Jump to content

පියදාස සිරිසේන නවකථා එකතුව- 02/අෂ්ට ලෝක ධර්ම චක්‍රය ii

Wikibooks වෙතින්

08.පරිච්ඡෙදය

[සංස්කරණය]

මී ට ඉහතින් මේ කතාන්තරයේ සදහන් වූ සීලවතී සමරසේකර හාමිනේත්. ඇගේ පුත්රියා වන බුද්ධදාසත් දියණඅය වන මුක්තාලතාවත් ගැන ඇසිමට මෙය කියවන්නාට මහත් සතුටක් ඇතිවාට අනුමාන නැත්තේය. සමරසේකර හාමිනේට හිත මිත්රාටදින්ගෙන් ලැබුනු ආධාර ආදියෙන් මේතාක් ජීවත්වීමට ලැබුනු නමුත් බලවත් අපල කාලයක් ඇති පුත්රනයා වන බුද්ධදාස නිසා දුක් විදින්නට සිද්ධවිය. මුක්තාලතා මැහුම් ගෙතුම් ආදියෙන් උපයන දේත් මේ බුද්ධදාසගේ අසනීප ගැන ම වියදම් කරන්නට වීමෙන් මුක්තාලතාගේ ඇඳුම් පැළඳුම් ද ඉතාමත් පහත් බවට පැමිණියේය. පංචකල්යාඇණයෙන් යුත් මුක්තාලතා කොතරම් අසරණව සිටියත් ඈ සරණකර ගැනීමට ඈ දුටු කිසිම තරුණයෙක් අසතුටු නොවේ. එහෙත් මහත් බලාපොරොත්තුවක් ඇති මුක්තාලතා මධ්යුම පංන්තියේ සරණකර ගන්නිද? සමරසේකර පවුල සුඛිත ව සිටි කාලේ පටන් ම ඉතා හිතෛෂි ව සිටි



පියදාස සිරිසේන නවකථා එකතුව 103

නෝනාහාමි උපාසක අම්මා ඒ පවුල අසරණ වු පසුත් කිසි විටෙක අත් ඇරියේ නැත. ඒ මහලු උපාසිකාවට පිළිවන් සියලුම ක්රනම වලින නිතර ම ආධාර කළාය. කොළඹ මහ තැපැල් කන්තෝරුවේ ලිපිකරු තනතුරක් මධ්යපම පන්තියේ පවුලකට අයත් පෙරේරා නම් තරුණයෙක් මේ නෝනොහාමි උපාසිකාව කලක සිට දැනගෙන සිටියාය. මේ තරුණ පෙරේරා මහත්මයා ස්වකීය ආගමත් කුල ධර්මත් කෙරේ මහත් ශක්තියක් ඇති කාරණා කාරණා දත් කෙනෙකි. මේ තරුණයා එක් දිනක් සභාවකට ගොස් එන අතර මුක්තාලතාගේ ගෙදර අසලදි නෝනොහාමි උපාසිකාවට සම්මුඛව මුක්තාලතාවගේ රූපශ්රිායාවත්, ප්රකතිපත්ති, රක්ෂාකිරීමේ පිළිවෙලත්,උගත්කමත් ඥානවන්කමත් පෙරේරා මහතාට කී විට දෑවැද්ද ගැන පිළිකුලක් ඇති ප්රේ රා මහතා මුක්තාලතාව දැකීමට සතුටු විය. නෝනොහාමි උපාසිකාව විසින් කැඳවනු ලදුව මුක්තාලතාගේ ගෙදරට ගිය ප්රේහරා මහතා දුටු සමරසේකර හාමිනේ අතිශයින් සතුටුව වාඩි වෙන්නට සලස්වා ඒ වෙලාවට සුදුසු සංග්රමහ ද කළාය. මුක්තාලතා රේන්ද පටියක් ගොතමින් සිට ප්රේසරා මහතා ආවිට එය නවත්වා සුදුසු තැනක සිටියාය. තමා සරණකර ගැනීමට ආ කෙනෙක් බව මුක්තාලතාට හොදින් ම දැනුනේ ය. එහෙත්-

“වෙසෙසින් නියම කො ට දුන්නත් ඉසුරු මුලු ර ට තුටු නොවන කෙනෙකු ට ගමක් දෙන මෙන් සතුටු පඬුර ට” - යි

කීවාකි මෙන් ජයසිංහ මුදලිතුමාගේ පුතුයා ගැන බලාපොරොත්තු වන මුක්තාලතා ප්රේ රා කෙරෙහි සතුටු වන්නී ද? ඇසට රසාංජනයක් බඳු වු පංචකල්යාතණයෙන් යුත් මුක්තාලතාවගේ රූපය දකින තරුණයන්ගේ සිත් විකල නොවේද? අලංකාර ඇඳුම් පැළඳුම් ආදියෙන් සජ්ජිතවි සිටියා නම් මුක්තාලතා දිව්ය්ප්සරාවකැයි කීම ඇගේ විශිෂ්ට රූපශ්රී්යට කරණ නිගාවක් මැයි. ප්රේ‍රා මහතා පැය භාගයක් පමණ සමරසේකර හාමිනේ හා නෝනාහාමි උපාසිකාවක් සමග පිළිසඳර කතාබස් කරමින් සිට නැවත එන්නේමියි කියා යන්නට පිටත්වි එහි සිටි අයට ආචාර සමචාර කළේය. අනික් කවුරුත් අතට අත දුන් නමුත් මුක්තාලතා පමණක් වැඳීමෙන් ආචාර කළේය.ඈ විසින් එසේ කරණ ලද්දේ අදහස් දෙකක් ඇතිවය.




104 අෂ්ටලෝක ධර්මහ චක්රයය


එකක් නම් අපේ පැරණි උතුම් ආචාර විදිය වන වැඳීම් වර්තමාන “ අතට අත දීමට” වඩා හොඳ බැව් දක්වන පිණිසය. අනික ‍නම් තමාට හිමි නොවන පුරුෂයකු‍ගේ අතක් ස්පර්ෂ කිරිම පවා පතිව්රමතා ධර්මය රක්‍ෂා කරණ උතුම් ස්ත්රිකයකට තරම් නොවන නිසාය. මුක්තාලතාවගේ මේ ආචාරයෙන්ම ප්රේිරා මහතාගේ හිත ඈ කෙරෙහි වඩාත් ඇලි ගිය බැවින් ඔහු එතැනින් ගියේ ප්රා්ණය එහිම තබා ශරීඑය පමණක් ඇරගෙන යැයි උපමාවකට මෙන් කිය යුතුය. ප්රේ රා මහතාට මවුපියන් විසින් සුරතල් වශයෙන් කියන නාමය “සනී” ය. වෙනදා සවස 6ට ප්රුථම ගෙදර එන “සනී” එදා රැ 7 ½ වනතුරුත් නාවේ කිමදැයි මවුපිය දෙදෙනා කථා කරමින් සිටින විට ප්රේසරා මහතා අවේය. “මොකද පුතා අද ප්රටමාද වුණේ” කියා ප්රේ රා මහතාගේ පියා වන හින්නි අප්පුහාමි අසමින්ම, “පුතා අද අපේ මිත්රි මහතාගේ උඹ එනතුරු මෙපමණ වේලා රැකගෙන සිට මිනිත්තු දහයකට පහළොවකට ප්ර්ථම ගියේය. ඔහු සිටයේ උඹට මහනුවරින් කථාකල “මංගල ප්රරස්තාව” ගැන තීන්දුවක් කරගන්ටයි. මමත් අම්මත් එහි ගොස් තොරතුරු සියල්ලක්ම දැන ගතිමු. කුලයෙන්,පරම්පරාවෙන්,ධනයෙන් අපටත් වඩා ඉහළ උඹටම කැපෙන රූප සෞන්‍දයයෙන් යුත් ඉංගිරිසි හා සිංහල භාෂා හොදින් ඉගෙණගත් ළමයෙකි. දෑවැද්ද වශයෙන් රුපියල් 3000 ක් මුදල්ද දෙන්නට පොරොන්දු විය. මේ කාරණය ගැන අන්තිම වචනය කියා පන්නැ’යි තාත්තා කීවේය. තාත්තාගේ කථාව තුෂ්ණිම්භූතව අසාගෙන සිට ප්රේහරා කාමරයට ගොස් ඇඳුම් මාරු කොට මූණ කට අතපය සෝදාගෙන රාත්රිි භොජනය අනුභව කොට ඉස්තෝප්පුවේ තිබුනු හාන්සි පුටුවක් පිට වාඩි වි මුක්තාලතා ගැන කල්පනා කරන්නට පටන් ගත්තේය. එවිට ‍වේලපහින් ඇවිත් සම්භනුන බැවින් නැවතත් ප්රේතරා මහතා සම්භවෙන්නට කරුණාරත්න උන්නැහේ අයේය. මහනුවර වික්රතමසිංහ අප්පුහාමි කෙනෙකුගේ දියණියක් ගැන කතාකර තිබුනු බැවින් එය තීන්දු කරගන්නා පිණිස ඔහු වීරිය කරන දිනක් විය. ප්රේමරාගේ පියාත් මවුත් කරුණාරත්නත් යන තුන්දෙනාම ඵ් මංගල්යනයේ තිබෙන වැදගත්කම කියන්නට පටන් ගත්හ. මුක්තාලතාව දැකීමෙන් අන්ය‍ ස්ත්රී න් වසුරු මෙන් හැ‍ඟෙන පෙරේරා “දායාද” ගැන කලක පටන් විරුද්ධ කෙනෙකි. වික්රනමසිංහ අප්පුහාමිගේ දූ පුතුන් වෙනුවෙන් රුපියලු තුන්දාහක් දායාද දෙනවායයි කී නිසා පෙරේරාට ඒ මඟුල් ගැන තොරතුරු විමසන්නටවත් ප්රිරය නැති නමුත් ඔහුගේ පියා වන



පියදාස සිරිසේන නවකථා එකතුව 105

හින්නි අප්පුහාමිට ඒ මගුල අතිශයින් රුචිවුනේ මුදලෙන් ලැබෙන රුපියල 3000 නසාම බව සැලකිය යුතුය. පෙරේරා කරණාරත්නට කථාකොට “ තමුසේ කතාකරන මඟුල ගැන මගේ සතුටක් ඇත්තේම නැත. තාත්තත් සමග කතාබස් කරගෙන තිබෙන බව පෙනේ. ස්වකීය දරුවන්ට හිරහදලන් සලසා දිම දෙමවුපියන්ගේ යුතුකමකි. එසේම දෙමවුපියන් සලසා දෙන “හිරහදලන්” ගැන සතුටුව ඊට මැදහත්වීම දරුවන්ගේ යුතු කමකි. එහෙත් මම නම් දැන් මේ කථාකරන මඟුල ගැන කොහෙත්ම සතුටු නොවෙමි. ඒ නිසා කරුණාකර එය අත් ඇර දමන්නට”යි පෙරේරා උන්නැහේ කීයේය. එවිට පෙරේරාගේ මවු “සනී, උඹ පරික්ෂා කරන්නේවත් නැතිව එහෙම කීවේ ඇයි? ඒ පෝඩුකළ මනමාලිය බැලිමට මමත් තාත්තාත් ගියෙමු. ඉතාමත් ලක්‍ෂණ හොද කල්ක්රිුයාවෙන් යුත් කුලවත් අපේ ප්ර මාණයට වඩා යමක් කමක් ඇති මවුපියන්ගේ දරුවෙකි. ඒ ගෑනු ළමයා ගෙදරක් බැබලවිමට පහනක් වැනිය. උඹ මෙතාක් අපට සුවච කීකරුව සිටලා අපේ හිතට ඉතාමත් රුචිවු මේ මංගල්යායට විරුද්ධ වෙන්නේ අපට කරන වෙනස්කමකැ” කණගාටුවෙන් මෙන් කීවාය. මවුපියන්ගෙන් ගුණ දත් සුවච කීකරු වූ පෙරේරා මෑණියන්ගේ හිත තැලුනේ යියි කණගාටුව, “අම්මේ,මම ඔය මගුලට පළමුකොටම අසතුටු වුණේ දෑවැද්ද නිසාය-බලන්න දැන් අපේ නංගිව අපි ඉතා ආදරයෙන් හා සැළකිල්ලෙන් ඇති දැඩිකොට අවුරුදු 18 ක් 20 ක් නොයෙක් දුක් කරදර විද අන්තිමේදි අන්කෙනෙකුට පාදපරිචාරිකාකමට පාවා දෙන විට තවත් මුදලකුත් දෙන්නට වූණොත් අපට අමාරු නොවේද? එමෙන් ම මට පාදපරිචාරිකාකමට අදහස් කරන ඒ තරුණියගේ මවුපියන්ටත් අමාරු වෙනවාට සැක නැත. දෑවැද්දකුත් සමග ස්ත්රි්යක් සරණ කර ගැනීමට මම කැමති නොවෙමි. ඒ නිසා ඒ තරුණිය ‘ගෑනු ටොක්කෙකුට’ දෙන්නට සැලැස්සුව මැනැවැ”යි කීය. එවිට පෙරේරා මහතාගේ පියා හින්නිඅප්පුහාමි පුදුම ම, “ආ ළමයා දෑවැද්ද නැතිව කසාද බැඳින මෝඩයා කවුද? දැන් කාලේ උඹ වාගේ ඉගෙණ ගත් ආංඩුවේ වැදගත් රාජකාරියක් කරණ කාටත් රුපියල් හාර පන්දාහේ දෑවැද්දක් ඇතිව කසාදයක් බදින්නට පුලුවන්කම තිබේ. එසේ ම කොයි තරුණයොත් සෑහෙන තරම් දායාද නැතිව කසාද නොබඳිත්, උඹ පමණක් ඊට හාත්පසින් විරුද්ධ එකක් කියන බව පෙනේ”යයි කියන කොට කරුණාරත්න උන්නැහේ සිනාසී. “අප්පුහාමි, මේ සනි මහත්මයා




106 අෂ්ටලෝක ධර්ම” චක්ර්ය


ස්නේහලතාවගේ කතාන්තරය අසා දායාද ගැන කලකිරුනු කෙනෙක් වෙන්නට ඇති. එහෙම ද මහත්මයො’ කියා ඇසුයේය. එවිට පෙරේරා. “මම ස්නේහලතාවගේ ප්රයව‍ෘත්තියත් ඇසීමි. එහෙත් දෑවැද්ද නමැති උවදුර කරේ ලා නො ගත්තට මා සිතට ගත්තේ ස්කෝලයට යන කාලේමයි. අපේ රට පිරිහුනු. අපේ මිනිස්සු නරක්වුනු, දුශ්චරිතවලින් ප්රකධාන එක මේ ‘දායාද වසංගතය” බව මට තේරුම් ගොස් බොහෝ කල් යයි කීය.

“ආ මහත්මයා ‘ගෑණු ටොක්ක’යි කී එකේ තේරුම කුමක්ද? “ගෑනු ‘ටොක්කය’කියන්නේ ගෑණුන්ගෙන් ‍‍ටොකු කන අයටයි.” “ද‍නෑවැද්ද සමග ගෑනු ගෙණෙන මෝඩයෝයි.” “එහෙම සිද්ධවුණු කෙනෙකු ගැන මහත්මයාට කියන්නට පුඵවන්ද?”

“එහෙම සිද්ධවුනු තැන් එකක් නොව දහසක් ගැන කියන්නට මට පුඵවනි. වැඩිපුර නොගියාට තමුසේට සිද්ධවුණු එක මම නොදනිමද? තමුසේත් ගෑණු ‍ටොක්කෙක් නොවේද? (මෙහිදි කරුණාරත්න දංඩෙන් පහර කෑ කැහැටු සනඛයෙක් මෙන් දර්මුඛව තමාට සිද්ධ වූ කරණාය සිහි කරන්නට පටන් ගත්තේය. කරුණාරත්න ඉසබෙලා නම් ස්ත්රි යක පවුන් පණහක දායාදයකුත් සමග කසාද බැන්ද කෙනෙකි. එසේ කසාද බැදිමේදි මඟුල් කෑවෙත් අශ්ව කරත්ත ගත්තෙත් ඇඳුම් පැළඳුම් ගත්‍‍ තෙත් ස්ත්රිවයගෙන් ලැබෙන දායාදයෙන් ගෙවන පිණිස ණයට ගත් මුදලෙන්ය. මඟුල් කා බී මාසයක් ගතවන්නට ප්රලථම යන්නට තුබුනු මුදලට ඉසබෙලාගේ දායාද පවුම් පණහත් ගෙවා තවත් ණයගැති වී සිටියේය. මේ අතර ඉසබෙලා ගමට යන්නට සූදානම් වූ විට රුපියලක්වත් මුදල් නැතිව කරුණාරත්නත් සමග දබර කරගෙන අන්තිමේදි දොරට දමන පොල්ලෙන් ඔහුගේ ඔලුවට ගසා නඩුහබ වී දිකක්සාද ව සිටින කරුණාරත්තට ‘දෑවැද්දේ තරම’ සිහිවී මුවෙන් නෙබැන උන්නේය.) මේ කතාව අසා සිටි පෙරේරාගේ මවුපිය දෙදෙනාට මහත් ප්රී තියක් ඇති විය. මක්නිසා ද ඔවුහු කසාද බැන්දෙත් දෑවැද්ද ගැන නොසලකා නිසා ඔවුන් දෙදෙනාට බොහෝ ප්රේාමයන් හා සමගියෙන් කල් යැවීමට හේතු වූයෙන් ඒකම බව කල්පනා වූ හෙයිනි. එහෙත් දෑවැද්ද සම්බන්ධව ස්නේහලතා ගැන කථාවක් කී බැවින් ඒ කුමක්දැයි දැනගනු



පියදාස සිරිසේන නවකථා එකතුව 107

කැමති මෑණියෝ ‘සනි’ ගෙන් එහි විස්තර ඇසුවේය. එවිට සනී “ස්නේහලතාගේ ප්රැවෘත්තිය” කියන්නට පටන් ගත්තේය. “අම්මේ, ඉන්දියා දේසේ බෙංගාල රට කල්කටා නුවර කුලවත් බ්රාෘහ්මණයෙක් වසන්නේය. ඔවුහු කුලීන බ්රාලහ්මණ පංක්තියට අයත් බැවින් ස්වකීය දියණියක් වැඩිවිය පැමිණි හැටියේ ම විවාහ කරනුදුන්නොත් ඔවුහු කුලයෙන් නෙරපා දමනු ලබන්නාහුය. නම්බුවට අතිශයෙන් ගිජු වූ මේ බ්රාුහ්මණ ජනයා ඒ නිසා ම කොතරම් අමාරුවකම් විඳලාවත් ස්වකීය දූ දරුවන් 13 න් ඇවිරිද්දේදිම පමණ විවාහ කර දෙති. ඒ රටේ “මේ දායාද වසංගතය” අපේ රටටත් වඩා භයානකය. ටිකක් පොහොසත් පවුලක තරුණයෙකුට තරුණියක් දෙන්නට නම් අඩුගණනේ රුපියල් තුන් හාරදාහක් දායාද වශයෙන් දිය යුතුය. මේ කියන ලද බ්රායහ්මණයාට දරුවන් 6 දෙනෙක් සිටිති. මෙයින් වැඩිමල් දූ උරුවිසි නම් දෙවඟන සමාන රූපශ්රී යෙන් යුත් නොයෙක් ශාස්ත්රය උගත් “ස්නේහලතා” නම් කාන්තාවය. මෑට තෙළෙස් ඇවිරිදි වයස සම්පුර්ණ වූ බැවින් ඈ වහාම විවාය කර දීමට වුවමණා වී සුදුසු තරුණයෙකුට කථාකොට තීන්දු කර ගත්තේය. දායාද වශයෙන් රුපියල් 2000 ක් දීමට නියම විය.බ්රාමහ්මණයා ධනවතෙක් නොවේ. ඔවුහ් පදිංචිය සිටින පරම්පරාගත ගෘයහ මිස අන්කිසි වස්තුවක් ද නැත්තේය. මේ රුපියල් දෙදාහ සපයා ගැනීමට බ්රාොහ්මණයා නොයෙක් අන්දමට පරිශ්රැම දැරූ නමුත් බැරිවිය. ස්වකීය ඥාති මිත්ර යන්ට කී නමුත් ඔවුන්ගෙන් ද ආධාරයක් නොලැබුනේය. මේ නිසා මහත් කරදරයටත් අවනම්බු ලැබෙන හයටත් පත් බ්රාබහ්මණ තෙමෙ “ හොදයි ස්නේහලතා කසාද බැදිමට හෙට මුදල් ගන්නෙමි. අපේ මේ ගෘහය රුපියල් 2000 කට උකස්කර ඒ මුදල ස්නේහලතා වෙනුවෙන් දී අවනම්බුවෙන් ගැලවෙමි” ස්වකීය බිරිද සමග රාත්රිව කෑමෙන් පසු කීවේය. මේ කථාව ඈතින් සිටගෙන අසා සිටි ගුණවත් ස්නේහලතාගේ සිත අතිශයින් කම්පාවිය. ප්රිචංඩ වාතයට අසුවූ ලා දඵවක් ලෙස චංචල වූ සිත් ඇති ස්නේහලතා මෙසේ කල්පනා කළාය. “මා වැනි පව්කාරියක් ලෝකයේ නැත්තේය. මේ රටේ මේ දායාද නමැති වසංගතය පවතිද්දි උපදින ගෑණු දරුවෝ කොතරම් රූපත් වුවත්-කොතරම් ගුණවත් වුවත්-ඔවුහු ස්වකීය මවුපියන්ට සැතිරියෝය. අප පවුලේ සහෝදර සහෝදරියෝ සදෙනෙකි. අපේ අසරණ පියා ඔවුන්ට කෑම ඇදිම දෙමින ශිල්ප ශාස්ත්රප ඉගැන්වීමට වියදමි කරමින් ඉතා දුකසේ කාලය ගත කරයි. එබඳු පියාට මා




108 අෂ්ටලෝක ධර්මර චක්රශය


වෙනුවෙන් තවත් රුපියල් දෙදාහක් දෙන්නට වී තිබේ. අනේ මගේ පියාට මා සාපයකි. මගේ මවුපියන්ට අයිතිව තිබේන්න් මේ ගේ පමණකි. ඉතින් මෙය විකුණා මා වෙනුවෙන් දායාද දි මා නිසා වන නින්දාවෙන් ගැලවෙන නමුත් අනික් මගේ සහෝදර සහෝදරියන් පස්දෙනාටත් මහඵ මවු පිය දෙදෙනාටත් ඉන්නට තැනක්වත් නැතිව මගට බසින්නට සිදුවේ. අනේ මා වාගේ පව්කාරියක්! මා නිසා පරම්පරා ගත ඉඩමත් විකුණා දමා මුඵ පවුලක් අතරමං වෙන්නට යන ටි! හොඳයි මුතුන් මුතු පරම්පරාවෙන් අයිති වූ මේ ඉඩම විකුණා මා ස්වාමියෙක් සමග ගියත් මගේ නංගිලාට ස්වාමිවරුන් ලබා දෙනනේ කුමක් විකුණලාද? අහෝ දෙවියනේ! මේ “දායාද දීමේ සිරිත” පටන්ගත් අධමයාට සාජ වේවො! මේ නින්දිත සිරිත දඹදිව පවත්නා තුරු මේ රටට කලට වැසි නොවසි.මේ තුච්ඡ සිරිත පවත්නාතුරු පෙරදිග රටවල් දියුණු නොවේ. මේ දායාද දීම නමැති වසංගතය පවත්නාතුරු කුලස්ත්රීගන්ගේ අගය නොවැටහේ. මේ දායාද නමැති මහාමාරි රෝගය පවත්නා තුරු සුත්රීටන්ගේ පතිවෘතාදි ගුණධර්ම වර්ධනය නොවන්නේය. ඒ නිසා මේ කැත සිරිත ඉන්දියාවෙන් නැතිකර දැමීමට ස්නේහලතා ලියන මේසය ලඟට ගොස් මෙසේ ලියමනක් ලීවාය. “කරුණාවන්ත මෑණියනි.පියාණනි.

පරම්පරාගතව ආ මේ ගේ විකුණා මගෙන් නිදහස්ව නුඹලා අනිත් දරුවන් සමග මහමඟට බසිනු දැකීමට මම කැමති නොවෙමි. එහෙයින් නුඹලා මගටත් නොබැස මා නිසා ඇති වන අවනම්බුවෙනුත් ගැලවෙන් පිණිස අප වාගේ නිර්ධන පවුල්වල ඉපිද සිටින ස්ත්රී න්ට යහපතක් වන පිණිසත් මගේ ජීවිතය පරිත්යාඉග කරමි.මගේ ප්රේටමවන්ත පියාණන්ට හා මෑණියන්ට නමස්කාර කරමි. මා ගැන කනගාටු නොවනු මැනවි. මේ මගට - ස්නේහවන්තවු, සුවච කීකරු, ස්නේහලතා”

මේ ලියමන ලියා මෙසේ උඩ තබා සියලු දෙනාම නින්දට ගිය පසු ස්නේහලතා නමැති මේ දහතුන් ඇවිරිදි වයසේ සිටි තරුණිය - මනුෂ්යය වේසධාරිව සිටි දිව්යනප්සරාව - කුස්සියට ගොස් ඇ‍මඟේ භූමිතෙල් ඉසගෙන ශරීරයට ගිනි තබාගෙන නිසොල්මන් වූවාය. අනේ!



පියදාස සිරිසේන නවකථා එකතුව 109

ස්නේහලතා දායාද නැමැති වසංගතය දුරු කිරිමට බිලි වූවාය. ඇ‍ඟේ ශරීරය දන ගිනි ජාලාව දුටු මවුපියාදීහු ඇවිත් බැලුවෝය. එවිට මේ උත්තමිය දාලා භෂ්මව ගොහින්ය. මව්පියාදීහු විලාප කියන්නට පටන් ගනහ. අසල්වාසීහු ද මුලාදෑනීහු ද අවුත් කාරණය විමසා පුදුම වූහ. එදා බෙංගාලයේ නොහැඬූ කෙනෙක් නවුද? දස දහස් ගණන් සෙනග රැස්ව මේ උත්තමාවගේ නොදා ඉතිරිව තුබුනු ශරීරය මහත් පෙළහරින ගෙන ගොස් ගංගා නම් ගඟ අසල ආදාහන කරණලදි. එදින සවස සුරෙනද්රානාථ බැනරජි නම් ශ්රෙකෂ්ඨයාණන්ගේ මූලිකත්‍වයෙන් කල්කටා ප්රරසිද්ධ සන්ථාගාරයේ මහා සභාවක් පවත්වනලදි. පණස් දාහකට අධික පිරිසක් රැස්විය. ස්නේහලතා අධර්මයක් නැති කිරීමට ජීවිත පරිත්යාිග කළ දිව්යංදගනාවක් ලෙසට සම්මත කරගන්නාලදි. ඈ නමින් පුද පූජා පැවැත්වීමට සම්මත කරගන්නා ලදි. අ‍ැගේ ඡායාරූපය ශරීර ප්රිමාණයට තනා ප්රටසිද්ධ ස්ථානයක තබන්නට නියම කර ගන්නා ලදි. සරණ පාවා ගැනීමේදි කිසිම දාහාදයක් නොගැනීමට දිවුරුම් දී ඒ දිනම පොතක අත්සන් කළ උගත් බෙංගාලි තරණයෝ දසදහසක් පමණ වූහ. ඉතින් අම්මේ, ස්නේහලතාගේ දක්‍ෂකම සීතාප්ර මෙස්වරි කළ දස්කමට කුඩාද? එනයින් කීහ-

ගු නේ යු තා සොමි සඳ මෙන් අයස් ප ත පෙ නේ ඉ තා රුසිරෙන් දෙව’ ඟනක යු ත සෙ නේ ල තා නම් යුතු පවර දිගුනෙ ත අ නේ සි තා බලතොත් යුතු කමක් වෙ ත

දි ගු නි ල් වරල දුටුවන් නෙත් වසඟ ක ළ පැ හැ දු ල් පටු නළල අඩ සඳ වැනි නිම ල සු පු ලු ල් දිගු නයන ඉඳු නිල් මිණි යුව ල රු ව දු ල් සෙනෙලතා ලදි මෙ සිරි සිය ල

පැ හැස ර තුඟු ගහණ ගිනි සිල්ලක් සේ ම එ ක යු ර බමර වැල ඇසි බැම මනරා ම දි ව ස ර කෙළන රණොවිලි දෙ සවන් පේ ම පි ය ස ර සෙනෙලතා සලකමු සැම දා ම




110 අෂ්ටලෝක ධර්මම චක්ර ය

මු තු ව න් දවල දත් ලා රස වැනි දෙ තො ල සු ව ඳි න් සපිරි පියුමකි මුව බස කොම ල හි රි තු න් ලකුණු රැදි වට මට සිලුටු ගෙ ල මෙලෙසින් සෙනෙලතා රුසිරෙන් විය ලක ල

වැ ඩෙ නා තුඟු දෙතන රණහස වැනිය ඇ ගේ දි ලෙ නා කුසුම් දම් යයි යුවල අත හැ ගේ ර නි නා කළ කෙසෙල් පැලමය වටොර යු ගේ අ ග නා සෙනෙලතා ලදි රුව දෙව’ඟන ගේ

දැ නේ ඉ තා මත් හොද කුල දම් සිය ල ගු නේ යු තා විය සද සුමිහිරි තෙප ල අ නේ නෙ තා වන් රසදුන් දුන් සිසි ල සෙ නේ ල තා හට සිදු වුණ විපත බ ල

හු ස ද් ද ය ‍දෙමින් කම්මැලියන් සොය න දෑ වැ ද් ද ය නිසා මෙම රුසිරැති අඟ න ලො ස ද් ද න ගෙ සිත් සොවගින් පුරවමි න දෑ වැ ද්ද යට බිලි විය සිය දිවි දෙමි න

රු සි රෙ න් ගුණෙන් නුවණින් යුතු තරුණ ක ත ස ම ගි න් දනයකුත් ලැබුමට ඇතොත් සි ත සැ බැ වි න් ඔහු අද ම කම්මැලියෙකි නිය ත ස ත ති න් ඔහුට ගැරහුම යුතු කමක් වෙ ත

ය කු හ ට ලොව නසන ‍නම් යුතු දෑවැ ද්ද කැ ප කොට සිටින අඟනුන් ගණනක් ඇ ද්ද කෙ න කු ට හොද නරක දත් සිහි ඇති සු ද්ද ගැ නු ම ට දායාදය සැබැවින් විලි නැ ද්ද

ත මා ල ය විලස තැනු දියණිය සොබ න වි වා හ ය ට සලකනු නො හැකිව මෙ දි න ද යා ද ය නැමැති රුදු රකුසා පැමි න වි නා ස ය කරයි සිරි ලක ද සැබැවි න

ර ට ව ල දඹදිව ද සිරි ලක පරසි ද්දේ රු ව දු ල ලිය විවා වලකන නිවැරැ ද්දේ තෙ ද බල යකායට නම් යුතු දැවැ ද්දේ ම න ක ල සෙනෙලතා බිලි විය සිත සු ද්දේ




පියදාස සිරිසේන නවකථා එකතුව 111

ලි ය න් රුසිරැ අවිවාහක කළ සු ද්දේ ප ස න් සෙනෙලතා බිලි ගති නිවැරැ ද්දේ ත දි න් ලොව පෙ‍ළන නම යුතු දෑවැ ද්දේ ඉ ති න් වත් යකො! නොම සිට යව බැ ද්දේ

රැ ග න් නා පිණිස බිරිදක් සිතින් පෙ ම සොයන්නා දයාදය අදමෙකි පර ම ඒ වැ න් නා දුටුව තැන ලඳුනි මනර ම කි ය න් නා මැනිවි “සැඩොලාය” යන න ම

ව ද ක ර දෙමවුපියහට තරුණියගෙ සො ද සි ත යු ර දෑවැද්ද ලැබ ගෙන සරණ බැ ද සි රි ස ර අඩු නැති ව අඹු සැමි ලෙස සුහ ද ලොවතුර සැපෙන් නිවසන පවුල කොයබ ද

දි ලි රුව මිහිර බස යුතු වන ලු ද්ද පි ළි ගත හොත් ලියක් සව්සිරි නොලැබෙ ද්ද මැ ලි කම් නොමැති දන අතරෙහි පරසි ද්ද වි ලි බිය ඇති කෙනෙක් නො සොයයි දැවැ ද්ද

යනාදි වශයෙන් දෑවැද්දේ ඇති භයානක භාවය සනී විසින් ප්රඒකාශ කළ පසු ඔහුගේ මවුපිය දෙදෙනා අතිශයින් ප්රීාතියට පැමිණ, “හොඳයි පුතා, උඹ දෑවැද්දට අසතුටු නම් වික්රෙමසිංහ මහතාගේ දියණිය දෑවැද්ද නැතිව කසාද බැදපන්නැයි කීහ.” එබස් ඇසු පෙරේරා මහත්මයා, හොදයි ඒ ගැන පරීක්‍ෂාකර බලා කියන්නෙමි”යි කියා රැ බො වූ බැවින් නින්දට ගියේය.


