පියදාස සිරිසේන නවකථා එකතුව- 04-අද්භූත ආගන්තුකයා

Wikibooks වෙතින්
Jump to navigation Jump to search

අද්භූත ආගන්තුකයා

(ක්‍රි.ව.. 1928)


සංඥාපනය[සංස්කරණය]

මෙයට තිස් වර්ෂසයකට පමණ පෙර පියදාස සිරිසේන මහතා විසින් ලියන ලද මේ අද්භූත ආගන්තුකයා නමැති ග්ර න්ථය සිංහල වර්ගයාගේ පිරිහීමට හේතු වූ කරුණු රැසක් ගැබ්කොට සකස් කරන ලද්දකි.


ධර්මානුකූල වූ සිද්ධීන් ඇතුලත් මේ ග්රකන්ථය වර්තමාන සමාජ සංස්කරණයෙහි ලා බෙහෙවින් ප්රතයෝජනවත් වෙනවා ඇත. අර්ථාන්විත කවි රාශියක් මෙහි ගැබ්ව තිබීම කියවන්නවුන්ගේ සතුටට හේතු වෙතියි සිතමු.


මේ ග්ර්න්ථය පිළිබඳ ව සියලුම අයිතිවාසිකම් අප සතු බවත්, අපගේ අවසරය නොමැතිව සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් උපුටා ගැනීම හෝ නාට්යමයකට ගැනීම හෝ නීති විරෝධී බවත් සැලකිය යුතුයි.


මීට,

ආරියපාල සිරිසේන

“සේනානි” නාවින්න - මහරගම. 23. 10. 56



01. පරිච්ඡෙදය[සංස්කරණය]

සමහර මනුෂ්ශ්‍යයෝ තමන්ගේ ප්‍රමාණය ඉක්මවා කටයුතු කරත්. එය මෙලෝ පරලෝ දෙකටම අනර්ථ දායකය. කෙතරම් සුඛිතව වැඩුනත් හස්තියෙකුට ඇති ශක්තිය සුනඛයෙකුට ඇති නොවේ. සිහින් කඩදාසි කොළයෙන් තැනූ භාජනයේ යකඩ ආදී ඉතා දැඩිවූ බර ඇති දෙයක් දමා ඒ එල්වා තැබිය හැකිද? යම් යම් කාරණා වලින් ලැබුණු සමර්ථතා ඇතත්, තම තමාගේ උත්පත්ති ප්රජමාණයත් බැලිය යුතුය. ඒ උත්පත්ති ප්රකමාණය ඉක්මවා ක්රිේයා කළ හැකි අද්භූත ප්රුද්ගලයෝද ලෝකයේ ඇති වෙත්, නමුත් ඒ ඉතා දුර්ලභ වශයෙනි. සාමාන්ය වශයෙන් මව් පියන්ට වඩා කොයි කාරණා වලිනුත් ඉතාම අධිකත්වියට පත්වීම විනාශයට ද මාර්ගයක් විය හැක. ශාස්ත්රව ඥානය ඇතිකර ගත් තරමට වඩා කල්පනා කරන්නාද උන්මත්තකයෙක් වීම පුදුමයක් නොවේය”යි සිතමින් එක් සවස් භාගයක කැම්බල් පාක් නම් පිට්ටනියේ ගසක් යට තිබෙන බංකුවක් පිට වාඩිවී තනිවම විවේක සුවයෙන් සිටියෙමි. මෙබඳු කල්පනාවක් ඇතිවීමට හේතුව නම්, මා ඒ ක්‍ීිටඩා උද්යා්නයට යන අතර මගදී සිහිය මඳ තරුණයෙකු සම්මුඛ වීමය. මේ තරුණයා අප්රමසිද්ධ මව් පියන්ගේ දරුවෙකි. ඔවුන්ගේ ප්‍රමාණය ඉක්මවා පුත්ර්යාට සැලකීමත්, නොමනා ශාස්ත්ර ඉගැන්වීමත්, යහපත් මිත්රියන් ආශුයට නො ලැබීමත්, මොහුගේ සිහිය මඳ වීමට හේතු විය. කිසිවෙකුට හිංසා පීඩාවක් නොකරණ මේ පිස්සු තරුණයා මුළු ලෝකේම තිබෙන තාක් ශාස්ත්රෙ දන්නෙකැයි සිතයි. ලෝකයේ නානාවිධ කටයුතුවල නියුක්ත සියල්ලෝම පිස්සෝ යයි ඔහු සිතයි. ඉතින් මේ තරුණයා මව් පියන්ගේ ප්රතමාණයට මඳක් උසස්ව සිටීමට සෑහෙන තරමට කොයි අතිනුත් ක්රිපයා කරණ කෙනෙක් වී නම් ඔහුට මුලු ලෝකයම පිස්සන් කොටුවක් මෙන් වැ‍ටහේ යයි මට සිතුනේය. සවස පහමාරට පමණ වූ බැවින් කපුටන්

උන්ගේ වාසස්ථාන වලට රැස්වන බව පෙණුනි. මා සිටි තැන සිට දැක්ක හැකි විශාල ඇසටු ගසක අතුපතරෙහි දහසකට අධික ගණනක් කවු‍ඩන් ලගිනා බවද මට පෙණුනේය. ඒ කපුටන්ගේ දැකීමෙන් ලෝකයේ වසන තිරිසන් ගත සත්වෙයන්ගේ මනුෂ්ය යන්ගේත් ප්රලමාණය සිතාගත ‍හැක්කේය. මෙසේද සිතමින් සිටින විට මා ලඟින් පියාසර කරගෙණ ගිය පක්ෂියෙක් මා ඉදිරිපිට යම්කිසි දෙයක් බිම හෙලු බව දුටිමි. ඒ පක්ෂියා කපුටෙක් ද වෙන සතෙක්දැ යි මට දැනගත නොහැකි විය. ඒ බිම දමා ගිය දේ කුමක්දැයි බලනු පිණිස අතට ගතිමි. එය වනාහි පරණ රෙදි කඩක ඔතන ලද්දකි. මඳක් පිළිකුල් වූ නමුත් ලිහා බැලුවෙමි. එහි කදිම වීදුරු කැබලි දෙකක් තිබුනේය. ඇසේ දමන කන්නාඩියක සවිකරණ ලද පලිඟු හෝ දියතරිප්පුවලින් කපන ලද කන්නාඩි කැබලි දෙකකි. මම වීදුරුවල තත්වය නොදනිමි. නමුත් මෙය පුදුම අන්දමකින් ලැබුනු නිසා මා සිටි බංකුව අයිනේ තිබුනු ක‍ඩදාසි කැබැල්ලක ඒ වීදුරු දෙක දවටා සාක්කුවේ ලාගෙණ ගෙදර ගියෙමි.

එදින අපේ ගෙදර කු‍ඩා කොලුවෙක් හා මා ඇර අන්යද කිසිවෙක් නොසිටි දිනයකි. අපේ ඤාති ගෙදරකට පවුලේ සියලු දෙනාම ගියාවූ දිනකි. මා ගෙදර ගිය හැටියේ ඇඳගෙණ සිටි මේස් සපත්තු ආදිය ඉවත්කොට මූණ අත පය සෝදාගෙණ සිරිත් ප්රිකාර පන්සිල් සමාදන්ව රාත්රිි ආහාර අනුභව කොට මගේ කණ්ණාඩිය රැගෙණ එහි තිබුණු වීදුරු කැබලි දෙක ගලවා ඒ වෙනුවට කැම්බල් පාක් පිට්ටනියේදී සම්බවූ වීදුරු කැබලි දෙක සවිකළෙමි. ඒ වීදුරු කැබලි දෙක සැබවින් මගේ කණ්ණාඩියට කපන ලද්දක් මෙන් සවිකරන්ට පිළිවන් විය. එය සවි‍කොට ඉවර වෙන්ටත් ප්රළථම මගේ මිත්රියෙක් වන වික්රනමරත්න මහත්මයා මා සම්බයෙන්ට ආ බැවින් කන්නාඩියත් අතේ තබාගෙණම ගෙයි ඉස්තෝප්පුවට අවුත් උන්නැහේටද වාඩිවෙන්ට කියා මමත් පුටුවක් පිට ඉඳ ගතිමි. දෙදෙනාම බුලත් කමින් දැන් රටට වේගෙන යන විපත ගැන කථාකරන්ට පටන් ගතිමු. “ යුද්ධ භයාදී භයින් ලෝකය විනරිමුක්ත වන්නේ කවදාදැ” යි වික්රදමරත්න මහතා ඇසුවේය. ‍” ලෝකය හෙවත් ලෝක සත්වයා යුද්ධාදී භයින් තොරවන්ට නම් ලෝක සත්වරයා නැතිවිය යුතුය. සත්වයාගේ පැවැත්ම යම් තාක්ද යුද්ධාදී භයත් ඒ තාක්ම පැවතිය යුතුයි. දැනට බලවත් ප්ර්භූන් විසින් මහා යුද්ධ භය ඇති නොවන පිණිසයයි සමිති ආදිය ආරම්භ කරගත් ඒ ඉතා ස්වල්ප කලකට කරණ පිළියමකි” යි කී

විට අප කළ කථාව එයින්ම නවත්වන්ට සිදුවිය. “ ලෝකයේ මිනිසුන්ට වඩා තිරිසන්ගත සත්ව යන්ගේ අධිකත්වුයට ‍හේතුවත් මිනිසුන් අතර ‍ආත්මාර්ථකාමීන්ට වඩා පරාර්ථකාමීන් අඩුවන්ට හේතුවත් කිව හැකිදැ”යි වික්රතමරත්න මහතා මගෙන් ඇසූ බැවින් ඒ යුද්ධ කථාව නවත්වන්ට විය. ඉතින් මනුෂ්ය්යන්ට වඩා තිරිසන්ගත සත්වයන්ගේ අධිකත්වය මැණික්වලට වඩා අනිත් තිරිවාණාදී ‍ගල් වර්ග අධික වූවා මෙනැයි කියා මඳක් විස්තර ‍කළෙමි. මනුෂ්යාිත්මය ඉතා දුර්ලභ වශයෙන් ලැබිය යුත්තකි. මක්නිසාද ඒ මනුෂ්යාිත්මය ඉතා දුර්ලභ වශයෙන් ලැබිය යුත්තකි. මක්නිසාද ඒ මනුෂ්යා ආත්මය ලැබිය හැක්කේ පින් කිරීම නිසා බැවිනි. එයිනුත් අෂ්ට දුෂ්ට ක්ෂණයෙන් විනිර්මුක්තවූ මනුෂ්යානත්මයක් ලැබීම අතිශයින්ම දුර්ලභ වන්නේය. කුමක් හෙයින්ද යත්, ඊට හේතුවූ පින් කිරීම ඉතා දුෂ්කරය. පින් කිරීම දුෂ්කර බවට බලවත් සාක්ෂියක් නම් පින් කැමති අයගේ අඩු කමය. පින් කිරීම ගෙයක් තැනීම වැනි දුෂ්කර වැඩකි. නමුත් පව් කිරීම, ගෙයක් ගිනිලා දැමීම වැනි පහසු වැඩකි. හිත යම්කිසි උත්සාහ‍යක් නැතිව උවත් පව් කිරීමට කැමතිවේ. නමුත් බලවත් වී‍ය්ය්ාහ‍යෙන්වත් පින් කිරීමෙහි යෙදවීම දුෂ්කරය. ඔයක් පහසුවෙන් මුහුදට ගලා යාම පව් කිරීමට හිත යෙදෙන බවට උපමාය. ඔයක් බලවත් වීය්ය්ුදටයෙන් ඉහළට හරවා කුඹුරු ආදියට ජලය ගැනීම පින් කිරීමට හිත යොදවන බවට උපමාව වේ. ඉතින් පහසුවෙන් ලෝක සත්වයා කරණ පාප කර්මයට විපාක වශයෙන් ලැබෙන සතර අපායත් පහසුවෙන් අපට පෙණේ. ඉතා අමාරුවෙන් කරණ පුණ්යන කර්මයේ විපාකය ලබන බ්රනහ්ම ලෝකාදියද මිනිසුන්ට දක්නට නොලැබේ. එක ගුලක සිටින කුහුඹුවන්ගේ ගණනත්, එක තුඹසක් බඳිනා වේයන්ගේ ගණනත් මුළු මහත් දඹදිව වාසය කරන මිනිසුන්ගේ ගණනටත් අධික වේ. ඉතින් පින් කිරීමෙහි දුෂ්කරතාව නිසා මිනිස් අත් බැව් ලබන්නවුන්ගේ ගණන අඩුවත් බව් කිරීම ඉතා පහසු බැවින් තිරිසන් ආදී අපා දුක් විඳින්නන්ගේ ගණන ඉතා අධිකවත් පවත්නා බව සැලකිය යුතුය. මනුෂ්යාේත්ම භාවය ලැබීමට හේතුවන කුසල කර්ම ඵලය නැති කල්හි මිනිසත් බව නො ලැබීම බිජුවට නැතිකල්හි එයින් ලබන ඵල නැත්තාක් මෙන්ය. ලෞකික ලෝකෝත්තර සියලු සැප සාදා ගැණීමට මනුෂ්ය්යා උසස් ලෙස සලකනු ලැබේ. මනුෂ්යාුත්ම භාවය ලැබීමෙන්ම කාලික වූ ස්වර්ග සැපතත් ලැබිය යුතු නම් සියලු දුක් නැති කරන උතුම් වූ

නිරොධය ලැබීමට එම මනුෂ්යාූත්ම භාවය අතිශයින්ම උවමනා වේ. ඉතින් ඉතාමත් හීන වූ ආත්මාර්ථන ප්රනතිපත්තියෙන් ලැබිය හැකි මනුෂ්යා්ත්ම භාවය ලැබීම දුර්ලභ වන්නේ ඒ තමාගේම ආත්මයට හිත සැප එලවන ආත්මාර්ථ කාමීන්වත් ලෝකයේ අඩු බැවිනි. තමන්ගේ ම ආත්ම භාවයවත් උසස් බවට පමුණුවාගත හැකි සුචරිත ක්රිමයා කළ නොහැකි. මනුෂ්ය යන් අතර පරාර්ථ ප්රණතිපත්තිය නම් වූ අනුන්ගේ යහපත පිණිස ක්රි.යා කරණ උතුම් වූ මහතුන්ගේ උත්පත්තිය දුෂ්කර බව හැඟවීමට උපමාවක් දැක්වීම පවා දුෂ්කර වේ. අහෝ! ලෝකයේ හැටි! ස්වකීය පුත්රදයාට ද දුක් දී තමාගේ සැපම සලකන මනුෂ්යුයන් අතර අනුන්ට සැප දෙන පිණිස දුක් විඳින උතුමෙක් හෙවත් පරාර්ථකාමී උත්තමයෙක් කෙසේ ‍ඇතිවිය හැකිද? තමාට ඉහලෝක පරලෝක දෙකේහි බලවත් දුක දෙන බව දැක දැකත් ඒ වේලාවට කය සිත පිනවන දුශ්චරිත කරණ මනුෂ්යදයන් අතර අනුන්ගේ සැපත සඳහා ස්වකීය ජීවිතයට අප්රරමාණ වූ දුක් දෙමින් පරාර්ථ ප්රතතිපත්තියෙහි නියුක්ත උත්තමයන් ගැන සිතන්ට වික්රදමරත්න මහතාට මේ මනුෂ්යාිත්මයේ දුර්ලභ බව ප්ර කාශ වන ප්ර්ස්තාවෙහිම මතක්කර සිටිමි. මා මේ කී ධර්ම කථාව ඉතාමත් සංසුං ලෙස කල්පනා නොකළොත් අවබෝධ කර ගැණීම දුෂ්කරය. ඉතින් පිරිසිදු ආත්මාර්ථකාමී භාවයවත් නැති නිසා මනුෂ්යුයන් අඩුව තිරිසන් ආදී සතර අපාගත සත්වයන් අධිකවන බව අපටම පෙණේ. ඒ එසේ නම් පිරිසිදු පරාර්ථකාමී භාවය ඇති හෙවත් අනුන්ගේ යහපත පිණිස මුලු ජීවිතය පරිත්යාේග කොට අනුන් නිසා බලවත් දුක් විඳින උත්තමයන්ගේ දුර්ලභත්වය කෙතරම්දැ යි අපට සිතාගත හැක්කේ ද? සත්තකෙන්ම අපට සිතිය නොහැක. මනුෂ්යහයෙක්ව ඉපිද නැවත තිරිසන් ආදී අපායවලට යාමවත් නොසලකා හිතට කයට සැපය යි අඥාන කමින් සිතාගත සුරා පානාදී විවිධ දුශ්චරිතයෙහි හැසිරෙණ මනුෂ්යනයන් අතර ඒ සියලු දුශ්චරිත වලිනුත් තොර වූ තමන්ගේ ජීවිතයට බලවත් දුක්ද දෙමින් අනුන්ගේ යහපත සලසා දීමට දිව‍ා රාත්රීට වීර්ය කරණ මහොත්තමයන් ඇතිවන කාලය තරම් සුභාග්යද කාලයක් වත් ඒ මහොත්තමයන්ගේ උදාරතර ගුණය සලකා ගැණීමට පිළිවන් මනුෂ්යතයා තරම් පුණ්යහවන්තයෙක්වත් ඇතැයි සිතිය නොහැක්කේය. එබඳු මහොත්තමයාන කෙනෙකුන් වහන්සේගේ වචනයත්, ජීවන චරිතයත් ප්රතකටව පවත්නා මේ කාලයේ ඉපද සිටින අෂ්ට දුෂ්ටක්ෂණයෙන් විනිර්මුක්ත අපි පුණ්යරවන්ත

නොවෙමු යයි කිය නොහැකි නමුත් විනාශ දැයක බව දැන දැනත් ගින්නට වැද නසින පලගටියන් මෙන් සිංහල මිනිසුන්ද දුශ්චරිතාන්ධැකාරයේ නිමග්නව ඉඳිති” යි මා කී විට වික්ර මරත්න මහතා බලාපොරොත්තුව පැමිණියාටත් වඩා කාරණා දැනගතිමියි කියා ස්තුතිකොට යන්ට ගියේ ය.

වික්ර මරත්න මහතාත්, මාත් කථාකොට නිමවන් විට රාත්රිප අට හමාරය. ගෙයි දොර වැසීමට උවමනා බැවින් ස්තෝප්පුවේ වුන් මම සාලයට අවුත් එහි හාන්සි පුටුවක් පිට වාඩි ගතිමි. මගේ වැඩකාර ළමයා වන‍ ජෝන් වාඩිවී සිට හාන්සි පුටුව ලඟ තිබුනු කු‍ඩා මේසය උඩ පොත් කියවීමට පාවිච්චි කරණ ලාම්පුව ගෙණත් තබා දොරවල් වසා ගේ තුළ දල්වා තිබුණු අනිත් සියලුම පහන් නිවා ඔහු නිදන ස්ථානයට ගොස් නිදා ගත්තේය. මට කැම්බල් පාරක් උයනේදී සම්බවූ විදුරු කැබලි දෙක සවිකරණ ලද මගේ කන්නාඩිය පරීක්ෂාසකර බලන්ට ඉඩක් නැතිව අතේම තිබුණු බැවින් වහාම කන්නාඩිය ඇසේ දමා පරීක්ෂාරකර බැලීමි. අද්භූතයකි! මගේ ඇස් අමුතුවිය. බිත්තා ලෑලි ආදී ආවරණයන් විනිවිදව පෙණෙන පුදුම දෘෂ්ටියක් ඒ කන්නාඩිය දැමූවිට ඇතිවිය. සිවිලිං සහිත වහලත් විනිවිදව චන්දය මණ්ඩලයද, තාරකාද, බොල් වලාකඩද මට පෙණුනේය. ඉතා ඈත - මගේ කල්පනාවේ හැටියට හැතැප්ම තිහ හතළිහක් දුර තිබෙන දේවල් මට පෙණන බව හැඟුනේය. මේ කන්නාඩියේ පුදුම ගතියක් නම් පොළව යට තිබෙන දේවල් හෝ අල්මාරි පෙට්ටගම් ආදිය ඇතුළේ තිබෙන දේත් පෙණෙන්ට වීමය. මේ නිසා මට මඳක් චංචල ගතියක් ඇතිවිය. ඉතින් අපේ ගෙයි වසා තිබෙන දොර දෙසට මගේ ඇස් යොමුකළ විට මීට පෙර මම කවදාවත් නුදුටු “ මිනිහෙක්” මට සතර රියනක් පමණ ඈතින් දොර අයිනේම හිටගෙණ ඉන්නා බව දැක මම පුදුම වීමි. ඇත්තෙන්ම මම භය නුවූයෙමි. නමුත් කෙතරම් පුදුමයට පැමිණියෙම්ද කිවහොත් මට මා ගැනම සිහිකරගත නොහැකි විය. මේ පුදුම ආගන්තුකයා නිශ්චල ලෙස මා දෙස බලාගත් හැටියේම සිටියේය. මමවද මිනිත්තු පහළොවක් පමණ ඔහු දෙසම බලාසිට නොයෙක් දේ කල්පනා කිරීමෙන් සිහි එලවා ගතිමි. මේ අද්භූත ආගන්තුක‍යාගේ විස්තර පළමුකොට කීම මේ කියවන්නාට ප්රහයෝජනය වේයයි සිතමි. මොහුගේ හිස ඝනවූ කැරලි ගෙතී ගිය දුර්වර්ණ වූ පිළිකුල් කටයුතු අවුල් හිස කෙසෙන් වැසිලාය. ඇස් වටකුරුව ගිනිදැල් මෙන් රක්ත වර්ණය. මුඛය සාමාන්යි


මනුෂ්යලයෙකුගේ මුඛයට වඩා වෙනසක් නැත. නමුත් තවමත් මට ඔහුගේ දත් දකින්ට බැරිවිය. අත් දෙක ඉතා දිගය. කකුලේ දන දෙක නොනැමී පිරිමදින්ට පිළිවන. අධ කාය උර්ධවකායට වඩා දිගය. ඉතාමත් සිහින් වූ දුර්වර්ණ වූ ශරීරයකි. මුලු ශරීරයේම මස් රාත්තලක් ඇතැයි සිතිය නොහේ. ඉතා දුකින් පෙළෙන සාපිපාසා දෙකින් යුත් කෙනෙක් බව හැඟුනේය. ඈට සමින් වැසී තිබෙතත් මා ඇසේ දමා තිබෙන කන්නාඩිය නිසාදෝ ඔහුගේ ඇට එකිනෙක වෙන් වෙන්ව මෙන් මට පෙණුනේය. මේ අද්භූත ආගන්තුකයා දුටු වේලේ පටන් මගේ සිත විකෘත වූ බැවින් ඔහු සමග කථාකිරීමත් ප්රගමාද විය. ඔහු දෙස යොමුකළ මගේ ඇස් වෙන පැත්තකට හරවන්ට වීරිය කළ නමුත් නොහැකි විය. මට දකුණු දෙසින් බිත්තියේ සවිකර තිබෙන ඔර්ලෝසුව දෙස බලන්ට සිතුන නමුත් ඒ පැත්ත බලන්ට මගේ කකුල හරවා ගත නොහැකිවිය. සැබවින්ම මගේ කකුල ලීයකින් කළ එකක් මෙන් සතර පැත්තෙන් කොයි අතකට වත් හරවා ගත ‍ෙනා හැකිවිය. ඉතින් අමුත්තා සමග කතා කරන්ට සිතුන නමුත් මගේ මුඛයේ කෙල සිඳී තිබුන බැවිනුත් දිව දර ලීයක් මෙන් දැඩිව තිබුනු බැවිනුත් කිසිවක් කථාකරගත නොහැකි විය. මෙසේ සිටිනවිට ඔර්ලෝසුවේ නවය වැදුනේය. මේ නිසා වේලාව මම දැනගතිමි. ඉතින් මේ අද්භූත ආගන්තුකයා අඩි බාගයක් පමණ ඉදිරියට අවුත් ඉතාමත් බැගෑපත් හඬින් මෙසේ කියන්ට පටන් ගත්තේය.

“ මි තු රු උදාවී තිස් බෑ මුළු ල් ලේ අ ඳු රු දුරැර කරමින් ලොව උදු ල් ලේ පැ ත රු සුවඳ පොබයයි තඹුරු පු ල් ලේ රු දු රු දුක් නලෙන් මා සිත තැවු ල් ලේ

පො බ ක ර කුමුදු හැර සොර අබිසර මාන ලොව තු ර පැතිර සඳ රෑ සොඳ සඳ පාන බ ල ත ර ගිමන නිවෙතත් මගෙ පින් හීන නි ර තු ර හද දවයි දුක ගිනි අස මාන


තු රු ම ත සියොත් වනතුරු සිව් පා ස ත්තු මැ දු ර ත සිලා ලෙන මිනිසුන් වෙන ස ත්තු වැ ද හෙ ත දුක් සැපෙන් නොවමින් එක යු ත්තු එ ක යු ත රැ දෙවෙනි මම මය දුක් ප ත්තු

ද යි කුස සයින් වියලෙයි පැන් පිපා සෙනී දෙ යි ගත වේදනා සපනා සපා මෙනී කොයි අත ගියත් දුක් යකිනිය සිපා ගනී අ යි යෝ ඉතින් වැවෙමි මොන උපා යෙනී

නි දි නැ ත අඟර නැත පැන් නැත කිසිම දි නේ තොර නැ ත කඳුලු තවමත් සිට උපන් දි නේ නොමැරෙ ත ඒ නමුත් යත හැක තැනින් තැ නේ පි න ඇ ත වියැකි නම් පිහිටක් හිමි සඳු නේ ”

මේ අර්ථාන්විත රසවත් කවි කිව හැක්කේ උගත් කෙනෙකුට පමණකි. මට අඳුනාගත නොහැකි උවත් මේ කථාකරණ තැනැත්තා සැලකිය යුත්තෙකැයි සිතා මගේ ඇසේ දමා තිබුනු කන්නාඩිය අතට ‍ගනිමින් “නුඹ කවරෙක්දැ”යි ඇසුවෙමි. කන්නාඩිය ඇසෙන් ඉවත්වෙන කොටම ඒ දොර ලඟ සිටි “අද්භූත ආගන්තුකයා” ද ඉවත්වී ගියා මෙන් මට නොපෙණී ගියේය. නමුත් මගේ වචනයට පිළිතුරු වශයෙන් “මගේ වත ගොත විස්තර ඇතුව කියන්ටද නැතහොත් ලුහු‍ුඬෙන් කියන්ටදැ”යි මගෙන් ඇසුයේය. මට ආගන්තුකයා නොපෙණෙන නමුත් මා ඉදිරිපිට ඉන්නා බව දනී. මා අතේ තිබෙන කන්නාඩිය එසේ මෙසේ එකක් නොව මහානුභාව සම්පන්න එකකැයි අව‍බෝධ විය. ලෝකයේ අද්භූත ධර්ම ඇතිවීම සත්තක බව මට ප්ර ත්යගක්ෂ විය. මගේ අද්භූත ආගන්තුකයාට පිළිතුරු දෙන්ට ප්ර්ථම ඔර්ලෝසුව දෙස බලා වෙලාව නවයකුත් කාල බැවින් නැවතත් කන්නාඩිය ඇසේ ලා ගත් විට පළමු මෙන්ම අමුත්තා මට පෙණෙන්ට විය. කලින් මදක් විකෘති භාවයට පත්ව සිටි නමුත් දැන්


මගේ ප්රැකෘති ඥානය ලැබී සිත නිසංසල වූ බැවින් මේ අද්භූත ආගන්තුකයා සමග මුලු රාත්රිටයම කථාකරමින් ගත කළොත් පාඩුවක් නැතැයි සලකා “හොඳයි නුඹේ වතගොත විස්තර සහිතව කියන්ට කොපමණ වේලා ගතවේදැ”යි ඇසුවෙමි. එය ඉතාමත් විස්තර සහිතව කියන්ට කොපමණ වේලා ගතවේදැ”යි ඇසුවෙමි. එය ඉතාමත් විස්තර සහිතව කියතොත් දවස් තුනකටවත් වඩා ගත වේ. ඒ දවස් තුන මුලුල්ලේ තමුන්නාන්සේ කිසිම ශරීර කෘත්යවයක් ‍නොකොට අසා ගෙණ සිටිතොත් සම්පූර්ණ විස්තර ඇතුව කිව හැක. තරමක් විස්තර සහිතව කියතොත් හෙට උදේ හයට පමණ ඉවර කළ හැක. ඉතින් තමුන්නාන්සේ ඔය දෙවිධියෙන් කොයි අන්දමට ‍මගේ වතගොත අසන්ට සතුටුදැයි මේ අද්භුත ආගන්තුකයා ඇසුයේය. එවිට මම මහත් පුදුමයට පැමිණ මේ පුද්ගලයාගෙන් දැනගත හැකි ප්රෙයෝජනවත් දේ අප්ර මාණ විය හැක. එහෙයින් එලිවන තුරුම මොහුගේ තොරතුරු අසන්නෙමි. එලිවෙනතුරුත් කෙළවර කරගන්ට බැරිවුනි නම් හෙට දවසත් මොහුගේ තොරතුරු මම අසන්නෙමියි සිතාගෙණ “හොඳයි මම පළමුකොට නුඹේ නමත්, නුඹ මෙහි පැමිණි හැටිත් නුඹ නැවතී ඉන්න තැනත් නුඹ කවර සත්වයෙක්ද යන වගත් අසන්නෙමි”යි ප්ර කාශ කළ විට මේ අද්භූත ආගන්තුකයා ගිනිමෙන් රක්ත වර්ණවූ ඇස් දෙක ඔරවා ම‍ා දෙස කෝපයෙන් මෙන් බලා මගේ නමත් මා පැමිණි හැටිත් මා නැවතී ඉන්න තැනත් මා කවරෙක්ද යන වගත් තමුන්නාන්සේට නො කියමි. මගේ වත ගොත සවිස්තරව අසන විට තමුන්නාන්සේට තේරුම් ගත හැක. ඉන් නිසා මගේ තොරතුරු කියන්ටද නැතහොත් යන්ටදැ”යි ඇසීය.

මේ අද්භූත ආගන්තුකයා මා දෙස රවා බැලූ හැටි සැබවින්ම සාමාන්යග මනුෂ්යභයෙකුගේ සිත චංචල වන තරම්ය. නමුත් යම් කිසි කරුණු සිහිබුද්ධි එලවා කල්පනා කිරීමට පුරුදු කරණ ලද මට ඒ ආගන්තුකයාගේ තද බැල්ම කාරණයක් නොවීය. අවතාර ආදියට භයවන මිනිස්සු කල්පනා විරහිත අඥානයෝය. අමනුෂයෙක් යම් කෙනෙකුට මුණ ගැසුනත් භය නොවී කථා කළොත් ඔහුගෙන් යම්කිසි වරදක් නොවේ. දරුණු නයෙක් පැමිණියත් කලබලවී සිත විකල කර නොගත්තොත් ඒ නයාගෙන් ගැලවී යන්ට හෝ ඌ එලවා දැමීමට කිසිසේත් අපහසු නොවේ. මට කථාකරන්ට ලැබුනු ආගන්තුකයා ගැන මම බලවත් ප්රීනතියට පැමිණියා මිස කිසි ගෙසකින් භය නුවූයෙමි. ඉතින් මේ පුදුම ආගන්තුකයා මා දෙස බලාගෙන මෙසේ කියන්ට පටන් ගත්තේය.

02. පරිච්ඡෙදය[සංස්කරණය]

මගේ තොරතුරු ඉතා ලුහුඬෙන් කියන බව සලකාගත යුතුයි. යම් කෙනෙකු විසින් කියන දේ අවංකව ශ්රනවණය කළානම්, හොඳින් තේරුම් ගත්තා නම් මටත් තමුන්නාන්සේට මෙන් සුවසේ ඉන්ට ඉඩ ති‍බුනේය. කෙතරම් වැදගත් කාරණා උවත් ඉතා සැහැල්ලු ලෙස, ක්රී්ඩා ලෙස, විහිලු ලෙස සැලකීම වර්තමාන කාලේ හෙවත් කලියුග කාලේ මිනිසුන්ගේ ගතියකි. ඒ ගතියටම නො පැමිණ මා කියන්නේ සත්යගයකි. අඥානකම දුරලා අවබෝධ කර ගණිතොත් ඒකාන්ත සත්යනයකැයි පළමු කොටම කියමි. යමක් පැමිණෙන්ට ප්රාථම එහි තත්වයය කලින් තේරුම් ගැණීම සාමාන්යඅ ජනයාට දුෂ්කරය. නමුත් ධර්ම ශාස්ත්රා නුකූලව උගන්වා දුන් විටත් ඒ තේරුම් නො ගැනීම අඥාන කම ම මිස අනිකක් නොවේ. “ඕවා බොරුය, ඔය දවල් හීනයක” කියා යම් යම් කරුණු පැහැර හැරීම අමාරු නැත. නමුත් ඒවා තමාටම හැබෑවුනු දවසට නම් ඇත්ත ලෙස හැ‍ඟේ. ඉන්පසු පසුතැවිල්ලට පත් වේ. “මහත්මයා‍ණනි, මම තමුන්නාන්සේගේම ජාතියේ කෙනෙක්මි. මම මීට අවුරුදු දෙකකට ප්රවථම අබන්වී අප්පුගේ පුත්රසයාව සිටියෙමි. ඉතින් මට ගිය කල දසාව ඇසුවොත් තමුන්නාන්සේට බලවත් සතුටකුත් දුකකුත් ඇතිවිය හැක. නමුත් මට නම් එය කීමෙන් වඩ වඩා දරුණු දුක් ඇති වේ. මීට අවුරුදු දෙකකට ප්රනථම මට පියාව සිටි අබන්චි අප්පු කොළඹට නුදුරු වූ ගමක වාසය කළ කෙනෙකි. ඔහු පෙණීමෙන් අශීලාචාරය” කියන ගුණධර්මග අතින් ශීලාචාර පංක්තියට අයිති කෙනෙක්ව සිටියේය. උත්පත්තියෙන්ම අසරණයෙක් වූ ඔහු අනුන්ගේ බර බාගා කරත්තයක් බැඳ දිනකට ශත පණහක් පමණ ලබාගෙණ ජීවත් විය. ඒ කාලේ සෙලෝහාමි නමැති ස්ත්රිපයක් සමග සිරිත් ප්රුකාර සරණ විය. අබන්චි අප්පු මළපත අකුරක්වත් නොදත් කෙනෙක් වූවත් පරම්පරාගත සමහර කුල චාරිත්රඅ බොහෝ දුර රක්ෂා කළ කෙනෙකි. නමුත් සෙලෝහාමි එබඳු කෙනෙක් නොවේ. මිහිරන් මඩුවල

නැතහොත් අන්ය වැඩපලවල කටයුතු කරන ස්ත්රීෙහු ඉතාමත් ඉක්මනින් ගුණ ධර්මාදියෙන් පිරිහෙති. අප රටේ අසරණ කම්කරුවන්ගේ හෝ කම්කරු ස්ත්රීින්ගේ සුචරිත දියුණුවට ක්රිඅයා කරණ සමාගම් හෝ සත්පුරුෂ ජනයා විරල හෙයින් අයුතු පැවතුම්, අසුභ කථාබස්, අධර්ම සිතිවිලි මේ නූගත් පහත් වැඩකරුවන් අතර ඉක්මණින් සිදුවන බව කිව හැක. ඉතින් මේ පංක්තියේ සිටි අබන්චි අප්පුගේ භාර්යාව වන සෙලෝහාමිද, ගුණ ධර්මාදියෙන් හා උදාරතර කල්පනා වලින් හිස්වූ පහත් ස්ත්රිායකි. මේ අබන්චි අප්පු කරත්ත බැඳීමෙනුත්, සෙලෝහාමි බුලත් විට හා වෙරළු ආදිය විකිණීමෙනුත් ජීවිකාව කරගන්නා අතර මම ඔවුන්ට පුත්ර ව උපන්නෙමි. මට පසු තවත් ගෑණු දරුවෙක් - රෙජිනා උපන්නාය. ඉතින් අපි දෙදෙනා ඉතා දුකසේ වැඩෙමින් සිටින අතර අපේ මව් වන සෙලෝහාමි අපේ පියානන් වන අබන්චි අප්පු අත්හැර මුත්තුසාමි නම් දෙමල මිනිහෙකු සමග එක්විය. ඒ කාලයේදී මගේ වයස අවුරුදු අටකි. මගේ නැගණිය වන රෙජිනාගේ වයස අවුරුදු හතකි. මේ කාලේ මගේ පියාගෙනුත්, මව්ගෙනුත් එකාකාරවම උපකාර ලැබුනේය. මගේ මව් දුෂ්ට වු මුඛයක් ඇති ස්ත්රිුයක් බැවින් නිතරම අසරණ පියාට බනී. තමා දෙවෙනි හිමිකමට පත්කර ගත් දෙමළ මනුෂ්යකයාටද නිතරම ගරහන නමුත් ආත්ම ගෞරවය නැති ඒ කාලකණ්ණි මනුෂ්යකයා ඈත් සමග කල් යැව්වේය. මගේ අසරණ පියා මාත් නැගණියත් සිංහල පාඨශාලාවකට යවන ලදහ. මා තුන්වෙනි පංක්තියටත් නැගණිය දෙවෙනි පංක්තියටත් ඉගෙණගත් හැටියේම පියා ලෙඩ වීමෙන්ද, මව් අප අත්හැර යාමෙන්ද ඒ ඉගෙණීමද නවත්වන්නට විය. මේ කාලේ මගේ වයස දස අවුරුද්දකි. නැගණියට නව අවුරුද්දකි. ආගිරිස් අප්පුහාමිලාගේ ගෙදර මෙහෙකරු කමට නංගිව නවත්වා මම රුද්රිඅගු මහත්මයාගේ බෝයි කෙනෙක් වීමි. ඒ ගෙදර බලවත් මහත්තැන් උදේට කඩයප්පන් සාදන බැවිනුත් හවසට ලුනු මිරිස් අච්චාරු සාදන බැවිනුත් මට කරදරයක් විය. රුද්රිෙගු මහතුන්ගේ ගෙදර මට තිබුණු වැ‍ඩනම් උදේ හයේ සිට අට වනතුරු අහල පහල ගේවලට කඩයප්පන් අරන් යාමත් දවල් දහයමාරට රුද්රිසගු මහතාගේ කෑම පෙට්ටිය උන්නැහේ උගන්වන පාඨශාලාවට ගෙණ යාමත්, ඉන්පසු සවස පහේ සිට හත දක්වා ලුනු මිරිස් අච්චාරු විකිණීමත් යන මේ වැඩ තුණ පමණකි. ඉතිරි කාලයේ මට ඕනෑ හැටියට සෙල්ලම් කිරීමට හෝ ඉගෙණ ගැණීමට හෝ ඉඩ ති‍බුණේය. මහලු රුද්රිලගු

නෝනා වැ‍ඩ කරුවන්ට හොඳට කෑම ඇඳීම දෙන කරුණාවන්ත නෝනා කෙනෙක් බැවින් කෙතරම් වැඩ තිබුනත් ඒ ගෙදර ඉතාමත් හොඳ තැනක් හැටියට සලකා ගතිමි. මම රුද්රිතගු මහතුන්ගේ ගෙදර ඉන්නා කාලේ ඒ ගෙදර කුඩා ළමයින්ගෙන් අසාගෙණත්, පාඨශාලාවට කෑම පෙට්ටිය ගෙණ ගිය විට පැයක් දෙකක් එහි නතරව ඉන්නා අතර පාඩම් කිරිමෙනුත් ඉංග්රීටසි දෙවෙනි පොතට ඉගෙණ ගතිමි. රුද්රිමගු මහත්මයාලාගේ ගෙදර නිතරම ඉංග්රීතසි කථාකරණ බැවින් මටද “කැඩිච්ච” ඉංග්රීෙසි වචන තිහ හතළිහක් කථා කරන්නට පිළිවන්කම තිබුණේය. මේ කාලේ මට මසකට රුපියල් දෙකක් පඩි ලැබුනේය. ඇත්තෙන්ම මම එයින් රුපියලක් තාතාතාට දුනිමි. මගේ නම ආබ්රාේහම්ය. නමුත් ආප්පත් අච්චාරුත් විකිණීම නිසා බලවත් සැනසිල්ලක් මට අත්විය. මට ලැබෙන රුපියල් දෙක මාසය අන්තිමේදී අම්මා අතට ගෙණත් දීමට අතපසු නොකළෙමි.

මෙසේ ටික කලක් සිටින විට ඒ රුද්රිිගු මහතුන්ගේ ගෙදර කීප දෙනෙක්ම හදිසියෙන් මිය ගිය බැවින් ඔව්හු කොළඹ අත්හැර අන්යෙ පළාතකට පදිංචියට ගියා හ. මට රක්ෂාවක් නැතුව ලතවෙන විට එක්තරා දෙමළ මහත්මයෙක් තමාගේ “ඔපිස් බෝයි” හැටියට මා භාර ගත්තේය. අවුරුදු තුණක් පමණ උන්නැහේ ලඟ සිට රටේ තොටෙ තොරතුරුත් කපටි කමුත් ඉගෙණගත් බැවින් මා අතේ එවකට තිබුනු රුපියල් සියයෙන් වඩා ලාභ ප්රණයෝජන ලැබෙන කටයුත්තක් කරන්ට පිළිවනැයි සලකා උන්නැහේගෙන් අස්ව “කොමිස් වැඩ හෙවත් අනුන්ගේ ඉඩම් කඩම් බඩු ආදිය විකුණා දී ඊට ගාස්තුවක්” ලබා ගැණීමෙන් දියුණු වෙන්ට කල්පනා කළෙමි. මම බ්රෝීකර් වැ‍ඩ කරන්ට පටන්ගත් හැටියේ පරණ කුසලක් මතුවුනාක් මෙන් එක අවුරුද්දේම රුපියල් හත් දාහක් පමණ සපයා ‍ගතිමි. ඊට පසු මගේ කටයුතු නිසි පිළිවෙලට යොදාගන්ට සිතා පළමුවෙන්ම දෙසැම්බර් මාසේ 21 වෙනිදා කලිසම්, මේස්, සපත්තු, කෝට්, වේස් කෝට්, ටයි ආදී යුරෝපීය ඇඳුම් අඳින්ට පටන් ගතිමි. එය ‍ඇඳ

ලොකු කන්නාඩියකින් බැලූ විට ඇත්තෙන්ම මගේ තත්වය මීට ලොකු වෙනසක්ව පෙණුනේය. මා කරත්තකාරයෙකුගේ පුතෙක් බවවත්, වෙරළු අච්චාරු විකුණන්නියෙකුගේ පුතෙක් බවවත්, අනුන්ගේ දර දිය ඇදපු කෙනෙක් බවවත්, ආප්ප විකුණාපු, අච්චාරු විකුණාපු කෙනෙක් බවවත්, ඔපීස් බෝයි කෙනෙක්ව සිටි බවවත්, කලින් වැරහැලි ඇඳි කෙනෙක් බවවත්, තවමත් තම පියා රික්ෂෝ අදින බවවත්, මව් වෙරළු අච්චාරු විකුණන බවවත් මට මතක නැති විය. එසේ මතක නැතිවුනා පමණක් නොවේ. මම උසස් වලව්වක කෙනෙක් යයි සිතුවෙමි. නමුත් මගේ ඒ කල්පනාවද ඊට පසු වෙනස්වූ බව මත්තෙහිදී දැනගත හැක. මා සන්තක ධනය රුපියල් හත්දාහකි. උපයන ලද්දේ අතේ තිබුනු එක රුපියල් සියයේ ආධාරයෙනි. දැන් රුපියල් හත් දාහක් තිබියදී කෙතරම් විශාල ධනයක් අවුරුද්දකට සපයා ගන්ට බැරිද? ශතයක්වත් අතේ නැතුව ඉන්නා කෙනෙකුට ශත පහක් සපයා ගැණීම අමාරුය. ඉතාමත් දුක් විඳලා රුපියල් පණහක් උපයාගත් තැනැත්තාට ඊලඟ රුපියල් පණහ ඉපයීමට පළමු රුපියල් පණහ උපදවන්ට ගත් මහන්සියෙන් දෙකෙන් කොටසක්වත් උවමනා නැත. රුපියල් සියයක් ලැබුනාට පසු තවත් සියයක් ඉපයීමට පළමු රුපියල් පණහ ඉපයීමට වන මහන්සියෙන් තුනෙන් කොටසක්වත් උවමනා නැත. මේ ක්රයමයට ගොස් දාහක් ලැබුනාට පසු දෙවෙනි දාහ ඉපයීමට මුල් රුපියල් පණහ ඉපයීමට ගත් මහන්සියෙන් දහයෙන් කොටසක්වත් උවමනා නැත. රුපියල් දස දාහක් ඉපයුවාට පසු ඊලඟ රුපියල් දහදාහ ඉපදවීමට මුලින් රුපියල් පණහ ඉපදවීමට ගත් මහන්සියෙන් විස්සෙන් කොටසක්වත් මහන්සි විය යුතු නොවේ. ඉතින් රුපියල් විසිදාහක් උපදවා ගත් පසු කිසි මහන්සියක් නැතිව ඊලඟ රුපියල් විසි දාහ සපයන්ට පිළිවන. දැන් කාලේ හැටියට රුපියල් ලක්ෂයක් තිබෙන හොඳ නරක දත් - ධනය ඉපදවීමට ආසාව ඇති කාට වුවත් හිතට කයට උවමනා කරණ සැප පහසු විඳිමින්ම මුලින් රුපියල් පණහ සපයා ගන්ට ගිය ‍කාලයට වඩා අඩු කාලයකදී තවත් රුපියල් ලක්ෂයක් සපයා ගන්ට පිළිවන. මේ ආදී වශයෙන් ධනය උපයන ක්ර මය කල්පනා කරමින් මම ඉතාමත් ඉහළ පොහොසතෙක් වන්නෙමියි සිතාගෙණ බ්රෝයකර් වැඩත් සමග තවත් වෙළඳාමක් ආරම්භ කෙළෙමි. නැව්වලට එළුවන් හරකුන් දීම ආදිය මගේ වෙළෙඳාමේ තව කොටසකි. මස් පිණිස පණපිටින් දෙන ඒ සතුන් මගේ වෙළෙඳාමේ තව කොටසකි. මස් පිණිස පණපිටින් සෙන ඒ සතුන් කිරා විකුණන බැවිනුත් ඔවුන්ගේ බර වැ‍ඩි වීමට හොඳ

උපක්රසම දත් ආතේවකාරයෝ මට උන්නාහ. ගවයාට දෙදවසක් පමණ වතුර බොන්ට නොදී ඉඳ විකුණන්ට කිරණ විට වතුර ගැලොන් කීපයක් පෙවීමයි. මේ වෙළඳාමත්, බ්රෝවකර් වැ‍ඩත් තවත් අවුරුදු තුණක් පමණ කර බැලූවිට මගේ ව‍ටිනාකම රුපියල් ලක්ෂයකට වැ‍ඩිවිය. ඉතින් වස්තුව සපයන ක්ර මය මම මුලින් කී හැටි තමුන්නාන්සේට වැටහෙන්ට ඇතැයි සිතමි. මම මෙසේ ධනවත් බවට පැමිණ හෙවත් කලිසම් අඳින්ට පටන්ගෙණ තුන් අවුරුද්දක් අතර මටවත්, පියාටත්, මසකට රුපියල් පහ බැගින් දී ගෙණ ආවෙමි. නමුත් නංගී මගේ ස්ටයිල් එකට හදාගන්ට පිළිවන් නිසා ඈ ම‍ා පදිංචි ස්ථානයට කැඳවා ගෙණ ඉංග්රී සි පන්නයට ඇඳුම් අඳින්නට දී සැපසේ ඉන්ට සැලැස්වීමි.

ඇත්තෙන්ම මහත්මයෝ මා පොහොසත්වුනු ඉක්මන්කම ගැණ මගේ පියා ටිකක් කණගාටුවුනු බව මම තමුන්නාන්සේට කියමි. එක් දිනක් රාත්රීී පියා මා සම්බවෙන්ට ආවේය. තවමත් පියා සරොන් ‍කෝනමක් පමණක් අඳින් කෙනෙකි. මගේ බංගලාවට ඔහු එන බව දුටු අමුත්තෙක් ඔහු යාචකයෙක් මිස මගේ වැඩකාරයෙකු හැටියටවත් නොසලකනු ඒකාන්තය. ඉතින් මේ අන්දමට මගේ පියා එක් දිනක් මා සිටි බංගලාවට ආයේය. ඒ එනකොට ගොමිස් නමැති මගේ මිත්ර යෙකුත් සමග කථා කරමින් සිටියෙමි. තාත්තා ස්තෝප්පුවෙන් නෑවිත් පිටිප්පස්සා ‍පැත්තට යන බව දුටිමි. නමුත් ගොමිස් මගේ මූණත්. ඒ මහලු මනුෂ්යැයාගේ මූණත් කීපවිටක් බැලූ බැවින් මට ලජ්ජාවක් ඇතිවිය. මා ඔහුගේ පුතා බව ගෝමිස් උන්නැහේට දැනුනාට කිසි අනුමානයක් නැත. මක්නිසාද, අප දෙදෙනාගේම මුහුණුවර එක සමාන බැවිනි. ඇත්තෙන්ම මේ මහලු “කාලකණ්ණියා” ගේ ඉඳීම මට ලැජ්ජාවටත්, අවනම්බුවටත් කාරණයක් වීයයි කල්පනාවී ඔහුගේ ඊම වලක්වන්ට කල්පනා කළෙමි. නමුත් ගොමිස් උන්නැහේ මගේ ආරාධනා පරිදි රාත්රිල භෝජනයට පැමිණ සිටි බැවින් මහල්ලා (තාත්තා) ට අද තර්ජනය නොකරමියි සිතා ඉක්මණින් කුස්සිය පැත්තට ගොස් නාකිරාළට රුපියලක් දී ගෙදරින් යන්ට කිමි. එවිට පියා මා දෙස බලා “ආබ්රීහම්, මට මේ රාත්රින රුපියලක් ‍කමක් නැත. මම ආවෙ මොකුත් ඉල්ලා ගෙන කාලා මේ කුස්සියේ ස්තෝප්පුවේ නිදාගන්ටය”යි කිවේය. ඒ වචනය ඇසෙන කොටමත් මගේ හිතට ආ කේන්තිය (දැන් මේ


වේලාවේ) මගේ කුසේ තිබෙන සාගින්න සමානයයි කී නමුත් මට මිස තමුන්නාන්සේට අවබෝධ නොවේ. ඉතින් එසේ කේන්තියෙන් “දුවපන් ජඩයා” කියා මගේ මහලු පියාට සැර වුනෙමි. එවිට ඒ මනුෂ්යයයා රුපියල මා දෙසට විසිකර “දැන් ලංකාවේ බොහෝ දෙනෙකුට සිද්ධවුනාක් මෙන් තොගෙත් විනාශයට කාරණා සැලසී තිබේ. ඇතෙකු විසින් ඉසිලිය යුතු බර සුනඛයෙකුට ඉසිලිය නොහැක. එපමණකුත් නොව තගේ ධනවත් වීමද ඉතාමත් ඉක්මන් වැඩිය. ඉක්මණට වැඩුණොත් සපලය අඩුවේය කිවේ බොහෝ ඉස්සරය. තෝ අසරණ නාකි මා මැරෙන්නටත් ප්රඩථම කුණු පණු කා ලෝකයේ ඇතිතාක් දුක් විඳ මැරී ගොස් ප්රේමත ලෝකය ආදිකොට ඇති සතර අපායෙහි කල්ප කෝටි ගණනක් දුක් නොවින්දොත් ඇතැ”යි කියා යන්ට ගියේය. ධන මදයෙන්ද, හා ඉංග්රීෝසි මදයෙන්ද, අහංකාර මදයෙන්ද මත්වී සිටි මට ඒ පියාගේ කීම බළලෙක් “ඤාවු” කී තරමවත් සැළකිළි සහිත නොවී “පලයන් කාලකණ්ණි නාකියා” කියා පියා එලවා දමා කාමරයට අවුත් නැවතත් විෂ්කි අ‍ඩියක් ගසා අවුත් ගෝමිස් උන්නැහේ සමග කතා කරන්ට පටන් ගතිමි. එදා මම ගෝමිස් උන්නැහේ සමග කතා කරන්ට පටන් ගතිමි. එදා මම ගෝමිස් උන්නැහේට එන්ට කිවේ ප්රෝධාන කොටම මගේ නාමය වෙනස් කර ගැනීමටයි. මක්නිසාද? දැන් කාලේ මුදල් ලැබෙන කොටම උසස් පරම්පරාවක නමක් ගැණීමත් සිරිතක් හෙයිනි. “කේ. අකුර” “කොස් කොලගේ” යන අපේ ගෙයි නාමය වෙනුවට යොදාගත් අකුරයි. දැන් මගේ ධවත්කමේ හැටියට මේ නම් හොඳ මදි බැවින් ගෝමිස් උන්නැහේගෙත් අදහස රැගෙණ නමක් සොයා ගැණීම සඳහා මේ කෑමක් දීමට ඕනෑ විය.

මා මිත්රෙ ගෝමිස් උන්නැහේ පරංගි, ලංසි, ඉංග්රීගසි නම් කීපයක් මා ඉදිරියේ තබන ලදී. සිල්වා, පෙරේරා, ප්ර නාන්දු, ඩයස් කුරේ, කබරාල්, දාබරේ, කල්දේරා, සොයිසා, මැන්දිස් යනාදී නම් මා ඉදිරියේ තැබුවේය. මේ නාම කොයි ගෝත්ර වල මිනිසුන්ටත් තිබෙන බැවින් ඒ කාටවත් නැති නමක්ම මට උවමනා බව කීවෙමි. සෙනෙවිරත්න, වික්රිමසිංහ ආදී සිංහල නාම ගැන මගේ කැමැත්ත කොහොමදැයි ගෝමිස් උන්නැහේ ඇසූ නමුත් දැන් ඒ අන්දමේ නම් ගැනීම කිසි අපහසුවක් නැත. නමුත් එයින් වැඩි පලක් නැතැයි කී බැවින්

ඉංග්රී සිකාරයෙක්ම බව හැඟෙන පිණිස “එබ්රතහම් ජෝන්ස්” යන නම තෝරා ගතිමි. එසේ තෝරා ගෙණ පසු දින ඉංග්රීිසි පත්රබයකද ප්ර සිද්ධ කොට එතැන් පටන් මම “ඒබ්ර හම් ජෝන්ස්” නමින් ප්රපසිද්ධ වීමි. මගේ පුද්ගලික සැප පහසු අඩු නො‍කළෙමි. නමුත් මව්පියන් ගැන ශත පහක්වත් වියදම් කරන්ට කල්පනා නොකෙළෙමි. මක්නිසාද ඔවුන් මගේ මව්පියන් මෙන් සිටින බව දැනගත්තොත් මට උසස් තැනකින් කසාදයක් බඳින්ටවත් නංගිට සුදුසු මහත්මයෙකු ජෝඩු කරවීමටවත් අපහසු බැවිනි. මෙසේ සිටින අතර නංගිගේ අත් උදව්වට ලංසි නේනා කෙනෙක් පංගාර්තු කර දුනිමි. අඩි ගැහීමට ඉතාමත් සමර්ථ ඒ නෝනා ආ දිනේ පටන් මටත් නංගිටත් බොහොම අඩි ගහන්ට පුළුවන් විය. මේ අ‍ඩි ගැහීම නිසා අපේ ලජ්ජා භය දෙකත්, සහෝදරකමුත් අන්තර්ධාන විය. ඉතින් ඒ සම්බන්ධව වැඩි විස්තර කියන්ට ඉස්සර මා අත් දැකපු කාරණයක් කියන්නෙමි. සුරාපානය කරන සහෝදර ස‍හෝදරියන් ඉන්නා ගෙදර සතර අපායෙන් කොයි අපාය වාගේ දැයි ඇසුවොත් තිරිසන් අපාය ව‍ාගේ යයි කියන මෙන් තමුන්නාන්සේට මතක් කරමි. ඉතින් තිරිසනුන්ගේ - ගව, මහිස, එළු, බැටලු, බළු, බලල්, ආදීන්ගේ හැසිරීම මිනිස් වෙසින් ඉන්නා කාටත් තේරෙන බැවින් වැඩි විස්තරයක් උවමනා යයි මම නොසිතමි. මාත් නංගිත් දෙදෙනාටම කසාද බැඳීමේ කල්පනාවක් ඇති නොවූ බවද ඉතින් සිතට ගත යුතුය. මාසයකට රුපියල් තුන්දාහක් තරම් ආදායම් ලැබුණු නමුත් අප දෙදෙනාගේ කෑමට හා වැඩකාරයන්ටත් රුපියල් දෙසිය පණහකුත් බීමට තවත් දෙසිය පණහකුත් පමණ වියදම් වුනා මිස වෙන වැඩිපුර වියදමකුත් ඇතිනොවීය. මිනිහෙක් දියුණුවීමට‍ නම් වියදමට වඩා ආදායම අධික වියයුතු බව කල්පනාවුනු මට - ලැබෙන තුන්දාහත් වියදම්වන පන්සියයත් නිතරම සිතේ පැවැත්තේය”. මේ පුදුම ආගන්තුකයා කථාකරණ ශබ්දය ඉතා ගොරෝසු වූ කටුක වූ කටුක වූ ශබ්දයක් වුවත් ඔහු කියන කාරණාවල වැදගත්කම මට තදින් වැ‍ටහී ගියේය. මොහු බොහෝ ඉක්මණින් කථාකරන්නෙකි. සාමාන්යව මනුෂ්ය.යෙක් පැයකට කියන කරුණු මොහුට මිනිත්තු දහයකට කිව හැක. ඒ එසේ වුවත් ප්රුබෝධ සිතක් ඇති මට ඔහුගේ කථාවේ සාරාංශය කොහෙත්ම අත් නොහැර ධාරණය කරගත හැකි විය. මේ වේලාව රාත්රිය ‍දහයයි - මේ ආගන්තුකයාගේ කථාව පටන්ගත්තේ නවය හමාරට පමණ ය. පැය බාගයකට පමණ පසු ඔහුට වාඩිවී තමාගේ කථාව කියන්ට කී නමුත්


තමා උපන්නාට පසු කවදාවත් වාඩිවුනේවත්, නිදාගත්තේවත් නැති බව කීවේය. ඔහු මෙන් ඉන්නා විශාල පිරිසකගේ විස්තර මේ කථ‍ාව අවසානයේදී කියන බව කියා මට තමාගේ කථාව සාවධානව අසන්ට යයි තව වරක් ආරාධනා කොට මෙසේ කියන්ට පටන් ගත්තේය.

