Jump to content

පියදාස සිරිසේන නවකථා එකතුව- 02/පියදාස සිරිසේන නැවත කියවීම

Wikibooks වෙතින්

පියදාස සිරිසේන නැවත කියවීම


සිංහල නවකථා අධ්යසයනය කෙරෙහි උනන්දුවක් දක්වන අද්යතතන පරපුරට පියදාස සිරිසේනගේ අගය දැන් දැන් වඩාත් දැනෙන්නට පටන් ගෙන ඇති බව පෙනේ. එහෙත් ඔවුන්ට පරශීලතය කිරීම සදහා සිරිසේන සුරින්ගේ නවකථාවලියෙන් කිහිපයක් හෝ සොයා ගැනීම අපහසු බව අපට දැනෙන්නට පටන් ගත්තේ විශ්වවිද්යාටලයෙහි සිංහල නවකාථාව පිළිබද විෂය ඒකකය උගන්වද්දීය. සිරිසේනයන්ගේ ජනප්රියය නවකථා කිහිපයක් යළි යළිත් මුද්රපණයෙන් එළි දැක ඇති නමුත් ඇතැම් නවකථාවක් ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුව, ජාතික ‍ෙකෟතුකාගාර පුස්තකාලය වැනි ආයතනවලින් පවා සොයා ගත නො හැකි විය. පියදාස සිරිසේන නවකථා එකතුව පළ කිරිමෙහි ලා අප පෙලඹ වු හේතුව එය යි. පියදාස සිරිසේන අභාවප්රාහත්ත වී වසර 55ක් ගත වී තිබේ. බුද්ධිමය දේපළ පනත අනුව එතුමාගේ කෘති දැන් මහජනතාව සතුය. එසේ තිබියදිත් එතුමාගේ ජනප්රි ය නවකථා කිහිපයක් විනා බොහෝ කෘති යළි පළ නො වන්නේ ‍ෙම වාණිජ්ය මය සමාජයෙහි ඒවාට වෙළදපොළක් නැති නිසා විය හැකිය. පියදාස සිරිසේන නවකථා මාලාවේ වටිනාකම වටහා ගෙන මේ කෘති පෙළ මුද්ර ණය කරන්නට උත්සුක වු සිරිසුමන ගොඩගේ මහතාට පාඨකයාගේ නො මද කෘතඥතාව හිමි විය යුතුතේ එබැවිනි. කාණ්ඩ පහකින් යුත් පියදාස සිරිසේන නවකථා එකතුව සදහා සිරිසේනයන් විසින් ප්ර්කාශිත ප්රසථම මුද්රයණ සොයා ගන්නට උත්සාහ කළ නමුත් බොහෝ විට ඒ උත්සාහය ව්යාථර්ථ විය . එබැවින් මේ කෘති




6 සිංහල නවකථාවේ පිතෘවරයා

පන්තියෙහි ඇති සදොස් වැකි, සදොස් පද බදීම, සදොස් අක්ෂර වින්යා්ස සිරිසේනයන්ගේ මුල් කෘතිවල තිබුණු ඒ‍වාමදැයි සැක හැර දැන ගැනීම උගහට ය. උදාහරණ කිහිපයක් මතු දැක්වේ.

තරුණියකගේ ‍ප්රේ මය (1957 මුද්රැණය)

“කඳ්රේඵ ආහ” – 165 පි. “වෙද මහතා ....දුන්නාය” – 180 පි. “දෙදෙනා වාසය ‍කළේය.” – 167 පි. “ඇය කල්පනා කළේය” – 130 පි. “ආගම හොද වුහ” – 103 පි. “පපුව පැලෙන්නට පටන් ගත්තිය” – 109 පි.

මහා වියවුල ( 1962 මුද්ර0ණය) “ඔවුන් පිළිකුල් කරති” – 119 පි. “ඔවුන් පැමිණියාය.” – 152 පි. “අපි නොදනිමි” – 59 පි. “ස්ත්රිදයක් එළියට බැස්සේය” – 84 පි. “ඔහු ඇනුම් ඇරියාය” – 104 පි.

මේ නවකථා එකතුවේ දි අප මෙබදු වැරදි නිවැරදි කරන්නට උත්සාහ නො දැරූ බව මෙහි ලා අවධාරණය කළ යුතු ව ඇත. පියදාස සිරිසේනයන්ගේ නවකථා එකතුවක වැදගත්කම පෙන්වා දෙමින් ඒ සදහා දිරිදුන් ජ්යේනෂ්ඨ මහාචාර්ය සුනිල් ආරියරත්න ඇදුරුතුමා ‍‍ෙගෘරවයෙන සිහිපත් කරමි.

මෙම නවකථා එකතුවෙහි පරිගණක අක්ෂර සංයොජනය කළ වන්දන ගුණවර්ධන මහතාටත් පිටකවරය නිරමාණය කළ ප්රේසම දිසානායක මහතාටත් සෝදුපත් බැලීමට උපකාර කළ කොස්ගොඩ චන්දජෝති හිමි, තිළිණ,දෑරංගල,රසිකා ,උදේනි,ලලිතා,සහ හංසි යන සද්ධිවිහාරිකයන්ටත් ස්තුතිවන්ත වෙමි. ජයලතා මැදවත්ත 2002 සැප්තාම්බර් 01 වැනිදා ශ්රී ජයවර්ධණපුර විශ්වවිද්යායලයීය සිංහල හා ජනසන්නිවේදන අධ්ය යනාංශයේ දී ය.


පියදාස සිරිසේන නවකථා එකතුව 7


පියදාස සිරිසේන : සිංහල නවකථාවේ පිතෘවරයා

සිංහල නවකථාවේ පිතෘවරයා කවරෙක් ද යන ප්රාශ්නයට පිළිතුරු සෙවු විද්වත්හු බොහෝ වෙත් . ඔවුන්ගේ ලිපි ලේඛන අනුව සිංහල නවකථාවේ පිතෘවරයා මතු සදහන් අයගෙන් කවරෙක්ද?


1. ඇල්.අයිසෙක් ද සිල්වා 1844-1907 2. බෙන්තොට ඇල්බට් ද සිල්වා 1866-1919 3. ඒ.සයිමන් ද සිල්වා 1874-1920 4. ඇම්.සී.අෆ්.පෙරේරා 1879-1922 5. පියදාස සිරිසේන 1875-1946 මොවුන් අතරින් ප්රරථම සිංහල නවකථාකරුවා ලෙස ඉදිරියට එන මුල් ම තැනැත්තා නම් ඇල්.අයිසෙක්ද සිල්වා ය. ඔහු විසින් 1888 දී වාසනාවන්ත පවුල සහ කාලකණණි පවුල නමින් කෘතියක් එළි දක්වන ලදි. සැබැවින් ම අයිසැක්ද සිල්වා විසින් මේ කෘතිය රචනා කරන ලද්දේ ඊටත් අවුරුදු 22කට ඉහත දීය. ඔහුගේ මේ රචනාව 1866 සිට 1883 දක්වා කිතු දහම ප්රෘචාරය කිරීම සදහා මුද්රි ත රුවන් මල්දම නැමැති සගරාවේ අවුරුදු 17ක් මුඵල්ලේ




