පියදාස සිරිසේන නවකථා එකතුව- 03 - ඉෂ්ට දෙවියා

Wikibooks වෙතින්
Jump to navigation Jump to search

ඉෂ්ට දෙවියා

හෙවත්

වික්‍රමපාලගේ හතරවෙනි වික්‍රමය


ISHTA DEVIYA

OR

THE FOURTH ADVENTURE OF WICKREMAPALA


(ක්‍රි.ව. 1921)


වලව්වක පලහිලව්ව ගැන මාස කීපයක් තිස්සේ බලවත් කරදර වින්ද බැවින් මාස තුනක් පමන නිවාඩු ගෙන විවේකව ඉන්නා කල්පනාවෙන් මම උඩරට යන්නට පිටත්වීමි. උවමනා තරම් උපකරණත් රැගෙන සඳුදා දුම්රියෙන් පිටත් වූ මම වෙනදා මෙන්ම දෙවැනි පංක්තියේ රථ කාමරයක නැග්ගෙමි. මා ඒ රථ කාමරයට ඇතුල් වෙද්දී කිසිවෙක් නො සිටි නමුත් මා වාඩි ගත්තාට පසු අවුරුදු විසිපහක් පමණ වයසැති අවිවාහක තරුණ ස්ත්රි්යක් ද අවුත් වාඩි ගත්තාය. මේ තරුණියත් සමඟ තනිව ඒ කාමරය තුළ ඉඳිම මහත් අමාරුවක් බැවින් ඒ කාමරයෙන් බැසීම පිණිස මගේ ඇඳුම් පෙ‍ට්ටිය අහකට ගැනීමට කුලීකාරයෙකු සොයක අතර තවත් සිංහල මහත්තැන් දෙදෙනෙක් ද මහලු ලංසි නෝනා කෙනෙක් ද ඒ කාමරයට නැගුනු බැවින් මගේ අදහස වෙනස් කොට මම ද මා කලින් වාඩිවී උන් ආසනයේ ම වාඩි ගතිමි. එවිට දුමිරිය පිටව්තවිය. අපේ කාමරයේ මාත් ඇතුලු පිරිමි කීපදෙනෙක් ද සිංහල තරුණියක් හා මහලු ලංසි නෝනා කෙනෙක් ද යන පස් දෙනෙක් වූහ. තරුණිය සිංහල යයි සිතුවේ සාය හැට්ටය ඇඳ සිටීමෙන් බව සැලකිය යුතුයි. ලංසි නෝනාත් සමඟ ඉතා හොඳින් කථා කරන්නට පටන් ගත් ඈ දෙස මා පමණක් නොව අනිත් මහත්තැන් දෙදෙනා ද සැලකිල් ඇතිව බලන්නට වූහ. ටික වේලාවකට පසු එක් මහතෙක් මා සමඟ කථාවට බැස, “අපේ දුම්රියේදී එහි ආරක්ෂාවට යන ගාඩ්ලාගෙන් වැදගත් ස්ත්රීබන්ට හිරිහැර අවනම්බු ආදිය සිදුවෙන බවත් එය වැලැක්වීමට ආණ්ඩුව හෝ මහජනයා උත්සහ ‍ගන්නවා මදි බවත් කීවේය. එවිට මම සිනාසී‍, “ ඇත්තෙන්ම මහත්මයා වැදගත් ස්ත්රි යක්ට ගාඩ් වැරන්ගෙන් හෝ දුම්රිය යන අන්යණයෙකුගෙන් කිසිම හිරිහැරයක් ලැබෙන්නට ඉඩක් නැත. ඔය හිරිහැර ලැබෙන්නේ නොවැදගත් අශික්ෂිත ස්ත්රීනන්ට පමණකි”යි මා කියන කොට අනිත් මහතා කථාකොට, “නෑ මහත්මයා අශික්ෂිත ස්ත්රී න්ට පමණක් නොව නොබෝ දා වැදගත් ස්ත්රි්යකට දුම්රි‍යේ ගාඩ් කෙනෙකු ගෙන් හිරිහැර ලැබුනා”යි කීවේය. “ඇත්තෙන්ම මහත්මයා මගේ අදහස තේරුම්

පියදාස සිරිසේන නවකථා එකතුව 443

නොගෙන කථා කරන්නේ ඇයි? ශික්ෂිත වැදගත් ස්ත්රී3යකට ගාඩ් කෙනෙක් ආදී කිසිවෙකුට දුම්රියේදී යම් කිසි හිරිහැරයක් කරන්ට ඉඩ තිබේද? වැදගත් ශික්ෂිත ස්ත්රිදයක් කවදාවත් සැලකිය යුතු කෙනෙක් නැතුව දුම්රියක හෝ මහ වතක ගමන් නොකරයි. ඉතින් එබඳු ආරක්ෂකයෙකුත් සිටියදී දුම්රියක යන ගාඩ් කෙනෙක් හෝ අන්යයයෙක් ස්ත්රිඳයකට වචන මාත්ර යකින් වත් අපහාසයක් කරයි ද? ස්වෙච්ඡාචාරීව හිතු හිතු තැන්වල දුව පැන ඇවිදින ස්ත්රීකන් සමඟ දුම්රියේ ගාඩ් ආදීහු මිත්ර නිසාත් ඔවුන්ගේ චරිත හොඳ හැටි දන්නා නිසාත් වැරදි සිදුවේ. ඇතැම් විට එසේ නොවෙන හෙවත් ඔවුන් රුචි නොවෙන ගාඩ් ආදීන්ගේ මෙහෙයවීම්වලට අකමැති වන ස්ත්රීොන් සම්බන්ධ වීමෙන් රටේ කලබලයක් ඇති වුණා නම් මිස වැදගත් කමක් නිසා යයි මම නොසිතමි”යි කීවෙමි. මගේ මේ කීම ඉතාමත් ම ව්යානකූල බැවින් මා සමඟ කථා කරණ දෙන්නාටම තේරුම් ගත නොහැකිව” එය අපට තේරුනේ නැත. මහත්මයා කීවේ කුමක් දැයි කරුණා කර නැතවත් කියන්නටය”යි ඒ මහත්වරු කීහ. අපේ මේ කථාව අසාගෙන උන් සිංහල තරුණියත් මහලු ලංසි තරුණිය කොටි දෙනක් මෙන් සිනාවෙන් යුතුව බැලූවිට සිංහල තලතුනා ලංසි නෝනා සිනාසී, “ ඔව් මහත්මයා, මහත්වයා කීවේ ඇත්තමයි. ඒක මට නම් හොඳටම ‍තේරුණා”යි සිංහලෙන් ම කීවාය. මගේ අදහස ඒ සභාවේ සිටි එක් කෙනෙනුටවත් තේරුම් යාම ගැන ප්රීංතිවෙමින් තව දුරටත් එය විස්තර කරන්ට ලෑස්තිවෙනවිට අනිත් මහත්තැන් දෙදෙනා ලංසි නෝනාට කථාකොට “නෝනා මේ මහතා‍ගේ නොපැහැදිලි කථාවෙන් තේරුම් ගත්තේ කුමක්දැ”යි ඇසූහ. එවිට මහලු ලංසි නෝනා නිර්භීතව මෙසේ කියන්නට පටන් ගත්තාය. රේල්වෙත් හෝටල් වලත් නොයෙක් ප්රේසිද්ධ තැන්වලත් තනිව හැසිරෙන තරුණියෝ සාමාන්යලයෙන් ම අභිචාරිකා නම් වෛශ්යාන ස්ත්රීතහුය. එවුන් සමඟ ප්රොස්ථාව බලා හිඳ තරුණ ගාඩ්වරුත් වෙන වෙන අයත් කෙළි කවටකම් කිරීම සිරිතකි. මෙසේ මේ රටේ කරුණු පවතින නිසා යම් කිසි කුලස්ත්‍රියක් තනියම දුමිරියක හෝ ප්ර සිද්ධ තැනක හැසිරෙනු දුටුවාම අභිචාරිකා ගණයට සිතා ගෙන එබඳු ස්ත්රිරයක් සමඟත් කෙළි කවටකම් කරන්නට ගොස් රැවටී මහත් කලබල ඇති වන බව මේ මහත්මයාගේ කතාවෙන් මට තේරුණා. තමන්ගේ වයසත් ස්ථානයත් නොබලා කටයුතු කරණ ස්ත්රීරන් “වැදගත් ශික්ෂිත අයය”යි මමත් නොසිතමි. රා බෝතලත් සමඟ එකට තබා තිබෙන කිරි බෝතලය අඳුනා ගන්නට බැරීවාක් මෙන්ම, හිතුවක්කාර


444 ඉෂ්ට දෙවියා

අභිචාරිකාදීන් යන එන අන්දමට ගමන් යන කුල ස්ත්රී න් ද අභිචාරිකාන් ගණයට සැලකුවාට සල්ලාලයන්ට දොස් කියන්නටත් යුතු නැත. අලුත් “ශීලාචාරයත් - නිදහසත්” අනුව තට්ට තනියම රෑ දවල් නොලබා දුම්රියේත් නගරවලත් ඇවිදින තරුණියන්ගේ ගණක දවසින් දවස වැඩි වෙන බැවින් මෙබඳු කලබ්ලදයත් රටේ වැඩි වෙනවාය”ය මහලු ලංසි නෝනා කියා සිනාසුණාය. ඇත්තෙන්ම මගේ අදහස තත්වූ පරිද්දෙන් තේරුම් ගත් ‍මේ මහලු ලංසි නෝනා කෙරෙහි මා තුල බලවත් ප්රීහතියක් ඇතිව, “නෝනා යන්නේ ඈතකටද? නෝනා ඔය කාරණය ඔය තරම් හොඳට දන්නේ කොහොමඳ? මගේ අදහස හරි හැටි තේරුම් ගැනීමට නෝනාට පුළුවන් වුණේ කොහොමදැ”යි ඇසුවාම, ඒ නොනා සිනාසී, ළමයා, මම නුවර යමි. මම ලංසි ජාතියේ තමා, නමුත් මේ රටේ ම අපේ ප‍රම්පරා ගණනක් පැවති තිබේ. ඒරෝප්පේ හිතුවක්කාර ස්ත්රීරන්ගේ සිරිත් ඉස පිටට ගත් මේ රටේ ස්ත්රීිහුත් ඔවුන් වාගේ හැසිරෙතත් ඒ රොප්පේ තත්වයට අනිත් කාරණාවලින් සමාන නොවූ මේ රටේ ඒ යුරෝපීය ක්රහමයට සීලාචාර වූ ස්ත්රීින්ට වස හිරිහැර පැමිණේ. “ නො කියා සිය හිමි ට නැතු වා ද උතුරු සළු ප ට ගමන් ඉක්මන් කො ට නොයන් නුඹ වසන ගෙන් පිටත ට”

මෙකී ගුරුකම් විස්තර ලෙස ඉගෙන ගත් කුලස්ත්රීීය කොතරම් හදිසියකදීවත් සුදුසු ආරක්ෂකයෙක් නැතුව මවුපියාදී වැඩිහිටියන්ගේ දැනීමක් නැතිව ගෙදරින් පිට නොයන්නේ වී නමුත් ඉංගිරිසි පන්නෙට හැදිච්ච ලමිස්සියෝ හොඳහැටි ඇඳ පැළඳගෙන නුවරඑළි. බණ්ඩාරවෙල ආදි දුරබැහැර පවා තනියම ගමන් කරති. ඒ යන ගමන්වලදී තමාට රුචි පුරුෂයන් සමඟ ව අනුරාග සිතින් සමාගම් පවත්වති. නමුත් තමාට රුචි නැති කෙනෙක් කථබහට ආවොත් තර්ජනය කොට කලබල කරති. ස්ත්රීතන්, ස්ත්රීෙන් හැටියට සැලකිය යුත්තෙකුගේ ආරක්ෂාව ඇතුව ගමන් බිමන් යතොත් එබඳු විලිබිය ඇති කුලස්ත්රීුන්ට කිසිවෙකුගෙනුත් කරදරයක් ඇති නොවන බව මහත්මයාට මෙන් ම මටත් වැටහී තිබේය”යි කීවාය. මේ කථා අසා වුන් මහත්තැන් දෙදෙනාත් සිංහල තරුණියත් පුදුමයට පත්වූ බව ඔවුන්ගේ මුහුණු වලින් හැඟුනේය. අප සිටි කාමරේ වුන් මේ රූපත්

පියදාස සිරිසේන නවකථා එකතුව 445

තරුණිය හොඳට ඇඳ පැළඳ සිටි බැවින් ධනවත් ප්ර සිද්ධ පවුලක කෙනෙක් වෙන්නට ඇතැයි සිතමින් ඉන්නා විට දුම්රිය වේයන්ගොටට පැමිණියේය. ඈ වේයන්ගොඩදි දුම්රියෙන් බසින බව ඇඟුනේය. මගේ අවසර පත්රෙය මහනුවරට නමුත් මම ද වේයන්ගොඩට දී බැස. මේ තරුණිය තනියම කොයිබ යන්නීද, කාගේ කවුද? යනාදිය සොයන්නට කල්පනා විය. දුම්රිය නැවැත්වූ හැටියේ ඈ බැස මගීන් නවතින කාමරයට ගියාය. මිනිත්තු දහයක් පමණ එම දුම්රිය වේයන්ගොඩ රිය ප‍ලේ නවත්වන බැවින් ටිකක් ප්රපමාදව මමත් බැස මගේ ඇඳුම් පෙට්ටිය දුම්රියපළ භාර මහතාට භාරදී දුම්රියපළෙන් ගොස් ඒ අසල මහ පාරේ රැක සිටියෙමි. ටික වේලාවක් සිටින විට මේ තරුණිය හොඳට ඇඳ පැළඳ ගත් තරුණයෙකුත් සමඟ මොටෝ රථයකින් දුම්රියපළේ සිට වේයන්ගොඩ පැත්තට යන බැව් දැක පාර අයිනේ තිබෙන කඩපිළකට ගොස් එහි සිටි තලතුනා සිංහල මනුෂ්ය යාගෙත්, “දැන් මෙතැනින් ගිය මොටෝ රථයෙහි උන් මහත්මයාත් නෝනාත් ගැන දන්නෙහිදැ”යි ඇසුවෙමි. ඒ මනුෂ්ය්යා කිසිත් නො දන්නා බව කී බැවිනු ඔවුන්ගේ තොරතුරු දන්නෙක් කඩමණ්ඩියෙන්ම සොයාගත නොහැකියි සිතුන් මට දවල් කෑමටත් සමඟ තානායම පළට යන්ට සිත්වී කුලී කරත්තයකින් එහි ගියෙමි. මා ගොස් තානායමට ඇතුල්වූ විට තානායම්කරු ඉදිරියට අවුත්, “ අද මෙහි ලොකු මහත්මයෙක් ඇවිත් ඉන්නවා, ඒ නිසා මෙහා නවත්තන්නට බැරිය”යි කීයේය. තනායම්පළ භාරකාරයා මෙසේ කියන කොට ම මගේ හිතට බලවත් හැඟීමක් ඇතිවිය. “ එක්කෝ මෙතැන රහසක් තිබේ. නැතහොත් අහංකාරයෙන් උත්සන්න නිලධාරියෙක් සිටී. රහස් සොයා ගැනීමෙන් මට ප්ර යෝජනය. නිලධාරියාගේ බොරු අහංකාරය මැඩීම ඔහුටත් මා ඇතුළු මහජනයාටත් ප්රකයෝජනය. ඒ නිසා මෙහි නවතින්නටම ඕනෑ ය”යි තීන්දු කරගෙන තානායම්කරුට කථාකොට. “මට වඩා ලොකු මහතෙක් මෙතැන හිටියත් මටත් මෙහි ඉන්නට බැරිකමක් නැත. කරුණාකර මට දවල් ආහාර සූදානම් කරදෙනු මැනවැ”යි කීවෙමි. එබසට තානායම්කරු කිපීයාක්මෙන්, “ඒ මහත්මයා ආ හැටියේම අද තානායමට කිසිවෙක් වැද්දගන්ට එපායයි මට නියම කෙළේය. ඒ නිසා කරුණාකර මහත්මයා ගිය මැනවැ”යි කීය. මේ වචන අසා වැඩියත් මගේ හිත‍ කෝපවිය. “ඔව් හොඳයි, ඒ මහත්මා ලවා අද තානායමට කිසිවකු වැද්දගන්නට එපා ය”යි කියා ලියුම් කැබැල්ලක් ලියවා ගෙන වුත් මට දුන්නාම මම යන්නෙමි. එසේ නොකළොත් තමුසේට විරුදධව


446 ඉෂ්ට දෙවියා

බස්නාහිර පළාතේ ඒජන්ත මහතාට විදුල් පුවතක් යවන්නෙමි”යි කීවා ම තානායම්කරු කාමරයක් තුළට ඇතුල් වූයේය. ටික වේලාවකට පසු අවුරුද් තිහක් පමණ වයසැති තලඑලලු-යුරෝපීය ඇඳුම්වලින් සැරසුනු කෙනෙක් ඉදිරියට අවුත් මට කථාකොට “ ඒයි උඹට අද මෙහි ඉන්ට බැහැ - මගේ උවමනාවකට තානායම එහෙම පිටින් ම ගත්තෙමි”යි කීයේය. මගේ සිංහල ලේ ගිනි රස්නය වන් මී ඉටි මෙන් උණු විය. ඉතින් ඔහුත් සමඟ සිද්ධවුනු කතාව දෙබසක් බැවින් එසේ යොදන්නෙමි. “ මට මෙහි ඉන්නට උවමනා වන නො වන බව උඹ දන්නේ කොහොමද? උඹට තානායම එහෙම පිටින් අප්ර සිද්ධියේ විකුණන්නට කාටවත් බැරි බව උඹට වඩා හොඳින් මම දනිමි. ඒ නිසා උඹත් මමත් දෙදෙනාම මෙහි ටික වේලාවක් සිටියොත් මිස උඹට තනියම නම් ඉන්ට ලැබේය”යි නො සිතිය යුතුයි. “තෝ මහා ‘උජාරු’ කාරයෙක්, තෝ මං කවුරුය කියා හිතාගෙක ඉන්නවාද ?” “ තෝ කවුරු උනත් නැහැදිච්ච ව‍ලෙක් බව නම් පෙනේ - එබඳු වල් එවුන් මට දැනගන්නට ලැබෙන්නේ උවමානාවක් වූ විට පමණකි.” “ මම අද තට කරණ අච්චුව බලාපිය - අපේ පරම්පරාවේ කාටවත් කවුරුවක් ‘හාමුදුරුවෝය’ නො කියන කෙනෙක් නැත. නමුත් තෝ කලිසම ඇන්ද නිසා මට ‘ තෝ’ කියා කතා කරණ හැටි!” “ ආයුබොවන්ඩ ‘තෝ’ යන්න උසස් වචනයක් කියා සිතා ගෙන මම කීවෙමි. උසස් මිනිහෙක් පාවිච්චි කරණ වචනත් උසස් යයි මේ වනතෙක් සිතුවෙමි. ඉතින් උඹ උසස් නම් මට උඹ ‘‍තෝය’ කීවේ?” “ තෝ කවුද ?” “ තොට පෙනෙන්නේ නැද්ද? මම මිනිහෙක්!” මගේ මුරංඩු කථාවට කේන්තිය ගිය “වැදගත් මහත්මයා” අත පය වෙවුලමින් ලියුමග් ලියන්නට ගෙට ගියේය. මම ද හෙමින් කාමරය දෙස එබී බැලූ විට අපත් සමඟ දුම්රියෙන් ආ තරුණියද ඒ කාමරයේ පුටුවක් පිට සිටිනු දැක මගේ හිතට බලවත් ධෛර්යකුත් ප්රීයතියකුත් ඇතිවිය. තානායම්පළ භාරකාරයා ලියමනත් රැගෙන යනු දුටුවෙමි. මම කිසි බියක් චකිතයක් නැතිව හාන්සි පුටුවක ඇලවී සිටියෙමි. ටික වේලායක් ගිය විට කලිසම් ආදි යු‍රෝපීය ඇඳුම් ඇඳගත් ඉතාමත් කළු මධ්යවම වයසේ කෙනෙක් තානායමට අවුත් සාලේ

පියදාස සිරිසේන නවකථා එකතුව 447

වාඩිවිය. මෙහි කලින් සිටි ‘වැදගත් මහතා’ ඔහු සමඟ ඉංගිරිසියෙන් කතා කරමින් මා විසින් ඔහුට අපහාස කළ බවත් මට දඬුවම් කළයුතු බවත් කියන වගද මට ඇසුනේය. ඒ දෙවනු ආවේ ජේ.පී. කෙනෙකි. ධනවත් වතු හිමි උසස් නිලධාරීන්ගේ ඤාතිවරයෙකි. එහෙත් ටිකක් කල්පනා සහිත කෙනෙක් බැවින් මා ළඟට අවුත් ඉංගිරිසියෙන් කථා කරන්නට පටන්ගෙන මගේ නම ඇසීය. මගේ නම “කොන්ගොඩ” යයි කීවෙමි. තනායමට ආවේ දවල් කෑමටදැයි ඇසුවාම “ඔව්” යයි කීවාම ඒ මහත්තයාත් වාඩිවී වැදගත් මහත්මයෙක් සමඟ කෝලහාල කරගත් බව මට දැන ගන්නට ලැබී ආවෙමි. මොකද අර මහත්මයාට ‘තෝ’ කීවේ මන්දැයි ඇසුවේය. මම සිනාසී වැදගත්කම මම නො දනිමි. මට “තෝය” කී නිසා එසේ කෙළෙමියි කියමින් පුංචි සිදුවීමක් කීවෙමි. එක දවසක් වරාහේනේ වලව්වේ හාමු කෙනෙක් මාත් සමඟ වලව්වේ ඉස්තෝප්පුවේ කතා කරමින් සිටින විට‍ කුස්සිය පැත්තේ සිට වෙන ගෙදරක වැඩකාර කෙල්ලෙක්, පෙනේරයක් ගෙන යනු දැක “කෙල්ල ඔය පෙනේරය තොපේ ද? අපෙ දැ”යි ඇසීය. භයට පත් කෙල්ල “තොපේ”යයි උතතර දුන්නීය. හාමුට එදා හොඳ පාඩමක් කුඩා කෙල්ලගෙන් ඉගෙන ගන්නට ලැබුනේ ය . මේ ‘වැදගත්’ මහත්මයාටත් ඒ වාගේ ම පාඩමක් අද ඉගෙන ගන්නට ලැබුනේය. අනික් මිනිස්සුන්ටත් එබඳු ම පා‍ඩම් ඉක්මනින් ම ඉගෙන ගන්නට ලැබෙන කාලය පැමිණ තිබේ. “තෝ” කියන තැනැත්තා “තෝ”ම ලබන කාලයත්, එකක් ගසන තැනැත්තා දෙකක් ගැසුම් කනු ලබන කාලයක් පැමිණ ‍තිබේ” යයි කියන කොට ම සමඟ කථා කරමින් සිටි ජේ.පී මහත්මයා බලවත් හැඟීමකින් මෙන් ටික වේලාවක් සිට. “ මේ උසස් නිලධාරියෙකුගේ පුතෙකි, ධනවතෙකි, එබඳු කෙනෙකුට තමුසේ පහත් ලෙස කථා කළේ ඇයි දැ”යි කියන කොට මම සිනාවෙසෙමින් ඒ මහත්මයාට එකතු කළයුතු තවත් ගුණ වචන කීපයක් තිබියදී. “උසස් නිලධාරියෙකුගේ පුතෙකි, ධන‍වතෙකි” පමණක් කීවේ ඇයි? බේබද්දෙකි, ජඩයෙකි, ගැහැණු හොරෙකි, පවුල් කඩා විනාශ කරන්නෙකි. වැදගත් අයට තලා පෙලා කථා කරන්නෙකි. යුක්තිය නො දත් අධමයෙකි - යනාදියත් එකතු කළා නම් කොපමණ හො ඳ දැ”යි කිය කොට ජේ.පී. නැගිට කාමරයට ගොස් එහි ඉන්නා තරුණිය දැක, “ආ ජෝ - උඹ මේ...... දොස්තර මහතාගේ නොනත් සමඟ කුමට ආවාද? කාරණය වල් වේය”යි කියනවා මට ඇසුනේය. මගේ “ඉෂ්ට දෙවිය‍ා” මට කටයුත්තක් ඇති කළේ යයි සිතමින් ප්‍රීතිවන අතර ඒ


448 ඉෂ්ට දෙවියා

නෝනා අඬන්නටත් තරුණයා ‍ජේ.පී.ට බැගෑ වචන කියන්නටත් පටන් ගත් විට කාමරය අමුතු ස්වභාවයකට පත් විය. මම ඒ අතර කල්පනා කර කර හාන්සිපුටුවේ සිටියෙමි. “ආ ‍ජෝ - මෙතන එලියේ ඉන්නා මනුෂ්යෝයා එසේ මෙසේ ‍කෙනෙක් යයි සිතන්නට එපා. උඹ ගෑණු හොරෙකැ‍”යි කියන කොටම මම ඔහු සමඟ කළ කථාව නවත්ව‍ා කාමරයට ආවේ උඹේ “චාරය” කරක බව දන්න නිසාමයි. ඉතින් බැලූකොට කසාද බැඳලා මාස තුනක් යන්නට ප්ර ථම ඒ වැදගත් දොස්තර මහතාට හොරෙන් එහුගේ නෝනා‍ත් සමඟ මෙහෙම ඇවිදීම වටී ද? උඹ නරක මිනිහෙක් බව මම දනිමි. නමුත් මෙ පමණ නරක මිනිහෙක් බව දැනගෙන නො සිටියෙමි. අර එලියේ ඉන්නේ සමහර විට මේ කාරණය දැනගෙන ම ආ කෙනෙක් විය හැකියි” කියන කොට නෝනා අඬමින් ඔය මිනිහා දුම්රියේදීත් සම්බවුනා - මහ උගත් නිර්භීත පුදුම මිනිහෙකි. මට නම් ඉදීමක් නැත” කියමින් හයියෙන්ම අඬන්නට පටන් ගත්තාම ජේ.පී. ගේ හිතට මහත් අමාරු වී නැවතත් මා ළඟට අවුත් - “මිත්රී කෝන්ගොඩ, තමුසේට අපේ ළමයා කතාබස් කර තිබෙන හැටි ඉතාමත් නරකයි. ඔහු අයුතු වැඩක් කර තිබේ. කරුණාකර තමුසේ සමා වී ඔහු කර තිබෙන අයුක්ත කාටවත් නොකියා යටපත් කරන්නට සතුටු දැයි ඇසීය. “දැන් කාලේ ‍කොයි වැඩටත් ගාස්තුව අය කිරීම සිරිතකි. සමහර “ජනප්රැධානීහු” සභාවකට එන්නෙත් ගාස්තුව ගෙව්වොතිනි. සමහරුන්ට මහජනයා යම් යම් උදව් පදව් කරණ නිසා පොදු වැඩට එති. එයාකාරයෙන්ම කාගේන් හරි සුළු උදව්වක් ගනිතත් ගාස්තුව වශයෙන් යමක් නොදී කිසිවෙක් මොකවත් නොකරති. අපේ මුදලෙන් පඩි ගෙවා ඉන්නා මුදලි, රටේ මහතැතැන් ලවා රාජකාරියක් කරවා ගන්නට යතත් නිකම් ගියොත් කටයුත්ත ඉෂ්ට නොවේ. විදානආරච්චි, පොලිස් මුලාදැනි, කොස්තාපල් ආදී කාගෙන් වත් නිකම් මොකවත් කරගන්නට බැරිය. තමා විසින් ම කිරීමට බැදී ඉන්නා කටයුත්තවත් ගාස්තුවක් නැතුව නො කරණ මේ කාලේ ගාස්තුවක් ලබාගෙන කළයුතු වැඩ නිකම් කිරීම මහත් අයුත්තකි”යි මම කිනය කොට කාමරයේ වුන් තරුණයා එලියට අවුත් “හොඳයි කෝන්ගොට මහත්මයා මේ කාරණය රහසේ තබා ගන්නවා නම් මම රුපියල් පන්සියයක් දෙන්නෙමි. රහසේ තබා ගන්නා බවට පොරොන්දු වෙන්නාට සතුරු දැ”යි ඇසීය. මේ මෝඩයා කොයි විදියකින් නමුත් රවටන්නට පුළුවන් බව හැඟුන මම “හොඳයි මේ කාරණය.... දොස්තර මහතාට නොකියමි.


පියදාස සිරිසේන නවකථා එකතුව 449

එසේ නම් මට රුපියල් පන්සියයික් දෙන්ටය” කීවාම ඔහු චැක්පතක් ලියා මා අතට දි මාත් සමඟ දවල් ආහාර අනුභව කොට මිතුරු විය. නෝනාත් ජෝර්ජ් මහතාත් මමත් ආහාර ගන්නට වාඩිවූ හැටියේ ජේ.පී. මට ස්තුතිකොට යන්නට ගියේ ය. මා කෝන්ගොඩ වික්ර.මපාල බව ඔවුහු දැනගත්තාහු නම් ඔවුන්ට මීට වඩා අමාරු වනු නිසැකය. මට රුපියල් පන්සියයක් ලැබීමට වඩා දොස්තර නොනාගේ පලහිලව්ව දැනගැනීම දෙවියෙකුටවත් ඉෂ්ට කළ නොහැකි එකක් බැවින් ඔවුන් දෙදෙනාම සම්බන්ධ තොරතුරු හොඳන් ම දැන ගතිමි. එසේ දැනගෙන එවුනට උවමනා කර තිබුනු ලෙස තානායම ඉඩදී. ජෝර්ජ් මහතායේ ‍මොටෝ රථයෙන් ම මම දුම්රිය පළට පැමිණියෛමි. මොවුන් සම්බන්ධ ආශ්චර්යමත් රහස මේ කථාන්තරයේ මැද හරියේදී එලිවන බැවින් මේ කියවන්නා ‍ඉවසිලිවන්ත විය යුතුයි. එහෙත් නිර්භීතකමත්, යුක්තිය ගරු කිරීමත්, තමාගේ අයිතිය ගැන සටන් කිරීමත් එවෙලේම ඉෂ්ඩ විපාකදායි බව දැන්ම ම තේරුම් ගත යුතුයි.

මම සවස දුම්රියෙන් මහනුවරට පැමිණ මට බොහෝ කාලයක් පුරුදු වූ හෝටලයට ගොස් ලැගුම් ගතිමි. හෝටලේ ප්ර ධානියා පටන් අන්තිම වැඩකාරයා දක්වා කවුරුත් මා සලකන බැවින් මේ හෝටලය මගේ ම ගෙදරටත් වඩා අමුත්තක් නැති බව මේ කියවන කාටත් දැනුම් ඇත. කටයුතු බහුල නමුත් ඉතා රහසිගතව වත් මාසයක් විතර කිසි‍වක් නොකොට ව්වේකව ටන්නට සිතාගෙන වුන් මට එසේ ඉන්නට ලැබුනේ දවස් තුනක් පමණකි. ම‍ා හෝටලයට පැමිණි හතර වැන් දවසේ මා සොයා ගෙන කොළඹට ගොස් එයි නැති බැවින් වයස්ගත සිංහල මහතෙක් මා සම්බවෙන්නට ආවේය. ඔහු එනකොට දවල් එකට පමණ ඇත. අවුරුද් හැටපහක් පමඛ වයසැති මේ මනුෂ්යඔයා ගම්බද ධනවතෙක් බව මට හැඟුනේය. ඔහු දාවල්ට ආහාර අනුභව කොට නො සිටි බව වැටහුනු හෙයින් කෑම කන්නට සලස්වා ඔහු සුව පත්වූ පසු ආ ගිය තොරතුරු ඇසූ බැවින් කිසිවක් නොකියා. “ මහත්මයාගේ කාමරයට ම ගියොත් හොඳය”යි කී බැවින් බලවත් රහසක් බව හැඟී ඔහුත් සමඟ කාමරයට ගියෙමි. මහලු මනුෂ්ය යා පුටුවක් පිට වාඩිගෙන “වික්රිමපාල මහතා බලන්ට ආවේ නම් අන්තිමටයි. අපේ නොදැනුමකම නිසා රටේ ටන්නා තරම් “ශාස්ත්රුකාරයනුත්” අංජනම් එලිකාරයනුත්” සොයමින් ඔවුන් ලඟට ගොස් ඔවුන්ගෙන් මේ කාරණය දැනගන්නට උත්සාහ කළා. ඒත් බැරිවුණා. මම සත්කෝරළේ කෙනෙක්මි. මගේ ඉඩම් කඩම් ආදිය රුපියල් ලක්ෂ අටක වාගේ තිබේ. මගේ දූවරු තුන්

450 ඉෂ්ට දෙවියා

දෙනෙකි. පුත්ර යින් දෙදෙනෙකි. හොඳ සනීපෙන් ලෙඩක් දුකක් නැතුව ලොකුවුණු ඒ ගෑණු දරුවන් තුන්දෙනාගෙන් ළමිස්සියන් දෙදෙනෙක් පසු ගිය හාරමාසය තුළ දී මළා. කිසිම වෙදකුටවත් දොස්තර නෙනෙකුටවත් අසවල් ලෙඩෙන් මළා යයි කියන්ට බැරි වුණා. අනිත් ගෑණු දරුවාත් දැන් ලෙඩින් බාල පුතාටත් සිහි විකල වුණා වාගේ ලෙඩක් හැදී තිබේ. ඉතින් එක ළමයෙන් පමණක් සනීපෙන් ඉන්නවා. එයාටත් කුමක් වේද කියන්නට බැහැ. මේ කොහේ දෝ උපක්ර.මයකින් මගේ පවුල විනාශවේගෙන යන බව කල්පනා වී තිබේ. කරුණාකර මේ කාරණය සොයා මගේ හිතට සැනසිල්ලක් ලබා දුන්නොත් මහත්මයාට රුපියල් දහදාහක් දෙන්නෙමි. අනේ! මහත්මයෝ මම වස්තුව හම්බ කළේ කාලා ඇඳලා නොව බොහොම දුක් විඳලාය. ඒ මගේ ධනය මගේ පරම්පරාවත් නැති කොට කවුදෝ අයිතිකර ගන්නට තැත් කරති. මට මේ ගැන පිහිවුණොත් තමුන්නාන්සේට බුදුබව ලැබේය”යි කියමින් ලොකු අප්පුහාමි අඬන්නට ප‍ටන් ගත්තේය. “මේ කාරණය ඉතාමත් ම ගුප්ත එකකි. මේ තරුණියන් දෙදෙනා ස්වාභාවික ලෙඩකින් ම මැරෙන්නටත් පුළුවනි, උපක්රේමයකින් මැරෙන්නටත් පුළුවන.දැන ලෙඩව ඉන්නා දුවට හා පුතාට ද එසේ ම වෙන්නට බැරිකමක් නැත. මෙය කොහොම සොයමිදැ”යි සිතමින් ම අප්පුහාමිට කථාකොට ආ අප්පුහාමි, ශාස්ත්රොකාරයන් හා අංජනම් එලිකාරයන් මේ ගැන කුමක් කීවෝ ද? ඔවු න් ළඟට ගියේ කාගේ උපදෙස් පිටදැ”යි ඇසුවෙමි. එවිට අප්පුහාමි සුසුම්ලමින්, මගේ ගෙදර ඇත්තොත් අසල්වාසී කවුරුත් මේ ගැන අංජනම් එලි ඇ බලන්ටත් ශාස්ර්ඟට අසන්නටත් කීහ. බොහෝ තැන්වලට ශාස්ත්ර අහන්ට ගියේ මගේ වැඩිමල් පුතාය. ඉතින් අංජනම් එලිවලින් කීවේ අපට ‍නෑහුරු කම් ඇති කෙනෙක් හූනියමක් කරලා තිබෙන බවත් ඒ කරණ කොටගෙන මුව පවුල ම විනාශ වන බවත් ය “යි කීවේය. “ඔව් අප්පුහාමි, රුපියලක් හමාරක් දීලා ශාස්ත්රවයක් ඇහුවාම අංජනම් එලියක් බැලුවාම ඒ මිනිහාත් මොකවත් කියන්නට එපායැ. ඉතින් ඒ කියන ‍කීමත් ටිකක්වත් හිතට පහන් සංවේග වන විදියට කියන්නට ම ඕනැ නොවැ! ඇස් ඉදිරිපිට පෙන්විය හැකි කිසිවක් ඔවුන්ට නො පෙණෙන නිසා මෝඩයන් රවටන්නට යොදාගෙන තිබෙන ‘හූනියම්” ගැන ම කීමත් ඔවුන්ගේ සිරිතකි. ඔය අංජනම් එලිකාරයන්ගෙන් බොහෝ දෙනෙක් මලපත අකුරුවත් නො දන්නා හම්බ, කොච්චි, මරක්කලාදීන් බවත් මා අසා තිබේ. ‍ලෝක ධර්මයන් උසස් ශාස්ත්රරත් නොදත් වරදින් ‍අහෝ!

පියදාස සිරිසේන නවකථා එකතුව 451

මනුෂ්ය යන් වැටී සිටින මුළාව! එකත් දෙකත් තුනමයි. දෙවියෙක් යකෙක් මාරයෙක් කීවත් එකත් දෙකත් තුන මිසක් හතරක් නොවේ. එමෙන් ම කෙනෙකුට යමක් සිදුවන්නට හේතුවක් මිස වෙන කිසිවකින් ඵලයක් ඉපදවිය නො හැකියි. දෙවියෙකුටවත් හේතුවක් නැතිව ඵලයක් නොලැබේ. අංජනම් එලිකාරයන්ට ඔය හූනියම් ආදී අභූත බොරු මිස ඇසට කණට පෙණෙන කිසිවක් පෙන්වීමට කවදාවත් පුළුවන් වුණාද? අන්ධ භකිති මාත්ර ය උගන්වන අදහන අයට මිස ප්රුත්යසක්ෂ සත්යභ වූ බෞධ ධර්මය අදහන මිනිසුන්ට ඔය බොරු ශාස්ත්රටත් අංජනම් එලිත් පිළිකුල් විය යුතය. ලො කු අප්පුහාමි මා සම්බවෙන්ට අවුත් තිබෙන්නේ අන්තිමටයි. මීට දෙතුන් මාසයකට ඉස්සර මට මේ කාරණය විපරම් කරන්නට සැලැස්සුවා නම් දැනට‍ ලෙඩ වී ඉන්නා දියණිය හා පුතාත් ගලවා ගන්නට තිබුණා. දැන් කුමකින් කුමක් වේද කියන්නට අමාරුයි. පසු ගිය කාලයක් බසිතියන් කියන මිනිහෙකුට මුළු පවුලක බූදලයක් අත්වීමට හේතු වුණා මෙන් ම ලොකු අප්පුහාමිගේ වැඩිමල් පුතාට හෝ වෙන කෙනෙකුට මුළු බූලදය අයිතිවෙන්නට මේ පුදුමය සිදුවුනා ද කියා කියන්නටත් අමාරුයි. ඒ කොයි හැටි වුණත් මම අප්පුහාමි සම්බවෙන්නට හෙට උදේ අලව්වට එන්නෙමි. දුම්රියපළේදී මා සම්බවිය යුතුය” යි ම‍ා කී විට ලොකු අප්පුහාමි රුපියල් දාහක් මට තෑගි වශයෙන් දී “අනේ! වික්ර මපාල මහත්මයෝ. මගේ අසරණ දරු තුන්දෙනාට පිහිට වෙන්නටය”යි නැවතත් බැගෑපත්ව ආයාචනා කොට යන්නට ගියේය.