09.පරච්ඡේදය

[සංස්කරණය]

මු ක්තාලතාගේ රූපශ්රීේයා ගැන සිතන්නට පටන්ගත් පෙරේරාට නින්දක් නැති විය. “මුක්තාලතාගේ රූපය මෙන්ම ගුණයත්, දැනිමත් හොදවී නමි ඈ තරම් වටිනා ස්ත්රිකයක් ලක්දිව නැත”යි කීම වරදක් නොවේ. ඒ නිසා ඈ ගැන පරීක්‍ෂාකරමැයි සිතා පෙරේරා උනනැහේ අමාරුවෙන් නිදා ගත්තේය.පසු දින ප්රමසිද්ධ නිවාඩු දිනක් බැවින් පෙරේරා උන්නැහේට කන්තෝරුවට යාමට උවමනාවක්ද නොතිබුනේය. එබැවින් පෙරේරා උන්නැහේගේ පියා ඔහුට

112 අෂ්ටලෝක ධර්මඑ චක්ර ය


කථාකොට පුතා හෙට ඉරිදා බැවින් අදත් නිවාඩු දිනක් නිසා නුවර වික්රරමසිංහ අප්පුහාමිලගේ ගෙදරට ගොහින් ආවොත් හොඳ නොවෙදැයි ඇසීය. පියාගේ කීම ‍‍ගෞරවයෙන් සලකන පෙරේරාට එය වෙනස්කළ නොහැකිව උදේම දුම්රියෙන් නුවරට ගොස් තමාට ජෝඩුකළ මනමාලියගේ ගෙදරට පැමිණුනේය. පෙරේරා උන්නැහේගේ රූපශ්රීලයත් උගත් කමක් ඔහු දරණ තනතුරත් ගැන අතිශයින් පැහැද සිටියේ වික්රෙමසිංහ අප්පුහාමි පමණකි. එහෙත් උන්නැහේගේ හාමිනේත් මනමාලිය වන ග්රෙැස් වික්රරමසිංහත් පෙරේරා දුටු හැටියේම ප්රාසන්න වූය. පෙරේරා උන්නැහේට දාවල් කෑම ද එහි දි ලැබුනේය.. වික්රේමසිංහ උන්නැහේගේ දියණිය වන ග්රෙේස්ගේ ඉගෙණිමාදයත් ර‍ෑපය ගැනත් ‍ෙපරේරා ගේ හිතට කිසි වැරැද්දක් වැටහුනේ නැති නමුත් ඈ ලංසි ත‍ාලයට ප්රිෙය වු හුගක් දුර ලංසි තාලය පිලිගත් කෙනෙක් බව වැටහුනේය. සාය ඇදීමත් - මම්මා පප්පා කීමත් පෙරේරා ගේ හිතට අතිශයින්ම පිළිකුල් විය. වික්ර මසිංහ අප්පුහාමි සමග නොයෙක් කාරණා සම්බන්ධව කථාබස් කරමින් සිටි මංගල්යටය ගැන තමාගේ අදහස කියා එවන්නෙමියි කියා මවු පිය දෙදෙනාට හා ග්රෙිස්ට-මනමාලියටත් අතට අත දී ආචාර සමාචාර පවත්වා සවස දුමරියෙන් කොළඹට ආයේය. සනී නුවර ගොස් ආ බැවින් මවු සහ පියාත් ඔහුගේ සරණ මංගල්යයය ඉක්මනින් සිද්ධවුනු දැක්මට පිළිවනැයි සිතූහ. හින්නිඅප්පුහාමි රාත්රි කෑම ගනිද්දි, “කොහොමද සනී උඹේ කල්පනාවට ඒ මඟුල සෑහෙන එකක්ද’යි ඇසුවේය. එවිට සනී සිනාසී “තාත්තාට ඒ මංගල්ය යේ තිබෙන ඇද පලදු අඩු පාඩු කිසිත් දැනගන්නට නොලැබුනේ රුපියල් තුන්දාහේ දායාදය නිසාමයි. එහේත් ඒ දායාදය සිතින් පහකළා වු මට එතැන තිබෙන ඇද කුද සියල්ලම පෙනේ. ඇද කුද නැති තැනක් ඇත්තේ නැත අපිටත් බොහෝ ඇද කුද තිබේ. එහෙත් ප්ර ධාන කරැණුම නරක්වූවෝත් කාරණය ඉතාමත් අශෝභන වේ. එ‍ෙහයින් මම ඒ මංගල්ය්යට සතුටු නොවෙමි”යි කීවේය. එවිට සනීගේ මවු”ආ පුතා,එතැන තිබෙන වැරදි මොනමාද? උඹට නොසෑහේ නම් ඒ මංගල්යයය ඉෂටකර ගැනීමට අපි මොහොතක් වත් නොකියමු. නම්බුකාර ලෙස ඉන්න ශ්රකද්ධාවන්ත බුදධාගම්කාර පවුලක් නිසා මමත් කැමැතිවීමි. එදා දළදා හාමුදුරුවන් විඳින්නට ගිය දවසේ අපට කළ සංග්රවහ ආදිය නිසා මමත් සතුටුවිමි. මොකද මනමාලි උඹට කැපෙන්නේ නැද්ද”යි ඇසුවාය “ අම්මේ, ඒ මනමාලිය ගේ රූපශ්රීියාව නම් හොදයි-එහෙත්




පියදාස සිරිසේන නවකථා එකතුව 113

ලංසි තාලය ගත් කෙනෙකි. කුඩා කාලයේ පටන් ඉංගිරිසි භාෂාව පමණක් උගන්වා-ස‍ිංහල නොවන තරුණියන්ගේ ආශ්රංයෙන් සංකර සිරිත්වලට බැස්ස කෙනෙක් බව පෙනේ. අනිකක් තබා “අම්මා තාත්තා” යන අපේ භාෂාවේ තිබෙන ඉතා ම මධුර නම් දෙකවත් නොදත්-මවුපිය දෙදෙනාට “අම්මා,පප්පා” කියන ස්ත්රි යකි. කුස්සියේ වැඩ කිසිත් නොදත් ඒ කිසිත් නොකරණ ස්ත්රියයක් බව ද පෙනේ. දෑවැද්ද දෙන නිසා ඈව මට වඩා උසස් කෙනෙකුට උවත් දිගන්නට පුලුවනි. මට උවමනා කරන්නේ අපේ භාෂා ශාස්ත්රඋ හුඟක් දුර දැන උගත්-අපේ සිරිත් විරිත් දැනගෙන් උතුම් සිංහල කුලචාරිතු ආරක්‍ෂා කරණ කෑම පිසිමාදිය හොදින් දැනගෙන ගෙදර දොර වැඩපල කර ගත හැකි ස්ත්රිටයකි. ඒ නිසා ඔය “ග්රෙපස්” ගැන තිබෙන කල්පනාව අත්තරින්න” යයි පෙරේරා උන්නැහේ කීවේය. ඒ බව ඔවුන්ට ලියා යැවිය යුතුයයි ද පෙරේරා උන්නැහේ තාත්තාට කිවේය.

පසු දින උදේ හින්නි අප්පුහාමි වික්රනමසිංහ මහතාට මෙ‍සේ ලියා යැව්වෙය.

තිසරණාධාර වේවා!

කරුණාවන්ත මහතාණනි, මගේ පුතාට මහතාණන්ගේ දියණිය සරණපාවාගැනීමට අප දෙපක්‍ෂය කතාබස් කරගත් නමුත්-ඊයේ ඔහු තමුන්නාන්සේලාගේ ගෙදරට පැමිණයායින් පසු ඊට සතුටු නැති බව කියන්නේය. කරුණකර ඒ සම්බන්ඛව පැවැති අදහස වෙන්ස්කර ගත මැනිවි. මගේ පුතා ඊට සතුටු නොවන කාරණ කීමෙන් පලක් නැති බැවින් වඩිපුර නොලියමි. අපේ මත්රුකම ඉදිරයටත් පවතීවා! මේ මගට-සුමිතුරු, ලියන ආරච්චිගේ හින්නිඅප්පුහාමි.

මේ ලියමන වික්රහමසිංහ මහතාට ලැබුන හැටියේ අතිශයින් කණගාටුවට පත් විය. උනනැහේ මෙන් ම උනනැහේගේ හාමිනේත් දියණියත් පෙරේරා මහතා කෙරෙහි ප්රිසන්න භාවයකට පත් වූ නිසා මෙසේ ඉක්මනින් ම මංගල්යෙය එපා වූණ බැව් අසා මහත් ඛේදයට පැමැණියය. වික්ර මසිංහ මහතා හින්නිඅප්පුහාමිව තවත් ලියමනක් ලිවේය.




114 අෂ්ටලෝක ධර්මම චක්රැය

තිසරණාධාර වේව!

කරුණාවන්ත අප්පුහාමි වෙතටයි, අප්පුහාමිගේ පුතනුවන්ට මගේ දියණිය විවාහ කර දෙන්නට ලැබේයයි බලවත් බලාපොරොත්තුවකින් සිටියෙමි.ඒ මහත්මයා දායාද එපාය කී බැවින් සිරිත් වශයෙන් දෙන දායාදය ලෙස නොව අපට අයිති දේ දරුවන්ට අයිති බැවින් ඔවුන්ගේ මතු දියුණුවට අක්කර 25 ක් පොල්වත්තක් අයිතිකර දීමට නියම කරගතිමි. ඒ මහත්මයාට මේ මංගල්යේය එපාවීමට හේතු වූ කරුණු අපට ලියා එව්වොත් ඒකට අපට උපකාරයකි. ඒ නිසා කරණාකර අප්පුහාමිගේ පුතාට මගේ දියණිය රැචි නුවු කරුණු ලියා එවල මෙන් ඉල්ලමි.

මේ වගට-හිතෙසිවන්ත වු. ඇස්.වික්රිමසිංහ.

මේ ලියමන හින්නිඅප්පුහාමිට ලැබි ස්වකීය පුතනුවන්ටද පෙන්නුවේය. එවිට පෙරේරා සිනාසි තාත්තාට කැමැති විධියකට පිළිතුරු යවනු මැනැවැයි කියා ඔහු ස්වකීය රාජකාර්යය සදහා ගියේය. හින්නිඅප්පුහාමි මේ ලියමන ‍ලීවේය-

තිසරණාධාර වේවා!

ප්රිණය මහතාණනි, එව් ලියමන ලැබි මහත් කණගාටුවට පැමිණියෙමි. මගේ පුතා සිංහල කුලචාරිත්රාේදිය ගරු කරණ කෙනෙකි. මහතාගේ දියණිය ලංසි තාලෙට හැදිච්ච කෙනෙක් බව ඔහුට දැනී තිබේ. ස්වකීය මවුපිය දෙදෙනාට සිංහල භාෂාවෙන් කියන මධුර නම් දෙකවත් නොදත් “මම්මා-පප්පා” කාරියක් මට කුමට දැයි කියා ඔහු අසන්නේය. බලනකොට ඒකත් හැබෑ තබා. අම්මා තාත්තා කියන මධුර වචනවත් නොදත් කෙනෙකුට අනිත් සිංහල කුලචාරිත්රප කොයින්ද? - යකඩ දෑ ගෙයි පුඵන් නැතිවාත් මෙනි. මගේ පුතා දෑවැද්ද පිළිකුල් කරණ නිසා ඔහුට ස්ත්රී න්ගේ හරි වැරදි තේරේ. දෑවැද්ද සොයන අයට නම් ස්ත්රි ය “මළ යකින්නක්” වුනත් දෑවැද්ද නමැති නිල් කන්නාඩිය නිසා කිසිවත් නොදැනේ. මේ කාරණය මෙසේ වුණාට කණගාටුයි.කරන්නේ මොකද?

මේ වගට-හිතේසිවන්ත වූ, ලියනආරච්චිගේ හින්නි අප්පුහාමි

පියදාස සිරිසේන නවකථා එකතුව 115

පසු දින උදේ ගෙදර ඉස්තොප්පුවේ හානිසිපුටුවක් පිට වාඩවී පත්රරයක් බලමින් සිටි වික්රේමසංහ මහතාට මේ ලියමන පියුන්කාරයා ගෙනවිති දුන්නේය. වික්රවමසිංහ මහතා ලියමන කියවා බලා මහත් ලජ්ජාවට පැමිණ ඔඵවට අතින් ගසාගන්න බව ගේ ඇතුලේ සිට වික්ර මසිංහ හාමිනේත්-දියණියත් දැක ඔවුහු ද ඉස්තොප්පුවට ආහ. වික්රයමසිංහ හාමිනේ කණගාටුවෙන් බිම බලා ගෙන කල්පනා කරන ස්වකීය ස්වාමියාට කථාකොට. “මොකද-කාගෙන් ආ ලියමනක් ද - කනගාටු වෙන්නේ යම්කිසි’ අන්තරායක් ද මල්ලි අසනීපව සිටියා-එහෙන්වත් ආ ලියමනක් ද?”යි ඇසුවාය.

“එහෙම එකක් නෙවෙයි.කොළඹ හින්නිඅප්පුහාමිගේ ලියමනකි. අපේ උතුම් සිරිත් විරිත් අත්හැරියාට උඹලට හෙන ගහන්න ඕනැ.කිසිම දායාදයක් නැති-රූපශ්රිකයෙන් යුත් උගත් හොද කල්ක්රිදයාවේ පිහිටි-මසකට පවුම් 15 ක් පඩි ලැබෙන ආණඩුවේ රාජකාරියක් කරණ, මතුවට මහත් බලාපොරොත්තු ඇති තරුණයෙකුට ග්රොස්ව දිගන්නට නොලැබුනේ උඹේ මලඉලව් ලංසි තාලේ නිසා බව ඔන්න දැනවත් තේරුම් ගනින්.”

“මේ මොන කථාවක්ද? - මම පුරුද් කළ ලංසි තාලේ කුමක්ද? මොනවාද ග්රෙකස්ගේ ලංසි තාලය?”

“ලංසි තාලේ”ට පුරුදු කළ කථා බහ ආදිය ඇයි මතක නැද්ද? අපට ළමයින් ලැබුණුවිට ‘මම්මා පාප්පා’ කියන්නට ඉගැන්නුවේ කවුද? උඹ එසේ කරණකොට මම එහි වැරැද්ද කීවාම - දෙයියනේ දැන් වැදගත් ගෙදරවල කවුරුත් ‘මම්මා’ පප්පා කියනවා . ‘අම්මා,තාත්තා’ කියන්නේ පිටිසර අමුඩයෝ පමණක් කියා උඹ මට සැරවුනා මතක නැද්ද? එහෙත් කාරණා අනිත් අතට හැරිලා තිබෙන බව පෙණෙනවාද? ‘මම්මා පප්පා’ නම් සංකර වචන දෙක පාවිච්චි කළාට සාපයක් වශයෙන් රටක් වටින මේ මංගල්යපය කරගන්නට නොලැබුනු හැටි!”

“එහෙනම් දැන් මම්මා පප්පා කියන ලමිස්සියන්ට කසාද බැදිමකි නැද්ද?”

“මොකද නැත්තේ? මම්මා පප්පා කියන ගෑණුන්ට තබා අඩි ගහන, රෝන්දේ ඇවිදින, බාල්නටන ස්ත්රිාන්ටත් පුරුෂයන් සමග යන්නට ලැබේ. එහෙත් මට ඕනෑ කළේ එහේම මිනිහෙකුට දීල මගේ දුව සංකර කරන්නට නොව ගුණධර්මයේ පිහිට-ස්වකීය



116 අෂ්ටලෝක ධර්ම චක්රෙය


කුලචාරිත්ර් ආරක්‍ෂා කරණ-ගුරුවර මවුපියාදින් සලකන සත්පුරුෂයෙකුට සරණ කර දීමටයි. එහෙත් එබදු කෙනෙක් ‘මම්මා’ පප්පා’ කාරයන්ට සතුටු වේද?” මෙහිදි වික්ර”මසංහ හාමිනේ තුෂ්ණිභූත විය. ග්රොස් වික්රසමසිංහ ද ලැජජාවට පැමිණ-අනේ උතුම් භාෂාවෙන් මවුපියන්ට කියන නාම පාවිච්චි නොකල එකේ විපාක මේ තරමින් යාද, මීටත් බැඩිවේද? මහත් සංවේගයට පැමිණයාය. මේ අතර වික්රතමසිංහ මහතාගේ මිත්රනයෙක් වන ගුණපාල ජයර්වධන නම් මහතෙක් ගෙදරට පැමිණියේය. වික්රහමසංහ මහතා උනනැහේට ඉඳගන්නට කියා-තමාගේ සිතේ ඇති කණගාටුව ඉවසා ගත නොහැකිව සිද්ධ වූ ප්රතවෘත්තිය-එනම්, ‘මම්මා පප්පා’ කීම නිසා ඉතාමත් සුවිනීත ගුණයෙන් යුත් තරුණයෙක් නොලැබි ගිය හැටි විස්තර ඇතිව කියා දුන්නේය. එවිට ජයවර්ධන මහතා සිනාසි “අත්තට ම මහතාගේ ළමයි කියන්නෙත් මම්මා පප්පා ද එහෙත් දැන් ලක්දිව වාසය කරණ පිරිසිදු සිංහල කුලචාරිත්රාාදිය ආරක්‍ෂා කරණ නඩුකාර. අදවාකත්, දොස්තර ,පෙරකදෝරු ආදි මහතුන්ගේත් ධනවත් මහතුන්ගේත් දරුවෝ “අම්මා තත්තා” කීමට කැමතිවී සිටිති. දැන් “මම්මා පප්පා” කියන්නේ-පියුන්ලාගේ, රි‍ෙක්ෂාීකාරයන්ගේ, සපත්තුකාරයන්ගේ දරුවන් බව පෙනේ. කලින් මම්ම පප්ප කියා ව්යා්වහාරයට බැසපු වැදගත් පවුල් කිපයක් දරුවෝ කිපයක දරුවෝ තවම එසේ කියතත් 1910 හේ පටන් මම්ම පප්ප පහත් පංක්තියට භාරදී වැදගත් සිංහල පවුල් සියල්ලම පාහේ දැන් අම්මා,තාත්තා, අයියා, අක්කා, මල්ලි,නංගී,මමා,නැන්දා,බාප්පා,කුඩම්මා ආදි නෑකම් සිංහලෙන්ම කියන්නට පටන්ගෙන තිබේ. මහත්මයාලා වැනි යමක් කමක් දත් උදවියට “මම්මා පප්පා” කියා කියවා ගන්නට යුතු දැයි ජයර්ව ධන මහතා ඇසුවා ම වික්රමමසිංහ මහතා කණගාටු වෙනවා වෙනුවට “එහෙනම් මහත්මයෝ-දැන් “මම්මා පප්පා” යන වචනවලට ‘සායට’ගිය කලදසාව ගොසින් දැයි ඇසීය. සත්තකට ඒකට ගිය කල ම ගොසින් තිබේ. දැන් සාය අදින්නේ මීගමු වැලලේ ජාඩි විකුණන ස්ත්රීමන් ආදි පහත් පංක්තියේ පිරිස බව පෙනේ. ඒ සම්බන්ධව ප්රිසිද්ධ නොතාරිස් මහතෙකි විසින් රචානා කරණ ලද වී කුරුඵ සන්දේශයේ කවියක් ද පෙනේ-ඒ මෙසේයි.




පියදාස සිරිසේන නවකථා එකතුව 117

“පි ය ද ර යෙන් ඉගෙණ ඉංගිරිසි යස වැ ඩි පි ය බ ර යෙන් දොඩන බස දෙමළ කැඩි කැ ඩි පි ය දැරි යන් සාය ඇද විකුණන ජා ඩි පි ය ස ර යෙන් ගොසින් මඟ විදයට දැ ඩි”

දැන් වික්රයමසිංහ මහත්මයා සාය පහත් පව්ල්වලට ම උරුම කර වැදගත් සිංහග කුලස්ත්රී හු ඔසරිය ඇදීමට බැස සිටිති. ඒ මම්මා පප්පා නම් හා සායත් යටපත්වී-අම්මා තාත්තා නම් හා ඔසරයත් ඉස්මතුවීම සිංහල ජාතිය තව වරක් ආත්ම ‍ගෞරවට ඇතියන්ගෙන් යුක්ත වන බවට සාක්‍ෂියක්ය. ඒ සම්බන්ධ සිහි තබාගත යුතු කවි කීපයක්ද ‍මට මතකය.

ප ප් පා මම්මාය යන සංකර කී ම අ ප් පා අම්මාට කෙරුමකි ගැරහි ම අ ම් මා තාත්තා යන සුමිහිරි නා ම න ම් මා ගතිති ඇසුවන් කන මී සේ ම

තෙ ව ලා දහම් ලිවූ අපගේ සිහල බ සේ යෙ දි ලා නැද්ද මවුපියහට නම් සක සේ පෙ ර ලා ගෙන අයුතු යුතුකම් නො දැන මෙ සේ දු ව ලා නසිනු කිම කෙට දෙන දිවි විල සේ

අ ම් මා තාත්තා කියනට නො දත් ද න ස ම් මා සිරිත් සිහලුන්ගේ නො හඳුන න පෙ ම් මා දර දෙකුරුවන් හට නොදක්ව න බු ම් මා ගෙන සිටිති මවුපිය දකින තැ න

ස ඳු න් වල අගේ නාමෙන් පෙ නේයා න මි න් කියන මවු පිය ගුණ දැ නේයා වෙ මි න් පර බසට නිතර ම සෙ නේයා සෙ මි න් සෙමින් ජාතිය වැනසු නේයා

සි ය බ ස නොසලකන අය මිනිසුන් ඇත ර රි සි ලෙ ස හැසිරෙනා තිරිසන්නු ය සති ර දි වි ලෙ ස රැකිය යුතු මවු පිය නම් පව ර අ ද හ ස කිම කියනු පර බස ඉදිරි ක ර

118 අෂ්ටලෝක ධර්මු චක්රකය

සාය කෙට එලදෙනෙක් දුවනා අය දැක තො ස්සේ තු ට ලෙස ඈත් දිව්වා ලෙස පසු ප ස්සේ ර ට රටවලින් එන සිරිතට වී තො ස්සේ ඇ ට වුණු උගුල සිහලුන්ගේ ගිය රි ස්සේ

වි ලි බි ය දෙකම වනසන බරු දැලක් වැ නි රි සි වි ය බම්බු සායට සිංහල අඟ නි නැ ති වි ය එතැන් සිට සිංහල ගති සිති නි වැ ඩි වි ය පිරිහීම රට ජාතිය එයි නි

ඇ ඳු ම ට පෙරවුමට ගත හැකි දස රිය න ක ඩ කොට කපා මැහු කල සායක් ලෙසි න වැ ඩ ක ට ගත නොහැකි එම බරු දැල සොබ න ඇ ඳි ම ට ගතෙහි පෙන්වති ඇති තතු යෙහෙ න

ඉ න බඩ පියයුරන් වැසෙනා නිසි ලෙසි න ම න නද පොරණ ඔසරිය ලා ඉවතකි න පි න වන පිණිස දුටුවන් සිරුර පෙන්ව න මොන කරැමය ද සායට සිත ගියේ මෙදි න

සා ය නම් නපුරු මේ ඇඳුම පතල විය සා ය බඩ එයින් හොදට ම දියණු විය සා ය නො වසාය විලි බිය නොමැති විය සා ය මත් එයින් සිහලුන්ගෙ නැති විය ඉතින් මහත්මයෝ මම්මා පප්පාත් සායත් අපට වුණු සාපයක් බව සලකා අම්මා තාත්තා යන උතුම් නාම මවු පියන්ට ව්යාවහාර කිරීමත් බම්බු සාය වෙනුවට - දුටුවන් සිත් ප්රි්යකරණ විල බිය ආරක්‍ෂාවන-ස්ත්රී්න්ට ඉතා ප්රතවේසම් සහිත වූ ඇඳුම වන ඔසරිය ඇදීමත් සිංහලයන්ගේ බලවත් යුතුකමකි. වික්රවමසිංහ මහතාට තමා බලාපොරොත්තු වූ ගුණවත් තරුණ මහතෙකු නොලැබීමට “මම්මා-පප්පා”හේතුව තිබෙන බැවින-ඒ සංකර භාෂාවත් ඊටම අදාල වූ බම්බු සාය ආදියත් දුරුකිරීමට ප්රපස්තාවත් ලැබුණු බව පෙනේ. මංගල්ය්ය අත්ඇරුනත් ඒ නිසා ලැබුනු ගුරුකම ඉතා ම වටිනා එකක් බැවින් සතුටු වුණ මානැවැ”යි කියා ගුණපාල ජයවර්ධන මහතා යන්නට ගියේය. පියදාස සිරිසේන නවකථා එකතුව 119

10.පරිච්ඡේදය

[සංස්කරණය]
පෙ

රේ‍රා මහත්මයා මුක්තාලතාව බලන පිණිස ඊට පසු ඉරිදා ඔවුන්ගේ ගෙදරට ගියේය. ඉතාමත් දුප්පත් ඇඳුමෙන් සිටි මුක්තාලතා මවත් සමග යම් කිසිවක් කථාකරමින් සිටින අතර පෙරේරා මහතා එහි පැමිණ නෝනාහාමි උපාසිකාව ඉන්නවා දැයි ඇසු විට එහි නැත කී බැවින් ඔහු ගේ තුළට නෑවිත් පිටපාර ම යන්නට මෙන් හැඟවිය. මුක්තාලතාවගේ මව-සමරසේකර හාමිනේ ඔහුට කතා කොට කැදවා ඉඳගන්නට සැලැස්සුවේය. මුක්තාලතාම සුරුට්ටු ආදියෙන් සංග්රදහ කළාය. සමහර තරුණ ස්ත්රීරහු පුරුෂයෙක් ගෙදරට පැමිණි විට මුලු වැදෙති. සමහර තරුණියන් ඉදිරිපිට ම හැසිරෙති. මේ දෙ විදිය ම අශොභනය. මේ අන්ත දෙක සම්පුර්ණයෙන් අස් කළ යුතුය. මුක්තාලතා උතුම් සිංහල චාරිත්රේ දත් නැනැත්තියක් බව් පෙරේරා මහතාට හොඳින් වැටයුනේය. සමරසේකර හාමිනේ සමග පෙරේරා කතා කරමින් සිටින අතර නෝනොහාමි උපාසිකාවද පැමිණියාය. ඒ අතර ‘මුක්තාලතා රාත්රිඅ කෑම පිසීමට කුස්සිය පැත්තට ගිය බැවින් පෙරේරාගෙන් තමාගේ අදහස කුමක්දැයි නෝනාහාමි උපාසිකාව ඇසුවාය. එවිට පෙරේරා මහතා “උපාසක අම්මේ මුක්තාලතාව කසාද බැඳීමට මම කැමැත්තෙමි. අපේ මව්පියන්ගෙන් ද කැමැත්ත ගන්නට මට පිළිවන. ඉතින් මෙහෙන් ඒ ගැන තීන්‍දු වචනයක් අදම ලැබුණොත් හොදය”යි කීවේය. ඉතා දුක්ඛිත භාවයෙන් අසරණව කල යවන සමරසේකට හාමිනේ අතිශයින් සතුටුව “අනේ මහත්මයෝ අපි බොහොම කැමතිය. අපට දැන් කිසිම පිහිටක් නැත්තේය. මගේ පුතා බුද්ධදාස ලෙඩ පාහේ ළමයෙක්ව තව ම කිසිම රක්‍ෂාවකට නොගොස් ගෙදර ම සිටින්නේය. මගේ දුව මුක්තාලතාව කුලස්ත්රිහයකට වුවමනා සියලුම ඉගනීම් වලින් සම්පුර්ණ කෙනෙකි. දැනට ළමයාගේ වයස අවුරුදු 17 ක් පමණ වෙනවාය. කුමරියකට මෙන් කවා පොවා අදවා පළදවා ඇති කළ ඒ ළමයා දැන් නොවිදිනා දුකක් නැත්තේය. ඒ නිසා ගුණ ධර්මයේ පිහිටි සත්පුරුෂයෙකුට සරණ පාවාදීමට මම කල්පනා කරමින්-සුදුසු කෙනෙක් නොලැබුණු බැවින් මෙතාක් කනගාටුවෙන් සිටින්නෙමි. මේ නෝනාහාමි උපාසිකා නැන්දා අපේ තොරතුරු තන් වූ පරිදි දන්න. අප ධනවත් කලත් දැනුත් එකාකාර ම අපව සලකන කෙනෙක් නිසා මහත්මයාව අපට මැදහත් කරදීමට වීරිය



120 අෂ්ටලෝක ධර්මක චක්රතය

කර තිබෙන බව පෙනේ. ඒ නිසා මහත්මයා සතුටු දවසක කසාද බදින්නට අපි කැමතිය”යි කීවාය. මෑනියන් ගේ මේ කතාව මුක්තාලතාට ද ඇසුනේය. පෙරේරා මහතා සමරසේකට හාමිනේගේ කථාවට අතිශයින් සතුටුව-“හොදයි. මේ මාසය තුල ම ඊට සුදුසු දවසක් නියම කරගන්නට පුඵවනි. අද මට මුක්තාලතාවගේ කේන්ද්ර ය ලැබුණොත් හොඳය”යි කීවේය. එවිට සමරසේකර හාමිනේ මුක්තාලතාවගේ කේන්ද්රටය ගෙනැවිත් දුන්නාය. පෙරේරා උන්නැහේ ඒකත් රැගෙන සවස 6ට පමණ යන්නට ගියේය.