8 සිංහල නවකථාවේ පිතෘවරයා


කොටස් වශයෙන් පළ වී ඇත. කර්තෘගේ සංඥාපනයේ ඔහු සිය කෘතිය හදුන්වනුයේ “කථාන්තර” යන නාමයෙනි. මහාචාර්ය එදිරිවීර සරච්චනද්රේගේ අදහස වනනේ මෙය නවකථාවක් ලෙස නොව ගද්යය ආඛ්යානනයක් සේ සැලකිය හැකි බවයි. මෙම කෘතිය කල්පිත කථා හෙවත් ප්රයබන්ධ (Fiction) ගණයෙහි ද ලා සැලකිය හැකි වුවත් මහාචාර්ය සරච්චන්ද්ර යන්ට අනුව “ නායක නායකාවන්ගේ චිත්ත චෛතසික විභාගයට හා චරිත නිරූපණයට වැඩි වෙහෙසක් නො ගෙන හුදෙක් බාහිර වෘත්තාන්තය පමණක් කියන කථාවක් වන හෙයින් ද නවකථා ශෛලීයට වඩා වෘත්තාන්ත ශෛලිය අනුගමනය කර තිබෙන හෙයින් ද ගද්යී අඛ්යාෘනයක් බවට පත් වේ.” වාසනාවන්ත පවුල සහ කාලකණණි පවුල හුදු ක්රිාස්තියානි ධර්ම ප්ර චාරය සදහා ලියන ලද්දක් බව අද්යුතන විචාරකයන්ගේ පොදු පිළිගැනීම වේ. මෙම‍ ප්රනකාශයට පත් කරන ලද්දේ ද ක්රිේස්තියානි පොත් පත් ප්රළකාශනය සදහා ම සථාපිත ‍ෙකරණු The Ceylon Religious Tract Society නම් වූ සමාගම මගිනි. ඇල්.අයිසෙක්ද සිල්වාගේ කෘතිය මහාචාර්ය ආරිය රාජකරුණා හඳුන්වනුයේ “සිංහල නවකථාවේ ආදිම ස්වරූපය හඳුන්වන ප්රනබන්ධ කථාවක්” ලෙස ය.2 ක්රිඳස්තියානි ධර්ම ප්ර්චාරය හැරුණු විට සංහල සමාජයෙහි පැළපදියම් වී තිබුණු ඇතැම් සිරිත් විරිත්,අදහස් උදහස්,සිතුම් පැතුම් ආදියෙහි නිසරු බව පෙන්වා දීම ද කතුවරයාගේ පරමාර්ථයක් වු බව මහාචාර්ය රජකරුණා පෙන්වා දේ,3 විවාහයේදි වංශය ගැන සොයා බැලීම, විවාහ මංගලෝත්සව මහ ඉහළින් පැවැත්වීම ආදිය එසේ විවේචනයට ලක් වු ඇතැම් කරණුය. අල්. අයිසෙක් ද සිල්වාගේ භාෂා ශෛලිය පිළිබද හැගීම් මාත්රැයක් සැපයීම් වස් “වාසනාවන්ත පවුලෙන්” උපුටා ගත් ඡෙද දෙකක් මතු දැක්වේ. පළමුවැන්න සංවාද‍යකි. දෙවැන්න වෘතතාන්ත සවරූපය සහිත කොටසකි.

1.සරච්චන්ද්රැ එදිරිවීර,සිංහල නවකථා ඉතිහාසය හා විචාරය,සරසවි පොත් හල ,නුගේගොඩ, 1977,39 පි. 2.රාජකරුණා,ආරිය,සිංහල නවකථාවේ ආරම්භය,ඇම්.ඩී.ගුණසේන සහ

  සමාගම, 1972,1පි.

3 එම්, 15 පි,



පියදාස සිරිසේන නවකථා එකතුව 9


“චාර්ල්ස් - මගේ ප්රේ මවන්ත ලුසි,මම දැන් මෙහි හාන්සි වී ඉන්න අතර මගේ පසුගිය දවස් ගැණ කල්පනා කළා. අනේ කොපමණ අමාරු කම රාශියක් මම පසුකර ගෙණ අවාද කියා උඹ දන්නවා නම් අනුමාන නැතිව උඹ පුදුම වේවි.

ලුසි - අනේ ආදරවන්ත චාර්ල්ස්, මට පැමුණුන කාරණ කීවෙත් ඊට පුදුම වෙනවා වෙනුවට උඹට අඬන්ට හිතේවි. ඉතින් උඹේ කාරණාව ඉස්සර වෙලා පටන්ගත් නිසා ඒක ඉස්සරවෙලා තියනවා නම් මම අහගණ ඉන්ට බොහොම කැමතියි, ඊට පසුව මගේ කථාන්තරය කියඤඤා.

චාර්ල්ස් - ඔන්න එහෙනම් අහගණින්, මම තරුණ වයසට පැමුණුන කාලේ පටන්ම (වෙන සෑම තරුණයෝ වාගේ මමත්) මට මොන අන්දමේ ස්ත්රිසයක් කසාද බඳින්ට වේදෝ කියා හිත හිතා උනනා. ඔහෙම සිට මම ක්රිරස්තියානිකාරයෙක් වී දෙවියන් වහන්සේගේ දරුවෙක් උනාට පසු මම හොද ඇදහිලිවන්තියෙක් කසාද බදින්ට ඔනැය කියා හිතට ගත්තා. නමුත් මගේ දෙමවුපිය සහෝදර සහෝදරියන් ගේ කල්පනාව ‍එලෙස නොව. මට හොද පොහොසත් තැනකින් ලොකු දෑවැද්දක් ඇතුව හිරයක් ගේන්ට බව මට නොයෙක් වර දැනගන්ට ලැබුනා.”1

II

“ඒ වෙනකොට චාර්ල්ස්ගේ ළමයි නැතිවු කාරණාව ගමේ සෑම තැනම පතළ වී වත්ත පිරෙන තරමට සෙනග එන්ට පටත් ගත්තෝය. චාර්ල්ස් ලුසී සහ මේ ළමයිනුත් අඳුනන අයවලුන්ට මේ ආරංචිය ලැබුනාම සිත් කම්පාවී සෑම දෙනා විසින්ම චාර්ල්ස් සහ ලුසීට සැනසිල්ල දීම පිණිසත් ළමයි සෙවීම පිණිසත් තම තමාට පුඵවන් දේ‍ කළේය. චාර්ල්ස් අසනීපව උන්සැටිත් වෙද ගෙදර ඇරීමට කෙණෙක් නොසිටි නිසා ඔවුන් උන්සැටිත් වෙද ගෙදර ඇරීමට කෙණෙක් නොසිටි නිසා ඔවුන් දෙන්නත් අරගණ සරා වෙද ගෙදර යන්ට ගිය සැටිත් අසු සෑම දෙනාගේම සිත් කම්පාවී ඇස් කඳුලෙන් පිරුණ්ය.

1.රාජකරුණා,ආරිය,සිංහල නවකථාවේ ආරම්භය.ඇම්.ඩී.ගුණසේන සහ සමාගම,කොළඹ,1972, 13පි.


