පියදාස සිරිසේන නවකථා එකතුව- 03/වලව්වක පළහිලව්ව ii

Wikibooks වෙතින්

11. පරිච්ඡේදය

අන්දේරිස් විසින් තමා දත් තොරතුරු සං‍ක්ෂෙ‍පයෙන් කී පසු මගේ නවාතැන්පලට පැමිණ, අන්දොරිස් කිවු මේ ස්ත්රීකන් ගැව‍සුනු පැත්තේ වලව්වට කවර වේශයකින් යම්දැයි කල්පනා කොට, මහලු ශාස්ත්රකකාරයෙකුගේ වේශය මැනවැයි කල්පන් වූයෙන්, එසේ සැරසී දවල් දෙකට පමණ එතනට ගියෙමි. ම‍ා යනවිට ඒ පාරේ දෙතුන් පලක ගස් යට ශාස්ත්රණ කියන්නන් දෙතුන් දෙනෙක් දුටිමි. ග්රලහයන් නවදෙනාගේ නාමවත් පිළිවෙළට කිව නොහැකි. මේ කට හැකර බොරුකාරයෝ රට වාසීස් මුලාකාරති. ඇඟ වෙහෙසා ජීවිකා වෘත්තීය කරගත නොහැකි මේ කාලකණ්ණි නිසා උසස් ශාස්ත්රෙයටත් අගෞරව ලැබේ. හොඳ හැටි ශාස්ත්රියක් ඉගෙන ගත් කෙනෙක් ගත පහක් දහයකට ගසක් යට වාඩිවී ශාස්ත්රි නොකියන බව තේරුම් ගත නොහැකි අසරණ නූගත් මිනිහෙකුට විපතක් කරදරයක් අමාරුවක් පැමිණ විට දුටු දුටු අයගෙන් ශාස්ත්රන ඇසීම අංජනම් එළිය බැලීම, කේන්ද්රු බැලීම, බලි තොවිල් යාග හෝමාදිය කිරීම සිරිතකි, නූගත් තරමට එය අධික වේ. “උගත් මිනිහා නූගත් මිනිහාගේ දෙවියෝ ය” යි කී වචනය සත්යධයෙනුත් සත්ය ය බව මට සිතාගත ‍හැකි විය. ලෝකයේ සියලු දෙනාටම අෂ්ට ලෝක ධර්මය වශයෙන් කලින් කල ලාභ, අලභ, අයස, යස, නින්දා, ප්රටශංසා, සැප, දුක ලැබීම සත්ය්යකි. ධර්ම ශාස්ත්රර උගත් ඥානවන්ත මනුෂ්යාෂ ඒ කිසි ප්ර ස්තාවකදී චංචල නොවී, ඒ ඒ වෙලාවට තමාගේ ශක්ති තරමින් කළහැකි සියල්ලම කරයි. ඒ තමාට අෂ්ට ලෝක ධර්මය වශයෙන් පැමිණ සුව දුක් ආදිය ව්යිපසමනය කරනගන්ට කියා විකාරවූ යාග හොමාදියක් ‍නොකරවයි.

138 වලව්වක පලහිලව්ව

අපේ ර‍ට ඒ තත්වයට පැමිණීමට තව කලක් යයි. යාග, හෝම, බලි, බිලි, ආදිය නොසැලකීමට තරම් අපේ ‍ජාතිය දියුණ්ව සිටි කාලය ඉතිහාසයේ සඳහන් වේ. අන්තිම වරට බුද්ධ වර්ෂයෙන් 1950 හේ සිට 2050 දක්වා වූ මේ ශත වර්ෂය සිංහල ජාතිය අසත්යටවූ දේ විශ්වාස නොකරන තරම් ශාස්ත්රා්ගම අතින් විශාලවූ දැනීමක් ඇතිකරගෙන සියලු යසඉසුරෙන් යුක්තව වැජඹුන් කාලයකි. ජයවර්ධන ශ්රීස සංඝබෝදිධි පරාක්ර0මබාහු, ජයබාහු. බුවනෙකබාහු ආදී තේජෝබල පරාක්ර මාන්විත නරවිරයන් රාජ්යි කළ කාලයයි. මේ කාලාන්තරය තුළ ලක්දිව වාසය කළ මහ උගතුන් දෙස බලන විට, ඒ කාලේ සිංහලයන්ගේ විශිෂ්ඨ දියුණුව එයින්ම සලකාගත හැක. කෑරගල පද්මාවතී පිරිවෙණාධිපති ශ්රී වනරතන ස්වාමිපාදයෝය, තොටගමුවේ විජයබාහු පිරිවෙණාධිපති ශ්රී‍ රාහුල සිවාමිපාදයෝය, පැපිලියානේ සුනේත්රාිදේවි මහා පිරිවෙණාදිපති මංගල සිවාමිපාදයෝය, ඉරගල්කුල පරිවෙණාධිපති ස්වාමිපාදයෝය, වීදාගම මෛත්රපය මහා ස්වාමිපාදයෝය යන මේ ආදී සකල ශාස්ත්ර පාරගත, ත්රි‍පාටක ධාරී ප්රේවෘජ්ජිත මහා පණ්ඩිතයන් වහන්සේලාද, තල්ලුරුතුන් ඇමති තුමා, සපුමල් කුමරා, වික්රණමසිංහ බණ්ඩාරනායක මහ ඇමතිතුමා ආදී ගෘහස්ත පණ්ඩිතයෝ ද ඒ කාලේ වාසය කළෝය. ශාස්ත්රාිගම දියුණුව පැවති කාලයේ යාග හෝමාදිය විහිළුවකි. දැනුත් උගත් මිනිසුන්ට විහිළුවකි. යාග හෝමාදිය ගැන විදාගම ස්වාමි පාදයන් වහන්සේගේ මතය මෙසේය.

“ බොරුවේ මතුරු බැ ඳ සිව් සිය ගව් අස ල
වලහන ලෙවන් හැමස ඳ වූ නම නරෝ යම් ක ල
බමුණන්ගෙන් දුල ඳ දෙවියෝ තමන් ගෙ ල
වැඩක් වූයේ ලොවට කිකල ඳ දැවටී කුණුසේ කෙරෙති පිළිකුල
ගහයෝ නම් අඹ ර එබඳු සුරලොව සී ට
දෙවියෝ ය ඌ සුරපු ර දෙවියෝ අවුත් මෙලොව ට
නො ගනිති අන් අහ ර නරන් දුන් අහර ට
උදක් අමරස මිසක් මනහ ර තුටුව සෙතකර යෙද්ද රැකසි ට
එයින් උන් පෙර ක ළ නරලොව දෙන පුද ට
කුසලින් උපන් නිකස ළ රිසිවත දොරින් දොර සි ට
අනික් කෙනෙකුත් ක ළ සුරනැයි යනු කුම ට
දෙයක් උදෙසා නොවයි එපහළ දුගී යාචකයන්ට එනිව ට

පියදාස සිරිසේන නවකථා එකතුව 139

සිඳුදිය ලෙස නිස ග ගැනුමට අත් ඉසු රු
පමණ නොකළැති සැප ස ග උපමා යෙදා විසිතු රු
නරලොව සැපත ර ග කෙරෙති යාග බො රු
රැදුනු පිනිබිදු වැන්න තණ අ ග කෙසේ දුරු වේද ලොව අවදු රු

යනාදි මො ස්වර්ණමය කියුම් වලින් යාගවල ව්ය ර්ථභාවය මොනවාට ප්රදකාශ කළ සිංහලයන්ගෙන් පැවතෙන වර්තමානය සිංහල ජනයා ධර්ම ශාස්ත්රො දැනීමෙන් පරිහුනු නිසා දැන් ලෝකයේ ඇති තාක් බොරුවලට රැවටී විනාශ වෙති. තමා කළ අකුසල් අන්යනයෙකුට සමාකළ හැකියයි විශ්වාස කරන තරම් තිරිසන් ගතියට සිංහලයා බැසපු කළ යාග හෝමාදිය කෙසේ විශ්වාස නො කරද්ද? ගස් යට තැනින් තැන ශාස්ත්රව කියන්නන්ද. අංජනම් එළියෙන් ශාස්ත්ර් කියනවා යයි දැන්වීමට ප්ර සිද්ධ කරගෙන ඉන්නා යොන්නුන්ද බල බලා සිනා සිසී ‍මමත් ශාස්ත්රර කාරයෙකුගේ වේශයෙන් කලින් මා සඳහන් කළ වලව්වේ දොරකඩ ළඟට ගොස් ඈත මැත බලමින් සිටියෙමි. එවිට අවුරුදු විසිපහක් පමණ වයසැති ‘නෝ නා හාමු’ කෙනෙක් මා ද‍ැක මොනවද ලොක්කෝ බාන්නේ කියා මගෙන් ඇසීය. “ නෑ ආයුබොවන්ඩ, මම මාතර පැත්තේ ගුරුන්නාන්සේ කෙනෙක්, මට අත බලා ශාස්ත්ර් කියතෑකි, කේන්දර බලතෑකි, හිතු හිතුවිලි ශාස්ත්ර යෙන් කියතැකි, හූනියන් කැපිලි, තොවිල් ආදී සියල්ලක් දනිමි. මේ වලව්වේ හාමුදුරුවන්ට එසේ යමක් උවමනාදැ” යි කීවෙමි. මඟයන්ට වත් ශක්තිය නැති ඒ කැහැටු නෝනා හාමු හිටපන් ගුරුන්නාන්සේ මම අක්කාගෙන් අහගෙන එන්නං” කියා වලව්ව ඇතුළට දුව ගොස් තවත් ඒවාගේම ඇට සැකිල්ලක් වාගේ “ නෝනා හාමු” කෙනෙකුත් සමඟ ඉස්තොප්පුවේ සිටගෙන මට අඬ ගැසුවාය. මම ඉතාමත් ප්රීුතියෙන් එහි ගියෙමි. ඉතා පුංචි පරණ පුටු කබලක් මට පෙන්වා එයි වාඩිවෙන්ට කීහ. මම ව‍ඩිගෙන් වටපිට බැලිමි. මේ ඇවිදින ඇටසැකිලි වැනි නොනා ‍හාමුලා දෙන්නාත්. තවත් වැඩකාර ස්ත්රී න් තුන් දෙනෙකුත්, මහලු වැඩකාරයෙකුත් මිස වෙන කිසිවෙක් එහි නැති බව පෙණුනේය. ලීලාවතී මැණිකේ එහි නැත. ඉතින් නෝනා හාමු කෙනෙක් රුපියලේ නොට්ටුවක් මට දී තමාගේ අත බලා ශාස්ත්රහයක් කියන්ට කීවාය. එවියට ඇගේ අත බැලීමෙන් ඉතා මත් පව්කාර නරක පැවතුම් ඇති කෙනෙක් බව ඒ ශාස්ත්රැය මා දත් තරමින්ද තේරුම් ගෙන එසේද උවත් මොවුන්ගෙන් යම්කිසිවක් දැන ගනිමියි සිතාගෙන මේ තැනැත්තියට ඉදිරියට ලැබෙන්නට තිබෙන ප්රගමාණාතික්රා්න්ත යස ඉසුරු ගැන වර්ණනා කෙළෙමි. ඊට බලවත් ප්රීමතියට පත් නෝනා හාමු “ හොඳයි ගුරුන්නාස්සේ පසු ගිය කාලේ සිද්ධ වූ කරුණු වලින් එකක්

140 වලව්වක පලහිලව්ව

දෙකක් කියාපන්නැ “ යි කී බැවින් මට මහත් අමාරුවක් විය. ඔවුන් ගැන වැඩිපුර තොරතුරු නො දන්නා නමුත් දුශ්චරිතයට බැසපු වලව්වක් බව දන්නා හෙයින් වෙන කිසිවෙකුට කීවත් විශිවාස කළ කොහැකි තරම් පුදුම නින්දාවක් මේ නෝනා මහත්මයාට සිද්ධ වී තිබේය” ය කීවෙමි. එවිට නංගි අක්කාගේ මූන බලමින් මා දෙසද බලා ඉක්බිති ගල් ගැසුනාද් මෙන් ටික වේලාවක් සිට, ගුරුන්නාන්සේගේ ශාස්ත්රුය බොහොම හරි මගෙත් අක්කාගේත් කේන්දර බලා ගන්ටත් තිබෙනවා. දැන් අපේ ග්රෑමන්ඩ් මම්මා (ආච්චි) ටත් එන්ට පණිවිඩයක් අ‍රිනවා අද රූ අපේ වලව්වේ ඉන්ට පුළුවන්දැයි”යි මගෙන් ඇසීය. ඉබ්බෙකු දියට දමන්නට ඇසූ කලක් මෙන් ප්රීවතියට පත් මම ඊට ටිකක් අකමැතිවා මෙන් හඟවා සතුටු වීමි. ඉතින් මට කුස්සියේ පැත්තේ වා‍ළුමට තිබෙන ශාලයක ඉන්ටය කියා පැදුරක් දුන්නාය.

මා එතනට වෙලා ඉන්නා විට ඒ ලඟින් යන්ට ආ මහලු පාහේ වැඩකරියක් දැක කථාකොට බුලත්විටක් ඉල්ලුවෙමි. නිතර බුලත් හපන ඒ ස්ත්රිටය මටත් බුලත් විටක් දෙමින් ඈද බුපලක් හපන්නට පටන් ගත්තාය. ඒ අතර ඈ මට මෙසේ කීවාය. “ අනේ ගුරුන්නාන්සේ අද නම් මෙ තැන වරදක් නැත. “ හාමුදුරුවෝ” සිටි දවසක් නම් මෙතැන ලේසි පහසුවෙන් ඉන්ට බැරිය. දැන් කීප දිනකින් උන්නැහේ ආවේ නැත. මේක වලව්වක් නොව කිරිසන් කැලෑවකි. නෑකම්, දරුකම, ගුරුකම් ආදී කිසිවක් ඇති නැතකි නොවේය”යි කීවිට ඈට රුපියලක් දීලා “අනේ නංගී , මට ටිකක් කියාදෙන්ට, කොහොමද? හාමු ‍කගේ කව්ද? මොකද ඔහුගේ අපරාධ අද කේනදර බැලුවාම ලැබෙන දේකින් උඹටත් කොටසක් දෙන්නෙමි. මට ඇත්ත කියාපන්නැ” යි කීවෙමි. අවුරුදු පණහකටත් වැඩි වයසැති මේ මහළු ස්ත්රිියට “ නංගි” යයි කී තරමින්ම ඈ මට මහත් භක්තියක් ඇති කොට “ මේ ස්ථානයට කොල්ලෝ කවට වශයෙන් ‘ලොත් වලව්වය’ යි කියති. මින් ශාඛාවත් උඩරට පැත්තෙත් තිබේ. මෙතන තොරතුරු දුන් කියන්ට බැරිය”යි මැහැල්ලී තහනමින් සිටින විට අනික් වැඩකාරිය කථාකළ බැවින් ඈ වහාම යන්ට ගියාය. මට කාරණය හුඟාක් දුරටම තේරුණාය. නමුත් මට උවමනා කර තිබුණු ලීලාවතී මැණිකේ ගැන වචනයක් වත් අසන්ට නොලැබුනු බැවින් නැවතත් ඈ මා සිටි පැත්තට එනතුරු බලා සිටියෙමි. සවස හයහමාරට පමණ මට බුලත් විටකුත් රැගෙන ඈ ආවාය. එවිට මම ඈට කතාකොට. “ අනේ නංගි මෙතැනට මාසයක් පමණ ඉස්සර හොඳ ලක්ෂණ ආයා කෙනෙක් ඇවිත් සිටියා නොවේද? දැන් ඒ තැනැත්තී කොයිබඳැ” යි ඇසුවෙමි. එහෙනම් ගුරුන්නාන්සේ අසන්නේ උඩරට ආයා ගැන වෙන්ට ඇති. ඒක හැබෑ

පියදාස සිරිසේන නවකථා එකතුව 141

ජරමරයක්. ඒ ආයා සමග ආවේ මේ නෝනා හාමුලාගේ ආච්චිගයි. ගෙනා හැටියේම වාගේ නොනා හාමුලාගේ පප්පා, හාමු හාමුදුරුවොත්, තවත් නුවර පැත්තෙන් ආ ඉලන්දාරියෙකුත්, එහා වලව්වේ හාමු මහත්මයාත්. කෝලාහල කර ගෙන, හොඳටම ගුටිබැට බෙදාගෙන එක්කෙනෙක් ඉස්පිරිතාලෙටත් ගියා. මෙතැන ආයාට ඉන්ට ලැබුණේ දවස් පහයි. ඔය කියන ආයා නම් මම කොතැනවත් නොදුටු තරම් ලක්ෂණ කඩවසමේ ළමිස්සියෙකි. වයස අවුරුදු දහඅටකට වැඩි නැත. ඉතින් මේ මහණ හාමුදු‍රුවෙයි එහා වලව්වේ උන්නැහේගේම බෑනයි දබර කරගෙන නුවර වලව්වක මහත්මයෙකුත් මැදිහත්වී ඒක හෙයියමුරේට කලබල වෙන අතර ළමිස්සී කාටවත් නො දැනුවත්ව හොරෙන්ම සැඟවී ගොස් තිබුනා. කොහේ ගියාද, කින්ද මන්ද කියා කිසිත් නොදනිමි” යි මැහැල්ල කීවාය. ම‍දගේ හිතට මහත් කනස්සල්ලක් විය. එසේ ද වුවත්කාරනය පැහැදිලිවීම ප්රැයෝජනයක් බව සිතා ගතිමි.

ඉතින් රාත්රීි හතහමාරට පමණ විය. නෝනා හාමුලත් මහළු වලව්වේ මහත්තැන් කෙනෙකැත් කෑම කා ඉවරවූවාට පසු අපටත් කෑම ලැබේය” යි සිතා සිටියෙමි. රාත්රී අටහමාර වන තුරුත් ආහාරයක් නැතුව ඈනුම් අරිමින් බඩගින්නේ ඉවසාගත නොහැකිව උන් තැනින් නැගිට අවුත් වැඩකාරියකගෙන් අපට කෑම නැත්තේ මනැදැයි විපරම් කෙළෙමි. අපට අමුතු බත් හොදි මාලු සූදානම් කරන බව ඒ තැනැත්තිය කීවාය. ඉතින් තව දුරටත් තොරතුරු ඇසුවෙමි. වලව්වේ මහත්මයාලාට සම්පාදනය කරන බත් මාලු කිසිවක් වලව්වේ වැඩ කරන අයට නොලැබේ. ඔවුන්ට අමුතු රොඩු හාලක් උයන්ට ඕන‍ෑ. කුම්බිලා කරවල දෙල්, පොළොස් ගැට, උමබලකඩ සම්බල ආදිය සූදානම් කරගන්ට ඕනෑ. මත්ස්යර මාංශ, රසවත් එලවලු ජාති, හොඳ හාලේ බත් මේ වලව්වේ වැඩකාරියන්ට වත් නොලැබේ. නමුත් රටබීම ජාති නම් ඉඳහිටලා ලැබේ. සමාන යහළුවන් මෙන් එක්ව කථා බස් ‍කළි කවට නමි පවතී. නමුත් කෑම පමණක් වැඩකරන අයට රස බලන්ටවත් නොලැබේ. මෙබඳු වලව් කොපමණ තිබෙනාදැයි කිව නොහැකි නමුත් අප රටේ උසස් යයි කියන මිනිසුන්ගේ අඥානකම තේරුම් ගැනීමට මෙබඳු වලව් එකක් දෙකක් තිබුනත් මදි නැත. ඉතින් නවයට පමණ මටත් බත් පිඟානක් ගෙනවුත් දුන්නාය. මම ඉතා අමාරුවෙන් එයින් ටිකක් කෑවෙමි. ඉක්බිති මට සාලෙට අඬගසා, මහලු වලව්වේ මහතා මගේ තොරතුරු ඇසීය. මම මාතර පළාතේ පරණ යකදුරෙක් බව ඒකාන්ත ලෙස වැටහෙන තරමට කරුණු කී පසු ‘ආවේස’ වෙලා ශාස්ත්රත කියන්ට පිලිවන්දැයි නැවත

142 වලව්වක පලහිලව්ව

ඇසුවාය. මට බැරි මොකවත්ම නැති බැවින් පිලිවනැයි කීවෙමි. ඔවුන්ගේ වලව්වේ දේපල ටිකින් ටික විනාශ වීමට හේතුවත්, ශරීර ශක්තියත් ඇතිව ගුණ ඥානයෙන් යුත් කිසිවෙක් නූපදින්ටත් හේතුවද, දැනට ඔවුන්ට පැමිණි තිබෙන අවනම්බු අප කීර්ති ආදිය කාගේ දිෂ්ටියනික් සිද්ධවී තිබේද යනාදී කරුණු දැනගන්ට උවමනා බැවින් මට ‘ ආවේශවි’ ශාස්ත්රිය කියන්ට කීහ. ඉතින් මම ප්රටස්තාවට සුදුස් අන්දමට සැරසී, දෙතුන් විධයක් උඩපැන හු කියා කර කැවී, ඇස් දෙක ඔරවා බලා, නොයෙකුත් විකාර කර පිස්සු වැහුණු කෙනෙක් මෙන් පැදුරක් පිට උඩබැලි අතට වැටී දිෂ්ටි මන්ත්ර කියනට පටන් ගතිමි. එහි සිටින මහලු වැඩකරුවෙක් මට වතුර පෙ‍ටවීමාදියෙන් සංග්ර හා කෙළේය. පැය බාගයක් පමණ මගේ “ බොරු මන්ත්රක ” කියා ඉක්බිති සැහැල්ල කියන්ට පටන් ගතිමි.

“ සිසිරි බර මේ සිරිලක, පිහිටි සහ රුහුණු රට සමඟ මායා රටේ‍- පසිදු නෙක සව්සිරින් පතල මහ වංසවත් - වලව්වල තොරතුරුත් - වලව් පිරිහුනු හැටිත් - මල ඉලව් අව නඩුත් - සමග මහ දුසිරිතුන් කියමි. කලුකම්බිලි දේවතාවුන් අතින් - වරම් මට ලැබිලා තිබෙන බව දනිත්වා - දනිත්වා - සියල්ලෝ ඔන්න අසා ගන්ඩ සොදා.

මේ වලව්වේ මුලින්ම වාසය කළ ලියන මහත්මයා හොඳ‍ කෙනෙකි. උන්නැහේ ධාර්මිකව කල්ගත කෙළේය. රට වැසීන් සමානාත්මතාවයෙන් සැලකුවේය. ආගම දැනගත්තේය. ඒ අනුව පිළිපැද්දේය. තමන් මනුෂ්ය යෙක, අනිත් මනුෂ්යදයොත් මනුෂ්යසයොය යි සිතුවේය. අනුන්ගේ ගිනි නොකෑවේය. ස්වකීය භාර්යාවගෙන් පිට ස්ත්රීෙන්, මව්, නැන්දනී, සොහොයුරි, දු දරුවන් මෙන් සැලකුවේය. මේ සුචරිත ක්රිොයා නිසා ‍එවකට මෙහි සිටි ආණ්ඩු කාරයන්ගෙන් බලවත් ආදර සැලකිළි ගරු බුහුමන් අත් විය. ඔහුට පින්වත් පුත්රආයෝ දෙදෙනෙක් ද දූවරු දෙදෙනෙක්ද ලැබුණාය. ඒ කාලේම මිෂනාරීන් ‍වැදගත් පවුල්වල මිනිසුන් ස්වකීය අත් අඩංගුවට ගැනීමට ගිජුව සිටි කාලයක් බැවින් වයස් ගත මුදලි තැන මළ පසු පුත්රවයන් දෙදෙනාත් දූවරුත් ඉංග්රීවසි ඉගෙනීමට යොදවන ලදින්, කුල සිරිත්, ආගම ධර්ම, කිසිත් නොදැන පූජක පක්ෂයේම වැටී බෞතිස්මව, සිංහලයන්ගෙන් වෙනස් උසස් “ජාතියක්” වූහ. ඔ‍වුහු දෙදෙනාට ද මුදලිකම් ලැබුනාය. දූලා ඉංග්රීනස් වෙච්චි. මුදලි වෙච්චි දෙදෙනාට කෑමට රුපියල් තිහනම් බීමට රුපියල් අනූවක් ද, ඇදුමට හා සල්ලාල ක්රිමයා ආදියට තව දෙතුන් සියයක් උවමනා වූහ. ලොකු ගෙවල් හදන්ටද, ලොකු වතු පිටි ගන්ටත් උවමනා විය, ලැබෙන පඩියෙන් මේ සියල්ලම කළ නොහැකි බැවින්. හිඟන්න‍ාගේ පටන්

පියදාස සිරිසේන නවකථා එකතුව 143

ගමරාල දක්වා තමා සම්බන්ධව කරණ කටයුත්තේදී කොල්ලකන්ට පටන් ගත්තාය. එක මුලාදෑනි වසමට රුපියල් පන්සියය බැගින්ද, එක ආරච්චි වසමට රුපියල් දහ බැගින්ද ‍‍නොගෙන කිසිවෙකුට එබඳ නිලයක් නුදුන්නාහ. මාසයක් රුපියල් පහ උපයන අසරණයාගේ කටයුත්තතක් උවත් රුපියල් දහයක් දොළහක් නොගෙන කිසි කළෙක නොකළාහ. මෙසේ අධර්මයෙන් ධනය සපයමින් තුච්ඡවූ නින්දිතවූ හැසිරීමෙන් යුතුව කල් යවන ඉන් එක මුදලි කෙනෙක් එබඳුම පහත් වල් සි‍රිත් පුරුදු ළමාඑතනී කෙනෙක් විවාහකර ගත්තේය. ඉතින් අසූවියට අසූවිය එක්වූවා වැනි මේ දෙදෙනාගේ සම්භෝගයෙන් දූවරු දෙදෙනෙකුත් පුතෙකුත් උපන්නෝය. ඔවුන් වනාහි ප්රේදත ලෝකයෙන් හා තිරිසන් අපායෙන් වුනව මෙහි උපන් සත්වයෝය. වලව් වුවත් දුර්ගන්ධය හමන තැනට නිලමැස්සන් එන්නාක් මෙන් දුශ්චරිතයෙන් යුත්ව ගෙවල් උපදින දරුවෝ සතර අපායෙන් චුතවන කාලකණ්ණිහු මය.

ඉතින් මේ උපන් දරු ‍තුන්දෙනාගෙන් පුත්රදයා කිසි දෙයක් ඉගෙන ගත නොහැකි අඥාන, අමන, තක, තීරු, බෙබඳු, සල්ලාල, අඩම්බරයෙන් වුනි. මෙහුත් පියා මෙන් අනුන්ගේ රීරි මාංස ඇඳගෙන කන්නෙක් වුනි. නමුත් මුදලිකම ආදිය ලබන්නටත් ඉගෙනීමක් නැති විය. එයෙත් පියා රට කොල්ල කෑමෙන් රැස් කළ හැට පන්දාහේ බූදලය ති‍බුනේය. සියළුම දුශ්චරිත කරමින් සිටි මොහු සංකීර්ණ පවුලක බර්ගර් වේශධාරී වලව්වේ මහත්මයෙක් කසද බැන්දේය. දිනකට දෙදෙනාට විස්කි බෝතලයක් ද කිකිලි බිත්තර දුසින් එකමහමරක් ද උවමනා වූහ. මෘග ලීලාවෙන් මෙසේ කල් යවන අතර දූලා දෙදෙනෙක් උපන්නාහ. උපන්නෙත් ඇට සැකිලිය තවමත් ඇට සැකිලිය. මක්නිසාද ප්රේෙත ලෝකයෙන් චුතව අවුත් උපන් ප්රේ්තයන් නිසාය. මේ දෙදෙනාම අවුරුදු දොළස, දහසය වනවිට ලෝකයේ ඇතිතාක් ලෙඩ රෝග වලට භාජනව සිටි මම්මා ‍මැරී ගෙවල ප්රේවතියක් වූවාය. පප්පා එතැන් සිට වතු පිටි වලින් ලැබෙන සියල්ලම වියදම් කරමින් බොන්ටත් නින්දිත දුශ්චරිත කරන්නට පටන් ගත්තේය. දූලා බෝඩිං ස්කෝලේ “ ලාඩං ගහන්ට” ඉගෙන ගත්තෝය. තරුණ භාවයට පත් පසු ගෙදර අවුත් අවුරුදු තිහකුත් විසිඅටකුත් වනතුරා පිළිවන් තරම් දඩාවතේ ඇවිදිමින් ඉන්නාවිට බේබදු පියත්, බේබදු දූලත් අතර ඇතිවිය හැකි අනතුරු වලින් නොමිදී ඒ පව්කාර හාමු දැන් මායා රටට වෙලා සිහිසන් නැතුව බොමින් වාසය කෙරේ. අවුරුදු හැටක් වූ ඒ මහල්ලා තවමත් අවුරුදු දහ අටේ අශිෂ්ටාචාර කොල්ලෙක් මෙන් ක්රිදයා කරන්නේය. දූලා දෙන්නාට “නරින්” සමගවත් යාගත නොහැකිව තවමත් වාසය

144 වලව්වක පලහිලව්ව

කෙරෙති. මුන්ගෙන් පරම්පරාව ඉවර වේ. මොවුන් තුන් දෙනාම මැරී ගොස් සංඝාත නම් නරක‍යේ ඉපදී අන්තඃකල්පයක් නරක දුක් විදින්නාහ. මේ අධර්මයෙන් ඇති කළ වලව්ව හා දේපල ගම් බිම් ආදිය හම්බයන්ටත් යොනුන්ටත් අයිති වෙති. මොවුන්ට මෙන්ම අධර්මවාදී කොයි වලව්වලටත් ඔය කල දසාවම ගොස් තිබේ. අසරණයන් පෙළා- අයුතු අල්ලස් ගෙන පර ස්ත්රී ‍සේවනාදී අපරාධත්- සුරාපානාදී දුහචරිතත් කරන කිසිම කෙනෙකුගේ පරම්පරා තුනක් නොපවත්නේය. මම කලුකම්බිලි දේවතාවා වෙමි. මගේ කීම එසේ නොවේයියි බොරු කිරීමට කිසිවෙක් නැතැයි කියා හයියෙන් වූ තුනක්ද කියා හඬා මැරුණා මෙන් නිශ්චල වීමි.

මහලු වලව්වේ මහත්මහාත් අනිත් නොනා ‍හාමුලත් මා මළා යයි වතුර පොවමික්. පවන් ගසමින්, සාත්තු කළහ. පියකට පමණ පසු මට සිහිය ආ බව හාගෙව්වෙමි. එවිට සතුටුව මා නැගිටුවා මට තේවතුර ටිකක් ද බොන්ට දී “ආ යකදුරෝ උඹ මොනවාදැයි කීවේ” කියා මගෙන් ඇසූහ. එවිට මමත් භය වුනාක් මෙන් අනේ වලව්වවේ හාමුදුරු‍වනේ මම ‍මොනවැ කිවැදැයි මම නොදනිමි. මා විසින් ‍යමක් කියන ලද්දේනම්‍” කළුකම්බිලි දේවතාවුන් වහන්සේගේ ම කීමය. මම කිසිත් නොදනිමියි” යි කීමි. එවිට මහලු වලව්වේ මහතා මිනිබිරියන්ට කථාකොට “ඔව්, ජැනී - මේ යකැදුරා අපේ පළමුවෙනි සී‍යාගේ පටන් තොරතුරු කොහොම කියන්ටද? අපේ අයියලා උඹලාගේ පප්පා ආදී කව්රුත් ක‍ල් කෙළේ දේවතාවා කී අන්දමට තමයි. අපේ කිසිවෙක් මෙලොවක්, පර‍ලොවක්, හොඳක්, නරකක් තිබෙනවායයි සිතුවේ නැහැ. උඹලා ඉගෙනගත් කල් යැව් හැටි පවා දේවතාවාට කියන්ට පුළුවන් වුනා. අනේ අපේ පරම්පරාවල් විනාශ වුනු හැටි. මේ දේවතාවා කියපු යට ගිය කාරණා ඔක්කොම හැබැයි. ඉතින් ඉදිරියට සිද්ධවෙන් දේත් කොහෙත්ම බොරුවන එකක් නැත. ඒ නිසා උඹලාගේ යුරෝපීය ස්ටයිල් පැත්තකින් තබා අපේ උතුම් කුල චාරිත්රත අනුව ක්රිුයා කොට උඹලාගේ මතු කාලයවත් හොඳ කරගන්ට වෑයමි කරපල්ලායයි කීවාය. මේ කතා මොකවත් නොතේරෙන්නාක් මෙන් මම සිටියෙමි.


පියදාස සිරිසේන නවකථා එකතුව 145

12. පරිච්ඡේදය

ඉක්බිති මහළු වලව්වේ මහතා කතාකොට ආ, යකැදු‍රෝ, උඹ කියාපු දේවල් උඹට දැන් මතක නැතුවා මිස උඹට අපේ බෑනා මායා රටට වී සුරා බිබී ඉන්නා වග පනුණා වගේම ගිය මාසේ මා එක්ක ආ ලක්ෂණ සම්පන්න ආයා පැනලා ගිය වගත් දැනට ඈ කොයිබද යක වගත් බලාගන්ට බැරිවුන එක පුදුමය”යි කීවාය. එවිට මම ඉතාමත් යටහත් පහත් කමින්” අනේ වලව්වේ හාමුදුරුවනේ ඔය කියාපු එකක් වත් මගේ කල්පනාවකින් කීවා නොවේ. ඒ නිසා දේවතාවුන්නාන්සේට සතුටු දෙයක් මිස නො සතුටු දෙයක් කියන එකක් නැත. ඔය පැනලා ගියාය කියන ආයා කොයි පළාතේ කෙනෙක් ද මොකද ඒ ගැන යම්කිසි කලබලයක්වත් උනාදැ” යි ඇසුවෙමි. “ඹන්න යකැදුරෝ මාත්, මගේ වැඩකාරියත් බණ්ඩාරවෙල ඉඳලා දෙවෙනි පංක්තියේ කොච්චියෙන් එක වැඩකාරිත් බණ්ඩාරවෙල ඉඳලා දෙවෙනි පංක්තියේ කොච්ච්යෙන් එක රාත්රිියක එනකොට අඹේපුස්සේ ස්ටේෂමෙන් අප උන් කාමරයට පුදුම ලක්ෂණ සම්පන්න තරුණියක් ගොඩවුනා. චීත්ත රෙද්දකුත් හැට්ටයකුත් ඇඳ තිබුණ් මේ තරුණියගේ කණකර ආභරණ කිසිවක් නැත. නමුත් ඇගේ රූපය දුටු හැටියේ උසස් කුමාරියෙකැයි මම සිතුවෙමි. ඉතින් ඇගෙන් තොරතුරු ඇසුවාම වතුකාර මහත්මයෙකුගේ නො‍නා කෙනෙක් ළඟ ආයා වැඩේ ඉඳලා රක්ෂාවක් ලබා ගන්නා පිණිස කොළඹට යන බවත්, නරක මිනිස්සු අධික නිසා තුනිවෙන් පංක්තියේ කාමරයක නො නැගී දෙවෙනි පංක්තියේ ගමන් කරන බවත් කීවාය. ඉතින් මේ වලව්වේ නොනා හාමුලාට ආයා කෙනෙක් උවමනා කර තිබුණු බැවින් මම ඈත් සමඟ මෙහාට ආවෙමි. ඈ දුටු හැටියේ අපේ බෑනාට පිස්සු වැහිච්චි! එහා වලව්වේ ඉන්නා අපටත් මුණුබුරා වන හාමුකෙනෙකුට ද පිස්සු වැහිච්චි! ඊට පසුවදා නුවරින් ඈ සොයායන ආ උඩරට මහත්මයෙක් ද මෙහාට පැමිණියේ ය. මොවුන් තුන්දෙනා කොලාහල කරගෙන එකෙකු ගේ අපේ මුනුබුරාගේ ඔළුව පැලිලා ස්ත්රීුතාලේය. යන්තම් මරෙන් පොරෙන් පස් දවසක් ඒ ලමිස්සී මෙහි කල්ගත කරන විට මේ ‘වල් බේබදු’ මිනිසුන් ගෙන් ගැලවී ගත නොහැකිව හොරෙන්ම සැඟවී ගොස් තිබේ. ඉතින් ඒ රූපත් තරුණියට මක්වුනාද නො දනිමි”යි කීවාය. ඇත්තෙන්ම ‘ලොත්’ වලව්වෙන් එපමණ කරුණ් දැන ගත්තා හොඳටම ඇතැයි සතුටුව රෑ දොළහාට පමණ නිදා ගතිමි. මම උදේ රැයින්ම නැඟිට එතැනින් පටත්ව යන්නට සැරසුනෙමි. මහළු වලව්වේ මහතා‍ගේ නියමය පරිදි නොනා හාමු කෙ‍නෙක් මට රුපියල් පහක්ද දුන්නාය. ඒකත් ඔඩොක්කුවේ දමා ගෙන අටට පමණ මා නවතින ස්ථානයට

146 වලව්වක පලහිලව්ව

අවුත් මගේ විකාර වේශය ඉවත් කොට වතුර නා, පිරිසිදු ලෙස සැරසී, දවල් බත් අනුභව කොට ටිකක් නිඳා ගතිමි. නින්දෙන් පිබිඳ ඒ සයනය පිටම හිඳගෙන කල්පන් කරන විට මට මගේ ස්වාමි දරු වූ තථාගක සම්මා සම්බුදුරජාණන් වහන්සේ ප්ර කා‍ශ කොට වදාළ චතුරාය්ය්ාණප සත්යතයෙහි සත්යුතාවය මෙනෙහි කරන්නට පිළිවන් ශක්තියක් ඇති විය. මා විසින් කට පාඩම් කරන ලද ගාථා පසක් සිහි වීමෙන් මේ වේලාවේ ඒ උතුම් චතුරාය්ය්මා සත්ය්ය සිහියට ආ බව සැළකිය යුතුයි.

ඒ ගාථා පස නම්:-

නබාධකං යතො දුක්ඛං නඤාඤා නිබ්බානතො සන්ති
දුක්ඛං අඤ්ඤං න බාධකං සන්තං නච නතං යතො
බාධකත්ත නියාමෙන සන්තභාව නියාමෙන
තනො සච්ච මිදං මතං තනො සච්ච මිදං මතං
තං විනානාඤ්ඤතො දුක්ඛං මග්ගා අඤ්ඤං න නිය්යා නං
න හොති නච තං තතො අනිය්යාගනො න චාපියෝ
දුක්ඛ හෙතු නියාමෙන තච්ඡනිය්යානන භාවත්තා
ඉති සච්චං විසත්තිකා ඉති සො සච්ච සම්මතො
ඉති තච්චා විපල්ලාස
භූතභාවං චතුස්වපි
දුක්ඛං දිස්වා විසෙසෙන
සච්චත්ථංි ආහු පණ්ඩිතා

‍ යන මේ ගාථා පංක්තියෙහි අර්ථ ය මෙසේ මෙනෙහි විය.

මේ දුකකැයි සම්මත වු ධර්මය තෙමේ සත්වයාට දුකකි පෙළීමක් මුත්, සැපතක් හෝ නො පෙළීමක් නො‍ කෙරේ ද? මේ ජාති ජරා මරණාදී දුකම හැර සත්වයා පෙළන්නා වූ අනිත් ධර්මයක් තුන් ලොවම නැත්තේ වේද? ඒ හෙයින් සත්වයාට දුක්දී මය පෙළීමය යන දෙයාකාර නියමයෙන් මේ දුක සත්යනයයි දැනගත යුතුය. මේ ජාත්යා දී දුක්, දුක් නො වෙති. මේ ඇර සත්වයාට පීඩා කරන්නාවූ අනික් ධර්ම.යක් ඇතැයි කියාද ඔප්පු කළ හැක පණ්ඩිතයෙක් තුන් ලොවෙහිම නැති බැවින් තථතයන් වහන්සේ ප්රයකාශ කොට වදාළ දුක්ඛ සත්යෙය ඒකාන්තයෙන්ම ප්ර්ත්ය‍ක්ෂ වේ.

පියදාස සිරිසේන නවකථා එකතුව 147

තෘෂ්ණාව හැර අනික් ධර්මයක් හේතු කොටගෙන දුක් නූපදී ද? දුක තෘෂ්ණාවෙන් තොරව සිද්ධ නෙ‍ාවේද? හෙවත් දුක උපදින්නේ තෘෂ්ණාවෙන් නොවේය. දුක් ඉපදීමට අන්යූ හේතුවත් ඇත්තේය යි කියා ඔප්පු කිරීමට සමර්ථ පණ්ඩිතයෙක් මුලු තුන් ලොව ම නැත්තේය. එ බැවින් තථාගත සම්මා සමුබුදු රජාණන් වහන්සේ දුක් ඉපදීමේ හේතුව තන්හාව යයි වදාළ සමුදය සත්යබ ඒකාන්තයෙන් ම සත්යම වේ.

නිර්වානය ඇර අන්යා දුක් සංසිඳිමෙන් නැත්තේ වේද? ඒ නිර්වාණය දුක් නිවීමෙන් නොවේය. අන්යං වූ දුක් නිවීමෙක් ද ඇතැ” යි කියා ඔප්පු කළ හැකි කිසිවෙක් ලෝකත්ර්යෙහි ම නැති බැවින් නිර්වානය දුක් නිවීම යයි තථාගතයන් වහන්සේ වදාළ නිරොධ සත්යහය ඒකාන්තයෙන්ම සත්යය වන්නේය.

සෝවාන් ආදී මාර්ග සිත්හි යෙදුනා වූ සම්ය්ක් දෘෂ්ඨිය, සම්යික් සංකල්පනාවය, සම්යයක් වචනය, සම්යදක් කර්මාන්තය, සම්යසක් ආජීවය, සම්ය්ක් ව්යා යාමය, සම්ය‍ක් සතිය, සම්ය‍ක් සමාධිය. යන මාර්ගයන් අටදෙන හැර සසරින් නික්මයා හැකි වූ අනික් ධර්මයක් නැත්තේවේ ද, ඒ මාර්ග තෙමේ සංසාරයෙන් එතර වීම ඇර අනික් කටයුත්ක් නො කරන්නේ වේද, නොහොත් සසිරින් නික්ම යැවීම කරන්නා වූ ධර්මය මේ මාර්ගාංග අට නොවේය. අනික් ධර්මයක් සංසාර දුකින් නිදහස් කරන්නේ යයි පෙන්විය හැකි දෙවියෙක් බඹෙක් පණ්ඩිතයෙක් නැති බැවින් තථාගතයන් වහන්සේ දේශනා කොට වදාළ වූ මේ මාර්ග සත්යැය ඒකාන්තයෙන්ම සත්යද වන්නේය.

මෙසේ දුකෙහි සත්ය බවත්, ඒ දුක කිසි කලෙකත් සැපයට නො පෙරළෙන බවත්, දුක්ම යයි ඒකාන්ත බවත්, දුක් සංසිඳීමට නිර්වානයම ලැබිය යුතු බවත්, නිර්වානය ප්ර්ත්යදක්ෂ කර ගැනීමට සම්මා දිට්ඨි ආදී මාරුග අට ඒකාන්තයෙන් අවශ්යේ බවත් , යන මේ චතුරාර්ය සත්යෂය අසරණ සරණ ගත වජ්ර්පංජර වූ මාගේ ස්වාමි දරු වූ තිලෝගුරු සම්මා සම්බුදු රජාණන් වහන්සේ විසින් ප්රපකාශ කර වඳරණ ලද්දේය. ඉතින් ‍මේ සත්යසය හතරෙන් දෙකක් තමා තුළ පවත්නාහ. තමාගේම සලකා ගත හැක්කේය. අනික සිව්වන වූ මාර්ගසත්ය ය පිළිපැදීමෙන් අවබෝධ කරගත හැක්කේය. ඒ සතර වන මාර්ගයෙහි පිළිපදිනා ඥානවන්තයාට තුන්වන වූ නි‍රෝධ සත්යුය ප්රමත්යික්ෂ් කර ගැනීමට සාක්ෂි ඇති වෙත්. සක්කාය දිට්ඨි, විචික්ච්චා, සීලබ්බත පරාමාස යන මේ කෙලෙස් මුල් සුන් කොට සෝවාන් ඵලයට පැමිණි පුද්ගලයාට මේ චතුරාර්ය සත්යලය හස්තාමලකයෙක් මෙන් අවබෝධ වේ. හෙවත් මේ චතුරාර්ය සත්යනය සම්පූර්ණ අවබෝධයෙන් සෝවාන් ඵලය ලැබේ. ඒ සෝවාන් ඵලය මේ ආත්ම භාවයේ දී නොලැබුනත් මේ චතුරාර්ය සත්යණය සම්පූර්ණ‍යෙන්

148 වලව්වක පලහිලව්ව

අවබෝධ නූනත්, ටික ටිකවත් එය අ‍වබෝධ කර ගැනීමට වීර්යය වඩන උත්තම සත්යාට සංසාරයේ දී ඒ පුරුද්ද කරණකොටගෙන බුදුරජාණන් වහන්සේ නමක‍ගේ සම්මුඛයක් පැමිණි විටෙක මහාම අවබෝධ කර ගැනීමට පිළිවන් පුරුද්දක් ඇති වේ. ඒ හෙයින් “ මටද මේ උතුම්වූ චතුරාර්ය සත්යස ධර්මය අවබෝධ වේව‍ා” යි මහත් ප්රී“ති වේගහක් ඒ වේලාවේ මා තුළ ඇතිවිය.

ඉකිබිති පරාරථ සාධක චින්තාමාණික්ය‍වූ ම‍ාගේ ස්වාමි දරුවූ ත‍ි‍ලෝගුරු සම්මා සමුබුදුරජාණන් වහන්සේ මේ චතුරාර්ය සත්යවය ස්වයම්භුඥානයෙන් අවබෝධ කරගෙන ලෝක සත්වනයාට අවබෝධකර දී සංසාර බන්ධනයෙන් ලෝක සත්වයා මුදවා ගැනීම සඳහා අනන්ත වූ අප්රරමාණ වූ කාලයක් මුලුල්ලේ කරණ ලද වීර්යය සිහිකොට අනුන් නිසා දුක්වින්ද ඒ මහෝත්තමයාණන් වහන්සේ මෙන් පරදුක්ඛ නිවාරණය පිණිස මා‍ගේ ජීවාතයවත් පරිත්යා්ග කරමි යි අධිෂ්ඨාන කරගෙන උනස්නෙන් නැඟිට මූණ අත පය සොදාගෙන මට පුරුදු යුරෝපීය අඳුමෙන් සැරසී සවස 4 ට පමණ වූ බැවින් ගෝල්පේස් පිට්ටනිය පැත්තට ක්රීසඩා වශයෙන් ගියෙහි. එහි නොයෙක් තරුණ තරුණියන් හා කුඩා ළමයිද නානා ජනයාද පිරිසුදු වාතය ලැබීම සඳහා ඇවිදිනා බව පෙනුනේය. බොහෝ විට අවකාශ නැති තරුණ තරුණියන්ට කථා බස් කරන්නට ඉඩ ලැබෙන්නේ මෙබඳු පිට්ටනිවල දී බැවින් ඒ අදහස ඇතිව ඉන්නා අය ද මෙහි සිටින බව පෙනුනේය. නා නා විධ චාරිත්ර වාරිත්ර ගුණ ධර්ම පුරුදුවූ මිනිසුනුගේ සමාකීර්ණ මේ රටේ බොහෝ දෙනා කුල චාර්ත්ර ඉක්මවා ක්රිපයා කරන නමුත් අපේ ආදී බන්ධූවූ බෙංගාලි ජනයා තවමත් ස්වකීය කුල චාරිත්රප ආදිය ආරක්ෂා් කරන හැටි ඒ පිට්ටනියේදී හදිසියෙන් මුණගැසුණු “මිත්රය” නම් බෙංගාල මහතෙක් සමඟ කථා කිරීමෙන් දැනගන්නා ලදී. බෙංගාලින්ගේ කුලධර්ම ආරක්ෂාට කර ගැනීමට ප්රමධාන හේතුව බෙංගාල ස්ත්රීාහු උගත්තියන් හෙයිනි. ජන්ම භාෂාවත් ඒ කුල චාරිත්රනත් ඉතා හොඳින් උගත් කුල ස්ත්රිගන්ගේ දරුවන් ජාති භ්රාෂ්ටවීම හෝ දුශ්චරිත කරන්නන්වීම ඉතා පුදුමයකි. අපේ රටේ සිවකීය භාෂා ශාස්ත්රද කුල ධර්මාදිය නොදැන යුරෝපීය ක්ර මයට ඇතිදැඩිවූ පවුල් වල මෑණිවරුන්ගේ දරුවන් කලාතුරකින් වත් ජාති හිතෛෂියෙක් වීම “ සිංහලයෙක” වීම අපේ පැරැණි බෙංගාලි ලේ නිසාම බව දැන් සිතට ගත හැක. අපේ පටන් ගැන්ම බෙංගාලයෙන් නිසා දැන් පවත්නා ජාතික පිරිහීමෙන් තුරන් වීමටත් බෙංග‍ාලින්ම ආදර්ශයට ගත යුතු බවත් ඒ මිත්ර නමැති මහතා කීවේය. උන්නැහේත් සමඟ උන්නැහේ

පියදාස සිරිසේන නවකථා එකතුව 149

නැවතී සිටින භෝජන ශාලාවට ගොස් අට පමණ වන තුරු නොයෙකුත් දේවල් ගැන කථා කරමින් සිට විදුලි රථයේ නැගී මා ඉන්නා නවාතැන් පලට එනවිට නුවරින් එන මගේ මිත්රියෙකු ගැන මතක්වී උන්නැහේ ආ විට නවතින තරමක් විශාල වූ පිටකොටුවේ හෝටලයකට යාම සඳහා විදුලි රථයෙන් බැස්සෙමි. විදුලි රථ පාරේම තිබෙන ඒ හෝටලයේ දෙවෙන් මාලෙට ගියෙමි. ඒ මා යනකොට සාය හැට්ටය ඇඳ මනා ලෙස සැරසුනු අවුරුදු දහ අටක් පමණ වයසැති රූප සම්පන්න සිංහල තරුණියකුත්, කලිසම් මරක්කල තරුණයකුත් රෙදි ඇඳපු හිසකෙස් කොටකර කැපූ සිංහල තරුන‍යකුත් එක මේසේ ආහාර අනුභව කරනු දැක ටිකක් වේලා නිශ්ශබ්දය බලා සිටියෙමි. මේ තුන්දෙනා ඔවුනොවුන් නාඳුනන් අමුත්තන් වශයෙන් නොව අඹු සැමියන් වශයෙන් හෝ ඉතාමත් හිතෛෂි මිත්රවයන් වශයෙන් කෑම බීම හුවමාරු කර ගනිමින් අනුභව කරන ලීලාව දුට‍ු මට මහත් සංවේග‍යක් ඇතිවී, ඒ ‍හෝටලයේ අනිත් පැත්තේ ඒ වේලාවට සිටි වැඩකාරයෙකුගෙන්, මගේ මිත්රලයාගේ නම කියා ඔහු ඉන්නේදැයි ඇසුවෙමි. ඒ මහත්මයා ආවේ නැතැයි කී පසු “අර එකට කෑම ගන්නා මරක්කකලයත් සිංහල තරුණයත් තරුණියත් මීට පෙරත් මෙහාට ඇවිත් පුරුදු අයද? ඔවුන් ගැන යැලුවා මොකවත් දන්නෙහි” දැයි ඇසීමි. සිංහල නාමයට ගෞරවාදරයක් ඇත් ඒ වැඩකරුවා කණගාටුවෙන් මෙන් “ අනේ මහතාණෙනි, ඔය ළමිස්සී වැදගත් තරුණියකි. අර ඉන්නා සිංහල තරුණයා මහා වීදියේ සාප්පුකාරයෙකි. ඒ සාප්පු‍වට බඩු ගැනීම පිණිස තනිව ආ වේලාවක මිත්රතව ඉක්බිති මිත්රණකම දිවුණු කරගෙන දැන් රාත්රිියේ පවා මෙහෙම ඇවිදිනවා. මෙහිදී කැම කා ඉක්බිති “බයස්කෝපි, නෘත්යි,” ආදි ක්රීමඩා බලන්ට ගොස් සමහරදාට මේ හෝටලයේමත් ලැඟුම් ගනිති. අර ඉන්නා මරක්කයා මේ තරුණ සිංහලයා විසින් ලෑස්තිකරගත් යාළුවෙකි. මරක්කයා ගජ පොහොසතෙකුගේ පුතෙකි. ඔහුගෙන් විශාල මුදලක් අර සිංහල තරුණයා ලබාගනිමින් ස්වකීය මිතුරුය මරක්කයාටත් මිතුරුකරදී දැන් තුන්දෙනාම “ආශ්චර්යවූ මිත්රම ධර්මයෙන්” යුක්තව කති. බොති. ක්රී‍ඩා බලති, හැසිරෙති, අ‍හෝ අපේ කුල වංශයට ගිය කල “ යි ඒ වැඩකරුවා කීයේය. ඒ තරුණ මෙහෙකරුවාගේ සිත ධෛර්ය කරනු පිණිස මම මෙසේ කීවෙමි. “ යාලුවා ඕවා ගැන සෝක කරන්ට එපා. ඔය තරුණිය පමණක් නොව කෙතරම් හොඳ පවුලක තරුණියකට වුවත් වුවමනාවට වඩා නිදහස ඇති වුනොත් ඔය අන්දමට නරක් නොවී නොයයි. ධනවත් පවුල්වල සිංහල මව්පියෝ පුත්ර යන්ට හා දූවරුන්ට ඉංග්රී සි උගන්වනු සඳහා කොළඹ නවත්වති. ඒ නවත්වන ස්ථානය කෙබඳු

150 වලව්වක පලහිලව්ව

නැනක්දැයි කියා බොහෝදෙනා විපරම් නො කරති. නො අනුමානව ඔය කරුනිය බර්ගර් ගෙදරක හෝ බර්ගර් වෙච්ච ගෙදරක නවත්වනු ලැබූ තරුණියකි. ඈට හිතුමනාප අන්දමට කඩ සාප්පුවල ඇවිදින්ටත්, නෘත්ය ගීත බලන්ටයන්ටත් එබඳ තැනිවලින් අවහිරයක් නැත. මේ තැනැත්තිය තනිව බඩු ගන්ට ආවිට සාප්පුකාර තරුණයාට මිත්ර වෙන්ට ඉඩ ලැබී. ඉක්බිති ඔහුගේ අයුතු ලාභ චේතනාවෙන් ජාතිය මකබෑවී ගියත් කමක් නැතැයි සිතා, මිත්ර වූ මරක්කයාටත් තරුණිය මිතුරු කරදී තිබේ. පසුගිය “ මාර්ෂල් ලෝ” කාලේ සිංහල ජාතිය පාවා දී මරක්කයන්ට පක්ෂුව එවුන්ගෙන් ප්රපයෝජන ගත් කී දෙනෙක් නොසිටියෝද? සිංහල නම් ආරූඪ කරගත් සංකීර්ණ අධමයෝ අපේ ජාතියේ එමට සිටිති. ඔව්හු තමාගේ ප්රකයෝජනය තකා ජාතියට ඉතා නින්දිත කුලමල ඇතිවන, ජාතියට හානි පමුණුවන ක්රිනයා ද කරති. හැබෑ සිංහල ලේ ඇති කෙනෙකුට දිවි ගියත් කෙතරම් ලොකු ලාභයක් ලැබුනත් ජාතියට නින්දා එලවන ජාතියට අවාසි වන ක්රිලයාවක් කළ නොහැක්කේය. දැන් මේ ඉන්නා සිංහල තරුණයා කාගේ කවුරු වුනත් සංකීර්ණයෙකි. මේ තරුණිය කොතරම් ඉහල පවුලක වුවත්, කුල ධර්මයෙන් තොරවූ මව්පියන්ගේ දරුවෙන් බැවින් ඔවුන්ගේ අයුතු හැසිරීම ගැන පස්චාත්තාප නොවිය යුතුයි. අසූචියෙහි ගඳ ඇතිවීම ගැන කුමට කණගාටු වෙමුද? නමුත් පිරිසිදු ලේ සෑම වේලේම ජාත්යාමභිමානයෙන් යුක්තව පවතී. ඒ ස්වභාව ධර්මයකි. ස්වභාව ධර්මය නොයික්මවන වස්තු කීපයක් ගැන මිත්රයාට සිහි තබාගන්නට මේ කවි කීපය ලියා ගන්නට කියා දුනිමි.

