ධ වූ කල්හි වින්සන්ට් පෙරේරා රොස්ලින් කෙරෙහි ඇති ප්රේමමයෙන් ඈ තමා වෙත වසඟ කර ගැනීමෙහි උපක්ර්ම සොයමින් නොයෙක් පළාත්වල ඇවිදින්ට පටන් ගත්තේය.



122 වාසනාවන්ත විවාහය හෙවත් ජයතිස් සහ රොස්ලින්

ස්ත්රී න්ගේ සිත් වසඟ කර ගැනීමට මන්ත්ර් ගුරුකම් තිබෙන බැව් නෙයෙක් දෙනා කී නමුත් ඔහු ඒ කිසිවක් විශ්වාස නොකරන්නෙකු හෙයින් තමාගේ මිත්රකයා වන සිල්වා දොස්තරට ම මේ ගැන කියමින් ඔහුගේ ගුරුකම් පිට ක්රි යා කළේය. සිල්වා දොස්තර රොස්ලින් රහසින් ගෙන්වා වින්සන්ට් ‍බාර දෙන පිණිසත් එසේ කිරීමට ප්ර ථම රොස්ලින්ට සිහි නැතිවෙන බෙහෙතක් රහසින් කවන්ටත් තීන්දු කර ගෙන මේ ‍සඳහා අත් උදව්කාරයන් තුන්දෙනෙකු ලෑස්ති කර ගත්තේය. මේ කටයුත්ත සඳහා වින්සන්ට් එදින ම දොස්තරට පවුන් සියයක් ද දුන්නේය. දොස්තරගේ අත් උදව්කරයෝ ‍නම් රොස්ලින්ලාගේ ගෙදරට නිතර යන එන නොන්නම්මා නමැති මැහැලිය හා ජුවකීනු සහ රොමියෙල් නම් මිනිසුන් දෙදෙනෙකුත්ය.

සිල්වා දොස්තර මහත්මයා නොන්නමම්මාට රුපියල් පහක් ද දි රොස්ලින් සමග කථා බස් කිරීමෙන් හොඳට මිත්රා වෙන්ට කීවේය. මම රොස්ලින්ට බෙහෙතක් සාදා දෙන්නෙමි. එය නුඹ රොස්ලින්ට කවන්ට ඕනෑය. එසේ ක‍ළොත් නුඹට රුපියල් 100 ක් වින්සන්ට් මහත්මයා ගෙන් අරගෙන දෙන්නෙමි යි ද කීවේය. නොන්නමම්මාද ඕනෑ ම බෙහෙතක් ‍කවන්නෙමියි පොරොන්දුව රුපියල් පහත් බුලත් මල්ලේ ලාගෙන රොස්ලින්ලාගේ ගෙදරට ගියාය.

කීප දිනකින් ජයතිස්ස දකින්නට නොලැබුන රොස්ලින් ජය්තිස්ස ගෙදර දිසාවට එන්ටත් කියමින් සිංහල භාෂාවෙන් කර තිබෙන නීති ශාස්ත්ර ය සම්බන්ධ පොත් සියල්ලක් ම අසා එයින් ජයතිස්ස ළඟ තිබෙන පොත් ඉල්ලා යවන ලදී. ඊට ජයතිස්ස මෙසේ ලියා යැව්වේය.

ප්රේයමිය, අපේ තාත්තා විසින් අලුතෙන් අපට ගෙයක් සාදා දැන් එහි වැඩ අවසාන වේගන යන්නේය. ඉඩම් කඩම් ගෙයක බෙදීම සහ ඒ ගෙයි සමහර වැඩ ගැනත් මට ගමට යන්ට වී තිබේ. මම අද ගමට යන්නෙමි. ඒ ගොස් නැවත එන්නේ මාස තුනකින් පමණයි. ඒ ආ හැටියේ ම අපේ විවාහය නොඅනුමානව ම ඉෂ්ට කරන්නෙමි. නුඹලා‍ගේ දෙමව්පියන් මට නුඹ විවාහ කර දෙන බැව් නිසැකව දැන ගතිමි. මේ සමග මගේ පින්තූරය එවමි. මේ ඇර අප භාෂාවෙන් රචනා කළ නීති පොත් ඉතා ස්වල්පයකි. සුභාෂිතය දැනට ප්රවසිද්ධව තිබෙන සැලකිය යුතු නීති ශාස්ත්රායට අයත් එකම පොතයි.පාලි සංස්කෘත අප භාෂාවේ මව්




පියදාස සිරිසේන නවකථා එකතුව 123

භාෂා හෙයින් ඒ භාෂාවලින් තිබෙන හිතෝපදේශය, නීතිශතකය, නීති ප්ර දීපය ආදී පොත් ම අපේ පණ්ඩිතයන් නීති ඉගනීමට භාවිතා කළ බැව් පෙනේ. එසේ ද උවත් නීති ශාස්ත්රනය සම්බන්ධව කරන ලද පුන්චි සිංහල පොතක් මේ සමග එවමි. මෙය කර තිබෙන්නේ “නීති වේණ්ඛා” නැමැති දෙමළ කාව්යසය සිංහල කාව්යීයට පෙරලීමෙනි. මෙය මේ වන තෙක් ප්රවසිද්ධ කර නොමැතියි. එහෙයින් මෙය ආදරයෙන් කියවා මෙයින් උගන්වන යහපත් උපදේශ ඉගෙන ඥානාභිවෘද්ධිය කර ගන්නා මෙන් ඉල්ලමි.

මේ වගට - ප්රේ මනීය, ජ. වික්ර මසිංහ”

මේ නීති ශාස්ත්ර්ය සම්බන්ධ පොතත් ලියුමත් එවා ජයතිස්ස ගමට ගියේය. රොස්ලින් කෙරෙහි බලවත් ප්රේ මයෙන් ඉන්න වින්සන්ට් පෙරේ‍රා සිල්වා දොස්තරත් සමග රොස්ලින් ලැබ ගන්නා උපක්රනම යොදන්නට පටන් ගත්තේය. එක් දිනක් රොස්ලින්ගේ මව්පියන්ගේ අදහස් දැන ගන්නා පිණිස වින්සන්ට් අමරසිංහ අප්පුහාමිලාගේ ගෙදරට අ‍ායේය. අමරසිංහ අප්පුහාමි සහ හාමිනේත් වින්සන්ට්ට වාඩි වෙන්ට කියා සුරුට්ටුවකින් සංග්රනහ කළෝය. වින්සන් සහ අමරසිංහ හාමිනේත් අතර මේ පුංචි දෙ බස ද ඇති විය.

වින්සන්ට් - නැන්දලා දැන් දේව විරුද්ධකාරයන් වුණයි කියන්නේ හැබෑද?

අමරසිංහ හාමිනේ - මොන බොරුද? අපි දැන් දේවාති දේව වූ බුදුරජාණන් වහන්සේගේ සරණ යන්නේ වුණා මිස කිසිම දෙවියෙකුට සතුරු නොවෙමු.

වින්සන්ට් - නැන්දේ දෙවියන්ට වඩා ලොකු කව්ද? අපට දැන් විපතක් අමාරුවක් පැමිණුනාම දෙවියනේ කියා කියනවා මිස බුදුනේ කියා කියනවාද?

අමරසිංහ හාමිනේ - ඔව් දෙවියනේ නම මල මුත්ර කරන්ට බැරිවුණත් මතක් කරන නමුත් බුදුහාමුදුරුවන්ගේ නම එසේ නොකියන එක හැබැයි. මක් නිසා ද යම් යම් විපත්ති වලදී බුදුන්ගේ දාසයෝ වන දෙවියන්ගේ උපකාර ගන්නවා මිස ඒ දේවාති දේව වූ බුදුරජාණන් වහන්සේ නාමය වත් මතක් නොකරති. උඹ පාරේ යන කොට උඹෙන් යමක් හොරු පැහැර ගත්තොත්


124 වාසනාවන්ත විවාහය හෙවත් ජයතිස්ස සහ රොස්ලින්


එසේ නැති නම් උඹට යමෙක් පහරක් ගැහුවොත් උඹ කථා කරන්නේ කාටද?

වින්සන්ට් - පොලිස් පොලිස් කියා කොස්තාපල් කෙනෙකුට කථා කරනවා.

අමරසිංහ හාමිනේ - ඇයි. මහරජතුමාට කථා නොකරන්නේ? මේ රටේ අයිතිකාරයත් අධිපතියාත් මහරජතුමා නිසා උන්වහන්සේට කථා නොකරන්ටත් ඉතා ම පහත් මුරකරුවාට කථා කරන විටත්උ ඇති යුතුකම මොකද?

වින්සන්ට් - අපේ පුංචි අමාරුවක් ගැන පහරජතුමා වැනි උත්තමයෙකුට කථා කිරීම උන්වහන්සේට කරන අගෞරවයකි. ඒ නිසා උන්වහන්සේගේ ඉතා ම පහත් වැඩකරුවාට කවුරුත් කතා කරති.

අමරසිංහ හාමිනේ - අන්න ඒ වගේ ම අපේ මෙලොව විපත්ති වලදී නිතර ම පාහේ දෙවියන්ට කථා කිරීම සිරිතකි.දෙවිවරු බුදුන්ගේ වැඩ කරුවන්ගේත වැඩකරුවෝය. බුද්ධ යන නාමයේ තේරුම උඹ දන්නවානම් ඒ ‍ෙශ්ර.ෂ්ඨ වු නාමය පවතින තුරු දිව්ය යන නාමය සූය්යානම අභිමුඛයෙහි තැබු කණමැදිරියෙක් වගේ යයි සිතනවාට අනුමාන නැහැ.

වින්සන්ට් - හොඳයි එහෙනම් උඹලා දැන් බුද්ධාගම්කා‍රයෝ වෙච්චි. ඒකෙන් අපට කමක් නැහැ. කොහෙම ද රොස්ලින්ලාගේ මඟුල් තුලා? රොස්ලීන් ජයතිස්ස කෙනෙකුට කසාද බැඳ දෙනවා යයි කියන කීම හැබෑද?

අමරසිංහ හාමිනේ - තවම එහෙම කොයි එකක වත් තීන්දුවක් නැහැ. නමුත් රොස්ලින් විවාහ කර දෙන්නේ නම් සිංහල ආදී පූර්වදේශීය භාෂා ශාස්ත්රී හොඳට උගත් ගුණධර්මයෙන් යුත් ජාති ආලය ඇති බෞද්ධ සිංහලයෙකුටමයි.

හොඳයි, බොහෝම හොඳයි කියා වින්සන්ට් දොස්තර ළඟට වහාම ගොස් මහත්මයා වැඩිකල් ප්රොමාද කරන්ට දෙයක් නැහැ.රොස්ලින් සිහි නැති කරලා බලාත්කාරයෙන් ගෙන එන්ට සූදානම් කරමු යයි කීහ. දොස්තර ද ඊට සතුටු ව වින්සන්ට්ගේ අතවැස්සේ වන ජේමිස්, ජෙමානු, පෙමියානු, ජොකීනු යන සතර දෙනාට කථා කොට අද රෑ අමරසිංහ අප්පුහාමි නුවර යන්ට යන්නේය. ඒ ගියාම රොස්ලින්ලාගේ ගෙදර ඉන්නේ ගෑනු තුන් හතර දෙනෙකුත් මුරකාර


පියදාස සිරිසේන නවකථා එකතුව 125

කොච්චියත් පමණයි. මම නොන්නම්මා ලවා රොස්ලින්ට බේතක් පොවන්නෙමි. ඈ ඒක බීපු හැටියේ ම මැරුණාක් මෙන් සිහි නැතුව නිදා ගනී. උඹලා රෑ දොළහට රොස්ලින්ලාගේ ගේ බිඳ දොර ඇර රොස්ලින් තාප්පයෙන් මෙහාට උස්සාගෙන ඇවිත් මා එවන අශ්ව කරත්තේ තියා ගෙන මෙහාට වරෙල්ලා. අමරසිංහ අප්පුහාමිලාගේ ගෙදර පටන් මෙතන දක්වා ඇති සන්ධිවල පොස්කරුවන්ට මම අල්ලස් දීලා තබන්නෙමියි කියා මේ චෞරයන් සතර දෙනාට රුපියල් දහයක් ද දුන්නේය. දොස්තර විසින් සිහි නැතිවෙන බෙහෙත සාදා නෙන්නම්මාට දී නුඹ අද සවස් වනතුරු රොස්ලින්ලාගේ ගෙදර සිටලා හයට පමණ තේ වතුරු හෝ වෙන මොකකට වත් දමා මේ බේත රොස්ලින්ට පොවන්ට ඔනෑ යයි කීයේය. නොන්නම්මා ද වින්සන්ට් විසි දුන් රුපියල් පහත් බුලත් මල්ලේ දමාගෙන රොස්ලින්ලාගේ ගෙදරට උදේ ම යා ගත්තාය. හෙරගේ දුෂ්ට කමක හැටි. පුරාණ පණ්ඩිතවරු මෙසේ කියා තිබේ

“අබිසරු ලිය තැප ල සෙර වෙයි දැසි නළඹ ක ල මල්කරු රදී ක ල සබඳ නොකරව සිතැත තොප කු ල”

නොන්නම්මා ගොස් ‍ෙරාස්ලින් මදුර ස්වරයෙන් කියවමින් හුන් ගුත්තිල ජාතක කව්ය ය ආශාවෙන් මෙන් අසා ගෙන සිටියාය. අමරසංහ හාමිනේට ද බලවත් ඉච්චාවෙන් ඉතා හිතෛෂි භාවය දක්වා දාවලට එිහ දීම බතත් කෑවාය. රොස්ලින් සමග නොයෙක් දේ ගැන නෙන්නම්මා කථා කරමින් ඉන්න අතර අමරසිංහ අප්පුහාමි මහනුවර යන්ට ගියේය. අවල් තුනට පමණ රොස්ලින්ට බොන පිණිස මරියනෝනා තේ වතුර කෝප්පයක් සදාගෙන ගොස් පොතක් කියවමින් හුන් රොස්ලින්ගේ කාමරේ මේසේ උඩ තබා රොස්ලින්ට එය බොන්ට කියා එළියට අවාය. රොස්ලින් ද කියවමින් උන්නේ ඉත‍යා රසවත් පොතක් හෙයින් තේ වතුරු ගැන කිසිම කල්පනාවක් නැතුව පොත බැලුවාය. මේ අතර නොන්නම්මා නමැති දුෂ්ට කනවැන්දුම් ස්ත්රිුයට අවකාශ ලුබුණෙන් රොස්ලින්ගේ කාමරයට ඇතුළුව මෙසේට හේත්තු වී ඉන්නාක් මෙන් ඉඳ තේ වතුරු කෝප්පයට සිහි විකල‍ වන බේත දැම්මාය. එසේ දමා එළියට ගොස් සමරසිංහ හාමිනේත් සමග ටික වෙලාවක් කථා කරමින් සිටි නොන්නම්මා හණි හණික ගොස් දොස්තරටත් වින්සන්ට්ටත් තමා





126 වාසනාවන්ත විවාහය හෙවත් ජයතිස්ස සහ රොස්ලින්

කළ සමර්ථකම කියා සිටියාය. රොස්ලින් පහට පමණ පොත කියවීම නවත්වා තේවතුර කෝප්පය බොන්ට අතට ගන්නවාත් සමග හූනෙක් හැඬුවේය. රොස්ලින්ලා කලින් කතෝලික දෘෂ්ටිකව සිටි බැවින් හූනන්ගේ හැඬීම ආදියෙන් සුභාසුභ දැන ගැනීමට තිබෙන මා හැඟි ගුප්ත විද්යාහ නොදැනීමෙන් මේ හූනාගේ හැඬීම නොසැලකුවාය. මේ හූනා හැඬුයේ රොස්ලින්ට උතුරු දෙසින්ය. මේ දවස සිකුරාදාය. ඉතින් රොස්ලින්ට තේ වතුරු කෝප්පය බීමෙන් පැමිණෙන විපත මේ හූනා දක්වන ලදැයි විභාගකර ගැනීම සූනූ ශාස්ත්රෝය බැලීමෙන් පිළිවෙන. මේ සූනු ශාස්ත්රනය දැන ගෙන තිබුණා නම් කිසි දිනක රොස්ලින්ට මේ බලවත් විපත නොවන්නේය. සූනාගේ ශබ්දය ගැන කිසිත් නොසැලකු රොස්ලින් තේ වතුර කෝප්පය බීවාය. එසේ බී මිනිත්තු තුන හතරක් යන කොට රොස්ලින්ගේ ඇඟට ක්ලාන්තයක් මෙන් වූ බව මවට කියා තම කාම‍රයේ දොර මඳක් වසා නිදා ගත්තාය. රොස්ලින්ගේ මව් රෑ නවය වන තුරුත් බලා ඉඳ බත් අනුභව කිරීමටත් රොස්ලින් නොනැගිටියෙන් ඈට බලවත් ක්ලාන්තයකැයි සිතා මුහුණේඇල් වතුරු ඉස කථා කළ නමුත් එයින් ද කිසි පලක් නොවීය. ගෙදර සිටි සියලු දෙනාට ම රෑ 11 පමණ වන විට නිදි බර වී ඒ ඒ තැන වැටී නිදා ගත්හ. මේ වේලාවේ දොස්තරගේ සහ වින්සන්ට්පගේ උදව්කාර ‍ජෝකීනු ආදී සොරු සතර දෙනා රොස්ලින්ලාගේ තාප්පය අද්දර අඹ ගස යට සැඟවී උන්හ. හොරු ගෙවල් බිඳින දිනවල් ද වේලවල් ද ක්ර මය ද මෙහි දැක්වීමෙන් හොරුන් ගෙන් ප්රේවේසම් විය හැක්කේය. එබැවින් “චෞර ශාස්ත්රදය” ඇසිය යුතුයි.

පසළොස් පැයින් පසු හඳ නැති දවසකුත් එම දවස සිකුරාදා, සෙනසුරාදා සහ අඟහරුවාදා යන දවස් ‍තුනෙන් එකකුත් විය යුතුය. මේ තුන් දිනෙන් එක දිනෙකුත් වී පසළොස් පැයේ පටන් එළි වන තුරු බලවත් වර්ෂාසව හෝ ඝනාන්ධකාරය ඇති දිනක ම මිස හොරු නගරයක ගේකට ඇතුළු නොවෙති. රෑ එකටත් තුනටත් අතර කාලයක ‍ම හොරු ගෙවල් උමං කති. ගෙයි බිත්තියට කන තබා ආශ්වාස ප්රතශ්වාස ශබ්දයෙන් හොරාට ගේ තුළ සිටින්නවුන්ගේ ගණනත් නින්දේ හා මඳ නින්දේ සිටින්නවුන්ගේ ද අවදිව සිටින්වුන්ගේ ද ගණනත් කිය හැක්කේය. හොරාට අවශ්යගයෙන් ම උවමනා කරන ධනය හෝ පුද්ගලයා සිටින කාමරයෙන් ම ගේ හෑරීම සිරිතකි. හොරා ගේ හාරා මඳ වේලවක් පරීක්ෂා කරමින් පිටත ම ඉඳ කකුල් දෙක හාරන ලද


පියාදාස සිරිසේන නවකථා එකතුව 127

සිදුරෙන් ගෙට දමා උඩුබැලි අතට ගෙට රිංගන්නේය. මෙසේ රිංගා ගත් කෙණෙහි ම ගෙයි දොරවල් ඇර ගෙන නපුරු ආයුධයක් අතට ගෙන තමාට උවමනා දේවල් පැහැර ගන්නේය. හොරෙක් ගෙට ඇතුළු වූ විට තමාට වාසි මදි නම් කවදාවත් කෑ ගසන්ට හෝ නැගිටින්ට යුතු නැත. හොරා තමා කෙරෙන් ඈත නම් හොරාගේ ඔද බිදෙන තරම් පහරක් දීමට ශක්තියක් ඇති නම් නැගිට හොරා අල්වා ගත යුතුය. හොරු මේ කාරණා සියල්ලක් ම තත් වූ පරිදි දනිත්. ජෝකීනු ආදී හොරු සතර දෙනා රෑ එකට රොස්ලින් සිටිය කාමරයෙන් ගේ හාරා ගෙට ඇතුළුව දොරවල් හැර මළ කුණක් මෙන් විසඥව සිටි රොස්ලින් රැගෙන‍ ගොස් අශ්ව කරත්තේ තබා ගෙන දොස්තරගේ බෙහෙත් ශාලාවට ගෙන ගියෝය.

රොස්ලින්ට මේ විපත සිද්ධ වන දින රෑ ජයතිස්ස සීනයක් දුටුවේය. ඒ සීනය නම් ජයතිස්සලාගේ වත්තේ කොනක දුමක් නගිනවා දැක එය බලන්ට ගියේය. ඒ ළඟ කළු රෙද්දක් හා සුදු කමිසයක් ද ඇඳි මිනිසෙක් සිටියේය. මේ දුම නගින තැන ගිනි අල්වන්ට උත්සාහ කළ න මුත් නුපුළුවන් වූයේය. එසේ ද උවත් ජයතිස්ස උත්සාහ කොට පිඹලා අන්තිමේ දී ගිනි ඇවිලවූයේය. එසේ ගිනි ඇවිලෙන වත් සමග කළු වස්ත්රඅය ඇඳ උන් පුරුෂයා ඒ කළු රෙද්ද ගින්නට දමා සුදු රෙද්දකින් සහ කමිසයකින් සැසෙන ලදුව පිටව ගියේය. ගින්නට දමන ලද කළු වස්ත්රකයට ද ගිනි ඇවිලී මහත් ගිනි ජාලවක් නැංගේය. එම ගිනි කඳ වත්තේ තිබුණු දර ගොඩකට ද ඇවිලී බලවත් වහ්නිස්කන්ධයක් වෙමින් මුළු ගමම ආලෝකමත් කරමින් පැවත්තේය. මෙසේ සීනය දැක ජයතිස්ස අවදිව සීනයෙහි ඵලාඵල සොයා ගැනීමට තමා ළඟ තිබුණු සීනවල ඵලාඵල ඉතා නිවැරදිව දක්වා තිබුණු “ස්වප්නාදර්ශය” නමැති පුස්තකය ගෙන බලා තම හිතේසි වන්තයෙකුට වන විපතක් බව සලකා වහාම කොළඹට ඒමට පිටත් විය.



