Jump to content

පියදාස සිරිසේන නවකථා එකතුව- 03/ශ්‍රී ලංකා මාතා ii

Wikibooks වෙතින්

08. පරිච්ඡේදය ජ යසේකර ස්වකීය ගමට ගොස් තමාට ඥාත්වන විජයනායක හාමිනේට ලියුමක් එවමින් මේ මංගල්යොය ඉෂ්ටකර දෙන්න කීය. එව් ලියමන තුළ තමා විසින් ප්රමබන්ධ කරන ලද කව් කීපයක්ද එවීය. ඒවා බියටිරියන් හාමිනේට හෝ පොරෝලින් අප්පුහාමිට ඇසෙන්ට යම් යම් ප්රඑස්තාවලදී කියනමෙන්ද ඒ ලියුමෙයි කියා තිබුණේය. භක්ත්යා්දරය ඇති බැවින් ඒ හාමිනේ කොලය පිටින්ම බියට්රිස් හිමිනේට දුන්නාය. ඒ කවි අට වර්තමාන සිංහල කා විසිනුත් කියවිය යුතු හෙයින් මෙහි දක්වමු. ද න ය ඇති දනට දනයෙන් කරන වැ ඩ වි න ය විය නොදැන කර සතහට අවැ ඩ පැ න ය එක් වුණොත් දනයට නො වෙ ද හැ ඩ ද න ය දනයට ම යයි ලෙස මඩට ම ඩ

පැ න ව ත් දන ඉඳිති දන නැතිව සි රි ල ක ද න ව ත් දනෝ නොතකති උන් ගැන මෙ ව ක දැ න ග ත් ගුණ දහම් සමගින් විඩේ එ ක වැ න සෙ ත් ලක් දිවිත් අයියෝ මේ කී මේ ක

ත නා දියණියක් දිවි ලෙස අදර කො ට ගු ණා ගුණ නොදත් දනවත් දුදනකු ට ක නා ලෙස දෙමින් පාවා අඹු කම ට වි නා සය කරති ජාතිය ආගම ට‍

පියදාස සිරිසේන නවකථා එකතුව 333 ද න ය ට නැණ ද ගුණ දහමද එකතු ‍ක ර වැ ඩ කොට පොරණ සිංහල දන මෙනක තු ර වි ල ස ට මඟුල් ගෙය බැබලෙව් බව එව ර ද න හ ට සිහළ නො පෙනෙන්නේ පවද පෙ ර ද න් කුඩ්ඩාට පොල් කුඩ්ඩා එක්වී ම ද න් නා දන කියති දැන් සිරිතක් සේ ම ඉ න් නා කුදිටු දනවතුනට සැමදා ම වෙ න් නා එකතු අන් දනවත් දන ‍සැ ම බී ලා විස්කි දුදනන් සහ තුටුව න් ට පා ලා සෙනෙ‍හ කොමිසන් කර කර ඉ න් ට දී ලා දියණියන් දනවත් කුදිටු න් ට වා ලා වෙන්ට විය දැන් සිංහලය න් ට ස බා ගුණ දහම් නැති දන දන අදි ක ලො බා කොට අයුතු පස් කම් සැප නොයෙ ක වි බා ගය නොකර දොලොවම ලබති දු ක ත බා සිත මෙ බව කල් යැව්වොත් යෙහෙ ක ජා ති ය රට උතුම් ආගම කුල සිරි ත පී ති ය විලස රැකි සිහලුන් ගෙන් සම ත රී ති ය ලෙසින් පැවතෙන සුදනෙනි මහ ත නි ති ය පඬින් සලකනු මැනැවි දිවි යු ත මේ කවි කීපය හොදින් තේරුම්ගත් බියට්රිස් හාමිනේටද විකාර සිරිත් ගත් ජාතියෙන් හා ආගමෙන් පරිබාහිර වූ සංකීර්ණ ධනවතෙකුට දියණිය විවිහකාර දීමට වඩා නුවණින් යුත් දර්මශාස්ත්රව උගත් කුලචාරිත්ර ආරක්ෂා කරන මධ්ය ම පංතියේ කෙනෙකුට පාවාදීම යෙහෙකැයි සිතුනේය. විල්ප්රරඩ් සිල්වා මහතා හලාවත පළාතේ ස්වකීය වත්තකට ගිය ගමන් දියණියගේ මංගල්ය ය ගැන ස්වකීය පියා දරන කඩිමුඩිය මිත්රයයකුට කීවේය. ඒ මිත්රගයාද ඒක හැබෑතමාය. සතුරන්ගෙන් තරුන් වීමත්. රෝග ව්යිපසමනය කරගැනීමටත්, ධන රැස්කර ගැනීමත් තරුණ කාන්තාවක් විවාහකර දීමත් ස්වල්පයකුදු ප්රගමාද කළයුතු කරුණු නොවේය. ඉන්නිසා පියාණන්ගේ ස්ථානෝචිත කල්පනාවට ගරුකළ යුතුයයි කීවේය. විල්ප්රවඩ් මහතා එබස් අසා “එසේය මිත්රකය, වැදගත් පොහොසත් කෙනෙකුට මගේ ළමයා කතාකරන්නට ඊට ගාස්තුවක්

334 ශ්රී ලංකා මාතා වශයෙන් නොවන නමුත් සතුටු පඬුරක් වශයෙන් පවුන් සියයක් දෙන්නෙමි”යි කීයේය. ‘හොඳයි මම අද කොළඹ යන බැවින් හෙට මම මහත්මයාලාගේ ගෙදරට එන්නෙමි”යි කීයේය. විල්ප්ර ඩ් සිල්වා මහතා ගෙදර ආවේය. උන්නැහොගේ මිත්‍රයා වන ජේමින් ප්රේරරා කොළඹ අවුත් සතුරුසිංහ රේන්ද මහතාගේ පුතාට මේ විවාහය කරදේමායි කල්පනා කොට තරුණ සතුරුසිංහ මහත්මයා සම්මුඛව කාරණය කීවේය. ඔහු බොහෝ සතුටුව ජේමින් ප්රේමරාට රුපියල් පණහකුත් දී මක්කරලාවත් කාරණය ඉෂ්ට කරන්ට කීවේය. රුපියල් පනහක් ද ලැබීමෙන් ධෛර්යයටපත් ජේමින් ප්රේ රා කලින් කීවාක් මෙන් පසු දින උදේම පොරෝලිස් අප්පුහාමිලාගේ ගෙදරට ගියේය. විල්ප්රපඩ් සිල්වා මහතා ආ කාරණය දන්නා බැවින් වාඩිවෙන්ට පුටුවක් දී කොහොමද මොකුත් කතාකර ගත්තාදැයි ඇසුයේය. ඔව් කොටහේනේ පදිංචි ධනවත් තරුන සතරුසිංහ මහතාට‍ කතානරන්න සිතාගෙන ආවෙමි. මෙහේ සතුටු නම් උන්නැහේව සතුටු කරගන්ට පුළුවනැයි ජේමිස් ප්රේනරා කීවේය. පුත්ර්යා මෙකවත් කථාකරන්ට ප්ර්ථම හාන්සිපුටුවේ වාඩිවී වුන් පො‍රෝලිස් අප්පුහාමි ආ ළමයා සතුරුසිංහ කාගේ කවුද රක්ෂාව කුමක්ද කියා ඇසීය. ඇයි අප්පුහාමි දන්නේ නැද්ද සතුරුසිංහ රේන්ද මහතාගේ පුතා. එකම පුතයි. පවුන් සියක්දාහකට වඩ‍ා දේපල තිබේ. හොඳට ඉංගිරිසි උගත් කෙනෙකැයි කීවේය. පොරෝලිස් අප්පුහාමි සිනාසී අනේ ළමයා රේන්දකාරයකුගේ ධනයත් ඔහුගේ වර්ණනාවත් කීමෙන් පලක් නැහැ. “රේන්ද මහත්මයා” මදුරුවාට සමාන කරන සිංහල කථිකයෙක් අප ‍රටේ සිටියි. රේන්දරාළ ධනය සපයා ගත්තේ පවුල් කී දහසක් අනාථකර මගට බස්වලාද? එක රේන්ද රාළ කෙනෙකුට රුපියල් පණස් දාහක් රේන්දයෙන් ලාබ ලැබුණා නම් මිනිසුන් පන්දාහක් බේබද්දන් කරලා අපායට කැප කිරීම ඔහු විසින් සිද්ධකළ බව තේරුම් ගතයුතුයි. සත්පුරුෂයන් විසින් වැරදි ලෙස සම්මත කරනලද වෙළෙදාම් පසක් තිබේ. එනම් - මස් පිණිස සතුන් විකිණීම, සත්ව හිංසාව පිණිස ආයුධ විකිණීම, මස් විකිණීම, විස වර්ග විකිණීම, සුරා විකිණීම යන මේ පසයි. මේ පස සත්පුරුෂයන් විසින් ගර්හිතයි. ගරහිතදේ කරන්නා අධර්ම වාදියෙකි. එබඳු මිනිසුන්ට සම්බන්ධ වීම නයි පොළොං ආදීන් හා එක්වීමක් වැනි ක්රිවයාවකි. ඊටත් වඩා අප සිංහල ජාතිය ගරුකරන සිංහල ජාතියේ චාරිත්රැ වාරිත්රි ගරු කරන අයයි. ඒ නිසා සුරා වෙළෙන්දන් අප ජාතියේ උසස් අය ලෙස සැලකීමක් නැත. අපේ දියණිය විවාහකර දීමට රේන්දකාරයෙක් හෝ රේන්ද කාරයකුගේ පුතෙක් සෙවීම


පියදාස සිරිසේන නවකථා එකතුව 335 ශ්රිායාකාන්තාවට කාලකන්නියා එක්කිරීමක් වැනි ක්රිීයාවකි. ඒ නිසා ධනය ගැන වැඩිපුර නො සොයා ගුණධර්මයේ පිහිටි වැදගත් උගත් කෙනෙක් සොයා බලන්න පුළුවන්නම් හොඳයයි කීවේය. ජේමිස් ප්රේාරාද ඉතාමත් සතුටුව කලක සිට “මංගල්යීයක්” ජෝඩු කරන්ට කියමින් සිටින සිල්වා අද්වකාත් මහතා බලන්ට ගොස් පොරෝලිස් සිල්වා අප්පුහාමිගේ මිනිබිරියගේ රූපශ්රි යාවත් ඒ තැනැත්තියට ලැබෙන්ට ‍තිබෙන විශාල බූදලයක් ගැන කාරණා කියන්ට පටන්ගත්තේය. “කතාට වුවමනා දැහැය” කියන්නාක්මෙන් යුරෝපීය කාම සුඛල්ලිකානුයෝගයේ ගැලී සිටින සිල්වා මහතාට ධනය ලැබෙනවාය කී හැටියේ මහත් සතුටක් ඇතිවී ජේමින් ප්රේදරා සමගම බීම සාප්පුවට ලොස් විස්කි ටිකක් බී “මිස්ටර් ප්රේපරා, උඹ මට මේක හරිගස්සා දුන්නොත් පවුන් දෙතුන් සියයක් උපකාරද කරන්නෙමි”යි කීවේය. ජේමිස් ප්රේුරා හොඳයි කියා ගෙදර ගොස් රාත්රිීයේ නැවතත් පොරෝලිස් අප්පුහාමිලාගේ නිවසට ගොස් සිල්වා අද්වකාත් මහතාගේ විත්තිය කීවේය. පොරෝලිස් සිල්වා අප්පුහාමි ජේමින් ප්රේේරාගේ වර්ණනාව ගැන ටිකක් සතුටුව පුතාගේ කැමැත්ත පරිද් අද්වකාත් උන්නැහේ සමඟ එන්නටයයි කීවේය. සැබවින් ජේමින් ප්රේ රා මංගල්යනය සිදුවූවාක් මෙන් සතුටු විය. සිලවා අද්වකාත් මහතා පරම්පරාගත භක්තිවන්ත රෝමානු කතෝලිකයෙකි. ඇතැම් උගත් අද්වකාත්වරු ක්රිනස්තියාන් නමින් පමනක් අදහතත් මොහු අන්ධ භක්තියෙන් යුක්තවම අදහන්නෙකි. මේ බව කිසිත් ‍නොදැන පොරෝලිස් සිල්වා අප්පුහාමි එනිට කී බැවින් පසුවදා හතරට පමණ සිල්වා අද්වකාත් මහතාත් ජේමිස් ප්රේබරාත් පොරෝලිස් සිල්වා අප්පුහාමිලාගේ නිවසට පැමිණියහ. අද දින යම් කෙනෙක් ගෙදරට පැමිණේයයි කිසිසේත් නොදත් පද්මිණී ද වත්තේ ඉස්සරහ පැත්තේ සිටියාය. මොව්හු මහපාරේ එමින්ම පද්මිණී දැක මනාලිය අර ඉන්නා ඇත්තියයි ‍ජේමින් ප්රේමරා විසින් කියා දුන්විට සිල්වා අද්වකාත්ට බලාපොරොත්තුවූවාටත් වඩා බලවත් හැඟීමක් හිතේ ඇතිවිය. “රූපශ්රිතයෙන් අග්රොප්රා්ප්ත වූ මේ තරුණිය උගත්කමින් ද පළමුවැනි පංකිතියේය. ශිෂ්ටාචාරකමින් හා ගුණධර්මයන්ද පළමුවැනිවාට සැක නැත. ධනය අතින් බලන කොටත් ඒ සියල්ලටම වඩා ඉහලය. ඒ නිසා මක්කරලාවත් මේ තැනැත්තිව විවාහකරගන්ට වුවමනාය. මේ ඇත්තන් බෞද්ධාගම් කාරයන් බැවින් මගේ ක්රිකස්තියානිකම ගැන අසතුටු වුනොත් බෞද්ධාගමට බොරුවටවත් ගොසින් මේ විවාහය කරගන්නෙමි”යි සිතූ සිල්වා අද්වකාත් මහතාත් ජේමින් ප්රේේරාත් පොරෝලිස් සිල්වා

336 ශ්රීත ලංකා මාතා අප්පුහාමිලාගේ නිවසට ගියහ. එවුන් කුමකට එනවාදැයි නොදත් පද්මිණී ස්වකීය කටයුතු සිරිත් ප්රශකාර කළා මිස ඔවුන් ගැන සැලකීමකට පත්නොවීය. මේ නිසා පද්මිණී හොඳහැටි බලාකර ගැනීමට ද අද්වකාත් මහතාට ඉඩ ලැ‍බුණේය. පොරෝලිස් සිල්වා අප්පුහිමි ඔවුන්ට වාඩිවෙන්ටදී මඳ වේලාවක් කතාකරමින් සිටින විට තමාගේ සිතට කොහෙත්ම රුචි නැති මිනිහෙක් බව පෙනී ගිය නමුත් ඒ බව නොදන්වා තේවතුරෙන් සංග්රමහ කොට යන්ට හැරියේය. සිල්වා අද්වකාත් ජේමින් ප්රේසරාත් සමඟ යමින් කොයි විධියකින් වත් මේ විවාහය කරගන්ටම උවමනායයි කීවේය. එසේක වුවත් ඉන්පසු ඒ ගැන විමසීමක් ‍හෝ කතාවක් ඇතිනූන බැවින් ඒ කාරණය මගඇරුනාක්මෙන් විය. අද්වකාත් සිල්වාට වැඩි ධනයක් නැති බැවිනුත් ඉපයීමට සමර්ථයෙක් නොවන හෙයිනුත් ඔහුගේ සම්පූර්ණ බලාපොරොත්තුව බූදලයක් ඇති ස්ත්රිවයක්ම කසාද බඳන්ටය. රූපශ්රිනයාවෙන් හෝ ගුණ නුවණින් යුතු නැතත් ධනය ඇති පව්ලකින්වත් බැඳීමට බලාපොරොත්තුවන ඔහුට මේ කාරණය කොයි අන්දමකින්වත් මතක නැති කරන්ට පිළිවන් නොවීය. පොරෝලිස් සිල්වා අප්පුහාමි වයසට පත්වූ බැවින් තමාගේ ප්රාොණය මෙන් ඇතිදැඩිකළ දියණියන් තමාට රුචි කෙනෙකුට සරණපාවා දෙන්ට ඉක්මන් කරන බැවින් පද්මිණීගේ මවුවන බියට්රිස් පෙරේරා හාමිනේත් විල්ප්රකඩ් සිල්වා මහතාතා තාත්තාට කැමැත්ක් කරගන්ට දෙමුයයි තීන්දු කරගෙන ඒ බව කීහ. ඊට සතුටු මහලු සිල්වා අප්පුහාමි එදාම කළුතරට ගොස් ජෝන් ජයසේකරලාගේ නිවසට පැමිණියේය. පවුන් සියක්දාහකට අධික ධනය ඇති පවුලකින් ජෝන් ජයසේකරට විවාහයක් කරගන්ට ලැබේයයි සිතීම දුෂ්කර නමුත් පොරෝලිස් සිල්වා අප්පුහාමි පැමිණියේ මඟුල් කටයුතු නිමකර ගැනීමටම බව තරුණ ජයසේකරට වැටහී ඔහු පුදුමවිය. ජයසේකර ස්වකීය මෑණියන්ට හා පියාණන්ටත් පොරෝලිස් සිල්වා අප්පුහාමි අඳන්වාදී සුදුසා සංග්රටහ කරනලදී. ජයසේකරගේ පියා යමක් කමක් දත් ජාති හිතෛෂි කෙනෙක් බැවින් ස්වජාතිය කෙරේ මහත් ප්රේ මයෙන් වැඩ කරන පොරෝලිස් සිල්වා අප්පුහාමි කෙරෙහි මහත් ගෞරවාදර දැක්වීය. ඔවුහු නොයෙක් ධර්මාන්විත කරුණු ගැන කතාකරමින් එදා ප්රී්ති වූහ. පොරෝලිස් අප්පුහාමි ස්වකීය මිනිබිරිය වන පද්මිණී පවාදීමට තරුණ ජයසේකර ඉතාම සුදුස්සා හැටියට තොරාගත් බවත් මේ මංගල්යටය නිසා වර්තමාන සිංහලයන්ගේ ආවාහ විවාහ සම්බන්ධ පවත්නා කල්පනා හුඟක් දුරවත් පරශෝධනය

පියදාස සිරිසේන නවකථා එකතුව 337 වීනම් එකවිඩේ යහපත් කරුණු කීපයක් සිද්ධවුනා මෙන් තමාට ප්රී7තිවිය හැකියයි සිතුයේය. ඔව්හු එහිදී රාත්රී බත් අනුභවකොට කතාකරමින් සිටිනාවිට “පුරාණ සිංහල ස්ත්රිීයක් විවාහවීමේදී අඳින පළදින සැටිත් ඒ මංගල්යවය සිරිත් පවත්වන සැටිත් ජයසේකර ‍රාළහාමි දනිතොත් කියා කෙන්ටය”යි පොරෝලිස් අප්පුහාමි කී බැවින් තමාට මතක තුබුණු විස්තර මෙසේ ප්ර‍කාශ කරන ලදී. පුරාණ සිංහල රටේ මංගල සිරිත් ආදිය ප්‍රකාශිත පොත් බොහෝ ‍රාශියක් තුබුණාට සැකයක් නැත. නමුත් සීතාවක විසූ දුෂ්ට රාජසිංහ රජුගේ කාලයේත් පරංගි ආදී පරසතුන්ගේත් දුෂ්ට ක්රිායා පැවති කාලයේත් ඒ අපේ උතුම් පොත පත විනාශ වුනාටද සැක නැත. සිංහල මංගල්ය සිරිත් දඹදිව බ්රා්හ්මණ, ක්ෂත්රීීය, වෛශ්ය වංශවල ජනයාගේ සිරිත් වලට කොහොමත් වෙනස් නොවේ. ඉතින් සිරිත් හා සියලුම ශිල්ප ශාස්ත්රවදිය නාම මාත්ර යෙන්වත් සඳහන්කොට අපේ ශ්රීා රාහුල ස්වමාන් විසින් කරන ලද කාව්ය ශෙඛර නම් මු‍ළු ලෝකයේ පවත්නා කාව්යසයන්ගේ කිරීටය බඳුවූ පුස්තක රත්නයෙහි දක්වා තිබේ. ඉන්නිසා අප්පුහාමි සතුටු නම් එහි විස්තරයක් කියාදෙන්ට පුළුවනි. ඒ සිරිත්ම පරචාරිත්රත පුරුදුවනතුරු හෙවත් පරංගි බලය ලක්දිව පැතිරෙනතුරුම සිංහලයන් අතර පැවතී බව පෙනේ. ඊට බලවත් ශාක්ෂියක් වශයෙන් පැරණි සිරිත් හා ක්ර මවලින් කීපයක් අද දක්වාත් වැදගත් සිංහලයන් අතර මඟුල් ප්රාස්තාවලදී පවතින බව කිය හැකැයි කීවේය:- මේ පැරණි මංගල්ය චාරිත්රි ක්රකම හා වර්තමාන ක්රවමවලට සංසන්දනය කරබලා වඩා අලංකාරවූ ද, වියදම් අඩුවූද සත්පුරුෂයන් ප්‍රිය එලවන්නාවූ ද ක්රවම පිළිගැනීම තමන්ට වැඩ කැමති සිංහලයන්ගේ බලවත් යුතුකමකි. ඒ හෙයින් පුරාණ අප රටේ පැවති මඟුල් ගෙදරක සැරසිලි මනමාලියකුගේ හා මනමාලයකුගේ සැරසීමත්මංගල්යව චාරිත්රෙත් වර්තමාන කාලයේ මඟුල් ගෙදරක සැරසීම ආදියත් සෝදිසිකර බැලීම ඉතාමත් ප්රයයෝජන කාරණයකි. කරුණාකර ජයසේකර රාළහාමි ඒ පුරාණ පැවැති ක්රයමය විස්තරකර දෙන්ටයයි කී‍වේය. හොඳයි අප්පුහාමි එය නිකම්ම කීවිට මොන බලයක් පිට මෙසේ කියන ලදදැයි බොහෝ ‍දෙනා සැකකරන්ට පිළිවනි. ඉන්නිසා ෂධ්භාෂා පර‍මේශ්වර ශ්රීි රාහුල සංඝරාජ සිවාමින්ගේ කීම මෙහි පළමුකොට දක්වමු.



338 ශ්රීඉ ලංකා මාතා එළඳ බප ඉක්බි ති සත් වන තැන ගහන් නැ ති මොහොත සඳු බල ඇ ති වීවා මගුලට සෙද පටන් ‍ග ති

මුතු වියනින් මහ ‍රු නවමල් සියෙන් විසිතු රු රන් කලස පිවිතු රු සුසැදු රන්පාලිකා පිවිතු රු

මුව ලඹරඹ දිමු ත් රන් කලස පොල් මල් යු ත් රන් දද තොරණ පෙ ත් රුවන් වැල්ලෙන් සැදූ ‍මහව ත්

අසෙනිය මලින ව ල අතුට පටපිළි පිළව ල මිණි පහනින් උදු ල සුරන් විමනෙව් සැදි මඟුල් හ ල මෙයින් දක්වන්නේ විවාහය සුභ මුහුර්තයකින් සිද්ඛකරන බවයි. ඒ සුභ මුහුර්තය සප්තමස්ථානයේ ග්රහහයන් නැත්තා වූ චන්ද්රීයා බලවත්ව සිටින මුහුර්තයන් සොයාගැනීම වේ. ඉතින් මඟුල් ගේ සැරසූ සැටි ඵල ඇත කෙසෙල් ගස් සිටුවා පොල්මල් වලින් අලංකාර කරනලද පුන්කලස් ( මල්පෝච්චි) තබා තොරන් බැඳ (ගෙඩි ගෙවල්) ඒ ඒ තැන්හි විසිතුරු කොඩි එල්වා ගෙමිදුලෙහි කළුවැලි හැර කසාවර්ණ වැලි ඉස ගෙදර දක්වා මාරගයද ‍එසේ සරසා මුතුවැල් එල්වන වියන් බැඳ අළුත් මල් වර්ගවලින් සජ්ජිත මල්පෝච්චිවලින් යුත් ස්වර්ණමය පාලිකා වෙන් පවිත්රද වූ උපහාර පුෂ්පයන්ගෙන් ආකූල පිල්වල (පුටු හෝ බන්කුත් ගත හැකි) හෙවත් ආසනවල පටරෙදි අතුරා තබා නොයෙක් ප්රුදීපවලින් අලංකාර කොට මංගල්යප ගෘහය සැරසිලි කිරීම ඒ පරණ සිංහල පිළිවෙළයි. දැනුත් වත්කමේ හැටියට අඩුවැඩි වශයෙන් මගුල් ගෙවල් සැරසිලි කරන බැවින් නැකත් හා මඟල් ගේ සැරසීම එවකට පැවති ලෙසම දැනුත් පවතින හෙයින් ඒ සම්බන්ධව අපට විවාදකරල්ට දෙයක් නැත්තේය. නමුත් මෙහිදී සිතට ගන්ට තිබෙන මේ තොරන් බැදීම මල්පෝච්චි තැබීම, වියන් බැදීම, කොඩි ඇදීම ආදිය පියදාස සිරිසේන නවකථා එකතුව 339 (අනුන්ගේ ඉගෙන) මේ කාලයේ පමණක් කරන බැව් සිතන අඥානයෙන්ගේ දුරුමතය දුරුවීමයි. එහෙයින් පැරණි අපේ මිනිස්සු වර්තමාන මිනිසුන්ටත් වඩා මංගල්ය ගෘහ සරසන පිළිවෙල දැනගත විසූ බව සැලකිය යුතුයි. මීළගට මනාලියක් මගුල් දවසේ සැරසූ සැටි බලමු. යෙහෙලිය ඇවිත් සි ට ගා සිරස තෙල් මුරුව ට සිහිල් පැන් වත් කොට ට එළඳ නැහැවූ සිපිරිසිදු කො ට

දුම් දී තුවර ලා මල් බර නැමුණු සුනි ලා එළද දිගු වර ලා බැදපු ඊතණ මීප් දම ලා

වඩවන දනන් අ ටී එළද සුදු සළු ඇඳ සි ටී කිරිසිඳු රළ දැව ටී රැපයි සිරිකත පහළවන සැ ටී

නිලඳුන් ගෑ ඇ ‍ඟේ දිගුනෙත් කැලුම් තර ‍‍ඟේ සැරය මල් සරු ‍ඟේ හලාහලා විස පෙවුලා ගේ

කොපුල පිළිබිඹු ප ත් දියුණුව පෙනෙන පැහැප ත් රන් තෝඩු සවන ත් මදන රියසක් සතර සිරිග ත්

අලතා වැකි අළු ත් එපමා පතුල් යුඟර ත් නව රිවි කිරණ ප ත් විලස පෑයේ සුපුල් සියප ත් 340 ශ්රීස ලංකා මාතා

රුවන් හර මන න ඳ පියයුරු යුවළ පියබ ඳ වට පටහුයින් බ ඳ බිසෙව් මිණිකල වැනි මුවර ද ඳ

අනත කර සම රූ හු නව පටින් ඇඹ රූ දපා බැඳි මතු රූ එ ළඳ අත කවුතුකය ඇදු රූ

වෙරළු මිණි රසඹු ස් ඉසිනෙව් වටොර රඹ ග ස් මෙවුල්දම් එ වල ස් ලකළ කෙළ ලෙලපුළුකුළු දෙ ස්

තම දුව එ දද වි රූ සරහා මෙසේ අනතු රූ පවර වර එන තුර රූ බලා සිටියේ සෙබෙහි සමිතු රූ

මෙහි මනාලිය සරසා තැබූ අයුරු කදිමට විස්තරකර තිබේ. යෙහෙළිය හෙවත් අවෙතේව කරන ස්ත්රීයන් විසින් මඟුල්දා උදේ මනමාලියගේ හිසතෙල් හා මුරුවට (නානු) ගා සිහිල් ජලයෙන් නහවා පිරිසිදුකර කිරිමුහුදෙන් පහළවූ ශ්රියයාකාන්තාවමෙන් ඉතා පිරිසිදු සුදු සළුවලින් (හඳින වස්ත්රහය, හැට්ටය, ඔසරිය, සිරස වැස්ම (වේල්) යන මේ සියල්ලම සුදුපාට වියයුතුයි) සැරසුනේය. ඇගේ කේස කලාපය තගර දුම් අල්ලා ඊතණ හා සුදුළුනූ ස්වල්පයක් දමා බැඳ මල්ගසා නේත්රමයන්හි නීලාංජන ගා කර්ණයෙහි මාණික්යූ කුණ්ඩලාභරණ හා අත්වල රන්වලලු ආදී ආභරණ පළන්දවා පට නූල්වලින් අමුනන ලද රන් ඇට වැල (මාලය) පයෝධර හාත්පසින් එල්ලෙන්ට බැඳ (දික් වූ රන් මාලය දැනුදු පළදී) ඉනේ මෙඛලාදාමය (රන් පටියක්) බැඳ පතුල් රතුපාටවීමට අලක්තරස ගා ශාස්ත්රධයෙහි නියම පරිදි නූල් නවපටින් අඹරනලද කාප්පුව ආචාර්යතුමා විසින් මන්ත්රසය ජපකොට මනාලියගේ අතේ බැඳ සරසන ලද මංගල්යම ශාලාවේ අලංකාර ආසනයක මනාමාලිය වාඩිකොට ඇගේ පියා හා අවශ්යව බනුධු මිත්රායන් රැස්ව මනාලයාගේ පිරින එනතුරු සූදානම්ව සිටියාහ. මේ මනාලියක් සැරසීම දැනුත් කරන නමුත් මෙහි දැක් වූ පුරාණ පිළිවෙල වර්තමාන පියදාස සිරිසේන නවකථා එකතුව 341 පිළිවෙලට වඩා අලංකාර බවත් අඩු බවත් ශරීර සුබදායක් බවත් පෙනේ. මනාලියගේ හිස මනාව පීරා සුවඳ දුම්දී මල් ගවසා බැඳීම ශරීරයට සැපදායකයි. ඇයට ප්රිදයයි. දැන් මනාලියගේ හිස විකාරවිධියට ගොතා කුකුල් කුඩුවක් ලෙස අවුල් කොට සකස්කරති. නමුත් පුරාණ පිළිවෙල වඩා පහසු ප්රිඩයකුරු බව කාටත් තෙරේ. දැන් මනාලියට හුස්මගත නො හැකි ලෙස බොස් තරක්කයක් අඳවා රෝස පාටෙන් මහනලද බඹ හතරක් පමණ දිගට වල්ගය එල්ලෙන ගවොමක් අඳවති. ඒ කාලයේ පිරිසිදු සේවත වස්ත්රල හඳවති. එසේ සැරසූ මනමාලිය කිරිසාගරයෙන් පහළවූ ශ්රිියාකාන්තාය වැනියයි කියා තිබේ. නමුත් දැන් සරසන මනමාලිය ඔළුය තදකොට ගොත් හිසේ කැක්කුමෙනුත්, තද වූ බොස්තරක්කයක් ඇඳ ආශ්වාස ප්රහශ්වාස කරන්ට අමාරුව මැලවීමෙනුත්, එකෙක් බරවූ පැරුවක් වැන් දික් ගවොම ඇඳ බිජු බර වූ පාත්තියක් මෙන් ගාට ගාටායාමෙනුත් මහත් අසොභන ලීලාවක් උසුලන බව පෙනේ. ඉතින් ඉන් මිණි මුතු ආභරණ පැළදීම වත්කමේ ප්රලමාණයට ඒ කාලයෙත් සමානවම කරති. ඒ කාලයේ ස්ත්රීරන් ගේ ඇස්වල නිලාංජනාලෙප කරන ලද බැව් කියා තිබේ. දැනුදු ඇතැම් පලාත්වල එය කරන බව පෙනේ. මීළඟට දක්වන්නේ සැරසූ මනමාලිය ඉතා හොඳ ආසනයක වැඩි කරවා මනමාලයාගේ පිරින එනතුරා පියා හා ඥාති මිත්රායන් රැස්ව ක්රී ඩාදිය පවත්වමින් සිටින ලීලාවයි. එය දැනුත් එසේම කරන බව පෙනේ. මනමාලයාගේ සැරසීම ඒ ඒ කාලවල පුරුදු ඇඳුම් වලින් වියයුතු බැවින් පුරාණ පැවති පිළිවෙල දැක්වීම ප්රදයෝජන නොවේ. එතකුදුවත් ස්වජාතිකය කියන යම් ඇදුමක් හෝ ඇඳුමකින් කොටසක්වත් පවතීනම් අනික් දවස්වල කෙසේ වෙතත් මේ මගුල් දවසේ එය භාවිතා කිරීම ආත්ම ගෞරවය ඇතියන් ගේ යුතුකමකි. මනමාලයා පැමිණියායින් පසු කරන සිරිත් පුරාණයේ මෙසේයි. පැනවු අස්න හි ඳ රන්තලි ගිතෙල් මී බ ඳ දුහුල් යුග මනන ඳ එ හිමි පිළිගත් දුන් මයිල් ද ඳ

ලද බොලද එ බැමි ණී රතන ඩහ දිය සෙලවි ණී හිමි පලඹත ගිහි ණී පැමිණි ලොමු දැහැ නුරා සරිවි ණී 342 ශ්රී ලංකා මාතා හැද සුනි මල් දුහි ල් සපැමිණි එ හිමි වෙත ක ල් දැක රුසිරු මනක ල් සියල් ගත්තෙත් වනුව වී ලො ල් පැදකුණු වත පැසු ළු විලසින් ලෙල හුතැස්සි ළු රුව හිමි නඹු සහ ළු බලා සලනෙව් සිරස සුලකු ළු මුතු වන් නියෙනු දු ල දිගැඟිලි කොමල රතු ප ල හිමි සඳ එ මන ක ල මයිල් දද දුන් රැගත් කරත ල පවණින් ලියෙන් සො ඳ මල් වන් සැලෙන පළු මැ ද ගුරු නියොවින් ඵල ද විලඳ ගෙන ඉසී දිලෙන ගිනි මැ ද මෙ ඈ විදිවූ ලෙ ද විවා පාවා දුන් ස ද ලිය ගී සද සබ ඳ බලා වරගන රැගුම් හිමි ස ඳ ඉතින් මනමාලයා හා පිරිස අවුත් තමාට නියම ආසනයේ වාඩි ගත් පසු මනමාලියගේ පියා හෙවත් මාමා විසින් පළමුවෙන්ම ගිතෙල් හා මී පිරවූ සිවර්ණාදී තැටියක් පළමුකොට පිළිගන්වා ඉක්බිති වස්ත්රහ දෙකක් දෙනු ලැබේ. මේ එවකට පැවති පිළිවෙල නමුත් දැන් පවුම් ගණනක් වත්කමේ හැටියට දෙන බව පෙනේ. දායාද දීම අළුත බොවූ සිරිතකි. ස්ත්රිාය ගේ මව්පියන්ට යම් ධනයක් ඇතහොත් එයින් සුදුසු කොටසක් දීම යුතු නමුත් පොරොන්දු වෙලා (ණයතුරුසට පවා රැගෙන) දායාද ලැබීම අහික්ෂිත චාරිත්රුයකි. මෙසේ මනමාලයා මාමා විසින් පිළිගන් ලැබූ පසු මනමාලිය නැගුටුවා ඇගේ පියා විසින් දකුණු අත ගෙන මනමාලයා ගේ අතේ තබනු ලැබේ. ඉක්බිති දෙදෙනාම නැඟිට සිටියදී ඇවිලෙන ගිනි කබලට දමන පිණිස මනමාලි ගේ අතට පියා විසින් සහල් ටිකක් දෙනු ලැබූ බවත් ඇය ඒ ගින්නට දැමූ පසු පෝරුවෙන් බැසීම බුලත් හරුලු දීමාදී කටයුතු ඉවරව අත පැන

පියදාස සිරිසේන නවකථා එකතුව 343 වඩා මංගල්යාසෂ්ටක කියා පොරුවෙන් බැස්ස පසු නොයෙක් වරාංගනාවන්ගේ නොයෙක් ක්රීිඩා පවත්වන බවත් කියා තිබේ. මේ කොටස දැනුන් මෙසේම පවත්වති. අමුත්තක් වශයෙන් තිබෙන්නේ ඒ කාලේ ගින්නට හාල් ටිකක් දැමූ බවත් දැන් හාල්සේරු කීපයක් පොරුව මස්තකයෙහි දැමීමත් පමණකි. සාමාන්යහයෙන් බලනකොට පුරාණ පැවැති මඟුල් ගෙදර සැරසිලි මනමාලියගේ ඇඳුම් සහ චාරිත්රොත් දැන් පවත්වන කේක් මත්පැන් ආදිය රැගෙන කරන පිළිවෙළට වඩා උතුම් බවත් වියදම් අඩු බවත් පෙනේ. එන් නිසා නැවතත් මේ පැරණි පිළිවෙළ අපේ රටේ ප්රවකෘතිමත් කොට පිහිටුවා ගත යුතුයයි ජයසේකර රාළහාමි‍ කීයේය. පොරෝලිස් සිල්වා අප්පුහාමි සහ ජයසේකර මහතුන්ගේ ගෙදර කවුරුත් ඉතා රෑ බෝවී නිදා ගත්හ. පසුදින උදේ පොරෝල්ස් සිල්වා අප්පුහාමි කොළඹ එන පිණිස සූදානම් වූයේය. ජෝන් ජයසේකරගේ පියාණන් වන ජයසේකර රාළහාමිට තමා පැමිණි කාරණය දැන්වීම වශයෙන් මෙසේ කථාවක් ඇතිවිය. පො. අ. - මම මේ අවේ කුමකටය කියා රාළහාමි හිතනවාද? ජ.රා - කුමකටද කියා මට නිශ්චයකොට සිතාගන්ට අමාරුයි. නමුත් මගේ ළමයාගේ ඇඳුනුම්කම නිසා ඔහු කෙරේ යම්කිස් ප්ර සන්නියනික් ආ බව සලකමි. පෙ. අ - ඔව් ජෝන් ජයසේකර මහත්මයා කෙරේ ප්රතසන්නව ඔහුට මගේ මිනිබිරිය විවාකර දීමට තීන්දු කරගන්ට ආවෙමි. ජ. රා. - ඒ ගැන අපිත් සතුටුයයි කීම ඇහැල පෙළහැරට බෙරත් ඇද්දැයි කීම වැනි කථාවකි. නමුත් මගේ පුතා ජයසේකර ගුණධර්මයේ විපාක සාන්දෘෂ්ටිකව ලැබුවා දැක්ම මට චක්රුවර්ති රාජ්යවය ලැබුණාට වඩා ප්රීකතියකි. පො. අ. - ඇයි රාළහාමිට ධර්මයේ අධර්මයේ විපාක සාන්දෘෂ්ටික බව මීට ප්රුථම ප්රලත්යඇක්ෂ වුණේ නැද්ද? ජ.රා - අනන්ත වාරවල එ හෙම දකින්ට ලැබුණා. අපේම වැදගත් කෙනෙක් පාප මිත්ර- සේවනයෙන් පරසිරිත්වලටත් දූසිරිත් වලටත් වැටී හිරගෙයි කුණු පනු කනු දැකීම ආදී කාරණා කීපයක්දී මේ සාන්දෘෂ්ටික විපාක ධර්මය ප්රැත්යාක්ෂ කර ගතිමි. බුදුහාමුදුරුවන්ගේ ශ්රීය මුඛයෙන් දේශනා කළ සියල්ලක් එසේම බව මම දනිමි.

344 ශ්රී ලංකා මාතා පො.අ. - අනේ රාළහාමි, ලෝක ස්වාමිවූ බුදුහාමුදුරුවන්ගේ ධර්මය නිතර භාවිතා කරන නැවත නැවත අසමින යොනිසොමනසිකාරයෙන් කල්පනා කරන අයට මෙලොව ම දිව්යඅ සැප අත්වේ. මම තමුන්නාන්සේට කාරණයක් කියන්නෙමි. අපේ ගම බෙන්තොට වලල්ලවිට කොරලේ යි. මම ගමින් එනකොට රුපියල් දෙකක් පමණක් අරගෙන ආ කෙනෙකි. නමුත් දැන් මගේ ධනය පවුන් දෙලක්ෂයකට වැඩියි. ඉතින් මේසා විශාල ධනයක් ඇතිකර ගැනීමට මට හේතුවූයේ ප්රිඥාවත් වීර්යයත් අප්රකමාදයත් යන කාරණා තුන පමණකි. මම ගමින් අවුත් මීගමු පළාතේ මිනිහෙකුත් සමඟ මෙරට ද්රයව්ය සුව වශයෙන් වෙළදාම් කොට පවුන් හත්සියයක් පමණ ඉපයුවාට පසු ඒ අයගෙන් වෙන්ව ම‍ වගේ කොටස වන පවුන් 350 කින් වෙළදාම අ‍ාරම්භ කළෙමි. ඒ මගේ අනිත් කොටස්කාරයා අසරණ කාලයේ මත්පැන් බීමෙන් හා සියළුම දුශ්චරිතවලින් වැලකී සිටියේය. නමුත් අපේ වෙළදාම ටිකක් දියුණු වේගෙන එනවිට ඒ කාලකණ්ණි මිනිහාට ජින්, බ්රැ්න්ඩි ආදී මත්පැන් බොන්ටත්, කුකලක් කිකිළි බිත්තර ආදිය කන්ටත් අභිචාරිකා ස්රීී ම න් සමඟ හැසිරෙන්ටත් නෘත්යබ බලන්ටත් විකාර ඇඳුම් අඳින්ටත් ඕනෑවිය. මේ බව දුටු මම ඔහුට අවවාද කළ නමුත් ඔහු මට කී වල් වචනය නම් “ මොනවද අප්පුහාමි” මුදල් හදල් හම්බකර ගන්ට ඉස්සර හොඳට ප්රීනතිනූනත් යමක් කමක් ලැබෙනවිට සිත්වූ පරිද්දෙන් ප්රී්තිවෙන්ට ඕනෑය. මේ ශරීරයෙන් ගත යුතු ප්ර යෝජනය නම් ඒ ස්ත්රී් රූපයට උවමනා කෑම බීම ඉදුම් හිටුම් ස්පර්ශ ආදිය සලස්වා දීමයි. අප ළඟ මොකවත් නොතිබුනු කාලයේ අපි යන්තම් කුසගිනි නිවාගත්තා මිස හොඳට කෑවේ නැහැ. බීවේ නැහැ, ඇන්දේ නැහැ, ලක්ෂණ රථාහනයකින් ගියේ නැහැ. වෙනත් සිතට ප්රි්යකරන කිසිවක් කළේ නැහැ. නමුත් දැන් සල්ලි තිබෙන බැවින් ඒ සියල්ලම කරන්ට ඕනෑ. අපේ හාමුදුරුවන් කියන්නෙත් ශරීරයට පුළුයන් තරම් සැප දීමටයි. මම රෝමානු කාරයෙක් නිසා මට නම් නොකා නො බී සිතට ප්රී.ති උපද්නා සියල්ලම නොකර අමාරුයි. අපේ ස්වාමීවරුන් යාච්ඤා කළාම පව් වැඩක් කළත් අපට සමාන තිබෙනවා. ඉන්නිසා අප්පුහාමි මගේ මිධිවත්කම්වලට අසතුටු නම් අපේ වෙළදාම් ගණක් බලා වෙන්වෙමුය”යි කීයේය.