කැ ළු මි න් බබුළුවා මුලු ලොවම එක ර ‍ඟේ
ත රි දු න් සැරු නමුත් මුලු රැය ගුවන් ම ‍ඟේ
වෙ සෙසි න් මුහුකැරු තිබුනත් පියුම් ව ‍ඟේ
පු බු දි න් නේ නොවෙයි රැස් නොලදොත් හිරු ‍ඟේ
නො ල ද ත් ගොදුරු මුලු දවසම ඉඳ ස යි නී
වැ ටු නො ත් මැරු සතා වම් පැත්තට බ යි නී
බ ල ව ත් ජාති මානෙන් සිත යුත් හෙ යි නී
නූ බු දි ත් මිහිඳු බල බෝ දම් හැටි මේ යි නී
ස ‍සො බ න මී ගිතෙල් සහ උක් සකුරු ව ල
එ සු බ නැකතකින් සිටවූ කොසඹ පැ ල
හි ම ඹ ඉස ඉසම වැව්වත් සියලු ක ල
කො ස ඹ තිත්තමයි ලෝ දමෙක බල බ ල

පියදාස සිරිසේන නවකථා එකතුව 151

මු ව ර ද සපිරි සුවඳැති කුසුමක් පිපෙ න
නි සි ලෙ ද වවන ලද තුරුලියැති ගෙවුය න
දෙ න න ද මියුරු මිහිලොල් අවසර නොව න
කි සි ස ඳ බිඟුහු නොරඳත් මල් නොමැති තැ න
දු ග ඳැ ති කසල රැස්කොට තිබෙන තැනෙ ක
සැ ක නැ ති වම වෙසෙත් නිලමැසි කැල නොයෙ ක
ව න රු ති නොසිරි සුවඳක් සහ දුඟද දෙ ක
ඇ ස නැ ත හට වුවත් සුවසේම දත හැ ක
ද න ව ත් උවත් සත්මුතු පරපුරෙන් එ න
නො ම ද ත් වැඩ අවැඩ නිති දුසිරිත් කර න
නැ ණ නැ ත් මව් පියන් හට දරුව උපදි න
එ කෙ කු ත් ලොවෙහි නැත යුතු උතුමන්ගෙ ගු න
ප ව ර ජාතියේ දිනු දෙගුරන්ගේ ස ර
අ ද ර වන සුතන පමණක් මෙදිය තු ර
නි ත ර රකික් ජාතිය දිවි තොර නොක ර
සෙ ම ර වල් රක්න මෙන් සියල පුද ක ර
ගු ණ නැ ති අදම මුසු ලේ යුතු මව් පිය න
නි සු යු ති වැඩු නමුත් සිය ‍සුත අදම ව න
ස ල ක ති තමන් ගැන ජාතිය නො තකමි න
වැ ට හෙ ති මව්පියන් හැටි දරු පැවැත් මෙ න
කි ක ලේ වත් ලදොත් ඉසුරක් සතුටු ව න
ස ස ලේ සිතින් සිය කුල දම් සිඳ ලමි න
අ ප ලේ සිය රටට පමුණන රුදු දුද න
නි සි ලේ සිරුර නැතියන් බව නිසැක ව න

ඉක්බිති මම අට හමාරට පමණ ගෙදර අවුතු රාත්රීු බත කා ටිකක් කල්පනා කරන්නට පටන් ගතිමි. නවරත්න බණ්ඩාර නො අනාමාන‍ට බින්තැන්න පැත්තේ සිටින්ට පිළිවන. නමුත් ලීලාවතී මැණිකේට මක්වුනාද? තවත් වලව් හත අටක සොයා බලා බින්තැන්නට යන්නෙමියි සිතාගෙන නිදාගතිමි. උදේ නැඟිට ආගම කෘත්යයය කොට මගේ නියම වේශයෙන් සැරසී රහස් පරීක්ෂකයකුට උවමනා කළමනා ආදිය ලෑස්ති කරගෙන කළුතරට යන කල්පනාවෙන් දුම්රියේ දෙවෙනි පංක්තියේ කාමරයකට නැඟුණෙමි. ඒ කාමරයේ හොඳට ඇඳ පැළඳගත් සිංහල

152 වලව්වක පලහිලව්ව

මිනිහෙක් සි‍ටියේය, යාබද වූ කාවර වල තවත් කීප දෙනෙක් උන්හ. මා උන් කාමරයේ සිටි මේ තරුණ පාහේ මනුණ්ය යා මට ආචාර කොට, ඉතා ශික්ෂි ත උගත් වැදගත් මනුෂයෙක් මෙන් මාත් සමඟ කතාකරන්ට පටන්ගෙන නොයෙකුත් කාරණා ගැන කතා කළේය. මොරටුවත් පසුවෙනතුරා එසේ කතා කරමින් ගොස් ඔහු ‍අතේ තිබුනු කඩදාසි කුට්ටමක් අ‍ර ගෙන එක්තරා සෙල්ලමක හැටි මට කියා දුන්නේය. ඊට “පොම්මෙ” සෙල්ලම යයි ඔහු කීය. ඉතින් මේ සූදුව ධනවත් හෙට්ටි මිනිසුන්ගේ රහස් සෙල්ලමක් බවත්, රුපියල් තුන් හාර සියයක් දිනාගත හැකි බවත් ඔහුත් සමඟ එසේ සූදුවට ගොස් දිනාගත් කීප දෙනෙකුගේ නාමත් මට කීයේය. ඔහුගේ රසවත් සිත් අලවක කතාවට මා තරම් ලෝකේ තොරතුරු නොදත් අයෙක් නම් නො අනුමානවම මුලාවිය හැක. මේ කෛරාටික අධම මිනිහාගේ රක්ෂාව මේකය. දෙවනි පංක්තියේ ගමන් කරමින් දුම්රියේදී ම බො‍ෂහෝ දෙනා මේ සූදුවට පොළඹවා ගෙන හෙට්ටින්ගේ මුදල් රාශාය පෙන්වා ඉක්බිති අර නිර්දෝස මන‍ුෂ්යහයා ගෙන ගිය මුදල් ටික ‍එකපාරටම පැහැරගෙන සමහර විට ඇතැම් අයගෙන් පොරොන්දු නෝට්ටුත් අරගෙන මුදල් කොල්ල කෑම මොහුගේ රක්ෂාව විය. ඉතින් මේ අධමයාට හොඳ වැඩක් කරමියි සිතා ගතිමි. කෝන්ගොඩ වික්ර මපාල බව මොහු දන්නේ නම් කිසි කලෙකත් මා රවටන්ට නොසිතන්නේය. මම පස්දුන් කොරළේ මිනිරන් කපන්නෙක් බව කී නිසා මගෙනුත් රුපියල් හාර පන්සීයයක් කොල්ලකාගන්නට පුළුවනැයි සිතා, කළුතර ධනවත් හෙට්ටියෙක් සමඟ මේ සෙල්ලමට යාමට කැමති දැයි ඇසීය. මමත් මෝඩයෙක් මෙන් සතුටු බව කීවෙමි. පළමුවෙන් සූදුව කරණ හැටි උගන්වා. මටම දිනාගන්ට පිළිවන් ක්රිමය පෙන්නුවේය. ඒ මට කියා දුන් හැටියට හැටියට නම් මා කොයි වේලාවකටත් නොපරදිනා බවම පෙන්නුම් කළේය. ඉතින් දුම්රියෙන් බැස මා අඳුනන් මිත්රායක්ගේ සාප්පුවක මගේ පෙට්ටිය තබා පොම්මෙකාරයක් සමඟ හෙට්ටි කඩේට රිංගා ගතිමි. එසේ ගොස් බැළු විට ඉතා හොඳින් පිළියෙළ කළ ශාලාවක දෙකට හරි වයසේ තඩි හෙටිටියෙක් උන්නේය. මා වාඩිවුනාට පසු තවත් හෙට්ටියෙක් සමඟ රහසින් මොකක්දෝ කතා කර ගත් මේ කෛරාටිකයා අවුත් අප සිටි තැනින් වාඩිවී සූදුව පටන් ගන්ට කීය. මම රුපියල් සියයක් තබා කඩදාසි කොළ බෙදුවෙමි. වාසනාවට මෙන් මට දිනුම් ඇතිවිය. එමිට රුපියල් හාරසියයක් හෙට්ටියා විසින් ගෙවන ලදී. මම ඒ මුදලත් රැගෙන මේ ප්රසයෝගකාර‍යාගෙන් මගේ දක්ෂදකම නිසා යන්තම් ගැලවී ගියෙමි. නමුත් මොහුට අසුවී විනාශවූවන් ගේ ගණන අප්ර මාණය. පහසුවෙන් ධන සපයාගන්නට යන සූදුකාරයන්ට වන්නාවූ

පියදාස සිරිසේන නවකථා එකතුව 153

විපත සලකාගන්නට මේ පොම්පෙකාරයක් එක් ආධාර කාරයෙකි. පොම්මෙකාරයා ගෙන් ගැලවී මම කලින් පුරුදු හෝටලයට අවුත් නවැතැන් ගතිමි. එදා රාත්රීක එහි නැවතී සිට පස්දුන් කෝරළයේ මගේ මිත්රන මුදලි කෙනෙක් ඉන්නා බැවින් උන්නැහේ සම්බවීමට සිතා පසුදිය කරත්තයකින් එහි ගෙයෙමි. කලින් මා හොඳට දන්නා ඒ මුදල් තැන දැනි අමුතු මිනිහෙක්වී මා අඳුනන් බවවත් අඟවන්නට කැමති නැති බව දැක පුදුමවීමි. ඉතාමත් පහත් මිනිසුන්ට මුදලිකම ආදිය ලැබීම මහත් අනතුරක් බව මට හොඳින් පෙනී ගියේය. මුදලි තැන මා දැක කථාකළ නමුත් ඔහුගේ ප්රීමාණයට මා සැලකීමට සුදුසු නොවන බව ඇ‍ඟෙව්වේය. රට වාසීන්ගෙන් අයුත්තේ ධයන පැහැර ගනිමින් සිටින මේ අද්භූත මනුෂ්ය යා කෙරෙහි කිසිවෙක් ප්ර ශන්න නැති හෙයිනි ඔහුටත් ඔහුගේ උසස්වීම අප්රෙයෝජන බව වැටයුණේය.

අප රටේ සමනාත්මවාදී ධර්මය ප්රිකටව යන තුරා නිල ලබන්නන් හා සාමාන්යස ජනයාත් අතර සබ්බන්ධතාවය ඉතාමත් විරල බව පෙනේ. මුලාදෑනිනිට හා ඒ ඒ පළාත්වල මිනිසුන්ට දැක්විය යුතු ගරු බුහුමන් මේ මේ ප්රාමාණයට විය යුතු යයි ධර්ම ශාස්ත්ර නූගත් මිනිසුන්ට නොතේරේ. රට වාසී සියළු දෙනාම සුඛිත කිරීමට තිබෙන එකම උපාය අස්ථානයේ බිය නොවීමටත්, ඒ ඒ මිනිසුන්ට අයුතුත බල පුළුවන්කාරකම් නොලැබීමටත්, මිනිසුන්ගේ දැනගැන්ම දියුණු කිරීමත් පමණකි. මා පස්දුන් කෝරළයට ගියේ මුදලි තැනත් සම්බවීමටම වුවත්. ඒ යන පාරේ ප්ර්සිද්ධ පන්සලකට යාමටද මට උවමනාවක් තිබුණේය. ඒ පන්සලේ ප්ර සිද්ධ උගත් සංඝයා වහන්සේ නමකගේ දන් වට්ටෝරුවක් මාසයක පමණ ඉහත මට තැපෑලෙනව් ලැබී තිබුනේය. පුද්ගලික වශයෙන් ඒ ස්වාමීන් වහන්සේත් මා නාඳුනයි. නමුත් මගේ නම ටිකක් ප්රිකට හෙයිනුත් මා ශ්රීද්ධාවත් බෞද්ධයෙක් බව ආරංචි හෙයිනුත් මේ දන් වට්ටෝරුව එවා තිබුනේය. දන් වට්ටෝරුවේ කියා තියෙන්නේ ඒ ස්ථානයේ විශාල පිංකමක් මාසයක් මුළුල්ලේ කරණ බවත්, “භික්ෂූන් වහන්සේලා තිස් නමකට දානෝපකරණ ගිලන්පස ආදිය සඳහා දිනකට රුපියල් පණහකට අඩු නොවන ගණනක් උවමනා බැවින් ශක්ති තරමින් ආධාරකොට දෙව් මිනිස් සැප කෙළවර උතුම් වූ ‍අමෘත මහා නිර්වාණය ලබාගැනීමටයත්ය” ශාසනයට බැස හුඟක් ධර්ම ශාස්ත්ර‍ත් ඉගෙන ගත් මේ පුදුම මිනිස්සු කරණ බලවත් තක්කඩිකම සැමදාම නිසොල්ම‍නේම කරගෙන යාමට ඉඩදිය නොහැකි බැවින් මේ ස්ථානයට මම ගියෙමි. මුදල් පහසුවෙන් උපයා ගැණීමට උගත් කෛරාටික උන්නාන්සේලා

154 වලව්වක පලහිලව්ව

මේ ප්ර යෝග සෑම පළාත්වලම කරන්ට පටන්ගෙන තිබේ. උන්නාන්සේලා ප්රපසිද්ධ කෙනෙක් නිසා කවුරුත් මීට රැවැටේ. මේ ප්ර්යෝගය කරන්නේ මෙසේය. රුපියල් දහයක් පහළහක් වියදම් කොට දන් වට්ටෝරු හෙවත් පිංපත්තර දාහක් පමණ අච්චුගස්වා ගෙන රටේ ප්රමසිද්ධ මිනිසුන්ගේ නාම වලට එය තැපෑලෙන් යවති. පන්සලේ කිසිම කටයුත්තකි හෝ පිනකමක් නැත. ඇතැම් විට රාත්රී. බණක් හෝ සාංගික දානයක් දෙති. මේ දන් වට්ටෝරුවේ දායකයන්ගේ නම් හත අටකුත් යොදා උන්නාන්සේගේ ඉතාම හිතෛෂි දායකයාගේ නමට මුදල් එවන්නට කියා පින්පත්රතයේ සටහන්කර යවති. ඉතින් ඈත පළාත්වල ඉන්නා ශ්රාද්ධාවන්ත ජනයා මේ දන් වට්ටෝරුව බල් තමා අහල පහල ඉන්නා අයගෙනුත් සම්මාදන් කර රුපියල් තිහ හතළිහ ආදී වශයෙන් එවති. උන්නාන්සේත් අර ඉතා හිතෛෂි ගිහි කපටියාත් ඒ මුදල් මාරු කරගෙන තම තමාට සිත්වූ පරිද්දෙන් එහි ප්රියෝජනය ගනිත්. ඉතින් මම එදා පන්සලට ගියෙමි. එහි මහණුන් නාන්සේලා තුන් නමක් සිටියාහ. ඒ ප්රිසිද්ධ ස්වාමින් වහන්සේගේ නම කියා ඇසුවාම ඒ හාමුදුරුවෝ මා කවරෙක්සැයි ඇසූහ. මගේ නියම නම නොකියා කොළඹ කෙනෙක් බවත් යම්කිසි කටයුත්තක් සඳහා මෙහි ආ බැවින් ස්වාමීන්වහන්සේත් දැක ඇදින ගෙන යන්ට ආ බවත් කීවෙමි. හැමුදුරුවෝ බොහොම ප්රවශන්නව මා සමඟ කථාබස් කළෝය. ඒ අතර මම විහාරයට ගොස් බුඳුන් වැඳ ටිකක් වට පිට ඇවිද්දෙමි. එහිදී සම්මුඛ වූ කුඩා හාමුදුරුනමකගෙන් මෙහි විශාල පින්කමක් ළඟදී කෙරුණාදැයි ඇසුවෙමි. එක් දවසක පින්කමක් කළ බවත් අදට පසළොස් දිනක් පමණ බවත් කීවේය. ඉතින් අප්පේ මට එවා තිබෙන දන් වට්ටෝරුවේ දවස හෙටය. එක දිනක් පැවැත්වූ පිංකමට දන්දත්වට්ටෝරු දාහක් ඒ ඒ පළාත්වලට යවා අඩු ගණනේ රුපියල් දෙතුන් දාහක් ලබාගත් මේ “ පින්කම් ප්රවයෝගයෙන්” රටට පැමිණෙන හානි කොතරම් දැයි බැලිය යුතුයි. වෙන රටවල මිනිසුන් ඉගෙන ගත් විට තමාටත් අනුන්ටත් ප්රියෝජනවත් නොයෙක් කටයුතු කරති. අපේ ගිහි ජනයා තබා පැවිදි ජනයාත් ඉගෙනගත් විට අති දක්ෂෝ ප්රකයෝග කර රට වාසීන් රැවටීමට වීරිය කරති. මේ බොරු පින්කම් කිය කියා පිට පළාත් වාසීන්ගෙන් තැපැල් මගින් මුදල් ගෙන්වා ගන්නා කපටි උන්නාන්සේලාගේ හා ගිහියන්ගේත් උපාය නොදැන ඊට අසුවන අය අප්රටමාණය. මේ නිසා තමා හොදින්ම නොදන්නා කෙනෙක් එවන් පින් පත්ර‍ කිසිසේත් සැලකිය යුතු නොවේ. එසේම කොයි කටයුත්තකට පිනට දෙත්ත් ඒ සත්යා වශයෙන් දැනගෙන දිය යුතුයි. රටේ කපටින්ට අනුබලදීම

පියදාස සිරිසේන නවකථා එකතුව 155

බලවත් අයුත්තකි. පොදු හේතුවක්ව පවතින්නේ ඒ ඒ පළාත්වල කෛරාටිකයන්ගේ මෙබඳු සම්මාදම් ර‍ටේ බහුලවීම බව පෙනේ.

මේ කාරණය හොඳින් අවබෝධවූ මම උන්නාන්සේට පාඩමක් උගන්වමියි සිතා. නැවතත් උන්නාන්සේ සිටි තැනට පැමිණ තමුන්නාන්සේ මා කවුරුදැයි කියා සිතන්නෙහිදැ” යි ඇසිමි. “ ඇයි මහත්මයා, දැන් කීවේ කොළඹ සාප්පු කාරයෙක් බව. ඊට ‍වඩා කිසිත් ‍මම නොදනිමි” යි කීයේය. “ නෑ හාමුදුරුවනේ මා කී ඒ කීම සත්යත නොවේ. මම තමුන්නාන්සේගේ විශාල පින්කම් බැලීමටත්, තිස් නමකට අඩු නොවන භික්ෂූන් සංග්රනහ ආ කෙනෙක්මි. මට නියම කර ඒවා තිබුනු දවස හෙටයි. මම මේ වෙලාපහින් ආවේ ඒ දානය පිළියෙල කරීමටය”යි කියක කොට උන්නාන්සේ මගේ මූන බලමින්, මහත්මයාටත් දන් වට්ටෝරු ලැබී තිබේදැ” යි ඇසුවේය. “ඇත්තෙන්ම මට පමණක් නොවේ. කොළඹ මා දන්නා විසි තිස් දෙනෙකුට ලැබී තිබේ. එයින් බොහෝ දෙනෙක් තැපෑලෙන්ම මුලල් එවා තිබේ. නමුත් මම එසේ නොකරමි. භික්ෂූන්ට මුදල් පරිහරණය කරන්ට බැරි නිසා දානයම පිළියෙල කර දෙන්ට මම අ‍වෙමි. ඉතින් කෝ පින්කම, කෝ භික්ෂූන් වහන්සේලා තිස්නම? අහෝ හාමුදුරුවනේ ඔය උතුම් කාසාය වස්ත්රනයක් පෙරවගෙන අනුන්ගේ සිවුපසයෙන්ම ජීවත් වෙමින් අනුන්ගේ ම සහායෙන් ඉ‍ගෙනගත්තේ ලෝක ශාසන දෙක දියුණු කරන්ටද නැතහොත් මෙබඳු කුට උපා යොදා අනුන්ගේ ධනය කොල්ලකාගන්ටද? තමුන්නාන්සේ ලොකු පිරිවෙනකත් ඉගෙන ගත්තේ මෙබඳු දේ කරන්ටද, තමුන්නාන්සේලාට ධර්මයක්, මෙලොවක්, පරලොවක්, කර්මයක්, කර්මවිපාකයක්, භික්ෂූ සංඝයාට සිව්ප‍සයෙන් උපස්ථාන නොකරන බවත් තමුන්නාන්සේලා කියන්නනාහුය. නමුත් පිරිවෙනෙන් “පාස්” වෙලා ආ තමුන්නාන්සේ බුද්ධාගමකාරයෙක් නොවේ. බුද්ධාගම්කාර නොවන කූට අපා වලින් ඉන බඩ වඩා ගැනීමටම මහණව ඉන්නා තමුන්නාන්සේටය නො ගො‍රවා හෙණ නොගහණ එකට වඩා පුදුමයක් තවත් තිබේද? එක උන්නාන්සේ නමක් ගෙන්වා රාත්රී බණක් කියවූ වැරුද්දට තිස් නමක් සංඝයා පමුණුවා මාසයක් මුළුල්ගේ පිනකමක් කරණවා යයි ලක්දිව සැමතැන ම වාසය කරන වැදගත් මිනිස්සු දෙතුන් දාහකින් රුපියල් පණහේ පටන් සම්මාදම් කරගත් තමුන්නන්සේත් ශ්රදමණයෙක්ද, මනුෂ්යමයෙක්ද ? සිවුරට මුවාවී මෙබඳු නීච ක්රි්යා ක‍රන හොරුන්ගේ වර්තමාන කාලය දූෂිතව පවතී. ලෝක සත්වයා නිසා අනන්ත අප්රාමාණ කාලයක් පාරමී ධර්මයන් පූරණය කොට සම

156 වලව්වක පලහිලව්ව

සම්බුද්ධ රාජයයට පැමිණ හතළිස් පස් වර්ෂයක් මුළුල්ලේ ලෝකයාට ධර්මාමෘත පානය කරවා, උතුම් වූ ශාසනය පිහිටුව වදාළ තථාගතයන් වහන්සේට තමුන්නාන්සේලා මෙසේ නිග්ර්හ කරන්නහු නම් අපට කුමක් නොකරන්නාහුද? තමුන්නාන්සොලා වැනි තක්කඩියන්ගෙන් දැන අපේ රට පිරී ඉතිරි තිබේ. ගිහි හොරු ටිකක් මහන්සිවී ගෙවල් බිද මං කොල්ලකා හොරකම් කරති. නමුත් මේ ශ්රුමණ හොරු ඉතාම සැප පහසු ඇති පන්සලේ වලම ඉඳගෙන කිසි මහන්සියක් නැතුව නිකම්ම හොරකම් කරති. මීට අවුරුදු විස්සකට තිහකට ඉස්සර තමුන්නාන්සේලාගේ නිකායේ ප්රසධාන තෙරුන්නාන්සේලා “ මුදල් පරිහරණය කරන ශ්රිමණයාට වඩා මාගමුන් සේවනය කරන ශ්රාමණයා හොඳයි කී නමුත්, දැන් තමුන්නාන්සේ ඒ දෙකටමත් වඩා නරක වඩකරන බව පෙනේ. අශ්ර,ද්ධාවත්. පව්කාර කාලකණ්ණි ශාසනයට ඇතුළත්ව මේ කරන අ‍පරාධය ලෝක ශාසනරක්ෂ වෙහි නියුක්ත දෙවියන්ට වත් නොපෙනීම පුදුමයක් ය” යි කියා මම එතනින් යන්ට ගියෙමි.

13. පරිච්ඡේදය

මා ටිකක් දුර පයිම්ම ගමන් කරන විට කරත්තයක ගොනෙකු යොදන බව දැක එතන නැවතී කරත්තය දක්කන්නා ගෙන් මාත් නංවාගෙන යන්නට පිළිවන්දැයි ඇසුවෙමි. “ඔව් හිටින්ට මහත්මයෝ, අපේ රාළහිමි එනතුරු ඉන්ට, උන්නැහේත් සමඟ යන්ට පිළිවනැ”යි‍ කීයේය. මා ටික වෙලාවක් සිටින විට දණ ඉහ ළඟට රෙද්දක් ඇඳ, කළු කබායක් ලාගත් පිටිසර පාට ඇති රෞද්ර ගතියෙන් යුත් කළු මනුෂ්යැයෙක් අවුත් නැංගේය. කරත්තකාරයා මට ද නගින්ට කී බැවින් මමත් නැග්ගෙමි. මේ රාළහාමිය කියන්නේ ගමේ විදානරාළටය. ඉතින් මොහු සමඟ කථා කිරීමෙන් යම්කිසි පලයක් ලැබිය හැකියැයි සිතා කථාවට බැස්සෙමි. ඔහු මුඛරි කෛරාටිකයෙකි. මා යුරෝපීය ක්රතමයට ඇඳ සිටි බැවිනුත් මගේ සිංහල තේජසට මෙබන්දන්ට වඩා ලොකු අය වුවත් මර්දයනය වීම සිරිතක් හෙයිනුත් ඔහු මට බොහෝ ගෞරව සහිතව කථා කෙලේය. විදාන උන්නැහේ යන්නේ කොයිබ දැයි ඇසූ විට උසාවියේ ඕනෑ කමකටත්, හෙට්ටියෙකුට මුදල් වගයකට පොලී ගෙවන්නටත් යන බව කීවේය. මොකද විදානේ උන්නැහේ හෙට්ටියාට ණය වුනේ, වෙළදාම් කරනවාදැ”යි ඇසුවෙමි. එවිට වාචලවු විදාන රාළ විස්තර සහිතව තමාගේ ණය වීමාදී තොරතුරු කියන්ට පටන් ගත්තේය. “අපේ මහත්මයාට ඇත්ත

පියදාස සිරිසේන නවකථා එකතුව 157

කියන්නෙමි. මම හෙට්ටියාට පවුන් තුන් සියයක් ණය තිබුනා, හමාසයක් තුළදී පවුම් එකසිය පණහක් ගෙවුවා. ඉතුරු මුදලට දැන් පොලිය අ‍රගෙන යමි. ලබන නත්තල් ජනේරු වලදී ඉතිරි මුදලත් ගෙවන්නෙමි” යි කීහ. මට තරමක් දුර කාරණය අවබෝධ වූ නමුත් ඔහු ලවාම විස්තර කරවනු සඳහා “ මොකද ණයවුනේ කියා ඇසීමි. මහත්මයාට ඇත්ත කීවාට මොකද? මම මේ මුලාදෑනි කම ගන්න රුපියල් දාහක් ණය වුනයි කියමු.” මුලාදැනිකම ගැලුමට රුපියල් දාහක් ණය වුනේ කොහොමදැ” යි ඇසීමි. “ මොනවා මහත්මයා අරප් රටේ මුලාදෑනිකම ගන්නා හැටි නොදන්නා හැඩයි. මේ මා ලැබූ මුලාදෑනිකම දැරූ ඇත්තා අපේ ගමේ සිටි ලොකුම පොහොසතාය. ඉතින් උන්නැහේ මළාම ඒ ඇබෑර්තුවට තිස්එක්දෙනෙක් ඉල්ලුම් කළා. ඒ මැරුණු මුළදෑනියාගේ පුතත් ඉල්ලූ නමුත් අනිත් ඔක්කොටම වඩා වැඩි ගණන “ මුදියන්නේ හාමුදුරුවන්ට” ලැබුනේ මගෙනි. මම මුදලෙන්ම රුපියල් 1000 ක් දුනිමි. හාල් බුසල් හතරක් තරමත් කීප වතාවකට කුකුලන් 80ක් තරමත් කිකිලි බිත්තර 1500 ක් තරමක්, එළු ගාත් 250 ක් තරමත්, පැනි දොඩම් බ‍රකරත්තෙකට වැඩි තරමක් මුදලි වලව්වට ගෙන ගොස් දුනිමි. අනිත් ඉල්ලුමිකාර තිස් දෙනාගෙන් උන්නැහේට ලැබුනේ රුපියල් දෙසියේ පටන් පන්සිය දක්වා ගණන් බව දැන ගතිමි. ඉතින් මගේ මුදලත් අන්ති ‍උපකාරත් අදික වූ බැවින් මට වැ‍සඩේ ලැබුනා “ යි කීවේය. මේ පුදුම කතාව අසා මට ටිකක් සිනහ ආ නමුත් එය නවත්වාගෙන “ ආ විදාන උන්නැහේ, මේ විදානේකම ඉල්ලුම් කළ අයගෙන් ඉතාම හොඳ උගතා තමුසේද? “ අනේ ආයුබෝවන්ඩ සමාවෙන්ඩ ඕනෑ. මට කිසි උගත් කමක් නැත. මම යම්තම් මගේ අත්සන “පිචෝරිස්” අකුරු හතර අමාරුවෙන් ලියන්ට පුළුවනි. මගේ ගියුම් සියල්ලක්ම මගේ අක්කාගේ පුතා ලවා ලියවා ගනිමි. මට වඩා බොහොම උගත් අය ඒ ඉල්ලුම් කාරයන් අතර කොටින්ම අනිත් තිස්දෙනාම මට වඩා උගත් අයයි. නමුත් මගේ මුදල් තෑගි බෝගත් වැඩි නිසාත්, මා නූගත් මිනිහා නිසාත් මට විදානේ කම ලැබුනාය” යි සුරුට්ටුවක් උරමින් සිටි විදානරාළ කීයේ ය.

ඔහු කියන්නේ සත්යනයම බැවින් සතුටුව “ ඔව් විදාන උන්නැහේ තමුසේ කියන්නේ ඇත්තමයි. බොහෝ මුදලිවරු ගමක ඉන්නා වැදගත් උගත් කෙනෙකුට මුලාදෑනිකම් නොදෙන බව කවුරුත් දන්නා ඇත්තකි. මක්නිසාද? ‍එහෙම දුන්නොත් මුදියන්සේ නිතරම හාමුදුරුකම ගන්ටත්, බැලමෙහෙ ගන්ටත් නොහැක. මේ නිසා බොහෝ ගම්වල මුලදෑනිකම්

158 වලව්වක පලහිලව්ව

දී තිබෙන්නේ ගමේම ඉන්නා තක්කඩි පහත් වල් මිනිසුන්ට තමා. ඉතින් විදානේ. තමුසේගේ මුලාදෑනිකම ලැබෙන ප්ර ස්තාවේදූ මුදියන්සේට කොච්චර විතර ලැබෙන්නට ඇද්ද? “ ඇයි මහත්මයා එහි ‍හරිම ගණන මම දනිමි. පවුම් පණහ ගණනේ පස්දෙනෙක්ද, පවුමු 40 ගණනේ 12 දෙනෙක්ද . පවුම් තිහ ගණනේ 8 දෙනෙක්ද , පවුම් 25 ගණනේ පස් දෙනෙක් ද, මා විසින් රු 1000 ක්ද, ගෙවන ලදී. එවිට මුළු ගණන රු 11,950 කි. මේ එළු ගාත්, කිරිමුට්ටි, කුකුල් බිත්තර, පැනි දොඩම් ආදිය අත් ඇරය “ යි කීයේය. මම ටිකක් පුදුමව, “ අනේ අපේ රට තරම් අඥාන කාලකණ්ණින්ගේ පරිපූර්ණ රටක් මුළු ලෝ‍කේ නැත. නිකම් දාස මෙහෙවර පේ රට කෙතරම් අහේතුවන්තදැයි සිතමින්, ආ විදානේ ඔය මුලදැනි කමට කිසිම මහන්සියක් පඩියක් නොලැබෙන කොට ඔයතරම් වියදම් කොට ඒක ලබා ගැනීමේ තේරුම් කුමක්දැයි ඇසුවෙමි” “ඇයි මහත්මයේ එහෙම කියන්නේ, පඩියක් නොලැබුනාට මුලාදෑනිකම ඇත්තම් මක්කා කරන්ට බැරිද” දැන් මට අපේ ගමේ තැබෑරුමෙන් මාසේකට කිරීමට මේ තරම් තෑගි බෝග හා මුද්ල් පරිත්යාගග කොට සතුටු වන විශාල පිරිසක් ඉන්නා අරුපියල් 20 ක් ලැබෙන්වා. උවමනා තරම් නොමිලේ බොන්ට ලැබෙනවා. රා කඩෙන් මාසේකට රුපියල් 15 ක් ලැබෙනවා. ගමේ තිබෙන සුදු වලවල් හතරෙන් අඩු ගණනේ දවසකට රු හතරක් ලැබෙනවා. එහා ගමේ තිබෙන සූදු පලෙන් සුමානෙකට රුපියල් දහයක් ලැබෙනවා. පසුගිය සිංහල අවුරුද්ද වේලාවේ සූදු කෙළවීමෙන් සම්බකරගත් රුපියල් 1500 ක්ම මම හෙට්ටියන්ට යන්ට තුබුණු මුදලට ගෙව්වා. තව මා විසින් ගෙවන්ට තිබෙන රුපියල් 1500 මේ තන්තලේදී ගෙවනවා. දෙයියන්ට පින් සිදධවෙන්ට හොර හරක් නඩු තුන හතරක් පහක් නැති මාසයක් කෝලහාල නැති මාසයක් අපේ ගමේ නැත. ඉතින් ඒවායින් අඩු ගණනේ එකකින් රුපියල් පහ බැගින් ලැබුනත් මාසේකට රුපියල් හැට හැත්තෑවක් ලැබෙනවා. අපේ ගමේ මුලාදෑනිකමෙන් කොහොමවත් මාසේකට රුපියල් දෙසියයක් අඩු ගනනේ සම්බකරන්ට පුළුවනි. ඉතින් මුලාදෑනිකම නිකමට කරන එකක්ද? මුදියන්සේ හාමුදුරුවෝ මිත්රේ නම් හිතු තරමක් සම්බකරන්ට පුළුවනි. මේ රක්ෂානව ලබාගන්ට සිය ගනන් මිනිස්සු වීරිය කරන්නෙත් මේකේ රසය දන්නා බැවින්. මෙසේ ප්ර යෝජනත් ඒ එක්කම ගම් වාසීන්ගෙන් ගරු බුහුමන්ද ලැබේ. මගේ කුඹුරු වැඩ කරන්ට කවදාවත් වියදමක් යන්නේ නැත. දැන් මට මුලාදෑනිකම ලැබිලා අවුරුදු එක හමාරයි. තවත් අවුරුදු 5ක් රාජකාරිය කරගන්ට ලැබුනොත් මගේ වැඩ හරිය” යි විදානේ කීයේය.

පියදාස සිරිසේන නවකථා එකතුව 159

“ හොඳයි ඉතින් ර‍ටේ අපරාධ අයුතු ක්රිදයා වැඩිදියුණු කරමින් තමුසේ කොල්ලකනවා. ඉතින් ආණ්ඩුවෙන් තමුසේට අච්චුවක් මට්ටුවක් නො ලැබේය කියා හිතන්නෙහි දැයි මම ඇසුවෙමි. එවිට විදානේ සිනාසී ඔහුගේ පොත මට පෙන්වමින් මෙන්න් බලන්ට මට ලැබී තිබෙන හොඳ ලකුණු - මුදියන්සේ හාමුදුරුවෝ මිත්රනව ඉන්නා තුරු මුලාදෑනියෙකුට ඕනෑ එකක් කරන්ට පුළුවනි. ඒජන්ත උන්නාන්සේට මුදියන්සේ හාමුදුරුවෝ කියන ඔක්කොම හරි. ගමක මුලාදෑනියෙක් ‍කොයි දෙයක් කළත් ඊට විරුද්ධ වචනයක්වත් කියන්ට කිසිවෙක් ඉදිරියට නොපැමිණේ. ඒ නිසා අපට මනාපයක් කළ හැකි”යි විදානේ කියමින් ඔහුගේ බුලත් හැඹිලිය එළියට ගෙන මහත්මයාත් බුලත් විට කන්ට කැමති දැයි ඇසීය. ඇත්තෙන්ම මම බුලක් විට කෑමට කැමතිය. නමුත් තමුසේගේ බුලත් විට කන්ටවත් භය ය. මක්නිසාය අධම අපරාධ ක්රි යා කිරීමෙන් ජීවත්වන භයානක පුද්ගලයෙක් නිසාය”යි කියන කොට විදානේ හයියෙන් සිනාසී “ මහත්ම‍යාට පෙ‍නෙන්නේ අපේ අධම ක්රිහයා පමණයි. අපේ මුදියන්සේ හාමුදුරුවෝ, කච්චේරිය නිලධාරී, අනිත් අනිත් තැන්වල නිලධාරී ඔවුන්ට ඉඩ ලැබුනු නැත් වලදී අපේ රීරී මංස ඇදගන්නා කොට අපිත් කාගේ වුවත් රීරි මාංශ ඇද කන්ට ඕනෑ නොවේ දැ”යි කීයේය. මෙසේ කථා කරමින් හැතැප්ම දෙකක් පමන එන විට ඉතා වේගයෙන් ගමන් කරන මෝටර් රථයක් අප ඉදිරියේ එන බව පෙණුනේය. සාමාන්යද වශයෙන් මෝටර් රථයන් පැයකට හැතැප්ම විස්සකට වඩා නො දුවන නමුත් මේ රථය පැයකට හැතැප්ම හතළිහක් තරම වේගයෙන් එන බව පෙනී මම මහත් සැලකීමකට පත්ව එය අප ලඟින් යනතුරු ඉතා ප්රීවේශමෙන් බලා උනිමි. ඈතදීම පෙ‍ණුනු හැටියට ගෑනු දෙදෙනෙකුත් පිරිමියෙකුත් රථය පදවන්නාත් සිටින බව පෙණුනේය. මේ රථයේ උන් ස්ත්රීයන්ගේ එක්කෙනෙක් ලීලාවතී මැණිකේ ගේ පින්තූරයේ මුහුණුවරට හුරු කෙ‍නෙක් බව ද යන්තම් මට හැගුණ නමුත් කිසිවක් විනිශ්චය කර ගැනීමට ඉඩක් ‍ලැබුණේ නැත. නමුත් මම මොටෝකාර් එකේ නොම්මරය බලා ගතිමි. ඒ නොම්මරය වහාම මගේ සිහිකට යුතු දේ සටහන් කර ගන්නා පොතේ ද ලියා ගතිමි. ඉක්බිනි මම කරත්තෙන් බැස එහි ඕනෑ කමකට නවතින බව කියා විදානේට යන්ට කියා එතනම තිබුනු තේවතුර කඩයකට ගොස් තේවතුර කොප්පයක් ද බී, මට තිරික්කලයක් කුලියට ගන්ට පුළුවන්දැ”යි එහි සිටි මහළු මිනිහෙකුගෙන් ඇසීමි. එවිට ඒ අය කොහාට යන්ටදැ යි ඇසුවාම මට යන්ට උවමනා නාබොඩට යයි කීවෙමි. මහල්ලා ඉක්මනින්ම කරත්ත කාරයෙකු ඳවාගෙන ආවේය.

160 වලව්වක පලහිලව්ව

ටිකක් ශක්තිමත් පාහේ තරුණ කරත්ත කාරයෙක් බැවින් මගේ හිත සතුටුව. “ යාළුවා ඉක්මණින් මා නෑබොඩ කඩමණ්ඩියට ගෙන ගොසින් ඇරළුවොත් බලාපොරොත්තුවාට වඩා රුපියලක් දෙන්නෙමි යි කීවෙමි. කරත්තකාරයාද වේගයෙන් කරත්තය දක්කාගෙන ගියේය. අප ටිකක් දුර යන විට අපට විශාල කන්දක් පසුකර යන්ට විය. මේ පාරේ තිබෙන ඉතාම නපුරු සිථානය මෙය විය. මෙසේ අප කන්දේ මඳක් නගින විට කන්ද මුදුනේ සිට ඉතා වේගයෙන් මොටෝ රථයක් එන බව පෙනුනේය. අපේ කරත්තය දක්කන්නාට හුඟක්ම අයින් කිරීමට කල්මද විය. මොටෝ රථය අයින් නො කොට බල්වත් වේගයෙන් එන බවදුටු මම කරත්තයෙන් පැන පිත්තකට වීමි. එතකොටම මොටෝ රථය අපේ කරත්තයත් පෙරළාගෙන ගොස් කානුවට වැටුනේය. අපේ කරත්තයට වැඩි තුවාලයක් නූන නමුත් මොටෝ රථයේ “මඩ්ගාඩ්” නම් කොටසත් රථ රෝදයෝ රබර් පට්ටමත් කැඩුනාහ. මෙය පැයකට ප්රපථම දුම්රිය පැත්තේ සිට වේගයෙන් ගමන් කළ මොටෝ රථය බව නොම්මරය බැලීමෙන් දැනගෙන මහත් ප්රීුතායට පැමිණියෙමි. මේ මොටෝ රථයේ ලීලාවතී මැණිකේගේ මුහුනුවරට සමාන ස්ත්රියයක්තු ගිය නිසා මේ රථයම සොයාගෙන යන මට එය අතර මගදීම සම්භවීම කෙතරම් ප්රි තියක් ද? මේ ආපසු යන මොටෝ රථයේ යුරෝපීය වතු කාරයෙක් හා රථය පදවන්නා පමණක් උන්හ. අලුත් පට්ටමක් නැතිව දුවන්ට අමාරු බැවින් මේ වතුකාර යුරෝපියාට දුම්රියට යාගත නො හැකිව ලතවෙන්ට පටන් ගත්තේය. මම එහුට කථායොට සතුටු නම් මගේ ගොන් කරත්තයේ නැගී ගොස් දුම්රියපලට යන්ට පුළුවන් බව කීමි. මගේ කරත්තකාරයා යුරෝපීය වතුකාරයා පටවාගෙන යන්ට ගිය බැවින් මොටෝකාර එක එලවන ඉලන්දාරියාත් මමත් මිත්රිවීමි. මේ ඩ්රභයිවර්ට ඔහුගේ කාර්එක සාදාගැණීමට උදවීම නිසා මා හා මිත්රිව පසු මාත් නංවාගෙන ඔහුගේ රථය පැදගෙන පානදුරට එන්ට පිටත් විය. එ එනවිට රථය ගියේ කොහාට දැයි ඇසුවෙමි. එවිට සිල්වා මහතුන්ගේ වත්තේ බංගලාවට යයි කීවේය. වත්තේ නමත් සිල්වා මහතාගේ සම්පූර්න නමත් කිව් පසු ඒ ගැන මට වැඩි විස්තර උවමනා නොවීය. එක්ක ගියේ කවුරුන් දැයි ඇසුවාම තරුණියක් දෙදෙ‍නෙක් හා තවත් මහත්තැන් දෙදෙනෙක්ද බව කීයේය. කොයිබ දී කාර් එකට නැගුණහා දැයි ඇසූවිට මොරටුවේදී යයි කී පසු ඊට වඩා යමක් ඔහුගෙන් දැන ගත නොහැකි බැවින් පානදුරට හෝ මොරටුවට යාමට උවමනාවක් මට නැති නිසා මම කළුතරදී බැස්සෙමි. මගේ ඇඳුම් පෙට්ටිය තබා තිබෙන පියදාස සිරිසේන නවකථා එකතුව 161

සාප්පුවට ගොස් එදා රූ එහි ම ගතකොට උදේ සිල්වා මහතාගේ රබර් වත්තට යන කල්පනාවෙන් රබර් කිරි ගැනීමට පිළවන් කුලීකාරයෙක් හැටියට සැරසී කුලී කරත්ත‍යක් රැගෙන එහි ගියෙමි. කිසිවෙකුගෙන් නාසා වත්ත මම ම සොයා ගතිමි. මේ වත්තේ විශාල රබර් කර්මාන්ත ශාලාවත් හා බංගලාවද දර්ශනීය ය. කුලීකාරයන්ට හා කොන්දොස්තර් ආදී සුළු මුළාදෑනීන්ට ද කදිම ගෙවල් තනා තිබුනේය. මම මොඩයෙක් හැටියට කෙලින්ම ලොකු බංගලාවට ගියෙමි. ඒ යන විට තරුණ සිල්වා මහතාතා තවත් තරුණ මහත්මයෙකුත් බංගලාවේ ස්තෝප්පුවේ කථාකරමින් උන්හ. මා ගියේ පිටිපස්සා පැත්තෙන් බැවින් සත්රීේන් හත් අට දෙනෙක්ම ඉන්නා බව පෙණුනේය. මා සොයන ලිලාවතී මැණිකේ ඒ ස්ත්රීරන්ගෙන් කෙනෙක් නොවූ බැවින් මෝටෝකාර් එකෙන් ආ අන්යක ස්ත්රිරයකට මම මුලාවිමි දැයි මහත් කනස්සල්ලක් ඇති විය. තමාගේ හි‍තේ යම් කෙනෙකු ඇදි පවති නම් ඊට යන්තම් වත් සමාන කෙනෙක් දුටු විටත් මුලාවිය හැකි බැවින් මමත් එබඳු මුලාවක වැටී සිටීමියි මට කල්පන් විය. ඒ එසේද උවත්, බංගලාව ළඟට ආ බැවින් සිල්වා මහතාට ආචාරකොට “ මම රබර් කිරි ගැනීම හොඳින් දන්නා කෙනෙක්මි. කරුණාකර මට මේ වත්තේ රක්ෂාවක් දුනමැනයි කීවෙමි. ඉතා බරපතල කාරණයක් ගැන සාකච්ඡා කරමින් සිටි ඔව්හු මා දෙස බලා කථාව නැවැත්වූහ. සිල්වා නමැති තරුණ මහතා පුටුවෙන් නැඟිට ඉදිරියට අවුත් උඹ ළඟ සහතික පත්ර් තිබෙනවාදැ”යි මගෙන් ඇසුවේය. මම රයිගම කෝරලේ හොරණ කෙනෙක්මි. මා ළඟ සහතික පත්රම නැත. තමුන්නාන්සේ මගේ වැඩ බලා සුදුසු පඩියක් දුනමැනවයි කීවිට ඇත්තෙන්ම කරුණාවන්ත පෙණුමක් ඇති ඒ මහත්මයා කන්තෝරු කාමරයට ගොස් තුන්ඩු කැල්ලක් ලියාදී ඒකත් රැගෙන රබර් කම්හලේ ලියන මහතා ළඟට ගොස් රක්ෂාව ලබා ගන්ට කීයේය. මා ඒ තුන්ඩු කෑල්ලත් රැගෙන යනවිට ඒ පැක්ටරිය පැත්තේ සිට කදිම තරුණයෙක් බංගලාව දෙසට එනු දැක ඔහුගෙන් පැක්ටරිය කොයිබදැයි ඇසීමි. මට පැක්ටරිය පෙණෙන නමුත් ඔහුගෙන් ඇස්වේ ඔහු කව්දැයි දැනගන්නා පිණිසය. එවිට ඒ ළමයා අර පෙනෙන්නේ පැක්ටරිය උඹ කොහේ ගොහින් එනවාදැ යි ඇසීය. මම බංගලාවට ගොස් මහත්මයා ගෙන් මේ ලියමන ලබා ගතිමි. මේ ළමය‍ා ඒ පැක්ටරියේ ඉන්නා මහත්මයාදැ”යි ඇසුවේමි. නැත මම මහත්මයාගේ වැඩ පණිවුඩ කරන්නෙක්මි. පැක්ටේරියේ මහත්වරු එහි ඉන්නා යයි ඔහු කියමින් යන්ට ගියේය.

162 වලව්වක පලහිලව්ව

මා ගෙනගිය තුන්ඩුව පෙන්නපු හැටියේ මගේ නම ඇසුයේය. මගේ නම “හරමානිස් අප්පු” බව කීමි. උඹ හෙට උදේ පටන් වැඩට වරෙන් දැන් උඹ නවතින්නේ කොහේවත් නැවතී ඉඳගෙන වැඩට එන්නෙමියි කීවාම උන්නැහේ ද සතුටු විය. මගේ ඇඳුම් පෙට්ටිය ආදී උපකරණ කිසිවක් නැති නිසාත් ලීලාවතී මැණිකේ මෙහි ඉන්නවාද නැද්ද යනු දැනගත නොහැකිවූ නිසාත්, මගේ හිතට අවාරුවක් වී නැවතත් බංගලාව පැත්තේ රබර් ගස් යට හැසිරෙමිය් සිටින විට ලමිස්සියකුත් දෙගොඩහරි වයසේ ස්ත්රිැයෙකුත් ඒ මා උන් අසල අඩිපාර දිගේ මහ පාරට යන්ට එන බව පෙණුනේය. මෙවුහු ඒ යන ගමන් කතා කරන්නේ ලීලාවතී ගැන බව මට හැඟුනේය. “ සිල්වා මහත්මා ඔය කුණු කන්දලයට අසුවෙන එක අයුත්තක්ය. ඔය කුමාරිහාමි අයිතිකාරයෝ කොහොමත් නොසොයා ‍ඉන්නේ නැත. යන්න එක ස්ත්රි යක් අනික් තැනැත්තියට කිව් නිසා ලීලාවතී මැණිකේ එහි ඉන්නා බව මට ඒකාන්ත විය. ඉතින් මගේ අදහස සඵලවී යයි ප්රීවතිමත්ව වහාම වත්තෙන් මහපාරට ගොස් ඉක්මණින් ගමන් කොට සවස 2 ට පමණ කළුතර මගේ මිත්රටයන්ගේ සාප්පුවිට පැමිණියෙමි. එහි ගොස් රුපියල් පණහක් මාරු කරගෙන් කුඩා මුදල්ද පෙට්ටියේ ලා ගෙන වත්තේ සිට හැතැප්මක් පමණ දුරින් කඩමණ්ඩියට ගොස් එහි බත් කඩේක නවැතැන් ගතිමි. ඒ බත් කඩේ කරුණාවන්ත ශික්ෂිත තලතුනා ස්ත්රිඩයක් විසින් පවත්වන එකක් බව රාත්රීක කෑම ගත් හැටියේම මට වැටහුනේය. ඉතින් ඒ ස්ත්රි යට මගේ තොරතුරු කියා මා සිල්වා මහතාගේ වත්තේ රබර් වැඩට ආ කංකාකම් කෙනෙක් නිසා මාසයක් හමාරක් මට මෙහි නවාතැන් දෙන්ට පිලිවන්දැයි ඇසීමි. මගේ යටහත් පහත් මනුෂ්යම ගතියට ඇලුණු ඒ අම්මණ්ඩි මෙතන කාටවත් නැවතීමට ඉඩක් නැත. නමුත් තමුසේ සැහෙන තැනක් ලෑස්තිකර ගන්නාතුරු මාසයක් පමණ නැවතුනාට කමන් නැතැයි කීයේය. ඉතින් මගේ පෙට්ටිය සුරක්ෂිත ලෙස කාමරයක තබා පසුදින උදේ පොරොන්දු ව වූ ප්රටකාර වැඩට ගියෙමි. මීට ප්රපථම කවදාවත් නොකළ වැඩක් වුවත් අධික උවමනාව නිසාත් රබර්ගස් කපන අන්යකයන් දෙස බැලීමෙන් යන්තම් කාරණය පිරිමසාගන්ට තරම් ස්ථානෝචිත ඥානය තිබෙන නිසාත් මමත් අනිත් වැඩකරුවන් සමඟ වැඩට ගියෙමි. කොයි හැටි වුවත් පළමුවෙනි දවසේ රබර් කිරි කැපීමට වඩා කිරි එකතු කොට පැක්ටරියට ගෙන ඒම හොඳ යයි සිතා කොන්දොස්තර ගේ අවසරය ලෙස එසේ කළෙමි. සාමාන්යඩ කුලීකාරයන් තුන්දෙනෙකු කරන වැඩ මා කළ බැවින් කපන්නවුන් හා

පියදාස සිරිසේන නවකථා එකතුව 163

කිරි අදිනවුන් ද? කොන්දොස්තර ද මට පැහැදුනාහ. මේ විධියට දෙදවසක් වැඩ කෙළෙමි. මා නැවතී ඉන්නා බත් කඩේ මහලු මවගේ පුතා වන සිල්වා මහතාගේ බෝයි දෙවෙනි දින රෑ ස්වකීය ගෙදරට ආ බැවින් ඔහුත් සමඟ මිත්රේවීමි. ඔහු ලොකු බලාපොරොත්තු ඇති කදිම ළමයෙකි. නමුත් ඉතා භය ඇති චපලයෙක් බව පෙණ්නේය. මක් නිසාද සවස 5 ට පමණ ගෙදර අවුත් ගෙදරදී භය පසුවූ බැවින් තනියම වත්තට යන්ට යන භය කී නියාය. ඉතින් මේ හාදයා ඇරලන්ට මම එන්ටදැයි ඇසූ නමුත් “ අද මහත්මයා නැත, මහත්මයා හතරට පමණ මොටෝ කාර් එකේ නැගී උන්නැහේගේ මිත්රම සමරනායක මහතාත් සමඟ කොළඹ ගියේය. හෙට දහය වනතුරා එන්නේ නැත. ඒ නිසා මම උදේ යන්නෙමි” යි චාර්ලිස් නමැති ඒ ළමයා කීයේය. චාරලිස් හා ඔහුගේ මෑනියෝ අනිත් ගෙදර වුන් අයද මා රබර් කිරි එකතු කරන්නෙකුට වඩා යැලකිය යුත්තෙක් බව සිතට ගත් බව මට වැටහුනේය. ඉක්බිති චාර්ලිස් මා නිදාගන්න ස්ථානයටම ඔහු නිදාගන්න අකුලන ඇඳ ගෙනවුත් නිදාගන්න සූදානම් වෙනවත් සමඟ කව්දෝ මහ පාරේ ඉඳගෙන “ චාර්ලිස් චාර්ලිස්” කියා කතා කලේ ඒ ගම ඉන්නා ඉතාම ධනවත් මුදලි තැනගේ පුත්රරයාය. ඔහු වනාහි ධර්මයක්, ශාස්ත්රවයක්, යුක්තියක්, නිතියක්. නොසලකන තමාගේ උසස්කමට ලෝකය මර්දයන කරගෙන ඉනනා අධමයෙකි. මොහු චාර්ලිස්ට එළියට අඬ ගහගෙන් කියන කථාන්ත‍රය මම ඉතා ‍ඕනෑකමින් අසා සිටියෙමි. “ ‍චාර්ලිස්. උඹලාගේ සිල්වා උන්නැහේ ගේ වත්තේ රබර් කිරි ගන්නා සුවාරිස් අප්පු මට ඉතාමත් කේන්ති යන වැඩක් කර තිබේ. ඔහුගේ භාර්යාව වන පොඩි නෝනාත් සමඟ මා මිත්ර් බව කවුරුත් දන්නා කාරණයකි. ඊයේ රාත්රීන පැවැත්වූ ‘නාඩගම’ බලන්ට පොඩිනෝනා මාත් මගේ මිත්ර් ගිල්බටුත් සමඟ ගියාය කියා ඈට බැනවැදුනාලු. මීට ඉස්සරත් දවසක් ඒ ඇත්තීට මා සමඟ යාළුකම් පවත්වන්ට එපාය. එසේ ‍කළොත් ඈව අත්හැර දමනවාය සුවාරිස් අප්පු තර්ජනය කර තිබේ. ඔහු කොයිබදෝ සිට වත්තේ කුලී වැඩට අවුත් ඉන්නා ජඩයෙකි. ඔහුගේ අඹුවට වඩා වැදගත් තැන්වලට වුවත් මා ගියාට කතාවක් බහක් විරුද්ධයක් කරන කිසිවෙක් මේ පළාතේ නැති බව උඹ දන්නවා. ඉතින් ඒ කාලකණ්ණියාට ඔය තරම් අහංකාරකම් කරන්ට ඇති යුතුකමක් නැත. උඹට හෙට ඔහු සම්භවුනාම දැනගෙන ප්රකවේසමෙන් ඉන්ට කියාපන්. ඔහු හෙට හවස් වෙනට ඉස්සර මා ඉදිරියේදී ඔහුගේ භාය්යාමක් ව වන පොඩි නොනාට බැන්න‍ාට සමාව ඉල්ලා මාත් සමඟ පවත්වන මිත්ර්කම ගැන කිසි විරුද්ධකමක් නැත

164 වලව්වක පලහිලව්ව

කියා පොරොන්දු නූනොත් අනිද්දා උදේ ඉන්ස්පැක්ටර් උන්නැහේත් සමඟ වත්තටම අවුතු ඔහුට හොඳටම තලා බැඳ හරක් හොරකමකට පටලා උසාවියට ගෙන ගොස් ඒ කාලනණ්ණියා අවුරුද්දකට දෙකකට හිරේටත් අරින බව කියාපන්නැයි “ හාමු හාමුදුරුවෝ” පාරේ ඉඳගෙන හයියෙන්ම කියා යන්ට ගියේය.

මේ කථාව ඇසූ මගේ ඇඟ හිරිවැටුනේය. අප දැන් ජීවත්ව ඉන්නේ අධර්ම නමැති කරකාවාටයක තමාගේ අඹු අන්යනයෙක් සමඟ අයුතු මිත්රවකම් පවත්වනු දුටු විට ස්ත්රිමයගේ නියම පුරුෂයා ඈට යම් අවවාදයක් කළ විට ඒ හොර සැමියා වන අධමයා ස්වාමි පුරුෂයා ලව්වා ස්ත්රියයගෙන් සමාව ඉල්ලන්ටත් ඔහු නිති ප්රෂකාර ලැබූ භාර්යාව ඒ චණ්ඩාල වූ හොරා සැමියාට නිරවුල් ලෙස භාරදෙන්ටත් නියම කරන තරම් “ අධිපතින් ” ඉන්නා මේ ලෝකේ ජීවත්වී කෙතරම් නින්දාවක් දැයි මට සිතාගත නොහැකි විය. එපමණකුත් නොවේ මනුෂය නාමය කරණ කිසි‍වකුට කළ නොහැකි ඒ සමාව ඉල්ලීමත් ස්වකීය ව අඹුව සොර සැමියාට පාවා දීමත්, එය ප්රවසිද්ධියේම නොකළොත් ඊට දඬුවමක් වශයෙන් මේ අසරණයා‍ හොර හරක් නඩුවකට අයුත්තේ පටලවා ඔහුට ගුටිබැට දී නීති මාර්ගයෙන් ද බන්ධනාගාරයට යවන තරම් අයුතු අපරාධ කරන මිනිසුන් උපදින වලව් තරම් භයංකර ස්ථා න තවත් ‍ලෝකයේ තිබේ ද මේ අමූලිකවූ බොරු වරද පමුණුවන නිර්දෝෂ මිනිහෙකුට දඬුවක් පමුණුවන ඉන්ස්පැක්ටර් කෙනෙක් හෝ යම්කිසි මුලාදෑනියෙක් සිටියි නම් ඉවසිය හැකිද යනාදී වශයෙන් මේ කාරනය කල්පනා කොට චාර්ලින්ට ආමන්ත්ර ණය කොට “ ආ චාර්ලිස් ඔය උඹ සමඟ කථාකළ මිනිහාගේ ඉවසිය නොහැකි අයුතු අපරාධ කීම් ගැන උඹ කිසිම හරි වැරැද්දක් නොකීවේ මන්දැ”යි ඇසීමි. එවිට චාර්ලිස් ටිකක් තැති ගත්තාක් මෙන්’ උඹ හයියෙන් කථා කරන්ට වත් එපා ඔය දැන් කථා කළේ මුදියන්සේ හාමුදුරුවන්ගේ පුතා. උන්නැහේලාට හිතුනොත් කරන්ට බැරි එකක් මේ ලෝකේ නැහැ. සුවාරිස් අප්පුගේ භාර්යාව තබා, මේ අවට ගම්වල ඕනෑම සිත්රි යක් දූෂ්යෙකළත් කිසිවෙක් කට ඇරලා වචනයක් කියන්නේ නැහැ. ආණ්ඩුවේ මුලාදෑනිත් පොහොසත් මිනිස්සුත් ඔක්කොම හාමු හාමුදුරවන් කියන එකකින් පිට කිසිත් නොකරති. සුවාරිස් අප්පුට මෙහේ ඉන්ට ඕනැ නමි, උන්නැහේ කියපු හැටියටම කරන්ට සිද්ධවේවි. එසේ නොකළොත් හෙට රෑට උන්නැහේලාගේම හරකෙකු මරා ඒ මස් සුවාරිස් අප්පුගේ ගෙදරට දමා, ගම්මුලාදෑනියෙකුත් පොලිස් ඉන්ස්පෙක්ටර් කෙනෙකුත් ගෙන්වා සුවාරිස්ට හොඳටම

පියදාස සිරිසේන නවකථා එකතුව 165

අන්නවා උසමාවියට ගෙනගොස් නොඅනුමානය හිරේටද යවනු බොරු නොවේය” යි චාර්ලිස් ගැහි ගැහී කීයේය. “ඉතින් ඔය සුවාරින් අප්පු කියන අය ඔය විදියටම භයවේද? ඔහුත් මිනිහෙක් දැ” යි මම ඇසුවෙම්” ඒ මිනිහා ඉතාමත් ශක්තිමත් උස මහත ඇති තිස් අවුරුදු ඉලන්දාරියෙකි. හෙට උදේ තමුසේට පෙන්වන්නෙමි” යි ච‍ාර්ලිස් කීයේය.