කේන්ද්රඋය ලැබි එය රැගෙන ගොස් ස්වකීය පියාට දී, “මේ කේන්ද්රරය ඇති ස්ත්රීර මට සරණ කරගන්නට වටීදැයි ඇසුයේය. හින්නි අප්පුහාමි තරමක් දුරට ජ්යොරතිශ්ශාස්ත්රනය දත් කෙනෙක් බැවින් කේන්ද්රනය බැලූ හැටියේම පුදුමව, “පුතා, මේ කේන්ද්රවය කාගේ ද සත්තකෙන්ම කේන්ද්රැය අයිතිකාරි රාජ කුමාරියක් සමාන ස්ත්රීේන් ලක්‍ෂයකගෙන් තෝරාගත නොහැකි තරම් පුණ්යිවන්තියකි. ඉතාමත් ලක්‍ෂණ ගුණධර්මයෙහි පිහිටි අත්තම් ගෙත්තම් ආදි කර්මාන්ත දත් පුණ්ය වන්ත රාජබිසවක් මෙන් සම්පත් ලැබිය යුතු වු උතුම් කාන්තාවකි. මේ තැනැත්ති කෙතරම් පහත් පවුලක ඉපද සිටියත් ඈ සරණ කරගත් යුතුය”යි කියා පුතාගේ කේන්ද්රහයත් අරගෙන දසවිධ පොරොන්දම් බලන ලදි. මේ රටේ දැන් පොරොන්දම් බලන හැටියට ලග්න පොරොන්දම් ඇර අනිත් පොරොන්දම් සියල්ල ම ඉතාමත් හොද බැවින් පියා අතිශයින් සතුටුව වහාම මේ ස්ත්රි ය සරණ කරගත යුතුයයි කීවේය. මුක්තාලතා සරණ කර ගැනීමට මවුපියන්ගේ කැමැත්ත ලබාගෙන නොහැකි වේයයි සැකයෙන් සිටි පෙරේරාට බලාපොරොත්තු වුණාටත් ‍වඩා පියාගේ මහත් සතුට ලැබුන බැවින් ඇතිශයින් ප්රීතතිව ප්රවසිද්ධ ශාස්ත්රකඥයෙක් වන සිල්වා මහතා ළඟට ගියේය. බුලත් හුරුල්ලකුත් රුපියල පහකුත් පළමුකොට දී මුක්තාලතාවගේ කේන්ද්රයය ද දි එහි ඵලාඵල කියන මෙන් ඉල්ලා සිටියේය. සිල්වා මහතා කේන්ද්රදය හොඳින් ගැණ බලා-මේ ළමයා ගුණවත් උගත් වැදගත් මවු පිය දෙ දෙනෙකුගේ දරුවෙකි.පඤව කල්යා්ණයෙන් යුතු උතුම් ස්ත්රීෙරත්නයකි. වංශවත් රදළ උතුමෙකුට භාය්‍ර්‍යව වේ. ස්ථිර ගුණධර්මනයේ පිහිටි හිතු අදහසක් දිවි ගියත් වෙනස් නොකරණ මහොත්තමියකි. එහෙත්අවුරුදු 19 ක් යන්තුරු දුක් විඳීමට හේතුව පෙනේ. ඉන් පසු කුමාරයෙක් බඳු ස්වාමිපුරුෂයකු ලැබ කල් ගත කළ හැකි පින්වන්තියෙකැයි කීයේය. එබස් ඇසු



පියදාස සිරිසේන නවකථා එකතුව 121

පෙරේ‍රා අතිශයින් සතුටුව තමාගේ කේන්ද්ර්ය දී-“මේ කේන්ද්ර යට ඔය බැලු කේන්ද්රසය ගැලපේදැ”යි ඇසුවේය. සිල්වා මහතා එය බලා “මේ ස්ත්රීය කේන්ද්රසයට පුරුෂ කේන්ද්රාය නොගැලපෙනවත් ඇර මේ ස්ත්රී කවදාවත් මේ බලන පුරුෂ කේන්ද්රයය අයිති පුරුෂයා සමග සරණ නොවේ.මේ කැනැත්තිය-මහා උසස් පුණ්යදවන්තයෙකු සමග මිස සරණ නොවේ. දැන් මට පෙන්නූ පුරුෂ කේන්ද්රයය අයිතිකාරයා මේ ස්ත්රීො සරණ කරගන්නට උත්සාහ කිරීම දැලකින් හුලං බැදිමට කරණ උත්සාහයක් සමාන නිෂ්ඵල ක්රි යාවකි. මේ කේන්ද්ර දෙකේ ‍දසපෙරොන්දම් හොදයයි කියන්නෝ අප රටේ සිටිති. ඒ වැරදි කීමකි. තව ද මට මේ පෙන්නූ කේන්ද්රිය අයිති ස්ත්රිත කවුරුන් නමුත් කසාද බැන්දොත් ඔහුට ඊට වඩා සැප ලැබීමට හා උසස්විමට උපක්රයමයක් තවත් ඇත්තේ නැතැ”යි කීවේය. ජ්යොරතිශ්ශාස්ත්රරඥ සිල්වා මහතාගේ වචන අසාගෙන වුත් පෙරේ‍රාගේ හිත අතිශයින් ප්ර්බොධව ගෙදර අවුත් පසු දින නොනාහාමි උපාසිකාව සම්භව මංගල්යිය ඉක්මනින් ඉෂ්ටකර ගිනිමියි අදහස් කර ගත්තේය. පෙරේරා මහත්මයා කේන්ද්රවයත් ඉල්ලාගෙන ගිය පසු නෝනාහාමි උපාසිකාව මහත් ප්රී්තියට පැමිණ මුක්තාලතාවට කථා කොට “ඔන්න පුංචි හාමිනේ,මම කාරණය ඉෂ්ට කළා. පුංචි හාමිනේට ඔබින-රූපයෙන්, ඉගෙනීමෙන්, ගුණ ධර්මයෙන් යුතු මහත්මයෙක් ඔන්න ජෝඩු කළා. ඉතින් සතුටු වෙන්න බැරිදැ”යි කීවාය. මේ මඟුල් ජොඩුව මුල පටන් ම විහිඵවක් මෙන් සිතාගෙන සිටි මුක්තාලතා සිනාසි “ඔව් උපාසක ආච්චියේ අම්මා කැමැත්ත දීලා තීන්දු කර ගෙනත් ඉවරයි. එහෙත් මම නම් හිතුවේවත් නැහැ. බළළාට බැළලි මිසක් සිංහධෙනුවක් කොහේ හරියනවාද? අම්මාලා ජෝඩු කරගෙන තීන්දු කර ගත්තාට කමක් නැහැ. ඉතින් මනමාලියක් කෝ?” කියමින් සිනාසේනනට පටන් ගත්තාය. සමරසේකර හාමිනේත් ‍නෝනාහාමි උපාසිකාවත් ඒ ළඟ ම සිටි මුක්තාලතාවගේ අයියා වන බුදධදාසත්-මේ කථාවට මහත් සේ පුදුමව-සමරසේකර හාමිනේ මෙසේ කියන්නට පටන් ගන්තාය. “ ආ මුකතාලතා. උඹ සිනාසෙමින් විහිඵවක් ලෙස කථා කරන්නේ මොනවාද? අපට දැන් යන එන අතක් නැතිව ඉන්නවා. අපි දැන් ඉන්නා තත්වයේ හැටියට ඒ ඉලන්දාරියා ලැබුනොත් මහත් ආශ්වර්යයකි. මේ උපාසක නැන්දාගේ දක්‍ෂකමින් ඔහුව සතුටු කරගෙන තිබෙනවා.අපට කන්නට අඳින්නටවත්.



122 අෂ්ටලෝක ධර්ම. චක්ර්ය


ඉන්නට හිටින්නටවත් තැනක් නැත. අද වේල අපි කෑවෙත් නයට අරගන මදලකින්ය. මේ අන්දමට ඉන්නා අපට වැදගත් පවුලක හොදට ඉංගිරිසි සිංහල ධර්මන ශාස්ත්රාදදිය උගත් රූපශ්රීලයෙන් යුත් මසකට පවුන් 15 ක් පඩි ලැබෙන අංඩුවේ නිලයක් දරණ තරුණ මහතෙක් ලැබුනා ම මදි වෙලා අනේ මුක්තාලතා උඹ මොනවා කියනවා දැ?” යි ටිකක් කොපයෙන් මෙන් මවු සැර වුණාය. එවිට මුක්තාලතා මෑණියන්ගේ කෝපය සංසිදෙන පිණිස ඇ‍ඟේ මොලොක් වූ සිනාවෙන් සිනාසී “අම්මාට කේනතිද? අපේ මේ අසරණකම යන්නට උපාසක ආච්චි ජෝඩු කළ මඟුල ගැන ස්තුති කරමි - නමුත්

“වි පු ල ගුණැති මහතුන්හට පත් විප ත නි ස ල ගුණෙන් යුතු උතුමෝ ම දුරල ත ක ල ල ගිලුනු මතවරනිඳු ගොඩ ගනු ත තු මු ල බලැති ගිජිදෙකු මිස අන් කෙව ත

සු ර තු රු ව න් උතුමෙකු දෙන දනින් මි ස ය දි ‍ක ලි ම න් කෙසේ දුරු වෙද මුලින් පි ස ම හ මෙ ය කි න් පහ වන ගතෙහි සරතැ ස පි ණි බි ද කි න් දුරු කළ හැකි වෙදි කෙලෙ ස

මේ නීති ය දක්වා-මුක්තාලතා මෙසේත් කීවාය. අම්මේ, අපේ මේ අමාරු වේලාව‍ට පවුම් 15 ක් නොව 5 ක් පඩිකන කෙනෙක් වුවත් හොදවා වාගේ පේනවා, නමුත් යන්තම් පිරිමසාගෙන් ටික කලක් සිට නැවතත් මීටත් වඩා අමාරු දුකකට පත්වෙන්නට නම් ඔය මඟුල හොදය. දැන බලන්න: ඒ මඟුල කථා කරන මහත්මයාට පවුම් පහළොවක් ලැබුනත් උන්නැහේගේ මවුපිය දෙ න්නත් සහෝදරයන් දෙන්නත් ඒකෙන්ම රැකේන්න ඕනෑ. මමත්,අම්මත්,අයියාත් එයින් ම රැකෙන්න ඕනෑ. දැනට අපට තුට්ටුවක් වත් නැත. ඉතින් මට ඇඳුම් හරිගස්සන්නත්-මඟුල් ප්රදස්තාව ගන්න මුල් කාලේ වියදම් ලෑස්ති කරන්නත් ගියා ම ඉදිරියට මාස 10 ක් මුදල් ණයට ග්ත්නත් පිරිමසාගන්නට බැරි තරමයි. ඉතින් අපේ එක්වීමෙන් පසු දැනට කෙරෙන්නා වාගේ දසදොළොස් ගුණයක වියදමකුත් අධික වූණාම - ඒ මහත්මයා ලබන පවුම් 15 න් මක්කා කරන්නද? අන්තිමේදි අපට දැන් තිබෙන අමාරුවටත් ‍වඩා අමාරුකමුත් ඇතිව -සුවසේ සිටි පවුලකුත් අප නිසා අමාරුවට පත්කීරිම යුතු නොවේ. මහා වැස්සකින් නිවිය හැකි ග්රීතෂ්මය පිනි බෑමකින් කොහොම නිවන්නද? ඇතෙකු විසින්


පියදාස සිරිසේන නවකථා එකතුව 123 ගොඩ ගත යුතු ඇ‍ෙතකු කොටඵවෙකුට ගොඩගන්නට පිළිවන්ද? ඒ නිසා අම්මේ, උපාසක ආච්චියේ, ලාභයත්, අලාභයත්, අයසත්, යසසත්, නින්‍දාවත්, පර්ච ශංසාවත්, සැපතත් ඊළඟට දුකත් යන මේ කාරණා අට සෑම දෙනාටම නොඅනුමානව සිද්ධ වන්නේය. මා උපදින කාලේ අපේ පවුල ලෝකයාගෙන් බලවත් ප්රදශංසා ලබමින් සිටි බව පෙනේ. එසේ ප්රරශංසා ලබමින් සිටින අතර ම සැපතට ද හිමි ව කල් ගත ‍කළේය. එසේ සිටින අතර අපේ පියාණන්ගේ මරණය සිද්ධවීමෙනුත් එතුමාගේ වස්තුව සතුරෙකුට හිමිවීමෙනුත් අපට ද දුක් විදින්නට සිද්ධවී තිබේ. ඉතින් මේ දුක මුඵ ජීවිතේදිම ලැබේ යයි සිතන්නට කරුණු නැත. මේ දුක ළඟට නොඅනුමානව ලාභය එන්නේය. ඒ එන්තුරා ඉවසිල්ලෙන් ඥානවන්තව ක්රි යා කට යුතුයි. තුවාලයක් වූ විට වේචනාව ඇතිවීම ඒකාන්තමයි. ඉතින් ඊට ප්ර තිකාර නොකර නිකම් ඉඳීම යුතු නැත. එහෙත් එය පැසවා සුවවනතුරා ම ඇති වන වේදනාව ඉවසිල්ලෙන් විද දරා නොගෙන කෑ කොස්සන් ගසමින් දැඟලීම මෝඩ කමකි. අපට දැන් අෂ්ටලෝක ධර්මයේ හැටියට දුක් විදින්නට නියම කාලයකි. ඒ කාලයේ ඥානයෙන් යුක්තව නිතර ම වීරිය කරමින් ඒ දුක පුඵවන් තරම් අඩු කරගෙන සිටීම අපේ යුතුකම නමුත්-ලැබෙන්නාවු දුක ගැන දුර්මුඛවීම හෙවත් මන්දෝත්සාහි වීම බලවත් වරදකි. අෂ්ටලොක ධර්මය ඉක්මවා ලෝකයේ කලගත කරන්නට පුඵවන් සමතෙක් තව ම ඉපදි නැත. ඒ නිසා අම්මා කරුණාකර අපේ කාලය එනතුරු ඉවසුවා මැනැවැ”යි මක්තාලතා හිතට කා වදින ලෙන කීවාය.

මේ කථාවට ඔවුන්ගේ සිත් ටිකක් සැනසී ගිය නමුත් පෙරේරා මහතා වැනි තරුණයෙක්වත් මක්තාලතාවට ලබා ගැනීමේ තිබෙන අපහසු කම් කියමින් මෑණියෝ මෙසේ ඇසුවාය. “ආ මුක්තාලතා මේ නෝනොහාමි උපාසිකා නැන්දා ජෝඩු කළ පෙරේරා, මහතාට වඩා උසස් වැදගත් ධනවත් උගත් ගුණධර්මයෙන් යුත් කෙනෙකු උඹට ලැබේය කියා උඹේ බොළඳ කල්පනාවට වැටහී තිබෙතත් මට නම් වැටහෙන්නේ නැත. දැන් කාලේ යමක් කමක් ඇති උදවිටයටත් පෙරේරා වැනි කෙනෙකු ලබා ගැනීම අපහසුය. කිසිම පිලිසරණක් නැති අපට ඊට වඩා වැඩි කෙනෙක් ලැබීමට ඇති හේතුව කුමක්ද?”යි ඇසුවේය. එවිට මුක්තාලතා සිනාසි,”අනේ අම්මේ-අපට වඩා ධනය ඇති නැදෑයෝ සිටින තැනකින් වත් කසාද බදින්නට සිත යොමු කරවාගෙන නොහැකි පෙරේරා මහතා නිකම්ම හිස් වු අපේ ගෙදරට



124 අෂ්ටලෝක ධර්මා චක්රරය


ඒමෙන් ම-ධනය ඇති සමහරන්ට වඩා අප තවමත් හොද බව වැ‍ටහෙනවා නොවේද? ඉතින් දුක් වින්ද යුතු අහේතුවන්ත කාලේත අපට මේ තරම් හේතුව තිබේ නම් සැප වින්ද යුතු යහපත් කාලේ අපේ තරම් කියන්නටවත් වුවමනා නැත. ඒ නිසා ඉවසාගෙන සිටියොත් මා බලාපොරොත්තු තත්වයට අපට පැමිණෙන්නට පුඵවනැ”යි කියා රැ බෝ වූ බැවින් නින්දට ගියාය.


11.පර්ච්ඡේදය

[සංස්කරණය]

පසවදා ඉරු දිනක් බැවින් ‍පෙරේරා මහතා තමාගේ කේනද්රදයත් මුක්තාලතාවගේ කේන්ද්රනයත් රැගෙන් පරණසිංහ නමැති නැකැත් කියන්නෙකුත්-හෙන්ද්රිරක් අප්පු නමැති තවත් වැඩිමහලු මිනිහෙතුත් සමග මුක්තාලතාලාගේ ගෙදරට පැමිණයාහ. ඔවුන් පැමිණි විට මුක්තාලතාලාගේ මෑණියෝ නෝනොහාමි උපාසිකාවත් උන්දෑගේ බෑනා වන අර්නෝලිස් අප්පු බාස් උන්නැහේවත් ගෙදරට ගෙන්වාගෙන එදාම මංගල්යේය තීන්දුකර ගන්නට කල්පනා කළාය. මුක්තාලතාගේ හිතට මෙය මහත් කරදරයක් විය. අමාරුවට පත් ව සිටින මෑණියනට ඕනෑ දුවගේ බරෙන් නිදහස් වීම නිසා මුක්තාලතා ඊයේ රැ කිවු ධර්මයුක්ති මතක නැතිව ගොස් සමරසේකට හාමිනේ කේන්ද්රර දෙක හොදනම් මුක්තාලතා මොනවා කීවත් මේ මංගල්යේය සිද්ධ කරමියි නිශ්චය කරගෙන සිටියාය. මුක්තාලතා ද මෙසේ කල්පනා කළාය. “ කුඩා කාලේ ම මගේ පියා ධර්මශාස්ත්රව ඉගැන්වීමේ අගය දැන මට හුඟක් දුර ජ්යෙමතිශ්ශාස්ත්ර ය ද උගන්වා තිබේ. ඒ මා උගත් ශාස්ත්රටයෙන් අද ප්රකයෝජන ලබමි. මේ අවුත් ඉන්නා කටහැකර බොරු කේන්ද්රමකාරයා මොන බොරුවක් ගොතා කීවත් ශාස්ත්රශ යුක්තිය දත් මම ඔහු බොරුකාරයා බව ඔප්පු කොට මේ විවාහය නුසුදුසු එකක් බව මෑණියන්ටම ඔප්පු කරන්නෙමි”යි සිතාගෙන කේශර සිංහධෙනුවක් මෙන් නිර්භීතව සිටියාය. ඉතින් පෙරේරා උන්නැ‍හේට සහ අනිත් ආ පිරිසටත් බුලත්,සුරුට්ටු ආදියෙන් සංග්රඋහ කළ පසු පෙරේරා උන්නැහේ සමරසේක හාමිනේට කථාකොට මෙසේ කීයේය. “මෙන්න හාමිනේ කේන්ද්රම දෙක අපි බැලෙව්වෙමු. ලක්දිව ප්රනසිද්ධ ජ්යෙරතිශ්ශාස්ත්රිඥයෝ කීප දෙනෙක් ම මේ කේන්ද්රෙ දෙක හොදට ගැලපෙන බව කීය. ඉතින් එසේ බැලෙව්වේ හාමිනේලා ඉදිරියේදි


පියදාස සිරිසේන නවකථා එකතුව 125

නොවන හෙයින් අප සමග මේ පරණසිංහ ගුරුන්නාස්සේ මහතාත් අවුත් සිටි. මුන්නැහේගෙන් ඒ සම්බන්ධ විස්තර ඇසුව මැනවැ”යි කියා පරණසිංය උන්නැහේට කාරණ කියා දෙන්නට පැවරුවේය. එවිට පරණසිංහ මෙසේ කීවේය. මේ කේන්ර් කයත් මා අතේ තිබෙන නෝනාගේ කේන්ර්ා යත් අතිශයින් ම ගැලපේ. ලග්ගාධිපතිහු දෙන්නාගේ ම කේන්ද්රතගතව සිටිති. පිරිමි කේන්ර්ඥයෝයේ හත ඉතාමත් හොඳයි. අඟහරු 12 හේ නමුත් උච්චව සිටි. නැකැත් වශයෙන් බලන කොටත් ඉතා ම හොදයි. මනමාලිය ඉපිද සිටින්නේ රෙහෙනේ නැකතින්ය. මනමාලයාගේ උත්රදපල් නැකැත් ගණ යෝනි ආදි විසි පෙ‍ාරොන්දමේන් 11 ක් පමණ හොඳය. ඉතින් මීට වඩා හොද කේන්‍ද්රග එකතු කරන්නට බැරිය. ඒ නිසා මේ විවාහය අද හෙට ඉෂ්ටකර ගන්නට යුතුව තිබේ”යයි කීවේය. එවිට අර්නෝලිස් අප්පුහාමි බාස් උන්නැහේ ඈතින් සිටි මුක්තාලතාවට කථාකොට, “පුංචි හාමිනේ හොදින් ජ්යෝතිශ්ශාස්ත්රාය දන්නා බව අපි දනිමු. අයි පැත්තකට වෙලා ඉන්නේ? මේ ගුරුන්නාස්සේ කියන කීම හරි නම් ඒ බවත්-හරි නැත්නම් ඒ බවත් කියනටකෝ! මේ මහත්නැන් මෙහන් ගියාට පසු හරි වැරදි කියන්න එපා. එසේ කිව්වත් අපි භාර නොගනිමු. ඒ නිසා කියන්න තිබෙන එකක් දැම්ම ම කියනු මැනැවැ”යි කීවේය. මුක්තාලතා ජ්යෙකතිශ්ශාස්ත්රසය දන්නා බව ඇසූ හැටියේ ම පෙරේරාට පුදුමයක් විය. පරණසිංහ ගුරුන්නාන්සේගේ උගුර කට වේලුනේය. සමරසේකට හාමිනේ හා උපාසක අම්මාත් සිනාසි. “එන්න පුතා.මේ ගැන කිව යුත්තක් ඇතහොත් කියන්න”යයි කීහ. එවිට මුක්තාලතා, “මගේ පියාණන් විසින් මට ඉගැන්නු උතුම් ශාස්ත්රියෙන් අද ප්ර්යෝජන ගනිමි. ලොව රවටාගෙන කන බොරු කේන්ර් ශ කාරයන්ට රැවටි සිටින මිනිසුන්ගේ ඇස් පාදවමි. විවාහවීමට කේන්‍ද්රට සොයා ගන්න පිළිවෙල ලක්වැසියන්ට තව වරක් උගන්වමි”යි සිතා-නෝනොහාමි උපාසිකාව ළඟින් වාඩිවි පෙරේරාගේ කේන්ද්ර්ය අතට අරගෙන බලා මෙසේ කීවාය. “මේ දක්වන කේන්ද්රගය ඇති අය මා විවාහ කර ගනිතොත්-එ‍සේ කරගත යුත්තේ වල ලන්නට පෙට්ටියකුත් ලෑස්තිකර තබාලාය. මේ පිරිමි කේන්ද්රේයේ දෙවැන්නේ සිටින කෙහෙතත්-අටවැන්නේ සිටින රාහුත්-දොළහේ පාප අඟහරුත් සමග සිටින හත්වැන්නාධිපතියත් අටවැන්නාධිපතියත් නිසා මේ මහත්මයා මගේ කේන්ද්රනය වැනි කේන්ද්රතයක් ඇති ස්ත්රිඟයක කසාද බැන්දොත් ඒ ස්ත්රිසය අවුරුද්දක් යන්නට ප්රකථම දරණු දුක් විද මැරේ. ඉතින් මා ශාස්ත්රනය ටිකක් දුරටත් මාත් දන්නා බැවින් දැන දැන



126 අෂ්ටලෝක ධර්ම් චක්ර ය


ම අනියම් මරණයෙන් මට මැරෙන්නට බැරිය”යි කීවාය. එ‍විට පිරිස පුදුම වූය. පරණසංහ ගුරා පසු නොබැස මැරීමට ඇති යුක්තිය කියන්නට කීය. මුක්තාලතා ඔහු දෙස බලා “මේ ශාස්ත්රමයේ තිබෙන මාහැඟි ගුරුකම් තමුසේට කියා දෙන්නට ලෝභය. එ‍ෙහත් මා කෙරේ කරුණාවක් ඇතිකොට මා සරණකර ගන්නට විමසන පෙරේරා මහතා සතුටු නම් උන්නැහේට සැපවන්ත ලෙස ඉඳීමට සුදුසු භාරයවක් තෝරා ගැනීමට ආධාර වන පිණිස විවාහයට සුදුසු නුසුදුසු කේන්‍ද්රැ හෙවත් සම සම වූ කේන්ද්රාේදිය මම පෙන්වන්නෙමි. දැන් මේ කාලේ බලනවාය කියන දස පොරොන්දම් හෙවත් විසි පොරොන්දම් අභූතියකි. දසයක්ය නැත්නම් විස්සක්ය කියා බලන ඒ පොරොන්දම් සියල්ල ම-සමාන නැකත් දෙකක් එකතු වු විට හරි යයි. එහෙත් බලන්නට වුවමනා ඔය කියන අභූත දස පොරොන්දම් නොව කේන්ද්රල දෙකයි. මෙන්න මේ පුරුෂ කේන්ද්ර්යේ ඉතා ම හොඳයි කියන හතේ සිටින චන්ද්ර‍ යෝගය බලනු මැනවි. දොළහ,තුන,හය,අට යන ස්ථාන අධිපති වූ සඳු සමග බෘහස්පති සංයෝග විය අරිටු යෝග බව දත යුත්තේය. තවද මෙහි තවත් ඉතා හොඳයයි පරණසංහ ගුරුන්නාන්සේ කියන දොළොස් වැන්නේ උච්චච සිටින අඟහර් ගැන උගත් ආචාර්යවරු කියා තිබෙන්නේ දෙවැන්නේ දොළහ හත සහ අට යන තැන්වල කුඡයාගේ ඉදිම හේතුකොට ගෙන ස්වාමියාගේ නම් භාරයාවත් භාරයාවගේ නම් ස්වාමියාත් නසින බවය. තවද මෙම පුරුෂ කේනද්රවයේ සඳුට අටේ සිටි පාපයා ගැන ද සැලකිය යුතු වේ. සඳුගෙන් හෝ ලග්නයෙන් සතේ අටේ අඟගරු ආදි කොට ඇති පාපයන් සිටිම විවාහ සැපට බාධක වේ-සුභයන් සිටිම විවාහයට සාධක වේ.

මුක්තාලතාවගේ මේ නිර්භිත කියුම් ගැන පුදුම ව සිටි පරණසිංහ මුවෙන් නොබැන නිශ්ශබ්ද විය. අරූප ස්ත්රීසගේ පතිවෘතිව මෙන් පරණසිංහ දුර්මුඛ වූ බැව් දුටු පෙරේරා මහතා මුක්තාලතා කෙරෙහි අතිශයින් පැහැද සමගියත් සැපත් ඇතිවන පිණිස විවාහ කටයුතු ක්රරමය කීවොත් යෙහෙකැයි කී බැවින් මුක්තාලතා මෙසේ කියන්නට පටන් ගත්තාය. “ස්ත්රීමන්ගේ අකාල මරණය ආදි දුකට හේතු වූ පුරුෂ උත්පත්තියත් පුරුෂයන්ගේ අකාල මරණය ආදි දුකට හේතු වූ ස්ත්රීත උත්පත්තියත් ලෝකයේ පවත්නා ධර්මතාවයකි. එබඳු අරිෂ්ට කෙන්‍ද්රක ඇත්තන්ට පවා-ඒ අරිෂ්ට දුරුකොට සැප සම්පත් හා දීර්ඝායුෂ ද



පියදාස සිරිසේන නවකථා එකතුව 127

ඇති වන පිණිස මේ ශාස්ත්රතය සාදා තිබේ. ඒ හරිහැටි උගත් කෙනෙකු ලවා පරීක්‍ෂා කොට විවාහය සලස්වන ස්ත්රීු පුරුෂ කාටවත් අකාල මරණ ආදි විපත් ඒ එක්වීම කරණකොට ගෙන ඇති නොවේ. මේ ශාස්ත්රෂයෙහි ලග්නය,ග්රවහපති,ස්ථානගති,දසා ගති යන සතර කරණය මුල් කොටගෙන ම විවාහයේ සුබාසුබ ඵල සිද්ධ කෙරේ. ඒ මිසක්”ගන යෝනි” ආදිය බැලීම විහිලුවකි. මෙහි කී ලග්න.ග්රිහ ස්ථාන,දසා යන සතර කාරණය සම කොට යොදා ගත් විවාහය ඒකාන්ත සැප සලසා දිර්ඝායුෂ දෙන එකකි. දොළොස් රාශියේ හැසිරෙණ ග්රසහයන්ගේ ඒ ඒ කාලවල සුභාසුභ සමව ඇති වීමට සුදුසු ලග්න ඇතියන් ම එක්විය යුතු බවත්-සම වු ලග්නවල උපන් අයගේ පඨවි ආපෝ තේජෝ ආදි මහා භූත ගුණ සමාන වන බවත් සැලකිය යුතුයි. මේ සම්බන්ධව, දෙක සය සත අට දොළොස යන ස්ථාන වල සිටින පාපග්රධයන්ගේ ද ඔවුන්ගේ දසා ද සමාන වන කේන්‍ද්රප දෙකක් ම සොයා ගත යුතු වේ. එසේ නොකළොත් පුණ්යාවන්තව සැප සේ ඉදිම පිණිස කරණලද විවාහය ම අවාසනාවන්තව දුකසේ විසීමට හේතු වේ.

