Jump to content

පියදාස සිරිසේන නවකථා එකතුව- 03/ඉෂ්ට දෙවියා ii

Wikibooks වෙතින්

09. පරිචිඡේදය

මා පරීක්ෂාකරණ ඉෂ්ට දෙවියා ගැන තවතම් තොරතුරු දැනගත නුහුනු බැවින් බලවත් කණගාටුවට පත් මම නැවතත් පේරාදෙණිය පැත්තටයන්ට සිතා යුරෝපීය ඇදුමෙන් සැරසී පයින් ම පේරාදෙණි උද්යාතනයට යන පිණිස ගියෙමි. ඒ යනකොට මගදී තද වර්ෂාවක් ඇති වූ බැවින් පාර අයිනේ තිබෙන ඉස්තෝප්පුවකට ගොඩ නැගුණෙමි. ඒ ගෙයි දොරවල් ජනෙල් වසා තිබුනු නමුත් ගේ ඇතුළේ දෙදෙනෙකු කථා කරන බව ඇසී ඉතා ඕනෑකමින් ජනේලය ලඟට වී අසා සිටියෙමි. ටිකක් ‍රෞද්රුවූ හඬනින් මුරණ්ඩු ලෙස “ඔය දරදඬු මනුෂ්යඟයාගේ වද විදින්ට මට බැහැ - මම නම් මා මැරුවත් නොයමි”යි කීයේය. “උඹ පමණක් නොවේ ස්වර්ගරාජ්යියට ඇතුළත්වන්ට කැමති කොයි ස්ත්රීයත් ඔහොම ක‍රන්ට ඕනෑ” යයි කිනය මහලු කෙනෙකුගේ ශබ්දය මට ඇසුනේය. මේ ඉරිදා දවසකි. උදේ හතහමාරය පමණ ඇත. මීට පසු ඒ කාමරයේ මොන මොනවාද කියන බව ඇසුනු නමුත් වර්ෂාවේ දැඩිකම නිසා මට තේරුම් ගත ‍නොහැකිව ඉස්තෝප්පුවේ ඇවිදිමින් ඉන්නා විට වර්ෂාව නැවතුනේය. ගෙයි දොර ඇර අවුරුද් හතළිස් පහක් පමණ වයසැති ස්ත්රි යක් එලියට බැස්සේය. ඈ අතේ තිබෙන රෙදි කැබලි වගයත් යාඥා පොතත් නිසා ඈ පල්ලි යන කෙනෙක් බවට විශ්වාස විය. ලොකු කොන්තයකුත් ඉස්සරහින් හා පිටිපස්සෙන් එල්ලෙන ලොකු බෙන්තිඤ්ඤ දෙකකුත් ඇතිවූ ස්ත්රි ය කොතරම් වේගයකින් - නොසතුටකින් ගෙයින් පිටව ගියේද කිවහොත් ඉස්තෝප්පුවේ සිටි මා නොදැකම ඉක්මනින්ම යන්ට ගියාය. ඒ ස්ත්රිේය ගියාට පසු ඒ ගෙයි අංකය ලියාගෙන මේ ස්ත්රිනයගේත් ඇගේ දියණිය වන “පල්ලි යන්ට බැරියයි දබර කළ” තරුණියගේත් ඉෂ්ට දෙවියා සොයන්නට ද අධිෂ්ඨාන කරගෙන මම පේරාදෙණියේ මල්වත්තට ගියෙමි. පේරාදෙණියේ රණසිංහ මහතා‍නගේ ගෙදරට යන්ට සිතාගෙන ගිය නමුත් ඒ මහතා කොළඹ ගිය බව මගදී දැනගත් බැවින් එහි නොගොස් දුම්රිය පළට පැමිණ කුමකින් කුමක් කරම්දැයි බලවත් විතර්කයෙන් එහි ටිකක් වේලා වාඩිවී සිටියෙමි. හිත කලබලව මොලේ උෂණව ගියවිට එය සංසිඳවා ගැනීමට සිහිල් දිය නෑම හොඳ බව

පියදාස සිරිසේන නවකථා එකතුව 525

දන්නා මම වතුර නෑමට උවමනා කලමනා මා අතේ නැති බැවින් අසල තිබුණු හම්බ කඩයට ගොස් කුඩා තුවායක ගණන ඇසුවෙමි. හම්බයාගේ තුවාය ශත 60 ක් යයි කීවේය. එය ගණක් අසමින් වටපිට බලන විට ඒ ඉදිරිපිටින් සිංහල රෙදි කඩයක් ද තිබෙන බව දුටුයෙන් හම්බයාගේ තුවාය නොගෙන සිංහල කඩයට ගොස් ‍ගණන ඇසුවෙමි. ම‍ා බැලූ වර්ගයේම තුවාය සිංහල කඩේ විකුණන්නේ ශත 75 ටය. හම්බ කඩේට වඩා ශත 15 ක් වැඩිය. ඉතින් ශත 15 ක් අඩුවෙන් හම්බයාගෙන් ගනිම් ද. ශත 15 ක් වැඩියෙන් සිංහලයාගෙන් ගනිම්දැයි බලවත් විතර්කයක් මා තුළ ඇති වී කඩෙන් එළියට අවුත්අසලම තිබුණු තේ වතුර කඩයට ගොස් තේ කෝප්පයක් බී මා තුළ හටගෙන තිබුනු විතර්කය නිරාකරණය කරන්ට පටන් ගතිමි. හම්බයා තුවාය අඩුවෙන් විකුණන්නේ ඔහුට එයින් ලැබෙන ලාභය ඔහුගේ උවමනාවලට පිරිමහින බැවින් විය යුතුය. ඊටත් වඩා ඉක්මණින් විකුනා සුව ලාභයක් ලැබීම - ප්රකම‍ාදවෙලා ලොකු ලාභයක් ලැබීමට වඩා හොඳ වෙළෙදාම් ප්‍ලැබයෝගයක් බැවින්ය. හම්බයා වෙළඳ ප්රීයෝග හොඳින් දන්නා සුළු වියදමෙන් යැපෙන මිනිහෙකි. ඔහු අපෙන් සපයා ගන්නා මුදලෙන් එක සතයක්වත් අපේ ප්‍ුළයෝජනයට නොදෙයි. සිංහලයා වනාහි කූට වෙළදාම් නොදත් සාධාරණ ලෙස වෙළදාම් කරණ හොදින් සැප පහසු උවමනා කරණ කෙනෙකි. මේ නිසා ඔහුට වැඩිපුර ගන්නා ශත 15 දීම අපේ යුතුකමකි. දැන් යුරෝපීය වෙළඳ ශාලාවක තිබෙන එම බඩුවම පිටකොටුවේ සිංහල වෙළද ශා‍ලාවේ රුපියල් දෙකක් අඩුවෙන් විකුණති. නමුත් යු‍රෝපාකාරයෙක් ‍කොපමණ වැඩිපුර හෙව්වත් යුරෝපීය වෙළඳ ශාලාවට මිස ස්වදේශිකයාගේ වෙළඳ ශාලාවට ගොස් ලාභයට උවත් ඒ බඩු නොගණී. ඉතින් ඔහු (ඒ යුරෝපීයයා)කරන්නේ වරදක් නොවේ. යුරෝපීය වෙ‍ළෙන්දා කරන්නේතා වරදක් නොවේ. මක්නිසාද, යුරෝපීය වෙළෙන්දාට ස්වදේශීය වෙළෙන්දාට වඩා මේ රටේ ඔවුන් කල්ගත කරණ හැටියට ඔවුන්ගේ වියදම් අධිකය. මෙ නිසා ඔහුගේ වෙළදාමෙන් ස්වදේශිකයාට වඩා ලාභ ගත යුතුය. ඉතින් ස්වකීය ර‍ටවැසි යුරෝපියයාගේද වෙළදාම සාර්ථක කරන පිණිස වැඩි මිළට වුවත් යු‍රෝපීය වෙළෙන්දාගෙන් ම බඩු ගැනීම යුරෝපීයයාගේ යුතුකමකි. ඉතින් ඒ යුතුකම යුරෝපීය මිනිස්සු හොඳින් ඉෂ්ට කරන බවද පෙනේ. මේ නිසා යුරෝපීය ජාතීහු උසස්ව සිටිති. මම සිංහලයෙක්මි. කීයක් වැඩිවුණත් මා විසින් බඩු ගත යුත්තේ සිංහල කඩයකින්මයි. යම් පළාතක සිංහල කඩයක් නැත්නම් - ම‍ට වුවමනා දේ

526 ඉෂ්ට දෙවියා

සිංහල කඩයක නැත්නම් එවිට පමණක් අන්ය තැනනික් ගතයුතුය. මක්නිසාද, සිංහලයා‍ගේ වෙළදාම දියුණු කිරීමට සිංහලයක් බැඳී සිටින හෙයිනි. සිංහලයාගේ වෙළදාම දියුනු කිරීම වුව ලක්දිව දියුණු කිරීමකි. සිංහලයා උපයන දේ ලක්දිවින් පිට නොයයි. සිංහලයාගේ මස් ටකත් ඇටකටුවත් පවා ලංකා පොළොවට පො‍හොර වේ. නමුත් හම්බන්කාර කොච්චි ද්රවවාඩාදී පිටරට්ටු ශඨප්රරයෝගවලින් අප නොදැනුවත්වම අපේ රටේ උපයා ගන්නා දේ ස්වකීය රටට ගෙනගොස් සැපසේ කා බී ජීවත්වෙති. සිංහල වෙළෙන්දාගේ පැවතුම් දෙමළාදීන්ට වඩා උසස් සියලුම සිංහල ජනයා ඔවුන්ගෙන්ම බඩු ගත යුතුය.

අන්ය යෙකුගේ දරුවාගේ ඉසේ ගාන තෙල් ස්වකීය දරුවාගේ පයේ ගාන්ටයයි අපේ මුතුන් මිත්තන් කියා තිබෙන්නනේ නිකම් නොවේ. විදේශිකයන්ගේ වෙළඳ ශාලා. බත් හෝටල, තේවතුර කඩ අපේ නගර ග්රාශමවල වැඩිවන තරමට අපේ රටත් ‍ජාතියත් පිරිහේ. ස්වකීය රටත් ජාතියත් වෙනුවෙන් ජීවිතය පවා පරිත්යාමග කිරීම ශිෂ්ටාචාර ජාතීන්ගේ සිරිතක්ව පවතිද්දී ශත දහයක ලාභයට - ‍ජාතියත් - රටත් මතක නැති කිරීම සිංහල ලේ ගෑවුනු කෙනෙකුගේවත් යුතුකම නොවේයයි. නිරවශේෂ වශයෙන් මට අවබෝධ වූ බැවින් සිංහල ක‍ඩේට ගොස් ශත 75 ක් දී තුවායත් ශත 25 ක් දී සබන් කෑල්ලකුත් රැගෙණ මාවැලි ගඟට නානා පිණිස ගියෙමි. ග‍ඟේ නියම තොටවල් හෙවත් මිනිසුන් නාන ස්ථාන නොදත් මම උණ පඳුරු මධ්යෂයෙන් කුඩා පාරකින් ගඟ ‍ඉවුරට යන්ට ගියෙමි. ඒ මා ගිය පා‍රෙන් ගඟට බසින්කේ ගවයන් ආදී තිරිසනුත් පමණක් බව පසුව දැන ගතිමි. ගඟට බඹ තිහ හතළිහ‍ක් ඈතදී තරුණ මහත්මයෙක් ඔළුවේ අත් ගහමින් ගඟ ලඟට ගොස් නැවතත් ගංඉවුරට එමින් අහස සෙ බලා අත් දෙක ඔසවමින් “අනේ දෙවියනේ, මට මේ මරණය දෙන්ට අවුරුදු පහක් වීරිය කළේ කුමටද? ලී‍ිලෝ,” කියමින් - නැවත පොළොවේද හැපෙමින් කරණ පුදුම විකාරය දුටු මම මේ පිස්සෙක් වෙන්ට ඕනෑය. මට නාන්නට ලැබුනත් නොලැබුනත් මේ විකාරය හොඳින් බලාගන්ට ඕනෑය”යි සිතා මා ගිය පටු අඩිපාර දිගේ නොගොස් කැලෑ පදුරු අස්සෙන් රිංගාගෙණ ගොස් ගං ඉවුරට වීමි. මේ විලාප කියමින් උම්මත්තක ලීලාවෙන් හැසි‍රෙණ නොපෙණුනේය. ඔහු දැඩි ශෝකයෙන් මුළා වූ උම්මත්තකයෙක් බව මට වැටහුනේය. මොහු කලිසම් මේස් සපත්තු ආදී ඇඳුම් ඇඳගෙන අවුත්

පියදාස සිරිසේන නවකථා එකතුව 527

ඒවා ඉවත් කොට යට කලිසමත් - බැනියමත් පිටින් සිටින බව මට පෙණුනේය. “අනේ ලී‍ලෝ” මා ඉවත් කරන්ට නුඹට පිළිවන් වුනානම් - මගේ ජීවත්වීම නිෂ්ඵල නොවේද ? අනේ මීට දෙමසකට ප්රබථම නුඹ මට ලියා එව්වේ මොනවාද?

01. කී ව ත් කවුරු බොරුවක් ඔබ රවට න් ‍ට මා සි ත් වෙනස් නාවනා බව දැන ග න් ට ජී ව ත් වී මෙලොව එක පැයකුත් ඉ න් ට ආ යෙ ත් වෙන කෙනෙකු නොපතමි හිමි වෙ න් ට

02. බ ල ව ත් ආදරය ඔබ වෙත බැඳි මසි තේ මැ රු ණ ත් ඉවත්වී යාමට මඟක් නැ තේ මැ කෙ ත ත් ගලැදි ඉර හිමි සඳුනි ගුණයු තේ ප ව ති ත් නිසැකවම අප පෙම් උනුන් වෙ තේ

03. ස ය ම න් දනවතා මුත් මට කමක් නැ ත දෙ ගු රු න් මා මැරුවමුත් නොමදෙමි කැම ත නැ ති න ත් හිමිකමට ඔබ මෙහෙණියක යු ත ස ත ති න් කල්යවමි මෙය පිළිගැනු ම යු ත”

මේ කවි තුන අදෝනාවක් වශයෙන් කියා තව විඩයක් පොළවේ හැපුනු මේ තරුණයා වටපිට බලා සිනාසී ගඟ පැත්තට වැන්දේය. සිහිමුලාවූ මේ දුක්ඛිතයා කුමක් කරන්නේදැයි මට තවමත් තේරුම්ගත ‍‍නොහැකිවූ නමුත් තරුණියකට පෙම්බැඳ සිට ඒ ප්රේදම බන්ධනය කැඩීයාමෙන් මේ වියරු ස්වභාවයට පත්වූ බව මට වැටහුනේය.

රතියා රායතී සොකො රතියා ජායතී භයං රතියා විප්පමුත්තස්ස නත්ථි සොකො කුතො භයං

පෙමතො ජායතී සොකො පෙමතො ජායතී භයං පෙමතො විප්ප මුත්තස්ස නත්ථි සොනො කු‍තො භයං

යනාදීන් ‍දේශනාකළ සාරදර්ශීන් වහන්සේගේ ධර්මය නොදත් කමින් අසාර වූ තුච්ජවූ නින්දිතවූ කුනු ශරීරය සම්බන්ධව පවත්නා පංචේන්ද්රිමයයන් සතුටු කිරීමට විරියකොට ඒ නොලැබුනු කල්හි

528 ඉෂ්ට දෙවියා

මනුෂ්යෙයන් මෙසේ විලාපකීම - වියරුවීම සිරිතක්ව පවතී යයි සිතමිනි සිටින විට මේ තරුණයා තවවරක් ගඟ ඉවු‍රේ එහාට මෙහාට දුවමින් “අනේ ලීලෝ, උඹ නම් ප්රුසිද්ධ කළා - මම ඉදලා කුමටද? උඹ මට මෙහෙම කරණ බවක් කලින් කීවාද? ඔම අනිකෙක් සමඟ කල්ගත කරද්දී මට මේ ලෝනෙන් ඉන්ට පුළුවන්ද? මම මේ ලෝකේ ඉදීම අපරාධයක් නොවේද? උඹේ මුහුණ බලන්ට තවත් මම මේ ලෝකේ නොඉඳිමි. නුඹ නම් මා අත්හළේ නැත. උඹේ වනචර මව්පියන් මට කළ අපරාධය”යි කියමින් බලවත් දුඃඛදායක ලීලාවෙන් කියන හඬ අසන මගේ හිත චන්ඩ වාත‍යෙන් සෙලවෙන ලා පත්ර යක් සෙයින් අතිශයින් චංචලව ගොස් මා සැඟවී උන් තැනින් එලියට අවුත් මේ තරුනයා සමඟ කථා, කරන්ට සිතනවත් සමඟ ග‍ඟේ මැදහරියෙන් විශාල කිඹුලෙක් මතුවී අප සිටි පැත්තේ ඉවුරු‍ දෙසට එන බව පෙණු‍නේය. මා කිඹුලා දෙස බලා උමතු තරුණයා දෙස බැලුව විට ඒ උන්මත්තකයා එවිටම ගඟට පැන්නේය. අනේ! මගේ හෘදය වෙඬරු‍මෙන් උනුවී ගියේය. සැඬ පහරක් ඇති බොහෝ ගැඹුරු වූ මේ ගඟට පැන්නාවූ මේ තරුණයා නොඅනුමානය දිවි තොර ගන්නට වීරිය කරණ බව මට වැටහුණේය. ඉතින් මොහු ගලවන්නේ කොහොමඳ? කිඹුලාට මොහු ගොදුරු නොවිය හැකියයි සිතේද? හොඳයි, යම් විධියකින් කිඹුලාට ගොදුරු නූනත් කිඹුලා ඇසින් දැක දැකත් ඔහු ගලවා ගනනා පිණිස ඒ කිඹුලා මතුවුනු තැනින්ම ගඟට බසින්නට මනුෂ්යලයෙකුට පිළිවන්ද? යන මේ සියලුම කල්පනා මගේ සිතට පහල වී ඒ සියල්ලත් නිසුද්ධවී යාමට තත්පරයකට වඩා කල්ගත නොවීය. සිතේ සීඝ්ර්තාවය මට අවබෝධ වූයේ එවේලේය. ඉතින් මට කුමකින් කුමක් වුණත් ම‍ගේ යුතුකම් කරන්නෙමි. මම සිංහලයෙක්මි, සිංහල ජාතිය විසින් ඇති කළ තිරිසන්නු පවා ජීවිතයට වඩා යුතුකම සලකා තිබේ. විජිතපුරු යුද්ධයේදී තුවාලලත් කණ්ඩුල හස්තියාට යුතුකම් සිහිපත් කර දුන්හැටියේ ජීවිතාලය අත්හැර දෙමළුන්ගේ රෞද්රය ‍ඊ පහරත් නොතකා ශරීරය හුනුලෝ දියෙන් හසමවී ගිය වේදනාවත් නොතකා බලවත් කොටුවේ ‍යදොර කැඩූ බව පෙනේ. මේ සිංහලයන් ඇති කළ තිරිසනෙකි. ඉතින් පිරිසිදු සිංහලයා උපන් සිංහලයා - ජාතිය ගැන සලකන යුතුකම් නිසා දිවි පිදීමට කෙතරම් ප්රීංති වියයුතු නොවේදැයි සිතමින් මා ඇඳවුන් කොට් එකත් සපත්තු දෙකත් එකපාරටම ගලවා දමා කිඹුලා මතු වි නැවත දියේ ගිළුනු තැනටත් මෙහි සිටි තරුණ ගඟට පැන්න තැනටත් අතරෙන් පැන්නෙමි.

පියදාස සිරිසේන නවකථා එකතුව 529

පිහිනීමට හොඳින් දත් ශක්ති සම්පන්න බැවින් දෙවියෙකුට මා ජීවිත පරිත්යාටග චේතනාවෙන් ගඟට පැන්න බැවින් දෙවියෙකුට වඩා බලසම්පන්න භාවයක් මට ඇතිවිය. බඹ පහක් පමණ දිය යට කිමිද බඹ තිහ හතළිහක් පමණ ගඟ පහළට යනවිට දියට පැනුපු තරුණයා අසුවිය. ඔහුත් සමඟ උඩට මතුවීමි. ඔහුට වැඩි අමාරුවක් නැතත් සිහි නැති බව පෙණී දිය උඩට අවුත් ඔහු මගේ පිට උඩ තබාගෙණ වටපිට බැලීමි. එතකොට මා ගඟට බැසි තැනින් බඹ සියයක් තරම ගඟ පහතට ගසාගෙණ යනලද බව දැන ගතිමි. කිඹුලාගේ අන්තරාය දුරුවීයයි සිතා ගඟ ඉවුරට කිට්ටුවෙමින් පහළට පීනුවෙමි. මිනිත්තු දහයකින් පමණ ග‍ඟේ ඉවුරා පිහිනා වැලිගොඩට ගොඩවීමි. මා ගලවාගත් තරුණයා ගොඩට ආ හැටියේ පුදුම ස්වභාවයකට පත්ව මගේ මුහුණ දෙස බලමින් වැලිගොඩේ දිග ඇදුනේය. ඉක්මන්වීම නිසාත් ගඟේ බලවත් සැඩපහර නිසාත් ‍අපට ගොඩවෙන්ට ලැබුනේ කලින් සිටි උතුරුපැත්තේ ගංඉවුරට නොව දකුණු පැත්තේ ගංඉවුරටය. මගේත් මා අල්වාගත් තරුණයාගේත් රෙදි කෝට් ආදිය තිබෙන්නේ උතුරු ඉවුරේ බඹ සියයකටත් වඩා ගඟ ඉහළින් නිසා අපේ ඇඟේ තිබුනු තෙත ඇදුම් ඉවර කරන්ට හැටියක් නැතිවිය. මිනිත්තු දහයක් පමණ ශරීර විඩාව දුරුකොට තරුණයාට කථා කළෙමි. ඔහුට මට තරම් පී‍ඩාවක් නැති බැවිනුත් කලින් ජීවිතය නැති කරගන්ට තිබුනු උමතු කල්පනාව ගඟට පැන්නාට පසු නැතිව ගිය බැවිනුත් ඔහුට කතාකළ හැටියේ මගේ අත වැළඳගෙන සිඹින්ට පටන් ගත්තේය. “මිත්රේය, තමුසේට නැගිට ගන්ට ටිකක් දුර යාමරට පිළිවන්නම් මාත් සමඟ එනු මැනවි එසේ බැරි නම් මම වඩාගෙන යන්නෙමි”යි කීවිට තරුණයා නැගිට්ටේය. හිතේ ධෛර්ය තිබුනු නමුත් ඔහුගේ කකුල් දෙක පන නැති බව පෙනුණු බැවින් ඔහුගේ අතක් මගේ කරට දමාගෙන යන්තම් ගං ඉවුරට ගොඩවී කැලෑ පඳුරු අස්සෙන් ගඟ දකුණු පැත්තේ වාඩි ගතිමු. ඉතින් පාලම තිබෙන තැනට අවුත් අපේ ඇදුම් ගැනීමට ඒ පැත්තට යම්ද, ග‍ඟේ බැසලා ගොස් ඒ ඇදුම් ගෙන එම්දැයි මට විතර්කයක් ඇතිවිය. මා ගැලවූ තරුණයා තවමත් මත්වූ කෙනෙක් මෙන් දිග ඇදී සිටියේය. ඉතින් එක වරක් ග‍යඟේ පැනලා අදහස් කළ කටයුත්ත හොඳින ඉෂ්ටකර ගත්තාට පසු නැවතත් ග‍ඟෙන් එතරට පීණීම මෝඩ උඩඟු කමක් නොවේදැයි මගේ සිත කියන්නාක් මෙන් විය.. “ඔව් පින්වත් චිත්තය! නුඹ කියන කීම ඇත්තයි. ජීවිතය නසා ගන්ට

530 ඉෂ්ට දෙවියා

මනුෂ්යෙයෙකු ගැලවීමට මගේ ජීවිතය පරිත්යා ග කොට ගඟට පැන්නෙමි. කිඹුලාටත් සැඩ පහරටත් දෙකටම බිලිවෙන්ට සිතාගෙන ගඟට පැන්නාවූ මම ඒ දෙකටම බිලිනොවී අසරණ මනුෂ්යව ජීවිතයද ගලවාගෙන අමාරුවෙන් ගොඩට ගතිමි. ඉතින් රුපියල් දහයක් දොළහක් වටිනා රෙදි ආදිය ගෙන එන්ට නැවතත් ග‍ඟේ පීණා එතරවී නැවතත් මෙතරටම පීනීම අනුවණ කමකි. ඒ දේවල් නැතිවෙතොත් නැති වේවා. සුළු ලාභයක් නිසා ලොකු අලාභයක් කර ගැනීම අඥාන ක්රිතයාවකි. යම්කිසි දරුණු ක්රිසයාවෙහි යෙදීම නුවණට හුරු නොවේ. යුද්ධයක් කරන්නට සිද්ධවුණොත් ඒ කටයුතුයි. යුද්ධයක් ඉපදවීම අයුත්තකි. කෙනෙකුගේ ජීවිතය ගලවන්ට උවමනා නිසා මගේ ජීවිතය නැති වෙතත් ගඟට පැන්නෙමි. නමුත් මගේ හපන්කම ගැන උඩඟුව අවශ්යන උවමණාවක් නැති මේ වේලාවේ කුමට ගඟට බසිම්ද? ධනය නැති තැනදී කුලී වැඩ හෝ තමාගේ තත්වයට පහත් වූ වැඩක්වත් කොට යමක් සපයාගත යුතුයි. නමුත් යමක් අතේ තිබියදී තමාගේ තත්වයයට පහත්වන කටයුත්තක් නොකළ යුතුයි. ජපන් රුෂියන් යුද්ධයේදී ඉජ හඳ මෙන් පැතිරී ගිය කීර්තියත් ඇති කළ හිරෝසි නම් සෙනවියා අනිත්මේ කරණ ලද්දේ අඥාන ක්රි්යාවකි. තමාගේ දක්ෂ භාවයත් නිර්භීත භාවයත් නිසා නුවණින් කල්පනා කිරීම අතපසු නොකල යුතුය. සෙනෙවි හිරෝසිගේ කථාන්තරය මම කියන්නෙමි. මේ කියවන මිත්රායන්ට එය රුචිවේයයි සිතමි. 1904 රේදී ආරම්භ වූ ජපන් රුෂියන් යුද්ධයේදී ආර්තර් වරාගේ තිබුනු රුෂියන් නැව් පිටතට නොගන්ට වරායේ දොරකඩ අසුරා තබන්ට ජපන් අද්මිරාල් තුමා නියම කළේය. මේ නියමය “ෂිකිසිමා” නැවේ සේනාධිපති මතුසුසිරෝ මහතාට ලැබුනු බැවින් ඒ මහතා ස්වකීය නැවේ සිටි හත්සියයක් පමණ වූ නාවුක භටයන් රැස්කොට ඔවුන්ට ඔවුන්ට පංචායුධ කුමාරයාගේ කථාව කියා” අපේ රටත් ජාතියත් වෙනුවෙන් මැරෙන්ට යාමට මිනිසුන් 50 ක් ඕනෑය. කැමති කෙනෙක් නම් ලියා මා අතට දියල්ලාය” ය කීවේය. මේ ඉල්ලීම ජපන් හේවා භටයන් කෙතරම් උ‍ද්යො ගවත් වූවාදැයි කිව‍වහොත් ඇතැම් අය “මම කැමතියි” කියා තම තමාගේ නම් ස්වකීය ශරීරය සිදුරු ලේ වලින්ම ලියා සේනාධිපති තැන අතට දුන්නේය. ඉතින් මේ පිරිසෙන් 50 ක් තෝරාගෙන ඒ පණස්දෙනා කබල් නැව්පහක් රැගෙන ගොස් ආතර් වරායේ මුවදොරේ ඒ නැව් ගිල්විය යුතුව තිබුනේය. ආතර් කොටුවේ මහතුවක්කුවලිනුත් වරාය තුළ තිබුණු

පියදාස සිරිසේන නවකථා එකතුව 531

රුසියන් සුඬ නැව් වලිනුත් තද වර්ෂාවක් මෙන් වෙඩි උණ්ඩ වදිද්දී මේ නැව් කබල් ගිල්ලවා ඒ පිරිසට හැරී එන්ට ලැබේ යයි කසිවෙක් සිතුවේ නැත. මේ නැව් ගි‍ල්වන්ට ගිය පිරිසේ ප්රයධානියා හිරෝසි නමැති සෙනෙවියාය. ඉතින් මේ පිරිස ගොස් අතුරක් නැතිව එන වෙඩි පහරවල් නො සලකා ඔවුන්ට රුචි අන්දමට නැව්තොට මුවදොර අසුරා කබල් නැව් පහ ගිල්වා රැගෙන ගිය දුම් බෝට්ටුවල නැගී එන්ට පිටත් වූහ. හිරෝස් නමැති සෙනෙවියාත් ඔරුවට නැගුනේය. නමුත් ඔහුගේ කඩුව තමා සිටි නැවේ උඩ තට්ටුවේ බව මතක්වී මගේ කඩුව දමා නොයමි. ඒකත් ගන්නෙමියි මුහුදට පැන ඒ ගිලෙන නැවේ තට්ටුවට කිමිද තමාගේ කඩුව රැගෙන නැවතත් ඔරුවට නගිද්දී රුසියන් වෙඩි පහරක් වැදී මළේය. ඒ සෙනෙවියාගේ රූපය දැන් ජපන් රටේ ප්රටසිද්ධ මංසන්ධියක තබා තිබේ. නමුත් ඔහු කරන්නට ගිය දක්ෂ ක්රිඩයාව කොට නිමවූ පසු කඩුව ගැන නොසලකා ඔරුව පැදගෙණ ආවේ නම් නොමැරී එන්ට තිබුණි. එක වරක් බලවත් දක්ෂකමක් කොට එය සාර්ථක වූ බැවින් ජයෙන් හා නිර්භීත භාවයෙන් මත්ව එතැනදීම තවත් දක්ෂකමක් කරන්ට යාම ඔහුගේ මරණයට හේතුවිය. හිරෝසි සෙනෙවියා ප්ර්ශංසා යුත්තෙකි. එයෙත් උමවනාවට වඩා නිර්භීතකම දක්වන්නට ගිය ව්යානකූල වූ නුවණැත්තෙකි. උවමනා තැනදී මැරෙණ එකත් වරද නොවේ. නමුත් ණුවමනා තැනදී මඳක් ආයාස විදීමවත් මෝඩ කමකැයි සිතා ග‍ඟෙන් එගොඬ පීනා මගේ හා මා ගැල වූ තරුණයා‍ගේත් ඇඳුම් ගෙණ එන කල්පනාව සිතින් ඉවත් කොට ඔහුත් අතින් අල්ලා ගෙන පේරාදෙණියේ සන්ධියට ගොස් එහි තේවතුර කඩයක ඔහු නවත්වා අපේ ඇඳුම් ගෙණ එන්ට ගිය නමුත් මා යනකොට එහි කිසිවක් නොතිබුණේය. ඒ ගැන මදක්වත් කල නොකීරී කඩෙන් අළුත් රෙදිත් බැනියමුත් රැගෙන ඇදගතිමු. ඒ වේලාවට අප ඇඳගෙනවුන් තෙත රෙදිත් වියලිලාය. ඉක්බිති කුලී කරත්තයක් රැගෙන වහාම නුවරට ගොස් මා නවතින හෝටලයක පැමිණ තේ වතුර වී සුව පහසු ඇති ඇඳුම් ඇඳ මා තරුණයා මඳක් සුවපත් බව දැන ඔහු සමඟ කථා කරන්නට පටන් ගතිමි. තමුසේ ග‍ඟේ පණින බව දැනගත්තා නම් මට කලින්ම වලන්වන්ට ඉඩ තිබුනාය. තමුනේ මේ කළ ක්රිණයාව දැන් මට විස්තරකට දුන මැනවි. තමුසේට යම්කිසි විපතක් අමාරුවක් පැමිණ තිබේ නම් ඒ ගැන ආධාර කරන්ට මම සූදානම්ව ඉඳිමි. තමුසේගේ තොරතුරු නොසඟවා මට කිව මැනව”යි කීවෙමි. එබසට ඇස් වලින් තිබ්බටු ඇට මෙන් කඳුළු බින්දු වැගිරෙන තරුණයා

532 ඉෂ්ට දෙවියා

මෙසේ කියන්ට පටන් ගත්තේය. “තමුන්නාන්සේ මගේ ගැලවුම් කාරයාණෝය. මගේ දුර්වල ඥානය නිසා මම දිවි තොර කරගන්ට සිතා ගඟට පැන්නෙමි. මම කෝරළේ මහතාගේ පුත්රියෙක්මි. මගේ නම තිලකරත්නය. මම ඉඩම් කඩම් ආදිය විවිලි කරගෙණ මදක් ධනවත්ව ඉදිමි. මීට අවුරුදු 4 කටත් වැඩි කාලයේ පටන් පෙම් බැඳගෙණ විවාහ ගිවිසගෙන සිටි මගේ “ලීලා” ඇගේ අකමැත්තෙන්ම ඇගේ මව්පියන් සහ ලොකු ස‍හෝදරයා විසින් සිල්වා නමැති සුළු දොස්තර කෙනෙකුට විවාහ කර දෙන්ට තීන්දු කර ගෙණ ගිය සතියේ නම් ප්රළසිද්ධ කරණ ලදී. එයින් බෙදයට පත් මම මගේ සිත සනසාගත නොහැකිව දිවි සැනසිල්ලක් ඇතිවී “ඉතින් තිලකරත්න මහත්මයේ කුඩා කාලයේ ඉගෙන ගත්තේ - ආශ්රඉය කළේ ආර්ය ධර්මයද, ආර්ය ධර්මය පිළිපදින්න්ද නැතහොත් මිලෙච්ඡ ධර්මය පිළිපදින්නදැයි ඇසුමෙමි. මේ තරුණයා ටිකක් වික්ෂිප්ත වූ කලක මෙන් සිට “මා ඉගෙන ගත්තේ ක්රි ස්තියානි බෝඩිං ස්කෝලේකය. මුල් කාලේ මිලෙච්ජ ධර්මය අසමින් ඒ ධර්මානුගත මිනිසුන් ආශ්රඩය කරමින් සිටි නමුත් පාඨශාලාවෙන් අස්වුනාට පස් ජාතික පොත් පත් කියවීම නිසාත් - වැදගත් මිනිසුන්ගේ ආශ්රවය නිසාත් මම සිංහල භාෂාවත් සිරිත් විරිතුත් ප්රදගුණ කර ගනිමින් සිටියෙමි. ඒ අතර කරුමයට මෙන් ම “ලීලා‍ගේ” පලහිලව්ව නිසා සිහි මුලාවූවෙකු මෙන් ක්රියයා‍ කරන්ට මට සිද්ධවිය. එවිට මම ඔහුගේ අනිත් තොරතුරු කීම නවත්වා තිලකරත්න මහත්මයා “ලීලාය” කියන්නේ කාගේ කාටද? ඈ නිසා දිවි නසා ගන්ට සිතුවේ මන්ද? අගේ තොරතුරක් ඈ සමඟ ඇතිවූ පලහිලව්වත් මට පළමුකොට කියන්ට” කීවාම තිලකරත්න තව වරක් සුසුම්ලමින් “ලීලා” යයි කියන්ගේ මම අවංකව දැඩි ප්රේමමයක් ඇතිකළ රූපත් තරුණියකි. ඇගේ පියා හා මවුත් පාත රටින් අවුත් අපේ ගමේ පදිංචි වූ අයයි. ඔවුහු මුලදී අනාථයන් ලෙස අවුත් ටික කලකදී වෙළදාමෙන් මොකවත් සපයාගෙණ ස්ථිර පදිංචි කාර‍යෝව අපේ ග‍මේ සිටිති. මේ “ලීලා” නමැති තරුණිය හොඳින් ශබ්ද ශාස්ත්රඅයත් ආගම් ‍ධර්මයත් චාරිත්රො වාරිත්රරත් පුරුදු කරගත් ශික්ෂිත තරණියකි. ඇගේ සච්චාරීත්රා‍භර්ණ විභූෂිත ප්රිටයකරු ලක්ෂණයෙන් බැදී ගිය මගේ සිත ඈ කෙරෙන් ඉවත් කිරීමට බලයක් නැති තරම් විය. ඇගේ මව්පිය දෙදෙනා හා ‍සහෝදරයාත් දැනුවත්ව ඔවුන්ගේ බලවත් සතුටට ඇතුව ලීලාත් මාත් විවාහ වෙන්නට තීන්දු කර ගතිමු. අපේ පවුලේ සමහර පැටලිලි නිසා තව අවුරුද්දක් යනතුරු විවාහය කල්දැමූ නමුත්

පියදාස සිරිසේන නවකථා එකතුව 533

සතියකට තුන් හතර දිනක් ලීලා සමඟ කථාබන් කිරීමාදියෙන් යුක්තව සිටියෙමි. ඈ මා කෙරේ ඇතිකළ ප්රේරමයද අවංක බව පරීක්ෂාකොට දැනගතිමි. මෙසේ ඉන්නා අතරට ‍කොයිබ‍අදෝ සිට දොස්තර කෙනෙක් සිල්වා - බෙහෙත් කලවක්කරන්නෙක් මේ ගමට අවුත් බෙහෙත් සාප්පුවක් විවෘත කරණ ලදී. මගේ කරුමයට මෙන් ඒ අය අවුරුද්දක් යන්ටත් පෙර තරමක ධනවතෙක්ව - වතුපිටි හිමියෙක්ව ප්රුසිද්ධ කෙනෙක් විය. මොහුට අහසින් කඩා වැටුනාක් මෙන් ලොකු මුදලක් ඉක්මනින්ම ලැබී තිබේ. ඔහු දක්ෂ කතා කාරයෙකි, කපටියෙකි. කිසිම ආගම ධර්මයක් ප්ර තිපත්තියක් සිතින් ගරු නොකරණ කටින් පමණක් ගුණධර්ම රක්ෂාකරණ මිනිහෙකි. මේ මනුෂ්යුයා ලීලා කෙ‍රේ බැල්ම හෙලා ඇගේ මවුත් ඊට පසු පියාත් එයිනුත් පසු සහෝදරයාත් රවට‍ාගෙණ ලීලාගේ කැමැත්තක් නැතිවම ඈ සරණකර ‍ගැනීමට නියම කරගෙණ තිබේ. ඒ විවාහය කවදාවත් සතුටු දායක එකක් නොවෙතත් එය සිද්ධවනු ඒකාන්තය. මා සමඟ පොරොන්දුව, මගේ සහ ලීලාගෙත් ප්රේනමය දැඩිව ගිය පසු කඩා දැමීම යුතු නොවන බව සලකාගත නොහැකි ලීලාගේ මවුපිය දෙදෙනා සිල්වා “ඩිස්පැන්සර්” ගේ ධනයත් “උසස්” කමක් පමණක් සලකා ඔහුට දියණිය පාවාදෙන්ට කල්පනා කිරීම මගේ මරණයට ආධාර විය. සිල්වා ඩිස්පැන්සර් ඉතාමත් අශික්ෂිත මිනිහෙකි. ඔහු දූෂ්ය කළ පවුළුත් ඔහු අයුත්තෙන් අපරාධ ක්රිතයා වලින් ඉපයූ ධනයත් සලකා බලන විට ඔහුට මතු ආත්මයේදී බලවත් දුක් විඳින්ට සිද්ධවනු ඒකාන්තය”යි කියනකොට මේ “දොස්තරය” කියන අය මා සොයා ඇවිදින මිනිහා වෙන්ට ඇතැයි මට හැගුනේය. ඒ නිසා තිලකරත්කට කථාකොට “මිත්රටයා” ඔය කියන දොස්තර කොයිබ කෙනෙක්ද? ඔහු මහගමත් සිටි කෙනෙක්ද? සත්කෝරළය පැත්තතේ කටයුතු කළ කෙනෙක්දැ”යි ඇසුවෙමි. “ඔව්, ඔව්, මහතමයෝ, ඔහු අවුරුදු කීපයක්ම මහමග පදිංචිව සිටියේය. සත්කෝරලේ පවුලක් විනාශකොට ලොකු ධනයක් ලබාගත් කෙනෙකි. මිනිහා ඔයා තමා. ඔයා නිතරම පේරාදෙණිය පැත්තේද ගැවසේයයි කීවාම - තිලකරත්න මහත්මයා, දොස්තර ගැන එය ඇති. තමුසේ ලීලා නිසා දිවි නසා ගැනීම එබඳුම භාරදුර ‍අපරාධයක් - පාපයක් වන්නේය. ඊටත් වඩා ස්ත්රිමයක් නිසා තුචඡ වූ කාමුක චේතනාවක් නිසා දිවි නසා ගැනීම මනුෂ්යේ නාමයට කරණ නිග්රරහවයකි”යි කියනකොට තිලකරත්ක මඳක්‍ කෝපයෙන් මෙන් “ ඉතින් මහත්මයෝ බෝධිසත්වයන් පවා ස්ත්රී න් නිසා මුළාවුණුකොට! පත්තායමේ ලේකම් මහතා‍ෙග් ලක්ෂණ කවියකින්,

534 ඉෂ්ට දෙවියා

“පු න් පෙරුමැති මහසත් පැණ ස රා ත රා පෙ ම් බැඳ කතෙකු සුලමින් යන ත රා ස රා පැ න් පවසට සියතින් තම වෙ රා ඉ රා බො න් නට දුනිය රුදිරය බඩ පු රා උ රා

යයි කියා තිබේ. මේ කියනතුරු ඉවසුම් නැතිව සිටි මා සිනා සෙමින් මෙසේ කීවෙමි. “ මිත්රරයාත් අප රටේ වර්තමාන කාලයේ ඉන්නා බොහෝ දෙනා මෙන්ම බෝධිසත්ව චරිතය ව රදවා ‍තේරුම්ගෙණ තිබේ. ස්ත්රීි වසඟත්වයෙහි තුච්ඡභාවයත් කාමාලයෙහි ඇති භයංකර භාවයත් පෙන්වා ලෝක සත්වයාට හිතවැඩ සලසාදීමට ප්රහකාශකළ බෝධිසත්ව චරිත ආදර්ශයකට - නිදසුනකට - බලයකට - පාවිච්චි කිරීම මහත් අඥාන කමකි. “බුද්ධ ධර්මය මහත්මයා තේරුම්ගත් කෙනෙක් බව නො පෙනේ. අ යන්න ආ යන්න පටන් ඉතාම අසස් න්යා ය ශාස්ත්රයය දක්වා උගන්වන මහා ආචාර්ය වරුන් ගැන මිත්රධයා අසා තිබේද? අන්න් ඒ ආකාරයට ලොභ, ද්වේෂ. මෝහාදී නපුරු ක්ලේශ බලයෙන් දූෂිත වූ සත්වයන් අර්ථ ධර්ම නිරුක්ති ප්රෂතිභාණ චතුප්රුති සම්භාධාවෙට පමුණුවන ප්රසණීත ඉගැන්වීම බුද්ධාගමේම මිස අනික් කිසිම ආගමක්වත් ශාස්ත්රවයකවත් ඇත්තේ නැති බැවින් ද ඒ බුද්ධාගම පිරිසිදු දැනුමක් ඇති අවංක බෞද්ධයෙකුගෙන් ඉගෙණගත නොහැකිවූ බැවින්ද මහත්මයාට අවබෝධවී නැත. එහෙම නොවේදැ”යි මා කීවිට තිලකරත්න මහතා ටිකක් කල්පනා කරමින් සිට “ඔව්, එහෙම වෙන්ට පිළිවනි. මම කුඩා කාලයේ පටන් මිෂනාරි ස්කෝලයක ඉගෙණ ගත් කෙනෙක්මි. මගේ මවුපියාදීහු බෞද්ධ නිසාත් මා “බෞද්ධය” යන නාමයට බලවත් ගෞරවයක් තිබෙන නිසාත් මා බෞද්ධයා කියනවා මිස බෞද්ධාගමේ ගාම්භීර ධර්ම දැන ඉගෙන එහි උසස් භාවය දැනගෙණ බෞද්ධාගම නො අදහමි. බෞද්ධාගම පණ්ඩිතයන්ට ගෝචර ආගමක් නිසා එය සාමාන්ය ජනයාට ප්ර යෝජන නැතැයි ක්රි්ස්තියානි මිෂනාරි කියන්නෙත් මේ නිසාමයි. එහෙම නෙවේදැ”යි තිලකරත්න මගෙන් ඇසුයේය. “ඇත්තෙන්ම බෞද්ධාගමත් ක්රිනස්තියානි ආගමත් සම්බන්ධව රටේ ඇතිව තිබෙන ශුෂ්ක තර්කත් බොළඳ විශ්වාසායත් අතුරුදහන් කිරීමට මේ සුදුසු ප්රේස්තාවකි. මහත්මයා ක්රිවස්තියානි ආගමත් බෞද්ධාගමත් ගැන වැටහී තිබෙන කරුණු ගැන ප්ර ශ්න කරතොත් මම ඊට ශාස්ත්රාානුකූලය පිළිතුරු දෙන්නෙමි.” තිලකරත්න - බුද්ධාගම තේරුම් ගැනීම දුෂ්කර නොවේද?