14. පර්ච්ඡේදය

මේ තරමින් අපේ කථාව නවත්වා නිදාගතිමු. උදේ රැයින් නැඟිට චාර්ලිස් හා මමත් රබර් වත්තට ගියෙමු. චාර්ලිස් හාමු කියාපු පණිවිඩය සුවාරිස් අප්පුට කියන පිණිස ඔහු රබර් කර්මගන්ත ශාලාවට ගිය නමුත් ඒ වෙලාවට කොන්දොස්තර මහතා ආදී වත්තේ මුළාදෑනි සිටි බැවිනුත් එවේලාවට සුවාරිස් අප්පු රබර් හදන යන්ත්රායේ වැඩකරමින් සිටි බැවිනුත් චාර්ලිස්ට පණිවිඩය කියාගත නොහැකිව බංගලාවට ගියේය. සිවාරිස් අප්පු කවරෙක්දැයි දැනගෙන මමත් රබර් කිරි ගැනීම සඳහා ගියෙමි. දවල් දහයට පමණ චාර්ලිස්ට කොළඹට එන්ටය කියා සිල්වා මහතා ගෙන් විදුලි පණිවිඩයක් ලැබුණු බැවින් , ඔහුට හාමුගේ පණ්විඩය කීමට ඉඩ නොලැබී වහාම කොළඹ යන්ට ගියේය. ඉතින් මේ පලහිලව්ව කොහොම වේදැයි බලා ගන්න මට තද අසාවක් ඇතිවූ බැවින් දවල් දොළහට තරම් මගේ වැඩ අවසන් නමුත් මම ඉතිරි කාලයක් රබර් කර්මාන්ත ශාලාවේම ගත කෙළෙමි. එදා රාත්රීර වැඩ කළ යුතු දිනක් බැවින් සුවාරිස් අප්පුට ගෙදර යන්ට එපා යයි කොන්දොස්තර මහතා කී බැවින් සුවාරිස් අප්පු රෑ වැඩට පැක්ටරියේම නැවතුනේය. රාත්රිපයේ හතහමාරට පසු මම මගේ නවැතැන් පලට අවුත් බත් කා රෑ නවයට පමණ සුවාරිස් අප්පු නැවතී ඉන්නා ගෙදරට ගියෙමි. මා එහි ගියේ ඉතාමත් පහත් දුඃඛිත හිඟන්නෙක් හැටියටය. එහි ගොස් අනේ හාමිනේ. මම මේ ගෙයි අයිනේ නිදාගන්ට දැයි ඇසුවෙමි. ටිකක් රූප සම්පන්න වූ තරුණ ව‍යසේ පිහිටි නොහික්මුන, සල්ලාල පෙනීමක් ඇති සුවාරිස් අප්පුගේ භාය්යාපිහිව වන පොඩිනෝනා මා දෙස බලා, මෙහි ඉන්ට ඉඩක් නැත. ඒ නමුත් ඔන්න ඔය පිළ උඩ නිදා ගෙන ඉඳලා පලයන්නැයි බිත්තිය අයිනේ බඳින ලද පිළක් ම‍ට පෙන්වීය. හරියටම ඒ පැද්සෙන දුනු ඇති යහනාවක් මෙන් සලකා මම නිදාගතිමි. රාත්රීි ‍දහයට පමණ මේ කියන හාමු ආවේය. පොඩි නෝනා දොර ඇර ඔහු ගෙට කැඳවා ගත්තේය. මට නොපෙනෙනත් ඔවුන්ගේ කථාබස් සියල්ලම හොඳින් ඇහෙන බැවින් ඔවුන්ඉදිරිපිට ඉන්නාක්

166 වලව්වක පලහිලව්ව

මෙන් විය. හාමුගේත් පොඩි නොනාගේත් අල්ලාප සල්ලාප කථාවෙන් පසු තේ වතුරද බී නැවත් හාමු පොඩිනෝනාට කථාකොට “ අද සුවාරිස එන්නේ නැද්දැ‍” යි ඇසුවේය. අද පැක්ටේරියේ රෑ වැඩ තියෙන බැවින් එන්නේ නැත කියා රාමයියා අත පණිවිඩයක් එවා තිබෙනවා” යයි පොඩි නෝනා කීවාය. එබසට තදින් කිපුනාවූ හාමු, මම කවදාවත් කියාපු එකක් නොකර නො සිටියෙමි. පොඩි නෝනෝ උඹට මම කන්ට අඳින්ට දෙන්නෙමි. හෙට උඹේ මිනිහාට ඉල ඇට කැඩෙනතුරු අන්නවා උසාවියට ගෙන ‍ගොස් අවුරුදු දෙකක් හිරේටත් යවන්නෙමි “ යි කීයේය.

ඒ අසා කණගාටු වෙනවා වෙනුවට පොඩිනෝනා හයියෙන් සිනාසී “ හාමු හාමුදු‍රුවෝ ඉන්න නිසා මට ඔය කාලකණ්ණි මිනිහා ගෙන් ඕනෑ කමක් නැත. එකත් එකට ඕකා නාවොත් ඊයේ හාමු හාමුදුරු‍වෝ කිය කියා උන්කාරණය ආරංචි වෙලා වෙන්ට ඇති. මට උවමනා අන්දමට හැසුරුනාම කවදාවත් ඔය කාලකණ්ණියා බනිනවා. ගහනවා. ඒක නිසා හාමු හාමුදුරුවන්ට කැමැත්තක් කර ගත්තාට මගේ අසතුටක් නැතැ” යි කීවාය. ඉක්බිති හාමු දොර ඇරගෙන එළියට අවුත් ඉස්සරහා කඩේ ඉන්නා ජෙමා නමැත්තතෙකුට කථා කළේය. ඔහු වහාම ආවිට අන්න ජෙමා අපේ කුඹුරට මෙහා ඕවිටේ අර විදානේලාගේ ගොන් නාම්බෙක් උන්නා. තෝ අපේ වත්තේ මුරකරන ඩිංගිරියාත් එක්ක ගොස් ඒ ගොන් මරලා තොපට ඕනැ තරම් මස් තොපි අරගෙන මෙහාටත් මස් රාත්තල් හත අටක් අරන් වරෙව්ය” යි කීවේය. ඉතින් අප්පේ ඒ හරක් මස් තම්බන්න පොඩි නෝනාත් මිරිස් අඹරන්ට පටන් ගත්තේය. පැයකින් වාගේ ජෙමා මස් “ පිරිවැස්සකුත්” රැගෙන අවුත් පොඩි නෝනාට කථාකොට දුන්නේය. පොඩි නෝනා ඒ මස් වලින් කොටසක් තම්බා ඇගේ කුඩා මලයාත් හාමුත් ඈත් අනුභව තොට නිදා ගත්හ. ඉතිරි මස් පිරිවැස්සේම එල්ලා තැබුවාය. මෙසේ කළේ සුවාරිස් අප්පු හරකා මරාගෙන ආ හොර මස් බව ඔප්පුකර ඔහුව හිරේට යවන්ට බව තේරුම්ගත යුතුය. මදක්වත් නොනිදා මේ සියළුම ප්රේවෘත්තිය හොඳින් බලාගත් මම රාත්රිනය එහිම ගත‍කොට පහට තරම නැඟිට මගේ බත්කඩේට අවුත් උදේ තේවතුරු බී වත්තේ රබර් කිරි ගැනීමට ගියෙමි. එදා සුවාරිස් අප්පුට පැක්ටරියේ වැඩක් නැති බැවින් රබර් කිරි ගැනීමට යන්ට නියම කරණ ලදී. මට ද ඔහු සමඟම යන්ට අණ ලදිමි.

ඒ කාණ්ඩයේ අපි පස්දෙනෙක් වීමු. එදා කිරි ගත් යුතුව තිබුනේ සිල්වා මහතාගේ බංගලාවට වටේ ගස්වලය. අප පස් දෙනෙක් රබර් ගස් කපා කිරි එකතු කරන වේලාවට ඉහතකී හාමුත්, නියම ඇඳුමෙන් සැරසුනු ඉන්ස්පැක්ටර් කෙනෙකුත්, කොස්තාපල් කෙනෙකුත් වයස්ගත

පියදාස සිරිසේන නවකථා එකතුව 167

මනුෂ්ය යෙක්, එනම් ගමේ මුළාදෑනියාත් යන සතර දෙනා වත්තේ බංගලාවට අවුත් සිල්වා මහතා ඉන්නේ දැයි අසනු මමත් බලා සිටියෙමි. සිල්වා මහතා බංගලාව ඇත්ලේ නෝනා මහත්තැන් සතර පස් දෙනෙකුත් වැඩකරුවෝ තුන් දෙ‍නෙකුත් පමණක් උන්හ. එහි සිල්වා මහතාගේ මෑණියන් සිටි බැවින් ඉදිරියට අවුත්, සිල්වා මහතා උවමනාවක් සඳහා කොළඹ ගිය බවත්, තව දෙ දවසකින් මෙහා නො එන බවත් කිවේය. එවිට මේ ඉන්ස්පැක්ටර් සහිත පිරිසේ ප්රතධානියා වන හාමු ඒ වයස් ගත හාමිනේට කථාකොට “ඔන්න හාමිනේ අපේ යුතුකමක් වශයෙන් සිල්වා මහතාට කියන්ට ආවේ මේ වත්තේ වැඩකරන සුවාරින් අප්පු අල්ලන්ට ඕනෑ කරන වගයි. ඒ හොරා ඊයේ රෑ වෙලේ බැඳලා සිටි මේ විදානරාළගේ ගොනා මරා හොඳටම මස් කාලා තවත් ගෙයි පු‍රවාගෙන තිබී මේ ඉන්ස්පැක්ටර් මහතා විසින් අල්වා ‍ගන්නා ලදී. දැන් ඒ සුවාරිස් අල්වාගෙන යන්ට ඕනෑ. ඒකට තරහ වෙන්ට එපාය” යි කීය. මේ කථාව කෙරෙන විට මම බංගලාව ළඟම ගස්වල කිරි එකතු කරමින් සිටියෙමි. සුවාරින් අප්පු ටිකක් ඈතය. ඔහුට මේ කිසිත් ඇසුනේ නැත. ඉන් මහලු හාමිනේ බෝයි කෙනෙකුට කථා කර කොන්දොස්තර එක්ක ‍වරෙන්නැයි කීය. ඔහු වහාම දුවගොස් කොන්දොස්තර සමඟ ආවේය. ඔහු අවුත් ඉන්ස්පැක්ටර තැන හා හාමු මහතාත් ආවේ කුමක් නිසාදැයි පළමු වෙන්ම ඉතා යටහත් පහත් කමින් ඇසුවේය. එවිට ඉන්ස්පැක්ටර් ටිකක් හයියෙන් “ උඹලාගේ වත්තේ ඉන්නා හරක් හොරා, සුවරිස් නමැති මිනිහා අල්වන්ට ආ‍වෙමි” යි කීය. කොන්දොස්තර ටිකක් බියපත්ව ගමේ මුළාදෑනියා වන මහළු මිනිහා ගෙන්, “ ආ විදාන මහත්මයෝ කොයි සුවාරිස් ද? කවදා කෙරිච්ච හොර කමක්දැ” යි තාමත් හෙමින් ගෞරව සහිතව ඇසුනේය. එවිට විදානෙන් මහා ලොක්කෙක් මෙන් අන්න අර එහායින් ඉන්න සුවාරිස්, හොරකමක් කර තිබෙන්නේ ඊයේ රෑ. අපි ආවේ නිකම් නොව මසුත් අල්ලා තබා සාක්ෂිිත අල්ව ගෙනය යි කීවේය. කොන්දොස්තර තැන හාමු ළඟට කිට්ටුවී “ ‍අනේ හාමු මහත්මයෝ මේ මිනිහා ඊයේ රෑ නම් කොහේවත් ගියේම නැහි. අපේ පැක්ටරියේම වැඩ කළේය. ඒ බවට මමත් පැක්ටරියේ ලලියන මහතාත්. තවත් වැඩ කරුවෝ හත අට දෙනෙකුන් සාක්ෂිය, මේ නම් බො‍රුවකැයි කීය. එවිට හාමුට කේන්ති ගොස්, “ ඔන්න ඉන්ස්පැක්ටර් මහත්මයා මේ හොරකම කර තිබෙන්නේ නො අනුමානය මේ කොන්දොස්තරගේත් කතා බහ පිටය‍. දැන් සුව‍ාරිස් පමණක් නොව ‍කොන්දොස්තරවත් හිර භාරයට ගන්ට ඕනෑ “ යයි කීවේය. මේ වේලාවේ වට පිට සිටි රබර් කිරි ගන්නා අයටත් මේ කාරණය ඇසී එතනට රෑ

168 වලව්වක පලහිලව්ව

ස්වූහ. බංගලාවේ සිටි නෝනා මහත්තැන් සියළු දෙනාද බංගලාවේ බිත්තිය අයිනට වී බලා උනහ. ඒ පිරිසේ ලීලාවති මැණිකේ සිටිදැයි හරි හැටි බලාගන්ට නොහැකි වේලාවක් වූ බැවින් මට කණගාටු දෙකක් විය. කණගාටු දෙකෙන් එකක් නම් මේ පිරිසේ අදික කමත් මේ කලබලයත් නිසා ලීලාවතී මැණිකේ මා අතේ තිබෙන පින්තුරුයේ ආධාරයෙන් පරීක්ෂාකර ගැනීමට ඉඩනැති කමත් අනික නම් නිර්දෝෂවූ මනුෂ්යෂයෙකු පළාතක මිනිහෙකු විසින් අමුලික බොරුවකට පටලා අමාරුවේ හෙලන්ට තනනු දැකීමට යන කාරණා දෙකය. ඉතින් හාමුගෙත්. ඉන්ස්පැක්ටර්ගේත් අහංකාර ගතියට භය පත්වුන කොන්දොස්තර තමාගේ ඇ‍ඟ බේරාගෙන අසරණ සුවාරිස් අප්පු පාවාදෙන්ට කතාකරන බව මට දැනුනේය. අ‍හෝ! ආත්මාර්තකාමි ගතියක මහත. කරන්නේ කොතරම් අයුත්තක් බව පෙණුනත් තමාට අමාරුවක් වන විට ඒ අයුත්තට අනුබලදී තමා නිදහස් වන මිනිස්සු ඉනානා මෙ ‍රටේ අපටත් උපදින්ට සිද්ධ වුනා නොවේදැයි මගේ හෘදය වස්තුව වියළී ගියේය. පොලිස් කාරයාගේත්, හාමු‍ගේත් අධිපතිකම නිසා නිර්දෝෂවු සුවාරිසි අප්පු ගැන හොඳින්ම කරුණු දත් කොන්දොස්තර ආදී පිරිස හාමුගේ පැත්තට වෙලා කතාබන් කරනු දුටු මට පමනක් නොව ඒ තොරතුරු බලවින් සිට නෝනාවරුන්ටද ඉවසා ගන්ට බැරිව නොයෙක් පද කියන බව මට ඇසුනේය. ඉන් එක නෝනා කෙනෙක් ටිකක් වේගයෙන්ම “ එක මිනිහෙක් වත් නැති හැඩ.යි කියන හඬ මට ඇසී මේ සියළු කරදර මැද්දෙත් ඒ උත්තම ස්ත්රි්ය දෙස නොබලා නොහැකි බැවින් ඒ ස්ත්රීීන් ‍දිසාව බැලීමි. නමුත් එවේලාවට එතන හත් අට දෙනෙක් අන් බැවින් ඒ වචනය කා විසින් කියන ලදදැයි නිශ්චය කරගත නොහැකි විය.

වත්තේ දොළොස් දෙනෙකුත් හාමුත් ඉන්ස්පැක්ටරත්, කොස්තාපලුත් විදානේත් යහ දහසය දෙනා සාවා‍රින් අප්පු අල්ලා මාංචු දැමීමට සැරසෙන බැව් දුටු ඒ අසරණයා වෙව්ලමින් අඬමින් මෙසේ කියන්ට පටන් ගත්තේය. “ අනේ හාමු මහත්මයෝ, මගේ අඹුවත් පාවාගෙන ඒත් මදිව ඈත් සමඟ එකතුව මාව හිරේ දමන්ට හදන එක යුතු දැ යි. මේ වචනය කියනවත් සමගම හාමුට කේන්ති ඇවිත් සුවාරිස්ට කම්මුලට එකක් ගැසීය. ඉන්ස්පැක්ටර්ද ඒ අසරනයාට හත අටත් ඇන්නේය. ළඟම හිටි කොස්තාපල් මේ අසරණයා බිම පෙරළාගෙන ඉල බල බලා‍ අන්නට පටන් ගත්තේය. දුරුවල වූ නාකි වි‍දානෙටත් අතේ හිරි ඇරගන්ට හොඳ ප්රගසාථාව වූ බැවින් තුන හතරක් අණින බව පෙණුනේය.

පියදාස සිරිසේන නවකථා එකතුව 169

සුවාරිස්ගේ සහකාර කිසිවෙක් මේ අධමයන්ට තලනවා තබා මොවුන්ගේ තැලීම නවත්වන බවක් වත් නොපෙණුන බැවින් මට දරාගත නොහැකි විය. මේ ගුටිකන සුවාරිස්ට ඔහුගේ ශරීරය මෙන් හිතත් ශක්ති සම්පන්න නම් ඉන්ස්පැක්ටර් ආදී හතර දෙනාටම හොඳටම බෙදන්ට පුළුවන. නමුත් ගහන ගහන පාරට “ ‍අනේ හාමුදුරුවනේ මා මරන්ට එපාය” යි කියන මේ ආත්ම ‍ගෞරවය නැති බියසුල්ලාට කුමක් කළ හැකිඳ? අහෝ ශරීර ශක්තිය තිබුනත් ආත්ම ශක්තිය නැති මිනිසුන්ට ඇති දුක? ඉන්ස්පැක්ටර් රාජකාරියට ආවේ නමි ඔහුගේ යුතුකම තිබුනේ සැක සහිත මිනිහා අල්වා ගෙන යාම පමණකි. කිසිම විරුද්ධ කමක් නොපෙන්වන වරදි කාරයෙකුට වුවත් තැලීමට ඉඩක් ඉංග්රී.සි නීතියේ නොමැතිය. මේ අසරණ නිර්දෝෂ මිනිහා “ අනේ හාමුදුරුවනේ මා මරන්ට එපාය”යි කීයද්දීත් හතර දෙනෙකු විසින් තැලීමත් ඔහුගේ යාළුවන් හෙවත් එකට වැඩකරනවුන් දොළොස් දෙනෙක් පැත්තකට වී බලා ඉදීමත් දුටු මම මෙසේ කල්පනා කළෙමි. “ බොරුවට හෝ හැබෑවට හෝ යම්කිසි මුලාදෑනියෙක් කරන රාජකාරියකට බාධා කිරීම නීති විරෝධ ක්රිියාවකි. නමුත් දැන් මේ ඉන්ස්පෙක්ටර් ආදී සතර දෙනා අහිංසකවූ විරුද්ධ කමක් නොදක්වන මිනිහෙකුට තැලීම නම් කිසිම මනුෂ්යහ නීතියකට අයිති කාරණයක් නොවේ. ඉන් නිසා මට කුමක් වුනත් මොවුන් ‍කාණ්ඩේටම හොඳ පාඩමක් උගන්වමි. යු‍ද්දෙට නැති කඩු ව පො‍ෙලාස් කපන්ට විය යුතුයි. අද නැති මගේ “වික්ර මපාල‍” කම කවදාවත් උවමනා නොවේය” යි සිතා මගේ ඇ‍ඟේ ශක්තියට වඩා හිතේ ශක්තිය වැඩි කරගෙන ඉදිරියට අවුත් සිවාරිස් අප්පුට අනිමින් සිටි කොස්තාපල්ගේ කන හරහා වදින්ට තදින් පහරක් බෙදු වෙමි. ඔහු ඒ පාරෙන්ම සිහිසන් නැතුව වැටුනේය. ඒ ළඟම සිටි නාකි විදානේට පයින් එකක් දුනිමි. ඇත්තෙන්ම නාකියා මළමුත්රාන වගුරුවමින්ම මරහඬ දෙන්ට පටන් ගත්තේය. එවිට මා දෙසට එමින් සිටි ඉන්ස්පෙක්ටර්ගේ මුහුනට හෙන පහරක් මෙන් පාර තුනක් ඇන්නෙමි. ඔහු බදා බිම හෙලා මුර්ඡාවන තුරු අණිනු දුටු හාමු වටපිට බලන බව දුටු බැවින් ඉන්ස්පෙක්ටර් අතනම සිටියදී දුවගෙන ගොස් හාමුව අල්ලා පොළවේ ගැසීමි. වෙරිමත්ව සිටි කාලකණ්ණියාට පාර පහක් පමණ අණින කොට මළ මූත්රා් වගුරන්ට පටන් ගත්තේය. වත්තේ මිනිසුන්ගෙන් කීප දෙනෙක්ම බංගලා‍ව අයිනට වුන නමුත් නවත්වන්නට කිසිවෙක් ඉදිරියට නාහ. මගෙන් පහර කෑ හතර කෙනාම ඒ ඒ තැන වැටී සිටියදී වත්තේ කොන්දොස්තරගේ පිටිකරට හත අටක් ඇණ “ එම්බා ජඩය තගේ ආරක්ෂාවේ උන් නිර්දෝෂ මිනිහා පාවා දුන් තා වැනි ජඩයෙකුට මිනිසුන් හත් අට දෙනෙක් වත් පාලනය කරන්ට ඉඩ

170 වලව්වක පලහිලව්ව

අරීම අපරාධයකි. තා නොමරා මරමි” යි ඔහු බිම දමාගෙන මළ මූත්ර නික්මෙන් තුරුම ඇන්නෙමි. පැය භාගයක් තුළ මේ පස්දෙනාම ආරොග්ය ශාලාවට ගෙනයාමට තරම් පහර දුන් මා කෙරෙහි සියල්ලටම වඩා ප්රාසන්නවූ එක් නෝ නා මහත්මයෙන් “ අනේ අපේ ජාතියේ පිරිමියෙක් ඉන්නා . එන්න ඔය මනුෂ්යමයා වැදූ අම්මාට මෛත්රීත බුදුන් දකින්ට ලැබේවා”යි කියනවා ඇසුනු මට මහතා ප්රීවතියක් ඇති විය.

ඉක්බිති මම ඒ ළඟම තිබුණු ලොකු ගලක් උඩ වාඩිවී තවත් චණ්ඩි ඉන්නාහු නම් මා සමඟ පොරට ආ යුතුයයි කියන කොට වත්තේ ලියන මහතාතා තවත් දෙතුන් දෙනෙකුත් මට බොහෝ ආදර ගෞරවය දක්වා බංගලාවේ පිටිපස්සා පැත්තේ ඉස්තෝප්පුවට ගොස් මට වැඩිවෙන්ට කීහ. මගෙන් පහර කෑ හාමු ආදී පස්දෙනා අමාරුවේ බැවින් බර කරත්තයක් ගෙනවුතු ඔවුන් ‍ආරෝග්ය් ශාලාවට රැගෙන ගියහ. දෙතුන් දෙනෙකුගෙන් ගුටි කෑ සුවාරින් අප්පු ගසාබසා දමාගෙන නැගිට පැක්ටේ්රියට ගියේය. බංගලාව ඇතුළේ නොනා මහත්තැන් මගේ ක්රිනයාවේ වටිනා කමත්, ගෞරවයත් කියමිනි මට ප්රතශංසා කරන බව ඇසුණේය. මේ තරමින් වත්තේ කලබලය එවේලාවට සංසිඳුන නමුත් එදාම රාත්රීව හෝ පසුවදා මා හිරබාරයට ගන්නා බව මට කල්පනාවී මගේ වේශය ඉවත්කර එතැනින් පැනගන්ට රෑ වෙනතුරු ඉඳීමට සිද්ධවිය. බංගලාවේ සිටි ස්ත්රී හු මහත් භක්ත්යා්දරයක් ඉපදවූ බැවින් රාත්රීව කෑම එහදී හොදින් ලැබුනය. කෑම කා බංගලාවේ පිටිපස්සා පැත්තේ ස්තොප්පුවේම නිදාගන්ටය කියා පුදුරකුත් කොට්ටයකුත් මට දුන්නේය. මම ඒකත් එලාගෙන නිදාතතිමි. බංගලාවේ දොරවල් වසා එහි සිටි බලවත්තු නිදාගන්ට සූදානම් වන බව බර ලැබ්නේය. මතක්කරලාවත් මේ ස්ථානයයේ ලීලාවතී මැණිකේ ඉන්නීදැයි නිශ්චය කරගැනීමට උවමනා බැවින් නිදිවර ඇතිව, ඔවුන්ගේ කතාබහ අසා ගැනීමට සිටිව විට, ඒ ස්තොප්පුවේම මුරකාරයාත් නිදාගන්ට ආවේය. ඒක මට මහත් බාධාවක් විය. මක්නිසාද එහු දෙමළෙක් බැවින් හා නිදිවර ඇතිව ඉන්නා කෙනෙක් බැවිනුත්ය. ඔහු ආ හැටියේ ඔහුට කථාකොට අද මා ඇල්ලීමට පොලිසියෙන් කොස්තාපල්වරුන් කාණ්ඩයක් එන බැවින් සමහර විට මා වෙනුවට නුඹ අසුවෙන්ට මුර කරමියි කිවාම‍ ඒ මෝඩයා බයේම යන්ට ගියේය. ඉක්බිති මම නැඟිට වමේ බවලත්තු නිදාගන්නා කාමරයේ බිත්තිය අයිනට වී ඔවුන්ගේ කථාබස් අසා ගතිමි. සිල්වා මහතාගේ මෑණියෝ “ බලන්ඩ මැණිකේ, අර මනුෂ්ය්යා බොහොම සමර්ථයෙක්ය. පස් දෙනෙකුටම තලා එක පහරක්වත් ඔවුන්ගෙන් නොකා කරපු දක්ෂකම!

පියදාස සිරිසේන නවකථා එකතුව 171

අද ‍අපේ ළමයා හිටියා නම් ඔහුට නො අනුමානවම තෑගිත් දෙනවා. නමුත් ඒ හාදයාව පොලිසියෙන් අල්වා ඔය වාඩුවටත් සමගම ඔහුට තලා අන්තරාවට පත්කරනවා ඒකාන්තය” යි කීහ. “ මැණිකේ යයි” කියන කොටම මට මහත් ප්රීරතියක් ඇතිව නමුත් ඒ තරමින්ම ලීලාවතී බව නිශ්චය නොවීය. ඉතින් කලින් කෝලහාලය වෙද්දී වචනයක් දෙකක් කථාකල හඬින්ම කථාකරන ස්ත්රිකයකු මෙසේ කියන්ට වූවාය. “ මොනවාද හාමිනේ, අපේ රටේ භියගුළු ආත්මාර්ථකාමී කාලකණ්ණින් අධික නිසා නොවේ නම් අයුතු අනර්ථ ක්රිවයා මෙතරම් කොහොම සිදුවිය හැකිද? ඒ මිනිහා හාමුට හා ඉන්ස්පැක්ටර් ආදීන්ට ගැහැවාටත් වඩා කොන්දොස්තරට ගහපු එක ගැන මට නම් ඉවසිය නොහැකි ප්රීවතියකි. තමාගේ ආරක්ෂාවේ උන් තමා හොඳින්ම නිර්දෝෂ මිනිහෙක් බව ද දන්නා සුවාරිස්ට පොලිසියට භාරදෙන්නට සූදානම් වූ ඒ බියගුල්ලා වැන්නකු හාමිනේගේ පුතාගේ වත්තේ මුලාදෑනිකමට පත්කර ගැනීමෙන් ම හාමිනේගේ පුත‍ාගේ තරමවත් තේරුම් ගන්ට පුළුවන. මා මේ අමාරුවට පත්කර ඉන්නා අධම සමරනායකට අයුත්තේ ආධාර කරන හැටි බැළුවාම ඔය හාමු ඉන්ස්පැක්ටර්ලා ආදීනිට වඩා හාමිනේගේ පුතාගේ හොඳ කමකුත් මට පෙණෙන්නේ නැත. මගේ කල්පනාවේ හැටියට දැන් ලක්දිව ඉන්නා මිනිසුන්ගේ වැඩිදෙනා බියසුළු ආත්මාරථකාමී අධමයන්ම ඉන්නේ ඔවුන්ගේ මව්වරුන්ගේ පහත් ගතිය නිසාම විය යුතුය. ළමයකුගේ උස් පහත් ගති මව් නිසාම අටගන්නා බව ශාස්ත්‍ුතයේ පෙනේ. ඒ උසස් ධර්ම ශාස්ත්ර් නො ඉගෙන පරදේශික “පැෂන්ස්” පමණක් පවත්වන්ට දන්නා අපේ වර්තමාන ස්ත්රි්න් කුස, යුතුකම දන්නා “ නිර්භීත වීර පුරුෂයන් උපදිතොත් අසූචියෙන් මිහිරි සුවඳත් හැමිය හැකිය” යි කියන කොට තවත් ස්ත්රිතයක් “ ආ මැණ්කේ, ස්ත්රි න්ගේ උසස් පහත් ගති නිසා මිනිසුග්ගේ හොඳ නරක ගති ඇතිවන්නේ කොහොමද? ඒ හොඳ කරක ගති ඔවුන්ට පුරුදු වූ හැටි නොවේදැ”යි කිවාය. එවිට ඒ මැණිකේ ඒ ස්ත්රි යට, ඇඩලේඩ් කියා කථාකොට අපේ ස්ත්රීනන්ගේ දැනීම ඉතාමත් සුළුය. අපේ පහත් පංක්තිවල ස්ත්රීපහු දරදිය සූදානම් කරනටත් වී සහල් ටික කොටා ගන්ටත් කෑම ටික උයා ගන්ටත් පමණක් දනිති. අපේ උසස්ය කියන ස්ත්රීාහු හොඳටම අඳින්ටත්, ඉතාමත් ටික දෙනෙක් ඉංග්රීඋස් විධියේ ඇදුම් මහන්ටත්, උසස් ගුණධර්ම ප්ර කාශ නොවන රාග නිශ්රිගත පොත් පත් කියවන්ටත් දනිති. ඒ එක්කම ටැනිස් ගැහීම පිට්ටනිවල ඇවිදීම, බාල් නැටීම, සින්දු කීම, පියානෝ ගැහීම. ආදියත් දනිති. ඒ ඉංග්රීබස් “ කොලිජිවල” ඉගෙනගත් තැනැත්තියෝ යි. නමුත් ඉංග්රී ස් ‍හෝ සිංහල

172 වලව්වක පලහිලව්ව

භාශා ඉගෙන ඒ භාෂා වලින් ප්ර කාශව තිබෙන උසස් ධර්ම ශාස්ත්ර ඉගෙන හිතින් හා ක්රිෂයාවෙන් උදාරතර භාවයට පැමිණෙන කෙනෙක් අප රටේ දකින්නටවත් නැත. මේ වැරැද්ද නිසාම අපේ ‍රටේ උසස් නිර්භීත දරුවෝ නුපදිති. මම ඇඩලේඩ්ට ඇත්තක් කියන්නෙමි. ලෝකයේ යම් තරම් උත්තමයෝ උපන්නාහු නම් ඒ සියලු දෙනාම උත්තම වූ මෑණිවරුන් ගේම දරුවෝය. සිංහ තෙල් රන් භාජනයක මිස වෙන කිසි‍වක නොපවතී. එමෙන්ම ‍වීර වික්රතමාන්විත ච‍රිතයෙන් යුත් උත්තමයෙක් පහත් කල්පනා ඇති අයුත්තකට නොනැමෙන චපල ගතියෙන් යුත් කාමුක වූ ස්ත්රිියක කුස කවදාවත් උප්පාද නොවේ. දුටුගැමුණු කුමාරයා ගැන පමනක් කල්පනා කළත් මේ කාරණය තේරේ ය” යි කියන කොට අන්යය ස්ත්රිපයක් ඒ කථාව අස්සේම “ අනේ මැණිකේ දුටුගැමුණු කුමාරයා කී පමණින් අපට මොකේවත් නොතේරේ. කරුණාකර ඒ විස්තර කරන්ට යයි කීවාම. එවිට මැණිකේ සිනාස‍ී, මොකද නැලී උඹ සීනියර් ලොකල් කියන විභාගයත් “ පාස් ” කළාළු. නමුත් දුටුගැමුණු රජතුමාවත් උන්වහන්සේගේ මෑණියක් වහන්සේවත් ගැන දන්නේ නැහැ. අනේ ළමයා අප ‍රටේ දරුවන් අසන හැටි! උඹලාට ඉංග්රී.සි ටිකකුත් “ මැතමැටික්ස් ” ටිකකුත් “ පැෂන් ” රාශියකුත් පමණක් උගන්වා තිබේ. නමුත් ගුණයක්, ධර්මයක්, සීලයක්, වීර වික්රකම ගතියක්, අපේ රටේ තොරතු‍රක්, අපේ ඉතිහාසයක්. අපේ පොතක්, කිසිවක් උගන්වා නැත. උඹලා සිතා ඉන්නේ අප රෙදි අඳින්ට දැන ගත්තෙත් යුරෝපීයන් ආවාට පසුය කියායි. නමුත් දෙවියන්ට සමානව කල්ගත කළ සිංහලයන්ගේ ගති ගුණ වත් ඔවුන් එබඳු උසස් භාවයට පැමිණුනේ කොහොමදැ කියාවත් උඹලා නොදන්නේහුය. අනේ නැලී උඹවාගේ ළමයෙකුට රත්නා, සුමනා, විමලා ආදී අවින්ශ්චිත නාමයක් තබන්ට නොදැන උඹ “ නලීය ” යි නම් කළ උ‍ී ෙඹ් අඥාන මව්පියෝ අනික් පිරිමහිත ඉගෙනීමකි උඹට කොහොම දෙත්ද? උඹලා දැන් “ පැෂන්ස් ” මනින “ නැලි, ලාස් “ වෙලා, යුරෝපීය පැෂන්ස්වලින් අග තැන්පත් ගොන්නෑම්බියෝ වෙලා ඉන්නා බැවින්, උඹලාගේ බඩේ උපදින කොල්ලොත් කෙල්ලොත් ආත්ම ගෞරවය නැති මහේශාක්ය, භාවය නැති, උදාර කල්පනාවල් නැති, ආත්මාර්ථකාමී අල්පශාක්ය‍ භයගුළු , මහත් කාමුක චේතනාවලින් යුත් තැනැත්තියො වෙතියි” යි කියන කොට නැලීගේ ලොකු අම්මා වන මහලු සිල්වා හාමිනේ මැණ්කේට කථාකොට “ අපේ මැණිකෙට ටිකක් කේන්ති ගියා වගේ පේනවා. ඇත්තෙන්ම මැණිකේ කියන කීම බොහෙම හරි දැන් අපේ ගෑණු ළමයි දන්නේ ඉංග්රී්සි “ පැෂන්ස් ” පමණක් තමයි. කොණ්ඩේ ක්රේයල් කරන්ටත්, කොණ්ඩේ

පියදාස සිරිසේන නවකථා එකතුව 173

කපන්ටත්, කලිසන් අදින්ටත්, ගවොම් අඳින්ටත්, හැඩ තියන්ටත්. පුයර දාන්ටත්, සැන්ට් දමන්ටත්, සපත්තු මේස් අඳින්ටත්, හැඩේට ඇවිදින්ටත්, යනාදී කරුණු පමණයි ඒ මිසක් ගුණධර්මයක්, සීලයක් නැතුවා සත්තකයි. ඉතින් මැණිකේ ඔය ඉංග්රීණසි කොලිජිවලට යවා ඉංග්රීයසි විධියට හදන පොහොසත් පවුල්වල ගෑණු ළමයි තබා අපටවත් පු‍රාණ සිටි උත්තමයන්ගේ වගතුග දැනගන්ට ලැබුණේ නැහැ. කරුණාකර, අප කාටත් දැනගන්ට දුටුගැමුණු රාජකුමාරයාගේ මැණියන්ගේ තොරතුරු කියනු මැනව” යි කිවාය. එවිට මැණිකේ ටිකක් කේන්තියෙන් මෙන්. “ මා මේ තදින් කථා කළේ නැලීට පමණක් නොවේ. නැලී නරක් වූයේ නැලීගෙන්ම නොව නැලීගේ මවු පියන් නිසාමය. කරක පහත් අදහස් ඇති නැලීකේ මව් කුසේ නැලීට වඩා උසස් කල්පනා ඇති කෙනෙකුට උපදින්නට බැරිය. ඉතින් ලෝකයේ තොරතුරු කිසිත් නොදත් නැලීගේ පියා උප්පතිතියෙන්ම පහත් අදහස් ඇත් ඒ ලමනා මිෂනාරී කොලිජියක නවත්වා යුරෝපීය පැෂන් හා නිසරු, කාමුක හැසිරීම් වලට ඈ පුරුදු කරවනු ලැබුවාය. ඉතින් නැලී තමන්ගේ රට ගැන ජාතිය ගැන මොකවත් උත්තම ධර්ම ශාස්ත්ර ගැන නොදැනීම පුදුම ද? මම මේ ඇත්තන්ට කැළණිතිස්ස රජ්ජුරුවන්ගේ දුවනියගේ කථාව ඉතා ලුහුඬින් කියන්නෙමි. “ දැන් කොළඹට නුදුරුව පිහිටි කැළණිය පුරාන කාලයේ රාජධානියකි. එහි කැළණි තිස්ස කියා උප රජ කෙනෙක් විසුයේය. ඒ රජතුම‍ාගේ බිසෝ කෙනෙක් සමඟ ඒ රජුගේ සහෝදරයෙක් මිත්රකව විසූයේය. මේ බව දැනගත් රජ ඒ සහෝදරයා වෙන පළාතකට යැවීය. ශ්රූද්ධාවත් වේ රජතුමා නිතර දන් දෙන සංඝයාට බො‍හෝ ගරු කරණ කෙනෙකි. රජ ගෙදරදීති දන් ‍වළඳන රහතන් වහන්සේ නමක් සහිත සංඝ පිරිසක් ද සිටියාය. ඉතින් ඉවතට යවනු ලැබූ රජුගේ සහෝදරයා තම මිත්රත බිසවට ලියමනක් යවන්ට උපක්රනම නැතිව වල් කොල්ලෙකුගේ හිස බූගා සිවුරු පො‍රවා තමාගේ හොර ලියමන ඔහුට දී රජ ගෙදරට දානේ පිණිස භික්ෂූ න් වහන්සේලා වඩින වේලාවට තොත් ඒ පිරිසට එක්ව රජගෙට ගොස් මේ ලියමන බිසවට දී පියවයි කියා පිටත්කර යැවීය. සිවුරු පොරවාගත් මේ පණිවිඩකාරයා උදේම පන්සල අයිනේ රැක සිට මහ රහතන් වහන්සේ ප්රවධාන භික්ෂුඅ පිරිස රජ ගෙදරට දන් පිනිස වඩිද්දී ඒ පිරිස පස්සේ රජගෙට ගියේය. රජගෙදරට වැඩම කරන ලද සියළු භික්ෂූන් වළදවා ඉවරවූ පසු රජතුමාටත් බිසෝවරුන්ටත් පින් අනුමොදනා කොට භික්ෂූන් වහන්සේලා යන්ට පිටත් වන විට අර සිවුරු ඇඳගත් පණිවිඩකාරයා තමා ගෙන ගිය හොර ල‍ියුම බිසවට පෙණෙන්ට බිම දැම්මේය. ඔහු අනුවන කමින්

174 වලව්වක පලහිලව්ව

කල ක්රිපයාව රජුට පෙනී ලියමන ඇහිඳගෙන භික්ෂූන් වහන්සේලා ගිය පසු ලියුම බැළුවේය. ඒ රාගනිශ්රිහත ලියමනක් බවත් ඒ අකුරු මේ භික්ෂු පිරිසේ ප්රුධානියා වන කැළණිතිස්ස මහරහතන් වහන්සේගේ අකුරු වලට සමාන බවත් ඒ දුටු රජු ඒ නීච ක්රිණයාව ඒ මහ රහතන් වහන්සේ වැඩකැයි මුලාවී, ඒ උත්තමයා හුණු තෙල් භාජනයක ලා මරන්ට නියම කළේය. රජු මුළාවී කරන මේ ක්රිුයාව වැලක්වීමට රජුගේ දියනිය ආදී නොයෙක් දෙනා උත්සාහ කළ නමුත් රහතන් වහන්සේගේ කර්මයක් පලදීමටත් හේතුවූ බැවින් ඒ බැවින් ඒ නපුරු ක්රිසවාය එසේම විය. එයින් මහා භූත කොපයෙන් මේ රජු තබා ඔහුගේ නුවරත් විනාශ වන පිණිස මුහුද ‍ගලන්ට පටන් ගත්තේය. දැන් මහලු දිවයින කියා තිබෙන්නේ පු‍රාණ ලක්දිවට ඉතාමත් ආසන්නව දූපත් ටිකකි. පෙර ලක්දිව ඒ මහලු දූපත් දක්වා විශාලය. මේ භූත කෝපයෙන් කැළණියට හැතැප්ම හතරක් දක්වා ගම් නියම් ගම් කගර දහස් ගණයක් විනාශ කර ගෙන මූදකන්ට පටන් ගත්තේය. ස්වකීය පියාගේ දුෂ්ට ක්රිෝයාව නිසා රටටත් ස්වකීය නගර වැස්සන්ටත් වන්නාවූ විපත දුටු මේ තරුණ කුමාරිකාවට ඒ බල බලා ඉඳිනු නොහැකිව - පියාණන් ළඟට අවුත් වැඳ, පියාණන් වහන්ස! ඔබ වහන්සේ නිර්දෝෂ වූ මහ රහතන් වහන්සේ නැසූ බැවින් කිපුනාවූ දෙවියෝ රට විනාශ කරති. මගේ ජාතියත් ඔබවහන්සේ ආදී ම‍ාගේ රටත් අවශ්යව ඥාතිවරයනුත්, ගැලවීමට මම දිවි පුදන්නෙමි. මා මුහුදට බිලිකර මේ විපතින් ගැලවුනා මැනවයි කීවාය. භයින් හා අපවාදයෙන් මුර්ඡාවී සිටි අඥාන රජ ඇමතිවරුන්ගේ සම්මානය ඇතිව ස්වකීය තරුණ දියනියට බිලිවීමට අවසර දුන්නේය. ස්වකීය රටත් ජාතියත් විනාශ වීම වලක්වන්ට සිය කැමැත්තෙන් දිවි පිදූ පළමුවෙනි ස්ත්රීර අපේ විහාර මහාදේවී බව නොදන්නා සිංහල ස්ත්රීින් රෙදි පෙරෙදි අඳින්නේ විලි බිය නිසා නොව පුරුද්ද යයි කීවොත් මා සමඟ තරහ වන්නෝ සිටිති. නමුත් එසේ නොකියා නොහැකි බැවින් ඒ ටික කියමි. ඉතින් මේ පින්වත් නිර්භීත කුමරිය නිකම්ම මුහුදට විසිකර දමනවා වෙනුවට ඔරු පුංචක තබා ‍මුහුදේ පාකර හැරියේය. පින්වත් උත්තමියගේ උදාරතර චේතනාවේ විපාකක් වශයෙන් මුදුකෑම නැවතී ඔරුව දකුණු දෙසට ගසාගෙන ගියේය. මාගම් වෙරලේ සිටි මිනිස්සු ඔරුව ගොඩගෙන එහි සිටි උත්තම කුමාරිය එවකට එහි රජකම් කරමින් සිටි කාවන්තිස්ස කුමාරයාට භාර කළේය. එතුමා කුම‍රියගේ තොරතුරු අසා තම මයිල් රජුකේ දියනිය බැවින් සරණ පාවා ගත්තේය. ඉතින් දාතාදී පින්කමෙහිම නිරත වූ මුළු ලක්දිව සිංහල බලය පතුරා බුද්ධ ශාසනය

පියදාස සිරිසේන නවකථා එකතුව 175

වර්ධයන කිරීමේ අභිලාශය ඇති ඒ පින්වත්රාජ කුමරිය රෑ දාවල් දෙක්හිම, ඒ අදහසම ඇතිව, මුළු ලොව සෙලවීමට තරම් වීර ‍වික්රහම භාවයෙන් යුත් පුත්රසයෙකු ප්රාඇර්ථනා කරන්නී. මේ උග්ර්වූ තේජස් ඇති දුටුගැමුණු කුමාරයා ලැබුවාය. ඒ විහාර මහා දේවින්ගේ පිරිසිදු වරිතයත්, පිනද‍වහමේ කිරීමත් නිතර හිතේ පැවති උදාර උත්කෘෂාට ගතියක් නිසාම තමන්ගේ කුක්ෂි යේ හටගත් ඒ කුමාරයාගේ ශ්ර ද්ධා වීර්යාදී උත්තම ගුණ ඒ තරම් වැඩුණු බව ඒකාන්තයෙන් සිතාගත යුතුය” යි කියන කොට අනිත් සිටි ස්ත්රීුන්ගේ කෙනෙක් “ අනේ මැණිකේ සත්තකටම ඔය කියාපු එක ඒකාන්තමයි මම ඒ කාරණයට සාක්ෂිත කියන්නෙමු. මම තරුණ කාලේ කසාද බඳින කාලේ නිතරම කැමතිව සිටියේ පියානෝ ගහන්නටයි. මගේ කල්පනාව ඒකෙමයි. ඒ අපේ ගුරුවරී පුරුදුකර දුන් වැඩේ තමා. ඉතින් මම කසාද බැඳි පසු මට ලැබුණු පළමුවෙන් පුතා ඇත්තෙන්ම නාඩගම්කා‍රයෙක් වී බේබද්කෙද් වී අවුරුදු විසිහතරේදී මළා. අනේ මේ මැණ‍ිකේ තමයා හැබෑ උත්තම ශාස්ත්ර වන්තී. යම් ස්ත්රි‍යක් හිතේ පවත්නා හොඳ කල්පනාවක් හෝ නරක කල්පනාවක් ඇත්නම් ඒ ස්ත්රිෙයට ඒ අනුකූලවූ ළමයි ලැබීම ඒකාන්ත බව දැන්නම් මටත් වැටහුනා ඒ පිරිසේ සිටි කෙනෙක් කීවාය. ඉක්බිති ලීලාවතී මැණිකේ මනුෂ්යවයින්ගේ ඉතාමත් උතුම් ගුණය වන නිර්භීත වැඩ කිරීම බිය ගුල්ලෙක් අවුරුදු දාහක් ජීවත් වෙනවාට වඩා හොඳ බවත් තේරුම් ගත යුතුයි. සුරවීර ක්රි්යා නොකරන එකෙක් අවුරුදු සියයක් ජීවත් උනත් ඔහුටවත් ලෝකයාටවත් කිසි පලක් නැත. නමුත් උවමනා තැනදී පුරුෂ සිංහ ලීලාවෙන් වැඩ කරන උත්තමයා අවුරුදු ස්වල්පයක් ඉඳලා මළත් ලෝකයාටත් ඔහුටත් මහත් යහපතක් වන බව කාටත් තේරෙන කාරණයකි. නිර්භිත උත්තමයන් ගැන එළිවන තුරාවත් කියන්නට මට පුළුවන.

15. පරිච්ඡේදය

මනුෂ්යනත්වයේ ඉතාමත් ශ්රේ්ෂ්ඨ ගුණය නිර්භීතකම වේ. ඒ උතුම් නිර්භීත කම නැති තැනැත්තේ ධන ධාන්යාතදී සියල්ලලෙන් ආඪ්යි වුවත් ඔහු කිසිසේත් උතුම් මනුෂ්යේ නාමයට සුදුස්සෙක් නොවේ. පංචායුධ කුමාරයාගේ කථාව දන්නහු නම් බයවීම මනුෂ්යා ගතියෙන් පහත් එකක් බව හොඳින් අවබෝධ වනු නිසැකය. රෞද්රුවූ යක්ෂයා වාසය කරන වනාන්තරය මැදින් යාමට ගමන් ගත් පංචායුධ කුමාරයන්ගේ ඒ ගමන

176 වලව්වක පලහිලව්ව

වැලැක්වීමට බොහෝ දෙනා උත්සාහ කළෝය. නමුත් මනුෂ්ය ගතියෙන් යුත් ඒ කුමාරයා කීවේ “ එක මනුෂ්ය යෙකුට භයේ මාගේ ගමන වැලැක්විය යුතු නැත. ඒ මනුෂ්ය ගතිය නොවේය කියා” යි ඒ උත්තම කුමාරයා මිනීමස් කන යක්ෂයා ඉන්නා ගස දෙසට එන බව යක්ෂයා දැක. මොහු අඥානයෙකැයි පළමුවෙන් සිතුවේය. මිනිස් උසට වැඩි මිනිසුන්ගේ ඇට ගොඩවල් බල බලාත් කුමාරයා එනු දැක යකා පුදුම විය. ඉක්බිති කුමාරයාට නවතින්ට කියා “ එම්බල මානවකය. තෝ මේ ඉක්මනින් කොයිබ යන්නෙහිද? ඔය පෙණෙන ඇට ගොඩවල් වනාහි මා විසින් කා දමන ලද මිනිසුන්ගේ ඇටය. මම දළරෝම යක්ෂයා වෙමි” යි කීයේය. “එම්බල යක්ෂය, මම ඒ බැව් නොදනිමියි තා සිතන්නෙහිද? මම පංචායුධ කුමාරයා වෙමි” යි කීය. යක්ෂයා සිනාසී, තොපට “ වඩා රූප සම්පන්න බලවත් මිනිසුසු මට ගොදුරු වූහ. තොපගේ නම් ගොත් කීමෙන් පලක් නැත. ඔහොම ඉඳුවයි කුමාරයා දෙසට පැණගෙන ආයේය. පංචායුධ සන්නද්ධ කුමාරයා මඳකුත් බිය නොවී දුන්න අයා යක්ෂයාට විද්දේය. තමා අතේ තිබුණු සියළුම හී ඉවර වන තුරු විදිනු දුටු යක්ෂයා ටිකක් පුදුම‍ව මීට පෙර මා දුටු සියළුම මිනිස්සු එක්ෂණයෙහිම මූර්ඡාවී වැටුනේය. නමුත් මේ අද්භූත පුද්ගලයා කිසි බියක් චකිතයක් නැතිව මා මරණ අදහසින් විදින්නේය. ඒ රෞද්රල යක්ෂයාගේ දැඩිවූ රෝම විනිවිද යා හැකි ඊ සැරයක් නැති බැවින් ඔහු තමාට විදි සියළුම හී ඇඟ සොළොවා බිම හෙලා එම්බා පුරුෂය තා ඉතින් කුමක් කරන්නෙහිදැ”යි ඇසීය. සිනා මුහුනින් යුතු කුමාරයා රෞද්රත යක්ෂයාට දුන්නෙන් දමා ගැසීය. එයද ඔහුගේ රෞද්රහ රෝමවල පැටළුනේය. ඉකිබිති කුමාරයා අත තිබුණු අනිත් ආයුධ ‍පසින් ද ක්රාමයෙන් දමා ගැසීය. ඒ සියල්ල යක්ෂයාගේ ශරීරයෙහි පැටලී ගියහ. කුමාරයා අතේ තිබුණු ආයුධ ඉවරවූ බව දුටු යක්ෂයා “ එම්බල මානවකය, දැන් තෝ කුමක් කරන්නේහිදැයි ඇසීය. එවිට කුමාරයා රෞද්රපවූ යක්ෂලයාට දකුණතින් බලවත් පහ‍රක් ගැසිය. ඒ අත යක්ෂයාගේ දැඩිවූ‍ රෝමවල පැටළුනේය. එවිට වමතින් ද ගැසීය දකුණු කකුලෙන්ද වම් කකුනෙල් ද ගැසීය. ඒ ද යක්ෂයාගේ රෝම වල පැටලී ගියහ. සිව් තැනකින් යක්ෂයාකේ ඇගේ පැටලී සිටි කුමාරයා බියවීද? සත්තෙකෙන්ම නැත. සිනා මුහුණෙන් යුතුව “රෞද්රබ වූ යක්ෂය මම තට කරණදේ දනිමි” යි ඔළුවෙන්ද ගැසුයේය. ඔලුවත් යක්ෂයාගේ රෝමවල පැටලී ගිය බැව් දුටු යක්ෂයා සිනාසී, එම්බල අඥානය තො දැන් පංච බන්ධනයකින් බැදී ගියෙහිය. දැනුත් මගේ ගොදුර නොවුයෙහිදැ”යි

පියදාස සිරිසේන නවකථා එකතුව 177 ඇසීය. හැබෑ මනුෂ්යස ගතියෙන් යුත් ඒ උත්තම කුමාරයා මඳකුත් බය නොවී, “ එම්බා යක්ෂය, මම නිකම් ආයෙමි යයි නොසිතව, මම තා විනාශ කිරීමට ආවෙමි. දහස් ගණන් ජීවිත විනාශ කරන තට මගේ ජිවිතය දී තා විනාශකර දැමීම ලෝකයේ කළ හැකි ඉතාමත් ශ්රේිෂ්ඨ වැඩකි. දැන් මා කන්නෙහිය. මා කෑ විට ‍තගේ ශරීරය ලුහුණු ලෙලි මෙන් ලියැවී යන්නේය. මගේ හෘදයේ සියුම්වූ ආයුධයක් තිබේ. ඒ ආයුධයෙන් තා විනාශ වන බන ඒකාන්ත හෙයින් තා සමඟ යුද්ධයට ආවෙමි” යි ගසකට අල්ලා බැඳි වඳුරු පැටවෙන් මෙන් රෞද්රසවූ යක්ෂයාගේ ශරීරයේ එල්ලීගෙන ඉන්නා වූ නිර්භීත පංචායුධ කුමාරයා කීහ. මේ නිර්භීත කථාව යක්ෂයාට විශ්වාස නොකර සිටින්නට නොහැකි විය. අනිත් මනුෂ්යථයෝ මා දුටු තරමින්ම මුර්ඡාවී වැටෙති. මේ තැනැත්තා මා දුටුවිට තමාට භයවන සතෙකු ඉදිරියට යන්නාක් මෙන් අවුත් ඔහුගේ ආයුධ සියල්ලෙන්ම මට දමා ගැසීය. ඒ සතරම මගේ දැඩිවූ රෝමවල පැටලී ගිය පසුත් මඳක්වත් බියක් චකිතයක් නැතිව නිදහස් තිබුණු හිසෙන් ද මට ඇන්නේය. දැන් පසු ස්ථානයකින් බැඳී ගෙනත් නිර්භීතව කථා කරන්නේය. මෙබඳු මනුෂ්ය යෝලෝකයේ අතිශයින් දුර්ලභ වෙති. මෙබන්දන් කියන වචනද බොරු විය නොහැකැ” යි සිතා “ පින්වත් කුමාරය, තොපේ පපුවේ ආයුධයක් තිබුණත් නොතිබුනත් තොපගේ මස් කා ජීර්ණය කර ගැනීම අපහසුය. ඒ හෙයින් මම ‍‍තොපගේ මස් නොකමි. තෝ සැපසේ ගමට යව”යි කුමාරයාව යක්ෂයා ‍රෝමවලින් ගලවා නිදහස් ‍කළේය. මාගේ සවාමිදරු වූ ඒ බෝධිසත්වයන් වහන්සේ යක්ෂයා තමාට වසඟවූ බව දැන මනුෂ්යස ඝාතනයේ භයානකකම ඔහුට කියා අවබෝධ කර දී යක්ෂයා තමාගේ අතවැසි බවට පමුණුවා ගෙන ඔහුද සමඟ සිවකීව නුවරට ගියේය. මේ පංචායුධ කුමාරයා මෙන් ඒ ඒ ප්ර ස්ථාවෙහිද නිර්භීත විය හැකි තැනැත්තන් පමණක්ම නියම මනුෂ්යුයන් බව සිතා ගත යුතුය. නිර්භීත ගතිය ගැන අපේ පරාක්ර්මබාහු කුමාරයාණන්ද සිහි විය යුතුය. “ අතේ ආයුධ ඇති කල්හි සන්නාහ සන්නද්ධව එන ශක්රමයාටවත් මම භය නොවෙමි”යි දහහත් හැවිරිදි ඒ රාජ කුමාරයා මහ සේනා ඉදිරියේ ප්ර්ක‍ාශ කළේය. “ අයියණ්ඩි මැරෙන සැටි මම උගන්වමි”යි දුෂ්ට වූ රජාගේ අනිත් මරණයට නියමව සිටි මද්දුම බණ්ඩා ඉදිරියට පැන වධකයාගේ කඩු පහරට බිලිවූ හැටි නෝනලා අසා නැත්තහුද? මනුෂ්ය යාගේ නිර්භීතකම ගැන සියලුම ශිෂ්ටාචාර මිනිස්සු ගෞරව කරති” නිර්භීත විය යුත්තේ යමක්ද, උතුම් වූයේ යමක්ද, රෝමවරුන් මෙන් ඒ නිර්භීත විය යුතුවූ උතුම් දේ කොට මරණු ලැබීම ආඩම්බරයක් ගෞරවයක් හැටියට අප විසින් සැලකිය යුතුය” යි කී ෂේක්ස්පියර් පඬිතුමාගේ වචනය මිනිස්

178 වලව්වක පලහිලව්ව

හිතින් කවදාවත් මතක නැති කළ යුතු ‍නොවේ.