පියදාස සිරිසේන නවකථා එකතුව 345 හැබෑවටම මේ කුදිටු මෝඩයන්ගේ කථාව අසා මම පුදුමව වහාම වෙළදාමේ ගණන් බලා මගේ කොටසෙන් මම වෙළදාම තනියම කරගත්තෙමි. ඉතින් ඒ මගේ මිත්රමයා ඔහුගේ පූජකයන් උගන්වන ප්රතතිපත්තිවල ආකාරයට මත්පැන් බීම, සතුන් මරා‍ගෙන කෑම, ස්ත්රීෙන් කීපදෙනෙකු‍ සමඟ හැසිරීම, පල්ලියාම, නෘත්ය් සංගීත බැලීම, යුරෝපීය හෙවත් මිථ්යා සිරිත් ලෙස හැසිරීම යන මේවා කරමින් හෙට්ටින්ටත් ණයව අන්තිවේදී නොට්ටුවක් ගැන වංචාකොට දඟගෙට ගොස් අවුරුද්දක් එහි සිට එතැන් පටන් තවමත් කුලී උස්සමින් ජීවිකාව කරගනියි. මම අධික පංචකාමයවත් අධික දුකටවත් නො බැස සර්වඥයන් වහන්සේගේ උතුම් ධර්මය පරිදි පිරිසිදු සැහැල්ලු වාන් පැවතුම් ඇතුව පින් දහම් කරමින් අප්ර මාදව වීර්යයෙන් යුක්ත ප්ර ඥාවෙන් වැඩකොට ධනවතෙක් වුනෙමි. මේ ලෝකයේදී වින්දයුතුවූ ප්රකණීත පංචකාමයත් වින්දෙමි. සත්පුරුෂයන්ගෙන් නිනිදා ලැබීමට සුදුසු කිසිවක් නොකොට නොයෙක් දෙනාගෙන් නිතර කීර්ති ප්රුශංසා ලබමින් රුපියල් විසි ලක්ෂයකට අධික දේපලක් ඇතිකළ විට මරණින් මතු සුගතියද ඒකාන්තයෙන් ඇති බව ‍මම දනිමි. ඉතින් උවමනා කරන කාට උනත් මෙලොව පරලොව දෙකම සඵල කරලන්ට පිළිවන්කම තිබේ. මෙලෝ පරලෝ දෙක සඵලකර ගැනීමට අනුන්ගේ ධනයත් හෝ බූදලයක් උවමනා නොවේ. උවමනා ‍වන්නේ ධර්මය ඉගෙනීමත් කල්යාණමිත්රු සේවනයත් සමඟ වීර්යයත් ප්රෙඥාවත් අප්රිමාද ස්වභාවයත් යන කාරණා පමණකි. අනිත් අතර මනුෂ්ය්යෙකුට කෙතරම් ධනය තිබුණත් ධර්මය නොදැන ක්රිතස්තියාන් ආදී පුහු ආගම්වලට බැස පාපමිත්රර සෙවනයෙහි යෙදී වීය්ය්්ය ප්රණඥා අප්රභමාද යන ආර්ය ගුණයෙන් තොරවූවොත් මේ ලොව අපාය දුක් විඳ මරණින් මත්තෙහිද අපායට ඇතුල්විය හැක්කේය. ඉතින් ධර්මය සාන්දෘෂ්ටික බව තථාගතයන් වහන්සේ වදාළ ලෙසම අපෙන්ම අපට ප්ර්ත්යයක්ෂදව තිබියදී තවදුරට කුමට විස්තර කරමුදැයි කියා “දැන් රාළහාමිත් ජෝන් ජයසේකර මහත්මයාත් මා සමඟ කොළඹ යන්ට සැරසිය යුතුයි. අද මගේ මිණිබිරිය ‍ජෝන් ජයසේකර මහතාට විවාහකර දීමට පෙර නම් ප්රාසිද්ධ කරනු ලැබේය”යිද කිය. ජයසේකරටත් පියාටත් මෑණියන්ටත් මහත් පුදුමයක් දුටුවාක්

346 ශ්රී‍ ලංකා මාතා ඇසුවාක් මෙන් සිහිසන් නැතිවිය. කීකරු වූ ඥානවත්තවූ පුත්ර‍යා චක්රාරත්නයට වඩා පියෙකුට සැපතක් බව ජයසේකර රාළහාමිට වැටහී ස්වකීය සිතේ ප්රීනතිය රඳවාගත නො හැකිව පුත්රළය‍ාගේ හිස බඳාගෙන තුටු කඳුළු හෙළමින් “ මගේ අතිජාති පුතණුවනි, නුඹේ කාලය ළපටි කාලයේ පටන්ම නිරාර්ථක නොකළ එකේ විප‍ාක උඹ ලද්දේය. පාප මිත්ර යන් සමඟ නොයෙක්විට පාඨශාලාවට ගිය නමුත් දිය නො‍ගන්නාවූ නෙළුම් පත මෙන් උඹ ඔවුන්ගේ පාපාධර්මයන් නොගත්තෙහිය. අපට වැඩිපුර මුදල් නැති බව දත් උඹ අලංකාර ඇඳුම් පැළදුම් ගැනවත් රසවත් ආහාරපාන ගැනවත් නොසැලකුවේය. ධර්මය ඉගෙනීමටත් නිතර නිතර ධර්ම සාකච්ඡාවටත් ඉතිහාසත් පැරණියන්ගේ ධර්මශ්රාවස්ත්රමත් රෑ දෙවෙහි බලමින් ඉගෙන ගත් මගේ අතිජාත පුතණුවන් එකද දවසක් මව්පියන්ගේ හිත් නොරිදෙව්වේය. අපට මුදල් හදල් නැතිකම් නිසා අනුන්ගේ යටතේ රැකි රක්ෂාවල් සෙව් නමුත් අධර්ම වූ සුරා සම්බන්ධ ශාස්ත්රුම නැවත නැවත ප්රෂගුණ කරමින් පංචවිධ දුශ්චරිතයෙන් වෙන්ව අප්රුමාද වීය්‍්ත නේ යුක්තව තව නොයෙක් දේ ඉගෙනගත් නුඹට ඉහාත්මයේ ඉෂ්ට විපාත ලැබුණේය. රුපියල් හාරපන්ලක්ෂයක බූදලයකුත් සමඟ ශ්රිනයාකාන්තාවත් වැනි ගුණ නුවණින් හා රූපශ්රි යෙන්ද හික්මීමෙන් හා යටහත් පහත් කමින්ද අග්රවප්රාරප්ත වූ භාර්යාවක්ද නුඹට ලැබුණේය”යි ප්රීහතියෙන් ප්ර‍කාශ කළේය. ජයසේකරගේ මව් පුතා වැළදගෙන “නිවැරදි හිතින් පුතාගේ අභිවෘද්ධිය රෑ දවල් ප්රාේර්ථනා කරමින් සිටියෙමි. සිල්වත් ගුණවත් කෙනෙක් සිතන නිවැරදි චේතනාවට ඉෂ්ට වෙනවා”යි පණ්ඩිත වචනය මුදුන් පැමිණියේය”යි තුටු කදුළු හෙලුවාය. ජෝන් ජයසේකරට ස්වකීය පියණන් හා පොරෝලිස් සිල්වා අප්පුහාමිත් සමඟ කොළඹ යන ලෙස අවසර දුන්නාය. ඔවුහු කොළඹ අවුත් සිරිත් ප්රෙකාර පෙර නම් ප්ර සිද්ධ කළහ. මංගල්ය්ය ලබන මාසේ සිද්ධකිරීමටද නියම කරගත්හ. පද්මිණීගේ ධනයත් රූපයත් ගැන ඇසූ ප්ර ධානියයි සිතා සිටින පවුල්වල මහත් කලබලයක් ඇතිවිය. කළුතර ජෝන් ජයසේකර මහතා හා කොළඹ ප්ර්ස්ද්ධ ධනවතෙක් වන විල්ප්ර ඩ් සිල්වා මහතාගේ එකම දුවනිය විවාහ වීමට පෙරනම් ප්රදසිද්ධ කළ බව ප්රඩවෘත්ති පත්රමයක ප්රවසිද්ධ ව තිබෙනවා දුටු සමරසිංහ මුදියන්සේ රාළහාමිට මහත් අමාරුවක් විය. මක්නිසාද මේ තරුණිය තමාගේ පුත්රරයෙකුට කසාද බඳවා ගැනීමට ඔහු බලාපොරොත්තුව සිටි බැවින‍ි. සමරසිංහ මුදලිතාමු ඒ ප්රනවෘත්තිය ප්රපසිද්ධවූ පත්රයයත් රැගෙන පසුදින

පියදාස සිරිසේන නවකථා එකතුව 347 උදේම පොරෝලිස් සිල්වා අප්පුහාමිලාගේ නිවසට ගියේය. පොරෝලිස් සිල්වා අප්පුහාමි සමරසිංහ මුදලිතුමා ආගිය තොරතුරු ඇසුවේය. සම - අප්පුහාමි අද පත්රියක තිබුණු ආරංචියක් දැන හැබෑදැයි දැනගන්ට ආවෙමි. අ - ඒ මොකක්ද රාළහාමි ? ස - අප්පුහාමිගේ මිනිබිරිය කළුතර පළාතේ ජෝන් ජයසේකර නමැති කෙනෙකුට සරණ කරදීමට පෙරනම් ප්ර සිද්ධ කළාය යන ආරංචියයි. අ - ඔව් ඒක හැබෑ තමයි. ලබන මැයි මාසසේදී විවාහය සිද්ධකරනු ලැබේ. ස - මොකද අප්පුහාමි ඔය කරගත් එක! එය ජයසේකර කියන අය අප්ර-සිද්ධ දුප්පති කෙනෙකි. අප්පුහාමිට පළමුවැනි පංතියේ මහත්මයෙක් බැඳගන්ට පිළිවන්කම තිබියදී ඔබඳ පහත් මිනිහෙකුට විශාල ධනයත් ඇති එකම මිනිබිරිය දීමට කල්පනා කළේ ඇයි ? අ - (හයියෙන් සිනාසී) ජෝන් ජයසේකර මහත්මයාට වඩා උසස් මිනිහෙක් මට සොයාගන්ට බැරිවුණා. උන්නැහේ පහත් දුප්පත් කෙනෙක්යයි රාළහාමි සිතාගත්තේ කොහොමඳ? ස - මොනවා? අප්පුහාමි කාගෙද කීමකට රැවටිලා, ජෝන් ජයසේකර වැදගත් පරම්පරාවක කෙනෙක් තමයි. නමුත් දෙවැනි පංතියේ උනත් දැන් පවුන් සියයක් වත්කම නැති කිසිම නිලයක් තලයක් නැති උගත්කමක් නැති අප්රවසිද්ධ මිනිහෙකි. අ - රැවටිලා තිබෙන්නේ මා නොව රාළහාමියි. හොඳයි රාළහාමිගේ කල්පනාවට උසස්ය කිය කෙනෙකුගේ විස්තර කියන්ට. ස - මොනවා - මුදලි, මුහන්දිරම්. අද්වකාත්, පෙරකදෝරු, දොස්තර ආදී නිලතල දරන ඉංග්රී-ස් පන්නෙට ඇඳුම් හිටුම් ඇති උසස් නිලධාරින් ආශ්රඉය කරන ප්රසසිද්ධ පවුල්වල මිනිහෙකුගේ විස්තර කියා දෙන්ටත් උවමනාද? අ - හොඳයි මුදලි මුහන්දිරම් අද්වකාත් ආදී නිලදරන මහතුන් අතර උසස් අය නැතැයි කියා මම නො කියමි. නමුත් මත්පැන් බොන, වල් චාරිත්‍ර නොගත්, ජන්ම භාෂාව හොඳින් උගත්, ස්වකීය රටේ ඉතිහාසය හොඳින් උගත්, ස්වකීය මුතුන් මිත්තන් ගේ නිර්මල ආගම පිළිපදින පරදේශික පූජකයන් ආශ්ර්ය නො කරන, ස්වකීය ජාතියේ අසරණ මිනිසුන් කෙරෙහි 348 ශ්රී ලංකා මාතා සමානාත්මතාවයක් දක්වන, මව්පියන්ට ජන්මභාෂාවෙන් අම්මා තාත්තා කියා කථා කරන, පරදෙශින් ගේවල් චාරිත්ර වලට පිළිකුල්කරන, පංචශීලාදී ශීල සංරක්ෂණයෙහි යෙදුණු, පරාර්ථකාමී කෙනෙකුට වඩා උසස් කෙනෙක් ගැන මම නො දනිමි. මා විසින් උසස් කෙනෙකු හැටියට සලකන්නේ එබඳු කෙනෙකුයි. ඒ මිසක් මුදලිකෙනෙකුගේ පුතෙක් වුණාටවත් අද්වකාත් කෙනෙකුගේ පුතෙක් වුණාටවත් සල්ලි යහමින් තිබුණාටවත් උසස්යයි කියන කීම මහත් අපරාධයකි. මගේ කල්පනාවට වැඩි කලක් ලංකාවේ එහෙම අයට උසස්ය යන කීම නො ලැබේය කියායි. ස - එතකොට අප්පු හාමි කියන්නේ ඉංගිරිසි භාෂාව හා සිරිත් විරිත් උගත් අය උසස් නොවෙයි කියාද? අ - ඔන්න රාළහාමි වරද්දා ගත්තා. උසස්යයි කියන්නේ ඉංග්රීතසි ආදී ‍නොයෙක් භාෂා ශාස්ත්රදත් නොයෙක් ජාතීන් ගේ සිරිත් විරිතුත් ඉගෙනගෙන ඒ එක්කම ස්වකීය ජාතිය ආගම රට කෙරෙහි මමත්වයකින් යුක්තව ස්වජාතික සාමාන්යට ජනයා සමාන සහෝදරයන් මෙන් සිතා ඇඳුමෙන් කෙසේ වෙතත් හිතෙන් සිංහලව සිටින අය පමණකි. ඒ මිසක් සල්ලි තිබුණු පලියට සිංහලව සිටින අය පමණකි. ඒ මිසක් සල්ලි තිබුණු පලියට හෝ ඉංග්රීවස් උගත් පලියට හෝ අන්ජාතියක ස්ත්රිමයක් කසාද බැඳගත්ත පලියට ආණ්ඩුවට හෝ වෙන නිරර්ථක වැඩවලට මුදල් දෙන පලියට හෝ උසස්වීමකැ වේයැයි මම නො සිතමි. ස - එතකොට දැන් ඉන්නා බොහෝදෙනා - එනම් ආණ්ඩුකාර තුමාගේ “ලැව්” ආදියට ගෙන්වන මොටෝකාර් ඇති ලොකු ඉංගිරිසිකාරයකන් සමඟ මිත්ර කම් දක්වන අය සිංහල නූගත්තාට, බුද්ධාගම් නො ඇදහුවාට, සිංහල චාරිත්ර පිළි නො පැද්දාට, සිංහල ඉතිහාසය දැන නො ගත්තාට, සිංහල මිනිසුන් සමඟ ආශ්රිය නො කළාට, සිංහල භාෂාවෙන් කථාකරන්නට බැරුවාට මම්මා පප්පා කීවාට උසස් නොවෙද්ද? අ - එහෙම කල්පනාවක් පසුගිය දුරුභාග්යා කාලේ තිබුනා. ධර්ම ශාස්ත්රසත් ලෝකයේ තොරතුරුත් සමානාත්මකාදී උසස් ධර්මත් දැනගැනීමට මඟක් නැතුව ක්රි ස්තු වර්ෂ 1600 පටන් 1880 තරම වනතුරු සිංහල මිනිස්සු අඥානව විසූහ. ඒ කාලයේදී යුරෝපීය

පියදාස සිරිසේන නවකථා එකතුව 349 වේසධාරීව මිථ්යාන ආගම පිළිගෙන ජන්මභාෂාව මතකනැති කොට ඇඳුමෙනුත් ක්රිායාවෙනුත් හිතෙනුත් යුරෝපීය වූ අය මුදල් ඇති කෙනෙක් උනොත් උසස්යයි යන නීච කල්පනාවක් ඒ කාලයේ රටේ ඇතිවුණා හැබෑවකි. නමුත් දැන් ඒ පුහු වැරදි මතය දුරුවේගනයයි. පුරාණ අප රටේ පැවති දර්මශාස්ත්රාවලෝකය බටහිර උගතුන්ගේත් සහාය ඇතිව මතුවේගනයයි. ඉතින් අනාර්ය වූ ආගමත් චාරිත්රායත් පිළිගත් අය උසස්යයි පිළිගන්නවා වෙනුවට අඥාන අධර්ම කාලක න්නිහුයයි මහජනයා අතර ප්රපකටවේගන යන බව පෙනේ. ස - අප්පුහාමිගේ ඔය කතාව මට මහත් පුදුමයකි. සල්ලි පනම් වැඩිවූ මිනිස්සු රටේ අධිපතීන්වන ඉංගිරිසිකාරයන්ගේ නම ගම චාරිත්ර් ගත්තාට ඔවුන් උසස් නොවන්නේ කොහොමද? ඒ තබා පන්සලේම ඇතිදැඩිවූ මොරටු පළාතේ කෙනෙක් මුදල් යහමින් ලැබුණු හැටියේම ක්රිරස්තියානිවී සිංහල ගතියෙන් සම්පූර්ණයෙන් තොරවුණා. තවත් එහෙම වෙච්ච අය කෙළවරක් නැහැ. ඉතින් ඔවුන් උසස් අය ලෙස දැන් සලකන්නේ නැද්ද? අ - සල්ලි පනම් වැඩිවූ මිනිසුසු අප රටේ ඉතා ටික දෙනෙකි. අප රටට වඩා සල්ලි පනම් ඇති අය ඉන්දියාව ආදී රටවල එමට සිටිති. නමුත් ඔවුන්ගේ වැඳගත් කිසිවෙක් ඉංගිරිසි නමවත්, සිරිතවත්, ආගමවත් මොකවත්ගත් බවක් නොපෙනේ. අපේ රටෙත් පිරිසිදු සිංහල ලෙයින් පැවතෙන කිසිවෙක් ඔය පරදෙශිකත්වයට ගිය බවක් නොපෙනේ. පන්සල්වල දන්කුඩ සූරාගෙන නෑ අයත්, නියම ජාතිමාන්නයක් නැති සංකීර්ණ අයත් මිථ්යාටදෘෂ්ටින් වෙලා යුරෝපීයයන් වෙලා “කුමේ බෙබේ” කරමින් සිටිති. නමුත් දැන් ඔවුන්ට යුරෝපීයයන් විසින් “නිගර්” යයි කියන අතර සිංහලයන් විසින් සංකීර්ණ අධමයන්යයි කියති. පක්ෂීන්ගේ මැදට ගොස් ඔවුන් මුළාකොට මෘගයන්ගේ මැදටගොස් ඔවුන් මුළාකරන්ට සැරසුණු වවුලාට වුණු එක දැන් රාළහාමි උස්සයයි කිය භ්රවෂ්ටයන්ටත් සිද්ධවී තිබේ. උසස්කම කුමක්ද පහත්කම කුමක්දැයි උතුම් ධර්මයේ දක්වා තිබේ. එයින් පිටස්තර වූ උසස් කමක් ‍කොයිබ තිබේද? ස - දැන් ඔය අප්පුහාමි කිය සමානාත්මතා ආදී කාරණා අළුතදී යුරෝපීයයන් විසින් උපදවගත් ශාස්ත්රන මිසක් අපේ රටක තුබුණු ඒවා නො‍වේ. ඉතින් ඒවා අපේ රටේ හොඳට බොවනතුරු

350 ශ්රීු ලංකා මාතා උසස් මිනිසුසු පහත් අය සමඟ කවදාවත් එක්වෙත්ද? අ - සමානාත්මතා ආදී ධර්ම යුරෝපීයයන් අළුත ඉපැද්දූ ඒවායයි රාළහාමි කියන්නේ රාළහාමිගේ අඥානකම නිසායි. ස - ඒ මොකද? මට එහෙම කීවේ ඇයි ? අ - රාළහාමිගේ කතාවට එහෙම නොකියා වෙන කුමක් කියන්ටද ? යුරෝපීය ජනයා රෙදි අඳින්ට නොදැන ලජ්ජා ස්ථාන සායම් කරන කාලයේ සිංහල මිනිස්සු දිව්ය ලෝකයේ මාලිගාවල ප්ලෑන් ගෙනවුත් ගෙවල් සෑදූ බව රාළහාමි දන්නෙහිද ? යු‍රෝපීයයන් විසින් ගල්පතුරුවලින් කපාගෙන කන කාලේ සිංහල මිනිස්සු විචිත්රගවූ කැටයම් වැඩකිරීමේ කෙළ පැමිණි සිටි බව දන්නෙහිද ? යුරෝපීය මිනිස්සු රුක්බිල්වලත් අතුපැල්වලත් වාසය කරන කාලේ සිංහල මිනිස්සු සත් මහල් නව මහල් ප්රා්සාදවල වාසය කළ බව දන්නෙහිද ? යුරෝපීය මිනිස්සු විස්සට ගනින්ටවත් නොදන්නා කාලේ සිංහල මිනිස්සු වෛද්යම, ජ්යොනතිශාස්ත්ර , තර්ක ශාස්ත්රේ, න්යා ය ශාස්ත්රං, රසායන ශාස්ත්ර , යන්ත්රස සූත්රා දී සියලුම බාහිර ශාස්ත්රවත් චිත්තය, චෛතසිකය, රූපය, නිර්වාණයයි නම ලත් පරමාර්ථ ධර්මයනුත් දැනගෙන විසූ බව දන්නෙහිද ? හැබැයි සිංහලයන් විසින් පුරුදුකළ සමානාත්මතා ධර්මය යුරෝපීයයන් ඇතිකරගත් සමානාත්මතා ධර්මය වැන් පුහු එකක් නොවේ. ප්ර්න්සසේ ප්ර වුඩන් නම් අය පළමුකොට සමානාත්මතා ධර්මය ගැන පොතක් ලියනලදී. ඊට අවුරුදු ලක්ෂ ගණනකට ඉස්සර ඔය උතුම් ධර්මය පෙරදිග රටවල පැවැත්තේය. අපේ සිංහල ජාතිය අ‍ාරම්භවන කාලයේදීත් ඔය සමානාත්මතා ධර්මය මේ රටේ ප්රේකටව පැවැත්තේය. රස්නය සූර්යායාගෙන්ම ඇතිවිය යුතුවා මෙන්ම සියලුම යහපත් ධර්මයක් ඇතිනම් එය සර්වඥ තථාගතයන් වහන්සේගෙන්ම ලෝකයේ ප්රනකට වේ. යුරෝපීයයන්ගේ සමානාත්මතාවය උච්ඡේදය හෝ ශාස්වත දෘෂ්ටි සම්බන්ධ හෙයින් එහිදී ඔවුන් කියන්නේ සියලුම මනුෂ්ය යන් එකසමාන වියයුතු බවයි. රජෙක, අමාත්යායෙක, පින්වතෙක ගරු බුහුමන් කටයුත්තෙක කියා කෙනෙක් සිටිය යුතු නැත. සියල්ලෝම එකම ප්ර මාණයේ විසිය යුතුය. වැඩියෙන් සැප පහසු විඳින මිනිහා හොරාය. ඔහු විනාශ කළ යුතුයයි එක් අතකින්ද අනිත් අත්නි මනුෂ්යහයන්ට පහත් වූ ගව, එළු, බැටළු ආදී සත්තු මිනිසුන්ගේ ගොදුරය. පියදාස සිරිසේන නවකථා එකතුව 351 එමනිසා ඔවුන් මරාගෙන කෑ යුතුය යන මේ අධර් වාදීවූ සමානාත්මතා ධර්මය යුරෝපීය රටවල පවතිතත් අප රටේ පවත්නා සමානාත්මතා ධර්මය එසේ නොවේ. “ පූර්වයෙහි කරනලද කුසල් ඇති සත්වයෝ රජව, ඇමතිව, ධනවත්ව. බලසම්පන්නව උපදිති. ඔවුහු ඔවුන් කළ සුචරිත ක්රිටයාවේ විපාක ලබති. මා විසින් එසේ කුසල් නොකළ බැවින් දුගීව අසරණව සිටිමි. එහි වරද මා අතේම හෙයින් මා එයින් සැපවතුන්ට ඊර්ෂ්යාි නො‍කට යුතුයයි අසරණ අය සලකති. අනිත් අතට මා විසින් කළ කුසලට විපාක වශයෙන් මම සුඛිතව උපන් නමුත් මට පහත් වූ මනුෂයයන්ටත් තිරිසනුන්ටත් මෛත්රී කිරීම, ඔවුන්ගේ සුඛිතභාවය සලස්වාදීම මගේ යුතුකමකි. මා කළ පිනින් මහෙශාක්යඔවූ නමුත් පංචස්කන්ධය වශයෙන් සියළුම මනුෂ්ය යෝ මාගේ සහෝදරයෝය. නිරශ්චිනයෝද එසේ වෙති. ඒ හෙයින් ම‍ා ලත් සැහපහසුව ගැන අහංකාර නොව ඔවුන් කා ‍කෙරෙහිත් මා ගැන මෙන්ම සැලකිය යුතුයයි සුඛිත අය කල්පනා කරති. ඉතින් මේ කර්මවාදීවූ, උතුම් සමානාත්මතාවය නිසා රාජාදී උසස් උතුමන් කෙරෙහි අවංක භක්ත්යායදරයක් අප රටේ පවතී. යුරෝපයේ අකර්මවාදීවු පුහු සමානාත්මතාවය නිසා පින්කළ සත්වයන්ට ඉන්ට නොදී මරති. පව්කළ තිරිසනුන්ටත් ඉන්ට නොදී ම‍රාගෙන මස් කති. ඉතින් රාළහාමිට මෙයින් කොයිඑක හොඳය කියා හිතේද? ස - අප්පුහාමිගේ කතාව ආශ්චර්යයි. අනේ අපි හරක් තමා. ඉංගිරිසි ටිකක් ඉගෙන ගත්තා මිස අපට අපේ රටේ පැවති උතුම් ධර්ම ශාස්ත්රග දැනගන්ට බැරිවුණා. අනේ අප්පුහාමි කරුණාකර ඔය සමානාත්මතා ධර්මය සඳහන් සිංහල පොතකින් එය මට විස්තරකර දෙන්ට. අ - හොඳයි මට බැරි නැහැ. ඔන්න අපේ තොටගමු‍වේ ස්වාමීහු කාව්යතශෙඛ‍රයේ සමානාත්මතා ධර්ම ආදිය (රජෙකු සම්බන්ධව) දහමක් ඇසුරු ක ර සවග සතුරන් දුරු ක ර ඉඳුරන් විසි ක ර පවතු මහ රජ නොහැර ගුරුව ර


352 ශ්රීර ලංකා මාතා අතු පතර කපමි න මොර කන්නවුන් විලසි න අන් නැයෙන් කර න නසා රටතොට නූපයන් ද න

කරව දෙවියන් ප ද දෙවියන් මෙන් ගුරුන් යැ ද විමසා දෙයක් සො ඳ කරන් මහ රජ දෙලෝ නිවර ද

රොන් ඇ‍රගෙන මලි නි මී බඳින බමරුන් මෙ නී ලොව නොපෙළා යෙහෙ නී එයි දන රැස් කරන් නිරිදු නි

සබා ගුනයෙන් යු තු මිතුරන්ගෙ නමා සි තු අදරින් සියන් ස තු විසී කර මතු පවතු දැන ත තු

ඇඟ ගත් ගිනි රැ සේ නොලසා නිවන්නෙකු සේ කටයුතු දැන එ සේ කරව කල් නොයවාම සක සේ

පෙමින් ලිය සිත් ගෙ න දිමෙන් වහල් සිත් ගෙ න සෙසුසත රිසි ඇඳි න පවතු මුළු ලොව සදව යසසි න

යළි කල් යැවිය යු තු ඉක්මන් කරනු කටයු තු වන වැඩට ඉන් ම තු අගුලු හෙලුමැයි කියති දැන ත තු

අනුනු කළ දෙයක ට කිසි අනදරයක් නොම කො ට සිය සඳහම් ලෙස ට පවතු කුළුණෙන් දුගී සතහ ට පියදාස සිරිසේන නවකථා එකතුව 353

සියල්ලන් තුටු ව න ලෙස පිය තෙපුල් කියමි න ඉතයන් හට සිත න දිවිදු දෙනසේ පව පවතු නිතියෙ න බය ‍රොස ලොබ සස ල නොව රලු මසුරු කෙළි ලො ල සෙව්නා ගුණ නිම ල රජුන් පැමිණෙන ලොවමඟුල් හ ල දැක ගෙට පැමිණි ස ත දියුණුව කරව යහප ත දීමන් දෙමින් ඇ ත වරද ඉවසිය නොවව කුල්ම ත පර වැඩ කරන ස ඳ නොකැමැති නොවව සිතු‍න ද තැවෙන ලෙස බස් ත ද නැසැක නොකියව උගනු බණප ද නුවණින් නොවිම සා බස් පසු ගියොත් නොල සා ලොව නොරැකෙන නොල සා ලොව නො‍රැකෙන නි සා නොකළ මැනවිය රජුන් එලෙ සා එක්ව නෑයන් ත ම දවසැර වෙමින් දළ පෙ ම වෙ විසු ගුණෙන් ඇ ම විසීකර ලොව පවතු රජ තු ම සිව්රඟ සෙනඟ ගෙ න ජයටත් වඩා පැමි‍ණෙ න සිය නුවණින් ලබ න ජයම බෝකල් මැනැවි නිරිදු න බස් කීමෙහි සහ ළ බුහුටි ගුණයෙන් නිකස ළ සිහි ඇති කළ නොක ළ දෙයෙහි යුතුවන සෙනග ලංක ළ 354 ශ්රීශ ලංකා මාතා ලොව කවුරුන් වුව ත් අවමන් නොකර බස් දෙ ත් අසමින් යුතු පව ත් රැගෙන නිස්සක්‍ කෙරේ පැණව ත්

කලා සත සිප් ද ත් සතුරන් සිදුරු දැන ග ත් මතුරු කල් දොස් ද ත් පැවති අය බඳු පමණ දැනග ත්

කෙළවර නපුරු ලෙ ස් නොමදව ලැබුණු සැප තො ස් විපත් හා නොවෙන ස් නියන දැනගත් මෙවියතුන් බ ස්

වරද කළ වුන් හ ට ගිවිස්වා ඇති පමණ ට කරවන නිගාව ට සගහ සරිකොට කියත් පෙර සි ට

නුවණ නැත්තන් ල ද රජ සැප නිරා පිළිබ ඳ එම පැණවතුන් ල ද නොසරි වේමයි සැපත් සුර ර ඳ ඉතින් රාළහාමි පුරාණ ලක්දිවත් ශිෂ්ටාචාරවූ අන්යි පෙරදිග රටවලත් පැවති සමානාත්මතා ධර්මයත් අධිපතින් විසින් පිළිපැදියයුතු ධර්මයත් මේ කමි 22 න් මනාව විස්තරකර දෙන ලද‍ී. මේ කවි 22 කට විස්තරාර්ථ ලියතොත්‍ විශාල ‍පොතක් ලිය හැක්කේය. ඒ එසේ වුවත් අපේ රසවත් භාෂාව කෙරෙහි ආලයක් නැති අධර්මවාදීන්ගේ හෘදයෙහි සන්ත‍ාපයක් ඇතිකරවීම පිණිස මේ කවි ලිහිල් කොට අර්ථ නොදැකිවමි. මෙහි ඇති රසවත් අර්ථයත් ඒ භාෂාව දැන ගැනීමෙන් අවබෝධ කරගත යුතුයයි පොරෝලිස් සිල්වා අප්පුහාමි කීයේය. සමරසිංහ මුදලිතුමා මුදලිකම කළ නමුත් ලක්දිව පවත්නා උතුම් ධර්මශාස්ත්රාිදිය නොදත් අඥානයෙක් වූ බැවින් කණගැටුව මෙසේ කීයේය. “අනේ අප්පුහාමි, සිංහල පොත ඉගෙන ගැනීම නිෂ්ඵල ක්රිායාවක්ය. සිංහලයෝ අමුඩයෝය, සිංහලව ඉඳීම නින්දාවක්ය, සිංහලව ඉඳගෙන


පියදාස සිරිසේන නවකථා එකතුව				         355

මෙලෝ පරලෝ කිසිම දියුණුවකට පැමිණෙන්ට බැරිය, ඉන්නිසා සර්වප්රලකාරයෙන්ම යුරෝපීය වෙශධාරීව යුරෝපීය භාෂාවෙන්ම කල්පනා කරමින් වැඩකළ යුතුයයි අපට අවබෝධ කරන ලද්දේ අපේ පූජකයන් විසිනි. අපේ මෙලෝ පරලෝ දෙකම විනාශයට ගියේ මේ ආත්මාර්ථකාමී පූජකයන්ගේ අයුතු ආශ්රඅය බව මට දැන් අවබෝධ වුණා. අනේ මගේ දුවනියත් පුතත් දෙන්නාම යුරෝපීය වෙලා! යුරෝපීය නොව බර්ගර් වෙලා! ඔවුන්ට වෙලා තිබෙන හරියත් උතුම් ගුණ ධර්ම ආදියත් ගැනවූ මුළාවක් කියමින්” කණගාටුවෙන් යන්නට ගියේය.

09. පරිච්ඡේදය ජෝ න් ජයසේකරගේ හා පද්මිණීගේත් මංගල්ය්ය සිද්ධ කරන කාලය ආසන්න විය. දෙපක්ෂයේ පිරිසිදු සිංහලයන් බැවින් බිත්තර දහස් ගණන් පොඩිකර තනන කේක්ගෙඩිය හෙවත් සොහොන් කොතවත් නීචවූ අධර්මවාදීන් විසින් පානය කළ යුතුවූ මත්පැන්වත් රොඩී ආදී පහත් මනුෂ්යදයන් විසින් පමණක් අනුභව කළයුතු ගෙරි මස්වත් මේ මංගල්යීයට උවමනා නොවූ බැවින් අඩු වියදමින් ලක්ෂණින් හා සාන්තදාන්ත ලීලාවෙන් ආකුල ව්යා්කුල ස්වභාවයෙන් තොරව සියල්ලම සිද්ධකරන්ට පිළිවන්විය. මැයි මස 2 වැනි සිකුරාදා සුභ මුහුර්තයෙන් පො‍රුවේ සිටුවා අතපැන් වත්කොට සරණ පාවා දීමට නියමවූයෙන් ජෝන් ජයසේකර මහතා ස්වකීය පියාණන් සහිත ඥාතිවරයන් පිරිවරා ගෙන කළුතර සිට මෝටර් රථවලින් කොළඹට ආයේය. අනිත් පක්ෂයෙහි ප්රටධාන බන්ධුවරයන් විවාහ වන කුමාරිකාවන් සමඟ ‍බෞද්ධ ලේකම් ශාලාවට පැමිණියෙන් නීතිප්රිකාර විවාහබන්ධනය ඉෂ්ටකොට දෙපක්ෂයම එක්ව පොරෝලිස් සිල්වා අප්පුහාමිලාගේ නිවසට අවුත් ජාතික චාරිත්රාවනු කුල පොරුවේ සිටුවීමාදියද බුලත් හු‍රුළු රෙදි පෙරෙදි ඒ ඒ ඥාතීන්ටදීම ආදී සියලු කටයුතු නිමවා දවල් මංගල්ය භෝජන අනුභව කොට විවාහ ප්රාමප්ත කුමරිය කැඳවාගෙන යන ලෙස සූදානම්විය. ඉතින් මෙහිදී මේ ජයම්පති යුව‍ලගේ සැරසීම හා ශ්රිනයාවත් දැක්වීම යුතුයයි සලකමි.



356 ශ්රී‍ ලංකා මාතා ර න් දා පිපි කුසුම් දිඟුනිල් වරල බැ ඳා අ න් දා පට දුහුල් ඔසරින් සමඟ න ඳා ර න් දා සහ දිමුත් මුතු වැල් ගෙළෙහි යො ඳා න න් දා සුරඹ වැනි විය එම රුසිරු ල ඳා

ර න් ගි රි බෙයද තැන දිලි කැළුමෙව් නිම ල පි න් ස ර කුමරියගෙ වත යුරු පුල් කම ල ර න් දැලකින් වැසූ සඳ නෙත් දිඟු පුලු ල ව න් පෙ ටි යුවළ සිරි ගත් කෙමනතත සිලි ල

සු ද න න් තුඩ තු‍ඩෙහි තම යස ගොස ර න් දා සු ප ස න් ජෝන් ජයසේකර මැති ස න් දා ර ස දු න් නුවන් වන් සිය පියබද කැ න් දා ස තු ටි න් සිය නිවෙස් පත් විය මන න න් දා ආරය සිංහල සිරිත් නොඉක්මවා විවාහ ප්රානප්තවූ ජයසේකර උභය පක්ෂයෙහි ඥාතීන් සහිත ප්රි යාව හා ස්වකීය නිවසට පැමිණියේය. ඉතාමත් ධනවත් පවුලක රූපශ්රි යෙන් හා ගුණ නුවණින් යුත් කුලාංගනාවක් හා සරණ වීම ජයසේකරලාගේ වත් පොහොසත්කම දන්නා අයට විශ්වාස කරන්ට බැරිතරම් අමාරු කාරණයක් විය. පද්මිණී ඉතාමත් ධනවත් පවුලක කෙනෙක් නමුත් කුලචාරිත්රාිදියත් ධර්මශාස්ත්රමත් මනාසේ ඉගෙනගත් ස්ත්රි යක් බැවින් සියලු ආකාරයෙන්ම ස්වාමිපුරුණයාටත් ඔහුගේ මවුපියන්ටත් අතිශයින් කීකරු විය. ඔවුන්ගේ දාසියක් මෙන් යටහත් පහත්කම් දක්වන්නියක් විය. ජයසේකර ස්වකීය භාර්යාවගේ මනා හික්මීමත් යටහත් භාවයත් සංසුං ගතියත් අවංක ප්රේවමයත් නිසා අමුතු දිව්යීගතියක් පහළවූ කලක්මෙන් මහත් සොම්නසට පැමිණියේය. ජයසේකර විවාහ වී මාස කීපයකට පසු එක් දවසක් උදේ කොළඹ එන පිණිස දුම්රිය පළේ පැත්තකින් තුබු ආසනයක වා‍ඩිවී සි‍ටියේය. ජයසේකරගේ මිත්ර්යෙක් වන අමරසේකර ‍කොළඹ යන්ට විත් දුම්රිය පළේදී ජයසේකර දැක ආචාර කොට කතාවට පටන්ගෙන ජයසේකරගේ මංගල්ය්ය ගැනද කරුණු අසන්ට විය. අමරසේකර - ජයසේකර මහත්මයා බොහෝ ධනය ඇති පවුලකින් කසාද බැන්දාය කියා ආරංචිවී මහත් කණගාටුවට පැමිණියෙමි. ජයසේකර - ඇයි කනගාටුවුණේ අපට ධනය ලැබුණාම සමහර අය වාගේ ඒ ධනය පල්ලි හදන්ටත්, ආණ්ඩුව විසින් කටයුතු වැඩ කරන්නටත්, ජින්, බ්රැන්ඩි, විස්කි ආදියයත් සාය, ගවොන්, බොස්

පියදාස සිරිසේන නවකථා එකතුව 357 තොරොක්ක ආදියටත් සාඩින්, හැම්, බේකන් ආදියටත් වියදම් නොකරන නිසාඳ ? අමර - නෑ ජයසේකර මහත්මයෝ තරහ වෙන්න එපා. මහත්මයාට හුඟාක් ධනය ලැබුණාම ඊර්ෂ්යාමවකින් එසේ කීවා නොව ධනවත් ගෙදරකින් කසාද බැඳලා මා විඳින වදේ කරණකොටගෙන මගේ කල්පනාව දිවි නසාගන්ටයි. ඒ නිසා හොඳින් සැපසේ කල් යැව් තමුසේටත් එසේ වෙන හෙයින් අනුකම්පාවෙන්ම මේ වචනය කීවෙමි. ජය - ඔහේ! එහෙමද ? වනාන්තරවල මී අඹ ගෙඩිවලය සමාන විස ගෙඩි වර්ගයක් තිබේ. ඉතින් අඥාන මිනිහෙක් මී අඹ අඳුනාගත නොහැකිව අර කී අඹ සමාන විෂ ගෙඩිවර්ගය කා අමාරුවට පැමිණ මී අඹ ගස්වලට දොස් කීම යුතුයයි මම නොසිතමි. අඥානයාගේ අනුවන කමින් මී අඹ ගෙඩිය තෝරා ගන්ට බැරිවුණාට කිසි කලක මී අඹ ගෙඩියට දොස් තැබිය යුතු නොවේ. එමෙන් ම ධනය ඇති පර සිරිත් අනුව ඇතිදැඩිවූ පවුලක ස්ත්රිකයක් කසාද බැන්ද තමුසේ උරචක්රතමාලාවක් කරලාගත් අඥානයෙකුට සමානයි. නමුත් මාත් ඒ මිම්මෙන් මනින්ට කමක් නැහැ. අමර - දෙයියනේ! ජයසේකර මහත්මයා ධනය ඇති ගෙවල් වල ගෑණු කවුරුවත් ඔහොම තමයි. තමුසේගේ නෝනාවත් තමුසේට වැඩි කල් යන්ට ඉස්සර තිත්ත වෙනවා. දැන් එය අළුත් පිටට ගෝනිය කැඳැළුවා වාගේය කියන කථාව මෙන් තමුසෙටත් හොඳියි. මගේ නෝනා ලොකු ඉංග්රීිස් කොලිජියක ඉගෙනගෙන ජූනියර් ලෝකල පාස් කළ උගතියකි. නමුත් දැන් ඇගෙන් ලැබුණු රුපියල් විසිපන්දාහ තබා ම‍ගේ මව්පියන්ගේ මට අයිතිවෙන රුපියල් දහපහලොස් දාහක දේත් සමඟ තවත් ‍ඕනෑනම් පවුන් හාරපන්සියයක් ණයකට අර ගෙනවත් දීලා මා ඇගෙන් වෙන්වෙන්ට කැමැතිය. ජය - (සිනාසී) අමරසේකර මහත්මයාටත් උනේ නූර්දීන්ට වුණු එකේ අනිකයි කියනකොටම දුම්රිය ආ බැවින් ඔවුහු දුම්රියේ නැගීගත්හ. එවිට මේ නූර්දීන්ට වුණු පලහිලව්ව අසන්නට සතුටු අමරසේකර “අනේ මහත්මයා නූර්දීන්ට මක්වුණාදැයි කියන්නටයයි ඉල්ලා සිටියේය. එවිට ‍‍ජෝන් ජයසේකර මහත්මයා

358 ශ්රීම ලංකා මාතා මෙසේ කියන්ට විය. “ මමහ්මත් නම් ආගම් කර්තෘ කාලක්රිතයා කොට අවුරුදු 150 කට පමණ පසු අරාබිය ආදී යෝනක ‍ර‍ටවල වාල් වෙළදාම් අධිකව පැවැත්තේය. මේ කාලයේ තුර්කි රටේ ධනවත් වෙළෙන්දෙක් අරාබියේ ධනවත් සිටුකෙනෙක් සමඟ මිත්ර ව සි‍ටියේය. ඔවුන් දෙදෙනා එක මහම්මත් භක්තිකයන් බැවිනුත් ගනුදෙනු ආදිය බොහෝ කාලයක් කරගෙන ආ බැවිනුත් ඔවුන්ගේ මිත්රෙ ධර්මය ඉතා මහත්විය. ඉක්බිති තුර්කි වෙළෙන්දා විසිවයස්වූ නූර්දීන් නම් සිය රූපසම්පන්න තරුණ පුතා මේ ආරාබි සිටුවරයා සම්මුඛවීමට මාහැඟ පඬුරු ආදියත් පිරිවර ජනයාත් සමඟ අරාබියට යවන ලදී. මොවුන්ට මහා වනාන්තරත් වාලුකා කාන්තාරත් පසුකර යන්ට තිබුණේය. ඔවුහු ඉතා පරෙස්සමෙන් ගිය නමුත් අරාබියට කිට්ටු රටකදී ‍පල් හොරුන්ට අසුවූහ. පල්හොරු ඔවුන් අත තිබුණු සියල්ලත් පැහැරගෙන නූර්දීන් සහ ඔහුගේ පරිවාර ජනයාත් රත්රන් පවුන් දාහකට වාල් වෙළෙන්දෙකුට විකුණනු ලැබූහ. නූර්දීන් රාජකුමාරයෙක් මෙන් සුඛුමාලාව ඇතිදැඩි වූ කෙනෙක් බැවින වැලුන් විසින් කරන දාසමෙහෙවර කරනු නොහැකිව ඔත්පල විය. ඔහු මිළයට ගත් වෙළෙන්දා ඔතෑනිවූ නූර්දීන් තමාළඟ තබාගන්ට නොසතුටුව වෙනින් කෙනෙකුට පවුම් සියයකට වික්කේය. නූර්දීන් ඒවාරේ මිළයට ගනුලැබුවේ ගොවියකු විසිනි. ස්වකීය පිරිවට ජනයාගෙන්ද වියෝවූ අසරණ නූර්දීන් උදේ පටන් සවස්වනතුරු බලවත් අව්වෙත් වැස්සෙත් බර වැඩ කරමින් කල්යවන අතර එක් දවසක් කුඹුරේ නියරක් උඩ ක්ලාන්තව වැටී සිටිනු ගොවියා කිපී කසයකින් තලන්ට පටන්ග ත්තේය. යම්කිසි ගමනක් ගොසින් එන නූර්දීන්ගේ පියාගේ මිත්රේයා වන අරාබි රටේ සිටුවරයා මේ අසරණ තරුණ වාලාට තලනු කැද කනගාටුව ඒ වාල් තරුණයාට කියම කරන මිළගණන ගෙව්වොත් තමාට දෙනවාදැයි ඇසීය. ඔතැන්වූ නූර්දීන් විකුණාදැමීමට අසතුටු නොවී කැමතිනම් පවුම් දෙ‍සීයකට දෙමැයි කීය. අරාබ් සිටුවරයාද සතුටුව ඒ මුදල ගෙවා නූර්දීන් සිවකීය ගෙදරට කැඳවාගෙන ගොස් හොඳින් කන්ට බොන්ට දී ඔහු සුඛිතභාවයට පැමිණවිය. මේතාක්ම නූර්දීන්ගේ පියාගේ තොරතුරු කිසිවක් අරාබි සිටාණන්ට නොකීවේය. එහෙත් අරාබි සිටාණන් තුළ නූර්දීන් කෙරෙහි.


පියදාස සිරිසේන නවකථා එකතුව 359 මහත් ප්රේරමයක් ඇතිවූ බැවින් වැඩිවය පැමිනි සිටි සහරා නම් දුවනිය නූර්දීන්ට පාවා දුන්නේය. මේ තරුනි මහා උද්ධච්ච ගතියෙන් යුත් නොහික්මුණු තැනැත්තියකි. නූර්දීන් සමඟ ටික දවසක් හොඳිනි කල් යැව් නමුත් එතැන් පටන් ඇගේ මෙහෙකරුවන් ගෙනුත් අන්තිම මෙහෙකරුවා මෙන් සලකන්ට විය, තා, තෝ, බොල කියා කථාකරන්ටත් සියවරක් බනින්ටත් කියනඑක කළත් නැරුස්සන්ටත් පටන්ගෙන නූර්දීන්ට මනුෂය ලෝකය එපා කළේය. එම් ධනවත් මිනිහාගේ දුව කරන බලවත් කරදරය විඳ දරාගන්ට බැරිව සිහි විකල්වූ නුර්දීන් වෙනදාමෙන් ස්වකීය මාමාටවත් ලැදිකමක් නොපෙන්වා ආවාට ගියාට කටයුතු කරමින් සිටිනවිට නූර්දීන්ගේ භාර්යාව කථාකොට “ ආ බොල කාලකන්නියා, තා වහල්භාවයෙන් මුදවා ගෙනාවට මදිව මාවත් තට පාවාදුන් නමුත් තෝ දැන් මගේ පියාටවත් ගරුකරන්නේ නැ නොව්දැ”යි කීවාය. එබසට ප්රනබෝධවූ නූර්දීන් මට ඒ කරපු වාල් වැඩ කරන්ට ලැබුණානම් මීට සතසහශ්රි වාරයක් වටනේය. පවුන් දෙසීයක් ගෙව මනුෂ්ය් වහල් භාවයෙන් මා මුදවා ගෙනවුත් නරකාදියේ සදාකාලික රෞද්ර දුකට පත්කළ නුඹගේ පියාට සාපවේවා!යි කියා නූර්දීන් කොයි ක්ර්මයකින් නමුත් ගමට පැනගත්තේය යන මේ කථාව ඇසූ අමරසේකර දුක්වෙනවා වෙනුවට සිනාසී නැවතත් ජයසේකර සමඟ කථාකරන්ට පටන්ගත්තේය. අම - ඇත්තෙන්ම ජයසේකර මහත්මයා ධනය ඇති පවුලවලත් හොඳ ගෑනු ( හොදයි කීවේ ලක්ෂණ නොව) මනුෂ්යු ගුණය ඇති ගෑණු සිටිත් ද? ජය - සත්තකටම ඉතාම හොඳ කල් ක්රිනයාවෙන් යුත් උත්තමාවේ සිටිති වනත් ගං හෝ ප න නොයනෙව් සිදු වෙරල පැ න මහත් උව ඉසුරෙ න උඩඟු නොව දවසරී නුවණි න අම - ඉතින් අපට එබඳු ස්ත්රීකන් දකින්ට නැත්තේ ? ජය - තමුසේලා ආශ්රඳය කරන පවුල් සියල්ලම පාහේ පජාතිවෙච්ච පවුලුයි. ස්වකීය ජන්ම භාෂාව නූගන්වා උතුම් බුද්ධාගම

360 ශ්රී ලංකා මාතා නූගන්වා පැරණි සිංහල චාරිත්ර නූගන්නවා හදන ගෑණු එංගලන්තයේ කොලාහල කරන අම්මන්ඩිලාට* වඩා කෙසේ හොඳවිය හැකිද? අම - ඉංග්රීරස් භාශාව ඉගෙන අපේ ක්රිවස්තියානි ආගම ඉගෙනගත් තාම ස්රිිය හන් ගුණවන්ත වෙන්ට බැරිද? ජය - සත්තකටම යහපත් පැවතුම් ඇති මව් කෙනෙක් ළඟම හැදුණොත් ටිකක් හොඳ කෙනෙක් වියහැකිය. නමුත් ස්ත්රීතන්ගේ මහාය්යා් භරණය වූ හ්රී හෙවත් ලජ්ජාව ටිකක් අඩුවෙයි. අම - ඇයි ? එසේ වෙන්ට හේතුව කිම ? ජය - ඉංග්රී සි භාෂාවේ සඳහන් වන්නේ ඉංග්රීිසින්ගේ සිරිත් විරිත් ආදියයි. ගෑනු පිරිම් එකට අත්වැල බැඳගෙන නැටීම. පුරුෂයාට හෝ දෙමව්පියාදීන්ට නොකියා හිතු හිතු ‍තැන්වල ඇවිදීමට නිදහස, ස්ත්රීයනට ස්වෛරි ජීවතයක් ගතකිරීමට පිළිවන් ලෙස ඉගැන්වීම, යුරෝපාදී රටවල ස්ත්රී‍න්ගේ හිතුවක්කාර කෙරුම් යනාදිය ඉංග්රී සි පොත පත බලන ස්ත්රීවන්ට අනායාසයෙන්ම තමුසේලාගේ ක්රිරස්තියාන් ආගමේ ස්ත්රී න්ට උගන්වන ගුණධර්මය කුමක්ද? ස්ත්රීදන්ට තබා කිසිවෙකුට ඉගෙනීමට එහි තිබෙනගුණධර්මාන්විත ඉගැන්වීම මොනවැද? දෙවියෙකුට යාච්ඥාකොට කුරුසියක ඇන ගැසුම්කා මළ කෙනෙකුගේ නමින් ගැලවෙන්ට බලා සිටින තමුසේලාට කල, වචන, හිත යන තුන් දොරින පිරියයුත ශීලාදී ගුණධර්මයක් කුමට උවමනා කරයිද? කිසිසේත් උවමනා නොකරයි. අම - හොඳයි ජයසේකර මහත්මයා, සිංහල භාෂාව හා බුද්ධාගම ගරුකරන පවුල්වල ස්ත්රීේහු සියලු දෙනාම හොඳද ? ජය - සියලු දෙනාම හොඳය කියන්ට මට බැහැ. නමුත් බුද්ධ ධර්මය හා අපේ භාෂාව දැන භාවිතාතරන සියළු දෙනාම ශ්රි යා කානාතාවේ වෙති. අම - එසේ වෙන්නට හේතුව මෙකද ? ජය - ලෝකයේ තිබෙන ආගම් අතුරෙන් ඒ ඒ මනුෂ්යරයාට ඒ ඒ තරාතිරම් වල මිනිසුන්ට පිළිපැදීමට සුදුසු ප්රිතිපත්ති අඩංගු

  • මේ පසුගිය කාලේ ආණ්ඩුක්රටම වෙනස් කරන්ට තැතනු Suffergtes ස්ත්රීතන්ය.