10 සිංහල නවකථාවේ පිතෘවරයා


මේ දුක්මුසු ආරංචිය අසා එදා එතනට රැස්වූවන් අතරේ ඉතා නොසැලකිලි ජීවිතයක් පසුකරණ ජෝ නම් තරණයෙක් සි‍ටියේය. ඉ‍ංග්රි සිකාර මහත්මයෙකුගේ ගෙදරකින් සොරකම් කර‍ගණ ඉතා දාදරයෙන් ඇති දැඩි කළ යස බල්ලෙක් ඔහුට ඇතුව සිටියාය. බල්ලාගේ නම් ඩන්ය. බල්ලා ද අපූරු දඩයම් කාරයෙක. මේ තරුණයාගේ ජීවිතය වැඩි නිෂ්ඵල එකකට හැරුණේ බල්ලා ලොකු වී දඩයමට පුරුදු වුනායින් පසුය. සෙල්ලමේ දඩයමට යන සෑම දෙනම වාගේ මොහු සහ බල්ලත් අඩගහගණ යන පිණිස ඔහු සොයා එන්නට පුරැදු වී සිටියෝය . බල්ලාගේ අපූරු දඩයම කෙරීම පෙන්වන උඩගු සිත කරණ කොට ගෙන ඔහුට නියම රක්ෂාවක් එපා වී අඩ ගසන සෑම දෙනා සමග සෙල්ලමේ යන්ට ඔහු සෑදි සිටියේය. ජෝ නැමැති තවත් කෙණෙක් ඒ පලාතේ සිටිය නිසා ප්රදසිද්ධ දඩයම්කාර ඩන් නම් බල්ලා අයිති ජෝ බව තේරුම් ගන්න පිණිස මොහුට ඩන්ජෝ යයි කියන්ට සැම දෙනාම පුරුදු වී සිටියෝය. ඩනජෝ ද මේ උදෑසන චර්ල්ස්ලා ගෙදරට පැමිණුන වේලේ ළමයි නැති වු දුක්මුසු ආරංචිය අසා දුකට පැමිණ එවේලේම එහි පැමුණුන ඔහුගේ මිත්ර යෙකුත් කැටුව ළමයි සොයා යන්ට පිටත් විය. ඩන්ජෝ ගේ සියල්ලෙහි සියල්ල වු ඩන්ද මේ ගමනට එක් වු බව කියන්න ඕනැ නැත. ‘බුදුනුත් වැඳලා කෙමනත් බලන’ කල්පනාවෙන් ඩන්ජෝලා යන්ට බේරාගත්තේ ඒ පලාතේ ලොකු කැලෑවක් වු ලෙනක්කලාගේ ගෙවල් අසට තබෙන ඝණ කැලැවටය”1 සිංහල නවකථාවේ පිතෘත්වය සම්බන්ධයෙන් සඳහන් වන දෙවැනි නාමය බෙන්තොට ඇලබට් ද සිල්වා ගේ ය. ඔහු විමලා (1892), ආදර හසුන (1892), සිරිබරි (1894) වෙසක් දූතයා (1894) යන නම්වලින් කෘති 04ක් නිර්මාණය කළ්ය .මහාචාර්ය සරච්චන්ද්රත මෙම කෘති ද ගද්යව ආඛ්යායන ගණයෙහි ලා සලක යි. එහෙත් Novel යන ඉංග්රි සි පදයෙන් කෘතියක් හැඳින්වූ මුල් ම තැනැත්තා ලෙස අල්බට් ද සිල්වාගේ නාමය ඉතිහාස ගත වෙයි. ඔහු සිය කෘතිවල පිට කවරයේ Albert’s Novel යන දෙපදය යොදා ඇත.මෙකී Novel යන පදය ඔහු සංහලයට නැගුවේ ‘ඇමුතු කථා’ යනුවෙනි.


1 රජකරාණා ,ආරිය ,සංහල නවකථාවේ ආරම්භය, අම්.ඩී.ගුණසේන සහ සමාගම, කෙළඹ, 1972, 13 පි.



පියදාස සිරිසේන නවකථා එකතුව 11

යම් සේ අයිසෙක් ද සිල්වා ක්රිආස්තියානි ධර්ම ප්රමචාරය සදහා සවකීය කෘති යොදා ගත්තේ ද ඒ තරමට ම නො වූවත් යම් ප්ර මාණයකට‍ හෝ බෞද්ධ ධර්ම ප්රේචාරය සඳහා ඇල්බට් ද සිල්වාගේ කෘති උපකාරි වූයේය. මේ අමුතු කථාවල පිටු ගණන හා පොත්වල ප්රබමාණය ද කිසි සේත් Novel යන නාමයට ගළපුණේ නැත. පිටු 08,16,32 අදී වශයෙන් වූ මේ කෘතිවල ප්රයමාණය සෙ.මී. 6 x 10 හො සෙ.මී. 10 x 14 හෝ විය. මේ වනාහි එවක ක්රිටස්තියානි ධර්ම ප්රුචාරය සඳහා පළ වු පුස්තිකාවල ප්ර්මාණයයි.

විමලාහි අතුළත් වනුයේ කීර්ති ශ්රී නිශ්ශංකමල්ල රාජ්යව සමයට ඇතුළත් කථා පුවතකි. බෙන්තොට අල්බට් ද සිල්වා ස්වකීය ප්ර ථම Novel කෘතිය සදහා ‍‍ෙඑතිහාසික පුවතක් තෝරා ගත්තේ මන්ද? ඒ වන විට වෝර්ටර් ස්කෙට් (1771 – 1832) , චාර්ල්ස් ඩිකන්ස් (1812 – 1870) ආදින් ඉංග්රිසසි භාෂාවෙන් ලියූ ඓතිහාසික නවකථා කියවීම නිසාද? මේ ප්රිශනයට පිළිතුරු සපහන මහාචාර්ය ආරිය රාජකරුණා පවසන්නේ ඇල්බට් ද සිල්වා එබදු නවකථා පරශිලනය කර තිබුණත් විමලා සදහා ඒවා කිසිසේත් බල පා තැති බව යි. පූජාවලිය, චූලවංශය, සද්ධර්මාලංකාරය, සිහබස්මල්දම, හා අරාබි නිශොල්ලාසය, විමාලා සදහා ළගින් ම අසුරු කර ඇති බව යි . ඇල්බට් ද සිල්වා, අය්සෙක් ද සිල්වා තරම් වත් ඉංග්රී සි නවකථාවේ ආකෘතිය හදුනා ගෙන නො සිටි බව යි. 1

විමලාහි භාෂා ශෛලයෙහි චිරත්තන සාහිත්යාරගත භාෂා ශෛලියට කෙතරම් අනුරැප ද යන්න මතු සදහන් ඡේදයෙන් පැහැදිලි වේ.

“මෙම නරෙන්ද්රනයානතන් දස රාජ ධර්මයෙන් රජ කරණ දවස පොලොන්නරු පුරට නුදුරු එක් පෙදෙසක දුක්පත් මහලු සුත්රි්යක් විසී. ඈට විමලා නම් එක් දියනියක් සිටියාය. යොවුනගපත් ඕතොමෝ සකල රූපශ්රීමයෙන් සම්පූරණ වී. ඇගේ වරල මියුරු පිල් කලඹක් මෙන් දුටුවන් ප්රි ය කළේ. නලළ අඩසඳක් මෙන් බැබලින. බැම යුග ඉන්ද්රිචාප යුගමයක බඳු වී. කර්ණ යුගමය රණෝවිලි සිරිසිලි . නැහැ ස්වර්ණාංකුස


1 රජකරාණා ,ආරිය ,සිංහල නවකථාවේ ආරම්භය, අම්.ඩී.ගුණසේන සහ සමාගම, කෙළඹ, 1972, 76 -77 පිටු.