ඉතින් මගේ කේන්ද්ර්යට මේ දක්වන ලද කේන්‍ද්රසය කොයි අන්දමකින් වත් නො ගැලපෙන නිසා මහත්මයා කරුණා ‍ෙපරදැරිව සුදුසු අන්යන ස්ත්රි යක් කසාද බැඳ ගත මැනවැ”යි කීයේය. මුක්තාලතාගේ මේ කීමට අනිත් සියුල දෙනාට ම වඩා පෙරේරා උන්නැහේ පැහැදි,”හාමිනේට මුඵ හෘදයෙන් ම ස්තුති කරමි”යි කියා නෝනොහාමි උපාසිකවට ද මංගල්යටය ජෝඩු කිරිම ගැන ස්තුති කර යන්නට ගියේය. එද්දි සතුටින් ආ පරණසිංහ ගුරුන්නාන්සේ ද දුරුමුඛව යන්නට ගියේය. මුක්තාලතාවගේ මවු සමරසේකට හාමිනේ ද දියණියගේ සුරුබුහුටි භාවය ගැන පුදුමව ශාස්ත්ර යෙහි අගය දන සුදුස දරුවාට ඒවා ඉගැන්වු මිය ගිය ජිනදාස සමරසේකර මහතා සිහිකර පින් දුන්නාය. මුක්තාලතාට ජෝඩු කළ 1 වැනි මඟුල අත් ඇරුනේය.

එංගලන්තයේ කර්මාන්ත ශාලාවක් තමා උගත් ශිල්ප ශාස්ත්රන තවදුරටත් ප්ර්ත්යකක්‍ෂ කරගැනීම සඳහා පුරා අවුරුද්දක් නැවතී සිටි සිසිර කුමාර ජයසිංහ මහතා ලක්දිවට පැමිණයේය. ඒ පැමිණියේ එංගලන්තයේදි ම තමාට පිතෘ ස්ථානයෙහි සිටගෙන උදව් කළ කරුණාවන්ත ඉංගිරිසි මහතාගේ නියමය පිට ඒ මහතාට අයිති “තාම්බ්රරපර්ණි කර්මාන්ත ශාලාව” නම් වු විශාල කර්මාන්ත ශාලාවේ


128 අෂ්ටලෝක ධර්මත චක්ර ය


දෙකෙන් කොටසක අයිතිකාරයෙක් හැටියට ය. එම කර්මාන්ත ශාලාවෙන් කොටස් එකක් යුරෝපීය මහතුන් දෙදෙනෙකුට ද ඉතිරි කොටස ජයසිංහ මහතාට ද අයිති බැවින්-ජහසිංහ මහතාගේ නිවහල් ජිවිතයට පැවැති කැමැත්ත අතුරුදහන් නොවීය. මේ වැඩපලට අවුත් කටයුතු සියල්ලක් බලා එහි භාරකර ශිල්පියෙක් (ඉංජිනේරුවෙක්) ලෙස වැඩ පටන් ගත්තේය. ජයසිංහ මහතා ලක්දිවින් ගියේ දො‍ළොස් ඇවිරිදි වයසේදිය. හත් අවුරුද්දක් එංගලන්තයේ ම නැවතී සිටි නමුත්-එංගලන්තයට යන සමහර සිංහලයන්ට මෙන් ජයසිංහ මහතාට සිංහල මතක නැතිවී ගියේ නැත. අනිත් අතට නිවාඩු කාලවලදි කියවීමන් සිංහල පොත පත ගැනත් ඉතිහාසාදි තොරතුරු ගැනත් පිරිසිදු දැනීමක් ඇතිකර ගන්නට ජයසිංහ මහතාට පිළිවන් විය. කාව්යාසලංකාර ද පොත් පත් ආශ්රජයෙන් ඉගෙණ ගත්තේය. ජයසිංහ මහතා උත්පත්තියෙන් ම කවියෙක් බැවින් ඒ ඉගෙණිම හේතුකොට ගෙන ඉතා මිහිරි ලෙස කවි බැදීමට පිළිවන් විය. හත් අවුරුද්දක් ලක්දිවින් පිටව සිටි ජයසිංහ මහතාට ඒ යද්දිට වඩා ලක්දිව වෙනස්ව පවත්නා බව දැනුනේය. ජයසිංහ මහතා ලක්දිවින් යද්දි, “හාමුදුරුවෝය” කියනු ලබමින් සිටි මිනිස්සු සමග මුඵගැන්නීගෙන යන බවත් “උඹලගේ” කියපු මිනිසුන් සමග පරාර්ථකාමි සත්පුරුෂ සිංහල ජනයා සමාගම් පවත්වන බවත් දැක ජයසිංහ මහතා මහත් ප්රීගතියට පැමිණියේය. ‍සල්ලිවලටත්-ඉහලය කියන කුල වංශයටත් යටත් පහත් ගතියක් පෙන්නු කාලය අතීත වේගන ගොස් තිබෙන බව දුටු ජයසිංහ මහතාට බලවත් ප්රීුතියක් ඇති විය. උත්පත්තියෙන් ම පරාර්ථකාමි ජයසිංහ මහතා එංගලන්තයේ උගත් පණ්ඩිත සමානාත්ම ධර්මවාදින් (Socialists) ගේ ආශ්රයයෙන්-ජීවිතයට වඩා පරාර්ථයට වැඩ කිරිම යුතුකම බව තේරුම් ගත් සත්පුරුෂයෙක් බැවින් ලක්දිව ඇතිවී තිබෙන ජාතික ප්ර බොධය හා සමානාත්මතා ධර්මක ප්ර්බෝදයත් දැක, “ඉතින් මටත් වැඩ කළ හැක්කේය. අන්ධකාරයේ ගැලී සිටි මහාජන සමූහයක් දැන් ඉදිරියට අවුත් සිටින බව පෙනේ. අනුන්ගේ යහපත පිණිස වැඩ නොකොට-වලව්වල ඉදගෙන අධික පංචකාම සැප විදිමින් ම-රටවාසින්ගෙන් ගරු බුහුමනුත් උපසත්කාරත් ලැබීමට පුරුදුව සිටි ආත්මාර්ථකාමි අධමයන්ගේ කාලය පසුවී ගියේය. මුඵ රටවාසීහු ම උගත්,නිදහස්,ධනවත්,බලසම්පන්න සැප වන්නයන් විය යුතුය. එසේ වන තුරු දිවා රැ දෙක්හි ඔවුන්යගේ අභිවර්ධනයට වැඩ කළ යුතුය”යි ඉටා ගත්තේය.



පියදාස සිරිසේන නවකථා එකතුව 129

12.පර්චඡේදය

[සංස්කරණය]

ක්දිවත් මහජනයාගේ වැඩකිරීම සදහා ඉදිරයට පැමිණ සිටින්නන් ඉන්නා බව දැනගත් ජහසිංහ මහතා සතුටුව තමාගේ ඥාති කෙනෙක් නැති බැවින් කොළඹ කොටුවේ ස්වදේශිකයකුට අයිති හෝටලයක කාමරයක් කුලියට ගෙන එහි පදිංචිව සිටිමින් ස්වකීය කර්මාන්ත ශාලාවේ කටයුතු කරන්නට පටන් ගත්තේය. “ඒංගලන්තයේ සිටි දක්‍ෂ සිංහල ඉංජිනේරුවෙක් වන සිසිර කුමාර ජයසිංහ මහතා පැමිණියේය” යන ආරංචිය එම වැඩපලේ කම්කරුවන් අතර පැතිර ගියේය. එහෙත් තවමත් කිසිම කෙනෙක් ඒ මහතා නුදුටු‍යේය. ජහසිංහ මහතා වැඩපලට එන විට මුක්තාලතාවගේ අයියා-බුදධදාස සමරසේකර එම වැඩපොලේ වැඩකරුවන් ගේ නම් ලියා පදිංචි කරගන්න ලියන්නාගේ දෙවැනියාව සි‍ුටියේය. මේ අඵත් සිංහල ඉංජිනේරු මහතා ගැන වැඩකාරයන් අතර ඔවුනොවුන් කථා කරද්දි-කව්දෝ කෙනෙක්-ඒ අඵත් ඉංජිනේරු මහතා නම්-කොළඹ පදිංචිව සිට මිය ගිය තිලකරත්න ජයසිංහ මුදලිතුමාගේ එකම පුතනුවෝය. ඒ මහතාට මේ වැඩපොලෙන් ද කොටසක් අයිතිය. ඉතින් වැඩපො‍ලත් දියුණු වී අපට ද හොද වැටුප් ලැබෙන්නට පිළිවනැ”යි ඔහු කීයේය. ඉරිගිය කෝට් එකක් සහ රෙද්දක් අඳිමින් දුක සේ වැඩට යන බුද්ධදාසට මසකට ලැබෙන පඩිය රුපියල් 12 බැවින් ඔහුට ද මේ අඵත් ඉංජිනේරු මහතා ගෙන් යම් සැනසිල්ලක් ලැබේ දැයි සිතමින් ගෙදර ආ‍වේය. මුක්තාලතා උයා තිබුනු දුප්පත් කෑම කන්නට ඔවුන්ගේ මෑනියොත් බුදධදාසත් වාඩිවි කෑම කමින් අම්මාට කථාකෙට, “අම්මේ අද අපේ වැඩපොලට සිංහල ඉංජිනේරු මහතෙක් පැමිණියේය. උන්නැහේ තිලකරත්න ජයසිංහ නම් මුදලි කෙනෙකුගේ පුතෙක්ලු! පුංචි කාලේ ම මවු පිය දෙදෙනා නැති ව ගිය බැවින ඉංගිරිසි මහතෙකු භාරේ එංගලන්තයට ගොස් එහි දි නොයෙක් ශාස්ත්රග හා ශිල්ප ඉගෙණ දක්‍ෂව අප ඉන්නා වැඩ පොලෙන් ද කොටසකට හිමිකාරයෙක් වී ඇවිත් සිටි. තවම අපට දකින්නට බැරි විය. එහෙත් ඉතා කරුණාවන්ත ජනහිතකාමි සත්පුරුෂ උතතමයෙක් බව හැම දෙනා ම කියති. මට තවම ලැබෙන්නේ මසකට රු.12 බැවින්-අද හෙට ඒ මහතා දුටුවොත් මගේ අසරණකම කියමි”යි කීවේය. මේ කථාව පැත්තකින් ඉදගෙන අසාවුත් මුක්තාලතාවගේ රෝමොද්ගත විය.



130 අෂ්ටලෝක ධර්මත චක්රවය

තමා අට ඇවිරිදි කාලේ ආදරයෙන් සිටි “පුංචිහාමු” බව වැටහී ගියේය. “මුක්තාලතා-නුඹ ලොකු වුනාම, මම කසාද බඳින්නෙමි-සත්තකට ම කසාද බඳින්නෙමි”යි කියා මට පොරොන්දු වු මහතා මුන්නැහේ විය යුතුයි. “ජයසිංහ හාමු මහතා-ගෑණු ළමයි සිටි දිසාවට තදින් විසි කළ ගල්පාර මගේ න‍ළලේ වැදි නළල පැලී ලේ ගිය නමුත්-ඉතා වේදනා වින්ද නමුත්-නොහඬා ම වේදනාව උසුලාගෙන ගෙදර ආ විට-අම්මා සැරවි ගලෙන් ගැසවේ කව්දැයි ඇසූ නමුත්-මම දුටුවේ නැතැයි කියා පුංචිහාමු කෙරේ පැව‍ැති ආදරය නිසා ඇත්ත එළි නොකළ බැවින් මවුගෙන් ද ගුටි කෑවෙමි. මේ නිසාත් මගේ රූපලාවණ්යසදිය නිසාත් බලවත් ප්රේ්මයෙන් මගේ අත සිඹ,මුක්තාලතා,නුඹ ලොකු වුණාම,මම කසාද බඳින්නෙමි, සත්තකමට කසාද බඳින්නෙමි”යි මට පෙ‍ාරොන්දු වූ ජයසිංහ මහතා ගැන ම මම බලාපොරොත්තු ව සිටිමි. එදා ඒ මහාතා වූ පොරොන්දුව මට මෙන් ම උන්නැහේටත් මතකදෝ නොදනිමි. දැන් දුක්ඛිතව අසරණව සිටින මා කෙරේ ඇල්මක් ඇති කිරිමට ජයසිංහ මහතා ගුණවන්තයෙක්ද “ යනාදිය සිතමින් ම මුක්තාලතාවට රාත්රික කෑම ද කන්නට බැරිව නිදා ගත්තාය. ජයසිංහ මහතා වැඩපොලේ කටයුතු භාරගෙන මාසයක් පමණ ගිය පසු කම්කරුවන් වැඩ කරණ පැත්තට තවත් ඉංගිරිසි ඉංජිනේරු මහතෙකුත් සමග පැමිණියේය. 300 ක් පමණ සිටි වැඩකරු ආදිහු මහත් ඕනෑකමින් එතුමා දෙස බලන්නට පටන් ගත්හ. සිනා මුහුනෙන්, යුත් එතුමා ඉතා පහත් වැඩකාරුවන්ගේ පටන් ලියන්නා දක්වා ඒ අතර සියල්ලන්ගේ සිත් සතුටුවනාකාර ඔවුන්ට කථාකොට, “මින් පසු උඹලා සමග කටයුතු කරන්නට වෙන්නේ මටය, මේ ඉංගිරිසි මහතා හෙට රට යන්නේය. මෙවක් පටන් උඹලා මා කියාදෙන ප්රුතිපත්තිවල පිහිටා මෙහි වැඩ කළ යුතුය”යි කියා කන්තෝරුවට යන ගමන් ලියන මෙසේ ලඟ සිටි අනුකම්පා කටයුතු මුහුනෙන් යුත් බුද්ධදාස සමරසේකර නැමැති ළමයා දැක ටිකක් වේලා ඔහු දෙස බලා සිට “උඹ මෙතැන කරන්නේ මොකදැ”යි ඇසිය. මම දෙවැනි(ටයිම් කීපර්) කාලය සටහන් කරන්නායයි ඔහු උත්තර දුන්නේය. උඹට පඩි කීය දැයි ඇසු විට රු.12 හයයි කී බැවින් ඔහු ඒ අන්දමට කිලිටි වු රෙද්දකුත් කෝට් එකකුත් අඳින්ට හේතුවත් ඒකම යයි සලකා-බලවත් කණගාටුවෙන්-උඹ හවස වැඩ ඇරුණාම මගේ කන්තෝරුවට වරෙන්නැයි කියා ජයසිංහ මහතා ගියේය. බුද්ධදාස සවස 4 ½ ට වැඩි ඇරුනු




පියදාස සිරිසේන නවකථා එකතුව 131

හැටියේ ජයසිංහ මහතා ඉදිරිපිටට ගියේය. එවිට ඒ මහතා ඔහුත් සමග ඇඳුම් විකුණන සාප්පුවකට ගොස්, ඔහුට කලිසම් දෙකකුත් කෝට් දෙකකුත් තොප්පියකුත් සපත්තු කුට්ටමකුත් කමිස දෙකකුත් ආදි ඇඳුම් ‍ජෝඩු දෙකක් අරගෙන දී මින් පසු උඹ මේ විදියට කලිසම ඇන්ද යුතුය.දැන් නුඹට පඩියත් අඩුව තිබෙන්නේ උඹ ඉන්නා පහත්කම නිසාය. මීට පසු රුපියල් 20 ක් පඩි දෙනු ලැබේ යයි කියා යන්නට අරියේය. දුක්ඛිතව සිටි බුදධදාසට ජයසිංහ මහතාගෙන් ලැබුනු මේ පුදුම ආධාරය ඉවසිය නොහෙන තරම් ප්රීඛතියක් විය. ඔහු ඒ ඇඳුම් ද අරගෙන ගෙදර ගොස් මෑනියන්ට සහ නැගණියන්ටත් සිද්ධවූ ප්ර වෘත්තිය කීවේය. “අනේ පුතා අසරණ වු උඹේ හොද කාලයක් ලැබුවා වෙන්ට ඇත. ඉතින් උඹ උඩඟු නොව සුවච කීකරුව ඒ ගුණවත් මහතාට පක්‍ෂපාතව සිටිය යුතුය. එවිට උඹේ දියුණුව තව දුරටත් ඇතිවනු සැක නැතැයි කීවාය. මුක්තාලතාවට මේ කාරණය මෙසේ සිදුවන්නට හේතුව කිමදැයි ‍ෙත්රැම් ගත නොහැකිව “ ආ අයියේ උඹෙන් ඵ් මහතා කුමක් ඇසුවේද? නුඹ ඊට හේතු කුමක් කීවොදැ”යි ඇසු‍වාය.”මගේ පඩි ගණන අසා-මා කන්තොරුවට ගෙන්නා පඩිය රුපියල් විස්සක් කර මේ ඇඳුම් අරන් දි හොදට ඇඳපන්නැයි කීවා මිස වෙන කිසිත් ඇසුවේ නැතැයි කීවේය. “අයියාගේ දුක්ඛිත විලාසය දැන හටගත් සංවේගය නිසා ඉල්ලීමකුත් නැතිව මේ ආධාරය කර තිබෙන්නේ වෙන කිසිම කාරණයක් නිසා නොව එතුමා තුළ පවන්නා සත්පුරුෂ ගතිය නිසාමය. ‍ෙනාම යැදියද නිතො ර පරවැඩ කෙරෙහි මහ වි ර පෙමැති මවු පියවු ර කුමරු නොබොතත් එරේ කිරබ ර

යනාදි වශයෙන් දැක්වු මහා වීර ගුණයෙන් උපලක්‍ෂිත වූ ජයසිංහ මහතාට මා ගැනත් සිහි වුණොත් අෂ්ටලෝක ධර්මණ චක්රලයේ සැප පැත්ත අපටත් පෙරළනු සැක නැත්තේය. අපටත් ලෝකයේ අනික් කාටත් අෂ්ටලෝක ධර්ම වක්රපය පෙරළෙමින් පවතිනු ඒකාන්තය. එහෙත් අපට නිශ්චය කරගන්නට බැරිව තිබෙන්නේ-මේ ලෝක ධර්ම අට නමැති රිය දත් අට කවර කාලයක උඩට පෙරළි ඒ ද යන්න පමණකි.ඉතින් ඉවසීම ඇති අයට ඒ සැප ආදි තැන් සතර ඉදිරියට ආ




132 අෂ්ටලෝක ධර්මෝ චක්‍රය

කාලයේ ලැබිය යුතු සැප ආදිය විදින්නට ලැබේ. ඉවසීම නැති අයට දුක ආදි දත් සතරේ ම දුක්ඛ විපාක විඳ මිය යන්නට සිද්ධ වේ. ඒ නිසා දැන් කොතරම් දුක් ලැබෙනත් ඒ සියල්ල ම ඉවසිමෙන් විඳ දරා ගනිමි. එවිට සුදුසු කාලයෙහි මා සම්බන්ධ වූ අෂ්ටලෝක ධර්ම චක්ර යෙහි සැප නමැති දත ද මතුවනු ඒකාන්තය. යම්හෙයකින් ඒ සැප නැමැති රිය දත මතු විමට මේ ඡිවිතය තුල දී ඉඩක් නොලැබුනත් - ඉවසිලිවන්තව -දුක නමැති රිය දත මතුවී තිබෙන කාලයේ වින්ද යුතු දුක වින්දොත් - මේ ආත්ම භාවයෙන් චුත වෙන කොට ම සැප නමැති රිය දත මතුවී පවතිනු සැක නැත. ඒ නිසා ඉවසිල්ලෙන් දුක විදීම නිශ්ඵල නොවේ. දුක නැති කර ගනිමියි සිතා නො ඉවසිලි වන්තව - අඥානව,කලබලව,ක්රිනයාකිරිම යුතු නැතැ”යි සලකා තමා විසින්කටයුතු ගෙදර වැඩපල කරන්නට පටන් ගත්තාය. ජයසිංහ මහතා නැවතී සිටින හෝටලයේ යුරෝපීය විධියේ කෑම සූදනම් කරණ ස්ථානයක් බැවින් වැදගත් සිංහල ගෙදරකින් තමාගේ කෑම ගෙන්වා ගන්නට අදහස් කොට සිටියේය. එක් දිනක් වැඩ පොලේ ඇවිදගෙන එන විට තමා උපකාරයකුත් කළ-තමා යටතේ සිටින ලියන්නෙක් වන බුද්ධදාස දැක “උඹ දන්නා පිරිසුදු සිංහල ගෙදරකින් රෑට සහ දවාලට මට කෑම එවන්නට සලස්වන්නට පිළිවන්දැ’යි ඇසුයේය. එවිට බුද්ධදාස මහත් ප්රීටතියෙන්, “එසේ පුඵවනි-තමුන්නාන්සේ සතුටු නම් අද ම එසේ කරන්නෙමි”යි කීයේය. “හොඳයි, ලබන මාසේ 1 වැනි දා පටන් දවල් කෑම කන්තෝරුවටත්, රැ කෑම මා නැවති සිටින හෝටලයටත් එවන්නට සලස්වන්න-ඒ ගෙණෙන කුලිකාරයටත් මම ගෙවන්නෙමි. ඒ කෑම ගෙන ඊම සදහා පෙට්ටියක් හා ‍ඊට වුවමනා පිඟන් කෝප්ප ආදිය ඔබ ව අරගෙන් ගොස් දෙන්න යැයි කීය. බුද්ධදාස අතට රුපියල් 25 ක් ද දී-ජයසිංහ මහතාගේ මිත්ර යෙක් බැලීම සදහා එදින සවස දෙකේ දුම්රියෙන් නුවර යන්නට ගියේය. එසේ යන්නට පිටත් වූ ජයසිංහ මහතා පළමු වැනි පංක්තියේ ටිකැට් එකක් ගෙන ඒ කාමරයක වාඩි විය. ඊට පසු අවුරුදු 50 ක් පමණ වයසැති ඉංගිරිසි විධියට ඇඳගත් සිංහල මහතෙක් ඵම කාමරයේ ම වාඩිවිය. ඊළගට යුරෝපීය විධියට ම ඇදගත් රූප සම්පන්න තරුණයෙක්ද ඒ කාමරයටම ඇතුඵවී වාඩි විය. මෙසේ තිදෙනා ම වාඩි ගත් ටික වේලාවකින් දුම්රිය පිටත්විය. පසු ව කී තරණයා කාමරයට ඇතුඵව වාඩිවුණ හැටියේම එහි සිටි අනික් තලතුනා මිනිසාගේ මූණ නරක් වුණාක් මෙන් විය. ඒ බව පරීක්‍ෂාවෙන් බලා සිටි ජයසිංහ මහතා ඒත් එක් කාරණයකැයි සලකා කිසිත් නොදන්නාක් මෙන් පැත්තකින්



පියදාස සිරිසේන නවකථා එකතුව 133

උන්නේය. දුම්රිය ඌරාගොඩවත්ත පසු කළ හැටියේම තලතුනා මිනිසා තරුණයා දෙස බලා මෙසේ කථා කරන්නට පටන් ගත්තේය. තලතුනා අයගේ නම විජේසේකර රාළහාමිය. තරුණයාගේ නම ධර්මදාස අමරසේකරය. මෙහි සිද්ධ වූ කතාව දක්වීමට වුවමනා බැවින් මේ නම් සොයාගන්නා ලදි.

“උඹ කව්ද-උඹලාගේ තාත්තා කව්ද?”

“ඇයි රාළහාමි ඇසුවේ? මම සිංහලයෙක්-මගේ නම අමරසේකර,”

“හ හා! ජඩයෝ,උඹලා දැන් අමරසේකර වෙලාද? උඹලගේ තාත්තා පොඩි අප්පු කංකානම් නොවේද?” “අපි අමරසේකර වෙලා තමයි. උඹලා විපේසේකර වුණාට ටික කලකට පසු අපි එසේ වීමු. උඹලාගේ තාත්තා මොකාද මම නොදනිමි. නමුත් උඹලාගේ දෙවැනි සීය ‘පුංචා’ බව ඇසුවෙමි.”

මෙහිදි ‍විජේසේකර රාජහාමි තද කෝපයෙන් “ පෙනේ ද මේ ජඩයා,මුගේ අප්ප අපේ ගෙදරවල වැඩ කළ ‍එකෙකි. මූ මා ඉන්න කාමරයට-‘පස්ට්ක්ලාස්’ එකට අවුත් වාඩිවි සැකක් බියක් නැතුව මා සමග එකට එක කථ කරණ හැටි! මූට කම්මුලට දෙන්ට ඕනැ” කියා නැගිටින කොට-අමරසේකට නැගිට රාලහාමිව බැංකුව උඩ බාවා කන්සෙට දෙන්නට හදන විට ජයසිංහ මහතා නැගිට අමරසේකරට,” වි තමුසේ තරණ මහතෙක් ඇයි නාකි මිනිහාට ගහන්නේ, වි ප්රටසිද්ධ ස්ථානවල මෙහෙමත් කලහ කරණවාදැ”යි කියා දෙන්නාගේ ම ගුටි හුවමාරු කර ගැන්ම වලකා ඉවතින් වාඩි කරවූයේය. එවිට අමරසේකට,”බලන්ට මහත්මයෝ-මේ මිනිසා ඉස කෙස් සුදු ‍ෙවනතුරුත් ශිෂ්ටාචාර මිනිහෙක් හැටියට කථා කරන්නට නොදත් හැටි!ඔහුට මම රාලහාමිය කිවා ම ඔහු මට,’අනේ ජ‍ඩයෝ’ කියා ආමන්ත්ර ණය කෙළේය. මෙබදු වලෙකුට ‘රාලහාමිය’කී මගේ කටට හෙන ගහන්නට ඕනෑ ය”යි කීවේය. ඇත්තෙන් ම අමරසේකරගේ නිර්දෝෂත්වය ජයසිංහ මහතාට හොදින්ම වැටහුනේය. ඒ නිසා ජයසිංහ මහතා මෙසේ කීයේය. “දැන් මෙහි දි සිද්ධ වු කථාබස්වලින් අපේ තලතුනා මහතා වැරදිකාරයා බව මටත් තේරේ.” “මහත්මයා කව්ද?මුගේ තොරතුරු දන්නෙහිද?” “මම කවුරු වුණත් මෙහිදි සිද්ධ වෙච්ච දේ මම දුටුවෙමි.මුගේ



134 අෂ්ටලෝක ධර්මෙ චක්රරය

තොරතුරු ය’යි කියමින් මනුෂ්යරයකුට කථා කරන්නා නැහැදිච්ච වලෙක් බව මට පෙනේ.” “ඇයි මට ඔහොම කියන්නේ-මගේ තාත්තා වාසල මුදලි කෙනෙකි. මමත් වාසල මුදලි කෙනෙකි. මට වලෙක්ය කීවේ ඇයි?” “සත්තකට ම තමුසේගේ පියාට කෙසේ වෙනත් තමුසේට වාසල මුදලි නමක් දීම බලවත් අපරාධයකි. වාසල මුදලි කෙනෙක් විය යුත්තේ ශිෂ්ටාචාර කරුණා ගුණයෙන් යුත් ලෝක වාසීන්ට ගරු බුහුමන් දක්වන සත්පුරුෂයෙකි. නමුත් තමුසේ මේ මහත්මයාට කථා කළ හැටි ගහන්නට හැදු හැටිත් කමකට නැත.” “ඇයි ඔහොම කියන්නේ? මූ මා ඉන්න බවවත් නොසලකා කලිසමකුත් ඇඳගේන ‘පස්ට ක්ලාස්’ එකට නැගුනා හරිකමක්ද? මුගේ අප්පා අපේ ළඟ වැඩ කළා නොවේද? නමුත් දැන් ඒ කිසිත් මතක නැතිව ‘පස්ට ක්ලාස්’ එකේ මිනිහෙක් වාගේ සිටින හැටි පෙනේද?” “හොදයි, අපි මේ ගැන වේගවත් නොවී නිවි සැනසිල්ලේ කථාකර බලමු. ‘පස්ට් ක්ලාස්’ හෙවත් පළමු වැනි පංක්තියේ මිනිස්සුය කියන්නේ කාටද?” “පළමු වැනි පංක්තියේ මිනිස්සුය කියන්නේ මුදලි,මුහන්දිරම් ආදි පරම්පරාගත උත්තමයින්ගේ දරුවන්ටයි.” “එතකෙට පහත් ය කියන මිනිහෙකුගේ දරුවෙකුට මුදලි මහන්දිරම් නමක් ලැබුණොත් ඔහුත් උත්තමයාද?”

(තුෂ්ණිම්භූතව ඇසි බැම නටවයි) “හොදයි-මුදලි මහුන්දිරම් කෙනෙක් ඒක්කෝ එයින් කෙනෙකුගේ පුතෙක්-හරක් හොරකම් කරණ, අනුන්ගේ ධනය අත්ලස් ගැනීමාදියෙන් කොල්ලකන,රටේ ගමේ මිසිසුන් පෙළෙන , අනුන්ට හෙළා තලා කථා කරණ, ආගමත් ධර්මයක් නොසලකන, දානයක් සීලයක් නැති මිනිහෙක් උවත් ඔහුත් උත්තමයෙක්ද?” “නැහැ-එහෙම් වලෙක් උත්තමයෙක් විය නොහැකියි.”

“බොහොම හොඳයි-මගේ ප්රතශ්නයට උත්තර දුන්නා බොහොම හරි.හෙඳයි, පහත්ය කියන මිනිහෙත් ඒක්කෝ එබදු කෙනෙකුගේ පුතෙක්-ධාර්මික රැකී රක්‍ෂාවලින් ධනය උපයාගෙන, ගමේ රටේ දරුවන්ට ශිල්ප ශාස්ත්රක උගන් වන්නට වියදම් කරවින්,රටේ සුචරිත


පියදාස සිරිසේන නවකථා එකතුව 135

වර්ධනයට මහන්සි ගනිමින්, දාන , සීලාදි කුසල ක්රිශයා කරමින්, ආර්මාර්ථ පරාර්ථකාමිව සිටිතොත් ඔහු උත්තමයෙක්ද?”

(තුෂ්ණිම්භූතව පහත බලා ගනී)

“මහත්මයා කුහක අධමයෙකි. මගේ ඇහීමට පිළිතුරු නොදි පහතට ඇස් යොමු කළේ.කුහක කම නිසායි. ‘පස්ට් ක්ලාස්ය’ උත්තමයෝය, යන නාමය අප රටේ වරදවාගෙන ව්යසවහාරයට බැස තිබේ. සුරා වෙළදාම් කොට, නැතහොත් අසල්වාසි මෝඩයන්ගේ ඉඩම් කඩම් ප්රතයෝගයෙන් අත්පත් කරගෙන, නැත‍හොත් සුඵ මුලාදෑනියෙක් වූ පසු ගමේ රටේ අඥනයන්ගෙන් අත්ලස් අරගෙන සල්ලි ටිකක් උපයා ගත් පසු මුදලි නමක් හෙවත් මුහන්දිරම් නමක් පටබැද ගත් අය උත්තමයෙක් නම්-පස්ට් ක්ලාස් මිනිහෙක් නම් ලෝකයේ සිටින අධමයා කව්ද? පහත් අය කව්ද? එබදු ජඩයෙකුගේ පුතාත් අප්පා ව‍ාගේ ආත්මාර්ථකාමියෙක් ව අනුන් පෙළා තලා ධන උපයාගෙන ජීවත්වෙතොත්- උත්තමයෙක් නම් ‘පස්ට් ක්ලාස්’ මිනිහෙක් නම්-ලෝකයේ පාපතරයා ය කියන්නේ කාටද?”