පියදාස සිරිසේන නවකථා එකතුව 361 ආගම බුද්ධාගම පමණකි. ශ්ර මය භූමියට පත් ස්ත්රිu පුරුෂ දෙකොට්ඨාහයට භික්ෂුථ විනය කියා ත්රිමපාටකයෙන් එකක් වෙන් කර තිබේ. ගිහියන්ට වෙනමම ගිහිවිනය කියා ධර්මයක් දේශනාකර තිබේ. එය මනාව අවබෝධ කළ ස්ත්රිනයක් හෝ වේවා, පුරුෂයෙක් හෝ වේවා, ධනවත් පවුලක හෝ දිළිදු පවුකල හෝ වේවා. මේ අපගේ ස්වාමිදරුවාණන් වහන්සේ සර්වඥතාඥානයෙන් දැන වදාළ ගිහිවිනය ඉගෙනගත් ස්ත්රීර මෙලොවම දිව්යන කුමරියක් හා සමාන වේ. පුරුෂයා දිව්යශ ‍කුමාරයෙක් හා සමාන වන්නේය. එබැවින් බෞද්ධ පරිසුද්ධ බෞද්ධ වූ මගේ හාමිනේත් මාත් මේ ලෝකයෙහි වසන දෙවියන්ගේ සංඛ්යාිවේ බව සලකනු මැනවි. තමුසේට වාගේ අමාරුවක් මට සිද්ධ වී නැත්තේය. අම - ‍අනේ මහත්මයෝ, කරුණාකර මනුෂ්යපයෙකුට මෙලොවම දිව්යෂ සැප විඳින්ට සලස්වන ඒ උතුම් ධර්මය මටත් කියා දෙන්ට, බුද්ධ ධර්මය ගැඹුරු පාළි භාෂාවෙන් තිබෙන බව මම දනිමි. මට ලිහිල් සිංහල භාෂාවෙන් කියා දෙන්ටයයි කීවේය. මේ අතර දුම්රිය කොළඹට පැමිණි බැවින් ඒ ධර්යම කියා දෙන්ට කල් නැතිවිය. එවිට ජයසේකර මහත්මයා අමරසේකර මහත්මයාට කථාකොට “ දැන් මහත්මහා ආ කටයුත්තට යන්ට. ඒ ගිහිවිනය නම්වූ අපේ උතුම් ධර්මය මහත්මයාට තේරුම්ගන්ට පිළිවන්වූ ලිහිල් භාෂාවෙන් ලියා එවන්නෙමි. නොඅනුමානව ලබන සතියේදී ලැබෙන්ට එවන්නෙමි කියා දෙදෙන මහත් ප්රීුතියෙන් ඔවුනොවුන් යන්ට ආ කටයුතු වලට ගියාහ. ජයසේකර ස්වකීය මයිලනුවන්ගේ ගෙදරට ආවිට ඔවුන් සතුටෙන් පිළිගත්හ. සීයා වන පොරෝලිස් සිල්වා අප්පුහාමි ජයසේකරගේ ප්රතභාමත් ඉන්ද්රිහයන් දැකීමෙන් ස්වකීය මිනිබිරියත් ජයසේකරත් රන් හා රසවැන් බව සිතට ගත්තේය. ජයසේකර දුම්රියේ දී සිද්ධවූ කථාව පොරෝලිස් සිල්වා අප්පුහාමි කී බැවින් සිඟාලෝවාද නම්වූ ගිහිවිනය ධර්මාලෝක නැතිව අන්ධකාරයේ වැටී දුක්විඳන් අමරසේකර ආදී නොමඟ ගිය සිංහලයන්ගේ ප්රධයෝජනයට ඉතා ලිහිල් භාෂාවෙන් සංක්ෂිසප්ත කොට ලියන මෙන් ජයසේකරට අප්පුහාමි විසින් ද ආරාධනා කරන ලදී. ජයසේකරද කොළඹින් සවස පිටත්ව ගොස් ස්වකීය ප්රිආයාව විසින් පිළියෙන කරනලද රසමසවුලෙන් යුත් රාත්රීග භෝජනය අනුභවකොට ඇගේ ප්රිපය වදන් නමැති ‍මොලොක් පියුම්පෙති වලින්

362 ශ්රී් ලංකා මාතා

 	තවනු ලැබ ප්ර සන්න භාවයට පත් සිත් ඇතිව උතුම් වූ ගිහිවිනය මෙසේ සැකවින් ලියා මිථ්යාරජාලයෙහි පැටලී සිටික අමරසේකර වෙත යවන ලදීත

“ සකල ලෝකානන්දකරවූ අපගේ භාගයලී වතුන් වහන්සේ රජගහනුවර වේළුවනාරාමයෙහි වැඩ වසන සමයෙහි උන්වහන්සේගේ ධර්මයෙහි පැහැද උපාසක වේශයෙන් සෝවාන්ඵලයට පැමිණ සකළිස් කෝටියක් පමණ ධනය ඇති ගෘහපතියෙක් විසුයේය. ඒ උපාසකයාගේ භාය්යා ව වද සෝවාන්ඵලය ලැබූ උත්තමියකි. මේ මව්පිය දෙදෙනාට සිඟාලක නම් පුත්ර්යෙක් ඇත්තේය. ඔහු වැඩිවිය පැමිණි පසු මව්පියන් විසින් බුද්ධාදී රත්නත්රලය කෙරෙහි ප්ර සන්න කරවා උපාසක භාවයට පමුණුවන්ට උත්සාය කළ නමුත් නුපුළුවන්විය. මෙසේ අබෞද්ධ වූ සිඟ‍ාලකයාට කිසිවක් කියා පහදවන්ට බැරිව සිටි පියා රෝගීව මරණ මංචකයේ වැද හොත්තේය. මවුපියන් කෙරෙහි භක්ත්යාගදර ඇති සඟාලකයා මරනාසන්නවූ පියාණන්ට උපස්ථාන කරමින් සිටින විට ඥානවන්ත වූ පියා අනිත්ම වචන ‍වශයෙන් “පුත්රරයා දිසාවන්ට නමස්කාර කරව” යි කියා මිය ගියේය. පියෙකු විසින් මරණ මංචකයේදී කියනලද අවවාදය බලවත් ගෞරවයෙන් පිළිපැදීම සියලුම දරුවන්ගේ යුතුකම බැවින් සිඟාලකයා පියාගේ මරණින් පසු උදේ සවස දෙ‍ක්හි සතර දිසාවටත් උඩ යට දෙ‍දිසාවටත් (සදිසාවට) නමස්කාර කරන්නේය. නමුත් එහි කිසි අර්ථයක් නොදන්නේය. අප බුදුරජාණන් වහන්සේ අළුයම වේලෙහි සැමදාම ලෝකය බලා වදාරා යහපතක් ඉෂ්ට කර දියහැකි පුද්ගලයන් කරා එලඹීම සිරිතක්වූ බැවින් එක් දවසක මේ සිඟාලකයා දැක ඔහුට අනුකම්පාකර ඔහු දිසා නමස්කාර කරන වේලාවට එතන වැඩ සිටිසේක. එසේ වැඩ සිඟාලකයාගේ ක්රිේයාවේ තේරුම අසා වදාළේය. සදිසාවට වඳිනු මිස කිසි අර්ථයක් නොදත් ඒ ගොවියාගේ පුතා තමාට පියා විසින් කී නිසා වඳින බව කීවේය. එකල්හි බුදුරජාණන් වහන්සේ වදාණසේක් “ එම්බා ගෘහපති පුත්ර යානෙනි. මේ සදිසාවෝ මෙසේ දතයුත්තාහුය. මාතෘ පීතෘ දෙදෙන පූ‍ර්ව දිසා‍වයයිද, අස්ෂර ආදිය ඉගැන්වූ ආචාර්යවරු දක්ෂිණ දිසාවයයිද, ප්රඅත්රදදාරාවේ පශ්ඩිම දිසාවයයිද, ශ්රආමණයන් වහන්සේලා උඩ දිසාවයයිද, දතයුත්තාහුයයි වදාර ඒ දිසාවන්ට පැවතිය යුතු අන්දම දක්වා වදාරන බුදුරජාණන් වහන්සේ මෙසේත් වදාළේය. එම්බා ගෘහපති පුත්රකයානෙනි. පූර්ව දිසා සංඛ්යාවත වූ මව්පිය දෙදෙනාට පුත්රද දුහිතෘන් විසින් කාරණා පහකින් සංග්රනහ කටයුතුය. කවර සංග්රාහ


පියදාස සිරිසේන නවකථා එකතුව 363 පසකින්දයත් ? වෘද්ධභාවයට පත් මව්පියන් කවා පොවා නහවා රක්ෂාකිරීම, රාජාමාත්යා දීන්ට මව්පියන් විසින් කටයුතු රාජකාර්ය ඉටුකිරීම, දෙමව්පියන්ගේ වස්තුව හා කුලවංශය පලදු නොකොට ආරක්ෂා කිරීම, දෙමව්පියන්‍ විසින් දුන් දායාදයක් ඇතහොත් ඒ ආරක්ෂා කිරීම, දෙමව්පියන් මියගිය පසුත් දානාදී පින්කොට ඔවුන්ට පින්දීම යන මේ කාරණා පසකින් දරුවන් විසින් මව් පියන් ට සංග්රනහ ‍කටයුතය. පූර්වදිසාවයයි සම්මතවූ මව්පියන් විසින් දූ දරුවන්ට කාරණා පසකින් අනුකම්පා කටයුතුය. ඒ පස නම් පාපයෙන් වැලැක්වීම, ශීලාදී ගුණයෙහි පිහිටුවීම, ශිල්පශාස්ත්ර් ඉගැන්වීම, සමාන කුල වංශයකින් ආවාහ විවාහකරදීම. සුදුසු කාලයට ඇති හැටියට දායාද දීම යන මේ කාරණා පසකින්ය. දක්ෂිණ දිසා සංඛ්යාතත ආවාර්යවරයන්ට ශිෂ්ය යන් විසින් පස් ආකාරයකින් සංග්ර්හ කටයුතුය. ඒ පස් ආකාරය නම් ගුරුන් දැක උනස්නෙන් නැගිටීම, ආචාරකිරීම, කීකරුවීම, සංග්රුහකිරීම, ඉතා හොඳින් ශිල්පශාස්ත්රි ඉගෙනීම යන කාරණාපසයි. ආචාර්යවරයා විසින්ද ගෝලයාට කාරණා පසකින් අනුකම්පා කටයුත්තේය. ඒ නම් යහපත්ව හික්මවීම. හොඳින් ශිල්පශාස්ත්රප ඉගැන්වීම, පිළිවිසින සැක ස්ථාන නිරවුල්කරදීම, මිත්රා මාත්යාාදීන්ට අඳුන්වාදීම, සුඳුසු ථානාන්නතර ලබාදීම යන මේ කාරණා පසිනි. පශ්චිම දිසා සංඛ්යායත භාරයාවට ස්වාමිපුරුණයා පස්ආකාරයකින් පිළිපැදිය යුත්තේය. ඒ පස් ආකාරය නම් මිහිරිවූ ගෞරව එලවන වචනයෙන් බාර්යාවට ආමන්ත්ර්ණය කිරීම, රළු පරුෂ වචන නොකීම, පරදාරාවන් කරා නොයාම, තමා සන්තක වස්තුව පාවාදීම, වත්කමේ ප්රාමාණයට ඇඳුම් පැළදුම් සපයාදීම යන මේ කාරණා පස පුරුෂයා විසින් භාර්යාවට සලස්වා දිය යුත්තේය. භාර්යාව විසින්ද ස්වාමි පුරුෂයාට කාරනා පසකින් සංග්රව කටයුත්තේය. ඒ කාර්නා පසනම් ගෙදර දොර කුදු මහතා කටයුතු කල්නොයික්මවා කිරීම, දාසි දා‍සයන් හා පිරිවර ජනයාට මනාලෙස සැලකීම, ස්වාමිපුරුෂයා හැර අන්පුරුෂයෙකු සිතිනුත් නොසිතිම, ස්වාමියා උපයන දේ අය වැය දැන ආරක්ෂා කිරීම, සියලු කටයුතු කර්මාන්තාදියෙහි කුසීත නොව කඩිසරවීම යන මේ කාරණා පසයි. උත්තර දිසා සංඛ්යාමත මිත්රායමාත්යෙයන් කෙරෙහි කාරනා පසකින් පැවැතිය යුත්තේය. ඒ කවර කාරණා පසකින්ද ? උවමනාවේ රන් රිදී

364 ශ්රීර ලංකා මාතා ආදී වස්තුව දීම, ප්රි යවචන කීම, යහපතෙහි යෙදවීම, සමානාත්මතා වශයෙන් සැලකීම, යම් යම් කරුණු නොසඟවා කීම යන මේ කරුනු පසිනි. කුලපුත්රුයාට ඒ මිත්රාරමාත්යා දීන් විසින්ද කාරණා පසකින් සංග්ර හ කටයුතුය. කවර කාරණා පසකින්ද ? යම්කිසිවකින් ප්රාමාදයට පත් කුලපුත්ර‍යා රැකගැනීම, ඔහුගේ වස්තුව ආරක්ෂාකරදීම. භයක් පැමිණිවිට අභය දීම විපත්තියක් පැමිණිවිට පිහිටවීම. මිත්රකයාගේ දරු මුනුබුරු ආදීන්ට (පවා) සැලකීම යන මේ කාරණා පසිනි. යට දිසාව යයි කියන දාස කම්කරු ආදීන්ට ස්වාමියා විසින් පස් ආකාරයකින් පිළි පැදියුත්තේය. කවර පස්කාරණයකින්ද ? ශක්ති ප්රතමාණය බලා කටයුතු කරවා ගැනීම, වියහියදමේ ප්ර්මාණය සලකාබලා පඩිදීම, ලෙඩවූ, ගිලන්වූවිට වැඩනොගෙන බත් වැටුප් දීම, මධුර වූ අන්නපාන ආදිය කාලෝචිත ව දීම, සුදුසු ප්රනස්තාවන්හීදි නිවාඩුදීම යන කාරණා පසින්. දාස කම්කරු විසින් ද ස්වාමියාට කාරණා පසකින් සිංග්රීහ කටයුතුය. කවර කාරණා පසකින්ද? ස්වාමියාට පළමු කොට නැගිටීම නොහොත් වැඩපලට පැමිණීම, ස්වාමියාට පසු නිදාගැනීම, නොහොත් කර්මාන්තස්ථානයෙන් පිටවී යාම, ස්වාමියා දුන් දේ සතුටින් පිළිගැනීම, ශක්ති පමණින් අවංකව කටයුතු කිරීම. ස්වාමියාගේ අගුණ නොකියා ගුණකීම යන මේ කරුණු පසින් දාස කම්කරු ආදීන් විසින් ස්වාමියාට සංග්රාහ කටයුතු වේ. උඩ දිසාවයයි සම්මත පූ ශ්රිමණ බ්රාසහ්මණයන්ට පස් ආකාරයකින් පිළිපැදිය යුත්තේය. කවර පස්ආකාර‍යකින්ද ? මෛත්රීපයෙන්ම ශරීරයෙත් කරන දේ කිරීම, මෛත්රිරයෙන්ම මුවෙන් කිය වචන කීම. මෛත්රියයෙන්ම සිතින් සිතන දේ සිතීම, ඔවුන් දැක ගෙඉයි දොර නොවැසීම, ඔවුන්ට දානාදියෙන් සංග්රනහ කිරීම යන මේ කාරණා පසිනි. ඒ ශ්ර මණ බ්රා්හ්මණාදීන් කුලපුත්රනයාට කාරණා පසකින් අනුකම්පා කටයුතුය. ඒ කාරනා පසනම් සතුන් මැරීම, සොරකම් කිරීම, පරදාර සේවනය, බොරුකීම. සුරාපානය කිරීම යනාදී පාපයෙන් වලක්වාගැනීම, දාන ශීලාදී යහපත් කුසල කර්මයෙහි යෙදවීම, ප්රැසන්න වූ සිතින් අනුකම්පා කිරීම, ධර්මයෙන් අර්ථයෙන් අනුශාසනා කිරීම, ධර්මයෙහි හැසිරවීම යන මේ කාරණා පසකින් ශ්රනමණ බ්‍්සාහ්මණයන් විසින් සංග්රාහකටයුතුයයි වදාළ සර්වඥයන් වහන්සේ නැවතත්ත මෙසේ වදාළ සේක. මාතා පිතා දිසා පුබ්බා - ආචරීයා දක්ඛිණා දිසා පුත්තදාරා දිසා ජච්ඡා - මිත්තා පච්චාර උත්තරා

පියදාස සිරිසේන නවකථා එකතුව 365 දාසකම්ම කරා හෙට්ඨා - උඬග සමණ බ්රා3හ්මණා එතා දිස නමස්සෙය්යා - අලමත්ථොත කුලෙ ගිහී පණ්ඩිතො සීල සම්පන්නො - සම්භවො පටිභාවනා නිවාත වුත්ති අත්‍ථ‍ඬෙ - තාදිසො ලභතෙ යසං උඨානකො අනලසො -‍ ආපදාසුන වෙධති අච්ඡිද්ද වුත්ති මෙධාවි - තාදිසො ලභතෙ යසං ‍සංගාභකො චිතතකරො - චචඤඤෑ විත මච්ඡරො නෙතාවිනෙතා අනුනෙතා - තාදිසො ලභතෙ යසං දානංච පෙය්යඅ වජ්ජාව - අත්ථයචරීයාච යා ඉධ සමානත්තාව ධම්මෙසු - තත්ථ තත්ථං යථාරභං එතබො සංගහා ලොකෙ - රථස්සානීචයා යතො එ තෙව සංඝහා නාස්සු - නමතා පුත්ත කාරණ ලභතෙ මානං පූජංවා - පිතාවා පුත්ත කාරණං යස්මා සංගහා එතෙ - සමවෙක්ඛන්ති පණ්ඩිතා තස්මා මහන්තං පපේපාතති - පාසංසාව භවන්ති තෙ 1. පූර්වොපකාර හෙයින් මව් පිය දෙදෙන පූර්වදිසාව වන්නීය. ආචාර්යවරු දක්ෂාණදිසාව වන්නාහ. අඹුදරුවෝ පශ්චිම දිශාව සමවෙත්. මිත්රාවමාත්යායෝ උත්තර දිශාව සමවෙති. 2. තවද දැසි දස් කම්කරුවෝ යට දිශාව සමානය. ශ්රාමණයන් වහන්සේලා උඩදිශාව සමානවන්නේය. මේ සදිසාවන්ට සුදුසු ප්රාකාරයෙන් පැවැත්ම යමෙක් කරන්නේ නම් හෙතෙම ගිහි ගෙහි වාසයට සමත්වන්නේයි. 3. සදිසාවන්ට නමස්කාර කරන්නාවූ පණ්ඩිතවූ ශීලසම්පන්න වු සියුම් අර්ථ වැටහෙන්නාවූ ප්රසඥාවන්තවූ නීච පැවතුම් නැත්තාවූ අධික මාන්නය නැත්තාවූ යම් පුද්ගලයෙක් ඇද්ද එබඳු පුද්ගලයා ඉහලොක පරලොක දෙක්හිම සියලු සම්පත් ලබන්නේය. 4. පටන්ගන්නාලද වීර්ය ඇත්තා වූ කුසීත නොවන්නා වූ යමෙක් යමිකිසි අමාරුවක් පැමිණි විටත් කම්පා නොවන්නේද ? සථීර පැවතුම් ඇති ස්ථානෝචිත පඥාවෙන් යත් යම් (ඒ) පුද්ගලයෙක් ඇද්ද හෙතෙම ලෞකික ලොකෝත්තර සියලු සම්පත් ලබන්නේය. 5. චතුස්සංග්රලහ කරන්නාවූ මිත්ර්යන් ඇතිකරන්නා වූ

366 ශ්රීන ලංකා මාතා පූර්වෝකාරිත්වයෙන් කියන ලද වචන දැනගන්නාවූ පහවූ මසුරුමල ඇත්තාවූ නුවනැති සුළු වූ ඒ ඒ අර්ථයන් දක්වමින් නානා ප්රතකාර කාරණයන් ප්රතකාශ කරන්නාවූ විශේෂයෙන් හික්මෙන්නා නැවත නැවත හික්මෙන්නාවූ යම් පුද්ගලයෙක් ඇද්ද එබඳු පුද්ගලතෙම ලොව්තුරා සැපත් ලබන්නේය 6-7. මේ ලෝකයෙහි දන් දීමද. ප්රි ය වචන කීමද, අනුන්ට වැඩ පිණිස හැසිරීම ද, සමානාත්ම තාවයෙන් හැසිරීමද යන මේ සතර සංග්රමහ වස්තුහු ඒ ඒ පුද්ගලයන් කෙරෙහි යෙදෙන යෙදෙන පරිද්දෙන් පවත්නාහු සත්වලෝකයෙහි මේ සතර සංග්ර හ වස්තුහා යන්නාවූ රථයාගේ ඇනයක් මෙන් පවත්නේය. මේ චතුර්විධ සංග්රාහ වස්තුහු ලොවෙහි නූවූවාහුනම් මාතාතොමෝ පුත්ර යා කරණ කොටගෙන සිතින් බුහුමන් කිරීමවත් පූජාසත්කාරයක්වත් නොලබන්නීය. පියා විසින් පුත්රියාගෙන්ද ඒ පුත්රමයාගේ බුහුමන් ලබනු නොවේ. 8. පණ්ඩිත ලක්ෂණයෙන් යුක්ත වූ මහොත්තම‍යෝ දාන, ප්රිුය වචන, අර්ථචර්යා, සමානාත්මතා යන මේ චතුස්සංග්රෝහ වස්තුන් යම් හෙයකින් යහපත්කොට දකිද්ද ? ඒ හෙයින් රන් රුවන් ආදී ‍ෛඑශ්චය්ය්් ය මහන්තත්වයට පැමිණෙති. ප්ර්ශංසා කටයුතු බවටද පැමිණෙතියි වදාළසේක. ඉතින් මහත්මයාණනි, සංක්ෂේප වශයෙන් මෙසේ දැක්වූ අපේ පිළිපැදීම විස්තර වශයෙන් ඉගෙන පුරුදුකරගත් මිථ්යා දෘෂ්ටිය දුරුකර සිංහලව කල් යවන අයට මෙලෝ පරලෝ කිසි අමාරුවක් නොවේ. කිසි සාරයක් නැති පංචකාම ගුණයෙන් පහත් සිරිත විරිතුත් පුරුදු කරවන ඉගෙනීමක් ඇති ඒ අනුව පිළිපදින ස්ත්රිියක් කසාද බැඳ වාසනාවාන්තයෙක් වීමට මහත්මයා කල්පනා කරීම පුදුමයකි. අනාර්යවූ නූගත් මිනිසුන්ගේ පුහු ධර්මය වහාම ප්ර තික්ෂේපකොට උතුම් වූ තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ධර්මයත් ඒ ධර්මය අනුව ඇතිකරගත් අපේ පැරණි සිරිත් විරිතුත් දැන ඉගෙන පිළිපදින්ට පටන්ගතතොත් මහත්මහාටත් අපට මෙන්ම හිතට කයට සැනසිල්ල ඇතුව වාසය කළ හැක්කේය. ඒ මිස වෙනින් උපක්රකමයක් ඇත්තේ නැත.. ඉතින් මිත්රනයාණනි, කවදාවත් නැතුවාට වඩා ප්ර්මාද වෙලාවත්, උතුම් ක්රි්යාවක යෙදීම මනුෂ්යහ ගතිය බැවින් තමුසේලාගේ පවුල්වල පුරුදු කරගෙන තිබෙන දුසිරිත් දුරුකොට මේ උතුම් ගිහිවිනයට අනුව ක්රිනයාකළයුතුය” යි ජයසේකර ස්වකීය මිත්රේ අමරසේකරට ලියා යවන ලදී.


පියදාස සිරිසේන නවකථා එකතුව 367 මේ ලියමන හත්අටවිඩයක් කියා මහත් ප්ර සන්න භාවයට පත් අමරසේකර තමාගේ මිත්ර්යෙක් වෙන සිල්ව පාදිල් උන්නැහේට මේ ලියමනත් පෙන්වා එයින් තමාගේ සිතතුළ බුද්ධාගම විමසා බැලීමට මහත් ආසාවක් අටපත්බවද කීවේය. එවිට සිල්වා පාදිලි උන්නැහේ එහිදී කිසිත් නොකියා මෙසේ කල්පනා කළේය. “පසුගිය කාලේ බුද්ධාගමය කියන්නේ අඥාන අමුඩයන් විසින් පමණක් ඇදහියයුතු ආගමකැයි අපේ පක්ෂය කී නමුත් දැන් අනිත් අත පෙරලී තිබේ. බුද්ධාගම යන්නෙහි තේරුමත් “ඥාන වන්තයන්ගේ ආගම” යනුයි. “ප්රිකෘති සත්යනය අප විසින් මේ තාක් යටපත්කරගෙන සිටි නමුත් සූර්යයා පොල්අත්තකින් මුවා කරගෙන වුන්නාට වැඩි වේලාවක් එසේ කළ නොහැකිවා මෙන්ම බෞද්ධ ධර්මත් එහිම පවත්නා සත්යකබලයෙන් තව වරක් ලෝකයේ උද්දීප්ත වේගණ යන්නේය. නමුත් අපේ උපාය බලයෙන් එ නැතවත්විය යුතුය. එසේ කොනළොත් දැන් අපට වෙන්නේ වස වරැද්දකැ”යි සිතා අමරසේකර සමඟ “ මෙනවාද මහත්මයෝ ඔය අදේව දෘෂ්ටිකයන්ගේ බොරු කථා කුමට කියනවාද සියල්ල මැවූ සදාකාලික මහෝත්තම දෙවියන් ගැනම පමණක් සිතාගත්තාම අපට ගැලවෙන්ට පිළිවනැයි කීයේය”. ඔව් තමුන්නාන්සොගේ කීම හරි. ඒ ගැලවීම ලැබෙන්නේ මැරිලාගියාම නොවුනමුත් දැන් අපේ පවුල්වල ගෑණුන් අපේ කරඋඩ නගිනවාට යාච්ඤාකරන්යේ කාටද? මට පරලොව ඕනෑ උලව්වක් වුනත් කමක් නැහැ. මෙලොව වශයෙන් ස්ත්රීව පුරුෂයාට යටත් පහත්වීම ආදී ගුණධර්ම උගන්වන පිළිවෙළක් අපේ ගේවල බෝකර නොගත්තොත් අපට වෙන්නේ නූර්දීන්ටවුන එකය. තමුන්නාන්සේලා මෙන මෙනවා කීවත් මම මේ ගැන කල්පනා කරන්නෙමි”යි අමරසේකර කී විට පාදිලිඋන්නැහේ වැඩි දුර කථානොකර යන්ට ගියේය.

10. පර්ච්ඡේදය කො ළඹ ඉතාමත් ධනවත් පොරෝලිස් සිල්වා අප්පුහාමි ආගමධර්ම කුලධර්ම ජාතිධර්ම ආදී ‍හොඳින් උගත් ධනය නැති උතුම් සිංහල දරුවෙකුට ස්වකීය මිනිබිරිය පාවාදීමෙන් ධනයටත් නිල තලවලටත් වඩා උසස් ගුණධර්ම අගය කළ බවට තව වරක් සිංහලඬවීපයේ ප්රලතිරාවයක් ඇතිවී ගියේය. එම් කාලයේ පොරෝලිස් සිල්වා අප්පුහාමිගේ මිනිබිරිය ගැන බලාපොරොත්තුව සිටි සමර‍සිංහ

368 ශ්රී. ලංකා මාතා මුදලි තැනටද, සතුරුසිංහටද, සිල්වා අද්වකාත් තැනටද, වික්රාමසේකර මුදලිතැනගේ පුත්ර, ජිමීටද මහත් අමාරුවක් විය. ඔවුහු පද්මිණී සරණ අස්වා එවි විට ඔවුන්ට නොයෙක් අන්දමේ නින්දා ඵලවන කථා කී බැවින් ඔවුහු දන්ඩෙන් පහර කෑ සර්පයන් මෙන් කිපී පොරෝලිස් සිල්වා අප්පුහාමිගෙන් පලිගන්ට කල්පනා කළෝය. සිල්වා අද්වකාත් තැණත් සතුරුසිංහත් ගජ මිත්ර්යෝය. දෙදෙනා එකදිනක් හදිසියෙන් මුනගැසී “අයියේ සතුරුසිංහ බලනවා. අර පොරෝලිස් නාකියාගේ මිනිබිරී මට අහලත් දෙන්ට බැරිය කියා කීවා නොවැ ? ඒ ලමිස්සිට පවුම් සියක්දාහකට වැඩි දේ තිබෙනවා. ඉතා ලක්ෂණ කදිම තරුණි! අද්වකාත් කෙනෙක් වන මට නොදී තුට්ටු හතරක වත්කමක් නැති සිංහල ගුනධර්ම දන්නවයි කියන කළුතර පළාතේ ජයසේකර නමැති තරුනයෙකුට කසාදබැඳ දුන්නාළු ! අහෝ දැන් රට පෙරලීගන යන හැටි! ඉස්සරනම් සැලකුවේ අද්වකාත් පෙරකදෝරු මුදලි මුහන්දිරම්කම් ස්ටයිල් - ඉංග්රීවස් පන්නෙ! නමුත් දැන් ඒක විපතවේගන යනවා. දැන් සොයන්නේ ගුණධර්ම, තෑගිවත්කම්, පරාර්ථකාමී, ජාතිහිතෛෂීකම් සහ නිවහල්ව වෙලහෙළදාම් වැවිලි ගොවිතැන් කරන මිනිසුන් බවත් පෙනේ. ඉතින් මිස්ටර් සතුරු බලන්ට, මා සිතාගෙන සිටි ඔක්ිකොම යකාට පලව්වි පොරෝලිස් සිල්වා නාකියාගේ මිනිබිරිව කසාදබඳින බලාපොරොත්තුවෙන් සියේට හැටේ පොලියට හෙට්ටියෙකුගෙන් රුපියල් විසිදාහක් ණයටඑ අරගෙන දැන් අප ඉන්න “රිට්රීට්” වලව්ව හැදුවා, දැන් මට ලැබෙන ආදායමෙන් මා තිබෙන ණයවල පොලියෙන් හතරෙන් කොටසක්වත් ගෙවන්ට බැහැ. ඉතින් මක්කා කරන්ටදැයි මටම තේරුමක් නැහැ. අනේ අයිසේ කුමක් කරනවාදැ”යි සිල්වා අද්වකාත් සුසුම්ලමින් කීවේය. සතුරුසිංහ ටිකක් සිනාසී “ අයිසේ උඹත් පොරෝලිස් නාකියාගේ මිනිබිරිය කසාද බඳිනිට සිටිකෙනෙක්ද ? මටත් ජෝඩුවානා නොවැ! මටනම් ඈ කසාද බඳින්ට බැරිවුනාට වඩා අමාරු ඇගේ සීයා වන පොරෝලිස් නාකියා රේන්දකාරයන්ටත් යුරෝපීය පන්නෙ වැඩකරන කාටත්පාහේ සිනාසී “ඔච්චන්” කරන එකයි. මට මිස්ටර් සිල්වා සම්භවුණු එක කදිමයි! ඔය ලමිස්සි මඟුල් අහන්ට ගොස් පොරෝල්ස් නාකියාගෙන් බැනුම් අහගෙන ආ නාකි වික්රහමසේකර මුදලියාරෙත් දත්කකා ඉන්නවාඨ යමු. මිස්ටර් සිල්වා උන්නැහේත් සම්භවෙලා මිට සුදුස්සෙක් කථාකරගන්ට යමු කියා සිල්වා අද්වකාත් හා සතුරුසිංහත් සවස හයට පමණ වික්රුමසේකර මුදලියාර්ගේ වලව්වට ගියහ. ඔවුන්

පියදාස සිරිසේන නවකථා එකතුව 369 යනකොට මහළු වික්රවමසේකර මුදලිතැනත් ප්රවයෝග යෙදීමෙන් ලෝකයේ අති ප්රහසිද්ධියට පැමිණ සිටින ජෝන් පෙරේරාත් වලව්වේ ස්තොප්පුවේ කථාකරමින් සිටියාහ. සිල්වා හා සතුරුසිංහ පැමිණි හැටියේ ඒ කථාව නවත්වා ඔවුන්ට වාඩිවෙන්ටදී “සිගරැට්” වලින් සංග්රවහ කර ආගිය තොරතුරු ඇසුවේය. එවිට සිල්වා අද්වකාත් මුදලිතැල ළඟට පුටුව කිට්ටුකරගෙන “ මුඩ්ලියර් ඇහුවද කාරියක් පවුම් සියදාහකට වැඩි දේපොල ඇති පොරෝලිස් අප්පුහාමිගේ එකම මිනිබිරිය කළුතර ජයසේකර නමැති අසරණයෙකුට දුන්නාළු. මටත් මුඩ්ලියර්ගේ පුතාටත්. මේ සතුරුසිංහ මහතාටත් නොයෙක් විධියට නින්දාකොට “සිංහල ගති, ගුණධර්ම, පරාරථකාමීකම්” යන මොන මොනවාද අපට නැත කියා නාකිරාල දුප්පත් මිනියෙකුට දීලා දැන් ප්රීාතිවෙනවාළු, ඉතින් මේ නාකියා අපට කළ නින්දාවට පලි නොගෙන ඉන්ට වටිනවාද ? වික්රාමසේකර - ‍අනේ සත්තකට දැන් මහත්වරු දෙන්නා එනකොට මේ ජෝන් ප්රේටරාත් මමත් කතාකරකර උන්නනෙත් ඔය කාරණය ගැනම තමයි. අපූරුවකට මෙන් තමුසේලාත් ඒ ගැන සැලකීමකට පත්වුන හැටි! සිල්වා - ඉතින් මුඩ්ලියර්, පොරෝලිස් නාකිරාළ කියන කියුම් හැබෑද ? වික්රාම - ඒ මොනවාද ? සිල්වා - මිනිහා කියන්නේ අපේ විකාර සිරිත්ළු! අපට ගුණ ධර්මයක් නැතිළු. මත්පැන් බොන මිනිහෙක් තුළ යම්කිසි සීලාදී ගුණධර්මයක් තිබෙනවා නම් යකඩදාපු ගෙවල්වල පුළුන් තිබෙන්ට පුළුවන්ලු, ඔය ආදී වශයෙන් අපේ ව‍ැරදි කියාගෙන ගොස් ඔහුගේ මිනිබිරියගේ හා ජයසේකරගේත් මහා ගුණ රාශියක් කියනවාළු. එනම් සුරාපානාදී දුශ්චරිත නොකරන යහපත් මවුපිය දෙදෙනෙකුට දාව උපදින්නේ දිව්ය ලෝකයෙන් චුතව එන දිව්යප කුමාරයෙක් හෝ කුම‍ාරියක්ළු. එබඳු දරුවෙකුට මුලපටන් ගුණධර්ම උගන්වා සත්පුරුෂ සේවනයෙන් ඇති දැඩි කළොත් ඒ ස්ත්රිෙය හෝ පු‍රුෂයා කාටවත් මුළා කරන්ටවත් වැරදි මාර්ගයක ගමන කරවන්ටවත් බැරියයි පොරෝලිස් නාකියා නිතරම ගර්ජනා කරමින් කියන ආඩම්බර කතාවකි.


370 ශ්රී ලංකා මාතා වික්ර0ම - සිල්වා උන්නැහේ කී කතාව එහෙම තමයි. ඔය නාකි මිනිහා ජරමරකරලා සල්ලි ටිකක් සම්බකරගෙන හොඳට කන්නේ බොන්නේ වියදම් කරන්නේ නැතුව ප්රීෙති‍වෙන්නේ නැතුව ලෝබකම් නිසා ඒ මුදල් ටික වැඩිකරගෙන තමාගේ මසුරුකම නොකියා තමාගේ ගුණධර්මය නිසා ඔහ්ගේ ධනය දියුණුවූ බවත් අපේ මත්පැන් මීමාදී දුශ්චරිත නිසා අපේ ධනයත් විනාශ වී අපට කාලකන්නි දරුවොත් ලැබී අපට දියුණුවෙන්ට බැරි බවත් නිතරම කියනවා. ඉතින් මේ මිනිහාගේ නිගාරුව විඳින්ට බැරිව තමයි මමත් මේ ‍ජෝන් පෙරේරාවත් මෙහාට අඬගසාගෙන මේ කතාකරකර ඉන්නේ. ඇත්තෙන්ම ඔය මිනිහාට ලොකු උගුලක් ඇටෙව්වේ නැත්තම් ධනවත් සිංහල‍ බෞද්ධ ගෙවල්වලින් අපවාගේ පවුල්වල උදවියට මගුලක් කරගන්ටවත් බැරිවෙනවා. මක්නිසාද සිංහල චාරිත්රි කොරකින ජාති හිතෛෂි නොවන ‘බීම’ බොන සතුන් මරණ බෞද්ධ නොවන පුරාණ තොරතුරු නොදන්න මුතුන්මිත්තන් නොසලකත සිංහලයන්ට කෙතරම් ධනය තිබුණත් කෙතරම් ලොකු නිලතල තිබුණත් එවුන් සැලකිය යුත්තන් නොවේයයි මේ නාකි මනුෂ්යනයා හැමතැනම වාගේ ප්රේකාශකරමින් දැනටම ඒ මතය නිදහස් පොතපත කියවන උදවිය අතර ස්ථිරව පැතිර යන බැවිනි. සිල්වා - ඔපමණක් නොව මුඩ්ලියර්, මගේ මිත්රෛයෙන් පොරෝලිස් සිල්වා නාකිරාළ සම්බව කතාකරනවිට කී පුදුම කීමක් මගේ හිතේ ඇදී තිබේ. එනම් “ තමා පංච සීලය රකින, පරාර්ථකාමී භාවයෙහි ඇලුන, ආගම භක්තියෙන් යුත් කෙනෙක් නිසාත් තමාට ලැබුණු පුත්රකයා එනම් විල්ප්රෙඩ් සිල්වා හා ඔහුගේ හාමිනේත් තමා මෙන්ම රා අරක්කු බීමාදී දුශ්චරිත වලින් වැලකුණු පරාරථකාමී ශ්රුද්ධාවත් අය නිසා ඔවුන්ට ලැබුණු දුවණිය එනනම් පදිමිණී දිව්ය‍ලෝකයෙන් චුතව ආ දිව්යාංදගනාවක්ලු. ඉතින් එම් පද්මිණී ආර්ය ගුණධර්ම ආදිය පුරුදු පුහුණු කළ බැවිනුත් ඈ පත්වෘතා ධර්මය ජීවිතයටත් වඩා ගරුකොට‍ රකින් ලද ‍දෙයින් සතුටුවන කිසිවෙකුට මුලා ක‍රන්ට බැරි ස්ත්රී‍ රත්නයක්ලු, ඒ නිසාම ඈට “ ශ්රීල ලංකා මාතාවය”යි ක්රිරඩා

පියදාස සිරිසේන නවකථා එකතුව 371 වශයෙන් කියනවාලු. ඇගේ කුසෙන් ඉතාමත් පුණ්යීවත් ශ්රීි ලංකාද්වීපයට මහත් ආධාර කරන උත්තමයෙක් උපදිනවාලු. මේ කාරනා නිසා ඒ පද්මිණී “ බොන කන” සිංහල චාරිත්ර වාරිත්රන නොදත් බුද්ධාග‍ම පිළිනොපදින රජකෙනෙකුටවත් දෙන්නේ නැත කියා කීවාලු. ඉතින් මුඩ්ලියර් මේ නාකියාගේ කියුම් බොරු කරන්ට ලැබුණොත් පද්මිණී අපට නොලැබුණාට කාරියක් නැත. වික්රණම - ඇත්තටම සිල්වා මහත්මයෝ මමත් මේ ජෝන් ප්රේිරාත් මෙපමණ වේලා කතාකරමින් සිටියෙත් ඔය නාකිරාළගේ කියුම් බොරුකරලා පද්මිණීගේ සීලයත්, ඔය කියන පතිවෘතාවත් කඩන්ට උපක්රීමයකුත් තමයි. ඉතින් සිල්වා මහත්මයාත් ඒකට සම්බන්ද වුණොත් අපට ඔය වැඩේ ඉතාමත් පහසුවෙන් කරන්ට පුළුවනි. සිල්වා - මට පුළුවන් උපකාරයක්, මගෙන් වුවමනා වැඩක් මහාම කරන්ට ලෑස්තියි. කොයි ස්ත්රිේයක් වුවත් නොමඟ යවන්ට බැරිකමක් නැහැ. සිංහල කුලධර්ම හොඳින් දැන ඒ හොඳින් පුරුදු කළ ස්ත්රි යක් මුලාකරන්ට “දෙවි” කෙනෙකුටවත් බැරිය කියන පොරෝලිස් නාකිරාළගේ කීම බොරුකිරීමට පවුන් හත් අට සියයක්වත් මමත් විදයම් කරන්ට ලෑස්තියි. මොනවද මුඩ්ලියර් කොයි ස්ත්රීසන් කොහි පුරුෂයාත් තමා ප්රිකය කරන කෙනෙක් සමඟ මිත්රිවීම, කතාබස්කිරීම, හිතුමනාපයක් කරගැනීම සිරිතකි. නමුත් සිංහල කුලධර්ම හරිහැටි පුරුදු වූ ස්ත්රීමන් එසේ නොවෙත්ය. තමාගේ මිණිබිරි ඒකාන්තයෙන්ම ‘පත්තිනි දෙවියන්’ හා සමානයයි බොරුවට ‘පුප්පන’ පොරෝලිස් නාකියා ඇස් ඉදිරිපිටම ‘ගොවචා’ කරන්ට ඕනෑ. ඉතින් ඔය ගැන ක්රිායා කරන්ට සුදුසු විධියක් මුඩ්ලියර්ම කියන්ට. වික්රටමසේකර මුදලිතැන කල්පනාකර ජෝන් පෙරේරා ළඟට අඬගසා “ආ ජෝන් පෙරේ‍රා උඹට දැන් අපේ කතාව ඇසුනා වෙන්ට ඇති. ඉතින් පොරෝලිස් සිල්වා අප්පුහාමිගේ මිනිබඅරිය ඇගේ පුරුෂයා ක්‍රියාවේ යොදවා ඇගේ “පතිවෘතාව” කඩන්ට සූත්තරයක් ‍යොදන්නට උඹට පුළුවන් නොවේදැයි ඇසීය. කිසිම රක්ෂාවකුත් නැතුව රස්තියාදු වෙවී ඇවිදින ජෝන් පෙරේරා “ රාජා හෝ - මාහෝ ගංග හෝ” කී 372 ශ්රීක ලංකා මාතා බ්රා හ්මණයා මෙන් ඒ උතුම් කාන්තාවට අනතුරක් කරන්ට බැරිවු‍ණ්ත මට මොවුන්ගෙන් පවුන් සියයක් හමාරක් කඩාගන්ට බැරිදැනි සිතා “ඔව් රාළහාමි, එබඳ වැඩ කරතොත් පුතා මම තමා. නමුත් දවසකින් දෙකකින් එහෙම යමක් කරන්ට අමාරුයි. ඊටත් වඩා ඒ ගැන රුපියල් තුන්හාර සියයක් නිතරම අතේ තිබෙන්ටත් ඕනෑ. ඉතින් අපේ අද්වකාත් මහතාතා රාළහාමිත් වියදමි කරතොත් මා කියන කාරණා කර දෙතොත් “පද්මිණී” – “හස්තිනී” කරන්නෙමියි කීය. සිල්වා අද්වකාත් තැනත් වික්රයමසේකර මුදලි තැනත් පොරෝලිස් සිල්වා අප්පුහාමි කෙරෙහි අඝාත බැඳ සිටින සතුරුසිංහ හා සමරසිංහ ද සම්බවීමට ගොස් හතර දෙනාම එකතුව මෙසේ නියම කර ගත්හ. “ කොයි ක්රමමයකින්වත් මේ ස්ත්රි්ය අන්ය පුරුෂයකුට මිත්ර”කරවා දීමෙන් හෝ ඇගේ ස්වාමි පුරුෂයා කෙරෙන් භෙද කොට දික්කසාද කරවීමෙන් හෝ ඈට යම් කැලලක් ඇති කරවීමට අප සතරදෙනා අතින් පවුම් දාහක්වත් වියදම් කරමු. ඒ වැඩේ කරදුන්නාම ජෝන් පෙරේජාට වියදම් හැර තෑගි වශයෙන් පවුන් සියයක් දෙමුය” යි ගිවිසගත්තහ. සතුරුසිංහ අතේ තිබි රුපියල් සීයක් ජෝන් පෙරේ‍රා අතට දී ඔන්න ජෝන් පෙරේරා ඉතින් උඹ වෙන කිසිම රක්ෂාවකට යන්ට එපා. පත්තිනීද, පද්මිණී ද කියන ස්ත්රිඋයට සූත්තරයක් අදින්ටම ක්රිකයා කරපන්නැයි කියා සතරු සිංහ, සිල්වා වික්රිමසේකර, සමරසිංහ යන සතරදෙනා ජෝන් පෙරේරාට මහත් බලාපොරොත්තුවක් ඇතිකොට යන්ට ගියහ. ශතයක්වත් අතේ නැති වෙලාවේ රුපියල් සීයක් ලැබීම නිසා මහත් සතුටට පත් ජෝන් පෙරේරා ගෙදරට වුවමනා කෑම ද්රීව්යත පුරවාගෙනවුත් රුපියල් සියයෙන් තමාගේ අමාරුකම් ටිකක් පිරිමසාගෙන කීපදිනක් ගෙදරම සිටියේය. ජෝන් පෙරේරාට මේ බාරදුන් කටයුත්ත කාගේ ආධාරයෙන් කරගන්ට ලැබේදැයි තවමත් සිතාගත නොහැකි විය. පරලොවක් ගැන කිසිම විශ්වාස මාත්රසයක් නැති මේ අදම මනුෂ්යොයා නිර්දෝෂවූ කුල ස්ත්රිශයක් දූෂිත කිරීමට පොරොන්දු වූ රුපියල් සියයක් ලබාගෙන එයින් ජීවත්වීම ග්රාමම සූකරයෙකුගේ ජීවත්වීමට වඩා පිළිකුල් නමුත් එබඳු ක්රිවයා කරන්නෝ කොයි ‍රටවලත් එමට සිටිති. “ස්ත්රීමහු පුරුෂයන්ගේ හිතුමනාපයක් කරගත හැකි සත්තු කොටසක” යන පහත් කල්පනාව ඇති බොහෝ අය නොයෙක් රටවල සිටිති. ධර්මය වැරදි ලෙස තෝරන ඇතැම් අය බුද්ධාගමේ ද එසේ තිබේයයි කියති. මේ නිසා ස්වකීය බිරිඳ ගැන මඳක්වත් විශ්වාස නැති ජෝන් පෙරේ‍රා එක් දිනක් ස්ත්රීබන් සම්බන්ධව

පියදාස සිරිසේන නවකථා එකතුව 373 කතාකරන්නට පටන් ගත්තේය. ජෝන් පෙරේරාගේ භාර්යාව වන පොඩිනෝනා තරමත් බණදහම් ‍දන්නා කෙනෙක් නමුත් කිසිම ආගමක්, ධර්මයක්, සීලයක්, ගුණයක් නැති අධම ජෝන් පෙරේරාගේ ආශ්රයය නිසා ඒ ස්ත්රි්යට හොඳින් කල්ගත කරන්ට බැරිවූ කෙනෙකි. එසේද වුවත් වර්තමාන සාමාන්යා සිංහල ස්ත්රීකන්ට වඩා කාරණා දත් කෙනෙක් බව මේ කියවන්නන්ට මේ කතාවෙන් තොරේ. ජෝන් පෙරේ‍රාත් පොඩිනෝනාත් අතර සිද්ධවූ කතාව මෙසේය. ජෝන් පෙරේරා - ආ පොඩි නෝනො, පතිවාත ගුණය රකින ස්ත්රි යොත් ලෝකයේ සිටිත්ද ? පොඩි නෝනා - මොකද අද පණ්ඩිතයෙක් වෙලා හැඩයි. අඩියක් දෙකක් ගැහු වෙලාවට නම් මතක්වෙන්නේ පතිවෘතාවල විත්තියක් නොව කනට යවුල් වැනි කුනුහරුපයි. ජෝන් - ඒක එහෙම තමයි. ඇත්තටම පතිවෘතාව රක්ෂ.කරන ස්ත්රී්න් ඉන්නවැයයි උඹ කියවාද ? පොඩි - සත්තකටම ලෝකයේ අනන්තවත් ඉන්නවා. නමුත් එහෙම උත්තමාවෝ වල් මිනිස්සු මධ්යයයේ ඇති නොවෙති. ජෝන් - එතකොට තොටගමුවේ හාමුදුරුවෝ කියා තිබෙන්නේ - පිරිමිනු ද පත න අවසර කල් රහස් තැ න මිස නොලැබෙන බැවි න ගැහැනු කවුරුද වරද නොබැදෙ න

පොඩි - ඉතින් තොටගමුවේ හාමුදුරුවෝ කී එක හැබැයි.ප්රා්ර්ථනා කරන පුරුෂයාටත් අවසර කාලයක් රහස් ඉඩමත් ලැබෙනවා නම් ස්ත්රී.හු වරදට බැ‍ඳෙන බව එයින් කියා තිබේ. ඉතින් උතුම් ධර්මශාස්ත්ර් උගත් යහපත් මවකගේ ළඟ ඇතිදැඩිවූ කුලචාරිත්රා පුරුදුවූ ස්ත්රිහය්ක ප්රාිර්ථනා කරන්නේ එකම පුරුෂයාය. පවට ශයත් ලැජ්ජාවත් නිසා නිදහසක් හා රහස් තැනක් ද නැත. ඒ නිසා එබඳු ගුණවත් ස්ත්රීාහු පතිවෘතාව රකිති. ජෝන් - පොඩිනෝනා මේ මක්කියනවාද, උවමනා නම් ඕනෑ තරම් නිදහස නැද්ද ? පොඩි - ගුණධර්ම බහුල වශයෙන් පුරුදු කළ ස්ත්රිඋයකට පව නිසා නිදහසක්වත් ලජ්ජාව නිසා රහස් තැනැක්වත් ස්වකීය පුරුෂයා‍

374		                                      			    ශ්රී් ලංකා මාතා

කෙරේ පවත්නා බලවත්‍ ප්රේරමය නිසා ඔහු හැර අන් සියලුම පුරුෂයනි පිළිකුල් නිසාත් උතුම් ගුණවත් ස්ත්රි යකට කවදාවත් වැරැදි කරන්ට නුපුළුවන. ‍ජෝන් - ඉතින් උඹත් එහෙමද ? පො‍ඩි නෝනෝ ? පොඩි - සත්තකෙන්ම තමුසේ හොඳවුණා නම් මමත් එසේමයි. තමුසේ මා කෙරෙහි අවංක ප්රේ්මයක් නැත. කටගන්නක් බීගෙන අවුත් මගේ ඉල ඇට කඩයි. මා ගැන සැලකීමක් ගරු කිරීමක් නැති තමුසේ වැනි තිරිසනකු සමඟ එකතුව රකින පතිවෘතාව නිර්වස්ත්ර යෙන් ඉන්නා මිනිසුන්ගේ රටකට ගොස් රෙදි ඇපිල්ලීම වැනි ක්රිෙයාවකි. පතිවෘතාව රකින තරම් පින්වත් ස්ත්රීීන්ට සුරාපානාදී දුසිරිත් කරන මිනිසුන් ස්වාමිකමට නොලැබේ. ජෝන් - එතකොට පොඩි නෝනා කියන්නේ මිනිහා හොඳ වුනොත් පමණක් ස්ත්රීඑ පතිවෘතාව රකින බවද? පොඩි - මිනිහාත් ස්ත්රීෘත් දෙදෙනාම හොඳ මව්පිය ගුරුවරුන්ගේ ආශ්ර යෙන් ඇතිදැඩිව උතුම් කුලධර්ම පුරුදු කළා නම් අන්න ඒ දෙන්නා අතර පමණක් පතිවෘතාදී ගුන තිබේ. පිණි බිඳක් පමණවත් සුරා පානය කරන පුරුසයෙක් තුළ ස්ත්රී කෙරෙහි අවංක ප්රේරමයක්වත් අනාර්ය පැවතුම් ලෙස ඇතැදඩි වුන උතුම් සිරිත් හා ගුණධර්ම හොඳින්ම නූගත් ස්ත්රිමයක් තුළ පතිවෘතා ධර්මයක් වත් නොමැති බව ඒකාන්තම කාරණයකි. ජෝන් - හොඳයි පොඩානෝනා කොයි ස්ත්රියයක් වුවත් ඉඩ ලැබුණොත් කරක් කරන්ට බැරීද ? පොඩි - සත්තකටම කිසි කාලයක බැරිය. දිවි ගියත් තමන්ගේ ගුණධර්මය ආරක්ෂා කරන ස්ත්රීෝහු සිටිති. හැබැහි ඒ අප ‍වාගේ වල් මිනිසුන්ගේ හාර්යාකමට පත් තැනැත්තියෝ නොව ධර්ම ශාස්ත්රි උගත් උත්තමයන්ගේ භාර්යාකමට පත් පින්වතියෝය. ජෝන් පෙරේරා කතාව නවත්වා සතුරුසිංහලාගේ ගෙදරට පැමිණ මෙසේ කීයේය. “මහත්මයෝ මම අද අපේ ගෙදර ඇත්තන් සමඟ ස්ත්රි.න්ගේ වගතුග ගැන කතාකළෙමි. ඒ ඇත්තී කියන්නෙත් දිවියතත් තමාගේ පත්වෘතාව නොකඩන ස්ත්රීවවරු ඉන්නා බවයි. අපි මේ දූෂිත කරන්ට නියමකරගත් පොරෝලිස් සිල්වා අප්පුහාමිගේ මිනිබිරිය එසේ මෙසේ කෙනෙක් නොවේ. පූර්වාපර දෙදිශාවේම ධර්මශාස්ත්රප උගත් පියදාස සිරිසේන නවකථා එකතුව 375 උතුම් මවක් යටතේ ඇති දැඩිවුණු ඉතාමත් ශික්ෂිත උගත් ස්වාමිපුරුෂයෙකු ආශ්ර්ය කරන වැදගත් කුලස්ත්රි යකි. මෙබඳු කෙනෙකුට අනතුරුක් කිරීමත් අපරාධයකි. ඊටත් වඩා ඈට කිසිවක් කරන්ට අපට ඉඩ ලැබෙන්නේ නැතැ’යි කීවාම සතුරුසිංහ සිනාසී “ දෙයියනේ මිනිහෝ උඹ විකාර නොදොඩා හිටපන් පුරුෂයකුට වසඟ කරන්නට බැරි ස්ත්රිඅයක් කොයිබ ඉන්නවාද? ගෑණුන්ට මොන ඉගෙනීමක්ද, දැන් මේ ඉතාමත් ඉහල වලව්වකවත් පතිවෘතාවා රකින ස්ත්රීීහු කෝ ? තමන්ගේ හිතට කැපෙන පුරුෂයෙකු සමග කථා බස් ආදියට ඉඩ ලැබුණොත් කොයි ස්ත්රිඩයත් දූෂ්යයකරගන්ට පුළුවනි. ජෝන් පෙරේරාජග් “බොරුබණ” පැත්තකින් තබා “පද්මිණී” ගේ සීයාගේ “සිංහනාදය” “කනහිල් නාදය” කරන පිණිස ඇගේ චරිතය කැත කිරීමට ඉඩක් සොයාපන්. උඹට අපි වේ වැඩේ පැවරුවේ උඹ මෙබඳු වැඩට දක්ෂයෙකැයි සිතා ගෙනයි. කොයි විධියකින්වත් පද්මිණී කිටවත් ගෙනයන්ට හෝ වෙන ‍වරදකට පමුනන්ට උමට පුළුවන් උනොත් වියහියදම් ඇරලා තෑගි වශයෙන් පවුන් සියයක් දෙන්නෙමුය”යි සතුරුසිංහ කී බැවින් වැඩි දුරු කථා කිරීමට අසමර්ථ වූ ජෝන් පෙරේරා මුදියන්සේ රාළහාමි සම්බවෙන්ට ගියේය. වික්රමමසේකර මුදලි තැන ජෝන් පෙරේරා දුටුහැටියේ මහත් සතුටට පැමිණ “ ආ ජෝන් පෙරේරා මොකද පද්මිණී සම්බන්ධව යමක් කල්පනා කළාදැ”යි ඇසුයේය. “ඔව් රාළහාමි, ඒ ගැන වැඩකරමින් සිටිමි, ජාති ‍ගෞරවයත්, ගුණධර්මයත් ආරක්ෂා කරීම සඳහා ජීවිත පරිත්යා ගකළ ස්ත්රී”හු සිංහල රටේ වාසයකළ බව සත්යගයකි. දැනුත් එබඳු ස්ත්රීගහු නැතැයි කීම අමාරුයි. පද්මිණීත් එබඳු කෙනෙක් නූනොත් රාළහාමිලාගේ කැමැත්තේ හැටියට ඈ දූෂ්යකකරන්ට උගුලක් අදින්නෙමි. නමුත් මේ කටයුත්ත ඒ තරමම් ලේසියෙන් මම නොසිතමි”යි ජෝන් පෙරේරා කීයේය. වික්රතමසේකර මුදලිතැන මඳක් කිපී “ උඹ මොනව‍ා කියනවාද ? අපේ ළමයි දෙන්නෙක් ඉන්නවා. සිල්වා අද්වකාත් උන්නැහේගේ නංගිලා දෙන්නෙක් ඉන්නවා. සමරසිංහ මුදලිතැනගේ දියණියන් දෙන්නෙක් ඉන්නවා. තවත් මා දන්නා ලොකු ලොකු වලව් වල ළමින්නියෝ මහ රාශියක් ඉන්නවා. ඔවුන් සියලුදෙනාම පාහේ ස්වාමිපුරුෂයක් හිටියත් මව් පිය සහෝදර සහෝදරියන් හිටියත් තම තමන්ට කැමති පුරුෂයන් සමඟ යන එන බව පෙනේ. මරක්කල ස්ත්රීනන් වාගේ, ගේ මුල්ලට වෙලා ඉනානා අශීලාචාර ගෑණු මිසක් “සීලාචාර වෙච්ච” කොයි ස්ත්රිඑයෝත් තමා තමාට රුචි තැන්වල යෑම

376 ශ්රී ලංකා මාතා ඊම සිරිතකි. ඉතින් මනුෂ්යා යෝ, මෙහෙම කාලේ ඔය පද්මිණී කොහොම අනිකෙකු සමඟ මිත්ර කරවා අපට හිතුවක් කරන්ට බැරිද ?” “ ඔව් රාළහාමි තමුන්නාන්සේලාගේ ගෑණු දරුවොනම් මහා දක්ෂියෝ, ටැනිස් ගහන්ට, අශ්වයන් පිට යන්ට, බයිසිකල් පදින්ට, අඩිගහන්ට, රවුන් ගහන්ට, බාල් නටන්ට. මංමාවත්වලදී පවා එකිනෙකා සමඟ කථා බහ කරන්ට හිතු හිතු වේලාවට ඇඳ පැලඳගෙන කැමති කෙනෙක් සමඟ නුවර, නුවරඑලි යන්ට ගජ හපන්නියෝ! නමුත් “ හ්රී ස්ත්රීරන්ගේ මහාය්යාපද භරණය”යි උගන්වනු ලැබූ කුලධර්ම පුරුදුවූ කුල ස්ත්රිමයක් ස්වාමියාගෙන් අවසර නැතුව ස්වාමියාගේ ආරක්ෂාව නැතුව ගෙදරින් දොරටවත් නොබසින බව - “ නොකියා සිය හිමි ට නැතිව ද උතුරු සළු ප ට ගම න් ඉක්මන් කොට ට නොයන් නුඹ වසන ගෙන් පිටත ට යන මේ පුරාණ ඉගැන්වීම් වලින් පෙනේ. පද්මිණී මෙබඳු ඉගැන්වීම් ලැබූ උතුම් කාන්තාවකි. හිතුන හිතුන තැන්වල දඩාවතේ ඇවිදින ‍රාළහාමිලාගේ ගේවල ස්ත්රී න් මෙන් ආර්ය චාරිත්රාඇනුකුලව ඇති දැඩිවූ ස්ත්රිළයක් දූෂ්යත කිරීම පහසු නොවේ. ඒ කොයිහැටි නමුත් මම පිළිවන් තරම් වීර්ය කරන්නෙමියි කියා ‍ජෝන් පෙරේරා මුදලි තැන සතුටු කොට ගියේය.