128 ‍වාසනාවන්ත විවාහය හෙවත් ‍ජයතිස්ස සහ රොස්ලින්


11[සංස්කරණය]

රො ස්ලින්ගේ පියා ද නුවර සිට පැමිණියේය. ඥාති මිත්රාතදී සෑම දෙනා ම පැමිණි බලවත් විපත ගැන වැලපෙන්ටපෙටන් ගත්හ. ඉතා පණ්ඩිත වූ නමුත් ජයතිස්සට ද මැඩ පැවැත්විය නොහැකි චිත්තසන්තාපයක් ටික වේලාවකට නමුදු ඇති වීමෙන් ‍පෘථග්ජනාගේ ඥානය ස්වභාවධර්මයට සමහර විට පැරදෙන බව ප්ර ත්ය‍ක්ෂ විය. රොස්ලින් සොරා ගෙන යන ලද්දේ අසවලා විසිනැයි හොඳින් ප්රීකට විය. අමරසිංහ අප්පුහාමි මේ කාරණය පොලීසියට ද දැනුම් දී රොස්ලින් සොයන පිණිස සතර අතටම උදව්කාරයෝ යවන ලදහ. පැමිණියා වූ බලවත් විපත ගැන හෙවත් රොස්ලින් කොරෙහි බඳිනා ලද ප්රේණමයෙන් මඩනා ලද සිත් ඇති ජයතිස්ස කමකින් කුමක් කරම් දැයි සිතාගත නොහැකිව ළදරුවෙක් මෙන් විය. ඒ එසේ මැයි. සකල ශාස්ත්රා පාරගත ශ්රීණමත් කුස රජතුමා ප්රකභාවතිය කෙරෙහි බඳිනා ලද ප්රේ මය නිසා මෙසේ කීය :

“තොප වෙත බැඳි නිතො ර ලොබ ගණඳුරෙන් ගොරත ර නොපෙනෙයි මට හස ර නොයාහෙමි ඉන් කුසාවත් පු ර

විසඥ බවට පත් ‍රොස්ලින් රැගෙන ගිය දොස්තරත් වින්සන්ට් පෙරේරාත් වේයන්ගො‍ඩ මිත්ර්යෙකුගේ ගෙදර මඳ වේලවක් නැතී සිට ඒ ස්ථානය ද සැක සහිත හෙයින ඉතා ඈත පළාතකට රොස්ලින් රැගෙන යාමසුමඳ දුසුය යි මධ්යපම රාත්රින ගමන් කරන දුම්රියෙන් හැටන් නගරයට පැමිණ දොස්තරගේ හිතෛෂි මිත්ර යෙක් තේ හැදිමේ වැඩේ යෙදී සිටින මස්කෙළියේ වත්තකට යන්ටහ සිතුවෝය. එසේ සිතා දුම්රියේ පළමු වෙනි පංතියේ අවසර පත්රක තුනක් රැගෙන රොස්ලින්ව ද වඩා ගෙනවුත් දුම්රියේ තබා ගෙන ගියෝය. උදේ හයට හැටන් නගරයට දුම්රිය ළඟා විය. ඒ වේලාවට දොස්තගේ කල්පනාවේ හැටියට රොස්ලින්ට සනීප ලැබිය යුතු වේලාව නමුත් සනීප ලැබෙන ලකුණක් වත් දැන ගන්ට නැති බැවින් ඔව්හු බිය පත් වූහ. දුම්රියෙන් බැස වහාම ගමන් කරත්තයක් ගෙන මස්කෙළියට යන පිණිස ගමන් ගත්හ. දවල් දෙළහට ප්රනථම මස්කෙළියේ වත්තේ තේ හදන දොස්තරගේ මිතුරා ගේ ගෙදරට පැමිණියෝය. ඒ



පියාදාස සිරිසේන නවකථා එකතුව 129

වේලා‍වට රොස්ලින්ගේ තද මත් ගතිය මඳක් අඩු විය. යම්තම් සිහිය ආ බැව් දැන ගත් ‍හැටියේ ම දොස්තර විසින් වෙන බෙහෙතක් ද පොවන ලදි. එයින් ඈට තව ස්වල්පයක් සිහිය ඇති විය. නමුත් තමා මේ ඉන්නේ කොහේද මේ සිද්ධ වූයේ කුමක් ද කියා ඈට තව ම තේරුම් ගත නොහැකි විය. අල්පොන්සු පෙරේරා නමැති දොස්තරගේ මිත්ර ටී මේකර් සහ ඔහුගේ භාය්යාෙ ව ද මේ කවර කරුණක් දැයි ඇසුවේය. එවිට දොස්තර තැන රොස්ලින්ගේ තොරතුරුත් ඔහුගේ මිත්රක වින්සන්ට් ඩොනල්ඩ් පෙරේරා ඈ කෙරේ බඳින ලද බලවත් ප්රේලමයත් රොස්ලින් ‍ඔහුට ලැබ ගත නොහැකි වෙන්ට සෑදුණ මර්ග ත් කියා දැන් ඈ ඔහුගේ සමර්ථ කමින් මෙම දුරුරටට ගෙන ආ බවත් ඉතින් ඈ වින්සන්ට්ගේ භාය්යාා තනතුරට කැප බවත් කීවේය.

මේ වේලාවේදී රොස්ලින්ට ලුණු කැඳ ටිකක් පොවන ලදින් හොදින් ම සිහිය ඇති විය. ඈට වහාම සිද්ධ වූ කාරණය තේරුම් ගියේය. එසේ ද උවත් ඔවුන්ගේ කතාව අසන පිණිස නැවතත් නිදන්නාක් මෙන් නිසොල්මනේ සිටියාය. දොස්තරට සහ වින්සන්ට් පෙරේරාටත් අනර්ඝ නෑම බීම දෙන ලදින් ඔව්හු ප්රීාතිමත් වී මී ළඟට කුමක් කටයුතු දැයි වින්සන්ට් දොස්තරගෙන් ඇසුවේය. “දැන් අප සොයනවා නොඅනුමානයි. මමත් උඹත් දෙ‍ දෙනා ම කොළඹ නැති බව දැන ගත්තොත් නො අනුමානව දෙ‍ දෙනා ම නඩුවට පැටලෙනවා මයි. එහෙයින් මම දැන් තිබෙන දුම්රියන් ගමට යන්නෙමි. උඹ ‍රොස්ලින් ප්රඑවේශම් කර ගෙන මෙහි සිටපන්. මම කොළඹ සිද්ධ වී තිබෙන කරුණුත් දැන ගෙන හෙට එන්නේමි”යි දොස්තර කීයේය. “හොඳයි දැන් රොස්ලින්ට සනීපය කියා උඹ හිතන්නේහිද?” කියා වින්සන්ට් ඇසීය. “ඔව් ඈට හොඳට සනීපයි. සවසට ඈට බත් සහ එළවළු කන්ට දෙන්ට ඕනෑ. දැනට තිබෙන අසනීපය හාමත් ගතිය පමණය”යි කියා දොස්තර එවලේම පිටත් ව කොළඹ එන දුම්රියේ නැගී ආයේය. රොස්ලින් ඇහැ කට ඇර පිපාස හෙයින් ළඟ සිටි “ඇනී” (ටී මේකර්ගේ භාය්ර්න‍යාව) ගෙන් වතුර ටිකක් ඉල්ලීය. ඒ වේලාවේ ගෙයි ඉස්තෝප්පුවේ, උන් වින්සන්ට් ට රොස්ලින් කතා කරන හඬ ඇසී ප්රීගතියෙන් ඈ ලඟට පැමිණ වතුර පෙවීය.

රොස්ලින් ද වතුර පානය කොට මෙසේ සිතුවාය.


130 වාසනාවන්ත විවාහය හෙවත් ජයතිස් සහ රොස්ලින්

යද භාවි නතං භාවි යං භාවිනත දඤ්ඤතා ඉති චින්තා මයහරං ජිවන්ති අගධං බුද්ධා

යමක් සිද්ධ වෙන්ට ඇත්ෙතේ ද එය සිඬ වන්නේ මය, යමක් සිඬ වන්ට නැත්තේ ද එය සිද්ධ නොවන්නේමය. ඒ හෙයින් සිතිවිලි නමැති රෝගය පහ කරන ඒ පණ්ඩිත වාක්යනය නැමති ඖෂධය (මා විසින්ද) පණ්ඩිතයන් (මෙන්) පානය කළ යුතු යයි කල්පනා කොට මෙසේ සැලකුවාය. “දැන් මම ඉතා දුර රටක අනාථ ව සතුරෙකු අතට පැමිණ සිටිමි. මාගේ මව්පිය දෙදෙනාත් අවශේෂ නෑදෑ මිත්රාසදීහූත් මාගේ ප්රේිමනීය මාගේ ජීවිතය වැනි ජයතිස්ස මහතාත් දැන් දුක් නමති සයුරෙහි වැටී පීනමින් ඉන්නාහුය. මා මාගේ ඥනායෙන් මෙහිදි ප්ර යෝජන ගත යුතු වෙමි. විපතක් පැමිණි තැන දී සෝක කිරීම නොව ඒ විපතින් මිදෙන මාර්ගය සෙවීම පණ්ඩිතයන් විසින් පසස්නා ලද්දකි. ඒ හෙයින් මම මේ අධම කුදෘස්ටිකයා පරදවා ඔහුගෙන් කෙලෙසීමකට ද නොපැමිණ මාගේ දෙවම්පියාදීන් ළඟට හෝ මාගේ ප්රේසමනීය ජයතිස්ස මහතාණන් වෙතට හෝ පැමිණෙන්නෙමි. මාගේ ආත්ම භාවය වැනි වූ ඒ ජයතිස්ස මහතා මා සොයා ගෙන දැන්ආසන්නෙහි ම සිටින්නේයයි ද සිතිය හැක්කේය. මේ කුදිටු වින්සන්ට් ට ආදර ගෞරව පෙන්වා මොහුගෙන් ගැලවෙමි”යි යනාදී වශයෙන් සලකමින් හුන්නාය.

ඉක්බිති වින්සන්ට් රොස්ලින් ළඟට පැමිණ “ප්රේනමිය මට සමා වෙයන්. මම උඹට තිබෙන ආදරය නිසා උඹටත් දුක් දෙමින් මමත් දුක් විඳ ගෙන නුඹ රැගෙනාවෙමි. අපට මින් මතු උවමනා අන්දමකට සැප විදින්ට පුළුවන. දේවාශිර්වාදයෙන් නුඹ මට ලැබුණා නොවේ දැ”යි සිනාසෙමින් කීය. රොස්ලින් ද “උඹට මම හොඳ දේවාශිර්වාදයක් කරමැ”යි සිතින් සිතා ගෙන ඔහුගේ වචනවලට ඔහු බලාපොරොත්තු අන්දමට මඳක් සිනාසුණාය. අහෝ මේ සිනාව නිසා වින්සන්ට් රොස්ලින් ඔහු ‍කෙරේ බලවත් ආලයක් ඇති බැව් සිතාගෙන රොස්ලින්ගේ දුක් සැප විචාළේය. ඈට ඇගේ ක්ලාන්ත ගතිය මිස වෙන අමාරුවක් නැති බැව් කීවාය. එදින සවස් විය. රොස්ලින් හා වින්සන්ට ද ටී මේකර් හා ඔහුගේ භය්යාාය ව ඇනී ද සමග සතුටින් ආහාර අනුභව කළෝය. ඉක්බිති සියල්ලේ ම නින්දට ගියෝය. ඇනී හා රොස්ලින් එක කාමරයක නිදා ගත් හෙයින් එදින ම මේ ඇනී



පියදාස සිරිසේන නවකථා එකතුව 131

නැමති ස්ත්රිවය රොස්ලින් කෙරෙහි පැහැදි රොස්ලින්ට පැමිණි මේ විපත ගැන දොම්නසට පැමිණියාය.

මේ ඇනීගේ පපුව උණු වෙන ගතියක් ඇති ස්ත්රිරයකි. අගේ මව් පිය දෙ‍ දෙනා ම බුඩ භක්තිකයෝය. නමුත් ඇනී ක්රි ස්තියානි කාරයෙකු සමග විවාහ වී දැන් ක්රිඩස්තියනි ව සිටියි. එසේ වීමට හේතුව ඇගේ මව් පියන් විසින් ඈ පුංචි කාලයේ දී ක්රි ස්තියානි පාඨශාලාවට යවා අකුරු ඉගැන්වීමෙන් ඇගේ බුඬ භක්තිය පිරිහී මිථ්යා දෘෂ්ටියට සිත යොමු වීමය. ළපටි කාලයේ දරුවන්ට මිථ්‍යාවාදීන්ගේ පාඨශාලාවලට යන්ට සිඬ වීමෙන් ඔවුහු මෙලෝ පරලෝ දෙකටම හානි කරන්නාහ. ඇනී බුඩභක්තිකව උපන් හෙයින් දෝ පරහට බලවත් දයාවක් පෙන්විය. ඉතින් රොස්ලින් අනීට මෙසේ කීවාය. “කරුණාවන්ත අක්කේ! දැන් මට උඹ මිස වෙන කිසිවෙකු ගෙන් උපකාරයක් නැත්තේය. මාගේ මව්පියදෙදෙනා මා නැති දුකින් මෙලහකට උමතු වී ඉන්නාහ. උඹ කරුණාකර මේ උදවියට හොරෙන් මේ ලියමන හෙට උදේ තැපැල් කරන්ට ඕනෑය. එවිට මගේ පියා මා සොයා ගෙන මෙහි එනවා ‍‍නොඅනුමානයි. උඹ මේ උදව්ව මට ‍කළොත් උඹට මගේ දිවි තිබෙන තුරු උදව් කරන්නේමි”යි කීවාය. රොස්ලින්ගේ කොමල වූ වචන අසන ලද ඇනී “හොඳයි, මම උදේ ලියමන තැපැල් කරන්නෙමි”යි පොරොන්දු වූවාය. වින්සන්ට් රොස්ලින් රැගෙන ආ හැටි සහ දැනට ඈ ඉන්නා පළාතත් ඈ රැගෙන යන්ට පොලිස් භටයන් සතර දෙනෙකුත් සමඟ වහාම පැමිණිය යුතු බවත් කියා පියා වෙත ලියන ලද ලියුම පහන් වූ හැටියේ ම ඇනී ගෙදර සිටින වැඩකරුවා ලවා තැපැල් ක්නතෝරුවට යැව්වාය. වින්සන්ට් සහ ටී මේකරුත් මූණ සෝදන අතර ගෙදර උන් වැඩකාර කොලුවා මහ පාර පැත්තේ සිට එනවා දැක “තෝ කොහේ ගියේ දැ”යි ටී මේකර ඔහුගෙන් ඇසීය. එවිට “මම තැපැල් කන්තෝරුවට ලියමනක් තැපැල් කරන පිණිස ගියෙමි”යි ක‍ීය. “කාගේ ලියමනක් දැ”යි බිය පත් වූ වින්සන්ට් ඇසුවේය. “නෝනා මට දුන්නා කාගේ ලියමනක් ද යන වග මම නොදනිමි”යි කොලුවා උත්තර දුන්නේය. එවිට ටී මේකර් වහාම ඇනීට කථා‍ කොට කාගේ ලියමනක් දැයි අසුවේය. ඈ කාරණය සඟවන්ට උත්හාස කළ නමුත් නොහැකි විය. වින්සන්ට්ගේ පාදයෙන් හටගත් ගින්න ඉස්මුදුනෙන් පි‍ටවෙන්ට පටන් ගත්තේය. ටීමේකර් දුවලා ගොස් තැපැල් කන්තෝරුවේ අධිපතියා තමාගේ මිත්රයයෙකු හෙයින් ලියමන බැලුවේය. යන කොට ලියුම කොළඹට පිටත්කොට යවා තිබුණු හෙයින් ලියුම ලැබ ගත නොහැකි විය. මෙවිට වින්සන්ට්ට සිහි නැති විය. අහෝ රාගය නිසා



132 වාසනාවන්ත විවාහය හෙවත් ජයතිස් සහ රොස්ලින්

චිත්ත සන්තාපයට පත් මේ වින්සන්ට්ට බුදුරජාණන් වහන්සේගේ ධර්මය නොදත් කමින් අන්ධව සිටින නමුත් ‍ෙනෙය්යා් ණික ධර්මය දන්නා රොස්ලින්ට මේ ගාථාව සිහි විය.

“රතියා ජායතී සොකො රතියා ජායතී භයං රතියා විප්පමුත්තස්ස නත්ථි සො‍කො කුතො භයං”

ඉතින් වින්සන්ටත් ටී මේකර්ටත් දෙවියන් පෙනිලා කුමකින් කුමක් කර ගනිමුදැයි නොතේරී උන්මත්තකයන් මෙන් වූහ. රොස්ලින් හා අනික් දෙන්නා හොඳට තේ වතුර බීලා ප්රීෙතියෙන්උන්හ. වින්සන්ට්ගේ සිත සනසා ඔහුගෙන් මිදෙන තුරු ඔහු මිත්ර කර ගැනීම නුවණට හුරු යයි කල්පනා කළ රොස්ලින් වින්සන්ට් ළඟට පැමිණ තේ වතුර බෙන්ට කීවාය. එවිට වින්සන්ට් “මට මොන තේ වතුර ද උඹ පප්පාට ලියුම් යැව්වේ මා මාන්චු පිටින් රැගෙන යන්ට”යි කීය. එවිට රොස්ලින් “මොන බොරුද? ඒ ගැන බයවෙන්ට එපා. මම ලියුම් ඇරියේ තමුසේලාගේ මම්මාටයි. අපේ පප්පාට මම ලියුම් යවන්නේ මොන හිතකින් ද? දැන් මම අනික් අතක් බලන්නේ නැහැ. තමුසේගේ උදව් මිස මට අනිකක් එපා. බය ‍නැතුව තේ වතුර බොන්ටය”යි කීවාය. රාගයෙන් මත්ව මෝහයෙන් මුළා වු වින්සන්ට් රොස්ලින්ගේ වචන බයිබලයේ කියුම් මෙන් විශ්වාසව පුලපුලා තේ වතුර බීවාය.

ඔව්හු තේ වතුර බී සිටින අතර දොස්තර ද කොළඹ සිට පැමිණියේය. කොළඹ රොස්ලින්ගේ මව්පියන් හා නෑ මිතුරන් අතර බලවත් කැලඹීමක් පවතින බවත් ලංකාවේ නොයෙක් දිසා‍වලට රොස්ලින් සෙවීමට පිටත් කර යවා තිබෙන බවත් ජයතිස්ස කොයි පැත්තේ ගියා ද යන වග ආරංචි නැති බවත් මේ පැත්තට අප ඇල්ලීමට යමෙක් එනවා නම් ඒ බව වහාම විදුලි පණිවිඩයකින් තමාට දන්වන පිණිස කෙනෙක් සූදානම්කර ආ බවත් දොස්තර වින්සන්ට්ට කීයේය. එයින් සිතේ සැකයක් බියක් නැති ඔව්හු ටී මේකරත් සමග මස්කෙළියේ තේ වතු ආදිය බලමින් ප්රීකතියෙන් එදින සවස් වන තුරු අ‍ැවිද්දෝය. එදා සවස රොස්ලින් පියා වෙත යවන ලද ලියුම ලැබී සැරයන් කෙනෙක් හා පොලිස් භටයන් සතර දෙනෙක් දැ සමග රෑ 6ට කොළඹින් පිටත් වෙන දුම්රියෙන් මස්කෙළියට එන පිණිස පිටත් වූහ. මේ බව කොයි ක්රනමයකින් දෝ දැනගත් දොස්තරගේ මිත්රළයා විදුලි පණිවිඩයකින් ද දොස්තරට


පියදාස සිරිසේන නවකථා එකතුව 133

දැන්වූයේය. රෑ නවය හමාරට ලැබුණු විදුලි පණිවිඩය ගැන වින්සන්ට්, ටී මේකර්, දොස්තර යන තුන් දෙනා බිය පත්ව කුමක් කරමුදැයි රහසින් කතා කර ගත්තෝය. දොස්තර නො අනැමානව පොලිස් භටයනුත් සමග කීප දෙනෙක් හෙට උදේ දහයට ඉස්සරින් මෙහි පැමිණ අප තුන් දෙනා ම මාංචු ලා ගෙන රැගෙන යන්යාහ. එළිවෙන්ට ප්රඅථම රොස්ලින් අහක් කරන්ට ඕනෑය. කොයි පළාතක කවර ස්ථානයකට මෑ ගෙන යමුදැ”යි කීයේය. එවිට බිය පත්ව ඉන්නා ටී මේකර් “මේ මර උ‍ගුලෙන් මම කොහොමවත් ගැලවෙමි. උඹලා මකබෑවෙලා වත් හෝ පලයල්ලා ය”යි සිතා මෙසේ කීය. “මෙහි සිට ශ්රීඹපාද අඩවියට ඉතා දුර නොවේ. දැන් කරත්තයක් රැගෙන ගියොත් එළිවෙන්ට ඉස්සර ශ්රීිපාද කන්ද ළඟටම ගිය හැක. මෙහිදී කොළඹින් එන පොලිස්කරුවන් පරීක්ෂාකර ගියාට පසු නැවතත් එන්ට පළිවන. ඒ නිසා දවසකට දෙකකට කොහෙම වත් සමනළ කන්ද ළඟ වන ගතව වැද්දන් වැනි මිනිස්සු පදිංචි පුංචි ගෙදරක නවාතැන් ගන්ට යන්ට ම ඕනෑ යයි කීයේය. ඊට දොස්තර ද කැමති විය. වින්සන්ට් ට ද වෙන අමුත්තක් කියා ගත නොහැකි විය. එ‍වලේම ගන් කරත්තයක් සුදානම් කරවා ගෙනවුත් ඇනී සමග කාම‍රයේ නිදා උන් රොස්ලින් ට කථා කොට “රොස්ලින් දැන් අපි මෙතන සිටිය යුතු නොවෙමු. අප ඇල්ලීමට ‍‍වරෙන්තු ඇරගෙන පොලිස් භටයෝ කීප දෙනෙක් කොළඹින් පිටත් වූහ. උඹ හිරිහැර නොවිඳ වහාම අප සමග යන්ට ඕනෑය. එසේ බැරි නම් උඹත් මමත් එක වර ම විනාශ වෙමු ය”යි වින්සන්ට් වේගයෙන් කීවේය.

