Jump to content

පියදාස සිරිසේන නවකථා එකතුව- 01-i

Wikibooks වෙතින්


පටුන


1. වාසනාවන්ත විවාහය හෙවත් 23 - 167

   ජයතිස්ස සහ රොස්ලින්         

2. අපට වෙච්ච දේ 169 - 292

3. මහා වියවුල 293 - 425

4.තරුණියකගේ ප්රේදමය 427 - 553



පියදාස සිරිසේන නැවත කියවීම

[සංස්කරණය]

සිංහල නවකථා අධ්ය යනය කෙරෙහි උනන්දුවක් දක්වන අද්ය-තන පරපුරට පියදාස සිරිසේනගේ අගය දැන් දැන් වඩාත් දැනෙන්නට පටන් ගෙන ඇති බව පෙනේ. ‍එ‍ෙහත් ඔවුන්ැට පරිශීලනය කිරීම සඳහා සිරිසේන සූරීන්ගේ නවකථාවලියෙන් කිහිපයක් හෝ සොයා ගැනීම අපහසු බව අපට දැනෙන්නට පටන් ‍ගත්තේ විශ්වවිද්යාුලයෙහි සිංහල නවකථාව පිළිබඳ විෂය ඒකකය උගන්වද්දීය.

සිරිස්නයන්ගේ ජනප්රිසය නවකථා කිහිපයක් යළි යළිත් මුද්රාණයෙන් එළි දැක ඇති නමුත් ඇතැම් නවකථාවක් ජාතික ලේඛනාරක්ෂක දෙපාර්ත‍ෙම්න්තුව, ජාතික කෞතුකාගාර පුස්තකාල‍ය වැනි ආයතනවලින් පවා සොයා ගත නො හැකි ය. පියදාස සිරිසේන නවකථා එකතුව පළ කිරීමෙහි ලා අප පෙලඹ වූ හේතුව එය යි.

පියදාස සිරිසේන අභාවප්රාථප්ත වී වසර 55ක් ගත වී තිබේ. බුද්ධිමය දේපළ පනත අනුව එතුමාගේ කෘති දැන් මහජනතාව සතු ය. එසේ තිබියදීත් එතුමාගේ ජනප්රි ය නවකථා කිහිපයක් විනා බොහෝ කෘති යළි පළ නො වන්නේ මේ වාණිජ්යපමය සමාජයෙහි ඒවාට වෙළඳපොළක් නැති නිසා වියහැකි ය. පියදාස සිරිසේන නවකථා මාලාවේ වටිනාකම වටහා ගෙන මේ කෘති පෙළ මුද්රණණය කරන්නට උත්සුක වූ සිරිසුමන ගොඩගේ මහතාට පාඨකයාගේ නො මඳ කෘතඥතාව හිමි විය යුත්තේ එබැවිනි.

කාණ්ඩ පහකින් යුත් පියදාස සිරිසේන නවකථා එකතුව සඳහා සිරිසේනයන් විසින් ප්රසකාශිත ප්රුථම මුද්ර ණ සොයා ගන්නට උත්සහ කළ නමුත් බොහෝ විට ‍ඒ උත්සාහය ව්යසර්ථ විය. එබැවින් මේ කෘති



6 පන්තියෙහි ඇති සදොස් වැකි, සදොස් පද බෙදීම්, සදොස් අක්ෂර වින්යානස සිරිසේනයන්ගේ මුල් කෘතිවල තිබුණු ඒවා ම දැයි සැක හැර දැන ගැනීම උගහට ය. උදාහරණ කිහිපයක් මතු දැක්වේ.

තරුණියකගේ ප්රේාමය (1957 මුද්රිණය) “කඳුළු ආහ” - 165 පි. “වෙද මහතා .... දුන්නාය” - 180 පි. “දෙදෙනා වාසය කළේය.” - 167 පි. “ඇය කල්පනා කළේය” - 130 පි. “ආගම් හොඳ වූහ” - 103 පි. “පපුව පැලෙන්නට පටන් ගත්තීය” - 109 පි.

මහා වියවුල (1962 මුද්ර3ණය) “ඔවුන් පිළිකුල් කරති” – 119 පි. “ඔවුන් පැමිණියාය.” – 152 පි. “අපි නොදනිමි” – 59 පි. “ස්ත්රිදයක් එළියට බැස්සේය” – 84 පි. “ඔහු ඈනුම් ඇරියාය.” – 104 පි.

මේ නවකාථා එකතුවේ දී අප මෙබඳු වැරදි නිවරදි කරන්නට උත්සහ නො දැරූ බව මෙහි ලා අවධාරණය කළ යුතු ව ඇත.

පියදාස සිරිසේනයන්ගේ නවකථා එකතුවක වැදගත්කම පෙන්වා දෙමින් ඒ සඳහා දිරිදුන් ජ්යේකෂඨ මහාචාර්ය සුනිල් ආරියරත්න ඇඳුරුතුමා ගෞරවයෙන් සිහිපත් කරමි.

මෙම නවකථා එකතුවෙහි පරිගණක අක්ෂර සංයෝජනය කළ චන්දන ගුණවර්ධන මහතාටත් පිටකවරය නිර්මාණය කළ ප්රේ ම් දිසානායක මහතාටත් සෝදුපත් බැලීමට උපකාර කළ කොස්ගොඩ චන්දජෝති හිමි, තිළිණ, දෑරංගල, රසිකා, උදේනි, ලලිතා, සහ හංසි යන සද්ධිවිහාරිකයන්ටත් ස්තුතිවන්ත වෙමි.


ජයලතා මැදවත්ත

2002 සැප්තැම්බර් 01 වැනි දා

ශ්රී ජයවර්ධනපුර විශ්වවිද්යාදලයීය

සිංහල හා ජනසන්නිවේදන අධ්ය යනාංශයේ දී ය..



පියදාස සිරිසේන සිරිත

[සංස්කරණය]

පියදාස සිරිසේන සූරීහු ක්රිව.ව. 1875 ‍අගෝස්තු 31 දා දකුණු පළාතේ වලල්ලාවිට කෝරළයේ ඉඳුරුව ආසන්නයේ පිහිටි අතුරුවැල්ල නම් ගමෙහි දී උපත ලැබූහ. පියාගේ නම‍ වැරණියගොඩ ගමගේ එමානිස් ය. මව‍ෙග් නම දොච්චො හාමිනේ ය. පියදාස සිරිසේනගේ නම උප්පැන්න සහතිකයේ සඳහන් වූයේ පේද්රිමක් සිල්වා යනුවෙනි. සිරිසේන දරුවන් සතර දෙ‍නකුගෙන් යුතු පවුලේ බාලයා විය.