“ යු තු යියි හැගෙන සියලුම දේ කී රී ම ට
යු තු මය මිනිසුන්ට දිව්වත් පි දී ම ට
යු තු නැති යමක් ඇර අනිකක් කි රී ම ට
යු තු නැත බියක් වනු සිත තුළ හැ ඟී ම ට

බලක්ලාවහි රුසියන් යුද්ධයේදී අති විශාල රුසියන් අශ්වාරෝහක සේනානකට මූන පාන්ට උන් ස්වල්පවූ හයිලැන්ඩර්සා යුද්ධ සේනාවට එහි ප්රාධාන තැන්පත් කොලින් කැම්බල් කථා කොට කීවේ “ මනුෂ්යරයෙනි, නිර්භීතව සිටිව්! සෑම මිනිහාම ඔය ඉන්නාවූ තැනම සිටගෙන මැරෙනු යුතුය. කිසිවෙක් සෙලවෙන්ටත් එපාය’ යන්නය “ ඔව් , සර් කොලින් තුමාණෙනි, අනේ එසේ කරමුය”යි ඒ වචනය රකිමින් එහෙමම සිට ගෙත ඒ පිරිස මළාය. 1750 දී ඇමරිකාවේ චරජිනියා රටේ කැළෑවක් මනින මිනින්දෝරු පිරිසක් සංචාරය කරද්දී ඉතා භයානක ග‍ංඟාවක ළමයෙක් වැටී, ඔහුගේ මව් විලාප කියන බව ඇසුනේය. “ අනේ මගේ ළමයා ගඟට වැටුණා ඔහු ගලවා දියෝ” කියමින් ඒ මහලු මව් විලාප කියන හඬ මේ පිරිසේ ඉන්න තරුණයෙකුට ඇසී කිසිත් නොවිමසා ගඟට පැන්නේය. මේ ගඟ වනාහි බලවත් සැඩ පහර ඇති ගල් සහිත ඇලිවලින් යුත් ඔරු පාරුවක් යා නොහැකි භයානක ගඟකි. ගඟට වැටුණු ළමයාගේ ඇඳුමක් පමණක් දුටු තරුණයා ඒ පාරේ ඉතා අමාරුවෙන් පීනමින් ළමයා සෙව්වේය. බලවත් සැඩ පහරෙන් යුත් ඇල්ලෙන් ඇල්ලට ළමයා දිය යටින්ම ගසා ගියේය. ජීවිතාලය ඇති කිසිවෙක් ඒ එක ඇල්ලක්වත් පසු කරන්ට සුදුසු නැත. නමුත් ඒ පුදුම තරුණයා ළමයා සොයමින් ඇල්ලෙන් ඇල්ලට පීනා ගියේය. අන්තිමේදී ඉතා වේගවත් දිය සුලිවලින් යුත් ගැඹුරු ඇලි වළේදී ළමයා ඒ තරුණයාට අසුවිය. තමාගේ දිවිවත් ගලවා ගැනීමට නොහාකි මේ චණ්ඩ වූ දිය සුලියේ දී දිව්ය්මය ශක්තියෙන් මෙන් අල්වා ගෙන ඉවතට පීනා ග‍ඟේ මඳක් නිරුපද්රිදතවූ ස්ථානයකට පීනා ගත්තේය. ළමයා ගඟට වැටුණු තැනවත් තරුණයා බැසපු තනවත් කොයි ලෙස කින්වත් දිවි ආලය ඇතියෙකුට බැසීමට පිළිවන් තැනක් නොවූ නමුත් මේ අද්භුත තරුණයා ළමයා ගලවා ගෙන ගඟින් ගොඩට ඇවේය. ටික වේලාවකට පසු සිහිසන් නැතුව යම්තම් පණපිටින් උන් දරුවා හා නිර්භීත පුරුෂ සි‍ංහයාත් දුටු ඒ ළමයාගේ මව් “ අනේ මගේ අසරණ පුතා ගැලවූ මේ වීර පුරුෂයාට දෙවියෝ ආශිර්වාක කරන සේක්වා” යි පුදුම

පියදාස සිරිසේන නවකථා එකතුව 179

හිතකින් පැවසූ ඒ මාතාවගේ ආශිර්වාදය ලත් මේ නිර්භිත තරුණයා මුළු ලෝකයේ සත්කීර්තියෙන් බැබළුණාවූ ජෝර්ජ් වොෂින්ටන්තුමා විය. සයිරස් රජු යුද්ධයෙන් පැරදී උන් ක්ලෝනීබස් රජු පිටිවහල් කිරීමට ස්පාර්ටන් නුවරට යාමට සැරසී ගොස් ලැකෝනියාහි සිවකීය සේනාවත් සමඟම ලැගුම් ගත්හ. සිපාර්ටන්සිවරුන් ගෙන් කිසි විරුද්ධත්වයක් ඇති නොවේ යයි සිතා මෙසේ පහසුවෙන් ඉක්මනටම මේ ගමන ගියේය. මේ බව ආරංචිවූ ස්පාර්ටන්ස්වරු රැස්විමක් තබා ඔවුන්ගේ ස්ත්රීින් ක්රී ට් රටට යැවීමට තීන්දුකර ගත්හ. මේ බව ආරංචිවූ සිපාරටින් ස්ත්රීරහු ආර්කි සැමියා නම බිසව ප්ර්ධාන කරගෙන ඒ පිරිමින්ගේ සභාවට පැමිණියාහ. ඒ මහේෂිකාව දකුණතේ කඩුවක් ඇතිව සභාවට අවුත් “ සිපාර්ටන් නුවර විනාශ කළ පසු ඔවුන්ගේ භාර්යාවරු ජීවත්වන්ට සතුටු නැත්තාහ. අපි නිර්භීත මනුෂ්යේයන්ගේ මව්වරුය නිර්භීත මනුෂ්යායන්ගේ භාර්යාවෝය. අපි කිසිවිටකත් භය නොවම්හ. අපේ දිවි තමුන්නාස්සේලාගේ ආරක්ෂාවට ප්රාවකාර කරන්නෙමු. අපගේ දීර්ඝ කේශ කලාප යුෂ්මතුන්ගේ දුනුවල වරපටවලට දෙන්නෙමුය” යි ඒ ස්ත්රීි සමූහයා වෙනුවෙන් ඒ මහේෂිකාව සභාවට කියා සිටියාය.

මේ ප්රකවෘත්තිය වර්ණනාකරන ඉංග්රීරස් කවිවරයෙක් මෙසේ කියා තිබේ.1

බි ය නැති මහතුන්ගේ මව්වරු වම්හ අ පි
බි ය නැති මිනිසුන්ගේ පියඹුන් වම්හ අ පි
බි ය නොව දිවිදෙන්ට සතුටින් ඉඳිමු අ පි
බි ය වනු කිමද? අප ගැන බිය නොවමු අ පි
ඔ බ හ ට රැකවරණයට පවුරක් ලෙස ට
ඉ ව ත ට නොගොස් ඉඳිමුව දිවිපුදා සි ට
ගැ ණු ම ට දුනිදියට අප දිඟු වරල තු ට
හ නි ක ට පුදමු කීවේ කුලඟනෝ සෙ ට

මෙසේ කිව් ස්ත්රීුහු ස්වකීය පුරුස පක්ෂයේ ආධාරයට මුළු රාත්රිසයම අගල් කැපීමාදී සියළු ආරාක්ෂා විධි සලස්වාගෙන යුද්ධයට සූදානම් වූහ. පසුදින උදේ නුවරට පහර දුන් සයිරස් රජු කොතරම් පහසුවෙන


1. “ We are brave men’s mothers” and brave men’s wives We are ready to do and dare” We are readu to man you< walls with our lives Akd string your bows with our hair”

180 වලව්වක පලහිලව්ව

පරාජය කරනු ලැබුවේ ද කිවහොත් ඔහු ලැකොනිවට පැමිණෙන්නේවත් නැතිව එය අත්හැර පසුබැස ගියහ.

දු රු ක ර මිනින් ගත් පණ කබල රැකුම ට
ග රු ක ර බියවනා අය වා‍ලෙකි නිව ට
සු රු පු ර ගියත් නැත ගරුබුහුමන් ඔහු ට
අ ව පු ර ගියත් සලකති බිය නැති සත ට
කී ම කි පඬුවන්ගේ කෙළ පැමිණි සව් ස ත
පා‍ පෙ කි බියෙන් දිවි රැක ගැනුම සැක නැ ත
සා පෙ කි ඔහු සතට සිදුවන දුක් අන ත
ව‍ා ලෙ කි අයුත්තට බියවන්නා දිය ත

සෑම තැනදීම බියවන මනුෂ්යතයා මනුෂ්යන ගතිය ඉක්මවූ තිරිසනෙක් බව සැලකිය යුතුය. මේ බටහිර පණ්ඩිතයන්ගේ කියුම්ය. අයුත්තතේ යටහත්ව, අයුත්ත දැක දැක උදාසීනව ඉදීම මනුෂ්ය. නාමයට නිග්ර්හයකි. මාඝ පඬිතුමා කීවාත් මෙන් ලැජ්ජාව ස්ත්රිේයගේ මහය්යානභරනය වුවත් සෑම තැනදීම ලජ්ජාවන ස්ත්රිැය ප්රේ‍මවත්න ස්වාමි පුරුෂයාටවත් රුචි නොවේ. එමෙන්ම ඉවසීම හොඳ වුවත් සෑම තැනදීම ඉවසා නිශ්ශබ්දව වීම පුරුෂ පරාක්රයමයට නිග්රැහවකි. ලෝකයේ කීර්තිවත් භාවයට පත් නැල්සන් නම් නාවුක සේනාදිපති තුමා කුඩා කාලේ එක් රැයක් ගෙදරින් ඈතදී මං මුලාව ඇවිද්දේය. ඒ කුඩා ළමයා සොයන ඥාතිවරයෙකුට මුණ ගැසී “ඔපමණ දුර තනියම යාමට නුඹ භයවුනේ නැද්ද”යි ඇසුයේය. එවිට අනාගතයේ කීර්තිමත් උතුමෙක් වන මේ කුඩා ළමයා “භය” මුණගැසුනේ නැතියි කීයේය. නිර්භීත ගතියක් උවමනා තැනදී දිවි යතක් ඇති කරන පුරුෂ පරාක්රුමයක් නැති මිනිසුන් වාසය කරන සිංහයන් නොවසන නරි පමණක් වාසය කරන කැලේට සමානය. ආපදාවෙහි දී නිර්භීතව ඉදිරියට ගොස් ස්ථානෝචිතව කළ යුත්තක් කරන්නාත්, අන්යභයෙකුට සැප දෙන පිණිස තමා දුක් විඳින්නාත් ගෞරවය රක්ෂා්කර ගැනිම පිණිස ජීවිතය වුවත් පුදන්නාත් ලෝකයේ පළමුවෙන් පංක්තියේ වීර පුරුෂයෝ වෙති. අන්යායෙකුගේ ධනයක්, වස්තුවක්, නිලයක්, පංක්තියක් ආදී යමක් ලබා ගැනීමේ අදහසින් යමෙකුට හිංසා පීඩා කරන්නා අඥාන අධම ජඩ බිය ගුල්ලෙකි. දැන් අප රටේ පුරාම ඉන්නෝ එබන්දෝමය. එබඳු ජඩයන් වදන අඥාන කාලකණ්ණි ස්ත්රී්න්ට සාප වේවා! යි කියා කථාව නැවැත්තුවාය. සිල්වා උන්නැහේගේ මෑණියන් ආදී පිරිස

පියදාස සිරිසේන නවකථා එකතුව 181

මැණිකේගේ කථාවට පුදුමව රෑ බෝවූ බැවින් නිදා ගත්හ. වේලාව රාත්රීව 12 විය. “ මේ කථාකළ උත්තම කාන්තාව එසේ මෙසේ කෙනෙක් විය නොහැක. නවරත්න බණ්ඩාරගේ භාර්යාව වන ලීලාවතී මැණිකේම විය යුතුය. අ‍හෝ! ම‍ාගේ මනෝරඛය සම්පූර්ණ විය. ඉතින් ලිලාවතී මැණිකේ සමඟ කටයුතු සියල්ලක් කථාකරගෙන ඈ ක්ෂෙමස්ථානයකට පමුණුවා ඉක්බිති නවරත්ත බණ්ඩාර සොයිමි” යි ප්රීවතිමත්වූ මම උන්තැනින් නැගිට රබර් පැක්ටරිය ළඟට ගියෙමි. එහි සිටි මුරකාරයා හා ලියක මහත්තැන්ද මා දුටු හැටියේ බියපත්ව “ මොකද හර්මානිස් අප්පු, මේ ‍අවේලාවේ ආවේ මන්දැයි ඇසූහ. වත්තේ කරත්තයවත් බන්දවා ගෙන රාත්රීමම කළුතරට යාගත යුතු හෙයින් මෙසේ කීමි. “ අනේ ලියන මහත්මයෝ අද එළිවෙන්ට ඉස්සරින් පොලිසියෙන් අවුත් මා අල්වාගනු ඒකාන්තයි. එසේ වුනොත් මහත්මයලාටත් හිරිහැරයි. ඉන්නිසා මම කොහේවත් සැඟවෙන්ට යන්නෙමි. මක්කාරලාවත් මා කළුතර පිටත් කළ මැනවි. වත්තේ “බක්කි” කරත්තකාරයා බඳවා මා පිටත් කළොත් ලොකු උපකාරකැ’යි කී විට මා කෙරෙහි බලවත් බයක් ඇති ලියන මහත්මයා එහායින් ලැයිමක නිදා හුන් කරත්තකාරයා නැඟිටුවා ඉතා වේගයෙන් දුවන ගොනෙකු යොදවා මා කළුතරට ගෙන ගොස් බස්වා රාත්රීැ දෙකට ඉස්සරින් නැවත වත්තට එන්ට කීයේය. මම ලියන මහත්මයාට ස්තුති කොට කරත්තේ නැඟී මගේ පෙට්ටිය තිබූ මා ආහාර ගත් ක‍ඩේට අවුත් ඒ අයිතිකාර අම්මණ්ඩිව ඉතා අමාරුවෙන් නැඟුටුවා දොර අරවා ගතිමි. ඒ මහලු ස්ත්රීා මා වත්තේ දී පස් දෙනෙකුට ගසා ආරෝග්ය ශාලාවට යැව් පුදුම හයිකාරයෙක් බව අසා තිබුනු හෙයින් මට මහත් ගෞරව සහිතව “මොකද කංකානම් මහත්මයා මේ මධ්යුම රාත්රී් කොයිබවත් යන්ටදැ”යි ඇසීය. “ ඔව් අම්මේ එළිවෙන්ට ප්ර්ථම පොලීසියෙන් අවුත් මා අල්වාගනු නිසැකයි. කරුණාකර මගේ ඇදුම් පෙට්ටිය දෙන්ට මෙන්න මම බත් කෑවාට හා මෙහි සිටියාට අම්මා කිව් ගණන රුපියල් පහ නමුත් මේ දහයම ගත මැනවි. මම තවත් උපකාර කරන්නෙමි” යි කියා පෙට්ටියත් කරත්තේ පටවාගෙන දෙපැයකින් කළුතරට පැමිණියෙමි. එහිදී කරත්තකාරයාටත් තෑගි වශයෙන් රුපියලක් දී මගේ මිත්ර.යාගේ සාප්පුවේ දොර අරවා ගෙන රාත්රිශයේ ඉතිරිකාලය සුවසේ නිඳාගතිමි. පසු දින (බදාදා) උදේ කළු ගඟට බැස නාලා දවල් බත් අනුභව කොට වත්තක කොන්දොස්තර් කෙනෙක් හැටියට ඇඳගෙන කුලී කරත්තයකින් සිල්වා මහතාගේ වත්තට යන පිණිස දවල් දෙකට පමණ

182 වලව්වක පලහිලව්ව

පිටත් වීමි. හතරට ප්ර ථම එතනට යාගත හැකියයි සිතා සිටි නමුත් මට ලැබුණු කරත්තකාරයා බේබදු ජඩයෙක් බැවිනුත් ඔහුගේ ගොන් ඇට සැකිල්ලක් බැවිනුත් ගමන ප්ර මාදවී මා කලින් නැවතී උන් බත්ක‍නඩේ ළඟට යන විට පහත් පසුවිය. එතනට ගොස් කරත්තකාරයාගේ කුලී ගෙවා මම ඒ බත් කඩේට තේ වතුර බොන පිණිස ඇතුල්වීමි. ඒ කඩේ ඉදිරිපිටම මහපාරේ මිනිස්සු කීප දෙනෙක් හා පොලිස්කාරයන් හත් අට දෙනෙක් ද උන්හ. එතන සිටි පිරිසත් ඔවුන්ගේ කථා බස් ආදියත් බලන විට මහත් කැලඹීමක් සිද්ධවී ඉවරවුනු වේලාවක් වැනිය. මම කෝපි කඩේට ඇතුල්ව තේ වතුර ඉල්ලුවාම ඒ මහලු මව මෙසේ ම‍ට ඒ සියල්ල සූදානම් කළාය. මම ඔවුන් ගැන දන්නා නමුත් කිසිවෙක් මා නාඳුනන නිසා එහි සිද්ධවූ තොරතුරු කාගෙනුත් දැනගන්ට පුළුවන් බව හැඟුනේය. මම තේවතුර බොනකොටම ඒ කඩේ අයිතිකාර අම්මගේ පුතා සිල්වා මහතාගේ බොයියත් දුවගෙන අවුත් “ අම්මේ මටත් තේ වතුර කෝප්පයක් දෙනටය” යි කීවිට “ ඔන්න පුතා ඔය මේසේ උඩ කෑම තබා තිබේ. උඹත් කාල තේවතුර බීපන්නැ”යි කී බැවින් ඒ ළමයාද මා වාඩිව උන් පුටුව ළඟ තිබුනු පුටුවක් උඩ වාඩිවී පාන් කෙසෙල්ගෙඩි කා තේවතුර බීවේය. එවිටම චාර්ලිස්ගේ මවුත් තවත් ගෑනු පිරිමි දෙතුන් දෙනෙකුත් ටිකක් එහායින් තිබුන ආසනවල වාඩිවි “ මොකද චාර්ලින් ඊයේ රෑ සිට වත්තේ කලබල? උඹ එනතුරු ඒවා අසාගන්ට බලාපොරොත්තුව උන්නා. සිල්වා මහතා තවත් බවලත්තු කීප දෙනෙකුත් සමඟ දැන් මොටෝ කාර් එකෙන්ගියේ කොහාටදැ” යි ඇසුයේය. මෙසේ අසන කොටම මම උන් ආසනෙන් නැඟිට ඉස්තෝප්පුවේ තිබුණු පුටුවක් උඩ වාඩි ගතිමි. අමුත්තෙක් වන මා ගැන කිසි සැකයක් නැති චාර්ලිස් තාමාගේ මව් ඇතුළු පිරිසට මෙසේ කියන්ට පටන් ගත්තේය. “ ඒකද අම්මේ අර අපේ කඩේ නැවතී ඉඳගෙන රබර් කිරිකපන්නට ගිය මනුෂ්යකයා උඹලා දන්නවාද. ඒ රබර් කිරි කපන්නෙක් නොව සුප්රකස්ද්ධ රහස් පරීක්ෂයෙක් වන කෝන්ගොඩ වික්ර මපාල මහත්මයායි. කුළීකාරයෙක් නම් ඉන්ස්පැක්ටර් කෙනෙකුටත් “ හාමු හාමුදුරුවන්ටත්” තවත් තුන් දෙනෙකුටත් මළමූත්රෙ පිටවන තුරු තලන්ට සමරථ වේද? එදා ඔහු මා සමඟ කළ කථාබන් වලින්ම කුළීකාරයෙන් නොවන බව අම්මාට දැනුනේ නැද්දැ” ය කියනකොටම ඒ මහලු ස්ත්රි ය ආ “ළමයා උඹලා ඒ බව දැනගත්තේ කොහොමද “ අපේ මහත්මයාගේ යාළුවෙක් වන සමරනායක මහත්මයා උඩරට රදල පවුලක මැණිකේ කෙනෙකු ගෙන ආවා. ඒ මැණිකේ වෙනින් මහත්මයෙකුගෙන් සමරනායක මහතා

පියදාස සිරිසේන නවකථා එකතුව 183

කොල්ලකාගෙන අවුතු තිබේ. ඒ ඇත්තියගේ ලක්ෂකණත් පොහොසත්කමත් දුටු අපේ සිල්වා මහතා සමරනායකටත් නොදී තමාට භාර්යා කරගන්ට සිතාගෙන වත්තේ බංගලාවට ‍ගෙනත් තියේ. පළමුදා ඒ දෙන්නා කොළඹ ගියේ ඒ ගැන නීතිප්රාකා‍ර ක්රිඇයා කිරීමට අද්වගාත් කෙනෙකුකෙන් ගුරුකම් ගන්ටයි. ඉතින් ඊට දවසකට ඉස්සර කෝන්ගොඩ වික්රදමපාල මේ පැත්තට ආ බව ආරංචිව මට එන්ටය කියා ටැලිග්රෑකම් එකක් එවා තිබී මම ගියෙමි. මා ගිය හැටියේම ඒ රබර් කිරිගන්ට වත්තේ නැවතුන මිනිහා ගැන තොරතුරු ඇසුවේය. ඉතින් මම ඔහු ගැන අමුත්තක් කියන්ට බැරි බවත් අපේ ගෙදර නැවතී ඉඳගෙන රබර් කිරි ගන්ට ගිය බවත් කීවෙමි. නමුත් මහත්මයාටත් බොහොම සැක හිතී රාත්රි යේම කොළඹින් පිටත්ව මොටෝ කාර් එකෙන් අපි වත්තට ආවෙමු. අපි එනකොට හරමානිස් අප්පු නමින් සිටි ඒ රබර් කිරි ගන්නා අය කළුතරට කිය බව ලියන මහතා කීවේය. ඊයේ දවල් සිද්ධවූ කොලාහලයත් එතනදී හාමු මහතාට, ඉන්ස්පැක්ටර් මහතාට, පොලිස්කාරයාට, විඳානේට හා වත්තේ කොන්දොස්තරටත් පහර දුන් ඒ මනුෂ්යකයා නො අනුමානවම කෝන්ගොඩ වික්රවමපාල බව දැනගත් සිල්වා මහතා හා සමරනායක මහතාත් දෙන්නා එයි ගෙනවුත් උන් මැණිකේත් සිල්වා මහතාගේ මවුත්, නංගීත් යන තුන් දෙනාත් එකතුකරගෙන දැන් රත්නපුරා පුත්තට ගියාහ. අද උදේ හර්මානිස් අප්පු අල්ලන්ට ආ පොලිස්කාරයෝ හදෙනා ඔන්න දැන් කළුතරට යන්ට ගියා. හර්මානිස් නොව වික්රයමපාල බව දැන්නම් කාටත් තේරෙනවා. සමහර විට ඔය පුදුම මනුෂ්යකයා වෙනින් වේශයකින් අදත් මෙහාට එන්ට පුළුවන” කියා “අම්මේ ඔය ඉස්තෝප්පුවේ ඉන්නා අය කවුද කියා ටිකක් ඇසුවේ නැද්දැයි” චාර්ලිස් හෙමින් සැරේ මවගෙන් ඇසීය. එවිට ඒ මහලු මව් “ ඒ කොන්දොස්තර් වැඩක් සොයා ඇවිදින මිනිහෙක්. ඔහුගෙන් තව විස්තර දැන ගන්නනැයි” කීවාය. මම ඒ කිසිත් නෑසුනාක් මෙන් සිට තේවතුර මුදල කීයදැයි ඇසුවාම ශත පහළොවය කී බැවින් ඒ මුදල ගෙව්වෙමි. එවිට චාර්ලිස් මා ළඟට අවුත් තමුසේ කොයිබදැයි ඇසීය. “අනේ ළමයෝ, මම රක්ෂාවක් සොයා ඇවිදිනවා, මම උඩරට වත්තක සිටි කොන්දොස්තර් කෙනෙක් මේ අසල වත්තක කොන්දොස්තර කෙනෙකුට කෝළහාලයක දී තුවාල වී කළුතර ස්පිරිතාලයට ගෙන ආ නිසා ඒ වත්තේ කොන්දොස්තර කම හිස්වී තිබෙන බැවින් එය ලබාගන්ට ආවෙමි” කීවාම චාර්ලිස් මා කෙරේ අනුකම්පා කර” ඔව් ඒක නම්


184 වලව්වක පලහිලව්ව

හැබෑ තමයි. ඉතා හොඳ සහතික පත්ර තිබෙතොත් ඒ වැඩේ ලබාගන්ට බැරි නැත. නමුත් අපේ මහත්මයා කවදා ඒ ද කියන්ට බැරිය. උන් නැහේ එනතුරු තමුසේ නැවතුනොත් හොඳය”යි කීය. අනේ ළමයෝ මගේ අතේ වියදමට මුදල් නම් තිබේ. නමුත් මෙහි නවතින්ට තැනක් සොයාගන්ට පුළුවන්දැයි නොදනිමි. මම බරපතල පවුල් කාරයෙක්මි. කොහොමහරි මට මේ රක්ෂාව අරන් දුන්නොත් පින්සිද්ධ වේය” යි කීවාම චාර්ලිස් අම්මාතා සමඟ කථාකර මට එහි නවතින්ට ඉඩ නැති බවත් සිල්වා රත්නපුරටය ගොස් ආවාම එන්ටත් කීවේය. ලීලාවතී මැණිකේ සිල්වා මහතාගේ බංගලාවෙන් ගෙන ගිය බව දැනගත් මගේ හිත‍ට මහත් අමාරුවක් විය. “ ඊයේ රාත්රීග බලහත්කාරයෙන්වත් ලීලාවතී ගලවාගෙන යන්ට මට ඉඩ තිබිලත් එසේ නොකළ එක බලවත් වැරැද්දකැයි සිතමින් කණගාටුවීමි. ටික වේලාවක් එසේ සිටි නමුත් මට මෙබඳු කල්පනාවක් විය. “ පිරිමි නැති වේලාවක මා කවුද යන බව නොදත් ලීලාවතී මැණිකේ කොල්ලකාගෙන ගියානම් එය මගේ වික්ර මපාලකමට නොහොබී. මේ සතියේදී ලීලාවතී නැවතත් සොයන්නෙමි. ඒ උත්තම කාන්තාව මැරුණායයි මම සොකයෙන් සිටියෙමි. දැන් ඈ ඉන්නා නිසා තව මාසයක් හමාරක් ප්ර මාද වුනත් කමක් නැතැ”යි සිතා චාර්ලින්ට ස්තුතිකොට තව දවස් 3 කින් පමණ එන්නෙමියි කියා කුලී කරත්තයක් බඳවා ගෙන කළුතරට ගොස් මගේ ඇඳුම් පෙට්ටිය ආදී උපකරණත් රැගෙන රත්නපුරයට යාමට කුලී මොටෝ රථයක් රැගෙන එහි නැගී රාත්රීප එකොළහට පමණ රත්නපුරයට පැමිණියෙමි. එදා රාත්රීා තානායම් පලේ ලැගුම් ගතිමි.

16. පරිච්ඡේදය

පසුදින උදේ නග‍රයේ ඇවිදින අතර මගේ මිත්ර් වෙළෙන්දෙක් සම්මුඛ විය. මා අමුතු වේශයකින් සිටි බැවින් මා ඔහුට අඳුනන්ට බැරිවිය. නමුත් මා විසින්ම තොරතුරු කියාදුන් පසු මාත් සමඟ ඔහු ස්වකීය වෙළඳ ශාලාවට එක්ක ගොස් බලවත් ගෞරවාදර දක්වා මට සංග්රයහ ‍කළේය. රත්නපුරය මිණිපුරයමයි. එහි උපදනා ධනය ස්වකීය රටවැස්සන් නොව වෙන පළාත් වලින් පැමිණි සිටි මරක්කලාදීන් විසින් උපයා ගනු ලැබේ. මැණික් හා ආභරණ වෙළෙදාම මරක්කලයන්ගේම අතට වි තිබේ. පැරණි පවුල් වලින් පැවතෙන අය මැණික් කර්ම ගොවිකර්ම දෙකින්ම තුරන්ව වැටුප් සඳහා වැඩ කරන්නෝව සිටිති.

පියදාස සිරිසේන නවකථා එකතුව 185

අන්යෙසන්යකයන් කෙරෙහි භක්ති මාත්රවයක් නැති අඥාන කුල බේදාදියෙන් හා පුද්ගලික ඊර්ෂ්යාය ක්රෝරධයෙන් භරිත ජනයා අධිකවූ මේ පළාතේ වලව් බොහෝමයක් තිබේ. නමුත් පරාර්ථකාමී මහේශාක්යධ ගුණයෙන් යුත් කීර්තිමත් දරුවන් ඉපදවීමට තරම් සුචරිත ක්රිමයාවෙහි නියුක්ත මිනිසුන්ගේ ඌනභාවය නිසා දැන් මේ පළාතේ පින්වත් සිංහල‍ියෝ බොහෝ විරලව ගියහ. බෙන්තර පළාතෙන් පැමිණ වෙළදාම කරන මගේ මිත්රහයා මට අතිශයින් ගෞරව කරන විස්වාස කටයුතු කෙනෙක් නිසා තානායම් පලේ තබා තිබුනු මගේ පෙට්ටිය ආදී උපකරණත් ඒ වෙළඳ ශාලාවටම ගෙන්වා ගෙන දවසක් පමණ නැවතී ඉක්බිති ලීලාවතී මැණිකේ ගිය ආ තැන් සෙවීමට කල්පනා කළෙමි. එදා කළුග‍ඟේ නා නගරය හා අවට ගම් ආදිය පරීක්ෂාක කර බලනු පිණිස ඇවිද්දෙමි. ගම් වාසීන්කේ ඉඩම් කඩම් බොහෝමයක් රබර් වතු ආදිය වැවීමට විකුණන ලද බැවින් කිසිවෙක් රට වාසීන්ගේ වැඩි දියුණු සඳහා ඉදිරිපත්ව ක්රිණයා කරණ බවක් පෙනෙන්නට නැත. මා රත්නපුරයට පැමිණි කාලය මහා සමන් දේවාල පෙළහැර කාලය බැවින් නගරය අධික ‍සෙනෙඟගෙන් සමාකීර්ණ වූවාය. සුමන දිව්යය රාජයාගේ නමින් මෙම නග‍රයේ තිබෙන දේවාලයේ අවුරුදු පතා පවත්වන පෙළහැර දැන් මෙහි පවත්නා එකම පැරණි උත්සවයයි. මේ උත්සවය නිසා මනුෂ්යවයන්ගේ උනන්දුව හා ශ්ර ද්ධා භක්තිය ඇතිවිය යුතු නමුත් දැන්නමි මේ උත්සවය සූදු කෙළියටත් සුරාපානයටත් තවත් දුශ්චරිත කිරීමටත් ඉඩ ලබාගන්නා එකක් වී තිබෙන බව පෙනේ. දේවාලයේ අභිවෘද්ධිය සඳහා පැරණි රජුන් විසින් වෙන් කරණ ලද විසාල කෙත් වත් ආදියට දැන් කුමකින් කුමක් වී තිබේදැයි කිව කොහැක. දේවාලවේ ආව තේව කරන්නන්ගේ නොසැලකිළි කම් නිසාත් එහි අධිපතියන්ගේ ක්රිරයා පටිපාටිය නිසාත් දේවාලයේ අලංකාරත්වය බොහෝ දුරට අඩුව පවතී. අවට පළාත් වලින් බලවත් භක්ත්යානදරයෙන් පෙළහැර බැලීමට පැමිණෙන ජනයා අධික බැවින් පෙළහර පවත්වන දවස්වල නගරයේ සිටින වෙළඳ ජනයාට මහත් ප්රපයෝජන ලැබේ. දස දහසක් ගණන් වූ මේ ජනායාට ධර්මවවාද වශායන් ප්රතසිද්ධ කථාවක් පවත්වා ඔවුන්ගේ මෙලෝ පරලෝ දෙක්හි අභිවෘද්ධිය ගැන වචන මාත්රසයක් කියාදීමට කිසිවෙක් සූදානම් නැති මේ ‍කාලේ නොයෙක් දුසිරිත්වලින් මුදල් උපයා ගන්නන්ගෙන් නම් අඩුවක් නැත. එදා රාත්රීක මහ සමන් දේවාලේ පෙළහර බලා. මා මිත්රත වෙළඳ මහතාගේ කීම පිට රත්නපුරයට ආසන්න ගමක පවත්වන්නා වූ තවත් දෙවොල් මඩුවක් බලන්ට ගියෙමි. ඒ වනාහි දැඩිමුණ්ඩ දෙවියන් නමින් පවත්වන

186 වලව්වක පලහිලව්ව

දෙවොල් මඩුවකි. එහි ඒ දෙවොල් මඩුවේ නැටුම් ගැයුම් ආදිය පැවැත්වූ සිංහල කපුරාළලා කිසි ශාස්ත්ර යක් උගත් අය බව නොපෙණුන නමුත් පරම්පරාගතව ඉගෙනගත් අප්ර්කට කවි මන්ත්රඅ සහැලි ආදිය කියනු සිටි මට මහත් ප්රීවතියක් ඇතිවිය. දැඩිමුණ්ඩ දෙවියන් ගැන කියූ කවි වලින් කීපයක් මෙසේය.

“ මැ ති වරු කී බසටම විමසා ව ට
නැ ති එක උස බිම මළුවට ගැණුම ට
ඇ ති බල පෙන්වමි යකුන් ලවා සි ට
රු ති විය ගල බිඳ දෙන ලෙස මළුව ට
ව ඩා කැවුම් පූ කිරිබත් කැටි කො ට
වි ඩා ව හැර කන්නට පුද යකු හ ට‍
කු ඩා නොකරවව් එක දෙක දෙන්න ට
ක ඩා දමව් ගල අද රෑ සුන් කො ට
ස රා සඳුන් ගොම පිරිබඩ ගා වා
ඉ රා පුළුප් කොල වටකර අද වා
නු රා රුසිරු යුත් අඟනන් ලව් වා
පු රා එතන රස කිරි බත් පිස වා
බං ග ල ගෞඩිය වඩිග රටේ ය ක්
ක න් නඩි කාවෙරී කිවිසි රටේ ය ක්
කොං ගි නි ජාවක මලල රටේ ය ක්
සිං හල දේසෙට එන්නා හැම ය ක්
ය කු න් වැහුණු අඟනන් කැඳවා එ ති
ය ටි න් කුසේ ගිනි ඇර වෙවුලුම් ග ති
ඉ ති න් තොපගෙ ‍අණවින දොස් දුරුවෙ ති
දෙ ව න් යන්ට යකු අවසර ඉල්ව ති
ස පි රි නුරා රන් රුවැති ලඳු න් නේ
මි හි රි කතා රණ ගිරවිය වැ න් නේ
ස ව රී නෙලා දිගු වරළ බඳි න් නේ
ඔ ම රී ලියන් ඇර කෙලෙසදු ය න් නේ

මේ කවි විසින් මීට පෙර නොඅසන ලද බැවින් ලියා ගතිමි. මේ යාගයේදී “ වීර මුණ්ඩ” නම් දෙවියෙක් ගැනද තොරතුරක් ප්ර කාශ විය.

පියදාස සිරිසේන නවකථා එකතුව 187

මොහු සොළී මනුෂ්ය යෙක් ලක්දිවට පැමිණි යම්කිස් ඇස් බැන්දුම ආදියකින් එවකට සිටි ඇතැම් මිනිසුන්ගේ ගරු බුහුමන් ලැබුවෙක් බව සිතිය හැක. ඔහු සම්බන්ධව එහිදී කියාපු කවිවලින් ඔහුගේ උත්පත්තිය පටන්ම සැකෙවින් ප්රටකාශ වේ.

උ ප තකි නම් සොඳ කෝළිය නුව රා
සැ ප තින් වැඩුනේ මල්ලව නුව රා
දෙ ප සේ සිට චාමර ගෙණ පව රා
සැ ප සේ එබිසව් වැජඹෙති එපු රා
නා නු මුරත් කර සැතපුනු යහ නේ
සී න ය දැක එබිසව් බිය වෙමි නේ
කොයියම් විපතක්දෝ මට නොදැ නේ
සපන් ගණිත ඇදුරන් ගෙන්වමි නේ
මානෙල් මල් තුන පිපුනා දුටි මී
ගිනි කඳ ලොව විහිදෙනවා දුටි මී
දිය බුබුලෙන් ගොඩ නැංගා දුටි මී
මෙවෙනි සීන ඊයේ රෑ දුටි මී
මල් තුන නම් කුමරුන් තුන් දෙන ම ය
ගිනි කඳ ලොව විහිදෙන තෙද මහි ම ය
නැව් සරසා දිය පිට සිදු ගම න ය
මෙවැනි සීන තුන පෙණුනු සැබෑ ම ය
එක්මස් දෙමසද තුන්මස සපි රූ
සාර එපස් මස සමසඳ සපි රූ
සත් මස අට මස නව මස සපි රූ
දසකඩ මසිනුත් බිහිවුනු කුම රූ
පෙනෙහි රුවල මහ මුහුද මැ දේ යා
වැනෙහි රුවල තද සුළඟ වැ දේ යා
කියයි ලකුණු කුඹ උඩම ඉ දේ යා
වීරමුණ්ඩ දෙවි වඩින ර ඟේ යා
වීරමුණ්ඩ දෙවි වැඩලා මේ ර ට
මේ රජ මහ දෙවි වැඩිය යි යුදය ට
ආවුදයක් නැත යුදය කරන්න ට
අත්නි ගෙනා සුවුලා ගති යුදය ට‍

188 වලව්වක පලහිලව්ව

ස ලෙ ල සලෙල ආලේ වඩ ව න් නේ
පු ලු ල පුලුල මුහුදේ නැව් ය න්‍ නේ
පු ලු ල දිගැත් සොඳ සළු පළදි න් නේ
ම ළ ල වංස වීරමුණ්ඩ දෙවිය න් නේ
සැ ළ ලිහිණිය මෙන් ගොසකර දහ අට බාසාව ක්
න ල ලත ‍අඩ සඳ විලසින් කරට පුන නූල ක්
ස ල ඹ ගිගිරි ලාපු අතෙහි කඳ කුමරුගෙ ඊය ක්
ම ල ල මෙ බණ්ඩාර දෙවිදු කියවන් සුබ පේන ක්

යනාදිය කියා ඒ කපුරාළ පේන කියන්ට පටන් ගත්තේය. මේ අඥාන තොවිලයෙන් පලක් නැතත් මෙය බැලීමෙන් කාරණා කීපයක් ඉගෙන ගන්ට පිළිවල් විය. දැන් වාගේම පුරාණ ඉන්දියාවෙන් නිතරම මිනිස්සු මෙහාට අවුත් තිබේ. දැන් වාගේම ඒ කාලේත් නොයෙක් මායාකාරයක් අවුත් සිංහලයක් මුලාකොට ගරු බුහුමන් සැප පහසු ලබා තිබේ. මේ කියන වීරමුණ්ඩ මායාකාරයා දෙමළෙක් විය යුතුය. මෙහුට ගෞරව වශයෙන් “බණ්ඩාර දෙවියෝ” යන්න පටබැඳි “වීරමුණ්ඩ බණ්ඩාරය” යි මොහුගේ නමින් රැකෙන්ට තක්කඩි ව්ය වහාර කර තිබෙන බව පෙනේ. මොහුගේ හාස්කම් කියන්ට කළ අඥාන කපුරාළ කෙනෙක් මේ ඉහත දැක් වූ “ වල්කවි” තනා තිබේ. මේ නින්දිත තොවිල් හා දෙවොල් මඩු ධර්ම ශාස්ත්රතය පිරිහී ගිය ක්රිකස්තු වර්ෂයෙන් 18 වෙනි ශත වර්ෂය තුළ ලක්දිව ඇති වූ බව පෙනේ. සිංහලයන්ගේ ආගමට හෝ උසස් ශාස්ත්රදයට හෝ ඉතාමත් පිළිකුල් වන මෙබඳු තොවිල් පැවැත්වීමට ලජ්ජාවිය යුතු බව මට එතනදී කල්පනා විය. මෙබඳු විකාර කවිත් සමඟ එහි “ කුනුසරුප කවීද” කියන බැව් ඇසීමි. ඒවා කියන කපුවා කිසිත් නො දත් අඥානයෙකි. ඊටත් වඩා එවේලාවේ “කන පැලෙන්ට” අඩි ගහගෙන කිසි විලිබියක්ද නොතිබුනේය. නමුත් ගම් වැසි ස්ත්රීස පුරුෂාදීහු ඔහු කියන කුනුසරුප අමෘත මෙන් අසාගෙන සිටින බව පෙණුනේය. මමත් මගේ මිත්රී වෙළෙඳ මහතාත් පිළිකුල් කටයුතු මේ දෙවොල් මඩුවත් බලා රාත්රී දෙකට පමණ වෙළඳශාලාවට අවුත් නිදා ගතිමු. පසු දින කුමක් කරම්දැයි සිතමින් සිටි මම සරමකුත් කෝට් එකකුත් ඇඳගෙන බේබදු ගතියක් පෙණෙන ලෙස සැරසී අරක්කු ගුදම ලඟ සන්දියේ හැසිරෙමින් සිටියෙමි. ටික වේලාවක් සිටින විට පට සරොමක් හා මේස් බැනියමක් ඇඳපු කළු පාටැති තරබාරු අවුරුදු 30

පියදාස සිරිසේන නවකථා එකතුව 189

ක් පමණ වයසැති මිනිහෙක් ලොකු හම් බෑග් එකකුත් රැගෙන අරක්කු ගුදමට යනු පිණිස එන බැව් දැක කලින් දැක අඳුනන කෙනෙකුට ආචාර කෙළෙමි. තරමක් වෙරිව සිටි මොහු මගේ බෝ අචාරයට රැවටී “ ආයුබෝවන් මෙහි මක් කරනවාදැයි ඇසීය. නැත මම අඩියක් ගහන්ට ගුදමට ගියා. තමුසේ දැන් ඉන්නේ කොහේද? “ මොකද? අද මේ පැත්තේ” කියා අසුවාම මේ අයගේ ගජ මිත්රේයෙක් යයි සිතා මටත් අඩියක් ගහන්ට යන්ට අඬ ගැසුවේය. මම මේ දැන් අඩියක් ගැසූ බව කියා ඔහුත් සමඟ ටිකක් වේලා කථා කරමින් සිටින විට ඔහු හදිසි උවමනාවකට කළුතරට යන බවත් දැන් දුම්රියක් නැති බැවින් මෙහි නතරවි සිට උදේම රේල්ලේන් යන බවත් තමාගේ ස්වාමියා වන සිල්වා මහතාගේ වැදගත් රහසක් ඉෂ්ට කරන්ට ආ බවත් කීය. ඉක්බිත් ඔහුත් සමඟ මිත්ර්ව උදේම ඔහු යන දුම්රියේ මටත් යන්ට සිද්ධවේ යයි කියා මා සිටි තැනට ගොස් ඒ දවස ගත කළෙමි.

17. පරිච්ඡේදය

පසු දින උදේ මට සම්බ වූ මිනිහා සිල්වා මහතාගේ අ‍ාරක්ෂා ස්ථාරනේ ඉඳලා යමිකිසි උවමනාවක් සඳහා කළුතරට යන කෙනෙක් බව නිසැකව දැනුන බැවින් මේ අයගෙන් ලීලාවතී මැණිකේ ඉන්නා ස්ථානය දැන ගැනිමියි සිතා ඔහුට දුම්රියපලට යන්ට ඉඩ ඇරියෙමි. මම බීම සාප්පුවකට ගොස් ඉතාමත් සැර ඇති විෂ්කි බොතල බාගයක් රැගෙන එය විවෘත කොට ටිකක් බිම වත්කොට ඒ බෝතලෙත් ඉනේ ගසා ගෙන දුම්රියපලට ගියෙමි. ඉක්මණින්ම මේ මිනිහාගෙන් තොරතුරු දැනගත හැකි වේය යි සිතා කොළඹට තුන්වෙනි පංක්තියේ අවසර පත්රැයක් ගෙන ඔහු වාඩිවෙන දුම්රිය කාමරයේම වාඩි ගතිමි. මා කොළඹට යන බව ඇසූ ඔහුත් ඉතා ප්ර සන්න විය. දුම්රියට නඟින විටත් තරමක් මත්ව සිටි මේ පුද්ගලයා එවෙලාවේද දොඩමලු ගතියෙන් නොයෙන් දේ දොඩවන්ට පටන් ගත් බැවින් ඉක්මණින්ම මට උවමනා කරුණු දැනගන්ට ලැබෙන බැව් දැන ගත් මට මහත් ප්රී තියක් විය. අප සිටි කාමරේ අප දෙදෙනා ඇර දෙමළ කුළී කාරයන් තුන් හතර දෙනෙක් පමණක් මිස වෙන කිසිවෙක් නො සිටියේය. රත්නපුරේ දුම්රිය පලෙන් පිටත් වූ හැටියේම ඉනේ තිබුනු විෂ්කි බෝතල බාගය රැගෙන මෙන්න් යාළුවා මම නම් මෙයින් අඩියක් ගැහුවා. තමුසේට උවමනා තරමක් බීවාට වරදත් නැත කියා ඔහු විෂ්කි බාගය දුනිමි. බීමට බලවත් ගිජු කමක් ඇති ඒ මිනිහා දෙකෙන් කොටසක් පමණ බිවේය. එය බී ටික වේලාවක් යනකොට ඔහුට ඉතාමත් අමාරු බව මට පෙණුනේය. ඉතින්

190 වලව්වක පලහිලව්ව

කථාවට බැස තමුසේ ආයෙත් එන්නේ කවදාද? දැන් කොළඹට යනවා දැයි ඇසුවෙමි. එවිට ඒ මිනිහා ටිකක් හයියෙන් “ මොනවාද මේ කියන්නේ මම කොළඹට නොව කළුතරට යන්නේ. අ‍පේ මහත්මයා මහා ගම් පෙරලියක් කරලා එතන ආරක්ෂාටවට සෑහෙන මිනිසුන් දෙන්නෙක් එක්ක එන්ට යමි” යි කීයේය. මම ඒ මිනිහාගේ පිටට තට්ටු කර මොකද මිත්රඑයා කාගේවත් ස්ත්රිතයක් වත් ගෙන ගොහින් ද කියා ඇසුවාම, “ අනේ යකෝ උඹට නොකියාත් නොහැක. අපේ මහත්මයාගේ ගජ යාලුවෙක් උඩරට වලව්වකින් සොර ගත් ළමිස්සියෙකු ආරක්ෂාිව පිණිස මහත්මයාගේ කළුතර වත්තට ගෙනාවා. ඒ ගෙනාවාට පසු ඒ ලමිස්සී කෙරෙහි මහත්මයාගේ හිත වැටී යාළුවාත් රවටා මහත්මයාම ඒ ලමිස්සිව බැදගන්ට වීරිය කරනවා. කළුතරදී ඒ ගැන හබයක් සිද්ධ වී කෝන්ගොඩ වික්රනමපාල ඒක සොයායෙග ආ බව ආරංචි වී දැන් මොරවක් කෝරළේ තිබෙන සිල්වා මහතාගේ මස්සිනාගේ වත්තේ නවත්වා ඉන්නවා. දැනට මහත්මයාත් ඒ ලමින්නිව කළුතර ගෙනා අනික් මහත්මයාත් ආපේ මහත්මයාගේ මව් හා නැගෙණියත් වැඩකාරියකුත් මුරකාරයෝත් ඒ වත්තේඉඳිති. මම මේ කළුතර යන්නේ තවත් මිනිසුන් දෙන්නෙක් ආරක්ෂාහවට ගෙන එන්ටයි ඒ මිනිස්සු ආ හැටියේ මහත්මයා සමඟ ඉන්නා අනිත් මහත්මයා එලවා දමා අපේ මහත්මයා මක්කරලාවත් ඒ ලමිස්සිව කසාද බඳිනවා. මේ ගැන අපේ මහත්මයාගේ මුළු පොහොසත්කමම වියදම් කරනවායි කීවා. ඇත්තෙන්ම එහෙම කරලාවත් මේ ලමිස්සිව කසාද බැඳ ගත්තොත් පවුම් සියක් දාහකටත් වැඩි බූදලයක් ලැබෙන බව මහත්මයාගේ මව් තවත් කෙනෙක් සමඟ කියනවා මට ඇසුනාය” යි මේ බේබදු පණිවිඩකාරයා තමා දන්නා සියල්ලම මා සමඟ කීයේය. දැන් ඉතින් මට කොළඹ යෑමට උවමනාවක් නොවීය අවිස්සාවේල්ලේ දී බැස ආපසු දුම්රියෙන් රත්නපුරයට යන්ට සිතා ගතිමි. සවස හතරට පමණ දුම්රිය අවිස්සාවේල්ලට ළඟා විය. විෂ්කි ‍බාගයක් ඒ කාමරයේම තිබියදී” මම එළියට ගොස් එන්නෙමි” යි කියා දුම්රියෙන් බැස එළියට යා ගතිමි. රත්නපුරා දුම්රියත් එ‍වලේම වාගේ එන බැවින් නැවතත් ටිකැට් පත්රියක් ගෙන පුවක්පිටියේ දී මාරු වී ආ ඒ දුම්රියේ නැගී රත්නපුරයට යැ ගතිමි. ටිකක් රෑ වූ නමුත් මගේ මිත්රම වෙළඳ මහතා සිටින බැවින් එහි ගොස් නැවතුනෙමි. එදා රාත්රීී නිදා සිට පසු දින උදේ රක්වාකට ගියෙමි. එහි නැවතීමට තැනක් සොයන විට මගේ මිත්රියෙක් එහි වෙළදාම් කරන බව දැක මහත් ප්රීඑතියට පැමිණියෙමි. “ ආයුබෝවන් වික්රමමපාල මහතා, මොකද රහසක්වත් පරීක්ෂා කරනවාද, මොකද මේ පැත්තේ

පියදාස සිරිසේන නවකථා එකතුව 191

කියා” මට බෝහෝ ගෞරවාදර දක්වා මා එහි නවත්වා ගත්තේය. එවේලාවට මම යු‍රෝපීය ක්රදමයට ඇඳ තිබුන බැවින් වික්රකමපාලගේ ස්වභාව ගතිය බොහෝ දෙනාට දැනගන්ට බැරි විය. එදා රාත්රීන මගේ මිත්රලයාත් සමඟ නොයෙක් දේ ගැන කථා බස් කළ නමුත් මා පැමිණි කාරණය මතක් නොකළෙමි. ඔහු ඒ පළාතේඉන්නා අධිපතින් ගේත් වලව්වලක් විත්තිය දොළොස් ප‍ැයක් වනතුරා කීවේය. දැන් වලව් පිරිහී ගියේ අධර්මය නිසා බව ඔවුන්ටම නොතේරෙතත් මහජනයාට හොඳින් අවබෝධව තිබෙනු දැක්ම ප්රී තියකි. දැනට සමහර වලව්වල පවත්නා සිරිත් තව ටික කාලයක් එසේ ම පැවතුනොත් බොහෝ ඉක්මනින් වලව්වලින් වැඩි කොටසක් ඉලව් සංඛ්යාපවට පත්වන බව ඒකාන්තය. එසේද වුවත් ඒ ගැන කල්පනා කරන්ටත් ඥානයක් නැති වලව්වල මිනිස්සු අනුන්ට ගිනි දෙමින් ලෝකයේ ඇතිතාක් පංචකාම සැප විඳලා කෙළවර කරන්ට සිතාගත් අයවළුන් මෙන්, මත් පැන් වී සිහි විකල කරගෙන විනාශ වෙති. පුරාණ පුණ්යිවන්ත පරම්පරා දැන් සහමුලින්ම විනාශ වේ‍ගන යාම මුළු ජාතියටම මහත් පාඩුවක් වුවත් කර්මයේ විපාක ප්රවත්යගක්ෂ වීම උත්තම ධර්මය කෙරෙහි සිහි ඇතියන්ගේ භකත්යා දරය වැඩිවීමට හේතුවේ. තථාගතයන් වහන්සේගේ ධර්මය ඇස් ඉදිරිපිට විපාක දෙන බව කියා තිබේ. ඒ සත්යහය වර්තමාන වලව්වලින් අපට ප්රරත්යෙක්ෂය කියා මගේ රහස් ගමන කොහෙත්ම ඔහුට නො අසන්ට සළස්වන පිණිස මහත්මයාට මම රසවත් කවි පංක්තියක් කියන්ට දැයි ඇසීමි. කාව්ය ශාස්ත්රකය මදක් දුර තේරෙන ඒ මහතා, හොඳයි වික්රාමපාල මහත්මයා, එහෙනම් තරුණියක් හෝ තරුණයෙක් කියන ලද කවි කීපයක් කියන්ට යයි කීය. නවරත්න බණ්ඩාර කෙරෙහි ලීලාවතීන්ගේ සිත කලකිරවන්ට බස්නායකයාගේ මිත්රත වල් ස්ත්රි යක් කළ කූට උපායෙන්, ලීලාවති මඳක් කලකිරුණු බව දුටු නවරත්න එදාම ස්වකීය ග්රාවමයට ගිය පසු කාරනය පරීක්ෂාකකළ ලීලාවතීට නවරත්තගේ නිර්දෝෂ භාවයත් ‍සෙරගේ කූට උපායත් දැන ගන්ට ලැබී නවරත්තට යැව් කදිම කවි කීපයක් මට බස්නායකයාගේ ගෙදරදී ලැබුණු ලියුම්වල තිබී කට පාඩම් හෙයින් ‍මගේ මිත්රයයාට ඒ කව් කීවෙමි. ඒ මෙසේය:-

ග ම් බි ර හද නිදන කළ ගුණ මිනි ර ත් න
ර ම යු ර තෙද තිලින දිනු සිතුමිණි ර ත් න
පෙ ම් බ ර මහිමි සඳ ගුණවත් නව ර ත් න
හි මි ක ර දෙරන දින පිහිටෙන් තුන් ර ත් න

192 වලව්වක පලහිලව්ව

හ ද ර න් බඳුන පිරී සුසිරිත් කෙසර තෙ ල
සු ප ස න් හිමි තුමා වෙත බැඳුනු පෙම් ද ළ
ව න ස න් නට සිතා ඊයේ සෙරක් ක ළ
දැ න ග න් නට ලදිමි මායමෙ බර පත ල
ම ඳ ක් එවේලේ කලකිරුණත් හිමි ට
හු ඟ ක් නැවත සිතුවෙමි ඔබ ගුණය සෙ ට
දො ස ක් ‍නොකළ ඔබ පත්කොට වරදක ට
බ ස ක් ලපටි කී මගෙ අනුවන කම ට
ත මා ගුණ කඳින් සත වසඟට පැමි නී
අ මා වැනි බසින් තුටු සවනත නිති නී
ක මා දිනු රුවැති පෙම්බර හිමි සඳි නී
ස මා වුව මැනවි දාසිට මෙත් සිති නී
ක ල කි රී ඊයේ ඔබ මාතලේ ගි යේ
පි රි ති රි සොවග මගේ ලැමද දා ගි යේ
නෙ තු පි රි කඳුලු රෑ නින්දද නො ගි යේ
එ හැ ති රි මෙදුක මට පමුණලා ගි යේ
කි වි ඳු න් ලඳුන් බිලිදුන්ගෙන් පැමිනි දො ස
උ තු ම න් සිතට නොරඳන බව පඬින් බ ස
එ බැ වි න් සෙරට රැවටී මා පෙන්නු රො ස
ල ව මි න් දුර සමාවන් හිමි සඳ නිදො ස
ඔ බ ව ත් තඹර පැහැමුවරද නොග න් නා
ම ගෙ නෙ ත් බමර සෝගින්නෙන් තැවෙ න් නා
දි වි යු ත් අදර බැදි හිමි නැති බැවි න් නා
බ ල ව ත් සමර ලිය සැව් ගෙණ පෙ නෙ න් නා
පැ ළ ඳ රදන ගුණ මිණි බරණ හැම ස ඳ
ම ල ද පෙර පිනින් රැකි පතිවතින් සො ඳ
වැ ළ ද ඔබ සඳුන් තුර යුත් ගුණ සුව ඳ
බො ල ඳ මෙ ම‍ට හෙට වත් සැනසෙනු සැකි ඳ
සී ලා දී ගුණෙන් යුත් හිමි සඳ සුහ ඳ
දී ලා ගිය බැවින් තද වියො දුකක් අ ද
පා ලා අදර දන්වා එව්වේ මෙලෙ ද
“ලී ලා” ඔබගේ කීකරු පෙම්බර බිරි ඳ

පියදාස සිරිසේන නවකථා එකතුව 193

එදා රාත්රීි මගේ මිත්රරයා සමඟ මෙසේ කථාකරමින් සිට ටික වේලාවක් නිදාගතිමි. පහට පමණ නැගිට මිනිරන් පතලයක වැඩ කරන මිනිහෙකුගේ වේශයෙන් සැරසී දෙවිධියකම වෙස් වලාගත හැකි ඇදුම් ද, ලොකු පිස්තෝලය හා පතරොන් දුසින් තුනක්ද රැගෙන මම මොරවක කොරලේ රබර් වත්තක උවමනාවකට යමි. ගොහින් ආවාම කාරණය කියන්නෙමියි” මගේ මිත්රකයාට කියා සතුටුකොට කන්දක් නඟින්ට පටන් ගතිමි. මා යන ගමන සැක සහිත දුෂ්කර ගමනක් හෙයින් කිරි විස්කෝතු පෙට්ටියක් හා කේජු කෑල්ලක් ද රැගෙන මගේ පොට්ටනියට බැඳ ගතිමි. රක්වානේ කඩ තිබෙන මේ කන්දට නැඟීම ඉතා දුෂ්කරය. ඊටත් වඩා මොරවක් කෝරළේට‍ යන කැලෑ පාර භයානකය. වල් සතුන්ගෙන්, විශේෂ වශයෙන් කුළු මීමුන් ගෙන් ගහණ වූ මේ පාරේ තනිව ගමන් කිරීම නුසුදුසුය. නමුත් අවශ්යී කාරණයේදී මේ කිසිත් බැලිය නොහැක්කේය. උවමනා කටයුත්ත කරලා දිවි ගියත් වරදක් නැත. නිරර්ථක ජීවිතයක් ගත කරණ කෙනෙක් එක දවසක් ජීවත් වීම හොඳයයි පණ්ඩිත ජනයා පිළිගෙන තිබීම නිසා අර්ථ සහිත ස්වල්ප කාලික වූ ජීවිතයම ශ්රේ ෂ්ට වේ. කඳු මදුනට දවල් 11ට පමණ නැංගෙමි. සිල්වා මහතාගේ මස්සිනාගේ තේ වත්තට යාමට මේ කාලය නොවේයයි සිතාගත් මම, ඒ වත්තට එදින නොගොස් කන්ද පාමුල මිනිරන් පතලයක් තිබෙන බැව් දැක එහි නවතින්ට සිතාගෙන එතන‍ට ගියෙමි. ඒ දවස්වල එහි වැඩ නවත්වා තුබුනේය. එහෙත් කරුණාවන්ත මිනිසුන් තුන් දෙනෙක් එහි උන්නෝය. මම රක්ෂාතවක් සොයා ඇවිදින මිනිරන් පතල් වැඩ කරුවෙක් බව කී මට අනුකම්පා කර එහි නවතින්ට කීහ. සුමාන දෙකකින් ඒ පතලේ වැඩ පටන්ගන්නා තුරු මට නොමිලයේ කෑම දෙන බව කීහ. ඇත්තෙන්ම මෙබඳු ත්යා ගවන්ත මහත්තැන් කොයි මුළුවලත් ඉදීමෙන් හැගෙන්නේ සිංහල ජාතිය බල සම්පන්නව සුඛිතව සිටියදී කෙතරම් පරාර්ථකාමී ගුණයෙන් යුක්තවූ වා ද යන බවය. මේ කරුණාවන්ත සත් පුරුෂයන්ගේ උපස්ථානය දෙදවසක් ලැබුවාට පසු ප්ර්මාදවිය නොහැකි බැවින් තමුසේලාගේ පතලේ වැඩ පටන්ගන්න අවධියට එන්නෙමියි ඔවුන්ගෙන් අවසර ගෙන මගේ ගමන් යන්ට පිටත්වීම. මහපා‍ර දිගේ යතොත් හැතැප්ම තිහක් ද, කැලෑ පාරෙන් යතොත් හැතැප්ම විස්සක් ද යා යුතු මො ගමන කැලෑ පාරෙන්ම යන්ට සිතා ගතිමි. විශාල වෙල් යායවල් හා කඳු කැලෑ පසු කර යන මට කොහේ දී රෑ වේදැයි සිතා ගත නොහැකි විය. ඒ පතලය ළඟ සිට හැතැප්ම පහක්