පියදාස සිරිසේන නවකථා එකතුව 535

මම - ඔව්, ඇත්තෙන්ම ඉතා උසස් පරමාරථ සත්යපය තේරුම් ගැනීම දුෂ්කරම වියයුතුයි. ඉතාමත් ම හොඳ කිසි පළුද්දක් නැති පළමුවෙන් අංකයට ගිණිය හැකි නිල් මැණිකක් ලබා ගැණීමටත් සාමාන්ය් තිරිවාණාගල් කැබෙල්ලක් ලබා ගැනීමත් යන දෙකෙන් වඩා පහසු කුමක්ද? තිල - තිරිවානා ගල ලබා ගැනීම පහසුයි. නීල මාණික්යනය ලබා ගැනීම දුෂකරයි. මම - ඉතින් ඒ දෙකෙන් වඩා හොඳ ප්රීයෝජනවත් කොකද? තිල - නීල මාණික්යෙය ප්රායෝජනයි. හොඳයි, අගෙයි. මම - වත්තක කුලී වැඩ කීරීම හෝ ගෙදරක් ශුද්ධ පවිත්ර කිරීමාදී දාස මෙහෙයක් කිරීම පහසුද? ශ්රේකෂ්ඨාධිකරණයේ විනිශ්චයකාර ධූරයක් දැරීම පහසුද? තිල - කුලී වැඩක් කරන්ට උසස් භාෂා ශාස්ත්ර් නීති ආදී කිසිවක් ඉගෙණ නොගත් පහත් මිනිහෙකුට පිළිවන. නමුත් ශ්රෙෂෂ්ඨාධාකරණයේ විනිශ්චයකාර ධූරයක් භාෂාවේත නීතියේත් ශාස්ත්රතයේත කෙළවරට නොගිය කෙනෙකුට නොලැබේ. මම - ඉතින් අවුරුදු විස්සක් තිහක් බලවත් පරිශ්රරම දරා පින්වත් මනුෂ්යග දෙවියෙකු විසින් ලැබිය යුතු විනිශ්චයකාර පද්විය කුලී වැඩ කළයුතු තරම් පහත් තත්ව යක් උපන් නූගත් අශික්ෂිත මිනිහෙකුට ලබාගන්ට බැරි නිසා ශ්රෙයෂ්ඨ විනිශ්චයකාර පදවියක් හොඳ නැත. කුලකාර පදවිය හොඳයයි මහත්මයා කියන්නෙහිද? තිල - ඇත්තෙන්ම එසේ කියන්ට බැරිය. දුෂ්කර උවත් ඉතාමත් දුර්ලභ වශයෙන් ලබා ගත හැකි උවත් විනිශ්චයකාර ආදී උසස් නිලතල හොඳමයි. මම - “බෞද්ධාගම” යයි කියන ධර්මය අෂ්ට දුෂ්ටක්ෂණයෙන් විනිර්මුක්ත මනුෂ්යදයන්ටම පමණක් ප්රකයෝජන ගත හැකි ප්රයණීත වූ ප්රුත්‍යක්ෂ සත්යපයකි. පින්මද වූද, මිථ්යාදවාදී රටවල උපන්නා වූද, අබුද්ධොත්පාද කාලවල උපදින්නා වූද, කිසිවෙකුට ‍ප්රුයෝජනය ගත නොහැකි ධර්මයකි. ඉතා සියුම් වටිනා පටරෙදි ආදී වස්ත්රතත් රන් මුතු මැණික් ආදී අගනා ආභරණත් වනචර රටක මිනිසුන්ට හෝ දියුණු වූ රටක උවත් ඉන්නා යාචකාදී

536 ඉෂ්ට දෙවියා

දුඃඛිතයන්ට හෝ ලබාගත නො හැකි වාක් මෙන් පින්මද නුවණ මද පව්කාරයන්ට බෞද්ධාගමෙන් ප්‍ාකයේජනයක් නැත. රන් මුතු මැණික් ආදී ආභරණ අසරණ මිනිසුන්ට ලබාගත නො හැකි නමුත් ඊයම් තඹ පිත්තලාදියෙන් තනන වලලු මාල ආදිය යන්තමි මිළයක් ඇති කෙනෙකුටත් ලබාගත හැක. ඉතින් අසරණයක්ට ලබාගත හැකි පලියට ඊයම් ආභරණ රන් මිනි මුතු ආභරණවලට වඩා හොඳයයි මහත්මයා කියන්නෙහිද? තිල - සත්තකෙන්ම එහෙම කියතොත් එසේ කියන්ට පිළිවන් මෝඩයෙකුට පමණකි. මදක්වක් නුවණ ඇතියෙකුට කිව නොහැක. මම - හොඳයි අපි බලමු. මෙලොව වශයෙන් හැම දෙනාටම සුඛිතව ශික්ෂිතව ධනවත්ව ඉන්ට පිළිවන්ද? තිල - බැරිය, සියේට එස්කෙනෙකුටත් පිළිවන් කමක් නැත. මම - ඉතින්, ඒ සුඛිත වූ, ශික්ෂිත වූ, ධනවත් වූ ටික දෙනා එසේ වන්ට ‍හේතුව එක්කෝ උත්පත්තියෙන්ම පෙර වාසනා බලයෙන් ම ලබාගෙණ ඉපදීම බවත් නැන්තම් ධර්මශාස්ත්රර ඉගෙන ප්රලඥා වීර්ය දෙක එක්කොට බලවත් පරිශ්රශම දැරීමෙන් බවත් මහත්මයාට පිළිගත හැකිද? තිල - ඔව්, මම එකහෙලාම පිළිගතිමි. මම - ඉතා සුළු කාලයක් මෙලොවදී විඳින සුළු සැපය පවා පෙර වාසනා බලයෙන් හෝ මෙලෙවෙදීම ඇති කළ ප්රනඥා වීය්ය්ර දෙක නිසා ලැබිය යුතු බව ඒකාන්ත නම් - පරලොවදී මහත් සුගතිය ලැබීමට ඊටත් වඩා පිණකුත් ප්රමඥා වීර්ය දෙකකුත් නැති පහත් කෙනෙකුට පිළිවන් වේද? තිල - සත්තකෙන්ම පිළිවන් වන්නේ නැත. කොළඹදී නැගිටින්නවත් බැරි මිනිහෙකුට නුවරදී දුවන්නට පිළිවනැයි විශ්වාස කරන්නේ කොහොමද? මම - බෞද්ධාගම - උත්සාහයත් ප්ර ඥාවත් දෙකත් අතීත භවයේ පිණත් යන ‍හේතු සම්පත්ති නිසා තේරුම් ගතයුතු පිළිපදියා යුතු ධර්මයකි. ඒ ධර්මය සත්යස නිසා මේ හේතුවට මේ ඵලය යයි කියා යන්තම්වත් මොලේ ඇති කෙනෙකුට වැටහේ. නමුත් ක්රිමස්තියාන්ය එහෙම නොවේ. වීර්ය ප්ර ඥා කෘත පුණ්යඥ කිසිවක්

පියදාස සිරිසේන නවකථා එකතුව 537

නැතිව මීට අවුරුදු 1925 කට ඉස්සර මරණු ලැබූ යුදෙව්වෙකු විශ්වාස කොට ඇහියඃ නමැති නාමයකට යාඥා කිරීමෙන් සදාකාලික ස්වර්ගයකට යන බව උගන්වන අහේතුක අප්පච්චයවාදී ප්රඃලාපයකි. හරියටම සීතාම්බර පටයකි, නැතහොත් තෙල් පිටි පැනි ආදී කිසිම දෙයක් නැතිව උයන පූපයකි. ඉතින් මෙබඳු පුහු බොරුවක් බුඬා දී උත්තමයන්ගේ පාදස්පර්ශ නොලැබූ ප්රඉත්යපන්ත රටවල උපන් අහේතුවන්ත මිලෙච්ඡ ජාතීන්ට පහසුවෙන් ඉගැන්වීම හැකි උනාට එයිනුත් ප්රෙයෝජනයක් තිබේද?

තිල - ඔව්, මිෂනාරිවරු කියන්නෙත් බයිබලය හැම රටවලම විසුරුවා හැර තිබෙන බවයි. එය භාෂා 500 කට තරම පරිවර්තනය කර තිබෙන බවයි. ඒ නිසා එය අනර්ඝ බවයි.

මම - තිලකරත්න මහත්මයා කුඩා කාලයේම මිෂනාරීන්ගේ පුහු ධර්ම උගත් නිසා ඤාණය මුහුකුරා ගොස් නැත. ප්රීණීත උසස් ධර්මයක් හැම භාෂාවලින්ම කවදාවත් ප්රසකාශ කරන්ට බැරිය. බලමු - වතුර , රා, ගෝඩා ආදී ද්ර ව ද්රයව්ය ත්, පස් යකඩ ආදි පඨවි ද්ර්ව්යූත් ලී භාජනයක හෝ මැටි භාජනයක හෝ යකඩ තඹ පිත්තලාදී කොයි භාජනයකත් තබන්ට පිළිවන. නමුත් සිංහ තෙල් හෝ රේඩියම් නම් ලෝහ වර්ගය එසේ පිළිවන්ද? ඝනරණින් කළ භාජනයකත් ඉතා තද ඊයම් වලින් අඟල් හයක තරම් ඝන කමට තනනලද සුරයකත් මිස සිංහ තෙළුත් රේඩියම් නමැති ද්ර ව්ය‍ත් සුරක්ෂිත නොවේ. මක්නිසාද? ඒ උසස් තෙල් වර්ගයටත් ලෝහ වර්ගයටත් සාමාන්ය. භාජනයක් ප්ර මාණවත් නොවන හෙයිනි. එමෙන්ම පරමාර්ථ සත්යිය ප්රපකාශ වන බෞද්ධ ධර්මය අර්ථ ශුන්යම වචන වරහිත ග්රායම්යක කුණුසරුප විරහිත මුල භාෂාව යයි සම්මත ශුද්ධ මාගධි භාෂාවෙන්ම දැක්විය යුතුය.

තිල - පාළි භාෂාවේ කුණුසරුප වචන නැද්ද?

මම - එකක් නැත. මව් ඉදිරියේ පුත්රකයාටත් - පියා ඉදිරියේ දියනියටත් කියන්ට බැරි එකම වචනයක් එහි නැත. මේ මධුරවූ සුවිනීත වූ භාෂාවෙන්ම පමණක් පරමාරථ සත්යනය ප්රයකාශවන ගැඹුරු ධර්මය විස්තර කළ හැක. මේ කාරණයම සලකාගෙන දඹදිවින් ලක්දිවට එවන ලද බුද්ධඝෝෂ මහා ස්ථවිර ස්වාමිපාදයන්

538 ඉෂ්ට දෙවියා

වහන්සේ විසින් එවකට ලක්දිව තිබුනු සිංහල අර්ථකථා පොත් සියල්ලක් ශුද්ධ මාගධි භාෂාවට පරිවර්තකය කරණ ලද්දේ තථාගත ධර්මයේ හරි අදහස් අන්ය භාෂාවකින් නිරාකුලව ප්ර කාශ නොවන හෙයිනි.

තිල - බයිබලය ඕනෑ භාෂාවකට පෙරලිය හැකියයි ක්රිරස්තියානීමහු ආඩම්බර වශයෙන් කියති. මම - ඔව් එහෙම තමයි. පොල්තෙල් හෝ වතුර කොයි භාජනයක උවත් දමන්නට පිළිවන. නමුත් සිංහ තෙලුත් එසේ පිළිවන්ද? කොයි භාජනයක උවත් දමන්ට පිලිවන් පළියට පොල් තෙලෙනුත් සිංහ තෙලෙනුත් වඩා උසස් කෝකද? තිල - ඔව්, මට නම් කාරණය තේරුනා! “දේව” යන නාමය ලෝකයේ ඇතිතාක් සියළුම භාෂාවලින් තිබෙන නිසාත් දෙවියන්ගේ උසස් බව ප්ර්කාශ වෙනවා යයි ඇතැම් ක්රි ස්තියානීහු කියති. ඒ ගැන මහත්මයා කියන්නේ කුමක්ද? මම - හැම භාෂාවකම පහත් ද්ර ව්යරවලට නමක් තිබේ. අන්තිම පහත් මිලෙච්ඡ භාෂාවක උවත් මල මුත්ර වලට - නම් තිබේ. ඉතින් හැම භාෂාවෙන්ම මල මූත්ර්වලට නම් තිබෙන පලියට ඒ මල මූත්රාතදී දේ උත්තමද? උස්ස්ද? උසස් ආර්ය භාෂාවල මිසක් ගැඹුරු ශාස්ත්ර ප්රතකාශවන වචන අන්යස පහත් මිලෙච්ඡ භාෂාවල නැත්තේය. ලෝකයේ පවත්නා පරම සත්යනය දැක්විය හැක්කේ ආර්ය භාෂාවකින් පමණකි. ඉතාම අශික්ෂිත ජාතියක් උවත් දන්නා දෙවියන්, යකුන්, සුනඛයන් මල මූත්රා්දී දේ නැති භාෂාවක් නැත. ඉතින් ඒ පළියට “දේව” යන්නෙහි ඇති විශේෂය කුමක්දැයි සිතාගත නොහැක්කේ නූගත් මොඩයෙකුට පමණක්ය. තිල - බුද්ධාගම, පහත් නූගත් මිනිසුන්ට තේරුම් ගෙණ ප්ර්යෝජන ගත හැක්කක් නොවේ. නමුත් ක්රිතස්තියානිය කෙතරම් මෝඩයෙකුට උවත් අදහන්නට පිළිවන් එකකි. මම - ඔව්, එක් ක්ර්මයකට බුද්ධාගම අවබෝධ අඥානයෙන් අවබෝධ කරගත හැක්කේ ප්රළඥාව මුහුකුරා ගියාට පසුවයි. නමුත් අන්තිම මෝඩයෙකු වුවත් ප්රවතිපත්ති පිරීමෙනුත් කල්යාිණ මිත්රම සේවනයෙනුත් බුද්ධ ධර්මය තේරුම් ගෙණ ආත්මයක් පාසා දානාදී ධර්මයන් පිරීමෙන් උසස් තත්වයට පැමිණෙන්ට බැරි

පියදාස සිරිසේන නවකථා එකතුව 539

කමක් නැත. නමුත් ක්රිතස්තියානිය අන්තිම මෝඩයන් හා බුද්ධාගම නැති ප්රකත්යරත්තර රටවාසීන් මුළාකේට පූජකයන්ගේ ප්ර්යෝජනයට පවත්වා ගන්නා විහිළුවකි. වන්නියේ ඉන්නා මිනිසෙකුට කොළඹට එන්නට උවමනා වූ විට දවස් කීපයකට සෑහෙන තරම් මාර්ගෝපකරණත් රැ‍ස්කර ගෙණ දුම්රිය පලකට අවුත් එහිදී අවකර පත්රතයක් රැගෙණ ප්රෙවේශමෙන් දුම්රියේ නැගී දුම්රිය කොළඹට ලඟා වූ පසු එයින් බැස නගරය දන්නා කෙනෙකුගේත් ආධාරයෙන් තමාට උවමනා තැනට පැමිණිය හැකිය. “ කොළඹට පැමිණීමට ‍මෙතරම් මහන්සි ගන්නේ වියදම් කරන්නේ කුමටද? ශතයක්වත් නැති අබ්බගාතයෙකු උවත් කොළඹට යන්නට සලස්වන්නෙමි”යි යම් කපටි බොරු කාරයෙක් කී පලියට ඈත පළාතක කෙනෙකුට කොළඹට “ඩොග්ගාලා” ලිස්සන්නට පිළිවන්ද?

තිල - ‍කොපමණ අසරණයෙකුට උවත් කණෙකුට කොරෙකුට උවත් මහන්සි නොවී කොළඹට යා නොහැකි බව ඇත්තකි.

මම - හොඳයි, මේ අපේ ජීවිතයේදී - සුළු කාලයක් ප්රදයෝජන ගත හැකි දනය සපයා ගන්නටත්, ඤණයෙන්, උත්සාහයෙන්, ඉවසිල්ලෙන්ම කටයුතු කරන්නට ඕනෑ නම් සදාකාලික ස්වර්ගය සැපතක් නිසා අවුරුදු කී කෝටියක් ආත්ම කී ලක්ෂයක් වෑයම් නොකර පිළිවන්ද? දිව්ය් ලෝකය කොළ‍ඹ යයි සිතමු. ඒ කොළඹ නමැති දිව්ය? ලෝකයට යාමට ඈත පළාතක කෙනෙක් මහන්සි වී මුදල් වියදම් කර මගතොට දන්නා කෙනෙකුගේ උපදෙස් ඇතිව කීප දවසක් හෝ සති කීපයක් කල් ගතකොට යා යුතුයයි සත්පුරුණයෙකු කියා දෙනවිට යම්කිසි කපටි මිනිහෙක් ඒ වචනය අසාගෙන ඉඳ කොළඹවත් එහි යන මාර්ගයේ තොරතුරු ආදියවත් නොදත් අඥාන පිටිසරයාට මිත්රරය, උඹට ඔය කොළඹට යන විස්තරය කියා දුන් අය කිසිත් නොදත් ‍මෝඩයෙකි. කොළඹට යාමට ඔපමණ මහන්සියක්වත් වියදමක්වත් කාලයක්වත් උවමනා නැත අර එහායින් පෙණෙන ලිදේ අනිත් පැත්ත කොළඹය. ලිඳට පැන්න හැටියේම කොළඹය. හැබැයි මේ ඉතා පහසුවෙන් ඉක්මනින් වියදමක් නැතිව කොළඹ යන්ට සැලැස්සුවාට මට ගාස්තුවක් ගෙවනැ”යි කියා අර අසරණයා අතේ තිබුණු රුපියල හෝ දෙක ඒ තක්කඩි‍යා කොල්ලකාගෙන අර අසරණයා ලිදේ පන්නවා

540 ඉෂ්ට දෙවියා

මරුමුවට පත් කිරීම කෙතරම් අපරාධයක්ද?

තිල - ඔව්, සත්තකෙන්ම එය බලවත් අපරාධයකි. අයුත්තකි.

මම - මහත්මයා ඥානයට ගෝචර ලෙස අව‍බෝධවීම ගැන මම සතුටු වෙමි. මනුෂ්යනයන්ගේ ගැලවීම මේ විදියට ලබාගත යුතුයයි බුදුර‍ජානන් වහන්සේ ඒ ගැලබීමේ මාර්ගය පෙන්වා වදාරා තිබේ. නමුත් ලෝකයේ විසූ අනිත් ආගම් කරතෘවරුය කියන්නෝ මිනිසුන්ට ඒ ඒ කාලවල තම තමාගේ ප්රකයෝජයයත් කීර්ති ප්රිශසංසාවත් ලැබු අයවලුන්ය. ඔවුන්ගේ ඒ ආගම් මගින් ලාභ ප්රියෝජන ගන්ටත් වෙන වෙන අදහස් ඉෂ්ටකර ගන්ටත් ඉඩ ඇති මිනිස්සු නා නා උපක්ර ම වලින් අවිචාර බුද්ධිමත් මිනිසුන් මුලා කොට තවමත් ඒ ආගම් පවත්වති. ඉතින් නුවණින් නො විමසා එක්කෙනෙකුට තවත් කෙනෙකු ගලවන්නට පිළිවන්ද? කිසිම ප්රකතිපත්තියක්, උසස් පැතුමක්, වීර්යයක්, ප්ර ඥාවක්, ශීලයක් නැතිව ගැලවීමක් ලබන්ට පිළිවන්යයි කීවාට මෝඩයෙක් මිස මදක්වත් නුවණැතියෙක් ඒ පිළිගනීද?

තිල - ක්රිෙස්තියාන් ආගම මෝඩ අඥාන පහත් මිනිසුන් ගැලවීමට අදහස් කර තිබෙන ආගමලු. ඥානවන්ත උගත් දක්ෂ මිනිසුන්ට වඩා නූගත් අඥානයන්ට අනුකම්පා කටයුතු බැවින් නූගත් මස් මරන්නෙක්ව ඉපදී කුරුසිය නම් පෝරකයක ඇණ ගසා මැරුම් කනු ලැබූ එතුමා‍ගේ ගෝලකමටත් නූගත් අසරණ මස් මරන්නන් තෝරා ගත්තාලු. ඉතින් එය වරදක්ද?

මම - නූගත් පහත් අෂික්ෂිත මිනිසෙකුට මෙලොව වශයෙන්වත් සුඛිතව, පිරිසිදුව, ශිෂ්ට සම්පන්නව ජීවත්වන්ට බැරි බව අප කාටත් පෙනේ. මේ ලෝකය සම්බන්ධව ඉතා සුළු කාලයක්වත් සැපවත් සීලවන්ත ජීවිතයක් ගත කරන්ට බැරි මිනිහෙක් සදාකාලික ස්වර්ග සැපතකට පැමිණවීම හරියටම අර කී කෛරාටිකයා ඉක්මණින්ම කොළඹට යන පිණිස යම් කෙනෙකු ගැඹුරු ළිඳකට දැමීම වැනි ක්රි යාවකි. කෙනෙකුට වෙනින් කෙනෙකු ගලවන්ටවත් සුඛිත කරන්ටවත් පිළිවනැයි කීම අහේතු අප්පච්චායවාදී මෝඩයෙකුගේ මුග්ධ කීමකි, උත්තමයෙකුට යම් කිසිවෙකුට හරි මා‍ර්ගය පෙන්වා දෙන්ට නම් පිළිවන. බලමු, කෙතරම් බල සම්පන්න රාජ කුමාරයෙක්

පියදාස සිරිසේන නවකථා එකතුව 541

වුවත් උගතෙක් වන්ට නම් ඔහුම ඉගෙණගත යුතුය. ඔහු වෙනුවෙන් අන්යායෙක් ඉගෙණ ගත්තාට අර රාජ කුමාරයා උගතෙක් වේද ?

තිල - මහත්මයාගේ කීම සත්තකමයි. තමාම නූගත්තොත් කවුරු ඉගෙණ ගත්තත් තමාට කිසි ඵලයක් නැත.

මම - තමාම ඉගෙන ගත්තතොන් මිස අන් කවරෙක් ඉගෙන ගත්තත් තමා උගතෙක් නොවන්නාක් මෙන් තමාගේ ශරීරය පිළිබඳ කිසිවක්ද තමාටම මිස අන්යායෙකුට කරන්ට බැරි බව සැළකිය යුතුයි. කෙනෙකු වෙනුවෙන් තවත් කෙනෙකු කන්ට බොන්ට පිළිවන්ද? මල මූත්රෙ කරන්ට පිළින්වද? නාන්ට ශුද්ධ පවිත්ර වෙන්ට පිළිවන්ද? අඳින්ට පළදින්ට පිළිවන්ද? නිදාගන්ට හෝ සුවපහසු ගන්ට පිළිවන්ද?

තිල - සත්තකින්ම බැරිය. ඒ උවමනා කරණ පුද්ගලයා විසින්ම කටයුතුය.

මම - හොඳයි. කෙනෙක් වෙනුවෙන් තවත් කෙනෙකුට මල මූත්රන කිරීමාදී සුළු ශරීරි කෘත්යියක්වත් කළ නොහැකි නම් වෙනින් කෙනෙකුට තවත් කෙනෙකු ගලවන්ට පිළිවන්ද?

තිල - සත්තකින්ම බැහැ තමා. ගැළවීමේ මග පෙන්වා දෙන්ට නම් පිළිවනි. එසේ කළ හැක්කෙත් ගැලවීමේ මාර්ගය අව‍බෝද කරගත් උත්තමයෙකුට පමණකි.

මම - “ගැලවීම” කියන්නේ කුමක්ද කියාවත් නොදත් එවකට යුදෙව් රටවැසි නූගතුන් මධ්යවයේවත් උගතෙක් පණ්ඩිතයෙක් හැටියට පිළිගත් කෙනෙක් නොවේ. ඔහු අප්ර්සිද්ධ ජීවිතයක් ගතකොට මරනු ලැබුවෙකි. ඔහුගේ මරණින් පසු “ක්රිීස්තියානි ආගම” ගොඩනගා කටයුතු කළ දක්ෂ පූජකයන් නිසා මෑත කාලය වනතුරු එය ලෝකයේ පතල් කරගන්ට ලැබී තිබේ.

තිල - හිටින්ට. හොඳයි බයිබලයේ හොඳ අවවාද - ඥානයට ගෝචර ඉගැන්වීම් කිසිවක් නැද්ද?

මම - ඇයි නැත්තේ? බයිබලේ හොඳ අවවාද පණ්ඩිත ගෝචර කීම තිබේ. ඒ හොඳ කියුම් සියල්ලම පෙරදිග රටවල පණ්ඩිත යන්ගේ අවවාදත් ඉගැන්වීමුත් බව සැලකිය යුතුයි. හොඳ කීමක් පණ්ඩිත ගෝචර ඉගැන්වීමක් ලෝකයේ තිබේ නම් ඒ සියල්ලම ප්රණකාශකොට වදාරණ ලද්දේ තථාගත සම්මා සම්බුදු රජාණන්

542 ඉෂ්ට දෙවියා

වහන්සේ විසිනි. ඒ උත්තමයන් වහන්සේ ඉපිද ධර්මය ලොවට උගන්වා පිරිනිවන් පෑ වදාළේ ක්රි්ස්තුස් වහන්සේ උපදින්ට අවුරුදු පන්සියයකටත් පෙරය. තථාගත බුදුහාමුදුරුවන්ගේ ධර්මය යුදෙව් රට වැනි මෙලෙච්ඡ වනචරයන්ගේ රටක පැතිර නොගිය නමුත් රුසියාව ග්රීචසිය ආදී ඊට ආසන්න රටවල පැතිර තිබුණේය. ක්රිුස්තුන් වහන්සේ තරුණ කාලයේ ටිබැට් ආදී රටවල ඇවිද්ද කෙනෙකි. ඔහු ඒ රටවලදී බුද්ධ ධර්මයේ ප්රආකාශ වන අවවාද ටිකකුත් පණ්ඩිත ගෝචර ඉගැන්වීම් ටිකකුත් දැනගෙන ගමට ගිය පසු ඒ තමා උගත් උතුම් ධර්මය ස්වකීය රටවැසියන්ට දේශනා කර තිබේ. යුදෙව් භාෂාව පුහු තුච්ජ මෙලෙච්ජ භාෂාවක් නිසා ක්රිතස්තුස් වහන්සේට බුද්ධ භාෂිතය මෙන් සාරවත් ලෙස ඒ තමා උගත් උපදෙස් කියා දෙන්ට බැරිවූ නමුත් යන්තම් එහි අදහස් හැගෙන්නට ප්ර කාශ කර තිබේ. ක්රිවස්තුස් වහන්සේ කියා තිබෙන හොඳ කීමකුත් ඔහුට වඩා අවුරුදු පන්සියයකට ප්රිථම ගෞතම බුදුරාජාණන්න වහන්සේ ඒ උතුම් අදහසම කියා තිබෙන හැටිති බැලීමෙන් ලෝකනාථ වූ බුදු රජාණන් වහන්සේගේ උතුම් ධර්මය ක්රිැස්තුස් වහන්සේට කෙතරම් දුර්වල ලෙස ඉගෙණ ගන්ට ලැබී තිබේ දැයි සැලකිය හැක. බුදුරජාණන් වහන්සේ උසස් මාගධි භාෂාවෙන් එය ප්රැකාශ කර තිබෙන රසවත් භාවයත් - ක්රි ස්තුස් වහන්සේ හා ඔහුගේ ගෝලයන් ඒ උතුම් ධර්ම පදවල අදහස් ස්වකීය හීබ්රිිව් භාෂා වෙන් කියා තිබෙන හැටිත් බැළුවාම පුදුමයි. බුද්ධ ධර්මය තිබෙන රටක ජනයා බයිබලය ඇදහීම හරියටම පස් පියුමෙන් සර්ජිත පිරිසිදු ජලයෙන් පරිපූර්ණ රජ පොකුණක් බල බලා ගම් ඌරන් අදී පහත් සතුන් ලගින මඩ වලක බොර වතුර ටිකක් මඩ මිරිකමින් පානය කිරීමට සමානය. තිල - එහෙනම් යුරෝපා අමෙරිකාදී රටවල උගත් ජනයා බුද්ධාගම ගැන අසමිනුත් ක්රිහස්තියානිය අදහන්නේ. මම - ඔව්, තිලකරත්න මහතාගේ ප්රනශ්නය ඉතාමත්ම හොඳයි . බුඬාගම ගැන අසන්නටවත් යුරෝපීය ඇමරිකාදීන්ට ලැබුනේ මෑතකදීය. ඉතින් බුද්ධාගම ගැන පළමුවෙන් යම් යම් කරුනු ඒ රටවල ප්ර‍සිද්ධ කරන ලද්දේ නපුරු ක්රිළස්තියානි මිෂනාර‍ීන් විසිනි. ඔවුහු බුද්ධාගමේ ඇති රමණීය භාවය යටපත් වන අන්දරමට යුරෝපා ඇමෙරිකාදී බටහිර ජනයන් මුළා කළහ. නමුත් ඔවුන්ගේ ඒ මුළා

පියදාස සිරිසේන නවකථා එකතුව 543

කිරීම සූර්යයා හබරල කොලයකින් මුවා කළාක් මෙන් ඉතාමත් සුළු කාලයකින් ඒ මුළාවී දුරුවී ගොස් දැන් යුරෝපීය අමෙරිකාදී රටවල උගතුන් විසින් සත්යද සත්යද ලෙසත් බොරුව බොරුව ලෙසත් පිළිගන්ට පටන්ගෙන තිබේ.

තිල - හොඳයි, ක්රි‍ස්තියානි ආගමේ යම් කිසි හොඳ වචනයක් තිබෙතොත් එය බෞද්ධ ධර්මය මගින්ම ඒ ක්රිකස්තියානියේ පොත් ලියූ අය ඉගෙනගත් බව පණ්ඩිත ජනයාත් පිළිගෙන තිබේද?

මම - සත්තකින්ම පිළිගෙන තිබේ. මේතාක් උපන් බටහිර පණ්ඩිතයන්ගේන් ඔක්ස්පර්ඩ් සමස්ත ශාස්ත්රස ශාලාවේ මහා ආචාර්යවරයෙක් වන පෙරදිග භාෂා ශාස්ත්රත ගැන විශාල දැනීමක් ඇති ආචාර්ය රීස්ඩේවිඩ් තුමා මීට අවුරුදු 45 කට පෙර එනම් 1877 තේදී ප්රරසිද්ධ කථාවක් කරද්දී ඒ බව කියා තිබේ. එම කථාව 1920 දී ප්රරසිද්ධ කරණ ලද එංගලන්තයේ “පාලි ටැක්ස්ට් සොසයිටී” නම් සභාවේ අංක 23 කරණ කලාපයේ ප්ර සිඞ කොට තිබේ. එයින් කොටසක් මෙසේය.

“ It is not too much to say that almost the whole of the moral teachings of the gospels” as distinct from the dogmatic teachings will be found in the Buddhist writings several centuries older than the gospels” that for instance that of the moral docurines collected together in the so called sermon on the mount, all those which can be seperated from the theistic dogmas there maintanced are found again in the Three Pitakas.”

“ක්රි”ස්තියානි බයිබලයේ සඳහන් වන ලෝක මැවිලි දේ, රහස් ආදී රහස් ඉගැන්විලි වලින් වෙනස් වූ යම්කිසි යහපත් ඉගැන්වීමක් එනම් ගුරුපදේශ වශයෙන් සැළකිය යුතු යම්කිසි හොඳ වචන පංතියක් තිබේ නම් ඒ සියල්ලම බෞද්ධ ධර්මයේ ප්ර කාශ වන උතුම් ඉගැන්වීම වෙති. ක්රිෞස්තියානි බයිබලය ලියන්ට ශත වර්ෂ කීපයකට ප්ර ථම බෞද්ධ ධර්මය ලෝකයෙහි ප්රධකටව ගිය උසස් ධර්මයකි. “කන්ද උඩ දේශනාව” යයි කියන ක්රිකස්තියානි බයිබලයේ තිබෙන ඉතාම හොඳ වචන පංතිය එක්කාසුකොට බැලූ විට දේව රහස් කියන වචන වලින් පරිබාහිරවූ පිළිගත යුතු සියල්ලම තුන් පිට‍කයේ පොත්වල පරිබාහිර වූ පිළිගත යුතු සියල්ලම තුන් පිටකයේ පොත්වල සඳහන් කරුණු වෙතියි” මේ මහා ඉංග්රීේසි ආචාර්යවරයා කියා

544 ඉෂ්ට දෙවියා

තිබේ. ඉතින් මිත්ර යා‍ණනි, අවංක ඉංග්රී සි මහා පණ්ඩිතයන්ට කාරණය හොඳින් අවබෝධවී තිබෙතත් ස්වකීය ලාභ ප්ර යෝජන තකාගෙණත් ධර්ම ශාස්ත්‍ර නොදැනීමේ වරද නිසාත් ‍අපේම ‍රටේ ඇතැම් කෙනෙක් ක්රිධස්තුස් වහන්සේ විසිනුත් යහපත් දේ ප්රපකාශ කළ බව කියයි. තොටගමුවේ හාමුදුරුවන් නැතහොත් ෂේක්ස්පියර් විසින් ලියනලද රසවත් කවියක් කොතනවත් කොල්ලෙක් කීවොත් ඒ සඳහා ගෞරවය යායුතු අර කවිය පාඩම් කරගෙණ කී කොලුවාටද නැතහොත් කවිය මුලින් පද කළ කවිවරයාටද?

තිල - සත්තකෙන්ම ඒ තොටගමුවේ සාමිට හෝ ෂේක්ස්පියර්ට විය යුතුය

මම - ඒ එසේ නම් ක්රිටස්තුන් වහන්සේ උපදින්ටත් පෙර පැවති ධර්ම පුස්තකවල සඳහන් උතුම් අදහස් ටිකක් එහෙමෙහෙකර ක්රි ස්තියානි පොත්වල සඳහන් වුනත් - ක්රිමස්තියානීන්ට ඒ වැදගත් ‍කාරණාවලට හිමි ගෞරවය අත් විය යුතු නොවේ. ඥානයට ‍ගොචර නොවන පුහු දේව රහස් ඇර ගුණධර්ම අතේ අමුත් කාරණා කිසිවක් බයිබලයේ ඇත්තේම නැත. ඉතින් මිත්ර යාට කාරණය තේරුණාද?

තිල - ඇත්තෙන්ම මට තේරුණා. ක්රි ස්තියානිය ගැන මින් පසුවට මොකවත් කියන්ට කමක් නැත. මම දිවි නසාගන්ට වීරිය කොට අනිතිමේදී තමුන්නාන්සේ විසින් ගලවාගනු ලැබුවෙක්මි. මා පෙම් බැඳවුන් ලීලා නිසා මට ඇතිවී තිබෙන සංවේග පහකොට ඒ අයුක්ත කළ අධමයාට දඬුවමක් කරන්ට උපාය මාර්ගයක් කියා දුන්නොත් තමුන්නාන්සේට පින්සිද්ධ වේවියයි කියා ඈනුම් ඇරියාය. තිලකරත්නගේ මුළාව දුරු කරන තුරු ඔහුගේ දුඃඛිත භාවය පහ නොවන බව වැටහුණු මම ඔහුට මෙසේ කීවෙමි. “මිත්රනය, තමුසේ පමණක් නොව ලෝකයේ ඉන්නා කවුරුත් පාහේ රාගය නිසා මුළාවටත් සෝකයටත් ඉක්බිති භයටත් පැමිණෙති. යෝනිසෝ මනසිකාරයෙන් කල්පනා ‍කිරීමට නොදත් උදවියත්, ධර්මය තත්වාකාරයෙන් තේරුම් නොගත් අයත් අධික ප්රේමම බන්ධනයට පත්වී මුළාවූවිට “කාලික උමතු භාවය”යි කියන පිස්සුවට භාජනයව දිවි විනාශ කර ගනිති. තරුණ තරුණියන් අතර ප්රේයම බන්ධනය තරම් නින්දිත ක්රිියාවක් තවත් නැත්තේය. ප්රේිමයයි කියන රාගික හැඟීම


පියදාස සිරිසේන නවකථා එකතුව 545 නිසාම සරණ බන්ධනයට පත්වුණොත් රාග චේතනාව දුර්වල වෙනකොටම ප්රේමමයත් ඒ තරමටම දුර්වල වේ. නමුත් සරණ බන්ධනයේ යුතුකම් සලකා ස්ත්රිසයක් විසින් පුරුෂයෙකු කෙරේ දැක්විය යුතු යුතුකම් පහක් පුරුෂයෙකු විසින් ස්ත්රිියක් කෙරේ දැක්විය යුතු යුතුකම් පසත් සලකාගෙණ අනොයාන්ය්යන් වශයෙන් තමාට කැපෙන අය අතර විවාහ බන්ධණ සිද්ධකර ගණිතොත් ප්රේ මයයි කියනු ලබන මායාව අන්තර්ධානවූනත් කවදාවත් ඒ විවාහය අවාසනාවන්ත නොවේ. දැන් තිලකරත්න මහත්මයා ලීලිව නොලැබ දිවි නසාගන්ට වීරිය කළ බව ප්රනකට කාරණයකි. හොඳයි ලිලීත් මිත්රදයා වගේම ප්රේිමයෙන් මුළාව ඉන්නීද? සත්තකෙන්ම නැත. ඉතින් ඈ මිත්රමයාට දැක්වූ ප්රේකමය මායාවක් නොවේද? යම් විධියකින් දෙදෙනෙක් අන්යෝන්යය වශයෙන් ප්රේ ම බන්ධනයකින් බැඳුනත් එකෙක් එය කැඩුහැටියේම අනිකාගේත් යුතුකම් ඒ කඩා බිඳදමා නිස්කලන්කවීම පමණකි. ලිලී සමග විවාහ වෙන්ට ගිවිසගෙණ උන්න මිත්රුයාගේ ප්රේඩමය කඩාදමන්ට කැමති නැතිව ග‍ෙඟ පැන මැරෙන්ට හැදුවා-නමුත් ලිලී ඇගේ මව්පියන් ජෝඩුකළ මිනිහා සමග යන්ට සැරසී ඉන්නවා ඉතින් මිත්රහයා මම නම් එබඳු චපල අදහස් ඇති ස්ත්රි්යකගෙන් කුලස්ත්රි්යක් විසින් පිළිපැදිය යුතු ගුණධර්ම පවා කිසිම කාලයක ආරක්ෂා නොකරණ බැවින් ඈ සතුටු වුනත් ඇය සමග විවාහවීමට සතුටු නොවෙමි. දැන් මේ ක්රිටයාවෙන් මිත්රැයා පහත් අඥාන ගතිය දැක්වීම පමණක් බව මට හැගේ. මම දැන් ඉෂ්ටදෙවියෙකු සොයමින් ඉඳිමි. ඒ අතරම මිත්රරයාගේ ඉෂ්ටදෙවියාත් සොයාගන්නට ලැබුනොත් කියන්නෙමි. නුවණැති-ස්ථිර කල්පනා සහිත කෙනෙක් මෙන් වැඩ කරන්ට. ලිලිට වඩා රූපසෞන්දර්යයෙන් හා කුලචාරිත්රා දියෙන් යුත් ස්ත්රීනහු ලොකයේ එමට සිටිති. ගුණධර්මයත් කුලචාරිත්ර ත් පළමුවෙනි හැටියටත් රූපය කුලය ආදිය දෙවෙනි කරුණු හැටියටත් සලකා විවාහයක් කරගන්ට, ටිකක් ප්රිමාදව එසේ කරගත්තොත් මටත් පිළිවන් ආධාර කරන්නෙමි”යි කියා තිලකරත්නව අස්වැසුවෙමි. මගේ කථාවෙන් බලවත් නිදහස් ගතියක් හිතේ ඇතිකරගත් මේ තරුණයා “මහත්මයාට බුදුබව ලැබේවා! ම‍ගේ අඥන කමින් කරගන්ට ගිය ආත්ම ඝාතනයෙනුත් මා වලක්වා මගේ හෘදයේ ඇනී තිබුණු තියුණුවූ යහුලත් ඇද දැමිම ගැන තමුන්නාන්සේට මගේ ජිවිතයෙන් පූජාකළත් මිදය”යි මට මුවනොසෑහෙන සේ ස්තුතිකොට දවසකින් දෙකකින් මා සම්බවීමට එන බව කියා යන්ට ගියේය.