03. පරිච්ඡේදය[සංස්කරණය]

“ඉතින් මහතාණනි, මාත් නැගණියත් මෙසේ අග්රා පංචකාම සැප විඳිමින් ඉන්නා කාලේ මා දුප්පත් කාලේ මට බොහෝ උපකාර කළ එක්වතාවක් මගේ උන සන්නිපාත ලෙඩේ සුව කිරීමෙන් මට ජීවිතය දානය කළා යයි කිවයුතු තරම් ඉතා හිතෛෂි වෙද මහතෙක් සිටියේය. මා ධනවත් ප්ර සිද්ධ මිනිහෙක්ව ඉන්නා බව ‍අපේ පියාගෙන් දැනගෙණ ඒ මහතා මගෙන් උපකාරයක් ගැණීමට නොව මා දැක සතුටුවන පිණිස අපේ බංගලාවට ආයේය. උන්නැහේ පැමුණුන වේලාව මට කිසි වැඩක් නැති නිස්කලංක වේලාවකි. එමෙන් ‘අඩි’ නොගසා සිටි යුතු අයුතුකම් තේරුම් ගැනීමට තරම් එක් ක්ර්මයක කල්පනාවල් ඇති වේලාවකි. ඉතින් මන්චනායක නමැති ඒ වෙද මහතා රික්ෂෝ රථයකින් අවුත් “මහත්මයාට මා මතක තිබේදැ”යි අපේ ස්තෝප්පුවට ගොඩ වැදුනු හැටියේම මගෙන් ඇසුයේය. ඇත්තෙන්ම මන්චනායක වෙද මහතා වැනි කෙනෙක් මට “මහත්මයා” යන මේ වචනය පාවිච්චි කළේ වර්තමාන කාලේ මුදලේ තිබෙන බලය නිසා නොවේද? ඒ හෙයින් රුපියල ‘සර්වබලධාරි රුපියල ය’ කීම වරදක් නොවේ යයි සිතීමි. “ඔව් වෙද මහත්මයා මම අඳුනමි. අනේ මට බොහොම උපකාරවූ කෙනෙකි. වෙද මහතා දකින්නට ලැබුනාට අතිශයින්ම සතුටුවෙමි. “කොහොමද සැප සනීප” කියා වෙද මහතාට වාඩිවෙන්න සලස්වා ලැමනේඩ් බෝතලයකින්ද සංග්රහහ කොට ලොකු මැනිලා සුරුට්ටුවක් ද බොන්ට දී ඉතින් කථා කරන්ට පටන් ගතිමු. වෙද මහතා මගේ දියුණුව ගැන අතිශයින් ප්රථසන්න බව කියා මගේ දෙමව්පියාදීන් ගැන ඔහු දන්නා නමුත් ඒ කිසිවක් නොහඟවා මෙසේ කීවේය. “අපේ මහත්මයා දැන් තරමක ධනවතෙක් බව ආරංචියි. ඉතින් ලෝකයේ හොඳ කෙනෙක්ව ආත්මාර්ථ පරාර්ථකාමී කෙනෙක්ව මෙලෝ පරලෝ


දෙකට ප්ර යෝජනවත් කෙනෙක්ව ඉන්ට ඕනෑ. එසේ කරණකොට පාටෙනුත්, සුගන්ධයෙනුත් එක විට මෝරන්නාවූ චම්පක (සපු) කැකුල මෙන් යහපත් වේ. මේ ළමයි තවම කු‍ඩා නිසා මේ භාරදූර ලෝකයේ තොරතුරු දන්නේ නැත. මේ ඉතා දුෂ්කර එකකි. සුක්කානම අල්ලන්ට නොදත් ඔරුකාරයාට මහ සාගරයේ තබා ඇලක දොලකවත් ඔහුගේ ඔරුව පැද ගෙණ යාගන්ට බැරිය. එමෙන්ම ලෝක යාත්රාගවේ යෙදවූ මනුෂ්යබ ජීවිතය නමැති ඔරුව නිසි පරිදි යාත්රාේ කර විය යුතුය. දැනට මහත්මයාගේ ජීවිතයට යම්කිසි ඇදක් පලදුවක් කිලුටක් ඇති වුනා දැයි මම නොදනිමි. නමුත් මේ කාලේ විදේශීය සිරිත් අනුව කල් ගත කරණ මිනිසුන් නිසා අපේ කෙතරම් හොඳ මිනිසුනුත් මත්පැන් අඩියක් දෙකක් ගැසීමට පුරුදුවීම සිරිතකි. ඉතින් ‍යම් විධියකින් එකම වීදුරුවක්වත් බීවේ නම් ඔහු “නයෙග්රාත” ඇල්ලෙන් ගැලවිය යුතු වේය”යි කීවේය. වෙද මහතා මත්පැනට කළ මේ චෝදනාවට කථා නොකර ඉවසා ඉන්ට අමාරු බැවින් මම මෙසේ කීවෙමි. වෙද මහතා වෛද්යාමචාය්ය්ිය වරයෙකුත් වෙලා මනුෂ්ය ශරීරයට ඉතාමත් ප්රහයෝජන ඇති සුරා ජාති ටිකක්වත් බීම නරක බව කියන්ට වාගේ කථා කළේ මොකද? දැන් බලන්ඩ සීතලට, බඩේගායට, ඇඟ ටිකක් දුර්ව ල වුනාම බ්රා න්ඩිවත් විෂ්කිවත් අඩියක් ගැහු හැටියේ ඒ සියලු මහා දෝෂයම දුරුව මිනිහාට මහා ධෛර්යක් ශක්තියක් ඇතිවේ. ඉතින් මත්පැන් නරකය කියන්නේ ඇයි?” මේ මගේ වචන ඇසූ ඉවසිලිවන්ත උගත් වෙද මහතා සිනාසී “අනේ මහත්මයෝ ලෙඩ රෝගවලට මත්පැන් පමණක් නොව ඊටත් වඩා නපුරු පාසානම් ආදී විෂ වර්ග ත් ගනිති. නර මුත්රහ, ගව මුත්රව, හා බෙටි ආදී දේ පවා නොයෙක් ඖෂධවලට පාවිච්චි කරති. ඉතින් ඒවා සංයෝග කිරීමට වෛද්යොවරයෙකුට මිස නිකම් මිනිසෙකුට බැරිය. මත්පැන් සමහර අසනීපවලට තවත් ඖෂධ සමග මිශ්රට කර බෙහෙත් හදන්ට පුළුවනි. නමුත් එසේ ඖෂධ සංයෝග නොකොට තනි කර මත්පැන් පමණක් බීවාම සිද්ධවන දේ මහත්මයාට කියන්නෙමි. පළමුවෙනි මත්පැන් වීදුරුව මිනිසා විසින් බොනු ලැබේ. දෙවෙනි වීදුරුව මිනිහාගේ ඕනෑකම ඇතත් නැතත් පළමු බොන ලද වීදුරුව විසින්ම බොනු ලැබේ. ඉතින් තුන්වෙනි වීදුරුවේ පටන් මිනිසා විසින් මත්පැන් බොනු ලබනවා නොව මත්පැන් විසින් බොනු ලැබේ.” යයි ජපන් පණ්ඩිතයෝ කියති. මෙහි තේරුම පාපමිත්රෙ සේවනාදී යම්කිසි උප ක්රතමයකින් යම්


කෙනෙකුට මත්පැන් වීදුරුවක් බොන්ට සිද්ධවුනොත් එහි ඇත්තාවූ පුදුම මායා ශක්තියෙන් ඊට පසුත් එය බොන්ටම බල කරන්නාවූ ගතියක් ඇතිවේ. ඉතින් දෙවෙනි වරටත් බොන්නේය. දෙවෙනි වර බිවූ පසු ඒ බීමට කෙතරම් බලයක් ඇතිවීද කිවහොත් එතැන් පටන් මිනිහා බීමට වාලෙක් වන්නේය. හෙවත් නොබී නොහැකි තරමට ඔහුගේ බලවත් ගිජුකමක් ඇති වන්නේය. මේ මත්පැන් බීමට පුරුදුවන හැටියි. යම් කෙනෙකුට මේ නීච සුරාව පුරුදුවීද එතැන් පටන් ඔහුගේ සියුම් ඉංද්රිිය සියල්ලක්ම විකල භාවයට පත්වේ. (Brain Cells) මොලේ සියුම් රන්ධ්ර සියල්ලම ක්රලමයෙන් වියලී අප්රා ණිකවීමට පටන් ගණී. පෙණහැල්ලට මද්ය් විෂවන් ඉක්මණින්ම ශරීර ගතව ධාවනය කරණ පිරිසිදු ලේ ධාතුව දියවේ. ඒ පිරිසිදු ලේ ධාතුව දූෂ්යතවීමෙනුත් අනුක්රරමයෙන් මත් පැන් පානය බහුල වන විට බඩවැලේ තැන තැන කළු ලප හටගැණී එතැන් පටන් ක්රබමයෙන් ඒ බඩවැල කුණුවීමටද පටන් ගණී. ඉතින් ශරීරගත සියලුම ලොකු කුඩා නහරවල මත්පැන් විෂ මිශ්රී වූ අපිරිසිදු ලේ දිවීමටද පටන් ගැනීමෙන් ඒ සියලු නහරද දුර්වැල බවට පැමිණේ. මත්පැන් බීම අවුරුද්දක් පමණ කර ගෙන ගිය පිනිහාගේ මොලේ පවතින ලක්ෂබ ගණන් වූ සුළු නහර වියලේ. පෙණහැල්ල නරක්ව තැම්බී දූෂිතව දුර්වල වේ. ශරීරගත සියලු දේ දූෂිතව විෂ මිශ්රපව පිරිසිදු සෞම්යි ධාතුව ඩහදිය මෙන් අපිරිසිදු වතුරක් වැනි බවට පමුණුවයි. ඒ අපිරිසිදු ලේ දිවීම කරණකොට ගෙණ ශරීරගත ලොකු කුඩා සියළුම නහරවැල්ද අප්රාඅණවත් කොට දිරීමට පමුණුවයි. බඩවැලේ තැන තැන හට ගන්නා කලු ලප වණවෙන්ට පටන් ගැණීමෙන් ආහාර රුචිය ආදිය නැති කොට ඒ රෞද්ර වූ මත්පැන් මිස අන්යර දෙයක් කෑම බීමට කැමැත්ත ‍වලකයි. ඉතින් මත්පැන් බීම නිසා ශරීරයේ හටගන්නා විකෘති ස්වභාවය මෙසේය. මේ තත්වයට පැමිණෙන කොට ඒ පුද්ගලයාගේ ගති ගුණ කුමක් වේද? මොලේ කුඩා රන්ධ්රන වියලෙන කොටම කල්පනා කිරීමේ ශක්තිය, හොඳ නරක දැනීමේ ශක්තිය, ලජ්ජා භය දැනීමේ ශක්තිය, අභිවෘද්ධිකාමී වීමේ ශක්තිය, ශ්රඩද්ධාව ඇතිවීමේ ශක්තිය. යමක් සිහි තබා ගැණීමේ ස්මෘති ශක්තිය, කෙළෙහි ගුණ සැළකීමේ ශක්තිය යනාදිවූ උත්තම මනුෂ්ය ගතිය වඩන්නාවූ උතුම් බලය රඳා සිටින්නා වූ සියලුම අන්තර්ධාන වන්නේය. මද්යාපානය නිසා මනුෂ්යබ ගතියටත් සිද්ධවන විපත ඉතාමත් විස්තරව අපේ ආයුර්වේදයේද හොඳින් දක්වා තිබේ. නමුත්


ලෝකයට මත්පැන් බීම තදින් පුරුදු කරවූ යුරෝපයේ මහ උගතුන් විසින්ම ඒ මත්පැන් ගැන සොයා ගෙණ තිබෙන කරුණු ස්වල්පයක් මහත්මයාට කියන්නෙමි. මත්පැන් සම්බන්දව මේ තරම් කරුණු කියනට කල්පනා කළේ මේ ලෝකේම තිබෙන අයහපත් ක්රි යා සියල්ලටම වඩා මත්පැන් බීම නරක බැවිනි. කොටින්ම මත්පැන්පානය කරණ මිනිහෙකු තුල කිසිම ගුණ ධර්මයක් නොපිහිටිය හැකි බව මේ කරුණඅ වලින් මහත්මයාට හෝ මත් පැන් පානය කරණ අන්යයයෙකුට හෝ අවබෝධ වුනොත් මත්පැන් සම්බන්ධකව අවුරුද්දක් කීවත් වරදක් නැත.

1902 දෙසැමිබර් මස 18 වෙනි දින පැරිස් නුව‍රදී පවත්වන ලද මහා සභා සම්මතයෙන් පිළිගන්නා ලද මහා වාර්තාවෙන් පිටපත් කර ගත් කොටසක් මෙසේය.

මේ ලියවිලි සම්පාදනය කරණ ලද්දේ ප්රරන්ස රාජ්යරයේ වෛද්යණ ශාස්ත්රියේ ප්ර ධානියා වන මහා ආචාර්ය ඩිවො‍ව් තුමා සහ පැරිස් නුවර ශ්රේතෂ්ඨ මහාරෝග්යල ශාලාවේ ප්ර‍ධාන වෛද්යාහචාර්ය තැන්පත් පැයිසබිස් ආචාර්ය තුමාත් විසිනි. ඒ ඉංග්රී‍සි පිටපත් මෙහි නොයොදන ලදී.

එහි භාවාර්ථය මෙසේය.

සුරාධූර්ත භාවයයි කියනු ලබන්නේ තදින් මත්වීමට තරම් එකවරට සුරාපානය නොකළත් ටික ටික වශයෙන්වත් නිතර සුරාපානය කිරීමෙන් ශරීරයේ නිධන්ගත වූ විෂ ගතියට ය. භාර දූර වැඩ කරණ අයට මද්යයපානය උවමනා යයි කීම වැරදිය. සුරාවෙන් වැඩ කිරීමට ධෛර්ය දෙන බව කීමත් සුරාවෙන් ශරීර ශක්තිය ප්ර.කෘතිමත් කරණවා යයි කීමත් වැරදියි. සුරාපානය කිරීමෙන් හටගන්නාවූ ‍බොරු උනන්දු භාවය ඉතා ඉක්මණින්ම තුරන්වී නහර දුරවලත්වයත් මළානික භාවයත් ඇති කෙරේ. ඇත්ත වශයෙන් සලකතොත් මත්පැන් කිසිම කෙනෙකුට වැඩදායක නොවේ. සියලු දෙනාටම අන්තරාදායකය. සැර මද්යවජාති බීමෙන් ඉක්මණින් සුරාධුර්ත භාවය ඇති කෙරේ. නමුත් සනීපදායක බීම වර්ගය කියන ඒවායේද හලාහල විෂ තිබේ. ඒ සැර බීම ජාතිය කියන වර්ගකයෙත්. සනීප දැයක බීමය කියන වර්ගයෙත් ඇති වෙනස නම් හලාහල විෂ අඩු වැ‍ඩි වශයෙන් විද්යාාමානවීමය. වයින්, සයිඩර්, බීර ආදිය

නිතිපතා අධික වශයෙන් බොන මිනිහා බ්රැවන්ඩි බොන ‍අයෙක් මෙන්ම මද්යව වසංගතයට ගොදුරු වන්නේය.

සැපදායක බීමය කියන ඇබ්සින්තෙ, වර්මන් ආදියත් සුගන්ධ වහනය වන “ඕදමැල්ස්, දමැන්තෙ” ආදී බීම ජාති ඉතාමත් විෂය. මක්නිසාද ඒවායේ හලාහල විෂත් සමගම එහිම ප්ර කෘති විෂ පවත්නා හෙයිනි.

මත්පැන් බීමට පුරුදුවීමෙන් ස්වකීය අඹුදරු ආදීන් නො සලකා හරිත්. ස්වජාතික චාරිත්රු මතක නැති වේ. කටයුත්තට කම්මැලිවේ. දිළිඳු බවට පමුණුවයි. සොරකම් කිරීමටත් අපරාධ කිරීමටත් කැමැත්තක් ඇති වේ. ‍ඒ මත්පැන් බීමේ විපාකය නිසා යටත් පිරිසෙයින් ආරෝග්යට ශාලාවට පමුණුවනු ලැබේ. සුරා දූර්තභාවය නිසා අප්ර මාණ රෝග රාශියක් ‍ඇති කෙරේ. ඒ ‍රෝගවලින් බොහෝමයක් මාරක රෝග වෙති. අංසබාගය උන්මාද භාවය, බොක්කේ රෝග, උදර රෝග යනාදිය සෑදේ. මත්පැන් පානයෙන් ක්ෂය රෝගය හෙවත් සය රෝගය නිතරම හටගැනේ. අන්තිම කොට මත්පැන් බීම කරණකොට ගෙණ සෑම රෝගම අසාධ්යට බවට පමුණුවයි. සන්නිපාත ජ්වරය, නිව්මෝනියා නම් පෙණහැල්ලේ ඉදිමුම. (ස්ලෙස්මා ජ්වරය) ආදී රෝග මත්පැන් පානය කරන්නෙකුට වැළඳුනොත් ඔහු මරු මුවට පත්කෙරේ.

මත්පැන් පානය ආදී සනීපාරක්ෂාුවට විරුද්ධව ක්රිවයාකළ මව් පියන්ගේ ඒ වැරදි ස්වකීය දරුවන්ට ද පැමිණේ. මත්පැන් පානය ආදී වැරදි කරණ මව්පියන්ගේ දරුවෝ ඉපදී මාස කීපයක් ජීවත් වුනත් සහජ බුද්ධියක් නැති අමන ගතියෙන් යුතුව අපස්මාර (වලිප්පු, පිස්සු) රෝගවලට ගොදුරු වෙත්. ඊටත් වඩා නපුර නම් ඒ දරුවෝ කලක් ජීවත් වුනොත් කැස්ස සහිත පපුවේ අසනීප හෙවත් ක්ෂමය රෝගයට භාජනය වන්නාහ.

මතු රටේ පැවැත්ම වශයෙන් හෝ පුද්ගලික සැප පහසුව වශයෙන් හෝ සලකා බැලුවාම මත්පැන් පානය භයංකර වූ විපතක්ය.

මේ වගට,

මේ මහා සභාවේ සභාපති - ජේ. ද සැල්වස්, ප්රමධාන සම්පාදක - තිලෝයි. සභාවේ කළමනාකාර - ජී. මැෂරර්.

මේ වනාහි ප්රේන්ස රාජ්යරයේ අග්රම වෛද්යැ බලය ලෙස කරණ ලද ප්රුකාශය යි. මේ ඉහත දැක්වූ ප්ර කාශය ලොකු අකුරුවලින් මුද්ර ණය කොට ප්රරන්ස ආණ්ඩුව විසින් පැරිස් ආදී නගරවල (ප්ලකාඩ්ස්) ප්රුකාශ පත්රු වශයෙන් බිත්ති තාප්ප ආදියේ අලවා රටේ හැමතැනම ප්රපකට කරණ ලදී. ඉතින් මේ ප්රපන්ස මතයයි. ඉංග්රීවසි ආදී වෛද්යලයන්ගේ මත කීපයක්ද කියමි.

“මත්පැන් වනාහි විෂ වර්ගයකි. ස්ට්රි්විනියින් විෂ සමානය. අබින් විෂ සමානය. ආර්සනික් විෂ සමානය. මත්පැන් මේ විෂ වැනිය. ඒ මත්පැන් පානයෙන් ශරීර සනීපය එක් විධියකින් අන්තරායට පමුණුවයි.” වික්ටෝරියා මහා රාජණින් වහන්සේගේ වෛද්යායචාර්ය වන සර් ඇන්ඩෲ ක්ලාක් ඇම්. ඩී.

“මද්යිපානය සිහිය අඩුකොට කල්පනා කිරීමේ ශක්තිය නැති කොට කෝපය පතුරුවා කාමුක නපුරු සිතිවිලි ඇතිකොට මනුෂ්යයයන්ට අපරාධ කිරීමට සලස්වයි. චාරිත්රි වාරිත්රය විනාශකරයි.” රුෂියන් මහා වෛද්යබ ප්රොහපැසර් සිකොව්ස්කි.

“මද්යක පානයේ විපාකය ඒ බොන අයට පමණක් නොවේ. ඔහුගේ පරම්පරාවට ද ඒ යන්නේය.”- ඩොක්ටර් ලුනිගර් - පැරිස්.

“ප්රවන්සයේ ඉන්නාතාක් යුද්ධ හමුදාවලට වඩා ජර්මනියේ ඉතාමත් භයානක හතුරා නම් බිරය.” - වොන්මොල්ට්කේ - බර්ලින්.

මේ මා විසින් දක්වන ලද මහා වෛද්ය් මත ආදිය ගන්නා ලද්දේ “මද්යසපානය හා මනුෂ්ය් ශරීරය” (Alcohol and tha Human Body) නැමැති පොතෙනි. ඒ පොතේ කර්තෘවරු නම් සර් වික්ටර් හෝර්ස්ලි තුමා හා වෙද්යා්චාර්ය ආර්තර් නිවුස් හෝම් තුමාත්ය. ඒ පොතේ සඳහන් කරුණු කියවා තේරුම් ගැනීමට තමුසේට ශක්තියක් ඇතැයි නොසිතමි. සමහරවිට මා මේ කිව් කරුණු වලිනුත් මහත්මයාට ප්රතයෝජනයක් ඇතැයිද නොසිතමි. නමුත් යහපත් අවවාදයක් මනුෂ්යතයෙකුට තබා සුනඛයෙකුට කීවත් ප්රසයෝජන ඇත. නාරද ඍෂින් විසින් සුඹසකට කියන ලද “රාවනා සංහාරය” අද අපේ ප්රචශස්ත ඉතිහාසයක්ව පවත්නේය. මද්යටපානය කරණ අයෙක් තබා මත්පැන් පානය කළ මව්පියන් ගේ දරුවෙක්වත් ස්ථිරසාර ගුණයේ පිහිටියොත් ඒ කලාතුරකින් සිද්ධවන ක්රිතයාවකි. ඒ හෙයින් මද්යිපානය

කළ කෙනෙක් මරණින් මතු සුගතියකට පැමි‍ණේ යයි සිතන්ට එපාය”යි වෙද මහතා කීයේය. ඇත්තෙන්ම මහත්මයෝ දැන් නම් මට ඒ කිව් සියල්ලම ප්රාත්ය.ක්ෂයි. නමුත් මගේ අමනකමට ඒ අවවාදය නො සැලකුවෙමි. අහෝ! අහෝ! කියමින් ටික වේලාවක් භයංකර හඬින් ඒ ආගන්තුකයා හඬා මෙසේත් කියන්ට පටන් ගත්තේය. වෙද මහතා මගේ දියුණුව ස්ථිර වීමට නම් දැඩි ලෝභය එනම් බලවත් ආත්මාර්ථකාමී භාවයෙන් තුරන්වෙන්ට කීයේය. තමා ගැනම පමණක් තකා ක්රිමයාකරණ, තමාගේම සැප පමණක් සලකන සත්වයා මිනිස් රූපයෙන් සිටිතත් හැබෑ මනුෂ්යනයෙක් නොව මිනිස් රූපයෙන්ඇවිදින තිරිසනෙක් බව කීයේය. මෙසේ මට අවවාදකොට වෙදමහත්මයා යන්ට ගියේය. වෙද මහතාගේ උතුම් අවවාද ‍මගේ හිතිනුත් කල්පනාකර ඒ ධාරණය කරගන්ට ප්රබථම මා මිත්රත ගෝමිස් උන්නැහේ මගේ කරුමයට මෙන් පැමිණියේය. උන්නැහේ ආවායින් පසු මට ඒ කිසිවක් මතක නැතිවිය. වෙනදා පුනරුද්දට මගේ බෝයි විෂ්කි බෝතලයත්, සෝඩා බෝතලයත්, වීදුරු දෙකත් බන්දේසියේ තබා ගෙණවුත් අප ලඟ තිබුනු කනප්පුව පිට තැබුවේය. ඉතින් දෙන්නාම මධ්යාම තරමේ අඩි දෙකක් ගැසුවෙමු.


04. පරිච්ඡෙදය[සංස්කරණය]

අඩිය ගැසූ පසු මන්චනායක වෙද මහතා කී උසස් ශාස්ත්රායනුකූල ‍අවවාදය පැට්රෝැල් තෙල් දමා ගිනි තැබූ පුලුන් පිඩක් මෙන් ක්ෂණයකින් මගේ සිතින් විනාශව ගියේය.

ඉක්බිති වෙනදා පුරුද්දේ හැටියට අපේ නොයෙකුත් කතා බස් ඇතිවිය. ගෝමිස් උන්නැහේ තරුණියන් දෙන්නෙකුත් සමග “බයස්කෝප්” බලන්ට ගිය හැටිත් එහි පෙන්වන ලද සමහර පින්තූරවල විස්තරත්, ඒ පින්තූර දුටුවාවූ ඇස් ඇති තරුණියක් කොයිම නීච ක්රිියාවකට උවත් පොළඹවා ගැණීමට පුළුවන් බවත් විස්තර සහිතව ගෝවිස් උන්නැහේ කියන්ට පටන් ගත්තේය.

බයස්කෝප් ප්ර දර්ශනයේ දක්වන මිශ්ර නෑම, සවස් කාලේ පිට්ටනිවල ඉඳීම ආදී සෙල්ලම්වල ගෑණු පිරිමි එක්ව විගඩම් දකින ලපටි සිහිබුද්ධිය ඇති තරුණයන් තුළත් විශේෂ වශයෙන් ගෑණු ළමයින් තුළත් ලජ්ජා භයක් ඉතුරුවුනොත් ලොකු යකඩ දාගිය ගෙයක පුළුන් ඉතුරු වෙන්ටත් පුළුවන. ඒ එසේද වුවත් ගෝමිස් උන්නැහේ බයස්කෝප් එකේ වර්ණනාව කළ බැවින් කඩිමුඩිකර රාත්රී ‍භොජන අනුභවකොට ඒ කද්දී විෂ්කි අඩි කීපයකුත් ගසා හොඳටම සූර්ව සිටි අපි ඇඳ පැළඳ ගෙණ බයස්කෝප් බලන්ට සූදානම් වීමු. අපේ ගෙදර ඉන්නා ලංසි නෝනත්, නංගිත්, මමත් සූදානම්වූ හැටියේ ගෝමිස් උන්නැහේ යහළු නෝනලා දෙන්නාත් සමග එක්ක එන බව කියා ඔහු අපට ඉස්සරින් යන්ට ගියේය. අපි තුන් දෙනා මොටොර් රථයෙන් බයස්කෝප් මඩුව ලඟට ගියෙමු. ගෝමිස් උන්නැහේ මිත්රට තරුණියන් දෙන්නාත් සමග රික්ෂො රථවලින් ආහ. අප ඇතුල්ව පළමුවෙනි ක‍ැලෑසියේ වාඩිගතිමු. අප හය දෙනාට රුපියල් දහඅටකුත් මා විසින් ගෙවන ලදී. එහි දක්වන ලද සිතියම් වලින් සමහරක් “කටුඉඹුල්” නරකය සමාන බව දැන්නම් තේරේ. නමුත් එවෙලාවට ඒ තරම් ප්රි යකරු දර්ශණයක් ලෝකයේ නැතැයි සිතුවෙමි. ඉතින් මත්පැනෙන් විකෘතිවූද මත්පැන් නිසා බලවත් කාමුක චේතනාද ඇති අපි ‍සදෙනා ශාලාවේ එලිය නිවා රූප දක්වන වෙලාවට හැසුරුණු අන්දමේ පිළිකුල් භාවය කෙතරම්ද කිවහොත් නපුරු විධියට ඇතිදැඩි වන මනුෂ්යියෙකුට මිස උත්පත්තියෙන්ම නපුරුවූ යක්ෂයෙකුටවත්, උත්පත්තියෙන්ම පිළිකුල්වු ප්රේඋතයෙකුටවත්, උත්පත්තියෙන්ම පහත්වූ මෘගයෙකුටවත් රුචි නොවේ. නමුත් අපට නම් ඒ තරම් ප්රී ති සහගත හැසිරීමක් තවත් නොමැති වීය. ඉතින් ඒ රූප තරම් ප්රීරති සහගත හැසිරීමක් තවත් නොමැති විය. ඉතින් ඒ රූප පෙන්වද්දී මිනිත්තු 15 ක නිවාඩු කාලයක් ඇති විය. ඒ නිවාඩු කාලය තුල එහිම බිම විකුණන බැවින් විෂ්කිත් සෝඩත් වීදුරු හයක්‍ ගෙන්වා හදෙනම බීගතිමු. ඒ බීගත් පසු අපේ ස්වභාවය අතිශයින් අමුතුවිය. අප ළඟින් සිටි තවත් තරුණ තරුණියන්ගේ හැසිරීමත් අපේ හැසිරීමට දෙවෙනි නොවේ. බයස්කෝප් බැලීමට ගොස් භූත දේ දක්නා තරුණියන්ගේ හිත් අතිශයින් විකල භාවයට පත්වීම අහසට දැමූ කැටක් බිම එන්නාක් මෙන් ඒකාන්තවූ ක්ෂණික සිද්ධියකි. අප කාණ්ඩයේ සිටි සදෙනාම එකෙකුට එකෙක් අ‍ඩු නැතුව සුරා මදයෙන් මත්වු‍වන් බැවින් ඊට සම්බන්ධවූ කාම මදයෙන්ද පීඩිතව රාත්රීු දොළහට පමණ ඒ ක්රී ඩා ශාලාවෙන් පිටවීමු. දැන් අප යා යුත්තේ කොහාටදැයි ගොමිස්


ඇසුවේය. වෙන කොහාටද? අපේ බංගලාවට යමු යයි කීවෙමි. අන්යද ගෙවල් දෙකකින් එක්ක අවුත් සිටි තරුණියෝ දෙන්නාද අප සමග යාමට කැමති වූහ. ඉතින් සදෙනාම මොටෝ රථයේ නැගී අපේ බංගලාවට ගොස් තවත් විෂ්කි අඩිය බැගින් බී නිදාගතිමු. ඒ රාත්රිෂය ගතකළ හැටි විස්තර සහිතව තමුන්නාන්සේට කියා දෙන්ට බැරුවාට කණගාටු වෙමි. නමුත් එහි ප්රහතිඵලය නම් මගේ කථාන්තරය කියවන විට තමුන්නාන්සේට නිරායාසයෙන්ම දැන ගන්ට ලැබෙනු නිසැකි.

මේ පාප මිත්රන ගෝමිස් හා ලංසි නෝනත් නිසා මා තුළ කලින් පැවති මසුරු කමද අඩුවිය. බීමටත්, “ඇන්ජෝයි” කිරීමට හෙවත් කාමුක ගතිය වර්ධනය වන අන්දමේ ක්රී ඩා කිරීමටත් කෙතරම් වියදම් කළත් ඒ පාඩුවක් නොවන බව මට හිතුනේය. එතැන් පටන් මගේ වියදම් අධින විය. එසේද වුවත් ඉපයීමද අඩු නොවීය. මගේ පියාත් මවුත් මටත් වඩා නංගිට ඔවුන් පිළිකුල්වූ බැවින් ඔවුන්ට කිසිම උපකාරයක් නොකරණ ලදී. මේ කාලයේ මගේ නංගි විලිබිය නැති සිංහල කුලචාරිත්රා දියට ද්වේෂ කරණ, සිංහලෙන් කථා කිරීමටත් අප්රනසන්න තැනැත්තියක් වූවාය. ඒ මට ඉතාමත් ප්රීලතිසහගතය. නංගී යම් කිසිවෙකුට විවාහකර දෙන්ට කල්පනා කළෙමි. එසේ කළේ සමහර විටක යම්කිසි මිත්ර යෙකුගෙන් අවනම්බු ලැබේය යන කල්පනා වෙනි. නැව්වලට බඩු පැටවීමාදී මගේ කටයුතුවල නියුක්ත පර්නැන්ඩස් නමැති කෙනෙකුට ඈ විවාහ කර දුනිමි. ඔහු මගේ වැඩකාරයෙකි - ගජ බේබද්දෙකි. කවර ජාතියකට අයිති කෙනෙක්ද යන වග කිව නො හැකියෙකි. බිමට ගිජුවූ අසරණ ඔහු මගේ කීමට නංගි කසාද බැන්දේය. ඔහුටත් නංගිටත් ඉඳුම් හිටුම් මගේම ස්ථානයේ දීමට පොරොන්දුවූ බැවින් ආත්ම ගෞරවාදී කිසිම මනුෂ්යි ගුණයක් නැති ඒ පර්නැන්ඩනස් ඉතාමත් සතුටු විය. නංගිද නම්න්වත් තමාට මිනිහෙක් සිටින බව ලෝකයාට ඇඟවීම යෙහෙකැයි සැලකූ බැවින් මේ විවාහයට සතුටුව කලින් මෙන්ම මගේ සියලු සැප පහසු සලසා දෙමින් මගේ බංගලාවේ ඉඳීම නිසා “ඉතා වාසනාවන්ත” ජීවිතයක් ලැබූ තැනැත්තිනයෙක් විය. අප මෙසේ තුන් මාසයක් පසුවන විට මගේ කොටුවේ කන්තෝරුවට තැපෑලෙන් ලියමනක් ලැබී තිබුනේය. ඒ මගේ පියා විසින් එවන ලද්දක් හැටියට කවුදෝ කළ්යාැණ මිත්ර යෙක් එවා තිබේ. ඒබ්රිහම් ජෝන්ස් සිටියදී ඒ ලියමන මට වැදගත් එකක් බව නොවැටහුනු නමුත් දැන් නම් එහි වටිනාකම

හොඳින් තේරේ. ඒ නිසා අඥ වූ, කාලකණ්ණි වූ, අධම වූ මට එවකට නොතේරුණා වූ ඒ මා විසින් ගණනකටවත් නොගත්තා වූ ඒ අනගි ලියමන තමුන්නාන්සේගේ උපකාරයෙන් වර්තමාන සිංහල මිනිස්සුන්ටවත් කල්පනා කිරීම සඳහා මම කියමි. සාවධානව අසනු මැනවි.

නො තේ රෙණ නමුත් සිංහල බා සාව එ තේ රෙණ කෙණෙකු වෙත ගොස් ආ සාව පු තේ නුඹ උපන්මුත් ජඩ වේ සාව සි තේ තබව කරනා මේ ගෝ සාව

පි යා නුඹෙ කවුද නියමෙට නැති නමු ද පි යා ලෙස කවා පොවමින් බැතින් ත ද පි යා දුක් විපත් නුඹ රැකගෙණ නිබ ඳ පි යා ලෙස උනිමි මම දුක් විඳ නොම ද

ස ම් මා ගුණ දහම් කිසිවක් නොදැන අ ගේ පෙම් මා වන බසක් සිරිතක් නැතත් ඇ ගේ ර ම් මා වන මිනිස් කිරි දී වැඩූ ත ගේ අ ම් මා තවම නිවසයි දෙමළෙකුගෙ ල ගේ

මෙ ලෙ සි න් දෙමව්පිය හිඟමනට බැස න තී වෙ සෙ සි න් දුකින් තැවෙතත් පේතයන් යු තී ද න යෙ න් උසස් බව ලත් මෙතට නොපෙණෙ තී එ ම දි න් තගේ ගතියත් දැන් මෙලෙස වෙ තී

නෑ ක ම් සහෝදරකම් වැඩි මහලුක ම ලෝ තු ම දහම් ලෙස පවතින මේ නිය ම ඒ දැ න් ඇති බවක්වත් නොසිතන කරු ම පා පෙ න් ලොවට පෙන්වයි මෙතගෙ ජඩක ම

ප ර වි න් ගේ කුරුල්ලන් දරු ලෙසට ත නා ම ර මි න් මස් බුදින ගති තගෙ පුදුම ව නා කි ර මි න් පණපිටින් ගවයන් විකුණ මි නා උ ප ය න් නට සිතුව තට කොයිබ මෙන් ගු නා


රු පි ය ල් ‍පහක් දිය යුතු කුලියට නිත ර රු පි ය ල් එකක් දෙයි තද කපටිකම් ක ර රු පි ය ල් දෙකක් නොවටින වැඩ මෙතා ක ර රු පි ය ල් සියක් අයකර ගණිය බොරු ක ර

ස ත දෙ ක වටින දේ අන්හට රුපියල ට නොව සැ ක විකුණනා තට ගුණදම් කුම ට ද හ ස ක වටින දේ තා ගන්නා කල ට ක ර නෙ ක ද‍කඟේ ගන්නෙහි විස්සට තිහ ට

ද ඳ වා වෙත දනන් මත්පැන් පොවා රු දු යොද වා දුසිරිතෙහි සිත රැගෙණ අනුබ ඳු බ ඳ වා මුවෙකු මෙන් මළපතක සිත බ ඳු ලි ය වා ගත් අනුන් දේ තා යකෙහි රු දු

සි ය ද හ ස ක් වෙලත් තගෙ වස්තුවෙ ගණ න ත ව ස ත ය ක් නුදුන්නෙහි කෙනෙකුට සිඟ න ගු ණ ද හ ම ක් ගැන හෝ පරලොවක් ගැ න නැ ත කි සි ව ක් සිතූ බව තා මෙතෙක් දි න

කි ත් පැසසුමක් පරවැඩ ජාති ආ ල ය ස ත් ගුණදමක් යුතුකම් සතර ආ ල ය උ ත් තම සතට සැළකුම බියද කෝල ය නැ ත් තෙය මේ කිසිත් වැ‍ටහී ත ගේ ල ය

උ ප යා ගෙ ණ කෙසේමුත් පිළිවන් තර ම ල ඟ ලා ගෙ ණ පවිටු රුදු දුදනන් පර ම නි ති කා ගෙ ණ බී ගෙණ නොසිතා තර ම ස ල කා ගෙ ණ නොමැරෙණ කෙනෙක නිතර ම

වි ලි බිය නැතුව තා විඳිනා කම් සැප ත එ ලි වෙයි තා මැරෙන්ටත් පෙර සැක නොයි ත බි ලි වෙයි තද දුකට තට පත්වී විප ත මැ ලි නොව සිතාගන් මේ තෙපුල අම යු ත

ග ලා ගංවතුර සිරිලක හැම තැන ම වි ලා පෙන් සිටිති තැන තැන දන බොහො ම බ ලා ඒ කිසිත් නොතකන තා අද ම ම ළා මයි දැනෙන්නේ එහි දරුණු ක ම

ති බු න ත් නොතිබුණත් පරලෝකයක් බො ල යු තු වෙ ත් රැක ගැණුම මිනිසත් දහම දු ල දු ක යු ත් තිරිසන්නු උන්නේ සිරිත් තු ල හැ සි රෙ ත් නොකර නොපනත්කම් කිසිම ක ල

පි ළි සිඳ මිනිස් ලොව තා ජ‍ඩයෙක් වෙමි නී වි ළි බිය යනු කුමක්දැයි තවමත් නොද නී ගැ ළි ලා දුසිරිතෙහි පමණක් නොමැති මෙ නී හෙ ළි කරණෙහි අපා දුක තටම පෙනි පෙ නී

ම ව් පිය වගක් නොසිතා උන් ‍ඉවත් ක ර ලෙ ව් දහමට නොරිසියන් නිති සෙවුම් ක ර ප ව් වල මුලම වන මත්පැන්ට ලොබ ක ර ස ව් සිරි සැප විඳින මුත් තෝ සුරෙක් යු ර

වැ ඩි ක ල් යන්ට මත්තෙන් වැටෙමින් පා ත ලොව තු ල් ඇති තරම් දුක් විඳ වන බී ත අ කු ස ල් දැඩි බැවින් අබරෝ අව ජා ත පි ළි කු ල් කෙනෙක් වෙයි තා ලෝකෙදි පේ ත

මේ වගට, තගේ පියා වන අබන්චි අප්පු.

මට මේ ලියමන ඒ කාලේ විහිලුවක් විය. නමුත් ඇත්තෙන්ම මෙහි කියා තිබෙන කරුණු එකක්වත් බොරු නොවීය. ඒ බව වෙන් වෙන් වශයෙන් මා නොකීවාට මේ කථාන්තරය අසා ගෙන ඉන්න තමුන්නාන්සේටම පැහැදිලි ලෙස දැනේ. ඉතින් මගේ සිතෙහි ක්රෝ්ධ ඇතිවිය. මම හැමදාම සතුන් මරා, සොරකම් කරමින් ප්රරයෝග කරමින්, බලවත් අපරාධ කරමින් ධනය සම්භකළෙමි. මේ උපයන


ධනය මුල් කාලයේදී ටිකක් ලෝභ කරමින් වියදම් කළ නමුත් කාම සැපතෙහි ඇත්තාවූ රසය වැටහුණු පසු ඒ සඳහාත් දාහක් හමාරක් වත් වියදම් කිරීමට මැලි නූනෙමි. ඇත්තෙන්ම මහත්මයෝ තෘප්තියට නොපැමිණවිය හැකි පංචෙන්ද්රිියයන්ගේ තත්වය නොදැන පංචෙන්ද්රියයන්ට වසඟවූ පුද්ගලයා තරම් පවිකාරයෙක් නැතැයි මා විසින් ඒ කාලේ කරණ ලද නිහින ක්රිරයා වලින් දැන් මට ප්රයත්යික්ෂ වේ. මේ සිරිත් ය, මේ දුසිරිත් ය, මේ ධර්මය ය, මේ අධර්මය ය, මේ වේලාව ය, මේ අවේලාව ය, මේ ස්ථානය ය, මේ අස්ථානය ය, මේ සුදුසුසා ය, මේ නුසුදුස්සාය යනාදී කිසිම ප්රසභේදයක් නොමැතිව ඉතා භයංකර දුශ්චරිත කිරීමට පවා මට කොහෙත්ම අමාරුවක් නොවීය. මක්නිසාද පංචෙන්ද්රිැයන්ට අතිශයින්ම වහල්වූ මා නිතරම සුරාපානයන්ද උන්මත්තකව සිටි බැවිනි.

මට කිසිම ආගමක් උවමනා නැතිවිය. නමුත් මා මිත්රැ තරුණියන් සම්බවීමට උවමනා ප්රනස්තාවලදී පන්සල් වලටත්, පල්ලිවලටත් ගියෙමි. මේස් සපත්තු කලිසම් ඇඳගෙණ බෞද්ධ විහාර තුලට යාම බලවත් අයුත්තක් නමුත් එක් දිනක් එසේ කරන්ට ගොස් මම හොඳ කම්මුල් පාර දෙකක් කෑවෙමි. ඒ සම්බන්ධ තොරතුරු කීවොත් තමුන්නාන්සේට හිනාවෙන්ටත් කාරණයක් වේ. කොළඹ ප්රමසිද්ධ විහාරස්ථානයක විශාල පුණ්යු කර්මයක් කරණ දිනක එය බැලීමට යන පිණිස මගේ මිත්රු තරුණියන් දෙදෙනෙක්ද, මගේ නැගණියද සූදානම් වුහ. ඒ තරුණියන් දෙදෙනා නිසා මම ද එහි යන්ට කලපනා කොට ඔවුන් සමග ගියෙමි. ඔවුහු සපත්තු ගලවා තබා මල් පුජා කිරීමට විහාරයට ඇතුල් වෙද්දී මම ද මල් දෙකක් තුනක් අතින් ගෙණ විහාරය ඇතුලට යන්ට ගියෙමි. මම සපත්තු පිටින්ම එහි ඇතුල්වෙන විට එතන සිටි තරුණයෙක් මා අතින් අල්වා නවත්වා “තමුසේ බුද්ධාගම් කාරයෙක්දැ”යි ඇසුවේය. “ඔව් මම බුද්ධාගම්කාරයෙක් වෙමි. මේ මලුත් රැගෙණ ආවේ ඒ නිසාය, යි මල් පෙන්වීමි. එවිට ඒ තරුණා මා තරුණි‍යන් නිසා බො‍රුවට මල් පූජාකරණ තක්කඩියෙක් බව තේරුම් ගෙණ “හොඳයි, බුද්ධාගම් කාරයාය කියන්නේ කාටදැ”යි මගෙන් ඇසුයේය. එවිට මනුෂ්ය තිරිසනෙක් වූ මම “බුද්ධාගම්කාරයා ය කියන්නේ මල් පූජාකරණ පන්සල්වලට යන එන මිනිසුන්ටය”යි කීවෙමි. එවිට ඒ මහතා “පලයන් අඥාණ මිසදිටුවා කියා මගේ කම්මුල් දෙකට පහර දෙක් ගසා මා දොරට ඇද දැම්මේය. මේ වේලාවේ ස්වල්ප කලබලයක්


ඇතිවී බුද්ධාගම්කාරයාය කියන්නා යටත් පිරිසෙයින් රත්නත්ර යට ගරු බුහුමන් පවත්වන කෙනෙක්වත් විය යුතු බවත් එසේත් නැතුව බුද්ධාලයට හෙවත් බුදුන් වඳිනා ස්ථානයට පවා පා වහන් ආදිය ඇතුව පැමිණෙන්නා බුද්ධාගම්කාරයෙක් නොව අශ්රපද්ධා‍වත් කපටියෙක් බවත් ඒ ස්ථානයට රැස්වූ සංඝයා වහන්සේ නමක් කියන බව මට ඇසුනේය. මා බුද්ධාගම නිසා පැමිණියෙක් නොව වල් තරුණයන් සමග වැරදි අදහසකින් පින්කම බලන්ට ආ කා‍ඩයෙක් බව බොහෝ දෙනා කියමින් මා දෙස රවා බල බලා ගියෝය. මේ දවසේ සිද්ධ වූ කරදර නිසා මින්පසු කවදාවත් පන්සලකට නොයමියි ස්ථිර ලෙස සිතා ගතිමි.


05. පරිච්ඡෙදය[සංස්කරණය]

කිසිම ආගමක් ධර්මයක් ගැන විස්වාස මාත්රනයක්වත් නැති මගේ සැප පහසු විඳීම අධික විය. මේ අතර මට බලවත් බඩේගායක් ඇතිවිය. මේ බඩේගායට දොස්තර වෙදකම් ඉතා හොඳ යයි මගේ නංගිත්, ගෙදර ඉන්නා ලංසි නෝනාත් කීවාය. නමුත් මා මිත්රත ගෝමිස් උන්නැහේ මා බලන්ට ආ හැටියේම බ්රැකන්ඩි බොන්ට කීය. දොස්තර බේතටත් වඩා බ්රැනන්ඩි බීමට සතු‍ටුවූ මා බඩේ ගායට බ්රැ‍න්ඩි (ග්ලාස්) වීදුරුව බීපු හැටියේ මගේ බඩේගාය කෙතරම් වැඩිවීද කීවොත් මා වාගේ අඥයෙක්ම මිස වෙන මනුෂ්ය්යෙක් කිසිම කාලයක බ්රැවන්ඩිය කියන ඒ ගිනිවතුර දෙස බලන්නේවත් නැත. බ්රැසන්ඩි ටික බීපු හැටියේ මගේ බඩේ කැක්කුම් වැඩිවුනා පමණක් නොවේ. මුළු ශරීරය ගිනිහුලකින් දවන්නාක් මෙන් පිළිස්සෙන්ට පටන් ගත්තේය. අහෝ! අහෝ! මෙබඳු දරුණු රෝගවලට භාජනයවූ මේ කුණු ශරීරයම සන්තර්පනය කිරීමට මුළු ජීවිත කාලයම ගත‍කරණ මනුෂ්යර තිරිසනුන්ට නින්දා වේවා! මම මගේ පාප මිත්රත ගෝමිස්ගේ කීමට බීපු බ්රැ න්ඩි ටික නිසා මරනාසන්නවීමි. මගේ වැඩකාර ජෝන් වෙද මහත්මයෙකු සමග එන්ට කතා කරණ බව මට ඇසුනේය. නමුත් සිංහල කිසිවක් මතක්කළ නොහැකි මගේ නංගිත්, ඇගේ අනුවර ලංසි නෝනත් ජෝන්ට බැනවැදී “පලයන් මෝඩයා, “හිංගල” බෙහෙත් බල්ලන්ට හොඳයි. ගොහින් දොස්තර මහතෙක්

සමග වරෙන්නැ”යි මොටෝකාර් එක පිටත්කර යැවීය. ජෝන්ද තමාට පුළුවන්ම තරම් ඉහල දොස්තර කෙනෙකු සමග අ‍ාවේය. දොස්තර උන්නැහේ අවුත් ලෙඩා හොඳට පරීක්ෂාකර බලා ඉක්මණට බ්රැේන්ඩි ටිකක් වතුරත් සමග බොන්ට දුන්නේය. බ්රැකන්ඩි දෙන්ට තනනකොටම ලඟ සිටි ජෝන් “අනේ දොස්තර මහත්මයෝ දැන් මේ මහත්මයාට ඉහිලුම නැති තරමට අමාරුවී තිබෙන්නේ පැය දෙකකට ප්ර ථම බීපු බ්රැතන්ඩිව වීදුරුව නිසාය දැන් මේකත් බීවාම මොන අනතුරක් වේද කියන්ටත් අමාරුය” කියන කොට පැත්තකින් සිටි දුෂ්ට නංගී බලවත් ලෙස කිපී “කට පියාගන්‍ මෝඩයා. දොස්තර මහතාට වඩා තෝ දන්නේ මොනවාදැ”යි කියා ජෝන් එලවා දැම්මාය. ඒ ගැන මහත් ප්රීතතියෙන් දොස්තර මහතා ලෙඩාට බ්රැවන්ඩි ටික පෙව්වේය.

ඇත්තෙන්ම එය බීපු හැටියේ බලවත් අව්වේ වියලෙමින් සිටියෙකු රෞද්රන ගිනිමැලයකට ඇද දැමූ කලක් මෙන් විය. නමුත් දොස්තර කෙනෙකුට මක්කා කියන්ටද? “මුදියන්සේ හාමුදුරුවෝ” ජුවාට පොල් ගෙඩි පණහක් පිරවූ බර‍ ගෝනිය ගෙන යන්ට නියම කෙළේය. දෙන්නෙක් අල්ලා ජොරාගේ කර උඩ ඉතා අමාරුවෙන් පොල් ගෝනිය තැබීය. ඉක්බිති විශාල ඇඹුල් හොඬරවාලු කෙසෙල්කැන් දෙකක්ද ස්ටේෂමට යවන්ට තිබුණු බැවින් ජොරාට කථාකොට “ජොරෝ තවත් වැඩකාරයෙක් මහන්සි වෙන්නේ කුමට ද? මේ කෙසෙල් මල් දෙකත් ගෙණියපිය” කියා මුදලිතැන ඒකත් ජොරා පිට බටවාපි! පොල් ගොන්යවත් ගෙණ යන්ට බැරි තරම් අමාරුව සිටි නමුත් “මුදියන්සේ හාමුදුරුවෝ” කී නිසා ඊටත් සතු‍ටුවිය. “වලව්වේ හාමුදුරුවෝ” දුවගෙන විත් “ජොරෝ, මේ කුකුළන් දුසිමක් ගෙණයන්ට ඕනෑය” කියා ඒකත් අසරණ ජෝරාගේ කර උඩ තබන්ට කීය. “වලව්වේ හාමුදුරුවෝ කී නිසා මුවෙන් නොබැන ජො‍රා ඒකත් භාර ගත්තේය. ඉලඟට “නෝනා හාමුදුරුවෝ” ලොකු කිරිමුට්ටියකුත් පැනි මුල් දෙකකුත් ඇඳාගෙණ අවුත් “ජොරෝ, මේකත් එල්ලා ගෙණ ප්රනවේසමේ ගෙණියපිය” කියා කිරි පැනි තඩකුත් අතට දුන්නේය. පොල් ගෝනියවත් ගෙණ යාගත නොහැකි ‘ජොරා’ “මුදියන්සේ හුමුදුරුවෝත්, වලව්වේ හාමුදුරුවෝත්, නෝනා හුමුදුරුවෝත්” ලඟටම අවුත් කී නිසා ඒ ඇත්තන්ගේ විශේෂ බඩුත් අරගෙණ දුම්රියට යන්ට ආ නමුත් බර අධිකවීමෙන් යාගත නොහැකිව මහ පාරේ ඇදවැ‍ටී පොල් ගෝනියට යටව අතක් කඩාගත්තේය. එමෙන්ම එක එක මිත්රයයා‍වත් දොස්තර මහතාවත්

සතුටුකරන්ට යාමෙන් අපේ මහත්මයාටත් ජොරාට වුනුදේ නූනොත් ඇතැ”යි පැත්තකින් වුන් ජෝන් කීවේය. එවිට මගේ අධම නංගී ජෝන්ට ගහන්ට එලෙව්වාය. ඔහු වත්තෙන් පිටට දිවගත්තේය. දොස්තර මහතා ම‍ගේ ලෙඩේට බ්රැ්න්ඩි විෂ බව දැන බෙහෙත් වට්ටෝරුවක් ලියා දෙපැයින් දෙපැයට ඒ බෙහෙත දෙන්ටත් කිරි, බාර්ලි, සව් ආදිය ආහාරයට දෙන්ටත් කියා ගිනි තුනකුත් රැගෙන යන්ට ගියේය. ඔව්හු ඒ බෙහෙත් ගෙන්වා අසරණ මට බොන්ට දුන්නාය. ඒ බොන්ට, බොන්ට කාලකණ්ණි මගේ අසනීපය වැඩිව මම මරහගඩ දෙන්ට පටන් ගත්තෙමි. ඉක්බිති තවත් දොස්තර කෙනෙකු ගෙන්වා පෙන්වූ නමුත් ඔහුද වැඩි අමාරුවක් ලෙස ‍ගණන් නොගෙන බෙහෙතක් ගියා දී ගිණියකුත් රැගෙන ගියේය. ඔයින් මෙයින් ලෙඩවූ මගේ අමාරුව ඉතාමත් බරපතල විය. මේ ප්රනවෘත්තිය ජඩවූ මගේ මව්ට ආරංචි විය. පුතාගෙන් කිසිම උපකාරයක නොලැබ යන්ට එන්ට තැනක් නැතුව ඉන්න ඒ අසරණ ස්ත්රිසය පුත්රලයා මරණාසන්න් බව ආරංචි වූ හැටියෙම බලවත් කණගාටුවට පැමිණ මංචනායක වෙද මහතා ලඟට දුවගොස් වැඳ වැටී මෙසේ කියන්ට පටන් ගත්තේය. “අනේ වෙද මහත්මයෝ, අපේ ආබ්රාහම්ට අන්තිමයි. මාවත් තාත්තාවත් වැද්ද ගන්නේ නැතුව එලවා දමලාය. ලෝකයේ ඉන්නාතාක් පාදඩයන් ලඟලා ගෙන ඒ කාලකණ්ණි ධනවතා සැප විඳ අන්තිමේ මොකක්දෝ නපුරු අසනීපයක් සාදාගෙණ දැන් මරණාසන්නව සිටී. අපි හිඟා කතත් අපේ පණ තිබෙද්දී දරුවා මැරෙන්ට අරින්ට බැහැ. “අනේ කරුණාකර මාත් සමග එහි යන්ට ආව මැනවැ’යි යාච්ඤා කළාය. “යක් දරුවෝ වාති - යක් දෙමව්පියෝ නොවාවති - යන මේ කීම ප්රනත්යදක්ෂ වූ හැටි පෙණේදැ”යි මන්චනායක වෙදමහතා කල්පනා කොට “හොඳයි සෙලෝහාමි, උඹ පලයන් - මම් ඉක්මණට එන්නෙමි”යි කියා සෙලෝහාමි පිටත්කොට යවා වෙද මහතා රික්ෂො රථයකින් අකෘතඥ මගේ බංගලාවට ආවේය. එවේලාවට මම කිසිවක් නොතේරෙන තද වියරු ගතියකට පැමිණ සිටියෙමි. මගේ දුෂ්ට නංගී ස්වකීය මව් වන සෙලෝහාමි දුටු හැටියේ මේ මරණාසන්න ලෙඩා ගැනවත් නොසලකා “පල දෙමළි, තෝ මෙතනට කුමට ආවෙහිදැ”යි ඇසීය. එවිට ඒ අසරණ මහලු ස්ත්රීහ පුත්ර,වූ මගේ මරණාසන්න භාවය නිසා හඬමින් සිටි නමුත් “ආ බොල ජඩ කෙල්ල, තිගෙත් මගෙත් දෙමලකම දන්නේ තී නොව මමයි. මගේ තාත්තා හොඳ පිරිසිදු සිංහලයෙකි. නමුත් මගේ ජඩගතිය නිසා

නන්නත්තාරේ ගොස් වල් ගෑණියක් වුනා. තී ‍එසේ නොවේ. තී ජාතක කළේ සක්කිලි දෙමලෙකි. ඒ බව තිට වඩා හොඳින් මම දනිමි. මගේ බඩේ පිළිසිඳ කිරි බී හැදුනු නමුත් තී උපන්නේ සක්කිලි දෙමළෙකුට ජාතකවයි. එහෙමත් උපන් තිට පරණ පිණකින් සල්ලි පණම් දේපල ලැබුනු පලියට තී වලව්වේ මහතාය” කියමින් කුස්සිය අයිනට වූවාය. මේ කථාව අසා වුන් මන්චනායක වෙද මහතා ලෙඩා පරීක්ෂා නවත්වා මෙසේ කල්පනා කෙළේය.

“මනුෂ්යෙයන්ගේ උත්පත්ති ගුණය අනිත් සියල්ලටම වඩා ප්රකධානය. සෙලෝහාමි ඇගේ පුතත්, දුවත්, කා නිසා උපන්නාද යන වග හොඳින් දනී. යමෙක් පියා යයි කාට කීවත් නියම පියා ගැන දන්නේ ඒ අයගේ මව්ය. කෙතරම් පිරිසිදු උසස් මනුෂ්යියෙකුට පියා යයි කීවත් යම් කෙනෙක් ජාතක වුයේ පහත් අධර්මවාදී නීචයෙකුට නම් ඒ ගතිය ඔහුගෙන් ඉවත් කිරීම නුපුළුවන් වැඩකි. මව්පියාදීන්ට ගරු බුහුමන් කිරීමත් කෙළෙහි ගුණ දැනීමාදී උතුමි ගුණත් මහේශාක්ය. භා‍වයෙන් යුත් උත්තම මනුෂ්යගයන් නිසා ඇතිවන අය තුළ පමණක් නිරායාසයෙන් ඇතිවෙති. පහත් නීචයෙකුට දාව උපන් යමෙකු තුල ප‍රාර්ථකාමී ගතියක් හෝ කෙළෙහි ගුණ දැනීමක් උතුම් ගුණයක් ඇති වෙතොත් ඉතා අමාරුවෙන් පුරුදු කිරීමෙන් හා නිතරම කළ්යාමණ මිත්රක පණ්ඩිතයන් ආශ්ර යෙනුත් පමණකි. ඒ බව මේ අබන්චි අප්පුත්, සෙලෝහාමිත්, ඇගේ පුත්ර යා වන ආබ්ර හම් හා දුව වන රෙජිනාගෙත් ගති ක්‍රියාකාරකම් වලින් පෙණේය”යි සිතුවේය. ඉක්බිති කිසිත් සිහිසන් නැතුව හුන් මා ළඟට ගොස් නාඩි අල්වා බලා බලවත් ලෙස සුරා විෂ ශරීරගත වීමෙනුත් ධාතු ක්ෂය වීමෙනුත් පිත කිපීමෙනුත් හටගත් බලවත් දාහයක් බව තේරුම් ගත් මන්චනායක වෙද මහතා ඊට සුදුසු පුංචි කසායක් නියම කොට සුදුසු ආහාරපාන ආදියද ලියාදී යන්ට ගියේය. මා විසින් නොසලකා අත්හරින ලද මගේ අසරණ මව් නංගිගේ කටුක වචනත් අසමින්ම කසාය උණුකොට බොන්ටදී උවමනා කරණ ලුණුකැඳ ආදියද සම්පාදනයකර දෙමින් දෙ දවසක් දුක්විඳ මා සුවපත් කළාය. නමුත් අහෝ! මාගේ අධම ගතියක හැටි! එසේ මා මරණයෙන් ගැලවූ මගේම මෑණියන් මගේ ගෙදර ඉන්නා බව ඇසූ හැටියේම යන්තම් සනීපවූ මට ඉවසිය නොහැකි කාරණයක්වී අනිත් සියලුම වැඩපල යුතු අයුතුකම් ගැන කිසිම දෙයක් නොකියා අඬගස්වා මෙසේ කීවෙමි. “උඹ මගේ අම්මාය

කියා උඹ කියන්නෙහිය. නමුත් මට විශ්වාස කරන්ට බැරිය. උඹ වගේ නීච ගෑණියෙක් මගේ අම්මා වුනත් නූනත් මේ ගෙදර හරියට ආවොත් හොඳ අච්චු කරලා පොලීසියට යවනවා - උඹට මෙහාට එන්ට කිසිම බලයක් නැත - උඹට එන්ට මගේවත් නංගිගේවත් අවසරයක් නැත - උම වැනි “කාඩ” වල් ස්ත්රිගයකට අප වැනි “වැදගත් මහත්තැන්” ලඟට එන්ට කිසිම යුතුකමක් නැත - වහාම මෙතනින් පිටවී යන්ට ඕනෑ යයි මගේ ‍මවුට කීවෙමි. අනේ ඒ අසරණ ස්ත්රිෙය දරු ප්රේඕමයෙන් වෙව්ල වෙව්ලා ආහාර පානයකුත් නැතුව දෙදවසක් තිස්සේ කසාය බෙහෙත් ද කැඳ බත් ද‍ සම්පාදනය කොට දී මගෙන් ලැබුනු ගෞරවය තමුන්නාන්සේට තේරුනාද කියමින් ඒ අද්භූත ආගන්තුකයා මෙසේත් කියන්ට පටන් ගත්තේය. “ඉතින් මහත්මයෝ මා කොටියෙක් ලෙස මා මරණයෙන් ගැලවූ මගේම මෑණියන්ට මේ විධියට නිග්රනහ කරණ විට ඒ මව් මගේ කාමරයේ දොරකඩින් ටිකක් ඉවත්ව මෙසේ කීවාය. “අනේ! ආබ්ර හම්, උඹ කීවත් නොකීවත් මා තරම් කාඩ වල් ස්ත්රිටයක් දැනට මේ පොළව පිට ඇතැයි සිතන්ට අමාරුයි. ඊට වෙන ශාක්ෂියක් නොදැක්කුවත් උඹෙනුත් උඹේ නංගිගෙනුත් ඔප්පුවේ. දස මාසය බැගින් බඩේ තබාගෙන සිට කිරි පොවා මළ මුත්රාන ඇද නොයෙකුත් දුක් විඳ කවා පොවා ඇතිකළ දරුවන් මේ තරමට අකෘතඥ පාහරයන් වීමට තරම් වල්ලුන්ට නුඹලා ජාතක කොට වැදූ මට කෙතරම් අච්චුවක් කළත් මදි තරමයි. - අන්තිම නීච පාහරයින්ට දා කර වැදූ කොයි දරුවොත් උඹලා වගේ තමයි. ඉතින් මා මුලදී දූට හට ජාතක කළ වරදින් වැඩිවිය පැමිණි නුඹලා, ගුණයක්, ධර්මයක්, යුක්තියක් ඥානයක්, ශීලයක් මනුෂ්යය ගතියක් නැති අධමයෝ වී සිටිති. නුඹටත් නංගිටත් වුනේ ඒක තමයි. දැන් මේ රට එහෙම පිටින්ම විනාශවී අවමගුල් ගෙයක්වී තිබෙන්නේ මා වාගේ නීච ස්ත්රිනහු ලංසි, දෙමළ, මරක්කල, හම්බ, කොච්චි, පරවර ආදී ජාතිවල පහත් පාදඩයන් සමග අවකල් ක්රිටයාවේ හැසිර පාදඩ කොල්ලනුත්, කෙල්ලනුත් බෝකිරීමෙන්ය. මේ රටේ ඉන්නා ධනවත් උගත් මිනිස්සු රටේ අයුතු ලෙස හැසිරෙන අසරණ ගෑනු දරුවන්ට ශික්ෂිත ලෙස ලොකු වන අනාථ ගෑණු ලමෝත් ඊටම සමාන වූ වල් චාරිත්රට අනුකූලව ලොකු වන ධනවත් පවුල්වල ගෑණු ලමෝත් මුහුකුරා ගිය පසු හිතුවක්කාර අධම ස්ත්රී න්ව කුලයත්, ධර්මයත්, නීතියත් නො සලකා ඉදිරියට පැමිණෙන


කෙතරම් පාදඩයෙකු සමගවත් කල් ගත කොට තොපිලා වැනි පාහරයන් බෝකරති. තොපිලා වැනි පාහරයෝද ඔවුන්ගේ පාහර මව්පියන්ට අනුව කල්ගත කරති. ඉතින් අසුචියට අසූචිය එක්වූ විට ඉතාමත් දුර්ගන්ධය ඇති අසූචියක් වන්නාක් මෙන් අශිකෂිතවී මව්පියන් නිසා අටගත් අශික්ෂිත දරුවන්ට ධර්මශාස්ත්රා්දියත් නුගන්වා ලොකු වෙන්ට ඇරී‍යාම ඔවුන්ගේ දුෂ්ට භාවය ලෝකයාට ඉවසන්ටත් බැරි තරමට අධික වේ. දැන් නුඹ මට මෙසේ කළාට වරදක් නැත. මක්නිසාද, මා මුලදී කළ වැරැද්ද බරපතල බැවිනි. එනම් නුඹ දුටහට ජාතක කොට වැදූ බැවිනි. නමුත් ‍මනුෂ්යද ගතියේ වැරැද්දෙන් නුඹ මැරෙණවයි කියා ආරංචි වූවිට මගේ හෘදය වස්තුව උණුවී ගොස් වෙද මහතාත් සමග අවුත් වෙදකම්කොට නුඹ ගලවා ගතිමි. කෙතරම් අවලමට දාවුනත් නුඹ මනුෂ්යුයෙකි. ඒ මනුෂ්යසයෙක්වූ නුඹ මව්කම පැත්තකින් තබා දවස් දෙකක් කසාය උණුකොට වෙහෙසුනාවූ මට දැන් දීපු තෑගි බෝග හොඳටම ඇති. සුනඛයෙකුට බත් කටක් දුන් කෙනෙකු දුටු විට උගේ නටුව සොලවා ගෞරව දක්වයි. නමුත් නුඹ ඒ තරමකටවත් නොකෙලෙහිය. එයින් ප්රවත්යසක්ෂවූයේ කුමක් ද? අධම මිනිහෙකුට දාව දුරාචාරීවූ මවක නරක බවය”යි කියා සෙලෝහාමි - මගේ මව් සුසුම්ලමින් යන්ට ගියාය.