“අනේ මහත්මයාට පින් සිදු වේවා! මහත්මයා වැනි ගුණවන්ත උගත් උතුමෙක් නිසා තමුන්නාන්සේගේ අභිමුඛයේ කාරණය එලි වුණා. අපේ ජාතියේ දියුණුවට බලවත් හේතුවකි. දැන් මේ කතා කරණ වි‍ෙජ්සේකර, නමැති මිනිහා මුදලි කෙනෙකුගේ පුතෙක් තමයි . ඔහුගේ පියාවන මුදියන්සේත් මොහුත් රටට කළ හරියත් කරණ හරියත් පසුව කියන්නෙමි. අපේ තාත්තාත් මාත් රටට කළ හරියත් කරණ හරියත් පළමු කොට තමුන්නාස්සේට කියන්නෙමි. අපේ තාත්තා උත්පත්තියෙන් ම දුප්පතෙකි. කාගේ කාගෙත් පහත් වැඩ කරමින් සිටියේය. නමුත් කවදාවත් සතෙක් මැරුවේවත්, සොරකම් කළේවත්, පරදාරසේවනය කළේවත්, බොරු කිව්වේවත්, සුරා පානය කළේවත්, අනුන්ට ඊර්ෂයා ‍ෙකළේවත් නැති සත්පුරැෂයෙකි. මේ ගුණධර්මවලට ඉහතාත්මයේ ලැබුනු විපාකයක් වශයෙන් කුලියට වැඩ කරමින් සිටි මිණිරන් පතලේ සුඵ කෙටසක් ලබාගෙන එයින් මුදල් ටිකක් උපයාගෙන තබා රක්‍ෂා කරණ ගුණධර්ම වඩවඩාත් දියුණු කර ගිනිමින්-වාන්-පහත් කෑම බීම ඇඳිමාදියෙන් සතුටුව -මිනිරන් කපන්නට පටන් ගත්තේය. එසේ ටික කලක් කරණ අතර තාත්තාට පවුම් තුන් දාහක් සම්භ කර ගන්නට පිළිවන් විය. එතකොට මගේ වයස අවුරුදු 5 කි. පවුම් තුන් දාහක් තරම තාත්තාට ලැබෙන කොට අප සිට නිවස පොල් අතු සෙවිලි කළ කටුමැටි ගැසු

136 අෂ්ටලෝක ධර්මට චක්රපය

ගෙයකි. එසේ ද වුවත් අපට ගෙයක් හදාගන්නට පළමුවෙන් තාත්තා කළේ-අපේ ගමේ දරුවන්ට ඉගනීමට ස්කොලයක් නැති බැවින් රුපියල් 2000 ක් වියදම් කොට එය තනවා රුපියල් 50 ක් මාස් පතා පඩි දීමට ගුරුවරැන් දෙදෙනෙකු පත් කරවා ගමේ ළමයින්ට උගන්වන්නට සැලැස්වීමය. ඒ සත් ක්රිනයාව ආරම්භ කළ හැටියේ ම තාත්තාගේ මිනිරන් පතලේ නාඹතල්කඳක් හා සමාන මිනිරන් ඉල්ලමක් පෑදුනේය. තාත්තාගේ ධනයත් ගමේ දරුවන්ගේ ශාස්ත්රන ඥානය හා සුචරිතයත් එක විඩේ ම දියුණු වෙන්නට පටන් ගත්තේය. මේ ඉන්න විජේසේකර නමැති පස්ට ක්ලාසියේ මිනිහාටත් ඔහුගේ පියාටත් ඇස්වල වානේ කටු ගසන්නාක් මෙන් අමාරු වී එක් දිනක් තාත්තාව පාඨශාලාව ලඟදි සම්මුඛ ව, ‘ආ පොඩි අප්පු,උඹට සල්ලි ලැබුනු පලියට අපේ ගම විනාශ කරන්නේ ඇයිද? මේ ගමේ සිටින පහත් කුලවල කොල්ලොත් කෙල්ලොත් ඉගෙන ගත්තාම අපට වෙන්නේ කුමක්ද? අපට හාමුදුරැවො කියයිද? අපේ වැඩපල නිකම් කර දෙත්ද? අපේ වහල්ලුව සිටිත්ද? අනේ ‍‍යෝදයෝ මේ පහත් අයට ඉගැන්නුවා ම වැදගත් අයට වෙන්නේ වස අන්තරාවයි. ඒ නිසා වහා ම මේ ස්කෝලය නවත්වාපන්! එසේ නොකළොත් මම ඒජන්ත උන්නාන්සේගේ මාර්ගයෙන් මේ ස්කෝලය වසා දමනවාය’යි ක‍ීවය. උත්පත්තියෙන් ම නිර්භිත වු ධර්මයට දිවි දි සිටි මගේ පියා මුදලි තැනට කථා කොට, “රාළහාමිගේ දැනමිතිකම නම් කීයත් විටි-ගමේ රටේ මිනිස්සු අඥාන,අසරණ,කාලකන්නීන් වෙන්නට ඇර ඔවුන්ගේන් හාමුදුරුකම් ගැනීමට සතුටු වෙන මිනිසා තරම් අධමයෙක් ලෝකේ ම නැත. රාළහාමිලා හාමුදුරු නම් කියවා ගන්නේ හඩු ගඳ ගසන , නිර්වස්ත්රගව ඉන්න. දැලි කුණු වැකුණු කුසගින්නේ වැලපෙන, අඥාන අසරණයන්ගෙනුයි. උන්ගෙන් හාමුදරුකම් ගැනීම ඌරන්ට බල්ලන්ට රජකම් කරන්නා වැනි පහත් නම්බුවකි. නමුත් මගේ කල්පනාව එසේ නොවේ. ගමේ රටේ ඉන්න මිනිස්සු සියලු දෙනා ශිෂ්ටාචාර සුඛිත මිනිසුන් කරලා ඔවුන්ගෙන් බැනුම් ඇසුවත් රාළහාමිලා ලබන හාමුදුරුකමට වඩා හොඳ බවයි. ඒ නිසා මේ ස්කෝලය නොවේ තවත් ගම් හතකවත් ස්කෝල තබා, ධර්මශාලා පිහිටුවා, සමාගම් ආරම්භ කොට වැඩ කිරිමට මම අධිෂ්ඨාන කරගෙන සිටිමි, මගේ පාඨශාලාව ඒජන්ත කෙනෙකුට කියා වස්සවා දමන්ට පිළිවන් වුණොත් මම මේ ආණුඩුව යටතේ නොසිට යුරෝපයට යන්නේමි. දැනට මේ පළාතේ සිටින බරෝස්




පියදාස සිරිසේන නවකථා එකතුව 137

ඒජන්ත උන්නාන්සේ කව්ද කියා මම දනිමි. ස්කෝල වස්සවන්නට රාලහාමි එතුමා ළඟට ගියොත් සබුක්කු පාර කාගෙන එනවාට අනුමාන නැත. බරෝස් එජන්ත උන්නාන්සේ පාඨශාලාව බලා ගොස් එය ලබන ම‍සේ ආණ්ඩුවෙන් ආධාර ලබන පාඨශාලා සංඛ්යාවවට ඇතුලත් කරන බව ද කියා මට ප්රවසංසා කර ගොස් තිබේ. රාළහාමිලා වැනි ආත්මාර්ථකාමි, රට ජාතිය විනාශ කරණ, ගුණධර්මය යටපත් කරණ මිනිසුන්ට බලය දෙන මුලාදැනින් මේ රටේ නැත්තේ නැත. නමුත් බරෝස් ඒජන්ත තුමා එබදු පහත් කල්පනා ඇත්තෙක් නොවේ. පිරිසිදු උසස් ඉංගිරිසි මහතුන් රටවැසියන්ගේ දියුණුවට අවංකව වැඩ කරන්නාහු ය. එබදු මහතුන්ගෙන් ලක්දිව දියුණු විය. ලක්වැසියන්ගේ දියුණුවට අවංකව වැඩ කළ උසස් පැවැතුම් හා ගුණ ධර්මයෙන් යුත් ඉංගිරිසි මහත්වරු ටික දෙනෙක් වත් ලක්දිවට පැමිණි නිසා යුරොපයෙන් එන අහංකාර මදයෙන් මත් අල්පශ්රැිත ආත්මාර්ථකාමින්ටවත් මේ රටේ ම සිටින “පස්ට් ක්ලාස්” උත්තමයෝය”කියා රටවාසින් අන්ධකාර‍යේ ගිල්වා ගෙන සිටින අධමයන්ටවත් සැමදාම ලක් වැස්සන් පහත් අඩියේ තබාගෙන ඉන්නට නොලැබේ. ඒ නිසා මට ධනය ලැබුණොත් මගේ ම පවුලේ සැප පහසුවට වියදම් කරන්නේත් රටට හුඟක් වැඩ කළාට පසුව ය”යි කියා තාත්තා පතල තිබෙන ගමට ගොස් එහි ද පාඨශාලාවක් තැබුවේය. මේ අන්දමින් අපේ තාත්තා ‍ගම් අටක ම ගෑණු පිරිමි දරුවන්ට ඉගැන්වීමට පාඨශාලා පිහිටුවා ගම් තුනකට ම සෑහෙන පාරවල් නැති බැවින් ඒ පාරවල් ද කප්පවා ගම්වාසින් අතර ‍බේබදුකම හා දුශ්චරිත නැති කිරිමට සමාගම් ද පිහිටුවා, ගම් තුනක ධර්මශාලා හා පන්සිල් සාදවා, රට වාසින්ට රැකීරක්‍ෂා දීමට මිණිරන් පතල් කීපයක් ආරම්භ කොට වැඩකරන අතර අපේ ධනය ද ඉතාමත් වැඩි විය. අපේ පළාතේ මහජනයාගේ දියුණුවට වුවමනා සියල්ල කෙරෙණ තුරුත් අපේ තාත්තා අප පදිංචි කටුමැටි ගැහු ගෙය වෙනුවට ගෙයක් නො සෑදුවේය. පළාත්වාසින්ගේ දියුණුව සැලසෙන බව දුටු අපේ අත්මුදලට ගත් අක්කර 200 ක් පමණ විශාල වත්තක ඉතා අලංකාර වලව්වක් තනවා ඊට සුදුසු බඩුමුට්ටු ද සූදානම් කර මොටෝටොකාර් අශ්ව කරත්ත ආදි වාහනත් තබාගෙන දැන සැපසේ කල් ගත කරති.අපට ධනය ලැබුනේ සුචරිතය දියුණු කරගෙන ආ නිසා බව අපට ප්රිත්යධක්‍ෂ වී තිබේ. මම හොඳට සිංහල ඉංගිරිසි භාෂා ඉගෙන ගත්තෙමි. කාලේ හැටියට යුරෝපීය ක්රයමයට ඇඳීම මිසක් අන්යේ කිසිම විදේශීය හෝ ස්වදේශීය දුසිරිතකට මාවත් අපේ කිසිම කෙනෙක් වත්



138 අෂ්ටලෝක ධර්මක චක්ර ය

බැස්සේ නැත. අපි උදේ සවස තුනුරුවන් වදිමු-උදේ සවස පන්සිල් සමාදන්ව ඒ රක්‍ෂා කරමු. උදේ සවස මවුපියන්ට වඳිමු- පොහොයදාට අටසිල් සමාදන් වන්නෙමු. කොයි රටක වුවත් කරණ සුචරිත ක්රි-යාවන්ට ආධාර කරන්නෙමු. මෙසේ ක්රිකයා කරණ අපට දැන් ලක්දිවින් ලැබෙන්නා වු ගෞරවය අනන්තය. වැදගත් යුතුකම දත් යුරොපීය මහත්තැනුත්, පරාර්ථකාමි සත් පුරුෂ උසස් ස්වදේශිය මහත්වරුත් අපට අතිශයින් ගරු කරති. නම ගැන වචනයක් කියමි. අපේ ගෙයි නම අමරසේකරගේය. අපේ තාත්තාට පොඩි අප්පුහාමිය කියා තිබුනේය. ඇත්තෙන්ම ඒ සංකර නාමයක් නොවේ. සිංහල නම් ගම් කුලසිරිත් ගුණ ධර්ම ආදියට සතුටු මගේ මවුපියන් මට ධර්මදාස යයි කියන ලදි. ඉන්පසු ම‍ා කොළඹ කොලීජියට භා‍ර දෙද්දි අපේ අමරසේකර ගේ යන ගෙයි නාමය අගට ගෙන ධර්මදාස අමරසේකට කියා ව්ය‍වහාරයට ගත්තෙමි. නමුත් මහත්මහාණෙනි. මේ ‘පස්ට් ක්ලාස් උත්තමයා’ය කියන මිනිහාගේ තුන් වැනි සීය කොච්චියෙකුගේ පුතෙක් ලු. ඔවුන්ට විජේසේකර නමක් පටබැදි ගන්නට පිළිවන් නම් පරම්පරා හත අටක පටන් අමරසේකරගේ යයි පවිච්චි කළ අපට ඒ නම කියන්නට බැරි කිමද? අනේ මහත්මයාණෙනි, මේ රාලහාමි ය කියන මිනිහාගේ ‘උසස් කමෙනුත් මගේ පහත් කමෙනුත් තමන්නාස්සේ මැනැවැයි කියන්‍‍‍‍ නේ කුමක්ද?”

“ධර්මදාස අමරසේකර මහත්මයාණෙනි, සැබැවින් ම තමුන්නාන්සේ වැදගත් උත්තමයෙකි. උත්තමයකුගේ පුතෙක් ද වේ. මේ විජේසේකර උන්නැහේ අධම කාලකන්නි පංක්තියේ කෙනෙකි.දැන් අපේ රට විනාශ වී තිබෙන්නේ මෙබදු අධම මිනිසුන් නිසා වේ. උත්තමයාය කිව යුත්තේත, ‘පස්ට් ක්ලාස්’ මිනිහාය කිව යුත්තේත් ආත්මර්ථයට වඩා පරාර්ථය සලකන උත්තම සත්පුරුෂයාටයි. අපෙගේ බෝධි සත්වයන් වහන්සේ දීපංකර බුදුන් හමුවෙයි ලැබුනු නිවන් සැප අතැහැර ලෝක සත්වයාටත් ඒ නිවන් මාර්ගය පෙන්වා දෙන පිණිස සාරාසංඛ්යැ කල්ප ලක්‍ෂයක් මුඵල්ලේ වින්දාවු දුක මේ පමණ යයි කිව හැකි සත්වයෙක් උපන්නේ නැත. ඉතින් ඒ පරාර්ථය ම සලකා ක්රිකයා කළ බැවින් උන්වහන්සේ ලෝකයේ උපන් සියලු ම සත්වයන්ට වඩා ශ්රේකෂ්ඨ වූ සේක.” “තමුන්නාස්සේ මේ කාලයේ පරාර්ථය පිණිස වැඩ කරණ මිනිසුන් ගැනත් අසා ඇති බව සලකමි. කරුණාකර එබදු කෙනෙක්




පියදාස සිරිසේන නවකථා එකතුව 139

දෙන්නෙක් කිව වැනමි.”

“පරාර්ථය පිනිස වැඩ කළා වූ ද කරන්නා වූ ද අනිත් අපේ මිනිසුන් තබා කම්කරු පංක්තියේ මිනිහෙක් ගැන මම අසා පුදුමයට පැමිණියෙමි. ඒ මෙසේ යි-ලන්ඩන් නුවර මහල් දහයක ගොඩනැගිල්ලක් තනන අවස්ථාවක උඩුමහලේ යකඩ බාල්කයක් සවි කරමින් සිටි දෙ දෙනෙකු හදිසියෙන් වැටුනෝය. ඒ දෙදෙනාටම එකම ලනුවක් අසුවී එහි ඒල්ලුනෝය. බිමින් ආධාරයක් ගෙන ගොස් ඔවුන් ගලවා ගන්නා තුරැ දෙදෙනාට ම ඵල්ලී සිටින්නට ලනුපට ශක්ති නැති බැවින් එකෙක් අහකට නො පැන්නොත් දෙදෙනාම විනාශ වනු ඒකාන්ත බව ඔවුන් දෙදෙනාම දැන ගත්හ. ඉතින් ලනු පටේ ඉහලින් ඵල්ලී සිටින තරුණයා පහතින් එල්ලී සිටින මිනිහාට කථාකොට “බැන්ජමින් උඹ පවුල් කාරයෙකි. උඹ මළොත් අනාථවීමට උඹේ භාර්යාවත් ළමයිනුත් සිටිති. නමුත් මා මළාම එසේ අනාථ වීමට කෙනෙක් නැත. ඒ නිසා උඹ දිවි ගලවා ගනින්-ඔන්න මම ලනුව අත අරියෙමි.” කියා බිමට පැන්නේය. ඉතින් මේ පුරුෂයා අඩි 150 ක් පමණ උසින් බිමට පැන සුනුවිසුනුව මළේය. අනිකා ගැලවුනේය. ඉතින් බලන්ට අනුන් වෙනුවෙන් දිවි පුදන මිසිස්සු වර්තමාන කාලෙත් සිටිති.අපේ රටෙත් උත්තමයෝ පුරාණ කාලයේ විසු බව පොතපතේ සදහන් ව තිබේ . දැහැමි සිරිසඟබෝ රජතුමා බත් වේලකින් සංග්ර හ ලැබු අයෙකුට ස්වකීය සිරස පරිත්යාදග කර තිබේ. එහෙත් දැන් අපේ රටේ ගුණධර්මයත් උසස් ශාස්ත්රයයත් දැනගත් අය නැති බැවින් පරාර්ථයට වඩා ආත්මාර්ථය ගරු කිරීමට පුරුදු වී තිබේ.. හාල් පතක බත් කන්ට පිළිවන් මිනිසා උවමනාවකදි පත කාලක හා ඉතිරි තුන් කාල අනුන්ට දීම ඔහුට අමාරුවක් නොවේ. බඩ ගින්නේ කීප දෙනෙක් සිටිනු බල බලා එකෙක් පමණක් ඔහුගේ බඩ හොදට ම තද වන තුරු කතොත් ඔහු සුනඛ‍යකුට වැඩි ගුණ ධර්මයකින් යුත් කෙනෙක් යයි මම නොසිතමි. දැන් අපේ රටේ මධ්ය්ම තරමේ වත් පොහොසත්කම් ඇති මිනිස්සු සිටිති. ඉතින් ඔවුන්ට දිනපතා වුවමනා කරණ අධික සැප පහසු සදහා ම ඔවුන්ගේ අදායම් මදි වේ. යම්තරමක් ලැබිම වැඩි වේද ඒ තරමට ම ඔවුහු අධික සැප පහසුත් සූදනම් කර ගනිති. එසේ ලැබෙන තරමට තමන්ගේම අධක සැප පහසු සදහා යොදා ගෙන-පරාර්ථදායි ක්රිනයාවක් මතක් කළොත් තමාට අමැරුකම කියයි. දැන් අප රටේ ධනවත් මිනිස්න්ගේ කුස්සිවල කපා කොටා අහක දමන මස් පාන් ආදිය



140 අෂ්ටලෝක ධර්මක චක්රමය

ඇතහොත් ඉතා රසවත් ආහාර ලෙස සලකන අය බොහෝ සිටිති. පොහොසත් පවුල්වල කුඩා ළමයින්ට පළදවන පට ඇඳුම්,රත්රන් කන්නාඩි අදියට දෙන මුදලෙන් අසරණ දරුවන් දෙතුන් සියයකගේ දියුණුවට හේතු වන ශිල්ප ශාස්ත්රෙ ඉගැන්වීමට පිළිවන්කම තිබේ. යම් ඡාතියක ඉපද සිටින මිනිස්සු අතර මහා සමූහයක්, අඥාන දුක්ඛිත කාලකන්නියන් ව සිටිය දි කීප දෙනෙක් පමණක් අධික සැප විඳිමින් සුඛිතව සිටිම ගර්හිත ක්රියයවකි. එය හරියට පවුලක උපන් සහෝදරයන් හතර දෙනෙකුගෙන් දුර්වල වූ රෝගීවු තුන් දෙනෙක් කුස ගින්නේ සිටය දි ශක්තිමත් නිරෝගි මිනිසා යමක් සපයාගෙන තනිය ම කෑම වැනි පහත් ක්රි යාවකි.” “ඉතින් පිනවත් මහතාණනි, අපේ රටේ ඉන්න ලොකුය කියන බොහෝ මිනිසුන්ට අනුන්ගේ දුකක්වත් වුවමානවක් වත් කිසි විටක නොපෙණේ. ඉතින් මේ ස්වභාව කවදා වෙනසක් ‍වේද? කොහොම වෙනස් කළ යුතුද? මේ ගතිය දැන ටික ටික වෙනස් වේගන යයි. මම එංගලන්තයට යන කාලෙට වඩා දැන අපේ රට හොඳයි. පරාර්ථය පිණිස වැඩ කරණ උසස් ධනවත් අයත්,මධ්යයම පංක්තියේ අයත් වැඩිවේගන යන බව පෙනේ. දැන් කටයුතුව තිබෙන්නේ පරාර්ථය පිණිස වැඩ නො කරණ මිනිසුන් නොසලකා හැරිමත්, ඒ එක්කම පරාර්ධකාමී සත්පුරුෂයන් උත්තමයන් දෙවියන් මෙන් සැලකීමත්ය. මුදල් ඇති කෙනෙක් රටේ දරුවෙකු දෙන්නෙකු පිට රටකට යවා යම්කිසි කර්මාන්තයක් ශිලපයක් නුගන්වතොත් ඔහු ගරු කටයුත්තෙක් නොවන බවට රටේ සම්මතයක් කරගත යුතුය. යම් ගමක පාඨශාලාවක් නැත්නම් ඒ ගමේ සිටින යමක් ඇති මිනිසුන් ඉතා ම හීන මිනිසුන් මෙන් සැලකිය යුතුය. අත්ලස් ගන්න,යුක්තිය ඉෂ්ට නොකරණ මුදලි මුහන්දිරම් ආදී නිලධාරීන් පහත් යාචකයන් ලෙස සැලකීමට සම්මතයක් ඇති කළ යුතුය. පරාර්ථකාමි සත්පුරුෂ ශ්රේයෂ්ඨයන්ගේ කීම ජිවිතය මෙන් ගරු කිරිම මහජනයාගේ යුතුකමක් බව සම්මත් කර ගත යුතුය. මෙසේ වැඩ කිරිමට දැන් පටන් ගෙන තිබෙන බැවින් මේ දුම්රිය හා වෙනත් ස්ථානවල සිටින නරක ප්ර්ධානීන්ගේ උතතම කමත් ‘පස්ට් ක්ලාස්’ කමත් කැලණි ග‍ ඟේ වතුර මෙන් පල්ලමට ගහගෙන යන බව පෙනේ. ඒ නිසා මේ බලසම්පන්න අධම මිනින්සු පරාර්ථකාමි සත්පුරුෂයන්ට විරුද්ධව අභූත චොදනා ඇති අවිචාර බුද්ධියෙන් යුත් නිලධාරින්ගේත සහායෙන් සමහර විටක අමැරුවට පත්කරන්නටත්





පියදාස සිරිසේන නවකථා එකතුව 141

පුලුවන. ඒ කෙසේ වුවත් පරාර්ථකාමි සත්පුරුෂයාගේ සත්ක්රි්යාවේ විපාක වලක්වන්නට පිළිවන් ශක්තියක් මිහි පිට ඇති නොවේ. පරාර්ථකාමිහු යම් හෙයකින් අමාරුවට පැමිණියත් කසල ගොඩේ සඟවා තබන මැණික් රජුන්ගේ කිරිටාලංකාරයට ගන්නාක් මෙන් ඒ පරාර්ථකාමි සත්පුරුෂ උත්තමයන්ට දෙවියන් සහිත සත්පුරුෂයන්ගේ ගරු බුහුමනුත් ආධාර උපකාරත් මෙලොව දීම ලැබි,මරණින් මත්තේ ආයු වරුණ සැප බල ප්රරඥ යන පස් කාරණයකින් සෙස්සන්ට වඩා දියුණුව මහේශාක්යආ දෙවි‍ෙයක් හෝ මනුෂ්යකයෙක්ව උපදින්නට ලැබෙනු ඒකාන්තය”යි ජයසිංහ මහතා කියා ඉවර වෙත කොට ම මහනුවර දුම්රියපලට දුම්රිය ද ලඟා වුයේය.

13.පරිච්ඡේදය

[සංස්කරණය]
දු

ම්රිය කාමරයේ සිටි තුන් දෙනාගෙන් විජේසේකර රාළහාමිට ඉතා අමාරු වි සිටියේය. ජයසිංහ මහතාගේ උතුම් අදහස් ගැන ප්ර සන්න වූ ධර්මදාස අමරසේකට මහතා ජයසිංහ මහතාගේ තොරතුරු සියල්ලක්ම අසාගෙන ඉතා හිතෛෂිව-නැවත එතුමන් සමභ වෙන්නට කොළඹ එන බැව් කියා ආචාර සමාචාර කර යන්නට ගියේය.විජේසේකර රාළහාමි තමගේ මස්සිනා වන ලුනුවිල නිලමේ සම්භ වෙන්නට වලව්වට ගියේය. දවල් ආහාර අනුභව කළ පසු ලුනුවිල නිලමත් විජේසේකරත් ඉස්තෝප්පුවේ තිබුනු හාන්සි පුටු දෙකක වාඩි වි ලොකු මැනිලා සුරුට්ටු දෙකකුත් දල්වා ගෙන කතා කරන්නට පටන් ගත්තේය. “ඒක ද ‘මිස්ටර්’ ලුනුවිල’ අපට වැඩේ වල් වෙන්ටයි එන්නේ.” “ඒ මොකද’‍ඩියර’විජේසේකර?” “මේ රටේ ලාභයට ඉ‍ංගිරිසි ආදි භාෂා ශාස්ත්ර” උගන්වන්නට පටන් ගත් බැවින් පහත් පවුල්වල පහත් කුලවල කොල්ලො මහ ‘ගජයෝව’ අපට කලින් දීපු ගරු බුහුමන් යටපත් කරගෙන යති. දැන් අපට ‘ආර්මාර්ථකාමි අධමයෝය’යි ඔවුහු කියති.” “අයිසේ” ඒක සැබෑ තමයි-ඩියර්-උඹ ඒක කා සමගවත් කියන්නට එපා.මහජනයා දැන් අපට ගරහන එක බොහොම හරියි. අපි මහජනයාගේ යහපතට මොකුත් නොකරණ විට ඔවුහු අපට කුමක් නිසා සලකන්ද?”