546 ඉෂ්ට දෙවියා 10. පරිච්ඡේදය

ලො කු අප්පුහාමිගේ දු දරුවන්ට සිද්ධවුනු අන්තරාය පරික්ෂා කිරීම මහමෙරට යටවී තිබෙන අමෘතය සොයා ගැණිමටත් වඩා අමාරු බව මට වැටහී තව වරක් කොළඹ ගොස් එන්නෙමිය් කල්පනා කොට එදින සවස භයට තිබෙන දුම්රියේන එන පිණිස පටත්වීමි. එදා මා ආවේ දෙවෙනි පංක්තියේ කාමරයකය. මා නැග්ග කාමරයේ ලංගී තරුණියන් දෙදෙනෙකුත් හා තවත් තරුණයෙකුත් වුන්නෝය.මොවුන් ඉංග්රි සියෙන් කතාබස් කළ බැවින් තුන්දෙනාම ලංසි කියා සිටි නමුත් තරුණාය සිංහලයෙක් බව මගදි දැනගනිමි. වර්තමාන කාලයේ දු දරුවන් ඇතිදැඩි කිරිමේ හැටි දැනගැණීමට මෙබදු එවුන්ගේ තොරතුරු දැනගැණීම වටනේය. සදාචාරය ඉතාමත් පහත්කොට සැලකීම දැන් මනුෂ්යලයන්ගේ ගතියයි.නමුත් මෙය තේරුම ගත්තොත් සැප කැමති කෙනෙකුට කෙතරම් අමාරු කම් විදලාවත් සදාචාරය ආරක්ෂානොකර නොසිටිය හැක්කේය. ලෙඩදුන් නොවැළදි සනීපෙන සිටීමට කැමති තැනැත්තා පිරිසිදුව සිටීම අවශ්යෙ බව කවුරුත් දනිති. නමුත් ලෙඩ රෝගවලින් වැලකෙනවා වෙනුවට බොහෝ දෙනා ලෙඩරෝග හදාගෙන මහත් වියදමකින් හා පරිශ්ර මයකින් ඒ ලෙඩ රෝග සුවකර ගැණීමට වීර්යදරති. එමෙන් ම ලෙඩ රෝග අඩු - ශරීරය ශක්තිමත්වූ ගුණනුවණ ඇති දැකුම් කටයුතු පින්වත් සුඛිත දරුවන් ලැබීමට ඕනෑ තරම් ඉඩ තිබියදී - අව ලක්ෂණවූ විකාරවූ - රෝගී වූ නුවණ හා ශරීර ශක්තිය නැති අප්රි්යකරු දරුවන් ලබාගෙන ඉක්බිති ඔවුන්ගේ උසස් බවක් පෙන්වීමට සමහරු මහත් පරිශ්රෙම දරති. දැන් මා විසින් පරීක්ෂා‍කරන්ට පොරොන්දුව ඉන්නා ඉෂ්ටානිෂ්ට දෙවිවරුන් නොසොයා මගේ මේ උත්සාහය නොහරිමි. ලොකු අප්පුහාමිගේ දූ දරුවන් අකාලයේ මැරෙන්නේ කවරෙකුගේ උපක්රඅමයකින්ද ලොකු අප්පුහාමි තරුණ කාලයේදී ඉතාමත් දුප්පතෙක්ව සිට නැවත විශාල ධනවතෙක්වූයේ කවර දේව වරමකින්ද යන මේ දෙයාකාරණය නොසොයා නිශ්ශබ්දවීම මට තරම් නොවේයයි අධිෂ්ඨාන ‍කරගෙණ කොළඹට පැමිණියෙමි. මාස දෙකකටත් වැඩිකාලයක් කොළඹින් ඉවත්ව සිටි බැවින් මගේ මිත්ර්යන් ම‍ා බැලීම පිණිස පැමිණෙන්ට පටන්ගත්හ. මේ නිසා මට නිශ්කලංග නැතිවිය. නමුත් මා පැමිණි දෙවෙන් සති‍ යේ සඳුදා උදේ මට අ‍වශ්යනයෙන්ම විමසීමට උවමනාව තිබුණු තරුණ දොස්තරගේ ගෙදරට පැමිණියෙමි.

පියදාස සිරිසේන නවකථා එකතුව 547

මේ වනාහී දුම්රියේදී සම්මුඛව ඉක්බිති වේයන්ගොඩ තානායම් පළේදී කලබල ඇතිවුනු “උසස්” සිංහල කාන්තාව බව සැලකිය යුතුය. ඉතින් කුරුදුවත්තේ විශාල මන්දිරයට මම ගියෙමි. මා යන විට ඒ ගෙදර හරියේ කිසිවෙක් ඇති බව නොහැඟුනේය. කුස්සිය පැත්තේ නම් මිනිස්සු ඉන්ට පිළිවන. මිනිත්තු පහළොහකට වැඩි කාලයක් ඉස්තෝප්පුවේ බලා සිටිව විට - තරුණ වයසේ රජකයෙක් කිළුටු රෙදි පොට්ටනියකුත් රැගෙණ පිටිපස්සා පැත්තේ සිට පළමුවෙනි විසිත්ත කාමරයෙන් ඉස්තෝප්පුවට ආවිට මා ඉන්නා බව දැක ටිකක් තිගැස්සුනාක්මෙන් වී - මා දෙස බලා “ තමුන්නාන්සේ ඇවිත් හුඟාක් වෙලාදැ”යි ඇසීය. ඔව් “ඩෝබි” උඹ ආ හැටියේම වාගේ මමත් ආවෙමි. නෝනා මහත්මයා තවමත් එලියට නාවේ මන්දැ”යි ඇසුවාම - රජකයා මඳක් සිනාසී “දොස්තර මහතා නැත. හතරෙන් පස්සේ ආවොත් සම්භවිය හැකියි කීවේ”ය. යන්නේ කොහේදැයි ඇසූවිට මල්ලේ පොල්ය කීවාක්මෙන් රජකයා කී මේ ක‍ථාවෙක් මට උවමනා කරුණු තේරුම් ගතහැකි උවත් ඒ බව රජකයාට නොහඟවා - හොඳයි එහෙනම් යන්ට යමු නියා රජකයාත් සමගම තාප්පෙන් එලියට අවුත් - ඔහුට ටිකක් තර්ජනය වශයෙන් කථා කළවිට ඔහු බියපත්වී “ තමුන්නාන්සේ මට අනුකම්පාකර සමාවෙතොත් ඇත්ත කියමි”යි කීයේය. “හොඳයි ඩෝබි - සම්පූර්ණ ඇත්ත මට කියාපන් - මම කෝන්ගෝඩ වික්ර.මපාල බව උඹ දැනගනින් කිසිවක් නොසඟවා මේ “වලව්වේ” තොරතුරු කියාපන්නැයි කීවිට - ඔහු දන්නා සියල්ලක්ම අඩුලුහුඩු නැතිව පැය බාගයකින් මට කියා දුන්නේය. මේ ගෙදර ඉන්නා නෝනා මට වේයනගොඩදී මුන ගැසුනු තැනැත්තීමදැයි නිසැකව දැනගන්නා පිණිස නැවතති ඒ “බංගලාවට” ගොස් - එවිට ටිකක් සපත්තු ශබ්දය ඇසෙන්ට සක්මන් කළෙමි. එවිට නෝනා මහත්මයාත් තවත් ගැහැණු ළමයෙකුත් විසිත්ත කාමරයට පැමිණියාහ. නෝනා දුටු හැටියේම මා පරීක්ෂා කරන අය බව පෙණුනේය. නමුත් ඈට මා අඳුනාගත නොහැකිවිය. ඉතින් ඒ නෝනා ම‍ා සමඟ කිසිත් කතා නොකර එලියටවත් නෑවිත් - කෙල්ල ඉස්තෝප්පුවට එවා මගෙන් තොරතුරු විමසුවේය. දොස්තටර මහතා සම්බවෙන්ට ආ බව කීවාම - “දොස්තර හාමුදුරුවෝ නුවර එලියට ගොසින්ය. කොළඹ එන්ට විසි දවසක් ගතවෙනවාය”යි කීවාම මම කිසිත් කතානොකර ආපසු හැරී ගෙදර ආවෙමි. රික්ෂෝ ආදී කිසිම වාහනයකටත් නොනැගී හෙමින් හෙමින් බොරැල්ල දක්වා පයින්ම ගමන් කළෙමි. බොරැල්ලේ සන්ධියේ මා සලකන කීපදෙනෙක් ඉන්න‍ා

548 ඉෂ්ට දෙවියා

බැවින් - එක්තරා වෙළඳ මහතෙක් මට කථාකොට ස්වකීය වෙළෙඳ ශාලාවේ වාඩි කරවාගෙණ ලැමනේඩ් දී සංග්රකහකොට - ලඟදී බොරැල්ලේ උපන් දියසේන කුමාරයාගේ විත්තිය කියන්ට පටන් ගත්තේය. “පියවරුන් නැතිව දරුවන් ඉපදීම අද ඊයේ සිද්ධවෙන කාරණයක් නොවේය. පැරණි කාලවලත් එසේ සිද්ධවුනු බව බයිබලය ආදී පොත්වල පෙණේ. ටික කලකට ප්රඑථම හඳ ලංකාව පැත්තේ වත්තක මුරකරුවෙකු වන ඉතාමත් කළු මිනිහෙකුගේ රෝමානු කතෝලිකාගම්කාර කළුපාට භාර්යාවට ප්රං ශ කාරයෙක්මෙන් සුදු වර්ණයෙන් යුත් කරුවෙක් ලැබී තිබෙන බව බලන්නට ගොස් මම දැකගතිමි. මේ බො‍රැල්ලේ “දියසේන” බාල්දිවත්තේදීම උපන් බැවින් ඒ නාමය ඉතාමත්ම හොඳය. ඔහුගේ මෑණියන්ට ඉෂ්ටදෙවියකු විසින් දී තිබෙන ඒ පුත්රබරත්නය ගැන කලබල වෙන්ට කමක් නැත. නමුත් ඒ “ඉෂ්ටදෙවියා” කවුදැයි නැසැකව දැනගැනීමට උවමානාදැ”යි මම ඇසුවෙමි. මගේ මිත්රෙයා සිනාසී දැන්නම් අපටත් ඒ “ඉෂ්ටදෙවියා” අසවලායයි දැනුම් තිබේ. ඒ එසේද උවත් අපේ රටේ මෙබඳු කවපටි උපාසිකාවන් හා උපාසකයන්ට කටයුතු කිරීමට ඉඩහැර තිබීම රටට මහත් අනර්ථයක් බව පෙණෙන හෙයින් - මහත්මයාලා යම්කිසි ක්රථමයකින් මේ දුශ්චරිත කරණවුක් රටට පිළිකුල් කරවතොත් මහත් කුසලයක් යයි කීවේය. “ඇත්තෙන්ම මහත්මයා අපේ ‍රටේ උදවිය තරම් රැවටෙන සුළු අඥාන සෙනඟක් වෙන කොහේවත් නැත. යම්කිසි ස්ත්රිටයක් හෝ පුරුෂයෙක් කෙරෙහි පැහැදීමට පෙර ඇගේ හෝ ඔහුගේ තත්වය ටිකක් දුරටත් පරීක්ෂා නොකිරීමට බලවත් අයුත්තකි. ශ්රටද්ධා‍වත් තෑගිවන්ත භාවයත් නොමඟ යෙදවීම බලවත් අනර්ථයකි. හිසේ පැළදිය යුතු ආභරණයක් පයේ පළදින්න‍ාක් වැනි ගර්හිත ක්රි යාවකි. යමෙක් ‍රටට අනුශාසනා කරයිනම් - ධර්මය කියාදෙයිනම් - ඔහු ඒ අනුශාසනාව කිරීමට තරම් ඒ අනුශාසනාවට අනුව පිළිපදින කෙනෙක්දැයි නිශ්චය වශයෙන් දැනගන්නාතුරු ඒ ඇත්තා කෙරෙහි පැහැදීම අඥාන කමක් වේ. දැන් රක්ෂාවක් වශයෙන් ශ්රෙමණවෙශධාරීව ඇවිදින හොරුන්ගේ ගණන හත් අටසියයකට වැඩිය ඔවුන්ගේ වේසයටත් ඔවුන් කියන ඉච්චා සහගත බොරුවලටත් ‍රැවටෙන්නෝ නැත්තාහුනම් කවදාවත් ඒ තරම් කපටි පිරිසක් ඇති නොවේ. මහජනයාගේ දුර්වල කම් තරමට - මුලාවීමේ තරමට කපටි ජනයාත් රටේ අධිකවෙති. ඒ නිසා ඉෂ්ට දෙවියාගෙන් දියසේන ලැබූ කපටි වෙශ්යා්වියටත් කෛරාටිද කමින් ලොව මුළාකරණ ශ්රිමණ


පියදාස සිරිසේන නවකථා එකතුව 549

වෙසධාරීන්ටත් නොරැවටීමට ‍සිතට ගත යුතුයයි කියා ඒ මගේ මිත්ර‍යා මට කළ සංග්රාහාදීය ගැන ස්තුති ‍කොට ට්රෑකම් රථයෙන් මගේ නිවසට පැමිණියේය.

මගේ අතවැස්සා විසින් පිළියෙළ කර තිබුණු දවල් භෝජන අනුභවකොට සනීප පුටුවක් පිට දිග ඇදී ඉන්නාවිට “හාමුදුරු” නමක් පැමිණ “ වික්ර මපාල මහතා නිදිදැ”යි ඇසීය. මම මේ තැනැත්තා දුටු පළමුවෙන් වාර‍යවේ. එහෙයින් වහාම උනස්නෙන් නැගිට භික්ෂු්න්ට වෙන්කරනලද පුටුවක වාඩිවෙන්ට සලස්වා නමස්කාරකොට කුඩා පුටුවක වාඩිගෙණ “ ස්වාමීන් වහන්සේ කොයිබ සිට වැඩියේද? මා මීට ප්රැථම අඳනන්නේද” ඇසීමි. “මම මහත්මයා ගැන බොහෝ කාලයක සිට දනිමි. මහත්මයා කෙරේ බොහෝ ප්රසසන්න කෙනෙකි. අනේ මහත්මයා භික්ෂුවෙස් ගත් පොට්ටනිකාරයන් රැළක් කරණ අයුතු අපරාධ රාශියක් පෙන්නාදීමට මහත්මයා සමඟ යන්ට ආවෙමි”යි කියා ආදුරුප්පු වීදියේ මුඩුක්කුවකට යාමට මට කථාකළේය. මේ උන්නාන්සේගේ කතාව මට ඒ තරම් සතුටුදායක නොවීය. මුඩුක්කුවක කෙරෙන නොපනත්කම් ගැන දැනගන්නට නම් එහි යන කෙනෙක් හෝ අනිකෙකුගෙන් තොරතුරු දැනගත් කෙනෙක් වියයුතුයි. එසේ යම් ‍තොරතුරක් දැනගත්තා නම් ඒ බව කොළඹ හෝ නිකායේ ප්රනධාන නායක ස්වාමීන්වහන්සේට දන්වා ඒ මාර්ගයෙන් ඒ අධර්ම නැති කිරීමට ක්රිසයා කළයුතුයි. නැත්නම් මොහු යම් කෙනෙකු සමඟ පවත්නා පුද්ගලික ඊර්ෂ්යාසවක් පිරිමසා ගැණීමට ක්රිැයා කරන්නෙකි. කොළඹ ස්ථානයකට තමාට හොඳින්ම දැනුම් ඇති විශ්වාස කරයුතු කෙනෙකුගේ මෙහෙයවීමක් නැතිව යාමෙන් මහත් හානි පැමිණිය හැකි බව කොළඹ ඉන්නා ප්රයසිද්ධ වෛද්යාමචාර්යවරයෙකුට සිද්ධවූ කාරණයක් අසා තිබුනු මට මතක් විය. ඒ කථාන්තරය මේ කියවන්නාට අප්රයයෝජන නොවේ. ප්රදසිද්ධ වෛද්යයවරයෙකුට නින්දාවක් කිරීමට අදහස් ක‍ළ කෙකෙනෙක් එක් දිනක මධ්ය‍ම රාත්රිසයේ රික්ෂො රථයක් රැගෙණ ඒ වෙද මහතාගේ ගෙදරට පැමිණ බලවත් හදිසි අසනීපයකට එක්කයන්ට ආ බව කීවේය. වෙද මහතා කරුණාවන්ත කෙනෙක් බැවින් ඒ ආ මිනිහාගේ බැගැපත් ඉල්ලීම නිසා රික්ෂො රථයේ නැගී ගියේය. එක්ක යන්ට ආ මිනිහාත් රික්ෂෝ රථය සමග දිවගොස් මගදී නතරව රික්ෂොකාරයා ස්ථානය දන්නවායයි කියා ඔහු සෙමින් එන්ට පටන් ගත්තේය. රික්ෂොකාරයා වෙදමහත්මාත් සමඟ ඉතාමත් අප්රනසිද්ධ මුඩුක්කුවකට

550 ඉෂ්ට දෙවියා

ගොස් එක්තරා ගෙයක් ඉදිරිපිට නැවැත්තුවේය. ලෙඩා ඉන්නේ ඒ ගෙයි බව කියා ගෙට කැඳවූ මෙදමහතාද එහි ඇතුල් විය. රික්ෂොක්රයා යන්ට ගියේය. ඒ ගෙදර එකම පිරිමියෙක් වත් නැති වෛශ්යාය ස්ත්රීොන් කීප දෙනෙක් ඉන්නා ගෙදරක් විය. “ලෙඩා, කෝ - මා එක්ක ආ අය කෝ” කියා වෙද මහතා ඇසූවිට “ලෙඩ්ඩුව අපි තමා - අපට වෙදකම් කරන්ටය”යි රෞද්ර නීච ස්ත්රීාන් දෙදෙනෙක් වෙදමහතාගේ ඇගේ එල්ලී ඔර්ලෝසු මාලයත් බොත්තම් ආදියත් කඩාගෙණ බලවත් නින්දායක් කළේය. දෙව මහතා ඥානවන්ත ශක්ති සම්පන්න කෙනෙක් නිසා වැඩි අනතුරකට පත්නොවී පාරට දිවගත් නමුත් තව මිනිත්තු දහයක් ඒ ගෙදර නැවතුනානම් විරුද්ධකාරයන්ගේ මෙහෙයිමෙන් පොලීසියටත් ගොස් බලවත් අපකීර්තියකට පැමිණෙනු නිසැකය. මෙසේ හෙයින් කොළඹ නගරයේ අප්රමසිද්ධ තැනකට තමන්ගේ අවංක මිත්රාපදී කෙනෙකුගේ ආරාධනාවකට මිස තමා නාඳුනන් කාගේවත් කීයට යාම අන්තරාදායක බව කල්පනාවී “හොඳයි, හාමුදුරුවෝ යන්ට, මම මේ ගමනක් ගොසින් ආ හැටියේමයි, මම හතරට විතර ආදුරුප් වීදියේ පල්ලිය ලඟට එන්නෙමි - එහිදී මා සම්මුඛව උවමැනව”යි කීවාම ඒ උන්නාන්සේ මා ගැන බලාපොරොත්තු වන බව කියා යන්ට ගියේය. උන්නාන්සේ ගෙයින් පිටත්වූ හැටියේ මගේ අත වැසියා කැඳවා - “නිකම් පාරේ යන්නා කෙනෙක් මෙන් උන්නාන්සේ කැටුව ගොස් - කෙබඳු කෙනෙක්දැයි පිළිවන්නම් දැනගක එන්ට” නියම කළේය. මගේ අතවැසි ළමයාද යමක් දැන ගැනීමට දක්ෂයෙක් බැවින් එකපාරටම බැනියමත් ලිහාදමා දඬාවතේ ඇවිදිනා කොල්ලෙක් මෙන් හාමුදුරුවන් පස්සේ ඒ පාරේ ගියේය. ඔහු උන්නාන්සේට බඹ තුනහතරකට පසු උන්නාන්සේ ගමන් කරණ පැත්තෙන් ටිකක් දුරු යනවිට හන්දියක තවත් සිවුරු ඇඳපු දෙන්නෙක් ඉන්නා බව දුටු කොලුවා - හොඳටම වල්කොල්ලෙක් ලෙස ඒ පැත්තට ගියේය. මේ මා සම්බවෙන්ට ආ ශ්රොමණයා අනික් දෙදෙනා ලඟට අවුත් සිනාසී - “වික්රබමපාලව සම්බවීමි - හැමෝගේම රහස් පරීක්ෂා කරණ උන්දැට හොඳ පරීක්ෂාවක් අද කරන්ට ඕනෑ. ඕකා නොමරාමරා එවන්නෙමි”යි කියන බව යමින් සිටි කොළුවා අසාගෙණ අනිත් පැත්තෙන් කැරකී අවුත් සියල්ල මට කීවේය. ධර්මදාස උඹ කණගාටුද, ඔය ශ්රසමණ වෙසධාරීන්ගේ හොර ගුහාවත් ඔවුන් කරණ නොපණත් කමුත් ගැණ මම අදම සොයාගන්නෙමි. මමත් නොයෙක්විට රැවටුනෙම්. නමුත් ඒ තරම්ම පහසුවෙන් නොවේය”යි කියා

පියදාස සිරිසේන නවකථා එකතුව 551

සවස්හාගේ පුරුදු ලෙස ඇඳ පැළඳ ගෙණ ගාලු මුවදොර පිට්නියට යන අදහසින් ට්රෑුම් රථයේ නැගී ගොස් පිටකොටුවේ බෝගහ ලඟ බැස්සෙමි. එසේ බැස්සේ මිත්ර‍යෙක් සම්බවී යන පිණිසය. මා බැස්ස හැටියේ කළුපාට තරබාරු ශ්‍රමණ වේසධාරියෙකුත් මා ලඟට ඇවුත් “අනේ මහත්මයෝ අපට උපකාරයක් කරන්ට - අපේ ආචාරීන් වහන්සේට තදබල අසනීපයක් සෑදී කොළඹ පුද්ගලික ‍ඉස්පිරිතාලයක නවත්වාගෙණ වෙදකම් කරණවා - දවසට රුපියල් අටක් පමණ වියදම් උවමනා කර තිබේ. දැන් අපි රුපියල් මහක් පමණ සපයාගෙණ තිබේ. අපට තව රුපියල් තුනක් අඩුය. කරුණාකර ඒක ලැබෙන්ට” යයි බැගෑපත් ලෙස කියන්ට පටන් ගත්තෝය. මෙවුහු මා කවුදැයි නොදැන කරණ ඉල්ලීමක් බව වැටහුණු මට මහත් සතුටක් ඇතිවී “ එන්ට අර සාප්පුව ලඟට” කියා මගේ මිත්ර යෙකුගේ සාප්පුවකට එකක ගොස් - අර තරබාරු කළු ශ්රැමණ වේෂධාරියාගේ අතින් අල්ලාගෙන, “උඹලා කවුද? උඹලාගේ හොරු රංචුව ඉන්නේ කොයිබද - කීදෙනෙක් ඉන්නවාද? උමලා මේ මහණ රක්ෂාව කරන්නේ කාගේ උපදෙස් පිටද යනාදී තොරතුරු විස්තර ලෙස මට කියා නුදුන්නොත් දෙදෙනාම පොලීසියට යවා නීති මඟින් බලවත් අච්චු ලබාදෙනවාය”යි කීවාම ඔහු මගේ අත ගසා දමා යන්ට සැරසුනේය. අනිකා එකපාරටම එලියට පැන්නේය. නමුත් එහි සිටි මගේ මිත්රෙයෙක් දුවන්ට පටන්ගත් ශ්රුමණ වේසධාරී කොල්ලා අල්වාගෙණ ආයේය. තඩි ශ්රරමණ වේසධාරියාට ගුටිබැට දෙන බව හැඟුණු පසු ඔහු අපට මෙල්ල විය. ඉතා බැගෑපත් ලීලාවෙන් අනේ මහත්වරුනි, මින් පසු අපි සම්මාදමේ එන්නේ නැත. දැන් අපට යන්ට හරින්ට යයි කීවේය. කුඩා ශ්ර්මණ වේසධාරියා බියපත්ව අඬන්ට පටන් ගත්තේය. නමුත් පො‍ලීසියට පණිවිඩයක් අරින්ට මා කී පස් මට යාඥා කරමින් මහත්තැන්ට ඇත්ත කියන්නෙමි - අප පොලීසියට භාර නොදී යන්ට අරින්ට යයි කීවේය. ඇත්ත කීපසු ඒ ගැන තීරණයක් කරන්නෙමුයි කී කල්හි ඒ කළු තරුබාරු තක්කඩියා මාතර කළු අප්පු බවත් - දැන් ‍ඉන්නේ කැළණියේ ප්රරස්ද්ධ ජුවකීනු මිනිහාත් තවත් එකොලොස් දෙනෙක් සමඟ සිවුරුලාගෙණ සම්බාදම් කරමින් රක්ෂාවෙන බවත් කියා මෙසේ විස්තර කළේය. මහණවී සිට නිකායෙන් දොට්ට දැමූ හීරලු.... ගුරුන්නාන්සේ නැවතත් තනියම සිවුරක් ඇඳගෙණ නැකැත් කියන්ටත් වෙදකම් කරන්ටත් අංජනම් එලි බලන්ටත් සූදානම් කරගෙණ ආදුරුප් වීදියේ මුඩුක්කු‍වක ගෙයක්

552                                                                                                                ඉෂ්ට දෙවියා

ගෙණ තිබේ. එතන ගැවසෙන මිනිහෙක් අප ටික දෙනාවත් එක්කාසු ‍කරගෙණ සිවුරු ඇඳගත් අංජනම්කාරයා ලඟ තිබුනු සිවුරුවලින් එක එක අන්දවා අප දොළොස් දෙනෙක් ඒ ඒ පළාත්වලට සම්මාදමේ යවයි. සමහරදාට හැම‍ෙදනාම සපයනදේ මුදල් කළාම රුපියල් අසූවක් අනූවක් පමණ තිබෙනවා. ඉතින් එයින් ගෙවල් කුලී හා සිවුරු කුලී වෙනුවට ගුරුන්නාන්සේට රුපියල් දහයක් දී ඉතුරු ගණන දහතුන් දෙනාත් අපේ මිත්රු ලියන මහත්මයාත් යන හතරදෙනා අතරේ බෙදා ගන්නවා. සවස හතෙන් පසු අපි කවුරුවක් සිවුරු අඳින්නේ නැත. මේ මාතර කළු අප්පු අයියා‍ට පවුල් දෙකක්ම (ස්ත්රීුන්) ඉන්නවාය. ජුවකීනු අයියා රෝමානුකාරයෙකි. නොයෙක් කටයුතු කරලා ඒවායින් ඔහුට කැන්ටත් - රුපියලක හමාරක අරක්කු බොන්ටත් ළමයි හතර දෙනා බැගින් ඉන්නා පවුල් දෙකකුත් නඩත්තු කරන්ට බැරිය දැන් “මහණ රක්ෂාව” කරණවා. දැන්නම් කොහොම නමුත් දවසකට රුපියල් හත අටක් උපයා ගන්නවා - ඉතින් මේ අපේ රංචුවේ ඉන්නා අනිත් උදවියත් මෙයාකාර අයවල්මය”යි කුඩා ශ්රේමණ ‍‍වේශධාරියා කීවේය. මෙසේ කථාකරණවිට පොලීනිසේ සාර්ජන් කෙනෙක්ද ආවේය. මේ ගුණවත් මනුෂ්යමයා බෞද්ධාගම්කාරයෙක් වූ බැවින් - මේ කපටි ශ්රරමණයන් දෙන්නාට තදින් ක්රිෞයා නොකොට මින්පසු මිනිසුන් මුලාකොට සම්මාදම් නොකරණ බවට පොරොන්දු වෙතොත් පොලීසියට එක්ක නොගොස් යන්ට අරිමියි කීවේය. කළු තඩි ශ්රකමණ වේශධාරියා නිර්භීත කෛරාටිකයෙකි. ඔහු එසේ පොරොන්දු වී මේසේ කියන්ට පටන් ගත්තේය. මහතැන්ට පෙණෙන්නේ අසරණ අපව පමණකි. අපට වෙන මොකවත් කරතියාගන්ට බැරි බැවින් මේ මහණ රක්ෂාව කරණවා - අප කරණ මේ තක්කඩි කමෙන් අපායට යන්නේ අපව පමණකි. නමුත් ශාසනයට කිසි හානියක් ඇති නොවේ. අපට දන්නෙද කෙනෙක්වත් වැඳුම් පිඳුම් කරණ කෙනෙක්වත් ඇති නොවේ. අපට දන්දෙන කෙනෙක්වත් වැඳුම් පිඳුම් කරණ කෙනෙක්වත් නැත. විහාර පන්සල් පාලනය කරන්ටවත් - උපසම්පන්න භික්ෂුන්යයි විනය කර්ම කරන්ටවත් අපට බැරිය - එසේ කරන්නෙත් නැත. ඒ නිසා අපෙන් සිද්ධවෙන ශාසන හානිය හරියටම වීදුරු පර්වතයකට මඩ බින්දු ටිකක් ඉසීම වැනිය. ඒ මඩ ටික එක වර්ෂාවකදී සේදී ගොස් වීදුරු පර්වතය කිසි කිළුටුවක් අනතුරක් නැතිව බබලනවා ඇත. ඉතින් මෙසේ අප ටික දෙනා නමැති මඩ ටික මැරීගොස් අවසාන වුනාට පසු උතුම් ශාසනය නමැති වජ්ර පර්වතයට ඒ මඩවලින් කිළුටක්ද නැත. නමුත් දැන් ශාසන භාරව උසුලනවා යයි කියන කුලපුත්රමයන් පැවිදි උපසම්පදා කරණ

පියදාස සිරිසේන නවකථා එකතුව 553

නායක අනුනායක කාරකාදී ලොකු ශ්රයමණයන්ගේ හැටි මහත්තැන් විමසන්නේ නැත. මහනුවර පළාතේ වසන නායක කාරකාදීන්ගේ වග වත් මහත්තැන් දනිත්ද? ලංකා බුද්ධ ශාසනය අන්තිම වරට ශුද්ධ කළ මහෝත්තමයා‍ණන් වහන්සේටත් නිගා කරමින් ඉන්නා කාරකයොත් අන්තිම පහත් පංකිතියේ ගිහියන්ට අන්තය. ඇතැම් පන්සල් වල මාගමුන් දෙතුන් දෙනෙක් නැති වේලාවක් නැත. රෑටත් දවාලටත් කුකුළන් මරා කිකිළි බිත්තර තම්බාගෙන කමින් විස්කි බ්රැ.න්ඩි බොමින් නින්දිාත සල්ලාලයන් ලෙස ඉන්නා ඒ ශ්රිමණයන්ට දඬුවමක් කරන්ට හෝ විහාරයෙන් නෙරපා දමන්ට වීරිය කරන්නෝ කවුරුහුද? ඒ මහා පන්සනලේ ඉන්නා යම් ශ්රපමණයෙක් ඔහුගේ ඒ නීච පැවැත්ම ගැන යමක් කීවොත් ඔහු නොමරා මරා හෝ පන්සලෙන් එලවීමට ඒ තක්කඩින්ට බලය තිබේ. සමහර නායකවරු පවා ඔවුන්ගේ අධම ක්රි යා බල බලා ඔවුන් සමඟ විනය කරමත් කරති. ඉතින් මහත්වරුනි, අනාථව ඇවිදින නරකාදියට ගොදුරුව ඉන්නා ශ්රිමණ වේශධාරී අප ටික දෙනාගේ ආරක්ෂා නවත්වා අපේ සිවුරු කඩා දැමීමෙන් වන ශාසන ශුද්ධිය කුමක්ද? ශුද්ධ කරතොත් කටයුතු ප්රදධාන තැන්වල විහාර පන්සල් වල ඉඳගෙන ශීලවන්ත භික්ෂු ලීලාවෙන් ඉඳිමින් ශාසනය විනාශ කරන අලජ්ජි පාප තරයන් ශාසනයෙන් නෙරපා දැමීමෙන්ය. නමුත් ඔවුන් ලොකු පන්සල් හා ඉඩකඩම් ඇතිව කාගෙනුත් ගරු බුහුමන් ලැබෙන බැවින් ඔවුන් කරණ බලවත් අපරාධ කිසිවක් කිසිවෙකුට නොපෙනේ. යම් ශ්රබද්ධාවත් උගත් ශ්රකමණයන් වහන්සේ නමක් ඒ ලොකු ශ්රටමණයන්ගේ වැරදි පෙන්වන්ට ආරම්භ කළොත් ඒ දැනගත් හැටියේම ඔහුට නායක පදවියකුත් දිග නමකුත් උපධ්යා්ය - කර්මාචායර්ය ආදී තනතුරකුත් දුන් හැටියේම අඳු කොළයට දැපනය වැටෙන නාගයා මෙන් ඔහුත් දැපනය වැටී අර බල සම්පන්න දුශ්ශීලයාට පක්ෂපාතව ඔහුටම අනුචරව හැසිරෙන්ට පටන් ගනී. ගුණවත - සිල්වත් භික්ෂූන් වහන්සේලාද තවමත් තැනින් තැන ඉන්නා නිසා දැන් ලංකා බුද්ධ ශාසනය සුත්වීයයි කියන්ට බැරිය. නමුත් ඉඩකඩම් හිමිවූ ලොකු ස්ථාන අයිතිකාර ප්රනධානීන්ගෙන් සීයේට අනූවක් පමණ අපටත් වඩා බුද්ධ ශාසනයට හානිකරවූ අය බව මහත්තැන් විසින් දැනගත යුතුය”යි ඒ තරබාරු කළු ශ්රිමණ වේශධාරියා කීයේය. මේ කථාව අසා සිටි අප කීප දෙනා උනුනුගේ මුහුණ බලා ඒ පොට්ටනිකාරයන් දෙදෙනාට යන්ට ඇරියෙමු. ඉක්බිති එහි පැමිණි සාජන්ට සහ අනිත් මිත්රෙයන්ටත් මම මෙසේ කීවෙමි. “ඇත්තෙන්ම මහත්වරුනි, මේ කළු උන්නාන්සේගේ

554 ඉෂ්ට දෙවියා

කථාව බොහොම හරි. මුදල් බලයෙන් හා ඉඩකඩම් බලයෙනුත් ඊට අවනත වූ දුෂ්ට ගිහි පිවිදි පිරිස් බලයෙනුත් නාකය කාරකාදී තනතුරු ලබාගෙන - නීච ලෙස පංචකාම සම්පත් විඳින්නෝ දැන් ශාසනයේ පිරිලාය. අනේ අපේ රටේ ශාසන පරීශොධනයක් කොට පස්වාදහස් පවත්නා උතුම් ශාසනය යථා ස්ථානයෙහි තැබීමට තරම් වීය්ය්ාදහවත් පින්වත් උතුමෙක් නෑ නොවේදැ”යි කියා සංවේගයට පත් මම ක්රීයඩා පිණිස ගෝල්පේස් පිට්ටනියටත් නොගොස් ආපසු හැරී අවුත් මගේ නිවසට පැමිණ මගේ හිතේ ඇතිවූ බලවත් සන්තාපය නිසා කවි පංතියක් තැනුවෙමි. ශාසනය කෙරෙහි භක්ත්යානදරයක් ඇති දුටුගැමුණු පරාක්රිමබාහූ ආදී දිව්ය. රාජයන්ගේ බැල්මක් ඇතිවන පිළිසත් - ගිහි පැවිදි සිංහල සත්පුරුෂයන්ගේ සංවේගය ඇතිවන පිණිසත් ඒ කවි මෙහි ‍යොදනු ලැබේ.

දෙ ම ළු න් බුදු සසුන වනසන සඳ තදි නී
නො ම දි න් දුකට පත්වී සැදැහැති බැවි නී
සි ය ලු න් හට බාර කළ මෙහෙය සිතමි නී
වෙ හෙ සි න් සසුන වැඩු දුටුගැමුණු සුරිඳු නී
දි වි ත් රජ සැපත් නැතිවී ගොසින් ය ලී
ම හ ත් නිරා දුක් විඳිනට උවත් බ ලී
සු ග ත් සසුන් රැකියොත් යෙහෙකි නොවැ මැ ලී
ම හ ත් සටන් නොකෙලෙද හිමි සඳ එක ලී
ක ඩා සතුරන්ගෙ දැඩි තෙද බල ‍අද මා
වි ඩා ලැ බ මැරී පව් පළ දුනත් හැ මා
ව ඩා බුදු සසුන නිරයටද යමි මෙ මා‍
හ ඩා ලොවට කීවේ නැද්ද හිමිතු මා
ගු ණ ව ත් මහ සතුන් දිනිතිය සහ පෙ ම ය
බ ල ව ත් සිහල සෙබළුන් සමඟ එය ම ය
යු ද ප ත් ඔබගෙ අදහස සසුන රැකු ම ය
සි රි ම ත් ගැමුණු සුරිදුනි මෙ සැබව ම ය
ර ජ සැ පා සමඟ දිවිවත් පුද කර ලා
දැ ඩි අ පා දුකත් විදුමට සතුටු වෙ ලා
දි ය බ පා සසුන රැකි හිමියනි නිම ලා
අ ද ළු පා වුනේ කිම මේ දෙස නොබ ලා


පියදාස සිරිසේන නවකථා එකතුව 555

නො යෙ දි ව බුදු රජුන් දෙසු මහරු පිළිවෙ ත
පැ වි දි ව සසුන විදිම්න් පස්කම් සැප ත
ළ බැ ඳි ව දුසිරිතට සත් දහමට අහි ත
මෙ ම දි ව යින වසන සමහරු බෙලෙනි යු ත
න ස නා හැටි සසුන මිසදිටුවන් ලෙස ට
සො බ නා ගැමුණු සුරිදුනි නොපෙනෙද ඔබ ට
ර කි නා ලෙස සසුන තව එක වරක් තු ට
ව ඩි නා මැන මිනිස් වෙස් ගෙණ සිරි ලක ට‍
දෙ ද හ ස් ‍පන්සියට වැඩි කල් අනාග‍ තේ
ස ම තැ ස් සසුන සිරිලක පවතිනා යු තේ
පෙ ර ලෙ ස් සුපිරු සුදුකර දෙනසෙ කර මෙ තේ
මෙ මි නි ස් ලොව වඩින් සුරනිදු පද සම තේ

මේ කවිත් කියවා ඉන්නා විට මට අධික සංවේගය නිසා වුන් තැනම නින්ද ගියේය. “දැන් දකුණු පළාතට වී ඉන්නා පණ්ඩිත මානි ශ්රහමණයෙක් ශාසන හානියට පරම අපරාධකාරයෙදැ”යි එක්තරා කෙනෙක් නින්දේ සිටින මට කියන බව ඇසුනේ - ඇහැ ඇරුනේය. ඉක්බිති සයනයට ගොස් නිදා සිට පසුදින උදේම මට පුරුදු යුරෝපීය ඇඳුමෙන් සැරසී ලොදු අප්පුහාමිගේ ඉෂ්ට දෙවියා සොයන අදහසින් මගේ නොයෙක් කළමණා තිබෙන පෙට්ටියත් රැගෙණ දුම්රියපලට ගියෙමි. රාජකාරියෙන් පහකරණු ලැබූ පෝටර් නම් දුම්රිය වැඩකරුවෙක් ඉතා දුඃඛිත ලීලාවෙන් දුම්රිය වේදිකාවේ සිටිනු දැක “මොකද උඹ ඉතාමත් කණගාටුවෙන් ඉන්නේ යම්කිසි විපතක් වීදැ”යි ඇසුවෙමි. අසරණ මිනිහා ඉතා බැගෑපත් ලීලාවෙන් මෙසේ කියන්ට පටන් ගත්තේය. “ මම මේ රේල් දොපාර්තුමේන්තුවට බැඳී දහ අට අවුරුද්දක් වෙනවා. මගේ භාර්යාවත් මෑණීයනුත් දරුවන් දෙදෙනෙකුත් ආරක්ෂාකර ගැනීමට කළ මේ පහත් රක්ෂාව මේ දෙපාර්තුමේන්තුවේ ඉන්නා ලොකු සිංහලයෙකුට “හාමුදුරුවෝය” කියන්ට බැරිවීම නිසා නැතිවී ගියේය. ඉංග්රීාසිකාර මහතුන්ට කතා කරන්නාක් මෙන් මේ මහත්මයාටත් මම “මහත්මයා” කීවෙමි. නමුත් ‍ඊට කිපුන සිංහල නිලධාරියා “තෝ මහ ලොක්කෙක් - තෝ මට මහත්මයා කීවා තොට වඩා ලොක්කෝ මට හාමුදුරුවෝය කියනවා - අද හවස් වෙන්ට ඉස්සර තගේ ආඩම්බර මට්ටු කරනවාය කියා” මගේ කටයුතු නවත්වන ලදී. මා කළ වරදට නමස්කාර කොට සමාව ඉල්ලා

556 ඉෂ්ට දෙවියා

සිටි නමුත් කිසිම අනුකම්පාවක් නොකොට මා රාජකාරියෙන් අස් කළේය. ඉතින් මම කරන්නේ මොනකදැයි කියමින් තැවෙමි”යි අසරණයා කීයේය. මගේ හිතේ බලවත් කණගාටුවක් ඇතිවිය. ඒ මිනිහාට මා අතින් රුපියල් පහක් දී “මනුෂ්යකයෝ උඹ තිරිසනෙක් මෙන් භය වන්නේ ඇයි? අපේ ලක්දිව තවමත් ඉඩ තිබේ. උඹට අතපයත් තිබේ. රෑ දාවල් අන්යපයන්ගේ දාස මෙහෙකම් කොට රුපියල් විස්සක් විසි පහක් ලබනවාට වඩා පිටිසර පළාතකට ගොස් පොළොව කොටා රැකියන්. මුල් කාලේ ටිකක් අමාරුකම් හා හිඟකමක් ඇති විය හැක. නමුත් අවුරුද්දක් දෙකක් යන විට උඹට උඹේ ස්වාමියා වෙලා ‍ඉන්ට පුළුවන. දැන් අපේ රටේ ඉන්නා ලොකු සිංහලයන් ගෙන් වැඩි දෙනා හදිසියේ උසස් බවට පැමිණි පහත් මිනිස්සු වෙති. ඔවුන් තුළ පවතින බලවත් උද්දච්ච භාවයත් ආත්මාර්ථකාමී භාවයත් නිසා පහත් සිංහලයන් සුනඛයන් තරමටවත් නොපෙණේ. මේ ඉන්නා ලොකු මිනිසුන්ගෙන් වැඩි දෙනා ඉක්මණින් කම්මුතු වේ. ඔවුන්ගේ මව්පියවරු ටිකක් යහපත්ව වුන් නිසා මොන ක්ර්මයකින් නමුත් ඔවුන්ට හදිසියේ ඉහල යන්ට ලැබුණු නමුත් දැන් ඔවුන්ගේ ප්ර්තිපත්තියේ අන්දමට පරම්පරා දෙකක්වත් ගෙණයා හැකි දූ දරුවන් ඔවුන්ට නොලැබේ. ඒ නිසා කර්මය ප්රකත්යැක්ෂ වනතුරු වර්තමාන ලොක්කන්ගේ ‍උදාර කම් මට්ටු නොවේ. උඹ කණගාටු ‍නැතිව ලක්දිව ඉඩ තිබෙන වීරිය කරපන්නැ”යි කියා දුම්රිය පැමිණි බැවින් එහි නැග ගත්තෙමි.