194 වලව්වක පලහිලව්ව

විතර ගිය පසු පතනක් සම්භ විය. එහි කලාතුරකින් මිනිස්සු ගමන් කළ පාරක් තිබුනේය. මගේ පොට්ටනියත් කිහිල් ගන්නා ගෙන වේගයෙන් යන මට නොපෙනීම කුළු මීමුන් දෙන්නෙක් මා ‍‍එළවා ගෙන ආහ. ම‍ගේ ඉස්මන නිසා මට වට පිට නොබලා ගිය බැවින් මොවුන් ඉතාමත් ළඟට එනතුරා මට සූදානම් වෙන්ට බැරි විය. එක විඩේම දිව එන මේ රෞද්ර සතුන් දෙදෙනාට වෙඩි තබා ගැලවෙන්ටත් ඉඩ නැති බව පෙනී දකුණු පැත්තෙන් එන මීමුන් බලා උතුරෙන් කන්ද දෙසට දුවන විට තරමක ගහක් තිබෙනු දැක ලේනෙක් මෙන් ඒ ගහට බඩගා ගතිමි. මීමුන් නොපෙනෙන තරම් උඩට බඩගෑමත් මීමුන් ඒ ගස මුලට ඒමත් එක විඩේම සිද්ධවූ බව සැළකිය යුතුය. මේ රෞද වූ විශාල මීමුන් දෙදෙනා තප්පුලන්ටත් කහට ගහට අනින්ටත් පොළොව හාරන්ටත් පටන් ගත්හ. මම ගහේ හුඟාක් උඩට ගොස් දෙබලයක් උඩ වාඩිවී “බුල්ඩෝග්” පිස්තෝලය අතට ගතිමි. එහි කාට්රිජස් හතක් තිබේ. මා ‍අතේ තවත් කාටිරිජස් තිස් හයක් තිබේ. ඒ කැලේ ඉන්නා තරම් කුළුන් මරා දමන්ට අවත් මට, පිළිවනැයි සිතා කිසිම බියක් චකිතයක් නැතිව මී කුළුන් දෙන්නා කරණ විකාර බලමින් පැය බාගයක් පමණ ගස උඩ සිටියෙමි. ඒ අසල තවත් රෞද්රා වල් මීහරක් දෙදෙනෙක් එතනට ආහ. ඇත්තෙන්ම මා ඇර වෙන කෙනෙක් නමි භයින් ත්රීස්ත වේ. අමිශ්ර් වූ අවිච්ජින්නවූ පරම්පරාගත සිංහල ලෙයින් ජනිත වූ කිසිවෙක් කුළු මීමුන් හත් අට දෙනෙකුට තබා සිංහයන් දෙතුන් දෙනෙකුට වත් බිය නොවේ. “ මා අතේ ආයුධ තිබෙන් විට විරුද්ධව එන ශක්රුයාටත් නොයමි” යි කීවේ පිරිසිදු සිංහල ලෙයින් ජනිතවු රාජ කුමාරයෙකි. ඒ එසේනම් ‍රාජ කුමාර නොවන අන්යන පරම්පරවක සිංහලයෙක් දිව්යේ රාජයෙකුට කෙසේ වෙතත් ඕනෑම බල සම්පන්න ජාතියක මිනිසුන් දෙතුන් දෙනෙකුට වත් ගරු සරු නොකිරීම ප්රපවේණි ධර්මතාවක් විය යුතුය. කුළු මීමුන් හතර දෙනා මා නැඟි උන් කහට ගහට අනින්ටත් ඒ අවට පොළොව කකුල්වලින් හාරන්ටත් තප්පුලන්ටත් පටන් ගෙන කරන එම පෙරළිය බලමින් පැයක් පමණ සිට සතුන් මැරීමේ වරද කල්පනා කරමින් පිස්තෝලය තව වරක් ඔඩොක්කුවේ ගසා ගතිමි. ඇත්තෙන්ම ස්වකීය ජීවිතාරක්ෂාවට කොයිම සතෙක් වත් මැරීම යුතු නැත. කොයි විදියට වුවත් මැරීම “ පව්ය” යන වචනය අපරාධයකි. පාපයකි. නමුත් අධමයන්, කුළු මීමුන්, මනුෂ්යර ජීවිත විනාශ කරනවුන්, නොමරා කුමක් කරන්ට ද? සංසා‍රයේ ඉන්නා තුරු පව් පින් මිශ්රරව කරන්ට සිද්ධ වන්නෙත් මෙබඳු ආපදා පැමිණෙන බැවිනි. මේ මී කුළන්

පියදාස සිරිසේන නවකථා එකතුව 195

යනතුරු මට ගසින් බැස යන්ටත් බැරිය. මොවුන් ඉවත්ව යන හැඩකුත් නොපෙනේ. ‍මම හයියෙන් “ ගෙරිකුලා” කීවෙමි. මගේ ඝෝෂා වෙන් අධිකව කිපුණු කුලෝ කහට ගහට තදින් අනින්ට පටන් ගත්හ. ඉක්බිත‍ි ඔවුන් කෙරේ පැවති මගේ කරුණාව අහක් ගොට පිස්තෝලය අතට ගෙන හොදින් ඉලක්කය බලා එකෙකුගේ ඔළුවට වෙඩි තැබුවෙමි. ඒ පහරින් මොළේ දෙදරා ගිය ඒ කුලා හත් අට වඩයක් උඩපැන ගසට බඹ තුන හතරක් එහායින් වැටුණේය. ඌ වැටෙන විට අනිත් උන් දුනත්ය යි මා සිතා සිටි නමුත් ඉතිරි තුන්දෙනා වඩ වඩා රෞද්රනව මා බිම හෙලන්ට දඟලන බව පෙණුන බැවින් පිට පිටම තවත් දෙන්නෙකුට වෙඩි තැබුවෙමි. එකෙක් වෙඩි පහර කා වේගයෙන් දුවන බව දුටිමි. අනිකා එතනම මැරී වැටුණේය. වෙඩි නොකා සිටි අනික් කුලාද මරහඬගා ගෙන දිවන්ට පටන් ගත්තේය. ඉතාම රෞද්රස මිනිසුන් සමූහයක දී වැඩි කොටසකට පහර දෙන විට ඉතිරි අය දුර්වලවීම ස්වභාව ධර්මයක් බව මේ රෞද්ර කුලන් හතර දෙනා ගෙන් ප්ර්ත්ය ක්ෂම විය. මුළු පිරිසම මැරී එකෙක් ඉතුරු වුවක් ඔහු ද නිර්භයව එන සත්ව ජාතිය නම් සිංහ ජාතිය පමණකි. සිංහයා ලානය කළ බැවින් හෝ සිංහයාට බඳු ලයක් ඇති බැවින් හෝ සිංහල යන නාමය ලබා සිටින සිංහලයන් මුළු ජාතියම විනාශ වී එකාවුනත් සිංහයා මෙන් නිර්භීතව ඉදිරියට විත් දිවි දෙන්ට තරම් ශක්ති සම්පන්න වී නම් එදා සිංහල ‍ජාතිය ඇතිවීමේ උත්කෘෂ්ට භාවය ‍ලෝකයා අවබෝධ දරනු නිසැකය. මගේ වෙඩි පහර තුනට කුලෝ තුන් දෙනෙක් මළෝය. අනිකා අසල සිටියත් මා ළඟ ආයුධයක් තිබෙන බැවින් සැකක් නොවීය. මෙවිට වේලාව දෙකට පමණ විය. ගස ළඟ සිට ගෙනම වට පිට බලන විට විශාල නරි රැළක් එන බව පෙණුනේය. ඒ රැළේ නරි විසිපස් දෙනෙකුටත් වැඩිය. මේ වල් මීමුන් මරණ බැව් බලා සිටි පිරිසක් මෙන් ‍මොවුන් එනු දැක තව ටිකක් වේලා ගහ උඩම බලා සිටියෙමි. එවේලාවේ අධික බඩගින්න ද ඇතිවූ බැවින් අතේ තිබුණු විස්කෝතු පෙට්ටිය කඩා තුන හතරක් කෑවෙමි. නරි රැළ ළඟම තිබුණු මී හරක් කුණ කා දමන්ට පටන් ගත්හ. නමුත් ඔවුන් නිසා ගසින් බසින්ට මට ඉඩක් නැත. මේ නරිත් මිනිසුන් සපාකන රෞද්රන සත්තුය. රංචුවකට අසුවුනොත් ගැලවෙන්ටද නො ලැබේ. මී හරකුන් ගෙන් පැමිණි කරදරයට වඩා මෙය බමත් විය. මක්නිසාද මේ ගෙරි කුණ ඉවර වෙනතුරා මේ කාලකණ්ණි සත්තු මෙතනින් ඉවත් නොයන හෙයිනි. ඉතින් මීටත් ‍හොඳ උපායක් කරමියි සිතා රැළේ සිටි ඉතාම ලොකු නරියා පරීක්ෂාඉකර බලා ඌට වෙඩිල්ලක් තැබුවෙමි. මේකාගේ

196 වලව්වක පලහිලව්ව

හිසට වෙඩි පහර වන් හැටියේ මරහඬ දී දඟලා මළේය. මෙය දුටු අනිත් නරි රැළ මර බෙටි දමාගෙන දුවන්ට පටන් ගත්තේය. අහෝ ලෝකයේ හැටි! මා කලින් කුළාට වෙඩි තියා මැරූ හැටියේ ඉතිරිව උන් ඔවුන්ගේ අනික් තුන්දෙනා අධිකව කිපී මට විරුද්ධව සටන් කළාහ. නමුත් ඔවුන්ගේ තුන් දෙනෙකුට හානි පැමිණි විට ඉතිරිව සිටි එකා භාවී දිව ගත්තේය. විසි පහකටත් වැඩිව සිටි නරි රැ‍ළේ එකෙකුට හානි පැමිණි සැටියේම අනිත් සියල්ලෝම මර බෙටි හල හලා දිව්වෝය. සිංහයෝ නම් අන්තිම එකාත් දිවි දෙනව‍ා මිස මර භයේ ඉවත නොයති. මේ තිරිසන් තුන් කොටසම සමාන මනුෂ්යදයෝද ලෝකයේ සිටිති. ඉතාමත් චපල වූ පහත් උත්පත්තිය ඇති මිනිස්සු ‍සුළු අමාරුවක් වූ විට හෙවත් රංචුවේ ‍එකෙකුට විපතක් පැමිණි විට හෙවත් සුළු පාඩුවක් පැමිණි විට භයව මුළු ගැන්නෙති. මොවුන් හරියටම මට සම්බවූ නරි රංචුවට සමානය. මිශ්රට උපතින් යුත් වෙහත් උස් පහත් දෙගතියෙන් යුත් හෙවත් මධ්යසම ප්රචමාණයේ මිනිස්සු තරමක් දුර විපත් පැමිණෙන තුරු ධෛය්ය්හ යෙන් සිටිති. හෙවත් රංචුවේ කීප දෙනෙකුට හානි පැමිණෙන තුරුත් මූන පා සිටිත්, නමුතු කෙළවර දක්වා ධෛය්‍්ට යෙන් ඉන්ට අසමර්ථව අන්තිමේදී මුළු ගැන්නෙති. මේ පංක්තිය හරියටම මට මුන ගැසුණු කුළු මීමුන්ට සමානය. මට මුන නොගැසුණු නමුත් සිංහ නම්වූ උත්තම සත්ව කොටස තමාට එකානතයෙන්ම මරණය ලැබෙන බව දැනගත් පසු බැස දිවිමක් නම් නැත්තේය. එසේ ම උසස් උත්පත්තියක් ඇති ‍‍හෙවත් උසස් පිරිසිදු ලෙයින් ජනිතවූ උත්තම මනුෂ්යංයා කෙතරම් විපත් පැමිණියත් කෙතරම් අලාභ හානි වුනත් කිසිසේත් මුල්ලට වී නිශ්ශබ්ද නොවන්නේය. අදහස් කළ කටයුත්ත කරන්නේමය. ලෝකයේ තුන් වර්ගයක තිරිසනුනු සිටින්න‍ාක් මෙන් ම තුන් වර්ගයක මිනිස්සු ද ඉන්නාහු යයි ගස උඩදීම ප්ර ත්ය‍ක්ෂ ව ඒ ගැන ප්රීසති වේගයක් ඇතිව ගසින් බිමට බැස දකුණු දෙසට තිබෙන අඩිපාර දිගේ ඉක්මනින් ගමන් ගතිමි. ඒ පතන කෙළවර වන විට මහා මූකලානක් සම්බ විය. එහිදී කලාතුරකින් මිනිස්සු යන එන අතු පාරක් තිබුනේය. වෙලාව හතරට පමණවූ නමුත් ඒ කිසිත් නොසලකා ඉක්මණින් ගමන් ගෙන යන්තම් ඒ මූකලාන පසු කොට ඊට යාවූ යුරෝපීයෙකුගේ රබර වත්තට බැස්සෙමි. සවස හය මහාර වන විට මිනිසුන් නිටින පැයිම ළඟට ගියෙමි. එහි කෙළවරේ ගෙහි දෙකට හරි වයසේ ස්ත්රිටයක් මිදුලේ සිටිනු දැක “අම්මේ, මම වල්වත්වී රෑ බෝවී නිසා යන්ට අතක් නැතිව ආ කෙනෙකි. මට අද රෑට ආහාර ටිකක් සම්පාදනය කර දී මේ ස්තෝප්පුවේවත් නිදාගන්ට දුන්නොත් මැනවැ”යි

පියදාස සිරිසේන නවකථා එකතුව 197

කීවෙමි. ස්වභාව ගතියෙන්ම අනිත් මනුෂ්ය” වර්ගයාට වඩා ආගන්තුකයන් කෙරේ භක්ත්යා.දරයක් සිංහලයන් තුළ පවතී. ඒ ආය්ය්ා මනුෂ්ය ගතියයි.

18. පරිච්ඡේදය

ඒ ස්ත්රීය මට අනුකම්පා කොට “ උඹට නම් දැන් යන්ට තැනක් නැති බව පේනවා. නමුත් මෙහෙම අවේලාවට හොරුත් ඇවිත් නවාතැන් ඉල්වා ගෙන සිට අන්තිමේදී අපේ ගෙවල්වල තිබෙන දේත් අතපත ගාගෙන ගියා මට මතකයි” යි යනු කියන කොටම ලැයිමේ සිටි හත් අ‍ට දෙනෙක් ඉදිරියට අවුත් “ හොරෙක් වෙන්ට ඇත නවාතැන් දෙන්ට හොඳ නැතැ” යි කීහ. මම මගේ ශක්තියෙන් ප්රියෝජන ගන්ට දත් බැවින් සැක නැතුවම මහලු ස්ත්රි”යට මෙසේ කීවෙමි. “ මෑණියනි, මගේ මස්සිනා දෙනියායේ කඩේක සිටියි. මම ඔහු බලන්ට යන ගමනකි. මම හොරෙක් නොවෙමි. කරුණාකර මේ රුපියල අරගෙන මට ආහාර ටිකක් ‍උයා දෙන්ට. මා ගැන සැක නම් ඇප වශයෙන් රුපියල් පණහක් මුදල් දෙන්නෙමි. ඒ මුදල මම යන කොට දුන මැනව” යි කීවෙමි. මගේ මේ කථාවට කවුරුත් සතුටු වූ බැවින් මගෙන් රුපියලක් පමනක් රැගෙන ආහාර පිසදී ඒ කෑවායින් පසු ලැ‍යිමේ ස්තෝප්පුවේ නිදාගන්ට කියා පැදුරක් හා කිළුටු කොට්ටයක්ද දුන්නේය. කොට්ටය කොයි ක්ර මයකින් වත් ඉස තියන්ට බැරි බැවින් එය පැඳුරට යටකර එලාගෙන නිදාගතිමි. මේ ලැයිමේ ඉන්නා බොහෝ දෙනා නොයෙක් කවි සිව්පද ආදිය කියමින් රාත්රීය දහය දොළහ වනතුරා නො නිදති. මට ‍ඔවුන් කී සිවුපද සියල්ල සිහි තබාගත නොහැකි වු නමුත් දෙකක් මතක තිබේ.

“ මම ‍බාලේ ඇති කළ තලගොයි පැ ටි යා
මා තනිවට මිදුලේ කෙළ කෙළ සි ටි යා
උගෙ මරුවා ඌ අරගෙන ගිය සැ ටි යා
නිවන් පුරේ දැකපන් තලගොයි පැ ටි යා
දුරුකර හිරි ඔතප් කුලදම් කර බි න්නා
ගරහන හිමිට දුප්පත්කම කියමි න්නා
සොර හිමියන් පතා දෙලොවම පිරියෙ න්නා
වනචර ගෑනු දැන් අප රටෙහිත් ඉ න්නා”

ඉතින් ටික වේලාවක් අල්ලපු ‍කාමරවල උදවිය කියන නානා අදහස් ඇති කවි අසාගෙන සිට ඒ ගෙදර මහලු මව් ගෙන් ලීලාවතී

198 වලව්වක පලහිලව්ව

මැනිකේ සම්බන්ධ යමක් දැනගත හැකිදැයි සිතා ඒ මහලු අම්මාට කථාකොට බුලත් විටක් ඉල්ලුවෙමි. මා විසින් රුපියලක් දුන් බැවින් මට ණයකාරියක් මෙන් වුන් ස්ත්රීු වහාම නැඟිට අවුත් මට බුලත් විටක් හරිගස්සා දී උළුවහු ප‍ඩි කඳ පිට වාඩිවී “ හැබෑටම ඉලන්දාරියා මේ රෑ බොවෙලා කොයිබ සිට එනවාදැ” යි මගෙන් ඇසීය. මම මගේ මස්සිනා කෙනෙක් බැලීමට රත්නපුරේ ඉඳලා එනවා. ඒ මස්සිනා මම පළමුවෙන් කීවාකි මෙන් මීට ඉස්සර දෙණියායේ සාප්පුවක සිටියා. ඊට පසු සිල්වා මහත්තැනන් කෙනෙකුගේ වත්තක මුර වැඩකට ආවාය කියා ආරංචියි, එතනට කොහෙන්දෝ කුමාරිහාමි කොනෙකු ගෙන අවුත් මුරකාරයන් කීප දෙනෙක්ම තබාගෙන ලොකු කලබලයක් පවතිනවා යයි ගමට ආරංචියි. අපේ මව්ගෙන් බේරෙන්ට බැරුව රෑ වත් නොබලා මහා හිමය මැදින් ආවෙමි” යි කීවෙමි. එමිට ඒ ස්ත්රිැය කාරණය තේරුම් ගොස් එහෙනම් උඹට වැඩි ඈත ගමනක් නම් නැහැ. ඔය කියන වත්ත මීට අල්ලපු වත්තයි. ඔය කියන කථාන්දරයත් හැබැයි, එකිනෙකාට තරගව කීප දෙනෙක්ම කසාද බැඳ ගැනීමට වීරිය කරණු ලබන ලක්ෂටණ තරුණ මැණිකේ කෙනෙකු දවස් තුන හතරකට ඉස්සරින් අර පේන වත්තේ බංගලාවට ගෙනත් තිබේ. ඒ අයිතිකාර මහතා‍ගේ මස්සිනාත්, උන්නැහේගේ මවුත්, නගා වන කෙනෙකු‍ත් තවත් මහත්මයෙකුත් මොටෝ රථයකින් ආ බවත් අපි දුටුවා. අද සවස ඒ මැණිකේ සමඟ අනිත් නොනලා දෙන්නත් අවිදින්ට ගොස් බංගලාවට යන බවත් දුටුවා. ඇත්තෙන්ම ඒ රූප සම්පන්න මැණිකේ දෙස බැළුවාම නම් ඔහොම විපත්තියක් වේය කියා හිතන්ටවත් බැරි තරම් සීදේව් කෙනෙකි. නමුත් මව්පියන්ගෙන් වෙන් වෙලා එකිනෙක හතුරන් අතට හසු වෙමින් දැන් රස්තියාදු වෙන බව හැමෝම කියති. අද උදේ ඒ සිල්වා මහත්මයාත් අනිත් මහත්මයාත් ‍මෝටෝකාර එකකින් යන බවත් අපට පෙනුනා. දැන් නම් ඒ මැණිකේත් නොනලා කීප දෙනෙකුත් මුරකාර පිරිසකුත් වත්තේ ඉඳිති. උඹට උදේ හතට ගියාම උඹගේ මස්සිනා ඉන්නවා නම් දැකලා කථාකර ගන්ට පුළුවන්ය”යි ඒ අම්මණ්ඩි කීවාය. ඇත්තෙන්ම මට උවමනා කර තිබුනු ස්ථානයට එන්ට ලැබීම ගැන සතුටුව නිදා ගතිමි. හතරහමාරට වත්තේ “තප්පුව” ගසන්ට පටන් ගත්තේය. ලැයින්වල කුලී කාරයෝ නැඟිට උදේ සහ දවාලට උවමනා කෑම සූදානම් කරන්ට පටන් ගත්හ. මම ද අනික් උදවිය මෙන් හතර හමාරට නැඟිට්ටෙමි. මා උන් ගෙදර අය බත් පිස පහට පමණ අනුභව කරන්ට සූදානම්ව මටද කථා කළේය. මමත් බත් ටිකක් කෑවෙමි. ඒ ගෙදර මහලු වම් ඇර අනික් කවුරුත් වැඩට

පියදාස සිරිසේන නවකථා එකතුව 199

ගියහ. මම ඒ මවුන් සමඟ කථා කරමින් හයහමාර වනතුරු එහි සිට ලීලාවතී මැණිකේට දෙන පිණිස ලියමනක් ලියා ගතිමි. ඒ මෙසේයි :-

පින්වත් මැණිකේ, මම කෝන්ගොඩ වික්රසමපාලයි. මැණිකේත්, නවරත්න බණ්ඩාර මහතාත් නිසා මාස හයකට කිට්ටු කාලයක් මුළු රටේම ඇවිද්දෙමි. අද මැණිකේ මා කියන හැටියට සැරසී මේ අධමයන් ගෙන් ගැලවී යන්ට බලනු මැනවි. මම මේ අවුත් ඉන්නේ සිල්වාගේ තෙබුවන වත්තේ සිටිව චාර්ලිස් නැමැති බෝයියාගේ වේසයෙනුයි. මා ගැන සැක නොකළ මැනවි” යන මේ වාසගම ලියා ඒකත් සාක්කුවේ ලා ගෙන මහලු අම්මාට තවත් රුපියල් දෙකක් දී අවසර ගෙන ලීලාවතී නැවතී ඉන්නා බංගලාවට යන පිණිස ගමන් ගතිමි. එදා මා නැවතී උන් යුරෝපීයාගේ වත්තටත් සිල්වාගේ වත්තටත් අතර කැලෑ රොදක් තිබේ. එතනදී මා ඇඳ ගෙන උන් ඇදුම් ඉවත් කොට සිල්වාගේ පණිවිඩකාර චාර්ලිස්ට හුරුවන වේසයෙන් ඔහු අදිනා විධියේ ඇදුමක් ඇද ‍ගෙන කෙලින්ම වත්තේ ගේට්ටුව ළඟට ගියෙමි.එතන රෞද්රක මිනිහෙක් මුරකරන නමුත්. ඒ කිසිත් නොසලකා බංගලාව දෙසට ගමන් ගතිමි. ඒ මිනිහා චාර්ලිස්ව නාඳුනනා බැවින් මා නවත්වා කොහේ සිට එනවාදැයි ඇසීමි. “ මම මහත්මයාගේ පණිවිඩයක් රැගෙන කළුතර සිටලා ආවේය”යි කියා ඔහුට ලියුම පෙන්නුවාම මඟ ඇරියේය. මම ලියමනත් රැගෙන බංගලාව ඇතුළට යන කොට සිල්වා මහතාගේ මව් සහ නැගණිය ද උදේ තේ වතුර බීපු හැටියේ මය. ඔවුහු ඈතදීම මා දැක “ අද චාර්ලිස් නිදිමරා අමාරුවෙන් එන බව පෙනෙනවාය”යි කියා සිනාසුනාහ. මම සාක්කුවෙන් ලියමන අතට ‍ගනිමින් මැණිකේට දෙන්ට ලියමනක් ගෙනාවෙමි. සමහර විට මහත්මයා අද සවස එන්ට පිලිවන, කෝ මැණිකේ “අන්න චාලි සොල්දරය උඩ, ලියුම ගෙන ගොස් දීපන්” කීය. කවදාවත් නොපැමිණි ගේක සොල්දරයකට යන තරප්පයවත් නොදත් මම ‍හෙමින් ඒ මේ අත බලනවිට බංගලාවේ එක කොටසක පමණක් සාදා තිබෙන සොල්දරයට නගින තරප්පය දැක වහාම සොල්දරය උඩට නැඟ පොතක් බලමින් සිටි මැණිකේ ළඟට ගොස් ලියුම දුනිමි. මැනිකේ දෙතුන් විඩයක් මා දෙස බලා මඳක් සැක සහිත කෙනෙක් මෙන් ලියමන කඩා බැළුවේය. එය දෙවරක්ම කියවා හුනස්නෙන් නැඟිට මට ආචාර කොට වාඩිවෙන්ට කියා “මහතා කුස ගින්නේවාට කිසි අනුමානයක් නැත. මම තේවතුර කෝප්පයක් රැගෙන එන්නෙමි”යි ඉක්මනින්ම සොල්දරයෙන් බැස අවුත් තේවතුරු ‍හා විස්කෝතු ආදියත් රැගෙන මා ළඟට අවුත් ඒ මට පිලිගන්වා

200 වලව්වක පලහිලව්ව

කඳුළු වැකි ඇසින් යුතුව “ මගේ ස්වාමියාණන්, නවරත්න බණ්ඩාර මහතාණන් සොයා ගන්ට ලැබුනා දැ” යි ඇසීය. හොඳයි මැණි‍කේ ඒ ගැන කළගාටු වෙන්ට කමක් නැහැ. උන්නැහේ බණ්ඩාර මහතා තවමත් නිදහස් කරගන්ට අවකාශ නැති විය. උන්නැහේ සතුරන් ය‍ටතේ ජීවත්ව ඉන්නේය. උන්නැහේ පිරිමියෙක් නිසා සුකුමාලවූ මැණිකේ මුණගැසිලත් ගලවා ගන්ට බැරිවුන බැවින් අද වැඩි කතා බමට ගියොත් මේ සම්මුඛ වීමෙනුත් ප්රියෝජන නොවන්ට පිළිවන. ඉන්නිසා දැන් මෙතනින් ගැලවී යන උපක්රුමයක් යොදාගත යුතුය” යි කීවාම මැණිකේ කණගාටුවෙන් මෙන් “අනේ සහෝදර මහතාණෙනි, නපුරු මිනිසුන් දහ දොළොස් දෙනෙකු මුරට තබා තිබෙන මේ වත්තෙන් රහසිගතව යන්ට නම් උපක්රිමයක් ඇත්තේම නැත. තමුන්නාන්සේ වික්රඋමපාල බැවින්. පිළිවන් ක්රනමයකින් මා ගලවා ගන්නෙහි නම් තමුන්නාන්සේට බුද්ධ රාජ්ය්ය ලැබේවැ යි පින් දෙන්නමි. මට නම් මෙතැනින් ගැලවී යන ක්ර්මයක් සිතිය නොහැකිය” කීවාය. මේතාක් කල් සේකයෙන් සංවේගයෙන් මැඩ පවත්වා ගෙන උන් ලීලාවතීට පිළිසරණක් ලැබුණු බැවින් ජීවිත ආශාව ඇති වීම නිසා සෝකාදිය ඇතිවී ස්වකීය ස්වාමිනාණන් කවදා දුටුවේදැයි මගෙන් ඇසුවාය. ඇත්තෙන්ම සමසකින් වත් ඔහු නොදුටු මම ගිය සතියේදීත් දුටු බව කියමින් ඈ සැනුසුවෙමි. ඉතින් මැණිකේ මේ පසු කිය සමය තුළ කුමකින් කුමක් සිද්ධවේදැයි අසන කොටම සිල්වා උන්නැහේගේ මව් සොල්දරය උඩට එන බව දැක මම පහතට එන්ට ආවෙමි. මැ‍ණිකේ තමා කලින් කියවමින් සිටි පොත අතට ගත්තේය. මගේ වේසය ටික වේලාවක් බලා ඉන්නෙකුට තේරුම් ගත හැකි බව වැටහුනු හෙයින් බංගලාවේ නොසිට වත්තේ පැට්ටේරිය පැත්තට ගියෙමි. එසේ ගියේ සිල්වා මහතාගේ මෑණියක් ආදීත් දවල් කෑම කා නිදාගන්ට හෝ අවිදින්ට ගිය පසු ලීලාවතී මැණිකේ සම්බවීමට එන අදහසින්ය. දවල් දොළහ මාරට පමණ නැවතත් බංගලාවට ආවෙමි. මා එනතුරා මග බලමින් සිටි ලීලාවතී, මා දුටු හැටියේ වැඩකාරියකු ලවා මේසේ පිට කෑම සූදානම් කරවා මට කන්ට දුන්නාය. ඒ වේලාවේ සිල්වා මහතාගේ මෑණියන් හා නැගණිය ඔවුන්ගේ කාමරයේ සිටි බැවින් මට කිසි සැකයක් නැතිවිය. මක්නිසාද එළියේ සිටි අනිත් ස්ත්රීැහු ම‍ා‍ ගැන සැක කරන්ට තරම් චාර්ලිස් දැක පුරුදු අය නොවන හෙයිනි. කෑම කා ඉක්බිති වත වරක් සොල්දරයට ගොස් ලීලාවතී සමඟ කතාවට පටන් ගතිමි. ඈට සිදුවූ විපත් හා ඈ ගිය ආ තැන් ගැන විස්තර කර කියන්ට කාලය නොවන බවත් මේ වත්තට එනකොට වත්ත අයිතිකාරයාගේ

පියදාස සිරිසේන නවකථා එකතුව 201

දූලා දෙන්නෙක් ස්කෝලේ නිවාඩුවට අවුත් සිට ලීලාවතිලා ආ දවසේම පිටත්ව ගිය බවත් ඔවුන් දකින්ට ලැබුනා නමි “ බටහිර වැදගත් කෑලි” කීපයක්ම දැන ගැනීමට තිබුනු බවත් කියමින් සිනාසුනා ය. මේ ර‍ටේ පවත්නා පාඨශාලාවල ඉගෙන ගන්නා දරුවන්ගෙන් විශේෂ වශයෙන් ගෑණු දරුවන් ගෙන් සියේට අනූපස් දෙනෙකුටත් වඩා හිත කය වචනය යන ත්රිදවිධාද්වාරයෙන් වහල්ව සිටිති. චෛතසික වහල් භාවය කුඩා කාල‍යේ පුරුදුව පසු ඔවුන්ට ඒ ‍විදේශීය ස්ත්රීවන්ගේ වල් සිරිත් අමෘතයක් වී සිවකීය උතුම් කුල චාරිත්රස විෂයක් වී සම්පූර්ණයෙන්ම භ්රේෂ්ටව සිටී. විදේශික දේ කෙරෙහි වහල් වීමට ප්රරධාන හේතුව කුඩා කාලේ ස්වකීය ජන්මභාෂාව නූගන්වා ඉංග්රී සි ඉගැන්වීමත් විදේශිකයන් ය‍ට‍තේ ඉගෙනීම සැලැස්වීමත් වේ. එංගලන්තයට ගිය අයගෙන් අපේ කිපදෙනෙක් ඉතා හොඳ මිනිසුන් වෙන්ටත් තවත් කීප දෙනෙක් භ්රිෂ්ටයන් වී සුදු ගෑනුත් කසාද බැඳගෙන ‍එන්ටත් හේතුව මේ කුඩා කාලේ ඉගැන්වීමත් මව්පියනිගේ ගති ගුණත් බව ප්ර්ත්ය ක්ෂය. එංගලන්තයට ගිය පසු අමුතු යහපත් ගතියට බැස්ස මහත්තැන් පිරිසිදු ගුණයත් මව් පියන් නිසා ඇතිවුනු කුඩා කාලේම සිංහළ භාෂාව දුශ්චරිත් යහපත් මිනිසුන්ගේ හොඳ ගතින් බලා ඒ පිරිසිදු මහත්තැන් හොඳ නරක දෙකින් හොඳම බාරගෙන යහපත් මිනිස්සු වූහ. පහත් අශික්ෂිිත මව් පියන්ගේ දරුවෝ කුඩා කාලේම ජන්ම භාෂාව නො ඉගෙනීමෙන්ද භ්රහෂ්ටව සිට එංගලන්තයට ගිය පසු එහි ඇති දුශ්චරිත වලම ඇලී ගැලී ජාතිමාන්න නැතිකර ගත් පහත් අය වූහ. තැබෑරුමක හෝ අන්යජ තැනක රස්තියාදු වෙමින් උන් සුද්දියකුත් ජෝඩු කරගෙන හෝ අන්යු තැනක රස්තියාදු වෙමින් උන් සුද්දියකුත් ජෝඩු කරගෙන ලොකු හපන්කමක් කළාක් මෙන් සිතා සිය රටට පැමිණෙති. එහෙම පිටින්ම වහල්ව සිටින ඒ අයටත් ඔවුන්ගේ අඥාන ඥාතීන්ටත් කරවැල් කෙකින්නක් වැනි සුදු ස්ත්රීසන් මහා ලොකු වස්තුවක් වී ආරක්ෂාක කරගනිති. වර්තසමාන ඉගැන්විම ක්රනමය ඉවත් කොට නිදහස් ස්වදේශික ඉගැන්වීම් ක්රගමයක් ආරම්භ කරනතුරු කවදාවත් අප රට සිංහල ජනයා සිංහලයන් හැටියට දියුනු නො වේ. දැනට පවත්නා බෞද්ධ ඉංග්රී්සි පාඨශාලාත් සිංහල දරුවන්ට සිංහල ගතිගුණ ආදිය පුරුදු කරන තැන් නොව කලිසම් මේස් සපත්තු ‍ගවොම් බොස්තොරෙක්ක ආදිය අඳින හැටි උගන්වන්නාවූද, මස් පාන් හැම් බේකන් කෑමට උගන්වන්නාවූද, මාතෘ භාෂාව පහත්කො ට සැළකීමට උගන්වන්නාවූ ද, සිංහලෙන් නොව ඉංග්රීෘසියෙන්ම හිතන්ට උගන්වන්නාවූ ද, නිවහල් භාවය නොව වහල් භාවය උගන්වන්නාවූද, ස්ථාන වෙති. අහෝ අපට වූ විපත! මෙතෙක් නිවහල්ව පැවති අපේ

202 වලව්වක පලහිලව්ව

පිරිවෙන කිපයක්ද වහල් භාවයට පත්කර ගත් මහණුන්නාන්සේලාත් සිංහලෙන් සිතීම පවා අවැඩදායක යයි සිතන “ ප්රතභූ” ගිහියනුත් ‍ඉවරවන තුරා කවදාවත් අපට ඉහ උස්සන්නට නොලැබෙන් බව ඒ කාන්තය”යි ලීලාවතී මැණිකේ කීවාය. පුදුම වූ උදාරතර අදහස් ඇත් මේ මැණිකේ මා සිතා උන්නාට වඩා උගත් ස්ථිරසාර ගුණයෙන් යුත් කෙනෙක් බව වැටහුනු බැවින් ඈ කෙරේ පැවති අනුකම්පාවට තව දුරටත් අධිකවිය. ඉතා වේගයෙන් එන මොටෝරථයක ශබ්දය ඇසුනු මැණිකේ ජනේලයෙන් එබී බලා අන්න වික්රෝමපාල මහත්මයෝ සිල්වාත්, ඔහුගේ වැඩකාර චාර්ලිසුත් තවත් රෞද්රි මිනිහෙකුත් මොටෝකාර් එකෙන් එනවා, වික්රචමපාල මහතා කොයිබටවත් වෙලා සැඟවුනු මැනැවැය” කියා ලීලාවතී සොල්දරයෙන් බිමට බැස්සාය. ඒ කුඩා සොල්දරය උඩ ටික වේලාවක් වත් ආවරණය වී සිටිනු අමාරු බව දුටු මම ද වහාම බිමට බැස කුස්සිය පැත්තෙන් පල්ලමට බැස මගේ කෝට්එක හැ බැනියමද ඉවතින් තමා ගමේ මිනිහෙක් හැටියට ඉනේ තිබුන සරමද පමණක් තිබියදී අනිත් රෙද්ද ලිහා ගලක් යට තැබුවෙමි. ඔලුවේ ලේන්සුවක් බැඳගෙන ‍ගමේ කුලී කරුවෙක් මෛන් වත්තේ ඉතාම පල්ලමට නොබැස බංගලාවේ කතා බස් කරන සියල්ල ඇසෙන හරි‍යේම නැවතුනෙමි. මා ගොස් මිනිත්තු දෙකකින් පමණ පසු මොටෝරථය බංගලාවේ මිදුලට අවුත් නැවත්වූ හැටියේ සිල්වා ඉස්තෝප්පුවට ගොඉ නඟින්ටත් ප්රලථඹ ස්වකීය මව්ට කථාකොට “ මම්මේ මෙහාට කවුරුවත් ආවේදැයි” යි ඇසීය. එතකොට ම චාර්ලිස් හා කාර්එකේ සිටි බුන්ජප්පු නමැති රෞද්රර මනුෂ්යීයාත් ඉස්තෝප්පුවට ගොඩ නැඟුනෝය. සිල්වාගේ මව් නැගනියත් අනිත් අයත් පුදුමව ආ චාර්ලින් උඹ උදේ වත්තේ සිට ලියමනක් ගෙනාවාය කියා මැණිකේ සමඟ මෙපමණ වේලා කතා කරමින් උන්නා නොවෙහිද? උඹට සමානව ඒ අවුත් සිටි අය නිසැකවම ඔත්තුකාරයෙකැයි සිල්වාගේ මව් කීවාය. සිල්වාට බලවත් අමාරුවක් වූයෙන් බියපත්ව මැණිකේ ළඟට දුව ගොස් අද මැණ්කේට කවුරුවත් ලියමනක් ගෙනත් දුන්නාදැ”යි ඇසීය. “ ඕව්, මහත්මයා අද සවස නොඑන බව කියා ලියුම් කෑල්ලක් චාර්ලිස් ගෙනැවිත් දුන්නා. ඒ ආ අය චාර්ලිස්ම වගේය. දැන් මේ ඉදිරිපිට චාර්ලිස් ඉන්නා නිසා නොවේ නම් අපි කිසිසේත් සැක නොකරමු. චාර්ලිස් ලියුම ගෙනත් දී තෙබුවන වත්තේ කෙරුන සණ්ඩුකෝලහාල ආදියත් කථාකරමින් සිට දොළහට විතර ගියේය. වෙන කිසිවක් මම නොදනිමි” යි මැණිකේ කීවාය. “ කරුණාකර මට ඒ ලියමන පෙන්වන්ට” යි සිල්වා කීවිට මැණිකේ

පියදාස සිරිසේන නවකථා එකතුව 203

“ සිනාසී ඇත්තෙන්ම මම ඒ ලියමන ඉරා දැම්මා. උවමනා නම් ඉරූ කෑලි ගෙනත් දෙන්නෙමි”යි සොල්දරය උඩට ගොස් ඒ වන තෙක් නොයිරා තිබුනු ලියමන උදුපියලි කොළ තරම් සිහින් වෙන්ට ඉරා සිල්වා අතර ගෙනත් දුන්නේය. මේ කොයි හැටි කීවත් සිල්වාට මහත් අමාරුවක් විය. “ මම්මේ” අපට වරදිනවාට කිසිම සැකක් නැත. මගේ මුරකාරයන් ගෙන් එකෙකුටවත් හොඳ නරක නොතේරේ. කාටවත්ම වත්තට එන්ට දෙන්ට එපාය කියා තිබියදීත් මේ ඔත්තුකාරයාට බංගලාවට එන්ට ඉඩ දී තිබේ. ඔය ඇවිත් තිබෙන්නේ සො අනුමානවම කෝන්ගොඩ වික්රටමපාලයි: අද රෑ වනතුරාවත් අපි මෙතන සිටියොත් ඔය පුදුම පුද්ගලයා අප මරලාවත් මැණිකේ රැගෙන යනු නිසැකයි. ඒ හෙයින් අද සවසවන්ට පෙර අපි පාතරට යන්ට ‍ඕනෑයි” යි කියා මො‍ටර් රථය පදවන රොබර්ට්ව කථාකොට කාර් එකට “පැට්රෝල්” ගැලුම් හත අ‍ටක් දමා සූදානම් කරපන් නැයි කිය. සිල්වාගේ මව්ද බිය පත්ව චාර්ලිස් ආදී එතන සිටි වැඩ කාරයන්ට කථාකොට වෙස් මාරු කරගෙන මෙහාට ආ මිනිහා මේ දැන් වනතුරා මෙහි සිටියේය. ඔහු තවමත් වත්ත ඇතුළේමයි. උඹලාට ඔය ජඩයාව අල්වා ගන්ට බැරිදැයි කියනකොටම සිල්වාට ද එය ඉතා වැදගත් කාරණයකැයි වැටහුණු බැවින් නලාව පිඹ වත්තේ මුරකරුවන් හා අනිත් මිනිසුන්ටද කියා මා ‍සොයන්ට පටන්ගත්තේය. මේ කාථාව ඇසෙන කොටම වත්තේ පල්ලමෙන් දුව ගොස් වත්තට මායිමක්ව තිබෙන කුඹුරට බැස ඒ කුඹුරේ තැන තැන තණ කමින් ඉන්නා මීහරකුන් එක් රැස් කරන්ට පටන් ගතිමි. වත්තේ මිනිසුන් රබර් ගසක් ගානේ ඇවිදිමින් මා සොයන බව කුඹුරේ මී හරකුන් මධ්යුයේ ඉදිමින් බලා සිටියෙමි. සවස හයවන තුරුත් ඔව්හු මා සොයා නොදුටු බැවින් බංගලාවට ගොස් මාතර යන්ට සැරසුනෝය. මම ද හෙමිහිට කුඹුරෙන් අවුත් මා කලින් සිටි කුස්සිය පාමුල ගල උඩට පැමිණ බංගලාවේ කෙරෙන කථා බස් අසාගෙන වුනිමි. රියකරු වන ‍රොබර්ටි කාර් එක සුදානම් කළ බව කියා කුස්සිය පැත්තට එනු දැක ඔහුට හැ‍ඟෙන සේ කෑරුවෙමි. ඔහු මොටෝකාර් ඩ්ර යිවර් කෙනෙකුට නියම යුරෝපීය ඇඳුමෙන් සැරසී සිටියේය. සිල්වා, ඔහුගේ මව්, නැගණිය හා මැණිකෙත් අඳලා ඉවරය. වෙලාව හරියට භය ය . මගේ කෑරීම ඇසුනු රොබර්ට් කුස්සිය පැතතෙන් ටිකක් පල්ලමට බැස “ ඔය කවුදැයි ඇසීය” “ අඩේ තොට ඒ මොකොට කියනවැදැ”යි ඔහු කිපෙන ලෙස හෙමින් කීවෙමි. නිර්භීත ඒ මෝඩයා ඒ වචනයට දණ්ඩෙන් ගැසූ සර්පයෙක් මෙන් කිපී මා උන් තැනට දුවගෙන එන බැව් දැක මම තව ටිකක් පල්ලමට බැස්සෙමි. රොබර්ට් ද මා පස්සේම

204 වලව්වක පලහිලව්ව

අවුත් මා ළඟට කිට්ටු වෙන කොටම ඔහුගේ කන්සෙට බලවත් පහරක් ගසා එහු අල්වා බිම දමා මගේ හිසේ බැඳ තුබුනු ලේන්සුව කටේ ඔබා ඔහු පෙරළා අත්පා බැඳ ඔහුගේ ඇඳුමත් සපත්තු මේසුත් තොප්පියත් යන ම් සියල්ලම අර‍ගෙන ඉක්බිති ක්ලාන්තව කථා කරන්ට බැරිව සිටි ඒ අය අගල උඩ හාන්සි කරවා, ඔහුගේ ඇඳුම් සියල්ලම ඉක්මනින්ම ඇඳ ගෙන මිනිත්තු දහයක් ඇතුළතදී මෝටර් රථය ළඟට අවුත් සිටියෙමි. රථයේ ලාම්පුවත් දල්වා මම රියදුරා වී එහි නැඟ ගතිමි. “ රොබර්ට් කාර් ඒක ලෑස්තිදැ”යි ලෑස්තිය කී බැවින් සිල්වා ඔහුගේ මවුත්, නැගනියත්, මැණිකේත් සමඟ කාර්එකේ ඇතුල් ආසන වල වාඩි ගත්හ. ඔවුන්ගේ ඉතාම හයිකාර චණ්ඩියා වන බුන්ජප්පුද ඉස්සරහ ආසනේ වාඩි විය. මා රේබර්ට් ම යයි සිතූ මැණිකේ “අනේ මගේ කරුමය කවදා ඉවරවේදැ” යි සුසුම්ලමින් කාර් එකේ ඉඳගත්තාය. කාර් එක පැඳවීමට ඉතා හොඳින් දන්නා මම ප්රකවේශමෙන් හා හෙමින් දෙනියාය දක්වා ගියෙමි. පාරතොට පුරුදු නැති බැවින් වංගුත් කඳු පල්ලනුත් අධික මේ පාරේ රාත්රිියේ ගොස් අනතුරකට පත් වෙන්ට පිලිවනැයි සිතා දෙනියායේ තානායම ළඟදී කාර් එක නවත්වා “ මහත්මයා අද වැස්සත් කරුවලක් නිසා මේ කඳු පල්ලව් හා වංගු සහිත පාරේ ගමන දුෂ්කරය. ඒ නිසා අද මේ “රැස්ට් හවුසියේ” සිට උදේ යන එන එක හොඳය දැන් වේලාවත් අටට කිට්ටුව. ඉක්මනින් නොගියොත් මාතරට දෙකටවත් යන්ට බැරිය කීවාම “ ඔව් රොබර්ට් උ‍ෙඕ කතාව බොහෝම හරි. යමන් රෙස්ට් හවුසියට හැබැයි උදේ හතරට නැගිටිලා අ‍පි බොහොම පාන්දරින්ම මාතරට ළඟාවෙන්ට ඕනැය” යි සිල්ව කීවේය. මෙසේ කියා ඒ පිරිස රෙස්ට් හවුසිය තුළට වන්හ. මම කරුවලේ මොටකාර් එකේම සිටියෙමි. ඔවුහු කෑම සූදානම් කරවා අනුභව කොට නිදාගත්හ. රැස්ට් හවුසිය භාරකාරයා මටද කෑම ටිකක් දුන් බැවින් ඒ අනුභව කොට මම කාර් එක උඩම නිදා ගතිමි.

19. පර්ච්ඡේදය

පසු දින උදේ හතරට නැගිට මහත්තැන්ට කථා කළෙමි. රථයද ගමනට සූදානම් කළෙමි. සිල්වා මහතා හා සියළුදෙනාම ඉක්මනින් ඇඳ පැළඳගෙන අවුත් රථයේ වාඩි ගත්හ. කඳු හෙල් වලින් යුත් පාරේ ඉතා ප්රළවේශමෙන් රථය පදවාගෙන යන මා ගැන කිසිවෙන් සැක නොකළේය. මා සිල්වාගේ මොටර් කාර් ඩ්ර යිවර් වන රොබර්ට් ම යයි ලීලාවතී මැණිකේ ද සිතාගෙන උනනීය. ඌරුබොක්ක ගම පසුවනවිට

පියදාස සිරිසේන නවකථා එකතුව 205

හොඳටම එළිය වැටී තිබුනෙන් වරින්වර ලීලාවතීගේ මුහුණ දෙස බැලිමි. ඩහදිය වැගිරෙමින් මර බියෙන් බියපත්වූ දිව්යේප්සරාවක් වැනි ලීලාවතී ට කවදාවත් ගැලවීමක් නොලැබේය. කෝන්ගොඩ වික්රපමපාල කෙතරම් සමර්ථයෙක් වූවත් මින්පසු ඈ ඉන්නා තැනකටවත් ඒමට නොලැබෙන් යන කල්පනාවෙන් යුක්ත බව මට හැඟුනේය. එළිය වැටෙන්ට වැටෙන්ට රථය වේගයෙන් දුවමින් අවුත් හයමාරට පමණ අකුරැස්සේ කඩමණ්ඩිය පසුකොට විශාල වෙල්යායක් මැද්දට පැමිණියෙමු. වෙල මැදින් ඇති මාව‍තේ එන අපට කුඩා පාලමක් සම්භවිය. පාලම පසු කොට වට පිට බැලූකල හැතැප්ම භාගයක් හරියේවත් කිසිවෙක් නැති බව පෙණ්නේය. දැන මගේ වික්රැමය දක්වා ලීලාවතීට අභය දෙමැයි සිතා මාත් සමඟ ඉදිරි ආසනයේ පැත්තකින් වාඩිවී සිටිය සිල්වාගේ චණ්ඩියා වන බුන්ජප්පු පළමුකේට දුර්වල කිරීම යුතු බැවින් රථය හෙමින් පදවන ගමන්ම එක අතකින් බුන්ජප්පු හිටිය පැත්තේ දොර ඇර ලොකු ගොරෝසු සපත්තුවෙන් යුත් කකුලෙන් ඉතාමත් හයියෙන් ඔහුගේ පිටට ඇන්නෙමි. හෙන පහරකින් මෙන් පිටකොන්ද දෙද‍රා ගිය ඔහු මරහඟ දමාගෙන විසිවී වැටුනේය. ඔහු වැටුනු හැටියේ හැතැප්ම බාගයක් පමණ වේගයෙන් රථය ගෙන යන විට සිල්වා සහ අනික් සිටි ස්ත්රීයහුද “ මොකද රොබර්ට් අර මුරකාරයා ඇයි බිම දැම්මේ” කියමින් ඇසූ නමුත් ඒ කිසිවකට ඇහුම්නක් නොදී හෙමින් මෝටර් රථය නවත්වා කාට්රිජස් හතක් දමා තිබුණු මගේ පිස්තෝලය අතට ගෙන සිල්වාගේ මුහුන දෙසට දිගුකර “ සිල්වා, උඹ මැරුම් කන්නෙහිද? රථයෙන් බහින්නෙහිද?” යි ඇසුවෙමි. එවිට මර භයින් සිල්වා සහ ඔහුගේ මව් නැගණියත් මා දෙස ඉතා බැගෑපත් ලෙස බලාගෙන උන්හ. ලීලාවතී මැණිකේ වික්ෂිණප්ත වූවාය. කිසිවක් කථා කරගත නොහැකිව ඉන්නා සිල්වාට නැවතත් කථාකොට “එම්බල අධම වාදිය, මා කවරෙකැයි තා සිතන්නෙහිද? මම ‍කෝන්ගොඩ වික්රමමපාල වෙමි. මේ නිර්දෝෂ වූ උතුම් ස්ත්රිිය සමරසේකර නමැති මිත්ර්යා ගෙන් කොල්ලකා ගන්ට තැනූ තා වැනි මිත්රම ද්රෝඋහියෙක් අපේ උතුම් ජාතියේ ඉදීම ගැන කණගාටුවෙමි. තාත්තාගේ මවුත් නැගණියත් වහාම රථයෙන් බැස්ස යුතුය. නැතහොත් අමාරුවට පැමිණෙන්ට වේය” යි කියා මම රථයෙන් බැස ඔවුන් සිටි ආසනය ළඟට ගොස් දොර ඇර සිල්වා අතින් අල්වා එළියට ඇද බැස්සෝය. මේ සියල්ල බලාවුන් ලීලාවතී මැණිකේ හත් මාසයනික් පසු ප්රීසතියට පත් එකම දිනය මේ වූ බැවින් මැලවී තිබූ වස්ත්රත පද්මයේ ස්වේත දන්ත නැමැති රේණුන් දක්වමින්

206 වලව්වක පලහිලව්ව

සිනාසී ප්රිබෝධව “වික්ර මපාල මහතාණෙනි, තමුන්නාන්සේ මනුෂ්ය නෙක් හෝ දෙවියෙක්ද? සිංහල ජාතිය අනගිභවනීයව පැවැත්තේ තමුන්නාන්සේලා වැනි හැබෑ පිරිමි උපන් කාලවලමය. සිංහලයෝ දෙවියන් සමවූවෝ යයි කී කථාව අද තමුන්නාන්සේ ප්රාත්ය.ක්ෂල කරවූයෙහි ය. හරිහැටි ඉගෙන ගත්තොත් උතුම් ප්රතතිපත්තිධර වූවහොත් සිංහලයාට නොකළ හැක්කක් ලෝකයේ නැත. තමුන්නාන්සේ මේ නීච සංකීර්ණ අධමයාගෙන් මා ගලවාගත්තාට තමුන්නාන්සේට බුදු බව ලැබේවා” යි කියන කොට “ මැණිකේ වාඩි ගන්ට, නැවත කථාකළ හැකිය” යි කියා රථයට නැගි මාතර දෙසට ගමන් ගතිමි. සිල්වා හා මව් ද නැගිණියන්ද තුටු ද ගිය පක්ෂින් මෙන් මහප‍ාර අයිනේ බලා ඉන්න හැටිත් අමාරුවෙන් ඔවුන් ළඟට එමින් සිටි බුන්ඩා නමැති චණ්ඩියාගේ හැටිත් බලමින් අපි වේගයෙන් ආවෙමු. මාතරට අවුත් මගේ මිත්රැ නොතාරිස් මහතාගේ‍ ගෙදරට පැමිණ කරපු සමර්ථකම් ටිකක් කියා උදේට ගත යුයු ආහාර එතනදී රැගෙන වහාම කොළඹට එන කල්පනාවෙන් වේගයෙන් රථය පදවාගෙන ආවෙමු. අතර මඟ ‍කොහෙත්ම නොවනත්වා කළුතරට අවුත් එහිදී මගේ පෙට්ටියත් දමාගෙන කොළඹට දවල් 12 ට පමණ දයානන්ද වීරසේකර මහතාගේ නිවසට ලීලාවතී සමඟ පැමිණියෙමු. ඔවුන් මේ කාරණය දැනගෙන සිටි බැවින් අපදුටු හැටියේම බලවත් ප්රී තියට පැමිණ ඉක්මනිනි ආහාර පානාදිය දී සංග්රපය කළෝය. ලීලාවතී නිදහස් කර ගැනීම ආශ්චර්ය අද්භූත ක්රිපයාවක් බැවින් ම‍ගේ මිත්රතයෝද එදා රාත්රී් වීරසේකර මහතුන්ගේ ගෙදරට අවුත් රැස්වූහ. පසුගිය මාස හතර තිස්සේ මා විසින් මේ කුමාරිහාමින් ගලවා ගැනීමට ගත් වීර්යයත් යෙදූ උපාය මාර්ගත් කීම ඉතාමත් අමාරු බැවින් ලීලාවතී මැණිකේට එම කාලය තුළ සිද්ධවූ තොරතුරු කියන්ට පිලිවන් නම් මගේ මිත්රමයන්ට එසේ කීමෙන් සංග්ර්හ කළ මැනැවැයි කීවෙමි. බොහෝ කාලයක් ‍ශෝකයෙන් පෙළෙමින් නොයෙක් තැන්වල ගෙන ගනු ලබමින් සිටි බිවිනුත් සිවකීය ප්රේමමවන්තයා වන නවරත්න බණ්ඩාර‍ මහතා දකින තුරා ප්රී්තියට පත්කළ නොහැකි ලීලාවතී මැණිකේ මෙසේ කියන්ට පටන් ගත්තාය. “ පරාර්ථකාමී වූ පින්වත් වික්රගමපාල මහතාණෙනි, තමුන්නාන්සේ වැනි දෙතුන් දෙනෙක් ඉන්නා නිසා නොවේ නම් අද සිංහල ජාතියත් නැත. ආත්මාර්ථකාමී අධර්ම සංකීර්ණ පිරිසක් හිතෙන්ම දාසයෝව ලක්දිව වසතත් ඔවුහු සිංහලයෝ යයි කියා ගනිතත් නියම සිංහල‍යෝ නම් තමුන්නාන්සේ වැනි පරාර්ථකාමී නිර්භීත, ශිෂ්ටාචාර, ස්ථානෝචිත ප්රනඥාවෙන් යුත් ඇත්තෝමය. තමුන්නාන්සේට මා වින්දාවූ

පියදාස සිරිසේන නවකථා එකතුව 207

සියළු දුක් කියා දෙන්නෙමි. මා විසින් ගිය ආ තැන්වලදී දුටු භයංකාර දේද, අපේ ඇතැම් වලව්වල පවත්නා පලහිලව් ද හොඳින් කියන්නෙමි. නමුත් දැන් නම් මා උන සන්නිපාත රෝගයෙන් සුවයට පත් හැටියේ කෙනෙකුට සමානය. මගේ ප්රේ්මවන්ත ස්වාමියාණන් වන නවරත්න බණ්ඩාර මහතාණන් දකිනතුරු මගේ ඇඟට ශක්තිය වත් සිතට සම්පූර්ණ ප්රී තියවත් ඇති ‍නොවේ. කරුණාකර තමුන්නාස්නේ ළඟ තිබෙන ඒ මගේ ප්රේ මවන්තයාණන්ගේ පින්තූරයවත් මට බලන්ට දුන මැනවැ”යි කීවාය. ඉතින් මගේ මිත්රවයන් බලපොරොත්තු වන ලෙස ලීලාවතිට සිදුවූ විපත් නො කියන බැවින් පෙට්ටිය ඇර ලීලාවතී ගේ හා නවරත්න බණ්ඩාරගේත් පින්තූර දෙක ඈ අතට දුනිමි. ලීලාවතී අවුරුද්දකින් පමණ ස්වාමියාණන් නුදුටු බැවින් කඳුළු වගුරවන්ට පටන් ගත්තාය. ඈ එය අස්වසනු සඳහා ලීලාවතී හා නවරත්ක යම් යම් ප්ර ස්තාවලදී ලියාගත් ලියුම් වලින් මා ළඟ තිබුනු ‍ටිකෙන් එකක් රැගෙන ලීලීවතීට කථාකොට මැණිකේ වැනි කෙනෙක් ශෝකවනු දැක්ම හිනාවකි. මැණිකේගේ ස්වාමිපුරුෂයා විසින් එවා තිබෙන ලියුම් දෙසත් ඒ බණ්ඩාර මහතාට යවා තිබෙන ලියුම් දෙසත් බලන විට මැණිනේ වැන් කෙනෙකුට කණගාටු විය නොහැක. යමක් සිද්ධවුවත් මක්කරන්ටද? මරුණත් ඊට අඩු ‍කොයි අන්දමේ දෙයක් වුවත් කුමක් කරන්ටද විපත් නොවන්ට ප්රණවේසම් වීමත් දුරුකර ගන්ට වීය්ය් කිරීමත් අපේ යුතුකමකි. නමුත් වුනායින් පසු තැවිලිවීම මනුෂ්ය න්ට අයිති වැඩක් නොවේ. මැණිකේට නවරත්න බණ්ඩාර මහතා විසින් කොළඹදී ලියා යවා තිබෙන ලියමනක් මෙහි තිබේ. එහි ඇසීමෙන් මැණිකේට පමණක් නොව දැන් මෙතන ඉන්න තාටත් ප්ර යෝජන විය හැකි බැවින් මම ම කියවන්නෙමියි කියා නවරත්නගේ ලියමනක් කියවන්ට පටන් ගත්තෙමි.