02. පරිච්ඡේදය

මහනුවර මගේ හිතෛෂි මිත්රේයෝ බොහෝ දෙනෙකි. කන්තෝරු සාප්පු ඇදිය වැසූවිට මගේ කාමරය මිත්රදයන්ගෙන් අතුරු සිදුරු නැත. ද මැල් නමැති ක්රිවස්තු භක්තික මිත්රරයෙක් ද මා සමඟ නිතරම නොයෙක් දේ ගැන වාද විවාද කරයි. එදින හවස වාදයට එළඹ “සිංහල ජාතිකයෙක් බෞද්ධාගමෙන් පිට අන්යව ආගමක් අදහන්නට පටන්ගත්තා ම ඔහු සිංහල නොවේ දැ”යි මගෙන් ඇසීය. එවිට මම සිනාසී “සිංහලයෙක් බෞද්ධාගමෙන් තුරන් වූ විට ඔහු අබලන් නොවටිනා - අප්රගයෝජන සිංහලයෙක් වේ. එය කොයි ආකාර ද කීවොත් මුඛයෙන් ගැලවුණු දතකට හෝ හිසෙන් ඉගිළුනු හිසකෙස් ගසකට හෝ සමානය. මුඛයෙන් ඉඟළුනන් දත දතමයි. හිසෙන් ඉඟුළුනත් ඉස


452 ඉෂ්ට දෙවියා

කෙස් හිස කෙස් ගසමයි. නමුත් මුවෙන් වෙන් වුණු දතත් හිසෙන් වෙන් වුණු හිසකෙස් ගසත් කොතරම් පිළිකුල් අප්රි යකරු දේදැයි මහත්මයා ම දන්නේය. සිංහල මවුපියන්ගේ දරුවෙක් ක්රිඅස්තියානි තබා කොයි දෘෂ්ටියකට ගියත් “සිංහල” මයි. නමුත් ගර්හිත සිංහලයි. සිංහල ගතියෙන් සිංහල තේජසින් සිංහල ගුණයෙන් විනිර්මුක්ත නාමයෙන් පමණක් වූ “සිංහල”යි. හරියට මුඛයෙන් ඉගිලී ගිය දතක් ව‍ාගේමයි. ඉතින් මේ ගැඹුරු ප්ර්ශ්නය අද නිරවශේෂයෙන් ම විනිශ්චය කොට තීන්දු කර ගැනීමට මැල් මහතා සතුටු නම් ඕනෑ තරම් විරුද්ධ කරුණු දක්වා මාත් සමඟ වාද කරන්නට යයි කීවෙමි. “ආගමක් එක ජාතියකට අයිති එකක් නොවේ. ඒ නිසා ජාතියත් ආගමත් වෙන් වෙන් වූ කාරණා දෙකකි”. “ හොඳයි මැල් මහත්මයා - ආගමත් ජාතියකට දෙකකට අයිති නැතත් ජාතියක් හෝ ජාති වැඩි ගණනක් ආගමකට අයිති වෙන්ට බැරිය කියන්නේ මොන යුතුකමක් පිටද?” “ නොයෙක් ‍ජාතිවල මිනිස්සු එක ආගම අදහති. ඉතින් ඒ සියලු දෙනා ම එක ජාතිය ද?” “ ඔව් , මැල් මහතාගේ තර්ක අපට ප්රදයෝජයනයි. නොයෙක් වර්ණ‍වත් සුගන්ධයෙන් යුත් මල් එක ම උයනේ පිපෙති. ඉතින් ඒ සියල්ල ම එකම උයනේ වැඩුනාට එක ජාතියක් නොවේ. නමුතු එක ම උයනේ මල් යයි කිව යුතුය. එමෙන් ම නොයෙක් ජාතිවල මිනිස්සු යම් ආගමක් අදහත් නම් විවිධ වර්ගවල මල්වලට පොදු වශයෙන් “සීබල්ගේ” උයනේ මල්ය කියන්නාක් මෙන් ඒ ආගම අදහන කොයි ජනයාටත් ඒ ආගමේ නමින් ම කථාකරති. ඇතැම් විට මල්වල නම් දක්වා කථා කරන්නාත් මෙන් ඒ ආගම අදහන නානා ජාතීන්ගේ නම ද කියා කථාකරති.” “ ඔව්. බොහොම හරි, මහත්මයා කියන එකමවද මාත් කියන්නේ? ඉතින් සිංහලයන් බුද්ධාග‍මම ඇදහිය යුතුය. එයින් ඉවත් වුනොත් ඔහු ‘සිංහල නොවේය’යි කියන්නේ කොහොමද?” “‍එහෙම කියන කෙනෙක් නැත. හැබැයි අවංක සි‍ංහලයන්’ නො වන බව පමණක් අපි කියමු - මුවෙන් ඉගුලුනත් දත දතමයි. එමෙන් ම අබෞද්ධ වඅණත් සිංහල නම කිය හැකිය. නමුත් අප්ර්යෝජන අවලංගු නමක‍ි.” “ හැබෑ අවංක සිංහලයෙක් වන්නේ බුද්ධාගම ඇදහුම නිසාමඳ?” “එපමණකින් නොවේ. පිරිසිදු සිංහල මවුපියන්ගේ දරුවෙකුත්

පියදාස සිරිසේන නවකථා එකතුව 453

වෙන්ට ඕනෑ. ඒ ඔක්කොම සිංහල බව උද්දීප්ත කළ. සිංහල බව රදා තිබෙන. සිංහල බව ස්ථීර වන කුල චාරිත්ර් ගුණ ධර්ම ආදියෙන් ද යුත් කෙනෙක් ‍වෙන්ට ඕනෑ. එසේ වීමට බෞද්ධයෙන් වීම අවශ්ය්යෙන් ම ඕනෑ.” “එතකොට බුද්ධාගම සිංහලයන්ගේ ම පරවේනියක්ද? සිංහලයන්ගේ ම පමණක් නොවේ. නමුත් සිංහලයන්ගේත් පරවේනියකි. ලක්දිවට පළමුවෙන් ආ සිංහලයන්ගේ ආගම බුද්ධාගමද? සත්තකෙන් ම ඔවුන්ගේ ආගමත් බුද්ධාගමයි. එතකොට දෙවන පෑතිස් රජුගේ කාලයේ මිහිඳු මහා රහතන් වහන්සේ වැඩමකර බුද්ධශාසනය පිහිටුවා වදාළය කියන්නේ ඊට කලින් බුද්ධාගම තිබුනා නම් උන්වහන්සේ තව වරක් බුද්ධ ශාසනය කුමට පිහිවෙව්වේද ? ඔව්, හොඳ ප්ර ශ්නය - බුද්ධශාසනය ප්රෙතිෂ්ඨාපනයත් බුද්ධාගම්කාරයන් ඉඳීමත් දෙ කාරණයකි. දැන් එංගලන්තයේ බුද්ධාගම්කාරයන් කීප දෙනෙක් ඉන්නා බව කවුරුත් දනිති. නමුත් එහි බුද්ධශාසනය පිහිටා නොමැතිය. ඒ රටේ ම පිරිසක් මහණ උපසම්පදාදායි පිහිටා නොමැතිය. ඒ රටේ ම පිරිසක් මහණ උපසම්මපදාදිය ලබා විනයානුකූලව සීමාදිය ඇති කොට ශාසනය පිහිටුවීම උදාරතර භාරදූර වැඩකි. ලක්දිවට මුලින් පැමිණි විජය කුමාරයා ආදී සිංහල සෙනඟ බෞද්ධයන් බව බෙංගාල ග්රලන්ථ කර්තෘවරයෙක් වන විජේන්ද්ර ලාල් ‍රායි මහතාගේ ‘සිංහල විජය’ නැමති පොතෙනුත් පෙනේ. ‍තථාගතයන් වහන්සේ පිරිනිවන් ඇදේදී දැක වදාළ ශාසනය රැකීමට ප්රේබල සමිපන්න පිරිසක් ඇති කරණ විජය ආදී සිංහලයන් ‘මිථ්යරවාදී’ යයි සිතීම මුලාවකි. විජය ආදී පිරිස පිරිත් නුල් බැදීමෙන් ආරක්ෂාව ලැබීමෙන් ම ඔවුන් බෞද්ධ බව ප්රදත්යික්ෂ වේ. එපමණකුත් නොව බද්ධ කච්චායන ශාක්ය කුමරිය ආදී කපිල වස්තුවෙන් ආ පිරිස ද ඊට පසු වංග දේශයෙන් වරින් වර ආ පිරිස ද නො අනුමානව ම බෞද්ධයෝ වූහ. ඉතින් ඒ කාලයේ බෞද්ධ, හින්දු, යක්ෂ ආදී ආගම් අදහන්නා වූ ද කිසිම ආගමක් නො අදහන්නා වූ ද පිරිසක්ව සිංහලයෝ විසූහ. කොතරම් කාලයක් සිංහල ජාතිය‍ට “ජාතික ආගමක්” නැතුව පැවැත්තේද?

454 ඉෂ්ට දෙවියා

සිංහලයෝ ජාතික ආගමක් නැතුව එකම දවසක් වත් නො විසූහ. මක්නිසාද? ඔවුන් වංග දේශයෙන් එන විටත් බෞද්ධ බැවින් ඒ ආගම් අදහන්නන්ගෙන් ශුන්ය් වූ එක දිනක්වත් සිංහලයන්ට ගත කරන්නට ලැබී නැත. එතකොට මිහිඳු මහා ස්ථවිරයන් වහන්සේ වැඩමකර කළේ කුමක්ද ? උන්වහන්සේ මුළු ලක්දිව ශාසනය පිහිටුවා, සිංහලයක් ධර්ම ධරයන් කරවා, සිංහලයන් පැවදි කරවා, සතර මග සතර ඵලයෙහි පිහිටුවා, පන් දහසක් කල් උතුම් වූ ශාසන රත්නය ආ‍රක්ෂා කිරීමට තරම් සිංහල ජාතිය උසස් බවට පැමිණ වු සේක. ඉතින් සිංහල මිනිස්සු දැන් ක්රිආස්තියානි වන නිසා ඇති වරද මෙකෙද? යම් කිසි වටිනා මැණිකක් ආරක්ෂා කර ගන්ට නියම කර දෙනු ලැබුවොත් ඒ මාණික්යි රත්නය ඉවත දමා වීදුරු ගලක් ආරක්ෂා කරයි නම් ඒ යුතුකමක්ද? එය වරදකි. නමුත් සිංහල මිනිස්සු බුද්ධාගම ආරක්ෂා කරන්නට කවර හේතුවක් නිසා බැඳී සිටිත් ද? මහත්මහාගේ ප්රතශ්නය බොහොම බොළදයි. රජ කෙනෙකුගේ පුතාට ඔටුන්න ලැබීමට කවරක් හේතු වීද? ඔහුගේ පූර්ව කුශලකර්මය එනම් රාජ පුත්රනව ඉපදීමට ඊට හේතු විය. එමෙන් ම උතුම් විජය කුමාරයා සහිතව වංග සිංහලයන් ‍ගේ පරම්පාරවට මේ ශාසනාරක්ෂක සැපත ලැබී තිබේ. එසේ අයිති උසස් පදවිය පිළි නොගන්නා අය ඔටුන්න හිමිව තිබියදී ඒ නොකරන්නා මෝඩ තිබියදී ඒ නොරක්නා මෝඩ රාජකුමාරයෙකුගේ මුග්ධ ක්රිෝයාවට සමානය. බුද්ධාගම අදහා ප්රමයෝජනයක් නැත්නම් සිංහලයා ඒ අත්හැරීම වැරැදිද ? අන්න හරි කථාව, සිංහලයා බුද්ධාගම අදහන්ට පටන් ගත්තේ එහි සත්ය තාව ප්ර ත්යබක්ෂව දැනගෙනමයි. ඒ උතුම් බෞද්ධාගම ජිවිතය පවා නො තකා ආරක්ෂා කළේත් එහි සත්යිතාව ප්රයත්යමක්ෂ වූ නිසාමයි. එතකොට බුද්ධාගම ඇර ‍අනිත් ආගම් සියල්ලම බොරුද ? ඇත්තෙන් ම ඔයත් ප්රහශ්නයක්ද? ආගම් වශයෙන් පවත්නා ඇදහිලි සියල්ලම කෙසේ සත්යර විය හැකිද ? නමුත් ඒ ඒ මනුෂ්යදයන් අතර විවිධ ආගම් පවතින්නේ යම් යම් අයගේ බලපුළුවන්කාරකමින් හා කුට

පියදාස සිරිසේන නවකථා එකතුව 455

ප්රදයෝගවලින් ද අඥාන අන්ධකාරයේ ගිල්වා ගැණීමෙන් ද මිථ්යාය ආගම් රටේ පවත්වති. සමහරු මුළා වීමෙනුත් සමහරු දැන දැනම තමන්ගේ මෙලෝ ප්රවයෝජනය තකාත් සත්යා ධර්මය පවතිද්දීත් මිථ්යා දෘෂ්ටියේ ගැලී සිටිති. සිංහල මිනිස්සු මහරහතන් ආදී උතුමන් දැක දිව්යයසම්පත් වැනි සැප මෙලොවදීම ඇතිකර ගත්තා වූ සත්යන වූ බුද්ධාගම ඇදහීමට පමණක් නොව ඒ ආරක්ෂාකිරීම සඳහා ද සැරසී සිටිති. ඒක අයුත්තකි. උවමනා කෙනෙකුට උවමනා ආගමක් අදහා ගැනීමට නිදහස තිබිය යුතුමි. නැතහොත් ඒ ජාතිය නිදහන් ජාතියක් නොවේ. සත්තකෙන්ම ඒ නිදහස හොඳින් ප්රාක‍ාශ වන ධර්මයක් බුද්ධාගම ම පණකි. නමුත් මුළා වීමෙන් අඤානකමින් අන්ධකාරයේ වැටෙන ස්වජාතිකයන්ට අනුකම්පා කිරීම වැඩිපුරු ධර්ම ශාස්ත්රා උගත් අයගේ යුතුකමකි. ක්රිකස්තියානි ආගම සිංහල මිනිසුන් පිළිගන්නා අඥානකමින් මුලාවෙන් යයි මහත්මයා කියන්නේද? ඇත්තෙන්ම මා පමණක් නොවේ ලංකා ඉතිහාසහ දැනගත් සියල්ලෝ ම එසේ කියති. අප මිත්රඉ ද මැල් මහතාත් ලංකා ඉතිහාසය හොඳින් ඉගෙන ගත්තොත් ක්රි.ස්තියානියට සිංහලයන්ගෙන් ටිකක් දෙනෙකු නමුත් ඇතුළත් කරගත හැකි වූයේ කෙබඳු සාහසික කෛරාටික ක්රිකයාවලින් දැයි තේරුම් යනවාට අනුමාන නැත. හොඳයි බෞද්ධ නොවන ලාංකිකයෙකුත් නොවන උගත් ඉතිහාසඥයෙකු විසින් ලක්දිව ක්රිනස්තියානිය පිහිටවීම සම්බන්ධව කියා තිබෙන විස්තරයක් මහත්මයාට පෙන්වන්නට පුළුවන්ද? “ සත්තකටම එක් කෙනෙකුට නොව කීම දෙනෙකුගේ විස්තර මම පෙන්වන්නෙමි. අපේ රටේ විසූ සාධාරණ අදහස් ඇති අපක්ෂපාත දක්ෂ කරණාවනත නිලධාරීන්ගේ ඊ.බී. ඩෙන්හැම් මහතා ප්රනධානියෙකි. අපේ ප්රාසිද්ධ ඉගැන්වීමේ ප්රවධානව සිට මුරුසියේ මහා ලේකම් ධූරයට ගිය මේ මහතා 1901-1911 දශ වර්ෂයට ලියන ලද ජනලේඛනවාර්තාවේ “ආගම” සම්බන්ධව ලියා තිබෙන ඉතිහාසගත සත්ය් ප්ර වෘත්තිය දැනගත්තොත් මහත්මහාට ඇද්ද?’ “ ඔව් හොඳටම ඇති. “ මේ ‍ඩෙන්හැම් මහතාගේ පොතේ විස්තරයට වඩා මම කිසිත් නො

456 ඉෂ්ට දෙවියා

කියමි. ඩෙන්හැම් මහතා විසින් ලියන ලද 1911 හේ ජනලේඛන වාර්තාව කාටත් බලාගත හැක්කකි. මුලින් ක්රිදස්තියානි‍ය පිළිගත්තොත් - බෞද්ධාගම අත්හැරියොත් කෙබඳු අය දැයි එහි විස්තර කොට තිබේ. පරහිංසාව උගන්වන මිලේච්ඡ ක්රියස්තියානියත් - සමානාත්මතා ධර්මනය උගන්වන අවිහිංසක තථාගත ධර්මයත් අනාර්ය, ආර්ය ගෝත්රසවල ජනයා පිලිගත් බවත් හොඳින් සලකාගත යුතුය.” “ඉතින් වික්රුමපාල මහතාණෙනි, අපි අපේ ම ඕනෑ කමින් අපේම අඥාන කමින් පහත් බවට පැමිණ ඉන්නා වූ පිරිසක් බව දැන් නම් වැටහේ. ඇත්තෙන්ම ජාත්යාපභිමානය ඇති කිසිවෙකු වත් මේ අපේ දෘෂ්ටියේ ඇලී ගැලී ඉන්ට බැරි බව නම් සත්තකය.” “හොඳයි මැල් මහත්මයා, බෞද්ධාගමෙත් ක්රි ස්තියානි ආගමේත් සිංහල ජාතියේත් තොරතුරු මේ ප්රිශස්ත ඉතිහාසයෙන් ඔහොම තේරුම් ගන්ට! නැවත දිනයක “ඥානයේ පටන් ගැන්ම” ගැන කථා කරන්නෙමු. මා සම්බවෙන්ට කෙනෙක් ඇවිත් ඉන්නවා - මම මගේ කාමරයට යන්නෙමි”යි කියා මා සම්බවෙන්ට අවුත් වුන් අමුත්තන් සමඟ එහි ගියෙමි. මේ අවුත් සිටියේ තරුණයෙකි. අවුරුදු 25 ක් පමණ වයසැති යුරෝපීය ක්රඅමයට අඳින ඉංගිරිසි භාෂාවේ හුඟක් දුර දැනගත් සිංහල තරුණයෙකි. උන්නැහේගේ නම වික්රඳමසිංහ යයි කීවේය. වාඩිවෙන්ට කියා ආගිය තොරතුරු ඇසුවෙමි. එවිට කියන්ට සිතාගෙන ආ කාරණය සිහි නැති වූ අයෙක් මෙන් උඩත් වටපිටත් බලමින් යමක් සිහි නැති වූ අයෙක් මෙන් උඩත් වටපිටත් බලවමින් යමක් සිහි කරණ බව මට හැඟී “ මොකද වික්රවමසිංහ මහත්මයා, ටිකක් සිහිය දුරුවල ද”යි ඇසුවෙමි. ඔහු ලජ්ජාවට පත්වී නමුත් ඇත්ත කථා කරණ කෙනෙක් බැවින් “ ඔව් වික්රඩමපාල මහත්මයා, මගේ හිත - මොලය දුර්වලය. යම් කිසි අසනීපයකුත් නැත. මම තමුන්නාන්සේ සම්බබෙන්ට ආවේ උපකාරයක් ලබා ගන්ටයි. අපේ අයියාට මසකට රුපියල් පහළොස් දාහකට වඩා ආදායම් ලැබේ. ඔහුගේ පවුලට යන වියදමුත් අපට දැනෙන අන්යක පුද්ගලික වියදමුත් රුපියල් පන් දාහකටත් අඩුය. ඉතින් මාස්පතා රුපියල් දහ දාහක් ඔහුගේ මුදල් ඉතිරි වෙන්ට ඕනෑය. නමුත් දැන් බලනකොට මාස්පතා රුපියල් දහ දාහකටත් වැඩි ගණනක් ණය වෙන බව පෙනේ. ඔහු කසාද බැඳලා අවුරුදු තුනක් යන තුරු ශතයක් වත් කාටවත් ණය නැත. නමුත් පසුගිය අවුරුද් එකහමාර තුළ වුණා වූ ණය රුපියල් 47000 ක් පමණ යයි දැනගන්නට ලැබුනා. මේ ණය

පියදාස සිරිසේන නවකථා එකතුව 457

‍ගෙවීමට හෙතෙම තමා සන්තක ඉතාමත් හොඳ පොල් වත්ත විකුණන්ට යයි. ඉතින් වික්රඉමපාල මහත්මයා මේ තරම් ධනය ඇති කුඩා දරුවන් හතර දෙනෙකුත් රූප ලක්ෂණයෙන් දිව්යාංමගනාවක් හා සමාන භාර්යාවකුත් ඇති මහත්මයෙකුත් මේ අන්දමට නිතරම ණය වෙන්නට හේතුව කුමක්ද? මේ කාරණය සොයා දුන්නොත් මහත්මයාට සෑහෙන ගාස්තුවක් දෙන්නෙමි”යි කීයේය. මම මේ කාරණය හොඳින් දන්නා බැවින්” වික්රයමසිංහ මහත්මයාට උවමනා කරන්නේ සහෝදරයා ණය වෙන්නට හේතුව නිසැක ලෙස සොයා ගැනීමට පමණක් නම් කිසි ගාස්තුවක් අය නොකරමි. මෙසේ වීමට හේතුව කියන්වෙහි”යි කී විට ඔහු නිශ්ශබ්දය වී මා කියන දේ අසාගෙන වුන්නේය. “මිත්රණය, දැන් අප රටේ ඉන්නා ණය නැති පොහොසතෙක් සොයා ගැනීම ඉතා දුෂ්කර කාරණයකි. ලොකු වතු, ලොකු ගෙවල්, වෙළදාම් කරණ මොටෝරථ තුන හතර තබාගෙන ප්ර ස්ද්ධ ධනවතුන් ලෙස ඉන්නා අය‍ගෙන් සීයේට අනූපස් දෙනෙක් පමණ ණයකාරයක්ට වාල්ව නය ගැතිව ඉන්නා පුහු මිනිස්සුය. තමන්ගේ ඉඩ කඩම් වලින් ලැබෙන ආදායම් ගෙවිය යුතු ණයවලට දිය යුතු පොලියටත් මදිය. කිසිවෙකුට ණය නොවී තමන්ගේ ධනය සිත් වූ පරිද්දෙන් පරිහරණය කරන්නෝද සියේට පස් දෙනෙක් පමණ සිටිති. ඉතින් අපි මේ ණය ගැතිව ඉන්නා ධනවතුන් ද ණය නැතිව නිදහස් සැප විඳින ධන වතුන් ද පරීකෂා කොට බැලුවෙමු. මේ ණය ගත්තෝ හරි ඉගෙනීමක් නොලැබූ හරි හික්මීමක නොපිහිටි අඥාන භ්රමෂ්ට මවුපියන්ගේ දරුවෝය. පරදේෂික වූ ද පාප මිත්රියන් සේවයන කිරීමෙන් ආර්ය ගුණ ධර්ම නො දැන 1මි‍ලෙච්ජ වූ ආගමත් හා කාම සැප උගන්වන පහත් ප්රරතිපත්තිවල පිහිටන ප්රධමාණය ඉක්මවා ක්රි යා කරන්නට පුරුදු වූ අසරණ පව්කාර ධනවත්හු ණය ගැතිව භයින් ලජ්ජාවෙන් මිරිකී - මිරිකී සිටිති. ණය නැතිව ඉන්නා ටික දෙනා උසස් පැවතුම් ඇති මවුපියන්ගේ දරුවෝය. කුඩා කාලයේ පටන් ආර්ය ධර්මය දැන ඒ වූ පරිද්දෙන් පිළිපදින්නෝය. කාම සැප පිලිකුල් කරමින් ම ඒ විඳන පින්වන්තයෝය. අධික සැප පහසු නුවමනා දෙයක් හැටියට සලකන්නෝය. තමන්ගේ ධනය කොතරම් තිබුනත් අධික සැප පහසු විඳීමට ගිජු කමක් නැත්තෝය. මේ උතුම් බෞද්ධ ප්රුතිපත්තිත් ප්රංටශසාර්හ සිංහල කුල චාරිත්රොත් රකින එක ද ධනවතෙක් ශතයක් වත් ණය නැති බව අපි හොඳින් ම දනිමු. ඉතින් මහත්මයාලාගේ අයියාට වෙලා තිබෙන්නනෙත් ඔය “අධික” ලෙ‍ඩේමයි. ඒ ගැන සැකද? යි ඇසුවෙමි. වික්රතමසිංහ මහත්මයා මගේ කථාව ඉතාමත් ඕනෑකමින් අසා සිට “මහත්මයාගේ කථාව සත්තකෙනුත්

458 ඉෂ්ට දෙවියා

සත්තකයි. අපේ රටේ ධනවත්තු යයි ප්ර සිද්ධව සිටින වැඩි දෙනෙක් දැන් අන්තිම නයකාරයයෝයි. එක් කෙනෙක් හෙට්ටින්ට රුපියල් තිස්ලක්ෂයයි. තවත් කෙනෙක් විසිපන්ලක්ෂයයි. එක් කෙනෙක් මසකට රුපියල් තිස් දාහක් පොලී ගෙවයි. තවත් කෙනෙක් මසකට හැටපන් දාහක් පොලී ගෙවයි. ඉතින් අපේ ධනවතුන්ගේ හැටි ඔහොම තමයි. මහත්මයා‍ගේ කථාවෙන් දැන් අපේ රටේ හැටි මම තේරුණා නමුත් අපේ අයියා ණය වෙන්ට හේතු වූ කාරණය අසවල් එකය කියා මට නිසැකවම දැනගන්ට උවමනා බැවින් ඒ කාරණය සොයා දුන්නොත් මහත්මයාට මගේ අතින් රුපියල් දාහක් දෙන්නෙමි. අයියාගේ නෝනාගෙන් ද රුපියල් දාහක් ඉල්ලා දෙන්නෙමි. කරුණාකර මෙය භාරගන්ට යයි කියා මට රුපියල් පන්සියයකට චැක් එකක්ද දුන්නේය. මේ තරුණ වික්‍රමසිංහ ගැනම යමක් පරීක්යෂා කල යයි සිතූ මම මෙසේ ඔහුගෙන් ප්ර ශ්න කළෙමි. මහත්මයා විවාහ වූ කෙනෙක්ද ? නැහැ. මම තවම කසාද බැන්දේ නැහැ. මහත්මයා මත්පැන් බොන්නෙක්ද? අධික වශයෙන් නොබොමි. ටික ටික ඉඳ - හිටලා බොමි. මහත්මයාගේ පියා මත් පැන් ‍බොන්නෙක්ද? තරුණ කාලේ පමණ දැන බීපු කෙනෙකි. අන්තිම කාලේ අදිකව බීවේය. දැන් අපේ පියා නැහැ. “මහත්මයා විවාහ නොවී ඉන්නේ ඇයි - දැන් වයස කීයද?” “මට තවමත් හිතට කැපෙන තැනක් ලැබුනේ නැහැ. මගේ වයස අවුරුදු 25 කි” “මහත්මයාට කැපෙන තැනක් නොලැබුනාද? නැතහොත් මහත්මයාට කොයිම තැනක්වත් කැපෙන්නේ නැතුවාද යනු දැනගන්නට කැමැත්තෙමි.” “එහෙම හිතන්ට කොපමණ වත් ඉඩ ති‍බේ. ලෝකයේ බොහෝ දෙනා විවිහ නොවන්නේ ස්ත්රී්න් නරක නිසා නොවේ. ස්ත්රිබන් උවමනා නො කරණ නිසාමයි.” මට කැපෙන තැනක් නැත කියන්නේ තමාට ස්ත්රි යක් උවමනා නොකරණ නිසායි. ස්ත්රිනයක් උවමනා නොකරණ තැනැත්තා එක්කෝ බ්රඋහ්මචාරයෙක් - නැතහොත් නින්දිත දුශ්චරිත කරණ අධමයෙක් - නැතහොත් කාලකන්නි හිඟන්නෙක් විය යුත්යි.”

පියදාස සිරිසේන නවකථා එකතුව 459

“එතකොට ඔය කාරණා තුනෙන් පිටස්තරව විවාහ නොවීමට හේතු නැද්ද?” “ මා කී කාරණය මහත්මයා තේරුම් ගත්තේ නැහැ. විවාහ වීමට සුදුසු වයසත් ලැබී ස්වකීය පවුලේ වැඩි හිටි ‍සහෝදරීයන් ආදිය ද නැතිව භාර්යාවක් පෝෂ්යබ කිරීමට වත්කම් ඇති තරුණයෙක් අවිවාහකව සිටිතොත් දුශ්චරිතයක ගැලුණු කෙනෙක් හෝ රෝගියෙක් හෝ නැති නම් අඥානයෙක් හෝ උන්මත්තකයෙක් විය යුතුමය. එය ‍එහෙම නොවේද?” “ඔව්! ඒක බොරුය කියන්ට අමාරුයි. මම රටට සැඟ වුවත් මහත්මයා වැනි දක්ෂයෙකුට සැඟවීමට කැමති නොවෙමි. මට විවාහයක් කරගැනීමට කිසිම අවහිරයක් නැත. නමුත් ස්ත්රීින් රුචි නොවන පුදුම ගුණයක් මා තුළ පවතී.” “ඔව්! මහත්මයා මෙන් ම කල්ගත කරන්නෝ බෙ‍හෝය. පුරුදු වුනා වූ දුසිරිතයක් නිසා ශරීරය ස්වභාව ධර්මයත් ඉක්මවා ඒ පුරුද්දට වාල් වි සිටිති. ඒ නිසා අයුතු කාරණාවලදී ස්වභාව ධර්මය ඉක්මවීම අපරාධයකි. කලක් පැවති නපුරු පුරුද්දක් අත් ඇරීම අමුතුවෙන් ස්වභාව ධර්මයට කීකරු වීමටත් වඩා අපහසුය. එසේ ද වුවත් මහත්මයා ගේ සිහිය අඩු වීමටත් පඤෙචන්ද්රි යයන් ගේ ප්රසභාවය අඩුවීමටත් හේතුව ලෝකයේ පවත්වා ආරක්ෂාකරණ ස්වභාව ධර්මය ඉක්මවා යම් කිසි අයුතු පුරුද්දකට වාල්වීම යයි කීවාම වික්රධමසිංහ මහත්මයා පුදුමව අනුනුගේ ශරීර ස්වශාවත් අන්යියන් තුළ පවත්නා දුශ්චරිතත් පවා නිසැක ලෙස විමසා ගත හැකි මහත්මයාට රටේ පවත්නා බලවත් අපරාධ හා අයුතු ක්රිහයාත් රහසුත් කෙසේ පරීක්ෂාකර ගන්ට නොහැකි දැයි ස්තූති කොට ස්වකීය සහෝදරයා මේ බලවත් ණයට වැටීමට හේතුව කුමක් දැයි ඉක්මණින් සොයා දුන මැනැවයි කියා යන්නට ගියේය.

03. පරිච්ඡේදය

මට නිවාඩුවක් ලබා ගන්නට ඉඩක් නොමැති බව තීන්දුකර ගතිමි. එක අතකට “දෙ තිස් කුණපයෙන් සර්ජිත මේ ශරීරයෙන් හැකිතාක් ප්රටයෝජයවත් වැඩ ගැනීම ඒ කුණු ශරීරය‍ට සැප දීමට ව‍ඩා අවශ්යරයෙන් ම යුතුය. වීරවරයෝ රසමසවුනෙල් යුත් භෝජනය

460 ඉෂ්ට දෙවියා

කාබාසිනියා කිරීමට ජීවත් නොවෙති. පරාර්ථ්දායි කීර්තිමත් සත් ක්රියයා කිරීමට ජීවත් වන පිණිස රසමසවුලෙන් යුත් භොජය අනුභව කරති” යි කී ශ්රී් පරාක්රවමබාහු සිංහල රාජකුමාරයාණන් ගේ කීම වරක් දෙකක් සැමදා ම සිහිපත් කිරීම සුදුසු වන්නේය. ඉතින් මා පොරොන්දු වු ලෙස අලව්වට යන්නට සූදානම් වීමි. මේස් සපත්තු ආදී යුරෝපීය ඇඳුමෙන් නොව පහත් කුලීකාර වේශයෙන් මේගමන යා යුතු යයි සලකා පරණ පාහේ සරොම් රෙද්දකුත්, දෙ තුන් පලකින් ඉරී ගිය බැනියමකුත් ඇඳ රතු ලේන්සුවක් ඔළුවේ බැඳගෙන මට උවමනා ඇඳුම් හා අනිත් උපකරණත් මගේ කබල් රෙදි බෑග් එකේ දමාගෙන උදේ දුම්රියෙන් අලව්වට පිටත් වීමි. මා සැරසී වුන් හැටියටම අපේ රටේ තුන් වැනි පංක්තියේ දුම්රියේ දුම්රිය කාමරයද පිළියෙල කොට තිබේ. ඉතින් තුන් වැනි පංක්තියේ අවසර පත්රසයක් ගෙන හොඳටම කබල්වී තිබුනු කාමරයක වාඩි ගතිමි. මා නැගුණු කාමරටය් පිරිමි හය දෙනෙකුත් බවලතෙකුත් වුන්හ. එවිට මාත් සමඟ අට දෙනෙක් විය. මේ පිරිස අතරේ ඉතාමත් සතුටින් කල් ගත කරණ “වාසනාවන්ත” මනුෂ්යමයෙක් ද උන්නේය. ඔහු සෝකයෙන් දොම්නසින්, චිත්ත දුෂ්යි භාවටයන් පීඩිත නුවූ වාචාලපාහේ විහිලුකාරයෙක්. කවටකම් දන්නා සත්පුරුෂ ජනයා බොහෝසේ ම ප්රීිතියෙන් කල් ගත කරන හොඳ මිනිස්සුය. අවුරුදු 50 ක් පමණ වයසැති ඌර්ධවකායට බැනියමක් වත් නැතිව කිලිටි පාහේ සරමක් ඇඳගත් මේ මනුස්යවයා දුම්රිය පිටත්වූ හැටියේ ම සින්දුවක් කියන්නට පටන් ගත්තේය. මා ‍මීට ප්රතථම නො ඇසූ විහිලු සින්දුවක් බැවින් එහි අශික්ෂිත නොවන කොටස ලියා ගතිමි. ඒ මෙසේයි:-

“තන තත්ත තන තත්ත තන තත්ත ජාවා - උගෙ - බඩ පැත්ත සුදු වෙන්ට කිරි මැට්ට ගෑවා - (නානවන්නමි) බඩේ ගෙඩිය ඇති අම්බල වත්තද, ඌට උයා දෙන පුංචි නැකැත්ද, කඩදාසි කෙළියට මර්තේලිස් සිල්වා ද, සෙරප්පු දමූ වට හඩුගම් රාළ ද, හිටගෙන් බුදියන පේදුරු විදානෙද, ළමයින් නලවන බංකුපුරයියද, සුරුට්ටු බීමට කපුගෙ සෙලෙක්කද, කසු කුසු ගෑමට ජොරාගේ අඹුවද, ගම්බිම් නිම නැති හෙන්ද්රිලක් සිල්වා ද , නිතර සිනාවෙන රොමෙල් විදානෙද, උඩින් උඩින් යන මද ලෙන හාමිද. ප‍ාර පුරා යන දොමිනික්ති මහගෙද, සුදු ආප්ප ඉවුමට කාච්චි නොනද? සුදු ආප්ප කෑමට පන්සල් නයිදෙදෙ, රේස් එලවීමට එවුදියෙස් සිඤ්ඤාද, හොර වැඩ කෙරුමට නයියලවත්තද, තුත්තිරි ගලවන නාටු බබක්ක ද,

පියදාස සිරිසේන නවකථා එකතුව 461

හොර පොල් ගැණුමට අස්වැන්න අච්චිද, රේන්දද ගැනුමට මොරටුවෙ කුරෙරද, දැල් ගැට ගැහුමට ලන්ති ඔපිසරඳ, වඳ බේත් අඹරන ඉස්තේගු වඩුවද, ගස්ස බේත් අඹරන කන මත්තෙයියද, හොර සිල් ගැණුමට ජුවන් කුඩප්පුද, සූදු කෙළීමට නොනිස් අප්පුද . කුකුළන් කෙළියට පෑලිස් සිල්වාද, බුලක් හිටවීමට රතු ගබ්රියෙල් අප්පුද අනුන්ගේ ගිනි කන විදානච්චි රාලද, බොරු සින්දු කීමට කෙස් කොට පොඩියද (වන්නම්)”

මේ විහිලු සින්දුම අසමින් ම සිටි අපත් රැගෙන දුම්රිය පොල්ගහවෙලට ලඟා විය. පොල්ගහවෙලදී අනික් රියකට මාරු වෙන්නට උවමනා බැවින් ඒ දුම්රිය වුන් බොහෝ දෙනෙක් බැස්සාහ. මම මගේ පෙට්ටියක් රැගෙන තුන්වෙනි පංක්තියේ කබල් කාමරයක නැල යන්ට ප්රටථම සින්දු කියමින් ආ ප්රීවතිමත් මහල්ලා සෙව් නමුත් ඔහු කොළඹ දක්වා යන කෙනෙක් බැවින් සම්බ නොවීය. අපේ දුම්රිය අනිකට විනාඩි 15 කට පසු පිටත් විය. ඉතින් දවල් දහයට පමණ අලව්වට පැමිණියේය. මා දුම්රියෙන් බැස මගේ පෙට්ටිය ආදී උපකරණ කොයිබ තබම් දැයි කල්පනා කරණවිට මගේ මිත්රම අප්පුහාමි ගැන මතක්ව උන්නැහේලාගේ කඩේට ගියෙමි. කුලීකාර වේසයෙන් සිටි මා පළමුවෙන් අප්පුහාමිටත් අඳුනන්ට බැරිව ඉක්බිති ඇඳිනගත් විට මට නොයෙක් සංග්රපහ කොට මේ වෙස් මාරු ක‍රගෙන කොයිබ යනවා දැයි ඇසූ නමුත් කාරණය තත්වූ පරිද්දෙන් නොකියා “අර ලොකු අප්පුහාමිලාගේ පලහිලව්වක් සොයන්ට යන්නෙමි. මම සතර කෝරලේ දැදිගම ආදී පළාත්වල ඇවිද්න්නටත් යන්නෙමි. හතර දවසක් පමණ එහි ඇවිදින්නට වී තිබේ. මා පණිවිඩයක් එව්වොත් අප්පුහාමි වහාම එන්ට ඕනෑය”යි කියා මගේ ආරක්ෂාවට උවමණා කානු හතේ පිස්තෝලයත් මුදල් රුපියල් සියයකුත් පමණ රැගෙන සවස හතරට පමණ පිටත්විමි. මා මේ යන්නේ දැදිගමට යයි බොහෝ දෙනා සතනු නිසැකයි. නමුත් මට යන්නට උවමනා වී ඇත්තේ හුම්බුළුව පැත්තටයි. දැදිගමට යැම අවශ්යය නමුත් ලොකු අප්පුහාමිගේ දූට වෙදකම් කරණ වෙදරාළ සම්බන්ධව තොරතුරු දැනගැනීම ඊටත් වඩා අවශ්ය් හෙයින් අද රෑම ‍එහි යමැයි සිතා පිටත් වී මම හුම්බුළුවට පැමිණ තැබෑරුම ළඟට ගියෙමි. එතන දහ පහළොස් දෙනෙකුටත් වඩා උන්හ. වේලාව හතර පමණ බැවින් සුරා බොමින් ප්රනලාප දොඩමින් ඉන්නා පිරිස අතරට වැටුන මා ගැන ඔවුන්ට කිසි කල්පනාවත් නැති බව පෙණුනේය.” වෙද මහත්මයෝ තව අඩියක් නො‍ගහ නම් අමාරුය. කා