11. පරිච්ඡේදය ප ද්මිණී ජයසේකරත් සමඟ විවාහ වී මාස හයකර පසු යුරෝපයේ ඇවිදින්නට යන කල්පනාවක් ඇතිවිය. ජයසේකර ඒ බව ස්වකීය මාමන්ඩිට හා සීයා වන පොරෝලිස් සිල්වා අප්පුහාමිට ද කීයේය. දේස සංචාරණය කිරීම මනුෂ්යෝ ඥනය වැඩිවීමට අතිශයින්ම ඉවහල් වන කාරණයකි. නොයෙක් රටවල ඇවිද ඒ ඒ ජාතීන්ගේ සිරිත් විරිති ගුණධර්මාදිය දැන නොගත් මනුෂ්යවයාගේ ඥානය ඉතා දුර්වලය. සිංහල මිනිස්සු දියුණුය සිටි කාලයේ චීන, සියුම්, බුරුම, ඉන්දියා, ග්රීදක්, මිසර ආදී ‍එවකට දියුණුව පැවති රටවල වෙ‍ළහෙලදාම් ආදිය පවා කරමින් නිතර හැසුරුණු බව ඉතිහාසයෙන් පෙනේ. භාෂා ශාස්ත්රා ගුණධර්ම ආදී සියල්ලෙන්ම පසුගිය තුන් සිය වර්ෂය තුළ සිංහල මිනිස්සු පිරිහුණු


පියදාස සිරිසේන නවකථා එකතුව 377 බැවින් විදේශ සංචාරණය තබා ස්වකීය කුඩා ලංකාදිවීපයේ වත් තොරතුරු නොදැන තිරිසන් ගතියේ වුන් බව පෙනේ. තවමත් අපේ මිනිසුන්ගෙන් බොහෝ දෙනා අනුරාධපුරය, පොළොන්නරුව, දිගාමඩුල්ල, ත්රීුකුණාමලය, මාගම්නුවර ආදී පැරණි රාජධානිවලට නොයන බව පෙනේ. ජපනුන්ගේ ජාති හිතෛෂි භාවය ඔවුන්ගේ මුතුන් මිත්තන්ගේ ගති ක්රිඅයාදිය නිසා ඇතිකරගත් බව ඔව්හු කියති. අනිත් ඉංග්රීරසි, ප්ර න්ස, ජර්මන් ආදී ජනයාත් එසේයි. ඉතින් අපටත් අමුත්තක් නැත. අපේ ඉතාමත්ම දුරුභාග්ය් කාලේ මෙහි රජවූ ශ්රී් වික්රඅම රාජසිංහ රජතුමා ඉංග්රී සීන් සමඟ සටන් ආරම්භකොට ඒ සම්බන්ධව තබන ලද පළමුවෙන් සභාවේදී කළ කථාවේ “පුරාණ ලක්දිව රජකළ රජවරු ඒ ඒ ‍‍ජාතීන් සමඟ රට බෙදාගෙන රාජ්යා කළ බවක් නොපෙනේ. ඉන් නිසා ඒ පැරණි උතුමන් අනුව යාම යුතුය”යි කියා තිබේ. දැන් සිටින අපේ මිනිසුන්ගෙන් වැඩි පක්ෂයගේ කල්පනාව පුරාණ සිංහල මිනිස්සු දැන් ගම්බදව සිටින අසරණ නූගත් මිනිසුන්ට සමාන පිරිසක් බවය. දැනට සිටින දියුණුව ටිකදෙනා යුරෝපීය භාෂා ශාස්ත්රස ඉගෙන ඒ අනුව පිළිපැදීම නිසා දියුණුවූ බවය. නමුත් අනුරාධපුර, පොළොන්නරුව ආදී තැන්වලට පැමිණ එහි ශේෂව තිබෙන දේ ඇසින් බලතොත් ඒ සමඟම මහාවංශ, ථූපවංශාදී ඉතිහාස කියවතොත් අපේ පැරණි මහන්තත්ව භාවය මොනවට ප්රැකාශ වේ. මේ නිසා ස්වකීය රටේ ඇවිදීම‍ ජාත්යා භිමානය හා ජාති හිතෛෂී භාවය අටගැනීමට අතිශයින් ආධාර වේ. පිටරටවල ඇවිදීම නිසා ඒ ඒ රටවාසීන්ගේ කර්මාන්ත, වෙළදාම්, කෘෂිකර්මය ආදියත් ඔවුන්ගේ නොයෙක් සූරවීට ක්රිතයාත් ගෙවල් දොරවල්, ඇදුම් පැළදුම් ආදියත් චාරිත්ර් වාරිත්රශ ආදියත් සිය ඇසින්ම දැක අපේ රටේ නැති අමුතු ක්රයමවල කර්මාන්ත ආදියත් යහපත් සිරිතුත් ඇති කිරීමට හා දැන් රටේ පවත්නා නොමනා සිරිති දුරු කිරීමටත් ආධාර වන්නේය. මේ නිසා පිළිවන්කම් ඇති කවුරුත් ස්වකීය වි‍ දේශීය රටවල සංචාරණය අවශ්යවම කාරණයක් බව උගතුන් විසින් පිළිගත් සත්යරයකි. ජයසේකර හා පද්මිණී මව් පියන්ගේ හා ස්වකීය සීයා වන පෝරෝලිස් සිල්වා අප්පුහාමිගේත් අවසරය ඇතුව යුරෝපාදී රටවල අවුරුද්දක් පමණ සංචාරණය කිරීමට නියම කරගෙන ඊට උවමනා කටයුතු සම්පාදනය කරන්ට පටන් ගත්හ. පොරෝලිස් සිල්වා අප්පුහාමි කෙරෙහි අඝාත බැඳ සිටින වික්රනමසේකර මුදලි තැන ආදී සතරදෙනාගේ අනුච‍ර ජෝන් පෙරේරා


378 ශ්රීක ලංකා මාතා ජයසේකරලාගේ විදේශ සංචාරණය දැනගත්විට මහත් ප්රී තියට පැමිණ ඒ බව වික්රගමසේකර මුදලි තැනට වහාම දැන්නුවේය. වික්රඒමසේකර මුදියන්සේ ද අතිශයින් ප්රීදතියට පැමිණ “ඔන්න ජෝන් පෙරේරා අපට ඉතාමත් ‍හොඳ ප්රශස්තාවක්! මේ විඩේ නම් පද්මිණී හස්තිනී කරන්ට නොඅනුමානවම පිළිවන. හොඳයි අද සවස ඒ ගැන සුදුසු පිළිවෙලක් අපි නියමකර ගත්නෙමු. උඹ කොයි විධියකින්වත් ජයසේකර හා පද්මිණී යුරෝපයට යන නැත දැනගෙන වරෙන්නැයි කියා ඔහු යවා පොරෝලිස් සිල්වා අප්පුහාමිගෙන් පළිගැනීමට බලාපොරොත්තුවන සමරසිංහ මුදලි සතුරුසිංහ සහ සිල්වා අත්වකාත් උන්නැහේටත් එන්ට කියා පණිවිඩ යවා රාත්රි යේ උන්නැහේගේ වලව්වට කැඳවා ගත්තේය. ඔවුහු සතරදෙනාම අතිශයින් සතුටුව මේ ප්ර්ස්තාවයේදී පොරෝලිස් නාකියාගේ කියුම් සියල්ලම බොරුකොට සිංහල ගුණධර්ම සිරිත්වල කිසිම හරයක් නැති බවත් පතිවාතාදී ගුණයක් හෝ ඔය පෙරදිග රටවල මිනිස්සු කියන කර්මවිපාක, මහෙශාක්යහ ගති, අධිෂ්ඨාන බල ආදිය “පට්ටපල්” බොරු බවත් පොරෝලිස් නාකියාටම තේරුම් ගන්ට කාරණා කරන්ට ඕනෑ”යි සම්මත කරගත්හ. වික්රෝමසේකර මුදලි තැන මහත් සතුටිනි ඉතින් බොහොම හරි පද්මිණී දුෂ්ය් කිරීමට හෝ ‍ජෝන් ජයසේකරට අනතුරක් කිරීමට ඔවුන් සමඟ යන්නේ කවුරුහුද”යි ඇසීය. එවිට සමර‍සිංහ මුදලි තැන “ සතුරුසිංහ මහතා කලක සිටම එංගලන්තයට යන්ට සිටින කෙනෙකි. අපේ සිල්වා අද්වකාත් මහතාටත් එහි යාමට උවමනාවක් තිබෙන බව මා සමඟ කීබව මට මතකයි. ඉතින් මේ දෙන්නා ය‍තොන් ආධාරකාරයෙක් වශයෙන් ජෝන් පෙරේරාවත් එවන්ට පුළුවනි. ඉතින් එහෙම හොඳ නොවේදැ”යි කීයේය. සතුරුසිංහ සහ සිල්වාත් ඉතාම සතුටුව ඔව් සත්තකෙන්ම අපට කොපමණ අමාරුකම් තිබුණත් අපි යන්නෙමු. අපේ වියදම් අපිම බලාගන්නෙමු. ජෝන් පෙරේර‍ාට උවමනා සියළුම වියදම් මුඩ්ලියර්ලා දෙන්නා අතින් දෙන්ට ඕනෑයයි කීහ. එවිට මහළු වික්රාමසේකර මුදලිතැන ගැහි ගැහී “ ආ ලමයෝ ජෝන් පෙරේරාට මේ ගමනට කොච්චර විතර මුදල් උවමනාද”යි සතුරුසිංහ කී විට “අනේ මා ලඟ නම් රුපියල් පන්සියයක්වත් නැත. ඉතින් සමරසිංහ රාළහාමි ලඟවත් යහමින් මුදල් තිබේදැ”යි වික්රයමසේකර මුදලිතැන ඇසූවිට ඔහු ලඟත් මුදල් නැති බව කී නිසා දෙන්නාම එකතුව හෙ‍ට්ටියෙකුගෙන් සියේට හැටේ පොලියට‍ රුපියල් දෙදාස් පන්සියයක් ණයට ගැණීමට නියම


පියදාස සිරිසේන නවකථා එකතුව 379 කරගත්හ. අහෝ අපේ රටේ සිටින අධමයන්ගේ හැටි අනුන්ට අනර්ථයක් කිරීමට ඉතා අමාරුවෙන්වත් මුදල් සපයන්ට මහත් පරිශ්ර ම දරති. රටවාසී නූගත් අසරණ දුක්ඛිතයන්ගේ යහපත් සඳහා සමාගමක් පාඨශාලාවක් අනාථ නිවසක් පත්රියක් සඟරාවක් ආරම්භ කිරීමට හෝ එබඳ යහපත් වැඩක් කරණ කෙනෙකුට ආධාර කිරීමට කිසිවෙක් ඉදිරියයට එන්ට කැමති නැත. අධර්මය ඉස්තමතුව ධර්මය යටපත් වෙන හැටි! “ සු ග ත් බණ ඇසූ සව්සතුනි නැණව ත අ න ත් කිරීමට තොප සිතෙහි ඇති තැ ත ඇ තො ත් මදක්වත් පරවැඩටත් එසි ත ක ද ත් සැපත් නොවෙති ද මොක් පුරු සැප ත

“තථාගත ධර්මය ඇසූ ඤාණවත් සත්වයිනි. අනර්ථ කිරීමට තොප සිතෙහි ඇත්තාවූ වීර්යයෙන් මඳක්වත් පරාරථකාමී සත් ක්රි යාවලටත් ඇත්තේන්ම උතුම් වු මෝක්ෂ සම්පත්තිය කාටනම් අත්නොවන්නේදැ”යි කියූ මේ පණ්ඩිත කීම දැන් මතක නැතිව ගොස් තිබේ. රුපියල් පහක් නොවටින ඉඩම් කැබැල්ලක් නොහොත් කොස්ගහක් නිසා රුපියල් හත්අටසියය විසදම් කර නඩුකියා ගන්නා අධම මිනිසුත් අනුන්ගේ යහපතට ඊර්ෂ්යායකොට ඔවුන් නැති කිරීමට තමන්ගේ මුළු කාලය හා ධනය වියදම් කරන්නොත් අප රටේ අධික නූනාහු නම් ශ්රීේ ලංකාද්වීපය අදත් “ධර්ම මන්දිරයකි” ස්වර්ග ඛණ්ඩය “ කි. ඒ එසේ ද උවත් උතුම් වූ ආර්ය චාර්ත්ර්වල හා ධර්ම ශාස්ත්ර වල අගය ගරුකළ මනුෂ්යකයෙකු විනාශ කිරීමට එකහෙලා සතුටුවූ සිල්වා අද්වකාත් හා සතුරුසිංහත් වික්රයමසේකර හා සමර‍සිංහ මහලු මුදලිවරුත් ඔවුන්දගේ අනුචර ජෝන් පෙරේරාත් මෙහිදී ක්රිියාකර තිබෙන හැටි අපේ පශ්චිම ජයනාටවත් ගුරුකමක් වීනම් මෙහි කර්තෘගේ මනොරථය සම්පූර්ණ වන්නේය. ජෝන් ජයසේකර හා ස්වකීය භාර්යාව වන පද්මිණීත් පෙබරවාරි මාසේ දෙවැනි දින “මුග්ඩන්” නැවෙන් යුරෝපයට යාමට පිටත් වූහ. ඔවුහු ඇර වෙන කිසිම සිංහලයෙක් එම නැවෙන් ගමන්ගත් බව නැව පිටත් වෙනතුරුත් ඔවුහු නොදත්ය. නමුත් දවසකට පසු සතුරුසිංහ, අද්වකාත් සිල්වා සහ ඔවුන්ගේ වැඩකරු ජෝන් පෙරේ‍රාද මැල් නම් දේවගැති කෙනෙක්ද යන මේ සිංහලයන් සතරදෙනා දුටු ජයසේකර හා පදිමිණීත් අතිශයින් සතුටට පැමිණ කලින් ඒ කිසිවකු නාදුනන

380 ශ්රීෙ ලංකා මාතා නමුත් එදා දැන ඇදිනගෙන මිත්ර වූහ. මල් දේවගැති මහතා ඉතාමත් යහපත් සත්පුරුෂයෙක්. ක්රි ස්තු භක්තිකයෙක් වූ නමුත් ස්වකීය රටත් ජාතියත් පැරණි තොරතුරුත් ගැන සලකන බොහෝදුර සිංහලාදී පෙරද‍ිග භාෂා ශාස්ත්රෂ දත් කෙනෙක් බැවින් ජෝන් ජයසේකර සමඟ නිතරම කථාබන් කිරීමෙන් කාලය ගතකළේය. සතුරුසිංහ හා සිල්වාත් ඔවුන්ගේ අනුචර ජෝන් ‍පෙරේරාත් පද්මිණී සමඟ කථබස් කිරීමට මාරුවක් බලමින් සිටි නමුත් වතුර නො වැකෙන නෙලුම් පත්රරය බඳු පිරිසිදු හිතක් ඇති ඒ උතුම් කුලස්ත්රිකය ස්වාමිපු‍රුෂයා ලඟින්ම වාඩිවී පොතක් බලමින්ම කාලය ගතකිරීම නිසා ඔවුන්ට අවකාශයක් නොලැබුනේය. ලක්දිවෙන් නැව පිටත්වී සතර දිනකට පසු නිශ්චලවූ සාගරයේ ගමන් කරණ නැවේ උඩ තට්ටුවට පැමිණි ජයසේකර හා ප්රිායාවද සමඟ සත්ගුණවත් මැල් දේවගැතිතුමා කථාකරන්ට පටන්ගත්තේය. ඒ කථාව මේ කියවන්න්ටද ප්රගයෝජනවත්වනු ඒකාන්ත බැවින් මෙහි යොදනු ලැබේ. මැල් - ජයසේකර මහතා ලක්දිව පැරණි තොරතුරු ගැන හොඳන් දත් කෙනෙක් බවත් ජාතියේ දියුණුවට අවංකව වැඩ කරන්නෙක් බවත් මා විසින් අසන ලදින් ඉතාමත් සතුටට පැමිණි සිටිමි. ඉතින් මහත්මයේ තමන්ගේ වාසියට කාරණා කියන අනිත් උදවිය මෙන් බොරුසබොරු නොකියා අපේ ජාතියේ දියුණුවට හේතුභූතවූ කාරණය මට කියාකෙද මෙන් ඉල්ලමි. ජය - තමුන්නාස්සේගේ වැදගත් ප්රමශ්නයට එකම වචනයකින් පිළිතුරුදීම අමාරුයි. දැන් භේදය එනනම් කුල භේද ආගම් භේද චාරිත්රු භේද නිකාය භේද ආදියෙන් භේදව සිටින අප ජාතිය දියුණුකර ගැනීමට එකම කාරණයකින් පමණක් අමාරුය. නමුත් අනිත් හෙදාදිය නැතිවී ක්රනමයෙන් ජාතියේ දියුණවට උවමනා කරණා පැහැදී වැඩී වර්ධනය කරගැනීමට මූලාරම්භය වන්නේ ජාතික ඉගැන්වීමත් උගත් මිනිසුන් අතර කුලභේද දුරුකොට ඤාති සම්බන්ධතාවයෙන් බැඳීමත්ය. මැල් - මහත්මයාගේ අදහස ඉතාමත් ගැඹුරුයි. කරුණාකර තව දුරටත් එය පැහැදිලි කරන්ට! ජාතික ඉගැන්වීම කියන්නේ කෙබඳු ඉගැන්වීමක් ද? කුල භේද දුරුකොට ඤාති සම්බන්ධතාවයෙන් බැදීමය කියන්ලේ කොයිවිධියේ වැඩකටද? ජය - ජාතික ඉගැන්වීම නොයෙක් විධියට විස්තර කරන පණ්ඩිතයෝ

පියදාස සිරිසේන නවකථා එකතුව 381 සිටිති. නමුත් මගේ කල්පනාව නම් ස්වකීය ජන්ම භාෂාවත් ස්වකීය ඉතිහාසයත් ස්වකීය රට ජාතිය සම්බන්ධ සිරිත් විරිත් ආදියත් ඉගැන්වීම ජාතික ඉගැන්වීම කියායි. මැල් - එතකොට ඉංග්රිැසි භාෂා ශාස්ත්රද ජාතික ඉගැන්වීම ලබන තැනැත්තාට ඉගෙනගන්ට යුතු නැද්‍ද ? ජය - සත්තකටම ඉංග්රීදස් භාෂා ශාස්ත්රශ හා කර්මාන්තාදී සියල්ලක්ම ඉගෙනගත්විට ජාතික ඉගැන්වීම ලැබූ තැනැත්තා වඩාමත් ප්රඉයෝජනවත් මනුෂ්ය්යෙක් වේ. ස්වකීය භාෂාව හා ඉතිහාසාදියත් සිරිති විරිතුත් කොහෙත්ම නොදැන ඉංග්රි ස් ආදී විදේශීය භාෂා ශාස්ත්රත පමණක්ම ඉගෙන ගත් තැනැත්තා තමාටවත් රටටවත් කිසිම පලක් නැති භ්රපෂ්ටයෙක් වේ. ඒ නිසා ඒ ඒ පුද්ගලයක්ගේත් ඒ ඒ ජාතීන්ගේත් ප්රාමයෝජනය සඳහා ජන්ම භාෂාව හා ස්වකීය සිරිති විරිත් ගුණධර්ම ඉතිහාස ආදිය ඉගැන්වීම ජාතිත ඉගැන්වීමයයි කියනු ලැබේ. මැල් - ජන්ම භාෂාව නො ඉගෙන ඉංග්රී.සි ආදී විදේශීය භාෂා පමණක් උගත් අය ගුණධර්මයෙන් යුතු සත්පුරුෂයෝ නෙවෙත්ද ? ජය - සත්තකටම හොඳ සත්පුරුෂයෝ සිටිති. ඒ සත්පුරුෂගතිය ඒ ඒ ජාතිවල ගුණධර්මවල හැටියටයි. ඔන්න ඊට මම නිදර්ශනයක් දක්වන්නෙමි. මම එක් දිනක මගේ වැදගත් මිත්රශ මහතෙකු සම්භවීමට ගියෙමි. ඒ යන වේලාවට ඒ මහතා ගෙදර නොසිටියේය. නමුත් උන්නැහේගේ වැඩිමහල් දියණිය අවුරුදු 14 ක් පමණ වන ගෑණු ළමයෙක් ඉස්තෝප්පුවේ වේවැල් පුටුවක් පිට වාඩිවී පොතක් බලමින් උන්නාය. මා ඉස්තෝප්පුවට ගොඩගැන ඒ ලමයා ළඟට ගිය නමුත් ඒ ළමයා වුන් ආසනයෙන් නැගිට්ටේ නැත. ඉතින් මම ලැජ්ජාවට පැමිණ ඒ ලමයාගෙන් “තාත්තා ගෙදර‍ ඉන්නවැදැ”යි ඇසුවෙමි. එවිට ඒ ලමයා අහක බලාගත්තේය. මට කිසිම පිළිතුරත් දුන්නේ නැත. ඉක්බිත් ගෙදර වැඩකාර කොළුවෙකු ගෙන් මහත්මයා ඉන්නවාදැ”යි ඇසුවාම ඔයු කාරණය කියා දුන්නේය. ඉතින් මෙහිදී මට කාරණය අවබෝධවිය. මේ කී ගෑණු ‍විරිත් ගුණධර්ම නොදත් “ සිංහලයන්” කල්පනා කරන්ට නොදත් කෙනෙකි. ඈ කල්පනා කරන්නෙත් “ඉංග්රී්සියෙන්” මයි. ඉතින් ඉං‍ග්රීලසි සිරිතේ හැටියට ගෙදරට යම් කෙනෙක් පැමිණියාම හුනස්නෙන් නැගිටීම උවමනා නැත. 382 ශ්රීඉ ලංකා මාතා නමුත් සිංහල සිරිතේ හැටියට වැඩිහිටි කෙනෙක් අමුත්තක් වශයෙන් ගෙදරට පැමිණීයාම යුනස්නෙන් නැගිටීම සත්චාරිත්රරයකි. මේ ලමයා තම‍ාගේ හිතට විරුද්ධව වරදක් නොකළානම් හැබෑය. එසේ ද උවත් උතුම් සිංහල සිරිතේ හැටියට ඈ අශක්ෂිත තැනැත්තියෙක්. ඒ ලමයාගෙන් “තාත්තා ඉන්නේදැ”යි ඇසූවිට ඈ ඊට පිළිතුරු නුදුන්නේ ඈට “තාත්තා” යන වචනය පිළිකුල් නිසාය “පප්පා” කියා නිතර පියාට කථාකරන ඒ ලමයා “තාත්තා” ය කීවාම ඒ ඉතා පහත් කෙනෙක්යයි සිතා මට පිළිතුරු දුන්නේ නැත. මේ කාරණය හොඳින් සලකා බැලුවාම මා කියනදේ තේරේ. කොතරම් දුරට ඉංගිරිස් භාෂා ශාස්ත්රා ඉගෙනගන තිබුණත් සිංහල භාෂාවත් ධර්මශාස්ත්රෂ හා කුලචාරිත්රනත් උගත් කෙනෙක් නම් සුදුසු ස්ථානවලදී ඊට අනුව ක්රිහයා කිරීමෙන් තමා සිංහලවම කල්ගත කරන බව හඟවයි. ගෙදරදොරේදී පවා ඉංගිරිසියෙන්ම කථාබස් කරමින් “ ඉංග්රීදසියෙන්ම කල්පනා කරමින්” සිටින ඉංග්රී සිම පමණක් උගත් අය ජාතිය ඉංග්රීදස් නොවන නිසා ඉංග්රීනසිත් නොවෙත්. සිංහල කුලචාරිත්ර ගුණධර්මාදිය නොදන්නා නිසා සිංහලත් නොවෙත්. ඉතින් කවරහු ද? ජාතින ඉගැන්වීමේ ප්රහයෝජනය නම් ස්වජාතිකත්වය පවත්වා ගැනීම වේ. කොයි ජාතියක මනුෂ්යයයෙක් උවත් තමාගේ ජාතික ‍ස්වභාව වෙනස් කරයි නම් එය ගර්හිතයි. මැල් - එතකොට අපේම, සිරිත්වලට වඩා හොඳ ඒවා ඉංග්රීංස් ආදී අන්ය ජතීන්ගෙන් ඉගෙන ඒවූ පරිදි පිළිපැදීම වරදක්ද ? පාඩුවක් ද ? ජය - ඇත්තෙන්ම වරදක් නොවේ. පාඩුවක්ද නොව ලොකු ලාභයකි. අප ජාතියේ පවත්නා යම් දුසිරිතක් ඇතහොත් එය අත්හැර අන්යග ජාතියක ඇති සුසිරිතක් භාරගැනීම බලවත් යුතුකමකි. නමුතු ජාතික ඉගැන්වීමක් නොලැබූ මිනිසුන්ට අපේ හොඳ සිරිතිවත් අනුන්ගේ නරක සිරිත්වත් නොතේරේ. ඒ නිසා අපේ හොඳ නරක සියලුම සිරිත් පිළිකුල් කරමින් අනුන්ගේ හොඳවූද නරක්වූද සියලුමදේ භාරගනිති. එම් නිසා ඉංග්රීිසි ආදී වි‍දේශීය භාෂා ශාස්ත්රිත් ස්වජාතික ඉගැන්වීමත් යන දෙකම ලැබූ තැනැත්තෝ තමාටත් රටටත් ප්රතයෝජනවත් අය වෙති. මැල් - මහත්මයාගේ කථාව මට හොඳින් තේරුම් යන පිණිස පියදාස සිරිසේන නවකථා එකතුව 383 නිදර්ශනයක් කියන්ට ජය - ඔන්න කුඩාකාලේ පටන් පිරිසිදු සිංහල සිරිත් ලෙස ඇති කරණ ලමයා ගැන සිතමු. ඔහු අම්මා, තාත්තා, අයියා,අක්කා, මල්ලී, නංගී, මාමා, බාප්පා, නැන්දා, කුඩම්මා ආදී ප්රිීයකරු නාම ස්වකීය අවශ්ය ඤාතීන්ට පාවිච්චි කරයි. උදේ සවස දෙක්හි මව්පියාදී වැඩිමිටියන්ට වඳින්ට පුරුදුවෙයි. වැඩිහිටියෙක් අමුත්තෙක් ගෙදරට පැමිණිවිට උනස්නෙන් නැඟිටීම ආදියෙන් ගරුසත්කාර කරන්ට පුරු දු වෙයි. මව් පියාදී වැඩිහිටියන් ඉදිරියේ ගරු අන්දමට නොසිට යටහත් පහත් කමින් සිටියි. මෙසේ පුරුදුවෙන ලමනා ලොකුවූ විටත් මව්පියාදීන්ට සුවචවූ කීකරු වූ, හිත කය හික්මුනාවූ, නිරහංකාරවූ පාපමිත්රයසේවනයට නොයන්නා වූ කෙනෙක්වේ. අනිත් අතට හෙවත් විදේශීය භාෂාවෙන්ම සිතමින් විදේශීය සිරිත් අනුව ඇතිදැඩි වන ලමයා ස්වකීය සහෝදර සහෝදරියන්ට නම කියා කථාකරන්නෙකි. අක්කාට “ඇග්නස්” කියාත් අයියාට “ජිමී” කියාත් කථාව පුරුදුවූ තැන් පටන් අක්කා හෝ අයියා තමාට වඩා ගරුකළයුතු බවක් ඔහුට නොදැනේ. මව්පියන්ට වැඩිහිටියන් වැදීමාදියෙන් ගරු නොකරන තැනැත්තා ලොකුවූමිට ඒ මව්පියන් සමානයන් ලෙස මිස ඊට වඩා කොහොත්ම පූජාර්හ බව නොසිතයි. අමුත්තන් වැඩිහිටියන් හුනස්නෙන් නැගිටීමාදියෙන් ගරුකිරීමට පුරුදු නුවූ තැනැත්තා වැඩිවිය පැමිණි පසු ඔවුන් තමා තරමවත් නොසලකයි. සමානාත්මතාවයත් නිහතමානී ගතියත් ප‍රාර්ථකාමී භාවයත් යනාදී උතුම් ගුණධර්ම අනායාශයෙන්ම පුරුදුවීමට යොදා තිබෙන අපේ උතුම් ප්ර්තිපත්ති කිසිවක් ජාතික ඉගැන්වීමක් නොලැබුනු කෙනෙකුට ඇති නොවේ. ‍ෙම නිසාම අපේ මිනිස්සු අධික කාම සැපටත් ආත්මාරථකාමී භාවයටත් ගොදුරුව මව්පිය ‍සහෝදර බන්ධුමිත්රාභදීන්ද මතක නැතිකොට පහත් මිනිස් සංඛ්යාකවට යන බව පෙනේ. ඉංග්රීකස් ආදී විදේශීන්ගේ මනා සිරිත් ද එමට තිබේ. නමුත් ඒ යහපත් දේත් ඔවුන්ගේ අයහපත්දේත් තෝරා බේරා ගැනීමට ජාතික ඉගැන්වීම නැති කිසිවෙකුට බැරි බව සත්යැයෙනුත් සත්යී බව සැලකිය යුතුයි. ජාතියකට මිනිසුන් බැඳී පවත්නා ප්රුධාන බැමි තුනකි. එනම්, භාෂාව, චාරිත, ආගම යන මේ තුනයි. මේ තුනෙන් එකකින්වත් පරිබාහිරවූ තැනැත්තා ඒ ජාතියේයයි ස්ථීරව පිළිගතයුතු 384 ශ්රී ලංකා මාතා නොවේ. මේ බැමි තුනෙන් එකක්වත් කැඩු‍නොත් ඔහු ඒ ජතියේ නොවේයයි කීවාට වරදක් නැත. මැල් - එතකොට සිංහල ජාතියේ ම වෙන්ට සිංහල භාෂා‍වත් කුල චාරිත්ර ත් බුද්ධාගමත් දැන පිළිපදින, අදහන උදවිය වෙන්ට ඔනෑ. මම ක්රි ස්තියානි දේවගැතියෙක්මි. ඉතින් මහත්මයාගේ කල්පනාවේ හැටියට මම සිංහලයෙක් නොවෙමි. එහෙම නොවේද ? ජය - ඔව්, තමුන්නාන්සේ උත්පත්තියෙන් සිංහලයෙකි. ඒ එසේද උවත් දැන් පිරිසිදු සිංහලයෙක් නොවේ. මැල් - එසේ කීම මම විරුද්ධ වෙමි. ජය - හොඳයි. විරුද්ධවෙන්ට. නමුත් අපි සාවධානව කල්පනා කරමු. රත්රත්ය කියනු ලබන්නේ වෙන කිසිම ‍ලෝහ ජාතියක් මිශ්රපනුවූ අනර්ඝම ලෝහ වර්ගයට නොවේද? මැල් - ඔව්. කිසිම දෙයක් මිශ්රමනැති “රත්රණටම”යි. ජය - හොඳයි. තඹ හෝ රිදී හෝ මිශ්රිකර රත්රන් බාලකරණ කර්මාන්තකාරයෙන් තැනූ වලලු ආදී ආභරණවලට අපි “රත්රන් ආභරණ ය” යි නොනියමුද ? මැල් - ඔව් අපි එසේ කියති. දැන් රත්රන් ආභරණයයි කියා එබඳු මිශ්රක රත්රනෙන් සෑදූ බොහෝ දේ තිබේ. ජය - ඉතින් රත්රන් පාට තිබෙන් නිසා කෙතරම් බාලවුනත් ‍රත්තරන්ය කියනු ලබන්නේ යම්සේද එමෙන්ම පාට හෝ උත්පත්තිය හෝ සිංහල නිසා කාටත් සිංහලය කියමු. රත්රන් ආභරණය කීවිට පිරිසිදු රත්රන් ආභරණයටත් මිශ්ර රත්රන් ආභරණයටත් සාධාරණ වන්නාක් මෙන් සිංහලය කී විටත් සිංහල ජාතික භාෂා චාරිත්රම ආගම යන තුනෙන් යුක්ත වූවන් ටත් එයින් එකකින් දෙකකින් හෝ තුනෙන්ම පරිබාහිර වූවන්ටත් අපි කියමු. ඒ එසේ ද වුවත් පිරිසිදු රත්රනෙන් මිශ්ර් රත්රණනෙනත් විශේෂයක් පවත්නාක්මෙන්ම මේ සිංහල මේද විශේෂයක් ඇති බව දැන් වැටහුනා නොවේද? මැල් - ඔව් මහත්මයාගේ තර්කය නම් හරි. නමුත් ඔය සිංහල කමෙන් සිට අපේ ගැලවීම ලබාගන්ට බැරිවුනොත් ? ජය - (ටිකක් සිනාසී ) තමුන්නාන්සේ ඔය ස්ථානයට බසිනතුරු මම

පියදාස සිරිසේන නවකථා එකතුව 385 ඉතාමත් ආශාවෙන් සිටියෙමි. හොඳයි, අපි උගත් මිනිසුන් මෙන් සාවධානව කථාකරමු. සිංහල මිනිස්සු ශිෂ්ටාචාර ජාතියක්ව විසූ බව තමුන්නාන්සේ පිළිගන්නෙහිද ? මැල් - ඔව්, සත්තකෙන්ම පිළිගනිමි. පූර්වාපර දෙදිගම පණ්ඩිත ජනයා පු‍රාණ සිංහලයන්ගේ උසස් ශිෂ්ටාචාරය වර්ණනා කරති. ජය - වර්තමාන සිංහල මිනිසුන්ට වඩා පුරාණ සිංහල මිනිස්සු සෑම දෙයින්ම උසස්ව විසූ බව කේව්, බරෝස්, පාර්සන් ආදී මේ රටේ විසූ උගත් අවංක යුරෝපීය මහත්තැන් ප්රසකාශ කොට තිබේ. ඉතින් ඒ අපේ ජාතිය අවුරුදු 2460 ක්වූ දීර්ඝ කාලයක් පැවති ඒ ක්රිේස්තියිනි ආගම ලක්දිවට ඇවිත් කොපමණ කල්ද ? මැල් - අවුරුදු පන්සියයකට වැඩි නැත. ජය - හොඳයි. ලක්දිවට ක්රි?ස්තියානි ආගම ගෙන එන්ට ප්රවථම ‍මෙහි විසූ මහාමහින්ද , ශාරිපුත්රව, ධර්මකීර්තත්පාද, වේදෙහ. අනවමදර්ශි, වන රතන, ශ්රී. රාහුල, වීදාගම ආදී මහා ස්ථවීරවරුත්, පණ්ඩුකාභය, දෙවෙනිපැතිස්ස, කාවන්තිස්ස, දුටුගැමුණු, සද්ධාතිස්ස, බුද්ධදාස, කුමාරදාස, ශ්රීක සංඝබෝධි, මහා විජයබාහු,මහාපරාක්රථමබාහු සර්වඥ පණ්ඩිත පරාක්ර මබාහු ආදි රජවරුත් කපිල,මහින්ද,අරිඨ,පරාක්ර්ම , ගුරුවගෝමී, සඳගෝමී, ප්ර්තිරාජදෙව ආදී මහා පණ්ඩිතවරුත් ක්රිවස්තියානි කා‍රයෝද? මැල් - නෑ සත්තකෙන්ම නැත. ජය - හොඳයි. මේ දක්වා සිංහල ජාතියේ පණ්ඩිත අපණ්ඩිත උස් පහත් මිනිස්සු කී ‍කෝටියක් උපද්න්ට ඇද්ද ? මැල් - කියන්ට අමාරුයි. ජය - ඔව්. හරියටම කිය නොහැකිය. නමුත් යුක්ති යුක්ත වශයෙන් අපි ගණනක් බලමු. සතවර්ෂයකර සාමාන්යහ වශයෙන් කෝටියක් ඉපදී මළාහයි සිතමු. එකකොට අවුරුදු 2460 තුල සිංහල මිනිස්සු විසිපස්කෝටි විසිලක්ෂයක් (252000000) ඉපදී මැරී ගියහ. ඉතින් ක්රිපස්තියානි ආගම් මෙහාට අවුත් අවුරුදු පන්සියය‍ තුල වදෙන් පො‍රෙන් ක්රිිස්තියානිකරගත් ගණන වැඩි වශයෙන් විසිලක්ෂයකට (2000000) තබමු. එතකොට ක්රිඩස්තියාන් නොවී මළාවූ සිංහලයන්ගේ ගණන විසිපස් කෝටියකට අඩු නොවේ. තමුන්නාන්සේ මේ ගණන් මෙසේ පිළිගන්ට කැමතිද? මැල් - හොඳයි. අපි මේ කාරණය විසදා ගැනීම සඳහා පිළිගනිමු. 386 ශ්රීො ලංකා මාතා ජය - ක්රි ස්තියාන් නොවී මැරෙන මිනිස්සු ඔක්කොම කරනයට යන්නාහුද? මැල් - ක්රි ස්තියානි නොවූ මිනිසුන් තබා ක්රි්ස්තියාන් වූ නමුත් හරිහැටි ආගම නොඅදහන කව්රුත් කරකය‍ට යති. ජය - ඇත්තටම ඒ එසේමයි. ක්රි ස්තියානිවූ නමුත් හරිහැටි ආගම නොඇදහු අය කරකයටම යත් නම් දෙවියන් වහන්සේට විරුද්ධව කැරලිගැසූ එනම් මැවීම බොරුය. මැවුම්කාරයා බොරුය. ආත්මයක් නැත. ගැලවුම්කාරයෙක් නැතැයි නිතරම කියන්නාවූ බුද්ධාගම්කාර සිංහල මිනිස්සු (ක්රිකස්තියානිය හැබැනම්) ඒකාන්තයෙන්ම අද රෞද්රගවූ නරකයේය. ඉතින් මාගේ කරුණාවන්ත මැල් දේවගැති තුමානෙනි. විසිපස් කෝටියක් අපේ මුත්තලා හා ආච්චිලා අද නරකාදියේය. එසේ මෙසේ ආච්චිලා මුත්තලා නොවේ. මහා කළුගල් හාරා විචිත්රස කැටයම් සහිත විහාර තැනූ මහා පර්වත වැන් චෛත්යග තැනූ කාමර නවසියයක් ඇති මහල් නවයේ ගෙවල් තැනූ මුළු ලක්දිවට සතුන් මැර‍ීම, සොරකම්, පරදාර සේවනය, බොරුකීම, සුරාපානය කිරීම යනාදී පාපක්රිසයා වැලැක්වූ, මව් පිය සහෝදරාදීන් ජීවිතමෙන් සලකා නොයෙක් වතාවත්කළ අසරණයන්ට හා රෝගීන්ට ස්වකීය ශරීරමාංශ වලින් පවා සංග්රාහ කිරීමට තරම් පරාර්ථකාමි වූ අපේ මුතුන් මිත්තන්ගෙන්ද විසිපස් කෝටියක් නරකාදී දුක්විඳිනු බල බලා අපට මොන ස්වර්ගයක්ද? මැල් - ඔය කථාව බොහොම වැරදියි. ඒ අපේ මුතුන්මිත්තන් නරකාදී ගිය පලියට අපිත් යමු නම් ඒ අපේ අඥාන කමකි. ජය - එහෙමද මහතාණෙනි, ඔන්න තමුන්නාන්සේ ගම්බද නවාතැනක සිටින්නෙහියයි සිතමු. ඉතින් තමුන්නාන්සේට රාත්රීග භෝජනයට එහි තිබෙන්නේම පානාපෙති දෙකකුත් මස්කැබැල්ලකුත් එකම කෝපි කෝප්පයකුත් පමනයයි සිතමු. ඉතින් තමුන්නාන්සේ කෑම කන්ට ලෑස්තිවන විට තමුන්නාන්සේගේ මවුත් සියත් අයියත් අක්කත් වැඩකාරයකුත් යන අවශ්යේ ඤාතිවරු පස්දෙනෙක් එහි පැමිණියාහුයයි සිතමු. ඒ පස්දෙනාද බලවත් කුසගින්නේය. තමුන්නාන්සේ ලඟ තිබෙන පාන්පෙති ‍දෙකත් මසැකැබැල්ලත් කෝපි කෝප්පයත් මිස වෙන කිසිවක් ඒ වේලාවට ඒ ස්ථානයෙන් ලබා ගන්ට බැරිය. ඉතින් හයදෙනෙකුට මේ පියදාස සිරිසේන නවකථා එකතුව 387 අල්පවූ භෝජනය මදිය කට භයක ගෑවෙන්ටත් මදිය. ඉතින් තමුන්නාස්සේ මව් ආදී ඒ පිරිසත් සමඟ ඒ භෝජනය බෙදාගෙන අනුභව කරන්නෙහිද නැතහොත් මව්පියාදීන්ට ඒ බව නොහඟවා කාමරයකට වැදී තනියම අර පාන්පෙති දෙක ගිල දමන්නෙහිද ? මැල් - මම මගේ මව්පියාදීන්ටත් ඒ බෙදාදී අනුභව කරන්නෙමි. ජය - හොඳයි ඒ භෝජනයේ ස්වල්පකම දිටු මව් ආදී පිරී “අනේ පුතා, ඔය පාන්පෙති දෙක අප හයදෙනෙකුට කටේ ගෑවෙන්ටත් මදිය. ඒ නිසා එලිවෙනතුරු අපි බඩගින්නේ ඉන්නෙමු. උඹම ඒ පාන්පෙති දෙක කාපන්නයි කියා ඒ මව් ආදී පිරිස තමුන්නාන්සේගේ අල්ප භෝජනය භාර නොගත්තොත් තමුන්නාස්සේ කුමක් කරන්නෙහිද ? මැල් - මමත් භෝජනය නොගෙන මව්පියන් මෙන් කුසගින්නේම ඉඳිමි. ජය - අහෝ, මැල් මහතානෙනි, ආත්මාර්ථකාමීභාවයෙන් තොරවූ මනුෂ්යා ගතියෙන් යුක්තවූ තමුන්නාස්සේට ස්තූති වේවා! මව්පියන් කුසගින්නේ සිටියදී භෝජනය බලබලාත් තමනුත් කුසගින්නේ සිටීම මනුෂ්යි ගතිය තමා. ඒ උගුම් ගුණය ලොවට ප්රගකාශ කළ පරාර්ථකාමීන් වහන්සේට නමස්කාරවේවා. ඉතින් මැල් දෙවගැති තුමානෙනි. කාරණය එසේ නම් විසිපන්කෝටියක් අපේ ආච්චි පිරිසක් ක්රි්ස්තියානිකොට ස්වර්ගයට කැඳවානොගත් “ස්වර්ගයේ වැඩ සිටින දෙවි පියාණන් සමඟ ඉන්ට” ස්වර්ගයට යාම කොතරම් ආත්මාර්ථකාමී කමක්ද ? කෙතරම් ගර්හිත ක්රියයාවක්දැයි කල්පනා කරනමෙන් ඉල්ලිමි. මැල් - ඒ අපේ මුතුන් මිත්තන් ක්රිකස්තියානි නූනේ කාගේ වරදින්ද ? ඔවුන්ගේම වරදින්ය. ජය - ඇයි මහතානෙනි, හිතට විරුද්ධව කථාකරන්නේ ? අපේ මුතුන් මිත්තන් ක්රිඇස්තියානි නුවූයේ ඔවුන්ගේ වරදින් නොව දෙවියන් වහන්සේගේම වරදින්ය. මෙහාට ක්රිඔස්තියානි ආගම එව්වේ ක්රිනස්තු වර්ෂ එකදාස් පන්සිය ගණනේදී පරංගින් අතය. ඊට ඉස්සර ඒකේ හෝඩුවාවක්වත් තමුන්නාන්සේගෙත් ම‍ගෙත්