මොවුන්ගේ මේ කථාවට මේ වේලාවේ විරුද්ධ වීම නුසුදුසු බැව් කල්පනා කළ රොස්ලින් ද ‍ “හොඳයි මහත්මය, තමුන්නාන්සේලාට කැමති තැනකට මමත් එන්නෙමි”යි කීයේය. රොස්ලින් වින්සන්ට් කියන කොයි එකටත් නැමෙන බැව් දුටු ඔහු ඈ කෙරෙහි වඩ වඩා ආදරේ ඇති කළේය. රොස්ලින් හා වින්සන්ට් ද දොස්තර ද යන තුන් දෙනා කරත්තේ නැගී ගමන් ගත්හ. ඒ යන අත්ර මාර්ග යෙහි දී දොස්තර විසින් රොස්ලින් වින්සන්ට් සමග විවාහ වන්ට කැමැති දැයි අසන ලදි. ඊට ද රොස්ලින් අකමැති බවක් නොපෙන්වා ඔවුන්ගේ සිත් දිනාගෙන පහන් වෙන තුරු ගමන් කළෝය. උදේ කරත්තෙන් බැස ඔවුහු ගෙන ගිය විස්කෝතු ආදිය කා වතුර බීලා ‍කරත්තය ඉන් එහාට ගෙන ගිය නොහැකි හෙයින් කරත්ත කාරයාට කුලී ගෙවා තුන් දෙනා ම පාර අද්දර ගලක් පිට වාඩි වී ඉතින් කොයි අත යමු දැයි කල්පනා



134 වාසනාවන්ත විවාහය හෙවත් ජයතිස්ස සහ රොස්ලින්

කළෝය. ඒ කාලය ශ්රීවපාදය වන්දනාවට යන කාලයක් නොවූ හෙයින් පාරේ යන එන මගියෙක් පවා දැකීමට නැති විය. දුක සේ කල් පසු කරමින් ඉන්නා මේ තුන් දෙනා ළඟට පැයකට පමණ පසු වැද්දෙකු වැනි මහලු මිනිහෙක් පැමිණ පාරේ නැවතී සිටන්නට කරුණු කවරේදැයි ඇසීය.


12[සංස්කරණය]

ව ණියෙන් අඩු වූ දික් වූ කේස කලාපයක් ද, මලානික වූ රත් පියුමක් බඳු මුහුණක් ද, මුකුලිත වූ ඉන්දීවර බඳු නේත්රැ යුග්මයක් ද, ග්රී ෂ්මදයෙන් තැවී ගිය මල්දම් දෙකක් වැනි අත් යුවලක් ද, ඇති අයුස පිරිහී උන් දිව්යාංදගනාවක්බඳු වූ රොස්ලින් දුටු වනචර මහල්ලාට ද මේ දුෂ්ටයන් දෙදෙනා මේ උතුම් කුලාංගනාව සොරා ගෙනවුත් ඉන්නෝ යයි සිතී බලවත් සංවේගයක් හට ගත්තේය. එසේ සංවේගයට පැමිණ ඔවුන් ගෙන් නැවතත් කොයි යන්නාහු දැයි ඇසීය. එවිට දොස්තර, මහල්ලා අනික් දෙදෙනාගෙන් ටිකක් ඈතට කැඳවා ගෙන ගොස් තොරතුරු මඳක් විස්තර සහිතව කියා ටික දවසකට කැලේ නවතින්ට තැනක් සූදානම් කර දෙන්ට කියා රුපියල් දහයක් ඔහු අතට දුන්නේය. මහල්ලා ද මේ රුපියල් දහය රාජ්ජයක් දලුවක් මෙන් පිළිගෙන “හොඳයි මහත්මයා මම ඒ සියල්ල ම හොඳින් ඉස්ට කරමි”යි කීයේය. එවිට දොස්තර ගමට පැන ගන්නා කල්පානාවෙන් “වින්සන්ට් උඹලා දැන් මේ ලොක්කත් මග වනයට පලයල්ලා.දැන් මම මෙහි සිටියොත් නඩුවෙන් ගැලවෙන්ට වත් මේ උඹේ මංගල්යාය ඉෂ්ට කර ගන්ටවත් මාර්ගයක් සලස්වා ගන්ට බැරිය. මම තුන් දවසකින් පමණ මේ ගල ළඟට එන්නෙමි. එදින උඹලාත් මෙතන ඇවිත් සිටපල්ලාය”යි කීයේය.

“මනුෂ්ය් කටහඬක් නැති මහාවනයේ අප දමා යන එක යුතු නැහැ. කොළඹින් එන පොලිස්කාරයන් අප සොයා යන්ට ගියා ම අපි කවුරුත් මස්කෙළියට යන්නෙමු. එතකල් නුඹත් අප සමග ම සිටපන්නැ”යි වින්සන්ට් කීයේය. දොස්තර ඊට අකමැතිව උඹලාට ඕනෑ ඉලව්වක් කර ගනිල්ලා යයි සිතා “මම යන්ට ඕනෑ නැවත එන්නෙමි. දැනට - උඹලා දෙ‍ දෙන මේ ලොක්කත් සමග මෙතනින්



පියදාස සිරිසේන නවකථා එකතුව 135

ටිකක් ඈත කැලේ තිබෙන ඔහුගේ පැලට පලයල්ලාය”යි කීයේය. වින්සන්ට් අඬන්ට පටන් ගත්තේය. නමුත් රොස්ලින්ට කාරණා දෙකක් නිසා හි‍තේ බලවත් සතුටක් ඇති විය. එකක් නම් මේ අධම මිනිසුන් දෙන්නෙක් දැක දැක ඉන්නවාට වඩා එකෙකුගෙන් වත් වෙන්වීම සැපයක් බවය. අනික නම් මේ තරම් බලවත් විපතක් මැදහත්ව කරලා අන්තිමේ දී මග ඇරීමට තරම් මිත්රිද්රෝරහී ගුණයක් භක්තිවන්ත කතෝලිකයෙකු තුළ ඇති වීමත්ය. මුල සිට ම ක්රිමස්තුස් වහන්සේ සමග එකට හිඳවා ඔහු යුදෙව්වන් විසින් ඇල්ලූ දවසේ කුකුළා අඬලන්ට පෙර තුන් සැරයක් ම “මම මොහු නාඳු‍නමි” කියා අර පේදුරු‍ ගෝලයා මිත්ර්ද්රෝ හයිකම් කළාක් මෙන් මේ මිසදිටුවා ද මිත්ර ද්රෝමහි වූ හැටි පෙනේ ද කියා ලාමක ක්රිගස්තුස් වහන්සේගේ ජීවිතය සිහි කොට ඉන් ඉක්බිති බුදුහාමුදුරුවන් ගේ ගෝලයෝ නොහොත් මිත්රියෝ කුමක් කළෝ ද කියාත් රොස්ලින් කල්පනා කළාය.

අජාසත් රජුගේ නියෝගයෙන් ධනපාල නම් චණ්ඩ හස්ති රාජයාට රා සොළොස් කළයක් පොවා බුදුන් මරණ පිණිස අභිමුඛයට එව් ප්රරස්තාවයේ දී ඒ බුදුන් කැටුව වැඩි එවකට පෘථග්ජන භාවයෙහි සිටි ධර්ම භාණ්ඩාගාරික ආනන්ද ස්ථවිරයන් වහන්සේ “මේ රුදු ඇතා මා මරාවා. මාගේ ස්වාමිදරුවන්ට කිසි පීඩාවක් නොකරවා” කියා ඉදිරියට පැන්නේය. “මෙබඳු උත්තමයන් හා උන්වහන්සේලාගේ ධර්මයත් මට දැන ගන්ට සැලැස්සූ මාගේ ප්රේගමවන්ත ජයතිස්ස වික්ර මසිංහ පඬිතුමාට ස්තුති වේවා! ධනපාල හස්තිරාජයා ආදි දරුණු තිරශ්විනයන්පවා මෛත්රිමයෙන් මර්දනය කළ ස්වාමි දරුවාණන් වහන්සේගේ ද නව ලෝකෝත්තර ශ්රීෛ සද්ධර්මයෙහි ද න්වාමින් වහන්සේ වෙනුවට ජීවිතය පවා පිදීමට පැමිණි මහෝත්තම අෂ්ටාය්ය්ර පුද්ගල මහා සංඝ රත්නයෙහි ද සරණ මට වේවා! මේ සුමන ගිරි ශිඛර වාසි සමන් දෙවියන්ගේ පිහිටෙන් මට මගේ දෙමව්පියන් හා ආදරවන්තායා ද ලැබේවා!”යි රොස්ලින් ඉටා ගත්තාය. දොස්තර තැන වින්සන්ට් වත් රොස්ලින් වත් මහල්ලාට භාර කොට ගමට පැන ගත්තේය. මෙය සිංහල අවුරුදු දවස් වූයේය.

මෙසේ වනාන්ත‍රයේ රොස්ලින් හා වින්සන්ට් හොරතලා නැමති මහලු වැද්දත් ඔහුගේ භාය්යා ව වන ‍සොබනිත් සමග විසුවෝය. කොළඹින් ආ පොලිස් භටයන්ටත් අමරසිංහ අප්පුහාමිටත්





136 වාසනාවන්ත විවාහය හෙවත් ජයතිස්ස සහ රොස්ලින්

මස්කෙළියේදී රොස්ලින් ගැන කිසි තොරතුරක් දැන ගන්ට නොලැබී ඔවුහු ආපසු කොළඹට ගියෝය. රොස්ලින් ගැන ආරංචියක් දැන ගන්ට පුලපුලා උන් ජයතිස්සට හා අමරසිංහ හාමිනේ ආදීන්ට බලවත් දුකක් ඇති විය. සිංහල අවුරුඳු දිනය වූ බැවින් දෙමව්පිය වැඩිහිටියන්ට පවත්වන ගරුබුහුමන් දැක්වීම උවමනා හෙයින් ජයතිස්ස තමාගේ බලවත් කණගාටුව මඳක් යටපත් කර ගෙන ස්වකීය ග්රානමය ‍වන කෝට්ටේට ගොස් මව් පිය දෙදෙනාට බලත් හුරුලු දෙකක් හා අභිනව වස්ත්රර යුවලක් ද පිළිගන්වා දෙමව්පියන් ඉදිරියේ පසඟ පිහිටුවා වැඳ අවසර ගෙන තමන්ගේ වැඩිහිටි වනෑයන්ගේ ගෙවලට ද පැමිණ බුලත් හුරුලු ආදිය පිළිගැන් වූයේය. සත්පුරුෂයන් විපතට පැමිණියත් යුතුකම් නෙපිරිහෙළා ඉෂ්ට කරන බැව් ජයතිස්සගේ මේ ක්රිගයාවෙන් ඔප්පු වන්නේය. ජයතිස්ස අවුරුදු උත්සවය සඳහා පිළියෙල කර තිබුණු කැවුම්, අතිරස, අග්ගලා, මුංකැරලි, ආස්මි, කොකිස්, පුහුල්දෝසි ආදී නානා විධ රස කැවිලි කිසිවක් මුඛයෙහි නොතබා සුදු රෙදි රියන් හතරක් හා සුදු බැනියම් දෙකක් කඩදාසියක ඔතා ගෙන දෙමව්පියාදීන්ට කොළඹ එන බැව් කියා ගෙදරින් පිටත් වූයේය.

එසේ පිටත්ව එන ජය්තිස්සට රොස්ලින්ගේ රූපශ්රියයවත් අ‍ැගේ මෘදු කොමළ ගුණයත් ඤාණවන්ත භාවයත් මතක් වූ විට ඇස්වලින් කඳුළු ධාරා වැගිරෙන්ට පටන් ගත්තේය. දැඩි සෝකයෙන් තැවෙමින් මරදානේ දුම්රිය ස්ථානයට පැමිණ මාතලේට යන පිණිස අවසර පත්රකයක් රැගෙන දුම්රියේ නැගී යන ජයතිස්සට තමා සිටි දෙවෙනි පංතියේ කාම‍රයේ ම ගමන් කරන මහලු ඉංග්රීයසි නෝන කෙනෙක් සම්භ විය. සෝකය සංසිඳුවා ගැනීමට මේ මහලු ස්ත්රි ය සමග මොක මොකවත් කතා කරමින් යෑම වත් හොඳ යයි සිතා ඈට ආචාර කොට කථා කරන්ට පටන් ගත්තේය. මේ නෝනා ද ජයතිස්ස ඉතා හොඳින් ඉංග්රී‍සි වචන ශබ්ද නගා කථා කරන හෙයින් ඔහු සමග ආසාවෙන් ම කථාවට බැස්සාය.

මහලු නෝනා - මම ඉන්දියාවේ බොහෝ කල් සිටියෙමි. අප්රිනකාවේ,ප්රහන්සයේ හා ජර්මනියේ ද අවුරුදු කීපයක් සිටියෙමි. නමුතු ඒ කොයි රටකවත් මේ ලක්දිව සිංහල මිනිසුන් මෙන් පැහැදිලිව ඉංග්රීයසි කථා කරන්ට පිළිවන් වෙන කිසි ම ජාතියක් නුදුටිමි. ඉංග්රීවසි ජාතියේ ඉතා උගතුන් මෙන් ම සිංහලයන්ට ඉංග්රීුසි කතා කරන් පිළිවන් මක් නිසා ද




පියදාස සිරිසේන නවකථා එකතුව 137

කියා හිතෙනවාද?”

ජයතිස්ස - නෝනා, අපේ භාෂාව ලෝකයේ ම ඉතා ම මධුර අලංකාර වූ භාෂාවකි. අපේ භාෂාව සාදා තිබෙන්නේ ලෝකයේ මුල් භාෂාව වන පාලිත්, දිව්යා භාෂාව වන සංස්කෘතත් යන දෙකෙන් වේ. පාලි සංස්කෘත යන භාෂා දෙකේ ම ඇති සාරය අපේ භාෂා‍යෙහි විද්යදමානයි. ඒ හෙයින් සිංහල ජන්ම භාෂාව වූ අපට කොයි භාෂාවක් නමුත් ඒ ඒ භාෂා අයිති මනුෂ්යියන්ට මෙන් කථා කරන්ට පිළිවන. අප භාෂාව කථා කරන මිනිසුන්ගේ සංඛ්යාළව ඉතා සුළු නමුත් මේ තරම් අලංකාර වූ භාෂාවක් නොමැත්තේය. මෙතරම් අලංකාර වු භාෂාවත් නොමැත්තේය. අප භාෂාවේ තරම් අලංකාර වූ මධුර වූ ප්රයබන්ධ ඇති භාෂාවල් නම් අපේ භාෂාවේ ‍ම මාතෘ භාෂා වන පාළි සංස්කෘත දෙක පමණක්ය.

මහලු නෝනා - නුඹලාගේ භාෂාව ඉතා අලංකාර වූ ප්රි ය උපදවන එකක් නමුත් දැන් උඹලාගේ ලොකු ලොක්කන්ගේ ගෙදර දොරදී පවා ඉංග්රීේසි කථා කරන බැව් නොයෙක් විට මම දුටුවෙමි.

ජයතිස්ස - ඔව් නෝනා ඒත් හැබෑ තමයි. කිසිත් නොතේරෙන අධම මිනිසුන්ට බල ලැ‍බුණාම ඔය සිද්ධ වෙන හරිය තමයි. ස්වකීය මවුපියන්ට අගෞරව කරන මිනිසුන්ට පමණක් ඔබින්නාවූ ස්වකීය ඡන්ම භාෂාව මතක නැති කරන්නන්ට මුදල් තිබුණාට මම නම් කිසි දිනක “අපේ ලොක්කෝය” නොකියමි. දැන් අපේ ර‍ට ඉංග්රීධසි මහරජුට අයිති හෙයින් ඉංග්රීිසි ඉගෙනීම යුතුකම යි. නමුත් ඒ ඉංග්රීෙසි ඉගෙන ගත යුතු තමන්ගේ මවු භාෂාව වන මේ උතුම් සිංහල ඉගෙන නොගෙන නොවෙයි. උගතෙක් ලෙස පණ්ඩිතයින් විසින් සලකනු ලබන්නේ ජන්ම භාෂාවත් සමග අන්ය භාෂා උගත්තෙක්මයි. යම් සිංහලයෙක් සිංහල ඉගෙන නොගෙන අද ලක්දිව සිටී නම් ඔහු අප සිංහල ජාතියේ පරම හතුරෙකු බව සැලකිය යුතුයි. සිංහල නූගත් සිංහලයා නියම පියෙක් නැතියෙකුට සමානයි. උතුම් වූ ගුණ ධර්මය ඉගෙන ගත හැකි පොත්පත් ආදිය සුලභ වු මේ භාෂාව මතක නැති


138 වාසනාවන්ත විවාහය හෙවත් ජයතිස්ස සහ රොස්ලින්

කර පර භාෂාව ගරු කරන අධමයන් ගැන නෝනාගේ කල්පනාව මොකද?

මහලු නෝන - මේ ප්රමශස්ත සිංහල භාෂාව තබා මොකක් උනත් තමාගේ ජන්ම භාෂාවට ගරු නොකරන මිනිහා තිරිසනෙකු පමණවත් මම නම් නොසලකමි. ආ මහත්මයා, සිංහල භාෂාවේ මිල්ටන්ගේ කවි පොත්වල මෙන් උභයභාෂාලංකාර ආදී කවි තිබේ ද?

ජයතිස්ස - එබඳු අලංකාර අපේ පොත පතේ තබා මුඛ පරම්පරා ගතව පවා තිබේ.

“සිය පා සතෝ තා පාගා දමයි හෙ ට පිටගැට කුදෝ ඒ කීවේ කව්ද ත ට කුස පණ නැති එකෙක් අඬ ගා කීය ම ට දත හුදු මාමෙ මා අරගන් ගහ උ‍ඩ ට”


මෙසේ කථා කරමින් යන අතර දුම්රි මහනුවරට ළඟා විය. මහලු නෝනා එහි දි දුම්රියෙන් බැස ජයතිස්සට ආචාර සමාචාර කොට ගියාය. ජයතිස්ස ද එම දුම්රියෙන් බැස මාතලේට යන අනික් දුම්රියට නැගී මාතලේට පැමිණ එක්තරා අප්රරසිද්ධ විශ්රා ම ශාලාවකට ගොස් දවල් බත් අනුභව කොට ඊට මුදල් ගෙව‍ා ඇඳ ගෙන උන් යුරෝපීය ඇඳුම් එහි ගලවා තබා සුදු රෙද්දක් හා බැනියමක් දැඳ ගෙන ඉතිරි රෙදි තුනත් බැනියමත් කඩදාසි කොළ‍යක ඔතා කිහිල්ලේ තබා ගෙන මගට බැස “ඉතින් රොස්ලින් සොයන්නෙමි. ඈ නොලැබුණොත් මේ පිහිටි රටේ ම මගේ ශරීරයත් දිරා පත් වේවා!”යි සනිටුහන් කොට දඹුලු පාර ‍ඔස්සේ ගමන් ගත්තේය.

“රොස්ලින් රැගෙන මාතලේ පළාතට ආවේය” යන ආරංචියට ජයතිස්ස මෙසේ පැමිණි නමුත් එහිදි කිසිම තොරතුරක් දැන ගත නුහුණු හෙයින් සෝකය බලවත් විය. එදින සවස් භාගයේ ආලෝක විහාරය නම් වූ පුරාණ සිංහලයන්ගේ වික්ර මය දක්වන මහා විහාරටය පැමිණි ජයතිස්සට තමාගේ සෝකය මතක නැති විය විශාල ගලක් හාරා ඇතුළත කර තිබෙන විචිත්රය වැඩ හා විහිටුවා තිබෙන ශෛලමය පිළිම දුටුවන්ගේ සිත් සතුටින් පිරී ඉතිරෙන්නේය. මේ වියාරයෙහි සක් දෙව් රාජණන් විසන් නිර්මිත කරන ලද බුඬ ප්රාතිමාවක් ද තිබේ. සිය ගණන් ශෛලමය ප්රරතිමාදිය චිත්ත ප්රීදතියෙන් බලා මල් පුදා බුදුන් වැඳවිහාරේ වහලේ ගලේ කර තිබෙන චිත්රි කර්මාන්ත දෙස බැලූ


පියදාස සිරිසේන නවකථා එකතුව 139

ජයතිස්සට වර්තමාන යුරෝපීයන්ට වඩා සිතිමට ශාස්ත්රනයෙහි දක්ෂව සිංහලයන් විසූ බවත් දැන් පවත්නා සායම් වලට වඩා අනර්ඝ සායම් ප්රාවණයේදී සෑදූ බවත් වර්ෂ 800ක් පමණ වූ මේ චිත්රනකර්මාන්ත අද කළ වැඩ මෙන් දිරාපත් නොවී පැවතීමෙන් ද වැටහී ගියේය.

