පියදාස සිරිසේන නවකථා එකතුව- 04-චින්තා මාණික්යය රත්නය

Wikibooks වෙතින්
Jump to navigation Jump to search

චින්තා මාණික්යය රත්නය

(ක්‍රි.ව. 1929)


සංඥාපනය[සංස්කරණය]

“චින්තා මාණික්යN රත්නය” නැමැති මේ ග්රවන්ථය පියදාස සිරිසේන මහතා විසින් ලියා ප්ර‍කාශයට පමුනුවන ලද්දේ වර්ෂ 1929 ඔක්තෝම්බ්රල මාසයේදීය.

එම මුද්රදණයේ ග්ර‍න්ථ කර්තෘවරයා මෙසේ සඳහන් කරයි. “චින්තා මාණික්යර රත්නය” නමැති සිතූ පැතූ සම්පත් ලබාදෙන මැණිකක් තිබෙන බව පොත්වල සඳහන් වේ. මේ මැණික කුමක්දැයි දැන ගැනීමට අපේ මුළු උත්සාහයෙන්ම පරීක්ෂා කරනලද නමුත මේතාක්ම දක්නටවත් තිබෙන තැනක් දැනගන්ටවත් නොහැකි විය. මෙබඳු මැණිකක් දිව්ය ලෝකයේ තිබෙන බව නම් කියති. අපි ඒ ගැණ කිසිත් නො කියමු. නමුත් චින්තා මාණික්යව රත්නයක් අපට දක්නට නොලැබුනු නිසා අමුතුවෙන්ම එකක් තනා ගත යුතුයයි වැටහුණු බැවින් එබන්දක් තැනීමට හැකිදැයි දීර්ඝ කාලයක් අත්හදා බැළුවෙමු. “මැටියෙන් නමුත් බළලා මීයන් ‍අල්වතොත් ඒ හොඳටම සෑහේය” යි අප රටේ කථාවක් තිබේ. එබැවින් චින්තා මාණික්ය් රත්නය යි කියන පාෂාණයක් අපට නැතත් සිතූ පැතූ සම්පත් ගෙන දෙන ධර්මයක් හෙවත් ප්රණතිපත්තියක් සොයාගත හැකි නම් ගලකට වඩා නරක යයි කිව හැකි ද?

“අවුරුදු 25 කට වැඩි කාලයක් පරීක්ෂාඩ කිරීමෙන් අත්හදා බැලූ ධර්මය ශාස්ත්රර ප්ර්තිපත්ති එක් කොට තනනලද මේ පොතෙන් - චින්තා මාණික්ය යකින් ලැබිය හැකි ලෞකික සම්පතුත් ලැබියහැකි බැවින් - මෙය චින්තා මාණික්යන රත්නයනුත් අග්රි චින්තා මාණික්යබ රත්නය බව මෙයින් ප්රායෝජනය ගන්ට තරම් දක්ෂ අයට වැටහේ යයි අපි විශ්වාස කරමු.

අප විසින් ලියන්ලද පොත්වල සාරාංශය මෙහි පිඬු කොට තිබේ. අපේ දුප්පත් ප්රිතිසන්ධිාය නිසා අපේ රටට මීට වඩා සුභස්ද්ධියක් මේ ආත්මයේදී කළ නොහැක්කේය. එබැවින් මෙයින් ප්රයමුදිතව‍ මෙලෝ පරලෝ වැඩ සාදා ගන්නා මෙන් සිංහලයන් ගෙන් ඉල්ලමු” යනු යි.

මීට,

ආරියපාල සිරිසේන

“සේනානි’ නාවින්න - මහරගම. චින්තා මාණික්යල රත්නය



01. පරිච්ඡෙදය[සංස්කරණය]

“බැන්ජමින්. අපේ මාමාගේ බූදලය රුපියල් ලක්ෂයකටත් වඩා අධිකය. උන්දෑට ඉන්නේ පුතෙකුත් දුවෙකුත් දුවෙකුත් පමණකි. අපේ තාත්තාගේ ආධාරයෙන් තේ වතුර කඩයක් දමාගෙණ ජීවිතය ආරම්භ කළ අපේ මාමා අවුරුදු 55 ක් සම්භකර තිබෙන ධනස්කන්ධය ‍අපේ තාත්තා උපාසක කම් නො කළේ නම් මාමාට ව‍ඩා දශ ගුණයක් ධනය උපයන්ට ඉඩ තිබුණි. තාත්තා මැරෙණ කොට අපට ඒ මිනිය වළලා ගැණීමටවත් වියදම් තිබුනේ නෑ නොවේද? අසනීපයෙන් සිටි අම්මා ගුණසේකර සීයාගෙන් රුපියල් 25 ක් ඉල්වා ගෙණ අවුත් නුදුන්නා නම් තාත්තාගේ මිනිය ගෞරවයෙන් වළලාගන්ට නොලැබේ. අපේ අම්මාගේ එකම සහෝදරයා වූ මාමා ඔපමණ ධනය තිබිලත් තමාට හැම අතින්ම පිහිටාධාර වූ අපේ තාත්තාගේ මිනිය සඳහාවත් රුපියල් විස්සක් තිහක් වියදම් කරන්ට අකමැති වූ ඔය කාලකණ්ණියාගේ ධනයටත් ඔහුටත් කටයුතු වැඩේ කුමක්දැයි බැන්ජමින් කල්පනා කළේ නැද්දැ?”යි වෝල්ටර් නමැති තරුණයා ස්වකීය සහෝදරයාගෙන් එක් උදෑසනක ඇසුයේය. එවේලාවට ගැඹූරු ධර්මයක් මෙනෙහි කරමින් සිටි බැන්ජමින් අයියා මොනවා කීවාද කියාවත් නොදැන “අයියා උදේ තේවතුර බිව්වේදැ”යි ඇසීය. “යන්නේ කොහේදැයි ඇසූ අයට මල්ලේ පොල්ය”යි දුන් පිළිතුර වැනි මේ පිළිතුරට පුදුමවූ වෝල්ටර් “මොකද බැන්ජමින්, මා කී කරුණු අසාගෙණ ඉන්නාක් මෙන් නිශ්ශබ්දව සිට දැන් උඹ මට දුන් පිළිතුරු ගැන මම පුදුම වෙමි. උඹට පිස්සුදැ”යි ඇසීය. එක් අතකින් බලනවිට මුලු ලෝකයම පිස්සන් කොටුවකි. ලෝකයේ ස්වභාවය තත්වූ පරිද්දෙන් දැන වදාළ ලෝකස්වාමි වු සම්ය.ක් සම්බුද්ධයන් වහන්සේ ලෝක වාසීන් අන්ධයන් බව මෙසේ ප්රමකාශ කොට වදාරා තිබේ.

“අන්ධනභූතො අයං ලොකො තනුකෙත්ථන විපස්සති සකුන්තොජාල මුත්තොච අප්පස්සග්ගාය ගච්ඡති”


“මේ ලෝකයේ මහජනයා නුවණැස් නැති හෙයින් අන්ධ වූයේය. ඒ මහජනයා අතරෙහි ටික දෙනෙක් පමණක් අනිත්යන දුක්ඛ ආදී වශයෙන් සංස්කාර ධර්මයන් දන්නාහ. දක්ෂ වූ ලිහිණි වැද්දෙකු දැලට අසුවූ පක්ෂින්ගෙන් ගැළවී යා හැක්කේ කලාතුරකින් එකෙකුට දෙන්නෙකුට පමණකි. එමෙන්ම මේ ලෝකයේ ඉන්නා මිනිසුන්ගෙනුත් ඉතාමත් ටික දෙනෙක් ස්වර්ගාපවර්ග සම්පත් ලබන්නාහ. අනිත් ඉතා වැඩි පිරිස අන්ධයන් මෙන් පිස්සන් මෙන් ක්රි්යා කොට අපායෙන් අපායට යමින් සංස්කාර වග්නිස්කන්ධයට දරපෙ‍ෙණලි වන්නීය” යි බැන්ජමින් කී විට වෝල්ටර් දණ්ඩෙන් පහර කෑ සර්පයෙක් මෙන් කිපී “මම උඹ සමග බණ කථාකරන්ට නාවෙමි. මා ආවේ අපේ අසරණ කම ගැන කථාකොට යමක් උපයා ගන්ට මාර්ගයක් එලිකර ගන්ටයි අපේ තාත්තා සහ අම්මත් මුල් කාලේ කොහොම වෙතත් අන්තිම කාලේ බණ බැලීමෙනුත් බණ ඇසීමෙනුත් දුප්පත් වුනා. අපේ තාත්තාට රුපියල් හාරපන් ලක්ෂයක බුදලයක් අපට ඉතුරු කර මිය යන්ට තිබුන නමුත් අන්තිමට ඉතුරුව තිබුන පැලන්ගහ වත්තත් පිණට දීලා තාත්තා මළා. දැන් අපට යන්ට එන්ට තැනක් නැහැ. තාත්තා ලොකු කෙරුම් කාරයෙක්ව ඉඳලා මැරුණා. නමුත් අන්තිමේදී එයාගේ මිනිය වළලා ගන්ටවත් අපටවත් යමක් කමක් ඉතුරු කලේ නැත. නමුත් තාත්තාගේ දාස මෙහෙවර කළ මාමාගේ බුදලේ රුපියල් අට ලක්ෂයකත් වැ‍ඩියි. ඉතින් ඒ මනුෂ්ය යාගේ දුවත් පුතත් කුමාර ලීලාවෙන් කල්යවනු ඒකාන්තයි. ඒ මිනිහා බණ බලන දිනකුත් නැත. බණ අහන දිනකුත් නැත. පුළුවන් ඕනෑම විධියකින් මුදල් හා වතුපි‍ටි රැස්කරයි. පසුගිය සතියේ රුපියල් දෙසිය පණහක් ණයට දීලා තිබී දනියෙල් අප්පුලාගේ අක්කර 25 ක පොල් වත්තක් හිමිකර ගත්තා. බොරු නඩු කියා කපටි කමින් පවුල් පිටින්ම එලවා දමා අයිතිකර ගෙණ තිබෙන ඉඩම් අක්කර හයසියය කටත් වැඩියි. අපේ තාත්තා දුන්නා මිස යමෙකුගේ දෙයක් ගත්තේවත් - නඩුවකට ගියේවත් - පොලියට දුන් මුදල් අත්හැර දැම්මා මිස අයකර ගත්තේවත් නැත. ඔහේ බණ කිය කියා පින්කම් කර කර කාලේ ගත කළා. එයින් අන්තරායට පත්වුනේ අපිමයි. අ‍පේ ලඟපාත නෑයෝ ඔක්කොම ධනවත්තු. අපි පමණයි දුප්පත්. අපේ පවුලට බණ වැඩිවෙලා සිද්ධවී තිබෙන විපත මදිව‍ාට උඹ තව තවත් බණ කියන හැටි! උඹේ බණෙන් මට කමක් නැතැ”යි මල්ලී ලෙස කොටියෙක් මෙන් රවා බලා වෝල්ටපර් යන්ට ගියේ ය.


බැන්ජමින් සිනාසෙමින් අසනීපව ඉන්නා මවු ලඟට ගොස් මොකද අම්මේ අයියාට වෙලා තිබෙන්නේ ! ඔහුගේ අදහස්වල හැටි දැන් කළ කථාවෙන් මට වැටහුනා. අම්මටත් ඒ කතාව ඇසෙන්ට ඇත කියා මම හිතමි. ඉතින් ඔහුගේ අදහසුත් මගේ අදහසුත් අහසට පොළව මෙන් දුරවෙන්ට හේතුව ස්වල්බ වශයෙන් වත් අම්මට කියාදිය හැකිදැ”යි කරුණාවන්ත මවුගෙන් ඇසුවේ ය. කලක පටන් වාතාබාධයකින් පෙළෙමින් ඔත්පළව ඉන්නා අමරසිංහ හාමිනේ පුතාගේ මුහුණ දෙස බලා මඳක් සිනාසී උඹත් වෝල්ටරුත් දෙන්නාම මගේ දරුවන් දෙන්නා බව නම් ඇත්තයි. මා කවදාවත් නින්දිත පාප කර්මුයක් නොකළ පැවින් උඹලා දෙන්නාගේ උත්පත්තිය ඉතාමත් පිරිසිදුයි. නමුත් උඹෙනුත් වෝලිටර් ගෙනුත් ධර්මයේ සත්යතතාව අපට අවබෝධවී තිබේ. උඹලාකේ පියාණන් ජීවත්ව ඉන්නා අන්තිම කාලයේදී අප නිතරම කථාකළෙත් ඒ කාරණයමයි. වෝල්ටර් පිළිසි‍ඳෙන කාලේ උඹේ පියාත් මමත් දෙන්නාම ධර්මයත් ශාස්ත්ර.යත් ගැන වැඩි දැනුම් ඇති අය නොවීමු. චිත්ත චෛතසික බලයෙන් යම්කිසි හොඳක් හෝ නරකක් සිද්ධවන බව අපට ඒ කාලේ දැනුම තිබුනේ නැත. පංචකාම සැපත හොඳින් විඳීම මිසක් සත්වයන් උස් පහත් බවට පමුණුවන ධර්මයක් - බලයක් ඇති බව අපට ඒ කාලේ අවබෝධව නොතිබුණේය. ජන සමාජයෙන් අවනම්බු නොලැබෙන අන්දමට ක්රිොයා ක්රි යා මිසක් පරිශුද්ධ සිතිවිල්ලෙනුත් උදාරතර සිතිවිල්ලෙනුත් පිරිසිදු ප්රාතිපත්තියෙන් හා ආත්ම ශක්තියෙන් උත්තම දරුවන් ලැබෙන බව ඒ කා‍ලයේ අපට අවබෝධව ති‍බුනේ නැත. නමුත් වෝල්ටර් ඉපදී මාස 6 ක් යන්ට ප්රෝථම අපට කළ්යාතණ මිත්ර යෙක් සම්බවුනා ගුණවර්ධන නමැති වෘද්ධ උපාසක මහතෙක් හදිසියේම උඹලාගේ පියාට මුණගැසී ඒ ඇත්තා අපේ පැලන්ගහ වත්තේ නවත්වා ගෙණ සියලු උපසත්කාර කොට අවුරුදු දෙකක් පමණ ධර්මය ඉගෙණ ගත්තායින් පසු උඹලාගේ පියාටත් මටත් මේ ලෝකයේ හැටිත් ධර්මයේ හැටිත් සත්වයන්ගේ සුවදුක් ලැබීමේ හැටිත් යම්තම් ඉගෙණ ගන්ට ලැබුනා. ඉතින් නිකම්ම නිකම් “පැෂන් කාරයන්ව” සිටියදී අපට උපන් වෝල්ටර් තරමක් දුරටවත් ධර්මය දැනගත්තාට පසු ප්රණතිපත්ති පුරණ කාලේ උපන් උඹව වඩා වෙනස්විම පුදුමයක් නොවේ. උඹේ අදහසුත් වෝල්ටර්ගේ අදහසුත් එක සමාන විය හැකි නම් කොස් වලත් පොල් වලත් එක හා සමාන ගුණ ඇතිවිය හැක. නමුත් අපට උපන් දරුවන් දෙදෙනාගේ අදහස් ගතිගුණ දෙවිධියක් වීම අපට මහත් දුකක් වූවත් එසේවීම


නිසා උතුම් වු ධර්මය තරමක් දුරවත් ප්ර්ත්ය්ක්ෂකර ගැනීමට ඉඩ ලැබීම ගැන අපි සතුටුවම්හ. මරණය ගැනවත් ධන සම්පත් ආදියෙන් ආඪ්ය් නොවීම ගැනවත් වෝල්ටර්ට හා උඹට විඳින්ට ලැබෙන සැප දුක ගැනවත් මගේ හිතේ කිසිම කණගාටුවක් ඇත්තේ නැත. අන්තිම කාලේදී පියානෝත් එසේ කීහ. “කම්මං සතේත විභජති” සත්වයා කර්මය විසින් බෙදනු ලබන බව ප්ර ත්යැක්ෂ වී සිටින මට වෝල්ටර්ට ධනය නැත කියා අපට කී ආඩපාලිය ගැන කොහෙත්ම කණගාටු නැතැ”යි අමරසිංහ හාමිනේ කීවාය.

අම්මා මඳක්වත් චංචලවන්ටවත් ශොකවන්ටවත් උවමනා නැත. අපේ තාත්තාගෙන් රුපියල් විසිපහක් පමණක් ඉල්ලා ගෙන වීරියකොට නොයෙක් දඟ ප්රගයෝගත් කොට අපේ මාමා රුපියල් අටලක්ෂයකටත් වඩා ධනය උපයා ගෙණ ඉන්නා බව අයියා දැන් මා සමග කීවේය. මාමා වනාහි සිංහල දෙවෙනි පොතට පමණක් ඉගෙණ ගත් ලෝකයේ තොරතුරු හොඳ නරක කිසිවක් නො දත් මිනිහෙකි. එබඳු මිනිහෙකුට රුපියල් 25 ක ආධාරනේ රුපියල් ලක්ෂ අටකටත් වඩා ධනය සපයා ගන්ට පිළිවන් වුනා නම් අයියාට රුපියල් අටකෝටියකටත් වඩා උපයාගන්ට ඉඩ තිබේ. ඉන්දියාව බුරුමය ආදී රටවලත්, කොළඹ, ගාල්ල මහනුවර ආදී නගරවලත් ඉඳලා ලෝකයේ තොරතුරු සියැසින් දුටු කෙනෙකි. තවමත් අප සන්තකව තිබෙන දේපලවලින් අයියාට රුපියල් හත්අට දාහක් රැගෙණ යම්කිසි කටයුත්තක් කරන්ට පිළිවන. මෝඩපාහේ වුවත් මාමා රුපියල් 25න් රුපියල් අටලක්ෂයක දේපල ඉපයුවා නම් අයියා වැනි උගත් දක්ෂ තරුණයෙකුට රුපියල් පන්දාහකින් රුපියල් කෝටි අටක් වත් උපයාගන්ට ඉඩ තිබෙන බැවිනි.

ඒ එසේ ද වුවත් අයියා අපේ ගුණවත් පියාණන්ට චෝදනා කරමින් දුෂ්ට අදහසින් ක්රි්යා කරණ බව පෙනේ. ඔහුගේ නපුරු අදහසෙනුත් නපුරු වචන වලිනුත් ම‍ගේ හිත නම් මඳකුත් කළ නොකිරේ. අම්මත් අයියාගේ කතා බහට හිත කලකිරවා නොගත්තොත් මැනවැ”යි කියා බැන්ජමින් යන්ට ගියේ ය.

වෝල්ටර් දෙදවසකට පසු යුරෝපීය ඇඳුමෙන් සැරසී තමාගේ මොටොර් සයිකලයේ නැගී කොළඹ යන බව කියා ගියේ ය. ඔහු කීප දිනක්ම ගෙදර නා බැවින් හිතේ මහත් කනස්සල්ලක් ඇති වූ අමරසිංහ හාමිනේ පුංචි පුතනුවන් වන බැන්ජමින්ට කථාකොට “අයියා කීප දිනකින් නාවේ කොයිබවත් ඈතක ගියා දැයි කියන්ට බැරිය. උඹ අද


දවල් දුම්රියෙන් ගොස් වෝල්ටර් කොළඹදී නවතින හෝටලයකින් හෝ මිත්රව ගෙදරකින් විමසා ඔහුත් සමග වරෙන්නැ”යි කියා පිටත්කර යැවීය. සඳුදා උදේ එකොළහේ දුම්රියෙන් බැන්ජමින් කොළඹ යන්ට පිටත් විය. ඔහු මරදානෙන් බසින විටම වෝල්ටර් සහ ඔහුගේ මිත්ර යන් කීප දෙනෙක් දුම්රියපලේ වේදිකාව උඩ සිටිනු දැක සතුටුවූ බැන්ජමින් “මම මේ ආවේ අයියා බලන්ටයි. පස් දිනක්ම ගෙදර නා බැවින් බලන්ට ආවා - මේ ඇවිත් ඉන්නේ ගෙදර යන්ටදැ”යි ඇසුයේ ය. “ඔව් බැන්ජමින්. මගේ මිත්රයයෙකුගේ උවමනාවක් නිසා දවස් හතරක් පහක් පමා‍ වෙන්ට වුනා. මම ගෙදර යනවා උඹත් ගෙදර යනවාද - නැත්නම් කොළඹ නවතිනවාදැ”යි ඇසූ විට “මම ආ නිසා අද මෙහි මගේ මිත්රහයෙකු සම්භවී හෙට එන්නෙමි. එහෙම නම් අයියා යන්ට” කියා බැන්ජමින් තමාගේ හිතෛෂි මිත්රසයෙක් වන පෙරේරා මහතා සම්භවෙන්ට ගියේ ය. වෝල්ට ර් සමග එක විධියක මිනිසුන් කීප දෙනෙක් සිටි බැව් දුටු බැන්ජමින්ට නොයෙක් විධියේ සිතිවිලි ඇතිවූ නමුත් වෝල්ටර් ඔවුනුත් සමග සත්කෝරළේට යන්නේ යයි සිතන්ට ඉඩ ඇති නොවූ බැවින් සඳුදා රාත්රි පෙරේරා මහතුන්ගේ කුරුඳුවත්තේ බංගලාවේ නැවතීමට බලාපොරොත්තු විය. පෙරේරා මහතා ඉතාමත් දයා සම්පන්න ඥාති මිත්රායදීන්ට සංග්රොහ කරන්ට සතුටු කෙනෙක් වුවත් ඔහුගේ භාර්යාව වන ග්රේඥස් කිසිවෙකු නුරුස්සන මනුෂ්යි වේශයෙන් ඉන්නා යක්ෂණියක් බැවින් පෙරේරා මහතා තමාගේ මිත්රසයෙකු කවදාවත් ස්වකීය නිවසේ නවත්වා ගන්පනේ නැත. රුපියල් විසිදාහක බූදලයක් නිසා මේ ග්රේීස් නමැති උරචක්ර මාලය කරලා ගත් පෙරේරා “අනේ අප්පේ මේකි ගෙන් තුරන් වෙලා කවදා මේ ආත්ම භාවයෙන් චුතවෙම් දැයි නොසිතූ දිනක් ඔහු විවාහවූ අවුරුදු දෙක තුළම නොමැති වූවා මෙන්ම බැන්ජමින්, අපේ ගෙදර හොඳට ඉඩකඩත් කෑම් බීමාදියත් තිබේ. කු‍ඩා කාලේදී පටන් පැවතෙන අපේ මිත්රඉ ධර්මය ගැන සලකා බලන විට බැන්ජමින් කොළඹ ආ විටක අපේ ගෙදර නැවතී නොසිටියොත් එසේ ම අප විසින් බැන්ජමින්ට ආගන්තුක සත්කාර නොකළොත් ලෝකයේ ගුණ ධර්ම හෝ හිතෛෂි වන්තකම යයි කිසිවක් තිබිය යුතු නැත. නමුත් මගේ කෑදර කමට මුදල්වල ඇති කෑදර කමටත් ස්ත්රීන රූපය කෙ‍රෙහි පැවති බලවත් කෑදර කමටවත් මට දැන් කදිම දඬුවමක් ලැබී තිබේ. මගේ නෝනා මනුෂ්ය් වේශයෙන් ඉන්නා යකින්නකි. භයට ප්රිථමයෙන් ගෙදර න‍ාවොත් බැල්ලියක්


වගේ බුරා කන්නට පනී. හිතෛෂි වන්තයෙක් - කල්යා ණ මිත්ර්යෙක් ගෙදරට ආවොත් - “මේ මළ ඉලව් කරදරේ රටේ ඉන්නා හැත්ත කැඳවාගෙන අනම් මනම් දොඩවන්ටත් ඒවා බල බලා ඔවුන්ට සංග්රරහ කරන්ටත් අපට සිද්ධවුනා” කියමින් කොඳුර‍න කෙඳිරිල්ල හරියට මගේ කනේ වදින යවුල් වැනිය. හැමතිස්සේම මේ මගේ නෝනාට උවමනා කරන්නේ ඇඳ පැළඳ ගෙණ මොටෝකාරේ නැග ඇවිදීමටයි. ඈත උවමනා ඥාති මිත්ර යන් බලන්ට ගොස් රෑ මධ්යකම යාමයටත් එනවා - ගෙදර ඉන්නා වැඩකාරයන්ට හැපින්නක් ව‍ාගෙයි. මොටෝකාරයේ නගින්ට ගොස් ඩ්රරයිවර්ට නොබනින එක දිනක් තවම දැක්කේ නැහැ. මොනවා කළත් මොන විධියකට හැසුරුණත් මාව තබා වැඩකාරයෙකුටවත් ඈට පෙනෙන්ට බැහැ. ඈ නිරර්ථකයේ රුපියල් තුන් හාර සියයක් වියදම් කළත් වැඩ කාරයෙකුට හිඟන්නෙකුට තබා පොදු වැඩ කට පන්සලකට පාඨශාලාවකට ශත පහක්වත් දුන්නොත් ඒ මුළු දවසේම “පිපිරෙමින්” කුණු කුණු ගානවා. ඇගේ මවුටත් සහෝදරයන්ටත් පමණක් නම් සංග්රෙහ කරන්ට කැමතියි. අද මම බැන්ජමින්ව මෙහි නවත්වා ගත්තොත් මගේ හැතිරි තුන් හතර දිනක් යනතුරු මා සමග කලහ කරණු නිසැකයි. ඉතින් ඒ කරදරය නොකොට මිත්ර යා..... හෝටලේට යන්ට. මම උදේ අටට තරම එහාට එන්නෙමි. “යි කීවාම බැන්ජමින්ට ප්රීේතියත් සංවේගයත් යන දෙකම එක විඩේ ඇතිවී රික්ෂෝ රථයක් ගෙන්වා ගෙණ සවස හයාමාරට පමණ පෙරේරාලාගේ නිවසින් පිටත්ව පිටකොටුවේ..... හෝටලයට ආවේ ය. බැන්ජමින් හෝටලයේ පඩිය ලඟ බැස රික්ෂෝකාරයාට ශත 75 ක් දී ගෙට ඇතුල් වන්ට ප්රයථම ඒ ළඟ අගුවේ අඬමින් ඉන්නා දෙගොඩහරි වයසේ ස්ත්රිතයක් දැක සිතෙහි පිරුණාවූ මහත් දයාවෙන් ඈ දෙස බලා “මොකද අම්මා අඬමින් ඉන්නේ - යම්කිසි ආධාරයක් උවමනා දැ”යි තමාගේ සාක්කුවට අත දමමින් ඇසුවේය| වැඩිපුර එලි මහනේ නොගැවසුනු වැඩි කතාබහ දඟ පුයෝග නොදත් මේ ස්ත්රිණය බැන්ජමින්ගේ කරුණාවන්ත වචනයෙන් සැනසී - අනේ මහත්මයෝ, මට තමුන්නාන්සේ ගෙන් යම්කිසි මුදලක් හදලක් උවමනා නැහැ. මගේ දුව - අමරා සොයමින් මෙතනට ආවා. මෙහි දුෂ්ට වැඩකාරයන් මට ගෙට එන්ටත් නොදී මෙහි ඇති “අමරෙක්” නැතැයි කියා මා එලවනවා” යි කීවේය. කාරණය බරපතල එකක් වන බව එක පාරට ම වැටහුනු බැන්ජමින් හෝටලයේ පඩියෙන් පාරට බැස ඒ ස්ත්රිෙයත් සමග ටිකක් ඈතට ගොස් පාර අයිනේ නැවතී “මොකද අම්මා උඹේ


දුක්ගැණවිල්ල මට කියාපන් - උඹේ දුව අමරා සොයන්ට හෝටලයට ‍ආවේ මොකද - එහි තේරුම මොකදැ”යි ඇසුවේය. ශෝකයෙන් හා ලැජ්ජාවෙන්ද භයින්ද මිරිකී වුන් අසරණ ස්ත්රී” අනේ මහත්මයෝ කාවත් සමග කියන්ට එපා. අපේ පළාතේ ඉන්නා ප්ර ධාන ධනවතාගේ පුත්ර යා වන ‘හාමු’ අද උදේ ඉස්කෝලයට තවත් ගැහැණු ලමයිනුත් සමග ගිය මගේ දුව අමරා - අවුරුදු 15 ක් පමණ වයසැති ගැහැණු දරුවා තමාගේ මොටෝ රථයට බලහත්කාරයෙන් නග්ගවා ගෙණ අවුත් තිබේ. ඒ ලමයත් සමග පාඨශාලාවට යන ධර්මවතී නම් ලමයෙක් එවෙලේම දුවගෙන අවුත් මට කීවා. ඉතින් මගේ පුරුෂයාත් ගෙදර නැත. ඔහු දවස් දෙකකට ප්රොථම කුරුණෑගලට ගිය ගමන් තවමත් ආවේ නැත. ම‍ට කරන්ට කිසිවක් නැති බැවින් ගමේ මුලාදෑනියා වෙත ගොස් කාරනය කීවා. එතකොට ඔහු මට සැරවී මොනවද ලොකුහාමි, සිල්වා හාමුගේ විත්තිය උඹ දන්නේ නැද්ද? උඹේ දුව එක්කර ගෙන ගියාට මරාගෙන කනවාද? ඈව කොළඹ හෝටලයක කීප දවසක් නවත්වා ගෙණ සිට ඈට හොඳ ඇඳුම් පැළඳුනුත් අරන්දී රුපියල් සීයක් හමාරක් මුදලුත් දී මොටෝ රථයෙන්ම ගෙනත් ගෙදර ළඟ බස්සනවා ඇති සිල්වා හාමු ඒ විධියට කී දෙනෙකුට සංග්ර හකර තිබෙනවාද? උඹ උඹේ දුව සිල්වා හාමු එක්කර ගෙණ ගිය බව කියන්ටවත් එපා. ඒ බව සිල්වා රාළහාමිට ආරංචි වුනොත් උඹට තබා මටවත් මේ පළාතේ ඉන්ට ‍නො ලැබේ. ඒ නිසා හැල හොල්මනක් නැතුව ගෙදර ගොස් නිකම් හිටපනැනැ”යි මුළාදෑනියා මට කීවේය. ඉතින් මහත්මයෝ. මගේ හෘදය වස්තුව හුනු වී දරාගන්ට බැරිව අපේ ගෙදර ළඟ තිබෙන සිල්වා මහතුන්ගේ වත්තේ කොන්දොස්තරට මේ බව අඬ අඬා කීවා. ඒ මිනිහා සිනාසී “මොනවද ලොකුහාමි හාමු මහත්මයාගේ විත්තිය දන්නේ නැද්ද? කොළඹ සෙල්ලමේ යන කොට ලක්ෂණ ළමිස්සියෙකුත් මොටෝකාරයේ නංවාගෙන යාම උන්නැහේගේ සිරිතකි. ඕවා හරි වුනත් වැරදි වුනත් ඒ හරි වැරදි කියා මොනවා කරන්ට ද? උඹ බය වෙන්ට එපා. දවස් තුනකට ඉස්සරින් උඹේ දුව ගෙණත් ඇරලාවි - උඹ කලබල කළොත් සමහරවිට ඒ කෙල්ලත් විනාශකොට උඹලාටත් මගට බසින්නට සලස්සාවිය” කීවාම මගේ හිතට ඇතිවූ කණගාටුවත් කෝපයත් කෙතරම්ද කීවොත් - අවුරුදු 7 ක් වයසැති මගේ පුතාව අපේ ගෙදරට අල්ලපු ගෙදර මැංචි අක්කාට බාරදී උදේ නවයට එන බස් රථයක නැගී කොළඹ ආවෙමි. ඉතින් කොළඹ ආ නමුත් ඇති තරමක් හෝටලවලට ගොස් විපරම්


කළා මිස මේ තොරතුරු මුලාදෑනියෙකුටවත් වෙන කා‍ටවත් නොකිවෙමි. මා ගිය අන්ත් හෝටල්වල මිනිස්සු මට කරුණාවන්ත ලෙස කථාකොට එබඳු ගැහැණු ළමයෙකුත් සමග කෙනෙක් නා බව කී නමුත් මේ හෝටලේ උදවිය මා එලවා ගත්තේ නො අනුමානව මෙතැන අපේ ළමයා ඉන්න නිසා විය යුතුය. ඉතින් මහත්මයෝ මගේ එකම දුවට අන්තරාය කරන්ට ඉඩ නොදී ඈව මට ගලවා දුන්නොත් තමුන්නාන්සේට බුදු බව ලැබේය”යි ඉතාමත් බැගෑපත් ලීලාවෙන් ලොකුහාමි කීවාය. “අනේ ලෝකයක හැටි ! තමන්ගේ කුසගින්න නිවාගන්ට අන්යීසත්වයන් ම‍රා කන මිනිස්සුත්, තමාගේ ධනය වැඩිකර ගන්ට අනුන් මා තලා පෙලා නඩු කියා ධන සම්පත් ආදිය පැහැර ගන්නා අයත්, තමාගේ කාම පිපාසාය සංසිඳවා ගැනීමට යුක්තා යුක්තියත් නොතකා අන්යේයන්ගේ ස්ත්රී න් පැහැර ගන්නා උදවියත් ඉන්නා මේ ලෝකය ශිෂ්ටාචාරය, සැපවත්ය, හොඳ ආණ්ඩුවලින් යුක්තය කියන කථාවට වඩා බොරුවක් තවත් ලෝකයේ තිබේද? අමරා නමැති මේ කුඩා ගැහැණු දරුවා ධනවත් සිල්වාගේ පුතාට මිලදී ගත හැකි “බෝනික්කෙක්” වී තිබේ. මේ කාරණය අයුත්තක් බව කවුරුවත් පිළිගණු නිසැකයි. නමුත් බලවත් මිනිහෙක් පිළිබඳ නිසාත් අසරණ දුප්පත් ගැහැණු ලමයෙකුට පැමිණි විපතක් නිසාත් තමන්ගේ පාඩුවේ ඉඳිනු මිස අනුන්ගේ කටයුතු බැලීම මෝඩකමක් යයි බොහෝ දෙනා කියන නිසාත් දැන් මේ රටේ යුක්තිය ‘යකාට’ ගොහින් තිබේ. ඒ ‍එසේ ද වුවත් “ඉමං සරත්තං පිසිතං සරීරං - ධාරෙමි ලොකස්ස හිතත්ථඩ මෙව” ලේ හා මස්වලින් පිරුණු මේ ශරීරය ලෝකයාගේ හිත වැඩ පිණිසම දරමි”යි අපේ සිංහලයන් ගේ මුත්තනු කෙනෙක් වන ශ්රීේ සංඝබෝධි රජතුමා ප්රිකාශකොට තිබෙන බැවින් මට කුමකින් කුමක් වුනත් මේ අසරණ ස්ත්රි යටත් ඇගේ දියණියටත් පැමිණි විපතෙන් ඔවුන් මුදවා ගන්නෙමි” යි සිතාගත් බැනජමින් වහාම රික්ෂෝ රථ‍ දෙකක් ගෙන්වා ඉන් එකක ලොකුහාමිද අනිකේ තමාද නැගී කෙළින්ම පොළිස් ස්ථානයට ගොස් - එහි එවේලාවේ වුන් ඉන්ස්පැක්ටර් තැනට කාරණය විස්තර කොට කියාදී ඔහුත් සමග තවත් පොළිස් භටයන් දෙදෙනෙක්ද කැටුව හෝටලයට පැමිණියා හ. සොල්දරයේ උඩ කාමරයක හිරකර සිටින ‘අමරා’ උදෙසා පැමිණි පිරිසක් බව හෝටලේ කළමනාකාර තැනට වැටහී වහාම ඉදිරියට අවුත් “ඊයේ උදේ අපේ හෝටලයට වැදගත් මහත්මයෙක් ලමිස්සියෙකුත් සමග අවුත් නවාතැන් ගත්තා. දැන් ඒ මහත්මයා


එළියට ගොස් සිටියි. තරුණිය නම් කාමරේ ඉන්නවා. ඈව අයුතු ලෙස ගෙණ වුත් ඉන්නා බව අපි දන්නේ නැහැ. ඉන්ස්පැනක්ටර් මහත්මයාට ඈව දකින්ට උවමනා බව අපි දන්නේ නැහැ. ඉන්ස්පැක්ටර් මහත්මයාට ඈව දකින්ට උවමනාදැ”යි ඇසුයේය. “ඔව් සත්තකෙන්ම අපි ඈ රැගෙන යන්ටම ඇවිත් සිටිමු. ඒ තරුණිය බලහත්කාරයෙන් එක්කර ගෙණ ආ අයද අපට උවමනාය”යි කියා ලමිස්සිව ඉන්නා කාමරයට ඉන්සැපැක්ටර්, ඇගේ මවු, හෝටලයේ කළමනාකාරයා හා බැන්ජමින්ද යන සිව්දෙනා ගියා හ. කාබරයේ දොර පිටින් වසා තිබුණෙන් සිර කූඩුවක වුන් ලදරු මෘග ධෙනුවක් වැනි අමරා ඒ දොර අරිනවත් සමගම මර භයින් මෙන් ත්රුස්තවිය. දොර ඇරියේ තමාගේ වධකයා වන සිල්වා හාමු යයි මුලදී සිතා සිටි නමුත් ස්වකීය මෑණියන් ඇතුළු වැදගත් පිරිසක් බව දුටු අමරා බලවත් ප්රීමතියට පැමිණ කාමරයෙන් එලියටම දිව අවුත් මෑණියන් බදාගෙණ අඬන්ට පටන් ගත්තාය. ඉන්ස්පැක්ටර් මහත් මයා අමරාගෙන් තොරතුරු අසන ලදින් ඈ මෙසේ කීවාය. “ඊයේ උදේ මම තව ලමයි තුන් හතර දෙනෙකුන් හා පැසැලට යනවිට දිවුලගහ වත්ත ළඟදී මොටෝකාරයක් අපි ඉදිරි පිට නවත්වන ලදි. ඒ කාරයට අපි අයින්විමු. එම කාරයේ සිල්වා රාළහාමිගේ පුත්ර යා වන “පුංචි හාමුත්” සිටියේ ය. තවත මා නාඳුනන මිනිස්සු දෙන්නෙකුත් ඩ්රවයිවරුත් උන්නා. ඒ මිනිස්සු දෙන්නා කාරයෙන් බැස මා ඔසවා ගෙණ ගොස් කාරයේ තැබූහ. කාරය වේගයෙන් ගමන් කරද්දී මා කෑ ගැසූ ‍නමුත් “පුංචි හාමු” මගේ කට වසා “අමරා කෑගසන්ට එපා. කාරයෙන් සෙල්ලමේ ගොස් එනවා උඹ කට ඇරියොත් මේ පිහියෙන් පපුවට ඇණ මරා වත්තේ වළලා දමනවා - මාත් සමග කොළඹ ගොස් දෙතුන් දිනක් ඉඳලා ආවොත් පට ඔසරි දුසින් බාගයකුත් රුපියල් 250 කුත් තවත් රන් මාලයකුත් දෙනවා.” කියා මා කාරයේ මුල්ලට තදකර ගෙණ සිටිමින් දවල් 12 ට මේ හෝටලයට පැමිණියා පුංචි හාමු මට නොයෙක් කථා බසුත් කියා මරන්ට පවා තර්ජනය කළ නමුත් මම තවමත් පිරිසිදු කුල ස්ත්රිටයක් මෙන් ඉඳිමි. ඔහු මා නලවා ඔහුගේ වසඟයට ගන්නා අදහසින් රන් මාලයක් හා ඔසරි ගෙනෙන්ට දැන් කොටුවට ගොසින් යයි මම සිතමි. අනේ මා කොයි විධියකින්වත් මේ අන්තරායෙන් නිදහස් කොට මගේ මවුත් සමග යන්ට සැලැස්සුව මැනව”යි අඬමින් කීවාය.

වැඩි විස්තර නොකළත් කර තිබෙන බලවත් අයුත්ත වැට හුනු ඉන්ස්පැක්ටරු තැන හෝටලේ කළමනාකාරයාත්, අමරාත් ඇගේ මවුත් බැන්ජමින් මහතාත් යන සතරදෙනා ස්වකීය මොටෝ රථයේ නග්ගවා


ගෙණ පොලිසියට ගොස් එහිදී ලියවිලි වගයකට හෝටල් කරුගෙන් අත්සන් ගෙණ එදින හොඳටම හවස්වු බැවින් තරුණියට හා ඇගේ මවුටත් පොලිසියේ නවතින්ට හැකිදැයි ඇසුයේ ය. “නැහැ දැන් අපි වඩා සුවපහසු තැනක නැවතී සිට හෙට උදේ හතට පොලිසියට එන්නෙමුය”යි බැන්ජමින් මහතා කී බැවින් “අමරාට හා ඇගේ මවුට ද බැන්ජමින් මහතාටද උදේ ආ යුතුය” කියා යන්ට හැරියේ ය. බැන්ජමින් මහත්මයා අසරණ මව හා දුවත් සමග තමා පාඨශාලාවට යන කා‍ලයේ දැන් අඳුනන වැදගත් ගෙදරකට එක්ක ගොස් එහි නවත්වා තම‍ාගේ නවාතැන සඳහා කලබල ඇතිවූ පිටකොටුවේ හෝටලයට නොව වෙන තැනකට යන්ට ගියේ ය.

02. පරිච්ඡෙදය[සංස්කරණය]

පොලිස් ඉන්ස්පැක්ටර් තැන සමග පොලිසියේ නැවතුනු හෝටලේ මැනේජර් නැවතත් හෝටලයට එක්ක අවුත් හොඳ අඩියක් දී රාත්රීත කෑමෙනුත් සංග්රරහකර “මිස්ටර් ඉන්ස්පැක්ටර්” මේ පලහිලවිව සුළු එකකි. මේකට වැඩියේ මහන්සි ගන්නට එපා. දැන් මිස්ටර් සිල්වා ඒවි. ඒ ආවාම මම රුපියල් දාහක් අරන් දෙන්නා ඔය කෙල්ල ඔයිට ඉස්සරත් සිල්වා සමග මේ හෝටලයටම කීප වතාවක් ආවා. අර මහලු ගැහැණිත් සමග ඇවිත් වුන් තරුණයාගේ ඕනෑ කමට තරුණිය නිර්දෝෂ ස්ත්රි යක් බව කියා මිස්ටර් සිල්වාට කරදර කරන්ට හදනවාය”යි කීවාම ඉන්ස්පැක්ටර් ද තමාට ලැබුණු සංග්ර්හයත් ලබා ගන්නට පිළිවන් රුපියල් 1000 ත් ගැන සිතමින් “එහෙමද මිස්ටර් පෙරේරා. ඔය වල් එකියක් නම් ඈටම තර්ජනය කර එළවා දමන්නෙමි. දැන් මිස්ටපර් සිල්වා ආවාම කථා කරගනිමුය”යි කියනකොටමත් සිල්වා හාමු රෙදි පාර්සලයකුත් සබන් සැන්ට් ආදිය පෙට්ටියකුත් රත්රන් මාලයක් හා තවත් ආභරණත් රැගෙණ රාත්රීආ අටට පමණ හෝටලයට ආවේ ය. තමාගේ බිල්ල පොලිසියෙන් අවුත් රැගෙන ගිය බව දැන නොගත් සිල්වා කෙළින්ම සොල්දරය උඩට ආවේය. ඒ කාමරේට යන පාරේම වුන් හෝටලේ මැනේජර් හා ඉන්ස්පැක්ටර් තැනත් සිල්වා හාමුට කථා‍කොට මොකද “මිස්ටර් සිල්වා මොනවද පෙට්ටියේ. අමරාට තෑගිදැ” යි සිනාසෙමින් ඇසූහ. සිල්වා එකපාරටම තිගැස්සී ඔවුන් ලඟට ගොස් පැත්තකින් වුන්නේය. “නැහැ මිස්ටර් සිල්වා බය සැක වෙන්නට මොකවත් නැහැ. නමුත්



කාරණය ටිකක් වැරදුනා. මට කලින් කීවා නම් ඔක්කොම හරියි. දැන් අමරා නම් ලැබෙන එකක් නැහැ නමුත් මිස්ටර් සිල්වාට ඒ ගැන කිසිම කරදරයක් වෙන එකක් නැහැ.” කියා ඉන්ස්පැක්ටර් තැන කියනකොට සිල්වාට කාරණය නොවැටහී හෝටලේ මැනේජර් ගෙන් විස්තර ඇසුවේය. ඔහු සිද්ධ වූ සියල්ලම රහසින් සිල්වාට කියා ඉන්පැක්ටර්ට රුපියල් දාහක් දී පිටත්කර අරින්ට යයි කීවේය. සිල්වාට රුපියල් දාහ කාරණයක් නොවන නමුත් අමරා නමැති බිල්ල බැන්ජමින් නමැති දේවතාවා විසින් ගලවා ගෙණ යාම ගැන මහත් ‍කෝපයක ඇතිව හොඳයි “මැනේජර්” මම හෙට්ටිවීදියට ගොස් රුපියල් දාහක් අරගෙන එන්නම් ඒකත් අතට දීලා බැන්ජමින්ට කුමක් කරමුදැ”යි ඉන්ස්පැක්ටර් තැනත් සමග කථාකර ගණිමුදැ”යි කියා සිල්වා අතේ තිබුණු ඔසරි ආදි බඩු එලියේ මේසේ උඩම තබා රික්ෂෝ රථයක නැගී හෙට්ටි වීදියට ගොස් රාමන් චෙට්ටිට මුදල් ගණන සඳහන් නොකරණ ලද “ඔන් ඩිමාන්ඩ්” නෝට්ටුවක් අත්සන් කොට දී රුපියල් දාහක් ගත්තේය. ඒ මුදලුත් රැගෙන කයිමන් දොරකඩ සුරා ගුබ්බෑයමකිනුත් විස්කි ‘අඩියක්’ ගසා හෝටලයට අවුත් මෙන්න මිස්ටර් ඉන්ස්පැක්ටර් අපේ මැ‍නේජර් තමුසේට දෙනවයි කී රුපියල් දාහ | තවත් පන්දාහක් තමුසේට දෙනවා මට දැන් අමරා නැතත් කමක් නැහැ - මට උවමනා මගේ අදහස ඉෂ්ට කරගන්ට නුදුන් “බැන්ජමින්” නැමැති ජඩයාට හොඳ පාඩමක් උගන්වන්ටයි. ඔහු හෙට පොලිසියට ආවාම අල්වා හිරකරන්ට ඕනෑ. ඔය මිනිහාට මින්පසු අනුන්ගේ පලහිලව් වලට නොබැ‍ඳෙන්ට තරම් පාඩමක් උගන්වන්ට ඕනෑ යයි කියා හෝටලේ බාර් ‍එකෙන් “පුංචි විස්කි අඩි” තුනක් ගෙන්වා තුන් දෙනාම බීගත්හ. ඉන්ස්පැක්ටර් බීමට ගජ හපනෙකි. බොන්ට බොන්ට රෞද්රි ගතිය අධික වන මිනුසුත් ගම් ඌරන් මෙන් “ගොජ” දමා වැතිරෙන මිනිස්සුත් මළ ප්රේ තයන් මෙයි අශික්ෂිත භාවයට පැමිණෙන මිනිස්සුත් යන තුන් වර්ගයක බේබද්දෝ සිටිති. අපේ මේ කතන්දරේ සඳහන් ඉන්ස්පෙක්ටර් තැන අධිකව බොන තරමට අධිකව රෞද්ර ගතිය ඇතිවන කොටියෙකුට සමාන තමාගේම අධික ලාභයට ගිජුවන කෙනෙකු බැවින් සිල්වා හාමු “අමරාට” තෑගි කරන පිණිස ගෙණත් තිබුණ පට ඔසරි රන්මාලය හා සුවඳ කුප්පි ආදියත් අඩංගු ක‍ඩදාසි පෙට්ටිය අතට අරගෙණ මිස්ටර් සිල්වා, මම මේකත් අරගෙණ යන්නෙමි උදේ බැන්ජමින් හා අමරාත් ඇගේ මවුත් පොලිසියට ආවාම හිරකර තබන්නෙමි”යි කීවාම සිහිසන් නැතිව ගම් ඌරෙක් ලෙස වුන් සිල්වා


හාමු හොඳයි කියා ඉන්ස්පැක්ටර්ට ශුභ රාත්රියයක් ප්‍වාාර්ථනා කෙළේය. සිද්ධවූ අලාභයත් ලැජ්ජාවත් ගැන නොව අමරා නමැති බිල්ල නැතිවීමෙන් ඛෙදයට පත් සිල්වා නමැති පිසාචයා රාත්රිර කෑමත් නොකා හෝටලයේ කාමරයේ නිදාගත්තේය. ඉතින් ඉන්ස්පැක්ටර් තමාට ලැබුනු රුපියල් දාහත් තවත් රුපියල් පන්සියක පමණ වටිනා බඩුත් ගැන ප්රීරතිවෙමින් ගෙදර ගොස් අඹුදරුවන් සමග ආහාර අනුභව කොට නිදාගන්ට සූදානම් වූ නමුත් තමාගේ රාජකාරියට නුසුදුසු අන්දමින් කළ අල්ලස් ගැනීම ගැන මහත් භයකට පතවීම නිසා නින්ද නො ගියෙ ය. භයත් ශෝකයත් අධික වු තැනැත්තාට නිදන්ටවත් ආහාර ගන්ටවත් වෙන කිසියම් සිතට කයට සැප එලවන කිසිවක් කරන්ට වත් නොහැකි බව නොදත් ඉන්ස්පැක්ටිර් වහාම නැගිට තමාගේ නියම රාජකාරිය ඇඳුම් නොව වෙනින් ඇඳුම් කට්ටලයක් ලාගෙණ රික්ෂෝ රථයක් ගෙන්වා එහි නැගී බැන්ජමින් නවතින ‍හෝටලය තමා දත් බැවින් එතනට ගියේ ය. රාත්රිප එකොළහත් පසුවී තිබුනු නමුත් බැන්ජමින් පොතක් කියවමින් තමන්ගේ කාමරයේ උන්නෙය. ඉන්ස්පැක්ටර් කෙනෙක් කථාකරණ බැව් හෝටලේ වැඩකරුවෙක් කී බැවින් එලියට ආවිට තමාත් දන්නා ඉන්ස්පැක්ටර් බැවින් ඔහු පැමිණියේ මන්දැ යි ඇසීය. “මිස්ටර් බැන්ජමින් සවස තමුසේ එක්ක ආ තරුණියත් ඇගේ මෑණියනුත් පොලිසියට එක්කර ගෙණ උදේ නාවාට කමක් නැහැ. මම ඒ පැමිණිල්ල නිෂ්ප්රගභා වන අන්දමට නැවතත් පොතේ ලියා තරුණිය ඇගේ මවුත් සමග ගමට ගිය බව සටහන් කරන්නෙමි”යි කීයේ ය. බැන්ජමින්ට කාරණය හොඳින් වැටහුනේය.

අපරාධකාර සිල්වා ගෙන් යමක් කඩාගත් ඉන්ස්පැක්ටර් කාරණය ලිස්සා අරින්ට අදහස් කළ බව හොඳටම වැටහුන නමුත් තමාට අවශ්ය්යෙන්ම උවමනාව තිබුනේ නිර්දෝෂ ගැහැණු ලමයා බේරා දීම බැවින් මේ සිද්ධවීමතත් එක් ක්රගමයක හොඳක් යයි වැටහුනේය. “ඔව් හොඳයි, ඉන්ස්පැක්ටර් මහත්මයා මම ඒ ලමිස්සියත් ඇගේ මවත් ගමට යවන්නෙමි - නමුත් රාජකාරිය හෝ තමාගේ යුතුකම ඉෂ්ට නොකිරීමෙන් ඇතිවන දුර්විපාකය තමුසේට නොලැබුණොත් ඒ පුදුමයෙකැ”යි කියා බැන්ජමින් තමාගේ කාමරයට ගොස් නිදාගත්තේය. උදේම නැගිට කුලියට මොටෝ රථයක් ගෙන්වා එහි නැගී ලොකුහාමිත්


ඇගේ දියණිය වන අමරාත් නැවතී ඉන්නා ස්ථානයට ගොස් ඔවුන්ද එහි නග්ගවා ගෙණ ඔවුන්ට ගමට ගොස් මේ සිද්ධිය කිසි වෙකුටත් නොකියා නිශ්ශබ්දව සිටින්නට යයි අවවාද කෙළේය. අමරාගේ පියා හා තවත් නෑයන් දෙතුන් දෙනෙක් අමරා හා ඇගේ මවගෙන් තොරතුරු අසා මේ සත්පුරුෂ තරුණ මහතා වෙන්ට නොදී ආරක්ෂා කර දීම ගැන මුව නොසෑහෙන ලෙස ස්තුති කළාහ. අමරාගේ මවු හා පියාත් වැඩි උගත් කමක් නැති දුප්පත් අය වුවත් ශික්ෂිත වූ ප්ර තිපත්ති රක්ෂාකරණ නිතර සතුටින් හා සමගියෙන් කල් යවන උදවිය බව වැටහුනු බැන්ජමින් මහතා ඔවුන් විසින් කරණ ලද තේ වතුර සංග්රදහයද පිළිගෙණ අමරාගෙන් ප්රවශ්නයන් අසනු කැමති බවත් එයින් ඇගේ දැනීම තරමක් දුර විමසා ගත හැකි බවත් කීවේය. අමරාගේ මවු ඊට සතුටු බව කිහා අමරා ඉදිරියට කැඳවා පුතා මේ මහත්මයා අපට කළ උපකාරයේ වටිනාකම කිව නොහැකියි. අපේ ජීවිතයෙන් පූජාකළත් මදි තරම්ය. උඹට පැමිණෙන්ට තිබුන විපතින් ගළවා මේ සැනසිල්ල දුන්න උතුමාට උඹේ දැනීම හා උඹේ තත්වයත් දැනගන්ට සැලැස්විය යුතුය”යි කීවාම බලවත් ගෞරවයෙන් ඉදිරියට ආ අමරා විළි බිය සහිතව බැන්ජමින් මහතාගේ පසෙකින් සිටියේය. පිටිසර පළාත්වල සමහර ගැහැණු ලමයින් අධික භයගුලු කමිනුත් අස්ථාන ලැජ්ජාවෙනුත් ක්රිසයා කිරීමටත් වඩා නගරවල ඇතැම් ගැහැණු ලමයි කිසිම බියක් චකිතයක් ලැජ්ජාවක් නැතුව කාගේ අභිමුඛයටත් පැමිණීම ස්ත්රීි ගතියට මහත් කැලලක් බව දන්නා කාගේ අභිමුඛයටත් පැමිණීම ස්ත්රීහ ගතියට මහත් කැලලක් බව දන්නා බැන්ජමින් - අමරාගේ හැසිරීම ගැන අතිශයින් ප්රැසන්නව “අම‍රා උඹ බලවත් දක්ෂකමක් කළ කෙනෙකි. බලවත් අධමයෙකුගේ අත යටට පත්ව ස්වකීය ගෞරවය රක්ෂාකර ගැනීම යුද්ධයකට ගොස් සතුරන් පරාජය කිරීමටත් වඩා ලොකුය. උඹ කළ දක්ෂකම නූගත් අශික්ෂිත මිනිසුන්ට ඒ තරම් වටිනා එකක් නොවේ. නමුත් මට නම් උසස් ක්රි්යාවකි. ඒ සඳහා මා විසින් නුඹට තෑග්ගක් ද දෙනු ලැබේ. මට උඹෙන් අසන්ට තිබෙන ප්රාශ්නය නම්” ගිහිගෙයි දුඃඛිත බවට පැමිණීමට හේතුව කුමක්ද? යන්නයි. හැබැයි මට ලුහුඬින් පිළිතුරු දුන්නාම හොඳටම ඇති නමුත් එහි විස්තර යම් කාලයක් ගත නොකොට කෙලින්ම පිළිතුරු සූදානම් ක‍රගෙණ වුන් කෙනෙක් මෙන් එක පාරටම අමරා “ගිහිගෙය දුඃඛිත වීමට හේතුව ප්රගතිපත්ති අක්ෂා නොකිරීම”යයි කීමේව. බැන්ජමින් මහතා


තවත් වචනයකුත් කථා නොකොට ඇත්තෙන්ම අමරා මෙහි අර්ථයත් හොඳින් දැනගෙනම මේ උත්තරය දුන්නා නම් මේ තැනැත්තී දිව්ය ලෝකයෙන් චුතව අවුත් මෙහි උපන් තැනැත්තියක් විය යුතුය. “ප්රනතිපත්ති” පිළිබඳ මැගේ දැනීම නැවත විමසන්නෙමියි සිතා හොඳයි අමරා එහි විස්තර නැවත අසන්නෙමි. “දැන් මට යන්ට ඕනෑය” ඔවුන් ගෙන් සමුගෙන බැන්ජමින් මහතා මොටෝ රථයේ නැගී මීගුමුවට අවුත් එහි තමන්ගේ කටයුත්තක් සඳහා නතර විය.

තමා හිතුවක් ඉෂ්ට කිරීමට නිතරම පුරුදු වූ සිල්වා හාමුට අමරා නොලැබුනෙන් මහත් කෝපයට පැමිණි ‍කොළඹින් පිටත්ව ගමට යන ගමන් මීගමුවේ තානායමට පැමිණියේය. බැන්ජමින් මහතාත් එවෙලාවේ තානායමේ සිටි නමුත් ඔවුනොවුන් නාඳුනන බැවින් ඔවුන් දෙන්නා අතර කිසි විරුද්ධත්වයක් ඇති නොවීය. සිල්වා උදේම විස්කි අඩියක් බී ගත්තේය. ඉස්තෝප්පුවේ හාන්සි පුටුවක් පිට වාඩිවී සිටි බැන්ජමින් මහතා ලඟින්ම වාඩිගත් සිල්වා හාමු ඔහුට ද සුරුට්ටුවක් දෙන්නට තැනුවේය. බැන්ජමින් සුරුට්ටුව ප්රමතික්ෂෙටප කොට කථාවට බැස මහත්මයා කොයිබදැයි ඇසීය සිල්වා හාමු ඔහුගේ වතගොතත් ධනවත් කමත් මුළු ලක්දිවම තමාගේ බවත් දක්වමින් “මම අද ඇවිත් ඉන්නේ බලවත් කණගාටුවෙන්ය. මේ වාරයේ මා රැගෙන ගිය අමරාවත් නිදහස් කොට මාත් නරක මිනිහෙකු බවට රටේ ප්ර සිද්ධ වෙන්ට සලස්වා මට අවමන් කරන ලද මිනිහෙකු ඉඳිනු දැක්ම මට පුදුමයකි. තමුසේ කොහේද? මොකද මේ මීගමුවට ආවේ කියා සිල්වා බැන්ජමින් ගෙන් ඇසුවේය. “මම කුරුණෑගල කෙනෙකි. මගේ නම විජයසිංහ. මම ඉඩමක් බලන්ට ඇවිත් ඉඳිමි මහත්මයා ලොකු ඉ‍ඩම් හිමියෙක් හා විශාල ධනවතෙක් බව මට ඇ‍ඟෙනවා. ඉතින් මහත්මයාට හුඟක්ම හොඳ වැඩ කරන්ට පුළුවන් කම තිබේ. දැන් මොනවද ආරම්භකර තිබෙන්නේ? කියා බැන්ජමින් ඇසූවිට -

මොනවද මිස්ටර් විජයසිංහ, තරුණ කාලේ කන්ට බොන්ට හිතට ප්රීබතිය ගෙණ දෙන කොයිවත් කරන්ට ඔනෑ. තමුසේ හොඳ වැඩය කියන්නේ මොනවාද?

බැන්ජමින් - හොඳ වැඩය කියන්නේ - රටේ මිනිසුන්ගේ ගුණ ධර්ම දියුණු කිරීම - නූගත් මිනිසුන්ට ධර්ම ශාස්ත්රට ඉගැන්වීම - අසරණ මිනිසුන්ට රැකෙන්ට මාර්ග සලස්වා දීම - හොඳටම අසරණයන්ට කෑම බීම ඇඳුම් පැලඳුම් දීම - අසරණ පවුල්වල ගැහැණු දරුවන්

දීගතලග දීමට උපකාර කිරීම - රටේ කෙරෙණ අපරාධ හා බලහත්කාරකම් නැතිකොට එබඳු සාහසික ක්රිරයා කරණ අයවලුන්ට නීති මගින් දඬුවම් ලබාදීම - ඒ ඒ පළාත්වල සුචරිත වර්ධ්න සමාගම පිහිටුවා දුශ්චරිතය නිසා දුක්ඛිත බවට පහත් බවට පැමිණ ඉන්නා අයට සුචරිතයෙහි ආනිශංස පෙන්වා දී ඔවුන් යහපත් මාර්ගයේ ගමන් කරවීම - සිංහල මුතුන් මිත්තන් ගේ ගෞරවය රැකගැනීම - පුරාණ මුතුන් මිත්තන් ගමන් ගළ නිවැරදි මාර්ගයේ ගමන් කිරීම - තමන්ගේ සැප පහසුවටත් ව‍ඩා අනුන්ගේ සැප පහසුව ගැන සැලකීම යනාදී වැඩ හොඳ වැඩ බව උත්තමයෝ කියති. ඉතින් මහත්මයා ධනවත් බල සම්පන්න කෙනෙකු බැවින් මේ වැඩවලින්ම හුඟක්ම කරන්ට පුළුවන.

සිල්වා - “මිස්ටර් විජයසිංහ අමුතු මිනිහෙක්| මම කරන්නේ ඔය කියාපු වැඩ නොවේ. මට මෝටර් කාර් හතරක් තිබේ. ඒවායේ කටයුතු කරන්ට විස්සක් පමණ සිටිති. ලක්ෂතණ තරුණියක් දැක්කොත් ඈ පස්සේ යාම මගේ සිරිතකි. මට එක දිනකට කෑමටත් බීමටත් රුපියල් 100 ක් පමණ ඕනෑ. මා විසින් කොළඹ ආදී පළාත් වලට ගෙණ ගිය තරුණියන්ගේ ගණන දෙසිය පණහකට වැඩිය. ඒ සඳහා මා විසින් රුපියල් සියක් දාහකටත් වඩා වියදම් කර තිබේ. ත්රී කාඩ්ස් සෙල්ලමට හා හෝටල්වලට ගෙවීමටත් මගේ ඕනෑ එපාකම් ඉෂ්ට කරණ යහලුවන් සඳහාත් අඩු ගණනේ මාසයකට රුපියල් දෙතුන් දාහක් වියදම් වේ. කොළඹ නගරයේ මා ගණනේ ස්ත්රීකහු හය දෙනෙක් සිටිති. එයින් දෙදෙනෙක් ලංසි - එක්කෙනෙක් දෙමළ - තවත් එකියක් ජා - දෙන්නෙක් සිංහල - මීගමුවේ, ගිරිඋල්ලේ, කඳානේ, හලාවත, මහනුවර ආදී ස්ථානවලත් මගේ මිතුරියෝ සිටිති. මේ සියලු දෙනාම සඳහා මාසයකට තවත් රුපියල් තුන්දාහක් පමණ වියදම් කරති. ධනය තිබෙන මිනිහා කන්ට බොන්ට ෂෝක් කරන්ට ඕනෑ. ඔය තමුසේ කියන “හොඳ වැඩ” පුරාණ කාලයේ සිටි මෝඩ සිංහලයන්ගේ වැ‍ඩය. තමුසේ ආශ්රබය කරන්නේ උන්නාන්සේලාද - මම ආශ්ර ය කරන්නේ අද්වකාත්, පෙරකදෝරු හා ධනවත් මිනිසුන්ය. තමුසේ අනුන්ට උදව් කරන්ට, ධර්ම ශාස්ත්ර දියුණු කරන්ට, තමන්ට වඩා අනුන් ගැණ සලකන්ට කියනවා - ඇත්තෙන්ම තමුසේ පිස්සෙක් !


බැන්ජමින් - තමුසේ ආත්මාර්ථකාමි පුදුම මිනිහෙක් - තමුසේ ලා වැනි මිනිසුන් බෝකරපු දුෂ්ට මවුපියන්ටත් මිථ්යාම ආගම් වලටත් සාපවේවා !

සිල්වා - මොකට ද තමුසේ මිථ්යාි ආගමය කියා කීවේ - මම බුද්ධාගම්කාරයෙක්. මමත් අපේ නෑදෑයන් සියල්ලෝමත් බුද්ධාගම්කාරයෝ ය.

බැන්ජ - සමාවෙන්ට, බුද්ධාගම් කාරයෙකුත් මහත්මයාත් සමාන කිරීම සිංහයෙකු නරියෙකුත් සමානයි මහත්මයාගේ කල්පනාව ‘බුද්ධාගම්කාරයාය’ යි යමෙක් කී පමණින් ඔහු බුද්ධාගම්කාරයායි කියාද?.

සිල්වා - බුද්ධාගම්කාරයාට කන්ට අඳින්ට කෙළි සෙල්ලම් කරන්ට හිතූ පැතූ යමක් කරන්ට බැරිද? හොඳයි මහත්මයා බුද්ධාගම්කාරයා ය කියන්නේ කොහොම කෙනෙකුට ද?

බැන්ජ - බුද්ධාගම් කාරයාය කියන්නේ මෙලොවදීත් පරලොවදීත් සැප ලබන අයටයි. මෙලොවදී තදබල විපතකට, අමාරුවකට, අවනම්බුවකට, රාජ දණ්ඩනයට, වස්තු විනාශයකට, නීති විරෝධ ක්රිායාවකට, නපුරු රෝග පීඩාවලට, අකාල මරණයට, හදිසි අනතුරුවලට පත්නොවන රත්නත්රායෙහි සරණ ගිය මිනිහා බුද්ධාගම්කාරයා වේ.

සිල්වා - මොනවා, තමුසේ පුදුම බුද්ධාගම් කාරයෙක්. අපේ තාත්තා බලවත් අසනීපයෙන් දැන් අවුරුදු ගණනක් කුණු පනු කකා ඉන්නවා. කැඳ ටිකක් වත් බොන්ට බැරුව දුක් විඳිනවා. ඉතින් දැන් නිතරම වාගේ පන්සිලුත් ගන්නවා - එතකොට ඒ අපේ තාත්තා බුද්ධාගම්කාරයෙක් නොවේ ද?

බැන්ජ - එතකොට තමුසේලාගේ තාත්තාට පන්සිල් උවමනාවී තිබෙන්නේ කැඳ උගුරක්වත් බොන්ට බැරිවුනාට පස්සේද? එයා කුණු පනු කන තැනට පැමිණෙන්ටත් ඉස්සර පන්සිල් ගත්තා නම් ඒ හොඳින් රක්ෂා කළා නම් දැන් ඉන්නා කුණු පනු කන අඩියට තමුසේලාගේ පියා වැටේය කියා හිතනවාද?.

සිල්වා - (ටිකක් කල්පනා කරමින්) ඔව්! තරුණ කාලේ අපේ තාත්තා හොඳ නැතිලු - සූදු කෙළියාලු - හොර හරක් මැරුවාලු - කුකුළන් කෙටෙව්වාලු - අනුන්ගේ දේ බලහත්කාරයෙන් ගත්තාලු පරදාර සේවනය කළාලු - රා අරක්කු බීවාලු - හොරකමුත් කළාලු -


පේමානන්දි හාමුදු‍රුවෝ ගිය සුමානේ මාත් සමග අපේ තාත්තා කළ වැරදි අප්රිමාණ බව කියා දැන්වත් හොඳන් පිං කරන්ට යයි කීවා. අපේ තාත්තාගේ බුද්ධාගම්කාරකම දැන් තමයි - ඉස්සර බොහොම නරකලු - ඉතින් මා ගැණ මහත්මයා කල්පනා කරන්නේ කොහොමද?

බැන්ජ - දෙහි ඇටවලින් දොඩම්ගස් අටගන්නේ කලාතුරකිනි. අමුගස් කොතරම් සාරවත්ව වැවූනත් එහි වී ඇට අට නොගනී. ඒ එසේද වුවත් මහත්මයා තවමත් තරුණ නිසා එක්තරා ප්රීයෝජනවත් මිනිහෙක් වීමට ඉඩ තිබේ. ඉක්මණින්ම බලවත් වීරියෙන් ප්රිතිසංස්කරණය නූනොත් මහත්මයා පියාටත් වඩා ඉක්මනින් බලවත් විපතට - දුකට භාජනව අනාථ මරණයෙන් මැරී ගොස් නරකයේ උපදිනවා ඒකාන්තයි.

සිල්වා - හොඳයි. මිනිස්සු නරකයට යන නොයන බව දැන ගන්නේ කොහොම ද?

බැන්ජ - මිනිහෙක් දුගතියට හෝ සුගතියට පැමිණෙන බව මෙහිදීම හොඳින් පෙනේ. යම් මිනිහෙකුගේ සිත පිරිසිදු නම්, කිසිම කෙනෙකුට හිංසාවක් පීඩාවක් නොකරයි නම්, කිසිවෙකුගේ දෙයක් පැහැර නොගණියි නම්, පරදාරාවන් කරා නොඑළඹේ නම්, ඒ මනුෂ්යමයා මෙලොවදීම දෙවියෙක් වේ. එබඳු මිනිහාට ගුණ දසයක් ඇතිවේ. ඒ ගුණ දසය නම් - කිසිවෙකු සමග තරහක් හෝ ඊර්ෂ්යා්වක් ඇති නොවීම, ලෙඩ දුක් නැති නිරෝගී ශරීරයක් ඇතිවීම. අන්යණයන්ගේ දේපොල වස්තු හා ස්ත්රීයන් කෙරෙහි ලෝභ හට නොගැනීම, දිනනලද ඉන්ද්රිසයන් ඇතිවීම, සියල්ලන් කෙරෙහි මහත් දයාවක් ඇතිවීම, දකින දකින ජනයා විසින් ප්රිසය කරණු ලැබීම, නිර්ලෝභීව යහපත් කටයුතුවලට වියදම් කිරීම, භයක්වත් ශෝකයක්වත් නැති නිශ්කලංක හිතක් ඇතිවීම යන මේ ගුණ දහය ඥානය ඇති හෙවත් මෙලොවත් පරලොවත් ජය ගන්නා උත්තම මනුෂ්යායා පිළිබඳ ඇති වන්නේය. මෙයින් පිටස්තර මිනිහෙකු කෙතරම් ධනවතෙක් වුවත්, කෙතරම් උගතෙක් වුවත්, කෙතරම් අධිපතියෙකු වුවත්, ඔහු පින්වතෙක්වත්, ඥානවන්තයෙක්වත් නොව මොලොව බලවත් දුක් විඳිමින් සිට මරණින් පසු ඒකාන්තයෙන් අපායට


යන කාලකණ්ණි මනුෂ්ය්යෙක් වේ. බුද්ධාගම්කාරයන් යයි කියා ගන්නා මිනිසුන් ඔක්කොම බුද්ධාගම් කාරයන් නොවන බව මහත්මයා සිතට ගත මැනවි. බුද්ධාගම් කාරයන් අතර හිඟන්නන්, කනුන්, කොරුන්, ගොළුවන්, බිහිරන්, අඥානයන්, රෝගීන්, අපරාධකාරයන්, තක්කඩින්, හොරුන්, අනුන්ට හිංසා පී‍ඩා කරන්නන්, රාජදණ්ඩනය ලබන්නන්, අසරණයන්, දුක්ඛිතයන් ඇතිවිය නොහැක්කේය. පිරිසිදු පද්මයේ පිළිගඳ නැත්තේ යම්සේ ද - බුද්ධාගම්කාර පවුලක කවදාවත් පවිකාර කාලකණ්ණි අධම අඥානයෙක් උපදින්නේම නැත. නමුත් බුද්ධාගම් කාරයින්යයි කියා ගන්නා බොරු කාරයන් මධ්යනයේ නම් සියලු අන්දමේ අධම කාලකණ්ණි මනුෂ්යන තිරිසනුන් ඇතිවන්ට පුළුවනැයි කීවාම එක විස්කි අඩියකින් මඳක් භ්රයමව සිටි සිල්වා තානායම් කාරයාට කථාකොට තවත් විස්කි අඩියක් ගෙණෙන්ට කී හැටියේ බැන්ජමින් මහත්මයා නැගිට යන්ට ගියේ ය.


03. පරිච්ඡෙදය[සංස්කරණය]

බැන්ජමින් මහත්මයා හතර ‍දිනක් පමණ කොළඹ ආදී පළාත්වල ප්ර්මාදව ගමට යන්ට සිතා බස් රථයක නැග්ගේය. බස් රථයේදී පත්රදයක් කියවන්ට ලැබී ස්වකීය මාමාගේ ගේ බිඳ කීප දෙනෙකුටත් තුවාල කොට හොරු රංචුවක් විසින් ලොකු මුදල් ගණනක් සො‍රා ගෙණ ගිය බවත් සොරුන් ගෙන් කිසිවෙකු මේ තාක් සොයාගත නොහැකි වූ බවත් එම පතුයේ කියා තිබුණු බැවින් මහත් චංචලයට පැමිණ මෙහි විස්තර දැන ගැනීම සඳහා ඉවසිල්ලක් නැතිවිය. බැන්ජමින් මහතා කෙළින් මාමාලාගේ ගෙදරට ‍නොගොස් ස්වකීය ගෙදරට ගියේය. ඒ යනකොට බලවත් ශෝකයෙන් සිටි මෑණියන්ගෙන් කිසිවක් දැන ගත නොහැකි වූ නමුත් අසලම පදිංචිව ඉන්නා ගමේ මුළාදෑනියාගේ ගෙදරට ගොස් “මොකොද රාළහාමි, අපේ මාමාල‍ාගේ ගෙදර පෙරේදා රෑ සිද්ධවුනයි කියන බලවත් කොල්ලකෑම - සාහසික ක්රි්යාව ගැන ආරංචි නැද්ද” යි ඇසුවේය. “ඔව් පුංචි මහත්මයා. ඒ ගමේ රාජකාරිය මට අයිති නැති නමුත් ඊයේ පටන් අද උදේ වනතුරු පොළිසියේ මහත්තැනුත් සමග නොයෙක් තැන්වල ඇවිද වෙහෙසුනා. ජුවන් අප්පුහාමිට හොඳටම තුවාලයි. උන්නැහේගේ පුතාට කරුණාසේනට


තවමත් සිහිය නැත. ජුවන් අප්පුහාමි‍ටගේ හාමිනේගේත් ඔළුව පැලිලා. දුවනිය වන බේබිනෝනාටත් පහර කීපයක් ගසා තිබේ. ගෙදර සිටි වැඩකාරයන්ටත් හොඳටම තුවාලයි. තුවාලකාරයන් හත් දෙනෙක් දැන් ඉස්පිරිතාලේ. සොරකම සිද්ධවී තිබෙන හැටි පුදුමයි. පෙරේදා රාත්රිස එකොළහට පමණ ජුවන් අප්පුහාමි හොඳටම අඳුන බබුන් නයිදේ කියන මිනිහා ඒ ගෙදරට ගොස් තිබේ. බබුන් නයිදේගේ බලවත් හදිසි ඔනෑ කමකට රුපියල් දහයක් ඉල්ලා ගන්ට යයි දොර ඇරවූ හැටියේම වෙස් මුහුණු බැඳගත් මිනිස්සු කීප දෙනෙක් ඔවුන් කියන හැටියට හය දෙනෙක් ගෙට වැදී ජුවන් අප්පුහාමිටත් අනික් සියල්ලන්ටත් පොලු මුගුරු ආදියෙන් ගසා තුවාල කොට ගෙයි තිබුණු පෙට්ටගම් අල්මාරි ආදිය කඩා තිබුන තාක් මුදල් ආභරණ රෙදි පෙරදි ආදිය පමණක් නොව නොතාරිස් ඔප්පු හා වටිනා නොයෙක් දේද රැගෙන ගොස් තිබේ. නිර්භීත වූ ඉතා දැඩි වූ කලින් පිළියෙල කරගත් චණ්ඩ ක්රියයාවක් බව පෙණෙතත් මේ සම්බන්ධ වු කිසිවෙක් මේ නැතිවූ රුපියල් ලක්ෂයක් තරම් වටිනා මුදල් බඩුමුට්ටු ආදියෙන් කිසිවක් වත් මේ තාක්ම සම්භවුනේ නැත. රහස් පොලිසිය හා මුලාදෑනිත් අහස පොලොව පෙරළමින් විභාග කරගෙණ යනවා. නමුත් තවමත් අබමල් රේනුවක් තරම සැක ඇති කෙනෙක් අල්ලා ගන්ට බැරිවුනා. දැන් මේ මහත්මයලාගේ අයියා වෝල්ටර් මහත්මයා මෙහි ඇවිත් ගියා”යි කියන කොට බැන්ජමින් මහත්මයා පුදුමවී “හොඳයි මුදල් ඉල්ලන්ට ආ බබුන් නයිදේ හිරබාරයට ගත්තේ නැද්දැය”යි ඇසීය. “සත්තකෙන්ම පුදුමයත් ඒකව ද? ඒ මිනිහාටත් හොඳටම තළා තුවාලකර තිබේ. ඔහුත් ඉස්පිරිතාලේ නමුත් ඔහු ගැන ‍තදෙන්ම සැකකොට ඔහු ඔත්තුකාරයා බවට පොළිසිය ගණන් ගෙණ තිබේ. බබුන් නයිදේගේම මාර්ගයෙන්ම මේ හොරකමත් අපරාධයත් එළිකර ගත යුතු යයි පොලිසියේ කල්පනාවයි. නමුත් බැන්ජමින් මහත්මයෝ ඊයේ රෑ පුදුම සිදුවීමක් වෙලා තිබෙන බව දැන් මට ආරංචියි. එනම් ගුණරත්න රාළහාමි ගේ දියණියක් අද උදේ ගිය තලෙයිමන්නාරම් කෝච්චියට අසුවී මැරී තිබෙනු ආරංචිවීම යි. ඉතාමත් රෑප ශොභාවෙන් යුත් තරමක බූදලක හිමිකාරියක් වූ මේ තරුණ නෝනා ඉතාමත් ශික්ෂිත උගත් කෙනෙක් බවට ප්රරසිද්ධය. ඉතින් මහත්මයාලාගේ සහෝදරයා වන වෝල්ටර් අමරසිංහ මහතා සමග කසාද බැඳීමට බස් දී තිබෙන බවත් ආරංචියි. මේ මරණය කාගේවත් උපක්රනමයකින් සිද්ධවීයයි කියන්ටත් අමාරුයි. “මගේ කැමැත්තෙන්ම දිවි නසා ගනිමි. ඊට


හේතුව කුමක්ද? යනු වැදගත් කෙනෙකුට මා විසින් ලියා තැපැල් කරණ ලදී. ඒ ලියමන ලැබූ තැනැත්තා පමණක් ඒ දැන ගත්තත් මටත් මගේ උතුම් ජාතියටත් සෑහේ.” යන මේ වාසගම ලියන ලද ලියුමක් ද ඒ නෝනාගේ ඉනේ තිබී ගන්නා ලදී. එය පොලීසියට ගෙණ ගොස් සෝදිසි කරන බව මට දැන් ආරංචියි. ඉතින් බෙන්ජමින් මහත්මයා මේ කාලේ අපේ රටේ සිද්ධවෙන හොරකම් අපරාධ සිය දිවි තොරකර ගැනීම් ආදිය දෙස බලන විට මේ ලෝකෙත් එපා වෙනවා ය”යි ගම්මුලාදෑනි මහතා කී විට එකක් ඇසූවිට හුඟක් කල්පනා කිරීමට පිළිවන් බැන්ජමින් සමාධියකට සම වැදුනාක් මෙන් නිශ්ශබිද විය. මිනිත්තු දහයක් පහලොවක් ගියපසු බැන්ජමින් මහතා “ආ රාළහාමි, දුම්රියට අසුවී මලයි කියන සුනන්දා ගේ මරණය අපේ අයියා එනකොටත් රාළහාමි දැනගෙන තිබුණාද - අයියා දන්නා බව කීවාදැ”යි ඇසුවේය. නැහැ. වෝල්ටර් මහත්මයා අද උදේ මෙහි පැමිණියේ හයාමාරට වාගේය. උන්නැහේ ඇවිත් ගොස් පැයකටත් පසුවය මේ ආරංචිය මට ලැබුනේ. උන්නැහේ දැන් මේ දන්නවා ඇති. මෙහාට එනකොට නම් තමා බලාපොරොත්තු වුනු මනමාලියගේ ම‍රණය ගැණ කිසිවක් උන්නැහේ දන්නේ නැත” කීවාම බැන්ජමින් මහතා සිතුවිලි බරින් අධික ලෙස බරව ඉතා අමාරුවෙන් මෙන් මුලාදීනි ගෙදරින් පිටත්ව ස්වකීය නිවසට ගියේ ය. සුනන්දාගේ මරණය අසා ස්වකීය සහෝදරයා සහිත පවුලට සිද්ධවුනු විපත්තියෙන් පෙළී පෙළී සිටියේය. ධෛර්යවත් බැන්ජමින් මෑණියන් දැක මඳක් සිනාසී “අම්මා මොකද ඕනෑ නැතිව දුර්මුඛව ඉන්නේ - මාමත් ඔහුගේ දූ දරු ආදීන් විපතට ගොදුරු වීමත් අපේ සැලකිල්ලක් පැවති සුනන්දාගේ මරණයත් එක විමෙ අසන්නට ලැබීමටත් වඩා සංවේගදායක සිද්ධීන් මධ්යතයේත් ධෛර්යවත්ව වැඩකළ සම්යේක් දෘෂ්ටිකයන් ගැන අම්මා අසා නැද්දැ”යි කියන විට හිතට ලැජ්ජා අටගැණීමෙන්‍ ධෛර්යවත් බවට පැමිණි අමරසිංහ හාමිනේ “ඔව් පුතා, ඔයිට වඩා භයනක දේ සිද්ධ‍වන කථාන්තර මා අසා තිබේ. නමුත් ධර්මයත් සිහි නැතිව ශෝකයත් කණගාටුවත් ඉස්මතු වුනාය”යි කීවාය. ඔන්න “අම්මත් - සම්ය ක් කල්පනාව යටපත් කළා ධර්මය කොතැනකදීවත් සිහිනැති කළයුතු නොවේ. අධික කුසගින්නේදී රස ගුණ නොසැලකිය යුතුය. උපකාර අවශ්යන වුවමනාවේදී යහළු මිත්රනකම නොසැලකිය යුතුය. රෝගය වැළඳුණු විට කාලවේලාව නොසලකාවත් බෙහෙත් ප්රිතිකාර ගත


යුතුය. නමුත් ධර්මය සිහි කිරීමට සුදුසු වේලාවක්වත් නුසුදුසු වේලාවක් වත් ඇත්තේ නැත. විශේෂ වශයෙන් චිත්ත රෝගයක් හිතට දුක් දොම්නස් ආදිය ඇතිවන විට ධර්මය කල්පනා කරමින් හිත විකලකර නොගෙණ හොඳින් පවත්වා ගැනීම හා තරම් හපන් කමක් සමර්ථ කමක් ඇත්තේම නැතැයි කීවම - පුතා මැරී සිටියදීත් කුඹුරු වැපුරූ ගොවියාගේ කථාන්තරය බැන්ජමින්ට මතක තිබේදැ”යි මහලු අමරසිංහ හාමිනේ ඇසුවේය. ඔව් අම්මා මට මතකය. ඒ මෙසේ ය.