11. පරිච්ඡේදය

එදා මා සිටි දුම්රිය කාමරයේ ලංසි ‍මහත්තැන් කීප දෙනෙක් පමණක් වුන් බැවින් කිසි කතාබහක්ද නැතුව ගියෙමි. දවල් එකොලහට පමණ දුම්රියෙන් බැස මගේ මිත්රත අප්පුහාමිගේ කඩේට ගොස් වාඩි ගතිමි. අලව්වේ පුදුම ධනවත් මිනිහෙක් සිටි බවත් එහු ටික කලකට ඉස්සරින් මළ බවත් - කිසිම කාලයක හිඟන්නෙකුට හෝ අන්ය කිසිවෙකුට කිසිම දෙයක් නුදුන් මේ බඩතඩියා අන්තිම කාලකණ්ණි ජීවිතයක් ගතකොට මළ හැටිත් මගේ මිත්රයයා කියන්ට පටන් ගෙණ “ ආ වික්රිමපාල මහතාණෙනි, ඉතා ඕනෑ කමින් මේ මිනිහාගේ චරිතය ක ල්පනා කළ යුතුය. මොහුගේ ගෙදරට ස්වකීය ඥාතීන් විසින් කදමල්ල හදාගෙණ ආදාට ඒ කෑම ඉවර කරන්ට බැරිව කල්ගිය පසු

පියදාස සිරිසේන නවකථා එකතුව 557

පිළිකන්නේ වලක් කපා වලලා දමයි. නමුත් - ඒ කෑම ඉල්ලාගෙණ එන හිඟන්නෙකුටවත් - බලු කපුටු ආදී සතෙකුටවත් කවදාවත් නොදුන්නේය. තමාට උවමනා නැතිව අහකදාන දෙයක්වත් න්යෙ යෙකුට නොදීමට මේ මනුෂ්යවයාට හිතුනේ කවර හේතුවකින් දැයි යනු බව කිවහැකිද” යි මගෙන් ඇසුයේය. අප්පුහාමි නමැති ඒ මගේ මිත්රකයා දෙස බලා සිනාසී “ ඇත්තටම අප්පුහාමි දීමෙනුත් ගැණීමෙනුත් වඩා පහසු කොකදැ”යි ඇසුවෙමි. අප්පුහාමි කලබලව “ගැණීම අපහසු”යි කීවේය. “ඔව්, බොහෝම හරි, ඉතාම පහසුවූ ගැණීමේ ක්රිගයාව උවත් පුරුද්දක් නැති ගුඛ නුවණික් නැති කෙනෙකුට කළ හැකිද? සත්තකෙන්ම බැරිය. ලබාගැණීම, සපයා ගැණීම, හම්බකරගැනීම යන මේ ක්රිරයා කළ හැක්කේ යමක් කමක් කොට පුරුද්ද ඇති මඳක්වත් පින් ඇති කෙනෙකුට පමණක් බව අපට පෙනේ. දැනට මේ අපේ රටේ ඉන්නා මිනිසුන්ගේ සියේට අසූවකට තරම් ගැණීම් හෙවත් යමක් සපයා ගැණීමටවත් බැරිව ඉන්නා පවුකාරයෝය. එය එසේ නම් පින්වත් උසස් ප්ර තිසන්ධියකින් ජනිත සංසාරයේදී දීර්ඝ කාලයක්ම පුරුදු කළ කෙනෙකුට මිස “දීම” – “දන්දීම” යන මේ උසස් ක්රිණයාව කළ හැකිදැ”යි කීවාම - “ඔව් මහත්මයා කියන කතාව එක් ක්රලමයකට හරි. නමුත් සූදුකෙළීමට සුරාපානය කිරීමට හා තවත් දුශ්චරිත වලට දීමට නම් මේ අප කතාකරණ බඩතඩියාගේ සතුටුව සිටි බව පෙනේ. ඉතින් ඒ දීම නොවේදැ”යි අප්පුහාමි ඇසුයේය. ඔව්, එකත් එක්තරා දීමකි. එබඳු දීමත් දන් දීම හෙවත් අන්ය යන්ගේ යහපත පිණිස දීමත් මෙසේ තේරුම්ගත යුතුයි. පොකුණක මත්ස්ය යෝ සිටිති. මොවුන්ට යම් කිසි ආහාරයක් දෙන්ට සතුටු සත්පුරුෂයෙක් බත් හෝ මුංඇට ‍හෝ වෙන කිසි දෙයක් රැගෙණ අවුත් එයින් ටික ටික පොකුණට දමා - ඒ කණහැටි බලා සතුටුව ඒ සත්පුරුෂයා යන්නේය. මේ මාළුන්ට තවත් විධියක දීමක් දෙන අයෙක් එයි. ඔහු කිතුල් පිත්තක බඳිනලද නූලේ අඟ බිලී කටුවක් යොදා - එහි පණුවෙක් අමුනා - පොකුණට දමන්නේය. ධාන්ය වලටත් වඩා පනුවන් කෑමට කැමැති මාළුවා ඒ බි‍ල්යේ අමුණන ලද පණුවා ගිලගණී. එවිට අර කේවට්ටයා මාළුවා එලියට ඇදඟනී. ඉතින් එකම පොකුණේදී දෙවිදියක “දීම” ඇති වුනු බව පෙනේ. සූදු කෙළියටත්, සුරාපානයටත්, පරදාර සේවනයටත්, ප‍ාපමිත්රේයන්ටත් දෙන තැනැත්තා - බිලියේ අමුනා මසුන්ට පණුවන් දෙනානාවු තැනැත්තා වැනි අදහස් ඇති අය වෙති. ඔවුන් යමෙකුට යමක් දෙනවා නොව ටිකක් දී හුඟාක් සැප ලැබීමට, ප්රී.තිවීමට. හිත කය පිනවා ගැණීමට

558 ඉෂ්ට දෙවියා

සතුටුවන දැඩි ආත්මාරථකාමී කුහකයෝ වෙති. ඔවුන්ගේ දීමනාව අන්යුයන්ට පමණක් නොව තමාටද අහිත පිණිස අනර්ථ පිණිස අවැඩ පිණිස කරණ දීමනාවකි. නමුත් හැබෑ දීම‍ හෙවත් දන් දීම එසේ මෙසේ වැඩක් නොවේ. තමන්ටත් අනුන්ටත් එක විඩේම හිත සැපය එලවක ප්රී්තිය එලවන - සුබාස් - වාදය ඇතිවන - ප්රංපශසාර්ග දීමනාවකි. ඒ දන්දීම හෙවත් අනුන්ගේ ප්රායෝජනයට කර්මඵල සලසාදීමට හොඳින් පුරුද් තැනැත්තාට වඩා උත්තමයෙක් දෙවියන් සහිත ලෝකයේ ඇත්තේම නැත. ඒ නිසා මිය ගිය බඩතඩියා කුණුවෙන ආහාර සතෙකුටවත් නොදී වැලලීමත් - දිනකට රුපියල් තුන හතරක් වියදම් කොට සුරාබීමත් - මසුන් ඇල්ලීමට බිලියේ අමුනා ඇමදෙන තැනැත්තා හා සමානය”යි කීවාම අප්පුහාමිට කාරණය වැටහී මට ස්තුති කළේය. ඉතින් දැන් මහත්මයා සොයන “ඉෂ්ට දෙවියා” කෙතරම් දුරට වැටහී තිබේදැයි සිනාසෙමින් ඇසුවේය. “මම දැන් තුන් මාසයක් පමණ කිට ඒ ගැන මිඉංගු වුනෙමි. දෙවියන් සෙවීම ලෙහෙසි පහසු නැත. මනුෂ්යියන් කරණ කෙතරම් රහසක් උවත් දක්ෂයෙකුට සොයාගන්ට බැරිකමක් නැත. නමුත් අදෘශ්ය් මානවූ දෙවියන් විසින් කරණ යමක් හෙවත් ඉෂ්ටානිෂ්ට දෙවියන් සොයා ගැනී‍ම සියු ම්වූ නුවණ ඇසින්ම කටයුතු බව සැලකිය යුතියි. ලොකු අප්පුහාමිගේ දියණියන් දෙදෙනාගෙන් දෙන්නෙක් මැරී ගියහ. අනිත් දියණියත් අන්තිමට අසනීපයි. පුතෙකුටත් සනීප නැතිළු. එක පුතෙක් පමණක් ටිකක් සනිපෙන් සිටිනවාළු - මොවුන්ට යම් කිසිවෙකු විසින් වස විසක් දී මේ විනාශය සිද්ධවෙනවාදැයි පරීක්ෂා කිරීමෙන් මගේ කාලය ගතවිය. ඒ පරීක්ෂා කරීමේදී වස විස දුන් නමුත් විනාශ නොවූ මිනිසුන් ද මට දැනගන්ට ලැබුනේය. කිසි වසක් විසක් නොදී ලොකු බූදල්වලට හිමිකාර බොහෝ දෙනෙක් අකාලයේත් හදිසියේත් මියගොස් තිබෙන බවද පෙනේ. මේ ලොකු ‍අප්පුහාමිගේ දූ දරුවන් පමණක් නොව ධනවත් තවත් බොහෝ දෙනාගේ දූ දරුවන්ට එබඳු අකාල මරණයෙන් මිය යන්ට සිද්ධවී ඉතාමත් පරිශ්රදමයෙන් අපයාගත් ධනස්කන්ධය අන්යුයන්ට හිමිවී ගිය තැන් බොහෝ බව පරීක්ෂා කිරීමෙන් දැනගත් මට මේ ලොකු අප්පුහාමිගේ පලහිලව්ව කුමක්දැයි තවමත් නිශ්චය කරගන්ට බැරිවිය. ඒ කොයි හැටි උවත් ලොකු අප්පුහාමිගේ ඉෂ්ටදෙවියා හෝ අනිෂ්ට දෙවියා මාසයක් ඇතුළතදී සොයා ගන්නෙමි. මේ විඩේ නම් කොළඹට යන්නේ මේ කාරණය සොයා ප්ර ත්යෙක්ෂකර දීලාමයි. ඒ දැනගත් විට අප්පුහාමිටත් කියන්නෙමියි කියා ඔහුත් සමඟ

පියදාස සිරිසේන නවකථා එකතුව 559 මා ඔයට ගොස් වතුරු නා දවල් ආහාරගෙණ එදා එහි නැවතී සිටියෙමි.

මගේ ඇඳුම් ආදී උපකරණ පෙට්ටිය අප්පුහාමිගේ කඩේ තබා අම්බලන්ගොඩ පළාතේ බාස් කෙනෙක් මෙන් සැරසී මගේ පිස්තෝලය ආදී ආරක්ෂාවට උවමනා ආයුධත් රැගෙන නාරම්මල පැත්තට යන පිණිස ගියෙමි. අලව්වේ සිට හැතැප්ම හතරක් පමණ යන විට පහත්යයි සම්මත සිංහල මිනිසුන් ඉන්නා ගම්මානයකට පැමිණියෙමි. ලී වලට ඉරණ පිණිස කොස්ගස් සොයන්නෙකුමෙන් යන මගේ අදහස නම් ඒ පළාතේ තිබෙන ලොකු අප්පුහාමිගේ වත්තට යාම විය. නමුත් ඒ කොයි ඉඩමද කියාවත් දැනගන්ට මඟක් නැතිව පාරදිගේ යනවිට සවස හතර පමණ වූ බැවින් පාර අයිනේ තිබෙන දිරාගිය අසරණ තේවතුර කඩයට ගොස් තේවතුර කෝප්පයක් ඉල්ලුවෙමි. දැලිකුණු වැකුණු ශරීරයෙන් යුත් බවලතෙක් තේවතුර කෝප්පයක් වත්කොට කැවුම් හා ආනමාළු කෙසෙල්ගෙඩියකුත් සමඟ මැස්ස උඩ තබා මට කන්ට බොන්ට කීවේය. කෑමට තබා බීමටවත් වඩා සතුටක් නැතිවම ‍තේවතුරු කෝප්පය පිලිකුලෙන් මෙන් බොනවිට “අනේ ඔකාගේ පරම්පරවම විනාශවෙන්ට ඕනෑ - අපි දුකසේ අවුරුදු විස්සක් වවාගත් පොල්ගස්ටික එක පවුන් පණහට ගත් කාලකණ්ණියාටවත් උගේ දරුවන්ටවත් එහි ප්‍රයෝජනයක් ගන්ට නොලැබී දැන් ඒක හොට්ටින්ට වෙලා තිබෙනවාය. අනේ අපේ වත්ත බලබලා අපි කුසගින්නේ ඉන්නවාය”යි දොරකඩට අවුත් මහළු මිනිසෙක් කීයේය. මෙහි යම්කිසි රහසක් ඇතැයි සිතූ මම තේවතුර කොප්පයේ මුදලත් ගෙවා බුලත්විටකුත් ඉල්ලාගෙණ කමින් “මොකද ලොකු උන්නැහේ සාප කරන්නේ කාටද, කාගේ ඉඩමද හෙට්ටින්ට ගියේ” කියා ඇසුවාම මහළු මනුෂ්යාාටදල මා දෙස බලා “තමුසේ කොහේ යන කෙනෙක්ද මොකද අහන්නේ” කියා ඇසුවේය. “ නෑ ලොකු උන්නැහේ නිකමට පාහේ ඇසුවා - මම කොස්ගත් හත අටත් සල්ලිවලට ගන්ට සොයනවා මම පාතරට දකුණු පළාතේ කෙනෙක්”යයි කීවාම එකපාරටම මා බාස්කෙනෙක් ලෙස සැලකූ ලොක්කා- “අනේ බාස්උන්නැහේ තරහාවෙන්ට එපා - ආං ‍අර පේන පොල්වත්ත අක්කර විසිදෙකකි. ඔය ඉඩම අපේ අප්පොච්චගේ ඉඩමකි. අපි සහෝදරයෝ තුන්දෙනෙකි. මගේ මල්ලිලා දෙන්නාටත් නොදී අප්පොච්චාට කියා ලියවාගෙණ හේන්කොටවමින් තිබුනු ඉ‍ඩමේ පොල් වැව්වා. මඤ්ඤොක්නා අලබතල ආදිය කමින් මේ තනි අතින්ම වලවල්කපා වැඩකටුබැඳ අවුරුදු දොළහකටත් වැඩි කාලයක් දුක්විඳ වැව්වාට පසුමම තරමක

560 ඉෂ්ට දෙවියා

මිනිහෙක් උනෙමි. ඉන්පසු ටිකක් උජාරුවට කටයුතු කරන්ට පටන් ගත්තෙමි. ඒ කාලේ කොළඹ යන එනකොට “අපේ ජාතියේ” කීර්තිමත් වෙළෙන්දෙක් සමඟද මිත්ර වීමි. මම කොප්පරා රැගෙණ කොළඹ ගියාම සමහරදාට මේ වෙළෙන්දාත් සමඟ ඔහුගේ ගෙදරත් නැවතුනෙම්. මෙසේ මිත්රාව ඉන්නා කාලේ අර පෙණෙන ඒ වත්තේම තිබෙන බංගලාව තැනීවට පටන්ගෙණ රට උළුත් සිමෙන්තිත් ගන්ට මුදල් මදිවෙලා ඒ වෙළෙන්දාගෙන් රුපියල් පන්සියයක් නයට ඉල්ලා ගතිමි. මුදල් දුන් දවසේ මගෙන් කිසිම නෝට්ටුවක් හෝ ලියවිල්ලක් නොගත් නමුත් දෙවෙන් වතාවේ කොළඹ ගියාම රුපියල් පන්සියයට නොට්ටුවක් ඕනෑය කියා නෝට්ටු කොළයකට අත්සන් ගත්තේය. ඉතින් මමත් ඒගැන වැඩි සැලකිල්ලක් නොකොට ආවෙමි. මේ වෙළෙන්දා බොහෝම ධන‍වතෙකි, ප්රකසිද්ධ කෙනෙකි. එක ජීවිතයකදී කුඩා වෙළෙදාමකින මේ තරම් ධනයක් උපයන්නට බැරියයි කිවයුතු තරම් ධනවතෙකි. ඉතින් මම නෝට්ටුව දී හතර අවුරුද්දකින් පමණ ඔහු මළේය. මට ඒ කාලේ රුපියල් හත්අට සියයක ගණුදෙණුවක්වත් පැයකින් මහාරකින් කරගතහැකි කෙනෙක් නිසා රුපියල් පන්සියය ගැන නොසැලකුවෙමි. නමුත් ඒ ධනවත් වෙලෙන්දාගේ බූදලේ කටයුතු කරණ පෙරක‍දෝරු මහතා රුපියල් 7000 ක් ගෙවන්ට ගියා මට එන්ත්ර වාසියක් එවා තිබුනු බැවින් බියට පත්ව කොළඹ ගොස් කාරණය විමසුවෙමි. රුපියල් දාහක් මම නයට ගත් බවට නෝට්ටුවක් තිබෙන බවට ඊට පොලී හා වෙනත් වියදමුත් සමඟ රුපියල් හත්දාහක්වෙලා තිබෙන බවත් පෙ‍රකදෝරු මහතා කීවේය. ඉතින් මක්කරන්ටද? ඒ බූදලේ අයිතිකාරයන් වන ඒ වෙළෙන්දාගේ පුත්රියන් බලන්ටද ගොස් කාරණය මම කීවෙමි. එවිට ඔවුහු මට සැරවී - අපේ පප්පා කවදාවත් අධර්මයක් අයුක්තක් කළ කෙනෙක්ද? උඹ කියන්නේ පල්බොරුවකි. මුදල අද හෙට නොගෙව්වොත් - නඩු කියා ඉඩම විකුණනවාය”යි කීහ. මගේ හිතට ඇතිවුනු අමාරුව නිසා - කිසිත් කතානොකර අවුත් නිකම්ම සිටියෙමි. අන්තිමේදී ඔවුන් විසින් වෙන්දේසිකර විකුණා ඉඩම හිමිකර ගත්හ. නමුත් මිය ගිය වෙළෙන්දා වාගේ වැඩි කලක්වක් ‍නොයිඳ - ලඟ ලඟදීම පුත්රියන් හා දූවරුන් මැරී ගියහ. මහා බූදලේ සිඳී ගියේය. දැන් ඒ ඉඩමත් හෙට්ටියෙකුට අයිත්වී තිබේය”යි නාකි මනුෂ්ය යා සුසුම්ලමින් කීයේය. මේ කථාව අසා මගේ හිතට අප්රබමාණ ප්රීකතියක් ඇතිවිය. මක්නිසාද, ධර්මය සාන්දෘෂ්ටික වශයෙන් විපාක දෙන බව ප්රරත්යයක්ෂවූ බැවින්ය.

පියදාස සිරිසේන නවකථා එකතුව 561

ඉතින් මම මහල්ලා දෙස බලා ලොකුඋන්නැහේට ඉඩම් නැතිවි යාමෙනුත් - එය අයිතිකරගත් වෙළෙන්දාගේ දරුවන්ට එය නැතිවී යාමෙනුත් - වඩ‍ාප පුදුම කොයි එකදැ”යි ඇසුවෙමි. එයට මහල්ලා නොසන්සුනු කෙනෙක් මේ “මේ බාස්උන්නැහේ මොනවා කියනවාද? ඒ ඉඩමේ දාඩිය මහන්සියෙන් දොළොස් අවුරුද්දක් තිස්සේම වවාගත් මට රුපියල් පන්සියයක් නයට ගත් පලියට ඒ ඉඩම අයිති නොවිම මහපොළොවටවත් දැරිය නොහැකි අපරාධයකි. නමුත් අයුත්තේ අනර්ථයේ මගෙන් ඒ ඉඩම කොල්ලකා ගත් අධමයන්ට එය නැතිවී යාම පුදුමයක් නොවේ. එසේ නූනා නම් ධර්මයක් ලෝකයේ නැත්තේය”යි කීවේය. “ඔව් ලොකු උන්නැහේ තමා කරණ අධර්මය අධර්මයක් හැටියට බොහෝ දෙනාට නොතේරේ. තමා කරණලද අධර්මයට දුෂ්ට විපාක පලදුන්නාමත් එය අයුත්තක් ලෙස සලකති. නමුත් අන්යරයෙක් තමාට යම් අයුත්තක් කළොත් ඒක නම් නිතරම හිතේ පවතිමින් අධර්මයට අනිෂ්ට විපාක පළදුන් බව කියති. බලන්ට ලොකු උන්නැහේ කළ අධර්මය - ස්වකීය මල්ලිලාටත් අයිතිහේන - අප්පොච්චා මුළාකොට තනිවම භුක්ති විඳින අදහසින් ලියවා ගත්තා. ඉතින් රෑ දාවල් මහන්සිව ඒ වවද්දී ඒ ඉඩමෙන් ලැබුනු ලබු පුසුල් ආදියෙන්වත් පොල්ගස් පීදුනාට පසු ලැබුණු ආදායමෙන් කොටසක්වත් ස්වකීය මල්ලිලාට කවදාවත් දුන්නාද? මගේ කල්පනාව එවුන්ට ශත පහක්වත් දේ දෙන්ට නැත. එක කුස ඔත් අසරණ සහෝදරයන් දෙදෙනෙකුගේ ඉඩම් කොල්ලකාගෙණ ලොකුඋන්නැහේ දියුනු වෙන්ට වීරිය කළ නමුත් එය හරි ගියේ නැත. එමෙන්ම කොළඹ වො‍ළෙන්දා රුපියල් පන්සියයක් හත්දාහකොට ස්වකීය දූ දරුවන්ට එය භුක්ති බිඳින්ට සලසා මිය ගිය නමුත් එයද හරි ගියේ නැත. ඒ වෙළෙන්දා ලොකුඋන්නැහේට පමණක් ‍ඔහෙම ගණන් දැම්මා යයි සිතන්ට බැරිය. තවත් සිය ගණන් මිනිසුන්ගේ ඉඩකඩම් හා මුදල් හදල් ඔය විධියේ ලබාගෙණ බූදලය තරක‍ර ගණිමින් - ඒ එක්කම සතුන් මරා මත්පැන් බිබී - පරදාර සේවනය කරමින් කල්යැවූ කෙනෙක් බවට කිසි සැකයක් නැත. ඒ එසේ නොවේ නම් ඔහුගේ ධනයත් සමඟ දූ දරුවන් ද ලපටි කාලේම මැරීයන්ට හේතුවක් නැත. ඉතින් ලොකුඋන්නැහේගේ කුඩා වශයෙන් කළ අපරාධයට - දොළොස් අවුරුද්දක් මහන්සිවී වවාගත් ‍ඉඩමත් නැතිව ගොස් දුක්විදින්ටත් අසරණයෙක්වී මැරීයන්ටත් සිද්ධවී තිබේ. ලොකුඋන්නැහේගේ මිත්රෙයා වන කොළඹ වෙ‍ළෙන්දා කළ අධර්ම රාශිය එක්වූවිට ඉතාමත් බලවත් බැවින් - ඔහුත්

562 ඉෂ්ට දෙවියා

අකාලයේ මිය ගොස් දූ දරුවන්ට ලපටි කාලයේ මියගොස් - ඔහුගේ ධනයද පරම්පරා දෙකක් වත් නොපෑවී විනාශවී ගියේය. අධර්මයට විපාක නැත. කොහොම නමුත් ඉඩමක් වවාගත්තොත් ඇත. මුදල් රාශියක් සම්භකරගත්තොත් ඇතැයි සිතන අයට ලොකු උන්නැහේම සාක්ෂි නොවේදැ”යි මා කීවාය. මේ නාකි මනුෂ්යයයා මා දෙස බලාගෙනම මිනිත්තු දහයක් පමණ නිශ්ශබ්දව සිට “ඇත්තෙන්ම බාස් උන්නැහේ කියාපු සියල්ලම හැබෑය. මගේ නංගිලා තුන්දෙනෙකුත් මල්ලිලා දෙදෙනෙකුත් සිටියදී අපේ අප්පොච්චා රවටාගෙණ මම ඉඩම් ලියවා ගතිමි. ඉඩම් වවද්දී ලබු පුසුල් මඤ්ඤොක්කා ආදිය මගේ මල්ලිලාත් ඔවුන් ගේ දරුවෝත්, නංගිලාත් ඔවුන්ගේ දරුවෝත් අසරණකම නිසා කීප දවසක්ම මඤ්ඤොක්කා ටිකක් ඉල්ලාගන්ට ආ නමුත් මගේ ස්ත්රී් ඔවුන්ට බැනවැදුනා මිසක් අහක දමන දෙයක්වත් දුන්නේ නැත. මගේ‍ සහෝදරියන්ට මා කළ අයුත්තටවත් වඩා මගේ ස්ත්රීව නින්දා අපහාසත් වෙනස් කමුත් කළ බව ඇත්තකි. ඊ‍ට විපාක ‍වශයෙන් දැන් මෑ දැලිකුණු පෙරාගෙණ කෑවායින් නොකෑවායින් කාලය ගත කරනවා යයි ලොක්කා කීවේය. මේ කථාවෙන් පසු ලොකු අප්පුහාමිගේ වත්තක් තිබෙනවා නම් දැනගත හැකියි සිතා ලොක්කාගෙන් ඇසුවෙමි. මිනිහා රටේ තොරතුරු බොහෝ දුර දන්නා කෙනෙක් බැවින් ඔය අහන්නේ “ සත්කෝරළේ අප්පුහාමියයි කියන අය ගැන ‍වෙන්ට ඇති. අනේ බාස්උන්නැහේ ඒ අප්පුහාමි ගැන මතක්කළාම කලින් බාස්උන්නැහේ මට කී කාරණය බොරු බව පෙනේ. උන්නැහේ මුල්කාලයේ හිටපු හැටිත් ටිකක් ධනවත් වුණාට පසු රටට කළ අයුතු අපරාධත් - දැන් හොඳ උපාසකයෙක් වැදගත් ප්රතසිද්ධ මිනිහෙක්ව කල්ගත කරණ හැටිත් බැළුවාම මම අපේ අප්පොච්චාගෙන් ඉඩම ලියවාගෙණ වැවු වරදට මගේ ඉඩම නැතිවුණා නම් - මේ සත්කෝරළේ අප්පුහාමිට ඔහොම හොඳින් කලදසාව යන්ට කිසිම යුතුකමක් නැත. මුන්නැහේ ගේ වතු කුමුරු නැති තැනක් නැත. නමුත් මේ පළාතේ සෑහෙන ලොකු ඉඩමක් තිබෙන්නේ නාරම්මල හන්දියෙනුත් ටිකක් එහා කුලියාපිටි පිරේය”යි කීවේය. මේ ලොක්කාගේ කථාවෙන් ලොකු අප්පුහාමිගේ පවුලට වෙලා තිබෙන අන්තරාය මේ ලොක්කා නොදන්නා බැවින් - ලොදු අප්පුහාමි ගජ පොහොසත් ප්රලසිද්ධ කෙනෙක්ව ඉන්නා බව පමණක් ඔහු දන්නා බවත් වැටහුනු මම ඔහු සමඟ තව කථාකිරීමෙන් වැඩි පලක් නැති බව සලකා නාරම්මල හන්දියට යන පිණිස පිටත්වීමි.

පියදාස සිරිසේන නවකථා එකතුව 563

12. පරිච්ඡේදය

මගේ ගමන පයින්ම බැවින් නාරම්මලට යන කොට රාත්රීබ හත විය. මා සැරසී වුන් හැටියට කොතනක උවත් ලැගුම් ගැනීමට පිළිවන් බැවින් හන්දියේ තිබෙන බත් කඩයට ගොස් කෑම කා එහිම රාත්ර යට නවාතැන් ගතිමි. මා ඇරත් තවත් දෙදෙනෙක් එහි බත් කා නිදන බව පෙ‍ණුනේය. ඔවුන් අසලම බංකුවක් උඩ මට නිදාගන්ට කී බැවින් මම තුණුරුවන් ගුණ සිහිකොට නිදාගතිමි. අධිකතර ලෙස නිදිමත එනතුරා ඒ බංකුවේ නිදා ගැනීම දුෂ්කර බැවින් නොයෙක් දේ ගැන සිතමින් සිටියෙමි. මා අසලින් නිදා ඉන්නා එකෙක් “ඩිංගිරි බණ්ඩා මම මරන්නෙමි. හෙටම මරනවා, මට දෙනවයි කී මුදලෙන් ඉතුරු පවුන් දහයත් ඕනෑය”යි හීනෙන් කීවේය. මේ වචනය ඇනූ මට මහත් සැකයක් ඇතිව බංකුව උඩ වාඩිවී මා අතේ තිබුණු ඉටිපන්දම පත්තුකොට හීනෙන් මේ වචන කියාපු මිනිහා පරීක්ෂාකොට බැලුවෙමි. අධික ලෙස සුරාපානය කොට වෙරිමරගාතේ සිහිසන් නැතිව නිදන ඒ මිනිහා අළුගෝසුවෙක් තරම් බියසුනු මනුෂ්යනයෙක් බව මට වැටහුනේය. අනේ මේ ඩිංගිරි බණ්ඩා කියන අය මූ විසින් හෙට මරනු ලැබේයයි කීවේ කාගේදෝ මෙහෙයවීමකට බවත් මුගේ වචනවලින් හැ‍ඟේ. සිතේ අදහස් සමහරවිට මිනිසුන්ගේ තද නින්දේදී පිටවේ. සමහර විට හීන වශයෙන් දකින්නේත් සිහිනෙන් කියවන්නේත් මේ හිතේ තිබෙන අදහස්මය. දැන් මොහුත් මොහු සමඟ ඉන්නා අනාත් මිනිහාත් බලවත් අපරාධයක් කරන්ට සූදානම්ව ඉන්නා බැවින් මගේ දිවි ගියත් මේ අපරාධය වලක්වන්ට ඕනෑය”යි අධිෂ්ඨාන කරගෙනණ බංකුව පිට නැවතත් දිග ඇරුනෙමි. රාත්රීය දොළහ වන තුරුත් මට නින්ද නොගියේය. ඒ රාත්රිෙය ඉතාමත් දික්විය. අමාරුවෙන් බලවත් උත්සහයෙන් දෙපැයක් පමණ නිදාගෙණ සිට එලිවන ජාමේ තුනට විතර නැගිට මොවුන් දෙන්නා දෙස බලාගෙණ විපරමෙන් උනිමි. හීනෙන් කතාකළ අය හතරට පමණ නැගිට අනාකාට “හීන්හාමි හීන්හාමි, නැගුටු - අපි එලිවෙන්ට ඉස්සර හැතැප්ම දොළහක් තරම් යන්ට ඕනෑ දැන් කුකුළක් ඇඬලුවා නොවේදැ”යි කීවේය. ඉතින් හීන්හාමි ද දෙතුන් විධයක් ඈනුම් ඇර නැගිට යාමට සූදානම් වූහ. ඔවුන් නැගිටින කොට මම බලවත් නින්දේ ඉන්නාක් මෙන් හැ‍දඟෙන්නට සිටියෙමි. ඔව්හු ඒ බත් කඩේ ඉන්නා ළමයෙකුට

564 ඉෂ්ට දෙවියා

කථාකොට එක ලෑල්ලක් අරවාගෙණ යන්නට පිටත් වුහ. මමද වහාම නැගිට මගේ රෙද්දත් කෝට් එකත් ඇඳගෙණ ඔවුන්ට නොහැ‍ඟෙන්නට එලියට බැස එවෙලාවට හඳ එලිය තිබුනු බැවින් ඔවුන් යන පැත්ත බැලීමි. කුලියාපිටිය පැත්තට බැවින් ඔවුන්ට බඹ විස්සකට තිහකට පසුවී ගියෙමි. මෙසේ ටිකක් දුරු යන විට තේ වතුර කඩයක් සම්බවී ඔවුන් දෙන්නා තේවතුරු බොන්ට ගියහ. මමද එහි ඇතුල්වී තේවතුර ඕනෑ බව කීවාම ඒ කඩකාරී අපි තුන්දෙනාටම එක පිඟානක තබා සුදු ආප්පත් කෙසෙල් ගෙඩිත් ගෙණත් දුන්නාය. අප තිදෙනාම ආප්ප කන ගමන් උනුනුන් මුහුනු දෙස බැලුවෙමු. ඊයේ රාත්රී සිහිනෙන් කතාකළ කළු මිනිහා මා දෙන බලා “උඹ කොහේ යනවාදැ”යි ඇසීය. “අනේ ආයුබෝවන්ඩ, මම වඩු‍රාළ කෙනෙක් - රක්ෂාවක් සොයාගෙණ මේ පැත්තට ආවා කුලියාපිටිය පැත්තේ වඩුවැඩැ තිබෙන බව කුරුණෑගලදී දැනගත්තා - මම ඊයේ රාත්රියයේ සිටම එනවාය”යි කීවෙමි. මගේ ගමත් නමත් ඇසූ ඒ මනුෂ්ය්යාට - මම මොරටුවේ කෙනෙක් බවත් නම තම්බී අප්පු බවත් කීවෙමි. “උඹේ ඉසකෙස් කපා තිබෙන්නේ උඹ හිරේ වැටුනාද’ ප්රෙශ්න කෙළේය. හිරේ වැටුනා නොව උණසන්නිපාතය රෝගය හැදුනු වේලාවේ කොන්ඩය කැපූ හැටියේ තවමත් වවාගන්නට බැරිවුණා යයි කීවෙමි. මෙසේ කීවාම ඒ කළු මිනිහා අනිත් අයට කතාකර “හීන්හාමි, අපේ බණ්ඩාර හාමුදුරුවන්ගේ - වලව්වවේ වැඩට වඩුරාළලා මදිව ඉන්නවා - මේ මිනිහා සමඟ ගියොත් හොඳ නොවේද”යි කීවාම - ඔව්, අන්න හොඳ වැ‍ඩේ, මේ දුප්පත් මිනිහාට රක්ෂාව ලැබෙනවා - අපේ බණ්ඩාර හාමුදුරුවන්ට උපකාරයකුත් වෙනවාය”යි කීවාම කළු පාට තරුණයා මට කතාකොට තම්බි අප්පු වරෙන් අපිත් සමඟ යන්ට උඹට රක්ෂාව අරන් දෙන්නා”යයි කීවේය. මටත් මහත් ප්රීඅතියක් ඇතිව “අනේ ආයුබෝවන්ඩ - මට කළේ ලොකු උදව්වකි. මම වැඩ කළාම - පළමුවෙන් මාසේ ලැබෙන පඩියෙන් කොටසක් තමුසේලාට දනවා - මට රක්ෂාක ලබා දෙන්ට යයි කීවාම ඔවුහු මාත් සමගම ගියහ. කුලියාපිරියට යන්ට ප්රීථම වෙනින් පාරකින් හැරී ගම්මැද්දක් ද පසුකර හැතැප්මක් විතර ගියාට පසු කුඩා තේවතුර කඩයක් ලඟ මා නවත්වා ඔවුහු ගියහ. ටික වේලාවකට පසු ‍එක්කෙනෙක් අවුත් මට අඬගැසීය. බණ්ඩාර හාමුදුරුවන්ගේ වලව්ව හදන ඉඩම මට පෙණුනේය. එහි බණ්ඩාරත් තවත් කීප දෙනෙකුත් වුන්හ. වහලේ වැඩ සීලිං වැඩ ආදී සියල්ලක් මට පෙන්වා - ඒ වැඩ හොඳින් කරන්ට පිළිවන්දැයි ඇසීය. මම සියල්ලම


පියදාස සිරිසේන නවකථා එකතුව 565 පිළිවන් බව කී පසු - හොඳයි උඹ හොට උදේ සිට වැඩ කරපන්නැයි කියා ඉක්බිති බණ්ඩාරත් මා සමඟ ආ දෙන්නෙක් මට කථාකොට මිත්රිව - ඒ ගේ හදන තැන්නි ටිකක් දුර ඔවුන් නැවතී ඉන්නා කුඩා බංගලාවට මාත් සමඟ ගියහ. මට දවාලට කන්ට දුන්නේය. මම ඒ කෑමත් කාලා පොල්ගසක් යට දිග ඇදී ඉන්නා තැනට බණ්ඩාර හාමුදුරුවෝ අවුත් “අද රාත්රීල අර හීන්හාමිත් උක්කුවාත් කටයුත්තකට යනව‍ා. ඔවුන් සමඟ උඹත් යන්ට ඕනෑ. ඒක ලොකු රහස් වැඩක් - උඹ සම්බවුනු එක ගැන මම බොහොම කැමතියි උඹව මේ ප‍ළාතේ කවුරුත් අඳුනන්නේ නැහැ. උඹෙන් යම් කෙනෙක් මොකවත් ඇසුවොත් අපේ වලව්වර හදන වඩුරාළ කෙනෙක් බව මිස වෙන මොකවත් කියන්ට එපාය”යි කියා ගියේය. දවල් දෙකට පමණ හීන්හාමිත් උක්කුවාත් මට ඇවිදින්ට යන්ට කතා කළාහ. ඉතින් අපි කුලියාපිටියට යනතුරු ගියෙමු. ඔවුන් දෙන්නා අරක්කු බොන්ට ගජ හපන්නුය. නමුත් ඔවුන් අතේ සත පණහකට වඩා මුදල් නැත. මේ බව දැනගත් මම එහි ගිය හැටියේම අරක්කු බෝතග බාගයක් රැගෙන ඔව්න දෙන්නාට දුනිමි. මමත් බිව්ව බව ඔවුන්ට හැ‍ඟෙව්වෙමි. මේ උපකාරය නිසා වඩාත් මිත්රඔවූ ඔව්හු මා අතේ සල්ලි තිබෙනවාදැයි ඇසූහ. “ඔව් - රුපියල් හතරකටත් වඩා තව තිබෙනවායයි කියා පාන් කඩේකට ගොස් - පාන් සීනිසම්බල කන්ට දුනිමි. එතනින් රා කඩය ලඟට ගොස් රා බෝතල් දෙකක්ද පොවා ඉතින් - ඇවිදින්ට යමුය”යි කී නමුත් “ෂූර්” බවට පත් ඔවුහු “තම්බි අප්පු අපට සම්බවුනු එක හොඳයි. අද අපි වැඩක් කරන්ට ඉන්නවා. උඹත් අපේ තනියට එන්ට ඕනෑය”යි කීවාම “ඕනෑ වැඩකට මාත් එන්නෙමි. මිනී හතක් මරන්නවත් මම එන්නෙමි”යි කීවාම ඔවුන් මට බොහොම ආ‍දරේට‍ හොඳයි අපේ ගමනේ විත්තිය මේ කඩමන්ඩියෙන් එහාදී කියන්නාය”යි කීවාම - තවත් අරක්කු බෝතලයක් අරගෙන ඔවුන් සමඟ වලව්ව හදන තැනට පිටත් වුනිමු. හයට පමණ මගදී ඔවුන්ට තවත් අඩියක් දුනිමි. අරක්කු පොල්කටු දෙක බීගත් හැටියේම ඔවුන්ගේ ප්ර්කෘති සිහිය නැතිවිය. පාරේ යාමද ටිකක් අමාරු බැවින් පාළු පොල් වත්තක් අද්දර වාඩිවී ඔවුන් කරන්ට යන කාරණය මට කීවේය. “බණ්ඩාරහාමුදුරුවන්ගේ කටයුතු කරමින් සිටි ඩිංගිරි බණ්ඩා නමැති මිනිහෙක් දැන් ගෙයක් දොරක් හදාගෙණ අක්කර දහයක පොල්වත්තකුත් වවාගෙණ ඉන්නවා. බණ්ඩාර හාමුදුරුවන්ගේ පප්පාගේ ලියන්නාව සිටි ඒ ඩිංගිරි බණ්ඩා දැන් ලොකු ආඩම්බර කාරයෙකි. ඔහුට වෙඩි තාබා දමන්ට යයි බණ්ඩාර හාමුදරුවෝ