12 සිංහල නවකථාවේ පිතෘවරයා

පසු කෙළේ. දිගුනෙත් යුවල නිලුපුල් සදිස් විය. රක්තාධර යුග්මය ප්ර වාලාංකුර සිරිදරි. දත් පෙල මුතු පෙලක් මෙන් දිලුනේ. වක්ත්රමය පූරණචනද්රර මණඩලය මෙන් දුටුවන් නෙත්සිත් ප්රිලය වී. ගෙල ධවල සංඛයක මෙන් හෙබුනේයි. පයෝධර යුගමය ස්වර්ණහංස පොතක‍යන් දිනී. ‍ව‍ෙටා්රා රඹකඳ සිරි වී. කෙණඩා දුනුකේ කැකුළු සිරින් දිලුනේ. වරණ රක්ත පද්ම යුග්මයක් මෙන් මනා රූ ඇති වී.” 1 වනයෙහි සංචාරය කරන විමලාට හමු වූ ගල් ගුහාවක් පිළිබඳ ව මතු දැක්වෙන් විස්තරය රචනා කිරීම සඳහා අරාබි නිශොල්ලාසය බලපාන්නට ඇතැයි මහාචාර්ය රාජකරුණ විශ්වාස කරයි. 2 “මව දිගේ ගිල්වා මරණ බැව් දුටු විමලා තොම ගල්ලෙන තුළ මද වේලාවක් නිසලව සිට මදක් ධෛර්ය්යව ගෙණ ගල්ලෙනේ ඔබ්බට ගියා. එය ඝනාන්ධකාරයෙන් යුත් ගුහාවක් මෙන් පිටතට පෙණි ගිය නමුදු ඇතුළත එක් දොරක් පැන ගිය කල හිකතිවල ඔබා තිබෙන අනරඝ මාණික්යුයන් ගේ එලියෙන් එකාලෝක වී තිබුනේ යි. එහි තුළ ඉන්ද්ර නීල මැණික්මය සිංහ රූ දෙකකින් යුත් හසුනක් ඇති විය. දෙපස කුඩා අසුන් බොහෝ ගණනක් තුබුනේ යි. ගන රණින් කරණ ලද එක් උරගෙකු ගේ කටින් ජල වහනය වන උල්පතක් ඇතිවිය. මේ ගල්ලෙන තුළ සිරි දුටු විමලා තොමෝ විෂ්මයට පත් වුවා. මහත් සේ බියපත්ව සිටි ඕ තොමෝ මේ සියල්ල නරඹා මදක් ප්රීතතියට පැමිණ වැඩි දුරටත් පරික්ෂා කරණු වස් තවත් ඔබ්බට ගියා. එහි සිංහාසනයක් සහ රන්පත්වල ලියන ලද බොහෝ සන්නස් අසුන්පත් ආදිය දිටී. ඉන් ඔබ්බට ගිය කළ රන් රිදී මුතු මැණික් රාජාභරණාදියෙන් පූර්ණ එක් විශාල සලක් දිටී. ඉන් එක් පසෙක් මහත් අන්ධකාරයෙන් යුත් කුඩා ගුහාවක් ද දුටුවා. මේ පරිද්දෙන් සකලෙශ්වර්යයෙන් සමුපූරණ ශෛලමය රජ මැදුරේ මනුෂ්යන කටයඩක් පමණ නො ඇසීම ඈට මහත් පුදුමයක් වී.” 3 “වර්තමාන නවකථාවක නියම ස්වරූපය දරන පළම් වැනි ස්වතන්ත්රා රචනාව වූ කලී අලුත්ගමගේ සයිමන් ද සිල්වා මහතාගේ

1 රජකරාණා ,ආරිය ,සංහල නවකථාවේ ආරම්භය, අම්.ඩී.ගුණසේන සහ සමාගම, කෙළඹ, 1972, 72 පිටු.

   2 එම. 73 පි.
   3 එම. 76 පි.



පියදාස සිරිසේන නවකථා එකතුව 13

මීනා ය.” 1 මේ වනාහි මහාචාර්ය සරච්චන්ද්ර,යන්ගේ නිගමනය යි. මීනා කතුවරයා ද තම කෘතිය Novel යන නාමයෙන් හඳුන්වා දී තිබේ. පොතේ පිටකවරයේ සඳහන් වන්නේ Meena – A Novel by A Simon de Silva යනුවෙනි.Novel යන්න ඔහු සිංහලයට නැගුවේ ‘රසවත් කථන්තරය’ කියා ය. මීනා මේ යුගයේ දී බලාපොරොත්තු විය නො හැකි වන තරම් කලාත්මක නවකථාවක් බව විචාරක මතය යි.2

මීනා නවකථාවක මුඛ්ය පරමාර්ථය සිත විවරණය කිරීම යැයි පිළිගත් රචකයකුගේ නිර්මාණයක් ලෙස හැදින්විය හැකි බවත්, මනෝවිද්යයත්මක නවකථාවෙහි බීජ අවස්ථාවක් එහි දැකිය හැකි බවත් පවසන ආරිය රාජකරුණා මහාචාර්යතුමා 3 එහි ලා උපයුක්ත බස ගැන සිය අදහස් මෙසේ දක්වයි.

“මුල් කාලයේ පහළ වු නවකථාකරුවන්ට නවකථාකරණය උදෙසා කෙභඳු භාෂා විලාසයක් උපයෝගි කොට ගත යුතු ද යනු බැරෑරුම් ප්රඋශ්නයක් විය. සයිමන් ද සිල්වා නවකථාකරණයට බොහෝ දුරට උචිත වූ භාෂා විලාසයක් නිපදවා ගැනීමට මුලින්ම තැත් කළ ගත්කරුවෙකි. හේ මීනා රචනා කිරීමේ දී ව්යවවහාර භාෂාව වහල් කොට ගත්තේ ය. ඔහු එය හිතා මතා ම කළ කාර්යයක් බව අප සහෝදර සහෝදරියන් දවස් පතා භාවිතා කරන සිංහල භාෂාවෙන් ලියන ලද රසවත් කථාන්තර පොත් ඉතා විරල බැවින් ඊ‍ට ඇතුළත් ‘පිළිගැන්වීමෙහි’ සඳහන් වී තිබීමෙන් පැහැදිලි වේ. මීනා දවස් පතා භාවිතා කරන සිංහලට ඉතා කිට්ටු භාෂාවකින් ලියැවුණු කෘතියකි. එබඳු මාර්ගයක් අනුගමනය කිරීම නවකථා ලිවීමට ඉතාම යෝග්යු යි. මීනා ව්ය්වහාරයෙහි පවතින භාෂාව නවකථාකරණය උදෙසා යොදා ගත යුතු යැයි පිළිගත්


1 සරච්චන්ද්රන, එදිරිවීර,සිංහල නවකථා ඉතිහාසය හා විචාරය,සරසවි

   පොත් හල,නුගේගොඩ.1997,43 පි.