388 ශ්රීි ලංකා මාතා ආච්චි මුත්තලා නොදැන සිටියෝය. නොදන්න දෙවි කෙනෙක් නොඇදැහුවාම අපායට යාමත් ලයිසන් ඇති තැබෑරුමෙන් බීලා මත්වුනාම පොලීසියට අල්වාගෙනයාමත් එක සමාන නොවේද ? මැල් - ඒ මොකද ? ලයිසන් ඇති තැබෑරුමෙන් බීවත් මත්වුනේ ඇයි ? ජය - ‍හොඳයි බොන්නේ කුමටද ? කවර අර්ථයකටද ? බොන්නේ මත්වෙන්ටයි. මත්නොවෙන්ට නම් නොබී ඉන්ට ඕනෑ. මත්නොවෙන්ට බීම කුස ගිනි නොසංසි‍ඳෙන්ට කෑම වැනි ක්රිොයාවකි. ආහාර ගැනීමේ අදහස කුසගිනි නිවාගැනීමයි.එසේ නොවේ නම් ආහාර ගැනීම නිෂ්ඵලයි. එමෙන් මත් නොවෙන්ට නම් මුදලුත් දීලා කුමට මත්පැන් බොනුද? එසේ මත්නොවීමට නම් මුදලුත් නොදී පහසුවෙන් ලබාගත හැකි වතුර බීම යුතුයි. මැල් - හොඳයි ඒ ප්රනශ්නය පැත්තකින් තිබුණාවේ. ක්රි.ස්තියානිය දැනගන්ට නොලැබී අපායට ගිය අපේ මුතුන් මිත්තන් නිසා අපිත් අපායට යමු නම් ඒ මහා අනුවණ කමකි. ජය - සත්තකට අවුරුදු එක්දහස් පන්සියයකට වැඩි කාලයක් මෙහාට ක්රිටස්තියානිය නොඑවා අප ජාතියට බලවත් අපරාධයක් කළ දෙවියන් වහන්සේගෙන් පළි ගැනීමත් යුක්තියකි. එක් අතකින් ‍‍එසේත් අනිත් අතින් අපේ මුතුන් මිත්තන් සමඟ නරකාදියේවත් එකට වාසය කිරීම අපේ යුතුකමකි. තමා විසින් කරනලද හොඳ නරක වලට ප‍ලවිපාය බෙදාදීමට කෙනෙක් උවමනායයි කල්පනා කරන‍ ලද්දේ උසස් ශාස්ත්රන යුරෝපයේ ඇතිවෙන්ටත් පෙරය. දැන් යුරෝපීය ශාස්ත්රාඥයන්ගේ මතයේ හැටියටත් තමාගේ කය, වචන, හිත යන තිදොරින් කරන, කියන, හිතන සියල්ලටම විපාක ලැබෙන බව ප්රයකාශවේ. උඩට විසිකල ගල්කැටය බිවට වැටෙන්නේ යම් කිසිවෙකුගේ උපක්ර මයකින් නොව ආදර්ෂ්නට ශක්තියෙන් බව පාඨහාලාවල දරුවෝ පවා දනිති. එමෙන්ම තමාම කරන ක්රිායාවට මෙලෝ පරලෝ දෙක්හි විපාක ලැබෙන බවද ඒකාන්තය. එහෙයින් යම් යම් දේ විශ්වාස කළාටත් විශ්වාස නොකලාටවත් මනුෂ්ය යන්ට දඬුවම් කරන කෙනෙන්වත් කරන්ට පුළුවන් කෙනෙක්වත් ලෝකයේ ඉන්නවායයි සිතීම ලඝු කල්පනා මාත්රකයකි. මුළු ලෝක සත්වයාගේ යහපත


පියදාස සිරිසේන නවකථා එකතුව 389 පිණිස උත්කෘෂ්ට සම්පත් හා ප්රිතයකරු ඥාති මිත්රායන් අත්හැර වාග්විසයාතික්රාසන්ත දුක්විඳ සත්වයන්ගෙන් ගෞතම බුදුරජාණන් වහන්සේ අග්රකස්ථානයේය. ඒ උත්තමයා ක්රිණස්තියානි නූන පලියට මැවීම. මැවුම්කාරයා, ආත්මය, බොරුය කී නිසා අද නරකයේ සිටින බව ක්රිරස්තියානීන් විසින් ඇදහිය යුතුය. මේ මහෝත්තමයාණන් නරකයට යවන තරම් පුදුම දෙවියකු ඇදහීම තමුන්නාන්සේලාට පුළුවන් නමුත් උන්වහන්සේගේ ගුණ මහිමය මඳ වශයෙන් වත් අසා ඇති අයට නම් නොපිළිවය. “ ‍වධකෙ දෙවදත්තම්හි - චොර අංගුලි මාලකෙ ධනපාලෙ රාහුලෙවාපි - සබ්බෙපි සම මානසො” යනාදී වශයෙන් තමන්වහන්සේ මැරීමට නොයෙක් කුමන්ත්රසණ යොදමින් වීරිය කළ දේවදත්තයාටත් තමන් වහන්සේගේ ඇඟිලි කපා ගැනීමට කඩුවක් ‍අමෝරා හැතැප්ම ගණනක් එලවූ අංගුලිමාලයාටත් සුරාවෙන් මත්ව තමන් වහන්සේ මරන පිණිස දිව ආ ධනපාල නම් රෞද්රර ඇතාටත් ස්වකීය පුත්රප රාහුල කුමාරයාටත් තමන්වහන්සේටත් යනාදී මේ සියලු දෙනාටම එක සමාන වූ මෛත්රි්යක් ඇති කරන්ට සමර්ථ වූ මේ උත්තමයාටත් නරකයට යන්ට වුනානම්, අයෝ! ඒ අපරාධය ලෝකයට ඉවසිය හැකිද ? මැල් - “ඉතින් මහත්මයා - ආගම සම්බන්ධ අප කතාකළ කාරණය ඔය ඇති. මට ඔය කී තරමින් මහත්මයාගේ අදහස වැටහුණා. මට මෙන්ම ඒ අදහස වැටහෙන මිනිස්සු එමට ඇත. දැන තේවතුර බී එමුය”යි කිය ජයසේකරත් ඒ ළඟින්ම සිටි ස්වකීය භාර්යාව වන පද්මිණී‍ත් මැල් පාදිලි උන්නාන්සේත්, සතුරුසිංහ සිල්වා අද්වකාත් යන මේ සිංහල පිරිස් තේවතුර බී නැවතති පළමු සිටි තැනට අවුත් වාඩිවී ඔවුන්ගේ කථාව පටන් ගත්තේය. මැල් - ඉතින් මහත්මයෝ, අපේ ජාතියේ කුලභේදය නැතිකොට සියල්ලෝම එකම ජාතියක් වශයෙන් හෙවත් එකම පවුලක මිනිසුන් මෙන් ක්රිකයා කරීමටත පුළුවන් කාලයක් පැමිණේ ? ජය - ජාතික වැඩ කර පුරුදු නැති මිනිස්සු ඔබඳු භාරදුර කාරණා සිද්ධ නොවේ යයි කියති. නමුත් ජාතිවල සමඟිය හා දියුණුව ඉතා සුළු මිනිස්සු කෙනෙක් දෙ‍න්නෙකුගේ ආරම්භයෙන් සිද්ධවී

390 ශ්රීළ ලංකා මාතා තිබෙන බව පෙනේ. දැනටම අප ජාතියේ “ජාතිමමත්වය” යන මේ වචනයවත් ‍ඇතිවීමට හේතුවී තිබෙන්නේ මීට ඇවුරුදු පසළොසකට වැඩි නොවන කාලයේ පුද්ගලයෙක් දෙනනෙක් ආරම්භකළ කටයුතු නිසයි. දැන් අප අතර පවත්නා කුලභේදය උසස් ධනවත් පවුලක හැබෑ ජාති හිතෛෂියෙක් දෙන්නෙක් ඇතිවුණොත් එදාට ඉවරයි. මැල් - ඒ කොහොමද ? ජය - උසස් ධනවත් ප්ර සිද්ධ පවුල් දෙකක් කුල දෙකක පවුල් දෙකක්යයි අපි සිතමු. ගොයිගම ක‍රාව යන දෙකුලයක පවුල් දෙකක් ප්රඅසිද්ධ වශයෙන් විවාහ මංගල්යපයකින් සම්බන්ධ වුනිනම් අවුරුද්දක් ඇතුළත කුලභේදය නමැති කැහි රෝගය මුලු ‍ලක්දිවින්ම අතුරුදහන් වේ. මැල් - දැනුත් කරාව, දුරාව, හලාගම, ගොයිගම ආදී කුලවල ගැහැණු පිරිමි අනන්තවත් කලවම්වෙ‍වී අවාහ විවාහ කර ගනිති. පසුගිය දවසක රදාකුලයේ වෛද්යම කෙනෙක් ප්රවසිද්ධ වශයෙන්ම ගොයිකුලයේ ස්ත්රිදයක් හා සරණ වූ බව පත්රරයේ දුටිමි. ඒ සම්බන්ධවීමෙන් කුල භේදය දුරුවුණු බවක් දැනගන්ට නැත. ජය - ඔව් තමුන්නාන්සේගේ කීම හැබැයි. පොරවෙන් කැපිය යුතු ගසක් දැලිපිහියකින් කැපීම දුෂ්කරයි. කුලභේදය පටන්ගත්තේ සිංහල ජාතියේ ඒ ඒ කුලවල ප්රුධානීන්ගේ පුද්ගලික ප්රහයෝජනතකායි. ඉතින් ඒය කඩාලීමටත් ඒ ප්ර ධානීන්ගෙන්ම කීපදෙනෙක් ඉදිරියට ආයුතුව තිබේ. පහත් පංක්තිවල ජනයා අතර කරගෙන යන අවාහ විවාහවලිනුත් ප්රායෝජන නැතැයි නොසිතිය යුතුයි. එසේ වුවත් කා අතරෙත් පවතින අන්යොොන්යධ පිළිකුල දුරුවීමට උසස් පවුල් අතර මිශ්ර කිරීමට පටන්ගත යුතුව තිබේ. මැල් - කුලභේදයේ ප්රුයෝජනයක් නැද්ද ? ජය - පුරාණ කාලවල සමහර තැන්වලදී ප්රනයෝජයන තිබුණා. දැන් කිසිම පලක් නැතුවා මෙන්ම ලක්දිව නමින් මිස සත්යය වශයෙන් කිසිම කුලභේදයක් ඇත්තේත් නැත. මැල් - ඇයි එහෙම කීවේ ලංකාවේ ගොයිගම ක‍රාව ආදී වෙන් වෙන් කුල නැද්ද ? ජය - ඔව් නමින් පමණක් තිබේ. ඇත්ත වශයෙන් නම් ඉස්සරවත් පියදාස සිරිසේන නවකථා එකතුව 391 දැන්වත් අමිශ්ර එකම කුලයක්වත් නැත. මැල් - ඇයි එහෙම කියන්නේ? ඒ බව මහත්මයාට ඔප්පු කරන්ට පුළුවන්ද ? ජය - හොඳයි එය විස්තර වශයෙන් කියන්ට දනිමි. නමුත් (කවට වශයෙන්) තමුන්නාන්සේගේ තුන්වෙනි සීයා කවුද ? උඩරටින් පැමිණි “ගොයිවංශය” යි කියමින් සිටි කුලයේ රදල කෙනෙකි. නමුත් දැන් තමුන්නාන්සේත් කරාව ගොත්රසයේ. මැල් - (ටිකක් සිනාසී) මමත් ඔය කාරණය ඔහොමම ඇසීමි. ඉතින් මේ විධියට මිශ්ර(වූ අපි අර කුලයයි මේ කුලයයි ‍භේදව ඉඳීම කෙතරම් අයුතුද? නමුත් මුලින්ම ලක්දිව කුල මිශ්රරව තැනුනේ කොහොමඳ ? ජය - ඔන්න විජය කුමරුත් සමඟ සත් සියයක් අවායයි සිතමු. ඒ සත්සිය දෙනා අතරේ (එවකට ඉන්දියාවේ‍ පැවතුණු හැටියට ක්ෂතත්රිේය, බ්රාවහ්මණ, වෛශ්යෂ, ශුද්රප) කුල ‍සතරේම මිනිස්සු වුන්හ. ඔවුන් ලක්දිව විසූ යක්ෂ ගොත්රඑයේ ස්ත්රීවන් හා මිශ්ර වත් මදුරාපුරයෙන් ඊට‍ පසු ගෙන්වනලද නානා කුලවල ජනයා සමඟ මිශ්රපවීමෙනුත් ආරම්භයේදී “සිංහල ජාතිය” යි කියනු මිස රජ පවුල ඇරුනාම අනිත් කිසිවෙකුට මේ අසවල් පරිසුද්ධ කුලයයි කියන්ට බැරිතරම් මිශ්රනවීමක් ඇතිවිය. ඉන්පසු නැවතත් ලාටරටිනුත්, කුරුරටිනුත්, මගධරටිනුත්, කේරල, ගෞඬ, මහාරාස්ට්රි, කාලිංග, පඩි, සොලී, ආදී රටවලිනුත් නොයෙකුත් කර්මාන්ත පිණිස හා යුධ පිණිසත් ගෙන්වන ලද නානාවිධ කලවල මිනිස්සු ලක්දිවට ආපසු මෙහි සිටි සිංහල ස්ත්රීුන් හා සරණ වීමෙන් ඔවුන් මෙහාට එද්දී යම් කුලයකට අයිතිව සිටි නාමය කී නමුත් ඇත්ත වශයෙන් නම් “සිංහල ජාතිය” කියනු මිස අනික් කුලයක් මෙහි පිරිසිදුව ඇති කරන්ට ඉඩක් ලැබී නැත. ඉතින් ඇත්තක් කියන්නෙමි. ඒ දඹදිවින් වරින්වර ආවා‍ වූද කලින් මෙහි සිටි යක්ෂ ග්රෝෙත්ර වලද උසස් පහත් මිනිස්සු වාසය කළහ. ඒ උස් පහත්යයි කීවේ ආර්ය මිලෙච්ඡ ජාතීන්ගෙන් පැවත එන්නන්ට හා ආර්ය ජාතික ස්ත්රිචයකුත් නිසා හටගත් අයත් ආර්ය ජාතික පුරුෂයකුත් මිලෙච්ඡ ජාතික ස්ත්රිියකුත් නිසා හටගත් අයත් මිලෙච්ඡ ‍ජාතිත පුරුෂයෙකුත් මිලෙච්ඡ ජාතික ස්ත්රියයකුත් නිසා හටගත් අයත් මිලෙච්ඡ ජාතික පුරුෂයෙකුත් මිලෙච්ඡ ‍ජාතික ස්ත්රිමයකුත් නිසා හටගත් අයත් මිලෙච්ඡ ජාතික පුරුෂයෙකුත් ආර්ය ජාතික ස්ත්රිතයකුත් නිසා හටගත් අයත්. 392 ශ්රී. ලංකා මාතා යනුවෙන් සතර කොටසක මිනිස්සු පුරාණත් අදත් ලක්දිව වසති. ඉතිත් ඒ සතර පංක්තියටම අයත් ජනයා සෑම කුලවලම සිටිති. මැල් - කුල‍භේය පැවැත්තේ ඒ ඒ කටයුතු ඒ ඒ කුලවල උදවිය විසින් කිරීමටය. එනිසා මුලපටන්ම කුලභේදය පැවතුනායයි පිළිගන්ට බැරිද ? ජය - සත්තකෙන්ම මුලදීමත් එසේ සිද්වී නැත. බලමු ක්ෂත්රීමය කුලයට අයත් සියලුදෙනාම රජකම් කළාහුද ? රජ පවුලේ ප්රිධානියා රජකම් කරයි. තවත් සුදුස්සෝ ඇමති තනතුරු ආදිය දරූහ. ඉතින් අනිත් පිරිස තමතමා පදිංචි පළාත්වල ජීවිකාව පිණිස කළහැකි ගොවිකම වෙළඳකම් කර්මාන්ත ආදිය කළ වබ ඒකාන්තය. දැනුත් එකම කර්මාන්තයක්ව කරණ කුලයක් නැත්තේ යම්සේ ද පුරාණ දශරාජ ධර්මයෙන් රාජය කළ නිදහස් අදහස් ඇති රජවරුන්ගේ කා‍ලේත් ඒ ඒ මිනිසුන්ට රුචිලෙස කටයුතු කළ බවට කිසිම සැකක් නැත්තේය. මැල් - එතකොට මහත්මය‍ා කියන්නේ දැන් තිහව පැත්තේ ඉන්නා කොයි කුලවල මිනිසුසුත් ගොවිතැන් කරනනාක්මෙන් ඉස්සරත් එසේ කළ බවද ? ජය - සත්තකටම එසේ තමයි. ඔන්න තිහවට නොගොන් සත් කෝරළය ගනිමු. එයි සිටින ගොයිගම, වහුම්මුර, රදා, බෙරවා. ඔලී, පදු ආදී සියලුම කුලවල මිනිස්සු ගොවිතැන් කිරීමෙන් පරම්පරා හත අටකටත් වැඩි කාලේ පටන් අයිතිව එන කුඹුරු තිබේ. ඉතින් ඒ පුරාණ කාලවල පදු, ඔලී ආදී මිනිස්සු ගොවිතැන් නොකළා නම් ඔවුන්ට කුඹුරු උවමනා කළේ කුමකටද ? රටමැද පදිංචිව සිටි කොයි කුලවල ජනයාත් රක්ෂාවක් වශයෙන් ගොවිතැන් කරන අතර නගර වල වාසයකළ කොයි කුලවල ජනයාත් වෙළදාම් ‍හා නොයෙකුත් කර්මාන්ත කළ බවත් මූදු බඩ පදිංචිව විසූ කොයි කුලවල අසරණ ජනයාත් මස් මැරීමාදිය කළ බවත් සක්සුදක්සේම පෙනේ. මේ නිසා දැන්වත් ඉස්සරවත් අයවල් කුලේම අයවලුවන් විසින් අසවල් කර්මාන්තය කරන ලද්දේයයි ඇත්ත කතා කරන කිසිවෙකුට කියන්ට බැරිය. මැල් - හොඳයි. මම නම් මහතාගේ කතාවට අතිශයින් සතුටු වුනිමි. මහත්මයාගේ කල්පනාවේ හැටියට පහත් මිනිස්සුය කියන

පියදාස සිරිසේන නවකථා එකතුව 393 මිලෙච්ඡයන් අධික කුලය කෝකද ? ජය - මේ අසන ලද්දේ මට පිළිතුරු දිමට බැරිතරෙම් ප්රුශ්නයකි. මෙය ඇත්ත වශයෙන් විසඳුවාම මා කෙරෙහි අඝාත බඳින්නොත් ඇතිවෙති. අහස කඩාවැටුණත් ඇත්තම පැතිරේවා! සිංහල ජාතියේ කොයි කුලවලත් ආර්ය මව්පියන් හා මිලෙච්ඡ මව්පියන් සම්බන්ධ වූ බව කියා ඇති ඉතින් සතරවැදැරුම් ඔවුන්ගෙන් පිරිසිදු හෙවත් පළමුවෙනි ආර්ය පිරිස නම් පියත් මවුත් දෙදෙනාම ආර්ය වශයෙන් සම්බන්ධ පරම් පරාවයි. දෙවෙනි පිරිස නම් පියා ආර්ය වර්ගයෙනුත් මවු මිලෙච්ඡයන්ගෙනුත් සම්බන්ධ පරම්පරාවයි. තුනිවෙනි පිරිස නම් පියා මිලෙච්ඡ වර්ගයෙනුත් මවු ආර්ය වර්ගයෙනුතු සම්බන්ධ පරම්පරාවයි. හතරවෙනි වූ ඉතාමත් පහත් පිරිස නම් මවුපිය‍ දෙදෙනාම මිලෙච්ඡයන් සම්බන්ධ පරම්පරාවයි. මේ සතර වර්ගයම සෑම කුලවලම සිටිති. මැල් - ඒ ඒ කුලවල මේ සතර වර්ගයෙන් අසවල්ලු අධිකය යනාදී විභාගයක් මහත්මයා කල්පනා කළාද ? ජය - ඔව්, එය විමසාගන්ට දුෂ්කර නොවේ. ආර්ය පරම්පරවල මිනිසුන් තුළ ජාත්යා්භිමානය, ආත්ම ගෞරවය. පරාර්ථකාමි ගතිය, ත්යා‍ගිවන්තා භාවය, මෛත්රීග කරුණාදිය, සියුමු ධර්ම අවබෝධ කරගත හැකි ශක්තිය, නිර්භය ගතිය. අයුත්තට කාටවත් යටත් නොවන ගතිය යනාදී ගුණ පිහිටා තිබේ. ඉතින් මේ දැක්වූ ගුණාදිය මෙහි ඉහතින් කී සතර කොටසෙන් තුන් කොටසක් තුළ උත්කෘෂ්ට, මධ්ය ම, පහත් යන තුන් ප්රදමාණයට පිහිටා තිබේ. නමුතු සම්පූර්ණ මිලෙච්ඡ පරම්පරාවලින් පැවත එන අය තුළ ඉහත කී උතුම් ගතිගුණ කිසිවක් නැත්තේය. ඔහු පහත් සුනඛයයෙකු මෙන් ආත්මාරථකාමීකමින් ම බරව සිටී. ස්වල්ප ලාභයක් නිසා බලවත් අපරාධයක් කිරීමට ඔහුට පිළිවන. පුද්ගලික ලාභයම තකන ඒ මි‍ලෙච්ඡ පරම්පරාවෙන් පැවත එන අය තුළ ජාති හිතෛෂිභාවාදී උතුම් ගුණයක් නොපිහිටයි. උතුම් ආර්ය සත්යත පිළිගැසීමට තරම් ඥානයක්ද ඔහුට නැත. බිය සුළුවූ, ආත්මාරථකාමී වූ, පංචවිධ දුශ්චරිතාදිය පිළිකුල් නොකරන ඒ සතරවෙනි පංක්තියේ සිංහලයයෝ කොයි කුලවලත් අඩු වැඩි වශයෙන් සිටිති. ඒ බව විමසා ගැනීමට ස්වකීය ජාතිය වෙනුවෙන්. රට වෙනුවෙන්, ආගම වෙනුවෙන් 394 ශ්රීෙ ලංකා මාතා අසරණයන් වෙනුවෙන් ඒ ඒ පළාත්වල වැඩ කරන්නෝ කවරහුදැයි ප‍රීක්ෂා කිරීමෙන් පුළුවන. මැල් - මහතාගේ අදහස තේරුණා. අපේ ජාතියේ ලොකු මිනිස්සු කල්පනා කරතොත් ඇත්තෙන්ම අවුරුදු දෙකකින් කුල භේදය දුරුකරන්ට පිළිවන් බව මට අවබෝධ වුණා. මහත්යමයා එම් අවංක ප්රටකාශය වැරදි මතයේ ගැලී සිටින වර්තමාන මිනිසුන්ගෙන් වැඩි දෙනෙකුට නරක වුවත් අපේ පශ්චිම ජනයාට ප්රියෝජනවත් වනු ඒකාන්තයයි මැල් පාදිල් මහතා ජයසේකරට ස්තුති කළේය.

12. පරිච්ඡේදය මේ

වනාහි එම පිරිස නැව් නැඟුණු හත්වෙනි දවසය. නැව ඉතාමත් නිශ්චලව මුහුදේ කිසි උවදුරක් නැතිව ගමන් ගත්තේය. නැවේ සිටින වැඩකරුවන්ගේ කඩිසර භාවය දුටු කාටත් ප්රීගති ගෙනදේ. එහි සිටින සියලුදෙනාම තම තමාට අයත් කටයුතු නොපිරියෙළා ඉෂ්ටකරන අන්දම ප්රදශංසනීයයි. හැම‍දාම උදේ හයට නැව මුළුල්ලිම සෝදා පිරිසිදු කරති. යුතුකම් ඉෂ්ටකරන මිනිස්සුත් ඒ ඒ කටයුතු භාරව සිටින මිනිස්සුත් නියම වේලාව නොයික්මයා ස්වකීය වැඩ සම්පාදනය කිරීමත් තම තමා වශයෙනුත් ජාතියක් වශයෙනුත් දියුණුවූවට ඒකාන්ත කාරණයකි. මේ නැවේ කටයුතුවල යෙදීවුන් බොහෝ දෙනා ධර්මශාස්ත්රාකදියක් උගත් අය නොවෙති. එසේද වුවත් ස්වකීය කාර්ය සම්පාදයන කිරීමට මනා පුරුද්දක් ඔවුන් ඇතිව තිබේ. එබැවින් කිසිම ඌනත්වයක් නැතිව සියල්ලම සම්පාදයන වේ. මුලාදෑනීන්ගේ පරීක්ෂාවක් තිබුණත් නොතිබුණත් මෙහෙකරුවෝ තමන්ගේ කටයුතු එලෙසම කරති. මෙය ඉතාම යහපත් අංගයකි. යුරෝපීය ජාතීන්ගේ දියුණුවට ප්රපධාන හේතුව නුකුසුත භාවය බව සැලකිය හැක. සිංහල මිනිස්සුද මෙය ආදර්ශයට ගත යුතුයි.

නැව ඉන්දියන් සාගරය පසුකර ඉක්බිති ඒඩන් නම් නැව් තොටද පසුකොට රතු මුහුදට පැමිණියාය. මෙය රතු මුහුද නොව ‍රතුවුණ මුහුද යයි කිවයුතු තරම් ඌෂණය. උදේ හයේ පටන් සවස හය හමාර වනතුරු චණ්ඩ සූර්ය රශ්මියෙන් ඇවිලී තිබේ. එක් අතකින් සහරා


පියදාස සිරිසේන නවකථා එකතුව 395 කාන්තාරයත් අනික් අතින් අරාබියේ වාලුකා කාන්තාරත් හරහා එන සුළඟඳ මේ බලවත් සූර්ය රශ්මිය අධික ‍කරන්නේය. මේ මුහුදේ ගමන් කරනවිට දහවල් දවසට නැවේ ඉදීම පවා අමාරුය. අතිශයින් ක්රෑ රවූ ඌෂ්ණයෙන් පීඩාවට පත්නොවන කෙනෙක් නැත්තේය. පසුදිය සූවස් ඇල පසුකොට පොර්ට්සෙඩ් නම් නැව් තො‍ටට‍ පැමිණි නැවට වුවමනා තරමට අඟුරු ගත් පසු මධ්යඩධරණී මුහුද බලා ගමන් ගත්තේය. මධ්යරධරණී මුහුදේ ගමන් කරන නැවේ සිටින අයට වැඩි පීඩාවත් නැති බැවින් ජයසේකර හා මැල් ප‍ාදිල් උන්නාන්සේත් නොයෙක් දේ කතාකරමින් කාලය ගතකෙළේය. සිල්වා අද්වකාත් සහ සතුරුසිංහද ඔවුන්ගේ අනුචර ජෝන් පෙරේරාද පද්මිණී සමඟ අල්පමාත්රතයක්වත් මිත්රුවීමට වීර්ය කරමින් සිටි නමුත් නිශ්ඵල විය. මේ සිකුරාදා රාත්රිිය විය. ඝනාන්ධකාරයවූ මේ රෑ නිශ්චල මුහුදේ ගමන් කරමින් සිටි නැවේ ඇන්ජින් යන්ත්රෝය පුපුරා ගියේය. මේ පිපිරීමේ වේගය කෙතරම්ද කිවහොත් මේ විශාල වාතේ නැව අත්බඹරක් මෙන් චංචල විය. නැවේ සිටි පිරිස තද නින්දේ බැවින් නිදන ඇඳුම් පිටින්ම උන්මත්තකයන් ලෙස ස්ත්රීප පුරුෂ කවුරුත් ‍නැවේ උඩ තට්ටුවට රැස්වූහ. ස්ත්රීේන්ගේ හා ළමයින්ගේත් බියසුළු මිනිසුන්ගේත් දූඃඛිත ඇඬීමත් බලවත් කලබලයත් නිසා මේ කුමක්වීදැයි කාටවත් නිශ්චය කරගත නොහැකිවිය. නැවේ ප්ර.ධාන තට්ටුවේ අවුත් මර භයින් කලබල සිටි සිරිස දෙස ලා “නැව අන්තරාය දායකය. මිනිත්තු පහළොවකට ප්රිථම නැව කිදාබසින්නේය. කලබල නොවී ස්ත්රීේන් සහ ළමයින් පළමුකොට බොටුටුවලට නැංවිය යුතුය. යම් පිරිමියෙක් අපේ නියමෙට විරුද්ධව ක්රි යා කාළොත් ඔහු වෙඩිතබා මරණු ලැබේය”යි තදින් අණකොට නැවේ දෙපැත්තේ එල්වා තුබුණු බෝට්ටු පහලොව දියට බැ සියලුම ස්ත්රී න් හා ළමයින්ද එහි නැංගවූහ. මෙහි නානා ජාතිවලට අයත් මිනිස්සු වුන්හ. හැමදෙනාටම වඩා නිර්භීත සූරභාවයක් යුරෝපීයයන්ගෙන් වැඩි දෙනා තුළ පැවැත්තේය. මුහුදේ පීනීමට පහසු වන පිණිස පිළියෙළකර තිබෙන “ලයිප් බැල්ට්” නම් වලලු ‍එකිනෙක අපේ කතාන්තරයේ සඟහන් වන පද්මිණීද ස්වකීය ස්වාමිපුරුෂයා වන ජෝන් ජයසේකර මහතා විසින්ම බෝට්ටුවට නංවනු ලැබීය. පද්මිණී බෝට්ටුවට ඇතුල්වූ හැටියේම ස්වාමිපුරුෂයාණන්ද අල්වා වාඩිකරවාගන්ට වීර්ය කළාය. එවිට ජෝන් ජයසේකර ප්රියයාව වැළඳගෙන


396 ශ්රී ලංකා මාතා “ ප්රේ මිය කපිතාන් තැනගේ ආඥාව ස්ත්රීකන් හා ළමයින් නංවා ඉඩ ති‍බුණොත් පිරිමින්ට බෝට්ටුවලට නගින්ටය. ඒ අණ එසේ ‍වුනත් නූනත් මට බියසුල්ලෙක් වෙන්ට කියන්නෙහිද ? සියගණන් පිරිස් මරහඬ තබමින් නැවේ උඩතට්ටුවේය. ඔවුන් අතර සිටින දුර්වලයක් බෝට්ටුවලට නංවා මමද දිවි ගලවා ගන්නෙමි. නිර්භයව මා ගැන සැක නොසිතා මේ අනිත් නොනාවරුන් සමඟ බෝට්ටුවේ සිටුනු මැවනි. දැන් කම්බි රහිත විදුලි පණිවුඩ අසඅතේ යවාලාය. දැනටම මේ ළඟ අප ගලවා ගැනීමට නැවක් ඇතිවාට සැක නැත. “ධම්මො භවො රක්ඛති ධම්මචාරී” යනු සිහිකළ මැනවි කියා ජයසේකරද අනිත් නැවේ මුලාදෑනීන් සමඟ ස්ත්රී්න් හා ළදරුවන්ද දුර්වල මිනිසුන්ද බෝට්ටුවලට නංවමින් සිටියදීම විශාල භූමිභාගයක් හදිසියෙන් කිඳාබැස්සාක් මෙන් මහා සාගටය මැද නැවඳ කිඳාබැස්සේය. නැව ආසන්නයේම බෝට්ටු තුබුණු බැවින් නැව කිදීමෙන් ඇතිවූ ජලපහරය හසුව බෝට්ටු කීපයක්ද ගිලී ගියේය. ජයසේකර ආදී බොහෝ දෙනෙකුට බෝට්ටුවලට නැඟ ගන්ට බැරිව මහා සාගරය මැද පීනමින් ඉන්ට වූහ. මේ බලවත් විපත ‍මේ සිත් කම්පාවන විත්තිය සිද්ධවී මිනිත්තු විස්සකට පසු කම්බි රහිත විදුලි පණිවුඩය ලත් ඉතාලි වැත් අවුත් ඉදිරියට හමුවූ බෝට්ටුවල සිටි මිනිසුත් ඒ නැවට ගන්නා ලදී. ඝනාන්ධකාරය නිසාත් අධික සීතය නිසාත් දියේ ගිලී මළ පිරිසට වඩා ගලවාගත් පිරිස වැඩිය. ජෝන් ජයසේකර හා තවත් යුරෝපීය මිනිස්සු හදෙනෙකුට ලොකු ලෑල්ලක් හසුව එහි එල්ලීගෙන සිටි බැවින් වැඩි වේලාවක් ජීවත්ව ඉන්ට පිළිවන්විය. ඉතාලි වැනට අසුවූ තරම් ස්ත්රීන පුරුෂයන් රැගෙන ඒ නැව ගියපසු එංගලන්තයේ සිටි ඕස්ට්රේලියාවට යන නැවකටද මේ “මුග්ඩන්” නැවේ අනතුර දැනගන්ට ලැබෟ වහාම ඒ නැව ගිලී ගිය ස්ථානයට පැමිණ විශාල ආලෝක (සර්ව ලයිට්) දල්වමින් පරීක්ෂා කරන විට ජයසේකර ඇතුළු සත්දෙනා දැක වහාම නැවට ගෙන සාත්තු සංග්රිහ කරන ලදී. ඒ නැව පැමිණෙන විට නොමැරී පීනමින් සිටියේ ඒ සත්දෙනා බැවින් ඒ නැවේ නැවියන්ට වැඩි පිරිසක් ගලවා ගන්ට නොලැබීම ගැන කනගාටුව ප්රනකාශ කළාහ. ඕස්ට්රේලියාවට යන ඒ නැව පෝර්ට්සෙඩ් වරායට පැමිණ වැඩි වේලා නොනවත්වාම කෙ‍ළින්ම සිංගප්පූරුව දක්වා ගමන් කෙළේය. බලවත් වේදනාවෙන් මිරදකී අසනීපවූ ජෝන් ජයසේකර සිංගප්පූරුවට පැමිණෙනතුරාත් කිසිත් නොදත්තේය. සිංගප්පූරුවට පැමිණි පසු මඳක් සනීපවූ බැවින් ප්රිවෘත්ති පත්ර. කීපයක්ම ගෙන්වා මුග්ඩන් නැවට වූ හදිසියත් එහි සිටි


පියදාස සිරිසේන නවකථා එකතුව 397 මගීයන්ගේ විස්තරත් එකිනෙකට වෙනස්ව පත්ර කීපයක්ම තුබුනු බැව් දැක මහත් කනගාටුවට පත්විය. සිංහල නොනා කෙනෙක් හා මහත්මයෙක් මළා වූ පිරිසට ඇතුළත් බව පත්රය කීපයේම ප්රනසිද්ධව තුබුණු බැවින් නොඅනුමානවම පද්මිණීත් තවත් එහි සිටි සිංහලයෙකුත් වියයුතුයයි සිතූ ‍ජෝන් ජයසේකරගේ අසනීපය අතිශයින්ම වැඩිවිය. “අනේ මා වැනි අපරාධකාරයෙක්” දිව්යාිප්සරාවක් මෙන් සිටි උතුම් කාන්තාවක් නැවක නංවාගෙන අවුත් ඈ මුදුන්බත්කොට මට සිය රටට යැ හැකිද? අනේ පද්මිණී! කුලස්ත්රීමන්ගේ මුදුන්මල්කඩන් හා සමාන පද්මිණී මගේ කැමැත්තටම මා සමඟ විත් විනාශවූ හැටි! කර්මය කිසිවෙකුට ඉක්මවිය නොහැක්කේය. එසේද වුවත් පද්මිණී සම්බන්ධ තොරතුරු ගොඩකට පැමිණි පසු නිසැක දැනගන්නාතුරු මමද ජීවත් වන්නෙමි”යි නිශ්චය‍ කොට සිතාගෙන ජයසේකර ඕස්ට්රේලියාවටම යන්ට කැමති බව කියා ඒ නැවෙන්ම ඕස්ට්රේලියාවට යාගත්තේය. ඉතාලි නැවෙන් ගලවාගනු ලැබූ පිරිස වැනිස් නුවරට ළඟාවුහ. මුග්ඩන් නැවේ බෝට්ටු පසළොසින් හයක් ගිලීගිය බැවින් අනිත් නවයේ සිටි පිරිස අනූවක් පමණවූහ. පද්මිණී හා තවත් නෝනාවරුන් කීපදෙනෙක් සුවසේ වුන්හ. නැවේ සිටි සිංහල මිනිස්සු පස්දෙනාගෙන් ජෝන් ජයසේකර මහතා ඇර ඉතුරු සතරදෙනාම එනම්, සතුරුසිංහ. සිල්වා. මැල් දේවගැති සහ ජෝන් පෙරේරාත් හොඳ සනීපෙන් ගොඩටබට පිරිසේ වුන්හ. අහෝ පද්මිණීට මක් හිතෙන්ට ඇද්ද? ජෝන් ජයසේකර ඒකාන්තයෙන්ම මූදුබත් වෙන්ට ඇතැයි සිතූපද්මිණී උමතුවිය. මෙහි සිටි සිංහල මිනිස්සු සතරදෙනා පද්මිණී තම පිරිසේ කෙනෙකු මෙන් නැව්තොටේ මුලාදෑනීන්ට අඟවා ඈත් රැගෙන දුම්රියෙන් ලන්ඩන් නුවරය පැමිණියහ. සතුරුසිංහ ආදී තුන්දෙනා පද්මිණීත් සමඟ හෝටලයක නැවතුණය. මැල් දේවගැතිතුමා තමා සිය කටයුතු සඳහා ඔවුන් අත්හැර ගියේය. ස්වකීය ස්වාමිපුරුණයාගේ වියෝවින් දුඃඛිතවූ පද්මිණීට සතුරුසිංහ ආදී තුන්දෙනාගෙන් බලවත් සංග්රිහ නිසා මඳක් සනීපවී ධර්මශාස්ත්රස උගත් ධෛර්යවත් කුලස්ත්රි්යක් බැවින් විපත්තියේදී දුක්වීම ඒ විපත්තිය මැඩපැවැත්වීමට ප්රුතිකාරයක් නොවන බව මතක් වී ස්වකීය ස්වාමියා අනාථව මිය යාමට තරම් හේතුවක් තිබුණා නම් ටික කලක්වත් සිට දිවි තොරකර ගැනීමට අධිෂ්ඨාන කරගෙන තමා රැකබලා ගනිමින් සිටි සතුරුසිංහ ආදී තුන්දෙනා සමඟ කතාබස් කරන්ටද පටන් ගත්තාය.


398 ශ්රී. ලංකා මාතා ජෝන් ජයසේකර මළේයයි නිසැකවම සිතාගත් සිල්වා අද්වකාත් හා සතුරුසිංහ යන දෙදෙනා එකිනෙකාට රහසින් පද්මිණීගේ ආදරය ලබාගන්ට වීරිය කළෝය. සිල්වා අද්වකාත් ළඟ මුදල් හිඟ නමුත් සතුරුසිංහ ගමින් මුදල් ලබා ගනිමින් පද්මිණීට උවමනා සැපපහසු දෙමින් සිට මාසයකට පසු එක් දිනය සවස් භාගයේ පිට්ටනියක ඇවිදින්න ගිය විටකදී ඇගේ අදහස් ඇසුවේය. ස්වකීය ස්වාමිපුරුෂයා නැතිව නැවත ගමට එන කල්පනාවක්ද නැති පද්මිණී ස්ථානෝචිතව කටයුතු කිරීම යුතුයයි සලකා සතුරුසිංහට මෙසේ කීවා. “අනේ මහත්මයෝ මා විසින් පුරුදු කරන ලද ප්රසතිපත්ති හා ගුණධර්මයේ හැටියට මගේ ස්වාමිපුරුෂයා ජීවත්ව ඉන්නාතුරු අනිකෙකු කෙරෙහි අදහසක්වත් ඇතිකළ නොහැකි කාරණයකි. මගේ මහත්මයා නැති වුනා යයි නිසැකව දැනගත් පසු මට වෙන කෙනෙකු සමඟ කසාඳ බදින්ට සිද්ධවුණොත් මට මහත්මයා මතක නැති කරන්ට බැරිය. නමුත් මගේ ස්වාමිපුරුසයානන්ට අනතුරුක් වියනොහැකි නිසා උන්නැහේ ගැන අඩුවශයෙන් අවුරුද්දක්වත් බලාපොරොත්තුවෙන්ට ඕනෑය”යි කීවාය. ජෝන් ජයසේකර මළානම් නො අනුමානව පද්මිණී සතුරුසිංහ සමඟ විවාහ වන බව ඔහුටු වැටහුණු බැවින් අවුරුදු එකක් නොව පහක්වත් ඈට සංග්රුහ කරන්ට ඔහු සිතා ගත්තේය. සිල්වා අද්වකාත් ද සතුරුසිංහට විරුද්ධව පද්මිණීගේ ආදරය ලබා ගැනීමට ‍නොයෙක් විධියේ සංග්රසහ කරන නමුත් පද්මිණීගේ ඒකාන්ත අධිෂ්ධානය. ඔවුන් කිසිවෙකුට දැනගන්ට බැරිවිය. මේ කාලය වනවිට පද්මිණී ගර්භනීව මාස පහක් පමණ විය. පද්මිණී ස්වකීය ස්වාමිපුරුෂයා නිසා දරුවෙකු අටගත් බව හොඳින්ම දන්නා නමුත් සතුරුසිංහත් අද්වකාත් සිල්වාත් ඔවුන් එකිනෙකා කෙරෙහි සැක කෙරෙමින් බලවත් අමනාපයකට පත්වූහ. ජෝන් පෙරේරා පද්මිණීට සුවච කීකරු වැඩකාරයෙකු මෙන් සංග්රවහ කරන නමුත් සතුරුසිංහ හා සිල්වාත් සතුටු කරන්ට බැඳී සිටින බැවින් පද්මිණී සම්බන්ධ සත්ය ප්ර්වෘත්තිය ඒ කිසිවෙකුට නොකීවේය. පද්මිණීගේ ගැබ මුහුකාරා ගොස් සත්මාසය විය. ඇගේ මව්පිය දෙදෙනා සහ සීයාද ජෝන් ජයසේකරගේ මව්පිය දෙදෙනාදමේ දෙදෙනාට නැව ගිලීමෙන් වූ විපත ගැන කෙතරම් සංවේගයෙන් සිටින්නාහුදැයි මේ කියවන්නාට අවබෝධවනු ඒකාන්තය. නමුත් නැව ගිලී මාස ‍එකහමාරකින් ජෝන් ජයසේකර එවන අන්දමට පොරෝලිස් සිල්වා අප්පුහාමි ආදීන්ට සතුරුසිංහ ආදී තුන්දෙනා විසින්


පියදාස සිරිසේන නවකථා එකතුව 399 ලියුම් එව් බැවින් ඔවුන්ගේ ශෝකය මගහැරී දරුවාගේ පැමිණීම බලමින් බලවත් ප්රී තියෙන් වුන්හ. ජෝන් ‍ජයසේකර පිස්සෙක් මෙන් ඕස්ට්රේලියාවේ ගත කෙළේය. තමාගේ ප්රානණයට වඩා ප්රේ්මකළ භාර්යාව මළායින් පසු ගමට ඒමෙන් වත් ජීවත්වීමෙන් වත් පලක් නැතැයි සිතූ ඔහු නැව කිදී මාස අටකට පපසු තමා සමඟ නැවේදී මිත්රලවූ මැල් දේවගැතිතුමා ඇමෙරිකාවේ දේවධර්ම ශාස්ත්රා ශාලාවක ඉගෙන ගන්නා බැව් ඇමරිකන් ප්රරවෘත්ති පත්රරයකින් දැක තමා විසින් පද්මිණී නැති ශෝකයෙන් කරනලද දුක්මුසු ප්රරබන්ධය ලියමනකුත් සමඟ එතුමාට යවන ලදී. “ප ත් ව ණි සුරඹ දෙරණට රුසිරු ස රූ සි ත් මි ණි නිදන ගුණදම් මැණික් පි රූ ප ත් මි ණී නමැති මගෙ පියබද රුසි රූ ප ත් වු ණි මරුට මහ සයුරෙදි ගැඹු රූ මා ම න කුමුදු පොබකළ සොමි සඳ සිරී නී නා ඟ න ගමන යුරු කුලදම් රැකි පත නී මේ වු න විපත සිහිවන විට පියබඳි නී වා ගෙ න ඉඳිමි කෙලෙසක අයියෝ ඉති නී කු ල ය ත් සමඟ ධනයත් රුසිරුත් ගු ණ ය නොලැබෙත් කිසි කලක කෙනෙකුට කිසි තැ ණ ය එ න මු ත් මෙනුම ලදුයේ මේ සිව් ගු න ය ම ර ප න් වන්ටමය සැබැවින් සැනෙකී න ය ග ම් බි ර සද්ද දති සුසිරි ලොතු ර පෙ ම් බ ර පද්මිණී පියබඳිති රූබ ර වෙ න් ක ර මා ගියත් වැද රුදුරු සාග ර හි මි ක ර සසර පවතී අපගෙ ආද ර සැ බ වි න පද්මිණී නැති කල මෙදිය කු සේ වි සු මෙ න් පලක් නැත මම සිතනෙම්ද කෙ‍ සේ සි ය ති න දිව ගැනුම යුතු නැති බැවින් මෙ සේ නො මැ රෙ න නිසා ඉඳිනෙමි උමතුවෙක් ලෙ සේ ද මැල් දේවගැත් තුමාට ජෝන් ජයසේකරගේ ලියමන ලැබුණ නමුත් තමාගේ කටයුතු ඉක්මනින් කෙළවර කර එංගලන්තයට යන්ට පිළිවන්වේය යන කල්පනාවෙනුත් ජෝන් ජයසේකරට ලියමනක් එවන

400 ශ්රීන ලංකා මාතා අයුරු නොදැනී මෙනුත් ජයසේකර නොමැරී ඉන්න බව පද්මිණීට දන්වන්ටවත් පද්මිණී ඉන්න බව ජයසේකර දන්වන්ට වත් නුපුළුවන්විය. පද්මිණී කෙරෙහි ප්රේඉමකරමින් සිටින සතුරුසිංහත් ද සිල්වා අද්වකාතුත් ඔවුන්ගේ අනුචර ‍‍ජෝන් පෙරේ‍රාත් යන තුන්දෙනාගේ බලවත් උපක්රුම නිසා ගමින් කිසිම ආරංචියක්වත් ජෝන් ජයසේකර ගැන විමසීවට හැටියක් නැතුව ඉන්නා පද්මිණී ප්රකසූත කරන කාලය ළංවිය. මව්පියන්ගේ හෝ ස්වාමිපුරුෂයාගේ හෝ වෙන අන්කිසි හිතෛෂියෙකුගේ සාත්තු සප්පායම් කිසිත් නැති නමුත්, ලෝක ස්වභාව ‍හොඳින් දත් පද්මිණී, මේ මට සිද්ධවියයුතු හැටිමය, මේ ගැන පසුතැවිලිවීම ධර්මයට අගෞරව කිරීමකැයි සිතමින් නිස්සෝකීව සිටියාය. මේ පිරිස ලක්දිවින් පිටත්ව අටමාසයකුත් දවස් දහයක් පමණ විය. ඒ කාලය තුළ පද්මිණීගේ සිත ගැනීමට වීරිය කළ සිල්වා අද්වකාත් හා සතුරුසිංහත් ඔවුනොවුන් කෙරෙහි සැකකිරීම නිසා ඔවුන්ගේ හොඳ හිතද ක්රුමයෙන් අඩුවිය. පද්මිණී සතුරුසිංහට ප්රේහමකරන්නීයයි ද සිල්වාත්, ද සිල්වාට ප්රේිමකරන්නීයයි සතුරුසිංහත් සිතුවෝය. නමුතු ඔවුන් දෙදෙනාගෙන් කිසිවෙකුටවත් පද්මිණී කිසික‍ලක පිළිබඳ සිතක් ඇති නොකළේය. මේ බව ජෝන් පෙරේරාද හොඳින් දන්නේය. ද සිල්වා අද්වකාත් ළඟ තිබුණු මුදල් ඉවර බැවිනුත් සතුරුසිංහ සමඟ අමනාපවූ බැවිනුත් ඔහු ලක්දිවට එන පිණිස නැව් නැග්ගේය. ද සිල්වා නැව් නැගුණු දවසේම පද්මිණීට දරු ප්ර ශවයට ලකුණු පහළ විය. ඥානයෙන් හෝ වීර්යයෙන් ඉක්මවාගන්ට බැරි දුකක් පැමිණි විට ඒ ප්රීෙතියෙන් විඳ දරාගැනීම ලෝකයේ උතුම් පණ්ඩිත ගතිය බැවින් හොඳ නරක හෙවත් ධර්ම දෙක බෝහෝ දුර දැනගත් පද්මිණී ද තමාට ඇති අවාරුව ඒ ගෙදර සිටි වැඩකාර ස්ත්රිපයට කීවාය. තලතුනා වයසේ සිටි ඒ ස්ත්රීවතොමො සතුරුසිංහට හා ජෝන් පෙරේරාටද ඒ බව කිවූ කල්හි ඒ රටේ බොහෝදෙන්ගේ සිරිතේ හැටියට පද්මිණී ප්ර්සූතිකා ආරොග්යල ශාලාවට ගෙනයනු ලැබුවාය. මෙහි වෛද්යපකර්මය හා සාත්තු සප්පායම් කරන්නෝ උගත් නෝනාවරුන් නිසා පද්මිණීට අසතුටු වෙන්ට කිසිත් නැතිවිය. ඒ ප්ර්සූතිකාරෝග්ය ශාලාවේ ඒ වේලාවේම ප්ර ශවය පිණිස පැමිණි සිටි ස්ත්රීාහු දස දෙනෙක් පමණ වුහ. සතුරුසිංහ සහ ජෝන් පෙරේ‍රාත් ඒ ස්ථානය භාර නෝනා කෙනෙක් සමඟ ටික වේලාවක් කතාකරමින් සිටිනු නමුත් පද්මිණීට කටයුතු සංග්රේහ කිසිවකින් අඩුපාඩුවක් නොවීය. ඌෂ්ණ රටක උපන් පෙරදිග ඖෂධ පියදාස සිරිසේන නවකථා එකතුව 401 හා කෑම බීම වර්ග පුරුදුවූ ළපටි පද්මිණීට මව්පියාදී හිතෛෂීන්ගේ නො දැකිමෙනුත් නුපුරුදු කෑම බීමාදිය නිසාත් ප්රපසූතය ආසන්නවූ විට සිහිය නැතිවිය. ඒ වෛද්යා නෝනා විසින් ඒ වේලාවට පොවන ලද බෙහෙතක් නිසා‍දෝ ඈට සම්පූණයෙන්ම සිහිය නැතිවූණේය. එවෙලාවේ එනම් මාර්තු මස 3 වෙනිදා දවල් එකොළහමාරට තරම පද්මිණී පුත්රායෙකු ප්රතසූත කළාය. දරු ප්රුසුතයෙන් වරුවකට පසු පද්මිණීට සිහිය ආවිට ළඟ සිටි සාත්තුකාරියක් ඈ විසින් ප්රරසූත කරන ලද දරුවායයි ස්වෙත වර්ණ පිරිමි ළමයෙකු පෙන්වන ලදී. සැබැවින්ම ඒ ළමයා දැකීමෙන් පිළිකුලක් මිස දරු ප්රේකමයක් පද්මිණී තුළ හට නොගත්තේය. නමුත් උගත් ශිෂටාචාර කරුණාවන්ත සිංහල කුලස්ත්රිීයක් නිසා ඉවසිල්ලෙන් සිටියාය. දවස් ගතවන්ට ගතවන්ට මේ තමා වැදූ දරුවායයි කියනු ලබන සුදු ළමයා වැ‍ඩෙන්නාක් මෙන් ඔහු කෙරෙහි පද්මිණීගේ පිළිකුල් භාවයද වැ‍ඩෙන්ට විය. ප්ර්සූතිකාරෝග්යහ ශාලාවෙහි තුන් දිනක් සිටි පසු තමා පදිංචි නිවසට පැමිණියාය. වැඩකාරියගේ ආධාරයෙන් ඒ ලමයා රැකබලාගන්නා නමුත් පද්මිණීට ඒ ළමයා වඩන්ට හෝ දරුවකු ලෙස සලකන්ට කොයි ක්රමමයකින්වත් රුචියක් ‍ඇති නොවීය. තමාට මේ සිද්ධවුණේ කිමදැයි සලකාගත නොහැකිවූ මේ තරුණ කාන්තාවගේ හිත විමසන්ට කෙනෙක් එවේලාවෙහි සිටියේ තම මනුෂ්යන විත්තය කෙතරම් පුදුම එකක් දැයි දැනගන්ට පිළිවන.