142 අෂ්ටලෝක ධර්මැ චක්රුය


“ඉතින් ඩියර් ලුනුවිල-17 වැනි වර්ෂය දක්වා එංගලන්තයේ පැවැති( ඇරිස්ටොක්රැකසි) රදළ බලය සුණුවිසුණුව මහජන බලය යම්සේ දියුණු වුණාද-අපේ රටට වේගන යන්නෙත් ඒක ම බව පෙනේ.ඉතින් ඉලව්වේ මෙහෙම වුණොත්,අපට හාමුදුරුවොයි කියන කෙනෙක්වත්-ඔලුව පහත් කරණ කෙණෙක්වත්-අපේ වැඩක් පලක් කරවා කියගන්නට කෙනෙක්වත් නැතිව යනවා නොවේද?” “මොන බොරුද? රටටත් මහජනයාටත් වැඩ කරණ රදළවරුන්ට ඉස්සරටත් වඩා ආදරේව හාමුදුරුවොයි කියති. අප පවුල් කීපයක උදවිය අනුන්ගේ රිරිමාංශ උරා පෙරා ගන්නටම සැරසුනා මිස රටේ ශාස්ත්රක දියුණවටත්,සමානාත්මතා ධර්ම දියුණුවටවත් කිසිත් කරන්නේ නැති වරද නිසා අප පවුල්වල සෑම දෙනාම රටට වව්වනාවි මෙන් වී තිබේ. බලන්න. රටට වැඩ කළ බෝතලේ සේනානායක මුදලිතුමාට,කොළඹ හේවාවිතාරණ මුදලිතුමාට,කොතලාවල මහතාට,හැක්ටර් ජයවර්ධන අද්වකාත් මහතාට,සලමන් ප්රොනාන්දු දොස්තර මහතාට, වලිසිංහ හරිශ්චන්ද්ර් මහතාට ඒ මහතුන්ගේ මරණයෙන් පසු පවා ලැබුනු ගෞරව! සේනානයක මුදලිතුමා-ආදි ඒ උතුමන් සම්බන්ධ ග්රබන්ථ පවා උගතුන් විසින් ලියා තිබේ. නමුත් උඹලා අපි මළ විට බලු කපුටු ආදින්ගේ ‍ඝොෂාවක් මිසක් වෙන මනුෂ්යියකුගේ ඝෝෂාවතක් නම් ඇති නොවේ.(මේ කථාව අසාගෙන මිදුලේ වාඩි වි සිටි පිනාදුරයා ඉදිරියට අවුත් මෙසේ කියන්නට පටන් ගත්තේය.) “අනේ බයිබෝයි-නැත්නම් සිද්ධවෙච්ච කාරණයක් කියන්නට පුඵවනි.” “මොකක් ද දුරයො-කියාපන්්කො.” “පසු ගිය මාසේ අපේ ගමේ බස්නායක් නිලමේ අපවත් වුණා.ඉතින් ගමේ සිටි සෑම දෙනාම ප්රීේතියට පැමිණ හොදට උයාපිහා ගෙන කෑවා පමණක් නොව බලු කපුටන්ට දන් දීලා ඒ බස්නායක නිලමේ වැනි කෙනෙක් - මනුෂ්යුයෙක් උපදින රටකට ඒ සියක් යොදනකින් මෙහා කිසි කාලෙක නුපදින්නට ප්රාටර්ථනා කළා” “කව්ද පණික්කියො-අපේ මච්චන්ඩි ද?” “එහෙමයි-අයුබෝවන්ඩ!” “ආ දුරයො! උන්නැහේ ගමේ සිටියේ කොහොම ද?” “අනේ ආයුබොවන්ඩ,උන්නැහේ ගමේ කල් යැව් හැටි කියන්ටත්



පියදාස සිරිසේන නවකථා එකතුව 143


ලැජ්ජා තරමයි. ගමේ ස්කෝලයක් තබන්ඩ හැදුවා. ඒ පාතරට මහත්මයාට විරුද්ධව ඒ වැඩේ කඩාලාපි, දේවාලෙට ලැබෙන තරමක් වතු කුඹුරු ගන්නට මං ‍යොදාපි. ගමේ එකම මිනිහෙකුගේවත් කුඹුරක් දෙනියක් ඉතුරු නොකර උන්නැහේට පුඵවන් පමණ අයිති කරගෙන එසේ ගන්ට බැරි ඒවා ආණ්ඩුව සන්තක කරපි. ගමේ මිනිහෙක් ඈතකට ‍ෙගාස් කුලී වැඩක් වත් කරලා රෙදි කෑල්ලක් මිලේට ගෙන ඇඳගෙන සිටින බව දුටුවොත් උන්නැහේගේ අ‍ැහේ උල් ගහන්නා වැනිය.කාටවත් ගෙයක් හදා ගන්නට. පිරිසුදුවට ඉන්නට ඉඩක් නැත. ගමේ මිනිස්සු මැද ගන්නා තෙලිජ්ජවලිනුත් පැනි හකුරු වලිනුත් කොටස වැරදුනු දාට-කිතුල් මැදිමක් නැත.ගමේ අසරණ මිනිස්සු දුක සේ සපයා ගත් දෙයින් ම කාලා අවුරුද්දකට දහ දොළොස් දිනක් උන්නැහේගේ කුඹුරුවලත්,හේන්වුලත් වැඩ නොකළොත් ඉඳිමක් නැත. උන්නැහේට අකීකරු වුණොත් බොරු නඩුවකට හෝ පටලවා -ඵ් මිනිහාගේ ඔද බිදී. උන්නැහේ බොහෝ නම්බුකාරයෙක් කියා ගෙන උන්න නමුත් ගමේ කොයි කුලගෝත්රබයක් වත් නෑර පරදාරකර්මය කළ කෙනෙකි. උන්නැහේට සිටි එකම පුතත් දුවත් මිෂන‍ාරි කොලිජියක බෝඩිං කරවා සිටි ඒ දෙන්නා ම ක්රි්ස්තියානීන් වෙලා සිංහල හමටත් පිළිකුල් කරමින් දැනට අවුරුදු හතරකින් ගමටවත් අ‍ාවේ නැහැ. බස්නායක නිලමෙගේ මරණය වේලාවේදිවත් ආවේ නැහැ. ලෝකයේ ඇතිතාක් දුශ්චරිතත් අපරාධත් කරමින් සිටි අපේ බස්නායක නිලමෙගේ කටේත් බඩේත් වේවැල් තරමට මහත පණුවන් කා වැදි මාස 6 ක් පමණ දුක් විද මළා. ඉතින් උන්නැහේ මළා වූ දවස වැනි මඟුල් දවසක් මගේ උපන්හදවියේ අපේ ගමේ ඇති වුනේ නැහැ. ඉතින් ආයුබොවන්ඩ, උඩරට ඉන්නා තවත් ඔබදු නිලමේලා කෙළවරක් නැහැ”

“මිස්ටර් විපේසේකර, මේ පිනාගේ කීම සත්තකයි. අපේ මව්ව්න්ඩිට වෙච්ච එක මමත් දනිමි. දැන් පාතරට පමණක් නොව උඩරටත් ආත්මාර්ථකාමි රදළවරුන්ට අගෞරව පැමිණිගෙන එනවා, ඇත්ත වශයෙන් බලනකොට ඒක එසේ විය යුතුය. ‘ලෝ වැඩ නොකොට සිය අතට පැමිණියක් අනුභව කොට විසීම මා වැන්නන්ට යුතු නොවේ’ යයි දීප චක්රකවර්ති ශ්රීස පරාක්රඅමබාහු රජතුමා ප්රීකාශ කොට උන්වහන්සේත් මහජනයාගෙන් කෙනෙක් මෙන් මහජනයාට ඩැඩ කර තිබෙන කොට දැන් මුදලි කමක් මුහන්දිරම් කමක් රටේ රාළ කමක් කෝරලේරාළ කමක් ලැබුනු පලියට මහජනයා වාල් කර




144 අෂ්ටලෝක ධර්ම චක්රවය

ගන්නට යාම යුතුද? අපේ පළමු වැනි මුතුන් මිත්තන්ගේ කාලේ සිටි සාමාන්යා මිනිස්සු කිසිම ධර්මයක් ශාස්ත්රේයක් නොදැන අන්ධකාරේ සිටි බැවින් අයුත්තේ බැලමෙහෙ කරමින් දාසභවයේ සිටි පලියට මේ කාලේ පවත්නා සාධාරණ ආණ්ඩු ක්රටම නිසා කාටත් ධර්මාශාස්ත්රබ හා ආණ්ඩුක්රඩම, ජාති ධර්ම ශාස්ත්ර ඉගෙණ ගන්නට ලැබී ති‍ෙබද්දීත් දියුණු වන අනික් රටවල් දෙස බලා ඒ රටවල මෙන් නිදහස් ශිෂටාචාර භාවයක් අප ‍රටෙත් ඇතිකර ගැනීම නුසුදුසු ද? ඒ ධර්ම ශාස්ත්රාපලෝකය වලක්වා මහජනයා අන්ධකාරේ ගිල්වන්නට අපේ පවුල් හත අටක උදවිය උත්සාය කරණ නමුත්-ඒ උත්සාහය සූර්යයා පොල් අන්තකින් මුවා කිරීමට කරණ ක්රිනයාවක් වැනිය. බලන්න, පසුගිය දවසක කොළඹ කච්චේරියේ ලිපිකර ධුරයක් හිස් වී තිබුනේය. එයි බොහෝ දෙනෙකු විසින් ඉල්ලුම් කරණ ලදි. ඒ ඉල්ලුම්කරුවන් අතර වඩුරාළ කෙනෙකුගේ පුතෙක් ද සිටියේය. ඒ තරුණයා අතින් සියලු දෙනාට ම වඩා ඒ රාජකාරියට සුදුසු නිසා ඒජන්ත උන්නාස්සේ ඔහුට ඒ තනතුර දුන්නේය. මේ ගැන එවකට කච්චේරියේ සිටි අතපත්තු මුදලි තැන අප්රෙසන්නව “කච්චේරියේ නිලතල වැදගත් පරම්පරාවල අයට දිය යුතුය. මෙබඳු කීප දෙනෙක් සිටිය දී මේ වඩුරාළගේ පුතාට ම මේ නිලේ දුන්නේ ඇයිදැ”යි මහත් වේගයෙන් ඒජන්තතුමාගෙන් ඇසීය. නිදහස් ආණ්ඩු ක්රයමයත්, උසස් ශිල්ප ශාස්ත්ර්ත්, උතුම් ධර්මය හා චාරිත්රී වාරිත්රිත් උගත් ඒ ඒජන්තතුමා “සිනාසි” ආ මුදලි තැන. ක්රියස්තුස් වහන්සේත් වඩුරාළ කෙනෙකුගේ පුතෙක් නොවේදැ’යි කී විට බලවත් ක්රියස්තු භක්ති‍කයෙක් වූ මුදලි ගැන දුර්මුඛව යන්නට ගියේය. ඉතින් ලොකු මිනිහෙකුගේ පුතෙක් වූ පලියට ම යම් කෙනෙකුට සැලකීම බලවත් අයුත්තකි. උගත් කමින්, ශිෂ්ටාචාරකමින්, පරාර්ථකාමි භාවයෙන් ම මිනිසුන් ගේ උස් පහත් කම් පුරාණ කාලයේ මෙන් ම දැනුත් ‍තෝරා ගන්නට පටන් ගෙන තිබෙන බැවින්-පසුගිය අවුරුදු දෙතුන් සියය තුළ මෙන් රදළවරුය. පස්ට්ක්ලාස් මිනිස්සුය කියා මහජනයා සමග වැඩ නොකළොත් අපට වෙන්නේ වස වැරැද්දකි.” ‘ඩියර් ලුනුවිලගේ කථාව මට පුදුමයි. එහෙනම් සැලකිල්ල ලබන්නට මහජනයාට මිශ්රුව රටේ ගමේ දියුණුවට වැඩ කරන්නට ඕනැ. මහා පරක්රසමබාහු රජතුමා මහජනයා සමග ගැටි ඔවුන්ගේ දියුණවට වැඩ කර තිබේ නම් කරුණා කර ඒ සඳහන් කර ඒ සදහන් පොතෙන් මට ඒ කාරණය පෙන්වන්න.”





පියදාස සිරිසේන නවකථා එකතුව 145

(පොත් අල්මාරිය ඇර මහාවංශය ගෙනවුත් කියවයි)

72 වැනි පරච්ඡෙදය-“ඉක්බිති කරණාවන්ත වූ මහ රජතුමා නොයෙක් සිය ගණන් ‍රෝගින්ගේ වාසයට සුදුසු වූ මහා ආරෝග්යත ශාලවක් කරවා සියලු උපකරණ තබ්බවා, සියලු ‍රෝගීන්ට නියම ඖෂධ වර්ගල හා කෑම බීම දෙමින් සාත්තු කිරිමට එක ලෙඩාට සාත්තු කාරියක් හා සාත්තු කාරයෙක් බැගින් පත්කොට-පිටින් පැමිණෙන ලෙඩුන්ටත් වෙන ම බෙහෙත් දීමට කටයුතු සලස්වා, වෛද්යිශාස්ත්රු නමැති මහා සාගරයේ පරතෙර දුටු වෛද්යායන් පත් කරවා-ඔවුන් ලවා දිවා රෑ දෙක්හි රටවාසි සියලු ‍රෝගාතුරයන්ට ප්රෛතිකාර කරවීමට සලස්වන ලදි, මෙසේ තමන් වහන්සේගේ ආණ්ඩුවේ වෛද්ය‍ දෙපාර්තමේන්තුවෙන් රටවාසින්ට බෙහෙත් කරන්නට සියලු කටයුතු සම්පාදනය කළ නමුත් ඵපමණකින් සතුටු නොවි මාසේකට පැමිණෙන සතර පෝය දිනයෙහි රජතුමා රාජාභරණයෙන් තොරව ශ්වෙත් වස්ත්‍ර හැද පොරවාගෙන අටසිල් සමාදන්ව තමන් වහන්සේගේ ම මහා ආරෝග්යෙ ශාලාවට පැමිණ, කරුණාවෙන් ‍තෙත්වූ මොලොක් සිත් ඇති ව, ඒ ඒ රෝගින් පරීක්‍ෂාකර බලා දරුණු රොගීන් ගැන වෛද්ය්චාර්යවරයන් සමග සාකච්ඡාකොට, තමන්වහන්සේ ද ආයුර්වේදය ඉතා හොඳින් දන්නා බැවින් වෛද්ය්වරයන්ට වැරදුනු තැනක් දක්නා ලද්දේ නම් ඒ වහා ම වෙනස් කොට සුදුසු ඖෂධ දෙවා තමන්ගේ අතින් ම සමහර රෝගින්ට ඖෂධ පොවා ආහාර පාන දී-ඉක්බිති සියලුම රෝගීන්ගේ සැප දුක් විචාරා, එසේම රෝගයෙන් සුවපත්ව ආරෝග්යර ශාලාවෙන් පිටවි යන අසරණ අයට රෙදි පිළි හා මුදල් ද දී පින් අනුමෝදන් වන්නේය. මෙසේ මසකට සතර දිනක් තමා ම ආරෝග්යන ශාලවට පැමිණ දිළිදු අසරණයන්ට දීපචක්රදවර්ති වූ උන්වහන්සේගේ අතින් ම කසාය බෙහෙත් දිමෙනුත් ආහාර පාන දීමෙනුත් කරණ ලද පිළියම් නිසා මුලු ලක්දිවම රොගීන් ගෙන් තොරව රටට සෙත සැලසුනේය. මේ උත්තමයා මනුෂ්යනයන්ට පමණක් සංග්රරහ කළ කෙනෙක් නොව තිරිසනුන්ට ද වෙදහල් තබ්බවා සංග්ර හ කරණ ලදි. මුන්වහන්සේගේ වෙදහලට හක්කේ ගෙඩියක් අටගත් කපුටෙක් ඉතා වේදනාවෙන් පැමිණ නිශ්චලව ඉන්නා බව වෛද්යඅචාරරයවරු දැක ඒ බව රජතුමාට දන්වන ලදින් උන්වහන්සේගේ ආඥාවෙන් වෛද්යකචාර්යවරු ඒ කපුටාගේ ගෙඩිය පලා සුදුසු ඔසු යොදා සුවපත් කරණලදි. ඉකිබිති රජතුමා ඒ කපුටා ඇතකු පිට තබා නුවර පැදකුණු

146 අෂ්ටලෝක ධර්මද චක්රාය

කරවා යන්නට අරියේය. තමන් තමන් වහන්සේගේ මෘදු වු කරුණාවන්ත භාවය ස්වකීය රජ පවුලටත් අමාත්යම පවුල්වලටත් රටවාසීන්ටත් පමණක් නොදන්වන ලද්දේය. ඉතින් විජේසේකර මහතාණනි, මට දිර්ඝ වශයෙන් කාරණය කියන්නට බැරිය. මහාවංශය තමුසේ ම කියවා බැඵවොත් පුදුමයට පත්වන්නෙහිය. මුඵ ලෝකය තද තෙදින් අඵකර ලන්නට පිළිවන් වික්රැමවන්ත මහා පරාක්රරමබාහු රජතුමා ඒ තේජස පර සතුරන්ට පමණක්ම දැක් වූ සේක. තමන්වහන්සේගේ රටවාසි සියලුම සත්වයන්ට පියෙක්ව,මවෙක්ව,සමාන කෙනෙක්ව කටයුතු කර තිබේ. තමන්ගේ උසස් භාවයටම නම්,මහජනයා උන්වහන්සේට ඔය තරම් කරුණාවන්ත ප්රේසමයක් ගෞරවයක් දක්වයි ද? සත්තකට ම නැත. දැන් ඉන්නා රදළවරුය, ලොක්කොය කියන උදවිය ඒ පරාක්රවමබාහු රජතුමාගේ අත් පා මෙහෙකිරිමටවත් සුදුස්සෝ නොවති. එසේ වු අල්ප මිනිස්සු මහත් උදාරම්කමින් රටවාසීන් සමග එක්ව ක්රිසයා කොකර රටවාසින්ගේ දියුණුවට කය සිත වෙහෙසවා ක්රි්යා කොකර-ගරු බුහුමන් ලබන්නට උත්සාය කිරිම ඉතාමත් නින්දිත අදහසකි. මුඵ ලොව පතළා වු තේජසින් යුත් ඒ පරාක්රිමබාහු රජතුමා තමන්වහන්සේගේ පුද්ගලික සැප පහසුව ස්වල්පයකුදු නොතකා පරාර්ථය පිණිස ම මුඵ ජීවිත කාලය ගතකොට තිබෙන හැටි මහාවංශයේ 72 වැනි පරිච්ඡේදයේ පටන් 79 වැනි පරිච්ඡේදය දක්වා කියවීමෙන් තේරුම් ගන්නට පිළිවන. එහෙත් මහා පරාක්ර මාබුහු මහ රජතුමා රටවාසින්ගේ දියුණුව සදහා කළ අනන්ත අප්රෙමාණ කටයුතුවලින් ස්වල්පයක් මහා වංශයේ 78 වැනි පරිච්ඡේදයෙන් හා 79 වැනි පරිච්ඡේදයෙන් ගෙන මෙහි දක්වමි. “හික්‍ෂුන්ගේ සැප විහරණයට යෝය්යන වු විහාරයන් කරවනු කැමැති රජතුමා, අනේපිඬු මහ සිටාණන්ගේ පේතවන විහාරය ලෝකයාට දක්වන්නා සේ ජේතවන නම් විහාර‍යක් කරවූයේය. එහි අධිපති වූ සීලවන්ත ස්ථවිරයන්වහන්සේලාගේ වාසය පිණිස මාහැඟි වූ තුන් මහල් ප්රා්සාද අටක් කරවූයේය. ශාරිප්රපත්ර‍ ගාණචාරින්වහන්සේට චන්‍ද්රිකකා වලින් යුත් ගබඩා පංක්තියෙන් සමලංකෘත උඩුමහල් මහා ප්රාිසාදයක් කරවූයේය. නේත්රියන්ට රසාඤ්ජන බඳු වූ චිත්රෙ කර්මාන්ත යන්ගෙන් ද ප්රනතිමා රූපවලින් ද යුත් තුන් මහල් ප්රරතිමා මන්දිර හැත්තෑවක් කරවූයේය. ධර්ම ශාස්ත්රන ඉගෙණ ගන්නා ‘භික්‍ෂුන්ගේ ප්රපයෝජනය පිණිස දෙමහල් දීර්ඝ ප්රා්සාද හැත්තෑ පහක් කරවූයේය. එක් මහල් ආවාස ගෙවල් එකසිය හැත්තෑ අටක් ද, දොරකොටු තිස්හතරක් ද,පුස්තකාල දෙක්ක ද , කුඵගෙවල් හා ගල්ගුහාවන් ද කරවූයේය. මාලාකර්ම ලතාකර්මයෙන්



පියදාස සිරිසේන නවකථා එකතුව 147

යුත්, දිව්යඑබ්‍රහ්මාදින්ගේ පිළිරූ ඇති ශාලාවන් හා ගබඩා ගෙවල් ද කරවූයේය. දුටුවන්ගේ සිත් ප්රවලෝහනය කරවන පරිදි ත්රිිවංක නම් ප්රලතිමා ස්වාමින්වහන්සේ සදහා ත්රි වංක ප්රලතිමාලාවක් ද, කනු භික්ති පේකඩ ආදියෙහි විචිත්රම කැටයම් හා සිංහ, කිදුරු, හංසාදි සතුන්ගේ රූප සටහන් ඇති කොට සම්පූර්ණ කඵ ගලෙන් ම වටදාගේ යයි නම් ලත් දළදා මන්දියක් ද කරවන ලද්දේය. එසේ ම විශාල ධර්මශාලා තුනක් ද,චෛත්යදයක් ද, සක්මන්මඵ අටක් ද, විශාල බොජුන් ශාලාවක් ද, උඵ සෙවිලි කරණලද ගිනිහල් ගෙවල් අසුපහක් ද,වැසිකිළි එකසිය හැත්තෑ අටක්ද කරවූයේය. භික්ෂුන්ගේ අභ්යලන්තර කිඵටු ශාසන සිද්ධියෙන් සුද්ධ කරණලද පරාක්ර.මබාහු මහරජතුමා පිටස්තර ශරීර කිඵටු පිරිසිදු ජලයෙන් සුද්ධ කරනු පිණිස-නාන කොටු අටක් කඵ ගලෙන් ම බදවා සර්ජිත කරණ ලදි. ඉක්බිති මේ සියලු ප්රාසසාද, විහාර චෛත්යා්දිය මැදි කොට අලංකාර වූ ප්රාිකාරය(තාප්පය) ක් බැදවූයේය. මේ ජේතවන විහාරයේ සියලුම ගෙවල් පන්සිය විස්සක් වූය. සිව්පසයෙන් උපස්ථාන කරමින් එහි දාස් ගණන් සංඝයා වාසය කර වූහ. මේ මහරජතුමා පොළොන්නරු පුරයෙහිම ආළාහන පිරිවෙන ද කරවූයේය. ගබඩා පංක්තියෙන් හා කුඵගෙවලින් යුත් තෙමහල් ප්රාදසාදයක්ද , දීර්ඝ ප්රාගසාද 40 ක් ද, වැසිකිළි 40 ක් ද, කුඩා ගෙවල් 8 ක් ද, දොරකොටු 6 ක් ද, ගිනිහල් ගෙවල් 34 ක් ද, ඉතා විශාල වූ උඩුමහල් ප්රා්සාද දෙකක් ද, සුභද්ර නම් චෛත්යමයක් ද, රූපවතී නම් චෛත්ය,යක් ද කරවූයේය. මාලාකර්ම ලතාකර්ම හා දේව බ්රලහ්මයන්ගේ මනොහර රූප ඇත්තාවු කූටාගාර ගුහා ගර්භ ශාලා මන්දිරයෙන් උපශෝහිත වූ ලංකාතිලකය නම් වූ පස්මහල් විශාල ප්රගතිමා මන්දිරයක් ද කරවූයේය. ඒ පිළිමගෙයි ජිවමාන සර්වඥයන් වහන්සේගේ ප්රදමාණයට ම ලංකාතිලක නම් වු නෙත්‍ර රසායනය වූ සිටිපිළිම වහන්සේ නමක් කරවූයේය. නොයෙක් කුඵගෙවලින් ද ගබ්හල් ගෙවල් මන්දිර වලින් ද යුත් “බද්ධසීමා ප්රාොසාදය” නම් දොළොස් මහලක් ඇති මහා පොහෝ ගෙයක් කරවූයේය. එහි සීමා බන්ධන මහෝත්සවය ඉතා ගාම්භීරාකාරයෙන් පවත්වා සාංසික කොට පූජා කරණ ලදි. ඉක්බිති මහා පරක්රරමබාහු රජතුමා පශ්චිමාරාමය ද කරවූයේය. එහි විසි දෙකක් පිරිවෙන් ශාලා ද විසි දෙකක් දෙමහල් ප්රාාසාද ද කරණ ලදි. ගිනිහල් ගෙවල් 20 ක් ද, දෙමහල් සුඵ පහ 20 ක් ද වැසිකිළි 35 ක් ද, සක්මන් මඵ දෙකක් ද, ධර්මශාලාවක් දථ දොරකොටු 10 ක් ද




148 අෂ්ටලෝක ධර්මධ චක්ර ය

කරවූහ. මේ පශ්චිමාරාමය සම්පූර්ණ කොට මහා සංඝයාට පූජාකොට නැවත උත්තරාරාමය වනාහී මහා ගල් පර්වතයක් ආසන්නයේ කරවන ලදි. එහි විද්යාරධර ගුහා‍ව ද වැඩහුන් පිළිම ලෙන ද, කොත්පිළිම ගුහා ද යන මේ තුන දක්‍ෂ ශිල්පින් ලවා ඒ ඒ පිළිමවහන්සේලාත් ඒ මහ ගලෙන් ම නෙලවා කරවන ලද්දාහ. පඬි රාජ්ය ය පරදවා ඒ රටින් ගෙන එන ලද දෙමළ සිරකරුවන් ද මේ චෛත්යහ කර්මාන්තයෙහි යෙද‍ වු බැවින් මේ උත්තරාරාමයෙහි කරවූ ඒක දහස් තුන්සිය රියනක් වට ප්ර මාණ චෛත්යවහට “ දෙමළ මහ සෑය” යයි නම් කරණ ලදි. මේ පූජාකළ පසු-“රාජවෙසිභූජංග’ නම් වු ශාඛා නගරයෙහි “ඉසිපතන” නම් විහාරයක් කර වූයේය. එහි වෛත්යහයක් ද තුන් මහල් පිළිමගෙයක් ද නේත්ර් රසායනය වූ මාහැඟි පිළිම තුනක් ද කරවූයේය. තවද විචිත්රය කර්මාන්තයෙන් හෙබියා වූ දෙමහල් ප්රාූසාදයක් ද , දීර්ඝ ප්රාකසාද දෙකක් ද, දොරකොටු 4 ක් ද, සුඵපහ 8 ක් ද, ධර්මශාලාවක් හා සක්මන් මඵවක් ද, ගිනිහල් ගෙවල් 8 ක් ද වැසිකිළි 6 ක් ද ගලෙන් බැන්දා වූ නාන කොටුවක් ද, සිමා පහුරු වලල්ලක් ද, උයන්ක් ද කරවා සංඝ සන්තක කොට පූජා කරවූයේය. ඉක්බිති සිංහපුර නම් වූ ශාඛා නගරයෙහි කුසිනාරා නම් විහාරයක් කරවූයේය. එහි දාගැබක් ද, තුන් මහල් වූ මාහැඟි ප්රජතිමා මන්දිර තුනක් ද, දීර්ඝ ප්රානසාද සයක් ද, ධර්මශාලාවක් ද, සක්මන් මඵවක් ද, සුඵපහ 16 ක් ද, දොරකොටු 3 ක් ද, වැසිකිළි 11 ක් ද, ගිනිහල් 6 ක් ද කරවා එම විහාරය සංඝ සන්තක කොට පූජා කරණ ලදි. ඉන්පසු අපගේ දිප චක්ර,වර්ති ශ්රී පරාක්රයමබාහු මහා සිංහලයාණන් වහන්සේ විජිත නම් ශාඛා නගරයෙහි වෙඵවන නම් විහාරයක් කරවූයේය. එහි මනොඥ වූ ප්රතතිමා වලින් හා සිත්තම් වලින් බබලන තුන් මහල් ප්රූතිමා මන්දිර 3 ක් ද, දාගැබක් ද, සක්මන් මඵවක් ද, දෙමහල් ප්රාතසාදයක් ද, දොර‍කොටු 4 ක් ද, දීර්ඝ ප්රා සාද 8 ක් ද. සුඵ ප්රාසසාද 8 ක් ද, බොජුන් හලක් ද, ධර්මශාලාවක් ද, ගිනි‍හල් 4 ක් ද, වැසිකිළි 12 ක් ද කරවා ඒ විහාරය ද සංඝ සන්නක කොට පූජා කළේය.

ඉක්බිති ඒ මනුජේන්ද්ර වූ ශ්රීර පරාක්ර මාබුහු මහරජතුමා ගව්වෙන් ගව්ව පිළිම, ගෙවල් , දොර කොටු, පවුරු, ධර්මශාලා ආදියෙන් යුත් “ගාවුත” නම් විහාරයක් කරවා සංඝයාට පූජාකරණ ලදි. විවේකයට කැමැති ධුතාංගධර භික්‍ෂුන්ගේ සැප විහරණය පිණිස “ කපිල” නම් වු



පියදාස සිරිසේන නවකථා එකතුව 149

මහාවිහාරය කර වූයේය. එහි මැහැඟි වු දෙමහල් ප්රායසාදයක් ද, දික්වු සක්මන් මඵවක් ද දීර්ඝ ප්රාථසාද හතරක් ද, තවත් දෙමහල් ප්රාරසාද සතරක් ද කරවූයේය. නානාප්ර කාර විචිත්රද කර්මාන්තයෙන් යුක්ත වූ කුඵගෙවල් ආදියෙන් හෙබියා වූ ගිජුලිහිණියකු බඳු ගෙයක් ද ‘කපිල’ තපස්වරයාණන් උදෙසා කරවන ලදි. සුවපහ 4 ක් ද, වැසිකිලි 4 ක් ද, තනා ඒ “කපිල” විහාරය ද සංඝ ගත කොට භික්‍ෂුන්ට පූජාකරණ ලදි.

අනුරාධපුරයෙහි ‍ෙදමඵන් විසින් විනාශ කරණ ලද දාගැබ විහාර පන්සල් ආදිය ප්ර්කෘතිමත් කිරිමට අදහස් කළ ශ්රීව පරාක්රවමබාහු මහරජතුමා ඒ සදහා ම ඇමතියකු පත්කොට අනුරාධපුරයෙහි වැඩ පටන් ගන්නා ලදි. එකසිය විසිරියන් උස් වු රුවන්වැලි මහසෑය. එක්සිය හතළිස් රියන් උස්වු අභයගිරි සෑය, ඵක්සිය සැට රියන් උස් වූ ඡේතවන සෑය, අසූ රියන් උස් වූ මිරිසවැටි සෑය යන මේ දාගැබ් සතුරන් විසින් පලා විනාශකර තිබුනු බැවින් එහි කටු කොහොල් හරවා යුද්ධ කොට ප්රුකෘතිමත් කොට සුණුකම් කරවූයේය. එක් පැත්තකින් සියක් රියන් වූ සියක් රියනක් උස් වූ සොළින් විසින් විනාශ කරණ ලද ලෝවාමහාපාය එක් දහස් හයසියක් ගල් කණු පිහිටුවා පළමු කළාක්මෙන් අතිශයින් ශෙර්භමාන ලෙසින් අමුතුවෙන් කරවූයේය. සැටක් මහා ප්රාඋසාදයෙන් යුක්ත වූ “ශෙපර්ණි පුෂ්ප” නම් මහා ප්රාේසාදය ද, සතුරන් විසින් විනාශකර තිබුනු මහෙන්ද්රපසෙන නම් ප්රාරසාදය ද ප්රසකෘතිමත් කරවා නොයෙක් සීමා ප්රාතකාරයන් ද පිරිවෙන් ද කරවූයේය. දන්හලක් ද කරවා දන්වැට තැබ්බවිය. ථුපාරාමයේ පරණ පිරිවෙන්හි කැඩි බිඳි ගිය තැන් සාදා ප්ර්තිසංස්කරණයක් කරණ ලදි. ඉක්බිති මිහින්තලාවේද දාගැබ් 64 ක් බැඳවිය. එහි තිබුනු පුරාණ දැගැබ් විහාර ආදිය ද ප්රඉතිසංස්කරණය කරවිය.”

ඉතින් විජේසේකර මහතාණනි. පරාක්ර්මබාහු සිංහලෙන්ද්ර යා ශාසනික භික්ෂුන් සදහා ඉහතින්, මා විසින් ලුහු‍ඬෙන් දක්වන ලද විහාරාරාමාදිය කරවන ලදි. උන්වහන්සේ මහජනයාගේ යහපත පිණිස කරණ ලද උයන් වතු,වැව්,පොකුණු ආදියත් සං‍ෙක්ෂ පයෙන් වත් දැක්වීම යුතුයයි සිතමි.