462 ඉෂ්ට දෙවියා

අතේ දැයි සල්ලි තිබෙන්නේ’ කියා කෝරල කෙනෙක් ඇසුයේය. එවිට මමත් ඒ කාංඩේ කෙනෙක් මෙන් “ මා අතේ රුපියලක් තිබෙනවා, එන්ට කෝරළේ මහත්මයා, එන්ට වෙද මහත්මයා” කියා ඔවුන්ට රුපියලේ අරක්කු බොන්නට දුනිමි. මීට ප්රරථම කවදාවක් මා නුදුටු නමුත් වෙද මහත්මයා මා දෙස බලා - මොකද කළු බණ්ඩාට අද ජය වෙලා වාගෙයි - බණ්ඩෝ දැන් ගෙදර යනවාද මෙහෙ නවතිනවාදැ”යි අසීය. ඇත්තෙන්ම “රුපියලේ අරක්කු වෙන් නැති ඇඳුනුම්කමකුත්, කළු බණ්ඩා නමකුත් ලද්දෙමි”යි සතුටුව “ දැන් මට රෑ වුනා. වෙද මහත්මයෝ අද රෑ වෙදමහතාලගේ ගෙදර නැවතී ඉදලා උදේ යනවා “යයි කීවා ම හොදා වරෙන්, එහෙනම් කරවල කූරියෙකුත් අරන් යමුය යයි කියා හම්බ කඩේකට ඇතුල් වූනේය. හම්බයන් තුන් හතර දෙනෙක් අස්වැසිල්ලක් නැතිව වෙළදාම් කරණ මේ කඩේ දෙස බලන විට සිංහල මිනිස්සු වෙළොදාමි කිසිත් නො දැන අලස අඥාන බවට පැමිණ ඉන්නා හැටි පෙනුණේය. ඉතින් වෙද මහත්මයා කඩේට ගිය හැටියේ මුදලාලි කථා කොට යෙන්ට වෙද මාත්තියා. ඈදිගන්ට දෙන් කරවල කීයක් ඕනෑද?දෙන් කඩේට යෙන්ඩ ඕනි ගණන වෙඩිවෙලා, යේකට නොට්ටුවක් ගන්ඩ ඕනෑ” යයි කීය. බේබදු මරගා‍තේ සිටි වෙද රාළ ද, “හොඳයි, මුදලාලි නෝට්ටුවක් අත්සන් කර දෙන්ට බැරිද? ගන්ට පොත” කීයේය. “මුදලාලි හම්බයා ද අඩේ. අල්ලපිච්චේ, අන්ද නෝට්ටු පොස්තකම් කොංඩු වා” කියන කොටත් ශත 6 යේ මුද්දර ගසා සූදානම් කොට තිබුනු “ඉල්ලූවිට මුදල් ගෙවන” නෝට්ටු පොතේ කොළයක වෙදරාළ ලවා අත්සන් ගත්තේය. මේ නෝට්ටුව ලියූ දිනයක් වත් එහි මුදල කීයද කියා වත් කිසිත් නෙලිව්වේය. රුපියල් 5 ක් ණය ගන්නට තිබෙන විට මුදල් සටහන් නොකොට නෝට්ටුවක් ගත්තාම ණය හිමියා සතුටු නම් රුපියල් හත් අට දාහක් වුවත් අය කරන්නට පිළිවන් බව ‍නොදත් මේ අඥාන වෙදරාළ වැනනන් නිසා නොවේ නම් විදේශි‍කයෝ මේ තරම් ඉක්මණට විශාල ධනවත්හු වෙත්ද? ඉතින් අඥාන වෙදරාළ දිරච්ච අඟුළු කරවලත් රැගෙන මාත් සමඟ ඔහුගේ ගෙදරට ගියේය. මම කරුවලේ ම ඉස්තෝප්පුවේ පිළ උඩ තිබුනු පැදුරු පිට වාඩි ගතිමි. වේලාව රාත්රිර 9 ට පමණ විය. වෙදරාළ ගෙට ගිය ගමන් එලියට නො ආ නමුත් ටික වේලාවක් යන විට කොල්ලකු විසින් විශාල “ආහාර පිඟානක්” ගෙන වුත් දෙන ලදී. අතක් බර ඇති මේ කෑම පිඟාන පිළි ගනිමිනි “ මේ තරම් විශාල ආහාර රාසියක් එක වරට කා දමන අයේග් බොක්ක කුණු කසල දමන බොක්කකට කුඩා

පියදාස සිරිසේන නවකථා එකතුව 463

නැත. ඒ නිසා මේ අන්දමට කන අය ගොනුන්ට මෙන් මොලේ ඇති අයය”යි සිතීම වරද නැති බව මට කල්පනා විය. මට දුන් ආහාර පි‍ඟානෙන් අටෙන් පංගුවකට ව‍ඩා මට උවමනා නොවීය. මා ආහාර ගෙන නිමයෙන ගොට ම වෙද මහත්මයා ද බත් කා එලියට ආවේය. බත් පිඟානෙන් ඉතා සුළු කොටසක් පමණ ද බත් කා එලියට අ‍ාවේය. බත් පිඟානෙන් ඉතා සුළු කොටසක් පමණ කා තිබෙනු දුටු වෙදරාළ පුදුමව.” මොකද බණ්ඩෝ බත් නොකා තිබෙන්නේ, මාළු පිණි හොඳ නැතුවාදැ”යි ඇසුයේය. නෑ වෙද මහත්මයා. මාළු පිණි නම් බොහොම රසයි. මට පිළිවන් පමණ කෑවෙමි”යි කීවා ම අනේ යෝදයෝ උඹ රෑ කෙන්කේ කොහොමද, මට නම් කොපමණ නාකි වුණත් තවමත් ඔය පිඟාන වාගේ දෙකක් කන්නට ඕනෑය”යි කියනකොට මට හිනා අවුත්, “ඔව්, ඒ බව පෙනේ. ගොනාගේ තරමට පිදුරු පුන්නක්කු උවමනාවීම ධර්මතාවයකි”යි කියන කොට වෙදරාළට අව‍බෝධ නොවී ඉස්තෝප්පුවේ තිබුණු පරණ ඇඳ හාන්සිවී බුලත් කන්නට පටන් ගත්තේය. මෙසේ ටික වේලාවක් සිටින විට පට කම්බායකුත් කර පළල හැට්ටයකුත් ඇද ගත් තරබාරු දෙකට හරි වයසේ ස්ත්රිටයක් තවත් ගැටයෙකුත් සමඟ හුළු එළියකුත් රැගෙන වෙදරාළ සම්බවෙන්නට ආවෝය. බුලත් හුරුල්ලක් හා රුපියල් 5 ක් වෙදමහතාට දි පැත්තකින් වාඩි වී, මම මේ හදිසියේ ආවේ වෙදමහතා සම්බබෙන්නටයි. “අර කාරණය” ගැන ටිකක් රහසේ කතා කර ගන්නටයි” කිය කොටම මාගේ හිත බලවත් උනන්දුවට පැමිණියෙන්, නිදි බර වුවෙකු මෙන් උන් තැනම දිග ඇදුනෙමි. “මොකද සෙ‍ිලෝහාමි. ඒ කාරණා ඔක්කොම හරි, උඹලාට ඉවසිල්ලක් නැතුවාට මම මක්කරන්ටද? මෙතන ඕනෑ රහසක් කීවාට කාරියක් නැහැ. ඔය ඉස්තෝප්පුවේ ඉන්නේ සතර කෝරළේ බණ්ඩා කෙනෙක්. ඒ මනුෂ්ය,යා නිදි. උඹලා අපි කතා කරන එකක් ඔහු දන්නේ කොහොමද? උඹට ඕනෑ එකක් කියාපන්නැ”යි වෙද මහතා කීයේය. එවිට සෙලෝහාමි මා දෙස බලා මට නින්ද ගොහින් යයි සිතාගෙන තමා වාඩි වී වුන් පුටු පින්ව තවත් ටිකක් වෙද මහතාට ලංකොට මෙසේ කියන්නට පටන් ගත්තාය. “රිචඩ් ඊයේ හවස ආ ගමන් තවමත් අපේ ගෙදරයි. මල්ලිට සහ නංගිට තවමත් හොඳට ම අමාරු නැත කියනවා. ඒගොල්ලන්ගේ “අප්පොච්චි” පවුලට උනා වූ විපත කියමින් මුළු ලංකාවේ අංජනම් කාරයනුත් ශාස්ත්රසකාරයනුත් ඉවර කොට රහස් කරුණු විමසීමේ ඉතාමත් දක්ෂයෙක් වන කෝන්ගොඩ වික්රපමපාලට කාරණය භාරදී තිබෙන බව

464 ඉෂ්ට දෙවියා

රිචඩ් ඉතා රහසින් කිව්වා, ඉතින් මේ කාරණය නොසොයා ඉන්නේ නැහැ. එහෙම වුණොත් වෙද මහත්මයාත්, ලොකු නිලමේත්, දොස්තර උන්නැහේත්, කෝරළේ මහත්මයාත්, අපේ පවුලත් යන සියල්ලෝම පැටලෙනවා ඒකාන්තයි. ඒ නිසා දැන් කුමක් කරණවාදැයි අසා ගන්නට ආවා. ඊයේ පටන් දොස්තර මහතාගේ බෙහෙත් නොදී නැවැත් වූ බවත් රිචඩ් කීවා. ඇත්තෙන්ම වෙදමහත්මයා මගේ ඇ‍ඟේ ලේ වතුර වුණා. ඔය වික්ර ම පාල මොන වේසයකින් කොයි වේලේ එන කෙනෙක් ද කියාත් කියන්නට බැරිය සෙලෝහිමි කීවාය. “ දෙයියනේ සෙලෝහාමි උඹලාට පිස්සු - වික්රවමපාලලාත්, ජයපාලලාත් මක්කා සොයන්නටද? උඹ භය නැතුව ගෙදර පලයන් -- මම හෙට දොස්තර මහතා සම්බ වී ඔක්කොම තොරතුරු කියන්නෙමි. වෙදකම් කරලා ලෙඩුන් මැරුනාම වෙදරාළත් - දොස්තරලත් පලිද? උඹ රෑ වෙන්ට ප්ර ථම ගෙදර පලයන්, යයි කීවාම සෙ‍ලෝහාමි ගිනිහුලත් පත්තුකරගෙන යන්ට ගියාය. “යහපත් අදහස් ඇත්තන් සිතන දේ වහාම ඉෂ්ට වේ යයි” කියූ ආප්ත වචනය මෙහිදීත් මට ප්ර්ත්යදක්ෂ විය. ලොකුරාළහාමිගේ පවුල විනාශවීම ගැන සුළු ආරංචි මාත්රෙයක්වත් මාස ගණනකින් ලබා ගැනීමට බලාපොරොත්තු නුවූ මට දෙ දවසක් ඇතුළතදී ම උවමනා කාරණා දැනගන්නට ලැබීම ලබවත් ප්රීටතියට කාරණයක් විය. මගේ චිත්ත ප්රීාතියත් සමඟ නිදිමත ද අධි වූ කල්හි ඉරීගිය පැදුර සිනිදු යහන් ආස්තරනයක් හා පිදුරු බිස්න පිරිසිදුව නෙළු‍ැ පුළුන්වලින් සජ්ජිත කොට්ටයක් හා සමාන වූ බැවින් මට සුවසේ නින්ද ලැබුනේය. උදේ පහට පමණ නැගිට පැය බාගයක් පමණ තුනුරුවන් ගුණ සිහිකර මෛත්රි. භාවනාවත් සිහි කොට එලිවන තුරාම සිටියොත් වෙදරාළ මා ගැන සැක කරායයි කල්පනා වී නිදා වුන් පැදුර අකුලා පැත්තකින් තබා පහමාරට පමණ මහපාරට පැමිණියෙමි. මා පාරට පැමිණෙන විට කඩයප්පන් කාරියන් අවදිව එවුල්ගේ වැඩ ප‍ටන්ගෙන තිබුණේය. පොල් ගාන්නියෝද , පොල් මිරිකන්නියෝ ද, පිටි අනන්නියෝ ද මා විසින් දක්නා ලැබුහ. මේ රක්ෂාවේ නියුක්ත ස්ත්රීවන්ගේ ගේවල මිස අනික් කිසිම ගෙදරක හැල හොල්මනක් නැත. උදේ පහ මාරට සියලු දෙනාම අවදිව ගෙයි පහනක් දල්වා තුනුරුවන් ගුණ සජ්ඤායනා කොට මෛත්රීම භාවනාව වඩා ඉක්බිති ශරීර කෘත්යාාදිය කොට සුව පහසු ඇති අය ජලස්සානය කොට ඉන් පසු උදේ කැඳ අවුළු ආදී ආහාර සූදානම් කොට අනුභව කර නොයෙක් වැඩපලවල නියුක්ත වීම පුරාණ කාලයේ සිංහල කුලචාරිත්ර යක්ව

පියදාස සිරිසේන නවකථා එකතුව 465

පැවැත්තේය. උසස් කුලචාරිත්ර පර සිරිත්වලින් ක්රරමයෙන් යට පත් වූ නිසාත් දැන් අපේ රටේ ජනයා උදේ හතට අටට ප්ර්ථම අවදි විය නොහැකි ලෙඩුන්ව සිටින බව පෙනේ. හතරට හෝ පහට නැගිටීමෙන් ලැබිය හැකි චෛතසික ශාරීරික සුවයක් කටයුතු කර්මාන්තාදියෙහි සමෘද්ධත්වයත් සිතාගැනීමට වර්තමාන මිනිසුල් නුසුදුසු පහත් ‍කොටසක් ව සිටියදීත් “දැන් අපි දියුණුය”යි කීම කොතරම් බොළඳ අභූත කථාවකි දැයි මේ කියවන භවතා කල්පනා කළ යුතුයි. සිත අපිරිසිදු හෙවත් සිතේ බලවත් තෘෂ්ණාවත්, ක්රෝනධයත්, ඊර්ෂ්යාදවත් පවත්නා වූ තමාට තමා අධිපති නොවූ දෙවියෙකුට හෝ යක්ෂයෙකුට භයපත් වී ජීවත්වන තමාගේ ගැලවීම ආදී කොට ඇති සියල්ලම තමාගේ ම උත්සාහයෙන් සලසා ගත යුතු බව නිසැකව නොවැටහුනු පුද්ගලයාට සැපවත් නින්දක් ඇති නොවේ. රාත්රිධයකට අඩු වශයෙන් පැය හයක් සුවසේ නිදා ගන්නට නොලැබුණොත් ඒ ශරීර සුවයට බලවත් බාධාවක් වන්නේය. සුවසේ නින්ද නොයන පුද්ගලයාට අරුණෝදයේ දී නැගිටීමට නො පිළිවන. ඉතින් ඒ සැප නින්ද නො ලැබීමට හේතුව ඉහත කී චිත්ත දුෂ්යපභාවය නිසාත් වර්තමාන කාලේ පවත්නා බලවත් දුශ්චරිත කරණකොටගෙන ඇතිවන කාය දුර්වලත්වය නිසාත් විද්යාදමාන බව සැලකිය යුතුය. කාය දුරුවලත්වයට ඇති වූ පළමු වැනි හේතුව සු‍රා පානයයි. සුරාපානයනොකරන්නෙක් දැන් අපේ රටෙන් සොයා ගැන්ම කල්නික සොයා සෙවීමටත් වඩා අමාරුය. ඉතින් සුරාපානය ගැන මෙහි තදින් කියන්නේ කුමක් නිසාදැයි සමහරු කල්පනා කරනු නිසැකය. ලෝකයේ පවත්නා දුසිරිත්. අපරාධ සාහසික ක්රිනයා වලින් සියේට අනූ පහක් ම සුරා මත නිසා ම සිදුවන බව නිසැකව දැනගෙන තිබේ. සුරා බොන්නෙක් හෝ සුරා බොන අයෙකුගේ දරුවෙක් දුශ්චාරිතයෙන් වැලකීම අද්භූත ක්රිුයාවකි. සුරා ශරීර ගත වූ හැටියේ ම ශරීරයේ ප්රකකෘති ගතිය ඉවත් වේ. යමක ස්වභාවික ගතිය ඉවත් වූ හැටියේ ම එය විකාර වන බව කාටත් තේරුම් යා යුතුයි. විකාර වූ දෙයක් වැරදි ලෙස ක්රිතයා කිරීම නියත හෙයින් සුරා පානය කරන කෙනෙක් අනුන්ට ක්රෝරධ කිරීම, හිංසා පීඩා කිරීම, සම්මත නීතිය උල්ලංඝනය කිරීම. අඹු දරුවන් ගුරුවරු මව්පියන් කෙරෙහි දැක්විය යුතු ගෞරවාදර නො දැක්වීම ආදී අයුතු සියල්ලක් ම කිරීම ඒකාන්තය. ඒ හෙයින් සුරා පානය කරණ තැනැත්තා කවරෙක් අවත් ඔහු අධම අවිශ්වාස අවකල් ක්රිෙයාවෙන් යුත් පහත් කෙනෙකු ලෙස සැලකීම බලවත් යුතුකමකි. සුරා පානය නො කරන

466 ඉෂ්ට දෙවියා

කෙනෙකුගේ දරුවෙක් කවදාවත් අන්තිම කාලකණ්ණි පහත් භාවයකට පත් නොවේ. අනිත් අතට සුරා පානය කරණ මිනිහෙකුට ජාතක දරුවෙක් ආත්මාර්ථ පරාර්ථකාමී සත්පුරුෂයෙක් ව ලෝකයේ විසීමත් ඉතාමත් ආශ්චර්යමත් ක්රිකයාවකි. සුරා පානය ආදී කොයි දුශ්චරිතත් ඇතැම් මිනිසුන් විසින් සැහැල්ලු කොට සලකනු ලබන්නේ ඒවායේ විපාක පරලොව දී පමණක් ලැබේය කියා විශ්වාසයක් ඇති බැවිනුත් ඇතැම් අය මරණිය් මතු උප්පත්තියක් තිබෙන බව නිසැක ලෙස විශ්වාස නො කරණ බැවිනුත් බව පෙනේ. සුරාපානය ආදී සියළුම දුශ්චරිතවල විපාක පරලොන යන්නට ප්රණථම නො අනුමානව ලැබේ. පරලොනක් ඇති වුණත් නූනත් දුශ්චරිතයේ විපාක ඒ කරුණු ලබන පුද්ගලයාටත් ඔහුගේ පරම්පරාවටත් අයිතිවීම අත්දැක තිබෙන සත්යගයකි. පරලොවක් පවතින බව මේ කතාන්තරය අවසාන වන්නට ප්රබථම ප්ර ත්යාක්ෂ වන ‍හෙයින් පින්වත් දූ දරුපරම්පරාවක් හා පිරිසිදු නිදහස් සැප ජීවිතයක් ගත කරන්නට සතුටු කිසිවෙක් සුරා පානාදී කිසිම දුශ්චරිතයක නොයෙදිය යුතු බව තදින් සිහි තබාගත යුතු බව එදා හුම්බුවවේදීම මට ප්රයත්ය ක්ෂ වූයේය.

04. පරිච්ඡේදය

මම කුලීකාර වේසයෙන් සිටි බැවින් කාගේ ගෙදරකටවත් ගොසින් සැලකිල්ලක් ලබාගැනීම උගහට උවත් පහත් පංක්තියේ මිනිසුන්ගේ කථාබස් අසා ගැනීමට ඉඩ ලැබුවෙමි. “පාඨශාලා” වල වැඩ කළ කෙනෙක් ගම්වාසී බෞද්ධයන්ට අයිති පාඨශාලා භූමිය හම්බයෙකුගෙන් රුපියල් සියයක් අත්ලස් ගෙන හම්බයාට අයිති කර දීම තරම් නින්දිත ක්රිලයාවක් කළ බෞද්ධ නාමදාරියෙක් සිටියි නම් ස්වකීය භාර්යාව තැබෑරුම් කාරයෙකුට පවරා දී ඔහුගේ ධනයෙන් ජීවත්වීම ගැන ජුවාට නින්දා කරන්නේ ඇයි දැ”යි මා යන පාරේ බෝක්කු බැම්ම උඩ වාඩිවී උන් ග්රාෑම්යර මිනිසුන් දෙදෙනෙක් කථා කරණවා ඇසී පුදුමයට පැමිණියෙමි. එ කථාවත් අසාගෙන නාරම්මල පැත්තට යන මට උදේ තේ වතුර බොන වේලාව වූ බැවින් පාර අයිනේ තිබෙන කුඩා තේ වතුර කඩයට ගොස් සුදු ආප්පත් කෙසෙල් ගෙඩිත් කා තේ වතුර බී බුලත් විටක් ද රැගෙන කමින් ඒ කඩේ ඉදිරිපිට සාදාගෙන යන අළුත් ලක්ෂණ ගෘහය දැක “මේ කාගේ ගෙයක්දැ”යි තේ වතුරු කඩකාරිගෙන් ඇසුවෙමි. ටිකක් රෞද්රඉ ‍ගතියෙන් යුත්ෙ ඒ

පියදාස සිරිසේන නවකථා එකතුව 467

තැනැත්තී “ඔය ඉෂ්ට දෙවියන්ගේ මුදලෙන් හදන ගේ නොවැ” කියමින් මා දෙස බලා සිනාසුනේය. ඇත්තෙන් ම ඉෂ්ට දෙවියන් ගැන පරීක්ෂා කරණ මට මේ ඉෂ්ට දෙවියා කෙබඳු එකෙක් දැයි දැනගැනීමට කල්පනාවී එහිම නවත්නිනට සිතුවේය. එදා දවාලටත් ඒ කඩෙන් ම බත් කා කුමකින් කුමක් කරම්දෝයි සිතමින් ඉන්න විට කඩකාරී මා දෙස බලා තමවත් ඉන්නේ මන්දැයි ඇසුවාය. “මම වත්තකට යන්නට ආවෙමි. වත්තේ සුපරින්ටන්ඩන්ට් මහතා එන තුරු මට මෙහි නවතින්නට කීවේය. උන්නැහේ එනතුරු ඉඳිමි, කරුණා කර අර පේන ගේ “ඉෂ්ට දෙවියෙකු විසින් දෙ ලද වස්තුවෙන් හදාගත් පිළිවෙල ළඟම පදිංචිව ඉන්න නමුත් අපට මොකවත් දැනගන්ට බැරිය. ඔය‍මගේ හදන තැනට එහා පුංචි පොල් අතු ගෙයි සිටින පවුලට කොහොම‍දෝ ලොකු මුදලක් ලැබී තිබේ. මේ පළාතේ උදවිය ඒ ගැන කියන්නේ “ඉෂ්ට දේවතාවෙක්” දුන් බවයි. නමුත් ඇත්ත කුමක් දැයි අපට දැනගන්ට බැරිය. සමහරවිට කොන්ගොඩ වික්රේමපාල මහත්මයාට නම් සොයාගන්ට පුළුවනැ”යි කීවාය. “අනේ. කෝන්ගොඩ වික්රටමපාල කියන්නේ කවුද? උන්නැහේ ගැන දන්නේ කොහොමදැ”යි ඇසුවාම “ඇයි ඩිංගිරිමැණිකා සෙව් හැටි, විමලතිස්ස, හාමුදුරුවන්ගේ මුදල් පෙට්ටිය සෙව් හැටි. වලව්වක පලහිලව්ව සෙව් හැටි. අහලා නැද්ද? අන්න ඒ මහත්මයා නම් ඕක සොයාවි” යි කීවාය. මේ ස්ත්රිහයගේ කථාවට මගේ හිත අතිශයින්ම සතුටුව “හොඳයි අද රෑම ‍මේ ඉස්ට දෙවි‍යා සොයමි”යි සිතා අම්මේ ටිකක් උදව් කරතොත් වික්රොමපාල ඇතත් නැතත් මමත් ඔය ඉෂ්ට දෙවියෝ ‍සොයන්නෙමි. මට ඔවුන්ගේ තොරතුරු ටිකක් කියන්ට - අපට මේකෙන් වැඩි පලක් නැතත් ලෝකේ තිබෙන කුට උපායවල්වත් දැනගන්ට පිළිවන”යි කීවා ම කඩකාර‍ි සතුටුව “ අර පේන ගෙදර රතු පාටැති අවුරුදු තිහක් පමණ වයසැති තරබාරු ස්ත්රිරයත් ඇගේ පුරුෂයාත් ඉඳති. පුරුෂයා ටිකක් වයසින් වැඩි දුරුවල පාහේ මිනිහෙකි. ඔහුගේ එළවලු කොටුවක් ටිකක් ඈතින් තිබේ. ස්ත්රීහ බොහොම දක්ෂයි. තවත් ඒ ගෙදර ඉන්නේ ඒ ස්ත්රිඈයගේ දූ වන පුංචි ළමයෙකුත්, මවු වන මහළු ස්ත්රිතයකුත් පමණයි. මීට කලින් රුපියල් පහක වත්කම නැතිව හිටි මේ ගෙදර උදවිය අක්කර හතරක ඉඩමකුත් අරගෙන ඔය අළුත් ගෙයක් තනවතී. මේ වස්තුව කොහොම ලැබෙනවා දැයි ගමේ කාටවත් තේරුම් ගන්නට බැරිය. ඉතින් උඹ සොයන්නේ කොහොමදැ”යි කීවාය. “ හොඳයි, මට අද රෑට ඉන්නට

468 ඉෂ්ට දෙවියා

ඉඩදෙන්න, මම කොහොම නමුත සොයන්නෙමි”යි කීවාම කඩකාරී මහත් සතුටට පැමිණි මට තේ වතුරත් ලෑස්ති කර දුන්නාය. මට මේ ස්ත්රි යගේ දුරුවල ස්වාමි පුරුෂයා සමඟ යම්තම්වත් මිත්ර වෙන්නට ඇත්නම් ‍හොඳ යයි සිතී ඔවුන්ගේ ගේ ඉදිරිපිට මහ පාරේ හැසිරෙමින් සිටියෙමි. සිරිති වශයෙන් “අඩියක්” ගැහීමට සවස්භායේ තැබෑරුමට යන ඒ පුද්ගලයා එදාත් ඔහුගේ සරමත් ඇද ඔලුවේ ලේන්සුවත් බැඳගෙන පාරට බසිනකොට පාර අද්දර සිටි මා දැක” උඹ කවුද? මෙහෙ මක් කරණවාදැ”යි ඇසුයේය. “මම වත්තකට යන‍ කෙනෙකි. අපේ සුපරින්ටැන්ඩන්ට් මහතා එනතුරු අර ‍කෝපි කඩේ නැවතී ඉඳීම්. මම මේ සොයමින් ඉන්නේ තැබෑරුමට යන මාර්ගයයි. කරුණාකර තැබෑරුම තිබෙන පැත්ත කොහේදැ”යි ඇසුවාම සතුටට පත් ඔහු “වරෙන් මාත් සමඟ යන්ට - මමත් යන්නේ තැබෑරුමට යයි කීවේය. ඉතින් මම ටිකක් වෙලා නිශ්චලය සිට “අනේ ආයුබෝවන්ඩ තමුසේ තැබෑරුමට යතොත් - මෙන්න් මේ රුපියල් ඇන්න ගොහින් අරක්කු ගෙණෙන්ට - එත‍ කොට අප දෙදෙනාටම මෙහිදී බොන්ට පුළුවය - රට ගම පුරුදු නැති මම තැබෑරුමට යන එක හොඳ නැතැයි කීවාම - මත්පැන් බීමට ගිජු ඒ මනුෂ්යැයා ඊට සතුටුව වහාම අරක්කු බෝතලයක් ගෙනාවේය. ඔහුත් සමගම තේ වතුර කඩේට ගොස් ඔහුට භාගයක් දුනිමි. එය අමෘතයක් මෙන් ඒ කාලනන්නියා බීවේය. මම ගේ ඇතුලට ගොස් අරක්කු ටිකක් අහක වත්කොට ඉතුරු ටිකත් ඔහුට පොවා - ඔහුත් සමඟ පාරට අවුත් කථාබස් කරමින් සිට “ගෙයි” විත්තිය ඇසුවෙමි. වෙරි මරගාතයට වැටුනු කෙනෙකුට කිසිම රහසක් සැඟවිය නොහැකි හෙයින් ඔහුගේ ස්ත්රිරයට ඉෂ්ට දෙවියෙක් මුදල් දෙන හැටි කියන්නට පටන්ගත්තේය. “එය දවසක් මගේ ස්ත්රීහ අපේ මල් පැලේ පහනක් පත්තු කොට සුවඳ දුම් අල්ලා, “අනේ දෙවියනේ - අද මට රුපියල් පණහක් මේ මල් පැල තුල තබා ගිය මැනැවැ”යි කියා යාච්ඥා කොට මට පැලට යන්නට කීවේය. මම එසේ කළෙමි. පුදුමයට මෙන් පසුවදා උදේ පැලෙන් අවුත් මල් පැලේ මැස්ස උඩ බලන විට රුපියල් දහයේ ‍නෝට්ටු කොල පහක් තිබුනේය. ඉතින් එයත් රැගෙන ගෙට ගොස් “ “අනේ බන්. උඹ ඉතාමත් හොඳ කෙනෙකි. අපේ ඉෂ්ට දෙවියන් වහන්සේ නිසා අපට පෙහොසත් වෙන්ට පුළුවනිය කියා මම ස්ත්රීදට බොහොම ආදරේ වුණිමි. එතැන් පටන් මේ දක්වා අපට පවුන් දෙසීයක් වාගේ ලැබී තිබෙනවා උඹ මේ රහස් කාටවත් කියන්නට එපාය”යි මේ පුද්ගලයා කී හැටියේ සිනාවෙන් මා පිපිරෙන්නට මෙන්

පියදාස සිරිසේන නවකථා එකතුව 469

ආයේය. අමාරුවෙන් සිනාව ඉවසා දරාගෙන “ ඉතින් මේ ඉෂ්ට දෙවියා තමුසේ ගෙදර ඉන්නා දවසට මුදල් දෙන්නේ නෑ නොවේද ? මුදල් දෙන්නේ ගෙදරින් පිට ගිය රාත්රිමයේදී නොවේද”යි ඇසුවෙමි. “ඔව් ඒක නම් හැබෑ තමයි. මේ අපට මුදල් දෙන්නේ දේවතා දුවෙකි” පිරිමි ඉන්නදාට එන්නේ නැතැයි ම‍ගේ ගෙදර ඇත්තෝ කියති. එන්න බලන්ට- අද රෑටත් මේ දේවතා දුවා අපට රුපියල් 50 ක් දෙනවා. උඹ උදේම ආවොත් මල් පැලේ ඇතිරිල්ල යට තබා තිබෙන ඒ මුදල පෙන්වන්නෙමි. කොයි දවස්වලත් මුදල් ගන්නේ මමයි. ඒක නිසා හෙට උදේටත් මට රුපියල් 50 ක් ගන්ට ලැබේවි යයි මේ මොඩ මනුෂ්යෙයා කීවේය. ඉතින් මෙහි රහස මට පහසුවෙන් ම තේරී “ හොඳයි ආයුබෝවන්ඩ” මමත් උදේ මල් පැල ළඟට එන්නෙමි. අනිත් හැමදාම තමුසේට මුදල් ලැබුනාය කියා දීම හෙට උදේ සිදුවන කාරණයෙන් බලා ගන්නට පුළුවනිය” කියා මම කෝපි කඩේට අවුත් රාත්රීු බත් කා එදා රාත්රි්ය බලවත් කරුවල වූ එකක් බැවින් - කිසි අමාරුවක් නැතුව ‘ඉෂ්ට දෙවියා’ එන ගෙදර පිළිකන්න පැත්තේ බිත්තිය අද්දරට වී සිටියෙමි. රාත්රීෙ එකොළහට පමණ කෙනෙක් අවුත් “පොඩි ‍නෝනා” කියා කථා කරනු ඇසී - අන්න ඉෂ්ට දෙවියා ආවේ යයි මට දැනී හෙමින් සැරේ ඉස්තෝප්පුව ළඟට අවුත් එබී බලා සිටියෙමි. එවිට පොඩි නෝනා දොර ඇරියේ ය. වහාම ඉෂ්ට දෙවියා ගෙට ඇතුල් වී දොර වසා ගත්තේ ය. ඉතින් මෙතන දී මීට වඩා යමක උවමනා නොවන බැවින් මම ඒ ගෙදර ඉස්තෝප්පුවට වී නිදා ගතිමි. හරියට හතර හමාරට නැගිට ගේ අයිනේ වාඩි වී බලා සිටින විට පහට පමණ ගෙයි දොර හැරියේය. ඉෂ්ට දෙවියා පොඩි නොනාත් සමඟ මොන ‍මොනවාද කථා කළ නමුත් මට තේරුම් ගන්ට බැරි විය. ඉෂ්ට දෙවියා කවුද කියා මම නො දනිමි. නමුත් හැඩ නිල හොඳින් බලා ගතිමි. ඉෂ්ට දෙවියා වත්තේ කඩොල්ලෙන් පැන ගිය හැටියේ පොඩි නෝනා මල් පැල ළඟට ගියේය. මිනිත්තු පහකට ඉස්සර ඈ නැවතත් ගේ තුළට වැදී දොර වසා ගත්තාය. මම මල් පැල ලඟට ගොස් ඇතිරිල්ල යට බැලුයෙමි. මගේ අපේපේ! රුපියල් දහයේ නෝට්ටු කොල පහක් දිග ‍ඇර එහි තබා තිබුනේය. මම ඒකත් ඔඩොක්කුවේ ලාගෙන ඉක්මණින් කෝපි කඩේට ගියෙමි. කෝපි කඩකාරී මා කොයිබ ගියදැයි කියා ඇසූ විට - කංකාරිලක බලන්නට ගිය බවත් එහිදී යැලුවුණු මිනිහෙකුගේ හැඩනිල විස්තරව කියා ඔහු කවුදැයි ඇසූ විට-ගුදමේ “මැනිජර්” මහත්මයා බව කෝපි කඩකාරිය කී බැවින් - ඉෂ්ට දෙවියො හොඳ හැටි

470 ඉෂ්ට දෙවියා

දැනගත් මම - ඉක්මනින් තේ වතුර ටිකක් බී - මගේ මිත්රවයාට පොරොන්දු වූ ප්රගකාර මල් පැල ළඟට ගියෙමි. හරියට භයට ඔහු එතනට අවුත් මල් පැලේ ඉෂ්ට දෙවියා තැබූ මුදල නො දැක පොඩි ‍නෝනාත් සමඟ කතා කරමින් සිටින විට ම මමත් එහි ගියෙමි. ඉතින් මා දුටු හැටියේ කෝපයෙන් මෙන් “උඹට මේ කාරණය කී නිසා ඉෂ්ට දේවතා දුව මුදල් තියා නැත. උඹ වගේ කාලකණ්ණියෙක් මෙහි ඉන්ටවත් එපාය”යි මට සැරවිය. එවිට මම සිනාසී “අනේ නිලමේ තරහ වෙන්ට එපා-මට එන්නට කී නිසා මම ආවෙමි- ඉෂ්ට දෙවියා මෙහේ ඉඳලා උදේ රැයින්ම යනවා මම දුටුවෙමි. දැනුත් තැබෑරුමට ගියොත් සමබ වෙන්ට පුළුවනි. තමුසේගේ ගෙදර ඇත්තනුත් ඒ බව හොඳින් දනී. තමුසේ වැනි “ ගොනෙකුගේ ස්ත්රිතයකට තබා තමුසේට වඩා යමක් කමක් තේරුණ අයවලුන්ගේ අඹුවන්ටත් ඔහොම ඉෂ්ට දෙවියන් ඉන්නා කොට” කීවාම මේ මිනිහා ස්ත්රි්ය දෙස රවන්නටත්-ස්ත්රිේය ම‍ා දෙස රවන්ටත් පටන්ගත් බැවින් - මම ඉක්මන් කොට අවුත් බත් කඩකාරියට සම්පූර්ණ ප්ර්වෘත්තිය කියා-මම ඉක්මන් කොට අවුත් බත් කඩකාරියට සම්පූර්ණ ප්ර්වෘත්තිය කියා-ඒ ස්ත්රිටයට ද රුපියල් පහක් දී - ඉෂ්ට දෙවියාගෙන් ලැබුණු ඉතිර් මුදලත් රැගෙන යන්නට ගියෙමි. පොඩි නෝනාගේ ඉෂ්ට දෙවියා කවුදැයි දැනගත් මට ‍ලොකු රාළහාමිගේ පවුලට විනේ කරණ අනිෂ්ට දෙවියා සොයා ගන්නට බැරි වේ යයි මදක්වත් සැක නැති විය. ලොකු රාළහාමිගේ පුත්රනයාට හා දුවටත් වෙදකම් කරණ දොස්තර මහතා ළඟ කලක් නැවතීමට මට අවශ්යටයෙන් ම උවමනා විය. පවුලක් විනාශ වීම එසේ මෙසේ කාරණයක් නොවේ. නමුත් “කරුමයටම” මළා යයි කියා සතුටු වන මෝඩයනුත් “දේව කැමැත්ත හැටියට” සිදු වුනායි කියණ පල් මෝඩයන්ගෙනුත් ලෝකය පිරී තිබෙන නිසා නොවේ නම් රටේ පවත්නා බලවත් අපරාධත් කුමන්ත්ර ණත් හුඟක් අඩු වෙනවාට සැක නැතැයි මට කල්පනා වී රට ගැන බලවත් සංවේගයක් ඇති විය. මා සිටි කුලීකාර වේශයෙන් දොස්තර ළඟට කිට්ටු කිරීම නිශ්චල බව සිතී මගේ මිත්ර අප්පුහාමිගේ කඩේට අවුත් දවසක් නැවතුනෙමි. සිරිත් ප්රලකාර අඳින යුරෝපීය ඇඳුමත් ඇඳගෙන මිත්රකයෙකුගෙන් දොස්තර සම්බන්ධ තොරතුරු දැනගන්නා පිණිස නුවර යන්නට පිටත්වීමි. අපට යන්නට ලැබුණු දුම්රිය කම්කරුවන්ගේ රියකි. ඒකේ කොයි පංක්තිත් එක සමාන නිසා මම ද තුන් වැනි පංක්තියේ කාමරයක නැගුනෙමි. පුදුම කතාන්නර අසන්නටත් අපූරු අදහස් දැනගන්නටත් සතුටු අය තුන් වැනි පංක්තියේ ම ගමන් කළ යුතුය. ගම්බද ජනයාගේ ආකීර්ණ වූ මේ

පියදාස සිරිසේන නවකථා එකතුව 471

පංක්තියේ නො කෙරෙන කතා බහක් ඇත්තේ නැත. මා නැඟී වාඩි ගත් පසු කතාන්තරයක් කියමින් ආ පිරිසක කෙනෙක් මේ කවි පංක්ති‍ය ද කියන්නට පටන් ගත්තේය.