අසරණ අධර්මවාදී පහත් ස්ත්රි්යක් උවත් මගේ මව් ඒ වේලාවට ප්රණකාශකළ වචන ලොකු පණ්ඩිතයෙකුටත් කිව නොහැකි තරම් අර්ථාන්විත සත්ය වචන වෙති. ඒ කියන අතරේ නම් මටත් ස්වල්ප සංවේගයක් ඇතිවිය. නමුත් මව් ගෙයින් පිටවී ගොස් මිනිත්තු පහළොවක් යන්ටත් ප්ර්ථම මගේ හිත දැඩිව ගියේය. ඉකිබිති මෑණියන්‍ කී මාහැඟි අවවාද මූදේ දාපු සීනි ටිකක් මෙන් අන්තර්ධාන විය. මට ටිකක් සනීප බැවි ආරංචිවූ හැටියේ මගේ ප්ර ධාන මිත්රඅයා වන ගෝමිස්ද, සාමාන්යැ මිත්රහ පිරිසක්ද, මිත්රූ නෝනලා හත් අට දෙනෙක්ද මා බලන්ට ආහ. ඒ ආ නෝනාවරුන් ගෙන් ගර්ලිටත්, ඩේසිටත්, අයිවිටත්, ඩොටීටත්, රුපියල් දහය බැගින් එකිනෙකාට දුනිමි. මගේ නංගී ඒ ආ අමුත්තන්ට විස්කෝතු, කේජු, පාන්, බටර්, වයින්, විෂ්කි සහ සෝඩා ආදියෙන් සංග්රිහ කළ බව කී නිසා මට මහත් ප්රීාතියක් විය. මැරේ යයි සිතාගත් නිසා ඊට කලින් මේ පැත්තට නා නමුත් මට මඳක් සනීපයයි ආරංචි වූ හැටියේ මා බලන්ට ආ ගර්ලිලාට කෑම බීමාදියෙන්ද හොඳට සංග්රචහ කළ මගේ නංගිටත්, එකිනෙකාට


රුපියල් දහය බැගින් දී සංග්රටහ කළ මටත්, අපේම අම්මා මා මරණයෙන් ගලවා වෙද හෙදනම් කොට දෙදවසක් දුක් වින්දා නොපෙණුන බැවින් අප දෙදෙනාට වඩා පුදුම සත්තු තවමත් ලක්දිව නූපන් බව දැනුනේ දැන් ඉන්නා මේ ආත්ම භාවයේ උපන්නාට පසු බව තමුන්නාන්සේට මතක්කරමි”යි කියමින් මේ අද්භූත ආගන්තුකයා ඉතා භයංකර හඬින් අඬන්ට පටන් ගත්තේය. මේ වේලාව රාත්රීු දහයමාර පමණවු නමුත් ඇත්තෙන්ම, නිදිමත කියන්නේ කුමක්ද කියා වත්, කථා කරන්නේ කා සමගද, සිටින්නේ කොයිබද යනාදී කිසිවක් මට සිහි නැතිව මේ අද්භූත ආගන්තුකයාගේ අර්ථාුන්විත පුදුම කථාන්තරය කෙරෙහිම මගේ සිත තදින් බැඳුනේය. මිනිත්තු පහක් තරම නිශ්චලව සිටි මේ පුදුම සත්වේයා තවත් අඩියක් පමණ ඉදිරියට අවුත් ඇසුවන්ගේ සිත් බලවත් දුකට පමුණුවන ඉතා බැගෑපත් හඬින් මෙසේ කියන්ට පටන් ගත්තේය.


“දෙ ප යි න් නගින ගිනි සිරසින් පිටව ය තේ කු ස යෙ න් නගින ගිනි සිය ලඟම ඇවිලෙ තේ දෙ යැ සි න් එන කඳුළු ගිනිවතුර සමවෙ තේ ඉ ති කි න් මහතුනේ මට සැනසුමටක් නැ තේ

උ ප න් න ට පසුව බීවේ නෑ වතු ර බු දි න් න ට නොහැකි විය සෙම් සොටු අතැ ර නි ද න් න ට බැරිය ඇට ඇනෙති නිරතු ර කි ය න් න ට හැකිද මා විඳින කරද ර

පෙ ණෙ තො ත් මිනිසෙකුට මේ විඳින දැඩි දු ක මැ රෙ ත ත් පවක් නොකරයි කිසියම් කල ක ක ර තො ත් ලොවැඩ සුදනෙනි දත් හොඳ නර ක හැ ම ස ත් වෙත කියව් මා විඳින මේ දු ක


06. පරිච්ඡෙදය[සංස්කරණය]

ඉතින් මහතා‍ණනි, මගේ ලෙඩේ සුව විය. හත් අට දිනක් මගේ කටයුතුවලට නොගොස් නිවාඩුව පොහොනිමත් ආහාර ගැණීමෙන් තව වරක් මගේ ශරීර ශක්තිය ඇතිවිය. මේ කාලේ මගේ ධනය තව ටිකක් වැඩිවිය. කොළඹ මරදාන පළාතේ කුඩා ගෙවල් දහයක් ඇති ඉඩමක් මිළේට ගන්ට ලැබුනේය. මෙහි සිටින ඇතැම් මිනිසුන් ඉවත් කොට සුදුසු මිනිසුන්ට කුලියට දීමට සිතා මගේ ගෙවල් කුලී අයකරණ අයත් සමග එක් දිනක ඒ ගෙවල් පේලිය බලන්ට ගියෙමි. එම ගෙවල් පේලියේ ගෙයක් කුලියට ගැනීම සඳහා බලන්ට අවුත් දෙගොඩහරි වයසේ රූපසම්පන්න ස්ත්රිලයක් අප යනවිට එහි සිටියාය. එහි ගෙයක් මසකට රුපියල් දහය නිසා ඇගෙන් රුපියල් දහයක් එවලේම ඇඩිවෑන්ස් අරගෙන එක ගෙයක් අස්කර දීමට බදු අය කරන්නාට නියම කළෙමි. මේ රූප සම්පන්න ස්ත්රි ය වැදගත් පවුලක හොඳ කල්ක්රියයාවේ ඇති දැඩි වුනු කුල ස්ත්රිමයකි. ඇගේ ස්වාමිපුරුෂයා මළායින් පසු කලින් තමා සිටි තත්වවය පහත්කොට මේ කුඩා ගෙයට පදිංචියට ඒමට කල්පනා කළාය. ඈට ඉතාමත් ලක්ෂකණ දියනියන් දෙදෙනෙක් හා කු‍ඩා පිරිමි ළමයෙක් ද සිටී. මේ පවුලට ආණ්ඩුවෙන් පුංචි පැන්ෂන් පඩියක් මිස වෙන් ආදායමක් නො ලැබේ. මසකට තවත් රුපියල් දහයක් පහළොවක් ඒ ස්ත්රි යගේ සහෝදරියන් විසින් දෙනු ලැබේ. මාර්ගරට් පෙරේරා නමැති මේ ස්ත්රිේයත්, වැඩිවිය පැමිණි රූප සම්පන්න දියණියත්, තවමත්, තරුණ බවට නොපැමිණි අනිත් දියණියත්, කුඩා පුත්රනයාත්, වැඩකාර මහලු ස්ත්රිුයත් යන මේ පස්දෙනාගෙන් යුත් පවුලට මා කළ අන්තරාය මම දැන් තමුන්නාන්සේට කියනවිට තමුන්නාන්සේ ඔය ලඟ තිබෙන පඩික්කමෙන් මගේ මූණට ගහන්නෙහිය. එසේ ගැසූවත් මදිය - නමුත් මා දැන් ඉන්නා ආත්මභාවයේ පුදුම ගතියක් නම් යම් කෙනෙක් ගැසුවත් මට නොරිදීමය හෙවත් ‍මගේ ඇඟට ස්පර්ශ නොවීමය. මා මාර්ගරට් පෙරේරාගේ පවුලට කළ අපරාධයට පමණක් මහා කල්පයක් අවීචිමහ නරකයෙත්, ඉන් පසු තාපය, ප්රමතාපය, කාලසූත්ර,ය, සංඝාතය, රෞරවය, මහා රෞරවය, ලෝකානංතරිකය යන අට මහා නරකවල මහා කල්ප ගණනක් දුක් වින්දත් ඇත්තෙන්ම මදි තරම් බව මට දැන්නම් වැටහේ. නමුත් මම ඒ වේලාවට පරලොවක් හෝ

කර්මවිපාකයක් විශ්වාස නොකෙළෙමි. පිළිවන් කොයි ක්රේමයකින් වුවත් කාමාදී සැප විඳීම මහා දක්ෂකමක් ‍හැටියට සැලකුවෙමි. ඒ මගේ ස්වභාවයටම මනුෂ්ය ජීවිතය කාමාදී සැප සඳහාම ගතකරණ මිනිස්සු ලෝකයේ සිටිති. ඒ අඥ ජනයා මගේ කථා තබා බුද්ධාදී මහෝත්තමයන්ගේ උතුම් ධර්ම යට පවා අගරු කරමින් තමන්ගේ තුච්ඡ කාමාලය සංසිඳුවා ගණියි. ඒ එසේද වුවත් මා මෙන් නොපෙණත් ක්රිුයා කරණ අධමයන් ගෙන් කෙනෙකුටවත් එහි ඇති දරුණු භාවය අවබෝධ වුනි නම් ඒ මගේත් තමුන්නාන්සේ‍ෙග්ත් මේ සම්මුඛවීම ප්රබතිඵලයක් වන බැවින් ඒ කථාන්තරය කියන්නෙමි.

මාර්ගරට් පෙරේරා හාමිනේ හා දරුවන් මට අයිති ගෙවල් පේලියට පදිංචියට ආ හැටියේම මගේ පියුත් ඒ බව මට දන්වා මෙසේත් කීය. “අනේ මහත්මයෝ, ඒ අළුත් පවුලේ ගෑණු ළමයි දෙන්නෙක් ඉන්නවා - මොන ලක්ෂටණද? දුටුවොත් මහත්මයා පුදුම වේවි” - මේ පියුන් ඔබඳු කටයුතුවලට උපකාර වන මගේ පාප මිත්රඅයෙක් බැවින් මෙය කිසිම සැකක් බියක් නැතුව කිවූ බව සැලකිය යුතුයි. මේ කිව් වේලේ පටන් මට අස්වැසිල්ලක් නැති විය. දිනපතාම නොයෙක් අන්දමේ දුශ්චරිත කරණ මට එයින් තෘප්තියට පැමිණෙන්ට නොහැකිව මේ දුප්පත් වැදගත් පවුලක් දූෂය කරන්ට සිතූ මට කියයුතු නමක් නැත. නමුත් ගුණ ධර්මාදිය නූගත් ප්රමතිපත්තියෙන් සංචරණය නොකළ මගේ දුෂ්ට සිත මැඩපවත්වන්ට මටම ශක්තියක් නැතිව පසුදින සවස් භාගයේ මගේ ගෙවල් බලන්ට ගියෙමි. ඒ යන කොටමත් මාර්ගරට් පෙරේරා හාමිනේ මා දැක මහත් ගෞරවයක් දක්වා ගෙයි දොරකඩම හිටගෙන මා සමග කතාකළාය. මා ගෙට ඇතුල් වීමට බලවත් කැමැත්ත දැක්වූ බැවින් ඒ ගුණවත් තැනැත්තී ඉතා අකමැත්තෙන් මට ගෙට ඇතුල්වීමට ඉඩ දුන්නීය. එසේ ඇතුල්වී එහි තිබුන පුටුවක් පිට වාඩිගත් හැටියේම ඇතුලේ උන් ගෑනු ළමයින් දෙන්නා දැක මම පිස්සෙක් වීමි. මාර්ගරට් හාමිනේ මා සමග කථාකොට තමාගේ ස්වාමි පුරුෂයා නැතිවී පැමිණි දුප්පත්කම් කීවාය. එවිට මම මහා පරාර්ථකාමියෙක් මෙන් “පෙරේරා මහතා මම අඳුනමි. උන්නැහේ සිටින කාලේ කොපමණ හොඳට කල්යැවිවා ද? එදා හාමිනේ ගේ බලන්ට ආ වේලේ මට ඇඳිනගන්ට බැරි වුනා. එදා දැන ගත්තානම් මේ කුඩා ගේකට හාමිනේගෙන් මුදලක් අය කරන්නෙත් නැහැ. මට ඊයේ රාත්රීු ආරංචි වී ඒ මුදල්


ගත්තාට ලැජ්ජාභීති දැන් ආවෙමි. මෙන්න එදා මට දුන් රුපියල් දහය. මේ ගෙයි ඉන්නතුරු කවදාවත් ගෙවල් කුලී ගෙවන්ට එපා! පෙරේරා මහත්මයා මගේ මිත්රතයෙක් නිසා උන්නැහේ වෙනුවෙන් හාමිනේලාට තවත් සුළු උපකාරයක් කරන්නෙමි”යි කියා රුපියල් විසිපහක්ද දුනිමි. තමාගේ වියහියදම් පිරිමසා ගැනීමට බැරිව ඉතා කරදර සහිතව ඉන්න මාර්ගරට් පෙරේරා හාමිනේ මගේ කපටි අදහස නොදැන අකමැත්තෙන් මෙන් ඒ මුදල භාර ගත්තීය. එසේ මුදල් දී ගෑණු ළමයින් දෙස බලා සිනාසුන නමුත් ඒ ළමයි අහක බලාගත්හ. පෙරේරා හාමිනේ මහත් යටහත් පහත්කමක් දක්වා මට ස්තුති කළාය. එදා මට ඊට වඩා වැඩි වෙලා ඉන්ට බැරි බැවින් මම ඉතා අමාරුවෙන් එතනින් පිටවී ආවෙමි. නමුත් සතියකටත් ප්ර්ථම ඒ ළමයින් දූෂ්යය කිරීමේ දුෂ්ට කල්පනාව මගේ හිතේ දෙලෙහෙමින් පැවැත්තේය. මා එතනින් පිටවී ගියාට පසු මගේ පියුන් අල්ලාපුගෙයි ඉඳගෙන මාර්ගරට් හාමිනේ දූලා දෙන්නෙක් අතර සිද්ධවූ කථාව මා සමග අවුත් කීයේය. ඒ මෙසේය:- මව්ට කථාකොට “අනේ, අම්මේ ජෝන්ස් මහත්මයාගේ මුදල් ගත්තේ කුමටද?

මව් - නෑ පුතා, ඒ මහත්මයා උඹලාගේ තාත්තාගේ මිත්රලයෙක්ලු. ‍අපට වෙලා තිබෙන අන්තරාය ගැන අනුකම්පා සිතින් පරිත්යාගග කළ තෑග්ගකි. එය ගත්තාට වරදක් නැත.

දුව - අම්මා. මට සමාවෙන්ට. ඔය කියන මහත්මයා අපේ තාත්තාගේ නාමය ඔය පළමුවෙන්ම ඇසූ වතාව වෙන්ට පුළුවනි. තාත්තා ජීවත්ව සිටියදී අපේ ගෙදරට ගිය ආ බවක් අම්මාට මතකද? කාසි පණම් ඇති අධර්මවාදී මිනිස්සු යම යම් නපුරු අදහස් හිතේ තබාගණ මිනිසුන්ට උපකාර කිරීම සිරිතකි. එයින් ඒ උපකාර ලැබූ තැනැත්තා විනාශයටත් උපකාර කළ තැනැත්තා අපායටත් යනු සිරිතකි.

දෙවෙන් දුව (අමරා) - ඇයි, අක්කා දන්නේ නැද්ද ඌරන් බෝකරණ මිනිසුන් ගැන? ඔවුහු ඌරු පැටවුන් ගෙන්වා හොඳට කන්ට බොන්ට දෙති. සමහර විට බලෙන්ම ඌරු පැටවුන්ට කවති පොවති. නමුත් ඌරාට වඩා ටිකක් පිරිසිදු බලු බලල් ආදීන්ට වතුර කටක්වත් නොදෙති. අසරණ මිනිහෙක් පිනට බත් කටක් ඉල්ලුවත් නොදෙති. ඌරන්ට නම් “වත්තු වත්තු ඉ‍ඳෝ


ඉ‍ඳෝ” කිය කියා අඬගසා කවති පොවති. ඉතින් ඒ වාගේ ජෝන්ස් වෙන මිනිසුන්ට ගෙවල් කුලී ගැන කරදර කරමින් එක මාසයක් දෙන්ට බැරිවුන මිනිසුන් ගෙයින් එලවා දමයි. එබඳු මිනිහෙක් අපට ගෙවල් කුලී නැතුව ඉන්ට දිලා වැඩිපුර කාසිත් දුන්නේ මොකක්දෝ ගැටයකටයි. අම්මා එසේ නොවේය කියනවාද?

මව් - අනේ ළමයිනි. ඉක්මන් වෙන්ට එපා. බලමුකො - ඔහුගේ කල්පනාව - එහෙම වැරදි අදහසක් ඔහු තුල ඇති බව දැනගත් හැටියේම අපි මෙතන නොහිට යන්නෙමු.

පළමුවෙනි දුව - ඔව් අම්මේ, ඇම කෑවායින් පසු ගැලවීම සැක සහිතයි. ඇම නොගිලම නිකම් හිටීම ඊට වඩා හොඳයි. ජෝන්ස්ගේ ශරීරය දෙස බලනවිට ඔහු මනුෂ්යම ප්රේිතයෙක් බව පෙණේ. ධනය සැපයීම ම මුල්කරගෙණ තමාගේ ශරීරයම සතුටු කිරීම පරමාර්ථ කරගෙණ ජීවත්වන මිනිහාගේ ස්වභාව ඔහුගේ යාමෙන්, ඊමෙන්, බැලීමෙන්, කථාබසින් හා රූපයෙනුත් දැනගන්ට පුළුවනි. අම්මා ජෝන්ස්ගෙන් ගත් රුපියල් විසි පහත් ගෙවල් කුලී වශයේන ආපසු දෙනු ලැබූ රුපියල් දහයත් අප පවුලේ ආධාරයට නොව විනාශයට හේතු බව මට ඒකාන්තයෙන්ම වැටහේ. ඉන්නිසා එය ගෞරව සහිතව ලියමනකුත් සමග ඔහුට ආපසු යවමු.

දෙවෙනි දුව - අක්කාගේ යෝජනාව මම ස්ථිර කරමි. අම්මාට දැන් ලැබුන මුදල ලොකු වස්තුවක් වාගේ පේනවාට අනුමාන නැහැ. නමුත් අම්මා මුදල් යහමින් ගනුදෙනු කළ කාලේ නම් ඔබඳු මුදලක් ගැන සැලකුවේ නැහැ. අපි ගෑණු ළමයි වුවත් වැදගත් මහතෙකුගේ මීරන් මඩුවක හෝ වැඩකොට අම්මාටත් මල්ලීටත් කන්ට අඳින්ට සපයා දෙන්නෙමු. ඔය ජෝන්ස් නැමැති අධම චණ්ඩාලයාගේ ආධාර මුදලෙන් අපට කමක් නැතැයි මමත් කියමි”යි කීවාය.

ඇත්තෙන්ම ඒ ගුණවත් හාමිනේ දූවරු දේන්නාගේ මේ කථාවට අතිශයින්ම පැහැදී ඒ මුදලෙන් ශතයක්වත් වියදම් නොකොට “හොඳයි ළමයිනි, උඹලා කියාපු ලෙස ජෝන්සි උන්නැහේ ආවිට මේ මුදල් භාර දෙන්නෙමි”යි කියා ළමයින් අස්වැසුවාය.


මගේ බිල් අයකරන්නා මේ කථාව අසාගෙණ සිට අවුත් මට කීවේය. ඔහු ඒ ළමයි කථාකළාටත් වඩා කටුක අන්දමට මා සමග කී බැවින් මගේ සිතෙහි බලවත් ක්රෝටධයක් හටගත්තේය. මාර්ගරට් හාමිනේගේ දූවරුන් මුදල් හදල් ආදිය දී උපකාර කොට දූෂ්යක කරන්ට සිතා උන් මම ඔවුන් බලහත්කායෙන් දූෂ්යො කොට විනාශ කිරීමට සිතා ගෙණ “හොඳයි ‍ඩේවිඩ්, උඹ බලයන් - ඔය වල් කෙල්ලන් දෙන්නාට කරණ දේ බලාගන්ට පිළිනැ”යි කියා කොටියෙක් මෙන් බලවත් කෝපයෙන් විෂ්කි අඩියක්ද ගසා මට කරන්ට තිබුණු වැඩක් නවත්වා හාන්සි පුටුව පිට වැතිර කල්පනා කරමින් සිටියෙමි. ඒ අතර මගේ මිත්රා ගෝමිස් උන්නැහේ මා සම්බවෙන් ආයේය. තම තමාගේ සැප පහසුව සලකන අධමයාට අනුන්ගේ බලවත් දුකවත් නීති විරෝධතාවයටත් නොපෙණෙන බැවින් ගෝමිස්ට මගේ හිතට ඇතිවී තිබෙන අමාරුව කීවෙමි. “බලන්ට මිස්ටර් ගෝමිස් පියාත් නැතුව වෙන උපකාර කිරීමටද කිසිවෙක් නැතුව ඉන්නා කෙල්ලන් දෙන්නෙකුත් ඈලාගේ මවුත් මා අළුත ගත් ගෙවල් පේලියේ පදිංචිව සිටිති. මේ ස්ත්රි යට මා විසින් තෑගි වශයෙන් මුදලක් දුන් නමුත් ඒ කෙල්ලන් දෙදෙනා මටත් බැනලා ඒ මුදල් ගන්ට එපායයි අම්මාට ඉතා තදින් තර්ජනය කොට තිබේ. ඉතින් ඔය කෙල්ලන් දෙන්නාගෙන් පලිගැනීමට උපායක් කල්පනා කරමින් ඉඳිමි - ඉතින් මිස්ටර් ගෝමිස් ඕකට කටයුතු උගුල දැන්ම ම කියන්ටය”යි කීවෙමි. එවිටම මගේ අප්පු විෂ්කිත් සෝඩත් ගෙණාවේය. ගෝමිසුත් මාත් පුංචි අඩිය බැගින් ගසා මාර්ගරට් හාමි‍නේගේ දූවරුන් දූෂ්යත කරන්ට උපාය නැවතත් කල්පනා කරන්ට පටන් ගතිමු. ගෝමිස් ටිකක් වේලා කල්පනා කරමින් හිට “මිස්ටර් ජෝන්ස්, මම කාරනයක් කියන්නා. යම් කෙනෙකුට අනතුරක් කරන්ට උවමනා නං කවදාවත් ඔහු සමග විරුද්ධ වෙන්ටවත් තරහ බව පෙන්වන්ටවත් නරකයි. එහෙම කළොත් අපේ විරුද්ධකාරයා අපෙන් ප්රනවේසම් වෙනවා. ඊටත් වඩා අපට ඔහු ලඟට කිට්ටුවෙන්ට ක්ර්මයක් ලැබෙන්නේ නැහැ. ඉන්නිසා සතුරාට බොරු යටහත්කමක් හා කරුණාවක් දක්වා ඔහු සමග මිතුරුව ඉන්ට ඕනෑ. මාර්ගරට් හා ඇගේ දූලා සමග මිත්රව වෙන්ට අපේ හොඳ මිතුරිය වන “ගර්ලි” යවමු. “ගර්ලි” ඔවුන් සමග මිතුරුවුනාට පසු අපට මනාප අන්දමකට ඔවුන් විනාශ කරන්ට පුළුවනි”යි කීයේය. “ඔව් හොඳයි, මිස්ටර් ගෝමිස් එහෙනම් තමුසේ දැන් ගොහින් “ගර්ලි සමග එන්ට”ය කියා ඔහු පිටත්කොට යවා


“ගර්ලි” ගෙන්වා ගෙණ රාත්රී භෝජනය අනුභව කළෙමු.

අඩි පිට අඩි ගසමින් වල් ස්ත්රී්න්ගේ මුදුන් මල් කඩක් හා සමානව සිටි “ගර්ලි”ට මේ කාරණය බත් කද්දීම කීවෙමි. “ගර්ලි” ඒකට සිනාසී “අනේ ඩියර් ජෝන්ස්, මට මාර්ගරට් හා ඇගේ දූලා යාළු කරගන්ට බැරි කමක් නැහැ. ඩියර් ජෝන්ස් උන්ට ආදරේ වුනාම මටයි විපත වෙන්නේ - ඉතින් මගේ කටේ මම ම පස් ‍දමාගැනීම යුතුද? ඇයි ඩියර් උඹ ඔහොම කල්බනා කළේ මට වඩා ප්රි යකරු ලක්ෂණ ‘ගර්ලි’ කෙනෙක් තවත් ඉන්නවාදැ”යි “ගර්ලි” ටිකක් දොම්නස් අන්දමට කීවාය. එවිට මම සිනාසී “අනේ ඩාර්ලිං, අපි කවදාවත් උඹ සමග තිබෙන මිත්රකකම අත්හරින්නේවත් උඹට කරණ උදව් නොකර ඉන්නේවත් නැත. නමුත් අපට නොසෑහෙන අන්දමට බැනලා අවනම්බු කරලා මහා උජාරුවෙන් ඉන්න ඒ කෙල්ලන්ට යම්කිසි අච්චුවක් නොකර මේ ලෝකේ ඉඳීමෙන් පලක් නැත. ඒ නිසා උඹ අපට උපකාරයක් වශයෙන් මේ වැඩේ කරපන්නැ”යි කිමි. ඉක්බිති “ගර්ලි” තවත් විෂ්කි අඩියක් ගැසූ බැවින් කලින් ඈ තුල පැවති කල්පනාව වෙනස්වී අප කියන්නක් කරන්ට පොරොන්දු වූවාය.

පසුදින ‍උදේ ගර්ලි ඇඳ පැළඳගෙණ බයිබලයකුත් රැගෙණ භක්තිවන්ත දේශනාකාරියක‍ෙග් වේශයෙන් ජෝන්ස්ගේ ගෙවල් කුලී අයකරණ පියුනුත් සමග මාර්ගරට් හාමිනේලා පදිංචිව ඉන්නා ගෙදරට ගියාය. ගෙවල් කුලී අයකරන්නා ඈතින් සිට ගේ පෙන්වා යන්ටද ගියේ ය. ගර්ලි මාර්ගරට් හාමිනේලාගේ ගෙට ඇතුල්ව වාඩිවූවාය. මාර්ගරට් හාමිනේ ඇගේ දියණියන් වන රූපවතී හා අමරාට කථාකොට ළමිස්සියක් ආ බැවින් ඈ සමග කථාබස් කරන්ට කීවාය. ඒ ළමයිද තමන්ට කුඩා කාලේ පටන් පුරුදු ආගන්තුක සංග්ර හය පරිදි ඒ ලංසි වේශධාරී ගර්ලි නමැති තරුණියට ලැමනේඩ් බෝතලයක්ද බොන්ට දී ආ ගිය තොරතුරු ඇසුවෝය.. “මම මෙහි ආවේ මේ ළමයි දෙන්නාත් මවුත් බලන පිණිසමයි. මේ ළමයින්ගේ පියා නැති වුනායින් පසු අනාථව ඉන්නා බව ආරංචියි. අනාථ පවුල්වලට උපකාර කරණ අපේ “මිෂනාරි” සමාගමක් තිබේ. ඒ සමාග‍මෙන් ඒ ඒ තත්වයේ පවුල්වලට උපකාර කරනු සිරිතකි. මේ ළමයි දෙන්නා ඉගෙන ගන්ට කැමති නම් එසේ කරන්ට හෝ ඉගෙනගෙණ තිබේ නම් උගන්වන්ට පාඨශාලාවක් ලබා දෙන්ට හෝ


‍එසේත් අකමැතිනම් මැහුම් ගෙතුම් ආදී කර්මාන්තයක යෙදී සෑහෙන යමක් උපයන්ට හෝ මාර්ගය කියාදෙන්ට මට පුළුවනි. මම ඒ සමාගමේ වැඩට උදව් කරණ “බයිබල් ස්ත්රිටයක්මි” සියළුම දුක් පීඩා කරදර ලැබුනු අයට සැනසීමට තිබෙන එකම පොත මේ මා අතේ තිබෙන “ශුද්ධ බයිබලය”යි. (බයිබලය පෙන්වමින්) මේ පොත මේ ළමයි දෙන්නා දන්නවා නම් හොඳයි - නොදන්නවා නම් ඉගෙණ ගන්න එක හොඳය”යි කියා ඒ ළමයින්ටත් කථාකරන්ට කීවාය. මාර්ගරට් හාමිනේ භක්තිවන්ත බෞද්ධ ස්ත්රි්යක් උවත් ටිකක් ඉක්මණින් කේන්ති යන කෙනෙක් බව දන්නා රූපවති “අම්මා මේ නෝනා සමග කථාකරන්ට කමක් නැහැ. සමහර විට ‍එහෙම කථාවට බැස්සොත් හිත නරක්වෙන්ට පුළුවනි. මම මේ නෝනාත් සමග කථාකරන්නෙමි”යි කියන කොට අමරා නමැති කුඩා ගෑණු ළමයා විහිළු කථාවට දක්ෂියෙක් හෙයින් “අ‍ක්කේ බලන්ට දෙවියකන්නාන්සේටත් අපව පෙනුනේ අපේ තාත්තා මැරුණාට පස්සේය. ඊටත් වඩා මේ කාලකණ්ණි ගෙවල් පේලියට ආවාට පස්සේය. අක්කා මේ නෝනා සමග කථානොකර මට ඉඩ දෙතොත්” කියන කොට රූපවති නංගි දෙස බලා සිනාසෙන කොට ගර්ලිගේ හිත නරක්වී “ජෝන්ස් උන්නැහේ හිතන තරම් ලේසියෙන් මුළාකරන්ට පුළුවන් ගෑණු ළමයින් නොවන” බව සිතා “ඉතින් මේ ලොකු ළමයා මගේ කතාවට කුමක් කියනවා දැයි දැනගන්ට කැමැත්තෙමි”යි ගර්ලි කපටි සිනාවෙන් යුක්තව කීවාය. එවිට රූපවති නමැති ඒ ළමයාත් ගර්ලිත් අතර මේ කථාව ඇතිවිය.

රූපවති - මේ නෝනාට අප බලන්ට එන්ට කීවේ කවුද? අප ගැන දැනගත්තේ කොහොමද?

ගර්ලි - අපේ වැඩේ නම් යම් යම් උදවිය සොයා බලා ඔවුන්ට උපකාර කිරීමයි. ඉතින් මේ ඇත්තන් ගැනද අපට විමසන්ට සිතුනා.

රූපවති - හොඳයි, අපටත් වඩා දුක්ඛිතව අසරණව ඉන්න මිනිස්සු එමට සිටිති. මේ වත්තේම අපට වඩා අසරණ දුක්ඛිත ක්රිතස්තියානිකාරයොත් ඉඳිති. ඒ කිසිවකු වෙත නොගොස් වැඩිපුර ආධාර උපකාර ආදිය උවමනා නැති අප ලඟටම පැමිණීම හරියටම කන්ද ලඟට මහමත් නොයන නිසා මහමත් ලඟට කන්ද ආවා වැනි යයි මම සිතමි.

ගර්ලි - මේ ළමයාගේ නම කුමක්ද? මම මේ ළමයින්ට අනුකම්පා කරලා හොද හිතින් ආ කෙනෙක්මි. ඒ මිස අනික් අදහසකින් ආවා නොවෙයි. මේ ළමයින් බුද්ධාගම්කාරයන් නිසා බොහොම දුෂ්ටයි.

රූපවති - බොහොම හරි, දුෂ්ට සෙනගක් ඇත්නම් ඒ බුද්ධාගම් කාරයෝ තමා! කරුණාවත් හොඳ පිරිසක් ඇත්නම් ක්රිදස්තියානිකාරයෝ තමා, බොහොම හරි! නෝනා දන්නා ක්රිාස්තියානියකුත් බුද්ධාගමකුත් නැහැ. මගේ කල්පනාව නම් නෝනා අයෝග්ය් වැඩවලට ගෑණු දරුවන් හොයන “වල් එකියක්” බවයි.

ගර්ලි - ඇයි, මට එහෙම කීවේ? එහෙම කරපු බවක් මේ ළමයි දන්නවාද?

රූපවති - අපි නම් නොදනිමු. නමුත් හැටියෙනුත් කතාවෙනුත් මේ ආවාවූ ගමනෙනුත් එහෙම හිතන්ට ඉඩ තිබේ.

ගර්ලි - මම එබඳු කෙනෙක් බව මගේ හැටියෙන් කොහොමද දැනුනේ?

රූපවති - මට ගුරු පඬුරු නොදී “භාමිනී ලක්ෂේණ” ශාස්ත්රාය උගන්වා දෙන්ට බැරිය. නමුත් නෝනා නොසෑහෙන තරම් සුරා පානය කරණ කෙනෙක් බව ඇස්වලින් හා මූණෙන් පෙණෙනවා - නිතරම අනාචාරයේ හැසිරෙන අයෙකු මෙන් පෙම් අඩු වියලි ශරීරයෙන්ද ඒ බව තේරේ. නමුත් නෝනාගේ තත්වය අප නොකීවත් නෝනා ‍දන්නා හෙයින් කරුණාකර මෙතනින් යන්ට.

ගර්ලි - හොඳයි, මේ ගෙය අයිතිකාරයා මම දනිමි. ඒබ්ර”හම් ජෝන්ස් මහත්මයා සමග මම කාරණය කියමි”යි කියන කොට අමරා නමැති කුඩා ගැහැණු ළමයාට කාරණය තේරී - මේ ජෝන්ස් වෙනුවෙන් ආ දූතියක් බවද හොඳටම තේරී ළඟ තිබුනු ‘කොස්ස’ අරගෙණ ‘වල් පරට්ටි’ මෙතනින් වහාම පිටනූනොත් මේ කොස්සෙන් එකක් ඔළුවට ඇද බාමි”යි කියන කොට ගර්ලි එතනින් නැගිට පිටවී ගියේ ය.

මේ කථාබස් සියල්ලම අල්ලාපු ගෙයි සිටි සියලු දෙනාටම ඇසුනේය. අල්ලාපු ගෙයි ඉන්නා ධර්මදාස නමැති ළමයෙකු සම්භවීමට ආ මහනුවර පදිංචි ‍විජයපාල නමැති ගුණවත් මහතෙක්ද ඒ වේලාවට එතන හිටියේය. ගර්ලි නැමැති තරුණිය අවුත් කථාව ආර්ම්භ කළ හැටිත් හොඳ හැටි අසාගෙණ වුන් විජයපාල මහතා රූපවති ගැන අදින් කල්පනා කළේය. ඔහුගේ කල්පනාවත් ඊට පසු සිද්ධවූ තොරතුරුත් මම මේ ආත්ම භාවයේ උපදින්ට ප්රහථම විස්තර සහිතව දැනගත් බැවින් තමුන්නාන්සේට කියන්නෙමි. ඒ සාවධානව ඇසුව මැනවි. “විජයපාල පළමු කොටම මෙසේ කල්පනා කර තිබේ. වර්තමාන කාලේ අප රට ස්ත්රීනහු ටිකක් හොඳයි ඇඳ පැළඳගෙණ එන අයට ගරු කිරීම සිරිතකි. තමාගේ ධනවත්කම් ආදිය අඩුනම් තමාට වඩා ඉහළ කෙනෙක් කරන කියන කෝකටත් සතුටුවීම සිරිතකි. තරුණ ස්ත්රි යකගේ හෝ පුරුෂයෙකුගේ යම් යම් අදහස් තමාට රුචි නොවෙතත් එවේලේම එය ප්රසතික් ෂේපකොට තමාගේ අවංක ගතිය දක්වන ස්ත්රීතහු විශේෂ වශයෙන් මේ කාලේ අ‍ඩුය. කරුණු එසේව තිබෙද්දී මේ රූපවති තමාගේ අවංක ඍජු ගතිය එක පාරටම ප්ර කාශ කළ බැවින් මේ පවුල අමුතු විධියකට ඇතිදැඩිවූ පවුලක්වාට සැක නැතැයි” සිතා එ‍වලේම රූපවතිලා සමග කථාබස් කරන්ට මැලි නිසා තමා නැවතී සිටින හෝටලයට ගියේය. රූපවත්ලාගේ පියාවූ පෙරේරා මහතා ජීවත්ව සිටියදී බොහෝ හිතෛෂි භාවයෙන් කටයුතු කළ විජයපාලගේද මිත්රරයෙක් වන මැන්දිස් නමැති වෘද්ධ මහතෙක් කොළඹ ඉන්නා බැවින් උන්නැහේ සම්භවෙන්ට ගොස් මගේ ගෙයි නැවතී සිටින ඒ මාර්ගරට් හාමිනේගේත් ළමයින්ගේත් තො‍රතුරු විජයපාල විභාග කළේය. මැන්දිස් මහතා ඔවුන් කෙරෙහි විද්යා‍මාන ගුණ සියල්ලක් කියා විජයපාල මහතා ඒ රූපවති නම් ළමයා විවාහකර ගණිතොත් ඉතාමත් සැපදායකව ඉන්ට පිළිවන් යයිද කියා තිබේ. “හොඳයි මැන්දිස් මහතාත් මාත් සමග රූපවති බලන්ට යන පිණිස එන්නෙහි නම් අද සවස මම යන්නෙමි. මට උවමනා තරම් ගුණ නුවණින් යුත් කෙනෙක් නම් සුදුසු කාලයෙහිදී විවාහ කරගන්ටද සතුටුවෙමි” කී බැවින් එදා සවස 6 ට පමණ මැන්දිස් මහත්මයාත් සමග විජයපාල මාර්ගරට් පෙරේරා හාමිනේලා පදිංචි කුඩා ගෙට ආහ. ඔව්හු මැන්දිස් මහතා හොඳින් දන්නා අඳුනන බැවින් පිළිගෙණ වාඩිවෙන්ට දී එවේලා‍වට සුදුසු සංග්රිහය ද කරණ ලදී. විජයපාල මහතා මාර්ගරට් හාමිනේ සමග කථාවට බැස “හාමිනේලාට දැන්

අමාරුකම් ඇති බැවින් යම්කිසිවෙක් ඊට උපකාරයක් කරතොත් භාරගන්ට සතුටු නැද්දැ”යි කියනකොට ඉවතින් සිටි රූපවතිට මීට දියයුතු පිළිතුර කටට ආ නමුත් අම්මාගෙන් ඇසූ ප්රයශ්නයකට පිළිතුරු දීම නරකයයි නිශ්ශබ්ද විය. මාර්ගරැට් හාමිනේද හොඳ ස්වාමිපුරුෂයෙකුගේ ආශ්රතයෙන් කල් ගත කළ නිසාත් - ගුණ ධර්මාදිය උගන්වන පොත පත බලා පුරුදු නිසාත් විජයපාල බලාපොරොත්තු වූවාටත් ව‍ඩා හොඳින් පිළිතුරු දුන්නේය. “ඔව් මහතාණෙනි, අපට ටිකක් අමාරු තමා. යම් පුද්ගලයෙකුට කුසගිනි වුවත් හොඬල ආදී විස අල වර්ග දිවි කැමති නම් නොකන්නා මෙන් අපට කෙතරම් අගහිගකම් ඇතත් අපේ තත්වදයට නොහොබිනා අයගේ උපකාර අපි භාර නොගනිමු”යි කීය.

මේ කථාව ඇසූ පමණින් මාර්ගරට් හාමිනේගේත් දැනීමෙහි අනගිතාවය වැටහුනු විජයපාලගේ හිත තුල ඔවුන් කෙරෙහි බලවත් ඇල්මක් ඇතිවිය. “මනාලියකගේ ස්වභාව ඇගේ මවගෙන් පරීක්ෂාකර ගත යුතුය”යි කියා තිබෙන බැවින් මාර්ගරට් හාමිනේගෙන්ම ඇගේ දියනිය වන රූපවතිගේ තත්වය තේරුම් ගත් විජයපාල “හොඳයි අපි නැවත එන්නෙමු” කියා ඒ හාමිනේට වැඳීමෙන් ආචාර කොට තමාගේ මිත්ර යා වන මැන්දිස් මහතාත් සමග තමා නවතින හෝටලයට අවුත් රූපවති ගැන කථා කරන්ට පටන් ගත්තේය. එතනට යම්කිසි කරුණක් සඳහා ගිය මම ද එවේලාවේ සනීප පුටුවක් උඩ වාඩිගෙණ සිටියෙමි. ඔවුන් දෙදෙනාම මා නාඳුනන බැවින් ඔවුන්ගේ කථාවට කිසිම සම්බන්ධකමක් නැති කෙනෙක් බව සිතා කරණ ලද කථාව මම අසාගත්තෙමි. ඒ කථාව මෙසේය-

“විජයපාල මහතානෙනි, තමුන්නාන්සේට ධනය තිබේ. මේ ධනවත් තමුන්නාන්සේ ඉගෙණගත්, ශික්ෂිත, කුල චාරිත්රි ආරක්ෂා කරණ උදාර අදහස් ඇති ස්ත්රිේයක් සරණ කරගතහොත් නො අනුමානව තමුන්නාන්සේගේ පරම් පරාව උසස් බවට පැමිණෙන බව කිව හැක. අප රටේ උසස්ව සිටි පවුල් සියල්ලම දැන් අනාථ බවටත් කාලකන්නින්ගෙන් යුක්ත බවටත් පැමි‍ණියේ කුමක් නිසාදැයි දක්වන කදිම පුස්තකයක් අද මහත්මයා බලන්ට ගිය රූපවතී ළඟ තිබේ. එක දිනක් ඒ පොතෙන් කොටසක් අසා ගෙණ සිටි මම පුදුමයට පැමිණියෙමි. ඉතින් එබඳු පුදුම ධර්ම ශාස්ත්රස උගත් තරුණියක්


මහත්මයාට ලැබුනොත් රාජ කුමාරියක් ලැබුනාට වඩා නොවටනේදැ”යි මැන්දිස් කීය. එවිට විජයපාල බලවත් හැඟීමකින් මෙන් දැනට අප අතරේ අප්රදකට අපේ සාමාන්යට ජනයා නොදන්නා ප්රෙත්යපක්ෂ ධර්ම ශාස්ත්රල පවා ඉ‍ගෙණ ගත් ස්ත්රිීයක් නම් ඇත්තෙන්ම මම රූපවති විවාහකර ගන්නෙමි. ඒ හෙයින් අද මම ගමට ගියාම රූපවතිට ලියුමක් එවන්නෙමි. එයින් ඇගේ උගත්කම ආදිය මට සතුටුදායක වීනම් විවාහ කරගන්නෙමි”යි කියා රූපවතිගෙ මඋන්යන්ට ලියුම් එවන හැටිද මැන්දිස් මහතාගෙන් අසා ලියාගෙන විජයපාල දුම්රියට වේලාව ලඟ හෙයින් යන්ට ගියේය. මේ කථාබස් අසමින් සිටි මට රූපවති විසින් ගර්ලි වන මගේ මිතුරියට කළ චෝදනා ආදියත් - මගේ වස්තු බලයෙන් ඈ වසඟකර ගැණීමට නොහැකිවීමත් සිහිවූ විට බලවත් ක්රෝිධ‍යක් සිතේ හටගෙණ සතියකින් පෙර මේ තරුණිය බලහත්කාරයෙන් වත් අත්කර ගණිමියි අධිෂ්ඨාන කරගෙණ - ඒ හෝටලයෙන් විස්කි වීදුරුවක් බී රික්ෂෝ රථයක නැගී ගෙදර ගියෙමි. මා ගෙදර යනවිට මගේ මිත්ර ගෝමිසුත්, ගර්ලිත්, මගේ නංගිත් මගේ කටයුතු කරණ ජෝන් නමැති නපුරු මෙහෙකරුවාත් ගෙදර වුන්හ. ගෙදර ගිය හැටියේමත් විෂ්කි වීදුරුවක් බීගත් මම - ජෝන්ට කථාකොට “ජෝන් උඹට මම පවුන් සියයක් වුවත් දෙන්නෙමි. මගේ ගෙයි පදිංචිව ඉන්නා මාර්ගරට් හාමිනේත් ඇගේ දූවරු දෙන්නත් කොයි අන්දමකින් හරි මගේ අත් අඩංගුවට රැගෙන දෙන්ට ඕනෑ. එසේ නොකළොත් උඹට මම අච්චුකරමි. එබඳු කටයුතු උඹලාට කරන්ට බැරි නමුත් - රයිගම් කෝරලේ ඉන්නා විශාල වතුකාරයෙකුගේ වැඩකාරයන්ට නම් කොයි එකක් වුවත් කරන්ට පුළුවන. ඔහුගේ වතුවල ඉන්න‍ා දහස් ගණන් සෙනඟ ගෙන් ඒ බව ඇසුවොත් කියනු නිසැකයි. උඹලාට ඔහුගේ වැඩකරුවන්ගේ පිටිපස්සේවත් ඉන්ට බැරිය”යි කීවෙමි. එවිට ගෝමිස් - ආ මිස්ටර් ජෝන්ස් - රයිගම කෝරලේ විශාල වතුකාරයාගේ වචනය දැනගත්තොත් අපට ප්රෝයෝජන නොවේදැයි ඇසීය. ඔව් එය මම උවමනා විටක කියන්නෙමි. අන්න ගෝමිස් තමුසේ මට උපකාරයක් කරන්ට ඕනෑ. මාර්ගරට් හාමිනේගේ දියනිය වන රූපවතිට මහනුව‍ර විජයපාල ලියුමක් ‍එවන බව ඔහුගේ මිත්රියෙකු සමග කීවේය. රූපවති ලඟ මනුෂ්යයයන්ට මේ ලෝකයේදීම දිව්යත සැප ලැබීමට ගුරුකම් ඇති පොතක් තිබෙන බවත් මට දැනගන්ට ලැබුනා. ඉතින් තමුසේ ඒ පොත කොයි විධියකින්වත්


සොරකම් කරලාවත් මට ගෙනැත් දෙන්ට ඕනෑ. මේ කාරණය ඉෂ්ටකරන්ට බැරි වුනොත් තමුන්ගෙනුත් මට පලක් නැත. ඒ බොත තැපෑලෙන් යවන විට හෝ ගෙදරදී හෝ රැගෙණ මට දෙන්ටම ඕනෑයයි කීමි. මෙසේ කියා වෙරිමත අධික වූ මම නිදාගතිමි. පසුවදා සවස් වරුවේ ගෝමිස් කොයි ක්රබමයකින්දෝ ඒ පොත සොරකම්කර ගෙණ අවුත් මට දුන්නේය. මට ඒ පොත කියවන්ට බැරි නමුත් - මගේ තද ඇල්මක් ඇති තරුණියක් භාවිතා කරණ පොතක් බැවින් සිංහල භාෂාව හොඳට තේරෙණ මගේ කොටුවේ කන්තෝරුවේ ලියන්නෙක් වන සයිමන් පෙරේරාට කියා ඒ පොත කියෙව්වෙමි. අනේ මම, අනේ මා වාගේ පව්කාරයෙක්! ඒ පොත කියවාලත් අධර්ම ගතියට බැස්සාවූ මට මේ ප්රේ ත ආත්මයේ උපදින්ට ලැබුනු එකත් බලවත් අයුත්තකි. මා අවීචි මහ නරකයේ කල්ප ලක්ෂයක් හිටියත් මදි තරම් වරද කාරයෙකි. අනේ හාමුදුරුවනේ තමුන්නාන්සේ ඒ උතුම් පුස්තකය කියෙව්වොත් - මට ඔය ලඟ තිබෙන පඩික්කමෙනුත් ගසා කියවා මගේ අධර්ම ගති අධික කළ මට සාප වේවා! කියමින් මේ අද්භූත ආගන්තුකයා මරහඬින් හඬන්ට පටන් ගත්තේය.

ඇත්තෙන්ම නිදිමතය කියන්නේ කුමක්ද කියාවත් නොදැනෙන මම අද්භූතකයා දු‍ටු පොත ගැන තව දුරටත් දැනගනිමියි සිතා - මිත්රතය. ඒ පොත කටපාඩමෙන් කියන්ට මතක තිබේදැයි ඇසුවාම ඔහු ඉස අත බදාගෙණ හඬමින් මෙසේ කියන්ට පටන් ගත්තේය.

ද යි මගෙ කුසය ඇවිලෙන සා ගිනි කදි නී එ යි ලෝදියසෙ කකියන කඳුළු දෙනෙති නී ක යි හිස පුරා උකුණන් උකුසුවන් මෙ නී අ යි යෝ මා කරපු තද වැරදි පලදු නී

දි ය නෙ ත් බුදුන්ගේ සදහම් නොත කා ම නැ ණ ව ත් පඬින්ගේ උපදෙස් දුර ලා ම සි රු ර ත් සිත වහල් කර සැපතට කා ම බ ල ව ත් වැරදි කෙරුවෙමි මම හැම දා ම


දැ නු නේ නැත අනේ පරලොව තිබෙන බ ව සි තු නේ නැත මෙබඳු දැඩි දුක් ලැබෙන බ ව එ දි නේ මට ලැබුණු ඒ පොත අනගි බ ව හැ ඟු නේ මැරී ලැබුනාමයි මෙ අත් බ ව

ඒ පො ත හොඳට මතකයි හාමුදුරුව නේ මා ග ත දදා ඇවිලෙන මුත් මේ ලෙසි නේ ලෝ සි ත හට සැපක් වන පිණිස දෙලොවි නේ බෝ සි ත පෙමින් පවසමි ඒ අසනු අ නේ

මෙසේ මහා හඬින් විලාප කියා - තමා මිනිසත් බැවයෙහිදී රූපවතිලාගේ ගෙදරින් සොරකම් කරවා ගත් පොත - ඒ පොත බලාගෙණ කියවන්නාක් මෙන් මේ අද්භූත ආගන්තුකයා කියවන්ට පටන් ගත්තේය.

ආත්ම සංග්ර හය[සංස්කරණය]

මේ ලෝකයෙහි ඉන්නා සියලුම මනුෂ්යතයන්ට සැපවත් වීමට හෝ දුක්ඛිත වීමට තම තමාගේ කර්මයේ හෙවත් කැමැත්තේ හැටියට පිළිවන. කර්මය සම්බන්ධ නොයෙක් ප්ර්භේද ඇතත් - පූර්ව ජාතිවල කරණලද විවිධ කර්මවලින් තොරවූ කිසිවෙක් නැත. ඉතාම දැඩි අකුසල කර්මත් ඉතාම දැඩි කුසල කර්මත් ඇති සත්වවයන්ගේ දුක හෝ සැප මේ ලෝකයේදී වෙනස් කරන්ට බැරිය. එහෙත් සියළුම කුසලාකුසල කර්ම මෙලොවදී කරණ ධර්මාධර්ම ක්රිියා අනුව ඉදිරිපත් වෙමින් පළදෙනු ඒකාන්තය. දෘඩතර අකුසල කර්මයක් හෝ කුසල කර්මයක් ඉදිරිපත්වී ආ විට හදිසියෙන් විපාක ලැබුනොත් මෙලොවදී නුවණින් හා ධර්මවාදී භාවයෙන් ක්රි්යා කරන්නාගේ පෙර ආත්මයේ කළ අකුසල කර්මයේ විපාක දුර්වලව ඔහුට අයිතිව තිබෙන අපරාපර්යවේද්ය කුසලකර්මයක් මතු කරදී - සැප ලබන්ට පිලිවන්වේ. අනිත් අතට නුවණින් හා ධර්මවාදී භාවයෙන් ක්රිුයාකරණ පුද්ගලයෙකුට දෘඩවූ අකුසල කර්මයක් පලදෙන්ට ආවත් - එහි රෞද්රර ගතිය ටිකක් මැඩ පැවති විපාක දෙන බවද පෙනේ. මනුෂ්යකයන්ගේ නම් ඒ තැනැත්තා ශික්ෂිතවූ ගුණ නුවණ ඇත්තාවූ ධාර්මික මව් පියන් ලබාගෙණ උපදී. එසේ උපන් පුද්ගලයා - යහපත් ඉගෙණීමකුත් ලබා


කල්යාසණ මිතුයන්ගේ ආශ්ර යටත් ගියොත් - දිවිදලෙන් ඔප ලෑ රන් රුවක් මෙන් ඔහු දීප්තිමත් බවට පැමිණේ. කුසල් සහගත ජනක කර්මයෙන් ධාර්මික උසස් මව් පියන් නිසා ඉපදියත්, අයහපත් මිථ්යාක ඉගෙණීමකුත් ලබා සුරාපානාදී දුසිරිත් වල හැසිරෙණ පාප මිත්රඅ සේවනයට ගිය පුද්ගලයා ඊයම් වතුරේ දැමූ රන් රුවක් මෙන් දුර්වර්ණයට පැමිණේ. අනිත් අතට ජනක කර්මය අකුසල සහගත වීනම් - පහත් නීච පැවතුම් ඇති මව් පියන් ලබා ගෙණ උපදී. එසේ උපන් විට උසස් ධාර්මික ඉගැන්වීමකුත් නොලැබ පාපමිත්රෙ සේවනයටත් බැස්සොත් ඒ පුද්ගලයා කිරිමැටියෙන් තැනූ රූපයක අසූචි ආදී අපවිත්ර් දෙයක් ගෑ කලක් මෙන් පිළිකුල් බවට පැමිණේ. පාප කර්මය නිසා පහත් මව් පියන් ලබා ගෙණ උපන් යම්කිසි අපරාපර්යවේද්යබ කුසල කර්මයක් නිසා - උසස් හොඳ ඉගෙනගැණීමක් ලබා කල්යාදණ මිත්රල සේවනයට ගියොත් ඒ පුද්ගලයා මැටි රූපයක සියම් ගෑ කලක් මෙන් ප්රි්ය කරු බවටද පැමිණෙනු ඒකාන්තය. ඒ හෙයින් පරලොවදී කරණ ලද කර්ම විපාකයට භාජනවන්නේ මෙලොවදී කරණ ක්රිපයාව බව කර්මවාදී කා විසිනුත් කල්පනා කටයුතුය.

දැන් සිංහල ද්වීපය කෙබඳු රටක්ද? සිංහල ජාතිය කෙබඳු ජාතියක්දැයි සලකා බැලීම සිංහලව උපන් කාගේත් යුතුකමකි. හතරැස් හැතැප්ම 25000 ක් වන අපේ මේ දිවයිනේ - සිංහලයන්ගේ ගණන තිස් පන් ලක්ෂයකට වැඩි නොවේ. මොව්හු පින්වත්, වීර්ය ඇති, නුවණ ඇති පිරිසක් නම් මේ තිස් පන් ලක්ෂයකට අග්රව වූ පංච කාම සැප විඳිමින් සිත් වූ පරිදි වාසය කරන්ට මේ රට හොඳටම සෑහේ. නමුත් මේ තිස්පන් ලක්ෂූයකින් ‍බාගයකටත් වඩා ස්වකීය ජීවිතාරක්ෂාව ක‍රගත නොහැකි කාලකන්නින් වී තිබෙන නමුත් ඒ ගැන සංවේගයක් ඇත්තෙක් වත් සොයා කැනීම දුෂ්කරය. වර්තමාන බොහෝ සිංහල පවුල් මෘග සංඛ්යාොවේ බව සැලකිය හැකිය. ගුණධර්ම රක්ෂා කරණ - ප්රහතිපත්ති පුරණ එකම පවුලකවත් රෝගීවූ - අකාලයේ මිය යන්නාවූ, අංග විකල වූ, කාලකණ්ණිවු අදන්ෂ වූ දරුවෙක් නූපදී. මව් පිය දෙදෙනාම පිරිසිදු පැවතුම් ඇති - සතුන් මැරීම, සොරකම, පරදාර සේවනය, මුසාවාදය හා සුරාපානය යන ගර්හිත පාප ක්රිනයාවලින් තොර වූ අය නම් ඔවුන් ගේ ලේ ධාතුව පිරිසිදුය - ශක්ති සම්පන්නය. ගර්හිත පාප ක්රිුයා වෙනුත් තොරව අනුන්ට උපක‍ාර කිරීම, යහපත් කටයුතු වලට සම්බන්ධවීම, සිතෙන්


කෙළෙස් මල සේදී යන ධර්මාවවාද ඇසීම ආදියෙනුත් යුක්ත නම් එබඳු මව් පිය දෙදෙනා අතිශයින් පිරිසිදුවූ සියල්ලෙන් සම්පූර්න වන බැවින් - ඔවුන් නිසා අටගන්නා දරුවා දිව්යස ලෝකාදියෙන් චුතව අවුත් උපදින මහෙසාක්යි කෙනෙක් වා පමණකුත් නොව, ඔහුට ලෙඩ රෝගාදී කිසි අමාරුවක් වත්, අකාල මරණයක් වත්, කිසිවිටෙක සිද්ධ නොවන්නේය. දැන් අපේ රටේ පින්වත් මිනිස්සු නූපදිති. පින්වත් මිනිසුන්ට ඉපදීමට තරම් සුචරිත සම්පන්න පවුල් මෙහි නැත. පවුලක් වාසනාවන්ත බවට පැමිණීමට ප්ර ධාන හේතුව ස්ත්රී්න්ගේ ඉගණීමත් සුචරිත සම්පන්න භාවයත් බව සැලකිය යුතුයි. අප රටේ ඉන්නා ස්ත්රීරන්ගෙන් තුනෙන් දෙපංගුවක්වත් වඩා මෘගධෙනුන් වැනි කිසිත් නූගත් තැනැත්තියෝය. අනිත් ඉතිරි කොටසෙන් කොට‍සකටත් වඩා කුල චාරිත්රැ ආදිය ගරු නොකොට අධිකත්වනයට ගිය යම දූතියෝයි. ඔය දෙපක්ෂයම ඉන්නා පවුල්වල සමගිය, ප්රීටතිය, චාරිත්රාෝරක්ෂණය, ප්ර්තිපත්ති පිරීම, ගුණධර්මන වැඩීමාදී කිසිවක් නැත. කිසිවක් නූගත් අඥාන පංක්තියේ ස්ත්රීරන්ට, ආහාර - නිද්රාද - මෛථුන - මරණ - භය යන මෘග ගති වලින් පිටස්තර කිසිම ගුණයක් නැත. ධර්ම ශාස්ත්රම විරහිත ම්ලේච්ඡ ඉගෙනීම ලැබ යුරෝපීය කාම සුඛල්ලිකානු යොග සංඛ්යාාත අන්තයට ගිය අනිත් කොටස සුරාපානාදී දුසිරිත් වලින් හරිතව වාසය කරණ බැවින් ඔවුහු පහත් සංඛ්යාිවටත් වඩා ගෘහස්ථ ජීවිතයට අවැඩ දායකය. පිරිසිදු නිරෝගී ශරීරයට වඩා පිරිසිදු වලින් හරිතව වාසය කරණ බැවින් ඔවුහු පහත් සංඛ්යාිවටත් වඩා ගෘහස්ථ ජීවිතයට අවැඩ දායකය. පිරිසිදු නිරෝගි ශරීරයට වඩා පිරිසිදු හිතක් ඇතිවිය යුතුය. ශරීරයට කාශස්වාසාදී ලෙඩ වැළ‍ඳෙන්නාක් මෙන් හිතට ලොභ, ද්වේෂ, මෝහ යන මහා ලෙඩ තුනක් වැළ‍ඳේ. ශරීරයට වැළ‍ඳෙන් ලෙඩ සමහරවිට බෙහෙත් වලින් සුව කළ නොහැක. ඊට තිබෙන එකම බෙහෙත ධර්මය ඉගෙණ ඒ වූ පරිද්දෙන් පිළිපැදීම පමණකි. ඒ ධර්මය ඉගෙණීමත් ඒ පරිද්දෙන් පිළිපදින කෙනෙක් ආශ්රිය කරන්ට ලැබීමෙන් පමණකි. ඉතින් ශරීරයට ලෙඩ ඇතිව හිතටත් ලෙඩ වැළඳී පුරුෂයෙකු නිසා - එබඳු ම ස්ත්රිතයක කුසේ හටගන්නා දරුවෙක් ලෝකයේ උසස් මනුෂ්යස සංඛ්යාඑවට පැමිණිය හැකිද? සත්තකයෙන්ම බැරිය. මේ නිසා ගිහිගෙට බැ‍ඳෙන ස්ත්රීව පුරුෂ දෙකොටසටම කායික චෛතසික නිරෝගී භාවයෙන් යුත් තැනැත්තන් වීම අවශ්යන බව සැලකිය යුතුය.

ගිහිගේ[සංස්කරණය]

ගිහි ජීවිතයේ අදහස පංචකාම සැප විඳීම පමණක් නොවේ. යම් මනුෂ්යීයෙකුට පංචකාම සැප විඳීමට උවමනා නම් ඔහු ගිහිගෙට නොබැඳිය යුතුය. ඔහු ධනවතෙක් නම් - නැතහොත් දක්ෂයෙක් නම් කාම සැප විඳීමට කටයුතු සලසා ගන්ට බැරිකමක් නැත්තේය. ගිහිගෙට බැඳීමේ පරමාර්ථය කුලපරම්පරාවක් ඇති කිරීම වේ. මේ කුලපරම්පරාව ඇතිකිරීමේ අදහසින් ගිහිගෙට බැ‍ඳෙන ස්ත්රිතය හා පුරුෂයාත් කාම සම්පත් විඳිත්. එසේද උවත් ඒ වනාහි නීතිප්ර කාර - විධිවූ පරිදි නුවණින් වින්ද යුතු කාම සැපතකි. ඒ හෙයින් හැබෑ - පිරිසිදු ගිහි ගෙයක ‍තත්ව යත් - ඒ ගිහිගෙයි අධිපති වූ පුරුෂයා හා ස්ත්රි ය පිළිබඳ ඇති විය යුතු ගතිගුණත් මෙහි සැකෙවින් දක්වනු ලැබේ.