13. පරිච්ඡේදය ක්රග මයෙන් පද්මිණී සුවපත් වූවාය. ඇගේ සුදු දරුවාත් නිරෝගීව වැඩෙන්ට විය. මේ කාලයේ සතුරුසිංහත් ජෝන් පෙරේ‍රාත් පද්මිණීට නොකළ උදව්වක් නැති බැවින් කෘතොපකාර දත් පද්මිණී ඔවුන් කෙරෙහි බලවත් සැලකිල්ලක් ඇති කළාය. එක් දිනක් සවස් භාගයේ පද්මිණීගේ සිත විමසන පිණින සතුරුසිංහ මෙසේ කීය. “ප්රේසමවන්ත පද්මිණී, දැන් නුඹේ ස්වාමියාත් මළ බව නුමට ප්රහත්ය.ක්ෂය. මවුපියෝත් නුඹ අත්හැර සිටිති. මමත් මේ ජෝන් පෙරේරාත් නොසිටිමෝ නම් නුඹටද අන්තරාය වෙනවාට කිසි අනුමානයක් නැත. උඹට මේ සුදුපාට දරුවෙක් කොහොම ලැබුණේදැයි ලංකාවට ගියොත් සෑම දෙනාම නින්දා කරනවා ඇත. නමුතු උඹ මා සමඟ මෙහිදී විවාහ වෙතොත් ඒ කිසිම කාරනයකින් නුඹට දුකක් කනගාටුවක් නොවෙන්ට මම රැකබලා ගන්නෙමි. නුඹ සුදු දරුවෙකු ව‍ැදුවාය


402 ශ්රීව ලංකා මාතා කියාවත්, දරුවෙකුගේ මවක කියාවත්, කිසි වෙනසක් නොකොට තරුණ භාර්යාවක් මෙන් ඉතා ප්රේවමයෙන් මම නුඹ රක්ෂා කරන්නෙමි. එහෙයින් මට නුඹේ කැමැත්ත දියන්නැ”යි කීයේය. සිතේ බලවත් ජත්යා්භිමානය හා ආත්ම ගෞරවය ඇති පද්මිණී කණගාටුවවත්, දුරුවල භාවයත්, බලාපොරොත්තු රහිතකමවත් නොපෙන්වා මෙසේ කීවාය. “මහත්මයාණෙනි, තමුන්නාන්සේලා මේ විදේශයේදී මට කරන ලද උදව් ඌරන් ඇති කරන මිනිසුන් ඌරන්ට කරනලද උදම් වැනිය. ඌරා ලොකුකොට වැඩි මිළට විකුණා ගැනීම පිණිස ඌ ඇතිකරනු ලබතත් ලොකු ආදරයකින් මෙන් ඌට කෑම බීමාදිය දීම සිරිතකි. එමෙන් මගේ ස්පර්ශ ලොභයෙන් හෝ වෙන යම්කිසි නපුරු අදහසක් පිට තමුන්නාන්සේලා මට උදම් කරන බව දනිමි. ඒ එසේද වුවත් මට කරන ලද උපකාර ගලේ ඇදි ඉරක් මෙන් මා තුළ පවතී. මේ ආත්මයේදී නොහැක‍ි වුනත් සංසාරයේදීවත් ඊට ප්ර තිඋපකාර කිරීමට මම බලාපොරොත්තු වන්නෙමි. මම කිසි කලෙකත් මගේ මව්පියාදීනි විසින් සලසා දුන් ස්වාමිපුරුෂයා හැර අනිකෙකු කෙරෙහි පිළිබඳ සිතක් ඇති නොකරමි. මහත් අද්භූතයක් ලෙස මර “සුදු දරුවෙක්” ද ලැබී තිබේ. නමුත් ලෝකයේ රහසක් නැති නිසා දැන් රහසක්ව පවතිනා මේ කාරණය ද එලිවේ. සිංහල කුලධර්ම හා පෙරදිග ධර්ම ශාස්ත්රා උගත් ස්ත්රිොයකු තුල පවත්නා උදාරතර අදහස් වෙනස් කිරීමට දෙවියෙකුටවත් බැරිය. මම උතුම් කුල චාරිත්රත හා ධර්ම ශාස්ත්රාරදිය හොඳින් ඉගෙන ගතිමි. ඒ කෙතරම් උගත් ශික්ෂිත මිනිසුන්ටත් අපරාපරිය වෙදනීය වශ‍යෙන් එන කර්මය වලක්වනට බැරි නිසා කලින් කල අනන්ත හිරිහැර දුක නින්දා පරිභව ආදිය ලැබීම සිරිතකි. සමහරවිට මේ දුක මාසයකදී දෙකකදීත් නැති බෙන්ට පිළිවන. අනිත් අතට තව මානයකට හමාරකට ප්රකථම මගේ ජීවිතය කෙළවර වෙන්ටත් පිළිවය. ඉතින් ඒ ඔක්කෝටම සැපතක් ‍හෝ එසේ නැතිනම් අධික දුකක් හෝ වෙන්ට පිළිවන. ඒ කොයි එක සිද්ධවුණත් මගේ ජාති ගෞරවය, ආත්ම ගෞරවය හා ධර්මය කෙරෙහි ගෞරව භාවය කිසිලෙසකින් නැති කිරීමට මම සතුටු නොවෙමි. එහෙයින් මහත්මයා ම‍ා භාර්යාකර ගැනීමට බලාපොරොත්තුවීම හරියට මස්වැදලියයි කැලෑමල් ගැන බලාපොරොත්තු වූ සිවලෙකුගේ බලාපොරොත්තුවක් වැනිය”යි කීවාය. සතුරුසිංහට පරිභව වශනේ කෙතරම් කරුණු කීවත් ඔහු රාගයෙන් මත්වූ මෝහයෙන් මුලාවූ කොනක් බැවින් නැවතත් මෙසේ කීවේය. “ ප්රේ මවන්ත පද්මිණී, උඹට අනුකම්පාකර මේ කාරණා

පියදාස සිරිසේන නවකථා එකතුව 403 කීවෙමි. උඹට වඩා ලක්ෂණ තරුණියක් උවත් මට විවාහකර ගන්ට බැරි නැත. නුඹ අනාථ වන බැවින් මේ විදේශයේදී නුඹට වෙන කෙනෙකුගේ පිහිටක් නැති බැවින් මම නුඹ විවාහ කරගන්නෙමි. උඹ ඊට අසතුටුවවන්ට ඇති හේතුව මට ලුහු‍ඬෙන් කියාදුන්නොත් මැනවි. පද්මිණී - සත්තකෙන්ම මහත්මයා මට කළ උපකාර මම තදින් සලකමි. නමුත් මා වැනි කුලධර්ම ගුණධර්ම පුරුදුකළ ස්ත්රිදයක් මහත්මයා වැනි පජාත්යෙක් සමඟ එක්නොවේ. සතුරුසිංහ - හොඳයි, මට එසේ කියන්නේ මම බෞද්ධයෙක් නොවන නිසාද නැතහොත් වෙන කවර වරදක් නිසාද ? පද් - බෞද්ධයෙක් නොවන නිසාම නොවේ. මහත්මයා විජාතිකයෙකුට දාව සිංහල නමින් ලොකුවුණු කෙනෙක් නිසායි. සතුරුසිංහ - මම එහෙම කෙනෙක් බව පද්මිණී තේරුම් ගත්තේ කොහොමද ? පද් - මහත්මයා පිරිසිදු සිංහලයෙකුට දාවූ කෙනෙක් නම් සිංහල ජාතිය කෙරෙහි ආදරයක් ජාත්යාදභාමානයක් තිබෙන්ට ඕනෑ. නමුත් මහත්මයාට “සිංහලකම” පිළිකුල් නොවේද ? සතුරුසිංහ - ඔව් සත්තකටම මට පිළිකුලයි. නමුත් මම සිංහලයෙක්ව උපන් බව නම් හැබැය. ඉතින් සිංහල කමින් ඇති පලෙ කුමක්ද ? පද් - මනුෂ්ය්යෙක් වශයෙන් සිංහල කමෙන් හෝ ඉංග්රීකසි කමෙන් ඇති පලක් මහත්මයා වැනි කෙනෙකුට කියාද‍ීම අමාරු නමුත් ඒ තමා උපන් ජාතියේ ගතිගුණ නැති මිනිහා අඹගොඩක තිබෙන “කිම්පක්ඛ” නම් අම හා වැනි විෂ ගෙඩිවලට සමානය. තමා උපන් ‍ජාතියේ කෙරෙහි ප්රේිමයක් නැති,ඒ තමා උපන් ජාතියේ ගතිගුණ ආදී කිසිවක් නැති පුද්ගලයා තුළ ස්වභාව ධර්ම වශයෙන් පිහිටිය යුතුදේත් නැති බැවින් එහු ව්ය්ර්ථවූ පුහු මිනිසෙක‍ි. ඉතින් එබඳු පුහු මිනිහෙකුගෙන් ඔහුටත් අන් කිසිවෙකුටත් කිසිම පලක් ඇත්තේ නැත. එනිසා එබඳු ජාතීන්ට ජාතිවලට අයත් කෙනෙක් සම්බන්ධවීම විසට රස මිශ්රජ කිරීම වැනි අපරාධයකි.


404 ශ්රී. ලංකා මාතා සතුරුසිංහ - හොඳයි, එසේ නම් මමත් ජෝන් පෙරේ‍රාත් ලබන සතියේ ගමට යන්නෙමු. ඉතින් පද්මිණීත් අප එක්ක යන්නෙහිදැයි ඇසුයේය. පද්මිණීට කිසිම පිළිසරණක් හෝ ජීවත්වීමට මාර්ගයක් හෝ නැති නමුත් මේ අධමයන්ගෙන් තුරන් වීම බලවත් සැපක්හෙයින් “මට කුමක් වුවත් කාරියක් නැත. මා සමඟ ආ මගේ ස්වාමිපුරුෂයාණන් නැතුව මම ගමට නොයමි. එහෙයින් මහමත්මයාලා යන්ට මම මෙහිම නවතිමි”යි කීවා. උපකාර කරලත් පද්මිණී පිළිබඳ සිතක් ඇතිවන වචනයක් නොලත් සතුරසිංහ පද්මිණී සමඟ කෝපව ජෝන් පෙරේ‍රාට මෙසේ කියන්ට ප‍ටන් ගත්තේය. “ජෝන් පෙරේරා. අප මොවුන් සමඟ යුරෝපයට ආවේ අදහස් දෙකකින් එකක් ඉෂ්ට කර ගැනීමටය. එයින් එකක් අප සිතා උන්නාටත් වඩා හොඳින් ඉෂ්ටවිය. ඉතින් “මැගෙන්” අපටකම් නැත. මේ කතාව අසමින් ගමට ඒමට ම‍ාරුවක් බලමින් සිටි ජෝන් පෙරේරා “ ඔව් මහත්මයෝ ඔය වල් ගෑනිගෙන් අපට කමක් නැත. මිනිහා මැරුණු හැටියේ රහසින් සුදු මිනිසෙකු නිසා සුදු දරුවෙක් වදාගත් “පද්මිණීගේ” කුලධර්මත්, ගුණ ධර්මත්‍, පොරෝලිස් නාකියාගේ කනේ වැටෙනකො‍ට ඔහුගේ බොරු භකිතියත්, බොරු ධර්මයත්, බොරු ජාති ආලයත් සූරා නොබීමේ විපාකත් ලංකාවේ කාටත් දැනගන්ට ලැබේවි. අපි මේ ගමන ආවෙත් පොරෝලිස් නාකියාගේ ගර්ජනාව නැති කරන්නටමය. ඒ අදහස දැන් සම්පූර්ණය. ඉන්නිසා කමට යාම ගැන මමත් සතුටුයි”යි ජෝන් පෙරේ‍රාද කීවේය. පසුදින පද්මිණීට කිසිවක්නොකියාම සතුරුසිංහත් ජෝන් පෙරේරාත් යන දෙදෙන ගමට එන පිණිස නැව් නැග්ගේය. මොවුන් එදා සවස් වනතුරුත් නා බැවින් ඔව්හු පද්මිණී අත්හැර ගිය බැව් සලකාගෙන ඈ පදිංචිව සිටි ගේ අයිතිකාර නෝනා සම්බවෙන්ට ගොස් කාරනය තත්වූ පරිදි කීවාය. එවිට කරුණාවන්ත නෝනා මාස හතඅටක්වත් පද්මිණීට උවමනා කෑම බීම ආදියත් තවත් උවමනා මුදලුත් දෙන බැව් කී නිසා එයින් ධෛර්යයට පත් පද්මිණී වැඩකාරියගේ ආධාරයෙන් තමාගේ “සුදු දරුවාත්” ප්රගවේසම් කරගනිමින් ලන්ඩන් නුවර වාසය ක‍ළාය. ලක්දියට පිටත්වුණු සතුරුසිංහත් ජෝන් පෙරේ‍රාත් යන දෙදෙනා විසිඑක් දිනකික් කොළඹට ගොඩ බැස්සාහ. ඔවුන්ට කලින් ‍ලද්දිවට පැමිණි ද සිල්වා අද්වකාත් ඉතාමත් අසනීපයෙන්ම සිය රටට ආ බැවින් පද්මිණීගේ සතුරන් වන වික්ර මසේකර, සමරසිංහ යන මුදලිවරුන්ට සිල්වා

පියදාස සිරිසේන නවකථා එකතුව 405 අද්වකාත්ගෙන් පද්මිණීට සිද්ධවුණු විපත් කිසිවක් අසාගන්ට බැරිවිය. ද සිල්වා අද්වකාත් පැමිණෙන විට ඔහු පදිංචි ගෙය හෙට්ටින්ගේ ණයට විකිනීමට සූදානම්කර තිබුණු බැවින් ඔහුගේ අසනීපය වඩාත් අධික වී ගිය බව පෙනේ. ඔහුගේ නැන්දා කෙනෙකුගේ ගෙදර නැවතී ඉඳගෙන වෙදකම ගන්නා බව ආරංචිව සතුරුසිංහත් ජෝන් පෙරේරාත් ඔහු බලන්ට ගිය බැවින් ද සිල්වාට මහත් ප්රීරතියක් ඇතිවිය. ශරීරයේ දුරුවලකම කරණකොටගෙන මාස දෙකක් පමණ කතාබන් කරන්ටවත් බැරිව සිටි ද සිල්වාට සතුරුසිංහ දැකීමෙන් අටගත් ප්රී්තිය නිසා ටිකක් ධෛර්ය ලැබී පද්මීණීට යම්කිසි අපකීර්තියක් පමුණුවන ලදැයිද ඇසුයේය. එවිට බලවත් අනර්ථයක් කොට එහි ප්රීයති සැප භුක්තිවිදින සතුරුසිංහ සිනාසී “ අනේ සිල්වා මහත්මයො පවුන් දාහක් හමාරක් වියදම්කර අවුරුද්දකට කිට්ටු කාලයක් දුක් මහන්සිත් ගෙන අපේ අදහස ඉෂ්ට නොකර නිකම්ම ආවෙමු ද. පද්මිණී දැන් “හස්තිනී” පො‍රෝලිස් නාකියා ඉතින් ජාතියේ අගේත, ධර්මයේ අ‍ටගේත්, කුලචාරිත්රීවල අගේත්, කර්මයේ හැටිත්, මිනිබිරියගේ වර්ණනාවත් කරන්නේ නැතැ”යි කීයේය. මින්පසු සිල්වාටත් මඳක් සතුට ඇතිවිය. ඉක්බිති සතුරුසිංහ සහ ජෝන් මොටෝකාර් එකේ නංවාගෙන නාකි මුඩ්ලියර්ගේ වලව්වට පැමිණියාහ. සතුරුසිංහ හා ජෝන් පෙරේරා දැකීමෙන්මහත් ප්රීටතියට පත් අධර්මවාදී සමරසිංහ මුදලි තැන එවුන් පිළිගෙන වාඩිවෙන්ට සලස්වා තොරතුරු අසන්ට පටන් ගත්තේය. සමරසිංහ “ අනේ සතුරුසිංහ උඹලාට පැමිණියාවූ අනතුරු ගැන අසා මම පුදුමයට පැමිණියෙමි. “ධර්මය රක්ෂාකරණ තැනැත්තාට ධර්මය විසින්ම රක්ෂා කරනු ලැබේය”යි පොරෝලිස් සිල්වා නාකියා කියමින් සිටියේය. ඔහුගේ මිනිබිරියත් ඇ‍ගේ පුරුෂයා වන ජෝන් ජයසේකරත් ලොකුවට ධර්මය රක්ෂාකරණ අයය කියාත් මහා ‍ලොකු ගර්ජනානක් කරනලදී. නමුත් මුග්ඩන් නැව විනාශ වෙන දවසේ ධර්මය විසින් ජයසේකරව රක්ෂාකළ බවක් නොපෙනේ. නමුත් සර්වබලධිරී දෙවියන් වහන්සේ විශ්වාසකරණ සතුරු සිංහලා ගැලවුනා. ඉතින් පතිවෘතාවන්, සිංහල කුලචාරිත්රගත් ආරක්ෂා කරන බවට ගර්ජනා කළ පද්මිණී සුදු මිනිහෙක් නිසා සුදු දරුවෙකු ලබාගෙන තමව එංගලන්තයේ නොවේදැ”යි ඇසුවේය. එවිට සතුරුසිංහ බොරු අතරේ එකක් දෙකක් සත්යද තොරතුරුත් දක්වමින් පද්මිණීගේ අශිෂ්ටාචාරකමත් සුදු දරුවෙකු වදාගෙන ඉන්න හැටිත් ජෝන් ජයසේකර මළ සැටිත්, තවත් සියයකටත්


406 ශ්රීට ලංකා මාතා අධික පුදුම තොරතුරුත් කියා කණ්ඩායම අඩිගහගෙන සතුටුව මධ්යසම රෑ පවතුරු සිට වලව්වෙන් රාත්රික භෝජනයද අනුභවකේට යන්ට ගියහ. පවුන් සියයක් ලබා ගැනීමට බලාපොරොත්තු වන ජෝන් පෙරේරා එදා ඒ බව කී නමුත් ඒ මුදල දෙන කෙනෙක් දැනගන්ට බැරිවිය. සතුරුසිංහ එංගලන්තයට යාමට සහ එහි බොහෝ කාලයක් සිටීමට පවුන් දහස් ගණනක් වියදම් කළ බැවින් ජෝන් පෙරේරාට කීයක්වත් දිය නොහැකි බව කීවේය. අතේ තිබුණු තරමත් සියේට හැටේ පොලියට ණයට ගෙන ගෙවල්දොරවලුත් විකිනිගොස් දැන් ලෙඩව සිටින ද සිල්වා අද්වකාත්ගෙන්ද සතයක්වත් ජෝන් පෙරේරාට නොලැබෙන බව ඔහු දන්නේය. එනිසා ජෝන් පෙරේ‍රා මහළු මුදලිවරු දෙන්නාට කතාකොට “දැන් මට පොරොන්දුවූ මුදල රාළහාමිලා දෙලොල විසින්ම ගෙවිය යුතුය. සතුරුසිංහ මහතාත් ද සිල්වා අද්වකාත් මහතාත් එංගලන්තයට යාමට සහ එහි බොහෝ කලක් නැවතී සිටීමටත් කරපු වියදම් ඉතාමත් බරපතලය. එනිසා මට ලැබිය යුතු පවුන් සියය රාළහිමිලා දෙපොල විසින් දිය යුතුය. එසේ මගේ පොරොන්දුව ඉෂ්ට නොකළොත් එංගලන්තයේදී සිද්ධවූ කරුණු ලෝකයේ ප්රොසිද්ධා කරණවා පමණකුත් ‍නොව නීති මාර්ගයෙන්ද මට පුළුවන් එකක් කරන්නෙමි”යි කීයේය. මේ කීමට නාකි මුදලිවරු දෙන්නාත් සතුරුසිංහත් බිවපත්ව, එහේ මෙහේ අතපතගා ඉතාමත් අමාරුවෙන් ජෝන් පෙරේරාට පවුන් විස්සක් ‍හරිගස්සාදී ඉතුරු මුදල මාසේ අන්තිම වෙන්ට ප්රේථම ගෙවන බව කියා ජෝන් පෙරේරා අස්වැසුවෝය. පද්මිණීට අනතුරු කිරීමට සියේට හැටේ පොලියට නෝට්ටුවක් පිට ගත් පවුන් සියයවත් ගෙවාගත නොහැකිව දුකින් සිටින සමරසිංහ මුදලි තැන පසුදින උදේ හොඳට පැළඳගෙන පොරෝලිස් සිල්වා අප්පුහාමිලා‍ගේ දිහාවට ගියේය. එදින් උදේම කොළඹින් පිටත් වල නැවකින් පද්මිණීගේ පියා හා මව් විල්ප්රඳඩ් සිල්වා මහතාත් බියට්රිස් හාමිනේත් දියණියගෙන් ලැබුණු දුක්ඛිත් ලියමන නිසා ඈ කැඳවාගෙන එන පිණිස පිටත්වූහ. මේ නිසා එදින උදේ පොරෝලිස් සිල්වා අප්පුහාමි කලබල සහිතව සිටි දිනක් විය. නමුත් සමරසිංහ මුදලිතැන ආ හැටියේ ඔහුට ආචාරකොට ගෙට කැඳවා වාඩිවෙන්ට සලස්වා සුදුසු සංග්ර හ කොට ඔහුත් සමඟ කතාකරන්ට පටන් ගත්තේය. පොරෝලිස් සිල්වා - මොකද රාළහාමි අද මේ පැත්තට ආවේ. අද අපටත් කලබල දවසක්. මගේ මිනිබිරිය පද්මිණී


පියදාස සිරිසේන නවකථා එකතුව 407 ඇගේ පුරුෂයත් සමග එංගලන්තයට ගොස් දැනට මාස දහයක් විතර වෙනවා. ඔවුන් තවමත් නා බැවින් ඔවුන් එකක් එන පිණිස මගේ පුතත් ලේලිත් දෙන්නා අද එංගලන්තයට පිටත්ව ගියාහ. ඒ නිසා අද මෙතන කලබලයි. සමරසිංහ මුදලි - හැබෑද ? මම මෙහි ආවොත් ඒ ගැනම කතා කරන්නටයි. මිනිබිරිය තනියම එන එකක් නැහැ. ඇ‍ගේ පුරුෂයා ජෝන් ජයසේකර මළ නමුත් සුදුපාට මුනුබුරෙක් සමඟ එනවා ඇති. පො. සි - (ටිකක් කනගාටුවෙන්) මොකද රාළහාමි. ඒ සම්බන්ධ තොරතුරු කිසිවක් දන්නේ නැහැ. පද්මිණීට ගමට එන්ට ඕනෑ බැවින් තාත්තාට වහාම එන්ටයයි පෙරෙයිදා ලියමනත් ලැබුනා. ඒ මිසක් ජයසේකරත් පද්මිණීත් ගියාට පසු කිසිම තොරතුරක් දැනගන්ට බැරිවුනා. කරුණාකර රාළහාමි ඔවුන් ගැන දන්න දෙයක් මගේ දැනගැනීම සඳහා කියදෙන්ට. සමර - ඇත්තටම අප්පුහාමිලා මොකුත් දන්නේ නැද්ද ? ජයසේකරත් පද්මිණිත් ගිය නැව මධ්යමධරණී මුහුදේදී ගිලුනා. ජයසේකර මූදුබත්විය. පද්මිණීත් තවත් නැවේ හිටපු පිරිසකුත් ගලවා ගනු ලැබ එංගලන්තයට ගිය පසු පද්මිණිත් අනාචාරිව කල්යවා දැන් සුදු පුතෙකුත් ලබාගෙන එංගලන්තයේ ගෙදරක බැලමෙහෙ කරමින් ඉන්න බව ඒ ගිලිච්ච නැවේම ගිය සිංහල මහතෙක් ඊයේ ලංකාවට අවුත් මා සමඟ සිද්ධවූ සියල්ලම කීවේය. පො. සි. - (හයියෙන් සිනාසී) සත්තකටම ‍රාළහාමි ඔය කීවේ සම්පූර්ණ බොරුවකි. රාළහාමි වැනි ධර්ම ශාස්ත්ර නූගත් මිනිස්සු ඔබඳු කථා විශ්වාස කරතත් අපට නම් විශ්වාස කරන්ට බැරිය. සමර - එතකොට “මුග්ඩන්” නැව ගිලුන බව විශ්වාස කරන්නේ නැද්ද ?

408 ශ්රී ලංකා මාතා පො.සි. - ඔව්, ඒ නැවට අනතුරු වුන බව ටික දිනකට පසුව අපිත් දැනගතිමු. නමුත් ජයසේකරත් පද්මිණිත් ජීවත්ව ඉන්න බව මට ඒකාන්තයෙන්ම ප්ර ත්යදක්ෂයි. හොඳයි ‍යම් විධියකින් ජයසේකරත් පද්මිණීත් දෙන්නා හෝ එක්කෙනෙක් ගිලී මැරෙන්ට බැරිකමකුත් නැහැ. ඒ සියල්ලම කෙසේ වුවත් පද්මිණී “සුදු දරුවෙක්” වැදුවා නම් මේ‍ පොළොව අනිත් අතට පෙරලෙන්ට ඕනෑ. සමර - අප්පුහාමි තවමත් මොඩයෙක් හැටියට කථා කරන හැටි! නැව ගිලුන වේලාවේ ජයසේකර ඒ සමඟම මුදුන්වත්විය. පද්මිණී අනිත් ජනයාත් සමඟ ගලවා ගනු ලැබ එංගලන්තයට ගොස් සිටිය දී ඈ දුරාචාරීව සුදු කරුවෙක් වදාගෙන ඉන්න වායයි යන මේ කීම දැන් ඇස් ඉදිරිපිටම පෙනෙන්නාවූ කාරණයකි. ඒ කාරණයතත් “සිද්ධවිය නොහැක්කැ”යි කියන අප්පුහාමිලා වාගේ මෝඩයෝ තවත් සිටිත්ද? පො. සි. - රාළහාමි මට සමාවෙන්ට! ගුණධර්මයේ හිටි මව් පියන්ට දාව උපන් ගුණධර්මයෙහමි හික්මවා පාපමිත්රා සේවනයට වැටෙන්ට නොදී ආරක්ෂාකළ සිංහල දරුවෙක් අධර්මයත් නීච ක්රිටයාවක් කළයි කීම විශ්වාස කරන්නෝ ධර්මය ප්ර්ත්යවක්ෂ නොවූ මෝඩයෝ පමණකි. ධර්මය තරම් අත්හදා බලා සත්යෝ බව ප්රරත්යමක්ෂ වූ අන් කිසිවක් මේ තුන්ලෝකයේම නැත. සියක්වර පරීක්ෂාකළ ‍රත්රන්වලත් මිශ්ර්කම තිබෙන්නට පුළුවන. නමුත් පිරිසිදු ධර්මය ප්රතගුණකළාවූ ඒ ධර්මයෙහි හැසුරුණාවූ ඒ ධර්මය ප්රිත්යකක්ෂ වූ පුද්ගලයෙකු තුළ නීච ගතියක් ඇතිවිය නොහැක්කේය. ඒ නිසා පද්මිණී සුදු කරුවෙකු වදනවා තබා සුදු මිනිහෙකුට කිසිකලක අතට අතදී ආචාර කරන්නේවත් නැති බව මට ඒකාන්තය. සමර - (ටිකක් කේන්තිව) අනේ පොරෝලිස් අප්පුහාමි


පියදාස සිරිසේන නවකථා එකතුව 409 තමුසේ මේ මොනවා කියන්නෙහිද ? තව මාස එකහමාරකට ප්රවථම තමුසේ, තමුසේම කියන වචනවලට තමුසේටම බො‍රුකාරයෙක්ව මහත් කනගාටුවට පත්වෙන්ට ඉඳගෙන් තවමත් ඔය “ධර්ම”ය ගැන කථා කරන හැටි! පො.සි. - මගේ පුතත්, ඔහුගේ දියණියත් ධර්මයේම පිහිටි ඇත්තෝයි ප්රිථග්ජන සත්වයන්ට වරදින්ටත් කර්මය පලදෙන්ටත් බැරිකමක් නැත. නමුත් පද්මිණී සුදු කරුවෙකු වැදීම සිංහදෙනෙක් ගොන් පැ‍ටවෙකු වැදීම වැනි ක්රිැයාවකි. සමර - හොඳයි එහෙම වෙලා ති‍ැබුණොත් අප්පුහාමි පිළිගන්නෙහිද ? පො. සි. - එහෙම වෙන්ට බැහැ. පිළිගන්ටත් බැහැ. සමර - එතකොට ඔය එංගලන්තයේදීම ඒ කාරණය දැකපු දෙතුන් දෙනෙකුගෙන් ඔප්පු කරන්ටද ? පො. සි. - ඔබඳු ඔප්පු කිරීම්වලින් අපට පලක් නැහැ. “ එකත් දෙකත් හතරය”යි යන කීම කෙතරම් මිනිස්සු කීවත් ගණිත ශාස්ත්රුය දත් කොළුවෙක්වත් පිළිනොගණී. කෙනෙක් කීවටත් කෙනෙකුගේ සාක්ෂි පිටත් යම් යම් කාරණා විශ්වාස කරන්නෝ ධර්මය නොදත් අය යි. ධර්මය දත් අය දර්මයට අවිරුද්ධ දේ විශ්වාස නොකරති. සමර - මම ආවොත් තමුසේගේ “ධර්ම” භකිතිය කඩා දමන්ටමයි. හොඳයි ඉතින් නැව ගිලුනු වේලාවේ ජයසේකර ඒ ධර්මය විසින් ආරක්ෂා කරනොගෙන මූදුබත් වෙන්ට ඇරියේ ? පො. සි. - ජයසේකර මූදුබත් වුන වග මම පිළිනොගනිමි. හොඳයි ජයසේකර මළත් එතකොට නැවේ සිටි තව කීප දෙනෙකුත් මළේ? ධර්මය දත් නොදත් කවුරුත් මරණයට යටත්වීම සිරිතකි. නමුත් ධර්ම්ය පිළිපදින පරම්පරාවල මිනිසුන් අන්යකයන් ලෙස ආකාලයේ නොමැරීමත් භයානක අනතුරුවලට ගොදුරු නොවීමත් ඒකාන්ත සත්යයයකි. රාළහිමිලා


410 ශ්රීන ලංකා මාතා සත්ය1දේවල්වත් පිළිගැනීමට නොදත් පුදුම පිරිසකි. එසේද උවත් පුරාණ ප්රේවෘත්තියක් මම දැන් කියන්නෙමි. එය රාළහාමිට ප්ර්යෝජයන නූනත් අප ජාතියේ බොහෝ දෙනෙකුට ප්රරයෝජන විය හැක. ඒ මෙසේයි :- “එක් සමයෙක්හි දඹදිය ධර්මපාල නම් ගමක ධර්මපාල නම් බ්රාඑහ්මණයෙක් විය. ඒ ගමට ධර්මපාල නාමය කෙසේවීදයත් ඒ ගම ඉඳිනා ධර්මපාල බ්රාරහ්මණයා පටක් උන්ගේ නැදෑයන්ද, ගෙයි වහල් මෙහෙවර කරන හැමදෙනාද පොහොයෙන් පොහොයට අටසිල්ද දවස්පතා පංචසීලය ද දසපින් කිරියවත ද කරන්නාහ. එසේ හෙයින් ඒ කියන ගමටත් බ්රාෙම්හණ කුලයටත් නම් ධර්මපාල යයි සැලසිණ. එසමයෙහි බෝධිසත්වයෝ එකියන ධර්මපාලයාණන්ගේ බිරිඳගේ කුස පිළිසිඳ ඉපිද වැඩිවිය පැමිණියාහ. වැඩිමළු ධර්මපාල බ්රාගහ්මණයෝ තමන්ගේ පුතණුවන් ධර්මපාල කුමාරයන්ට ශාස්ර්ු උගන්වන්ට දිසාපාමොක් ආචාරීන් සමීපයට යවන්නාහු මසුරන් දහසක්දී යැවූහ. ඒ කියන ධර්මපාල කුමාරයා තක්සලා නුවරට ගොස් දිසාපාමොක් ආචාරීන්ට මසුරන් දහස දීලා ශිල්ප උගන්නා කැමැත්තෝ, පස්නියයක් අතවැස්සෝ තුමූව අචාරිවෙන නිසා ශාස්ත්රන උගන්නාහ. එසමයෙහි දිසාපා‍මොක් ආචාරීන්ගේ පුතණු කෙනෙකුන් මළහ. උන් මළ ශෝකයෙන් දිසාපාමොක් ආචාරීන් හා පනිසියයක් අත වැස්සන් ආදීවූ අය අඬා ආදාහනකොට අතවැස්සෝ කථාකොට උන්නාහූ ආචාරීන් වහන්සේගේ බාල තරුණු වූ පුත්රටයා මළේයයි කියා උන්තෙනට ධර්මපාල කුමාරයෝ අවුත් කියන්නාහු බලා මනුෂ්යහයෝත් මියෙද්ද ? ඒ කෙසේවූ දෙයක්දැයි කීයේය. එවිට සෙසු කුමාරයෝ කියන්නාහු “ ඇයි ධර්මපාල කුමාරයෙන‍ි. මරණයට බාලයයි වැඩි මාළුයයි නොපැමිණේද, මරණය තමා කරා එන නියාව නොදනීදැ”යි කීහ. ධර්මපාල කුමාරයෝ කියන්නාහු “ මරණ පැමිණෙන නියාව දනිමි. මේ බාල අවස්ථාවෙහි අපගෙන් මියන්නෝ නැතැ”යි කීහ. මේ නියාව අතවැසි පන්සියය දිසාපාමොක් ආචාරීන්ට කීහ. දිසාපාමොක් ආචාරීන් එපවත් අසා ධර්මපාල කුමාරයන් ගෙන්වා සැබෑද තොපගේ වර්ගයේ මහලු විනා බාල අවස්ථාවෙහි නොමියති කීකල්හි එසේවී නම් ඒ පරීක්ෂා කරන්ට උවමනාවැයි සිතා දිසාපාමොක් ආචාරී මළාවූ එළුවෙකුගේ ඇටයක් සෝදා අතවැස්සා අත පසුඹියලා ධර්මපාල


පියදාස සිරිසේන නවකථා එකතුව 411 බ්රා1හ්මණයන්ගේ ගමට ගොස් වැඩිමළු බ්රා හ්මණයන්ගේ ගෙය කොයි දැයි වාචාරා ගෙට අවුත් ආචාරීන්ට ඉදින්ට අසුන් පණවා හිඳ කථාකොට උන්නාහ. ඒ වේලෙහි දිසාපාමොක් ආචාරී ධර්මපාල බ්රානහ්මණයන්ට කියන්නාහු තොපගේ පුතණුවෝ යහපත්ව ශාස්ත්රචය හා ත්රිනවේදයත් ඉගෙන උන් අවස්ථාවට එක්තරා වයාධියකින් මළාහිය කීහ. එවිට වැඩි මහළු ධර්මපාල බ්රා හ්මණයාණෝ අනිත් අත පැහැර සිනාසී කියන්නාහු අපගේ දරුවෝත් බාල අවස්ථාවේ මියෙද්ද? ඒ කෙසේ වූ දෙයක්දැයි කීහ. දිසාපාමොක් ආචාරී දෙවැනිව ධර්මපාලයෙනි, තොපි මා කීවා අදහානොගනුද, මේ තොපතේ පුතණුවන්ගේ ඇට නොවේද මේ දැකත් අදහා‍නො‍ගනුදැයි කීහ. එවිට ධර්මපාල බ්රා ම්හණයෝ කියන්නාහු මේ එළුවග්ගේ ඇට හෝ බල්ලෙකුගේ ඇට හෝ වේද. අපගේ දරුවෝත් මියෙද්දැයි ධර්මපාලයනේ හා උන්ගේ නෑයන් හා ගෙයි වාල් ආදී හැමරදනම සිනාහුනාහ. එවිට දිසාපාමොක් ආචාරී තොපගේ දරුවන් නෑයන් බාල අවස්ථාවෙහි නොමියන්ට කාරණ කවරේදැ”යි විචාරන්නාහු “ කුමණ උපායෙක්ද. කුමන බ්රරහ්මචාර්යාවෙක්ද . කුමන කාරණයක් නිසාද බ්රා හ්මණය, තොපගේ දරුවන් නොමියන්නේය් විචා‍ළේය. ඊට කාරණා කියන ධර්මපාල බ්රාණම්හණයෝ කියන්නාහු “ අපි දශ කුසල ධර්ම පුරම්හ. කෙළි පිණිසවත් බොරු නොකියම්හ. දශ අකුසලයන් නොකරම්හ. එක්කෙනෙකුන් නපුරුයි කියන දෙයකුත් නොකරම්හ. එසේ හෙයින් අපගේ වංශයෙහි බාල අවස්ථාවේහි නොමියන්නාහ. තවද අපි ‍දන්දෙන අවස්ථාවෙහිත් සන්තෝෂ වම්හ. දන්දෙමින් සිටත් සන්තෝෂවම්හ. දන්දී පශ්චාත්තාපයට නොපැමිණෙන හෙයින් අපගේ වංශයෙහ් බාල අවස්ථාවෙහි නොමියන්නාහ. තවද ශ්රබමණ බ්රාහහ්මණයන් කෙරෙහිද, වංදි භ‍ට්ටයන් කෙරෙහිද, දුගී මගී යාචකයන් කෙරෙහිද සමසිතින් දන්දෙම්හ. එසේ හෙයින් අපගේ වංශයෙහි බාල අවස්ථාවෙහි නොමියන්නාහ! තවද අ‍පගේ බිරින්ද හැර ඔබ්බේ ස්ත්රීහයනට ආලය නොකරම්හ. අපගේ බිරින්දත් ඔබ්බේ පුරුෂ කෙනෙකුන් කෙරෙහි ආලය නොකරන්නාහ. අපි වනාහි ඔබ්බේ ස්ත්රීකන්ට බඹසරවස් රකිනා රිස්සම්හ. ඔබ්බේ ස්ත්රී් අපට ඔවුන් හා සරියෝය. එසේ හෙයින් අපගේ වංශයෙහි බාල අවස්ථාවෙහි නොමියන්නාහ. තවද එසේවූ ස්ත්රීෙන්ගේ බඩින් වැදූ දරුවොත් නුවණින් ප්රායප්තව ත්රි වෙදයෙහි නිපුණවන්නාහ. එසේ හෙයින් අප‍ගේ මව්පිය නැදිමයිල් බෑබුන් දූ දරු යනාදී සියල්ලෝම ධර්මයෙහිම හැසිරී පරලෝවට භයව වාසය


412 ශ්රීන ලංකා මාතා කරම්හ. එසේ හෙයින් අපගේ වංශයෙහි බාල අවස්ථාවෙහි නොමියන්නාහ. තවද අපගේ සේවකයෝද බැල මෙහෙවර කරන්නෝද කුලියට මෙහෙ කරන්නෝද යනාදී සියල්ලෝම පර‍ලොව අදහා ධර්මයෙහි හැසිර වාසය කරන්නාහ. එසේ හෙයින් අපගේ වංශයෙහි බාල අවස්ථාවෙහි නොමියන්නාහ. තවද යම් කෙනෙක් ධර්මය රකීද, ඒ ධර්මය පෙ‍රලා උන් දොලොවම රකින්නේමය. ඊට කාරණා කෙසේදයත් වර්ෂාවට ඡත්ර‍යක්සේය. කුඩට රක්නා අයට ඒ කුඩය යම්සේ ප්ර තිෂ්ටාධාර වේද එමෙන්ම ධර්මය රක්නා තැනැත්තාට ඒ ධර්මයම ප්රපතිෂ්ටාධාර වන්නේය. එසේ හෙයින් මාගේ පුත්ර වූ ධර්මපාල කුමාරයෝත් ධර්මයෙහි පිහිටියම. එසේ හෙයින් මේ ඇටය අනික් කෙනෙකු ගේ අටයෙක. මගේ දරුවෝ සැපසේ උන්නාහ. මේ අපගේ චාරිත්ර ය සම්බුද්ධ පරම්පරායෙන් ආයේයයි කීයේය. එවිට දිසාපාමොක් ආචාරී ආ ගමනේ ලාභ ලදිමි සිතා තොපගේ පුත්හු සැපසේ උන්නාහ. මම තොප විමසන පිණිස එළු ඇටය ‍ගෙනායෙමි. ඊට ක්ෂමාකරවයි කියා ක්ෂමා කරවාගෙන මේ තොප දවස් අරන සැලැස්ම යපත ලියවාගෙන එතන කීප ‍දවසක් රදා දිසාපාමොක් ආචාරීන් තමන් වසන තක්සලා නුවර ගොස් ධර්මපාල කුමාරයන් නොනිමි අකුරු කරවා මහත්වූ පෙරහරින් උන්ගේ නුවරට එව්වාහ”යි වදාරා මේ මහා ධර්මපාල ජාතිකය අපගේ සර්වඥයන් වහන්සේ දේශනාකොට වදාළ සේක. ඉතින් රාළහිමි, තමුන්නාන්සේලා වැනි ධර්ම ශාස්ත්රව ගරු නොකරන “පචයන්ට” ප්රනයෝජන නැතත් මා විසින් මේ ජාතක කථාව කියන ලද්දේ ඒ කාලයේත්, අදත් , මත්තටත්, ධර්මය රක්නා කෙනෙකුට හදිස්සි අනතුරු අඩු බවත් හැබෑ ධර්මවාදියෙකු විසින් නින්දිත ක්රි්යාවක් නොකළ හැකි බවත් පෙන්වීමටය. මම ධර්මවාදියෙක්ව සිටියෙමි. මගේ භාර්යාවද එසේම විසුයේය. ඒ ධර්මවාදීකම නිසා අපට ලැබුණු පුත්රයයාද, ගුණනුවණින් යුත් ධර්මවාදී සත්පුරුෂයෙක් වූයේය. ඔහුගේ භාර්යාවද එසේය. ඉතින් ඔවුන්ට ලැබූ එකම දරුවා පද්මිණිද තුන් වරක් පුළුස්සා ගත් පිරිසිදු රත්රන්මෙන් අතිශයින් පිරිසිදුවිය යුතුය. දැන් ඒ පද්මිණීට සොයාදුන් පුරුෂයා ජෝන් ජයසේකරද ශ්රරද්ධා ශීලාදී උතුම් ගුණයෙහි පිහිටියෙකි. ඉතින් එසේම එ දෙදෙනාගෙන් අටගත් දරුවා පස්වසරක් පිලිස්සූ රත්රන්මෙන් ඉතාමත් පිරිසිදු විය යුත්තේය. කාරණා එසේ නොවන්නට කිසිම හේතුවක් ප්රිත්ය්යක් නැත. නමුත් දැන්


පියදාස සිරිසේන නවකථා එකතුව 413 රාළහාමි කියන්නේ පද්මිණී අනාචාරීව සිට “සුදු දරුවෙක්” වදාපු බවය. ලෝක ස්වභාවට නොගැලපෙන කථා අපි විශ්වාස නොකරමු. කන්යා්වන්ගේ දරු වැදීමත් මළ වුන්ගෙන් නැගිටීමත් එක් කෙනෙකුගේ පව් තවත් කෙනෙක් බාර ගැනීමත් යනාදී අශාස්ත්රීැය බොරු විශ්වාස කරන රාළහාමිලා වැන්නන්ට මිස අපට ඔය කියනව කථා භාරගන්ට බැරිය”යි කීයේය. මේ දීර්ඝ කථාව අසාවුන් සමරසිංහ මුදලි තැනට කලින් තිබුණාටත් වඩා කේනිති අවුතු “එතකොට අප්පුහාමි කියන්නේ ධර්මයෙන් “ ජෝන් ජයසේකරත් ආරක්ෂාවී පද්මිණීත් ඔහුට ජාතක‍කොට සිංහල දරුවෙකුත් වදාගන ගමට එන බවද” ඔව් සත්තකටම, මා කියන්නේ ඒ කම තමා හොඳයි තව ටික දිනක් අපි බලමුයි”යි පොරෝලිස් සිල්වා අප්පුහාමි සිනාසෙමින් කීවිට දන්ඩෙන් පහර කෑ සර්පයෙකු මෙන් කිපුනාවූ නාකි මුදියන්සේ රිස්ෂො රථයක් ගෙන්වා ‍එහි නැඟී යන්ට ගියේය. එංගලන්තයට ගොස් අතේ තිබුණු මුදල්ද කාලයද නැතිකර ගෙන පසුතැවිල්ලට පත්ව. ඉක්බිති ලෙඩවැළදී දුක්විඳින ද සිල්වා අද්වකාත් ගෙන්වත් එසේ ම අමාරුවට පත් සතුරුසිංහ ගෙන්වත් නාකි මුදලිවරු දෙන්නාගෙන්වත් කිසි ප්රපයෝජනයක් ලබාගන්ට බැරිව දුවපැන ඇවිදින ජෝන් පෙරේරා, සමරසිංහ මුදලි තැන සම්බවීමට එදාත් පැමිණ සිට අවුරුද්දක් පමණ තමා ගත් මහන්සියට කිසිවක් දෙන්නේ නැද්දැයි ඇසුයේය. එවිට සමරසිංහ මුදලි තැන මෙසේ කීයේය. “අනේ ජෝන් පෙරේරා, පොරෝලිස් සිල්වා අප්පුහාමිගේ කථාබස් ආඩම්බර ගුණධර්ම ආදී කරුණු බොරු කිරීමට පද්මිණී නමැති කදිම ගෑණු ළමයාට අනතුරු කිරීමට දුවපැන ඇවිදලා වුණු මහන්සියත් සුළු සුළු වියදනුත් පැත්තකිය් තැබුවත් නුඹලාට එංගලන්තයට යද්දී ණයට හෙට්ටිරාලගෙන් අරගෙන දුන් පවුම් පන්සියයි පොලීවෙවී ගෙවාගන්ට බැරිය සිටිමි. දැනටම ඒ ගණන පවුම් 700 යක් පමණ වෙලා ත‍ිබේ. ඒ එසේ සිද්ධ වී තිබෙතත් මගේ හිතේ හැටියට පද්මිණි කිළුටක් කරන්ට බැරිවී තිබෙන බවත් සතුරුසිංහගේ කථාවෙන් ඔප්පු වෙනවා. හොඳයි මගේ මේ කස්තානයවත් විකුණා උඹට රුපියල් සියයක් දෙන්නෙමි. අනිත් මුදල අනිත් තුන්දෙනාගෙන් ලබාගනින්. උඹ කරුණාකරලා පද්මිණී සුදු මිනිසුන් සමඟ දුසිරිත් කොට සුදු දරුවෙකු වදාගෙන ඉන්නා බව රටේ පතළකර පන්නැයි කීවේය. ජෝන් පෙරේරාට මේ රුපියල් සියයවත්


414 ශ්රීේ ලංකා මාතා ගන්ට ලැබු‍ෙණාත් හොඳයි සිතී “හොඳයි රාළහාමි, මම එසේ කරන්නෙමි. කස්තානේ මට දෙන්ට. ලියමනකුත් සමඟ මට දුන්නොත් මම ගබොනයිදේට උකස්කර රුපියල් සියයක් ගන්නෙමි”යි කීය. සමරසිංහ මුදලි තැනද ‍එසේ කළේය. ජෝන් පෙරේ‍රා කස්තානය ගෙනවුත් ගබොනයිදේ ළඟ උකස්කොට රුපියල් 200 ක් ගත්තේය. ධර්මය අධර්මය කිරීමටත් ගුණවතුන් අගුණවතුන් කිරීමටත් වුව ධනයත් ශක්තියත් වියදම් කරන සංකීර්ණ අධමයන්ට ඔවුන්ගේ අදහස සම්පූර්ණ කිරීමට නුපුළුවන් නමුත් වර්තණමාන අපේ ජාතියේ දියුණුව පසුබැස්සේ එබඳු අසමජ්ජාතීන් “සිංහල” නාමය ගාගෙන උපන් නිසා බව පෙනේ. ජාතිය කෙරේ ඇල්මක් ඇති පිරිසිදු සිංහලයා මේ ගැන කල්පනා කිරීම වටනේය. කැලේ කැපීමට ඒ කැලෙන්ම ගසක් ආධාර වන්නේ යම් සේද ජාතියක් විනාශවීමටද ජාතියේම පිරිසක් ආධාර වේ.