මේ සිංහල වීරයන්ගේ වික්රාමාන්විත වැඩ බුඬාලම්බන ප්රීරතියෙන් බලමින් විහාරයෙහි ම එක් රැයක් හා දවාලක් පසු කොට දෙවන දින සවස් භාගයෙහි ආසන්න ගමට ගියේය. එහි වැසි ඉතා අශිෂ්ටාචාර දිළිඳු වූ මිනිසුන් දෙස බලා සිංහලයා‍ගේ පිරිහීම ගැන කලකිරීමෙන් ද රොස්ලින් කෙරෙහි ඇති ප්රේනමය බලවත් වීමෙන් ද ඉතා වික්ෂිප්ත භාවයෙන් යන හසර සොයා ගත නොහී මහ වනයට පැමිණි ජයතිස්ස අහෝ! අන්තරායදායක අවස්ථානකට පැමිණියේය. චණ්ඩ හස්තීන්ගෙන් හා වගවලස් ආදී දරුණු වන මෘගයන්ගෙන් සමාකීර්ණවූ මහ වනයෙහි ගමන් කරන ජයතිස්ස කළුවර, බුරුත, මිල්ල ආදී ප්රණයෝජනවත් ගස් වර්ගි ද, අඹ,දඹ, ආදී පලතුරු වර්ගද ද, දුටු නමුත් සිත් එකඟ බැව්හි නොපිහිටියෙකු විසින් අසනු ලබන උතුම් ධර්ම කථාවෙන් ඔහුට කිසි පලක් ලබනු නොහැකි පරිද්දෙන් ජයතිස්සට ද, මේ කිසිවකින් යම් දැනගැන්මක් ඇති කර ගත නොහැකි වූයේය.

මෙසේ යන මං නොදැන ගමන් කරන මොහුට වල් ඇතුන් සතර දෙනෙකු පෙනුනේය. ප්රානණ භය අර්හත් ඵලයට නොපැමිණි සියලු මනුෂ්යකයන්ට ඒකාන්ත හෙයින් ජයතිස්සට ඇතුන් දකින කල ප්රාඅණභය ඇති වී ළඟ තිබුණ ගසකට නැඟුන නමුත් ඇත්තු ඔහු දැක පලවා ගනවිත් ගස මලු සිටියෝය. මේ රෞද්ර ඇත්තු ගස කඩා හෙලා ජයතිස්ස මරණ බැව් හැඟී ගොස් මෙතැන්හිදී බිය වීම නොව මේ විපතින් ගැලවෙන්නට පිළි‍වන් දැයි උත්සාහ කළ යුතු යයි කල්පනා විය. ඉක්බිති තමා නැග සිටියේ වට දෙකක් පමණ මහතැති ගොඩපර ගසකට හෙයින් එය ඇතුන්ට පහසුවෙන් කඩාලිය හැකි බැව් දැන ඒ ගසේ අතු ගෑවෙමින් මහ මිල්ල ගසක් තිබෙන බැව් දැක නිර්භීතව අත්තක් දිගේ බඩ ගා මිල්ල ගසට නැඟී නිසොල්මන්ව සිටියේය. ඇත්තු සතර දෙනා ගොඩපර ගස ඇද හෙලා දැම්මෝය. නමුත් ජයතිස්ස එහි නොසිටි හෙයින් යන්ට ගියෝය.

ජයතිස්ස එදා රෑ මිලන්ල ගහ උඩ ගත කර උදේ ම ගසින් බැස කුස ගින්නෙන් මිරිකී උන් හෙයින් ආහාරයක් හොයමින් වනයේ ම ඇවි‍ද්ගදේය. ඒ මේ අත ඇවිදින ජයතිස්සට ගම් වැද්දන්ගේ ගෙයක් දකින්නට




140 වාසනාවන්ත විවාහය හෙවත් ජයතිස්ස සහ රොස්ලින්

ලැබී ‍එහි ගොස් කෑමට යම්තම් දෙයක් වත් ඉල්ලා සිටියේය. ඒ අතු පැලේ උන් මහලු ස්ත්රිනය අලුත් සාලේ බත් ටිකක් ජයතිස්සට දුන්නාය. සැබවින් ම එය ඒ වේලාවට අමෘතයක් මෙන් වූ නමුත් එය කෑ හැටියේ ම හාමත් ව උන් ඔහුට අපථ්යටව අසනීප විය.අලුත් සාලේ හොඳක් කොයින්ද? අලුත් හොඳ දේත් පරණ වූ විට හොඳ දේත් නීති ප්රමදීපයේ මෙසේ දක්වයි.

අ ලු ත් රෙදිත් ගෙවලුත් කුඩ ද රුසි රූ අ ලු ත් අඹුත් යන මේ දේ වෙති ග රූ න මු ත් පරණ හාලුත් පුරුදු වැඩක රූ උ ග ත් දනෝ හොඳ බැව් කියති දීයතු රූ

ඉතින් ජයතිස්සට ලේ බඩ යාම අට ගත්තේය. අහෝ මේ වනයේ කිසිම පිහිටක් නැති ව මේ වූ දුක කවරෙකුට ඉවසිය හැකිද? හවස් වන විට ඒ පැලේ අධිපති වැද්දන් ඔහුගේ දූවත් මුව මස් කදකුත් රැගෙන ආහ. අසනීපයෙන් සිටින රූප ශ්රීැයෙන් යුත් මළානික තරුණයා දුටු හැටියේ ගම් වැද්දා පුදුම ව අඹුවගෙන් තොරතුරු අසා ඔවුන්ට පුරුදු බෙහෙත් කොළ වර්ගයක් මිරිකා ජයතිස්සට බොන්ට දුන්නේය. එය බී තමාට පැමිණි බලවත් දුක ගැන මෙනෙහි කළේය. “මනුෂ්යනයෙකුට පූර්වජන්මයෙහි කළ පාප කර්මයක විපාක පල දෙන්ට එන කල්හි ඔහුට සෑම අතින් ම දුක් ඇති විය යුතුමයි. ඤාතීන්ගෙන් ද ධනයෙන් ද ලෙඩ රෝග ආදියෙන් ද එක විට ම විපත් නොපැමිණියොත් එය අර අකුශල කර්මයට ප්රිමාණ ද නො වන්නේය. “මට මේ විපත් පැමිණියේ අන්යෙයෙකුගේ දෝෂයකින් වත් උපක්රාමයකින් වත් නොව මගේ ම දෝෂයෙන් ය. එය මම ම විදිය යුතු වෙමි” සෝකය මදක් තුනී කර ගත්තේය.

එසේ චිත්ත ප්රීරතියට පත් වූ හෙයිනුත් ගම් වැදි පුත්ර යාගේ බෙහෙත්වලිනුත් අසනීපය මඳක් අඩුවිය. ටික දිනකින් සම්පූර්ණයෙන් ම සුව පත් ව වැදි ගෙදර ම දහ දොළොස් දවසක් නවතිමියි සිතා ළඟ සිටි වැදි පුත්රූයාගෙන් එහි කීප දිනක් නැවතීමට අවසර ඉල්වූයේය. ඔහු සහ වැදි භාය්යා්ණ ව ද ඊට අතිශයින් ප්රීදති වූහ. ජයතිස්ස එහි ම නැවතුනේය. ජයතිස්ස වැදි පුත්රනයා සමඟ වනයේ ඈත පළාත්වලට ද යන්ට පටන් ගත්තේය. සමහර දිනක වැදි පවුලේ සෑම දෙනා ම ඔවුන්ගේ කටයුතු සඳහා ගියාම ජයතිස්ස තනිව වැදි පැලේ සිටින්නේය. එක් දිනක් රොස්ලින්ගේ රූපශ්රිමයාදි ගුණ සිහි ව ඉවසා




පියදාස සිරිසේන නවකථා එකතුව 141

ගත නොහී තමාගේ දුක හෘදයෙන් පිට කර හරින්නාක් මෙන් මේ මධුර වූ කවි ගොතා කියන්ට පටන් ගත්තේය.

උ ග ත් තෙමි සසර පර තෙර දකින තු රූ සැ ප ත් හැම ලදිමි දෙගුරුන්ගේ මහ රූ ස ම ත් පඬින් ජය ගත්තෙමි වන සතු රූ නො ද ත් තෙමි අනේ වියොගින්නේ අයු රූ

ස ස ලි න් යුතු නැතොත් සඳ සම වන වති නී අ ස ලි න් සිටි හටත් වන සහතොස නිති නී ක ස ලි න් යුතු නමුත් ගත රන් ක‍ඳෙක වැ නී රො ස ලි න් නුඹ නිසා අයියෝ මෙ දුක වූ නී

සු නි ල් පැහැ විහිදි දිඟු සුමුදු වරල ‍ සේ උ පු ල් පෙති පැරයූ දිගු පුලුලැති දෙයැ සේ සි හි ල් රස වදන් දෙන වඩන මන තො සේ ළ ක ල් රොස්ලින්ගේ උවනත දකිමි කෙ සේ

ර නො වි ල් වැන්න දෙසවන් මිණි කො‍ඬොල් රැදී ගි නි සි ල් ලෙක අයුරු නැහැ රණකුස පැ රදී ගු ණ දු ල් පියබදින රොස්ලින් ම මන බැ දී මෙ ම තු ල් දුක අනේ නුඹටත් ඇද්ද යෙ දී

සු ර ත් මුදු යුයත මුල් දම් වැනි සුපි පී උ ග ත් නෙක සතර තුන් මදයෙන් නොදැ පී දි මු ත් පියබදින මිසදිටු බැමි ද කැ පී ල දො ත් එක් වෙන්ට පින් අතියෝ ය අ පී

වැ ඩෙ නා පියයුරන් රන් තිසරුන් සේ මේ ‍වැ ඩෙ නා ස‍ඳෙව් වැඩු මා වෙත තද පේ මේ සො බ නා ම පෙම්බර රොස්ලින් ගේ නා මේ සි ති නා ඉවත් කෙරුමක් නම් නොයෙදේ මේ

වෙලා සුබ සරණ අප දෙ දෙනා සිතු ලෙ දේ මෙ ලා කට ඉන්ට නිසි කාලය යි ල ‍ඳේ බ ලා කරුමයක් පල දෙන්ට වනි සෙ ‍ඳේ වි ලා පෙන් නුඹත් ඉන්නෙහි ද පියබ ‍ඳේ


142 වාසනාවන්ත විවාහය හෙවත් ජයතිස්ස සහ රොස්ලින්

රැ ගෙ න ගිය නමුත් සතුරෙක් ම පියබ දා උ ගෙ න කිලුටු නොමවී පුරඹුවක ලෙ දා සි ටි න බවට නියත යි රොස්ලින් බොල දා දෙ දෙ න මේ අපි එක්වෙන්නෙමු දෝ ක වදා

මේ ආදී දුක්මුසු විලාප කියමින් ජයතිස්ස කිඹිස්ස නම් ගමින් සැතැප්ම අසූවක් පමණ දුර වූ මහ හිමයේ විසූයේය.

‍ රොස්ලින් හා වින්සන්ට් පෙරේරා ද ශ්රීිපාද කන්ද අසල හොරතලාගේ ගෙදර කීප දිනක් නැවතී සිටියෝය. දොස්තර සිල්වා එන යන බලාපොරොත්තුවෙන් සිටි නමුත් දවස් විස්සකට පසු ඔහු ගැන තිබුණු බලාපොරොත්තුව වින්සන්ට්ගේ හිතින් දුරු විය. මේ කාලයෙහි වින්සන්ට් රොස්ලින් සමග ගමට එන්ට කල්පනාව ඇති වුණ නමුතු ඈ ඊට අසතුටු විය. ඉක්බිති රොස්ලින් අසත් ධර්මයට කැමැති කරවා ගැනීමට වින්සන්ට් නොයෙක් උපා ද කීවේය. එක් දිනක් වැදි ගෑනි ගෙයින් බැයැර ගිය හැටියේ ම රොස්ලින් බලහත්කිරයෙන් කිලිටි කරන්ට මේ අධමයා උත්සහ කළ නමුතු ඤාණවන්ත මේ උතුම් කාන්තාව ඔහු මිහිරි වචනයෙන් මුළා කර ටික වේලාවකට නමුත් අස්වැසුවාය. ඉක්බිති හෙට දොළහට පර වේථම මොහුගෙන් මිදෙමැ යි සිතා. වින්සන්ට්ට මෙසේ කීවාය. “මහත්මයාණෙනි, අප ළඟදී ගමට යන බැවින් ඒ යන කොට ගෙන යන්ට මට මුව පැටවෙක් අල්ලා දෙන්ට ඕනෑය. ගමට ඉක්මනින් ගියාම සිරිත් ප්රමකාර කසාද බඳින්ට පුළුවන.”

වින්සන්ට් ද මෙය විහ්වාස කළේය. සවස හතරට පමණ හොරතලා මස්කෙළියේ සිටි ලුණු කහ මිරිස ආදී උපකරණත් රැගෙන ආයේය. මේ වේලාවේ වින්සන්ට් වතුරු නාන පිණිස අසල තිබෙන ඔයකට ගොස් සිටියේය. රොස්ලින් හොරතලාට ද මුව පැටවෙක් ඇල්ලීම ගැන කියා ඔවුන් වනයේ ඈතට යවන්ට උපක්රාමය යොදා ගත්තාය. එදින සවස් විය. එදා රැය රොස්ලින්ගේ හිතත් කරදර නමැති සැඩ පවනින් ගසා ගෙන යන වලාකඩක් මෙන් විය. මුලු රාත්රි ය නින්දෙන් තොරව අමාරුවෙන් ගතකළාය. සූය්ය්වි යා සමනල කන්දට ඉහලින් පෙනෙන්ටත් පළමු හොරතලා හා වින්සන්ට් මුව පැටවෙකු අල්ලන පිණිස ගියෝය. ඔව්හු හැතැප්මක් පමණ දුර යන්ට ඇත කියා හිතෙන කාලයේ දී රොස්ලින් සොබනීට ආදරයෙන් කථාකොට අද රෑ තමාට වින්සන්ට්ගෙන් පැමිණෙන අන්තරායෙන් මිදෙන්ට තිබෙන එකම මාර්ගාය නම් සැඟවී යාම පමණක් බව කියා




පියදාස සිරිසේන නවකථා එකතුව 143

වින්සන්ට්ගේ පෙට්ටිය ඇර පිරිමි ඇඳුම් කුට්ටමක් ද වෙස් මාරු කර ගැනීමට මුහුණේ දමා ගන්නා මුහුණු වැස්ම ද, රුපියල් දහයක් ද රැ ගෙන එයින් පහක් සොබනීටත් දී බැන්තැනි මහා මනයට යන මාර්ගුයකින් පැනලා ගියාය.

වික්ෂිප්ත වූ චිත්තයෙන් යුත් රොස්ලින්ට ගමන් විඩාවත් වන මෘගාදීන්ගෙන් වන භයක් වත් නොදැනුණේය. මහා වනය මැදින් සවස් වන තරු ම ගමන් කොට උස් වූ ගල් පර්වතයකට නැඟී හුදකලාව ම නිදා ගත්තාය.

දඩයමේ ගිය හොරතලා හා වින්සන්ට් ශ්රීීපාද කන්ද අසලට ම ගොස් බැස්සාහ. සමන් දෙවියන්ගේ අලංකාර උද්යානනය අසලදී කිසිවෙකුට සතෙකු මැරිය නොහැක්කේය. මේ බව හොරතලා දන්නේය. ඒ බව ඔහු වින්සන්ට්ට කීයේය. වින්සන්ට් ඒ කිසිත් විශ්වාස නොකර ගසක උන් කොබෙයියකුට අත තුබූ පිස්තෝලයෙන් වෙඩි තියා මැරූවේය. ඒකත් රැගෙන මුව පැටවෙකු අල්ලන පිණිස ලුහුබැඳ ගියේය. මුව පැටවා කන්ද මුදුනට ම නැඟ නො පෙනී ගියේ ය. වින්සන්ට් ද දුරදිග නොබලා ගොස් කන්ද මුඳුනේ ගලක් පිට නැංගේය. ඒ ගල එක පාරට ම පෙරළී වැටුණේය. වින්සන්ට් විශාල කන්දෙන් හෙනක් පාත් උණාක්මෙන් වැටුණේය. කන්ද පාමුල උන් හොරතලා ළඟට ගොස් බැලූ විට වින්සන්ට්ගේ අතක් හා කකුලක් කැඩී ලේ ගලමින් සිටින බව දැක අසල දොලකින් වතුර ගෙනවුත් පොවා, ඇඳ ගෙන උන් රෙද්දක් ඉරා තුවාල ඔතා බැඳ ඇල් වතුරෙන් තෙමුයේය. එ කල්හි වින්සන්ට්ට මඳක් සිහිය ආ නමුත් පයින් යා නොහැකි හෙයින් හොරතලා කර පිට තබා ගෙන එන්ට පටන් ගත්තේය.

මඳක් දුර එන අතර හොරතලාගේ මිත්රන වනචර මිනිහෙක් මස් කඳක් රැගෙන යනවා සම්බ විය. හොරතලා ඔහුට කථා කොට රුපියල් පහක් දෙන බව කියා වින්සන්ට් උස්සා ගෙන යන්ට අඬගැසුවේය. ඔහු ද සතුටු ව මැස්සක් සාදා ඊ පිට වින්සන්ට් තබා ගෙන දෙ දෙනා විසින් උසුලා ගෙන හොරතලාගේ පැලට ආවෝය. ඒ එන කොට රෑ හත හමාරට පමණ විය. හොරතලාගේ භාය්යාඊ ව වන සොබනි ඉදිරියට විත් ‍රොස්ලින් උදේ හිට ම නැති බවත් කොයි අත ගියා දැ යි නොදන්නා බවත් කීවාය. අහෝ වින්සන්ට්ට දෙයියන් මතක් වූයේය. ඔහු මෙසේ සිතුයේය. “මා කළ අපරාධ ඉතා බලවත්ය. දෙමව්පියන් හා සැප සේ විසු උතුම් කුලාංගනාවක්





144 වාසනාවන්ත් විවාහය හෙවත් ජයතිස්ස සහ රොස්ලින්

හොරෙන් විෂ බෙහෙත් පොවා ගෙනවුත් මේ වනයේ මාසයක් තබා ගෙන උනිමි. අහෝ ඈත් මංමුළාව ගියාය. මමත් ඒ කළ අපරාධය නිසා ම මරණාසන්න වුනෙමි. කළාවු දේට විපාක නැත. දෙවියෙකුගේ කැමැත්තට යම් යම් දේ සිද්ධ වෙනවාය යි අප අඥාන කමින් සිතා ගෙන සිටි සිතිවිල්ල බොරුවක. නො මැරුණත් ඒකාන්තයෙන් ම අබ්බගාතයෙක් වීම මට නියමය”යි සිතා රුපියල් දහයක් දෙන්ට පොරොන්දු වී මස්කෙළියේ ආරෝග්යන ශාලාවට ගෙන ගොස් දමන්ට කීවේය.

ඔවුහු ද එළිවෙන්ට ප්ර ථම මස්කෙළියේ ආරොග්යයශාලාවට වින්සන්ට් ගෙනත් දැම්මෝය. එහි වෛද්යා්චාය්ය්ය ශ තැන ඔහුගේ වම් කකුල හා දකුණු අතත් මුලින් ම කපා දමා සුව කළේය. ඉතින් අබ්බගාතයෙක් වී මාස කීපයකට පසු කොළඹට පැමිණියේය. තමාහට නොලැබිය හැකි දෙයක් ලැබීමට අයුත්තේ උත්සාහ කරන කාටත් අවැඩ සිද්ධ වන බවත්, අනනුන්ට කළ අපරාධ ඉහාත්මයෙහි ම බොහෝ තැන්වලදී පල දෙන බවත් මේ වින්සන්ට්ට සිද්ධ වූ දෙයින් ප්ර ත්යනක්ෂ වූයේය.

වින්සන්ට්ගෙන් ගැලවී වනයේ වැදී ගිය රොස්ලින්ට ගල උඩම නින්ද ගියේය. එ කල්හි එම වනයට අධිගෘහිත භූමාටු දේවතාවෙක් රොස්ලින්ගේ පතිව්ර්තා ධර්මය පරීක්ෂා කරමැ යි සිතා ඉතා ලක්ෂණ තරුණයෙකු මෙන් පෙනී සිට ඈ සමග අසත්ධර්මයෙහි හැසිරීමට උත්සහ කළේය. දේවතාව රොස්ලින්ට නානා ප්රගකාර ස්ත්රීින් මුළා වන රැවටිලි බස් කී නමුත් ඇගේ සිත කොහෙත් ම වෙනසක් කළ නොහැකි විය. ඉක්බිති “ලෝකයෙහි පතිව්රුතා ධර්මය රක්ෂා කරන ස්ත්රීනහු නම් අතිශයින් දුර්ලභයහ. නුඹ මා සතුටු නො කරන්නී නම් මෙහි මරා දමමැ”යි දේවතාවා කීවේය. රොස්ලින් ද, “අනේ මහතාණෙනි, මරණය විඳීම ඉතා පහසුය. දැන් මා මේ මරණය සමාන දුකට පත්ව සිටින්නෙත් මගේ පතිව්රඅතා ධර්මය හා පොරොන්දු කඩ කිරීමට නොහැකි හෙයින්ය. මම මරණය‍ට රුචි වෙමි. නමුත් අධර්මයට කැමති නොවෙමි”යි ස්ථිර ව ම කීවාය.