566 ඉෂ්ට දෙවියා

නියම කර තිබේ. අද රෑ ඒ ගැන යාමට අපේ කල්පනාවයි. උඹත් අපි එක්ක යන්ට එනවාදැයි උක්කුවා ඇසුවේය. “ඇත්තටම ඔන්න ඔය වැඩ මමත් බොහොම කැමතියි. ඔය ඩිංගිරි බණ්ඩා පදිංචි කොහේද? වෙඩි තබන්නේ කොහේදීද? කොහොමදැයි ඇසුවෙමි. “ඔහු ඉන්නේ එහා ගමේ, රාත්රී රැක ඉඳලා වෙඩි තියන්ට ඕනෑය”යි කීවේය. සිහි නැති මොවුන්ගෙන් කාරණය තවදුරටත් විස්තර කරගැණීමට සිහිසන් ඇති මම. “ආ හීන්හාමි අයියේ, ඔය මිනිහාව නොමැරුවාට වෙන අච්චුවක් කළාම මදිද? මරන්ට තරම් වරදක් ඔහු කර තිබෙනවාදැ”යි ඇසුවාම, “තම්බි අප්පු මේ මොනවා කියනවාද, මේ ගමේ තබා මේ පළාතේ ඕනෑ ස්ත්රිඇයක් අපේ බණ්ඩාර හාමුදුරුවන්ට යාළුකරගන්ට බැරිකමක් නැත. ඇහැට කනට ඇති කොයි බවලතෙක් උවත් අපේ බණ්ඩාර හාමුදුරුවන්ට වසඟ නොවී ඉන්නේ නැත. කිසි කෙනෙක් ඊට විරුද්ධවෙන්නෙත් නැත. නමුත් මේ ඩිංගිරිබණ්ඩා පවුන් හත් අට සියයක් තරම නිතරම මුදල් ඇති එක විදියක උගත් කෙනෙක් බැවින් ඔහු නුවර පළාතෙන් අලුත කසාද බැඳගෙණ අවුත් ඉන්නා බවලතා පමණක් බණ්ඩාර හාමුදරුවන් සමඟ මිත්රඳ නැත. එක දවසක් බ‍ණ්ඩාර මහාමුදුරුවෝ ඩිංගිරි බණ්ඩාගේ ගෙදරට ගොස් ඔහුගේ මැ‍ණිකේ සමඟ නරක අන්දමේ කතාවක් කළායයි කියා බණ්ඩාර හාමුදුරුවන්ට නොස‍ෑහෙන ලෙස වගපලත් කියා තිබේ. එදා පටන්ම ඩිංගිරිබණ්ඩා මරා දමා ඒ තරුණි ගැණීමට බණ්ඩාර හාමුදුරුවන්ට ඕනෑකර තිබේ. ඒ ගැන අපට රුපියල් පන්සියයක් දෙන්ට පොරොන්දුයි. දැනටම තුන්සියයක් දීලා තිබෙනවා. ඉතුරු ගණන වෙඩි තැබූ දිනයේම දෙන බව කීවාය”යි කීවෝය. මෙසේ කතාකරකර යනකොට අපි ‍ඉන්නා ගෙදරට පැමිණෙන්නට විය. රාත්රීස හතත් පසුවිය. පුදුමයට මෙන් එදා තද වැස්ස පැවතුනේය. රාත්රීෝ බත් සූදානම්ව ති‍බුනේය. මා අතො තිබුනු අරක්කු බෝතලයෙන් භ‍ාගයක් ඔවුන්ට පෙවූ පසු බත් කන්ටවත් බැරි තරමට දුරුවලය නින්දට වන්හ. මම බඩ පුරා බත් කා කල්පනා කරමින් සිටියෙමි. “ අනේ අපේ ජාතියට ගියකල! යම් කෙනෙකුගේ භාර්යාවත් අනාචාරයේ හැසි‍රෙන්නට සතුටු නූනාට ඒ ස්ත්රිලයගේ පුරුෂයා මරාදමා ඒ ස්ත්රීය දූෂ්යරකරණ තරම් අධම මනුෂ්ය‍යන් ඉන්නා රටකට වැසි නියඟ ඇතිවීම පුදුමයකි. දැන් මිනීමැරීම ඌරන්, කුකුනන් මරණවාටත් වඩා පහසුවෙන් කරණ එකක් බව පෙනේ. ඩිංගිරි බණ්ඩා නමැති නිර්දෝෂී මනුෂ්යාරණව මරණයෙන් ගලවා මේ “බණ්ඩාර හාමුදුරුවන්” නමැත් අධම වනචාරයාට මම හොඳ පාඩමක් උගන්වන්නෙමි”යි සිතමින්

පියදාස සිරිසේන නවකථා එකතුව 567

ඉන්නාවිට රාත්රීථ ‍එකොළහට පමණ ලාම්පුවකුත් අතින් ගත් බණ්ඩාර තෙමී තෙමීම ඉන්නා තැනට ආවේය. ඔහුගේ අනුචරයන් දෙදෙනා වෙරිවැඩිවෟ නිදන බව දුටු මොවුන්ට අදත් මගේ ඕනෑකම ඉෂ්ටකරන්ට බැරි හැඩයි. මොකද මොවුන් උඹට මොකවත් කීවේ නැද්දැ”යි මගෙන් ඇසුයේය. “ඔව් හාමුදුරුවනේ මා සමඟ කීවා - අද සවසට තරම ඩිංගිරි බණ්ඩාව වෙඩි තබන්ට යන්ට ඕනෑ බව - නමුත් වැස්ස නිසාත් ඒ දෙනානාට ටිකක් යහමින් වෙරි නිසාත් ඒ වැඩේ හෙට රෑටවත් කරමුය”යි කියා දෙන්නාම නිදාගත්තා. මොවුන් ලවා මේ වැඩේ කරන්ට නම් හුඟක් බොන්ටදීම හොඳ නැහැ. මට ඔය ඩිංගිරි බණ්ඩාව පෙන්වලා දුන්නොත් - ඩුම්ගාලා වෙඩිතබා දමන්නෙමි”යි කීවාම බණ්ඩාර මා දිහා බලා සිනාසී මොනවද තම්බි අප්පු. මේ රටේදී අපට ඕනෑ එකක් කරන්ට පුලුවනි. අපේ ‍අර දිසාහාමුදුරුවෝ සිටිද්දී ඔය වාගේ කටයුතු කී සියයක් කළාද? පාතරට වාගේ නොවෙයි. මේ රටේ මිනිසුන්ට ආඩම්බර වෙන්ටත් ගුණධර්ම රකින්ටත් ඉඩදුන්නොත් අපට ඉඳිමක් නැත. ඒ නිසා ඔය ජඩයා මරාදමන්ටත් උගේ බලවත් ගෙණවුත් ටික දවසක් අපේ වලව්වේ නවතාගෙණ ඉඳ ඉන්පසුව මේ උක්කුවාට භාරදීමයත් මම තීන්දුකරගෙණ ඉන්නවා. මම මේ එන්නෙත් විදානෙරාළගේ ගෙදර ඉඳලා. ඩිංගිරිබණ්ඩාගේ ගෑණිට මා කත් කළාය කියා ඒකිට බොහොම කේන්ති ගොහින් ඇගේ ගමට නුවරට ගොස් මාස හතරක් පමණ ඉඳලා ගිය සුමානේ ඇවිත් ඉන්නවා. ඩිංගිරිබණ්ඩා අපේ වැඩකාරයෙකි. අපේ පප්පාගේ ලියන්නෙක්ව සිටි එකෙකි. ඉතින් එබඳු එකා මින්පසු “අපේ ගෙදරට බණ්ඩාරයා ආවොත් ඉලපතෙන් ගහන්ටය” කියා උගේ අම්මාටත් අඹුවන්ටත් කී බව මට ආරංචිය. ඉතින් තම්බිඅප්පු මෙවැනි ආඩම්බරයෙකුට මේ ගමේ ඉන්ට දෙන්ට පුළුන්දැ”යි වේගයෙන් මා සමඟ කීවේය. බණ්ඩාර උමතුව මෙන් ඉන්නා බව වැටහුණු මම, කාරණය හොඳින්ම දැනගන්නා පිණිසත් මෙසේ කීවෙමි. “අපේ හාමුදුරෙවෝ මට සමාවෙන්ට - ඔහොම සූත්තර වැඩ කරන්ට මමත් ගජ හපනා. ඉතින් ඩිංගිරි බණ්ඩාව අපි මැරුවත් ඒ මිනිහාගේ ගෙදර ඇත්තෝ නුවරට පැනලා යනවා ඒකාන්තයි. ඉතින් හාමුදුරුවෝ වලව්වට එක්ක එන්නෙත් - ඉන්පසු උක්කුවාට භාරදෙන්නෙත් කොහොමද? “ඔව් තම්බිඅප්පු උඹේ කතාව බොහොම හරි. ඒ ගෑණි වස අමාරුකාරි! ඩිංකිරිබණ්ඩා මැරුණායයි කියා කලබලවුනු හැටියේ ම ඈ පොලිසියේ නිලධාරීන්ගෙත් ආධාර ඇතිව

568 ඉෂ්ට දෙවියා

ගමට පැනගන්නවා සත්තකයි. එහි ගියාට පස්සේ ඈ දකින්ටවත් නොලැබේ. දැන් මට තේරුණා. හොඳයි ඩිංගිරි බණ්ඩා‍ත් මරා ඈත් අත්කරගන්නා උපායක් උඹට කියන්ට පුළුවන්දැයි මගෙන් ඇසුවේය. “ඔව්, සත්තකෙන් මම හොඳ විධියක් පිළියෙල කරන්නෙමි. හැබැයි ඒකට දෙතුන් දවසක් කල් ඕනෑ. ඩිංගිරිබණ්ඩා සහ මිත්රසවෙන්ටත් ඕනෑ. මම ඒ සියල්ල පිළියෙනකොට කියනතුරා ඉවසන්නට කැමැතිදැ”යි ඇසුවාම අපරාධකාර අඥාන අධමයා හොඳයි තම්බිඅප්පු උඹ කියතොත් අපි අනිද්දාට කල්දමන්නෙමු “අපේ වලව්වල කෙනෙකුට යන්තම්වත් ‍අමනාප දෙයක් ‍කලොත් මිනීමැරීම තලගොයින් කබරගොයින් මැරීම තරමටවත් ගණන් ගන්නේ නැතැ”යි කීවේය. මෙහු මෙසේ කියනකේට මගේ හෘදය එක තත්පරයකට හත් අට ලක්ෂවාරයක් ගැහුනාදැයි මට සිතාගත නොහැකිවිය. මේ අධම චන්ඩාලයාගේ මුහුන දෙස බලමින්ම “‍අනේ මොවුන්ට‍ ධර්මයක් ඉගෙණගන්ට නොලැබීමත් ප්රනතිපත්තියක් පුරන්ට නොලැබීමත් නිසා චන්ඩවූ, මෘගයන්ට වඩා කිසිම වෙනසක් නැතිව කල් යවති. ඊට විපාක වශයෙන් පරම්පරාවෙන් පරම්ප‍රාවට පව්කාර කාලකණ්ණි වනචරයන් වෙමින් මොවුහු පිරිහෙති. රටේ මහතාගේ පුතා සිවිල් නිලධාරියෙක් ‍හෝ අද්වකාත් කෙනෙක් වියයුතු නමුත් ‍එහෙමට තබා පුතාට රටේ මහත්කමක් ලබාගන්ටවත් ලැබෙන තැන් සියයකට පහක්වත් නැත. මෙසේ පරම්පරාවෙන් පරම්පරාව පිරිහෙන්නේ කුමක් නිසාදැයි අධර්මවාදී නූගත් මොවුන්ට නොතේරෙනවාටත් වඩා මොවුන්ට ආශ්ර ය කිරීමට කල්යාගණ මිත්ර්යෙක්ද කවදාවත් නොලැබේ. දැන් අපේ රටේ ටිකක් ධනය ඇති පවුල්වල ගැහැණු පිරිමි දරුවන් කුඩා කාලේම මිෂනාරි අනාර්ය මිසදිටුවන්ගේ අත් අඩංගුවට පත්වෙති. ඔවුන් යටතේ කොළඹ හෝ අන්ය නගරයක ඉගෙණ ගන්නා කොල්ලා හෝ කෙල්ල යුරෝපීය කාමසුඛල්ලිකානුයෝගයට බැස ටික වශයෙන් ඉංග්රීකස් භාෂාවත් වැඩි වශයෙන් යුරෝපීය ඇඳුම් පැළඳුම් අඳනහැටිත්, යුරෝපීය කෑම මත්පැන් කන බොනහැටිත්, එකිනෙකා බදාගෙණ නටන හැටිත්, ඉතාමත් අධික වශයෙන් අනාචාරී ලෙස හැසි‍රෙණ හැටිති ඉගෙණ ගනිති. කර්මය, කර්මබලය, පුනරුත්පත්තිය, සංසාරයේ භයංකාරභාවය, ආත්මවිශුද්ධිය ආදී කිසිවක් නොදත් මෘග සංඛ්යාුවේ පිහිටි මේ තැනැත්තා ඉඩකඩම් හිමියෙක්ව පළාතේ බලසම්පන්න කෙනෙක් වුනොත් ඔවුන්ට කළහැකි තරමක්ම දරුණු අපරාධකොට රට විනාශ කරන්නෝය. නමුත් මොවුන්ගේම විනාශය මොවුන්ට

පියදාස සිරිසේන නවකථා එකතුව 569

නොතේරීම පුදුමයක් යයි සිතූ මම “හොඳයි බණ්ඩාර හාමුදුරුවනේ මම හෙට උදේ මක්කරලාවත් ඩිංගිරිබණ්ඩාර සමඟ යහලු වෙන්නෙමි. එසේ යහලු වෙළා ඔහුත් සමඟ අනිද්දා උදේ කුරුණෑගල යන්නෙමි. රත්රීෙ නවය වන තුරා ඔහු සමග පරක්කු වෙමින් මෙහාට එන්නෙමි. ඒ ‍එනකොට අතරමගදී වෙඩි තබා දමන්ට යයි උක්කුවාට සහ හීන්හාමිටත් කියන්නෙමි”යි කීවෙමි. මගේ මේ පිළිවෙලට අතිශයින් සතුටට පත් බණ්ඩාර, “අන්න බොහොම හොඳයි, අපේ ගමෙන් පිට ගමකදී ඔහුට වෙඩිතියා දැම්මොතින් කිසිම කරදරයකුත් නැහැ. තම්බිඅප්පු කල්පනාකළ හැටි බොහොම හොඳයි උඹට හෙට උදේම මම රුපියල් දෙසීයකුත් දෙන්නෙමි. නොඅනුමානව අනිද්දා ‍රාත්රි්යේ වැඩේ කරපන්, හීන්හාමිට හා උක්කුවාත් මම ඔක්කෝම උගන්වා තිබෙනවා. මම හෙට උදේම මුදල් වගයක් ණයට ගැනීමට හෙට්ටියෙක් සම්බවෙන්ට හළාවතට එනවා. අනිද්දා රෑ වෙන්ට ‍ඉස්සරියෙන් මම කොහොම නමුත් එනවා. මා එන්නටත් ඉස්සරින් උඹලාගේ වැඩේ කර තබන්ට ඕනෑය”යි කියා බණ්ඩාර එහිම නිදාගත්තේය. මම ද නිදාගතිමි. උදේ පහට පමණ බණ්ඩාර නැඟිට මාත් සමඟ කුලියාපිටියට ගොස් එහිදී හම්බ කඩේකින් රුපියල් සියයක් ණයට අරන් දී ඔහු හළාවතට යන්ට ග‍ියේය. මම උදේට තේවතුර බී නිරපරාධ මිනිහෙකු මරණයෙන් ගලවන්නෙමියි ප්රීයතියෙන් පිනා පිනා බණ්ඩාරගේ වත්තේ කුඩා බංගලාවට පැමිණියෙමි. මා එනකොට මිනීමරු උක්කුවාත් හීන්හාමිත් - භයින් ත්රනස්ත වූවන් මෙන් සිටිනු දැක “මොකද - උඹලාට ඇහැ ඇරුනේ දැන් ද - ඊයේ රෑ බණ්ඩාර හාමුදුරුවොත් මෙහේය. උඹලා හොඳටම මත්වෙලා නිදන නිසා මොකවත් කීවේ නැත. අද උදේ බණ්ඩාර හාමුදුරුවෝ මාත් සමඟ කුලියාපිටියට ගොස් එතනින් හළාවතට යන පිණිස ගියා. උඹලායේ වියදමට රුපියල් පහකුත් මා අත එව්වා. මට කුරුණෑගල ගොහින් වැඩ වගයක් කරගෙණ එන්ට කියා ලියුමකුත් දුන්නා අනිද්දා රාත්රීා වැඩේ කරන්ටයයි කීවා. බණ්ඩාර හාමුදුරුවන් එන්නේ ඉංඅනිද්දාටයි. උන්නැහේ ගම නැති දිනේකම මේ වැඩේ කරණ එක බොහෝ හොඳය කීවාය”යි මම කවෙමි. මොවුන් දෙදෙනා ඒ සියල්ලම පිළිගෙණ “තම්බි අප්පු සම්බවුනු එක කොපමණ අගේද - කාරණය වැට‍හෙන්නේ දැන් තමා, ඩිංගිරි බණ්ඩාට වෙඩි තබන්ටයයි අපට දීලා තිබෙන තුවක්කු දෙකත් උන්නැහේ ගැන කිසිම සැකයක් නැත. අපි වෙඩි තබන ස්ථානයත් ඒකේ පැලෑනත් දන්නවා. එහෙනම් තම්බි අප්පු දැන්ම කුරුණෑගල ගොහින් වරෙන්නැ” යි කීහ. “ඔව් මම

570 ඉෂ්ට දෙවියා

දැන් යනවා - නමුත් අද එන්ටවේද හෙට එන්ට වේද අනිද්දා එන්ට වේද කියන්ට බැරිය. මම මේ ‍ලියමන අරගෙණ යන්නේ පෙරකදෝරු මහත්මයෙකුටයි. ඒ නිසා මගේ ඒම කවදාදැයි නොතේරේ. උඹලාට කියා ‍තිබෙන අන්දමට ඒ වැඩේ කරලා උඹලාගේ ගැලවීමට සුදුසු හැටියක් කරගණ්ල්ලා - මම යන්නේ බණ්ඩාරහාමුදුරුවන්ගේ ආරක්ෂාවට සෑහෙන දේ කරන්ටය”යි කියා මම මහපාරට අවුත්, එවේලාවේම එන බස් රථයක නැගී කුරුණෑගලට ගොස් එතනින් දුම්රිය‍ට නැගී අලව්වට ගොස් මගේ මිත්රා අප්පුහාමි‍ගේ කඩෙට ගියෙමි. එහිදී දවල් බත් අනුභව කොට මට පුරුදු යුරෝපීය ඇඳුමෙන් සැරසී කුලියට මොටෝ රථයක් රැගෙණ වහාම ඩිංගිරි බණ්ඩාරලාගේ ගෙදරට පැමිණියෙමි. මා එහි පැමිණෙනවිට හතරට පමණ විය. ඩිංගිරි බණ්ඩා නොයෙක් ධර්ම ශාස්ත්රි කියවන ප්රුවෘත්ති පත්ර ‍කීපයක් කියවන යමක් කමක් තේරෙන ආත්ම ගෞරවය ඇති එක විධියක කෙනෙකි. ඔහුටත් වඩා ඔහුගේ භාර්යාව වන සෝමාවතී මැ‍ණිකේ ශික්ෂිත කෙනෙක් බව මට වැටහුනේය. මා පැමිණි හැටියේ ඔවුහු බලවත් සැලකිල්ලක් දක්වා වාඩිවෙන්ට සලස්වා මා කොහේ සිට කුමක් නිසා පැමිණියේදැයි ඇසූහ. “ හොඳයි. මම තව පැයකින් දෙකකින් ඒක කියන්නෙමි. දැන් අපි වෙන කරුණක් ගැන කතාකරමු”යි කීවාම ඩිංගිරි බණ්ඩාරටත් වඩා සෝමාවතී මැ‍ණිකේ පුදුමව මා දෙස බලාගත්වනම උන්නේය. ඔවුන් භයට පත්වුනාක් මෙන් ‍ඉතා අමාරුවෙන් මට තේවතුර ද සූදානම්කර බොන්ට දී නැවතත් මගේ පැමිණීම කුමක් නිසාදැයි ඇසූහ. එවිට මම ඔවුන් දෙ කරුණාවෙන් බලා “මම තමුන්නාන්සේලාගේ ඉෂ්ට දෙවියා විසින් එවන ලද්දෙක්මි. මම කෝන්ගොඩ වික්රසමපාල වෙමි. ම‍ා ගැන මීට ප්රනථම තොරතුරු අසා තිබෙනවාදැ”යි ඇසුවෙමි. ඩිංගිරි බණ්ඩා පමණක් නොව ඔහුගේ භාර්යාවද මගේ වික්රාම ක්රිගයාවන් කියවා එයින් බො‍හෝ දේ ඉගෙණගත් මා කෙරෙහි ‍බලවත් ගෞරවාදරයක් පවත්වන අය බැවින් එක පාරටම දෙදෙනාම මා ලඟ බිමවැටී “අනේ පින්වත් වීර පුරුණයාණෙනි. තමුන්නාන්සේ අපේ පමණක් නොව මුළු සිංහල ජාතියේම ඉෂ්ට දේවතාවුන් වහන්සේ විසින් ලක්දිවට ‍එවා ඉන්නා උත්තමයෙක බව අපි දනිමු. අපට මේ පළාත එපාවී කරන්ට දෙයක් නැතිව ඉඳිමු. මේ පළාතේ ඉන්නා අධම කාලකණ්ණියෙක් ගුණවත් ස්ත්රීීන් දූෂ්යව කරමින් අනුන්ගේ දේ කොල්ලකමින් නිර්දෝෂ මිනිසුන් හිරේ දමමින් ධාර්මිකව ඉන්නා මිනිසුන්ට ගුටිබැට දෙවමින් මහ විපත්තියක් කරන්නේය. තමුන්නාන්සේ මෙහාට යහපත් වුණේ ඒ

පියදාස සිරිසේන නවකථා එකතුව 571

පිළිබද යමක් දැනගෙනදැයි ඩිංගිරි බණ්ඩා සිහිසන් නැතිව ඇසුවේය. හොඳයි - බණ්ඩාර මහත්මයා දැන් භයවෙන්ට හෝ කණගාටු වෙන්ට එපා. මම තමුසේත් තමුසේගේ ගුණවත් භාර්යාවත් ගලවන්නෙමි. මම ඊ‍යේ රාත්රීද මේ ගමට නොපැමිණියා නම් ඊයේ රෑ තමුසේ මිය ගොසින්ය. තමුසේගේ භාර්යාව ඔය කියන බණ්ඩාරගේ ගෙදරයි” කියමින් මා අලව්වේ සිට පැමිණි තැන් පටන් මේ දක්වා සිද්ධවූ තොරතුරු කීවෙමි. මේ ගුණවත් අඹුසැමි දෙදෙනා භයින් ත්රවස්තව මගේ දෙප‍ා ලඟ වැටී හඩන්ට පටන් ගත්හ. මම ඔවුන් අස්වසා “ ‍ලෝකයේ සියලුම සත්වයන්ට ඉෂ්ටානිෂ්ට විපාක දෙකක් ලැබේ. ‍ඒ ඒ සත්වයන්ගේ හැසිරීමට අනුව ලැබෙන ඒ විපාක දෙකක් ලැබේ. “දෙවිවරුය” යි සම්මතයක් කරගෙණ තිබේ. සියලුම හොඳ නරක ක්රි්යාවලට ප්රිතිවිපාක ඒකාන්තයෙන්ම තිබේ. ප්රලතිරාවයන් නැන්විය හැකි කන්දක් අසලට ගොස් දුෂ්ට වචනයක් කියා ඝෝෂා ක‍ළොත් එබඳු එබඳුම දුෂ්ට වචනයක ප්ර්තිරාවයක් අපටම ඇසේ. එසේම මධුරවූ සුභාෂිත වචනයක් කියා ඝෝෂා කළත් ‍එහි ප්රකතිරාවයක්ද අපට අසන්නට ලැබේ. දුෂ්ට වචනයටත් යහපත් වචනයටත් ඒ ආකාරම ප්ර තිරාවයන් අපටම අසන්ට ලැබේ නම් වචනයට ව‍ඩා ශක්ති සම්පන්නවූ ක්රිනවායට විපාකයක් නැද්ද? දුෂ්ට වූ ක්රිටයාවට අනිෂ්ට විපාකයකුත් යහපත් ක්රිායාවට ඉෂ්ටාර්ථදායක විපාකයකුත් නොලැබේද? වචනයටත් ක්රිතයාවටත් යන දෙකටම වඩා බල සම්පන්න සිතිවිල්ලට හෙවත් හිතීමට විපාක නොලැබේ යයි අඥාන තකතීරුවෙකුට මිසක් වෙන කිසි වෙකුට සිතිය ‍හැකිද? වචනයටත් ක්රිරයාවටත් වඩා දහස් වාරයකින් බලසම්පන්න වූ හිතෙන් නපුරු දුෂ්ට සිතිවිල්ලක් හිතුවොත් අපරාධයක්, අයුත්තක්, පාපයක් කිරීමට හිතුවොත් ඔහුට නො අනුමානවම මේ ආත්මයේදී ම ඉවසිය නොහැකි දුක්ඛ වේදනා ලැබේ. එමෙන්ම යහපත් ශාන්තවූ සිතිවිල්ලක් හෙවත් නිරප‍රාධී වූ යුක්තිධර්ම සහගතවූ පින් සහගතවූ යම් සිතිවිල්ලක් සිතුවොත් ඔහුට නො අනුමානව සැපතක් සුඛ වේදනාවක් ඒකාන්තයෙන්ම ලැබේ. ඉතින් මා කී මේ සත්ය වූ ධර්මය ඩිංගිරි බණ්ඩාර මහත්මයාගෙන් සහ මැණිකේගෙනුත් මේ මොහොතේදීම ප්රයත්යික්ෂ විය. තමුසේලා දෙදෙනාම අහිංසකවූ අනුන්ට හිංසා පීඩාවක් කිරීමට හෝ අන්යියෙකුගෙන් කොල්ලකා ගැනීමට හෝ කවරදාකවත් නො සිතූහ. සත්වඝාතනය, හොරකම, මිත්ථ්යාසචාරය, බොරුකීම හා සුරාපානයත් යන ගර්හිත පාප ක්රි යාවලින් වැලකී ධර්මයෙහි හැසිරෙන්නෝ වූහ. ඊට මෙලොවදීම ලැබුනු ඉෂ්ට

572 ඉෂ්ට දෙවියා

විපාකයක් වශයෙන් මට මේ ගමන අවුත් තමුසේලා මේ විපතින් ගලවා ගන්නට ලැබුනේය. මේ වනාහි ඉෂ්ට දෙවියෙකුගේ බලයකි. ඒ ඉෂ්ට කෙවියා නම් තමා කළාවූ සත්ක්රිනයාවට ලැබුණු විපාක වේ. තමුසේලාගේ යස ඉසුරට ක්රෝ ධ කරන්නාවූ ද - අනුන්ගේ භාර්යාදීන් දූෂ්යඒ කිරීමේ තත්පරවූ ද ඔය කියන අදිපති දුෂ්ටයාගේ රෞද්රද ක්රි යාවට තමුසේලාට ගොදුරු නොවන්ට ඇතිවූ එකම හේතුව තමුසේලාත් ඔහු ව‍ාගේ ඊර්ෂ්යාා ක්රෝ ධාදී සිතිවලිත් නොසිතා, චණ්ඩ පරුෂ වචනත් නොකියා, තාඩන පීඩනාදී ක්රිීයාත් නොකිරීම පමණකි. තමුසේලාත් ඔහු දුෂ්ට වූවාහු නම් නො අනුමානය ඒ අධමයාගේ දුෂ්ට ක්රිුයාවට ගොදුරුව අකාලයේ අනාථ මරණයෙන් මැරී ගොස් නරකාදියේද උපද්න්නාහ. දැන් තමුසේලා ගැල වුනෝය. නමුත් දුෂ්ට අධර්මවාදියාට ඔහු මීට ප්රනථම කරන ලද නපුරු ක්රියයාවල විපාකත් මේ කරන්ට වීරිය කරන අපරාධයේ විපාකත් අද හෙටම හෝ තව ටිකක් ප්රුමාද වෙලා හෝ මේ ආත්මයේදී ලබනු ඒකානාතය”යි මා කීවාම - මඳක් සංසිඳුනු භය ශෝක ඇති ඩිංගිරි බණ්ඩා හා ඔහුගේ මැණිකේත් හුන් තැන්න් නැගිට “ අනේ උත්මාණනි. වික්රණමපාල මහතාණනි. දැන් කුමක් කරම්දැ”යි මගෙන් ඇසූහ. දැන් මම මේ මොටෝ රථයෙන්ම අලව්වට යන්නෙමි. හෙට රාත්රීභ නවයට තමුසේට වෙඩි තබන්ට දෙන්නෙක් එනවා ඇති. ඔවුන් පැමිණෙන්ට ප්රටථම අන්ධකාර වුනාට පසු රාත්රීඅ හතට පමණ මම මොටෝ රථයකුත් රැගෙණ තමුසේලා එක්ක යන්ට එන්නෙමි”යි කීවාම ඔවුන් අඬන්ට පටන්ගෙණ “අනේ අපි එක පැයක්වත් මෙහි ඉන්නේ ‍කොහොමද? අද රෑ අවුත් ඔවුහු අපව නොමරද්ද? හෙට හත වනතුරා මෙහි ඉදීමෙන් අපට ඇති ඵලය කුමක්දැ”යි සිහිසන් නැතිව ඇසූහ. ඉක්මන් වෙන්ට එපා. අද දැන් මාත් සමඟ තමුසේලා ගියොත් ඒ බව මේ දුර්ජනයන් දැනගෙන ඔවුහු නිකම් සිටිති. හෙට දවලවත් ඔවුන්ට දැනෙන බැවින් මේ ගෙදරින් යැ යුතු නැත. දැන් කරුවල දවස් නිසා හෙට රෑ හතට හතහමාරට පමණ මාත් සමඟ යාමට සූදානම් වුව මැනවි. මා මේ අවුත් තිබෙන මොටෝ රථය හෙට හවස් වන තුරු මෙහි නවත්වා ගතහොත් තමුසේලාගේ සතුරන්ට ලොකු සැකයක් ඇතිවේ. දැන් මම ‍මොටෝ රථයෙන්ම ගියාම ඒ සතුරන් ගේ ඔත්වතුකාරයෙක් ඇසුවත් මේ පළාතෙන් ඉඩමක් ගැන තොරතුරු විමසන්ට ආ කොළඹ කෙනෙකැයි කියන්ට පිළිවන. තමුසේලාට හෙට රාත්රීව නවය වන තුරු කිසි අන්තරාවක් සිද්ධවෙන්නේ නැත. එබැවින් භ්යව නැතුව අද රෑත් හෙට දවාලක් මෙහි ඉන්ට, බටිනා ඇඳුම් ආභාරණ ආදිය පෙට්ටිවල දමා

පියදාස සිරිසේන නවකථා එකතුව 573

සූදානම් කර තබන්ට, හෙට හතට හෝ ඊට ප්ර7ථම මම එන්නෙමි”යි කියා වහාම මා ගිය මොටෝ රථයට නැගී අලව්වට යා ගතිමි.

මගේ මිත්රි අප්පුහාමිගේ කඩේ ඉන්නාවිට ඉතා පුදුම කාරණයක් දකින්නට ලැබුනේය. අමුත්තන්ට සංග්ර හ කිරීම ගැන ලෝක ප්රයසිද්ධ සිංහල ජාතිය ඒ උතුම් සච්චාරිත්රසයෙන්ද පරිබාහිර වේගෙන යන බව මේ කාරණයෙන් ඔප්පුවේ. අලව්වේ දුම්රියපලෙන් නැගී යන පිණිස වැදගත් මහතැන් දෙදෙනෙක් ඈතක සිට එහි පැමිණියාහ. අහේතුවට මෙන් ඔවුන් එනවිට දුම්රිය ගොහින්ය. මේ නිසා මොවුන්ට නැවතීමට තැනක් නැතිව විපරම් කරන විට කලින් මොවුන් විසින් සංග්රසහකරණු ලැබූ මහත්මයෙකු සම්භවී ඔවුන්ට පැමිණි විපත කීවෝය. ඒ මහත්මයා ඒ තරම්ම නරක කෙනෙක් නොවෙතත් ස්වකීය නිවසට ඒ මහතුන් සමඟ යාමට බියෙන් ඒ මහතුන්ට බොරුවන් කියා ඔහු එදා රෑ ගෙදරවක් නොසිට පැනලා ගියේය. ඉඩපාඩුවත් පොහොසත්කමුත් උවමනාවටත් වඩා තිබුණු නමුත් ත්යායගවත් භාවාදියෙන් හීන මව්පියන්ගේ කරදර විදින්ට බැරිය ඒ වැදගත් අමුත්තන් දෙදෙනා සමඟ ස්වකීය නිවසට නොගිය ඒ මහත්මයාගේ බලවත් අයුත්ත දුටු පිට පළාතක අන්යී සත්පුරුෂ මහත්මයෙක් ඒ අමුත්තන් දෙදෙනාට ශක්ති තරමින් සංග්රචහ කළ බව දුටු මට කල්පනාවූයේ මීට ප්රමථම මේ කඩේ අප්පුහාමිට මා කී කාරණයයි. එනම් ගැණීමට වඩාදීම අමාරු බවයි. “ත්යාකග ධර්මය ගෙදරින් ගටන්ගත යුතුය” යන ආත්තෝපදේශය ඒකාන්ත සත්යේයකි. ස්වකීය අඹුදරුවන්ටත් මව්පිය සහෝදරාදීන්ටත් හොඳින් සංග්රතහ නොකරණ කෙනෙකුට අන්යය කාටවත් සංග්රනහ කරන්ට කැමැත්තක් ඇති නොවේ. තමා දුක් විඳ නොකා නොබීවත් ආගන්තුකව පැමිණියෙකුට සැපදී ඔහු සුවපත් කිරීම උත්තම ආර්ය මනුෂ්යග යන්ගේ ප්රිවේනි ධර්මතාවයකි. අපේ සිංහල ජාතියට හිමිව පැවති මේ මාහැඟි චාරිත්ර්ත් ධර්ම ශාස්ත්ර් නූගත් කල්යාපණමිත්රන සේවන නැති පහත් නූගත් මිනිසුන් නිසා ක්රිමයෙන් අතුරුදන් වේගණ යන බැව් ඒ රාත්රිියේ මට වැටහුනේය. ඉතින් රාත්රිතය ගතකොට පසුදින දවල් ඉෂ්ට දෙවියකු නිසා ධනවත් බවට පැමිණි මිණිරන් වෙළෙන්දෙකුගේ කථාන්තරය දුම්රිය පලෙදී වැදගත් මහතෙක් මට කීවේය. අප මේ කතා කරණ මහතා තද ක්රි ස්තියානි කාරයෙකි. එසේම ඔහුගේ කථාවේ සඳහන් වන ධනවතාද තද ක්රිපස්තු භක්තිකයෙකි. යාන්තම් එදා වේල සපයාගෙණ ජීවත්වනු ‍කොළඹ අප්රිසිද්ධ තරුණයෙක් භක්තිවන්ත ක්රිනස්තියානි තරුණි‍යක් අසරණ පවුලක තරුණියක් විවාහ කරගෙන වැඩි කල් යන්ට මත්තෙන්

574 ඉෂ්ට දෙවියා

ඔවුන්ගේ භක්තිය නිසා ඔවුන් දෙවියන් වහන්සේට අවංක ලෙසින් කළ යාඥාව නිසා ඒ කියන අය අවුරුදු පහකදී රුපියල් හාරපන්ලක්ෂයක් ගණුදෙනු කරණ පොහොසතෙක් වූ හැටිත් - ඔහු කුමාරයෙක් මෙන් ඉන්පසු ක්රිෙයාකළ හැටිත් - එබැවින් දේව වරප්ර සාද කෙනෙකුගේ දියුනුවට අවශ්ය බවත් - දීර්ඝ වශයෙන් මේ මහතා කීවේය. එවිට මම සිනානුනෙමි. උන්නැහේට ටිකක් කේන්ති ඇවිත් - “මහත්මයා මෝඩයෙක් වගේ සිනාසුනාට කණගාටු වෙමි”යි කීවාම - මම ස්වල්පයකුදු නොකිපී තවත් ටිකක් හයියෙන් සිනාසී මහත්මයා රෑ වුටුනු වලේ මටත් දෙවෙනි දාවල් වැටෙන්ට කීම පුදුමයකි. ඔය ඉෂ්ට දෙවි‍යෝ නිසා ඒ මහත්මයා පොහොස‍ත් වුණාද - ඔහුගේ කපටි ප්ර යෝගවලින් පොහොසත් වුණාද යන්න මහත්මයාට විමසා ගතහැකි ඥානයක් නැත. මහත්මයා ධර්ම ශාස්ත්රා ද්ය නූගත් ලපටි මිනිහෙකි. හේතු ඵල ධර්මාදී සත්ය ය නොදත් තැනැත්තන්ට මුල මැද අග කරුණු විමසා යමක් ‍තීරණය කරගන්ට නොහැක්කේය. බිල්යේ අමුණන ලද පණුවාගේ හැඩහුරුකමක් - නැටීමක් දකින මත්ස්යාොයාට - එසේ ඒ ඇම ඇතිවීමට හේතුවත් - එය ගිලීමෙන් ඇතිවන විප‍ාකයත් කිසිසේත් නොවැටහෙන බැවින් - ඌ ඇම සහිත බිලිය ගිල විනාශ වන්නාක්මෙන් යමෙකුට යමක් ලැබුණු විට එහි පටන් ගැන්මත්, මධ්ය්යත්, අවසානයත් නොවිමසන විමසාගත නොහැකි අය නොයෙක් බොරු කථාවලට මුලා වෙති”යි කීවාය - විලියම් සිල්වා නමැති ඒ මගේ මිත්රය මහතා “හොඳයි වික්රසමපාල මහත්මයා දුම්රිය එන්නේ පහටයි - දැන් වේලාව හතරයි. මේ පැය තුළ අපි මේ කාරණය ගැන කතා කරමු. දේව පිහිටාධාරය බොරු බව පිළිවන්නම් ඔප්පු කරන්ටය”යි කිවේය.

13. පරිච්ඡේදය

මම - සිල්වා මහත්මයා කියන ඔය ධනවත් මිනිරන් වෙළෙන්දා පොහොසත් වූයේ යාඥාවේ බලයෙන්ද?
සිල්වා - සත්තකෙන්ම එහෙමයි. ඔහු මසකට රුපියල් තිහක් සපයාගෙණ කමින් සිට දුප්පත් ස්ත්රිමයක්ද විවාහ කරගෙණ ඉක්බිති අවුරුදු පහක් යන්ටත් ප්රතථම ප්රිධාන ධනවතුන්ගේ සංඛ්යා වට පැමිණියේ දේවබලයෙන් නොව වෙන කවර බලයකින්ද?


පියදාස සිරිසේන නවකථා එකතුව 575

මම - සිනාසී - ඔය කතාව ඇත්තක් නම් තමුසේත් මාත් ඇතුළු මුව ලෝකවාසීන්ටම දෙවියන් වහන්සේට යාඥාකොට පොහොසත් වෙන්ට බැරිද?
සිල්වා - බැරිකමක් නැහැ. නමුත් අවංකව දෙවියන්ගේ හිත සතුටුවන අන්දමට යාඥා නොකරණ වැරැද්දෙන් හරියන්නේ නැහැ.
මම - ඇයි ඕයි - තමුසේ හොඳ අවංක භක්තිවන්ත ක්රි ස්තියානි කාරයෙකි. මම නම් ඔය “අහේතු අප්පච්චයවාදී” ප්රාලාප නො අදහන නිසා අවංකව යාඥා නොකරතත් - තමුසේ කරන්නේ අවංකවූ ඒකාන්ත භක්තියෙන් නොවේද? ඉතින් තමුසේවත්ලොකු ධනවතෙක් නොවන්නේද?
සිල්වා - හැමෝම එසේ වුණොත් මේක ලෝකයකැයි! ඒ මා කී මහත්මයා නම් දේවවරප්රමසාදයෙන්ම පොහොසත් වුනු බව මට කිවා - මටත් බැටහුනා.
මම - අනේ ඕයි යමෙක් - ලෝභය, ද්වේෂය, මෝහය යන මහා පව තුනෙන්ම එකකින් දෙකකින් භරිතව සිටියි නම් ඔහු කාගේ බසටත් මුලාවීම සිරිතක්ය. එක ගම‍රාළ කෙනෙක් තමාගේ රහස් ස්ත්රිමය විසින් දැක්වූ දුර්ගන්ධය වහනය වන කිළුටු රෙදි කැබැල්ල සුගන්ධය වහනය වන ලේන්සුවක් කියමින් මුහුනේ දවටාගත් බව ගම කථාවක කියා තිබේ. රාගයෙන් මත්ව මෝහයෙන් මුළාව සිටි ඒ ගමයාට අසූචි තැවරූ රෙදි කඩමාල්ල සුවඟ වූයේ ඇත්තක් නිසා නොවේ. එමෙන්ම තමුසේ කියන ධනවතා පිළිබඳ මුලාවක් ඒ හා සමානමය.
සිල්වා - හොඳයි - දේව වරමක් නිසා නොවේයයි මහත්මයා කියන්නේ මොන යුතුකමකින්ද?
මම - මිත්රොයාට එය ඔප්පුපර දෙන්නෙමි. ඔය කියන ධනවතා රුපියල් පණහට ගත් මිනිරන් හොන්ඩරය පීප්පයකට පුරවන විට උළු ගල්කැට ආදියෙන් භාගයක් පුරවා ඒ පීප්පය රුපියල් හිරසියයකට විකුන්නා නම් දෙවියන්ට යාඥා නො කළත් ලොකු ලාභයක් නොලැබේද? එබඳු ප්ර යෝගයෙන් නමුත් රුපියල් විසි තිසිදාහක් උපයාගත් පසු - මිනිරන් වෙළෙදාමට හොඳ කාලයකදී දක්ෂ මිනිහෙකුට දේව ආධාරය ඇතත් නැතත් ධනවත් වෙන්ට බැරිද?