දිවි රැකුමට මහ ක
සොයනා ලෙසට සිරි ල ක
වරින් වර ආ නෙ ක
දෙමළු සිංහල වෙලා පුදුමෙ ක
පල්ලර පඩක්ක ර
ඊ වඩු දෙමළ පරව ර
දනන් අප නරව ර
කළෙහි තැබුවෝ අපෙන් වෙන් ක ර
වයඹ දෙස වෙම ලේ
විසූ මේ දනන් එක ලේ
සිරි ලක් දිවි ත ලේ
පරංගිත් පත් දිනෙහි අප ලේ
ඔවුන් හට මිතු රුව
සිංහල රජුට මතු රුව
බොරු බසට ගොදු රුව
වැළඳ මිසදිටු සමය නපු රුව
පහත් මේ දන කැ ල
පරංගින්ගෙන් තදබ ල
උදව් ලැබ හැම ක ල
විසූහ සතුරුව දනට සිංහ ල
එක සිය පණස් ව ස
පරංගින් විසූ මෙම දෙ ස
හීන මේ දන රැ ස
වුන්හ නො දැන ම අප සිහල බ ස
රට ගම නසා ලා
පන්සල් ගිනි තබා ලා
සිහලුන් පෙළා ලා
උතුම් සුසිරිති දම් මකා ල‍ා

472 ඉෂ්ට දෙවියා

විලසින් යම පිරී ස විසූ පරංගින් දැක රො ස සුර කුමරෙකු විල ස උපන් රජසිහ කුමරු අසදි ස

ගැඹුරු සිප් සතර ත් සදහම් නීති වෙසෙ ස ත් සියලු යුද සරඹ ත් ඉගෙන බුවිකුරු සිරිත සිරිම ත්

සෙන්කඩගල නුව ර යුද සිප් සැල් සුලබ ක ර සිහලුන් පුරුදු ක ර පවර සේනාපතිව වැරසැ ර

කොස්තන්තීනු ද සා සමඟින් පැමිනි සහ සා පරංගින් වන සා සිහල බල පො ලොවට වෙසෙ සා

කොළඹ ද ගාළු පු ර මාතර ද හම්බන්ත ර ගන්නෝරුවෙ පුවත ර කොටුව සමඟන් මැණික් කඩව ර

මෙ හැම කොටු අ ල්වා පරංගින් බල සො ල්වා සිහල තෙද දු ල්වා දැගැත් කුඹු යස සඳුන් ග ල්වා

රාජසිහ දෙ වියෝ ලෙසින් සහසැස් දෙ වියෝ රුපු කසල ද වියෝ සිහල දිව යස දිලෙන් දෙ වියෝ

ඉක්බිති මුහුදු ක ර රකිණුව පිණිස හැම ව ර ඕලන්දේ පුවත ර සමාගම හා ගිවිසුමක් ක ර

පියදාස සිරිසේන නවකථා එකතුව 473

බාර දුන් පසු සෙ ද දැනුනිය ඔවුන් වරද ද නමුත් අප මහ ර ද පිරුණු වයසැති බැවින් එම ස ඳ

ඕලන්දයන් මෙ ම නසමින් උතුම් සදහ ම කිතු සමය අදහ ම තැත් කළෝ පතුරන්ට නිතර ම

රෝමානු ප්රතතික ල් බල සුන් බැවින් ලක තු ල් ඔවුන් පසු හැමක ල් විසුව දෙමළාදීහු කරැ ලො ල්

සිංහල වෙස් රැගෙ න සිංහල නම් තබාගෙ න සිංහල බස ඉ‍බගෙ න සිංහල දන වූහ වෙසෙසි න

උතුම් රජ කුමරු න සිංහල සෙනෙවි ගරුව න නාම පට බැඳ ගෙ න නිවට දෙමළෝ සිංහලුන් වු න

දැන් ගරු මන් වෙමි න විජය කුමරුන් සමඟි න ආ පිරිසක් ලෙසි න කියති තොරතුරු රට රවටමි න

ගත් බො‍රු සිහල න ම මුන්හට කොහි ද දැ පෙ ම මුන් කුදිටු අදහ ම නිසාමයි පිරිහුනේ ලක මෙ ම

පරංගින්ගේ ‍බො ල් කුදිටු සමයම පිළිකු ල් පිළිගත්තු එම ක ල් එක ම සිහලෙක් නූන ලක තු ල්

474 ඉෂ්ට දෙවියා

පරංගින් අනුබ ඳු හීන දෙමළුන් සිත බ ඳු කුදිටු ආගම රු ඳු බැතින් පිළිගෙන ‍කළෝ සුපුරු දු

නමුත් අප සිංහ ල කිසිවෙක් මෙ සිරි ලක් තු ල කුදිටු දහමට බ ල නො දී රැකියේ දහම් දසබ ල

රට වියවුල් බැවි න සිහලුන් දුකින් මිරිකු න පර සතුරු වැඩි වු න උතුම් දහමුත් සතර පිරිහු න

සිවු සැට කලා ස ත් දසට බස් කිවි නළු ස ත් සමයන් ‍ලොවැ දිමු ත් උතුම් තෙවළා දහම් සිරිම ත්

දැන විසු සිහල ද න සතුරු වියවුලු ලදුයෙ න පිරිහී ගොස් කෙමෙ න නො දැන මළ පත අකුරු විසු තැ න

කිත්සිරි නරව රණ කල ලක පහල අබ රණ සරණංකර ව රණ උතුම් හිමිසඳ සරණ අස රණ

මහද සකු එළු බ ස ඉගෙණ සදහම් නිසිලෙ ස සසුන අප සමතැ න පිහිටුවා පිළිසකර කර තො ස

වැඩූ තැන් පටන්ගෙ න සදහම් සතර පැතුරු න නමුත් නූගත් ද න විසූ තැන්වලට ගොස් රහසි න

පියදාස සිරිසේන නවකථා එකතුව 475

පාදිලියන් විසි න රවටා නෙක උපායෙ න කිතු සමය නම් ව න රුදුරු අදහම දෙ ලෝ වනස න

ඇතැම් සිහලුන්ට ද පිළිගැන්විය එම ස ද නමුත් සිරිලක අ ද වසන තුන් ලද්සයෙන් වූ ද ද

පිරිසිදු සිහල ද න එක දහකටත් අඩු ව න අනිත් මිසදුටු ද න සිහල නම් පවසතත් සැබැවි න

පල්ලර පඩක්ක ර ඊ වඩු දෙමළ පරව ර සක්කිලි ද සංක ර හීනයක් බව දනිව් සැක හැ ර

මස් මරමින් රැකු න පිළිගද නිති පැතුරු න පේදුරු ආදි ව න නිසරු පිරිසක් විසින් පෙර දි න

දහමක් සිප් සත ක් නො දැන ලිවු පල් බොරුව ක් හීන වූ මිනිසෙ ක් මිසක් අදහයි ද ලොව කිසිවෙ ක්

දෙවියන් බඹුන් ම ත සුසැදු සිරිපා සියප ත සක කුලඹර දිමු ත දිනිඳු බඳු තුන් ‍ලොවට අගප ත

සියලු දේ දත යු ත් සව්නේ නැණින් දැන ග ත් කෙලෙසුන් කළ ඉව ත් උතුම් මුනි රජ ලොවට අග ප ත්

476 ඉෂ්ට දෙවියා

දෙසුව බුදු නැණයෙ න මේ ලොව ම විපාකය දෙ න තැණසට නිති පෙණෙ න ගැඹුරු සතරෙන් සැබෑවම ව න

මුල මැද අග නිම ල අකුරක් නොමැති නිස්ප ල දුරු කළ කෙලෙස් ම ල පුවළ සදහම් ලොවට සෙත් ක ළ

පන් දහසක් වස ර සුරකින ලෙසට දිවි යු ර අණ ලැබුව ගරුත ර පැමිණි සිංහල විජය පිරිව ර

දෙදහස් සසිය සැ ට සතර වසරක් නිසි කො ට රැකි දහම ගරු කො ට ඉතිරි කාලෙත් දිවි දෙවැනි කො ට

රැකුම යුතුකම ව න සිහල වබ නම් එම ව න බුදු දහම නො රකි න කෙනෙක් සිහලෙක් නොවේ කිසි දි න

05. පරිච්ඡේදය

මේ රසවත් කවි පංක්තිය මා ඇතුළු එම කාමරයේ හා දෙපැත්තේ කාමරවල ද වාඩි ව වුන් පිරිස අසා සිට ඒ ඉවර වූ පසු අල්ලාපු කාමරයේ වුන් උස මහත ඇති ශක්ති සම්පන්න පෙණුමක් ඇති රෙද්දත් ‍කෝට් එකත් ඇඳි අක කණක කඩුක්කමක් දමන ලද මනුෂ්යුයෙක් නැගිට කවි කිවූ තරුණයාත් සමග කථාවට බැස්සේය. ඒ කථාව මම ඉතා ඕනෑකමින් ලියා ගත්තෙමි. මෙය කියවන්නාගේ ප්‍ලදයෝජනය පිණිස ඒ දෙබස සම්පූර්ණයෙන් මෙහි බහාලමි. “ තමුසේ ඔය දැන් කිවූ කවි පංකිත්ය ඇත්තක්ද? ලංකාවේ

පියදාස සිරිසේන නවකථා එකතුව 477

ක්රිාස්තියානිවී ඉන්නා අයගෙන් දාහක් හමාරක් ඇරුනාම අනිත් සියල්ලෝම දෙමළ ආදීහුදැ”යි කඩුක්කන්කාරයා ප්රහශ්න කෙළේය. “ ඔව්, සත්තකෙන්ම ඔව්. මේ කවි පංක්තියටත් වඩා ඒ ගැන දැනගත යුතු පොතක් කියන්නෙමි. 1911 හේ වර්ෂයේ දී සත් දත් ඩෙන්හැම මහතා විසින් ලියන ලද ජන ලේඛන වාර්තාවේ ලක්දිව ආගම සම්බන්ධ කොටසේ 200 වෙනි පිටේ පටන් කියවා ගෙන ගියොත් ක්රි්ස්තියානි ආගම කා විසින් පිළිගන්නා ලද්දක් දැයි තේරුම් ගත හැකිය. මුළාවකින්, දෙමවුපියන්ගේ මුළාවකින් ක්රිිස්තියානි වුණු සිංහලයන් ටික දෙනෙක් ද ඉන්නා බව බොරු නැතැ”යි කවිකාරයා කීය. “මුළා නොවී හොඳ සිහියෙන් ම ක්රිිස්තියානිය අදහන සිංහල‍යන් ඉන්නට බැරිද? “ඔව්. ඉන්නට බැරි කමක් නැහැ. නමුත් මුළා නොවූ සිංහලයෙක් ක්රිඔස්තියානිය අදහන බව මට නොවැටහේ. මක්නිසාද? මගේ මවුපියන් ක්රිඔස්තියානීහුයි. මම ද කුඩා කාලේ ක්රිොස්තියානි ය ඇදහුවෙමි. නමුත් හොඳ නරක දැනගෙන වැදගත් පොත පත කියවන්නට පටන් ගත්තාට පසු ක්රිදස්තියානිය ඇදහීමේ වැරැද්ද මට හොඳින් අවබෝධ වී ක්රිරස්තියානිවීම සිංහලයාට මහත් අවනම්බුවක් බව ද මට වැටහුනේය.” “එහෙම කියන ‍එක බොහොම වැරදියි. මහත්මයා මෝඩ වුණු පලියට හැබෑ ක්රිකස්තියානි කාරයෙක් කවදා වත් එය අත් නොහරී.” “සත්තකට ම ඒක නම් හරි-ක්රිවස්තියානි බයිබලය නොදන්නා- මනුෂ්යව ඥානය දියුණු වන පොත් පත් නො කිය වන - ස්වකීය ජාතියේ තොරතුරු නො දන්නා - ආත්ම ගෞරවය නැති සිංහලයෙක් සිටිතොත් ඔහු නම් කවදාවත් ක්රි-ස්තියානිය අත් අරින එකක් නැත. නමුත් - බයිබලය මුල සිට අග දක්වා දෙතුන් විඩයක් කියවූ උගත් අපක්ෂපාත පණ්ඩිත ජනයා විසින් ලියන ලද නොයෙක් පොත් පත් කියවූ සිංහල ජාතියේ තොරතුරු හොඳ හැටි දැන ගත්තා වූ ආත්ම ගෞරවය ඇත්තා වූ පිරිසිදු සිංහල ජාතියෙන් පැවැතෙන්නා වූ - කිසිම සිංහලයෙක් ස්වර්ගය දුටුවත් කවදාවත් ක්රිතස්තියානිය අදහන්නේ නැත.”

“ඒ ඇයි?” “ අපේ වාදය දික් වෙනවා. දැන් මේ පොල්ගහවෙලයි. ඒ නිසා ක්රිඒස්තියානි බයිබලයේ තිබෙන අශාස්ත්රීවය බොරුවත් අපේ කෛර්යානික බෞද්ධාගමේ ප්රිත්යයක්ෂ සත්ය්තාවයත් මම තමුසේට නො කියමි. ඒ දැනගන්නට සතුටු නම් කලින් දැනුම්දී ම ඉන්නා තැනට

478 ඉෂ්ට දෙවියා

එන්ට - නමුත් ආත්ම ගෞරවය ඇති සිංහලයෙකුට ක්රි ස්තියානිය අදහන්නට නො හැකි අන්ය තර කාරණයක් තමුසේට දැන් මම කියමි. මා කියන කාරණයේ වැදගත්කම - සිංහල ලේ නැති කෙනෙකුට නොවැටහේ. සංකීර්ණ - පහත් පාපතරයෙකුට මා කියන කාරණය බිහිරි අලියෙකුට වීණා ගෑමක් වැනිය” “ හොඳයි, මහත්මහා, ක්රියස්තියානි කාරයෙක්ව ඉපදිලාත් ඒ ආගම ඔය තරමට පිළිකුල් වූ කරුණු අපටත් දැන ගන්නා පිණිස එක විඩේ ම විස්තර කර කියන්ට.” “ ක්රි.ස්තියානිය මා ප්ර තින්ෂේප කළ කරුණු සියල්ල ම විස්තර කරතොත් ලොකු පොතක් නො ලියා නොහැකිය. නමුත් ප්රෂධාන වශයෙන් කරුණු තුනක් සලකාගෙන එය අත්හළෙමි. 1. ක්රි ස්තියානිය මනුෂ්යුඥානය ආවරණය කොට - මනුෂ්යතයා අඥාන දාස - වහලෙක් කරගෙන පූජකාදීන්ගේ සැප පහසු පිණිස පිළියෙල කරගත් මායාවකි. අපට ක්රි ස්තියානි පූජකයන් උගන්වන පළමු වැනිම ගුරුකම කුමක්ද? “ දෙවියන් වහන්සේට භයවීම ඥානයේ පටන් ගැන්ම”ය කියායි. මේ තරම් කපටි බොරුවක් මනුෂ්යාද ඥානය ඇතිකෙනෙකුටත් පිළිගත හැකිද? කුඩා දරුවෙකු‍ට බඩගිනි හෝ වෙන යම්කිසි ආපදාවක් ඇතිවූ විට ඔහු අඬන්නේය. ළමයා අඬන බැව් ඇසූ අඥාන මව් ළමයාට උවමනා දේ දී ඔහු සනසනු වෙනුවට “‍අඬන්න එපා- ඇඬුවොත් උඹව අල්ලගන් ට බිල්ලා එනවා - බිල්ලා උඹට ගෝනියේ ලාගෙන යයි” කියා ළමයා භය ගන්වා ඔහුගේ උමවනාව භයින් ආවරණය කොට ඇඬීම නවත්වයි. ළමයා භය වීම නිසා තමාගේ ශරීරයට අවශ්යම වූ ආහාර පවා එපා වී - ශරීර වේදනාව වැඩෙන්ට ඉඩ හැර භයින් පීඩිතව මවට කීකරු වේ. භයය කියන්නේ ඥා‍නයේ පටන් ගැන්ම නොව අඥානකමේ පටන් ගැන්ම වේ. ලෝකයේ පවත්නා පව්වලට නිධානය වන උත්පත්තිස්ථානය වන කරුණු සතරකි. එනම්: ජන්දය, ද්වේෂය. ශයය, මෝහය යනුයි. ඡන්දය කියනව අගතිය ආදී මේ සතර කාරණයෙන් මුළා වූ කෙතරම් පණ්ඩිතයෙකුට වත් - යුක්තික් ඉෂ්ට කරන්නට වත් - ඇත්ත ඇති හැටියට තේරුම් ගන්නටවත් වැරුද්ද මේ යයි අවබෝධ කර ගන්නට වත් කිසිසේත් නො පිළිවන. අඥානකමේ පටන් ගැන්ම භයවීමයි. භය වූ පුද්ගයාට කිසිම දෙයක් ඒ ප්ර කෘති ස්වභාවයෙන් නො දැනේ. නීති ශාස්ත්රභය කිසිම ආගමක් සම්බන්ධ නොවේ. නමුත් කිසිම ඥානවන්තයෙකුට උසස් නීති ශාස්ත්ර්ය බොරුවකැයි කිව නො හැකිය. ඔන්න බලමු -

පියදාස සිරිසේන නවකථා එකතුව 479

ඥානවන්තයාගේ ලක්ෂණ දශය - මහා පණ්ඩිතයන් විසින් කියා තිබෙන හැටි.

අක්රෝධමාරොග්යක ජිතෙන්රිා යත්වංි
දයා ක්ෂයමා සර්ව ජනප්රිනයත්වංන
නිර් ලොභි දතා භය ශොක මුක්තිර්
ඥානප්රොභෙදා දශ ලක්ෂතණානි.

ඥානවන්තයාගේ-ඥානයේ ප්රනභේද දසය මේ උතුම් පණ්ඩිත වක්යෙයෙන් පෙණේ. එනම් (1) අක්රොමධං - ක්රොයධ නොකිරීම, (2) ආරොග්යංට-නිරොගි බව, (3) ජිතෙන්රිඅක්රත්වංන - දිනන ලද (තමා වසඟයට පමුණුවා ගන්නා ලද) ඉන්ද්රියයයන් ඇති බව, (4) දයා - (පරහට) කරුණාව ඇතිබව, (5) ක්ෂමා - ක්ෂමාවාදී බව, (6) සර්වජන ප්රිමයත්වං - සියලු ජනයාට ප්රිාය බව, (7) නිර්ලෝභි - ‍ලෝභ නැති බව , (8) භය (මුක්තිර්) කිසිවෙකුටත් භය නැති බව (10) සොකමුක්තිර් - සෝක නැති බව - යන මේ දසහ ඥානයේ ලක්ෂණය නොවේ යයි කිය නො හැකි පණ්ඩිතයෙක් ඇත්තේම නැත. ඒ එසේ ද වුවත් ක්රි1ස්තියානි ආගමේ උගන්වන පළමු වැනි ශික්ෂාව නම් - භයවීම ඥානයේ පටන් ගැන්මය”කියාය. ඥානයේ පටන් ගැන් භය නැති වීම යයි පණ්ඩිතයන් කියද්දී - භය වීම ඥානයේ පටන් ගැන්මයයි කියන මේ දෘෂ්ටිය මනුෂ්යණයන් මුළා කොට භක්තියෙන් අන්ධ කරගෙන කිසිම ශාස්ත්රයයකට කිසිම පණ්ඩිත මතයකට නොගැලපෙන පහත් හීන ආගමක් අදහන්නට මිනිසුන් යොදවාගෙන තිබෙන බව පෙණේ. ඉතින් මිත්රයය, පළමුවෙන් ම දෙවියන්ට භයවීම ඥානයේ පටන් ගැන්ම යයි උගන්වන්නේ මන්ද ? දෙවියන් කෙරේ බලවත් භය භක්තිය ඇති වූ තැනැත්තාට ඒ දෙවියන්ගේ තත්ව ය - ඔහුගේ ඉගැන්වීමේ ඉරි වැරදි ඔහුගේ ආගමේ අශාස්ත්රී්ය බො‍රු ස්වභාව ධර්මයට විරුද්ධ බව නුවණින් කල්පනාකර බලන්නට ඉඩත් නොලැබේ. මක්නිසාද? දෙවියන් කෙරේ භයත් භක්තියත් තිබෙන තුරා ඒ දෙවියන් ගැන මොහොතකට වත් සැක කිරීමට භය හෙයිනි. කපටි පූජකවරු “ දෙවියන් කෙරේ භය” යන සූත්ර යෙන් බයිබලය නමැති අශාස්ත්රීයය ඉගැන්වීම පවත්වාගනු ලැබේ. මේ “දෙවියන් කෙරේ භය” යන අංග සූත්රරය වැරදි බව තේරුම් ගත් හැටියේ ඒ තේරුම් ගත් තැනැත්තාට මෙසේ කල්පනා වේ.

(1) මේ ලෝකය සදාකාලික නොවේ නම් - කලකදී යම් කෙනෙකු

480 ඉෂ්ට දෙවියා

විසින් මැව්වේ කුමටද? අනන්ත අප්ර මාණ කාලයක් නැතිව නිකම් තිබුණු තැනක අමුතුවෙන් ලෝක‍යක් මවා - එහි දුක ( සැප) විදින මිනිසුනුත් - නානාප්රුකාර සත්වයනුත්‍, ගස් වැල් ආදියත් මවා මේ අනන්ත අප්රදමාණ හිරිහැර දුක් කණගාටු ඇති කිරීමෙන් ඇති ප්රා යෝජනය කුමක්ද?

(02) මේ මැවුම්කාරයා - ලෝකය මවන්නට ඉස්සර ලෝකය නො තිබුනා නම් ඔහු හිටියේ කොහේද? (03) ලෝකයක ඔහු නොසිටියා නම් ලෝකය හැර වෙන මොකවත් තිබුනා ද - ඒ මොකක්ද? (04) බයිබලයේ හැටියට ලෝකය මවා තිබෙන්නේ ක්රිොස්තු වර්ෂයට අවුරුදු 4004 වෙනි වර්ෂයේහිය. එතකොට ලෝකය මවා පසුවී ගිතේ අවුරුදු 5929 කි. ඉතින් මේ කථාව බින්තැන්නේ වැද්දන්ටත් වඩා අඥානයන්ගේ මුග්ධ කථාවක් නොවේද? (05) රසායන විද්යා.ව සැබෑ නම් - ද්රදව්යඅයකින් ම අන්යහ ද්ර ව්ය(යක් තනනවා මිස ‍අද්රදව්යයයකින් ද්රතව්ය්යක් තනන්නට නොහැකි නොවේද? එසේ නම් මැවුම්කාරයා කෙතරම් දක්ෂයෙක් වුවත් - අද්ර‍ව්ය‍යකින් ද්රහව්යයයක් මවන්නට බැරි බව සත්යරයක් නොවේද? (06) මැවුම් කාරයාටත් ඇස්, කන්, නාසා, සිත ආදී අංග ප්රයත්යංමග තිබෙනවා නොවේද? ඒව තිබෙතොත් ශරීරයකුත් තිබෙනවා නොවේද? ශරීරයක් තිබෙතොත් වේදනාවකි තිබෙනවා නොවේද? වේදනාව ‍තිබෙතොත් දුක සැප තිබෙනවා නොවේද? දුක සැප තිබෙතොත් තෘෂ්ණාව ඇති කෙනෙක් නොවේද? එසේ නම් භය ලෝභාදියෙන් පීඩිතයෙක් නොවේද? එසේ නම් දැක් ලෝකයේ ඉන්නා අප වැනි කෙනෙක් නොවේද? (07) හොඳයි. අනන්ත අප්රපමාණ කාලයක් නිකම් හිටලා මීට අවු‍රුදු 5926 කට පෙර මැව් ලෝකයත් ශාස්ත්රඅයට එකඟ ලෙසවත් මැව්වාද? ලෝකයේ මවා තිබෙන්නේ හතරැස් පාත්තියක් වගේ කනු හතරක් උඩ නොවේද? පොළවට වඩා හතර දිනකට පසු සූර්යයා මවා තිබෙනවා නොවේද? ඉතින් දෙවෙනිදා තුනිවෙනිදා ගස්කොළන් මවා අඳුරෙන් වෙන් කිරීම කරන්නට හැකි ශාස්ත්රෙයට එකඟ කරුණුද? ඉර පොළො‍වට උඩින් ගමන් කරන්නට දෙවියන් මැව් නමුත් දැන් එසේ කරණ්වා ද? පොළව ධරාගෙන ඉන්නා කනු පිහිටුවා තිබෙන්නේ මොකක් උඩද?

පියදාස සිරිසේන නවකථා එකතුව 481

(8) දෙවියන්ටත් වඩා බලසම්පන්න සාතන්ව මැවීමේ ‍මැව්වේ කොයි කාලේද? සාතනූන් දෙවියන් මෙන් ලෝකයක් නැතුවාම හිටියේද? අපො? තෝජෝ, වයො, පඨවි - ආකාශ යන පංච මහා භූතයන්ට පෙර දෙවියන් හිටියා වාගේ සාතනුත් හිටියේද? (9) ක්රිුස්තියාසි ආගමට පෙර පැවති ආගම නොහොත් පොත පතක නැති එකම හොඳ වචනයත් ක්රිරස්තියානි ආගමේ තිබෙනවාද? (10) දෙවියන්ය කියා ක්රිසස්තියානි ආගමේ උගන්වන යොහෝවාට සමාන දෙවිවරුන් ක්රිිස්තුස්ට සමාන ගැලවුම් කාරයාට පමණක් ගරු කරන්නට යුතු මක්නිසාද? යොහෝවාඃ හා යේසුස්ටත් වඩා උසස් දෙවිවරුත් ගැලවුම් කාරයොත් පෙරදිග පරණ පොත්වල පෙණෙත්. යොහෝවඃ යේසුස් යන දෙදෙනා මිලෙච්ඡ පහත් ගලිල කියන රටේ මස් මරණ පිරිසක් තනා ගත් දෙවිවරු වෙති. මීට අවුරුදු දෙදහකටත් පසු ලෝකයෝ තොරතුරු වත් උසස් ධර්ම ශාස්ත්රිවත් නොදත් වනචර ගලිලයන් තනා ගත් දෙවිවරුන්ට ‍වඩා මීට අවුරුදු ලක්ෂයකට පෙරත් පටන් පවතින චතුර්වේදයේ පෙ‍ණෙන ගැලවුම්කාරයන් - ලෝකය මවන්නන් ගැන විශ්වාස කිරීම ප්රටයෝජනයක් නැතත් නම්බුවවත් හොඳ නැද්ද? යනාදිය කල්පනා කොට එක් ක්ර මයකින් මම ක්රිනස්තියානිය ප්රනතික්ෂප ‍කෙළෙමි.

(2) ‍දෙවැනි කාරණය නම් :- ඇස් ඉදිරිපිට ම ඔප්පු කළ නො හාකි ශාස්ත්රකයටත් විරුද්ධ වන - සියලුම දේ බො‍රු නිසා මම ක්රි ස්තියානි ප්ර2ති‍ක්ෂ කෙළෙමි. ක්රිරස්තියානි දෙවියා ගැනවත් ක්රිමස්තියානි ගැලවුම් කාරයා ගැනවත් - අපේ අසට ‍යම් කිසිවක් දැක්විය ‍හැකිද? ඒ ආගම ඇදහීමෙන් මෙලොවදීම යම් කිසිවෙකුට ඥානවන්තයෙක් ගුණවන්තයෙක් - බහුශ්රැඔතයෙක් - පින්වත් සුඛිත කෙනෙක් විය හැකිද? ඒ ක්රිගස්තියානි ආගම් පටන් ගැන්මේ සිට අන්තිම දක්වාම උගන්වන කිසිම ඉගැන්වීමක් උසස් ශාස්ත්රකයට එකඟඳ? සත්තකෙන් ම නැත. මනුෂ්යනයා අභූත දෙවියෙකුට භය ගන්වා මුළා කොට පූජකයන්ගේ වහල් භාවයේ ගිල්වාගෙන ඉන්නා බැවින් කිසිම යුක්තායුක්තියක් නොතේරී මේ පහත් දෘෂ්ටිය අදහන පිරිසක් සිටින බව පෙනේ.

භයට පත් වූ මනුෂ්යොයා තමාට වඩා ටිකක් බලසම්පන්නයෙක් කරණ කියන කෝක වුවත් කිරීම ධර්මතාවයකි. ලෝකයාට සත්ය්යත් නිදහසත් ප්රනකාශකොට වදාළ තථගත ශාක්යක මුනීන්ර්රණ යාණන් වහන්සේ

482 ඉෂ්ට දෙවියා

ඒ බව මෙසේ ප්ර කාශ ‍කොට වදාරා තිබේ.

“බහුං වෙ සරණං යන්ති පබ්බතානි වනානිච
ආරාම රුක්ඛ චෙත්යායනි - මනුස්සා භය තජ්ජිතා
නෙතං බො සරණං ඛෙමිං - නෙතං සරණං මුත්ත මං
නෙතං සරණ මාගම්ම - සබ්බ දුක්ඛා පමුච්චති”

මෙහි සංක්ෂේප තේරුම - “ භයින් ත්රංස්ත වූ මනුෂ්ය යා - ආරාම වල, රුක්වල, චෛත්යාවල (කුරුසිවල - දෙවියන්) ආදී වශයෙන් යන්නා වූ සරණ බොහෝය. නමුත් ඒ කිසිම සරණක් ක්ෂේම නොවේ. උත්තම ද නොවේ. ඒ භය කරණ කොට ගෙණ අද හන්නා වූ ඇදහීමෙන් සියලු දුක් නැතිකර ගත නො හැක්කේය.”

(ඒ හෙයින්)

“ යොච බුද්ධං ච ධම්මං ච සංඝං ච සරණං ගතො
චත්තාරී ආරිය සච්චානි - සම්ම පපඤ්ඤාය පස්සති
එතං ඛො සරණං ඛෙමං - ඒතං සරණ මුත්තමං
එතං සරණ මාගම්ම - සබ්බ දුක්ඛා පමුච්චති”

යම් කෙනක් බුද්ධ, ධම්ම, සංඝ යන උත්තම රත්න්රනයෙහි සරණ ගොස් චතුරාර්ය සත්ය්ය යහපත් ප්ර ඥාවෙන් දැන ගනී ද ( ඒ අයගේ) ඒ සරණය පමණක් ම ක්ෂේමය, උත්තමය, ඒ සරණ ගතිකයාම පමණක් සියලු දුක් කෙළවර ක‍රන්නේය” ය ප්ර කාශ කොට තිබේ. ඉතින් මේ උතුම් වූ කීම සැබෑ ද, බොරුද යන බව අපට අත්හදා බලන්නට බැරිකමක් නැත. බො‍රු නම් මේ කීම අත්හැර දැමීමටත් - හැබෑ නම් පිළිගැනීමටත් බුදුරජාණන් වහස්සේගෙන් නිදහස ද තිබේ. භයිනි ත්රපස්ද නොවී - නිර්භය වූ හොඳ නිදහස් සිහියෙන් යුක්තව කල්පනා කර බැලීමෙන් - සත්යීය ප්රේත්යූක්ෂ කර ගන්නට පුළුවන. ඉතින් පාපයේ, අධර්මයේ, අඥාන භාවයේ, බියගුළුකමේ ගැලිච්ච පහත් සත්වයයෙකුට මේ උතුම් සත්යේය ධර්මය තේරුම් ගන්නට බැරි බව පළමුකොට හිතට ගත යුතුයි. කල්පනා ඇති - ධාරණ ශක්තිය ඇති - නිරෝගී වූ සුවච කීකරු ශිෂ්යඋයෙකුට ම මිස සිහි විකල් වූ - කල්පනා රහිත - දුර්වල වූ අකීකරු වූ රෝගී වූ ළමයෙකුට උසස් ශිල්ප ශාස්ත්රල ඉගෙණ ගන්නට බැරි යම් සේද, එසේය, ඉතින් මිත්රලය, තථාගතයන් වහන්සේගේ ධර්මය ඒ අදහන පුද්ගලයාට ඉහාත්මයදී ම විපාක දෙන බවත් ක්රිමස්තියානි ආදී ආගම් මැරෙන තුරා ම හැබෑ බොරු බව නොතේරෙන ගුප්ත රහස්

පියදාස සිරිසේන නවකථා එකතුව 483

බවත් අපට දෙ වැනි දවල්ම පෙණී පෙණීත් - සත්යරය නො අදහා බොරුව ඇදහීම කෙතරම් අපරාධයන් ද? අයුත්තක් ද? බුද්ධාගම අදහන මනුෂ්යකයාගේ කය, වචනය, හිත යන ත්රියවාධද්වාරයම නිදහස් වූ පිරිසිදු වූ පැවතුම් ඇති වේ.

නිදහස් පිරිසිදු හිතත්, වචනයත්, ශරීරයත් ඇති තැනැත්තා නිරෝගී වේ නිශ්කලංක වේ - නිරපරාදී වේ - නිවහල් වේ - නිර්භය වේ - සුඛිත වේ - ප්රිඉය මනාප දැකුම් ඇත්තේ වේ. ඒ හෙයින් ම දෙවියන්ට සමාන සැප ඇතියෙක් ද වේ. ක්රි-ස්තියානිය අදහන මිනිහාගේ හිත කය වචනය පිළිබඳ යටපත් අපිරිසිදු පැවැතුම් ඇති වේ. මක්නිසා ද ක්රිහස්තියානි මඟින් නිදහස් හිත පළමුවෙන් බියගුළු බවට අඥාන බවට පමුණුවනු ලබයි. විකෘතියට පැමිණි හිත ඇති තැනැත්තා කියන වචනත් අර්ථණ සූන්ය. බො‍රු හෝ ප්රතලාප වෙති. අඥාන අපිරිසිදු බියගුළු හිතක් ඇති අනර්ථදායක මැවීමක් සදාකාලික ආත්මයත් - ගැන කථා කරණ ඒ පුද්ගලයා මැවීමක් සදාකාලික ආත්මයත් - ගැන කථා කරණ ඒ පුද්ගලයා සතුන් මැරීම මත්පැන් බීම ඒ නිසා ම ඇතිවන අධික කාම තෘෂ්ණාව ආදියෙන් පීඩිතව, ඉක්බිති හිත, වචන, කය, යන ද්වාරත්රණරෙයන් ම. රෝගී වූ, කලංක වූ, සාපරාධී වූ, වහල් වූ, බියපත් වූ. කෙනෙක් වේ. එහෙයින් ම, දුක්ඛිත වූ, අප්රි ය වූ, අපමනාප දැකුම් ඇති අල්පශ්රැේත අල්පෙශාක්යී අඥානයෙක් වේ.

මනුෂ්යරයාගේ අධ්යාපත්මික තොරතුරු නොදන්නා විට ඔහුට බලවත් මමත්වයක් ශාස්තන හැඟීමක් ඇති වේ. ඉතින් ඒ ෂඩේන්රිට යන් පිණවී‍මේ වාලෙක වූ හෙතෙම ලෝකයේ ඇති තාක් නිසරු සැප සොයන්නෙක් වේ. එවිට කාමයෙන් පීඩිත වූ - මෝහයෙන් මුළා වූ තිරිසනෙක් සමාන වේ. සත්ය ය සත්යව වූ පරිද්දෙන් නොවැටහුණු තැනැත්තා කරන්නේ කුමක් ද කියා තමා වත් නො දත් බැවින් ඔහුගේ ආත්මය ව්ය්ර්ථ කර ගන්නේය. අභ්යවන්තර ගතව මනුෂ්යආයෙකු තුළ ඇති විය යුතු උතුම් ගුණය නිසා ලැබෙන ප්රයයෝජනය පරලොවදී පමණක් නොවේ මෙලොවදී ද උදාර ශුභ ඵල ලැබේ. නමුත් ධර්මය නො දත් ඒ ධර්මය පුරුදු නො කළ කෙනෙකුට උසස් ශාස්ත්රේ ඉගෙන ගත්තත් උත්ම් ප්රධතිපත්තියෙන් මේ ලොවදී ප්රසයෝජන ලැබෙන බවත් නො වැට‍හේ. ඒ එසේමයි. ඇස් කන් දිව ආදී වූ අනික් ඉන්ද්රයයයන් තිබුනත් ඝ්රාැනෙන්ද්රිරය තැන්තෙකුට දුගඳ සුගඳ නො දැනෙන්නාක් මෙනි.

ශාස්ත්ර්ය - උසස් ශාස්ත්රගය හා ශිල්පය මනුෂ්යඉයන් මෙලොව උසස් බවට පමුණුවයි. මිනිසුන්ගේ උසස් බව - ශිල්ප ශාස්ත්ර ය දැනීමෙන් ඇති

484 ඉෂ්ට දෙවියා

කර ගන්නා උසස් බව බාහිර දියුණුවට අත්ය න්තොපකාරී වන්නේ යම්සේ ද, ධර්මයෙහි හැසිරීමෙන් අභ්යින්තර ගතව ඇතිවන පිරිසිදු භාවය තමාත් තමාගෙන් ඇතිවන පුත්ර දුහිතෘනුත් උසස් බවට පැමිණ වීමට අනුමාන රහිතව ආධාර වන්නේය. මා මේ කියන ගැඹුරු ධර්ම කථා අන්ධ බාලයන්ට නො වැටහෙන්නට පුළුවන. ඒ නිසා උදාහරණයක් දක්වමි.

අපේ ම රටේ ලෝක ප්රයසිද්ධ අධි නීතීඥවරයෙක් සිටියේය. ඔහු ඉතාමත් හොඳින් ශාස්ත්රවය උගතෙකි. එහෙත් ධර්මය නොදත් ධර්මයෙන් පරිබාහිරව මිථ්යා වාදී අධමයෙක් විය. ඉතින් සකල සැපතින් ආඨ්ය ව සිටි ඔහුගේ පරම්පරාවක් තැබීමට තරම් දරුවෙක් ඉතුරු නොවී උපන් පුත්ර යන් සියලු දෙනා ම අධම පිසලෝ ලෙස සිට ලපටි වියෙහිදී මළාහ. එබඳු නිදර්ශන තව බොහෝ දැක්විය හැකිය. එසේ ද වුවත් උදාහරණය ඔය තරමින් නවත්වා තව ටිකක් දුර ධර්මවාදී භාවටය් මෙලොව විපාක විස්තර කරමි. නොයෙක් ශිල්ප ශාස්ත්රධ ඉගෙන ප්රෙසිද්ධ දනවත් බවට පැමිණියන්ගේ දරුවන් ඒ තරම් කීර්තිමත් ශාස්ත්රවඥ බවටත්, පියාගෙන් ලැබුණු විශාල ධනය රැක ගැනීමට හෝ ඒ ලැබුණු ධනයේ ආධාරයෙන් අධිකතර ධනයක් ඉපදවීමටත් ශක්තිමත් විය යුතුය. නමුත් එබඳු දරුවන් දැකීමට ලැබෙන්නේ ඉතාමත් කලාතුරකිනි. එසේ වීමට හේතුව කවරේද?