“උන්වහන්සේ මහජනයාට සියලු දේ සුලභ කරවනු පිණිස ඒ ඒ තන්හි උයන් වතු කරවන ලදි. ඵල පුෂ්පධාරි වූ නොයෙක් වෘක්‍ෂ ලතාවන්ගෙන් යුත් “නන්දන’ නම් උයන පළමු කොටම කරවනලදි. පොල් ගස්,අඹ ගස්,කොස් ගස්,පුවක් ගස්,තල් ගස්, දොඩම් ගස්,


150 අෂ්ටලෝක ධර්ම් චක්ර,ය


බෙලි ගස්, ජිවුල් ගස් ආදි මනුෂ්ය යන්ට ප්රොයෝජනවත් නානාවිධ ගස් වර්ග වලින් ලක්‍ෂයක් වචන ලද ‘ලක්ඛුය්යා‍’ නම් උයනක් පොළොන්නරු නගරාසන්නව කරවා මහජනයාගේ ප්ර්යෝජනයට කැප කොට දුන්නේය. මහජනයාට ක්රීවඩා කරණ පිණිසත්,ග්රීනෂ්මය සංසිඳුවන පිණිසත්, නගරාලංකාරය වන පිණිසත්, පොළොන්නරු අගනුවට රාජිවෙසිභුජංගා නම් වූ ශාඛා නුවර, සිංහපුර නම් වු ශාඛා නුවර, විජිත නම් වූ ශාඛා නුවර යන මේ නගරවල කරවන ලද දර්ශනීය වෘක්‍ෂලතාදියෙන් හා පන්පියුමෙන් සෑදුනු පොකුණු ආදියෙන් සමලංකෘත උයන් වතු(parks) 27 කි, “දීප උයන,මහමෙව්නා උයන,විත්රයලතා වනය,මිශ්රපක උයන,රාජනාරායන උයන,නයනුස්සව උයන,මනොහර උයන,නිර්මිතපුර උයන, ජංඝාහාර උයන,පූර්ණවර්ධන උයන,සංඝරථල උයන,ථාරුසක උයන, සාලිපොත උයන, සෝමනාථ උයන, ඨානකොංකණ උයන, උතුරුකුරු උයන, භාරුකච්ජ උයන. පුලච්ජෙරි කිලාකර උයන, පණ්ඩවාවන උයන, රාමේශ්වර උයන, සාමිසත්තෝ උයන, වින්තාමානනි උයන, පුවර උයන යන මේය.

පො‍ළොන්නරු නගරයෙහිත් ඊට අයත් ශාඛා නගර වලත් අනුරාධපුර නුවරත් කළා වු වෙහෙරත් විහාර පිරිවෙන් ඇර පිහිටි රටෙහි තවත් 99 ක් අඵතෙන් කරවූයේය. උන්වහන්සේට පූර්වයෙහි විසූ රාජාදි උතුමන් විසින් කරවා තිබුනු ජරාපත් චෛත්යහ 73 ක් ප්ර තිසංස්කරණය කරවන ලදි. ප්රාතිමා මන්දිර 6100 ක් ප්ර්තිසංස්කරණය කරවන ලදි. අතිශයින් ජරාවට පත් ප්රිතිමා මන්දිර තුන් සියයක් අභිනව කොට කරවූයේය. නොයෙක් ප්ර මාණයේ ප්රනතිමා රූප 476 ක් කරවල ලදි. බොධි වෘක්‍ෂ 91 ක් රෝපනය කරවන ලදි, ගමනාගමනෙහි නියුක්ත භික්ෂුන්ගේ ප්රේයෝජනය පිණිස ලක්දිව නොයෙක් නැත්වල අම්බලම් 230 ක් කරවන ලදි. ඒ ඒ තැන්වල ධර්මශාලා 56 ක් ද, සක්මන් මඵ 9 ක් ද කරවන ලදි. මේ ඇර ඒ ඒ තන්හි කරවන ලද විශාල නුවු කටයුතු නම්:-දොර කොටු 144 යි, මලසුන් ගෙවල් 192යි, ප්රාසකාර(තාප්ප) 64 යි, දේවාල 13 යි, ආගන්තුක ආරාම 12 යි,ආගන්තුක ශාලා 230 යි, මෙයින් ඇර ශ්රීන පරාක්ර මාබාහු රජතුමාණන් විසින් ධර්මශාලා 31 ක් ප්රරකෘතිමත් කරවන ලදි, එසේම ගල්ලෙන් 31 ක් ද ආරාම 5 ක් ද ආගන්තුක ශාලා 51 ක් ද, දේවල 79 ක් ද ප්ර තිසංස්කරණය කරවූයේය.

අතිශයින් සාන්ත මනුජෙන්ද්රෙ වූ අපගේ ශ්රීය පරාක්ර මබාහු රජතුමා



පියදාස සිරිසේන නවකථා එකතුව 151 මුඵ ලක්දිව සුභික්ෂ කරණු පිණිස ඒ ඒ තන්හි නොයෙක් වැව් බැද මාතිකාවන් (මොව් ඇලවල්) ද කරවුයේය. කරගඟ නම් වු ගංගාව ගල් බැම්ම හවුරා ඒ ජලය බැස ඒමට මහත් වූ ඇලක් තනවන ලදි. ඒ ඇලට “ ආකාස ගංගා” යන නාමය විය.. ඒ ඇලෙන් ගෙන ආ විශාල ජල කඳ “පරාක්රාම සමුද්ර ය” නම් වු තමන්වහන්සේගේ නාමයෙන් කරවන ලද මහා සාගරය වැනි වු වැවට ගන්නා ලදි. ඒ “පරාක්රාම සමුද්රවය” නම් වූ මහා වැවේ මැද දූපතක් තනවන ලදි. ඒ දුපතෙහි අලංකාර වූ රාජ මාලිගාවක් ද කුඩා ආරාමයක් ද කරවා-රජතුමා ශරීර සුඛය සදහා එහි කලින් කල වාසය කර තිබේ. ඉවුරු ගලින් බදනා ලද කුඩා ඇලවල් සියයක් ඇති “පරාක්ර ම තඩාග” නම් මහ වැවක්ද “ඵකහවපි” නම් වැවක් ද “පරාක්රාම සාගර” නම් වැවක් ද, “කොටුබදගඟුල්හැලි” නම් වැවක් ද පොළොන්නරු පුර පළාතේ කරවන ලදි.

මේ ඇර පිහිටි රටේ සෑම දිශාවල ම අලුත් කුඩා වැව් 1471 ක් කරවන ලදි. එසේ ම කලින් පැවැති වැව්වලින් ඒ ඒ පළාත්වලට ජලය ගැනිමට කඵගලෙන් ඉවුරු දෙක බදනා ලද කුඩා ඇලවල් 300 ක් කරවූයේය. කැඩි බිඳි ගිය පූරාණ කුඩා වැව් සිය ගණන් ප්ර්කෘතිමත් කරවුයේය. තවද කැඩී බිදී ගොස් තිබුනු පුරාණ මහා වැව් (එනම්) ම්නිනේරි, මදාරගල්ල, සුවන්තිස්ස, දූරතිස්ස, කළා, බමුණුගම, ගොරඵ මහටැම, රෙහෙර, ගිරිතලා, කිඹුල්හෙම්, කණ(වැව) පදි(වැව) කටිගම, පත්පහන්, මහණ්ණ්, මහනමමනනම්, ‍වඩුන්නා,මාදත්තා, කණගම්, වීර(වැව) වලස්, සුරමාන, පහන්ගම, කඵවැල්, කාහල්ලි, අඟහම්, හිලිපත්කඩ, මදගු, යන මේ මහා වැව් ද ප්ර කෘතිමත් කරවූයේය. සම්පූර්ණයෙන් නාස්තිවී ගොස් තිබුන් කුඩා වැව් 467 අඵතෙන් ම බන්දවනලදි . තවත් කුඩා වැව්වල බිඳි ගිය ස්ථාන 1395 ක් ස්ථිර කොට බැද්වූයේය. පරාක්රෘම සමුද්ර්යේ “ මකර” නම් සොරොව්වෙන් පිටවන ජලය ගෙන යාමට “ගම්භීර” නම් විශාල මවු ඇලක් බැදවූයේය. ඒ මුඛයෙන් ම නික්මෙන් ජලය මහමෙවුනා උයන පැත්තට ගෙන යාමට “හේමවතී” නම් විශාල ඇලක් බදවන ලදි, එසේම පරාක්ර ම සමුද්රයයේ “ මාලතී පුෂ්ප” නම් සොරොව්වෙන් නික්මෙන ජලය ගෙන යාමට “නිලවාහිනි” නම් විශාල මොව් ඇලක් ද එසේම “කිළාකරුය්යවන” නම් ප්රටණලියෙන් නික්මුණාවු ජලය ගෙන යාමට“

• මාවැලි ග‍ඟේ ශාඛාවක්




152 අෂ්ටලෝක ධර්මඟ චක්රයය

“සලලවති” නම් මවු ඇලක් ද, එසේම “වෙත්රයවති” නම් සොරොව්වෙන් නික්මෙන ජලය බැස යාමට “වෙත්රරවතී” නම් මහ ඇලක් ද, දකුණු සොරොව්වෙන් නික්මෙන් ජලය බැස යාමට “තුඟභද්ර ” නම් මහ ඇලක් ද, එසේ ම “මංගල” නම් සොරොව්වෙන් නික්මෙන ජලය බැස යාමට “මගලගඟ” නම් මහ ඇලක් ද, එසේම “ චණ්ඩි” නම් සොරොව්වෙන් නික්මෙන ජලය බැස යාමට “මගලගඟ” නම් මහ ඇලක් ද, එසේම “ චණ්ඩි” නම් සොරොව්වෙන් නික්මෙන ජලය බැස යාමට “කම්පා” නම් මහ ඇලක් ද තනවන ලදි. තවද* “තෝය” වැවේ සිට “පුණ්ණවඩ්ඪන” නම් වැවට ජලය ගැනීමට “සරස්වති” නම් මහ ඇලක් බදවන ලදි. “තෝය” වැවේ බස්නාහිර පැත්තෙන් “වෙල්මතී” නම් මහ ඇලක් ද, “පුන්වඩුන්නා” නම් වැවෙන් බස්නාහිර දෙසට “යමුනා” නම් මහ ඇලක් ද උතුරට “සරභු” නම් මහ ඇලක් ද, ල‍ෙක්‍ෂාද්යා්නය හෙවත් “ලක්ඛුය්යාි” උයන ඉදිරිපිටින් ගලා බැසීමට “චන්ද්රෙභාග” නම් මහ ඇලක් ද, ජේතවන විහාරය ආසන්නයෙන් ජලය බැස යාමට “නර්මදා” නම් මහ ඇලක් ද, එම තෝය වැවේ උතුරු පැත්තෙන් “නෙරංජරා” නම් මහ ඇලක් ද “අනොතත්ත” නම් මහ වැවෙන් නික්ම ගියා වූ “භාගිරතී” නම් මහ ඇලක් ද, එම වැවෙන් ම දකුණු දිගට නික්ම ගියා වු “අවර්ත ගඟ” නම් මහ ඇලක් ද, “අඹාල” වැවෙන් උතුරු දිගට ගියා වූ “තම්බපණ්නි” නම් මහ ඇලක් ද, මහවැලි ග‍ඟේ සිට බස්නාහිර පැත්තට ජලය ගැනීම පිණිස “අචිරවතී” නම් මහ ඇලක් ද, එම මහවැලි ගඟේ සිට නැගෙණ ඉර පැත්තට වතුර ගැනීමට “ගෝමති” නම් මහ ඇලක් ද, එසේ ම උතුරු ‍පැත්තට වතුර ගැනීම පිණස “මාලාපහරණි” නම් මහ වැවක් ද, “අචිරවතී” නම් මහ ඇලෙන්ම නැගෙණහිර ඒ ඒ දෙසට වතුර ගෙන යාමට “සතරූඬ”, “නිබ්බින්ද”, “ධවල” , “ සීද” යන නම් ඇති මහ ඇලවල් සතරක් ද, මින්නේරි මහ වැවේ දකුණු පැත්තෙන් ගියා වූ “කාලින්දි” නම් මහ ඇලක් ද, “ගිරිතළා” මහ වැවෙන් “කඳුරුවඩමන්” තඩාගයට ජලය ගැනීමට “කාචේරි” නම් මහ ඇලක් ද “කඳුරුවඩමන් තඩාග” යෙන් අරිමද්ද විජයගමට ජලය දීමට “සෝමවති” නම් මහ ඇලක් ද කරවුයේය. තව ද උන්වහන්සේගේ පරාක්රමමසාගර නම් වු මහ වැවට කරගඟින් ජලය ගැනීමට “ගෝධාවරි” නම් මහ ඇලක් ද කරවූයේය. කලා වැවෙන් අනුරාධපුරයට ජලය ගැනීමට කරණ ලදුව වැසී ගොස්


  • දැන මේ වැවට “ තෝපා” වැව යයි ව්යමවහාර කරති.



පියදාස සිරිසේන නවකථා එකතුව 153

තිබුනු “ජයගංගා” නම් මහ ඇල ප්රැකෘතිමත් කොට කරවන ලදි. එසේ ම අඵතෙන් කුඩා ඇලවල් 534 ක් ද කරවූයේය. නෂ්ටප්රා ප්තව තිබුනු පරණ ඇලවල් 3300 ක් ද ප්රූකෘතිමත් කළේය.

පිහිටි රටෙහි මෙසේ අප්රකමාණ කටයුතු කළ ශ්රී පරාක්රරමබාහු මහ රජතුමා මායා රටේ කරවන ලද පරාර්ථදායි සමහර කටයුතුත් සදහන් කළ යුතුය. පිළිගම ස්වකීය ප්රයසුති මන්දිර ස්ථානයෙහි 120 රියන් උස් වූ “සූතිසර” නම් චෛත්යමයක් කරවන ලදි. දාගැබ් 22 ක් බන්දවා බොධි වෘක්‍ෂ 37 ක් රෝපනය කරවා ප්ර්තිමා මන්දිර සියයක් කරවන ලදි. තව ද ගල් ලෙන් 15 ක් ද, ආගන්තුක භික්ෂුන් සදහා ආවාස 21 ක් ද ආගන්තුක ජනයා සදහා විශ්රාතම ශාලා 87 ක් ද කරවූය. තව ද මලසුන් ගෙවල් 31 ක් ද, ධර්මශාලා 7 ක් ද, ප්රාශකාර 65 ක් ද, නානා විධ වූ ප්රයතිමා මන්දිර 24 ක් ද අභිනව කොට කරවන ලදි. රටේ ගොවිතැන් දියුණුව පිණිස මාගල වැව, නලගල වැව, රැජනා නම් දොල, තෙප්පිසි දොල, දදුරු දොල, ජජ්ජර දොල, විලත්තාකඩ දොල යන මේ වැව් හා දොලවල් බැදවූයේය. තව ද පැරණි වැව් වල ජීර්ණ ස්ථාන 358 ක් ප්ර්කෘතිමත් කරවන ලදි. එසේ ම වැව් 18 ක් සොරොව් කඵ ගලෙන් බදවන ලදි. කුඩා වැව් එකසිය සැටක් ස්ථිර ආවරණ ඇති කොට වල් බිහිවි ගොස් තිබුනු වැව් 37 ක් ද ප්රආකෘතිමත් කොට තනවන ලද්දේය.

උන්වහන්සේ පිහිටි රටෙත්-මයා ‍රටෙත් පමණක් ම වැඩ කර වූයේ නොවේ. අන්වහන්සේ රුහුණු රටේ දියුණුව සදහා කළ වැඩ වලින් සමහරක් මෙසේය. තමන්වහන්සේගේ මෑණියන් වන රත්නාවලී බිසවුන්ගේ ආදාහන ස්ථානය වූ කිරිගම එක්විසි රියනක් වට ප්ර මාණය ඇති “රත්නාවලි” නම් චෛත්යායක් බඳවන ලදි. තවද රුහුණු ජනපදයේ දැගැබ් 16 ක් ද, බොධි වෘක්ෂ 7 ක් ද, මහබෝ ගෙවල් 7 ක් ද, බොධි ප්රා්කාර 7 ක් ද, දෙමහල් ප්රහතිමා මන්දිර 43 ක් ද, ධර්ම ශාලා 2 ක් ද, ප්රිතිමා රූප 75 ක් ද, සංඝාවාස 37 ක් ද.ප්රා4කාර 47 ක් ද, දොර කොටු 20 ක් ද, විශ්රා ම ශාලා 59 ක් ද, ආරාම 4 ක් ද, මෛත්රි ය බොධිසත්වයන් වහන්සේගේ පිළිම 3 ක් ද, තෘන්යප ශාලා 5 ක් ද, අමුතුවෙන් කරවන ලදි. තව ද ථුපයන් 37 ක් ද, බෝ කොටු 22 ක් ද, මහා ප්රතතිමා මන්දිර 274 ක් ද, ධාතු මන්දිරයක් ද, ඔත් පිළිම ගෙවල් 7 ක් ද, ගල් ලෙන් 40 ක් ද,ගඩොලින් කළ මන්දිර 4 ක් ද, දීර්ඝ ප්රා7සාද 4 ක් ද, තුන් මහල් ප්රා සාද 6 ක් ද, ධර්මශාලා 29 ක් ද, සක්මන් මඵ 3 ක් ද, වාස මන්දිර 126 ක් ද, පුස්තකාලයන් 128 ක් ද, දේවාල



154 අෂ්ටලෝක ධර්මක චක්ර ය


24 ක් ද, ගොපුරද්වාර 120 ක් ද, ප්රා,කාර 126 ක් ද ප්ර,තිසංස්කරණය කරවන ලදි. උරුවෙල් මහ වැව, පඬු වැව,කොළෙම් වැව ආදිකොට ඇති 216 ක් වැව් බදවන ලදි. කැඩි ගිය මහ වැව් 16 ක් ද, ඉවුරුකැඩි ගිය වැව් 18 ක් ද, කැඩි බැදි ගිය වැව් 205 ක් ද ඒ රජතුමා බැඳවූයේය.”

        ඉතින් වි‍ජේසේකර මහතාණනි. මුඵ ලක්දිවට අග පත් රජ වෙලා ඉඳ ගෙනත් හොදට කා බී සැප විඳිමින් විවේකව නොසිට මේ උත්තමයාණන් වහන්සේ පරාර්ථය පිණිස ඉහත දැක්වු වැඩ රාශිය කර තිබෙන බව පෙනේ. උන්වහන්සේ පරාර්ථකරණයෙහි අනුසස් දන්නා නිසාත්, ජාතියක් ප්ර ධානීහු-සමර්ථයෝ-ඒ ජාතියට සංග්ර හ කිරීම ඔවුන්ගේ පරම යුතුකමක් නිසාත් මේ උසස් උතුම් කටයුතු ලක්‍ෂ ගණනක් පරාක්රරමබාහු මහා සිංහලයා කර තිබේ.

උන්වහනසේ මහජනයාගෙන් ඉවසිය නොහෙන ගරු බුහුමන් ලැබුයේත් ඒ නිසාමය. පරාක්රවමාබාහු රජතුමා වැනි උත්තමයෙකුත් පරාර්ථය සදහා මේසා මහත් වැඩ කිරීමෙන් ම මහජනයාගේ ගෞරවයට හිමිකාරයා වූණා නම් දැන ඉන්නා රදළ කෙනෙක් මුදලි කෙනෙක් මහජනයාට ස්වල්ප යහපතක් වත් නොකොට මහජනයාගෙන් ගරු බුහුමන් කෙසේ ලැබිය හැකිද? “අනේ ඩියර් ලුනුවිල-තමුසේ කී කාරණා වලින් පරාක්රොමබාහු මහා රජතුමා පරාර්ථය පිණිස කර තිබෙන වැඩ දැනගත්තෙමි-අයියෝ,අපි අපරාදකාරයෝ වෙමු-අපි මේතාක් මහජනයාගේ දියුණුවට වැඩ නො කෙළෙමු. අපි මහ පොළොවට බරක් උපන් කාලකණ්ණිහු වෙමු. අනේ අපේ ජීවිත නිශ්ඵලය-සියලුම මිනිස්සු ඒ ඒ මිනිහාගේ තරමේ හැටියට රටවාසීන් හෙවත් අන්යඵයන්ගේ දියුණුවට යම් කිසිවක් කටයුතුමය. එසේ නො කරණ මිනිසා ලොක්කෙක් නොව අධමයෙක් බව මටත් වැටයුනාය”යි කියා විජේසේකර රාළහාමි මහත් කලකිරිමකට පැමිණ “ලුනුවිල”නිලමෙත් සමග අනුරාධපුරය-පොළොන්නරුව ආදි පුරාණ රාජධානි බැලිමට පිටත්ව ගියාහ.

14.පරිච්ඡෙදය

[සංස්කරණය]

ම හනුවර කෙනෙකුට ජයසිංහ මහතා කුඩා කාලේ දි ස්වකීය පියාණන් විසින් පොලියට දි තිබුනු රු 20000 දැන් තමාගේ වයස සම්පූර්ණ බැවින් ලබා ගැනීමට වුවමනා නිසා උන්නැහේ මහනුවර ගියේය. ජයසිංහ මහතාට බොහෝ ගරු බුහුමන් දක්වා


පියදාස සිරිසේන නවකථා එකතුව 155

පොලිත් සමග ඒ මුදලට චැක් ඒකක් දී උන්නැහේ සමග දුම්රිය පලට ද ගොස් ආචාර කොට යන්නට ගියේය. ජයසිංහ මහතා කොළඹට අවුත් ඒ මුදල් බැංකුවේ තැන්පත් කොට එයින් තමාගේ පදිංචියට සුදුසු ගෙයක් තැනීමට කල්පනා කෙළේය. තමාට හෝටලේ යුරෝපිය විධියේ කෑම කන්නට බැරි බැවින් බුද්ධදාසට සිංහල ගෙදරකින් කෑම එවන්නට සලස්වන්නටය කියා නියම කළ පරිදි මාසේ 1 වැනි දින දාවලට මහලු මනුෂ්ය යෙක් ඉතා පිරිසිදුවට පිළියෙල කළ එළවඵ ව්යාංදජන සහිත බත් ආදිය-ඉතාමත් පිරිසිදු කෑම කන පිඟන් සහිත වේවැල් පෙට්ටියක ගෙනවුත් කෑම කන කාමරයෙහි තබා “හාමුදුරුවනේ, තමුන්නාන්සේට ආහාර ගෙනාවා”යයි කීය. එවිට ජයසිංහ මහතා සිනාසී, “කොහෙන් ද ගෙනාවේ” කියා ඇසුවා ම “සමරසේකර හාමිනේලාගේ ගෙදරින්” යයි මහලු ප්රආන්සප්පු කීවේය. ජයසිංහ මහතා ආහාර අනුභව කොට මහත් සතුටට පැමිණියේය. මේ ආහාර සාමාන්යු ස්ත්රිසයක් විසින් පිසන ලද්දක් නොව සුප ශාස්ත්රයය හොදට උගත්-මා කෙරේ බලවත් ගෞරවාදරයක් දක්වන කෙනෙකුගේ පිසිමක්යයි සිතා කෑම ගෙනා මහලු වැඩකාරයා එන ප්රනන්සප්පට පෙට්ටියත් ඉතිරි කෑමත් අරගෙන යන්නට නියම කොට-“ආ ලොක්කෝ,සමරසේකරට හාමිනේය කීවේ මම වැඩපලේ ලියන මහතෙක් වන බුද්ධදාස සමරසේකර ගේ මවුට දැ”යි ඇසීය. “එසේ ය හාමුදුරුවලේ - කලින් බොහොම ධනවත්ව සිටි පවුලක් දැන් බොහොම අසරණව ඉන්නවා. ඒ බුද්ධදාස පුංචි මහත්මයාගේ නැගණියන් මේ කෑම පිළියෙල කරණවා”යයි කීවේය. ජයසිංහ මහතාට-තමා කුඩා කාලයේදි කසාද බිඳින බවට පොරොන්දු වූ ගෑණු ළමයා ගැන මෙහිදී මතක් වී-“මුක්තාලතා. නුඹ ලොකු වුණාම මම නොවරදවා ම කාසාද බඳින්නෙමි”යි පොරොන්දු වීමි. ඉතින් ඒ ළමයා දැනුත් ඉන්නවා ද ම‍ගේ පොරොන්දුව තවමත් සලකා ගෙන ඉන්නවාද-නැතහෙත් ඒ මතක නැතුව කාටවත් භාරයාව වුනා ද නොදනිමි. ඒ හෙයින් ඒ ළමයා ගැන පරික්‍ෂා කරමියි ද සිතා ගත්තේය. ජයසිංහ මහතා කුඩා කාලේ පදිංචිව සිටි පැත්තේ ස්ත්රිායකුගෙන්, අට අවුරුද්දකට ඉස්සර මේ පළාතේ සිටි මුක්තාලතා නමැති ගෑණු ළමයක් සහිත පවුල කෙයිබදැ”යි ඇසු නමුත්-මුක්තාලතාට ගෙදරදි පාවිච්චි කරන්නේ පුංචි හාමිනේය කියා බැවින් කිසි කෙනෙකුට කාරණය තේරුම් නැති විය. මුක්තාලතා සම්බන්ධ කිසිත් දැන ගන්නට තවමත් නුපුඵවන් වූ බැවින් ජයසිංහ මහතා කණස්සල්ලට පැමිණියාය.





156 අෂ්ටලෝක ධර්ම චක්රිය

ජයසිංහ මහතාට රෑ දවල් දෙකටම කෑම සම්පාදනය කර යැවීමට මුක්තාලතාට වත්කමක් නැති විය. ඒ නමුත් සමරසේකර පවුලට නිතර ම අධාර කරමින් සිටි නෝනොහාමි උපාසිකාව විසින් ණයට අරන් දුන් මුදලක් නිසා ඉතා අමාරුවෙන් මාසයක් කෑම යවන ලදි. දෙවැනි මාසේ 1 වැනි දා ජයසිංහ මහතාගෙන් ලියමනක් ලැබේයයි මුක්තාලතා අභිෂෙකය බලාපොරොත්තු වන්නාක් මෙන් සිටියේය. ජයසිංහ මහතා මුක්තාලතා විසින් තමාට කෑම එවන බවටත් මුක්තාලතා කොයිබ ද යන බවටත් නොදත් නිසා ඉතාමත් කනස්සල්ලෙන් සිටියේය. මාසය අවසන් වු දින ජයසිංහ මහතා කිසිම ලියමනක් නැතිව ප්රේන්සප්පු නම් මහල්ලා අත කෑම එවන හාමිනේට රපියල් 50 ක් යවන ලදි. ඔහුට ද රුපියල් 5 ක් දුන්නේය. මහලු ප්ර න්සප්පු-රාජ්ජයක් ලැබුනා මෙන් සිතා ගෙන අවුත්, “මෙන්න හාමිනනේ - මහත්මයා ගිය මාසේ කෑමට එවා තිබෙන මුදල” යයි රුපියල් 50 හ දුන්නේය. සමරසේකට හාමිනේ පුදුම විය. කෑම වෙනුවෙන් බලාපොරොත්තු වුණේ රුපියල් 25 ක් නමුත් 50 ක් ලැබිම ගැන සතුටුව-මුක්තාලතාට කතා කොට, “අනේ දුවේ, මේ උඹේ උත්සාහයට විපාකයකි. උවමනා තරම් උපකරණ පවා නැතිව උඹ මහන්සි වී ඉතා පිරිසිදු ලෙස කෑම පිස යැව්වාට සතුටු වූ ඉංජිනේරු මහතා රුපියල් 50 ක් එවා තිබේ. ඉතින් අපට දැනට වඩා ටිකක් හොඳින් කල් යැවීමට මෙසේ මාස්පතා ලැබෙන රුපියල් 50 ත් අයියට ලැබෙන පඩියත් ඇතැයි සමරසේකර හාමිනේ ඉතා ප්රීුතියෙන් කීවාය. ඒ එසේ මැයි-ගින්නේ දැවි දැවී සිටියෙකුට තද අව්වේ ඉන්නට ලැබුනත් සැනසිල්ලක්ය. ඒ නිසා සමරසේකර හාමිනේගේ ප්රීේතිවීම ලෝක ස්වභාවයට හාත්පසින් ම එකඟය. එහෙත් මුක්තාලතාවට එය කාරණයක් නොවීය. ජයසිංහ මහතා තුඩා කාලේ දි වු පොරොන්දුව දැන් කොහොත් ම මතක නැති බව ඈ නිශ්චය කොට සිතා ඉක්බිති මෙසේ කලපනා කළාය. “ජයසිංහ මහතා පරම්පරාගත උසස් රදළ පවුලක උපන් කෙනෙකි- රූපශ්රිමයෙන් අනංගයා පරදන තරම් වූවෙකි-ශිල්ප ශාස්ත්ර අතින් සමර්ථයෙකි. ඉතින් අපේ තාත්තා ජිවත්ව මා සිට කලින් මෙන් අපට ධනවත්කම තිබුනත් ජයසිංහ මහතා කසාද නොබැඳි.ඒතුමන්ගේ සහ අපේත් පවුල් දෙකේ තරා තිරම් සලකා බලන විට උන්නැහේ වැනි ප්රමභූවරයෙකුට අපේ පවුල වැනි පවුලකින් විවාහයක් කරගන්නට බැරිය. එහෙත් අපේ තාත්තා ජිවත්ව සිට අපට ධනය තිබුනා නම් ඉඩක් තිබුනේය. දැන් නම් අපි අන්තිම දුක්ඛිත කාලකණ්ණි පහත්




පියදාස සිරිසේන නවකථා එකතුව 157


මිනිස්සුය. මගේ රූපශ්රීබයත් ධර්ම ශස්ත්රඅ දැනිමත් හරියට ම මිනිසුන්ට යා නොහැකි කටු ලැහැබක පිපුනු මලකට බඳුය. අ‍තයෝග්යි ස්ථානයක බැදි මීයකට සමානය.එහෙයින් දැන් අපේ තත්වයේ හැටියට ජයසිංහ මහතා වැනි උත්තමයකු ප්රාහර්ථනා කිරිම නිෂ්ඵල ක්රිසයාවකි. යම් හෙයකින් පූර්ව කර්මයක්-දෘඪ වූ කුසල කර්මයක් ඉදිරයට අවුත් ජයසිංහ මහතා කුඩා කාලේ දි මා සමග වූ පොරොන්දුව මතක් වුණි නම් මිස වෙන කොයි ක්රිමයකින්වත් උන්නැහේට මා ගැන සලකන්නටවත් යුතුකමක් නැත. ඒ එසේ ද වුවත් මගේ මිය ගිය පියාණන් ජිවත්ව සිටිතාක් පරාර්ථදායි ක්රි යාවක් නො කළ එක ද දවසක් නැත්තේය. තාත්තා අපට නිතරම කීවේ- “පුතා , උඹලාට මෙලොව දි උසස් බවට පැමිණිමට අධික ධනය රැස් කර නොතිබුවාට මා විසින් පරාර්ථදායි කටයුතුත් ශාසනික කටයුතුත් කළොත්-ඒ කර්මවිපාකයම උඹලාගේ දියුණුවට හේතු වන්නේය. ගුණ ධර්මයත් පරාර්ථකාමි වැඩත් කරණ මවු පියන්ගේ දරුවන්ට උසස් බවට පැමිණිමට බැරි කමක් නැත. උඹලා ධර්ම ශාස්ත්ර් ඉගෙණ ගුණ ධර්ම හා කුල චාරිත්රර ආරක්‍ෂා කරන්නාහු නම්-මේ ජිවිතයේ දි ම දෙමවුපියන් කළ පරාර්ථදායි ක්රිියාවල විපාක ද උරුමයක් වශයෙන් ලැබෙන්නේ”යි කිවේය. මගේ පියා තථාගත ධර්මය ප්රශත්යලක්‍ෂ වශයෙන් දැනගත් කෙනෙකි අපේ ලුහුඬු ඥානයත්, නොඉවසිලිවන්ත ගතියක් නිසා බුදුහාමුදුරුවන්ගේ ධර්මය ප්රනත්ය ක්‍ෂ කර ගත නොහැකි නමුත් ‍යොනිසොමනසිකාරයෙන් හා මුහුකුරා ගිය ඥානයෙන් යුත් අපේ පියා ඒ ධර්මය ප්රාත්යාක්‍ෂ කරගන්නා ලදි. ඉතින් ඒ පියාණන් කියු කීමත්-ජයසිංහ මහතා කුඩා කාලේ දි වු පොරොන්දුවත් සලකා ගෙන ඉඳිමි. ජයසිංහ මහතා මා ඇඳින ගෙන උන්නැහේ විසින් ම මට කතා කරණ තුරු කිසිවත් හැඟවීම ද කුලස්ත්රිහයකට නොවටනේය. එහෙයින් තව කලක් ඉවසන්නෙමි. අෂ්ටලෝක ධර්මචක්රියේ දුක් නැමැති රිය දත පහතට හැරුණ නමුත් සැප නැමැති රිය දත සම්පුර්ණයෙන් තව ම මතු පිටට අවුත් නැත. එහෙයින් මේ ජිවිතයේ දි ධර්මය පරික්‍ෂා කොට ප්රපත්ය ක්‍ෂ කර ගනිමියි සලකා ජයසිංහ මහතා විසින් එවන ලද රුපියල් 50 න් ගෙවිය යුතු ණය ආදිය ගෙවා ඉතිරි මුදලෙන් ඒ මාසයට වුවමනා කෑම උපකරණ සියල්ලක් ම ගෙනවා ගත්තේය. ජයසිංහ මහතා කොළඹ නගරයේ පවත්වන සමාගම් වලට සෑම ඉරුදිනයන්හි පැමිණ ඒ ඒ කටයුතුවලට මැදහත්ව වැඩ කරන්නට පටන් ගත්තේය. ඒක දිනක් දිවුල්ගස් හන්දියේ සභාවකට ඇවිත් කතාවක්