2 තිලකරත්න,මිණිවත් ජී.සියවසක පෙරළිය හා සිංහල නවකතාවේ පදනම

  ඇස්.ගොඩගේ සහ සහෝදරයෝ.කොළඹ,1989,242 පි.

3 රාජකරුණා,ආරිය,සිංහල නවකථාවේ ආරම්භය.ඇම්.ඩී.ගුණසේන සහ

  සමාගම.කොළඹ.1972. 146 පි.



14 සිංහල නවකථාවේ පිතෘවරයා


රචකයකු ගේ නිර්මාණයක් ලෙස සැලකිය හැකි යි. මීනා නවකථාවේ භාෂාව සකස් කර ගැනීමේ දී කතුවරයා ප්ර.ධාන වශයෙන් මාර්ග දෙකකින් අභාසහ ලබා ඇති බව පෙනී යයි. එක් අතකින් කථා කරන භාෂාවට ආසන්න භාෂා‍වකින් ලියැවුණු බයිබලය,අයිසෙක් ද සිල්වාගේ කථාන්තර ආදිය ඔහු කෙරෙහි බලපෑවේ ය. අනෙක් අතින් පැරැණි ගද්යස භාෂාවට ආසන්න භාෂාවකින් ලියැවුණු රාමායණය. අරාබි නිශොල්ලාසය, ‘අමුදු කථා’ ආදිය ඔහු කෙරෙහි බලපෑවේ ය. පළමු වැනි මාර්ගය නිසා ප්රාධාන වශයෙන් තත්සම වචන බහුල භාෂාවත් ඔහුගේ කෘතියට පිවිසිණි. කථා කරන භාෂා‍වත් ලියන භාෂාවත් මිශ්රභ වීමෙන් මීනා නවකථාවේ භාෂාව සකස් වුණු බව කිව හැකි යි, 1

මිනාහි භාෂා ශෛලිය පිළිබ‍ඳ ඉගියක් මතු දැක්වෙන උද්වෘතයන් සැපයෙනු ඇත. “හෙට උදයේ පිටත් වෙන්ටයි මගේ කල්පනාව”

අ‍ැගේ ඇස්වල කඳුලු නැගී ආහ. මුහුනෙහි ඉතා දුක්මුසු ලීලාව පැතිරි ගියේ ය.

“අප නාඳුනන ස්ථානවල,නාඳුනන අය අතරේ දමා යාම සරි ද යන වචන ඇගේ කටින් පිට විය.

ඒ වචන ද, ඒ පැවසු ස්වභාව ද, ඇසු දුටු කාගේ වුවත් ලය මොලොක් වන්නේ ය. එහෙයින් උණුවුනා වූ සිත් ඇති තරුණයා ඈ දෙස නොබලා ම සිට “නෑඳුනුවත් මගේ මිත්රයයන් මා ඉදිරියෙහි සිටින විට මෙන් ම, මා නැති වුවත් කරන්ට තිබෙන සියල්ල ම කරණ බව මම දනිමි. එසේ වුවත්, මගේ නැවැතීම ඔය හැටි සැනසිල්ලට කරුණක් වන බව මම දැන ගෙන සිටියා නම් මම යන්ට අදහස් කරන්නේ නැතැ”යි කීය.

ඉන් පසු ස්වල්ප වේලාවක් නිශ්ශබ්ද භාවය ඇති විය. ඔහු ඇස් ඔසවා ඈ දෙස බැලුයේය. ඇගේ ඇස් ද ඔහු වෙත් වැටුනා. එහි ඔහුට


1 රජකරුණා,ආරිය,සංහල නවකථාවේ ආරම්භය,අම්.ඩී.ගුණසේන සහ

  සමාගම, කොළඹ, 1972, 149 පි.



පියදාස සිරිසේන නවකථා එකතුව 15

සලකන ප්ර මාණය මෙතෙකැයි කියා ලියවී තිබුනාක් මෙන් ඔහුට පෙණී ‍ගියේ ය. ඊට ‍හේතුව ඔහු කළා වු උපකාර වෙන්ට ඇතැයි ඔහු සිතුවේය. ඔහු කෙරේ ඇගේ සිතෙහි තද ආශාවෙන් ඉපදි එසේ වී යයි ඔහු සිතන්ට නොකැමැති විය.

ඈ ද ඔහු මිත්ර යන් ගැන ඒ ආශ්රයය කළ පමණින් හොද කල්පනාවක් ඇතිව සිටින බවත්. ඔහු ටික දවසක් එහි නවතිනවා නම් යහපත් බව කියා හදිසියකින් මෙන් ඔහු ඉදිරියෙන් නික්ම ගියාය,

ස්වල්ප වේලාවක් යනතුරු ඇගේ සිත කුනාටුවක් ගත් මුහුදක් මෙන් විය . සිතිවිලි එකිනෙකට පටලැවී රැළමෙන් ආකුල ව්ය කුල විය. බොහෝ දුර සිට නික්මෙන්නා වු හඩක් ඈට ඇසෙන්නාක් මෙන් විය. එය වාතය පිටින් ඈ දෙසට ගමන් කරන්නාක් මෙන් වී ක්ර මයෙන් වඩ ‍වඩා ඇසෙන්ට විය. ඇගේ සිත ප්රි්තියෙන් ද සංවේගයෙන් ද ගැගෙන්ට විය. මිහිරි වු ශාන්ත වු , නිද්රාතව ඇට ස්වමීප වූවාක් මෙන් ඒ සුබ වේදනාවෙයි ගැලී සංඥ විරහිත වුවාය.”

මේ අයුරින් බලන කල ප්රනථම සිංහල නවකථකරුවා බවට පත්වීමේ සකල විධ සුදුසුකම් සයිමන් ද සිල්වා සතු වුවත් ඔහුට එම කිරුළ හිමි නො වන්නේ මීනා මුද්රිමත වර්ෂය පිලිබඳ ව පැන නගින ගැටලුව නිසාවෙනි.