විවාහය[සංස්කරණය]

	අවුරුදු 25 කට අඩුනොවන වයසැති පුරුෂයෙක් අවුරුදු 18 ට අඩු නොවන - වයසැති ස්ත්රිටයක් සමග විවාහවීම වයස පිළිබඳ සාමාන්ය  සුදුසු කාලය වේ. පුරුෂයාට වඩා ස්ත්රිකය හැම වේලේම අවුරුදු 5 කට අඩුවීම යෙහෙකැයි සම්මතව පවතී. නමුත් ස්ත්රිරය පුරුෂයාට වඩා අවුරුදු දහයක් තරම අඩු වයස්ගත නම් ඉතාමත් හොඳය. මක්නිසාද? පුරුෂයාගේ මධ්යවම වයස වන විටත් ස්ත්රිමය තරුණ භාවයෙන්ම යුක්ත බැවින් ඔවුන්ගේ ඇල්ම නොනැසී පැවැත්වීමට හේතුවන බැවිනි. සාමාන්ය  වශයෙන් ස්ත්රීැන් පුරුෂයන්ට වඩා ඉක්මණින් ජ‍රා දුර්වල බවට පැමිණෙන හෙයින් ස්ත්රි්ය පුරුෂයාට වඩා අවුරුදු දහයක් හෝ ඊටත් ව‍ඩා ලපටි නම් යෙහෙකැයි විවාහය හොඳින් පරීක්ෂා කළ අපරදිග පණ්ඩිතයෝ කල්පනා කරති. විවාහ වීමේදී “ප්රේෂමය” යෙන් අන්ධවම විවාහ වුවහොත් - මහත් ව්යයසනයට පැමිණෙන්ට ඉඩ තිබේ. එබැවින් සමාන කුලය, සමාන තත්වතය - සමාන ඉගෙණීම - වතාවත් ආදිය සලකා බලා වැ‍ඩිහිටියන්ගේ අනුදැනීමෙන්ම - ඔවුන්ගේ සම්මතයන්ම විවාහ විය යුතුය. ප්රේහමය යනු කාම රතියෙන් නැගෙණ “රශ්මිය”යි. කාමාලය යම් දිනක නැතිවේද එදිනට “ප්රේයමය” නමැති ගිනි දැල්ලද නිවේ. යුක්ති - ධර්මය සලකා ගත හැකි දෙදෙනෙක් විවාහ වුනොත් ප්රේැමයක් ගැන සැලකිය යුතු නැත. මක්නිසාද රාගය හෙවත් 

කාමාලය අධික වන තරමට ප්රේගමය නොඅනුමානව ඇතිවන බැවිනි.

ප්රීලතිමත් ගෘහය[සංස්කරණය]

ස්ත්රි යක් නුවණැත්තියක් නම් ඈ ඉන්නා ගෘහය නිතර ප්රීලතිමත් ගෙයක් ලෙස පවත්වා ගත හැක්කේය. ඉතාමත් සුළු කටයුත්තකදීවත් පුරුෂයාගේ හිත අප්රපසන්න නො කරණ අසතුටු නොවන්ට ක්රිුයාශූරත්වලයක් ඇති ස්ත්රිෙය ඉතාමත්ම පිරිමහින භාර්යාව වේ. බරපතල කටයුතු වලදී පුරුෂයන්ගේ හිතට සැනසිල්ල දීමට බැරි ස්ත්රී හු පුරුෂයන්ගේ පවින් ලැබුනු යම දූතියෝය. පුරුෂයා ගෙදර එන විට සියලු අන්දවමින්ම ඔහුගේ හිත ප්ර්සන්න වන අන්ද මට සියල්ල සූදානම්කර තබන්ට ස්ත්රිරය පමණක් ගෘහ සංවිධානය දන්නීය. පුරුෂයා විසින් තමාට රුචි ඇඳුමක් හෝ කෑමක් බීමක් ගෙණය ලද නමුත් ඒ මොහොතේදී ඊට දොස් කියන්ට තබා තමා කැමති නැති බව වත් දැක්වීම ගෙදර වාසනාවන්ත භාවය නැතිකිරීමේ බලවත් අපරාධය බව සැලකිය යුතුය. කෙතරම් අඩුපාඩු අගහිඟකම් තිබුනත් නිතර ඒ මතක් කිරීම හෝ එබඳු අඩුපාඩු අගහිඟකම් තිබෙන බවක් ඇඟවීමටවත් - ගුණවත් ස්ත්රිඳය සතුටු නොවේ. පුරුෂයාගේ බලවත් වරද ගැනවත් වරකට වඩා චෝදනා නොකට යුතුය. කෙතරම් බරපතල අයුත්තක් කරණ පුරුෂයෙකුට උවත් නිතරම කරදර කිරීම අධම ස්ත්රිතයකගේ සිරිතකි. යම් පුරුෂයෙකු සමග කල්ගත කිරීමට කොයි ක්ර මයකින්වත් ඉඩක් නැත්නම් ඔහු සමග කලකෝලාහල නොකර ඔහුට මනාප අන්දමකටවත් ඉන්ට ඉඩදී තමාට පිළිවන් තැනකට යාම නුවණැති ස්ත්රිනයකගේ යුතුකමකි.

දුක හා සැප[සංස්කරණය]

යම් යම් ද්රටව්යම හෙවත් සැප පහසුකම් නැතිවීම සාමාන්යහ වශයෙන් දුකය. නමුත් නුවණ ඇති කෙනෙකු - තමාට ලැබෙන හෙවත් තමා උපදවන දෙයින් ඊට ප්රතමාණවත් ජීවත්වීමක් යොදාගත හොත් - ලැබීම අඩුය කියා අමුතු දුකක් ඇති නොවේ. අන්ය්යන්ගේ යස ඉසුරු ඇඳුම් පැළඳුම් දැක ඒ අනුව ක්රි යා කරන්ට යාම නිසා නොවේ නම් කෙතරම් අඩුවෙන් ලැබෙන කෙනෙකුටවත් දුකක් විඳින්ට සිද්ධ නොවේ. දුක හා සැප ඉගෙනීමේ හා ප්රනතිපත්ති පිරීමේ ප්රකමාණයටම අඩු වැඩි වන බව ඒකාන්තය. ප්රීතිපත්තියෙහි යෙදුනු තමන්ගේ ප්රකමාණය හොඳින්

සලකා ගත හැකි ස්ත්රිායකට ස්වකීය ස්වාමිපුරුෂයා හා දූ දරුවන්ද අධික දුකින් මුදවා - එක්තරා සැපවත් භාවයක තබාගත හැක්කේය. මේ නිසා දුක හා සැපත් ස්ත්රිතයකගේ ගුණ නුවණ අනුව පැවතෙන ධර්මතාවකි.

දරුවෝ[සංස්කරණය]

පවුලක පුත්රි දූහිතෘන්ගේ ප්රතධාන ගුරුවරු දෙදෙනා මව් පියෝ වෙති. ඉවසිලිවන්ත, ඉක්මණට නොකිපෙන, නිතර සිනහවෙන් - ප්රී තියෙන් යුත්, අසුභ වචන කථා නොකරණ මවගේ දරුවා පමණක් ශික්ෂිත වේ. දුරදිග නොබලා කටට ආවක් කියන මවු කෙනෙකුගේ දරුවෙක් කවද‍ාවත් ශික්ෂිත ගුණවත් කෙනෙක් විය නොහැක. මව් පිය දෙදෙනාගේ ප්ර තිපත්තිවල අන්දමට පින්වත් හෝ පව්කාර දරුවන් ලැබෙන්නාක් මෙන්ම, මවි පිය දෙදෙනාගේ විශේෂ වශයෙන් මෑනියන්ගේ චරිතයට අනුකූලවූ චරිතයක් දරුවන්ට අභ්යායස වේ. “නුඹේ දරුවන් සුචරිත සම්පන්න ගුණ නුවණ ඇති මවෙක් විය යුතුය”යි උගත් පිය කෙනෙක් විවාහයට පත්වන දිනයේ ස්වකීය දියන්යට දුන් අවවාදය මුදුනෙන් පිළිගත් ස්ත්රිාය ලෝක ප්ර සිද්ධ පුත්රදයන් තිදෙනෙකුගේත් එබඳුම දියනියන් දෙදෙනෙකුගේත් මව් කෙනෙක්ව මිනිස් ලොවදීම දිව්ය සැප හා සමාන සැප වැළඳූ බව මම දතිමි.

නිර්භීත ගතිය හා නිස්සෝකි භාවය[සංස්කරණය]

යමෙකුට හෝ යමකට භයවීම මනුෂ්යවයෙකුගේ පහත් ගතියේ ලකුණකි. පවට භයවී පමණක් මනුෂ්යම භාවයේ උසස් බව ප්ර්කාශ වේ. නයෙක් පොළ‍ඟෙක් හෝ හොරෙක් හතුරෙක් මූන ගැසුනු විටවත් භයින් ත්ර්ස්තවීම අන්තරාය වැඩිවීමට මිස ඒ මදක්වත් අ‍ඩුවීමට හේතු නොවේ. නිර්භයව ස්ථානෝචිතව ක්රිටයා කරන්ට පුරුදුවූ කෙනෙකුට අතුරු අන්තරාය හෝ විපත්තියක් සිද්ධවන්නේ කලාතුරකින්ය. නිර්භීතව - කාරණය තත්වූ පරිදි වටහාගෙණ ස්ථානොචිතව ක්රිලයා කරණ කිසිවෙකුටත් විපතක් සිද්ධ නොවේ. ලක්දිව දකුණු පළාතේ ගෘහයක ස්ත්රිියකගේ ස්ථනෝචිත නිර්භීත ගතිය නිසා බලවත් විපතකින් ලැවුනු බව පසුගිය දවස්වල ප්රෙසිද්ධව

තිබුනේය. මධ්යගම රාත්රිරයේ ඒ ස්ත්රිියත් කුඩා ළමයෙකුත් ඇර වෙන කිසිවෙක් නැති ඒ ගෘහය හොරුන් විසින් කඩන ලදී. හොරු අදහස් දෙකක් ඇතිව එසේ කරන ලද බව පෙනේ. ඒ ස්ත්රි.යගේ ස්වාමිපුරුෂයා සමග ඇති එදිරියක් පිරිමසා ගැනීමට ඒ ස්ත්රිුය දූෂ්ය කොට ගෙයි තිබෙනතාක් සියල්ල ගෙණයන අදහසින් දුෂ්ට තරුණන් සතර දෙනෙක්ම මේ අපරාධය කර තිබේ. ගේ බිඳින බව දැනගත් ස්ත්රිසය ත්ර ස්තව කෑගසන ලද නම් ඒ අසල සෑහෙන කිසිවෙකු නැති බැවිනුත් කෑගැසීමෙන් අවදිකරවීමට ගෙදර වෙන කිසිවෙකුත් නැති බැවිනුත් කෑගැසීමෙන් අවදිකරවීමට ගෙදර වෙන කිසිවෙකුත් නැති බැවිනුත් ඈ නිර්භීතව ලාම්පුවක් පත්තුකොට එය පිටතට නොපෙනෙන්ට මුවහකර තබා - කඹයක්ද ලෑස්ති කරගෙණ සොරා ගෙට ඇතුල් වනතුරු බලා වුන්නේය. හොරා හාරන ලද සිදුර උවමනා තරම් මහත් කොට උඩුබැලි අතට අඳිමින් ඔහුගේ කකුල් දෙක ඇතුලට ලෑවේය. නිර්භීත වූ ස්ත්රිලය තමා සූදානම් කරගෙණ තිබුනු ශක්තිමත් කඹයේ හොඳ පුඩුවක් ගසා හොරුගේ කකුල් දෙක එක පාරටම බැඳ - ඒ කඹය ඉතා වේගයෙන් අල්වා - හොරාගේ අත් දෙක දක්වා ශරීරය ගෙට ඇද ගත්තේය. පිටින් සිටි අනිත් තුන්දෙනා ස්වකීය මිත්රදයා ගලවා ගන්නවා වෙනුවට ගේ ඇතුලේ පිරිමි කීපදෙනෙක් ඉඳගෙන මේ හපන්කම කරණ ලදැයි සිතා ගෙයි සිදුරේ ස්වකීය මිත්ර යා සිටියදීම අනිත් තුන්දෙනා පැන ගියෝය. ස්ත්රිදය ඒ බැඳගත් සොරාට කිසිවක් කරගන්ට ඉඩ නොදී එලිවනතුරුම ඔහු දමනය කරගෙණ වුන්නේය. එලි වූ පසු මුලාදෑනීන්ට භාරදී ඉක්බිති දඬුවම්ද කරවන ලදී. භයින් ත්ර ස්තව කෑමුර ගැසීමෙන් හෝ - ඕනෑ එකක් වෙච්චාවේ කියා නිරුත්සාහිව සිටියා නම් ඒ ස්ත්රිසයට චණ්ඩ මිනිසුන්ගේ පීඩාත් ලැබී ඇගේ සියලුම දේත් නැති වෙනවාට කිසි අනුමානයක් නැත. විපතේදී පවා සෝක වීම හෝ භයවීම නිශ්ඵල මුග්ධ ක්රියයාවක් බව සලකා ගැනීම විශේෂයෙන් කුල ස්ත්රි්යකගේ මහාර්ය ගුණයකි.

කෝපය[සංස්කරණය]

ඉවසීම නැති, මදවරදින් කෝපයට පත්වන ස්ත්රීින් සරණ කරදීම බලවත් අයුත්තකි. බලවත් වරදක් උවත් සිනහ මුහුනෙන් යුත්ව ඉවසන්ට දන්නා ස්ත්රිකය නොදන්නා දෙයක් නැත්තේය. “ඉක්මනට කිපෙන අය ඉක්මනට නාකි වේය”යි අප ‍රටේ පවත්නා කථාව අර්ථ ශූන්ය් ප්රනලාපයක් නොවේ. අධික ලෙස වහ වහා කිපෙන ස්ත්රීනන්අවුරුදු තිහ හතළිහ යන්ට ප්රනථම ඉසකෙස් පැසීමාදී ජ‍රා ලක්ෂණ වලින් යුක්තව හැට හැත්තෑ වයසේ ස්ත්රීටන් මෙන් මහලු වී සිටින බව අත්දැකපු සත්යතයකි. දාසදාසින් කෙරෙහි හෝ දූදරු ආදීන් කෙරෙහි හෝ යම්කිසි වරදකටවත් තදින් කිපී නොසන්සුන් ගතියෙන් ක්රිහයා කරණ ස්ත්රිෙය වාසය කරණ ගෙදර දිසාව ශ්රි යාකාන්තාව නොබලන්නීය. කෙතරම් ‍ලොකු වරදක් වත්, කෙතරම් බරපතල පාඩුවක් වත් හරිගස්සා ගන්ට පිළිවන. නමුත් අධික කෝපයෙන් වන ශරීර පීඩාව කිසිම කාලයක හරිගස්සන්ට නොලැබේ. මේ නිසා ඉක්මණින් නොකිපෙන සියලුම කටයුත්තේදී ඉවසිල්ලෙන් ක්රිපයාකරන්ට පුරුදුකරගත් ස්ත්රිපයක් වසන ගේ දිව්යස මාලිගාවක් හා සමාන සැපවත් ඉඩමක් බව ප්රකත්යරක්ෂව තිබේ. ස්ත්රිගයක් කිපුනු කල කෙතරම් අවලක්ෂණද යනු කැඩපගත් ලඟට ගොස් බැලීමෙන් ඈටම තේරුම්ගත හැක්කේය. හිතේ ප්රීගතියත් සතුටත් යම් තරමද ඒ තරමට මුහුණේ පෙම් ගතියද ඇතිවේ. යම් කෙනෙක් තුළ දුකත් දොම්නසත් පවතීද ඔහුගේ මුහුණත් අනිත් අවයවත් මලානික වූ වියලී ස්වභාවයකට පත්වන්නේය. නිතර කිපෙන ස්ත්රිේයකගේ හිතේ සතුටත් නැති බැවින් ඇය ඉක්මනට ජරාවට පත්වීම පමණක් නොව ඇගේ කුසේ හටගන්නා දරුවන්ද මනුෂ්යඉ ප්රේ ත සංඛ්යාවවේ අයම වෙති. මේ නිසා කිපෙන සුළු ස්ත්රිුයක් විවාහ ‍කරදෙන දෙමව්පියන් හා එබඳු ස්ත්රිතයක් විවාහ කර ගන්නා පුරුෂයා ද අඥානයෝය. සන්තුෂ්ට භාවය ලෝකයේ තිබෙන වස්තු අතුරෙන් ශ්රේ ෂ්ඨම වස්තුව යයි ලෝකනාථවූ බුදුරජාණන් වහන්සේ ධර්මුයේද ප්රයකාශ වේ. කෝපය හා සමාන දුශ්තරිතයක් ස්ත්රි යකට තවත් ඇත්තේම නැත. එබැවින් ඉවසීම, නිතර ‍සිනහවීම, දුක් හටගන්නා සිතිවිලි නොසිතීම, සෑම වේලේම රසවත් කවියක්, සින්දුවක්, කාථාවක්, ධර්ම පදයක් හෝ උපදේශයක් කියමින් සිහිකරමින් හිතට ඇතිවන කෝපය සංසිඳුවා ගැනීම තමහට වැඩ කැමති කුල ස්ත්රිනයකගේ යුතුකම වන්නේය.

කන්දුස් ක්රිැයාව[සංස්කරණය]

කණ දූෂ්යක කරණ ක්රි්යාවට කන්දුස් ක්රිනයාව යයි රටේ ව්ය වහාරය. ගිහි ගේ වලින් කන්දුස් කිරියාව නැති ගෙයක් සොයා ගැනීම මේ කාලේ දුෂ්කරය. කන්දුස් කිරියාව ඇති ගෙදරට වඩා “ගුථ නරකය” හොඳ යයි කියන්ට වටී. මේ කන්දුස් කිරියාව ඇති වන්නේ නූගත් ඉවසිලි නැති කෝපාග්නියෙන් නිතර දැවෙන ස්ත්රීයන් නිසා බව අත්දැක තිබේ. සමහර ස්ත්රීතන්ට මේ කන්දුස් කිරියාව නොකරම ඉන්ට බැරිව තිබේ. වැදගැම්මක් ඇතත් නැතත් නිතරම කන්දුස් කිරියාව කිරීම පුරුද්දක් වශයෙන් පවත්වන ස්ත්රීතහු සිටිති. ස්වකීය මවගේ හෝ නැන්දම්මාගේ හෝ - පුරුෂයාගේ හෝ වෙනයම් කිසිවකුගේ වරදක් කියමින් ඝෝෂා කරන්ට පටත්ගෙණ - මුලින් ආරම්භ කලේ ‍එවෙලාවේම සිද්ධවූ දෝෂයක් නමුත් - සමහරවිට ඊට අවුරුදු විස්සකට තිහකට පුරාණ වැරදිද එකින් එකට මතු කරමින් කන්දෝස් කිරියාවේ යෙදෙන ස්ත්රී න් අප රටේ අප්රකමාණය. ස්ත්රී වර්ගයාගේ ගෞරවයට මහත් කැලලක්වූ මේ කන්දුස් කිරියාව සමහර උගත්ය කියන ගැහැණුන් අතරද පවතී. මව්ගෙන් පුරුදු වන මේ නීච සිරිත යමක් කමක් උගත් ස්ත්රීරන් අතර පැවතීම බලවත් ඛේදයකි. කන්දුස් කිරියාව පවත්වන උගත්ය කියන ස්ත්රිවයක් පිළිබඳ අප හොඳින් දැනගත් මහනුවර පළාතේ ප්රඋවෘත්තියක් මෙසේය - “මුල් කාලයේ ඉතාමත් දුකසේ වාසය කළ මේ ස්ත්රිරය යම්කිසි පිණකින් වැදගත් කෙනෙක් සමග සරණ බන්ධනයට පැමිණියේය. ඒ සරණ බන්ධනයට පැමිණි පසු - තමා කලින් හිටියාට වඩා සර්වප්රඒකාරයෙන් සුවපත් වුන නමුත් ජන්ම පුරුද්දෙන් කන්දොස් කිරියාව පුරුදු වූ මේ ස්ත්රිරයට එකම දිනක්වත් පුරුෂයාගේ කන් දූෂ්යද නොකර ඉන්ට බැරි විය. එක් දිනක පුරුෂයාට වල් ඌරුමාළු ගාතයකුත් - වෙනින් කෙනෙකු ගෙන් එළු ගාතයකුත් දෙකක්ම තෑගි ලැබුනේය. ඔහු වත්තක කටයුතු කරන්නෙකි. ඉතින් මේ වල් ඌරු ගාතයත් එළු ගාතයත් කුලීකාරයකුත් ලවා ගෙන්වාගෙන ගෙදර ආ විට - ඔහු ඇතුලේ වන්ටත් ප්ර්ථම ස්ත්රි ය ඒ මස් ගාත් දෙක බලා - “මල හත්ඉලව්වේ මට කන්ඩ පුළුවන් මොකවත් ගෙණෙන්නේ නැත. මම කීවේ තෝර මාළු ‍කෑල්ලක් ගෙණෙන්ට නොවේදැයි කීවාය. ඉවසිලිවන්ත ඒ පුරුෂයා - උඹට තෝර මාළු ගේන්ට මම තවම කඩේට නොගියෙමි. මේ මස් ගාත් දෙක මට තෑගි වශයෙන් වත්තේ කංකානම එවා තිබෙනවා - උඹට ඕනෑ කරණ මාළු මම ගෙනැත් දෙන්නෙමි. ඔය ගාත් දෙක අපේ ගෙදරට උවමනා නැත්නම් - අර එහා ගෙදර සිල්වා මහත්මයාට යවන්ට යයි කීය. ඉතින් මේ කීමට කිපුණු ස්ත්රිදය “ඔව් තෑගි ලැබුනයි කියා සිල්වාගේ ගැහැණිට කවන්ට ඌරුමස් එළුමස් ගෙණාවා - මට ගිය අවුරුද්දේ අරන් දුන්නේ රුපියල් 15 වේ රෙද්දයි. අනේ මම විඳින වදේ - වෙන රටේ මින්සුන්ට මොටෝකාර්වල ඇවිදින්ට තිබෙනවා - ලොකු ගෙවල් දොරවල් වතුපිටි ‍තිබෙනවා - අපට දාලා ගොහින් උදේ


හිට හැන්දෑ වනතුරු රක්ෂාව කරණවා නමුත් අපට වැඩකාරයන් නැහැ - හොඳ ගෙයක් දොරක් රථ වාහන් ආදියක් වත්තක් පිටියක් නැහැ - උඹලාගේ නැන්දා වෙනත් ජාතිකයෙක් සමග ගොහින් ඉන්නවා දන්නේ නැද්ද? නංගි‍ හොරෙන් සැඟවී ගිය බව දන්නේ නැද්ද - කියමින් කුණු කුණු ගාන්ට පටන් ගත්තීය. තෝරමාළු ගෙණත් දෙනතුරු ඉවසන්ට බැරිව නිකම් ලැබුනු මස් ගාත් දෙක ගෙනාවාට කිව් කාරණා දෙස බලන විට ඇත්තෙන්ම ස්ත්රීනන් සමග වාසය කරන්ටත් පිළිවන්ද? මස් එපානම් නොකනවා ඊට කටයුතු දේ කරණු විනා ඒ පුරුෂයාගේ යටගිය ජාතියේ තොරතුරු පවා කියාපන්ට කවර යුක්තියක් තිබේද? ඒ මහත්මයා බිරිඳගේ මේ කන්දුස් කිරියාවට කෙතරම් කලකිරුනේද කිවහොත් - රක්ෂාවෙනුත් අස්ව ඉන්දියාවට ගොස් එහිදීම මළේය. මේ කටහැකර ස්ත්රිරය ඉන්පසු දරුවන් දෙදෙනෙකුත් සමග හිඟා කමින් දුකසේ කල්ගත කෙළේය. ඉතින් මේ කන්දුස් කිරියාව පවත්නේ එක ගෙදරකද දෙකකද? රෙද්දක් ගෙනාවොත් ඒ ගෙණා හැටියේම නරකය කීම, කෑමක් ගෙණාවත් ඒ ගෙණා හැටියේ ඇදක් වරදක් කීම, ස්වාමියා ටිකක් ප්රකමාදව ආවොත් නොයෙකුත් කුලමල අනිසි නින්දා කිරීම නැති තැනක් දැන් අප රටින් සොයා ගැණීම ඉතාමත්ම අමාරුය. පුරුෂයා කෙරෙහි ගෞරවයක් සැලකිල්ලක්, ප්රේඅමයක් තිබෙන ස්ත්රි යකට කවදාවත් ඒ පුරුෂයාගේ හිත කලකිරෙණ - හිතට සංවේග උපදින - හිත දූෂ්යෙවන වචනයක් කිව නොහැක. එක්තරා ස්ත්රි යක් පුරුෂයාගේ කුලමල කියාගෙණ ගොස් අන්තිමේදී ඒ මනුෂ්ය යා ලපටි කාලේ මව් කිරි නැතුව ලුනු කැඳ පොවනු ලැබීමෙන් වැඩුනු බවද කීවේය. කන්දොස් කිරියාවට පුරුදු වූ ස්ත්‍රියට උල්පතෙන් දිය උනන්නාක් මෙන් අවුරුදු තිහ හතලිහකට පෙර කරණ ලද දේවලුත් එකින් එකට මතක් වේ. කොලිකුට්ටු කෙසෙල් ගෙඩි ගෙණෙන්ට යයි එක් පුරුෂයෙකුට ස්ත්රි යක් කියා තිබෙන නමුත් ඒ පළාතේ කොයිම කඩයකවත් කෝලිකුට්ටු කෙසෙල් ගෙඩි නොතිබුනු බැවින් - ඒ වෙනුවට සුවඳැල් නම් ඉතා රසවත් කෙසෙල් ගෙඩි අවරියක් අරගෙණ ගියේය. නමුත් ඔහුගේ භාර්යාව දවස් භාගයක් තිස්සේ පුරුෂයාට කුලමල කියමින් අහල පහල ඉන්නා අයටවත් ඉන්ට බැරිලෙස කන්දුස් කිරියාව කර තිබේ. වර්තමාන සිංහල ස්ත්රීදන් තුල උගත් නූගත්, උසස් පහත් කොයි ස්ත්රී න් තුලත් පවත්නා මේ දුර්ගුණය සහමුලින් නැති කරගන්නාතුරු අපේ කුල ගෘහ කවදාවත් වාසනාවත් බවට නොපැමිණේ. යහපත් අර්ථාන්විත මධුර වචන කීම මංගල්යායක් බව අපේ ස්ත්රීණන්ට අවබෝධ වනතුරා ගිහිගේ ප්රී්ති දායක ස්ථානයක් නොවේ.

පිරිමසා ගැනීමේ ඥානය[සංස්කරණය]

විශේෂ වශයෙන් අප රටේ “උගත්” ය කියන ස්ත්රීතන්ට මේ උතුම් ඥානය දැන් නැත. පුරුෂයාගේ පඩිය හෙවත් ඔහු උපයන තරම් නොදන්නා ස්ත්රිඋය පුරුෂයාගේ උරචක්රර මාලයකි. දුර ගමන් බිමන් යාම. අධික වියදම් යන ඇඳුම් පැළඳුම් බලාපොරොත්තු වීම, මංගල ක්‍ීුරඩා ආදියට නිතර යන ස්ත්රී න් නිසා නයතුරුස් වී කාලකන්නි බවට පත්වන පවුල් අප්ර‍මාණය. ආණ්ඩුවේ කටයුතු කරගෙණවුත් නොයෙක් දෙනා - අය වැය නොදත් “වදක බාරියන්” සතුටු කරන්ට ගොස් හත් අට අවුරුදු කාලවලට බන්ධනාගාරයට ගෙන ගොස් තිබෙන බව දනිතත් - ඇතැම් ස්ත්රීාන්ගේ අහංකාර අඥානකම එසේම පවතී. රුපියල් සියයක් පඩි ලබන පවුල්කාරයෙකුට මේ කාලේ අමාරුවෙන් දවස ගෙවා ගන්ට සිද්ධවී තිබේ. ගෙවල් කුලියට පඩියෙන් තුනෙන් පංගුවකුත් ඇඳුම් පැළඳුම් ආදියට තුනෙන් පංගුවකුත් කෑම් බීම් ආදියට අනිත් තුනෙන් පංගුවත් හැමදාම වියදම් කරන්ට සිද්ධවී තිබෙන කෙනෙකුගේ බිරින්දක් මාසෙකට දෙතුන් වරක් නෘත්යන ගීත බලන්ටත් නුවර, අනුරාධපුර ආදී ඈත ගමන් යන්ටත්, මගුල් ගෙවල් රේස් පලවල් ආදියේ ඇවිදින්ටත් සැරසුනොත් ඒ රුපියල් සියය පඩි ලබන පුරුෂයා කුමක් කරන්ටද? බොහෝ ස්ත්රී වරු මෙබඳු වියහියදම් ගැන අනුන්ට නම් “බණ” කියන්ට ගජ හපන්නියෝය. නමුත් තමන්ගේ ක්රිැයා පටිපාටිය යථා විධියෙන් පවත්වාගන්ටත් පවුලේ අභිවෘද්ධියට ක්රි යා කරන්ටත් නොදනිති. ලැබෙන ප්රවමාණය දැනගෙණ එයින් කීයක් නමුත් ඉතුරුවන අන්දමට කෑම් බීම් ඉඳුම් හිටුම් ඇඳුම් පැළඳුම් ගමන් බිමන් ආදිය පිළියෙල කරගැනීම ගෘහණියකගේ ශ්රේ්ෂ්ඨ ඥානය වේ. ඒ හරිහැටි නොදන්නා ස්ත්රිැය ඇත්තෙන්ම වදක බාරිය වේ. වදක බාරියන්ගේ කුසයක කවදාවත් පින්වත් ලෝවැඩදායක දරුවෙක් නූපදියි. ප්රිතිපත්තියත් ගෘහ පාලනයත් එකිනෙකට සම්බන්ධ වූ කාරණා වෙති. ගෙයක් පාලනය කිරීමාදී සියලු කටයුතු හොඳින් දැනගත් අපේ පැරණි ස්ත්රීගන් නිසා මුළු ලක්දිව මගුල් ගෙයක්ව ධර්ම මන්දිරයක්ව පැවැත්තේය.


නොකරතොත් වියද ම කරතොත් ඉතා වියද ම කියමින් ඇත පද ම රහස දන්වන් හිමිව කර පෙ ම

යනුවෙන් තොටගමුවේ මහා ස්වාමීන් කියා තිබෙන ගෘහ අර්ථ සංරක්ෂණය ස්වකීය රටේ අර්ථ සංරක්ෂණයටත් වඩා ඉතා වැදගත් එකකි. ගිහිගෙයක් සැපවත් ස්ථානයක් කරගැණීමේ මූලික තැනැත්තිය භාර්යාව වේ. තමන්ගේ ප්රසමාණයට - වත්කමට වඩා දූ දරුවන් ලැබීම පවා මහත් අන්තරායකි. දුරදිග නොබලන කාම සැපට අතිශයින් ගිජු ස්ත්රී න් නිසා - උගත් පුරුෂයන්ට පවා පවුල්වල ප්රගමාණය තමන්ගේ වත්කමේ තරමට තබාගන්ට නොලැබී දුකට භාජනව ඉන්නා තැන් බොහෝය. පුරුෂයාගේ වරදිනුත් ඇතැම්විට මේ වරද සිද්ධ වෙතත් - ගුණ නුවණ ඇති ස්ත්රියයකට නම් ඒ වරදින්ද පවුල මුදවා ගැණීමට පිළිවන්කම තිබේ. ධර්මයත් ශාස්ත්රයත් හොඳින් දැනගත් කෙනෙක් ඒ ධර්ම ශාස්ත්රි දෙක අනුව ක්රි යා කරතොත් ඔහුට මහත් දුකට භාජනයන්ට කිසිම හේතුවක් නැත. දරුවන් දෙදෙනෙක්වත් පෝෂ්ය කරගන්ට බැරිවූ මව් පිය දෙදෙනා හත් අට දෙනෙක් ලැබුවොත් - ඒ දරුවන්ටත් මව් පියන්ටත් විඳින්ට සිද්ධවන දුක අපායේ දුකට දෙවෙනිද? දුරදිග නොබලන ප්රනමාණය නොදන්නා නූගත් ස්ත්රීටන් විවාහ කරගත් උගත් පුරුෂයන්ට පවා - ඒ ස්ත්රිතයගේ බරපතල චෝදනා විඳින්ට බැරිකම නිසා විශාල දරුපවුල් ඇතිකොට දුක් විඳින්ට සිද්ධවේ. සාමාන්යැයෙන් සියලු ස්ත්රීලන් විසින් දතයුතුවූද - සියලුම ස්ත්රීින් කෙරෙහි අඩුවැඩි වශයෙන් පවතින්නාවූද දුර්ගුණ මේ කු‍ඩා පුස්තකයෙහි සඳහන් වේ. කෙතරම් කාරණා කීවත් ඒ හොඳින් කියවා බලා යොනිසොමනසිකාරයෙන් කල්පනා නොකරණ කෙනෙකුට එයින් වැඩි පලක් නො ලැබේ. ගිහිගෙට බැඳි භාර්යාවක් ලෙස සැපසේ කල්ගත කිරීමට බලාපොරොත්තු වන සියලුම ස්ත්රීබන් විසින් මේ රසවත් කවි අට කටපාඩම් කරගෙණ විවේකව ඉන්නා වේලාවේ චිත්තදෞර්මනස්ය ය දුරුකර ගැණීමටත් සමග කිවයුතුය.

ගි හි ගෙ ට බැ‍ඳෙනු යුතු පමණක ගුණැති ල ද ති බු න ට රුව තරුණකම හැමටම යුතු ද ත ර ගෙ ට දුවන්නට සුපුරුදු අසුන් මැ ද ත ර කො ට ලූවෙකු තැබුවොත් දිනනු හැකිවේ ද


හි මි ස ඳු ගේ ගුණය සහ සිප් සත දැනු ම නි සි ප ඳු සලකන්ට බැරි කතෙකුට අද ම වෙ නු බ ඳු මහතුමෙක් ලැබුනත් වෙයි දුක ම ම හ සි දු වියලෙතොත් ඇල දොල කියනු කි ම

ක ම් සැපතම තකා ගිහිගෙට බැ‍ඳෙන ක ත ග ම් ඊරියෙකි ගැබ් මල සොයනා සත ත හි ම් නැති සසර ගෙවුමට පිහිට වන යු ත ද ම් කුල රැකගණියි ගුණ නැනැති දිගුනෙ ත

දු ක ත් වැරදි නඩුහබ හිඟමග සිය ල පෙ මැ ත් හිමිට පත්වුන කල වී වික ල දෙ තො ත් යම් ලියක් උඩඟුව සිත් තැවු ල නො මැ ත් යකින්නක් ඈ වැනි තෙදිය තු ල

ර ස නැ ති දෙයත් රසවත් කොට සාද න්න ද න නැ ති දිනත් හිඟ නැති බව දක්ව න්න ඇ ති නැ ති ගෙදර තතු සිය හිමි‍යගෙ ද න්න ගු ණ ඇ ති ලිය සමති දෙලොවම ජය ග න්න

සි නා මුසු මුහුණ හිමිහට පෙන්ව න්නී ක නා ලෙස අනුන්ගේ දොස් නොදකි න්නී වි නා ‍සය වුනත් ගුණ දම් සුරකි න්නී වි නා වෙන කවුද දෙලොවින් ජය ග න්නී

න ර ක යි මේ ඇඳුම් නරකයි මේ කෑම නො කි ය යි හිමිට අඟනෙක් දත් ගුණ දාම හො ඳ ම යි සතුටුමයි සැපමයි පැව සීම ගෙ ණ දෙ යි හිමිට සැප යසිසුරු සැම දාම

ජ ල යෙ න් සුපිරිසිදු වෙයි ඇඟ දැවටි මය වැ ලි යෙ න් පිසදැමුව ‍ගෑවෙයි ගත ස යල ගු ණ යෙ න් නැණින් දුරුකර ගතැකි දුක දල දු හ දි න් සොවින් ‍කෝපයෙන් වේය තද බල


07. පරිච්ඡෙදය[සංස්කරණය]

මේ පුදුම ආගන්තුකයා මේ පොත කියවා අවසාන වනවිට මම ඔර්ලෝසුව දෙස බැලුවෙමි. ඔර්ලෝසුවත් වෙනදා තරම් ඉක්මණින් ගමන් නොකරණ නිසාදෝ දහය පසුවී මිනිත්තු දහය බව පෙණුණේය. ඇත්තෙන්ම නිදිමත කුමක්ද කියාවත් නොදත් මම මගේ අද්භූත ආගන්තුකයාට කථාකොට “ඉතින් මේ පොත ලැබී කියවාගත්තාට පසු උඹ ඒ ගුණවත් ගැහැණු ළමයා කෙරෙහි පැවති වැරදි අදහස දුරුකළේ නැද්ද”යි ඇසුවෙමි.

“අනේ රත්රන් මහත්මයෝ මා ‍වාගේ ජඩයෙක් - මා වාගේ කාලකණ්ණියෙක් - මා වාගේ පාහරයෙකුට එසේ කළ හැකිද? මා තරම් අධමයෙකු තබා ඊට වඩා ටිකක් හොඳ අයටත් - තමා සිතේ රාගික ඇල්මක් ඇති කළ ස්ත්රිටය විවාහ වීමට අසතුටු නම් ඈ කොයි කුමයකින්වත් සතුටු කරන්ට බැරි වුනොත් ඈව වෙඩි තබා හෝ පිහියෙන් ඇන මරණ බව මා මිනිස් ලෝකයේ ඉන්න කාලේ දුටුවෙමි. විවාහයකට ස්ත්රියයක් විමසන විට ඈ හොඳටම සතුටු නැත්නමි - ඒ විවාහයට සම්බන්ධ නොවීම මනුෂ්යය ගතිය වියයුතු නමුත් දැන් ලක්දිව අධම ජනයා ඊට හාත්පසින්ම විරුද්ධ ලෙස ක්රි යා කරණ බව තමුන්නාන්සේ නොදන්නෙහිද? ස්ත්රිියට පුරුෂයා රුචි නැති බව කීවොත් ඈට ලැබෙන තෑග්ග පිහියාපාර නැතහොත් වෙඩි පහර! මෙබඳු ජඩයන් වසන රටේ උපන් පළමුවෙනි ජඩයා වන මම මාර්ගරට් හාමිනේගේ දියනියන් දෙදෙනා දූෂ්යම කරන්ට හෝ විනාශ කරන්ට වීරිය කිරීම පුදුමයක් යයි සිතෙනවාද? අනේ මහත්මයෝ මා මනුෂ්යකව සිටින කාලේ හොඳ පොත්පත් දුටුවෙමි. ශිෂ්ටාචාර ලෙස කල් ගතකරණ මිනිසුන්ද දුටුවෙමි. සීලාචාරවූ නිරවුල් ලෙස ක්රිේයා කරණ මිනිහාට තරම් සැපතක් නැති බව පවා දුටුවෙමි. නමුත් මට ඒ කිසිවකින් මගේ ජඩගතිය ඉවත්කර ගන්ට බැරිවිය. සුරාපානය - අධික සුරාපානය නරක බවත් තමුන්නාන්සේට නිදිමත නැත්නම් මම කියන්නෙමි. අසාගත මැනවි “මාර්ගරට් හාමිනේලාගේ දූලා දෙන්නාගෙන් වැඩිමහල් රෑවපති කොහොම නමුත් අරගෙණ වරෙන්, ගෙණෙන්ට බැරිවුනොත් මරාදාපන්” කියා මගේ වැඩකරුවා


වන ජෝන්ට කියා ඔහුත් දුෂ්ට වූ මගේ මෝටර් රථ ඩ්රමයවර් වන කර්ලිස්ටත් නියම කොට ඔවුන්ට උවමනා මිනිසුන් හා උපකරණ ගැණීමට රුපියල් දෙසියකුත් මුදල් දුන් දවසේ සවස හතරට විතර මංචනායක වෙද මහත්මයා අපේ ගෙදර ඉදිරිපිටින් යනු දැක - මේ වෙද මහතා මගේ බලවත් බඩේගාය සුවකළ උත්තමයා නිසා උන්නැහේ දැකලා මම ටිකක් කරුණාව පෙන්වා ගෙදරට කැ‍ඳෙව්වෙමි. වෙද මහත්මයා මත්පැවන් ආදිය නොබොන බැවින් ලැමනේඩ් බෝතලයකින් සංග්රිහකොට ටිකක් කථාකෙළෙමි. පරාර්ථකාමි උගත් සත්පුරුෂ ජනයාගේ හිතත් වචනයත් ක්රිටයාවත් සෑම වේලේම අනුන්ගේ යහපත පිණිස පවත්නා හෙයින්දෝ ඒ වෙද මහතා මට කථාකොට “ආ ඒබ්රඅහම් මහත්මයා - දැන් සනීපද? දැනුත් ඉඳහිටලාවත් අඩි ගහනවාදැ”යි ඇසුයේය. ‘ඔව් වෙදමහත්මයා, මා ආශ්රටය කරණ කාලකණ්ණි මිනිසුන්ගෙන් බේරෙන්ට බැරි බැවින් දැනුත් ඉඳහිටලා අඩිගහන්ට සිද්ධවෙනවා. ඉතින් මේ කරදරයෙන් ගැලවෙන්ට හැටියක් නැතැ”යි වෙදමහත්මයාට කීවෙමි. එවිට වෙදමහත්මයා කට කොණකින් සිනාසෙමින් “මම ඒබ්රයහම් මහත්මයාට අවවාදයක් කරන්නෙමි, නමුත් ග්රාඒම සූකරයන් මධ්ය්යේ මුතු දැම්මාක් මෙන් ඒ අවවාදයටත් නොවේ. සාරාසංඛ්ය් කල්ප ලක්ෂයක් සමත්රිංේසත් ප‍ාරමීධර්මයන් පුරා - ස්වයම්භු ඥානයෙන් සියල්ල දැනගෙණ ලෝකයාට නිර්වාණ අමෘතය දුන් ලෝකනාථ වූ ලෝක ස්වාමීවූ කරුණාසාගර වූ ධර්මරාජයාණන් වහන්සේගේ අවවාදයකි. ඒ අවවාදය ඔටුන්නක්, රටක්, ගම්වර කීපයක් නොව චක්රසවර්ති රාජ්යීයක් වටිනා අවවාදයක්ය. නමුත් ඒබ්රංහම් මහත්මයාට එයින් කෙතරම් ප්ර්යෝජන වේදැයි මට හිතන්ට බැරියයි ඒ මංචනායක වෙද මහතා කීවාම මගේ හිතට මහත් කේන්තියක් ආයේය. මේ බණ කතාවෙන් මට ප්රායෝජනයක් නැතැයිද සිතුනේය. නමුත් වෙද මහතාගේ හිත නරක්වේය යන කල්පනාව ඇතිවු බැවින් වැඩි කැමැත්තක් නැතත් වෙද මහත්මයා කියන එකක් කියන්ට ඉඩ ඇර නිසොල්මන්වු විට වෙද මහත්මයා මෙසේ කීයේය. “ඒබ්රනහම් මහත්මයා ආශ්ර ය කරණ උදවියගේ කරදරයට ටික ටික සුරාපානය කරන බව දැන් කීයේය. සුරාපානය කරණ මිනිස්සු සතුන් මරණ බවත්, ඒ සමගම අසුනොවන්ට හෙවත් නීති මගින් දඬුවම් නොලබන්ට හොරකම් කරණ බවත්, නොඅනුමානව පරදාර සේවනය කරණ බවත්,

ඒ අපරාධ කිරීමට අවශ්ය යෙන්ම උවමනා කරණ බැවින් බොරු කියන බවත්, ඒකාන්තවූ කිසිවෙකුටත් නැතැයි කියන්ට බැරි කාරණයකි. සුරාපානය නොකොට කරන්ට පුළුවන් අකුශලයක් ඇත්තේම නැත - ඒ හෙයින්ම සුරාපානය ‍කරණ තැනැත්තා නොකරණ අකුශලයක්ද ඇත්තේම නැත. ඉතින් සු‍රාපානය කරන්නෙකු ආශ්රරය කරනවාට වඩා යකෙකු ආශ්රරය කිරීම හොඳය. මක්නිසාද ඒ යක්ෂ සර්ප මෘග ආදීන්ගෙන් පීඩාවක් ලැබුනොත් - ඒ ආත්මයේදී ඒ අයටම පමණක් පීඩා ලැබෙන හෙයිනි. නමුත් සුරාපානය කරන්නෙකු ආශ්රටය කළොත් ඒ පුද්ගලයා ලෝකයේ ඇතිතාක් දුශ්චරිත කොට ඔහුගේ පවුලේ පමණක් නොව ලේ නෑකම් ඇතියන්ටද ආශ්රේය කරන්නන්ටද බලවත් නින්දා පරිභව ඇතිකර දෙන්නේය. විවාහ වූවෙක් නම් ස්වකීය භාර්යාවට බලවත් දුක් කරදර පමුණුවා - මනුෂ්යව නාමයෙන් හැසිරෙන ප්රේයතයන් හෙවත් තිරිසනුන් කීපදෙනෙක් දරුකමට පමුණුවා ගන්නේය. මෙසේ මෙලොවදීම බලවත් දුක්ඛිත අපායක් ඇතිකර තබා ඔහු දුකසේ මැරීගොස් නොරනුමානව නරකයෙහි ඉපිද අවුරුදු කෝටි ගණනක් භයංකර දුක්විඳ අනන්ත අප්ර මාණ කාලයක් මුළුල්ලේ තිරිසන් ප්රේදත ආදී නරකවලත් මනුෂ්යඳ ආත්මයේ උපන්නොත් පිස්සෙක් හෝ අවලක්ෂණවූ රෝගියෙක් හෝ අසරණ හිඟන්නෙක් හෝ ගුණ නුවණ නැති ජ‍ඩයෙක් හෝ වී ඉපිදෙනු ඒකාන්තය. ඉතින් එබඳු සුරාපානය කරන්නන් ආශ්රඉය කරණ කෙනෙකුට සුරාපානය කරලා පමණක් නිකම් ඉන්ටත් නොලැබේ. සුරාපානය කරන්නා සතුන් මරණ, හොරකමුත් කරණ, පරස්ත්රීස සේවන‍යත් ‍කරණ, බොරුත් කියන, අනුන්ට දුක් විපත් පමුණුවන, සුදු ආදී ගර්හිත ක්රි‍යාකරණ ජඩයෙක් බව නිසැකය. ඉතින් පාප මිත්රල සේවනය කරණ කිසිම කෙනෙකුට මෙලොවත් පරලොවත් යහපතක් කරගන්ට ලැබුනොත් ගින්නෙන් සෙවල ඇතිවන්ටත් පිළිවන. මෙලොවත් පරලොවත්, හොඳක්, යහපතක්, සැපක්, නිවැරදි ප්රීිතියක්, සුභසිද්ධියක් ඇතිකර ගැනීමට යමෙකුට උවමනා නම් - ඔහු විසින් පළමුවෙන්ම කරගත යුත්තේ කල්යාමණ මිත්ර්යෙක් කල්යා ණ මිත්රරයන් සොයාගෙණ ඔවුන් ආශ්ර්ය කිරීම පමණකි. කෙතරම් උගතෙකුට හෝ පණ්ඩිතයෙකුටවත් කල්යා‍ණ මිත්රි සේවනය නොලැබුනොත් ඔහුට සත්පුරුෂයෙක්ව

දෙලොවම සැපතට පැමිණෙන කෙනෙක්වන්ට කොයි විධියකින්වත් බැරිය. අපේ සර්වඥයන් වහන්සේ ජේතවනාරාමයේ වැඩවසන කාලයක අනද හාමුදුරුවන්ට මෙසේ කල්පනා‍වක් ඇතිවී තිබේ. “ශ්ර මණ ධර්මය සමාද්ධ වන්නේ ක‍ාරණා දෙකක් කරණකොට ගෙණය. එනම් භාගයක් කල්යාපණ මිත්ර සේවනය නිසාත් අනිත් භාගය තමන්ගේ වීර්ය නිසාත්ය” යනුයි. උන්වහන්සේ ප්ර ථග්ජනයෙක් බැවින් මේ සිතූ සිතිවිල්ල ප්රගකාශ කළේය. එවිට සර්වහඥයන් වහන්සේ, “ආනන්දය, බ්ර හ්මචර්ය ආදී ආර්ය මාර්ගයෙන් අඩක් කල්යානණ මිත්ර්යන් හේතුකොට ගෙණ සමෘද්ධ වේයයි නොසිතිය යුතුය. තොප වැනි හේතුකේට ගෙණ සමෘද්ධ වේයයි නොසිතිය යුතුය. තොප වැනි බහුශ්රැතතයෙකු විසින් එසේ කියන්ට නොවටනේය. බ්ර හිමචර්ය නම්වූ සතරමඟය සතරඵලය, ත්රිසවිද්යායය, ෂඩිඅභිඥාය, යනාදී උතුම් ගුණ සියල්ලක්ම කල්යායණ මිත්රි සම්පත්තිය මුල් කොටම ඇතිවන්නේය. කල්යානණ මිත්ර යන් ඇත්තෙකුටම පමණක් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ යා හැක්කේය”යි වදා‍ළසේක. ආර්ය අෂ්ටාංගගික මාර්ගයෙන් පිටස්තරවූ සුචරිතයක් හෝ ගුණ ධර්මයක් ඇත්තේම නැත. ඉතින් ඒ සියලුම ගුණධර්මයට එකම මූලාධාරය වන්නේ යහපත් මිත්රතයන් ආශ්රතය කිරීම පමණක්ය යි ලෝක ස්වාමි වූ සර්වඥයන් වහන්සේ දේශනාකර තිබියදී එයින් පිටස්තර කිසිවක් අපට යොදාගත නොහැක. මෙලොවදී හොඳ වන හැසිරීමක්ම පරලොවදීත් හොඳ වනු මිස මෙලෝවදී කුමක් කළත් පරලොවදී අනිකක් සිද්ධවේය යි සිතන්නා අධම අඥානයෙකි. පැණි රස ද්රඅව්යේය කොයි රටකදී කොයි වේලාවක කෑවත් පැණිරසවා මෙන්ම තිත්ත ද්රපව්යනයක් කොයි රටකදී කොයි වේලාවේ කෑවත් තිත්තමය. පාපමිත්ර‍ සේවනයෙන් මිනිසුන්ට දුක පැමිණෙන්නේ මළාට පසු පමණක් යයි ඇතැම් මෝඩයෝ සිතති. නමුත් පාප මිත්රට සේවනාදියට බැඳි පව්කරණ කාලකන්නින්ට මෙලොවදීම ඒකාලේම එහි දුර්විපාක හොඳින් ලැබේ. අපේ බුදුරජාණන් වහන්සේ මේ බව නිරවශේෂයෙන් දේශනාකොට වදාරා අපට මෙලොවක් පරලොවක් ජයගැණීමට මග සලසා තිබේ. අන්යව ලෝකයේ තිබෙන ආගම්වල හැබෑ බොරු බලන්ට මිනිහා මැරෙන්ට ඕනෑය. නමුත් බුදුහාමුදුරුවන්ගේ ධර්මය ප්රටත්යරක්ෂ වූ ඇස් ඉදිරිපිටම විපාක පෙනෙන්නා වූ කාට උවත් අත්හදා බලන්ට පිළිවන් උතුම් ධර්මයක්ය. ඒබ්රමහම් මහත්මයා මට හදිසියේ මුන ගැසුන නමුත් ඒ උතුම් ධර්ම කථාවක් කියාදීම වටීය යි සිතෙන


බැවින් ඒ කියමි. මහත්මයාත් නිධානයක් ලැබුනායයි සිතාගෙන ඒ හොඳින් අහලා හිතේ ධාරනය කර ගෙන මෙලෝ පරලෝ දෙකින්ම ජයගන්ට උත්සාහ කළොත් මැනවැයි කියා මංචනායක මහතා අධමධමවූ මට මේ ධර්මයද කීයේය. “අපගේ ස්වාමිදරු වූ තථාගත සම්මාසම්බුදු රජාණන් වහන්සේ කෝලිය ජනපදයෙහි කක්කරපත්ත නම් ප්රරදේශයෙහි වැඩවාසය කරණ සමයෙහි ව්යාෙඝ්රතපද්යුය නම් වූ කෝලිය කුමාරයෙක් සර්වඥයන් වහන්සේ කරා එළඹ, වැඳ එකත්පස්ව හිඳ මෙසේ සැළකළේය. ස්වාමීන් වහන්ස, පංචකාම සැප විඳිනා ගිහිගෙයි වසන අපි අඹුකරුවන් පෝෂ්යල කිරීමෙන් හා නොයෙකුත් කටයුතු වලින් පීඩා විඳිමින් පින්දහම් කිරීමට අවකාශයක් නැතිව කාලය ගතකරම්හ. සඳුන් කපුරු ආදී සුවඳවලින් ප්රකයෝජන ගනුම්හ. රන්රිදී මසුරන් කහවනු ආදිය පරිහරණය කරම්හ. කම්සැප විඳීමාදියෙන් අවිවේකිව ඉන්නා අපට මේ ලෝකයටත් පරලෝකයටත් හිත සැප එලවන ධර්මයක් දේශනා කළ මැනවැයි ඒ රාජ කුමාරයා තථාගතයන් වහන්සේ “ව්යානග්ඝපජ්ජ සූත්රමය” නම් ධර්මයක් ඒ කුමාරයාට දේශනාකරණ ලදී. එම සූත්ර‍යේ සවිස්තරව ප්ර කාශිත ධර්මය සංකේෂේප වශයෙන් මෙසේය.

උටඨඨාතා කම්ම ධෙ‍ිතෙය්යෙසු අප්පමත්තො විධානවා සමංකප්පේති ජීවිතං සම්හතං අනුරක්ඛති. සදේධා සීලෙන සම්පන්නා

වදඤ්ඤවීත මච්ඡරො

නිච්ඡං මග්ගං විසොධෙති සොත්ථා නං සම්පරායිකං. ඉච්චෙ තෙ අට්ඨ ධම්මා සද්ධස්ස ඝර මෙසිනො අක්ඛාතා සච්ච නාමෙන උභයත්ථා සුඛා වහා දිට්ඨධම්ම හිතත්ථාාය සම්පරාය සුඛායව එවමෙතං ගහට්ඨානං චාගො පුඤ්ඤං පවඩ්ඪති.


යමෙක් වෙළඳාම් ගොවිකම් ආදී ඒ ඒ කටයුතුවල අප්රේමාදව අලස නොව උට්ඨාන වීර්යයෙන් යුත්තව යෙදෙන්නේද, ගුණ නුවණ ඇති කල්යානණ මිත්රනයන් ආශ්රතය කරන්නේ වේද, ලෝකයා ගෙන් නින්දා අපහාස නොලබා නම්බුකාර අන්දමින් ජීවිකාව කරන්නේ වේද, එසේ උත්සාහ සම්පත්තිය නමැති යහපත් වීර්යයෙන් රැස්කරණ ලද වස්තුව දිය ගිනි රජ සොර සතුරු උවදුරුවලින් විනාශ‍වන්ට නොදී ආරක්ෂා කරන්නේ වේද,

යමෙක් ශ්රනද්ධාවෙන් යුක්තවේද, පංචසීලාදී ශීලසම්පන්න වේද, නිර්ලෝභීව යාචකාදීන් සතුටු කොට දන් දෙන්නේද, ප්ර්ඥා සම්පත්තියෙන් යුක්තවූ උතුම් වූ ආර්යෂ්ටාංගික මාර්ගයෙහි ගමන් කරන්නේවේද,

මේ කරුණු අට හොඳින් දැන ඒ අන්ද මට පිළිපදින ගිහිගෙයි වසන කුලපුත්ර යාට මෙලොව සැපත් පරලොව සැපත්, ඒකාන්තයෙන් ගෙණ දෙන්නාහු යයි වදාරණ ලද්දේය. ඒ මෙලොවත් පරලොවත් එකාකාරවම නිසැකව සැප දෙන කරුණු අට තවත් ලිහිල්කර දක්වතොත් ඒ මෙසේය.

1 - ප්රදමාද නොවූ අලස ‍නොවූ අධික වීර්ය ය.

2 - කල්යානණ මිත්ර යන් සේවනය කිරීම.

3 - ලෝකයාගෙන් නින්දා නොලබා ජීවත් වීම.

4 - උපයාගත් වස්තුව ‍හොඳින් ආරක්ෂා කිරීම.

5 - ශ්රාද්ධාවෙන් යුක්තවීම.

6 - නිර්ලෝභීව යාචකාදීන්ට දීම.

7 - සීලාදී ගුණධර්ම පිරීම.

8 - ප්රාඥාව දියුණුකර ගැනීම.

යන මේ කාරණා අටෙන් සමන්විත එකම මිනිහෙක් දුක්ඛිතයෙක් කාලකණ්ණියෙක් අසරණයෙක් වී ඉන්නා බව මේ ලෝකයේ සොයා ගත නො හැක්කේය. මේ කාරණා අටෙන් සමන්විත පුද්කලයා මෙලොවදීම ප්රීැතියෙන් සැපෙන් සතුටින් කල් ගතකරන්නාසේම මරණින් මතු ලබන ලෝකයේදීද අතිශයින්ම සැපවත්වූ පින්වතෙක් වන්නේය. අනික් අතට මීට ප්රයතිවිරුද්ධවූ කාරණා අට, එනම්:-


1 - ප්රසමාද වූ - අලස වීරිය නැතිවීම.

2 - පාපමිත්‍ර සේවනය කිරීම.

3 - ලෝකයාගෙන් නින්දා ලබමින් ජීවත්වීම.

4 - උපයාගත් දේ ආරක්ෂාකර නොගැනීම.

5 - ශ්රාද්ධාවක් නැති - කුහක ගතිය.

6 - කිසිවෙකුට කිසිත් නොදෙන තද මසුරුකම.

7 - පංචවිධ දුශ්චරිතාදිය කිරීම.

8 - ප්රවඥා වර්ධනයට හේතු ධර්මශාස්ත්ර නොදැනීම.

යන කරුණු අටෙන් සමන්විත යමෙක් සිටිතොත් ඇත්තෙන්ම ඔහු මෙලොවදීම හිඟන්නෙකි, ජඩයෙකි, කාලකන්නියෙකි. මෙලොවදීවත් කවදාවත් ප්රීනතියක්, සැනසීමක්, නිශ්කලංකයක් නොලබන මේ පුද්ගලයා මරණින් මතුද ඒකාන්තයෙන්ම නරකාදී සතර අපායේ ඉපද බලවත් දුක් අනුභව කරන්නෙක් වේ. ඒ කාරණා අට තව ටිකක් විස්තර කරන්නෙමි.

1. අලස ‍භාවයෙන් යුක්තව ප්ර මාදවෙවී නුවණින් වීරියෙන් තොරව කටයුතු කරණ මිනිහාගේ කිසිම වැඩක් හරි නොයයි. ඒ හෙයින් ඔහු මෙලොවදීම පිරිහේ.

2. සුරාපානාදී පාප ක්රි යා කරණ පාප මිත්රහයන් සේවනය කරණ පුද්ගලයා සෑම වේලේම දුසිරිත් හයකට ගොදුරු වේ - එනම් (1) තමා සතු ධනය විනාශකර ගැණීම, (2) කෝලාහල සණ්ඩු දබර දියුණුකර ගැණීම, (3) නොයෙක් නින්දිත ‍රෝගාදියට ගොදුරු විම, (4) ලෝකයාගෙන් අප්රනශංසා අවනම්බු ලබා ගැණීම, (5) ලජ්ජා නැති කෙළතොල්ලෙක් වීම, (6) ප්රෙඥාව දුරුවල වූ මෝඩයෙක් වීම යන මේ කාරණා සය පාප මිත්ර් සේවනය කරණ පුද්ගලයාට ඒකාන්තයෙන්ම හිමිය.

3. ලෝකයාගෙන් නින්දා ලබන්නාවූ අය නම් (1) සූදු කෙළියෙහි ඇලුනාවූ (2) බහු ස්ත්රීනන් සේවනය කරන්න වූ, (3) සුරාපානයෙහි ඇලුනාවූ (4) වංචා කපටි කම්වලින් ධන උපයන්නාමූ (5) අල්ලස් ගැණීමාදියෙන් ධන උපයන්නාවූ (6) මිනිසුන් ඉදිරිපිටම අපරාධ කරන්නාවූ යන සය ආකාරවූ ගර්භිත ක්රිමයා කරන්නෝ ලෝකයාගෙන් නින්දා ලබමින් පහත් ජීවිතයක් ගතකරන්නාහු බැවින් ඔවුහු ද ඒකාන්තයෙන්ම මෙලොවදීම පිරිහෙත්.

4. උපයාගත් දේ ආරක්ෂාකර නොගැනීම නම් රැස්කරණ ධනය සුදුසු අන්දමින් වියදම් නොකිරී‍මත් සුදුසු කටයුතුවල නොයෙදවීමත් බව සැලකිය යුත්තේය. උපයන තරමක් කෑමට බීමට හෝ සූදු කෙළීම සුරාපානය කිරීම ආදී දුශ්චරිතවලට හෝ වියදම් ‍කිරීමත් උපයන තරමක් ගෙයි මුල්ලක සඟවා තබා ගැණීමත් ධනය ආරක්ෂාකර ගැණිමක් නොවේ. තමා උපයන ධනය සතර කොටසකට බෙදා එයින් එක් කොටසක් එදිනෙදා වියදම් පිණිසත්, දෙකොටසක් වතු කුඹුරු කර්මාන්ත දියුණු කිරීම පිණිසත් අනිත් කොටස වර්තමාන කාලේ හැටියට සේවිංස් බැංකුව ආදියේ තැන්පත් කිරීමත් නුවණැති සැක සුරුවම්කම දන්නා කෙනෙකුගේ යුතුකම වේ. එසේ නොකරණ තැනැත්තා සෑම වේලේම නයගැතිව කිසිවෙකුගෙන් පිහිටක් අතමාරුවක් ගත නොහැකි දුගී බොරුකායෙක්ව හැමදාම දුකට භාජනයවන බැවින් මෙලොවදීම දුක විඳින්නෙක් වේ.