158 අෂ්ටලෝක ධර්මඒ චක්ර්ය

කරද්දි මුක්තාලතා හා ඇගේ මව ද ඒ අසල තරුණ මහලු ස්ත්රී හු බොහෝ දෙනෙක් ද ඒ සභාවට පැමිණියාහ. වටණා ආභරණ ආදියෙන් නොසැරසුන නමුත් තමා වසඟයෙහි තබා ගත් ඇසි ආදි ඉන්ද්රිටයයන්ගෙන් යුත් මුක්තාලතාගේ රූපශ්රීබය දුටු ජයසිංහ මහතා පුදුමව ඈ දෙස ටිකක් වෙලා බලා සිට-සැබවින් ම මේ මා කුඩා කාලෙදි කසාද බඳින බවට පොරොන්දු වූ “මුක්තාලතා”විය යුතු යයි සලකා ගෙන කිසිවත් එතැන දි පරික්‍ෂා කර ගන්නට ඉඩ නැතිව සභාවේදි කථාවක් ද කොට යන්නට ගියේය. මේ කාලයේ නෝනොහාමි උපාසිකාව සමග මිත්රකව සිට සුගතපාල නම් වෙළඳ මහතෙක් මුක්තාලතාව කසාද බඳින්නට සතුටුව එතැනට යන්ට එන්ට ද පටන් ගත්තේය. මුක්තාලතා ඒ ගැන කිසිම සැලකීමක් නෙකළ නමුත් ඇගේ මෑණියන්ගේත් නෝනොහාමි උපාසිකාවගේත් කැමැත්ත නිසා සුගතපාල මහතා සතියකට වරක් පමණ එ තැනට යන්නේය. ඒ යන අතරේදි මුක්තාලතා ස්වකීය පියාණන් ගේ මරණය ගැන සාදන ලද කවි පංක්තියක් සුගතපාලට ලැබි තිබේ. වර්තිමාන කාලේ සිංහල ස්ත්රිලයක් මේ තරම් ශාස්ත්රාරන්කූල රසවත් කවි බැඳිම පුදුමයක් නිසා ඒ කවි පොත තවත් උගත් මිත්ර යන් දෙදෙනෙකුටද පෙන්වමින් ඒ සම්බන්ධව කතා කරමින් සිටින වේලාවට ජයසිංහ මහතා ද යම් කිසි දෙයක් ගැනීම සදහා එම සාප්පුවට පැමිණියේය. ජයසිංහ මහතාණන් අඳුනන කෙනෙක් එතැන සිටි බැවින් උන්නැහේට ද ඒ කවි පෙල පෙන්වන ලදි. ඒනම්:-

ජා ති ය සිහල රැකි සිය පණ කර දෙවැ නි පී ති ය පර වැ‍ඩෙහි හද සොමි ගුණ ගිහි ණි නි ති ය දත් ම පිය තුම සමර සිඵමි ණි බි ති ය මර පණිදු ගිලියේ දුක් දෙමි නි

ස ත ළි ස් වසක් කල් ඔබ මෙහි වැඩ සි ටි ය නැ ත හි ස් කෙළ් දවසක් ගුණ දම් වැ ටි ය සි ය ව ස් සිටින වෙන දන පව් කර කැ ටි ය කි සි ලෙ ස් ඔබට සම කර ලන්ට නො ව ටි ය

දෙ ගු රු න් කෙරෙන් නොම ලැබ දනය මදකු දු නොතරම් කමක් නොම කර එක මොහොතකු දු එ ත ර ම් දනය රැස් කෙරුමට දිරිය යෙ දු අ ප පෙ ම් බර පියාණනි අපට වැඩ සැ දු


පියදාස සිරිසේන නවකථා එකතුව 159


ගි ය ත් සුර පුරට ඔබ අප සැම අතැ ර ති බෙ ත් මෙහි ඔබගෙ පිරිසිදු කින් සිරු ර පෙණෙ ත් ඔබ කරපු හොද වැඩ මෙලක තු ර න මු ත් අපට වූයේ විපතකි රුදු ර

නි ත ර පසඟ සිල් ‍පොහො දින අට සී ලේ අ ද ර කර සුරැකි ගුණ දම් සිට බා ලේ ප ව ර පිය දිගඹ උර බැදි යස මා ලේ ස ත ර දෙස පෙණෙයි ඔබෙ නම ඇම කා‍ ලේ

සි ය ද න දියුණුවට යෙදු සියලුම වැඩ ට නැතයන බසක් නොකියා දැනය දුන් තු ට වි දි මි න දුක අනුත් සුවපත් කළ සොද ට ස සො බන පියාණනි ඔබ සිහි වෙයි අප ට

දූ ගි ය න් වෙතෙහි පිළිකුල් නොකර වෙසෙති න ස ත තින් ඔවුන් තම පණ සේ සලකමි න නොමදින් සඟහ කළ කම් පල දැන යෙහෙ න සු ප ස න් පියාණනි ඔබ වදිමි හැම දි න

වි ප ත් පැමිණි අපමණ දනට නෙක වර ම හ ත් උදව් කරමින් කුඵණු ඇති කර සැ ප ත් සතට සැදු තම සැපට වැඩි කර ප ස ත් පිය තුමා සිහි කරමි හැම වර

සැ ප න ම් ගුණ දහම් රැකුමය කියලා වෙනය ම් අතක දරුවන් නොම යොදලා ස ද හ ම් පඬි වදන් බැතියෙන් අසාලා වි සු පෙ ම් බර පියා ගියේ අප දමාලා

දු සි රි ත් විසක් ලෙස සලකා සියලු දි න සු සි රි ත් විද ලෙසට රැකි යුතු ගුණ නුව ණ සි රි ම ත් පියාණනි ඔබ පින් කළ බැවි න අ ප ට ත් තව ම එහි අනුසසන පළ දෙ න

සි ය ර ට සිය දනට සිය සිරිතට එ ලෙ ස හැ ම වි ට දිරිය දුන් දියුණුවට සිය බ ස සැ ප ත ට කුණු කයට රිසි නූනු කිසි ලෙස ඔ බ හ ට සම සිහලු ටික දෙනෙකි ලක් කු ස


160 අෂ්ටලෝක ධර්ම චක්ර්ය

ගි යා යි නි මෙඔබ අප හැර සුර පුර ට න යා වැ නි නපුරු දුක් ලැබෙති අපහ ට පි යා ණ නි ඉතින් ඇත්තේ සැනසුම ට ද යා වෙ නි මෙ ඔබ සිහි කෙරුම ය දැන ට

අ ම් මා ඔබ නමට කඳලැලි හෙලයි නිනි ස ම් මා සම්බුදුන් දැකුමට ම පින් දෙති නි ම් මා නැති දුකින් රැ දෙවෙහි වෙලැ පෙති පෙම්මා පිහතුමනි අප සිතනු පින් ඇති

ගු ණ ව ත් අයියංඩි නිති රෝවලින් පෙළි නි ව ස ත් නිතර බියකරු දුක් මුහුද ගි ලි අ ප ට ත් සැපත් වේ දැයි කියනු සිති වි ලි අ ප සි ත් තුලේන් තොර නැත තව ම කිසි ක ලි

දු ක ප ත් වුණත් අපහට ඔබගේ දරුව න ර ට ට ත් සසුනටත් ඔබ කළ උදව් ගැ න සි හි ප ත් වන කලට අපටත් සැපක් ව න ස ග ප ත් නමුත් මෙහි ඔබ පිළිරුව පෙනෙ න

ලො ව ට වැඩ පිණිස කිසිවක් නෙකරමි න ර ස ට අහර කා කුණු සිරුර ම රකි න ද න ට නුවණ නැති නින්දා කළ සොබ න ඔ බ ට පියතුමනි අත් වේවා! නිව න

උ තු ම් ජාතියට ආගමට ද රට ට ක යි න් බසිනහා සිතිතුත් සියලු වි ට බැ ති න් වැඩ සැලසු පියතුමනි සහතු ට සො දි න් පෙනේ දැන් ඔබේ පිළිරුව අප ට

ර න් දා දිගඹ ගෙල යසහර සුපියක රූ අ න් දා ඉතිහාස කැඩපතයෙහි පිළි රූ ඉ න් දා පුර වැඩිය මගෙ පිය තුම මහ රූ බ න් දා යුගත මත මම වදිමි නිරතු රූ ම හ මෙ තා පතල කළ බුදු රජ සර ණ නි ති ප තා වඳින නිති පන්සිල් රකි ණ මු තු ල තා නමැති මම පිය නැති සොවි ණ මෙයගොතා කීමි ඇති තතු නෙසඟමි ණ



පියදාස සිරිසේන නවකථා එකතුව 161

ස ර ද සද විලස සිරිලකඹර තෙවු න ප බ ද ,,, මදලිඳු නදන ව න සු හ ද ,,,, මැති රුව න සැ ර ද යෙහෙන් මා පිය බිරිද කර ගෙ න

මේ කවි පංක්තිය බැලු ජයසිංහ මහතාගේ රොමොද්ගත විය. මේ මගේ ප්රිවය මුක්තාලතාවය. මේ අන්තිය කිවියේ ලොප් කොට තිබෙන්නේ “ජයසිංහ” සහ “සසිර කුමාර ජයසිංහ” යන්නය. මේ තැනැත්ති සැබවින් ම උගතියකි. සැබවින් ම උත්තමියකි. ජාතියක් ජාතියක් පාසා මගේ බිරිඳය-අහෝ! මගේ ප්රිියාව මම සොයමින් සිටියෙමි. ඉතින් මේ තැනැත්තී ඉන්නේ‍ කොහේ දැයි සොයමි”යි සිතා ඒ කවි පෙන්නු සුගතපාල ගෙන්,”සත්තකට ම මෙ තනන ලද්දේ ස්ත්රියයක්ද? හොදයි මුන්නැහේ මේ ගෑණු ළමයා දුටුවේද? මේ තැනැත්තී ඉන්නේ කොහේද”යි ඇසු විට ජහසිංය මහතා ඈ කෙරෙහි ප්රේේමයක් ඇති බව නොසුතු සුගතපාල මුක්තාලතා සමබන්ධ තොරතුරු කිසිත් නොසගවා මෙසේ කීවේය. “මහත්මයාණනි, මේ ස්ත්රි රූපශ්රී යෙන් අගපත් ධර්ම ශාස්ත්රත ඉතාමත්,හොදයි උගත් ගුණ ධර්මයේ පිහිටි උතුම් කාන්තාමකි, මොවුන්ගේ පියා ජිනදාස සමරසේකර නම් කෙනෙකි. ඔහු ධනවත් වෙළෙන්දෙක්ව සිට හදිසියෙන් මැරි ගිය බැවින්-ඒ ධනය තමාගේ ළඟ සිටි වැඩකාරයෙක් ප්රසයෝගයෙන් අත්කර ගෙන මේ පවුල-එනම් අම්මා සහ අයියා ද මේ මුක්තාලතා ද යන තුන් දෙනාගෙන් යුත් පවුල අනාථ විය.දැන් කොටහේනේ අප්රතසිද්ධ තැනක ඉතා දුකසේ වාසය කරති. ඒ එසේ නමුත් මෑ භාර්යා කරගැනීමට උගත් ධනවත් වැදගත් බොහෝ දෙනා උත්සාය කරති. මමත් මේ කුලංගනාව කසාද බදින්නට නෙහෙක් පරිශ්රිම දරමි. එහෙත් මේ තැනැත්තිය ඊට කොහොත් ම කැමති නැතිව ඉතා දුක්ඛිත ජිවිතයක් ගත කරමින් සිටි”යයි කී විට, ජයසිංහ මහතා “ඔය ඇත” සිතා යන්නට ගියේය. මුක්තාලතා ඉන්නේ කවර ස්ථානයකදැ යි නිසැකව දැන ගන්නට බැරි වූ ජයසිංහ මහතා මහත් කනස්සල්ලෙන් සිටින විට ප්රනන්සප්පු දවල් කෑම රැගෙන ආවේය. ජයසිංහ මහතා ඒ ආහාර අනුභව කොට අත පිය දැමීමට කෑම සමග එවා තිබුනු(නැප්කින) අප පිස දමන ලේන්සුව රැගෙන තම අත පිසින විට එහි කොනක ඇඳිමේ ශාස්ත්රා්නුකූලව මසා තිබුනු මල් අත්ත ඉතා පරික්‍ෂාවෙන් බලනවිට “මුක්තා” යන අකුරු තුනද ශිල්පියකුට පමණක් දැනෙන ලෙස යොදා



162 අෂ්ටලෝක ධර්ම් චක්රලය

තිබෙනු දැක මහත්සේ සතුටුව,”අනේ මට දෙමාසයක් පමණ ආහාර ඒව්වේ මුක්තාවලීය-අහෝ ම‍ාගේ ප්රේමමිය. මට මෙතාක් දැන ගන්නට බැරිවිය. ඉතින් මුක්තාලතාගේ දුක්ඛිත කාලය අවසන් කරමි”යි සලකා මුක්තාලතාට ලියමනක් යවන්නට කල්පනා කොට ප්රාන්සප්පුට ටිකක් ප්රසමාද වෙන්නට කියා මේ කවි තුන හදා කෑම පෙට්ටියේ දැමුවේය. ප ර ද වන සුරඹ රුව රසඳුනෙක් නෙ තා ති ර ද ගුණ නුවණ නිති රකින සුසිරි තා ම හ ද කිරි සයුර ඔද වඩන සද යු ත සැ ර ද සමර සිඵමිණි නැමැති මුතුල තා

ත ද දු ක න් පැමිණ වියොවින ම සිත යටේ අ ට ව ස ක් පමණ කල් සෙව්ව මුඵ රටේ ම ම න ස ක් සතුට වන මහරු මුතු ඇටේ ඇ ති තැ න ක් ඇනුන මගෙ සිතට සහ තුටේ

දු ටු ස ද පළමු රුව රසදෙව් නොතා වෙනි ස ව න ද දවනු තුටු විය රස කතා වෙති ම හ ද ද පුබුදු විය ගුණ මහිමතා වෙති කොහොමද ඉතින් තොරතුරු මුතුලතා වෙනි මේ වගට, සි.ජයසිංහ මේ ලියමන ලියා පෙට්ටියේ දැමිමාදියට ප්රහමාද වුණ බැවින් ප්ර න්සප්පු මුක්තාලතාගේ ගෙදරට එන කොට සවස දෙක පමණ විය. ඔහු ප්ර්මාද වුණාට නොසතුටු මුතුලතා, “මොකද ප්ර න්සප්පු,අද උඹට පාර දික් වුණාද” කියා ටිකක් තදෙන් කතා කොට පෙට්ටියේ තිබෙන ඉදුල් පිඟන් ආදිය අහක් කරන පිණස පෙට්ටිය අරිමින් මං “අනේ මම කෑම උයමින් වෙහෙසෙනවා මිස හාමු මහතාට මා ගැන මතකයක් නැත. මා ගැන කලපනාවක්වත් නැත. අනේ කවදා මා ගැන සිතට ඒ දැ”යි හෙමින් තමාට ම කියා ගන්නා හඬ මෑණියන්ට ඇසී, “මොකද මුක්තාවලී උඹ තනියම කථාකරන්නේ නුහුගුණ ද”යි ඇසිය. එවිටම පෙට්ටියත් අරිය බැවින් එහි තිබුනු ලියුම දුටු මුක්තාලතාගේ ප්රීිතිය කොතරම් අධිකවිද යත්, “නැත අම්මේ,මම තනියම කථාකරන්නේ ටික දවසක් පමණකි. මින්පසු මා බලාපොරොත්තුවන මහත්මයත් සමග කථා කරන්නෙමි”යි කියා ලියමන තමාගේ කාමරයට ගෙන ගියේය. මුක්තාලතා කවදත් කවට වචන කියන ක්රී ඩා සුවයෙන් දවස්


පියදාස සිරිසේන නවකථා එකතුව 163


යවන්නියක් නිසා මවු තොමෝ ඒ කීම ගැන කිසිත් නො සැලකුවේය. මුක්තාලතා කවි තුන කියවා තේරුම ගෙන දන ගසා දොහොත් මුදුනේ බැද මිය ගිය පියණන්ට පින් දි, “අහෝ පියාණනි, ඔබ ඔබගේ දරුවන් වන අපට මෙන්ම අපේ ජාතියේ අසරණයන්ගේ දරුවන්ටද වැඩ කෙළේය. අසරණ පවුල්වල අනවරතයෙන් කල උපකාර අප්රුමාණය, ජාතිය සිරිත්, කුල ධර්ම ආරක්‍ෂා කරමින් ඒවා රටේ පතල කිරිමට ගත් උත්සාහය අප්රයමාණය. මධයම වයසෙදි මිය ගිය නමුත් කුසල් කිරිමවත්-අපට ඉගැන්විය යුතු ධර්ම ශාස්ත්ර ආදියවත් කොහෙත්ම අඩු ලුහුඬු නොකළා වු ඔබගේ පරාර්ථකාමි භාවය නිසා අපට කොයි ක්රතමයකින්වත් සම්බන්ධවීමට ශක්තිය නැති මේ ශ්රේඅෂ්ඨ සිංහල මහතා මට ස්වාමිකමට ලැබෙන බව මට පෙනේ. එහෙයින් ඔබට බුදු බව ලැබේවා”යි පියාණන්ට පින්දි තව කීප විටක් ලියමන කියවා අපමණ ප්රීුතියට පැමිණ රාත්රි්යට පිළියෙල කරණ හෝජන ඉතා ප්රඅණීත අන්දමට සුදානම්කොට මේ කව් සය ලියා එය කවරයක බහා එය ද කෑම පෙට්ටියේ දමා ප්ර්න්සප්පුට එය ගෙන යන්නට දුන්නේය. ප්රෑන්සප්පු කෑම පෙට්ටිය විශ්රායම ශාලාවේ ජයසිංහ මහතාගේ වැඩකාර ළමයාට භාර දුන්නේය.එය යතුරු දෙකක් ඇති ඉබි යතුරකින් වසන ලද්දකි. ඉන් එක යතුරක් මුක්තාලකා ව ළඟින් අනික ජයසිංහ මහතා අතෙන් තිබෙන බැවින් කිසිවකුට කෑම පෙට්ටිය ඇර බලන්නට බැරිය. ජයසිංහ මහතා එදා කෑමට ආවේ ටිකක් රැවෙලාය. එසේ අවුත් මුක්තාලතාගෙන් ලියුමක් ද ඇති බව සලකා පෙට්ටිය ඇර බැලූවිට ලියමනක් තිබේනේය. එය විවෘත නොකරම කෑම කා සියල්ල අවසාන වූ පසු බලන්නට පටන් ගත්තේය. ඒ මෙසේයි:-

දි මු තු ගුණ කැඵම් දුර හරණ දුකඳු ර අ යු තු දුසිරි සොර එඩි මැඩ රුපු තඹ ර රු යු තු සිසි කුමර ජයසිහ තුසර ක ර ප ව තු සිහල දිව කොද විල පමොද ක ර

වැ ර ස ර මැතිසදුගේ පතමිණි රුවන සො ද තැ බු ව ර හද විමන දුකඳුරු ගියෙ මතු ද දු ටු ව ර සරද සද යම් සේ කිරි මුහු ද එ ක යු ර ඔද වැඩි සැප විය මට නොම ද



164 අෂ්ටලෝක ධර්මස චක්රුය

අ ට ව ස තුරා වෙන් වුණු ඔබ පණ වැ නිය අ ට ලො දහම මේ යයි මෙමට දැනු නිය වි ට විට මා විදින ලද දුක් සෝ ගි නිය සෙ ට වන ඔබ සිතා සැනසෙනු හැකි වු නිය

පි ය ක රු දිගඹ කර බැදි දිමුතු යස හ ර බු දු කු රු දම් පුරණ හිමි සදිනි ගරුත ර දි වි යු රු ඔබ සිතා ගෙන ඉදිමි හැම ව ර වැ ඩ ක රු මෙමට කිමදෝ ලැබෙන අවස ර

තො ස ප ත් ලොව සතා ලැබ සිතැඟි ඇම වි ට සි රි ම ත් මැති ඉතා සරු සුර තුර සොඳ ට ලැ බු නො ත් මුතුලතා වට වැළද ගැනුම ට ඇ ති වෙ ත් රස කතාවක් සිහල දනහ ට

එ බැ වි න් හිමි සදිනි මගෙ සිසිර කුමරු නි ස ත කි න් ඔබ පතා ගෙන සිටිමි පණ මෙ නි තැ න අ න් සැපක් පිහිටක් ඔබැර මැතිඳු නි මෙතකින් මගේ තොරතුරු දන මැන බැති නි

මේ වගට-කීකරු වූ, මුක්තාලතා මේ ලියමන කියවූ හැටියේ ජයසිංහ මහතා අතිශයින් සතුටට පැමිණ “ සැබවින්ම මුක්තාලතා මට ම සුදුසු කාන්තාවකි. එකම ජාතියේ මධ්යිම පංක්තියේ පවුල්වල ඉපිද සිටින ගුණවත් උගත් කාන්තාවන් උසස් ඉගෙනීවක් ඇති ධනවත් පින්වන්තයෝ කසාද බඳිත් නම් දැනට වඩා අප රටේ පුණ්ය වන්ත ජනයා වැඩි වෙයි. ඉගනීමෙන් හා පිරිසිදු භාවයෙන් ද චෛතසික බලයෙන් ද සමාන වූ මවුපියන් නිසා අටගන්නා දරුවා මහේශාක්යස වෙයි.ධනය උසස් මිනිසුන් ඇති කිරිමට කාරණය නොවේ. උසස් පැවතුම් හා නොසෙලවෙන ගති ක්රිසයාදියෙන් යුත් පුද්කලයා ධනවතාට වඩා සියක් වරක් උතුම්ය. ඒ එසේ ද උවත් තමාගේ මෙලෙව සැප පහසු පමණක් සලකන මනුෂ්ය යෝ ජාතියට හා ලොවට වැඩ වන පිණිස ක්රිහයා නොකරති. මුක්තාලතා මගේ භාර්යා තනතුරට ඉතාමත් සුදුසුය. එනමුත් තව දුරටත් ඇගේ තත්වය විමසා ඉක්බිති ඈ විවාහකර ගනිමි”යි කල්පනාකොට මුක්තාලතාවට මේ ලියමන ලීවේය.


පියදාස සිරිසේන නවකථා එකතුව 165

ප්රේාමිය, නුඹේ කවි සය ඉතා ආදරයෙන් කියවා බැලීමි. ලක්දිව නුඹ වැනි ස්ත්රිපහු දෙතුන් දාහක්වත් සිටිත් නම් අපේ ජාතිය මේ තරම් දුර්වල නොවේ. ස්ත්රී න්ගේ ප්රේනමයත් සුවච කීකරුකම් ආදියත් බොහෝ විට විවාහයෙන් පසු වෙනස් වේ. ඇතැම් තරුණියෝ අවිවාහකව සිටිද්දි සීලසම්පන්නව,සුවචව, කීකරුව, නිහතමානිව, ටිකෙන් සතුටුව කල් යවති. විවාහ වු පසු දුස්සීලව, දුර්වචව, අකීකරුව, මාන්නාධිකව, අධික සැපතට ගිජුව, පුරුෂයාත් වනසා තමනුත් පරම්පරාවත් විනාශකර ගනිති. මෙසේ වීමට හේතුව විවාහවන දෙදෙ‍නාගේ ශරීර ගතිය, චිත්ත ස්වාභාව, ආදියේ විසමකම විය යුතුය. සිසිල් දෙයක් උෂ්ණාධික දෙයක් සමග එක් කළවිට උෂණය නිසා සිසිල් දෙයෙහි ගතිය වෙනස් වේ, ඉතාමත් මධුර දෙයක් කොහොඹ ආදි තික්ත දෙයකට මිශ්රතකළ විට ඒ මධුර රසය විනාශ වන්නේය. කටුක රසයකට එක්කළ විට වෙනසක් නොවි-දෙකේම ප්රයකෘති ගතිය ඒ දේ පවත්නාතුරු ම වෙනස් නොවී පවතී. මධුර දෙයක් තවත් දේකට එක්කළත් එසේමය. ඒ පරිද්දෙන්ම උසස් ගුණ ධර්මයෙන් යුත් ස්ත්රිසයක් එසේ ම උසස් ගුණ ධර්මයෙන් යුත් පුරුෂයෙකුට ඒකකළ විට එය අතිශයින් හොඳය.දුෂ්ට පුරුෂයෙකුට යහපත් ස්ත්රිුයකත් යහපත් පුරුෂයෙකුට දුෂ්ට ස්ත්රිණයකත් විවාහකරදිම මහත් ආන්තරාදයකය. ස්ත්රී් පුරුෂයන්ගේ සම විසමකම් දැන ගැනීමට කලක් ආශ්රආය කිරිමෙන් වත් වෙන මොනම ක්ර‍මයකින් වත් බැරිය. ස්ත්රී පුරුෂයන්ගේ සම විසමකම් බලා ගැනීමට තිබෙන ප්රරත්යබක්‍ෂ ක්ර්මය ජ්යොරතිශ් ශාස්ත්ර්ය පමණකි. ඒ ශාස්ත්රායනුකූලව බලා සමවූ ස්ත්රි‍ පරුෂ දෙදෙනෙක් කවදාවත් අවාසනාවන්තවී නැත. එසේම ජ්යොරතිශ්ශාස්ත්රාතන්කූලව අසමවූ ස්ත්රීබ පුරුෂ දෙ දෙදෙනක්ව කලක වාසනාවන්ත නොවෙත්. තරුණ කාලේදි රූපත් කොයි තරුණයා කෙරෙහිත් ස්ත්රීනන්ගේ සිත ඇලේ. එසේම පුරුෂයන්ගේ සිත්ද ඇලේ. එහෙත් ‍‍ටික කලක් එක්ට වසය කරණවිට ඔවුන්ගේ ශරීර ධාතු,චිත්ත ගති ආදිය ප්රතතිවිරුද්ධකම් නිසා ඒ මුලින් හටගත් අන්යොරන්යූ ප්රේ්මය හෙවත් ඇල්ම නැතිවී ‍ගොස් අන්තිමේදී ඵකිනෙකා දැකීම පවා අප්රලසන්නව මහත් අවුල් සදාගෙන වෙන් වෙති.නැතහොත් විනාශ වෙති.

ප්රේිමිය හොඳින් ජ්යොිතිශ් ශාස්ත්ර ය දන්නා බව මට ආරංචිය. මට ද එය තරමක් දුර දැනුම් තිබේ. ඒ නිසා කරුණාකර හෙට ප්ර්න්සප්පු අත කේන්ද්රීය එවනු මැනවී.එවිට අප දෙදෙනාගේ එක්වීමෙන් පසු



166 අෂ්ටලෝක ධර්මඑ චක්රගය ඇතිවන සුව දුක් දැන ගන්නට පිළිවන්වා පමණකුත් නොව අප දෙදෙනා අඹු සැමි වශයෙන් එක්වීමට යුතු ද නැද්ද යනුත් දැන ගන්නට පිළිවන.

මේ වගට-කරුණාවන්ත වු. සී-ජයසිංහ

මුක්තාලතාවට මේ ලියමන ලැබි ප්රිළතියෙන් කියවා බලා ජයසිංහ මහතාගේ කීම ඉතා සත්යා බවත් විසම වූ කේන්ද්රත ඇති ස්ත්රීය පුරුෂයන් අතර අව්ය්ක්ත පොරොන්දම්කාරයන් ගේ කීම නිසා විවාහ සිදුවි අනාථ බවට හෙවත් කාලකණනින් බවට පැමිණියන් ගේ ගණන අනන්ත බවත් කල්පනා කළ මුක්තාලතා තමාගේ කේන්ද්රඅය ජයසිංහ මහතාට යැව්වේය. ජයසිංහ මහතාගේ කේන්ද්රකයට එය සම කර බලා අතිශයින් ගැලපෙන් බවත් උන්නැහේට වැටහුනේය. ප්රේැමිය, නුඹේ කේනද්රටයත් මගේ කේනද්රායත් දෙක බැලු විට අප දෙදෙනා මීට පෙරත් අඹු සැමිව වාසනාවන්තව කල් ගත කොට තිබේ. අපේ සරණ බන්ධනය සිදුවන දින දක්වාත් ඒ බව කිසිවකුට නො කිව්ව මැනවි. විවාහ වීමට අපේ වයස හොඳය. එහෙත් අපට සැපසේ ජීවත් වීමට උවමනා ගෙදොර දොර බඩුමුට්ටු ආදිය. සූදානම්කර ගැනීමට තව තුන් හාර මාසයක් ගත වේ. එතාක් කල් සිටියා වු හැටියට ම සිටනු මැනවි.

මේ වගට-හි‍තේසිවන්ත වු.


සී,ජයසිංහ