මීනා මුද්රිණයෙන් ප්රපකාශයට පත් වී ඇත්තේ වර්ෂ 1905 දී ය. පියදාස සිරිසේනගේ වාසනාවන්ත විවාහය හෙවත් ජයතිස්ස සහ රොස්ලින් නැමැති ප්රිබන්ධය කෘතියක් ලෙස මුද්රජණය ව්රලහේ 1906 දී වුවත් එය 1904 දී පටන් සරසවි සඳරැස පුවත් පතේ කොටස් වශයෙන් පළ වී තිබේ.එබැවින් වඩා පැරණි සේ සැලකිය හැකි වනනේ ජයතිස්ස සහ රොස්ලින් ප්රවබන්ධය යි. මෙතැන් දී තවත් ගැටලුවක් මතු වෙයි. එනම් ඇම්.සී.අ‍ෆ්.පෙරේරාගේ මගේ කරුමේ නමැති ප්රුබන්ධය කෘතියක් ලෙස මුදුණයෙන් ප්රරකාශයට පත් වනනේ 1906 වරෂයේ දී නමුත් එය ඊට පරොතු ව සිහල සමය පුවත්පතෙහි කොටස් වශයෙන් පළ වී


1 ද සිල්වා, සයිමන්,මීනා,සමන් සහ මදාර ප්ර්කාශකයෝ, රජගිරිය, 1986

  මුද්ර්ණය, 32 පි,



16 සිංහල නවකථාවේ පිතෘවරයා


තිබිමයි. එසේ වුවත් මගේ කරුමේ ප්රවථම සංහල නවකථාව යන විරුදාවලිය ලැබීමට තරම් ගුණාත්මක පක්ෂයෙන් ඉහල තලයක නො සිටින බව පොදු පිළිගැනීම වේ. තිස්ස කාරියවසම් මහාචාර්යතුමා විසින් පවසන්ට යෙදුණු මතු සඳහන් කරුණු ද සලකා බලන්න. “පසුගිය වර්ෂ විස්සක - විසි පහක කාලය තුළ විචාරකයන් විසින් සයිමන් ද සිල්වාගේ මීනා ගැන සඳහන් කරන ලද්දේ ‘ප්රුථම සිංහල නවකථාව’ නම් උපශීර්ෂයක් ද සහිතවයි. එහෙත් 1905 දී මීනා ප්රහකාශයට ‍ෙපර පියදාස සිරිසේනගේ ‘ජයතිස්ස සහ රොස්ලින්’ නවකථාව ‘සරසවි සඳරැස’ පුවත්පතේ පළවුණු නිසා එම උපපාඨය කෙතරම් අර්ථවත් දැයි සිතා බැලීම සාධාරණය. .... විචාරකයන් විසින් ප්රතථම සිංහල නවකථාව ලෙස මීනා (1905) සලකතත් පියදාස සිරිසේනගේ ‘ජහතිස්ස සහ රොස්ලින් හෙවත් වාසනාවන්ත විවාහය’ පුවත්පත මගින් මාලාකරණය ඇරඹුණේ 1904දීය. එහෙයින් පියදාස සිරිසේන නවකථාකරණය ආරම්භ වනනේ සයිමන් ද සිල්වාට පෙරාතුවය. මෙ නයින් පියදාස සිරිසේනයන් සිංහල නවකථාවේ පිතෘවරයා බවට පත්වන බව පැහැදිල ව පෙනේ. පියදාස සිරිසේන නවකථකරණයෙහි යෙදී සිටි කාල පරිචිඡේදය පුරා 38 වසරකි. මේ කාල පරිච්ඡේදය තුල ඔහු විසින් රචනා කරන ලද නවකතා පෙළ මෙසේ වේ. 1 වාසනාවත්ත විවාහය හෙවත්

   ජයතිස්ස සහ රොස්ලින (සරසවි සඳරැස්)				1904

(පොතක් වශයෙන්) 1906 2 අපට වෙච්ච දේ 1909 3 මහා වියවුල (සිංහල ජාතිය) 1909 (පොතක් වශයෙන්) 1909


1 කාරියවසම්,තිස්ස,සිංහල ප්ර9බන්ධ කථාවේ විකාශනය (1866 – 1944),

   සංස්කෘතික කටයුතු දෙපර්තමේන්තුව,කොළඹ. 1999, 13-15 පිටු.



පියදාස සිරිසේන නවකථා එකතුව 17


4. තරුණියකගේ ප්රේකමය 1910 5. අෂට ලෝක ධර්ම චක්රවය 1916 6. ඩිංගිරි මැණිකා හෙවත් වික්ර මපාලගේ පළමුවෙන් වික්රිමය 1918 7. විමලතිස්ස හාමුදුරුවන්ගේ මුදල් පෙට්ටිය හෙවත් වික්රලමපාලගේ දෙවෙනි වික්රටමය 1919 8. වලව්වක පළහිලව්ව හෙවත් වික්රවමපාලගේ තුන්වැනි වික්ර මය 1921 9. ශ්රී් ලංකා මාතා 1922 10. ඉෂ්ට දෙවියා හෙවත් වික්ර‍මපාලගේ හතරවනි ‍වික්ර මය 1925 11. සුචරිතාදර්ශය හෙවත් සරත් කුමාර චරිතය 1926 12. අද්භූත ආගන්තුකයා 1928 13. චින්තා මාණික්යෙ රත්නය 1930 14. යාන්තම් ගැලවුණා 1931 15. පරිවර්තනය 1934 16. පසන් නිවස 1936 17. මහේශ්වරි හෙවත් වික්ර මලාගේ පස්වෙනි වික්රිමය 1937 18. පළමුවෙන් පාසැල 1938 19. ඩෙබර කෙල්ල හෙවත් වික්ර3මපාලගේ හයවෙනි වික්රඩමය 1944 20. අන්තිම කැමැත්ත මහාචාර්ය ආරිය රාජකරුණා සහ මහාචාර්ය ඒ.වී. සුරවීර ඉදිරිපත් කරන නවකථා ලැයිස්තුව යි මේ.1 මහාචාර්ය මිණිවත් පී.තිලකරත්න පෙන්වා දෙනනේ පියදාස සිරිසේනගේ නවකථා

1.සහිත්යිය,පියදාස සිරිසේන අනුස්මරණ වි‍ශේෂ කලාපය, සංස්කෘතික

   කටයුතු අමාත්යං ශය, කොළඹ, 1986, 3-4 සහ 24-25 පිටු.


18 සිංහල නවකථාවේ පිතෘවරයා

සංඛ්යා ව 19ක් බවයි. 1 මොවුනතුරින් මිණිවත් පී.තිලකරත්නයන් ඉදිරිපත් කරන නවකථා සංඛ්යහව නිවැරදි බව පෙනේ. මන්දයත් අන්තිම කැමැත්ත නම් වු කෘතියක් මුද්රයණයෙන් පළ වී ඇති බවට සාධක හමු නො වන බැවිනි. ජාතික ලේඛනාරක්ෂක දෙපාරතමේන්තුවේ හෝ එබන්දක් ලියාපදිංචි වී නැත. තවත් කෘකියක් ගැන සිරිසේනගේ නවකථා කිහිපයක පසු පි‍ටෙහි පළ වී ඇති දැන්වීම්වල සදහන් වී තිබේ. එනම් ඉෂ්ට දෙවියා (1966 මුද්රිණය), යන්තම් ගැලවුණා (1965 මුද්රයණය) ආදියෙහි පිටකවර වලය නවකථා පොත්වල පිටකවර දැන්වීම්වල සඳහන් වී තිබීම නිසාත්, බොහෝ දෙනා සිතනුයේ සුදාරකෝත්පත්තිය ද සිරිසේනගේ නවකථාවක් බව යි. එහෙත් ඒ වනාහි ධර්ම ශාස්ත්රීිය කරුණු අඩංගු ග්රවන්ථයකි. යහපත් දරුවන් ලැබීම රටක ජාතියක අනාගතය සුරක්ෂිත කිරීමට හේතු වන බවත් එබඳු ගුණවත් දරුවන් ලැබීමට සුත්රී පරුෂ දෙපක්ෂය ම පැවතිය යුතු පිළිවෙළක් ඉගැන්වෙන් ග්ර්න්ථයකි.2

සිරිසේනයන් නවකතාකරණයෙහි නියැළී හුන් 38 වසර තුළ තවත් බොහෝ නවකථාකරුවෝ මෙරට පහළ වූහ. ඔවුන් කිහිපදෙනකුගේ නම් මතු දැක්වේ. 1. ඩබ්ලියු. ඒ. සිල්වා 2. මාර්ටින් වික්රහමසිංහ 3. ඇලෙක්සැන්ඩර් වැලිවිට 4. හේමපාල මුනිදාස 5. අන්.ජි.ඒ. විමලනාථ


1.තිලකරත්න,මිණිවත් පි.සියවසක පෙරළිය හා සිංහල නවකථාවේ පදනම,

  ඇස්.ගොඩගේ සහ සහෝදරයෝ,කොළාඹ. 1989, 279 පී.