පේද්රි ක්ට වයස අවුරුදු 09 වන විට ඔහුගේ පියා මිය ගියේය. පේද්රි ක්, ශිල්ප ශාස්ත්රල හැදෑරීම සඳහා වරාහේනේ ස්වභාෂා පාඨශාලාවට ඇතුළත් කරන ලදි. ඉඳුරුවේ ජි.ඇස්.ද අල්විස් මහතා වෙතින් සිංහල භාෂාව උගත් පේද්රි ක් බෙන්තොට ලන්සි පල්ලියෙන් හා දැනට අලුත්ගම මහා විද්යා ලය නමින් හැඳින්වෙන් අලුත්ගම බ්රෝනහියර් පාසලෙන් ඉංග්රී සි උගත්තේ ය. යාලේගම ජයසුමනාරාමාධිපති ව වැඩ විසු සිරිසුමනතිස්ස හිමියෝ ඔහුට ආගම ධර්මය ඉගැන්වූහ. පසු ක‍ලයේ දී සිංහල නවකථාවේ පුරෝගාමියකු ලෙස ප්රවසිද්ධියට පත් වූ බෙන්තොට ඇල්බට් ද සිල්වා වෙතින් ඔහු කාව්ය් ශාස්ත්රධය හදාළේ ය.

ශ්රීනමත් අනගාරික ධර්මපාලතුමා සිංහල බෞද්ධයන් ආමන්ත්ර.ණය කරමින් රට පුරා යන්නේ ඉඳුරුවට ද පැමිණියේ ය. ඒ වන විට පේද්රිනක්ගේ වයස අවුරුදු 16කි. කවි බැඳීමේ දක්ෂතා දැක්වූ පේද්රිනක්

මේ සභා රැස්වීමේ දී කවි පෙළක් ලියා ගායනා කළේය. පේද්රි ක්ගේ කවි බැඳීමත් කවි ගැයීමත් කෙරෙහි පැහැදුණු ධර්මපාලතුමා පේද්රි ක් තමා වෙතට කැ‍ඳෙව්වේ ය. සිංහලයන්ට ආර්ය නාම තැබීමේ දැවැන්ත ව්යා පාරයක් පවත්වා ගෙන යමින් හුන් ධර්මපාලතුමා පේද්රි ක්ගේ උප්පැනන් සහතික නාමයට කැමැත්තක් දැක්වූයේ නැත. එම විදේශ නාමය අත් හළ යුතු බවට උපදෙස් දුන් ධර්මපාලතුමා ඔහුට අභිනව ආර්ය නාමයක් තැබී ය. ඒ පියදාස සිරිසේන නාමය යි. එතැන් පටන් පේද්රි්ක් සිල්වා පියදාස සිරිසේන බවට පත් විය.

1895 සිට පියදාස සිරිසේන අතුරුවැල්ලේ සිට සිතුමිණ නම් සඟරාවට කවි ලියා යැවී ය. ඒවා සිතුමිණෙහි පළ විය. එහි සංස්කාරක ධූරය දැරැවේ අර්වින ගුණවර්ධන මහතා ය. සිතුමිණට කවි ලියා යැවීම නිසා ඇති කර ගත් පෞද්ගලික සම්බන්ධය මත කොළඹට පැමිණි පියදාස සිරිසේන අර්වින් ගුණවර්ධනගේ පියා වූ දොන් සයිමන් පෙරේරා ධර්ම ගුණවර්ධන මුහන්දිරම්තුමා සතු ව මරදානේ පිහිටා තිබූ ලී බඩු සාප්පුවක ලිපිකාර වෘත්තියට බැඳුණේ ය. ලී බඩු සාප්පුවේ ලිපිකාරකම කරන අතර සිතුමිණ සඟරාවේ සහකාර සංස්කාරක ධූරය දැරීමේ භාග්යුද ඔහුට හිමි විය. ඔහුට මේ අවස්ථාව ලැබුණේ අර්වින් ගුණවර්ධන මහතා විහාර දේවාල සම්බන්ධ කොමසාරිස්තුමා‍ෙග් තුප්පහි මුදලි තනතුරට පත් වී ගිය බැවිනි. ඒ 1900 නොවැම්බර් මාසයේ සිට යි. මේ අතර අනගාරික ධර්මපාලතුමාගේ සරසවි සඳරැසට ද ඔහු ලිපි සහ කවි සම්පාදනය කළේ ය.

මේ වන විට 21 හැවිරිදි තරුණයකු වූ සිරිසේ ලී බඩු ගෙන ඒම සඳහා නිතර මොරටුවට යන්නට එන්නට විය. ඔහු මහබැත්මගේ දෝන සිසිලියා පෙරේරා නමැති යුවතිය මුණගැසුණේ මේ ආ ගිය ගමන්වල දී ය. සිරි‍ෙස්න නොබෝ දිනකින් ම ඇය හා විවාහ විය. ආරියවංශ, ආරියචන්ද්රෙ, ආරියපාල, රත්නාවලී (දිසානායක), විමල (කන්නන්ගර), සුමනා (සවනදාස), සුමිත්රාර (වික්රංමරත්න), සුජාතා (ජයවර්ධන) ඔවුන් ලත් දූ දරුවෝ ය.