“බරණැස් නුවරට අයත් ප්රලත්යහන්ත ග්රා මයක ගෘහපති පවුලක් වාසය කෙළේ ය. ඒ පවුලේ මව් පිය දෙදෙනාත් ඔවුන් ගේ පුත්ර යා හා ලේලිත් දාසියන් යන පස්දෙනා පමණක් වූහ. පිය ගොවියා බුද්ධ ධර්මය අසා පළපුරුදු ඇති ධර්මවාදී ධර්ම ගරුක කෙනෙක් විය. පියත් පුතත් දෙදෙන කුඹුරේ වැඩට ගිය විට මවුත් යෙහෙලිය හා වැඩකාරියත් ආහාර සම්පාදනය කර ගෙණ දහවල් කුඹුරට යාම සිරිතක් විය. මේ අය නිතර භාවිතා කරණ භාවනාව මරණානුස්මෘතිය මය. මරණය කොයි මොහොතේ කොයි අන්දමින් පැමිණේ දැයි කිව නොහැකි ධර්මතාවක් බවත්. මරණය සිද්ධවීම නියත ලෝකස්වභාවක් බවත්. සියලුම සත්වයන් ඒකාන්තයෙන්ම මිය යා යුතු බවත්, මරණය නියත වූ සත්වයා ළදරු කල හෝ තරුණ කල හෝ මහලු කල හෝ කාලයක් ගැන විශේෂයක් නොසැළකිය යුතු බවත්. එසේම උසස් කම හෝ පහත් කම ‍හේ ධනවත් කම හෝ නිර්ධනවත් කමවත් ඒ මරණය සත්වයාගේ මරණය වැලැක්වීමට ඉක්මන් වීමට හෝ පමාවීමටත් කිසි කාරණයක් නොව බවත්, මරණය සිද්ධවීමට ලෙඩක් වැළඳීම හෝ වස විෂක් කෑම හෝ ගඟක මුහුදක වැ‍ටීම හෝ වන මෘගයෙක් සර්පයෙක් දෂ්ට කිරීම හෝ වෙන විධියකින් සිද්ධවුනාට එහි විශේෂයක් නැති බවත් යන ආදී වශයෙන් මරණය පිළිබඳව - සියලු අන්දමින් කල්පනා කිරීමට ඒ පවුලේ සියලු දෙනාම පුරුදුව උන්හ. මෙසේ වසන අතර එක් දිනක ගොවියා හා ඔහුගේ පුතාත් කුඹුරු අස්වද්දන කාලය ආසන්න වූ බැවින් කුඹුරේ වැඩට ගිය හ. මහ ගොවිරාළ ලියද්දක් කොටද්දී පුත්ර යා කමතේ වල් පැලෑටි ආදිය උදුරා කුණු රොඩු ගිනි තබන්නට පටන් ගත්තේය. එහි සිටි දරුණු විස ‍ඇති නාගයෙක් දුම වැදී කොතරම් වේගයෙන් දෂ්ට කළේද කිවහොත් ගොවි පුත්රණයාට වචනයක් වත් කථාකරන්ට බැරිව එවලේම එතැනම වැටුනේය. පුත්රවයා මැරී වැටී පැය කීපයක් යනතුරුත් මහලු ගොවිරාළ


ඒ නොදැන තමන්ගේ වැඩ කළේය. ටික වේලාවකට පසු පුතාගේ හැලහොල්මනක් නැති බැවින් කමත දෙසට ගොස් බැලූවිට පුතා නයකු විසින් දෂ්ටකර මැරී ඉන්නා බැව දැක මිනිය හොඳින් දිග හැර තමාගේ රෙදි කඩින් ඒ වසා ලියද්දට අවුත් නැවතත් පස් පෙරළමින් ඉන්නා අතර පාරේ යන කෙනෙකු දැක ඔහුට කථාකර “අනේ ඕයි තමුසේ අපේ ගෙදර ලඟින් යන නිසා අපේ ගෙදරට පනිවුඩයක් කිව යුතුය. අද දවාලට ආහාර එක්කෙණෙකුට ගෙණෙන්ටත් ගෙදර ඉන්නා තුන්දෙනාම පිළිවන් තරම් වේලාපහින් සුදු වස්ත්රු හැඳ ගෙන කුඹුරට එන්ට ඕනෑ බවත් කිව මැනව” යි කීවේය. ඒ අසල් වැසියාද ගොවිරාළ කී පරිද්දෙන් ඒ පණිවිඩය කීයේය. පියාට හා පුත්රතයාට කෑම පිළියෙල කරමින් උන් ‍ගොවි මහගේ සහ ලේලිත් වැඩකාරිත් ඒ පණිවුඩය ඇසීමෙන් පුත්ර්යා මළ බවත් තේරුම් ගෙණ ඉක්මණින් ආහාර සුදානම් කොට එක් කෙනෙකුට සෑහෙන ප්රයමාණයක් රැගෙන සුදු වස්ත්රණයෙන් සැරසී වහාම කුඹුරට ගිය හ. ඔවුන් පැමිණෙන විට තද අව්ව නිසා කුඹුර කෙටීම නවත්වා පුත්රටයාගේ මිනිය අසලින් වාඩිවී උන් ගොවිරාළ දැක කාරණය විමසූහ. පුත්රපයා සර්ප‍යකු විසින් දෂ්ට කරන ලද බව කියා ඔහුගේ ආහාර කොටස අනුභව කර ඉක්බිති සතරදෙනාම එක්ව මිනිය දැවීමට තරම් දර එකතු කොට දර සෑය බැඳ ඒ මිනිය සුදු රෙදි වලින් ඔතා දර සෑය මධ්ය යේ තබා දැල්වූහ. පුත්රුයාගේ මව් ආදී සතරදෙනාම “මේ මරණය ඒකාන්තයෙන් පැමිණෙන බව අප නිතරම කියන කථාවකි. ඉතින් එය පැමුණුනාට පසු එහි විශේෂ විභාග කීමෙන් කාලය ගත කිරීම අඥාන කමකි”යි කියමින් දර සෑයේ ඒ මේ අතින් ගිනි දැල්වෙන් විට තදබද හදිසියකින් මෙන් යුහුසුලුව යන තරුණ පුරුෂයෙක් වෙල මැදින් ඒ මිනිය දවන තැනට පැමිණියේය. ඔහු මහලු ගොවිරාළ දෙස බලා “එම්බා ගොවිය ! මේ දවන්නේ කුමක්ද? සතෙක්ද නැතහොත් යම්කිසි අපවිත්රක ද්රිව්යැයක්දැ”යි ඇසීය. “නැත පුරුෂය - ‍මේ දවන්නේ මගේ එකම පුත්ර යාගේ මෘතදේහය වේ. අද උදේ මාත් සමග අවුත් කුඹුරේ වැඩ කරද්දී ඔහුට සර්පයෙකු දෂ්ට කරණ ලදින් මිය ගියේය. ඉතින් අපේ වත්කමේ හැටියට මේ මිනිය ආදාහන කරමුය”යි ගොවිරාළ කීයේය. “අහෝ තොපගේ පුත්රමයා තොපට අකීකරු වූවෙක්ද, පුත්රවයා කෙරෙහි ස්නේහයක් නොපැවැත් වූයෙහි ද?. පුත්රදයා මැරුණාට සතුටු කෙණෙක් මෙන් නිශ්ශෝකිව තොප මේ මිනිය දවන හැටි මට පුදුමයක් යයි ඒ මගී පුරුෂයා කීයේය. ධර්මය හොඳින් දත් ගොවිරාළ ඒ මගී පුරුෂයා දෙස බලා “එම්බා පුරුෂය,

තෝ කුමක් කියන්නෙහිද? මට උපන් එකම පුත්රුයා මොහු පමණකි. මගේ ඇසේ ඉන්ද්රියය මෙන් ඔහු ආරක්ෂා ‍කරගෙණ කවා පොවා වැ‍ඩිවිය පැමිණි පසු සමාන කාලය ගත කෙළෙමු. නමුත් ඔහු අපට වැඩිවිය පැමිණි පසු සමාන කුලයකින් විවාහයක්ද කරවාදී එකම ජීවිතය මෙන් නොවෙනස්ව කාලය ගත කෙළෙමු. නමුත් ඔහු අපට ප්රීථම මිය ගියේය. ඒ මැරී යාම ස්වශාව ධර්මයක් නිසාදැන් කරන්ට තිබෙන එකම කටයුත්ත ඔහුගේ මිනිය පුළුස්සා දැමීම පමණක්ය. පුත්රකයා ජීවත්ව සිටියදී අප විසින් කළයුතු උපසත්කාර කරණ ලදී. අපටද ඔහු එසේම සියලු ගරු බුහුමන් සත්කාර ආදිය කරණ ලදි. දැන් පුතා මිය ගොසින්ය. මිය ගියාට පසු කළයුතු සංග්රදහය දැන් කරමු. ඉතින් අප අයුත්තක් ක‍රන්නේ යයි හැ‍ඟෙන්ට තොපි කථා කරන්නහු ද? පුතා වේවා අනිකෙක් වේවා මරණ ධර්මයට යටපත්වීම ඒකාන්ත වූ නියත වූ ලෝකස්වභාවය ඉක්මන්වන්ට වීර්යකරණ අඥානයන් විය යුතුය. අපි ඒ සංඛ්යාභවෙහි නොවෙමුය” යි ගොවිරාල ඒ තමා නාඳුනන ‍මගී පුරුෂයාට කීයේය. ඉක්බිති ඒ මගී පුරුෂයා එහි සිටි මහලු ස්ත්රිායට කථාකොට “එම්බා මෑනියෙනි, මේ දවන ශරීරය ගැන නුඹවත් ශෝකයක් කණගාටුවක් නොදක්වන්නේ ඒ උඹේ කවරෙක්දැ”යි ඇසීය “අනේ මහත්මයෝ, ඒ මාගේ එකම පුත්රේයා ය. දස මසක් බඩේ දී රැකගෙණ බලවත් දුක් විඳ ප්රගසූත කොට කිරි පොවා නහවා කෑම බීම දී බලවත් ස්නේහයෙන් ඇති කළ මා ආරක්ෂා කිරීමට උන් මට මහත් ‍ගෞරවාදරය දැක්වූ ම‍ාගේ එකම පුත්රීයාගේ මෘතශරීර මෙසේ පුළුස්සමියි කීයේය. මගියා පුදුමව මෙන් “ඉතින් මෑනියනි, ඔබගේ සුවච කීකරු වූ එකම පුත්රදයාගේ අපවත්වීම ගැන හඬන්නේ වැළපෙන්නේ නැත්තේ මන්දැ”යි ඇසුයේය. “මාගේ පුත්ර්යා දැන් නැත. ඔහු ලෝක ස්වභාව වශයෙන් පුත්ර කමට අවුත් ඒ පුත්රඅකමේ කාලය ඉකුත්වු පසු යන්ට ගි‍යේය. පුත්රයකමත් වෙන ඥාති කමුත් කාලික වශයෙන් ඇති වන ඒවා මිස නිත්යු වශයෙන් පැවතීමක් නැත. පුත්රත නුවූ කිසිවෙක් මේ භවත්රයයේ නැති තරම්ය. ඔය මිය ගිය පුත්රමයා නිසා අඬතොත් මීට ප්රුථම වාරවල මට පුත්රැයන්ව සිට මිය ගිය පුත්රනයා නිසා අඬතොත් මීට ප්රකථම වාරවල මට පුත්රියන්ව සිට මිය ගිය අයවලුන් සඳහා ද ඇඬිය යුතුය. ඉතින් ඇඬීම මිස වෙන වැඩක් නැත. මරණයත් ඉපදීම මෙන් නිසැක ධර්මතාවකි. ඉපදී ඉන්නා කාලයේ කටයුතු යුතුකම් කර මැරුණයින් පසු ඒ මිනිය දැවීම වැලළීම ආදී කටයුතු කරනු මිස ඇඬීමක් වැලපීමක් ධර්ම ය අසා තිබෙන කිසිවෙකුත් විසින් කටයුත්තක් නොවේය”යි මහලු ගොවි ස්ත්රිරය කි පසු අමුත් තා එහි සිටි තරුණ වූ රෑප සම්පන්නවූ

කුලාංගනාව දෙස බලා - “එම්බා නැගනියනි, මේ මිය ගොස් සිටින පුරුෂයා තොපට කවුරුදැ”යි ඇසීය.

ඒ වැන්දඹු තරුණිය මගියා දෙස බලා ධෛර්යවත් සිතින් යුතුව “ඒ මිය ගියේ ම‍ගේ ප්රේඇමවන්න ස්වාමියා යයි කීය. “අහෝ පුදුමයකි. මේ මහලු ගොවියා හ ඔහුගේ බිරින්ද වෘද්ධ නිසාත් ඔවුන්ට ජීවිතය වඩා ප්රීිති දායක නොවන බැවිනුත් පුත්රනයාගේ ම‍රණය ලොක ස්වභාවය වශයෙන් සිද්ධවූවකැයි සැනසුන බව මට වැටහුනේය. නමුත් තවමත් දරුවෙක්වත් නොලැබූ ලපටි වයසේ සිටි තොපගේ පුරුෂයාගේ මරණය තොපට ශොකයට හේතුවක් නොවුයේ කෙසේද? ඔහුට වඩා හොඳ මිනිහෙක් බලාපොරොත්තුවෙන්ද? නැතහොත් තොපි අනාචාරීව කල්ගත කළා ද? තොපේ පුරුෂයා තොපට ප්රේේම නොකළේද? තොප සතුටු කිරීමට පරිශ්රනම නොදැරුයේද? තොපට රුචිවූ පරිද්දෙන් කෑම ඇඳීම ආදිය නුදුන්නේදැ”යි ඇසීය. අනේ මහත්මයෝ. මගේ ස්වාමිපුරුෂයා තරම් හොඳ කෙනෙක් මේ ගමේම නැත. ස්වාමි පුරුෂයෙකු විසින් භාර්යාවකට කළයුතු යුතුකම් මඳකුත් නොපිරි හෙළා ඉෂ්ට කළ මගේ තරුණ ස්වාමි පුරුෂයා අනංගයා හා සමාන කෙනෙකි. ඔහු මට තිබුණු ප්රේ මයත් මා තුළ ඔහුට තිබුණු ප්රේතමයත් දක්වන්ට වචන නැත. නමුත් ඒ සියල්ලම වෙනස් විය යුතු බව මම කුඩා කාලේම දැනගෙණ සිටියෙමි. එසේම ඒ වෙනස් වී ගියේය. මම ඔහු සොයා ගෙණ ඔහු ළඟට නාවෙමි. මා සොයා ගෙණ ගොස් ඔහු මගේ මව්පියන්ගේ කැමැත්ත ලෙස සරණ පාවා ගෙණ උන්නේය. ඉතින් මා සරණපාවා ගෙණ ඉඳ ඉක්බිතිව ඔහුම මා අතහැර දමා ගියේය. මගේ පාදපරිචාරිකා මෙහෙයවත් මා විසින් දක්වන ලද බලවත් ආදරයවත් නොසලකා මට කියන්නෙත් නැතිව මිය ගිය මගේ ස්වාමි පුරුෂයා ගැන ශොක කරතොත් නැතිව මිය ගිය මගේ ස්වාමි පුරුෂයා ගැන ශොක කරතොත් මා ව‍ැනි අඥාන තැනැත්තියක් මිනිස් ලොව සිටිනු බැරිය. එක්වීම යම්සේ ද වෙනස්වීමත් එසේමය. එක්වීමේදීත් වෙනස්වීමේදීත් එක හා සමාකව සතුටෙන්ම නොහැකි වූවත්, උදාසීන වන්ටවත් නොදත් අය මනුෂ්යා ධර්මය නොදන්නෝ ය”යි කීවාම ඒ මගී පුරුෂයා එහි සිටි අනික් ස්ත්රි ය - වැඩකාරි දෙස බලා මේ මිය ගිය තැනැත්තා නුඹේ කවුරුදැයි ඇසුයේය. ඒ ස්ත්රිිය ඔහු දෙස බලා “ඒ මගේ භක්තිදායක ස්වාමියාණෝය. මට බොහෝ සැළකිලිත් අනුකම්පාත් කළ ඒ මහතා කුඩා කාලේ පටන් රැක ගත්තෙමි. නමුත් අප කාටත් නොකියා මිය ගියේය”යි කී කල්හි මේ හදිසියෙන් පැමිණි අමුත්තා උන් හැටියේම අන්තර්ධානවූ

ඉක්බිති කාන්තිමත් ශරීරයෙන් උපලක්ෂිත සර්වාභරණයෙන් සැරසුණු තේජවන්ත දිව්යි විලාශයෙන් අහසේ පෙණි සිට - එම්බා - “පියානෙනි, මෑනියෙනි, භාර්යාවෙනි, දාසියෙනි, ඒ තොපගේ හිතෛෂි වන්තව සිට මිය ගිය තැනැත්තා නම් මමය. නිතර මරණානුස්මෘතිය සිහිකිරීමත් සම්යබක් දෘෂ්ටිය අනුව ගිය ‍ඥානයත්, කරණලද මව්පිය සංග්රීහාදී කුශල කර්මයත් හේතුකොට ගෙණ මට දිව්ය‍ ආත්ම භාවය ලැබුනේය. මරණය පිළිබඳව නුඹලා ‍කරගෙණ තිබෙන අවබෝධය ඉතාමත් සතුටු දායකය”යි ඔවුන්ට ස්තුති කොට ඒ දිව්යර පුත්ර යා දෙව්ලොව යන්නට ගියේය. මේ කථාන්තරය කිවූ පසු ස්වකීය සහෝදරයාගේ පවුලට පැමිණි හානියත් ඒ සමග තමාත් නිතර බලාපොරොත්තු ගුණවත් සුනන්දාගේ මරණයත් ගැන කලින් පැවති තදබල ශෝකය තුනී කරගත් අමරසිංහ හාමිනේ ගුණ නුවණැති ධර්මවාදි බාල පුතනුවන් වන බැන්ජමින්ට කථාකොට “ආ බැන්ජමින් අපේ අයියන්ඩිගේ පවුලට මේ අනතුර කිරීමට ඉතාම හිතෛෂි කෙනෙකු ගේත් සම්බන්ධ‍යක් ඇති විය යුතුයයි මට හැ‍ඟේ. ඊයේ සවස් වරුවේ මා සම්භවී මේ විපාක ගැන කථාකළ සුනන්දා දිවි තොරකර ගත්තෙත් මේ නිසායයි මට සැකය. ඉතින් මේ ගැන හොඳින් පරීක්ෂාකළ යුතුය. මේ දවස්වල වෝල්ටර් හැසුරුණු හැටිත් ගිය ආ තැනුත් එක්ව හැසුරුණු අයත් ගැන සලකන විට මේ දුෂ්ට ඉලන්දාරියාගේත් යම්කිසි සම්බන්ධතාවයක් තිබෙන්ට පිළිවනැයි මට නිකම් හැ‍ඟෙනවා. උඹත් මේ ගැන ඉතාමත් නුවණින්ද තද රහසෙන්ද කාරණා පරීක්ෂාකර ගතහොත් අපට පමණක් නොව ලෝකේ බොහෝ දෙනෙකුට ද දෙලොවටම ප්රතයෝජනවත්ය” යි කීවේ ය. බැන්ජමින්ගේ හිතේ පැවති සැකයම ස්වකීය මෑණියන් තුළත් පැවතීම ගැන පුදුමව - බැන්ජමින් - හොඳයි අම්මා, ඔය කාරණා දෙකම ගැන මොනම මතයක්වත් අදහසක්වත් කා සමගවත් කථාකරන්ට කමක් නැහැ. ඇත්ත කවදා නමුත් හෙලිවෙනවා ඇත. ඇත්ත එලි නූනත් අපරාධයක් අයුත්තක් කළ අයට එහි දුර්විපාක නම් නොලැබී යන්නේ නැත. අහසට දැමූ කැට නොඅනුමාන බිම වැටෙන්නාක් මෙන්ම සිද්ධවේ. අම්මාට හැඟී තිබෙන කිසිවක් කාටවත් කියන්ට කමක් නැත කියා බැන්ජමින් සුනන්දාගේ මිනිය පිළිබඳ විභාගය පවත්වන තැනට ගියේය. සුනන්දා මැරෙණ ‍කොටත් අතේ තබා ගෙන වුන් ලියමනේ කියා තිබෙන වචන එනම් “මගේ කැමැත්තෙන්ම දිවි නසා ගතිමි. ඊට හේතුව කුමක්ද යනු වැදගත් කෙනෙකුට මා විසින් ලියා තැපැල් කරණ ලදි.


ඒ ලියමන ලැබූ තැනැත්තා පමණක් ඒ දැන ගත්තත් මටත් මගේ උතුම් ජාතියටත් සැහේය”යි යන මේ වචන ඔස්සේ ගොසින් ඇගේ මරණය පිළිබඳ රහස සෙවිය යුතුයයි මුලාදෑනීහු සම්මත කර ගත්හ. මිනිය පිළිබඳ ආදාහනය ඇගේ මව්පියන් ඇතුළු බන්ධුවරයන් විසින් ඉතා හොඳින් ඉෂ්ට කරණ ලදීත ඒ පළාත භාර පොලිස් නිලධාරි මහතා සුනන්දාගේ මිත්රියන් - හිතෛෂින් කවුරුදැයි පරීක්ෂාකර ගෙණ යනවිට වෝල්ටර් අමරසිංහ මහතා ඉතාමත් හිතෛෂියා බවත් ඔහු සමග විවාහ වීමට ගිවිසගෙණ සිට බවත් දැනගත් බැවින් ඈ විසින් සඳහන්කර තිබෙන ලියමන ඔහු වෙත යවන්නට ඇතැයි සිතා ගත්තේය. ඒ මුලාදෑනියා බැන්ජමින් හා සුනන්දාගේ සහෝදරයෙක් වන ධර්මදාසත් සමග වෝල්ටර් සොයා ගෙණ ගියේ ය. ස්වකීය නිවසේ තමන්ගේ කාමරයේ උන් වෝල්ටර් වෙතට ගොස් “මිස්ටර් අමරසිංහ තමුසේට අද ලැබුනු ලියමන අපටත් පෙන්වන්ටය”යි මුලාදෑනි නැත කීවේය. ශෝකයෙන් නොව වෙරිමතින් මෙන් සිටි වෝල්ටර්” ඔව් මමත් බලාපොරොත්තු වුනේ එහෙම ලියුමක් මට ලැබේය කියා තමා. සුනන්දා අතේ තිබුණු ක‍ඩදාසි කැබැල්ලේ සඳහන් ලියුම ඇත්තක් නම් ඒ ලියන්ට ඇත්තේ මටයි. නමුත් මේ වනතුරු එබඳු ලියුමක් ලැබුනේ නැත. ඈ මාත් සමග විවාහ වීමට පොරොන්දුව සිටි මගේ ආදරවන්තිය වේ. ලියුමක් ලියා තමාගේ කැමැත්තෙන්ම මළා නම් මට ඒ ලියුම ලැබෙන්ට ඕනෑ. මට තවම ලැබුනේ නැත. මින්පසු ලැබේය කියා හිතන්නටවත් අමාරුයි. ඉන්නිසා සුනන්දාගේ අතේ තිබුනු ලිපිය වෙන කා විසින්වත් මළාට පසු තබන ලද්දක් විය යුතුය. සුනන්දා කවරෙකු විසින් නමුත් ම‍රා දුම්රියට තබන ලදැයි මම සිතමි. ඈ සමග විවාහ වෙන්ට බලාපොරොත්තු කෙනෙක් ඇගේ සිත ගත නොහැකිව කරණ ලද දුෂ්ට ක්රිනයාවක්ය”යි මම සිතමියි කීවේ ය. පොලිස් නිලධාරි ත‍ැනටද මඳක් සැක ඇතිවූ නමුත් මිනිය දවා භෂ්ම කළ බැවින් තව වරක් පරීක්ෂා කිරීමටත් ඉඩක් නැති නිසා “නෑ මිස්ටර් අමරසිංහ, දොස්තරවරු දෙන්නෙක්ම හොඳට පරීක්ෂාවෙන් මිනිය කපා සෝදිසි කළා. දිවිපිටින්ම දුම්රියට අසුවී තිබෙන බව ඔවුන්‍ ගේ නිසැක කල්පනාවයි - ඉතින් තමුසේ කියන කීමට ඉඩක් නැත. හොඳයි ඈ කියන ලියමන තමුසේට හෙට අනිද්දාටවත් ලැබෙනට පිළිවන. සමහරවිට තමුසේට නොව වෙන කෙනෙකුට ඒ ලියමන තැපැල් කළාද කියාත් අපට කියන්නට බැරිය. ඒ කොයිහැටි වුනත් තමුසේත් ටිකක් පරීක්ෂා කොට යමක් දැන ගනිතොත් අපටත් කියනු

මැනවි. තමුසේලාගේ මාමලාගේ ගෙදර මංකොල්ලය සුනන්දගේ මරණයටත් වඩා රහසක්ව පවතින බරපතල එකකි. ඒ ගෙදරදී තුවාල ලැබූ හත්දෙනා ගෙන් තුන් දෙනෙකු ජීවත් කළ නොහැකි බව කියති. ගෙදරකට පැමිණ ගෙයි උන් සියල්ලටම බලවත් තුවාල කොට විශාල ධනයක් පැහැර ගෙන ගිය සොරුන්ගේ ක්රිලයාව ආත්ම ඝාතනය කර ගැනීමටත් වඩා පළාතේ මුලාදෑනීන්ටත් වැදගත් පදිංචිකාරයින්ටත් නින්දා එලවන ක්රිතයාවකි. ඉන්නා නිසා ඒ ගැනත් තමුසේ ටිකක් විපරම් කරන්ට ඕනෑ. මම දැන් ගිරිඋල්ල පාරේ හලාවතට යනවා. යම්කිසි දූසමාන ආරංචියක් ලැබී තිබෙනවාය” යි කියා ඒ මුලාදෑනි තැන ස්වකීය මොටෝ සයිකලයේ නැගී යන්නට ගියේ ය. බැන්ජමින් ස්වකීය සහෝදරයා වෙරිමත්ව ඉන්නා නිසා ධර්මදාසත් ඉදිරියේ ඔහු සමග කථා කරන්ට අසතුටු වූ නමුත් වොල්ටර්ම කථාව උපදවා ආ බැන්ජමින් මාමාලාගේ පවුලට අනතුරු කර ඔවුන්ගේ ධනය පැහැර ගැණීමත් ඊට පසුදින සුනන්දා දිවිතොර කර ගැනීමත් නිසා මේ දෙකේ සම්බන්ධකමක් තිබෙනවා නොවේදැ”යි ඇසුවේය. “අයියා ඒ ගැන යමක් දන්නවා දැයි මම ‍ෙනාදනිමි. මම ඔය කාරණා දෙකම ගැණ තවමත් මොකම තීන්දුවකටවත් නොපැමිණියෙමි. සුනන්දා එක ගමක කෙනෙකි. මාමලා වෙනින් ගමකය. අනිත් අතට මාමලාගේ පවුල විනාශ‍කොට ඔවුන්ගේ ධනය පැහැර ගැණීම කලින් පිළියෙලකර තිබුණු බලවත් කුමන්ත්ර ණයක් බව නම් ඒකාන්තය. කවුරු නමුත් මීට සම්බන්ධ අයගෙන් එක් කෙනෙක් වත් සොයා ගත්තොත් මුළු කුමන්ත්‍ීටණය එහෙම පිටින්ම එලිවී යනවාට සැක නැත. එය හෙලිකර ගැණීමට ආණ්ඩුවේ මුලාදෑනීන්ට ඉඩ හැර අපි නිසොල්මන් වෙමු නම් බලවත් අයුත්තකි. මටත් ඒ සඳහා කළ හැකි සියල්ලක්ම කරන්නෙමි. අයියා පිළිවන් තරම් උත්සාහ ගත්තොත් හොඳය”යි කීවාම දැඩි සිත් ඇති වෝල්ටර් සුරා පානයෙන්ද දැඩිව සිටි බැවින් “උඹට වාගේ මට පිස්සුවක් නැහැ. අපට කිසිම පලක් නැතිව සිටි මාමාටත් ඔහුගේ දූ දරුවන්ටත් මක්කා වුනත් මට කමක් නැත. මම කිසිවක් විපරම් නොකරමි”යි කීවාම ඒ වෙලාවේ ඔහුත් සමග

තව දුරටත් කථා කිරීම නිෂ්ඵල බව දැනගත් බැන්ජමින් ධර්මදාසත් සමග සුනන්දාලාගේ ගෙදරට යන්ට ගියේය.

04. පරිච්ඡෙදය[සංස්කරණය]

සුනන්දාගේ මව් වල විමලා හාමිනේ බැන්ජමින් දැක මහත් කණගාටුවෙන් අඬන්ට පටන් ගත්තාය. විමලා හාමිනේ බොහොම දුරට උගත් ධර්ම ප්රනතිපත්තියේ හැසිරෙන කෙනෙකු බව දන්නා බැන්ජමින් ඒ හාමිනේගේ දුඃඛිත භාවය දැක ඛෙදයට පැමිණ මෙසේ කථාවට බැස්සේය.

බැන්ජමින් - නැන්දාට අපට වඩා දුක ඇති බව ඇත්තකි. නමුත් දිවි නසාගත් දුවනිය ගැන ඇඬීමෙන් හෝ ශෝකවීමෙන් පලක් නැත. ඒ සම්බන්ධයෙන් යම් කිසිවක් ඉගෙන ගන්නට පිළිවන්දැයි විමසන පිණිස මම ආවෙමි. නැන්දාගේ ශෝකය ටිකක්වත් තුනී වන පිණිස තවත් අපි ඒ ගැන කථා කරමු.

විමලා හාමිනේ - ඔව් පුංචි මහත්මයා, උඹේ පැමිණීම දෙවි කෙනෙකුගේ පැමිණී‍මක් මෙන් මට සැනසිලි දායකයි. සුනන්දා පෙරේදා රාත්රිද 7ට පමණ ආහාරත් ගෙන වෙනදා මෙන් ගෙදර දොරේ සියලු කටයුතු කළාය. එලිවෙන ජාමේ දුම්රියකට අසුවෙන්ට සිතා උන් කෙනෙක් නොහැසිරෙණ අන්දමකින් මේ ළමයාගේ එදා රාත්රිු හැසිරීම මතක් වෙන විට මගේ පපුව දෙදරුම් කනවා.

බැන්ජමින් - පෙරේදා උදේ හෝ දවල් සුනන්දා ක‍ාවත් සමග කථා බහක් කරණ බව නැන්දා දුටුවේ නැද්ද?.

විමලා හාමිනේ - ඇයි. දහයට පමණ වෝල්ටර් සමග බොහෝ වේලා කථා කරමින් එහා කාම‍රයේ උන්නා. ඒ කථාව කුමක්දැයි මට නෙ ඇසුන නමුත් ඇගේ වචන තුන හතරක් වරින්වර මට ඇසුනා. “අධර්මවාදීව ලෝකයේ ඉන්නවාට වඩා මිය පරලොව යාම හොඳය”යි ඈ වෝල්ටර්ට කී එක් වචනයක් බව මට මතකයි.

බැන්ජමින් - එහෙම ද? එය ඉතා වැදගත් වචනයකි. ඉතින් ඒ කථාවේදී තවත් නැන්දාට යමක් ඇසුනා නම් හරියටම ඈ කියාපු වචනයම සිහි ‍කොට කියන්ට.

විමලා හාමි‍නේ - මට දැන් මතක නැහැ. “නිරර්ථකයේ දිවි තොර


කර ගන්නා අය මිනී මරන්නන්ටත් වඩා දුෂ්ටයෝ”ය කියාත් ඈ වෝල්ටර් දෙස තදින් රවා බලා කීවා. නමුත් ඔහු සමග ඊට පසු කී කථාව මට ඇසුනේ නැහැ. සුනන්දාගේ ඇක්සයිස් පොතක තිබෙන කව් කීපයක් ධර්මදාස මට අද උදේ පෙන්නුවා. ඒවා මට තේරෙන්නේ නැහැ. පුංචි මහත්මයා කියවා බලන්ට - ඒවා මට තේරෙන්නේ නැහැ. පුංචි මහත්මයා කියවා බලන්ට -

බැන්ජමින් - කවි කියවයි.

කී වො ත් දිවි නැසේ කෙනෙකුගෙ තිර සා රේ ආ යෙ ත් ඉඳුම් යුතු නැති වෙයි ඔහු බා රේ කී ව ත් නොකීවත් දොස් විය එක වා රේ ජී ව ත් වනු කුමට නිරයට යන පා රේ

දැ හැ මි න් මියනු අදමින් රැකෙනුවට ව‍ඩා ය හ මි න් හොඳයි දැක්විය “සඟර ලෝ වැඩා” දැ හැ මි න් අදම එක්කර ගත් අයට ව‍ඩා නැ හැ මි න් පෙර කෙනෙක් කිම දැන් තැවෙනු අඬා

කෙ නෙ කු ට පැමිණි දුක හැකි නම් වළක න් ට කෙ නෙ කු ට බැරි ද ඔහු වෙනුවෙන් දිවි දෙ න් ට ය මෙ කු ට සැප ළඟට එන දුක දැන ග න් ට හැ කි වි ට දුක් නොමැති මග අයුතුද ය න් ට

දි වි න ම් සපල දැහැමින් සිටින තුරු ත මා බැ රි න ම් දහම් රකිනට දිවි රකිනු කි මා අ ද හ ම් සමග ලද සැප විස සහිත අ මා ස ම න ම් මරණ දුක සුර සැප අසම කි මා

ත ම එ ක දිවි රැකුම සඳහා මෙලෝ දනා ද හ ස ක දිවි නසයි ඒ ගැන දුක් නො වනා අ නි කෙ ක දිවි රකිනු වස් සිය දිවි පු දනා ස ම තෙ ක සොයනු බැරි පුදුමය බලනු මැනා

මේ කවි කියවා ඉක්බිති එහි ලියා නැවත කටුගෑමෙන් කියවා ගන්නට නොහැකි තැනට පමුණුවා තිබෙන කවිය බැන්ජමින් මහතා හා සුනන්දාගේ සහෝදර ධර්මදාසත් මවුත් ඉතා ඕනෑ කමින් කියවන්ට උත්සාහ කළ නමුත් නොහැකි විය. නමුත් බැන්ජමින් මහතා ඒ කවි සඳහන් ‍පොත සාක්කුවේ ලාගෙණ නැවත විමලා හාමිනේ සමග කථාවට බැස්සේය.


බැන්ජමින් - මේ කවිවල ඉතාමත් ප්රකශස්ත ගැඹුරු අදහස් තිබේ. බොහෝ දුර කල්පනා ‍කොට අර්ථ තේරුම් ගත යුතු කවි බව පෙනේ. සුනන්දා දිවි තොර කර ගෙන තිබෙන්නේ “කාලික උමතු භාවයෙන් ය”යි නොකියා වෙන කියන්නට එකක් නැත. එහෙත් ඈට කළ හැකිව තිබුණු ඉතමත් හොඳ වැඩේ දිවි නසා ගැණීම යයි ඈ සිතුවාට කිසිම අනුමානයක් නැත.

විමලා හාමිනේ - ඔව් පුංචි මහත්මයා, ඈට ඇගේ තත්වයත් පරිශුද්ධ භාවයත් ආරත්ෂාකර ගැනීමට ඉඩ තිබුනා නම් කවදාවත් මේ අපරාධය කරන්නේ නැත. මේ කවි හය යන්තම් කියවා ගන්ට ‍මටත් පිළිවන් කම තිබුණු නමුත් මේවායේ අදහස මට සමුපූර්ණයෙන්ම වැටහුනේ නැහැ. පුංචි මහත්මයා කරුණාකර මටත් එහි අදහස් විස්තර කර දෙන්ට.

බැන්ජමින් - මේ කව්වල වචනාර්ථ නම් මට තේරෙණවා නමුත්‍ මේ තැනූ ඇත්තිය ඇතුළත් කර තිබෙන ගුප්තාර්ථ ටිකක් දුර විපරම් නොකොට නිරවශේෂ වශයෙන් කියන්නට අමාරුයි. ඒ නිසා ඇගේ මරණයත් අපේ මාමලාගේ ගෙදර හොරකමත් අපේ අයියාගේ ක්රිඒයා පටි පාටියත් යනාදී කරුණු මේ කවි තැනීමට හේතුවක් බව මට දැන් වැටහේ. සුනන්දා දුර්වල නිසා නොවේ නම් දිවි නසා ගන්නවා වෙනුවට ජීවත්ව ඉඳගෙනම් තමාට සිදුවු වරදට ප්රොතිකාර කරගනු නිසැකයි. වරදිනුත් මිදී විපත්තියටත් මුහුණ නොපා ගෞරවයත් ආරක්ෂා කර ගැනීමට බැරි තැනැත්තා දුර්වලයෙකි. එබඳු දුර්වල ‍කෙනෙකුට දිවි නසා ගැනීම වැනි ගර්හිත ක්රිතයාවක් කරන්නාට කාලික උමතුව හැදුනාය කීවත් කිසි වරදක් නැත. දිවි නසා ගැණීම තරම් නීච අපරාධයක් ලෝකයේ නැත. ඒ එසේ ද වුවත් සුනන්දාගේ ක්රි යාව පිළිබඳ අවසාන විනිශ්චයකට අද පත් වන්නට බැරිය. සුනන්ද විසින් කා‍ටදෝ ලියා තිබෙනවයි කියන ලියමන ලැබුණු පසුත් අපේ මාමලාගේ ගෙදර සිද්ධ වූ සොරකම එලිවූ පසුත් ඇගේ දිවි නසා ගැනීම ගැන තීන්දුවකට පත් විය හැක.

විමලා හාමිනේ - පුංචි මහත්මයාගේ කථාව ඉතාමත් යුක්ති සහගතයි. මටත් සුනන්දාගේ පියාණන්ටත් ඇගේ මලයා වන මේ ධර්මදාසටත් සුනන්දාගේ මරණය ගැන කණගාටු ඇතිවී


තිබෙන්නේ ඈ වැඩි කැමැත්තක් නැතිව සිටියදීම වෝල්ටර්ට විවාහ කර දීමට තීන්දු කරගෙන ඔහු සමග මිත්රටවෙන්ට සැලැස්වීම ගැනයි. අපේ නෑ කමටත් වඩා උඹලාගේ පවුල ගැන අපේ බලවත් ගෞරවයක් හා බලාපොරොත්තුවක් පැවතුනා. උඹලාගේ මව්පිය දෙදෙනාම ධර්මයෙහි හැසුරුණු ධර්මය ගරු කරන ජීවිතයට වඩා ධර්මය ගරු කළ දෙදෙනෙක් බව අපි ඒත්තු ගෙන සිටියා. එ බඳු ධර්ම වාදී පවුලකට එක්වීමෙන් මහත් සැපතක් ලැබේ යයි අපේ විශ්වාසයක් පැවති නිසා නොවේ නම් වෝල්ටර් මහත්මයාට සුනන්දාව විවාහකර දීමට කවදාවත් අදහස් නොකරති.

බැන් - නැන්දාගේ කල්පනාව ඉතාමත් හරිය. ධර්මවාදී පවුලක අධර්ම වාදීන්ටත් ඉපදීමට බැරිකමක් නැත. ඇරත් ධර්මවාදියෙක්ව උපන් කෙනෙකුටත් පාප මිත්රර සේවනාදිය නිසා අධර්මවාදි වීමට බැරිකමක් නැත. එක කූඩුවෙන් ගත් ගිරා පැටවුන් දෙදෙනාගෙන් එකෙක් මිනී මැරීමට උපකාරී වීමත් අනිකා ආගන්තුක සංග්රටහදිය කර අභයදීමත් පුදුමයක් නොවේ ද? එක ගිරා පැටවෙක් සොරුන් ලඟත් අනිකා තපස්වරයෙකු ලඟත් ඇති දැඩිවූ බැවින් ඔවුන්ට උත්පත්ති වශයෙන් ලැබුණු තිරිසන් ගුණයට වඩා විශේෂ වු රෞද්රට ගතියකුත් මෘදු ගතියකුත් ඇතිවූ බව පෙනේ. නමුත් මනුෂ්යරයන් පිළිබඳව මීටත් වඩා පුදුම වෙනස්කම් ඇතිවේ. ඉතා හොඳ මිනිසුන් මෙන් රටට පෙන්වාගෙණ ඉන්නා අය බොහෝ ය. රහසින් නොයෙකුත් දුශ්චරිත කරමින් රටට හොඳ උපාසක ලීලාවක් දක්වාගෙණ ක්රි යා කරණ වුන් නිසා සතර අපායෙන්ම චුතවන පහත් මිනිසුන් ඉපදීම මේ ලෝකයේ පවත්කා ධර්මතාවයකි. සුචරිත සම්පන්නව ඉන්නා කාලයේදී මිස උසස් දරුවෙකු මව් පියන්ට නොලැබේ. සමහර මිනිස්සු තරුණ කාලේ නොයෙකුත් දුශ්චරිත කරමින් සිට මහලු කාලේ ප්රේතිපත්තිකාමීව යහපත් අයවෙති. ඔවුන්ගේ දූ දරුවෝ පව්කාර කාලකණ්ණින් වූ විට අර පින්දහම් කරණ මව්පියන් දෙස බලා “අනේ මේ කාලේ හැටි | අසවල් මව්පිය දෙදෙනා නම් ඉතාමත් හොඳ උපාසකවරුය. නමුත් ඔවුන් ගේ දූ දරුවෝ පහත් පව්කාර තත්වයක සිටිත්. ඔවුන් කරණ නොපමණත් කම්ද අනන්තය. හොඳ මිනිසුන්ට පව්කාර දරුවන් උපදින්නේ නැතැයි අපේ උගත් ධර්මධරයෝ කියති.

බණේ දහමෙන් එසේ කියා තිබෙනවා. නමුත් අසවල් උපාසක උන්නැහේ ගේ දූ දරුවන් දෙස බලන විට ඒවා ඔක්කොව බොරු - දැන් කාලේ කොහොම හරි සල්ලිය බාගේ සම්බකර ගත්තොත් වෙන සුතරිතයක් ප්රරතිපත්තියක් පිරීමෙන් ඇති පලක් නැත. ඔය දහම් කියන ඒවා ඇත්තක් නොවේය”යි කියන මිනිස්සුත් මේ රටේ සිටිති. ඉතින් කිසිම කාරණයක සම්පූර්ණ තත්වය නොසොයන නැතහොත් කාරණය තත්වූ පරිද්දෙන් අවබෝධකර නොගත් මෙබඳු නුගත් මිනිසුන්ටත් ඔවුන් ගේ කථා බස් අසා මුලාවට පත්වල අයටත් ආගම ධර්මය කෙරෙහි ඇල්මක්වත් සාන්දෘෂ්ටික විපාක දායක වූ සත්යග වූ ධර්මය ඉගෙණ ප්රලඥා වීර්ය දෙක දියුණුකර ගැණීමටවත් නො ලැබී ඉතා අමාරු වෙන් ලබාගත් මේ උතුම් මනුෂ්යාණත්ම භාවය නිෂ්ඵල කර ගන්නා බව පෙනේ.

විමලා හාමිනේ - හිටින්ට පුංචි මහත්මයා, දැන් ඔය කියාපු කාරණයට මා හොඳ නිදර්ශණයක් කියන්න. මේ එහා වත්තේ පදිංචි ඩිංගිරි බණ්ඩා උපාසක උන්නැහේ සහ එම මැණිකේත් තරම හොඳ උපාසකයෙකුත් උපාසිකාවකුත් මම නොදනිමි. නමුත් ඒ ඇත්තන්ගේ පුතුයන් දෙන්නාත් දුවරු දෙන්නාත් තරම් අශික්ෂිත පව්කාර කාලකනනි හතර දෙනෙක් කොහේවත් සොයා ගන්නට නැති තරම්ය. ඉතින් මේ ඒ කාරණය මෙහිදීම විනිශ්චය කළොත් හොඳය.

බැන්ජමින් - ඔව්, අපේ කාරණය පැහැදිලි වන පිණිස නැන්දා පෙන්නූ නිදර්ශිණයත් බොහෝම හොඳයි. නැන්දා කියන ඩිංගිරි බණ්ඩාිත් ඔහුගේ මැණිකේත් දැන ඇඳින ගත්තේ කොයි කාලේද?

විමලා හාමිනේ - මීට අවුරුදු 5කට පමණ ඉස්සරයි. ඒ මා දැනගත්දා පටන් අද වේ මොහොත වනතුරුත් ඔවුන්ගේ පැවැත්ම ඉතාමත් යහපත්ය.

බැන්ජමින් - නැන්දා ඒ දෙදෙනා දැන ඇඳින ගන්නා විට ඔවුන්ගේ දරුවෝ ලොකු ද?

විමලා හාමිනේ - ඔව්, දැන් ලොකු අපරාධකාරයෙක් ලෙස ප්රුසිද්ධ බාලම පුත්ර යාට අවුරුදු අටක් පමණ වෙනවා.

බැන්ජමින් - ඉතින් නැන්දාට ඩිංගිරි බණ්ඩාගේ හා එම මැණිකේගේ තරුණ කාලේ පැවැත්ම කියන්ට බැහැ නොවේද? ඒ කාලේදී


මොවුන් කල්යැව් හැටි අසලාවත් නැද්ද? සතුටු නම් ඩිංගිරි බණ්ඩා ට හෝ මැණිකේට හෝ ඒ දෙදෙනාටම අපේ මේ ධර්ම කථාව නිරවුල්කර ගන්නා පිණිස මෙහාට ගෙන්වා ගන්ට බැරිද?

විමලා හාමි‍නේ - ඔව් - මම දැන්ම ම ගෙන්වන්නෙමියි කියා වැඩකාරයෙකු අත පණිවිඩයක් යවා ඩිංගිරි බණ්ඩානත් එය මැණිකේත් විමලා හාමිනේලාගේ ගෙදරට කැඳවා ගන්නා ලදහ.

බැන්ජමින් - (ඔවුන්ට සුදුසු සංග්රිහ කළ පසු) අපේ නැන්දා බණ්ඩාර මහතාටත් මැණිකේ වත් ගෙන්වා ගත්තේ අපේ උතුම් ධර්මයට ශාක්ෂියක් වන පිණිසයි. සත්යඅයට බොරුවක් මිශ්ර් කළ නොහැකියි. ඒ නිසා තමන්ට කෙතරම් අමනාප වුවත් තමන්ගේ ගෞරවයට කෙතරම් පහරක් වදිතත් මා අසන කාරණයට අවංකව ඇත්ත කියනවා නම් නැන්දත් මාත් කථාකරමින් සිටි වැදගත් ප්රයශ්නයක් නිරවුල් කර ගැනීමට නිලමේවත් ආධාරකර ගන්නෙමි නිලමේ ඇත්ත කියනවා ද?.

බණ්ඩාර - අනේ පුංචි මහත්මයෝ මම පඤ්චවිධ දුශ්චරිතය සම්පූර්ණයෙන්ම අත්හැරලා අවුරුදු හයක් වෙනවා. ඒ අවුරුදු හය ඇතුළත දැනගෙණ සතෙක් මැරුවේවත් සොරකමක් කළේවත් පර ස්ත්රීු සේවනය කළේවත්, සෙල්ලම් පිණිස පවා බොරුවක් කීවේවත්, පිණි බිඳක් පමණ මත් පැණක් බීවේවත් නැත. මා පමණක් නොව මගේ මැණිකේත් ඒ අවුරුදු හය තුළ පස් පවෙන් කිසිවක් කළේ නැති බවට අපේ ජීවිත ඉදිරිපත් කොට සහතික වන්ට පුළුවන.

බැන්ජමින් - ඉතින් බණ්ඩාර මහතාගේ කීමේ හැටියට පංචවිධ දුෂ්චරිතාදියෙන් දුරු වී අවුරුදු හයකි. ඊට පෙර ඒ දුෂ්චරිත කළ බව එයින්ම හැ‍ඟෙනවා නොවේද?.

බණ්ඩාර - අනේ මහත්මයෝ මොනවා කියනවාද? මහත්මයාලාගේ පියාණන් ආශ්රාය කරන්ට ලැබී අවුරුදු හතයි. ඒ ආශ්රතය නිසා ඇසූ ධර්මය හ‍රි හැටි පිළිපදින්ට පටන් ගෙන හය අවුරුද්දයි. ඊට ඉස්සර අවුරුදු හතළිහක් පමණ මා නොකළ පවක්වත් නොකළ අපරාධයක් වත් ඇත්තේ නැත. ගව මහීෂාදී සතුන් මැරීම, අනුන්ගේ දේ පැහැර ගැනීමාදිය නොකළ එක දවසක් තිබුණයයි මට කියන්නට දැන් බැරිය. පරදාර සේවනය යයි කියන


දුශ්චරිතය අපේ මේ පළාතේ බහුලව තිබෙන්නාක් මෙන්ම මා තරම් පරදාර සේවනය කළ වළෙක් මේ ගමේ උපදින්ට ඇතැයි කිව නොහැකි තරම්ය. බොරු කීම අපට ප්රී තියක්ව පැවැත්තේය. කිසි පලක් නැති කාරණයකට වුවත් බොරුකීම සිරිතක් විය. සුරාපානය යි කියන්නේ උතුම් සිරිතක් හැටියටත් සුරා නොබොන්නා පහත් වනචරයෙක් හැටියටත් අපට වැටහී තිබුනේය. මම අවුරුදු පහේ පටන්ම අපේ අප්පොච්චියාගෙන් පුරුදුවී රා අරක්කු බොමින් හිටියා. මගේ මේ මැණිකේ විවාහ කරගත් දිනයේ පටන් ඈටද වදෙන් පොරෙන් විෂ්කි බ්රැහන්ඩි බොන්ට පුරුදු කෙරෙව්වා. මා සමග විවාහ වී තුන් මාසේ යන කොට මගේ මැණිකේත් මාත් දෙන්නාම එක හා සමානව බොන්ට සමර්ථවී නිතරම බිව්වා. ඒ බීම අධික වුනාට පසු මටත් වඩා මගේ මැණිකේ සතුන් මරන්ට, හොරකම් කරන්ට පර පුරුෂ සේවනය කරන්ට, බොරු කියන්ට, කේලම් කියන්ට, පරුෂ වචන කියන්න, ගජ හපනියක් උනා. ඇත්තෙන්ම මහත්මයෝ තමුන්නාන්සේලාගේ පියාණන් ආශ්රපය කිරීමට පෙර අපේ පැවැත්ම ගැන දැන් ඇතිවන ලැජ්ජාවත් පිළිකුලත් මනුෂ්යර භාෂාවක වචන වලින් කීමට අමාරුය.

බැන්ජමින් - බණ්ඩාර මහත්මයාටත් මැණිකේටත් දරුවෝ හතර දෙනෙක් සිටිති. පිරිමි දෙන්නෙක් සහ ගැහැණු දෙන්නෙකුත් නොවේ ද?.

බණ්ඩාර - ඔව්, ලොකු බණ්ඩා, පුංචි බණ්ඩා, මුතු මැණිකා, රන් මැණිකා යන සතර දෙනා අපේ දරුවෝ ය.

බැන්ජමින් - උපන්නේ හතර දෙනා ද?. තවත් ඉපදී මැරුණා ද?.

බණ්ඩාර - මහත්මයා දන්නේ නැද්ද? අපට උපන් ගෑණු පිරිමි ලමයි 16 දෙනෙකි. පිරිමි 7 දෙනයි. ගැහැණු 9 යි. එයින් ‍හදෙනෙක් ඉපදී මාස 6 ගත වෙන්නට පෙර වලිප්පුව හැදිලා මළා. තුන්දෙනෙක් අවුරුදු 5 ය පසුවුනාට පසු අපස්මාර රෝගයෙන් මළා. එයින් එක ළමයෙකු වන සියාතු බණ්ඩාට මීමැස්මුරය හැදී තිබෙන්නේ ස්කෝලයට ගොස් එද්දී කුඹුරේ නියර උඩදීය. ඒ කාලේ ලියැද්දේ වතුර පිරී තිබී එහි වැටීමෙන් මැරිලා ගියා - අපට මළකුණ සම්බවුනේ මධ්යරම රාත්රිටයේදීය. එකෙක් කළු බණ්ඩා ගල්ගමුවේදී ගෙවල් උමංකෑමට ගොස් වෙඩිපාරක් කා

මළේය. අනික් දෙන්නා උණ සන්නිපාත රෝගයෙන් තරුණ කාලේම මළා. දැන් හතර දෙනෙක් ඉතිරිව ඉන්නවා. ඔවුන්ගේ ඉඳීම ඔවුන්ටත් මව්පිය දෙදෙනා වන අපටත් මේ පළාත් වාසීන්ටත් බලවත් විපත්තියක් කරදරයක්ව තිබේ. නමුත් අප කළා වූ තදබල දුශ්චරිතවල විපාක දැක්වීමට සාක්ෂි වශයෙන් ඉඳීම ටිකක්වත් නුවණ ඇතියන්ට පාඩමක් ඉගෙණ ගන්නට කාරණයක් වී තිබේ.

බැන්ජමින් - අපේ බණ්ඩාර මහත්මයාට කාරණය හොඳින් වැටහී තිබෙනවා. මුන්නැහේත් මැණිකේත් උපාසක බවට පැමිණිටයේ හොඳටම මහලු වුනාට පසුවයි. තරුණ කාලේ - දරුවන් ලැබෙන කාලේ - මනුෂ්යු පිශාචයන් වාගේ කල්ගතකොට තිබේ. මෙන්න නැන්දේ මා විසින් විස්තර කටයුතුව තිබුණු කාරණය මේ බණ්ඩාර මහතා විසින්ම හොඳ හැටි විස්තර කර දුන්නා. උපාසකයන්ගේ දරුවන් කවදාවත් අශික්ෂිතයන් පාදඉයන් විය නොහැකි දරුවන් පමණකා කාලකණ්නි පව්කාර චණ්ඩාලයන් බවත් අපේ මේ බණ්ඩාර උපාසක මහතාගේ පවුලෙන්ම හොඳටම වැටහුනා නොවේද?.

විමලා හාමිනේ - ඔව් පුංචි මහත්මයා මට නම් හොඳටම වැටහුනා. පුංචි මහත්මයලාගේ පියාණන් හා මව් කොයි කාලේකවත් අපේ මේ බණ්ඩාර මහතාත් මැණිකේත් වාගේ බලවත් දුශ්චරිතත් අපරාධත් නොකළ බව අපි හොඳිත්ති ආරක්ෂා කරණ උතුම් මනුෂ්යු සංඛ්යාපවට පත්වූයේ ගුණවර්ධන නම් උපාසක මහතා මේ පළාතට ආවාට පස්සේ ය. එතකොට වෝල්ටර් ඉපදිලා බව මට මතකය.

බැන්ජමින් - එහෙනම් නැන්දේ තව දුරටත් ඔය කරුණ ගැන කථා බස් කරන්ට උවමනා නැත.

“ ධම්මො තිලොක සරණො පරමො රසායනං ධම්මො මහග්ඝ රතනො රතනෙසු ලොකෙ ධම්මො භවේ තිහව දුක්ඛර විනාස හෙතුං ධම්මං සමාවර්ථ ජාගරිකානු යොගො”

යනුවෙන් කී උත්තමයන් වහන්සේටත් ජීවිත පරිත්යාරග කරන්ට වටී.


ධර්මයෙන් පිටත සැප සොයන මිනිහා තරම් මුග්ධයෙක් පිස්සෙක්, අඥානයෙක්, තිරිසනෙක්, තුන් ලෝකයේම නැත්තේය. “සුඛං වන විනා ධම්මං” “ධර්මයෙන් පිට සැපතක් නැත” යන සත්ය් පරම සත්යමය, ආකාශය සදාකාලිකය යන සත්යසය මෙන්ම ඒකාන්ත සත්ය වන්නේය”යි කීවේය.


05. පරිච්ඡෙදය[සංස්කරණය]

බැන්ජමින් මහතා ස්වකීය මාමාගේ පවුලේ හත්දෙනෙකුට පැමිණි තුවාල බලණ පිණිස මීගමුවේ මහාරොග්යග ශාලාවට යන අදහසින් ගෙදර ගොස් හත් අට දිනකට උවමනා ඇඳුම් පැළඳුම් පෙට්ටියක දාගෙන සවස දෙකේ දුම්රියෙන් පිටත්ව ගොස් වේයන්ගොඩදී බැස්සේය. එතැනින් බැස්සේ මීගමුවට යා යුතු පාර එයම නිසා නොවේ. මේ කාලේ හැටියට බලවත් නිර්භීත භාවයක් දැක්වූවාවූ ද වස්තුවට වඩා සාධාරණ යුක්ති ධර්මය සැලකුවාවූ ද තරුණියක් ගැන දැන ගන්ට ලැබී ඈ බලන්නට යන පිණිස ය. ජාතියත්, රටත්, ආගමත් වෙනුවෙන් ස්වකීය ජීවිතය පූජාකළ කැළණිතිස්ස කුමරිය (මෑත භාගයේ විහාර මහා දේවී) ත් ගෞරවය, සඳහා දිවි පරිත්යායග කළ ඇහැලේපොල කුමරියත් ආදී උත්තම සිංහල ස්ත්රීැන් උපන් සිංහල ජාතියේ දැන් ආත්ම ගෞරවය, ආත්ම ශක්තිය, ආත්ම විශ්වාසය ඇති එකම ස්ත්රිතයක්වත් නැතැයි සිතීම බලවත් අයුත්තකැයි නිතරම සිතමින් සිටි බැන්ජමින් මහතාට මේ නිර්භීත උසස් තරුණිය වේයන්ගොඩ නුදුරු පොලිස් ස්ථානයකදී දකින්ට හැකිවේ යයි සිතා වේයන්ගොඩින් බැස එහිදී කුලී මෝටර් රථයක් රැගෙන එහි නැගී පොලිසියට පැමිණියේය. පොලිස් ස්ථානයේ උප ඉන්ස්පැක්ටර් මහත්මයාත් බැන්ජමින්ගේ පැසැල් මිත්ර යෙක් බැවින් බැන්ජමින්ව ස්වකීය වාසස්ථානයට කැඳවා පැරණි පුරුදු මිත්රි ලීලාවෙන් ආදරය දක්වා තේවතුරෙන්ද සංග්රටහකොට ආගිය තොරතුරු ඇසුවේය. ඉන්ස්පැක්ටර් මහතාට පාසැලේදී කවටකම් වශයෙන් කී නාමය “ජැක්” බැවින් ඒ නමින්ම බැන්ජමින් ඔහුට ආමන්ත්ර්ණය කොට “ජැක්” මම ආවේ ඉතා වැදගත් කාරණයක් දැන ගැනීමටය. මා මීට ප්ර ථමත් දන්නා අර වීර ප්ර සිද්ධ සිල්වා මේ වි‍ඩේ තරුණියක් ඩැහැගෙණ ගොස් දැන් අමාරුවේ වැ‍ටී සිටින වායයි ආරංචියි. අපේ මාමගේ ගෙට හොරු වැදී මාමා ඇතුළු හත්දෙනෙකුට තදබල තුවාල කොට


ගෙයි තුබුණු රුපියල් තිස් හතලිස් දාහක දේ ගෙණගොස් මහත් කලබලයක් ඒ අස්සේම ඊට පසු දින අපේ අයියාව ජෝඩුව හිටිය මනමාලිය රේල්ලට බෙල්ල තබා මරුනා යයි තවත් කලබලයක් | ඒ තුවාලවූ මාමා ඇතුළු පිරිස බැලීමට මීගමුවේ ආරෝග්යත ශාලාවට යන මම දුම්රියේදී මේ සිල්වාගේ පුදුම ප්රරවෘත්තිය අසා ඊට සම්බන්ධවූ තරුණියගේ දක්ෂකම්ද අසා ඇගේ තොරතුරු දැනගන්ටත් පිළිවන් වුනොත් ඈ බලන්ටත් සිතාගෙන දැන් මෙහි පැමිණියෙමි. ඉතින් ජැක් දන්නා හරිය කොහොමද?.” කියා ඇසුයේය. “ඇත්තෙන්ම බැන්ජමින් දැන් රටේ තිබෙන සීලාචාරකම මායාවක්ය. හරියටම තිත්ත බෙහෙත් වර්ගයක් ආවරණය කර තිබෙන පැනි කවරයක් - වැස්මක් වාගේය. දැන් අප රටේ ධනවත්ය උගත්ය කියන බොහෝ දෙනා හැම මොහොතේ දීම අපරාධ කරති අයුතු ලෙස කල්පනා කරති. තමන්ට වඩා බෙලහීන දුර්වලයන් තිරිසනුත් මෙන් සලකා තමන්ගේ සැප පහසුවම සලකා ගනිති. ඔන්න බලන්ට මේ වැදගත් අහිංසක තරුණියට කළ වැඩේ. මේ තරුණිය මවුත් සහෝදරයකුත් සමග නෑගෙදරක යන ගමන් එහා හන්දියේදී කරත්තයෙන් බැස මොනවාදෝ ගන්ට කඩේට ගියා ය. මේ වේලාවේ සිල්වා කියන අය මොටෝ රථයකින් වෙන ගමනක් යන අතර මේ රෑමත් තරුණිය දැක තමාගේ කාර් ‍එ‍කේම උන් පාප මිත්ර යාට ඒ ලමිස්සිව කොහොම නමුත් තමාට ලබා දෙන්ට ඕනෑයයි කියා කාරේ නවත්වා ඒ උපාදක්ෂ පාප මිත්ර යා බස්සවා තමා රථයෙන් ටිකක් දුර ගොස් නැවතුනේය. මේ පාපී ජඩයා ඒ තරුණියගේ මවුට කවදාවත් නැති ඇඳුනුම් හා ඥාතිකම් කියා පා ඔවුන් තුන්දෙනා තේවතුර කඩයකට එක්ක ගොස් කෑමෙන් හා තේවතුරෙන් සංග්ර්හ කොට ඔවුන්ගේ සිත්ගෙන - මොකටද ඔය කබල් කරත්තෙන් යන්නේ අපේ මහත්මයාගේ කාර් එකෙන් මම ඇවිත් ඉන්නවා - මම යන්නේ උඹලාගේ මස්සිනාලාගේ ගේ ලඟිනුයි. කාර් එකෙන් යමුයයි කිවාම රටේ තිබෙන බලවත් කූට උපායවල් කැන දන්නා බාල දුව ඊට විර්ද්ධ වූ නමුත් කිසිත් නොදන්නා මහලු ස්ත්රිැය ඊට සතුටු වූ බැවින් සිල්වා එක් තැනක නවත්වා කාර් එක ගෙණවුත් ඒ තරුණියන් කෙකෙනා සහ මහලු මවුත් එහි නග්ගවාගෙන ඉක්බිති අතර මගවුන් සිල්වාත් එහි නංගවාගෙණ ඔහුගේ බංගලාවට රාත්රි 7ට ගියහ. තරුණියත් ඇගේ මවු හා වැඩිමහල් සොහොයුරීත් බියපත්ව අප යායුතු තැන වෙනුවට මේ ආවේ කොයිබදැයි අඬමින් විලාප කියන්ට පටන් ගත්හ. නමුත් ඒ ස්ථානය මේ අධම ධනවතාගේ


බල මණ්ඩලය බැවින්, ඒ ස්ත්රී‍න් බියපත්කොට එයින් දෙදෙනෙකු ඔවුන්ගේ නිවසට පිටත්කොට යවා මේ අධම ධනවතා බලාපොත්තු වූ බාල තරුණිය එදා රාත්රීප එහි නවත්වා ගත්තේය. අධිකලෙස සුරාපානය කිරීමෙන් හා ගර්හිත දුශ්චරිතවල නිරන්ත‍රයෙන්ම යෙදීම නිසාත් පුරුෂ නාමයෙන් පමණක් ජීවත්ව සිටින ඒ ධනවතා ඔහුගේ අනුචර අධමයන්ගේ ආධාරත් ඇතිව මේ අහිංසක තරුණිය තමන්ගේ කැමැත්තට වසඟ කරන්ට උත්සාහ කළ නමුත් පිරිසිදු සිංහල ලේ ඇති ශික්ෂිත තරුණිය ජීවිතය නැති වෙනත් තමන්ගේ උතුම් පතිවෘතා ගුණය රකිෂා කරමියි සිතා ඒ ධනවතාට කිසිසේත් වසඟ නොවිය. ඉක්බිති පසුවදා උදේ මේ කලබලය දීර්ඝ වේගණ යන බව දුටු ධනවතා හා පිරිස ටිකක් සැකයට පත්ව ඒ තරුණිය ඇගේ නිවසට ගෙන ගොස් ඇරළුවේය. නමුත් ඇගේ මවුපියන් හා එක්ව එය දැන්විය යුතු තැන්වලට දන්නවා යුක්තිය ඉෂ්ටකරවා ගන්ට තැත් කරණ බව පෙනේ. ඒ තරුණිය වැඩි ධනවත් පවුලක කෙනෙක්ද නොවේ. ඈට හා ඇගේ මව්පියන්ට රු 4000 ක් දීමට ධනවතා කථාකොට මේ කාරනය යටපත්කර දැමීමට ද වීර්ය කර තිබේ. නමුත් මේ තරුණිය ඒ කිසිවකට ඇහුම්කම් නොදී” ධනයටත් බලයටත් බලයටත් සියල්ලන්ම වාල්කර ගැනීමට ඉඩ දීම මනුෂ්ය” නාමයට නිග්ර හයක කියා දැන් ඉතාමත් තදින් ක්රිීයා කරණබව පෙනේය”යි ජැක් බැන්ජමින්ට කියා නැවතත් “බැන්ජමින්, කාරණය දැනට ඔය තත්ත්වයයේ නමුත් කුමකින් කුමක්වේද කිව ‍නොහැකැ”යි ද කීවේය. “ඔව් ජැක්, දැන් සිද්ධවන්නේ ඒ තරුණිය ස්ථිර වූ අධිෂ්ඨානයකින් යුක්තිය ඉෂ්ට කරවා ගන්නට වීර්ය කළත් - ඔවුන්ගේ ඥාති මිත්රි කවුරුත් මැදිහත්ව ධනවතාගෙන් මුදලකුත් ලබාගෙන මේ කාරණය අකාමකා දමනු ඒකාන්තයි. නමුත් නිදහසටත් යුක්තියටත් කැමති මිනිසුන් ඉන්නා රටක නම්, අර තරුණියටත් ධෛර්ය දී ඔවුනොවුන්ගේ වියදමින් හා මහන්සියෙන් අධම වලවතුන්ටත් ධනවතුන්ටත් සුදුසු දඬුවම් සලස්සා දෙනු ඒකාන්තය. ධනවත් බලවත් මිනිහාගේ අයුක්තිය හොඳහැටි දැක දැකත් ඔහුටම පක්ෂපාතව ඔහුටම ආධාර කරන මිනිසුන් අප රටේ පුරාම සිටිති. “මුදියන්සේ හාමුදුරුවෝ කළේ නම් අයුත්ත තමා. නමුත් ඒවායේ හරිවැරදි කියන්ට යාම කළුගලේ ඔළුව ගසා ගැණීම වැනි භයානක වැඩකි. ඒක නිසා අපි මොකවත් නොදනිමු”ය යි කිය යුක්තිය සඳහා ඉදිරිපත් නොවන මිනිසුන් අධිකව ඉන්නාතුරු මේ රට නම් දියුණු නොවේ. “ඔව් ජැක්,

උඹ කී එක ඇත්තකි. දැන් ශීලාචාරකම ක්වීනයින් ගුලියට සමානය. ඇඳුමෙන්, මගුලෙන්, ගමනෙන්, බිමනෙන්, ලොකු ලොක්කන්ට සංග්රනහ කිරීම ආදී සිහින් සිවියකින් වසනලද ශිෂ්ටාචාරය නැමැති ගුලිය එලියට ගෙණ විදහා බැලුවොත් එහි තිබෙන්නේ පරදර සේවනය, සුරාපානය, අනුන්ට දුක්දීම, අනුන්ගේ දේ පැහැර ගැනීම දුර්වලයන් විනාශ කිරීම, අහිංසක ගැහැණු දරුවන් නාස්ති කිරීම ආදී කටුක දේ බව හොඳින් පෙනේ. අහෝ මේ දුශ්චරිත නැමති දුර්ගන්ධය ආවරණයකොට තනා තිබෙන ලක්ෂණ ඇඳුම් පැළඳුම් ගෙවල් දොරවල් සැප පහසු ආදිය නැති අලංකාර වැස්ම ඉවත්කර බැලුවොත් වර්තමාන ශිෂ්ටාචාරය තිරිසන් අපායට වඩා නරක නොවේදැයි නුවණැතියන්ට වැටහේ. මේ අභ්යසන්තර දුශ්චරිත ගොඩටත් බාහිර අලංකාරයටත් “ස්වර්ණයුගය”යි කියන බටහිර දික් වාසීන් බලවත් නිසා අපිත් එසේ කියමු. නමුත් අපේ සිංහල ශිෂ්ටායචාරය එහෙම පිටින්ම මැකේයයි නොසිතෙන බැවින් මගේ සිතට නිතරම සැනසිල්ලක් තිබේ. අපේ ඉතිහාසයත් අපේ මුතුන් මිත්තන්ගේ සත්චාරිත්ර ත් හොඳින්ම දැන එහි වටිනාකම යොනිසොමනසිකාරයෙන් කල්පනා කිරීමට සමර්ථ සිංහලයන් දැන් බහුල නොවෙතත් බටහිර දුශ්චරිත ශිෂ්ටාචාරයෙන් වෙහෙසට පත්වන කවුරුත් දැන් ඊට කලකිරී අපේ ධර්ම ප්ර තිපත්ති විමසන බවත් පෙනේ. සිංහල ජාතියට හිමිවූ පරිශුද්ධ ශිෂ්ටාචාරය හොඳින් දැනගත් ජර්මන් මහා ආචාර්ය ගයිගර් මහතා ප්රශකාශ කළාක් මෙන්ම සිංහල ජනයා ස්වර්ගය සඳහාවත් ඒ පැරණි ශිෂ්ටාචාර සංඛ්යා්ත ප්රාතිපත්ති ධර්මයෙන් ඉවත් වේයයි මම නොසිතමි. දැන් මා බලන්ට සිතාගෙන ආ තරුණිය දකින්ට අන්දමක් නැත. ලබන සතියේ ඈ පිළිබඳ නඩුව ඇසෙන බැවින් එදිනට උසාවියට එන්නෙමි. මම දැන් මීගමුවට යන්නෙමි”යි කියා ඉන්ස්පැක්ටර් මහතාට ඉස්තුතිකොට මීගමුව පැත්තට යන බස් රථයකින් යන්ට පිටත්විය. මේ බස් රථය දිවුලපිටියේ හන්දියට ගොස් ඒ පාරේ මීගමු යන එකක් වීම කරදරයක් වු නමුත් යාමට වෙන විධියක් එවේලාවට නොතිබුණු බැවින් බැන්ජමින් ඒ පාරේ ගියේ ය. දිවුලපිටියේ හන්දියේ බස්රිය නවතා කවුරුත් පාහේ තේවතුර බොන්නට බැස්සාහ. බස්රිය නවත්වන විටම සංවේගයට පත් මනුෂ්යහයෙකු වටලාගෙන තවත් හතඅට දෙනෙක් “උඹට මොන නියෝජිතයන් තේරීමක්ද? දැන් උඹ ඉස්පිරිතාලයට නොගියොත් ලමයාගේ මළ ශරීරයවත් අඳුනා ගන්ට සුදුදු කෙනෙක් නැතිව එය විසිකර දමනවා ඇතැ”යි ද කියන වචනය ඇසූ බැන්ජමින්ට


තේරුම් ගන්ට බැරිව ඒ මිනිසුන් සමුහයා මැද්දේ සිටි වැදගත් පෙණිමක් ඇති කෙනෙකු ලඟට ගොස්. “මොකද ආයුබෝවන්ඩ අර මනුෂ්යියෙකු වටලා ගෙණ කරණ පලහිලව්ව කුමක්ද - ළමයෙකුගේ මළ සිරුරක විත්තියක් කියන්නේ කුමක්දැ”යි බැන්ජවිය් ඇසුවේය. “අනේ මහත්මයා කාරණය කියන්නටත් පවා කණගාටු දායකයි. දැන් පැය දෙකකට කලින් අර එහා කඩේ ලඟදී ලමයෙක් මොටෝ රථයකට අසුවුනා පාඨශාලාවට ගොස් එද්දී. පාරේ මේ පැත්තේ සිට අනික් පැත්තට ලමයින් රංචුවක් කුරුණෑගල සිට ආ ගුණසේකර මහතාගේ මොටෝ රථයට ළමයා අසුවුනා. ලමයා එවලේම මළ නමුත් ගුණසේකර මහතා මළකු‍ණත් මොටෝ රථයේ දමාගෙන මීගමුවේ ආ‍රෝග්ය ශාලාවට ගෙන ගියාය. මේ පිරිස මැද ඉන්නේ ඒ ලමයාගේ පියා හේරත් අප්පුහාමිය. අද ගම්සභා සාමාජිකයන් තේරිල්ලක් එහා ගමේ ඉස්කෝලේදී පවත්වන බැවින් එතනට යන හේරත් අප්පුහාමි මේ විපත්තිය මගදී අසා කණගාටු වූ නමුත් මහත්මයෝ බලන්ට ඒ මනුෂ්ය යාගේ හිතේ දැඩි ගතිය. ඒ අප්පුහාමිට හිටියේ දැන් ඔය මොටෝ රථයට අසුවුණු පුතා පමණකි. තවත් ඉන්නේ දුවක් පමණකි. අවුරුදු 14 ක් පමණ වයසැති පුත්රායා මොටෝ රථයකට අසුවී මළ බව අසා ඒ පුත්රහයාගේ මිනියටත් බලන්නට යනවා වෙනුවට “මම සභාවට ගොස් ගම්සභා නියෝජිතයා වෙනුවෙන් කැමැත්ත දීලා නැවත මීගමු යන්නෙමි”යි කියනවා. අනේ අපට නම් මෙබඳු විපතක් වුනාම සභාවට යනවා තබා සිහි මුර්ච්ඡා වෙනවා - හේරත් අප්පුහාමි පුදුම මිනිහෙක්ය”යි ඒ මනුෂ්යබයා බැන්ජමින්ට කීවිට බැන්ජමින් බස් ඩ්රුයිවර්ට කථාකොට “මිත්රමයා, තව මින්ත්තු දහයක් ප්රමමාද කරන්ට, දැන් මේ හන්දියේදී ළමයෙකු මොටෝ රථයකට අසුව මැරීගොස් තිබේ. එබඳු තැනකින් ටිකක් ප්රේමාද වෙලා යන එක හොඳය”යි කියා කෙළින්ම සමූහයා මැද්දේ වුන් කදිම දේහශ්රී යක් ඇති හේරත් අප්පුහාමි ලඟට ගොස් අප්පුහාමිගේ ළමයා දැන් මෝටර් රථයකට අසුවී මළාය කියනවා - ඒ මිනිය මීගමුවට ගෙණ ගියාළු - එහෙනම් අපත් සමග මේ බස් රථයෙන්ම මීගමුවට යන්ට එනවාදැ”යි ඇසුවාම හේරත් අප්පුහාමි බැන්ජමින් දෙස බලා “අනේ මහත්මයා මට උන් එකම පුතා පාඨශාලාවේ සිට ගෙදර යද්දී මොටෝ රථයකට අසුවී ඒ මොටෝ රථයෙන්ම ඔහුගේ මළකුණ මීගමුවට ගෙන ගොස් තිබේ. මම මේ යන්නේ එහා ගමේ පාඨශාලාවේ පවත් වන රැස්වීමටය. මම මේ යන්නේ එහා ගමේ පාඨශාලාවේ පවත් වන රැස්වීමටය. අපේ ගම වෙනුවෙන් ගම්සභා කොමිටියට ඇතුල් වීමට දෙන්නෙක් පොරකති. ‍එක්කෙනෙක් ගමට

සාපයක්ව ඉන්නා මුලාදෑනියෙකි. අනිත් අය පරාර්ථකාමී සත්පුරුෂ මහතෙකි. ඉතින් ගමේ වැඩි දෙනෙක් මුලාදෑනියාට බියේ ඔහුට කැමැත්ත දෙන්ට යති. මම මගේ පුතාගේ මළකඳ බලන්ට ගියොත් මුලාදෑනියාට ගම්සභා කොමිටියේ මැම්බර් කම ඒකාන්තයි. ඉතින් මුළු ගමටම බලවත් පීඩාවක් ලැබේ. ඒ නිසා මගේ පුතාගේ මළකඳට වඩා ජීවත්ව ඉන්නා මිනිසුන් ගේ ශුභ සිද්ධිය සැලකීම මගේ යුතුකමක්යයි මට වැටහෙන බැවින් මේ සාමාජිකයන් තේරීම ඉවරවුනාට පසු පුතාගේ මෘතදේහය ගෙණ එන්ට මීගමුවට යන්නෙමි. මහත්මයාලා දැන් ගිය මැනව”යි කණගාටු ස්වභාවකින් වුවත් ධෛර්යමත් හිතකින් හේරත් අප්පුහාමි බැන්ජමින්ට කීයේය. බැන්ජමින් හිත බලවත් ප්රකබෝධයට පැමිණ අප්පුහාමි තව මිනිත්තු දෙකක් මා සමග කථා කරන්ට කැමති ද?.

හේරත් අප්පුහාමි - ඔව් ඊටත් වඩා කාලයක් මට කථාකරන්ට ඉඩතිබේ. අපේ රැස්වීම 4.30 ටයි. දැන් වේලාව තුනහමාරයි.

බැන්ජමින් - අප්පුහාමිගේ එකම පුත්රැයාගේ මරණය ගැන ශෝකාතුර නොවී මේ සභාවට යන්නේ ඒ පුත්රපයා අකීකරු වූ හෙවත් අප්පුහාමිට වැඩි ප්රිභය නැති කෙනෙක් ද?

හේරත් අප්පුහාමි - මහත්මයාට මම ඇත්තක් කියමි. ම‍ගේ පුත්ර‍යා තරම් කීකරු ප්රි්යකරු දරුවෙක් මේ ගමේම ඇතැයි කියන්ට බැරිය. ඒ බව මගෙන් නොව මේ පළාතේ අප දන්නා කාගෙන් ඇසුවත් දැනගත හැක. නමුත් මගේ පුතා ඔහුගෙත් අපෙත් කරුමෙට මළා. දැන් ඊලඟ කටයුත්ත කරනු මිස මළ අය නිසා තමාගේ යුතුකම් අත්හැර ශෝකාතුරවීම නුවණක් යයි මට නොවැටහේ.

බැන්ජමින් - අප්පුහාමි වැනි කෙනෙකුට ලපටි වයසේදී මැරෙන තරම් පුත්රමයෙක් ලැබුනේ කොහොමදැයි මට තේරුමි ගත නොහැකියි.

හේරත් අප්පුහාමි - ඇත්තෙන්ම මහත්මයා ඉතා හොඳ කල්පනාකාරයෙකි - ධර්ම ධරයෙකි. මමත් දැන් නම් කාරණය ඉගෙණ ගතිමි. නමුත් මා ඉගෙණ ගත්තේ ඕනෑවටත් වඩා කාලය පසු වෙලයි.

බැන්ජමින් - මොකද මහත්මයාගේ ඒ ගැඹුරු වචනවල අදහස?

හේරත් අප්පුහාමි - මහත්මයාට නම් එය විස්තර නොකළාට තේරේ. නමුත් මේ අප පිරිවරාගෙණ ඉන්නා අයට ප්රමයෝජන වන පිණිස මම තේරුම් කරන්නෙමි. මගේ පුතා පිළිසිඳ ගන්නා කාලයේ මම දඩයම් කාරයෙක් වූයෙමි. මම අපේ මෙධංකර ස්ව‍ාමීන් ආශ්රමය කරමින් කුඩා කාලේදීම උපාසකයෙක් වී පස් පවින් වැලකී ධාර්මිකව නිවහල්ව ධනය ඉපවූයෙමි. මා විවාහවී එක ලමයෙක් ලැබෙන්ට පෙර පාප මිත්රප සේවනයට බැස සුරා පානයත් සත්ව ඝාතනයත් අවුරුදු තුන හතරක්ම කෙළෙමි. ඒ කාලයේ මට උපන් ලමයින් දෙදෙනාගෙන් එකෙක් වලිප්පුව හැදී අවුරුද්දක් යන්ට ප්ර්ථම මළේය. මේ අනිත් ළමයා අවුරුදු 14 ක් පමණ වයසේදී හදිස්සියෙන් මිය ගිය බව පෙනේ. ධර්මය බොරුය - කර්මයට විපාක නැත - යන බොරුවත් ස්වභාව ධර්මය සුචරිත හා දුශ්චරිත වලින් වෙලී පැටලී පවත්නා බවත් දැන් වාගේ ඒ කාලේදිත් මට අවබෝධව තිබුනා නම් ඇත්තෙන්ම මට දෙවියන් හා සමාන දරුවන් ලැබෙන්නට පිලිවන්කම තිබුනා. සුචරිතය හෙවත් පිරිසිදු ධර්ම ප්රිතිපත්තිය නිසාම මිස අන්යන කොයිම ක්රරමයකින්වත් - ශාස්ත්රනයකින්වත් - ආයු, වර්ණ, සැප, බල, ප්ර ඥා යන උසස් ගුණ පසෙන් සමන්විත විය හැකි ද? මම උපාසකයෙක්ව සිටි කාලයේ ලැබුණු ළමයා ගෑණු ළමයෙකි. මගේ ප්රසතිපත්තිය රටට දක්වන කැඩපතක් බවට ඒ ලමයා සමහර කරුණු වලින් සමන්විතය. නමුත් මා විවාහ කරගත් ස්ත්රි යත් මා සමාන උගත් ධර්මකාමී, ධර්මයෙහි අනුහස් දන්නා, ජීවිතයට වඩා ධර්මය ගරු කරන්නියක් නොවී සිටියදී මගේ ප්රනතිපත්තියෙන් වත් දැනීමෙන් වත් හරි ප්රකයෝජන ගන්ට බැරි වූ බව දැන් මට වැටහේ.

බැන්ජමින් - හොඳයි, අප්පුහාමි මෙන්ම ප්රනතිපත්ති රැකිය හැකි ස්ත්රි යක් විවාහ කරගත යුතු යයි විවාහ වීමට ප්රිථම කල්පනා වුනේ නැද්ද?

හේරත් අප්පුහාමි - මේ උගත් මහත්මයා මට මුනගැසීමෙන් මගේ පුතාගේ මරණයෙන් පැමිණි දුකද අතුරු දහන් උනා. ඒ ගැන ස්තුති කරමි. ඇත්තෙන්ම මහත්මයෝ අපේ රටට සිද්ධවී තිබෙන අනතුරත් ඕකම තමයි.

බැන්ජමින් - ඒ මොකද - එය ගුප්ත ලෙසත් ලුහු‍ඬෙනුත් කීවාම මදි.


හේරත් අප්පුහාමි - වර්තමාන කාලයේ අපේ රටේ පවත්නා ඉගැන්වීමත්, ජන සමාජය අතර බෝවී තිබෙන සිරිතුත්, උතුම් ධර්ම ප්රනතිපත්තියට ඉඳුරාම විරුද්ධයි. ධර්මය කියා දෙන උන්නාන්සේලාගෙන් බොහෝ දෙනාට එය නොතේරෙන්නාක් මෙන්ම ඒ අහන්නාවූ ගිහියන්ටද ඒ ධර්මයෙහි අදහස, රසය, ප්රූයෝජනය නොවැටහේ. මහණවීමත් ඉක්බිති පාලි සංස්කෘතාදී භාෂා ඉගෙණිමත් ඉන් පසු බණ කීමත් “දෙපාර්තමේන්තුවක” රක්ෂාවක් කිරීම මෙන් කරණ මහණුන්නාන්සේලා සියේට 95 කටත් වැඩිය. ඉතින් එබඳු මහණුන්ට ධර්මයෙහි ප්ර ත්යකක්ෂ භාවය වත් එයින් මෙලොවදීම ලැබිය හැකි මහත් ඵල මහානිසංශවත් නොවැටහේ. තමාට නොවැටහෙන යමක් අන්ය යෙකුට අවබෝධ කරවීම ජාත්යයන්ධයෙක් තවත් ජාත්යමන්ධයෙකුට වර්ණ විශේෂය අවබෝධකර දීමක් වැනිය. ඉතින් මෙසේ පවත්නා දැන් ලක්දිව ස්ත්රීය පුරුෂයන් අතර සත්ය වූ ධර්මය වටහාගත් කෙනෙක් බොහොම දුර්ලභ බැවින් ගිරවුන් මෙන් බණ අසන්නාවූද, සෙල්ලම් ක්රී්ඩාමෙන් පින්කම් කරන්නාවූද අය මිස ධර්මයෙන් නියම ප්ර යෝජන ගන්ට පිළිවන් අය අතිශයින්ම දුර්ලභය. මා විවාහ වෙනකාලේ මටත් ධර්මය ප්රනත්යයක්ෂව නොතිබුනේය. මේ නිසා ඇසට ප්රිාකරු රෑපයක් ඇති සමාන කුල ගෝත්රියක තරුණියක් ජෝඩු කළ විට දෙමවුපියන් ගේ නියමයේ හැටියට විවාහවීම උසස් සිතිවිලි වලින් යුත් - උදාර ගුණය කෙරෙහි පැහැදුණු කෙනෙක් නොවු ඒ මගේ භාර්යාව මිනිස් රෑපයෙන් යුත් ගව දෙනක් බව මට වැට්හු නේ පසුවය. හිතේ ප්රීකතිය ඇතිකර ගන්නා හැටිවත් නොදත් මගේ භාර්යාව 5 වෙනි ප්ර්මාණයට සිංහල ස්කෝලයක උගත් කෙනෙක් වුවත් කිසිම ප්රිතිපත්තියක් පුරුදු කළ කෙනෙක් නොවේ. ගෙදර දොර යන්තම් අතුපතු ගාගෙණ බත් මාළු ටිකක් උයාගෙණ කෑමට වඩා අමුතු කිසිවක් කරන්ට ඈට බැරිය. ඉතින් මම ඈට බණ දහම ගුණ දැනමුතුකම් උගන්වන්ට උත්සාහ කළ නමුත් ඈ කියන්නේ “ඔව මොන බොරු කථාද - අසවල් අප්පුහාමි කෙතරම් සතුන් මරණවාද - හොරකම් කරණවාද - අනුන්ට හිරිහැර නඩු හබ කොච්චර කියනවාද - දවසකට බීම බෝතල කීයක් බොනවාද - ඒ ඒ පළාත්වල කෙතරම් පුහු භාර්යාවන් තබා ගෙණ ඉන්නවාද - ඉතින් එබඳු මිනිහාට කොච්චර සල්ලි පණම්, ඉඩකඩම්, වතුපිටි,


ගේදොර, මොටොකාර් ආදිය කොපමණ තිබෙනවාද? ඒ මිනිහාට ඔය බැණ නෑසීමෙන් බැණ පිළි නොපැදීමෙන් සිද්ධවී තිබෙන පාඩුව මොකක්ද? මට ඔය බණෙන් කමක් නැත කියා ඒ මගේ භාර්යාව කොඳුර කොඳුරා පුපුර පුපුරා මගේ දාන මානාදියට අකුල් හෙල හෙළා ඉන්නා සැතිරියකි. ගමන් බිමන් යන්ටත්, කෙළි සෙල්ලම් බලන්ටත්, නිකම් ‍ඉන්ටත් ඇත්නම් ඈ කැමති එපමණටයි. අමාරුවක් හිඟමඟයක් ඇතිවූ විට මට නින්දා කරන්ටත්, මගේ අසමර්ථය කම දුප්පත් කම කියා බණින්ටත් ඈ ගජහපනි. සභාවකට පින්කමකට පොදු වැඩකට පැයක් ගත කළොත් එදාට පැය ‍හයක් මගේ භාර්යාවගේ කන්දොස්ක්රි යාව නිසා මම පීඩා විඳින්නෙක්මි. යුක්තියක් ධර්මයක් ගුණයක් ඥානයක් ඥානයක් මෘදු වචනයක් නැති මනුෂ්යර වේශයෙන් ඉන්නා තිරිසනියන්ගෙන් හා තිරිසනුන් ගෙන් පරිපූර්ණ අද ලක්දිව උසස් මනුෂ්ය යෝ කෙසේ ඇතති වෙද්ද? අනේ මහත්මයා ම‍ගේ දැනී‍මත් ප්රයතිපත්තියත් ඉවසීමත් නිසා මම වාසනාවන්ත කෙනෙක් මෙන් ‍රටේ ඉන්නවා මිස මගේ භාර්යාව යම දූතියක් තිරිසනියක්ව සිටියදී ආයුවර්ණ සැප බල ප්රේඥා වන පඤචවිධ ගුණයෙන් යුත් දූ දරුවන් ඇගේ බඩේ පිළිසි‍ඳේ ද?.

බැන්ජමින් - මේ සියුම් වූ ප්රළත්යඳක්ෂ වූ ධර්මය තේරුම් ගත් අප්පුහාමි දක්නට ලැබීම මගේ ජීවිතයේ සම්පුර්ණ ප්රුයෝජන ලැබුණා හා සමානය. දැන් අපේ බස් රථය හොඳටම ප්ර මාදවුනා මම දැන් මීගමු යන්නෙමි. තව ටික දිනකින් අප්පුහාමි සම්බවෙන්ට එන්නෙමි යි කියා බැන්ජමින් යන්නට ගියේ ය.


06. පරිච්ඡෙදය[සංස්කරණය]

බැන්ජමින් කෙළින්ම ආරෝග්යෙ ශාලාවට ගියේ ය. තදබල පොලු පහර වලින් හා පිහියා පාර දෙකකින් තුවාලව ඉන්නා ස්වකීය මාමා වන ජුවන් අප්පුහාමිට සිහිය ලැබී තිබුනේය. ඔහුගේ භාර්යාව පැය දෙකක් යන්ට ප්ර්ථම මැරේ යයි දොස්තර තැන කිවේය. වැඩ කාරිය පෙරේදා මළ බවත් දුවනිය හා පුතා අනතුරක් නොවී ගැලවෙත් යයිද අනිත් මුරකාරයා හා වැඩ කාරිටද බරපතල තුවාල


නැති බවත් දැනගත් බැන්ජමින් අනුකම්පා සහගත සිතින් මාමා ළඟට ගොස් දොස්තරගේත් අවසර ඇතිව කථා කරන්නට පටන් ගත්තේ ය. “මොකද මාමේ දැන් හැ‍ඟෙන අන්දමට ශරීරයට බොහොම වේදනාද?.