2.ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවේ හෝ ජාතික කෞතුකාගාර පුසතකාලයේ පොත් තැනපතුවල නැති මේ කෘතිය සොයා දුන් නුවරඑළියේ හේමපාල මහතාණන්ට ස්තුති යි.



පියදාස සිරිසේන නවකථා එකතුව 19

6. පී.ඩී.ලියනගේ 7. ටී.ඇස්.ධර්මබන්ධු 8. ඒ.ටී.සී.ජිනදාස 9. වී.ඩී.ද ලැනරෝල් 10. පී.නිශ්ශංක

මොවුන් අතුරින් වඩාත් කැපී ‍පෙනුණු නවකථාකරුවන් දෙදෙනා නම් ඩබ්ලියු. ඒ.සිල්වා සහ මාර්ටින් වික්රෙමසංහ යි. පියදාස සිරිසේනගේ නවකථා පන්තිය පළවුණු කාලය තුළ දී ඩබ්ලියු.ඒ.සිල්වා සහ මාර්ටින් වික්ර මසිංහ විසින් ලියා පළ කරන ලද නවකථා මේවා ය.

ඩබ්ලියු.ඒ.සිල්වා 1. සිරියාලතා 1909 2. ලක්ෂ්මී හෙවත් නොනැසෙන රැජිණ 1919 3. හිඟණ කොල්ලා 1923 4. පාසැල් ගුරුවරී 1924 6. දෙයියන්නේ රටේ 1927 7. කැලෑහඳ 1933 8 දෛවයොගය 1937 9. විජයබා කොල්ලය 1938 10. රඳල පිළිරුව 1939 11. හඳපාන 1941 12. ජූලි හත 1943




20 සංහල නවකථාවේ පිතෘවරයා


මාර්ටින් වික්රවමසිංහ

1. ලීලා 1914 2. සෝමා හෙවත් නිත්ය ප්රේ2මය 1922 3. අයිරාංගනී හෙවත් ‍පාපොච්තාරණය 1923 4. සීතා 1923 5. මිරිඟු දිය 1925 6. රෝහිණි 1929 මහාචාර්ය ආරිය රාජකරුණා පවසනුයේ පූර්වෝක්ත කෘති කළ සිල්වා සහ වික්ර මසිංහ අභිබවා පියදාස සිරිසේන ජනප්රි යත්වයට පත් වු බව යි. පියදාස සිරිසේනයන් ම පවසන පරිදි 1914 වන විට ජයතිස්ස සහ ‍‍ව් ෙ‍රාස්ලින් නවකථාවෙහි පිටපත් 25000ක් අලෙවි වී තිබුණු අතර (ජයතිස්ස සහ රොස්ලින්හි 5 වන සංස්කරණයේ සංඥපනය) මුද්ර්ණ 04ක් නිකුත් වී තිබිණි. 1906-1944 කාල පරිචඡේදය සිංහල නවකථා ඉතිහාසයේ ‘සිරිසේන සමය’ යනුවෙන් හැඳන්වීම උචිත බව මහාචාර්ය රාජකරුණගේ අදහස යි.1

තමා ඉංග්රීඳසි නවකථා පරිශීලනය කළ බවත් එයින් සිංහල නවකථා ලිවීමට පෙලඹුණු බවත් පිහදාස සිරිසේන සඳහන් කොට තිබේ. ජයතිස්ස සහ රොස්ලින් කෘතියේ පස් වැනි සංස්කරණය සඳහා 1916දී ලියු සංඥාපනයේ මෙබඳු සටහනක් වෙයි. “ප්රසබන්ධ කථා මාර්ගයෙන් ජාත්යමලයාදී උතුම් ගුණ ධර්ම වර්ධනය කිරීමට යුරෝපීය ජනයා ආරම්භ කරන අවුරුදු 400තට ඉහත දි නමුත් සිංහලාදි පෙරදිග ජනයා අවුරුදු දහසු ගණනකටත් පෙර එසේ කළ බවත් විනාශ භාවයට නොගිය ප්රකබන්ධ කථා තවමත් පෙරදිග රටවල පවත්නා බවත් පෙනේ. ඒ එසේද උවත් අප විසින් ප්රරබන්ධ කථා තැනීමෙහි වැදගත්කම තේරුම් ගන්නා ලද්දේ ඉංග්රී සි ප්රඅබන්ධ කථා (Novels)කියවීවෙන් බැව් සඳහන් කරමු.”

1.සාහිත්ය ය,පියදාස සිරිසේන අනුස්මරණ විශේෂ කලපය,සංස්කෘතික

  කටයුතු අමාත්යංලශය,කොළඹ.1986. 4 පි.



පියදාස සිරිසේන නවකථා එකතුව 21

පියදාස සිරිසේන (Novel) යන පදයට දී ඇති සිංහල වචනය ප්ර බන්ධ කථා බව මෙයින් පෙනේ. එනමුත් ඉංග්රී සි නවකථාව අනුකරණය කරමින් ස්වකීය නවකථා රචනා කිරීමට අප ලේඛකයාට කරමින් ස්වකීය නවකථා රචනා කිරීමට අප ලේඛකයාට අවශ්යඛ නො වුණි. මහා වියවුල නවකථාවෙහි සංඥාපනයෙහි ලා සිරිසේනයන් පවසනුයේ “යුරෝපීය ප්රනබන්ද කථාවල නෙඑල්ලී යුරෝපීය උගතුන්ගේ පොතපතින්ද ප්රීයෝඡනවත් දේ ගනිමින් මේ පොත ලියන ලද” බව යි. පියදාස සිරිසේන ජයතිස්ස සහ රොස්ලින් නවකථාවේ දී ජයතිස්සගේ මුවට නඟා “යුරෝපීයයාගේ හෝ යකාගේ හෝ යහපතක් තිබේ නම් එය ගත්තාට වැරදි නැහැ.” යනුවෙන් පවසා ඇති බවද අප අමතක කළ යුතු නැත.

නවකථා වශයෙන් ගත් කළ කොතෙකුත් අඩුපාඩුකම් තිබුණ ද පියදාස සිරිසේනයන් විසින් කරන ලද්දේ බටහිර නවකථාව දේශනුගත කිරීමකැයි නො කිව හැකි ද ? සිංහල නවකථාවේ සිරිසේන අනන්යකතාව සටහන් කිරීමකැයි නො කිව හැකි ද? ඔහු බටහිර කථා කලාවත් ජාතක පොත, සදධර්මර්ත්නාවලිය, ජනකථව ආදියෙහි ආ සිංහල කථා කලාවත් මුසු කොට අභිනව “කථා කලාවක් ගොඩ නඟා ගත්තේ යැයි නො කිව හැකි ද?