එවක සුප්රයකට පුවත්පත් කලාවේදියකු වූ හේමන්ද්රන සේපාල

පෙරේරා මහතාගේ අනුග්රනහයෙන් සරසවි ‍සඳරැස පත්ර යේ උපකර්තෘ ධූරයක් ලබා ගැනීමට පියදාස සිරිසේනට හැකි විය. හික්කඩුවේ ශ්රීක සුමංගල නාහිමි, මොහොට්ටිවත්තේ ශ්රී ගුණානන්ද නාහිමි, ශ්රීලමත් හෙන්රි ස්ටීල් ඕල්කට්, අනාරික ධර්මපාල යන දේශමාමක, ජාතිමාමක, සමයමාමක පුරුෂ ශ්රේපෂ්ඨයන්ගේ අදහස් උදහස්වලින් උද්දාමයට පත් ව හුන් පියදාස සිරිසේන සූරීහූ සිංහල ජනයා තුළ එකී හැඟීම් උත්සන්න කිරීම සඳහා ඔවදන් මුතුවැල නම් වූ පද්යී සංග්රරහයක් ද දම්පල් සිරිත නම් වූ පද්යම සංග්ර හයක් ද ලියා පළ කළේ ය. සිරිසේනයන්ට සිංහල නවකථාවේ පිතෘත්වය ලබා දුන් වාසනාවන්ත විවාහය නමැති ප්ර බන්ධය සරසවි සඳරැස පත්රතයෙහි කොටස් වශයෙන් පළ වන්නට පටන් ගත්තේ ද මේ සමයේ දී ම ය. එනම් 1904 දෙසැම්බර් 27 දා සිට යි.

1903 දී පියදාස සිරිසේන විසින් සිංහල ජාතිය නමැති සඟරාව ආරම්භ කරන ලදි. එහි අයිතිකරු වූයේ සී. සුගතදාස ය. පත්රරයේ ගද්යත හා පද්යභ ආදර්ශ පාඨ දෙකක් විය. ගද්යස පාඨය නම් “ලෝ වැඩ නොකොට සිය අතට පැමිණියක් අනුභව කොට විසීම මා වැන්නන්ට සර්ව ප්රසකාරයෙන් ම යුතු නොවේ” යනු යි. පද්ය. පාඨය නම්,

‘කොපමණ උසකින් ද අප වැටුණේ පහ ත මේ කල ම නොහැඟුණොත් තොපහට වෙයි විප ත’ යනුයි. ගද්යි පාඨය මහා පරාක්රපමබාහු රජුගේ ප්ර කශයක් ද පද්යම පාඨය ජෝන මිල්ටන් නම් ඉංග්රී සි කවියාගේ ප්රජකාශයක් ද ඇසුරින් ප්රමතිපාදිත යි. කළුකොඳයාවේ ප්ර්ඥාශේඛර හිමියන් පවසන්නේ සිංහලයන් අතර ජාතික පිළිබඳ හැඟීම් උද්දීපනය කිරීමට ආරම්භ කළ ප්රලථම සඟරාව සිංහල ජාති බව යි. මේ සඟරාව වර්ෂ 1 ½ක් යන්නටත් පෙර අතරමඟ නතර වූ අතර 1905 ජූලි මාසයේ දී යළි අරඹන ලදි. එය ද වැඩි කලක් පවත්වා ගෙන යා නො හැකි වූ නිසා නතර කරන්නට යෙදුණි. 1909 මාර්තු 01 වැනි දා තෙවැනි වරටත් සිංහල ජාතිය ඇරඹිණි. යළිත් අභාවයට ගිය සිංහල ජාතිය


1910 අගෝස්තු 16 වැනි දා 4 වැනි වරටත් ප්ර වෘත්ති පත්ර යක් වශයෙන් යළිත් ආරම්භ කරන ලදි.

සිංහල බෞද්ධයන් වෙනුවෙන් පුවත්පතක් ආරම්භ කළ යුතු ය යන්න ශ්රීලමත් අනගාරික ධර්මපාලතුමාගේ අදහස විය. එය ‘බෞද්ධයා’ යනුවෙන් නම් කළ යුතු බව ද එතුමාගේ අදහස විය. ධර්මපාලතුමා තමාගේ අනුගාමිකයකු වූ ද සිංහල ජාතිය පත්රසයේ සංස්කාරවරයා වූ ද පියදාස සිරිසේනට එහි කරතෘ ධූරය ප්රහදානය කළේය.පත්රසයේ නම ‘සිංහල බෞද්ධයා’ යනුවෙන් වෙනස් කිරීමට ධර්මපාලතුමාගේ අනුමැතිය ලබා ගත් පියදාස සිරිසේන 1906 මැයි 07 වැනි වෙසක් පුර පසළොස්වක දා සිංහල බෞද්ධයා මංගල කලාපය මුද්ර1ණයෙන් ප්රකකාශයට පත් කළේය. එහි මෙබඳු ආදර්ශ පාඨයක් වේ.


ආදර්ශ වාක්යසය “This enterprise of mine is not for the purpose of acquiring the pomp and advantages of royalty, but for there-establishment of buddhasasana. By the truth of this declaration may the arms and equipments of my army flash” King Dutugemunu

“මාගේ මේ ව්යාKයාමය තෙමේ කිසිකලෙකත් රජ සැප පිණිස නොවන්නේය. මාගේ මේ උත්සාහය බුද්ධශාසනයාගේ පිහිටුවීම පිණිසමැයි. ඒ සත්යනය කරණ කොට ගෙණ මාගේ සේනා කායභාණ්ඩ ගිනිදැල් වන් වේවා !”

                                                                     දුටුගැමුණු මහරජතුමා


සිංහල බෞද්ධයා පුවත්පත ආරම්භ වී සිව් මසක් ගිය තැන එහි පළ වූ කතු වැකිය යි මේ.


අප පත්රිය

“සිංහල බෞඬයා නැමැති අපේ මේ පත්ර ය පටන් ගෙණ අදට සිව්මසක් ඉක්මී ගියේය.සිංහලජාතිය පටන්ගෙණ අවුරුදු 2450 ක් සම්පූර්ණහවීම සිහිපත්වනු සඳහා පටන්ගත් මේ සිංහල ප්රිවෘත්තිපත්රඅය අප බලාපොරොත්තුවටත් වැ‍ඩියෙන් සිංහල ජාතියට ප්රසයෝජනවත් වුණා දැක්ම අපට මහත් ප්රී තියකි.මේ හාරමාසය තුළ අප පත්රටයෙන් කරණ ලද වැඩ මේ මෙයයි අප විසින් නොකීවාට පත්ර්ය කියවූ සියලු භවත්හු දන්නාහූය. අපේ ජාතියට හා ආගමටත් අප ශක්ති තරමින් කරන්ට ආරම්භකළ මේ සංග්රනහය ගැණ සිංහල මහජනයාගේ කාලෝචිත ආධාරය ලැබීමෙන් අපට වඩාත් ධෛර්ය ඇති වූ බැව් නොමසුරුව කියම්හ. හුදු ශාසනාලයෙන් හා ස්වජාත්යායලයෙන් පටන්ගත් මේ සත්කෘත්යආයට සිංහල මහජනය‍ාගේ ආධාර මොහොතින් මොහොත වඩා ලැබේයයි විශ්වාස කරමින් යථාලභාවශයෙන් පිටුගණන වඩා මෙතැන් පටන් වැ‍ඩිකර ප්රකසිද්ධ කිරීමට නියම කරත් බැවින් අද පත්රනය පිටු 12 කින්,යුක්ත බවත් සතුටින් ප්රවකාශ කරම්හ.