5. ශ්රිද්ධාව නැති කුහක ගතියෙන් යුත් තැනැත්තේ ශීලවන්ත භාවයෙන්ද හීනව - කර්මය කර්ම බලය විශ්වාස නොකරණ කිසි‍වකට ගත නොහැකි කාලකන්නියෙක් වේ. ශ්රබද්ධාව නිසාම ශීලයත්, ඒ නිසාම ශ්රැද්ධාවන්ත භාවයත් ප්රරඥාවත් ඇති වේ. කටයුත්ත මේය නොකටයුත්ත මේය යි දැනගැනීමටත් - බුද්ධාදී රත්නත්රරය කෙරෙහි භක්ත්යාටදරයක් ඇතිවීමටත් ශ්රදද්ධාවම උවමනා කෙරේ. ඒ ශ්ර්ද්ධාව නැති කුහකයා ආත්මාර්ථකාමී, පින්දහම් රවටන හොරෙකි. එබඳු පුද්ගලයාට මෙලොව වශයෙනුත් ප්රී්තියක් සන්තෝසයක් ඇතිනොවන්නාක් මෙන්ම පරලොව වශයෙන්ද සුගතියකට පැමිණෙන්ට ඉඩ නැත්තේය.

6. තද මසුරු ගතිය තමාට පමණක් නොව තම දූ දරු ආදීන්ටද බලවත් දුක් සලසා දෙන නින්දිත ගතියකි. රුපියල් හැට හැත්තෑ දාහේ දේපල තිබෙන ඇතැම් අයට මාසයකට රුපියල් හත් අට සීයේ ආදායම් ලැබෙතොත්, එයින් හොඳ හැටි කන්නේ අඳින්නේවත්, මව් පිය සහෝදරාදීන්ට සංග්රයහ කරන්නේවත්, පිනකට දනකට ප‍රාර්ථකාමී වැඩකට දෙන්නේවත් නැතිව ඒ ධනය මුළුගන්වමින් ඵල රකින


දිමියන්සේ සිටිති. ධනයෙන් ගතයුතු නියම ප්රවයෝජනය ගන්ට නොදන්නාවූ තද මසුරු ජනයා මෙලොවදීම අපායේ හා සමාන දුක් විඳ ලෝක වාසීන්ගෙන්ද කිසිම ගරුබුහුමනක් නොලබා දුකසේ උපයන ලද වස්තුව රජුන්ට හෝ අන්යසයන්ට හැර හිස් අතින්ම මිය පරලොව යන්නාහ. ඒ නිසා තද මසුරු ගතිය මෙලොවත් පරලොවත් එක හා සමානව පිරිහෙන දුර්ගුණයක් වන්නේය.

7. දුශ්චරිතයෙහි යෙදෙන පුද්ගලයා මෙලොවම අපායේ ඉන්න තිරිසනෙකි. සතුන් මැරීම, සොරකම් කිරීම, පරදාර සේවනය කිරීම, බොරු කීම, සුරාපානය කිරීම, ලෝකයේ පවත්නා ප්ර,ධාන වැරදි පසකි. මෙයින් අන්තිමට කී සුරාපානය කරණ තැනැත්තෙකුගෙන් ඔහු නොදැනුවත්වම පාහේ අනිත් වැරදි සිද්ධවේ. මේ දුශ්චරිතවල නියුක්ත පුද්ගලයාගේ ශරී‍රය අපිරිසිදුය, හිත අපිරිසිදුය, ලේ ධාතුව අපිරිසිදුය. ඔහු ඉන්නා ගේදොර පවා අපිරිසිදුය. එබඳු අපිරිසිදු නීච පැවතුම් ඇත්තා නිතරම රෝගියෙක්, අලසයෙක්, කෙලතොල්ලෙක් වන්නේය. ඔහු නිසා හටගන්නා දූ දරුවෝ ද නො අනුමානවම සතර අපායෙන් චුතව අවුත් උපදින කාලකන්නිහුය. මේ නිසා පංචවිධ දුශ්චරිතයේ හැසිරෙන තැනැත්තා මෙලොවදීම බලවත් අපා දුක් හා සමාන දුක් විඳ මරණින් මතු ඉසේ තිබුනු බරක් බිම තබන්නාක් මෙන් නොඅනුමානව නරකාදී සතර අපායෙන් එකක උපදී. මේ නිසා ගිහිගෙයි වසමින් පංචවිධ දුශ්චරිතයෙන් එකක්වත් කරණ තැනැත්තා දැන දැනම වසක් විසක් කරණ මෝඩයෙකුට සමාන වේ.

8. ප්රෝඥා වර්ධකනයට හේතු ධර්ම ශාස්ත්රස නොදන්න තැනැත්තාට ඉහතකී වීර්යය, කළණ මිත්රක සේවනය, ලෝකයාගෙන් ස්තුති ප්රැශංසාව, ධන සම්පත් ආරක්ෂා කරගැනීමේ උපාය ඥානය, ශ්රේද්ධාව, ත්යා ගවන්ත භාවය, සුචරිත ධර්ම පුරුදු කිරීම යන කාරණා සතෙන් කිසිවක් ඇති නොවේ. ප්රනඥාව දියුණු නොවී අඥාන අමන කුහක ගතිය දියුණුවීමට ඇතිවන ප්ර ධාන හේතුව නම් - පාප මිත්ර යන් සේවනය නිසා ඇතිවන අඥානකම කරනකොටගෙණ මෙලොව සැපවත් බවටවත්, කීර්තිමත් බවටවත්, පිරිසිදු බවටවත් නොපැමිණ තිරිසනෙක් මෙන් මෙලොවදීම දුක් විඳ මරණින් මත්තේ අපායට පැමිණෙන්නේය.


මැරුණායින් පස්සේ නොව ජීවත්ව ඉන්දදීම ඒකාන්තයෙන්ම දියුණු විය හැකි, උසස් විය හැකි, සැපවත් විය හැකි, කීර්තිමත් විය හැකි, ප්රරත්ය(ක්ෂවූ, තම තමාටම අත්හදා බැලිය හැකිවූ උතුම් ධර්මයක් ලොකස්වාමි වූ මහා කාරුණික වූ තථාගතයන් වහන්සේ දේශනාකර තිබේ. ඒ උතුම් ධර්මය ජාතියක් වශයෙන්ම සිංහලයන්ට හිමිව තිබේ. යුරෝපාදී ප්රුත්යතන්ත රටවල මිනිසුන්ට වෙන නොයෙක් යන්ත්රි සූත්රබ හා උපභොග පරිභොග වස්තුව උපයාගත හැකි ලෞකික ශිල්ප ශාස්ත්ර ඇතත් මනුෂ්ය යාගේ හිත කය නිවැරදි ලෙස පැවැත්වීමට උවමනා සත්යා ආගමක් ලැබී නැත. කර්මය, කර්ම ඵලය නූගන්වන ශාස්වත උචෙඡද නම් වූ මිථ්යාආ ආගම් ඇති ඔවුන්ට උතුම් වූ ප්රනතිපත්ති මාර්ගයක් නැති බැවිනුත්, ඒ ප්රුත්ය්න්ත රටවල අයට ඒ ආර්ය ප්රනතිපත්තියෙහි හැසිරෙන්ට අවකාශ නැති බැවිනුත්, ඔවුහු අඳරෙන් අඳුරට යති. නමුත් සර්වඥයන් වහන්සේගේත් ලක්ෂ ගණන් මහ රහතන් වහන්සේලාගේත් පාදස්පර්ශය ලැබූ ලක්දිව උපදින ජනයාත්, ඒ ප්ර ත්යරන්ත ර‍ටවල මිනිසුන්ට සමානව ප්රැතිපත්තියෙන් තොරව ජීවත්වී අපායට යතොත්, ඒ බලවත් අඥාන කමකැ”යි මංචනායක වෙද මහත්මයා මට අවවාදකොට යන්ට ගියේය.

08. පරිච්ඡෙදය[සංස්කරණය]

වෙද මහතාගේ මේ අවවාදය මගේ ඇට නහර විනිවිද ගෙණ ගියේය. මම ඒ ධර්මය මෙනෙහි කරමින් ඉන්නාවිට මගේ පාප මිතුරි ගර්ලි - කේසකලාපය විදහාගෙණ දනහිස ලඟට පමණක් වැටෙන කෙටි ගවුමක් ඇඳගෙණ මුකුළු සිනාවෙන් යුක්තව මා ලඟට අවුත් “කොහොමද ඩියර් - අර නාකි වෙදාගේ බොරු බනේ කියන්නට ඉඩ දුන්නායින් අපට සෙල්ලම් කරන්ටවත් බැරි වුනා”යි කියා මා ටිකක් සොලවා මට විෂ්කි විදුරු බාගයක් පෙව්වේය. ගර්ලිගේ විලාශයත් මා බිව් විෂ්කි වීදුරුවත් නිසා මංචනායක වෙද මහතා කිව් උතුම්වූ ධර්මය මගේ හිතින් ක්ෂණයකින්ම මතක නැතිවී මම උම්මත්තකයෙක් විමි - අනේ අනේ මහත්මයෝ, මා ව‍ාගේ පාපතරයෙක් - නමුත් ‍අපේත් මුළු ලෝක සත්වයාගේත් එකම ස්වාමිදරු වූ තථාගතයන් වහන්සේ‍ගේ උතුම් ගුණය - දැන් මට


සිතෙනවිට ‍මගේ කර්ම බලයෙන් ඇවිලෙන අභ්යවන්තරගත ගින්නට වඩා තද ගින්නක් මගේ සිත් තුල ඇවිලෙනවාය යි මේ පුදුම ආගන්තුකයා කෑගසන්ට පටන් ගත්තේය. ඇත්තෙන්ම මොහුගේ මේ කථාව අසාගෙණ සිට ඔහුගේ ශරීරය ‍එහෙ මෙහෙ වනමින් කරන මේ විප්රථකාරය දුටු මට අධික සැකයක් වී “එම්බා අද්භූත ආගන්තුකය, අපේ ස්වාමිදරු වූ තථාගත සම්මාසම්බුදුරජාණන් වහන්සේගේ ගුණ විශේෂයක් තේරුම් ගැණීමට තරම් උඹට ඥානයක් තිබෙනවාදැ යි මම ඇසුවෙමි.

“ඔව් ඔව් මහත්මයෝ - මම මනුෂ්යඋව ඉන්නා කාලේදී එක්තරා පණ්ඩිතයෙක් විසින් අපේ බුදුහාමුදුරුවන්ගේ විරාග භාවය හෙවත් වසවර්ති මාරයාගේ දූවරු තුන්දෙනා අවුත් ලෝකයේ ඇතිතාක් ස්ත්රීය මායම් දක්වාත් උනවහන්සේගේ සන්තානයේ බැලිමැකු ඉසක් පමණකුදු කෙළෙස් මාත්රතයක් ඇති කරන්ට බැරිවූ කථාවක් ඉතා රසවත් කවියට නගා තිබෙන බව මගේ මිත්රරයෙක් මට කීවේය. ඒ කතාව මා අසාගෙණ සිටියදී - ඒ ලෝකනාථයන් වහන්සේගේ අද්භූතවූ ගුණ මහිමය මට වැටහුනා නම් මට කාමයෙහි දාසයෙක්ව ලෝකයේ ඇති තරම් දුසිරිත් කොට මේ ප්රේටත ආත්මයේ කවදාවත් උපදින්ට වෙන්නේ නැත. අහෝ! අහෝ! මාගේ කාමාශාව - අහෝ මාගේ භයානක අඥානකම එදා ඒ රසවත් කථාන්තරය අද දවසේ මෙන් වැටහුනා නම් මමත් තමුන්නාන්සේ වැනි සුඛිත මනුෂ්යරයෙක් නොවෙම්දැ”යි මහත් හඬින් මුරගාන්ට පටන් ගත්තේය.

මේ අද්භූත ආගන්තුකයාගේ මේ භයංකර ශබ්දය මට මෙන්ම අනිත් අයටත් ඇසුනා ‍නම් නොඅනුමානව අපේ ගෙට ආසන්න ගේවල ඉන්නා කවුරුත් එතැනට රැස්විය යුතුය. මට ලැබුනු පුදුම කන්නාඩිය නිසා ඔහුගේ වාතජ ශරීරය මට පමණක් පෙණුනාක් මෙන් ඔහුගේ ශබ්දයද මට පමණක් ඇසෙන බව වැටහී - එම්බා ආගන්තුකය, උඹට මිනිස්ව ඉන්නා කාලේ නොවැටහුනු බුදු ගුණය අද වැටහෙන්ට හේතුව ඒ බුදුගුණ අඩංගු කථාව උඹට මතකදැයි ඇසුවෙමි. දිරාගිය බාන් වැල් දෙකක් වැනි ඔහුගේ අත් දෙක හිසපිට තබා ගණිමින් - අනේ මහත්මයෝ, මගේ හොඳ මිත්රියෙක් ඉතා මධුර ලෙස කියවාපු ඒ රසවත් කවි සියල්ලම මට දැන් මතකයි. ඒ කථාන්තරයේ සඳහන් වන මාර දූන්ගේ විකාරය ඉක්මවන ලද ලෝකනාථයන් වහන්සේට - පරිශුද්ධ මහෝත්තමයානන්ට ගෞරව

කරන්ටත් උන්වහන්සේගේ උතුම් වූ ධර්මය අනුව ක්රි්යාකරන්ටත් මට ‍නොලැබුනේය. අහෝ! මා වාගේ පාපතරයෙක් - ඒ කවි ටික ඇසූ පමණින් නුවණ ඇති සත්පුරුෂයෙකුට බුදුහාමුදුරුවන්ගේ අද්ර්භූපත ගුණය වැටහේ. උන්වහන්සේ සකල ක්ලේශයන් සමූලඝාතනයෙන් නැතිකළ මහෝත්තමයෙක් තුන් ලෝකේම නැති බැවින් ඒ ස්වාමිදරුවාණන් වහන්සේට වඳින පුදන ගරු කරණ, උන්වහන්සේගේ පුත්රට සිල්වත් සංඝයා ආශ්රසය කරණ මිනිහෙක් තරම් උසස් කෙනෙක් ලෝකයේ නැති බව දැන් නම් මටත් වැටහේ. නමුත් - පාපමිත්රැයන් හා මිතුරියන්ද - සුරාපානයද සේවනය කළ මට ඒ කාලේ කිසිවක් වැටහුනේ නැතැයි මේ පුදුම සතා කීවේය. මේ කියන කථාව කුමක් දැයි ඇසූවිට මේ මා කියන්නේ අමුතු කථාවක් නොවේ. රාග ඇල්ම ඇති අය ඒ ඇල්ම බලවත්ව නොපතින වේලාවක මේ කවි ටික කියවා තේරුම් ගතහොත් ලොවුතුරා බුදු හාමුදුරුවන්ගේ ගුණය අහෝ ඔහුට යන්තමින්වත් ඇඟී නොගියොත් ඔහුගේ මා වැනි කාලකන්නි අබරා වැනි පව්කාිරයෙකි. අධමයෙකි යි කියා ඔන්න මහත්මයෝ, ඒ ලෝකනාථ බුදුහාමුදුරුවරුන් බුද්ධ රාජ්යේයට පැමිණ සත් සතිය ගෙවද්දී පස්වන සතියේ තොරතුරු මේ කවිවලින් ප්ර කාශ වේ. හොඳින් ප්රීපතියෙන් ඒ ශ්රුවනයකොට බුදු හාමුදුරුවන්ගේ ලෝකෝත්තර ගුණයෙහි ප්රාශන්න වුව මැනවැයි කියා ඒ ආගන්තුකයා පස්වන සතියේ සිද්ධවූ මාර දූහිතෘන්ගේ සංග්රා මය පිළිබඳ රසවත් කාව්යුය ඉතා මිහිරි හඬින් කියන්ට පටන් ගත්තේය.

රු ව න් ගෙයෙහි සිව්වන සතිය කර නි මී සු වෙ න් තුටුව කැපුවෙන් රුදු සසර බැ මී ප ස න් නුග සෙවන අජපල් නමැති සො මී යෙ හෙ න් වැඩිසේක මුනිරද තිලෝ හි මී

යු ද යෙ න් පැරද ගිය වසවත් සොවින් ද ල නො ගො සි න් දෙව් ලොවට ඉඳ වෙනෙහි උදක ල අ ඳි මි න් මහවතෙහි ඉරි උමතුවෙකු තු ල මෙ ලෙ සි න් සිතී තම දොස් එකිනෙක එක ල


සි දු හ ත් කුමරු දිනුවේ මගෙ දොසිනි ඉ තා ම ඳ කු ත් දොසක් ඔහු හට කියිනු යුතු නැ තා පු තු නු ත් ඇසිස් ඇඟ මස් ලේ රජ සැප තා ඉ ම කැ ත් එහිමි දුන් දන් බුදු බවම ප තා

ස ම ති ස් පෙරුම් අපමණ කල් පිරු බැව් නී ස ම තැ ස් මුනිඳු බව ලදි සිදුහත් යෙහෙ නී ම ම ම ත් කෙරුවෙම්ද? ඔහු පරදන ලෙසි නී මෙ ම හි ස් සිතිවිලින් මරු තැවෙත විලකි නී

න ග නා විජය කෙඩියට කළ අනඟ නි ගා ද කි නා සුරන් කරවන උමතු එකුර ගා ති දෙ නා දියණියන් තනාහා, අරති, ර ගා සො යා නා ලෙස ගියෝ සිය පිය එමග ම ගා

වැ හෙමි න් පිණි බින්දු පුබුදුන කමල් වැ නි න ය ණි න් විසල් දුල් මරු දූවරු පැමි නි සු ප ස න් පියාණනි කිම තැවෙනු මෙලෙසි නි ලො ව දැ න් ඔබට දුක් දෙනු හැකි කා විසි නි

ම න න ඳ දියනියනි මෙතුවක් මුළු දිය තා පි රි සි ඳ කාම සැප අත් හළ කෙනෙක් නැ තා ම ට ත ද පහර දී මගෙ එඩි මැඩ අන තා නු දු ටු ද ම බල නැසු සුදොවුන් රජුගෙ පු තා

මො න ව ද පියානනි ඔහු මිනිසෙක් බැවි නි ලු හු බැ ඳ ගෙණෙන්නෙමු කම් සැප මළපති නි ඔ ය බැ ඳ ලුහු වැඩක් කරණට බැරි ලෙසි නි කු ම ට ද තැවෙනු කිවු මර දූවරු තදි නි

රු සි රැ ත් දූවරුනි එම සිදුහත් කුම රූ අ ර හ ත් බුදු රජුව රාගය කෙළෙය දු රූ මෙ ර ට ත් වඩා නොසැලෙන ගුණැතියෙකි ග රූ ම ට ප ත් දුක බැරිය ඉවසන්ට කිවු ම රූ

තෙ ද ඇ ති පියා‍ණනි මඳකුත් බිය නොව න ප ණ ඇ ති අයෙක් නම් ඔහු නොමැරී ඉඳි න බැ රි වෙ ති අපට නොබැඳි විසුම සැබවි න සැ ක නැ ති වම ගෙණෙමු ඔහු ඔබ වෙත සැනි න

රු සි රෙ න් නෙතත් සුවඳින් නැහැ දිව රසෙ නී දෙ ස ව න් හඬින් පහසින් ගත පිණවමි නී ප ස යෙ න් තණස් බැඳ ඔහු සිත තද ලෙසි නී මෙ ලෙසි න් කරන්නෙමු ඔහු හට පියාන නී

අ ප කො ම ල ත් මළපුඩුවෙන් ඔහුගෙ ගෙ ල ඔ හු යු ග අ ත් මේ මල්දමිනි බැඳ ය ල අ ප වෙ ත සි ත් අලවා නොකොට කොලහ ල ඔ බ වෙ ත ප ත් කරමු පෙන්වා අපේ බ ල

ද ව ටි සසර වැසි මර දූ තිදෙන තු ට බු හු ටි තෙපුල් පවසා තම පියා හ ට නො ගැ ටි සමාපත් සුව විඳිමින් එවි ට රැ ව ටී මට ගියෝ මුනි වැඩ සිටි තැන ට

ම ල ව ල සුනිල් දිගු වරලස සුවඳ මු සූ බි ඹු ප ල රතොට පියයුරු රන් තිසරු වැ සූ දු ටු ක ල උමතු කරවන සව් සතුන් ති සූ සු ල ක ල බසින් පොළඹන සුර නරන් ඇ සූ


දි ය නි වරු මරුගෙ තන්හා අරති ර ගා ලෙ සි නි මලවි කොඩි මද මදිනි රඟ ර ඟා පැ මි නි නුග රුකෙහි සෙවනට ලොහිමි ම ගා ර සි නි යුතුව කිවු ඉති මියුරු හඬ න ගා

(තන්හා)

හි මි ය නි ඔබ වැනිය මලවිය තරුණ වි යේ ත නි යෙ නි නුග සෙවන කිම මේ වැඩ සිටි යේ සැ බ වි නි ඔබගෙ පියබඳ කොයිබදෝ ගි යේ ඔ බ වැ නි කෙනෙක් නුදුටිමි අපි මෙමුලු දි යේ

නො මැ ත රළ පතර සමුදුර ගැඹර ත ර නො මැ ති සඳ කැළුම් රැය යුතු ගණ අඳ ර නො මැ ති හස සුපුල් කමලුපුල මහ ස ර නො මැ ති ලියක් තරුණෙකු වැනිමය නිස ර

ව ස ත් කල් පැමිණ ලියතුරු මල් පිපි ලා සු වො ත් කොවුල් නද දෙති මල් පැනි බිහි ලා ස ඳ ත් දිලෙයි එයි මදනල සුවඳ ව ලා ඔ බ ත් සිටින්නෙහි නව යොවුනෙන් බබ ලා

දු නු ත් පසවි ගෙන නැග නල තුරඟ ම තා කි ය ත් මිග අනඟ යුදයට අප අම තා සැ ප ත් කම් විඳිනු හැකි සමතාය සි තා අ පි ත් මෙහි පැමිණියෙමු ඔබ හිමිම ප තා

යො වු නෙ න් අග පැමිණි රන්වන් ඔබ සිරු ර සි වු රෙ න් වසනු යුතු වෙද හිමියනි පව ර අ ප ව න් රුසිරු සර දිගැසින් වෙත අද ර නො ව මි න් සිටිනු කෙලෙසද සිදුහත් කුම ර


රු සි රැ ත් ඔබගෙ රන්වන් අත් පා යුව ලේ නි ය ක ත් හුය ඇමිනි අප නෙත් මැණික් වැ ලේ අ ප ව ත් පියුම්හි දිසි රතොට දල පෙ ලේ ඔ‍ බෙ නෙ ත් බඹරු නොම හැසිරෙණු කිම අප ලේ

ගු ණ දු ල් හිමිසඳින් ඔබෙ සිරුර පැහැ ඇ ති සු ණු ග ල් ගඩොල් දැවයෙන් තැනුනා නොවෙ ති ම න ක ල් රසඳනෙව් ඔබ අපට රිසි වෙ ති කි ම ඇ ල් මක් නැතිව දැන් ඉඳිනේ මෙය ති

මෙ යු ව ති ලදරු වෙයි රුසිරෙන් විය දිමු ත ලො ව ඇ ති ඉතිරි මායම් හසල නුවණැ ත නි සි යු ති පිපි කුසුමයෙක බමරු රොන් ග ත නො ම වෙ ති දොසක් එලෙසින් දැන් සැක නොසි ත

ත රු ණි මේ දෙවෙනි රුසිරෙන් නො අඩුව න ර ම ණී රඹ වටොර පියයුරු තිසරු ව න ම ලි නී සුපුල් හස මුව රද බිව් ලෙසි න සැ පෙ නී අනඟ උවදුරු කිසි නොම යෙදෙ න

බ දු රු කල කලඹ සිතුරුවන සුරතු ර න පු රු පව් කරුන් ලදුවත් නොවෙති ස ර ම හ රු වෙතට පත් අපටත් මෙව ර මි යු රු බසක් වත් නොලැබුනිය හිමි ව ර

සෙ ලෙ කි න් තැනුනේද ඔබ යකු දෝ දරු ණ සි ත කි න් තොරද යමුවා වෙහිද කිව මැ න සැ බ වි න් පණත් තිබෙනා රාගය තිබෙ ණ කෙ නෙ කු න් වෙත ගියෙමු නම් මේ අප තිදෙ න


නි සැ කි න් සුණුවේය ඔහු හදවත දෙද රා නි තැ ති න් මුවෙන් පිටවෙයි උණුසුම් රුදි රා එ ක ති න් උමතු වෙයි සිහි විකලව එත රා වි ය ලෙ න් නේය බටපත තණ පතෙක යු රා

හි මි ස ඳ සොවින් ඉන්නේ කිම මෙවන මැ ද නො ල දි ද පැතු සැපක් දනයක් පැරදුන ද ත ද බ ද අපරාද කොට සැඟව සිටිනු ද ජ න ප ද යෙන් දුරුව ඉන්නට කම් කිම ද

(ලෝකණාථයන් වහන්සේ)

සැ ප යයි කියන පියකරු සැම කෙළෙස් ක ඳ ලො ප කර පරම සැප ලැබ සිතිනි වැඩි ඔ ද අ ප මණ දැහැන් සුව විඳිමින් හිඳිමු සො ඳ අ ප හට වෙනත රිසි නැත මහ හිමය ලෙ ද

ගි නි ගෙ න දැවුණු වැඳිරිය පුලුටු ගත යු තී ම ළ කු න ගිළින පේතිය සොහොනේ නැව තී ඇ වි දි න මළපිඩක් මේ තුන පිළිකුලැ තී දු ටු තැ න ඇලෙයිදෝ කවරෙක් නුවණ ඇ තී

(අරති)

කෙ‍ ලෙ සු න් කෙරෙන් මිදුමට නොමැති අඟ මු ලේ කෙ ලෙ සි න් ලදිද හිමියනි මේ පුදුම බ ලේ සු ප ස න් දැහැන කවදද මේ පුරුදු කෙ ලේ අ ස මි න් අරති වැඳ වැටුනාය පා මු ලේ

(ලෝකනාථයන් වහන්සේ)

දැ හැ නි න් සතර පැහැදුනු කය තුලේ සි ත මි දු නෙ න් සකරයෙන් අරහත් පල ලබ ත ද කි මි න් සිවු සසුන් විදසුන් නැණින් ඉ ත කෙ ලෙ සු න් නැසූ උවසු හට බව ඇළුම් නැ ත


මෙ උ තු ම් බුදුසසුන් පත් නුවණැති සම ණ වි ද සු න් බැවුන්හී නිරතුරුව යෙදෙමි ණ රු දු ව න් සයෝගෙන් එතරව දැක නිව ණ වෙ සෙ සි න් සුපිරිසිදු වෙයි පැවසූහ සව ණ

පැ ර දී මර දියනියන් තිදෙන එක වි ඩේ ම ග දී දුටුවේය මරු උන් දුවන හැ ඩේ බ හ දී යද්දි සිතුවෙමි තොපට වන වැ ඩේ වැ ර දි ඉතින් යමු අපි කිව දුකින් දි ඩේ

මේ කව් කියා ඉවරවී මිනිත්තු තුනක් පමණ මගේ ආගන්තුකයා ඉකිබිඳිමින් ඇඬුයේය. ඇත්තෙන්ම ඔහු අඬද්දී මටද බලවත් කනගාටුවක් ඇතිවිය. ඒ කනගා‍ටුවටත් වඩා අපගේ ස්වාමිදරුවාණන් වහන්සේ හා සමාන ශ්රේිෂ්ඨ මහෝත්තමයෙක් ලෝකයේ නූපන් බවද මට වැටහුනේය. තන්හා අරති රඟා නම්වූ ඒ අද්භූත මාර දියණියන් තිදෙනාගේ කාමුක විලාසය ඉක්මවන්ට පිළිවන් එකම උත්තමයා උන්වහන්සේ ඇර වෙන කිසිවෙක් නොමැති බැවි පංචකාමයට වහල් වූ අයට වුවත් වැටහෙන්නේමය.

09. පරිච්ඡෙදය[සංස්කරණය]

මිනිත්තු තුනකට පසු නැවතත් ඒ අද්භූත ආගන්තුකයා මට කථාකොට මෙසේ කියන්ට පටන් ගත්තේය. “ඉතින් මහතානෙනි, මාර්ගරට් හාමිනේගේ රූපත් දියනියන් දූෂ්යත කරන්ට නොලැබුනොත් ඔවුන් මරා දමන්ටවත් උපක්ර මයක් යෙදිය යුතුය”යි මගේ වැඩකරුවා වන ජෝනුත් - මගේ ඩ්රකයිවර් වන කර්ලිසුත් රුපියල් දෙසීයකුත් දී පිටත්කර යැව් බව මම වේලාපහින් කීවෙමි. ඔවුන් දෙදෙනා ඒ මුදලත් රැගෙණ ඔවුන් දන්නා අඳුනන නපුරු මිනිහෙක් වන හෙන්දප්පුව සම්බවෙන්ට ගොස් තිබේ. හෙන්දප්පු පවුල් කීපයක් ඇති මිනිහෙකි. මරදානේ, පිටකොටුවේ, කොච්චිකඩේ, මෝදර යන සතර තැනම ඇවිද බලා එහිදී සම්බනූන බැවින් - හෙන්දප්පුගේ

පස්වෙනි පවුල ඉන්නා මාලිගාවත්තට ජෝනුත් කර්ලිසුත් ගොස් තිබේ. ඔවුන් යනකොට හෙන්දප්පු දහවල් බතින් පසු දෙපැයක් පමණ නිදාගෙණ සිට නැගුටුනු හැටියේ විය. උදේ පටන් බිව් සුරාවල මත් ගතිය අඩුවී - ප්රෙකෘති සිහිය ලැබ සිටි හෙන්දප්පු තමාගේ යහලුවා වන ජෝන් හා මීට කලින් නාඳුනන කර්ලිසුත් දැක වාඩිවෙන්ට දී - ඔහුගේ භාර්යා‍වක් වන ලැන්චිට කථාකොට තේවතුර ලෑස්ති කරන්ට කීය. ලැන්චි අවුරුදු තිහක් පමණ වයසැති පහත් පැවතුම් ඇති කෙනෙක් උවත් ශ්රගද්ධාවත් ස්ත්රිතයක් වී සිටි බැවින් හෙන්දප්පුගේ දුෂ්ට ක්රිියා බොහෝදුරට අඩුකරන්නියක්වද සිටියාය. ඉතින් හෙන්දප්පු මගේ වැඩක‍ා‍රයන් දෙදෙනාත් සමග රසවත් කැවිලිත් කා තේවතුර බිව් පසු - ජෝන් තමා ආ කාරණය ‍කීයේය. මාර්ගරට් හාමිනේගේ දියනිය වන රූපවති නමැති තරුණිය පැහැර ගෙණ යාමට උපකාර වනු මැනවැයි කියා හෙන්දප්පු අතට රුපියල් සියයක් ද ජෝන් දුන්නේය. හෙන්දප්පුගේ රක්ෂාවත් ඔබඳු කටයුතුම බැවින් - රුපියල් සියය අතට අරගෙණ හොඳයි ජෝන් - මේ පිළිබඳ කිසිවක් මෙහිදී කථාකරන්ට බැරිය මේ ලැන්චි උපාසකම්මා කෙනෙකි. ඒ නිසා දැන් අපි රේල්පාර අද්දරට ගොස් මේ පිළිබඳව කතාකරමු යයි කීවාම - මේ කාරණය හුඟක් දුරට වැටහුනු ලැන්චි හෙන්දප්පුට කථාකොට ඊයේ රාත්රීව තමුසේ විසින්ම ජුවන් අප්පු අයියාට කියාපු කථාන්තරය මතක නැති කරන්ට එපා. රුපියල් සියයක් තබා ලක්ෂයක් දුන්නත් අයුත්තක් අධර්මයක් කළොත් ඊට ලැබෙන විපාකය තමුසේ කියා දීපු හැටි තමුසේම මතක නැති කලොත් තමුසේ මනුෂ්යායෙක් නොව තිරිසනෙක් වෙනවාට කිසි අනුමානයක් නැතැයි ලැන්චි ඉතාමත් වේගවත් ලීලාවෙන් කියා තිබේ. මේ කීමට මඳක් චංචලවූ ජෝන් හෙන්දප්පුට කථාකොට හෙන්දප්පු අයියේ උඹේ ගෙදර ඇත්තන් කියන කථාව පළමුවෙන්ම අසාගත්තොත් හොඳය. ඉන්නිසා ඒකට ඇහුම්කම් දෙමුදැයි කිවාම - තක්කඩිකම් කිරීමෙන්ම ජීවත්වන හෙන්දප්පු තමා අතට ලැබුණු රුපියල් සියය කොයි අන්දමින්වත් ආපසු දීමට නොහැකි බැවින් - ජෝන් සහ කර්ලිසුත් සමග දුම්රිය පාර අද්දරට ගොස් කාරනය ගැන සාකච්ඡාවක් පවත්වන ලදී. ජෝන් වහාම බීම සාප්පුවකට ගොස් ජින් බෝතලයක්ද ගෙනවුත් තුන්දෙනා එයින් සෑහෙන තරම් බිගත් පසු කථාව ආරම්භකළ බැවින් ඔවුන්ගෙන් කාටවත් තමන් කරන්ට අදහස් කරනලද කටයුත්තේ භාරදූර කමක් එවලේම නොවැටහුනේය. මේ

වේලාව සවස පහට පමණ විය. ජෝන් හෙන්දප්පුට කළ විස්තරය මෙසේය. අපේ මහත්මයාගේ ගෙවල් පෙලේ ඉන්නා මාර්ගරට් හාමිනේගේ රූපවති කියා දියනියක් සිටියි. අපේ මහත්මයාට ස්ත්රිායක් දැක්කොත් ඒ ගැන වියදමක් නොකොට මහන්සියක් නොගෙණ ඉන්ට බැරි ලෙඩකි. නම්බුකාර පවුලකට අයත් ඒ ලදරු ස්ත්රිගය කොල්ලකා ගෙන ඒම ලේසි පහසු වැඩක් නොවේ. ඉතින් හෙන්දප්පු අයියාගේ “සූත්රකයක්” ඇද්දොත් මිස මට නම් මොකවත් කරන්ට බැරිය - මොකද හෙන්දප්පු අයියා කියන්නේ?

හෙන්දප්පු - මොකද ජෝන් - ජෝන්ස් මහත්මයාගේ කැමැත්තක් කරගතහැකි ස්ත්රීගන් ගණනාවක් ඇතුව සිටියදී - මේ පියත් නැතිව දුකසේ නම්බුකාර අන්දමින් කල්ගත කරණ ගැහැණු දරුවෙක් දූෂ්ය් කිරීමට ඔය මිනිහාට හිතුනේ එයාගේ අන්තිම කාලයවත් පැමිණිලාද?

‍ජෝන් - අනේ මම දන්නේ නෑ හෙන්දප්පු අයියේ! මහත්මයා නම් මට උවමනා වේලාවට සල්ලි දෙන කෙනෙක් තමයි. ස්ත්රීදන් පිළිබඳ කටයුතුවලට යවන්නේ හැමදාම මාවමයි. මේ කර්ලිස් අයියා ආවේ අද පමණකි. අද අපි කල්පනා කරගෙණ ආවේ මාර්ගරට් හාමිනේ හැමදාම හවස හයාමාරට පමණ දූවරු දෙන්නා හා පුන්චි පුතාත් සමග කුප්පියාවත්තේ පන්සලට බුදුන් වඳින්ට යනවා - එසේ යනවිට බලහත්කාරයෙන් ඒ රුපවතිව මොටෝකාරයේ දමාගෙණ ඈත පළාතකට ගෙණ යන කල්පනාව පිටයි. මේ කර්ලිස් එලවන මහත්මයාගේ කාර්එක නොගෙණ කුලී කාර්එකක් ඒ ගැන පන්ගාර්තුකර ගෙන තිබෙනවා. ඉතින් මේ භයානක අපරාධය කරන්ට ලැබේද? එසේ කළොත් අපට තවත් ලෝකයේ ඉන්ට ලැබේද? හෙන්දප්පු අයියාගේ ගෙදර ඇත්තෝ කියාපු කථාන්තරය දැනගන්ට ඇත්නම් මම බොහොම කැමතියි. ඒ මතක් කළ වේලේ පටන් මගේ හිතට ලොකු අමාරුවක්ය”යි ජෝන් කීවාම නිත්යප අපරාධ කරුවෙක් නමුත් පිරිසිදු සිංහල ලේ වලින්ම උපන් හෙන්දප්පුවී ජින් නමැති විෂ පානයෙන්ද විකෘති භාවය තදින් ඇති කොට සිටි බැවින් ජෝන් දෙස බලා - “එහෙනම් ජෝන්ට ලැන්චි මතක්කළ කථාන්තරය කියන්නෙමි. ඒ වනාහි අපේ ආච්චිගේ සහෝදරයාත් ඇතුළු


කීප දෙනෙක් පිළිබඳ කථාන්තරයකි. 1877 තේද සිද්ධවෙච්ච භයානක කාරණය පිළිබඳ මේ කථාන්තරයේ නපුරු විපාකය තවමත් කෙළවර නොවී තිබෙන බව ජෝන්ස්ට කියන්නෙමි. මහනුවරට දුම්රිය ගොස් වැඩි කල් යන්ට ප්ර්ථම මට මතක හැටියට 1877 දී මේ කාරණය සිද්ධවී තිබේ. ඒ කාලේ වැලිකඩ පළාත නොහොත් කොළඹ බොරැල්ලේ පටන් කෝට්ටයට යනතුරු ඒ ප්රොදේශය මහ කැළෑවකි. දැන් වාගේ නොවේ. මේ කාලේ අපට සීයා වන අබන් අප්පුත් - තවත් චන්ඩි මිනිස්සුත් කන්ඩියක් බොරැල්ල පැත්තේ හැසිරුනෝය. වැලිකඩ ගම් හිමියෙකුත් ඔහුගේ පුත්රරයන් තුන් දෙනෙකුත් ඥාතීන් කීප දෙනෙකුත් මංකොල්ල කෑම, මිනීමැරීම, හරක් හොරකම ආදී දරුණු ක්රිකයාවල නිතරම යෙදී සිටියෝය. ඔවුන්ට කොල්ලයක් ගන්ට කෙනෙකුත් ප්රනස්තාවකුත් විමසමින් ඒ ගැන මුරකරණ ඔත්තුකාරයන්ගේ ගණන දහයකට දොළහකටත් වැඩි විය. එක්තරා සෙනසුරාදා දවසක මරදානේ දුම්රිය පළෙන් උඩරට සිංහල කුල ස්ත්රිසයකුත් පාතරට සිංහල තරුණයෙකුත් යන ජෝඩුව බැස - රාත්රිය කොළඹ නැවතී ඉඳ පසු දින කළුතරට දුම්රියෙන් යාමට කල්පනා කොට දුම්රිය පළෙන් එලියට අවුත් තිබේ.

ඒ කාලයේ දැන් වාගේ දුම්රිය‍පල අසල හෝටලය නොතිබුනේය. මේ තරුණයාත් තරුණියත් කොළඹ තොරතුරු කොහෙත්ම නොදත් අය ය. වැලිකට තක්කඩි රැලගේ අනුචරයාට මේ අහිංසක තරුණන් දුටු හැටියේ මොවුන් රවටන්ට පුළුවන් බව වැටහු‍නේය. මේ තරුණ යුවල වනාහි - රහසින් සැඟවී යන දෙදෙනෙකි. ගාල්ල පළාතේ තරුණයෙක් උඩරට වත්තක කටයුතු කරමින් සිටින අතර අසල වැදගත් ගෙදරක රූපත් තරුණියකට මිත්රවවී තිබේ. මොවුන්ගේ මිත්රතකම මුහුකුරා ගොස් අන්තිමේදී තරුණියගේ මව්පියන්ට රහසින් තරුණයාගේ ගමට යාමට තීන්දුකර ගෙණ තිබේ. වැදගත් ධනවත් පවුලක තරුණියක්වූ බැවින් වටිනා රන් මැණික් ආභරණ රාශියකුත් රුපියල් හාරදාහක් පමණ මුදලුත් ඔවුන් අතේ තිබුනේය. එවේලාවට තරුණිය පැළඳ තිබුණු ආභරණ පමණක් රුපියල් හත්දාහකට වඩා දේ විය. ඉතින් මේ තරුණියත් තරුණයාත් මුලාකොට චෞරයන් අතට පත්කිරීමට අදහස් කළ ඔත්තුකාරයා මේ ජෝඩුව පාරට එන්ටත් ප්රටථම “මොකද මැණිකේලා ඈතකටද? එන්ට මගේ තිරික්කලයෙන්

යන්ට පුළුවනි. මේ තිරික්කලය බොරැල්ලේ හෝටලේ තිරික්කලයයි. වැදගත් කෙනෙකුට නැවතීමට තිබෙන එකම සිංහල හෝටලයත් බොරැල්ලේ හෝටලය පමණක්ය. එන්ට නම්බුකාර ලෙස ප්රොවේසම් සහිතව ඉන්ට පුළුවන් එකම තැනය”යි ඉතා සාන්ත දාන්ත ලීලාවෙන් කීවේය. මේ කතාව විශ්වාසකළ තරුණයා හා තරුණියත් තිරික්කලයට නැගුනෝය. ඔවුන් අතේ තරමක් විශාල ගමන් පෙට්ටියක්ද තිබුනේය. එහි ඇඳුම් ආභරණ හා මුදල් රුපියල් හාරදාහකිද තිබුනේය. ඒ ගමන් පෙට්ටියද තිරික්කලයේ තබා ගෙණ ‍බොරැල්ලේ හෝටලයට යන අදහසින් පිටත්වූහ.

නමුත් කපටි කරත්තකාරයා කොළඹ නොයෙක් වීදිවල ගමන් කොට රාත්රික හතට පමණ බොරැල්ලේ සන්දියට පැමිණ එතනින් කෝට්ටේ ප‍ාරේ ගොස් වැලිකඩ රේන්දපලට ආසන්න කුරුඳ කැලේ ලඟ කරත්තය නවත්වා - ඒ කුරුඳු කැලේ හොර මඩුවේ වුන් චෞරයන්ට තමා ගෙන ආ බිල්ල ගැන වර්ණනා කලේය. මේ වේලාව රාත්රිා අටට පමණවූ බැවින් තරුණයාට හා තරුණියටත් - අන්තරායක් සිදුවූ බව හොඳටම වැටහී - දැන් අප සන්තකව තිබෙන සියලු දේවත් දීලා ප්රාතණ පමණක් ගලවා ගන්ට වීර්ය කරමු යයි කතාකර ගත්හ. මර භයින් පීඩිත මේ අසරණ තරුණිය හා තරුණයා කෙරෙහි අල්ප මාත්රුයක් අනුකම්පා කරන්ට කිසිවෙක් නොසිටි ඒ වේලාවේ කුරුඳු කැලේ වුන් හොරු හත්දෙනා දුවගෙණ අවුත් කරත්තයත් ඒ කැලේටම තල්ලුකර ගෙණ ගොස් - ගමන් පෙට්ටියක එකපාරටම ඔවුන්ගේ මඩුවට ගෙණ තරුණිය කෙරෙහි ඇතිවූ නීච ආලය නිසා එකී කරත්තකාරයාත් ඇතුළු අට දෙනා අතර බලවත් කලබලයක් ‍ඇතිවිය. ඇත්තෙන්ම ඒ අහිංසක තරුණ තරුණියන් දෙදෙන මේ චෞරයන්ට බිලිවූ ප්රඇස්ථාවයේ ඔවුන් තුල ඇතිවූ මරභය මනුෂ්යද භාෂාවකින් කිවහැක්කේද? ඉතින් මේ පිරිසේ හිටි අවුරුදු 55 ක් වයසැති අපේ මමා ප්රචධාන හොර දෙටුවාය.

මේ හොර දෙටුවා ඊට වඩා තරුණවූ අනිත් හොරුන්ටත් ඉක්මණින් මේ රූපත් තරුණියට ඒ මහලු මනුෂ්ය යාගේ දෙපා ලඟ වැටී - “මගේ තාත්තේ මට අනුකම්පාකර - මා ඇඳ ගෙණ තිබෙන සියලුම රත්රන් ආභරණ හා රෙදි පෙරදිත් - ‍මගේ පුරුෂයා ඇඳගෙන ඉන්නා සියලුම දේත් - අපේ පෙට්ටියේ තිබෙන රුපියල් හාරදාහ සහ රුපියල් හත්අටදාහක් පමණ වටිනා බඩුත් අරගෙණ අපට


අනුකම්පාකර අප දුම්රිය පලට ගොහින් බස්වන්ට”යි දොහොත් මුදුන්දී අඬ අඬා කීවාය. තරුණයාද ඒ චෞරව පිරිසේ හැමදෙනාටම වඳිමින් ඔවුන්ගේ ජීවිත ඇර අනික් සියල්ලම ගන්ටයයි යාඥා කෙළේය. මෛත්රි්යක්, කරුණාවක්, අනුකම්පාවක්, බැලිමකු ඉසක් පමණකුදු සිද්ධවූ කරුණු වලින් තේරෙණවා ඇත. මේ කලබලය සිද්ධවී හෙවත් කුරුඳු කැලේට අහිංසක තරුණයා හා තරුණියත් පමුණුවා ගෙණ පැය ‍භාගයක් පමණ ගතවන විට - මේ බලවත් අධර්මයෙන් කම්පාවූ රාත්රීය නැමැති කාන්තා තොමෝ තදබල ලෙස අඬන්ට පටන්ගත්තාක් මෙන් - තදබල වර්ෂාවක් ඇතිවූයේය. පැයක් පමණ අඛණ්ඩ වර්ෂාව පැවැත්තේය. ඒ වැස්ස මේ ඇතිවුයේය. පැයක් පමණ අඛන්ඩ වර්ෂාව පැවැත්තේය. ඒ වැස්ස මේ අධම මනුෂ්යි කොටින්ට වඩාත් හොඳ කාරණයක් වී - තරුණයා උස්සා ගෙණ කුරුඳු කැලේට දිව්වෝය. තරුණිය මරහඬින් කෑගැසමින් - මාත් සමග ඔහු මරාපල්ලා යයි කී නමුත් කීපදෙනෙක් අගේ කට තරුණා එහිදීම මරා මළකඳ මඩයට සඟවන ලද බැව් කිවමනා නොවේ. ඉක්බිති රූ දහය වනතුරු ඔවුන් අටදෙනාම ඒ අසරණ තරුණියට නින්දිත අඩම්තේට්ටම් කිරීමෙන් පසු - ඇගේ ආභරණ සියල්ලක්ම ගලවා ගෙණ පෙට්ටියේ තිබුණු දේත් එකිනෙකාගේ තත්වයට බෙදාගෙණ ඉක්බිති තරුණිය - මෝර්ගන් හේනේ කැලේ තිබෙන පැලකට මධ්යුම රාත්රී ගෙණයන ලදී. එහිදී ඈට ශෝකයෙන් මරබියෙන් හා ඔවුන්ගේ නීච බලාත්කාර කමිනුත් සිහි මුර්ජාවී ගියේය. එසේ සිහි මුර්ජාවී මෘත දේහයක් මෙන් සිටි ඒ අහිංසක ස්ත්රිුයට මේ නීචයන් අටදෙනාගෙන් කාගෙන්වත් අනුකම්පා මාත්රකයක් ඇති නොවීම ඇත්තෙන්ම මුළු ලක්දිවටම නොමැකෙන කැළලක් නොවේද? එලිවෙන් තුරු තරුණියට සිහිය නාවේය. නමුත් උදේ හතට පමණ ඈට සිහිය අවුත් - ඇගේ ප්රේවමවන්ත ස්වාමියා මෙන් ඈත් මරා දමන්ටයයි කී නමුත් - අපේ මාමාගේ පුත්ර යෙක් වන තරුණයෙක් ඈ සනසන්ට උත්සාහ කරමින් - නොයෙක් කරුණු ඈට කියා තිබේ. නමුත් ඒ ගුණවත් තරුණිය ඔහුට මෙසේ කියා තිබේ. “ධර්මයක් නැත - පරලොවක් නැත - අපරාධයට විපාකය නැතැයි හිතා උඹලා මගේ පුරුෂයාත් ම‍රා මට කළ අපරාධයත් මහා පොලොව උසුලතොත් ඒ පුදුමයක්ය - මගේ මව්පියන්ට රහසින් මා මේ ගමන ආ නිසා මට මේ අනාථ මරණයත් - දුක් වේදනාත් විඳින්ටවු බව මට ඒකාන්තය. උඹලා මටත් මගේ පුරුෂයාටත් කරණ ලද


අපරාධය තරම් අපරාධයක් මමවත් මගේ පුරුෂයාවත් කළේ නැත. අප කළ අපරාධය නම් - කවා පොවා දැඩි දුක් විඳ ඇතිකළ මගේ ප්රේපමවන්ත මෑණියන් හා පියාණන්ට රහසින් - ඒ මගේ තරුණ ස්වාමියාගේ වචන වලට මුලාවී - ඔහු කෙරේ ප්රේ්මය ඇති කොට - දෙමව්පියන්ට රහසින් ඔහු ස්වාමිකමට පමුණුවා ගෙණ - අපේ රහස එලිවේය යන භයින් - දෙමව්පියන් සතු මුදලුත් ආභරණත් රැගෙණ හොරෙන් ඒම පමණකි. කිසිවෙකුට ශරීර වේදනාවක්වත් - කිසිවෙකුට මරණ වේදනාවක්වත් නුදුන් නමුත් කරුණාවන්ත මව් පියන්ගේ හිතට දුන් දුකට විපාක‍යක් වශයෙන් මගේ පුරුෂයාත් - මාත් නුඹලා වැනි මනුෂ්යු යකුන්ට - මනුෂ්ය රකුසන්ට - මනුෂ්ය කොටින්ට ගොදුරුවී - අනාථ මරණයෙන් මැරෙන්ට විය. ඉතින් රට ගම නොදත් අසරණ අප දෙදෙනෙකු මුළා කොට මේ වනාන්තරයට ගෙන අවුත් - අපේ සියලුම දේ රැගෙන අපේ ජීවිතදානය දෙනමෙන් ඉල්ලූ ඉල්ලීමවත් නොතකා අප මරා දැමූ නුඹලාට වන විපාකය අහෝ කාට කිවහැකිද? නුඹලා වැනි මනුෂ්යට ප්රේේතයන් තවත් ලෝකයේ සිටිත්ද? අසරණ දුඃඛිතවූ මාවැනි කෙල්ලකට නුඹලා සමුහයක් අඩම්තේට්ටම් කරද්දී - නුඹලාට නුඹලාගේ මව්වරුත්, සහෝදරියන් දියනිවරුන් සිහිනූනූ ජඩයන්ට මම වඳිමින් කියා සිටියේ මට නින්දිත අඩම්තේට්ටම් නොකොට මා එකපාරටම මරා දමන්ට කියාලාය. නමුත් උඹලා එසේත් නොකොට - මා ඉබේම මැරෙනතුරු මට අඩම්තේට්ටම් කරන නුඹලාගේ හිත් කවර තිරිසනුන්ගේ හිතදැයි මට නොතේර”යි කියා ඒ දුඃඛිත තරුණිය තව වරක් මුර්ඡාවී වැටුනේය. එවිටද ඇගේ මෘත දේහයක් වැනි මුර්ජාව වූ ශරීරයේ ස්පර්ශය ඒ නීචයාට අමෘතයක් කරගත්තේය. තරුණිය ඒ සිහිනැතිවූ ගමන් ඊට පසු තවත් සිහි එලවා ගන්ට අසමර්ථව එදා ම මලේය. මේ ජඩයන් එකතුව එදා රෑ ඒ මිනියද කුරුඳු කැලේ මැද තිබෙන මඩ වගුරේ යටපත් කොට දමා තමන්ට අයිතිවූ රුපියල් හාරදාහත් - රුපියල් දොළොස් දාහක් තරම වටිනා ආභරණත් බෙදාගෙණ ප්රී තිවුහ. ඉතින් ජෝන් මොවුන්ට කුමක් සිද්ධවුනාද කියා උඹ දන්නෙහිද? තරුණිය මළේ බදාදාය. මිනිය බදාදා රෑ යටකර දමා බ්රදහස්පතින්දා උදේ ඒ හොඳින් කර තිබේදැයි බලන පිණිස ප්රයධාන චෞරයා වන අපේ මාමාගේ පුතා එනම් තරුණිය අස්වසා ඈ අත්කර ගන්ට කථා කොට අන්තිම මරණ අවස්ථාවෙන් ඈට අඩම්තේට්ටම් කළ තරුණයා වැලිකඩ රේන්දපල අසල තිබෙන

ඇලට නැගෙනහිර පැත්තෙන් තිබෙන අඩිපාර දිගේ මඩවගුර දෙසට යන්ට ගියේය. ඔහු මහ පාරෙන් බඹ දහයක් යන්ටත් ප්රසථම - කාලවර්ණවූ රෞදු නාගයෙක් ඒ අඩි පාරේ පැත්තකින් රැක සිට මේ දුෂ්ට තරුණයාගේ දකුණු කකුල ඩැහැ ගත්තේය.

ඔහු එකපාරටම ඇදවැටුනේය. කෝපයෙන් පීඩිතවූ කාල වර්ණවූ නාගයා මේ දුෂ්ට තරුණයාගේ ඇඟඋඩනැඟී ඔහුගේ ඇසේ පටන් දෙ‍දනතෙක් හැමතැනම සපාකා ඔහුගේ පපුව උඩම දැරන ලාගෙන වැදහොත්තේය. මිනිත්තු පහකින් තරුණයා මළේය. ඔහු මළ බව පසු දින වනතුරුවත් දැනගන්නට බැරිවී තිබී - ඒ කැලේට පළා නෙලන්ට ගිය අසරණ ස්ත්රිනයක් විසින් මුලාදෑනීන්ට දන්වන ලදී. ඒ පළාතේ පිරිසක් ගොස් මිනිය බලා මේ රෞද්ර් නයෙකු විසින් දෂ්ටකර තිබුනු භයංකර ලීලාව දුටු සමහරෙකුට එතනදීම අසනීප ඇතිවිය. මැරී එක් රැයකුත් දවාලකුත් පමණක් ඉක්මගිය ඔහුගේ ශරීරය තර මීමෙකුගේ ශරීරය මෙන් ඉදිමි - නිල් පාටට තිබුණු අන්දම සැබවින්ම පුදුමයක් ය. ඉතින් ඒ මිනිය වලලා දමා අපේ මාමා - මළ අයගේ අප්පා ඇඟ සෝදාගන්ට ස්වකීය ගෙදර වත්තේ වතුර කලය ගන්ට කලගෙඩිය ලිඳට බෑ හැටියේම වැස්සක් ගෙරවීමක් විදුලි කෙටීමක් කලින් නොපැවති නමුත් - හදිසියේම විශාල විදුලියක් කොටා - බලවත් හෙණපහරක් පාත්වී ඒ අපේ මාමාගේ හිසෙන් වැදුණු හෙණ පහර අධොමාර්ගය තෙක් ශරීරය සුණු විසුණු ක‍රගෙණ ලිඳට වැටුණේය. පුතා බ්රයහස්පතින්දා උදේ නයාට ගොදුරු විය. ඒ මිනිය වලලා කිළුටු සෝදාගන්ට ප්ර ථම සිකුරාදා සවස අප්පාට නොගොරවා හෙණ වැදුනේය. ඉතින් මේ අපරාධයේ මුල් කපටියා වන කරත්තකාරයාට කුමක්වීද? මරණු ලැබූ තරුණයාගේ සාක්කුවේ තිබුනු රුපියල් පන්සියයක් ද අන්යී යන්ට නොදැනුවත්වම ඔහුට ලැබී තිබේ. මේ නිසා ඔහු කරත්ත බඳින කල්පනා‍වත් දුරුකොට ධනවතෙක් වන පිණිස කල්පනා කොට තමන්ගේ ගේ ළඟ ඉඩමක් මිළේට ගැණීමට විරිය කළේය. ඒ ඉඩම අයිතිකාරයා වැලිකඩින් හැතැප්ම අටකට එහා ගමක ගොස් එන අතර මහ පාරට ගල් කඩන ගල් වළක් ලඟින් ආයේය. එදා ගල් පුපුරවන් වෙඩි හුඟක් පත්තුකොට කුලීකාරයෝ වැඩ ඇරීගේස් සිටියාහ. ගල්වෙඩි කීපයක්ම එදා පත්තු කළ නමුත් එකක් පත්තු නොවී තිබෙන බව ඔවුහු නොදත්හ. නමුත්


කරත්තකාරයා ගල්වළ ලඟට එනකොටත් කලින් පත්තු ‍නොවී තිබුණු වෙඩිල්ලක් පුදුමයට මෙන් පත්තුවි අඩි නවයක් පමණ දිග අඩි පහක් පමණ පුළුල් කළුගලක් උඩ විසිවී අවුත් මේ අධමයා යට කරගෙණ බිම පතිත විය.

මේ දුෂ්ට කරත්තකාරයා අද්භූත ලෙස සෙක්කුවක ලා ඇඹරූ කොප්පරා බෑයක් ලෙස මිරිකී හප‍යක් විය. ඉතින් මේ අපරාධයට බැඳුනු අනිත් පස්දෙනා ගෙන් එකෙක් වෙනින් වරදකට අසුවී පසලොස් අවුරුද්දකට දඟගෙට යවනු ලැබ එහිදී වසූරිය හැදී මළේය. මේ අපරාධයකොට මාසයක් යන්ට ප්ර ථම ඔහු මළේය. තවත් එකෙක් ස්වකීය නිවසේ පුටුවක් පිට වාඩිවී සිටිද්දී ගේ උඩ තිබුනු ගස කඩා වැටීමෙන් ගසටත් ගෙටත් යට වී මළේය. එකෙක් තමාම එල්ලී දිවිනසා ගත්තේය. අනිකා - මේ අපරාධය ‍කොට ලොකු කොටසක් ලබාගත් ප්රනධානියා පිස්සෙක් විය. ඔහු පිස්සෙක්ව ‍නොයෙක් දරුණු ක්රිබයා කරමින් සිට පොලිස් භටයන්ගෙන් හා පලාත් වාසීන්ගෙන් නිතිපතා අතුල්පහර කමින් මෘගයෙක් මෙන් අවුරුදු හතක් ජීවත්ව ඉඳ කාණුවක වැටී මළේය. මේ අපරාධය කළ අටදෙනාගෙන් පරම්පරාවක් වශයෙන් ඉතිරි වුනේ මේ අන්තිමට කී පිස්සාගේ දරුවන් පමණක්ය. ‍අහෝ! කර්ම වේගයක තිබෙන මහත! ඔහුගේ දූ වරුන්ටත්, පුත්ර්යන්ටත් හැම දෙනාටම පිස්සු හැදුනේය. එපමණක්ද නොවේ - ඒ පුත්රතයාගෙන් කලක් විවාහව සිටි අයට ලැබුණු පුත්ර්යන්ගෙන් එකෙක් ඇර අනිත් සියලුදනාටම අපස්මාර රෝගය වැළඳී මළාහ. ඉතිරිවූ අය - කෙලතොළු පාහරයෙක්ව අගුවක් ගානේ හැසිරෙමින් ඉඳ මීට අවුරුදු හත අටකට ඉස්සර ‍මළේය. ඉතින් ජෝන්, මේ මා කී කථාන්තරය ප්ර බන්ධයක් හේම නොවේ. සිද්ධවූ ඒකාන්ත සත්යෝ පුවතක් පිළිබඳ කථාන්තරයකි. මේ කිව් කාරණා ඇසින් දුටු කණින් ඇසූ අය තවමත් නැත කියන්ට බැරි තරම් වඩාම අතීත නොවූ කථාන්තරයකි. ලෝකයේ අපරාධ කරණ අයට සිද්ධවන මෙබඳු කරුණු බල බලා අපිත් මෙබඳු අපරාධ කරමු නම් අපට වඩා තිරිසන්නු නෑ නොවේද? ඊයේ රාත්රිම මම මේ කථාන්තරය කියද්දී අසාගෙණ සිටි ලැන්චි භයපත්ව - මින්පසු කිසිම අධර්මයක් නොකරණ හැටියට මගෙන් දිවුරුම් ගත් නිසා උඹලත් සමග එනකොට මට වගපල කිවුවා”යි හෙන්දප්පු කීවේය.