මාමා - නැහැ, ඊයේ තරම් වේදනාවක් නැහැ. තව දවසකින් දෙකකින් සනීප වේය ‍කියා හිතෙනවා. අපට අන්තරාය කරළා අපේ වස්තුව කොල්ල කාගත් හොරුන් ඇල්ලුවාද බැන්ජමින්?

බැන්ජමින් - තවමත් හොරුන්ව අල්ලන්ට බැරිවුනා. සැක පිට හොරාත්, බස්තියාත් අල්වා සිටිති. ඔවුන් ලඟ හොර බඩු මොකවත් තිබුනේ නැත කියති.

මාමා - අපේ හතුරන් අල්වා ඔවුන්ට අච්චුකරන්ට ලැබුණොත් මට මක්කා වුනත් කමක් නැත.

බැන්ජමින් - මාමා මේ අමාරු අවස්ථාවේ හිතේ ක්රොවධ වැඩිකර ගන්ට එපා. තමන්ගේම කර්මයට අනුකූලව විපාක දුන්නා මිස හොරුන් ගේම ඕනෑ කමින් සිද්ධවූ එකක් නොවේ.

මාමා - ඔව්. මගේ මෝඩකමට මුදල් ගෙදර තබාගත් එකයි වැරදි. සල්ලි බැංකුවේ දැම්මා නම් මේ අනතුර වෙන්නේ නැහැ. කර්මය හැබෑ බව දැන් නම් මට වැටහෙනවා.

බැන්ජමින් - මොකද මාමේ එහෙම වැටහෙන්ට කාරණය කුමක් ද?

මාමා - මට වැඩිපුර කථා කරන්ට බැහැ - මාත් සමග එකට දුම්රියේ ගමන් කළ මිනිහාට නින්ද ගිය හැටියේ ඔහුගේ මුදල් පසුම්බිය (රු. 7000) අරගෙණ ගිය මම හම්බ කළේ ඒකෙන් තමයි ඒ විපාක...........

(දොස්තර ලඟට එමින්) ඔය තුවාල කාරයා සමග හුඟක් කථා කරන්ට නරකයි. කරුණාකර ඉවතට වෙන්ට යයි බැන්ජමින් අහක්කොට ලෙඩාගේ ශරීරයට බෙහෙත් ටිකක් විද යන්ට ගියේය.

ජුවන් අප්පුහාමි අනිත් අතට හැරෙන්ට වීර්ය කොට නො හැකි වූ බැවින් උඩුබැලි අතටම ඉඳගෙණ දෙතුන් විඩයක් මුඛය විවෘත කළේය. “ යනු මිස කිසිවක් කියා ගත නොහැකිව තදින් හුස්ම හෙලන්ට පටන් ගත්තේය. ලඟ සිටි සාත්තුකාරියට කාරණය තේරුන නමුත් බැන්ජමින්ට ඒ නොවැටහුනේය. තද වෙඩි පහරක් කා වියරුවූ කොටියෙක් මෙන් දෙතුන් විඩයක් ඒ මේ අත බැළූ ජුවන් අප්පුහාමි බැන්ජමිනුත් සාත්තුකාරි ඉදිරියේ අන්තිම හුස්ම හෙළුවේය. ඔහු මළ


බව සාත්තුකාරි බැන්ජමින් බැන්ජමින් කියා දොස්තරට දැනුම් දුන්නේය. බැන්ජමිනුත් ඒ දුඃඛදායක ප්රනවෘත්තිය අවශ්ය ඥාතිවරයන්ට විදුලි පණිවුඩ මාර්ගමයෙන් දැනුම් දී එවේලා‍ව රාත්රි‍ හත පමණවූ බැවින් රාත්රිහ නැවතීමට හ‍ා ආහාර ගන්නා පිණිස තානායම්පලට ගියේය.

තානායම්පළේ භාරකාරයා බැන්ජමින් ගැන හොඳ දුනුමක් ඇති බැවින් ආදර ගෞරවයෙන් කෑම සූදානම් කරදී කාමරයක්ද පිළියෙලකර දුන්නේය. එදා තානායම්පළේ නැවතී ඉන්නා ගුණවර්ධන නමැති ධනවත් මහත්මයෙක්ද විය. තානායම් භාරකාරයා ගුණවර්ධන මහතා කාබී නිදාගන්ට සූදානම් වන බව දැක “බැන්ජමින් නමැති හොඳ අදහස් ඇති තරුණ මහත්මයෙක් අද මෙහි ඇවිත් ඉන්නවා. මහත්මයාට කථා කරන්ටවත් කෙනෙක් නැත කිය කියා ලත වුණ නිසා ඔන්න කථාකරතොත් උගත් පණ්ඩිත මහතෙක් - අමරසිංහ අප්පුහාමි නමැති ප්රතසිද්ධ කෙනෙකුගේ පුතෙකි. මහත්මයා ඒ බැන්ජමින් මහතා සමග පැයක් කථා කළොත් වෙන කෙනෙකු හා අවුරුද්දක් ආශ්රාය කොටත් ලබාගන්ට බැරි හොඳ ඉගෙණීමක් ඒ පැය තුලදී ගබාගත හැකිය”යි ස්ථිර ලෙසම තානායම්පල භාරකාරයා කියන හැටි අසා වුන් ගුණවර්ධන මහතා සතුටුව “හොඳයි. මේ තරම්ම කියන නිසා මමත් ඉස්තෝප්පුවට එන්නෙමි. ඒ මහත්මයාවත් ඉස්තෝප්පුවේ හාන්සි පුටුව උඩ ඉන්නවා. මහත්මයා එහි ගිය මැනවයි තානායම්පළ භාරකාරයා කී බැවින් ගුණවර්ධන මහතාත් ඉස්තෝප්පුවට ආවේය. තානායම්පල භාරකාරයා බැන්ජමින් මහතාට ගුණවර්ධන මහතා අඳුන්වා දී පැත්තකින් සිටියේය. ගුණවර්ධන මහතා බැන්ජමින් මහත්මයා දෙස බැළූ බැල්මෙන්ම සතුටුව මහත්මයා කුරුණෑගල පළාතේ කෙනෙක් බව මේ ආරච්චි මහත්මයා කීවා. අද මොකද මීගමුවට එන්ට හේතුව?.

බැන්ජමින් - අපේ මාමාත් පවුලේ සියලු දෙනාත් සොරුන් විසින් තුවාල කරණු ලැබ ආරොග්ය ශාලාවට ගෙණවුත් කීප දවසක් බැව්න් ඔවුන් බලන්ට මම පැමිණියෙමි. අවාසන්වකට මෙන් මා පැමිණ දෙපැයක් යන්නට ප්රපථම මාමා මැරුණා - ඒ බව අපේ ඥාතිවරයන්ට විදුලි මගින් දන්වා යවා මම මොකවක් කාලා ටිකක් විවේක ගන්නා පිණිස තානායමට ආවෙමි.

ගුණවර්ධන - එහෙනම් මහත්මයා පැමිණ ඉන්නේ ඉතාම දුංඛිත අවස්ථාවකටයි. පවුලේ කී දෙනෙකුට තුවාලකර තිබේද?.


බැන්ජමින් - මාමත් - නැන්දත් - පුතත් - දුවත් - යන හතර දෙනාත් ගෙදර වැඩකාරියන් දෙන්නා හා මුරකාරයාත් යන සත් දෙනාටම තුවාලකර ගෙදර තිබුණු තරමක් රන් රිදී මුතු මැණික් ආභරණ ඇඳුම් පැළඳුම් මුදල් ඔප්පු ආදී වටිනා දේ සියල්ලක්ම හොරුන් විසින් පැහැර ගෙන ගොස් තිබේ.

ගුණවර්ධන - ඔය හොරකම මම පත්රොයෙන් කියෙව්වෙමි. දැන් ඉතින් මාමා මැරුණා. තවත් මරණීය තුවාල ලත් අය සිටිත් ද?.

බැන්ජමින් - කියන්නට අමාරුයි. නැන්දාටත් බොහොම අමාරු ‍යයි දොස්තර මහත්මයා කියනවා. අනික් උදවියටත් ඒ තරම් සනීපයක් මට නම් නොපෙනේ.

ගුණවර්ධන - ඉතින් මහත්මයා දැන් බලවත් ශෝකයකින් පීඩිතව ඉන්නා වේලාවකි. වැඩි කථා බහටත් සතුටක් වේයයි මට නොසිතේ.

බැන්ජමින් - නැහැ. ඒ තරම් දැඩි ශෝකයකින් මම නො පෙළෙමි. මම කොහෙත්ම ශෝක නැත. මගේ හිතට ටිකක් කණගාටුයි. නමුත් දැන් හෝ උදේ අපේ නෑයන් ආවිට ඒ මිනියට කළ යුත්තක් කරලා මගේ කටයුතු කර ගැනීමට අතපසු නොකරමි.

ගුණවර්ධන - ඇයි මහත්මයාට ශෝකයක් නැත්තේ ? මාමා කරුණාවන්ත කෙනෙක් නොවේ ද?.

බැන්ජමින් - මාමාගේ කරුණාවන්තකම නිසා අමුතු ශෝකයක් හෝ නිස්ශොකි භාවයක් මට නැත. මම බුද්ධාගම් කාරයෙක්මි. ඒ නිසා දැඩි ශෝකාතුරයෙක් වීමට ඉඩ නැත.

ගුණවර්ධන - ඇයි බුද්ධාගම් කාරයෝ ශෝක නොවෙද්ද? ශෝකවීම බුද්ධාගමේ තහනම් කර තිබේ ද?

බැන්ජමින් - බුද්ධාග‍ම් කාරයා ලෝක ස්වභාව ගැන දන්නෙකි. සියලුම සංස්කාර ධර්ම අනිත්යතය - දුකයයි බුද්ධාගමේ හොඳින් උගන්වති. ස්වභාව ධර්මය උගන්වන ආගමක් අදහන ඒ ධර්මය තත්වූ පරිද්දෙන් ඉගෙනගත් ඒ ධර්මය පුරුදු කරන කෙනෙකුට යම් ද්රපව්යායක් හෝ සත්වයෙක් නැති වුනාට ඒ තරම් ශෝකවෙන්ට කාරණයක් නැත. මක්නිසාද ඒ ඒ ද්රනව්යෝ කවදා හරි අභාවයට යාම ඒකාන්ත හෙයිනි.

ගුණවර්ධන - එහෙනම් මහත්මයා ‘කර්මය’ විශ්වාස කරණ කෙනෙක්.


බැන්ජමින් - සත්තකෙන්ම, මම ‘කර්මය’ විශ්වාස කරමි. නිසැකව විශ්වාස කරමි. මා පමණක් නොව යම්තම් වත් සිහි බුද්ධිය ඇතිකොට වුවත් කර්මය විශ්වාස නොකොට බැරිය. මක් නිසා ද ඒ අප පිළිබඳ නිතරම සිද්ධ වෙමින් පවත්නා ප්රිත්යමක්ෂ කාරණයක් හෙයිනි.

ගුණවර්ධන - මම නම් කර්මය විශ්වාස නොකරමි. සමහර විට මහත්මයා අදහස් කරණ සිහි බුද්ධිය මට නැතිවා වෙන්ට පිළිවනි. කොයිහැටි වුනත් මම කර්මය විශ්වාස නොකරමි.

බැන්ජමින් - මහත්මයා කර්මය විශ්වාස නොකරන්නෙක් යයි මම නොසිතමි. සමහර විට ‘කර්මය’ කියන වචනය මහත්මයාට නොවැටහෙනවා වෙන්ට පිළිවනි. ‘කර්මය’ කියන්නේ කුමකටය කියා මහත්මයා තේරුම් ගෙණ තිබේද?.

ගුණවර්ධන - කර්මය මිනිස්සු කියන්නේ තමන්ට සිද්ධ වෙන්ට තිබුණු දෙයක් සිද්ධවුනාය කීමයි. මිනිහෙක් පොහොසත් වුනේ, දුප්පත් වුනේ, ලක්ෂණ වුනේ, අවලක්ෂණ වුනේ, ලෙඩ හැදුනේ, හිරේ වැටුනේ, ගහගත්තේ ‘කරුමයේ හැටි යට යයි මිනිස්සු කියති. මම මේ තාක්ම තේරුම් ගෙන ඉන්නෙත් ඒ අන්දමටය. ඉතින් ‘කර්මය’ මම විශ්වාස නොකරමි.

බැන්ජමින් - මහත්මයා දෙවිධියෙන්ම මුළා වෙලා ඉන්නවා. එහෙම වචනයක අර්ථය හරියට තේරුම් නොගත්තාම ඒ වචනයේ සම්බන්ධයෙන් ප්රථකාශ වන ක්රිතයාව හෝ ද්රෙව්ය‍ය ද නොවැටහේ ‘කර්මය’ යනු ක්රිායාවයි. ඒ ක්රිහයාවෙන් ඇති වන ඵලයත් බොරු යයි මහත්මයා කියන්නෙහි ද?.

ගුණවර්ධන - මට වැටහුනේ නැහැ.

බැන්ජමින් - යම් කිසිවෙක් යම් ක්රිියාවක් කළොත් ඊට විපාකයක් ලැබෙන බව මහත්මයාට නොවැටහෙනවා ද?.

ගුණවර්ධන - තවමත් මට වැටහුනේ නැහැ.

බැන්ජමින් - මිනිහෙක් දිව්වාම හති වැටෙන බව - කෑවාම බඩ පිරෙන බව - ඇඟට යමකින් තුවාල කර ගත්තාම දුඃඛ වේදනාව දැනෙනබව යනාදිය මහත්මයා හැබෑ බවට පිළි ගන්නෙහි ද?.

ගුණවර්ධන - ‍ඔහෝ මට දැන් වැටහුනා. යම්කිසි ක්රිකයාවක් කළාම


ඒකේ ප්රසතිඵලයක් ඇති බව ද? ඒක නම් මට ඒකාන්තයි.

බැන්ජමින් - ඔව් ඒක තමයි මම කීවේ. ඉතින් යම් ක්රියයාවක් කරන්ට හෝ යම් වචනයක් කියන්ට පෙර ඒ ගැන හිතේ අදහසක් පහළ විය යුතු බව එනම් හිතෙන් පළමුකොට නොසිතා කිසිම ක්රිහයාවක් කරන්ටවත් කිසිම වචනයක් කියන්ටවත් නොහැකි බවත් මහත්මයාට වැටහේ ද?.

ගුණවර්ධන - ඔව් ඒකත් වැටහෙනවා.

බැන්ජමින් - හොඳයි මහත්මයා‍ණනි ! සියලු ක්රිකයාවලට මුල්වු හිත ප්රමසන්නව කරණ ක්රි්යාව හොඳ බවත් අප්රයසන්නව කරණ ක්රි්යාව නරක බවත් මහත්මයා පිළිගන්නෙහි ද?.

ගුණවර්ධන - ඔව් ඇත්තෙන්ම පිළිගනිමි. ඉතින් හිත ප්ර සන්නය කීවේ කොහොම ප්රිසන්න කමකටද?.

බැන්ජමින් - යම්කිසි ක්රි.යාවක් කරණ කෙනෙකුගේ හිත ප්රරසන්නද - ලොභ, ද්වෙෂ, මොහ කියන මහා පාප කුසලින් තොරද - අන්න ඒ හිත ප්රෙසන්න බව සැලකිය යුතුයි.

ගුණවර්ධන - මම හිතුවේ යම්කිසි ක්රිනයාවක් කිරීමට යමෙකුගේ හිත සතුටු නම් ඒ ක්රිධයාව කිරීමට හොඳය කියා ය.

බැන්ජමින් - ඒ මුලාවකි. පිපාසයට ඇති වන කෙනෙකුට දිය බොන්නට කැමැත්තක් තිබේ. නමුත් ඒ බොන ජලය පිරිසිදු එකක්ද විෂ මිශ්රෙ, රෝග බීජ මිශ්රේ එකක්ද කියා නොදැන සතුට තිබුණු පමණින් ඒ පානය කළොත් කුමක්වේද?.

ගුණවර්ධන - ඇත්තෙන්ම ඒ පානය කළ තැනැත්තා විපතට පැමිණේ.

බැන්ජමින් - හිත ප්රපසන්න විමත් - හිත සතුටු වීමත් දෙකකි. ප්ර්සන්න වීමය කියන්නේ නිරවද්යා වු නිරාකූල වූ නිසැක වූ පිරිසිදු වූ තත්වූ පරිද්දෙන් වැටහීම නිසා ඇතිවන ප්රතසන්න භාවයටයි. සතුටය කියන්නේ තමන්ගේ හිත වසඟ කරගෙන ඉන්නා කෙළෙසුන් පිණවීමයි.

ගුණවර්ධන - මහත්මයා කියන්නේ ඉතාමත් සියුම් ගැඹුරු ධර්මයකි. නමුත් එය කියා දුන් අන්දම හොඳ බැවින් මට වැටහුනා. ප්ර්සන්න භාවයත් සතුටු භාවයත් යන දෙක ඉතාමත් විශාල වෙනසක් ඇති වචන දෙකක් බව මට තේරුනේ දැන් බව මහත්මයාට ගෞරව වශයෙන් කිව යුතුය.


බැන්ජමින් - හොඳයි මහත්මයාට ඒ තරම් ඉක්මණින් ඒ වචන දෙක වැටහීම බලවත් වාසනාවකි. ඉතින් ප්රටසන්න වූ හිතය - අප්රීසන්නවූ හිතය යන දෙක සතුටු හිතය නොසතුටු හිතය යන දෙකම සම්බන්ධ නොකොට ඒ ප්රතසන්නවූද - අප්රසසන්නවූද හිත් දෙකෙන් කරණ කියන ක්රි යාවටත් වචනවලටත් ඇතිවන විපාකය ‘කර්ම විපජකය’යි අපේ ආගමේ උගන්වා තිබේ.

ගුණවර්ධන - ඇත්තෙන්ම ඉතාමත් ප්ර්යෝජන වූ ඥානය පැහැදිලිවන කාරණයක් මහතා කීවේය. ඔය හිත පිළිබඳ උගන්වන සියුම් ධර්ම බුද්ධාගමේ මිස අන්යා ආගමක ඇත්තේ නැහැ නොවේද?.

බැන්ජමින් - හිත පිළිබඳව තබා උසස් ශ්රනස්ත්ර්යටත් ගැල පෙන ධර්මයක් බෞද්ධාගමේ මිස වෙන කිසිම ආගමක ඇත්තේ ම නැත. මනුෂ්යියන්ගේ නිවහල් භාවයත් තත්වූ පරිද්දෙන් යමක් දැනගන්නා නුවණත් අනිත් ආගම්වලට විෂයකි. මක්නිසාද බුදුරජාණන් වහන්සේ ඇර අනිත් ආගම් තැනූ සියලු දෙනාම තමන්ට නොපෙණෙන, කවදාවත් ඇතිනූන, නවදාවත් නැති නොවන, කොතනකවත් නැති සර්වබලධාරි යයි කියන කිසිම දෙයක් නොතේරෙණ සියල්ල දන්නා යයි කියන දෙවියෙකු මුල්කර ගෙණ ආගම් තනා තිබේ. පළමුවෙන්ම මිනිහා වාල් බවට පමුණුවා භක්තියෙන් අන්ධ කරගෙණ භයපත්කොට මිනිහා පූජකයන් ගේ දාසයා කරගණී. ඒනිසා බෞද්ධාගම ඇර චිත්ත චෛතසිකාදී ගැඹූරු ධර්ම තබා උසස් ශාස්ත්රමයට ගැලපෙන අන්දමටවත් යමක් ප්රසකාශ වන ආගමක් නැත. තථාගත සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ ධර්ම‍ය එසේ නොවේ. ඒ මනා නුවණින්ම ස්වෛරී නුවණින්ම, නිදහස්වම, තමා විසින්ම, යොනිසො මනසිකා‍රයෙන්ම දතයුතු එකම ආගමයි. මහත්මයා පිළිවෙලින් බුද්ධාගම ඉගෙණ ගත්තොත් එයින් ලැබෙන චිත්ත ප්රීශතිය රජ සැපතට වඩා උසස් බව පිළිගනු ඒකාන්තය.

ගුණවර්ධන - මැවීම, ගැලවීම, බොහොම ලපටි කථා, මෝඩයන් මුළා කිරීමට තනා තිබෙන කථා බව මාත් පිළිගෙණ බොහෝ කල්ය. ආගම් වලින් ගැඹුරු නුවණින් දතයුතු ආගම බුද්ධාගම බව මටත් වැටහී තිබේ. නමුත් මා කියන්නේ ඒ බුද්ධාගම ඇදහීමෙන්

මෙලොවදීම කෙනෙකුට ප්රවයෝජන තිබේ ද?

බැන්ජමින් - ඇත්තෙන්ම හොඳ ප්රබශ්නයක්. යමක් පැණි රස නම් හැම වේලාවේදීමත් හැමතැන දීමත් පැණි රස විය යුතුය. කොළඹ දී පැනිරස දෙයක් මීගමුවේදී පැණිරස නැතැයි ක‍ීවොත් ඒ මෝඩයන් රැවටීමක් පමණකි. මේ ලෝකයේදී සත්යද නොවන යමක් පරලෝකයේදී සත්යීයයි කියන යම් යම් ආගම් ඇත්නම් ඒ ඔක්කොම මිථ්යාේ ආගම්ය. නමුත් බුද්ධාගම ‍එසේ නොවේ.

ගුණවර්ධන - බුද්ධාගම මොලොවදීම ප්ර්ත්ය‍ක්ෂ කරගත හැකි ද?.

බැන්ජමින් - ඇයි මහත්මයා නිකමටවත් බුද්ධ ධර්මයේ ස්වභාවය ගැන අසා නැද්ද?. “ස්වක්ඛාතො භගවතො ධම්මො සන්දිධට්ඨිකො අකාලිකො එහිපස්සිකො ඔපනයිකො පච්චත්තං වෙදිතබ්බො විඤ්ඤුහීති” යනු බුදු හාමුදුරුවන්ගේ ධර්මයේ ස්වභාවයයි. එහි සංකේෂප අදහස “භාග්යදවතුන් වහන්සේගේ ධර්මය තමා විසින්ම දැනගත හැක. කල් නොගොස්ම දැනගත හැක. එය බලව කියා කා අතට වුවත් පැමිණවිය හැක. ළඟට ඇද ගන්නා බලයකින් යුක්තය. තම තමාට නිසැකව ප්රොත්‍යක්ෂ කරගත හැක. පණ්ඩිතයන් (නුවණැතියන්) විසින්ම පමණක් අවබෝධ කළ හැකිය. යන මේ ගුණ ධර්මයේ පවත්නා බව පෙනේ.

ගුණවර්ධන - හොඳයි මහත්මයා බුද්ධ ධර්මය ගැඹුරු ශාස්ත්රාානුසාරයෙන් මට කියා දුන්නත් එය මට තේරුම් ගැනීම දුෂ්කරය. එබැවින් ඒ ධර්මය ප්රාත්යඑක්ෂ වුනු තැනක් දෙකක් මට නිදර්ශන වශයෙන් කියා දීමට මහත්මයාට පිළිවන් ද?.

බැන්ජමින් - ඇත්තෙන්ම මහත්මයා දෙතුන් පලක් නොව විසි තිස් පලකටත් ව‍ඩා මේ මොහොතේදීම කියන්නට මට පුළුවන. වැඩිදුර නොගොස් හොරුන්ගෙන් ලැබූ මරු පහර නිසා අද හවස ආරෝග්යෙ ශාලාවේදී මිය ගිය අපේ මාමාත් ඔහුගේ පවුල දෙසත් බලන්න. ඔහු මිය යන්ට පැය කාලකට ප්ර්ථම මා සමග කථා කළේය. ඒ දුඃඛිත මනුෂ්යහයා අන්තිමට කීවේ” බැන්ජමින්, ධර්ම.ය හැබෑ බව මට දැන් නම් වැටහෙනවාය” කියායි. ඉතින් දුඃඛිත මනුෂ්යහයා අන්තිමට කීවේ” බැන්ජමින්, ධර්මයය හැබෑ බව මට දැන් නම් වැටහෙනවාය” කියායි. ඉතින් ඒ දුඃඛිත මරණාසන්න මිනිහා කී කීමෙන් නොව ඔහුගේ චරිතයත් ඊට මෙලොවදීම ලැබුණු විපාකත් පෙන්වා දීමෙන්ම ධර්මය ප්රතත්යදක්ෂකර ගන්ට මහත්මයාට පිළිවන. මේ

අපේ මාමා - අපේ මෑණියන්ගේ සහෝදරයා තරුණ කාලයේ අසරණ කෙනෙකි. අපේ තාත්තාගෙන් ලබාගත් සුළු මුදලකින් තේවතුර වෙළඳාමෙන් රැකුණ කෙනෙකි. එසේ සිටිනා අතර මොහුත් සමග එකම දුම්රිය කාමරයේ මගියෙක් ගමන් කොට තිබේ. ඔහුගේ බෑග් එකේ රුපියල් 7000 ක මුදලක් තිබුනේය. ඔහුට බලවත් ඉසේ ඇම්මක් ඇතිවීමෙන් ඒ කාමරයේ හිටි අනිත් එකම මගියා වන අපේ මාමාට ඔහුගේ ආරක්ෂාව භාරකොට ඔහු බෑග් එක කොට්ටය මෙන් තබාගෙණ ටිකක් නිදා ගන්තේය. අසනීපයෙන් සිටි ඒ මිනිහාට තදින් නින්ද ගියේය. මේ බව දුටු අපේ මාමා ඊළඟ දුම්රිය පලේදී - දුම්රිය නවත්වා - ඒ පිටත්වන ක්ෂණයෙහිම මගියාගේ බෑග් එකත් රැගෙණ හදිසියෙන් බැස්සේය. ඒ මිනිහා එහා දුම්රිය ස්ථානයට යන්ටත් ප්රසථම තමාට සිද්ධ වූ විපත දැනගත් නමුත් කිසිවක් කරන්ට නොලැබී ඔහුත් ඒ අලාභය නිසාම ඉක්මණින් මැරී තිබේ. අපේ මාමා ඒ මුදල් රැගෙණ අවුත් බදුවතු ගන්නටත්, වතු වවන්නටත් වෙළඳාම් කරන්නටත් ඒ සමගම අධික පොලියට මුදල් නයට දෙන්ටත් පටන් ගෙණ අවුරුදු පහක් ඇතුළත දෙලක්ෂයක තරම් ධනවතෙක් විය. මුළු කාලයම රෑ දවල් දෙකම නොයෙකුත් කූට උපක්රතම වලින් ධන සැපයීමේ කටයුතු මිසක් ධර්මයක් ශාස්ත්රටයක් ඇසුවේ බැලුවේවත්, ගුණ ධර්මයක් ඇසුවේ බැලුවේ වත්, ප්ර්තිපත්තියක් පිරුවේවත් නැත. අධික පොලියට මුදල් නයට දී එය ගෙවාගත නොහැකි මිනිසුන්ගේ දේපල සියල්ලක්ම තමා සන්තක කරගෙණ තිබේ. සමහර තැන්වල රුපියල් ‍දසදාහ වටිනා දේ එක රුපියල් දාහට ගෙණ තිබේ. ඉතින් මුළු ශක්ති‍යත් කාලයත් ගත කරමින් පිළිවන් කොයි ක්ර මයකින් වත් ධනය උපයන මිනිහෙකුට රුපියල් හාරපන් ලක්ෂයක දේත් ළඟ තිබෙතොත් ඉතාමත් ඉක්මණින් අධික ධනවතෙක් වීම දුෂ්කර කාරණයක් නොවේ. නමුත් අධර්මයෙන් අයුත්තෙන් ඔහු සපයන ධනයෙන් කිසි ඵලක් ලැබේ දැයි සිතීමට තරම් නුවණක් අපේ මාමාට තිබුනේ නැත.

ගුණවර්ධන - සමහරවිට තමා සැප පහසු නොවින්දත් දූ දරු ආදී පරම්පරාවේ උදවියට උසස් ලෙස කල්ගත කරන්ට ඉඩදෙන පිණිස මේ ධනය ඉපයුවා වෙන්ට පිළිවන.

බැන්ජමින් - ඇත්තෙන්ම එසේ කරන්නට හැකිවුනා නම් ඇති වරද මොකද? අධර්මයෙන් ධන සපයන ප්රඑතිපත්ති විරහිත ජීවතයක් ගත කරණ තැනැත්තා ස්වකීය පරම්පරාවට තබන පිණිස ධනය රැස් කිරීම හරියටම මුහුදට බිඳගෙණ යන මොය කටක නිධානයක් කරණ මොඩයකුට සමානය. ධනය රැස්කිරීම හොඳ උනත් දුෂ්කර කටයුත්තකි. නමුත් ඒ ධනය ආරක්ෂා කරගැනීම හෙවත් ඒ ධනය යුතු අන්දමින් පාලනය කරගැනීම ඒ ධනය සපයන තැනැත්තා තමා ඒ සපයන ධනය ආරක්ෂාකර ගැනීමට තරම් නුවණ ඇති, වීර්ය ඇති, පින් ඇති පරම්පරාවක් ඇති නොකළොත් ඔහු සපයන ධනය හරියටම මුහුදු බත් වන ගඟක් අද්දර නිධානයක් කළ මෝඩයෙකුට සමානය.

ගුණවර්ධන - මට තවමත් මහත්මයාගේ අදහස හරිහැටි වැටහුනේ නැත. ධනය හොඳින් පරිපාලනය කිරීමට තරම් ශක්ති සම්පන්න වූ ගුණ නුවණැති පරම්පරාවකුත් ඇති කිරීමට මිනිසුන්ට පිළිවන්ද?.

බැන්ජමින් - ඇත්තෙන්ම, මගෙන් මහත්මයා ඔය ප්ර ශ්නය අසන්නේ යයි මම බලාපොරොත්තු වුනෙමි. බුද්ධාගම හෙවත් උතුම් ප්ර තිපත්තිවල අගය වටිනාකම වැටහෙන්නේ ඔය කාරණය ගැන විමසන විටයි. හැම මිනිහාගේම සියුම් ඡායාරෑපය ඔහු අනුවම මිස ඊට කොහෙත්ම වෙනස් අන්දමකට ගන්ට පිළිවන් ඡායාරූ ශිල්පිඥයෙක් නොමැත. යම් කෙනෙකුගේ ඡායා රූපයක් ගනු ලබන වේලාවේ හැසුරුණ අන්දමට ඔහු ඇඳ පැලඳ සිටි අන්දමටම ඡායා රූපයද ඇති වේ. එපමණක් නොවේ. ඒ ඡායාරූපය ගනු ලබන වේලාවට යමෙකු ගේ හිත අප්රඇසන්න - අසතුටු ගතියකින් හෙවත් දැඩි කළකිරීමෙන් ශෝකයෙන් හෝ කණගාටුවෙන් සිටියා නම් ඒ බවද ඡායාරූපයෙන් දැනගත හැක. ඉතින් ඡායාරූපය ඒ ඒ පුද්ගලයාගේ රූප ස්වභාව, හැසිරීම, චිත්ත ස්වභාව, ඇඳුම් පැළඳුමට සමානව ලැබෙන්නේ යම්සේද දරුවන් ලැබෙන්නේ මවිපියන්ගේ පැවැත්ම ප්රමතිපත්තිය. සැප, දුක, චිත්ත ප්රෙසන්න තාවය හා අප්රරසන්නතාවය, පිරිසිදු අපිරිසිදුකම, දාන, ශීල, භාවනාදී පුණ්යසකර්ම, ලොභ ‍ද්වෙෂ මොහාදී දැඩි පව් අනුකූලවම බව සැලකිය යුතුයි. අධික ලෙස සුරාපානය කරණ සත්ව

ඝාතනාදී දුසිරිත්වල ගැලුණු ක්රො‍ධයෙන් හා අනුන්ට හිංසා පීඩා කිරීමේ ආශාව ඇති පහත් පැවතුම් ඇති මනුෂ්ය්යාගේ සප්ත ධාතුවම අතිශයින් දූෂිතය. ඒ දූෂිත භාවය අපිරිසුදු ලෙස ජීවිතය ගතකිරීමෙන් තවදුරටත් අපිරිසිදු වේ. මෙබඳු මිනිහෙකුගේ ගෙදරත් කවදාවත් සතුටු සහගත නිරවුල් වූ ගෘහයක් විය නොහැක. බෙබඳු කෙනෙකුගේ භාය්ය්ුටුව කවදාවත් පිරිසිදු පැවතුම් ඇති ධර්මකාමීව ප්ර තිපත්ති ගරුක ප්රීනතියෙන් සොම්නසින් නිතර කල් ගතකරණ කෙනෙක් විය නොහැක. ඉතින් අඹුසැමි දෙදෙනාම හිත කය වචන යන ත්රිැවිධ චාරයෙන්ම අපිරිසිදු නම් එබඳු අපිරිසිදු මවිපිය දෙදෙනාගේ දුෂිතවූ ධාතු ශක්තියෙන් ඇතිවන උත්පත්තිය හෙවත් දරුවා ඉතාමත් පහත් මනුෂ්ය් තිරිසන් ගතියෙන් යුත් අධමයෙක් විය යුතුය. එබඳු පහත් මවුපියන් නිසා ඇතිවන දරුවා නො අනුමානව නරකාදී සතර අපායෙන් චුතවන පහත් සතෙක්ද විය යුතුය. මක්නිසාද ඔහුට කෙතරම් ධනය තිබුනත් ඔහුගේ ඒ අධර්මවාදී ධන සම්පත පින්වත් සත්වසයන්ට පිළිකුල් හෙයිනුත් එබඳු පහත් මව්පියන්ගේ දූෂිතවූ ලේ ධාතුවෙන් අටගැනීමට පින්වත් සත්වයෙකුට කිසිසේත් හිමි නොවන නිසාත්ය. ඉතින් සතර අපායෙන් චුතවන - අපි හිතමු - බලු බළල් ආදී තිරිසන් යෝනියකින් චුතවන කෙනෙක් දරුකමට ලැබුනොත් ඔහුට අර මවුපියන්ගේ විශාල ධනයක් යථා විධියෙන් පරිපාලනය කිරීමට තරම් ශක්තියක් සුනඛ භවයෙන් මිදුණු හටියේම උපන් සුනඛයාට පිළිවන් වේද?.

ගුණවර්ධන - මහත්මයා කියන්නේ ඉතා ගැඹුරුවූ ඉතා සියුම් කාරණයකි. ඡායාරූපය ගැනීමේ උපමාව මට හොඳින් වැටහුනා. ඉතින් ඡායා රූපය කැමරා යන්ත්රීයෙන් ඉතාම හොඳින් ගනු ලැබුවත් සමහර විට නරක් වන බව පෙනේ. එසේ වෙන්ට හේතුව අදක්ෂු ශිල්පියෙක් විසින් ඒ පින්තූරය ගත් වීදුරුව හොඳ බෙහෙත් වතුරෙන් නියම අන්දමට නොසේදීමෙන් විය හැක. එමෙන්ම හොඳින් උපදින දරුවන් අතරද නරකට හැදෙන ඇත්තන් ඇතිවිය නොහැකි ද?.

බැන්ජමින් - බොහොම ස්තුතියි. එය වෙනම කථාවකි. හොඳින්ම කල් යවන ප්ර්තිපත්ති ගර්ක මව්පියන්ටත් පව්කාරයන් උපදින්ට


බැරිකමකුත් නැත. අනික් අතට පින්වන්තයන්ව උපන් අයටත් පව්කාරයන් වීමට බැරිකමක් නැත. මේ වනාහි, අනියම් විශේෂ සිද්ධියකි. මා කීවේ සමාන්යඅ ස්වභා ධර්මයට අනුව සිද්ධවන හැටියි. දක්ෂ ඡායාරූප ශිල්පියෙකු විසින් හොඳින් ගත් පින්තූරය අදක්ෂයෙකු විසින් සෝදන ලද්දේ නම් එය නරක් වෙන්ට බැරි කමක් නැත. එමෙන්ම ගුනවත් මව්පියන්ගේ පින්වත් දරුවෙකු ඒ මව්පියන්ගේ ඉවත් කොට අධමපාපීන් අතට පැමිණ වුවොත් ඒ ළමයා පව්කාර අධමයෙක් වන්ට බැරිකමක් නැත. මේ උත්පත්තියෙන් පසු ලැබෙන පාප මිත්රනසේවනය අපරාපය්ය්වුව වේදනීය කර්මයක් ලෙස සැලකිය හැකි වුවත් මේ දුෂ්ට මිත්රන සේවනයෙන් පවා නරක් කරණු නොහැකි පින්වත් දරුවන් ප්රුතිපත්ති ගරුක මව්පියන්ට ලැබුනු තැන් මට කිය හැක.

ගුණවර්ධන - මහත්මයා කියන (Eugenics) සුදාරකෝත්පත්තිය යුරෝපීය රටවල නානාප්ර-කාර ලෙස උගන්වති. එය නිරවශේෂ වශයෙන් සත්යය බවට ඒ රටවල ඇතැම් උගත්තු පිළිනොගනිති.

බැන්ජමින් - ඔව් | ඒ ‍එසේමයි. යුරෝපීය රටවල උගන්වන “සුදාරකෝත්පත්තිය” කර්මයෙන් බාහිර වූ ශාරීරික ධර්ම විද්යාරව ප්ර්මුඛ කරගෙන උගන්වන අසම්පූර්ණ ශාස්ත්රුයකි. නමුත් කර්ම වාදීවූ අප විසින් දැනගත යුතු. “සුදාරකෝත්පත්ති ක්ර මය” කිසි සේත් වරදිනු හැකි නොවන සම්පූර්ණ ශාස්ත්ර්යකි. පින්වන්තයන් හේවත් පුණ්ය් ක්රි යවේ නියුක්ත මව්පියන් නිසා පීන්වත් දරුවනුත්, පව් කරණ අධර්මවාදි මවිපියන් නිසා කාලකන්නි දරුවනුත් ඉපදීම ඇත්තද - නැත්තද යන්න ගැන සැක කරන්ට කොහෙක්ම ඉඩක් නැති තරමට ‍අපේම රටේ පෙනෙන්ට තිබේ. අපේ මිය ගිය මාමාගේ පැවැත්මත් ඔහු නිසා ඉපිද ඉන්නා දූ දරුවනුත් ඔහුට හිමිව තිබෙන ධන සම්පත් ආදියට යන කලදසාවෙනුත් පමණක් නොව - එබඳු තවත් පවුල් දහසකින්ද අපට මේ කාරණය තේරුම් ගන්නට පුලුවන. පවිකාර මව්පියන්ට දාව තබා පව්කාරයන් අධික ගමක රටක වත් පින්වතෙක් නූපදින බවත්, පින්වත් උතුමන් අධික රටක හෝ පළාතකම පමණක් උසස් ප්රවණ්ය්වන්තයන් උපදින බවත් අත් දැකපු සත්ය්යකි.

ගුණවර්ධය - මහත්මයාගේ මේ කීම හොඳින් කලපනා කරන විට ඇත්තක් බව මට වැටහෙනවා. හොඳයි, පින්වන්තයන් ඒක රාශි භූතව හෙවත් එක රටකම උපන් බවක් ප්ර්කාශ වන ධර්ම

කථාවක් පෙන්වා දෙන්ට පිළිවන් ද?

බැන්ජමින් - සත්තකෙන්ම එබඳු තැන් එකක් දෙකක් නොව ඊට වැඩි ගණනක් ධර්මයෙන් පෙන්වා දිය හැක. ඔන්න බලමු. මහෞෂධ පඬිතුමාගේ උත්පත්තිය පිළිබඳ කථාව, “එගම් සතරින් නගෙණහිර යවමැදුම ගම සිරිවඩ්ඪන නම් සිටාන කෙනෙක් වූහ. උන්ගේ ඇඹනියෝ සුමනා නම් දේවි කෙනෙක. මහ බෝසතාණන් වහන්සේ එදවස් රජ්ජුරුවන් සීනය දුටු වෙලෙහිම තවුතිසා දෙව්ලොවින් චුතව සිරිවඩ්ඪන සිටාණන්ගේ සුමනා දේවීන් කුස පිළිසිඳ ගත්සේක. අනිකුත් දිව්යා පුත්රේයෝ දාහක් (1000) එම දෙව් ලෙවින් චුතව නැගෙණහිර යව මැදුම් ගම බලා වැඩි මහලු සිටුවරුන්ගේ ගෙවල පිළිසිඳගත්හ” යන උම්මග්ග ජාතකයේ සඳහන් වේ.

ගුණවර්ධන - ඔව්| මහත්මයාගේ අදහස් දැන් කාට වුවත් පහසුවෙන් වැටහේ. කෙතරම් පින්වතෙකුට වත් පව්කාර අලස කම්මැලි කාලණ්ණින් මධ්යමයේ විසුවොත් කිසිම යහපතක් කරන්ට ඉඩ නැත. එබැවින් පහත් කාළකණ්ණීන් අධික පවුලක ‍හෝ ගමක හෝ රටක උසස් මිනිසුන් සුලභ විය නොහැක. දැන් ගමක හෝ රටක උසස් මිනිසුන් සුලඟ විය නොහැක. දැන් රටේ පවත්නා සාමාන්යස විධි වත්කමේ හැටියටත් අමුත්තක් නොවේ. ධනය ඇති මිනිහාටම ධනය උපයන්ට පිළිවන. කුණු ඇති තැනටම කුණු එකතුවේ. එමෙන්ම පින්වත් උත්සාහ වන්තයන් අධික රටකම පින්වත් උත්තමයෝ ඉපදිය යුත්තාහ. පවුකාරයන් අධික රටක තවත් පවුකාර පිරිස ඉපදිය යුතුය. මහෞෂධ පඬිතුමා තනිවම උපන්නා නම් එතුමාගේ වික්රුමවත් ක්රිෞයාකරන්නට කෙනෙක් නැත. එබැවින් තමා චුතවන විටම දිව්යර ලෝකයෙන් තමාගේ හිතෛෂි අන්ය දෙවිවරු 1000කුත් චුතව අවුත් අකම රටේ උපන් බව පෙනේ. මහතමයාගේ අදහස් ඉතාමත් හොඳය. වෙනින් දිනක මහතා සම්මුඛවෙන්ට බලාපොරොත්තු වෙමියි කියා වෙලාව රාත්රිහ 12 පමණවූ බැවින් ගුණවර්ධන මහතා නින්දට ගියහ.



07. පරිච්ඡෙදය[සංස්කරණය]

	පසු දින උදේම බැන්ජමින්ගේ ඥාතිවරයෝ මීගමුවට ආහ. මෝටෝර් මිනී රථයක තබාගෙන මිනිය ගමට ගෙන ගොස් ආගමික සිරිත් ආදිය පවත්වා භුමදාන කරණු ලැබුයේය. මේ අවමගුලේ ආගම කෘත්යරය කිරීම සඳහා පැමිණ සිටි ස්වාමින් වහන්සේ නමක් මියගිය ජුවන් අප්පුහාමිගේ ගුණ වර්ණනාවක් ද කළේය. කිසිම කාලයක ප්ර තිපත්තියක් නොපිරූ. ධර්මයක් අසා තේරුම් නොගත්, පරලොව සඳහා කිසි කාලයක අනුගාමික නිධානයක් වශයෙන් කිසිවක් නොකළ මේ මනුෂ්ය යා ධනවතෙක් නිසා ඔහුට ප්රෙශංසා වන අන්දමට කථා කළොත් ජීවත්ව ඉන්නා ඥාතීන්ගෙන් යම්කිසි සංග්රහහයක් ලැබේ යයි සැලකූ මේ භික්ෂුව මිය ගිය අධම මනුෂ්යකයාට කිසිසේත් අයිති නැති උසස් ගුණමතක් කරමින් කථා කරණු දුටු බැන්ජමින් සිනාසී, “අනේ හැමුරුවනේ, ඔය වර්ණනාව ඔය තරමින් නවත්වනු මැනවි” දැන් අපේ රට බොරුවෙන්ම පිරිලාය. වර්ණන‍ා කටයුතු කිසිම ගුණයක් නැති පහත් මිනිසුන් කුලිය‍ට වර්ණනා කරන ගිහි පැවිදි උදවිය නිසා ස්වභාවයෙන්ම නරක මිනිස්සු වඩාත් නරක් වූහ. ගුණ කියා යුත්තන්ගේ ගුණ කියන්නෝ නැත්තාහ. නමුත් කිසිම ගුණාලවයක් නැති අධමයන්ගේ මඟුල් අවමගුල් ආදියේදීත් වර්ණනා කරන්නෝ අපේ රටේ දැන් පිරිලාය. මේ වනාහි රටක් පිරිහුණු බවට යථා ධර්මයෙහි නොපිහිටි බවට සාක්ෂි වෙති. රේන්ද රාළගේ මල් බලිය ගැන නෝක්කඩු කීවාක් මෙන් ධනවත් මිනිසුන් වර්ණනා කරන්ට බැරිව නෝක්කඩු කියන් නොත් සිටිත්. අනේ ගුණවත් ප්රනතිපත්ති ගරුක ස්වාමීන් වහන්සේලා විරලවීම අපේ අසහාය දුර්භාග්යව විය. එය නිසා දැන් කටයුතුව තිබෙන්නේ සත් පුරුෂ සංග්රඅහයක් දුර්ජන නිග්රනහයත් පිණිස පරිශ්රාමයක් ඇති කිරීමයි. ධාර්මික ගිහි පැවිදි උතුමන්ට ගරු බුහුමන් සංග්රිහය ආදිය කරණ අතරම අධර්මවාදී ගිහිපැවිද්දන්ට නිග්රවහ අවමන් ආදිය කිරීමත් යුතුය කියා බැන්ජමින් තවත් හිත මිත්රට කීප දෙනෙකුත් කැටුව ගෙදර ගියේ ය.

බැන්ජමින් මුන ගැසී කථාබහක් ඇති කිරීමට ඔහුගේ වැඩි මහල් සහෝදරයා වන වෝල්ටර් බොහෝ අප්රතසන්න විය. බෝල්ටර් කලින් සුරාපානය කළ ප්රටමාණය හතර පස් ගුණයකින් අධික කෙළේය. ඔහුගේ පාප මිත්රා සේවනය ද අධික විය. අපරාධ පරීක්ෂක මුලාදෑනීන් කීප දෙනෙක්ම ජුවන් අප්පුහාමිගේ ගෙදර සොරකම ගැන සොයමින්


මුළු රටේම ඇවිද්ද නමුත් මාසයක් පසුවන තුරුත් යම් තම් සලකුණක්වත් සොයා ගත නොහැකිව ඒ අත්හැර දමන ලදී. ජුවන් අප්පුහාමිගේ හාමිනේ සහ පුත්රගයාද, දියනිය ද නොමැරී ගැලවුනා හ. නමුත් වැඩකාරියෝ දෙදෙනෙක් ද මළා හ. ඒ කොල්ලයේදී තුවාල වූ බුන් නයිදේ මාසයකට පසු සනීපවී ඉස්පිරිතාලෙන් ආවේය. මේ දරුණු සොරකමට බබුන් නයිදේගේ සම්බන්ධතාවයක් තිබිය යුතුයයි පොලිස් මුලාදෑනීන්ගේ කල්පනාව විය. නමුත් කොයි ක්රතමයකින් වත් ඔහු පිළිබදව ද අබමල් රේනුවක තරම් සම්බන්ධතාවයක් දැනගත නොහැකි වූයෙන් ඒ විශාල අපරාධය ගැන නීති මගටවත් බසින්නට ඉඩක් නැතිවිය.

පොලිසිය උදාසීන වූ නමුත් බැන්ජමින්ගේ සිත කොහෙත්ම උදාසීන බවට නොපැමිණියේ ය. එක් දිනක් බැන්ජමින් මහලු මවුට කථාකොට “අම්මේ අපේ මාමාත් තව කෙකෙනෙකුත් මරා ඔවුන්ගේ දේ කොල්ලකා ගත් හොරුන් ගෙන් කිසිවෙකු තවම අල්ලා ගන්ට බැරිවූ බව පෙනේ. සුනන්දා දිවි නැති කරගත් නමුත් ඈ විසින් කාටදෝ යවන ලද ලියමන සොයා ගත්තොත් මේ සිද්ධවීම් වල තොරතුරු නො අනුමානවම දැනගන්ට පිළිවන. ඉතින් අම්මාත් ඒ ගැන නිතරම කල්පනා සහිතව ඉන්ට. මම ඒ ලියමන සොයා ගන්නාතුරු මේ ජීවිතයවත් අපේක්ෂා නොකරමි. දැන් අයියාගේ පැවැත්ම ඉතාමත් භයානකයි. පිළිවන්කම තිබෙතොත් අයියාට කාරණා කියා අප සන්තක සියල්ලම ඔහුටම දීලාවත් ඔහු මනුෂ්යත ලීලාවේ තබා ගන්ට උත්සාහ කරනු මැනවි. මම සුනන්දාගේ මරණය පිළිබඳ වැදගත් රහස සොයන තුරු ගෙදරට වත් නොඑමි”යි කියා බැන්ජමින් කොළඹ යන අදහසින් ඇඳගෙන ඇඳුම් කූට්ටම් තුණ හතරක් ද පෙට්ටියක දමාගෙණ සැරසුනේය. එදා සෙනසුරාදා දිනකි. රහස් පොලිසියේ මහතෙක් සාමාන්ය. කෙනෙක් මෙන් සැරසී බැන්ජමින්ලාගේ නිවසට ආවේය. බැන්ජමින් ගැන දන්නා මේ මුලාදෑනියා එක පාරටම බැන්ජමින් සමග කථාවට බැස්සේය.

මුලාදෑනියා - බැන්ජමින් මහත්මයා මේ ‍රටේම සිද්ධනොවූ තරම් පුදුම කරුණු දෙකක් දෙ‍දිනක් ඇතුලතදී සිද්ධවී තිබේ. ඉතින් මේ දෙකෙන් එකක්වත් අපට සොයා ගන්නට බැරිවුනොත් මදිකමකි. බැන්ජමින් මහත්මයාට මේ එක අපරාධයක් ගැනවත් කිසිකෙනෙකු කෙරෙහි සැක නැද්ද?.


බැන්ජමින් - ඔව් ! මහත්මයා - පොලිසිය සහ අප පක්ෂයද අසමත් බව පෙණෙනවා. අ‍පේ මාමාලාගේ ගෙදර හොරකමත් මිනීමැරීමත් ගැන යමෙකු කෙරෙහි සැක හිතුනත් එතනින් පැහැරගත් කිසිවක් සොයා නොගෙන ඒ සැකය ස්ථිර කරන්නේ කොහොම ද? සාක්ෂි නැතිව සැක කළ පමණින් යමෙකුට චෝදනා කිරීම අපරාධයකි. මහත්මයාට මම කදිම ගුරුකමක් කියන්නට ද?

මුලාදෑනියා - ඇත්තෙන්ම ඒ ගුරුකම මම හොඳින් පිළිගනිමි. කියන්ට.

බැන්ජමින් - අපේ අයියාට ජෝඩුවී සිටි මනමාලි - සුනන්දා ගුණරත්න කාටදෝ ලියමනක් යවා තිබෙන බව ඈ මැරෙද්දී අතේ තිබුණ ලියමනෙන් පෙනේ. ඈ විසින් ලියන ලද ලියමන සොයා ගත්තොත් ඇගේ මරණයත් නොඅනුමානව අපේ මාමාලාගේ ගෙදර සිද්ධවූ අපරාධයත් හොඳින්ම දැනගන්ට ලැබේ”යි මට හැ‍ඟේ. ඒ නිසා මහත්මයාලා තෑග්ගක් - රුපියල් 500 යක් හෝ 1000 ක් දෙන බව කියා හැම තැනම දැන්වීමක් ප්රබසිද්ධ කරන්ට. එහි සඳහන් කළ යුත්තේ අසවල් දින දුම්රියට අසුවී සියපණ හානි කරගත් සුනන්දා ගුණරත්න නෝනා විසින් එදිනට ඉස්සරින්දා ලියන ලද ලියමන අපරාධ පොලිසියට ගෙනත් දෙන කෙනෙකුට තෑග්ග දෙන බවය. මෙසේ කළවිට ඒ ලියමන ලැබූ තැනැත්තාම එය ඉදිරිපත් නොකොළොත් මේ තෑග්ග ලැබීමට වීරිය කරන කීප දෙනෙක් ඒ ලියමන සොයන්නට උත්සාහ කරණවා ඒකාන්තය.

මුලාදෑනියා - ඇත්තෙන්ම බැන්ජමින් මහතාට මම මුළු හෘදයෙන්ම ස්තුතිකරමි. මේ කීවේ ඉතාමත් හොඳ ගුරුකමකි මහත්මයා මේ ලියමන සොයන්නට වීරිය ක‍ළේ නැද්ද?

බැන්ජමින් - මේ මාසයහ අවකාශ නැති කාලයක් වුනා. දන්නේ නැද්ද? මාමාගේ මිනිය පිළිබඳ කටයුතුත් ඉන්පසු පිංකම් ආදියත් ඊට පසු නැන්දා හා ළමයි දෙන්නා ඉස්පිරිතාලෙන් ආ බැවින් ඔවුන්ට නිරුපදෘත ලෙස ඉන්නට කටයුතු සලසා දීමාදියෙන් මට කොහෙත්ම අවකාශයක් ලැබුනේ නැත. අපේ අයියා ස්වකීය මනමාලිය නැතිවීම නිසාදෝ පිස්සෙක් වාගේ හැසිරෙනවා - මා පිටට දැන් සියලුම බර ඇවිත් තිබේ. ඒ කොයි හැටි වුනත් දැන් මම මේ ලෑස්ති වුනේ සුනන්දාගේ ලියමන සොයන්ට යන පිණිසයි. මෙය සොයා ගත්තොත් බොහොම


හුඟක් කරුණු එලිවේ.

මුලාදෑනියා - ඔව් බැන්ජමින් මහතානනි මම යන්නෙමි. අපේ ප්රාධාන මහතුන්ට කාරණය විස්තර කොටදී දැන්වීම ප්රමසිද්ධ කරවීමට ඉක්මන් කරවන්නෙමි. මහත්මයාටත් යම්කිසි ඔත්තුවක් ලැබුනොත් අපට කියන්ට ඕනෑයයි කියා බැන්ජමින්ට ස්තුතිකොට ඒ මුලාදෑනියා යන්ට ගියේය.

බැන්ජමින් කොළඹ යන පිණිස ගෙදරින් පිටත් වූ නමුත් කෙලින්ම සුනන්දාගේ මවුපියන්ගේ ගෙදර ගියේය. සුනන්දාගේ මවු - බැන්ජමින්ගේ නැන්දා - බැන්ජමින්ව පිළිගෙන එවේලාවට සුදුසු සංග්රයහත් කොට “කොහොමද පුංචි මහත්මයා වෝල්ටර්ට පිස්සු බව උඹලාත් දන්නවා ද? ඊයේ දවල් වෝල්ටර් මෙහි ආවා. මම ඔහුට වෙනදා මෙන් කථාකොට තේ වතුර බොන්ට කැ‍ඳෙව්වා. එවිට ඔහු පිස්සෙක් මෙන් පළමු වෙන් සිනාසී ඊට පසු පුටුවක් උස්සා අර බිත්තියේ එල්ලෙන සුනන්දාගේ පින්තූරයට ගසන්ට තැත්කළා. මෙතන සිටි කීප දෙනෙකුන් විසින් එය නවත්වාගත් නමුත් වෝල්ටර් මහත් හයියෙන් “සුනන්ද, උඹ කසාද බඳින්ට ‍නොලැබුනේ උඹේ උගත්කම නිසාමයි. උඹේ මව්පියන් විසින්ම උඹ විනාශ කළා - ගැහැනුන්ට වඩා ඉගැන්වීම නරක බව උඹෙන්ම පෙනුනා- උඹ ඉගෙන නොගෙන “නිකම්” ගැහැණියක්ව උන්නානම් අපි අඹු සැමියෝ නේද?” කියමින් අපේ ගෙදර උන් කොලුවෙකුටත් කම්මුලට පාරක් ගසා යන්නට ගියේ ය. ඉතින් ලමයා මෙයින් මට වැටහුනේ වෝල්ටර්ට පිස්සු බවයි. නමුත් ඔහු අතේ දැන් හුඟක්ම මුදල් තිබෙන බව පේනවා. දවසකට රුපියල් තිහ හතළිහකට වඩා වියදම් කරණ බව පෙනේ. වෝල්ටර් ගැන පුංචි මහත්මයා (බැන්ජමින්) කල්පනා කළේ නැද්දැයි සුනන්දාගේ මව කීවාය.

මේ කථාව තව දික් කිරීමෙන් බලවත් කලබලයක් ඇතිවිය හැකි බව දැනගත් බැන්ජමින් කාරණය යටපත් කරනු සඳහා - “නැන්දේ අයියාගේ මනමාලිය නැතිවුන ශෝකය නිසා දැන් පාප මිත්රතයන් සමග එක්වී නොසෑහෙන තරමට බොන බැවින් විකාරයෙන් ඔහු කරණ කියන කිසිවක් හිතට ගන්ට බැරිය. පිළිවන් කම තිබෙතොත් ඔහුගේ බීම අඩු‍කොට මිනිහාව මොකවත් කටයුත්තක යොදවන්ට ඕනෑ. මා සමග අප්රීසන්න නිසා මම කථා නොකරමි”යි කියා බැන්ජමින් යන්ට ගියේය.

බැන්ජමින් කොළඹට පැමිණියේය. තමා පාසැලට යන කාලේ


හොඳින් දන්නා අඳුනන තලතුනා ගුරුවරියක් සම්භවෙන පිණිසම බැන්ජමින් ආ ගමනකි. “ධම්මිකා” නැමැති මේ ගුරුවරිය තවමත් කොළඹ බෞද්ධ බාලිකා පාසැලක උගන්වයි. ඔවුන් පදිංචි හිරගෙදර පාරේ නිවසක බැන්ජමින් පැමිණි හැටියේ ඒ මහලු ගුරුවරියත් ඇගේ දියනිවරු දෙදෙනත් මහත් සතුටට පැමිණ බැන්ජමින් පිළිගෙන ආදර සහිතව සංග්රදහකොට මහලු ධම්මිකා හාමිනේ බැන්ජමින් සමග කථාවට බැස්සේය. බැන්ජමින් මහත්මයල‍ාගේ මාමා සහිත පවුලට හොරුන් කළ අනතුර පත්රග වලින් දැක බලවත් කණගාටුවට පැමුණුනා. ඒ විපතටත් වඩා සුනන්දා ගුණරත්නගේ දිවි නසා ගැනීම කණගාටුවකි. හැබෑවටම පුංචි මහත්මයා සුනන්දා මැරුනේ මක්නිසා ද කියා කාටවත් තේරුම් ගන්ට බැරිවුනා ද?”

මා මේ ඇවිදින්නේ වෙන කිසිම කාරණයක් නිසා නොව සුනන්දාගේ මරණයට හේතුව කුමක්ද කියා සොයන්නටයි. අද මෙහාට ආවේ ධම්මිකා හාමිනේගෙන් ආරංචියක් දැනගන්ට පිළිවන්දැයි පරීක්ෂා කරණ පිණිසමයි. සුනන්දා මියුසියස් ඉස්කෝලේ ඉගෙන ගනිද්දි පටන් හාමිනේ දන්නවා ඇති. ඒ ඉස්කෝලේ හාමිනේ ආචාර්යව සිටියදී සුනන්දාගේ පංක්තියට ද ඉගැන්වනු බව දනිමි. ඉතින් මෙහි ඉන්නා දියනිවරු දෙදෙනා පද්මා හා රූපාත් සුනන්දාගේ ගජ මිතුරියන් බවත් මම දනිමි. ඉතින් සුනන්දා පාඨශාලාවේ බෝඩිංව සිටියදී නිතරම ආශුය කළ නිතරම එක්ව හැසුරුණු ගැහැණු ලමයෙකු ගැන හාමිනේටවත් මේ ලමයින්ටවත් දැනුම් තිබේදැ”යි ඇසුවේය.

මහලු ධම්මිකා හාමිනේත් දියනිවරු දෙදෙනාත් ඔවු නොවුන්ගේ මුහුණ ‍බලමින් උන්නා මිස කිසිවක් කථා නොකළහ. ඉක්බිති පද්මා මවු දෙස බලමින් “සුනන්දා ගුණරත්න මගේත් හොඳ මිතුරියකි. නිතරම ආශ්රුය කළ ගැහැණු ලමයින් දෙතුන් දෙනෙක් උන්නා. මාතර පැත්තෙන් අවුත් පාසැල් බෝඩිංව සිටි ධර්මවතී නැමති ලමයාත් සමග එක කාමරයේම විසූ බව නම් මම දනිමි. වෙන කියන්ට කිසිවක් බැරිය”යි කීවාය.

“මොකද බැන්ජමින් මහත්මයා සොයන්නේ සුනන්දා ගුණරත්න දිවි නසා ගන්නට ප්රබථම තැපැල් කළයි කියන ලියමන සොයා ගන්ටද? ඇත්තෙන්ම ඒ ලියමන සොයා ගත්තොත් “චින්තා මාණික්ය ” රත්නයක් සොයා ගත්තාට වඩා ප්රමයෝජනය’යි රෑපා සිනහසෙමින් කීවාය. ‘ඔව් | කරුණාවන්ත රූපා මම කිසිවක් නොසඟවා ඇත්තම කියන්නෙමි. ඒ ලියමන‍ සොයා ගන්නා තුරු මට අස්වැසිල්ලක් නැත.


රූපා කාරණය තේරුම් ගැනීම ගැණ මුළු හෘදයෙන්ම ස්තුති කරමි. රූපාටවත් ලියමන ලැබී තිබෙනවාදැ”යි බැන්ජමින් මහත්මයා නොයිවසිලි‍ වන්ත ලෙස ඇසුයේය. “අනේ බැන්ජමින් මහත්මයා සුනන්දා ගුණරත්න ඒ තරමට මා සමග මිත්රා නැත. මා කීවේ ඒ ලියමනේ පලහිලව්ව සුනන්දාගේ මරණය පිළිබඳ විභාගයේදී සඳහන් වු හැටි පත්රතයෙන් දැකපු නිසයි. ඒ ලියමන ඇගේ ඉතාමත්ම හිතෛශියෙකුට යවන්ට ඇති. තරුණියකට යැව්වාද නැතහොත් තමා ගෞරව කළ තරුණයෙකුට යැව්වාද කියන්නටත් බැරිය”යි රූපා කියමින් සුනන්දා ඇතුළු ගැහැණු ලමයි කීපදෙනෙක් එකතුව ගත් ඡායා රූපය තමා ලඟ තිබී බැන්ජමින්ට ද පෙන්නුවාය.

බැන්ජමින් ඡායා රුපය ඉතා ඕනෑ කමින් බලන්ට විය ධම්මිකා හාමිනේට මේ පිළිබඳව කිසිවක් කල්පනා කරන්ට නොහැකිව දූවරු දෙදෙනාත් සමග ගෙයි කුස්සිය පැත්තට ගොස් කථා කරන්ට පටන් ගත්හ. ඒ අතර බෙන්ජමින් පින්තූරයේ පෙණෙන ගැහැණු ලමයින් හත්දෙනා ගැන කල්පනා කරන්ට පටන් ගත්හ. සුනන්දා, පද්මා, රූපා සහ මිල්ඩ්ර ඩ් යන හතර දෙනා තමා අඳුනතත් තමා නාඳුණන තුන් දෙනෙක් ද සිටිති. ඒ තුන්දෙනා ධම්මිකා හාමිනේ හෝ ඇගේ දියනිවරු දෙන්නා නොඅනුමානවම අඳුනන බැව් සලකා ඔවුන් එලියට එනතුරු බැන්ජමින් බලාපොරොත්තුව සිටියේය. ධම්මිකා හාමිනේ හා දියනිවරු දෙන්නාත් මිනිත්තු විස්සක් පමණ කථා කරමින් සිට ගෙයි සාලෙට ආහ. “අපි මහත්මයා ගෙන් ඉවත්ව ගොසිනුත් කථා කළේ සුනන්දාගේ ඉතාම හිතෛෂි මිතුරි කවුදැයි සලකන පිණිසයි. නමුත් අපට එහෙම විශේෂ මිතුරුයකු ගැන සැක කරන්ට වත් බැරිය”යි මව කීවාය.

ඔව්| ඒක එහෙම වෙන්ට පිළිවනි. මේ පින්තූරයේ ඉන්නා සත් දෙනාගෙන් හතර දෙනෙක් මම අඳුනමි. සුනන්දා, පද්මා, රූපා සහ අ‍පේ මිත්රෙයෙක් වන සිල්වා මහත්මයාගේ දියණිය වන මිල්ඩ්රතඩ් වත් මම අඳුනමි. මේ අනික් තුන්දෙනා කාගේ කව්දැයි මට කියා දෙන්ට යයි කීය. පද්මාට වඩා සුරුබුහුටිවූ නැගනිය පින්තූරය බලා මේ එක් කෙනෙක් නම් කලින්ම අක්කා කියාපු මාතර පළාතෙන් අවුත් සිටි ධර්මවතීය. අනිත් දෙන්නා ගෙන් මේ කුඩා ලමයා උඩරට තේවත්තක කොන්දොස්තර් කෙනෙකුගේ දියනියක් වන විමලා ජයරත්නය. අනිත් එක්කෙනා පස්දුන් කෝරළේ ජැනට් වික්ර්මසිංහ කියා ලමයෙකි. දැන් ඒ ලමයාගේ පියා තේ රබර් ඉඩම් ආදී ඉඩම් හිමියෙකි. දැන් නම් මේ

හත්දෙනාම කොලිජියෙන් අස්වෙලා. මේ පින්තූරයේ පෙණෙන හත්දෙනා ගෙන ඔක්කෝටම පස්සේ ඉස්කෝලෙන් ඉවත් වුනේ අපි දෙන්නාය”යි රූපා කීවාය. “හොඳයි බැන්ජමින් මහත්මයා ඔය කාරණය සෙවීමෙන් ඇති‍ ඵලේ මොකක්ද? සොයන්නේ කොහොම දැයි ධම්මිකා හාමිනේ ඇසුවාය.

බැන්ජමින් - ඔව් හාමිනේ. දැන් රටේ කල්පනා කරණ හැටියට නම් පලක් නැත. නමුත් ධර්මයට හා ශාස්ත්රධයට ගරු කරණ අයට ලොකු ප්ර්යෝජනයක් ගන්ට පිළිවනි.

ධම්මිකා - ඒ කොහොමද - එහෙම හිතුවේ මොන කාරණයක් නිසා ද?.

බැන්ජමින් - සුනන්දා ඉතාමත් හොඳ කල්ක්රිෙයාවෙන් යුත් කෙනෙකි. ධර්මයත් ශාස්ත්රනයත් බොහෝ දුර දන්නා, ධර්මය ප්රිත්ය්ක්ෂ කරගත් ප්ර්ශස්ත බෞද්ධාගම් කාරියෙකි. ඈ දිවි නසා ගත් බව ඇත්තක් ලෙස පිළිගෙන තිබෙන බැවින් ඈට පිස්සුවක් වැළඳුනා නම් ඒ කුමක්දැයි තේරුම් ගැනීමට ඈ විසින් යවන ලදැයි කියා තිබෙන ලියමන ඉතාමත් හොඳ එකකි. දිවි නසා ගන්නේ” කාලික උමතුවෙන්” යයි වර්ත මාන දොස්තරවරු කියති. එක්කෙනෙකුට තවත් කෙනෙක් කරන ක්රිුයාව පිස්සුවක් වුවත් සමහරවිට පිස්සු නැති අයට අයින් ඉගෙන ගන්ට බොහෝ දේවල් ඇතිවිය හැක.

ධම්මිකා - සුනන්දා - මහත්මයලාගේ සහෝදරයා සමග කසාද බඳින්ට ගිවිස ගෙණ සිටි බවත් ඇත්තක් ද?.

බැන්ජමින් - ඔව්. ලබන මාසේ මංගල්යරය ගැනීමට පවා තීන්දු කරගෙණ උන්නා. අපේ අයියත් සුනන්දත් ඔවුනොවුන්ගේම කැමැත්තෙනුත් දෙපක්ෂයේ මව්පිය ඥාති මිත්රාසදීන් ගේද කැමැත්තෙනුත් දෙපක්ෂයේ මව්පිය ඥාති මිත්රාතදීන් ගේද කැමැත්තෙනුත් තීන්දු කරගෙණ තිබුණු මංගල්ය යකි. සුනන්දා කා‍ටදෝ යැව්වයි කියන ලියමන සොයා ගන්ට උවමනා කරන්නෙත් අපේ අයියාත් සමග ඇගේ පැවති තද ඇල්ම නිසාමයි.

ධම්මිකා - සුනන්දා ගුණරත්න ඉතා හොඳම ලමයෙක් බව පමණක් මම දනිමි. ඒ ලමයාගේ රහස් ආදියත් ඒ ලමයාගේ හිත මිත්රාලදීන් ගැනත් හොඳින් දන්නේ අපේ රූපා පමණකි. මහත්මයා රූපාත් සමග ඒ ගැන කථා කළොත් තවත් දුරට කාරණා දැන


ගන්ට ලැබෙනු නිසැකය යි කීවාය.

බැන්ජමින් සුනන්දාගේ අත් අකුරු දැක තිබෙන නමුත් ඒ නිසැකවම දන්නේ නැති බැවින් රූපාට කථා කොට “රූපාවතී සුනන්දාගේ අත් අකුරෙන් ලියන ලද ලියුම් තිබෙනවාදැ”යි ඇසුවේය. “ඔව් බැන්ජමින් මහත්මයා” අම්මාත් සමග මහත්මයා කථා කරද්දී සුනන්දා විසින් නොයෙක් කරුණු ගැන මා වෙත එවන ලද ලියුම් මම සෙව්වෙමි. මා ලඟ තිබෙන්නේ ලියුම් හතරකුත් - සුනන්දාට හිතෛෂි මිතුරියක් විසින් එවන ලද කව් පංක්තියකුත් පමණකැයි කියා ඒ සියල්ලම බැන්ජමින් අතට දුන්නාය. බැන්ජමින් ඉතා ඔනෑ කමින් ඒ ලියුම් කියවා බැලුවේය. සාමාන්ය මිතුරියන්ට ලියන පිළිවෙළේ ලියුම් බැවින් ඒවායින් ඉගෙණ ගතයුතු අමුත්තක් නොවීය. නමුත් අකුරු දැන ගැනීමටත් ඔවුන්ගේ මිත්රගකම නිශ්චය කර ගැණීමටත් එම ලියුම් ආධාර වූහ. සුනන්දාට ලැබී ඉක්බිති රූපා වෙත එවන ලද කව් පංක්තිය බැන්ජමින් ඉතා ආශාවෙන් කියවා බැලුවේය. ඒ කම් එවූ තැනැත්තාගේ නමවත් අසවල් පළාතේ අසවල් තැනකද ලියන ලද බවවත් ඒ කව් කොලයෙන් දැනගන්ට බැරිවිය. බැන්ජමින් එක වරක් කියවා තව වරක් කියවන විට රූපා සහ පද්මා මඳක් සිනාසෙමින් “ඔය කවි අපට නම් තේරෙන්නේ නැහැ. අප සිතා උන්නේ කාව්යන ශාස්ත්රගය නූගත් නිකම් කාගේදෝ විහිලුවක්ය කියායි. මහත්මයා එක වරක් කියවා බලා නැවතත් කියවන්නේ ඔය කවි නිකම් ප්රයලාප නිසාදැ” යි ඇසූහ. නැහැ පද්මා, මට මේ කව්වල පදගතාර්ථ එක පාරටම වැටහුනේ නැහැ. ඉතාමත් ගැඹුරු අර්ථාන්විත කවි බව පෙනේ. කාව්යාැලංකාර හොඳින් උගත් කෙනෙකුගේ ප්රථබන්ධයකි. සුනන්දාට නම් මේ කව් ඉතා හොඳින් විටහී තිබුනාට කිසිම අනුමානයක් නැත. ඇගේ මරණයට පළමු දිනයේ ඈ විසින් තනන ලද කව් කීපයක් ඇගේ මෑනියන් විසින් මට පෙන්වන ලදී. ඒ කවි මේ වගේ ගුප්ත අර්ථවත් ඉතා ගැඹුරු කවිය. මෙන්න මේ කවි පංක්තිය සුනන්දාට එවන ලද ස්ත්රි්යට හෝ පුරුෂයාටම ඈ යැව්වයි කියන ලද ලියමන යවන්ට ඇත කියා මම සිතමි. රූපාට මේ කව් කොලය එවද්දී ඒ සමග එවන ලද ලියමනේවත් මේ කාගේ කව්ද කියා සඳහන්කර තිබුනේ නැද්දැ”යි බැන්ජමින් ඇසුවේය. මේ කවිවල වටිනැකම ඇසු සොහොයුරියන් දෙදෙන ඒ ලියමන සොයන්ට උත්සාහ ගත් නමුත් නොහැකි වී මහත් කණගාටුවට පැමිණ “ඇත්තෙන්ම ඒ ලියමනේ කවි තැනූ ඇත්තාගේ නම සඳහන්ව තිබුනා වාගේ අපටත් මතකය. අහේතුවට මෙන් ඒ ලියමන සොයා ගන්ට

බැරිවිය. අපි මේ ගෙයි එකම කඩදාසි කැබැල්ලක්වත් අත් නොහැර ඒ ලියමන සොයන්නෙමු. යම් විධියකින් එය ලැබුනොත් මහත්මයාට දෙන්නෙමු. කරුණාකර ඔය කව් දහයේ අදහස අපටත් කියා දුන්නොත් මැනවැයි ඒ තරුණියෝ දෙදෙනා ඇවිටිලි සහිතව කීවෝය. බැන්ජමින් ටිකක් හයියෙන් ඒ කවි දහය පළමුකොට කියවන්ට පටන් ගත්තේය.

ස ත ප ත් යටම උපදින යලි එම සෙව නේ රි සි යු ත් දිවි ගෙවන කන බොන සැන කෙළි නේ නැ සු න ත් ආයු ඉවරව මැඩියෝ එතැ නේ නොද නි ත් සුවඳ පැහැ මුදු බැව් පියුම් ව නේ

කි සි දි නේ නොගිය නුදුටුව තැනක දූ රූ පු බු ද නේ පියුම් වනතුරු රැඳි බම රූ වි ග ස නේ අවුත් පෙති මත ලැග රුසි රූ බ ල මි නේ ගයති බී මුවරද මියු රූ

සි ටි ත ත් දම් සෙබේ සදහම් නොදැන දන පැ මි ණෙ ත් මුළාවට දෑ අඳ දනන් මෙන නු ව ණ ත් පිණත් ඇති දන දම් අසුව දින පැ මි ණෙ ත් නිසි මගට දෙයැසැති දන ලෙ සින

හ ර ය ක් පතා සෝදන දන වසුරු පිඩ සැ ප ත ක් පතා පව්කම් කරණ දන දිඩ වෙ න ස ක් කිසිම නැති දෙදෙනෙක් වේය ජඩ නි සැ ක ක් ලෙස එ දත් හට වේ දෙලෝ වැඩ

තෙ ද පි න් විකුම් ගුණ නැණ ඇති කදිමට සු ද න න් තතු නොහැකි වන දැන ගැනීමට කෙ නෙ කු න් සමග එක්වී කල් යැවීමට වැ ඩි යෙ න් පහසු වෙයි අව දුක් විඳීමට

කෙ නෙ කු ත් ඇසුරු කළ දැන ගනු බැරි අයට වෙ ‍ සෙ සි න් සිප් සතර දතුවන් කිම පිහිට සු ද න න් දුදන තතු දැන ගනු හැකි අයට දැ නු මෙ න් අඩු කමක් නැත සිල්ප සූසැට


මු ල ‍ වෙ ත් අලසකම කෙනෙකුගේ දුගි බවට ඇ ති වෙ ත් රෝග පිරිසිදු කම නැති සතට නො දැ නෙ ත් කිසිත් තම තතු නොදැනෙන දැනට දු සි රි ත් නිසැක මගමය සියලුම දුකට

බො රු වෙ න් තමා සිත රවටා නොපැකිල් ලේ ක ර මි න් පව් සිටින මුත් සුදනන් තුල් ලේ ද හ මි න් පිට සැපක් ලැබුවොත් සැන සිල් ලේ සැ බ වි න් සෙවෙල් ඇතිවෙයි තද ගිනි සිල් ලේ

සැ ප න ම් සුසිරි තම බැව් වැටහුන සම තේ කෙ ත ර ම් විපතෙදිත් දුසිරිත් කරනු නැ තේ අ ද හ ම් ‍නොකර බැරිනම් ඉඳිනු මෙදිය තේ ස ද හ ම් නමට දිවි පිදුවත් දොසක් නැ තේ

දු සි රි ත් සමග ඇති කරගත් යස ඉසු රු ස ම වෙ ත් කිරි සුමුදු ගොම සහ පැනි හකු රු සු සි රි ත් එකතු වුනු දුගි බැව් මෙදිය තු රු ව තු ර ත් කිරිත් මුසුවුන වැනිය පියක රු

මේ කව් කියවන විට ධම්මිකා හාමිනේ හා දියනිවරුන් දෙන්නාත් ඉතාමත් ඕනෑ කමින් අසාගෙණ සිටියා හ. ඔවුන්ට ඒ කවිවල අදහස නොවැටහෙන බැව් කී හෙයින් බැන්ජමින් එකින් එකට කියා දුන්නේය. ඔව්හු ඒ කවි කියා විස්තර කර දුන් පසු අමුතු ස්වභාවයකට පත්වූවාහුය. ටිකක් නිශ්ශබ්දව මෙන් සිටි ධම්මිකා හාමිනේ “බැන්ජමින් මහත්මයා, ඇත්තෙන්ම ඔය කව් කවුරු තැනුවත් සුනන්දා විසින් තේරුම් ගන්නා ලදයයි විශ්වාස කරන්නේ ද?. ඒ ලමයාට ඔය තරම් මුහුකුරා ගිය ඥානයක් තිබුනා නම් දිවි නසා ගනීයයි සිතන්ට හැකිද?හොඳයි, එසේ අනතුරු කර ගත්තත් ඇත්තෙන්ම ඈ විසින් ලියන ලදැයි කියන ලියමන අද්භූත එකක් වෙනවාට කිසි අනුමානයක් නැත. මරණයට සුදානම්ව ලියන ලද්දක් නම් වඩාත් පුදුම එකක් වෙනවාට කිසි සැකයක් නැත. ඉන්නිසා බැන්ජමින් මහතාට ඒ ලියමන සොයා ගන්ට පිළිවන් වුනොත් සාමාන්යයයෙන් හැම දෙනාටමත් විශේෂ වශයෙන් ස්ත්රින පක්ෂයටත් ප්ර යෝජනවත් එකක් විය යුතුමය”යි කීවාය.

ධම්මිකා හාමිනේ ගෙන් මෙබඳු අදහසක් ප්රයකාශ වේයයි බැන්ජමින් කොහෙත්ම නො සිතුවේය. මේ කව් දුටු පසු සුනන්දාගේ ලියමන


නොසොයා ඉන්ට නම් බැරිම යයි සිතූ බැන්ජමින් ඒ ස්ථානයේදී කළ සංග්රාහයත් විඳගෙන ප්රතධාන පොලින් ස්ථානයට‍ ගොස් එහි සිටි නිලධාරියෙකු සම්භව -

“කොහොමද මහත්මයා - මහත්මයාලා මේ තෑග්ග ගැන කිසිවෙක් ඉදිරිපත්වී නැද්ද - සුනන්දා ගේ ලියමන තිබෙන කෙනෙක් හෝ තිබෙන තැනක් දන්නා කෙනෙක් හෝ ඉදිරිපත්වී නැද්ද”යි ඇසුවාම ඒ මහත්මයාට කාරණය වැටහී “ඔව් ඒ ගැන අපිත් ඉතාමත් සැලකින්ලෙන් ඉන්නවා - අපේ දැන්වීම ප්රෙසිද්ධව වැ‍ඩි කලක් නොගිය නිසා තවමත් එයින් යම් කිසිවක් දැනගන්ට බැරිවිය. සමහර විට මේ සතියේදී මොකවත් දැනගන්ට පිළිවන් වේය”යි කියා මේ ගැන සැලකිළිවන්ත වීම ගැන බැන්ජමින්ට ස්තුති කෙළේය.

08. පරිච්ඡෙදය[සංස්කරණය]

“සුන්දාගේ අද්භූත ලියමන කොයි අන්දතමකින් සොයම්ද” යන බලවත් හැඟීම නිසා බැන්ජමින්ට පුද්ගලික වශයෙන් පැවරී තිබුණ කටයුතුවල කිසිවක මිඩංගුවන්ට නොහැකි විය. බැන්ජමින්ට කොළඹ නැවතී ඉන්නා අතර ඉරුදින බෞද්ධ පාසැලක තෑගි බෙදාදීමක් බලන්ට යන්නට සිද්ධවිය. මිත්රනයෙකුගේ කැඳවීමට එහි ගොස් ඉන්නා විට නොයෙක් තරා තිරමේ ස්ත්රීත පුරුෂාදීහු මේ ස්ථානයට රැස්වන්නට පටන් ගත්හ. ඉතාමත් ලක්ෂණ තරුණියන් දහ පහළොස් දෙනෙකුට වඩා එහි වාඩිගෙණ උන්හ. වටිනා දියමන්ති ආභරණ ආදියෙන් සැරසුණු තරුණියන් මධ්යඋයේ කිසිම ආභරණයක් - යටත් පිරිසෙයින් රිදී වලලු දෙකක් වත් නො පැළඳී සුදුපාට ඔසරියක් ඇඳගත් තරුණියක්ද වුන්නාය. ඈ ලඟම පසු පුටුපෙළේ ඉන්නා දෙගොඩහරි වයසේ වැදගත් පෙණීමක් ඇති කුල ‍ස්ත්රීපන් තමාගේ මෑණියන් බව ටිකක් කල්පනා ඇති කාට වුවත් තේරුම් ගත හැකි විය. ඉරිදා පාසැලේ ඉගෙණ සමර්ථවු බාලිකාවන් 50 කට තරම් වටිනා තෑගි බෙදා දෙන මේ අවස්ථාවේදී මහත්තැන් කීප දෙනෙක් ඉතා ප්ර යෝජනවත් කථාද පවත්වන ලදහ. කුඩා කාලයේ පටන් දරුවන්ට විශේසයෙන් ගැහැණු දරුවන්ට බෞද්ධාගම ඉගැන්වීමත් ප්රවතිපත්ති රක්ෂා කිරීමට පුහුණු කරවීමත් ඉතාමත් අවශ්ය කාරණයක් බව එක් තලතුනා මහතෙකුගේ කථාවෙන් ප්රපකාශවිය. සිංහල ගැහැණු දරුවෙකුට ඉංග්රීමසි භාෂාව උගන්වා - බී.ඒ. ඇම්.ඒ. ආදී උසස්


විභාගයකින් සාමාර්ථය ලබාදී මසකට රුපියල් හාර පන්සියයක් උපයන තරමට දියුණු කලත් බෞද්ධාගම් කුල චාරිත්ර ත් නූගත් ඒ පිළිනොපදින තැනැත්තියක් නම් ඈ කිසිත් නොවටින බව එක්තරා මහතෙකුගේ කථාවේදී ප්රැකාශවිය. මේ මහතා තරුණ පා‍හේ මහතෙකි. මේ කථාවෙන් බැන්ජමින්ගේ හිතේ අමුතු හැඟීමක් ඇති විය. මේ මහතා සමග සභාව ඉවර වුනාට පසු කථා කරන්ට ඕනෑයයි සිතාගත් බැන්ජමින් සභාවේ කෙරෙන නොයෙකුත් කථාබසුත් තෑගි ලබන ගැහැණු ලමයින්ගේ ප්රීෙතිමත් භාවයත් බලා අවසානයේදී කරණ ලද රස කැවිලි හා අමද්ය්ප පානවලින් සංග්රාහයත් ලැබූ බැන්ජමින් මහත් ප්රී තියට පැමිණ ඔහුත් සමග සභාවට ගිය හිත මිත්රායා වන ධර්මසේන මහත්මයාගෙන් ස්ත්රීතන්ගේ හැබෑ ඉගෙණීම ගැන කථා ‍කළ තරුණ මහතා ගැන මොකවත් දන්නෙහිදැයි ඇසුවේය. “ඇත්තෙන්ම මම අඳුනමි. ඒ මහතාගේ නම විජයසිංහ මහත්මයාය. දඹදිව, එංගලන්ත, ජර්මනිය, ඇමරිකාව, ජපන් ආදී රටවල අවුරුදු 5 ක් පමණ කාලය ගතකොට අවුත් ඉන්න මහත්මයෙකි. ඉතාමත් ප්රලශස්ත දැනීමක් ඇති ඒ මහතා මගේ හිතෛෂි මිත්රමයෙක් නොවෙතත් අපට ඒ මහතා සමග කථා කරන්ට බැරි කමක් නැතැ”යි කීවේය. “හොඳයි, අපි ඒ මහතා සමග මේ අතර මගදී කතාකරමුද, නැතහොත් ඒ මහතා පදිංචි ස්ථානයට යමුදැ”යි ඇසුවාම අතර මගදී කථා කිරීම සුදුසු මදි බැවින් අපි උන්නැහේගේ පදිංචිය මරදානේ නිසා ඒ ස්ථානය දනිමියයි මිත්රකයා වන ධර්මසේන උන්නැහේ කී බැවින් සභාවේ සිටි අනිත් උදවිය මෙන්ම ඔවුන්ද ශාලාවෙන් පිටත් වූහ. සභාවට පැමිණ උන් බොහෝ දෙනා මොටෝ රථ වලින් ආ උදවිය ය. බැන්ජමින් ද සභාවට ගියේ ධර්මසේන උන්නැහේගේ මොටෝ රථයෙන්ය. සභාවේ උන් තරුණියන් අතර කිසිම රන්රිදී ආභරනයක් නැතිව වාන් පිරිසිදු ඔසරියක් සහිත රෙදි හැට්ටවලින් සැරසී උන් තරුණියත් ඇයගේ මෑණියොත් සභාවෙන් එලියට අවුත් බක්කි කරත්තයක නැගී ගමන් ගත්හ. ඉතාමත් ලක්ෂණ සම්පන්න මේ තරුණ කාන්තාව ගැන විමසන්ට බැන්ජමින්ගේ හිතේ බලවත් ඕනෑ කමක් ඇතිවූ නමුත් ධර්මසේන උන්නැහේ වෙන අතක කල්පනා කරාවියයි සිතා කිසිත් කථා නොකොට ඔවුන් යන පැත්ත පෙනෙන තෙක්ම බලා සිටියේය. ධර්මසේන උන්නැහේත් සමග ඔහු මරදානේ විජයසිංහ මහතුන්ගේ නිවසට පැමිණියේය. විජයසිංහ මහතා අවිවාහකව ඉන්නා කෙනෙකි. උන්නැහේගේ ගෙදර වැඩ කරණ ලමයෙක් ඇර වෙන කිසිවෙකුත්


උන්නැහේගේ ලක්ෂණ එම ගෘහයෙහි නොසිටි බැවින් ඔවුන්ට වඩාත් පහසුවෙන් ඒ මහත්මයා සමග කතා කරන්ට ලැබුනේය. ඔවුන්ට වඩා පැය කාලකට ප්රඒථම පැමිණි ඒ මහතා ඇඳුම් මාරුකොට විවේකව සිටියේය. ඔවුන් දුටු හිටියේ ඉදිරියටම අවුත් පිළිගෙණ වාඩිවෙන්ට සලස්වා පැමිණි තොරතුරු ඇසුවේය. එවිට ධර්මසේන මහත්මයා කථා කරන්ට ප්රමථම, මහත්මයා අද සභාවේදී කළ රම්යර කථාව අසා බලවත් ප්ර සන්න භාවයකට පැමිණ අපට මහත්මයා සමග කථාබස් කොට තවදුරටත් ඇඳින ගැනීම සඳහා පැමිණියෙමු”යයි බැන්ජමින් කීවාම ඒ මහතා ප්ර සන්නව ධර්මසේන උන්නැහේගෙන් බැන්ජමින් කවුදැයි ඇසුයේය. තරමක ඇඳුනුම් කමක් ඇති ධර්මසේන උන්නැහේ බැන්ජමින්ගේ තො‍රතුරු තත්ව පරිද්දෙන් නොව ටිකක් අධික කොට කීයේය. ගුණවත් කම් ආදිය තදින් කී නිසාදෝ ඒ මහතා ධර්මසේන උන්නැහේට කථාකොට “දැන් ධර්මසේන මහතා නම් ගෙදර යන්ට ඕනෑ බව මම දනිමි. මක්නිසාද වැඩි වේලාවක් ප්රගමාද වෙලා ගියොත් නෝනාගේ සිතට සංකා සියයක් ඇති වෙන්ට පිළිවනි. මේ අමරසිංහ මහතා කොළඹම කෙනෙක් නොවන නිසාත් තරුණයෙක් බැවිනුත් අද රාත්රීම මාත් සමග කාලය ගත කලාට වරදක් නැත. එබැවින් ධර්මසේන මහතා යන්ටය”යි කියා බැන්ජමින්ව විජයසිංහ මහතාගේ නිවසේම නවත්වා ගන්නා ලදී. වේලාව සවස 6ට පමණවූ බැවින් ජයසිංහ මහතා සිරිත් ප්රනකාර බුදුන් වැදීමට අසල තිබෙන විහාරස්ථානයට යන්ට සූදානම් වෙමින් බැන්ජමින්ටද කථා කෙළේය. ඔහුද වහාම සූදානම්ව උන්නැහේත් සමග පන්සලට ගොස් මල් පුදා බුදුන් වැඳ මහත් සතුටට පැමිණ ඒ මහත්මයාත් සමග හතට පමණ උනැනැහේගේ නිවසට ආපසු පැමිණියේය. එහි එනකොට රාත්රීග ආහාර සූදානම් බව එහි සිටි අතවැසි ලමයා කී පසු දෙන්නාම ආහාර අනුභව ‍කළහ. ඉක්බිති විවේක කාලය බව නිසා විජයසිංහ මහතා බැන්ජමින් සමග කථාවට බැස්සේය. (බැන්ජමින්ගේ නාමය ඒ මහතාට දැන ගන්ට ලැබුනේ “අමරසිංහ” ය කියා බැවින් මේ කථාවේදී එසේම යොදන ලදි.)