‍ලෝකය විශ්මපත්කළ වික්ර මයෙන්යුත් සිංහලවංශයෙන් පැවතෙන විසිලක්ෂයක් පමණ වූ ජනසමූහයක් මේ “සිංහල බෞද්ධපත්ර ය” මෙසේ උසස් අන්දමින් පවත්වා ගැණීමට ආධාරෝපකාර නොකර සිටිතැයි කිසිසේත් විශ්වාස කළ නොහැකි හෙයින් පත්රසය විශාල කිරීම ගැණ අපට බියවීමට කරුණක් ඇතිබැව් නොපෙණේ. මේ තාක් අපට සුදුසු කාලයෙහි දායකමිළ ගෙවීම ආදියෙන් හා සප්ර්යෝජනවත් ලියුම් හා ප්ර වෘත්ති ලියා එවීමෙන් උපස්ථම්භකවූ ගිහි පැවිදි උතුමන්ට අපේ ගෞරවාදරය පමුණුවමින් මතුමත්තේද ඒ උදව් අවශ්යපයෙන්ම බලාපොරොත්තු වම්හ.”

1906 සැප්තැම්බර් 6 - සිංහල බෞධයා

තෙවසරකට වඩා වැ‍ඩි කාලයක් සිංහල බෞද්ධයා පත්රධයේ කර්තෘ ධූරය දරන්නට පියදාස සිරිසේනයන්ට නො හැකි වූ අතර පරිපාලකයන් අතර ඇති කර ගත් යම් යම් මතභේද නිසා ඔහුට ඉල්ලා අස්වීමට සිදු විය.

සිය බිරිඳ සිසිලියා පෙරේරා සමඟ කැටවලමුල්ලේ පදිංචි ව සිටි පියදාස සිරිසේන සිය දරු දැරියන් නව දෙනා සමඟ මරදානේ ස්ටැන්ලි පෙදෙසෙහි ‘ඇල්කොව්’ නමැති නිවසෙහි පදිංචියට ආ අතර සිංහල ජාතිය පත්රසය තුළින් ද රට දැය සමය පිබිද වීමේ දැවැන්ත මෙහෙයුම දියත් කරමින් සිටියේය. හේ අමද්යිප සටනේ පුරෝගාමියෙක් විය. සිය නවකථා මඟින් ද කවිය මඟින් ද මද්යටපානයේ අනිටු විපාක පෙන්වා දුන්නේය.

“ස රා විස නිසා ලාඳුරු සය රෝ ගේ

 පු    රා  ලක පැතිර යයි ලැව් ගිනි වා 				ගේ
 ද     රා  සිත මෙවග සෙහොයුරුවනි මා				ගේ
 නු   රා  කර ඉඳිනු කිම ගොන් රැළ වා				ගේ  ’’2

1.පඤ්ඤාශේඛර හිමි, කලුකොඳයාවේ, සිංහල පුවත්පත් සඟරා

  ඉතිහාසය, 3 කාණ්ඩය, ඇම්.ඩී. ගුණසේන සහ සමාගම,
   කොළඹ,1967, 300 පි.

2.සිරිසේන, පියදාස, කව් දහස, ඇම්.ඩී. ගුණසේන සහ සමාගම,

   කොළඹ,1923, 70 පි.

අමද්යසප සටන හා ස්වරාජ්ය සටන සම්බන්ධ සට්කාමීන් අතර පියදාස සිරිසේන ද විය. එෆ්.ආර්. සේනානායක, ඩී.එස්. සේනානායක, ඩී.සී. සේනාන්යක,ඩී.බී. ජයතිලක,ඩබ්ලිව්. ආතර් ද සිල්වා, සී.ඒ. හේවවිතාරණ, මාටිනනස් සී. පෙරේරා, ආතර් වී. දියෙස් ආදී ජාති හිතෛෂීන්ගේ නාම ලේඛනයේ පියදාස සිරිසේනයන්ට ද සුවිශේෂි තැනත් හිමි ව තිබිණ. 1915 දී සිංහල මුස්ලිම් කෝලාහලය පැන නැංගේය.

ඉංග්රීහසි රජය විසින් ඉහත නම් සඳහන් ජාති හිතෛෂීන් සිරභාරයට ගන්නා ලදි. සිංහල ජාතිය පත්රතය ද තහනම් විය. පුරා දින 68ක් බන්ධනාගාර ගත ව සිටි සිරිසේන සූරීහූ එහි දී මහා කපි ජාතකය නමැති කුඩා කවි පොත රචනා කළහ. අෂට ලෝක ධර්ම චක්රහය නමැති නවකථාව ද රචනා කළහ. ඔහු මේ නවකථාව ලියුවේ කියවීම සඳහා ඉල්ලා ගත් බයිබල් පිටපතක හිස් තීරුවල යැයි කියනු ලැබේ. ආණ්ඩුවට විරුද්ධ ව ක්රිලයා කිරීම නිසා උසාවියට රු 150ක දඩයක් ගෙවන්නට ද ඔහුට සිදු විය.

1915 දී ආරම්භ කරන ලදු ව නතර වී තිබුණු හිතවාදී නමැති පත්රනය 1919 දී පියදාස සිරිසේනගේ කර්තෘත්වයෙන් නැවත ආරම්භ විය.1929 දී සිරිසේනයන්ගේ කර්තෘත්වයෙන් තවත් දිනපතා පුවත්පතක් ආරම්භ විය. ඒ පරාක්රනම නම් පුවත්පතයි.

පියදාස සිරිසේන ආරම්භයේ පටන් ම වෘත්තීය පුවත්පත් කලාවේදියෙක් විය. ලේඛකයෙක් විය. වෘත්තීය ලේඛකයකු වශයෙන් ඔහු විසින් ලියා පළ කරන ලද කෘති මාලාව යි මේ.