14. පරිච්ඡේදය ස් වකීය දියණිය හා බෑණනුවන් සමඟ එන පිණිස එංගලන්තයට යාමට නැව් නැගුණු විල්ප්ර ඩ් සිල්වා මහතාත් හාමිනේත් ලක්දිවින් පිටත් ව සතර දිනක් විය. ඇමෙරික‍ාවේ ශාස්ත්රල ශාලාවකින් ඉගෙනීම ලබමින් සිටි ද මැල් දේවගැති තුමා ජෝන් ජයසේකරගේ තොරතුරු දැනගෙන ඕස්ට්රේලියාවෙන් ඔහු ඇමෙරිකාවට ගෙන්වා ගත්තේය. ජයසේකර සිහිමද උන්මත්තකයෙක් මෙන් ඕස්ට්රරේලියාවෙන් ආ නමුත් ද මැල් දේවගැතිතුමා සම්මුඛව කථා බස්කළ ඉක්මනින්ම තමාගේ ප්රි්ය බිරිඳ පද්මිණී ජීවත්ව ඉන්නා බැව් ඇසූ හැටියේම ඒ තමා‍තගේ විකාර බුද්ධිය අතුරුදහන්ව යහපත් කෙනෙක් විය. අධික බර උසුලක්ට බැරි තැන බර පටවනු ලැබූ විට අටුව කඩා වැ‍ටෙන්නාක් මෙන් ඒ ඒ මනුෂ්යබයාකේ චිත්ත ශක්තිය ඉක්මවූ ‍ශෝකාදිය අටගත් විට ඒ ශොකාදී දුක් වහාම පහකර නොගත්තතොන් ඔහුගේ සිහිබුද්ධිය හෙවත් චිත්ත බලය බිඳවැටීම ඒකාන්තය. ජෝන් ජයසේකර ස්වකීය බිරිඳ කෙරේ පැවැති ශෝකය ධර්ම බලයෙන් වරින් වර තුනී කර නොගත්තේ නම් ඔහුට දසමාසයක් කල් ජීවත්විය නොහැක්කේය. ද මැල් දේවගැති තුමා ඉතාමත් කරුණාවන්ත මිත්ර්යෙකුට මෙන් ජෝන් ජයසේකරට ඇඳුම් පැළඳුම් කෑම් බීම් ආදිය දී සනසා “මහත්මයාණෙනි, පද්මිණී නෝනා එංගලන්තයේ සැපසේ සිටී. මට නම් මේ ශාස්ත්රහශාලාවට බැදී


පියදාස සිරිසේන නවකථා එකතුව 415 සත්මාසයක්ම ඉතා අනවකාශයෙන් ඉගෙනගන්ටවූ බැවින් මා එංගලන්තයෙන් ආවාට පසු කිසිත් දැනගන්ට බැරිවිය. නමුත් ගිය මාසේ මැදහරියේදී පද්මිණී ජයසේකර නෝනා ඒ කුල ස්ත්රි්ය නැවතී සිටින ගෙය අයිතිකාර ප්රෑවන්ක් නෝනා භා‍රේ ලියමනක් යැවීමි. පද්මිණී තවමත් එංගලන්තයේ නම් ඒ මගේ ලියමනට අද එන තැපෑලෙන් පිළිතුරු ලැබෙනු නිසැකය. එවිට අපි අද හෙටම එංගලන්තයට ගොස් ඒ උත්තමාවත් සමඟම සිය රටට යන්නෙමුය”යි කීය. ඇත්තෙන්ම ජයසේකර මීට වඩා සතුටුදායක කිසිත් ඒ වේලාවේ දැනගන්ට නොහැක්කේය. ද මැල් දේවගැති තුමාට ලියුම් ගෙනෙනතුරු ඉවසිල්ලක් නැතිවිය. සවස දෙකට පමණ ලියුම් බෙදන මෙහෙකරුවා ද මැල් දේවගැතිතුමා ලියුම් හතරක් ගෙනත් දුන්නේය. ද මැල් මහතා ඒ නොකඩවාම අකුරු වලින්ම මේ ස්ත්රිතයකගේ ලියමනකැයි තේරුම් ගෙන එය ජෝන් ජයසේකර අතට දී “මෙන්න් මහතාණෙනි, මෙය තමුන්නාන්සේගේ ප්රි ය භාර්යාවගේ ලියමනය. ඒ කාන්තාවගේ ශික්ෂිත භාවය තමුන්නාන්සේට තව දුරටත් තේරුම් ගැනීමට මේ ලියමන ආධාරවනු ඒකාන්තය. මට ඈ විසින් ලියා එවන ලද පළමුවෙන් ලියමනත් මෙය යි. ඒ නිසා තමුන්නාන්සේම එය විවෘතකොට බලාගත මැනවැයි කියා ලියමන ජයසේකර අතට දුන්නේය. ස්වකීය ජීවිතය මෙන් සිටි ප්රි ය භාර්යාවගේ අත් අකුරු දුටු ජයසේකරගේ ශරීරය වෙව්ලන්ට මෙන් විය. හැතැප්ම දහස් ගණනක් දුර සිටිතත් ලියුමේ කවරයේ පෙනෙන අකුරු වලින්ම පද්මිණීය ඔහුට පෙනෙන්නාක්මෙන් හැඟුනේය. අධික ප්රීිතියත් සංවේගයත් එක විඩේම ඇතිවූ බැවින් මිනිත්තු දහයක් පමණ පසුවෙන තුරු ජයසේකරට ලියමන විවෘතකර බලන්ට නුපුලුවන් විය. ඉක්බිති ඇල්වතුරු වීදුරුවක් ගෙන්වාගෙන වී ධෛය්ය්වි උපදවාගෙන ඒ ලියමන විවෘතකර බැලුවේය. ඒ මෙසේය:- “ගෞරය ස්තුති පෙරටුව අපේ කරුණාවන්ත ද මැල් දේවගැති තුමාණන් වෙත ලියා එවන වගනම් :- තමුන්නාන්සේ විසින් මෙහි මා වෙත එවන ලද කරුණාවනත ලියමන ලැබී කයවා බලා මහත් සැනසිල්ලක් ලබා ගතිමි. මගේ ප්රේීමවන්ත ස්වාමියාණන්ට කිසි අනතුරක් වි නොහැකි බව මම සැමදාම සිතුවෙමි. දැනට එතුමා ඕස්ටෙරේලියාවේ සිටින නමුත් නොඅනුමානය මා සොයාගෙන එන්නේය. මා විසින් කළ නොහැකි 416 ශ්රීර ලංකා මාතා අපරාධයක් මා විසින් කරන ලදැයි හැඟීමට පුදුම කරුමයක් පළදී තිබේ. එය ඉතා ආශ්චර්යමත් කාරණයකි. තමුන්නාන්සේට මැවීම පිළිකුල්වීමටත් ලෝකය ආරක්ෂා කරන සර්වබලදාරී කෙනෙක් නැති බව අවබෝධ වීමටත් මේ කාරණය හේතුවනු ‍නිසැකයි. නමුත් එහි විස්තර ලියමනක ලියන්ට බැරිය. මට මේ පුදුම “කරුමය” පළදුන්නාට පසු මා විසින් විවේක කාලය ගතකිරීම් වශයෙන් තනන ලද කවි කීපයන්ද තමුන්නාන්සේට විවේක ඇතිවිටක බලා ප්රීතතිවන පිණිස මෙහි ලියමි. ශාරීරක ධර්මයේ හැටියටවත් මානසික ධර්මයේ හැටියයවත් සිද්ධවිය නොහැකි උත්පත්තියක් යම් තැනකි සිද්ධවේ නම් ඒ අද්භූත ධර්මයකි. එබඳු අද්භූත ධර්ම එක පාරටම බොරුයයි කිව යුතු නොවන නමුත්, ධර්ම ශාස්ත්රභ ගරු කරන උගතුන්ට හේතු ඵල දෙකට පිටින් කිසිවක් පිළිගන්ට බැරිය. ඒ අද්භූත ධර්මය පවා හේතු ඵල දෙක නිසාම ඇතිවූ බව නිසැකය. මගේ කවි කීපය මෙන්න. සි හ දෙ න කුසෙහි සිහ පැ‍ටවෙකි උපදි න් නේ කො ටි දෙ න කුසෙහි කොටි පැටවෙකි උපදි න්නේ ග ව දෙ න කුසෙහි ගව පැටවෙකි උපදි න් නේ නැ ත වෙ න සතෙක් මුන් කුසයෙහි හටග න් නේ මෙ ලෙ සි න් ලෝ දහම තිරිසන් සත අත ර කෙ ලෙ සි න් වත් වෙනස් නොව පවතින අත ර මි නි සු න් හට මෙයින් වෙන්වී මෙ දියතු ර ද රු ව න් හට ගනිති මහ පුදුමයක් යු ර ක ළු ව න් කාපිරින්ගේ ඉතිරියකු කු ස සු දු ව න් පුතෙක් උපදිනු හැක නිසැක ලෙ ස ග ති යෙ න් කාපිරිත් නොව සුද්දෙකුත් ලෙ ස ක ල ව න් එකෙක් වෙයි ඔහු ගත් විකර වෙ ස පි ය හ ට සම රුසිරු කය බල ඇති නමු දු ළ ද රු ට මව්ගේ ගතිගුණ වෙත්මය පුරු දු මෙ ම සෙ ට ලෝ දහම් නොමදත් දනෝ රු දු ව න ස ට පමුණුවති ජාතිය ගුණැති ඉ ඳු ක ය බ ල රුවැති මුත් දාවන පිය ලෙස ට ගැ බ තු ළ නව මසක් මවුගේ සිටින වි ට හැ ම ක ල මව් සිතන සිත්විලිවල රඟ ට මු හු ක ළ එ දරු ගති ගුණ පෙන්වයි ලොව ට

පියදාස සිරිසේන නවකථා එකතුව 417 පැ න ස ර සුසිරි රකිනා මව් කෙනෙකු කු ස ව න ස ර යෙකුටවත් දා දරුවා නිදො ස රු ව ස ර නැනත් ගුණයෙහි යුතුවෙයි ස තො ස ලො ව තු ර පැවති දහමෙකි දැක පුරුදු ඇ ස එ ලෙ සි න් ගුණ ණැනැති කෙනෙකුට දා නමු දු රු දු ව න් මවක් නම් දරුවාද වෙයි රු දු ම ව ගෙ න් නව මසක් කුස තුළදීම පුරු දු ග ති යෙ න් තොර නොවී දරුවා වෙයි පසි ඳු ම වු ත් පියත් දෙදෙනාම ගුණ නැණැති ස ඳ පි නැ ත් දරුන් උපදිත් සුරවරන් ලෙ ද නැ තො ත් සුගුණ මව් පිය කෙරෙහි තිර ලෙ ඳ ම හ ත් පව්කාරයෙකි දරුවා දුහ ඳ දෙ ගු රු න් එකම ජාතියෙ අය විනමි සො ඳ ද රු ව න් තුළ පවති දෑ පෙම් නිසැක ලෙ ද කි සි ය ම් කෙනෙකු තුළ ද පෙම් නැතොත් ත ද දෙ ගු රු න් දෙජාතියෙ බව දනු සැක පසි ඳ ති රි ස න් මිනිස් සත ඉපදුම මෙලෙස වෙ තී වෙ න අන් ලෙසක සිදුවන අනියමක් වෙ ති එ බැ වි න් ගුන නැණැති දරු ලැබුමට කැම ති දෙ ගු රු න් සුසිරිතෙහි නිතරම යෙදෙනු යු තී සි ය දෑ සිට රටට පෙම ඇතිනම් කිසි ම වෙ න දෑ සමඟ මුසු නොමවව්ව කළොත් එ ම සි ය දෑ නසන දරුවෝ ඇතිවෙති අද ම මෙ‍ ම දෑ දහම් සුරකිව් සිය දිවි ලෙස ම ප සැ ස ක් නිවන් පුර වැඩි දවසෙහි පැමි නී අ ණ ස ක් පෑ විජය සිහ වංසයේ දි නී ය ස ස ක් වලිනි පිට දක්වා පෑ යෙහෙ නී සි රි ල ක් මවුන් සුරකිව් සිහළ දරුවෙ නී මු සු ක ර සිය ලෙයට වෙන දන රුදිර රු දු ඇ ති ක ර ගතිය තිරිසන්නුද නැති පුරු දු අ න ද ර නොකර මුත්තන් නමට පරසි දු ක ර ද ර ලක ‍රකිව් සියලුනි සුපිරිසි දු 418 ශ්රී ලංකා මාතා ඉතින් කරුණාවන්ත දේවගැති තුමනි, මගේ මහත්මයාට ලියුම් යවන සැටිත් ලියා ඉක්මණිස්ම පිළිතුරු එවනු මැනවි. මම අපේ මව් පියන්ට අප සම්බන්ධ තොරතුරුද ලිව්වෙමි. මෙහි සිටි දුෂ්ට සතුරුසිංහත්, ද සිල්වා අද්වකාතුත්. ඔවුන්ගේ අනුචර ජෝන් පෙරේරාත් යන්තම් පලච්චි! ඔවුන් සිටිද්දී මට තිබුණු කරදර අප්ර්මාණයි. දැන් මට සියලු අතින්ම ආධාර උපකාර කරන ප්රෑ න්ක් ‍නෝනා ආදර්ශමත් උත්තමාවකි. තවද අවුරුද්දක්වත් ඒ නෝනාගේ ආධාර උපකාරයෙන් මට මෙහි සිටින්ට බැරි කමක් නැත. ම‍ගේ මහත්මයා මෙහාට ගෙන්වා ගන්නා තුරු ම‍ගේම මව්පියන් සමඟවත් ගමට නොයන්නෙමි. ආයුබෝවන්. මේවගට - හිතකාමී, පද්මිණී ජයසේකර” මුදුබත්වී ගියායයි සිතා දසමාසයක් වෙන්වී සිටි ප්රිිය භාර්යාවගේ මේ ලියමන කියවා බැලූ ජෝන් ජයසේකරට කුමක් සිතෙන්ට ඇද්දැයි මේ කියවන්නාට තේරේ. සත්දත් ගුණවත් භාර්යාවගේ මාහැඟි ලියමනෙන් ඈ කුමක් අදහස් කරන ලදැයි තේරුම් ගත නොහැකිවූ ජෝන් ජයසේකර තව වරක් ලියමන කියවා බලා එය ද මැල් දේවගැතිතුමාට පෙන්නුවේය. ද මැල් උන්නැහේ ද පද්මිණීගේ උසස් ශාස්ත්රේඥානය ගැන පුදුමව “ ඉතින් ජය‍සේකර මහත්මයෝ මගේ මිත්රග උසස් දේවගැතිතුමෙක් සමඟ අයර්ලන්තයේ ඇලිස්ටර් පළා‍තට යාමට උවමනාවක් තිබේ. ඒ නිස මහත්මහාත් අප සමඟම එහි ගොස් එතනින් දුම්රියේ නැගී ලන්ඩන් නුවරට යාමට කැමැත්තෙහිදැ”යි ඇසීය. සත්තකෙන්ම පද්මිණී වැනි ගුනධර්ම කුලධර්ම දත් ප්රේැමවන්ත භාර්යාවක් දසමාසයකට පසු දකින්ට ලැබෙන ස්නෙහවත් සත්පුරුෂ ස්වාමියාගේ සිතට කෙතරම් ප්රීාතියක් ඇති නොවන්නේද ? ද මැල් දේවගැති මහතත් උන්නැහේගේ මිත්රඇ අළුත බිෂොප් ධූරයක් ලැබුණු ගරු වූඩ් මහතාත්, ජෝන් ජයසේකරත් යන තුන්දෙනා දුම් නැවක නැගී අයරලන්තයට අවුත් ඇල්ස්ටර් පළාතට පැමිණියාහ. ඔවුන් ඇල්ස්ටර් නුවරට පැමුණුනු දින සෙනසුරාදා විය. වූඩ් බිෂොප් මහතා ස්වකීය නිවසට ගියේය. ද මැල් දේවගැතිතුමාත් ජෝන් ජයසේකරටත් හෝටලයක නවාතැන් ගත්හ. පසු දින ඉරිදා බැවින් ඇල්ස්ටර් පළාතට පත් අළුත් බිෂොප් වූඩ් මහතාගේත් විදෙශයකින් පැමිණ සිටින ද මැල් දේවගැති මහතාගේත් දේශනා ආදිය අසන පිණිස එංගලන්ත සභාවට අයත් ක්රිදස්තියානි පිරිසක් එහි ප්රනසිද්ධ දේවස්ථානයට පැමිණියාහ. ද මැල් දේවගැති තුමා ‍ජෝන් ජයසේකර මහතාට හෝටලයේ නවතින්න

පියදාස සිරිසේන නවකථා එකතුව 419 කියා ඉරිදා උදේම බිෂොප් තුමාත් සමඟ පල්ලියට ගියේය. බිෂොප්තුමා දේවමෙහෙවර පවත්වන ලදී. ද මැල් දේවගැති තැන ව්ය ක්ත දේශනාවක් කළේය. මේ සියල්ලම අවසාන වූ පසු දරුවන් වඩාගත් තරුණ කාන්තාවන් දෙදෙනෙකු අතරේ හබයක් ඇතිවිය. එක ස්ත්රි යකගේ දසමස් ඇවිරිදි ළමයාගේ අත අවුරුදු එකහමාරක් වයසැති තවත් දරුවෙකු විසින් පාගන ලදින් මේ හබය ඇතිවිය. “තී තඹ පාටැතියෙකුට දාකොට තඹපාට දරුවෙක් වදාගත් සෙරෙකැ”යි එකියක් අනිත් තැනැත්තියට කියමින් බණින හඬ දමැල් දේවගැති තැනට ඇසී එය සැබෑදැයි බලන ලෙස ඔවුන්ට නොහැගෙන්ට ඒ තඹපාට දරුවා ළඟට සෙමින් ආයේය. ඇත්තෙන්ම මේ යුරෝපීය ළමයෙක් නොවේ. කාලවර්ණ හිසකේ ද. තඹපාට වර්ණයද ඉන්දියාවේ ආර්ය වර්ගයට අයත් හැඩහුරුකමින්ද යුත් මේ සුරුබුහුටි කුඩා දරුවා පාටෙන් අසමාන නමුත් ඔහුගේ මවගේ බලවත් ප්රේුමය ලබාගෙන දකින කාගේත් ආදර සැලකිලි ලබා ගනිමින් සිටින පින්වතෙක් බව ද මැල් දේවගැතිතුමාට හොඳින්ම දැනගන්ට ලැබුනේය. දවල් දහයමාරට තරම් දේවමෙහෙය නිමවූ බැවින් ද මැල් දේවගැති ගැන ජයසේකර වුන් බොජුන් සැලට පැමිණ දෙදෙනාම දවල් ආහාර අනුභව කොට සවස් භාගයේ එකට පිටතවන දුම්රියෙන් ලන්ඩන් නුවරට ගිය නමුත් පද්මිණී නැවතී සිටින ස්ථානය ඒ රාත්රීනයේ සොයාගත නුහුණු බැවින් දුම්රිය පල අසළ හෝටලයක නැවතී සිට පසුදින උදේ පද්මිණී සොයන පිණිස මෝටර් රථකින් ගියහ. ජෝන් ජයසේකරත් ද මැල් දේවගැති තුමාත් ප්රෑෝන්ක් නෝනා මහතාගේ ‍ගේ ඉදිරිපිට මො‍ටෝ රථය නවත්වා එයින් බසිනකොටම තවත් මොටෝ රථයක් අවුත් එතනම නැවැත්විය. මේ දෙවැන් රථටයන් පද්මිණීගේ පියාණන් හා මව් වන විල්ප්රයඩ් ද සිල්වා මහතා සහ බියට්රිස් හාමිනේත් පැමිණියාහ. ජෝන් ජයසේකර මොවුන් දැක භයටත් සංවේගයටත් පැමිඛ කදුළු සලමින් ඔවුන් වැළඳගත්හ. ටික වේලාවක් යනතුරු තුන්දෙනාටම කිසිවක් කතාකරගත නොහැකිවිය. ද මැල් දේවගැති මහතාට කාරණය තේරී ඔවුන් තුන්දෙනාම සනසා වනාහි ප්රෑදන්කි නෝනාගේ ගෘහයයි. එහි පහල මාලේ ප්රෑනන්ක් නෝනා වෙසේ. පද්මිණී සිටින්නේ එහි තුන්වෙනි තට්ටුවේ බැවින් ඒ ගිය අමුත්තන් ප්රෑසන්කා නොනා විසින් පිළිගත් නමුත් තවමත් පද්මිණීට දැනගන්ට බැරිවිය. ජෝන් ජයසේකර ඉතා ධෛර්යයෙන් සිටි එලවාගෙන සිටියදී ඔවුන්ට සිද්ධවූ පුදුම අනතුරු ද මැල් දේවගැති


420 ශ්රීේ ලංකා මාතා මහතා විසින් විල්ප්ර ඩ් සිල්වා මහතාටත් හාමිනේටත් කියාදුන්පසු පසුගිය කාරණා ගැන පසුතැවිලි නොවන විල්ප්රසඩ් සිල්වා මහතා හා හාමිනේත් ජයසේකරට කතා කොට “පුත්රපයාණෙනි, උඹලාට සිද්ධවූ මේ අද්භූත අනතුරු කිසිවක් අපි නොදනිමු. දැන නුඹ දුටු බැවින් පද්මිණී නොදැක්කත් අපට එතරම් අමාරු නැත. එනිසා නුඹේ වියෝවෙන් දුකසේ ඉන්නා පද්මිණී දැකීමට අපි දෙන්නා පළමුකොට යන්නෙමු. අපි ඈ සනසා සතුටුවූවාට පසු උඹට කතාකරන්නෙමු. උඹ මේ දේවගැති තුමාත් සමඟ මෙහිම සිටිය යුත්තෙහිය”යි කියා ප්රෑඋනක් නොනාටත් කාරණය කියා පද්මිණීගේ ස්වාමිපුරුෂයා අවුත් ඉන්නා බැව් දැන්මම නොකියයුත වග තේරුම්කරදී ඒ නෝනාත් සමඟ පද්මිණීගේ මව්පිය දෙදෙනා ඈ සිටි ස්ථානයට පැමිණියාහ. ඒ වේලාවට පද්මිණී වේවැල් පුටුවක් පිට වාඩිවී පොතක් බලමින් සිටියාය. සුදුපාට දරුවා වැඩකාරී සමඟ අනිත් කාමරයේ සිටියාය. පද්මිණී මව්පියන් දුටුහැටියේ හුනස්නෙන් නැගිට ඔවුන්ගේ කකුල් ළඟ වැද වැටී අඬන්ට පටන් ගත්තාය. විල්ප්රඔඩ් සිල්වා මහතා මාස දහයකට පසු දුටු දියණියන් මෘදු වචනයෙන් සනසා “අපරාපරිය වේදනීය” වශයෙන් ආ කර්මයක් නුඹලාට පලදී තෙබේ. එහි දරුණු විපාක විඳ ඉවරය. ඒ ගැන දුක් වෙනවා වෙනුවට සතුටු විය යුතුය. මක්නිසාද ඒ අනිෂ්ට විපාක ඉදිරියට පලදෙන හෙයිනි. නුඹලා දසමාසයක් කොතරම් දුක් විපාක ඉදිරියට පලදෙන හෙයිනි. නුඹලා දසමාසයක් කෙතරම් දුක් දුක් වින්දත් මීට පසු සැප විදීමට ඉඩ තිබේ. එනිසා සැනසී සිටිනු මැනවැයි මව්පියන් විසින් කියලද වචන ඇසූ පද්මිණී ඔවුන්ට තේවතුර බොන්ටදී තමාට මුලපටන්ම පැමිණි විපත් කියාගෙන ගොසින් තමා ගර්භනීව සිටි තැන දක්වා තොරතුරු කියා අඬන්ට පටන් ගත්තාය. එවිට මෑණියෝ ඉතා දුඃඛිත ලීලාවෙන් සිටි දියණියන්ට පියා ඉදිරියේ කිය නොහැකි කරුණුත් ඇත සිතා ඈ කාමරයට එකක් ගොස් “ දුව නුඹ‍ගේ ශිෂ්ටාචාර ගතියක් උත්කෘෂ්ට ගුණධර්මත් අපි අත්හදා බැලුවෙමු. දැන් ඒ ගැන කිසි සැකයක් නැති. නුඹට සිද්ධවූ තොරතුරු කියාපන්නැයි” යි දුවනියගේ හිස සිඹිමින් කීවාය. ලජ්ජාවෙන් හා භයින් මිරිකී සිටින පද්මිණී මෑණියන්ගේ ගෙළෙහි එල්ලීගෙනම “ජැනට නැමති වැඩකාරිය “සුදු” පුතාවත් රැගෙන ආයේය. ඒ දැක අධික ප්රීවතියෙන් සිහිසන් නොවූ බියට්රිස් පෙරේරා හාමිනේ “ අනේ මගේ දුවට පුතෙක් ලැබුණාද, මේ ප්රීිතිමත් ආරංචිය කියන්ට උඹ කණගාටු වුණොත් ලජ්ජාවුනෝත් කුමකටදැ”යි අසමින් ළමයා ඒ හාමිනේ අතට ගත්තාය. සුදුමැලිපාටින් යුතු බේබදු මිනිසෙකුට දාවූ දරුවකුගේ ගතියට හුරු

පියදාස සිරිසේන නවකථා එකතුව 421 මේ පිළිකුල් කටයුතු කොලුවා අතට ගන්ට පෙර තිබුනු ප්රේලමය අතට ගත් හැටියේම නැතිව ගොස් දුරුමුඛවූ බියට්රිස් හාමිනේ “ආ පද්මිණී උඹට මේ පුතා කොයිනැදැ”යි ඇසීය. සැලියේ උතුරන වතුර මෙන් ඌෂ්ණවූ කඳුළු හෙළන පද්මිණී “අනේ අම්මේ ඔය කොලුවා ලැබී දැන් මාස පහක් පමණ වේ. අම්මා ‍මොහු වැඩූ නමුත් මම තවමත් නොවැඩුවෙමි. මගේ හි‍තේ මගේ දරුවා කෙරෙහි අධික ප්රේ‍මයක් පවතී. නමුත් මා කුසෙන් සැහැල්ලුවූ පසු විසංඥාවූවක් මෙන් දෙ‍දවසක් සිට සිහිය අවුත් බලනවිට මේ පවුකාර අප්රිායකාරු කොළුවා මා වැදූ පුතායයි ආරොග්ය ශාල්වේ සිටි සාත්තුකාරී මට ගෙනත් දුන්නේය. ඉතින් අම්මේ, ස්වභාව ධර්මය ඉක්මවූ එනම් ස්වභාවයෙන්ම හටගන්නා මාතෘ ප්‍රේමය හා සිතේ හටගන්වන්ට බැරිවූ මේ පුදුම “සුදු” කොළුවා මා විසින් වදන ලදැයි කියනකොට තබා සිතිනකොටත් මගේ හෘදය වස්තුව චංචලවේ. ඉතින් අම්මේ මා‍ගේ මහතා මිස කිසි කෙනෙකු ගැන සිතින් නොසිතූ වර්තමාන කාලේ හැටියට ආචාර කිරීම වශයෙන් පවා අන්යන පුරුෂයකුගේ හස්ත ස්පර්ශයවත් නොකළ මට මේ ආකාර දරුවෙක් ඉපදුණේ කොහොමඳ ? මේ “සුදු” කොළුවත් සමඟ මම මගේ ප්රේවමවන්ත ස්වාමිපුරුෂයාගේ මුහුණ බලන්නේ කෙසේදැ”යි අඬමින් කීවාය. ඥානවන්ත බියට්රිස් හාමිනේ දුවනිය මඳක් අස්වසා ප්රෑ”න්ක් නෝනා ළඟට ගොස් මෙහි තො‍රතුරු ඇසුවාය. එවිට ප්රෑසන්ක් නෝනා මෙසේ කීවාය. “ මේ ගෑණු ළමයාත් තවත් පිරිමි ‍තුන්දෙනෙකුත් මේ ගේ කුලියට අ‍රගෙන නැවතුනේ මීට දසමසකට වාගේ ඉස්සරින්ය. මේ ළමයා ගර්භනීව ඉන්නා බැව් ක්රමමයෙන් ප්ර්කටවූ බැවින් ඒ සිටි පිරිමි තුන්දෙනාගෙන් කෙනෙක් මේ ළමයාගේ ස්වාමිපුරුෂයායයි සිතා සිටියෙමි. ඉතින් ප්රිසූත කරන දිනයේ ආරොග්ය ශාලාවට පද්මිණිත් සමඟ ඒ තුන් දෙනාද ගිය පසු එහි සිද්ධවූ තොරතුරු මම නොදනිමි. වදා දිනකට පසු මේ දැන් ඉන්නා “සුදුපාට” දරුවාත් රැගෙන මෙහි ආවාහ. ඉතින් මීට මාසයක් පමණ වනතුරු ‍ඒ පිරිමි තුන්දෙනාය මෙහි සිටි බැවින් වැඩිපුර කිසිවක් විභාග නොකෙළෙමි. ගිය මාසයේ ඔව්හු මෙහෙන් ගිය පසු මේ පද්මිණී සිද්ධවූ ප්රනවෘත්තිය විස්තර වශයෙන් කිවු නිසා මගේ හිතේ බලවත් කණගාටුවක් ඇතුව මේ ළමයා හොඳින් ආරක්ෂා කරගෙන ඉඳිමි. මේ ළදරුවා මේ ගෑනුළමයා වැදූ ළදරුවෙක් විය නොහැක්කේය. මේ වනාහි ද්රෝගහියෙකුගේ හෝ ද්රෝවහින්ගේ දුෂ්ට උපායකින් සිද්ධවූ අයුතු අපරාධයකි. ඒ එ‍සේද වුවත් වගකිවයුතු සුදුස්සන් පැමිණෙනතුරු


422 ශ්රී. ලංකා මාතා මමත් නිසොල්මනේම වුනිමි. දැන් මෙහි අවුත් සිටින්නේ පද්මිණීගේ මව් හා පියාත් ස්වාමිපුරුෂයා හා උගත් දේවගැති කෙනෙකුත්ය. මේ පුදුම උත්පත්තිය පරීක්ෂා කිරීමට මීට වඩා සුදුසු දිනයක් නැතැ”යි ප්රෑ්නක් නෝනා බියට්රිස් හාමිනේට කියා දවල් භෝජන අනුභවයට වේලාව ආ බැවින් මේ කලබල කිසිත් නොකියා පාත තට්ටුවේ නැවතී වුන් ජෝන් ජයසේකරට හා ද මැල් දේවගැති තැනටත් එහිම කෑම සූදානම්කර දෙවා ඉහල මාගේ සිටි පද්මිණීටත් ඇගේ මව්පිය දෙදෙනාටත් එහි කෑම සූදානම්කර දෙවා එවුන් කාබී සම්පූර්ණ වූ පසු ජෝන් ජයසේකරත් ද මැල් දේවගැති තැනත් සමඟ ප්රෑාන්ක් නෝනා උඩුමාලයට ගියාය. නිදන කාමරයේ ඇඳ උඩ මලානිකව සිටි පද්මිණී දුටු හැටියේ ජෝන් ජයසේකර විසංඥවිය. ඔවුන්ගේ වි‍ණී යෝග දුක්ඛය සංසිදීම වශයෙන් හටගත් කලබලයෙන් පසු මව්පියන් ඉදිරියේ ඇතිවියුතු ලජ්ජා භය අටගත් බැවින් මේ දීර්ඝවූ දසමාසය තුළ සිද්ධවූ කටුක දුක්ඛ විපාක සවිස්තරව කියාදෙන්ට පැයකට වැඩි කාලයක් ගතවිය. ඉක්බිත් ප්රෑවන්ක් නෝනා ඒ කාමරයෙන් ගොස් අනික් තැනක සිට “සුදු” බබා රැගෙන මෙන්න ජයසේකර මහත්මයාගේ පුතා කියා ළමයකු ජයසේකර අතට දුන්නාය. ඇත්තෙන්ම ජයසේකර මේතාක් තම භාර්යාව වැදු වග නොදත් බැවින් “පුතෙක්” යන වචනය නිසා හටගත් බලවත් ප්රේැමයෙන් ඇස් දෙකම අඳුරුව ගියාක් මෙන් වී ඒ ළමයා අතට ගත්තේය. එවිට පද්මිණී ඇස්වලින් කඳුළු සලමින් බිම බලාගත්තාය. විල්ප්රදඩ් සිල්වා සහ බියට්රිස් මාහිනේත් බලවත් ලජ්ජාවෙන් මිරිකී වුන්හ. ද මැල් දේවගැති මහතාත් ප්රෑබන්ක් නොනා සිනාවූහ. ජෝන් ජයසේකර මේ පස්දෙනාගේ පුදුම ස්වභාව නිසා ඉතා ඔනෑකමින් “බේබි” දෙස බැලුවේය. ඇත්තෙන්ම පිළිකුල් කටයුතු පව්කාර සතෙක් බව මිස ඔහුගේ සිතේ ප්රේනමාංසුවක් ඉපදුනේ නැත. ජයසේකරද ළමයා ඇඳ උඩ තබා කාමරයෙන් එලියට අවුත් සාලේ වාඩිවී ටිකක් කල්පනා කරන විටද මැල් දේවගැති තැනත් සමඟ ප්රෑුන්ක් නොනා එතනට අවුත් සිද්ධවු ප්රලවෘත්තිය විස්තර සහිතව කිවූ පසු ස්ථානෝචිත ප්රනඥාවෙන් යුතු ජ‍යසේකර “දොඩම්ගස්වල යකිනාරන් හටනොගැනේ. ඇල් වී කරලේ මෙනේරි ඇටද ඇතිවිය නොහැක. අචෙතන ද්ර්ව්යඇ මෙසේ නම් සචෙතන වූ සත්වයන්ගේ උත්පත්තිය ඊටත් වඩා හොඳ ක්රෙමයකින් සිද්ධවිය යුත්තකැයි සලකා හුනස්නෙන් නැඟිට භාර්යාව ළඟට ගොස් කථාගොට “මේ උත්පත්තිය සිද්ධවූ සැටි කෙසේදැයි සම්පූර්ණ විස්තර ඇසූවිට ලජ්ජාවෙන් මූර්ජාවී

පියදාස සිරිසේන නවකථා එකතුව 423 සිටි නමුත් ධෛර්යමත් හිතක් ඇති පද්මිණී භය ගෞරව සහිතව මෙසේ කියන්ට පටන්ගත්තාය. “ නැව ගිලී ගියායින් පසු බෝට්ටුවල සිටි අපි සියල්ලන්ම වෙනින් නැවකට ගත්හ. ඒ නැවෙන් ගොඩ බැස දුම්රියකට නගිද්දී තමුන්නාන්සේ ඒ පිරිසේ නැති බව දැන ගතිමි. අපට අනතරු කරන පිණිස අප සමගම ආ සතුරුසිංහත් ද සිල්වාත් ඔවුන්ගේ අනුචර ජෝන් පෙරේරාත් මේ පාදිල් උන්නාන්සේත් යන සිව්දෙනා සිටිනු දැක සෝකයෙන් සිටින මමත් මොවුන්ගේ සැනසිල් බස්වලින් ධෛය්ය්ැ මත්ව ඔවුන් සමඟ ලන්ඩන් නුවරට පැමිණියෙමි. තමුන්නාන්සේට යම්කිසි අනතුරක් විය නොහැකි බව මට ඒකාන්ත නමුත් මා නැතිවෙන්ට ඇතැයි සලකා තමුන්නාන්නේ දිවිනසා ගනීයයි යන කල්පනාව ඇතිවිට පමණක් කනගාටුවීමි. මේ පාදිලි උන්නාන්සේ එදාම ඇමෙරිකාවට යන්ට ගියේය. සතුරුසිංහ ආදී අනික් තුන්දෙනා මාත් සමඟ දවස් දෙකක් හෝටලයක නැවතී සිට ඉක්බිති තුන්වෙන් දවසේ මේ ගෘහය කුලියට ගෙන මෙහි පදිංචියට ආවෙමු. සතුරුසංහත් ද සිල්වාත් මා සරණකොට ගැනීමට කරන ලද නින්දිත උත්සාහ මෙහිදී නොකීවත් තමුන්නාන්සේට තේරුම් ඇත. ඒ සියල්ලක්ම ඔවුන්ගේ අනුචර ජෝන් පෙරේරාත් දන්නේය. ඔවුහු නීච අදහස් පෙරදැරි කරගෙන මට බොහෝ සංග්රරහ කළාහ. අධික වියදමිද කරමින් පස්මාසයක් පසුවනවිට මට වදන කාලය ආසන්නවිය. මේ අනතුරේ අම්මා තාත්තාටවත් අපට වුන විපත සංවේග නොවන පරිදි මසකට වරක් ලියා යැව් නමුත් ඒ ලියුම් තැපෑලට යවද්දී වලක්වා තිබෙන බව පසුව මට දැනුනේය. ඉතින් ම‍ගේ අමාරු මොහොතේදී මා ආරෝග්යද ශාලාවට ගෙන ගොස් තිබේ. එහි ගොස් සිටියදී දරු ප්ර සූතය සඳහාම ඒ වේලාවේ ස්ත්රීටන් හත් අට දෙනෙක් සිටිනු දුටුවෙමි. මා ප්රේසූතකරනතුරුම සිහියෙන් සිටි නමුත් දරුවා උපන් හැටියේම එකතරා බෙහෙතක් බිව් ඉක්මනින් මට සිහිය නැතිවිය. දෙදිනක්ම හොඳ සිහිය නැතිවු සිටියෙමි. තුන්වෙනිදා හොඳ සිහිය ඇවිත් බලනවිට මේ කාලකණ්ණි “සුදුමැලි” පාටවූ ලමයා දැක පුදුමවීමි. මොහු කෙරේ පිළිකුලක් මිසි ප්රේුම මාත්රියක් මගේ සිතේ මේ දක්වාත් ඇති නොවීය. මේ ළමයා මගේම පුතානම් ලෝකයේ කිසිම මවකට ඇතිනොවන අමුතු ගතියක් හෙවත් කෙතරම් පහත් රෝගී දරුවෙකු කෙරෙහි උවත් හටගන්නා මාතෘ ප්රේ්මය ඇතිනොවීමට හේතුවක් නැත. මම දරුවෙකු ප්රතසූත කෙළෙමි. ඒත් පුත්රඇයෙක්ම තමා ඒ බව මට ප්රදත්ය‍ක්ෂය. මගේ ඒ පුත්රසයා වසඟ කොට හෝ මරාදමා මට

නින්දා පරිභව පමුණුවන

424 ශ්රීප ලංකා මාතා අදහසින් ක්රෲ ර වූ සතුරන් විසින් කරන ලද අපරාධයකි මේ. දැන් මේ හාමුදුරුවොත්, අම්මත්, තාත්තත්, මගේ කළ්යදණමිත්රු මේ ප්රෑතන්ක් නොනාත් මේ කාරණය ‍කොයි ක්රඅමයකින්වත් සොයා සත්ය්යකි දැනගෙන මගේ පිරිසිදුභාවය ප්රකත්ය‍ක්ෂකරගන්නාතුරු මට ගමට යන්ටවත් දිවි තබාගෙන ඉන්ටවත් නුපුළුවනැ”යි ඉකිබිඳ අඬමිනි කීවාය. ද මැල් දේවගැතිතුමාට අනිත් සියල්ලන්ටත් වඩා කාරණය අවබෝධ වී සිනාසි “උත්තමවූ ආර්ය ගුණධර්යත් කුලචාරිත්ර ත් දත් කුලාංගනාවෙනි, සියල්ලම සිද්ධයෙන්නේ ‍හොඳටය කී කතාව කවදාවත් බොරුවුණේ නැත. අතරමගදී නැවක් කැඩී මූදුබත් වී ස්වකීය ස්වාමිපුරුෂයාත් නැතිවී මාස දහයක් පමණ සතුරුවූ‍ ද්රෝතහීන් මධ්යපයේ නුපුරුදු විදේශයක සිට ඒ සතුරන් අතරේදීම පුණ්යරවත් පුත්රරයෙකුත් ප්රුසූතකොට ඔහු නොලැබී ඒ වෙනුවට බේබදු ජඩයෙකුට දාවූ පව්කාර කොළුවෙක් ලැබීම යන මේ ආදි පුදුම අනතුරුත් “හොඳක්” නිසාම සිද්ධවී නම් ‍අනිත් අතුරු අන්තරා අලාභ නින්දා ප්රුශංසාදිය සිද්ධවීම “හොඳකටම” නොවේ යයි ‍කොහොම කියමුදැයි ඉතාමත් ප්රීුතියෙන් කීවේය. එබස් අසා මඳක් සිත සැනසී ගිය පද්මිණීගේ පියා “අනේ දේවගැතිතුමාණෙනි, මේ කී කරුණ ඉතාමත් ගුප්තවූ එකකි. අපේ දියණියන්ට සිද්ධවී ත‍ිබෙන මේ බලවත් නින්දාවෙන් හා අලාභයෙන් ඇතිවන “හොඳ” කුමක්දැයි මගේ සිත සැනසෙන පිණිස වහාම කියාදුන් මැනවැ”යි කීවේය. හොඳයි මා විසින් එය විස්තර නොකළත් තව දවසකින් දෙකකින් මහත්මයාලාටම දැනගන්ට ලැබෙනවා ඇත. පද්මිණී නෝනා සිංහල කුලධර්මයේ හැසුරුණු කෙනෙක් නිසා මේසා දුකක් ඉවසාගෙන අනුන්ගේ පිළිකුල් කටයුතු දරුවාටත් අනාදරයක් නොකොට විසීම ලොවම ප්රනකටවීම මෙයින් ඇතිවු එක් “හොඳකී” ඊටත් වඩා ආශ්චර්ය අද්භූත “හොඳ” නම් දුශ්චරිත නොකරන අවංක සුචරිතයෙහි යෙදුණු අවංක ප්රේ මයෙන් යුත් අඹු සැමි දෙදෙනෙකුට ලැබෙන පින්වත් දරුවෙකුට කෙතරම් භයංකර සතුරෙකුට වුවත් අන්තරායක් කරන්ට බැරි බවය. හොඳයි, විල්ප්රයඩ් සිල්වා මහත්මයත්, හාමි‍නෙත්, පද්මිණී ජයසේකර නොනාත් මෙහි සිටින්ට. මමත් ජයසේකර මහතාතා ප්රෑතන්ක් නොනාත් ළමයා සොයාගෙන එන්නෙමුය”යි කියා ඔවුන් තුන්දෙනා පාතමාලයට බැස්සාහ. මේ සම්බන්ධ කිසිවක් තවම තේරුම් ගත නුහුණු ජෝන් ජයසේකර ද මැල් මහතාගෙන් “හොඳයි” අපි මේ ගැන තොරතුරු කාගෙන් විමසමුද ? මගේ නෝනා දරු ප්ර”සූතකළ දවසේ ඒ ආරෝග්යොශාලාවේ දරුවන් ප්ර්සූත කළ ස්ත්රීරන්ගේ

පියදාස සිරිසේන නවකථා එකතුව 425 නම් ගම් ආරෝග්ය ශාලාවෙන් දැනගත හැක. ඒ අතින් මිස මෙය කොයි ක්ර මයකින් සොයමුදැ”යි ඇසීය. “මහත්මයා සැකවෙන්ට ‍‍එපා. මහත්මයාගේ පුතා ම‍ගේ ඇසින්ම දැක අතින් හිස ද පිරිමැද ආවෙමි. අපට අයර්ලන්තයේ අල්ස්ටම් පළාතට යන්ට සිද්ධවූයේ මහතාගේ බලවත් හේතුවටය. ඒ පළාතේ බිෂොප් උන්නාස්සේ මගේ හිතෛෂි මිත්රායෙකි. උන්නාන්සේගේ ආධාරයෙන් අපට මේ දරු හුවමාරුව කරගන්ට පුළුවන. යම්හෙයකින් එසේ නුපුළුවන් වීනම් අපි නීතිමාර්ගයෙන්වත් මෙය සම්පූර්ණ කරගන්නෙමු. මහත්මයා සැකනැතිව ප්රීීතියෙන් එන්ටය”යි ද මැල්, ජයසේකර හා ප්රෑවන්ක් නොනාත් යන තුන්දෙනා “චෙයරිං ක්රෝස්” නම් දුම්රිය පළෙන් දුම්රියට නැගි අයර්ලන්තයේ ඇල්ස්ටර් පළාතට පැමිණියාහ. ද මැල් දේවගැති මහතාගේ මිත්රත බිෂොප්තුමා එතුමාගේ ගෙදරදීම ඒ මහතුන් විසින් පිළිගෙන ඒ වේලාවට සුදුසු සංග්ර හ කොට ආ ගිය තොරතුරු ඇසුවේය. බිෂොප්තුමාගේ හිත සංවේග‍ වන පරිදි ද මැල් දේවගැතිතුමා විසින් සිද්ධවී තිබෙන කාරණය විස්තරකර දුන්පසු එතුමාද මහත් සංවේගයට පැමිණ “හොඳයි මට ඔය කාරණය නිරවුල් කර දෙන්ට පුළුවන. භයවෙන්ට කමක් නැත” කියා ඔවුන් සනසා තමා‍ගේ මෙහෙකරුවෙක් වන රටේ තොටේ තොරතුරු හොඳන් දත් “විනිගර්ට්” කථාකොට” ආ විනිගර්ට් ‍මේ අසලක රතුපාට ළමයෙක් ලැබුණු මව් කෙනෙක් සම්බන්ඛ යමක් නුඹ දන්නෙහිදැ”යි ඇසීය. එවිට විනිගර්ට් සිනාසී “කලක් තමුන්නාන්සේගේ සහෝදරියගේ වැඩකාරීව සිටි “ක්ලෙරා” දුරාචාරීව “ඊස්ට් ඇන්ඩ්” පළාතේ රතුපාට ළමයෙකුත් වදාගෙන අවුත් දැන් එහා වීදියේ පදිංවිව සිටි ඈට “මෝලේ” වැඩට යැමට ළමයා මහත් කරදරයකි නමුත් ඈ ළමයාට ඉතාමත් ආදරේ බැවිනුත් අසල උදවිය ඈට නින්දා කරණ නමුත් ළමයාට කෑම බීම ඇඳුම් පැළඳුම් දෙන බැවිනුත් ඈ ඒ ළමයා තමාගේ ප්රා්ණය‍ මෙන් රැකබලාගෙන ඉන්නීයයි “විනිගර්ට්” කීයේය. එවිට බිෂෝප්තුමා තමන්ගේ මෝටර් රථයේ නැගී ගොස් ක්ලෙරාත් ඇගේ “ර‍තු” පුතාත් කැඳවාගෙන වරෙන්නැ”යි කී බැවින් විනිගර්ට්ද වහාම ගොස් තමා නිතරම ආශ්රමය කිරීමෙන් හිත මිත්රෙව සිටින ක්ලෙරාත් ඇ‍ගේ රක්තවර්ණ පුත්රියාත් සමඟ ආයේය. පිරිසිදුවූ සියුම් ප්ලැනල් කමිසයක් අඳවා ඊපිටින්ම පට‍රෙදිවලින් මහන ලද රේන්දපටි ආදියෙන් විසිතුරු කරන ලද දික් කමිසයක් ඇන්දවූ වූල් තොප්පියකින් හා මේස් දෙ‍කකින් හිසත් දෙපාත් ‍ආවරණය කරනලද “රතුපාට” දුටුහැටියේම කාන්දමට ලෝහ ඇදෙන්නේ යම්සේද, ලොකු