10. පරිච්ඡෙදය[සංස්කරණය]

මේ භයානක ප්රඡවෘත්තිය අසාගෙන වුන් ‍ජෝන් සහ කර්ලිසුත් මහත් භයට පැමිණ “එහෙනම් හෙන්දප්පු අ‍යියේ අපි මේ ගැන තව දුරට කල්පනා කරමුය”යි කියා ඔවුන් දෙදෙනා මරදානේ දුම්රියපලට ආහ. හෙන්දප්පු කී කථාන්තරය අසා ගෙන සිටියදී ජෝන්ගේ සිතේ හටගත් සංවේගය මොහොතෙන් මොහොතට අඩුවීම පුදුමයක් බව තමුන්නාන්සේට කියන්නෙමි. ජෝන් වනාහි පිරිසිදු ආර්ය ගෝත්රයයෙහි සිංහල මව්පිය දෙදෙනෙකුගේ දරුවෙකි. කු‍ඩා කාලේ මව් පියන් නැති‍විමෙන් අනාථව පහත් මිනිසුන් අතර වැඩුන නමුත් ඔහුගේ හිතට යම් කිසි ධර්මයක් වැටහුනොත් ඒ ක්රිමයෙන්ම වැඩිදියුණු කොට එහි ස්ථිරව පිහිටීම ඔහුගේ ආර්ය ලේ වල ගතිය විය. කර්ලිස් වනාහි පහත් දුෂ්ට ස්ත්රිියක බඩේ උපන් නියම පියෙක් නැති වලෙකි. ඔහුට යම්කිසි ධර්මයක් කීවාම එවේලාවට ඒ ගැන සංවේගයක් ඇති වුනොත් ඒ වහාම මතක නැතිවී තමාට ලැබෙන ලාභයටත් ස්වල්ප සැප පහසුවටත් වහල්ව ඒ ධර්මය මතක නැති කරණ ආර්ය ග්රෝ්ත්රසයෙහි නොවූ මිනිසුන් තුළ ඇති නොවීම මේ කාරණයෙන් හොඳ හැටි වැටහේ. දැන් අපේ ලක්දිව ස්ථිර ශ්ර ද්ධාවෙන් යුත් උතුම් ප්රේතිපත්තියෙහි පිහිටි මනුෂ්ය යන් විරලවන්ට හේත්ර්වත් සිංහල ජාතියට ම්ලෙච්ඡයන් ඈඳීමෙන් බව තමුන්නාන්සේට වැටහෙනවා ඇත. බට ගස සුලඟ වදිනා පැත්තට නැමේ. ම්ලෙච්ඡයාත් භය ලාභ ආදී සතර අගතියට සෑම වේලේම බැ‍ඳේ. සුලඟව චංචල නොවන ගල් පර්වතයක් මෙන් පණ්ඩිත ජනයා හෙවත් ආර්ය ගෝත්රනයෙහි පිරිසිදුව උපන් ජනයා උසස් ගුණ ධර්ම රැකීමටත් - තමාට වැටහුනු ධර්මයක් ආරක්ෂාකර ගැනීමටත් සම්බන්ධවන බවද මේ ජෝන් හා කර්ලිස් පිළිබඳ ප්රකවෘත්තියෙන් හොඳහැටි වැටහේ.

කර්ලිසුත් සමග දුම්රියපලට පැමිණි ජෝන් කර්ලිසුට කථා කොට කර්ලිස් අයියේ, මට නම් අපේ මහත්මයාගේ මුහුණ බලන්ට යන්ට බැරිය. අනික් අතට මහත්මයා කියන අන්දමට මාර්ගරට් හාමිනේගේ


නිර්දෝෂ දූ වරුන්ට අනතුරක් කරන්ට මැදහක්වන්ටත් බැරිය. කර්මයට විපාක නැත කියා මොහොතකටවත් සිතීම බලවත් අයුත්තකි. වැලිකට හොරු කන්ඩිය කළ අපරාධයත් ඔවුන්ට මෙලොවදීම ලැබුනු විපාකයත් හෙන්දප්පු අයියා අපට කියාදුන්නා. මාර්ගරට් හාමිනේගේ ගුණවත් දූ වරුන්ට යම්කිසි අයුත්තක් කළොත් - ඊට ලැබෙන විපාක වැලිකට හොරුන්ට ලැබුනාට ව‍ඩා විසිතිස් ගුණයකින් වැඩිවනු ඒකාන්තය. මම නම් ඉතින්‍ ජෝන්ස් මහත්මයා ලඟ නොසිටිමි. මේ අපරාධය කිරීමට මහත්මයා මා අතට රුපියල් දෙසීයයක් දුන්නා. එයින් සියයක් හෙන්දප්පු අයියාට දුන් බව උඹත් දන්නවා. මට මාගේ පඩි වශයෙන් මහත්මයාගෙන් රුපියල් තුන්සියයකටත් වඩා එන්ට තිබේ. ඉතින් ඒ කිසිවක් ඉල්ලීමටවත් මම මින්පසු කවදාවත් උන්නැහේ ලඟට ‍නොයමි. ඒ නිසා උඹ මහත්මයා ලඟට ගොස් අද සිද්ධවුනු ප්රදවෘත්තිය කියාපන්. මම දැන් දහයට යන කෝච්චියෙන් කොහාටවත් යනවා. මගේ වියදමට තිබෙන්නේ රුපියල් අනූවක් පමණකි. එයිනුත් උඹ මේ රුපියල් දහය ගණින්නැයි කියා කර්ලිස්ට රුපියල් දහයකුත් දී - පිටත්කර යවා ජෝන් රාත්රීද දුම්රියේ නැගී අනුරාධපුරයට ගියේය. කර්ලිස් තමාට ලැබුන රුපියල් දහයෙන් හොඳට කා බි බෝල මේසයකට ගොස් එලිවෙනතුරු සෙල්ලම් කොට රුපියල් අටකුත් පරාද කොට උදේ හතට පමණ මගේ බංගලාවට ආයේය. කර්ලිස් හා ජෝන් එනතුරු නො ඉවසිලිවන්තව සිටි මම කර්ලිස් දුටු හැටියේ “මොකද කර්ලිස් උඹලා ඊයේ රාත්රී් නාවේ මන්ද? කෝ ජෝන්? මොනවද උඹලා කළේ? කියා තරහෙන් මෙන් මම කර්ලිස්ගෙන් ඇසුවෙමි. කර්ලිස් මිනිත්තු හත අටක් නිශ්ශබ්දව බිම බලාගෙන සිට - අපේ නංගි රෙජිනා කර්ලිස්ට කවටකමක් කීපසු ඔහු මාදෙස බලා “මහත්මයාගේ බොහොම හිතේසිවන්ත වැඩකාරයා වන ජෝන් ඊයේ රාත්රීා කෝච්චියෙන් උඩහට යන්ට ගියා. හෙන්දප්පු කියා හොරෙකුට රුපියල් සියයක් දුන් නමුත් ඔහුගෙන් ඊට ලැබුනු එකම උදව්ව නම් ඉස්සර කාලේ කාටදෝ කරපු අනඩුවක් සම්බන්ධ කථාන්තරය පමණක්ය. ඉතින් රාත්රිල හතටපමණ මාත් සමග දුම්රියපලට අවුත් මට ගෙදර එන්ටය කියා ජෝන් උඩහට යන රේල්ලෙන් පැනලා ගියා. මම එනකොට බංගලාවේ දොරවල් වසා තිබුනු බැවින් - දැන් මේ මහත්මයාට කියන්ට ආවයි කීවාම මගේ හිතට ආ කේන්තිය ඇත්තෙන්ම කොයි විධියකින්වත් ප්රමකාශකළ නොහැකිව - එවේලාවට මා අසලකින් සිටි

රෙජිනාට කථාකොට - විගහට ගෝමිස්ට එන්ට කියා පණිවිඩයක් යවාපන්. ජෝන් අවුරුද්දකටවත් හිරේට නොයැව්වොත් හිරේට නොයැව්වොත් මගේ ඉඳීමෙන් පලක් නැතැයි කියා මගේ කේන්තිය සංසි‍ඳෙන පිණිස විස්කි වීදුරුවක් බී ගත්තෙමි.

ටිකක් වෙලා යනකොට මගේ මිත්රග ගෝමිස් මහත්මයා ‍ආයේය. “මිස්ටර් ගෝමිස් බලන්ට දැන් කාලේ කා විස්වාස කරන්ටද? මා ලඟ අවුරුදු පහකටත් වඩා කල් සිටියාවූ ජෝන් ඔහුට දුන් රුපියල් 200 ත් රැගෙන පළාගොස් තිබේ. මාර්ගරට් පෙරේරා ගේ දුවනියක් ගෙනෙන්ට කටයුතු පිළියෙලකර ඒ සඳහා වියදමට රුපියල් 200 කුත් දුනිමි. ඊයේ රාත්රිළ ඔහු ඒකත් රැගෙන පැනලා ගොස් තිබේය”යි මම කීවාම “දැන් වංචා කිරීම ගැන ඔය ජඩයාට විරුද්ධව වරෙන්තුවක් ගන්ට ඕනෑ - ඔබඳු මිනිසුන්ට දඬුවම් නොකළොත් එකම වැඩකරුවෙකුගෙන් වත් වැඩක් ගන්ට වෙන්නේ නෑ - එන්ට මාත් සමග පොලිස් උසාවියට යන්ට” කියා ගෝමිස් උන්නැහේ මාත් සමග මොටෝකාර් එකෙන් පොලිස් උසාවියට ගියේය. පෙරකදෝරු මහතෙක් ද බඳවාගෙන ජෝන්ගේ වංචාව උසාවියට කියා සිටියෙන් නඩුකාරමහතා ජෝන් ඇල්ලීමට වරෙන්තුවක් නිකුත් ‍කළේය. ගෝමිස් උන්නැහේවත් පෙරකදෝරු මහත්මයාටත් මේ නඩුව හොඳින් පිළියෙළ කරන්ට කියා දවල් දෙකට පමණ පරණවාඩියේ මගේ ගෙවල් පංක්තිය බැලීමට ගියෙමි. එහිදී මගේ ගේක ඉන්නා මහලු ස්ත්රිලයක් - මාර්ගරට් හාමිනේ ඉන්නා ගේ දෙදවසකට සිට වසා තිබෙන බවත් - ඒ හාමිනේ හා දරු තුන්දෙනා කවුදෝ කෙනෙකු විසින් මොටෝ කාර් එකක නංවා ගෙණගිය බවත් - තවම ඔවුන් නා බවත් - ඔවුන්ගේ බඩු මුටුටු ආදී සියල්ලක්ම ගෙයි තිබෙන බවත් කීවේය. මේ මහලු ස්ත්රිේය මට ඇති පක්ෂපාත බව පෙන්වීමට මෙසේ කථාකළා මිස මාර්ගරට් හාමිනේ ගේ දූ වරුන් කෙරෙහි මා තුළ පවත්නා අදහස ඈ දැනගෙන තිබුනේ නැත. මාර්ගරට් හාමිනේ හා දරු තුන්දෙනා මගේ ගෙය අත්හැර යාම - ඔවුන් බලහත්කාරයෙන් ගෙණයාමට මම ජෝන්ට නියමකළ දිනේම සිද්ධවූ වැඩක් බව පෙණුනු හැටියේ - මේ ජෝන්ගේ කපටි කමක්යයි වැටහුනේය. දුප්පත්කම නිසා මාර්ගරට් හාමිනේ ජෝන්ට එක දුවක් දීමට පොරොන්දු වීමෙන් - ජෝන් මගේ මුදලත් රැගෙණ ඔවුන් සමග වෙන පළාතකට සැඟවීයන්ට ඇතැයි මට තදින් වැටහී, ජෝන් කෙරෙහි බලවත් ක්රෝවධයක් ඇතිවූ මට මිනිත්තුවක්වත් එහි ප්රදමාදවෙන්ට

නොහැකිව වහාම ගෙදර ගොස්, ගෝමිස් උන්නැහේ ගෙන්වා - අදම ජෝන් ඉන්නා තැනක් සෙවීමට රහස් පොලීසියට කියා ඔවන්ටත් ආධාර දියයුතු යයි කීවෙමි. මගේ හිතට මේ කාරණය මේ තරම් තදබල වූයේ මක්නිසාදැයි ගෝමිස් ඇසුයේය. “මොනවද ගෝමිස් ජෝන් මට ‍’පප්පෙයි’ කියා තිබෙනවා. මගේ මුදල් රැගෙණ මගේ බංගලාවට ගෙනෙන්නටයයි කී ලමිස්සිත් රැගෙණ ඔහු මහනුවර පැත්තට ගොස් තිබේ. මෙහි ඉන්න ඩ්රියිවර් කර්ලිස් මොකවත් ඒ ගැන දන්නේ නැත.

ඔහු කොච්චි සිංහලයා නිසා ජෝන්ගේ ප්රනයෝග කිසිවක් දැන ගන්ට බැරිව ඊයේ රෑ කොයිබදෝ ලැගසිට අවුත් මා සමග බොරු වල්බූත වගයක් කීවායයි කීවාම ගෝමිස්ටද කේන්ති ගොස් ඔව් මටත් පේන හැටියට ජෝන් 200 ත් - ඒ තරුණියත් යන දෙකම රැගෙණ ගොස් තිබෙනවා - අද හෙටම ඔහු නෑල්ලුවොත් - දඬුවම් කරන්ටත් බැරි වෙනවා -සමහරවිට ජෝන් සමග ඒ ලමිස්සි නීතිප්රෝකාර විවාහවුනොත් අපට මොකවත්ම කරන්ට ඉඩක් නොලැබේ. ඒක නිසා මම ඉක්මණින්ම රහස් භටයන් දෙතුන් දෙනෙකුත් සමග නුවර පැත්තට යන්නෙමි. මට රුපියල් පන්සියයකට චැක් පතක් ලියා දුනිමි. ගෝමිස් එයත් රැගෙණ ගොස් තුන් දිනකට පසු මහනුවර සිට මට විදුලි පණිවිඩයක් එව්වේය. එහි කියා තිබුනේ - “මාර්ගරට් පෙරේරාත් සමග කසාද බැඳලා අනුරාධපුර පැත්තට ගොහින්ය. අපි එහි යන්නෙමු” යනුයි.

මට මේක තේරුම් ගැනීමට අමාරු විය. මාර්ගරට් පෙරේරාය කියන්නේ රූපවතිගේ මවුටය. සමහරවිට‍ ගෝමිස්ට මව්ගේ නාමය දූටත් කියන්ට සිද්ධවුනාදැයි වැටහී - මම වහාම ඇඳ පැළඳගෙණ මගේ මොටෝ රථයේ නැගී මහනුවරට යන්ට පිටත් වීමි. මම එදා දවල් දවල් දොළහට පමණ නුවරට ගොස් හෝටලේක නැවතී මගේ මිත්රර ගොමිස් ගැන විපරම් කළෙමි. ඔහු ගැන ආරංචි මාත්ර යක්වත් දැනගත ‍නොහැකිව ඉන්නා අතර නුවරදීත් පාප මිත්රඔයෙක් සම්මුඛව ඔහුත් සමග නොයෙකුත් දුශ්චරිත කරමින් පහත් ගම්ගොඩවල ඇවිදිමින් තුන් දවසක් පමණ නුවර හැසිරෙණ විට - රූපවති සහ කදිම ලක්ෂණ තරුණයෙක් මොටෝරථයකින් අවුත් බැස දළදා මාලිගාවට වන්දනාව පිණිස යන බව දැක පුදුමවී - මාලිගාව ඉදිරිපිට පිට්ටනියේ රැක සිට

ඔවුන් අට හමාරට පමණ මාලිගාවෙන් එළියට එද්දී - ඒ තරුණයාත් සමග කථාකළෙමි. රූපවතිව මා අඳුනන නමුත් ඒ තරුණිය හා තරුණයා මාව නාඳුනන බැවින් ඔවුහු මා සමග කථාකරන්ට සැක නො‍කළෝය. මාර්ගරට් හාමිනේ ජෝන් සමග කසාදබැන්දයි කියා ගෝමිස්ගේ විදුලි පුවතෙන් මට වැටහී තිබුනේ රූපවතී බඳින්ට ඇත කියා නමුත් - මේ ජෝඩුව දැකීමෙන් - ජෝන් ඒ වයසක ස්ත්රිීය විවාහ කරගන්ට ඇතැයි නිසැකව වැටහී “නෝනා උඹලාගේ මවු මගේ ලඟ සිටිය ජෝන් සමග කසාද බැන්දාය කියන්නේ හැබැදැ”යි ඇසුවෙමි. රූපවතීට හා ඇගේ පුරුෂයා වන විජයපාලටත් ආ කේන්තිය කෙතරම්ද කිවහොත් - වචනයක්වත් කතා නොකර එකපාරටම ඒ තරුණයා මට කම්මුල් පාරක් දී “ජඩයා තෝ මොන පාහරයෙක්ද - තෝ කලිසමකුත් ඇඳ ගණ ඔහොම කථා කළා නොවේදැ”යි අසා ඔවුහු මොටෝ රථයේ නැගී යන්ට ගියෝය. මනුෂ්යෝයන් මධ්යමයේ මට ගසා අවනම්බුකිරීම ගැන ඉවසාගත නොහැකිව මම පොලිසියට දැනුම්දී විජයපාලට හා ඔහුගේ භාර්යාව වන රූපවතිටත් විරුද්ධව නඩුවක් ගත්තෙමි. විජයපාල නුවර ප්රසසිද්ධ කෙනෙකි. ධනවතෙකි හොඳ මිනිහෙකි.

මේ කිසිත් නොදත් මම ඔහුව විරුද්ධව ගත් නඩුවේදී නඩුකාරයා කාරණය හොඳින් විමසා - මටම රුපියල් පහක් දඩගසා උසාවිය නැඟී සිටිනතුරු හිර අඩස්සියේම ඉන්ට කීය. කාරණය හරිහැටි තේරුම් නෙගෙණ යමක් ඇසීමෙන් - විශ්වාස කිරීමෙන් සිද්ධවන අනතුර ඒ නඩුවේදී මට හොඳින් අවබෝධ විය යුතු නමුත් අඥාන අවනයෙක් වූ මම - ඒ කාරණයෙන් අධික කෝපයට පැමිණ හතර පස් දිනකට පසු කොළඹ ආවෙමි. වාසනාවකට මෙන් මා කොළඹ එනකොට ගෝමිස් උන්නැහේ ජෝන්ව අල්වාගෙණ අවුත් උසාවියට භාරදී ති‍බුනේය. මගේ මුදල් රුපියල් 200 ක් වංචා කරගෙණ යාම ගැන ජෝන්ට විරුද්ධව ගෙණ තිබුනු නඩුව ඉතාමත් ප්රුසිද්ධ එකක් විය. ජෝන් මගෙන්ම රැගෙණ ගිය මුදලෙන් රුපියල් 50 ක් ඉතුරුකරගෙණ තිබී දක්ෂ නීතිඥයෙක් වන පෙරේරා මහතාට ඒ මුදල ගෙවා මා සම්බන්ධවත් ජෝන්ට නියමකර තිබුණු අපරාධය සම්බන්ධවත් සම්පුර්ණ විස්තරය කියාදී ති‍බුනේය. මගේ “කබල් ඉංග්රීතසියෙන්ම මා කථාකරන්ට සිතා ගත්තේ - වැඩිපුර විභාගයක් නොකොට ජෝන් වැරදිකාරයා වේය යන කල්පනාව පිටය. නමුත් ඊට බොහොම වෙනස්විය. මා වෙනුවෙන් ගෝමිස් උන්නැහේ

අධිනීතිඥවරයෙකුත් නීතිඥයෙකුත් නවත්වා තිබුනේය. නඩුවේ නම් කියවා ජෝන් විත්ති කූඩුවට නැංවීය. මා සාක්ෂි කූඩුවට කැඳවිය. විනිශ්චකාරයා “මේ ජෝන්ස් මහත්මයාගේ මුදල් පැහැරගෙණ යාම ගැන උඹ වැරදි කාරයාද නැද්දැ”යි උත්තර ඇසීය. නිර්භීත පෙණීමක් ඇති ජෝන් එකපාරටම - මම නිවැරදිකාරයා වෙමි. මා කිසිම මුදලක් ‍පැහැරගෙණ නොගියෙමි”යි උත්තර දුන් විට අපේ අධිනීතිඥ මහතා ජෝන්ගෙන් තොරතුරු අසන්ට පටන් ගත්තේය.

නීතිඥ - උඹ ජෝන්ස් මහත්මයා ලඟ රක්ෂාවේ සිටියාද?

ජෝන් - ඔව්

නී - ගිය මස 20 වෙනිදා උන්නැහේ අඹට රුපියල් 200 ක් දුන්නාද?

ජෝන් - ඔව් දුන්නා

නී - ඉතින් ඒ මුදල උඹ අරගෙණ හොරෙන් පැනලා ගියා

ජෝන් - මා අතට රුපියල් 200 ක් දී මාර්ගරට් පෙරේරා හාමිනේගේ දුවනියන් දෙන්නා බලහත්කාරයෙන් ගෙණෙන්ට කීවා - මට ඒ වැ‍ඩේ තනියම ‍කරන්ට බැරි නිසා - ජෝන්ස් මහත්මයා ගේ ඩ්ර්යිවර් වන කර්ලිසුත් සමග ගොස් - අප දෙන්නාටමත් ඒ වැඩේ කළ නොහැකි බැවින් මාලිගාවත්තේ හෙන්දයියාට ඒ මුදල දීලා - මාර්ගරට් හාමි‍නේගේ දූවරුන් අරන් එන්ට කීවා. එවිට හෙන්දප්පු ඒ මුදලත් අරගෙන - නිර්දෝෂ ගැහැණු කෙනෙකුට අපරාධ කළ අයට සිද්ධවුණු බලවත් දුෂ්ට විපාක සඳහන් කථාන්තරයක් කීවාම - මම මහත් භයට පැමිණ කොළඹත් නොසිට යන්ට ගියා.

නඩුකාර මහතා - මේ කථාන්තරය අසා පුදුමව නඩුව කල් දමා හෙන්දප්පු හා කර්ලිසුත් ගෙන්වා ඊට දස දිනකට පසු නඩුව ඇසුවේය. එදින සාක්ෂිවලින් සහ මගෙන් ඇසූ හරස් උත්තර වලිනුත් මා ජඩයෙක් - අපරාධනාරයෙක් බව ඔප්පු වී මගේ වැඩකාර ජෝන් නිදහස් කොට ඔහුට මගෙන් යන්ට තිබෙණවයි කී රුපියල් 350 ක්ද ගෙන්වන්ටත් බොරු නඩු ගෙණ ඒම ගැන රුපියල් 100 ක දඩයක් ගෙවන්ටත් නියමකොට මට බලවත් අපහාසද කළේය.

මේ නඩුවේදී මගේ හිත තදින්ම දුර්වලවිය. නමුත් මගේ පාප මිත්ර යන් හා මිතුරියන් නිරන්තරයෙන් පොවන විෂ්කිත් ඔවුන්ගේ ගර්හිත සාත්තුසප්පායනුත් නිසා - තවමත් මට රක්ෂාවේ නියුක්ත වන්ටත් - එමෙන්ම කලින් පැවැත්වූ දුශ්චරිත අඩුපාඩු නැතුව කරන්ටත් පිළිවන් විය. මේ නඩුව නිසා රුපියල් හත් අට සියයක් වියදම් වූ නමුත් - ඒ කාලයේ මට මාසයකට ලැබෙන ගෙවල් කුලියත් - මගේ නැව් කොන්ත්රාිත්තුවේ ආදායමත් රුපියල් දෙදහාකට වැඩිය. මේ කාලය වනවිට මගේ වයස අවුරුදු 40ක් පමණ විය. මගේ නංගි රෙජිනා - නපුරු රෝගයකින් මළේය. ගර්ලිත් තවත් මිතුරියන් දෙදෙනෙකුත් ගෝමිස් ආදී මිත්රුයන් තුන් දෙනෙකුත් පමණක් ආශ්රවයේ තබාගෙණ ඉන්නා මට සිද්ධවුනු විපතක් තමුන්නාන්සේට කියන්නෙමි. අහෝ දමනය කරගත නොහැකි පංචේන්ද්රිියන් ඇති තැනැත්තා ඇත්තෙන්ම තිරිසනෙකි. නීච තිරිසනෙකි. ඇයි! ලොකස්වාමිවූ සර්වඥයන් වහන්සේත් ඒ බව ප්රෙකාශ කොට වදාළේය.

“මනුජස්ස පමත්ත චාරිනො

තණ්හා වඩ්ඪති මාලුවාචිය

සො පලවති හුරා හුරාං

ඵල මිච්ඡංච වනස්මිං වා‍නරො

යං එසා සහතීජම්මි

තණ්හා ලොකෙ වසත්තිකා

සොකා තස්ස පවඩ්ඪන්ති

අබිවඩ්ඪංච බීරණං

සිහි නුවණින් යෙදී නොවසන හෙයින් ප්රයමාද විහරණ ඇති මිනිසාට මාර්ගඵල හෝ නොවැඩෙති. රුකෙක එතීමෙන් වැඩෙන මාලුවා වැල ඒ රුක වැනසීමට වැඩෙන්නාක් මෙන් පමාවූ මිනිසාගේ විනාශය පිණිසම ඔහුගේ චක්ෂුරාදී සදොර උපදිනා රූපාදී සවදෑරුම් තෘෂ්ණා තොමෝ වැඩෙන්නේය. තෘෂ්ණාවට වසඟවූ තැනැත්තා ඵල ලෝභයෙන් ‍ගසින් ගසට පනින වඳුරෙකු මෙන් භවයෙන් භවයට පනින්නීය - හෙවත් පිළිසිඳ ගන්නේය.

තවද ජම්මය (ස්වාභාවික) විසත්තිකාය (අතිශයින් ඇලෙන) යයි යන චක්ෂුරාදී ඉන්රිගන්තයන් සයෙහි ඇතිවන මේ තෘෂ්ණාවට යමෙක් වසඟවේද වැස්සෙන් වැඩෙන සැවැන්ද‍රා පැල වැඩෙන්නාක් මෙන් ඒ පුද්ගලයාට ශෝකයද වැඩෙන්නේ යයි බුදුහාමුදුරුවන් වහන්සේ වදාළසේක. මේ ධර්මයෙහි සත්යේභාවය මිනිස්ව ඉන්නා ක‍ාලේ මට වැටහුනා නම් මේ තරම් භයංකර දුකකට භාජන නොවෙමියිද කියමින් මේ අද්භූත ආගන්තුකයා ඉකිබිඳිමින් අඬන්ට පටන්ගෙණ මිනිත්තු තුනක් පමණ ඔහුගේ කථාන්තරය නැවැත්තුවේය.

ඉක්බිති නැවතත් මාදෙස බලා ඉතින් මහත්මයෝ මාර්ගරට් හාමිනේගේ නිර්දෝෂ ගැහැනු දරුවා විනාශ කරන්ට ගොස් මට පැමිණි කරද‍රයත් ගුටුබැටත් දඩමුඩත් අවනම්බුවත් දැන් තමුන්නාන්සේට වැටහෙනවා ඇත. නමුත් සුරාපැන් බීමෙන් හා පාපමිත්රා සේවනය කිරීමෙන් කල්යවන ‍කෙනෙකුට ලජ්ජා භයක්වත් යුතු අයුතුකමක් වත් නොතේරෙන හෙයින් මට ඒ කිසිම අවනම්බුවක් හික්මීමට කාරණයක් නොවීය. මට පමණක් නොව සුරාපානාදී දුශ්චරිතයෙහි නිරවූ කිසිම‍ කෙනෙකුට පරලෝ භයක් හෝ ලජ්ජාවක්වත් යුතුයි. මගේ අශික්ෂිත නංගිගෙ මරණය නිසා එක්තරා පාපමිතුරියක් මට අඩුවී යයි කිවහැකි නමුත් - ඒ වෙනු‍වට ගර්ලි ජෝඩුකදුන් මිතුරි මනුෂ්යඅ වේෂධාරි තිරිසනියෙක් වුවාය. ඈ අපේ බංගලාවට ආ දවයේ පටන් කුකුල් පැටවුන් මැරීමත් කිකිලි බිත්තර තැම්බීමත් තුන්හතර ගුණයකින් අධික වූයේය. ධනය ලැබෙන මිනිහාට සුචරිතය දුශ්චරිතය නොතේරීම මේ කාලේ ඒක්තරා ගුණ විශේෂයක් උවත් - ඇතැම් අය ගෞරවයටවත් යම්කිසි පුණ්යව කර්මාදියකට හෝ පරාර්ථදියී ස්ත් ක්රිපයාදියකට මොකවත් පරිත්යාිග කරති. නමුත් මගේ පුදුම “කරුමය” මට දෙන්ට පිළිවන්වුයේ මත්පැන් බීමටත් තරුණ ස්ත්රීකන්ට හා ඔවුන් මිත්රකකර දෙන අයටත් පමණකි. ඒ දුශ්චරිත සඳහා කිසිම ලෝභකමක් නැතිව ඕනෑ වෙලාවකදී දීමට මම සමර්ථව සිටියෙමි.

රෙජිනාගේ මරණයෙන් මාස හයකට වාගේ පසු පොසොන් උත්සව දිනයක් පැමිණියේය. මගේ ඩ්රපයිවර් වන කර්ලිසුත් සමග කොටුවේ කන්තෝරුවට මොටෝකාර් එකේ නැගී යන විට මරදානේ දුම්රියපළ අසල දහස් ගණන් ස්ත්රීර පුරුෂයන් රැස්කා සිටිනු දැක කර්ලිස් ගෙන් ප්රටශ්න කළාට පොසොන් උත්සවය නිසා අනුරාධපුරපොළොන්නරු ආදී සිද්ධස්ථාන වන්දනාවට යාම පිණිස දුම්රියපලට රැස්ව ඉන්නා සෙනඟ බව කීවේය. මේ පිරිස දැකීමෙන්ද - මේ අතර ඉන්නා රූපත් තරුණියන් කෙරේ ඇති ගිජු කමින්ද - මටත් වන්දනාවේ යන්ට සිතක් ඇතිවුනේය. කොටුවේ කන්තෝරුවට ගොස් මා විසින් කටයුතු වැඩ නිමකොට නැවතත් ගෙදර අවුත් ගර්ලි හා මගේ අළුත් මිතුරිය වන බියට්රි සුත් සමග - මට ඇතිවූ ආසාව කීවිට ඔවුන්ද අනුරාධපුර යාමට බොහොම සතුටු බව කීහ. උවමනා තරම් කෑම්බීම් ආදායත් සුදානම් කර ගෙණ මගේ මිතුරියන් දෙදෙනත් මාත් ඩ්රඋයිවරුත් සමග මොටෝරථයෙන් අනුරාධපුරයට යන්ට පිටත්වීමු.

අප ගිය ගමන වන්දනාව පිණිස නොව වන්දනාවේ යන මිනිසුන් බලා ප්රීිතිවීම පිණිස උවත් - ශ්රනද්ධාවන්ත බෞද්ධයන් බව ඇ‍ඟෙන්ට ක්රියයා කළෙමු. කුරුණෑගලදී තවත් වැදගත් වන්දනා පිරිසක් අපට එක්විය. ඒ පිරිසේ ඉතාමත් රූපසම්පන්න විවාහක ස්ත්රිනයක්ද උන්නාහ. ස්වකීය ස්වාමියා මව් ආදී ඥාතීන් සමග වන්දනාවට යන මේ ස්ත්රි්ය කෙරෙහි මගේ හිත බලවත් ලෙස ඇලුනාය. ස්ත්රි්යක් කෙරෙහි මගේ හිතේ යම්කිසි කැමැත්තක් ඇතිවී නම් එය ඉවත්කර ගැනීමට මම අසමර්ථවිමි. ලීලාවති නැමැති මේ රූපත් තරුණ කාන්තාව නිසා ඔවුන් පස්සේ ගියා ආවා මිසක් මට වෙන කිසිවක් කරගත නොහැකිවිය. බියට්රිසස් ගර්ලි ආදී මගේම පිරිසත් මේ ගැන අප්රකසන්නව “මේ භක්තිමත් වන්දනාකාරයන් පස්සේම ඇවිදීමෙන් අපට මේ පරණ ගල්වැඩ ආදිය බලාගන්ටත් බැරි නොවේදැ”යි කියමින් නොයෙක් කරදර ඇතිවූ නමුත් - මට ඒ මොකවත් සලකන්ට ඉඩක් නැතිව ඒ වන්දනාකාරයන් යනඑන තැනම ඇවිදින්ට විය. ඔව්හු පළමුවෙන්ම අනුරාධපුරයේ අටමස්ථානය වැඳ පුදාගත්හ.

අපිද කිසිම ආදර ගෞරවයක් නැතත් ඔවුන් කරන හැටි කළෙමු. ඉක්බිති දෙවෙනි දවසේ මිහින්තලේට ගොස් එක් රාත්රි යක්ද නැවතී - මිහින්තලේ හා ඒ අවට ස්ථාන වැඳ ගතිමු. ඒ මිහින්තලේ නැවතී සිටි රාත්රිකයේ- මගේම කාර් එකේ වුන් මා ඇතුළු හතර දෙනාත් කුරුණෑගලදී අපට එක්වූ කාරඑකේ වුන් හත්දෙනාත් යන එකොළොස් දෙනාටම එකම ස්ථානයක ආහාර සුදානම් කොට එකම පිරිසක් මෙන් අතිශයින් හිතේසිව එකට කා බී එකම ස්ථානයේ ලැගුම්ගතිමු. ලීලාවති හාමිනේගේ ස්වාමිපුරුෂයා වන ගුණතිලක මහත්මයා ශිෂ්ටාගචාර උගත් කෙනෙක් බැ‍වින් මේ වන්දනාකාරයන් ඔහුගේ මිම්මෙන් මැන තිබුණු බැවින්දෝ මගේ කූට අදහස් ගැන අල්ප මාත්ර යක්වත් නොසලකන බව මට හැඟුනේය. නමුත් ඇගේ මෑනියන් ඉතාමත් නුවණැති මා කෙරෙහි බලවත් සැකයක් ඉපදවූ කෙනෙක් විය. මේ ලීලාවති හාමිනේ සමග මොකවත් කථා කිරීමට මා ආරම්භකරණ කොටම ඇගේ මව් කථාවට මැදහත්වී ලීලාවතීට කිසිවක් කථාකරන්ට ඉඩ නොදෙන බැව් දු‍ටු මගේ හිතේ මේ මහලු ස්ත්රි ය කෙරෙහි බලවත් තරහක් ඇතිවුනේය. කොහොම නමුත් එදා රෑ පසුකොට පසු දින උදේම ගුණතිලක මහතුන්ගේ පිරිස පොළොන්නරුවට යන්ට සූදානම් වුහ. මමත් මගේ ඩ්ර යිවර්ට කථාකොට බියට්රිරස් හා ගර්ලිත් සමග ඔවුන්ගේ කාර් එකත් සමගම පොළොන්නරුවට ගියෙමි. මේ ගමනේ අදහස වෙන් කිසිවක් නොව ලීලාවති හාමිනේ සමග මිත්රක විමම පමණක් උවත් - පොළොන්නරුවට පැමිණ ජේතවනාරාම විහාර භූමියට ගොස් ඒ මේ අත පරික්ෂාකර බලනවිට ඇත්තෙන්ම මගේ හිත අමුතු විය. මේ අද්භූත විහාර භූමියේ තනා තිබෙන ප්රාමසාද පිරිවෙන් ධර්මශාලා ආදියෙහි ගෙපලවලුත් - එහි තිබෙන පුදුම ගල්වැඩත් දුටු මම උත්තම මිනිස්සු විසින් නුවණත්, ධනයත් ධෛර්යයත් වියදම්කර තිබෙන්නේ මේ අන්දමේ උතුම් වැඩ සඳහා මිස නීචවූ කාමුක අදහස් ඉෂ්ටකර ගැණීම පිණිස නොවේ යයි වැටහී මගේ සිතේ මහත් සතුටක් අටගත්තේය.

එදා දහවල් එකොළහමාර වනතෙක් - ඒ විහාර භූමියත් ඊට ආසන්නව තිබෙන පිරිනිවන් මංචකයේ ශෛලමය ප්ර-තිමා ආදී අද්භූත දේවලුත් බලා ප්රීනතිමත්ව සිටි මම, අනිත් සියලු දෙනාත් සමග තානායම්පලට දවල් කෑමට පැමිණියෙමි. වේලාපහින් අප දැනුම් දී තිබුනු අන්දමට තානායම්පල භාරකාරයා අපට ආහාර සම්පාදනය කර තිබුනෙන් ඒ අනුභවකර පරාක්රනම සමූද්රයය නම් වූ ඒ වැව් කන්ඩිය උඩ වාඩිවී සිටිනවිට - මනුෂ්යලයෙකුට ඇතිවිය යුතු සිතුවිලි පරාර්ථකාමී උදාර සිතිවිලි විය යුතු නමුත් - කාලකන්නි මතේ හිතේ ඇතිවුනේ අනිකක් බව කීමට ලජ්ජා විය යුතු නමුත් තමුන්නාන්සේට ඇත්ත කියන්නෙමි. මට කල්පනා වූයේ මේ ලීලාවති නැමති රූපත් කාන්තාව ධනවත් වැදගත් පවුලක කෙනෙක් බැවින් මට කවදාවත් මේ තැනැත්තිය මිත්රප කරගන්ට ලැබෙන්නේ නැති බැවින් මැගේ පුරුෂයා හා මෑනියන් විනාශකර මෑ අත්කර ගන්ට ඕනෑය යන මේ දුෂ්ට සිතිවිල්ල පමණක්ය. ඔවුන් දෙන්නාම හෝ ඒ පිරිසේ සියලු දෙනාම විනාශ වුනත් මට කමක් නැත. ලීලාවති අත්කර ගැනීමට ලැබුනොත් මට රජ සැප ලැබුනාටත් වඩා හොඳයයි වැටහී ඒ ගැන උපක්රිමයක් සිතමින් - පරාක්රිම සමුද්රබයේ ඉවුර උඩ සිටියෙමි. මගේ මිතුරියන් හා ගුණතිලක මහතාගේ කාන්ඩය ශ්රීත පරාක්රිමබාහු මහරජතුමාගේ උදාර ගුණවත් තේජවන්ත භාවයත් ගැන කථාකරතත් මට ඒ කිසිවක් නොඇසුනේය. ම‍ගේ එකම කල්පනාව මිනී කීපයක් ම‍රාලාවත් කාගේවත් ස්ත්රි යක් අත්කර ගැණීම විය.

මේ වේලාවේදී ගුණතිලක මහතාගේ මිත්රසයෙක් වන දයානන්ද නමැති මහත්මයෙක්ද එතනට පැමිණියේය. ඒ මහතා එහි අවුත් ගුණතිලක මහතාණන් සමග කථාකරන්ට පටන් ගත්තේය. “දයානන්ද මහතා අපේ පරාක්ර්මබාහු මුත්තනුවන්ගේ උතුම් නුවරට පැමිණි පළමුවෙනි වතාවද? කොහොමද සිංහල වික්ර මය‍ කොයි අන්දිමට වැටහුනාදැ”යි ඇසීය. ඇත්තෙන්ම ගුණතිලක මහතාණෙනි. මා පළමුවෙන්ම පොළොන්නරු පුරයට පැමිණියේ ඊයේ දවසේය. ඊයේ පටන් මේ වනතුරු මේ අවට නොයෙක් තැන්වල ඇවිද්දෙමි. මේ තාක් කල් සිංහලයෙක්ව ඉපදීම ගැන කණගා‍ටුවෙන් සිටියෙමි. මක්නිසාද වර්තමාන සිංහලයන්ගේ පහත් ගතියත් - ඔවුන් කරණ අපරාධ හා දුශ්චරිතත් - ඔවුන්ගේ අසමගිය හා උසස් ගුණධර්මවලින් විරහිත භාවයත් නිසාය. නමුත් පොළොන්නරුවට පැමිණි පසු - මගේ හිත වෙනස් විය. උසස් ධර්ම ශාස්ත්රතත් ඉගෙණ උතුම් ප්රණතිපත්තියත් රක්ෂා කරණ තුරු සිංහලයන්ට තබා කොයිම ජාතියකටවත් හැබෑ දියුණුවක් ඇති නොවන බව ඒකාන්තය. පරාක්රයමබාහු රජතුමා රටවාසීන් යථා මාර්ගයේ යෙදවූ බැවිනුත්, ඒ කාලයේ විසූ අපේ භික්ෂූන් වහන්සේලා මනුෂ්යථයන් ප්ර තිපත්තියෙහි යෙදවූ බැවිනුත්, දිව්යර ලෝකයේවත් නැති තරම් අද්භූත වැ‍ඩ කිරීමට ඒ සිංහලයන්ට පිළිවන්කම ලැබී තිබේ. දැන් කෙසේ වෙතත්, එක් කාලයකදී මුළු ලෝකය විස්මය පත්කොට උසස් වැඩකළ සිංහල ජාතියේ ඉපදීම ගැන දැන්නම් මම ආඩම්බර වෙමි. අනුරාධපුරයෙත් විජිතපුරයෙත් තුන් දවසක් ගතකොට බලවත් පීඩාවට පැමිණි මම පොළොන්නරුවට පැමිණියේ ඊයේ උදේය. ඊයේ රාත්රිප එලිවනතුරු මට නිදිමතක්වත් විඩාවක්වත් දැනුනේ නැත.

හිතේ අටගත් බලවත් ප්රීතති වේගය නිසා - ඊයේ මා දුටු දේවල් සඳහන් කරමින් මම කවි පංක්තියක් ඊයේ රාත්රිේ තැනුවෙමි. ගුණතිලක මහතා ඒ ගැන කථාකරන්ටත් ප්රපථම ඔහු ලඟින්ම වාඩිවී සිටි ඔහුගේ ප්රි ය භාර්යාව වන ලීලාවති හාමිනේ “අනේ දයානන්ද මහත්මයෝ - ඒ කව් පංක්තියක් අපට අසන්ට ඇත්නම් - අමෘතයක් අනුභව කරණ කෙනෙකුට අමෘත පානයකුත් දුන්නාට සමානය. කරුණාකර මහත්මයා ඊයේ රාත්රී තැනු ඒ රසවත් කවි පංක්තිය කියවනු මැනවැයි කිවාය. මගේ හිතේ තදින් ඇඳී පවතින ලීලාවතිට තදින් උවමනා කළ ඒ කව් පංක්තිය මගේ වැටහීමක් නිසා ‍නොව - ඈ කෙරෙහි පවත්නා ලොභකම නිසා - ඒ කවි පංක්තිය ඇසීමට - මමත් සූදානම්ව තවත් ටිකක් ඔවුන් ලඟට කිට්ටුවී ගතිමි. නමුත් මගේ මිතුරියන් දෙන්නා වන බියට්රිකස් හා ගර්ලි - වැ‍ව් කන්ඩියෙන් වැව වෙරලට බැස ගත්හ. ඉතින් බලන්ට මහත්මයෝ - පුදුමෙක හැටි කියමින් මේ අද්භූත ආගන්තුකයා හඬන්ට පටන් ගත්තේය.

11. පරිච්ඡෙදය[සංස්කරණය]

මොහු‍ මිනිත්තු තුනක් පමණ ඉකි බිඳිමින් අඬන විට මම ඔරලෝසුව දෙස බැලුවෙමි. රාත්රීත දොළහ පසුවී මිනිත්තු පහළොවක් බව පෙණුනේය. ඉතින් ආගන්තුකයාට කථාකොට ඒ කවි මතක තිබෙනවාදැයි ඇසුවෙමි.

“ඔව් ඔව් රත්රන් හාමුදුරුවනේ මට මතක තිබෙනවා - ඒ මගේ කාලකන්නි ආත්මයේදී එයින් මට කිසිම ප්රකයෝජනයක් ගන්ට නොලැබුනු නමුත් මට ඒ කව් පංක්තියේ අකුරක්වත් අඩු නැතිව හොඳින් පාඩම් තිබෙනවා - එය කියන්ටදැ”යි ඇසුවාම ඒ ඇසීමට බලවත් සතුටින් සිටි මා ආරාධනා කළ බසු ඒ අද්භූත ආගන්තුකයා මිහිරි හඬින් මෙසේ කියන්ට පටන් ගත්තේය.

ත ම පෙ ම් බරිය රකුසාගෙන් ගල ව න් න දි ය ර ම පෑ විකුමි යුතු කිම සල ක න් න ස ද හ ම් සත් උගත් කෙනෙකුට ලොව ඉ න් න පැ ර කු ම් හිමිට සරියෙක් බැරි පව ස න් න

අ නේ හිමි සඳින් දිය දිය දද බැ න් ද දැ නේ පද පහස ඔබෙ මිහිලිය වි න් ද මෙ නේ විපරි නම් දම් කැඩි ලෙස ඇ න් ද දි නේ නොවේ නම් මමු මතු නොම ව ම් ද

දි ය ග ල අවට සැදු හෙල පවුරේ ගඩො ලි කැ ටි ක ළ යසස් මෙන් තව පවති දිලි දි ලී සු ල ක ල රජ මැදුරු වහසල්වල ගෙප ලී සු ප ත ල සිහල සිපියන් දස්කම් කිය ලි

ගෙ වී ගිය නමුත් ලොදම් ලෙස පායේ හි වී හිණි පෙළෙන් නැග පා සත පායේ නි වි සිත බලත වට මහ රද පායේ තැ වි දැවෙයි සිහ ලේ ගිනි නොතැ පායේ

සි හ සැ ඩ තුරඟ ගජහස කැපු රෑ වෙසෙ ස ස ඳ ක ඩ පහණ් තවමත් දිලෙන සිව් දෙ ස දි ය වැ ඩ කළ උතුම් රජ සබය අසදි ස නෙ තු වැ ඩ පවති රජ මැදුරට ඉඳුරු දෙ ස

හි මි ස ඳ උතුම් පැරකුම් තෙදබල තොප ට ත තු ලෙ ද සිතනු බැරි කියනෙව් කර කව ට රි වි ත ද තැවුල් සනහා එහි පත් දන ට න ල වැ ද සැලෙති මහතුරු රජ පා අව ට


පැ ර කු ම් උතුම හිමි සහ පින් කළ සියලු ම න ර ම් තිදස දිව සිරි විඳිතත් සියලු ස ද හ ම් නොරුකි අපි මෙහි ඉඳමුව යහලු ක ර පෙ ම් කියති සා මුව රැල කර විහිලු

ක පා තිබෙන නිසි ගල් කැටයම් ‍නොම ද ප පා සිහල දස් කම් පවතින බව ද උ පා යෙදූ රටෙහි දියුණට එමහ ර ද සැ පා කිම දැකුම මෙන් පැරකුම් මුහු ද

ස ත ර මහ සොරොව් තැනූ ඒ සිව් දේස ඉ ඳු ර දෙසෙන් දිය ගත් ගඟ ආ කාස නෙ තැ ර බලනවිට ගෙණ ගොස් ඉති හාස ස ස ර දොස් පෙනේ දහමේ පර කාස

බ න් ර න් කෙහෙළි මහපහ සුරපුරෙක ස ම තැ න් තැ න් සැදු උයන් වැව් ‍පොකුණු නැති නි ම පෙ න් ව න් නට සිතා පැරකුම් හිමි විකු ම සු න් බු න් කියන වැනි ඉඳිමුව අපි තව ම

අ ට සී වසට පෙර හිමි ඔබ ඉපිද ල කේ නොනැ සී පවතින්ට යස පිළිබිඹු නි සැ කේ පැ හැ සී කැපු බැවින් තද සෙලෙනි අප ස කේ ව හ සී කඳුළු එද කොටසකි සසර දු කේ

සි හ ගජ තුරඟ ගව තිසරුන්ගේ රුව ට ස හ පිපි තඹර කොඳ කැටයම් කළ අව ට ප හ වට පේකඩැති ගල් කණු දකින වි ට සි හ ලේ සැලේ ගිනිවන් වෙඬරු විලස ට


සි ව් දෙස සිව් දොරටු සැදි ලෙසිනි විසිතු රූ දෙ ව් ලොව නුදුටු මේ දළදා මැදුර තු රූ සි ව් දෙස බලා වැඩ උන් බුදුරජු පිළ රූ අ ව් රුදු අටසියක් වැජඹෙත් විලස ග රූ

ප බ ඳා සිව් පිළිම හිමි මැද නිසි ලෙස නී ද ළ ඳා කරඬු තැබුමට විදුරසුන මෙ නී එ ස ඳා සෙලින් තැනූ වර සුන නරඹමි නී මු නි ඳා දම් පසක් කළ හැකිය සැබවි නී

බ ලා ගණු පිණිස දළදා හිමි නො ගැටී නෙ ලා ගල් තැනුව විස්කම් වැ‍ඩෙක සැටී බ ලා නිස්සංක මාලය තිබෙන හැටී මු ලා නොවන්නට බණ සිහි කරණු ව‍ටී

ස ත් සුර බඹුන් සහ රිවි කුල නර වර ණ අ ත් කළ කුසල් වැඳ පිදුමට නිති පැමි ණ ල ත් පද පහස ගල් පඩි සඳකඩ පහ ණ නෙ ත් ඇර බලන අප හට සැපකි අපම ණ

ව ට දා ගෙයට උතුරෙන් දිසි ටැඹක් ලෙ සේ ප බ ඳා සෑය සිවු රැස් කොට තනා ය සේ මු නි ඳා නිදන් කොට වැඳ පිදු ඇම දව සේ මෙ ස ඳා උවත් බලතැක අප හට සුව සේ

ප සැ ස් මුනිඳා පුද සඳහා තැනූ පවර නි දො ස් මහ විහාරේ ගල් කනු අතැර නො දි ස් වෙයි කිසිත් ඉන් පළකළ සතර අ නි ස් දුක් අනත්මය සියලු ම සකර


තු පා රාම මලුවෙහි රජගේ අස ල ලෝ පා නොකොට පර සතුරන් ඉතුරුක ල දී පා මෙලක් පෙර දින කළ වැඩ ලක ල පා පා අපට දක්වයි සිහල තෙද බ ල

ප සු ක ර රජ පභය පුවතර කුසුමු’ය න ය න ව ර වෙහෙර මලුවට උතුරෙන් පෙණෙ න අ ත හැ ර අප යනුද කියනෙව් තුරු මුදු න න ද ක රු පැන දුවති සාමුව තැනින් තැ න

නු ඹ ප ත් සඳ සැඳෑවෙල හිර වර ගොසි න සි හි ලො ත් මඳ සුලං සඳ දල වැදී එ න ලැ බ සි ත් සැදැහැ දැඩි සිහලුට එහි රඳ න වැ ට හෙ ත් තුසීපුර මෙත් බෝසත් වස න

ක ල ව න සෙලින් බැඳි වෙහෙරේ මහ පවු ර සෙ ල වෙ න ලෝ දමින් සුන්වී ගිය අයු ර ප ළ ව න පිණිස තැන තැන තිබෙනා විසි ර දු ල ව න කැටයමින් යුත් ගල් බලන ව ර

ලෝ නෙ ත් බුදුන් වදහළ විපරිනම් ද ම බෝ ස ත් ගුණැති පැරකුම් නිරිඳුගෙ විකු ම පෝ ස ත් සිංහලුන් සැදැහෙන් විසූ මහි ම ලෝ ස ත් හට හොඳින් දත හැක එක විට ම

පැ ර කු ම් හිමිට පසු රට ගත් පර සතු රූ අ ද හ ම් වැඩූ මාග නම් දෙමළ නර වි රූ ම න ර ම් උතුම් වටදා ගේ ලඟ සොඳු රූ සැ ර සු ම් කළ පෙනේ ගල් කෝවිල නපු රූ


බි තු නව රියන් ගණ සැට රියනක් දිගි නී ම තු මහලෙහි තැනුව දා කරඬු ව ලෙසි නී ඇ තු ලෙන් එමහ බිතු තැනූ හිණිපෙති පෙළි නී නෙ තු සිතු රැගත් විසිතුරු බඹ විමන වැ නී

ලෝ පා කළත් බුදු රූ මිසදිටු හැත්තේ කෝපා සතුරනුත් නොනැසූ ඒ වැත්තේ තූ පා රාමයෙහි කැටයම් සිවු පැත්තේ පා පා පවතී සිහලුන් දස්කම් නිත්තේ

ද ළ දා හිමින් වැඩ සිටි ලොවට සෙත් ක ළ ව ට දා ගෙයි නොනැසි බිතු යෙහෙනි බැලු ක ල වි හි දා ලොව පැවති හැම සිප් සතර දු ල එ ස දා සිහලුන්ට හිමි බව කෙරේ ප ල

අ ම ත ග නිවන මිස අන් සැප නොම දුටි මී දි ය ත ග පැවසූ සදහම් ඇසූ බැවින් දැ මී ම න ර ඟ පොළොන්නරු පුර අග බිසෝ හි මී එ දු හ ඟ පිළිවෙතේ පිළිවන්නැයි සිත මී

ස රු වතු කුඹුරු මිනිසුන් නැති හිමවත කී සැ රු හිවි මැදුරු තැන් තැන් වල පස් ගොඩ කී පි රු සත් රුවන් සල්පිල් පැවති නොකියැ කී දි රු හැටි පොළොන්නරු පුරවරය පුදුමෙ කී

පො ළො න් නරු පුරය සිරිගත්තු සක් පු රේ ප ස න් සිහ පුරය රජ වෙස් බුජග පු රේ ද න න් කිසි කලෙක නොවිසූ හිමෙක යු රේ පෙ ණෙ න් නා ‍අහෝ! ලෝ දහමෙක අ යු රේ


තු රෙ න් තුර බොමින් මල් පැනි මන නා දේ බි ඟු න් මත්සියොත් විට විට දෙන නා දේ පො ළො න් නරු නුවර පෙර පසතුරු නා දේ කි ය න් නෙව් අනේ අප සිත් කන් පෑ දේ

ලෙ සි න් නුඹ දවලවෙල උළැඟි යස රැ ලී රු ව න් මුතු ගහණ නෙක් දන පිරි සිලි ලී ප ස න් එ පැරකුම් හිමි ‍මහමෙර බැබ ලී පො ළො න් නරු නුවර සමුදුර ගියෙ විය ලී

එ ක සත් කර තෙලක දඹදිව තෙද පැතු රූ පො හො සත් උතුම් සිරි පැරකුම් දෙරණි සු රූ සැ රි යුත් හිමින් සඳහා බඹලොවෙක යු රූ සි රි මත් වෙහෙර තැනූ දෙව්රම් නම් මහ රූ

නැ ත ත් දැන් එසේ යොදුනක් පමණ තැ න බ ල ත් හොත් නුවණ ඇතියෙක් විදි ලෙසි න සු ද ත් අනේ පිඬු මහ සිටුහට දෙව න නො වෙ ත් යයි සිතේ පැරකුම් සිහලිඳු න

සං කා නොකර සගමොක් සුව මුනිඳුන් කී වං කා නැති එ පැරකුම් හිමි තැනූ යෙහෙ කී ලං කා තිලක නම් මහ බුදු ගේ නිසැ කී ලං කා වට නොවේ තුන් ලොවට තිලකෙ කී

ලෝ වැ සි සියලු කැළඹෙන විදු දනන් මො ලේ ඒ නි සි සිප් සතර දත් සිහලුන්ගෙ බ ලේ සේ සි සි කැලුම් දක්වා බුදු මැදුර තු ලේ සූ වි සි රියන් වැඩසිටි පිළිම හිමි දි ලේ


සි රි ක ල් ඇසුරු පැරකුම් හිමිසඳ පුව ළ තෙ ම හ ල් පහ අටද දෙව්රම් එ බිම තු ළ සු වි ස ල් පහය සැරියුත් හිමිසඳුට ක ළ එ ගෙ ප ල් අද බලා සැනසෙනු මැන සිහ ල

දෙ ම හ ල් මැදුරු පන්සැත්තෑවත් සුසැ දු ම න ක ල් එ දෙව්රම් මහ වෙහෙරෙහි පසි දු සු ල ක ල් සුසැත්තෑවක් බුදු මැදුරු සැ දු එ ගෙ ප ල් දුටත් සැපතකි අපට අනුබ ඳු

පැ සු ළු රම් නමින් කළ පිරිවෙණැ ප ව ර නැ බු ළු මහ පහය දෙමහල් නැත මෙ ව ර ල කු ළු උත්තරාරාමය දෙස උ තු ර සි හ ලු ගොස් බලව් දැන් පවතින අ යු ර

වි දු ද ර ලෙනෙහි උතුරෙන් දෙව්රම් වෙහෙ ර දැ ඩි ත ර සෙලෙහි නෙලු බුදු මැදුර ගරුත ර දි ය තු ර වෙනත ‍නොමකළ බැව් මෙ කප තු ර ති ර ක ර කියැකි අනිකක් නම් නැත මෙයැ ර

හ ඬ මි න් අනඳ හිමි පසෙකින් හිඳින ලෙ දේ රි ය නි න් සූවිසි යුත් මහ සෙලෙහි නෙලු සො ‍ඳේ සු ප ස න් පිළිම හිමි සැදැහෙන් බලන ස ‍ඳේ මු නි ඳු න් සැතපෙනා වැනි පිරිනිවන් ඇ ‍ඳේ

ක ළු ග ල් පව්ව සාරා තැනූ බුදු මැදු රේ ප ඬු පු ල් අසුන් විසිතුරු තොරණ නිසියු රේ ද ස ඹු ල් විජම දෙසනා ලෙසට සුරපු රේ එ ම සෙ ල් පිළිම දුටු සිහ ලේද රත් කෙ රේ


පේ ක ඩ උදුල ගල්කනු කැටයම් සහි ත ඒ වැ ඩ විසල් ගල් පව්වෙහි කොට දිමු ත පෑ දි ඩ විකුම් සැදැහැද නුවණ එකයු ත ලෝ වැ ඩ කළ පොරණ සිහලුන් ගැන සිත ත

පැ ව තු උතුම් පිළිවෙත් බෙලෙනි නිරතු රේ දි මු තු සුරන් තෙද පැවතුනි ඔවුනත රේ අ යු තු දුසිරිතෙන් දැන් තිබෙන අපත රේ අ මු තු ජාතියත් විය සිහලු මෙම ව රේ

12. පරිච්ඡෙදය[සංස්කරණය]

දයානන්ද මේ රසවත් කාව්යහය කියවන විට ඒ අසාගෙන වුන් ගුණතිලක මහතුන්ගේ පිරිස අමුතු ප්රයබෝධයකටත් සාන්ත භාවයකටත් පත්විය. නමුත් මමත් මගේ මිතුරියන් දෙදෙනත් හරියටම පස් පියුමෙන් යුත් තඩාගයක ඉන්නා කනකොකෙකුත් කෙකිනියන් දෙන්නෙකුත් ඒ සුගන්ධ වාහනය වන පියුම් දෙස මදක්වත් නොබලා කුඩ මසෙක් මතුවන්නේ කොතන දැයි පරීක්ෂා වෙන් ඉන්නාක් මෙන් වුනිමු. මගේ මිතුරියන් දෙදෙනා මේ කවි කියවන්ට ආරම්භ කළ හැටියේම වැව් වෙරලට බැසගත්හ. නමුත් මම් ඊට වඩා දරුණු සිතිවිල්ලක් සිතමින් වුනිමි. මේ කවි කියවා ඉවරවු හැටියේම ගුණතිලකද ඔහුගේ නැන්දම්මාද භාර්යාවද ඇතුළු පිරිසත් මා විසින් ගෙන්වන ලද ඔරුවේ නංවාගෙණ වැව් මැදට ගොස් ඔරුව කිඳවා පිළිවන් වුනොත් ගුණතිලක පිරිමියෙක් බැවින් ඔහු යම් ක්රකමයකින් ගැලවුනත් ඔහුගේ නැන්දනියන් වැවේ ගිල්වා ම‍රා දමන්ටම ඕනෑයයි මගේ සිතින් බලවත් ලෙස සිත සිතා සිටියෙමි. ඉතින් මහත්මයෝ බලන්ට දුෂ්ටවූ හිතක හැටි! කෙතරම් ප්ර නීතවූ ධර්මයක් අවවාදයක් කරුණු ලැබුවත් ධර්මය හෙවත් අවවාදය අසමින්ම තදබල පාපක්රිධයාවේ හිත යොදවන අධර්මයන් සිටියදී මේ ලෝකයට ධර්මයෙන් ඵලක් ඇතිවේද? පොළොන්නරුවේම ඉඳගෙණ ඒ උතුම් රාජධානියේ පෙර


පැවති ශ්රීි විභූතිය අසන මනුෂ්ය් නම ඇති කවරෙකුට ඒ ගැන පහත් සංවේගයට නොපැමිණ සිටිය හැකිද? නමුත් අධමාධමවූ මට ඒ කිසිවකින් පලක් නැතිවිය. විවාහ ස්ත්රි යක් වන ලීලාවතී හාමිනේ අත්කර ගන්නා අදහසින් මිනී දහයක්වත් මරන්නෙමි. රුපියල් හත් අට දාහක්වත් වියදම් කරන්නෙමි”යි සිතමින් සිටි මම ඒ කව් කියා ඉවර වෙනවාත් සමගම “ඔව් පුරාණ පොළොන්නරුවේ වර්ණනාව දැන් ඇසුවත් ඇති” මේ පරාක්රුමබාහු රජ්ජුරුවන්ගේ වැවේ ජල ක්රීනඩාවකුත් කොට ගියොත් තමා හොඳ! එන්ට ගුණතිලක මහත්මයා සහ පිරිසත්, මම ඔරුවක් ගෙන්වීමි. අපි කාණ්ඩයම වැවේ ඔරු පැද සතුටු වෙමුය’යි කීවෙමි. එවිට මා ප්ර්කාශකළ කව් පංක්තිය ගෙතූ දයානන්ද මහත්මයා එතනින් යන්ට නැගිට “ගුණතිලක මහතාණෙනි. මේ වැවේ කිඹුල්ලු සිටිති. ඊටත් වඩා වැවේ ගැඹුරු තැන් ආදී කිසිවක් අපි නොදනිමු. බුද්ධ පුජාව පිණිස නෙළුම් මල් කඩන්ට ගොස් කුඩ මසුනුත් අල්ලන නීච මනුෂ්යපයන් ලෙස ක්රිෙයා කරන්ට කමක් නැත කියා යන්ට ගියේය. ඔහුගේ කථාවෙන් භයට පත් ගුණතිලක කාන්ඩයේ කිසිවෙක් ඔරුවෙන් යාමට සතුටු නොවීය. මගේ නියමයට තානායම් පලේ සිටි කෙනෙක් ඔරුව ගෙනැවිත් තිබුණ බැවිනුත් මගේ මිතුරියන් දෙදෙනා එවිටත් ඔරුවට නැඟීමට අඬගසමින් සිටි නිසාත් මම ඔරුවට නැගුනෙමි. ඔරුව පදින මිනිසාත් මාත් මගේ මිතුරියන් දෙදෙනාත් යන සතර දෙනා පමණක් ඔරුවේ නැඟී හැතැප්ම කාලක් පමණ දුර ගමන් ‍කළෙමු. වේලාව හතරමාරත් පසුවී ගොස් තදින් හුළඟ පැවැත්තේය. විශාල කිඹුල්ලු ඒ මේ අතින් දක්නට ලැබුනේය. කෙනෙකු දෙන්නෙකු විනාශ කොට වැදගත් කුල ස්ත්රි යක් දූෂ්යට කරන අදහසින් පිළියෙල කළ මර උගුල මටම ගැසෙන්ට එන බව සිතා ඔරුව පදින අයට කථාකොට ගොඩට පදින්ට කීවෙමි.