විජය - අමරසිංහ මහත්මයා මා කළ කතාවට ප්රැශන්න වුනා දැක්ම මට ප්රීනතියකි. නමුත් මට අප්රුශන්නවූ “උගත්තු” කීප දෙනෙක් ඒ සභාවේ උන් බව මම දැන ගතිමි. ඉතින් කථාවට අමරසිංහ මහතා ප්ර ශන්නවුනේ මොන ‍මොන කරුණු සලකාගෙණද?


අමර - මහත්තයාගේ මුලු කථාවටම මම පැහැදුනෙමි. ඒ කථාවේදී ප්රවකාශ වූයේ ප්ර-ත්යේක්ෂ සත්යප කරුණුයි. ස්ත්රීපන්ගේ අධික නිදහසත්, අධික බලයත් නිසා ලෝකයට සිද්ධවෙන්ට යන හානිය ගැන ප්රයකාශ කළ කරුණු විශේෂයෙන්ම මගේ සතුටට භාජනය වූහ. සිංහල කුල චාරිත්රාශදිය ඉගෙණ ඒවූ පරිද්දෙන් පිළිපදින ස්ත්රි යකගේ වටිනාකම බී.ඒ. ඇම්.ඒ. ආදී ඉංග්රීළසි විභාග වලින් සමර්ථ වූ ස්ත්රිකයකට වඩා වැඩි බව හේතෝදාරණ සහිතව මහත්තයා කළ ප්ර.කා‍ශයෙන් මගේ සිත අතිශයින්ම ප්රහබෝධ විය. අපේ ප්රිතිපත්තිත් කුලචාරිත්රාවදියත් පිළිබඳ කිවූ කරුණු ගැන මහත් සැලකිල්ලක් දක්වන මට මහතාගේ කථාව හරියටම රිදී සොයන්නකුට රත්රන් ලැබුනාට සමාන විය. ඒ හෙයින් මහත්තයා සම්මුඛව කථා නොකර යා නොහැකි බැවින් මාත් සමග ඒ සභාවට ගිය මගේ මිත්ර ධර්මසේන මහත‍ාගේ ආධාරයෙන් මහත්තයා සම්මුඛ වෙන්ට ආවෙමි.

විජය - මහත්මයා සම්මුඛවීම මට මහත් ලාභයකි. මම යුරෝපා ඇමරිකාදී බටහිර රටවලත්, දඹදිව, බුරුම සියම, චීන, ජපන් ආදී පෙරදිග රටවලත් අව්රුදු පහකුත් මාස හයක් පමණ ඇවිද්දෙමි. දඹදිවම අවුරුදු තුනක් නැවතී සිටියෙමි. මා ලක්දිවට පැමිණ මාස 11කි. ඉතින් ලක්දිවින් ‍ගොස් සිටි කාලයතුළ මට අවබෝධ කරගන්න ලැබුණු කරුණු අපේ අනිත් සිංහලයන්ටත් අවබෝධ කරවන්ට පිළිවන් නම් ඉතාමත් ප්රඅයෝජනය. නමුත් මේ කාලය ඉතාමත් විෂම කාලයක් වු‍ හෙයින් කවුරුත් පාහේ වෙන අතක කල්පනා ඇති අය බැවින් හැබෑ සත්යන තේරුම් ගැනීමට අකමැතිය.

අමර - මහත්මයා කියන්නේ මොන කරුණු ගැණද? යුරෝපා ඇමරිකාදී රටවල පැතිර පවත්නා විශාල දියුනුව ගැණ ද?

විජය - ඒ ‍රටවල දියුණුව ඉතාමත් විශාලයි. නමුත් ඇත්ත වශයෙන් සලකා බැලුවොත් ඒ දියුණුව පිටස්තර මායාවකි. මිනිහෙකුට අහස් නැවක්, දිය යට යන නැවක්, නැතහොත් කථා කරණ යන්ත්රකයක් තැනීමට දැන් නුවණ තිබේ. නමුත් සියළුම දුක් උපදවන, සියලුම සත්වයන් සංසාරයේ බඳවා තබන ක්ලේශයන් ගෙන් ස්වකීය චිත්තය මිනිත්තුවත් වේලා නිදහස් කොට, සත්ව ස්වභාවය, ලෝකස්වභාවය මෙනෙහි කරන්ට, යොනිසෝ මනසිකාරයෙන් කල්පනා කරන්ට පිළිවන් සමර්ථයෙක්


කොතනකවත් සොයා ගන්ට නැතිවීමේ පාඩුව දැන් ඇතිවී තිබෙන ඒ යන්ත්රත සූත්රා කිසිවකින්වත්, ධන සම්පත් වලින් පරිමසන්නට නොහැකිය. බුදුවරයන් වහන්සේලා එක්තරා කාලපරිච්ඡේදයක් බලා ගෙනම ලෝකයේ උපදිනනේ කුමක් නිසාදැයි හුඟක් ලෝකයේ ඇවිද්ද නිසා මට වැටහුනේය. පංචකාම ආලය ඉතා දැඩිව පවතින ‍ඒ එක්කම පංච කාමය ලැබීමට වුවමනා ධන සම්පතුත් ශිල්ප ශාස්ත්ර‍ත් අධික ලෙස දියුණුව පවතින කාලවල බුදුවරයන් වහන්සේලාගේ පහලවීමෙන් ලෝකය‍ාට ප්රලයෝජනයක් නැත. මක් නිසාද උන්වහන්සේලාගේ ධර්මය මධ්යාම ප්රෝතිපදාව මගින් ගොස් භව දුඃඛයෙන් මිදීමට උගන්වන ධර්මයක් නිසාය. අධික දුක් ඇති කාලවල ලෝක වාසීහු අත්තකිලමතානුයොග සංඛ්යාජත බලවත් දුකට පුරුදුව කැමතිව ඉන්නා බැවින් ඔවුන්ට මධ්යගම ප්රතතිපදාව විෂයක් හා සමාන වේ. අධික සැප ඇති කාලවල ලෝක වාසීහු කාමසුඛල්ලාකානුයොග සංඛ්යා ත අතිශයින් අධිකතර පංචාකාම සැපට ගිජුව ඉන්නා බැවින් ඔවුන්ටද මධ්යයම ප්රධතිපදාව විෂ ධූමයක් මෙන් හිංසා දායක වේ. ඉතින් මේ කාරණය නිසා බුදුවරයන්වහන්සේලා ලෝකයේ පහළ වන්නේ ලෝකවාසීන් දැඩි පංචකාම සැපතටත් වැඩි ඇල්මක් නැති නිරවුල් අනතුරු විරහිත භයංකර නොවන ශිෂ්ඨාචාර භාවයක් පවතින කාලයක් බලා‍ ගෙණමය. දැන් අප ඉපද ඉන්නා මේ කාලයේ අධික පංචකාම සැප විඳීමට ඒ මේ අතට හරවා ගන්නවා මිස ඒ ධර්මයෙන් ගත යුතු නියම ප්රටයෝජන ගන්නා කෙනෙක් දකින්ටවත් නැත.

අමර - එසේ වන්ට හේතුව මොක ද?.

විජය - ලෝකයේ වැඩි කොටසක් ගරු කරණ එකට අනිත් අයත් ගරු කිරීම ස්වභාව ධර්මයක් බැවිනි. මේ අතුරු කල්පය තුළම ඇතිවී තිබෙන “ශිෂ්ටාචාරකම්” දෙස බලන විට ලෝක ස්වභාවය ගැන අපට පුදුම වෙන්ට දෙයක් නැත. එක් කාල පරිච්ඡේදයකදී මිනිසුන්ට අවුරුදු 10 ක් ආයුෂ ඇතිව කිසිම හොඳ නරකක් ශිල්පයක් ශාස්ත්රකයක් නොදන්නා කාලයක් පැවතී තිබේ. ඉන්පසු අවුරුදු 20 සේ කාලය අවුරුදු 10 යේ කාලයට ව‍ඩා ස්වල්පව


ශිෂ්ටාචාරවූ කාල පරිච්ඡෙදයෙන් අවුරුදු 50 හේ කාලයටත් ඒ ක්ර්මයෙන් ගණන් ගත නොහැකි - ආයුෂ ඇති අසංඛ්යඒ අවස්ථාවටත් - එතැන් පටන් ක්රයමයෙන් බැසගෙණ අවුත් දැන් අවුරුදු සියයට අඩු කාලයටත් මනුෂ්යයයා පැමිණ සිටී. ඒ ඒ කාලවල මනුෂ්යා ඥානය දියුණුකර ගැණීමෙන් නොයෙක් කර්මාන්ත යන්ත්රව සූත්රන ආදිය තනා අධික පංචකාමය සඳහාම මුළු ජීවිත කාලය ගත කොට මැරීයති. නමුත් සත්ය ධර්මය මේ භවයෙන් මිදීමට හේතු වන ධර්මයේ බලය උද්දීප්ත වන කාලය මේසා විශාල අන්ත” කල්පය තුළ පැවති තිබෙන්නේ අවුරුදු දුහක තරම්ය. අනිත් කාලවල අධික පින් ඇති සත්වයන් පමණක් ලෝක ස්වභාව තේරුම් ගෙන සතර අපාදී දුකට භාජන නොවී සිටිති. ඒ කාටවත් ධර්මාවබෝධය කරගත හැකි කාලයක් පැමිණෙන තුරු සසරින් මිදෙන්නට බැරිය අද ලෝකයේ ඇතිවී තිබෙන දියුණුව තව අවුරුදු සියයකින් සම්පූර්ණයෙන් වෙනස් වේ. ඒ නිසා මොටෝ රථයත්, අහස්නැවත් රේඩියෝව හා වෙනත් යන්ත්ර ත්, මහත් පුදුම දෙවල් හිටියට සැලකීම අපේ මෝඩකමේ පළමුවෙනි කොටස බව සැලකිය යුතුය.

අමරා - යුරෝපා ඇමෙරිකාදී රටවල් දැන් පවත්නා දුයුණුව නැති වෙතොත් ඊට හේතුව කුමක්ය කියා මහත්මයා ආදී උගත් ජනයා කල්පනාකට තිබේද?

විජය - ඇත්තෙන්ම ඒ රටවල විපර්යාසය දැන් ආරම්භ වෙලා ඉවරයි. හැම කාලවල ලෝක විපර්යාසය ඇතිවන්නේ ස්වභාව ධර්මය විපය්යාඉව ස කර ගැනිමෙන්ය. දැන් බලන්ට මනුෂ්යයයෙකුගේ මරණය ඇති වෙන්නේ කොහොම ද? මිනිස් සිරුර තැනී තිබෙන වා, පින්, සෙම් ආදිය විපර්යාස වීමෙන්ය. දක්ෂ වෛද්යැවරයන් විසින් ඊට සුදුසු ප්රයතිකාර කිරීමෙන් ටික කලක් හෝ ටික දෙනෙකුගේ ධාතු විපර්යාසාදීය සමනය කරතත් ඒ ඒ පුද්ගලයන් පිළිබඳ කාල පර්ච්ඡේදයේ අවසානයේදී කාටවත්ම ඒ ධාතු විපරි තත්වව වලක්වන්ට බැරිව මරණය පැමිණේ. එමෙන්ම ලෝකවාසීන්ගේ විපර්යාසයට මුල්වන “ස්ත්රිුන්ගේ ආධිපත්යනය” ලංකාව ආදී පෙරදිග රටවලද ක්රටමයෙන් ඒ “ස්ත්රීප බලය” පැමිණෙන බව පෙණේ. ස්ත්රීඉ බලය සම්පූර්ණ වූ විට තව වරක ලෝක ස්වභාවය විපරියාසව එතැන් පටන් අමුතු”


ශිෂ්ටාචාරයක්” ලෝකයේ ඇතිවේ.

අමර - මහතාගේ අදහස ඉතා ගැඹුරුය. ලෝක විපර්යාසයට හේතු වන්නේ ලෝක ස්වභාවය විපර්යාස වීම බව මෙයින් පෙනේ. ඉතින් ස්ත්රී්න් පුරුෂයන්ගේ කටයුතුත් පුරුෂයන් ස්ත්රීේන්ගේ කටයුතුත් කරන්ට පටන් ගත්තාම සමුපුර්ණයෙන් ඒ තත්ව යට ලෝකය පැමිණියාම අමුතු යුගයත් පටන් ගන්නා බව මහත්මයාගේ අදහසද?.

විජය - ඒ මගේම අදහසක් නොවේ. කාගේවත්ම අදහස් මාත්ර යකුත් නොවේ. සම්පූර්ණ ඇත්තකි. ඒ ඒ රටවල පැවති බල පිළිවන් කාරකම් එනම් අප කථා කරණ අන්දමට ඒ ඒ රටවල් පිරිහුනේ කොහොම දැයි බලමු. රෝමය ඉතාමත් දුයුණුව බල සම්පන්නව පැවැත්තේය. ලෝකයේ දියුණුවේ කෙළවර පංච කාමය අග්ර්ප්රාැප්ත කරගැණීමයි. ඉතින් එතැනදී ස්ත්රීවන්ගේ ආධිපත්ය්ය ඇතිවේ. ඒ ආධිපත්යයය ඇතිවීම දියුණුව අතින් අතට හැරවීමකි. ස්ත්රී න් පුරුෂයන්ගේ පාදපරිචාරිකාවන් වශයෙන් ක්රිහයා කරන්ට පටන් ගත්තාම එතැන් පටන් උපදින ජනයා වීර්යහීන, නුවණ නැති, ලෙඩ සහිත, බෙලහීන කොටසක් වෙති. ඉතින් එතැන් පටන් ඒ රට පිරිහී ගොස් යන්තම් මිනිස් නාමයෙන් කල්ගත කරණ ජනයාගෙන් යුත් රටක් වේ.

අමර - ස්ත්රී.න්ගේ ආධිපත්යනය රට විපර්යාස විමටත් පිරිහීමටත් හේතු බව අපේ ජාතක පොතේ කථාන්තරවල නම් හොඳින් ප්රනක‍ාශ‍වී තිබේ. නමුත් දැන් ඉන්නා ස්ත්රීවන් ඒ කථාන්තර පල් බොරු බවත්, ස්ත්රීේන්ගේ බලය දියුණු කර ගැනීම දියුණුවට අසහාය හේතුව බවත් පුරුෂයන්ට ස්ත්රීජන් කියන අන්දමට හැසිරෙන්ට නොහැකි නම් ඒ පුරුෂයන් ඉවත්කර දැමීමටද ඔවුන්ට බලය උවමනායයි ඝෝෂා කරණ බවත් පෙනේ.

විජය - ඔව්, මම එය හොඳින් දනිමි. යුරෝපා, ඇමරිකාදී රටවල බලය දැන් ස්ත්රීදන් අතේ තිබේ. රොමේනියාවේ ස්ත්රී න් ලඟදී ඇතිකරවා ගන්නට අදහස් කර තිබෙන නීතියක් මෙසේය:- “අවුරුද්දකට එක මාසයක් හැම සිත්රීීන්ටම නිවාඩු දිය යුතුය. ඒ මාසය තුළ ගෙදරත් දරුවනුත් පුරුෂයා විසින්ම බලාගත යුතුය. ස්ත්රීයන්ට


උවමනා මුදල් පුරුෂයා විසින් දීලා ඈට උවමනා රටක උවමනා අයත් සමග ක්රීදඩා ආදිය කරමින් හැසිරෙන්නට හැම අවුරුද්දක් පාසාම මාසය බැගින් අවකාශ දිය යුතුය” යන ව්යමස්ථාවද වලංගු කරන්නට යන්නේය. රට ආණ්ඩු කිරීමේ බලයත්, ධන සැපයීමේ කටයුතුත්, ක්රීේඩා සභා අදියත්, යුද්ධෝපක්රුමත් යනාදී සියල්ලක්ම පුරුෂයන් මෙන්ම ස්ත්රීරන් ඉගෙණ ගත්විට ස්ත්රී් ගතිය එහෙම පිටින්ම දුරුව ගොස් දාමරික ගතියක් ඒ ස්ත්රීණන් තුළ නිරායාශයෙන්ම ඇතිවේ. ඉතින් අපිරිසුදු වූ තැන්පත් නොවූ ස්වෛරීවු සිතක් ඇති ඔවුන් තුළ හටගන්නා දරුවන් උසස් මනුෂ්ය ගති වලින් තොරවූ මනුෂ්ය තිරිසන්නු වෙති. ස්ත්රීව වනාහි වැලකටත් පුරුෂයා ගසකටත් සමානය. ගසක් වටේ එතුනු වැල නිරුපද්රිසතව එහි ආයුෂ ඇති ‍තෙක්ද ගස පවත්නා තෙක්ද පවතී. නමුත් වැලක් වටේ ගසක් එතී ගියොත් කුමක් වේද? වැලට ගස දැරීමට ත්බාැ ඒ වැලටම ආකාශයේ රඳා සිටීමට ස්වයං ශක්තියක් නැත. නමුත් ස්වභාව ධර්මයෙන් සිද්ධවී තිබෙන්නේ ගස ස්වයං ශක්තියෙන් අවකාශය දෙසට උස්වී වැසි සුළං ආදී වේගත් ඉවසමින් කලක් පවතී. ඵල මල් දැරීමටය. එසේම ස්වභාව ධර්මයෙන් සිද්ධවී තිබෙන්නේ වැලකට ස්වයං ශක්තියෙන් ආකාශයට නැගගත නොහැකි නමුත් ගසක හෝ ලීයක ආධාරයෙන් ම ප්රආතිෂ්ඨාවක් කර ගෙණ ආකාශයට නැග සිටීමටය. එසේ නො ලැබුනොත් භූමියේම ඒ මේ අත දිවමින් පවතින්නටය. මේ වනාහි ස්වභාව ධර්මයේ හැටියි. ඉතින් මේ ක්ර්මය ඉවත් කලොත් කුමක් වේද? ස්ත්රීව නැමති වැලේ පුරුෂයා නැමති ගස එතී ගිය විට කුමක් වේද? ස්වභාව ධර්මබලයෙන් නැමෙන සුලු වැල් සංඛ්යාිත වූ ලතාව දැරීමේ ශක්තිය ඇති ගසේ වේගය ගැණීමත් ධාරණ උසුලන ශක්තිය ඇති ගස නැමෙන සුලු දුර්වල වැලේ වේගය ගැණීමත් ඇත්තෙන්ම විනාශයට හේතු බව විස්තර කර කියන්නට උවමනා ද? එසේම මෘදු ගතිය, ආකර්ෂණ ගතිය, ප්රනමෝද්යව ගතිය, ඉවසන ගතිය, දායාන්විත ගතිය ආදී ගුණ වලින් යුත් ස්ත්රිරය නර්ක්ස, චිත්තාකර්ෂණය නොවන සුලු, රළු පරුෂ, නො ඉවසිලිවත්, කරුණා විරහිත තත්වසයකට පැමිණි පසු මනුෂ්යො ගුණයෙන් සම්පූර්ණ මිනිසුන් ලෝකයේ ඇති වෙද්ද? ස්ත්රීුන්ගේ අධික නිදහසත් බලයත් සමගම සදාචාරයද සමුපූර්ණයෙන්


අන්තර්ධාන වේ. එය අතුරු දහන් වූවාට පසු මණුෂ්යැ ලෝකයේ උපදින තරමක්ම සතර අපායෙන් චුතවන පහත් සත්වයෝම මිස විහේතුක ත්රිකහේතුක කාමාවචර කුසල චිත්තයෙන් ප්රේතිසන්ධිය ගන්නා පින්වත් කෙනෙකුට මාතෘ බවට සුදුසු තැනැත්තියක් සොයා ගැණීම අතිශයින්ම දුෂ්කර වේ. ඉතින් ක්රකමයෙන් අදක්ෂ, දුර්වල, අඥ මිනිසුන් ලෝකයේ හෙවත් අධික නිදහසත් බලයත් උවමනා ස්ත්රී න් ‍ඉන්නා රටවල උපදින්නට පටන් ගත්තාම, ලෝකයේ ඒ ඒ පළාත් සම්පූර්ණයෙන් පිරිහීමට පත්වෙති. දන් ජීවත් වන කාටත් අවුරුදු සියයක් ජීවත් වන්නට නොලැබෙන නිසා නොවේ නම් මා මේ කී කියුම්පල සත්යව ප්රනත්ය ක්ෂී කරගන්ට පිළිවන.

අමර - ස්ත්රී න්ට නිදහස අවශ්යම නැද්ද? එසේ නිදහස ඇති ස්ත්රීපන් ඉතා යහපත්‍ කොටසක් හැටියට ගණන් ගනු නො ලැබේ ද?

විජය - ස්ත්රී න්ටත් පුරුෂයින්ටත් කාටත් උවමනා කරණ නිදහස් බල තිබේ. තමාගේ වත්කමේ ප්රරමාණයට කන්ට අදින්ට සැරසෙන්ට ලක්ෂණ ගෙවල් දොරවල් තනාගන්ට රථවාහන ආදියේ යන්ට ආගම් අදහාගන්ට යනාදී කරණාවලට කාටත් සාධාරණ නිදහස තිබිය යුතුය. ස්ත්රී්න්ගේ නිදහස ඇති කරණ ලද්දේ තථාගත සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ ධර්මය නිසාමය. සිවුපිළිසිඹියා පත් රහත් භාවය ලැබීමට තරම් ධර්මය හැදෑරීමටත්, කර්මස්ථාන භාවනා අදියේ යෙදිමටත්, අරණ්යාරදියේ විවේකව හිඳීමටත් උන්වහන්සේගේ ධර්මයෙන් ස්ත්රීැන්ට නිදහස ලබාදී තිබේ. ආගම අතේ කටයුතු වලින් පමණක් නොව මෙලොව ජීවිකා වෘත්තියට උවමනා නිරවද්යු කටයුතු සඳහාද උවමනා තරම් නිදහස බෞද්ධාගම පවතින රටවල තවම තිබේ. බුරුම රටේ ස්ත්රීිහු වෙළඳාම් ආදී රක්ෂාවල යෙදි සිටිති. අපේ මේ සිංහල රටේ ස්ත්රීින්ටද මුලු ගැන්නී ඉන්ට කවදාවත් සිද්ධවි නැත. මහමත් ස්ත්රී්න්ට මෙන් අධික ආවරණයත්, යුරෝපීය ස්ත්රී්න්ට මෙන් දඩාවතේ හැසිරීමේ නිදහසත්, මේ දෙකම බෞද්ධ ර‍ටවල ස්ත්රීහන්ට කවදාවත්ම තිබුනේ නැත. අන්ත දෙකෙන් වෙනස්වූ උවමනා කරණ නිදහස පමණක් ඔවුන්ට තිබුනේය. විවාහ වෙන්නට පෙර මවු පිය වැඩිහිටියන්ගේ ආරක්ෂාවෙත් - විවාහවු පසු ස්වාමියාගේ ආරක්ෂාවේ සිටින අපේ ස්ත්රීකන්ට ආගම ඇදහීමට පින්දම් කිරීමට ආගන්තුක

සංග්ර හ කිරීමට, සිද්ධස්ථාන වලට යාමට, ධර්මදේශනා කරණ ස්ථාන ආදී වැදගත් සභාවලට යාමට අපේ ස්ත්රීින්ට කවදාවත් අවහිරයක් තිබුනේ නැත. ධර්මාශෝක මහ රජ්ජුරුවන් වහන්සේගේ දියනියන් වන ශ්රීන සංඝමිත්තා ක්ෂණාශ්රාහවිකාවන් වහන්සේ ලක්දිවට වැඩමකර සිංහල ස්ත්රීරන්ට ඇතිකර දුන් නිදහසත් බලයත් මුලු ලෝකයේ කිසිම ස්ත්රීස වර්ගියකට නො ලැබුනාවූ උතුම් දායාදයක්ය. පුරුෂයන් දෙවියන් මෙන් සැලකීමට උගන්වන අපේ ධර්මයේ ස්ත්රීැන් මාණික්යය රත්න මෙන් ආරක්ෂා කිරීමටත් ගරු කිරීමටත් උගන්වා තිබේ. ස්ත්රීක කෙරෙහි පුරුෂයාගේ අකුටිල ප්රේගමයත් ගෞරවයත් සුවච කීකරු භාවයත් අවංක පක්ෂපාත කමත් ඇතිවීම ඒකාන්තය. දැන් කාලේ පුරුෂයන් ගෙන් සියේට 75 දෙනෙක් මෘග සංඛ්යාැවේ ය. ඊට පලිගැනීමක් වශයෙන් ස්ත්රීකන් ගෙන් සියේට 90 දෙනෙක් හිතුවක්කාර දාමරික පිස්සියෝ වෙති. අන්තිමේදී ස්ත්රීටන් ගේ පක්ෂයට ජය අත්වී ලෝකයේ බලවත් විපර්යාසයක් ඇති වේ.

අමර - මේ විපර්චයාසය අපේ මේ රටට සිද්ධ නොවන්ට ක්රිවයා කරන්ට බැරි ද?

විජය - ඇත්තෙන්ම ඉතා වැදගත් ප්රටශ්නයකි. අපේ රට විශාල ලෝකයේ අනික් රටවල් තරමට නරක්වී නැත. බෞද්ධාගමේ බලය පවත්නා ස්ත්රීරන්ගේ වැඩි කොටසක් ඉතාමත් ඉක්මණින් දාමරික වේයයි සිතන්නට බැරිය. නමුත් සිංහල භාෂාවත් බෞද්ධ ප්රාතිපත්ති කුඩා කාලයේදීම නූගන්වන ලද ස්ත්රීුන් නම් ඒකාන්තයෙන් යුරෝපීය විපර්යාසයට අසු වෙති. ඉංග්රීමසි භාෂාව පමණක් ඉගෙන ඉංග්රීාසි ‍පොත පතම කියවමින් ඉංග්රී සියෙන්ම හිතන ස්රීභාෂ න් තුළ ඇතිවන පුහු නවීන අදහස් ඉතාමත්ම දරුණු ය. දැන් ලෝකය ඉතාමත්ම දියුණුය. මීට වඩා සැප ඇති හොඳ කාලයක් තිබුනේ නැත. බුදුන් රහතුන් ආදී කෙළෙස් ප්රිහීන කළ උත්තම‍යන් ගැන කියන සියල්ල විහිලු කථාය යන පහත් අදහස් මේ ඉංග්රී යෙන්ම හිතන සිංහලයන් හා සිංහල ස්ත්රීාන් තුළත් ඇතිවී තිබේ.

අමර - ඇත්තෙන්ම මහත්තයා කාරණය හොඳහැටි අවබෝධ කරගෙන තිබේ. සකලඥෙය්ය- මණ්ඩලය ස්වයංභු ඥානයෙන් දැන වදාළ මහෝත්තමයාණන් වහන්සේත් අපේ රටේ අතැම් බී.ඒ.


ඇම්.ඒ. නාමධාරීස්ට නූගතෙකු හැටියට පෙනෙන බැව් එබඳු බී.ඒ. ඇම්.ඒ. කාරයන්ගේ කථා බස් වලින් වැටහී තිබේ. ඉතින් ත්රිුපිටක ධර්මය අවබෝධ කරගත් උත්තමයන් ගැන ඔවුන්ගේ සැලකීම කෙතරම් පහත් ද?

විජය - ත්රි?පිටක ධර්මය තබා බෞද්ධාගමේ උගන්වා තිබෙන එකම ධර්ම කොට්ඨාශයකින් උගන් වන තරම් ප්රකයෝජනවත් වැඩ දායක ඉගෙණීමක් දැන් ලෝකයේ තිබෙන කිසියම් යුනිවර්සිටි ශාස්ත්රනශාලාවක ඉගණීමකින් ලැබිය නොහැක. රසායන විද්යාාව, ගණිත, මිනිත, විද්ද්යුබල්ලතා, ඛණිජ ආදි ශිල්ප අප රටේ පුරාණ කාලවල සාමාන්ය මිනිසුන්ට ඉගෙණ ගන්ට ඉඩ සලසා තිබුනු දේ වෙති. කර්මාන්ත වර්ධනයට හේතු වන රසායනාදී විද්යා වලට වඩා ප්රිඥා වර්ධනයට අවශ්යනයෙන් හේතුවන චතුරාර්ය සත්යවය, පංචස්කන්ධය, ද්වාදස ආයතනය, අට්ඨාරස ධාතුය, දෙවිසි ඉන්ද්රිරයය, ප්රසතිත්ය්සමුද්පාද ධර්මය, සතර ඍද්ධ පාදය, සතර සතිපට්ඨානය, සතර සම්ය්ක් ප්රධධානය, පංචේන්ද්රිරය, පංචබලය, සප්ත බෞද්ධ්යං්ගය, අර්ය අෂ්ඨාංගික මාර්ගය යනාදී ධර්ම පිළිබඳ හරි දැනිමක් දැන් එකද යුනිවර්සිටියකින් වත් ඉ‍ගණ ගත නොහැක. දුකේ ගැලී ඉන්නා සත්ව කොටසක් ඒ දුක තව තවත් විශාලකර ගැණීමට දික්කර ගැණීමට ඉගෙන ගන්නා ඉගෙණීම ඒ තරම් උසස් එකක් බව අපට නම් නොවැටහේ.

අමර - තමුන්නාන්සේ මෙන් ලෝකයේ තොරතුරු විමසන උදවිය ඔය අන්දමට කථා කරතත් සුලු කැනුමක් ඇති ඉංග්රීතසි ටිකක් ඉගෙණ ගත් පමණින් අහංකාර බවට පැමිණි අප රටේ පිරිමි පමණක් නොව ගැහැනුත් අපේ පරණ උගතුන් ඉතා පහත් කොට සලකන බව පෙනේ. ත්රිනපිටකධාරී ෂට් භාෂා පරමේශ්වර තොටගමුවේ ශ්රීව රාහුල හිමියාණන්ට පවා “ඔච්චන්” කරණ කට හැකර ගැහණුනත් පිරිමිත් ඇතිවීමට තරම්ම පහත් ඉගැන්වීමක් අප ‍රටේ දියුණුවූ කල ජාතිය ආගම හා කුල සිරිත් අත් හැර ලෑම ගැන කියනු කුමට ද? තොටගමුවේ මහා ස්වාමි ස්ත්රී න්ට කරණ ලද අවවාදයක දී.


“ මතුන් දැන් වන වැ ඩ දැනගෙණ නොවී අඬ ද ඩ නොකොට සෙනෙහස ක ඩ යමක් නොකරන් හිමින් අත් ම ඩ

කියා තිබේ. ඇත්තෙන්ම මේ හා සමාන ස්ත්රීර වර්ගයාට වැඩ දායක අවවාදයක් මුලු යුරෝපීය භාෂා අවුස්සා බැලුවත් සොයා ගත නො හැක්කේය. ඉතින් මේ උතුම් අවවාදය “පැරණි බමුණු මාල්ලන්ගේ මුග්ධ කීමකැයි” කියන ගැහැණුන් දැන් අප රටේ සිටිති.

විජය - ඔව් ඇත්තෙන්ම එසේ කියන ගැහැණු පමණක් නොව පිරිමිත් ඉන්ට පිළිවනි. මක්නිසා ද ඔවුන්ට මේ විශිෂ්ට වද්යවය නොතේරෙන බැවිනි. අපේ භාෂාව චන්දෝ අලංකාරාදියත් සමග ඉගෙණ නොගත් යුනිවර්සිටියක ප්රොංපැසර් කෙනෙකුටත් මේ පද්යරය නොතේරේ.

අමර - දැන් මහත්තයාට වයස කීයද? තවමත් විවාහයකට නොබැඳී ඉන්නේ ඇයි?

විජය - (සිනාසෙමින්) මට දැන් අවුරුදු 26 ක් වෙනවා - විවාහයට ඇතුළත් වෙන්ට හොඳට ආසාවක් තියෙනවා නමුත් තවම සුදුසු කෙනෙක් ලැබුණේ නැති බැවින් පරීක්ෂා කරමින් ඉන්නවා.

අමර - දඹදිව අපෙ ආදි බන්ධූන් වන බෙංගාලි ජතියෙන් විවාහයක් කර ගැනීමට මහත්තයා කල්පනා කළේ නැද්ද? එහි නම් ඉතාමත් ගුණ සම්පන්න ස්ත්රීකහු සිටිති. ඒ බෙංගාලේ ස්ත්රීමන් හා විවාහවිමෙන් ජාති සංකරත්වයක්ද ඇති නොවේ.

විජය - බොහොම හරි කල්පනාව. ඉතාමත් ලක්ෂණ ශික්ෂිත ගුණ නුවණින් යුත් ස්ත්රී හු එහි සිටිති. මට පිරිමහින තැනකින් විවාහකර ගැනීමට ඉඩ තිබේ. නමුත් මගේ මෑණියන්ගේ ඉල්ලීමක් ඉෂ්ටකරගන්නට මට සිද්ධවී තිබේ. මගේ කරුණාවන්ත ගුණවත් මෑණියන් වහන්සේ මා දොළොස් ඇවිරිදි ළමයෙක්ව සිටි කාළයේදී මිය ගියෝය. ඒ මිය යද්දී ඊටත් කලින් පියතුමා මිය ගිය බැවින් අනාථව සිටි මට කථාකොට කීවාවූ අන්තිම වචනය - “පුතා උඹ සිංහල ස්ත්රීීයක් මිස වෙන කිසිම ජාතියක ස්ත්රි යක් විවාහකර ගන්ට එපාය” කියායි. ඉතින් මගේ හිතට රුචි වන සිංහල ස්ත්රිරයක් සොයාගන්නට බැරි වුනොත් අවිවාහකව


ඉන්නවා මිස මම කවදාවත් විවාහයකට නොබැ‍යඳෙන්නෙමි.

අමර - මට පුදුමයි, මහත්මයාගේ මෑණියන් වහන්සේට ඒ ලපටි අවදියේ මහත්මයාගේ පැවැත්ම දියුණුව ගැන මතක් නොවී තරුණ කාලේ සිද්ධවන කටයුත්තක් ගැනම මතක් වූයේ මන්දැයි මට තේරුම් ගත නොහැක. මහත්මයාට ඒ කෙසේ වැටහුනේද?

විජය - මගේ මෑණියන් වහන්සේ ධර්මය හොඳින් උගත් - ධර්ම ප්රයතිපත්තියෙහි යෙදී - එහි සත්ය-ය ප්ර්ත්යරක්ෂ කරගත් කෙනෙකි. කර්මය පමණ ඉක්මණින්, නිසැකයෙන්, පිහිට වන අනික් උපකාරයක් - ආධාරයක් - ඥාතියෙක් - මිත්රියෙක් නැති බව මා කුඩා කාලේම මගේ මෑණියන් වහන්සේ මට කියා දුන්නේය. කෙතරම් දක්ෂයෙක් කොයිතරම් උත්සාහ කළත්, ඒ ඒ පුද්ගලයාටම මිස අන්යය කිසිම කෙනෙකුට මනුස්යහයෙකු සුඛිත කිරීමට හෝ දුඃඛිත කිරීමට නොහැකි බව මගේ මෑණියන්ගේ අවවාදය යි. මට කල්ය ණ මිත්රහ සේවනය කිරීමටත් ජීවිතය නැතිවන විටවකවත් අධර්මයක් නොකරීමටත් මාගේ මෑණියන් වහන්සේ මැරෙන්ට අවුරුදු කීපයක පටන් අවවාද කළේය. එතුමියගේ අවවාද රක්ෂා කිරීමට තරම් මා සමර්ථ බැව් දත් මෑණියන් වහන්සේ මගේ වැඩි දියුණුව ගැන වරණ මංචකයේදී කිසිවක් නොකී බවත්, සමහර විට විවාහයේදී මා හිතුවක් කරන්නට පිළිවනැයි සලකා මේ අවවාදය කළ බවත් වැඩි ගිය පසු මට අවබෝධ විය.

අමර - බොහොම හොඳයි. මහත්මයා වැනි කෙනෙක් දකින්නට, කථා කරන්නට, මිත්රකවෙන්ට ලැබීම මගේ ජීවිතයේ ඵල ලැබීමකැයි සිතමි. ධර්මය කෙරෙහි මා තුල කුඩා කාලයේ පටන් පැවති - ප්ර සාදයත් - ධර්මය ප්රෙත්යකක්ෂවීමේ බලයත් - දැන් දෙගුණයක් විය. ඉතින් විජයසිංහ මහතානෙනි, මේ තාක් කල් එකම සිංහල තරුණියක්වත් පරීක්ෂාකර බැලීමට තරම්වත් මහත්මයා තුල කැමත්තක් ඇති නොවීද?

විජය - නැහැ අමරසිංහ මහත්මයා, මම ලක්දිවට අවුත් අවුරුද්දකටත් අ‍ඩුයි. ඒ කාලය තුල මේ කුඩා ගෘහය අලුතෙන්ම තැනවීමි. මීට උවමනා දැව භාණ්ඩ ආදියද, භාර්යාවකට උවමනා රන් අභරණ රෙදි පෙරදි ආදියද සූදානම් කරමින් ඉඳිමි. මා සන්තකව රුපියල් තිස් හතලිස් දාහක් තිබේ මට මසකට රුපියල් එකසිය


පණහක් පමණ නිසැක ආදායමක් ලැබේ. ඉතින් මේ කුඩා ගෙට සෑහෙන මගේ වත්කමට සතුටු වන, ම‍ගේ චරිතයට ගැලපෙන, මගේ සැපයට ප්රිනයවන, මා නිසා සර්වප්රේක‍ාරයෙන් ප්රී ති විය හැකි. මගේ තත්ත්වය හොඳින් අවබෝධ කරගත හැකි කාය වාක් මනඃ යන වාරයෙන් අකුටිලව අවංකව මට ගෞරව කළහැකි ස්ත්රි යක් පරීක්ෂා කර ගන්ට මට තවමත් ලැබුනේ නැත. නමුත් පෙරේදා පටන් මගේ හිතේ බලවත් උනන්දුවක් ඇති වී තිබේ.

අමර - ඒ කුමක්ද - පරීක්ෂා කටයුතු යයි වැටහුනු ස්ත්රි යක් ගැන ඇසීමෙන්ද? නැතහොත් දැකීමෙන්ද?

විජය - (හුණස්ණෙන් නැගිට කාමරයට ගොස් ලියමනක් ගෙණ අවුත් ඒ අතේ තබාගෙණ) මම ගිය සතියේ නුවර ගොස් මිත්රනයෙකුත් සමග තුන් දවසක් කල් කතකොට පෙරේදා හවස දුම්රියෙන් ආවෙමි. මා ගමන් කළේ දෙවනි පංතියේ කාමරයකය, ඒ කාමරේ දෙගොඩහරි වයසේ අඹු සැමි දෙදනෙකුත් අවුරුදු හත අට පමණ වන ළමුන් දෙදෙනෙකුත් උන්හ. රඹුක්කනදී ඒ ළමුන්ට කෙසෙල්ගෙඩි අරන්දීම පිණිස මෑණියන් අතේ තිබුණු බෑග් එක විවෘත කර මුදල් ගණිද්දී කවරය නැති ලියුමක් ආසනය උඩ වැටුනේය. ඒ බව ඈට නොදැනී ළමුන්ව කෙසෙල්ගෙඩි කන්ට ආසනය ළඟම වාඩිවෙන්න කියා ලඟම වාඩිකරවා ගත්තාය. ඉතින් ඒ කඩදාසිය ගැහැණු ළමයාගේ ඇඳුමට යටවී තිබුනේය. දුම්රිය පොල්ගහවෙලට ලඟා විය. මේ සතරදෙනා කුරුණෑගල පැත්තට යායුතු අය ය. පොල්ගහවෙලින් කුරුණෑගලට පිටත්වන දුම්රියේ කාලය ඉකුත් වූ බැවින් ඔවුහු වහාම බැස තකහනියේම කුරුණෑගල පැත්තට යන දුම්රියට නැග ගත්හ. ඉක්මනින්ම ඒ දුම්රියද නික්ම ගියේය. මේ ලියුම ආසනය පිට තිබුන නමුත් එය දීමට කෙනෙක් නැති නිසාත්, වටිනා දෙයක් නොවන නිසාත් නිකම් අලස කමින් සිටි මම එය කියවා බැගුවෙමි. මේ මා අතේ තිබෙන්නේ ඒ ලියමනය. මේ ලියමන ලියූ තැනැත්තී සොයා ගත හැකි නම් මොලෝ පර ලෝ දෙක්හි නමුත් නමක් ගමක් තොරතුරක් මොකවත්ම සොයා ගත නොහැක. පෙරේදා පටන් මම මේ ලියුම ලියන ලද තරුණිය ගැන කල්පනා කරමින් සිටිමි”යි


කියා ලියමන බැන්ජමින් අතට දුන්නේය. සුනන්දාගේ ලියමන සොයමින් ඉන්නා බැන්මින්ට මේ හදිසි ලියමන ලැබීම ගැන පුදුමව වහ‍ාම නැගිට විදුලි පහන ලඟටම ගොස් කියෙව්වේය.

09. පරිච්ඡෙදය[සංස්කරණය]

“නමො බුද්ධාය”

කරුණාවන්ත ගුරු නෝනා මහත්මී වෙතටයි.

කොළඹින් ගොස් අවුරුදු 8 ක් පමණ වන නමුත්, තවමත් අප මතක නැති නොකළ බවත්, අප කෙරෙහි පැවති සාදර සැළකිල්ල අඩු නොකළ බවත් දකින අපට මහත් ප්රීදතියකි - සැනසිල්ලකි. ගුරු නෝනා මහත්මී අපේ අනාථකම නැති කොට අප සනාථ කිරීමට ගන්නා පරිශ්රලමය ගැන ස්තුති කරමින් පින්දෙමි. දැන් මගේ මෑණියෝත් නැන්දත් මමත් ඉතාමත් සැපසේ කල් ගත කරම්හ. රුපියල් හතක් කුලී ගෙවන කුඩාගේ පැලක ඉඳිමි. අපේ මෑනියන්ට ලැබෙන පින් පඩි රුපියල් දහයත්, මල් තැනීමෙන් හා සුලු සුලු මැහුම් ගෙතුම් කරදීමෙන් මා විසින් මසකට රුපියල් 15 ක් 20 කුත් සපයා ගෙණ ඒ මුදලෙන් සුවසේ ජිවත් වෙමු. උදේ සවස පන්සිල් සමාදන්ව නිතරම රත්නත්රුය වැඳ බුදුගුණ කියා මංගල සූත්රේය කියා ප්රීනති වෙමු. අඩු වශයෙන් අට දිනකට වරක් සිද්ධස්ථානයකට පැමිණ මල් පහන් පුදා රත්නත්රරය වැඳ පින් කරමු. යටත් පිරිසෙයින් හිඟන්නෙකුට වත් ශතයක් දීමෙන් දාන පාරමිතාවද නොකඩවා පුරමි. මෙබඳු සැප ජීවිතයකින් කල්ගත කරණ අපට ඊට වඩා සැප ජීවිතයක් ලබා දීමට ගුරු මහත්මියගේ උත්සාහය නම් ඒ වැඩ දායකයි. ගුරුමහත්මී මට ජෝඩු කරණ සමරසේකර ගැන අම්මත් මමත් විපරම් කළෙමු. ඔහු ආණ්ඩුවේ රක්ෂාවේ නියුක්ත මසකට රුපියල් 180 ක් පමණ පඩි ලබන කෙණෙක් බව ඇත්තකි. කලිසන් මේස් සපත්තු ආදී යුරෝපීය ඇඳුම් අඳින “ස්ටයිල්” ක‍ාරයෙක් බවත් ඇත්තකි. එබඳු මිනිහෙකුට දැන් කාලේ රුපියල් හාර පන්දාහක දායාදයකුත් සමග මවිපිය ඥාති මිත්රාතදීන් ඉන්නා මට වඩා රූප සම්පන්න තරුණියක් කසාද බඳින්ට බැරිකමකුත් නැත. ඉතින් එසේ තිබියදී ඔහු මා ගැන කැමති වෙතොත් පුදුමයකි. ඔහු වර්තඉමාන ශිෂ්ටාචාරයේ කෙළ පැමිණි කෙනෙකි. සිගරුට් බීම, මත්පැන් බීම, රේස් සූදුවට යාම, පාප මිත්රකයන් සමග පමණක් නොව පාප මිතුරියන්

සමගත් නිතර හැසිරෙන කිසිම ප්රාතිපත්තියක් ගුණ ධර්මයක් රක්ෂා නොකරන්නෙකි. ඔහුට ලැබෙන පඩිය මාසේ අන්තිම වෙන කොට වියදම් කරණ දුශ්චරිත බහුල කෙනෙක් වන බවත්, ලොකු දායාදයකින් පොහොසත් වීමට බලාපොරෙ‍ාත්තු කෙනෙක් බවත් නිසැක ලෙස දැන ගනිමු. ඉතින් ගුරු නෝනා මහත්මියෙනි, ඔහු එදා පන්සලේදී මා දැක එවේලාවට අටගත් දැඩි රාග ගින්නෙන් උමතුව මා කසාද බඳින්ට කථාකර තිබේ. නමුත් ඔහු මා කෙරෙහි කවදාවත් අවංක ප්රේ මයක් ඇති කරණ ස්වකීය යුතුකම් හරිහැටි ඉටුකරන කෙනෙක් නොවන බව මට ප්ර‍ත්යතක්ෂ්යයය. ඊටත් වඩා අසරණ දුප්පත් මා සුවපත් කිරීමට උවමනා කරන්නේ කෙබඳු කෙනෙක්ද?. පාරමිතා ධර්ම පුරණ උත්කෘෂ්ට පුද්ගලයෙකු මිස මා වැනි අසරණ ස්ත්රිෂයක් ආරක්ෂා කිරීමට ශක්තියක්, කැමැත්තක් ඇති නොවේ. මට උවමනා කරන්නේ අවකල් ක්රිතයා ආදී ස්වල්ප මාත්රදයකිනුදු ශරීරය දූෂ්ය්කර නොගත් අභිනව පුරුෂ ශක්තිය ඇති ධනයත් ඇති බෝධිසත්ව කෙනෙක් පමණකි. මා ඇර අන්ය කෙතරම් ලක්ෂණ ස්ත්රිඇයක් කෙරෙහිවත් සිත් ‍නාලවා ඉන්ට පිළිවන් සමර්ථයෙක් විය යුතුය. මක්නිසාද? ඒ උතුම් ගුණවලින් ධනය ඇර අනිත් සියල්ලම මා තුළ ස්ථිරව පවත්නා හෙයිනි.

මව්පියාදී වැඩි හිටියන්ගේ කැමැත්තලත් ඇතිව නීති ප්ර කාර විවාහවෙන්ට පෙර යම් ස්ත්රි යක් හෝ ස්ත්රී්න් සමග කල් යවා පුරුදු කම් ඇති පුරුෂයෙකු සමග විවාහ වන ස්ත්රිකය අන්තිම පවුකාරියකි. ගුණ ධර්ම - ශීලාචාරකම් - පරලෝ සුගතිය ආදී කිසිවක් නොසලකන කාල ඇඳලා පස්කම් සැප විඳලා මැරීයන්ට සතුටු ස්ත්රිකයකට නම් කලින් ස්ත්රී න් පරිහරනය කල පුරුෂයෙක් වුවත් කාරණයක් නොවේ. නමුත් මගේ බලාපොරොත්තුව මේ උපන් ආත්ම භාවය ඉතාමත් නිසා විශාල වටිනා ආත්ම භාවයක් ඇති කිරීම මගේ එකම බලාපොරොත්තුව බවත් ගුරු මහත්මීට ගෞරවයෙන් මතක් කරමි. ඒ නිසා මගේ පිරිසිදු දැනුම නමැති මාණික්යෞය සමරසේකර මහත්මයාගේ දුර්ගුණ හා දුශ්චරිත නමැති අසූචි වලේ දමන්ට කැමති නොවෙමි. මට ඉතාමත් වටිනා - “චින්තා මාණික්යච රත්නය” යි කිය යුතු උතුම් අවවාදයක් එවා ස්වර්ග පරායනවූ මගේ කළණ මිතුරියගේ උතුම් අවවාදයක් එවා ස්වර්ග පරායනවූ මගේ කළණ මිතුරියගේ උතුම් වීර චරිතය ආදර්ශයට ගත නොහැකි නම් මම මිනිස් වර්ගයට අයත් වම්ද?


“ පැවසූ නියම කො ට නුවණැති දනෝ පෙර සි ට නුසුදුසු දීගය ට පුරුදු හුදකල දිවි යෙහෙකි ම ට

මේ වගට - සුවච කීකරු, “ඇස්”

මේ අද්භූත ලියමන කියා ඉව‍ර වෙන කොටම - විජයසිංහ මහතා “ආ අමරසිංහ මහත්මයා ඔය ලියුම ලියන ලද ස්ත්රිොය සැබවින්ම උත්තම කාන්තාවක් නොවේද?. ඇ‍ගේ ගැඹුරු දැනීම වර්ණනීය නොවේද? පුරුෂයන්ගේ රූපයට - ධනයට - කුලයට වඩා ශ්රේතෂ්ඨ චරිතයට ගරු කරණ ස්ත්රීනන් තවමත් සිංහල ජාතියේ ඉන්නා බව වැටහෙනවා නොවේ ද?, ඉතින් එබඳු පින්වත් වනිතාවන් අපේ ජාතියේ සිටියදී අන්යව ජාතිවල ස්ත්රී්න් විවාහ කර ගැණීම අයුතු බව මේ ලියුම ලැබුනාට පසු මට ප්ර‍ත්ය ක්ෂව වැටහුනේය. මීට අවුරුදු 10 යකට පමණ ප්රාථම අපේ මෑනියන් මට දුන් අවවාදයේ වටිනා කමක් මට වැටහුනේ මේ ලියමන දුටුවාට පසුය”යි කීයේය. ඇත්තෙන්ම බැන්ජමින් ලියමන කියවා බලවත් ප්රීටතියට පැමිණ තමා දිවි නහගෙන සොයන සුනන්දාගේ ලියමනත් මේ තරුණිය අතේ තිබෙන බව වැටහුනි. “ඉතින් විජයසිංහ මහත්මයාට මෙන්ම මේ ලියමන යවනු ලැබූ ගුරු නෝනාටත් වැටහී ඇත කියා තමුන්නාන්සේ විශ්වාස කරන්නෙහිද? මම නම් කවදාවත් විශ්වාස නොකරමි. ඒ ගුරු නෝනා මහත්මියත් අපේ ස්ත්රීමන්ගෙන් වැඩි පක්ෂයට අයත් එනම් පිටස්තර ඔපයටත් ධන සම්පත් ධන සම්පත් ආදියටත් ගරු කරණ තැනැත්තියක් නොවේ නම් කවදාවත් මේ ලියමන දුම්රියේ වැටීමට තරම් අප්රතවේසමෙන් හෝ නොසැලකිල්ලෙන් මෙය තබා නොගනී. හොඳයි, කොයිහැටි වුනත් මාසයක් යන්ට පෙර මේ ස්ත්රීයය මම ‍සොයන්නෙමි. මේ උතුම් කුල ස්ත්රිාය වාසය කරන්නේ කොළඹම බැව් මට ඒකාන්තය. යම් විධියකින් මැය සොයා ගත්තොත් මහත්මයා ඇය විවාහ කරන්නෙහිදැ”යි බැන්ජමින් ඇසුයේය. එවිට විජයසිංහ මහතා සිනාසී ‘අමරසිංහ මහත්මයා සොයා ගත්තොත් අමරසිංහ මහත්මයාම විවාහ කරගන්ට. නමුත් මහත්මයා හෝ වෙනයම් කෙනෙක් ඉදිරිපත් නොවී ඈත් සෑහෙන්නියක් වීනම් මටද විවාහ කරගන්ට බැරිකමක් නැත. මූද හත් ගවුවක් තිබියදී අමුඩ ගැසීමෙන් ඇත් පලේ කුමක්ද? පිළිවන් නම් උත්සාහ කොට මේ පුදුම අදහස්


ඇති තරුණිය සොයා ගන්ට. දැන් රෑවූ නිසා නිදා ගනිමු යයි කියා බැන්ජමින්ට ද යහනාවක් ලෑස්ති කොට දී විජයසිංහ මහතා නිදා ගත්තේය.

බැන්ජමින් ඇ‍ඳේ හොත් නමුත් ඔහුට නින්දක් නැතිවිය. ස්වකීය සහෝදරයාට ජෝඩුවී සිටිය උගත් සුනන්දාගේ ලියමන සෙවීමට ගත් උත්සාහය සඵල වන බව පෙණෙන නමුත් මේ “ඇස්” අකුර පමණක් සලකුණකට ඇති තරුණිය කොයි පළාතක කෙබඳු කෙනෙක්ද, කොයි ක්රුමයකින් සොයා ගණිම්ද යන විතර්කය නිසා ඔහුට නින්ද ද නොගියේය. දහවල් ගිය සභාවේදී දක්නා ලද තරුණිය - ස්වර්ණාභරණ විරහිත තරුණිය - මේ ලියමන ලියූ තැනැත්තිය යයි බැන්ජමින්ට බලවත් සැකයක් ඇතිවිය. ස්වකීය මවුන් සමග බක්කිකරත්තයේ නැගී යද්දී පෙණෙනතෙක් ම‍ානේ බලා සිටි නමුත් ඈ පදිංචි කොයිබදැයි තේරුම් ගන්ට බැරිවීම ද බැන්ජමින්ගේ සිතට කරදරයක් විය. යම් විධියකින් ඈ සොයා ගත්තොත් ඈට ඉතාමත් හොඳ පුරුෂයා විජයසිංහ මහතා බැවින් උන්නැහේට සරණපාවා දීමෙන් බැන්ජමින්ට එක විඩේම යහපත් ක්රිනයා තුනක් කරන්ට ලැබෙන බව වැටහී හිතේ බලවත් ප්රීිති වේගයක් ඇති විය. ඒ ක්රි යා තුණ වෙන් වෙන්ම සලකන බැන්ජමින්ට මෙසේ හැඟුනේය. මේ හදිසියේ ලැබුණු ලියමනේත් “චින්තාමාණික්යේ රත්නය”යි සඳහන් වන සුනන්දා ගේ ආශ්චර්යමත් ලියමන ලැබුනොත් ඒ ප්රකසිද්ධ කිරීමෙන් මුළු රටට වන එක් යහපතකි සුනන්දාගේ මහත් දැනීමට සමාන දැනුමක් ඇති ප්රෙතිපත්තිකාමී තරුණියකට ගුණ නැණ සම්පන්න වැදගත් මහත්මයෙකු ස්වාමිකර දීමට ලැබීම තවත් යහපතකි. ධන සම්පත් ආදිය උපයා‍ගන නියම තරුණ වයසට පැමිණි නමුත් ගුණ සම්පන්න ස්ත්රි යක් නැති කමින් අවිවාහකව ඉන්නා විජයසිංහ මහතාට ප්රිනයකරු භාර්යාවක් ලබාදීම තවත් යහපතකි. මේ යහපත් ක්රි්යා තුණකින්ම මගේ මේ ප්ර්යත්නයේ විපාක හමාර වේද - සත්තකෙන්ම නැත. අපේ මාමාගේ පවුල විනාශ කළ දුෂ්ටයන් දැන ගැනීමට හෝ ඔවුන්ගේ දුෂ්ට ක්රිංයාවට මෙලොවදීම ලැබුණු අනිෂ්ට ඵල විපාක හෝ දැනගන්නට ලැබීමෙන් ධර්මයෙහි සත්යිතාවය ප්රුත්ය ක්ෂවීමේ මහා විපාකය “අනිත් සියල්ලටම වඩා මට ප්රියෝජනවත් වන්නේය. ඇයි - “ධම්මො භවෙ රක්ඛති ධම්මචාරිං” යයි වදාළ ලොකනාථයන් වහන්සේගේ ධම්ම පදය තව වරක් මට ප්ර්ත්ය්ක්ෂවීමෙන් උතුම් ධර්මය කෙරෙහි මගේ ජිවිතය පරිත්යාවග කන්නට පිළිවන් තරම් ශක්තියක් ඇතිවීම වර්ණනා විෂයාතික්රාරන්ත ප්‍න්යෝජනයකැ”යි සිතමින් ප්රීජති


සහගතව ඇ‍ඳේ උන් බැන්ජමින්ට සුවසේ නින්ද ගියේය.

හරියට උදේ පහට විජයසිංහ මහතාට ඇහැ ඇරුනේය. පුදුමයකට මෙන් බැන්ජමින්ද එවේලාවට නැගිට භාවනා කරන්නෙකි. බැන්ජමින් ශබ්ද නගා භාවනා නොකොට විජයසිංහ මහතාගේ භාවනාව අසාගෙණ උන්නේය. ඒ වනාහි නව අරහාදී බුදුගුණය. අප රටේ සාමාන්යද ජනයාට ප්රනකට නොවූ ඒ මධුර මනෝහර ගාථා මෙහි යොදනු ලැබේ.

අරහං සුගතො ලොකෙ - භගවා ලොක පාරගු. විජ්ජාචරණ සම්පන්නො - විමුක්ති පරිනායකො.

ජට්ඨො සම්මාභි සම්බුද්ධෝ - සෙට්ඨො පුරිස සාරථි. සත්ථා දෙවා මනුස්සානං - බුද්ධෝ අප්පටි පුග්ගලො.

සබ්බලොක හිතො බන්ධුා - සමස්ත රතනාලයො. සත්තාන’ මනු කම්පාය - ජාතො න‍ාථො සිවංකරො.

චක්ඛුමාතිත්ථ’ කුසලො - ධම්මස්සාමි තථාගතො. මච්චුධෙය්ය් විමොක්ඛාය - පටි පාදයි පාණිනො.

සත්ථවාහො මහායොග්ගො - මග්ගා මග්ග යුධන්ධරො. සිරි සත්ථම’ ධිග්ගය්හ - විචරිත්ථ මහා පථං.

අනොමො අසමො ධීරො - ලොකහිත පරක්කමො. සබ්බකාර‍වරො පෙතො - අච්ඡෙරබ්භූත පුග්ගලො.

අත්ථ භූතො ධම්මභූතො - බ්රපහ්ම භූතො මහා යසො. ඤාණාලොක පරිච්ඡින්න - ඤෙය්යා් සෙස පරිග්ගහො.

ආනුභාව වසිප්පත්තො - ආස භණ්ඩාන නිච්චලො. මහන්ත මරියාදොස - මනන්තගති - ගොචරො.

සබ්බාභිඤ්ඤො බලප්පත්තො - චෙසාරජ්ජ විසාරදො. සබ්බ සම්පත්ති නිට්ඨානො - ගුණ පාරමී පුරකො.

අප්ප මෙය්යාත මහා නාගො - මහා වීරො මහා මුනි. මෙහෙසි මහිතාචාරො - මහා මහො මහිද්ධිකො.

සබ්බත්ථ සිද්ධි සංතාරො - මහෙසි ගණ පූජිතො. රාජාධිරාජ මහිතො - දේව බ්රකහ්මාභි වද්නිතො.

අභිභුය්යි තයො ලොකො - ආදිච්චො වන ‘භන්තරෙ. විරොචති මහා තෙජො - අන්ධකාරේ පභඞකරො.

ඛ්යාචමප්පභා පරික්ඛිතො - කෙතුමපාභි ලංකතො. බත්තිංස ලක්ඛානාසීති - අනුඛ්යභඤ්ජන සොභිතො.

ජබ්බණ්ණ රංසි ලලිතො - රතනග්සිය සන්නිහො. සමිද්ධරෑප සොභග්ගො - දස්සනීයං ච මණ්ඩිතං.

ඵුල්ලං පදුම සණ්ඩංච - කප්පරුක්ඛො ච ලංකතො. නභං ච තාරකා කිණ්ණං - උත්තමො පටි දිස්සති.

සත්ථුකප්ප මහාවීර - පුත්තෙහි පරිවාරිතො. ඛත්ත සඞඝ පරිබ්බුල්හො - චක්කවත්තීච සොභතී

ඉච්චෙනන්ත ගුණාකිණ්ණ - මස්සෙ මලනිස්සටං සබ්බසම්පත්ති දාතාරං - විපත්ති විනිබන්ධකං

දයාපරම හොරත්තඃ - භගවන්තං මනුස්සරං භාවෙති පඤ්ඤවායොගි - බුද්ධානුස්සති භාවනං

භාග්යිවතුන් වහන්සේ සංසාර චක්රධයෙහි අර සංඛ්යාසත දැවී නැසූ හෙයින් අර්හත් නම් වනසේක. නිර්දෝෂ වචන ඇති හෙයින් සුගත නම් වන සේක. ලොකත්ර යාගේ පරතෙරට පැමිණි සේක. අෂ්ට විද්යා පසළොස්චරණ ධර්මයන් ගෙන් සම්පූර්ණසේක. ලොකත්රනයෙහි සත්වයන්ගේ ස්වාමි බවට පැමිණි සේක.

තුන්ලොව ජ්යෙරෂ්ට සේක, සංඛතාදී භෙද ඇති සියලු ධර්ම අවිපරිත වශයෙන් තෙමේ ම දත්සේක. ලොකත්රනයෙහි සීල සමාධි ප්රරඥාදී ගුණයෙන් අතිශයින් උත්තම සේක. දැමිය යුතු දිව්යි මනුෂ්ය් තිරශ්චිනාදී පුරුෂයන් හික්මවන සේක. දැමිය යුතු දිව්යත මනුෂ්ය් තිරශ්චිනාදී පුරුෂයන් හික්මවන සේක. දෙව් මිනිසුන්ගේ ආචාර්යොත්තම වනසේක. සත්වයන්ට චතුරාර්ය සත්යම ධර්මයන් අවබෝධ කරවන සමුබුද්ධමයවූ අප්රසති පුද්ගලයන් වහන්සේ වනසේක.

භාග්යවවතුන් වහන්සේ සියලු සත්වලොකයාට අභිවෘද්ධිය එලවන සේක. දිව්යව බ්ර්හ්මාදී සියලු සත්ව යන්ගේ බන්ධුවරයාණෝ වන සේක. සියලුම සීල සමාද්ධ්යා දී ගුණ නමැති රත්නයන්ට ගෙයක් වැනිසේක. සියලු සත්වයන් නිර්වානයට පමුණුවන සේක. අනාථයන්ට නාථවූ


උන්වහන්සේ සියලු සත්වයන් කෙරෙහි පතලා වූ මහා කරුණ‍ාවෙන් ලෝකයේ උපන් සේක.

භාග්ය වතුන් වහන්සේ මාංස චක්ෂු - දිව්යව චක්ෂු - ප්රාඥා චක්ෂු බුද්ධ චක්ෂු - සමන්ත චක්ෂු යන පසැස් ඇතිසේක. මිථ්යාච දෘෂ්ටිය මේ යයි සම්ය ක් දෘෂ්ටිය මේ යයි දැක්වීමේ අතිශයින් දක්ෂවූ ධම්ම ස්වාමීවූ පෙර බුදුවයෙන් මෙන් සමතිස් පෙරුම්පුරා සම්මා සම්බද්ධත්වයට පැමිණි ලෝක සත්ව යන් ත්රෛ භූමාදික වෘත දුඃඛ යෙන් මුදාලීම පිණිස සත්තිස් බොධිපාක්ෂික ධර්මයන් දේශනා කර වදාළ සේක.

භාග්ය වතුන් වහන්සේ චොරකාන්තාරාදියෙන් එතරකොට නිර්භය ස්ථානයට පමුණුවන සාත්ථවාහකයක්හු මෙන් ජාති කාන්තාරාදීන් එතර කොට නිර්වාන ක්ෂෙමභුමියට පමුණුවන සේක. එහෙයින් විනෙය ජනයන් නිර්වානයට පමුණුවන උත්තම වාහනයක් සමානවේ. ලොකු කුඩා මාර්ග ඥාන නමැති ආයුධ දරණ සේක. පුන්ය ඥාන ගුණ ඇති උත්තම සත්ව සමූහයා පිළිසිඳ ගෙණ නිර්වාන නමැති උත්තම මාර්ගයට පැමිණි සේක.

භාග්යිවතුන් වහන්සේ උතුම් ගුණ ඇති සේක. ලොකත්රඋයෙහි අන්යායන් හා අසදෘස පුද්ගලයා වන සේක. ස්ථිර බුද්ධි ඇති එකම උත්තමයා වන සේක. ලෝකයාට වැඩ පිණිස බලවත් උත්සාහ ඇති සේක. සර්වාකාරයෙන් උතුම් ගුණයෙන් යුක්ත සේක. අශ්චර්ය අද්භූත ගුණයෙන් සමන්විත පුද්ගලයාද වන සේක.

ලෝකයාට හිතවැඩ පිණිසම උපන්සේක. ලෝකයාට හිත පිණිසම සත්තිස් බොධි පාක්ෂික ධර්මයන් ඉපදවූ සේක. ලොකයාට හිත පිණිස උත්තම ආර්ය මාර්ග‍යන් ඉපද වූ සේක. උත්තම කීර්ති ඇත්තාවූ ප්රසඥා ලෝකයෙන් පිරිසිඳින ලද ඥෙය්යි ධර්මය ඇති බැවින් සකල ඥෙය්යම ධර්මයන් පිරිසිඳ දැනගත් සේක.

භාග්ය්වතුන් වහන්සේ ආනුභාවයෙන් ආවජ්ජන සමාපජ්ජන ආදී පඤ්චවිධ වාසීභාවයට පැමිණිසේක. ආසභණ්ඩාන සංඛ්යාීත උත්තම ස්ථානයෙහි පහවූ චංචල භාව ඇති සේක. පිරිසිඳ දන්නා ලද උත්තම ධර්ම සීමා ඇතිසේක. අනන්තවූ උත්පත්තිය අරමුණු කොට ඇති සේක.

භාග්යකවතුන් වහන්සේ සියලු අභිඥා බලයට පැමිණි සේක. සියලු සම්පත්තීන්ගේ නිෂ්ඨාවට පැමිණි සේක. පාරමින් කරණකොට ගෙණ නිපදවූ අසමාන ගුණ ඇතිසේක.


භාග්ය වතුන් වහන්සේ ප්රාමාණ කළ නොහැකි ගුණ ඇති සේක, ක්ෂිණාශ්ර වයන් අතුරෙන් උත්තම ක්ෂීණාශ්රොවයෙක් වන සේක. පසේ බුදු අගසව් ආදී උතුමන් අතුරෙන් උතුම් වීර්ය ඇතිසේක. ෂට්විධ මුනීන්ට මහා මුනි වනසේක, ශීලසමාධ්යාතදී උතුම් ගුණ ඒසනය කරණසේක. දිව්යන බ්රනහ්මාදීන් වි------සින් පුදන ලද උතුම් පැවතුම් ඇතිසේක. පූජ්යාසතී පූජ්යව වන සේක. පිදිය යුතු උතුම් ගුණයෙන් යුක්ත සේක. දිව්ය් බ්රූහ්මාදීන්ගේ ඍද්ධිය හා සමනොවන උතුම් ඍද්ධියෙන් යුක්ත වනසේක.

භාග්ය වතුන් වහන්සේ කාමවාදී සියලු තන්හි නිෂ්පන්නවු හැසිරීම ඇතිසේක, ප්රසත්යෙලක බුද්ධාදී මහර්ෂි සමූහයා විසින් පුදන ලද සේක. නරේන්ද්රත දෙවෙන්ද්රාිසීන් විසින් වඳින ලද සේක.

සූර්යතෙම ආකාෂ මධ්යසයෙහි බබලන්නාත්මෙන් භාග්යුවතුන් වහන්සේ ලොකත්රෙය මැඩ පවත්වාලන මහත් තේජස් ඇතිසේක. අවිද්යාවවෙන් මුළාකරණ ලද සත්ව සංඛ්යා ත අන්ධකාරයෙහි ප්රකඥාලොකය කරමින් බබලවන සේක.

භාග්ය්වතුන් වහන්සේ ව්යාතමමාත්රකවූ අශ්මි මණ්ඩලයෙන් වට කරණ ලද සේක. කෙතු මාලාවෙන් විශේෂයෙන් සරසන ලද සේක. දෙතිස් මහා පුරුෂ ලක්ෂණයෙන් හා අසීති අනුඛ්යංෙජන ලක්ෂණයෙන් බබලවන සේක.

භාග්යයවතුන් වහන්සේ සවණ ඝණ බුද්ධ රශ්මියෙන් බබලන සේක. රුවන් ඇගෑ‍වක් හා සමාන ශරීර ඇති සේක. සැරසුනාවූ දැකුම් කටයුත්තක් මෙන් සම්පූර්ණ රූප ශොභාවෙන් අගතැන් පත්වූ සේක.

භාග්යසවතුන් වහන්සේ විකසිත පියුම් වනයක් මෙන්ද නොයෙක් රුවණින් සරසන ලද්දාවූ කප් රුකක් මෙන්ද තාරකා සමූහයෙන් ගැවසී ගත් අහස මෙන්ද දිව්ය් බ්ර්හ්මාදී ලෝකයාට උත්තම වූයේ අතිශයින් බබලන සේක.

ධම්මරාජන්ත වූ තමන් වහන්සේ සියලු ලොකය අභිභවනය කොට උත්තම වීර්යවන්ත වූ පුත්ර වූ අග්රකශ්රාටවක විසින් පරිවරණ ලදුව වැඩ විසූසේක.

භාග්ය වතුන් වහන්සේ තාරකාවන් විසින් පිරිවරණ ලද අබ්ර්මභිකාදී පංචොප ක්ලේශ විරහිතවූ පූර්ණ චන්ද්රියා මෙන්ද ක්ෂත්රිාය සමූහයා විසින් පිරිවරණ ලද්දාවූ චක්ර වර්ති රජහු මෙන්ද හොබනා සේක.

මෙසේ අවසාන රහිතවූ ශීල සමාධ්යා3දී ගුණයෙන් ගැවසී ගත්තාවූ නිරවශෙෂ ක්ලේෂ මලයෙන් පහවූ, සියලු දිව්යණ මනුෂ්යව නිර්වාන යන ත්රිිවිධ සම්පත්තිය දෙවන්නාවූ විපත්ති වලක් වන්නාවූ කරුණාවම උතුම් කොට ඇත්තාවූ භාග්යනවතුන් වහන්සේ දිවා රෑ දෙ‍ක්හි අනුස්මරණය කරන්නාවූ ඥානවන්තවූ යොගිවචර තෙම බුද්ධානුස්මෘති කර්මස්ථානය වඩන්නේය යනු ඉහත කී ගාථාවල ඉතාමත් සංක්ෂධප අත්ථය වේ.

10. පරිච්ඡෙදය[සංස්කරණය]

බැන්ජමින් හා විජයසිංහ සමාන චාරිත්රථ වාරිත්රහ ඇති, ප්රරතිපත්ති ගරුක දෙදෙනෙක් බැවින් ඔවුන්ගේ මිත්රහකම එක ද‍ිනෙන්ම ස්ථිර විය. උදේ ආහාර කෘත්යාකදියෙන් පසුව බැන්ජමින් විජයසිංහ මහතාගෙන් සමුගෙණ යන්ට ගියේය. ඉරිදා සභාවේදී දක්නා ලද මවු දියනියත් ගැණ විපරම්කර ගැණීම ඔහුගේ ප්ර ධාන කටයුත්ත විය. ඒ සභාව පවත්වන ලද ප්රීධානීන්ගෙන් දෙතුන් දෙනෙකු ‍දැන ගැනීමට සිතාගෙන තමාගේ මිත්රනයා වන ධර්මසේන සම්මුඛවීමට ගියේය. ධර්මසේන බැන්ජමින් දුටු හැටියේ මහත් සතුටට පැමිණ “කොහොමද - ඊයේ රාත්රිද විජයසිංහ මහතාත් සමග සුවසේ කාලය ගත කෙළෙහිද?. විජයසිංහ මහතා ඉතාමත් හොඳ ගැඹුරු අදහස් ඇති ස්ථිර ගුණයේ පිහිටි කෙනෙක් බව කලින් අපට ආරංචිය. ඉතින් ඒ ආරංචිය එසේම ම දැ”යි ඇසුයේය. “ඇත්තෙන්ම ඒ එසේමය. මට මේ තාක් ආශ්රැය කරන්ට ලැබුනු අයගෙන් ඒ මහතා මුල් ස්ථානයේ තැබිය හැක.

ධර්මය හොඳින් ඉගෙණ ඒ අත්හදා බැලූ කෙනෙක් බව පෙනේ. ඉතින් ධර්මසේන මහත්මයා දැන් මා මෙහි පැමිණියේ ඊයේ අප ගිය සභාවේ ප්රරධාන මහතෙකු දෙන්නෙකු ගැන දැන ගැනීමටයි. මට අවශ්යප කාරණයක් තිබෙන හෙයින් මහ්තමයා දනිතොත් ඒ සභාව රැස් කරවූ ඒ ගැන මහන්සිව ඉදිරිපත්ව ක්රිනයා කළ මහතෙකු හෝ දෙන්නෙදු කිවහොත් මැනවැයි කීවාම ධර්මසේන මහත්මයා ටිකක් දුර කල්පනා කොට ඒ පාසැලේ කටයුතු ඉතා ඕනෑ කමින් කරන්නේ කුරේ අප්පුහාමිය. උන්නැහේ මසන්ගස් වීදියේ පදිංචිකාරයෙකි. අල්විස් මහත්මයාත් ඒ ගැන මහන්සි ගන්නා තවත් කෙනෙකි. නමුත් පදිංචිය කොයිබදැයි කියා මම නොදනිමි. කුරේ අප්පුහාමිගෙන් ඇසුවාම දැනගත හැකියයි ධර්මසේන මහත්මයා කී බැවින් සතුටට පත්

බැන්ජමින් කුරේගේ නිවසට පැමිණියේ ය.

බැන්ජමින්ව දුටු හැටියේ සතුටට පත් කුරේ අප්පුහාමි වාඩි වෙන්ට සලස්වා “ඊයේ මහත්මයා අපේ සභාවටත් පැමිණ සිටියා වාගේ මතකයි. මෙහි පැමිණියේ යමිකිසි කාරණයක් සඳහාදැ”යි ඇසුයේය. “ඊයේ සභාව ගැන මගේ සිත කෙතරම් ප්රසශන්නවීද කියතොත් ඉරුදින පාසැල පවත්වන මහතුන් දැක ඇඳින ගැණීමට පවා බලවත් ආසාවක් අටගත්තේය. දැන් රටට කළයුතු එකම මෙහෙය නම් කුඩා දරුවන්ට විශේෂ වශයෙන් ගැහැණු දරුවන්ට ආගම ධර්මය ඉගැන්වීම හා ප්රටතිපත්ති පුහුණුකරවීමත් බව ඒකාන්තය. එබැවින් ඒ පැසැල පැවැත් වීමට යන වියදම මේ රුපියල් පණසත් භාරගත මැනවැයි කියා කුරේ අප්පුහාමි අතට රුපියල් පණහක් ද දුන්නේය. ඉක්බිති කුරේ අප්පුහාමිගෙන් මෙසේද ඇසීය. ‘එදා සභාවට පැමිණ සිටි අයගෙන් හැමදෙනම කොහොම වෙතත් වැඩි පක්ෂයක් අප්පුහාමි අඳුනන අය වෙන්ට පුළුවන. එදා සභාවේ බවලතුන් අතර දෙගොඩහරි වයසේ මවුත් සමග අවුත් සිටි ඔසරිය ඇදි කණකර ආභරණ ආදී කිසිවක් නැති චාන් විධියට වුන් තරුණිය ගැණ තොරතුරු මට දැනගන්නට උවමනාකර තිබේය”යි කීවාම අප්පුහාමි එකපාරකට සිනාසී - “ඔය කියන්නේ ජයසේකර හාමිනේත් ඇය දියනියත් ගැණවාට කිසිම අනුමාණයක් නැත. ඔවුන් කොටහේනේ පන්සලට නැගෙණ ඉර පැත්තේ වත්තේ පදිංචිව සිටිති. මුලදී සැපසේ විසූ පව්ලකි. නමුත් මීට අවුරුදු 7කට වාගේ ඉස්සර ඒ තරුණියගේ පියා හදිසියෙන් මැරී ගියෙන් ඒ මවු සහ දුවත් යම්තම් ජීවිකාව කරගෙණ ඉන්නවා” කියනකොටම යකින්නක් වාගේ තදින් කිපුණු කුරේ අප්පුහාමිගේ හාමිනේ ඉදිරියට අවුත් - “අනේ මේ මහත්මයා කොහේ කෙනෙක්ද, මොකද මේ වල් ගෑණුන් ඉන්න තැන් විමසන්නේ” කියා ඇසුවාම බැන්ජමින්ගේ හිත මහත් සංවේගයට පැමිණ කිසිත් නොකියා කරබා ගත්තේය. ස්වකීය භාරියාවගේ චණ්ඩාල ගති දන්නා නමුත් අහිංසක ගුණවත් ස්ත්රිසයකට බොරු චෝදනාවක් කළ නිසා කුරේ අප්පුහාමිට කේන්ති ගොස් “උඹෙන් අහපු දෙයක් නැත - අනුන් සමග කරණ කථාවට කට දමන්නේ මොකටද? ජයසේකර හාමිනේත් ඒ තැනැත්තිගේ දියණි‍යත් “වල්ගෑණු” නොව ඉතාමත් වැදගත් ශික්ෂිත කුල ස්ත්රීණහුය. වල් ගෑණුන් ලැබී ඉන්නන්ගෙන් එක් කෙනෙක් මම”යි කියන කොට ඒ ස්ත්රිකය ‘උඹ වා‍ගේ අවලමෙක් ඉන්නවාද, ලෝකයේ ඉන්නා තරම් ගෑණුන් පිරිවරාගෙණ සමාගම් පවත්වනවා අනුන්ගේ


කෙල්ලන්ට උගන්වන්ට උඹට ඔය තරම් හිත මොකද? උඹේ දූලා ගෙදර නාකි වෙනවා. අනුන්ගේ දූලා දීමට උදව් කරණවා. උඹ ජයසේකර මහ ගෑණිත් දුවත් දෙන්නා සමගම කූට්ටු බව අපි දන්නේ නැද්ද?” කියා වියරු වූ බැල්ලියක් මෙන් බුරන්ට පටන් ගත්තාය. කරුණාවන්ත සත්පුරුෂයෙක් වන කුරේ අප්පුහාමිට ඉවසා දරාගත නොහැකිව බැන්ජමින් මහත්මයාත් සමග ගෙයින් පිටත්ව ඊට මෙහා හන්දියේ තිබෙන තේ වතුර ‍කඩේට අවුත් තේවතුර කෝප්ප දෙකක් දෙන්නා එක්ක බී බැන්ජමින් ඉදිරියේ ස්වකීය බිරින්ද හැසුරුණු අන්දම ගැන ඇතිවූ ලැජ්ජාව නිසා මෙසේ කියන්ට පටන් ගත්තේය. “අනේ මහත්මයා, අපේ රටට සිද්ධවී තිබෙන අන්තරාය ඉතාමත් භයානකය. ගුණයක්, ධර්මයක්, ශීලයක්, ප්ර්තිපත්තියක් නැති මේ යකින්නිය සමග මම කල්ගත කරණ හැටි මහත්මයාලා දනිතොත් පුදුම වෙනවා. පරාර්ථදායක වැඩක්, රටේ ගමේ දියුණුවට වැඩක් කළොත් මගේ ස්ත්රීාය කියන්නේ “හොර ගැහැණුන් බලන්ට ගියා”යි කියායි. පිණකට යමක් දුන්නොත් කියන්නේ ඔය මොකක්දෝ අදහසක් පිට දුන් දීමක්ය කියාය. කිසිම කෙනෙකුගේ ගුණයක් කියනවාට කිසිම කෙනෙකුට ගෞරව කරණවාට කිසිම කෙනෙකු හොඳින් ඉන්නවාට මේ යක්ෂණිය සතුටු නැත. ඉතින් මගේ පුර්වකර්මයකට බලවත් අකුශල කර්මසයකට මේ වධක භාය්යාසත ව ලැබුණු බව සලකා ඇගේ “මළවලාමත්” අස අසා මම ලෝකේ හොඳ වැඩත් කරමි. නමුත් මට සිද්ධ වි තිබෙන බලවත් විපත්තියක් නම් මගේ ලොකු ගැහැණු ලමයි දෙන්නෙක් ඉන්නවා. ම‍ගේ වත්කමේ හැටියට ඔවුන්ට මුදලුත් ඇඳුම් පැළඳුමුත් ලෑස්තිකර තිබෙනවා. නමුත් වැදගත් කෙනෙකුට කථා කළාම කිසිවෙක් සතුටු වෙන්නේ නැහැ. මක්නිසාද “අම්මාගේ ගතිය දූලාටත් තිබෙනවාය” කියා එක වරක් ආ කෙනෙක් නැවත කවදාවත් අපේ ගෙදරට එන්නේ නැහැ. ඉතින් ඇත්ත වශයෙන් බැලුවොත් ඒ ගෑණු ලමයින් තුළත් අම්මාගේ දුර්ගුණ හුඟක්ම තිබෙනවා. මට පිළිවන් තරම් ඉහලින් ඉංග්රීුසි සිංහලත් ධර්ම ශාස්ත්රරත් ඉගැන්වූ නමුත් ඒ ලමයින්ගේ මවුගේ නපුරු ගතිය ඔවුන් තුළ පවතිනවා - මට දැන් විකාරයක් මෙන් මෙය කල්පනා කරන්ට ද ඉඩක් නැත. මගේ දැන් එකම බලාපොරොත්තුව මේ වදක බාරියගෙන් තුරන් වී පරලොවෙන් ප්ර කාශ කළේය.