“ ප්රේනමවන්තිය, මට ගමට ඒමට තවත් දවස් හයක් කල්යයි. මව්පියන්ගේ සිත තුළ පවත්නා දුක් කණගාටු ධර්මය කියා දීමෙන් තුනී කළ මැනවී. ඉගෙන ගතයුතු උපමා කථාන්තරයක් මව්පිය දෙදෙනාට විස්තර කර දුන මැනවි. “ එක්තරා පුරුෂයෙක් තවත් මිත්රියන් කීප දෙනෙකුත් සමඟ යම්කිසි තරුණක් සඳහා වනාන්තරයකට ගියේය. දහවල් කාලයේ තිය ඒ පිරිස වල්මත් වීමෙන් ඒ පුරුෂයා තනිවිය. වනයට බැස්ස තැනදී එතරම් භය‍ංකර නුවූ නමුත් කැලේ මැදට යන්ට යන්ට මුළු කැලේම තියුණු කටුවලින් ආකුල එකක් බව පෙනුනේය. ඒ පුරුෂයා තමාගේ සමඟ

208 වලව්වක පලහිලව්ව

ආ අන්යල මිත්ර යන් සොයන පිණිස වනයේ ඒ මේ අත ඇවිදිය විට උඩින් කටු අතු වලින් ද අවට කටුගස් වලින්ද භූමියේ දිරා ගිය කටු අකුල්වලින්ද යුත් මහවනය එකම කටු ගොඩක් බව දුටුවේය. සූය්යාඅක බැසගෙන යන බැවින් අන්ධකාරයකද පැතිර යන නිසා කැලේ ගමන් කිරීම ඉතාමත් අමාරු විය. ඉතා ප්රයවේශමෙන් කටු බේරා අඩිය තබමින් කටු අතු උස් කරමින් කටුගස්වල නොහැපී අමාරුවෙන් යන පුරුෂයාට හස්තියෙකුගේ හඬක් ඇසී පස්සා පැත්ත හැරී බලනවිට දීර්ඝු දළ දෙකක් ඇති ඔසවන ලද සොඬත් කින් යුත් වල් ඇතෙන් තමාට ආසන්නයේම එලව‍ා ගෙන එන බව පෙනුන මේ පුරුෂයා උඩ යට සරස තිබෙන කටු අකුල් ආදියවත් අන්ධකාරයවත් ශරීර පීඩාව වත් නොපෙනී තමා පස්සේ එන වල් ඇතාගෙන් ගැලවෙන පිණිස දිවන්ට පටන් ගත්තේය. කෙතරම් රෞද්රග කටු අකුල් ඇතත් සමකොට සුදුවැලි අතුරන දල රජ වහා විථියක ගමන් ගත්තාක් මෙන් අන්ධකාරයේ දුවන පුද්ගලයාට දැනුනේය. ඇත් ඉතාම ආසන්න බව පෙනී විදුලි එළියකින් තමා ඉදිරිපිට ගහක්ද තිබෙන බව දැක්කේය. ඔහුට එය පිලිසරණකැයි සිතා බිමට පාත් වී තිබුනු අත්තක එල්ලුනේය. ඒ අත්ත තිබුනේ හැටරියන් නරා වලකට ඉහලින්ය එමනිසා එම් පුරුෂයා අත්තේ එල්ලෙනවාත් සමඟම රියන හත අටක් වලේ පහතට පාත්විය. ඉතා වේගයෙන් අත් දෙකෙන්ම අත්ත බදාගෙන එල්ලී ඉන්නා මේ පුද්ගලයාට වරින්වර ඇති වෙන විදුලිය එළියෙන් ඒ වල කුමක්දැයි බලාගන්ට පිලිවක් විය. එ වල වහාහි සැට රියන් ගැඹුරැති එකකි. එහි පතුලේ දරණ ලා ගත් විශාල පිඹුරෙක් කට ඇරගෙන ඉනන් බව පෙනුනේය. එපමණක් නොවේ. නරා වලේ සතර පැත්තේ බිත්ති හතරේ පෙණ පුප්ප ගත් කාලවර්ණි මහා නාගයන් සතර දෙනෙක් පිඹ පිඹ ඉන්නා බව ද පෙනුනේය. මෙයින් භීතියට පත් අසරණයා නික්මෙන විදුලිය එළියෙන් ගොඩ දෙසද බැළු‍යේය. අහෝ! එවිට එලවාගෙන ආ වල් ඇතා ඔහු එල්ලී ඉන්නා අත්ත උගේ සොඩින් ඩැහැගෙන මේ පුරුෂයා අත් කෙදෙන්ම ඉතාමත් දැඩිලෙස අත්ත අල්වාගෙන ඉන්නා විට “ කර කර” යන අනුකරනයක්ද ඇසී ඒ කුමක්දැයි විදුලිය එළියෙන් බැළුනේය. තමා එල්ලී ඉන්නා ගසේ මුල් රෞද්රකවූ මීයන් දෙදෙනෙකු විසින් කපන බව ඔහුට දැනුනේය. මේ ඉතින් එකම පුද්ගලයෙකුට පැමිණ තිබෙන විපතක්ද බලනු මැනවි. ඉමක් නැති භයංකර වනාන්තරයක ඝනාන්ධකාරයේ ඉඳින මේ මනුෂ්යයයා සැටරියන් ගැඹුරු නරාලවලක මැද ගසක අත්තක එල්ලී ඉන්නා විට වලේ පතුළේ භයංකර පිඹුරෙකුත් බිත්තිය සතරේ දැඩි රළු කළු

පියදාස සිරිසේන නවකථා එකතුව 209

නයි සතර දෙනෙකුත් ඒ තමා එල්ලී ඉන්නා එත්ත සොඬින් ඩැහැගෙන සොලවන්නාවු රෞද්ර වල් ඇතෙකුත් ඒ තමා එල්ලී ඉන්නා ගස බිම හෙලීමට මුල් කපන්නා වූ මීයන් දෙන්නෙකුත් ඇසින්ම බල බලා ඉන්නා මොහුටත් අස්වැසිල්ලක් හෝ සැපතක් ඇත්තේද? අහෝ ලෝ‍ක ස්වභාව ධර්මයක හැටි බැලුව මැනවි. මෙසේ මේ භයානක නරාවළේ මැද එල්ලී ඉන්නාවූ මේ පුරුෂයා අල්වාගෙන සිටිනා අත්තේ බැඳ තිබුණු කණ මී වදය ඒ අත්ත සෙලවීම නිසා පොඩිවී ඒ කණ මී වදයෙන් පැනි බිංදුවක් වැටුනේය. මෙසේ මර භයින් එල්ලී ඉන්නාවූ පුරුෂයා විදුලි එළිය ඇතිවූ විට උඩු බැලුකල අර කණ මී බිංදුව ඔහුගේ කටට වැටුනු බල බලවත් ප්රීඇතියට පැමිණ තමා මූණ පා සිටින සියළුම අන්තරායන් සිහිනැති කොට නැවතත් මී පැනි බිංදුවක් ‍කටට වැටෙන්නේ කොයි වේලේ දැයි කල්පනා කරමින් ප්රීබතියෙන් කට අයාගෙන උන්නේය. මේ ආශ්චය්ය්ය අද්භූත ක්රිරයාව දුටු ‍මහේශාක්ය දිව්ය රාජයෙක් මේ නරාවලට ඉහලින් අවකාශයේ සිට “එම්බා පුරුෂයා, තොපගේ ඉඳීම භයානක නොවේද? යි ඇසීය. ඔහු කර ඇරගෙන මී පැනි බිංදුව වැටෙන තුරු බලා සිටි බැවින් තමාගේ විපත විමසන දෙවියා කෙරෙහි ‍කෝපව “තොප සමඟ කතා කරන්ට ගියොත් මගේ මී පැනි බිංදුව අපතේ යන්නේය. මෙතනින් ඉවත‍ු වුව මනවැ”යි කියා කලින් කී භයංකර විපත් මැද්දේ මී පැනි බින්දුව ලෙව කෑමට රුචිවූ බව දැක්වීය. ඇත්තෙන්ම මේ ලෝකයේ පස්කම් සැප විදින මනුෂ්යුයොත් ‍මීට සමානය. භවය නමැති රාත්රියයේ ලෝකය නමැති වනයේ උපන් පුද්ගලයා නමැති ආත්මය මාර නමැති හස්තියා විසින් ලුහුබැඳ ගෙන ගොස් වීය්ය්්ම උපක්ර මය නමැති අත්දෙකෙන් දුක් නමැති නරා වලේ නනාවිධ රාජ චොරාදිය විපත් නමැති සර්පයන් බල බලා ආයුෂ නමැති වෘක්ෂැය කපන ජරා ව්යාදධි නමැති සර්පයන් බල බලා මාරා නමැති හස්තියා විසින් මරා දැමීමට සොලවද්දී ඉතාමත් සිවල්ප වශයෙන් කලාතුරකින් ලැබෙන පස්කම් සැපත නමැති මී පැනි ටික ගැන ගිජුව බුද්ධාදී උතුමන්ගේ අවවාදයටත් ඇහුම්කන් නොදී ඉන්නා මනුෂ්යජයන් වු අපට කිව යුතු නම කුමක්දැයි නොතේරේ. ඉතාම බලසම්පන්න රාජාත් අන්තිම දුගියාත මේ අතර වූ සියල්ලෝත් නරාවල මැද මේ දැක්වූ විපත් සහිතව එල්ලී ඉඳගෙන මී පැණි බිංදුව ලෙවකන පුරුෂයාට සමාන වෙත්. නමුත් තථාගනයන් වහන්සේ ගේ ධර්මය පිළිපදින්නෝ පමණක් ඒ භයංකර නාරාවලෙන් මිදීමට වීය්ය්ේ කරන්නෝ බව සැලකිය යුතුය. ඉතින් ප්රේෙමිය. මව්පියන්ට මේ කතානිතරය විස්තර 210 වලව්වක පලහිලව්ව

කර දී ලෝක ස්වභාව උගන්වාදී ඔවුන් සැනසිය යුතුය. මම පිලිවන් ඉක්මනිනි එන්නෙමි. මේ වගට, පු.බ. නවරත්න.

යන මේ ලියමන මා විසින් කියවා දුන් ඉක්බිති ඒ අසාවුන් පිරිස මහත් සතුටට පත් වූවාය. ලීලාවතී මැණිකේ ස්වකීය ස්වාමි පුරුෂයාගේ ප්රමඥා මහිමය සිහි කරමින් අඬන්ට පටන් ගත්තාය. ඉක්බිති දයානන්ද වීරසේකර මහතාට හා උන්නැහේගේ ගුණවත් හාමිනේටත් ලීලාවතී මැණිකේ නවත්වා ගෙන ස්වකීය සොහොයුරියකට මෙන් සියලුම උපස්ථාන කරන්ට පවරා පසු දින උදේ නවරත්න බණ්ඩාර සොයන පිණිස බින්තැන්න පළාතට යෑමට සූදානමි වීමි. මගේ ඇදුම් ආදියත් වනාන්තරයක දී උවමනා තවත් දේත් කිසිම අඩුපාටුවක් නැතිව සූදානම් කරගෙන උදේ හතකුත් තිහට පිටත්වන දුම්රියෙන් බණ්ඩාරවෙල යාමට පිටත්වීමි. දෙවන පංක්තියේ දුමිරිය කාමරයට ගමන් කිරීමට පැමිණීමට මහත් අම‍ාරු විය. ලක්දිව දුම්රියේ ඉතාමත් ඉඩ අඩු පංක්තියේ දෙවෙනි පංක්තිය වේ. පළමුවෙනි පංක්තියට වඩා දෙවෙනි පංක්තියේ ගමන් කරන මගීන් වැඩි වුවත් සාමාන්යළයෙන්ම කොයි රධ පංක්තිවලත් දෙවෙනි පංක්තියේ කාමර අඩු ය. පළමුවෙනි පංක්තියේ රථ කාමර වැඩිය. මෙය අප රටේ තත්ත්වනය නොදැන කරන අයුත්තකි. වර්තිමාන ආණ්ඩුවේ කොයි දෙපාර්තතමේතුවලත් කෙරෙන මහජනයාට අහිත දේ ඉවත් කර වීමට නම් රටවාසින් විසින් රට ආණ්ඩු කරණ කාලයක් පැමිණිය යුතුය. අප උන් කාමර දෙකේ දස දෙනෙකුට යා යුතු බව ලියා තිබුන නමුත් පසලොස් දෙනෙක් උන්හ. ඉතා‍ අමාරුවෙන් යන අප කවුරුත් ‍අ‍ෙන්යාෙන්යම වශයෙන් අනුකම්පා ඇතිව යන්තම් පිරිමසා ගෙන ගමන් කළෙමු. මා ගැන ටිකක් දන්නා මහතෙක් සිටි බැවින් මාත් සමඟ කථාවට බැස “ කොහොමද වික්ර මපාල මහතාණෙනි, දැන් මේ යන්නෙත් යම්කිස් ගුප්ත කාරණයක් නිසාද? තමුන්නාන්සේ අනුන්ගේ යහපත සඳහා ගන්නා වෙහෙස ගැන පුදුම නොවී නො හැක. විමලතිස්ස හාමුදුරුවන් ගේ මුදල් පෙට්ටිය සෙවී ම නිසා හෙළි වූ කරුණු සමහරුන්ට වස වී තිබෙතත් ‍පොදු සිංහල ජතියට මහත් යහපතක් වී තිබෙන බව ඒකාන්තහැ’ යි මට ස්තුති වශයෙන් ඒ මහතා කීයේය. ක්රි ස්තු භක්තිය කීප දෙනෙක්ද මේ පිරිසේ උන්හ. නොයෙක් අන්දමේ කථා බස් කරන මේ ස්ථානයේදී එක මහතෙන් “ කිසිම බලාපොරොත්තුවක් නැති මනුෂ්යබයා සිංහලයා පමණකැ”යි කීය. සිංහලයන්ගේ පහත් ගතිය

පියදාස සිරිසේන නවකථා එකතුව 211

ප්රදකාශ කෙළේය. ඇත්තෙන්ම අයුතු විදේශිය පහත් ආගම් හා විදේශීය පූජකයන්ගේ දාස භාවයට පත් සිංහල මිනිසුන්ට කිසිම බලාපොරොත්තුවත් අයිතිවාසිකමක් නැතත් උතුම් සිංහල ජාතියේ ඉපිද ඒ චාරිත්රල ධර්ම දැන ඒ වූ පරිදි පිලිපදින සිංහලයාට ඇති බලාපොරොත්තුවක් උරුමයන් මහමෙරටත් වඩා ස්ථීර එකකැයි මම කිවෙමි. මේ කථාවට කිපුනාවූ වයස්ගත ක්රිනස්තු භක්තිකයෙක් “ හොඳයි මහත්මයාට ඇති උරුමය හෙවත් ලෝකයේ උසස් කිසිම මනුෂ්යක වර්ගයකට අයිති නොවූ තරම් සියලු සැපතින් ආඪ්යේ වූ රටක් ද උභය ලෝකාඛී වෘද්ධිදායක කුල චාරිත්රතද නෛය්ය්ලු නිකවූ ප්රටත්ය ක්ෂ වූ සත්යන ආගමක්ද උරුම වූ සිංහලයාට ස්වර්ග ‍මෝක්ෂය සම්පත් නිසැකව බලාපොරොත්තු විය හැකි බැවින් මගේ මහත් බලාපොරොත්තු වඩා හොදින් ප්රුකාශ කරනු පිණිස මෙසේ කවි අටකින් කීවෙමි.

පි රි නෙ ක සැපත් කිවු පඬි සුර පුරය ම ය
වි ප ත ක දැඩි නොවන ඉතු ගුණ යුත් ස ම ය
වි සි ස ක රමිඳු රුදු යුද කළ රණ බි ම ය
සි රි ල ක මගෙ රටය දෙගුරුන්ගෙ උරු ම ය
ය ස ස ඳ දික් ඇතුන් කුඹුතල දුන් නොම ඳා
එ ඩි බි ඳ සතුරු පෑ පැරකුම් ලෙස මිහි ඳා
ම හ ර ද මහ සෙනෙවි මහසෙන් දිනු පෙර ඳ
ම න න ද මෙ මගෙ ජාතිය සිහල යි පබ ඳ
දා න ය කොට සිරස අන් හට සැප පිණි ස
පා න ය කළ උතුමි සඳහම් අමා ර ස
මා න ය රැකි මුතුන් වැඩි කලෙක දෙ‍දහ ස
පි න මි තවම ඇත කළ යස සයුරු බැ ස
ස ස ර සිඳු සරණ සත වෙත කුළුණු ඇ සී
න ත ර යොදා පිරු පෙරුමන් එසම ති සී
ස ත ර අරිය සස් දෙසු බුදුව ලෙස නි සී
ප ව ර තිලෝගුරු මුනි මෙමට විය ඉ සී
සිරි තෙ න් විකුම් පිරිසිදු සුරවරන් ස රී
වි කුමෙ න් කෙසර හද සම බැවිනෙ නම දැ රී
ද හැමෙ න් ලොව නොනසින මහ යයස් පි රී
සැ බ විනි සිහල ගති මගේ උරුමෙකි සුසි රී

212 වලව්වක පලහිලව්ව

රි පු ම න් අඳුරු බිඳහළ තෙද සැඬ කර ‍ සේ
ස ත ති න් ලොව සැතපු සොමි ගුණ තරිඳු ලෙ සේ
උ තු ම න් උපන් සිංහළ ජාතිය වෙසෙ සේ
පු ද මි න් දිවි රැකුම මගෙ යුතු‍කමෙකි ය ‍සේ
සේ පි න් පිඬ පහළ තිලොවක ඇදුරු ව න
ඒ ස ම බුදු රඳුන් දම් සඟ තුන් රුව න
පේ මෙ න් සරඛ කොට ගත් බැවිනි සතනි න
යා ති න් මම ලබමි සැප අත් බැවෙ දෙව න
න ව ත න අවා දුක හිමිවන තිලෝ සි පි
සු ර කි න දහම් කග රුදු කුඳිටු බැමි කැ පි
ප ව ති න පොරණ යස තව බඹ ලොවේ හැ පී
ස සො බ න සුපිරිසුදු සිංහල වම්හ අ පි

20. පරිච්ඡේදය

ඳුම්රියේ සිටි අයගෙන් දෙදෙනෙකුට ඇර අනිත් අයට මගේ රසවත් කවි අට නොතේරෙන නමුත් කවුරුත් මා කෙරෙහි හැඟීමක් ඇතිකළ බව පෙනුනේය. කලින් කථාකළ මහලු ක්රිතස්තු භක්තියා ටිකක් දුරුමුඛවූ නමුත් නැවතත් මට කතා කොට “ ජීවමාන දෙවියන් වහන්සේ හැර අනික් කිසි බලාපොරොත්තුවක් කාටවත් නැත. මහත්මයා රැවටිලාය” යි කීයේය. එවිට මම සිනාසී “ රැවටී සිටින්නේ මානොව මහත්වයා බව පෙනේ. ජීවමාන සර්ව බලධාරී දෙවියෙන් සිටිය් නම් දැන් මේ ලෝකයේ කෙරෙන අපරාධ එසේ කරන්ට ඉඩදී බලා ඉඳීම පුදුමයකි. අනුන්ගේ රටවල් කොල්ල කමින්, අන්යක ‍ජාතීන්ගේ ධනය උදුරා ගනිමිනි. කඩුවේ බලයම පෙරදැරී කරගෙන ඉන්නාවූ ජාතිවල මිනිසුන්ට ඉන්ට ඉඩදෙන සර්ව බලදාරී දෙවියෙකු අදහන්නා මොළේ නැති කෙනෙකි. යම් දරුවෙක් සතුරෙකු විසින් විනාශ කරණු බල බලා සිසොල්මනේ ඉන්නා බලසම්පන්න පියෙක් ලෝකයේ විද්යාලමාන විය හැකිය සිතන තරම් අඥානයෙකුට මිස අන්ය කිසිවෙකුට ඔය මහත්මයා කියන දෙවියන් ගැන විශාවාස කරන්ට බැරිය” යි කීවෙමි. එමිට ඒ මහතා තවත් කේන්ති වී “ දෙවියන් වහන්ලේ අදහස අපට තේරුම් ගන්ටත් විනිශ්චය කරන්ටත් බැරිය. අයුතු කරන්න්ට මෙහිදී යම්කිසි දඬුවමක් නොලැබුනත් දෙවියන් වහන්සේ කුමක් කරන්නේදැයි මරණින් පසුව දැනගන්ට ලැබේය” කීවේය. එවිට මම සිනාසී “ අනේ මහත්මයෝ

පියදාස සිරිසේන නවකථා එකතුව 213

අඥානයන් මුළාකරන්නේ ඔය බොරුව කියා තමයි. කොළඹදි පැණි රස නැති හකු‍රු මීගමුවේදී පැණි රස යයි කීවාම විශ්වාස කරන තරම් අඥානයෙකුට මිස මේ ලෝකයේදී අයුත්තකි කරන දෙවියන් වහන්සේ අනිත් ලෝකයේදී යුක්තියක් කරන්නේ යයි විශ්වාස කළ නොහැක්කේය. යුරෝපීය ජනයා පළමුවෙන් අඥානකමින් පිළිගත් මිථ්යාක ආගම ‍ඔව්හු ශිල්ප ශාස්ත්රෝ ඉගෙන ගත් පසු අන්යන රටවාසීන් වහල්කර ගැනීමට උපාය මාර්ගහයක් කර ගත්තේය. ඉතින් ධර්ම ශාස්ත්රර නූගත් අපේ අඥාන මිනිසුසු කිසි හසරක් නොදැන ඒ පුහු ආගම්වලට ලැදිව මෙලොව දිත් අන්ය්යන්ට හිතින් දාසව සිට මරණින් මත්තේ අපායට යති. ඇත්තක් නම් එවේලේම ඔප්පු කරන්ට බැරිකමක් නැත. ජීවමාන දෙවියෙක් හිටි නම් ඇයි බලන්ට බැරි. උන්වහන්සේ ආත්මයක් නිසා නොපෙනේලු. හොඳයි එසේ නම් ඉස්සර අහම්බෙන් පෙනී තිබෙන්නේ ඔය හැංගි මුත්තන් නොකලාට මුලු ලෝක වාසීන්ට පෙනී මුලු ලෝක වාසීන්ගේ දුක් කණගාටු සංසිඳුවා පව් කරන ‍අයට අපාය පෙන්වා. පින් කරන අයට ස්වර්ග ලෝකය පාලනය කරන්ට ඒ දෙවියන්ට යුතු නැද්ද? බැරිද? නමුත් දවල් හීනයක් වැනි ඔය සර්වබලධාරී දේව කල්පනාව කපටි මිනිසුන් විසින් අඥානයන් මධ්ය්යේ ඇති කරන ලද්දකි. ඒ බොරුව ජාතික ආගමක් වු යුරෝපි ය ජනයා උසස් ශාස්ත්රම ඉගෙන ගෙන එහි අසත්ය භාවය තේරුම් ගෙන සිටිතත් ඔවුන්ගේ බලය දියුණුකර ගැනීමට මේ අන්ධ භක්තිය නමැති මායාව ආධාරයක් කරගෙන තිබෙන බැවින් තවමත් එය පවතීය” කීවාම දුම්රියේ සිටි ඇතැම් කෙනෙක් මා කෙරෙහි ප්රඅසන්න වූහ. දුම්රියේ සිටි පිරිසගෙන් කීප දෙනෙක් පේරාදෙණියේ දී බැස්සාහ. මාත් සමඟ ඉතුරුවූවෝ තුන්දෙනෙකි. අපි කවුරුත් බණ්ඩාරවෙල දක්වාම යන්නෝ වීමු. එදා රාත්රීන අටට දුම්රියෙන් බැස බණ්ඩාරවෙල ‍හෝටලයකට ගොස් එයි නැවතුවෙනිමි. පසු දින බදුල්ලට යන කල්පනාවෙන් සිටි ‍මට මිටිවූ ශක්තිමත් දේහයකින් යුත් මහෝශාක්ය් පෙනුමක් ඇති මහතෙකු සම්බුඛව මඳක් වේලා කථාකරන විට ඒ පළාතේ රටේ මහතා බව දැන ගතිමි. මා කෝනගොඩ වික්රවමපාල බව දැනගත් ඒ ‍රටේ මහහතා ස්වකීය වලව්වට කැඳවූ බැවින් දවල් කෑමට එහි ගියෙමි. ඇත්තෙන්ම ලක්දිව තිබෙන සදාචාර සම්පන්න වලව්වලින් මේ වලව්වද එකකි. රටේ මහත්කම කරතත් රට පෙළීමට කිසිම අදහසක් නැති මේ රටේ මහතා අධික ධනවතෙක් නොවේ. එතුමා හරියටම නිතර ගෙඩි පළ ගන්නා පොල් ගසකට සමානය. කොපමණ ගෙඩි පළ ගණිතත් කවදාවත් පොල් ගෙඩියක් කඩාගන්ට පින් ගසකින් බැරිය.

214 වලව්වක පලහිලව්ව

මක්නිසාද කුරුම්බා වෙන කොටම කවුරුවත් ඒගසේ ගෙඩි කඩා ගන්නා හෙයිනි. නමුත අධික ලෙස පළගනී. එමෙන්ම තමාට ලැබෙන තරමක් දුගී මගී යාචකයකාදීන්ට නිතර පරිත්යාළග කරන මේ ර‍ටේ මහතා වෙතට පැමිණෙන ‍කෙනෙක් බුලත් අතක් ගෙනාවොත් ඔහුට බඩපුරා කන්ට බොන්ට දී පණම අටක් වටිනා දෙයක් දී යැවීම සිරිතක් බව දැනගතිමි. එතුමාගේ මැණිකේ පුදුම ත්යාෙගවන්ත සදාචාර ගුණ සම්පන්න කුමාරිහාමි කෙනෙකි. “නැත” යන වචනය නොදත් ඒ උත්තමාව විශාඛා උපාසකාදී උත්තමාවන්ට අසමානය කියා යුත්තේ කාල විපය්ය්න වයාසය නිසාම පමණකි. නිරහංකාරවූ සත්ගුණවත් ඒ කුමාරිහාමි දුටු හිත අතිශයින් ප්ර සන්නව මෙබඳු කුලස්ත්රීූන් අතරින් පතර වත් ඉන්නා අපේ ජාතිය කවදාවත් සුන්යස නොවේයයි සිතුනේය. එදා දවල්ට ඒ වලව්වේදී ආහාර ගෙන මගේ පෙට්ටිය ආදී උපකරණත් දමාගෙන මොටෝකාර් එකක නැඟී බදුල්ලට සවස පැමිණියෙමි. එහි දකුණු පළාතේ මා අඳුනන් වෙළඳ මහතෙක් සිටි බැවින් උන්නැහේගේ වෙළඳ ශාලාවට පැමිණියෙමි. මා ඉතා හොඳින් සලකන ඒ මහතාට මා ආ ගමනේ තොරතුරු මඳක් කීවෙමි. උන්නැහේට පිලිවන් උදව්වක් කරදෙන බවද කීවේය. ඌ‍ව පළාතේ අගනුවර වූ බදුල්ලට මා පැමි‍ණ දෙවැනි වාරය මෙය බැවින් ඊට සම්බන්දව විස්තරයක් ප්රටකාශ කිරීම ප්රනයෝජනයයි සලකා එය මධුරවූ අපේ කාව්යදයෙන් ප්ර කාශ කරමි.

උ සි න් සය දහස් අඩි ගණනට බෝ වේ
එ මෙ න් පහත රටටත් සුපිහිටි යා වේ
ත දි න් එන සුලං හඬ සලකා “හූ වේ”‍
පෙ දෙ න් නම සැදුනු බව පවසති ඌ වේ
ද කු ණු නැගෙනහිර මැද මෙදිසා වෙ න් ද
ල කු ණු රැදුනු සිරිපා සමනල ක න් ද
වැ ටු ණු මහුදු තෙර වලවේ නදි යෙ න් ද
එ කු ණු විය දැනට ඌවේ මායි න් ද
උ ඩු කි ඳ බින්තැන්න මහ වනයෙන් දි ස් ස
ය ටි කි ඳ වියලුවද බුත්තල වෙල්ල ස් ස
එ ම ලෙ ද වැල්ලවායද යන මෙ පෙ දෙ ස් ස්
මෙ ම ස ඳ අයිතිවඋ ඇත ඌවට නි ස් ස

පියදාස සිරිසේන නවකථා එකතුව 215

පැ සු නු ස ස් වගින් යුත් කෙත්වත් ගහ ණ
වි සි ද හ ස් නියම්ගම් ගම් පටුනුව ණ
පු ර වි ල ස් බැබලි මෙම ඌවට සුර ණ
වි සි ද හ ස් රටය යනු නම් විය පොර ණ
සෙ ත දු න් තිලෝගුරු හිමිසඳ වැඩි පොර න
බැ ති යෙ න් වැඳපුදන තැන් සොළසකි ගණ න
මු ති යෙ න් ගණය, මියුගුණු, කිරිවෙහෙර, තු න
සැ බ වි න් අයිත් විය මෙම ඌවට මෙදි න
ද රු ‍පෙ ම් උපදවා රජසිහ කුමරිඳු ට
ව ර දු න් පරංගින් සහ යාමට යුද ට
දෙ වි දු න් කතරගම වැසි දෙවොල පෙරසි ට
නෙ ලෙසින් මුත් අයිති විය ඌව මෙරට ට
නු දු රු තැන පිහිටි ලොව පරසිදු නි ත් ත
ඇ දු රු රද මුනිඳු සිරිපා පිළිග ත් ත
පි දු රු තලාගල සහ කිරිගල් පො ත් ත
එ දු රු නොව පිහි‍ටි‍ොයේ බට හිර පැ ත් ත
ගෝ නු න් මුවන් රැකවුන දිවියන් ලඟ ටා
ඌ ර න් ගොස් පටන්ගත් බියකරු පොර ටා
මෙ ව න් අරණ ගැවසුනු සැම තැන අව ටා
නා ග න් ගල කන්ද ඌවේ ඇත පිහි ටා
ග ඟ ත් මැනික්නම් යුත් පිරිසිදු දියැ ති
ත ව ත් කිරිදිඹය ලොග්ගල් නමැ ති
වෙ න ත් ඇලි කඳුරු වල උල්පත් පැව ති
හෙ ල ත් නමුණුකුල මෙම ඌවට අයි ති
සැ මා අත ගලා එන කඳුහෙල් අත ර
බෝ මා ඇල දොලද රැලිවල වතු ර
ඌ මා බදුලු මැද ලොග්ගල් ඔය සත ර
එ මා වැලි ගඟට ඇද දෙත්මය නිත ර
ර වු ලා ගෙන් කිලුටු නොව සීතා විසි න
තැ වු ලා විඳ රැක්ක බව පතිවත යෙහෙ න
දි වු ලා කියන තැන ‘දිවුරුම්වෙල‍’ නමි න
අ වු ලා නොවද වනතුරු ඌවේ තිබෙ න‍

216 වලව්වක පලහිලව්ව

‍::තෙ වි කු ම විකුම පුදකර පුරදුර සිරි න

ර ජ ක ම කළ මෙසිරිලක පෙර පළමුව න
පැ ර කු ම් රජ උපන් බව පඬිවරු කිය න
එ උ තු ම් ගම තිබේ මෙහි “අළුපෙත” නමි න
පු ව ත් මේ කියා කඳ දුරුඳු වර හෙ න
හැ තැ පි මේ සියක් දුර වරුවට ගොසි න
තැ වැ ත් මේ සිටිය තැන රජ සිහ නර න
හැ තැ ප් මේ නමින් මෙම ඌවේ තිබෙ න

එදා රාත්රීේ බදුලු නගරයේ ගත කොට පසු දින බින්තැන්නට යන කල්පනා ව මට ඇතිවිය. මක්නිසාද නවරත්න බණ්ඩාර මහතා බින්තැන්න පළාතේ සඟවාගෙන ඉන්නා බව මා විසින් අසන ලද හෙයිනි. මගේ මිත්රස ප්ර නාන්දු නමැති වෙළඳ මහතා විසින් සාදර පෙරටුව කරන ලද සංග්ර හ විඳ මගේ ඇදුම් ආදී උපකරණ සියල්ලක් එම වෙළඳ ශාලාවේ සුරක්ෂිත කොට තබා දකුණු පළාතේ ගම් වැස්සෙක් මෙන් සැරසී මගේ පිස්තෝලය සහ කාට්රිජස් රාශියකුත් තවත් උවමනා උපකරණ ස්වල්පයකුත් රැගෙන උදේ 6ට බදුල්ලෙන් පිටත්ව බින්තැන්නේ වැදි පත්තුවට යන පිණිස ගියෙමි. දෙ‍දවසකින් ගම් වැදි ගොඩකට පැමිණි මඳක් එහි තො‍රතුරු දැනගැනීම පිණිස වැදි ගෙදරක නවාතැන් ගතිමි. නගරබද ඇති දැඩිවූ අපට රුචි නොවෙතත් ඇත්තෙන්ම ගම්වැදි ජනයා ගේ කුලචාරිත්රඳ සම්පූර්ණයෙන් අශිෂාටාචාරය යයි කිව නොහැක. එදා රාත්රීි ඒ ගෙදර ලැගුම්ගන්ට පිළිවන් වූ නමුත් පසුදින නම් ඉඩ නෙදෙන බව ඔව්හු කීහ. මක්නිසාද හදිසියෙන් පැමිණෙන ආගන්තුකයෙකුට එක දිනකට වඩා නවාතැන් දීමට ඔව්හු රුචි නොවන බැවිනි. එදා සවස 6ට පමණ රාත්රී ආහාර අනුභව කොට ඔව්හු මගේ වත ගොත ඇසූහ. මම දකුණු පළාතේ ‍එනම් මාතර කෙනෙක් බවත් මංවුලාවෙන් පැමිණි බවත් කතරගම් දේවාලය හරහා ගමට යන බවත් කීවෙමි. මාතර යයි කියන කොට ඒ ගෙදර ප්ර ධාන මිනිහා තමා‍ගේ බිරිඳට කථාකොට ‘ මුරුතැන්ගමේ කිරි හොඳාගේ දුව තියාගෙන හිටියේත් මාතර මනුෂ්ය යෙකි. බබුන්හාමි නමැති ඒ මිනිහා මළ නමුත් ඔහුගේ දුවෙකුත් ඉන්නවා. ඒ බබුන්හාමි මැරිලා හාර පස්මානයකට වැඩි නැතැ”යි කීය. කිසිම කාරණක් නැතිව උන් මට කී මේ කාරණය මහ මෙරක් මෙන්වූ බැවින් එදා රාත්රී ඒ වැදි ගෙදර නැවතී ඉඳ මුරතැන්ගමය කියන වැදි ගමට යන්ට සිතා ඉඳ හිටලා මුන ගැසෙන ගම්වැදි ජනයාගේ

පියදාස සිරිසේන නවකථා එකතුව 217

පාර අසාගෙන දවල් 12ට පමණ පැමිණියෙමි. ඒ ගමේම තිබෙන්නේ ගෙවල් අටකි. ඒ සියල්ලොම නෑයෝය. මා කෙළින්ම ගියේ කිරිහොදාගේ දියණියගේ ගෙදරටය. මේ හොරතලී වනාහි මාතර බබුන් හාමි නමැති මනුෂ්යගයිාගේ වැන්දඹු ස්ත්රිරයය. ඒ ස්ත්රිිය මා දුටු හැටියේ කලින් සන්නා අඳුනන් කෙනෙක් ළඟට යන්නාක් මෙන් ඉක්මනින්ම ගෙයි මිදුලට ගොස් “අපේ මාමා බබුන්හාමි ඉන්නේ මෙහෙදැ”යි ඇසුවෙමි. ඇත්තෙනිම‍ මේ ස්ත්රිේයට මළාවූ ඇගේ ස්වාමි පුරුෂයා සිහිව අඬන්ට පටන් ගත්තීය. මේ ඇඩීම නිසා ඊට ආසන්න ගෙවල් තුන හතරේ උදවියද එතනට ආහ. බොහෝ දෙනෙක් අඬන තැන බොරුවට මටත් අඬන්ට පිළිවන් හෙයින් මමඳ ඇඩීමි. ඒ පිටින් ආ උදවිය මා දෙස බල මින් ම හොරතලීගෙන් අඬන කාරණය ඇසූවිට තමාගේ පුරුෂය‍ාගේ බෑනා වන මම ඔවුන් සොයා ගෙන අවුත් ඉන්නා බවත් පුරුෂයා මතක් වී අඬන බවත් නිහ. ඇත්තෙන්ම බබුන්හාමිගේ බෑනා නිසා හොරතලී සහ ඇගේ දියනිය මානිකී පමණක් නොව එතනට පැමිණි සියල්ලෝම මා කෙරෙහි ප්රාශන්න වූහ. එදාම ‍රාත්රී හොරතලී සම්පාදනය කර දුන් ආහාර අනුභව කොට බබුන්හාමි සමිබන්ධව ඔවුන්ගේ සිතට රුචිවන කරුණු කියා එදා රාත්රීු ඔවුන්ගේ සිත මා කෙරෙහි අතිශයින් ප්ර සන්න කරවා ගතිමි. ඉතින් හොරතලී මට කථාකොට “ අනේ බෑනෝ” මාමා නැති සෝකෙන් ඉන්නා අපට උඹ පැමිණීම දේව වරමකි. උඹ මේ මැණිකිත් බාරගෙන මෙහිම පදිංචිව සිටපන්න” යි කීය. යක්ෂ නියක් මෙන් පිළිකුල් කටයුතු වූ මැණිකි භාය්යාිටප කමටත් පාවාගැනීමට සතුටු බව සඟවා එහි නැවතී ඉන්නා ගමන් නවරත්න බණ්ඩාරලාගේ පැමිණීම ගැන විපරම් කෙළෙමි. හොරතලී දහවල් කැරයන් හේනට ගිය විට මැණිකීට නොයෙක් චාටු කථා කියා මේ වනාන්තරයට ගිය ආ මිනිසුන් ගැන කථාවක් ඉදිරියට ගතිමි. එවිට මගේ අදහස් කිසිත් නොදත් මැණිකී මෙසේ කීවාය. “මව්වණ්ඩි! මම දැක්කේ මිනිසුන් හදෙනෙකු පමණකි. අපේ බණ්ඩියා ආතාත් සමඟ මිනිසුන් හයදෙනෙක් කලකට ඉස්සර මෙහාට ආවා. දෙදවසක් පමණ බණ්ඩියා ආතලගේ ගෙදර ඉඳලා ඔවුන්ම ආන කොටාගෙන යන්ට ගියා. ඒ බෝම කලකට ඉස්සරියෙන් යයි ඈ දන්නා භාෂාවෙන් කී කාරණය මට සැක සහිත බැවින් පසුදින බණ්ඩියගාගේ ගෙදරට ගොස් විභාග කළාම මරණ අදහසින් ලක්ෂණ තරුණයෙකුත් රැගෙන රෞද්රව මිනිසුන් හතර දෙනෙක් පැමිණි බවත් ඒ ගමේ වැදි ජනයා ඊට විරුද්ධවූ බැවින් ඔව්හු කතරගම නුවර පැත්තට යන්ට ගිය බවත් කීහ. මේ කතාවලින් මට පිහිටක් නැති බව පෙනුණු

218 වලව්වක පලහිලව්ව

හෙයින් හත් දවසක් ඒ වැදි ගමේ සිට පසු දින ඇවිදින්ට යන හැටියට එතනින් පිටත්ව කතර‍ගම් දේවාල‍යට යන අදහසින් වනාන්තරය මැදින් ගමන් ගතිමි. මා ‍යන්නේ කොහේද කරන්නේ කුමක්දැයි මට ම තේරුම් නොමැති පුදුම ගමනක් යන මට ප්රේකෘති සිහිය නැති වුනායයි මටම කල්පනා විය. නවරත්න බණ්ඩාර සෙවිය යුත්තේ මනුෂ්ය යන්ට වාසයකරන පළාතකය. මේ කැලේ කුමට සිටිමිදැයි සිතුන නමුත් යන්ට යන ගමන යන ලෙසම කල්පනා විය. මා කලින් ගෙන ගිය කැබින් විස්කෝතු දුසින් දෙකක් පමණ මා අතේ තිබුන නමුත් වෙන කිසිම කෑමක් බලාපොරොත්තු නොවී වන ‍මෘගාදීන් ගිය පාරවලින් කැලේ යටින් මුළු දවසම ගමන් කෙළෙමි. වල් අලි ආදීන් ගහණ මේ කැලේ මනුෂ්යය කටහඬක් නො අසැ එදාරෑ ගතකොට උදේම නැගිට දකුණු දෙසට ගමන් කෙළෙමි. එදා දවල්ද හැතැම්ප තිහක් පමණ දුර ගොස් ගසක් උඩට වී රෑ ගත කළෙමි. පසු දිනත් ගමන් නරන මට කලින් ගිය ආ තැන්ම පෙනෙන්නාක් මෙන් දැනුනු බැවින් මහත් භයක් ඇතවී මා අතේ තුබුණු කොම්පස් නම් දිසා දක්වන යන්ත්රතයේ ආධාරයෙන් දකුණු දෙසම බලා දවස් සතරක් ගමන් කොටත් මනුෂ්යන වාසයකර හෝ මහ පාරකට බැසගත නො හැකිවූ මා තුළ ජීවාතාලයද නැතුව ගියේය. මා අ‍තේ තිබුනු කැබින් විස්කෝතු ටිකක් කා ඉවර වූ බැවින් ආහාර ක්ලාන්තය ද ඇතිවිය. නමුත් සිතේ ධෛර්ය කොහෙත්ම අඩු නොවී ගසක් යට මුනින් අතර නිදා ගතිමි. ඇත්තෙන්ම මගේ සිතේ පැවති අධිෂාඨාන බලයත්, කයේ ක්ලාන්ත ගතියත් නිසා නිශාචලවූ හිතක් ඇති මට නින්ද ගියේය. මිනිත්තු පහලොවක් පමණ නිදන විට අවුරුදු හැත්තෑපහක් පමණ වයසැති රන්වන් ශරීරයකින් යුත් හිම මෙන් සුදුව හිස කෙස් වලින් යුත් එසේම ස්වෙත වර්ණවූ දික්වූ රැවුලකින් යුත් ‍දුටුවන් මනනුවන් පිනවන ‍වයෝවෘද්ධ සත්පුරුෂයෙන් මා ළඟට අවුත් “වික්රුමපාල ඇයි නුඹ තනිව ඉන්නේ, මහ දේවාලේ අන්න පෙනෙනවා, එනතට පැමිණ ගිමන් ඇර ගනුව’ යි කීයේය. මධුර වූ මේ වචන පළමුවෙන් සිහිනය කින් මෙන් ඇසුන නමුත් මගේ ප්ර’කෘති සිහිය ලැබ අවදිව බැලූවිට මේ දර්ශමණය වූ වෘද්ධ මහතා දුටුවෙමි. ශබ්දයද ඇසුවෙමි දකුණු දෙසට අත දිගුකොට ඔය මහපාරට බැස යවයි පෙන්නා ඒ ඇත්තා ටිකක් දුර ගොස් මට නොපෙනී ගියේය. මා තුන් දිනක්ම ඇවිද තිබෙන්නේ කතරගම දේවාලය අසල බවත් දෙවියන් සිහි නොකිරීම නිසා මා මංමුලාවූ බවත් එකපාරටම අවබෝධව කතරගම දිව්‍ොකරාජයාණන් කෙරෙහි මා තුළ පැවති

පියදාස සිරිසේන නවකථා එකතුව 219

භක්ත්යාසදරය දෙතුන් ගුණයකින් අධික විය. ඉක්බිති හිතට කයට බලවත් ශක්තියක් ඇති වූ බැවින් හුන් තැනින් නැඟිට වට පිට බැලූවිට මා සිටි නැත සිට බඹ අටකර දුර නොවු මහපාර පෙනුනේය. මම මහපාරට බැස එතනින් හැතැප්ම භාගයකට ඈත් නොවූ කතරගම දේවාලයට පැමිණ එහි දෙවියන්ට වැඳ පින් දී දේවාලයේ අසලම තුන් දිනක් ගත කෙළෙමි. මේ ඉන්නා කාලයේ නවරත්න බණ්ඩාර බදුල්ලේ සිටි යයි බලවත් හැඟීමක් මට ඇති විය. ඉතින් නැවතත් බදුල්ලට යමැයි බලවත් හැඟීමක් මට ඇති විය. ඉතින් නැවතත් බඳුල්ලට යැමැයි කල්පනා කොට මඩකලපුව දක්වා කමන් කරන බරකරත්ත කාරයන්ට එක්ව මඩකලපුවට අවුතු හත් දවසක් මුලුල්ලේ නවරත්න බණ්ඩාර සම්බන්ධව විමනිය හැකිසියළුම ක්ර ම වලින් විමසූ නමුත් ආරංචි මාත්රායක් වත් දැන ගන්ට බැරිවූ බැවිස් දැන් ඉතින් මෙහි ඉඳීම නිශ්ඵලයවයි සිතා නැවතත් නුවර පැත්තේ පරීක්ෂා කරමියි සිතා ගෙන මගේ මිත්රි මහතාටද කියා ඇදුම් ආදී උපකරණත් රැගෙන බණ්ඩාරවෙලට අවුත් දුම්රියේ තුන්වෙනි පංක්තියේ නැගී කොළඹට එන්ට පිටත්වීමි. මා නැඟුනු කාමරයේ ‍‍ිජාවෙක් සිටියේය. මොහු වනාහි පේරාදෙණියේදී මා දැනගත් ජමාල් නොවේ ය. නමුතු ජමාල් බලන්ට ගොස් එන ඔහුගේ ‍සහෝදරයෙක් බව තේරුම් ගියේය. එම් ජා මනුෂ්යසයොත් සමඟ කථාවට බැස නොයෙකුත් දේ කථාකරන අතර ඔහු කොයිබ ගොස් එන්නේ දැයි ඇසූවිට තමාගේ සහෝදරයෙක් සම්බවීමට ගිය නමුත් ඒ කාලකණ්ණියා මට මුන ගැසිලත් මා අත්හැර ගියේ යයි කියා ඔහු කථාව ලුහුඩු කෙළේය. ඇත්තෙන්ම මා කලින් දන්නා ජාවාගේ මුහුනුවරට හුරු මේ මනුෂ්යාෂගේ කථාවේ වැඩි විස්තර දැනගනිමි” යි සිතා “ මොකද තුවන් සහෝදරයෙක් සම්බවීමට මෙපමණ දුර රටකට ගිය විටත් ඔහු ගම ඇර ගියේ තරහක්වත් වෙලාද’ කියා ඇස‍ුවෙමි. ස්වකීය සහෝදරයා කෙ‍රෙහි ඇති අප්ර සන්න භාවය දක්වමින් “ මොනවාද ආයුබෝවන්ඩ බේබදු කමටත් පාදඩකමටත් වැටුනු එකාට මවිපියන් සහෝදරයන් කුමටද? මම බලන්ට ආවේ මගේ මල්ලියි. අම්මාගේ වදේට ආවා මිස ඔහු දිහා බලන්නටවත් මම සතුටු නැත. ඔය හාදයා මීට අවුරුදු දෙකකට වාගේ ඉස්සර කොළඹින් නුවරට අවුත් මේ බේබදු සූදුකාර වල්ලුන්ට එකතුව නොයෙකුත් අපරාධ කරමින් කවුදෝ බස්නායෙකුට මිත්රනව බූදලයක් ලබන පිණිස වෙනින් පවුලක් විනාශ කරීමට එකතුව සිටි ලෝකේ ඇති තරම් අපරාධ කරලා අන්තිමේ කවුදෝ බණ්ඩාර කෙනෙකුන් වසඟ කර ගෙන බදුල්ලේ නාරංගල

220 වලව්වක පලහිලව්ව

කන්ද පැත්තේ ඉන්නවාලු. මම මේ දුසමාන ආරංචියට ඔහු සොයා ආ නමුත් පසලොස් දිනකට පසු ඔහු අරක්කු ගෙන යන්ට නගරයට ආවිට සම්බ වී කතා කළෙමි. ඔහු ඉන්නා තැනවක් හරියට නොකියා හෙට උදේ මා සම්භවෙන්ට එනවා යයි කියා ගියා ගියාමහ. හතර දවසක් එහු ගැන බලාපොරොත්තුව ඉඳලා මම ගමට යන්ට යනවාය” යි ඒ මිනිහා කීයේය. ඇත්තෙන්ම නවරත්න බණ්ඩාර තවමත් ජීවත්ව ඉන්නා බවත් බදුලු පළාතේම ඉන්නා බවත් මට නැවතත් දැනී දුම්රියෙන් බැස ආපසුයන්ට සිතුවෙමි. එසේත් සිතා ඉන්පසු මෙසේ කල්පනා විය. මා‍ ගෙන ආ ඇතැම් කළමනාත් ඉවර විය. ලීලාවතී මැණිකේත් කෙතරම් බලාපොරොත්තු සහිතව සැනසී ඉන්නී දැයි සිතන්ට බැරිය. ඒ ‍‍ිහෙයින් මම කොළඹට ගොසින්ම එමියි සිතා ජාවාත් සමඟම අවුත් පසු දින උදේ හතහමාරට මගේ නැවතුම පලට ගොස් වතුර නා කා බී පුරුදු ඇඳුමෙන් සැරසී දයානන්ද වීරසේකර මහතුන්ගේ ගෙදරට එකට පමණ ගියෙමි. කෑම බීම ඉඳුම් හිටුම් ආදියෙන් කිසිම අඩු ලුහුඬුවක් නැති නමුත් ලීලාවතීට ස්වකීය ස්වාමියා නැතිකම නිසා කිසිම ප්රීඅතියක් නැති නමුත් ලීලාවතිට ස්වකීය සිවාමියා නැතිකම නිසා කිසිම ප්රීඅතියක් නැති බව හැඟුනේය. යම් කෙනෙකුගේ චිත්තයෙහි දොම්නස්ක් පවතිද්දී කෙතරම් බාහිර සැප පහසු ලැබුනත් ඔහුට සැපතක් නැත. ලීලාවතී මා දුටු හැටියේ මා ළඟට අවුත්” අනේ පිනවත් වික්ර්මපාල මහතාණෙනි තමුන්නාන්සේ මා නිදහස් කොට ගත්තයින් පළක් ලබන්නට නම් මගේ කරුණාවන්ත ස්වාමිපුරුණයාත් සොයාදෙනු මැනවි. මගේ මහත්මයා මරණු ලැබුවේද ජීවත්ව ඉන්නේදැයි කියාවත් තවම දැනගන්ට බැරිවීදැ”යි අඬමින් ඇසුවාය. ‍එවිට නිර්භීතවූ ධෛර්යමත් වූ මම ලීලාවතී මැණිකේ මඳකුත් සැක නැතුව ඉන්ට, මම වික්රඑමපාලයි, මම අවිච්චින්න පරම්පරාගත සිංහලයෙක්මි. මම තව සතියකට පෙර නවරත්න බණ්ඩාර සමඟ එන්නෙමි. කණගාටු නොවී සැක නොකොට සිටිනු මැනවි. මම අද රාත්රීන ගියාම කොළඹ එන්නේ නවරත්න බණ්ඩාර මහතාත් සමගමයි” නිසැක ලෙසම නවරත්න බණ්ඩාර සමඟ මේ සතිය තුළම කොළඹට එන බැව් කී පසු ලීලාවතී‍මගේ හිත මහත් සතුටට පැමිණ නිශ්කලංක වූ බව පෙණුනේය. ඉක්බිති දාවල් දෙකහමාරට පමණ වීරසේකර මහතුන්ගේ ගෙදර සුදානම් කළ තේවතුර සංග්රාහයද ලැබ මහලු වීරසේකර රාළහාමි සහ හාමිනේ ද දයානන්ද වීරසේකර මහතා සහ හාමිනේ ද ඇතුළු වැදගත් පිරිසක් ඉදිරියේ ලීලාවති මැණිකේට පසුගිය අවුරුදු එකහමාර තුළ විදින්ට ලැබුනු කරදරවලින් ටිකක කියන්ට යයි කිවෙමි. වීරසේකර මහතාත් සිවකීය දරුවෙකුටත් වඩා සැලකිල්ලෙන් කරනු ලබත් ආදර සංග්රවහ ඇතත් ඔවුන් සමඟ තමා

පියදාස සිරිසේන නවකථා එකතුව 221

විඳි දුක් කරදර කිසිත් නොකියා සිටි ලීලාවතී මැණිකේ මා කෙරෙහි පවත්නා ගෞරවය හා භකිතිය නිසා මෙසේ කියන්ට පටන් ගත්තාය. “ වික්රහමපාල මහතාණෙනි, තමුන්නාන්සේගේ පිහිට මුලදී සොයන ලද්දේ නම් අපට මේ අමාරුව නොයෙදේ. පසුගිය අවුරුදු දෙකකට කිට්ටු කාලය තුළ මා නොවිඳි දුකක් කිව නොහැක්කේය. කෙතරම් අමාරු දුකක් කණගාටුවක් ලැබුනත් දිවි නසා ගැනීම බලවත් අපරාධයක් බව අවබෝධව තිබුණු සිනා නොවේ නම් මගේ ජීවිතය විනාශකර ගන්ට යුතුව තිබුනේ මගේ මහත්මයාගෙන් වෙන් කරනු ලැබූ දවසේය.

21. පර්ච්ඡේදය

අප ඉදීගොඩ අපේ වලව්වේ රාත්රීල භෝජනානුභව කොට කථා කරමින් සිටියදී බස්නායනයාගේ පිරිස හත් දෙනෙක් මගේ මහත්මයා අල්වා බැඳගෙන ගියෝය. මහපාරට ගෙන ගොස් එතනදී ලිහා මොටෝ කාර් එකක දමාගෙන අනුරාධපුරයට ගෙනයන ලදී. ඒ මොටෝ කාර් එකේදී තනන ලද කව් කීපයක් එම රථය පැදවූ දෙමළ මනුෂ්ය යා අත මට පසුදින එවා තිබුනේය. එයින් දෙකක් පමණක් මට මතකය.