ධර්මවාදී භාවයෙන් තොර වූ ශාස්ත්රටඥයා ධනවතෙක් වූ පසු පාප මිත්රා සේවනයෙහි යෙදී බොහෝ විට බලවත් පව් කර තිබේ. එසේ අපරාධ පාප ක්රියයා කරන්නාට දරු බවට පැමිණෙන්නෝ සතර අපායෙන් චුතවන පව්කාර සත්වයෝය. ඒ සත්වවයන් උපන් පසු පින් අඩුකම නිසා ඥානය ආදී මනුෂ්යහයාගේ උසස් ගුණ හීන වන බැවින් පියාමෙන් ශාස්ත්රුවන්ත බවට පැමිණෙවන්නට තබා පියා විසින් සපයා තැබූ ධනය නිසි ලෙස ආරක්ෂා කර ගන්නටවත් අසමර්ථව ඔහුගෙන් ම මුළු ධනස්කන්ධය ඉවර කොට ඉතාමත් පහත් බවට පැමිණෙත්.

අප ‍රටෙත් අන්යන රටවලත් මෙබඳු පවල් දහස් ගණනක් අත දිගු කොට පෙන්විය හැකිය. ඉතින් උසස් ශාස්ත්ර ඥ වූ ධනවත් මිනිහෙකුගේ දරුවෙක් ‍අඥාන අධම අසමර්ථයෙක් වීමට කවරක් හේතුවීද? ඒ උසස් ශාස්ත්රවඥයාගේ අයුතු අධර්මවාදී හැසීරීම නිසා පහත් පව්කාරයෙක් දරු වෙන බැවිනි. ඉතින් මෙහිදී සැලකිය යුක්තක් ද තිබේ. බෞද්ධ නොවන ගේවල ධාරණ ශක්ත්යෙන් යුත් රූප සම්පන්න ගුණ නුවණින් යුත් දරුවෝ නූපදීත් ද යනු ප්රතශ්නයකි. ඇත්තෙන් ම බෞද්ධ නූනාට

පියදාස සිරිසේන නවකථා එකතුව 485

ධර්ම වාදී ආචාර සම්පන්න් භාවය ඇති කර ගත නො හැකි නොවේ. කිසිම ආගමක් නො අදහන ශාස්ත්රනඥ‍යෝ සිටිත්. ඔවුන්ගෙන් බොහෝ දෙනා ශාස්ත්රා නුසාරයෙන් සුචරිත සම්පන්නව වාසය කරති. එබඳු අයවලුන්ගේ දූ දරුවෝ සතර අපායෙන් චුත වන්නෝ නොව කාමාවචර කුසල සිතින් ප්රවතිසන්ධිය ගන්නා පින් වන්තෝය. පියාගෙන් දරුවාට උරුම විය යුතු ප්රවධාන දෙය ධනය කුලය නොව උසස් සුචරිතාදී ගුණයයි. ඒ සුචරිතවත් ගුණවත් මව්පියන් නිසා සුචරිතවාදී පින්වත් සත්වයෝ ම පමණක් දරු බවට පැමිණෙති. ධනයත් පුණ්ය විපාකයක් නොවේ දැයි මෙහි දී තවත් ප්රතශ්නයක් ඇති වේ. ඇත්තෙන් ම ධනය පමණක් නොව රූපය කුලය පරිවාර සම්පත්තිය ආදී සියල්ල ම කුසල විපාකමයි. එහෙත් ඒ සියල්ලට ම ‍වඩා ගුණ නුවණ‍‍ ශ්රේවෂ්ඨ වේ. ගුණ නුවණ ඇතියන්ට ම ගුන නුවණ ඇතියන් දරු වීම ශාරීරික ධර්ම‍ විද්යා‍වට පමණක් ‍නොව මානසික ධර්මග විද්යාරවට ද අතිශයින් ම එකඟ වූ ධර්මතාවයකි.

ඉතින් මේ ධර්මය ආදිය දැනගත් කෙනෙකුට සාන්ත දෘෂ්ටික විපාක බුද්ධ ධර්මයෙන් ම මිස අන්ය් ආගමකින් නො ලැබෙන බව පෙනේ. අවංකව පුරුදු කිරීමෙන් ආගම්වලින් සත්යම බව ඥානවන්තයෙකුට තේරුම් ගත හැකි එකම ආගම බෞද්ධාගම පමණිකි. මක්නිසා ද උසස් ශාස්ත්රාඑනුසාරයෙන් පරීක්ෂාකර බලන්නට පුළුවන් ඒ උතුම් ආගම පමණක් හෙයිනි. ක්රිෙස්තියානිය කියන මිලෙච්ඡ දෘෂ්ටිකයාගේ සියලුම උස් පහත් ගති දෙවියන්ගේ කැමැත්ත හැටියට සිදුවීමකි. ඔහුගේ යුතුකම් දෙවියාට භයවීම පමණකැයි කියන හෙයින් ඔහුගේ අභ්යීන්තර ලෝභ, ද්වේෂ, මෝහාදියෙන් හරිතව කුණුවී පවතී. නමින් ක්රි්ස්තියානි වූවත් දෙවියන්ට භය නොවී පූජකයන්ගේ වහල් මෙහෙය නො කරණ ශාස්ත්ර්වන්තයෝ එමට සිටිත්. එබඳු අයගෙන් ඇතැම් කෙනෙක් කල්යාණ මිත්රිසේවනය නිසාත් ඇත‍ැම් කෙනෙක් බාහිර අභ්යලන්තර පාරිශුද්ධිය නිසාත් යහපත් ප්රෙතිපත්ති ඇතුව හැසිරෙති. ඔවුන්ට ද මෙලොව දී ම නො අනුමානව ඉෂ්ට විපාක ලැබේ. ප්රිතිපත්තිය විපාක දායකය - හේතුව නිසා ඵලයකුත් ඵලය නිසා හේතුවකුත් ඇතැයි සලකන්නා ද එක් ක්රිමයක සම්යොයක් දෘෂ්ටිකයෙකි. ඉතින් සම්යියක්දෘෂ්ටි සංඛ්යාාත විභජ්ජවාදය අත් හැර ක්රිිස්තියානිය ඇදහිම මනුෂ්යය මොළය ඇති යෙකුට කවදාවත් පිළිවන් නොවේ.

තුන් වැනි කාරණය ඉතාමත් ම වැදගත්ය. ආත්ම ගෞරවය ඇති එකම සිංහලයෙකුට ක්රිකස්තියානි ආගම ඇදහිය නොහැකි මක්නිසාද?

486 ඉෂ්ට දෙවියා

(1) ක්රි ස්තුන් වහස්නේ නමැති ගැලවුම් කාරයාත් එතුමාගේ ‍ගෝල පිරිනත් සැමිටික් ( මිලේච්ඡ) ගෝත්රවයේ මිනිසුන්ය. ඔවුන් මංමුලාව ඇවිදින කුඩා ජාතියක් ව සිටියේය. එසේ සිට ජෙහෝවා නම් ඔවුන්ගේ ජාතික දෙවියකු සම්බන්ධව ලියන ලද අශාස්ත්රීඡය කථා ප්රනලාපය වූ බයිබලය ඔවුන් ම වැනි මිලෙච්ඡ ජාතීන්ට මිස සිංහලයක් වැනි උසස් ආය්ය්ුන් ගෝත්ර ජ මිනිසුන්ට ප්රජයෝජන ගත හැක්කක් නොවේ. දැන් අප රටේ ඉන්නා සක්කිල් ආදී පහත් මිනිහෙකුගේ පිහිටාධාරයක් උසස් දියුණුවකට පත් මනුෂ්යපයන්ට කොයි අන්දමින් වත් ලබා ගත හැකිද? වඩු‍රාළ කෙනෙකුගේ පුතෙක් වන ක්රි ස්තුතුමා අශික්ෂිත මස් වැද්දන් කීප දෙනෙකු ගෝලකමට තබා ගෙන දේශනා කළ ආගම වනචර කාලයේ යුරෝපීය මුල් බැස ගත් පසු යුරෝපීය මිනිස්සු බාහිර ශිල්ප ශාස්ත්ර්වලින් දියුණු වූහ. ඉන්පසු ඔවුහු ඒ ආගම් ඇඳකුද පිළිවන් තරම් හරි ගස්සා තවත් හොඳ ‍දේත් එකතු කරගෙණ ලෝකයේ ප්රිකට කොට හැරිය නමුත් මුල් ක්රිේස්තියානිය දෙස බලනමිට ක්රිපස්තියානිය වැනි දෘෂ්ටියක් ආර්ය ගෝත්ර ජ මනුෂ්යේයන්ට කිසි සේත් තරම් නොවේ. යුරෝපයේ ක්රිකස්තියානි ආගම වේලා පහින් මුල් බස්වා නොගත්තා නම් ඔවුන් අද පැමිණ සිටින ශිල්ප ශාස්ත්ර අතේ දියුණුව මීට අවුරුදු දෙතුක් පියයටත් ප්රමථම පැමිණෙනු නියතය. ක්රිටස්තියානි ශිල්පයටත් ශාස්ත්රයයටත් අතිශයින්ම විරුද්ධ වූ පුහු දේව රහස් පිට ගොඩනගන ලද ලාමක බොරුවකි. නමුත් ජාතික ආගමක් වශයෙන් වන චර ‍කාලේ යුරෝපීය රටවල මුල් බැස බල සම්පන්නව තිබුණු බැවින් දැන් යුරෝපයෙන් ඉවත් කිරීමට හෙවත් යුරෝපයෙන් නැතිවී යාමට අඩු ගණනේ අවුරුදු 50 ක් 60 ක් වත් ගතවනු ඒකාන්තය. අපේ රටවල උසස් ශිල්ප ශාස්ත්රුය පිරිහුණු පසු මෙහාට ගෙනෙන ලද බැවින් අඥාන පහත් ජනයාත් අනාර්ය පැවතුම් ඇති සංකීර්ණ ජනයාත් මේ ආගමට බැස ගත්හ. නමුත් මට මගේ උසස් සිංහල ලේ තිබියදීමේ අශාස්ත්රී යි මිලෙච්ඡ ආගම අදහන්නට කොයි අනදමකින් වත් නොපිළිවන.

(2) ක්රි ස්තුන් වහන්සේ නමැති ගැලවුම් කාරයා උපන්නේ අපේ දුටුගැමුණු මහරජාණන්ගේ මුනුපුරු වූ භාතිය තිස්ස මහ රජතුමා රුවන් මැලි චෛත්යැට අසදෘශ පුෂ්ප පූජාවත් ජල පූජාවත් කරණ දවස්වලය. අඩි 900 ක් පමණ වට ප්ර මාණය ඇති 120 රියනක් පමණ උස ඇති රුවන්මැලි මහා චෛත්යට රාජා සම්පූර්ණයෙන් වැසෙන්ට අඟලක් ගණකම් සුදු හඳුන් කල්කයක් ගාන ලදී. ටොන් ගණනක් බර වූ මේ සුදු හඳුන් යන්ත්රකයෙන් අඹරණ ලද බව සැලකිය යුතුයි. ඉතා සිනිදු

පියදාස සිරිසේන නවකථා එකතුව 487

වූ සඳුන් කුඩු පිනිදියෙන් අනා මේ විශාල චෛත්යිය වැසෙන්නට අඟලක් ගණකමට ඒ සදුන් බදාමය ආලේප දොට ඉක්බිති සමන් පිච්ච මල් ගසා එකම මල් වඩමක් කොට යන්ත්රා ධාරයෙන් 120 රියනක් උඩට නගන ලද තිසාවැවේ ජලයෙන් සිහින් ජල බින්දු පූජාවක් සත් දිනක් මුළුල්ලේ පවත්වන ලදී. භාතිය තිස්ස මහ රජතුමා මේ පූජාව කරණ කාලේ ලක්දිව තත්වය තේරුම් ගැණීමට මොලේ ඇති කාටත් පිළිවන. එබඳු දියුණුවට පත් මනුෂ්යතයන් සිටි කාලයේ ගලීල නම් මිලෙච්ඡ රටේ අසරණ වඩු පවුලක ඉපිද කිසිම ශිල්ප ශාස්ත්රටයක් නො ඉගෙන සිටි ක්රිසස්තුන් නමැති අහිංසක දුප්පත් මනුෂ්යශයා යන එන මං නැතිව සිටි අන්තිමේදී දැන් අපේ රටේ ඇතැම් කෛරාටික මිනිසුන් දෙව්වරම් ලැබුවාය. දෙවි කෙනෙක් ආරූඪ වුනාය කියා බොරු පේන කියමින් නූගත් මහජනයා මුළා කරන්නාක් මෙන් මේ ක්රිටස්තුස් නමැති අයද තමා දේව පුත්රුයෙක් බව කියමින් නූගත් මස් මරන්නන් කීපදෙනෙකු හා එක්ව කලබලයක් කර තිබේ. ඉතින් එවකට ඒ රටේ වුන් යුදෙව් පූජකයන් රටේ රජුට දන්වා මේ කලබල කාරයා අල්වා මරාද තිබේ. මෙසේ ක්රිජස්තුස් වහන්සේගේ පිරිස ඔහු මළ වුන්ගෙන් නැගිටුණු බැව් රටේ ප්රේසිද්ධ කොට නූගත් මිනිසුන් ‍ගෙන් ගරු බුහුමන් ලාභ ප්රබයෝජය ලබන පිණිස තනා ගත් මේ අශාස්ත්රීතය ආගම එවකට අශික්ෂි තව පැවති යු‍රෝපයට ගිය පසු ක්රතමයෙන් දියුණු වූ යුරෝපීය ජනයා ඒ ක්රි ස්තියානි ආගමේ පැවති පහත් චාරිත්රේ හා පූජා විධිත් නැති කොට එක්තරා පිළිවෙළකට තනා ගත් බව පෙනේ. මින්පසු ක්රි ස්තියානි ආගම වඩා ඔවුන්ට රුචි නොවෙතත් එහි නියුක්තව සිටි දහස් ගණන් පූජකයන්ගේ ප්රියෝජනය තකා දැන් එය පවත්වන බව පෙනේ. මේ පූජකයන්ගේ වසඟයට පැමිණි කිසිම හේතුවත් යුක්තියක් නොතකා යමෙකුට යම් කිසිවෙකුගේ කර්ම විපාකයක් වෙනස්කළ හැකැයි මුළාවෙන් කල්පනාකොට තමා අනුන්ට වාල්ව තමාගේ තත්ව්ය කිසි ආකාරයකින් අවබෝධකර නොගෙණ අපටත් වඩා පහත් පැවතුම් ඇති කාමුක පූජකයෙකුගේ කපටි කියුම් වලට රැවටී - මීට අවුරුදු දහස්ගණනකට ඉස්සර පෝරකයක ඇන ගසා මරණු ලැබූ දුප්පත් මනුෂ්‍නකයකුගෙන් ගැලවීමක් ලැබේයයි බලාපොරොත්තුවීම මනුෂය නාමයට - මනුෂ්යර ගතියට කරණ බලවත් නින්දාවක් නිසා මම ක්රිුස්තියානිය අත්හළෙමි.

(3)සිංහල ජාතියේ අපන් අපට කොයි විධියකින්වත් අන්යකයෙකුගේ ගැලවීමක් බලාපොරොත්තු විය නොහැකිය. මක්නිසාද? ආය්ය්ගේ්

488 ඉෂ්ට දෙවියා

ගෝත්රදයේ මනුෂ්ය යන්ට අන්ය යන්ගෙන් රැකෙන්ටත් - අන්ය යන්ට දාසවන්ටත් අන්යේයන්ගේ පිහිටාධාරයකින් ජීවත්වන්නට හෝ ගැලවෙන්නන්ටවත් බැරි හෙයිනි. කේසර සිංහයා කුසගින්නේ මිය ගියත් තෘණ පත්රන නුබුදියි. මක්නිසාද ස්වභාව ධර්මයෙන්ම ඒ සත්වවර්ගයාට තෘණ පත්රප නුබුදියි. මක්නිසාද ස්වභාව ධර්මයෙන්ම ඒ සත්වවර්ගයාට තෘණ පත්රප වැනි නිසරු ආහාරයක් තරම් නොවන හෙයිනි. ආර්ය ‍ගෝත්රතයේ උපන් මනුෂ්යියාද - ආත්ම ශක්තිය - ආත්ම ගෞරවය - ආත්ම බලය ඇති තමාගේ කටයුතු සියල්ලක් තමා විසින්ම කර ගත යුතු සෛවරී මනුෂ්යම වර්ගයකි. අනුන්ගෙන් යටත් පහත්ව දාස ලීලාවෙන් යමක් ඉල්ලීම අනුන්ගේ ටොකු කකාවත් ජීවත්වීම - අනුන්ගේ නින්දා අවනම්බු විඳලාවත් වාසය කිරීම ආර්ය ගොත්රතජ මනුෂ්යලයන්ට පිළිකුල්ය. ස්වශක්තියෙන්ම යමක් කරගන්නට බැරි තැනැත්තා ඉතා හීන පහත් අහේතුන අකුසල් වන්තයෙක් ලෙස ප්රිතිසන්ධිය ගත් මනුෂ්යහ සත්වයෙකි. තිරිසනුනු අතර මෙන්ම මනුෂ්යමයා හා දෙවියන් අතරද අල්පෙශාක්යත මහෙශාක්යස කියා දෙවර්ගයක් සිටිති. මනුෂ්ය්යයන් අතර ආර්ය ගොත්රයයෙහි උපද්න්නෝ මහෙශාක්ය්යෝය. මිලෙච්ඡ ගොත්රයයෙහි උපදින්නෝ ‍අල්පෙශාක්යායෝය. ඔය සාමාන්ය විධියයි. නමුත් අනියම් වශයෙන් ආර්ය ගොත්රායෙහි ඉතා දුරුලභ වශයෙන් මහෙශාක්යගයෝත් උපදිත්. දොඩම් ඇටවලින් දෙහි ගස් හා දෙහි ඇටවලින් දොඩම් ගස් ඇතිවන්නාක් වැනි දුර්ලභ සිද්ධියකි. ඉතින් ආර්ය ගොත්රහජ සිංහලයා තමාගේ පැවැත්මත් තමාගේ දියුණුවත් - තමාගේ ගැලවීමත් තමා විසින්ම ඇතිකර ගතයුතුයි. අන්යකයෙකුට යාචඥ‍ාකේට ඔහු ගේ සහායයෙන් පැවැත්මත් දියුණුවත් පිළිකුල් කටයුතු යම් සේද, අන්ය යෙකුගේ සහායෙන් ඔහුට යාච්ඥාකොට ප‍රලොව ගැලවීම ලබාගැනීමත් එබදුම පහත් නීච වහල් ගතියකි. පහත්වූ චිත්ත චෛතසිකයන් ඇති විලෙච්ඡ ජාතිකයාට අනුන්ට වහල්ව දාසව ඉන්ටත් පිළිවන. අනුන්ගේ නින්දිත අපහාස ‍‍ඉවසමින් ශ‍රීරය පිණවා ගන්නටත් පිළිවන. එසේම අනුන්ගේ සහායයෙන්ම ගැලවීම බලාපොරොත්තු වන්ටද පිළිවන. මක්නිසාද තමාගේ සිතේම ස්වාමිත්වයක් නැති නිසා තමා සම්බන්ධ තත්වය තමාටම දැන ගැනීමට ඥාන ශක්තියක් නැති දාස භාවයේ පිහිටි මිලෙච්ඡයා ස්වයං ශක්තිය කිසිම දෙයක ඇතැයි පිළිගන්නේ නැත. තමාට තේරුම් ගත නොහැකි විශාල කාරණයේදී දේව රහස්ය කියා සතුටු වෙයි.

පුටුවක් වඩ‍ුවෙකු විසින් නොසාදා ඉබේ නොසැදේ. වඩුවා

පියදාස සිරිසේන නවකථා එකතුව 489

දෙවියෙකු විසින් නොමවා ඉ‍බේ නොසෑදේ! දෙවියා සර්වබලධාරියෙක් කියා මුළු ලෝකයේ අනන්ත අප්රවමාණ කරුණු වචන තුනකින් කෙළෙවර කරයි. මක්නිසාද? තමාගේ පහත් චිත්තයට ඊට වඩා සියුම් වූ කිසිවක් කල්පනා කරන්ට බැරි නිසාය. “ලෝකය ‍දෙවියන් විසින් මවන ලදී” යයි කීවාම ලෝකයයි කියා සිතුවේ කුමක්ද? අනන්ත වූ අචින්ත්යිවූ අප්රවමෙය්යිවූ අවකාශ ධාතුවම ලෝකය බවත් එය කවදාවත්පටන් ගන්නේවත් කෙළවර වන්නේවත් නැති අද්රබව්යද වූ නාම මාත්රවයක් බවත් සිතාගන්ට උසස් ධර්ම ශාස්ත්ර් නොහසළ කෙනෙකුට වූවාත් යටහත් වහල් සිත නැත්නම් පිලිවන. මක්නිසාද, ස්වයං ශක්තිය තමා තුළ පවත්නා බැවිනි. ස්වභාව ධර්මයන්ට තමාටත් වඩා ස්වයංශක්ති බලයක් පවත්නා බව සලකා ගන්ට පිළිවන් හෙයිනි. ස්වයං ශක්තිය නැති වහල් චෛතසික ධර්මයන් ගෙන් පරිපූර්ණ තැනැත්තා කොයි දේත් තමාට වඩා ඉහළ - තමාට පෙණෙන හෝ නොපෙණෙන කෙනෙකු විසින්ම කරණ ලද්දේයයි සලකයිද? රූප, ශබ්ද, ගන්ධ, රස ස්පර්ශ යන පංච ගුණයෙන් යුත් යම්කිසි දෙවියෙක් ලෝකය මැවී නම් ඔහු ඒ ලෝකය මවන්නට පෙර සිටියේ කොයි ලෝකයේ දැයි ඇසිමට වහල් යටහත් හිතක් ඇත්තාට බැරිය. මක්නිසාද, තමාට එසේ ඇසීමට තරම් සෛවරී නිර්භීත හිතක් නැති බැවිනි. සිංහලයා ශාක්යම වංශයට මිශ්ර මනුෂ්ය් වර්ගයකි. අවුරුදු සියක්කෝටි කෝටි ප්‍ වකෝටියකටත් අධික කාලයක පටන් ලෝකය සම්බන්ධව නානා මත පවත්නා අතර මේ උසස් ශාක්ය වංශයේ උපන් අංගිරස සිඬාර්ථ ගෞතම රාජ කුමාරයාණන් වහන්සේ අනන්ත අප්රකමාණ කාලයක් සංසාරයේදී කරණලද මහත් පුණ්යසකර්මයන්ගේ පුණ්ය බලය නිසා ඇතිවූ උදාර ප්ර ඥා බලයෙන් ප්ර තිත්යෝ සමුත්පන්න ධර්මයන් යොනිසො මනසිකාරයෙන් අවබෝධ‍කොට ඉක්බිති සකල ක්ලේශයෙන් නසා සියල්ල දන්නා නුවණ ලැබ - ඉන්පසු ලෝක සත්වයාට සත්යසවූ ස්වභාව ධර්මය මේයයි විස්තර කොට පෙන්වා වදාළේය.

මේ උත්තමයන් වහන්සේ උපදින්ට පෙරත් පසුත් ලෝකයේ උපන් තරමක් සියලු ආගම් කර්තෘවරු අවිද්යාෙව දුරුනොකළ අසර්වඥ කෙලෙස් හරිත පණ්ඩිතයන් නිසා තමන්ට නොපෙණෙන ලෝකය ගැන මුළාවී මැවුම්කාරයෙක් ගැන කථා කර තිබේ. මැවුම්කාරයෙක් කවදා කවර කාරණයක් නිසා මේ කරදර ලෝකය මැව්වේද? එසේ ලෝකය මවන්ට පෙර ලෝකයත් නොතිබුනා නම් ඔහු සිටියේ කොහේ ද? කොහොමද? ඔහුගේ ප‍ටන් ගැන්මක් නැත්නම් අතරකදී

490 ඉෂ්ට දෙවියා

(ඉතා මෑතකදී) ලෝකයක් මවන්ට ඔහුට ආරාධනා කළේ කවුද? මේ ආදී කිසිම යුක්තියක් නොතකා ස්වභාව ධර්මයට විරුද්ධව මේ බොරු කථාව - තමාට වඩා ඉහළින් කෙනෙක් නොපෙණෙන කෙනෙක් - අද්භූත කෙනෙක් ඉන්ට ඕනෑ කරණ බව වහල් සිත් ඇතියන්ට පිළිගන්ට පිළිවන. ධාතූන් සම්බන්ද සියුම් ශාස්ර්සිත ක්රළම උගත් හැබෑ පණ්ඩිතයෙකුට මේ මැවීමේ කථාව තරම් අමන කථාවක් ඇත්තේම නැත. සිංහල වර්ගයා - නිවහල් සෛවරී චිත්ත චෛතසිකයන්ගෙන් යුත් මනුෂ්ය. කොටසක් හෙයින් ඔවුන්ට මේ අද්භූත ‍ලෝකයේ ප්රෂධානකම් යම්කිසි ඇතුළ නාම මාත්රසයකට පැවරිය නොහැක. ‍ලෝකයත් ලෝකයේ සප්රාාණික අප්රාළණික සියල්ලත් ස්වභාව ධර්මයට අනුව ප්ර්වර්තනය වෙති. සප්රාරණික සත්ව ප්රසවර්තනය වෙති. මේ ලෝක ස්වභාවය ඉක්මවීමට කරන ලද දෘඪ වීර්යය ඇති උත්තමයන්ගෙන් එක නමක් අනන්ත අප්රයමාණ කාලයකින් උපදී. ඒ උපද්න තථාගත සම්මා සම්බුද්ධයන් වහන්සේ නමක් සම්මුඛවූ විට ‍හෝ උන්වහන්සේ දේශනා කළ සකල ශාස්ත්ර යට හා ස්වාභාව ධර්මයට අතිශයින් එකඟ වූ ධර්මය අවබෝධ කරගන්නා වීර්ය ප්රේඥා දෙකෙන් යුත් සත්වයන් සසරින් හෙවත් මේ ලෝක කුහරෙන් වෙන්වෙති. ඉතින් මේ දුක් ගොඩෙන් ඉවත්වීම ගැන ආගයක් නැති ඒ සසර දුක සැපතක් ලෙස දැඩිකොට ගත් අන්යග ආගම්කාරයන් හා ඔවුන්ගේ ශාස්තෘවරුන් කියන අමෘතයක් හා සමාන වෙති. එහෙත් සිංහල ජාතිය එබඳු මනුෂ්යන කොටසක් නොවේ. මෑත කාලයේ ඇතැම් කෙනෙක් සංකීර්ණවීමෙනුත් ඇතැම් කෙනෙක් මෙලෝ වශයෙන් යම්කිසි ලාභ ගරු සත්කාරාදියට ගිජුවීමෙන් ඒ චෛතසික වහල් භාවය ඇති කරගෙන තිබෙතත් අවුරුදු දෙ‍දාහකට අඩු නොවන කාලයක් සිංහල ජාතිය නිවහල් ‍සෛවරී චෛතසික බලයෙන් යුක්තවූහ. ඒ කාලයේ නම් සත්යයය සත්යඒ ලෙසම තේරුම් ගත්හ. නිලයක් තලයක් නිසා හෝ කඩුපහර නිසා එකත් දෙකත් පහයයි කියන්ට සිංහලයේ සතුටු නොවූහ. නමුත් පංචකාමයට හෝ අඥාන භාවයට යටත්වූ සමහරු දැන්නම් යම් කිසි ප්ර.යෝජනයක් ලැබෙන විට එකත් දෙකත් දහ අටය කියන්ට පවා අසතුටු නොවෙති. ක්රිෙස්තියානිය ප්ර තික්ෂප කළේ බලවත් ප්රඅයෝජන රාශියක්ම ලැබෙද්දීත් සත්ය්එ ට හා ආත්ම ගෞරවයට වඩා සියල්ලම පහත් බව සලකාගෙනය.

ඒ සමඟම සිංහල වූ මට ක්රියස්තියානිය කොයි ලෙසකින්වත් අදහන්නට බැරි තවත් කාරණයක් තිබේ. මගේ

පියදාස සිරිසේන නවකථා එකතුව 491

ජාතියේ සෙනඟ - බෞද්ධාගම අදහනලද සිංහල සෙනඟ තිස්කෝටියකට වඩා දැනට මිය ගොස් තිබේ. ම‍ගේ ජාතියේ ඉපිද මිය ගිය තිස්කෝටියකට අධික ජනයා අතර කෝටිගණනකටත් වඩා පුදුම අද්භූත අය විසූ බව පෙනේ. මුළු ලෝකවාසී සුචරිතය බෙදාදීමට සහාය වූ දෙවෙනි පෑතිස් රජතුමාද තමන්ගේ සතුරාට පවා බලවත් ගෞරවයක් දැක්වූවා වූද - ශාසනයත් ජාතියත් නිසා අපායට වුවත් යාමට සතුටු වූවා වූ දුටුගැමුණු මහරජතුමාද, ලෝවැඩ නොකොට සිය අතට පැමිණියක් අනුභව කිරීම නින්දාවකැයි ප්රැකාශකොට ලෝකවාසීන්ගේ යහපත පිණිස මුළු ජීවිත කාලය ගතකළ මහා පාරක්රටමබාහු රජතුමාද, යුද්ධ කිරීමට අසතුටුව ස්වකීය ඔටුන්න තමාගේ මිත්රා ගෝඨාභය කුමාරයාටදී වනයට පිවිස තපස් රකිනවිට බත් මුලක අර්ථයක් දුන් මගියාට මසුරන් දාහක් ලබා ගැනීම පිණිස ස්වකීය අත්නිම ස්වකීය සිරස ගලවා දුන ශ්රී් සංඝබෝධි මහරජතුමාද, තමන් වහන්සේ ලක්දිව අගරජව සිටගනත් කුෂ්ටරෝගි හිඟන අධමයෙක් බලවත් නින්දා කරද්දී ඒ කුෂ්ට රෝගියාට ප්ර්ත්ය ක්ෂ ‍ඹෟෂධ දී සුවපත් කළ බුද්ධදාස මහ රජතුමාද, තමාගේ කැඳවීම නිසා ලක්දිවට පැමිණි කාලිදාස මහා පණ්ඩිතයා දුෂ්ට ස්ත්රි යක විසින් මරණලද බැවින් ඒ මිත්රායාට ගෞරව කිරීම වශයෙන් ස්වකීය ජීවිතය පරිත්යාිග කළ කුමාරදාස රජතුමාද, සකල ලංකාතලය එකම මංගල ගෘහයන් බවට පමුණුනා රාජ්යක කරණ අතර විසුද්ධිමාර්ග විස්තරාර්ථව්යාණඛ්යා තයත් පරම ගාම්භීර කවි සිළුමින නම් වූ කෝටිගණන් වීර පුරුෂයන් හා ස්ත්රී‍න් උපන් මගේ ජාතිය ශිෂ්ටාචාර මනුෂ්යට ජාතීන්ගෙන් කාටවත් දෙවෙනි නොවේ.

ඉතින් මේසා විශාල පිරිසක් ක්රිමස්තියාන් ආගම සත්ය නම් අද කොහේ ද? සදාකාලික අපායේය. මුළු තුන් ලෝකයම ධර්මාමෘතයෙන් තෙත්කළ පරාර්ථසාධක චින්තාමාණික්යය රත්නයවූ අංගිරස ශාක්යම මුනීන්ද්රතයාණන් වහන්සේත් ක්රිණස්තියාන් ආගම සැබෑ නම් අද අපායේය. මේ උත්තමයන් අපායට යවන තරම් දෙවියෙකුට ඉන්ට පිළිවන්යයි විශ්වාස කරණ අමන අඥානයා පිදුරු තණකොළ නොකන්නේ පුරුදු නැතිකම නිසාම විය යුතුයි. මගේ ජාතියේම තිස්කෝටියකට වැඩි දෙවියන් හා සමාන මනුෂ්ය යනුත් ජම්බුද්වීපයේ උපන් ශ්රීට ගෞතම ශාක්යනසිංහයන් වහන්සේ ඇතුළු අසංඛ්යඅ ගණන් සත්වයනුත් සදාකාලික අපායට දමා තමා ‍රවිකිඤ්ඤ ගාමිනි - ගලිල

492 ඉෂ්ට දෙවියා

නම් කුඩා රටේ අසරණ මස් මරන්නන් ටික දෙනෙකු පිරිවාරාගෙණ ඉන්නා දෙවියා ඇදහීම තරම් ලජ්ජා නැති කමවත් අඥාන කමවත් ලෝකයේ තවත් තිබේද? මමත් මාගේ මුතුන් මිත්තන් ඉන්නාවූ ශිෂ්ටාචාර පණ්ඩිත ජනයා ඉන්නාවූ ස්ථානයට යන්නෙමි. ඔවුහු අපායේ සිටිත්නම් ඔවුන් ඉන්න අපාය බයිබලයේ පෙණෙන දෙවියා ඉන්න ස්වර්ගයටත් ජාකොමේ ගොන්සාවින්ගේ පොත්වල කියන දෙවියා ඉන්න ස්වර්ගයටත් වඩා ‍හොඳ බව මට තබා මටත් අඩුවෙන් ඉගෙන ගත් කෙනෙකුට වුවත් වැටහේ. ඉතින් ඇස් ඉදිරිපිටම පෙණෙන සත්යග කාරණය අන්ධයකු මෙන් ඉවත්කොට කිසිම ශාස්ත්ර යකට යුක්තියකට ධර්මයකට නොගැලපෙන බොරුවක් අදහන්නට බැරිසෙයින් මම ක්රිුස්තියානිය අත්හැරියෙමි” යි මේ දුම්රියේ උන් තරුණයා කීයේය. මේ දීර්ඝ කථාව ඉතාමත් ඕනෑකමින් අසා සිටි අප නොදැනුවත්වම වාගේ දුම්රිය පේරාදෙණියේ සන්ධියට පැමිණියේය. එහිදී ඒ තරුණයා සමඟ කථා කරමින් වුන් කඩුක්කන්කාරයා බැස නානුඔයට යන දුම්රියේ නැගුනේය. කථාකළ තරුණයා මාතලේට යන බව කීවේය. මට සම්බවෙන්ට උවමනා දොස්තර මහතා ලඟට මිත්රේයෙකුත් කැටුව යන කල්පනාවෙන් මම පේරාදෙණියෙන් බැස්සෙමි. මම පේරාදෙණිය ස්ටේෂමෙන් බැස රණසිංහ නැමැති මගේ මිත්රේයාගේ ගෙදරට පැමිණි දහවල් කෑම එහිදී අනුභය කොට සතුටින් කල්ගත කෙළෙමි. රණසිංහ මහතාත් සමඟ ඔවුන්ගේ ගෙදර ඉස්තෝප්පුවේ වාඩිවී කතාකරමින් ඉන්නවිට මහවැලි ග‍ගඟේ පාවූ මිනියක් ගැන ආරංචියක් කියා ගෙණ රණසිංහ මහතාගේ වත්තේ කංකානම එහි පැමිණියේය.

“ මහවැලි ගා‍ඟේ පාවෙන මිනීකුණු ඇදින ගන්නට වත් ලැබෙන්නේ කලාතුරක්නිය. ඒකත් එකට ඔය මිනියත් අපරාධයක්දැයි කාට තේරුම් ගත හැකිද”යි රණසිංහ මහතා කීයේය. එවිට මම මහත් කණගාටුවකට පැමිණ” රණසිංහ මහතා මොකද එහෙම කීවේ - මිනීකුණක් ග‍ඟේ පාවී ආවාම උත්සාහ කළොත් එහි විස්තර දැනගන්ට බැරිද ? එංගලන්ත ආදී රටවල කෙතරම් වියදම් කරලාවත් අපරාධකාරයා නොඅල්ලා නොසිටී. නමුත් අප ‍රටේ ඒ තරම් උනන්දුවක් නැත්තේ ඇයි දැ”යි කීවාම රණසිංහ මහතා සිනාසී “පසුගිය කාලයේ වටටාරන් තැන්න ලඟට පාවුනු මළකුණු හිස රැවුල බූගාපු කෙනෙකුගේ වුවත් T.B. යන අකුරු දෙක ඇති මුදුවක් ඒ මළකුණේ අතේ ඇඟිල්ලක තිබුනේය. එයින් ඒ කවුද යනවග හොදින් පරීක්ෂා කළානම් දැනගන්ට තිබුනි. නමුත්

පියදාස සිරිසේන නවකථා එකතුව 493

කිසිවෙක් ඉදිරියට නා බැවින් මළකුණු වලලා දමා නිශ්ශබ්ද විය”යි කියනාකොට අප ලඟ සිටි කංකානම මට කථාකොට “ අනේ වික්ර්මපාල මහත්තයෝ - එක්තරා බණ්ඩාර හාමුදුරු කෙනෙක් - මට මඟුලක් ජෝඩුකරන්ට කියනවා - රුපියල් 2500 ක් දෙනවයි කියා. රුපියල් 10000 ක දායාදයකුත් සමඟ මගුලක් ජෝඩුකාරයන්ට කියා වදකරනවා - ඉතින් මම හොඳට වීරිය කළ නමුත් බැරිවෙච්චි - තමුන්නාන්සේ ට නම් බැරි නැතැ”යි කීයේය. කංකානම කවට පාහේ මිනිහෙක් නිසා විහිළුවටමෙන් “හොඳයි කංකානම, මනමාලයාගේ විස්තර තොරතුරු කියා දුන්නොත් බැරි නැතැ”යි කීවෙමි. එවිට කංකානම මෙසේ කියන්නට පටන් ගත්තේය. මුන්නැහේ මීට ඉස්සර දුම්බර පැත්තේ පන්සලක මහණවී වුන්නේය. අවුරුදු තිහක් පමණ සිවුරේ හිටලා - ඒ මාර්ගයෙන් නිවන් ලබන්නට බැරිව සිවුරු හැර කතිසේරු කමක් ලබාගෙණ පාත රටට ගොස් ක්රි්ස්තියාන්ය දේශනා කරමින් සිට එයින්ද “මෝක්ෂ රාජ්යරය” ලබාගත නොහැකිව ගමට අවුත් දැන් රුපියල් ‍දහදායක දෑවැද්දකුත් ඇතිව “ළමිස්සියක්” විවාහ කරගන්ට වීරිය කරයි. මුන්නැහේගේ වයස අවුරුදු 65 යි. තවත් විස්තර උවමනා නම් පසුව කියමි”යි කීවිට මටත් රණසිංහ මහතාටත් සිනහවෙන්ට මුඛ මදිවිය. ඇත්තෙන්ම කර්ම විපාකය සත්ය බව ‍මෙහිදී කංකානම් කී කථාවකින් අපට තව වරක් ප්ර්ත්යයක්ෂවිය. මොකක්දෝ ලොකු වලව්වක බණ්ඩාරට පිස්සු හැදිලා කරණ විකාරත් ඔහුගේ ඉඩකඩම් විකිණීගොස් දූනා විදින දුක් ගැහැටත් - ඔහු විසින් කලින්කල කරණලද නොයෙක් අපරාධ වලට විපාක බව කංකානම් විස්තර වශයෙන් කියා දුන්නේය. දෙවියකු විසින් ලෝකය මවා මිනිසුන්ට සැප දුක් දෙනවාය කියන අඥානයන්ගේ කථාව තවමත් විශ්වාස කරන්නන් සිටින හැටියයි කියමින් නැඟිට පේරාදෙණියේ උද්යාිනය පැත්තට යන්ට කැමති බව හැ‍්ඟෙව්වෙමි. එවිට විවේකව සිටි රණසිංහ මහතාත් කංකානමත් මා සමඟ පිටත් වූහ. මෙසේ අපි මල්වත්තට ඇතුල් වන කොටම මධ්යමම වයසේ මහත් ඍජු ගතියක් ඇති මිනිහෙක් අප ඉදිරියට එනු දුටු කංකානම් මට කථාකේට - “වික්රිමපාල මහත්මයාණෙනි” ඔන්න ඔය මනුෂ්ය යා එසේ මෙසේ කෙනෙක් නොවේය. මහනුවර මහා සංඝ සභාවට පිට පිට අයදුම් පත්ර් 18 ක් දිලාත් යුක්තිය ඉෂ්ට කරවා ගන්ට බැරි නමුත් තවමත් ‍අධෛර්යය නොවී ක්රිතයාකරණ වික්රරමවන්තයෙකැයි කියන කොටත් ඔහු අපට ඉතාම ආසන්න විය. කංකානම ඔහු සමඟ

494 ඉෂ්ට දෙවියා

කථාකොට මගේ තොරතුරු ඇසූ බැබිව් ඒ ගුණවත් මනුෂ්ය යා මා කෙරෙහි බලවත් භක්ත්යාරදරයක් දක්වා “අද නිවාඩු තිබෙතොත් හුදුහුම්පොල පැත්තේ කදිම පිරිත් පින්කමක් බලන්ට යතහැකියි කීයේය” “ ඒ කදිම පින්කම කුමක්දැ”යි මම ඇසූවිට ඒ මනුෂ්යීයා මෙසේ කියන්ට පටන් ගත්තේය. “වික්රතමපාල මහත්මයාණෙනි, අවුරුදු 13 ක් පමණ වයසැති සෝමාවතීට ගැහැනු දරුවෙක් ලැබුනා. ඒ ගැන ප්රීෂතියට‍ පත් ඒ ළදරුවාගේ පියාත් ඇතුළු ව මහනුන්නාන්සේලා පහළොස් දෙනෙක් තිස් පැයක පිරිති පින්කමක් අද රෑ පටන් ගන්නවා. මේ පින්කම් මේතරම් අගය වී තිබෙන්නේ පින්කම කරවන්නාත් කරවන්නන්ගෙන් කෙනෙකුත් මේ සෝමාවතී ගේත් පියා බැවින් හා ඇගේ ළමයාගේත් පියා බැවිනි. මහත්මයාට මේක තේරුණාදැ”යි ඔහු බිම බලාගෙන මගෙන් ඇසුයේය.