බැන්ජමින් ටිකක් සිනාසී - “අප්පුහාමි කණගාටුවෙන්ට කමක්


නැත. අද ලක්දිව ඉන්නා ස්ත්රී න්ගෙන් සියේට හැත්තෑපහක්ටත් වඩා ඔය අප්පුහාමිගේ හාමිනේ වැනි වදක බාරියෝ මයි. මේ රටේ පින්වත්, ගුණවත්, උත්සාහවත් ලක්ෂණ සම්පන්න දරුවන් අ‍ඩුත් ඔය නිසාමයි. වදක, චොර, සාමි යන භාර්යාවන් තුන් වර්ගයට ලක්දිව හිමිවී තිබෙන්නේ ඔය අප්පුහාමිලා පවත්වන ඉරුදින පාසැල පසුගිය අවුරුදු හාර පන්සිය තුළ ලක්දිව නොපැවතීම නිසයි. මිථ්යා දෘෂ්ටියත් සමග අනාචාරයත්, අකෘතඥ ගතියත්, ආත්මාර්ථකාමි ගතියත්, අනුන් පහත්කොට සලකන පරවම්භන ගතියත් අපේ රටේ පැතිර ගියා. පිරිසිදු ධර්මය නොදත් පරවම්භන ගතියත් අපේ රටේ පැතිර ගියා. පිරිසිදු ධර්මය නොදත් ප්රමතිපත්තියක් නොපුරණ මිනිහා තිරිසනාට වැඩි අමුත්තක් ඇති සත්වයෙක් නොවේ. තමන්ගේම බොක්ක, තමන්ගෙම සැප පහසුව මිස අනික් සතෙකු කෙරෙහි දයාවක් දැක්වීමට සාමාන්ය් වශයෙන් තිරිසනුන්ට නොතේරේ. ඉතින් නූගත් සත්පුරුෂ ආශ්රමයක් නැති මිනිසුන්ටත් පරාර්ථකාමී භාවයක් ලැජ්ජාවක් භයක් ආත්ම ගෞරවයක් ඇතිවීමට ඉඩක් නැත. අප්පුහාමිගේ භාර්යාවගේ මව් පිය දෙදෙනාම තිරිසනුන් හා සමානව කල් ගතකළ අය වෙන්ට ඇති බැවින් ඒ පහත් මවුපියන් නිසා හටගෙන ඔවුන්ගේ ආශ්රවමයෙන්ම හැදුනු ඒ හාමිනේ තරුණ මදයෙන්මත්ව සිටි අප්පුහාමිට රසාංජනයක් මෙන් වී විවාහ කරගත්තා. නමුත් ඒකේ අමාරුව තේරෙන්නේ දැනුයි. ඉතින් අප්පුහාමි ගුණවත් යහපත් කෙනෙක් නිසා අප්පුහාමිගේ පුත්රය දුහිතෘන් ඒ මවු තරමට කෘරතර නොවෙතත් ඉතාමත් හොඳ අය වෙන්ට බැරිය. උසස් ඉගෙණීමත් කල්යායණ මිත්රත සේවනයත් ඔවුන්ට සලසා දුන්නොත් තරමක් හොඳ වියහැකි නමුත් ගුණවත් සත්පුරුෂයන්ගේ භාර්යා කමට සම්පූර්ණයෙන් සුදුසු වන එකක් නැත. දැන් ලක්දිව හැම ගෙදරකටම වි තිබෙන්නේ මේ හානියයි. මවු හොඳ නම් පියා හොඳ නැත. පියා හොඳ නම් මවු හොඳ නැත. නමුත් මවු හොඳවුනු ගේවල පියා නරක් වුනත් ඒ පවුලේ දරුවෝ ඉතාමත් හොඳ වෙති. දරුවන්ට ස්ථිරව පිහිටන්නේ මවුගේම ගතිගුණ බැවිනි. අප්පුහාමිගේ කේන්ද්රදයේ හත්වෙනි රාශිය සෙනසුරාට හෝ අඟහරුවාට අයිති රාශියක්වත් ඒ දෙන්නාම හෝ නීච සඳු හෝ අඟහරුවාට අයිති රාශියක්වත් ඒ දෙන්නාම හෝ නීච සඳු හෝ ඉරුවත් හතේ ඉන්නා නොහොත් හත දක්නාවූ කේන්ර්ම යක් විය යුතුය. ඉතින් පූර්වජන්මයේ එක්කෝ පරස්ත්රීඅ සේවනය නැතහොත් බහුස්ත්රීී සේවනයක් කිරීමෙන් ඇතිවූ පාප කර්මයට විපාක වශයෙන් දැන් වදක බාරියන් ලබාගෙණ දුක්විඳීම ගැණ කණගැටු නොවි මතු ආත්මයේ සුවච කීකරු උතුම් භාර්යාවක් ලැබීමටත් ආධාර වන පිණිස අසරණ

ගැහැණු දරුවන්ට ධර්මයත් ප්රාතිපත්තියත් උගන්වා ඔවුන් ශිෂ්ටාචාර කළ යුතුය”යි කීවාම කණගාටුවෙන් සිටි කුරේ අප්පුහාමිගේ හිතේ පැවති බලවත් දොම්නස් ගතිය පහව ගියේය.

මේ කථාව තේවතුර කඩේදිම කරණ ලද්දක් බැවින් ධර්ම ශාස්ත්ර ගරු කරණ තවත් මහතෙක් තේවතුර බොනගමන් මේ කථාව අසාගෙණ සිට බැන්ජමින් මහතා ලඟට අවුත් - “ආයුබෝවන්ඩ, මහතාගේ කථාව අසා මගේ හිත අතිශයින් ප්රීටතියට පැමුණුනා. නක්ෂත්රපයත් මහතා හොඳින් දන්නා බව ඒ කතාවේදී මට වැටහුනා. ඉතින් මහත්මයා පුරුෂයෙකුට ලැබෙන භාර්යාව කෙබඳු කෙනෙක්ද යන වග නිසැකව දැන ගැනීමට කේන්ද්ර යෙන් පුලුවන්ද බව කරුණාකර ඒ සම්බන්ධ ලුහුඬු විස්තරයක් කියා දුන්නොත් අපට පමණක් නොව කාටත් මහත් ප්ර්යෝජනයකැ”යි ඒ මහත්මයා කීවේය. බැන්ජමින් මහතා ද සිනාසී මම නක්ෂත්රරය උගතෙක් නොවෙමි. නමුත් සත්විධි භාර්යාවන් ගැන විස්තරයක් නක්ෂකත්රායනුසාරයෙන් දැන සිටිමි. ඒ පුරාණ කාලයේ ප්ර බන්ධයක්ය කියාද සිතමි. ඒ මෙසේයි -

“ යමෙකු කිඳුරේ හතට යෙදුනොත් සිංහරාසිය බලව තී එහිම සිටියොතින් නැතහොත් දුටොත් හත හිරු නිසි යු තී ඔහුට ලැබෙනා බිරිඳ ‘සාමි බාරි’ වෙයි දැනගත යු තී එබඳු අය මෙහෙකරුසෙ බිරිඳව වාල්වන බව හැක නැ තී

හතට මේසය නොහොත් වෘශ්චික රාශියත් වී අඟහ රු එහිම සිටියත් තැනක වෙන සිට දුටුවහොත් සත විදි යු රු “චෝර බාරිය” තමයි ඒ අය ලබන්නේ මේ දිය තු රු නොවනු පසුබට විඳිව සතුටින් පෙර කරපු පව බියක රු

මකර කුම්බය දෙකෙන් එකකට සත් වැන්න පත්වුනු ක ලා නපුරු සැනිදෙවි සිටියහොත් යළි දුටුවහොත් ගත නොවමු ලා ඔහුට ලැබෙනා බිරිඳ නම් වේ ‘වදක බාරිය’ එක හෙ ලා දිවි තිබෙන තුරු විඳින්නට මේ ලොවැනි හැම ‍වද ගැන බ ලා

කටක රාශිය වුනොත් හත පුර සඳුන් සිටියොත් ඒ හ තේ එසේ නැතහොත් දුවොත් පුර සඳු එබඳු අයහට මෙදිය තේ ලැබේ බිරිඳක් ‘මාතු බාරිය’ නමින් හිත ඇති දිවි යු තේ නීච සඳු නම් දිළිඳු හෝ වැන්දඹු හෝ වයසැති ක තේ


මිතුන කන්යා දෙකෙන් එකකට යෙදුනි නම් හත පියක රු සිටියහොත් බුද දුටෙත් යහතින් එබඳු අයහට දිය තු රු ලැබෙයි පින්වත් ගුණැති බිරිඳක් ‘බගිනි බාරිය’ නම් ග රු පොරණ පින්කළ කෙනෙකි ඔහුගේ දිලේ යසිසුරු දිවිතු රු

තුලා වෘෂභ දෙකෙන් හතවි එකක් යමෙකුගෙ සිටි තැ නේ සිකුරු එහි සිට නොහොත් දුටුවොත් එබඳු අයහට නිසැකි නේ ලැබේ බිරිඳක් ‘දාසිබාරිය’ නමින් සපිරුණු සොමි ගු නේ එහුට දිවසැප ලැබුනු බව කීවාට වැඩියෙන් නැත අ නේ

දනු මින රැස් දෙකෙන් හතවි එකක් සිටියොත් යමෙකු ගේ ගුරුද එහි සිට නොහොත් දුටුවොත් උසස් බැල්මෙන් වන අ ගේ “සකි බිරිඳය” නමැති පින්වත් කතෙක් ලැබිලා මනර ‍ඟේ දිගාකල් පරපුරය පවතී පතළවී යස දස දි ගේ

ලියන්ගේ කිඳුරෙහිද මෙලෙසට සිටිය කල පල ලැබෙ න්නේ පුමන්හට කී ලෙසටමයි ඒ සැකක් මදකුදු නොක න්නේ තමන්තේ පෙර කුසල් අකුසල් දෙකටමයි මේ යෙදෙ න්නනේ එයින් අනිකක් කරනු බැරි මහ බඹුටවත් කිසි ලෙසි න්නේ

බැන්ජමින් ඒ කව් අට කියාපු විට එහි සිටි කුරේ අප්පුහාමිත් ඔහුට ඒ කියන්ට ආරාධනා කළ මහත්මයාත් පමණක් නොව තේවතුර වෙළෙන්දා ආදී කවුරුත් ඒ ලියා ගත්හ. ඒ අමුත්තා බැන්ජමින් මහතාට ස්තුති කොට “ඇත්තෙන් මහත්මයාණෙනි, මේ ශාස්ත්රැය එහෙම පිටින්ම අලලා ප්ර“බන්ඛ කරණ ලද්දකි. නක්ෂත්ර්ය පිළිබඳ විශාල පොතකටත් වඩා මෙය වටනේය. මගේ භාර්යාව ගෙන්ම මට මෙය ප්රතත්යරක්ෂ වුනාය”යි කියා මුව නොසෑහෙන ලෙස ස්තුති ‍කොට යන්ට ගියේය. බැන්ජමින් කුරේ අප්පුහාමිගෙන් තව දුරටත් ජයසේකර හාමිනේ ඉන්නා ස්ථානයේ තොරතුරු හොඳින් අසාගෙණ ඔර්ලෝසුව දෙස බැලූවිට වෙලාව සවස පහමාරවී තිබෙන බැවින් කලින් නුපුරුදු තැනකට යායුතු වෙලාවක් නොවන නිසා ඒ ගමන හෙට උදේ යන්නෙමි යි සිතාගෙන කෙලින්ම තමන් නවතින බෝඩිං හවුස් නම් නිවසට ගියේය.

බැන්ජමින් සෙනසුරාදා පිටවූ ගමන්ය. ඔහු එතැනට ගියේ නැවත ඉරිදා හවසය. එහි ආවතේව කරන්නෝ ඉදිරියට අවුත් මහත්මයාට සෙනසුරාදාත් විදුලි පනිවුඩයක් ලැබුනා. අදත් එකක් ලැබුනා. මහත්මයා ගිය තැනක් නොදන්නා බැවින් මේවා බාරදෙන්ට බැරිවුනා යයි කියා ඒ ටැලිග්රෑෙම් දෙකම බැන්ජමින් අතට දුන්නාහ. බැන්ජමින් මහතා


සෙනසුරාදා ටැලිග්රෑථම් එක කඩා බැලූ විට එහි කියා තිබුණේ “අයියාට හොඳටම අමාරු බැවින් දුටු වහාම එන්ටය” කියාය. ඉරිදා ටැලිග්රෑෙම් එකේ තිබුණේ “සහෝදරයා මළා වහාම එන්ටය” කියාය. මේ ටැලිග්රෑ්ම් දෙක කියවු හැටියේ බැන්ජමින්ගේ හිතේ බලවත් සංවේගයක් ඇතිවිය. නැවතුම්පලේ සිට වැඩ කරුවෙකු ලවා කුලී මෝටර් රථයක් ගෙන්වා ගෙණ බැන්ජමින් එවලේම ස්වකීය ගමට පිටත් වූයේය. රාත්රීන හතට ඔහු ගෙදරට ලඟ වුනේය. වයස්ගත දුර්වල මෑණියන් හා නැන්දම්මාද තවත් ඥාති මිත්ර‍ කීප දෙනෙක් මිනිය ලඟ අඬමින් උන්හ. බැන්ජමින් එදා රාත්රි‍යේම මිනිය ආදාහන කිරීමට උවමනා කටයුතු සූදානම් කරවා පසුදින උදේ අටට ආගම සිරිත් විරිත් පවත්වා ගරු බුහුමන් සහිතව ස්වකීය සොහොයුරාගේ මිනිය ආදාහන කරවන ලදී.


11. පරිච්ඡෙදය[සංස්කරණය]

ආදාහන පිළිබඳ සියලු කටයුතු නිමවන තුරුත් බැන්ජමින් සහෝදරයාගේ අසනීපයවත් ඔහුගේ කතාබස් ආදියවත් ගැන නොවිමසුවේය. සඳුදා සවස ශෝකයෙන් මඳක් සංසිඳී වුන් මෑනියන් සමග කථා කරමින් - “අයියාට බීමත් කමින්ම මරණය සිද්ධ වුනාද නැතහොත් වෙනින් අසනීපයක් ඇතිවුනාදැ”යි ඇසුයේය. “නැහැ පුතා, ඔහුට මත්පැන් අධිකවීමෙන් මරණය සිද්ධ වූ බව අප ගෙන්නූ දොස්තර උන්නැහේත් වෙද මහත්වරුත් කීහ. ගිය සිකුරාදා ඉතාමත් අමාරුවෙන් මෙහි පැමිණියාය. ඒ අමාරු වෙන් ඉඳගෙනත් ඉල්ලුවේ “විස්කි”මයි. කිසි කෑමක්වත් බෙහෙතක්වත් ගත්තේ නැත. සෙනසුරාදා උදේ මා ලඟට කැඳවා වැන්දාය. එසේ වැඳලා මගේ අත් දෙක ඔහුගේ පපුව උඩ තබාගෙණ - “කරුණාවන්ත අම්මේ මට සමාවෙන්ට ඕනෑ. ධර්මය තරම් සත්යබයක් ලෝකයේ ඇත්තේ නැත. බුදුහාමුදුරුවන්ගේ උතුම් ධර්මය ඒකාන්තයෙන්ම සත්යැයි. මා කළ බලවත් අධර්ම ක්රිනයා මේ ජීවිතයේදීම මට පලදුන්නා. පාප මිත්රේ සේවනය නිසා සුරා පානය කිරීමෙන් මගේ දරුණු ගති අධික වුනා. කාලකණ්නි මාමාත් ඔහුගේ පවුලත් විනාශ කොට ඔවුන්ගේ ධනය හිමිකර ගැනීමට මගේ හිත පෙළඹුවෙත් ධර්මය කෙරෙහි විශ්වාසයක් නැති වීමෙන්ය. රටේ හිටි කෲරතර නීච හොරුන් කීප දෙනෙකුත් සමග එක්ව අපේ මාමා අධර්මයෙන් රැස්කළ ධනය අධර්මයෙන් අයිතිකර ගන්ට සිතා ක්රිුයා කරණ බව දැනගත් සුනන්දා - ගුණවත් සුනන්දා ඒ වලක්වන්ට පිළිවන්

තරම් උත්සාහ කෙළේය. ඈ මට වැඳලා මා වැළඳ ගෙන මේ අධර්මය කරන්ට එපා යයි දවස් ගණනක් හැඬූ නමුත් ඒ ගුණවත් ස්ත්රිනයගේ කීමටත් අකීකරුව මාමාගේ විනාශය ඇති කෙළෙමි. මා වැනි අධමයෙක් සමග කල්ගත කිරීමට වඩා මැරීයාම සිය ගුණයකින් හොඳය කියා ඒ ගුණවත් සුනන්දා දිවි නසා ගත්තේය. අධර්මවාදී මා නිසා අපේ මාමාත් නැන්දත් විනාශ වුවාය. මගේ ද විනාශය ඒ සමගම ආයේය. දැන් මැරී ගොස් අනන්ත අප්රශමාණ කාලයක් අපායේ දරුණු දුක් විඳීමට මට සිද්ධවන බව පෙනේ. අම්මත් තාත්තත් ධර්මයට දිවිදී ක්රිියා කිරීමත් මල්ලී බැන්ජමින් ධර්මවාදී සත්පුරුෂයෙක් වීමත් ගැන සතුටු වෙමි. අපේ මාමා‍ගේ පවුලේ විනාශයටත් සුනන්දාගේ විනාශයටත් හේතුව අධර්මවාදියා වූ “වෝල්ටර්ය” කියා ‍වෝල්ටර් ටිකක් දඟලා සෙනසුරාදා හවස මළේ”යි මහලු අමරසිංහ හාමිනේ පුතණුවන්ට කීයේය.

බැන්ජමින් මේ කථාව මහත් පුදුමයක් මෙන් අසාගෙන සිට “අනේ අම්මේ බලන්ට ධර්මයෙන් පිට සැපතක් නැතැයි වදාළ ලෝක නාථයන් වහන්සේටය අපේ දිවි පුජා කළත් මදි නොවේද? අ‍පේ මාමා අනුන්ගේ ඉඩකඩම් බොරු නඩු කීමෙනුත් හා එකට දෙසීයේ පොලී ගැණීමෙනුත් යහපත් වැඩකට ශතයක්වත් නොදී අසරණයෙකුට බත් වේලක උපකාරයක් නොකොට ලෝකයේ ඇතිතාක් කුට උපාය මාර්ගවලින් සම්භ කළ නමුත් ඔහුට ස්වාභාවික මරණයෙන්වත් මැරෙන්ට නොලැබී දරුණු සොරුන්ගේ මරු පහරවල් කා මිය යන්ට සිද්ධ විය. ඔහුට දාව උපන් පවුකාර කාලකණ්ණි දරුවන් ද ඒ ධනස්කන්ධය කවදාවත්ම පරිහරණය කරන්ට නොලැබේ. එක්කෝ ඔවුහු අකාලයේ මියයති. නැත්නම් ඒ ධනය විනාශවී යනු ඒකාන්තය. ඉතින් අම්මේ අධර්මයෙන් ධන ඉපයීමට වඩා ධර්මයෙන් හිඟාකෑම හොඳ බව වැටහෙනවා නොවේ ද? ගිරිඋල්ල පළාතේ හිටි අධර්මවාදී පොහොසතෙකුගේ පුතෙක් මීගමු පැත්තෙදී කරපු අධර්මවාදී ක්රිේයා සම්බන්ධ විස්තරයක් මෙහි මුලින් සඳහන්වී ඇත. ඔහු මාත් සමග එරෙහිවී මාත් විනාශ කරන්ටද අධිෂ්ඨාන කරගෙන උන්නේය. අන්තිමේදී ඔහුට සිද්ධ වූ මරණය අනාථ මරණය අතිශයින් සංවේගදායකය දැඩි ලෙස අපරාධ කරණ පුද්ගලයාත් සමග යක්ෂ පිශාචාදී වේශයෙන් ඒ අපරාධ ක්රිඅයා නිතරම එක්ව ගමන් කරති. මේ මා කියන තරුණ පව්කාර ධනවතා මොටෝ රථයේ ගමන් කරණ විට ඔහුට වධකරණ වධකන් දෙතුන්


දෙනෙක් අවකාශයේ ඔහුත් සමගම ගමන් කරණ බවත් සමහරදාට ඔහුගේ කුලල මිරිකන බව ඔහුට පෙණෙන බවත් එවිට මර බියෙන් බියපත්ව මරහඬ දෙන බවත් ඔහුගේ ආරක්ෂාවට ගිය ආ තැනැත්තා මා සමග කීයේය. අන්තිමේදී කිසිවෙකුටත් තෝරා ගත නොහැකි රෝගයකින් හදිසියේ මළේය. කෙළවරක් නැතුව තිබුනු ධනය මිනී මැරීමාදී දරුණු ක්රිසයාවලින් ඉපයූ ඒ ධනස්කන්ධය ඒ ඉපලූ තැනැත්තාට ප්රමයෝජන ගන්ට හෝ නොලැබුනේය. ඒ ප්ර්යෝජන ගැනීමට තරම් පින්වත් දූ පුත්ර් කෙනෙක් ද ඔහුට ලබන්ට බැරිවිය. එකම පුත්ර යෙක් සිටි නමුත් දුෂ්ට මවුපියන්ගේ තත්වයට අනුව අහේතුක කාමාචර අකුශල චිත්තයෙන් ප්ර තිසංධිය ගත් ඒ කාලකණ්ණි මණුෂ්යකයා පියාටත් වඩා අධමයෙක්ව ඉඳ සැප යයි කියා සිතාගෙණ පහත් නීච අධම ක්රිටයාකොට අනාථව මැරී ගියේය. ඔහුගේ ධනස්කන්ධ අහක සිටි උදවියට හිමි වූයේය. අධම ක්රිවයාවේ විපාක දැක්වීමට මෙබඳු දර්ශන සියයක්වත් මට කිය හැක. අපේ අයියාට මා ධර්මය ගැන කරුණු කියන්ට ගොස් කීප වරක්ම ලැජ්ජාවට පත්වීමි. සංසාරයේදී ධර්මය පුරුදු නොකළ සතර අපායෙන් චුතවී අවුත් මිනිස් ලොව උපදින සත්වයන් ධර්මවාදී කිරීම පවා බලවත් පරිශ්රාමයෙන් කට යුත්තක් බව පෙනේ. දැන් අම්මාට ධර්මයේ තිබෙන උත්කෘෂ්ට තාවයත් අධර්මයේ තිබෙන පහත් ගතියත් හොඳින් අවබෝධ වුනා නොවේදැයි කියන කොට මහලු අමරසිංහ හාමිනේ ගුණවත් පුතණුවන්ගේ හිස හිඹ “පුතා ධර්මය රක්ෂා කොට ධර්මයෙහි හැසිරී ධාර්මික ජීවිතයක් ගත කරණ කිසිම කෙනෙකුට හදිසි අනතුරක්, විපතක්, ඉවසිය නොහැකි අසරණ කමක්, කාය චිත්ත පීඩාවක් මෙලොවදීවත් සිද්ධවුනු තැනක් මා අසා නැත්තේය. ධර්මය ආරක්ෂා කරණ තැනැත්තා ඒ ධර්මය විසින්ම ආරක්ෂා කරගණු ලැබේයයි වදාළ ලෝකනාථ බුදුහාමුදුරුවන්ගේ උතුම් වචනය බොරු කරන්ට දෙවි‍යකුටවත් මාරයෙකුටවත් මේ තාක් පිළිවන් නොවීය. ඒ නිසා මගේ පුතාට දෙමවිපියන් වන අපෙන් වැඩි ධනයක් නොලැබුනෙන් ධර්මය ඉෂ්ට විපාක වශයෙන් මේ ලොව දීම සැප ලැබේය”යි මහලු අමරසිංහ හාමිනේ කියමින් සැනසුනේය. එදිනම පොලිස් මුලාදෑනියෙක් ද එහි පැමිණියේය. - වෝල්ටර් මැ‍රෙන්ට ප්රදථම තම මාමාගේ පවුලට හදි කළේ ඔහු බව කීවා යයි ආරංචි විය. එය හැබෑදැයි දැන ගැනීමට ආවෙමි”යි ඒ මුලාදෑනියා කීවාම බැන්ජමින් කථාකොට - “අයියා මැරෙණ වේලාවේ එසේ කීවායයි ළඟ සිටි උදවිය කියති. මම නම් එවේලාවට මෙහි නොසිටියෙමි. අ‍පේ අයියාගේ


මැදහත් කමක් ඇතුව ඒ අනතුර සිද්ධවුනු බව පිළිගැණීමට සුනන්දාගේ දිවි නසා ගැණීමත් හේතුවන බව පෙනේය”යි කීවේය. “ඔව්, බැන්ජමින් මහත්මයා. මේ ඉතාමත් භාරදූර කාරණය දැන් තේරුණාය”යි කීය. මාමා ලොකු ධනවතෙක් වීම ගැන ඊර්ෂ්‍යා කරණ ලද වෝල්ටර් ඔහු විනාශ කිරීමටත් පිළිවන් උනොත් ඔහුගේ ධනය තමා සන්තක කරගැනීමටත් කල්පනා කර තිබේ. මේ දුෂ්ට අදහස් දැනගත් ඔහුට ජෝඩුවී සිටි උගත් සුනන්දා ඒ අපරාධය කිරීමෙන් ඔහු වලක්වන්ට උත්සාහ කර තිබේ. නමුත් ගුණවත් ස්ත්රිායට ඒ නුපුළුවන්වීම නිසා අපරාධය කළ දිනට පසු දින ඈ දිවි නසාගෙණ තිබේ. දැන් පොලිසිය විසින් රුපියල් දාහක් දෙනවයි කියා ඉදිරිපත් කරන්ට ඉල්ලා සිටි ලියමනෙන් උවමනාවක් නැත. වරද කළ තැනැත්තාම වරද ප්රලකාශ කර තිබෙන බැවින් අපි ඒ දැන්වීම වහාම අවලංගු කරන්නෙමු. අපට මේ අපරාධය සොයා ගැණීමට බැන්ජමින් මහත්මයාත් ආධාර වීම ගැන ස්තුති කරමි”යි කියා ඒ මුලාදෑනියා යන්ට ගියේය.

පසු දින අඟහරුවාදා උදේ බැන්ජමින් මහතාගේ මාමලාගේ ගෙදරින් හදිසි පණිවුඩයක් ආයේය. ගෙදර හැමදෙනාටම උණ සන්නිපාතය වැළඳිලා බවත් පිරිමි ලමයාට අන්තිම බවත් කියා ගෙණ ආ පණිවිඩ කාරයා දුටු හැටියේ “අම්මේ බලන්ට විපත්තිත් කරදරත් කවදාවත් කෙළවර වන්නේ නැත. මේ තුන් මාසය තුළ අපට පැමිණි ලෙඩදුකත්, මරණත්, කරදරත්, මෙපමණ යයි කිවහැකිද? උමතුව සිටි අයියාගේ මරණය පිළිබඳ කටයුතු තවමත් අවසාන නැත. හත්දවසේ දානය දෙන්ටත් ප්රරථම මාමාගේ ඉතිරිව ඉන්නා ලමයින් දෙන්නාට තදබල අසනීප බව කියති. දැන් කරන්නේ කුමක්දැ’යි මවුන්ගෙන් ඇසුවාම අනේ පුතේ ඕවා බැලීමට යාමට මට නම් ශක්තියක් නැත. උඹත් ඔය ලෙඩ ගෙදරවලට යනවාට මම නම් කැමති නැත. සමර්ථ දොස්තරවරුන්ට පෙන්වා හොඳින් වෙදකම් ගන්ට කියනවා මිස වෙන මක්කරන්ටදැ”යි මෑනියන් කී නමුත් - බැන්ජමින් ඉක්මණින් ඇඳ ගෙණ “අම්මේ විපතක් පැමිණි විට තමන්ගේම කෙනෙකුට තබා පිටස්තර කෙනෙකුටවත් පිළිවන් අන්දමට උදව් නොකරතොත් එය මනුෂ්යන ගතියක් නොවේ. මාමා වෙනුවෙන් අපට කළහැකි උපකාර ඒ ලමයින්ට මේ තාක් කරණ ලදි. දැන් මේ අමාරුවෙන් අපට කළහැකි උපකාර ඒ ලමයින්ට මේ තාක් කරණ ලදී. දැන් මේ අමාරුවේදීත් කරන්ට පිළිවන් යමක් තිබේදැයි බලන්නෙමියි කියා බැන්ජමින් බයිසිකලයේ නැඟී ඉක්මනින්ම මාමලාගේ ගෙදරට ගියේය. ඔහු යන කොටත් මස්සිනා මිය ගොසින්ය. ගැහැණු ලමයාට අන්තිමය. ධෛර්යවත් බැන්ජමින් මොටෝ රථයක්

ගෙන්වා අසනීපකාරී ගැණු ලමයා ආණ්ඩුවේ ආරෝග්යැ ශාලාවට ගෙන ගොස් වහාම ප්රසතිකාර කරන්ට සලස්වා - සාත්තුකාරියන් දෙදෙනෙක්ද අතිරේක වශයෙන් නවත්වා මාමාලාගේ ගෙදරට ආපසු අවුත් මියගිය තැනැත්තාගේ මිනිය භූමිදාන කෙරෙව්වේය. බෝවන රෝගයකින් මිය ගිය බැවින් මුලාදෑනීන් ගේත් සම්බන්ධකම ඇතුව මේ අවමගුල ඉක්මනටත් අප්රගසිද්ධිවත් කරන්ට සිද්ධවිය. අහෝ ආශ්චර්යයකි ! පසු දින ආරොග්ය් ශාලාවේවුන් ගැහැණු ලමයාද මළේය. මුලු පවුලක්ම විනාශ විය. ලක්ෂ දහයකට වඩා ධනය ඉපයු මිනිහාටත්, ඔහුගේ දූ දරුවන්ටත් එයින් පලක් ඇතිවීද? සත්තකින්ම කිසි පලක් නැති විය. බැන්ජමින් සුනන්දාගේ අද්භූත ලියමන ඇත යන සැකය පිට ජයසේකර හාමිනේගේ දියණියන් සම්බවෙන්ට යාමට සූදානම් වූයේ සඳුදා ය. නමුත් දවස් හතරක් ඇතුළත මිනී තුනක් ආදාහන කරන්ටත් භූමිදාන කරන්ටත් සිද්ධවීම ආශ්චර්යයක් නොවේද?. දුඃඛිත ලෝකය සැපවත්ය කියන මුග්ධයන් ගැන සිතා ගැණීමට මේ හොඳ ප්ර්ස්තාවක්ය. ඉතින් බැන්ජමින්ගේ අදහස් එනම් සුනන්දාගේ ලියමන සොයන්ට යාමට කවදා අවකාශ ලැබේ ද? මාමාත් නැන්දාත් ඔවුන්ගේ දරුවෝත් මැරී ගිය හ. නමුත් මාමා විසින් බලවත් අධර්මයෙන් කොල්ලකෑමෙන් ඇති කරගත් ධණ සම්භාරයට කුමක් කටයුතු ද? මේ ධනය හිමිවීමට ඉන්නා එකම ඥාතිවරයා බැන්ජමින්ය. බැන්ජමින් මේ ධනය ලැබීමට කොහෙත්ම කැමති නැත. මක්නිසාද ඒ අධර්මයෙන් අයුත්තෙන් උපයන ලද්දක් බැවිනි. නමුත් නුවණ ඇති බැන්ජමින් මෙසේ සිතුවේය. ඉතාමත් දැඩි ලෙස උණු කරණ ලද වතුරෙන් මිනිසුන් ආදී සත්වයන් දැවේ. නමුත් ගින්නට වත්කළොත් ඒ ගින්න නිවේ. ගින්නෙන්ම රත්වූ - ගිනියම් වූ ජලයට ගින්න නිවිය හැකි නම් - අධර්මියෙන් රැස්කළ ධනයටත් අධර්මය මැඩ පවත්වන්ට ශක්තිය ඇතිවිය යුතුය. අධර්මය මැඩ පැවැත්වීමෙන් ධර්මය දියුණු කිරීමට මේ ධනය යොදනු සඳහා මෙහි අයිතිකාරයා වෙමියි සළකා මාමාගේ බූදලය සම්බන්ධ තොරතුරු දක්ෂ අවංක නීතිඳවරයන්ගේ මාර්ගයෙන් අධිකරණ ශාලාවට දැනුම් දුන්නේය. මාමාගේ නොයෙකුත් වතු කුඹුරුවල ආරක්ෂාවටත් ඒ ඒ වතුපිටි යථා විධියෙන් ආරක්ෂා කිරීමට හා වැඩා දියුණු කිරීමටත් මිනිසුන් යොදවා ඔවුන්ට සුදුසු පඩිද නියම කර - ඒ සියල්ලම යථාවිධියෙන් පරිපාලනය කිරීමට උගත් දක්ෂ මහත්මයෙකු සොයා ඔහුට මසකට රුපියල් තුන්සියක් පඩි දීමට නියම කර ගෙන ඒ සියල්ලම පැවරුවේය. මාමාගේ බූදලේට අයත් ගෙවල් වතු කුඹුරු

ආදිය පාලනය කිරීමට මසකට රුපියල් එක්දහස් පන්සියයක් වියදම් වන අන්දමට කටයුතු පිළියෙළ කළේය. නමුත් කලින් ලැබුනාට වඩා රුපියල් පන්දාහකට වඩා ආදායම් ලැබෙන බව බැන්ජමින්ට ප්රතත්‍යක්ෂ විය. සමහර ඉඩම් හිමියන් අඩු පඩියට නූගත් පහත් මිනිසුන් ස්වකීය කටයුතුවල යොදවා ගනිති. එසේ කරන්නේ පඩි දීමට වියදම් කිරීමට ලෝභකම නිසාය. නමුත් ඒ ඒ ඉඩකඩම් ආදියෙන් ලැබිය හැකි ආදායම වඩා දියුණු කර ගැනීමට හැකි ප්රඩමාණය ඔවුන් නොතකති. ස්වකීය මාමා ඉන්නා කාලේ රෑ දවල් දෙකේම කරදර විඳලත් යථා විධියෙන් පරිපාලනය කර ගන්ට දුෂ්කරව පැවති වතු කුඹුරු රාශිය කිසි මහන්සියක් කරදරයක්, පැටලිල්ලක්, අලාභ හානියක් නැතිව හොඳින් ආරක්ෂා වන තැනට මාස තුනක් ඇතුලතදී බැන්ජමින් පිළියෙල කෙළේය. ඒ අතර මුලු බූදලයේ එකම අයිතිකාරයා හැටියටද ආණ්ඩුවෙන් පිළිගනු ලැබීය.

තමා කවදාවත් බලාපොරොත්තු නොවූ බලාපොරොත්තු වන්ට කිසිම හේතුවක්ද නොතිබුණු විශාල බූදලයක් රුපියල් දශ ලක්ෂයක තරම් විශාල බූදලයක් අයිතිවීම නිසා බැන්ජමින්ගේ ගතිගුණ හෝ ප්රයතිපත්ති වෙනස්වී ද? සත්තකෙන්ම නැත. ඒ සියල්ලකම කලින් තිබුණාට වඩා දශ ගුණයකින් අධික විය. ප්රසණීත විය. විශාල ඉඩකඩම් ඇති හැම පළාත්වලම පාසැල් තැබීමට විහාර පන්සල්වලට ආධාර කිරීමටත් ඒ ලැබෙන ආදායමෙන් දෙකෙන් කොටසක් දීමට පිළියෙල කළේය. අසරණ මිනිසුන් පෙළා අයුත්තෙන් ස්වකීය මාමා හිමි කරගත් ඉඩම් හා කුඹුරු හිමියන් සොයා ඔවුන්ට රැකෙන අන්දමට ඉඩකඩම් හා වතු කුඹුරු ඇතිකර දුන්නේය. බැන්ජමින්ගේ අවංක වූ සාධාරණ වූ ධාර්මික වූ ක්රිුයා පිළිවෙල නිසා ඒ ඒ පළාත්වාසී ලොකු කුඩා කාගේත් මහත් දයාවට හා ගෞරවයට භාජනවූ බැන්ජමින් අමරසිංහ සහෝදරයාගේ මරණින් මාස හතරකට පසු කරදර අඩු නිශ්කලංක කෙනෙක්වී තමන්ට පුරුදු ධර්ම ශාස්ත්රක පිළිබඳ කටයුතුවල නියුක්ත විය.

12. පරිච්ඡෙදය[සංස්කරණය]

සඳුදා උදේ කොටහේනේ ජයසේකර හාමිනේගේ ගෙදර සොයා යන්ට සිතා සිටි බැන්ජමින් ඉරිදා සවස ගමට ගිය ගමන් මාස හතරක්ම ගම් ප‍ළාතේ කටයුතු කෙළේය. “ඉතින් කොළඹ යන්නෙමි”යි


සිතා හොඳ හැටි නිවාඩු ගත් බැන්ජමින් මෑනියන්ට හා ස්වකීය කටයුතුවල නියුක්ත කළමනාකාරයාටත් දැනුම් දී සඳු දිනක උදේ දුම්රියෙන් බැන්ජමින් කොළඹට පැමිණ තමන්ට පුරුදු පිටකොටුවේ හෝටලයට පැමිණියේ ය. ඇඳුම් ආදි සියල්ල එහි තැන්පත් කොට දහවල් කෑම ගත් හැටියේ තමාගේ මිත්ර යා වන මරදානේ විජයසිංහ මහතාගේ ගෙදරට ගියේය. ඒ ලක්ෂණ කුඩා ගේ මීට හාර මාසයකට පෙර තමා පැමිණි දිනට වඩා හොඳින් අලංකාරව තිබෙන බව පෙනුනේය. බැන්ජමින් රික්ෂෝ රථයෙන් බැස ගෙට ගොඩවුනු හැටියේ ඉස්තෝප්පුවේ සිටි විජයසිංහ මහතා නැගිට ආචාරකොට පිළිගෙණ වාඩිවෙන්ට සැලැස්සුවේය.

“මොකද මහත්මයා මාස හතරකට පහකට වාගේ ඉස්සර ඇවිත් ගියාට පසු මෙයි නාවේ? මොකද කරදර සිත් තැවුල් ආදියෙන් පීඩා ලැබුවෙහි දැ”යි සිනහසෙමින් විජයසිංහ මහතා ඇසුයේය. ඇත්තෙන්ම මහතාණෙනි, මේ මාස හතර තුළ ඇති වූ කරදරත් විපත්තිත් ගැන සලකා බලන විට ටිකක්වත් ධර්මය දන්නා නිසා නොවේ නම් මෙලහකටත් මට පිස්සු හැදී ඉවරයි. දැන් ඉතින් ඒ සියල්ලම සංසිඳී නැවතත් ප්රීතති වන්නට ඉඩ ලැබී තිබේ. මහත්මයාට දුම්රියේදී ලැබුනු ලියමන ලිවූ තැනැත්තිය ගැන විපරම් කළාද? දැන් මහත්මයා මා එදා එද්දී උන්නාට වඩා ප්රීැතියෙන්, සතුටෙන් කල්ගත කරණ බව පෙනේ. මේ ගෘහයත් වඩා අලංකාර බව පෙනේ. මොකද යම්කිසි අමුත්තක් සිද්ධවීදැයි සිනහසෙමින් ඇසුයේය. “සුනේත්රාම - සුනේත්රාී, මෙහෙ එන්ට මේ මගේ මිත්රම අමරසිංහ මහතා දැන ඇඳින ගන්ට” කියන කොට බැන්ජමින් කෙතරම් සතුටක් ඇති වීද කිවහොත් මඳ වේලාවක් කථා කරගත නොහැකි විය. ශික්ෂිත වූ හෙයින් පිනාගිය ඉන්ද්රි යන් ඇති මනනුවන් පිනවන රූපශ්රීමයෙන් යුත් තරුණියක් වහාම ඉදිරියට අවුත් සිංහල චාරිත්රාමනුකූලව බැන්ජමින්ට ආචාර කොට මඳ වේලාවක් ඉදිරිපිට සිට ස්වකීය ස්වාමි පුරුෂයා වන විජයසිංහ මහතාට කථාකොට උන්නැහේත් සමගම ඇතුල් ශාලාවට ගියා ය. බැන්ජමින්ගේ පැමිණීම නිසා ඒ වේලාවට යම්කිසි සංග්රයහයක් කටයුතුදැයි ස්වකීය මහත්මයා ගෙන් ඇසීමට බව වැටහුනේය. ඉක්බිති විජයසිංහ මහතා බැන්ජමින් ලඟට අවුත් වාඩිවී - “දැන් මහත්මයා දහවල් බත් අනුභව කොට අවුත් සිටින බව පෙනේ. ඉතින් සිරිත් ප්ර කාර තේ වතුර පානය කරන ‍වේලාව දෙකහමාරට තුණට පමණ වේ. ඉතින් මේ අතර පසුගිය තුන් හාර මාසය තුළ සිද්ධ වූ කරුණු කථාකරමු දැ”යි සිනහවෙමින් කීවේය.

“ඔව්. ඇත්තෙන්ම ඒවා කථා කිරීමට මම නොවිසිලි වන්ත ලෙස සිටිමි පළමු කොටම මහතානන්ගේ සරණ බන්ධනය ගැන තොරතුරු දැන ගැනීමට ඉතාමත් අවශ්යගයි. කරුණාකර එය කියන්ටය”යි බැන්ජමින් කීවාම බැන්ජමින් කෙරෙහි අවංකවූ භක්ත්යාැදරයක් ඇති විජයසිංහ මහතා මෙසේ කියන්නට පටන් ගත්තේය.

“අප පළමුවෙන්ම සම්මුඛවුනේ ජනවාරි මස 8 වෙනි සෙනසුරාදා බෞද්ධ ධර්ම ප්ර්තිපත්ති බාලික් පාසැලේ තෑගි බෙදා දුන් දිනදීය. එදා රාත්රී් මා විසින් මහත්මයා අතට දුන් ලියමන ලියූ තරුණිය සෙවීමට මම මහන්සි ගතිමි. මහත්මයා ඉරිදා උදේ ගියාට පසු එදා පටන් සතියක් දෙකක් පමණ මගේ මිත්‍යායන්ගේත් ආධාර ඇතිව ඈ සෙවීමේ නියුක්ත වීමි. නමුත් ඈ පිළිබඳ හෝඩුවාවක් වත් දැන ගැන්නට නුපුලුවන් විය. ඉතින් මට භාර්යාවක්ද අවශ්යායෙන්ම උවමනාකර තිබුනේය. මා සමග මිත්ර වූ මට බොහෝ උපකාර ඇති මහලු උපාසක අම්මා කෙනෙක් සිටියි. උන්දෑ පන්සලට අවුත් යන ගමන් මෙහාටද ඒම සිරිතකි. ඉතින් එක් දිනක් උන්දෑ පන්සලට අවුත් යන ගමන් මෙහාටද ඒම සිරිතකි. ඉතින් එක් දිනක් උන්දෑ මෙහි ආවිට උපාසිකා ආ‍ච්චියේ, මම කාත් කවුරුවත් නැතිව ඉඳිමි. ම‍ගේ තොරතුරු හුඟක් දුරට ආච්චි දන්නා නිසා කරුණාකර මට සුදුසු භාර්යාවක් ජෝඩුකර දුන්නොත් ලොකු උපකාරයකැයි විහිලුවක් වශයෙන් කීවෙමි. ඉතින් මේ මහලු තැනැත්තී - උන්දැලා පදිංචිව ඉන්නා වත්තත් තවත් කොළඹ ඉඩම් රාශියකුත් හිමි ධනවත් මහතෙකුගේ දියණියක් මට ජෝඩුකොට ඊට පසුදින මනමාලියගේ පියාත් සමගම මෙහි පැමිණියාය. ඉතින් උන්නැහේ මා ගැන විපරම් කොට හොඳින් තොරතුරු විමසාගත් කෙනෙකි. උන්නැහේ ගේ දියණිය මට පාවාදීමට කෙතරම් සතුටුද කිවහොත් මා බලන්ට අපේ ගෙදරට පැමිණි දිනයේම මනමාලිය බලන්ටත් ප්රහථම මංගල්යේය තීන්දුකර ගන්ට උත්සාහ කෙළේය. මසකට රුපියල් 250 ක් ආදායම් උපදින ඉඩමක් ද මුලලෙන් රුපියල් දස දාහක්ද රුපියල් පන්දාහක් වටිනා රන් මිණි මුතු ආභරණද මොටෝ රථයක්ද දායාද වශයෙන් දෙන බව කීයේය. මේ අයගේ දියණිය එක්කෝ මට පිරිනොමහින තරම් උසස් කාන්තාවක් නැතහොත් ගෙදරකට නොගත යුතු වදක බාරියක් - ඉතින් මේ දෙකම මට යුතු නොවන්නේය”යි ‍හිතින් සලකා ගෙණ “හොඳයි මහත්මයාගේ යෝජනාව ගැන මුළු හෘදයෙන්ම ස්තුති කරමි. නමුත් මනමාලිය බලන්ට යා යුතු ඒ තැනැත්තියගේ කේන්ද්රසය බලා මගේ කේන්ද්ර යට ගැලපේද කියා නිශ්ච කරගත් පසුයි. අපි පරම්පරාගත ඇතැම් සිරිත් අත් නොහැරම පවත්වන

අයයි. ඉන් නිසා කරුණාකර මේ උපාසක ආච්චි අත මනමාලියගේ කේන්ද්රමයේ පිටපතක් හෙට උදේට එවන්ට. ඒ ලැබුනාම මගේ මිත්රතයෙකු ලවා ඒ කේන්ද්ර යත් මගේ කේන්ද්ර5යත් පරීක්ෂා කරවා ඒ දෙක ගැලපෙතොත් මනාලිය බලන්නට එන්නෙමි”යි කියා යන්තම් ඒ තැනැත්තා පිටත්කර යවා ගතිමි. ඔහු එනකොටම මගේ හිතට මහත් අමාරුවක් විය. මක්නිසාද ඒ ම බලන්ට එනකොටත් අධික ලෙස මත්පැන් පානයකර තිබුණු බැවිනි. ඉතින් ඔහුගේ දියනිය කසාද බැඳීමට තරම් සුදුසු තැනැත්තියක් නම් ඔය තරම් දායාද දීමට පොරොන්දු වන්ට උවමනා නැති බවත් මට වැටහී ගියේය. ඉතින් අමරසිංහ මහතා මේ කථාන්තරය ටිකක් දික් වුනත් තේ වතුර වෙල්ව වනතුරු කියන්නෙමි. ඉතින් උපාසක ආච්චි පසු දින උදේම හොඳට අබලන් වෙච්ච පුස්කොළ කේන්ද්රයයක් රැගෙන ආවාය. එය නොසැලකිලි ලෙස කොයිබද විසිකර තිබුණු එකක් බව මට වැටහුනේය. ඉතින් එය දිගහැර බැලූ විට මගේ අම්මෝ - කිසිම අඩුපාඩුවක් නැති වධක භාර්යාවක් බව මගේ දැනගැනීමටද හොඳින් වැටහුනු බැවින් මංගල්යඩය හරියන්නේ නැත කියා උපසක ආච්චිට මහන්සිය වශයෙන් රුපියල් දෙකකුත්දී පිටත්කර යවමින් මෙසේ කීවෙමි. “මට උවමනා කරන්නේ ධනවත් උසස් තැනකින් නොව ධාර්මිකව ඉන්නා සාමාන්යඋ ස්ත්රි්යක්ය. කොටින්ම මට උවමනා කරන්නේ වැඩකාරියක් ලෙසත්, භාර්යාවක් ලෙසත්, මිතුරියක් ලෙසත්, ශ්රිවයාකාන්තාවක් ලෙසත්, එක විඩේම ක්රියයා කරන්ට පුළුවන් තැනැත්තියකි. ධර්මයත් ඒ සමගම චාරිත්රන වාරිත්රතත් අත්කම් ආදියත් පමණක් නොව සූප ශාස්ත්රා්දිය පවා හොඳින් දන්නා ලක්ෂණ ප්රිමයකරු ස්ත්රිූයක් පමණකි. ඈ වෙනුවෙන් ඉඩම් හෝ මුදල් හෝ ඇඳුම් කැඩුම් හෝ කිසිවක් මට උවමනා නැත. එබඳු තරුණියක් උපාසිකා ආච්චිට මුණ ගැසුනොත් කියන්ට” යයි කීවෙමි. ඒ වෙලාවේ තරමක වැස්සක් පැවතුනේය. ඒ වැස්ස නිසා යාගත නොහැකිව මේ ඉස්තෝප්පුවට කව්දෝ කෙනෙක් ගොඩවැදුනු බවක් මට දැනුන නමුත් එහා සාලේ ඉඳගෙන උපාසික ආච්චිට කරුණු කී බැවින් කවුරුවත් ඉස්තෝප්පුවේ සිටගෙණ අපේ කථාව අසා යන්නට ගියේය. මමද ගෙයි ප්රඑධාන කොටසේ දොර වසා ඉස්තෝප්පුවේ ඉන්නට මගේ ළමයා විලියම්ට නියම කොට යමිකිසි කටයුත්තක් සඳහා කොටුවට ගියෙමි. මා නැති අතර උපාසක ආච්චිත් කලින් කේන්ද්රඉය අයිති මනාලිත් ඇගේ නැගනියකුත් හා මෑණියොත් යන


සතර දෙනාම මොටෝ රථයකින් මා සම්බවෙන්ට අවුත් තිබේ. ළමයාගෙන් විපරම් කළාම මා කොටුවට ගිය බවත් ගෙදර එන්නේ සවස්වෙලා බවත් කී හෙයින් ඔවුන් දොම්නසට පැමිණ ගිය බව මා ආවිට මගේ ළමයා කීවේය. එදා පසළොස්වක‍ පෝය දිනයකි. සවස් බාගේ පන්සලට ගොස් පංච ශීලය සමාදන්ව මල් පහන් පුදා රත්නත්රියට වැඳ ඉතා ප්රගසන්න සිතින් හුදකලාවම රාත්රිවය ගත කෙළෙමි. උදේ හතරාමාරට පමණ මා සිහිනයක් දුටිමි. වෙන මොකවත් නොවේ කේන්ද්රකයකි.

ඉතින් සිරිත් ප්රදකාර අවදිවන වේලාවේම වාගේ මෙ සීනය දුටු බැවින් වහාම නැගිට එය ඒ අන්දමට කඩදාසියක සලකුණු කර තබා උදේ කටයුතු කර මේ ඉස්තෝප්පුවේ හාන්සි පුටුව උඩ පත්රලය බලමින් සිටියෙමි. වේලාව අටට පමණ සුනේත්රාේ තවත් ගැහැණු ළමයෙකුත් සමග මේ මගින් යමින් සිටියාය. එදින වැසි සහිත දිනයකි. මේ ගේ ඉදිරිපිටදීම තදින් වැස්ස පටන් ‍ගත් බැවින් සුනේත්රානත් අනිත් ගැහැණු ළමයෙකුත් සමග මේ මගින් යමින් සිටියාය. එදින වැසි සහිත දිනයකි. මේ ගේ ඉදිරිපිටදීම තදින් වැස්ස පටන් ගත් බැවින් සුනේත්රාතත් අනිත් ගැහැණු ළමයාත් ඉස්තෝප්පුවට ගොඩ වදින්නට එන බව දුටු මම අකපාරටම ඔවුන්ට නොපෙණෙන පිණිස ගේ ඇතුළට ගියෙමි. කිසිවෙක් නැති ඉස්තෝප්පුවේ ඒ දෙදෙනා වැස්ස පායන තෙක් ඉන්නා බව දැනුන මම හෙමින්ම එලියට ආවාම සුනේත්රාඒ වැඩියෙනුත් කුඩා ළමයා අඩු වගයෙනුත් කලබල වූහ. ගවුමක් ඇඳ කොන්ඩය ගොතා සිටි මේ සුනේත්රාඩ ලංසි තරුණියෙකැයි මම සිතුවෙමි. එසේත් සිතා බලවත් වැස්ස නිසා යාගත නොහැකිව වුන් ඔවුන් දෙදෙනාට වාඩිවෙන්නට සලස්වා ළමයා අත කිරි තේවතුර වීදුරු දෙකක්ද එවීමි. ඇත්තෙන්ම කිසි පෙරැත්තක් නැතුවම ඔවුහු බී ගත්හ. සුනේත්රාෙ ලංසි තරුණියක යන කල්පනාවෙන් ඇයත් සමග ඉංග්රීබසියෙන් කථා කළෙමි. යන්නේ කොයිබද කියා ඇසුවාම එහායින් තිබෙන ගැහැණු පාසලේ ළමයින්ට අතිරේක වශයෙන් මල් සෑදීම උගන්වනු සඳහා මාසයක්ම යන බවත් - මාසය කෙළව‍රවන්නේ අද බවත් නිතරම යන්නේ අනිත් බැත්තේ තිබෙන පාරෙන් නමුත් අද ඒ පාරේ හන්දියේ මොටෝකාර් ඝට්ටනයක් නිසා මේ ප‍ාරෙන් යන්ට වු බවත් කිවාය. එසේත් කියා තමා ලංසි නොවන බවත්, ඒ විදියට අඳින්නේ එසේ අඳින විට පාසැලට යන ලංසි ළමයෙක් යන අදහසින් වඩා ආරක්ෂාව ලැබෙන බවත් කීවාය. ඉතින් මට මෑ සමග තව දුරටත් කථා කරන්නට සිතුනේය. මාසයක් මල් මහන්නට උගන්වනවාට කීයක් ලැබෙනවාදැයි ඇසුවාම රුපියල් 50 ක් බව කීවාය. ඉතින් එසේ කොතනවත් රක්ෂාවට යන්නේ මව්පිය


සහෝදරාදීන් නැද්දැයි ඇසුවාම මවු ඇරවෙන කිසිවෙක් නැති බවින් ගෞරව ලෙස ලැබෙන කටයුත්තක් කරලා මසකට කීයක්වත් සපයා ගන්නා බවත් කීවාය.

ඉතින් හවස යනකොට මේ පැත්තෙන් එන්ට කැමැතිදැයි ඇසුවාම ටිකක් එහෙමෙහෙ බලන සු‍නේත්රාැට මා බලමින් සිට කනප්පුව උඩ තබා තිබුණු කේන්ද්රබ සටහන් පෙනී බලවත් ඕනෑ කමින් ඒ දෙස බලන්නට විය. ඈ ඉතා ආශාවෙන් එය දෙස බලනවිට - මේ ළමයාගේ නම මොකද කියාත් මම ඇසුවෙමි. ඊටවත් කලින් කළ ඉල්ලීමටවත් පිළිතුරු නොදී ගේතුළ නොයෙක් දේවලුත් මා දෙසත් බලමින් - කඳුලු බරින් බරවූ ඇස් ඇති සුනේත්රාෙගේ වික්ෂිප්ත භාවය ගැන මහත් විමතියට පත් මම හොඳයි, දැන් පාසැලේ වේලාව පසුවෙන්ටත් ආවා. පාසැල ඇරී යන කොට නොව හෙට උදේ මේ පැත්තේ ආවොත් අපට තව ටිකක් කථාබස් කළ හැක. එසේ එතොත් එනකොට කේන්ද්රපයේ පිටපතකුත් රැගෙන ආවොත් යම්කිසි අදහසක්ද ප්රේකාශ කළ හැකියයි ඉංග්රීිසියෙන්ම කීවෙමි. එවිට සුනේත්රාේ එකපාරටම මගේ පා‍ දෙක බදාගෙණ බිම වැටුනාය. මගේ නමත් මගේ කේන්ද්රායත් මහත්මයා ලඟ තිබේ. මා අද ගෙදරින් පිටත්වෙද්දී කරුණාවන්ත මෑණියෝ කවදාවත් හිත රිදෙන වචනයක්වත් නොකියන ‍මගේ කරුණාවන්ත අම්මා “සුනේත්රා උඹ ඔය ගිය ගමන් මෙහාට එන එකක් නැත” කියාත් මට කීවාය, ඉතින් ඒ මොන අදහසකින් - මොන බලයකින් - මොන කරුණක් සඳහා කීවාදැයි සිත සිතා ආ මට එහා ‍පාරේ හන්දියේ සෙනග රැස්වී කාර් හා කරත්ත රාශිභූත වීමෙන් මේ ප‍ාරෙන් එන්නට සිද්ධ විය. ඉතින් බලාපොරොත්තු නුවූ වැස්සක් නිසා මෙහාට ඇතුල් වන්ට විය. මට දීර්ඝ කාලයක් පුරුදු මගේ සංග්රැහයෙන් ප්රීතතියට පත් කරණලද මගේ ස්වාමිපුරුෂයාණන් වන තමුන්නාන්සේත් මෙහි ඉන්නේය. ඉතින් ඒ නිසා දැන් වෙලාව ඉක්ම ගියාය. පාසැලටවත් - මෑණියන් විසින් එපා කරනලද ගෙදර යාමටවත් මම නොකැමැත්තෙමි”යි කීවාම ඇත්තෙන්ම ම‍ගේ හිතට තදබල භයක් හා ලැජ්ජාවක් මා විසින් කරනලද ද? හුදකලාව මෙහි පැමිණි නුඹ මගේ ඇ‍ඟේ එල්ලීගන්ට හදන්නේ කුමක් නිසාදැ”යි කීවාම මගේ හිතේ අමාරුව හොඳින් තේරුම් ගත් සුනේත්රාය ම‍ගේ කකුල් දෙක නිදහස්කොට දෙපා ලඟ වැටී හිඳගෙන “මහත්මයාට භයක් ලැජ්ජාවක් හෝ අලාභයක් හානියක් හෝ කිරීමට මම කිසිසේත් සතුටු නොවෙමි.


තමුන්නාන්සේගේ සැපයත් දියුණුවත් ප්රීීතියත් වර්ධනය කිරීමට මම ඉපිද සිටිමි. මගේ පැමිණීමට ප්ර‍ථමයෙන් තමුන්නාන්සේට මේ මගේ කේන්ද්රපයත් ම‍ගේ නමත් ලැබීම ඒ මගේ කීමට සාක්ෂියකි. අප පදිංචිව ඉන්නා වත්ත ඇතුලු විශාල ඉඩම් හිමි ලොකු ධනවත් කුමාරිහාමි කෙනෙක් තමුන්නාන්සේට සරණපාවා ගන්ට පුළුවන් බව මම දනිමි. ඔවුන් සත්තක ‍ලක්ෂ ගණනක දේවල් දීලා තමුන්නාන්සේ සතුටු නම් ඒ ලක්ෂණ තරුණිය දෙන බව සත්තකය. ඒ එසේ තිබියදී අනාථ වූ අසරණ වූ මා වැනි දුප්පත් කෙල්ලක් විවාහ කරගැනීමට තමුන්නාන්සේ ගෙන් ඉල්ලා සිටින්නේ - එබඳු හපන් කමක් - පරාර්ථයක් - ගුණයක් ධන සම්පත් ආදියට වඩා සලකන්ට තමුන්නාන්සේ දක්ෂයෙක් බව පෙනීමෙන්ම එක පාරටම අවබෝධ වීම නිසාය”යි නිර්භීතව සුනේත්රාෙ කියනකොට මගේ හිතේ දයාවක් ඇතිවී “හොඳයි සුනේත්රා්ගේ කේන්ද්ර‍ය මේක බව දන්නේ කොහොමද? මෙය මට ලැබුනේ කොහොමද කියා කිය හැකිදැ”යි ඇසුවෙමි. එවිට සුනේත්රා ප්රීලති කඳුළු හෙලමින් “මගේ කේන්ද්රදය මට හොඳටම මතකය. තරමක් දුර නක්ෂත්රබයත් දැනගත් මට මගේ කේන්ද්රේය මතක නැති වෙයිද? නමුත් මෙය තමුන්නාන්සේට ලැබුනේ කොහොමදැයි නිසැකවම කියන්ට අමාරුය. එහෙත් තමුන්නාන් සේ ගේත් මගේ අභිවෘද්ධිය අපෙක්ෂා කරමින් ඉන්නා දේවතා කෙනෙකුටත් මේ කේන්ද්රේය ගෙනත් දෙන්ට බැරි කමක් නැත” කියනකොටම මගේ හිත මේ ළමයා අත පණිවුඩයක් යැව්ව මැනවැයි කීවාම - චාර්ලට් නෝනා නුඹ ගොහින් අපේ අම්මාට - එන්ට කියනු මැනවි. ඒ එනකොට මගේ හඳහන ලියා තිබෙන පොතද ගෙණෙන්ට කියනු මැනවැයි කියා ඒ ළමයාට රික්ෂෝ රථයක නැගී යන්නට කීවාය. ඒ අතර මම සුනේත්රාිට කථාකොට සුනේත්රාථ - අම්මා එන්න ප්රනථම ඔය ඉන්නා වේසය වෙනස් කොට ඔසරියක් සහිත සිංහල ඇඳුමෙන් සැරසිය යුතුයයි කිවාම - සතුටු කඳුළු හෙලමින් නැගිට මේ ගෙයි ඇතුල් කාමරයට ගොස් විවෘත කරනලද අල්මාරියේ තිබුණු ඇඳුම් වලින් සැරසුනේය. රත්රන් අභරණ ඇඳීමට ඈ ටිකක් සැක සහිතව සිටි බැවින් ඒවා මගේ ඉල්ලීම නිසා පැළඳ ගත්තාය. ස්වල්ප වේලාවකින් රික්ෂෝ රථයකින් මෑණියෝ ආවාහ. “පුතා ඊයේ මෙහිදී කළ කථාව අසාගෙන උන් මම දියණියට ගෙදර එන්ට නොලැබේය කීවේ මෙහාට එන්ට නොකියා කී කීමකි. නමුත් ඒ පිළිමඳ වචන මාත්රඑයක්වත් නො ඇසූ ඒ මගේ දියණිය ඉබේම මේ කු‍ඩා මන්දිරයට


ආවේ කෙසේද?” යනාදී ප්රී ති වාක්යක කියමින් ඒ මෑණියන්ද “මා වැන්නෙකුට මිස අන්යදයෙකුට මෙබඳු දස්කමක් කළ නොහැක. රුපියල් දෙතුන් ලක්ෂයක දායාදයක් සමග මුදලි කෙනෙකුගේ දියණියක් ප්රනතික්ෂේප කොට අනාථ අසරණ ගැහැණු ළමයෙකු භාර්යා කර ගන්ට සමර්ථ මිනිසුන් ලක්දිව කී දෙනෙක් සිටිත්දැ”යි ඉතාමත් ගැඹුරු අර්ථාන්විත වචන වලින් කියන්ට වූවාය. ඇත්තෙන්ම සුනේත්රාුගේ කේන්ද්රඹය දිගහැර බැලූ විට ඒ වනාහි මා සිහිනෙන් දකිනු ලැබූ එකමය. ඉතින් ලියුම් කෑල්ලක් යවා මගේ මිත්ර යෙකුගේ මොටෝ රථයක් ගෙන්වා හොඳට ඇඳපැළඳ ගත් සුනේත්රාු හා ඇගේ මෑණියනුත් සමග රෙජිස්ට්රාවර් ජනරාල් කන්තෝරුවට ගොස් නීති ප්රගකාර විශේෂ බලපත්රොයකින් සුනේත්රාර සරණ කරගෙන දැන් තුන්මාසයක් ‍ගතවිය. සුනේත්රාර දැකලා පැය තුනක් ඉක්ටමන්ට ප්ර ථම විවාහ කරගත් නමුත් ඇත්තෙන්ම භාර්යාවක් නිසා ප්රී්ති විය හැකි මිනිසුන්ගෙන් මම කාටවත් දෙවෙනි නොවේ”යි විජයසිංහ මහතා කියමින් ස්වකීය බිරින්ද සම්බවීමේ ප්රමවෘත්තිය විස්තර කර දුන්නේය.

13. පර්ච්ඡෙදය[සංස්කරණය]

මේ කථාව අසාවුන් විජයසිංහ නෝනා සිනසී මනමාලයාත් මනමාලිත් දෙදෙනා දැක ඇඳිනගෙන මඟුලුත් ජෝඩු කරගෙන නීති ප්රමකාර කසාදත් බැඳ ස්වාමි භාර්යා බවටත් පැමිණීමට කාලය ගතවූවේ පැය තුණකි. මෙබඳු මංගල්ය්යක් මේ ඇර සිද්ධවුනායයි මම නොසිතමි. අපේ අමරසිංහ මහතාටත් එයාකාරම පූර්ව ජාතියේ ප්රිදය භාර්යාව වූ කෙනෙකු ඉක්මනින්ම ලැබේ යයි බලාපොරොත්තු වෙමි යි සිනාසෙමින් කියා බෙන්ජමින්ට සූදානම් කළ තේවතුර සංග්රොහය තුන්දෙනා සමග භුක්ති විඳ ප්රීසති වූහ. වේලාව දවහල් දෙක හමාර පමණ වූ බැවින් බැන්ජමින් පරීක්ෂා කරන තරුණිය අදම බලන්ට යන්නට ඕනෑයයි සිතා විජයසිංහ මහතාගෙන් හා එම නෝනාගෙන්ද සමුගෙන බැන්ජමින් මහතා යන්ට ගියේය. සිංහල අත් කරත්ත කාරයෙකුගේ කරත්තයකින්ම පිළිවන් හැම තැනකදීම ගමන් කරන බැන්ජමින් මහත්මයා කොටහේනේ පහළ පන්සල අසලවූ තමාට කුරේ අප්පුහාමි විසින් කියනලද වත්තට ගියේය. එසේ ගොස් එහි තිබෙන කුඩා පිරිසිදු ගෙවල් පේලියේ තුන්වෙනි ගෙයි දොරකඩට ගියේ ය. තමා බාලිකා ත්යාුග

ප්ර්දානෝත්සව සභාවේදී දුටු මෑණියන් හා දියනිය එකපාරටම දුටුවේය. තරුණිය එදා සභාවේදී මෙන්ම රන් රිදී ආභරණ කිසිවක් නැතිව සුදුපාට ඔසරියක් ඇඳ සිටියේය. වියලෙන පිණිස කේශ කලාපය විදහාගෙන මවුත් නැන්දනියත් හා තවත් වයස්ගත ස්ත්රිවයකුත් සමග ක්රීිඩා සහගත සිනහදායක කථාවෙන් නිශ්කලංකව උන් ඔවුහු මා දැක එකපාරටම නිශ්චල වූහ. තරුණිය ගේ ඇතුලට ගියහ. ජයසේකර හාමි‍ෙන් බැන්ජමින්ට කථා කොට “සොයන්නේ කවුදැ”යි මෘදු ලෙස ඇසුවාය. බැන්ජමින් දොරකඩට ගොස් “මා සොයන්නේ ජයසේකර හාමිනේගේ ගෙදරයි. මම හිතනවා ඒ ගේ මේකය කියා” කීවාම ඒ හාමිනේ හුනස්නෙන් නැගිට “එන්ට මහත්මයෝ, මේ ඒ ගේ තමයි. එන්ට මේ පුටුව උඩින් වාඩිවෙන්ටය”යි කියා එහි තිබුනු ඉතාම හොඳ පුටුව බැන්ජමින්ට ඉඳගන්ට දුන්නීය. බැන්ජමින් වාඩිගත් හැටියේම එහි සිටි බවලතාද යන්නට ගියාය. ඉතින් වෘද්ධ බවලතුන් දෙදෙනෙකුත් තරුණියත් එහි ඉන්නා බව බැන්ජමින් දැනගෙන “මෙහි මේ ඉන්නා මෑණිවරු දෙදෙනාම මේ ගෙදර උදවිය බව සිතමි. දැන් මෙහි ඉඳලා ගියේ පිට කෙනෙක් බවත් සිතමි”යි බැන්ජමින් කීවාම මහත් දයාවකින් කතාකරන මවු කෙනෙක් මෙන් “ඔවු මහත්මයා, ඒ ගිය තැනැත්තී මේ ගෙවල් පේලියේ එහායින් ඉන්නා කෙනෙකි. ජයසේකර හාමිනේය කියන්නේ මට තමයි. මේ ඉන්නේ මගේ මහත්මයාගේ නැගණිය වන සීලවතී හාමිනේයි. මගේ දියනිය ගෙට ගියේ මහත්මයා ආ නිසා ලැජ්ජාවෙන් නොවේය. ඒ ළමයා ටිකක් දවල් වී වතුරු නෑ බැවින් කොණ්ඩය වේලෙන පිණිස විදාගෙන උන් බැවිනි. හිස පීරාගෙන එනවා ඇති. ඉතින් මහත්මයා කොයි පළාතේ කෙනෙක්දැයි බැන්ජමින්ගෙන් ඇසුවාය. පිරිසිදුවූ දැව භාණ්ඩ ආදියකුත් ඇති කුඩා ගෙයි ඉන්නා මේ තුන්දෙනා ප්‍රීතියෙන් හා සමගියෙන් ඉන්නා අන්දම වැටහී ගියේය. බැන්ජමින් ගෙයි වාඩිවී හරියටම මිනිත්තු දහයක් ගත විය. කුඩා ගේ ඇතුළට වැදුණු තරුණියගේ හැලහොල්මනක්වත් නොමැති බැවින් කො ඉවසිලිවන්තවූ බැන්ජමින් ගෙයින් පිටත්, ගේ ඇතු‍ළත් වරින් වර බැලුවේය.එකෙණෙහිම මනා ලෙස හිස පීරා සුදු ඔසරියකින් සැරසුනු ඒ තරුණිය එක අතකින් වතුර වීදුරුවක්ද අනිත් අතින් කිරි වීදුරුවක්ද රැගෙණ ආයේය. ඈ සමග ඇගේ නැන්දා කුඩා කනප්පුවක්ද ගෙණවුත් බැන්ජමින් ලඟ තබා එහි සුදු ඇතිරිල්ලක්

එලුවාය. තරුණිය බැන්ජමින්ට වතුර වීදුරුවක් පිළිගන්වා ඉක්බිති කිරි වීදුරුවද පිළිගැන්නුවාය. මේ වේලෙහි බැන්ජමින් අමරසිංහ මහතාට සුනන්දාගේ දැකීම කිවීන්ගේ භාෂාවෙන් මිස ප්රලකාශ කිරීම උගහටය. ඒ හෙයින් ලෞකික ප්රීිතියේ කෙළවර වූ කිවීන්ගේ භාෂාවෙන් සැකෙවින් එය දැකිවිය යුතුය.

තෙ ල් ගා විදිසෙ පීරා බඳින ලද සො ‍ඳේ පි ල් බඳු මියුරු දිඟු මුදු වරල බැලු ස ‍ඳේ නි ල් නුඹ පියුම් රා මිණි පැහැති සඳ ලෙ දේ පු ල් රත සරෙව් උවනත පෙණුණේය සෙ දේ

වි ප ත් නෙක පැමිණියෙන් පරමාද වු ණි න මු ත් දැන් සතුටු වනු මැන සුනන් දෙ නී ඇ වි ත් මෙහි ඉඳිමි නුඹෙ අමර මැති මි ණි දෙ නෙ ත් කණට කොඳුරුන්නට ගියා වැ නී

ර න් පැහැ සුනිල් පැහැ දෙවෙනස මන රාම ද න් වන පිණිස බැම ගෙලවට දිසි රෝම පි න් සර සුනන්දා මුතු නො පැළඳි තාම ද න් නා බව දසත් මුතු තතු හැඟ වීම

නැ ත් මිණි මුතු වළලු පළඳින්ට දුප්ප තී අ ත් යුග එහෙත් මල්දම් යුවල සිරි ග තී ව ත් සර බල බලා රැඳි නිසල හස සු තී නෙ ත් සිත් සතුටු පියයුරු බර දරා ග තී

ම ඳ හ ස කෙසරු රස බස් මල් පැනි විපු ලේ ස හ තො ස වත් තඹර පිපි සිරුර පුල් වි ලේ එ ක ලෙ ස වැලිතලා හෙල පුළුලුකුල දු ලේ සෙ නෙ හ ස හිමි ‍ලතාවට තෝ තැන්න තු ලේ

කි වි ය ර සිතන මෙන් මෙලෙසින් සිතක ස ‍ඳේ එ ය ම ර සිංහ අබිදන් මැති තුටු මුහු දේ ප ර තෙ ර නොදැක පිහිණත ගුණවත් සුන දේ අ ව ස ර රැගෙන හිඳගති ලඟ සුනක සෙ දේ

බැන්ජමින් අතට දෙන වතුර වීදුරුව තවමත් අතේ තබා ගෙණ තමා තවමත් නිසැක ලෙස පුද්ගලික නාමය නොදන්නා තරුණ


ජයසේකර නෝනා කුඩා පුටුවක් පිට වාඩිගත් පසු “ඉතින් නෝනා මේ වතුර වීදුරුව කුමක් පිණිස දෙන ලද්දේදැ”යි ඇසුයේය. කාරණය භාරදූර ලෙස විමසන්ට යන බව වැටහුනු සුනන්දා එකපාරටම ඒ මහත්මයාගේ මුඛය පවිත්රභ කරගෙණ ඉක්බිති කිරි ටික පානය කරණ ලෙස පිළි ගැන්නුවෙමි යි කීවාය. වතුරෙන් මුඛය නොසෝදාම කිරි ටික පානය කළොත් වරදක් වේදැයි බැන්ජමින් මහතා ඇසුයේය. “ඔව් සමහර විට විෂ මුඛයේ හෝ තොල්වල තිබුනොත් එයින් ශරීර සනීපයට බාධා විය හැක. පුරාණ කාලයේ ධර්ම ශාස්ත්රා දිය හොඳින් උගත් අපේ පැරණි ජනයා ආහාර පානාදියක් පිළිගන්ට ප්ර්ථම පිරිසිදු වතුර බඳුනක් පිළිගන්වන්ට පුරුදුකර තිබෙන්නේ මේ මනුෂ්ය් ශරීරය පිළිබඳ සනීපාරක්ෂාවට ප්ර ධාන කාරණයක් හෙයිනැ”යි සුනන්දා ගෞරව සහිතව කීවාය. එයින් තෘප්තියට පත් බැන්ජමින් වතුර වීදුරුවෙන් මුඛය සෝදාගෙණ තමාට පිළිගන්වන ලද කිරි වීදුරුව ඉතාමත් සතුටින් පානය කෙළේය. බැන්ජමින්ගේ ජීවිත කාලයේදීම පානය කරණ ලද ඉතාමත් මධුර පානයද මෙය වී යයි ඔහුට වැටහුනේය. මෙවිට වේලාව සවස තුනාමාරට පමණ විය. සුනන්දාට හා බැන්ජමින්ට සතුටු දෙයක් කථා කර ගන්ට ඉඩදෙන පිණිස සුනන්ද‍ාගේ මෑනියන් සහ නැන්දනියත් ඒ කුඩා ගෙයි පිටිපස්සට ගිය හ. ඉක්බිති සුනන්දා හා බැන්ජමින් අතර මේ කථා ඇති විය.

බැන්ජමින් - නෝනාගේ පුද්ගලික නාමය මම නො දනිමි - මට එය දැනගන්ට ඇත්නම් පළමුකොටම මම කැමැත්තෙමි.

සුනන්දා - මම නම් මහතාණන්ගේ පුද්ගලික නාමයත් ගොත්රයනාමයත් දනිමි. මගේ පුද්ගලික නාමය “සුනන්දා”ය.

බැන්ජමින් - සුනන්දා නෝනා මගේ නාමය දැනගත්තේ කොහොමද - කාගෙන්ද?

සුනන්දා - ඒ නාමය දැනගත් අන්දමත් ඒ දැනුම් දුන් අය ගැනත් නැවත කියන්නෙමි. කරුණාකර ඊට අවසර දුන මැනවි.

බැන්ජමින් - සුනන්දා නෝනා සම්බවීමට මීට මාස 4 කට පමණ ඉස්සර උත්සාහ කළෙමි. නමුත් බලවත් කරදර රාශියක් නිසා නොහැකි විය. දැන් මගේ පැමිණීම ගැන විරුද්ධ නැති බව මා පිළිගත් අන්දමිනුත් කරණ ලද සංග්රිහ වලිනුත් පෙනේ. සුනන්දා නෝනා මීට ප්ර ථම මා දැක තිබේ ද?.

සුනන්දා - ඔවු. අන්තිම වරට ‍බෞද්ධ බාලිකා ප්ර‍තිපත්ති වර්ධන


සමිතියේ ත්යාේග ප්රුදානෝත්සවයේදී දුටුවෙමි.

බැන්ජමින් - ඊට පෙරත් මා දැක තිබේ ද?.

සුනන්දා - නිතරම දකිමින් සිටියෙමි. ඒ මීට අවුරුදු 24 කට වාගේ ඉස්සර |

බැන්ජමින් - (පුදුමව) ලෝකයේ අද්භූත ධර්මත් තිබේ. මා ඉපදී අවුරුදු 23 කට වඩා නැතැයි සිතමි. ඉතින් අවුරුදු 24 කට ප්ර්ථම දැක්කේ කෙලෙස දැයි තේරුම් ගැනීම දුෂ්කරය.

සුනන්දා - නමුත් එබඳු දුෂ්කර කරුනුත් යොනිසොමනයි කාරයෙන් කල්පනා කරන විට සමහර විට වැටහෙන්ට පුළුවන.

බැන්ජමින් - හොඳයි, එය තේරුම් ගැනීමට උත්සාහ කරන්නෙමි. දැන් මා පැමිණි කාරණය කුමක් ද කියා සුනන්දා නෝනාට නිකම් සැක සහිතවත් කියන්ට පිළිවන් ද?.

සුනන්දා - මට කොහොත්ම සැක නැතිව කියන්ට පිළිවනි. නමුත් ඒ පැමිණීමේ අදහස කිව යුත්තා අසරණ සුනන්දා නොව මහත්මයාමය.

බැන්ජමින් - සුනන්දා නෝනාව බැලීමට මා පැමිණියේ අදහස් කීපයක් පිටය. එදා සභාවේදී තරුණ නෝනාවරු කීප දෙනෙක් කථා කළහ. සුනන්දා නෝනාටද කථා කිරීමට යයි නෝනාවරු කීප දෙනෙක් අයදුම් කරද්දී එසේ කථා නොකළේ මන්ද කියා දැන ගැනීමත් මට උවමනා කරුණු වලින් එකකි.

සුනන්දා - බිම බලාගෙන සිනහසෙමින් - ඒ කාරණය ඒ තරම්ම දැන ‍ගැනීමට අවශ්යද එකක් නොවන බව මට හැ‍ඟෙනවා. එදා මා ඒ සභාවේ කථා කරන්ට තරම් ශක්තිමත් නොවූවා පමණක් නොව එහිදී කථාකළ විජයසිංහ මහතා‍ගේ කථාවට පසු කථා කිරීම ඒ වැදගත් ප්රළයෝජනවත් කථාව කෙළෙසීම පමණක් වන බැවින් ප්ර සිද්ධ සභාවක කථා කිරීමට මගේ දක්ෂ කමක් පුරුද්දක් නැති බැවින් තමුන්නාන්සේද ඒ සභාවේ සිටි නිසාය.

බැන්ජමින් - මම ඒ සභාවේ සිටියා ඇයි?

සුනන්දා - බාග වේලාවට කථා කිරීම නිසා යම්කිසි ප්ර සිද්ධියකට පැමිණීම නිසා මට හිරිහැර වන්ට ඉඩ ඇති බැවිනි.

බැන්ජමින් - හොඳයි මා ඒ ස්භාකවේ සිටීම සුනන්දා නෝනාගේ කථාවට බාධාවක් වන්ට හේතුව කුමක්ද?

සුනන්දා - ඒ කුමක්ද කියා දැන්මම මගෙන් ප්රමශ්න නොකරණ මෙන් ඉල්ලා සිටිමි. ඉතින් මහත්මයා ඉතාමත් කරදර මහන්සි විඳගෙන මා සොයා ගෙණ ආ කාරණය පළමුවෙන් මට කීවොත් එයින් පාඩුවක් හෝ අවනම්බුවක් වේද?.

බැන්ජමින් - මොනවද සුනන්දා බෙර්ලියන්තු දියමන්ති ‍ආදී මැණික් වර්ග සොයා ගෙන යුරෝපා ඇමෙරිකා ආදී රටවල මිනිසුන් ගිරි දුර්ගි වන දුර්ගාදියෙන් හා මිනීකන මනුෂ්යට තිරිසනුන්ගෙන් යුත් අප්රි කාවේ ඉතාමත් ඈත පළාත්වලට පවා යති. ඒ එසේ නම් ඊට වඩා වටිනා අගනා වස්තුවක් සොයා ගෙන කොළඹ වැනි ප්රයසිද්ධ නගරයක එක් පෙදෙසකට පැමිණීම පුදුම ද?.

සුනන්දා - ඉතින් තමුන්නාන්සේ මා දැකීමෙන් හෙවත් මා ඉන්නා ස්ථානය සොයා ගැනීමෙන් ඒ බලාපොරොත්තු වූ වස්තුව ලැබේය කියා හිතනවා ද?.

බැන්ජමින් - ඇත්තෙන්ම මට කිසි සැකක් නැත. මේ ජීවිතයේදී අප දෙන්නා අන්යොමන්යල වශයෙන් මීට පෙර දක්නා ලද්දේ එක දවසක් නමුත් - ඊට අවුරුදු 24 කට පමණ ප්රීථම නිතරම දැක්ක බව සුනන්දා නෝනා මීට ඉස්සරින් කීවාය. ඉතින් එබඳු කෙනෙකුගෙන් යමක් - ගර්හිත නොවන - අයුත්තක් අධර්මයක් නොවන යමක් බලාපොරොත්තුව ආවිට ඒ නොලැබේ යයි කොහොම සිතම් ද?.

සුනන්දා - (කඳුලෙන් බරවූ ඇස් ඇති සුනන්දා) මගේ නපුරු කාලය දිනෙන් දිනම වැඩිනූනා නම් මීට මාස පහකට හයකට ඉස්සර තමුන්නාන්සේගේ බලාපොරොත්තුව ඉෂ්ට වනු නිසැකය. නමුත් එක් අතකට ප්ර්මාදයත් - සංසාර ස්වභාවය තේරුම් ගැනීමට ආධාරවන හෙයින් ඒත් හොඳය. දැන් රාත්රිායට නවතින්නේ කොයිබදැයි දැන ගන්ට කැමතිය.

බැන්ජමින් - මොකද සුනන්දා නෝනා දැන් වෙලාව හතරාමාරයි රාත්රිැයේ නැවතීම ගැන දැන්මම ප්ර ශ්න කළේ කුමක් නිසා ද? මා කොළඹ පැමිණි විට නවතින්නේ පිටකොටුවේ..... හෝටලයේය. හොඳයි, මා අවසර ඉල්වතොත් මෙහ නවතින්ට ඉඩ දිය නොහැකි ද?.

සුනන්දා - ඒ හෝටලේ හෝ මරදා‍නේ විජයසිංහ මහතුන්ගේ නිවසේ හෝ නවතින බව මම දනිමි. නමුත් ඒ ගැන ඇසුවේ මෙහි


නවතින්ට සතුටු වේ කියා බලන පිණිසයි.

බැන්ජමින් - හොඳයි, සුනන්දා නෝනා වැනි අවිවාහක තරුණියක් ඉන්නා මෙබඳු කුඩා ගෙයක මා වැනි තරුණයෙක් රාත්රි යක් නැවතුනොත් අහල පහල උදවිය කුමක් සිතත් ද?.

සුනන්දා - ඔවුහු කුමක් හිතුවත් මට කමක් නැහැ. තමුන්නාන්සේ බලාපොරොත්තු වූ දේවල් ලබා‍ ගැනීමට නම් අද රාත්රිත මෙහි නවතින්ට ඕනෑ බව ඒකන්තය. නැතහොත් ඒ බලාපොරොත්තුව තවත් දිනකට - එනම් අනිද්දා වනතුරු ප්රහමාද විය හැක.

බැන්ජමින් - සුනන්දා නෝනා කියන්නේ මගේ බලාපොරොත්තුවද?. නැතහොත් සුනන්දා නෝනාගේ බලාපොරොත්තුවද ?

සුනන්දා - (ටිකක් සිනහ මුසුව) දෙන්නාගේම බලාපොරොත්තුව ?

බැන්ජමින් - (සිනහ සෙමින්) සුනන්දා නෝනාගේ අදහස් ඉතාමත් ගුප්ත බව පෙනේ. ටිකක් පැහැදිලි වන ලෙස හිතේ පවත්නා බලවත් රහස කියන්ට |

සුනන්දා - (එකපාරටම හුනස්නෙන් නැගිට බැන්ජමින්ගේ දෙපා ලඟ වැටී) මා පරීක්ෂා කිරීමටත් කොයි එකටත් පැමිණියේ අදමයි. අදම ඒ උවමනාව පරීක්ෂා කිරීමටවත් මතක් නොකරන්නේ අසරණ නූගත් මගෙන් වරදක් ගන්ට ද? කියමින් අඬන්ට පටන් ගත්තේය.

බැන්ජමින් - සුනන්දා නෝනා මෝඩ වෙන්ටත් - නොඉසිලිවන්ත වෙන්ටත් එපා. සුනන්දා නෝනා ගැන මගේ යම්කිසි අදහසක් පවතිතොත් ඒ කියන්ට හෝ ඒ අතේ ක්රි්යාකරන්ට ප්රිථම සුනන්දා නෝනා ලඟ තිබෙන “චින්තා මාණික්යයය” මට පෙන්වනු මැනවි.

සුනන්දා - (සුනන්දා අස්වැසී නැවතත් ධෛර්යව) මා වැනි අනාථ ස්ත්රි්යකට චින්තා මාණින්යේ රත්නයක් අයිති විය හැකිද? එසේ නම් මේ හිඟන පැලේ මේ අන්දමට දුඃඛිතව කුමට කල්ගත කරමි ද?.

බැන්ජමින් - චින්තා මාණික්ය රත්නයක් තිබුනත් හැම වෙලේම කෙනෙකුට සැප සම්පත් ලබන්ට බැරිය. සමහර මිනිසුන්ට චින්තා මාණික්යත රත්නයක් ලැබුණත් තිරිවානා ගල්කැටයකින් ලැබෙන ප්රුයෝජනවත් නොලැබී නිෂ්ඵල වන බව මා අසා තිබේ. ඉතින් සුනන්දා නෝනාගේ චින්තා මාණික්යව රත්නයේ


ප්ර්යෝජනය ගැනීමට දැන් කාලය පැමිණ තිබේ. ඒ හෙයින් මට ඒ චින්තා මාණික්යෝය පෙන්වන්ට.

සුනන්දා - හොඳයි මම තමුන්නාන්සේට එය පෙන්වන්නෙමි. එහි තිබෙන සියල්ලම ඉෂ්ට කරන්නෙහිද?. නැතහොත් ඊට මට දෙන සතුටු පඬුර කුමක් ද?.

බැන්ජමින් - ඇත්තෙන්ම එය චින්තා මාණික්ය රත්නයක් නම් ඒ එසේම මටත් වැටහුනොත් එහි කියා තිබෙන සියල්ලක් ඉෂ්ට කරන්නෙමි. නැතහොත් සුනන්දා නෝනාට දැන් අවශ්ය්යෙන් උවමනාකර තිබෙන තෑග්ග දෙන්නෙමි.

සුනන්දා - (පෙම්වතකු දෙස ප්රේනමාදරයකින් බලන්නාක් මෙන් බලා) මෙහි තිබෙන චින්තා මාණික්ය(ය නම් මා පමණකි. ඉතින් උවමනානම් මා රැගෙන යන්ට.

බැන්ජමින් - ඔව් ඒක තමයි සුනන්දා නෝනා චින්තා මාණික්යව රත්නයක් බවට කර තිබෙන සහතිකය මට පෙන්වන්ට, එය හැබෑ සහතිකයක් බවට වැටහුනොත් සුනන්දා නෝනා රැගෙන යන්නෙමි.

සුනන්දා - මට එබඳු සහතිකයක් තිබෙන බව තමුන්නාන්සේ දැන ගත්තේ කොහොමද? මට සමාවෙලා එය කියන්ට.

බැන්ජමින් - හොඳයි. මගේ පුද්ගලික නාමයත් පරම්පරාගත නාමයත් සුනන්ද නෝනා දැන ගත්තේ කොහොම ද? ඒ ගැන අහන්නට එපා යයි මගෙන් අවසර ලබාගෙණ මා දැනගත් දේ විස්තර කරන්නට කීම යුතුද?.