ඔහු ඔරුව හරවා ගොඩ දෙසට ගමන් කරනවිට විශාල කිඹුලෙක් ඔරුවට පැන්නේය. මෙයින් ඇතිවූ බලවත් කලබලය කෙතරම් දැඩිවීද කිවහොත් මේ වැවේ ඔරුපැද බොහෝ පල පුරුදු ඇති ඒ මිනිහාටත් ඔරුව නිසි අන්දමට හසුරුවා ගන්ට නොහැකිව කොල්ලෑව උඩ යාමෙන් ඔරුව පෙරලුනේය. මගේ මිතුරියන් දෙදෙනා ගෙන් කෙනෙක් වූ බිය‍ට්රිමස් දිය යට ගිලුනේය. ඔරුව පදින්නා හා මමත් ගර්ලිත් ඔරුවේ එල්ලී ගතිමු. අපට වැව මැද සිද්ධවී තිබෙන අනතුර

දුටු ගුණතිලක මහතාගේ පිරිසත් තවත් ඉලන්දාරි දෙතුන් දෙනෙකුත් මිනීකන කිඹුලන් ඉන්නා බව වත් වැවේ ගැඹුර කොපමණද යන බවවත් නොතකා අප ගලවන්ට උත්සාහ කරණ බව පෙනුනේය. ඔවුන් ගෙන් සමථ පිනුම් කරුවන් දෙදෙනෙක් වහාම දියට බැස පීණාගෙණ අවුත් කඹයකින් ඔරුව බඳින ලදුව ඒ ඔරුවේ එල්ලී ගත් ඔවුන් දෙදෙනා ඇතුළු අප පස්දෙනා ගො‍ඩට අදිනු ලැබීමු.

නමුත් බිය‍ට්රිුස්ගේ මිනිය එදා රෑ වනතුරුත් දක්නට බැරිවිය. බියට්රි ස් වැවේ ගිලුනු බව කියා ආණ්ඩුවේ මුලාදෑනීන්ටද දන්වන ලද නමුත් - ඇගේ මිනිය සොයාගත නොහැකි විය. කිඹ්රනලන් කා දමන ලදැයි කවුරුත් කීහ. ගුණතිලක මහතාත් උන්නැහේගේ නැන්දනියනුත් විනාශකොට රූපශ්රීනයෙන් යුත් ගුණතිලක හාමිනේ කොල්ල කා ගැනීමට කූට උපක්ර්ම යෙදු මා නොගිල්ලාවූ කිඹුල්ලු මගේ දුෂ්ට මිතුරියන් ගෙන් එකියක් වන බිය‍ට්රිොස් ගිලදැමූ හැටි! ඇත්තෙන්ම මහත්මයෝ - එදා එරුව පෙරලිලත් මා විනාශ නොවී ගැලවුනේ මගේ පවේ දැඩිකම නිසා නොවේද? මගේ මිතුරි බිය‍ට්රිාස්ද ඔබඳු දඬුවමක් ලැබීමට හැම අතින්ම සුදුසු දුෂ්ට ස්ත්රි්යකි. ඒ එසේද උවත් මගේ දුෂ්ට අදහස් වත් මගේ වත් මගේ මිතුරි යන්ගේ වත් වෙන නපුරු ගති නොදත්තාවූ ගුණතිලක මහතුන්ගේ පිරිස අපට හොඳින් සාත්තු කොට පැමිණියාවූ බලවත් විපත ගැන මහත් දොම්නසට පැමිණියේ ය.

එදා රාත්රි යත් පොළොන්නරුවේ ගත කොට ඒ පිරිසත් සමගම අපිත් කුරුණෑගලට පැමිණියෙමු. කුරුණෑගලට අවුත් එක් රාත්රිුයක් කුරුණෑගල තානායම් පලේ නැවතී සිට පසුදින කොළඹ එන කල්පනාවෙන් සිටියෙමි. මගේ ඩ්ර යිවරත් ගර්ලිත් මාත් යන තුන්දෙනාට පසුදින දවල් බත ගුණතිලක මහතුන්ගේ ගෙදරදී දෙන බැව් කියා ආරාධනය කළ හෙයින් එහි පැමිණ දහවල් බත අනුභවකොට ගුණතිලක මහතුන් සමග තව දුරටත් මිත්රැවීමි.

ගුණතිලක මහතුන්ගේ සූර නුවණ ඇති නැන්දම්මා මේ ස්ථානයේ නොසිටි බැවින් මගේ නීච අදහස් ඉටුකරගන්ට පිළිවන් වේයයි සැලකූ මට මෙසේ කල්පනාවක් ඇතිවිය. මගේ ඩ්රනයිවරත් ගර්ලිවත් කොළඹට යවන්නෙමි. කුරුණෑගල පළාතෙන් පොල් වත්තක් මිලේට ගන්ට උවමනා බව කියා මම දෙතුන් දිනක් මෙහිම නවතින්නෙමි. ඒ

අතර ගුණතිලක හාමි‍ෙන් සමග තව දුරටත් මිතුරුව පිළිවන් වුනොත් ගුණතිලකට උගුලක් ඇද ගුණතිලක හාමිනේත් සමගම කොළඹ යන්නෙමි යි යන කල්පනාවෙන් - ගුණතිලක මහතාට මගේ තොරතුරු හොඳින් කියාදී රුපියල් හැටහැත්තෑ දහසකට තරම් විශාල පොල්වත්තක් මට සොයා දුන්නොත් හොඳ බවත් වන්දනාවේ ආ ගමන සිහිපත් වීමට වත් මේ පැත්තෙන් යමක් කර තබන්ට ඕනෑයයි කීවාම, මගේ කෛරාටිකකම නොදත් ඒ නිර්දෝෂ මනුෂ්ය යා සතුටුව එබඳු කටයුතු කරණ කෙනෙකු කැඳවා - මගේ ඕනෑකම ඉෂ්ටකර දෙන්ට කීයේය. දහනායක නමැති ඒ බ්රෝකකර් තැන මා රවටන්ට හොඳින්ම සිතා ගත්තේය.

මාත් සමග ඔහුගේ යාලු ගෙදරකට ගියේය. එතන රූපත් තරුණියන් දෙදෙනෙක්ද තවත් කීප දෙනෙක්ද වුන්හ. ඒ දහනායකගේ ගෙදර යයි මට කීවේය. මම විශ්වාස කෙළෙමි. මා ගිය හැටියේ උසස් අමුත්තෙකුට මෙන් තේ වතුරෙන් සංග්ර්හ කරණු ලදුවෙමි. මීට පෙර මා නොදැක්ක තරම් සකල ස්ත්රීව ලක්ෂණයෙන් විරාජමාන තරුණියක් මට සංග්ර.හ කළ බැවිනුත් - මා දෙස යටසින් බලමින් ඈ දැක්වූ ආදරයත් නිසා මගේ සිත කෙතරම් ප්රිසන්නවීද කිවහොත් ගුණතිලක හාමිනේ කෙරෙහි පැවති ඇල්ම එහෙම පිටින්ම මතක නැතිවිය.

දහනායක මහත්මයා ගේ ඇතුලේ ඒ ලක්ෂණ තරුණියත් සමග මොනවාදෝ කථා කරන බවත් - ඉස්තෝප්පු‍වේ සනීප පුටුව පිටවුන් ම‍ට පෙනුණේය. මා එහි යන විට දෙකට පමණ ඇත. තුනහමාරට පමණ දහනායක මහත්මයා ඇඳ පැළඳ ගෙණ අව‍ුත් ඉතින් ජෝන්ස් මහත්මයා - ඉඩමක් බලන්ට මම දැන් යන්නෙමි. විකුණාදීමට ඉඩම් කීපයක්ම මට භාරකර තිබේ. මේ නගරයටත් වැඩිදුර නොවන හොඳ බංගලාවකුත් තිබෙන, අක්කර තිහක පොල් වත්තක් තිබේ. ඒ අයිතිකාරයාට මුදල් උවමනා වී ඒ විකුණන්ට වීරිය කරයි. රුපියල් තිස් පන්දාහකට ගන්ට පිළිවනැයි සිතමි. මම ගොහින් බලාගෙන එන්නෙමි. ඊට පසු මහත්මයාත් සමග ගොස් ඔප්පු තිරප්පු හොඳින් සෝදිසි කර බලා ඒ සියල්ලම සතුටුදායක නම් ඒ ඉඩම් ගනිමු. එසේ නැතිනම් වෙනින් ඉඩමක් ගනිමු - එහෙම හොඳ නොවේ දැයි කීවේය. “ඔව් බොහොම හොඳයි. වටිනවානම් සෝදිසිකර ගනිමුය”යි මම

කීවාම දහනායකට ඉහෙන් මලක් පිපුනාක් මෙන් සතුට ඇතිවී හැබැයි මෙබඳු වැඩක් පැයකින් දෙකකින් කරන්ට බැහැ. සමහරවිට හත්අට දවසකුත් ගතවෙන්ට පිළිවෙනි. මහත්මයා ඇඳුම් මාරුකර මේ කාම‍රයේ නවතින්ට. මේ තමන්ගේම ගෙදරකැයි සිතුවාට වරදක් නැත කියා දහනායක මට නැවතීමට කාමරයක්ද පෙන්වා දී මගේ සියලුම සැප පහසු බලාගන්ට ගෙදර මිනිසුන්ට කියා යන්ට ගියේය. මට අමුතු ජීවිතයක් ලැබුනාක් මෙන් සතුට ඇතිවී මගේ ඇඳුම් පෙට්ටිය ඒ කාමරයට ගෙන්වා ගෙණ අමුතු “සූට්” එකක් ඇඳගෙණ මගේ ඇස් වලට රසාංජනයක්ව පෙනුණු තරුණිය සමග කථාබස් කරන්ට ඇත්නම් හොඳයයි සිත සිතා ස්තෝප්පුවේ තිබුනු හාන්සි පුටුව පිට වාඩිගතිමි.

අවුරුදු 20 ක් පමණ වයසැති ක්ලේරා නමැති ඒ රූපත් තරුණිය මා තේ වතුර බොද්දී ඇඳගෙණ සිටි ඇඳුමුත් වෙනස් කොට - දිව්යං ගනාවක් මෙන් සැරසී ඇවිත් සාලයේ මහ දොරකඩින් එබී බැලුවාය. ඇගේ ඒ බැල්ම මා සමා දැකීමක් මුළු ජීවිතයේම නෙලැබූ බැව් වැටහී ගිය මට ඉවසුම් නැතුව ඈ දෙස බලා කථාවට බැස්සෙමි.

“එන්ට නෝනා” මම මේ පළාතට හරියටම ආගන්තුකයෙකි. මොකවත් තොරතුරු නොදනිමි. දහනායක මහතා නෝනලාගේ කව්ද?

ඒ අපේ මහප්පාගේ පුතා - අයියා නැවතී ඉන්නෙත් අපේ ගෙදරමයි. මහත්මයා මේ කුරුණෑගලට ආ පළමුවෙනි වතාවද? ඔව්, පළමුවෙනි වතාවයි. එන්ට අර පුටුව උඩින් වාඩි වුනොත් ටිකක් වේලා කථාකරන්ට පුළුවනි. මම මෙහෙ පදිංචි වෙන්ට කල්පනාවයි. හැබැයි කොළඹ අත්හැරලා නොවෙයි. එහි මගේ බොහොම කටයුතුත් ඉඩකඩනුත් තිබෙනවා -

අනේ මෙහි පදිංචි වෙනවා නම් කොච්චර හොඳද? එහෙනම් අපටත් දකින්ට පුළුවනි. - උපකාර ගන්ට පුළුවනි.

‍ඇත්තෙන්ම, නෝනා කියතොත් මම මේ වතාවේම මෙහි පදිංචියට කටයුතු සූදානම් කරගෙනයි කොළඹ යන්නේ. අපෙන් යම්කිසි උපකාරයක් ලබන්ට සතුටුද?


අපි බොහොම දුප්පත්. අපේ තාත්තා මැරිලා - ඉන්නේ අම්මත් අක්කලා දෙන්නෙකුත් මල්ලී කෙනෙකුත් පමණකි. අපි දහනායක අයියාගේ උදවු නිසා මේ තරමටවත් ඉන්නවා. ඉතින් මහත්මයා වැනි කරුණාවන්ත වැදගත් කෙනෙක් මේ පළාතේ පදිංචි උනොත් අපට කොච්චර හොඳද?

ඔව්, නෝනාගේ නම?

ක්ලේරා!

හොඳයි ක්ලේරා - මා කෙරෙහි ‍ක්ලේරාගේ යම්කිසි ඇල්මක් ඇති වුනාද?

(බිම බලාගෙණ) මා විතරක් ඇල්මක් ඇති කිරීමෙන් ඇති පළේ කුමක්ද?

නැහැ ක්ලේරා - ඔබට වඩා සිය ගුණයක් මා සිතේ ඔබ කෙරෙහි ඇල්ම තිබේ. ඔබ සමග කථාකරන්ට ලැබේද? ඔබ මා කෙරෙහි මදක්වත් ආදරය ඇති කරයිද? යන සැකයක් මා ආ වේලේ සිටම ඇතිවුනා.

මා සමග ආලය කරන්ට මීට පෙර කීපදෙනෙක් ඉදිරිපත් වුනා. නමුත් සැපසේ කන්ට අඳින්ට නැති මිනිසුන් කෙරෙහි ආලය කිරීමෙන් අන්තිමේදී රස්තියාදු වෙන්ට වේයයි සිතා මම කැමති නූනෙමි. අපේ අක්කා කෙනෙකු මඟුල් කපුවෙකුගේ මායමට නුසුදුසු කෙනෙකුට කසාද බඳවාදී දැන් ගෙදර අවුත් ඉන්නවා. එමනිසා දැන් මම බොහොම පරෙස්සමෙන් ඉන්නවා.

බොහොම හරි ක්ලේරා - අතටම නැති මිනිස්සුත් වයස්ගත මිනිස්සුත් තරුණියන් කෙරෙහි ආලය කිරීම ලොකු වරදකි. ලක්ෂණ තරුණියකට උවමනා ගෙදර දොර ඇඳුම් පැළඳුම් කෑම බීම නැත්නම් ඈට කිසි සැපතක් නැත. ඉතින් ඔබටම ඒ වැටහී තිබෙන බව පේනවා -

මහත්මයා තවමත් කසාද බැඳලා නැද්ද?

නැහැ ක්ලේරා - දැන් මගේ වයස අවුරුදු තිහකි. තවමත් මගේ හිතට අල්ලන කෙනෙක් ලැබුනේ නැහැ. මේ පොටේ නම් කුරුණෑගලින් වත් ඒ ඉෂ්ටකර ගන්ට ඕනෑ.


අවුරුදු තිහ නම් මොන වයසක්ද? කුරුණෑගලින් කසාදයක් බඳිතත් ඒ ලොකු පොහොසත් තැනකින් වේවි. එතකොට අප බලාපොරොත්තුවන උපකාරයක් වත් ලැබෙන එකක් නැහැ.

නැහැ ක්ලේරා - කුරුණෑගලින් කසාද බඳිතොත් මගේ සිතේ තිබෙන්නේ පොහොසත් තැනකින් බඳින්ට නොව ඔබ වාගේ කෙනෙක් බඳින්ටයි.

(බිම බලාගෙන සිනහවෙමින්) මම ඇර මම වාගේ තවත් ‍කෙනෙක් කුරුණෑගල නම් නැහැ.

ඇත්තෙන්ම ක්ලේරා - අපේ විවාහය දැන්මම තීන්දු කර ගනිමුද?

(ටිකක් ඇස් ඔරවා) මහත්මයා දුටුවෙත් දවල් එකෙන් පසුවයි. මොකවත්ම තොරතුරු නොදැන අපේ අම්මලා අයියලා ආදී කාගෙන්වත් නාසා විවාහ පොරොන්දු වෙන්ට හැකිද?

ඔව් බොහොම හරි - දහනායක මහත්මයා බලන්ට ගිය ඉඩම් නොඅනුමානව මම ගන්නෙමි. රුපියල් තිස් හතලිස් දාහක දේපල මෙහි ඇතිකර ගත්තාම ක්ලේරාට මගේ වටිනාකම තරමක් දුරට තේරේවි.

ඔව් අයියා බලන්ට ගිය දොරවක වත්ත නම් පවුලකට සැපසේ ජීවත්වීමට ආදායම් ලැබෙන ඉ‍ඩමකි. එහි හොඳ බංගලාවකුත් තිබේ. එහි ඉන්නා කොන්දේස්තර උන්නැහේගේ නෝනා අපේ යාළුවෙක්.

අහා| එහෙනම් ක්ලේරා ඒ ඉඩම ගැන හොඳින් දන්නවා. ඉතින් ක්ලේරා - ඒ අයිතිකාරයා එය විකුණන්ට හදන්නේ මන්ද?

ඒ අයිතිකාර අප්පුහාමි හලාවත පැත්තේ කෙනෙක් - ගමේ ම ලොකු ඉඩමක් ගැණීමට මෙය ලැබුණොත් විකුණන බව අ‍පේ ගෙදරදීම කියා දහනායක අයියාට එය පංගාර්තුකළා.

හොඳයි! ක්ලේරා මම ඒ වත්තත් බංගලාවත් ක්ලේරාට අයිති කර දීලයි කොළඹ යන්නේ - හැබැයි මගේ භාර්යාව වෙතොත් -

හොඳයි බලමුකෝ - කියා ක්ලේරා මට ලැමනේඩ් වීදුරුවක්ද

ඇගේ ඒ ලැමනේඩ් වීදුරුව තරම් රසවත් පානයක් මුලු ජීවිතයේදීම නොබී ‍බැව් වැටහුනු මම ප්රීසතියෙන් පාර දෙස බලන විට දහනායක මහත්මයාද මොටෝ රථයෙන් අවුත් බැස “ඔව් ජෝන්ස් මහත්මයා පිටත්වී අවුත් තිබෙන නැකත බොහොමත්ම හොඳයි. දොරවක වත්ත මිලේට ගන්ට පුලුවනි. අයිතිකාරයාට මුදල් තදියන්වී තිබෙන බැවින් අද හෙටම ගන්නවා නම් රුපියල් තිස්දාහකට ගන්ට පුළුවනියි කීවේය.

රුපියල් තිස්දාහක් ක්ලේරා සමග කථාකළ ටිකත් වටිනවායයි සිතූ මම, හොඳයි දහනායක මහත්මයා, දැන් රූ වුනා විඩියි. අපි හෙට උදේ ගොස් ඉඩම බලා ඔප්පු ලියන්ට දෙමුයි කීමි. දහනායක ලෝකයේ කාපු අන්තිම අමාරුකාරයෙකි. මගේ වත ගොත තබා ලක්දිව ඉන්නා මටත් වඩා අප්රෙසිද්ධ මිනිහෙක්වත් ඔහු නොදන්නෙක් නොවේ. දහනායක ස්වකීය බ්රෝටකර් වැඩෙන් විශාල ආදායමක් ලබාගන්නා කිසි අනුකම්පාවක් නැති කෙනෙක් වුවත් - රටට ජාතියට වැඩකරණ එක් විධියක සත් පුරුෂයෙක් බැවින් මට වඩා විසි තිස් වාරයකින් නොව දහස් වාරයකින් හොඳ කෙනෙක් බව තමුන්නාන්සේට කියන්නෙමියි මේ අද්භූත ආගන්තුකයා ඉහ අත බැඳගෙණ ශබ්ද නගා කියන්නේ තමාට දහනායක වික්ක දොරවක වත්ත පිළිබඳව ප්රදවෘත්තිය මෙසේ විස්තර කලේය.

එදා රාත්රීි ක්ලේරා සහ ඇගේ ආවතේවකාරියන් විසින් ඉතා මත් ප්රරණීත අන්දමට පිළියෙළ කර තිබුණු ආහාර දහනායක මහත්මයා මාත් එක්ක අනුභව කරද්දී-” දොරවක වත්ත” නැමැති ඉඩම පිළිබඳ ප්රතවෘත්තියද ප්රනකාශ ‍කළේය. අපි කෑම කන මේසයට පසකින් සිටගෙණ සිනහවෙමින් අපේ සිත් කුල්මත් කරමින් සිටි ක්ලේරාද දොරවක වත්ත ගැන මෙසේ කීයේය. “ලොකු අයියා ඔය වත්ත මීට පෙරත් කෙනෙකුට විකුණන්ට ගොස් බැරිවුනේ, අන්තිමේදී අයිතිකාරයා ඒ දෙන්ට අකමැති වීමය. ඔය වත්ත පිටකෙනෙකුට නොදී මේ මහත්මයාට දුන්නොත් අපටත් බොහොම ප්රටයෝජනයි. වත්තේ බංගලාව ඉතාමත් සනිපදායක ගේකි. වත්තේ තිබෙන නාන ලිඳ මේ පළාතේම නැති තරම් වතුර හොඳ නිතරම වතුර තිබෙන එකකි. නිතරම හොඳින් ඵල දරණ මේ වත්තේ වෙලදිහාවට වෙන්ට අක්කරයක තරම දොඩම්, නාරම්, අඹ, කජු, පේර, රඹුටන්, ආදී පළතුරු වර්ග වවා තිබේ. දැන් ඉන්නා සිල්වා ‍කොන්දොස්තර උන්නැහේගේ නෝනත් සමග මමත් අක්කත් වත්තට ගොස් දවස් දෙකක්ම නැවතී වුන්නා. නවතින්නට ප්රි යකරවූ ඔයතරම් සනීප දායක වත්තක් මේ පළාතේ වෙන නැති තරම් බැවින් මේ මහත්මයා ඉ‍ඩම අර ගෙණ බද්දකට හේම දෙතොත් අපි ගන්ට ඕනෑය”යිද කීවේය. ක්ලේරාගේ මේ වචන නිසා දොරවක වත්ත මා ඉදිරිපිට පෙණෙන්නාක්මෙන් විය. දහනායක සිටිය නමුත් ක්ලේරාගේ වචන වලට පිළිතුරු වශයෙන් කථා නොකර සිටිනු නොහැකි මම “හොඳයි ක්ලේරා නෝනා, හෙට හවස් වන්ට ප්රොථම ඔය කියන සනීපදායක ඉඩම අපට අයිති කරගන්නවා - කනගාටුනොවී ඉන්ටය”යි ඈ දෙස බලමින් කීවෙමි. දහනායක ඒ මගේ කීමට අධික ලෙස සතුටුවී කෑමට වාඩිවෙද්දී බීගත් විස්කි වීදුරු දෙක ඇර තවත් විස්කි වීදුරු දෙකක් අපි දෙන්නාට ගෙන්වාගෙණ පානය කොට ආහාර අනුභව කෙළෙමු. රාත්රීට දහයට පමණ නිදාගත් මට ක්ලේරා මා ළඟම ඉන්නාක් මෙන් දැනුනේය.

උදේම නැගිට රූපශ්රීේයෙන් යුත් ක්ලේරා විසින් ආදරවන්තයෙකුට කරණ ලද සංග්රූහවැනි සංග්රුහ ලැබ සතුටු වූ මම, දහනායක මහත්මයාත් සමග කුලී මොටෝ රථයක නැඟී දොරවක වත්ත බලන්ට ගියෙමු. කුරුණෑගල නගරයෙන් හැතැප්ම දෙකකට වඩා ඈත්නොවූ - අක්කර තිහක් පමණ විශාල ශාස්ත්රාහනුකූලව වවන ලද අවුරුදු දොළහක් පමණ වයස්ගත මේ වත්ත ඇත්තෙන්ම රුපියල් පණස්දාහක් වුවත් වටිනා කදිම එකක් බව මට වැටහුනේය. අහනායක මාත් සමග කෙළින්ම වත්තේ බංගලාවට මොටෝ රථයෙන්ම ගියේය. බංගලාවේ කිසිවෙක් නැතත් ඒ ලඟින්ම තිබුනු කුඩා ගේක සිට කොන්දොස්තර දුව අවුත් අප පිළිගෙණ බංගලාවත් - ‍වත්තත් හොඳින් අපට පෙන්නුවේය. වත්තෙන් මුරයකට කැඩෙන පොල් ගණන් ආදී තොරතුරු විමසූ මට කොන්දොස්තර හොඳින් උත්තර දුන්නේය. වචන මාත්රදයකින්වත් කිසි වංචාවක් - ප්රඋයෝගයක් මට දැනගන්ට බැරිවිය. වත්තේ තත්වය සියැසින්ම දැක සතුටුව මම, වත්ත පිලිබඳව තරුණ ක්ලේරා නෝනා කිවූ කරුණුත් ඇත්ත බව තේරුම් ගෙණ, “ඔව් දහනායක මහත්මයා මේ වත්ත මිළේට ගැනීමට මම කැමැතියි. මෙය අයිතිකාරයා එන්නේ කොයි වෙලාවකදැයි ඇසුවෙමි. උන්නැහේ ඉන්නේ හලාවත - ඊයේ හවස මම විදුලිපණිවිඩයක් යැව්වෙමි. අද දොළහට ප්ර ථම එනවා ඇති. අපි ගෙදර ගොස් - කා බී සූදානම් වෙනකොට උන්නැහේ ඔප්පුත් රැගෙණ අපේ නිවසටම එනවා ඇති. එවිට උන්නැහේත් සමග නොතාරිස් කන්තෝරුවට ගොස් ඔප්පු පරීක්ෂා කර බලා ලියන්ට දෙමුයයි කීවේය. මේ සියලු කතාබස් වත්තේ කොන්දොස්තරත් ඉදිරියේදී කරණ ලදී. ඉතින් අපි ක්ලේරාගේ නිවසට අවුත් - නොයෙක් අන්දමේ ප්රීරති සහගත කතාබස් කරමින් කාලය ගත‍කොට දවල් එකොලහට කා බී සූදානම් වන කොටම ලක්ෂණ මොටෝකාරයකින් දෙගොඩ හරි වයසේ ගම මහත්මයෙක් දහනායකගේ නිවසට පැමිණියේය.

ඔහු අතේ ඔප්පු මිටියක්ද තිබුනේය. දහනායක උන්නැහේ ඒ ගම මහතා පිළිගෙණ මට අඳුන්වාදී “රාළහාමිගේ දොරවකවත්ත මිළේට ගන්ට උවමනාකර තිබෙන්නේ මේ මහතාටයි. අද උදේ අපි වත්තටත් ගොස් ඇවිද බලාගත්තා. ඉතින් දැන් ඔප්පුව ලියන්ට යමුදැ”යි කීවාම ගැඹුරු කල්පනාවක් ඇතියෙකු මෙන් පෙණෙන ඒ ගම මහත්මයා, ඔව් අපේ ගමේ අපේ ගෙවල් ලඟම ලොකු ඉඩමක් ගන්ට උවමනා නිසා නොවේ නම් - දොරවක වත්ත රුපියල් පණස් දාහකටවත් නොදෙමි. නමුත් දැන් කාරණය පිළියෙලකර ගත් අන්දමට කරන්නෙමි. හැබැයි, ඉඩම විකිණීම ගැන මගෙන් කොමිසියක් බලාපොරොත්තුවන්ට එපා. දහනායක මහතාගේ මහන්සි‍යත් ඉඩම ගන්නා මේ මහත්මයාගෙන්ම ලබා ගත යුතුයයි ගම මහත්මයා කී අන්දම ගැන සැලකූ කාටවත් මේ පළහිලව්ව කිසිම සැකක් ඇති එකක් බව නොවැටහුනේය. අපි තුන්දෙනාම නොතාරිස් මහතෙක් ලඟට ගියෙමු. ඔහුට ප්ලෑන් සහිතව ඔප්පු මිටිය දී දොරවක වත්ත නමැති මගේ ඉඩම කොළඹ ආබ්රනහම් ජෝන්ස් මහතාට රුපියල් තිස් දාහකට විකුණන්ට නියම කර ගතිමි. නොතාරිස් රාළහාමි නීති ප්රිකාර ඔප්පු පරීක්ෂා කොට බලා ඔප්පුව ලියන්ට කීවාම, නොතාරිස් මහතා දෙස බලා මේ රෙජිස්ටපර්කන්තෝරුවෙන් පරීක්ෂා කර බලන්ට උවමනාද? ඉඩමට ගොස් මහත්මයා ඒ බලාගත්තාද? එප්පුව ලියන්නේ කාගේ නමටද? යනාදිය ඇසූවිට ඔප්පුවේ “ඇන්කම්බරන්ස්” හොඳින් බලා - කිසිම ඇදක් පලුද්දක් නැත්නම් - මා නමට ලියන්ට යයි භාරදී මුද්දර ගාස්තුව සඳහා රුපියල් සියයක්ද දුනිමි. නොතාරිස් මහතා එවලේම රෙජිස්ටර් කන්තෝරුවට ගොස්

ඔප්පු පරීක්ෂාකර බලා හොඳයයි කීය. දොරවක වත්ත අයිතිකාර හේරත් කළු බණ්ඩා අප්පුහාමිට ආණ්ඩුවෙන් නිරවුල් බවට ලැබිය යුතු ඔප්පුද ලැබී තිබෙන බවත්, ඒ ඉඩම කිසිම උගසකට බැඳී නොමැති බවත් කීවේය. මගේ හිත මේ තරමින් සතුටුව ඔප්පුව ලියන්ට කීවෙමි.

නොතාරිස් උන්නැහේ තවත් ලිපිකරුවන්ගේ ආධාරයෙන් සවස හතර වන විට ඔප්පුව ලියා සමාප්ත කළේය. ඔප්පුවේ අත්සන් තැබීමට කළු බණ්ඩා අප්පුහාමි පෑන අතට ගන්ට ප්රකථම, මෙහි වටිනාකම ගෙවන්ට ඕනෑයයි නොතාරිස් කී බැවින් රුපියල් තිස් දහසකට චැක් පතක් ලියා මේසේ උඩ තැබුවෙමි. ඉක්බිති ඉඩම අයිතිකාරයා වශයෙන් කළු බණ්ඩා අප්පුහාමිත්. සාක්ෂිකාරයන්ගෙන් කෙනෙක් හැටියට දහනායක සහ තවත් අයෙක් ද අත්සන් තැබූ පසු නොතාරිස් මහතා ඔප්පුව සහතිකකොට මෙය රිජිස්ටර් කොට දෙන තුරා නොම්මරය තබාගත මැනවැයි කියා මා අතට ඔප්පුවේ නොම්මරය ලියා දුන්නේය. ඉක්බිති නොතාරිස් ගාස්තු ආදියට රුපියල් තුන් සියයකට චැක් පතක්ද දී - දහනායක මහතාත් දොරවක වත්ත අයිතිකාර හේරත් කළු බණ්ඩා් අප්පුහාමිත් සමග ක්ලේරා නෝනලාගේ නිවසට ගොස් එහි සුදානම්කර තිබුණු තේවතුර පානය කොට පසු දින උදේ වත්ත භාරගන්නා කල්පනාවෙන් ප්රීණතියෙන් වුනිමි. දහනායක මහතාගේ මහන්සියටත් මොකවත් දුන්නොත් හොඳයයි කී නිසා - මිත්ර කමේ දැඩිකම සලකා රුපියල් දෙදහස් පන්සියයකට ඔහුටද චැකි පතක් ලියා දුනිමි. ඒ අතට ගත් හැටියේ දහනායකත් කළු බණ්ඩා අප්පුහාමිත් මට කථාකොට දැන් අපේ අවශ්ය. කටයුත්තක් සඳහා හලාවතට යන්නෙමු. හෙට උදේ දහයට ප්ර.ථමයෙන් ඉඩම භාර දීමට මහත්මයාත් සමග යන පිණිස මෙහාට එන්නෙමු. අද ර‍ාත්රීඩ මෙහි නවතින්ට - සියලුම ඇප උපකාර ‍අපේ දහනායක මහතාගේ සොහොයුරී වන ක්ලේරා නෝනාගෙන් ලැබේයයි කළු බණ්ඩාප අප්පුහාමි කීයේය. දහනායක එදා රාත්රී් ගෙදරින් ඉවත්ව යාම ගැන මට ඇතිවූ ප්රීහතිය අප්රීමාණය. ක්ලේරා නෝනාගේ ලොකු වර්ණනාව නිසා දොරවක වත්ත අත මුදලට ගත් බැවිනුත්. ඈ මා සමග විවාහවීමට සතුටු බව ඇ‍ඟෙවි නිසාත්, මේ රාත්රිමයේම ඇගේ ප්රිවයකරු වදන් ඇසීමාදියෙන් සතුටු විය හැකැයි සිතූ මම කළු බණ්ඩා අප්පුහාමිටත් දහනායකටත් ආයුබෝවන් කියා ක්ලේරා නෝනා‍ගේ නිවසේ නැවතුනෙමි. මෙවිට වේලාව පහ මාරට

පමණ විය. දහනායකත් ගම මහත්මයාත් යන්ට ගියහ. ක්ලේරා නෝනා ඊට ප්ර ථම දිනට වඩා ඔද වැඩි සිතින් ස්තෝප්පුවේ පුටුවක් පිට වාඩිවී මාත් සමග කථාකරන්ට පටන් ගත්තේය. ඉස්සරින්දා පමණවත් වැඩකරු ආදී කිසිවෙක් අප ඉන්නා පැත්තට නාවෝය.


13. පරිච්ඡෙදය[සංස්කරණය]

	ඔන්න ක්ලේරා නෝනා ඉතාමත් හොඳ සනීපදායක වත්තය කී බැවින් දොරවක වත්ත මිළේට ගත්තා - ඉතින් හෙට එහි පදිංචියට යාමට කැමතිද?

හෙට - ඔය ඉක්මණටම එහි පදිංචිවන්නට පිළිවන්වේද?

ඇයි - කිසි අමාරුවක් නැහැ. එහි බංගලාවේ තිබෙන ලී බඩු ඇර අනිත් සියල්ලම අපට අයිතියි. ඒ තිබෙන ලී බඩු ටිකත් සෑහෙන මුදලකට ‍අපටම දෙනවායයි කළු බණ්ඩා අප්පුහාමි කීවා. මගේ ආශාව තිබෙන්නේ පළමුවෙන්ම ක්ලේරා නෝනා‍ත් සමගම වත්තට යන්ඩයි.

මහත්මයා වැඩි මහන්සියක් නැතිව මුදල් හම්බකළ කෙනෙක් බව මට පෙනේ.

ඒ මොකද - මොකද ක්ලේරා නෝනා ඒ ගැඹුරු අදහස් ඇති වචනය කීවේ?

නැහැ - දැන් මේ ඉක්මණටම රුපියල් තිස් තුන් දාහක් වියදම් කළා නොවැ?

ඔව් ක්ලේරා නෝනා, මම මුලදී ඉතාමත් දුකසේ මුදල් ඉපයූ නමුත් දැන් නම් වැඩි අමාරුවක් නැතිව මුදල් හම්බ කරනවා. එසේම අවශ්යය කටයුත්තක් පැමිණියාම කිසි ලෝබ කමක් නැතිව මුදල් වියදම් කරනවා.

මටත් ලොකු ඕනෑකම් කීපයක් තිබෙනවා - වත්තට ගියාමවත් අපට ඒවා ඉෂ්ට කරන්ට බැරිය.

මොනවද ක්ලේරා නෝනාට තිබෙන ඕනෑකම්? - අවශ්යට කාරණයක් නම් රුපියල් පන්සියයක් වුනත් මම දෙන්නෙමි.


අනේ එහෙම නම් කොපමණ හොඳද? මගේ ඇඳුම් වගයක් අම්මාගේ අසනීපයකදී උගස් තබන ලදුව හෙට්ටි කඩේට සින්නක්කර වෙන්ට ලංව තිබෙනවා - තවත් ලොකු වැඩක් අපේ නෑනා කෙනෙකුගේ මගුල් ගෙයක් ලබන සිකුරාදා - ඊට ඇඳුම් මහගන්ටත් වෙලා තිබෙනවා - මට දැන් හරි උදේ හරි රුපියල් 500 කට චැක් පතක් ලැබුනොත් ඒ උවමනා දෙකම ඉෂ්ට කරගන්ට පුළුවනි. හොඳයි - මම දැන්මම චැක් පතක් ලියා දෙන්නෙමියි කියා ක්ලේරාටද රුපියල් පන් සියයකට චැක් පතක් ලියාදී ඇගේ සිතත් සතුටු කෙළෙමි.

ක්ලේරා එදා රාත්රීප මට හොඳින් සංග්රදහ ‍කළේය. දහනායක මහතා නොසිටි බැවින් ඈ මාත් සමග ආහාර අනුභව කළේය. ඉක්බිති රාත්රි දහය වනතුරු ඇයත් සමග නොයෙකුත් කථා බස් කරමින් සිට ඒ රාත්රිඉය සුවසේ ගත කෙළෙමි. උදේද ක්ලේරා මට හොඳින් සංග්රාහ කොට හොඳට ඇඳ පැළඳගෙණ සාප්පුවට යන බව කියා උදේ නවයට පමණ ගියේය. ඈ ගියාට පසු දෙගොඩ හරි ඉතා උස්වූ බලවතෙකුත් තවත් ඉලන්දාරි වැඩකරුවන් කීප දෙනෙකුත් ඇර කවුරුවත් සෑහෙන කෙනෙක් නැති බැවින් ක්ලේරා ආපසු ඒය යන කල්පනාවෙන්ම දහය වනතුරු කාලය ගත කළෙමි. එකොළහත් පසුවිය. මට දවාලට එතනින් ආහාරයක් ලැබෙන බවවත් පෙණෙන්ට හැලහොල්මණක් නැති විය. ක්ලේරා තවත් ඒ ගෙදරට ඒයයි සිතන්ට ඉ‍ඩක් නැති බැවින් ඒ ගෙදර ඉන්නා කෙනෙකු අඬ ගසා - කෝ මෙහි සිටිය ක්ලේරා නෝනා - දැන් එන්නේ නැද්දැයි ඇසුවාම ක්ලේරා නෝනා නුවර යන්ට ඇති. බාගවේලාවට ලබන සුමානේ එන්ට පුලුවනි. මහත්මයා දහයට යනවා ඇත කියා අපට කීවායයි කීවාම “ඒකද - අද දහයට දහනායක උන්නැහේත් කළු බණ්ඩා මහත්මයාත් වත්ත භාර දෙන්ට මාත් සමග යන පිණිස එනවයි කීවා - ඔවුනුත් තවම ආවේ නැත. මේක හැබෑ මර උගුලක්ය”යි කීවාම ඒ ඉලන්දාරියා කට කොනකින් සිනහසෙමි යන්ට ගියේය. මම ඔහුව නගරයකට යවා කුලී මොටෝරථයක් ගෙන්වා එහි නැඟී නගරයට ගොස් පළමුවෙන්ම නොතාරිස් කන්තෝරුවට ගියෙමි. නොතාරිස් උන්නැහේ මා‍ දැක වාඩිවෙන්ට කියා - මා පැමිණියේ ඔප්පු ගෙන යන්ටදැයි ඇසීය. ඔප්පුව ගෙණ යන්ට පමණක් නොවෙයි. තවත් තොරතුරු වගයක් රාලහාමිගෙන් දැනගන්නා පිණිස ආවෙමි. අපට

මේ ඉඩම අරන් දුන් දහනායක උන්නැහේ අද දහයට අවුත් මාත් සමග ගොස් ඉඩම භාරදෙන බව කීවා. නමුත් තවම ආවේ නැත. මා රැවටුවා වගේ මට පෙණෙනවා යයි කීවාම නොතාරිස් උන්නැහේ සිනාසී - ඇයි මහත්මයා දහනායක උන්නැහේව හොඳින් අඳුනන්නේ නැද්ද? උන්නැහේ චැක් මාරු කරන්ට කොළඹ ගියා. සමහරවිට මාසයක් යනතුරුත් කුරුණෑගලට එන එකක් නැත. මා හිතාගෙණ වුන්නේ මහත්මයා මේ ඉඩම පිළිබඳව සියලු තෙ‍ාරතුරු හොඳින් විමසා මේ ඉඩම ගන්නා ලද්දේය කියාය. ඔප්පුවෙන් නම් කිසි දොසක් වෙන්නේ නැහැ.

නමුත් දහනායක පෙන්නූ මේ ඔප්පුවේ සඳහන් ඉඩමද අනිකක්දැයි මට තේරෙන්නේ නැතැයි කීවාම මගේ හිස ගිනි ගත්තාක් මෙන් බලවත් වේදනාවක් ඇතිව - මොටෝ රථයේ නැඟී - අප ඊයේ බලන්ට ගිය කදිම පොල්වත්ත බලන්ට ගියෙමි. නගරයෙන් හැතැප්ම දෙකක් ගිය තැන මහ පාර අයිනෙ පිහිටි එම වත්තේ ගේට්ටුවේ සවිකර තිබුනේය. “ඇටඹගහ වත්ත - අයිතිකාරයා පීරිස් මයා” යන්න දුටු හැටියේ මගේ අඥාන අමනකම වැටහුනේය. දහනායක නමැති මස් වැද්දා විසින් ක්ලේරා නමැති ඇම පෙන්වා ඔහුගේ ප්රායෝග බිලියේ මා අමුනා ගත් බව වැටහුනේය. එසේද උවත් වත්තට ගොස් එහි ඉන්නා මනුෂ්යහයන්ගෙන් තොරතුරු දැනගනිමියි සළකා ගේට්ටුව ලඟ මොටෝරථය නවත්වා එහි බංගලාවට ගියෙමි. කළුපාට තරබාරු කෙනෙක් ඉදිරියට අවුත් මට වාඩිවෙන්ට කියා කා සම්බවෙන්ට ආවේදැයි ඇසීය. මම මේ වත්තේ කොන්දොස්තර උන්නැහේ සම්බවෙන්ට ආවෙ”මියි කීවාම. “ඔව් මේ වත්තේ කොන්දොස්තර මමයි. මොකද උවමනාව මහත්මයා කොයිබද’ කියා මගෙන් ඇසුවේය. “මම ඊයේ මෙහි ආවෙමි. එතකොට මහත්මයා වුන්නේ නැත. එතකොට වුන්නේ වෙනින් කෙනෙකි”යි මම කීවාම, ඔව් මම පෙරේදා නුවර ගොස් වත්තට ආවේ දැනුයි - ඒ මහත්මයා එන වෙලාවට මා හිටියේ නැත.” හොඳයි මේ වත්තේ ගේට්ටුවේ තිබෙන නම් සටහන් ලෑල්ල අදම සවිකළාද - නැතහොත් මීට පෙරත් තිබුනාදැයි මා ඇසූ විට ඒ ලෑල්ල අවුරුදු හත අටක් පටන් තිබෙනවා - ඇයි ඊයේ එය තිබුනේ නැද්දැයි ඒ මනුෂ්යදයා මගෙන් ඇසුවාම - නොතිබුනු බව කීවෙමි. “ඔහෝ දැන් මට කාරණය තේරෙනවා.


මොකද දහනායක උන්නැහේ මේ වත්ත පෙන්නුම් කර මහත්මයාට ඉඩමක් වත් විකුන්නා දැයි සිනාසෙමින් ඇසුවාම මා කළ ගොන්කම කීමෙන් රට හිනස්වන්නේ කුමටද කියා මොටෝරථයේ නැගී කෙළින්ම ගුණතිලක මහතුන්ගේ ගෙදරට ගියෙමි. මා යනකොට ගුණතිලක මහතා නො සිටියේය. නමුත් ඉතාමත් තීක්ෂණ බුද්ධිමත් ගුණතිලක මහතාගේ නැන්දම්මා ස්තෝප්පුවේම සිටියේය. පිස්සෙක් මෙන් එහි පැමිණි මා දුටු හැටියේ “එන්ට ජෝන්ස් මහත්මයා, වන්දනාවේ ආ ගමන් තවමත් ගමට ගියේ නැද්ද? කාම යක්ෂණියගේ ද්රෘටෂ්ටියෙන් තවමත් මිදුනේ නැද්ද’’ යි ඇසීය. ඒ මහලු හාමිනේ සිනහවෙමින් මට ඇන්න වාග් පහර විඳ දරාගන්ට බැරි තරම් වේගවත් වූ නමුත් - ඒ සම්පූර්ණ ඇත්ත බැවින් ඒ අතේ කිසිත් කතා නොකර හාමිනේ කියාපු වචනය මට නොතේරුණාක් මෙන් හඟවා - කෝ ගුණතිලක මහතා - මට ඉඩමක් ගන්ට උවමනා බව කී විට දහනායක නමැති බ්රෝේකර් කෙනෙකු පවරාදුන්නා - රුපියල් 34000 ක් පමණ තරමට ඔහු මට තට්ටුකර බොරු ඉඩමක් ලියාදී මා රවටා තිබෙනවා - ඉතින් මේකට කුමක් කරණවාදැයි අසන්ට මම මෙහි ආවෙමියි වේගයෙන් කීවෙමි.

“මොනවද සියලු කුදු මහත් කටයුතු හිතේ පවත්නා පිරිසිදු අපිරිසිදු ගතියේ හැටියටම මිස වෙන ‍කොයි අන්දමකින්වත් සිද්ධ වන්නේ නැත. මහත්මයා වන්දනාවේ ආවේ ශ්ර්ද්ධා භක්තියකින් නොව නිච කල්පනා පිට බව අනුරාධපුරයේදී පටන්ම දැන ගත්තෙමි. මිහින්තලයේදී මහත්මයාට අච්චුකොට එලවා දමන්ටත් මම කල්පනා කලෙමි. නමුත් මගේ නුවණ ඇති බෑණා ගුණතිලක මහත්මයා මට අවවාදකොට අම්මා කිනම් ඉන්ට - නපුරු අදහස් ඇති අධමයාට ඒ අධර්මඅයම දඬුවම් කරණු ඒකාන්තය. නමුත් එබඳු දඬුවම අපට උවමනා තරම් ඉක්මණට නොලැබෙන නිසා අධර්මයට දඬුවම් නැතැයි ලෝක වාසීහු මුලාවෙති. යම්කිසි යහපත් පිරිසිදු සිතකින් කරණ ක්රියයාවටත් එසේම අයහපත්වූ දුෂ්ට චේතනාවකින් කරණ ක්රිකයාවටත් නො අනුමානව එවලේම නොලැබුනත් ටිකක් ප්ර්මාදවෙලාවත් විපාක ලැබීම ඒකාන්තය”යි කියා ඒ හාමිනේ මෙසේත් කීය. ඉතින් ජෝන්ස් මහත්මයා ඒ ඇත්ත නොවේද? එදා පොළොන්නරුවේදී වැවේ ගිලී මිය යන්ට මහත්මයාට ඉඩ ලැබුනේය. නමුත් අපේ උපකාරයෙන් දිවි ගැලවුනේය. මහත්මයා සමග වැරදි අදහසින් ආ ඒ තරුණිය මළේය. නමුත් මහත්මයා


එයිනුත් කිසිම පාඩමක් ඉගෙණ නොගෙණ තිරිසනෙක් වාගේ ක්රිුයා කොට තිබෙන බව අද මට ආරංචි වී කණගාටු වෙනවා වෙනුවට සතුටු වුනෙමි. මක්නිසාද උතුම්වූ ධර්මය තව වරක් අපට ප්රවත්යනක්ෂරවූ හෙයින්ය. මහත්මයා වන්දනාවට ආ‍ මනුෂ්යරයා වැන්දත් නොවැන්දත් ගමට යා යුතුව තිබුනේය. එසේ නොකොට නීච අදහස් ඉෂ්ට කරගන්නා පිණිස අප සමග අවුත් මෙහි අපේ ගෙදර නැවතුනේය. මගේ දියණිය ලීලාවති ගුණධර්ම නැමැති ආභරණ වලින් සැරසුණු දරුවෙකි. ඒ ළමයා මුළා කිරීමට සිතා පොල්වතු ගන්ට අදහස් කළ තමුසේ - මුලු ලෝකයම මුළා කිරීමට දක්ෂ දහනායකටත් ක්ලේරාටත් බිලිවූ බව අද උදේම මට ආරංචි වුනා. දැන් තමුසේගේ වැරදි අදහස්වලට - නීච කාමුක අදහස්වලට ලැබුනු දඬුවම - ජීවිතයේ ඉතුරු කාලයටවත් පාඩමක් ක‍රගෙණ ස්වකීය ගමට ගොස් - ඉතුරු කාලය පිරිසිදු චිත්තසන්තානයක් ඇතිව කටයුතු කරගත යුතුයයි ඒ මහලු හාමිනේ මට කීවේය. ඉතින් මහත්මයෝ මේ මහලු ස්ත්රියය කියාපු වචනවල එකම නිරර්ථක අකුරක් තිබෙද? සත්තකින්ම නැත. මේ උතුම් වූ ඇස් ඉදිරිපිට ප්රරත්යතක්ෂ වූ අවවාදයෙනුත් පිහිටක් ලබන්ට බැරි වූ මට මේ දුක්ඛිත ප්රේ ත ආත්මයේ උපදින්ට ලැබුණත් හොඳටම වැඩියයි කියමින් මේ අද්භූත ආගන්තුකයා මිනිත්තු පහක් පමණ මර හඬ දෙමින් අඬන්ට පටන් ගත්තේය.

මම එවිට ඔර්ලෝසුව දෙස බැළුවෙමි. එක පසුවී මිනිත්තු තිස් මහක්ව තිබුනේය. මේ අද්භූත ආගන්තුකයා කියන අද්භූත කථාන්තර අසාගන්ට තිබෙන කාලය අවසන් වේ ගෙන එව බැව් දුටු මම මහත් කනගාටුවට පැමිණ හොඳයි, මිත්ර්යාගේ කථාන්තරය කොපමණ දික් වුණත් ජීවිතයේ අවසාන කොටස මට දැනගන්ට පිළිවන් වන අන්දමට කථාන්තරය ලුහුඬු කරන්ට පිළිවන්ද? - මිත්ර යා සමග ඉන්නා අනික් පිරිසෙයින් හත් අට දෙනෙකුගෙන්වත් යම් යම් කරුණු දැනගත්තොත් මට පමණක් නොව මුළු රටටම ප්ර යෝජනවත් බැවින් එලිවෙන්ට ප්ර්ථම ඒ සියල්ලම සිද්ධවන අන්දමට යුහුසුලුව කථාන්තරය කිව මැනවැයි කීවාම මේ පුදුම ආගන්තුකයා මා දෙස ර‍වා බලා “හොඳයි එහෙනම් අහගන්ටය”යි කියා මෙසේත් කීවේය.

කුරුණෑගල දහනායක, ක්ලේරා, නමැති තරුණියගේ ආධාරයෙන් මට කළ ප්රගයෝගය ඉවසා දරා ගන්ට කාට උවත් අමාරුය. එදා දවාලට ආහාරයකුත් නැතිව ඒ මේ අත රස්තියාදු වුනු මම ඒ කාර් එකෙන්ම දුම්රිය පලට අවුත් පහට කුරුණෑගලින් පිටත් වන දුම්රියෙන් කොළඹට පැමිණියෙමි. දවස් නවයකට පසු මගේ බංගලාවට එන කොට ගර්ලි ගෝමිස් සහ තවත් ආතේව කාරයන් ඒ බංගලාවට ඉතාමත් අලංකාර ලෙස තබා ගෙන ඉන්නා හැටි දැකීමෙන් එවේලාවට මගේ හිත සතුටු විය. නැටුම් ගැයුම් ආදියෙන් කාලය ගත කිරීමට දන්නා ගර්ලිත් ගෝමිසුත් මගේ ලියන්නෙක් වන අපොන්සුත් - මට වෙන කිසි කතා බස් ආදියක් කරන්ට ඉඩ නොදී මට මුහුණ අත පය සෝදා ගෙන අමුතු රෙදි පෙරෙදි ඇඳගන්ට සලස්වා - ලොකු විස්කි අඩියක්ද දී - ඔවුන් පිළියෙල කර තිබුනු රසවත් භොජන අනුභව කරන්ට සැලැස්සුවෝය. “හොඳටම බීලා බඩ පුරා කාපු කෙනෙකුට බොහොම සැපය” කියන මා වැනි අමන‍යන්ගේ කීම ඇත්ත බව මට එදා වැටහුනේය. මක්නිසාද? එදා රෑ මා කළ නීච අදහසවත් - එයින් මට විඳින්ට සිද්ධවූ විශාල අලාභයවත් ගුණතිලක මහතාගේ නැන්දම්මාගෙන් ලැබූ වාග් ප්ර්හාරවත් යන මේ කිසිවක් හිතට නොගෙණ සිත් වූ පරිදි හොඳින් නිදාගන්ට මට පිළිවන්වූයේ හුඟක් බීලා බඩ පුරා කාලා නිදාගත් බැවිනි.

පසු දින උදේ නැගිට්ට ගමන්ම මගේ බැංකුවේ තිබෙන මුදල් ගණන බැලුවෙමි. රුපියල් පණස් හත් දාහක් තිබෙන බැවින් කුරුණෑගලදී දුන් රුපියල් තිස්තුන් දාහේ චැක් මාරු වෙන්ට ඇති බව ඒකාන්තයෙන් කල්පනාවී මගේ ඉස සිට දෙපතුළ දක්වා දැවෙන්ට පටන් ගත්තේය. වන්දනනාවේ ගොස් එක්ක ගිය තැනැත්තියෙකුත් දියේ ගිල්වා ම‍රා - රුපියල් තිස්තුන් දාහකුත් නාස්තිකරගෙණ බලවත් නින්දා අපහාසත් දුක් කරදරත් විඳීමට හේතුවූයේ අධික කාම තෘෂ්ණාව නිසා බවත් - ඒ අයුතු කාම චෙතනාව නිසා මේ ජීවිතයේදී පැමිණි අලාභහානිත් නින්දා අපහාසත් අප්ර මාණ බැවින් මින් ඉදි‍රියටවත් එයින් වැලකී ක්රිපයා කරමියි සිතනකොටමත් මාර විලාසයෙන් සැරසුණු ගර්ලි තේවතුර බොන්ට මට කථා කළේය. ඈ පිළියෙළකර තිබුණු කෑමත් බීමත් ගත් ඉක්මණින් මම හිතූ යහපත් හිතිවිල්ල අන්තර්ධාන විය. සැප නම් කාමසැපමයි - සැප නම් මත්පැන් බීමමයි - සැප නම් රසවත් මස් මාංස ආදිය කෑමමයි. සැප නම් සිත කය දෙක පිණවන්නාවූ වැඩකිරීම මයි කියා මට හිතුනේය.


එතකොටම මගේ ඉතාමත් හිතෛෂි මිත්රපයා වන ගෝමස් උන්නැහේ ආවේය. “මොකද ජෝන්ස් මහත්මයා වන්දනාවේ ගොස් අදට දහ දවසක් වුනා - බියට්රිසුත් තෝපා වැවේ වැටී මැරිච්චි. ගර්ලි කොළඹ එවා මිස්ටර් ජෝන්ස් තුන් දවසක්ම කුරුණෑගල මක්කළාද? යි ඇසුවාම මා කළ ගොන්කම නොකියා ඉන්ට සිතා සිටි නමුත් මගේ පාප මිත්රු ගොමිස්ට නොකියන දෙයක් නැති බැවින්- සිද්ධවූ කාරණා විස්තර සහිතව කීවෙමි. “ඉතින් කෝ ඒ බොරු ඉඩමේ ඔප්පුව, ඒකත් රැගෙණ අද්වකාත් කෙනෙක් ලඟට ගොස් දහනායකට විරුද්ධව ක්රිිමිනෙල් නඩුවක් ගන්ට ඕනෑ.

රුපියල් තිස්තුන් දාහක් දීලා නිකම් ඉන්ට පුළුවන්ද - මිස්ටර් ජෝන්ස් නිකම් ඉන්ට - මම ඒ අපරාධය කළ දෙතුන් දෙනාට අච්චු කරන්නෙමි” යි කියා ඔප්පුව ඉල්ලා සිටියේය. ඔප්පුව ලිවූ නොතාරිස් උන්නැහේ එය රිජිස්ටර් වුන හැටියේ තැපෑලෙන් එවනවා ඇති. - කළාවූ මෝඩකම විඳ දරාගෙණ නිකම් නොඉඳ තව දුරටත් නඩු කියන්ට ගියොත් තවත් රුපියල් හත් අට දාහක් වියදම් කරන්ට සිද්ධවෙන බව ඒකාන්තය. මගේ රක්ෂාවත් දැන් ඉස්සර වාගේ සඵල නැති බව මහත්මයා දන්නවා. පසුගිය කාලේ කවුරුත් මගේ උගුලේ අසුවුනා. දැන් මා නොදුනුවත්වම හැම දෙනාගේම උගුල්වල අසුවෙනවා - ඒක නිසා හන්දුරුවා කෑ බටේ වාගේ දහනායකටත් ක්ලේරාටත් රැවටී කළාවූ ගොන්කම එහෙමම ඔප්පොහු වෙන්ට ඉඩඅරින එක හොඳයයි කියා දොරවක වත්ත හිතෙන් මතක නැතිකර දමන්ට කල්පනා කරගෙණ දස දිනකට පසු කොටුවේ මගේ කන්තෝරුවට ගියෙමි. ඉංග්රීසසි කොම්පැනි කීපයකින් ලැබී තිබුණු රුපියල් අට දාහක පමණ බිල් එහි තිබුනේය. නැවකට සපයාපු කෑම බීම වර්ග නරකය කියා ඒ නැව් කොම්පැනියේ ඒජන්ත අපෙන් බඩු ගන්ට බැරිය කියාත්, එන්ට තිබෙන රුපියල් හදාහෙන් භාගයක් දඩගසන බව කියාත් ලියා එවා තිබුනේය. මේ කාරණා නිසා කන්තෝරුවට ගිය හැටියේම මගේ හිත බලවත් ලෙස කලකිරුනේය. අපේ කන්තෝරුවේ ඔනෑ වර්ගයක බීම තිබේ. මේ නිසා ඉතාමත් සැර විස්කි වීදුරුවක් බී ගත්තාම මගේ හිතේ තිබුනු අමාරුකම් මග ඇරුනේය. “හොඳයි මේ තිබෙන හැටියට කටයුතු කරපල්ලා - ඒ නැව් කොම්පැනිය නැතුවාට අපට තවත් කොම්පැනි තිබේ. ණය යන්ට තිබෙන මිනිසුන්ට දැන්ම ගෙවන්ට හැටියක් නෑ. ලබන ම‍ාසේ


දෙන බවට ලියා යවාපල්ලා යයි ලියන මහත්තැන්ට කියා ඔවුන්ගේ පඩිවලට චැක් එකකුත් ලියා දී පරණවාඩියේ තිබෙන මගේ ගෙවල් පේලිය බලන්ට සිත‍ාගෙණ මොටෝ කාර් එකෙන් එහි ගියෙමි. බබාහාමි නැන්දා කියන ස්ත්රි ය පදිංචි ගෙයින් කවදාවත් කුලී ලැබෙන්නේ නැත. ඒ මහලු කෛරාටික ස්ත්රීස මට ලක්ෂණ තරුණියක් ගෙනත් ‍දෙන බැවි කියමින් මාස කිපයක්ම ඒ ගෙයි සිටියාය. එදා මා ආ හැටියේම ඈ පදිංචි ගෙට ගොස් වාඩිවී - මොකද බබාහාමි නැන්දේ මාව හැමදාම ර‍වටනවාද? නැහැ මහත්මයා, මා කියාපු තරුණිය ගෙන්වාගෙණ කී දවසක් හිටියාද - මහත්මයා මේ පැත්තේවත් නාකොට මක්කරන්ටද? හොඳයි දැන් ගෙන්වන්ට බැරිද?

මම දැන් ගොහින් බලන්නා - මහත්මයා මෙහි ටිකක් නතර වෙන්ට යයි බබාහාමි නැන්දා ගොස් - කොම්පඤ්ඤවීදියේ කොහු සාප්පුවක වැ‍ඩට යන මැගී නමැති ලෝකය කාපු තරුණිය හොඳට අඳවාගෙණ ආයේය. කාමයෙන් අන්ධවූ මගෙන් රුපියල් තුන් හාරදාහක් කඩාගන්නා අන්දමටත් ඊට නානාප්රමකාර ප්රලයෝග ඔවුන් දෙදෙනා හා තවත් තරුණෙක් යොදාගෙණ තිබුණු අන්දමත් තමුන්නාන්සේලාට කථාන්තරයේ මේ කොටස කි‍යන කොට වැටහෙනවා ඇත. මත්පැනත්, කාම සේවනයත් හිතේ පවත්නා ගුණ ධර්මාදියත් නොදත් ප්රාතිපත්තිත් බලවත් හානියත් මතක නැතිව නිසා පැමිණි සිය ගණන් විපත්තිත් බලවත් හානියක් මතක නැතිව නිය පිටින් ගහපු විට පිපිරෙන තරම් ශරීර ශක්තියෙන් හා තරුණ කමින් ද රෑපයෙන් ද අගපත් මැගී දැක රැව‍ටුනු රැවටිල්ලෙන් ප්රකතිපත්ති විරහිත කාලකණ්ණියා කෙබන්දෙක් දැයි තමුන්නාන්සේටම වැටහෙනවා ඇතැයි මේ අද්භූත ආගන්තුකයා කියමින් ටික වේලාවක් ඇඬුයේය.