ඇගේ සෙලවිය නොහැකි ස්ථිර ගුණයෙහි ප්රෙසන්න වු දේවතාවා එතනින් අන්තර්ධාන ව රෞද්ර වූ යක්ෂ වෙශයකින් රොස්ලින්ට පෙනී සිටියේය. භයානක වූ යක්ෂයා දැක රොස්ලින් බුදු ගුණ සිහි කරමින් මෙසේ සිතුවාය. “අර්ථ වශයෙන් කිසිත් නොදැන ‘නමෝ බුද්ධාය’ කී





පියදාස සිරිසේන නවකථා එකතුව 145

පමණින් යක්ෂොපද්රඑව වලින් වැලකී තිබේ. මම වනාහි මඳක් වත් අර්ථ වශයෙන් බුදු හාමුදුරුවන්ගේ ගුණ දනිමි. ත්රිිවිධද්වාරයෙන් ම පස් පවින් වැලකී සිටින්නාවූ මට ද අන්තරායක් තැතිගැම්මක් නොවේවා”යි ස්ථිරව ම සිතා ගත්තාය. රොස්ලින්ගේ ගුණයෙහි අතිශයින් පැහැදුණු දේවතාව ප්රරකෘති වෙශයෙන් ඈට පෙනී සිට තමාගේ දිව්යාිනුභාවයෙන් ලබන ලද දිව බොජුන් අනුභව කරන්ට දුන්නේය. ඉක්බිති කුසගින්නෙන් මිරිකී හුන් රොස්ලින් ඒ දිව බොජුන් වළදා ප්රීනතියට පැමිණියය. සඳුන් දලු හා මලිගිය මල් ආදියෙහි වැදී සුගන්ධ සම්මිශ්රයව හමන මඳ පවන් විඳිමින් උතුම් දේවතාවා සමග ධර්මාන්විත කථායෙහි යෙදී උන් රොස්ලින් බලන්ට එන්නාක් මෙන් සූය්ය් ස තෙම උදයගට පැමිණියේය. එ කල්හි රොස්ලින්ගේ සිත පහන් වූවක් මෙන් ලොව ද පහන් විය. දේවතාවා ද අන්තර්ධාන වූයේය.



13[සංස්කරණය]

ඉ තින් රොස්ලින් ස්ත්රීන වේශයෙන් ඉදීම යුතු නැතැයි සිතා තමා වින්සන්ට්ගේ පෙට්ටියෙන් ගෙන ආ පුරුෂ ඇඳුම් ඇඳ තොප්පියත් හිසෙහි ලා ගෙන මුහුණේ ස්වරූපය වෙනස් වන මුහුණු වැස්ම ද ලා ගලින් බැස මහ හිමයේ යන හසර නොදැන ගමන් ගත්තාය. ඈ කෙරෙහි ප්රිසන්න දේවතාවා විසින් අධිෂ්ඨන කරන ලද මාර්ග්යෙන්ම ගමන් කොට සුමිහිරි ජලයෙන් පිරුණා වූ සැඩ පහර ඇති ඔයක් දැක ඔය ඔස්සේ උඩහට ගමන් කළාය. එසේ යන විට ඒ ඔය ගලාබසින්නේ මහා ගල් පර්වතයකින් බව දැක එතන නැවතී පරීක්ෂා කරන විට මේ ගල උඩින් එන ජල ධාරාව අට රියනක් පමණ පහත් වූ භූමියට වැටෙන බවත් ඒ සැඩ පහර වැටීමෙන් ගලට ආසන්න වූ ඔය ප්රපදේශය ඉතා ගැඹුරු බවත් දුටුවාය.

මඳ වේලාවක් බලා සිටින විට ජල දැල්ලට ඇතුලෙන් ගලේ ගුහාවක් මෙන් පෙනීම ගැන පරීක්ෂා කරන රොස්ලින් කෙරෙහි ප්රගසන්න භූමාටු දේවතාවා මහලු මනුෂ්යග වෙශයකින් ඉදිරියට අවුත් “මහත්මයා කමක් පරීක්ෂා කරන්නේ දැ”යි ඇසීය. මහ හමයේ මනුෂ්යගයෙකු දැකීමෙන් ප්රීාතියට පත් රොස්ලින් “මම මිනිස් පියසකට යා හැකි මාර්ගියක් පරීක්ෂා කරමින් ඉඳිමි”යි කීවාය. මහල්ලා ද



146 වාසනාවන්ත විවාහය හෙවත් ජයතිස්ස සහ රොස්ලින්

“මහත්මයා මනුෂ්යව පඡයකට යනු කැමති ද එසේ නැතහොත් උතුම් සිංහල රාජ වංශයෙන් පැ‍වතෙන කීප දෙනෙක් ඉන්නා “ආරක්ෂා නගරය” නම් වු මේ ගලා බසින දිය ඇල්ලට යටින් පෙනෙන දොරටුවෙන් යා හැකි නුවරට යන්ට සතුටු දැ යි ඇසීය.

එවිට රොස්ලින් බලවත් ප්රීෙතියට පැමිණ “මම එම නගරයට යන්ට කැමැත්තෙමි. අනේ මට එහි යන්ට සලසාපන්නැ”යි කීය. එවිට මහල්ලා ගල උඩට නැග ලෑල්ලක් හරස් කළ කල්හි දිය පාර දොරටුවෙන් ඉවත් ව ගලා බසින්ට පටන් ගතිය. ගල් දොරටුවෙන් එහි යන පිණිස ගලේ ම පැත්තකින් කපා තිබෙන පඩි පෙළත් පෙනී ගියේය. මහල්ලා රොස්ලින් එම පඩි උඩින් ගෙන ගොස් දොරටුවට ඇතුළු කර දිය පාර පෙර තිබුණාක් මෙන් දොරටුව වසා ගලන්ට සලස්වා යන්ට ගියේය.

රොස්ලින් අන්ධකාර වූ ගල් ගුහාව දිගේ ඉදිරියට ගමන් කළාය. හැතැප්ම කාලක් පමණ ගිය විට අලංකාර වූ සුළු නගරයට බැස්සාය. මෙහි ලක්ෂණ පුංචි ගෙවල් සයක් හා පැසී නැමී රත්හැල් කරල් වලින් බබලන කුඹුරු කීපයක් හා පලතුරු එළවළු මල් ආදී මනුෂ්යකයන්ට උවමනා සියලු දේ ම සුලභව ඇතත් එකම මනුෂ්ය යෙකු වත් නොදැක පුදුමයට පත්ව රම්යන වූ පුංචි නිවසක ඉස්තෝප්පුවේ වාඩි වී ගත්තාය. මේ මුළු නගරයේ ම ඉන්නෝ පහළොස් දෙනෙකි. එයින් නව දෙනෙක් පිරිමිය. සය දෙනෙක් ස්ත්රීේහූය. රොස්ලින්ට පැමිණෙන වේලාවට ඔවුහු සියල්ලෝම ටිකක් ඈත පොකුණකට නාන්ට ගොස් සිටියෝය.

මේ නගරය හාත්පස උස් වූ කඳු පංක්තියෙන් හා ළන වූ වන ලැහැබින් ආවරණ ව රොස්ලින් ගිය උමගින් පමණක් ඇතුළු විය හැකි ආරක්ෂා ස්ථානයකි. ඉතින් නාන්ට ගිය වුන් ගෙවලට එන විට දුරදීම, කලිසන් හැඳ ගත් පරදේශිකයෙක් සිටින බැව් දැක විසම පත් ව එහි අධිපති මිහිඳු ඈපා තුමා අනික් පිරිසට කථා කොට “නොබා වරෙව්. මොහුගෙන් යම් යම් තොරතුරු ද දැන ගෙන මොහු විනාශ කරමුය”යි නියම කර ගත්තේය. නමුතු රොස්ලින් ළඟට ආ හැටියේ ම සියලු දෙනා ම ප්රබසන්න වූහ. ඉක්බිති මිහිඳු ඈපා තුමා “මෙහි කෙසේ පැමිණියේදැ”යි ඇසීය. රොස්ලින් මට මහලු මිනිහෙක් විසින් පාර පෙන්වන ලදින් ආමි”යි කීවාය. “තමා කවර ජාතියකට කව‍ර ආගමකට අයත් ද”යි නැවතත් මිහිඳු ඈපා තුමා අසීය. “මම සිංහල ජාතියට අයිති බුද්ධාගම්කාරයෙක්මි”යි රොස්ලින් උත්තර දුන්නාය.

මේ වේලාව දවල් බත් අනුභව කරන කාලය හෙයින් එය හුන්



පියදාස සිරිස්න නවකථා එකතුව 147

පසළොස් දෙනා තම තමන්ගේ ගෙවලට ගියෝය. මිහිඳු ඈපා තුමා රොස්ලින් ස්වකීය නිවසට කැඳවා එලවළු ව්යාංයජන සහිත සුවඳ හැල් සාලේ බත් දුන්නේය. අවල් එකට පමණ නගරයේ වැසි සියලු දෙනා ම රොස්ලින් බැලීමට තැවතත් පැමිණියාහ. රොස්ලින්ගේ මුහුණ වැස්ම පුරුෂ ස්වභාවයක් දක්වන හෙයින් කිසිවෙකුට ඈ පුරුෂයෙක් නොවේය යි සැකයක් ද නැති විය. අගේ පතිව්ර්ත ධර්මානුභාවයෙන් හා මිත්රො භූමාටු දෙවියන්ගේ උපකාරයෙනුත් ඈ කෙරේ ඒ නගර වාසි පසළොස් දෙනාගෙන් සිකිවෙක් අප්රභසන්නයක් නම් නොවුයේය.මේ වේලේ රොස්ලින් හා මිහිඳු ඈපා තුමන් අතර මේ කථාව ඇති විය:

මිහිඳු - නුඹ සිංහල නම් ඔය යුරෝපීය ඇඳුම් අඳින්නේ ඇයි?

රොස්ලින් - දැන් සිංහල මිනිස්සු යුරෝපීයයන්ට යටත් වූ හෙයින් සියලු කාරණයෙහි දී ම ඔවුන් අනුව යත්. ඇරත් නියම සිංහල ඇඳුම් කුමක් ද කියා අපට තේරෙන්නේ නැත.

මිහිඳු - යුරෝපීයයන්ට යටත් වූණ පළියට සිංහලයන් ඔවුන්ගේ ඇඳුම් සිරිත් විරිත් ගනිත් නම් එය වැරදි යි. මමත් ලෝකයේ නොයෙක් ර‍ටවල ඇවිද ඉන්දියාවේ බොහෝ කල් සිටියෙමි. හින්දුවරු අපේ සහෝදරයෝය. ඔවුහුත් දැන් ඉංග්රීහසින්ට යටත් ව සිටිති. නමුත් කිසි දිනක ස්වකීය ඇඳුම් පැළදුම් සිරිත් විරිත් අත් නොහරිති. සිංහල ඇඳුම කුමක් ද කියාවත් දැන ගැනීමට බැරි තරම් වුණා පුදුමයි. නියම සිංහල ඇඳුම නම් මේ අප ඇඳ ගෙන ඉන්නා ඇඳුම් බව දත යුතුයි. හොඳයි, සිංහලයන්ගේ සිරිත් විරිතුත් මතක නැති කරගෙන ද?

රොස්ලින් - ඔව්, ‍ස්වාමිනි. සියල්ල ම පාහේ යුරෝපීය සිරිත් අරගෙන.

මිහිඳු - අනේ උතුම් ආය්ය්ම සිංහල ජාතිය! මේ භායානක විපතට අප ජාතිය වැ‍ටෙන බව දැන අපේ මුත්තා මේ වනයේ ම ආරක්ෂක ස්තාන තනා ගෙන මීට වර්ෂ තුන සිය ගණනකට පෙර මෙහි ඇවිත් පදිංචි වුනේය. ඒ දීර්ඝදර්ශී වූ එතුමාට පින් සිදධවෙන්ට ඒ පෙළපතින් පැවෙතන අපි පසළොස් ඇඳුම් පැළඳුම් සිරිත් විරිත් ආදී සියල්ලක් ම ආරක්ෂා කර සිටුම්හ.


148 වාසනාවන්ත විවාහය හෙවත් ජයතිස් සහ රොස්ලින්

ඉක්බිති රොස්ලින්. “ස්වාමීනි, ඔබවහන්සේලාගේ සිරිත් විරිත් හා මේ නගරය පළමුවෙන් තනා මෙහි පැමිණි ඇත්තන් ගේ පටන් තොරතුරු මට කියා දුන මැනැවැ”යි අයැදි කල්හි මිහිඳු ඈපා‍ණෝ මෙසේ කීවෝය.

“මේ ස්ථානයට ආ අපේ මුත්තා දෙවෙනි විමලධර්මසූය්ය්් ත මහ රජුගේ එක කුස ඔත් නැගණියන්ගේ පුතණුවෝය. වීරපරාක්ර්ම නරේනද්ර සිංහ රජතුමා දෙමළ කුමාරියන් පාවා ගෙන දරුවන් නැතුව සිටිද්දී ඒ දෙමළ බිසවුන්ගේ මල්ලිලා රජ ගෙදර සිටි බැවින් දෙමළුන්ට සිංහාසනය අයිති වෙන බවත් එයින් සිංහලයන් අරාජික වන බවත් කල්පනා කොට මේ මහා වනයට අවුත් මේ පුදුම ආරක්ෂක ස්ථානය සොයා තමන්ගේ පවුලත් සමග එතුමා මෙහි පදිංචි වූයේය. ඒ පවුලෙන් අද දක්වා පැවතෙන අපි මෙහි අපට උවමනා දේ අප ම සපයා ගෙන නිදුකින් වාසය කරමු. අපි උතුම් සිංහල සිරිත් විරිත් කිසිවක් අත නෑරියෙමු.

“අපි උදේ අරුණය පළමු බුද්ධානුස්මෘති, ධම්මානුස්මෘති, සංෂානුස්මෘති භාවනා කොට සියලු ලෝවැස්සා නිදුක් නිරෝගි සුවපත් වෙත්වා කියා මෛත්රි, වඩා නිදා උන් සයනින් නැගිට මුව සෝදා තුනුරුවන් වැඳ මල් මහන් පුදා ඉක්බිති දෙමව්පිය වැඩිහිටියන්ට වැඳ සීලට තිබෙන අදයක් අනුභව කොට ‍කරන කටයුතු පිණිස නික්ම යන්නෙමු. එදින කටයුතු කර සවසට ස්නානය කොට තුනුරුවන් වැඳ පුදා දෙමව්පියාදී වැඩිහිටියන්ට ද, වැඳ රෑට ආහර අනුභව කොට පැයක් පමණ ධර්ම සාකච්ඡා කොට නින්දට යන්නෙමු. අපේ කිසිවෙක් අකාලයේ මිය නොයති. අපට දරුණු ලෙඩ දුක් කිසිවක් නැත්තේය. එසේ වන්ට හේතුව අපි කිසි කලෙක ප්රා ණය ඇති කිසිවෙකු නොමරමු. අන් සතු නුදුන් දෙයක් කිසි විටෙක නොගන්නෙමු. පරදාර සේවනය පිළිකුල් කරන්නෙමු. “බොරු” යන වචනය පොත පතේ සඳහන් ව තිබුනු දක්නා පමණ මුත් අපි අපේ මුඛයෙන් ඒවා බොරු කියන හැටි කෙසේ ද කියා වත් නොදනිමු. සුරා යනු නාම මාත්ර යෙන් මිස අන්යප ලෙසකින් නොදනිමු. අනුන්ට ඊෂ්යාත කිරිම වන මෘගයන්ගේ කටයුත්තක් හැටියට අපි සලකමු. අනුන්ට පැමිණෙන යස ඉසුරු ගැන අපට පැමිණෙනවාට වඩා ප්රීයති වන්නෙමු. අනුන්ගේ හිත් දූෂිත වන තද වචන අපි නොදනිමු. පංචකාමය පිළිකුල් කරමින් අනුභව කරමු. ගුණ ධර්මය අපේ උතුම් ධනය කොට සලකමු නින්දිත වූ පංචකාම‍ය නිසා අනුන්ට දුක් දෙන්ට හෝ අයුත්තක්





පියදාස සිරිසේන නවකථා එකතුව 149

කරන්ට අපි නොදනිමු. ලද දෙයින් සතුටු වන්ට අපි ඉතා සමර්ථ වෙමු. මේ ආදී පුරාණ සිංහලයන්ගේ උතුම් ධර්මයෙන් කිසිවක් අපි අත නොහැර රක්ෂා කරම්හ.” රොස්ලින් මේ කථාව ඉතා සැලකිල්ලෙන් අසා සිත්හි ධාරණය කර ගත්තාය. ඉන්පසු එහි වාසී සිංහලයන්ගේ නියම සිංහල ඇඳුම රොස්ලින් මෙසේ සලකුණු කර ගත්තාය.

පිරිමි ඇඳුම

පුරුෂයෝ ඉස කෙස් කොට කර කපා සුදු සියුම් රෙදි ඇඳ එයින් කොනක් පිටි පැත්තෙන් උස්සා ඉනේ දවට ගනිත්. (මෙය පෙනීමෙන් ලිහිල් වූ කලිසමකට සහානය.) එසේ ම සියුම් රෙදි වලින් මහන ලද අංගරකාවක් හෙවත් දිග කමිසයක් ඇඳ උතුරු සළුවක් පොරවති. සමහරු තොප්පි ද සමහරු ජටා ද ඉසට පළදිති. පදා ජාලා (මේස්) ඇඳ පාවහන් (සපත්තු) පය ලන්නෝ ද මිරිවැඩි (සෙරප්පු) පය ලන්නෝ ද එහි සිටිති.

ස්ත්රීර ඇදුම

ස්ත්රීරහු දස රියන් වස්ත්ර යක් අඳිති. උර්ධවකාය හා පයෝධර වැසෙන පිණිස සැට්ටයක් අඳිති. ඉන්පසු අඳින ලද වස්ත්රියෙන් එක් පොටක් ඒකාන්ස කොට පොරවති. කනට කරට ආභරණ ද පාද ජාලා, පාවහන් (මේස් සපත්තු) ආදි පා ඇඳුම් අත් වලට නානාප්රනකාර වළලු ද පළදිත්. ඉස මනා ලෙස පීරා කොණ්ඩය බැඳ කුරු පළදිත්. ඉසේ මල් වර්ගප ද පළදිත්.

මෙසේ මේ ඇඳුම් සලකුණු කර ගත් රොස්ලින්, මිහිඳු ඈපා තුමාගෙන් මෙසේ ඇසුවාය. “ස්වාමීනි, ඉස කෙස් කැපීම සිංහලයන්ට යුතු නැතැයි අප රටේ කියත්. ඉස කෙස් කැපීම සිංහල සිරිතක් ද?” එවිට මිහිඳු ඈපා තුමා මෙසේ කීය. “දැන් සිංහලයෝ පුරාණ සිංහලයන් ගැන කිසිත් නොදනිති. දෙමළ රජුන්ගේ නැත්නම් පෘතුගීසි ඔලන්ද ආදින්ගේ කාලේ සිංහල සිරිත් ලෙස පිළිගත් දේ නියම සිංහල සිරිත් නොවෙති. විජය රජුගේ පටන් වීර පරාක්රයම නරේන්ද්රේසිංහ රජු දක්වා සිංහලයන් අතර තිබුණු සිරිත් ම ගණන් ගත යුතුයි. ඒ පෙර කාලයේ සිංහලයෝ ඉසකෙස් කැපීම කළහ. නමුත් දැන් යුරෝපීයයන් කපන තරම් කොට කර නොවෙයි. තරමක් දික්ව පිටෙහි වැටෙන්ට ‍ඉස කෙස් තබා ගත්හ. ඒ සාමාන්යර ජනයාගේ ඉසකෙස් කැපීම වේ. යුද්දභට ආදීහූත්, නිතර කර්මාන්ත වල



150 වාසනාවන්ත විවාහය හෙවත් ජයතිස්ස සහ රොස්ලින්

යෙදෙන අයත් ඉතා ම කොටට ඉසකෙස් කැපූහ. ඒ බව ඉතිහාසයේ ද සඳහන්ව තිබේ. “නැවත තමා ගෙන ගිය පත් හා වඬුරු දැක සතුටු ව රාජ කුමාරයෝ නිමිලයන්ට මසුරන් දාසක් වටිනා මාහැඟී ප්ර්සාද දී නිමිලයන් හිසකේ කපා මා වැලි ගඟින් නාව” යනාදිය ථූපවංශයේ සඳහන් ව තිබේ.

මේ රහස් ස්ථානයේ දැන් කොළඹ පවත්නා ඉතා යහපත් සිරිත් සියල්ලක් ම ‍පාහේ ඇතත් පරදේශින්ගේ විකාර එකක්වත් නැත. රොස්ලින් මිහිඳු ඈපාණන්ට දැන් සිංහල ස්ත්රීේහු තොප්පි අඳින බැව් කීවාය. එවිට එතුමා “අහෝ සිංහලයාට වු විපත. ඒරොප්පේ ගෑණුන්ගේ ඉසකෙස් අපේ නාකි ගෑණුන්ගේ ඉසකෙස් මෙන් සුදු වූ අවලකෂණ පාටකින් යුත් හෙයින්. ඔවුහු තමන්ගේ අවලක්ෂණය නැති කරන්නා පිණිස තොප්පිත් ඊට කුකුල් පිහාටු ආදියත් ලෑස්ති කර ගෙන තිබේ. ‍සිංහල ස්ත්රීුන්ගේ ඇති ඉතා ම අලංකාරය නම් කේශ කලාපයයි. මේ බලනු.

“සො බ න කනක ගිරි මුදුනත රඟ දෙන රන් මයු රා හ ර න සුමුදු දිගු වරලස නිල් ව බැබලි නොව රා වැ සු න අඩක් මේ ගැබකින් සඳුගේ සිරි අයු රා න ද න වේය දුටු දන මන ‍ඇගෙ නළනත පව රා”

මේ අලංකාර වූ කේශ කලාප සිංහල ස්ත්රී න්ට තිබෙත්. ඔවුහු ඉඳිකොළ තොප්පියකින් පිළිකුල් වූ කුකුළු පිහාටත් සමඟ එය වසා ගනිත් නම් ඒ තරම් අමන කමක් තවත් අද්ද? යනාදියෙන් ස්ත්රීයන්ගේ විකාර ගැන තව දුරටත් මිහිඳු ඈපා තුමා කාරණා කීයේය. රොස්ලින් ද මේ පිරිසිදු සිංහල සිරිත් විරිත් ආරක්ෂා කරමින් සිටින ටික දෙනත් සමග වන ගත පුංචි ග්රාමමයෙහි ම විසුවාය.