මේ පුදුම කථාව මට හොඳින්ම තේරුනේය. පුරාණ ධාර්මික රජදරුවන් හා වෙනත් පින්වතුන් විසින් බුද්ධ‍ඝස්තක කොට පූජාකළ ඉඩකඩම් අයිතිකර‍ගෙන ඉන්න “සිවුරු ඇඳපු” මිනිසුන් කරණ යම් නොපනත් ක්රිියා නියම භික්ෂූන් වහන්සේලාටත් නින්දා ඵලවන සාහසික වැඩ වුවත් දැන් කාලේ මුදල්වල බලය දිවය බලයටත් වැඩි නිසා - මුදල් නැති අයට කෙතරම් ලොකු අපරාධ කරලාවත් ලෝකයාගෙන් ගරු බුහුමන් පවා ලබමින් ජීවත්වන්ට පිළිවන් බව සිතා - කාරණය දැනුම් දුන්නාට උන්නැහේට ස්තුති කොට අපි අලංකාර වූ මල්වත්තේ ඇවිද සවස හයට රණසිංහ මහතුන්ගේ නිවසටම පැමිණියෙමු. මට සම්බවෙන්ට උවමනා කරණ දෙයක් කතාකර ගැනීමට සලස්වන බවට පොරොන්දුවීම බලවත් පහසුවක් විය. රාත්රීබ අටට පමණ දොස්තර මහාත පැමිණියේය. අපි තිදෙනාම එක්ව ආහාර අනුභව කිරීමේදී අන්යොවන්යටයන් වශයෙන් මිතවීමු. දොස්තර උන්නැහේ ගුණධර්ම යුතුකම් අතේත් උවමනා විටකදී කථාකරන්ට ඉගෙණගත් කෙනෙක්වා මිස ගුණ ධර්මයෙහි පිහිටියෙක් නොවන බව ඉක්මණින්ම තේ‍රුම් ගතිමි. ලෝකයේ ඉන්නා සමහර කෛරාටික මිනිස්සු - උසස් ගුණධර්ම ප්ර තිපත්ති ගැන කථාකරන්ට ගජ හපන්නුය. නමුත් ඒ තමා කථාකරණ ගුණ ධර්මය සුදු ද කළු ද කියාවත් නොදන්නා අධමයෝය. ඉතින් දොස්තර උන්නැහේ රාත්රී දහයට ප්රටථම ස්වකීය නිවසට යන්ට උවමනා බව කී හෙයින් ඔහුත් සමඟ කරන්ට තිබුණු කථාව ප‍ටන් ගතිමි. “ දොස්තර මහතාණෙනි. මම බලවත් රහසක් පරීක්ෂා කරගෙන යමි. එය සොයාගත්තොත් මට රුපියල්

පියදාස සිරිසේන නවකථා එකතුව 495

දසදාහක් ලැබේ. ඒ සම්බන්ධ තොරතුරු ස්වල්පයක් දොස්තර මහතාත් දන්නා බව මට හැ‍නඟේ. ඉතින් කරුණාකර මහත්මයා දන්නා කරුණු මට අවංකව කියා දෙන්ට. ඒ ගැන සතුටු පඬුරක් වශයෙන් මම මහත්මහාට රුපියල් පන්සියයක් දෙන්නෙමි. ඒ දෙන මුදල මතු කාලයක් නොව අද මේ රාත්රි්යෙහි දෙන්නෙම්”යි කීවිට දොස්තර උන්නැහේ ටිකක් සිනාසී “වික්රනමපාල මහත්මයා ඉෂ්ට දෙවියන් සොයන බව මටත් ආරංචියි. ඔය කියන්නේ සත්කෝරළේ ලොකු අප්පුහාමිගේ දූ වරුන් දෙදෙනෙකුගේ මරණයත්- ඔහුගේ බාල පුතාගේ හා අනිත් දියණියගේ අසනීපයත් ගැන මා යමක් දන්නා බවයි. මම සත් කෝරළයේ ඉන්නා කාලේ නාතර කථා බස් ගනු දෙනු කිරීමෙන් මිත්රගවූ කිරිබණ්ඩාර මහතාගේ කීමට බෙහෙත් දෙකක් තුනක් ඒ ලෙඩුන්ට දුන්නා මිස ඊට වැඩි යමක් මම නොදනිමි. හුඟක් දුරට ඔය මරණයත් ලෙඩත් ගැන මැණික්හාමි වෙදරාළ නම් දනී. මට බොහෝ කලකින් ඔවුන් සම්බන්ධ කිසිවකි දැනගන්ට බැරිවීයයි කියා දොස්තර නිශ්ශබ්ද විය. දොස්තර මටත් වඩා අමාරු කාරයෙක් බව මට වැටහුනේය.

06. පරිච්ඡේදය

දොස්තර මා සිතා උන්නාටත් වඩා මේ ලොකු අප්පුහාමිගේ පවුලේ විනාශයට සම්බන්ධවූ කෙනෙක් බව දැන් මට අවබෝධ විය. “හොඳයි දොස්තරත් අනිත් මීට සම්බන්ධ සියලු දෙනාත් අල්වන්නෙමි”යි තදින් ඉටාගෙණ දොස්තරට කථාකොට “එහෙනම් මහත්මයා ඔය ගැන වෙන මොකවත්ම දන්නේ නැද්දැයි ඇසුවෙමි. ඔහු හිතට තදින් විරුද්ධව “සත්තකටම වික්ර මපාල මහත්මයා මම ඔය කාරණය ගැන වෙන මොකවත් නොදනිමි. සය රෝගය හැදී සිටි තරුණියන් දෙදෙනෙකුට බෙහෙත් තුන හතරක් දුන්නා මිස වෙන කිසිවක් නොදනිමි” යි කියා මගෙන් හා රණසි‍ංහ මහතාගෙනුත් අවසර ගෙණ දොස්තර රාත්රීක නවයට පමණ යන්නට ගියේය. ඔහු ගිය පසු රණසිංහ මහතාත් මමත් කථාවට පටන් ගතිමු. “ ‍දොස්තරගෙන් වික්රිමපාල මහතාට මොකවත් ප්රවයෝජන වුණේ නෑ නොවේදැ”යි උන්නැහේ ඇසුයේය. දොස්තර වයලට් නෝනාට ඉෂ්ටදේවතාවා ලඟාකර දීමට මූලිකවූ කෙනෙක් බව පෙනේ. මා කලින් හිතාවුන්නේ ‍දොස්තර යන්තම් සම්බන්ධ කෙනෙන් කියාය. හොඳයි මම ඔහුගෙන් සම්බන්ධය සොයන්නෙමි”යි කීවිට - රණසිංහ මහතා සිනාසී “වයලට්

496 ඉෂ්ට දෙවියා

නෝනාගේ ඉෂ්ට දේවතාවත් - ලොකු අප්පුහාමිගේ අනිෂ්ට දේවතාවාත් සොයනවා මිස-ලංකාවේ දැන් ප්ර සිද්ධ මිනිසුන් කීප දෙනෙකුට ධනවත්වීමට ආධාරවූ ඉෂ්ටදේවතාවුන් ගැන වික්ර්මපාල මහතා පරික්ෂා කරන්නේ නැහැ නොවේදැ”යි ඇසීය. රණසිංහ මහතාගේ අදහස මට තේරුණු නමුත් වැඩිදුරටත් විස්තර කරවනු සඳහා දැන් ඉෂ්ට දේවතාවුන්ගේ ආධාරයෙන් ධනයත් බවට පැමිණ ඉන්නා මිනිසුන් කී දෙනෙක් මහත්මයා දනීද්දැ”යි ඇසුවෙමි. ඇත්තෙන්ම ඒ ගණන නම් ඉතාමත් අධිකය. මා දන්නා ගණනවත් වැඩිදුර කල්පනා නොකර කියන්ට අමාරුය. නමුත් ධනවත් බවට පැමිණ ඉන්නා කීප දෙනෙකුගේ පුදුම ඉෂ්ට දේවතාවන් ගැන නම් දනිමි. මේ පුදුම දේවතාවුන් විසින් මොවුන්ට ධන සම්පත් ඉඩකඩම් ලබාදීපු හැටි සොයා දැනගත්තොත් එයින් රටට මහත් ප්රනයෝජන ලැබේ. මොවුන්ට ඉෂ්ට දෙවියා ආවේශ වෙන කොටම තවත් ලොකු පිරිසකට අනිෂ්ට දෙවියා ආරූඪවීමත් සිරිතකි. ඉතින් වික්රිමපාල මහතාට මොවුන් ගැනත් ටිකක් පරීක්ෂාකරන්ට බැරිදැ”යි ‍ඇසීය. “ඇත්තෙන්ම රණසිංහ මහතාත් ලෝකයේ තොරතුරු ටිකක් විමසන කෙනෙක් බව පෙන්. ඉෂ්ට දෙවියන් නිසා උසස් බවට - කීර්තියට - පැමිණි මිනිසුන් සියයකටවත් වඩා මම දනිමි. ලොකු අප්පුහාමි රුපියල් දහදාහක් ‍දෙනවායි කි නිසානොවේ නම් ඔහුගේ අනිෂ්ට දෙවියා සොයන්ටවත් මට කාරණයක් නැත. නමුත් රණසිංහ මහතා ලෝකාර්ථදායක බව කියන හෙයින් මේ ලොකුඅප්පුහාමිගේ පලහිලව්ව සොයන ගමන් ම බස්තියා ආදීන්ගේ ඉෂ්ට දේවතාවුන් ගැනත් විපරම්කර එයි විස්තර කියන්නෙමි”යි කියා වේලාව රාත්රී දහය වූ බැවින් නිදාගන්ට ගියෙමි.

පසුදින උදේ කටයුතු සියල්ලම සිරිත් ප්රවකාර කරගෙණ මහ ගමට යන පිණිස ගියෙමි. මහගම වනාහි කටුගන්තොටට යාවූ ඉතාමත් සාරවත් විශාල නියම්ගමකි. පුරාණකාලේ කවුරු විසුවත් දැන් “පහත්ය”යි සම්මත කරගත් සිංහල ජනයාගෙන් යුත් ග්රාණමයකි. මෙහි ඉන්නා ස්ත්රීි පුරුෂාදීන් දෙස බලනවිට මොවුහු ආර්ය ගොත්රණයේ මිනිසුන් බව පෙනේ. ද්රරවිඩ මොන්ගෝලීයන් දෙවර්ගයේ ශරීර ලක්ෂකනයට හාත්පසින් ම වෙනස් වූ මේ මහ ගමේ වාසී සිංහල ජනයා පිරිසිදු ආරිය ගෝත්රායෙහි ජනයන් මෙන් දේහලක්ෂණයෙන් යුත් අය බව මට වැටහුනේය. මොවුන්ගේ ශරීර ස්වභාවය දෙස බලනවිට මොවුන්ට උසස් ධර්ම ශාස්ත්රු ඉගැන්වූවහොත් සිංහල ජාතියේ කාටවත් දෙවන නොවන ලෙස ක්රි යා කරන්ට මොවුහු ශක්ති සම්පන්න වන බව

පියදාස සිරිසේන නවකථා එකතුව 497

මට පෙණුනේය. යම්කිසි හිතුවක්කාර රජෙකු විසින් මේ වර්ගයේ කාගෙන්ද පිළිගැණීමට කරණලද අයුක්ත නිසා ඒ පවුලෙන් පැවතෙක දහස් ගණක් වූ මේ නිර්දෝෂ සිංහල ජනයා අඥාන අන්ධකාරයේ ගිල්වා ගෙන තැබීම වර්තමාන සිංහලයන්ට මහත් පාපයකි. ඉතින් මහගමට ගිය හැටියේ මධ්යසම වයසේ මනුෂ්යහයෙක් සමුවී මට මේ ගමේ අද නවතින්නට උවමනාවක් තිබෙන බව කීවිට ආගන්තුක උපස්ථානයට අතිශයින් සතුටුව ඒ මනුෂ්යනයා මාත් සමඟ ඔහුගේ ගෙදරට ගොස් මට සංග්රතහද කෙළේය. මේ ගමේ බොහෝ මිනිස්සු බලවත් අඥාන භාවයේ ගැලී ‍ඉන්නා පිරිසක්. වංශවත් කියන මිනිහෙකුට උවමනා නම් එක දිනකදීම පවුලලක්කර ගැනීමට ඔවුහු ඉඩදෙති. මා මේ ගමට ගියේ මගේ පරීක්ෂණය සම්බන්ධව යම්කිසි ආරංචියක් ලබාගන්ට “රත්තරනී” ගෙන් පිළිවන යන කල්පනාවෙනි. “රත්තරනී” වනාහී මේ ගමේ ඉන්නා තරුණියෙකි. රණසිංහ මහතුන්ගේ නිවසේදී කථාකළ දොස්තර උන්නැහේ මේ රත්තරනීගේ එක් පුරුෂයෙකි. ඉතින් මට උවමනා මේ තරුණිය සමඟ මිත්ර ව දොස්තරගේ රහස් කථාබස්වලින් කිසිවක් දැනගැනීමය. මේ නිසා මට සංග්ර හ කළ ජුවානිස්ට කථාකොට “ජුවානිස් මම වැදගත් පවුලක කෙනෙකි. මම මෙහාට ආවේ එක්තරා තරුණියක් සමඟ කථාවක් කරගන්නටයි. ඒ තරුණිය නම් - දොස්තර මහතෙක් කලක් බිරිද්ද කමට තබාගෙන සිටි රත්තරනීයි. ඈ මට සම්මුඛකර දුන්නොත් උඹට ලොකු උපකාරයක් කරන්නෙමි. දැනට මේ රුපියල් ‍දහය ගනින්නැ”යි ඔහු අතට රුපියල් දහයක් දුනිමි. යුරෝපීය විධියට ඇඳ පැළඳ ඉන්නා මිනිසුන් කෙරෙහි බලවත් ගෞරවයක් ඇති මේ මිනිස්සු ස්වකීය ස්ත්රීි පක්ෂයෙන් වග විභාග නොකොට පාද පරිචාරිකා කමට පාවාදීමට සූදානම් වූ පුදුම මනුෂ්යකයෝය. එබඳු කෙනෙකුට මුදලෙන් රුපියල් දහයක් ලැබුණුවිට මොනවා නොකරයිද? ඉතින් ජුවානිස් - මගේ කකුල් දෙක ලඟ වැඳ වැ‍ටී “අනේ මහත්මයෝ, රත්තරනී අපේ කුඩම්මාගේ දුවය - අපේ නංගීව දොස්තර මහතා අවුරුදු දෙකක් පමණ එක්ව වාසයකොට ඇගෙන් වෙන්ව ගොස් හයමාසයකට වැඩි නැත. මහතා වැනි රූප සම්පන්න කුලවතෙක් “රත්තරනීට” ලැබෙතොත් අප සන්තක දේ ඔක්කොමත් දී මහතා‍ගේ අත්පා මෙහෙවරත් කිරීමට අප කැමතිය. රත්තරනීත් ඇගේ මවු සහ පියාත් ඉන්නේ බණ්ඩාර පෙරකදෝරු හාමුදුරුවන් නැවතී සිටින සොබනීලාකේ වත්තට අල්ලපු වත්තේය. ඉතින් මහත්තයා මාත්

498 ඉෂ්ට දෙවියා

සමඟ එහාට යන්නට කැමතිද? නැතහොත් මම රත්තරනිව මෙහාට කැඳවාගෙණ එන්ටදැ”යි ඇසීය. මොහුගේ කථාවට මගේ ඇඟ හිරිවැටුනේය. මේ ගුණවත් මනුෂ්යමයන්ට උසස් ධර්ම ශාස්ත්ර නූගන්වන වරදින් මොවුන් සදාචාර ගුණයෙන් කෙතරම් දුරට පිරිහී තිබේ දැයි සිතුනු මට බලවත් සංවේගයක් ඇතිවිය. මේ ගමට ගොස් පවුල් පන්සල්ව බණ්ඩාර පෙරකදෝරු වරුත් ඉන්නා බවද දැනගත් ම‍ට තවත් ධෛර්යයක් ඇතිව “හොඳයි ජුවානිස්, උඹ තනියම ගොහින් රත්තරනීත් ඇගේ මවුත් මෙහාට එක්ක වරෙන්. ඔවුන් මා දැක මා කෙරෙහි සතුටු වුනොත් අපට පවුල් වෙන්ට උවත් බැරි කමක් නැත. පළමුවෙන් ඔවුන් ලඟට යාමට ලජ්ජා බව කියාපන්නැයි. කීවිට ජුවානිස් අභිෂේක ලද්දාක් මෙන් සතුටුව තමාතේ අට ඇවිරිදි පමණ වූ කොළුවාට මාත් සමඟ කතාබස් කරමින් ඉන්ට කියා ඔහු රත්තරනීලාගේ ගෙදරට දිව්වේය. මගේ අදහස් නොදත් ජුවානිස් දුවගෙණ ගොස් ස්වකීය කුඩම්මාටත් ඇගේ දුවනියටත් ‘ඔන්න නංගී උඹේ හොඳ කාලය ලැබුවා - වංශවත් - ධනවත් - උසස් පවුලක දිව්යග කුමාරයෙක් වැනි මහතෙක් නුඹ සොයාගෙණ අවුත් ඉන්නවා උන්නැහේ සමඟ ජීවත්වන්ට ලැබුණොත් දිව්යාලෝකයට නොගියත් කමක් නැත. අනේ රත්තරනී, මේ මහතා සමඟ කල්යවන්ට සතුටු වෙයන්නැ”යි ජුවානිස් කියේය. ගුණ ධර්ම අතින් පහත් තැනැත්තාට ලැජ්ජාවිය යුතු දේ ගැනත් ලැජ්ජාවක් ඇති නොවේ. රත්තරනී අවංකවම මා කෙරේ ප්රේ මයක් ඇති කළ බව මට හැඟුනේය. නුමුත් මා සිතේ ඈ කෙරෙහි හුදු කරුණාව මිස තිරිසනෙකු කෙරේ තරමවත් ප්රේරමයක් නැති බව සැළකිය යුතුය. ඉතින් රත්තරනීත් ‍ඇගේ මවත් මට ඔවුන්ගේ ගෙදරට යන්ට කැඳවූහ. මේ ගමන මට පිළිකුල් විය යුතු වුවත් මගේ රහස දැනගැනීමට වෙන ක්ර්මයක් නැති බැවින් ඉතා අමාරුවෙන් ඔවුන් සමඟ ගියෙමි. පිදුරු සෙවිලි කරන ලද කුඩා ගෘහයක් වුවත් ගොම මැටි දමා භාණ්ඩද කීපයක් දැක පුදුමවීමි. ඔවුන් දෙදෙනා තවත් බවලතෙකුතේ ආධාරයෙන් ඔවුන්ට පිළිවන් තරම් හොඳ‍ින් ආහාර සම්පාදනය කොට මට සංග්රුහ කළෝය. කා බී හමාරව නිදාගන්ට සූදානම් වූ පසු රත්තරනීව ලඟට කැඳවා කථාකරන්ට පටන් ගතිමි. “ කරුණාවන්ත රත්තරනියේ, පිළිවන් තරම් ප්රමමාද කළයුතු කරුණු සතරකුත් ඉතාමත් ඉක්මන් කළ යුතු කරුණු සතරකුත් ලෝකයේ ති‍මබේ. ඒ කුමක්දැයි නුඹ දන්නෙහිදැ”යි ඇසීමි. උගත්කමක් නැති නමුත් යම් යම් දේ දත් උදවිය ආශ්රෙයකොට පුරුද්දක් ඇති

පියදාස සිරිසේන නවකථා එකතුව 499

රත්තරනී ‘අනේ මහත්මයෝ අපි නොදනිමි. කරුණාකර ඒ මට කියා දුනමැනව’යි කීය. ලෝකස්වාදරතිය, පළිගැනීම, ක්රී‍ඩා බැලීමට යාම, සහ අහංකාරවීම පිළිවන් තරම් ප්රතමාද කළයුතු කරුණුය. ඉතාමත් ඉක්මනින් කළයුතු කාරණ සතර නම් රෝග සුව කිරීම, ණය ගෙවීම, පිං කිරීම සහ තරුණ දියණිවරුන් විවාහ කරදීමත්ය. ඉන්නිසා උඹත් මමත් අඹුසැමියන් ලෙස කාලය ගතකරන්නට යෙදෙන්නේ බොහෝ ප්රදමාද වෙලාය. උඹ සම්බන්ධ සියලු තොරතුරු හොඳින් දැනගන්නා තුරු නුඹ කෙරෙහි මගේ විශ්වාසයක් ඇති ‍නොවේ. ඉන්නිසා පළමුවෙන්ම උඹ හා වාසය කළ දොස්තර මහතා සම්බන්ධ තොරතුරු කියාපන්නැ’යි කීවෙමි. රත්තරනීගේ හිතට මඳක් සංවේග ඇති උනාක්මෙන්. “අනේ මහත්මයා පාතරට මිනිසුන් විශ්වාස කරන්ට බැරිය. ඒ දොස්තර මහතා මට දැක්වූ ආදරය - වුනාවූ පොරොන්දු - කළා වූ දිව්රුම් අහසත්පොළවත් දෙද‍රන තරම්ය. නමුත් අධර්මයෙන්, අපරාධයෙන් මුදල් යහමින් උපයාගත් හැටියේම ඔහු අමුතු මිනිහෙක් - මනුෂ්යෙ තිරිසනෙක් වෙලා මටත් අඩන්තේට්ටම් කර තමාගේ අහංකාරකම උසස්කම අපේ මුළු ගමටම පෙන්වා මා හැරදමා ගියේය. දැන් මගේ කල්පනාව පාතරට එකම මිනිහෙක්වත් විශ්වාස නො කිරීමටයි. දොස්තර සම්බන්ධ තොරතුරු කියන්ට ගියොත් අද රූ මදිවේවි. ඒ නිසා කරුණාකර මහත්මයා නිදාගන්නටය”යි කියා රත්තරනී තමාගේ කාමරයට යන්ට මා සිටි ශාලාවෙන් ‍එලියට යන පිණිස දොර අරිනවත් සමඟ ඒ ලඟන්ම ලාම්පුවකුත් රැගෙන යන මිනිස්සු තිදෙනෙකු දැක ඒ කවරහුදැයි මම ඇසුවෙමි. එවිට රත්තරනී සිනාසී මහත්මයාට ඒ කුමකටද? ඔය යන්නේ බණ්ඩාර පෙරකදෝරු හාමුදුරුවෝත් අපේ සොබනී අක්කා‍හතගේ මල්ලිත් තවත් වැඩකාරයෙකුත්ය. බණ්ඩාර පෙරකදෝරු හාමුදුරුවෝ එහා වත්තේ පදිංචිව සිටිති. උන්නැහේට දාව සොබනී අක්කාට දරු දෙදෙනෙක් සිටිති. අපේ මහගම පහත් කුලේ මිනිස්සු මොකඳ මෙහි‍ බොහොම වැදගත් “හාමුදුරුවරු” පදිංචිව සිටිති. ලෝක ප්රුස්ද්ධ බස්නායකවරු, ඔවුන්ගේ පුත්තු, ප්රඳස්ද්ථ නිලමේලා, ඔවුන්ගේ පුත්තු කීදෙනෙක් මෙහි පදිංචිව සිටිද්ද? මහත්මයා මෙහි තුන්හතර දිනක් ඉන්නකල මහගම තොරතුරු හොඳින් දැනගන්ට ලැබෙනු නිසැකයි කියා රත්තරනී යන්ට පිටත්වීය. එවිට ඈ අතින් අල්වා “රත්තරනී, ඉක්මනින් නිදාගන්නට යාමෙන් මට අනදරයක් කළ බව සලකමි. මා නිසා රාත්රීී දොළහ වනතුරු මාත් සමඟ කථා කරමින් කාලය ගත කිරීම මට කරන බලවත්

500 ඉෂ්ට දෙවියා

සංග්රදහයකැයි කිවෙමි.

රත්තරනීද මා අතින් ඇගේ අත ඇල්ලූ සැටියේ මෘදු කොමල මාලාදාමයක් මෙන් මා වෙතට හැරී “අනේ මට සමාවෙන්ට. මා ඉක්මන්වී නින්දට යාමට කල්පනා කළේ තමුන්නාන්සේට කරදරය කියා හිතාගෙනය. නමුතු තමුන්නාන්සේ සතුටු නම් එලිවෙනතුරුවත් කථාකරමින් ඉන්නෙමි”යි කීවාය. ඇත්තෙන්ම මේ තැනැත්තිය පතිව්ර”තා ආදී උසස් ධර්ම වලින් හීන වුවත් කරුණාවෙන් හා මෘදු කෝමල ස්ත්රීැ ගුණයෙන් අනූන බව මට හැඟුනේය. මේ ගුණවත් සිංහල මනුෂ්ය්යන්ට උසස් කුලචාරිත්රව කුඩා වියේ පටන් පුරුදු කරණු ලැබුවේතා මොවුන්ගේ සදාචාරය වරණනීය වන බව මට කල්පනා විය. රත්තරනී මේතාක්ම මගේ යහනට ඉදිරිපිට නැගිට සිට කථාකළ නමුත් ම‍රණ ගේ බලවත් ඉල්ලීම නිසා ඉදිරිපිට තිබුනු පිටුව පිට වාඩිවිය. ඉක්බිති මම ද බුලත් විටක් කින් රත්තරනී මේ ගම සම්බන්ධව යම් කිසි තොරතුරක් දන්නේ දැයි ඇසීමි. “අනේමම මොන උගතියක්ද, මේ ගමේ පුරාණ සිංහල ජාතියේ උසස් වංශයක මිනිසුන් වාසය කරන කාලයේ ගමේ එක් කෙනෙක් යම් කිසි අයුක්තක් කළ නිසා රජ්ජුරුවෝ මුළු ගමම පාත කුලයක මිනිසුන් බවට පැමිණවූ බව අපේ අප්රපොච්චී කියනමා ඇසුවෙමි. ඔය ඇර වෙනයම් පරණ කථාවක් මම නොදනිමි. ගම ගැණ වර්ණනාකර මීට අවුරුදු කීපයකට ඉස්සර උගත් කවියෙක් තැනූ කවි පංක්තියක් නම් මට මතකය. ඒ පඩිවරයාත් අපේ නෑනා කෙනෙක් සමඟ කල්ගතකොට අන්තිමේදී ඈත් රැගෙන ස්වකීය ගම වන ගාල්ලට ගියේය. ඒ කවි කීපය මට කියන්ට පුළුවන් යයි කියා මේ කවි කීපය කියනිට පටන් ගත්තීය.

01. ම හ වැ ලි ග‍ෙඟ් වැද සිසිලව එන සුල ඟ ම හ නෙල් උපුල් රොන් ගෙන වන මල් සම ඟ ම හ ග ම වසන සත සිත සනසනාර ඟ ම හ ත ය කිව හැකිද සැම දෙවියන්ගෙ ස ඟ 02. ව ටි න් නිල් ගොයම් යුතු කෙත් මත සර න කො කු න් දවල දැක නළ වැද වැද සැලෙ න තු රෙ න් තුර වැළදි ලියමල් පලබරි න සැ ලෙ න් නේ සිතින්දෝ උනුනුත් දින න

පියදාස සිරිසේන නවකථා එකතුව 501

03. කෙ ත් සහ අවට එලවලු කොරටු තැ න තැ න හ ත් අ ට බැගින් ලඟ ලඟ සුසැදු විදි මෙ න ප ත් කො ල සෙවිල් කළ ගත සුවය සලස න නෙ ත් සිත් සතුටු වන සුළු ගෙවලින් ගහ න

04. උ නු නු ත් කෙරෙහි හිතවත් සමගි දම දැ රූ ද රු ව න් රකින දිවිමෙන් ගුණ නුවන ස රූ තෙ රු ව න් ‍වෙතෙහි බැති පෙම දරණ පියක රූ මි නි සු න් මෙහි වෙසෙත් ලෙව් සතට පියක රූ

05. උ කු ලෙ න් පියයුරෙන් අඟනුන් සැලකු තැ න ම හ ති න් අඩුව කිසිවක් කළ නොහැක ය න කි වි දු න් බඹුට කාරණා ගැරහුම් මැකෙ න සො බ ම න් සිහිඟින් දුනු මිටි සදිසි ව න

06. ‍ව ති න් පිපි සරත් රත් අදර රද ලි ය නෙ ති න් නිලුපුළුත් සවනින් රණොව් ලි ය ඇ ති න් නියන් සරි ගම නැති රුවැති ලි ය නි ති න් දකිනු හැක මෙහිදී නොපැකි ලි ය

රත්තරනී හුඟාක් දුරටම කවි කියන්ට පටන් ගැනීම මගේ කාරණයට බාධාවක් බව මට පෙණී ගිය බැවින් “ඉතින් ඔය ඇති රත්තරනියෝ, යාළුවා වන දොස්තර මහතා පළමුවෙන්ම යහළු වුණේ කොහොමද? කොපමණ කල් ශික්ෂිත මිනිහෙක් වාගේ හිටියාද? ඔහුට මුදල් වැඩිවුණේ කොහොමද? මුදල් වැඩිවෙන කොට රත්තරනීගේන් වෙන් වෙන්ට යෙදූ උපාය කුමක්ද? යන මේ කරුණු ටික මට කීවොත් රත්තරනීට අනිකක් නොහැකි වුණත් රුපියල් දෙතුන් සියයක උපදාරයක් කිරීමට මම පොරොන්දු වෙමියි කීවෙමි. එවිට රත්තරනී සිනාසී “ දැන් මට කාරණය තේරෙනවා - මහත්මයා මෙහි ආවේ මා කෙරෙහි ආලයකින් නොව දොස්තර මහතා සම්බන්ද තොරතුරු දැනගන්නටමි. ඊට කුලිය වශයෙන් මුදල් ගණනක් දෙන බවත් කියයි. ඇත්තෙන්ම දොස්තර ගැන මා දන්නා කරුණු ටිකක් වැඩිකොට කීවත් වරදක් නැත. මක්නිසාද ඔහු අධම බොරු කාරයෙකි. පාතරට ‍එක්කෙනෙක්වත් වට විශ්වාස නැති වුණේ දොස්තරගේ ආශ්ර යෙන් පසුවයි. ඉතින් මහත්මයාට ඒ දොස්තර ගැණ කරුණු දැන ගැනීමෙන් ඇති ඵලය කුමක්දැයි පළමු කොටම කීවොත් කියන්නෙමි”යි කීවාය.

502 ඉෂ්ට දෙවියා

රත්තරනී සතුටු කිරීමටත් ඈ රැවටීමටත් මා අදක්ෂ බව පෙණුනේය. ඇත්තෙන්ම දුශචරිතයට භය නැති අධමයෙකුට නම් රත්තරනී රවට්ටන්නට පහසුවෙන් ඉඩති‍බුණි. මගේ සම්යරයක් උපාය මිස ආත්ම ගෞරවය දූෂ්ය වන කූට ප්ර්යෝගයක් නැති බැවින් ඈත් සමඟ මෙසේ කීවෙමි. “රත්තරනීට මම දැන් කාරණයක් කියන්නෙමි, දොස්තරගේ ස‍හෝදරියක් අපේ සහෝදරයෙකුට විවාහකර දෙන්ට පෝජනාවක් කර තිබේ. ඉතින් ඔහු තක්කඩි අපරාධ කාරයෙක් නම් ඒ ගැණ අසතුටුවන්ට පරීක්ෂා කරමි. ඉතින් දොස්තරගේ රහස් ජීවිතය සම්බන්ධැය හොඳන් දන්නේ රත්තරනී බව මට වැටහී මේ ගමන ආවෙමි”යි කීවෙමි. එවිට රත්තරනී සිනාසී “ඔය මොන බොරුද? දොස්තර කොපමණ අධමයෙක් අනත් ඔහුගේ සහෝදරී ලක්ෂණ නම් හුඟක් දෑවැද්දක් ලැබෙතොත් මහත්මයාලා ඊට සතුටු නො වන්නාහුද? ධනයත් කුලයත් - ලක්ෂණත් - තිබෙතොත් ගුණ ධර්ම සලකන මිනිස්සු දැනුත් සිටිත්ද?

මම - රත්තරනිගේ කථාව නම් හරි! ධර්මය නොදත් අය මනුෂ්ය යන්ගෙන් සියේට අනූ අට දෙනෙකුටත් වැඩිය. ඒ නිසා ධර්මයක් ගැන නොසලකා ධනයත් අන්යූ කරුණුත් ගැණ මිනිස්සු සලකති. නමුත් “ධර්මයෙන් පිට සැපතක් නැතැයි” දේශනා කළ බුදුහාමුදුරුවන්ගේ මේ වචන හෙවත් සත්යන වූ ලෝක ස්වභාවය ඉක්ව වූ කෙනෙක් නැති බව රත්තරනී දන්නවාද?

රත්තරනී - මහත්මයාගේ කථාව මට පුදුමයි. මේ කාලේ උසස් නිල තල කරණ ධනවත්ව ඉන්නා මිනිසුන්ගෙන් සියේට අනූනව දෙනෙකුටත් වඩා අනුන්ගේ දේ කොල්ල වල්ලකාගෙන අනුන්ගේ දූ දරුවන් දූෂ්යේකරලා - අනුන් මරා තලා විනාශකර නඩුපනත්වලින් - අනුන්ගේ දේ අයිතිකරගෙන ඉන්න මිනිසුන් මේ රටේ ධනවන්තයෝත් - ලොක්කෝත් - නම්බුකාරයෝත් - නිලධාරීත් “ හාමුදුරුවරුත්” බව අපට පෙණේ. ඉතින් ධර්මය රක්ෂා කිරීමේ ප්ර“යෝජනය කුමක්ද?

පියදාස සිරිසේන නවකථා එකතුව 503

07. පරිච්ඡේදය

ඒ ඒ දේ සම්බන්ධ දැනීමක් නැති කෙනෙකුට නො වැටහේ. නියම මාණික්යේයකත් ඔපලාපු වීදුරු කැ‍බෙල්ලකත් වෙනස මැණික් ගැන විශේෂ දැන ගැන්මක් නැතියෙකුට පෙන්වා දීම නොහැකිය.

“ දන්නා තැනට මී ස
වෙසෙස නොදැනේ රුවන් තතු ලෙ ස”

යන කීම එසේමයි. ඉතින් ධර්මය සියුම් ඥානයකින්ම අවබෝධ කරගත යුතු එකකි. ධර්මයෙන් ඇතිවෙන් විපාක පුවක් ‍ගසෙන් බසින්නාක් මෙන් නොදැනේ. නමුත් එහි විපාකය නම් නො අනුමානයි.

රත්තරනී - ධර්මයෙන් අධර්මයෙන් විපාක දැනගන්ට පුළුවන්ය කියන්නේ මැරුණාට පස්සේ නොවේද? ඉතින් මැරී ඉපදී ලබන දුක සැප ගැන ඒකාන්ත විශ්වාසයෙක් ක්රිවයා කරන්නේ කවරෙක්ද?

මම - ඔව්! උඹේ කථාව බොහොම හරි. මැරී ඉපදී විපාක ලැබීම ඒකාන්ත ලෙස විශ්වාස කරන්නේ බොහොම ටික දෙනෙකි. සමහරවිට සියේට අනූ අට දෙනෙකුත් එය විශ්වාස නො කරන්නාහ. නමුත් මැරී ඉපදීම පවත්නා බව උඹලා අප හා ලෝකයේ අනිත් උදවියත් දෙස බැලීමෙන් ඥානවන්තයෙකුට ප්ර ත්යතක්ෂ වේ. ඉතින් ඒ මැරී ඉපදීමටත් වඩා මේ ලොවේදීම ධර්මයටත් අධර්මයටත් ප්ර තිඵල ලැබෙන බව ‍තේරුම් ගන්ට බැරිද? රත්තරනී - එසේ තේරුම් ගන්ට පුළුවන් බවක් මට නොපෙනේ. මා කලින් කීමේ මේ රටේ ඉන්නා තරමක්ම බල පුළුවන්කාර ලොකුලොක්කන් අධර්මයෙමිහ ගැලී ඉන්නා බවයි. අධර්මය නිසා ඔවුන්ට ලැබෙන විපාක මොනවාද?

මම - රත්තරනී! උඹ ඔයව අධර්මවාදී ‍ලොකු ලොක්කන්ගේ අභ්යමන්තර තත්වයන් ඔවුන්ගේ අවසාන කාලයක් ඔවුන්ගේ දරු මුනුබුරු පරම්පරාවළුත් නොවිමසා ධර්මයට අධර්මයට විපාක නැතැයි කියන්යෙහිය. හොඳයි, මේ උඹලාගේ පළාතේ පසුගිය කාලේ සිටි ලොකු ලොක්කන්ට අන්තිම කාලේදී සිද්ධ වූ දේත්

504 ඉෂ්ට දෙවියා

ඔවුන්ගේ දරු මුනුබුරාදීන්ට ගිය කලදසාවත් අහල නැද්ද?

රත්තරනී - (ටිකක් තිගැස්සී) හැබෑ තමයි. එක්තරා දිව නිලමේ කෙනෙකුගේ කටින් නාහෙන් පණුවන් පිටවී මළ බවත් තවත් බස්නායකලා ආදී කීප දෙනෙකුගේ ශරීරවල ලාදුරු පරංගි වැනි භයානක රෝග වැළදී ඉතා අමාරුවෙන් දුනෙක් මළ බවත් ඇසීමි.