576 ඉෂ්ට දෙවියා

සිල්වා - ඔව්, එහෙනම් පුලුවනි - නමුත් මා කියන මහත්මයා එහෙම කළ ‍බවක් මම නොදනිමි.
මම - ඔව්, තමුසේලා හේතුවක් ප්ර ත්යනයක් විමසන අය නොවෙති. පාදිලියෙක්, පූජකයෙක් කිවූ හැටියේම එය පිළිගන්නා උදවියයි. ඉතින් ඕනෑ පල් බොරුවක් තමුසේලාට විශ්වාසයි. හොඳයි සිල්වා මහත්මයා, අපි බලමු ඔය කියන මිනිහාට දෙවියන්වහන්සේ මුදල් ආදිය දුන්නා නම් ඒ සමඟ ඔහුට‍ අනිත් සැප පහසුත් ‍දෙන්ට ඕනෑ නොවේද?
සිල්වා - ඔව්, ඔහුට හොඳ ගේදොර වතුපිටි තිබුනා.
මම - බොහොම හරි. මුදල් ඇති කෙනෙකුට දේවවරමක් නැතත් බොහොම ලක්ෂණ ගෙවල් වතුපිටි හරිගස්සා ගන්ට බැරි කමක් නැත. ඒ තබා හොඳ ආහාර වර්ගත් - සැර බීම වර්ගත් පවා ලෑස්ති කරගන්ට බැරිකමක් නැත. නමුත් මා කියන්නේ ඒ පහත් අන්යතතර දේවල් ගැන නොවේ. ඔය කියන ධනවතා නිතරම ලෙඩෙක්ව සිටියා. ඔහුගේ මලයා ක්ෂ්යඔරෝගයෙන් අකාලයේ මළා. නංගිලාත් එසේ ම මළා - ඔහුත් මළා - ඔහුට පසු පරම්ප‍රාව ගෙණයාමට තරම් දරුවෙක්වත් ඉතුරු නොවිය. ඔහු මැරී මාස තුන හතර වෙන්ටත් පෙර ඔහුට දෙවියන්ගේ ආධාරයෙන් ලැබුනාය කියන සියල්ලම - හෙට්ටින්ට හිමිවුනා. ඉතිත් ඒකත් දේව කැමැත්තය - ස්වර්ගයේදී හදවා මැරෙන්ට සැලැස්සුවෙන් දෙව්යන්යයි කීමටත් තමුසෙලාට බැරිකමක් නැත.
සිල්වා - ඇත්තෙන්ම වික්ර මපාල මහතා මේ කාරනය මටත් වඩා හොඳිනි දන්නවා. අපේ මුළාව දුරුකර ගැණීමට මහත්මයාගේ මෙබඳු පරීක්ෂණ ඉතා ඕනෑකමින් මීට පසු කියවන්නෙමි”යි කියා මට අතට අත දී සිල්වා මහත්මයා දුම්රියේ නැගී කොළඹ ගියේය.

වේලාව පහට විය. මගේ කුලී මෝටෝර් රිය අලව්වට පැමිණියේය. නමුත් සවස හයහමාර වනතුරු ඩිංගිරි බණ්ඩාලාගේ ගෙදරට යාම නුසුදුසු බැවින් ඒ රථයේ ඩ්රවයිවර්ට තේවතුර බී සූදානම් වෙන්ට කියා ‍රුපියලක් දී මට පුරුදු යුරෝපීය ඇඳුමෙන් හොඳහැටි සැරසී මගේ නොයෙක් ද්රෙව්යය තිබෙන පෙට්ටියත් මොටෝරථයේ දමාගෙණ ඉතාමත් සෙමින් ඩිංගිරි බණ්ඩාලාගේ ගෙදරට පැමිණියෙමි. එදා කරුවල

පියදාස සිරිසේන නවකථා එකතුව				         577

දවසකි. ගෙදර ඉදිරිපිටටම මො‍ටෝ රථය ගිය නමුත් ඉතා ආසන්නයේ වෙන ගෙයක් නැති බැවින් කාටවත් පෙණුනේ නැත. මම රථයෙන් බැස ඩිංගිරි බණ්ඩාගේ ගෙට ඇතුල් වූ හැටියේ ඩිංගිරි බණ්ඩාත් ඔහුගේ මැණ්කේත් මවුත් යන තුන්දෙනා මා වටකරගෙණ අඬන්ටත් වැලපෙන්ටත් පටන් ගත්හ. “අනේ මහතා‍ණනි, තමුන්නාන්සේ ඇවිත් ගිය වේලේ පටන් අපට කෑමක්වත් නින්දක්වත් අස් වැසිල්ලක්වත් නැත. තමුන්නාන්සේ එනතුරු මඟ බලාගත් හැටියේම උනිමු. දැන්නම් අප සූදානම් කර තිබෙන ආහාර ටික කන්ට ශක්තිය තිබේ. තමුන්නාන්සේත් අප සමඟ අපේ කටුක ආහාරයෙන් ටිකක් අනුභව කළ මැනැවැයි කීවාම මම ඔවුන්ගේ භය දුරුවන වචන කියා ඔවුන් සතුටට පත්කොට ඔවුනුත් සමඟ රාත්රී බත්කා මාගේ රථචාර්යාටද කන්ට දී ඔවුන්ගේ ඇදුම් හා වටිනා දේ පිරවූ පෙට්ටි දෙකද රථයේ තබාගෙණ ඔවුන්ගේ ගෙදර වුන් වැඩකාරයාත් ඩිංගිරි බණ්ඩා හා මවුද භාර්යාවද යන සතරදෙනාම රථයේ නංවාගෙණ - ඒ ගෙයි දොර හොඳට වසා තබා ඒ ගම පසුවෙනතුරු රථයේ ලාම්පුද නොදල්වා කරුවලේම නාරම්මල හන්දියට ලංවෙනතුරු හෙමින් රථය පදවාගෙන ගොස් එතැන් පටන් නිසැකව රථයේ ලාම්පුත් දල්වා කුරුණෑගල පාරෙන් මහනුවරට ගොස් ඩිංගිරි බණ්ඩාගේ මෑණියන්ගේ ගෙදරට ගොස් ඔවුන් එහි නවත්ව‍ා “ඩිංගිරි බණ්ඩාර මහත්මයා ස්වකීය නිවස අත් හැට ආවාට කණගාටු නූන මැනවි. අධර්ය වාදියාට බලය තිබෙන්නේ ටික දවසක් පමණකි. ගිනි කඳක් ඇවිලී පවත්නේ ටික කලකි. නමුත් ඒ ටික කාලයේදීත් බලවත් අනතුරු කරුණු නම් නිසැකයි. එමන්ම රෞද්රන අධමයාගේ කරදරය ඉතා භයංකර වුවත් අධමයා ඔහුගේ දුෂ්ට ක්රි යාවේ විපාක වශයෙන් නො අනුමානව විනාශ වන්නේය. ඒ නිසා බණ්ඩාර මහත්මයා ඉවසිල්ලෙන් ටික කලක් ඉන්ට, එවිට සිද්ධවෙන එක බැලිය හැක. මම දැන් කුරුණෑගලට යන්නෙමි”යි කියා මොටෝරථයට නැග්ගෙමි. නමුත් මේ ඩිංගිරි බණ්ඩාගේ ජීවිතය ගැලවීම ගැන මට ස්තුතිවන්ත වුණා මිස රුපියල් 150 ක් ගෙවිය යුතු මොටෝරථ ගාස්තුව ගැනවත් මම මතක් නොකළෙමි. ස්ථානෝචිතව ක්රිංයා කරන්ට නොදත් ජනයා උඩරට තරම් වෙන කොයිබවත් නැති බව දන්නා මම ඒ ගැන‍ කොහෙත්ම කලනොකිරී නිර්දෝෂ කෙනෙකු මරණයෙන් ගැලවීමියි මහත් ප්රීාතියෙන් පිනා පිනා කුරුණෑගලයට අවුත් මගේ මිත්රි නොතාරින් මහතෙකුගේ ගෙදර එදා රෑ නැවතුනෙමි.

ඩිංගිරි බණ්ඩාට වෙඩි තැබීමට රැකගෙන ඉන්නා උක්කුවා සහ

578 ඉෂ්ට දෙවියා

හීන්හාමිත් බණ්ඩාලාගේ ගෙදර මිදුලේ තිබෙන අතුපතර ඇති කොස්ග‍හේ නැගී තුවක්කුවත් මානාගෙණ රාත්රිලයේ අටහමාරේ පටන් රැකගෙණ වුන්හ. ගෙදර දොර වසා තිබෙන බැවින් රාත්රීේ දහය වනතුරු රැක සිට ඒ අතර එලියට නාවොත් ගේවත් බිඳ මරා දමමු යන අදහසින් ඒ මිනීමරුවන් දෙදෙනා රැක සි‍ටියෝය. බණ්ඩාර හාමුදුරුවෝ හලාවතට ගොස් රාත්රීට අටට පමණ ගෙදර අවුත් බත්කාලා - උක්කුවා සහ හීන්හාමිත් ගැන විපරම් කළවිට ඔවුහු අටට පමක තුවක්කු දෙකත් රැගෙණ ගිය බව බණ්ඩාරගේ වත්තේ බංගලාවේ ඉන්න කොලුවා කී බැවින් බණ්ඩාර මොරුටුවේ තම්බිඅප්පුත් සමඟ කතාකරගත් පරද්දෙන් කුරුණෑගල සිට රාත්රී එන විට මහපාරෙදීම වෙඩි තබන්ට ඇතැයි සිතා - ඩිංගිරිබණ්ඩා නැති බැවින් ඔහුගේ භාර්යාව උදේ නුවරට පැනගණිය යන කල්පනාවෙන් ඈ බලහත්කාරයෙන් ගෙණ එන පිණිස රාත්රීප නවයට පමණ ඩිංගිරි බණ්ඩාලාගේ ගෙදරට ගියේය. එදිනද කරුවල ඇති දවසක් විය. බණ්ඩාර හාමුදුරුවෝ අන්ධකාරයේම මෙබ ඳු ගමන් ගොස් පුරුදුකාරයෙක් බැවිනුත් ඩිංගිරි බන්ඩා නැවත ඒ ගෙදරට නො ඒයයි සිතාගත් බැවිනුත් කිසි සැකයක් බියක් නැතුව ඩිංගිරි බණ්ඩාගේ ගෙදරට ගොස් ඉස්තෝප්පුපට ඇතුල්ව, “ මැ‍ණිකේ, මැණිකේ දොර අරින්ටය” කියමින් තුන්වරක් දොරට ගැසීය. කොස්ගහ උඩ රැකගෙන උන් උක්කුවා සහ හීන්හාමිත් මේ ආවේ ඩිංගිරි බණ්ඩාය යන කල්පනාවෙන් එකපාරටම වෙඩි දෙකක්ම තැබුවෝය. ඔව්හු දෙදෙනාම හොඳ ඉලක්කකාරයෝය. නමුත් ඝනාන්ධකාරයේ බැවින් ඔවුන්ගේ වෙඩිලි දෙකම කතාකළ මනුෂ්ය යාගේ ඉ‍ඟෙන් පහල වැදි කකුල් දෙකම තුවාල විය. ලොකු ඊයන් උන්ඩ දෙකම කකුල් දෙකේ දෙපලක වැදී බණ්ඩාර හාමුදුරුවෝ මරහඟ දෙමින් බිම වැටුනේය. හොරු දෙන්නා ඩිංගිරි බණ්ඩාට වෙඩි තබන ලද්දේයයි සතුටුව ගසින් බැස දුවන්ට පටන් ගත්හ. බණ්ඩාරගේ මරහඬ ඇසුනු අසල් වත්තක මුරකරුවෙක් වන පෙමියානු ඩිංගිරි බණ්ඩාලාගේ ගෙදරට ඔහුගේ ලාම්පුවත් අතින් ගෙන එනවිට තුවක්කු දෙකකුත් අරගෙණ හති දමමින් දුවන මිනිසුන් දෙදෙනා සම්මුඛවිය. මේ උක්කුවා හා හීන්හාමිත් - පෙමියානුගේ ගජ මිත්ර යන් බැවින් - එහිදීම ඔවුන් අඳුනාගෙන මොකද උක්කුවෝ උඹලා දුවන්නේ කාට වෙඩි තබාලාද - ඒ වෙඩිලි දෙක වැදුන මිනිහා මරහඬ තියනවායයි කීවාම මරණ භයින් දුවන උන් දෙන්නා නැවතී - අනේ පෙමියානු අයියේ අපි ඩිංගිරි බණ්ඩාට වෙඩි තැබුවා - උඹ නොදන්නා හැටියට පලයන්නැයි කී‍වෝය.

පියදාස සිරිසේන නවකථා එකතුව 579

එවිට පෙමියානු ඩිංගිරිබණ්ඩත් මැණිකේත් ඔවුන්ගේ අම්මාත් හතාමාරට විතර තවත් කවුදෝ මහත්මයෙක් සමඟ මොටෝ රථයකින් යන්ට ගියා - දැන් උඹලා වෙඩි තබලා තිබෙන්නේ වෙනින් කාටද බව පෙනේ. වරෙල්ලා බලන්න යන්ට කීවාම මේ මිනීමරුවන් දෙන්නා තුළ පැවති භය දෙගුණයක් වැඩිවී තුවක්කු දෙක පාර අයිනේ කානුවේ තබා පෙමියානුත් සමඟ ඩිංගිරි බණ්ඩාලාගේ ගෙදර ඉස්තෝප්පුවට පැමිණ වෙඩි කැ මිනිහා කවුදැයි බැලූහ. “අනේ! ඔවුන්ගේ බණ්ඩාර හමුදුරුවෝ! බණ්ඩාරට සිහිය නැතිව ගොහින් - ඒ ඉස්තෝප්පු‍ව ලේ විලක්ව තිබුණේය. පෙමියානු ඉක්මනින් වතුර ටිකක් ගෙණවුත් පෙව්වේය. වෙඩිපාරවල් හා තුවාල පරීක්ෂාකර බැලූවිට දකුණු කකුලේ කලවය ලඟින් කැඩී එය එල්ලාවැටෙන බවත් අනිත් කකුලේ දනඉස ලගිනි වැදුණු වෙඩි උන්ඩය ‍ඒ ඇටෙත් සිදුරු කරගෙණ විම කාවැදී තිබෙන බවත් දුටුවේය. පෙමියානු තුවාල කාරයාට කුමක් කරමුදැයි ඇසූවිට උක්කුවා හා හීන්හාමිත් බියපත්ව ඩිංගිරි බණ්ඩා විසින් බණ්ඩාර හාමුදුරුවන්ට වෙඩි තබන ලද බව මුලාදෑනියාට දන්වන්ට අපි යන්නෙමු යයි ඔවුන් දෙන්නා මුලාදෑනි ගෙදරට දිව්වෝය. පෙමියානු තුවාලකාරයාට පණ තිබෙන බැවින් කෑ ගසන්ට පටන් ගත්තේය. අහල පහල ගෙවල් නැතත් මේ වෙඩි පහරවල් හා කල බලයක් ඇසුනු වතු දෙකකට එහා වත්තේ ඉන්නා කොන්දොස්තරත් - ඒ වත්ත අයිතිකාරයා වන පෙරේරා මහතාත් තවත් තුන් හතර දෙනෙකුත් දුවගෙණ ආහ. පෙරේරා මහතා‍පගේ මොටෝරථයක් තිබෙන බැවින් එය වහාම ගෙනෙන්ට කියා පෙමියානුගෙන් තොරතුරු ඇසුවේය. එම් ගේ නම් ඩිංගිරි බණ්ඩාර මහත්මයාගේය. ඩිංගිරිබණ්ඩාෙර මහත්මයාත්. මැණිකේත්, මෑණියෝත්, තවත් මහත්මයෙකුත් සමඟ මො‍ටෝරථයකින් හතාමාරට පමණ යනවා මම දුටුවෙමිත දැන් මේ ගෙදර කවුරුවත් නැත. මේ වෙඩි තැබීම කරණ ලද්දේ මේ වෙඩිකාලා ඉන්නා බණ්ඩාර හාමුදුරුවන්ගේම වැඩකාරයන් දෙන්නා විසින්ය. මම එහා වත්තේ ඉඳලා මරහඬ අසා දුවගෙණ එනකොටම තුවක්කු දෙකත් අරගෙණ උක්කුවාත් හීන්හාමිත් දුවනවා දැක වෙඩි තිබ්බේ කාටදැයි ඇසුවාම ඩිංගිරි බණ්ඩාටය - පෙමියානු කාටවත් කියන්ට එපා යයි මට කීවා - ඩිංගිරි බණ්ඩා මෙහි නැත. උඹලා වෙඩි තබලා තිබෙන්නේ වෙන කෙනෙකුටයයි කීවාම ඔව්න් මාත් සමඟ අවුත් බැලුවාම ඔවුන්ගේම හාම්පුතා වන බණ්ඩාර හාමුදුරුවන් බව අවුත් බැලුවාම ඔවුන්ගේම හාම්පුතා වන බණ්ඩාර හාමුදුරුවන් බව දුටු හැටියේ - ඩිංගිරිබණ්ඩා විසින් බණ්ඩාර හාමුදුරුවන්ට වෙඩි තැබුවායයි මුලාදෑනියාට කියන

580 ඉෂ්ට දෙවියා

පිණිස දිව්වාය”යි පෙමියානු ‍ඒ සභාවේ ඇත්ත කීවේය. පෙරේරා මහතා කාරණා කාරණා දත් වැදගත් මහතෙක් බැවින් වෙඩි කා මරණාසන්නව ඉන්නා බණ්ඩාරට පළමුවෙන් ප්රෙතිකාරය කොට ඉක්බිති පෙමියානුගේ කීම ලෙස කානුවේ දමනලද තුවක්කු දෙකද එහි දමාගෙණ යන්ට පිටත්වෙන කොටම උක්කුවා සහ හීන්හාමිත් මුලාදෑනියාත් ආ බැවින් ඔවුන් තුන්දෙනාම පෙමියානුද එම මොටෝරථයේම දමාගෙණ කුරුණෑගලට ගියහ. තුවාලකාරයා ආරෝග්යද ශාලාවට භාරදී උක්කුවා හා හීන්හාමිත් පොලීසියට භාරදී සිද්ධ වූ ප්රආවෘත්තිය පෙමියානු ලවා කියෙව්වේය. පොලිස් නිලධාරී මහතා ඇත්ත නොකීවොත් තොපි දෙන්නාට හොඳ නම්බු ලැබෙනනවාය කීවාය මොකවත් නොසඟවා සිද්ධවූ තොරතුරු කීවෝය. මුලාදෑනියාට ඔවුන් දෙන්නා කිවූ බොරුවද ඒ ඇ කීවේය. පොලීසිය විසින් ඒ අධමයන් දෙදෙනා හිරබාරයට ගන්නා ලදී. ආරෝග්යව ශාලාවේ දොස්තර මහතා බණ්ඩාරගේ තුවාල ඉතා බලවත් බැවින් ඔහුට ශල්යරකර්මයක් කර ප්රාතිකාර කරන ලදී. පසුවදා උදේම හතුරෙකුට තැබ්බවූ වෙඩිල්ල තමාටම වැදීමෙන් ධනවත් බණ්ඩාර කෙනෙක් මරණාසන්නව ආරෝග්යා ශාලාවේ ඉන්නා බව නගරයේ පැතිර ගියේය. එදා උදේම පළමුවෙන්ම මට අසන්නට ලැබුණු ආරංචියත් එය බැවින් මගේ හිත මහත් චංචල භාවයට පැමිණ මගේ මිත්රු නොතාරිස් මහතා මට මුහුණ සොදාගන්ට පෙරැත්ත කරද්දීම “ අනේ රාළහාමි, මුහුණ සොදාගැණීමට තව කල් තිබේ. අසන්ට පුදුම භයානක ආරංචියක් මේ දැන් මා විසින් අසන ලදී. කර්මයේ විපාක ඉක්මණින්ම පළදෙන ස්ථාන එකක් දෙකක් නොව සියලක්ෂයකටත් වැඩියි. ඒ එසේද වුවත් - මේ ලෝකයේ මිනිසුන් කර්මයට විපාක දෙන බවක්වත් නොසිතා භයානක අපරාධයත් අයුතු ක්රිකයාත් කරති. ඊයේ ‍රාත්රීආ වෙඩි කා මරණාසන්නව ආරෝග්යයශාලාවට ගෙණ ආවයි කියන බණ්ඩාර ඔහු‍ගේ ගමේ ඉන්නා අහිංසක මිනිහෙකු මරන්ට තැත්කර කර සිටියේය. ඒ බණ්ඩාර අවුරුදු විසිපහකට වැඩි වයස් ගතයෙක් නොවේ. නමුත් ඒ සුළු කාලය තුළ කර තිබෙන අපරාධවල ගණන අවුරුදු විසිපහ දවස් කළාම නොව පැය කළාම ලැබෙන ගණනටත් වැඩිය. මේ විධියේ මරන්නට වීරිය කලේ ඩිංගිරි බණ්ඩා නමැති නිර්දෝෂ මිනිහෙක්ය. ඒ අය මැරීමට හේතුව ඔහුගේ තරුණ භාර්යාව දූෂ්යි කිරීමට ඉඩ නුදුන් වරද පමණකි. ඉතින් සත්කෝරළේ ලොකු අප්පු හාමිගේ විපත්තියක් සොයන මම අප්රනසිද්ධ බත් කඩේක නිදද්දී මිනීමරුවා සිහිනෙන් කී වචනයක් එස්සේ ගොස්-

පියදාස සිරිසේන නවකථා එකතුව 581

යන්තම් කාරණය සොයාගෙණ - මැරුම් කන්ට සිටි අසරණ ඩිංගිරි බණ්ඩාත් ඔහුගේ භාර්යාව හා මෑණියනුත් ඊයේ රාත්රී් නවයට නුවරට ගෙණගොස් දමා මම මෙහාට ඊ‍යේ රෑ ආවෙමි. ඩිංගිරි බණ්ඩා හා පවුල නුවරට පැමිණි පැයක් යන්ට ප්ර ථම මිනීමරුවන් දෙදෙනා ඩිංගිරිබණ්ඩා වෙනුවට ඔවුන්ගේ ස්වාමියා වන බණ්ඩාට වෙඩි තබා තිබේ. අනේ රාළහාමි බලන්ට කර්මවිපාකයක හැටි! මේ වෙඩි කෑ බණ්ඩාර ස්වකීය මුදලෙන් රුපියල් පන්සියකුත් දී ස්වකීය තුවක්කුවත් දි ස්වකීය සේවකයන් ලවාම වෙඩි තබවා ගත් හැටි පුදුම නොවේද? කර්මයට විපාක නැත සිතා අධර්ම ක්රිසයාකරණ අඥාන මනුෂ්යද තිරිසනුන්ට නින්දාවේවා!” කියා මම රාළහාමිත් සමඟ මුහුණ සෝදා උදේට ගතයුතු ආහාර පානත් රැගෙන ඉස්පිරිතා‍ලයට ගියෙමි. මා යනකොට බණ්ඩාර ගේ දකුණු කකුල කලවය ලගින ද අනිත් කකුග දහඉහ ලගින් ද කපා දොටයක් මෙන් සිටියේය. ඔහුට සිහි නැත්තේය. එබැවින්න දොස්තර මහතාගෙන් ‍තොරතුරු ටිකක් අසා පොලීසියට ද ගියෙමි. එහි මා අඳුනන කීප දෙනෙක්ම ඉස්නා බැවින් මිනීමරු චන්ඩාලයනාද බලා නඩුව අසන දිනට නැවත එන්නෙමියි සිතා ගෙණ ලොකු අප්පුහාමිලාගේ ඉෂ්ටදෙවියා සොයන අදහස පිට දවල් දුම්රියේ නැගී නුවරට යන්ට ගියෙමි.

14. පරිච්ඡේදය

කලින් එක් දිනක් නුවරදී මම සම්මුඛව ස්වකීය සහෝදරයාගේ විනාශයට හේතුව සොයා දෙන්ට යය කී වික්රමමසිංහ දුම්රිය පළේදීම සම්මුඛවී මාත් සමඟ ‍හෝටලයට ගොස් නැවතත් ස්වකීයා ස‍හෝදරයාගේ විනාශය කියන්ට පටන් ගත්තේය.

“ වික්රෝමපාල, මහත්මයා, අපේ අයියා පසුගිය මාසයේදී ණයව තිබුනු රු. 47000 ගෙවීමට රුපියල් ලක්ෂයක් පමණ වටිනා පොල් වත්ත රුපියල් 60000 කට විකුණා ඒ ණය බේරුවා. ණය බේරලා මාසයකට ‍වඩා පහුවුනේ නැත. රුපියල් 60000 න් 47000 ක් ගියාම රුපියල් 13000 ක් ඉතුරුයි. ඒ දහතුන් දාහත් ඉවර වී නැවතත් ණය ගන්නා බව පෙනේ. ඉතින් වික්රයමපාල මහතාණෙනි, මේ පුදුම රහස සොයා දෙන්ට - මිනිහා කරණ බලවත් දුශ්තරිතයක් - එනම් සුදු සෙල්ලම් ආදියකුත් නැත. ටිකක් “අඩි ගහන එක නම් හැබැයි. නමුත් එක මාසෙන්ම රුපියල් 13000 ක් නාස්ති කළේ කොහොමද? කරුණාකර

582 ඉෂ්ට දෙවියා

මේ රුපියල් 500 ගන්නටය” කියා රුපියල් සීයේ නෝට්ටු පහක් මා අතේ තැබුවේය. මෙය ඉතා සුළු කාරණයක් බැවින් දවසකින් දෙකකින් සොයා ගත හැකි නිසා - ලොකු අප්පුහාමිගේ ඉෂ්ට දෙවියා සෙවීම ටික දිනකට කල් දමාලාවත් මේ කාරණය සොයමියි සිතා රුපියල් 500 සාක්කුවේ ලා ගෙණ “හොඳයි වික්රකමසිංහ මහත්මයා තමුසේලාගේ අයියාගේ අනිෂ්ට දෙවියාත් සොයා දෙන්නෙමි. මම අහන ප්ර්ශ්නවලට තමුසේ දන්නා හැටියට අවංකව උත්තර දෙන්ට.

මම - තමුසේලාගේ අයියා ඇතුළු ඔහුගේ පවුල පදිංචිව ඉන්නේ වෙන ගේද ද තම‍ුසේලාත් සමඟ එකම ගෙදරද?
වික්ර ම - අපි සියල්ලෝම එකට පදිංචිව සිටිමු. අපේ “මම්මා, ග්රෑ න්ඩි මම්මා, අවිවාහකව ඉන්නා ලෙඩ සහිත අපේ අක්කා, අයියා, ඔහුගේ භාය්යාරමුසව, දරු සතරදෙනා සහ මමද වැඩකාරියක් හා වැඩකාරයන් තුන් සතර දෙනෙක්ද එකම ගෙදර එකට කමින් බොමින් වාසය කරණවා. ඒ අපේ ගෙදර පවතිනා අන්දමින් අදික වියදම් යන බවකුත් නොපෙනේ.
මම - හොඳයි, තමුසේලාගේ සහෝදරයාගේ භාර්යාව නිතර ආශ්රවය කරන්නේ කවුද - නිතරම යන්නේ ‍කාගේ ගෙදරකටද?
වික්රේම - ‍අපේ සහෝදරයාගේ භාර්යාව - අවුරුදු දෙකකට පමණ ඉහත ජෝසප් නම් ලංසි මහත්මයාගේ නොනාත්සමඟ පල්ලියේදී මිත්ර ව තිබේ. එතැන් පටන් ඒ මිත්රතකම ඉතා දැඩි එකක්වී තිබේ. ඉතින් ඒ ජෝසප් නෝනා සතියකට වරක් දෙකක් අපේ ගෙදරටත් එනවා. අපේ අයියාගේ නෝනත් ඔවුන්ගේ ගෙදරට සතියකට වරක් දෙකක් යනවා. ජෝසප් මහත්මයාත් නෝනාත් බොහොම හොඳ “සීලාචාර” අය.
මම - හොඳයි, ජෝසප් නෝනා තමුසේලාගේ ගෙදරට එනකොට ජෝසප් මහත්මයාත් සමඟ එනවාද?
වික්ර ම - ඔව්, ඉඳහිටලා එහෙමත් එනවා - සමහරදාට ඒ නෝනා පමණක් එනවා.
මම - ජෝසප් මහතාගේ රක්ෂාව කුමක්ද? ඔහු සැපසේ කල් යවන සිත්වූ පරිදි වියහියදම් කරණ කෙනක්ද?
වික්රූම - ඔව්. බොහොම හොඳින් කල් අ‍රිනවා. ඔහුගේ ගෙදර තිබෙන දැව භාණ්ඩම රුපියල් හාර පන්දාහකට වඩා වටිනවා. ඔහුට

පියදාස සිරිසේන නවකථා එකතුව 583

නියම රක්ෂාවක් නම් නැහැ. ඔහුට බූදලයක් තිබෙනවාද කියා මම ඇසුවේ නැහැ. නමුත් මසකට රුපියල් හත් අට සියයකටත් වඩා වියදම් කරණ බව නම් පේනවා.

මම - හොඳයි, ඒ ඇති, තමුසේලාගේ අයියා නිතර ආශ්රිය කරණ මිත්රේයා කව්ද? අයියා නිතර යන එන ගෙදර කොහේද? එහෙම තැනක් තිබෙනවාද?
වික්රවම - අයියා නිතරම ආශ්රහය කරන්නේ ගුණවර්ධන මහත්මයායි. ඔහු හොඳ භක්තිවන්ත ක්රිිස්තියානි කාරයෙක්. “පමණ දැන ගෙණ” මත්පැන් ටිකක් බොනවා මිස වෙන කිසි වරදක් කරණ නෙනෙක් නොවෙයි. අපේ අයියා වෙන කොතනට වත් යන්නේ නැහැ. ඉඳ හිටලා ‍යතොත් යන්නේ ගුණවර්ධන උන්නැහේලාගේ ගෙදරට පමණි.
මම - ගුණවර්ධන පවුලත් ජෝසප් පවුලත් යන පවුල් දෙක ඇයි හොඳයි කිය මිත්රවයන් බව වික්රලමසිංහ මහතා දන්නාවාද?
වික්ර ම - ඔව්, බොහොම මිත්රමයි. ගුණවර්ධන නෝනාත් ජෝසප් නෝනාත් නිතරම එකට ඇවිදිනවා. පදිංචිය විදි දෙකක උවත් නිතරම ආශ්රමය කරණ බව මම දනිමි.
මම - ඉතින් ඇති වික්රිමසිංහ මහත්මයා. මට නම් කාරණය වැටහුනා නමුත් එය ඔප්පුකර නොදී නිකම්ම කිව්වාට වැදගැම්මක් නැත. තමුසේලාගේ අයියා නය වෙන්නේ තමුසේලාගේ පවුලටම වියදම් කර නොවේ. තවත් පවුල් දෙකකට අධික ලෙස වියදම් කිරීමෙනි. හොඳයි තමුසේ හෙට උදේ මෙහාට එන්ට - අද රාත්රීන හුඟක් දුර මම මේ කාරණය විබාගතර දැනගන්නෙමියි කියා වික්ර මසිංහව යවා මම මගේ ඇඳුම් වෙනස්කර මුහුණ අතපය සෝදාගෙණ තේවතුර බී සනීප පිටුවක් පිට වාඩිවී කල්පනා කරන්ට පටන් ගතිමි. මම බ්රෝවකර වෙසක් ගතිමි. කඩුගන්නාව අසල කුඩා රබර් වත්තක් විකුණන්ට තිබෙනවා කියා එය අතපිට හෝ එසේ ගැනීමට කෙනෙක් නොලැබුනොත් ප්රාසිද්ධ වෙන්දේසියේ විකුණන බව කියා දැන්වීමක් පිළියෙන කොට අච්චු කන්තෝරුවකට දී එයින් දැන්වීම් පත්රක 10 ක් මුද්රකණය කරවා ගතිමි. “අබර්ඩීන් පෙරේරා වෙන්දේසිකාර බ්රෝකකර්” යන නමක් ‍එහි යොදා ගතිමි. පසුදින සෙනසුරාදා උදේ යුරෝපීය ක්ර‍මයට හොඳින් ඇඳ පැළඳ ගෙණ

584 ඉෂ්ට දෙවියා

මුද්රදණය කරපු දැන්වීම් කොළත් සාක්කුවේ දමාගෙණ වික්ර මසිංහ මට කියාදී තිබුනු හැටියට ගුණවර්ධන ගෙදර සොයාගෙණ ගියෙමි. මා යන කොට එහි කීප දෙනෙක් වුන්හ. හොඳට ඇඳ පැළඳගත් ගුණවර්ධනද ඉස්තෝප්පුවේ හාන්සි පුටුවක් පිට උන්නේය. මම ඔහුට ආචාර කොට “මම කොළඹ බ්රොහකර් කෙනෙක්.කඩුගන්නාවේ කුඩා රබර් වත්තක් විකිණීමට මට භාරදී තිබේ.මහත්මයාට කුඩා රබර් වත්තක් උවමනා බව මට ආරංචියි. එසේ නම් මෙය බලන්ටය” කියා මා අතේ තිබුනු දැන්වීම් කොළ වලින් එකක් ඔහුට දුනිමි. ඔහු මට වාඩිවෙන්ටය කියා දැන්වීමක් රැගෙන ගෙට ගියේය. ඔහු විසිත්ත කාමරයත් පසුකර කුස්සිය පැත්තටම ගිය බැවින් මම විසිත්ත කාමරය ආදී ගෙයි විස්තර බලා ගතිමි. මා එසේ බලන විට වැඩකාරයෙක් ද එලියට ආවේය. මම ඔහු දෙස බලා “උඹලාගේ මහත්මයා රක්ෂාවට යන්නේ කොහාටදැ”යි ඇසුවෙමි. ලෙඩ සහිත ඒ මෝඩයා කටහැකරයෙක් බැවින් එක වචනයකින් දියයුතු උත්තරයක් වෙනුවට “‍අපේ මහත්මයා දැන් කිසිම රක්ෂාවක් කරන්නේ නැත. ඉස්සර ටී මේකර වැඩේ කළා. නුවරට ඇවිත් දැන් අවුරුදු හතරක් වෙනවා, නමුත් කොහේවත් වැඩක් කරන්නේ නැහැ. සවස හයට විතර ඇවිදින්ට යනවාය”යි කිවේය. මොහු මෙසේ කතා කරණවිට ගුණවර්ධනත් ඔහුගේ තරුණ නෝනාත් දැන්වීම් පත්ර යක් රැගෙන ඉස්තෝප්පුවට අවුත් මට කථා කොට “මිස්ටර් පෙරේරා, අපට රබර් වතු පොඩ්ඩක් උවමනා කර තිබෙන ‍එකනම් හැබෑ නමුත් අහේතුවට මෙන් දැන් මුදල් හිරවී තිබෙනවා. මෙච්චර දවසක් තබාගෙණ තිබුනු රුපියල් දස දහක් ඊයේ පොලියට දුන්නා. හොඳයි ඒ මුදල වෙන කෙනෙකුගෙන් ගන්ට හෝ වෙනින් මුදලක් ලබාගන්ට හෝ අපි බලන්නෙමු. මිස්ටර් පෙරේරා හෙට සවස එන්ටය”යි කියා මට සිගරට් එකකින්ද සංග්රමහ කළෝය. මම සිගරට් එකත් රැගෙන “ඔලුව වනමින්” ජෝසප් උන්නැහේලාගේ ගෙදරට ගියෙමි. මා යනකොට එතන කුඩා කෝලහලයක් - ඉස්තෝප්පුවේ වීදුරු දොරවල් වසා තිබුණේය. ජෝසප් උදේම අ‍ඩියක් ගසා ‍ටිකක් සැ‍රවෙලා නෝනා ඊ‍යේ රෑ මිත්රඅ ගෙදරක ගොසින් ආ හැටියේ දෙන්නාටම කේන්ති ඇතිව ඉංගිරිසියෙන්

පියදාස සිරිසේන නවකථා එකතුව 585

බැණගන්නවා. නිසොල්මනේම ඉස්තෝප්පුවේ ඉඳගෙන අසා ගතිමි.

ජෝසප් - මම අර නෝනාගෙන් වදකරලා ලබාගත් මුදල් ටික නුඹේ යාලුවන්ඩ දීලා විනාශ කරනවා. නුඹට මම හොඳ වැඩක් කරන්නා.
නෝනා - ඒ නෝනා යාලුකර දුන්නේ උඹේ කවුද - මගේ හපන් කමෙන් කළ වැඩේ නොවේද? වෙන ලෝකයේ කිසිම භාර්යාවක් කරණ වැඩක් ද මම කළේ - මම ඒකවත් පංතාරුතු නොකළා නම් - උ‍ඹ තවමත් සපත්තු මහනවා නොවේද? දැන් මහත්මයෙක් වාගේ ඉන්ට සලස්වා දීලාතක් උඹේ ආඩම්බර! තවත් නොයෙක් කරුණු කතාකර ඉවර වෙනවාත් සමගම මම සපත්තු දෙන ශබ්ද කෙළෙමි. එවිට ජෝසප් නෝනා ඉස්තෝප්පුවේ වීදුරු දොර ඇර එලියට අවුත් “මොකද, කාව සම්බවෙනටදැ’යි මගෙන් ඇසීය. මම යටහත් පහත් කමක් දක්වා “මම කොලඹ බ්රෝදකර කෙනෙක් - කඩුගන්නාවේ පුංචි රබර් ඉඩමක් විකිණීමට මට බාරදී තිබේ. නෝනලාට රබර් වත්තක් උමවනාකර තිබෙනවා යයි මට ආරංචියි. ඒ නිසා විපරම් කරන්ට ආවෙමි”යි කියා මගේ සාක්කුවේ තිබුනු ඉංග්රීුසියෙන් මුද්රිරත කුඩා දැන්වීම් කැබැල්ල ඈ අතට දුනිමි. ටිකක් නොසන්සුන් ගතියෙන් වුන් ජෝසප් නෝනා දැන්වීම කියවා බලා “අපට රබර ඉඩමක් ඕනෑකර තිබෙන බව උඹ සමඟ කීවේ කවුදැ”යි ටිකක් ගොරෝසු ලෙස මගෙන් ඇසුවේය. එවිට මම ඉතා සංසුංලීලාවෙන් “එහා වීදියේ ඉන්නා ගුණවර්ධන මහත්මයාත් නෝනාත් මට කීවා. නෝනාට වෙනින් සිංහල නෝනා කෙනෙකුගෙන් බොහෝම සල්ලි ලැබී තිබෙන බවත් දැන් රබර් ඉඩමක් සොයන බවත් ඉෂ්ට දෙවියෙක් දෙන්නාවාගේ ඔහොම මුදල් ලැබෙන කාටත් රබර් වතු ගතහැකි බවත් කියා මට මෙහාට එන්ට කීවාය”යි කියනකොට - මිනිහාත් සමඟ රන්ඩු වෙමින් සිටි ජෝසප් නෝනාට මහත් ‍කෝපයක් ඇවිත් - ගුණවර්ධනට මම හොඳ වැඩක් කරන්නෙමි. අපට සිංහල නොනා කෙනෙක් දෙන ගණන් වාගේ හත්අට ගුණයක් ඔවුන්ට සිංහල මහත්මයෙක් දෙන බව දන්නවා - ඒකී ඔය විත්තිය කීවේ මගෙන් දෙකක් අහගන්ටයි. උඹ පලයන් අපට ඕනෑ රබර් වත්තක් නැහැ. මම

586 ඉෂ්ට දෙවියා

දැන් ගුණවර්ධන ගෙදරට ගොහින් දෙකක් කතාකරන්නෙමි”යි කියා හැපින්නියක් වාගේ ‍ගේ ඇතුළට ‍වැදී දබර කරමින් සිටි මිනිහාත් සමඟ මොනවාදෝ කතා කරන්ට පටන් ගත්තේය මම එකපාරටම වීදියට පැන අසල තිබුනු රික්ෂෝ රථයක් ගෙන්වා එහි නැගි මිනිත්තු පහකින් හෝටලයට ගියෙමි. මා යන කොටත් තරුණ වික්රමමසිංහ එහි අවුත් සිටියේය. ඔහු මා දුටු හැටියේම “ මොකද වික්ර මපාල මහත්මයා, අපේ පවුල විනාශවීමට හේතුව සංඥාවක් දකින්ට ලැබුණාදැ”යි ඉතා ඕනෑ කමින් ඇසුවේය. කාරණය තත්වූ පරිදි අල්වාගෙණ ප්රී්තියෙන් ඉන්නා මම “ඔව් ටිකක් ඉන්ට, මම මගේ වේසය මාරුකර එන්නෙමි”යි කියා මගේ කාමරයට දුවගොස් මා ඇඳගෙණවුන් යුරෝපීය ඇඳුම් ගලවා වඩුරාළ කෙනක් මෙන් කිලිටු පාහේ සරමකුත් එතනිත් මෙතනින් ඉරීගිය බැනියමකුත් ඇඳගෙන කු‍ඩා කියත, මිටිය, නියන, අතකොළුව ආදිය ගෝනි කැබැල්ලක ඔතන ලද ආවුද මිටියත් රැගෙන සොල්දරයෙන් බැස අවුත් තරුණ වික්රතමසිංහට කථාකොට මට දැන් වැඩි වේල්වක් කතා කරන්ට කල් නැහැ. මහත්මයා කරුණාකර ගුණවර්ධනලාගේ ගෙට අල්ලාපු ගෙදර ඉස්තෝප්පුවේ ඉන්ට. හැබැයි කාටවත් ‍දැන නො ගන්ට මමත් ගුණවර්ධපනලාගේ ගෙදරට එන්නෙමියි කියා වික්රඅමසිංහ රික්ෂෝ රථයකින් එහි යවා මම ආවුද මිටිවත් කර තබාගෙන ගුණවර්ධනලාගේ ගෙයි ඉස්තෝප්පුවට ගොඩවැදී වසා තිබුනු වීදුරු දොරට වරක් දෙකක් ගැසුවෙමි. ගෙයි මොකක්දෝ කටයුත්තක් කරමින් සිටි ගුණවර්ධන නෝනා දොරට තට්ටු කරමින් සිටි මා බලා මඳක් දොර ඇර “ මොකද ය‍කෝ දොරට ගහන්නේ - උඹට වැදගත් ගේවලට අවුත් ඔය විදියට දොරට ගහන්න පුළුවන්දැ”යි ඇසීය. මේකිව තව ටිකක් කුපිත කරණ අදහස් ඇති මම “මම වඩුරාළ කෙනෙක් - නොනාට මොනවද බඩු වගයක් රෙපරේරු කරවා ගන්ට උවමනාවක් තිබෙනවාය කියා එහා වීදියේ ජෝසැප් නෝනා මට එන්ට කීවා - ඒක නිසා ඇවිත් දොරට තට්ටු කළා මිස ම‍ගේ ඕනෑ කමකට නොවේය”කීවෙමි. මේ වචන ඇසීමෙන් අධික ලෙස කිපුනු ගුණවර්ධන නෝනා “ අපේ ගෙදර කැඩුනු බඩු රෙපරේරු කරන්ට තිබෙන බව උඹට කිවු ජෝසැප් නෝනාට මිස මෙහේ රෙපරේරු කරන්ට මොකවත් නැහැ. හිඟා කකාවුන් කැරපොත්තී මට හම්බ වුණොත් - උඹව මෙහි එවා අපට කළ “ඔච්චමට” හොඳ අච්චුවන් කරණවාය”යි කියනකොටත් හැපින්නියමක්මෙන් කිපුනු ‍ජෝසැප්

පියදාස සිරිසේන නවකථා එකතුව 587

නෝනා රික්ෂෝ රථයකින් අවුත් ඉස්තෝප්පුවට ගොඩනැගුණේය. ජෝසැප් නෝනාට මා කිවූ වචන නො ඇසුන නමුත් ගුණවර්ධන නෝනා අන්තිමට කියාපු වචන එනම් “අපේ ගෙදර කැඩුනු බඩු රෙපරේරු කරන්ට තිබෙන බව උඹට කිවූ ජෝසැප් නෝනාට මිස මෙහේ රෙපරේරු කරන්ට මොකවත් නැති - හිඟාකකාවුන් කැරපොත්තී මට සම්බවුනොත් උඹව මෙහි එවා අපට කළ “ඔච්චමට” හොඳ අච්චුවක් ක‍රණවාය” යන වචන ඇසුනු ‍‍ජෝසැප් නෝනාට - බ්රෝුකර් වශයෙන් මා කී වචනත් මේ ගුණවර්ධන නෝනා කියන්ට ඇති බව වැටහී - මා ඒ ඉස්තෝප්පුවේ ඉන්නා බවත් නොසලකා, “ආ චණ්ඩාලියේ මම හිඟාකකාවත් නුවර හිටියා. තී කොතනද ලැයිමක ඉඳලා දැන් ‍ලොකු වලව්වක ඉන්නේ පුරුෂයාත් සමඟ එකතුව - අර පවුල්කාර වික්රකමසිංහ රවටාගෙණ ඔහුගේ ධනය කොල්ලා ගණිමින් නොවේද? තී අද උදේ අපේ ගෙදරට බ්රෝවකර කෙනෙක් යවා - සිංහල නෝනා කෙනෙක් දීපු මුදල් බොහොම තිබෙනවාය - රබර් වත්තක් ගන්ට ලෑස්තිව ඉන්නවාය කීවේ - අපට නෝනාගෙන් රුපියල් දහයක් ලැබෙනකොට - තිට ඒ නෝනාගේ මහත්මයාගෙන් පන්සියයක් ලැබෙනවා නොවේදැ”යි බැල්ලියක් බුරන්නාක් මෙන් කීවාය. ගුණවර්ධන නෝනාත් මිනිහාට කුට්ටුකර දී අගේ දේපල කොල්ලකාගන්නා කැරපොත්තී තිගේ කට කඩනවාය”යි කීවාය. ගුණවර්ධන නෝනාට වඩා කට හැකර ජෝසප් නෝනා - “අනේ බොල තිගෙත් - තිගේ මිනිහාගේත් විත්තිය කාට කියන්නටද? තී ලජ්ජා නැතුව ඒ මෝඩ වික්රනමසිංහව රවටාගෙණ දැනට රුපියල් විසිතිස් දාහකට වඩා ගත්තා නොවේද? ඔහුගේ ගෙදර තිබුනු තරම් රත්රන් බඩු ගෙන්වා ගත්තා නොවේද? අනිකක් තබා ඔහුගේ කුඩා දියණියට කවුදෝ තෑගි කළ බ්රිවලියන්තු ඔරල්අතු දෙක පවා තී ගෙන්වා ගෙණ ලොකුවට කනේ දමාගෙණ ගමන් බිමන් යනවා නොවේද? වික්රොමසිංහ ඉඩම විකුණා ගත් මුදලෙන් ඉතුරුවූ ගණන තී ගෙන්වාගෙණ ඒ මුදල් පොලියට දුන්නා නොවේද? තී කරණ අපරාධයක් තීට වාල්වී ඒ මෝඩ වික්ර මසිංහ කරණ අයුත්තක් හොඳටම දැනගත්තාට පසු ඔහුගේ නෝනා ඈට කැමති කෙනෙකුට ‍රුපියල් හාරපන්දාහක් දුන්නාට තිට බොහොම අමාරුයි. තිගේ විත්තිය කීවොත් බල්ලෝ බත් කන්නේ නැහැ. දැන් තිගේ මිනිහා කලිසනුත් අඳින මහත්තයෙක්ය”යි කියා එලියට බැස රික්ෂෝ රථයේ නැග ගියේය. මේ කතා සියල්ලම අල්ලාපු ගෙදර ඉස්තෝප්පුවේ

588 ඉෂ්ට දෙවියා

ඉඳගෙණ අසාගත් වික්ර මසිංහට ඉවසිලි නැතිව ගොස් පාරට බැස මට කථාකොට “එන්ට මහත්මයෝ - වඩුරාළගේ වේශයෙන් සිටියත් තමුන්නානසේ හැබෑ මහත්මයෙකි. අපේ පවුල විනාශ කළ දුෂ්ට හැතිරියන් දෙන්නා එකවිඩේ අල්ලා දුන් තමුන්නාන්සේට මොනවා දුන්නත් මදිය” කියා මට එතැනදීම ස්තුතිකොට තරුණ වික්රටමසිංහ ගෙදර ගියේය. මම රික්ෂෝ රථයක නැගී ‍හෝටලයකට ගොස් මා රැගෙණ වුන් වඩු වේශය ඉවත්කොට මගේ පුරුදු ඇඳුමත් ඇඳගෙණ මා විසින් මරණයෙන් ගලවනලද තිලකරත්න නමැති තරුණයාගේ තොරතුරු දැනගන්නා පිණිස කඩුගන්නාවට පිටත්වුනිමි. මගේ කළමනා සහිත පෙට්ටියත් රැගෙන මොටෝ රථයකින් ගමන් ගත් මට “හුලවාලි” මිනිසුන් ඉන්නා ගම ලඟදී - තිර්ක්කලයකින් එන තිලකරත්ත මුණගැසුනේය. ඔහු මා දුටු හැටියේ කරත්තය නවත්වා බැස මට ආචාර ‍කළේය. මමද මොටෝ රථය නවත්වා එහිම ඉඳගෙණ ඔහුත් සමඟ කථා කෙළෙමි.