14[සංස්කරණය]

වැදි ගෙදර විසි දවසක් පමණ සිටි ජයතිස්සට සුදුසු ආහාර පැනාදිය නැතියෙන් ඔහුගේ ස්වරූපය ද වෙනස් විය. මෙසේ මේ වැදි ගෙදර ඉඳීමෙන් ඇති පලය කිමදැයි සිතා. ජයතිස්ස වැදි පුත්රාදදීන්ට ආචාර සමාචාර කොට ඔහුට කරන ලද උදව් ගැන මුව නොසෑහෙන සේ ස්තූති කොට එතනින් පිටත්ව, තපස්වරයෙකු මෙන්


පියාදස සිරිසේන නවකථා එකතුව 151

ඇඳ ගෙන ජටාවක් හිසේ බැඳ ගෙන ගමන් ගත්තේය. එදින සවස් භාගයේ සීගිරියට පැමිණි ජයතිස්ස සීගිරි බලකොටුව නම් වු කාශ්යේප කුමාරයා විසින් සාදන ලද ආරක්ෂක ස්ථානය බාලා පුදුමය පත් විය. මෙම “සීගිරි කන්ද කියන්නේ අඩි 300 ක් පමණ උසැති එකම ගලටය. මෙහි මුදුනේ හාරණ ලද පොකුණක් ද මාලිගා මුරගෙවල් ආදියේ ගෙපළවල් ද ප්රගකාර බැමි ද තවමත් දක්නා ලැබේ. අවුරුදු 1000 කට පුථම සිංහල වර්ගයා යුධෝපායෙහි කොපමණ දක්ෂව සිටියෝ දැයි මේ සීගිරි බලකොටුවෙන් ඥානවන්තයන්ට අවබෝධ වන්නේය.

‍ජයතිස්ස මෙහි කීප දවසක් ගතකොට පොළොන්නරුවට යන අදහසින් නික්ම ගියේය. දවස් එක හමාරකින් පමණ පොළොන්නරුවට පැමිණියේය. ඒ යන අතර මාර්ගයේ තිබෙන මින්නේරි වැව බලා ජයතිස්ස් මවිත විය. මෙහි ප්රඅමාණය අක්කර 6380 කි. මෙම වැ‍ව ක්රිපස්තු වර්ෂ 300 ය පමණේදී රජ කළ මාහාසෙන්න රජතුමා විසින් කරවන ලදි. මෙය හෑරීමට පස් කියුබික් යාර 81,72,000 ක් පමණ ගොඩ දැමිය යුතු වේ ඊට ගිය විහදම රුපියල් 92,00,000 ක් යයි සැලකිය හැක. මීට වර්ෂ 1700 කට පෙර සිංහලයාගේ හැටි බලා ජයතිස්ස “අහෝ දැන් අපට මක්වුණා දැ”යි සිතීය. එතැනින් පොලොන්නරු පුරප්රසවරයට පැමිණ “මේ අපේ මහා පරාක්රිමබාහු මහ රජාණන්ගේ අග නුවරදැයි ප්රී්තියෙන් වත්ව, එහි ජරාවාදව තිබෙන ස්ථානාදිය බලමින් “සබ්බේ සංඛාරා අනිච්චා” යන බුදු වචනය මෙනෙහි කරමින් ඇඬුවේය.

දැනට එහි ජරාවාසව තිබෙන කිරිවෙහෙර, රන්කොත් වෙහෙර, ජේතවන විහාරය, වටදාගෙයි චෛත්යෙ හා ප්රොතිමා, ගල් විහාරය, දළදා මාලිගාව, විශාල ශිලාලෙඛණය, සරස්වතී මණ්ඩපය, සත්මහල් ප්රාාසාදය, විනිශචය ශාලාව, සිංහාසන මණ්ඩපය, මහාපරාක්ර මබාහු ප්ර්තිමාව ආදිය සංවේගයෙන් දැක ජයතිස්ස පසළොස් දිනක් පමණ එතන සිට අනුරාධපුරය දක්වා ඇති සිංහලයන්ගේ වික්රිමය දක්වන පුදුම දේවල් බලා වෙහෙ‍ර විහාර වැඳ පුදා ගත්තේය. ඒ දකින ලද දේවල් නම් :- කලාවැව හෙවත් නුවර කලාවීය වැව, මෙය ක්රිග.ව. 460 දී අනුරුධපුරය අගනුවර කොට ගෙන ලංකා රාජ්යම කළ ධාතුසේන මහරජතුමා කළේය. මෙහි ප්ර4මාණය අක්කර 10,000 කි. මෙහි කුණු තිබෙන පස් ප්රුමණය කියුබික් යාර 96,00,00,000ක් පමණ විය යුතුයි. වියදම රුපියල් 90,00,00,000 ක් පමණ විය යුතුයි. යෝධ ඇල, මේ කලා වැවින් අනුරාධපුරයට වතුරු ගැනීමට හාරන ලද ඇලකි. මෙය





152 වාසනාවන්ත විවාහය හෙවත් ජයතිස්ස සහ රොස්ලින්

හැතැප්ම 54 ක් දිගය. මෙය හෑරීමට පස් කියුබික් යාර 11,40,480ත් පමණ ගොඩ දැමිය යුතුයි. මෙය දුටුගැමුණු මහරජාණන්ගේ හේවා භටයන් විසින් කපන ලද හෙයින් යෝධ ඇල යයි නම් විය. තිසා වැව මෙය දෙවානි පෑතිස් පහරජාණන් විසින් කරවන ලදී. මෙහි ප්ර මාණය හැතැප්ම තුන හමාරකි. මය කැණිමට පස් කියුබික් යාර 32,52,48,00 ක් ගො‍ඩ දැමිය යුතුයි. මේ ‍වැඩේ නිම කිරීමට ඉතා අඩු වශයෙන් රුපියල් 3,20,00,000 ක් වේ. යෝධ වැව, මෙය ද දුටුගැමුණු රජතුමාගේ යෝධයන්ගේ ‍වැඩකි. මෙහි ප්ර මාණය අක්කර 6,380කිත මෙ ඇර ගන්තල වැව, අභය වැ, රූකම් වැව ආදී අක්කර තුන් දාහේ පටන් දාහ දක්වා ඇති වැව් ද ඊට කුඩා වැව් ද සිය ගණනකි. මේ ඇර ජයතිස්ස දකිනා ලද වෙහෙර විහාර වලින් සමහරක් නම් :- ථූපාරමය, බුද්ධ වර්ෂ 236 දී හෙවත් ක්රිරස්තුස් වහන්සේ උපදින්නට අවුරුදු තුන්සිය අටකට ඉස්සර ගොඩනගන ලදී. මෙම වෛත්යාය දෙවැනි පෑතිස්ස මහරජාණන් විසින් කරවන ලද්දකි. මෙහි සර්වඥයන් වහන්සේගේ දකුණු අකු ධාතුව ආදී පූජනීය වස්තු පිහිටා තිබේ. මේ ලංකාවේ කළ පළමුවෙනි චෛත්යඅයයි.

ඉසුරුමුනි විහාරය, මෙය ද දෙවෙනි පෑතිස් මහ රජාණන්ගේ වැඩෙකි. මහාමහෙන්ද්රි මහරහත් ස්වාමීන්ගේ ප්රෑයෝජනය පිණිස කරන ලද මෙම විහාරය දර්ශනීය පුදුම ස්ථානයකි. මෙහි විහාරයෙහි ගලේ ම හාරා ඒ ගලෙන් තනන ලද බුද්ධ ප්රුතිමාව සිංහලයන්ගේ වික්රිමය ලොව ප්රරකාශ කරන්නේය. මිරිසවැටි දාගැබ, මේ දුටුගැමුණු මහරජාණන්ගේ චෛත්යයයකි.සංඝයාට නොදී මිරිස් වැටික් අනුභව කළාට දඬුවම් මශයෙන් කළේය. මේ චෛත්ය‍යත් මීට අයත් විහාරාරිමත් කරවීමට දුටුගැමුණු මහරජාණන්ට කහවනු දහනව කෝටියක් වියදම් වූ බව ඉතිහාසයේ කියා තිබේ.

‍ලෝවාමහාපාය, මේ දුටුගැමුණු මහරජතුමා සංඝයාගේ පොහොය කර්මාදිය කිරීමට සාදන ලද්දෙකි. මෙය දිව්යා ලෝකයේ තිබෙන භීරණි නම් දිව්යාංයගනාවගේ විමානයේ සැලැස්මට සාදන ලද්දකි. මෙහි මහල් නවයක් හා කාමර 900ක ය. දැනට මෙහි ගල්කණු පමණක් දක්නා ලාබේ. මේ ආශ්චය්ය්ි මත් ප්රා සාදය තැනීමට කහවනු තිස් කෝටියක් වියදම් වූයේය.

රුවන්වැලි මහාවෛත්ය ය, මුළු ලෝකයේ ඇති වන්දනීය වෛත්යවයන්ගෙන් අග්රයප්රාකප්ත මේ උතුම් චෛත්යෛරාජයා දුටුගැමුණු මහරජාණන් විසින් කරවන ලදී. මෙහි විස්තර ලියන සකල විද්යාු




පියදාස සිරිසේන නවකථා එකතුව 153

චක්‍ාසවර්ති පරාක්ර1ම පඬිතුමා විසින් ථූපවංශය නමින් විශාල ග්රුන්ථයක් ලියූ නකල ‍මම මෙහි මෙය විස්තර කර දක්වමිද? මෙම වෛත්යස ගර්භයෙහි ද්රෝණයක් සර්වඥධාතු හා වජ්රාසසනාරූඪව වැඩ හුන් පරිදි නියම ප්ර මාණ බුදුරජාණන් වහන්සේ හා මහා බෝධිරාජයා‍ෙග් ප්රුමාණ බුද්ධ රූපයක් හා බෝධි රූපයක් රත්තරනින් කර තබන ලදි. මෙහි ඇත්තාවු අනික් අගනා වස්තුන් දැක්වීම ලේසි පාසු නොවන්නේය. ‍මීට ගිය විහදම ප්රිමාණාත්රිාකාන්තයයි කිය යුතුව තිබේ. මෙය් තනන ලද්දේ ක්රිබස්තුස් වහන්සේ සඟුල් සක්වළ එළිය දකින්නට අවුරුදු එකසිය තිසහයකට ඉස්සරය.

අබයගිරි වෛත්යයය, මේ වළගම්බාහු මහරජාණන් විසින් කරවන ලද විශාල චෛත්ය්යකි. බුද්ධ වර්ෂ 455 දි කළ මේ වෛත්ය රාජයාගේ ගර්භයෙහි ස්වර්ණ වෘෂභයෙක තනා උගේ බඩෙහි ධාතු පුරවා නිධාන් කොට තිබේ. ජේතවන මහා දාගැබ බුද්ධ වර්ෂ 809 යේ ලක්දිව රජ පැමිනි මහාසේන රජාණන් විසින්කරවන ලද්දකි. ශක්ර8 දිව්යලරාජයාගෙන් ලැබූ පටි ධාතුව ආදී වන්දනීය වස්තු මෙහි නිදන් කොට තිබේ. දැන් මේ ද්රලගැබ් වහන්සේ වනාන්තරයක් මෙන් වී තිබේ.ලංකාරමය චෛත්යෂය නිවත්ත ‍චෙතියාරමය ආදි ස්තාන මුලු ලෝකයෙහි ඉතා වයස් ගත වෘක්ෂාරාජයා වන ශ්රීර මහාබෝධියේ දකුණු ශාඛා වහන්සේ ද යනාදිය බලා සංවේගයට පත් ජයතිස්ස, අනුරාධපුරයෙන් නිකම නැවතත්, වන මාර්ගයේ ම ගොස් සේරුවාවිල අසල වනයක එක්තරා ගල් ගුහාවක් වාසස්ථානය කොට නැවතුම් ගත්තේය.

ආරක්ෂා නගරයෙහි පුරුෂ වේශයෙන් සිටින රොස්ලින්ට වැඩිකල් එහි සිටියොත් ඇත්ත එළිවේය යන බියෙන් එතනින් අස් වෙන්ට උවමනා විය. නමුත් ඒ නගර වැසි සිංහලයෝ එහි ගිය කොනෙකු නැවත මිනිස් පථයට නම් නොයවන්නාහ. මේ බව දැන ගත් රොස්ලින් එක් රැයක් තමාගේ හිතෛෂි භූමාටු දිව්යාවනුභාවයෙන් එම රහස් නුවරට පැමිණ මධ්යකම රාත්රිතයෙහි රොස්ලින් තමාට පිහිට වන ලෙස සත්යාක්රිසයා කළාය. එකල්හි ඒ දෙවිතුමා දිව්යාොනුභාවයෙන් එම රහස් නුවරට පැමිණ මධ්යනම රාත්රිියෙහි රොස්ලින් තමාගේ ඉර්ධ්යා නුභාවයෙන් රැගෙන ගොස් වනාන්තරයෙහි තබා අන්තර්ධාන විය. රොස්ලින් ද වාන්වූ කෙණෙහි යන මං නොදැන වනයෙහි ඇවිද්දාය. එසේ ඇවිදින රොස්ලින්ට දිය කඩිත්තක් සම්භ වී එය පරීක්ෂා කරන විට මිනිස් පිය සටහන් දැක නො අනුමාන ව මෙහි මනුෂ්ය යෝ සිටිත් ය යි සිතා එම දිය වළ අද්දරින් වාඩි විය.





154 වාසනාවන්ත විවාහය හෙවත් ජයතිස්ස සහ රොස්ලින්

එසේ සිටින අතර ලබු ගොඩියකුත් රැගෙන නිරිවැදි කෙල්ලක් වතුර ගෙන යන පිණිස එහි පැමිණියාය. වාදි කෙල්ල යුරෝපියෙකුගේ වේසයෙන් සිටින රොස්ලින් දුටු හැටියේ ම බිය වී පැනලා දිව්වාය. මෙවිට රොස්ලින් සිතෙහි බලවත් මරණ බිය්ක හට ගත්තේය. රොස්ලින් මරණ බියෙන් මුර්ච්ඡා වී සිට මද්ක සිහි එලවා බලන විට ඝණ්ඨාර ශබ්දයක් වැනි ශබ්දයක් ඇසුණේය. මේ ශබ්දය නම්, අර කෙල්ල විසින් වැද්දන් රැස් කරන පිණිස ඔවුහු පිළියෙල කර තිබෙන යකඩ කෑල්ලකින් තව යකඩ තහඩුවකට ගැසීමෙන් කරන ලද ශබ්දය විය. මේ ශබ්දය ඇසී පැය භාගයකට පමණ පසු සම්පූර්ණ ශරීරය ම ආවරණයක් නොකළ නිරිවැද්දෝ හත් අට දෙනෙක් රොස්ලින් සිටි දිය කඩිත්ත ළඟට පැමිණියෝය. මොවුන් පැමිණ රොස්ලින් දැක එකෙක් විසින්ට තැත්කරනු දැක රොස්ලින් “මා මරන්ට එපාය මම මංමුළව යන අසරණ සිංහලයෙක්මි”යි බැගෑපත් ලෙස කියා සිටියාය.

එකල්හි එක්තරා මහලු වැද්දෙක් රොස්ලින් කෙරේ අනුකම්පා කොට නොමරා තමාගේ ගස ගටට කැඳවා ගෙන ගියේය. මේ වැදි ගමේ වැද්දෝ හතළිස් දෙනෙක් පමණත් වැදි ගෑනු තිහක් පමණත් වාසය කරති. ඔවුහු ගස් බිල්වල හා ගල්ගුහාවල වාසය කරති. මස් කෑමෙන් ජීවත් වෙති. රොස්ලින්ගේ කථාව වැද්දන්ට ටික ටික තේරෙන නමුතු වැද්දන්ගේ කථාව රොස්ලින්ට ඊට වඩා හොඳනි තේරේ. ඉක්බිති රොස්ලින් සිංහල තරුණයෙක් යයි වැද්දෝ ඒත්තු ගත්තෝය. රොස්ලින්ට අනුකම්පා කළ මහලු වැද්දත් ඔහුගේ භාය්යා් වත් දූවරු දෙදෙනත් සිටින ගස යට රොස්ලින්ට ඉන්ට කීහ. මස් කෑල්ලක් රත් කරන ලද ගලක් උඩ තබා පුළුස්සා රොස්ලින්ට කන්ට දින. රොස්ලින් නිරාහාරව සිටි බැවින් ඒ මස් කෑල්ල කෑවාය. මේ වැද්දන්ට රොස්ලින් තම රංචුවේ රඳවා ගැනීමට අමාරුවක් ව තිබුණේ ඇගේ ඇඳුම් නිසාය. රොස්ලින්ට ඒ ඇඳුම් ඉවත් කර එහිම නවතින්ට කීය. රොස්ලින් ද හොඳයි මම දවස් කීපයක් පසු උණාම එසේ කරමැයි කියා වැද්දන්ගේ සිත් ගත්තාය.

මේ වැද්දන්ගේ ගෙදර සිටීමෙන් රොස්ලින් කාරණා කීපයක් ඉගෙන ගත්තාය. මේ වනචර මනුෂ්ය් වර්ගයා බොරුව, වංචාවය, පරදාර සේවනය යන කිසිවක් නො දන්නෝය. ලක්දිව මුල් මනුෂ්යයයන්ගේ ම බොරු ආදී දුශ්චරිත නොතිබුණු බවට මේ සාක්ෂියකි. එක ස්ථානයේ ස්ත්රීය පුරුෂ සියලු දෙනා ම නිදන නමුත්





පියදාස සිරිසේන නවකථා එකතුව 155

කිසිවෙකුගේ සිතෙහි පරපුරුෂ පරස්ත්රී සේවනයට ආසවක් නොමාත්තේය. එදා රාත්රික රොස්ලින් ගස යට නිදා ගෙන ඉතින් මේ වනචරයන්ගෙන් කෙසේ ගලවෙම් දැයි සිතමින් මුළු රැය ම සිතුවිලි නමැති සැඩ පවනින් සැලෙමින් උන්නාය. අහෝ මේ රැය රොස්ලින්ට ඉතා දික් විය.

මේ වැද්දන්ගේ ගෙදර කීප දවසක් සිටින විට වැද්දෝ රොස්ලින් ගැන කොහෙත් ම සැක නැති වූහ. එක් දනක් වැදි රැල දඩයමේ ගියහ. ගෙදර නැවතී සිටියේ තමාට පළමු දවසේ දිය කඩිත්ත ළඟදී සම්භ වු වැදි කෙල්ල පමණක්ය. රොස්ලින් මෙවිට මේ වැද්දන් කෙරෙන් පැන යාමට සුදුසු වේලව යයි සිතා වැදි කෙල්ලට ලබු ගෙඩියක් දී වතුරු ගෙනෙන්ට කීවාය. ඈ ද වතුර ගෙනෙන පිණිස දිය කඩිත්ත ළඟට ගියාය. එ කල්හි රොස්ලින් කලින් අදහස් කර තිබුණු පැත්තෙන් දුවන්ට පටන් ගත්තාය. පැයක්පමණ ප්රා්ණ භයින් දුව ගිය නමුත් සුකුමාල වූ මේ තරුනියට බලවත් විඩා ඇති වූයෙන් යා ගත නොහී ගසක් ගට වැටු‍ණාය. එසේ වැටී හිද වටපිට බලන විට තමා සිටි තැනින් බඹ කීපයකට ඈත දිරා ගිය මැස්සක් ඇති ලොකු මිල්ල ගසක් දුටුවාය. මේ මිල්ල ගස උඩ ලොකු මැස්සක් බැද ගෙන කාලයක් තපස් කළ කෙනෙක් විසූ ස්ථානයක්ය.