සුනන්දා - ඔව් මා ‍කළේ අයුත්තකි - මට සමාවෙන්ට. මම ඒ සහතික පත්රකය දෙන්නෙමි. අද රාත්රිේ මෙහි නැවතී අපේ මේ පුංචි පැලේ නැවතී අප විසින් කරන්ට යෙදෙන දුප්පත් සංග්ර‍හයත් පිළිගෙණ මගේ ඒ සහතික ‍එලිවෙන්ට ප්රෙථම කියවා නිම කරන්නෙහි නම් ඒ සහතිකය දියයුත්තා වන එකම සුදුස්සා වන මහත්මයාට දෙන්නෙමි. හැබැයි කිසිම කරුණක් නිසාවත් ඒ සහතික පත්ර යේ මුල සිට අග දක්වා පිළිවෙලට නොකියවා එහෙන් මෙහෙන් නොබැලිය යුතුයි දියා සුනන්දා ඔවුන්ගේ කුඩා කාමරයට ගියාය. එසේ ගොහින් රසවත් ලෙස පිළියෙල කළ ‍කෝපි කෝප්පයක්ද බැන්ජමින්ට ගෙනත් දී ඇඳ ගෙන වුන් යුරෝපීය ඇඳුම් මාරු කොට ඇඳ ගැනීමට සුදු රෙද්දක් ගෙනත් දුන්නාය.


බැන්ජමින්ට ටිකක් බිය සැක සහිත වූ නමුත් තමා බලාපොරොත්තු වන සුනන්දාගේ ලියමන තවත් සුනන්දා කෙනෙකු අතට ලැබී තිබෙන බැවින් කෙතරම් විපතක් වුනත් එය කියවා සුනන්දා ගෙනත් දුන් රෙද්දත් ඇඳගෙණ ඔහුගේ ඇඳුම් පැත්තකින් තිබුණු පුටුව උඩ තබා සුනන්දාගේ මධුර වු කෝපි කෝප්පය පානය කොට සුනන්දා එළියට එනතුරු නො ඉවසිලි වන්තව උන්නේය. වේලාව හයට ලඟාවිය. සුනන්දා මිනිත්තු පහකින් එලියට අවුත් දීර්ඝ කාලයක් පලපුරුදු දාසි භාර්යාවක් මෙන් බැන්ජමින් ලඟට අවුත් මෙසේ කීය. “බුද්ධාන්කුර වූ පින්වත් මහතාණන්ට අගෞරව කරන්නෙමි යයි මොහොතකටවත් නොසිතුව බැනවි. අපේ ගෙදර තිබෙන කුඩා කාමරය අද මහත්මයාට පවරමි. අම්මාත් නැන්දත් මමත් මේ සාලය කෑල්ලේ නිදා ගන්නෙමු. මගේ චින්තා මාණික්ය් රත්නය නමැති සහතික පත්ර්ය ඒ කාමරයේ තිබෙන කුඩා සෝපාවේ සයනව කරමින් බැළුව මැනවි. ඒ අතර අපි රාත්රීක කෑම පිළියෙල කරන්නෙමු”යි සුනන්දා ඉතා යටහත් භාවයෙන් බැන්ජමින් සමග කාමරය ඇතුළට ගොස් එහි පිරිසිදු ලෙස පිළියෙල කර තිබුන සෝපාවේ වාඩි ගන්ට සලස්වා ඉටිපන්දමක්ද පත්තු කොට කුඩා කනප්පුවක් උඩ තබා ඇගේ ජීවිතය මෙන් ආරක්ෂා කරමින් තිබුණු සුනන්දා ඇර වෙන කිසිවෙකුගේ ඇසින් මේ තාක් නොදකින ලද බැන්ජමින්ගේ නෑනා වන ගුණවත් සුනන්දාගේ ලියමන බැන්ජමින් අතට දුන්නාය. ඇත්තෙන්ම බැන්ජමින්ට ඒ දීමනාව සතර මහා නිධානය දුන්නාක් මෙන් හැඟුනේය. එහෙත් ඔහුගේ හිතේ අට ගත් බලවත් ප්රේ්මය සුනන්දාට නොපෙනෙණ ලෙස ආවරණය කරන්ට සමර්ථව ඇගේ වැදගත් ලියවිල්ල කිවයන්නට පටන් ගත්තේය.


14. පරිච්ඡෙදය[සංස්කරණය]

“නමෝ බුද්ධාය”

කරුණාවන්ත සුනන්දා, මග හොඳට තිබේ නම් යන්ට දෑසත් පෙනේ නම් කිම බැදිවල යන්නේ මං මුලාවූ එකෙක් සේ මිහිරි දිය තිබේ නම පැන් කැමැත්තෙක්ද වී නම් මිරිඟුවට දුවන්නේ ඇයි මුලාවෙන් මුවෙක් සේ.

යන මේ ප්රදශස්ත කියමන අ‍පේම පණ්ඩිතයෙකු විසින් ප්රේකාශකොට තිබේ. මා විසින් මේ ලියමන ලියන්නේ ඉතාමත් සංවේග දායක තිබේ. මා විසින් මේ ලියමන ලියන්නේ ඉතාමත් සංවේග දායක අවස්ථාවක ඉඳගෙනයි. තමන්ටම යමකින් ප්රියෝජන ගන්නට බැරි නම් අන්යකයන්ට වත් ඒ ප්ර්යෝජන ගන්නට සැලස්වීම උත්තමයන්ගේ ප්ර වෙනි ධර්මයෙකි. මගේ මේ ලියමනෙන් මගේ ජීවිතය හා සමාන සුමිතුරිය වන සුනන්දාට ප්ර්යෝජන ලැබේ යයි මගේ ඒකාන්ත විශ්වාසයයි. මගදී හොරුන් විසින් මරණු ලබන බව දුටු තථාගතයන් වහන්සේ ඡත්ත මානවක නම් සංගීතඥයා සම්යරක් දෘෂ්ටි ගන්වනු පිණිස ගව් ගණනක් හුදකලාව වැඩමකර තිබේ. අනන්ත අප්ර්මාන සත්වයන්ට නිර්වාන අමෘතය දුන් ලෝකනාථයන් වහන්සේ එකම පුද්ගලයෙකුට යහපතක් සලස්වන්නට ඉඩ ඇති බවක් දුටු තැනදීත් - ඒ ලඝු වැඩකැයි නොළකා - ඉතා දුර බැහැර පවා වැ‍ඩම කොට ඒ එකම පුද්ගලයා යටත් පිරිසෙයින් සම්යාක් දෘෂ්ටි ගතයෙක්වත් කර තිබේ. කිසිවෙකුගේ අයදුමක් ආරාධනයක් නැතිව හුදු ලෝකානුකම්පාවෙන්ම සූවිසි අසංඛ්යක කල්ප ලක්ෂයක් මනෝ වාක් නියත යන ත්රිගවිධ අවස්ථාවකදී සමත්රිං සත් පාරමී ධර්මයන් පුරා, සම්මා සම්බුද්ධත්වය ලබා දිව්යා බ්ර්හ්මාදී පින්වත් සත්වයන්ට අමාමහ නිවන් සැප පෙන්වා දුන් මහොත්තමයන් වහන්සේ බුදුව වැඩහුන් හතලිස් පස් වර්ෂය තුළ නිරර්ථකයේ එක මොහෙ‍ාතක්වත් ගත නොකළා පමණක් නොව පරාර්ථය පිණිස වැඩ නොකළ එකද දවසක් නැති බව ඒ ලෝකනාථයන් වහන්සේගේ උතුම් ජීවිත කථාව කියවන අයට වැටහේ. ඉතින් උන්වහන්සේගේ සරණ ගිය අප විසින් යටත් පිරිසෙන් මුළු ජීවිත කාලය තුළදී එකම පරාර්ථදායි සත්ක්රිඅයාවක් වත් කළ යුතු නොවේද? එබඳු සත් ක්රිකයා කිරීමටද හැම පුද්ගලයන්ටම එක අන්දමට නොහැක. සමහරෙක් ධන සම්පත් පරිත්යාකග කිරීමෙන්ද, සමහරෙක් ශරීර ශක්තියෙන්ද, ලෝකයාට වැඩ කරති. ඉතින් සුමිතුරිය,


මට මුලින් කී කිසිවක් නැත. එහෙත් පසුගිය අවුරුදු දහය තුළ ඉගෙණ ගත්තා වූ ධර්ම ශාස්ත්රාිනුගත මාහැගි කරුණු ස්වල්පය මම සුනන්දාට පරිත්යාමග කරන්නෙමි. තමහට වැඩ කැමැති සත්ගුණවත් සිංහල ස්ත්රිනයකගේ විලාසයෙන් ඒ මා කියන ධර්මානුකූලවූ ද ශාස්ත්රාතනුකූල වූ ද කරුණු වලින් සුනන්දාත් ප්රායෝජනගෙන තවත් තමහට වැ‍ඩ කැමැති සිංහලයන්ටත් එයින් ප්ර්යෝජන ගන්නට සැලැස්විය යුතුයි. මගේ ජීවිත කථාවත් සුනන්දාට ලබාගත හැකි වාසනාවන්ත ජීවිත කාලයත් මගේ මේ ලිපියේ අන්තිමේ සඳහන් වේ. නමුත් මේ ලිපිය මා ලියා තිබෙන අන්දමට ක්රිමයෙන් පිළිවෙලට නොකියෙවුවොත් ඒ අන්තිම කොටස පමණක් ඉක්මණින් කියවා බලන්ට ගියොත් එබන්දෙකුට මේ ලියවිල්ල කිසි පලක් නැති රස විරහිත එකක් බව සලකා කෙතරම් ‍අමාරුවෙන්වත් මුල සිට අග දක්වා යථා ක්ර මයෙන් කියවා බැලිය යුතුයි. උක් ගසක මුල සිට කන තැනැත්තාට ඒ උක් ගසෙන් බාගයක්වත් කන්නට නොහැක්කේය. මක්නිසාද ඉතාමත් අධිකව රස තිබෙන්නේ උක්ගසේ මුල් කොටසේ බැවින්ය. එතැන් පටන් පුරුකක් පාසා පැණි රස අඩු බැවින් මුලම කොටස කෑ අයට තමන්ගේ පිපාසය සංසනොසිඳුනත් මුලසිට උක්ගස කන්ටත් ප්රටථම එය අප්රිසය වේ. නමුත් අග සිට කන්ට පටන්ගත් අයට නිසැකවම මුල දක්වා කෑමට රුචියක් ඇති වන බැවින් තමන්ට උවමන තරම්ම උක් පැණි බී පිපාසයත් සංසිඳුවා ගෙන තෘප්තියට ද පැමිණිය හැක්කේ ය. පොත්පතේ හෙවත් ලියවිල්ලේ අග කොටස උක්ගසක අග කොටසත් ඒ සමානය. මක්නිසාද? පොතක් ලිවීමේදී ඒ ආරම්භයම නිසා කර්තෘගේ අදහස යථා ක්රනමයෙන් දැක්වෙන හෙයින් සම්පූර්ණ රසය අන්තිම කෙළවරේදී ප්රාකාශ වන හෙයිනුත්ය. දැන් සුනන්දා මහන්සි නොබලා මගේ ලියමනේ මුල පටන් අග දක්වා ක්රවමයෙන් වඩ වඩා ආශාවෙන් හා ඕනෑ කමින් පිටත් පාසා කියවිය යුතුය. එවිට මෙලොවත් පරලොවත් දෙකට උවමනා කරණ සියල්ලම මෙයින් ලබාගත හැක. යහපතත් සැපතත් බල බලාම අයහපතත් දුකත් ලබා ගන්න පවුකාරයන්ට කළ හැකි සංග්රතහයක් නැත්තේය. එබැවින් මුළු සිංහල සෙනඟටම මගේ මේ ලිපිය ප්රපයෝජන නොවෙතත් මඳක්වත් පින් ඇතියන්ට ප්රඟයෝජන වන බැවින් මෙහි අවසානයේ නම සඳහන් තැනැත්තා ලවා මෙය මුද්රමණය කරවා සිංහලයන් අතර ප්රනසිද්ධකර හරිනු ලැබේයයි ද සතුටින් බලාපොරොත්තු වනු ලැබේ.


මනුෂ්යො ජීවිතය[සංස්කරණය]

මනුෂ්යො ජීවිතය පිළිබඳව සාමාන්ය‍ දැනීමක් වත් නැති කෙනෙකුට ඒ ජීවිතය සුදුසු අන්දමට පවත්වා ගැණීමට හෝ ඒ ජීවිතයෙන් යහපතක් කරගැණීමට හෝ නොහැක්කේය. ව්යාං ජන පිසින හැටි හොඳින් නොදන්නේ නම් කවදාවත් එය රසවත් අන්දමට පිසන්නට බැරිය. ව්යාංැජනය පිසීමට ගන්නා එළවලු වර්ගය (අපි හිතමු පතෝලය කියා) පතෝල කරල උවමනාවට වඩා මෝරලා නම් නැතහොත් උවමනාවට වඩා ලපටි නම් එය රසවත් නොවන බව, ඒ පිසන තැනැත්තිය දැනගත යුතුය. එය සුද්ධ කරණ හැටිත්, කපන හැටිත්, සෝදන හැටිත් හොඳින් දැනගත යුතුය. ඉක්බිති ඊට යොදන අනිත් ද්ර්ව්යඒ එනම්, කහ, දුරු ආදිය සමග අඹරණ ලද මිරිස්ද රතු ලූනු කරපිංච කොළ ආදී උපකරණද පොල්කිරි ද ලුණු ආදිය උවමනා තරමට යොදා එය පිරිසිදු ඇතිලියක බහා උවමනා තරම් සැර ගි‍න්නේ උවමනා තරම් තම්බා, ඉක්බිති මිටිකිරිද යොදා ඊට පසත් මිශ්රා කළයුතු සුවඳ වහනය වන පස්කුළු බඩු බැද සාදාගත් කුඩුද ඉස දෙහි ඇඹුල්ද යොදා, සුදුසු වේලාවක් නිවෙන්ට ඇර ඉන්පසු බතුත් අන්ය ව්යං්ජනත් සමග අනුභව කළවිට ශරීරයට සැප දායක වේ. දිවටද රස දැනේ. එයින් ප්රීොතියද ගෙනදේ. ඒ නිසා ඒ පිසීම හොඳින් දන්නා ස්ත්රිරය ඒ ඒ දව්යඑ වලින් ගත යුතු ප්රේයෝජනය හොඳින් ගත් බව කිය යුතුය. පතෝල කරල හැදෙන හැටිත්, ඊට හේතුවත්, එහි අඩංගු ජලය, සීනි පිටි මාංස ආදියත් ඊට යොදන පොල්කිරි, මිරිස් කුළුබඩු දෙහි අඹුල් ආදිය තැනෙන හැටිත් ඒවා හට ගන්නා දෙශ ගුණය හා පළාතුත් ඒව‍ායේ තිබෙන ජල, සීනි, පිටි මාංස ආදී විස්තරත් සාමාන්යායෙන් හැමදෙන්ම නොදනිති. රසායනාදී ශාස්ත්රං උගත් ජනයාම පමණක් දනියි. ඒ එසේද උවත් දුටු පුරුද්දෙන් පතෝල ව්යංතජනයක් හොඳින් උයන්ට දත් ස්ත්රීැහු බොහෝ වෙති. නමුත් ඒ ව්යංෝජනයේ අඩු පාඩු කිසිත් නැතිව පිළියෙල කිරීමට නොදන්නා ස්ත්රීුන්ගේ ගණන ඒ දන්නා අයට වඩා බොහොමත් වැඩිය. ඉතින් දුටු පුරුද්දෙන් හා කළ පුරුද්දෙන් ඒ ව්යංොජනය පිසතත් ඒ ඒ පළාත්වලදීමද වශයෙන් වෙනස් වශයෙනි. නමුත් මේ පතෝල කරලේ පටන් ඒ සඳහා ගන්නා ද්රනව්යෙවල උත්පත්තියෙත්, එහි අඩංගු ධාතු ගුණත්, ඒ ධාතු සංයෝග වීමෙන් ඇතිවන ගුණයත්, ඒ ධාතු ගුණත්, ඒ ධාතු සංයෝග වීමෙන් ඇතිවන ගුණයත්, ඒ ධාතු සංයෝග වන හැටි හා එයින් ඇතිවන දුරුගුණත්, ඒ පතෝල ව්යං ජනය නිසා ඒ අනුභව කරණ

ශරීරයට වැඩි වන රස මස් තෙල් ආදී ද්ර9ව්ය,ත් යන ආදී සියල්ලක්ම ශාස්ත්රාැනුකූලව හෝ ධර්මානුකූලව යම් ස්ත්රි යකට දැන ගන්ට පිළිවන් නම් ඇත්තෙන්ම ඒ ස්ත්රිාය කළ පුරුද්දෙන් හෝ දුටු පුරුද්දෙන් පමණක් ඒ ව්යංෙජනය පිසන ස්ත්රිළයට වඩා හොඳින් ඒ කටයුත්ත කරන්නිමය.

මනුෂ්ය් ජීවිතය සම්බන්ධයෙන් මීටත් වඩා කිය යුතුය. තමා උපදින නොහොත් ඒ පළාතේ ඉන්නා අනිත් මිනිසුන්ගේ ගතිගුණ චාරිත්රය ආදියට අනුවම ස්වකීය ජීවිතය ගත කිරීම සිරිතකි. නමුත් හැම පළාත්වලම හෙවත් හැම ජන සමාජවලම ඒ එක සමාන නොවෙයි. ශිෂ්ටාචාරය. අශිෂ්ටාචාරය, මඳක් ශිෂ්ටාචාරය, ධනවත්ය, නිර්ධනය ආදී වශයෙන් ඉන්නා විවිධ ජන සමාජවල පැවැත්මද විවිධව පවතී. ඒ හෙයින් මනුෂ්ය් ජීවිතයත් - මනුෂ්යැ ජීවිතය පිළිබඳ සමුපූර්ණ තත්වයත් දන්නා උදවිය කෙබඳු ජන සමාජයක ගැවසුනත් ඔවුන්ට මනුෂ්ය් ආත්මයෙන් ගත යුතු ප්රයයෝජන ගැණීමට කිසිම බාධාවක් නොවේ. පැන් ඇති මුහුදු ගංගා ආදී ජලාශයකින් සිදුරු නැති ඉතාමත් විශාල භාජනයක් හෝ ඉතාමත් කුඩා භාජනයක් හෝ පුරා පැන් ගෙණ ඒමට පිළිවන්වාක් මෙනි. නමුත් මනුෂ්යඩයා පිළිබඳ තො‍රතුරු ධර්ම ශාස්ත්රාිනුසාරයෙන් නොදත් කිසිවෙකුටත් - කෙතරම් උසස් ජන සමාජයක සිටියත් ඔවුන්ට මනුෂ්යනත්වයේ හෙවත් මනුෂ්යඩ ජීවිතයේ නියම ප්රකයෝජනය ගන්ට නොලැබේ. අනිත් අතට ඒ මනුෂ්යමත් වශයෙන් හෙවත් මනුෂ්ය ජීවිතයෙන් මහත් අවැඩක් කිසිවෙකුටත් කිය නොහැකි තරම් මහත් අවැඩ්ත් සිද්ධ කරගන්ටද පිළිවන. ඉන්නිසා මනුෂ්යි ජීවිතයේ පටන් ගැන්මේ සිටම අන්තිම දක්වා සියලු තොරතුරු හොඳින් දැන ගැනීම මනුෂ්ය ත්ව යේ ප්රසයෝජන ලබන්ට සතුටු කාගේත් යුතුකමකි. මනුෂ්යමයාගේ පටන් ගැන්මේ සිට ජීවිත අවසානය දක්වා ක්රි්යා පටිපාටියත් - මනුෂ්යම ශරීරයේ සම්පූර්ණ විස්තරයත් - මනුෂ්යට ජීවිතය මෙන්ම සමහර කරුණුවලදී පුරුෂයන්ටත් වඩා අවශ්යි වශයෙන් ස්ත්රී‍න් විසින් ද දැනගත යුතුය.

පටන් ගැන්ම[සංස්කරණය]

මනුෂ්යැ ජීවිතය ඉතාමත්ම දුකසේ අමාරුවෙන් ලැබිය යුත්තකි. දැනට මනුෂ්යැ ලෝකයේ ඉන්නා මිනිසුන් සියලු දෙනාටම වඩා අක්කර කාලක් හරියේ ඉන්නා තිරිසන්ගත සත්වමයන්, එනම් මැසි මදුරු කුරු

කුහුඹු ආදී සතුන් අධික බව පෙනේ. මේ මනුෂ්ය් ලෝකේම ඉන්නා තිරිසන්ගත සත්වයන් ජලයේ ඉන්නා මත්ස්යාෙදී සත්වේයනුත් සමග සලකා බලන විට ඒ සත්වයන් සියක් කෝටියට එක මනුෂ්යි සත්වයෙකු තැබුවොත් මිනිසුන් මදවේ - තිරිසනුන් වැඩිවේ. ඉතින් තිරිසන් ආදී සත්වයන්ව ඉපදීමට වඩා මනුෂ්ය්යන්ව ඉපදීම අතිශයින් දුෂ්කර බව අපටම හොඳින් වැටහේ. මෙසේ වීමට හේතුව කවරේ ද? ඉපදීම ස්වකීය කර්මය නිසාම සිද්ධවන්නක් බැවිනි. මනුෂ්යේ ආදී සියලුම සතුන් පිළිබඳව පවත්නා ප්රදධාන කොටස හිත වේ. නොයෙක් පණ්ඩිතයන් හා ආගම් කර්තෘවරුන් ලෝකයේ කෙතරම් උපන් නමුත් සම්මා සමුබුද්ධ තථාගතයන් වහන්සේ නමකට මිස ඒ මනුෂ්යාකදී සත්වයන්ගේ හිත පිළිබඳ විස්තරයක් වෙන කිසිවෙකුට කළ නොහැක්කේය. ඉතින් ඒ උතුම් සර්වඥයන් වහන්සේගේ ධර්මය පවතින කාලයේ ඉපිද ඒ ධර්මය අසා තේරුම් ගත හැකි පුද්ගලයන්ට මිස ඒ ධර්මයෙන්ද ප්රඒයෝජනයක් නැත්තේය. ඒ නිසාම ලෝකයත්, ලෝක සත්වයාත්, ඔවුන්ගේ ගති ගුණ පැවැත්මාදියත් අචින්ත්යන බව සර්වඥයන් වහන්සේ ප්රසකාශකොට වදාළේය. මනුෂ්යම ආදී කොයිම සත්වයෙක් වුවත් චුතවන විට ඔහු තුළ සිතිවිල්ලක් පහළවේ. ඒ සිතට චුති චිත්තය යි කියති. චිත්ත විභාගය අභිධර්මය උගත් පණ්ඩිතයෙකු ආශ්රදය කොටම ඉගෙණ ගත යුත්තකි. නමුත් මනුෂ්ය ලෝකයේ ඉපදීම පිළිබඳව කරණු කියන්නට උවමනා බැවින් කාමාවචර හෙවත් දිව්යත මනුෂ්යප තිරිසන් ‍ආදී කාමලෝකයේ උපදින සත්වයන් පිළිබඳ උත්පත්ති ක්ර්මය දැන ගැණීමට චිත්ත භේදය අවශ්යඋයෙන්ම දැන ගත යුතුය. සත්වයාට ලෝභය මුල්ව සිත් අටක්ද, ද්වේෂය මුල්ව සිත් දෙකක්ද, මෝහය මුල්ව සිත් දෙකක්ද, යන මහා අකුසල් සිත් දොළසක්ද, ඇතිවේ. එසේම උපෙක්ෂා, සහගත චක්ෂුර් විඥානය ආදී අකුසල විපාක සිත් අටක්ද, උපෙක්ෂා සහගත පංචද්රාවර්ජන සිත ආදී අහේතුක ක්රිපයා සිත් තුනක්ද යනුවෙන් අශෝභන සිත් හෙවත් අකුසල සිත් 30 ක්ද, සොම්නස් සහගත ඥාන සම්ප්ර යුක්ත අසංස්කාරික සිත ආදීකොට ඇති කාමාවචර කුසල් සිත් අටක්ද, සහේතුක කාමාවචර මහා විපාක සිත් අටක්ද, සහෙතුක කාමාවචර මහා ක්රි්යා සිත් අටක්ද යනුවෙන් කුසල් සිත් 24 ක් ඇතිවේ. ඉතින් මේ අකුසල් හෝ කුසල් සිත් අටගන්නා හැටි ධර්ම ධරයෙකු ගෙන්ම අසා දැනගත යුතුය. මෙහිදී අප විසින් දක්වන්ට අදහස් කළේ මරණ මොහොතේදී අකුසල් සිතක් ඇතිවූ තැනැත්තාට තිරිසන් අපායදී සතර අපායේ උත්පත්තියත්


කාමාවචර කුසල් සිතක් ඇතිවු තැනැත්තාට දිව්යි මනුෂ්යාඅදී උතුම් උත්පත්තියක් ඇතිවන බවත් පෙන්වීමටය. ඉතින් එයිනුත් සොම්නස් සහගත ඥාන සම්ප්රවයුක්ත අසංකාරිකය කියන ත්රිඑහේතුක කුසල චින්තයෙන් ප්රිතිසන්ධිය ගන්නා දෙවියෙක් හෝ මනුෂ්යරයෙක් වූවිට වංශවත් ධනවත් මහේශාක්යු භාවයෙන් හා ඥානයෙන්ද රූප ලක්ෂණයෙන්ද උසස්ව ද, ද්විහේතුක කුසල චිත්තයෙන් උපදින තැනැත්තා කුල ධන ගුණ නුවණ ආදියෙන් මධ්යවමව දියුණු විය හැකියෙක්ව ඉපදීම සිද්ධවන්නේය. අකුසල් සිත් කරණ කොට ගෙණ ඇස් කන් නාසාදී අංග විකලත්වයෙන් යුත් දුඃඛිත මනුෂ්යෙයෙක්ව උපදින්නේය. තිරිසන් ආදී අපායවල උපදින සත්වයන්ට නැවත නැවතත් අපායවලම උපදින්ට සිද්ධ වන බැවින් සම්යවක්දෘෂ්ටික නොවන මනුෂ්යනයන්ට නැවත ඉපදීම ඉතාමත් දුෂ්කරය. එබැවින් තිරිසන් අපායවල වසන සතුන්ගේ සංඛ්යාපව අධිකවත් මනුෂ්යු ලෝකයේ උපදින්නන්ගේ සංඛ්යාිව අඩුවත් පවතී. එපමණක් නොව ඒ මනුෂ්ය් ලෝකයේ උපන් අය අතරෙන් සම්යසක් දෘෂ්ටිය නොපවතින රටවල උපදින ඉතාමත් බලතර පින්වන්තයන් පවා මරණින් පසු තිරිසන් ආදී අපායවලම බොහෝ සේ උපදින බැවින් මනුෂ්යාවත්මය ලබා නො පිහිටි තැනැත්තෙකුට කාමාවචර ත්රිවහේතුකාදී කුසල චිත්තයන් අට නොගන්නා බැවින්ය. බෞද්ධාගම නො අදහන සියලු දෙනාම මිථ්යා්දෘෂ්ටිය යයි නොසිතිය යුතුයි. මක්නිසාද සම්යදක් දෘෂ්ටිය තුන් ආකාර බැවිනි. (1) කම්මස්සකතා සම්මාදිට්ඨිය (2) දස වත්ටුක සම්මාදිටිඨිය (3) වතුසච්ච සම්මාදිට්ඨියයි තුන් වැදෑරුම් වෙති. එයින් -

1 වෙනි කම්මස්සකතා සම්ය්ක් දෘෂ්ටිය නම් - සියලු සත්වයන්ම තම තමන් විසින් තුන්දොරින් කරණ ලද කුසලා කුසල කර්ම රාශියම ඒකාන්තයෙන් අනන්ත කල්ප ගණන් මුළුල්ලේ තමාට සැප දුක් පිණිස පිහිට වන්නේයයි කර්මය කෙරෙහි පවත්නා ඥානය එක සම්යසක් දෘෂ්ටියක් වේ.

2 දස චත්ටුක සම්මාදිට්ඨිය නම් - කාරණා දසයක් පිළිබඳව පවත්නා ඥානය වේ. එනම් (1) දන්දීමෙන් විපාක තිබෙනවාය (2) යාග වශයෙන් පවත් වන යහපත් උත්සව වලින් වැඩ සිද්ධවෙනවාය (3) හෝම වශයෙන් පවත්වන යහපත් උත්සව වලින් විපාක තිබෙනවාය. (4) හොඳ කළොත් හොඳ විපාකත් නරක කළොත් නරක විපාකත් සිද්ධවෙනවාය. (5) මෑණියන්ට කරණ


සංග්රවහයෙන් ඉෂ්ට විපාක ලැබෙනවාය. (6) පියාණන්ට කරණ සංග්රවහයෙන් ඉෂ්ට විපාක ලැබෙනවාය. (‍7) මිනිස් ඇසකින් නොදැක්ක හැකි ඔපපාතික දිව්ය ප්රේලතාදී සත්වයන් ඉන්නවාය. (8) මිනිස් ලෝකය ඇරත් දිව්යව බ්රේහ්ම ආදී ලෝක තිබෙනවාය. (9) මරණින් මතු නොඅනුමානවම උත්පත්තියක් තිබෙනවාය. (10) සකල ක්ලේෂයන් නසා දිව්යම බ්ර්හ්මාදීන්ට අනුශාසනා කළහැකි බුදු පසේ බුදු මහ රහත් ආදී උත්තමයන් ලෝකේ සිටිනවාය - යන මේ කාරණා දශය ගැන පවත්නා ඥානය ද සම්යනක් දෘෂ්ටිය නම් වේ.

3 චතුස්සත්යා සම්ය්ක් දෘෂ්ටිය නම් - දුක්ඛ සත්යතය, සමුදය සත්යදය, නිරොධ සත්ය ය, දුක්ඛ නිරොධ ගාමිනී පටිපදාර්ය සත්යවය, යන ලෝකෝත්තර තථාගතයන් වහන්සේ ස්වයම්භූ ඥානයෙන් දැන වදාළ උතුම් චතුරාර්ය සත්යස දැනගත හැකි ඥානය යනුවෙන් ඇතිවන මේ ත්රි්විධ ඥානයට ත්රිතවිධ සම්යතක් දෘෂ්ටිය යයි කියති. යටත් පිරිසෙන් මේ ත්රිනවිධ සම්යට දෘෂ්ටියෙන් එකක් වත් නොලබාපු පව් කරණ මනුෂ්ය.යාට සහේතුක කාමාවචර කුසල් සිතක් ඇති නොවන බැවින් එබඳු අයට මනුෂ්ය දිව්ය් ආදී උතුම් තත්වයක උපදින්ට නොලැබේ.

ලදරුවෙක් මවු කුස උපදින කළ ඒ මවත් - ඒ මව ආශ්රවය කරණ පියාත් ශරීරයෙන් හා සිතෙන්ද යම් තරම් පිරිසිදු ද උසස් ද ඒ තරම්ම උසස් මහේශාක්ය පින්වත් දරුවෙකු ඒ මව් කුසේයේ අටගණී. කලින් දුක්වූ සොම්නස් සහගත ඥාන සම්ප්රෙයුක්ත අසංස්කාරික යයි කියන ත්රිනහේතුක කුසල චිත්තයෙන් පිළිසිඳ ගන්නා පින්වත් දරුවෙක් හෝ සොම්නස් සහගත ඥාන සම්ප්රෙයුක්ත සසංස්කාරික යයි කියන ද්විහේතුක කුසල චිත්තයෙන් ප්රනතිසන්ධිය ගන්නා දරුවෙක් - පස් පවෙන් එකක්වත් කරණ - අපිරිසිදු අඥාන මවක කුසේ කවදාවත් පිළිසිඳ නොගන්නා බැවිනි. තවද උදාර ගුණ සම්පන්න පියෙකුත් නොවී නම් - ත්රිබහේතුක දිවිහේතුක කුසල චිත්තයෙන් ප්ර තිසන්ධිය ගන්නා දරු‍වෙක් නො එන්නේය. පින්වත් මහේශාක්ය ගුණ යුත් දරුවන් ලැබීමට කුමක් කට යුතුදැයි දුටුගැමුණු කුමාරොත්පත්තියෙනුත් මහා පරාක්ර්මබාහු උත්පත්තියෙනුත් තේරුම් ගත යුතුය. කාවන්තිස්ස මහ රජතුමා තිස්සමහා විහාරය, සිතුල්පව්ව, ගම්ඨවාලිය, කුටාලිය යන ආදීවූ විහාරයන් කරවා රත්නත්රිය කෙරෙහි ප්රවසන්න සිතින් හැම කල්හිම සංඝයාට උපස්ථාන ‍කළේය. එකල්හි කොටගල නම් විහාරයෙහි

ශීලයෙන් හා භාවනාවෙන් යුක්ත වූ හැම කල්හිම විවිධ පුණ්ය කර්ම කරන්නාවූ සාමණේර කෙනෙක් විසුයේය. ඒ තෙමේ අහස් සෑ මිදුලට සුඛාරෝහණය පිණිස හිනි තුනක් හා පාසාන භලකයක් ද‍ තුබුයේය. පැන් දන් දුන්නේය. සංඝයාට වතාවත්ද ‍කළේය. ක්ලාන්තවූ දේහ ඇති ඔහුට මහත් ආබාධයක් විය. කෘතඥතා ගුණයෙහි තත්පරවූ භක්ෂූකහු සිටි ‍ගෙයකින් ඔහු ගෙණවුන් තිස්සමහාරාමයෙහි සීලාපස්ස පිරිවෙනෙහි නවත්වා ගෙණ උපස්ථාන ‍කළාහුය. කාවන්තිස්ස රජුගේ බිසෝ වන විහාර මහා දේවී තොමෝ කායාදීන් සංයම ඇත්තී මනාකොට සකස් කළ දානය රජගෙයිදී මහා සංඝයාට දී සවස් භාගයෙහි සුවඳ මල් බෙහෙත්ද පිළිස ගෙන්වා ගෙන ආරාමයට ගොස් භික්ෂූයන්ට පිළිගන්වා සුදුසු පරිදි සත්කාර කළාය.

මහතෙරුන් වහන්සේ දේවීන්ට ධර්ම දේශනා කරමින් “එම්බා දේවීනි. තී විසින් මහත් සම්පත් ලබන ලද්දේ පෙර කරණ ලද පින්කම් බලයෙන්ය. දැනුදු අප්රහමාදව පින්නම් කරවයි” කීයේය. එවිට දේවීන් “ස්වාමිනි, අපට මොන සම්පත්තියක්ද පුත්රා දුහිතෘන් නැති අපට සැපක් නැතැ” යි කීවාය එබස් ඇසූ ෂට් අභිඥාලාභී ඒ මහා රහතන් වහන්සේ දිව්යප ඥානයෙන් දේවියට පුත්ර ලාභයක් ඇත්තේ දැයි බලා වදාරා එසේ ඇති බැව් දැන දේවීනි “දැන් මෙහි මරණාසන්නව වුන් තෙරණුන් වහන්සේ වෙත පැමිණ, ස්වාමීනි, අපගේ සම්පත් මහත්ය. එබැවින් අපේ පුත්රද භාවය අපේක්ෂා කළ මැනවැ”යි අයදින්ට කීවාය. තෙරණුවන් වහන්සේ ඊට කැමති නොවූ බව දැනගත් දේවී තොමෝ ලක්ෂයණ වූ සුගන්ධ වහනය වන මල් රාශියක් ගෙන්වා මරණා සන්නවූ ‍තෙරණුන් ඉදිරියේදී විශාල බුද්ධ පූජාවක්ද පවත්වා නැවත ආරාධනය කළාය. ඒ සාමනේරයන් වහන්සේ දෙවෙනි වරද සතුටු නොවීය. ඉක්බිති ශ්රළද්ධා ප්ර ඥාදි උතුම් ගුණයෙන් යුත් විහාර මහ දේවී අනර්ඝ බෙහෙත් ද්ර්ව්යා හා පිරිකරද නැවතත් සංඝයාට පූජාකොට නැවතද ඒ හෙරණුන් වහන්සේට ආරාධනය කළාය. එවිට ඒ සාමනේරයන් වහන්සේ ඒ රාජ දෙවිය ගේ කුසෙහි පිළිසිඳීමට කැමති වූසේක. බිසවුන් වහන්සේ විහාරනේ නික්ම රාජ රථයෙන් ගමන් කරද්දීම ඒ සාමනේරයන් වහන්සේ චුතව විහාර මහා දේවියගේ කුසෙහි පිළිසිඳ ගත්තේය. මහත් තේජසින් හා පුණ්ය බලයෙන් යුත් දුටුගැමුණු කුමාරයාණන් පිළිසිඳ ගැණීම පුණ්යත බලයෙන් යුත් දුටුගැමුණු කුමාරයා‍ණන් පිළිසිඳ ගැණීම පුණ්යග බලය නිසාම සිද්ධවූවක් බවත් ඒ උත්තමයා ත්රිදහෙතුක කාමාවචර කුසල චිත්තයෙන්ම ප්රණතිසන්ධිය ගත් බවත් දැන් සුනන්දාට අවබෝධ වේයයි මට නිසැකය. මෙසේම මහා පරාක්ර්මබාහු කුමාරයාණන්ගේ උත්පත්තියද සිද්ධවූ බව සැලකිය යුතුය.

මාණාභරණ හෙවත් වීරබාහු කුමාරයා මහ ඈපාණන්ගේ ප්රියය දේවී වන රත්නාවලී කුමාරිය මිත්රාු නම් වූද ප්රපභාවතී නම් වූද දියනිවරුන් දෙදෙනෙකු ලැබූ පසු වීරබාහු ඈපානන්ට මෙබඳු සිතිවිල්ලක් ඇතිවිය. “ලෝවැස්සන් විසින් සම්මත කරණ ලද සියලු රාජ කුලයන්ට උතුම් වූ පරිසුද්ධ චන්ද්ර වංශයෙහි උපන්නා වූ අපි සහෝදරයන් තිදෙන (ජයබාහු, සිරිවල්ලභ සහ වීරබාහු) නානාවිධ ශිල්ප ශාස්ත්රම උගත්තෙමු. එසේද වුවත් අපි තිදෙනාම වික්රහමබාහු රජුට පැරදී පරිභවයට පැමිණියම්හ. ඒ කිලුට විශොධනය කිරීමට තරම් සමර්ථවූ පුත්ර යෙකුගේ පහළවීමකුත් නොපෙනේ. අනේ අපි පින් තැන්තම්හ. ජනයාගේ අපකීර්තියෙන් කිලිටිවූ මේ රජ සැපෙන් කම් නැතැයි රජ සැප හැර සීල සංරත්ෂනයෙහි යෙදී වාසය කරමි” යි තමන්ගේ කුඩා රටෙහි (මාගම්) කටයුතු ඇමැතියන්ට භාරකොට වීරබාහු කුමාරයා මාසයක් පමණ පන්සමලෙහිම ඉඳිමින් දාන ශීලාදී පින්කම් කෙළේය. උත්තමවූ පින්වත් පුත්රලයකු නොලැබීමෙන් කල කිරුණු වීරබාහු කුමාරයා එක් රාත්රිෙයක උදේ යාමයෙහි සූර්ය මණ්ඩලය සේ තේජසින් බබලන දිව්යය රජයකු දුටුවේය. ඒ දිව්ය රාජයා සිහිනෙන් පෙනී “පින්වත ප්රයශන්න වෙව, පුණ්යෙ ලක්ෂණයෙන් සමුර්ධව අභිමතාර්ථ සාධකවූ ශික්ෂිතවූ ලෝකාභ්යයන්තරයෙහි පතළාවූ තේජස් හා පරාක්රරමයෙන් හා ආඥා බලයෙන් හා යමෝකීර්තියෙන් බබලන්නාවූ ලොව සසුන් දියුණුවෙහි යෙදෙන සුළුවූ පුත්ර රත්නයක් වැඩි කල් යන්ට ප්රරථම තොපට ලැබෙන්නේය”යි කීවේය. මේ සිහිනය දැකීමෙන් ප්ර මුදිතවූ රජතුමා නැවත මාලිගාවට පැමිණ ස්වකීය මෙහෙසියත් සමග විවිධ පුණ්යැ ක්රි යාවන්හි නියුක්තව වාසය කරණ කල පරාක්රිමබාහු කුමාරයා රත්නාවලී දේවීන් කුස පිළිසිඳ ගත්තේය. දිව්යම ලෝකයෙන් චුතව ත්රි හෙතුක කාමාවචර කුසල චිත්තයෙන් පිළිසිඳගත් කුමාරයා මව්පියන්ගේ දානමානාදී පුණ්ය කර්ම සලකා උපන් බව මෙයින් නිරවශේෂ වශයෙන් සුනන්දාට වැටහුනාට අනුමාන නැත. පින්වත් උතුම් පුත්රශ, දූහිතෲන් ලැබීමට පිරිසිදු පැවතුම් හා උසස් ගුණවත් භාවය මවුපියන්ට ඇතිවිය යුතුය. මක්නිසාද? ත්රිසහෙතුක කාමාවතර කුසල චිත්තයෙන් ප්රපතිසන්ධිය ගන්නා පින්වත් සත්වයා ඉඩඇති හැම තැනදීම දසවිධ පුණ්යෙයෙහි නියුක්ත ත්රිරවිධ සම්යනක් දෘෂ්ටියෙන් එකක්වත් ඇති මව්පියන්ම සොයා ‍උපදින බැවිනි.

සතුන් මැරීම, සොරකම, පරදාර සේවනය, බොරුකීම හා සුරාපානයයි කියන ගර්හිත පස් පවෙන් එකක්වත් කරණ අපිරිසුදු පියෙකු කරණකොටගෙණ එබඳු මවක කුස උපදින ත්රි හේතුක ද්විහේතුක හෝ කුසල චින්තයෙන් ප්රුතිසන්ධිය ගන්නා සත්වයන් ඉතා විරල වෙති. මත්පැන් බීමාදී දුශ්චරිතයෙන් නියුක්ත තැනැත්තාගේ ශරීරයද අතිශයින් රෝග සහිත විෂ ශරීරයකි. ඉතින් එබඳු ලෙඩ රෝග උරුමකර ගැණීමට පින්වත් සත්වයෙකුට කිසිසේත් ඉඩ නැත. ශාරීරික ධර්ම විද්යාකවේ අන්දමට පියාටත් වඩා මවු ඉතාමත් පිරිසිදු උසස් ප්ර්තිපත්තිකාමී කෙනෙක් නොවූවොත් කවදාවත් ඒ ගෘහයෙහි උත්තම දරුවෙක් නූපදී.

දරුවාට පියාගේ ලෙය, හැඩ හුරුකම් ආදිය හිමිවන නමුත් ඥානය, මොල ධාතුව, සිතිවිලි ආදී සියුම් දේ සියල්ලක්ම මවු නිසාම ඇතිවන බව සැලකිය යුතුය. මවු ගැබ අටගත් දරුවා නව මස් පසළොස් දිනක් එහිම වාසය කෙරේ. ප්රකතිසන්ධියට පෙර රක්ෂාකළ උතුම් ප්රනතිපත්ති සලකා ගෙණ ත්රිදහේතුක හෝ ද්විහේතුක කුසල චිත්තයෙන් පිළිසිඳගත් පින්වත් සත්වයෙක් වුවත් ගැබ් දැරීමේ පටන් යථා විධියෙන් පිළිනොපැද්දාවූ මවු නිසා ඒ පින්වත් දරුවාද පහත් තත්වයට වැටෙන්ට බැරිකමක් නැත. එබැවින් ගැබිනියක් විසින් විශේසයෙන් පිළිපැදිය යුතු අණපණත් රාශියක් ඇත්තේය.

01. අධික මෛථුන සේවනයෙන් වැළකීය යුතුය. 02. අධික ලෙස වෙහෙසෙන වැඩපල නොකළ යුතුය. 03. තද එනු ඇඹුල් ඇති රළු - ඉක්මණින් දිරවිය නොහැකි ආහාර නොගත යුතුය. 04. දහවල් නිදා නොගත යුතුය. 05. භයවීමෙන්, ශෝකවීමෙන්, වැළපීමෙන්, ඇඬීමෙන් හා සිත් තැවුලෙන් තුරන් විය යුතුය. 06. නිරහාරව නොසිටිය යුතුය. හෙවත් සැපවත් සැහැල්ලු ආහාර නියම වේලාවෙහිදී ප්රීනතියෙන් ගත යුතුය. 07. විරෑප දේවල්, භය උපදින දේවල් දැකීම, මෝහය, ලොභ, ද්වේෂ අටගැණීමට හේතුවන කථාන්තර ඇසීම පොත පත කියවීම අත්හැර දැමිය යුතුය. 08. කෝපවීම - තරහවීම සමුපූර්ණයෙන් වළකා ගත යුතුය. 576 චින්තා මාණික්යහ රත්නය

09. වෙහෙසන දුර ගමන් බිමන් යාමෙන් වැළකිය යුතුය. 10. අනතුරු දායක - අමාරුවෙන් යායුතු පාරක හෝ ඒ දඬු ආදියේ ගමන් නොකළ යුතුය. 11. ආගම ප්රදතිපත්ති පිරීමේ අධික ආශාවක් ඇතිකොට නිතරම ප්ර්තිපත්ති පිරිය යුතුය. 12. මිහිරි තූර්යනාදට හා වැඩදායක අවවාද නිතර ඇසිය යුතුය 13. ලක්ෂණ දේවල් හා වික්රවමයන්ත ගුණවත් උතුමන්ගේ ප්රරතිරූප බැලිය යුතුය. 14. ස්වකීය හිතත් වචනයත් ශරීර‍යත් දමනය කර ගත යුතුය. 15. ප්රීීතියෙන්, සිනහවෙන්, සතුටෙන් හැම වේලේම විසිය යුතුය.

	මේ කාරණා පසළොස ගර්භණීව ඉන්නා සියලුම ස්ත්රීනන් විසින් පිළිපැසදිය යුතු ව්යගවස්ථා වෙති.

විශේෂයෙන් සැලකිය යුතු කාරණයක් නම් - ගර්භස්ථ ළදරුවා මවුගේ ආස්වාස ප්රසශ්වාසයෙන් ජීවත්වන බැවින්ද ඒ මෑනියන්ගේ හෘදය වස්තුවට ආසන්නව පිහිටි නළයක් ළදරුවාගේ හිසේ තෙල්වලේ බැඳීමෙන් ඒ ආධාරයෙන් ආස්වාස ප්රාළශ්වාස කරණ බැවින්ද මවු හිතන සිතිවිලි සියල්ලක්ම ඒ ලපටි දරුවාගේ මොලේ රන්ධ්රගවල පිරෙන්නා හ. උසස්, උදාර, නිවැරදි, තේජවන්ත, පින්වත් සම්යරක් සිතිවිලි නිතරම හිතන මවු කෙනෙකුගේ ගර්හස්ත ලදරුවාගේ මොලේ එබඳු උදාර සිතිවිලිත් - පරහිංසා පරවම්භන උඩඟු නොහික්මුණු, අසත්යි, හීන, කාමුක, ආදී පහත් සිතිවිලි නිතරම සිතන මවු කෙනෙකුගේ ගර්භස්ථ ලදරුවාගේ මොලේ රන්ධ්ර, (කුඩා සිදුරු) වල ඒ පහත් සිතිවිලි වැඩී ගොස් ඒ අනුව ඔහුගේ චරිතයද හැඩ ගැසෙන්නේය. මේ නිසා ප්රිතිපත්තිධර උතුම් ස්ත්රිියක්ම වුවත් ගර්භනී කාලයේදී විශේෂයෙන් පිරිසිදු පැවැත්මෙන්ද - පිරිසිදු වචනයෙන්ද - පිරිසිදු සිතිවිලිවලින්ද යුක්තවිය යුතුය.

මනුෂ්යද ජීවිතයේ ලපටි කාලය[සංස්කරණය]

  	ධර්මය, අර්ථය කාමය, මොක්ෂය යන සතර සම්පත්තිය ලැබීම මනුෂ්යය ආත්මයේ අදහස වේ. මේ සතර යථා ක්රනමයෙන් මිස මොක්ෂය, කාමය, අර්ථය, ධර්මය, ලැබිය හැකි නොවේ. එබැවින් ලපටි කාලේදී මෑනියන් හා පියාණන්ද ආචාර්යවරයන්ද විසින් පුරුදුකර වන්නාවූ ද උද්ග්රබහණය කරවන්නාවූද ධර්ම ශාස්ත්රර දෙක්හි ස්ථිරව පිහිටිය යුතුය.


ඉතා අඩු වශයෙන් අවුරුදු දහ අටක් ඉගෙණ ගත යුතුය. ඒ ඉගෙණ ගන්නා කාලය තුළ අත්ථය කාමය හා මොක්ෂය කියන අනිත් ත්රි විධ සම්පත් භුක්ති විඳීමට උත්සාහ නොකළ යුතුය. ධර්මයත් ශාස්ත්රියත් දෙකටම සම්බන්ධ කොට මේ කොටස ප්රකකාශ කරනු ලැබේ. මව්පියන්ගේ සුචරිතය - ප්රබතිපත්ති ගුණය කුඩා දරුවාට ලැබෙන පළමුවෙනි ඉගෙණීම වේ. පංචවිධ දුශ්චරිතයෙන් වැලකුණු, උදේ සවස ආගම් අදහන, සැර පරුෂ වචන නොකියන, අනුන් හෙලා තලා කථා නොකරණ, පරාර්ථදායි සත්ක්රිොයාවල නිරත වන, දාන සීලාදී කුසල් කරණ මව්පියන් නිසා කුඩා දරුවාට අනායාසයෙන්ම ඒ සත්ක්රිායා පුරුදු වේ. ඊට බලවත් ඇල්මක් ඇති වේ. අවුරුදු පහකින් පමණ ශාස්ත්ර් ඉගෙණීමට ආරම්භ කරන විටත් දරුවා මව්පියන් නිසා ධර්මයෙහි පිහිටියෙක් වන්නේය. ශික්ෂිත ගුණවත් ආචාරිය වරයෙකු යටතේ අක්ෂර ශික්ෂාව පුරුදු කරණ දරුවාට ඒ ඒ ශිල්ප ශාස්ත්රාණදියත් ඉගෙණ ගන්නා ගමන් ධර්මයම රක්ෂා කරන්නෙක් විමට සැලැස්විය යුතුය. පාප මිත්රා‍ සේවනය හා නින්දිත කාමුක ක්රි්යාදියෙහි යෙදෙන තරුණ ජනයාගේ ආශ්රතය සම්පූර්ණයෙන් වලක්වා ගත යුතුය.

අලසො මන්ද බුද්ධිශ්ව දුඛිතො ව්යාුධි පීඩිතඃ නිද්රා ලුඃ කාමුකශ්වෙති ෂඩෙතෙ ශාස්ත්රා වර්ජිතා

ශාස්ත්රාය ඉගෙණීමට නොහැකි සයදෙනෙක් ලෝකයේ සිටිති. ඒ සදෙනා මව් පියන්ගේ වරදින්ම නොදැනුම් කමින්ම ඇති බව සාමාන්යජ වශයෙන් කිය යුතු නමුත් පාප මිත්රන සේවනයට හා වයසට නොහොබනා කාමුක ගතිවලට වැටුන අය බවත් ඒ හෙයින්ම සතර අපායෙන් චුතව අවුත් උපන් පාපීන් බවත් කිය හැක. අලස අයත්, නුවණ නැති අයත්, බොහෝ සැප කැමති අයත්, ලෙඩ රෝග බහුල අයත්, කාමුක අයත් යන මේ සදෙනාට හෙවත් ඒ ගති ගුණ ඇති ළමයින්ට උගන්වන්ට උත්සාහ කිරීම නිශ්ඵල බැවින් ඔවුන් ‍සඳහා කරණ වියදම වඩා ප්රනයෝජන වත් කටයුත්තක යෙදවීම මවු පියන්ගේ යුතුකමකි.

ගැහැණු ලමයින්ට අවුරුදු 18 වන තුරුත් පිරිමි ළමයින්ට අවුරුදු 22 හේ 24 වනතුරුත් ධර්ම ශාස්ත්රු හා ශිල්ප කර්මාන්ත ආදිය ඉගැන්විය යුතුය. මේ කාලය තුළ ‍ඔවුහු බ්ර හ්මචාරි තපස් වරයන් මෙන් කාමුක ක්රිැයාවකින් තබා කාමුක හිතකින්වත් යුක්ත විය යුතු


නොවෙත්. ධනය සෙවීමත් කම් සැපත ගැන කල්පනා කිරීමත් මේ ලපටි කාලය අතිශයින්ම අවැඩ දායකය. ඉගෙණීමට වත්කම නැති අසරණ දූ දරුවන්ට කටයුතු කර්මාන්ත කරන්ට මේ ලපටි කාලයේදී සිද්ධවුනත් ධර්මයෙහිම නියුක්ත තපස්වරයන් මෙන් ඔවුන්ගේ ලපටි වයස ගත කිරීමට යෙදවීමත්, ඉන් ඉක්බිති ධන රැස් කිරීඹට හා තමන්ගේ ප්රයමාණයට පිරිමහින තරම් ධන රැස් කර ගත් පසු කාම සම්පත් විඳීමට පටන් ගැණීමත්, අවුරුදු 60 ක් ඉකුත්වූ පසු ඒ කාමභොගි ගතියෙන් සමුපුර්ණයෙන්ම ඉවත්ව පරලොව වැඩ සඳහා මුළු කාලය ගත කිරීමත් මනුෂ්යප ආත්මයේ පිරිසිදු නීරාකූල ප්ර යෝජන ලැබීමට අසහාය මාර්ගය බවත් සැලකිය යුතුය. පරලොව වැඩ සඳහා ලපටි කාලයේ පටන් පින් දහම් කිරීම යුතු නමුත් ලපටි කාළේ කාම සේවනය සුදුසු නොවේ. එසේම ධනය සපයා ගන්නා කාලේද - අවුරුදු 60 ක් පමණ වයස් ගතවූ කාලේද කම් සැපත විෂයක් හා සමාන බව සැලකිය යුතුය. අවුරුදු 18 ක් පමණ ධර්මවාදී ආධුනිකයෙක්වත් - අවුරුදු පහක් හයක් විශේෂයෙන්ම ධන සපයන්නෙක්වත් - අවුරුදු 30 ක් පමණ කාම භොගියෙක්ව පස්කම් සැප විඳින්නෙක්වත් - අවුරුදු දහයක් පහළවක් බ්රිහ්මචාරී තපස් වරයෙක්වත් - විසීමට නියම මනුෂ්ය ජීවිතය අනියම් එනම් - අවුරුදු දහය පහළොවේදී කාමාතුරයෙක් වීමට ක්රිුයා කළොත් නියම කල්යල් යන්ට මත්තෙන් ඉදවන්ට පරිශ්රුම යෙදු ඵගයක් කුණුවී නරක්වී විරසවි යන්නාක් මෙන්ම මනුෂ්යප ශරීරයද දුරුවවල, අසාරව, බෙලහීනව, අල්පායුෂ්කව විනාශවනු ඒකාන්තය. මනුෂ්යු ජීවිතයේ පරමාර්ථය ධර්ම, අර්ථ කාම, මොක්ෂ යන සතර සම්පත්තිය යථා ක්රුමයෙන් ලැබීමට නිවැරදිවූ සාරවූ ඉගෙණීමකුත් - කල්යාසණ මිත්රර සේවනයත් අවශ්යි බව හැම මොහොතේදීම හැම කාරණයකදීම සලකා ගත යුතුය.

මනුෂ්යර ශරීරය[සංස්කරණය]

මගේ මේ ලිපිය විශේෂයෙන් ස්ත්රීසන් සඳහාද සාමාන්යසයෙන් සියලු මනුෂ්ය යන් සඳහාද ලියන ලද්දකි. ඒ හෙයින් ස්ත්රීනන් ගැන මෙහි අධික වශයෙන් යමක් සඳහන්වනු ඒකාන්තය. මනුෂ්ය ශරීරය ගැන ඉතා හොඳින් දැන ගැණීමත් ඉතාමත් අවශ්යයය. යමෙක් පරිහරණය කරණ ද්ර්ව්යියක් තත්වූ පරිද්දෙන් නොදන්නා කෙනෙකුට ඒ නිසිලෙස පාවිච්චි කළ නොහැක්කේය. මොටෝකාර් රථයක යන්ත්රනයේ පටන් හූඩ් කියන වහල දක්වා එහි අඩංගු ලොකු කුඩා කැබලි හා නාම විස්තරයන් ඒවා එකිනෙකට සම්බන්ධ වන හැටිත්, එකක් කැඩීයාමෙන් ඒ යන්ත්ර යට


වන හානියත් යන මේ සියලුම තොරතුරු හොඳින් නොදන්නා කෙනෙකුට කවදාවත් නිසි අන්දමට මොටෝ රථයක් පාවිච්චි කළ නොහැක්කේය. එසේ නොදන්නා පදවන්නෙකුට අනවර්ථ වශයෙන් ‘මොටෝ රථාචාර්ය’ යන නාමය කියන්ට සුදුසු නොවේ. එමෙන්ම මනුෂ්යො ශරීරය පිළිබඳ දැනීමත් නැති කෙනෙකුට ඒ මනුෂ්යස ශරීරය හොඳින් පවත්වා ගැණීමට ‍නිරෝගිව හො සුඛිතව සිටීමට ඉඩක් නොලැබේ. එසේ නොදන්නා අඥ නූගත් ජනයා අන්ධ හස්තියා ‍ගමන් කරනවිට හරිමගත් කැලෑවෙත් මඩගොහොරෙත් යන්නාක් මෙන් නියම විධියටත් අනියම් විධියටත් අවැඩ දායක ගර්හිත විධියටත් මනුෂ්ය් ශරීරය පාවිච්චි කරති. ඉන්නිසා උත්පත්තිය දැනගත් සුනන්දා ලපටි වියේ ස්ත්රීපන්ගේ තොරතුරු දැනගත යුතුය. පළමුකොට අනවමදර්ශී ශ්රී සංඝරාජ සාමින් වෛද්යර ශාස්ත්රනය හැදෑරු ශ්රීද ශාරංග්ධරාදී මහා පණ්ඩිත‍යන් විසිනුත් පිළිගත් ස්ත්රීනන්ගේ උපන් ලප පිළිබඳ පලාඵල මෙහි දක්වනු ලැබේ. උත්පත්තියේදීම පිහිටි මේ තලකැලල් මිස ලෙඩ රෝග තුවාල ආදියෙන් ඇති වන කැලල්වල කිසිම විපාකයක් නැති පව සලකා ගතයුතුය. ගැහැණු දරුවෙකු පිළිබඳ ජීවිතයෙදී සිද්ධවන පලාඵල වලින් සමහරක් මේ තල කැලල් හෙවත් උපන් ලප වලින් දැනගත හැක ඒ කැලල් ශරීරයේ ඒ ඒ පෙදෙස්වල දකුණු පැත්තේ පිහිටිවිටත් වම් පැත්තේ පිහිටි විටත් ලැබෙන පලාඵල පරිස්සමෙන් තේරුම් ගත යුතුය.

තලකැලල් පලාඵල පලාඵල පිහිටි ස්ථානය දකුණුපස වම් පස

හිසේ ධන හානි ධන හානි නළලේ රාජ උදහස රාජ උදහස කණේ නපුරු වචන බන්ධු ලාභ ඇසේ ප්රිුය දර්ශන ප්රිතය දර්ශන නාසේ ශරීර සුඛය ශරීර සුඛය ක‍පොලයේ අලාභ ද්රඛව්ය‍ ලාභ නිකටේ ප්රීේති ප්රී‍ති උකුණු වලේ භය භය බොටුවේ පරාජය පරාජය අත් දණ්ඩේ මිත්රල විනාශ පුත්රී හානි පිටි අල්ලේ දුක සැප


අත්ලේ වස්තු ලාභ බන්ධු වියෝග පිටේ සොරභය නොවීම වාහන හානි කිහිල්ලේ ධන හානි දාසයින් ලැබීම ලයේ අප්රිනය සංගම අප්රිුය සංගම ඇලයේ සම්පත්ති නිරෝගී බව තනේ අසතුටු බව නිශ්ශෝකී බව කුසේ අප කීර්ති කීර්ති උකුලේ හිටිතැනින් පහවීම ස්ථාන හානිය යෝනියේ රාජ ප්රිසාද රාජ ප්රිසාද කලවයේ අග්නිභයක් නැතිබව අනභිවෘද්ධි කෙණ්ඩයේ සම්පත්ති අසතුට පිටිපතුලේ මවට සැප මවට සැප යටිපතුලේ පුත්රව ලාභ පුරුෂ ලාභ

මේ ස්ත්රී න් පිළිබඳව ඇති පලාඵලවලට සම්පූර්ණයෙන් විපරිත අන්දමට පුරුෂයන්ට ලැබේ. යටි පතුලේ තිබෙන තල කැලල් දකුණු පයේ නම් පුත්රන ලාභත් පුරුෂයෙකුට නම් පුත්රඳ හානිත් යනාදී වශයෙනි. මනුෂ්ය් ශරීරය පිළිබඳ ලිවීම අතිශයින්ම දුෂ්කරය. ඒ එසේ ද වුවත් ලෝකාර්ථ සලකා පිළිවන් තරම් දුරට මෙහි විස්තර කරනු ලැබේ. මනුෂ්යවයන් අතර පුදුම ගතියක් පවත්නා බව පෙනේ. තමා කෙතරම් දුශ්චරිත හා අයුතු ක්රි යා කරතත් තමාගේ දරුවෙක් එබඳු දුෂ්ට ක්රිරයා නොකරත් නම් සතුටුවීමයි. නමුත් ස්වභාව ධර්මය ඊට ඉඩ නොදේ. එබැවින් පුත්රත දුහිතෘන්ගේ අභිවද්ධනයට සතුටු මවිපියන් කෙතරම් පරිශ්රුම විඳලාවත් සුචරිත සම්පන්න විය යුතු බව ඉතා ඕනෑ කමින් කියමි.

මවුපියන්ගේ ඉතාමත් පිරිසුදු පැවැත්ම උවමනා කරන්නේ කුමක් නිසාදැයි ටිකක්වත් විස්තර නොකොළොත් අපේ මේ උත්සාහය අඩු පාඩුවක් ඇති වේ. ළමයෙකු රාගික බැල්මක් කුඩා කාලයේම ඇති නැති බව දැන ගැණීමට උගත් මව්පියන්ට මිස නූගත් අයට බැරිය. ළමයෙක් උපදින විටම ඒ කාමුක ඇලිම ඇතිවම උපදිතත් අයුතු ලෙස කාම සංසර්ගයෙහි යෙදුනු මවු පියන්ගේ දරුවන් මෙන් ඉතාමත් ලපටි අවස්ථාවේ කාම සංසර්ගයෙහි ප්රියය බවක් පිරිසුදු පැවතුම් ඇති මවුපියන් නිසා ඇති වන දරුවන්ට හට නොගන්නා බව පෙනේ. අතේ සහ කකුලේ මාපටැඟිලි ඉරීම, දිව ඉරීම යන මේ ක්රිියා වලින්


ඉතා කුඩා දරුවා අභ්යාන්තර රාගාසාව නිසා කරණ ක්රිහයාවක් බව උගත් වෛද්යුවරුන් පිළිගණිති. සමහර කුඩා ළමයින් රහස් අවයව ස්පර්ශත කිරීමෙහිදී සතුටු වන බවත් අඬනවිට පවා එසේ කිරීමෙන් නැලවෙන බවත් පෙනේ. මෙබඳු ළමයි නිසි වයස පැමිණෙන්ට ප්රැථම අයුතු අනියම් සංසර්ගයෙහි තදින් ඇලී විනාශ භාවයට යන බවද පෙනෙති. අනියම් ලෙස හස්තොපක්රිමයෙන් කාමාසාව සංසිඳවා ගැණීමට සතුටුව සිට තරුණියක් සිරිත් ප්ර්කාර විවාහවී ගැහැණු දරුවෙක් ලැබුවාය. ඒ ගැහැණු දරුවා මාස දොළහේදීම ඇගේ කුඩා අතින් යෝනි පරාමර්ශනයට පුරුදුවූ බවද දැනගෙන තිබේ. කාමාශාව සංසිඳුවා ගැනීමට විවිධ ක්ර්මයේ රහස් දුසිරිත් ස්ත්රීි පුරුෂ දෙපක්ෂය අතරම ඉතා කුඩා කාලයේ පටන් පුරුදුවීම මේ ලෝකය දුශ්චරිතයෙන් බරවීමටත් කාලකණ්ණි පවුකාරයන් ගෙන් පරිපූර්ණ වීමටත් හේතුවී තිබේ.

පාප මිත්ර සේවනයෙන් හා හදිසියෙන් රහස් අවයව ස්පර්ශ කිරීමක් නිසා ආරම්භ වන අනියම් කාම සංසර්ග ක්රහම රාශියකි. එහෙත් ඒ විස්තර කිරීම දුෂ්කරය. ඉතින් මෙසේ කුඩා කාලයේම අනායාශයෙන් පුරුදු වූවක් එබඳු දුසිරිත් කොට පුරුදුවූ තැනැත්තාට එය අත්හැර දැමීම ඉතාමත් දුෂ්කරය ගර්හිතවූ අනියම් ක්රවමයේ කාමුක ක්රිැයාවල විපාක වශයෙන් පංචෙන්රිකුෂ යන්ගේ විකලත්වය පමණක් නොව අකාලයේ මරණයද ලැබීමෙන් වත් ඒ ක්රිාය‍ාවන්හි දුර්විපාක කෙළවර වන්නේ ද? සත්තකෙන්ම ඒත් නැත. තමන් නිසා උපදින්නාවූ දූ පුත්රනයන් ඉතාමත් නුවණින්ම තනා නොගත්තොත් ඔවුන්ටද නොඅනුමානව ඉබේම වාගේ ඒ දුශ්චරිත පුරුදුව විනාශ වන බව සැළකිය යුතුය. රහස් දුශ්චරිතයෙහි හැසිරෙන ස්ත්රීබ පුරුෂයන් ඒ තමන් කරණ ආත්මඝාතක අපරාධය කාටවත් දැනගන්ට බැරියයි සිතතත් - ධර්මශාස්ත්රම උගත් කෙනෙකු ඉදිරියට පැමිණි හැටියේම තේරුම් ගන්නේය. ස්වහස්තයෙන් යෝනි පරාමර්ශනාදියෙන් සෞම්ය ධාතුව නැති කරගන්න ස්ත්රි යට හෝ එබඳු නීච ක්රිදයා කරණ පුරුෂයෙකුට නිතර ඇතිව පවත්වා ආබාධවලින් කීපයක් නම් -

01. මුත්රෙමාර්ගයෙහි දැවිල්ල. 02. කෙතනකදී නමුත් මදක් ශරීර ප්රලබෝධයෙන් සෞම්යල ධාතු මෝචනය වීම. 03. ස්ත්රීී නිමිත්ත හෝ පුරුෂ නිමිත්ත දුර්වලව කුඩාව අප්රාාණවත්වීම. 04. ශරීර ශක්තියත් නහර ශක්තියත් නැතිවී යාම. 05. සිහිනෙන් ධාතු මොචනය වීම. 06. (අධිකව දුසිරිතෙහි යොදුනොත්) නපුංසකයන් මෙන්වීම. 07. ශරීරයේ ප්රිුයකරු භාවය නැතිවීම. 08. නලළේ සහ මුහුණේත් අධික ලෙස කුරුලෑ ගඩු ඇතිවී මුහුන අවලක්ෂණ වීම. 09. කලකිරුණු මුග්ධ ගතියක් ඇතිවීම. 10. ඇ‍ඟේ පාට දුර්වර්ණවී සුදුමැලි පාටක් ඇතිවීම. 11. ඇස්වල දීප්තිමත් භාවය අඩුවීම. 12. නිදිබර ගතිය සහ ඉසේ බර ගතිය ඇතිවීම. 13. කෑම රුචිය අඩුවීම. 14. උදාවර්තය, කාශ‍රෝග ආදී ‍රෝගත් ශරීරයේ කෘශ භාවයත් ඇතිවීම. 15. එක අරමුණකට මඳ වේලාවක් වත් සිත යොමුකළ නොහැකි වික්ෂිප්ත සිත් ඇත්තෙක් වීම 16. ධාරණ ශක්තියත් සිහියත් නැති සෝකාතුරයෙක් වීම. 17. සිහි බුද්ධි නැති අලස අධෛර්යවත් කෙනෙක් වීම. 18. තමා ගැනම විශ්වාසයක් නැති බලාපොරොත්තුවක් නැති ජන සමාජයේ හැසිරීමට අකැමැති කෙනෙක් වීම.

මේ ලකුණු දහ අටෙන් රහසින් ගර්හිත කාම සැපතේ යෙදෙන ස්ත්රීත පුරුෂයන් හොඳින්ම නුවණ ඇත්තන්ට දැන ගත හැක්කේය. මෙසේ දුසිරිත් කරණ අය කවදාවත් වැඩි දියුණු උසස් බවට පත් නොවනු ඒකාන්තය. මෙබඳු කාලකණ්ණි බවට පත් තරුණියක් විවාහකර ගන්නා පුරුෂයාත් - මෙබඳු කාලකණ්ණි තරුණයෙකු හා විවාහ වන ස්ත්රි්යත් අපාය දුක් ලබා ගන්නන් බව සැළකිය යුතුයි.

ප්රකවේසම් කිරීම[සංස්කරණය]

මවුපියන්ගේ දුසිරිත් නිසා ඉබේම වාගේ පුත්රර දුහිතෲන්ටත් මේ දුසිරිත් පුරුදු වන බව මුලදි කීවෙමි. නමුත් පිරිසිදු පැවතුම් ඇති මවු පියන්ගේ දරුවන්ටද සමාන වයසේ පාප මිත්ර.යන් නිසා මෙබඳු දුසිරිත් පුරුදු ‍ෙව්. මේ කාලයේ පාඨශාලා වලදීත් ඉතා පහසුවෙන්ම මේ


දුසිරිත බෝවෙන බව සියලුම දෙමාපියන් හා වැඩි හිටියන් විසින් සැලකිය යුතුය. ඉතා කුඩා දරුවන් ප්රනවේසම් කර ගැණීම සඳහා මවුපියන් හා භාරකාරයන් විසින් අවශ්යඩයෙන් යෙදිය යුතු උපක්ර ම නම් -

01 - අවුරුදු 10 ක් හෝ ඊට වැඩි වයස් ගත ළමයෙකුට තවත් තරුණ හෝ ඒ වයසේ කෙනෙක් ඉන්නා කාමරයක නිදා ගන්ට ඉඩ නොදිය යුතුය. විශේෂ වශයෙන් අසල් වැසි ළමුන් හා එකට සෙල්ලම් කරණ ළමුන්ට එසේ ඉඩ නොදිය යුතුය. කාරණය කුමක්දැයි ඔවුන්ට කියයුතු නොවේ. සමාන වයසේ ගැහැණු ළමයින්ට එක කාමරයේ එක්ව නිදා ගන්ට ඉඩ හැරීම අතිශයින් අන්තරා දායකය.

02 - අනියම් ක්ර මයලින් දුසිරිත් පුරුදුවූ මවුපියන්ට ඒ කාරණය හොඳින් වැටහිය යුතුය. තමන්ටම දුසිරිත් පුරුදු වූයේ කෙසේද යනු තමන් දන්නා හෙයිනි. එබැවින් නරක මිනිසුන් හෝ තරුණයන් තරුණියන් ආශ්ර්ය කිරීමටත් ඔවුන් සමග හුදකලාව කථා සල්ලාප පැවැත්වීමටත් කිසිසේත් ඉඩ නොදිය යුතුය.

03 - ළමයාට තනිව හුදකලාව අප්රාකට තැනක - නාන කාමරයේ හෝ වැසිකිළියේ හෝ නිදන කාමරයක වැඩි වෙලා ඉන්ට ඉඩ දිය යුතු නැත.

04 - ළමයාට නිදා ගන්නා විට පොරවන රෙද්දට යටින් අත්දෙක තබා ගන්ට ඉඩ නොදිය යුතුයි. රෙද්ද පොරවා ගෙන අත් දෙක එලියේ තබාගන්ට සැලැස්විය යුතුයි.

05 - නිදාගෙන සිට නින්දෙන් ප්රදබොධව යහනාවේ ඉඳීමට ඉඩ නොදිය යුතුය. පිබිදුන වහාම නිදන පැදුරෙන් නැගිට පාඩම් කිරිමට හෝ එලිය පහලියේ ඇවිදීමට හෝ සැලැස්විය යුතුය.

06 - කුඩා කාලයේ පටන් දරුවන්ට මිත්ර්යන්ට මෙන් අවවාද වශයෙන් කරුණු කියා දිය යුතුයි. සුචරිත සම්පන්න වීමෙන් ඇතිකර ගත හැකි උසස් දියුණුව පෙන්වන අතරම රහසින් හෝ ප්රපසිද්ධ වශයෙන් දුසිරිත් කරණ අයට ලැබී තිබෙන බලවත් දුක් කරදරත් පෙන්වා දිය යුතුයි.

07 - උඹේ දරුවන්ගේ සුචරිත සම්පන්න භාවය නුඹ කැමැත්තෙහි නම් උඹම සුචරිත සම්පන්නව - ඍජුව - අවංකව සිටිය යුතුයි.


08 - ළමයා සෑම වේලේම යම් කිසි කටයුත්තක, එනම් පාඩම් කිරීම - සෙල්ලම් කිරීම - මැහුම් ගෙතුම් ආදී අත්කමක් කිරීම, ඉවීම පිසීම ආදී යම් කිසි කටයුත්තක නියුක්තදැයි බැලිය යුතුය. යම් කිසි කටයුත්තක නො යෙදවී නම් අලස කමින් සිත සිතා ඉන්නට අවකාශ දුන්නොත් නපුරු ක්රිමයා කිරීමට දරුවාට රුචියක් ඇතිවේ.

09 - ළමයා ආශ්රකය කරණ කථාබස් ආදිය කරණ අය හොඳින් විභාග කර බලා මඳක්වත් සැක ඇතියන් සමග එක් වන්නට ඉඩදිය යුතු නොවේ.

10 - විවාහයට ඇතුළත් වනතුරු ගැහැණු දරුවෙකුට බයස්කෝප් සිතියම් බලන්ටවත් - නෘත්ය් නාඩගම් ආදී ක්රී ඩා ස්ථානයකට යන්ටවත් ඉඩ නොදිය යුතුයි. එසේම ‍අවුරුදු 24 ක් ඉක්ම යන තුරු අවිවාහක තරුණයෙක් ද බයස්කෝප් ආදී සිතියම් හා නෘත්ය‍ දැකීමට යාම ඔහුගේ විනාශයේ මුල බවත් ඔහුට කියා දිය යුතුයි.

දුසිරිතට ගොදුරු වූවන්ට

හස්තොපක්රගමාදී අනියම් ක්ර මයෙන් ධාතුක්ෂමය කර ගැණීමට පුරුදු වූ ස්ත්රීහ පුරුෂයන් කෙතරම් සැඟවිල්ලේ සිටියත් නුවණැත්තන්ට වැටහෙන බව ඉහත දී කීවෙමි. ඉතින් ඒ ර‍හස් දුසිරිතට ගොදුරු වූවන්ට එයින් ගැලවී නැවතත් මනුෂ්යෙ ජීවිතයේ නියම ප්රේයෝජනය ගන්ට ඉඩ තිබෙන බවත් ඊට ගුරු කමුත් මෙහි දක්වනු ලැ‍බේ. ස්ත්රිටයකගේ හෝ පුරුෂයෙකුගේ කාලය - දවස ගත කරණ අන්දම ස්ථිර වශයෙන් නියම කරගත යුතුයි. ඒ ඒ කටයුතු කිරීමට විසිහතර පැය යොදා ගත්තොත් රහසින් හෝ නොරහසින් දුශ්චරිත කිරීමට කිසිවෙකුටත් කාලයක් ඉඩක් නොලැබේ.

“ පිරිමියනු ද පත න” අවසර කල් රහස් තැ න මිස නොලැබෙන බැවි න ගැහැණු කවුරුද වරදෙ නොබැ‍ඳෙ න

යනුවෙන් තොටගමුවේ මහා සාමිත් කී ස්වර්ණමය කියමන ගැහැණුන්ට කරණ ලද නින්දාවකැයි ඒ උත්තමයාණන්ට බොහෝ දෙනා කියති. විශේෂයෙන්ම රහසින් දුසිරිත් කරණ ගැහැණුන්


උන්වහන්සේට නිගා කරති. උන්වහන්සේ මෙය ස්ත්රී.න් සඳහා කරණු කියන තැනකදී කී බැවින් “ගැහැණු කවුරුද වරදෙ නොබැ‍ඳෙන” කියා කී නමුත් - පිරිමින් සඳහාත් මේ මෙසේම බව සැල කිය යුතුය. එය පිරිමින් සඳහා යොදන විට -

“ ඉතිරියනු ද පත න අවසර කල් රහස් තැ න මිස නොලැබෙන බැවි න පිරිමි කවුරුද වරදෙ නොබැ‍ඳෙ න” කියා යෙදේ.

මේ වනාහි සත්ය වූ - පරම සත්ය”වූ - කිසිවෙකුටත් ‍එසේ නොවේ යයි කිය නොහැකි ඒකාන්ත සත්ය යකි. තමාගේ හිතට ප්රිාය උපද වන පුරුෂයෙකු හෝ ස්ත්‍ි ඒයකුත්, නිවාඩු කාලයකුත්, රහස් ස්ථානයකුත් ලැබුණොත්, තරුණ වයසේ පිහිටි ස්ත්රිියක්වත් පුරුෂයෙක්වත් වරදට බැ‍ඳෙනු ඒකාන්තය. තමාට ප්රිබය එලවන ස්ත්රිරයක් හෝ පුරුෂයෙකු ‍නොලැබීමත් - නිවාඩු කාලයත් - රහස් ස්ථානයත් ලැබෙනු විට තමාම අයථා ක්රෙමයේ හෙවත් ස්වභාව ධර්මයට විරුද්ධවූ නීච දුශ්චරිත කරණ කල - ස්ත්රිෙයතට පුරුෂයකුත් - පුරුෂයකුට ස්ත්රිධයකුත් ලැබුනු කල ඒ නොකරත්යයි කීම යකඩදාපු ගි‍න්නේ පුළුන් දැවෙන්නේ නැත කියන කථාව වැනි අමන කියමනකි. තොටගමුවේ මහා ස්වාමි කීවේ සම්පූර්ණ ඇත්තකි. ඒ මහොත්තමයා ඇත්ත කියා පෙන්වා ස්ත්රීව පුරුෂයන්ට දුශ්චරිතයට නො‍බැ‍ඳෙන්නට තිබෙන අසහාය ගුරුකම්ද ප්රුකාශකොට තිබේ. එනම් “නිවාඩු කාලයත් රහස් ස්ථානයත්” නැතිකර ගැණීමෙන් දුසිරිතට බැ‍ඳෙන්ට ඉඩ නොලැබෙන බවය. ඒ නිසා තමහට වැඩ කැමැති කා විසිනුත් දිනකට අයිති 24 පැය ඒ ඒ කටයුතු සඳහා වෙන්කර ගෙණ නරක සිතිවිලිත් දුසිරිතුත් කිරීමට ඇති අවකාශ නැතිකර ගත යුතුය. ප්ර තිපත්ති පිරීමටත් ක්ලේශයන් ප්රවහීන කිරීමටත් එකම මාර්ගය මේ ක්ලේශයන්ට ඉඩ නොතැබීම බව බුද්ධාදී මහොත්තමයන් වහන්සේලා ද ප්රේකාශකොට තිබේ. එබැවින් වර්තමාන කාලයේ අපේ සිංහල ජනයාට විශේෂ වශයෙන් සිංහල ස්ත්රීටන්ට ඒ විසිහතර පැය ගත කළ යුතු අන්දම ද සඳහන් කරමු. උදේ පහට අවදි විය යුතුයි. ඒ අවදි වන විට ශරීරයේ එක්තරා ශක්තියක් ඇති වන වේලාවක් බැවින් රහස් අවයව ප්රා ණවත් වෙති. අවදිවී වැ‍ඩි වේලාවක් යහනේම සිටියොත් හස්තොපක්රපමාදී දුසිරිත් පුරුදු කෙනෙකුගේ හිත නැවතත් ඊට යොමුවීම හැකි බැවින් අවදිවුන හැටියේම යහන පිටම


වාඩිවී ශබ්ද නගා බුදුගුණ සජ්ඣායනා කළ යුතුය. මෛත්රී භාවනාව, මරණානුස්මෘතිය, මහා මංගල සූත්රයය සජ්ඣායනා කළ යුතුය. ගෙදර ඉන්නා හැම දෙනාම එක තැනකට රැස්ව පැයක් මෙසේ කිරීමට පුරුදු වූ පවුලට දිව්යක පවුලකට වඩා සුඛිතව නිරෝගීව ‍මහෙශාක්යුව වාසය කරන්ට ලැබෙන පව අත්දැක තිබේ.

උදේ මෙසේ කොට මවුපිය ආදීන්ට වැඳ උදේ ආහාර පාන පිළියෙල කොට ජලස්නානය අත පය මුහුණ මුඛය ආදිය සුද්දකර ගැණීම හා මළමුත්රට කිරීමාදී ශරීර කෘත්යමයන් අවසානව ආහාර පාන ගෙණ වැඩට යායුතු අය ඒ වැඩටත්, ඉගෙණ ගත යුතු ළමුන් පාඨශාලා ආදියටත් යවා, ගෙදර ඉන්නා ගෘහිණි ඇතුළු මෙහෙකාරාදීන් විසින් ස්වකීය ගෘහය, වත්ත, මිදුල ආදිය පිරිසිදු කළ යුතුයි.

මීට පසු දහවල් ආහාර සම්පාදනය කොට එතැන් පටන් පැයක් අත්කම් ගෙත්කම් ආදී වැඩක් හෝ පත්රන සඟරා ආදියක් කියවීමට ලැහැස්ති කරගත යුතුයි.

එ තැන් පටන් දූ දරු මෙහෙකාරාදීන් ඇතුළු හැම දෙනාටම ආහාර පානාදී දහවල් බත් පිස නිම කළ යුතුයි.

මෙතැන් පටන් සවස දෙක දක්වා මැහුම් ගෙතුම් ආදී කටයුතුතක් ‍‍හෝ ගෙදර ඉන්නා වැ‍ඩි වයසේ දූ පුත්රුයින් සමග යෙදිය යුතුයි. දහවල් නිදා ගැණීමට අසනීපයක් නැති කිසි වෙකුටත් ඉඩදිය යුතු නොවේ.

සවස තේවතුර හෝ යම් කිසි ලඝු ආහාර පානයක් සූදානම් කිරීමේ නියුක්තව පාඨමාලාවෙන් එන දරුවන්ට ඒ කන්ට බොන්ට දී තමන්ද ඒ භුක්ති විඳ හමාර කළ යුතුය.

සවස් වනතුරු වත්තේ කුඹුරේ කටයුත්තක් නොමැති නම් අත්කම් ගෙත්කම් ආදී කටයුත්තක නියුක්ත විය යුතුය.

සවස් වනතුරු වත්තේ කුඹුරේ කටයුත්තක් නොමැති නම් අත්කම් ගෙත්කම් ආදී කටයුත්තක නියුක්ත විය යුතුය.

සවස් කාලේ පටන් රාත්රින භෝජන පිළියෙල කිරීමෙන් ගෙදර ‍අතු පතුගෑම, පහන් ලාම්පු ආදිය සූදානම් කිරීම ආදී කටයුතු කොට භයට පමණ සියල්ල නිමවා ගෙයි පහන් දල්වා සියලු කටයුතු වලින් නිශ්කලංක විය යුතුය. ස්වාමි පුරුෂයා හා වැඩිහිටි පුත්රලයන් රැකීරක්ෂා කරණ තැන් වලින් ආවිට ගෘහණි ආදී සියලු දෙනාම මුහුණු අත් පා ආදිය සෝදාගෙණ අවකාශ ඇතහොත් අසල සිද්ධස්ථාණයකට යා යුතුය.


පැයක් පමණ සිද්ධස්ථායේදී පන්සිල් සමාදන්ව බුද්ධ පුජාදිය පවත්වා හැම දෙනාම එක්ව ගෙදර ආ යුතුයි. දරුවෙකුට හෝ ස්වාමි පුරුෂයාට හෝ අවශ්යෙ කාරණයක් නැතිව පන්සලේවත් රැ‍ඳෙන්ට ඉඩ නොදිය යුතුයි.

යම් හෙයකින් පන්සලකට නොගොස් ගෙදරම ඉන්ට වුනොත් දූ දරු ස්වාමි පුරුෂාදී කවුරුත් එක්ව පන්සිල් සමාදන්ව බුදුගුණ සජ්ඣායනා කොට මහා මංගල සූත්රීය ශබ්ද නගා කිය යුතුයි.

මෙසේ කොට රාත්රිබයට ආහාර පාන විධිවූ පරිදි අනුභව කොට මුළුතැන්ගේ හා හැලිවලත් පිඟන් කෝප්ප ආදිය සුද්ධ කිරීමාදී කටයුතු ඉවර කොට ගෙදර තූර්ය භාණ්ටයක් තිබෙතොත් රාත්රීධ නවය දක්වා එය වාදනය කිරීමෙන් හා චිත්ත සුද්ධිය චිත්ත ප්රී්තිය ඇතිවන ධර්ම කථා කිරීමෙන් කාලය කතකල යුතුය.

ඉක්බිති රාත්රිත නවයට පමණ ළමයින් ඇතුළු සියලු දෙනාටම සුදුසු අන්දමට නිදාගන්ට පිළියෙල කරදී ගෘහිණිය හැමටම පසුව නිදාගත යුතුයි.

රාත්රි නවයේ පටන් උදේ පහ වනතුරු හොඳින් නිදාගත යුතුයි. නින්ද නොයතොත් - යහනේ වැතිරෙමින් නොයෙක් සිතිවිලි සිතීමට පටන් නොගෙන නින්ද නොයාමට ඇති හේතුව සලකා නැවතත් නැගිට පහනක් දල්වා - ඕඩිකොළොන් ආදී සුවඳ ද්රැව්ය ක් ආඝ්රානණය කොට - නොහොත් හිසේ ගල්වා ගෙන නිදා ගත යුතුය. එසේත් කොට නින්ද නොයතොත් පහනක් දල්වා ගෙණ පොතක් බැලිය යුතුයි. නැතහොත් වැඩි හිටියෙකුත් අවදි කරවාගෙන හොඳට නිදිමත ඇතිවන තුරු ධර්ම කථාවක් හෝ ප්රැයෝජනවත් ජන කථාවක් හෝ කිය යුතුයි. නැතහොත් ඇසිය යුතුයි. නින්ද නොයාමට ශරීරයේ ලෙඩ රෝග හේතු වේ. එබැවින් එයින් තුරන්ව සිත නිස්කලංක කර ගැණීමට යහනේම වැතිරෙමින් උත්සාහ නොකොට පහනක් දල්වා පොතක් බැලීම හෝ වැඩි හිටියෙකු සමග ධර්ම කථාවක් කිරීම අවශ්යො බව සැලකිය යුතුය. ඉතින් මේ විධියට දවසේ පැය විසි හතර ඒ ඒ කටයුතු සඳහා වෙන් කරගත් ගෙදරක වැඩි හිටියන්ට හෝ ලපටියන්ට රහස් දුසිරිතකටවත් ප්රුකට දුසිරිතකව වත් ඉඩ නැතිවීම නිසා ධනය ඉපයීමත්, අධික වියදම් කිරීමත් අඩුව නිරෝගී භාවයත් දියුණුව - පවුලේ සමගිය හා අන්යොපන්යමයන් කෙරෙහි ගෞරවාදරයත් තහවුරුව


මෙලොවදීම දිව්යු ස්වභාවයක් ලැබෙන බව අත් දැකීමෙන් දැන ගෙණ තිබෙන බැව් සැලකිය යුතුයි.