14. පරිච්ඡෙදය[සංස්කරණය]

එලිවෙන්ට වැඩි වේලාවක් නැතත් ඇත්තෙන්ම නිදිමත කුමක්ද කියාවත් නොදත් මට - මේ පුදුම කථාන්තරය ඇසීමෙන් මගේම චිත්ත විනෝදය පමණක් නොව දහස් ගණන් ජනයාට මෙලෝ පරලෝ දෙකට මහත් ප්රමයෝජන වන බව සළකා - අද්භූත


ආගන්තුකයාට කථා කොට මැගීගේ කථාන්තරය සම්පූර්ණයෙන් කිව මැනවැයි කීවෙමි. ඔහුද කියන්ට පටන් ගත්තේය. මැගී දුටු හැටියේ ඈ තරම් ලක්ෂණ ස්ත්රිමයක් නුදුටු බව මට වැටහනේය. මගේ පුදුම නීච හිතකහැටි. කෙතරම් අවලක්ෂණ උවත් අළුතෙන් දකින ස්ත්රිවය දිව්යාංවගනාවක් මෙන් මට පෙණේ. කලක් ආශ්රදයට පැමිණි විට කෙතරම් රූපත් ස්ත්රිමයක්වත් මට රුචි නොවේ. මේ නීච ගතිය මට වාගේ තවත් කා‍ටවත් තිබුනා දැයි මිනිස් ලොව ඉන්දදී මට දැනගත නොහැකි විය. මැගී මා දුටුහැටියේ මීට පෙර කවදාවත් පුරුෂයෙකු සමග කථාබස් නොකළ කෙනෙක් මෙන් මහත් ලැජ්ජාවක් පෙන්වා දෙරෙන් එහා පැත්තේ ඉඳගෙණ මා දෙස එබිකන්කර බැලුවේය. බබාහාමි නැන්දා මා ළඟට අවුත් රහසින් මෙන් මැගීගේ වර්ණනාව මුව නොසෑහෙන අන්දමට කලේය. මැගී මාස තුනකට ප්රණථම විවාහවී ඉන්නා බවත් - පුරුෂයා දුප්පත් අප්රරසිද්ධ මිනිහෙක් බැවින් ඔහු සමග ප්රීනතියෙන් කල්ගත නොකරණ බවත් මැගීට මේ ගෙවල් පේලියෙන් ගෙයක් දී උපකාර කරතොත් ඈ භාර්යාව තනතුරේ තබාගන්ට පිළිවන් බවත් බබාහාමි නැන්දා කීයේය. ඇත්තෙන්ම මේ යෝජනාව කෙතරම් සතුටුදායකවීද කිවහොත් මට කුරුණෑගලදී පැමිණි විපතක් මතක නැතිවී බබාහාමි නැන්දා ඉදිරිපිටදීම මැගීත් සමග කථාකරන්ට පටන් ගතිමි.

මම - මැගී - උඹවාගේ සුරුබුහුටි ලක්ෂණ තරුණියක් මට සින්නක්කරයේම ඇත්නම් මම “රජ සැප” විඳින්නට දීලා මගේ බංගලාවේ නවත්වා ගන්නවා.

මැගී - එහෙම තමයි දැන් අපේ අම්මා අවුරුදු ගණණක් තිස්සේ දත් මිටි කාලා කසාද බඳවා දුන්නේ “ආත්තු” නැති අසරණ කාලකණ්ණියෙකුටයි. වැඩේ වල්වුනාට පස්සේ මහත්මයාලා වැනි වැදගත් මිනිස්සු ආලය කළාට ඇති පලේ මොකද?

මම - එහෙම නොවෙයි මැගී, දැන් කරන්ට වැඩ නැද්ද? එක්කෝ උඹේ ඒ කබල් මිනිහා එලවා දමමු - නැත්නම් ඔහුගෙත් කැමැත්ත ඇතුව මාත් සමග කල් ගත කරන්ට කැමැති වෙයන්.

මැගී - ඉතින් එහෙම කරන්ට පුළුවන් ද? මගේ මිනිහා බොන කන බොහොම සැර පරුෂ මිනිහෙක් ඒ මනුෂ්යළයා එලවා දමන්ට


ගියොත් මාත් මරා තවත් කාට කාටවත් අනතුරු කරන්ට බැරිකමක් නැත. නමුත් ඔහු සමග කථාකර ඔහුව සතුටු කර ගන්ට පුළුවන් වුනොත් මහත්මයාගේ අදහස ඉෂ්ට කරන්ට පුළුවනි. එසේ බැරි වුනොත් මක්කා කරන්ටද?

මැගීගේ මේ කීමට ‍මමද සතුටුව “හොඳයි අඹලාට උවමනා උපකාරයක් මම කරණවා. උඹේ මිනිහාගෙන් - ජේමිස්ගෙන් අසා හෙට උදේ මට කියාපන්. උඹ මින්පසු වැඩට යන්ට කමක් නැහැ. මම අනිද්දා උදේ එන්නෙමියි කියා මැගීටත් බබාහාමිටත් රුපියල් පහ බැගින් දී ගෙදර ගියෙමි. මට ලැබීම අඩුවිය. ඉඩම් තුනක් මට අයිති නමුත් එකක් දෙකක් නොවිකුණා යන්ට තිබෙන නය ගෙවන්ට බැරිබව වැටහී කොටුවේ පුංචි ගේත් - පරණ වාඩියේ ගෙවල් පේලියත් රුපියල් අසූ දාහකට වික්කෙමි. හෙට්ටින්ටත් ඉංග්රීිසි කොම්පැනිවලටත් තිබුණු ණය ගෙවූවිට රුපියල් දසදාහක් ඉතුරු වුනේය. නමුත් මගේ වියදම මුළු ජීවිතයේම නැති තරමට මේ කාලේ අධික විය. දිනකට විස්කි බෝතල තුනක් නැතිව බැරි තරම් විය. මට වෙන මොකවත් කෙරෙහි කැමැත්තක් නැති විය. එකම ආශාව මත්පැන් පානයත් - පර ස්ත්රී සේවනයත් පමණකි. මගේ කටයුතු නරක බවත් මගේ සිහිය නරක බවත් දැනගත් ගෝමිස් මේ කාලේ මාත් සමග සෙනසුරාදා දවස්වල රේස් පලටද එක්ක යන්ට පටන් ගත්තේය. මගේ කරුමයට මෙන් පළමුවෙනි දිනේ රුපියල් හත්සියයක් දිනාගන්නට පිලිවන් විය. කිසි මහන්සියක් නැතුව දෙපැයක් තුළදී රුපියල් හත්සියයක් දිනාගත් මට මීට වඩා හොඳ රක්ෂාවක් නැතැයි සිතුනේය.

එදා රුපියල් හත්සියය දිනාගත් ප්රීදතියත් නිසා මා පොරොන්දුවූ ප්රෙකාර තවමත් මගේ ආරක්ෂාවේ තිබෙණ ගෙවල් පේලියට ගොස් බබාහාමි නැන්දාගේ ගෙයි තුළ වාඩි ගතිමි. කටයුතු සියල්ලම හොඳින් පිළියෙල කරගෙණ සිටි මැගී මාරාංගනාවක් මෙන් මා කුල්මත් කොට මා ලඟින්ම වාඩිවි මෙසේ කියන්ට පටන් ගත්තේය. “පෙරේදාත් ඊයේත් රෑ දවල් දෙකේම මගේ මිනිහා සමග මහත්මයා ගැන කතාකළා. ඔහු මට හත් අට විඩයක් කම්මුලටත් ගැසුවා. අන්තිමේදී අපේ අසරණකම නැති කර ගන්ට පුළුවන කිවාම ඔහු කැමති වුනා. ඒ කැමැතිවුනේ මේ ගෙවල් පේළියෙන් ගෙයකුත් ඊට උවමනා කරණ ලී බඩු ආදියත් අරන් දී මාසේකට රුපියල් සියය බැගින් දෙනවා නම්


ඕනෑ එකක් කරගන්ටයයි මගේ මිනිහා ඉඩ දුන්නා. ඉතින් මහත්මයා ඊට කැමතිදැයි” කීවාම “මොනවද මැගී ඔකත් වැඩක්ද? එක ස්ත්රියයක් සමග කථාකළ පමණින් රුපියල් තිස්තුන් දාහක් වියදම්කළ ජෝන්ස්ට උඹ වෙනුවෙන් රුපියල් දෙතුන් දාහක් වියදම් කරන්ට බැරිදැයි කියා ඈ මනාප අන්දමට ගෙයකුත් අස්කරවා දී ඊට උවමනා බඩු මුට්ටුත් ගන්ට මුදල් දී කීප දිනක් ඇයත් සමග කල් ගත‍කළෙමි. එක් දිනක් මම ඇගේ ගෙදර ඉන්න විට තදින් බී වෙරිමත්වූ ජේමිස් අවුත් මා අල්වා ගත්තේය. මට දැන් රුපියල් දෙසිය පණහක් නුදුන්නොත් තගේ බොකු බ‍ඩවැල් ගන්නව යයි තර්ජනය කළේය. අනුන්ගේ ගේකදී ඔහුගේ භාරියාවත් සමග කල් ගතකරණ කෙනෙකුට මෙබඳු තර්ජන ලැබීම පුදුමයක් නොවන බැව් සැලකූ මම, එවේලාවට මා අතේ මුදල් නැති බවත් - කන්තෝරුවට ආවාම හෙට උදේ දෙන බවත් පොරොන්දුවී - මැගීගේත් බලවත් ඇවිටිල්ල නිසා ජේමිස්ගෙන් යන්තම් ගැලවෙන්ට පිළිවන් විය. නමුත් මා වැනි සල්ලාල බේබද්දෙකුට ඒ පාඩමක්වීද? පසුදින උදේ නවයට ජේමිස් කන්තෝරුවට ආයේය. ඔහුට රුපියල් දෙසිය පණහ වෙනුවට රුපියල් තුන්සියයකට චැක් පතක් ලියා දී ඔහු සතුටු කළෙමි. ඒ මුදල දුන් පසු මිනිහා මට බොහොම කීකරු ආදර සැළකිළි ඇති කෙනෙක් බව වැටහුනේය.

මේ අන්දමින් මාස තුනක් පමණ කාලය ගතකරණ මට හැම සෙනසුරාදාම රේස් සූදුවටත් ගියෙමි. පළමුවෙනි දවසේ රුපියල් හත් සියයක් දිනීම නිසා මේ සෙල්ලම් කෙරෙහි තදින් හිත බැඳුණ මට - එතැන් පටන් හැම සෙනසුරාදාම රුපියල් දාහක් එක්දහස් පන්සියයක් හෝ දෙදාහක් නොපැරදුනු දවසක් නොවූ බැවින් ඒ පරාදය හරිගස්සන පිණිස මේ සෙල්ලමට යාමේ ආශාව හැට හැත්තෑ ගුණයකින් අධික විය. රේස් සූදුවෙන් පැරදීමෙන්ද, මැගී මාපිල් දෙනක් මෙන් මා නොදැනුවත්වම මසකට රුපියල් දාහක් තරම කොල්ලකා ගැනීමෙන්ද - මා විනාශවන බව තේරුම් ගෙණ නැව කි‍ඳෙන්ට ප්ර්ථම මීයන් ඉවත පැන ගත්තාක් මෙන් මගේ ආවතේව කරන්නන් හා - මිත්රකයා වන ගෝමිසුත් මගේ ආරක්ෂාක මිතුරිය වන ගර්ලිත් ඔවුන්ටත් වැටී මැගීගේ මායමටත් අසුවී හාරමාසයක් ගතවෙන්ට ප්රතථම අවුරුදු විස්සක් ඉතා උසස් අන්දමින් කරගෙණ ආ මගේ රක්ෂාව එනම් නැව්වලට පණ පිටින් සතුන් කිරා විකිණීම හා වෙන


වෙන කෑම බීම ජාති සපයාදීමේ රක්ෂාව එක පාරටම නවත්වන්ට විය. මා පදිංචිව සිටි බොරැල්ලේ බංගලාව පළමුවෙනි උගසට බැඳ රුපියල් පහළොස් දාහක් අරගෙණ තිබුණු නම්ත් මා අතේ මොකවත් නැති නිසා තවත් මිනිහෙකු සමග කථාකර දෙවෙනි උගසට බැඳ රුපියල් දහදාහක් ගතිමි. එයින් ගෙවන්ට තිබුනු නයත් පාප මිත්රයයන්ටත් දී රුපියල් තුන්දාහක් තරම ඉතුරු විය. මගේ මුලු ව‍ටිනාකම ඒ මුදලත් මොටෝ රථයත් බංගලාවේ තිබුණු බඩුමුට්ටු ටිකත් පමණක් බව ‍මට කොයි වෙලාවත් කල්පනා නොවීය. උදේ පටන් සවස් වනතුරුත් සවස පටන් එලිවනතුරුත් විසිතිස් වරකට වඩා විෂ්කි බොන මට මගේ ධනයත් නෞකාවත් නැති බවක් වැටහුනේ නැත. දෙවෙනි උගසට බැඳ මුදල් ගත්තේ සිකුරාදා දවසකය. ඉතින් පසු දින සෙනසුරාදා බැවින් ඉතිරිව තිබුනු මුදල් ටිකත් ඇරගෙන මේතාක් මා පරාදවූ සියල්ලම හරිගස්සා ගන්නෙමි යි යන කල්පනාවෙන් මගේම මොටෝ රථයෙන් රේස් පිට්ටනියට ගියෙමි. එදා ධනවත් ඔට්ටු ඇල්ලුම් කාරයන්ගෙන් අතුරක් සිදුරක් නැතිවිය. මාත් ධනවතෙක් බවට බොහෝ දෙනා සලකන බැවින්ද, සුරාවෙන් දැඩිව සිටි මට අන්යවයන් ව‍ටුවන් පමණවත් නොපෙණුන බැවින්ද රුපියල් තුන්දාහම ඉවර වෙනතුරු ඔට්ටු ඇල්ලුවෙමි. එකම එක රුපියලක් ඉතුරුවනතුරා පැරදුනු මම - පහමාරට පමණ ‍රේස් මඩුවෙන් එලියට අවුත් මොටෝ රථයේ නැග්ගෙමි. මොටෝ රථයේ පැට්රෝරල් තෙල් නැති බව කීවෙන් - “කර්ලිස් මා ලඟ සල්ලි නැහැ. ගෙදර යාමට තෙල් ගැලොන් බිගයක් කාගෙන්වත් ඉල්ලා ගනින්නැයි කීය. මා අතේ තිබුණ රුපියල දුනිමි. ඔහු කොහොමදෝ තෙල් ගැලොන් බාගයක් වක්කරගෙණ මගේ බංගලාවට මා ගෙණත් දැම්මේය.

ඉතින් මා ‍අතේ සතයක්වත් නැත. හෙට උදේ මෝටර්කාරය විකුණන්ට ඕනෑයයි තීන්දුකරගෙණ ඒ බව මගේ ඩ්රතයිවර් වන කර්ලිස්ට කීවෙමි. කර්ලිස්ටත් මාස පහක පඩි ගෙවන්ට තිබෙන බැවින් ඔහු ඔහුගෙත් වාසනාවක් බව සලකා - හොඳයි මහත්ම‍යා! තම්බිපිල්ලේ උන්නැහේට රුපියල් දාහකට විකුණන්ට පිළිවන - උදේ එක්ක එන්නෙමියි කියා ගියේය. මේ දවස්වල ගර්ලි බංගලාවට එන්නේ ඉඳහිටලාය. නමුත් බංගලාවේ කොච්චි ගැටව් දෙන්නෙත් සිටිති. හොඳ හොඳ බඩුත් පිගන් කෝප්ප ආදියත් ගර්ලි රැගෙණ ගිය බව මට දැනගන්ට ලැබුන නමුත් මට මේ කාලේ උවමනාට තිබුනේ


සුරාපානයත්, මැගී සමග කාලය ගතකිරීමත් පමණක් බැවින් අන්යග කිසිම දෙයක් ගැන මම නොසැලකුවෙමි. මගේ ඩ්රීයිවර් වන කර්ලිස්ට නියම කළ අන්දමට පසු දින උදේ ඔහු තම්බිපිල්ලේත් සමග මොටෝ රථය විකුණන්ට ආයේය. රථය වඩා වටිනා නමුත් කර්ලිස් නියම කළ ගණන වන රුපියල් දාහට දුනිමි. කර්ලිස්ට යන්ට තිබුණු රුපියල් තුන්සියය ඔහු එයින්ම ගත්තේය. ඉතුරු හත්සියයෙන් සුළු සුළු ණයකාරයන්ටත් තුන්සියයක් දී ඉතුරු හාරසියය මගේ වියදමට තබා ගතිමි. එයින් බීම දුසින් භාගයකුත් වෙනත් කෑම ජාති ගෙන්වා - දවාලට කා බී - රුපියල් දෙසියයක් අතේ තබාගෙණ මැගීලාගේ ගෙදරට ගියෙමි. මා දුටු හැටියේ මැගී මට ආදර පෙන්වා ඉක්බිති “අනේ මහත්මයා ගිය මාසේ රුපියල් සියෙත් තවම ලැබුනේ නැත. ලොකු හදිසියක් වෙලා මට තවත් රුපියල් සියයක් උවමනාකර තිබේය”යි මාව ඇල් වතුරෙන් තම්බා අතේ තිබුණු රුපියල් දෙසියය ඈ ගත්තේය. රුපියල් දෙසියයක්ම දුන් බැවින් කිසිම සැකක් බියක් නැතිව එදා රාත්රීය මැගීලාගේ ගෙදර ප්රීවතියෙන් නවතින්ට සිතාගෙණ ඇඳුම්ද ඉවරකර මැගී විසින් පිළියෙල කළ රෑ කෑමත් කෑවෙමි. එදා වෙනදාටත් වඩා විස්කිත්, මැගීගේ පෙරුත්තය නිසා අරක්කුත් යහමින් බීවෙමි. මෙසේ කා බී නිදන විට රාත්රිළ එකොළහට තරම මැගීගේ මිනිහා යයි කියා ඉන්නා ජේමිස් මැගීට කථාකොට දොර අරින්ට යයි කීය. ජේමිස් දොරට ගසන විට මැගී නැගිට අවුත් “අනේ ඕයි අද එන්ට කමක් නැත. ජෝන්ස් මහත්මයා ඇවිත් ඉන්නවා. මට රුපියල් දෙසියකුත් දුන්නා. උඹලා කලබල නොකර ගියොත් හොඳය”යි කීය. එවිට සූදු කෙළලා මුදල් නැති කමින් දුවපැන ඇවිදින ‍ජේමිස් එහෙනම් මට රුපියල් පහක් දීපන් - නැත්නම් උඹටත් ජෝන්ටත් දෙන්නාටම පිහියෙන් අනිනවා යයි කියනවා මට ඇසුනේය. සුරාවෙන් මත්ව කාමයෙන් ක්ලාන්තව සිටි මට ජේමිස්ගේ තර්ජනය ඇසී නැගිට අවුත් “ඒයි ජේමිස් කට පියාගනින් - උඹ මෙතනින් ඉක්මණට නොගියොත් උඹව සිද්ධවන දේ බලාගනින් කියන කොට - මේ බේබදු මිනිහා පළාතේම මිනිසුන්ට ඇසෙන මෙන් “මෙන්න මේ ජෝන්ස් නමැති මිනිහා අපේ ගෙට වැදී ‍නොපණත්කම් කරණවාය - අනේ මූව අල්ලා ‍දමාපියෝ” කියමින් කෑගසන්ට පටන් ගත්තේය. ජේමිස්ගේ මේ ඝෝෂාවට මට කේන්ති අවුත් කාමරයෙන් දිව අවුත් දොර ඇර ජේමිස්ට පහරක් ගැසුවෙමි. ඔහුද මට ගැසුවේය. අවට ගේවල මිනිස්සු රැස්වී මට ගහන්ට පටන් ගත්හ. මගේ ඉල ඇට


කැ‍ෙඩනතුරු අතින් පයින් හා පොලු වලින් ගැසූහ. අනිකෙක් තබා මගේ හොඳ “පෙම්බරී” වන මැගීද පයින් අනිනවා මට පෙණුනේය.

මට මැගීව පංගාර්තු කර දුන් බබාහාමිත් පැත්තකින් ඉඳ ගෙණ මුලු රටේම වැදගත් පවුල් කඩා විනාශ කරණ ඔය “ගෑණු ටොක්කාට” හොඳටම තලාපියව් කියනවා මට ඇසුනේය. මගෙන් රුපියල් හාරපන්දාහකටත් වඩා පැහැරගත් මැගීත් ඇගේ පුරුෂයා වන ජේමිසුත් මේ කළ අයුත්ත මා කාපු පහර වලටත් වඩා හිතට වේදනා ගෙනදුන් බැවින් - ජේමිස්ට තද පහරක් දෙන්ට මානම් බලමින් සිටි මම, ජේමිස් දොරකඩම සිටිනු සම්බවී මලකුණ මෙන් ඉස්තෝප්පුවේ දිග ඇදී වුන් මම එකපාරටම නැගිට ජේමිස්ට අල්වා බිම දමාගෙණ පාර හත අටක් දුනිමි. ඒ අතර ඒ ජඩයා අතේ තිබුණු පිහියෙන් මගේ පිටේ දෙපලකටම ඇන්නේය. මිදුලේ රැස් කා සිටි පිරිස නැවතත් කලබලව සමහරෙක් පොලීසියට දිවූහ. සමහරු මට වතුර පොවමින් සාත්තු කළහ. මා විසින් කලින් කැප්පෙව් ඌරන් කුකුලන් ගෙන් ගලන්නාක් මෙන් මගේ ඇ‍ඟෙන් රුධිරය ගලන්ට පටන් ගත්තේය. මිනිත්තු දහයක් යන්ට පෙර පොලිස් භටයන් සමග ඉන්ස්පැක්ටර් කෙනෙක් පැමිණ මා යහනාවක තබා ගෙණ පොලිසියට ගොස් එතනින් ඉස්පිරිතාලයට යවනු ලදී. ජේමිස්ගේ ගෙදර ඇතිවූ කෝලාහලය මගේ නොපණත් ක්රි්යාව නිසා සිද්ධවූ එකක් බව පොලිසිය ඒත්තුගත් බැවිනුත් මගේ පිහියා පාරවල් ඒ තරමට බරපතල නොවන නිසාත් ඒ සඳහා නඩුවක්ද ඇති නොවීය. පසළොස් දිනක් ඉස්පිරිතාලේ සිටි මට සුව ලැබුනේය. සුවවූ වහාම ඉස්පිරිතාලෙන් එළියට අවුත් ඉතින් කොයිබ යම්දැයි සිත සිතා බොරැල්ලේ මගේ බංගලාව පැත්තට ගියෙමි. එහි ගේට්ටුවේ දොරවල් වසා - ගෙයිද දොරවල් වසා තිබෙන බවත් ඒ ගේ නයකාරයන් විසින් විකිණීමට ගත් නඩුවේ සිතාසියක් ගේට්ටුවේ සවිකර තිබෙන බවත් දැක “මට ඔය කරදරවලින් කමක් නැත. මගේ පළමු අඩියටම යන්නෙමි”යි හිතත් බොහොම සතුටුව ට්රෑැම් රථ පාර ඔස්සේ මරියකඩේ තැබෑරුම අසළට පැමිණියෙමි. මා ඇඳ තිබුනේ තැනින් තැන ඉරී ගිය කිළුටු කලිසමකුත් බැනියමකුත් පමණක්ය. මා කලින් ජෝනස් කොහොමද? අපේ කට්ටියටම එකතු වුනාද? - අයියේ කෑම බීම ඇඳුම් පැළඳුම් මිල මුදල් ඇතුව ලෝකයේ ඉන්නා මිනිස්සු


පිස්සෝ - හැබෑ මිනිස්සු නම් නිතරම තැබෑරුම අසල හැසිරෙන කෑමත් බීමත් දෙකම වෙනුවට රා පමණක් බොන රා කඩේ අගුවේ නිදාගන්නා අපි ව‍ාගේ මිනිස්සු තමයි - මිනිස්සු | වරෙන් ජෝන්ස් උඹත් අපේ කණ්ඩායමට - මම ඉස්සර පෙරකදෝරු කෙනෙක් - අර එහායින් ඉන්නේ ඉන්ස්පැක්ටර් කෙනෙක් උඹ ලොකු ධනවතෙක්, අපි තමයි හැබෑ මිනිස්සු” කියා මාවත් අතින් අල්ලා රා කඩේට ගොස් මට රා පොල්කටු දෙකක් දී ඔහුද ටිකක් බී ඔහුගේ අතින් මුදල් ගෙව්වේය.

ඇත්තෙන්ම සිල්වා ඇතිළු මේ “රා” කාණ්ඩයේ ඉඳීම මට ලොකු සැපක් මෙන් වැටහුනේය. රාත්රි්යට රා කඩේ අගුවේත් තැබෑරුමේ අගුවේත් ලැගුම් ගනිමින් - උදේ සිට සවස් වනතුරු එක එක කෙළෙමි. ඒ අතර බලවත් දුශ්චරිත පුරුදුව සිටි බැවින් නින්දිත රෝගයක්ද අටගත්තේය. නමුත් රාත් අරක්කුත් බිම නිසා මට එයින් වැඩි පීඩාවක් නැතිව සිටියෙමි. එක් දිනක් රාත්රී රාහාරයක්ද කෙනෙකුගෙන් ලැබුනේය. එදා රාත්රි් නිදාගන්නටද ලී බඩු කඩේක ඉස්තෝප්පුවක් ලැබුනේය. උදේ නැගිට මා ඇඳගෙණ රා කඩේට අල්ලපු “ටේස්ට්” කඩේ ඉස්තෝප්පුවේ වාඩිවී රා බීමට ශත පහක් සොයාගන්නේ කොහොම දැයි කල්පනා කරමින් ඉන්නා විට රික්ෂො රථයකින් යන දෙගොඩහරි වයසේ සිංහළ මහත්මයෙක් මා දැක රික්ෂො රථය නවත්වා එතන බැස “අනේ ආබ්රහහම් උඹ මෙහි මක්කරණවාද - උඹට මක්වුණාදැ”යි මගෙන් ඇසුයේය. මට සත පහක් දෙන්ට මට වෙන්ට ඕනෑ එක උනායයි මම කීවාම - ඒ මහත්මයා මා අඳුනනවාදැයි ඇසුවේය. මා කලින් දැකපු කෙනෙක් බව දන්නා නමුත්, උන්නැහේගේ නම මට මතක්වුනේ නැත.

“මම මංචනායක වෙදරාළ, අනේ! ආබ්ර හම් උඹට මේ මනුෂ්ය ප්රේඉත භාවය ලැබෙන බව දැනගත් මම කීප වතාවක්ම ධර්මය කියාදී උඹව මේ විපතින් මුදවන්නට වීරිය කළෙමි. වරෙන් උඹව ශත පහක් නොව වැඩියෙන් දෙන්නෙමියි කියා තැබෑරුම ඉදිරිපිට තිබෙන තේ වතුර කඩයට මා අල්ලාගෙණ ගොස් මට උවමනාතරම් කඩයප්පන් ආදිය කන්ට දී හොඳ කිරි තේවතුර කෝප්පයක්ද බොන්ට දී අනේ ආබ්රිහම් උඹට ගියකළ” කියා මා දෙස බලා සුසුම් ලෑවේය.

එවේලාවට මගේ කුසගින්න නිවුනු නිසාත්, එදා එලිවුනාට පසු තවමත් රා අරක්කු කිසිවක් බොන්ට නොලැබුනු නිසාත් මට ‍එවේලාවේ හුඟක්ම ප්රවකෘති සිහියත් තිබුනේය. සත්පුරුෂයන්ගේ මුදුන් මල්කඩක් හා සමානවූ මංචනායක වෙදමහතා මා ඇඳගත් දිරාගිය කිළිට සරම දෙස බලා “රුපියල් එකසිය පණහේ සූට් ඇන්ද උඹට මේ කිළුටු සරොම් කැබැල්ල අඳින්ට සිද්ධවූ පසුවත් උඹට කර්මයත් කර්ම ඵලයත් වැටහෙනවාදැ”යි මගෙන් ඇසුයේය.

“ඔව් වෙද මහත්මයා - රා අඩියක් ගහනතුරා නම් ඒ කර්මයත් කර්ම ඵලයත් ගැන සිතා ගන්ට පුළුවන. නමුත් රා හෝ අරක්කු ටිකක් බීපු හැටියේ ඒ හා සමාන සැපක් නැතැයි මට වැටහෙනවාය”යි කීවෙමි. “අනේ ආබ්ර හම් උඹ ධනවතෙක් වුනු ඉක්මණත් - ඒ කාලය තුල උඹ කළ අපරාධ හා දුශ්චරිතත් සලකා බලන විටත් - දැන් උඹ පැමිණ සිටින තත්වය දෙස බලන විටත් - මේ ලෝකේ ඉන්නා යන්තම්වත් සිහිබුද්ධිය ඇති කිසිම කෙනෙකුට - දිවි යතත් අයුත්තක්, අධර්මයක්, අපරාධයක් කිරීමට සිතක් ඇතිවේද? මනුෂ්යතයන් තිරිසනුනුටත් වඩා අයුතු අපරාධ කරන්නේ ඊට විපාක ලැබෙන්නේ නැත කියා සිතාගෙණය. නමුත් ආබ්රරහම් උඹට දැන් කාරණය වැටහුනා - ඒ වැටහීම ඇතිවුයේ සම්පූර්ණයෙන් විනාශවූවාටත් පසුවයි. අන්තිමේදී වැටහුනු ඒ අදහසවත් සුරාපානය කළ වේලාවටවත් රාගයෙන් මත්වූ වේලාවටවත් ඇති නොවේ. “මගේ අශික්ෂිත පහත් ගතිය නිසා නොවේනම් වෙද මහතා මීට ප්රවථම දෙවාරයක්ම මට කියා දුන් උතුම් ධර්මවාද වලින් ප්රෙයෝජන ගන්ට තිබුණා. නමුත් එයින් කිසි පලක් ලැබුනේ නැත. දැන් අවවාද කිරීම මැරී වියලී ගිය ගසකට පෝර දැමීමක් වැනිය. මට දැන් රා පිපාසේ ඉවසාගන ඉන්ට බැරිය ඒ නිසා කරුණාකර මට ශත දහයක් දුනමැනවැ”යි මා කීවාම වෙද මහතා තව වරක් සසුම් ලා උඹට රා බොන්ට කීයක්වත් දීමට අමාරුයි. අද දවාලට පමණක් නොව රෑටත් බත් හා තේවතුර මිස වෙන මොකවත් මොහුට නොදිය යුතුයයි කඩකාරයා අතට සත පණහක් දී - වෙද මහතා මට කෝට් එකකුත් රෙද්දකුත් එවන බව කියා - එය දහයට විතර මේ කඩේට කෙනෙක් අත එව්වාම උඹ භාරගනින්නැයි කියා යන්ට ගියේය. ඒ ලොකු උපකාරයක් නිසා මගේ බේබදු මිත්රියන් දෙතුන් දෙනෙක්ද සමග

බලාපොරොත්තුවෙන් සිටින විට පැය දෙකකට වාගේ පසු වෙද මහතාගේ මෙහෙකරුවෙක් කදිම ට්විඩ් රෙද්දකුත් ‍ට්විඩ් කෝට් එකක් හැ බැනියමකුත් ගෙණවුත් කඩකාරයන්ගෙන් විමසන විට ඔහු මා පෙන්වා දුන් බැවින් - වෙද මහතාගේ වැඩකාරයාම ම‍ගේ අතට ඒ රෙදිත් සමග ලියුමක්ද දුන්නේය. මට සිංහළ ඉංග්රීරසි මොකවත් හොඳින් කියවන්ට බැරිය. ඊටත් වඩා ලියුමක් හෝ පොතක් පතක් කියවන්ට ධනවත් වුනාට පසු කිසිම ආශාවක් නොතිබුනේය. නමුත් වෙද මහතා මට එවා තිබුනු ලියමන කීප දෙනෙක්ම උදුරාගෙන කියවන්ට වීරිය කළේය. අන්තිමේදී මගේ කොම්පැනියේම කාලකන්නියෙක් වඋ අල්විස් එය දිගහැර ඉතාමත් මිහිරි හඬින් මෙසේ කියවන්ට පටන් ගත්තේය.

15. පරිච්ඡෙදය[සංස්කරණය]

පා ට ත් ජාතියත් කුලයත් නොතක මි නී කා ට ත් මුලු ලොවේ සැප සලසන සිති නී ලෝ නෙ ත් මුනිඳු දෙසු සද්දහම සැබවි නී නූ ග ත් හටත් දැනුමට කරුණක් යෙදු නී

දු සි රි ත යෙහි ගැළුනු මව් කෙනෙකු කුස තු ල සැ ක නැ ත උපදනේ තිරිසනෙකි අඳ බ ල සු සි රි ත පුරණ මිතුරන්ගෙන් තොරව ය ල මෙ දි ය ත ඔහු වැඩුන හොත් සතෙකි නිස්ප ල

ලැ බු න ත් සසර පිනකින් ඔහුට යසි සු රු බැ රි වෙ ත් ගුණ දමක් පිරුමට කිසිම යු රු ත ම ල ත් දනෙන් කර තව දුසිරි බියක රු පැ මි ණෙ ත් මෙලොවදීම මහ දුකට නැත බො රු


දැ හැ මි න් තොරව සැපතක් කිසි තැනක නැ ත ස ත ති න් ඉර සඳසෙ මේ හැමටම පෙණෙ ත එ ලෙ සි න් නමුත් අනුවණ අමණ ලෙව් ස ත සැ ප ග න් නට සිතා තද දුසිරිත් කර ත

දු සි රි ත් කරණ මොහොතෙදී අනුවණ බැවි නි හැ ‍ඟෙ ත ත් ඒ සැපක යනු ගුණැති සුදනෙ නි ත ද යු ත් පිපාසෙට ලුණු දිය බිව් ලෙසි නි වැ ඩි වෙ ත් ඔහුගෙ දුක දුසිරිතද සමගි නි

ප ර ලො ව ගැන නොදන්තත් නැණ නැති බැවි නි ව ර ද ට තමා කළ මේ ලොවෙහිම තදි නී ම ර ණෙ ට පළමු දුක් ලැබෙනා බව හොඳි නි ඉ ර හ ඳ මෙන් පෙණෙන සැබවක්ය සුදනෙ නි

ඒ බ ල බලා අදහම් කරණ දන හ ට ලෝ තු ල තිරිසනුන් යයි කියනු මිස තු ට නෑ බ ල යක් මිනිස් නම දෙන්ට කිසි වි ට මේ බ ල මැනවි කරුණක් ඇස් ඉදිරි පි ට

දු සි රි ත් පුරුදු කළ මවුගේ කුස ඉප දී ය ලි ස ත් ගුණය නැති කපටින් සමග රැ ඳී බ ල ව ත් අදහමින් දන රැස්කොට නොම දී සි රි ම ත් රජ කුමරුවෙකුසේ සිරින් යෙ දී

අ ස ර ණ නිසා මව් පිය දෙදෙන නොහැඳි න ගු ණ තැ ණ අතේ කිසිවක් ගරු නොකර මි න අ ප ම ණ දුසිරිතේ නිතරම ගැලීගෙ න වි ඳි මි ණ කාම සැප රැ දෙවෙහි සත ති න


දනබලයෙන් ලියන් අනුවණ කර කිලු ට වනසමින් පවුල් අඹු සැමි බේද කො ට සැප විඳිමින් විසූ අබරන් නම් අය ට බල පලදුන් හැටි මේ ලොවම අත් පි ට

තුන් ලක්සයට වැඩියෙන් දනය උපයා ලා ගම් බිම් රැගෙණ සිටු කෙනෙකුන් ලෙස ලක ලා වුන් අබරන් රට හැම තැනම පැතිරි ලා දැන් රා සැලේ අගුවේ ඉන්නේ ලැග ලා

වි ස් ස ක් වරුස යන්නට පළමු වුනු වැ ඩේ නි ස් ස ක් ම කී නොතැකු අමනයෙකි දි ඩේ ල ස් ස ක් දුසිරි පළදී මොහුට මෙ වි ඩේ වැ ස් ස ක් ඇතත් නිදනේ අගුවේ රා ක ඩේ

ෂැ ම් පි න් කුකුල් මස් බිත්තර රස කෑම පෙ ම් ව න් ලියන් හා කා බී සැම දාම ර ම් ව න් විදුලි පවනේ විසූ සිතු සේම කි ම් දැ න් ඉඳිනු කානුව තුල නුඹ මේම

අ නු න් සතු දනය ගෙණ කපටිකම් ක ර ස තු න් පණ පිටින් විකුණා ලෙසින් හො ර ලි ය න් අන් රැගෙන දුසිරිත් පුරුදු ක ර කි ය න් නට බැරිය නුඹ කරපු අනද ර

ද න ක ‍ට නුදුනි සතයක් හොඳ බසක් අ සා කෙ නෙ කු ට ගරු නොකොට විලසින් ජල රකු සා වි දි න ට මුළු ලොවේ කම් සැපම ගොඩ ග සා සි තු ව ට ලැබුනු කම්පල දුටුවද දෙයැ සා


න ර ඹ වි උතුම් සදහම් මේ පුවත අ සා නො ක ර වි දුසිරි ඇත්නම් සැපතට සතො සා ස ල ක ව් මෙලෝ පරලෝ දෙකම එක ලෙ සා දු ර ල ව් සැක ඇතොත් අබරන් වෙත පිවි සා

අල්විස් ඉතා හොඳින් කව් කියවන්ට සමර්ථයෙක් බැවින් මේ කවි ඇසීමට අහල පහල වුන් අය පමණක් නොව පාරේ යන අයද නැවතුන බැවින් එතන විශාල ජන සංගමයක් වූයේය. මේ අබරම් කියන්නේ කාටදැයි එකිනෙකාගෙන් අසන විට මා පෙන්නුම් කළෝය. මේ කලබලය මට කාරණයක් නූන නමුත් මගේ නින්දිත ජීවිතය ලෝකයාට තව දුරටත් දැනගැණීමටත් දුශ්චරිතයට විපාක මෙලොව වශයෙන් තව දුරටත් දැනගැණීමට දුශ්චරිතයට විපාක මෙලොව වශයෙන් පල දෙන බව බොහෝ දෙනාට ප්ර ත්ය ක්ෂකර ගැණීමටත් හේතුවූ බව පෙනේ. මේ කවි දහසය කවි කොළයක් ව‍ශයෙන් අච්චුගැසීම සුදුසු යයි ‍ඒ අසා ගෙණ සිටි මහතෙක් අප වුන් තේ වතුර කඩකාරයා සමග කථාකොට එසේ කරතොත් ඒ සඳහා යන වියදම් තම අතින් ගෙවා කව්කොල පන්දාහක් නොමිලේ බෙදා දීමට සතුටු බව කිව් නිසා තේවතුර කඩකාරයා මන්චනායක වෙදමහතාගේ කව් ලියුම ඉල්ලා ගත්තේය. මමත් මගේ කොම්පැනියේ අයත් මට එවා තිබෙන ට්වීඩ් රෙද්දත් කෝට්එකත් ඕනෑමට වඩා හොඳ බැවින් ඒ දෙක විකුනා ඒ වෙනුවට පරණ කෝට් කබලකුත් පරණ සරමකුත් ගෙණ ඉතිරු මුදලෙන් අඩි ගහන්ට යෝජනා කළාහ. ඇත්තෙන්ම ඒ යෝජනාව මටද ඉතාම සතුටුදායක එකක් විය. ඉතින් අපි මරක්කල මිනිහෙකු ලඟට ගොස් ඒ දෙකම රුපියල් දහයකට විකුණා එයින් රුපියල් දෙකක් දී පරණ කෝට් එකකුත් සරොමකුත් රැගෙණ අනිත් රුපියල් අටේ රාත් අරක්කුත් බොන්ට පටන් ගතිමු. දවල් එකොලහේ සිට සවස හය වන විට රුපියල් හතක් ඉවර විය. අපේ කංඩියේ මිත්රලයන් කාටත් රාත් අරක්කුත් දෙවගේම ටික ටික අරන් දුනිමි. මා අතේ ඉතිරිව තිබුනු රුපියල යහලු අභිචාරිකාවකට දෙන පිණිස තබා ගතිමි. නමුත් හවස හයාමැරටත් ඉස්සර මා සමග කථාකරමින් රා මිත්රියෙක් කොයි අන්දමකින් දෝ මට හොරෙන් ඒ රුපියල ගෙණ ගොස් තිබුනේය. රාත්රි හතට පමණ මා කිවූ අභිචාරිකාව පැමිණ මගෙන් රුපියල ඉල්ලූ නමුත් - එය මා අතේ නොතිබුණු බැවින්, සුරාවෙන් මත්ව සිටි ඒ දුෂ්ට ස්ත්රීය මට කම්මුල් පහර දෙකක් ගසා - හොඳටම බැන නිග්රනහ කොට ගන්ට ගියා ය.

එදා රාත්රීන සිහිසන් නැතුව තැබෑරුම අයිනේ නිදා සිටි මා මුළු රාත්රිමයේම වැස්සෙන් තෙමී ගිය බැවින් පසු දින උදේ උනෙන් පීඩිත විය. උදේ මහපාරේ කානුවේ යම් කිසිවෙකුට නිදාගන්ට ඉඩ නොහරිනු සිරිතකි. පොලිස්කාරයෙක් අවුත් මා රික්ෂෝ රථයක දමාගෙණ ඉස්පිරිතාලයට ගෙණ ගොස් දැම්මේය. ඉස්පිරිතාලේ යාචක වාට්ටුවේ දමා වෙදකම් කරන්ට පටන් ගත්විට උන පමණක් නොව මේ ලෝකේ ඇතිතාක් සියලුම කටුක නින්දිත ලෙඩවලින් සම්පූර්ණ බව දුටු දොස්තර මහතා සාත්තුකාරයෙකුට කථාකොට “මේ තැනැත්තා පුදුම මිනිහෙකි. මොහුට උණ, ක්ෂය‍රෝග, විෂෝප උපදංස, විෂගෙඩි ආදී ඉතා දරුණු රෝග කීපයක්ම සෑදී තිබේය” යි කියා මගේ කට අ‍රවා බැළුවේය. උගුරේ ලොකු ගෙඩියකුත් දිවෙන් භාගයක් පමණ කුණුවි තිබෙන බවත් දොස්තර කිවේය. මට මේ අසනීප මෙතරමට මේතාක් නොදැනුනේය. දොස්තර කිවේය. මට මේ අසනීප මෙතරමට මේතාක් නොදැනුනේය. දොස්තර කීවාට පසු මටත් ඒ ඒ අසනීපවල අමාරුව දැනෙන්ට පටන් ගත්තේය. “දොස්තර මහත්මයාණනි, මා සනීප කරන්ට බැරි ලෙඩෙක් බව ම‍ටමත් වැටහෙනවා - ඒ බැවින් ඉක්මණින් මැරෙන්ට බෙහෙතක් දෙන්ට”යි කීවාම දොස්තර මහතා මා දෙස රවා බලා “නුඹ ඉතාමත් දරුණු භයංකර මිනිහෙකි‍| ලෝකයේ ඇතිතාක් දරුණු ‍රෝග උඹට සෑදී තිබෙන්නෙත් උඹේ නපුරු ගතිය නිසාමයි. උඹ කියන අන්දමට මිනීමරන්ට බෙහෙත් දීමට අපට බලයක් නැත. අපේ ප්රකතිපත්තියටද හාත්පසින්ම විරුද්ධව - උඹ මේ ඉස්පිරිතාලයේ තබා ගැණීමට ඉ‍ඩක් නැත. උඹට වසංගත රෝග කීපයක්ද හැදී තිබෙන බැවින් - වසංගත රෝගීන් නවත්වන ‍ආරෝග්යං ශාලාවට යවන්නෙමි”යි කියා මෙහෙකරුවෙකුට එසේ නියම කළේය. මට උවමනාකර ති‍බුනේ ඉක්මණින් මැරෙණ එක පමණක් බැවින් කොතැනට ගෙණ ගියත් කමක් නැතැයි සිතා ඇහැපියා ගතිමි.

පැයකට පස්සේ කරත්තයක් ගෙණ වුත් මාව එහි ල‍ාගෙණ ගොස් කූඹි කැලේ තිබෙන වසංගතාරෝග්යෙ ශාලාවට ඇතුල් කරණු ලැබීය. මහාමාරි නම් දරුණු රෝගීන් නවත්වන පැත්තේ මටද ඉන්ට සලස්වන ළදී. මට යම් යම් බෙහෙතුත් ආහාරපානත් ඒ ඒ වේලාවලදී ලැබුනේය. නමුත් තුන් දිනක් ගතවූවිට ‍මගේ දිවෙන් තුනෙන් දෙපංගුවකට වඩා දියව ගිය බව දැනුනේය. මගේ ශරීරයේ රහස් ප්ර දේශයේ ඇති වුන වන ඉතාමත් දරුණුව එහි පණුවන් කාවැදී දගලන බැව් මට දැනුනේය. මගේ බඩවැල් එලියට වැටුනා යයි ද මම සිතමි. මට මේ කාලයේ පැවති දුක මේ ප්රේඩත ආත්මයේ උපදින්ට ප්රබථම නම් කොතනකවත් එබඳ දුකක් ඇතැයි නොවැටහුනේය. මා විසින් කළ “සත්වඝාතනයත්, කෛරාටික බොරු ප්රනයෝගත්, පණපිටින් සිටින මෘගයන්ට තුන්හතර දිනේ කන්ට නොදී ඉකිබිති වතුර ගැලුන් හත අටක් පොවා බර වැඩිකොට නැව් වලට කිරා දුන් හැටිත්, නොයෙක් අසරණ මිනිසුන් ගෙන් වැඩගෙණ ඔවුන්ට නියම කුලී නොදී ඔවුන්ට ගසා එලවා දැමූ හැටිත්, මගේ මව්ට සහ පියාට කරුණාවන්ත වචනයකින් වත් සංග්රවහ නොකොට ඔවුන්ට කළ නින්දා අපහාස සහ දඬුවනුත්, වල් තරුණියන් ගෙන්වාගෙණ ඔවුන් සමග මත්පැන් බොමින් කුකුල් තාරාවන් මරාගෙණ කෑ හැටිත්, ඒ මිතුරියන්ගේ මාර්ගයෙන් වැදගත් අසරණ පවුල්වල ස්ත්රීෙන් සිය ගණනක් දූෂ්යඒකළ හැටිත්, සමහර ස්ත්රීාන් අත්කර ගැනීම සඳහා ඔවුන්ගේ පුරුෂයන්ට වද හිංසා කළ හැටිත්, ආගම ධර්මයට නින්දා අපහාස කළ හැටිත්, පරලොවය, කර්මය ය, කර්මඵලය, කියන්නේ මෝඩයන්ගේ බොරු කථා බව කී හැටිත්, යන ආදී වශයෙන් මගේ ජීවිත කාලය තුළදී කළාවූද අනන්ත අප්ර මාණ අපරාධ හා දුශ්චරිත කරණ වේලාවෙහි මගේ තත්වය මට පෙණෙමින් පැවැත්තේය.

උදේ සිට සවස් වනතුරුත් සවස සිට එලිවෙන තුරුත් එක දිනකට ඇති විසිහතර පැය මුලුල්ලේ මට පෙණෙන දුශ්චරිතත්, මා මැරු සතුන් විසිහතර පැය මුලුල්ලේ මට පෙණෙන දුශ්චරිතත්, මා මැරූ සතුන් හා පානය කළ මත්පැනුත්, සේවනය කළ නීච ස්ත්රී්න් හා අධම පාප මිත්ර යනුත් මට පෙණෙන්ට පටන් ගත් විට “අහෝ අවුරුදු විස්සක කාලය තුළ එක මිනිහෙක් මේ තරම් අයුතු දුශ්චරිත හා අපරාධත් කරද්දී - එකම යහපතක් හෝ කුශල ක්රිුයාවක් නොකළ හැටිය”යි කියමින් මගේ හිතටම බලවත් පුදුමයක් ඇතිවිය. විෂොතදංසය, කාශ‍රෝගය, උණ පිත්තෝන්මාදය, කලල්ගෙඩි, ජීව්හාරෝග, කටේ හා රහස් ස්ථානයේ පණුවන් ඇතිවීම, සහ මුළු ශරීරයම ඉදිමීම, යන මේ ආබාධවලින් පිඩිතවූ මා එක්ෂණයෙහි මැරීයායුතු නමුත්, අසාධ්ය රෝගීන්ගේ ආරෝග්යි ශාලාවට ගෙණ ගොසිනුත් හත් දවසක් නොමැරී ඉඳීම මා කළ දැඩිතර පාප ක්රිායාවලට මෙලොවදීම ලැබුනු එක් විධියක විපාකයක් බවද මට ඒ දුඃඛිත අවස්ථාවේදී වැටහුනේය. මට එක් වතාවකදී අසනීපයක් සෑදී මංචනායක වෙද මහත්මයා විසින් කරණ ලද ප්රලතිකාරයෙන් සුවපත් වුනාට පසු ඒ වෙද මහතා මට දුන් අවවාදය - මම තමුන්නාන්සේට කලින් කීවෙමි. ඉතින් මේ මරණ මොහොතේදී මට විදුලි බලයකින් මෙන් මේ අවවාදය ඇසී ගියේය. නමුත් එය හිතට ගන්ට නොහැකි විය. මක්නිසාද මා කළ අපරාධත් දුශ්චරිතත්, මා කියූ කර්කස නපුරු වචනත්, මා හිතූ නපුරු භයංකර සිතිවිලිත්, හැම අතින්ම මට පෙණි පෙණී මා හාත්පස ඒ ඒ ක්රි යා ආදිය නැවත නැවත දක්වමින් පවත්නා නිසා මට අස්වැසිල්ලක්වත් මගේ බලවත් ව්යාපධිවල වේදනාවක් වත් නො දැනුනේය. දැඩිතර අග්නි ජාලාවක දැවෙන කෙනෙකුට අව් රශ්මිය නො දැනෙන්නාක් මෙන් මා අවුරුදු විස්සක් මුළුල්ලේ කළ බලවත් අයුතු කම් අපරාධ ක්රි යා, නීච දුශ්චරිත හා මා කථාකළ නපුරු වචන, ප්රනකාශ කළ බොරු, ගර්හිත නින්දිත වචනත්, මා සිතු මිථ්යා සිතිවිලි, නපුරු සිතිවිලි, අධම සිතිවිලිත් නමැති මහා අග්නිස්කන්ධයේ දැවෙන මට වැළඳී තිබුනු ‍රෝගාබාධ හිරු රැස් මෙන් වූ සැළකුව මැනවි. මා අසාධ්යබ රෝගීන්ගේ ආරෝග්යි ශාලාවට ගෙන යන ලද්දේ සිකුරාදාය. තවත් සිකුරාදා දිනක පසුව ඊට පසු ලැබූ සෙනසුරාදා උදේ මගේ බලවත් පාප ක්රිේයාවලින් පීඩිතව පැවති හිත නිරුද්ධවීමෙන් මේ දුඃඛිතවූ කටුක වූ මේ ප්රේ‍ත ආත්මයේ උපන්නෙමි”යි ඒ අද්භූත ආගන්තුකයා කියමින් මර දුකින් බුරණ බල්ලෙකු මෙන් මිනිත්තු පහලොවකටත් වැඩි කාලයක් හඬන්ට වුණේය.

මේ කථාන්තරය ඇසූ ම‍ගේ හිත සැබවින් අමුතු ස්වභාවයකට පත් විය. මුහුකුරා ගිය පින් තිබුනා ‍නම් සෝවාන් ආදී අධිගමයකට පැමිණීමට තරම් මගේ හිත සප්ත බෞද්ධ්යාංනග ධර්මයෙහි පතිතවිය. නමුත් ලපටි පලයක් ඉදෙන්නේ නැතුවාක් මෙන් මේ කථාරත්නය අසා ප්ර බෝධවූ මවත් අධිමගයකට පැමිණෙන්ට නොහැකි විය.

මේ වෙලාවේ කුකුලන්ගේ නාදයත් අධිකව ඇසුනේය. මම ඔර්ලෝසුව දෙස බැලීමි. පහ පසුවී මිනිත්තු දහයක්ව තිබුනේය. මේ අබරන් ප්රේ තයාගේ කථාව ඇසූ නමුත් - ඔහු සමග ඉන්නා නානා වේශයෙන් යුත් අනිත් පිරිසගේ තො‍රතුරු අසන්ට බලවත් කැමැත්තක් තිබුනු මට - එලිවෙන්ට ලංවීම මහත් ඛෙදයක් විය. මක්කරලා වත් මේ පිරිසගෙන් කීප දෙනෙකුගේ වත් තොරතුරු සංක්ෂෙපයෙන් වත් අසන්ට ඕනෑයයි සිතූ මම - මරහඬ දෙමින්

හඬන මගේ අද්භූත ආගන්තුකයාට කථා කොට “උඹ ළඟම ඉදිරියෙන් ඉන්නා මොහු කවරෙක්දැයි ඇසීය. ඔහුගේ බඩේ එක් පසකින් නික්මෙන වේවැල් තරම් පණුවන්ද - ඇසෙන් නික්මී නාසයට ඇතුල්වන පණුවන්ද ඉතා පිළිකුල් දුඟඳ හමන මුඛයද මගේ ආගන්තුකයා බලා - “බස්සා” කියා පිය තගේ විස්තර “කියවයි,” අණ කෙළේය - මෙ “බස්සාය” කීවේ මන්දැයි මට තේරුම් ගත නොහැකිව ඉන්නා විට ඒ දෙවෙනි ආගන්තුකයා - ‍මම උඩරට බස්නායකයෙක්ව වුනිමි”යි කියන කොටත් අපේ ගෙදර පමණක් නොව ඒ පළාතම දුර්ගන්ධයෙන් පිරී ගියේය. “මම............... දේවාලේ බස්නායකව වුනිමි. මගේ චරිතය අබරාගේ චරිතයට වඩා අද්භූතය - මම මරෙව් මිනිසුන්ගේ ගණනත්, තුවාලකළ මිනිසුන්ගේ ගණනත්, ඉඩකඩම් පැහර ගෙණ එලවු මිනිසුන්ගේ ගණනත් අබරාට කියන්ටවත් බැරිය. මම දුෂ්යගකළ ලදැරියන්ගේ ගණන 63 කි. පරදාර සේවනය කිරීමෙන් කඩා බිඳ දැමූ පවුලුත් 49 කි. පන්සල් හා දේවාල සන්තක ඉඩම්වලින් ගත් ආදායමින්ම මගේ මුළු ජීවිත කාලය ගත කෙළෙමි. මම ඒ පළාතේ අධිපතිවීම නිසා සිවුරු ඇර ගිය භික්ෂුන් හා දුශ්ශීල බවට පැමිණි භික්ෂුන් සිය ගණනකි. ප්ර සිද්ධ විශාල විහාර දෙකකුත් අප්රදසිද්ධ කුඩා පන්සල් හයකුත් මා නිසා ගරාවැටී වල් බිහිවිය.

මම කවදාවත්ම බුද්ධාගම ඇදහු‍වේ නැත. අධික ලෙස මත් බැන් පානය නොකළ දිනක් ‍වත්, කුකුලන්, ඌරන්, හරකුන්, එකෙක් දෙන්නෙකු නොමරාපු දවසක්වත්, පරදාර සේවනය නොකළ දවසක් වත් - ගම්වැසි දේතුන් දේනෙකුට අඩම් තේට්ටම් නොකළ දවසක් වත් - මගේ මුළු ජීවිත කාලය ගත වුනා නම් ඒ මේ ප්රේ්ත ආත්මයේ ඉපදෙන්ට තුන් මාසයකට පමණ කලින් වැළඳුනු දරුණු ලෙඩේ හැදි ජීවත්වුනු දවස් පමණක්ය. මගේ කුමාරිහාමිට ඕනෑ එකෙක් සමග හැසිරෙන්ට ඉඩදී මට උවමනා ස්ත්රීකන් හැමතැනම තබාගෙණ කල් යැවීමි. මගේ පුතත් දූත් කියා දෙන්නෙක් ඇතිවු නමුත් ඔවුන් අන්තිම ජඩ කාලකණ්ණි මනුෂ්යග ප්රේ තයන් මෙන් කල්ගත කරද්දී - මම තුන් මාසයක් කිය නොහැකිසේ බලවත් වේදනාවෙන් ඉඳ බඩේ කටේ පනු වැදලි විසිරෙද්දී භයානක දුක් විඳ මැරී ප්රේලත ලෝකයේ උපන්නෙමි - මගේ ජීවිත කථාව විස්තර වශයෙන් කියන්ට සම්පූර්ණ තිස් පෑ දෙකක් උවමනා යයි “බස්සා ප්රේවතයා” මරහඬදී කීයේය.

මොහුගේ කථාව ලැබුනොත් වෙනින් දිනක අසා ගණිමියි සිතා, ඔළුව උඩ ගිනිදළු නික්මෙන පාත්රවයක් තබාගෙණ ඉන්නා අතිශයින් දුඃඛිත ප්රේ තයාගේ නම ගම කියවා දෙන්ට යයි මගේ මිත්ර් ‍අද්භූත ආගන්තුකයාට කීවෙමි. ඔහු එක බාරටම “බබයා” කියා කථාකොට තගේ විස්තරයත් මේ පණ්ඩිත මහතාට කියවයි කීයේය. “අනේ මම පන්සලේ පාත්තරේ කාලා ඒ පාත්තරයට පයින් ගසා එහි ගිනි පත්තුකළ කාළකණ්ණියෙකි. බුද්ධාගම නිසා ලොක්කෙක්ව - ඒ බුද්ධාගම නැති කරන්ට පිළිවන් තරම් අනුබල දුන් මගේ ජීවිත කථාව තිස් පෑ තුනකිනුත් කියන්ට බැරියයි බබයා කීයේය. ඉක්බිති - ඉස උඩ ගිනි ඇවිලෙන පිළිමයක්ද - බඩේ ලොකු ගිනි හුලහක්ද ඇවිලෙන අද්භූත ප්රේඉතයා දෙස බලා මගේ මිත්ර ආගන්තුකයාට කථාකොට ‘මිත්ර ය - ඔය පිටි පස්සෙන් ඉන්න බඩේ ගිනිදැල් ඇවිලෙන ප්රේනතයා කවුදැයි මට කියවාදෙනු මැනවැයි කීවාම ඒ ‘බොක්කා’ මෙහි වර යයි කියා - ඔහු රත්තරන් පිළිමයක් මකවා කාපු හැටිත් විහාර පන්සල් විනාශ කරවමින් මහනුන්නාන්සේලාට ගසා එලවා රත්නත්රතය සන්තක දේ කොල්ලකාපු හැටිත් විස්තර කරන්ට තිස් පෑ දෙකක් උවමනා යයි කීවේය. ඇත්තෙන්ම මව ඉවසිල්ලක් නැති විය. මක්නිසාද ඔර්ලෝසුවේ පහමාර වැදුනේය. මාවතේ මිනිසුන්ද එහා මෙහා යන්ට පටන් ගත්තේය. අරුණා ලෝකය පැතිර ගොස් කලින් පැවති ඝනාන්ධකාරයද නැති විය. මගේ ජීවිතයෙන් ලැබුනු ඉතා ලොකු ප්රැයෝජනයක් හැටියට මේ අද්භූ ආගන්තුක පිරිසගේ මූණගැසීම මට වැටහුනේය.

නමුත් ඔවුන් එකිනෙකාගේ ජීවිත කථා අදනම් අසන්ට ඉඩ නැතැයි කණගා‍ටුවෙන් - මගේ අබරන් ආගන්තුකයා පිටි පසින් ඉන්නා හැම වේලේම කඳුලු ලගන ප්රේවතයා කවරෙක් දැයි ඇසීය. ඒයි “හිල්ලා” උඹේ තොරතුරු කියාපන්නැයි අබරන් ප්රේතතයා නියමකළ විට - ලෝදිය වැනි උෂ්ණ කඳළු වගුරුවමින් ඔහු මඳක් ඉදිරිපිටට අවුත් මම ලොකු රේන්දකාරයෙකි - ධනවතෙකි. මගේ ප්රටයෝජනයට කුකුලන් පමණක් හැත්තෑ දාහක් මැරෙව්වෙමි. මිනිසුන් දහස් ගණනක් සයරොගකාරයන්, උන්මත්කයන් කිරීමට මම ආධාර කෙළෙමි. ක‍ඩා බාල්දු කළ පවුලුත් හිඟමනට බැස්සෙව් පවුලුත් මා විසින් දූෂ්යු කරණ ලද ස්ත්රීළන්ගේ ගණනත් මට මතක් කරන්ට බැරිතරම්ය. මගේ අද්භූත ජීවිත කථාව සංකේෂපයෙන් කියතත් තිස් බෑ තුනක් උවමනා යයි කීය. අනිත් ආගන්තුකයන් දෙසත් බලමින් - ඔවුන්ගේ නම් ගම් වත් අසා ගන්ට සිතා මම ඔර්ලෝසුව දෙස බැලීමි. පහකුත් මිනිත්තු 47 ක් බව පෙණුනේය. ඉකිබිති මම ඒ අද්භූත ආගන්තුක පිරිස දෙස බලනවිට මගේ ඇස් අන්ධවූවාක් මෙන් විය. මට කිසිවක් නොපෙණී ගියේය. ගස් ගල් බිත්ති ආදියත් විනිවිදව පෙනුණු මගේ කන්නාඩිය හරියටම ඇස වසා බැන්ද ගල්පතුරු දෙකක් මෙන් විය. මම ටිකක් භයව වහාම කන්නාඩිය ඉවතට ගතිමි. එවිට මග යන එන මිනිසුන් හා ගෙවල් දොරවල් ආදිය පමණක් පෙනනේය. මගේ අද්භුත ආගන්තුකයා ඔහුගේ විශාල පිරිසත් අන්තර්ධාන වුනාක් මෙන් මට දැනුනේය.

ඉතින් මුළු රාත්රිනයම නිදිවර්ජිතකොට හිටගෙණ වුන් හැටියේම හිටි මට ඒ ආගන්තුග පිරිස නොපෙණි ගිය පසු ටිකක් මහන්සිය දැනුනේය. එසේ හෙයින් ලඟ තිබුණු හාන්සි පුටුව උඩ වාඩිවී “හොඳයි” එක රැයක් තුළ මා දැනගත් කරුණු මට පමණක් නොව මුළු සිංහල ජාතියටම ප්රහයෝජන වත් බව පෙණේ. මම මේ අද්භූත කන්නාඩියේ බලයෙන් ඔය පිරිසගෙන් කීප දෙනෙකුගේ වත් තොරතුරු දැනගෙණ සිංහල රටේ ප්රයකාශකරන්නෙමි” යි අධිෂ්ඨාන කරගෙණ හුනස්නෙන් නැගිට උදෑසන කටයුතු ශරීර කෘත්ය”යන් කළෙමි.

දි මු තු තුරු මලින් සඳ පලෙනි පළ ලොවේ අ මු තු යස ලියක් ඔබ හිමි නිසා වැවේ අ යු ත කුදිටු මැඩුවට හිමිට බැරි නොවේ ප ම තු කඳ සුරිඳු කප්හිම සිහල දිවේ

බු දු ර දු උතුම් සිරිපා යුග දැරු හසිනී

පි රි සි දු පිළිවෙතෙහි පිළිපන් විදි ලෙසිනී

ක තු රි ඳු සිහල දෑපත සිරිසෙන් විසිනී වැ ඩ සි දු වන සෙ කළ පධිඳකි රස බසිනී


෴ නිමි ෴