මම - කොහොමද තිලකරත්න උන්නැහේ දැන් සනීපෙන් සතුටෙන් ඉන්නවාද?
තිලක - අනේ මහත්මයාට බුදුබව ලැබෙන්ට මම දැන් ඉතාමත් සතුටෙන් ප්රීවතියෙන් කාලය ගත කරණවා. මා ග‍ඟේ පැන මැරෙන්ට තැනුවේ ලිලීගේ ප්රේනමය විශ්වාස කරගෙණමයි. නමුත් දැන් තමුන්නාන්සේගේ කීම් ඇස් ඉදිරිපිට ඔප්පුවුනා.
මම - ඒ මොකක්ද?

තිලක - “ප්රේසමයයි” කියන්නේ රාග චේතනාව නිසා හටගන්නා මුළාවක්යයි තමුන්නාන්සේ මට කියාපු වචනය ඉර හඳ මෙන් මට වැටහුනා. ලිලී මුලදී මට දැක්වූ ප්රේමමය ඇත්තෙන්ම මට දරාගන්ට බැරිතරම් වුනා - නමුත් මට වඩා වටිනාකම ඇති යුරෝපීය ක්රිමයට සැරසුනු ඩිස්පැන්සර් දැකපු හැටියේ ඒ මට තිබුනු ප්රේිමය ගිනි වැදුනු පුළුන් මෙන් භෂ්මකර දමා ඒ ඩිස්පැන්සර්ට ප්රේිම කළා - ඉතින් ඔහු සමඟ කසාද බැඳ මාස දෙකක් යන්ටත් ප්රටථම ඔහුත් එපාවී - දැන් ගෙදර ඇවිත් ඉන්නවා. ලිලීගේ ප්රේතමයත් මහවැලි ‍ග‍ඟේ වතුර ගැලීමත එක හා සමාන බව මට තේරුනා.

මම - ඉතින් ඔය දුෂ්ට ලිලී නිසා මිත්ර යාට මුළු ලෝකේම ඉන්නා ස්ත්රීගන් එපාවුනාද? දැන් විවාහ වන කල්පනාවක් නැද්ද?

පියදාස සිරිසේන නවකථා එකතුව 589

තිලක - ඇත්තෙන්ම වික්රිමපාල මහතාණෙනි. මට නම් එබඳු කල්පනාවක් නැත. ප්රේ‍මය යනු මුළාවක් බව මට හොඳටම තේරී තිබේ.
මම - ඇයි මිත්රවය - ‍ලෝකනාථවූ තථාගතයන් වහන්සේ සර්වඥතා ඥානයෙන් දැන වදාළ කාරණයක් කවදා වෙනස් වේද ?
“පෙමතො ජායතී සොකො
පෙමතො ජායතී භයං
පෙමතො විප්ප මුත්තස්ස
නත්ථි සොකො කුතො භයං”

‍ වදාළ ඒ ලෝකනාථයන් වහන්සේගේ උතුම් වචනය එසේමයි. ප්රේ්මය නිසා සෝක උපදී - ප්රේුමය නිසාම භයත් උපදී - ඒ ප්රේතමය හිතින් පහකළ තැනැත්තාට සෝකයත් නැත්තේය - සෝකය නැතිවී නම් කුමන භයක්ද” - ප්රේතමය යනු කාම ‍රාගය උත්සන්න තරමට හිතේ අටගන්නා ව්යාහධියකි. ස්ත්රීක පුරුෂාදීන්ගේ එකම චේතනාව දුර්වල වන තරමට ඒ ප්රේ මය හෙවත් ආදරයද දුර්වල වේ. විවාහ වියයුත්තේ ලෝක සම්මත චාරිත්රේ ධර්මයක් පිණිසත් තපස් රැකී‍මට තරම් පින් නැත් අයට සුචරිත ධර්මය රැකීමට උපාය මාර්ගයක් වන පිණිසත් ලෝකයේ උසස් මනුෂ්යන පරම්පරාවක් ඇතිවන පිණිසත්ය. ඉතින් ඒ උසස් ගුණධර්ම රැකීම සඳහා විවාහ වන ස්ත්රීර පුර්ෂයන් අතර ආදරය ප්රේ්මය ආදී කෙලෙස් මල ඇතිවීම අනායාසයෙන් සිද්ධවීමකි. ඒ කෙලෙස් මල කලින් කල විපරිත වන නමුත් - භාර්යා තනතුරට පත් තැනැත්තිය ස්වකීය ස්වාමිපුරුෂයා කෙරෙහි පැවැත්විය යුතු වත් පිළිවෙත් රක්ෂාකරතොත්, එසේම ස්වාමිපුරුෂය තනතුරට පත්වන තැනැත්තා ස්වකීය භාර්යාව කෙරෙහි පැවැත්විය යුතු වත් පිලිවෙත් රක්ෂාකර‍තොත්, ඔවුන්ගේ සැපවත් භාවයත් සමගියත් ප්රීතතියත් කිසිම දිනක වෙනස් නොවී හොඳින් කල් යවන බව පෙනේ. විවාහ වීමෙන් ඇතිවන අන්තිම පහත් ‍ක්ලේශ මල වන “ප්රේාමය - හෙවත් ආදරය” පළමුවෙනි කාරණයකොට ගෙණ විවාහ වන එකම තැනකවත් ශික්ෂිත ගෘහ ජීවිතයක් ඇති නොවේ. නමුත් මුලදී ප්රේැමය නිසා බැදුනු ඇතැම් ස්ත්රීහ පුරුෂයන් කල්යාමේදී චාරිත්ර වාරිත්රග ගුණධර්මාදිය ඉගෙණ ඉක්බිති හැබෑ අඹු සැමියන්ව වාසය කරන බව නම් බොරු නොවේ.

තිලක - මහත්මයා ධර්මශාස්ත්රප ඥානයෙන් කල්පනා කොට නිරවුල් කරගෙණ තිබෙන සැටි සැබැවින්ම ප්රරශංසනීය බව වැටහුනා.


590 ඉෂ්ට දෙවියා

ප්රේ මය කරනකොටගෙණ විවාහවී දිවි නැති කරගන්නාවූද දික්කසාද වන්නාවුද, දරුණු අපරාධ කරන්නාවූද මිනිසුන් අපේ මේ කු‍ඩා රටෙත් ඉතා බොහෝ බව පෙණෙනවා. එහෙයින් ඉබේම ඇතිවන අතිරේක කාරණයක් වන ප්රේපමය පෙර දැරි කරගෙණ මම නම් විවාහ නොවෙමි. කුලචාරිත්රෙ අනුව භාර්යාවකට උවමනා තරම් කුලධර්මය උගත් ප්ර්තිපත්තියෙහි හැසිරෙන ස්ත්රිටයක් ලැබුනොත් විවාහ වන්නෙමියි කීවාම මම ඔහු කෙරේ මගේ ඇති ප්ර‍සන්නය දක්වා - කඩුගන්නාවේ දුම්රිය පළට ගොස් - 2-30 ට යන දුම්රියේ නැගී සත්කෝරළේ අප්පුහාමිලාගේ ගෙදරට යන පිණිස පොල්ගහවෙල දුම්රිය පලෙන් බැස්සෙමි. පොල්ගහවෙල දුම්රිය පල සැලකිය යුතු ප්රනධාන ස්ථානයකි. නොයෙක් පළාත්වල මඬ්ය ස්ථවූ සන්ධිස්ථානයකි. මේ නිසා විශාල වෙළෙදාමක් කෙරෙණ මහත් ජනගහනයක් ඇති තැනකි. එසේද වුවත් වෙළදාම පරදේශික හම්බ කොච්චි ආදීන් අතේය. සිංහලයන්ට ස්වකීය මහන්තත්ව භාවය උවමනා නොකරණ යන්තම් ජීවත් වුනොත් ඇතැයි සිතී තිබෙන බව පොල්ගහවෙල තොරතුරු විමසීමෙන්ද දනගත හැක.

15. පරිච්ඡේදය

පොල්ගහවෙලදී රෑ වූ බැවින් ලොකු අප්පුහාමිලාගේ ගෙදරට පසුදින උදේ යන්ට කල්පනා කොට එදා රාත්රී නැවතීමට කොතනට යම්දැයි කල්පනා කරණවිට මා කෙරේ බලවත් භක්ත්යාීදරයක් ඇති මිත්රකයෙක් සම්මුඛව ඔහුගේ නිවෙසට යාමට කැ‍ඳෙව්වේය. “ ඔව් මම කීප දවසක්ම මහන්සිව විඩාවට පැමිණ සිටිමි. මිත්රත මහත්මයාලාගේ ගෙදර අද ක්රීකඩාවක් පවත්වනවානම් මමත් එන්නෙමි”යි කීවාම මගේ මිත්රමයා මහත්සතුටට පැමිණ, අපි එහි ගොස් නිශ්කලංකව සිට ඉක්බිති රාත්රී බත් අනුභවකොට රාත්රීණ නවයේ සිට දොළහ වනතුරු ක්‍ීි ඩා කරමු. දක්ෂ උඩැක්කී සෙල්ලම් කාරයන් තිදෙනෙකුත් - රසවත් කව් කීමට පිළිවන් දෙදෙනෙකුත් ගෙන්වන්නෙමි. මගේ තවත් මිත්ර යන් කීප දෙනෙක්ද ගෙන්වන්නෙමි - යමු වික්රවමපාල මහත්මයෝ” කියා ඒ මගේ මිත්රීයා පෙරැත්ත කළ පසු මගේ පෙ‍ට්ටිය ආදී කළමනාත් කරත්තයක පටවාගෙණ ගොඩවෙල කියන


පියදාස සිරිසේන නවකථා එකතුව 591

ස්ථානයෙහි රම්ය ගෘහයකට ගියෙමි. මගේ මිත්ර යා සත්පුරුෂයෙකි. ඒ හෙයින් ප්රීමතියෙන් ක්රීගඩාවෙන් කල් යවන කෙනෙකි. පංචේන්ද්රිකයන් පිණවීමට පංචතූර්ය නාදයත් ගී සින්දු ආදියත් උමවනාමය. චිත්ත දොමනස්ය ය දුරුකොට හිත ප්රනකෘතිමත් කරගැනීමට කාව්යන රසය හා ‍සමාන බෙහෙතක් නැත්තේය. මගේ මිත්රකයාගේ මව්පිය සහෝදරාදීහුද ආගන්තුක උපස්තානයට බොහෝ සතුටුවූ ශික්ෂිත උදවිය වබ දැන ගත් පසු මගේම නිවස මෙන් ඔවුන්ගේ ගෙදර ම‍ට සතුටුදායක විය. අපේ ‍රාත්රීප භෝජනය ඉවර වෙනවත් සමඟම ක්‍ීෙදඩා කරුවෝ ඔවුන්ගේ ක්රීඅඩා පටන් ගත්හ. මෙ පමණ වේලා මගේ මේ වික්රීමය කියවීම නිසා මහන්සියට පත්ව සිත මඳක් සැහැල්ලු වී ප්රවකෘතිමත් වන පිණිස එදා ඒ උඩැක්කි කාරාදීන් විසින් කියන ලද ශෘංගාර රස වහනය වන කවි වලින් කීපයක් කියමි.

මු දු ද තුරු ගොස කරත කෝකිල විජය සත් පිමි මනර ගේ
ස ර ද සඳ සත නගා එයි මද තුමුල නලභය පැණ නැ ගේ
සු හ ද යුත් හිමි නෙරෙන්ර් මදසිහ නම් සකිය වැඩියෝත් මා ල ගේ
දු නු ද උක් සිඳ රැගෙණ පළදිමි ගොතා මල් සැර පස් ව ගේ
ස තු රු සක් දළ සමීරණ අසු නැඟී දද බැඳ මි නා යා
රු දු පසක් සැර විදිය අනුබද සතට ගෙණ සඳ පා න යා
සි තු මිණක් වැනි නරෙන්ර්ග සිහ හිමි වැඩියොතින් කර මා න යා
දු නු සිපෙක් මතු නොවන ලෙස උගෙ ඔද හරිමි කර හී න යා
ගි රේ න්ද්ර් පෙරපත් විය තද හිමිකර නිසේන්ද්ර යුත්වන අමෘ ත‍ං ගා
උ පේ න් ද්ර් විසවිය මඳ මඳ මාරුත සරේන්ද්රද රැවියකු හඬ රං ගා
දි නේ න් ද්ර කළ ගොත්ජයකළ බෝදන හරේන්ද්‍ර ගති ගුණ කළ ලං ගා
න‍ රේ න්ද්රර සිහනම් හිමිසඳ දැක කිය රතීන්ද්රි යුද අද නොම සංගා
ස ඳ ලං කා ර කිවි නළු වෙසෙසින් නිපු ණ
ප ද ලං කා ර කර නද කිවිදුන් ඇඳි ණ
දෙ න ස ම් බා ර විතරණ විලස සිතුමි ණ
දි න ග ම් බී ර අප හිමි අසරණ සර ණ
දු න් හෙ ල දිගඹු යසකර කරසෙ සස කය
ර න් බ ල මැඩ රුදුරු රුපු නිරිදු දස කය
ම න් ක ල ‍නරෙන්ද්රරසිහ අප හිමි නම් ල කය
පි න් ක ල රදුන් නලලත ලාපු තිල කය


592 ඉෂ්ට දෙවියා

න ද නු න් රවි වංශ කිරනව තුරු රත්න
ති ලි නෙ න් නක රජය දිනු සුරදුම රත්න
සු ප ස න් වර නරෙන්ර්ිනුසිහ නම් රජ රත්න
ම හ සෙ න් සමුදුරෙහි බබලන ගිරි රත්න
නි බ ඳ ගුණ රත්න නන්බරණ පලදි නා
ස ර ඳ සඳ කැළුම් ලෙස දිසි යසැති ම නා
සු හ ද දන ඇඳින නිසි තනතුරු දෙව නා
ක වු ද වෙන නරෙන්ද්ර සිහ අප හිමම වි නා
ය ස ලි ය නරෙන්ද්ර් සිහ සිමිසඳ මෙ මිහිත ලී
උ දු ලි ය නැවත ගිරි රද වටටම පැට ලී
ද ළු ලි ය බඹතලට දසදිගත කර එ ලී
වි දු ලි ය එලිය අබිනව පත් සිරි කිය ලී”

මේ ආදී නානා වෘත්තායන්ගෙන් යුත් රාජස්තොත්රි හා රාජ වර්ණනා කියමින් උඩැක්කි සෙල්ලම් කාරයන් විසින් කරණ ලද ක්රීාඩාව අතිශයින් සතුටුදායක විය. මධ්යනම ‍රාත්රිාය වන තුරු ක්රීතඩා බලමින් සිට සිතේ දොම්නස් ගතියක් කයේ අලස්ය.භාවාදියත් දුරුවූ මම මගේ මිත්රායන් විසින් පිළියෙළ කර දුන් යහනේ සුවසේ නිදා ගතිමි.

පසුදින උදේම තිරික්කලයක් ගෙන්වාගෙණ එහි නැගී ලොදු අප්පුහාමිලායේ ගෙදරට ගියෙමි. මා එනතුරු බොහෝ ආසාවෙන් බලබලා උන් ලොකු අප්පුහාමි ඉත්මත් සතුටින් මා පිළිගෙණ වාඩිවෙන්ට සලස්වා මට තේවතුරෙන්ද සංග්රඉහ ‍කළේය. ක්ෂය රෝගය සැදී මරණාසන්නව ඉන්නා දියණියත් - ක්ෂයරෝගවැළදී මඳක් දුරුවලව ඉන්නා දෙවෙන් පුත්ර යාත් - නිරෝගීයෙන් මෙන් ඉන්නා ජ්යොෂ්ට පුතණුවන්වත් මට පෙන්වා “මගේ විශාල බූදලයට හිමිකාරයෝ මේ සතරදෙනා පමණි. මීට කලින් ද දෙදෙනෙක් මළාහ. දැනට මේ ළමයින් සඳහා අඩුගණයේ මායසකට රුපියල් දෙසියයකට වඩා වෙදුන්ටක් බෙහෙත් වලටත් යකැදුරන්ටත් වියදම් වන බව පෙනේ. එසේ වියදම් කරලාත් මේ දරුවන් නිරෝගී අය කරගන්ට බැරිව ගතවෙමි. ඇත්තෙන්ම අපේ බූදලය ගැණීමට යම් කිසිවෙක් කරණ උපක්රයමයකින් මේ අන්ත‍රාය සිද්ධවූ බව මට ඒකාන්තය. ඉතින් වික්රකමපාල මහතාට ඇර අන් කිසිවෙකුට මෙය විපරම්කර සොයාගත නොහැකි බැවින් තමුන්නාන්සේට භාරදුනිමි. දැන් හාරමාසයක් මැළුල්ලේ තමුන්නාන්සේ කාරණය තත්වූ පරිද්දෙන් දැනගත්තාට කිසි සැකයන් නැත”යි කියා

පියදාස සිරිසේන නවකථා එකතුව 593

ලොකු අප්පුහාමිත් ඔහු‍ගේ භාර්යාවත් සනීපෙන් ඉන්නා ලොකු පුතාත්, මඳක් ලෙඩව ඉන්නා පුතා හා දුවත් මා ඉදිරි පිටන්ම වුන්හ. “දැන් මා විසින් බාරමාසයක් ගත් වෙහෙසේ ප්රදථිඵලය ප්රනකාශ කරන්නෙමි. ඊට ප්රවථමයෙන් මේ උදවියගෙන් ප්රහශ්න පංක්තියක් අසනු ලැබේ. ඒ ප්ර ශ්නවලය ලොකු අප්පුහාමි හෝ හාමිනේ හෝ මේ පුත්රක දුහිතෲන්ගෙන් දන්නා කෙනෙක් තමා දන්නා හෝ තමාට වැටහෙන කාරණ හෝ මට පිළිතුරු වශයෙන් කියන්ට ඕනෑය. එසේ පිළිතුරු ලැබුනාට පසු මවිසින් සොයා ගත් ඉෂ්ටදෙවියාත් - අනිෂ්ට දෙවියාත් හෙවත් ඉෂ්ට දෙවි විලාශයෙන් ආරූඪවී ඉන්නා අනිෂ්ට දෙවියා පෙන්වා දෙන්නෙමි. ඉතා හොඳින් නිසැක ලෙස සොයාගත් මේ ඉෂ්ට දෙවියා “ලොකු අප්පුහාමිගේ පවුලට පමණක් නොව අපේ ජාතියටම යහපතක් පිණිස වෙනවා ඇත. එබැවින් ඒ මගේ පරීක්ෂණය ඔප්පුකරදීම සඳහා මා අසන ප්රනශ්නවලට බොරු ‍කියන්නේ නැතිව - ඒ ඒ කරුනු අඩු වැඩි කරන්නේ නැතිව - සම්පූර්ණ ඇත්තම කියන්ට ඕනෑය. එසේ නැතිව මා අසන ප්රනශ්න වලට දියයුතු උත්තර සඟවා ගත්තොත් වෙද මහත්මයාට ලෙඩේ සම්බන්ධ තොරතුරු සැඟවූවාක් මෙන් කාරනය නරක් වේවි. සමහරවිට අපේ මේ කථාව ටිකක් දික්වෙන්ට පිළිවන. මුළු ජීවිතයක් පිළිබඳ වැදගත් කාරණයක් සොයා ගැණීමට ගත් උත්සාහය ප්රනත්යවක්ෂ කරදීමට යන ප්රගස්තාවයේදී සාවධානව අසා ගැනීම වරදක් නොවේයයි කියා මෙසේ ප්රීශ්න කරන්ට පටන් ගතිමි.

මම - ලොකු අප්පුහාමිගේ වයස කීයද?
ලො.අ. - අවුරුදු හැටහතකි.
මම - වැඩිමල් පුතා‍වගේ වයස කීයද?
ලො.අ. - අවුරුදු 27 කි.
මම - ලොකු අප්පුහාමි ලොකු පොහොසතෙක්වී කොපමණ කල් වෙනවාද?
ලො.අ. - අවුරුදු 25 කට මෙහා කාලේ පටන් මට මොකවත් ලැබෙන්ට වුනා. නමුත් දැන් තිබෙන වටිනවාකම ඇතිවුණේ අවුරුදු පහකට ඈත නොවන කාලේය.
මම - අප්පුහාමි කුඩා කාලේ මොකවක් ඉගෙන ගත් කෙනෙක්ද?
ලො.අ. - යන්තම් අකුරු කියන්ට ඉගෙන ගත්තා.

594 ඉෂ්ට දෙවියා

මම - කුඩා කාලේ දෙමව්පියන් සන්තක ධනය නිසා සැපවත්ව ඉන්ට ලැබුණු කෙනෙක්ද?
ලො.අ. - අනේ නැහැ. මට අවුරුදු හත වන ව්ට අපේ අප්පොච්චි මළා. ඉතින් අපේ මව බේබදු මිනිහෙක් සමඟ දෙවෙනි වරට කසාද බැඳ ගැනීම නිසා ඒ අපේ බාප්පා ව රෞද්රෙ මිනිහාගෙන් බොහෝ හිරිහැර විද අන්තිමේදී ගෙදරත් එපාවී දඩාවතේ ඇවිදිමින් උන්නා.
මම - එතකොට අවුරුදු දහය කාලයේ පටන්ම මව්පියාදීන්ගේ ආරක්ෂාවක් නැතුව හිතුමතේටම කටයුතු කළ කෙනෙක්.
ලො.අ. - ඔව් මහත්මයෝ - ඒ කාලේ මේ පළාතේ යමක් කමක් උගත් හොඳ නරක දන්නා කෙනෙක් හිටියේ නැත. මම කුඩා කොලුවා කාලේදීම බීමටත් සූදුවටත් සල්ලාල ක්රි යාවටත් නපුරු චන්ඩිකම් කිරීමටත් පුරුදුවී එක වතාවක් හරක් හොරකමකටද අසුවී හමාසයක් හිරගෙයි ද වැටුනා.
මම - එනකොට වයස කීයද?
ලො.අ. - අවුරුදු විස්සයි. අවුරුදු දහයේ ප‍ටන් විස්ස දක්වා එනම් හිරගෙට යනතුරු මම ඉතාමත් නරක මිනිහෙක්ව සිටියෙමි. නමුත් හිරේට ගොස් ආවාට පසු මුදල් හම්බකරණ කල්පනාව ඇතිවුණා.
මම - මුදල් උපයන්ට පටන් ගත්තේ - ආරම්ශ කළේ කොහොමඳ?
ලො.අ. - අපට ඈත නෑ කමකින් ආච්චී ‍වන මහළු ‍බවලතෙක් මසුරු කමින් රුපියල් තුන්සියයක් සඟවාගෙන ඉන්නා බව දැනගෙණ ඒ ආච්චිගේ ගෙදර කීප දවසක් නැවතී ඉඳ ඒ මුදල හොරකම් කරගත්තා. එයින් මෙන්න් මේ ඉඩම බද්දට අරගෙණ එතැන් පටන් බඳු ඉඩම් ගත්තා.
මම - ඉතින් අර රුපියල් තුන්සියය අයිතකි ආච්චිට කළ උපකාරය මොකද?
ලො.අ. - අනේ මහත්මයෝ ඒ කාලේ කෙ‍ළෙහි ගුණ කියන එක මොකද කියාවත් දන්නේ නැහැ. මම මුදල් හොරකම් කර ගත් බව ආරංචි වුන හැටියේම ඒ ආච්චි සෝකයෙන් මළා. ඉතින් මම ගමෙන් නොසිට යාලුවෙන් සමඟ කෑගල්ලට පැනගත්තා. ආච්චිගේ නෑදෑයෝ මිනිය වලලා දැම්මා. මම ඒ මුදල

පියදාස සිරිසේන නවකථා එකතුව 595

සොරකම් කරගත් බවක් වත් ගමේ කවුරුවත් දන්නේ නැහැ.

මම - ඉතින් රුපියල් තුන්සියයෙන් පටන්ගත් ඉඩම් බදුකිරීම අවුරුදු කීපයකදී තරමක් දියුණු වුනාද?
ලො.අ. - මම ඒ කාලේ තදෙන් අඩි ගහන කාටවත් භයනැති මැර මිනිහෙකි. මා ඉල්ලන ඉඩමක් වෙන කෙනෙක් ගත්තොත් ඒ ඉඩමේ පොලුත් හොරෙන් කඩාගැණීම මගේ සිරිතක් විය. මම රුපියල් තුන්සියයට බදුගත් මේ ඉඩමෙන් මුරයකට පොල් පන්දාහකට වඩා නොකැඩුනු නම්තු වටපිට වතුවලින් හා වෙන අය හොරකම් කරගෙන එන පොල්ගැණීමෙනුත් එක මුරයකට පොල්ගෙඩි හත් අටදාහක් විකුනා අවුරුද්දක් විතර එසේ කරණකොට වතුකෑලි හත අටක්ම බදුගෙණ එතන පටන් මුරයකට පොල් ගෙඩි 25,000 ක් තරම විකුණන්ට පටන් ගත්තා.
මම - ඉතින් කසාදබැන්දේ ඔය කාලේද?
ලො.අ. - අපේ කොන්ගොඩ මහතාට ඇත්ත කියන්නෙමි. ඉතාමත් අසරණය අප්ර්සිද්ධව ඉඳලා ධනවත්වීම ගෞරවයකි. ඒ නිසා මම ඇත්ත කියන්නෙමි. මගේ හාමිනේ මොරටුවේ සිල්වා මහතාගේ වත්තේ මුරකාරයාගේ දුවයි. මම චන්ඩි පාහේ සිටි නපුරු කාලේ මෙයාව දැකලා මෙයාගේ මවුපියන්ටත් ගහලා එකකරගෙණ ඇවිත් හිටියා. ඒ කාලේ මේ වැඩිමල් ළමයා උපන් නිසාත් මෙයා ආවාට පසු මගේ ආදායමත් දේපලත් වැඩිවුනු නිසා නීති ප්ර්කාර කසාද බැන්දා. අපි කසාද බඳින කොට ඉඩම් කීපයක් අත මුදලටත් අරගෙණ කුඹුරු කට්ටි කීපයක්ද අත මුදලට අරගෙණ රුපියල් පන්දාහක තරම් වටිනාකම ඇති අයව සිටියා.
මම - ඉතින්ඒ කාලේ අප්පුහාමි හොඳයයි කියන යම් කිසි කටයුත්තකුත් කළාද?
ලො.අ. - ඇයි, එගෙඩහ පන්සලය වස්දානේ දුන්නා. ඒත් අපේ ගෙදර ඇත්තෝ ඒ කාලේ ක්රිඒස්තියානිකාරී නිසා දානේ උයන්ට බැරිය කීවා. ඉතින් ඒ කාලේ මගේ යටතේ ගෑනු කීප දෙනෙක්ම වුන් බැවින් ඔවුන්ට කියා දානේ උයවා යවන

596 ඉෂ්ට දෙවියා

සිරිතක් තිබුණා.

මම - පුංචි කාලේ පටන් ‍අවුරුදු තිහක් වනතුරුම හොඳ වැඩක් වශයෙන් කළා නම් කළේ ඔය දානවේල් කීපයන් දීම පමණකි.
ලො.අ. - ඔව්, අවුරුදු තිහක් තිස් පහක් විතර යන තුරු වෙන කිසිම හොඳ වැඩක් කිරීමට ලැබුනේ නැහැ.
මම - ඒ අවුරුදු තිස්පහක් යනතුරු කළාවූ සුරා පානයත් මැරුවා වූ සතුනුත්, කළාවූ අනාචාර ක්රි යාත්, කොල්ලකා ගත්තාවූ ධනයත් කොපමණ ඇත කියා හිතනවාද?
ලො.අ. - අනේ මහත්මයෝ ඒවා කාට කියන්ට පුළුවන්ද? මා කළාවූ නපුරු දුෂ්ට ක්රි.යා දැන් මතක් වෙනකොට ඇඟ වෙව්ලනවා.
මම - ඉතින් මේ දූ කරුවන් උපන්නේ ඒ නපුරු අන්ද‍මට හැසුරුණු කාලේ නොවේද?
ලො.අ. - ඔව්, ඒ හයදෙනාම උපන්නේ ඒ නරක කාලේ තමා.
මම - ඉතින් ලොකු අප්පුහාමිගේ හාමිනේවත් කරුණාවන්ත තෑගිවන්ත සිහිබුද්ධිය ඇති කෙනෙක්ව කටයුතු කළාද?
ලොකු පුතා - අනේ මහත්මයෝ, ඉස්සර දුෂ්ට මිනිහෙක්ව හිටිය නමුත් අනේ අපේ අප්පොච්චී දැන්නම් ඕනෑ කෙනෙකුගේ අමාරුවකට අන්තරාවකට පිහිට වෙනවා. නමුත් අපේ අම්මා කන්ට බැරුව කුණුවුනත් උයාපු ආහාර ටිකක්වත් තවමත් කාටවත් දෙන්නේ නැත. තවමත් අපේ ගෙදරට හිඟන්නෙකුට හෝ අසරණයෙකුට එන්ට ඉඩක් නැත.
මව් - මෙන්න - රිචඩ්ට මගේ නරකමයි සිහිවුනේ. අප්පොච්චියේ, අපේ අප්පොච්චිටත් අම්මාටත් අඩන්තේට්ටම් කොට ඔවුන් සන්තකව තිබුණු රුපියල් එකසිය පණහ කොල්ලකාගෙන ඔවුන්ව මඟට බස්වා - පොල් ගස් යට මැරෙන්ට සැලැස්වු විත්තිය දන්නේ නැතුවා වාගේය.
මම - ඔව්, දැන් කාගේත් තොරතුරු අපට පේනවා. කෝලහාල කර ගන්ට එපා. ලොකු අප්පුහාමි ඒ තරුණ කාලේ දිනකට රා අරක්කු කොච්චර විතර බීවාද?
ලො.අ. - මුදල් නැති දුප්පත් කාලේ නම් වැඩිපුර බීවේ රා පමණකි. ඉඳහිටලා අරක්කුත් බිව්වා. නමුත් යහමින් මුදල් ලැබෙන්ට

පියදාස සිරිසේන නවකථා එකතුව 597

වුනාට පස්සේ නිතරම අරක්කු බෝතලයක් හමාරක් විෂ්කි බෝතලයක් හමාරකුත් අපේ ගෙදර තිබුණා. ඒ තබා බ්රැ න්ඩිත් ගෙණ ඒම සිරිතක් වුනා.

මම - රාත් අරක්කුත් විෂ්කිත් තිබෙද්දී බ්රැබන්ඩිත් ගෙණෙන්ට කල්පනා කළේ මුදල් වැඩි කමටද? නැතහොත් වෙන ඕනැ කමකටද?
ලො.අ. - හාමිනේට දරුවෙක් ලැබුනාම බ්රැඕන්ඩි දීම සිරිතක් වුනා. කුඩා කාලේ ළමයින්ටත් - ග්ර හණිය, මාන්දම. බඩේගාය, නොසෑදීමට බ්රැ න්ඩි දෙන එක හොඳයයි ‍ඖෂධයාමි වෙදරාළ කී නිසා ඔක්කොම ළමයින්ට බ්රැ න්ඩි පොවා බිමට පුරුදු කලා.
මම - (ලොකු හාමිනේ දෙස බලා) හාමිනේටත් නිතරම බොන්ට පුරුදු උනා යයි මම හිතනවා. බ්රැ න්ඩි පමණක් නොව විෂ්කි සහ අ‍රක්කුත් බොන්ට පුළුවන්කම තිබෙනවා.
ලො: හාමිනේ - මහත්මයාට බොරු කීමෙන් ඇති පලේ කුමක්ද? මට බොන්ට පුරුදු වුනේ රිචර්ඩ් ( ලොකු පුතා) ලැබුනාට පසුවයි. ඒ ළමයා උපන් වේලාවේ මට සාත්තු කළ ගැහැණියක් බ්රැ න්ඩි බීම හොඳය කීවා. ඉතින් ඒ ගෙණෙන බ්රැ්න්ඩි බාගය බිව්වාම තවත් එකක් ඊට පස්සේ තවත් එකක් ඔය විධියට බ්රැ්න්ඩි බාග හතරක් පහක්ම බිව්වා. එතැන් පටන් බ්රැ න්ඩි පමණක් නොව අප්පුහාමිට බීමට ගෙන්ත් තිබෙන අරක්කුත් විෂ්කි ආදී කොයි බීම ජාතිත් බීමට පුරුදු වුණා. දැනුත් මට බීම ටිකක් නොබිව්වවොත් කෑම කන්ටත් බැහැ. නින්ද යන්නෙත් නැහැ.
මම - ඔහේ! මට දැන් හොඳට කාරණය තේරුණා, හාමිනේ මත්පැන් බීවේ වැඩිමල් පුතා රිචර්ඩ් ලැබුනාට පසුවයි. ඉතින් එතැන් හිටන් මේ වනතුරුත් බොනවා. ඉතින් ලොකු අප්පුහාමි තවමත් බොනවාද?
ලො.අ. - අනේ මහත්මයෝ - දැන්නම් මම බොන්නේ විෂ්කි ටිකක් පමණකි. ඒක නොබිව්වොත් බොහොම අමාරුයි. දොස්තර මහත්මයත් කියන ‍නිසා දැන් විෂ්කි පමණක් බොනවා‍.
මම - ඉතින් ලොකු අප්පුහාමි මේ දූවරු හා පුත්රවයෝත් තමුසේ හා හාමිනේත් හොඳට අඩි ගහලා පුරුදු “සීලාචාර” මිනිස්සු!


598 ඉෂ්ට දෙවියා

ලො.අ - අනේ අපි දැන්නම් කිසි වරදක් කරන්නේ නැහැ. ටිකක් විෂ්කි බීවාට ඇති වරදක් නැති බව අපේ දිසාමහත්මයාත් කියනවා. දැන් අපි හොඳට කුසල් කරණවා - පන්සලක් සෑදීමට එක විඩේම රුපියල් දෙදාහක් දුන්නා. අනුරාධපුරය පොළොන්නරුව වැදීමට මම හත් වතාවක් ගියා. නොයෙක් පින්කම්වලට, ස්කෝලවලට. නිතරම පාහේ සම්මාදම් දෙනවා. දැන් අපට මුරේකට පොල් ලක්ෂ හතරක් කැඩෙනවා. අවුරුද්දකට වී බුසල් හයදාහක් පමණ ලැබෙනවා. මේ තරම් ලොදු ආදායමක් හා බුදලයක් තිබියදී අපේ දරුවන් ලොඩරෝග ආදියෙන් අකාලයේ මැරන්ට යන එකවද දරාගන්න බැරි?
මම - ඔව් ලොකු අප්පුහාමි, ඉෂ්ට දෙවියාත් අනිෂ්ට දෙවියාත් අපේ ඉදිරියටම එනවා ඇති. ටිකක් ඉවසන්ට! ඉතින් අවුරුදු දහයේ පටන් ඇත්ත වශයෙන් කියතොත් උපන්දා පටන් මේ වනතුරු කල්යාඇණ මිත්රි සේවනයක් කරන්ට අප්පුහාමිටවත් හාමිනේට වත් ලැබුනේ නැහැ නොවේද?
ලො.අ - “කල්යා ණ මිත්රප සේවනය”යි කියන්නේ කුමක්ද?
මම - සත් පුරුෂයෙක්, හොඳ නරක දන්නා ගුණධර්මයෙහි පිහිටි කෙනෙක් ආශ්ර ය කරන්ට ලැබුනේ නැහැ නොවේද?

ලො.අ - අනේ, අපේ රටේ එහෙම කෙනෙක් කෙයින්ද? අපේ හාමුදුරුවොත් “තෙලි දියය” කියමින් රා බොනවා. ඇබිත්තියන් ලබා කුරයියන් අල්ලවනවා, ඉතින් අපට මොන කල්යාබණ මිත්රුයන්ද?