තරුණ කාලය[සංස්කරණය]

පිරිසිදු පැවැතුම් ඇති මවුපියන්ගේ ගැහැණු දරුවෝ පාඨශාලා අදියෙහි පාප මිතුරි‍යන් සමග ආශ්ර ය නොකළොත් කාමුක සිතිවිලි වලින් තොරව අවුරුදු දහ තුණක් පමණ පරිශුද්ධ චිත්ත සන්තානයක් ඇතිව වාසය කරත්. නමුත් අවුරුදු දහතුණ වන විට අත පය ආදී අවයව මෙන්ම පපුප ද වැඩී මුහුනේ අමුතු පියකරු පැහැයක්ද රහස් අවයවවල වැඩීමක්ද ඇතිව ප්ර්බෝධ වූ ගතියකට පැමිණෙත්. වැඩිවිය පැමිණීම යයි කියන ප්ර‍ථම මල්වරයට අවුරුදු දහතුණ දාහතර පහළොව දහසය යන අවුරුදු හතර තුළදී නොඅනුමානව පැමිණෙත්. ගැහැණු දරුවෙක් අවුරුදු දාහතර දහසය යන ඉරත්ත අවුරුද්දකදී මල්වර වන තැනැත්තී ලෙඩ රෝග සහිත දුර්වල තැනැත්තියක් යයි කියා තිබේ. පළමු මල්වරය ස්ත්රිරයකගේ පින්වත් හෝ පවුකාර බව මැන ගැණීමට ජන්ම කේන්ර් ස යට සමානව සලකති. නමුත් ඒ කාරණය සිද්ධ වු වේලාව නිසැකව දැන ගන්ට ලැබෙන්නේ ඉතාමත් දුරුලභ වශයෙන් නිසා ගැහැණු දරුවන් මේ මල්වර ඵලා ඵලවලින් නිශ්චය කර ගැණීම අනුවණ කමකි.

ප්රවථම මල්වරයේ පටන් මසක් පාසා විසි අට දිනකට වරක් සුද්ධවීම සිරිතකි. නිරෝගී වු දුශ්චරිත වලින් දූෂිත නොවූ ගැහැණු දරුවා නියම දිනට සුද්ධවීම නිසා පැහැයෙන් හා ශරීර ශක්තියෙන් ද දිනපතා වැඩෙන්නීය. පයෝධරයන්ගේ පරිපූර්ණත්වයත් ශරීරයේ අවයව යන්ගේ වැඩීම නිසා තරුණියගේ රහස් චරිතයේ තත්වතය මැනගන්නට පිළිවන. සෞම්යර ධාතුව අයථා ක්ර මයෙන් දුෂ්ය‍කර ගත්තාවු ද පහත් කාමුක සිතිවිලි ආදියෙන් බරවූ තරුණිය ද කවදාවත් මනා දැකුම් ඇති චිත්ත ප්රී්තියෙන් හා උනන්දු භාවයෙන් යුත් නිරෝගී කෙනෙක් නොවේ. අභ්යතන්තර ගත පිරිසිදු භාවය හෝ අපිරිසිදු භාවය චක්ත්ර නමැති කැඩ පතකින් පෙන්වයි. අපිරිසිදු පැවතුම් ඇති ස්ත්රීභන් හා පුරුෂයන් ගේ තත්වය කාරණා විස්සකින් මීට ඉහත දක්වන ලදී. ඉතින් ගුණ ධර්මයත්, පවිත්රස කමත්, නිහතමානී කමත්, ධෛර්යවත් භාවයත්, කරුණාවන්ත කම හා මෘදු ගතියත්, හැම වේලේම ප්රීනතියෙන් හා


සෙල්ලමෙන් කාලය ගත කිරීමත් වාසනාවන්ත යහපත් තරුණිය‍කගේ නිතර පවත්නා ගතිය බව ලුහු‍ඬෙන් සලකා ගත යුතුය. අවුරුදු දහතුනේ නොහොත් දහහතරේ පටන් ශරීරයේ ඌර්ධව කොටස වැඩීමට හේතුවන ඇඳුම් ඇන්ද යුතුය. ඉතාමත් ලිහිල් ඇඳුම් ශරීර සනීපයට හොඳයයි සමහරු කියතත් එබඳු ඇඳුම් අඳින නගරබද තරුණියන් පිරිමින් හා සමාන පපුව ඇති සමහර විට ස්ත්රීඅන් බවවත් සිතාගත නොහැකි විරූපී ස්වභාවයට පත්වෙති. මෙසේ හෙයින් පයෝධර මණ්ඩලය වැ‍ඩීමටත් ඉඟටිය වැහැරීමටත් ‍හේතුවන අන්දමට ශරීරයට සුවපහසුත් ඇතිව ඇඟ තදවන ඇඳුමක් යටට ඇඳීම යුතුබව දැක තිබේ. යුරෝපීය විධියට ලිහිල් ඇඳුම් අඳින නගර වැසි තරුණියන්ට වඩා ඇඟ තදවන ඇඳුම් අඳින ගම්බද තරුණියන් ගේ ඌර්ධව ශරීරය ශක්තිමත්ව තිබෙන බව බොහෝවිට දකින්ට ලැබේ.

මේ ඌර්ධවකායත් ශක්තිමත්ව වැඩිය යුතු ඇ‍ඟේ රහස් අවයවත් දුර්වලවීමටත් උවමනා ප්රයමාණයට නො වැඩීමටත් ප්ර ධාන හේතුව රහස් දුසිරිත් බව දැනගෙණ තිබේ. කාමුක සිතිවිලි නිසා අයථා ක්ර්මවලින් කාමාසාව සංසිඳවා ගැණීමට ලපටි කාලේදීම බොහෝ දෙනා පුරුදු වෙති. විශේෂ වශයෙන් ගැහැණු ලමයින්ට එය අවැඩ දායකය. යටත් පිරිසෙයින් අවුරුදු දහ අටක් වන තුරු කාමුක ආලයක් ඇති ‍කළොත් ඒ නිසා ශරීරයේ ඒ ඒ අවයව වැඩීමට ආධාර වන ලේ ආදී සප්ත ධාතු දුර්වල වන බව සැළකිය යුතුය. එවිට පයෝධර ආදී ස්ත්රීේන්ගේ ලක්ෂණයට උවමනා අංග ප්රයත්යංවග නො වැඩෙත්. ඒ නිසා විවාහවූ පසු ස්වාමි පුරුෂයාගේ අප්ර සාදයට භාජනව බොහෝ විට විවාහය අවාසනාවන්ත වේ. ස්වකීය මව්පියාදී වැඩිහිටියන්ගේ කැමැත්තෙන් ලොක චාරිත්රා්නුකූලව සරණ පාවා දෙනතුරු ස්වකීය හිතත් ශරීරයේ අංග ප්ර්ත්යංඩගත් පිරිසිදුව තබා ගැණීම තම හට වැඩ කැමති තරුණියගේ අසහාය යුතු කමය.

තරුණ භාවයත් සමග රාගික සිතිවිලි හටගැනීම ස්වභාව ධර්මයයි. නමුත් ඒ අඥානකම බව තදින් සලකා ගත යුතුය. ගුණ ධර්මාදිය ප්ර්කාශ නොවන කාමුක ජනයා සතුටු කිරීම පිණිස ලියන ලද පොත් පත් කියවීමත් කාමුක චිත්රජ ප්රීදර්ශන බැලීමත් අශික්ෂිත තරුණ තරුණියන් සමග කථාබස් කිරීමත් මේ කාමුක චේතනා අධිකතර වීමටත් - ඒ නිසා දෙලොවටම අවැඩ දායක දුසිරිත් කිරීමටත් මං සැලසේ. එබැවින් විශේෂ වශයෙන් විවාහ වන තුරු තරුණ ස්ත්රීකහු ප්රටවේසම්වනු සඳහා උපක්රිම යොදා ගත යුතුය. තරුණියක් ආරක්ෂා වීමටත් පිරිසිදු

චරිතයක් ඇතිව ගත කිරීමටත් අතිශයින්ම ආධාර වන උපක්රපමය නම් මඳක්වත් කාලය නිරර්ථකයේ ගත නොකිරීම බව සැළකිය යුතුය. උදේ පහට නැගුටුනුතෙක් පටන් රාත්රීම නිදාගන්නා තුරු පැය දහසය කටයුතු වලින්ම යුක්ත කරගත යුතුය. තම තමන්ගේ තත්වායේ අන්දමට පැය දහසය බෙදාගත යුතුය. ආගම ඇදහීමට උදේ සවස පැයක් හෝ දෙකක් - ගෙදර දොර වත්ත පිටිය සුද්ධකර ගැණීමට පැයක්, තමන්ගේ ශරීරය රෙදි ආදිය පවිත්‍රකර ගැණීමට (නෑමට) පැයක් ආහාර පිසීමාදී ගෘහ කටයුතුවලට තුන් පැයක් - ආහාර කෘත්යාමදී කටයුතුවලට තුන් පැයක් වැදගත් පොත්පත් කියවීමට පැයක් ඉතිරි කාලය අත්කම් ගෙත්කම් ආදී කර්මාන්ත වලටත් යොදාගත් විට නරක කාමුක සිතුවිලි සිතන්නටවත් පාප මිතුරියන් හා එක්ව නපුරු කථා බස් පැවැත්වීමටත් නොමග යාමටත් ඉඩක් නැත්තේය. අවකාශය - එනම් අලසකමෙන් කාලය ගත කිරීම හා සමාන නපුරක් නැති බව ලුහු‍ඬෙන්ම සලකා ගත යුතුය. ප්රතථම මල්වරයෙන් පටන් විවාහ වන තුරු තරුණ කාලයයි කියති. මේ කාලය තුළ ඉක්මණින් නරක් ‍වන වෙළඳාම් බඩුවක් මෙන් තරුණිය ප්රිවේශම් විය යුතුය. අවුරුදු විස්සක් වනතුරු විවාහ නොවී සිටින්ට ඉඩ ලැබුනොත් ඉතාමත් හොඳය. නමුත් මවුපියාදීන්ගේ හෝ පවුල්වල තත්වයත් සලකා ගෙණම එය නිශ්චයකර ගත යුතුයි. මොනම කරුණක් නිසාවත් අවුරුදු 18 ක් වනතුරු විවාහ නොවීම ශරීර සනීපයත් පරම්ප‍රාවත් සලකන ක‍ාගේත් යුතු කමකි. එබැවින් උගත් තරුණිය නූගත් මව්පියන් ඉක්මන් කළත් අවුරුදු දහඅටක් වයස් ගත වනතුරු විවාහවීමේ අනිෂ්ට විපාක ඒ මවුපියාදීන්ට ගෞරවයෙන් හා ආදරයෙන් කියාදී නිසි වයසට පැමිණෙන තුරු ප්රවමාද වීම බලවත් යුතු කමකි.

‍ෙසේවරි භාවය[සංස්කරණය]

ස්ත්රිේයක් කවදාවත්ම ‍‍ෙසේවරී වීමට කල්පනා නොකට යුතුයි. තමන්ගේම කැමැත්ත ලෙස සියලු දේ කිරීම ස්ත්රීවන්ගේ විනාශයට අසහාය හේතුවකි. දෙමව්පියන් සහෝදරාදීන්ගේ සහායයෙන් ජීවත් වන කාලයේ ඔවුන්ගේ ආරක්ෂාව හා ගුණ දැනමිති කමුත් තදින් පිළිපැදිය යුතුය. තමා උගතියක නිසා නූගත් මෝඩ මවුපියන්ගේ කීමට කීකරුවිය යුතු නැත යන මේ අහංකාරය කවදාවත් ඇතිකර නොගත යුතුය. මවු පිය සහෝදරාදී වැඩි හිටියන් තමාට වඩා නූගත් අය වුවන් ඔවුන් කරණ වරද කියාදී. තමා අදහස් කළ යහපත ඔවුන්ට ඉතාමත් සතුටු දායක අන්දමට අවබෝධකර දියයුතුය. විවාහවෙන්නට පෙර මවු


පියන්ට කීකරුව යටහත්ව ඉන්නාක් මෙන් විවාහයට බැඳුනු පසු ස්වාමි පුරුෂයාට අතිශයින්ම කීකරුව පක්ෂපාතව විසිය යුතුය. ස්ත්රිරය වැලකට සමානය. ගසක හෝ කනු රිටි ආදියක ආධාර‍යක් නොමැතිව මල්පල කරණ වැල් නො පවත්නේය. බින්තඹුර බතල ආදී වැල් වම් පොළව මතුපිට දිවති. නමුත් එවායේ ලක්ෂණ මල්වත් රසවත් පලවත් හට නොගණී. රසවත් පලත් ලක්ෂණ මලුත් හට ගැණෙන සියලුම වැල් ගසක හෝ මැස්සක ආධාරයෙන්ම පැවතිය යුතුය. එසේම “කුලස්ත්රිකය” යන උතුම් නාමය ලැබිය යුතු සියලුම ස්ත්රී හුම මවුපියාදීන්ගේ හෝ ස්වාමි පුරුෂයන්ගේ ආධාරයේම වාසය කළ යුත්තාහුය. ස්ත්රිීයකට යම් කිසි ධනයක් හෝ ධනය ලැබෙන රැකී රක්ෂාවක් තිබුනත් ‍ෙසේවරීව කල්ගත කිරීමෙන් ඇගේ චරිතයට හානි කරනු ඒකාන්තය. මක්නිසාද? ‍‍ෙසේවරී භාවය කලින් කී “අවසර කල් රහස් තැන” යන විනාශ මුඛය පාදා දෙන බැවිනි. දේශපාලනාදී කටයුතුවල යෙදිය යුතු තරම් නුවණැති උගත් දක්ෂ ස්ත්රීීන් ලෝකයේ ඉන්නට පිළිවනි. ඔවුහු ද ස්වකීය ආරක්ෂාව හා යටහත් භාවය මවුපිය ස්වාමි පුරුෂාදීන් කෙරෙහි අවශ්යයයෙන්ම පැවැත්විය යුතුය. ස්වෛරීව හැසිරෙණ ස්ත්රි්යක් කවදාවත් නියම ස්ත්රීෂ ලීලාවෙන් යුත් කෙනෙකැයි විශ්වාස නොකට යුතුය.

විවාහය[සංස්කරණය]

ස්ත්රි්යකගේ හෝ පුරුෂයෙකුගේ ගිහි ජීවිතයේ පටන් ගැන්ම විවාහයයි. ඉක්මන්ව හදිසියෙන් සිද්ධ වන විවාහ වලින් සියේට අනූපහක් පමණ දුක්ඛිත බවට පැමිණෙති. සංසාර පුරුද්දෙන් දුටු හැටියේම සරණ බන්ධනයට ඇතුළත් වන පින්වත්හුද ලෝකයේ සිටිති. ඒ සියේට පහක් පමණ වූ සුලු පිරිස දෙස බලා හැම දෙනාම එසේ කර ගැණීම නුවණට හුරු නොවේ. අප රටේ මව්පියාදී වැඩි හිටියන්ගේ කැමැත්තටම විවාහ සිද්ධ කරන බව පෙනේ. එසේ සිද්ධ කරණ විවාහ අතරද ඉතාමත් වාසනාවන්ත විවාහ දකින්නට ලැබෙති. එපමණින්ම ඒ ක්ර මය හොඳයයි කිය නොහැක. විවාහ වන පුරුෂයා ගැනත් ස්ත්රී ගැනත් පරීක්ෂා කිරීම ඔවු නොවුන්ගේද යුතු කමකි. යටත් පිරිසෙයින් මාස දොළහක්වත් පරීක්ෂා නොකොට තරමක් දුරවත් ඔවු නොවුන්ගේ තත්වය අවබෝධ කරගත නො හැක්කේය. හරියට ලියන ලද කේන්ද්ර්යෙන් උගත් ජොතිශ් ශාස්ත්රහඥයෙකුට ස්ත්රිියගේ හෝ පුරුෂයාගේ අභ්යනන්තර ගති ගුණ හොඳින් වැටහේ. නමුත් උදාසීනව ඒ පරීක්ෂා කරණ උදවිය දුර්ලභය.

ස්ත්රි යක් කෙරෙහි පුරුෂයෙකුත් - පුරුෂයෙකු කෙරෙහි ස්ත්රිතයත් වේලා පහින් තදබල ඇල්මක් ඇතිකොට ඊට පසුව කෙතරම් කරුණු පරීක්ෂා කළත් කිසිම වරදක් හෝ අඩුපාඩුවක් දක්නට නොලැබේ. එමෙන්ම ඔවුනොවුන් කෙරෙහි වේලාපහින්ම අප්රුසන්න වූවන්ටද අන්යෙකන්යුයන් තුළ පවත්නා උසස් ගති ගුණ පවා තේරුම් ගත නොහැක. තමන්ගේ තරාතිරමට වඩා උසස් පුරුෂයෙකු හෝ ස්ත්රිරයක අතර විවාහ යෝජනාවක් ඇතිවුනොත් එක පක්ෂයකට ඇතිවන බලවත් ඕනෑ කම නිසා හරිහැටි කරුණු විමසාගන්ට ඉඩ නොලැබීමෙන් බොහෝ විවාහ දුක්ඛිත බවට පැමිණෙති. විවාහ යෝජනා ඇතිවූ විට ස්ත්රිෝය ගැන පුරුෂයාත් පුරුෂයා ගැන ස්ත්රිවයත් මධ්යඇස්ථ ගතියකින් විමසිය යුතුය. මුළු ජීවිත කාලයත් එමෙන්ම අවුරුදු දහස් ගණනක් පවත්නා පරම්පරාවකුත් ඇතිකිරීමට හේතු වන විවාහ බන්ධනය සිද්ඛකිරීමේදී ඉක්මන්වීම කොහොමත්ම යුතු නොවේ. ස්ත්රිරයක් ගැන සෙවීමේදී මෙන්ම පුරුෂයෙක් ගැන සෙවීමේදීත් ඔවුන්ගේ මව්පිය දෙදෙනා ගැන පරීක්ෂාකර ගත යුතුය. විශේෂ වශයෙන් පිරිසිදු පැවතුම් ඇති ගුණ නුවණින් යුත් ප්රකතිපත්තිධර මවු කෙනෙකුගේ පුතෙක් හෝ දියණියක් නම් මිස නැත්නම් පරීක්ෂා නොකරම ඒ යෝජනාව ප්රුතිකේෂප කළ යුතුය. පුරුෂයා හෝ ස්ත්රිෝය ලෙඩ රෝගාදියකින් පෙළෙන කෙනෙක් නම් නිරෝගී කෙනෙක් ඊට සම්බන්ධවීම මහත් අනුවන කමකි. කුලයත්, ධනයත්, ප්ර භූත්වයත්, රූපලක්ෂණාදියත් ගැණ සැලකීම යුතුකමත් නමුත් දෙපක්ෂයටම සාධාරණ නොවන එබඳු ගුණ ඇති පුරුෂයා කෙරෙහි හෝ ස්ත්රිෙය කෙරෙහි ඇල්මක් ඇති කිරීමේදී විශේෂයෙන්ම කල්පනා සහිත විය යුතුය.තමන්ගේම සැපයත් කීර්තියත් කැහුලෑටි මිනිහෙක් අනුන්ගේ යහපත පිණිස හුදු පරාර්ථ චෙතනාවෙන් ක්රි්යා කරන්නේම නැත. එබැවින් අසරණ තරුණිය තමාට වඩා උසස් පවුල්වල තරුණයන්ගේ ‘පෙම් බැඳීම’ ඉතාමත් ප්රයවේශයෙන් හා ඥානයෙන් පරීක්ෂා නොකොට ඔවුන්ගේ පසඟයට යායුතු නොවේ. එසේ කොට විනාශයට පත් තරුණියන්ගේ ගණන අප්ර මාණය. මවු පියාදී වැඩිහිටියන් විසින් යෝජනා කරණ විවාහය තමන්ගේ නුවණින්ද කල්පනා කර ඉතාමත් ඉක්මන් නොවී කැමතිවීම තමහට වැඩ කැමැති තරුණියන්ගේ යුතුකමකි. මනමාලියගේ ගතිගුණ මනාලයෙකුට බොහෝ දුර විමසා ගත හැක. මනමාලියගේ මවුත් පියත් සහෝදරයන් හෝ සහෝදරියනුත් ගුනවත් ප්රැතිපත්තිධර අයනම් - ඒ මනාලියද නරක්විය නොහැක. එසේ නරක් වෙතොත් ඉතාමත් කලාතුරකිනි.

නමුත් මනාලියට මනාලයාට මෙන් මනාලයා ගැන තේරතුරු හොඳින් විමසා ගන්ට ඉඩ නොලැබේ. ඉන්නිසා මනාලිය විසින් මනාලයා පිළිබඳ කරුණු විමසා ගැණීමට අත්දැකපු ගුරුකමක් සුනන්දා කියන්නෙමි. සමහර තරුණයෝ මනාලියක් බලන්ට ගිය ඉක්මණින් ඔවුන් සමග මිත්රමවෙති. ර‍හස් ගතව දීර්ඝ වේලා කථාබස් කරන්ට බොහෝ දෙනා උත්සාහ කරති. මවු පියන් ඉදිරියේ ටික වශයෙන් කරණ කථාබහ ඇර මවුපියන් ඉදිරියේ කරගත නොහැකි තරම් කතාබහ කිරීමට සතුටුවන තරුණෝ සිටිති. ඒ අයුතුයයි නොසිතිය යුතුයි. තමාගේ මුළු ජීවිත කාලයේ සහකාරියක් වන භාර්යාවගේ දැන ගැනීමත්, ඥානයත්, ශිෂ්ටාචාර ගති ආදියත් විමසා ගන්නා පිණිස ඈ සමග ටිකක් රහස් කරුණු ගැන පවා කථාබස් කිරීම අයුතු නොවේ. නමුත් සමහර තරුණයෝ ඒ ප්රුමාණයද ඉක්මවා ගොස් තරුණියන් වැළඳගැණීම, සිඹීම ආදියටද සැරසෙති. ඇතැම්විට ඊටත් වඩා එහාට ගොස් නීති ප්රිකාර අඹුසැමියන් වීමට ප්රිථම රහස් ගතවම අඹුසැමියන් වන තැන්ද තිබේ. ඇත්තෙන්ම මම සුනන්දාට ප්ර‍ත්ය ක්ෂ කාරණයක් කියන්නෙමි. තමාට මවුපියාදී වැඩිහිටියන් විසින් පාවා දීමට සූදානම් වන තරුණිය නීති ප්රිකාර සරණකර ගන්ට ප්රහථම ඇගේ හස්ත ස්පර්ශයවත් බලාපොරොත්තුවන තරුණයා අශින්ෂිතයෙකි. විවාහ වෙන්ට අදහස් කරන්නේ මතු පරම්ප‍රාවේ බලාපොරොත්තුවෙන්ය. ගුණ ධර්ම දියුණුව සඳහාය. යනු මොහොතකටවත් නොසි‍තන්නෙක් චාරිත්රාගනුකූලවත් නීති ප්රේකාර සරණපාවා දෙන්නට ප්රුථම සිඹීම වැළඳ ගැනීම් ආදී ක්රිරයාවන්ට උත්සාහ කරණ තරුණයා ඒ තරමින්ම ප්රීතික්ෂේප කිරීම නුවණැති තරුණියකගේ බලවත් යුතු කමකි. මක්නිසාද? ප්රීස්තාවානුකූලව හැසිරීමට පවා නොදත් තමන්ගේ පංවෙන්ද්රිරයයන් කාලික වහයෙන් වත් මර්දනය කර ගැණීමට අසමර්ථ අධික රාගික පුරුෂයෙක් බැවිනි. එබන්දෙක් වැදගත් කුල ස්ත්රිපයක් සමග පමණක් නොව පහත් පැවතුම් ඇති වෛශ්යා ස්ත්රීෙන්ට පවා මුළාවිය හැක්කෙක් හෙයින් චපලයෙක් බවද සැලකිය යුතුය. ස්ථිර ගුණයෙහි නොපිහිටි චපලයෙකු හා විවාහ වුවොත් ජීවිතයේදී කුමකින් කුමක් වේදැයි කාටවත් කිය නොහැක. ස්ථානයත් ප්රිස්තාවත් පවා නොසලකා චිත්ත ප්රීනතියට පැමිණෙන්ට තැත්කරණ තැනැත්තා - රහස් ස්ථානයත් නිවාඩු කාලයත් ලැබුනොත් කා සමගවුවත් අනාචාරයේ නො හැසිරේද?. මේ මා කී කරුණු ස්ත්රීාන් පිළිබඳවත් මෙසේම බව සැලකිය යුතුය. මවුපියන්ගේ යෝජනාවෙන් පිළියෙල කරන විවාහය නීති ප්රිකාර


ඉෂ්ට කරණතුරු නො ඉවසිලිවන්තව ක්රි්යා කරණ තරුණයා හෝ තරුණිය කෙරෙහි තදබල විශ්වාසයක් තැබීමට අන්තරාදායක බව විවාහවීමට ඉන්නා තරුණයන් හා තරුණියන් විසින් සැළකිය යුතු කරුණක් බව සුනන්දාට මෙයින් මතක් කරණු ලැබේ.

ස්ත්රී පුරුෂයන්ගේ හොඳ[සංස්කරණය]

ස්ත්රී න් හා පුරුෂයන් වර්ග හතරකට අයිතිය. මෙය පෙර දිග පණ්ඩිතයන්ගේම මතය වුවත් බටහිර පණ්ඩිතයෝද ප්රවතික්ෂේප නොකරති. ස්ත්රීයන් හා පුරුෂයන් පිළිබඳව වර්ග භේදයක් පවත්නා බව අපේම ඇසට පෙණෙන සත්යේයකි. ගවයන් අතරත් කීප ‍වර්ගයක ගවයෝ සිටිත් නම් මනුෂ්යසන් අතර ‍එසේ නොසිටිත් ද? ඉතින් පුරුෂ වර්ගයට නියම ස්ත්රීතන් - ස්ත්රීසවර්ගයටම නියම පුරුෂ වර්ගයක් සම්බන්ධ වූවිට ඉතා සැපවත් සමාදානයෙන් කල් යවන පවුලක් ඇතිවේ. එසේ නූනත් ධර්මයත් භය ලැජ්ජාත් සලකන අය සමාදානයෙන් මෙන් සිටිනු සැබෑය. එහෙත් ඒ ඇඹුසැමි දෙදෙනා අතර විවාහ ජීවිතයේ රහස් සතුට කවදාවත් සම්පූර්ණ නොවේ. ඉන්නිසා සතර වර්ගයට අයත් පුරුෂයන්ට නියම ස්ත්රී්න් විවාහකර ගැණීමට උත්සාහ කළ යුතුය. පුරුෂයන් හතර වර්ගයට අයිතිය එනම් -

1 - සසක හෙවත් හා වර්ගය 2 - මෘග හෙවත් මුව වර්ගය 3 - වෘෂභ හෙවත් ගෝන වර්ගය 4 - අශ්ව හෙවත් තුරඟ වර්ගය

මේ සතර වර්ගයේ පුරුෂයින්ගේ ලක්ෂණ හා ඇඳව ගැනීමට උපක්ර මද දක්වා තිබේ. ඉවසිල්ලෙන් හා නුවණින් පරීක්ෂා කරණ විට දැනගන්ට පිළිවන.

(1) සසක වර්ගය හෙවත් හා වර්ගයේ පුරුෂයා කවදාවත් කාමයෙන් මුළා නොවේ. මෛථුන සේවනයෙන් පසු හාවා මෙන් ක්ලාන්තව වැදහෙන්නේය. ඌට ඒ කාම සේවනයෙහි අධික ශක්තියක් නැති බැවින්ය. සසක වර්ගයට අයත් පුරුෂයාට කාම සේවනය අධිකව උවමනා නොවේ.

මේ සසක වර්ගයේ පුරුෂයා මධ්යසම තරමේ උස මහත ඇත්තෙකි.

මවුපිය වැඩි හිටියන්ට කීකරු වූ ආගම භක්තියෙන් අනූන සදාචාරයට කැමති කෙනෙකි.


අයුතු කාම සේවනයට සතුටු නොවන පිරිසිදු පැවතුම් ඇති කෙනෙක්ය.

කරුණාවෙන් තෙත්වූ හිතක් ඇති මෘදු ගුණයෙන් යුත් අහිංසක කෙනෙකි.

(2) මෘග හෙවත් මුව වර්ගයේ පුරුෂයා මුවා මෙන්ම කඩිසර වූ සල පතලකම් ඇති ක්රිූයාවෙහි සූරයෙකි.

ඔහු මධ්යතම ප්රයමා‍ණයේ ශරීර ඇති ශක්ති සම්පන්නයෙකි.

මුවෙක් පනින්නාක් මෙන් ලීලොපේන අන්දමට ගමන් කරන්නේය.

නිතරම සිනහ මුසු මුහුණින් යුත් ප්රීනති සහගත හිතක් ඇති නෘත්ය් ගීතාදියට ප්රිසය කරණ ආගම භක්තියෙන් යුත් කෙනෙකි.

රසවත් ආහාර පානාදියට රුචි අමුත්තන්ට සංග්ර්හ කිරීමට කැමති ස්ථිර ගුණයෙන් යුත් ධාර්මික කෙනෙකි. කාම සේවනයට ප්රිමය කරන්නෙකි.

(3) වෘෂභ හෙවත් ගව වර්ගයේ පුරුෂයා ශරීර ශක්තියෙන්ම සම්පූර්ණ ශරීර ඇත්තෙකි. මිටි පහේ තර ශරීරයකි. දික් වූ ජීවිභාවක් ද පැතලි ශරීරයක් ද ඇති ලොකු දරු පවුල් ඇති කෙනෙක් වේ.

වෘෂභයෙක් මෙන් ආහාර කන්නෙක් වේ. ස්ත්රීරන් කෙරෙහි ඉතා ගිජු කමින් බලන්නෙකි. ප්රී.තිමත් මුහුණක් දක්වන කෙනෙකි.

පර ස්ත්රී් සේවනයට නිතරම ආසා ඇත්තෙකි. ර‍ාගයෙන් මත්වූ කවදාවත් තෘප්තියට නොපැමිණෙන අයෙක්.

(4) අශ්ව හෙවත් තුරඟ වර්ගයේ පුරුෂයා දුර්වර්ණවූ ලොකු දේහයක් ඇත්තෙකි.

ඔහුගේ කන් ලොකුය - ශරීරය තර බාරුය.

නින්දට රුචි නැති හෙවත් ඉතාමත් ටික නින්දෙන් සතුටු වන නිදිමත අඩු කෙනෙකි.

අනුන්ගේ දොස් කීමට රුචි වූ මොහු බොරුකාර මෙන්ම දුෂ්ට ප්ර යෝග කාරයෙකි.

කෙබඳු ස්ත්රි.යක් වුවත් - එනම් රූපත් හෝ විරූපී හෝ දුර්ව්ල හෝ ශක්තිමත් හෝ කෙබඳු ස්ත්රි්යක් වුවත් ඔහුට රුචිවේ.

ඉතින් පුරුෂයන් සතර වර්ගය පිළිබඳව මෙහි දැක්වූ රූප ලක්ෂණ ගති ගුණ ආදියෙන් ඒ ඒ වර්ගයේ පුරුෂයන් නිශ්චය කර ගැණීමට


පෙර තවත් ගුරුකමක් සුනන්දාට කියමි. පුරුෂයාගේ නාසයේ දිගත් නාස්පුඩු දෙකේ වට ප්රරමාණයක් මැනගත් විට - ඒ සියල්ලේම දිග දිග ප්ර මාණය අඟල් හයක් හෝ ඊට අඩුනම් ඒ අය සසක වර්ගය බවත්, අඟල් අටක් හෝ ඊට අඩු නම් ඒ අය මුව වර්ගය බවත්, අඟල් දොළහක් හෝ ඊට අඩුනම් ඒ අය තුරග වර්ගය බවත් කියා තිබේ. ඒ පුරුෂයාගේ තොල් දෙක මැණීමෙන්ද මේ සතර වර්ගය නිශ්චය කරගත හැකියයි තවත් ආචාර්යවරයෙක් කියා තිබේ. එනම් සසක වර්ගයේ පුරුෂයාගේ දෙතොල් අඟල් හයක් හෝ ඊට අඩුවද, මුව වර්ගයේ අඟල් අටක් හෝ ඊට අඩුවද, ගව වර්ගයේ අඟල් දහයක් හෝ ඊට අඩුවද, තුරඟ වර්ගයේ අඟල් දොළහක් හෝ ඊට අඩුවද තිබේ. මේ අඟල් ඉංග්රී සි මැණීමේ අඟල් නොව පෙරදිග මැණීමේ අඟල් වන දබර ඇඟිල්ල ප්ර්මාණය බවද සැලකිය යුතුයි.

ස්ත්රී න් සතර වර්ගය

1 - පත්මිනි පත්ම වර්ගය 2 - චිත්රිිණි ලක්ෂ ණ සිතියම් වර්ගය 3 - සංඛිණි සක් වර්ගය 4 - හස්තිනී ඇත් වර්ගය

යන සතර වර්ගයට ස්ත්රීඇහු ඇතුලත් වෙති.

(1) පත්මිනි වනාහි පිපුනු නෙළුම් මලක් බඳු නීලවර්ණ පිරිසුදු විශාල ඇස් ඇත්තීය.

වඩා උස් නොවූ මිටි නුවූ ලක්ෂණ ශරීරයකින් යුත්, අචාර සම්පන්න ආගමික භක්තියෙන් යුත් ශ්රකද්ධාවත් කෙනෙකි.

වැඩි හිටියන්ට හා ස්වාමි පුරුෂයාටත් හට පක්ෂ ගරු බුහුමන් ඇත්තියකි.

මෘගයන්ගේ ඇස් බඳු ඇගේ මෘදු බැල්මෙන් දුටුවන් සිත් ඇද ගන්නා සුලුය.

මිහිරි වීණා නාදයක් වැනි කථාව ඇති නපුරු කර්කශ වචනයක් කොයි ප්රිස්ථාවකදීවත් පාවිච්චි නොකරණ ඈ සමග වරක් කථා කළ සත්පරුෂයන් තුළ නැවතත් කථාබස් කිරීමට රුචියක් ඇතියේ.

සිනහවෙන් පිරුණු පැහැපත් මුහුණක් ඇත්තේය. හංස ධෙනුවක්


මෙන් ලීලොපේත ගමන් ඇත්තීය.

කා කෙරෙහිත් දයා සම්පන්න, කා විසිනුත් ගෞරව කරණු ලබන වාසනාවන්තියෙකි.

කාම සේවන ආහාරපාන ආදී සියල්ලේදීම ඉතා ස්වල්පයෙන් සතුටු වේ.

ඇගේ නාස්පුඩු ඉතාමත් කුඩාය. නාසයත් නාස්පු‍ඩු දෙකක් මැන්න කල්හි ඇඟිලි අක් හයකට වඩා දික් නොවේ.

(2) චිත්රවණී වර්ගයේ ස්ත්රිසය වනාහි දක්ෂ ශිල්පි්යෙකු විසින් අඳින ලද ලක්ෂණ සිතියමක් මෙන් ප්රි‍ය දර්ශණීය වේ.

වැඩි හිටියන්ට හා ස්වාමි පුරුෂයාටත් භක්තිමත් පරපුරුෂ සේවනය තදින් පිළිකුල් කරණ ජීවිතයටත් ව‍ඩා පතිවෘත ධර්මය රක්ෂා කරන්නියකි.

කාම සංසර්ගයේදී ඉතා ඉක්මණින්ම සතුටු වන්නීය.

දයාන්විත ගතිය, ධර්මිෂ්ට ගතිය, තමාට වරදක් කළත් නොකිපෙන ගතිය, උත්පත්තියෙන්ම පිහිටා තිබේ.

ඇගේ නාසයත් නාස්පුඩු දෙකත් මැන්න කල්හි ඇඟිලි අක් අටකට වඩා දික් ‍නොවේ.

(3) සංඛිණී හෙවත් සක් වර්ගයේ ස්ත්රීඇය මහතට වඩා උස් ශරීරයක් ඇති ඝනව වැඩුණු දික් විශාල කේශ කලාපයක් ඇති තැනැත්තියකි.

ඈ තදින් කථා කරණ විට ඈතට ශබ්දය ඇසෙන රළු හඬක් ඇත්තියෙකි.

ඇගේ සිනහවෙන්ම කාමුක හැඟීම් ඇතිවේ. ස්වකීය ස්වාමියාගෙන් පිටත් අන්යන මිනිසුන් හා කාම සේවනයේ හැසිරීමෙන් සතුටු වෙන්ට නිතරම උත්සාහ කරන්නියකි.

වැඩි හිටියන්ට හෝ ස්වාමි පුරුෂයාට ගෞරවයක් හෝ සැලකිල්ලක් දක්වන තැනැත්තියක් නොවේ.

දික්වූ පුළුල් නාස් පුඩුවලින් යුක්තය. ඇගේ නසයත් නාස්පුඩුත් ඇඟිලි අක් දහයක් පමණ දිගය.

(4) හස්තිනී හෙවත් ඇත් වර්ගයේ ස්ත්රිකයගේ ශරීරය සුරා ගඳ වැනි ගන්ධයකින් යුක්තය.

හිසකෙස් ඉතාම ටිකය - ඇස්වල මඳ රතු පැහැයක් ඇත්තේය.

දැඩි රාගිකවූ ස්වකීය ස්වාමියාට වඩා පරපුරුෂයන් සේවනයෙහි ගිජුවූ තැනැත්තියකි.

හික්මවිය නොහැකි ස්වෙච්ඡාචාරී නපුරු හිතක් ඇත්තියක්ය. නිතරම ස්වාමි පුරුෂයා ගෙන් හෝ වැඩි හිටියන්ගෙන් වෙන්ව දුරාචාරව හැසිරෙන්ට කැමැති වේ.

ඇගේ නාසය හා නාස්පුඩු වැන්නවිට ඇඟිලි අක් දෙළසක් පමණ වෙයයි ද කියා තිබේ.

ඉතින් මේ කියන ලද පුරුෂයන් හතර දෙනාත් - ස්ත්රීෙන් හතර දෙනාත් විවාහ කළ යුතු අන්දම මෙසේය.

සසක පුරුෂයාට පත්මිණීද මුව පුරුෂයාට චිත්රිීණීද ගව පුරුෂයාට සංඛිණීද තුරඟ පුරුෂයාට හස්තිණීද

යෝග්ය වේ. සසක පුරුෂයාට චිත්රිපණිද, මුව පුරුෂයාට පත්මිණිත් තුරඟ පුරුෂයාට සංඛිණිත්, ගව පුරුෂයාට හස්තිණිත් මධ්යමම වේ. එයින් වෙනස්වී නම් ඒ විවාහය අතිශයින්ම දුක්ඛ දායක වේ. මේ සතර වර්ගයේ විවාහවෙන් ඇතිවන දරුවන්ද විස්තර කොට තිබේ. සසක පුරුෂයෙකු නිසා පත්මිණිගෙන් අතිවන පුත්ර දූහිතෲන් අතිශයින්ම ශිෂ්ටාචාර ගුණවත් දරුවෝය. මුව පුරුෂයා නිසා චිත්රි ණිගෙන් ඇති වන දරුවෝ ඉතාමත් ලක්ෂණ කඩිසර අය වෙති. ගව පුරුෂයා නිසා ඇතිවන සංඛිණීගේ පුත්රඉයන් අතර ප්රයසිද්ධ යුද්ධකාමීන්ද - දූ වරුන් අතර යක්ෂණියන් වැනි දූවරුන්ද ඇතිවෙති. තුරඟ පුරුෂයා නිසා හස්තිණිගෙන් අට ගන්නා පුත්ර්යන් අතර ඉතාමත් ශක්තිමත් මල්ලවයන් ඇතිවිය හැක. දූවරු අධික රාගික දූර්තියෝ ද වෙති.

සසක - පත්මිණි ආදී වශයෙන් නොව අනියම් විධියට සරණ වීමෙන් ඇතිවන දරුවන්ද ඒ දෙදෙනාගේ විවාහය මෙන් දුක්ඛ දායකය. අශ්ව වර්ගයේ පුරුෂයෙක් පත්මිණි වර්ගයේ ස්ත්රි යක් විවාහකර ගත්තොත් ලැබෙන දරුවන් අවාසනාවන්ත පවුකාර කාලකණ්ණිහු වෙති. දුෂට නපුරු අධර්මවාදී ක්‍රියා බහුල කොට ඇත්තෝ වෙති.

සසක වර්ගයේ පුරුෂයෙක් සංඛිණි වර්ගයේ ස්ත්රි යක් විවාහ කර ගත්තොත් ඔවුන් නිසා ඇතිවන පුත්ර් දුහිතෲන් භක්තිමත් යහපත් අය විය හැක. නමුත් ඉක්මණින් කිපෙන සංසුන් ගති නැති අය වෙති.

වෘෂභ වර්ගයේ පුරුෂයෙකුට පත්මිණි වර්ගයේ ස්ත්රිංයක් විවාහකර දුන්නොත් ඔවුන්ගෙන් අට ගන්නා දරුවෝ අධික ධූර්තියෝ වෙති. මේ අන්දමට අයුතු වර්ගවල ස්ත්රීා පුරුෂයන්ගේ එක්වීමෙන් අට ගන්නා පුත්රද දූහිතෲන් විෂම ගති ගුණ ඇතියවුන් වන බව සලකාලෙණ ඉතා ප්රෙවේශමෙන් හා කාලයක් පරීක්ෂා කිරීමෙන් සතර වර්ගයේ ස්ත්රී්න්ට සුදුසු සතර වර්ගයේ පුරුෂයන්ම තෝරාගත යුතුය. එසේත් බැරි තැනදී මීට ඉහතින් මෙහි දැක්වූ අන්දමට මධ්යෝම වර්ගයවත් සම්බන්ධ කළ යුතුය. සසක පුරුෂයාට සහ මුව පුරුෂයාට සංඛිණී හස්තිණී දෙදෙනාත් ගව පුරුෂයාට සහ තුරඟ පුරුෂයාට පත්මිණි චිත්රිීණී දෙදෙනාත් මොනම කාරණයක් නිසාවත් විවාහකර නොදිය යුතුය. මක්නිසාද ඔවුන්ගේ එක්වීම සැපතට නොව දුකට විපතට හේතුවන බැවිනි.

ප්රේමය හා යුතුකම[සංස්කරණය]

ප්රේනමය, ආදරය ආදී වචනවල හරි අදහස බොහෝ දෙනා නොදනිති. “මම නුඹට බොහොම ආදරෙයි” – “මගේ ප්රේ මියට මගේ ජීවිතයටත් වඩා ප්රේමම කරමි” යන මේ සියල්ලක්ම රාග ගින්නෙන් දැවෙන විට කියන වචන බව සැලකිය යුතුය. ප්රේයමය හෙවත් ආදරය වනාහි රාග ගින්නෙන් නගින දුම බව කිය යුතුය. දැඩි රාග චෙතනාව ඇත්නම් ඒ තරමට දැඩි ප්රේනමයකුත් හිතේ ඇති‍ වේ. රාග ඇල්ම යම් තරමට දුර්වල වේද ප්රේ මයත් ඒ තරමටම දුර්වල වේ. ස්වකීය ජීවිතයටත් වඩා ප්රේ මය දක්වා විවාහ කරගත් ස්ත්රීන පුරුෂයන් අවුරුදු තුන හතරේදී වෙන්වී අන්ය් ස්ත්රී පුරුෂයන් සමග ප්රේසම කරණ බව පෙණෙන්නට තිබේ. එසේ වීමට හේතුව කුමක්ද? කාම සේවනයේදී ස්ත්රි පුරුෂ දෙදෙනා ප්රීබතිවන තරමට ‍ප්රේුමය හෙවත් ආදරය ඔවුනොවුන් කෙරේ ඇතිවේ. නමුත් යම් හෙයකින් ඒ දෙදෙනාගෙන් කෙනෙක් වෙන අන්යව ස්ත්රි්යක හෝ පුරුෂයෙකු කෙරේ වාසය කොට වඩා අධික ප්රී්තියකට පත්වුනොත් ඒ කලින් ප්රෙෂමය තිබුනු තැනැත්තා හෝ තැනැත්තී පිළිකුල් වී අත්හැර දමති. මේ නිසා ප්රේෂමය සලකාගෙණ විවාහ බන්ධනයට ඇතුළත් විය යුතු නොවේ. “ප්රේමමය” යි කියන්නේ රාග ගින්නෙන් නගින දුමටය. ප්රේ.මය ඇති බව කීවත් නොකීවත් රාග ගින්න දැල්වුණු තරමට ඒ ප්රේනමය ඉබේම අට ගන්නා බව සැලකිය යුතුය. හුදු ප්රේ මය සලකාගෙණ විවාහවීම මිරිඟුව බල බලා වතුර බොන්ට දිවීමක් වැනි නිශ්ඵල වැඩක්ය. විවාහ වන අඹුසැමි දෙදෙනා

අතරේ පැවතිය යුතු “ධර්මය” සලකාගෙණම විවාහ විය යුතුය. ඒ ධර්මයට මේ කාලේ “යුතුකම” යයි බොහෝ දෙනා කියති. ස්වාමි පුරුෂයා කෙරේ භාර්යාව විසින් දැක්විය යුතු යුතුකම් පසකුත් ගිහි විනයේදී ප්රමකාශ කොට තිබේ. පුරුෂයා විසින් ස්ත්රිුය කෙරෙහි දැක්විය යුතු යුතුකම් පස නම් -

01. මෘදු මොලොක් ප්රිෙය වචනයෙන් කථා කිරීම. 02. නිග්රමහ වශයෙන් සැර පරුෂ වචන නොකීම. 03. පරදාර සේවනය නොකිරීම. 04. ත‍මාගේ සියලු යස ඉසුරු ඇගේ භාරයට පැමිණවීම. 05. තමන්ගේ වත්කමේ ප්රුමාණයට භාය්යා පැ වට ඇඳුම් පැලඳුම් හා ආභරණ සපයාදීම.

ස්ත්රිපය විසින් පුරුෂයා කෙරෙහි පැවැත්විය යුතු යුතුකම් පසක්ද වෙති. එනම්-

01. ගෙදර දොර සියලු කටයුතු අනලස්ව විධිවූ පරිද්දෙන් කිරීම. 02. ස්වාමියාගේ ඤාති මිත්රාඅදීන්ට හා ගෙදර මෙහෙකරු ආදීන්ට කාලොචිත සංග්ර්හ කිරීම. 03. අන්ය‍ පුරුෂයෙකු ගැන සිහිනෙන් පමණකුදු නොසිතීම. 04. ස්වාමියාගේ වස්තුව මනාලෙස ආරක්ෂාි කර ගැණීම. 05. කැඳබත පිසීමාදී කටයුතු වල දක්ෂවීම.

ස්ත්රිතය විසිනුත් පුරුෂයා විසිනුත් ඔවු නොවුන්ට අයිති යුතුකම් දක්වතොත් මිරිඟු දියක් ‍වැනි ප්රේ මය - ආදරය නැතුවාට කිසි පාඩුවක් නැත. මක්නිසා ද? මෙසේ සමගියෙන් ධර්මකාමීව වසන අඹු සැමියන්ගේ ප්රේරමය හෙවත් ආදරය කවදාවත්ම වෙනස් නොවී ස්ථිරව පවත්නා හෙයිනි. භාර්යාවක් විසින් ස්වාමි පුරුෂයෙකු ප්රීනතිමත් කිරීම, ඔහුගේ දුක් දොම්නස් වලදී නුවණින් ඒ සියල්ල දුරු කිරීම, විපතක් පැමිණි විට සිත් වේදනා නොවන අන්දමමට ගුරුකම් කියාදීම, අතමිට හිඟ අවස්ථාවලදී සෙල්ලම් මංගල්ය උත්සවාදියට යාමට අදහස් නොකිරීම, තමාගේ ආදායමට ව‍ඩා වියදම් කිරීමට ඉඩ නොදීම, හැම වේලේම ප්රීිති සහගත සිතින් දූ දරුවන් රැක බලා ගැණීම, අනුන්ගේ ඕප දූප කේලම් කීමට හෝ ඇසීමට සතුටු නොවීම, නිකරුණේ කාලය ගත නොකිරීම, අසල්වාසීන් හා ස්වකීය ඥාතිවරයන් තමන්ට


වඩා උසස් ලෙස කල්ගත කරණවාය. අපට එලෙස බැරි මන්දැයි නොකෙඳරීම යන ආදිය ඉහත කී ස්ත්රිණය පිළිබඳ ප්රෙධාන යුතුකම් පසටම අයත් අටුවාවකි.

පුරුෂයා විසින් ස්ත්රිරයටත් වඩා හොඳින් සිය යුතුකම් ඉෂ්ට කළ යුතුය. මක්නිසාද?. පුරුෂයා ස්ත්රියයට වඩා ධෛර්යවත් ගුණ නුවණ ඇතියෙක් බැවිනි. ස්වකීය භාර්යාවට බලවත් ගෞරවයක් දැකිවීම. ඇගේ හෝ තමාගේ ඤාති මිත්රා දීන්ගේ භර්යාවන්ට වඩා ‍අගෞරව නොවන තත්වටක තැබීම, ස්ත්රී න්ගේ සනීපයත් කැමත්තත් නොවිමසා කවදාවත් කාම සේවනයට කල්පනා නොකිරීම, අන්ය ස්ත්රීනන් හෝ පාප මිත්රීයන් සමග කාලය ගත නොකිරීම, උපයන සියල්ලක්ම භාර්යාව ‍අතට හෝ ඇගේ දැනීමත් ඇතිව ආරක්ෂාකර ගැණීම, භාර්යාවත් සමග නිතරම ප්රිගය මනාප කථා පැවැත්වීම, දූදරු ආදීන්ගේත් ගෙදර දොරේ කරදර ඇතිවූ විට ඒ සියල්ලක්ම භාර්යාවට දරාගන්ට ඉඩ ඇර තමා මග ඇර නොයෑම, ඉඩ ඇති සෑම අවස්ථාවලදීම භාය්යාට ව ඇතුළු දූ දරුවන් සමග එක්ව ආහාර පාන ගැණීම, තමාගේම ඇඳුම් පැළඳුම් ආදියට වඩා භාර්යාවගේ හා පුත්රව දුහිතෲන්ගේ ඇඳුම් පැළඳුම් ගැන සැලකිල්ලක් ඇති කිරීම යනාදිය පුරුෂයාට අයිති යුතුකම් පසේ විස්තර බව සැලකිය යුතුය.

අධම පුරුෂයෝ[සංස්කරණය]

විවාහවීමේදී තත්ත්වීය හරිහැටි විමසා ගන්න බැරිවීම නිසා අධම පුරුෂයන් ගෙන් දුක් විඳින ස්ත්රීැන්ගේ සංඛ්යානව අප්‍රමාණය. ස්ත්රිැයකට සලකන අය - තමන්ට පිළිවන් කමක් තිබියදී භාර්යාවට සැපසේ ඉන්ට ඉඩ නොදෙන - ස්ත්රිනය නිරෝගීව සුවසේ සිටියදී පර ස්ත්රීේ සේවනයෙහි හැසිරෙන මිනිසුන් අන්තිම අධමයෝය. මීටත් වඩා අධමයෝ නම් සූදු කෙළින්නන් හා සල්ලාලයන් බේබද්දන් ද බව සැලකිය යුතුය. සූදු කෙලින මිනිහා ගැන සොයා ගැණීම ඉතාමත් අපහසු කාරණයකි. ඒ නිසා සුදුකාරයා බේබද්දාටත් සල්ලාලයාටත් වඩා භයානකය. රෙස් සූදුව කඩදාසි සූදුව යන මේවා ‘සීලාචාර’ මිනිසුන් අතරේ කෙරෙණ සූදු හැටියට දැන් කාලේ ප්රලකටව පවතී. නමුත් ඇත්ත වශයෙන් සලකතොත් රේස් සුදුවට ධනවතුන්ගේ විනෝදයට පිළියෙල කරගෙන තිබෙන භයංකර ක්රීටඩාවකි. දුප්පත් මිනිසුන්ට හා මධ්ය ම පංතියේ අයටත් ඒ විෂයකි. මසකට රුපියල් හත් අටදාහක් ආදාය ලැබෙන


ලොකු ධනවතෙක් අවුරුද්දකට දෙතුන් දිනක් රේස් සූදුවට ‍ගොස් රුපියල් හත් අට දාහක් පැරදුනාට ඔහුට කිසිම අමාරුවක් නැත. නමුත් මසකට රුපියල් සියයක් හෝ රුපියල් දෙසියයක් උපයන දුප්පත් හෝ මධ්ය්ම පඬක්තියේ කෙනෙක් අවුරුද්දකට හත් අට වරක් රුපියල් හාරපන්සියේ බැගින් පැරදුනොත් ඔහු කුමක් කරන්ට ද?. භාර්යාවගේ කණකර ආභරණවත් උගස්තියා - තමා රක්ෂාව කරණ ස්ථානයට ණයව කාබුල් හෙට්ටි ආදී පරදේශින්ට ද ණය ගැතිව මාර්ගයේ බැස ගමන් කරන්නට අවකාශ නැති තරම් ණය ගැතියෙක්ව මහත් විපතට පත්වනු ඒකාන්තය. කොයි අන්දමේ සූදු කාරයෙක් වූවත් මුලු පළාතටම සාපයකි. යම් ස්ත්රිියක් තමා කලින් නොදැක සූදු කෙළින එකකු සමග විවාහවී නම් ඔහු එයින් වලක්වා ගන්ට උත්සාහ කළ යුතුයි. අධම පුරුෂයන්ගෙන් -

01. ස්ත්රිගයට තළන මිනිහා. 02. ස්ත්රිගයගේ සැප පහසු නොතකන මිනිහා. 03. සූදුකාරයා. 04. පරස්ත්රීා සේවනය කරන්නා 05. මත්පැන් බොන්නා. 06. ස්වකීය භාර්යාව අනුන්ට පාවාදී රැකෙන්නා. 07. පවුලේ ගෞරවය සලකා ක්රි යා නොකරන්නා.

යන මේ හත්දෙනා ඉතාමත් භයංකර අධමයෝයි. නොදැනුම් කමින් මේ නීචයන් සමග යම් ස්ත්රිභයකට විවාහ වෙන්ට සිද්ධවුනි නම් ඔහු කරණ ඒ දුශ්චරිත ඕනෑ කමින් සැලකිලි සහිතව ස්වාමි පුරුෂයාට කියා දී ඔහු ඒ දුශ්චරිතයෙන් මුදවාගත යුතුය. ඉහත කී දුසිරිත් හතෙන් එකකට ගොදුරු වූවෙකුගේ වත් පවුලක් පරම්පරාවක් දියුණු නොවේ. ඉතින් ඒ කියන ලද එකකට එසේ නම්, දෙකක් තුනක් කරණ මිනිහෙකු ගැන කියනුම කවරේද? මෙහි දුක්වූ සූදු කාරයා ගැන පමණක් අපි බලමු. තමන්ගේ රක්ෂාවක් වශයෙන් මුදල් ලබා ගන්නා බලාපොරොත්තුවෙන් රේස් ඔට්ටු අල්ලන කඩදාසි කෙළින, දූ කැට ආදියකින් සූදු කෙළින මිනිහා තරම් නීචයෙක් ලෝකයේ නැත්තේය. වැසි වලාකුල් ආදිය නැති දිනක දහවල් එකොළහට ඉර පායා තිබෙන බව සූදුකාරයෙක් කීවත් විශ්වාස නොකළ යුතුය. සූදුකාරයෙකුට ඉඩ ලැබු‍නොත් බුදුන් දෙවියන් සත්තකදේ තබා ස්වකීය මවුපියන්ගේ

බඩවැල් එලියට අරගෙණ වේලා විකුණන්ට පිළිවන් නම් එසේ කරණ බව ඒකාන්තය. සූදුවට පුරුදුවූ ආණ්ඩුවේ උසස් තනතුරු දැරූ කීදෙනෙක් හොරකමින් අන්යඅ මුලාදෑනීන්ගේ පඩි ආදිය පැහැරගෙණ හිරගෙට ගොස් සිටිත් ද? කොයිම සූදුවකට නමුත් පුරුදුවූ තැනැත්තා ශත බාගයකටවත් විශ්වාස කළ නොහැකි බොරුකාර කපටි චණ්ඩාලයෙකි. එබඳු මිනිහෙකු සමග ස්ත්රිසයක් ගිහි සැප විඳිනවාට වඩා සංඝාක නරකයේ දුක් විඳීම සැපකි. සූදුකාරයෙකු තුළ කරුණා මෛත්රීට ගුණයවත් කෙළෙහි ගුණයක්වත් - නාම මාත්රායෙන් පවා නැත්තේය. සූදු කෙළීමාදී දුසිරිත් කරණ මිනිහෙක් සිද්ධ ස්ථානයක හෝ පුණ්ය් සමාගමක කටයුතු කරතොත් ඒ කරන්නේ පිණක් තකාගෙන නොව එතනින් මොකවත් පැහැර ගන්නා බලාපොරොත්තුවෙනි. සුදුකාරයාට ලැජ්ජාවවත් භයවත් නැත. ස්වකීය භාර්යාව පර පුරුෂයන්ට පාවාදී තමා මුර කෙරීමේ යෙදෙන්නට පිළිවන් එකම නීචයා සූදුකාරයා පමණකි. එබැවින් සූදුකාරයෙක්ව සිටින කෙනෙක් සමග බැරිවීමකින් විවාහ වුනොත් ඔහුට කාරණය හොඳින් විස්තර කළ යුතුය. ඉරපායන්නේ නැගෙනහිරින් ය. එය වෙනස් කරන්ට කාටවත් නොහැකි යම්සේ ද - බුද්ධාදී උතුමන්ගේ වචනත් කිසිම කෙනෙකුට වෙනස් කළ නො හැකිය. මහත්මයාට පුරුදුව තිබෙන නීච සුදුව සම්පුර්ණයෙන්ම අත් නො හැරියොත් - මහත්මයාටත් වඩා මා කාලකණ්ණි පව්කාර වෛශ්යා් ස්ත්රිේයක් වනු ඒකාන්තය. ඉතින් අප දෙදෙනා නිසා ළමයි අටගත්තත් ඔව්හු ද සතර අපායෙන් චුත‍වන පහත් පව්කාරයෝය. අපේ පරම්ප‍රාවට තබා මුළු සිංහල ජාතියට ම අපේ මේ පවුල සාපයක් - අර්බුදයක් වන්නේය. ඉන් නිසා තමුන්නාන්සේ මා කෙරෙහි මදක්වත් යුතුකම් දක්වතොත් අද පටන් සම්පූර්ණයෙන් සූදුව අත් ඇරිය යුතුය. එසේ බැරි නම් මම මගේ මවුපියන් ලඟට යමි. බැරි වුනොත් වැදගත් ගෙදරක මෙහෙකාරියක්ව ජීවත් ‍වන්නෙමි’ යි සූදුකාර ස්වාමියාට කිය යුතුය. ඔහු ඊට ඇහුම්කම් නොදෙතොත් ශිෂ්ටාචාර ස්ත්රිුය වහාම ඔහුගෙන් ඉවත්ව යා යුතුය. පුරුෂයෙකුට කිසිම සමාවක් නැති ගර්හිත දුශ්චරිතය සූදුව වේ. මේ දුශ්චරිතයෙහි නියුක්ත මිනිහෙකු ගෙදරකට වැද්ද ගැණීම අසාධ්යූවූ රෝගියෙක් හෝ පිළිකුල් කටයුතු ලාදුරු රෝගියෙක් වැද්ද ගැණීමට වඩා දරුණුය.

අධම තුච්ච පුරුෂයන් හත් දෙනාගෙන් හෙවත් - පුරුෂයන් නීච බවට පමුණුවන කාරණා හතෙන් - තුන්වෙනි කාරණය ගැන මඳක් මෙහි කීවෙමි. පළමුවෙනි නීචකම, එනම් - භාර්යාවට තැලීම

තිරිසනෙකුටත් වඩා පහත් ගර්හිත ක්රිුයාවකි. තමාම සිප වැළඳ ශරීර ස්පර්ශ ලැබූ භාර්යාවට අත උස්සා පහරක් දිය හැක්කාට කළ නොහැකි අමන කමක් නැත. එකවරක් තැළුවොත් ඒ ගර්හිත තිරස්තින ගතිය කියා ඔහු හික්මවා ගත යුතුය. නමුත් දෙවෙනි වරත් එසේ කළොත් මුළාදෑනියෙකුට හෝ උසාවියට දැනුම් දී ඔහුගෙන් දික්කසාද වීමට ඉල්ලුම් කළ යුතුයි. තමා ඉතාමත් ප්රේයම දක්වමින් රස ස්පර්ශය ලබන භාර්යාවට කෙතරම් වරදකට හෝ ප්ර.මාදයකට හෝ තලන මිනිහා නැවතත් ඇගේ මුහුණු බලතොත් ඔහුට ලැජ්ජාවය කියන මනුෂ්ය ගුණය නැති කෙනෙක් බව ඒකාන්තය. ඉතින් එබඳු පහත් අයකු සමග දුකසේ වාසය කරමින් සතර අපායෙන් චුත වන කාලකණ්ණි දරු රැලක් බෝකිරීම තම පවුලට පමණක් නොව මුළු රටටම කරණ බලවත් හානියකි. ඔස්ට්රේ ලියාවේ ස්ත්රීම සමාජයක් විසින් ස්ත්රීබන්ට අඩම් තේට්ටම් කරන පුරුෂයන්ට විරුද්ධව නඩු අසා දඟගෙයි දැමීම හෝ දඩ ගැසීම ප්ර මාණ නොවන බැවින් ස්ත්රීුන්ට තලන හිංසා කරණ සියලුම පුරුෂයන් “කර ඇඹීමට” හෙවත් වඳ කිරීමට නීති මගින් නියම කරණ ලෙස ඒ රටේ ආණ්ඩුවෙන් ඉල්ලුම්කර තිබේ. මේ නීතිය අපේ රටේත් වළංගු කළොත් ඉතාමත් යහපත්ය. තමන්ගේත් මව්පියාදීන්ගේත් සතුටින් සරණ පාවාගත් “ප්රිතය භාර්යාවට” තලන තරම් ලජ්ජා නැති පුරුෂයා වඳ බවට නොපැමිණෙව්වොත් තවත් ස්ත්රී‍න් කීප දෙනකුට හිංසා පීඩා නොකරයි ද? මේ කාරණය අපේ මන්ත්ර ණ සභාව විසින් කල්පනා කටයුත්තකි. ඒ නීති පැනවෙන්ට ප්රයථම ස්ත්රිීයට දෙවරක් අඩන්තේට්ටම් කළ පුරුෂ නාමධාරියා අත්හැර යාම ශිෂ්ටාචාර උගත් ස්ත්රිණයගේ යුතුකමකි.

අධම පුරුෂයන් ගෙන් දෙවෙනි කාරණය වන ස්ත්රිමයගේ සැප පහසු නොතකන්නා මුග්ධ වනචර කෑදර බඩගැත්තරයෙකි. දිනකට රුපියල් තුනක් උපයා එයින් රුපියලකුත් බාගයක් තමාම කාලා බීලා වියදම් කරගෙණ දරුවන් සහිත මුළු පවුලටම ඉතිරි එකයි පනහ දෙන අමනයෝ මේ කාලේ සිටිති. ගෙවල් කුලිය, කෑම, ඇඳීම, පින්දහම් කිරීම, දූ දරුවන්ට ඉගැන්වීම ආදී සියල්ලක් කරගත යුතු මෙයින්ය. පුරුෂ ගතියෙන් යුත් මිනිහා තමා උපවන දේ ඉතාමත් ටික නම් පුද්ගලික වශයෙන් තමාගේ ප්රුයෝජනයට ‍නොගෙණ භාර්යාවගේ අතට ගෙනත් දී පවුල සුඛිත කිරීමට උත්සාහ කරණු නියතය. හම්බ හෝටලයකට ගොස් කුකුල්මස් සහිත දුන්තෙල් බත් ආදිය තනියම ගිල දමා රාත්රීහ හතට අටට ගෙදරට එන අමනයෝ

සිටිති. තවත් සමහරු භාර්යාව සමග කලක් හොඳින් සිට ඈට වඩා කාමුක ගති ඇති ස්ත්රිියකට එක්ව ස්වකීය භාර්යාවට ඉතා සුලු වියදමක් දෙමින් අර කී හෙර ස්ත්රිතය සමග මහත් සැප විඳිති. මෙබඳු බඩජාරි ‍ආත්මාර්ථ කාමියෙක් බව දැනගත් විට වරක් දෙකක් ඔහු කරණ අයුත්ත කියාදී මුළු පවුලම පහත් නීච තත්ත්වයකට පත්වන අන්දම ද කියා දී ඔහු නොහික්මුනොත් ඔහුගෙන් දිස්කසාද විය යුතුයි. වහාම ඔහු අත්හැරයාම ශිෂ්ටාචාර ස්ත්‍රියකගේ යුතු කමකි. අධම පුරුෂ‍යන් පිළිබඳව හතර වෙනි කාරණය හෙවත් හතර වෙනි අධමයා නම් පරස්ත්රිම සේවනය කිරීමය හෙවත් ඒ කරන්නාය. බොහෝ පුරුෂයන් නිරෝගී වූ සුඛිත වූ ලක්ෂණ භාර්යාවන් පවා අත් හැර වැඩි ලක්ෂණයක් නැති දුරාචාරී පහත් පර ස්ත්රී්න් සේවනය කරති. මීට හේතුව කිමදැයි විනිශ්චය කර ගැණීම අතිශයින් දුෂ්කරය. සතර අපායෙන් චුතව උපන් කාලකණ්ණියෙකුට පින්වත් කුල ස්ත්රිමයක් හා පවුත් සිද්ධකර නොගෙණ දවසරින්ට තරම් පිණක් නැති කමින් මෙසේ සිද්ධවන බව සැලකිය හැකි එක් ධර්ම තාවයකි. මෙහි දැක්වු සසක - මුව - ගව - තුරඟ යන සතර වර්ගයෙන් ගව තුරඟ දෙවර්ගයට අයත් පුරුෂයින්ට පත්මිනී චිත්රිමනී දෙවර්ගයෙන් ස්ත්රීපහු භාර්යාකමට පැමිණි විට ඒ පින්වත් උත්තමාවන්ගේ ගති ගුණ චාරිත්රැ ඉරියව් ආදිය පමණක් නොව ලොකස්වාද රතියද ඒ පුරුෂයන්ට රුචි නොවේ. එබැවින් රත්රන් පසුම්බිය ඉවතලා හනමිටිය ඉස පිට තබා ගත් අධමයා මෙන් දුරාචාරී අධම ස්ත්රීඉ සේවනයට මුග්ධ කාලකණ්ණියා සතුටු වේ. ස්වකීය ස්ත්රිභය නිතරම රෝග පීඩා ආදියෙන් පෙළෙන දුක්ඛිත කෙනෙක් වුවත් පර ස්ත්රීස සේවනය කරන්නා දෙලොවම පිරිහෙන, ලෝ වැස්සන්ගෙන් නින්දා ලැබිය යුතු අධමයෙකි. භර්යාවකට එබඳු පුරුෂයෙකු හික්මවා ගත නොහැකි නම් ඔහු සමග එක්ව විසීමට වඩා ඔහුගෙන් වෙන් වීම දෙලොව දියුණුවට මාර්ගය බව සලකා නීති ප්රමකාර ඔහු ගෙන් ඉවත්විය යුතුය.

මත්පැන් බොන්නා සූදුකාරයාට පමණක් දෙවෙනි අධමයා ය. ඔහු යමක් උපයන්නෙක් නම් වඩාත් නරකය. මක්නිසාද ලැබෙන තරමට අධිකව මත්පැන් පානය කරණ බැවිනි. විලිබිය නොමැති මොහු සමග වාසය කරණ භාර්යාව කිසිම දවසක කරදර දුක්, දොම්නස්, සිත්තැවුල් ආදියෙන් විනිර්මුක්තව ඉන්නට නොලැබේ. ගෞරවයක් ධර්මයක් ශාස්ත්ර යක් කෙරෙහි අල්ප මාත්රතයක ආශාවක් නැති මත්පැන් බොන්නා සතුටු කිරීමට කිසිම ස්ත්රිායකට ශක්තිය නැත. එක් වේලාවකට


රුචිදේ තවත් විටකදී ඔහුට රුචි නැත. කෑම බීමෙන්වත් ඉඳුම් හිටුමෙන්වත් ඔහුගේ සිත කිසි දිනක සතුටු කළ නොහැක්කේය. ස්ත්රිඉයකගේ සනීපය හෝ සුදුසු කාල වේලාව ආදී කිසිවක් ගැන නොතකා ලොකස්වාද රතියට පවා කැමති වන බේබද්දාගෙන් මුළු ජීවිතය දුකින් යුක්ත වෙනවා පමණක් නොව ඔහු නිසා අට ගන්නා දරුවන් නිසාද කටුක දුක් විඳීමට ස්ත්රි යට සිද්ධවේ. බේබද්දෙකුගේ දරුවෙක් ආත්මාර්ථ පරාර්ථකාමී වැඩෙහි නියුක්ත මනුෂ්යෙයෙකුවීම වල්ගා තරුවක් පෑයීමටත් වඩා දුර්ලභ වශයෙන් සිද්ධවීමකි. ඉන් නිසා කීප වාරයක් පරිශ්ර ම දරා ඔහු මත්පැන් පානයෙන් මුදවාගත නොහැකි නම් ඔහුගෙන් ද නිදහස්වීම, ඔහු නිසා පව්කාර කාලකණ්ණි බෝකොට තමාට මෙන්ම ජන සමාජයටත් අනර්ථ සලසා දීමට වඩා දහස් වාරයකින් හොඳය.

ස්වකීය පරම්ප‍රාවේ හෙවත් පවුලේ ගෞරවය නොසලකා පහත් නීච ක්රිීයා වලින් කල්ගත කරණ පුරුෂ‍යෙකු සලකා විවාහ වීමට යෙදුනොත් ස්ත්රිඉය වහාම නුවණින් ක්රිවයා කටයුතුය. ඉහත කී දුශ්චරිත ඇර වැදගත් පරම්පරාවල ගෞරවය නසන ජීවිකා වෘත්තීන් වන හොරකම් කිරීමෙන්, බොරු සාක්ෂි කීමෙන්, අන්ය්යන් ගෙන් ඉල්ලා ගැණීමෙන්, බොරු සම්මාදම් කිරීමෙන් ණය ගැණීමෙන්, හොර වෙළඳාමෙන්, විහාර දේවාල ආදියේ ආදායමෙන්, සහ එබඳු අයුතු මාර්ග වලින් දිවි පැවැත්මට පරම්පරාය මුලසුන්ව යාමටත් මුතුන් මිත්තන්ගේ ගෞරවයට මහත් හානි ගෙණ දීමටත් හේතුවේ. ඉන්නිසා ස්වකීය උත්සාහයෙන්, නුවණින්, ධර්මික රැකීරක්ෂා වලින් මිස අයුතු ක්රතමවලින් ලෝකයේ ඉන්නට උත්සාහ කරණ බව දැනගත් වහාම පුරුෂයාට එහි නින්දිත භාවය කරුණාවෙන් කියාදී ඔහු එයින් මුදවා ගැණීම ගුණවත් භාර්යාවකගේ අසහාය යුතු කමකි. මක්නිසාද ගෞරවාන්විත පරම්පරාවක ඉපද ඒ පරම්පරාවේ තත්වය පහත් කරණ පුත්ර්යා අවජාතකයෙක් බැවිනි. එබඳු අවජාතකයෙකු නිසා අතිජාත හෝ අනුජාත පුත්රායන් ලැබීමද දුෂ්කර කාරණයක්ය. තවද නින්දිත ලෙස සැප විඳින්නට ලැබීමට වඩා ගෞරව ලෙස දුක් විඳීම උසස් ගුණයක් ද හෙයිනි.

අධම ස්ත්රී හු[සංස්කරණය]

ඇත්ත වශයෙන් සලකතොත් පුරුෂයන්ට වඩා නරක අධම ස්ත්රී හු සිටිති. කොයි අන්දමකින් වත් පුරුෂයන්ට සතුටෙන් සමගියෙන් කල්ගත කිරීමට ඉඩ නොදෙන ස්ත්රීකන් අප රටේ බොහෝ සිටිති. එක්තරා තරුණයෙක් අවුරුදු හතළිහ වනතුරුත් අවිවාහකව ඉන්නේ මන්දැයි ඇසූ විට “කට නැති ස්ත්රිුයක් සම්භ වෙනතුරු බලා සිටිමි” යි කීවේය. අදමාධම ස්ත්රීින් තුන් කොටසකි. එනම් -

01. නපුරු කර්කශ අවැඩ දායක බහු කථාකාරි. 02. මොනවා ලැබුණත් - කොපමණ ලැබුණත් - නරකය මදිය කියන්නී. 03. රාගාදී නපුරු සිතිවිල්ලෙන් හා අහංකාර කමින් හරිත තැනැත්තී.

මේ තුන්දෙනා ස්ත්රී වර්ගයේ ඉතාමත් නින්දිත තැනත්තියෝය. ඇතැම් ස්ත්රී්න් තුළ ඉහතකී අධම ගති සියල්ලම පිහිටා තිබේ.

ස්වාමි පුරුෂයාට පමණක් නොවූ දූ දරු ආදීන්ට ද, ස්වකීය මවු පියන්ට හා ස්වාමිපුරුෂයාගේ මවුපියාදීන්ට ද නින්දිත අන්දමට කුණුසරුප කියමින් අතිශයින් කර්කශ අන්දමට කථා කරණ ස්ත්රිදහු පහත් නීච පංක්තියේ පමණක් නොව මධ්ය ම උසස් පංක්තිවලද සිටිති. සුලු ප්රකමාදයක්, බැරිවීමක්, අග හිඟයක් නොවන්නට කිසි වෙකුටත් ක්රිංයා කළ නොහැක්කේය. එබඳු බැරිවීම්වලදී පවා තදින් කිපී අක්රොුෂ පරිභව කිරීම ශිෂ්ටාචාර කිසිවෙකුගේත් යුතුකමක් නොවේ. නමුත් අධම ස්ත්රීුන්ට විවාහය අවලංගු කර දැමීමටත් සුලු ප්රේමාද දෝෂ හොඳටම ඇත. මේ ගතිය විශේෂ වශයෙන් පවත්නේ ධනය ඇති ස්ත්රීලන් තුලය. සමහර ස්ත්රීඅස්ට කේලාම් ඇසීම බණ ඇසීමටත් වඩා ප්රීතති දායකය. තමන්ට කිසි සම්බන්ධ කමක් නැති කෙනෙකුගේ වැරැද්දක් අගුණයක් කියතත් ඒ අසා ගන්ට ඉතාමත් කැමැති ස්ත්රීකහු සිටිති. අසවල් තැනැත්තා නුඹට මෙහෙම කීවා නුඹේ අගුණ කීවායයි යම් කිසි ප්රවසිද්ධ කේලමියෙක් කීවත් ඒ සියල්ල එක පාරටම විශ්වාස කොට බලවත් ලෙස කිපී බැන වැදීමට කැමති ස්ත්රීතහු ඉඳිති. මේ කථාවෙන් ලොකු දබරයක් අට ගැනේය. එයින් මුළු පවුලම කරදරයට පැමිණේය. මෙසේ දැන දැනත් අසල්වාසීස් හෝ ඥාතීන් සමග නිශ්ඵල කතාත් පරවම්භන (අනුන් පහත් කොට පවත්වන) කථාත් කිරීමට අධම ස්ත්රී්හු කිසිසේත් පසුබට නොවෙති. මෙබඳු නීච මුඛයක් ඇති ස්ත්රිටයක් සමග හැසිරෙණ පුරුෂයාට කවදාවත්ම කාය විවේකයක් වත් චිත්ත විවේකයක්වත් ඇති නොවේ. ඔහු සෑම වේලේම ලජ්ජාවෙන් මිරිකී දොම්නසින් කල්ගත ‍කරන්නෙක් වේ. එබඳු ස්ත්රිවයක් හික්මවා ගෙන යථා ස්ථානයට පමුණුවා ගත නොහැකි නම් ඇගෙන් වෙන්ව විසීම පුරුෂය‍ාගේ යුතු කමකි.

ස්ත්රී න් අතර පවත්නා ඉතාමත් දැඩිතර දුර්ගුණය නම් “නරකය, මදිය” යන කීම වේ. එක්තරා ගම්බද දුප්පත් පුරුෂයෙක් කොළඹ අවුත් සතියක් වැඩ කොට රුපියල් හතක් සම්බන්කරගෙණ තිබේ. මොහුගේ වියදමට මුළු සතියටම වියදම් කර ගත්තේ එකම රුපියලකි. ඉතින් ඉතිරි රුපියල් හයෙන් දුරු මිරිස් කරවල ආදියත් රැගෙණ - රුපියලකුත් සත පණහක් දී කම්බායකුත් රැගෙණ තවත් මුදලෙන් රුපියල් තුනක්ද ඉතිරි කරගෙණ ගමට ගොස් භාර්යාවගේ හිත විශේෂයෙන් සතුටු කරණ පිණිස - “ඔන්න බන් මගේ මේ සතියේ වැ‍ඩෙන්ම නුඹට කම්බායකුත් ගෙණාවෙමි”යි කියා කම්බාය බිරින්ද අතට දුන් නේය. ඈ එය එවලේම දිග අර බලා “‍නොදෝමකින් මෙහෙම ගොරක කම්බා මීට ඉස්සරින් අපි ඇන්දේ නැත - උඹේ ගොරක කම්බායෙන් මට කමක් නැත” කියා එක පාරටම එය මිදුලට විසි කළාය. හත් දිනක් පිටව ගොස් කුස ගින්නට උවමනා තරම් නොකා නොබී උපයාගත් සියල්ල ගෙදර ගෙණ ගොස් දුන් අහිංසක මිනිහාගේ ඒ කම්බාය නරක් වුනත් ඊට දොස් කියා අසතුට දක්වා ඒ මිනිහාගේ මුහුණට ගැසුවාක් මෙන් එය විසි කිරීම කෙතරම් අයුත්තක් ද? සත් දිනක් දුක් විඳ ස්ත්රිසයගෙන් වැඩි ආදරය ලබන පිණිස විශේෂ සතුටු පඬුරක් රැගෙන ගිය ඒ පුරුෂයාට සානා මාත්ර්යක්වත් නොදක්වා අගරු ලෙස කථා කළ ස්ත්රිනයත් සමග දබරවී අන්තිමේදී පිහියා පාවිවවියෙන් දෙන්නාම විනාශවී ගියේය. කෙතරම් හොඳ ආභරණයක්, කෙතරම් හොඳ ඇඳුමක්, පැළඳුමක්, කෑමක් බීමක් ගෙණාවත් සතුටු නොවන අධම ගතිය බොහෝ ස්ත්රීාන් අතර පවතී. මේ නිසා පුරුෂයන්ගේ සිත් අප්රවශන්නව බලවත් කලකිරීමට පත්වේ. පුරුෂයා යම්කිසි දෙයක් ගෙනාවිට බලවත් කලකිරීමට පත්වේ. පුරුෂයා යම්කිසි දෙයක් ගෙනාවිට හෝ වෙහෙස මහන්සි වී ගෙදර ආවිට හෝ සතුටු සහගත ස්වභාවයකින් ඔහුට සංග්රාහ කිරීමට පිළිගැනීමට නොදත් ස්ත්රිුය නිකම්ම නිකම් තිරිසනියකි. යමක හරි වැරදි කථාබස් කළ යුත්තේ ඊට සුදුසු අවස්ථාවකදීය. අහල පහල උදවිය, ඥාති මිත්රකයන්, රථවාහනවල ගමන් කරණු දුටු විට නැතහොත් හොඳ ඇඳුම් පැළඳුම් අඳින විට ඊර්ෂ්යාලවෙන් ක්රො ධයෙන් පිපිරෙමින් ඔවුන් සමග දබර කරණ ඔවුන්ට නින්දා අපහාස කොට කථා කරණ තමාටත් ඒ අයවලුන් මෙන් ක්රිනයා කරන්ට නැත කියමින් පුරුෂයාට කරදර කරණ ස්ත්රී න් මනුෂ්ය් නාමයෙන් හැසිරෙණ යකින්නක්ය. එබඳු ස්ත්රිීයක් හික්මවා ගැනීමද ඉතාමත් දුෂ්කර කාරණයකි. ඒ අතේ පිළිවන් තරම් උත්සාහ කොට නොහැකි වූවොත් ඇගෙන් ඉවත්ව ඉඳීම පුරුෂාගේ පමණක් නොව ඒ අධම ස්ත්රි යගේ ද යහපත පිණිස වේ.

පුරුෂයා කෙතරම් අසමර්ථයෙක් වුවත් තමාට පිරිමහින තරම් ශරීර ශක්තිය ආදියෙන් හීන කෙනක් වුවත් ලජ්ජා භය රැකීම වශයෙන් හා පවුලේ ගෞරවය ආරක්ෂා කිරීම වශයෙන් ක්රිවයා කිරීම ශිෂ්ටාචාර ස්ත්රිේය‍ක‍ගේ යුතුකමකි. නමුත් සමහර ස්ත්රීින්ට ස්වාමි පුරුෂයා ඇර එකෙක් දෙන්නෙක් නොව ඊට වඩා හොර සැමියන් උවමනා කෙරේ

“ රත් සැප විඳී මෙන් අබරණ ලා සැදී මෙන් දරුවන් වැදී මෙන් වෙසෙත් අඟනෝ නොතින් වී මෙන්

යයි කී‍වේ එබඳු ස්ත්රීෙන් එබඳු ස්ත්රීවන් සඳහා ය. තමන්ගේ තත්වයට - එනම් ශරීර ශක්තිය ආදියට හොබනා පුරුෂයෙකු මුලදීම සොයා ගත යුතුව ශක්තිය ආදියට හොබනා පුරුෂයෙකු මුලදීම සොයා ගත යුතුව ති‍බුනේය. යම්කිසි අහේතුවකින් හස්තිණි වර්ගයේ ස්ත්රි යකට සසක වර්ගයේ පුරුෂයෙකු ලැබුනි නම් මොනම අතකින්වත් ඈ සතුටු කිරීමට පුරුෂයාට නොහැකිය. ඉතින් ඉක්මන් කමින් හෝ අඥාන කමින් හෝ කර්ම ඵලයෙන් හෝ එබඳු පුරුෂයෙකු ලැබුනත් අවුරුදු තිහ හතලිහක් වන සුළු ජීවිත කාලයඉවසිල්ලෙන් හා ලද පමණින් සතුටු වීමෙන් කල් ගත කිරිම ශ්ෂ්ටාචාර ස්ත්රිායකගේ පරම යුතු කමකි. පර පුරුෂ සේවනාදී දුශ්චරිතත්, අහංකාර මදයෙන් මත්වීමත් ස්ත්රීමන්ගේ ගෞරවය පහත හෙලූ අධර්මයයි. එබඳු ස්ත්රිටයකට, ස්වාමි පුරුෂයෙක් කෙතරම් පණිඩිතයෙක් උගතෙක් - පරාර්ථකාමියෙක් සත් පුරුෂයෙක් හෝ උවත් ඔහුගේ ඒ උතුම් ගති ඒ දුෂ්ට ස්ත්රිරයට කීයක්වත් වටිනා දේ නොවේ. පුරුෂයාගේ වටිනාකම අවබෝධ කර ගත නොහැකි අහංකාර පරවස අධම ගැහැණියත් - පරපුරුෂ සේවනයෙහි ප්රීරතිවීමට බලා පොරොත්තු වන ගැහැණියත් සමග කල් ගත කිරීම පුරුෂයෙකුට තරම් නොවන හෙයින් ඈ අත් ඇර දැමීම කිසිම වරදක් නොවේ.

දැන් සුනන්දා මගේ දීර්ඝ ලියමන කියවීමෙන් මඳක් වෙහෙසට පත්වෙන්නට ඇතැයි සිතමි. එබැවින් මඳ විවේකයක් දීම් වශයෙන් රසවත් කවි අටක් චිත්ත ධෛර්ය වැඩෙන පිණිස ලියමි. ඒ කියවූ විට චිත්ත ප්රීවතිය ඇති වේ. ඒ සමගම ධෛර්ය ද ඇති විය යුතුය. එවිට මගේ ලියමනේ ඉතුරු කොටස ද කම්මැලි නැතිව කියවන්ට පිළිවන. ඒ කවි අට නම් -


“ නි දො ස වන වැඩක් කරණා දන ගුණැ ති වි ග ස සිතැඟි ‍නොලදත් දුහද නොම වෙ ති නො ල ස තව තවත් වීරිය ඇති කර ති පු රු ස දිරිය යයි පඬි ඊට පවස ති

නො ල ද ත් එක වරට සිට අදහස සත ට නැ ව ත ත් කළ යුතුම වෙයි වීරිය එය ට ගු ණ ව ත් මහතුමන්ගේ මේ සිරිත සෙ ට නැ ණ ව ත් දනෝ සලකති දිවි දෙවෙනි කො ට

ස ප ල නොවන මුත් පළමුව කළ වී රිය දු බ ල නොව කරව් වැඩි වැඩියෙන් වී රිය ස ප ල වන තුරුම සිත ඇති කර දි රිය අ ප ල කිම සපල නූනත් කළ වි රිය

රි දු න ත් වරක් වැටුනත් තව වරක් බි ම යෙ දු න ත් විපත් බිඳුනත් අතපයත් පෙ ම ද න ය ත් ඉඩ කඩම් නැති වී ගියත් හැ ම ම් ඳ කු ත් දුහඳ නොම වෙති සත දත් දහ ම

වෑ ය ම් කරුණු මැන බැරියයි නොකි යා ම මා ය ම් බයෙකි කිසිවක් බැරියය කී ම වෑ ය ම් නොකොට සිදු වන වැඩ ලොව සෑ ම සා ය ම් කරපු හිස් බඳුනකි පඬි කී ම

මු හු දෙ න් එතර වන ලෙස ගවු ගණන් දු ර ව ඳු ර න් මහ මගක් තැනූ බව කියති පෙ ර මි නි සු න් සිතුවහොත් මහ සමුදුර වතු ර සි දු ව න් නට බැරිද අගලක වතුර යු ර

බැ රි වුවත් වරක් තව තව දිරි වැඩු ම සි රි මතුන් සිරිත වෙයි දත් සත් දහ ම සි රි සැපෙන් ඉන්ට නම් සුදන මන ර ම පු රි ස දිරිය ඇති කරගත මැන වහ ම

බෝ ස ත් බුදු පසේ බුදු මහසව් පව ර ලෝ ස ක් වෙතෙහි පෑ වීරිය දම් නිතු ර පෝ ස ත් වෙන්ට රිසියෙනි සිතෙහි ඇති ක ර සේ ස ත් නඟා පැමිණෙව් අම නිවන් පු ර


විවාහ ජීවිතය[සංස්කරණය]

	අද විවාහ ජීවිතයේ පරමාර්ථය පස්කම් සැප විඳීමයි. පංච කාම සම්පත් විඳින අතර දාන මානාදී උතුම් පින්කම් කර ගැණීමත් මවු පියාදී වැඩි හිටියන්ට සංග්ර හ කිරීමාදියෙන් ස්වකීය - ජාතියට ආගමට හා රටට වැඩ දැයක පුත්රස දූහිතෲන් ඇති කිරීමත් සිද්ධ වන නමුත් විවාහ වන්නේ පස්කම් සැප විඳිමම පරමාර්ථ කරගෙන බව සාමාන්ය් වශයෙන් සැළකිය හැක.