නවකථා :

1. වාසනාවන්ත විවාහය හෙවත් ජයතිස්ස සහ රොස්ලින්

			(සරසවි සඳරැස)				1904

(පොතක් වශයෙන්) 1906 2. අපට වෙච්ච දේ 1909 3. මහා වියවුල (සිංහල ජාතිය) 1909

(පොතක් වශයෙන්) 1909 4. තරුණියකගේ ප්රේ මය 1910 5. අෂ්ට ලෝක ධර්ම චක්ර0ය 1916 6. ඩිංගිරි මැණිකා හෙවත්

     වික්රරමපාලගේ පළමුවෙනි වික්ර1මය					1918

7. විමලතිස්ස හාමුදුරුවන්ගේ මුදල් පෙට්ටිය

     හෙවත් වික්රාමපාලගේ දෙවෙනි වික්ර මය				1919

8. වලව්වක පළහිලව්ව හෙවත්

     වික්රකමපාලගේ තුන්වෙනි වික්ර මය					1921

9. ශ්රීර ලංකා මාතා 1922 10. ඉෂ්ට දෙවියා හෙවත් වික්ර්මපාලගේ

      සතරවෙනි වික්රීමය							1925

11. සුචරිතාදර්ශය හෙවත්

     සරත් කුමාර චරිතය							1926

12. අද්භූත ආගන්තුකයා 1928 13. චින්තා මාණික්යය රත්නය 1930 14. යන්තම් ගැලවුණ 1931 15. පරිවර්තනය හෙවත්

     ස්ත්රීින් පිරිමි වෙස් ගැනීම						1934

16. පසන් නිවස 1936 17. මහේෂ්වරී හෙවත් වික්ර මපාලගේ

     පස්වෙනි වික්රහමය							1937

18. පළමුවෙනි පාසැල 1938 19. ඩෙබර කෙල්ල හෙවත්

     වික්රෙමපාලගේ හයවෙනි වික්ර මය					1938

20. අන්තිම කැමැත්ත 1944


කාව්යස 1 . ඔවදන් මුතුවැල 2 . දම්පල් සිරිත 3 . මහා කපි ජාතක කාව්යවය 4 . ජයවර්ධන ශතකය 5 . කුමාර කව් මල්දම 6 . සමරු සැරේ 7 . නීති වෙණ්බා 8 . හසුන් මාලාව 9 . ජාත්යාමලය 10. කව්දහස 11. ස්වර්ණමාලී මහා කාව්ය ය.

විවිධ. 1. සුදාරකෝත්පත්තිය 2. කුමාරෞෂධ දර්ශනය 3. යුගාන්තය හෙවත් උච්ඡේදවාදය 4. කොමියුනිස්ට් ප්රචලාපය

පුවත්පත්‍‍‍‍‍‍‍‍‍‍‍‍‍/සඟරා :

1. 1900 නොවැම්බර් සිතුමිණ (සහාය සංස්කාරක) 2. 1903 පෙබරවාරි සිංහල ජාතිය සඟරාව ඇරඹීම 3. 1905 ජූලි සිංහල ජාතිය දෙවැනි වරට ඇරඹීම


1.මෙබදු කෘතියක් පළ වූ බවට සාධක නැත.


4 . 1906 මැයි සිංහල බෞද්ධයා කර්තෘ පදවියට පත්වීම. 5 . 1909 මාර්තු සිංහල ජාතිය තුන්වෙනි වරට නිකුත් වීම. 6 . 1910 ජනවාරි සිංහල ජාතිය හතරවෙනි වරට නිකුත් වීම. 7 . 1910 අගෝස්තු සිංහල ජාතිය සතිපතා පත්ර යක් වශයෙන් නිකුත් කිරීම. 8 . 1915 මාර්තු සිංහල ජාතිය මාර්ෂල් ලෝ යුද්ධ නීතිය යටතේ තහනම් කිරීම 9 . 1919 හිතවාදී සඟරාව සංස්කරණය කිරීම 10. 1920 ජනවාරි සිංහල ජාතිය පස් වැනි වරටත් නිකුත් වීම. 11. 1920 ඔක්තෝබර් පරාක්රකම සඟරාව සංස්කරණය කිරීම

සමාජවාදය හෙවත් ‘සෝෂලිස්ම්’ සංකල්පය වැඩෙමින් පැවති අවදිය යි මේ. පියදාස සිරිසේන උග්රා ‘සෝෂලිස්ම්’ විරෝධියෙක් විය. ඔහු කොමියුනිස්ට් ප්රජලාපය වැනි කෘතියක් ලියා පළ කළේ ද එබැවිනි. ඔහු සිය පුවත්පත් කලාව කැප කළේ ඩී. ඇස්. සේනානායකගේ දේශපාලනය වෙනුවෙනි.

1946 වන විට නිදහසේ අරුණලු දිදුලමින් තිබිණ. සිරිසේන කවියා දිගින් දිගට ම නිදහස ගැන ලිවී ය.

“නි ද හ ස නොමැති සැප නිරයේ දුක් වැ නිය උ ද හ ස ‍ලබන දන වාලුන් එක වැ නිය අ ද හ ස නොසිදුවන තැන විපත ගිහි නිය නි ද හ ස සියලු සැපතට අකරය වැ නිය


1. හේමපාල, නුවර එළියේ (සංස්.). පියදාස සිරිසේන සිරිමතාණෝ. ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තුමේන්තුව (වර්ෂය නො සඳහන් ය) 15-16 පිටු.