රොස්ලින් එම ගසට උත්සාහයෙන් නැගී මැස්ස ඇතුලට රිංගා මදක් ශරිරක්ලාන්තය සංසිදුවා ගන්න් පිනිස උන්නාය. රොස්ලින්ට එහි නින්ද ගියාය. රාත්රීල මධ්යවම යාමයේදී පමණ පිබිදී බලන විට පූර්ණ චන්ද්ර්කාන්තියෙන් ද සඳුන් ආදී නානා විධ වෘක්ෂයන්ගේ ලා පත්රයයන් කම්පා කරවා එන මන්ද මාරතයෙන් ද සිත් පීනනය කරවන වනාන්තරය මහා සාගරය මෙන් පරතෙරක් නැති බව දුටුවාය. “වැද්දන්ගේ අතින් ඉතින් මිදුනෙමි”යි නිර්භයව ඉතුරු කාලයත් සැප සේ මැස්ස උඩම නිදා ගත්තාය. රොස්ලින් උදෑසන ම පිබිද බැලූ විට මැස්ස තුළ පුස්කොළ පොතක් හා දි‍රා ගිය රෙදි කෑලි කිහිපයක් දුටුවාය. රොස්ලින් පොත දිග ඇර බැලූ විට පත් ඉරු දහසයක් පමණ තිබෙන සිංහල පොතක් බව දැන මෙහිදී මෙය කියවා බැලිය යුක්තක් නොවේයයි සිතා ඒකත් රැගෙන ගසින් බැස මහවනයේ බස්නාහිර දිසාව බලාගෙන එන්ට පිටත් වූවාය. එසේ එ දින සවස් වන තුරු ම ආවාය. තමා එන ‍මාර්ගයයේ දී සම්භවෙන ගෙඩි වර්ගන කඩා කමින් කුස ගින්න නිවා ගත්තාය. සවස් වන තුරු ගමන් ‍කොට අන්ධකාර වූවයින්පසු ගලක් උඩට වී නිදා ගත්තාය. ඒ රාත්රිතය එහිදී පසුකොට උදයම නැගිට තමාට





156 වාසනාවන්ත විවාහය හෙවත් ජයතිස්ස සහ රොස්ලින්

සම්භ වූ පොත බලමැ යි දිග හැර කියෙව්වාය. එම පොත නම් ;-

සිංහල ජාතිය හා අෂ්ට ලෝක ධර්මය

“අෂ්ට ලෝක ධර්මය නම් - ලාභය, අලාභය, අයසය, යසසය, නින්දාවය, ප්ර ශංසාවය, සැපය, දුකය යන මේ අට වෙති. මෙය කිසිවෙකු විසින් වලකා ලිය නොහැකි ස්වභාවධර්මතාවයකි. සියලු ම සචේතන අචේතන වස්තූහු මීට යටත් වෙති. දිව්යය බ්රාහ්ම මනුෂ්යච නිරශ්චීන ආදී සචේතන සත්වයෝ ද,පෘථිවිය ගස් ගල් ආදී අචේතන වස්තූහු ද මේ අෂ්ටලෝක ධර්මයට සම්පූර්ණනයෙන් යටත් වන්නාහු වෙති. සතර මහ භූතයන්ට එනම්, අපෝ, ව‍ායෝ, තෙජෝ, පඨවි යන සතරට සියලු ම සත්මයන්ගේ ද ද්රමව්යනයන්ගේ ද සම්බන්ධකම යම් සේ පවතී ද එමෙන් ම සියලු ම ධර්මයෝ මේ අට වැදෑරුම් වූ ලෝක ස්වභාවයට සම්බන්ධව යටත් ව පවත්නාහු වෙති. මෙම අෂ්ටලෝක ධර්මය දත් අටක් ඇති චක්ර යකට සම කළ හැක්කේය. එම චක්රදය සියලු ම සත්වයන්ගේ ජිවිතය තුළ පෙරළීමෙන් පවතී . ඒ මෙසේයි  ;-

ලාභය නැමති රිය දත මතු වූ කල එම සත්වයා ලාභත්,අලාභය නැමති රිය දත මතු වූ කල අලාභයත් යනාදී වශයෙනි. මේ ක්රැමය සත්වයාගේ ප්රතමාණයේ හැටියට කුදු මහත් ව පවතී. එනම් සමහරුන්ට එක දවස තුළදී ම ලාභ, අලාභ, අයස, යස, නින්දා, ප්රසශංසා, සැප, දුක් යන අටම ලැබේ. එසේ වීමට හේතුව ඔහු සම්බන්ධ චක්රමය ඉතා ම පුංචි බැවින් එය එක දිනකදී ම පෙරළී යන හෙයින්ය. සමහරුන්ගේ අෂ්ටලෝක ධර්ම නැමති චක්ර්ය සතියක් මාසයක් හමාසයක් අවුරුද්දක් දස අවුරුද්දක් යනාදී කාලයන් තුළ එක වරක් පෙරළේ. එසේ වන්නේ ඔවුනොවුන්ගේ පුණ්ය් ආදියේ වශයෙන්ය. ඇතැම් අයට මුළු ‍ජීවිතය තුළ ම සැප නැමති රිය දත ම හෝ මතු වී පවතී. එසේ වීමට හේතුව ඔවුන් සම්බන්ධ මෙම රථ චක්ර ය ඉතා විශාල හෙයින් එය පෙරළී ගොස් වෙනින් දතක් මතු වීමට බොහෝ කාලයක් ගත වීමයි.

මෙම අෂ්ටලෝක ධර්ම චක්රගය ජාතීන් සම්බන්ධව ද ඇතුව පවතී. සංහල ජාතිය සම්බන්ධ මෙම අෂ්ටලෝක ධර්ම චක්රනය අපිත් පරීක්ෂා කළෙමු. මෙහිදී සිංහල ජාතියට ඉතා ආහ්චය්ය් ධරමත් ලෙස මෙම අෂ්ටලෝක ධර්ම නැමති චක්රමයේ ලාභාදී දත් අට මතුව තිබුණ කාලවල ඒ ඒ විපක ලැබී තිබේ. එය ඉතිහාසානුසාරයෙන් මෙහි විස්තර කරණු ලාබේ. සිංහල ජාතිය සම්බන්ධ මෙ‍ම චක්රායඑක වරක් සම්පූර්ණයෙන් පෙරළී යාමට වර්ෂැ 2,400යක් ඕනෑ කරයි. ලාභ නැමති රිය දත අව‍ුරුදු 300ක් මතුවී ති‍බී එය පෙරළී අයස නමැති දතත් මතු වී තුන්සිය



පියදාස සිරිසේන නවකථා එකතුව 157

අවුරුද්දක් මතුපිට තිබී නැවත පෙරළී යනාදී ක්රමමයට මේ අෂ්ටලෝක ධර්ම චක්රයය සිංහලයා සම්බන්ධ ව පැවති අන්දම වේ. මෙය මෙසේ ම සිද්ධ වූ බව මෙහි පහත විස්තර කරමු

ලාභ අවුරුදු තුන් සියය

බු.ව. 1 දී ස්ථිර බුද්ධි ඇති විජය කුමරු සත් සියයක් ඇමති පිරිස හා ලංකාවට පැමිණ සිංහල ජාතිය පටන්ගැනීම, විජය කුමරු කුවේණි නම් එවකට ලංකාවේ සිටි පහත් මනුෂ්යය වර්ගයට අයිති ස්ත්රිකයක් සමග මිතුරුව සකල ලක්දිව තමා අත් පත් කර ගැනීම, විජය රජුගේ ඇමතියන් විසින් නොයක් ගම් පවනු ඉදි කිරීම, අනුරාධ නම් අමතිතුමා කොළොම්ඔය ඉවුරෙහි අනුරාධපුරය ඉදිකිරීම බු.ව.40 හේ සිට අවුරුදු 30 ක් පඬුවස්දෙව් රජ ලක්දිව සැප සේ රාජ්යපය කිරීම, ඉක්බිති අභය, පණ්ඩුකාභය රජවර් දැහැමින් රාජ්යෙ කිරීම, මුටසීට නරපතිහූ විසින් ‍මහමෙවුනා උයන කරවීම, බු.ව. 237 වැන්නේහි රජ පැමිණි දෙවෙනි පෑතිස්ස මහරජාණන් සමයෙහි ලක්දිව නා නා දිශා භාගයන්හි මුක්තා මාණික්යා2දි වස්තු පහළවීම, ඒ රජු හා දඹදිව ධර්මාශෝක මහා නරපතිහූගේ මිත්රිධර්මය දියුණුවීම, මහාමහේන්ද්රා මහරයත් ස්වාමීන් විසින් සම්බුද්ධ ශාසනය ලක්දිව පිහිටුවීම, අනුරාධපුරයෙහි මහා සීමා බැඳවීම, ථූපාරාමාදී වෛත්යස ගො‍ඩනැගීම, ශ්රීට මහා බෝධි ශාඛාව දඹදිවින් වැඩමවා අනුරාධපුරයෙහි රෝපණය කරවීම, රාජ දුහිතෘ වූ සංඝමිත්තා නම් රහතනීන් වහන්සේ ශ්රීව මහා බෝධි හාඛාව සමග වැඩ ලංකා ද්විපයේ භික්ෂුණි ශාසනයට පිහිටුවීම සකල ලංකාවාසී සිංහලයන්ට උපභෝග පරිභෝග වස්තුව ද, සාධාරණ රාජ නීතිය ද, පර ලොව වැඩට මහෝපකාරී වූ සම්බුද්ද ධර්මය ලැබීම ද සිව්පිළිසිඹයා පත් මහතෙරුන්ගේ දර්ශන ලාභය ද යනාදී වාග් විෂයාතික්රාසන්තවූ ලාභ ලැබීම ද,

නැවත උත්තිය මහාසිව සහ සුරතිස්ස යන රජුන්ගේ රාජ්යාලනුශාසනා වලින් පසු වර්ෂා 300 ය අතික්රාාන්ත වූ හෙයින් අෂ්ටලෝක ධර්ම චක්රහයෙහි ලාභ ‍නැමැති රිය දත පෙරළී අලාභ නැමති රිය දත මතු වූයේය.

අලාභ අවුරුදු තුන් සියය

බු.ව. 307 දී සිංහලයාගේ රට දෙමළුන්ට අයිතිවීම, එනම් සේනය, ගුත්තිකය යන දෙමළ අස්නැවි පුත්තු දෙදෙනා ලංකා රාජ්යරය ගෙන විසි දෑවරුද්දක් රාජ්ය ය කිරීම, එයින් සිංහලයන්ට මහත් අලාභ පැමිණීම,



158 වසනාවන්ත විවාහය හෙවත් ජයතිස් සහ රොස්ලින්

මේ කාලයෙහි ම කැලණි නුවර විසූ කැලණිතිස්ස රජු නිර්දෝෂ වූ රහතුන් වහන්සේ නමක් හුණු තෙල් තටාරමක ලා නැසූ හෙයින් කිපුණාවූ දෙවියන් විසින් නියක් යොදුන් ලංකා ද්විපය හාත්පස ගව්වක් මුදු කා සමුද්ර ගතවීමට සලස් වන ලදින් සිංහලයන්ට ඉත බලවත් අලාභ පැමිණීම ද, ඉක්බිති සොලී රටින් එළාර නම් වික්ර මාන්විත දෙමළ කුමාරයා බලවත් භට සේනාවක් සමග පැමිණ සිංහල අසේල රජු අල්වා රාජ්යි ගැනීම, මේ කාලයේහි ලක්ෂ ගණන් සිංහලයන්ගේ ජීවිත විනාශ වීම, කෙත් වත් ගව මහීෂාදී උ‍පයෝග පරිභෝග වස්තුන් විනාශ වීම, සිංහල බලය පිරිහී දෙමළ බලය ඉතා අධිකවීම, බු.ව. 383 නේදී රුහුණු වැසි කවන් තිස්ස රජු පුත් දුටුගැමුනු කුමරු එළාර රජු සමග බලවත් සටන් කිරීම, ටම් කාලයේ ලෝක කථාන්තරයේ සඳහන් වූ ඉතාම දරුණු යුද්ධයක් කිරීම, මේ බිහිසුනු යුද්ධයයෙන් අන්තිමේදී සිංහලයන්ට ජය ලැබුණ නමුත් ලක්ෂ ගණන් සිංහලයින්ගේ ජීවිත යුද්ධභූමියේදී විනාශ වීමෙන් ද, කෝටි ගණන් ධනය වියදම් වීමෙන් ද, සිංහලන ජාතියට ප්රවමාණාතික්රාහන්ත අලාභ හානි සිදුවීම ද බු.ව. 425 හේදී රජවූ ලජ්ජිතිස්ස රජ අශ්ර‍ර්ධාවන්ත විවෙන් ශාසනයට ආධාර අඩුවිම බු.ව. 439 යේදී මහාරත්තක නම් සෙනෙවියා බල්ලාටනාග රජු මරා දැමීම, එම රජු මල් වට්ටගාමණි කුමරු එම සෙනෙවියා මරා රජ වීම, මේ කාලයෙහි රුහුණු රට වැසි තිස්ස නම් බමුණෙක් රජද්රොඑහිව රට කැලඹවිම, එ කල්හි දෙමළ කුමරු සත් දෙනෙක් පැමිණ බිහිසුණු යුද්ධකොට සිංහල රජු නෙරපා එයින් පස් දෙනෙකු විසින් 14 අවරුද්දක් රාජ්යෙය කිරීම, මේ අතර වනයට වන් වළගම්බාහු රජු දාඪික නම් දෙමළ මරා රාජ්යදය ගැනීම ද, බු.ව. 482 කේදී රජ වූ චෝරනාග නම් දුෂ්ට සිංහල නරපතියා විසින් ප්රදසිද්ධ සිද්ධස්ථාන 18ක් කඩා විනාශ කොට සිංහල ජාතියට බලවත් අලාභ කිරීම, එම රජුගේ බිසව දොරටුපාලයෙකුට මිත්රශ ව ස්වාමිපුරුෂයාට විෂ දී මැරීම, බු.ව. 494 රජ වූ කුඩාතිස්ස රජතුමාටත් එම අනුලා නම් දුෂ්ට බිසව විසින් විෂ දී මරා සිව නම් බලවතාට රාජ්යතය දෙවීම, නැත එම දුෂ්ට අනුලා එම බලවතා විෂයෙන් මරා වටුක නම් දෙමළාට ‍ලෝභී ව ඔහුට රාජ්යටය දෙවිම, නැවතත් එම හැතිරි දරකැටිතිස්ස නම් මිනිසෙකුට ‍පෙම් බැද වටුකයා විෂයෙන් මරා එම දරකැටිතිස්සට රාජ්ය්ිරි දීම, නැවතත් එම ද්රොමහි බිසව දරකැටියාට විෂ දී මරා නිලිය නම් දෙමළ බමුණාට රාජ්ය්ය දීම, නැවතත් එම ස්ත්රීම වර්ගෙයට අපහාස කළ කාලකන්නි අනුලා එම නිලිය නම් බමුණා ද විෂයෙන් මරා ඕ තෝමෝ ම රාජ්ය ය





පියදාස සිරිසේන නවකථා එකතව 159

කිරීම ද, බු.ව. 502 දී මකලන්තිස්ස අනුලා බිසව මරා රාජ්ය්ය ගැනීම, බු.ව. 552 කේදී රජ පැමිණ මහානාම රජුට ස්වකීය මලයා විරුද්ධ ව රජු මරා රාජ්යලය ගැනීම, බු.ව. 577 තේදී රජ පැමිණි සීවලි කුමිය නෙරපා ඉලනාග කුමාරයා රජවීම, එම ඉලනාග රජු සමග සිංහල එක් පක්ෂයක් විරුද්ධ ව බලවත් සටන් කිරීමෙන් හානි පැමිණීම, බු.ව. 587 දී රජු වූ සඳමුහුණු රජ ස්වකීය මලයා වන යසලාලක තිස්ස විසින් මරණ ලදින් රාජ්යංය ගැනීම ද යනාදිය සිද්ධවූයේය.

අයස (අපකීර්තිය) අවුරුදු තුන්සියය

බු.ව. 600 පමණේ දී යසලාලක තිස්ස රජතුමාට රූපයෙන් සමාන වූ සුභ නම් දොරටුපාලයාට ක්රීයඩා වශයෙන් ඔටුනු පලන්දා තමා දොරටුපාල වෙස් ගෙන සිනාසිසී ඇමතියන් මධයයරණයේ සිටින විට ඔහු රජාණන් මරවා රාජ්යගය ගත්තේය. මෙසේ දොරටුපාලයෙක් රජවීමෙන් බලවත් අයසකට පැමිණිම ද, නැවත ඒ සුභ නම් රජ මසභ නම් කුමාරයා විසින් රජ ගෙදර දීම මරා අපකීර්තිය ඇති කරවීම, ඉක්බිති බු.ව. 736 දී රජ පැමිණි චූලනාග රජු සිය සොහොයුරු කුඩ්ඩනාග විසින් මරා රජවීම, නැවත එම රජුගේ මස්සිනා වන සිරිනා සෙනවියා දාමරිකව (කැරලිකාරයෙක්ව) යුද්ධ කොට රාජ්යනය ගැනීම, බු.ව. 757 දී වෝහාර තිස්ස රජතුමාගේ බිසව සමග ස්වකීය මලයා සංවාසයෙන් මිතුරු ව රජුට විපක්ෂ යුද්ධ ‍කොට අයියා මරා අයියාගේ බිසව සමග රාජ්යමය කිරීමෙන් බලවත් අපකීර්තියක් ඇතිකරීම ද, බු.ව. 789 යේ රජ වූ විජයිඳු 1 වෙනි සංඝතිස්ස වසින් මරා රාජ්යතය ගැනීමෙන් සිංහල ජාතියට අපකීර්ති ඇතිවීම, ඉක්බිති සංඝතිස්ස රජුගේ දුස්ට රාජ්යෙනුශාසනයට නොසතුටු වැසියන් විසින් ම රජු මැරුම් කනු ලැබීමෙන් අයස අතිවීම, නැවත රජ වූ දැහැමි සිරිසඟබෝ රජතුමාගේ ධාර්මික රාජ්යාබනුශාසනාව විනාශ කොට ගේඨාභය කුමරු රජ වී සිරිසඟබෝ රජතුමාගේ හිස කප්පවා දැමීමෙන් අපකීර්තියක් ඇතිකිරීම ද, බු.ව. 809 දී රජ වු දෙටුතිස් මහරජාණන්ට දුස්සීල මහණුන් එකතු ව මහා විහාරවාසී සිල්වත් භික්ෂුන් එලවා ලෝවාමාහාපාය ආදී උතුම් සිද්ධස්ථාන විනාශ කර දැමීම යනාදිය සිද්ධවූයේය.


යස අවුරුදු තුන්සියය

බු.ව. 882 සිට 911 වන තුරු රජ කළ බුදධදාස මහරජතුමාගෙන් සිංහල ජාතිය සම්බන්ධ අෂ්ටලෝක ධර්ම චක්රනයේ යස නමැති සක් දත




160 වසනවන්ත විවාහය හෙවත් ජයතිස්ස සහ රොස්ලින්

මතුවීමට පටන් කත්තේය. වෛද්යාහදී ශාස්ත්ර දියුණු කොට සියලු ලංකාවේ යසස් ඇති කරවීම, නොයෙක් පුණ්යව කර්ම කරවීම, අශ්චය්ය් කොමත් භෛෂජ්යසකර්ම ඇතිවීම, ගමක් පාසා වෙදහල් (ඉස්පිරිතාල Hospitals) තැබවීම, වෛද්යු ශාස්ත්රීයේ සාරථියන් හකුළුවා “සාරථිසංග්රතහ” නම් වෛද්ය ප්රෛකාරණයක් කිරීම ද, බු.ව. 911 පටන් උපතිස් රජු දෙවියෙකු මෙන් දැහැමින් රජ කිරීම, බු.ව. 953 නේ දී මහානාම රජාණන් කල දඹදිවින් වැඩි බුද්ධඝෝෂ මහාස්ථවිරයන් වහන්සේ සිංහලෙන් තිබූ අටුවා පාලි භාෂාවට නගා විසුද්ධිමාර්ගවය නම් ප්රහශස්ත ධර්මප්ර්කාරණය කිරීමෙන් සිංහලයන්ගේ යසස් මුළු ලොව රැඳවීම ද, බු.ව. 982 දී දෙමළුන් ට රට ගිය නමුත් ධාතුසේන කුමාරයා පාරිඳ, කුඩාපාරිඳ, තිරීතර, දාඨිය, පිඨිය යන දෙමළ රජවරු වස්දෙනා ක්රකමයෙන් මරා දෙමළ බලය මුලොච්ජින්තයෙන් විනාශකොට සිංහල ජාතියට යසස් ඇති කරවිම ද, බු.ව. 1040 රජ වූ කසුප් කුමාර නොයෙක් වෙහෙර විහාර කර වීමෙන් යසස් ඇති කරවීම ද, බු.ව.1058 රජ වූ කුමාර ධාතුසේන (කුමාරදාස්) මහ රජාණන් විසින් වෙහෙර දහ අටක් ද වැව් දහ අටක් ද කරවා ජානකීභරණය නම් ශ්රෙ ස්ඨ සංස්කෘත කාව්ය ය රචනා කොට මිත්රද වූ කාලිදාස කවිවරයා වෙනුවෙන් ස්වකීය ජීවිතය පරිත්යාහග කොට සිංහලයන්ට මහත් යසස් ඇති කරවීමට ද, බු.ව. 1070 රජ වූ අම්බ සාමනේර සිලාකාල ධාර්මික රාජ්ය්ය ඇතිවීම. “ලක්දිව කිසි ‍සතෙක් නො නසාවා” යයි රාජඥාවන් පැණවීමෙන් යශස් ඇතිවීම ද, බු.ව. 1084 දී රජ වූ සුළු මුගලන් මහ රජාණන් සියලු ලක්දිවට ම මවෙකු සේ දැහැමි රාජ්යෙය කරමින් ශාසනය බැබලවීම ද, බු.ව. 1107 රජ වූ අග්බෝ නිරිඳු සියලු ම ලක්දිව එක මඟුල් ගෙයක් කොට යසසින් අගතැන් පැමිණවීම, සිංහල භාෂාවෙන් මහත් ග්රවන්ථාදිය රචනා කරවීමෙන් ජාතියට යසස් ඇතිවීම ද, බු.ව. 1141 රජ වු කුඩා අග්බෝ රජාණන් පණ්ඩිත ව ධාර්මික ව නොයෙක් පුණ්යැ කර්ම කිරීමෙන් යසස් ඇති කරවීම ද, බු.ව. 1205 පැමිණි සිලාමේඝ රජතුමා දුස්සීල මහණුන් සිවුරු හරවා බුද්ධහාසනය සුද්ධ කොට යසස් ඇති කරවීම ද යනාදියෙන් මේ වර්ෂෙ තුන් සියය් තුළ සිංහල ජාතිය සම්බන්ධ අෂ්ටලෝක ධර්ම චක්රදයේ යස නමැති සක් දත මතුව තිබුණු බව ප්රිත්යඅක්ෂ වන්නේය.


නින්දා අවුරුදු තුන්සියය

බු.ව. 1205 රජ පැමිණි දෙවෙනි දප්පුල රජුගේ කාලයේ පටන් ලංකා රාජධානිය රජවරු කීප දෙනෙකුට බෙදී යාමෙන් ද, බු.ව. 1285




පියදාස සිරිසේන නවකථා එකතුව 161

රජ වූ අග්බෝ සලමෙවන් මහ රජාණන් කේලාම්කාරයින් විසින් රවට යුව රජාණන් සමග යුද්ධ කිරීමට සලස්වනු ලැබීමෙන් බලවත් යුද්ධයක් ඇති වීමෙන් ද, කැරලිකාර යුව රජ පැරදී ගිය පසු නරපතිතුමා ප්ර්සිද්ධියේ යැඬීමෙන් ද, සංළාව නම් ස්වකීය බිසමවට පහරක් ගසා බිසව සමග දික්කසාද වීමෙන් නින්දා ඇති වීම ද, බු.ව.1325 රජ වූ කුඩා අග්බෝ රජුගේ කාලයේ ලංකාවේ එක ම සිංහල සහෝදරයන් දෙපක්ෂයකට වී බලවත් යුද්ධ කර ගැනීම ද, බු.ව.1331 රජ වූ මහින් රජාණන්ට විරුද්ධ ව ඈපාවරු තුන් දෙනෙක් එකතු ව බිහිසුණු යුද්ධ ඇති වීම ද, බු.ව. 1372 රජ වූ තුන් වෙනි දප්පුල රජු සමග ස්වකීය පුත්රහයා යුද්ධයක් කිරීමෙන් බලවත් නින්දාවක් ඇති කිරීම ද යනාදියෙන් නින්දා ඇති වූයේය.