මේ දක්වා පියදාස සිරිසේනගේ නවකථා සම්බන්ධයෙන් විචාරකයන් දක්වා ඇති අඩුපාඩු කම් මේවා ය.

1. චරිත නිරූපණය දුර්වල ය. සුදන ජනයා හැම විට ම ජයග්රොහණය කරති. දුරජනයෝ හැම විට ම පරාජය වෙති. 2. සන්දර්භය දුර්වල ය. ප්රයධාන කථා පුවත හා ප්ර‍ධාන චරිත වරින් වර රචකයාට අමතක වේ. අතුරු කථාවකින් ප්රනධාන පුවතට ප්ර්වේශ වන විට ප්රඅධාන පුවත මෙන් ම ඊට සම්බන්ධ චරිත ද පාඨකයාට අමතක වී යයි. කථාව මනාව ගෙත්තම් කොට නැත. කථා විකාශනය හේතුඵල සම්බන්ධයෙන් යුක්ත නොවේ. 3. අභව්යු සිද්ධි ගහන ය. වනගත වීම, වෘක්ෂ දේවතාවෝ, වෙස්වළා ගැනීම ආදී අස්වාභාවික චරිත, සිද්ධි හා පුවත්වලින් යුක්ත ය.



22 සිංහල නවකථාවේ පිතෘවරයා


4. නිරස දේශන අඩංගු ය.සෑම කථාවක ම දේශනවාදියෙක් සිටී. ඔහු දිවා රාත්රීආ නො බලා දේශන ශාලාවලත් නිවෙස්වලත් දුම්රිය මැදිරි තුළත් කඩපිල්වලත් දේශන පවත්වයි. ජයතිස්ස සහ රොස්ලින් නවකථාවේ ජයතිස්ස, අපට වෙච්චදේ නවකථාවේ ‍විජයසිංහ, මහා වියවුල නවකථාවේ ධනපාල තෙන්නකෝන්. තරැණියකගේ ප්රේංමය නවකථාවේ විජයදාස අභයවික්රෝම,ඩිංගිරි මැණිකා, විමල තිස්ස හාමුදුරුවන්ගේ මුදල් පෙට්ටිය, වලව්වක පළහිලව්ව,ඉෂ්ට දෙවියො, මහේශ්වරී,ඩෙබර කෙල්ල යන නවකථාවල කොන්ගොඩ වික්රලමපාල මෙබඳු දෙශනවාදියෝ ය.

එසේ නමුත් අප පියදාස සිරිසේනගේ නවකථා විනිශ්වය කළ යුත්තේ සිංහල නවකථාවේ සමාරම්භක යුගය නමති පසුබිමෙහි තබා ය. පියදාස සිරිසේනගේ අභිප්රායය වූයේ කථා රසය ඇති කිරීමට වඩා අර්ථවත් පණිවිඩයක් ප්රාකාශ කිරීම ය.

1. “ අපේ සිංහල ජනයා යථා මාර්ගයෙහි යොදවනු සඳහා අප විසින් ලියන ලද පොත් බොහෝ වෙති. “නව ප්රොබන්ධ” යන නම මේ කාලයෙහි ව්ය්වහාර කරතත් අපේ පොත්වල ධර්ම ශාස්ත්රීබය කරුණුවලින් පිටස්තර කිසිවත් නැත්තේය.” යන්තම් ගැලවුණා (සංඥාපනය) 2. ‍ “මේ තරුණියකගේ ප්රේලමය” වනාහි සුත්රීනන්ගේ ගුණධරමාදියම විශේෂ වශයෙනුත් ජාත්යා්ලයාදී අන්යය ගුණ ධර්ම සාමාන්යව වශයෙනුත් වර්ධනය කරනු සඳහා ලියන ලද්දකි.” තරුණියකගේ ප්රේලමය(සංඥපනය)

3. “බොහෝ දෙනා විසින් ලියනු ලබන ප්ර බන්ධ කථා කාලය ගත කිරිමටම හේතුවන නමුත් මේ ප්ර්බන්ධ කථාවෙන් හා මගේ අනික් පොත්වලින් ද ජාති ධර්ම ශාස්ත්රලයත් දේශපාලන ක්‍රමයත් ඉගැන්වීම සිද්ධ වේ. ජාති මමත්වය හා ස්වදේශ වාත්ශල්ය්ය ඇති වීමටත් මෙකල සිංහලයන් අතර ප්රාකට පොත් ඉතා විරල හෙයින් මේ පොත් පංක්තිය පිළියෙල කෙළෙමි.” මහා වියවුල (සංඥපනය)


පියදාස සිරිසේන නවකථා එකතුව 23

4. “දේශපාලනය . අර්ථ සංවර්ධනය, සදාචාරය,ජාතිමමත්වය ආදිය සාමන්ය ජනයාට ඉගැන්වීමට තිබෙන උපාය මේ ප්රරබන්ධ කථා බව අපට අවබෝධ වූයේ පාඨශාලාවට යන කාලයේදි මය.”

විමලතිස්ස හාමුදුරුවන්ගේ මුදල් පෙට්ටිය (සංඥපනය)

පියදාස සිරිසේන සූරිහු ස්වකීය නවකථාවලට විවිධ විෂය වස්තු කර ගත්හ. ජයත්ස්ස සහ රොස්ලින් නවකථාවට ආගම තේමා කොට ගත්තේ ය. අපට වෙච්ච දේ නවකථාවෙන් ඔහු පෙන්වා දෙන්නේ දේශිය ඇඳුම් පැළඳුම්, දේශිය සිරිත් විරිත් හා දේශීය වෙදකමෙහි වටිනාකම යි. විමලතිස්ස හාමුදුරුවන්ගේ මුදල් පෙට්ටිය නවකථාවෙන් සංඝ සමාජයෙහි දුබලතා නිර්දය ලෙස විවේචනය ‍ෙකරේ. වලව්වක පළහිලව්වෙන් හෙළිදරව් වන්නේ උඩරට ප්රුභු පන්තියේ නොසණ්ඩාලකම් ය, අද්භූත ආගන්තුකයා, සුරාපානයේ ආදීනව පෙන්වා දීම සදහා රචිත ය,

පියදාස සිරිසේනගේ නවකථා මාහාමය ලෝකයකින බිහි වු නවකථා නො වේ. සුදු අධිරාජ්ය වාදීන්ගේ සිරිත් විරිත්,ආගම ධර්මය, ඇඳුම් පැළඳුම්, කථා බහ, ගමන් බිමන්, කියුම් කෙරුම් , නම් ආදිය පහළ වු නවකථා ය. සත්යබ වශයෙන් තත්කාලීන සමාජයෙහි හරස් කඩක් සිරිසේනගේ නවකථාවලින් ප්රුතීයමාන වේ. එබඳු තැනැත්තකු සිංහල නවකථාවේ පිතෘවරයා වීම අද්යනතන සංසිංහල සාහිත්යැයට ‍ගෞරවයකි.