 නි    ද හ ස පරම සැපමය තුන් ලොව				       ගරු
 උ    ද හ ස අනුන් දුකමය අව දුකෙක				       යුරු
 නෙ ද හ ස දුක ලදත් සුදනෙනි නැණති 				       යුරු
 අ    ද හ ස වෙනස් නොකරවි ඒ ලබන				       තුරු

- නිදහස “නි ද හ ස් තරුණ මනමාලිය බැඳ කා ර

 සි     තුලෙ ස් ලබන්නට සැප දෙලොවම		                         සා  ර
 අ     ද    හ ස් ඇති උතුම් මහතා ලොව			               වී    ර
 කොයිලෙස්   කොයිබදි ද ඈ ගතයුතු				     බා  ර
 නි  ද  හ  ස්  උතුම් මනමාලිය සිරි				           රැ  න්  දි
 අ   ද  හ  ස්  කර සරණ ගැනුමට මන				 බැ න්  දි
 ස  ම තැ ස්  උපන් දඹදිව සත් දන 				 දැ  න්  දි
 නි සි ලෙ ස් වැඩ කරති  සහ මහතා				 ග  න්  දි”

-නිදහස නැමැති මනාලිය 2

“උ ද හ ස් දුදන කරුණකි යටගිය දව සේ

 දි  ය  කු ස්  මහ ජනගේ බල වැඩිවෙයි 		                සුව     සේ
 මෙ‍ම දෙස්  අතැර ගොස් සිටි බටහිරට		                  ල     සේ
 නි  ද  හ ස්	තරුණි එන මිණී සළඹ හඬ 		                  ඇ    සේ 
 කා  ට  ත්  එක වගෙයි හිත නිදහස්	තරු			        ණී
 පා ට  ත්  ජාති කුල ආදිය ඈ නොද				        නී
 රෑ  ට  ත්  දහවලට මෙන් වෙනසක් නොව                                      නී
 ඊ  ට  ත්   වැ‍ඩි සැපක් නැත ඇය දුටුවොත් 			        නී”

-නිදහස් සැප 3 1. සිරිසේන පියදාස, කව්දහස, අම්.ඩී‍. ගුණසේන සහ සමාගම,කොළඹ,

   1923.8 පි.

2. එම.88 පි. 3. එම.111 පි.


එහෙත් පිහදාස සිරිසේනයන්ට නිදහසේ අරුණලු දකින්නට ඉඩ නො ලැබිණ. 1946 මැයි 22 දා ඔහු අභාවප්රා ප්ත විය. සිරිසේනයන්ගේ අභාවය පිළිබඳ ව 1945 මැයි 25 වැනි සෙනසුරාදා පළ වූ සිංහල බෞද්ධයා පුවත්පත මෙසේ වාර්තා කළේ ය.

පියදාස සිරිසේන මහතාගේ අභාවය

ශ්රේණෂ්ඨ සිංහල පත්රේ කරතෘවරයෙක්

“ස්වකීය පෑන් තුඩින් මෙන්ම මුවගිනුත් ගිලිහුණු වචනයේ බලය, සිංහල ජාතියේ සාහිත්ය්යේ හා සභ්යවත්වයේ උන්නතිය සඳහා යොදමින් සිංහල පත්ර. කර්තෘවරයකු වශයෙනුත්, ජාතික කවියෙකු වශයෙනුත්, ප්රිබල‍ ග්රාන්ථ කර්තෘවරයකු වශයෙනුත් අසහය වාගීශ්වරයකු වශයෙනුත් ගතවුණු අර්ධශත වර්ෂය තුළ ප්රයකට කීර්තියක් ඇතිව විසු පියදාස සිරිසේන මහතාගේ අභාවය කනගාටුවෙන් දැනුම් දිය යුතුව තිබේ. සිංහලයේ අන්ධකාර යුගයේදී ශ්රී‍මත් අනගාරික ධර්මපාලතුමාගේ අඩිපාර ඔස්සේ හා සර් ඩී.බී.ජයතිලක, ඇෆ්.ආර්. සේනානායක ආදී ජාතක වීරයින් ගමන්ගත් මගෙහි යෙමින් රටටත ජාතියටත් විශාල සේවයක් කළ පියදාස සිරිසේන මහතා “සිංහල බෞද්ධයා” පත්ර යේ ප්රෝථම කර්තෘවරයා වශයෙන් හැඳින්විය හැකිය. පසුභාගයෙහි තමන් විසින්ම ආරම්භ කරන ලද “සිංහල ජාතිය” පත්රපය මගින් රටේත් ජාතියේත් ශාසනයේත් අභ්යුනදය පිණිස වේගවත් ජාතික සටනක් කළ හෙතෙම ස්වකීය අභාවය දක්වාම එම පුවත්පතෙහි කතුකම කළේය.

සිංහල නවකථාවේ ආදි කර්තෘ වරයෙකු වශයෙන් ප්රඅකට සිරිසේන මහතා පර සිරිත් විරිත් හෙළා දැක ජාතිය සුමගෙහි ගමන් කරවීමේ පරම ප්රා ර්ථනයෙන් ලියූ නවකථා බොහෝය. නූතන සම‍යේ පහළ වූ ජාතික මහා කවිය වශයෙන් හැඳින්විය හැකි මේ මහතා ස්වකීය කවියෙන් ද සිංහල කාව්ය‍ සහිත්යතය දීප්තිමත් කළේය. 1915 ‍දී හේ සෙසු සිංහල ජනනායකයින් සමග සිර බත් කා එතැන් සිට පටන් ගෙන ගිය මහා ජාතික හටනින් සුදුසු පල ලබා, ස්වකීය අවසාන සමයේදී ලෙඩ යහනේ සිටගෙනත්, ස්වකීය

පත්රාය මගින් පූර්වෝක්ත ජාතික සටන නෙනවත්වා කර ගෙන ගිය මේ වීරවරයාගේ අභාවය රටට ජාතියට මෙන්ම සාහිත්ය යටත් බලවත් පාඩුවකි.

ඉකුත් කුජ දින උදයභාගයේ ශක්යමකර්මයකින් පසුව කෙළඹ පෞද්ගලික ‍ආරෝග්ය ශාලාවකදී අභාවප්‍රාප්තවූ මෙම පහතාගේ මෘත දේහය පිළිබඳ අවසාන කෘත්යෝය සෙනසුරාදා (අද) සවස 5ට කනත්තේ සුසානභූමියේදී සිදුවන්නේය. ආදාහන පෙරහැර එදින අපර භාග 3 ට ස්වකීය නිවසින්, මහරගම නාවින්නේ “සේනානි” නිවසින් පිටත්වන්නීය.

“සිංහල බෞද්ධයා” පත්ර යේ ප්රතථම කර්තෘවරයා වූ පියදාස සිරිසේන මහතාණන්ගේ අභාවය පිළිබඳ සාතිශය සංවේගය මෙයින් පළ වන්නේය.”