426 ශ්රීල ලංකා මාතා වස්තුවට කුඩා වස්තුව ඇදෙන්නේ යම්සේද, සමුද්ර යට ගංගාව ඇදීයන්නේ යම්සේද, සුරාපානය කරන තැනැත්තා පිරිහීමට යන්නේ යම්සේද, ධර්මවාදී සත්පුරුෂයා දියුණුවන්නේ යම්සේද යන මේ ආකාරයෙන් ජෝන් ජයසේකරගේ සිත මේ දරුවා දුටු හැටියේ බලවත් වේගයෙන් ඔහු කෙරේ ඇදී ගොස් ළමයා අතටගෙන සිප වැළඳ ගත්තේය. මේ ආශ්චර්ය දුටු බිෂොප්තුමා ඇතුළු ක්ලෙරාත් මේ දරුවා ගත්තේය. මේ ආශ්චර්ය දුටු බිෂොප්තුමා ඇතුළු ක්ලෙ‍රාත් මේ කරුවා ලැබුණේ කෙසේදැයි ඇසූවිට ඈ මෙසේ කීයේය. “මගේ ප්ර සූත දවසේ ඒ ඉස්පිරිතාලේ ඉන්දියාවේ කුමාරියකුත් ප්රුසූත කිරීමට පැමිණ සිටියාය. මට ලැබුනු දරුවා මළාය කියා පවුන් දහයකුත් සමඟ මේ දරුවා ගන්ට කැමතිද කියා මගෙන් ඉන්දියාවේ කුමාරයෙකුත් සාත්තුකාරියෙකුත් ඇසුවෝය. මට පවුන් දහයක් දෙන බව කිවු නිසා සතුටුවව මේ ළමයා බාරගතිමි. නමුත් ළමයා භාරගත් නැත් සිට ඔහු කෙරේ ම‍ගේ හිතේ අටගත් ප්රේමමය කොතරම්දැයි කීමට අමාරුය. ළමයා දකින මගේ විරුද්ධකාරියෝ මට කවටකම් කරතත් ළමයා කෙරෙහි ඇතිවූ ප්රේ මය නිසා ඔහු පණමෙන් ආ‍රක්ෂා ක‍ළෙමි. මේ ළමයා ලුබු‍නුතෙක් පටන් මා කලින් කළ සුරාපානිදී දුශ්චරිත අත්හළෙමි. මේ ළමයා ලැබුනු තැන් සිට මට කිසිවකින් අඩුපාඩුවක්ද ඇතිනොවීය”යි කීවේය. එවිට බිෂොප්තුමා “ක්ලෙරා, දැන් මේ ළමයා වඩාගෙන ඉන්නේ ඔහුගේ පියාණෝය. ළමයාගේ මව් ශෝකයෙන් පෙළිපෙළී ලන්ඩන් නුවර ඉන්නීය. මේ මහතා නැති වේලාවේ මුන්නැයේගේ සතුරන් විසින් වැඳුම් ඉස්පිරිතාලේ සාත්තුකාරියන්ට මුදල් ගෙවා ඔවුන්ගේ සහායෙන් මේ ළමයා වසඟකොට නුඹට දී තිබේ. නුඹ ඉතා ආදරයෙන් මේතාක් ඒ ළමයා ආරක්ෂා කළාට අනන්තවාරයක් ස්තුතිකරනවා පමණකුත් නොව ඊට සෑහෙන ගාස්තුවක්ද ගෙවන්නෙමි. ළමයාගේ මව්පියන්ට ළමයා දෙන්ට ඕනෑ. උඹ සමාදානයෙන් එසේ නොකළොත් මේ ළමයා සොරකම් කිරීමේ වරදට උඹත් වැරදිකාරයෙක් වෙන්නෙහිය”යි කී විට බියපත්වූ ක්ලේරා බිසොප්තුමාගේ නියමය පරිදි ළමයා දීමට සතුටුවිය. ඉක්බිති එදාරෑම ලොකු මොටෝරථයකින් ජෝන් ජයසේකර හා පුත්රියා ද ප්රෑ න්ක් නෝනා සහ ද මැල් දේවගැති තුමාත් ක්ලෝරාත් ලන්ඩන් නුවරට පැමිණියාහ. මෙවුහු ප්රීිතිසහගතව සොල්කරය උඩට නැග්ගාහ. ජෝන් ජයසේකර මහතාට සර්වප්රතකාරයෙන්ම සමානවූ “රතු පුතා” දුටු හැටියේම පද්මිණීගේ ශරීරය ඩහදියෙන් තෙමී ගියේය. බිඳක් පමණ කිරි නොතිබුණු අගේ පයෝධරයන්හි කිරි එරුනේය. මේ ආශ්චර්යමත් දේ සිද්ධවුනු

පියදාස සිරිසේන නවකථා එකතුව 427 දුටු ක්ලෝරාත් පුදුමව බලා සිටියාය. පද්මිණී පුතා සිප වැළඳ කිරි පොවා සතප්පවාගත්තාය.ඉක්බිති ක්ලෙරාට තමා ළඟ සිටි ‍සුදු පුතා පෙන්වා ඇගේ ළමයා නම් රැ‍ගෙන යන්ට කීහ. ඈ ළමයා දෙස බලා ඇගේ ළමයෙක් නොවන බව කියා ඈට උවමනා නැති බවත් කී බැවින් ඒ ක්ලෙරාට පද්මිණීගේ ළමයා රැකබලා ගැනීම ගැන ස්තුති කොට පවුන් පණහක් තෑගි වශයෙන් දී ඈ පිටත්කර යැව්වෝය. පසුදින ප්රෑ න්ක් නොනාට පද්මිණී වෙනුවවෙන් වියදම් කරනලද මුදලත් ගෙවා ඒ නොනාට නොයෙක් අන්දමින් ස්තුතිකොට ගමට එන්ට සූදානම් වූ ඒ පිරිස සුදු ළමයාට කුමක් කරන්නෙමු දැයි කතාකරගත්හ. පද්මිණීගේ මව් ඒ ළමයා රැගෙන එන්ට කල්පනා කොට පද්මිණී සතුටුදැයි ඇසීය. එවිට පද්මිණී “අම්මේ අපේ රටේ ව්යානවහාර උපදේශ” අනුන්ගේ ළමයාගේ ඉසේ ගාන තෙල් තමන්ගේ දරුවාගේ පයේ ගාන්ටවත්’ “තමාගේ හිසට තමාගේ අතය” යනාදී වශයෙන් කියා කියන කතා බොරු නොවේ. මේ කොතනදෝ පාදඩයෙකුට දාව අශික්ෂිත ස්ත්රිොයකගේ කුසේ ඉඳලා ආ මේ විජ‍ාතික කොලුවාගේ මල මුත්රව සුද්ධකිරීම් ආද‍ියෙන් දුක්විඳ තැනූ නමුත් අපට කිසි කිලයක යම්කිසි අනුග්රිහයක් ලැබේද? මොහු ලොකු වූ පසු සමහරවිට අපට අනර්ථ පමුණුවන්ට සූදානම් වියහැක. අපේ රජතුමෙක් දස්කොන් නමැති ප්රණන්සකාරයෙක් කුමාරයෙකු මෙන් ඇතිදැඩි කොට ඔහුට අදිකාරම් නිලයක් දුන් නමුත් අන්තිමේදී රජ බිසවක් දුෂ්යනකිරීමාදියෙන් කරනලද අපාරාධය ඉතිහාසගතව පවතී. සිංහල මිනිසුන්ගේ ගතිගුණ හෝ ඔවුන්ගේ ජාතිය කෙරේ ඇල්මක් සංකීර්ණයෙකුගෙන් හෝ විජාතිකයෙකුගෙන් බලාපොරොත්තු වීම පොල්වල ප්රුයෝජන ඩෙබර වලින් බලාපොරොත්තුවීමක වැනිය. එනිසා මේ පව්කාර කොලුවා අනාථ මඩමකට භාරදෙන්ට ප්රෑින්ක් නෝනාට පවරා අපි යමුය”යි කී විට ජයසේකරත්, විල්ප්ර්ඩ් සිල්වා මහතාත්, ද මැල් දේවගැතිතුමාත් අතිශයින්ම එකඟවූහ. බියට්රිස් හා‍මිනේත් දියණියගේ ව්ය ක්ත කල්පනාවට සතුටුව ඒ සුදු ළමයා භාරගනු ලබන අනාථ මඩමට සම්මාදම් වශයෙන් පවුන් පහකුත් සුදු ළමයාත් ප්රෑ න්ක් නෝනාට පවර ඔවුහු එදිනම පිටත්වෙන නැවක නැගී ලක්දිව බලා ගමන්ගත්හ. නැවේදී තමාගේ පුත්රනයාට නමක් තැබීමට පද්මිණී සතුටුවූ නමුත් විල්ප්ර්ඩ් සිල්වා මහතා එය වලක්වා “දුව, උඹේ කුසයෙන් අතිශයින් පුණ්ය්වන්ත මුළු ‍ලක්දිවට අසහාය පිහිටවන උතුමෙක් උපදින බව කියමින් ධර්මයේ පැත්ත ගෙන වාද විවාද කරන උඹේ සීයා අතට


428 ශ්රීු ලංකා මාතා පුත්රනයා දුන්විට ඒ සීයා විසින්ම නමක් තබනු ලැබේ. අපි ඊට සම්බන්ධ නොවෙමුය”යි කීවේය. බලවත් විපතකින් මිදී මහත් සන්තෝෂයෙන් එන මේ පිරිස සියලු අන්දමින් ම සැප පහසු ඇතිව නැවේ ගමන් ගත්ය.

15. පරිච්ඡේදය ප ද්මිණී ස්වාමිපුරුෂයා විනාශවූ පසු අශිෂ්ටාචාරව කල්ගතකොට සුදු පුතෙක් ලබාගත් බව ප්රිකට කිරීමට වෙහෙසුනු ජෝන් පෙරේරාට තමාගේ මහන්සිය නොලැබුණු බැවින් සතුරුසිංහත්, ද සිල්වා අද්වකාත්තුත්, වික්රාමසේකර මුදලිත්, සමරසිංහ මුදලිත් යන සතරදෙනා සමඟ අමනාපව තමාත් සම්බන්ධවී කළ කුමන්ත්රමණය එලිදරව් කිරීමට කල්පනා කෙළේය. මේ කාලයේ එක්තරා සිංහල පත්රසයක මේ ආරංචිය අච්චුගසය ලද්දේ විය. “සිංහල ගුනධර්ම” කොළඹ නිවැසි උපාසකයෙක් යයි ප්රයසිද්ධ එක්තරා මහළු මිනිහෙක් සිංහල ගුඛධර්ම වර්ණනා කරන්නේය. මෙහු ධර්මය රක්ෂාර කරන බැවින් ධනවතෙක් හා සැපවතෙක් වූ වබත්, සුරා පානය කිරීම, සතුන් මැරීම, සුරා විකිණීම් ආදියෙහි නියුක්ත අය මෙලොව වශයෙන් එක් විධියකට කල්යැව්වෝත් ඔවුන්ට ලැබෙන දරුවෝ පව්කාර ලෙඩ රෝග බහුල ඥාන ශක්තියෙන් හීන, අධමයෝ බවත්, දාන, සීල, භාවනාදී කුසල ක්රි යා කරන කිසිවෙකුට එබඳු අධම දරුවන් නූපදින බවත් සිංහල කුලචාරිත්රකවල හික්මවා ධර්මශාස්ත්ර උගන්වනලද සිංහල ගෑණු දරුවෙක් කිසිකලෙක නොමඟ යන්නේවත් නැත කියා මේ නාකි උපාසකයා අවුරුදු විස්සක තිහට සිට මේ දක්වාත් බන දෙසා බාන්නේය. මොහු නිතරම් කියන මොහුගේ මුඛයේ සෑමවේලේම රදා තිබෙන එකම බණ පදය නම් “ධම්මො භවෙ රක්ඛති ධම්මචාරී” යන්නයි. මේ උපාකස රාළ තමාගේ එකම පුත්රසයාට ඇතිවූ එකම දියනිය මුදලි මුහන්දිරම් අද්වකාත් පෙරක දෝරු ආදී උසස් වැදගත් මහතුන්ට සරණ ඇසු නමුත් ඒ කිසිවෙකුට පාවා නොදි තමා වාගේ ගුණධර්ම දත්. ගුණධර්ම පිළිපදින ජාති හිතෛෂී ශ්රිද්ධාබුද්ධි සම්පන්න, පරාර්ථකාමියෙක් යයි කියන කළුතර පළාතේ කෙනෙකුව විවාහකර දුන්නේය. අතේ තුට්ටුව නැතුව වුන් ඒ කළුතර පළාතේ “හාදයා” අතට මුදල් ලැබුනු හැටියේ ස්වකීය බිරිදත් කැටුව යුරෝපයේ ඇවිදින්ට ගියාහ. ඔවුන් ගිය මුග්ඩන් නමැති නැව මුහුදේ අනතුරට පත්වූ වේලාවේ ඒ ගුණධර්ම රක්ෂාකළ කළුතර


පියදාස සිරිසේන නවකථා එකතුව 429 හාදයා ගුණධර්ම විසින් ආරක්ෂා කරගනු නොලැබ මූදුපත්වී මළේය. ඔහුගේ බිරිඳ හෙවත් මෙහි මුලින් කී ප්ර ස‍ිද්ධ නාකි උපාසකාරාළගේ මිනිබිරි නැවෙන් ගලවාගනු ලැබ එංගලන්තයට ගියවිට අර පාරට්ටුකළ සිංහල චාරිත්රගත් ධර්මශාස්ත්රයත් සියල්ලම විනාශකර දමා සුදු මිනිසුන් සමඟ දුරාචාරීව කල්ගතකොට දැන් සුදු පුතෙකුත් වදාගෙන ගෙදරක බැලමෙහෙ කරමින් ලන්ඩන් නුවර නැවතී ඉන්නේය. සිංහල ගුනධර්ම, උසස් ධර්මශාස්ත්ර ආදිය දන්නන්ට අයුත්තක් කරන්නට බැරිය, ධර්මය පිළිපදින අයට හදිසි අන්තරාය වෙන්ට බැරිය යනාදී වශයෙන් ලෝකයා මුලාකරමින් සිටින උපාසකරාලගේ පුතාට දාව ගුණවත් ලේලි කුසේ උපන් ධර්ම ශාස්ත්රි උගත් ප්රසතිපත්ති රක්ෂාකළ මිනිබිරිය සුදු කොල්ලෙකුට මවු වුනේ කොහොමදැයි ඒ නාකි උපාසකරාළයෙක් ප්ර්ශන කරමි. සිංහල ගුණධර්ම, කුලධර්ම, ධර්මශාස්ත්රක යනාදී මේ බොරු කල්පනා පැත්තකට විසිකර මනුෂයදැයයන්ගේ හිතට කයට සැප පහසු අන්දමකට කෑම බීමත් වෙන වෙන ක්රිනයා ඉරියව් පැවැත්වීමට කාගේත් යුතුකමකි. ක්රිකස්තියානි ධර්මය ඉගෙන ගත්තා නම් උපාසකරාළගේ මිනිබිරි ඔපමණ ඉක්මණට සුදු දරුවෙක් වදා නොගනී. - මේ වගට, විමසන්නා” මේ පත්රළයේ සිංහල මිනිස්සු වැඩි වශයෙන් කියවන එකක් නොවේ. නමුත් මේ අද්භූත ලියමන ප්ර සිද්ධ වූ පත්ර යෙන් පිටපත් කීපයක් වැදගත් මහතුන්ට තැපැල් කරන ලදින් මෙය කියවූ බොහෝ දෙනා සංවේගයට පැමිණියාහ. ජෝන් ජයසේකරගේ පියා වන ‍ජයසේකර රාළහාමිටද මෙයින් පිටපතක් ලැබුණේය. ඔහු එය කියවා බලා ස්වකීය හාමිනේටද පෙන්වීය. ඔවුහු ස්වකීය පුත්ර යාට වූ විපතටත් වඩා විපතක් පද්මිණී කරගත් නොහොබිනා ක්රිපයාව ගැන කළකිරී පොරෝලිස් සිල්වා අප්පුහාමි සම්මුඛව කතාකරන පිණිස කොළඹට පැමිණියාහ. ඔවුහු කණගාටුවෙන් පැමිණ වාඩිගත් හැටියේම සමරසිංහ, වික්රවම සේකර යන මුදලි වරු දෙන්නාත්, පොරෝලිස් සිල්වා අප්පුහාමි සමඟ නිතරම සිල් සමාදන්වීමාදී පින් දරන අමරතුංග විදාන මහතාත් යන මේ තුන්දෙනා ආ බැවින් කළුතර ජයසේකර රාළහාමිලා සමඟ මොකවත් කතාකරන්ටවත් නුපුළුවන් විය. පොරෝලිස් සිල්වා අප්පුහාමි, මුදලිවරු දෙන්නාටත් විදාන මහත්මයාටත් වාඩිවෙන්ට දී ඒ වේලාවට සුදුසු සංහ්ර හද කළාහ. එවිට කතාවට ගජ හපනෙක් වන සමරසිංහ මුදලි තැන සිනාසෙමින් “ කෝ අප්පුහාමි පුතයි. ලේලියි. අර මිනිබිරියත් මුනුබුරාත් එකක් එන පිණිස යුරෝපයට ගියා නොවේද ? මෙන්න මේ පත්රුයේ ප්ර වෘත්තිය අප්පුහාමිලා සම්බන්ධ එකක් නොවේද කියා බලන්ටය” කියා මහලු අප්පුහාමි අතට දුන්නේය. “සිංහල ගුණධර්ම” යන 430 ශ්රී“ ලංකා මාතා මාතෘකාවෙම් යුත් ඒ ලියවිල්ල අන්තිම දක්වා ඉතාමත් ඉවසිලිවන්තව කියවා අප්පුහාමි සිනාසෙන්ට ප‍ටන් ගත්තේය. එසේ අප්පුහාමි සිනාසෙනු දුටු සමරසිංහ. වික්ර්මසේකර මුදලිවරු දෙන්නාටත්, අමරතුංග විදාන මහත්මයාටත් තරහ ඇතිවිය. ජයසේකර රාළහාමි සහ හාමිනේද ටිකක් අප්රමසන්න වූහ. ඉක්බිත් සමරසිංහ මුදලි තැන අප්පුහාමිත් සමඟ දීර්ඝ කතාවකට බැස්සේය. සමරසිංහ - මොකද අප්පුහාමි සිනා‍සෙන්නේ. මේ ආරංචිය බොරුය කියාද ? පොරෝලිස් සිල්වා - සත්තකටම ඔය ආරංචිය මම තබා අපේ ගෙදර ඉන්නා කුස්සිඅම්මාවත් පිළිනොගනී. අපට නින්දා කරන පිණිස අපේ හතුරෙකු විසින් ප්ර.ස්ද්ධ කරවා තිබෙන අමූලික බොරුවකි. සමර - හොඳයි තමුසේගේ මුනුබුරත් මිනිබිරිත් නැගී ගිය මුග්ඩන් නැව ගි‍ලුනේ නැද්ද ? ජෝන් ජයසේකර ගිලී මළේ නැද්ද ? පො. සි. - මුග්ඩන් නැව ගිලුනා හැබැයි. නමුත් ජෝන් ජයසේකරත් පද්මිණිත් ගිලී මළේ නැහැ. ඔවුන් සමහරවිට අද නැත්නම් හෙට මෙහාට එනවා ඇති. මේ කළුතර ඉඳලා ජයසේකරගේ පියාත් මවුත් ඇවිත් ඉන්නේ ඔවුන් දැක සතුටුව කැඳවාගෙන යාමටයි. (මෙසේ කියනකොට ජයසේකර හාමිනේගේ ඇස්වලින් කඳුළු ගලන්ට පටන් ගත්තාය) සමර - පද්මිණී සුදු දරුවෙක් වදාගෙන ඉන්නා බවත් අප්පුහාමි පිළිගන්නේ නැද්ද ? පො.සි. - සත්තකටම රාළහාමි ධර්මයත් ශාස්ත්රියත් ඉගෙන ප්රිතිපත්තියත් අවංකව පිරූ පද්මිණී අයුත්තක් අනර්ඛයක් කලාය කීම ඉතා අමාරුවෙන් ඇදහිය යුත්තකි. නමුත් ඈ වැනි ජාත්යයභිමානයෙන් යුත් තැනැත්තියක් සුදු දරුවෙකු ප්රවසූත කළොත් බටහිර පැත්තෙන් ඉර පායන්ට පුළුවනි. සමර - හොඳයි ඒ බව ඇසින් දැකපු කෙනෙක් කීවොත් අප්පුහාමි විශ්වාස නොකරන්නෙහිද ? පො.සි. - මම ‍බෞද්ධයෙකි. බෞද්ධාගම්කාරයා “විශ්වාස පියදාස සිරිසේන නවකථා එකතුව 431 කරන්නෙක්” නොවන බව ම‍ ක ගේ ප්රේාමයන්ත මුනුබුරා බන ජෝන් ජයසේකර මට විස්තර කරදී තිබේ. හැමැතැනම පිරි වැඩ සිටින නමුත් ඉස්සර ජාකොබ්, මේසෙස් ආදීන්ට පෙණුන නමුත් දැන් රාළහාමිලාට නොපෙනෙන දෙවියන් වහන්සේ ගැන රාළහාමිලා විශ්වාස කරති. නමුත් ළඟ ඉන්නා කෙනෙක් නොපෙණෙන විට ඒ විශ්වාස කිරීමට ‍අපි ඒ තරම් මෝඩ නොවෙමු. සමර - යම් විධියකින් පද්මිණී සුදු කොලුවෙක් අරගෙන ආවොත් අප්පුහාමි කලින් කී දැනුත් කියන ගුණධර්ම, කුලධර්ම. ජාතිධර්ම ආත්මගෞරව යනාදිය වතුරේ යාවි! පො.සි. - මොනවද ර‍ාළහාමි, අපේ බුදුහාමුදුරුවන්ගේ ධර්මය බ්රාරහ්මයන්ටත්, දෙවියන්ටත්, මාරයන්ටත්, යක්ෂයන්ටත් කාටවත් කවදාවත් මේතාක්ම බොරුකළ නොහැකි විය. ඉතින් දැන් කොහොම පිළිවන් වේද? සමර -හොඳයි පද්මිණි සුදු දරුවෙක් වදාගෙන ආවොත්? පො. සි. - සත්තකින්ම එසේ විය නොහැක්කේය. පිරිසිදු සිංහල ලේ ඇතියෙකුට පිරිසිදු සිංහල කුලචාරිත්රිත් පුරුදුවීනම් ඔහු හෝ ඈ තමාගේ ජීවිතය ගියත් උතුම් සිංහල ජාතියට කැලලක් නොකරයි. බලන්ඩ සත්හැවිරිදි මද්දුම බණ්ඩා දුෂ්ට විඩිග රජුගේ අතින් දිවි තොරකරන්ට ආ වධකයා ඉදිරියට පැමිණ “අයියන්ඩි - භයවෙන්ට එපා! මම මැරෙන හැටි උගන්වන්නෙමි”යි වධකයාට ගෙළ පෑ දරුවා උපන් අප ජාතියේ අයුතු ක්රිායා කරන්නෝ කොයින්ද ? සමර - එතකොට දැන් දෙමලුන්, හම්බයන්, කාපිරින්, කොච්චි න් ආදී නානා ජාතිකයන් සමඟ ගොස් සිංහල ගෑණු කල්යවන්ට හේතුව කුමක්ද ? පො.සි. - ඔය තමයි රාළහාමිලා වරද්දාගත් තැන. ගල් කීවාම, කළුගත්. කබුක් ගල්, පනු ගල්, තිරිවානගල්,


432 ශ්රීව ලංකා මාතා මැණික් ගල් යනාදී විශේෂයක් තිබේ. එමෙන් නමින් විතරක් සිංහල, සංකීර්ණ සිංහල. බේබදු සිංහල, භ්රලෂ්ට සිංහල, පිරිසිදු සිංහල කියා විශේෂ තිබේ. සිංහල නාමධාරී සිංහල කුලචාරිත්ර වලින් සම්පූර්ණයෙන් ඉවත්වූ මත්පැන් පානාදියේ ගැලුනු අධම මිනිසෙකු නිසා පහත් නීච කල්පනාවලින් ද යුත් නූගත් අධම ස්ත්රිහයක් කුල උපන් කොල්ලෙක් ‍හෝ කෙල්ලෙක් ඒ උපන් තැන් පටනුත්, ධර්මයක් ප්රඅතිපත්තියන් නැතුව ඇතිදැඩි කළ ඔහුගෙන් හෝ ඇගෙන් “ගුණධර්ම. කුලධර්ම, ආත්මගෞරව” ආදිය බලාපොරොත්තුවිම වැලිවලින් තෙල් බලාපොරොත්තුවීම වැනි ක්රිඅයාවකි. නමුත් පද්මිණී පිරිසිදු පැවතුම් ඇති ගුණධර්ම ජාතිධර්ම ආදිය ජීවිතය මෙන් ආරක්ෂා කළ පිරිසිදු පරම්පරාවකින් පැවත එන එසේම තමාත් උසස් ධර්මශාස්ත්ර් ඉගෙන කුඩා කාලේ පටන් ප්ර තිපත්තියේ පිහිටි ප්රරත්යරක්ෂ වශයෙන් හොඳ නරක දැනගත් කාන්තාවකි. මේ රටේ දැන් පද්මිණී සමාන කිරීම, රක්ත මාණික්ය. රත්නයක් කළුගලකට නැතහොත් කබුක් ගලකට සමාන ක‍ිරීමක් වැනිය. සමර - අප්පුහාමි තවමත් ගුණධර්මය වර්ණනා කරන නමුත් දැන් හැම තැනම අප්පුහාමිලාට හිනාවෙනවා. සමහරවිට ඔය කැලල කවදාවත් මකාලක්ට පුළුවන් වෙන්නේ නැහැ. පො. අ. - ඒකට කමක් නැහැ. අෂ්ටලෝකධර්මය වූ පරිදි අපටත් නින්දා පරිභවාදිය ලැබෙන්ට ඕනෑ. නමුත් ධර්මය රක්ෂා කරන තැනැත්තා ඒ ධර්මය විසින්ම රක්ෂා කරණ බැවින් අපේ හිතේ කිසිම කනස්සල්ලක් ඇත්තේ නැත. ( මොවුන් මෙසේ කතා කරන තැනට ජෝන් පෙරේ‍රාත් ආයේය.) ජෝන් පෙරේ‍රා දුටු හැටියේ සමරසිංහ මුදලි තැන “වරෙන් ජෝන් ජෙරේ‍රා උඹට පණිවුඩයක් යවන්ටයි මම හිටියේ. උඹ ආ එක බොහොම හොඳයි. උඹත් එංගලන්තයට ගිය කෙනෙක් පියදාස සිරිසේන නවකථා එකතුව 433 නොවැ. කියාපන්කො ඇත්ත” කියමින් ජෝන් පෙරේර‍ා දෙස බැලුවේය. තමාට දෙනවයි කී පවුන් සියය නුදුන් බැවින් මොවුන් කළ අපරාධය කියන්ට ආ ජෝන් පෙරේරා කිසිත් කතා නොකර පැත්තකින් වාඩි ගත්තේය. එවිට අමරතුංග විදානේ මහතා මෙසේ කීයේය. අමරතුංහ - ආ අප්පුහාමි ප්රගථග්ජනයා මුලාවීම සිරිතකි. ඒ නිසා පද්මිණී නොනාත් ප්රඅථග්ජන ගතිය නිසා මුලාවෙන්ට බැරිද ? පො.සි. - ඔව් සත්තකෙන්ම පුළුවනි. නමුත් ස්වජාතිය ඉක්මවා ක්රිදයා කිරීම ජාති ධර්මය දත් පද්මිණීට බැරි වැඩකි. හොඳයි, ජෝන් පෙරේරා නුඹත් එංගනත්තයට ගියේ පද්මිණීට හා ජයසේකරටත් අනතුරු කරණ පිණිසයි. හොඳයි ‍උඹ ඇත්ත කියාපන්නැ යි පොරෝලිස් සිල්වා අප්පුහාමි කීයේය. ‍එවිට කපටි ජෝන් පෙරේරා නැගිට්ටේය. සමරසිංහ මුදලිත් වික්රවමසේකර මුදලිත් ජෝන් පෙරේරා ඔවුන් සමඟ කී ලෙසම දැනුත් කියායයි මහත් ප්රීරතියෙන් සිනාසුණෝය. ජයසේකර රාළහාමි සහ හාමිනේත් සුසුම්ලමින් ජෝන් පෙරේරා දිසාවට සිතත් කයත් යොමුකළාහ. ධර්මය ප්රුත්‍යක්ෂව දත්තාවූ මිනිබිරියගේ උතුම් චරිතය ‍හොඳින් දැනගත්තාවූ පොරෝලිස් සිල්වා අප්පුහාමි නිශ්චලවූ ගලක් මෙන් උපෙක්ෂා සහගතව සිටියේය. ඉක්බිති ජෝන් පෙරේරා ටිකක් ඉදිරියට අවුත් “කරුණාවත්ත අප්පුහාමි, උතුම් වූ රත්නත්රේය වෙනුවෙන් මට සමාවෙන්ට. මම ඇත්ත කියන්නෙමි. මේ ඉදිරිපිට සිටින වික්රනමසේකර මුදියන්නේ රාළහාමිත්, සමරසිංහ රාළහාමිත්, මෙහි නැති ද සිල්වා අද්වකාත් උන්නෙහේත්, සතුරුසිංහ උන්නැහේත් යන සතරදෙනා මට පවුන් සියයක් දීමට පොරොන්දුව පසුව කී දෙදෙනාත් සමඟ එංගලන්තයට යාමට අඬගැසූහ. දුප්පත් මමද ඔවුන් යන්නේ කුමක් නිසාද යන බව නොදැන ඔවුන් සමඟ ගියෙමි. ඒ අප ගිය නැවේ අප්පුහාමිගේ මිනිබිරිය හා මුනුබු‍රාත් ද මැල් නම් දේවගැති කෙනෙකුත් ගියහ. ඒ නැව මධ්යිම රාත්රිායේ මධ්යාධරණී මුහුදේදී අනතුරට පත්විය. එහි සිටි නිර්භීත ජෝන් ජයසේකර මහතා ආදී මහතුන් විසින් බියසුලු අප වැන්නන් බෝට්ටුවලට පැටවූහ. ඒ මහතාද පණ ගලවාගන්ට ඇත. යම් හෙයකින් ජෝන් ජයසේකර මහතා ආදී කීපදෙනෙකු විසින් ස්ත්රීුන් සහ ළමයින්ගේ හා 434 ශ්රීක ලංකා මාතා බියසුලු අපේත් ජීවිත ගලවාදී ඒ මහතුන් මූදුබත් උනත් ඒතරම් කනගාටුවක් නැත්තේය. ඉතින් අප පිරිස ඉතාලි නැවකින් ඉතාලියට ගෙනගිය පසු දුම්නැවකින් එංගලන්තයට ගොස් ලන්ඩන් නුවර නැවතුනෙමු. ද මැල් දේවගැතිතුමා ඇමෙරිකාවට යන්ට ගියේය. පද්මිණී ජයසේකර නෝනා තමා‍ැගේ මහත්මයා නැති ශෝකයෙන් සිටි නමුත් ද සිල්වා අද්වකාත් උන්නැහේත්. උන්නැහේට හොරෙන් සතුරුසිංහ උන්නැහේත් ඒ නොනාගේ සිත දිනාගන්ට වෑයම් කරමින් බොහෝ වෙහෙස ගත්හ. ලොකු මුදලක් වියදම් කළහ. ගුණධර්ම හා කුලධර්ම හොඳින් දැන ඒ වූ පරිදි පිළිපදිනා උත්තම ස්ත්රීන රත්නයක් වූ පද්මිණී ජයසේකර නොනාගේ සිත් ගැනීමට එකිනෙකාට හොරෙන් මොවුන් දෙන්නා දස මාසයක් පමණ කළාවූ උත්සාහය මස්සැදලියයි කැලෑමල් දෙස බලා හිඳ රැවටුනු නරින්ගේ ක්රිටයාව වැනි එකකි. ඉතින් ඒ සම්බන්ධ වැඩි විස්තර මම මෙහිදී නොකියමි. මේ අතර ද සිල්වා අද්වකාත්ට මුදල් හිඟවීමෙනුත් සතුරුසිංහ සමඟ අමනාපවීමෙනුත් එංගලන්තයේ ඉදීම අමාරු බැවින් ඔහු ගමට ආවේය. ඔහු අවුත් කීප දවසකට පසු පද්මිණී ජයසේකර නොනාට දරුවෙක් ලැබෙන්ට ආසන්න වු නිසා ප්රෑුන්ක් නෝනා නමැති ගුණවත් ඉංග්රීඅසි නෝනාත් සතුරුසිංහත්, මමත් ආරෝග්ය ශාලාවකට ගෙනගොස් භාරදුනි.අපට එහි ආරක්ෂා පිණිස නවතින්ට කියා ප්රෑ න්ක් නෝනා ගෙදර ආයේය. මේ අතර සතරුසිංහ ආරෝග්යත ශාලාවේ දුෂ්ට ස්ත්රිනයකට අල්ලස් දී ප්රනසූතකළ හැටියේම පද්මිණී ජයසේකර නෝනාට සිහි නැතිවෙන බේතක් පොවා එසේ සිහි නැතිවුනු පසු ඒ නෝනා ප්රනසූතකළ රාජකුම‍ාරයෙක් වැනි ඔපලූ ඝන රන් රූපයක් වැනි පුතා ඉවත්කොට වෙනින් කාමරයකට ගෙනාවේය. මේ දුටු මම මේ කුමක් කරන්ට හදන්නෙහිදැයි සතුරුසිංහගෙන් අසූවිට “පද්මිණී දූෂ්ය කර ඇගේ සීයා කියන ගුණධර්ම බොරු කරන්ට අපි ආවෙමු. පවුන් දහස් ගණනක් වියදම්කර දහ මාසයක් මුළුල්ලේ මහන්සි අ‍රගෙන්මේ තැනැත්තියගෙන් වචනයක් තබා සිරිත් වශයෙන් ඕනෑ කෙනෙක් සමඟ කළහැමි “අතට අතට” දීමවත් කරන්ට බැරිවිය. ඉන්නිසා මේ ඇත්තී වැදූ දරුවා වෙනුවට සුද්දියක් වැදූ දරුවෙක් මෑටදී මැගේ දරුවා වන සුද්දියක් වැදූ හැටියට ඈ ළඟ තබන්ට ඕනෑය. එතකොට පද්මිණී එංගලන්තයේ සුදු මිනිසුන් සමඟ අනාචාරීව වැස සුදු ළමයෙක් වැදූ බව ලෝකයාට දැනගන්ට ලැබුනාම පොරෝලිස් සිල්වා නාකියා කියන ධර්ම චාරිත්රක, ජාති හිතෛෂිකම් බොරු වන්නේය”යි කියා ළමයා ක්ලෙරා නමැති දරුකුණක්ට වැදෑ තැනැත්තියගේ පැත්තකින් තැබ‍ුවෝය. අත්තෙන්ම රාජකුමාරයෙක් හා සමාන මේ දරුපැටවා කෙරෙහි මා සිත හටගත් ප්රේෙමය නිසා පැයක් පමණ එහි බලා සිට පියදාස සිරිසේන නවකථා එකතුව 435 මේ ළමයා එංගලන්තයේ සුදු මිනිසෙකු විසින් ඇතිදැඩි කළත් සිංහල ළමයෙක් බව දැනගන්ට සළකුණක්වත් කරන්ට සිතා ගතිමි. කුමක් කරම්දැයි කල්පනාවෙන් මට මගේ මේ ඔරලෝසු මාලේ එල්ලාගෙන සිටින අපේ මාමා කෙනෙක් වන කාලයාත්රාේ කළ ශ්රීලවර්ධන නොතාරිස් රාළහාමිට අයිති “ශ්රී්” යන්නක් ඇති මේ කුඩා රිදී “සීල්” එක දෙස බලා ළමයාට වේදනා වෙතත් මෙයින් මොහුගේ ශරීරය ලකුණු කරමියි සිතා තෙල් ටිකක් ගා සීල්එක පිසදමා ඉටිපන්දමකින් රත්කොට පිටේ උරසැන්දට පහනින් සීල් එක තැබුවෙමි. ළමයා ටිකක් ඇඬූ නමුත් මගේ අදහස පරිදි ඒ කලකුණ හොඳින් ඇතිවියග ඉංගිරිසිකාරයෙක් මෙන් ලොකු උනත් යම් දවසක ඔහුගේ පිටේ “ශ්රීා” යන්නත් ඇත් බැවින් ඒ පද්මිණී ජයසේකර නොනා ප්රවසූතකළ පුතාය. දැන් ඒ පද්මිණී නෝනාට පුතායයි භාරදී ඉන්නේ නම් කොතනකද පාදඩ ස්ත්රිකයකගේ වල් සුදු කොල්ලෙක්” යනාදිය ජෝන් පෙරේරා කියමින් සිටිනවිට හදිසියෙන්ම අශ්ව රධ දෙකක් පොරෝලිස් සිල්වා අප්පුහාමිලාකේ පෝටිපෝ එක ගාවට ආහ. එහි ප්රීෙතියෙන් බබලන මුහුණුවලින් යුත් ජෝන් ජයසේකරත් පද්මිණීත් ඔවුන්ගේ ළපටි පුත්රොයාත් විල්ප්රුඩ් සිල්වා මහතා හා බියට්රිස් හාමිනේත් ද මැල් දේවගැති තුමාත් සිටියෝය.ඔවුහු දෙපක්ෂරයේ මවුපියාදීන් හා වැදගත් පිරිසකුත් එක්ව කතාකරමින් සිටිනු දැක වැඩිදුරටත් පුදුමය රථවලින් බැස ජෝන් ජයසේකර තමා වඩාගෙනවුත් පුතා සියල්ලන්ටම පෙරටුව ස්වකීය සීයාවන පොරෝලිස් සිල්වා අප්පුහාමි සියල්ලන්ටම පෙරටුව ස්වකීය සීයාවය පොරෝලිස් සිල්වා අප්පුහාමි අතට දුන්නේය. මේ රන්වන් පාට සිංහල පැටවා දුටු මහළු අප්පුහාමි ප්රීුති කඳළු වගුරුවමින් “මාගේ පුතා, නුඹ ශ්රීු ලංකා මාතාවගේ පුත්රළ ශ්රීප ලංකා නාථ්යහ “ නුමට අනතුරු කරන්නටත් නුඹේ මෑණියන්ට නින්දා කරන්ටත් සිතූ පාපීන්ට දැක් කුමක් සිතේද ? ධර්මය රක්ෂාකරණ තැනැත්තාව ඒ ධර්මය විසින් රක්ෂා කරනු ලැබේය යි මහා කාරුණික වූ තථාගත සම්මා සමුබුදුරාජාණන් වහස්නේ දේශනාකළ උතුම් දේශනාව ඒ දවසේ මෙන්ම අදත් සත්තය. අපේ උතුම් ජාතියත් ගුණධර්මත් පිරිහුනේ ධර්මය රක්ෂා නොකරන පාපීන් නිසාය. නීච පව්කරන අධමයන් නිසා හීන දරුවෝ උපදිති. ඔවුන් විජාතීන් හා මිශ්ර වෙති. එතැන් සිට අධික පාප ක්රිහයාවෙහි ඔව්හු යෙදෙති. පරම්පරාව ආයුෂයෙන්ද, ලක්ෂණයෙන්ද, යසඉසුරෙන්ද, බලයෙන්ද යන කාරණා සතරෙන්ම පිරිහෙමින් ජාතිය විනාශ වෙයි. පසුගිය ශතවර්ෂයේම අපේ ජාතිය පිරියුණේ මේ අන්දමින්ය. අනේ පුතනුවෙමි. ශ්රීම ලංකා නාථයෙනි. “නුඹම අපේ ජාතියට ආදර්ශ විය” යි ළපටි මුනුපුරා වඩාගත්තේය. ජෝන් පෙරේරා කියාගෙන ආ කතාන්තරය නවත්වා “මෙන්න මා කී රන්වන් පුත්රකයා බලන්ට මා කී ලකුණ” කී විට පොරෝලිස් 436 ශ්රීප ලංකා මාතා අප්පුහාමි ළමයාගේ කමිසය ඉවත්කොට බැලූ හැටියේ කලින් ජෝන් පෙරේරා කී හැටියටම “ශ්රීැ” යන්න පිටේ තිබෙනු දුටහ. මේ බව මේතාක් නොදැන සිටි පද්මිණී හා ජයසේකරත් ඒ බලා පුදුමව මේ කා විසින් කරණ ලද ලකුණක්දැයි ඇසූවිට එහි විස්තරය ජෝන් පෙරේරා විසින් අඬමින් ප්රලකාශ කෙළේය. “මා මේ ලකුණ කරද්දී ළමයාට වේදනාව ඇතිවූ නමුත් ඒ උතුම් දරු පැටවා මතු කාලයක ඇඳින ගැනීමට එසේ කළ බැවින් හොඳ අදහසින්ම ළමයාට දුන් දුක ගැන සමාවෙන්ටය’යි පොරෝලිස් අප්පුහාමිගෙන් අයැද සිටියේය. දියේ ගිලී මළායයි කියමින්ද සුදු මිනිසුන් සමඟ අනාචාරීව ඉඳ සුදු දරුවෙක් ලැබූ බව කියමින් ද සිටි ජෝන් ජයසේකර හා පද්මිණීත් මුළු රටටම ආදර්ශමත් ව සිය රටට පැමිණීම නිසා අහළ පහළ උදවිය පිරුනෙත් සමරසිංහ මුදලි තැනත් වික්ර මසේකර මුදලි තැනත් යන්තම් හොරෙන්ම එතනින් යන්තම් ඉවත්ව යාගත්හ. මගදී දෙන්නා සම්මුඛව “සමරසිංහ රාළහාමි, පොරෝලිස් සිල්වා අප්පුහාමි කියන එක හැබෑ තමා, ධර්මය ලෙස පිළිගෙන මිනිසුන්ට කිසිම අමාරුවක් නැත. එබඳු මිනිසුන්ගේ ගේවල ඉන්නා තරමක් කදිම පින්වත් දරුවෝ නමුත් බලන්ට අපේ මුදලි වලව්වල හැටි! අපේ වලව්වල සතුන් මරමින්, මත්පැන් බොමින්, පරදාර දුශ්චරිතය කරමින් වන මෘගයන් මෙන් බොරු ස්ටයිල් විතරක් කරමින් කල් ගතකරති. ඒකට විපාක වශයෙන් මට උපන් දරුවන් සතර දෙනාම එකාකාරම නපුරු අදහස් ඇති විනාශකාරී දරුවෝය. වැඩිමල් දුව අවුරුදු දොළහ වෙන්ටත් පෙර නීච වැඩ කරන්ට පටන් ගත්තා. ඒකී වගේම අනිත් එකිත් නීච විය. උපන් පිරිමි කොල්ලා බත්බිල්ලා. ඌට පුළුවන් කුණුසරුප කියන්ටත් අඩිගහන්ටත් “මම්මට” හා ගෙදර ඉන්න අයට තලන්ටත් තවත් කිය නොහැකි වනචර වැඩ කරන්ටත් පමණකි. මා මැරුණාම ඌ හිඟාකාලයි මැරෙන්නේ. දැන් දුශ්චරිතයෙහි ගැලී පරවෙශධාරීවූ කොයි පවුලවලත් සතර අපායෙන් චුතවන කාලනන්නිම ඉපද සිටින බව හැබැය”යි වික්රාමසේකර මුදලි තැන කීයේය. එබස් ඇසූ දුෂ්ට සමරසිංහ නාකි මුදලි තැන “ අනේ අධර්මය කරන්නාට ඒ අධර්මයම විනාශයට කාරණයක් විය. පොරෝලිස් අප්පුහාමිට අවනම්බු කරන්ට මා කළ වියදම් සියල්ලක්ම හොට්ටින්ගෙන් සියේට හැටේ පොලියට ගත් මුදල්ය. දැන් ඒ රුපියල් දෙදාස් පන්සියේට එකට එක වෙන්ට ඇති නමුත් සතුරුසිංහත්, ද සිල්වාත්, තමුසේත්, මමත් විනාශවුනා මිස පොරෝලිස් සිල්වා අප්පුහාමි කී එක වචනයක් වත් බොරු කරන්ට නුපුළුවන් විය. ධර්මය බොරුය කියන්නාවූ අපේ කටවල් කුනු නොවන්නේ අපේ කර්මය දැඩි නිසයි. අපේ උතුම් සිංහල මුත්තන්ගේ කුල චාරිත්ර ත් ප්රමතිපත්තිත් අත්හැර

පියදාස සිරිසේන නවකථා එකතුව 437 පංචකාමයටම ගැලී අපේ ලොකු මිනිසුන්ට සමානවෙන පිණිස ආගම අතිනුත් වෙන වෙන ක්රලමවලිනුත් අපි නොමඟ ගිය එකේ විපාක මොලොවදීම විඳිමු. මගේ ව‍ැඩිමල් ගෑනු ළමයාගේ වයස අවුරුදු විසිහතකි. ඈ ප්රදසිද්ධ වශයෙන් කරගත් “විවාහ” ගණන මම නොදනිමි. නමුත් ප්රැසිද්ධ වශයෙන් තුන්දෙනෙක් සමඟ පලච්චි. මගේ පුතා මුදලි කෙනෙකුගේ නොව රා බොන “අබරයෙගුගේ” පුතෙකුටත් අන්තයි. ඔහුට පුළුවන් හොඳට අඳන්ටත් බායිලා ආදීනිට ණයවෙවී බොන්ටත් තවත් නීච ක්රියයා කරන්ටත් පමණකි. මේ දුශ්චරිතවලට බැස්ස අප විනාශවුනත් වැරදි නැත. පොරෝලිස් සිල්වා අප්පුහාමිගේ ගුනධර්මත් ඒ ගුණධර්ම රක්ෂා කරන පිරිසත් ‍ලෝකේ වැඩිවේවා”යි සමරසිංහ මුදලි තැන කියමින් ගෙදර ගොස් එදාම අසනීපව පසුම මළේය. පොරෝලිස් සිල්වා අප්පුහාමි මිනිබිරී හා මුනුබුරාත් දෙවෙනි මුනුබුරා “ශ්රී ලංකා නාථත්” ගමට ඒම නිසා එදා මඟුල් කෑමට සූදානම් කළාහ. නොයෙක් හිතමිත්ර යෝ පැමිණියාහ. ඒ පිරිස මැද්දේ “ධර්මය තුන්ලොවට අසහාය පිහිට වේ. අපේ උතුම් ජාතිය අප ධර්මවාදී කාලේ රණසූරයොත්, දේශපාලන ශාස්ත්ර ඥයෝත්, පරාර්ථකාමීහුත්, නානා ශිල්ප ශාස්ත්රබ ප්ර්වීණ උත්තමයෝත් ඉපිද මුළු ලෝකය යස මාලාවෙන් සෙවන කළහ. නමුතු ඒ උතුම් ධර්මය ක්රමම ක්රලමයෙන් මතක නැති කළ බැවින් දිනෙන් දිනම ජාතියේ උපන්නේ සතර අපායෙන් චුත වන පව්කාරයෝය. සුවඳ ඇති තැනට බඹරුත් අසූචි ඇති තැනට නිලමැස්සොත් රැස්වෙති. එමෙන්ම පව්කරන මිනිසුන්ගේ ගේවල පව්කාර කාලකන්නියත්, ධර්මවාදී සත්පුරුෂයක්ගේ ගේවල පින්වත් වීරපුරුෂයෝත් උපදිති. අසූචි ගාගත්විට ශරීරයත් කිලුටුව දුරුවර්ණවේ. සඳුන් ආදී සුවඳ ඇගේ ගෑවිට ඇඟ සුගන්ධව පැහැපත් වේ. එසේම පින් කරන අයගේ ද හිතුත් ශරීරත් පිරිසිදුව වර්ණවත් වේ. මෙ ඇස් ඉදිරිපිට පේන ධර්මයකි. මමත් මගේ හාමිනේත් ධර්මවාදීව පරාර්ථකාමීව ජාති හිතෛෂීව කලගත කළෙමු. අපට උපන් මේ පුත්රාව විල්ප්රතඩ් සිල්වා සකල පුණ්යාිශ්රිකයෙන් යුත් කෙනෙක් විය. ඔහුගේ භාර්යාවද පිරිසිදු පැවතුම් ඇති ජාති හි‍තෛෂි ප්රරතිපත්ති ගරුකවූ කුල ස්ත්රිවයක් වූවාය. ඉතින් මේ පින්වත් අඹු සැමි දෙදෙනාට දිව්යෂ ලෝකයෙන් වුතවූ සථිරසාර ගුණයෙන් හා ඥාණයෙන්ද යුත් පද්මිණී දරුකමට ලැබුණා. ඒ දරුවාට මුල පටන්ම ආගම ධර්මයත්, ප්රිතිපත්තිත් පුරුදුකොට උත්තම කුල ස්ත්රිමයක් කරන ලදී. ඉක්බිති ඒ ළමයාට සමාන පිරිසිදු ගුණවත් දෙමව්පියන්ට දාව උසස් ධර්ම ශාස්ත්ර ඉගෙන ප්රසතිපත්ති ගරුකව වැඩුනු ජයසේකරට ඒ ළමයා 438 ශ්රීර ලංකා මාතා භාරකර දුනිමි. අධර්මවාදී මුදලි මුහන්දිරම් ආදී තනතුරු ඇතියන්ට වඩා ජාති හිතෛෂි පරාර්ථකාමී සත්පුරුෂයන් උතුම් බව මේ විවාහයේදි ලක්දිව ප්රජකට විය. ඉතින් මේ පින්වත් මිනිබිරියත් මුනුබු‍රාත් මූදුබත් වියයුතු නම‍ුත් එසේත් නොවී බලවත් සතුරු උපායක්ද ඉතා දුරස්තර විදේශයකදී උපන් නමුත් කිසිවෙකුගේ වීර්යයකින්වත් අනතුරට පැමිණවිය නොහැකි පින්වත් දීර්ඝායුෂ්කවූ, සුඛිතවූ දරුවෙක් ඔවුන්ට ලැබුනු දරුවෙක් ඔවුන්ට ලැබුනු බව පෙනේ. ධර්මය රක්ෂාකරණ ‍අය ඒ ධර්මය විසින් රක්ෂා කරනු ලබන බවත් මෙයින් ඇස් ඉදිරිපිටම ප්ර ත්ය ක්ෂවූයේය. පුරාණ කාලයේ ධර්මවාදී පරාර්ථකාමීන් නිසා ශ්රීර ලංකා මාතාව සර්වොත්කර්ෂයෙන් විරාජමාන විය.දැනුත් එබඳු ධර්මවාදී සිංහලයන්ගේ අධිකත්වය ශ්රී ලංකා මාතාව ඉල්ලන්නීය”යි ඒ පැමිණි පිරිසට වචනයෙන් හා ඛාද්යා භෝජ්යාංදියෙන් සංග්ර්යකොට යවා ඔව්හු සැපනේ කල් ගත කළාහ. පි රි ඳු කිරි සයුර හර ගිර හර යස ස වි රු දු දිත් අරන අළු කළ තෙදන රැ ස පු රු දු පර වැඩෙහි මගෙ දෙවියනි බරැ ස දි නි ඳු ලෙස සැරද සිරි ලක්දිව අග ස මු නි ඳු න් සසුන රැකුමට වර ලත් පසි ඳු සි ය ලු න් දියුණුවට වැඩ කරණ අනුබ ඳු සි රි සෙ න් “සිහළ දෑ පත” පතර කතුරි ඳු ප ත මි න් ලෝවැඩ කළෙ මෙම පබඳ අමබ ඳු


සිද්ධිරස්තු෴