මම - අධර්මය නිසා අවුරුදු තිහ හතලිහක් ඔවුන් ජීවත්වීම විඳපු භයානක දුකට සමාන කළ හැකිද? එපමණද, ඔය අධර්මයෙන් උසස් වන අධර්මයෙන් ධනවත් වන මිනිසුන්ගේ දරුවොත් මුනුබුරොත් ඒ ඔවුන්ගේ වගේම උසස් ධනවතෙකුය කියාත් උඹ කියන්නෙහිද?

රත්තරනී - එහෙම වගක් නම් නොපෙනේ. අසවල් බණ්ඩාර හාමුදුරුවන් ඉන්න කාලේ හරියටම අදිකාරම් කෙනෙක් වාගේ තෙද අණ පතුරුවාගෙණ රජමාලිගාවක මෙන් හිටියා. නමුත් උන්නැහේගේ දූලා දෙන්නත් පුතත් “ගහල - යන්ටත්” අන්තයි. හොඬු ඇකිල්ච්ච - තට්ට පෑදිච්ච - වකුටු ගැහිච්ච - ඇටසැකිල් වෙච්ච දූලා දෙන්නා අවුරුදු හතළිහකටත් වැඩි වයස් ගතව තවමත් අවිවාහක ව සිටිති. උන්දැලාව ගෙණයතොත් මළ යක්කු පමණකි. පුතා ගිය ගිය තැනදී ගුටි බැට කමින් කානු පල්ලේ වැටෙමින් රස්තියාදු වන මළ ප්රේමතයෙකි. මහත්මයා කියාපු ඒ කාරණය නම් මටත් දැන් තේරුම් ගියා.

මම - ඔන්න දැන් ටිකක් ආලෝක වේගෙන එනවා. ඉතින් රත්තරනී. අදිකාරම් කෙනෙක් වා‍ගේ තේජස් පතුරුවාගෙන හිටි කෙනෙකුට කුමාරයෙක් වාගේ තේජස් පතුරන්ට පිළිවන් පුතෙකුත් කුමාරියක් වගේ රූප ලාවන්යා දී ගුණයෙන් බබලන දූවරුත් ලැබෙන්ට යුතු නොවේද ? වපුරන්නේ වී ලාභ නම් අස්වැන්න ලැබෙන්නේ වී හුන්ඩුවද?

රත්තරනී - ඔව්. අසාර කුඹුර අකාලයට අනියම් විධියට වපු‍ළොත් ලාභට වී හුන්ඩුවක්වත් නොලැබෙන්නට පුළුවනි. නමුත්

පියදාස සිරිසේන නවකථා එකතුව 505

සාරවත් කුඹුරක නියම කාලේදී සුදුසු අන්දමට වපුළොත් වී ලාභට ලාස් හැටක් හැත්තෑවක් පමණවත් අස්වැන්න ලැබේ.

මම - එහෙමද? ඉතින් එසේ වෙන්ට හේතුවක් තිබෙන බව ප්රේත්යදක්ෂමය. සුදුසු කාලයේදී ශාස්ත්රාපනුකූලව හොඳ බිත්තර වී වපුරණ ලද සාරවත් කුඹුරෙන් එකට පනහ හැට බැගින අස්වැන්න ලබන බවත් - අකාලයේදී පිළිවෙළක් නැතිව ඇහැවූ වී වපුරණ ලද අසාර කුඹුරෙන් කිසිවක් නොලැබෙන බවත් රත්තරනීට අබවෝධ වුනායයි මම සිතමි. ඒ එක්තරා හේතුවක් නිසා බවත් වැටහුනා යයි සිතමි.

රත්තරනී - ඔව්, මට හොඳටම වැටහුනා.

මම - ඉතින් රත්තරනී, අශාස්ත්රීුය ලෙස අස්වද්දන අසාර කුඹුරක් මෙන් දිනෙන් දින සිංහල ජාතිය පිරිහෙන්න්ට හේතුව නුඹට නම් යන්තම් හැඟුනා. නමුත් අපේ ධනවත් පවුල්වල කාටවත් අවබෝධ කරවන්ට බැරිකොට!

රත්තරනී - අනේ! මහත්මයා මොනවා කියනවද? යමක් කමක් ඇති පවුල්වල දරුවන්ට සිංහල අකුරක්වත් උගන්වන්නට අකමැතියි. සිංහලෙන් කතා කරනනට අකමැතියි. මව් පියන්ගේ අමනකම් නිසා කුඩා කාලයේම දරුවන් නොමඟ ගොස් ඉංග්රීකස් භා‍ෂාවේ පහත් පොත පතේම ගුරුකමුත් ඉංග්රීංසි පහත් මිනිසුන්ගේ චාරිත්ර්ත් අනුව ගොස් සිංහල ජාතිය විනාශ වෙනවා.

මම - ඔව්. අත්තටම සිද්ධවී තිබෙන්නේ ඒකමයි. කොළඹ ‍එක්තරා සිංහල වෙදරාළ කෙනෙකුගේ ගෙදරකට මම ගියෙමි. ඔහුට දූලා කීපදෙනෙක් සිටිති. වෙදරාළ සිංහල භාෂාවේ පොත පතේ සිංහල චාරිත්රායේ අගය දන්නෙකැයි සිතන්නට යුතුය. නමුත් ඔහුගේ දූලා නියමම ලංසිය. සිංහලයන්ගේ කථා කරන්නටවත් බැරි හරිම නැට්ටුක්කාරියෝය. ඉතින් අසරණ වෙදරාළගේ දූලා හදන්නේ මෙසේ නම් සිංහල හොඳ හැටි නොදත් ධනවත් මිනිසුන් දූ දරුවන් හදන හැටි කියන්ටත් උවමනාද?

506 ඉෂ්ට දෙවියා

රත්තරනී - ඉතින් මහත්තයෝ, අර කියන වෙදරාළ මොකෙක්ද? සිංහලයෙක්ද - සිංහල නිමධාරී ජඩයෙක්ද?

මම - රත්තරනීගේ කථාව ඉතා අගෙයි. ඔහුට සිංහල නාමධාරී ජඩයෙක් කීවත් වැරදි නැත. මක්නිසාද? ඔහු කොන්ඩේ බැඳ පනා කටුවක් ගහගෙණ පා වැස්ම ක් නැතිව ඇවිදින්නෙකි. නමුත් ගෙදර ඇත්තෝ සම්පූර්ණ ගවොමක් ඇඳගෙණ ගෙදරටත් පාවහන් ලා ගෙණ ඉන්නා කෙනෙකි. වෙදරාළ ඒ ස්ත්රිායට බැලමෙහෙ කරණ දාසයෙකි. ඉතින් මුළු ගෙදර ස්වාමියත් ස්වාමිදුවත් යන දෙකම ඒ හැතිරිය විසින් බාරගෙණ දූ දරුවන් විදේශී පූජකයන්ගේ අත යටට භාර දී සම්පූර්ණ විදේශික භාවයට පත්කර තිබේ.

රත්තරනී - ආ‍ මහත්මයෝ! ආර්ය ගති ගුණ විරහිත සිංහලයන් මෙහි අධිකවෙන්ට හේතුව විජාතීනට මිග්රත වීමද, මේ අයුතු ඉගැන්විමද?

මම - ඔය කාරණා දෙකම හේතුවේ. කුඩා කාලේ පටන්ම අයුතු විදේශික ඉගැන්වීම ලබන දරුවා පිරිසිදු ආර්ය ලේවලින් හටගත්තෙක් වුණත් නරක් වෙන්ට පිළිවන. අනිත් අතට අනාර්ය මිලෙච්ඡයන්ටදා වූ සිංහල නාමධාරියා කෙතරම් හොඳ ඉගෙණීමක් ලැබුවත් කොතරම් හොඳ අය සමඟ ආශ්රඉය කළත් ඔහුගේ චපල - අනිස්ථිර - ආත්මාර්ථකාමී කුහක ගතිය ඉඩ ලැබුනු තැනදී දක්වනු ඒකාන්තය.

රත්තරනී - මේ දෙයාකරයම හොඳට අවබෝධ වන පිණිස කුඩා කථාන්තර දෙකක් කියන්ට.

මම - හොඳයි රත්තරනී, මම ඒ සම්බන්ධ කථාන්තර දෙකක් කියන්නෙමි - “ යටගිය කාලේ වල්මත් වූ මනුෂ්යකයෙක් මහ හිමයක් මැදින් ගමන් කලේය. ඒ යනවිට කන්දක ගුහාවක් ඉදිරිපිට ගසක එල්ලන ලද කුඩුවක වුන් ගිරවෙක් “ මෙන්න මිනිහෙක් යනවෝ! මූ අල්ලාපියව්! ම‍රාපියව්! කොල්ලකාපිව්!” කියමින් කෑගසන්නට පටන් ගත්තේය. මේ ඇසූ අසරණ මිනිහා බියපත්ව දුවන්ට පටන්ගෙණ හැතැප්මක් පමණ පණ බයේ දුවලා විඩාවට පත්වී ඉතා අමාරුවෙන් හෙමින් හෙමින් යන්ට

පියදාස සිරිසේන නවකථා එකතුව 507

පටන් ගත්තේය. ඒ හරියේ කැලේ කුඩා පැලක් තිබෙනු දැක මෙයත් හොරුන්ගේ වැසයකැයි මේ අසරණ මනුෂ්යයයා වෙන පැත්තකට දුවන්නට සැරසෙනවිට ඒ පැල ඉදිරිපිට එල්ලෙන ලද කුඩුවක වුල් ගිරවා “ අහෝ සත්පුරුෂයා, නුදුව - මෙහි එව - කන බොන දේ මෙහි තිබේ. අපේ පියාණන් වූ තවුස්වරයා පල වැල නෙලන පිණිස ගොස් සිටියි. එතුමා එනතුරු මේ අසපුවෙහි නැවතී ‍ක්ලාන්නතය සංසිඳුවා ගත මැනැවැ”යි කීයේය. මේ වචන වලින් අභයලත් මිනිහා ඒ කුඩා පන්සලට ගොස් සා පිපාසා සංසිදුවාගෙණ සැතපී ඉන්නාවිට තපස්වරයාද ආයේද, එවිට තමා මංමුළාව වනයේ ඇවිදිනා හැටිත්, ගිරව් දෙන්නාගේ කතා බසුත් තපස්වරයාණන්ට කීයේය.

ඒ ප්රසවෘත්තිය ඇසූ තවුස්වරයා මගී පුරුෂයාට පලවැල ආදිය කන්ට දී එය ගිරව් දෙදෙනාම එකම මවගේ පැටවුන් බවත්, සොරුන්ට අසුවූ ගි‍රවා සොරුන්ගේ රෞද්රා ගතිය පුරුදු කරගත් බවත්, තපස්වරයාට සමභ වූ පැටවා කරුණා මෛත්රී් ආදී ගුණ සම්පන්න කෙනෙක් වු බවත් මගියාට පහදා දුන්නේය.” මේ කථාන්තරයෙන් කුඩා කාලයේ ආශ්රමය කරන්නන් අනුව යන අන්දම තේරුම් ගතයුතුය. අනිත් කතාන්තරයත් රත්තරනී ට කියන්නෙමි. “ඉන්සියා දේශයේ කලිකතා නගරයේ අප්රතසිද්ධ විථියක උගත් බ්රාඉහ්මණයෙක් වෙසේ. විසිපස් - ඇවිරිදි වයස්ගත මේ තරුණ බ්රා හ්මණයා බ්රාඉහ්මාගම්කාර සත්ව හිංසාවෙන් වැලකුනු කරුණා මෛත්රීඇ ආදී ගුණ පුරුදු කරණ නිතරම උසස් ධර්ම ශාස්ත්රස හදාරන සත්පුරුෂයෙක්ය. මොහු තමාට සමාන කුලයක තරුණ බැමිණියක් සරණ කරගෙන නිදුකින් වාසය කළේය. මොවුන් විවාහ වී අවුරුදු දෙකකට පසු පුත්රුයෙක් ලැබුණොත් ඉතා සතුටින් පුත්ර්යාද රැක බලා ගත්හ. මේ ළමයාට අවුරුදු 2 ක් පමණ වු කාලයේ එක් දිනක පිය බමුණා යම් කිසි කාරණයක් සඳහා බරණැසන් නුවරට යන පිණිස සැර සෙමින් උන්නේය. ඔහුගේ භාර්යාව වන බැමිණි ස්වාමි පුරුෂයාට ආහාර සූදානම් කරමින් සිටි බැවින් කුඩා පුතණුවන් නැලවෙන පිණිස ක්රීෂඩා භාණ්ඩ කීපයකුත් පැණි මිශ්රබ කෑම වගයකුත් දී පුතා පැත්තක වාඩිකරවූයේය. බමුණාද ළමයා දෙස බලමින් ඇඳුම් අදිමින් සිටි‍යේය. ළමයා කැවුම් කනවිට මැස්සෝ ද ඒ වැටෙන කැබලි කන්ට පැමිණියාහ. එවිට ළමයා ලඟ තිබුණු ක්රී ඩා භාණ්ඩයකින් ගසා මැස්සන් කීප

508 ඉෂ්ට දෙවියා

දෙනෙකු මැරුයේය. මේ බව පරීක්ෂාවෙන් බලා සිටි ළමයාගේ පියා වන බ්රාකහ්මණයාට බලවත් හැඟීමත් ඇතිවී “ මේ ළමයාට කිසිවෙකුගෙන් ලබන ලද ආදර්ශයක් හෝ ඉගෙනීමක් නැතිව මේ මැස්සන් මැරීමට හැකිවූයේ මොහුගේ උත්පත්ති කාලයේ ජාතක වූ පියාගේ හෝ මවගේ හිතට අනුකුලය විය යුතුය. මම නම් කිසිම කාලයක පරහිංසාවක් - සතුන් මැරීමේ අදහසක් ඇති නොකෙළෙමි. බැමිණිය ද එබඳු දුෂ්ට කල්පනාවක් ඇති තැනැත්තියකැයි සිතිය නොහැකි නමුත් මගේ පුත්රඑයාට පාපමිත්ර් සේවනාදි‍යකුත් නැතිව තමාගේම ලපටි හිතෙන් සතෙක් මැරීමට තරම් නපුරු ගතියක් ඇති වෙතොත් එය ධර්ම ශාස්ත්ර දෙකටම විරුද්ධ සිද්ධවීමකි. ලෝකයේ කිසිම දෙයක් ධර්ම ශාස්ත්ර් දෙකට විරුද්ධ විය නොහැක. ඒකාන්ත වශයෙන් මේ ළමයා මා නිසාම උපන් ම‍ගේ චෛතසිකයන්ට අනුකූල වූ එකෙක් නොවේය. මෙහි රහස මොහුගේ මව දනී යයි සිතා කාමරයකට ගොස් එහි තිබුණු කඩුවක් අතට ගෙණ භාර්යාවට කථාකේට මෙසේ කීයේය. “මම ධර්ම ශාස්ත්රථ දෙක හොඳන් දනිමි. ධර්ම ශාස්ත්රල දෙක බොරු කරන්ට දෙවියෙකුටවත් නොහැක. මා ස්ථිරසාර සත්යරවාදී කෙනෙක් බව නුඹත් දන්නෙහිය. මා රවටන්ටවත් මා මුලා කරන්ටවත් නුමට බැරිය. මනුෂ්යතයන් කාටත් වරදිනා බැවින් නුඹටද වරදින්ට බැරි නැත. ස්ත්රීවන් ආදී දුර්වල අයගෙන් වන වරද මා වැන්නන්ට ඉවසන්නටද බැරිකමක් නැත. නුඹ ඇත්ත කීවොත් නුඹත් මාත් රැකී අපේ අර පුත්රසයාත් රැකෙයි. නුඹ බොරු කී ඉක්මණින් මේ සම්බන්ධව දෙවෙන් වචනයක් නැත. ඒ හෙයින් නොසඟවාම මට ඇත්ත කියා දුන මැනවි. ඇත්ත කී කල්හි සිද්ධ වූ වරද කෙතරම් දරුණු වුවත් නුඹ කෙරෙහි මගේ ප්රේනමයද අධික වන්නේමය.

මෙසේ කී කල්හි බ්රාවහ්මණ ස්ත්රීේය බියපත්ව “වරඳ සැඟවීමට බොරු කීමෙන් වැරදි දෙකක් කිරීම” නිෂ්ඵල බව වැටහී ස්වවාමි පුරුෂයාට මෙසේ කීවාය. “ස්වාමීනී, සමාවුව මැනවි. තමුන්නාන්සේ ගෙදර නැති කාලයක මේ විථිය මුරකළ පොලිස් භටයාට රැවටී ඔහු සමඟ අසත් ධර්මයෙහි හැසිරුනෙමි. මේ ළමයා ඔහු නිසා හටගත්‍ කෙනෙකැයි මම සිතමි” යි කීය. ඥානවත්ත වූ ඉවසිලිවන්ත වූ බ්රායහ්මණයා ඒ සත්යි වචනයට සතුටුව “ සොදුර නුඹ මුළා වීමෙන් දුශ්චරිතයක් කළ නමුත් උසස් බ්රා‍හ්මණ ස්ත්රිවයක් මෙන් සත්ය ය ගරු කිරීම ගැන සතුටු වෙමි. මා උගත් ශාස්ත්රරය අත්හදා බැලීමටත් උඹේ අපරාධය හේතු වූ බැවින් නුඹ කෙරෙහි මගේ සිතේ කිසි අප්රමසන්නියක් නැතැ”යි කියා බ්රාේහ්මණයා

පියදාස සිරිසේන නවකථා එකතුව 509

තමාගේ ගමන යන්ට ගියේය. ඉතින් මේ සිද්ධ වූ කාරණා දෙකෙන් සත්වයන්ගේ උත්පත්තිය නිසා ඇතිවන ගතිගුණයත් ඉක්බිති ආශ්රනය නිසා ඇති වන ගති ගුණත් තේරුම් ගත හැක. “ආරේ ගුණ නෑරේ” කියන ව්යා වහාර කථාව මිනිහෙකු තුළ ප්රවකෘතියෙන් ඇතිවය “සහජ ගුණය” වෙනස් නොකළ හැකි බව දක්වන්ට කියන කීමකි. අනිත් අතට “ජම්මෙට වඩා පුරුද්ද ලොකුයි” යි ද අප රටේ කියති. එයද සත්යඅයකි. දුෂ්ට පොලිස් භටයාට දාව උපන් බැමිණියගේ පුතාට “ආරේ ගුණයත්” සොරුන් ආශ්ර ය කළ ගිරවාට “පුරුද්දත්” ඉදිරිපත් වූ බව පෙනේ. මේ වැදගත් ශාස්ත්රී ය කාරණය අප රට වාසීන් තොරුම් ගතහොත් අපේ ‍රට උදාරතත් අදහස් ඇති මනුෂ්ය දෙවියන්ගෙන් යුත් රටක් කළ හැක. රටක් කෙතරම් සාර උවත් රටක කෙතරම් ධනය සහ යස ඉසුරු තිබුණත් උදාර අදහස් ඇති පරාර්ථක‍ාමී සත්පුරුෂයන් බහුල නොවූවොත් ජාතියක් උසස් නොවේ. උවමනා විටක ජාතිය වෙනුවෙන් අලාභ විදීමට හිරිහැර විදීමට තරම් පරාර්ථකාමී චේතනා ඇති මනුෂ්යනයන් බහුල වනතුරු අපේ ජාතිය කවදාවත් දියුණු ‍නොවේ. සුරාපානාදී දුෂචරිතවල නියුක්ත මවු පියන් නිසා හටගන්නා දරුවෝ සතර අපායෙන් චුතවන පව්කාරයෝය. ඒ පව්කාරයන් ලැබීමට මව්පියන්ගේ කර්මය හේතුවීමත් ඒ කර්මයට අනුකූලවූ පව්කරුවන් දරු බවට පැමිණීමත් ඒකාන්ත සත්යුයකි. මෙලොවදීම කරණ සුචරිත ක්රිනයා කරණකොටගෙණ යට ආත්ම යේදී පින් කළ ද දරුවන් ලැබීමෙන් මවු පිය දු දරු දෙපක්ෂයම මහත් සතුටට හා සැපතට පැමිණෙන්නේ යම්සේ ද මෙලොවදී කරණ සුරාපානාදී දුශ්චරිත ක්රිරයා කරණ ‍කොටගෙණ යට ආත්මයේදී පව්කළ සත්වයන් දූ දරු බවට පැමිණීමෙන් මව් පිය දූ දරු දෙපක්ෂයම මහත් දුකට හා නොසතුටටත් පැමිණෙන්නේය.ලෝකයේ නොයෙක් රටවල ජනයා “සුදාරකොත්පත්තිය” ‍නා නානක්රපමවලින් සිද්ධවන බව කල්පනා කළ නමුත් “සුචරිතය” පමණක්ම සුදාරකොත්පත්තියට හේතුවන බව ඉර හඳමෙන් ප්රාකට සත්ය්යකි. “සුචරිතය” වනාහි පිරිසිදු භාවයත් ශරීර සෞඛ්ය යත් උදාර උසස් අදහසුත් සම්මිශ්රප වූ ගුණයකි. මේ නිසා උසස් පරම්පරාවක් ඇති කරීමට අව්යුශයෙන්ම උමවනා ගුණය “සුචරිත ධර්මය” ආරක්ෂා කිරීම බව දැන රත්තරනීට වැටහුනාදැ”යි ඇසුවෙමි. මගේ කථාව ඉතා ඕනෑකමින් අසාගෙනණ සිටි රත්තරනී. “මහත්මයා බුදුවන්ට මහත්මයා, ස්ත්රීෙ සො‍ෙඬක් වශයෙන් මෙහි පැමිණි කෙනෙක් නොවන බව මම මුලදීම සිතට ගතිමි. දැන් ඒ මගේ සිතිවිල්ල

510 ඉෂ්ට දෙවියා

සම්පූර්ණයෙන්ම ප්ර ත්ය ක්ෂවී ගියේය. ඇත්තෙන්ම මහත්මයා කවුද කුමකට පැමණියේද යන වග නොසඟවා කියන්ට, මහත්මයා මා අතින් දැන ගන්ට උවමනා සියල්ලක්ම මම නොසඟවා කියන්ට. මහත්මයාට මා අතින් දැන ගන්ට උවමනා සියල්ලක්ම මම නොසඟවා කියන්නෙමි”යි භය භක්තියෙන් යුක්තව රත්තරනී කීවාය. කරුණාවන්ත වූ මැගේ පැහැදීමෙන් පසු මා ඇත්ත නොකීවොත් ඇගේ අවංක ප්රමසාදයට කරණ ‍අ‍ගෞරවයක් බව සිතා “රත්තරනී” මම නම් රහස් පරීක්ෂක කෝන්ගොඩ වික්රෙමපාල වෙමි. සත්කෝරළේ පවුලක දරුවන් විනාශකර බූදලයක් අත්කර ගැණීමට කවුදෝ ක්රිවයා කරති. ඒ සම්බන්ධත තොරතුරු විමසන මම ඒ පවුලේ දෙදෙනෙකුට වෙදකම් කළාය කියන උ‍ඹේ මිත්රධ දොස්තරගේ මාර්ගයෙන් ඔවුන්ට යම් කිසි හානියක් වීදැයි විමසා ගැණීමට නුඹ සම්භවෙන්ට ආවෙමි. ඉතින් ඔහුගෙන් නුඹට යමක් දැනගන්ට ලැබුනා නම් නොසඟවා ඒ මට කියාපන්නැ”යි කීවෙමි. “අනේ මහත්මයෝ, මගේ මිත්රඔ දොස්තර මේ ගමට එනකොට මගේ වයස අවුරුදු දොළහකුත් නැත. ඔහු පාතරට පැත්තේ වැදගත් කෙනෙක් බව කියා අපේ අම්මා සතුටු කර‍ගෙණ මම ඔහුගේ බන්ධතනයට ඇතුලත් කරගණු ලැබුවෙමි. මේ පළාතේ පොහොසත් බලසම්පන්න පවුල්වල කාටවත් ලැජ්ජා භය ඇති බවකි මම නොදනිමි. බණ්ඩාර මහත්තැන්, නිලමෙලා ආදීහු පහත් කුලයයි කියන අපේ ස්ත්රීනන් සමඟ කල්යැවීමත් අපේ ගේවලින් කෑමබීමත් කොහෙත්ම අඩුවක් නැතිව කරති. ඔය උසස්ය කියන අය අප භාර්යාවන් කරගන්නටත් අප සමඟ එක‍ට කන්ට බොන්ටත් කිසිම පිළිකුලක් නැත. පිළිකුල්ව හිතට අමාරුව පවත්න්නේ අප හොඳට ඉදීම. ධර්ම ශාස්ත්රව ඉගෙණීම, අලංකාර ගෙවල් දොරවල් හදාගැණීම, වෙළහෙළදාම් ආදී කටයුතු කිරීමත් පමණකි. කුඩා කාලේ ඉතාමත් විලිබිය ඇතිව වැඩුණු මට අපේ ගමේ බින්න බැස්සාක්මෙන් කල්ගතකළ පෙරකදෝරු බණ්ඩාර මහතාත් බස්නායක මහතාත් පුතාත් අපේ නෑනලා ‍දෙන්නෙකු හා නිතර සමාගම් පැවැත්වීමෙන් මගේ මුල් ගතියද වෙනස් වී නොපණත් ක්රිකයාවලට පැවති භය ලජ්ජාකම දුරුව ගියේය. එතැන් පටන් දොස්තර උන්නැහේ කෙරෙහි මා තුළ පැවති භය භක්තිය ද මග ඇරී ගියේය. එසේද උවත් අවුරුදු තුනක් පමණ මගේ ස්වාමිපුරුෂයා මෙන් විසූ එහු මට කෑම ඇදීමත් වෙන වෙන උපකාරත් කළේය. ඔය කාලේ සත්කෝරළය පැත්තෙන් මහලු වෙදරාළ කෙනෙක් වරක් දෙකක් මෙහාටද ‍ආවේය. තවත් ‍තරබාරු දෙකටහරි වයසේ ස්ත්රිමයක්ද එක වතාවක් අවුත් - බොහෝ වේලා දොස්තර මහතා සමඟ

පියදාස සිරිසේන නවකථා එකතුව 511

කතාකරමින් උන්නේය. ඒ දවස දොස්තර මහතාට පවුන් සියයක් තරම් මුදල් ලැබුණු බවත් මම දැනගතිමි. නමුත් කර කියාගත් කිසිවක් මට දැනගන්ට බැරිවිය. ඕනෑකම තිබුණා නම් මට දැනගන්ටත් ඉඩ තිබුණා. ඒ කාරණය සම්බන්ධව වෙන කිසිවක් කියන්ට මම නොදනිමි”යි රත්තරනී මට කීවාය. ඉතින් ඇගේ මෘදු මොලොක් අවංක ගතිය ගැන ප්රරසන්නවූ මම තව දුරටත් ඈ සමඟ කථා කිරීම නිෂ්ඵලයයි සලකා රත්තරනී විසින් පිළියෙල කරදුන් ඇ‍ඳේ නිදා ගතිමි. උදේ පහට නින්දෙන් අවදිව කල්පනා කරන්ට පටන් ගතිමි. මේ පළාතේ පසු ගිය කාලය තුළ හදිසි මරණ බොහෝමයක් සිද්ධවී තිබේ. නමුත් ඒ සම්බන්ධව මහ ජනයාට කිසිම විස්තරයක් හරිහැටි දැනගන්ට ලැබී නැත. එබඳු පළාතක ඊට වඩා සුළු වැරදි සිද්ධවූවාට දැනගත හැකිවේද? ඒ එසේද උවත් රටේ මහතෙකුගේ වලව්වක සතියක් පමණ නැවතී සිට මම නැවතත් දොස්තර ළඟටම යන්නෙමියි සලකාගෙන ඇ‍ඳෙන් නැගිට රත්තරනීට ඈ කළ සංග්රයහයටත් ඇගේ අවංක මෘදු ගතියටත් සිහිවීමක් වශයෙන් රුපියල් දහයක්ද දී නැවතත් නුවරටම පැමිණියෙමි. මට උවමනා වූයේ එක්තරා රටේ මහත්තැන් ගෙදරක අප්පු කෙනෙක් වී ටික කලක් සිටීමය. මේ රටේ මහතා කෙළවරක් නැතිව බෞද්ධ විහාරවලත් ආදායම් භුක්ති විදින කෙනෙක් නමුත් හෙට්ටින් තබා කාබුල් කාරයන් ‍එකෙක්වත් අතනෑර ණයවී සිටින ණය ගැතියෙකි. මුළු රටකුත් කමින් බෞද්ධාගමේ දේපලත් කමින් මේ ණය ගැතිවන්ට හේතුව දැන ගැනීම ඉතාමත් අවශ්යබ බැවින් මොහු ළඟ ගැවසෙන්ට සිතට ගතිමි. මගේ මිත්රව හෝටල් කාරයාට පස් මාසයක් පමණ මා සම්බන්ධ කිසිවක් කිසිවෙකුට නොකියන ලෙස කියා මම පාතරට අප්පු කෙනෙක් ලෙස සැරසී රටේ මහතාගේ වලව්වට ගොස් රක්ෂාවක් ලබාගන්ට ආ බව කීවෙමි‍. උදේ වරුවේ මඳක් මෘදු ගුණ ඇති මොහු “ඔව් බන් - අපට හොඳ අප්පු කෙනෙක් උවමනා කර තිබේ. හැබැයි, කෝකි වැඩත් දන්නා කෙනෙක් නම් වඩා හොඳය. උඹට “ඉංග්රීදසි” කෑම හදන්නටත් පුළුවන්දැ”යි ඇසුයේය. මට වැඩේ හරියන්ට එන්නාක් මෙන් දැනී - ඔව් මට උවමනා කොයි වැඩත් කළ හැකියි කීවෙමි. ඉතින් මසකට රු. 15 කුත් කැමට ඉදුම් හිටුනුත් ඇතුව එහි නැවතුනෙමි.

512

08. පරිච්ඡේදය

රටේ මහතාගේ ගෙදර නවතින්ට වුවමනාම නිසා කෝකි වැඩක් දනිමියි කී නමුත් කෝකි වැඩ කිරමිමේදී කුකුලන් ආදී සතුනුත් මරන්ට සිද්ධවේදැයි මගේ සිතේ භයක් අටගෙණ මහත් අමාරුවට පත්වී - දවල් කෑමෙන් පසු රටේ මහතාට ඒ බව කියමියි සිතා සිටියෙමි. රටේ මහතා කොයිබදෝ ගොස් දවල් කෑමට ආවේ දවල් එකටය. ඒ එනකොට “පාන් කියන්ට බැරි තරමට” වෙරිවෙලා. මදක් තම්බන ලද ගෙරි මසුත් සමඟ අනිත් කෑම වලිනුත් රටේ මහතාට මේසය සර්ජිත කර තිබුණේය. මා දත් තරමින් උන්නැහේට කෑම මේසේදී සංග්රරහ කෙළෙමි. රටේ මහතා ආහාර ගෙන නින්දට ගියේය. දවල් හතරට පමණ වෙරි හමිදී නැගිටුණේය. නැවතත් බී වෙරි මත්වෙන්ට පෙර කතා කරමියි සිතා උන්නහේ ළඟට ගොස් “ දිසා හාමුදුවනේ කාරණයක් කියන්ට මට අවසරයි. මම කෝකි අප්පු වැඩ කළාට මොකද බුද්ධාගම්කාරයෙකි. ඉන්නිසා මට කුකුලන් ආදී සතුන් මරන්ට බැරිය. ඒ ගැන මට සමාව දෙන්ට ඕනෑය”යි කීවෙමි. එවිට රටේ මහතා සිනාසී “මොකද අප්පු උඹට පිස්සුද, මම උඹටත් වඩා ලොකු බුද්ධාගම්කාරයෙකි. උඹ මගේ නමත් මා ‍දරණ බුද්ධාගමේ ලොකු පදවිත් දන්නේ නැති හැඩකි. බුද්ධාගම කියා කීවාට මොදක නොකා නොබී ඉන්ට පුළුයන්ද? අපේ ගෙදරට යුරෝපීය මහත්වරු හා උසස් නිලධාරීහුත් නිතරම පැමිණෙති. ඔවුන්ට හොඳින් සංග්රරහ කරන්ට ඕනෑ - කුකුලන් තාරාවුන්, ඌරන්, පරෙයියන් නිතර මරන්ට ඕනෑ - උඹට ඒවා කරන්ට බැරි නම් මොන අප්පු කමක්ද? මොන කෝකි කමක්දැයි කීවේය. මම - අනේ! දිසා හාමුදුරුවනේ, එහෙනම් මම දැන්මම යන්නෙමි. සතුන් මරන්ට නම් මට බැහැ. රටේ මහතා - පිස්සු නැතුව හිටපන් අප්පු. දැන් ධනවත් ව ප්රනසිද්ධව ඉන්නා කොයි සිංහල ගෙදරද සතුන් නොමරන්නේ? මම - සතුන් නොමරණ ධනවත් ‍බෞද්ධ ගෙවල් බොහෝමයක් මම දනිමි. ර.ම. - එහෙනම් ඒ පාතරට. උඩරට නම් කොයි පොහොසතාගේ ගෙදරත් සතුන් මරණවා. අපි

පියදාස සිරිසේන නවකථා එකතුව 513

යුරෝපීය මහතුන්ට බොහොම ගරු කරනවා. ඊටත් වඩා අපේ මහණුන්නාන්සේලාට පවා මස් මාංශ නැතුව දනක් දුන්නත් හොඳ මදි. කිකිළි බිත්තරත්, කුකුල් මාලුත් අපේ වලව්වල නිතරම කනබොන සිරිතයි. මම - ඉතින් පව් සිද්ධවෙනවා නොවේද? ර.ම. - ඔව් අප්පු, බුද්ධාගමේ හැටියට නම් පව් සිද්ධ වෙනවා තමයි. නමුත් අපේ වස්තුව බලනකොට අනුන්ගේන් කොල්ලකා ගන්නා අල්ලසුත් - විහාර දේවාල සන්තක මුදලුත් නිසා අපේ පාපයෙන්ම පිරිලා දේවාල සන්තක මුදලුත් නිසා අපි පාපයෙන්ම පිරිලා ඉන්නා පිරිසකි. ඉතින් සතෙක් මැරුවත් නොමැරුවත්, මත්පැන් බිව්වත් නොබිව්වත්, පරදාර සේවනය කළත් නොකළත්, අපි අපායට යන එක නම් ඇත්තයි. ඒකට මොකද මෙලොව වශයෙන් රජ සැපයි.

මම - ‍අනේ! මෙලොව වශයෙනුත් රජ සැප තබා හිඟන සැපක්වත් අධර්මවාදීන්ට ඇති බවක් අපට නොපෙනේ. හිතට කයට සැනසිල්ලක්වත්, ප්රීේතියක්වත්, නිරෝගීකමකවත්, ස්තුති ප්ර ශංසාවක්වත්, සි‍තේ සැහැල්ලු ගතියක්වත් අපරාධ අයුතු කරණ මිනිහෙකුට නැත්තේය. එපමණකුත් නොව පරම්පරා දෙකක් යන්ටත් ප්රැථම අයුතු අධර්මවාදීව ක්රිමයා කරණ සතුන් මරණ සොරකම් කරණ මිනිසුන්ගේ පරම්පරා ශුන්ය ව විනාශව යන බව පෙනේ. ඉතින් පව් කරණ අපරාධ කරණ අයට මෙලොවදීත් සැපතක් තිබෙනවායි යන කීම බො‍රුවට පෙනෙනවා නොවේදැයි කීවිට රටේ මහතා මා දෙස බලා “හොඳයි අප්පු. උඹ උපසකයෙක්! සතුන් මරන්ට කමක් නැහැ. එහෙම යමක් උවමනා වුණාම උඹ වලව්වේ ඉන්නා ටිකිරා විසින් කරණවා ඇති.

“ මට දැන් ගමනක් යන්ට තිබෙන නිසා මම යන්නෙමි. කොයි ‍එකට උණත් සුමානයක් හමාරක් උඹ නැවතියන්නැ”යි කීය. මේ වලව්වේ තොරතුරු බලාගන්ට මට හොඳටම ඉඩ ලැබුනේ යයි සතුටුව වලව්වේ “හාමුදුරුවන්ටත්” පුංචි කුමාරිහාමිල්ලාටත් ඉතාමත් පක්ෂපාතව

514 ඉෂ්ට දෙවියා

යටහත් කීකරුව ඒ දෙතුන් දවස කල්ගත කරන්ට සිතට ගතිමි. රටේ මහතා ගිය හැටියේම උන්නැහේගේ දුවනිවරුන්ගෙන් දෙන්නෙක් කෝලාහල කරන්ට පටන් ගත්තෝය. මොවුන්ගේ මේ කොලාහලය පුදුම එකකි. ඒ කුමක් දැයි මේ කියවන්නාම තේරුම් ගත යුතුයි. “ උඹ හැබෑ ගෑනි! උඹේ විත්තිය මම දනිමි. ටිකිරා බොහොම පිළිකුල් කැත එකෙක්! උඹ ඌ ගේන වතුරවත් බොන්නේ නැහැ” කියා එකියක් කීවාය. එවිට අනිකා “උඹට ටිකාරාගේ විත්තියක් කුමටද? උඹ අක්කලාට ඉස්සරනි උපන් වැඩිමලහල් එකී. තිගේ විත්තිය ඇහැවොත් බල්ලෝ බත් කන්නේ නැහැ” යයි අනිකා කිය. මෙහි ලියන්නටත් බැරි තව පිළිකුල් වචන කියමින් බැණගන්න විට, මව් කුස්සිය පැත්තට ගොස් බාල එකියට පාරක් ගසා “කට පියාපිය තොපි ලොකුවට කෙලීජියේ බෝඩිංවෙල් ඉංග්රීටසිත් ඉගෙන ගත් හොඳ “සීලාචාර කුමාරිහාමිලා” යයි පුච්චන් ඇද බාති. නමුත් අක්කලා නගාලම කුලමල කියා ගන්නේ නැතුව බැණගන්නේ නැතුව ඉන්ට බැහැ නොවැදැ”යි කීවාය. මවගේ පහරෙන් කිපුණු ඩේසි කුමරිය “ඔව්, මම්මාගේ විත්තිය ඇහුවොත් බල්ලෝ බත් කන්නේ නැහැ. ඊයේ රෑ, කරපු ගම්පෙරලිය මම බලාගෙන නොසිටියෙමිද? දූලා හැදෙන්නේ අම්මාගේ හැටි බලා ගෙනවද? අවුරුදු පණහ වෙච්ච මම්මාට දවසකට විස්කි බෝතලයක් ඕනෑ. ගෙදර ඉන්නා වැඩකාරුවන්ගෙන් වත් නම්බුවක් ලබන්නට ඉඩ තියාගෙන නැති මම්මා අපට අවවාද කිරීම හරියටම නිර්වස්ත්රටව ඉන්නා කෙනෙක් කිළුටු අඳින කෙනෙකුගේ දොස් කීමක් වැනිය” කියා ඒ ළමිස්සී “කටකට” ගගා දත් කමින් යන්ට ගියේය. මෙතන ඉන්නා ටිකිරා ඉතා ශක්තිමත්විසි අවුරුද්දක් පමණ වයසැති සම්පූර්ණ දේහයක් ඇති තරුණෙකි. ඔහුට කෑම බීම හා මිළ මුදල් වලින් කසිම අඩුපාඩුවක් නැත. වලව්වේ වැඩ කරුවෙක්වාට මොකද ඇතැම් විටක රටේ මහතාටත් වඩා ගරු සරු ඇතුව ක්රිවයා කරන්නෙකි. මේ කාරණය දුටු මම ටිකිරා සමඟ මිත්ර ව ඔහුගෙන් කාරණය තේරුම් කරවා ගන්ට සිතා ගතිමි. ටිකිරා කිසිත් නූගත් එකෙක් වුවත් කෙළිකවට කිරීමට සතුටු ඉක්මනින් කෝපනොවන කෙනෙක් බව පෙනී එදා සවස අපේ වැඩපල ඉවරවුණාට පසු ටිකිරාත් සමඟ කතාවට වැටී “කොහොමද ටිකිරෝ, මේ වලව්වේ ඉන්නා වැඩකරුවන්ට දියුණුවක් ලබා ගන්ට පුළුවන්දැ”යි ඇසුවෙමි. “මොනවාද අප්පු උන්නැහේ” මට නම් දිව්යද ලෝකයේවත් නැති සැප මෙතන නමුත් සමහර දාට සැප වැ‍ඩිවෙලා මහත් දුකයි. ඇත්තටම

පියදාස සිරිසේන නවකථා එකතුව 515

ඕනෑවට වඩා කොයි දේ ලැබුණත් ඒ සැපක් නොව දුකකි. හැබැයි මෙතන සැප ලබන්ට පුළුවන් හැ‍මෝටම නොව එක මාදිලියක මිනිසුන්ට පමණකි. අපේ දිසා හාමුදුරුවන්ගේ කුමාරිහාමිත් දූවරු හතර දෙනාත් එක්කෙනෙකුට වඩා අනික් ‍එන්කෙනා හොඳයි කිවයුතු ඇත්තෝය. ඒ නිසා දිසා හාමුදුරුවෝ මොනවා කීවත් “අප්පු උන්නැහේ” දවස් කීපයක් ඉන්නකොට මගේ කීම හැබෑද? බොරුද කියා දැනගන්ට පුළුවනැයි කීය. ඉතින් එදා රෑ දිසා මහාත නාවේය. මම පිළිකන්න පැත්තේ ඉස්තෝප්පුවේ බූරු ඇඳක් පිට නිදා ගතිමි. ටිකිරාත් මා ළඟ නිදා සිට රාත්රී 9 ට පමණ ගියේය. පැය දෙකකට පමණ පසු ඔහු අවුත් ටික වේලාවක් ඉන්න කොට නැවතත් “ටිකිරෝ” කියන මිහිරි හඬක් ඇසුනු බැවින් මම නිදාගන මෙන් බලා සිටිනා විට ටිකිරා පැදුරෙන් නැගිට මේ කරදර විඳින්ට බැරිය කියමින් යන බව පෙනුනේය.