පැ හැ ර දිය නුවනුපුල් නිල් බැවෙව් මැ සී
පි ය ත ර පියයුරන් රන් තිසරුන් ගැව සී
තු නු ස ර සුපිපි වත තඹරෙන් වුවත් දි සී
ති ර ස ර ගුණ සුවඳ නැති ලිය නොවේ නි සී
කැ පු ව ත් සියුම් කොට යල් ඇඹරුවත් ග ලේ
ප ව ති ත් සඳුන් වල සොඳ සුවඳ ඇම ක‍ ලේ
ම ර ත න් දෙතිස් වද දී කිලුටු කර කු ලේ
නොක ර න් අයුතු ‍අඟනෝ වැනි ඇහැළ‍පො ළේ

මේ ලියමනේ කවි සතරක් තිබුන නමුත් මට මතක දෙකය. ඉතින් මගේ ප්රේිමවත්න ස්බවාමියා ගැන මින් පසු කිසිවක් නොදනිමි. මගේ ස්වාමියාණන් ගෙන ගොස් හත් අට දිනකට පසු අපේ නැන්දාත් මාමා වන ලොකු බණ්ඩාරත් තවත් ඥාති සමූහයකුත් බස්නායනයාත් ඔහුගේ මිත්රර පිරිසත් මට සාත්තු සප්ප‍ායම් කර මට විරුද්ධව කිසිවක් නොකළ බවත්

222 වලව්වක පලහිලව්ව

නවරත්න බණ්ඩා ඔවුන්ට විරුද්ධව දෝහිකම් කළ නිසා එහු ඉවත් කළ බවත් ඔහු සමඟ මා කසාද බැඳ නැති බැවින් ඔහුට ප්රේනම කිරීම වරද බවත්. මගේ මව්පියන්ගේ හා ඔවුන්ගේ බූදලුත් මටම ලියා දෙන්නට මාමාගේ පුතා මද්දුම බණ්ඩාර සමග කසාද බදින්නටත් මට කීවෝය. යමෙකුට යම් විපතක් පැමිණෙන විට එය කොයි අන්දමින් කවදා පැමිණේදැයි කිය නොහැක. නමුත් ඥානයේ ඵලය නම් ඒ විපත පැමිණ දුක්දී ඉවරව තුරා ඉවසිල්ලේ දරා ගනිමින් එයින් ඉවත් වීමට වීරිය කිරීමත් පමණකැ”යි සිතා මේ මගේ හතුරු පිරිස කියන එකට ඒ ඒ වේලාවට පිරිමහිත පිළිතුරු දෙමින් සිටියෙමි. මේ අතර පේරාදෙණියේ ගෙයක් රැගෙන මා එතනට පමුණුවන ලදී. මගේ ආශ්රපයට නොයෙක් විධියේ ස්ත්රිඑන් එවන ලදී. එ මගේ හිත දූෂ්යට කිරීමටය. මේ එව් ස්ත්රීණන්අතර රූප සම්පන්න යුරෝපීය විධියට සියල්ලම පුරුදු කරගත් රටේ මහත් කෙනෙකුගේ දියනියක්ද එවන ලද්දීය. ග්රේවස් නමැති ඈ මාත් සමඟ මාස දෙකක්ම සිටියාය. ඇගේ චරිතයට අපේ උසස් පවුල්වල අන්ය ස්ත්රීයන්ට ඇතිවුනොත් එදාට සිංහල ජාතිය ඉවරයයි සලකා ගත්තාට කිසි වරදක් නැත. ඈ සමඟ නොයෙක් විට නොයෙක් අන්දමේ කථා බස් කෙළෙමි. ඇගේ මිත්ර වූ ජෑන්ස් නමැති ළංසියෙක් සිටියි. ඔහු සතියකට දෙවරක් හෝ වරක් පැමිණ ග්රේමසා සමඟ නුවරඑළි හෝ බණ්ඩාරවෙල යයි. ඈට ඒ යාම බලවත් ගෞරවයකි. ඉතින් මේ ග්රේයස් මෙන් ඉගෙන් ගත්තේකන්යාක මඩමකත් තවත් ලොකු බොඩිං කොලීජියකත්ය. ග්රේස් මෙන් ඉගෙන ගත් තරුණියන්ගේ කල්පනාව මනුෂ්ය්යාට උවමනා සැප සහසු ඒ ඒ කාලවලදී නොලැබේ නම් එය බලවත් අයුත්තක් බවයි. ස්වේතවරණ වූ වල් සෙක්රනතාරිස් කෙනෙක් සමඟ සමාගම් කොට දේව වරප්රවසාදයක් ලබාගත් කොළඹ ධනවත් මිනිහෙකුගේ දුවඳ වික්ටෝරියා පාක් ආදී පිට්ටනිවල ද්රොවිඩ වෛද්යඹ ශිෂ්යෙයකු සමඟ ඇවිදිමින් සිටි යුරෝපයට ගොස් සුවපත්ව ආ දොස්තර තැනගේ දුවද ග්රෙයස්ගේ එකම ක්ලැසියේ එකම කොලීජියේ ශිෂ්ය යත් බවත් කීවාය. ඉතින් ග්රේැස් “ ලජ්ජා භය” දෙක ඇති ස්ත්රියන්ට වඩා “වනචර ගෑණු” නැති බව කියන පුදුම ස්ත්රි යකි. මාගේ ගුණ ධර්මාදිය මතක නැතිකොට තමා සමඟ කථා නොකළ දෙයක් ඇත්තේම නැත. ඈ සමඟ සමහර දිනවල එළිවනතුරා වාද කළෙමි. ඇත්තෙන්ම ඒ සියල්ලම මට මතක නැතත් මතක තිබෙන තරම වත් කියතොත් දවස් තුන හතරක් නැතුව බැරිය. මේ අන්දමට දෙමාසයක් පමණ ග්රේ ස්ගේ ආශ්රදයෙන් ඉඳ “ දැන අපේ උගත් ශිෂ්ටාචාර ගෑනුන්ගේ” හැටි හොඳින්ම දැන ගතිමි. ඉතින් වික්රගමපාල මහත්මයෝ. ටික කලක් පේරාදෙනියේ සිටින විට අපේ

පියදාස සිරිසේන නවකථා එකතුව 223

මාමාගේ පුතා කෙරෙහි මගේ සිත වසඟ කරවා ගන්ට ‍නො හැකි වූයෙන් මා “ගහලයෙකුට” පාවා දුන්නේය. ඇත්තෙන්ම මම කිසි විරුද්ධ කමක් නොපා පහල මිනිහාත් සමඟ ඔහුගේ ගෙදරට හාරීස්පත්තුවට ගියෙමි. එසේ කලේ මේ අධමයන්ගෙන් ඉවත්වීමට එය ඉඩක් බව දැනුනු හෙයින්ය. ගහල මනුෂ්ය යා මට පත්තිනි දෙවියන්ට මෙන් භය පක්ෂිව මා කරත්තයකින් එක්ක ගොස් ඔහුගේ මව් ආදී ස්ත්රිින්ට මා භාර කොට මගේ දෙපතුළ ළඟ වැටී මා සමානකරගෙන “කුමාරි හාමින්නාන්සේට කැමැති උපකාරයක් කරන්නෙමි. කොතැනට කාට භාරකරන්ටදැ”යි මගෙන් ඇසුයේය. ඇත්තෙන්ම කිසිම ඉගෙනීමක් නැතත් මනුෂ්යන තිරිසනුන්ට සමාන සමාන නමුත් වල් යුරෝපීය ශිෂාටාචාරයට පත් ගේ වලට වඩා මේ පහත් මිනිසුන්ගේ ගේවල ප්රචශංසනීය චාරිත්ර පවතිත්. මම ගහල ගෙදර පස් දිනක් පමණ සිට එහිදී සම්මුඛවූ ජෑන්ස් නමැති ලංසි නෝනා කෙනෙක් සමඟ ඔවුන්ගේ ගෙදරට වත්තේගමට ගියෙමි. ඒ ගෙදර අපේ ඇත‍ැම් වලව්වලට වඩා හොඳයයි කිවාට වරදක් නැත. නමුත් ජෑන්ස් මහතා නිතරම මත්පන් බොන්නෙක් නිසා කරදර පැවැත්තේය. ඒ කොයි හැටි වුනත් ජෑන්ස් නොනාගේ ළමයෙකු බලා ගනිමින් එහි සිටින විට අඹුකරුවන් ඉන්නා එක්තරා කොන්දොස්තර කෙනෙකුට මාත් “අඹු” කර ගන්ට සිතී බලවත් කලවල ඇතිකරපි. ඒ මනුෂ්යාා අවිවාහක සල්ලාලයෙක් මෙන් මා පස්සේ ඇවිදින නමුත් මටත් වැඩි වයස් ගත දූදරුවන් ඉන්නා කෙනෙකි. මිනිහෙක් තමාගේ තත්වය, වයස පවුල ආදිය නොතකා ක්රිනයා කරන්නේ භය ලජ්ජා භය දෙක නැති නිසාමය. ලෝකයා ආරක්ෂා වන ලෝකපාල ධර්මය ලජ්ජා දෙක බව අපට ප්රසත්ය.ක්ෂ කර ගැනීමට නම් කොන්දොස්තරම හොඳ සාක්ෂියක් විය. ඉතින් මේ කාලකණ්ණ්යාගේ කරදරය නිසා වත්තේගමත් ඉන්ට ‍ඉඩක් නැතුව සිටින විට එතනම ඩන්නා මර්තිනාහාමි නම් මහලු ආයා වට බොහෝ කරුණාව පෙන්නූ කෙනෙක් නිසාත් ඇගේ ගෙදර කොළඹ බවත් ඈට ඉන්නේ එකම දියණියත් නිසා මම එහි එතොත් මට මැහුම් ගෙතුම් ආදිය හොඳින් පිළිවන් බැවින් සුවසේ ජීවත් වෙන්ට පිළිවක් බවත් කියා මාත් සමඟ ආවාය. කොළඹ එන්ට අවුත් පොල්ගහවෙලදී දුම්රිය පලෙන් බැස මාත් සමඟ පොල්වත්තක බංගලාවකට ගියාය. මෙය උඩරට මහතෙකුට අයිති වත්තකි. ඒ බංගලාවේ තවත් ලමිස්සියන් දෙතුන් දෙනෙක් ඉන්නා බව පෙණුනේය. නමුත් එවේලාවට එහි අධිපති තැනැත්තා නො සිටියේය. ඉතින් අප්පේ මම මර උගුලක අසුවන බව

224 වලව්වක පලහිලව්ව

දැන ගතිමි. මේ වත්තේ බණ්ඩාරගෙන් අත්ලස් රැගෙන මා මෙ තැනට ගෙන ආ බව තේරුම් ගියේය. අපේ පිටිසර ගම් වලට නාකි ‍වල් ගෑණු ගොහින් දුප්පති ගෙදරවල ඉන්නා අහිංසක තරුණියන්ට හොඳ රැකිරක්ෂා අරගෙන දෙන්ටය කියා එක්කරගෙන අවුත් වල් ස්ත්රී න්ගේ සමාගම් වල‍ටත් යොනකාදීන්ගේ ගේවලටත් දාස මෙහෙයට පමුනුවති. මේ නිසා කෙතරම් අසරණ දෙමව්පියෝ වත් කොළඹ ආදී එළිමයන්වල රැකී රක්ෂා ආදියත් පිණිස ගෑණු දරුවන් නො යෑවීමට තරයේ සිතට ගත යුත්තාහුය. ඉතින් මර්තිනාහාමි මා වත්තේ බංගලාවේ නවත්වා ටික වේලාවක් ඉන්නා විට බණ්ඩාර මහතා ආවේය. ඇත්තෙන්ම වැදගත් කෙනෙක් යයි පෙනීමෙන් කිය හැකි මේ තැනැත්තා දුටු විට මගේ සිත සතුටු විය. මක්නිසාද මගේ දුක්ගැනවිල්ල කියා ඔහුගෙන් සැනසිල්ලක් ලබා ගන්න පුළුවන්වේය යන කල්පනාවෙනි. නමුත් මොහු ම‍ලබගේ ආරංචිය අසා පවුම් සියයක් පමණ වියදම් කර මා ගෙන්ව ගෙන තිබෙන්නේ මා කසාද බැඳ මගේ බූදලය අත්කර ගැනීමට බව එදාම දැනගතිමි. සිය ගණන් තරුණියන් දූෂිත කරමින් දිනකට විස්කි ‍බෝතලයක් දෙකක් බොමින් දිනයට කුකුළන් හත් අට දෙනෙක් මරමින් නියම රාක්ෂ වේසයෙන් කල්ගත කරන මොහුට යාළුවන්ද කොළවරක් නැත. මොහුගේ භාර්යාකමට තබාගෙන වුන් තරුණියගේ මාර්ගයෙන් මගේ සිත ඔහු කෙරෙහි බඳවා ගන්ට වීර්ය කළා මිස මිස මුල් කාලයේදී මට කිසිම බලාත්කාරකමක් නො කළේය. ඉතින් එතන විසි දිනක් පමණ ඉන්නා විට ඔහු බලන්ට එන “අධම” යහළුවන්ට දෙතුන් දෙනෙක්ද මා පිළිබඳ සිත් ඇති කළෝය. අයෝ අපේ රටේ හැටි! දැන් කෙරෙන ඉගැන්වීමක කැත.

“මාතෘවත් පරදාරෙෂු, පරදාව්යෙ ෂු ලොෂ්ට්රවවත්”

අන්යම ස්ත්රිඅන් ස්වකීය මව ලෙසත්, අන්ය‍යන්ගේ දේ කැට කැබලිති ලෙසත් සැලකිය යුතු බව උගන්වන කාලේ නම් සිංහල යන්ට මේ නපුරු කල්පනා නො තිබුනේය. නමුත් දැන් සදාචාරය උගන්වන පොත් මුල්ලක දමා ලොක “ශිෂ්ටාචාරයක්” උගන්වන්ට වු බැවින් ස්ත්රී කාගේ වුවත් අඹු කරගැනීමට කල්පනාවත්, වස්ැතුව කාගේ වුවත් එය තමා සන්තක කර ගැනීමාදියත් සතුටු වෙති. හික්මීම සඳහා අවවාද වශයෙන් උගන්වා තිබෙන ධර්ම කිසිවක් නොදත්, පුරුදු නො කළ අපේ ර‍ටේ මිනිසුන් ගෙන් වැඩිදෙනා රූප සම්පන්න ස්ත්‍රියක් දුටුවොත් ඈ හා ලෝකස්වාදරතියට මිස අන් කිසිම යුතුකමක් ධර්මතාවයක් කල්පනා නො කරති. මේ බණ්ඩාරගේ මිත්රමයන්ගෙන් කෙනෙක් වූ සම‍රනායකට මා අවශ්යේයෙන්ම හිතට අල්ලා නිතරම යන්ට එන්ට පටන් ගත්තේය. මේ එන යන

පියදාස සිරිසේන නවකථා එකතුව 225

අතරේදී බීමත්වූ බණ්ඩාරගෙන්ම මගේ තොරතුරු හා ධන සම්පත් අසා මා කොහොම නමුත් විවාහ කර ගැනීමට සමරනායක කල්පනා කොට බණ්ඩාරට උගුලත් අඳින්ට පටන් ගත්තේය. බණ්ඩාරට හොඳටම පොවා නොට්ටුවකට අත්සන් ගෙන පවුම් දෙදාහකට පමණ ණය කරවා ඒ ණයට හෙට්ටින් ලවා නඩු කියවා බණ්ඩාරගේ ඉඩමත් විකුණන්ඩ සලස්වන ලදී. නමුත් බීම නිසා මිත්ර්ව ඉන්නා බණ්ඩාරට ඒ කිසිවක් නොතේරුණ බැවින් මා එතනිනි සැඟවී එන තුරාත් තමාගේ මිත්රා සමරනායක විසින් ප්රඑයෝගයෙන් බණ්ඩාර රවාට මා කසාද බඳින්ට දඟලන බව දැන නොගත්තේය. බණ්ඩාර ටිකෙන් ටික මට බලහත්කාරකම් කරන්ට පටන් ගත් බැවින් ඉඳීම නුවණට හුරු නැති බැවින් මගේ නියම ඇඳුම ඉවත් කොට වර්තමාන කාලේ ආයා කෙනෙක් මෙන් සැරසී හොරෙන්ම අ‍ෙඹ්පුස්සේ දුම්රියපලට අවුත් එතනදී දුම්රියේ නැගී කොළඹට යන්ට ගියෙමි. මගේ අහේතුවට මා නැග්ගේ දෙවෙනි පංක්තියේය. එහි වලව්වේ මහත්මයෙක් සිට ඔවුන්ගේ වලව්වට මා කැඳවා ගෙන ගියේය. ඒ “ ලොත්” වලව්ව බව නැවත දැනගතිමි. මා එතනට පැමිණියාට පසු බන්ඩාරට කොයි ක්රතමයකින්දෝ ආරංචි වී මා පස්සේ අවුත් ඒ වලව්වේ හාමු කෙනෙකුගේ ඒ හාමුගේ බෑනා කෙනෙකුත් සමඟ දබර කර ගත්තේය. ඒ කෝලහලයෙන් එක්කෙනෙකුගේ ඔළුම පැළුනේය. ඒ වලව්ව හරියට “ පුරාණ ‍කාලේ පැවතුනා යයි කියන වැල්ලේ වීදියේ, වල් ගේකට සමානය. එහි නෝනා හාමුලා දෙන්නෙක් සිටිති. ඔවුන්ගේ චරිත වික්රකමපාල මහතා වැනි කෙනෙක් සමඟ කොයි විදියකින්වත් කිය නොහැකිය. ඉතින් ඒ ස්ථානය නරාවලක් මෙන් පිළිකුල්ව කුමක් කරම්දෝහෝයි සිත සිතා ඉන්නා විට එතනට සම්මාදමේ ආ උපාසක අම්මා කෙනෙක් සම්මුඛව කතා කළෙමි. ඇත්තෙන්ම එතනදී කළ ‍කථා බස් වලින් ඒ උපාසක අම්මා අධිගමයකට නො පැමිණි කෙනෙකැයි කිව නොහැකි තරම්ය. මගේ දෙමව්පියන්ගේ බූලයලයත් මගේ මහත්මයාගේ ධනයත් ඇති බැවින් මේ තැනැත්තියටත් ආධාර කරන අදහසින් මගේ මහත්මයා සොයා ගන්නා තුරු ආරක්ෂාවී ඉදීමට මේ උපාසක අම්මා සමඟ වත් යමියි. කල්පනා කොට ඒ තැනැත්ති සතුටු නිසා ඇගේ ගෙදරට ගියෙමි. ඒ තැනැත්ති කොටහේනේ කුඩා ගෙයක් කුලියට ගෙන තවත් කීප දෙනෙකු සමඟ නැවතී සිටියි. මේ තැනැත්තාගෙන් කිසිම කෙනෙක් තුළ ශ්රදද්ධා මාත්රටයක් නැත. උපාසක කම් කරන්නේ රක්ෂාවක් වශයෙනි. තැන් තැන් වලින් සම්මාදම් කරගෙන අවුත් කා බී කාලය ගත කරති. කරන්වාවූ දුශ්චරිත කෙළවරක් නැත. මෙතනට එන දේශනා කරියක්ද

226 වලව්වක පලහිලව්ව

සිටියාය. ඇගේ දුශ්චරිත ඇසුවොත් අපේ ආගමට මුවාවී මෙබඳු විළි බිය නැති අධම ස්ත්රීචන් සිටින හැටියට පුදුම නොවිය නොහැක. දේශනා කරන කොට නම් ත්රිඅපිටකය දිව අග ලෙලදෙන කෙනෙකුට සමානය. ඇගේ චරිතය මෘග ධේනුවකට වඩා අධමය. නියම පුරුෂයෙක් නැතිව දරුවෙක් වදාගෙනත් ලැජ්ජා නැතිව එය බොරු කරන්ට කටහැකර කම් පෑ ඒ නීච ස්ත්රිතය ආශ්ර ය කරන මේ උපාසක අම්මලා සමඟ විසුවොත් ම‍ටත් විය හැක්කේ මහත් අන්තරාය යයි සිතමින් සිටින විට මේ උපාසකම්මා කෙනෙකුගේ උපක්ර්මයෙන් මා අන්තරා කිරීමට ධනවත් මිනිහෙක් සැරසුනේය. මේ අය ලංසි දෙමළ මිශ්රම සිත්රිකයක් කසාද බැඳ ගෙන පළමුවෙනි පංක්තියේ තබා අන්තිම පංක්තියේ වත් සිංහල මිනිස්සු ඒ තරුණියන් කසාද නොබඳිති. අවුරුදු තිහ තරම් වයසැති දූවරු ඉන්නා මේ අධම මිනිහා උපාසක වේසයෙන් ඉන්න සෙරට රුපියල් දහයක් දී ඔහුගේ ගෙදරට මා ගෙන්වා ගත්තේය. කිසිම පිළිසරණ නැති මා එතනට ගියේ හැටියේ මේ මනුෂ්ය යා මගේ හිතට නුරුස්සන ලෙස කථා බස් කරන්නට‍ පටන් ගත්තේය. එතනට ගිය දෙවෙනි දවසේ ඔහුගේ භාය්ය්ි වත් සමග මම කථා කළෙමි. හොඳ නරක දැනීමක් නැතත් කරුණාවන්ත ගතියෙන් යුත් ඒ ස්ත්රීග සමඟ කතාකරද්දී ඔවුන්ගේ ධනවත් ගේවල මට හොඳින් අවබෝධ විය. මිනිහාගේ අමන ගති කියන ඒ නෝනා මෙසේ කියන්ට වූවාය. “ආයා උඹට මේ ස්ථානය සුදුසු තැනත් නොවේ. අපේ මහත්මයා තරම් අධම මිනිහෙක් මම නොදනිමි. මෙතනට වැඩකාර කමට ආ අසරණ ගෑණු ළමයින්ට මොහු කළ අපරාධ දැන් එහුගේ දූලාටම පළදී තිබේ. නමුත් කසාද බදින්ට කතාකලාට කිසිවෙක් සතුටු නොවේ. ඉහාත්මයේදීම අනුන්ගේ අසරන දරුවන්ට අයුතුකම් කළ අයගේ කරුවන්ට පවා ඒවායේ විපාක පලදෙති. දැන් අවුරුදු පනස් පහක් පමණ වෙලත් මේ අධමයා කරන නීච ක්රිගයා මෙපමණයයි කියන්ට බැරිය” යි ඒ නෝනා මා සමඟ කීවාය. ඇත්තෙන් එතනින් කොයිබ යමිදැයි සිතමින් සිටින විට මා කලින් කී වත්තේ සිටි සමරනායක මා සොයන්නට පටන්ගෙන අර දුෂ්ට උපාසිකාවගේ මාරගයෙන් මා ඔහුට අසුවිය. සමරනායක මෝ‍ටෝකාර් එකක් කුලියට රැගෙන එහි උපාසකම්මා නංවා මාත් සමඟ එන්ට සලස්වල ලදී. උපාසකම්මා මොටො කාර් එකෙන් අවුත් මට කතාකොට “එන්ට ළමයෝ ඉතාමත් හොඳ ස්ථානයක මම නවත්වන්නෙමි. මම මේ ළමයාගේ

පියදාස සිරිසේන නවකථා එකතුව 227

තොරතුරු කී හැටියේ එතන වලව්වේ මහතා එකක් එන්ට යයි මේ මොටෝ රථය එවන ලදිය”යි කීවිට මා එය විස්වාස කොට එයි නැඟ යන අතර මඟදී උපාසකම්මා රථයෙන් බැස්සාය. සමරනායක එහි නැං‍ඟේය. ඉතින් කුමක් කරමිදැයි සිතමින් ඔහු යන තැනකට යන්නෙමියි නිශ්චලය සිටියෙමි. සමරනායක මාත් සමඟ කැළණිය පැත්තේ ගෙදරකට ගියේය. ඒ ඔහුගේ සහෝදරියකගේ ගෙදරක්ය. එහි සිටින විට තෙබුවන වත්තේ සිල්වා යම්කිසි කටයුත්තක් නිසා ඔහු සම්භවෙන්ට අවුත් මා දුටු හැටියේ මිත්‍න යාගෙන් මා කොල්ලකා ගන්නා පිණිස තමාතේ වත්තේ බංගලාවට එක්ක ගියේය. ඒ වත්තේ සිට ඊට පසු මොරවක් කො‍රලේ වත්තකත් සිටියෙමි. මේ අතර මට සම්භ වූ ස්ත්රීසන් හා වලව්වලත් තොරතුරු මතු දවසක කියන්නෙමි. වික්ර මපාල මහතා තෙබුවන වත්තේදීත් මොරවක් කො‍රලේ වත්තේදීත් සිද්ධවූ තොරතුරු දන්නා බැවින් වැඩිදුර නොකියමි. නමුත් ඒ ආගිය තැන්වල විස්තර මගේ වයසේ ස්ත්රිැයක් සමඟම මිස අන්යත කිසිවෙකු සමඟ කිය කොහැකිය කීවාය.

වේලාව රාත්රීය එකොළහට පමණ වූ බැවින් මම, මගේ නවාතැන් පලට අවුත් උදේම බදුල්ලට යන පිණිස උවමනා සියළුම කලමනා ලෑස්තිකර ගතිමි. දැඩි කමින්වත් මේ විඩේ නවරත්න බණ්ඩාර ‍සොයා ගෙන මිස කොළඹට නොඑමි යි අධිෂ්ටාන කරගෙන උදේ හතරහමාරට පිටත්වන දුම්රියෙන් ගමන් ගතිමි.

22. පරිච්ඡේදය

දුම්රියේ පළමුවෙන් දෙවෙනි පංකිතිවල යාමෙන් විවේකයත් පහසුවත් ලැබෙනු ‍හැබෑය. නමුත් පුදුම කථාබස් අසන්ටත් පුදුම මිනිසුන් දකින්ටත් ලැබෙන්නේ “තැන්වෙනි පංක්තියේ ගමන් කරනවිටය. මේ නිසා ම මගේ පෙට්ටියත් තබාගෙන තුන්වෙනි පංක්තියේම මාත් නැංගෙමි. මා නැගුණු කාමරයේ දහතුන් දෙනෙක් උන්හ. නියම ගණකට වඩා එකෙක් වැඩි නමුත් අමාරුවෙන් දහතුන් දෙනාම වාඩිවී සිටියෝය. මේ පිරිසේ බවලත්තු දෙන්නෙක් ද වූහ. එක් තැනැත්තියක් වයස්ගත කාරණා කාරණා දත් කෙනෙක් බව පෙනුනේය. “අමාරුවේදී කවුරුත් පිරිමසාගන්ට ඕනෑ. මුදල් දීලාවත් අපට නිවාඩු පාඩුවේ යන්ට නැතැ”යි ඒ තැනැත්තී කීවාය. ඉතින් මමද ඈත් සමඟ කථාවට බැස “මොකද අම්මේ අපට ‍එහෙම අඩුපාඩු ඇතුව යන්ට නොලැබී තිබෙන්නේ කාගේ වරදින්ය කියාත හිතුවාදැ”යි ඇසීමි. එවිට

228 වලව්වක පලහිලව්ව

ඒ ඇත්තී “අනේ මහත්මයෝ මට ඒ ගැන කියන්ට තේරෙන්නේ නැත. නමුත් මගේ කල්පනාවේ හැටියට අපේ ‍රටේ ඉන්නා ප්ර්ධාන මිනිසුන්ගේ වරද නිසාය” යි ඒ ඇත්තී කීය. ඇත්තෙන්ම නූගත් මහලු මව්වරුන්ටත් අපේ රටේ ප්රාධානීන් ගේ වැරදි තේරුම් ගොස් තිබෙන බව හැඟුනොත් තවත් මේ ඇත්තියගේ දැනීම විමසමියි සිතා “ ඉතින් අම්මේ අපේ ප්රොධානින් යයි අම්මා හිතා ගෙන ඉන්නේ කැටදැයි ඇසීමි. කථාවට දක්ෂ ඒ අම්මණ්ඩි “ අපේ ලොක්කොයි කියා දැන් හිතාගෙන ඉන්නේ සල්ලිපණම් ඇති නිලතල කරන අයටයි. ඉතින් ඔවුන් අසරන අපට යම්කිනි සැනසිල්ලක් ලාභයක් ප්රයයෝජනයක් තිබෙන බව දුටුවොත් ඒවාත් නැති කරන්ට මර උඟුල් අඳිනවා මිස කවදාවත් අපේ අමාරුවක් දුකක් බලන්නේවත් නැත. අපේ ගමේ බොහොම මුදල් තිබෙන මිනිහෙක් ඉන්නවා. පසුගිය දවස්වල හාල් අමාරුවේදී ගමට කළ උපකාරය නම් ඇගිටිත් බොලුත් මිශ්රප කරපු වී බුසල් රුපියල් දොළහ ගණනේ දීලා ගම්වාසීන්ට තමාගේ වී ලාබේට දුන්නාය කියා පත්රොයේ ප්රගසිද්ධ කර ගැනීම පමණකි. ඉතින් ඔහුගේ පුතා අපේ ගමේ කලින් නොතිබුනු රා තැබෑරුමක් ඒජන්ත සමඟ කතාකර දැන් ගම මැද්දේ පිහිටුවා තිබේ. ඔවුන්ගේ අඹුදරු ආදීන්ගේ සැප පහසුවට ගමේ ඉන්නා අනිත් උදවිය දස මෙහෙකරනවා මිස ගමේ මිනිහෙකු ගේ දියුණුවක් ගැන වචන මාත්රියක්වත් වියදම් නොකරති. ඉතින් මෙබඳු මිනිසුන් අනිත් පළාත් වලත් සිටිති. මේ ධනවත් මිනිසුන් රේල්ලෙන් යන විට පළමුවෙනි දෙවෙනි පංක්තිවල ගමන් කරන බැවිනුත් රේල්ලේ වැඩකාරාදීහු ඔවුන්ට බොහෝ ගෞරව සත්කාර කරන හෙයිනුත් අප වැනි දුප්පත් මිනිසුන්ට දුම්රියේ මීටත් වඩා හිරිහැට කරදර කර‍තොත් ඔව්හු සතුටුය. මක්නිසාද? තමන් මිස අන්‍ය කිසිවෙක් සැපක් පහසුවක් විඳීම අපරාධයක් ලෙස ඔවුන් සලකන බැවිනි. යමක් කළ හැකි මිනිසුන් රට වාසීන්ට ඇති අමාරුව ආණ්ඩුවට දැනුම් නොදෙන සිනා එදා වේල පිරිමසාගන්ට බැරි අප වැනි මිනිස්සු කොතරම් අපහසුකම් පැමිණියත් ඒ විඳ දරාගෙන නිසොල්මනේ නොසිට වෙන කුමක් කරන්ටදැ”යි මේ මහලු අම්මා කියනකොට මට ප්රීඅතියක් ඇතිව, අපේ ස්ත්රීැන්ටත් රටට පැමිණ තිබෙන හානිය මේ ආකාර අවබෝධවීම සුභ ලකුණකි. රට වාසීන් වෙනුවෙන් වැඩ කළ යුතු ධනවත් ප්රුධා‍නීහු මහජනයා පෙළ පෙ‍ළා සැප පහසු විදීම අයුත්තක් බව මුළු රටවාසීන්ම තේරුම් ගත් දාට අත්මාර්ථකාමී අධමයන්ට සුවසේ විසිය නො හැකේ. මහාජන මතය, මහාජන බලය. පැතිර ගොස් ඒ ශක්ති සම්පන්න නව දින ඉතා ඈත නොවේයයි සිතමින් ඒ

පියදාස සිරිසේන නවකථා එකතුව 229

අම්මණ්ඩිගේ අදහසට ස්තූති කෙළෙමි. ඒ අම්මණ්ඩි ගණේමුල්ලෙන් බැස ගිය බැවින් මා සිටිනා කාමරය හිස් එකක් වැනිවිය. එතැන් පිට කථා කිරීමට සුදුස්සෙක් නැති බැවින් පොතක් රැගෙන බලන්ට පටන් ගතිමි. දුම්රියේ ගමන් කරන විට ප්ර්යෝජනවත් කතාවක් කරමින් යාමට සුදුසු කෙනෙක් නො ලැබුණොත් පොතක් හෝ පත්ර්යක් කියවීම ඉතාමත් හොඳය. හිත නිකම්ම පවතින්ට ඉඩ දුන් විට බොහෝ පව් සිදුවන නපුරු සිතිවිල් ඇතිවීම නියතය. ඒ හෙයින් කොයි වේලෙත් හොඳ කෙයක් කිරීමටත් කීමටත් එසේත් ඉඩ නැති නම් හොඳ දෙයක් සිතීමටවත් පුරුදු කරගත යුතුයි. එදා රාත්රීඳ මම බණ්ඩාරවෙලට පැමිණ රාත්රීර හෝටගයේ ගතකොට පසු දින උදේ මොටෝ රථයකින් බදුල්ලට පැමිණියෙමි. ම‍ලගේ මිත්ර වෙළඳ මහතා මා නැවතත් පැමිණීම ගැන පුදුමව මා ඉතා වැදගත් කාරණයක් පිළිබඳ පරීක්ෂාවේ යෙදී සිටිනවා නොවේදැයි අසා මා පිළිගෙන මට සංග්රපහ කළේය. ඔහුට ප්රයථම ගමනේදීත් ස්වල්ප වහයෙන් මා පරීක්ෂා කරැණ කී නමුත් මේ විඩේදී විස්තර නොකොට මා යන්ට ප්ර‍ථම මා පරීක්ෂා කරනුයේ කුමක් කැයි කිය බවට පොරොන්දුවීමි. එදා ඉරිදා දවසකි. එහල පහල වතුවල දෙමළ කුලීකාර ජනයාත් ගම්බද මිනිස්සුත් බොහෝ සෙයින්ම නගරයට පැමිණෙන්නේ ඉරිදාවය. වෙළදුන්ටත් වඩා රා අරක්කු විකුණන අයට මේ දවස ප්රනයෝජනවත්ය. මට ගමන් විඩාවක් තිබුනු බැවින් ඉරිදා කිසිවක් කල්පනා ‍නොකොට නිදාගතිමි. පසුදින උදේ රෙද්දකුත් කොට එකකුත් ඇඳගෙන නගරයෙන් පිට ටිකක් දුර යන්ට සිතා ගමන් ‍කලෙමි. ඔය පසුකොට ටිකක් දුර යන විට අවුරුදු හතළිහක් පමණ වයසැති ගමේ මිනිහෙක් ඉතා කණගාටුවෙන් ඉවසිය නොහැකි කේන්තියෙන් මා ඉදිරියෙන් එන බව පෙනී “ මොකද ආයුබෝවන්ඩ අඬමින්වාගේ යන්කේ ‍හදිසියක් දැ”යි නිකමට පාහේ ඇස‍ුවෙමි. එවිට ඒ මනුෂ්යයයා එකපාරටම මා දෙස බලා “මහත්මයා පොලිසියේදැ” යි ඇසිය. සමහර පළාත්වල ඉසනෙක් කොටකර කපා රෙද්දතා කෝට් එකත් හැඳ තොප්පි හා මේස් සපත්තු නැතිව ඉන්නා අය පොලිස්කාරයන් හැටියට සලකන බව මට මතක්වී මේ අය එසේ රැවටුණු කෙනෙක් වෙන්ට ඇත සිතා “ ඔව් මම පොලිසි‍යේ කෙනෙකි. මොකද මේ අමාරුවෙන් යන්නේ, කියා තව වරක් ඇසීමි. “අනේ මහත්මයෝ මම “අඩුජාතික” මිනිහෙක්මි. මට ස්වල්ප වශයෙන් කුඹුරුත් ඉඩමුත් තිබෙනවා. ඉතින් අපේ ගමේ ‘නිලබේ හාමුදුරුවෝත්’ අන්ත් මුලාදැනිත් මා නැති කරන්ට හදනවා. දැන් ‍නම් ඔවුන්ගේ මර උගුල්

230 වලව්වක පලහිලව්ව

වලින් මගේ දේපල ඉවරවෙන්ට ගියා. ඊයේ රෑ අපි නිදාගන්ටත් ඉස්සරින් අපේ කරත්තේ බඳිනා ලොකු ගොනා ගොස් මරාගෙන කෑවා. ගොනා අරන් ගිය මිනිසුන් ඇසින්ම දැකලා අපේ ගමේ මුළාදෑනියාට පැමිණිල් කළාම මගේ බොරු පැමිණිල්ලකැයි මා එලවා ගත්තාය. ඊට පසු ආරච්චි නිලමේ ළඟට රුපියල් දෙකකුත් රැගෙන ගොස් දීලා මේ අපරාධය කීවාම ඔහු සිනාසී රුපියල් දෙක අරගෙන “පලයන් බණ්ඩියෝ, අර ජමාල් මරාපු ගොනා ගැනද ඔය කියන්නේ එයින් මටත් මස් ටිකක් ගෙනත් දුන්නා. ඉතින් ඔවුන් ගෙනා මසුත් කාලා නඩු මඟට බසින්ට ඉඩදෙන්නේ කොහොමඳ? උඹට තව ගොන්නු ඉන්නවා නොවැ” යි කියා මා එලවා ගත්තේය. ඇත්තෙන්ම මේ පසුගිය මාස 3ට ගොන්නු හදෙනෙක්ම දවල්ම වාගේ මරාගෙන කෑවා. අපේ ග‍මේ අනිත් දුරුවල මිනිසුන්ලේ කරකුත් ඔයාකාරම මරාගෙන කති. මස් වලින් කොටසක් සමහර මුලාදානින්ටත් යන බැවින් නඩුවක් කියන්ට රපෝර්තුවක් වක් දෙන්නේ නැත. දරුවෙක් ‍‍්වාගේ ඇතිකළ මේ ගොණා මේ විඩේ ම‍රා කෑ බැවින් මගේ හිතට ඉතාමත් අමාරු වී ආරච්චි නිලමේලාගේ ගෙදරින් කොරළේ හාමුදුරුවන් ළඟටත් ගියෙමි. අනේ ආයුබෝවන්ඩ ඒ ගියේ නිකම් නොව රුපියල් පහකුත් අරගෙනයි. කොරළේ හාමුදුරුවෝ උදේම රා කෝප්පයක් බී ඉවරවුන හැටියේමය. මම රුපියල් පහ දී වැඳලා කාරණය කිව්වා “පල බණ්ඩියා කරකෙක් මරා කෑවාට මොන නඩුද? තොට තව හරක් ඉන්නවා යන්ට පල” කියා එලවා ගත්තේය. ඔය සියල්ලම සිද්ධ වූයේ ඊයේ උදේය. ඉතින් මම පොලිසියට ඇවිත් කාරණය කීවාම රුපියලක් දෙනතුරා එය අහන්න‍ට වත් බැරියයි එන හිටි මහත්මයා කියාපි. ඉතින් මා අතේ තිබුනු ‍රුපියල දිලා කාරණය කීවා. අද රුපියල් දහයකුත් රැගෙන පැමිණිල්ල ලියා ගන්ට එන්ට යයි මම කි බැවින් මම රුපියල් දහයකුත් සොයාගෙන මේ තකහනියේ යන ගමනයි. ඉතින් මහත්මයාත් පොලීසිවේ නම් පින් ‍තකා මට මේ පැමිණිල්ලට රෙපෝර්තුවක් ලබා දුන මැනවැ” යි කීහ. ඇත්තෙන්ම අපේ රටේ ස්වභාව මනුෂ්යණ ගතියට කොතරම් විපක්ෂුද? අසරණයෙකුගේ ගොනා මරා කෑ බව සාක්ෂි සහිතව මුලාදෑනින් ඉදිරියේ කියා සිටලත් ඒ අසරණයාගේන් තුන් පලක දී රුපියල් අටකුත් අරගෙනත් කිසිම නීතියක් ඉෂ්ට නොකළා නම් රට කොහොම පවතීද? රට වැසියා කෙසේ ඉන්නටදැයි කල්පනාවී මේ මුලාදෑනින්ගෙන් එකෙකුටෙ හෝ දෙන්නෙකුට වත් කදිම පාඩමක් උගන්වන්ට සිත්විය. ඒ අසරණ මනුෂ්යකයාගේ නම බණ්ඩියා බව දැනගත් බැවින් මම ඒ මිනිහිට

පියදාස සිරිසේන නවකථා එකතුව 231

කථා කොට “ බණ්ඩියෝ උඹට හරක් හොරකම ඔප්පු කරන්ට පුළුවන් නම් හොරුන් හොඳ හැටි අඳුනනවා නම් අවමනා කරන රපෝර්තුව මම ලබා දෙන්නෙමි. වරෙන් මාත් සමඟ ගමේ මුළාදෑනියාගේ ගෙදරට යන්ට” කියා ඔහුත් කැටුව මුලාදෑනි ගෙදර යන්ට පිටත්වී හැතැප්ම බාගයක් පමන දුර යන කොට මුලාදෑනියත් කෝරලේ මහත්මයාත් තවත් මිනිසුසු පස් දෙනෙකුත් යන හත් දෙනෙක් එන බව පෙනුනේය. බණ්ඩියා ඔවුන් දැක වෙව්ලන්ට පටන් ගත්තේය. ඈත එන ඒ පිරිස සැක වෙව්ලන බණ්ඩියාගෙන් මොකද බණ්ඩියෝ උඹ භයවුනේ ඇයි ඔය එන්නේ කවුදැයි ඇසුවෙමි. “අනේ මහත්මයෝ මම උසාවියන්ට ඇත සිතා කෝරළේ හාමුදුරුවොත් නිලමෙත් තවත් චණ්ඩි පස් දෙනෙකුත් මට තලන්ටදො එනවා. දැන් ඉතින් මා කම්මුතය‍” යි ‍මේ අසරණයා අඬන්ට පටන් ගත්තේය. මම ඔහුට‍ තරවටු කොට මනුස්සයෝ මිනිස් නමට නිග්රනහ කරන්ට එපා. දැන් මේ රටේ පවතින්නේ ඉංග්රීනසි ආණ්ඩුවයි. මිනිසුන්ට තබා තිරිසනුන්ටත් නිවැරැද්දේ අඩන්තේට්ටමි කිරීම ඉංග්රී සි නීතියට විරුද්ධ වැඩකි. උඹලාට නීතියේ ප්ර්යෝජන නැත්තේ උඹලා එය නොදන්න කමිනුත් ඒ නිතිය අනුව ක්රිඹයා නොකිරීමෙනුත්ය. උඹ භය නැතුව හිටපන්. ඔය හත්දෙනා කවුරුස්දැයි මඑ වෙන් ව‍ශයෙන් කියාපන්නැයි බණ්ඩියාට කීවෙමි. මගේ වචනයට හිත ටිකක් දැඩි කරගත් බණ්ඩියා “ අන්න ‍අර බඩ මහත ඇඟ පුරා මයිල් තිබෙන කොට තරබාරු අය කෝරලේ හාමුදුරුවෝයි, උස්වූ හීන්දෑරි රතු අය ආරච්චි නිලමේය. ජා ලේන්සඅව ඔළුවේ බැඳලා ඉන්නේ ගොනා ගෙනිච්ච මේ පළාතට නොහෙන්දෝ ඇවිත් ඉන්නා චණ්ඩියෙකි. මෙහා අයිනෙන් එන්නේ බදුලු නගර‍යේ ඉන්නා පාතරට දෙන්නෙකි. අනිත් තුන්දෙනා නාරංගල අලුත් ඉඩමක් වවන කණ්ඩියේ මිනිස්සුයි. ඔය සියළුදෙනාම මගේ ගොනාගේ මස් කාපු අයවල් බව පට දිව්රුම් පිට කියන්ට පුළුවන් යයි බණ්ඩියි කීවේය. ජමාල් නමැති ජාවා මේ පිරිසේ ඉන්නා නිසා මේ මගේ ගමනත් බණ්ඩියාට උපකාර කිරීමෙන් මට ඇස් ඉදිරිපිටම විපාක ලැබෙන එකක් බව වැටහී මහත් ප්රී තියෙන් බණ්ඩියාත් සමඟ ඒ පිරිස අප ළඟට එනතුරා පාර අයිනේ නැවතුනෙමි. සියළු දෙනාම අප ළඟට ආහ. කෝරළ බණ්ඩියාට තදින් කථ‍ාකොට “ ආ බොල තොට නිකම් ඉන්ටය කීවාම එසේ නොකොට දුවපැන ඇවිදින්නේ තට මොනවාද උවමනා වෙලා වාගේ බව පෙණෙනවාය” යි කීයේය. එවිට බණ්ඩියා ගැහෙන්ට පටන් ගත්තේය. ‍මම පැත්තකින් ඉඳගෙන “කෝරළේ මහත්මයා හෝ අ‍ාරච්චි මහත්මයා සම්බ වෙන්ටය”යි මාත් යන්නේ කිව්වාම කෝරළේ හමුදුරුවෝය

232 වලව්වක පලහිලව්ව

නොකියා මහත්මයායා කී එකට දෙරණ රත්වෙන්ට කෝපවූ ඒ තැනැත්තා “ මා දෙස රවා තමුසේ කොහේ මිනිහෙක්දැ” යි ඇසුවේය. මම ටිකක් සිනාසී මම ටිකක් සිනාසී “මම වීදියේ වෙළදාම් කරන මිනිහෙකි. මේ අසරණ මිනිහාගේ ගොනා මරා කෑ සොරුන්ට විරුද්ධව නඩු පවරන්ට ඒ ගැන රපෝර්තුවක් ඉල්ලුවාම මුලාදෑනි එලවාගන්නවාය කියා මා සමඟ කී බැවින් ඔහුට ර‍පෝර්තුවක් ඉල්වා දීමට තමුසේලා සම්භවීමට යනවා. කරුණාකර මොහුට ර‍පෝරතුවක් ලියා දෙන්ටය”යි කීවෙමි. මගේ මේ මුරණ්ඩු කථාවට එතන සිටි හත් දෙනාම කිපුනෝය. කෝරළේ මහතා ඇස් දෙකින් ගිනි පුපුරු හෙලමින්” නගරයේ ක‍ඩකාරයක්ට අපේ ගම්වල කෙරන කාරණ විමසන්ට කිසි උවමනාවක් නැත. තමුසේ කීවාටත් රජෝර්තු දෙනවා? තමුසේ තමුසේගේ කාරනා බලාගන්නවා මිස අපේ ගම් වාසීන්ගේ කටයුතු වලට ඇඟිලි ගහන්ට යන්නේ කුමටදැ”යි මට සැරවිය. ඔහු සැරවුනාම මම ඉතාමත් මෘදු ගතියක් දක්වා ඔහුත් සමඟ කථාවට බැස්සෙමි.

මම - අනේ ආයුබොවන්ඩ, අයුත්තක අමාරුවක් සිද්ධවූ මිනිහෙකුට උපකාර කිරීමට රටට ගමක් කුලයක් මලයක් බලන්ඩ යයි කොතැනක වත් කියා නැත. මනුෂ්යියෙකුට තබා තිරිසනෙකුට වුවත් යම් ආපදාවක් පැමිණිවිට තමාගේ ශක්ති තරමින් උපකාර කිරීම මනුෂ්යි ධර්මය වේ. ඉතින් මම මිනිහෙක් නිසා මේ අසරණයාට කළ අයුත්ත ගැන කථා කරන්ට ආවෙමි.

කෝරළ - එහෙම වැඩ කරන්ට පුළුවන් තමුසේලාගේ ගමේ රටේදී මෙහේ එහෙම කරන්ට බැහැ. මෙහේදී අපට කැමැත්තක් මිස තමුසේලාගේ රෙගුලාසි වලට වැඩ නොකෙරේ.

මම - හොඳයි කොරලේ මහත්මයාත් මේ ගොනාගේ මස් කෑවා නොවේද? ඉතින් චණ්ඩාලයෙක් නොවේද? එබඳු චණ්ඩාල ක්රිදයා කරමින් අඥාන අසරණයන් ලවා “හාමුදුරුවෝ” යි කියාත් ගන්නවා නොවේද?

ජමාල් - (ළඟ සිටි ජමාල්ට කේන්ති ගොස්) ඒයි කට පියාපන්. උඹ කොතන ලොක්කෙක්දැයි මගේ මූණට පාරක් ඇන්නේය. ඉතින් මම එය එකපාරටම වල ක්වා, ජමාල්ගේ කණ හරහට එක පාරක් බෙදුවෙමි. ඒ එක්කම පයින් එකක් ගැසූවිට ඒ චණ්ඩියා මළ මූත්රි වගුරවමින් වැටුණේය. තවත් චණ්ඩි පාහේ එකෙක් මට ගහන්ට එන බව පෙනී ඔහුට පයින් එකක් දුන්නෙමි. ඔහුත් ඇද වැටුනේය.

පියදාස සිරිසේන නවකථා එකතුව 233

තවත් ඒ කාණ්ඩයේ සිටියෙකුට තද කම්මුල් පහරක් දුනිමි. මේ තුන්දෙනාට බෙදූ හැටි බලා උන් කොරලාත් අනිත් හතර දෙනාත් දුවන්ට පටන් ගත්තහ. මා සිනාසී අප්පුඩි ගසා අත උළුක්කරන කොට සිංහයෙකු දැක දුවන නරි රැළක් මෙන් මේ පිරිස දුවන්ට පටන් ගත්තේය. මේ සියල්ලක් බලා සිටි බණ්ඩියා මගේ ශක්තිමත් කමත්, නිර්භීත කමත් ගැන පුදුමව “ අනේ මහත්මයෝ අපේ පළාතේ පණහක් එක්ක උනත් මේ පිරිසට අතවන් උස්සන කෙනෙක් නැත. තමුන්නාන්සේ තනිවත් ඉඳගෙන නොරටකදී වෙලත් ඔය බලසම්පන්න හත්දෙනෙකු එලෙව් හැටි! අනේ තමුන්නාන්සේ පොලිසියේ කෙනෙක් වොන පුදුම වීර පුරුෂයෙකැ” යි කයමින් මට වැඳ වැටෙන් ට පටන් ගත්තේය.

ඉතින් මම බණ්ඩිවාතා සමඟ ආපසු නගරයට එමින් ඔහුට නොයෙක් දේ කීවෙමි. “ බන්ඩියෝ මනුෂ්යුයන්ට ගමය ගිට ගමය කියා එකක් නැත හොඳ හැටි ඉගෙනගත් නිර්භීත දක්ෂ මිනිහාට කොතැනකදී වුවත් කොතරම් ලොක්කන් ඉදිරිපිට දී වුවක් ජය ලැබේ. උඹලාගේ බියගුළුකම නිසා උඹට මේ රටේ ඉඳීමක් නැතුව ගොස් තිබේ. අයුත්ත කරන එකා පුලුවන් කොයි ක්රරමයකින් හරි මර්දනය කරන්ටත් යුක්තිය හා නීතිය ඉෂ්ට කරන කාට වුවත් තෑගි බෝග ගෞරව ප්රනශංසා‍‍ දෙන්ටත් පුරුදු කරන තුරා අපේ රටේ දියුනුව නොවේ මා මුලදී හිතාගෙන වුන්නේ ඔවුන් හත් දෙනාටම මළ මූත්රු යනතුරා “බෙදන්ට” යි නමුත් කෝර‍ළ ඇතුළු හතර දෙනෙක් දුව ගත්තාහ. උඹ බය නැතුව වරෙන්. අපේ කඩේ උඹට පෙන්වන්නෙමි. මින් පසු උඹට යමිකිසි හිරිහැරයක් කළොත් මට අවුත් කියාපන්. ඔවුන් බණ්ඩියාගේ හිතත් ටිකක් ධෛර්යව මාත් සමඟ ප්ර නාන්දු උන්නැහේලාගේ වෙළඳ හාලාවට ආවේය. එහි දී ඔහුට තේවතුර කෝප්පයක් ද ‍දෙන්ට සලස්වා ඔහුත් සමඟ පිට්ටනිය පැත්තට ගොස් ජමාල්ගේ තොරතුරු ඇසුවෙමි. බණ්ඩියා වැඩිදුර යමක් නොදත් නමුත් තමා දන්නා හරිය මෙසේ කියන්ට පටන් ගත්තේය. නාරනගල කිට්ටුව මල්ලහේන නම් වත්තක් තිබේ. ඒ වත්තේ අයිතිකාරයා මහනුවර පළාතේ බස්නායක කෙනෙකි. ඔහු ‍ඒ ඉඩමේ රබර් වවන්ට පටන්ගෙන තිබේ. එහි කුඩා බංගලාවක්ද තිබේ. පසුගිය අවුරුද්දේ කිසි වැඩක් නොකර වත්ත පාදුවෙන් ඇර තිබුනු නමුත් ළඟදී මිනිස්සු කාණ්ඩයක් අවුත් එහි සිටිති. දැනුත් වත්තේ වැඩක් නම් දකින්ට නැත. නමුත් මේ ජමාල් කියන අයත් තවත් මිනිස්සු හත් අට දෙනෙකුත් ඒ වත්තේ සිටිති. නිතරම අඩි ගහමින්

234 වලව්වක පලහිලව්ව

හොර හරක් මරමින් ඉන්න මිනිස්සු මොකක්ද කියා තොරුම් ගන්ට බැරිය. වත්ත මේ ටවුමේ සිටලා හැතැප්ම හතක් පමණ දුරය. කොටි වලසුන් ගෙන් යුත් කැලේ පසු කරන්ට ඕනෑය. ඒ නිසා ගමේ මිනිහෙක් ඒ වත්තට යන්නෙත් ඉතාමත් කලාතුරකින් බැවින් වත්ත සම්බන්ධ හරි තොරතුරක් කියන්ට නොදනිමි. මේ අතර කෝරාළ හා ඔහුගේ පිරිසත් පොලිස් සාජන්ටි කෙනෙකුත් අප උන් කඩේ දොරකඩට අවුත් බණ්ඩියාට පොලිසියේ “ ඉන්ස්පැක්ටර් මහතා එන්ට කියනවා” යි අඬ ගැසීය. බණ්ඩියා භය පත්ව මගේ මූන බලන්ට පටන් ගත්තේය. මම සාජන්ට් ආදී කාටත් ඇහෙන්ට බණ්ඩියාට ‍මෙසේ කීමි. “ බණ්ඩි‍යයෝ උඹ සැක බිය නැතිව පොලීසියට පලයන්. උ‍ෙඹ් හරකා මර‍ා කාපු සියල්ලන්ගේ නම් ගම් සහිතව පැමිණිල්ල කර හිටපන්. උඹට පොලිසියෙන් යම් කිසි අයුත්තක් කළොත් ඒක මම බලාගන්නෙමි. උඹට පොලිසියේ කිසිවෙන් යම් අයුත්තක් ‍කළොත් ඒ දැන ගන්ටත් සමඟ මම ටික වේලාවකින් එන්නෙමි. භය නැතිව මේ මුලාදෑනියාත් සමඟ පලයන්නැ”යි කියා ඔහු පිටත් කර යැවිමි. ඇත්තෙන්ම නවරත්න ගැන යම්කිසි තොරතුරක් දැණගැනීමට බණ්ඩියා සමඟ කථා කරන්නට සිතා සිටි නමුත් ඊටද ඉඩ නො ලැබුනේය. සිතු දෙයක් කවදාවත් ඉෂ්ට නොවන හැටි! ඉතින් කඩේ හිමියා වන ප්රථනාන්දු උන්නැහේත් සමඟ කථා කරමින් සිටින විට සුරා සම්බන්ධ කථාවක් ඇති විය. මා බදුල්ලට පැමිණෙන්ට ඉස්සරින් දා සුරා බී ගත් මිනිහෙක් කළ පුදුම ක්රි.යාවක් කියමින් ප්රිනාන්දු උන්නැහො සිනාසෙන්ට පටන් ගත්තේය. එනම් ගම්බද මිනිහෙකුත් ඔහුගේ අඹුවත් නැන්දම්මාත් යන තුන්දෙනා තුනපහ ගෙනහන පිණිස කඩමණ්ඩියට අවුත් තිබේ. ස්ත්රීා හා නැන්දම්මාවත් කඩේක නවත්වා මේ මිනිහා උදේම රා බෝතල දෙකක් බී තිබේ. ඉන්පසු ඔහු ගෙන ගොස් තිබුනු කුරහන් බුසල් දෙක විකුණා ගත්තා‍ට පසු ශත විසි පහක් අරක්කු බි තිබේ. තව පැයකට වාගේ පසු යාළුවෙකු විසින් අරන් දුන් ජින් වීදුරුවක්ද බී ති‍ේනබේ. මිනිහා හොඳටම වෙරිමත්වී අඹුවත් නැන්දත් සොයාගෙන බත් කඩේට අවුත් බැලූවිට ඒ දෙන්නා ගිය බව පත් කඩකාරී කී විට මේ බේබදු කාලකණ්ණියා “උන්නෙන් මට කමක් නැහැ, මගේ අඹුගමට උඹ හොඳයි” කියා බත් කඩකාරිගේ අතලඳින් අල්ලා ගන්නා ලදී. මේ මිනිහා අඩුකුලේ යයි සම්මත එකෙකි. බත් කඩකාරී “ නම්බුකාරියක්” බැවින් බලවත් ලෙස කිපී මේ බේබද්දාට කම්මුලට ගසා ඉක්බිති ඉලපතක් අ‍රගෙන හොඳටම තලන බව දුටු බත් කඩකාරීගේ මිනිහාත් කාරණය අසා තදින් කිපී බේබද්දාට හොඳටම තලන ලදී. වෙරි මතෙනුත්

පියදාස සිරිසේන නවකථා එකතුව 235

ගුටිබැට කෑමෙනුත් මළා මෙන් සිටි බේබද්දා අඹුවත් නැන්නදත් විසින් සමුප කරත්තයක දමාගෙන ඉස්පිරිතාලයට ගෙනයන ලද්දේය”යි ප්ර නාන්දු මහතා කියමින් බොන අයට හොඳ පාඩමක් යයි සිනාසුනේය. උන්නැහේ මේ කථාව කියන විට හිඟන්නෙක් මෙන් මිනිහෙක් කාණුව අයිනේ සිට හෙමින් හෙමින් කඩේ ඉස්තෝප්පුවට ගොඩනැගී මා දෙස බලා “ ‍අනේ මහත්මයෝ මට තේ වතුර බොන්ට සත පහක් දුන්නොත් මත්පැන්වල හපන් කමක තමුන්නාස්සේලාට කියන්නෙමි. ඒ අනුන් සම්බන්ධ එකක් නොව මා සම්බන්ධවම එකකි” යි කියේය. මේ හිඟන්නෙක් මෙන් ඉන්නා මිනිහා කදිම පෙනුමක් ඇති එක් විධියක මිනිහෙක් බව මට දැණුනු බැවින්, හොඳයි උ‍ඹේ කථාන්තරය කියාපන්, මම උඹට ශත පහකට වඩා දෙන්නෙමි” යි කී කල ඒ මනුෂ්යකයා මෙසේ කීයේය. “ මගේ වත ගොත වැඩි විස්තර කිරීමෙන් පලක් ‍නොවේ. අපේ තාත්තා මුදලි කෙනෙකි. මගේ නම...... අල්මේදාය. මම කොළඹ ඉංග්රීෙස් කොම්පැනියක ප්රෙධාන ලිපිකරුවෙක්ව සිටියෙමි. බේබදු මිත්රයයන් නිසා අධික ලෙස බීමට වැටී රක්ෂාවද නැතිවිය. දරු හතර දෙනෙක් ඇති මගේ පවුල දැනුත් කොළඹයි. මම බීම නමැති රාක්ෂදයාට ගොදුරුව අඹු දරුවන් සන්තක රෙද්ද හැ‍ට්ටේ පටන් විකුණා බිබී ඉඳ ලෙඩවී ආරෝග්ය් ශාලාවට ගෙනයනු ලැබ එහිදී සනීපව බීම අත්හැරියෙමි. ඉක්බිත් පානදුරේ මගේ මිත්රැ නීතිඥ මහතෙක් ළඟට ගොස් මාසයක් පමණ වැඩ කළෙමි. ඉතින් ඒ මහත්මයා මට කලිසමකුත් අනිත් සියළුම ඇඳුනුත් දී මට රුපියල් පනහක් දී මගේ පවුලට ඒ මුදල් දී එන්නයයි කීවේය. අවුරුදු ගණනකින් අඹුදරුවන්ට කිසිත් නුදුන් මම මේ රුපියල් පනහ රජ්යේයක් මෙන් සිතා ගෙන එයත් රැගෙන දුම්රියගලට පැමිණියෙමි. එහිදී මගේ පරණ යාළුවන්ගෙන් දෙන්නෙක් සම්බවී “ අඩේ අල්මේදාට බොහොම ජය වාගේය” යි කියා මා අත ළඟින් අල්වාගෙන දුම්රියපල ළඟම තිබෙන බීම සාප්පුවට එක්කගොස් මට බීර අඩියක්ද බොන්ට කීය. මම බීම අත්හල බව කී නමුත් ඒ මිනිසුන් ගේ වදෙන් බේරෙන්ට බැරිව ඒ අඬිය ගැසුවෙමි. ඒක ගැසූ හැටියේම කලින් බිමඩ පැවති ගිජුකම මතුවී අවුත් ජින් බාගයක් අරගෙන තුන්දෙනා සමඟ බිවෙමු. ඒ බී ගත් පසු ඔවුන් ගල්කිස්සට යන බව කියා එහිදී බැස නැවත හවස කෝච්චියෙන් කොළඹට යන්ට පිළිවන් බව කී හෙයින් ඔවුන් සමඟ ගල්කිස්සට ආවෙමි. ඉතින් මගේ යාළුවන් දෙන්නා සමඟ තැබෑරුමට ගොස් අරක්කු බෝතලයක් රැගෙන එහිදී බිව්වෙමු. හොඳටම වෙරිව තුන්දෙනාම දුම්රියපල ළඟ තිබෙන පොල් ගහක් යට වාඩිවී කතා කර සිටින විට මට නින්ද ගියේය. ඒ බව දුටු මගේ 236 වලව්වක පලහිලව්ව

යාළුවන් දෙදෙනා මා අතේ තිබුනු රුපියල් හතලිස් පහක් වූ පමණ මුදලත් කෝට්එකත් එහෙම පිටින්ම රැගෙන ගොස් තිබෙන බව ඇහැරී බලන විට දකිනිට ලැබුනේය. ඉතින් කුමක් කරමදැයි කල්පනා කරමින් සිට කමිසයත් සපත්තු දෙකත් ගලවා ගෙන මහපාරට ගොස් හම්බයෙකුට ශත හැත්තෑ පහකට විකුණා ශත විස්සක් අරක්කු වී ඉතිරි සත පනස් පහත් රැගෙන දුම්රියපලට අවුත් සවස පහමාරේ දුම්රියෙන් කොළඹට එන්ට පිටත්විමි. මා නැංගේ තුන්වෙන් පංක්තියේ කාමරයකය. මා ඇඳගෙණ සිටියේ එකම කලිසම පමණකි. දුම්රියේ නැඟුනාට පසු ඒ කලිසම අස්සේ විසකඩි කීප දෙනෙක් වැදී මා හපා කන බව දැනුනේය. මා සිටි කාමරේ කිසිවක් නොසිටි බැවින් කලිසම ගලවා දුම්රියෙන් පිටතට කොට එය ගසා දැමිමි. දුර්වල වූ එවිටත් ටිකක් වෙරිමත්වු මගේ අතින් කලිසම ලිස්සා ගියේය. දුම්රිය දුවද්දී කලිසම බිව වැටුනායින් පසු කුමක් කරම්ද ඉතින් සම්පූර්ණ නග්න භාවයෙන් යුත් ‍මම දුම්රිය කාමරයේ බංකුව පිට වාඩි ගතිමි. මෙවිට වේලාව හයහමාරට පමණවූ හෙයින් ටිකක් අන්ධකාර වේලාවක් විය. මා සිටි කාමරයට වැල්ලවත්තට එන තුරාත් කිසිවෙක් නොනැංගේය. නමුත් වැල්ලවත්තේදී දෙකට හරි වයසේ ආයා කෙනෙක් මා සිටි කාමරයට දුවගෙන අවුත් නැංගේය. මේ ඇත්තී නගින කොටමත් දුම්රිය පිටත් වූ බැවින් මා නිර්වස්ත්රිව ඉන්නා බව ඒ ස්ත්රිටය දුටුවේ දුම්රිය ටිකක් දුර ගියාට පසුය. ඉතින් මා දුටු හැටියේ මේ ස්ත්රී් බිය පත්ව “මෙන්න මේ කාමරයේ යකෙක්. මේන් මේ කාමරයේ යකෙක්” කියමින් මරහඬ දෙන්ට පටන් ‍ගත්තේය. අල්ලපු කාමරටය්ද මිනිස්සු නොසිටි යෙන් ඊටත් එහා කාමරයේ උන් අය නැගිටී බලන්ට පටන් ගත්තේය. මම කිසිවක් කියන්ට අසමර්ථව වාඩිවුනු ගමන්ම සිටියෙමි. මේ ස්ත්රීම ලේ උනුවන තරම් බියට පත්ව මරහඬ දෙන අතර දුම්රියත් බම්බලපිටියට ළඟාවිය. එහිදී ස්ත්රී අඬමින් කෑගසාගෙන බිමට පැන “ඔන්න ඔය කාමරයේ යකෙක් ඉන්නවාය”යි දුම්රිය පලේ මිනිසුන්ට කීයේය. ඔව්හු ලාම්පුවක්තු රැගෙන අවුත් මා දැක බලවත් ලෙස කිපී ම‍ා එළියට ඇදලා හොඳටම ගුටි අනින්ට පටන් ගත්හ. මම විලාප කියමින් හඬන විට පනහක් හැටක් මා පිරිවරා ගත්හ. දුම්රියපල භාර මහත්මයා මට තලන්ට එපා කියා රෙදි කෑල්ලක් ගෙන්වා දී ඒකත් ඇඳගෙන දුවන්ට කීහ. ඉතින් මහත්මයෝ මම ගිය සුමානේ ඔය හපන්කම කරලා බදුල්ලට පයින්ම ආවෙමි. මත්පැන් බින්දුවක් වත් බොන එක තරම් කාලකණ්ණියෙක් අඥානයෙක් අධමයෙක් මේ මිහිපිට ඉන්නවා යයි සිතන්ට එපා යයි” කියා මා දෙන දෙයක් ඉල්ලුවේය. ඔහු මීට පසු නොබොන බවට සහතික වූ බැවින් මා අතින් රුපියලක් දී යන්ට කීවෙමි.