ප්රීශංසා අවුරුදු තුන් සියය

බු.ව. 1508 රජ පැමිණි තුන වෙනි උදය නිරිඳුගෙන් සිංහලය ජාතිය සම්බන්ධ අස්ටලෝක ධර්ම චක්ර5යේ ප්රපශංසාමය රිය දත මතු විය. එතුමා විසින් බලව්ත සොලී සෙනගක් සහිත කුමාරයෙකු පරාජය කිරීමෙන් සිංහල ජාතියට ප්ර්ශංසා ඇති කරවීම ද, බු.ව. 1519 රජ පැමිණි තුන් වෙනි මහින්ද මහ රජතුමා දස රාජ ධර්මයෙන් මොනවාට රාජ්යතය කරන සමයෙහි නාග දිවයින මල්ලව රජුගේ බලවත් ගර්වයක් මඬිනු සඳහා සිංහල සේනාවක් යවා යුද්ධ කොට ජය ලබා ගැනීමෙන් ප්ර්ශංසා ඇති කරවීම ද, බු.ව. 1531 දී රජකෙනෙක් නැතිව සිංහල ජනයා විසින් ජන සම්මාත ආණ්ඩු ක්ර මයෙන් ලංකාව පාලයන කරන අවස්ථාවෙහි යුද පිනිස සංකාවට පැමිණි ඉතා විශාල බලවත් සොලී සෙනඟක් සමග කීර්තිය, බුද්ධය යන සිංහල සේනාපතීන් දෙ දෙනා 95,000ත් පාබළ සෙනඟ සමග පලටුපාන නම් තැන කඳවුරු බැඳ සම්සක් මුළුල්ලේ භයංකර ‍ලෙස යුද්ධ කොට අන්තිමේ දී ලක්ෂ ගණන් වූ සොලී සෙනග මරා ජය ගෙන සිංහල ජාතියට ප්රඅශංසා ඇති කරවීම ද, බු.ව. 1609 යේ රජ වූ මහා විජයබාහු රජතුමා විසින් ලක්දිව වසන දෙමළ (සොලී) ජනයා සහමුලින් වනසමැ යි සිතා බලවත් යුද්ධයක් කොට සොලී ‍බලය සහමුලින් වනසා ජය කොඩි නැංවීම ද, සකල ලංකා වාසීන්ට සාධාරණ වූ ධාර්මික වූ අධිකරණ විනිශ්චය පිරිහී තිබී ඇති කරවීම ද, අපිරිසිදු වූ සාසනය රාමඤ්ඤ රටින් භික්ෂුන් ගෙන්වා පිරිසිදු කරවීම ද, ස්වාර්ණද මාණික්යාරදී බොහෝ වස්තු දඹදිව ශ්රීර මහා බෝධියට පූජා පිණිස





162 වාසනාවන්ත විවාහය හෙවත් ජයතිස්ස සහ රොස්ලින්

යැවීම ද ඉන්දියාවේ කන්නඩි රජ වෙත පැමිණි සිංහල රාජ දූතයාට (කොන්සල් තුමාට) එම කන්නඩි රජ විසින් අඩන්තේට්ටම් කළබැව් අසා ලංකාවේ සිටි දෙමළ තානාපතියා අත යුද්ධ ප්රනකාශ කොට හසුනක් යවා යුද්ධ සූදානම් කර සොලීන් බිය කොට සිංහල ජාතියට ප්ර‍ශංසා ඇති කරවීම ද, බු.ව. 1703 දී රජ පැමිණි පළමු වෙනි පරාක්රහමබාහු මහ රජතුමා මැණභරණ නම් රජ සමග සමසක් යුද්ධකොට ලක එක්සත් කිරීම ද, නිකාය තුනක් ව දුර්වල ව පැවති භික්ෂු බලය සමගි කරවා පරිසුද්ධ කිරීම ද, නුවර විශාල දාන ශාලාකරවීම ද, විශාල වෛද්යරශාලා (ඉස්පිරිතාල) කරවීමද, විජයොත්පාය නම් මහල් හතක් ඇති රාජ මන්දිරයක් කරවීම ද, සරස්වතී මණ්ඩපය නම් මන්ත්රලණ ශාලාවක් (පාර්ලිමන්ට් හවුස්) කරවීම ද, පැරකුම්බා මහ රජාණන්ගේ දූතයෙකුට අරිමර්දන නුවරදී කළ අපහාසයකට පළිගැනීම් වශයෙන් ආදිත්යහ ද්රයවිඩාදිකාරි නම් ඇමතියා හා නාවුක සේනාවක් යවා භීම වික්ර ම ඇති සිංහල සේනාව එම නුවර වටලා රජු සහිත පිරිවර නසා රට අත්පත් කර ගෙන සිංහල කොඩිය ඔසවා මුළු බුරුමය ආණ්ඩු කිරීම ද, ඉක්බිති මදුරා පුරයෙහි පරාක්රකම නම් රජුට විරුද්ධ ව කුලශේඛර නම් සතුරු රජ යුද්ධාරම්භ කළ කල්හි “සතුරු ගින්නෙහි වන් පලඟැටියෙක් බඳු මට ඔබගේ පාසඟල් නමැති වජ්රහපඤ්ජරය අත්යහර්ථයෙන් පිහිට වේවා” යනුවෙන් පිහිට ඉල්ලා එවන ලද රාජ හසුන් පත බලා තමන් වහන්සේගේ දණ්ඩනාථ නම් සේනාධිපතියාට සිංහල භට සේනාව ලක්ෂ ගණනක් දී යවන අතර මඟදී කුලශේඛර රජ විසින් පඬිරජා මරණ ලද. නමුත් සිංහල සේනාව එහි නැව් සියයකින් ගොස් පඬි රට තල විල් නම් තොටදී ගොඩ බැස කඳවුරු බැඳ මහා යුද්ධ සතරක් කොට දෙමළුන් මරා රජ ගෙන නැවත් ලංකාද්වීපයෙන් මහා පළසේනාවක් ආධාර වශයෙන් ජගත්විජය නම් සේනාධිපතිතුමා යටතේ මදුරා පුරයට යැවීමද, එසේ ගිය සිංහල දෙ සෙනඟට විරුද්ධ ව සේනා බලයෙන් ඉතා මහත් වූ කුලශෙඛරය, මාලව චකුවර්තිය, මාලවරා වරය, පරිත්තික්කුඩයාරය, තොද්ධමානාරායරය, තුවර රට අධිපති වේලාරය, වීරප්පේරරායරය, සෙංකුඩිරායරය, තිලකධරායරය, කරුම්මලන්තාරායරය, නකුලරායරය යනාදි සත් විසි රජුන් සමඟ පළමු කී දණ්ඩනාථ සහ ජගත් විජය යන සිංහල සේනාධිපති දෙ


පියදාස සිරිසේන නවකථා එකතුව 163

දෙනා යටතේ ගිය දෙලක්ෂයක් සිංහල සෙනග පනස් තුන් පලකදී බිහිසුණු යුද්ධ කොට දකුණු දඹදිව අල්ලා ගැනීම ද, බු.ව. 1791 රජ පැමිණි කලිකාල සිහිත්යය සර්වදඥ පණ්ඩිත පරාක්රදම බාහු නමින් ප්රදසිද්ධ දෙ වෙනි පරාක්රමමබාහු රජතුමා විසින් විශුද්ධිමාර්ගඥ සන්නය, කවිසිළුමිණ ආදී ප්රහශස්ත සිංහල ප්ර්කරණ කිරීමෙන් ද මහත් ශාසනාභිවෘද්ධිදායක කටයුතු කිරීමෙන් ද, තවත් නොයෙක් රජ දරුවන් විසින් මහත් ප්රසශංසා උපදවන කටයුතු කිරීමෙන් ද මෙ‍ම අවුරුදු 300 ය තුළ සැබවින් සිංහල ජාතියට ලැබී තිබෙන ප්ර ශංසාව අප්රෙමාණය.

සැප අවුරුදු තුන්සියය

බු.ව. 1801 දී පැමිණි චන්ද්ර‍භානු නම් ජා රජු පරදවා දැමීමෙන් ද අනන්ත අප්රඅමාණ පුණ්යනකර්ම යෙදීමෙන් ද ලංකාවේ නානා දිශාවන්හි වැව්, පොකුණු, මාවත්, පාලම් ආදිය තැනවීමෙන් ද ඉන් පසු විජයබාහු, භුවනෙකබාහු ආදී රජවරුන්ගේ තේජවන්ත රාජ්යාිනුශාසනයෙන් ලෝක ශාසන දෙකට මහත් සැප ඇති වීමෙන් ද 1829 දී රජ වූ තුන්වෙනි පරාක්රනමබාහු රජතුමා පඬිරටට ගෙන ගිය ශ්රීව දන්තධාතුන් වහන්සේ නැවතත් ලක්දිවට වැ‍ඩමවා ගැනීම ද, බු.ව.1816 දී රජ වූ සතරවෙනි පණ්ඩිත පරාක්ර්මබාහු මහරජාණන් කාලයේ ජාතක අටුවා සිංහලට නැගීමෙන් ද, නොයෙක් සිංහල ග්රහන්ථ කරවීමෙන්ද, ඉක්බිති තුන්වෙනි භුවනෙකබාහු, ජයබාහු, සතර වෙන් භුවනෙකබාහු, පස්වෙනි පරාක්රුමබාහු යනාදී නරපතීන් විසින් දස රාජ ධර්මයෙන් ලංකාද්වීපය පාලලය කරන ලදින බු.ව. 2085 රජ වූ සත් වෙනි භුවනෙකබාහු රජුගෙන් සිංහලයාගේ විහිෂ්ට සැපත අවසන් විය.

දුක් අවුරුදු තුන් සියය

සිංහල ජාතියේ අෂ්ටලෝක ධර්ම චක්රායේ දුක් නමැති සක් දත බු.ව. 2130 පමණේදී රජවූ සීතාවක රාජසිංහ නම් වූ දුෂ්ඨ නරපතියාගෙන් පටන්ගත්තේය. හෙතෙම පිතාඝාත කර්මය කොට ආඬියෙකුට මුළාව භික්ෂු සංඝයා සහිත බුද්ධ ශාසනය හා ධර්ම ශාස්ත්රොය ගිනි ලෑම ද, බු.ව. 2163 නේ පටන් ප්රබතිකාල්වරුන්ගේ දරුණු සටන ඇති වීම ද, ආය්ය්ෑම සිංහලයන්ට එම අධම පරන්ගිනි විසින් මත්පැන් පුරුදු කිරීම ද, පර නම් ගම ගැනීමට සැලැස්වීම ද, කඩුවේ


164 වාසනාවන්ත විවාහය හෙවත් ජයතිස්ස සහ රොස්ලින්

බලයෙන් ද, නිලතල දීමාදියෙන් ද නොයෙකුත් ක්රෑීරතර ක්රිුයාවලින් ක්රිිස්තියානි මිත්ථ්යාව දෘෂ්ටියට හැර වීමෙන් ද, රටට මහත් දුක් ඇති කළේය. නීච පරංගීන් විසින් ලංකාව මිනී මළ ගෙයක් කිරීමෙන් ද, නිදහස නැති කිරීමෙන් ද, රටේ ඇති තරම් ධනය බලහත්කාරයෙන් පැහැර ගැනීමෙන් ද, රටට බලවත් දුක් ඇති කිරීම ද, බු.ව. 2167 පමණේ දී දෙවෙනි රාජසිංහ කුමාරයා අධම පරන්ගීන්ට බලවත් පහර කීපයක් ගසා ලංකාවෙන් එලවා දැමූ නමුත් ඕලන්ද‍යින් ගෙන්වා තාබීමෙන් ඒ අධම මිසදිටුවන් විසින් ද ලංකාවට හානි ඇති කරවීම ද, මෙසේ දුක සේ සිටි සිංහල ජාතියේ රජ පරම්පරාව බු.ව. 2244 රජ වූ ශ්රීං වීරපරාක්රහම නරේන්ද්රවසිංහ රජුගෙන් ගෙළවර වී දෙමළ කුමාරයන්ට රාජ්ය ය පැමිණිමෙන් සිංහල ජාතිය අනාථ වීමද, ඉක්බිති ශ්රීර විජය රාජසිංහ, කීර්ති ශ්රීං රාජසිංහ, ශ්රීද රාජාධිරාජසිංහ, ශ්රීක වික්රවම රාජසිංහ යන දෙමළ රාජකුමාරවරු රාජ්යරය කළ නමුත් දුෂ්ට ඇමතියන්ගේ අධම ක්රි‍යා නිසා සිංහල ජාතියේ පිරිහීම ලොවට දැක්වීමට කාරණයක් මෙන් ශ්රීය වික්ර්මරාජසිංහ රජු ඉංග්රීජසින් විසින් අල්ලා ගන්නා ලදින් සිංහලයින් සම්පූර්ණයෙන් අරාජික විය. නැවත ද මේ රථ චක්ර ය මුල පටන් ම ලාභයෙන් පෙරළෙන්ට පටන් ගත්තේ ම ය. මේ බව සලකා සිංහලයන් උට්ඨාන වීය්ය්න් යෙන් ක්රිෙයා කටයුතුයි.


15[සංස්කරණය]

මේ පුංචි පොත් සුරැකි ව තබා ගෙන පලාපල වර්ගහ කමින් මුළු දවස ම වනයේ ගමන්කොට සේරුවාවිලට මඳක් නුදුරු වූ වනයේ අලුයම වේලෙහි රුකක් මුල රොස්ලින් නිදා ගත්තාය. අන්ධකාරය නමැති රාක්ෂයා විසින් ලෝ වැස්සා තදින් පෙළන බැවින් දුටු සූය්ය්. ර දිව්යෂරාජතෙම උදය ගිරි පර්වත නමැති සිංහාසනයට පැමිණ සිය රැස් නමැති වදනින් ඒ ගණදුරු රකුසා එලවා දැමූ කල්හි රුක් මුල හුන් ‍රොස්ලින් එතනින් නැගිට මඳක් දුරු යන විට එක් තපස්වරයෙක් ස්වකීය ලෙන අසල ශුද්ධ පවිත්රැ කරණු දුටුවාය. මේ තපස් රකින ජයතිස්ස ද ඉංග්රී සි මනුෂ්යියෙකු මෙන් සිටි රොස්ලින් දැක මොහු දඩයමේ ඇවිදින දුෂ්ට යුරොපීයකැයි සිතා ස්වකීය ලෙන ඇතුළට


පියදාස සිරිසේන නවකථා එකතුව 165

වන්නේය. රොස්ලින් ද මේ තපස්වරයාගෙන් යමක් දැන ගත හැකි යයි සලකා ගල්ලෙන දොර ළඟට ම ගොස් “ ස්වාමීනි මිනිස් පියසකට යන පාර කිව මැනව”යි කීවාය. රොස්ලින්ගේ මිහිරි හඬින් හා කථාවෙන් ද සිංහලයෙක් බැව් හැඟුණ ජයතිස්ස ගල් ලෙනින් පිටතට අවු “නුඹ මේ වනයට ආවේ ‍කුමක් නිසා දැ”යි ඇසීය. ඊට රොස්ලින් තුෂ්නිම්භූත ව එක් පසෙක වාඩි වී ඒ තපස්වරයාණන්ට තමාගේ තොරතුරු මෙසේ කීවාය.

ර කි නා සිල් ‍සසර ඇති දුක් දැන යෙහෙ නී සො බ නා තවසරෙනි අප මගෙ බස් ඉති නී රු වි නා අනග දනු ජයතිස්ස යන නමි නී ලෙ සි නා මා දිවි පෙම් බැඳි හිමි සඳ වෙති නී

සො රා මා රැගෙන දුදනකු විසින් ත ද ගො රා හිම වෙනෙහි අවුදින් වසන ස ඳ ද රා ගත නොහැකියෙන් ඔහු කරන ව ද හැ රා ඔහු ආමි තනිව ම මෙ වන මැ ද

සි ටි ත ත් පිරිමි වෙස් ගෙන මම ගැහැනියෙ කී සි රි ම ත් ම හිමිගෙන් දෙගුරුන්ගේන් වැල කී බි ම නැ ත් මිඳපු දුක මේ වනෙහි තුන් මස කී බ ල ව ත් අකුසලක් මේ පල දුන් ලෙස කී

එ බැ වි න් මෙන් ගුණැති තවුසාණනි පව ර ප ව ස න් මෙමා හට කොළඹට යන හස ර කි ය මි න් තමා අඟනක් බවට තීර ක ර මු ද මි න් වත වැසුම සිටි සඳ සුරඹ යු ර

ත මා දිවි සදිස් රොස්ලින් බව හැඳි න ද මා ඉවත එ තපස් ඇඳුම විගසි න මෙ මා හඳුනන්ට හැකි දැ යි ඇසූ තැ න පෙ මා එ රොස්ලින් තම හිමි බව හැදි න


166 වාසනාවන්ත විවාහය හෙවත් ජයතිස්ස සහ රොස්ලින්

එ ස ඳ සඳ කිරණ වන් හොඳ වන් ගොඳ විලස වෙ ලා වැ ළ ඳ ඔහු දෙදෙන සිප තුටු කඳුළු හෙ ලා කි මි ද තුටු සයුර බැස දුක් ගිම් නිව ලා අ ද ද ගෙවුණු දින අපෙ රුදුරු අකුස ලා

න දා බසින් පවසා නැවත නැවත ද සො දා හෙන කඳුළු පිස පිස සිප වැළ ද සො දා එ ජයතිස් රොස්ලින් ලැබ සුහ ද එ දා සුබ මඟුල් ගේ විය එ වන පෙ ද

අහෝ! තුන් මාසයක් මුළුල්ලේ මුවකින් කියා නොහැකි දුක් විඳි මේ ප්‍රේමවන්තයන් දෙ දෙනාගේ එක්වීමේ ප්රීකතිය ගැන තුර තුර කොවුලෝ කුල්මත් ව නාද කළෝය. දෙව්දුරු, අගිල්, තුවරලා වෘක්ෂ මූලයෙහි කස්තුරි මෘගයෝ ක්රීදඩා කළහ. පුල්ලවූ උත්පලා හා පද්මයන් ඇති සේරුවාවිල්හි ප්රහවර රාජ සිංහයෝ ක්රීතඩා කළහ. ඉක්බිති ජයතිස් හා රොස්ලින් එවලේ ම අනුරාධපුරය බලා ගමන් කොට පසුදින සවස දෙකට පිටත්වන දුම්රියේ නැගී කොළඹ බලා ගමන් ගත්හ. රාත්රික හත හමාරට කොළඹට දුම්රිය ළඟා විය. තාරකා නමැති මුක්තාබරයෙන් ද සුදු සිනිදු වලාකුළු නමැති පට වස්ත්රරයෙන් ද සරත් චන්ද්රක නමැති ඔටුන්නකින් ද සැරැසුනු රාත්රිල නමැති බිසව ලෝකය සතපමින් රජ කරන්නී විය. දුම්රියෙන් බැස ජයතිස්ස හා රොස්ලින් ගොන් කරත්තයක් කුලියට ගෙන එහි නැගී පන්චිකාවත්තේ රොස්ලින්ගේ නිවසට පැමිණියාහ.

ඒ වෙලාවට අමරසිංහ අප්පුහාමි ද හාමිනේ ද ජයතිස්සගේ පියා වන වික්රාමසිංහ අප්පුහාමි ද මේ රොස්ලින් ජයතිස්ස යන දෙදෙනා ගැන කිසි ම ආරංචියක් නැතිවීම මහත් පුදුමයෙකැයි බලවත් ශෝකයෙන් කිය කියා සිටියෝය. ආශ්චය්ය් පුමැයි! ගොන් කරත්තයෙන් බැස කඳුලෙන් තෙමුණු මුහුණුවලින් යුත් මේ ප්රේයමවන්තයෝ දෙ දෙන ගෙට අතුව වූහ. අහෝ! ශෝකාග්නියෙන් දදා සිටි මේ දෙමව්පියන්ගේ හෘද සූර ග‍ඟේ ජල වත් කළාක් මෙන් නිවී ගියහ. රොස්ලින් සහ ජයතිස්ස මවුපියන් සිප වැළඳ ගෙන තමන්ට සිද්ධවූ


පියදාස සිරිසේන නවකථා එකතුව 167

ප්රදවෘත්තිය කීහ.

ඉක්බිති ඊට පසු සතියේ ජයතිස්සගේ හා රොස්ලින්ගේ විවාහ බන්ධනය උතුම් සිංහල කුල සිරිත් සේ සිද්ධි කර මේ වාසනාවන්ත විවාහයට පත් උතුම් සිංහල මහතානන්ට හා කුලාංගනාවටත් දෙ පක්ෂයේ ම මව්පියන් සතු දහස් සංඛ්යාමත මහ ධනය ලැබුණු බැවින් ඔවුහු ස්වකීය ජාතියත් රටත් ආගමත් දියුණුවට අත්යාර්ථයන් ක්රිවයා කරමින් සැප සේ විසූහ.

සි රි යෙ න් ලොවට අග පත් පෑ විකුම් ක ඳ දි රි යෙ න් දුඳන එඩි මැඩ දම් සුරැක සො ඳ ම හ සෙ න් යුතු සිහල ජාතිය මතු මතු ද නො ම දි න් දිලේවා දිය දිය කෙහෙලි බැ ඳ

සි ය රජුනතින් බුහුමන් ලත් ගො‍ඩවැර නී පි ය පරපුරෙන් එන බෙන්තොට පියස දි නී පි ය කරු පියදාස සිරිසෙන් මා විසි නී සි ය දෑ වැඩුම් වස් කළ පබඳකි බැති නී


සිද්ධිරස්තු .