ටිකිරාගෙන් පසු දින උදේ රාත්රිකයේ පැවති කලබලය ඇසුවාම ඔහු කි කරුණු තවත් කාවත් සමඟ කීම දුෂ්කර බැවින් මෙහි නොලියමි. මා වුන් රටේ මහතාගේ ගෙදර තිබෙන්නේ ශිෂ්ටාචාරයක් නම් ඒ මුළු ලෝකය අවීචි මහා නරකාදියටත් වඩා දුඃඛිත බවට පමුණුවන එකක් ලෙස ලුහු‍ඬෙන් සලකා ගත යුතුය.

දූ පු තු න් සිටින බවවත් නොතකා ම මෝ හ යෙ න් අඳව බලු කැනහිල් සේ ම මෑ නි ය න් කරණ නොපණත් කම් සෑ ම බෝ ත දි න් පුරුදු වෙමි සුතනට පේ ම

ම බ් පි ය දෙදෙන කන බොන හැසිරෙණ හැ ටි ය අ ව් ස ද යකි දරුන්ටත් ඒ මොළ කැ ටි ය ප ව් පි න් නොතකතත් කවුරුත් එක හැ ටි ය ලෙ ව් ද න ගැරහුමට වත් බියවනු ව ටි ය

ම ව ක් දුසිරි කරණා ඇතහොත් ගෙද ර දු ව ක් හොඳ වේද කෙලෙසක කිය මිතු ර ප ව ක් පිණක් නොතකන මුත් මෙ දිය තු ර සැ ක ක් බියක් නැද්දෝ දුසිරිතට ගො ර

යන මේ පුරාණ කවි හෙමින් කියමින් ඉන්නා විට ටිකිරා මා ලඟ අවුත් “මොකද අප්පු අයියේ කලකිරුණා වාගේ ඉන්නේ - මා කී කරුණු

516 ඉෂ්ට දෙවියා

ගැනඳ’යි ඇසීය. ඔව් ටිකිරෝ, දැන් මේ ලොකු වලව්ව මගේ කල්පනාවේ හැටියට නරකාදියට වඩා අමුත්තක් නැත. මා මේ කල්පනා කරන්නේ අනිත් ලොකු ගෙවළුත් මෙහෙමද යන වගයි කීවාම ටිකිරා සිනාසී “අප්පු අයියා දන්නේ නැහැ - අපේ රටේ දැන් ලොකු මිනිස්සු කවුරුත් මෙහෙම තමා. එලිමහනේ ප්ර්සිද්ධයේ නම් ලොකු නම්බුකාරයෝ, අප්ර සිද්ධ රහස් ‍ජීවිතය ගැන සොයා බැලුවාම බලු බළල් ආදී සතුන්ටත් අන්තයි “හාමුදුරුවෝ” කියවා ගැණීමත්. බණ්ඩාර මහතාය, රාළහාමි, ඒත් මදිව “දෙවියෝය” කියවා ගැනීමට පවා ඕනෑ නමුත් නීච අපත් සමඟ මේ ලොකු අයගේ සම්බන්ධකම දනීතොත් බල්ලෝ බත් කන්නේ නැතැයි කිවේය. අපි මෙහෙම කතා කරමින් ඉන්නා විට රටේ මහතා කොයිහදෝ සිට අවුත් මට කථාකොට “අප්පු” අද රාත්රීද මගේ මිත්රඅ උසස් ඉංග්රීයස් මහත්තැන් දෙන්නෙක් ගෙදරට පැමිණෙත්. උන්නාන්සේලාට සංග්ර හ ක‍රන්ට උඹට පුළුවන්ද? ඉංග්රී සි විධියට සියලුම කෑම බීම හරි ගස්සන්ට ඕනෑයයි කීයේය. සතුන් මැරීමාදී අපරාධ කරන්ට අසතුටු වව මට අප්පු වැ‍ඩේ නම් පුළුවනි. සතුන් මරා උයන්ට නම් බැරි යයි කීවෙමි. ඊට නොසතුටු වූ රටේ මහතා කාට‍දෝ පිණිවුඩයක් යවා ගෙදරට එන මිත්රට ඉංග්රීොසිකාරයන්ට සංග්ර හ කරන්නට සැරසුනේය. ටික වේලාවක් යන විට කලිසන් ඇඳපු හැටියේ ටිකක් විපිලිසර වූවාක් මෙන් සිට රටේ මහතා සමඟ කාමරයකට ගොස් මිනිත්තු පහළොවක් පමණ මොනවාදෝ කතාකර ගෙන එලියට ආහ. ඒ ආ ඉක්මනින් රටේ මහතා මට කටයුතු වගයක් නියම කෙළේය. ඉතින් රාත්රිායේ කෑමට එන සුදු මහත්තැන් පිළිගන්ට සූදානම් වී ඉන්නා විට ඔවුහු ආහ. රටේ මහතාගේ හොර මැරකම් ආදිය සඟවා ගැනීමට නිතර උදව් දෙන මේ මහතුන්ට නොකළ සංග්ර හයක් මෙහි නොමැතිවිය. රටේ මහතාගේ තරුණ දියණියන්ද දිව්යසප්සරාවන් මෙන් සැරසී මැණිකේ ද අතුළුව කවුරුත් එකට වාඩිවී ආහාර අනුභව කළෝය. මම අප්පු වශයෙන් ඔවුන්ට සංහ්රරහ කෙළෙමි. එහි සිටි තරුණියන් දෙදෙනා මීට ප්රෙථමත් මේ සුදු මිනිසුන් දෙ‍දෙනා සමඟ කථාබස් ආදිය කොට පලපුරුදු ඇති අය බව ‍හොඳිනි තේරුම් ගතිමි. එදා ‍කෝකියාත් සමඟ ආ කලිසන් ඇදි සිංහල තරු‍ණාද මේ මේසේ ම කෑ බැවින් නොඅනුමානව රටේ මහතාගේ ඤාතිවරයෙක් බව මට තේරුනේය. මොවුන් ආහාර අනුභව කළාට පසු එහිම රාත්රීර නිදාගන්නටද සූදානම් වූහ. මා ඇතුළු ගෙදර වැඩකාර ජනයා බත් කා

පියදාස සිරිසේන නවකථා එකතුව 517

ඉවර වෙනකොටම රටේ මහතා මා ළඟට අවුත් “අප්පු” උඹ මේ මහතාත් ටිකිරාත් සමඟ අපේ ගමන් කරත්තයෙන් දැන ගමනක් යන්ට ඕනෑ. උදේට උවමනා කෑම වගයක් ගෙණෙන්නටය”යි කීවේය. ඉතින් මමත් ඒ තරුණයාත් ටිකිරාත් යන තුන් දෙන බක්ති කරත්තයක නැගී ගියෙමු. රාත්රිට දහයට පමණ බැවින් මේ යන්නේ කොහාටදැයි මට දැනුමක් නොමැති විය. හැතැප්ම හතරක් පමණ ගොස් කරත්තය නවත්වා එතැනින් අඩි පාරක් දිගේ හැතැප්ම බාගයක් පමණ ගියෙමු. එසේ ගොස් හේනක් මධ්යයයේ තිබෙන ගෙදරකට ගියෙමු. එම හේනට ඇතුළු වුනු හැටියේම මගේ හිතේ සැක ඇතිවිය. නමුත් එවේලාවට කළ හැකි කිසිවක් නැති බැවින් ඒ ගෙට අනිත් දෙන්නත් සමඟ පැමිණියෙමු. අප ගෙට ඇතුල්වනු හැටියේ අප සමඟ ගිය තරුණා “කිරියෝ, සියාතුවෝ මෙන් මෙහෙ වරෙව්” කියන කොට එතන මෙතන නිදාගෙන වුන් යම දූතයන් වැනි හදෙනෙක්ම නැගිට අවුත් “මොකද බණ්ඩාර හාමුදුරුවනේ” කියා ඇසූහ. එවිට බණ්ඩා මගේ කුලලෙන් තල්ලුකොට “මෙන්න කිර‍ියෝ අපට විනකළ වික්රතමපාලයා” මොහු දැන් බැඳලා තබාගෙණ දස වදදීලා මූ මරාපියව්” කියා කිරියලාට මා භාරදී බණ්ඩාරත් ටිකිරාත් යන්ට ගියාහ. කිරියා ඇතුළු දැඩි පුරුෂයන් හදෙනා මා ගේ ඇතුළට දමා දොර වසා මට බණින්ට පටන් ගත්හ. “උඹ රහස් පරික්ෂක වික්රුමපාලද. උඹ උපේ බස්නායක නිලමේ හාමුදුරුවන්ටත් තවත් වලව් කීපයකටත් කරපු අලාභහානි අවනම්බුවලට පලි ගන්ට ඔය දැන් අවුත් ගිය බස්නායක නිලමේ හාමුදුරුවන්ගේ පුතා වන බන්ඩාර හාමුදුරුවෝ අවුරුදු ගණනක සිට පෙරුම්පුරණවා. උඹ අපට අසු නොවේය කියා හිතාගත්තාද, දැන් බලාපන් උඹට වෙන එක” කියා - මගේ අත් දෙකත් කකුල් දෙකත් බැඳ පැදුරු කඩමල්ලක් උඩ නිදි කරණු ලැබුවෙමි. මගේ ජීවිතයේදී කවදාවත් මෙබඳු මර උගුලක අසුවෙන්ට ලැබුනේ නැත. “වලව්වක පලහිලව්වේ” පෙණෙන බස්නායකයාගේ පුතා මා කෙරෙහි අඝාත බැඳ සිටි යම්කිසි මගේ ම මිත්රු ද්රෝාහියෙකුගෙන් මා රටේ මහත්මයාගේ ගෙදර අප්පු කෙනෙක් වශයෙන් ඉන්නා බව දැනගෙන මෙසේ අසුකර ගත් බව පෙනේ. ඉතින් මගේ අවසානය මෙතැනයයි නොසිතා වෙන කුමක් සිතන්ටද? කිසිත් නොදන්නා රටක මහ කැලේ මැද හේනක තනි ගෙයක රෞද්රස මිනිසුන් හදෙනෙක් අතට අසුව ඉන්නා නිරායුධවූ මා විසින් කුමක් කළ හැකිද? නමුත් වික්ෂිප්ත වු ඉක්මණින්ම උපාය ඥානය උපදවා ගත නොහැකි වබ දන්නා මම වැටුණු තැනම නිදා

518 ඉෂ්ට දෙවියා

ගතිමි. පැය තුනක් පමණ නිදා සිට ඉක්බිති කල්පනා කරන්ට පටන්ගෙණ මෙසේ සිතුවෙමි. “නොඅනුමානවම හෙට උදේ බස්නායකගේ පුතත් තවත් කීප දෙනෙක් මෙහි එනවා ඇත. ඔවුන් ආවිට මට බලවත් වද හිංසා කොට මා තවත් ඈත වනයට යවනු නිසැකය. මේ නපුරු මිනිසුන් හදෙනාට තවත් නපුරු අය එකතුව මට වද දෙනු නිසැකය. මා අතේ කිසිම ආයුධයක් හෝ වෙස් මාරුකර ගැනීමේ කිසිම උපක්රකමයක් හෝ නැති බැවින් මොවුන් භයකොට හෝ මුළාකොට මෙයින් බේරෙන්නටද ඉඩක් නැත. ඒ එසේද වුවත් සිද්ධවෙන එක ලඟටම පැමිණෙනතුරා ඉවසිල්ලෙන් බලා ඉඳිමි”යි අධිෂ්ඨානගොට බුදුගුණ ගාථා කියන්ට පටන් ගතිමි. මම කිසිම බියක් නැතිව මෙසේ ගාථා කියන්ට පටන් ගතිමි. මම කිසිම බියක් නැතිව මෙසේ ගාථා කියනු අසා සිටි දුෂ්ට මිනිසුන්ගෙන් කීපදෙනෙක්ද අවදිව ඒ අසාගෙන වුන්හ. ඒ කාණ්ඩනයේ උන් ඉතාමත්ම නපුරු මිනිහා වන කිරියා තවත් ‍එකෙකුට කථාකොට “බලාපන් හරු‍වෝ, අර මිනිහා මර උගුලේ අසුව ඉඳගෙනත් ගාථා කියන හැටි! මෙහෙම නිර්භීත මිනිස්සු ලෝකයේ ඉන්නවා නොවේද? මේ මිනිහා වික්රපමපාල මහතාමය”යි හෙමින් කියන වගද මට ඇසුනේය. මොහු මා කරෙහි කොහි අන්දාමක නමුත් සැලකිල්ලක් ඇති කිරීම එක්තරා සැනසිල්ලකැයි සිතමින් බුදුගුන ප්ර කාශ වන ගාථා දහයක්ම කිවෙමි. මා ගාථා කිය ඉවරවනවත් සමඟම සූර්යයාද ඇතිවිය. නමුත් උදේම තදින් වසින්ට පටන්ගත් බැවින් ගෙයි සිටි කිසිවෙකුත් එලියටවත් යා ගත නොහැකි විය. බොහෝ කාලයකින් නොවැසි තරම් බලවත් වර්ෂවක් එදා වසින්ට සිද්ධවූයේ කුමක් නිසාදැයි කියමින් ඔවුනොවුන් අතර කථාවෙක බව මට ඇසුනි. ඒ කාණ්ඩේ සිටි සිරිමලා නමැති අය සියාතුට කථාකොට “ඔන්න ආයුබෝවන්ඩ මම නොකීවාය කියන්ඩ එපා - මේ අල්ලාගෙන අවුත් ඉන්නා මනුෂ්ය යාට කිසිම අන්තරාවක් කළොත් අපටත් බණ්ඩාර හාමුදුරුවන්ටත් පමණත් නොව දිසා හාමුදුරුවන්ටත් අමාරු නොවේයයි ‍නොසිතිය යුතුය”යි කියන බවද මට ඇසුනු නමුත් මගේ විනාශය මේ ස්ථානයේදීමයයි මට බලවත් සැකයක් ඇතිවිය. ඒ උදේ පැවති වර්ෂාව කෙතරම් වේගවත්වීද කිව‍හොත් උදේ ආහාර පිණිස කිසිවක් සූදානම් කිරීමටවත් ඒ සොරුන්ට ඉඩක් නැති විය. දවල් එකොළහ පමණ වනවිට ටිකක් පායන්ට පටන් ගත්තේය. එතකොටම වාගේ බස්නායකගේ පුත්රතයා වන බණ්ඩාරත් - ජා මිනිහෙකුත් අප වුන් තැනට අවුත් මට පහර කීපයක් ගැසූහ. ඉතා


පියදාස සිරිසේන නවකථා එකතුව 519

අමාරුවෙන් ඒ පහර කාගෙණ තුෂ්නිම්භූතව ඉන්නා මා දෙස බණ්ඩා රවමින් “තෝ අපේ පවුලට කළ හානියට පලිගැනීමට තා මැරුවත් මදිය, ඒ නිසා දෙන්ට පිළිවන් සියලුම වදදී තා මරණවාය”යි කීවේය. ඉක්බිති ඔහුත් සමඟ ගිය රාහු නැමැති ජාවාටත් තවත් සිංහල පස්දෙනෙකුටත් කථාකොට “මොහු මෙතනවත් තබාගත යුතු නැත. නුඹලා පල්ලේකන්දේ ගල්ගේ ලඟට ගෙන ගොස් මොහු එහි නවත්වා ගෙණ දවසකට එකවරක් පමණක් මොනවාත් කන්ට දියයුතුය. මමත් දිනපතාම එන්නෙමි. දවසකට එක විධියකින් වද කරන්ට ඕනෑය. මූ දිනපතාම එන්නෙමි. දවසකට එක විධියකින් වද කරන්ට ඕනෑය. මූ අලි වංචාකාරයෙකි. මුගේ බහට කිසිවෙන් රැවටෙන්ටවත් මූට අනුකම්පා කරන්ටවත් එපායයි කී බැවින් පිටිකරට තබා බඳිනලද අත් ඇති මම මේ රෞද්රර හොරුන් හදෙනා විසින් පල්ලේකන්ද කියන ස්ථානයට රැගෙණ යනු ලැබුවෙමි. ඒ ස්ථානය මනුෂ්යල කටහඬක් නැති මනුෂ්යට වාසයකින් සැතැප්ම පහළොවකටත් වඩා දුරවූ රෞද්ර‍ වනයකි. ඇත්තෙන්ම මගේ කරුමෙට මේ බණ්ඩාරට අසු වුණා මිස ටිකක් කල්පනා කළා නම් රටේ මහතා කී ගමන නොගොස් නවතින්ට හොඳටම ඉඩ තිබුනේය. මගේ හිතේ බලවත් දුකක් ඇතිවූයේ මේ හොරුන්ට කිසිම බලයක් පෙන්වන්ට බැරි හැටියට මා අසුවීම නිසාය. ඉතින් ගල්ගේ ලඟ දිරා ගිය කුඩා පැලක් ද තිබුනේය. එය හරක් මැරීමට පාවිච්චි කළ තැනක් බව පෙණුනේය. මා ඒ පැල තුළට තල්ලුකොට බිම වාඩි වෙන්ට සලස්වා පිටිකරට බැඳපු ‍අත්දෙක තවත් තද කේට බැඳ ගලඋඩ වාඩිවූහ. දවල් දෙකට පමණ හේනේ බංගලාවේ වුන් තවත් හොරෙක් බත් මල්ලකුත් හරක්මස් මුලකුත් රැගෙණ අවුත් හොරු හදෙනාට දී “ මෙන්න් උඹලාට කෑම - අර අල්වා ගෙණ අවුත් ඉන්නා මිනිහාට මොකවත් දීපල්ලාය”යි කීයේය. හොරු හදෙනා උවමනා තරම් බත් කා කොළපතකට දමා බත් ටිකකුත් හරක් මස් ටිකක‍ුත් මටද දුන්හ. මගේ අත් දෙක ලිහා ඔවුන් මා වරකර ගෙණ ඉඳ කන්ට කීහ. මමද එක පාරටම ඔවුන්ගේ කීමට කීකරුව බත්ටික කෑවෙමි. ඒ ඉවරවුනු හැටියේ නැවතත් බඳිනු ලැබුවෙමි. ඉතින් රාත්රීට හයට පමණ බණ්ඩාරත් සමඟ කලිසම් ඇදපු තවත් මිනිහෙකුත් තවත් හොරු දෙන්නෙකුත් අප සිටි තැනට පැමිණියාහ. මේ කලිසම් ඇඳපු මිනිහා බණ්ඩාර‍ගේ ගජ මිත්ර යෙක් වා පමණක් වොන පවුලක් විනාශ කොට ධනය ලබා ගෙන ඉන්නා අධම මනුෂ්යතයෙකි. මොවුන් අවුත් මා දෙස බලා බණ්ඩාර සිනාසී “බලන්ට පෙරේරා මා කළ හපන්කම මුළු රටේම මිනිසුන් භය කරමින් රහස් පරීක්ෂකයා අල්වාගෙණ අවුත්

520 ඉෂ්ට දෙවියා

ඉන්නවා - මොහු නොමැරුවොත් රටේ ඉඳීමක් නැත. පෙරේරා උන්නැහේ මොහු මීට ප්ර-ථම අදුනනවාදැ”යි ඇසීය. එවිට පෙරේ‍රා මා දෙස බලා “ මම නම් මොහුව දැක්කේ අදමයි. ඔය ප්රයසිද්ධ ‍කොන්ගොඩ වික්ර මපාල මොහුය කියා සිතන්ට අමාරුයි. තමුසේ මට පේන හැටියට කොතැනද දුප්පත් මිනිහෙකු අල්වාගෙණ අවුත් වික්රවමපාලය කියා වද දෙනවා වාගෙයි. වික්රෙමපාල හොඳටම අඳුනන කෙනෙක් එක්ක අවුත් මිස මේ මිනිහාට අන්තරා කරන්ට එපාය”යි කියනවා ඇසීමි. මට මහත් සැනසිල්ලක් විය. එවිට බණ්ඩාර පෙරේරා දෙස බලමිනි “ මේ වික්රමමපාලය කියා මට කීවේ ඔහු සමඟ නිතරම හැසුරුණු ඔහුගේම මිත්රවයෙකි. ඒ කීම නිසා මිස මම නම් කවදාවත් ඔහු නොදැක්කෙමි”යි කියනකොටත් නව දෙනෙක් පමන චන්ඩින් “මේ වික්රමමපාල නොවේය”යි කියා එකිනෙකා අතර කථාබස් කරණ වග මට දැනුනේය. ඉතින් බණ්ඩාරට බලවත් සැකයක් ඇතිව එතනින් ටිකක් ඉවතට ගොස් මොනවාදෝ කතා කරමින් සිට යන්ට පිටත් වී “උඹලා ඔය මිනිහා ඉතා හොඳන් ප්රතවේශසම් කරන්ට ඕනෑ. මම හෙට දොළහට ප්රඔථම ඔය කාලකණ්ණ්යා ගැන හොඳින් දන්නා මහත්මයෙකුත් සමඟ එන්නෙමි”යි කියා ලාම්පුවකුත් පත්තුකරගෙණ හොරු තුන්දෙනෙකුත් කැටුව පෙරේරාත් බණ්ඩාරත් යන දෙන්නා යන්ට ගියහ. දවල් සිටි පිරිස මා මුර කරමින් මා වටේ වාඩිවී වුන්හ. මේ වේලාව රාත්රීැ හතට පමණ විය. මට මොවුන්ගෙන් ගැලවී යන්ට ලැබේය යන කල්පනා මාත්රමයක්වත් ඇති නොවීය. මුළු දවසටම එකවරක් ආහාර ගන්ට සලස්වා තිබුනු මගේ ශරීරයක දුර්වල විය. දිරාගිය වහලක් ඇති අවටින් නිරාවරණව කුඩා පැලේ ඉන්නා මා ආරක්ෂාවේ තුන්දෙනෙක් සිටියදී අනිත් සොරු තුන්දෙනා ගල්ගෙටවෙලා නිදාගත්හ. හිතට කයට බලවත් පීඩා ඇති මට තදින් පිනි බාන බැවින් ඒ දිරාගිය පැලතුළ නිදාගන්ට බැරිවිය. අවදිව ඉන්නා හොරුන් මෙන් මමද කොළ පත්රු ආදී කුණු සහිත පැලේ අත් දෙපා බඳින ලදින් වාඩිවී සිටියෙමි. මෙසේ ‍රාත්රීත දහය පමණ වන විට මේ මහා කැලේ ඔබමොබ හැසිරෙන කොටින්ට මිනිස් ඉව දැනෟ කොටි තුන් හතර දෙනෙක්ම අපට කිට්ටුව නාද කරන්නට පටන්ගත්හ. මා මුරකරමින් සිටියවුන් ගෙන් ‍එකෙන් වන හරුවා කොටින්ට බලවත් භයක් ඇති දුර්වල මනුෂ්යුයෙකු බැවින් එක වරක කොටින්ගේ ශබ්දය ඇසූ හැටියේ “සියාතු වැඩේ වල්වුනා, ඔන්න කොටි රංචුවක්ම අවුත් ඉන්නවා - කෝ උඹලාගේ තුවක්කු අරගෙණ කොටින්ට වෙඩි තබාපල්ලා”යි ගල්ගේ තුළ නිදා උන් අයට

පියදාස සිරිසේන නවකථා එකතුව 521

කථාකොට කීයේය. සියාතු ආදී නිර්භීත මැරයන් තුන්හතර දෙනෙක් එහි සිටි බැවින් ඔවුන්ගේ තුවක්කු හතරේම වෙඩි උන්ඩ දමා මා බලා ගැනීමට දෙදෙනෙකු නවත්වා අනිත් හතර දෙනා අප වුන් තැන සිට බඹ තිහක් පමණ ඈතිය් තිබෙන දොල ලඟට ගොස් කොටි අඬන දෙසට වෙඩි හතරක් තැබූහ. මේ වෙඩි ශබ්දවලට බයේ දිවූ කොටි කීපදෙනා මධ්යකම රාත්රිායේ තවත් කීපදෙනෙකුත් හා එකතුව අපට ඉතාමත් ආසන්නවම හඬන්ට පටන්ගත්හ. මේ වේලාවේ හොරුන්ගෙන් හතර දෙකෙකුම නින්ද සොස් තිබුණු බැවින් අවදිව වුන් දෙන්නා කෙතරම් බියපත් වීද කිවහොත් කථාකරගන්ටවත් බැරිව ගොළුවන් මෙන් වූහ. මොවුන්ගේ දුර්වල බියසුළු ගතිය දුටු මට මගේ බන්ධවනයටත් අසලින් රැක සිටින කොටින්ගේ තර්ජනයටත් වඩා මොවුන් ගැන කල්පනා කරන්ට සිද්ධවූයේය. මේ රෞද්රජ මිනිස්සු හදෙනා නොයෙකුත් දරුනු ක්රිදයාකොට පලපුරුද්දක් ඇති අයය. මොවුන් කුඩා කාලේ පටන්ම රෞද්ර් ක්රිටයා කිරීමෙන් බලවත් අනතුරු ඇති ස්ථානවල හැසිරීමෙන් භය ලජ්ජා දුරුවූ චණ්ඩ මිනිසුන් විය යුතුය. ඒ එසේ නම්, ඈතින් හිඳගෙන නාද කරණ කොටි වැනි තිරිසනුන්ට තමන් අතේ හොඳ තුවක්කු හයකුත් තිබියදී භයයෙන්ට හේතුව කුමක්ද? ඇත්තෙන්ම මොවුහු පහත් වනචර අශික්ෂිත මවුපියන් නිසා අටගත් චපල මිනිස්සුය. එපමණකුත් නොව සිත උසස් වන - නිර්භීත වන - සූර වන - ඉගැන්වීමක් ලැබූ අයවත් එබඳු සූරු වීරයන් සමඟ හැසිරුණු අයවත් නොව කට ‍ගන්නක් සුරා බීගත් පසු අනුන්ගේ දේ කොල්ලකාගන්ටත්, කැලේට රැගෙන ගොස් කාගේවත් ගවයෙකු මරා මස් කන්ටත්. අධිපති මිනිහෙක් කී විට මාවැනි නිරාවුධ වූ අහම්බෙන් සම්බුඛ වූ කෙනෙකුට හිරිහැර කරන්ටත් පිළිවන් අය බව පෙනේ. දැන් මේ “චණ්ඩියා” කියා ඉන්නා ඇත්තෙන්ම බයගුළු කාලකණ්ණියා ජීවිතය ගැන බලවත් භයක් පවත්නේ මිනිහා හෝ සතාගේ පහත් තත්වයේ හැටියයි. සකල ක්ලේෂයන් ප්රෝහීන කළ රහතන් වහන්සේ තුළ “භය” යන නාම මාත්රෂයක්වත් නැත. ශ්රො තාපත්යාබදී ආර්ය ගතිවලට පැමිණි උත්තමයන් තුළත් ක්රනම‍යෙන් බියසුළු ගතිය අඩුව පවත්නේය. උසස් උදාරතර පරාර්ථ චේතනාදී ගුණ සම්පන්න පෘථග්ජනයන් අතර ද ක්රිමයෙන් බියසුළු ගතිය අඩුවේ. උත්පත්තියෙන්ම මහෙශාක්යි වූ උසස් මවුපියන්ගේ දරුවන් තුළද බියසුළු ගතිය හීනය. නමුත් පහත් මවුපියන්ගේ දරුවන් තුළත්‍, ධර්ම ශාස්ත්රළ ප්රපගුණ නොකළ මෝඩයක් තුළත්, ආත්මාර්ථකාමී කුහකයන්

522 ඉෂ්ට දෙවියා

තුළත් බයගුළු ගතිය තදින් පවතී. මනුෂ්ය යාගේ උදාරතර ගුණය ‍යම් තරම් ද ඒ තරමට භයත් ක්රෝදධයත් මසුරු ගතියත් අඩුවන බව සැළකිය යුතුය. ඉතින් කොටියන්ගෙන් පීඩාවට පත් හොරු හදෙනාගෙන් දෙන්නෙක් ම ගහකට බඩගා ගෙන කෑගහන්නට පටන් ගත්හ. මොවුන් අතේ නොවරදින ඉතා හොඳ තුවක්කු කීපයක් තිබියදීත් මේ බියසුළුකම කුමක් නිසා දක්වත්දැයි මට තේරුම් ගත නොහැකිය ඒ හය දෙනාගෙන් ඉතාමත්ම සමර්ථයාය කියන සියාතුට කථාකොට “සියාතු උඹලා මට ස්වල්ප වේලාවකට නිදහස දෙතොත් කොටින්ගෙන් එකෙකු දෙන්නෙකු මරා දමන්නෙමි. මගේ අතපය නිදහස් කොට මට තුවක්කුවක් ගෙණත් දියන්නැයි කීමි. මා සිරකරුවෙක් බවවත් වික්රමමපාල බවවත් සිහිනැතිවී ගියාක් මෙන් සියාතු මා ලඟට අවුත් “ඔන්න ගොයි‍යෝ, උඹටත් අපටත් සිද්ධවෙන්ට යන අන්තරාය නිසා උඹ ලිහන්නෙමි. නමුත් කොටින් එලවූ උඹ කලින් සිටියාක් මෙන් මෙහි හිටින්ට ඕනෑ. උඹ වික්ර්මපාලයයි රැවටී ඉන්න බණ්ඩාර හාමුදුරුවෝ හෙට දවල් මෙහි ආ හැටියේ උඹ නිදහස් කරනවා ඇති. නමුත් දැන් අපෙන් නිදහස්ව ගියොත් අපට මහත් විපත්තියක් වෙනවා. ඒක නිසා දැන් කොටින්ට වෙඩිතබා ඉවරවුනු හැටියේ නැවතත් මේ බැම්වේ ඉන්ට ඕනෑය”යි කියමින් සියාතු මගේ කකුල් දෙක ලිහුයේය. එවිට එහි ගසක සිටි හරුවාට මේ බව දැනී “කොටින්ට බයනම් ගහකට නැගියන් සියාතු - ඔය මනුෂ්යවයා නිදහස් ‍කළොත් අපට සිද්ධ වන්නේ ලොකු අනතුරකැයි කියනවා ඇසී මගේ කණගාටුව තව තවත් අධික විය. සියාතු කකුල් දෙක ලිහා හරුවාගේ කීමට ඇහුම්කන් දෙමින් අත් දෙක නොලිහා ඉන්න බව දැනී “සියාතු උඹ භය නැතුව මා ලිහාපන් මම කොටින්ට වෙඩි තබා එකකු දෙන්නෙකුම ම‍රා අනිත් උන් එලවා දැමූ පසු උඹලා හය දෙනෙකුට මා මරා දමන්ට උවත් බැරිද? ඔය මෝඩ හරුවාගේ කථාවට ඇහුම්කන් නොදී මගේ අත් දෙක ලිහා මට තුවක්කුවක් දියන් -- මම පැයකට ප්රගථම කොටියෙකු මරන්නෙමි”යි කීමි. සියාතු මගේ කථාව අසා කොටින්ට ඇති භය නිසා මගේ අත් දෙකද ලිහා ටිකක් වෙලා කල්පනා කරමින් සිට “ඔන්න, අනිත් මිනිසුන්ට හොරෙන් මම නුඹව ලිහුවා -- කොටියෙකු දෙන්නෙකු ම‍රාපන්, ඔවුන් උඹ මැරූ බවත්වත් කාටවත් අඟවන්ට එපා - මා විසින් මැරූ බව කියන්ට ඕනෑය”යි කියා මට තුවක්කුවක්ද දුන්නේය. මම ඒ තුවක්කුව අතට ගෙන “ඉතින් නිදහස් වීම”යි හටගත් ප්රීයතිය නිසා ශරීර ශක්තිය අධික වූ බැවින් තුවක්කුව පරීක්ෂා කර බැලූ විට එය පරණ එකක්

පියදාස සිරිසේන නවකථා එකතුව 523 බැවින් “කොටින් පස්සේ එළවන්ට අමාරුය. කරුණාකර කාණු දෙකේ හොඳ තුවක්කුවක් කාට්රිජස් තිබෙන තරමකුත් දියැන්නැ” යි කීවිට සියාතු ඉතාමත් භයින් මෙන් ගල්ගේ තුළට ගොස් එහි තිබුනු අලුත් කාණු දෙකේ තුවක්කුවත් කාටිරිජස් පෙට්ටියත් මට ගෙනත් දුන්නේය. මේ නීච මෝඩ චෞරයන්ගේ ක්රිමයාව දැන් අපේ රටේ මිනිසුසු හම්බ මරක්කල, ද්රචවිඩාදී අන්ය් ජාතීන් කැඳනා ස්වකීය ගම්වල වෙළදාම ඔවුන්ට භාර‍ දෙන්නා වැනි අමන වැඩකි. මට බලවත් ප්රීදතියක් ඇති වූ බැවින් සියාතු උඹත් ගහකට නැගගනින්. මා කොටින් සමඟ දඟලන විටත් ඔවුන්ට වෙඩි තබන විටත් නුඹලාටත් වැරදීමෙන් වෙඩි පාර කන්ට සිද්ධවිය හැක” කීවාම සියාතු හා අනිත් හොරුද ගස්වලට නැග ගත්හ. මම තුවක්කුවේ පතො‍රම් දෙකක් දමා අනිත් පතොරම් ඔඩොක්කුවේ ලාගෙන ගල්ගේ ළඟට ගොස් බැලූ විට එයි තවත් තුවක්කු තුනක් තිබෙන බව දිටිමි. ඒ තුවක්කු තුන ගලේ ගසා කඩා දමා එහි තිබුනු පතොරන් හා වෙඩි බෙහෙතුත් ලඟම තිබුනු ළිදට විසි‍කොට අතේ තිබුණු තුවක්කුවෙන් වෙඩි දෙකක් තුනක් තබා කෑ ගැසුවෙමි. මා එකම කොටියෙක්වත් නුදුටු නමුත් කොටි සිටියාහු නම් ඉවත දුවන්ට ඇති බව දැන එළිවෙන් යාමේ කෙදට පමණවූ ඒ වේලාවේ වැස්සත් පායා හඳ ද බබලන්ට පටන්ගත් බැවින් ගමකට යන්නෙමියි සිතා සියාතු ඇතුළු හොරුන්ට කතාකොට “උඹලා තරම් අඥාන බියගුලු ජඩයන්ට යුතු රෞද්රු ක්රිනයා කිරීම තමාය. නමුත් හිඟා කනවානම් ඊටත් වඩා හොඳය. උඹලාගේ හාම්පුතා බණ්ඩා‍රයා ආවාම වික්ර මපාල රාජ කුමාරයෙක් වාගේ වික්රකමයෙන් යුක්තව ගමට ගිය බව කියාපන්. වික්ර මපාලට අමාරුවක් කළ හැකි කිසිවෙක් තවමත් ඉපදී නැත. මම දැන් නුවර යන්නේමි”යි කියන කොට කොටින්ට භයේ ගස් උඩ නැගගෙණ වුන් චන්ඩි හය දෙනා එකිකෙනාට බණිමින් “බණ්ඩාර හාමුදුරුවන්ගෙන් කොහොම ගැලවෙන්ටදැ”යි කියා කෑගසන බව ඇසුනේය. සිහිල් හඳ පානේ ඒ වන දුර්ගය පසුකොට මාවැලිගං ඉවුරට අවුත්මගේ හිතෛෂි ස්කන්ධ කුමාර දෙවියන්ට ස්තුතිකොට මා අතේ තිබුනු තුවක්කුව ගඟට විසිකොට ප්රුසිද්ධ පාරට පැමිණියෙමි. කිළුටු සරොමත් බැනියමත් ඇඳගෙණ වුන් කුලී කාරයෙක් වැනි මා කෙරෙහි බලන කෙනෙකුන් නැති බැවින් උදේ අටටත් ප්රිථම මා නවතින හෝටලයට ආවෙමි. කවදාවත් ගැළවී ගන්ට නොයෙදේයයි සිතා සිටි නමුත් කොටින්ගේ “අවතාරය” නිසා සුවසේ ගැළවුනු බැවින් ප්රී්තිමත්ව හෝටලයේදී වතුර නා මගේ පිරිසිදු ඇදුම් ඇඳගෙන දෙතුන්

524 ඉෂ්ට දෙවියා

දිනක් සනීප ගතිමි. මා මරන්නට බලාපොරොත්තු වූ බණ්ඩාරට කුමක් සිතෙන්නට ඇත්දැයි මේ කියවන්නාට තේරුම් යා යුතුයි.