පියදාස සිරිසේන නවකථා එකතුව 237

23. පරිච්ඡේදය

මේ කතාබස් ඉවරවන විට දහයහමාරට පමණ විය. මම නවරත්න බණ්ඩාර සොයන්නේ කොයි අන්දමින් දැයි සිතමින් හිතට මහත් අමාරු විය. ඔහු සොයාගත නොහැකි වූවොත් කොළඹ යාමෙන් පලක් නැතැයි මගේ සිත කියන්නට පටන් ගත්තේය. මෙසේ බලවත් විතර්ක වලින් නොසන්සුන් මගේ හිත ටික ‍වේලාවකට නිශ්ශබ්ද කරගෙන ප්රරනාන්දු මහතාත් සමඟ දවල් බත් අනුභව කොට නාරංගල තිබෙන මිල්ලහේනේ වත්තට අද කොහොම නමුත් යන්ට ඕනෑයයි සිතා මා ඇඳගෙන වුන් ඇදුම් ඉවත් කොට සාමාන්යම ලංසි මිනිහෙක් හැටියට කලිසම් මේස් සපත්තු ආදිය චාන් ලෙස ඇඳගෙන පිස්තෝලය හා කාට්රිජස් ද කලිසම් සාක්කුවේ ලාගෙන කුඩා ඉලැක්ට්රිපක් ලාම්පුව, ඉටිපන්නදම් ආදී තවත් උපකරණ කීපයක්ද දෙදිනකට උවමනා තරම් විස්කෝතුත් වෙන කෑම ජාතිත් මගේ කුඩා බෑග් එකේ දමාගෙන නාරංගලට යන අදහසින් පිටත්වීමි. එම වීදියේ කෙළවර හරියේ තිබෙන තේවතුරු කඩ දෙකෙන් එකකට ගොඩවැදී තේවතුර කෝප්පයක් බීමට මට සිතුනේය. එවේලාව එකට තරම් වූ බැවින් මා තේවතුර බීමට පුරුදු වේලාවක් නොවූ නමුත් මේ කඩේ ළඟදී මට අවශ්යබයෙන්ම තේවතුර බොන්ට සිත්වීම පුදුමයකි. මගේ හිත බලෙන්ම යමක් කරන්නට කියන විට බොහෝ තැන්වලදී ඊට කීකරු වීම මගේ සිවභාවයක් නිසා ඒ කඩේට ගොඩ වැදුනෙමි. එහි තිබෙන්නෙ බංකුවකුත් ඇඳකුත් පමණය. මෙය ‍ස්ත්රීබන් විසින් පවත්වන තේවතුර කඩයකි. මා ගොඬ වැදී තේවතුර කෝප්පයක් දෙන්ට යයි කී විට එහි සිටි ස්ත්රීබ ටිකක් ගරුසරු ඇතුව එන්ට මහත්මයෝ මෙහි වාඩිවෙන්ටය කියා ඇඳ ළඟට ගියේය. ඒ ඇඳ උඩ කළු තරබාරු මිනිහෙක් නිදාගෙන වුන්නේය. මොහු දවල් බත් කෑමට පැමිනි අයෙකි. බීලා වෙරිමතින්ම බත් කා මේ ඇඳ උඩ පායකටත් වැඩි වේලාවක් නිදාගෙන තිබේ. ඔහුගේ කොට් එක ගලවා ඉසට තබාගෙන නිදා උන්නේය. කඩේ අයිතිකාර ස්ත්රිකය මට බංකුව උඩ වාඩිවෙන්ට ඉඩ නොදී “ අනේ මහත්මයෝ සමාවෙන්ට, මේ කාලකණ්ණියෙක් බත් කාපු ගමන් මෙහි නිදාගෙන ඉන්නවා. ඔහු නැගුටුවා අරින තුරු ඉන්ටය කියා “යකෝ උඹ තවම බුදිද, උමේ වෙරිමත් ගතිය නිසා අපේ වෙළදාමත් නැතිවුනා. උඹ නැඟිටලා අපේ සල්ලි දීලා බීපු තැබෑරුමකට ගොස් නිදාගනින්” කියා මේ මිනිහා නැගිට්ටෙව්වේය. කලබල වී

238 වලව්වක පලහිලව්ව

නැගිටුනු ඒ මිනිහා ලංසියෙක් මෙන් සිටි මා දැක තව දුරටත් බියපත්ව හතරට පහට අකුලා කොට්ටයක් මෙන් ඉසට තබාගෙන තිබුනු ඔහුගේ පරණ කළු කෝට් එක දිගඇර එහි සාක්කුවේ අත දමා ශත විසි පහත් රැගෙන ‍ තේවතුර කඩකරීට දී කෝට් එක ගසා දමා ඇ‍ඟේ ලා ගත්තේය. කෝට් එක ගසා දමන විට එහි තිබුනු ගියමනක් ඇඳ උඩ වැටුනු නමුත් කේන්තියෙන් හා වෙරිමතින් සිටි ඔහුට නොපෙනී වහාම පිටවී ගියේය. මම එක පාරටම ඒ ඇඳ උඩ වාඩි වී එක පැත්තකින් විවෘත කරන ලද ඇන්විලොප් එක සහිත ලියමන මගේ සාක්කුවේ ‍ලාගෙන තේවතුර කඩකාරී ගෙනත් දුන් තේවතුර ‍කෝප්පය වී ශත පහක් ගෙවා එතනින් පිටවී යන ගමන් ලියමන බැලිමි. එය නොතාරිස් මහතෙන් භාරේ කිරිබණ්ඩාට යවන ලද්දකි. ලියමනේ තිබුනේ මෙසේය.

බණ්ඩා, උඹට කියාපු හැටියට නවරත්න වැඩේ කරපන්, ඔහු ගැන බලා සිටියා හොඳටම ඇති. ඔහුව යන්ට ඇරියොත් මේ කාරනා සියල්ලක්ම එළිවෙනවා. ලීලාවතී දැන් කොයිබ ගියා ද කියා නොදත් බැවින් ඔය මිනිහාට කුමක් කළත් එළි වෙන්ට හැටියක් නැහැ. එදා කියාදීපු හැටියට බිත්තියේ කනුවක් වශයෙන් බැඳලා ගඩොල් ‍නොපෙනෙන්ට කපරාරුත් කරන්ට ඕනෑ. උඹලා දෙන්නෙක් පමණක් වත්තේ නැවතුනාම ඇති මේ වගට, “බණ්ඩාර” යනුයි.

මේ ලියමන එක විඩයක් කියවූ මට ටිකක් සිහිය නැති වුනා පමණකි. ඉතින් ඔය ළඟට යනතුරුගොස් ඔයෙන් මූණ සොදාගෙන ඔය අද්දර ව‍ාඩිවී ලියමන අතර අරගෙන තව වරක් කියවීමි. බදාදාට මෙහි එන්න ඔනැයයි කීමෙන් හැ‍ඟෙන්නේ අද සඳුදාම මේ වැඩේ ඉවර කළයුතු බවයි මක්නිසාද මට මේ ලියමන ලැබුනු දිය සදුදාය. කිරිබණ්ඩාට ලියමන ලැබී තිබෙන්නේ ඉරිදාය. ඉතින් බදුල්ලේ සිට නුවරට බදාදාට යන්නට නම් අඟහරුවාදා උදේම පිටත්විය යුතුය. ඉතින් අප්පේ මේ නවරත්නට මක්කා කරන්ට කියා තිබෙනවාද? මැද බිත්තියේ කනුවක් බඳින්නේ ඒ කනුව මැද්දට නවරත්කව තබා බැදීම ද? එසේ නොවුවත් ඔහු යන්ට නෑර කෙළවර කරන්ට නියම කිරීමෙන් ඔහු මරා දැමීම හෝ නියතය. අහෝ ගුණවත් ප්‍ියයෝජන වත් මනුෂ්යනයෙකුට කරන්ට යන විපත! මම මාස ගණකක් අහස පොළව ගැටලන්නාක් මෙන් වෙහෙස ගෙනත් මේ මනුෂ්ය යා ගලවා ගන්ට බැරිවූයේ ම‍ටගෙත් දෙන්නාගේම අහේතුවට විය යුතුය. අද රාත්රිේයේ මොහුගේ අන්තිම ඒකාන්තය. නමුත් කොහේදී කොයි

පියදාස සිරිසේන නවකථා එකතුව 239

අන්දමකින් සිද්ධවන්නේ දැයි කිය නොහැක. බස්නායකයාගේ වත්තේදීම මෙය සිද්ධවෙන බව ඒකාන්තයි. නමුතු මොහු ගලවන්නට මට හැකිද? මෙතන සිට හැතැප්ම හත අටක් දුරවූ මහා කැලයක් මැද්දේ තිබෙන මීට ‍පෙර කවදාවත් නොගිය තොරතුරු කිසිත් නොදත් තැනකට ගොස් කුමක් කරම්ද යනාදි සිතමින් මගේ සිත බලවත් අමාරුවට පත්විය. වේලාව බැලූවිට දෙකය. ඔය ඉවුරට ගොස් තව වරක් වතුර ටිකක් බී මෙසේ කල්පනා කළෙමි. බස්නායකයා කලින් අවුත් නවරත්නට කළයුතු දේ විස්තර වශයෙන් කියා ගොස් තිබේ. මේ ලියුමෙන් කියන්නේ අද (සදුදා) නවරත්න විනාශ කොට ගමට එන්මටය. ඉතින් කණුවට බැඳීමට කියන්නේ මරා මළකුණ එහි තැබීමට විය යුතුයි. මේ අපරාධය අන්තිම මොහොතේ දී දැනගත් නමුත් දුරුමුඛවීම පැත්තකටවීම සිංහලයෙක් වූ මට තරම් නොවේ. මක්කරලාවත් මේ අවාසනාවන්ත පුද්ගලයා බේරා ගනිමි”යි මහත් ධෛර්ය හිතකින් නාරංගලට යන පිණිස ඉක්මනින් ගමන් ගතිමි. පිය බාගයක් පමණ යනතුරා කිසිවෙක් සම්බ නොවීය. මා නගරයේ සිට හැතැප්ම 3ක් ගිය පසු මහලු මනුෂ්යකයෙක් සම්බවී නාරංගලට තවත් දුරදැයි ඇසීමි. එවිට ඒ මනුෂ්යනයා මා දෙස බලා “ මහත්මයාට වැරදිලා නාරංගලට හැරෙන පාර පහුකර ඇවිත් තිබේ. මෙතනින් හැතැප්ම බාගයකට පමණ එහායින් විශාල වෙල් යායක් තිබුනා දකින්ට ඇති අන්න ඒ වෙල් යාය උඩින් ගියාම මහ කැලේ මැදින් යන අඩිපාරක් තිබේ ඒ අඩි පාරේ හැතැප්ම පහක් විතර ගියාම නාරංගලයි. දැන් ගමන යාමට කාලයත් මදිය”යි ඒ මහල්ලා කීය. ඉතින් අප්පේ මගේ හිතට තවත් අමාරු විය. මහල්ලා යන්නේ කොයිබටදැයි ඇසුවාම ඔහු එපමණ දුර නොයන බවත් “ ආන් අර පේන ගමට යමි” යි කියා මා සමගම ආපහු අවුත් මහ පාරෙන් අතු පාරකට බැස යන්ට ගියේය. මා ආපසු හැතැප්ම තුන් කාලක් විතර ආ විට ඒ කිචි වෙල් යාය දැක මිනිස්සු ගමනා ගමනය කරන ලද කියරක් දිගේ ඉතාමත්ම ඉක්මනින් ගොස් සවස හතහමරා විට විට මහ කැලේ මැද හරියට පැමිණියෙමි. වෙල් නියරට බැස්ස තැන පටන් එක පිම්මේ දිවු අශ්වයෙක් මෙන් නොනැවතීම ‍වේගයෙන් ආ බැවින් මඳක් ගිමන් අරිමියි සිතා ළඟම තිබුන ගල් පොත්තක් උඩ වාඩිවෙන කොටම වල් මීමෙකුගේ රෞද්රය ශබ්දයක් ඇසී ඉදිරි පැත්ත බැලීමි. මා යන පාරේ මඹ හැට හැත්තෑවකට ඈතින් විශාල කුළු මීමෙකුත් රෞද්රැ කොටියෙකුත් අතර පොරයක් බව පෙණුනේය. කබලේ බැදෙන්නෙකු ලිපට දැමූ කලක් මෙන් සිතට බලවත් අමාරුවක් විය. කොටියාගෙන් හෝ කුලාගෙන් මගේ ජීවිතයට වන අන්තරාවටත්

240 වලව්වක පලහිලව්ව

වඩා මා සොයන්ට යන නවරත්න ඉන්නේය යි සිතෙන වත්තට යාමට කල් මඳවීම නිසා මගේ සිතට අමාරු විය. ඉතින් මගේ ඉනේ තිබුනු පිස්තෝලය කාට්රිජස් පුරවා අතට ගෙන බෑග් එක අනිත් අතින් ගෙන ඉදිරියට ගමන් ගතිමි. කුළාගේ පිටට කොටියා පණින නමුත් කුළාද කොටියා බිම දමා අණීත බව පෙණුනේය. කොටියාට කුළාවත් කුළාට කොටියාවත් පසු නො බැස කරන මේ සටන බලා ඉන්ට පිළිවන් ඉතාම දක්ෂමයෙකුට. මක්නිසාද මොවුන් දෙන්නගෙන්ම නො අනුමානව ජීවිත හානිය සිද්ධවිය හැකි හෙයින්. දැන් මා සිටි තැනට බඹ 20 කට වඩා දුර නොවූ තැන කොටියා සිටින්නේය. කුළා ඊට ටිකක් එහායින් තප්පුලමින් සිටින්නේය. පිස්තෝලයෙන් කෙටියාට මරු පහරක් දිය හැකිද කියාත් මට ටිකක් සැකය. එසේ ද වුවත් මා යන පාරේ ඉන්නා මේ රෞද්රි සතුන් අහක් නොකොට යා නොහැකි බැවින් “ ගෙරි කොටියි” කිය කෑ ගැසිමි. එවිට කොටියා මා සිටි පැතතට හැරී මා දෙස බලාගත් හැටියේම සිටියේය. එතකොට ඌ මට බඹ දහයකට වඩා දුර නැත. වෙඩි තිබීම හොදින් දැනගත් මම කොටියාත් මොලේටම වෙඩිල්ලක් තබා ඒ එක්කම තව එකක් ද තවත් එකක්ද වෙඩි තුනක්ම කාගෙන මා දෙසට දිව ආවේය. මම එක පාරටම ඒ අඩි පාරේ පැත්තකින් තිබුණු මහ කැලේ පැත්තකට වී ඉදිරියට එන සතාට තවත් පාරක් වෙඩි තැබුවෙමි. මගේ වෙඩි පහර සතරෙන් රෞද්රා කොටියා මැරී වැටුනේය. ඉක්බිති මා ඉදිරියට පැමිණ තිබුනු මරණ දෙකෙන් එකක් ‍ඉවර යයි සතුටුව බෑග් එකේ තිබුනු කාට්රිජස් මිටියෙන් හතරක් පිස්තෝලයට දමාගෙන ගල උඩ නැගි කුළා කොයිබදැයි බැලීමි. ඇත්තෙන්ම වෙඩි පාරට බියපත්ව ඌ දුවන්ට ඇතැයි සිතු නමුත් මම ගල උඩට නැඟ මිනිත්තුවවක් යන්ටත් ප්රදථම අං කෙක වනමින් මේ විශාල කුලුමීමා මා ළඟට ආයේය. අඩි අටක් පමන උස් ගල් පොත්තක් උඩ සිටි මට වාසි තිබුනේය. ඒ හෙයින් කිසිම සැකක් බියක් නැතුව ඉලක්ක යට මෙන් කුළාගේ නළලට පිස්තෝලයෙන් එක පිටම වෙඩි දෙකක් තැබීමි. මගේ වෙඩි දෙපාර කෑමෙන් මාරක වේදනාවෙන් ක්රෝෙධයත් නිසා අමතුවූ ඒ නපුරු කුළුමීමා මා නැඟ සිටි ගලට ඇනලා එතනම මැරී වැටුනේය. ඉක්බිති මා වේලාව බැළුමිට පහය. මා ඉන්නේ වනාන්තරයක් මැද්දේ හෙයින් ඉර බහින්ටත් ප්රබථම කළුමර විය. නමුත් භය වනතුරු දහවල් බැව් දත් මම ඒ පැය තුළ වේගයෙන් යමියි සිතා ගමන් කළෙමි. ඒ පැයට හැතැප්ම පහක්ම ගොස් අන්ධකාරයට ද ඇතිවිය. නමුත් මා නැවතුනු තැන සිට හැතැප්ම

පියදාස සිරිසේන නවකථා එකතුව 241

කාලයකට වැඩි නොවන තැනක දුමක් පෙණුනේය.ඒ ගෙයක් බව සිතා ටිකක් හිතටත් ප්රීතතියක් ඇතිවූ බැවින් ඉදිරියට ගියෙමි. මිල්ලහේනේ වත්තේ මායිමට පැමිණියෙමි. අක්කර අහයක් තරම එළිවෙනකොට රබර් පැල මයියොක්කා සහ කෙසෙල් ගස් කීපයක්ද සිටුවා තිබෙන බව පෙණ්නේය. ඉතින් ඉක්මන්වීම නුවණට හුරු නැති නිසා වත්තේ මායිම සිට බඹ සීයක් පමණ ඈතින් පෙණෙන බංගලාව දැක එතන සිටින්නට නොපෙනී කොහොම කිට්ටු වෙමිදැනි කල්පනා කොට බංගලාවට යන එන අඩි පාරෙන් ටිකක් පල්ලමට වී කැලෑ පඳුරක් ළඟ වාඩිවී මා උන්සුදු කලිසම් ආදී ඇදුම් හා සපත්තු ගලවා බෑග් එකේ දමාගෙන එහි තුළ තිබුණු කළු පාට රෙද්දත් බැනියමත් ඇඳගෙන පිස්තෝලයට කාට්රිජස් හත දමා සම්පූර්ණ කරගෙන තවත් කාට්රිජස් දුසිමක්ද ඉනේ තබාගෙන ඉලැක්ට්රිසස් ලාම්පු පුංච ද ඉනේ තබාගෙන බංගලාවවේ වම් අංශය කෙළින් කිට්ටු වී ගතිමි. මගේ බෑග් එක ගෙහි දකුණු අං්ශයේ අසල තිබුණු කෙසෙල් පඳරේ තබා ඒ කෙසෙල් පඳුර ළඟ නිසොල්මනේ වාඩිවී සිටියෙමි. ගේ ඇතුලේ කුඩා එළියක් පත්තුවෙන බව පෙනුනේය. එකෙක් දෙන්නෙක් හීන් සැරේ කථා කරන බවද ඇසුණේය. වේලාව හතට පමණ විය. එදා දවස මාසේ පෝයට ඉස්සරින්දා බැවින් අධික කරුවල නිසා නොවේ නම් මා යම්කෙනෙකුට දකින්ට බැරි වේලාවකුත් නොවේ.

මෙසේ පැය කාලක් පමණ ඉන්නා විට “හොඳටම රෑවුනා වරෙව් යකෝ” කියමින් මිනිහෙක් බංගලාවේ ඉස්තෝප්පුවට ගොඩ වැදුනේය. ඔහුත් සමඟ බරටම හරක් මස් අතින් පත් සතර දෙනෙක් ගෙට ඇතුල් වූහ. මේ ජමාල් ආදී පස් දෙනෙක් හොර හරෙකෙකු මරා මස් කරගෙන ආ වේලාවය. ඔවුන් පස් දෙනාම ඒ මස් සෝදා තම්බන්නට පටන් ගත්තෝය. එතැන් පටන් බංගලාවේ කරදරය ඉතා අධික විය. “ නවරත්න බණ්ඩාර දඬු කදෙන් ගලව‍ා අද රෑට කන්ට දෙන්ට ඕනෑ. නවයගේ අන්තිම කෑමත් මේක නිසා තෙල ඇති තරුණ ගොන් මස් ම දෙවන්ට ඕනෑය” යි කෙනෙක් කියන වචනය ඇසුනු මට මහත් ප්රීටතියක් විය. මක්නිසාද නවරත්න මරන්ට ප්රහථම ඔහු සිටි තැනට එන්ට ලැබීම ගැනය. මෙසේ මොවුහු නොයෙකුත් කථා බස් කරමින් මස් තම්බන අතර බදුල්ලට ගිය දෙන්නෙක් අරක්කුත් අ‍රගෙන එන විට මරණ ලද කොටියාගේත් කුළාගේත් මළ කඳන් දෙක පුදුමව මේ දස්කම් කළේ කවුදැයි කථා කරමින් අවුත් ඉස්තෝප්පුවට ගොඩ වැදී “ ඒකද අප්පු‍වෝ.

242 වලව්වක පලහිලව්ව

අද පුදුම වැඩක් කර තිබෙනවා. තලාපිට ගල ළඟ විශාල කොටියෙකුත් කුළෙකුත් මරා තිබේ. මළකුණු දෙක අපි බැළුවා. වෙඩි පාර වල් පහක්ම දුටුවා. මේ සත්තු දෙන්නාම මැරෙන්ට වෙඩි තැබූ මිනිහා පුදුම හපනෙකි. උඹලාට ඒ ගැන ආරංචි නැද්දයි” ඇසීය.

එවිට ජමාල් ඉදිරියට අවුත් “අපට ඒ ගැන හෝඩුවාවක් වත් නැත්තේ අපි පස් දෙනාම කිරිහොදාගේ ගොන් නාම්බා අල්ලන්ට හතරේ පටන් වෑයම් කර අල්ලාගන්ට ලැබුනේ දැන් ටිකකට ඉස්සරීයෙන්ය. ඉතින් ඌ මරා පස්කොට උයන්ට පටන් ගත්තේ දැනුයි. කිරුදුරයත් ඩිංගිරියත් මෙහි නවත්වා නවරත්නය‍ා දඬුකදේ තියා පස්දෙනාම බංගලාවෙන් ගොස් සිටියාය” යි ජමාල් කීයේය. බදුල්ලේ සිට අරක්කු රැගෙන ආවේ කිරි බණ්ඩාත් රොමාත් දෙන්නාය. ඉතින් මේ ස්ථානයේ රෞද්රට මිනිස්සු නවකදෙනෙක් සිටිති. මෙයින් දෙන්නෙක් මේසක් වැඩ දන්නන්න බව කථාවෙන් දැනුනේය. අනිත් සත් දෙනාම බස්නායකයා විසින් නවරත්ක මැරීමට එවන ලද මිනීමරුවෝය. එම් පිරිස හරක් පස් තම්බාගෙන අරක්කු බෝතල තුනක් බී කන්ට පටන් ගත්හ. නවරත්නටත් කන්ට කියන බව ඇසුනේය. නමුත් ඔහුගෙන් වචනයක්වත් මට ඇසුනේ නැත. මේ පිරිස කා බී ඉවර වෙන විට අට හමාරය. තුන්දෙනෙක් ගෙයින් පිටට විත් මා සිටි කෙසෙල් පදුර ළඟ බිත්තියේ අයි‍නේ පිටගෙන මෙසේ කථාකර ගත්හ. අපි නවරතනයාගේ අත් දෙකත් කකුල් දෙකත් බැඳලා කටේ රෙදි කඩ මල්ලක් ඔබා මේ බිත්තිය මැදට හේත්තු කරගෙන සිටිම. ඔහු මරන්ට අපට උවමනා නැත. පණපිටින්ම බිත්තියට හේත්තු කර ඔහු මැදිවෙන්ට කුළුණ බැන්දාම ඔහු ඉවරයි. එසේ නැතුව මැරුවොත කාගෙ කාගේත් රෙදිවලත් ඇ‍ඟෙත් ලේ ගෑවෙස්ටත් පුළුවනි. ඊටත් වඩා කිසි වරදක් නැතියෙකු මරන්ටත් බැරිය. කුළුණට මැදිකර ගඩොල් බැන්දාම වැඩේ ඉවරයි” කියා ලොකු බටහුව පත්තුකර අණන ලද මැටිවලින් ගඩොල් බැම්ම බදීන්ට සූදානම් වූහ. තමාගේ මරණය කොයි ලෙසකින් වත් වලක්වා ගන්ට බැරිව ඉන්නා නවරත්නට කිරිබණ්ඩා කථාකොට ඉතින් නවරත්න උඹේ ආඩම්බර අද ඉවරයි. උඹව මරන්නේ නැහැ. හිටුවා පස් ගහනවා. උඹ පසුගිය දවස් වල වර්ණනා කළ වික්රඩමපාල කෝ? උඹ රක්ෂාකරණු ලබන්නේය යි කී කථාවත් බොරු වුනා. උඹ බස්නායක හාමුදුරුවන්ලා, ලොකු බණ්ඩාර හාමුදුරුවන්ලා නැති කරන්ට සිතුවා. අන්තිමට උඹ නැතිවුනු හැටි බලා ගණින් කියා නවරත්නගේ කකුල් දෙකත් බැඳ කටේ රෙදි කඩක් ඔබා සතර දෙනෙක් බිත්තියට හේත්තු කර ගෙන අල්ලා සිටිද්දී දෙන්නෙක් ඔහු

පියදාස සිරිසේන නවකථා එකතුව 243

මැදිකර කුළුණ බඳින්ට පටන් ගත්හ. අනිත් තුන්දෙනා ගඩොල් හා පස් ළඟට දෙන්නට පටන් ගත්හ. ඉතින් මම හෙමින් සැරේ උන් තැනින් නැගිට ගෙයි ඉස්තෝප්පුවට විත් එබී බැළුවෙමි. එහි දොර වසා තිබුණි. ගේ ඇතුලේ හොඳට එළිය පත්තුවෙන නමුත් ගෙයින් පිට ඉතාමත් තද කරුවලය. මේ ගේ ඇතුලේ ඉන්නා නවදෙනා ඉතා රෞද්ර ශක්තිමත් මිනිස්සුය. ඔවුන් ළඟ තුවක්කු හා වෙනත් ආවුද ඇති බව නිසැකය. ඉතින් මොවුන් සමඟ තනි මට සටනක් කරන්ට නම් බැරිය. යමෙකුට තමාගේ සතුරා‍ට පහර දීමට බලය නැති තැනදී අන් කිසි උපායකින් ජයගනු මිස ඉදිරියට පැමිණ සටන් කිරීම මෝඩ කමකි. ඉතින් කුමක් කරම්දැයි සිතමින් නැවතත් මගේ බෑග් එක ළඟට අවුත් එහි තිබුනු අඩියක් පමණ දික්වූ තලයක් ඇති දුනු පිහිය අතට ගෙන එය දිග හැර නවරත්න හිටුවා පස්ගහන බිත්තිය ළඟට අවුත් මුදුන් යටලීය කෙලින් කනුව බඳිනා නිසා ඒ මුදුන් යටලීය කෙලින් තිබෙන බිත්තියේ ගඩොලක් ගලවන්ට සිතාගතිමි. මේ බිත්ති ගඩොල් වලින් හා මැටියෙන් බඳනා ලද බැවින් පහසුවෙන් ගැලවිය හැකිව තිබුනේය. පොළවෙන් දෙරියනකට උඩින් පමණ බැඳ තිබුනු නමුත් තවත් හතර රියනක් තරම යටලීය දක්වා බඳින්ට තිබුනේය. මම බිත්තිය සිදුරු නොක‍ළත් නවරත්තට තවමත් ආශ්වාස ප්රා ශ්වාස කරන්ට හුළඟ ලැබේ. මක්නිසාද? මිනිහාගේ මහත තරමට කුහරය ඇතුව බඳනා මේ කුළුණේ සිදුරු වසන තුරාම එහි සුළඟ ඇති බැවිනි. මා පිටපැත්තෙන් එක ගලක් අහක් කොට සිදුරක් කළ බැවින් කුළුණේ මාදුන වැසුවත් දවසක් හමාරක් යනතුරා නවරත්න නොමැරෙන බව මට නිසැකය. එසේ එක ගලක් අහක් කොට මම කෙසෙල් පඳුරට වී නිසොල්මන් වීමි. පැය දෙකකින් තරම එනම් දහයමාර වන විට මොවුහු කුළුණ බැද මුදුන ද වසා ඉවර කළහ. වෙරි මරගාතේ සිටි මේසෙන්වරුන් අනිත් අයත් මෙය මැටියෙන් කපරාරු කිරීම උදේට කල් තබා නිදාගන්ට නියම කර ගෙන නව දෙනාම බංගලාව තුළම නිදාගත්හ. එකොළහමාරට පමණ මම පිට පැත්තේ සිටගෙන එක එක ගඩොල ගලවමින් රියනක් පමන පුලුලැති දෙරියනක් පමණ උසැති සිදුරක් තැනුවෙමි. නවරත්තගේ ඉඟටිය දක්වා මට පෙණෙන නමුත් ඔහු එළියට ගැනීමට ටිකක් අපහසු විය. මක්නිසාද උර හිස් හරිය හොඳටම තද වෙන්ට බැම්ම බැඳ තිබුනු බැවිනි. ඉතින් තවත් දෙරියනක් පමණ බිත්තිය කැඩුවෙමි. එසේ බිත්තිය කඩා මිනිහා එළියට රැගෙන කෙසෙල් පඳුරටත් ටිකක් එහා උස්සා ගෙන ගොස් තණකොළ උඩ බෑව්වෙමි. බැඳ තිබුනු බැමි දෙක කපා කටේ ඔබා තිබුනු රෙදි කඩ අරන් දැමූ නමුත් මූර්ච්ඡා වී සිටින නවරත්නට ඒ

244 වලව්වක පලහිලව්ව

කිස්ත් නොදැනුන බව පෙනී මගේ බෑග් එකේ තිබුනු රසායන බෙහෙත් කුප්පියෙන් ටිකක් පෙව්වෙමි. එය පොවා මිනිත්තු පහක් යනවිට නවරත්න බණ්ඩාර මහතා අත පය දිග ඇහැ ඇරියේය. මම එතකොටමත් මගේ ඉලැක්ට්රිතක් ලාම්පුව දල්වා “ කෑගහන්ට එපා. මම වික්රරමපාලයි. ්බවය නැතිම නැගිටින්ටය”යි කී‍වෙමි. ඇත්තෙන්ම මට ඇතිවූ ප්රී්ති වේගය කීමටවත් මනුෂ්යන භාෂාවකින් දුෂ්කරය. හිටුවා පස් ගසනු ලැබුවෙකු එයින් ගලවා ගත් විට ඔහුට ඇතිවය හැඟීම කාට කිව හැකිද? මෙසේ මා හිතනකොටමත් මළවුන්ුගෙන් නැඟුටුවා ගත් නවරත්න මගේ කකුලේ තදින් එල්ලුනේය. නිර්වස්ත්රතව සිටි ඔහු එල්ලුන් හැටියටම කරපිණුවා ගෙන මගේ බෑග් එක ආදී උපකරණ එක අතකින් ඇරගෙන මිල්ලහේන වත්තේ මායිම දක්වා ගොස් නවරත්නට පයින් යන්ට පිළිවන්දැයි ඇසීමි. එවේලාවට ශරීර ක්ලාන්තය ඇතත් ඔහු බලාපොරොත්තු වු ගැලවුම්කාරයා අවුත් ඔහුගේ ‍ජීවිතය ගලවාගත් බැවින් ඇතිවූ ප්රීැතියෙන් ශක්ති මත් වූ නවරත්න බිමට බැස “ අනේ බුද්ධාංකුරයාණෙනි, උතුම් සිංහ කුමාරයාණෙනි, ඔබ දිව්යල රාජයෙක්ද මනුෂ්යදයෙක්දැ” යි අසමින් තව වරක් මා වැළඳ ගත්තේය. “ හොඳයි නවරත්න මා ඔය දෙ ගෞරවයම ලැබිය යුත්තෙක්මි. නමුත් අපේ මේ කටයුත්ත සාර්ථක කර ගත යුතුය”යි කියා මගේ බෑග් එකේ තිබුනු විස්කෝතු රැගෙන දෙදෙනාම බඩ පුරා කෑවෙමු. එයි තිබුනු “කෝලා” බෝතල දෙකද බී ක්ලාන්ත ගතිය ඇරෙන තුරු රාත්රීග එක වනතුරා ඒ ගල උඩම සිටියෙමු. ඒ වෙලාවාට නවරත්නටත් මටත් දෙදෙනාටම අභයත් ප්රීසතියත් ඇත්වූ බැවින් ඉක්මනින් ගමන් කරන්ට හෝ කය වෙහෙසා අන් කිසිවක් කරන්ට හෝ බැරි කමන් නැති බැව් පෙණුනේය. ඉතින් නවරත්නට කථාකො‍ට “ මිත්රැය මේ අපරාධය කළ දුෂ්ටයින්ට ‍යම් කිසි අමාරුවක් කොට යමුද? නිකම්ම යමුදැ”යි ඇසීමි. මගේ කැමත්තට ඉඩදීමට කැමති නවරත්න තමුන්නාන්සේට කැමැත්තක් කළ මැනවැයි කීය. ඔහුගේ අදහස ගැන අතිශයින් සතුටට පත් මම මෙසේ කීමි. අප දෙදෙනාටම උවමනා නම් ඔය බංගලාව ඇතුලේ ඉන්නා සියල්ලම විනාශකර දමන්ට දැන් බැරි කමක් නැත. නමුත් ඒ නිශ්ඵලය. සතුරා පරාජයට පැමිණ වූ පසු ඔහුගෙන් පළිගැනීම අඥානයන් ‍ගේ වැඩකි. සතුරා ජය ගන්නා තුරු කෙතරම් රෞද්රු ක්රිැයා වුවත් කොට සතුරා පැරදවිය යුතුයි. නමුත් සතුරා පැරදුනු පසු ඔහුට මෛත්රීී කිරීම ඔහු සුවපත් කිරීම අපේ ජාතියට ප්ර්වේණිවූ ධර්මතාවයකි. අපේ දුටුගැමුණු

පියදාස සිරිසේන නවකථා එකතුව 245

රජතුමා එළාර නම් බල සම්පන්න ද්ර විඩ රජා සමඟ යුද කොට ඔහු ම‍රා දැමුවේය. නමුත් ජයගත් පසු ඒ දෙමළුන් අතර ජීවත්ව සිටියන්ට පමණක් නොව මිය ගිය එළාර රජුගේ මෘත කලේබරයට පවා බලවත් ගරු බුහුමන් දක්වන ලදී. අප විසින් අපේ මුතුන් මිත්තන්ගේ මාහැඟි ගුණය ජීවිත මෙනා ආරක්ෂා කළ යුතුය. දැන් අපේ කැමැත්තක් කර ගත හැකි සතුරන්ට අනුකම්පා කොට අපට වඩා රුචි තැනකට යා යුතුය” කී විට නවරත්න ද ඊට එකඟ වූ බැවින් මගේ කුඩා ඉලැක්ට්රියක් ලාම්පුවත් දල්වා ගෙන හිමය මැදින් ගමන් කොට උදේම හතරට නගරයට පැමිණියෙමු. කැලේදීම නවරත්න ලීලාවතී මැණිකේ කොයිබදැයි ඇසුවේය. නමුත් නගරයට යනතුරු ඒ සම්බන්ධ කිසිවක් නො ඇසිය යුතුයි කී බැවින් නගරයට ආ හැටියේම නොයිවසිලිවන්තව සිටි නවරත්න “ අනේ වීර වික්රැමාන්විත වික්රබමපාල මහතාණෙනි, මගේ‍ ප්රේඅමියට, ලීලාවතී ට කුමක් වී දැයි මට නොකියතොත් මගේ ජීවිත නොරුකේයයි බැගෑපත්ව කීයේය. ඉතින් ප්රීමතිමත්ව සිටි මම “මිත්ර යාණෙනි, නවරත්න බණ්ඩාර මහතාණෙනි, ලීලාවතී මැණිකේ ගලවා නොගෙන තමුන්නාන්සේ සොයන්ට ආයෙමි දැයි සිතන්නෙහිද? ස්ත්රීල පුරුෂයන් දෙදෙනකුට අනතුරක් පැමිණි විට වඩ දුර්වනල වූ ස්ත්රිසයට පළමුව පිහිටවීම සියළුම සත්පුරුෂ යන්නේ යුතුකමකි. ලීලාවතී ගැනම මාස හතරක් නොවෙහෙසුනා නම් නවරත්න මහතා මේ වනයට ගෙන එන්නට ප්රීථම ගලව‍ා ගන්ට තිබුණේය. ලීලාවතී මැණිකේ සතුරන්ගෙන් මුදවා ගත්තේ මෙසේ යයි ඒ සම්බන්ධ විස්තය කියා දැනට ඒ කුමාරිහාමි ස්වකීය මව්පියන් ළඟම ඉන්නා ලෙසට ඉතා ප්රීතතියෙන් සුව පහසු ඇතුව ඉන්නේ යයි කී විට ගුණවත් නවරත්න බණ්ඩාර මහතා මා වැළඳ ගෙන තමුන්නාන්සේට බුදු බව ලැබේවායි මට ආශිර්වාද ක‍ළේය. එළිවෙනටත් ප්රුථම ප්රතනාන්දු උන්නැහේලාගේ කඩේ දොර ඇරවීමි. නවරත්න සමඟ එහි ආ මා දුටු ප්රනනාන්දු මහතා පුදුමව මේ පැමිණි විස්තරය ඇසීය. ඔහුට කලින් වූ පොරොන්දුව මෙන් මා කළ දක්ෂපකම ලුහුඬින් කී විට ප්රආනාන්දු උන්නැහේ ඇතුළු එහි උන් සියල්ලෝම පුදුම වූහ. ඉක්බිති අපි මූන කට සෝදාගෙන තේවතරු බී සතුටුවීමි. නවරත්න බණ්ඩැර මහතාට ඇඳුම් නැති බැවින් මගේ ඇඳුම්ද හරි නොයන නිසා ඇඳුම් අහන්නෙකු ගෙන්වා ඇඳුම් ජෝඩුවක් මහන්නට නියම කොට දහයට පමණ අපි කවුරුත් වෙළඳ ශා‍ලාවේ වාඩි වී කථා කරමින් සිටියෙමු. මිල්ලහේනේ වත්තේ සිටි එකොළොස් දෙනා රැයින්ම නැගිට ඔවුන් රාත්‍ පියේ බැඳපු නපුරු කුළුණ කපරාරු කරන්ට ලෑස්ති වී බැළූකල බිත්තියක් කඩා තමන් හිටුවා පස් ගැසූ අය

246 වලව්වක පලහිලව්ව

ඉවත්ව ගොස් සිටින බව දැක පුදුමයට භයයත් පැමිණ එතන මඳ වේලාවක් වත් නොසිට හිස් ලූ ලූ අත පැන ගියහ. බස්නායක නිලමේගේ ඥාතියෙක් වන කිරිබණ්ඩාත් තවත් තුන්දෙනකුත් ගමට යන පිණිස බදුලු නගරයට පැමිණ අප උන් වෙළඳ ශාලාව ලඟින් යනු දුට මම‍, “ඕයි, කිරිබණ්ඩා කොහොමද? කුළුණු පරාරු කළාද? උඹලා වික්ර මපාලට කවටකම් කළා මතකද? වික්රුමපාලගේ හැටි දුටුවාහුදැ”යි කියන කොටත් මේ මිනිහාතා අනිත් තුන් දෙනාත් අප දෙසවත් නොබලා දිවන්ට පටන් ගත්හ. නවරත්න මහතාට උවමනා ඇඳුම් මස්වා සපත්තු මේස් ආදී උපකරණත් රැගෙන හොඳ හැටි අඳවාගෙන බදාදා මොටෝකාර් එකක් රැගෙන බණ්ඩාරවෙලට අවුත් එදා ‍දවල් ආහාර ගැනීමට හෝටලයට ගියෙමු. අපි කාමරයක හාන්සිවී පුටු දෙකක් උඩ වාඩිවී කථා කරමින් සිටින විට බස්නායක නිලමේත් බදුල්ලේ ඉඳලා ආ සතර දෙනාත් හෝටලයට ආහ. බස්නායක එවිටම ආ දුම්රියෙන් බැස හෝටලය ළඟට එනකොට මේ සතර දෙනාද සම්බවූ බැවින් ඔවුනුත් සමග කථා කරනු පිණිස මේ විවේක ඇති ශාලාවට ඇවිත් තිබේ. බස්නායක වාඩිවී කිරිබණ්ඩාට කථා කොට “මොකද කළේ කිරිබණ්ඩෝ වික්ර මපාල බදුල්ලට ආ බව ආරංචි වී මමත් මේ ආවේ එහි යන්ටයි. උඹලා වත්තෙන් ආවේ වැඩේ සම්පූර්ණී කරලාදැ”යි ඇසීය. පණ බයේ ගැහෙන කිරිබණ්ඩා හෙමින් මෙසේ කීයේය. “ සදුදා බිත්තිය කඩා නවරත්නත් රැගෙන වික්රහමපාල බදුල්ලට ඇවිත් තිබේ. අප ඊයේ එද්දී දෙන්නම පිටගෙන සිනාසෙමින් කවටකම් කළාහ. සමහරවිට අද මෙහි එන්ටත් ඇති කියන කොට බස්නායකයා මුර්ච්ඡාවී වැටුනේය. “අනේ අපි ඉවරවීමු. අධර්මය කටුක විපාක මේ ආත්මයේම ලැබුනා. අපේ විනාශය එකාන්තය” යි කියා බිම ඇඳ වැටුනු මේ මිනිහා දුටු හෝටලයේ වැඩකරුවෝ ඔහුව ඇල්වතුර පොවා ඇඳකා බෑව්වෝය. මමත් නවරත්කත් කාමරයෙන් නැඟිට අවුත් බස්නායක ළඟට ගියෙමු. එවිට ටිකක් සිහිය ඇතිව උන් ඔහු එකපාරටම ඇස් දෙක පියා ගත්තේය. මම සිනාසී “ බස්නායක නිලමේ අපරාධය අධර්මය සඟවන්ට නම් බැරිය. පාප කර්මය සඟවා තබන්ට තැනක් නැති බව සර්වඥ වූ තථාගතයන් වහන්සේ නිරවශේෂ කොටම වදාරා තිබේ. තමුසේලා තමුසේලාගේම අධර්මයෙන් විනාශ වූවාහුය. නමුත් අපි නිතරම මෛත්රීු කරමු. නවරත්නත් ලීලාවතීත් දෙදෙනාම දැන් සුවසේ සිටිති. තමුසේලාට ඔවුන්ගේ ධන සම්පත් තබා ඒ පළාතේ වත් ඉන්ට නොලැබේ. කර්මයට විපාක දීමට සුදුස්සක් තම

පියදාස සිරිසේන නවකථා එකතුව 247

තමන් නොදැනුවත්වම ළඟට පැමිණේ. ඉතින් ඔහොම නිදාගෙන ඉන්ට! අපි දැන් යන දුමිරියෙන් කොළඹ යන්නෙමු” යි කියා කවටකම් කොට හෝටලයෙන් දවල් බත් අනුභව කොට ‍එවේලාවට තිබුනු දුම්රියේ නැගී කොළඹට ආවෙමු. අප ආ දුම්රිය පසු දින උදේ 7 ට කොළඹට පැමිණියේය. අපි එතනින් අශ්ව රථයක් රැගෙන වීරසේකර මහතුන්ගේ නිවසට ආවෙමු. ඇත්තෙන්ම දුරදීම ලීලාවතී මැණිකේ අප දැක්කාය. නවරත්නටත් ලීලාවතීටත් ඒ වේලාවට කුමක් සිතෙන්ට ඇද්දැයි මට කිය නො හැක. එවුනොවුන්ගේ දර්ශනය පුදුමයකි. “ජීවිතයේ බලාපොරොත්තු නැතුව අන් තරුණ ප්රේගමවන්තයන් දෙදෙනෙකු දුක්ඛිත මරණයෙන්ද ගලවා අදර්මවාදී වලව්වල පවත්නා භයාකය දුසිරිත් ද එළිකොට සිංහලයන්ගේ සෞරවීර්යය ලෝකයාට ප්ර්කට කළ වික්ර මපාල මහතා වැන්නන් නො වදන සිංහල මෑනිවරුන්ගේ දරුවන් වැදීම යෞවය භාවය නැති කර ගැනීම මහණකැ”යි මහලු වීරසේකර රාළහාමි කියන බව ඇසුනේය. මා විසින් කරන ලද මේ අද්භූත වික්ර මය ඇසූ ම‍ගේ මිත්රැයෝ එතනට රැස්වන්නට පටන් ගත්හ. නමුත් දීර්ඝ කාලයක් අනන්ත හිරිහැට විදිමින් පීඩාවට පත්ව උන් නවරත්නට හා ලීලාවතීට පමණක් නොව මටද විවේක උවමනා බැවින් මා කළ දස්කමත් නවරත්න විඳපු දුකක් දෙවනු ප්රබකාශ කරන බව කීමි. එහෙත් මගේ මිත්රර අල්විස් මහතා පුදුමව හුඟක් වේලා බලා සිට නවරත්කගෙන් “ මේ කුමක් වුනාදැ” යි ඇසිය. එවේලා‍වට මම දයානන්ද වීරසේකර මහතාත් සමඟ යම් කිසිවක් කථා කරමින් සිටියෙමි. ඥානයෙන් හා ගුණයෙන් යුත් නවරත්න බණ්ඩාර මහතා අල්විස් මහතාට ස්තුති කරමින් “ අනේ මහතාණෙනි, අපටවුණේ අපේ ජනයා අපේ උතුම් ධර්මය නොදැනීමේ දෝෂයයි. ධර්මය පිලිනොපැදීමේ වරදයි. ධර්මය රක්ෂාෝ කරන තැනැත්තා ඒ ධර්මය විසින් ආරක්ෂා කරනු ලැබේ යයි කී ශ්රී. මුඛ දේශනාව අපි අත්හදා බැළුවෙමු නම් අපට ප්රකත්ය ක්ෂ වී නම් අද ලක්දිව එකම දුක්ඛිතයෙක් කාලකණ්ණියෙක් ඇති නොවේ. නමුත් අඥානකම නිසා උතුම් ධර්මයෙහි සත්ය්තාවය ප්ර ත්යරක්ෂ කරගත නොහැකිව අධම ඩනයාගෙන් කොටසක් කර්මඵල විස්වාස කොට තමාගේ ආත්ම භාවය අනුන්ට කැප කොට මෙලෝ පරලෝ දෙකින්ම පිරහෙති. පාප කර්මයට මරණින් මත්තේ ඉෂ්ට විපාකත් ලැබෙන බව අපේ මේ ගැලවීමෙන් තේරුම් ගත යුතුය. අපට පැමිණි බලවත් බව අපේ මේ ගැලවීමෙන් තේරුම් ගත යුතුය. අපට පැමිණි බලවත් විපත දිනකින් දෙකක‍ින් විස්තර කර කියාදීම අපහසුය. නමුත් නිර්භිත වූ සිථානෝචිත ඥානයෙන් යුත් ස්ථීර ගුනධර්මයෙහි පිහිටි පරා‍රථ කාමි.

248 වලව්වක පලහිලව්ව

සිංහලයෙකුට කළ නො හැකි වික්ර මයක් හෝ උතුම් සත් ක්රි යාවක් ලෝකේයේම ඇත්තේ නැති බව අපේ මේ වික්ර මපාල මහතාගෙන් තේරුම් ගත යුතුයි. දැන් අපට ඉන්නේ මෙබඳු වික්රමමපාලවරු දෙතුන් දෙනෙකි. ඒ දෙතුන්දෙනා නිසා මෙවැනි අද්භූත ක්රි යා අසන්ට ලැබේ නම් පුරාණ කාලයේ මෙබඳු වික්රෙමපාලලා දස දහස් ගණන් ඉපද සිටිද්දී ලක්දිව කෙසේ නොබැබලියේදැ යි කියේය. නවරත්න බණ්ඩාරත් ලිලාවතී මැණිකේත් මාසයක් පමණ කොළඹ තකර ‍කරවාගෙන ඔවුන්ට සංග්ර හ ‍කළෙමි. ඔවුන් මළා ලෙස සැලකූ හිතෛෂී ඥාතීහු බැලීමට එන්ට පටන් ගත්හ. ඔවුන් විනාශ කිරීමට වීර්ය කළ බස්නායකයා හා ලොකු බණ්ඩාර ඇතුළු කීප දෙනෙක් සෝකයෙන් පීඩිතව මළෝය. තවත් කීප දෙනෙක් ගම ඇර යන්ට ගියෝය. මාසයකට පසු ඔවුන්ගේ සනීපය ඇතිවූ නිසා විධි‍ලෙස විවිහ කරව‍ාදී ඔවුන්ගේ ධනය ඔවුන්ට ම පවර දුනිමු. ඔවුන් මට යම් කිසිවක් දෙන බවට පොරොන්දුවක් නොවූ නමුත් මා බලාපොරොත්තු වුනාට වඩා විශාල ධනයක් මට පරිත්යා්ග කළා පමණක් නොව මා කෙරෙහි බලවත් භක්ත්යාිදරයක් ඇති කළාහ. ඉතින් මිත්රොවරුනි, නවරත්න බණ්ඩාරත් ලීලාවතිත් මුදවාගත් හැටි මිස ඔවුන්ට පැමිණි බලවත් විපත් එකින් එක විස්තර කරන්ට ගියොත් පොත දික්වේ. මා විසින් කළ මේ වික්ර්මය තමුන්නාන්සේලාට කාටත් ප්රි ය ජනක වේයයි සිතමි. මෙබඳු වැඩ කිරීමට නම් බියගුළු ගතියක් ආත්මාර්ථකාමී පහත් ගතියත් මේ කියවන්නාගේ සිත් තුළින් පහකල යුතුය. එවිට මෙබඳු සූරවීට ක්රි යා ඔහුට කරන්ට නොහැකි වූවාත් එබඳු සූරවීරකම් දරුවන්ට වත් පුරුදු කළ හැක. මේ ම‍ාගේ කථාන්තරයෙන් ප්රීයෝජන ගන්නා මගේ මිත්රුයන්ට මා විසින් කරන ලද හතර වෙනි වික්රනමය හෙවත් “ ඉෂ්ට දෙවියා” නමැති අද්භූත කථාන්තරයද කියන්නෙමි. මුදලි, රටේ මහත්, ඒජන්ත, රේන්ද රාල ආදී කී දෙනෙකුගේත් තොරතුරු සමඟ අද්භූත කරුණු අසන්ට ලැබෙන ඒ කතාන්තරයක් තමුන්නාන්සේලා අතට පමුනුවන්ට බලාපොරොත්තුවෙන් මා ළ තුන් වෙනිවික්රාමය ක්රිලයාව හෙවත් “වලව්වක පලහිලව්ව” මෙයින් සමාප්ත කරමි.

වි රි දු දුදන බලවත් ගණ අඳුර බි ඳ
සු මු දු සියල දෑ සරවල කර පමො ඳ
පු රු දු තෙ කැළුම් සිරි ලකඹර විහි ඳ
දි නි ඳු ලෙස පවතු මගෙකඳ සුරිදු ස ඳ

පියදාස සිරිසේන නවකථා එකතුව 249

බි ත් ති ය සිත නුදුන් උතුමන් දිනු එම ට
නී ති ය දහම් සුරකින දිවි දෙවෙනි කො ට
පී ති ය පර වැඩම කළ පුරුදු පෙර සි ට
ජා ති ය සිහල පවතීවා කප්හිම ට
වි සි ල ඳ වු මුව සරෙහි සිරි රැදි උර යාන
දි ගු ල ඳ නලළ පිරිසිදු යස සඳ ගාන
ක තු ස ඳ සොඳ “සියල දෑ පත” සිරි සේන
මෙ ප බ ඳ කළේ සතහට නිසි මග පාන


නිමි෴