පියදාස සිරිසේන මහතාගේ දේහය මහජන ගෞරවය පිණිස මහරගම, නාවින්නේ, නාගහවත්ත පාරේ “සේනානි” නිවසෙහි තැන්පත් කරන ලදි. 1946 මැයි 24 වැනි සිකුරාදා බොරැල්ලේ කනත්තේ දී එතුමාගේ අවමඟුල් උළෙල පැවැත්විණ. ඒ පිළිබඳ ව මෙබඳු සටහනක් 1946 ජූනි 01 සෙනසුරාදා සිංහල බෞද්ධයා පුවත්පතෙහි පළ විය.


පියදාස සිරිසේන මසහතාට දැක්වුණු අවසාන ගෞරවය. අභාවප්රාසප්ත පත්රා කලාවේදියාණන්ගේ ගුණ ගායනය.

“සිංහල නම ‍හෝ බෞද්ධකම කියන්නට බොයේ සිංහලයන්ම මැලි දැක්වූ සිංහලයේ දඳුරු යුගයෙහි ශූර වීර ලීලාවෙන් රට දැය සමය යන රුවන් තුණ රැකගැන්මට ඉදිර්පත්වූ ශ්රීශමත් අනගාරික ධර්මපාල, ඇෆ්.ආර්. සේනානායක, සර් ඩී.බී. ජයතිලක ආදී ශ්රේිෂඨ ලංකා පුත්ර්යන් සමග උරෙන් උර ගැටී සටන් කළ කවිය, කථිකත්වය, ප්රආවෘත්ති කලාවේදිත්වය හා සුධාරකත්වය යන අංගවලින් සම්පූර්ණවූ, ශ්රේ,ෂ්ඨ ලංකා පුත්රායෙකු වන පියදාස සිරිසේන මහතාට අවසාන ගෞරවය දැක්වීම වස් ඉකුත් ශනිදින කොළඹ කනත්තේ

සුසානභූමියට රැස් වූ මහජනකාය නිසා එපෙදෙස එකම හිස් ගොඩක් මෙන් විම. කෘතගුණයට සිංහලයා අතර පවත්නා නෑ සබඳකම පෙන්වන්නකි.

අවසාන හුස්ම හෙලන මොහොත තෙක්ම පමණක් නොව ඊට පසුත් ලක් මවගේ උකුලේ නැළවීමට ප්රාමර්ථනා කළ මේ ලංකා පුත්ර යාගේ අභාවය සැලවූ වහාම එතුමාගේ නිවෙස වන නාවින්නේ “සේනානිය” කරා ගලා ආ දහස් ගණන් ජනකාය සෝ සුසුම් හෙළමින් අවසාන ගෞරව දැක්වීය.

සිරිසේන මහතාගේ මෘත කලේඛරය සම්බන්ධ‍ ආදාහනය, කරක සභාවකට පැවරුණේය. මුහන්දිරම් වක්වැල්ලේ මහතා ‍ෙග් ප්රවධානත්වයෙන්පත්කරණු ලැබු එම ආදාහන කාරක සභාව රාජ නීතිඥ එච්.ශ්රීප නිශ්ශංක, රාජ්ය මන්ත්රීඑ ජේ.ආර්. ජයවර්ධන, නාගරික මන්ත්රීි ඒ.ඊ. ගුණසිංහ, ඇම්.ඩී. ගුණසේන, එච්.ඩී.බී. ගුණසේකර, ඩී.ඇල්.ඇෆ්. පේද්රිබස්, පී.ඇල්. ආරියරත්න, කේ.ඒ. ඇල්බට් පෙරේරා,ඩබ්ලිව්.ඩී. පවුලිස් අපපුහාමි, කේ. මිලන් පෙරේරා,ඇම්. පියදාස, ඇම්.ඇස් ද සිල්වා, කේ.ඩී.ඒ.කරුණාදාස, ඩී.ඇස්. අබයසිංහ, වී.ඩී. ද ලැනරෝල්, ජී.ඇම්.ඩී. හින්නි අප්පුහාමි, වයි.පී. වික්රබමසිංහ, ඩබ්ලිව්. දොන් ඉසානිස් අප්පුහාමි, ජයන්ත වීරසේකර, ඊ.පී.තිලකරත්න, ප්රින්සිස් සිල්වා සතරසිංහ සහ කේ.ටී ලවාරිස් (භාණ්ඩාගාරික) කේ.ඩී. ඩේවිඩ් (ලේකම්) යන මහතුන්ගෙන් සමන්විත විය.

සනිදින අපරභාග 3.30ට පමණ ආදාහන පෙරහැර සේනානි නි‍වෙසින් පිටත් වී හයිලැවල් මහ මාවතට පිවිසියේය. මෙහිදී පෙරහරට එක්වූ මෝටර් රථ සංඛ්යාවවද සිත්ගන්නා සුළු විය. මෝටර්රථ නොමැත්තවුන් ගේ ප්රටයෝජනය සඳහා හයිලැවල් රෝඩ් බස් මෙහෙයේ ප්රසධාන බී.ඒ. සෙමනේරිස් අප්පුහාමි විසින් විශේෂ බස්රථ යොදා තිබුනේය.පියදාස සිරිසේන මහතාට අවසාන ගෞරවය දැක්විම සඳහා මග දෙපස රැස්වු දහස් ගණන් ජනකාය ස්වකීය දුක්මුසු මුහුණු මොනවට අනාවරණය කර ද‍ැක්වීය.

නුගේගොඩ හන්ද‍අියේදී හයිලැවල් පාරේ හැරුණු ආදාහන පෙරහැර විවිධ සැරසිලිවලින් අලංකාර කරන ලද ජයවර්ධන පුරය මැදින් ගමන් කොට වැලික‍ඩට සම්ප්රාරප්තවූ විගස, ශ්රී් ජයවර්ධනාරමය ඉදිරිපිට රැස්වූ කෝට්ටේ ශ්රීර කල්යාමණි සාමාග්රිි ධර්ම මහා සංඝසභාවට අයත් පණස් නමක් පමණ භික්ෂුන් වහන්සේ විසින් ගෞරවය දක්වන ලද්දේය.