මම - ඔව්, මට පේනවා සිද්ධවී තිබෙන හරිය. දැන් වැඩිපුර තොරතුරු නොවිමසුවාට කාරණය අවබෝධ කර දෙන්නෙමි. දැන් දවල් වුන නිසා අපි මොකවත් කමු”යි කීවාම ලොකු අප්පුහාමි ස්වකීය විශාල ගෘහයේ නිසිලෙස පිළියෙල කරණ ලද ‍භෝජන අනුභව කරන්ට ලෑස්තිවී කෑමට ප්රිථම ඔහුට අවශ්යජයෙන්ම උවමණා කරන විෂ්කි වීදුරුව බී මටද බොන්ටයයි බෝතලයත් වීදුරුවත් මා ළඟ තැබුයේය. “ මොකද අප්පුහාමි, විෂ්කි බොන අයටත් රහස් පරීක්ෂාකළ හැකිද? විෂ්කි ආදී මද්යාළපානයක් බොන කෙනෙකුට යුක්තියක් ධර්මයක් තේරුම් ගත හැකි නම් චණ්ඩාලයාට

පියදාස සිරිසේන නවකථා එකතුව 599

ආකාශ ගංගාවේ ජලයත් පානය කරන්ට ලැ‍බේ ය”යි කීවාම අප්පුහාමි මගෙන් සමාව ඉල්ලා විෂ්කි බෝතගය අල්මාරියේ තබන්ට නියමකොට මාත් සමඟ ආහාර අනුභව කළේය. අප්පුහිමිට ටිකක් “සූර්” බැව් හැඟුණු මම මගේ විනිශ්චය මේ වේලාවේ කියාදීමෙන් පලක් නැති බව වැටහී “අප්පුහාමි - අපි ටිකක් නිදා ගනිමු. ඊයේ රාත්රීක සෙල්ලම් බැලීමෙන් මටත් නිදාගන්ට බැරිවුණා. අපේ කථාව හතරටවිතර ආරම්භ කරමු. දැන් නිදා ගනිමු”යි තීන්දු කරගෙන අපි දෙන්නාම නිදා ගත්තෙමු.

16. පරිච්ඡේදය

තුනහමාරට පමණ නැගිට මුහුණකට සෝදාගෙණ තේවතුර බී මගේ පරීක්ෂණය කියාදීමට ලැහැස්තිව යමක් කමක් තේරෙන එක් කෙනෙක්වත් ගෙන්වා ගතහොත් යෙහෙකැයි සිතා - “මේ අසල අප්පුහාමිගේ හිතමිත්ර් කවුරුවත් නැද්ද? එහෙම කවුරුවත් ඉන්නවා නම් ගෙන්වාගන මැනවැයි කීවාම, අප්පුහාමි ස්වකීය මුරකාර පොඩියාට කථාකොට - පොඩියෝ, අපේ කෝරළේ මහත්මයා එක්කවර, උන්නැහේ උගතෙකි. ඒ වගේම ‍හොඳ කෙනෙකි. ඒක නිසා අපේ වික්රහමපාල මහතාගේ වික්රවමවන්ත භාවය බලා සතුටුවීමට ඉතාම සුදුස්සෙකැයි කීවාම පො‍ඩියාද දුවගොස් කෝරළේ මහතාත් සමඟ ආයේය.

කෝරළේ මහත් මා සිතා සිටියාටත් වඩා හොඳ ගුණ නුවණැති කෙනෙක් බව ඔහුගේ තැන්පත් ගතියෙන්ම මට වැටහී - මගේ පරීක්ෂණය ඔහුත් ඉදිරියේ විදහා පෙන්වීමට ලැබීම මහත් සතුටක් විය. ලොකු අප්පුහාමිත් ඔහුගේ පවුලේ සියලුදෙනාත් කෝරළේ මහත්මයා ඇතුළු පිට අය තුන්හතර දෙනෙකුත් ඉදිරිපිට මගේ පරීක්ෂණය කියන්ට පටන් ගතිමි. “ මීට මාස හතරකට‍ වාගේ ඉස්සර අපේ මේ ලොකු අප්පුහාමිතමාට පැමිණි විපතක් කියන්ට මා වෙත පැමිණියේය. නුවර හෝටලයක වුන් මා සොයාගෙණ ගොස් අප්පුහාමිගේ දුක්ගැනවිල්ල විස්තරකොට කියා දුන්නේය. හොඳ සනීපයෙන් වැඩුනු ලොකු අප්පුහාමිගේ දූවරු දෙන්නෙක්ම අකාලේ මිය ගිය බවත් අනිත් දුවට හා බාල පුතාට අසනීප බවත් - වැඩිමල් පුතා පමණක් තවමත්

600 ඉෂ්ට දෙවියා

සනීපෙන් ඉන්නා බවත් කී බැවින් මම ද අවුත් සොදිසි කළවිට ඇත්ත බව දැන ගතිමි. ඉතින් මෙතාක් මා විසින් සොයනලද සියලුම රහස්වලට වඩා ‍මා ලොකු අප්පුහාමිගේ දරුවන්ට සිද්ධ‍වන විපත ගුප්ත කාරණයක් බැවින් - බලවත් පරිශ්රමමයෙන් මාස හතරක්ම සෙවීමි. ලොකු අප්පුහාමි මට රුපියල් දාහක් දී තිබේ. මගේ සෙවීමේ සමරථතාවයත් ඒ සොයා ගැන්මේ වටිනා කමත් ‍ලොකු අප්පුහාමිට වැටහුණොත් නොඅනුමානව තවත් රුපියල් හත් අටදාහක් මට තෑගි කරණවාට කිසි සැකයක් නැත. ලොකු අප්පුහාමිගේ වැඩිමල් පුතා රිචර්ඩ් එහා ‍ගමේ සොලෝහාමිගේ දියණිය වන ලුසියා නෝනාට හාදවී ඉන්නා බැවින් සමහරවිට ඒ කපටි සෙලෝහාමි ස්වකීය දියණියට මුලු බූදලය අයිතිකර දෙන අදහසින් අනිත් සහෝදර සහෝදරියන් මැරීමට වසක් විසක්වත් දෙනලද්දේ දැයි පරීක්ෂා කිරීමට මාස දෙකක් පමණ ගතවූයේය. රිචර්ඩ් දැන් ඉදිරියේ ඉන්නා නිසා මගේ කීම සත්ය බව දන්නේය. සෙලෝහාමි රිචර්ඩ් යහළු කර ගැණීමට ඉනා බෙහෙතක් කවා තිබේ. ඒ වනාහි ලොකු අප්පුහාමිලාටත් වෙදකම් කරණ වෙදරාළත් - එවකට මේ පළාතේවුන් ඩිස්පැන්සර් කෙනෙකුත් මැදහත් කරගෙණ කරණලද බොරුවකි. වෙදරාළ සහ ඩිස්පැන්නරුත් බොරු බෙහෙතක් සාදා දී මෝඩ සෙලෝහාමිගෙන් පවුන් පණහක් විතර කඩාගත්තා මිස රිචර්ඩ්ට ඔවුන්ගේ බෙහෙතෙන් ඇතිවූ ඉනාවක් නැත. හිනාවියයුතු මේ කාරණය නිසැකව දැන ගැනීමට ඒ ඩිස්පැන්සර් පස්සේ ගියාවූ මට තවත් පුදුම දේ දැනගන්ට ලැබුනේය සෙලෝහාමි රිචර්ඩ්ට ස්වකීය දියණිය පාවාදී රිචර්ඩ්ගෙන් පවුම් දෙතුන්සියයක් කඩාගත් බව නම් හැබෑය. ඇත්තටම මේ රිචර්ඩ් ඒ ළමිස්සිව - ලුසියා නෝනා සමඟ තවමත් මිත්ර් නමුත් ඔවුන් නීති ප්රරකාර අඹු සැමියන්වේයයි මට නොසිතේ. රිචර්ඩ්ට යම් යම් බෙහෙත් වර්ග කෑම වර්ග කැවුනා නම් මිස මේ මැරුණාවූ ලොකු අප්පුහාමිගේ දියනිවරු දෙදෙනාටම කිසිම වසක් විසක් හදිහූනියමක් වුණේ නැත. දැන් මේ ලෙඩින් ඉන්නා දෙදෙනාටත් කිසිම වසක් විසක් හදිහූනියමක් කා විසින්වත් කරලා නැති බව මම පරික්ෂාසකොට දැනගතිමි. නමුත් ධර්මානුකූලවත් ශාස්ත්රාමනුකූලවත් සිඬවී තිබෙන කාරණාවලට අනුකූලයත් පරීක්ෂාකළ මට ලොකු අප්පුහාමිගේ ඉෂ්ටදෙවියාත් අනිෂ්ටදෙවියාත් හොඳින්ම අසුවුනේය. දැන් එහි විස්තරය කියන්නෙමි. ඒ හැබෑ නම් මා කියන ප්ර්තිපත්තියේ පිහි‍ටන්ට, මට තෑගිත් දෙන්ට, මා කියන කාරණය නොවැටහෙතොත් හෙවත් පිළිනොගණිතොත්

පියදාස සිරිසේන නවකථා එකතුව 601

අප්පුහාමිට උවමනා අන්දමට ඉතිරි කාලෙත් හැසිරෙන්ට - මට කිසිම තෑග්ගකුත් උවමනා නැත.

රිචර්ඩ් පිළිබඳව මා කී කරුණු ඇත්ත බව එහු ස්වකීය මව් සමඟ හෙමින් කියන බව දැනුන මට තවත් ධෛර්ය ඇතිව - අප්පුහාමිටත් ‍කෝරළේ මහතාටත් ආමන්ත්රවණයකොට “ලෝකයේ සිද්ධවන සියල්ලම හේතුවත් කරණ කොටගෙණම සිද්ධවේ. හේතුවත් - ඵලයත් මිනිසාත් - හෙවනැල්ලත් වාගේ පවත්නා එකකි. මිනිහා එක්කම සෙවනැල්ලක් තිබෙන බව නොපෙනේ. එහෙත් සෙවනැල්ල තිබේ. එමෙන්ම යම් යම් දේ ක්රිනයා කරණ ‍අයට ඊට විපකයක් ඇති බව නොපෙනේ. එසේ නොපෙනෙන්නේ ඒ ඒ ක්රිණයාවලට විප‍ාක නැති නිසා නොව ඔහු අඥාන අන්ධකාරයේ ඉන්නා කෙනෙක් බැවින්ද. අධර්මතවාදී මනුෂ්ය යෙකුගේ පැවැත්ම ඔහුගෙන් කෙළවර වේ. අධර්මලයෙන් උපයන ධනය පරම්පරා දෙකක් පැවතුනු තැනක් දක්නට නැත. ලක්ෂ‍ කෝටි සංඛයාතව තිබුණත් අධර්මයෙන් ඉපයූ ධනය - ඒ ඉපයූ මනුෂ්යයයාගේ පරම්පරාවට හිමිව පැවතිමට ඉඩක් නැත. මේ අත් දැකපු සත්යුයකි. මේ සත්කෝරළයේම - කුකුළන් කෙළවිමාදී සූදුවලින් මුදල් ටිකක් අපයාගෙණ ඉක්බිති පොල්වතු බදුකිරීමාදියෙන් විශාල ධනවතෙක් වූ කෙනෙක් මළ හැටිත් ඔහුගේ පරම්පරාවට ගිය කලත් අප්පුහාමිත් කෝරළේ මහතාත් අසා තිබේද? අරක්කු විකුණා ධනවත් වුනු මිනිනුන්ගේ පරම්පරා වලටත් අන්යතයන්ගේ දේ ප්ර යෝගයෙන් රැගෙණ - බලහත්කාරයෙන් රැගෙණ ධනවත් වූ අධිපතීන්ගේත් ධනයට ගිය කල දසාව විස්තර කරන්ට උවමනාද? සත්තකෙන්ම නැත. රුපියල් සියයකින් හෝ ඊටත් අඩු ගණනකින් කටයුත්තක් පටන්ගත් කෙනෙකුට උත්සාහයත් සමඟ ‍ලෝභ කමත් ඇත්නම් විශාල ධනවතෙක් වෙන්ට බැ‍රි කමක් නැත. රුපියල් සියේට බදු ගත් පොල්ගස් සීයෙන් මුරේකට පොල් ගෙඩි 1000 ක් කැඩුනොත් ඔහු උත්සාහවන්තයෙක් නම් ලෝභ කමින් ධනය උපයන්නෙක් නම් නො අනුමානව අවුරුද්දකදී රුපියල් 1000 ක් උපයන්ට පිළිවන. රුපියල් 1000 ක් ලැබුනාට පසු ඒ අවුරුද්දේ දසදාහකුත් එතැන්සිට අවුරුද්දදෙන් අවුරුද්දට දසගුණය බැගින් අධිකවෙනකෙට ‍රුපියල් ලක්ෂ ගණනක ‍ධනවතෙක් විමට වැඩි කලක් ගත නොවේ. පළමුවෙන් රුපියල් දාහ උපයා ගත්තායින් පසු ඊළඟ රුපියල් දසදාහ ඉපයීම මුල් රුපියල් දාහ උපයනවාට වඩා පහසුවේ. රුපියල් දසදාහක් උපයාගත් ධන ලෝභය ඇති උත්සහවත්


602 ඉෂ්ට දෙවියා

මිනිහෙකුට එතැන් පටන් ලැබීම අනායාශයෙන් ඉබේම ඉෂ්ට දෙවියෙකු විසින් දෙන දීමනාවක් හා සමානය. මේ සැපයීම ධාර්මිකවත් අධාර්මිකවත් යන දෙයාකාරයෙන්ම සිඬවේ. නමුත් ධාර්මිකව සපයනවාට වඩා අධාර්මිකව සැපයීම පහසුය. ධනය නෙළුම් මලකට සමාන කර බලමු. ඒ නෙළුම් මලට තුවාලත් නොකොට කටු සහිත විලේ මඩත් තවරා නොගෙණ පිරිසිදු ලෙස මල නෙලා ගැණීමට වඩ‍ා - ඒ නෙළුම් පඳුරත් මඩත් සමඟ උදුරා ‍ගැණීම පහසුය. එසේද වුවත් සමහර විට ඒ මලත් ඉරී අපිරිසිදුව ප්රරයෝජන ගැනීමටද ඉඩ නැතුව තවත් කාටවත් මල් නෙලා ගැණීමට තිබුනු නෙළුම් පඳුරද නාස්තිවී යන්නේය. ඔරුවකින් හෝ වෙන උපක්රටමයකින් නෙළුම් පදුර ලඟට ගොස් ප්ර්වේශමෙන් කල්පනා සහිතව මල නෙලාගන්නා අයට තරම් පඳුරම උඳුරාගන්නා අයට සූදානමක් හෝ සැලකිල්ලක් උවමනා නොවේ. ධනය ඉපයීම ධාර්මිකව දීර්ඝ කාලයක් පැවතීමෙන් හේතුවන අයුරු ධන සැපයීම පහසු නොවේ. එබැවින් ක්රෑපර ක්රි යාවලින් අධර්ම ක්රිුයාවලින් ධන සපයන අය බොහෝ ඉක්මණින් ධනවත් වනවිට එය ඔවුන්ගේ ඉෂ්ට දෙවියාගේ ක්රිපයාවක් හැටියට සලකති. නමුත් ඒ වෙස්වෙලා පැමිණි අනිෂ්ට දෙවියා බව අඥානකම නිසා නොවැටහේ. ඉතින් මට මෙතනදී ලොකු අප්පුහාමිට අවබෝධකර දෙන්ට උවමනාකර තිබෙන්නේ ධනය පිළිබඳ කරුණක් නොව මුන්නැහේගේ දරුවන්ට මේ ලෙඩ පැමිණියේ කොහොමඳ - කාගෙන්ද නොහොත් මේ ළමයි අකාලයේ අල්පායුෂයෙන් මිය යන්නේ කවර හේතුවක් නිසාද යන්න බව සැලකිය යුතුය. දරුවන්ට දෙමව්පියන්ගේ ධන සම්පත් ආදිය උරුම වේ. ඊටත් වඩා නිසැක ලෙස දෙමව්පියන්ගේ ධාතු ගතිගුණ ආදියද දරුවන්ට උරුම සුරාපානය කරණ මනුෂ්ය්යාගේ සෞම්යග ධාතුව ආදී සත්පධාතුවම විෂව පවතී. අධික ලෙස කලක් සුරාපානය කළ අයෙකුගේ ශරීරයේ පවත්නා සෞම්යා ධාතුව අතිශයින්ම දූෂිතව රෞද්රඅ විසක් හා සමාන පවත්නේය. ඉතින් එබඳු මනුෂ්යණයෙක් සතුන් මැරීමත් කරතොත් ඔහුගේ දුෂ්ට වූ හිත අතිශයින් දුෂ්ට බවට පැමිණ මනුෂ්යෙ ලේ සිහිල් කරවන මෛත්රීේ ගුණය මොලොක් ගුණය එහෙම පිටින්ම ශුන්යක වන්නේය. සප්ත ධාතුවත් දූෂ්ය ව ඒ ධාතුව ප්රයකෘතිමත් කිරීමට හෙවත් අමුතුවෙන් ඉපදීමට ආධාර වන ලේත් යම් කෙනෙකුගේ දූෂ්යෘනම් ඒ මනුෂ්ය යා දිරාගිය කඳක් ගින්නෙන් දැවූ කලක් මෙන් කාෂ්ටක වන්නේය. මෙබඳු මනුෂ්යදයෙක් කාම මිත්ථාවචාරය, සොරකම ආදී දුෂ්චරිතත් කරතොත් ඔහු තුළ යක්ෂබ ගතියටත් වැඩි


පියදාස සිරිසේන නවකථා එකතුව 603

විකාර ගතියක් ඇතිවේ. මක්නිසාද සුරාවෙන් ඇතිවන උමත් විෂ ගතියත්, සත්ව ඝාතනයෙන් ඇත්වන නපුරු වූ ද්වේෂ සහගත විෂ ගතියත්, අනාචාරයෙන් ඇතිවන නින්දිත වූ කාමුක විෂ ගතියත්, සොරකමෙන් ඇතිවන තුච්ජ වූ තණ්හා විෂ ගතියත් ඒ පුද්ගලයාගේ ශ‍රීරය අතිශයින් විෂ බවට පමුණුවා තිබේ. ඒ විෂ සහිත ශරීරයේ ධාතු “අර්සනික්” ආදී විෂටත් වඩා නපුරුය. මේ විෂ ධාතුව කරණකොට හටගන්නා දරුවා දූෂිතවූ සප්තධාතුව ඇති මනුෂ්යේ ප්රාුණයක් වේ. මෙබඳු දූෂිතවූ ධාතුන්ගෙන් යුත් ශරීරයක් ලැබීමට උත්පත්තිය ගන්නේ සතර අපායෙන් චුත වන පහත් පවුකාර කාලකන්නියෙක් වේ. ක්ෂය රෝගය, අපස්මාරය, වලිප්පුව, ග්රකහණිය, මාන්දම, පන්චේන්ද්රිායන්ගේ විකලත්වය, මාතෘ ගර්භයේදීම ඒ කාලකණ්ණි පාපතරයාට හිමි වේ. ඔහු උපන් පසු ආහාරපාන ඖෂධාදියේ බලයෙන් කලක් ජීවත් කරගත් නමුත් මාතෘ ගර්භයේදීම වැළදුනු ක්ෂය. අපස්මාරය, වලිප්පුව, ආදී රෝගයක් උත්සන්නව ඉතාම අඩු වයසේදී මිය යන්නේය. අකාලයේදී මිය යන්නා වු ද, බලවත් රෝගයන්ට ගොදුරු වන්නා වූ ද දරුවන්ගේ නැතිවීයාම ලෝකයට විපතක් නොවේ. දරුවන්ගේ උත්පත්තිය දෙමව්පියන්ගේ පැවැත්මට අනුව මිස වෙන කිසිම ලෙසකින් සිද්ධ නොවේ. පින්තූරය ගන්නා වේලාවට සිටි අන්දමට මිස අන්යග ක්රවමයකට පින්තූරය ඇති නොවේ. හිටගෙන ඉන්නා කෙනෙකුගේ පින්තූරක් ඒ ඉරියව්වටම විස නිදාගෙන ඉන්නා ඉරියව්වවෙන් ගත නොහැක්කේය. දුශ්චරිතයෙහි, සුරාපානයෙහි නියුක්ත මව්පියන්ට නි‍රෝගී වූ සිඛිත වූ දීර්ඝායු ඇති ගුණ නුවණ ඇති දරුවන් ලැබෙතොත් කොස් ඇටයත් සිටුවා ඒ පැලවුනු ගසින් පොල් ‍කඩාගන්නට ද පිළිවන් වේ. දුශ්චරිතයෙන් දුශ්චරිතය මිස සුචරිතය හෙවත් යහපත ඇති නොවේ. මලමූත්රව ආදී අපවිත්රෙ දේ වලින් දුරුගන්ධයත් සඳුන් මල් ආදී දෙයින් සුගන්ධයක් හටගන්නාක්මෙන් විද්යා්වක්. ගුණයක්, සීලයක්, ත්යා්ගවන්ත භාවයත්, නුවණක්, සුචරිත ධර්මයක් නැති මනුෂයයා තිරිසකෙකුටත වඩා පහත්ය. ඉතින් එබඳු කෙනෙක් සුරාපානයත් කළොත් තිරිසනෙකුට වඩා හත්අට ගුණයකින් අධම වේ. තිරිසනෙකුටත් වඩා අධම වූ සුරාවෙන් දූෂිත වූ සප්ත ධාතුවෙන් යුත් ශ‍රීරයක් ඇති මිනිහෙක් කරණකොටගෙණ එබඳුම වල් ස්ත්රිසයක් කුසේ හටගන්නා දරුවා පින් නැති අල්පයුෂ්ක වූ විරූප වූ කාලකන්නියෙක්මය. සමහරවිට එසේ උපදින පව්කාරයෙකුටත් අපරාපර්යවේදනීය කර්මයක් පළදී තමාගේ අධම මව්පියන්ගෙන්


604 ඉෂ්ට දෙවියා

උරුම වූ ධනය නිසා හොඳ කෑමබීම ඖෂධාදිය ලැබී ජීවත්වන්ට බැරි කමක් නැත. නමුත් උසස් මනුෂ්යියන් මධ්යජයේ ඔහු උසස් මනුෂ්ය සංඛ්යා වට පත් නොවේ. මනුෂ්යඋ ලෝකයේ උපදින අයගෙන් දහයෙන් නව කොටසකටත් වඩා රසවත් ආහාරපාන කා බී විනාශ කරන්ට උපදින්නෝය. ඊට හේතුව මනුෂ්යවයන්ගෙන් ඉතා අධික කොටසක් දුශ්චරිතයෙහිම ගැලී ඉඳීම වේ. ලොකු අප්පුහාමිගේ ධනයත් ස්වකීය පරම්පරාවට අයිති නොවේ. එසේම පුත්රඅ දුහිතෲන්ද පරම්පරාව ගෙනයාමට තරම් ශක්ති සම්පන්න පින්වත් අය නොවෙත් මකිනිසාදයත්? ලොකු අප්පුහාමිගේ ධනවත්කම නමැති ගෙට දමන ලද අත්තිවාරම ඉතාමත් ගර්හිත එකකි. මඩවගුරක ශක්තිමත් අත්තිවාරමක් නොදමා කෙතරම් අලංකාර මන්දිරයක් තැනුවත් එය දීර්ඝ කාලයක් පවතීද? අවුරුදු හත අටක්වත් නොපවතිනු ඒකාන්තය. නමුත් හොඳ භූමියක හොඳ අත්තිවාරමක් පිට තනනලද මැටි පැලය වුවත් බොහෝ කාලයක් පවතිනු ඒකාන්තය. එමෙන්ම අධර්මයකින් ලැබූ ධනයකිත් හෝ ගර්හිත වූ උපක්රකමයකින් යම්කිසි වස්තුවක් උපයාගෙණ එයින් විශාල ධනවතෙක් වුනත් මඩවගුරේ ශක්තිමත් අත්තිවාරමක් නැතිව තැනූ විශාල මන්දිරය මෙන් ඉක්මණින් විනාශ වන්නේමය. එහෙත් ධාර්මිකව. යහපත් උත්සාහයෙන් උපයාගත් ස්වල්ප ධනය පවා ඒ අයිතිකාරයාටත් ඔහුගේ දරුමුනුබුරු පරම්පරාවටත් හිත වැඩ සලසා දෙමින් හොඳ භූමියේ ශක්තිමත් අත්තිවාරමක් පිට ඉඳිකළ කුඩාගෙය මෙන් දීර්ඝ කාලයක් පවතින්නේය. මේ වනාහි මෙසේ නො‍වේයයි කිව නොහැකි ඒකාන්ත සත්යවයකි. නමුත් හේතු ප්ර ත්ය‍ය කර්ම විපාකය නොදත් අඥාන අධමයා පිළිවන් කොයි ක්රුමයකින් නමුත් ධනවත්ව ඒ ඒ වේලාවට හිතට කයට සැපය කියා හිතෙන දරුණු දුශ්චරිතත් කරමින් ජීවත් වෙයි. ඉතින් ඔහුගේ නපුරු හිතත් රෞද්රූ වචනත් දුෂ්ට ක්රිියාත් කරණකොට ගෙණ ඇතිවන විපාකය ඔහු පිළිබඳ සචේතනවූ දරු පරම්පරාවට තබා ඔහු උන් හිටි ස්ථානද දූෂ්යා බවට පමුණුවන බව අත් දැක තිබේ. ‍කෝරළේ මහතමයා, මම හාරමාසයක් ‍ලොකු අප්පුහිමි පිළිබඳව කළ පරීක්ෂණවලින් ප්රැත්යමක්ෂව දැනගත් මේ අනිෂ්ට දෙවියා පිළිබඳව කරුණු තවදුරටත් පැහැදිලි කරන්නෙමි. ලොකු අප්පුහාමි කුඩා කාලයේ පටන් සුරාපානය. සත්වඝාතනය, හොරකම, අනාචාරය ආදියෙන් අතිශයින් දූෂිතව වුන් කෙනෙක් බව ලොකු අප්පුහාමිම පිළිගන්නා සත්යඅ කාරණයකි. ලොකු අප්පුහාමිගේ හාමිනේ නූගත්

පියදාස සිරිසේන නවකථා එකතුව 605

පහත් අශික්ෂිත ස්ත්රිකයක් වුවත් සුරාවිසෙන් ශරීරය විෂ සහිත කරගත්තේ පළමුවෙන් ළමයා ලැබුනාට පසුව බව පෙනේ. පළමු වෙන් ළමයා ලැබුණු වේලාවේ බ්රැයන්ඩි බොන්ට දීලා එයින් බීමට කැහුලෑව එතැන් පටන් හාමිනේද මත්පැන් වලින් ශරීරය දූෂ්ය කරගත්තේය. මවුත් පියත් දෙන්නාම මත්පැන් බොන අය වුනොත් නො අනුවානවම ඔවුන් නිසා අටගන්නා දරුවන්ට ක්ෂය රෝගය, උමතු රෝගය, ලාදුරු හෝ අපස්මාරය සෑදෙනු ඒකාන්ත නමුත් මව්පිය දෙදෙනාගේන් එක්කෙනෙක්වත් සුරාපායයෙන් වෙන්වුණි නම් ඒ කාලයේ උපදින දරුවාට රූ පින් ආදී ගුණ කෙසේ වෙතත් දරුණු ක්ෂයරෝගාදී ලෙඩ නොවැළඳ යන්තම් ජීවත්වන්ට බැරි කමක් නැත. ඊ‍ට සාක්ෂිය මේ ලොකු අප්පුහාමිගේ පවුලෙන්ම දැන් පෙනේ. ලොකු අප්පුහාමිගේ වැඩිමල් පුතාට තවමත් සය රෝගය වැළදී නැත. මක්නිසාද ඔහුගේ මවු ඒ ළමයා ප්රවසූත කරන්ට පෙර සුරා නොබිව් බැවින් ඒ විෂ මිශ්ර නොවූ මෑණියන් ගේ ලේ ආදී ධාතු ශක්තිය ගුණය ඔහුට තරමක්වත් තිබේ. පියා අධමවූ දූෂ්ය වූ ධාතුවෙන් යුත් කෙනෙක් නිසා පියාමෙන් කුඩා කාලයේම සුරාපානයටත්, සල්ලාල ක්රි යාවලටත් ගිජුව සිටිතත් එවකට සුරාවෙන් දූෂිත නොවූ මවගේ ‍බඩේ සිටීම කරණකොට ගෙණ ඔහු තවමත් ක්ෂය රෝගයෙන් බේරී සිටින්නේය. නමුත් පියත් මවුත් දෙන්නාම සුරාබී සප්තධාතු විෂ පහලොවේ වයස සම්පූර්ණයෙන්ටත් ප්රරථම ක්ෂයරෝගය වැළදුනේය. මොවුන් සෑම දෙනාටම ඉතාමත් ලප‍ටි කාලේ පටන් අවුරුද් දහය දොළහ වනතුරා වලිප්පුව මාන්දම ග්රතහණිය වැළදුනාටත් කිසි සැකක් නැත. එසේ නොවේද ලොකු අප්පුහාමි? ( ලොකු අප්පුහාමි ඔව් මහත්මයා මොවුන්ට පෙව් වලිප්පු තෙලුත්, බෙහෙත් ගුලිත් මෙවුන්ගේ බරටත් වැඩියි. මට හොඳට දේපල තිබුනු නිසා සමර්ථ වෙදවරුන්ගෙන්ම වෙදකම් කර ගලවා නොගත්තානම් මේ පස්දෙනාම මැරෙන්නේ අත දරුවන් කාලේමයයි අවංකව කීවේය.) සුරාවත් සයරෝගයත් පිළිබඳව පාඩම් කර ගැනීමට රසවත් කවි හයකුත් කියන්නෙමි.

“රා ස නොව වැඩෙයි මත්පැන් වසංග තේ
කා ස ලෙඩෙන් තිස්දහසක් දුක් විදි තේ
වා ස යට හරිද යම් රටක මේ යු තේ
දෝ ස කා අතද සියලුනි සිතනුවු යු තේ
606	                                                                                                             ඉෂ්ට දෙවියා
රු පි ය ල් කෝටි පස පස අවුරුද්දක ට
නේ ව ලො ල් පුදාලා ලක්වැසි දන නිව ට
පි ළි කු ල් කාස ආදී ලෙඩද බෝකො ට
බො හො ක ල් නරකයේ පත්වෙති රුදු දුක ට
ක ලේ මේ මොකද දැන් අපහට යෙදු න
මො ලේ නැතුවාද බොන්නේ මේ මත් පැ න
ප ලේ නැති නොයෙක් ලෙඩ දුක්ද විදිමි න
බො ලේ ඇයි නසිනු “ඕරන් ඔටන්” මෙ න
ද රු ව න් පරපුරේ පැවතෙන සුපියක රු
ක ර මි න් කාස ලාදුරු රෝගෙට ගොදු රු
න ස මි න් දනය සහ ගරු නම්බු තනතු රු
බො න වු න් සුරා මිනිසුන්දැයි බල මිතු රු
නං ගා විජය කොඩි මුළුලොව දිලි පො ර ණ
රං ගා කළ උරත සිරිවිකුමෙන් ව ර ණ
බං ගා කර අපට මත්පැන් යකු ද රු ණ
ලං ගා කළෙ කාස ලාදුරු ලෙඩ ම ර ණ
සු රා විස නිසා ලාදුරු සය රෝගේ
පු රා ලක පැතිරයයි ලැව්ගිනි වාගේ
ද රා සිත මෙවන සොහොයුරුවන් ‍ මාගේ
නු රා කර ඉඳිනු කිම ගොන් රැළ වාගේ”

මේ කවි කීවාට පසු මගේ දීර්ඝ කතාව ඇසීමෙන් වෙහෙනව සිටි කෝරළේ මහතා ප්රසකෘතිමත්ව මගේ කථාව තව දුරටත් විස්චර කරනා ගන්නා පිණිස ප්රුශ්ණ අසන්නට පටන් ගත්තේය. ‍:කෝරළේ - ඇත්තෙන්ම මගේ ජීවිතයේ ඉතාමත් හොඳ දවස අදයයි සලකමි. වික්රනමපාල මහතා කියාපු වචනවලින් එකක්වත් බොරු නොවේ. ඉතින් සුරාපානය නොකරණ මිනිසුන්ට අකාලයේ මිය යන ලෙඩ රෝග වැළදෙන ළමයි උපද්න්නේ නැද්ද?

මම - ඇයි නැත්තේ, ලෝකයේ තිබෙන දුශ්චරිත වලින් ඉතාමත් නපුරු එක සුරාපානයයි. නමුත් ඊට කුඩා දුශ්තරිත තවත් තිබේ. ඉනම්, සත්වඝාතය, සොරකම් කිරීම, පරදාර සේවනය කිරීම, බොරු කීම, වෛර කිරීම, ක්රෝිධ කිරීම, අනුන්ගේ දේට තණ්හාවීම ආදී තවත් දුෂ්චරිත ‍තිබේ. සුරා නොබිව්වත් අනිත්

පියදාස සිරිසේන නවකථා එකතුව 607

දුශ්චරිත වලින් එකක් ‍දෙකක් හෝ වැඩි ගණනක් ‍කරණ අයගේ හිතත් ශරීරයත් දූෂ්ය ව පවතී. ඒ අයට ද දරුකමට එන්නෝ පහත් පවුකාර සත්තුය. ඔවුන් ගේ පාපයත් මවුපියන්ගේ දූෂ්යද පහත් ගතියත් එක්වීමෙන් එබඳු අයගේ කරුවන්ට ද දරුණු ‍රෝග පීඩා සෑදීමටත් අකාලයේ මිය යාමටත් සිද්ධවේ. ‍:කෝරළේ - එතකොට කිසිම දුශචරිතයක් නොකරණ මව්පියන්ගේ දරුවෙකුට ලෙඩ රෝග හැදෙන්නේ නැද්ද? අකාලේ මිය යන්නේ නැද්ද?

මම - සත්තකටම සියලු දුශ්චරිතවලින් විනිර්මුක්ත මව්පියන්ගේ දරුවෙකුට කුඩාකාලේදී දරුණු රෝගයක් නොසෑදේ. ලපටි කාලේ මැරෙන්නේද නැත. නමුත් එබඳු යහපත් මිනිසුන්ගේ පින්වත් දරුවන්ද මුහුකුරා ගිය පසු පාපමිත්රු සේවනයෙන් සාරාපානාදී දුෂ්චරිතයට වැටුනොත් - ඉන්පසු ඔවුන්ට දරුනු ‍රෝග වැළදෙන්ටත් අඩු ආයුසෙන් මැරෙන්ටත් ඉඩ තිබේ. ඒ මිස දුශ්චරිතයෙන් වැළකුණු සුචරිතයෙහි හැසිරෙණ මව්පියන්ට කවදාවත් පව්කාර කාලකණ්ණි දරුවෙක් උපදින්ට බැරිය. ගහක හොඳ නරක එහි ඵලවලින් දැනගන්ට පිළිවන් මෙන්ම අඹු සැමි දෙදෙනෙක්ගේ සදාචාරය ඔවුන්ට ලැබෙන පුත්රෙ දුහිතෲන් ගෙන් දැනගත හැක්කේය.

අනේ මහත්මයාට නිවන් සැප ලැබේවා! කියාපු කාරණා නම් ඇස් ඉදිරිපිටම පෙනෙණ සත්යැවූ කරුණු තමයි. දැන් ඉතින් මේ ලොකු අප්පුහාමි විසින් කුමක් කටයුතුද? ඔහුගේ විපත කොහොම සංසිඳනාගත යුතුදැයි කෝරළේ මහතා මගෙන් ඇසුවේය.

ලොකු අප්පුහාමිගේ දරුවන්ට ලෙඩ රෝග පමුණුවා ඔවුන් අකාලේ මිය යාමට මඟ සැලැස්සුවේ කාවිසින්දැයි සොයා පරීක්ෂා කළ මට ලොකු අප්පුහාමිත් හාමිනේත් යන දෙදෙනා විසින් කරණලද පංචවිධ දුශ්චරිතය නැමති “අනිෂ්ට දෙවියා” විසින් බව ඒකාන්ත සත්යුයකි. දුශ්චරිතයෙන් අයුතතෙන් පවා උපදවා ගත් ටික ධනය වීරියවන්ත දක්ෂයෙකුට වැඩි කරගන්ට පිළිවන් බව මීට පෙර මා විසින් විස්තර කර දුනිමි. ඉතින් ඒ දුශ්චරිත සහගත ධනය ක්ර මයෙන් අධික වනවිට සුචරිතය නැමති ඉෂ්ට දෙවියා බියපත්ව ඉවත් වේ. ඒ දුශ්චරිතය නමැති අනිෂ්ට දෙවියා අධික බලවත් බවට පැමිණි විට ඔහු ආරූඪව ඉන්නා මනුෂ්යරයාට ඒ දුශ්චරිතයම “ඉෂ්ට දෙවියා” මෙන් වැටහේ. මක්නිසාද

608 ඉෂ්ට දෙවියා

ධනය ලැබීමත් - ඒ නිසා අධික සැප පහසුත් ඇතිවන බැවින් දුශ්චරිතයට විපාකයක් නැත යන්න ඔහුගේ හිතේ ස්ථිරවන හෙයිනි. ඉතින් දුශ්චරිතයේ අනිෂ්ට විපාක ඔහුට දෙන්ට පටන්ගන්නේ දූෂ්යයවූ ඔහුගේ ශරීරය කරණකොට ගෙණ අටපත් වෙනින් සත්වයෙක් එනම් දරුවන්ගේ උත්පත්තියෙන් පසුවය. එතැන් පටන් ඔවුන්ට ඉෂ්ට දෙවියා මෙන් ආධාරිභූතව සිට දුශ්චරිතයාගේ විපාක අනිෂ්ට දෙවියෙක් මෙන් බලවත් පීඩා කරන්නේය. දැන් ඒ අඩියට අපේ ලොකු අප්පුහාමි පැමිණිලාය. ලොකු අප්පුහාමි මැරුණ හැටියේම මේ ධනය විනාශ වේ. දැන් මේ ලෙඩින් ඉන්නා දූවරු දෙන්නාත් පුත්ර යාත් මේ ලෙඩෙන්ම මිය යා හැක්කේය. හොඳ බෙහෙත් හා සාත්තු සප්පායම් යොදුවොත් ටික කලක් ජීවත් වෙන්ට බැරි වෙන්නේ නැත. නමුත් ඔවුන්ට ශරීර ශක්තියත් ගුණ නුවණත් ලැබී ලෝකයේ හැබෑ මනුණ්ය යන් ලෙස කලගත කරන්ට ලැබේයයි මට නොහැගේ. මේ ලොකු පුතාටත් (රිචර්ඩ්) අවංක ‍කල්‍යාණ මිත්ර යෙක් සොයාගෙන ඔහුට කීකරුව පින්දහම් සුචරිත ක්රි(යා කරමිනි කල් ගතකළහොත් තරමක් දුරට පරම්පරාව හරිගස්සා ගන්ට පිළිවන. ඒ ද ඉතා සැක සහිතය. මක්නිසාද රිචර්ඩ් දැනටම නොමඟ ගොස් විනාශය නමැති කිඹුලාගේ උගුර ලඟට ගිලගණු ලැබුවෙක් හෙයිනි. ලෝකස්වාමී වූ තථාගතයන් වහන්සේ ධර්මයේ හැටියට කෙතරම් පවුකළ කෙනෙක්වත් ඒ සියලු පාප ක්රිේයා අත් හැර කල්යාකණ මිත්රන සේවනයට බැස ඉතා ඕනෑකමින් හා වීර්යයෙන් දා න සීලාදී කුසල ක්රිලයා කළොත් ඔහුට සුගතියකට ආදී දුශ්චරිත නවත්වා මේ ප‍ළාතේ දරුවන්ට පාඨශාලාවක් පිහිටුවා - විහාරයක් පන්සලක් තනවා කල්යාපණ මිත්රද ගුණවත් භික්ෂූන් නවත්වා උන්වහන්සේලාට සිවුපසයෙන් උපස්ථාන කරවන්ට. රුවන්වැලි චෛත්යව කර්මාන්තයට නිකම් තිබෙන ධනයෙන් කොටසක් දෙන්ට. ලක්දිව කරණ අනිත් හොඳ වැඩටද නොමසුරුව පරිත්යාසග කරන්ට. උෂ්ණාධිකවූ මේ පළාතෙන් ගොස් කලක්වත් වඩා සනීපදායක පළාතක වාසය කරන්ට. සැපසේ ජීවත්වෙමින් අධර්මය පිළිකුල් කරමින් ධර්මයෙහි හැසි‍රෙන්ට. දැනට මීට වඩා යමක් කියන්ට නැත. ලොකු අප්පුහාමිගේ “ඉෂ්ට දෙවියාම” සෙවීම ගැන මා ගත් මහන්සියෙන් මට අනන්ත අප්රලමාණ කාලයක් හිත සැප වේවායිද අපේ ජාතියටත් බලවත් යහපතක් වේවායි ප්රාමර්ථනා කරමියිද කියා තුෂ්ණිම්භූත වීමි.

පියදාස සිරිසේන නවකථා එකතුව 609

මගේ කථාව ඉතා ඕනෑකමින් අසාවුන් ලොකු අප්පුහාමිට කාරණය ඉතා හොඳින් අවබෝධවූ බැවින් - ගෙට ගොස් රුපියල් දාහක් ගෙණවුත් මා අතේ තබා “පින්වත් වික්ර මපාල මහතාණෙනි, තමුන්නාන්සේට බුදුබව ලැබේවා. මගේ “ඉෂ්ට දෙවියා නොව දුෂ්ට දෙවියා” තමුන්නාන්සේ හොඳින්ම සොයාගත් බව පෙනේ. මගේ පරම්පරාව නම් හදන්ට බැරි බව මටත් පෙනේ. නමුත් පරලොව වැඩ පිණිස ඉතිරි කාලයත් ගත කරමින් මා අධර්මයෙන් ඉපයූ වස්තුවෙන්ද පිළිවන් තරමක් හොඳ වැඩට ‍වියදම් කිරමි”යි කී බැවින් - තවත් රහස් කීපයක් සෙවීමට ඉක්මන්වූ මම එදිනම කොළඹට පැමිණියෙමි.

වි හි දා තෙදන රුදු අසුරන් නැසූ ලෙසි නේ
එ ස දා පරංගින් එලවූ ලක්දිවි නේ
මු නි දා සසුන් සුරකින යුත් බර නුව නේ
දෙ වි දා මගෙ පවතු කප් හිමිට සැපති නේ
පැ ල ක ළ ලක් උයන දෑ පෙම් රුක මහ රු
බි ද හ ල කුදිටු ගජ එකසර කෙසර යු රු
ගු ණ දු ල සිරිසේන “සියදෑ පත” කතු රු
ම න ක ල මෙ පොත කළේ ලෝවැඩ වඩන යු රු


සිද්ධිරස්තු෴