වැලිකඩදී, රාජ්යන මන්ත්රවණසභා නායක ගරු ඩී.ඇස්.සේනානායක මහතා විසින් මහජනයා වෙනුවෙන් මෘතකලේඛරය පිළිගන්නා ලදින් හේවිසි, හොරණෑ, ශංඛනාද ආදි සිංහල තූර්ය වාදනයෙන් හා අවුඅතු, මුර ආයුධ, වඩන තළතු ආදියෙන් යුක්තව සිංහයා ලකුණ දරණ සිංහල කොඩිය පෙරපුණේ රැගත් පෙරහැර කනත්තේ සුසානභූමිය බලා නික්මෙත්ම ගරු සේනානායක මහතා ප්රහධාන ප්රූභූන් බොහෝදෙනකුන් විසින් මෘතකලේබරය සහිත මොටෝ රථය ඇදගෙණ යනලදි.

මෘතකලේඛරය චිතකයෙහි තැන්පත්කළ ඉක්බිති, විගීශ්වරාචාර්ය මොරොන්තුඩුවේ ශ්රීි ඥානෙශ්වර ධර්මානන්දාභිධන නායක ස්වාමින්ද්රතයන් වහන්සේ නිකාය තුන වෙනුවෙන් අනිත්යාවනුස්මෘති පූර්වක ධර්මාවවාදයක් කරමින් සිරිසේන මහතා ගෙන් රට,දැය හා සමය යන තුන් රුවනට සිදුවූ උසස් සේවය ගැන සිත් කාවදින් දේශනාවක් පවත්වන ලද්දේය. ඒසා විශාල පිරිසක් අවසාන ගෞරවය දැක්වීමට පැමිණ සිටියේ සිරිසේන මහතාගේ කුලය හෝ ධනය නිසා වත් ප්රවවෘත්ති පත්රන කර්තෘවරයකු හෝ ග්රධන්ථ කර්තෘවරයකු නිසා වත් නොව උසස් සේවයක් කළ ශ්රේමෂඨ ලංකා පුත්රියකු නිසායයි තමන්වහන්සේ කල්පනා කරණ බවද උන්වහන්සේ ප්ර කශ කළහ. සිරිසේන මහතා තරුණකාලයේදී පටන්ගත් රට දැය හා සමය පිළිබඳ සේවය ජීවිතාන්තය දක්වාම කරගෙණ ගිය අයුරු පුදුමයයිද සිංහල ජනතාවගේ සිත් සතන් ජාත්යාකලයෙන් ප්රෙබොධ කරවන සුළුයයිද පැවසූ මොරොන්තුඩුවේ නායක ස්වාමීන්ද්ර්යන් වහන්සේ ඒසා දීර්ඝ කාලයක් මුළුල්ලේ පියදාස සිරිසේන මහතා විසින් ලියන ලද කතෘ වක්යස, අවවාද පොත්, එවකට ඒවා කියවන්නවුන් තුළ ජාතික හා සාමයිකානුරාගය දනවන සුළුවූ බවද එබැවින් සිංහල ගිහි පැවිදි දෙපක්ෂයේම ආදර ගෞරවයට ඒ මහතා ඉතාමත් සුදුස්සා බවද කීහ.


ඉක්බිති කථා කළ ගරු ඩී.ඇස්. සේනානායක මහතා අවුරුදු 40ක් මුළුල්ලේ සිරිසේන මහතා විසින් රට දැය හා සමය නංවාලීම වස් කරණ ලද සේවය වර්ණනා විෂයාතික්රාසත්ත බව කීයේය. සිංහල නම, බෞද්ධකම ප්රලසිද්ධියේ කීමට පව‍ා බොහෝදෙනා පසුබට වු අඳුරු කාලයක සිරිසේන මහතා ඉදිරියට පැමිණ සිංහලයන් උද්යෝාගිමත් කරවමින් ක්රි යා කළහැටි උසස් සේ වර්ණනාකළ සේනානායක ඇමතිතුමා අමද්යාප සේවකයකු වශයෙන් සිරිසේන මහතාගෙන් සිඳු වු විශිෂ්ට සේවය ද සඳහන් කළේය.විදේශීය දුශ්චරිතවලින් රටවැසියා මුදා ගැණිමට, සිංහල ආර්ය සිරිත් ගතිගුණ පුහුණු කරවිමට සිරිසේන මහතා ගත් තැන අප්රමමාණ බවත්, සිරිසේන මහතාට සිංහල ජාතිය ණය බවත්, එසේ ජාතියක් ණය ගැති කරගෙණ යමෙක් මෙලොවින් තුරන්වතොත් එය ඉතා උසස්ම ගෞරවය වන බවත් කී සේනනායක මහතා ජාතික සේවය නිසාම නවසිය පහළොහේ ඇඳුරු යුගයේදි සිරිසේන මහතා වැලිකඩ බන්ධනාගාරයේ දුක් වින්ද හැටි අද මෙන් මතක ඇති බවත් ප්ර කාශ කොට, සිරිසේන මහතා යළිත් ලක්දිවම ඉපදී ලාංකික ජනතාවගේ අභිවෘද්ධිය උදෙසා කටයුතු කරනව‍ා ඇතැයි යනු තමාගේ ප්රාිර්ථනාව බවත් කියේ ය. අනතුරුව බෑණාවරුන් දෙදෙනෙකු වන ඊ.පී.බී. දිසානායක, ඒ.ඩී. කන්නන්ගර යන මහතුන් විසින් චිතකයට ගිනි දල්වන ලද්දේය.”

පියදාස සිරිසේන සූරීන් කළ මහා මෙහෙයට උපහාර වශයෙන් 1958 දී කොළඹ,මරදානේ,ස්ටැන්ලි පාර පියදාස සිරිසේන මාවත යනුවෙන් නම් කරන ලදි. 1979 මැයි 22 වැනි දා පියදාස සිරිසේන මාවතට පිවිසෙන ස්ේථානයෙහි පියදාස සිරිසේන ප්ර7තිමාවක් කරවන ලද්දේ එවක අගමැති පදවිය ද‍ැරූ රණසිංහ ප්රේාමදාස මැතිතුමා විසිනි.

සිරිසේන සූරීන්ගේ ඇවෑමෙන් එතුමන්ගේ පොත් යළි පළ කරවන්නට උත්සුක වූ ආරියපාල සිරිසේන ප්රනමුඛ සිරිසෙනයන්ගේ පුත්රියන්ට පාඨක ප්රසජාවගේ ඉමහත් ගෞරවය හිමි විය යුතු ව ඇත.