“ කුළුණු නුරා සිරිසර සමගව ඵල ඳ ගලතල උයන් ලියමඬු පුල් විලව වැ ද කිවිනළු ග‍ඳෙව් දූ සැණකෙළි කෙළ නොම ඳ රුවිනග සපල කෙළෙ තම ලද වයස ල ද”

අප මහා බෝධිසත්ව යන් වහන්සේ සේනක මහා පණ්ඩිත කාලයේදී තරුණ වයසේ විවාහ වී පුත්රව දුහිතෲන් ලබන තුරු ප්රී තියෙන් කාලය ගත කළ අන්දම මහා පණ්ඩිත තොටගමුවේ සංඝරාජ ස්වාමි ඉහත කී කිවියෙන් සංක්ෂෙමප වශයෙන් මනා ලෙස දක්වා තිබේ. කරුණානුරාගයෙන් සාර වූ ප්රිළය භාර්යාව ‍සමග ගල්තලා, උයන්වතු ලතා මණ්ඩප, පැන් පොකුණු ගංගා ආදී ස්ථානවල හැසිරීමෙනුත්, නෘත්යම, ගීත, දුත්යණ උත්සව ආදිය දැකීමට යාමෙනුත්, ක්රීනඩා සුඛයෙන් යුක්තව ඒ රූපාග්රයවූ සේනක පඬිතුමා (හා සිය බිරිඳ) තමන් ලැබුවා වු සගබාල වයස සඵල කෙළේ යයි කියා තිබේ. ඉතින් තමන් ලැබුවා වූ සඟබාල වයස සඵල කෙළේ යයි කියා තිබේ. ඉතින් මෙහිදී මෙකී කරණු සුනන්දා වැනි උගත් කෙනෙකුට විස්තර කරන්ට උවමනා නැත. නමුත් අපේ සිංහල ජාතියේ ඉපද ඉන්නා ලෝකයේ තොරතුරු නොදත් ස්වාභාවික ශක්තියෙන් ඇතිවන කාමාලයෙන්ම ගිහි ජීවිතයට බැ‍ඳෙන තරුණ තරුණියන් ගේ ප්රෙයෝජනය පිණිස මෙහි මඳක් සඳහන් කරණු ලැබේ. විවාහ වන්ට ප්ර ථම කාමාස්වාද රතිය පිළිබඳව හොඳින් දැනගත යුතුය. විවාහ වන අඹුසැමි දෙදෙනාගේ ප්රීයතියත්, ශරීර සුඛයත් පින්වත් පුත්රැ දුහිතෲන්ගේ ලැබීමත්, පවුලේ වාසනාවන්ත භාවය ඇතිවීමට කාම සැපය පිළිබඳ හොඳ දැනීමක් අඳුසැමි දෙදෙනාට ඇතිවිය යුතුය. එසේ නොදත් මෘග සංඛ්යාසවේ ස්ත්රීෲ පුරුෂයින් නිසා පහත් පරම්පර‍ාවක් බෝවීම පමණක් නොව ඔවුන් අතරම බලවත් භේද, අප්රපසන්නකම් හා දරුණු කෝලහලද ඇතිවන බව අසන්නට ලැබේ. අඥානකම් නිසා ඇති නොවන අනතුරක් වත් අපරාධයක්වත් ඇත්තේ නැත. කාම ශාස්ත්රිය ගැන මතක් කිරීමවත්


නරක යයි කියන මුග්ධ මතය දුරුකොට උගත් වෛද්ය වරයන්ගේ පොත් පත්වලින් හෝ එය සම්බන්ධව දැන උගත් ස්ත්රී් පුරුෂයන් ගෙන් රහස් කරුණු දැන ගැනීම ශිෂ්ටාචාර ජනයාගේ යුතු කමකි. මේ කාම ශාස්ත්රහය පිළිබඳ ගුරුකම් ආයුර්වේදයේ හොඳින් සඳහන් වේ. නමුත් අපරදිග වෛද්යකවරු ඉංග්රීේසි ආදී භාෂාවලින් ලියා තිබෙන පොත් බොහෝය. නිරෝගී ශක්ති සම්පන්නව තරුණ වයසට පැමිණි ස්ත්රීන පුරුෂයන්ට ස්වභාව ධර්ම වශයෙන් ඇතිවන කාමාසාව විධිවු පරිද්දෙන් සංසිඳවා ගැණීම විවාහ ජීවිතයේ එක් අදහසකි. ස්ත්රිවයට වඩා පුරුෂයා හෝ පුරුෂයාට වඩා ස්ත්රිේය හෝ දුරුවල නම් - ලෙඩ ‍රෝගාසියෙන් යුක්ත නම් ඒ දෙදෙනාගේ සංයෝගය එක් කෙනෙකුට පමණක් නොව දෙදෙනාටම කරදර යක් වේ.

රූප, ශබ්ද, ගන්ද., ස්පර්ශ යන සතර කාම චේතනාව සංසිඳවා ගැණීමට ආධාර වන කාරණා සතරකි. කාම ශක්තිය වර්ධනය වීමට මේ කාරණා සතර විශේෂයෙන්ම ආධාර වේ. ස්පර්ශය‍ හෙවත් අංග ප්රණත්යංනග ස්පර්ශ කිරීම කාම ශක්තිය වැඩීමට අවශ්යද වේ.

කණට මිහිරි වූ වීනා රවික්ඤ්ඤ ආදී තූර්ය වාදනයත් මධුර වූ ගී සින්දු ඇසීමත් කාම ශක්තිය උද්ගත කරවන්නේ ය.

නාසයට ප්රි ය වූ සුවඳ වර්ග විලවුන් ආලේපය කිරීම ද, තරුණ තරුණියන්ගේ වස්තු ඇඳුම් ආදියේ හා නිදන යහන් ආදියේ සුවඳ වර්ග ඉසීමෙන්ද ඒ මිහිරි සුවඳ නාසයට වැද ගන්නාවිට කාම ශක්තියක් ද ඇති වේ.

රූපය හෙවත් ඇසට දකින ස්ත්රීය පුරුෂ රූප ඔවු නොවුන් ගේ කාම ශක්තිය අධික වීමට අතිශයින් ආධාර වේ. නීලෝත් ඵල හා සමාන ඇස් වළින් බලන බැල්මෙනුත් සම්පූර්ණ පයෝධරයන් ගෙන් යුත් ඌර්ධව කායෙනුත් යුත් තරුණියකගේ දර්ශනය කාමාසාව අධිකවීමට ආධාර වන බව නිසැකය. වර්ණය, ගන්ධය, ශබදය, ස්පර්ශය කියන කාරණා සතරෙන් වැඩී ගිය කාමාශාව විවාහවූ තරුණියන් විසින් රහසින් හා ගෞරවයෙන් සංසිඳුවා ගැණීමේදී දෙදෙනා ගෙන් එක් කෙනෙකුට වත් පීඩාවන්ට සිද්ධ වූවොත් එතැනදී ප්රීදතිය වෙනුවට බලවත් දුකක් ඇති වන්නේය.

සිතේ දොම්නස, භය, ශෝකය, බැගෑපත්කම ආදිය ලෙඩ රෝග මෙන්ම කාම සංසර්ගයට බාධකය. දොම්නස, භය ශෝකාදියෙන් පීඩිතයෙක් කාම සේවනයේ හැසුරුනත්, එයින් ස්ත්රිශයට අසනීපයක්

මිස ශරීර සුවයක් ඇති නොවේ. ස්ත්රීර පුරුෂ දෙදෙනාම නිරොගී නම්, සුඛිත නම්, චිත්ත ප්රීුතිය ආදියෙන් යුක්ත නම් ඔවුන්ගේ ස්පර්ශය ශරීර ශක්තියත් ඒ ඒ අංග ප්ර්ත්යරයන්ගේ ප්රතසන්න ගතියත් වැඩිවීමටත් ආධාර වේ.

සිතේ අප්රීසන්න කමත්, යම් කටයුතු නිසා ඇති වන සංවේග ආදියත් විවාහවූ තරුණ තරුණියන්ට ඔවුන්ගේ ප්රී තිමත් කාලය ගත කිරීමට බාධාවකි. එම නිසා ඒ ඒ අයගේ තත්වයේ අන්දමට නිරවුල් ලෙස ඉඳුම් හිටුම් කෑම් බීම් ආදී සියල්ලක් යටත් පිරිසෙයින් කලකටවත් සූදානම් ක‍රගෙනම විවාහ විය යුතුය.

හදි‍සියේ හෝ, අවේලාවේ හෝ, කුසගින්න, දිය පිපාසය ඇති වේලාවක හෝ, ආහාරපාන ගත් හැටියේ හෝ, කණගාටු වක් ශෝකයක් හෝ පැමිණි දිනක හෝ, සුරක්ෂිත නොවන ස්ථානයකදී හෝ කාම සංසර්ගයට නොසිතිය යුතුයි. දෙදෙනාගෙන් එක් කෙනෙක් අප්ර සන්න විට කවදාවත්ම ලෝකස්වාදරතිය ගැන කල්පනා නොකට යුතුය. ස්ත්රිනය හා ප්රිලය මනාප තෙපුලෙන් ප්රීගති සහගතව සිටින නිදහස් අවස්ථාවක මිස ලෝකස්වාද රතිය ගැන නොසිතිය යුතුය. විශේෂයෙන්ම ස්ත්රි්යකගේ කැමැත්ත අනුවම සම්බන්ධ විය යුතුය. උවමනා තරම් ප්රීනති නොවීමත් ඕනෑවට අධික සේවනයත් දෙකම අන්තර දායකය, විවාහ වූ අළුත තමාගේ වත්කමේ ප්රනමාණයට සැරීම, ප්රීුති දායක ගමන් බිමන්වල යෙදීම, ක්රීාඩොත්සවාදිය බලන්ට යාම, ශරීර ස්පර්ශය අධික නොවීමටද ආධාර වේ. මෙසේ සංක්ෂේප වශයෙන් මෙහි සඳහන් කළ කරුණු සවිස්තරව දැන ගැනීමට විවාහ වෙන්ට පළමුව උත්සාහ කිරීම සැප කැමති තරුණ තරුණියන්ගේ යුතුකමකි.

විවාහ වූ ස්ත්රිිය[සංස්කරණය]

විවාහ වූ ස්ත්රිිය පුරුෂයා සමග සේවනය කිරීම සම්බන්ධයෙන් දැනගත යුතු කරුණු රාශියකි. ඔසප්වී දවස් හතරක් පසුවනතුරු හෙවත් ඔසප්වී පස්වෙනි දින වනතුරු කාම සංසර්ගයෙහි නොයෙද්ය යුතුය.

ගර්භොත්පත්තියක් ඇතිවන්නේ ඔසප්වූ දිනෙන් පස් දිනක් ඇර එතැන් පටන් එකොළොස් දිනක් පසුවන තුරාය. එනම් ඔසප් වූ දින සිට දවස් 16 ක් යන තුරුය. ගර්භොත්පත්තිය පිළිබඳව පෙරදිග පණ්ඩිතයන්ගේ මතය මෙසේය.

ඔසප් දිනෙන් පස්වෙනි දින දරු ගැබක් පිහිටියොත් - ඒ ගැහැණු දරුවෙක් වන බවත් අවකල් ක්රිුය‍ාවෙන් යුත් නරක දරුවෙක් වන බවත් සැළකිය යුතුය.

06 - වෙනි දින පිළිසිඳ ගන්නා දරුවා ගැහැණු හෝ පිරිමි හෝ යාචකයෙක් කාලකණ්ණියෙක් වේ.

07 - වෙනි දින පිළිසි‍ඳෙන්නේ ගැහැණු දරු‍වෙකි. ඇයද අවාසනාවන්ත වැන්දඹුවක් වන්නීය.

08 - වෙනි දින පිළිසිඳ ගන්නා දරුවා පුත්රැයෙකි. සදාචාර සම්පන්න කීර්තිමත් කෙනෙක් වේ.

09 - වෙනි දින පිළිසිඳ ගන්නේ, රූප ලක්ෂණයෙන් හා ගුණවත් කමින් ආඪ්යක පින්වත් දියනියකි.

10 - වෙනි දින පිළිසිඳ ගන්නේ, මහත් පින් ඇති ප්ර සිද්ධ පරාර්ථකාමි වික්ර මවත් පුත්රළයෙකි.

11 - වෙනි දින පිළිසිඳ ගන්නේ, ආගම භක්තියෙන් යුත් සිල්වත් දියනියකි.

12 - වෙනි දින පිළිසිඳ ගන්නේ, දීර්ඝායු ඇති, කීර්තිමත් සදාචාර සම්පන්න පුත්රෙයෙකි.

13 - වෙනි දින පිළිසිඳ ගන්නේ, දුටුවන් පහදවන ගුණ සම්පන්න දියණියක් ය.

14 - වෙනි දින පිළිසිඳ ගන්නේ ඉතාමත් පුණ්යණවන්ත කීර්තිමත් සදාචාර සම්පන්න පුත්ර යෙකි.

15 - වෙනි දින පිළිසිඳ ගන්නේ සදාචාර සම්පන්න යහපත් දියණියක්ය.

16 - වෙනි දින පිළිසිඳ ගන්නේ උසස් රාජ කෘත්ය යක යෙදෙන පින්වත් පුත්රෙයකි.

ඔසප්වූ දින සිට පස්වෙනි දිනේ පටන් පුරුෂ සේවනයට ඉඩ ඇතත් පිළිවන් තරම් කල් පසු කිරීම අඹු සැමි දෙදෙනාගේ පමණක් නොව මුළු පවුලේම අභිවෘද්ධියට හේතු වේ.

ඔසප්වී. දවස් හතරක් වනතුරු ස්ත්රි යක් විසින් පිළිපැදිය යුතු අන්දම -

01 - කාම සේවනයෙන් වැළකිය යුතුය. 02 - බර නැති වහා දි‍රවිය හැකි ආහාර පාන ගත යුතුය. 03 - මල් ආදියෙන් සැරසිය යුතු නැත. 04 - දහවල් කාලයේ නිදා නොගත යුතුය.

05 - ඇස්වල අඳුන් ගෑම හෝ ඇගේ සුවඳ විලවුන් ගැන්විය යුතු නැත.

06 - ගින්දර ලඟ නොසිටිය යුතුය හෙවත් ගිනි නොතැප්පිය යුතුය.

07 - ඇඬීමෙන් වැලපීමෙන් කාලය ගත නොකළ යුතුය.

08 - ‍ඇ‍ඟේ තෙල් නොගැල්විය යුතුය.

09 - අධික ලෙස සිනාසීම, ඇඟ වෙහෙසීම, දුර ගමන් යාම ආදියෙන් වැළකිය යුතුය.

10 - භය වන, හිත් චංචල වන දේවල් නොබැලිය යුතුය. එබඳු කථාබස් නෑසිය යුතුය - මලමුත්රා දී වේග නොවැලැක් විය යුතුය.

ඔසප්වී පස් දිනක් ගතවන තුරු මේ කාරණා දසයෙන් ප්රේවේසම්වීම තමහට වැඩ කැමති ස්ත්රී යගේ යුතුකමය. එසේ කිරීමෙන් විවාහ ජීවිතයේ සම්පූර්ණ සැප විඳින්නට ලැබේ. ස්ත්රිේයක් ගර්භණී වූ පසු පිළිපැදිය යුතු විශේෂ කරුණු පසළොසක් මගේ ලියමන මුල් හරියේ සඳහන් කරණ ලදි. ඒ කරුණු පසළොස දරු ප්ර ශුතිය දක්වාම හොඳින් සැලකීම විවාහ ජීවිතය වාසනාවන්ත කර ගැනීමට ආධාර වන බව සැලකිය යුතුය.

කාම ශක්තිය වැඩි කිරීමට සාදා තිබෙන බෙහෙත් හෝ මත් ද්රීව්ය් කිසි කලෙකත් පාවිච්චි නොකළ යුතුය. එසේ පාවිච්චි කරණ කෙනෙකුගේ ශරීර ශක්තියත් නිරෝගී භාවයත් නිසි වයස ගතවන්නටත් ප්රාථම නැති වන බැව් අත් දැක තිබේ. පිරිසිදු සැහැල්ලු ආහාර පානත්, ප්ර තිපත්ති රක්ෂා කිරීමත්, කාම සේවනාදිය ඉතා ප්රභවේශමෙන් හා පිළිවන් තරම් අඩු වශයෙන් පැවැත්වීමටත් ශරීර ශක්තිය හා නිරෝගී භාවය ආරක්ෂා වීමට අසහාය ගුරුකමක් බව අත් දැක තිබේ. එම නිසා මත්පැන් අබිං කංසා ආදී විෂ ද්ර ව්ය මදක්වත් ශරීරයට වැද්ද නොදීමට නුවණැති ස්ත්රී පුරුෂයන් විසින් ප්රදවේශම් විය යුතුය.

පවුලේ ප්රීමාණය[සංස්කරණය]

මගේ ප්රිරය සුනන්දාට ඉතා වැදගත් කාරණයක් කියා දීමට ඇත්තේය. හැම ස්ත්රිමයක් හෝ පුරුෂයෙක්ම තමාගේ ශක්ති‍යත් ධන ශක්තියත් හොඳින්ම දැනගත යුතුය. එසේ දැනගෙනම ඒ ඒ අයගේ ප්රනමාණයට වඩා විශාල පවුලක් - දරු සමූහයක් ඇතිකර නොගැණීමට තදින් ප්රඒවේශම් විය යුතුය. හුඟක් දරුවන් ලැබීම සමහර ස්ත්රී න්ට ආඩම්බරයක් හෙවත් ගෞරවයක් ලෙස සලකන බව පෙනේ. නමුත් ඒ එසේ නොවේ.


“ ඊ රි ය වැදූ පැටව් රැළගෙන් කිමැති ප ල වී රි ය එකැත් පැටවා ලොව වෙයි උඳු ල”

ඊරියෙන් එකවර පැටවුන් හත් අට දෙනා බැගින් විසි තිස් වරක් වදයි. සමහර ඊරියන් මුළු ජීවිතයේදී පැටවුන් 150 කටත් වැඩියෙන් වදන බව පෙනේ. නමුත් වසරකට හෝ මුළු ජීවිතයට එකම පැටවෙකු වදන ඇතින්නගෙන් ලක්ෂයෙන් කොටසක් වත් ඒ ඊරිය අගනේ ද? ඌරු පැටවුන් දහකටත් වඩා එකම ඇත් පැටවා වටී. එමෙන් හුඟක් දරුවන් ලැබීමට වඩා පින්වත් සුඛිත ගුණ නුවණැති එකම දරවෙකු හො දෙන්නෙකු ලැබීම උත්තම වේ. මව් පිය දෙදෙනා‍ගේ ශක්තියත් - ආදායමත් සලකා ගෙණම දරුවන් බෝකර ගත යුතුය. අඹුසැමි දෙදෙනාටත් සැපසේ කල්ගත කරන්ට ඉඩ නැති තැන පුත්රු දුහිතෲන් හත් අට දෙනෙක් බෝකර ගත්තොත් කුමක් කරන්නට ද? තමන් ගේ ප්රුමාණය සලකා එක දරුවෙකු හෝ දෙන්නෙකු ලබාගෙණ ඔවුන් යථා විධියෙන් දියුණු කරතොත් - කාලකණ්ණි පවුකාරයන් දුසිමක් ඉන්නවාට වඩා නරක ද? දරු උපත්තිය සීමා කිරීම පාපයක බලවත් වරදක කියා සමහරු කල්පනා කරතත් - යුරෝපාදී රටවල දක්ෂ වෛද්යාවරුන් හා පණ්ඩිතයන්ද ඒ ඉතාමත් පිරිමහින - රටට යහපත සැලසෙන කටයුත්තක් බව පිළිගෙණ තිබේ. පස්වෙන් ජෝර්ජ් මහ රජ්ජුරුවන්ගේ වෛද්යාසචාරිය වන ඩෝසන් සාමි පවා දරු උත්පත්තිය සීමා කර ගැණීම අයුත්තක් හෝ අපරාධයක් නොවන බවත් ඒ ඒ පවුල්වල යහපත සඳහා අවශ්යී කරුණක් බවත් පෙන්නුම්කර තිබේ. “වැලේ අටගත් ගෙඩි, වැලට බර නැත” කියා අපේ රටේ ග්රා ම්යැ කථාවක් පවතී. නමුත් උවමනාවට වඩා ගෙඩි එල්ලෙන වැල් නොයෙක් විට ගෙඩිත් සමග කඩා වැටී විනාශ වන බව දැක තිබේ. අසරණයෙකු දරුවන් හත් අට දෙනෙකු පොෂ්යි කරන්ට ගියොත් ඔහුට එකෙකුවත් හරි හැටි හදා ගන්නට බැරිය. ඊටත් වඩා රටේ අසරණ පහත් මිනිසුන් අධිකවීමට ද බලවත් ආධාරයක් වන්නේ දරු උත්පත්තිය සීමා සහිත නොකිරීම බව ප්රබත්යයක්ෂ කාරණයෙකි. ප්රරතිපත්ති විරහිත මහත් නූගත් අසරණ පව්කාරයන් වැඩිවීම ඒ ඒ පවුල්වලට මෙන්ම මුළු රටට ද කරදරයකි. ඉතින් දරු උත්පත්තිය සීමා කර ගන්නේ කෙසේද යනු මිළඟට ඇති වන ඉතාමත් භාරදූර ප්රදශ්නය වේ. මේ ප්රදශ්නය නූගත් පහත් මිනිසුන්ට දුෂ්කරය. නමුත් ගුණවත් සුනන්දා මිතුරියට එය තේරුම් ගැණීම අමාරු නොවේ. දරු උත්පත්තිය සිද්ධ වෙන්නේ ඔසප්වී


දහසය දිනක් ඇතුළත බව ඍෂි මතයයි. ඊට ප්රනතිකාරද නොයෙක් වෛද්යයයන් විසින් පෙන්නුම්කර තිබේ. එ සියල්ලම උගතුන් ගෙන් විමසා දැනගත යුතුය. කාම සේවනය දවස් හතකට වරක් පමණ කටයුත්තකැයි ශරීරය පිළිබඳ තොරතුරු දන්නෝ කියත්. ඒ ‍එසේ නම් මාසයකින් දවස් විස්සක් එයින් තුරන්වීමට නො හැකි කාටද? ස්ත්රිේයක් ඔසප්වු දින පටන් දින විස්සක් එයින් වැලකීම දාරකෝත්පත්තිය වැලැක් වීමට ප්රකත්ය‍ක්ෂ කාරණයකි. එයින් පිටස්තර අන්යත ක්රකමද නොයෙක් පණ්ඩිතයෝ කියති. ඒ උපක්රිම කිසිවක් මේ ලිපියේ සඳහන් නොකරණ නමුත් සුනන්දාට දැනගන්ට බැරි කමක් නැත. බටහිර වෛද්ය්වරයන් විසින් කාම ශාස්ත්රි පිළිබඳව ලියන ලද පොත්වලින් ගර්භොත්පත්තිය අඩුකරණ උපක්ර ම දැනගත හැක. නමුත් තමන්ගේ ප්රභමාණායට වත්කමේ තරමට දරුවන් නොලැබීම බලවත් කාලකණ්ණි කමක් බැවින්, ස්ත්රිදය වඳවීමට සලස්වා නොගන්ට වග බලාගෙණ ක්රි යා කළ යුතුය.

පින්වත් දරුවන් ලැබීම[සංස්කරණය]

මේ පිළිබඳව මේ ලියමනේ මුලින්ම කරුණු කීවෙමි. මවුපිය දෙදෙනා පිරිසිදු පැවතුම් ඇති ප්රිතිපත්ති ගරුකයන් වීමට ත්රි හේතුක ද්විහේතුක කාමාවචර කුසල් සිත්වලින් ප්රමතිසන්ධිය ගන්නා මහේසාක්‍ය පින්වතුන් ලැබීමට හේතු බව ඉතා හොඳින් මම විස්තර ‍‍කළෙමි. ශරීරික ධර්ම විද්යාබව පමණක් උගත් යුරෝපීය වෛද්ය්වරයන්ගේ (Eugenics) සුදාරකෝත්පත්ති ශාස්ත්රගයටත් වඩා මානසික ධර්ම විද්යා(නුකූලවූ ශාස්ත්රකය ප්රබත්යපක්ෂය. ඒ බටහිර පණ්ඩිත ජනයාද පින්වත් උසස් දරුවන් ලැබීමට එකම ආධාරය මවුපියන්ගේ යහපත් පැවැත්ම සදාචාරය බවත් කියා තිබේ. විශේෂ වශයෙන්ම මෑණියන් උගත් පිරිසිදු ප්රචතිපත්තිධර ලොභ, ක්රොයධාදියෙන්, නොපෙළෙන සතුටෙන් ප්රී තියෙන් කල්ගත කරණ කෙණෙක් වීම පින්වත් දරුවන් ලැබීමට ප්රාධාන හේතුව වේ. “අම්මා යම් සේද දරුවාත් ඒ වාගේය” යි දඹදිව වැස්සන් අතර ව්යුවහාර කථාවකි. උසස් සිතිවිලි ඇති උත්තමයන් ගැන හෝ උතුමන්ගේ චරිත නිතර මෙනෙහි කරණ මවුවරුන් නිසා පින්වත් සුඛිත දරුවනුත්, පහත් නීච සිතිවිලි වලින්යුත්, පංචවිධ දුශ්චරිතයෙහි ගැලුණු, හිතට කයට සැප පහසු නැතිව දුකින් ශෝකයෙන් පෙළෙන මවුවරුන් නිසා පහත් නීච කාලකණ්ණිනුත් ඇතිවන බවත් මගේ මේ ලියමනේ මුලින්ම විස්තර කළ බැවින් සුනන්දාට ඒ සම්බන්ධයෙන් වැඩිදුර නොලියමි. පිරිමි ගැහැණු දරුවන් ලැබීමේ උපක්රසම යුරෝපීය පණ්ඩිතයන් විසින්


නොයෙකුත් අන්දමට ප්රටකාශකර තිබෙතත් - එය කර්මානුරූපව සිද්ධවන්නක් බව සලකා ගත්විට කිසි අමාරුවක් නැත. පින්වත් මහෙශක්යක ගුණයෙන් යුත් පුත්රකයාත් දියණියත් දෙන්නාම පවුලක් බැබලවීමටත් පවුපියාදීන්ට සංග්රුහ කිරීමාදියටත් එක හා සමාන සුදුස්සන් බැවින් පුත්රත දුහිතෲ භෙදය ගැන වැ‍ඩි සැලකිල්ලක් කිරීම උවමනා නොවේ.

දීර්ඝ කාලයක් ජීවත්වීම[සංස්කරණය]

ඳෘඨ වූ පාප කර්මයක් ඵල නුදුන්නොත් මෙලොවදී ආරක්ෂා කරණ ප්ර තිපත්ති බලය නිසා අවුරුදු 100 යක් පමණ ජීවත් වීමට පිළිවන්කම තිබේ. සංසාර ගත සත්වයාගේ ස්වභාවය සලකා බලන විට අවුරුදු සියය එක තත්පරයක් තරමවත් නොවන බව ඇත්තකි. නමුත් අෂ්ට දුෂ්ටක්ෂණයෙන් විනිර්මුක්ත මනුෂ්යා ත්මයක් ලැබූ කෙනෙකුට පැයක්වත් වැඩිපුර ජීවත්විය හැකි නම් එයින් සංසාරයට මහත් ආධාරයක් කරගත හැක. රත්නත්ත්රර යම පවත්නා කාලයක් ඉපදීම ඉතාමත් දුෂ්කර හෙයින් දැන් කාලයේ ඉපදී ඉන්නා සම්යනක් දෘෂ්ටිකයන්ට භවය කෙළවර කරගණීමට ආධාර වන දාන මාන්නාදී කුසල් කර ගැණීමට හොඳින් අවකාශ තිබේ. තථාගතයන් වහන්සේගේ රෛයාණික ධර්මය ඇසීම හා එයින් සත්ය ය තේරුම් ගෙණ ඒ අතේ හිත යෙදවීමටත් ඉඩ ලැබුනොත්, ඒ පුද්ගලයාට මිථ්යාගවාදී රජෙක්ව අවුරුදු සියයක් රජ සැප විඳිනවාට වඩා වැඩ දායකය. එබැවින් දීර්ඝ කාලයක් ජීවත්වීම සඳහා පැවැත්විය යුතු ප්රාතිපත්ති ඉතා ඕනෑ කමින් පිළිපැදිය යුතුය.

දීර්ඝයුෂ්ක වීමට අවශ්යියෙන්ම ආධාර වන්නේ නිරොගිව ඉඳීමයි. නිරෝගී වීමට ආධාර වන්නේ මධ්යුම ප්ර්තිපදාවයි. කෑම ඇඳීම කාම සැප ආදියෙන් අධිකත්වයට පැමිණියොත් ඒ පුද්ගලයාට අවුරුදු පණහක් වෙන්ටත් ප්රයථම ලෙඩ රෝග බහුලවනු ඒකාන්තය. නිතරම සැහැල්ලු ආහාර පාන වර්ග ගැණීමටත් දවසෙන් වැඩි කොටසක් කය වෙහෙසණ කටයුතුවල නියුක්ත වීමටත්, දිනකට පැයක් දෙකක් පරිශුද්ධ ධර්ම අතේ හිත යොදවා චිත්ත විවේකයක් ඇතිකර ගැණීමටත් වීරිය කළ යුතුය. කටයුතු බහුලකර ගැණීම හෙවත් ආකූල ව්යාගකූල වූ ජීවිතයක් ගත කිරීමට පුරුදුකර නොගත යුතුය. “අනා කූලාව කම්මන්තා - ඒතං මංගල මුත්තමං” යයි තථාගතයන් වහන්සේ දේශනා කළේ මනුෂ්ය ජීවිතය නිරවුල්ව පවත්වා ගැණීමට පැටලිලි නැති රැකී

රක්ෂාසදියක නියුක්තවීම අවශ්යර හෙයිනි. තමන්ගේ තත්වයට සෑහෙන රැකී රක්ෂාවක් කරණු මිස කටයුතු තිහ හතලිහක පැටලී අවකාශ‍යක් නැති චිත්ත විවේකයක් නැති කෙනෙක් වීමෙන් මෙලෝ පරලෝ දෙකට ම කිසි යහපතක් කරගත නොහැකි බැව් හැම වේලේම සිත්හි තබාගත යුතුය. පුත්රල දුහිතෘ සංඛ්යාොව අධික කර ගැණීමත් කෙළි සෙල්ලම් හා පංචකාමි සැප අධික කර ගැණීමත් ශරීරය ඉක්මණින් දුර්වල වීමට හේතු වේ. ශරීරය ඉක්මණින් දුරුවලවීම වීමත් සමගම ලෙඩ රෝගද බහුල වීමෙන් අවුරුදු පණහක් හැටක් සම්පූර්ණ වීමටත් පෙර මිය යන්ට සිදුවේ. නිරෝගීව සුඛිතව වාසය කිරීමට නිසැක වූ ගුරුකම් මගේ මේ ලියමනේ මුල පටන්ම කීවෙමි. ධර්මවාදී භාවයෙන් ‍තොර නොවී මධ්යේස්ථ ජීවිතයක් ගත කිරීමට සුනන්දා අධිෂ්ඨාන කර ගත යුතුය. එවිට මෙලොවත් පරලොවත් දෙකම සඵල කරගත හැකි උතුම් ජීවිතයක් ගත කරන්නට ලැබෙනු ඒකාන්තය.

නළ ශාස්ත්රතය හෙවත් ආශ්වාස ප්රා.ශ්වාස කිරීම.[සංස්කරණය]

අපේ ගෙදර කලක් නැවතී සිටි වයොවෘද්ධ උපාසක කෙනෙකුගෙන් දැනගත් එක්තරා ශාස්ත්රියක් සුනන්දාට කියා දෙන්ට කැමැත්තෙමි. යම් යම් කාරණාවලදී එය අත්හදා බැලීමෙන් මේ ශාස්ත්රාය බොහෝ දුරට හැබෑ බව මට ද ප්රවත්යහක්ෂවී තිබේ. එබැවින් සුමිතුරියටද ඉවසිල්ලෙන් හා යථා ක්රාමයෙන් පුරුදු කිරීමෙන් මෙයන් ප්රකයෝජන ගත මැනව. මේ ආශ්වාස ප්රවශ්වාස සම්බන්ධ ශාස්ත්රකය ශරීර සුඛය වර්ධනය කර ගැණීමටද ඉවහල් වන බව පෙනේ.

යන්ත්රරයක - ඇන්ජිමක “ප්ලයි වීල්” කියන මහ රෝදය අනික් සියලුම යන්ත්රර සුත්රශ ක්රිකයා කරවන ඉතාමත් අවශ්යබ එකක් බව සැළකිය යුතුය. ඉතින් ඒ “ප්ලයි වීල්” කියන මහ රෝදය හරි අන්දමින් ක්රිවයා නොකළොත් ඇන්ජින් යන්ත්රලයේ කුඩා රෝද ආදිය කිසිවක් නියම පිළිවෙලට වැඩ නොකරන්නේය. අපේ මේ ශරීරය නමැති යන්ත්රආයේ ප්රිධාන ක්රිියාව වන හුස්ම ගැණීම හෙලීම හෙවත් ආශ්වාස ප්රතශ්වාස කිරීම නැති වුනොත් නැතහොත් ඒ යථා ක්රයමයට නො පැවැත්වුවොත් මේ ශරීරයේ ඒ ඒ අංග ප්රීත්යංොගද නියම අන්දමට ක්රිමයා නොකරණ බව සැළකිය යුතුය. භාවනා යෝගීවූ පින්වතුන් වහන්සේලාට සතිපට්ඨාන සූත්ර යෙන් ඒ පිළිබඳ ප්රවණීත ඉගැන්වීමක් විස්තරව තිබේ. නමුත් මා මෙහි දක්වන “නළ ශස්ත්ර ය” ඒ යෝගීවු පින්වතුන් වහන්සේලා ඇති කරණ චිත්තේකාග්රූතාවය නොව මනුෂ්යර ශරීරයේ ප්රාීණවත් භාවය -


සුඛිත භාවය ඇතිකර ගැණීමට පුරාණ වෛද්යර පණ්ඩිතයන් විසින් පුරුදුකර ගෙන තිබෙන ඉතා පහසු ක්රනමයක් බව සැලකිය යුතුය. ඉතින් සුනන්දා තම හට වැඩ කැමති ස්ත්රිසයක් මෙන් ඒ ගුප්ත ශාස්ත්රපය තේරුම් ගෙණ අත්හදා බලා ඉන් ප්ර යෝජන ගත යුතුය.

අන්ජින් යන්ත්රෝයක “ප්ලයි වීල්” ‍රෝදය මෙන් ඒ මනුෂ්යල ශරීර නමැති යන්තුයට ආශ්වාස ප්රගශ්වාස අවශ්යි බැව් මුලින්ම කීවෙමි. ශරීරයේ අභ්ය්න්තර ගත සියලුම නහර ආදියේ ක්රිරයා කිරීමට මේ අශ්වාස ප්රමශ්වාසය පරම හේතුවක් වන බැවින්, ඒ අශ්වාස ප්රරශ්වාස යථා ක්රපමයෙන් පැවැත්වීමට පුරුදු කර ගත් තැනැත්තාගේ නිරෝගී භාව‍යත් දීර්ඝායුෂත් නො අනුමානවම වර්ධනය වන්නේය. මනුෂ්යායෙක් රෝගාතුරවූ විට ඔහුගේ ආශ්වාස ප්රධශ්වාසය අතිශයින්ම ව්යාෝකූල වේ. එක පැයකට එක්දහස් වාරයක් හෙවත් මිනිත්තුවකට දහ හත් වාරයක් ආශ්වාස ප්රලශ්වාස කරණ මනුෂ්යහයා ඉතාමත් ශක්තිමත් නිරෝගී කෙනෙක් බවත් - අවුරුදු සියයක් පමණ ඔහුට ජීවත්විය හැකි බවත් දුර්වල නොවන බවද දැනගත යුතුය. ඔහු අවුරුදු සියයක් වනතුරුත් අධික ජරා දුර්වල ගතියට නො පැමිණේ.

ආශ්වාස ප්රයශ්වාස කිරීම හැම වේලේම නාස් පුට දෙකෙන්ම සිද්ධ නොවේ. ටිකක් වෙලා පරීක්ෂාකාරීව සිටියොත් ඒ බැව් තමාටම වැටහේ. මේ ආශ්වාස ප්රයශ්වාස චන්ද්රී සූර්යදී ග්රඒහ තාරකාදීන්ගේ බලය ලෙස සිද්ධවෙන බව දැනගෙන තිබේ. ආශ්වාස ප්රකශ්වාසය රෑ දාවල් දෙක්හිම දකුණු නාස්පුටයෙනුත් වම් නාස්පුටයෙනුත් මාරුවෙන් මාරුවට වෙනස් වෙවී සිද්ධ වන්නේය. චන්ද්රු සූර්යාදීන්ගේ බලා බල පැවතෙන හැටියෙන් ඒ වෙනස සිද්ධ වන්නේය. දක්ෂිණ නාසා පුටයෙන් ආශ්වාස ප්රිශ්වාස කිරීමට සූර්යාගේ ශක්තියත්, වම් නාසා පුටයෙන් ආශ්වාස ප්රවශ්වාස කිරීමට චන්ද්රරයා‍ගේ ශක්තියත් ආධාර වන්නේය. දකුණු නාසා පුටයෙන් වම් නාසා පුටයටත්, වම් නාසා පුටයෙන් දකුණු නාසා පුටයටත් මාරුවීම වාත බලයෙන් සිද්ධ කෙරේ. සාමාන්ය් වශයෙන් එක නාස් පුටයකින් පැයක් පමණ වේලා ආශ්වාස ප්ර ශ්වාසය පැවතී ඉක්බිති අනික් නාසා පුටයට පැමිණේ. මේ සිද්ධය - සූර්ය රාශි දොළසේ ගමන් කිරීමෙන් ඇතිවෙන බවද කල්පනා කරති.

කාල යන්ත්රත (ඔර්ලෝසු) ආදිය නොතිබුණු පැරණි කාලවල ධ්යා න පුරුදු කරණ තපස්වී වරයන් ස්වකීය ආශ්වාස ප්රුශ්වාස මිම්මෙන් මේ අසවල් වෙලාව යයි දවසේ පෑ ගණන කීමටද සමර්ථ වූ බව පෙනේ. දැන් වූවත් මේ ආශ්වාස ප්ර ශ්වාස කිරීම පිළිබඳ සියුම් ක්ර්මය පුරුදු


කරගත් කෙනෙකුට ඒ ඒ නාස්පුටයෙන් කෙරෙණ ආශ්වාස ප්රාුශ්වාසය නිසා කාලවේලාව නිවැරදි ලෙස දැනගන්ට පිළිවන. මාසේ පෝයට පසු දින හෙවත් පුර ජලවක දිනය පටන් ගැන්මේදී වම් නාසා පුටයෙන් ආශ්වාස ප්රයශ්වාස කරන්ට පටන් ගණී. පැයකින් පස දකුණු නාසා පුටයෙන් ආශ්වාස ප්රාශ්වාසය පටන් ගැනේ. මේ නියම ක්රකමය වෙනස්වී නම් ශරීරාබාධයකට හෝ අවාසනාවන්ත භාවයකට පත්වන බවට පූර්ව ලක්ෂණයක්ය. නමුත් මේ ශාස්ත්රනය දන්නා කෙනෙකුට තමන්ට යහපත සැලසෙන අන්දමට ඒ ආශ්වාස ප්ර්ශ්වාස යොදා ගන්ට පිළිවන. ඒ මෙසේය -

යම් කෙනෙකුට දුකුණු නාස් පුටයෙන් ආශ්වාස ප්රායශ්වාස කිරීමට උවමනා නම් යම්කිසි ද්රසව්යආයක් - ලේන්සුවක් ගුලිකොට වම් නාසාපුටයේ තබා අ‍තේ මාපටුගිල්ලෙන් තදකරගෙණ සිටිය යුතුය. එවිට ආශ්වාස ප්ර්ශ්වාසය දකුණු නාසා පුටයට පැමිණේ. එසේම වම් නාසා පුටයෙන් ආශ්වාස ප්ර්ශ්වාස කරන්ට උවමනා විට දකුණු නාසා පුටය සිරකර තබාගත යුතුය.

මේ නාස් පුටය සිරකිරීම පිරිසිදු පුළුන් රොදකින්ද කරගත හැක.

අතේ මාපටැඟිල්ලෙන් උවමනා නාස් පුටය වසා අනික් නාසා පුටයෙන් තදින් දසවරක් හුස්ම හෙලූ විටද ඒ උවමනා නාසා පුටයෙන් ආශ්වාස ප්රසශ්වාස පටන් ගැනේ.

යම් නාසා පුටයකින් ආශ්වාස ප්රිශ්වාස කරන්ට උවමනා විට උවමනා නොවන නාසා පුටය යටවෙන්ට හැරී මඳ වෙලාවක් සයනය කරණ විටද - ඒ තමාට උවමනා කරන නාසා පුටයට ආශ්වාස ප්රකශ්වාස පැමිණේ. ගිතෙල් ටිකක් අනුභව කිරීම නිසා ආශ්වාස ප්රශශ්වාසය වම් නාසා පුටයට පමුණුවා ගත හැකි බවත්, මීපැණි ටිකක් පානය කිරීමෙන් දකුණු නාසා පුටයට පමුණුවා ගත හැකි බවත් මිහිරි දෙළුම් ඉස්ම ටිකක් බීමෙන් නාස් පුඩු දෙනෙක්ම එක විඩේ ආශ්වාස ප්රිශ්වාස කිරීම සිද්ධවන බවත් සමහර ශාස්ත්ර ඥයෝ කියති.

(1) විද්යා රම්භය, (2) අළුත් ගෙවල් තැනීම පටන් ගන්නා විට,(3) ගමන් ආරම්භ කරණ විට, (4) ත්යාහග ප්රිදානය කරණ විට, (5) විවාහ මංගලයේදී, (6) රාජඅමාත්යාවදීන් දකින විට, (7) අළුත් වස්ත්රා භරණ පළඳින විට, (8) ස්ත්රී පුරුෂාදීන් සමග මිත්රන වන අවස්ථාවලදී, (9) අභිනවයෙන් වෙළඳාම් ආදී රැකී රක්ෂා පටන් ගැණීමේදී, (10) අළුතෙන් ගේක පදිංචියට යාමේදී, (11) උපකාරයක් ගන්ට යන අවස්ථාවේදී,

(12) ස්වාමි වරුන් දැකීමට යන අවස්ථාව යනාදී සුභ කටයුතු කරණ විට වාම නාසා පුටයෙන් ආශ්වාස ප්රාශ්වාස කිරීම ඒ ඒ කටයුතු සඵල වීමට හේතු වන බව සැලකිය යුතුය.

ශෝක‍යක්, කණගාටුවක්, විපත්තියක් පැමිණි විටත් ලෙඩක් වැළඳි විට හෝ ශරීරයේ බලවත් වේදනාවක් ඇතිවූ විටත් වම් නාස් පුටයෙන් ආශ්වාස ප්රශශ්වාස කරන්ට සලසා ගත යුතුය. එවිට සෝ දුක් ආදිය බොහෝ දුර අඩුවී මහත් සැනසිල්ලක් අත් වන්නේය.

නපුරු ක්රි යා හෙවත් දැඩි ක්රි යා සියල්ලේදීම දකුණු නාස් පුටයෙන් ආශ්වාස ප්ර ශ්වාස කරන්ට සලස්වා ගත යුත්තේය. (1) සතුරන් මර්දනය කිරීම, (2) දඩයම් කිරීමාදී රෞද්රස ක්රියයා කිරීම, (3) මත්පැන් පානය කිරීම, (4) ස්ත්රී පුරුෂාදීන් තමාට යටහත් කරගැනීම, (5) ස්ත්රීි පුරුෂාදීන් සමග කාමුක අදහසින් යහළුවීම, (6) අනුමානවූ වෙළඳාම ආදිය පටන් ගැණීම, (7) මස් මාංශ භක්ෂණය කිරීම, (10) නඩුහබ කීම, (11) කාම සේවනයෙහි යෙදීම, (12) විවාද කිරීම, ආදී නපුරු ක්රිමයා සියල්ලෙන්ම ජය ගැනීමට නම් - ඒ ඒ ක්රිරයා ආරම්භයේදී දකුණු නාස් පුටයෙන් ආශ්වාස ප්රාශ්වාස කරන්ට සලස්වා ගත යුතුය.

දකුණු නාසා පුටයෙන් ආශ්වාස ප්රආශ්වාස කරමින් ගත් ආහාරයක් කිසි කලෙකත් අජීර්ණ නොවේ. කාම සේවනයේදී දක්ෂිණ නාසා පුටයෙන් ආශ්වාස ප්රරශ්වාස කරන්ට සලස්වා ගැණීම ශරීර ශක්තිය ඇති කොට බලවත් ප්රීාතියට පැමිණිය හැකියයිද කියා තිබේ.

භාවනාදී ආගම කෘත්‍යයේ යෙදෙනා විට නාස්පුට දෙකෙන්ම එක හා සමානව ආශ්වාස ප්රයශ්වාස කරන්ට පුරුදුකර ගතහොත් නො අනුමානවම සිත එකඟ බැව්හි පිහිටුවා ගෙන ඒ ආගම කෘත්යටය හොඳින් ඉෂ්ට කර ගත හැකි වේ.

යම් කෙනෙකුට ආශීර්වාද කරන විටත්, සෙත් කවි ආදිය කියන විටත් නාස්පුට දෙකෙන් එක හා සමානව ආශ්වාස ප්රකශ්වාස කිරීමෙන් අදහස හොඳින් ඉෂ්ටවන බවද කියා තිබේ.

තදින් ආශ්වාස කිරීමෙන් අළුත් වාතය පෙණහැලි කරා යාමෙන් එහි අමුතු ශක්තියක් ඇති කෙරේ. එසේ වේගයෙන් කරණ ආශ්වාසය එසේම ප්රතශ්වාස කිරීමද උවමනා කෙරේ. පිරිසිදු අළුත් වාතය ඇති තැනට පැමිණ මෙසේ කිරීමෙන් ලේ ධාවනයද ශක්තිමත් බවට පැමිණ පෙණහැල්ල ආමාසය අදියේ පවත්නා අපහසුකම්ද නැතිවී ඒකාන්තයෙන් සිතටද ප්රීඑතිය අත් වන්නේය.

නළ ශාස්ත්ර ය හෙවත් ආශ්වාස ප්රතශ්වාස යථා ක්රමමයකට දැන ගැණීම බොහෝ දෙනාට මේ කාලයේ විහිලුවක් මෙන් වැටහෙනවාටත් අනුමාන නැත. නමුත් ප්රිවය සුනන්දාට වැඩි මහන්සියක් හෝ කිසිම වියදමක් නැතිව මේ ශාස්ත්රනය අත්හදා බලන්ට පිළිවන් බැවින් මගේ ආචාර්යවරයා ගෙන් ඉගෙන ගත් මේ ගුප්ත ශාස්ත්රතයද සංක්ෂේපයෙන් මෙහි සඳහන් කරන ලද බව සැලකිය යුතුය.

අවසානය[සංස්කරණය]

ප්රිනය සුනන්දා - දැන් ඉතින් මගේ ලියමන අවසාන කරමි. මනුෂ්යශ ජීවිතයේ පටන් ගැන්මේ සිට පවුලක්වී පුත්රන දූහිතෲන් වර්ධනය කර ගන්නා තැන් දක්වා කරුණු සඳහන් ‍කළෙමි. මේ කාරණය චින්තන මාත්රායෙන් කියූ දේ නොව උතුම් ධර්මයටත් ශාස්ත්ර්යටත් අතිශයින්ම එකඟ ප්රනත්ය‍ක්ෂ කරුණු බව සලකා ගත යුතුය. ජීවිතය ආරම්භ කිරීම හෙවත් කුඩා කාලය යහපත්ව ගත කළොත් නො අනුමානවම මහළු කාලයද හොඳින් ගත කරන්ට ලැබෙනු ඒකාන්තය. ඒ ‍එසේද වුවත් හැම ප්රුස්ථාවයේදීත්, හැම කටයුත්තේදීත් අධිකය හෙවත් අන්තයට නොගොස් මධ්යලම ප්රුතිපදාවෙන් හෙවත් මධ්යීස්ථ භාවයෙන් ක්රි්යාකළ යුතුය. ධන උපයන්නට ඉඩ තිබුනු පලියටත්, ඉගෙණ ගන්ට ඉඩ තිබුණු පළියටත්, ප්රපමාණය ඉක්මවා නොයා යුතුය. යමෙකුට අහම්බයෙන් එසේ ප්රනමාණය ඉක්මවා ක්රි්යා කරන්ට පිළිවන් වුනත්, ඔහුටවත් ඔහුගේ පරම්පරාවටත් හිත සැප පිණිස නොවන්නේය. ධන සැපයීම් ඉගෙණීමාදී නිරවද්යව ක්රිණයා පවා ප්ර.මාණය ඉක්මවා ය‍ාමෙන් සැපයට වඩා දුක් වේ නම්, පස්කම් සැප විඳීමාදිය ප්රොමාණය ඉක්මවා කළොත් ඒ තැනැත්තාට අත්වන දුක කිසිවකුටත් ප්රවමාණවත් කල නො හැක. ප්රොමාණය ඉක්මවා කළයුතු කටයුත්තක් ද තිබේ. එනම් කුසල් කිරීමයි. කුසල් කිරීමේදී කිසිම ප්රතමාණයක් නොබලා පිළිවන් තරම්ම කිරීම නුවණැත්තාගේ බලවත් උපායකි. මක්නිසාද? පස්කම් සැප ආදිය දෙවියාගේ පටන් කුරු කුහුඹුවා දක්වා ඒ අතර සියලුම සත්වන්ට විඳින්ට ලැබෙන ළාමක සැපතක් බැවිනි. එහෙත් කුසල් කිරීම අෂ්ට දුෂ්ටක්ෂණයෙන් විනිර්මුක්ත මනුෂ්ය්යකුට මිස වෙන කිසිවෙකුටත් කර ගත නොහැකි දුරුලභ කාරණය නිසා මනුෂ්යා්ත්මයත් බුද්ධාදී උතුම් රත්නත්ර යත් ලැබුනු මේ අවස්ථාවේදී පිළිවන්ම තරම් කුසල් කරගැනීම දුඃඛිත වූ සංසාරය කෙටිකර ගැණීමට බලවත් ආධාරයක් වන නිසා රෑ දාවල් දෙකේම කුසල ක්රි්යාවෙහි අනලස් විය යුතුය.

මහලු කාලයේ සැපවත් වීමට තරුණ කාලය හොඳින් ගත කළ යුතු බව මීට ඉහත නොයෙක් තැන්වලදී සඳහන් ‍කළේමි. තමන්ගේ වයසත්, තත්වයත්, සලකා ගත නොහැකි තැනැත්තාට මෙලෝ පරලෝ දෙක ගැන ද සලකා ගන්ට බැරිය. තමන්ගේ වයසට නුසුදුසු කෙළි සෙල්ලම් ගමන් බිමන් කුමක්දැයි සලකා එය දුරින්ම දුරු කළ යුතුය. තමන්ගේ පරම්පරාවට ආදර්ශ දීමට මව්පියන් හා සමාන අන්යද කිසිවෙක් නැත්තේය. මව්පියන්ගේ පැවැත්මට ඉඳුරාම විරුද්ධව යන පුත්ර් දූහිතෲන් ඇති වෙතොත් ඒ පුත්ර දුහිතෲන් පිළිසිඳ ගන්නා කාලයේ මව්පියන්ගේ පැවැත්ම හා අදහස් විෂමව පැවති බව මා විසින් මුලදී කරණ ලද ප්රිකාශයෙන් හොඳින් තේරුම් ගත හැක. මුල පටන්ම ප්රදතිපත්ති රක්ෂාා කිරීමේ නියක්ත මව්පියන්ටත් අකීකරු නපුරු දරුවෙක් ඇති වුනොත්, බලවත් පාප මිත්රක සේවනය නිසා බව තදින් සලකා අපරාපර්ය වේදනීය කර්මයට ගොදුරුවූ ඒ දරුවා ගැන කලකිරීමෙන් උතුම් වූ ධර්මය කෙරෙහි මඳක්වත් සැක නොකළ යුතුය.

මාගේ ප්රිකය සුනන්දා, මා විසින් ම් ලියමනේ සඳහන් කරුණ ලද කරුණු හොඳින් තේරුම් ගෙණ ඒ කරුණු නැවත නැවතත් යෝනිසෝමනසිකාරයෙන් කල්පනා කරමින් අත්හදා බැලිය යුතුය. අසේ අත්හදා බැලීමෙන් ප්රරත්යහක්ෂ කරගත් කිසිවෙකුට කොයි අන්දමකින්වත් නොමග යාමට ඉඩක් ‍නො ලැබෙන්නේය. වැරදි මාර්ගයට නොබැසි තරුණයාට හෝ තරුණියට මධ්ය්ම වයස තරුණ වයසටත් වඩා සැප දායක වන බව ප්රයත්යික්ෂ හෙයින් නුඹට තවමත් නොපැමුණුන මධ්යසම වයසත් නුඹ සැපසේ ගත කරන්නෙහි යයි මම ප්රී්තිවෙමි. තවද මධ්ය ම වයස යථා ක්ර මයෙන් ගත කළ කෙනෙකුට අවසාන මහලු වයස තරුණ මධ්යමම දෙකාලයටත් වඩා සැප දායක වන බව සත්ය්යනුත් සත්ය යක් වන බැවින් - තව බොහෝ කාලයකට පසු ලැබෙන නුඹේ මහලු වයසේදීත් නුඹ සැපසේ වසන්නෙහි යයි මම ප්රී තිවෙමි. තවද ලපටි, තරුණ, මධ්යදම, මහලු යන අවස්ථා සතරෙන් යටත් පිරිසෙයින් තරුණ, මධ්ය ම, මහලු යන අවස්ථා තුනේදී යථා විධියෙන් කල්ගත කළ කෙනෙක් පංචොපක්ලේශයන් ගෙන් විරහිත පසළොස්වක් පොහෝ දිනයේ චන්ද්රල මණ්ඩලය පද්ම රාග මාණික්යො ප්රදභායෙන් පූර්ව දිශා භාගයෙන් පායන්නාක් මෙන්ම නො අනුමානවම මරණින් මතු සුගතියකට පැමිණෙ බැවින් - තව බොහෝ කාලයකට පසු කාල ක්රි යා කරණ නුඹට දිව්ය මනුෂ්යාහදී උතුම් උත්පත්තියක් ලැබේයයි කියා ද මම සතුටු වෙමි.

මා ගැන සහ නුඹ ගැන[සංස්කරණය]

මා ගැන කිව යුතු වැඩිපුර කරුණු කීමෙන් දැන් පලක් නැත. මා පූර්ව‍ ජාතියක දී ද්රෘුඪ කර්මයක් ඉදිරිපත් වූයේ ය. මම නුඹ සහ තවත් මිතුරියන් කීප දෙනෙක් සමග ශාස්ත්රඩශාලාවේ ඉගෙණ ගනිද්දී කල් ගත කල අන්දම නුඹට හොඳින් මතක ඇතැයි සිතමි. මා ගෙදරට පැමිණෙන්නටත් පෙර මා විවාහ කර දීමට අපේ මව්පිය දෙදෙනා ඇතුළු ඤාතීන් විසින් පුරුෂ‍යකු නියම කරගෙණ තිබුනේය. ඔහු අපේ ඇවැස්ස නැන්දාගේ වැඩිමල් පුතනුවෝය. මා හොඳ නරක දැන ගන්නා කාලයේ අපේ නැන්දාත් මාමාත් කල් ගතකළ අන්දුම ඇත්තෙන්ම වර්ණනා විෂයාතික්රා්න්තය. ධර්ම ප්රදතිපත්තිය ජීවිතයටත් වඩා සැලකූ ඒ නැදිමයිලන්ගේ පුතනුවන් කෙරෙහි මට කිසිම සැකයක් ඇති නොවීය. වෝල්ටර් දිව්යව කුමාරයෙකැයි සිතා සිටි මම, ඔහු සමග විවාහ වීමට අතිශයින් ප්රමශන්න වීමි. ඒ නිසා ඔහු සමග අතිශයින්ම හිතෛෂීව ආශ්රමයද කළෙමි. අප අඹු සැමියන් ලෙස කල් ගත නොකළ නමුත් ගම්වාසීහු එසේයයි සිතාගන්නා තරමට නිත්යැ ආශ්ර යක් ඇති විය. අන්තිමේදී නීති ප්රවකාර විවාහ බන්ධනය ද සිද්ධකරන්ට විය. එසේ සිද්ධ කරණ ලද්දේ අපේ මාමාගේ මරණයට ප්රසථම එය සිද්ධවනු දැකීමට ඔහුගේ බලවත් කැමැත්ත තිබුනු බැවින්ය. නමුත් අඹු සැමියන් වශයෙන් කල් ගත කිරීමේ කාලය අවුරුද්දකට කල් දමන ලදී. එසේ කළේ අපට අභිනව ගෘහයක් සාදාගෙන පදිංචි වන අදහසින් ය. වෝල්ටර් නරක මිනිහෙක් බව විවාහ නාම ප්රනසිද්ධියට පසු දැන ගතිමි. නමුත් යථා මාර්ගයට පමුණුවා ගත හැකැයි සිතුවෙමි. මක්නිසාද? ඔහු‍ගේ මෑණියන් හා එකම සොහොයුරා වන බැන්ජමිනුත් ඉතාමත් ශික්ෂිත හැබෑ ගුණවතුන් බැවිනි. නමුත් වෝල්ටර්ගේ ගති ගුණ දිනෙන් දිනම නරක අපට හැරෙන බව දැන ගතිමි. ඒ ‍එසේ ද වුවත් කලක් තිස්සේ පැවති අදහස නිසාත් මගේම නැන්දනියගේ පුත්ර.යා නිසාත් මගේම මව්පියන්ට මේ හා සමාන පුරුෂයෙකු මුළු ලක්දිවෙන්ම සොයා ගත නොහැකියැයි වැටහී තිබූ නිසාත් විවාහය නීති ප්රලකාර ලියා පදිංචි කිරීමට ඉඩ දුනිමි. ඊට පසු වොල්ටර් මනුෂ්යහ වෙසධාරී යක්ෂයෙක්, කොටියෙක්, කිඹුලෙක් බව වැ‍ටහුනේය. ඔහු හික්මවීමට ගුණවතෙක් කිරීමට මා ගත් උත්සාහය මෙබඳු ලියවිල්ලකින් දැක්විය නොහැක. නමුත් ඔහු දිනෙන් දිනම ගර්හිත පාපතරයෙක් විය. ඔහු

නරක සුදුකාරයෙක් හා බේබද්දෙක් ද සල්ලාලයෙක් හා මිනීමරුවෙක් ද බව දැන ගතිමි. හදිසියේ අර්ධමයෙන් ධනවත් වුන ඔහුගේම මාමා මරා දේපල අයිති කර ගැණීමට මොහු කුමන්ත්රරණ යොදන බැව් දැන ගත් හැටියේම ඔහු අපේ ගෙදරට ගෙන්වා ගෙණ ධර්ම ශාස්ත්රාෙනුකූලව පමණක් නොව අසරණ භාර්යාවක් දුක්ඛිත අන්දමින් කරණ ලෙස ඔහුට අවවාද කළෙමි. ඔහු දරුණු වූ හොරුන් සමග එකතුව කරන්ට අදහස් කළ මේ දුෂ්ට ක්රිවයාව වලක්වන්ට වීර්ය කළ මට - තවමත් සිරිත් පරිදි භාර්යාකමට නොපැමිණි මට - ඔහු තිරිසනෙක් ලෙස අඩම්තේට්ටම් කළේය. ඉන් පසු ඔහු ගැනවත් මා ගැනවත් මට කිසි බලාපොරොත්තුවක් නැති විය. ඔහුගේ සහෝදරයා වන ගුණවත් බැන්ජමින් මහතා එදිනම සමුමුඛව වෝල්ටර්ගේ දරුණු කම ගැන කතා කළෙමි. ඒ පින්වත් මහත්මයා මනුෂ්ය් වේෂයෙන් සිටින දිව්යම කුමාරයා වෝල්ටර්ගේ උප්පත්ති තොරතුරුත් මට කියදී වෝල්ටර් ධර්මවාදී සත් පුරුෂයකු කිරීමට නොහැකි බව හොඳින් පහදා දුන්නේය. වෛනෙය ජනයා මිස අන්යහයකු හික්මවීමට බුදුවරයන් වහන්සේලාට වත් නොහැකි වූ බව පෙන්නුම් කළ බැන්ජමින් වෝල්ටර් ආලවකාදී යක්ෂයන්ට සමාන කිරීම යුතු බවත් හොඳින් පෙන්නුම් කරදී ඔහුගෙන් වෙන්ව වාසය කල යුතුයයි මට අවවාද කෙළේය. ඒ මගේ මස්සිනා මට කළ අවවාදයෙන් ඔහුගේ තත්ව ය හොඳටම තේරුම් ගතිමි. ඉතින් පලුදුවූ කොයි විදියකින් වත් පිළියම් කළ නොහැකි වූ මගේ ජීවිතය තබා ගැනීමෙන් වෝල්ටර් මිනීමැරීමේ වරදකාරයකු නොකර සිටීමටත් බැරි අවස්ථාවක්ද පැමිණියෙන් මේ ලියමන ප්රේරමවත් සුනන්දාට ලියන්නට සිද්ධිවිය. බලවත් පාප කර්මයක් නිසා නින්දිත ජීවිතයක් ගත කිරීමට මග සැලසී ඉන්නා කෙනෙක් තවත් කෙනෙකුන්ගේ ජීවිතයක් තොරකිරීමටත් සහකාරයෙක් හෝ සහකාරියක් වුවත් ඔහුගේ හො ඇගේ ජීවිතය මැසි මදුරු ආදීන්ගේ ජීවිතයක් තරම්වත් නොව‍ටිනා බව වැටහුනු මම අතිශයින් වික්ෂිරප්ත භාවයට පැමිණියෙමි. ඉතින් සුනන්දා බැන්ජමින් අමරසිංහ මහතා මේ ලියමන සොයාගෙන නුඹ වෙතට පැමිණෙනු නියතයි. ඒ මගේ කරුණාවන්ත මස්සිනාට - ප්රිුය භාර්ය පදවියට නුඹට වඩා සුදුසු ස්ත්රියයක් අද ලක්දිව නැත්තේය. ධර්ම ප්ර‍තිපත්තියෙහි පිහිටි පසු මගේ නැන්දාටත් මාමාටත් ලැබුණු මේ දිව්ය කුමාරයා සියලු යස ඉසුරෙන් ආඩ්යිවන පින්වත් බෝධිසත්ව් කෙනෙක් බව නිසැකව දැනගත මැනවි. ඒ මහතා නුඹ සම්භවෙන්ට එන්නේ මේ මගේ ලියමන බලන පිණිස වුවත් මේ ලියමන මුල සිට

අග දක්වා කියවූ පසු ලියමනත් සමග නුඹද එක්කරගෙණ යනු ඒකාන්තය. ඒ නිසා බැන්ජමින් අමරසිංහ මහතා කවදා නමුත් නුඹ සොයා එනතුරු රාජ කුමාරයෙකු සමගවත් විවාහ නොවී සිටිය යුතුය. බැන්ජමින් මහතා නුඹ දැක නුඹ සමග කථාකළ පසු නුඹ අත්හැර නොයන්නේය. යම් විධියකින් ඒ මහතා එසේ කරන්නට තැනුවොත් උන්නැහේගේ ප්රිනය සොහොයුරිය වන මිය ගිය සුනන්දාගේ බලවත් අයදුමටවත් සුනන්දා ජයසේකර භාර්යා කර ගත යුතු යයි කියන මෙන් ඉල්ලමින් - මාගේ ප්රිභය සුනන්දා අවුරුදු හත අටකින් පසු දැකීමට බලාපොරොත්තු වෙමින් මේ ලියමන මෙයින් සමාප්ත කරමි.

මේ වගට - සුමිතුරී වන, “සුනන්දා”

15. පරිච්ඡෙදය[සංස්කරණය]

මෙදින රාත්රීි දහය වන විට බලවත් නිශ්චල භාවයක් ඇතිවිය. රථ වාහනාදියේ ගමනාගමනය වත් මනුෂ්යයයන්ගේ කටයුතුවත් නැති කල්හි ලෝකය නිශ්චල නොවේද? තිරිසන් ගත සත්වයෙක් වත් රාත්රීත දහය වන විට එලියක පහලියක නැත. සුනන්දාලා සිටින වත්ත කොළඹ සමහර වතු මෙන් බේබදු රෞද්රක මිනිසුන් ගහණ ‍එකක් නෙවන නිසා රාත්රීන දහයට ඉතාමත්ම නිශ්චල අන්දමකින් පැවැත්තේය. සවස හයට බලන්ට ගත් සුනන්දා ගේ ලියමන අර්ථත් මෙනෙහි කරමින් බැලූ බැන්ජමින්ට සම්පූර්ණ පැය හතරකින් බලා ගත හැකිවිය. බැන්ජමින් ලියමන බලා කෙළවරවන්නේ කොයි මොහොතේදැයි පරීක්ෂාකාරීම සිටි සුනන්දා සහ ඇගේ මෑණියන් ද නැන්දා ද කුසගින්නේ හා නිදිමතේ බැවින් මඳක් පීඩා ලැබුවෝය. බැන්ජමින් ලියමන කියවා සමාප්ත තමා හන්සිවී සිටි අන්දමින් නැගිට සෝපාව උඩ වාඩිගත් හැටියේම සුනන්දා අවුත් හතර පැයක් එක ඉරියව්වෙන්ම ඉඳ ගෙණ ලියමන කියවීම අපහසු වෙන්ට ඇත. ඊටත් රාත්රීන ආහාර ගන්නා වේලාවත් ටිකක් ඉක්ම ගිය නිසාද අමාරු වෙන්ට ඇත. ඒ එසේ වුවත් දීර්ඝ කාලයක් ඉතා ඕනෑ කමින් සෙවූ සුනන්දා ගුණරත්න නෝනාගේ ලියමන කියවා ගන්ට ලැබීම නිසා හිතට කණගාටු නෑ නොවේ දැ” යි ඇසීය. “ ඔව් සුනන්දා, දැන් වේලාව දහයයි. මගේ උවමනාව නිසා මේ ගෙදර කාටත් නිදිමරන්ට සිද්ධවුනා.


ඔව් | කාරණා ඔහොම තමයි. ආත්මාර්ථ පරාර්ථ දෙකම සලකන්නන්ට මෙහෙම අකරතැබ්බ පැමිණෙන්ට ඕනෑ - හොඳයි, දැන් අපි මීළඟට කුමක් කරමු ද” කියා අසන කොටත් - පිළියෙළ කර තිබුණ වතුර වීදුරුව සුනන්දා බැන්ජමින් අතට පිළිගන්වා “දැන් අප විසින් පිළියෙළ කර තිබෙන ආහාර ගත යුතු යයි” කීවාය. බැන්ජමින් තවත් කිසිත් කථා නොකොට වතුර වීදුරුව පිළිගෙන කට සෝදා ගෙණ සුනන්දා විසින් පිළියෙලකළ රසවත් ආහාර ඉතා ප්රීගතියෙන් අනුභව කොට ඒ කුඩා ගෙයි සාලයේ තිබුණු පුටුව උඩ වාඩි ගත්තේය.

සුනන්දා හා ඇගේ මෑනියන් ද නැන්දා ද ඉන්පසු ආහාර අනුභව කොට ඔවුහුද ශාලයට අවුත් වාඩි ගත්හ. වේලාව එකොළහට පමණ විය. “දැන් මධ්යුම රාත්රිඩය වූවාය. නමුත් කොළඹ නගරයේ ජනයා මේ වේලාවටත් එහෙ මෙහෙ යති. ඉන් නිසා මමත් මා නැවතී ඉන්නා හෝටලයට ගොස් නිදා ගන්නෙමි”යි බැන්ජමින් කීයේය. සුනන්දා මවුගේ මුහුනත් නැන්දාගේ මුහුනත් ඉක්බිති බැන්ජමින්ගේ මුහුනත් බලා බිම බලාගත්තාය. ජයසේකර හාමිනේ බලවත් ගෞරවයෙන් “දැන් මහත්මයා හෝටලයට යන්නේ කුමට ද, අපට තිබෙන හැටියට මේ කුඩා ගෙයිම මේ රාත්රි්ය ගත කළොත් අපේ හිතට මහත් ප්රී තියක්” යයි කීවාම “හොඳයි, මගේ නැවතීමෙන් ප්රීිතියක් මිස අනිකක් නොවේ යයි අම්මාට හිතෙතොත් මට නවතින්ට බැරි කමක් නැත. මේ ගෙටත් වඩා කුඩා වූ පැල්වලත් ඉඳලා පුරුදු මට ස්ථානයේ අපහසුවක් නම් නැත. මා කල්පනා කළේ අනිකක්ය”යි බැන්ජමින් කීයේය. “නෑ මහත්මයා එබඳු කල්පනාවක් අප ගැන නොසිතනු මැනවි. මගේ දියනියත් අප දෙදෙනාත් මෙලෝ පරලෝ හොඳින් දන්නා, කුල චාරිත්ර හොඳින් දන්නා ස්ත්රීඳන් බැවින් මහත්මයා වැනි ශිෂ්ටාචාර වැදගත් කෙනෙක් හදිසියක් නිසා මෙහි එක් රැයක් ඉඳීම කොයි අතකින්වත් අසතුටකට කරුණක් නොවේ. එබැවින් මෙහි තිබෙන කුඩා කාමරයේ නිදාගත මැනවැ”යි ජයසේකර හාමිනේ කීවාය.

ඉක්බිති බැන්ජමින් ජයසේකර හාමිනේට කථා කොට “මට තවමත් හොඳටම නිදිමත නැත. මා පැමිණියේ සුනන්දා නෝනා සොයාගෙණමයි. සුනන්දා නෝනාට ලැබී තිබුණු රහස් ලියමන කියවීමෙන් දැන් රාත්රි එකොළහමාර වුනා.තවත් ටික වේලාවක් කථා කරන්ට කැමැතියි. එබැවින් අම්මා අවසර දෙතොත් සුනන්දා නෝනාත් සමග කථා කරන්නෙමි” යි කීවාම ජයසේකර හාමිනේ අතිශයින්ම සතුටුව දියනියට කථා කර “ඔන්න ඉතින් සුනන්දා උඹේ

අදහස් ඉෂ්ටවුනා. මහත්මයාත් සමග කථාබස් කොට ඉක්බිති අපේ හිතත් සතුටු කරපන් නැ”යි ඒ හාමිනේ සහ ඇයගේ සොයුරිය වන ලීලාවතී හාමිනේත් ඒ සාලේ පිළියෙල කර තිබුණු ස්ථානයේ නිදා ගත්හ. සුනන්දා හා බැන්ජමින්ද කුඩා කාමරය තුළ ආසන දෙකක වාඩිවී ඔවුන්ගේ කථාව පටන් ගත්හ.

බැ - සුනන්දා නෝනාට ලැබී තිබුණු “චින්තා මාණික්ය් රත්නය” නමැති ලියමන මා විසින් කියවන ලදි. සුනන්දා නෝනා ඒ ලියමන කී වරක් කියෙව්වෙහිද?.

සු - මට නිසැකවම කියන්නට නොහැකියි. නමුත් විසි වාරයකට වඩා කියවා බැලූ බව නම් ඒකාන්තයි.

බැ - ඒ ලියමලේ ආරම්භයත් මැදත් කෙළවරත් යන තුන් කොටස කියවන විට වඩා සතුටු දායක වූයේ කොයි කොටස ද?.

සු - (සිනාවෙමින්) මගේ මිත්රන සුනන්දා නෝනා කියා තිබුනේ ලියමනේ අග කොටස වඩා හොඳ බවට. පටන් ගැන්මේ සිට ක්ර්මයෙන් වඩ ව‍ඩා රසවත් වෙමින් අවුත් අන්තිම කොටස විශේෂයෙන් මට රසවත් විය.

බැ - (සිනාසෙමින්) ඇත්තෙන්ම ඒ ලියමනේ මුල මැද ගැඹුරු, ධර්ම ශාස්ත්රය ආශුය කරගෙන ලියා තිබේ. අග කොටස මියගිය ඒ සුනන්දාගේ ජීවිත කථාව හැ‍ඟෙන්නට ඉතා සංක්ෂේප කොට ලියා තිබේ. ඉතින් සුනන්දා නෝනාට අග කොටස ඉතාමත්ම ප්රී ති දායක වූයේ ඒ අග කොටසේ සඳහන් වන මගුල් ජෝඩුව නිසා ද?.

සු - ඇත්තෙන්ම, මගේ මිතුරිය වන සුනන්දා ගුණරත්න නෝනා මට බලවත් ඇල්මකින් සිටි කෙනෙකි. ගුණවත් කුල ස්ත්රිණයක් වීමට උවමනා කරුණු සියල්ලමක් කියාදී - ඉක්බිති මට පිළිවන් අතක් බලාගන්ට යයි නොකියා - මට පිරිමහින ස්වාමි පුරුෂයෙක්ද නියම කිරීම ධර්ම ශාස්ත්රො උගන්වා ඉක්බිති විශාල ධන සම්භාරයකුත් අයිතිකර දුන් ආචාර්ය වරයෙකු මෙන් ඒ ම‍ගේ මිතුරිය මට උපකාර කර තිබේ.

බැ - සුනන්දා නෝනා මා ගැණ බලාපොරොත්තුවීම ඉෂ්ට නූනොත් ඒ මියගිය සුනන්දා නෝනා උපකාරයක් කළ කෙනෙක් වෙන්නේ නැහැ නොවේ ද?.


සු - සත්තකෙන්ම අසහාය උපකාරයක් කළ කල්යානණ මිතුරියකි.

බැ - හොඳයි මා‍ නො ලැබුණොත්?

සු - මට මහත්මයා නො ලැබෙතොත් හෙට උදේ ඉර නොපායා ඉන්ටත් පිළිවනි.

බැ - සුනන්දා නෝනා ඉක්මන් වුනා වැඩියි. මා වෙන තැනකින් කසාදයක් බැඳීමට අදහස් කර තිබෙතොත් කුමක් කරන්ට ද?

සු - එහෙම අදහස් කරන්ට ඉඩක්වත් යුතුකමක් වත් නැත.

බැ - ඇයි?

සු - මම ලක්දිවම ඉපදී සිටියදී මහත්මයාට මා ඇර අන්යත ස්ත්රිසයක් විවාහ කර ගන්ට පිළිවන් කමක් නැති හෙයිනි.

බැ - ඇයි සුනන්දා නෝනාට වඩා ලක්ෂණ. ධනවත් උසස් පවුලකින් තරුණියක් කසාද බැඳ ගත්තොත් හොඳ නොවේ ද?

සු - ඔව් ‍එහෙම නම් කෙළවරක් නැතුව සිටිති. නමුත් “හස්තිනිලාද - සංඛිණිලාද” කියා කියන්ට බැරිය.

බැ - හොඳයි සුනන්දා නෝනා ඒ සතර වර්ගයෙන් කොයි වර්ගයට අයත් ද?.

සු - ඒ මා විසින් කිවමනා නොවේ. ගස දන්නා ඇත්තන්ට කොළ කඩා පෙන්වන්නට උවමනා නැත.

බැ - හොඳයි සුනන්දා නෝනාගේ මේ චින්තා මාණික්ය් රත්නය නමැති ලියමනේ සඳහන් කරුණු පිළිපදින තවත් ස්ත්රී්න් ගැන දන්නෙහිද?

සු - ඇත්තෙන්ම ඉන්නට පිළිවන. නමුත් මා දන්නා එකම කෙනෙක් පමණක් දැනට ජීවත්ව සිටියි.

බැ - ඒ සුනන්දා නෝනා නොවෙහි ද?

සු - මහත්මයාට සුදුසු අන්දමට එය තේරුම් ගත මැනවි.

බැ - හොඳයි මිය ගිය අපේ නෑනා - සුනන්දා නෝනාට මා සමග විවාහ වෙන්ට කියා තිබේ. ඉතින් යම් විධියකින් සුනන්දා නෝනා සමග විවාහ නූනොත් සුනන්දා විවාහයකට ඇතුළත් වෙන්නේ නැද්ද?

සු - පටන් ගත් කාරණය කරලා කෙළව‍රක් වනතුරා අනිකක් ගැන සිහිකිරීම උවමනා නැත. ඇතිවී තිබෙන අදහස් වෙනස් කිරීමට


මා පිළිබඳ තවමත් කාලයක් පැමිණී නැත. සමහර විට මගේ සුමිතුරියට තරම් මටත් විපත් පැමිණියොත්......?

බැ - නැහැ සුනන්දා නෝනා එක පුද්ගලයෙකු ගැනම යම් ස්ත්රිමයකට සිතාගෙණ ඉඳීම යුතු ද?.

සු - ඇත්තෙන්ම ඒ තරමට ගුණ ධර්ම ප්රෙගුණ කළා වූ ද සංසාරයේදී ඒ අයිතිවාසිකම් තහවුරු කර ගත්තාවු ද ස්ත්රිරයකට එහෙම බලාපොරොත්තු වීමට හැම අතින්ම යුතුකම් තිබේ. එසේ නොවන්නට නම් ධර්මයක් - සත්ය වූ ධර්මයක් ලෝකයේ තිබෙන්ට බැරිය.

බැ - හොඳයි, මා සුනන්දා නෝනා විවාහ කර ගත්තොත් මා බලාපොරොත්තු වන, සැපවත් - ප්රීෝතිමත් - උත්කෘෂ්ට ජීවිතය ගත කරන්ට ලැබේද ?.

සු - මා ඇර වෙන දිව්යං-ගනාවක් සරණ කර ගත්තත් මහත්මයා බලාපොරොත්තු වන සැපවත්, ප්රීයතිමත් උත්කෘෂ්ට ජීවිතය ගත කරන්ට නොලැබේ.

බැ - එත‍කොට සුනන්දා නෝනා කියන්නේ සුනන්දා නෝනාම සරණ කර ගන්ට ද?

සු - ඒක කියන්ට බලාපොරොත්තු වුනේ හෙට උදේටයි. නමුත් දැන් ම ම මහතාණන් විසින් ප්රනකාශ කරණ ලදි. ඉතින් මා නොකීවත් ඇති පාඩුවක් නැත. හෙට එකොළහට එය ඉෂ්ට කරගත හැක.

බැ - ඇත්තෙන්ම සුනන්දා, මගේ ජීවිතය සඵලවත් කරන්ට සුනන්දාට පිළිවන් නම් මම එසේ කරන්නෙමි.

සු - ඔව්, මට ඇර වෙන කාටවත් බැරිය. මීළඟම එහා ආත්ම යේදීත් මම මහත්මයා සතුටු කෙළෙමි. ගුණවත් උත්තමයෙක් කෙළෙමි. ඒ බව මට හැඟුන වාර අප්රකමාණය. ඉතින් සංසාරයේදී අනන්ත අප්රටමාණ වාරවලත් මම ‍එසේ කෙළෙමි.

බැ - එසේ නම් මම සුනන්දා නෝනා සරණ බැඳ ගන්නෙමි. චින්තා මාණික්යේය” ප්ර ගුණ කරගත් “චින්තා මාණික්යීය” හැටියට සුනන්දා පිළිගන්නෙමි. දැන් රාත්රින දෙකට කිට්ටුය. එබැවින් මෑනියන් සමග නිදන්ට - මම මෙහි නිදන්නෙමි” යි සුනන්දා සමග බැන්ජමින් කළ කතාව අවසාන කෙළේය.

සුනන්දලා පදිංචි ගෙට අල්ලාපු ගෙයි හොඳ සීලාචාර යයිද


කරුණාවන්ත යයිද ප්රටසිද්ධ උපාසිකාවක් හා ඇගේ දියණියන් දෙදෙනා හා ඇගේ පුත්ර යාද වාසය කරති නිශ්ශබ්ද වූ රාත්රි යේ කරණ ලද මේ කථාව ඉතාමත් හෙමින් කළ නමුත් ඒ ගෙයි සිටිය කවුරුත් ඉතා ඔනෑකමින් අසාගෙණ සිට - මහත් පුදුමයට පැමිණ එලිවෙනතුරුවත් ඔවුන්ට ඉවසිල්ලක් නැති විය. උපාසිකාවට ඇගේ ලොකු දුවට කථාකොට - “බලාපන් ප්රේ.මාවතී - සුනන්දා සමග අර කථා කරන්නේ ධනවත් සිටුවරයෙක්! උසස් වැදගත් මහත්මයෙක් ! කිසිම හවුහරණයක් නැති මේ අසරණ තරුණිය සොයා ගෙන අවුත් හෙට ඈ සරණ කරගන්නා බව දැන් කියවුනා නුඹට ඇසුනාද? උඹලා විතරක් හැබෑ කාලකණ්ණි ගැහැණු | දිනකට රුපියල් දෙකක්වත් උපයන කම්කරුවෙකුටවත් නුඹලා පාවා දෙන්ට ලැබෙන්නේ නැත. කණේ කරේ පැළඳීමට තුට්ටු දෙකක් වටිනා ආභරණයක් වත් නැති මේ ලමිස්සිට ලැබුණු කුමාරයාගේ හැටි නුඹලා දුටුවා ? කියා සුසුම් ලෑවේය.

ඒ වචනය අසා සිටි උපාසක අම්මාගේ දෙවෙනි දියනිය වන අමරා මඳක් සිනාසෙමින් “අනේ අම්මේ - සුනන්දා නෝනා කියාපු ධර්මය උඹෙනුත් අපෙනුත් දැන් හොඳටම ප්රේත්යවක්ෂ වෙනවා උඹ දැන සිල්ගන්නා ප්රයසිද්ධ උපාසිකාවකි. ඒ අල්ලපු ගෙයි ඉන්නා ජයසේකර හාමිනේලාටත් බොහොම කරුණාය ඇති කෙනෙක් මෙන් ඉඳගෙනත් ඔවුන්ට ලැබෙන්ට යන සම්පත ගැන ඉවසිලි නැති නපුරු අදහසින් අක්කාට කාරණා කීවාය. උඹ තරුණ කාලේ එනම් අප පිළිසිඳ ගන්නා කාලේ උඹේ නපුරු ගතිය - දැන් වගේ සිය ගුණයකටත අධිකවාට කිසිම අනුමානයක් නැත. ඉතින් අම්මා වැනි කුඩුකේඩු දුෂ්ට හිතක් ඇති තැනැත්තියකගේ බඩේ අප තරම්වත් සීලාචාර වැදගත් කීකරු දරුවන් ඉපදුනා පුදුමයකි. අනුන්ට සිද්ධවන යහපත දරාගන්ට බැරි මන්ද? යමෙකුට කොයි ක්රකමයකින්වත් නමුත් යහපතක් සිද්ධවෙතොත් ඊට ‍වචනයෙන් වත් බැරිනම් හිතෙන්වත් ආධාර දිමට ප්රපසන්න වීමට බැරි මිනිසුන්ගේ සීලයත් ප්රමතිපත්ති ආදියත් බොරුවකි. - විහිලුවකි. සුනන්දා නෝනාත් ඒ මහත්මයාත් කථා කළ අර්ථාන්විත රසවත් කථාව අසලා යමක් ඉගෙන ගන්නවා වෙනුවට අම්මා ක්රෝ ධ හිතක් ඇති කළා දැක්ම මට නම් ඉවසිය නො හැක්කකි” යි කියන කොට උපාසක අම්මාට තදින්ම කේන්ති ගොස්, උඹලා කාලකණ්ණි පවුකාරියන් වුනේ මගේ වැරැද්දෙන් යයි උඹ හැමදාම කියනවා. ඒ මගේ වැරැද්දෙන් නොව උඹලාගේ බේබදු තාත්තාගේ වැරැද්දෙන් බව තේරුම් ගණින්නැ”යි ටිකක් හයියෙන් කීවාය.

“ඔව් අම්මේ, මා මේ කථා කරන්නේ ධර්මයයි. පසුගිය දේට දැන් කණගාටුවෙලා කරන්ට දෙයක් නැහැ. නමුත් අපේ බේබදු තාත්තා සමග අම්මා විවාහ වුනේ ඇයි? තාත්තා බේබද්දෙක් නරක මිනිහෙක් වුවත්, මවු ගුණ නුවණැති, හැබෑටම පිරිසිදු හිතක් ඇති කෙනෙක් නම් දරුවන්ගේ පින්වන්ත භාවය අඩු නොවන බව සුනන්දා නෝනාගෙන්ම මම දැන ගත්තෙමි. අපේ තාත්තාත් නරක මිනිහෙක් බව ඇත්තකි. ඒ බව අපෙන්ම අපට ප්ර ත්යවක්ෂය. නමුත් අම්මා තාත්තාටත් වඩා නපුරු බව අද දැන් ලාපු නපුරු හුස්මෙන්ම පේනවා. ඉතින් ඔය නපුරු අදහස් නැති කොට යමෙකුට යම් කිසි හොඳකි සිද්ධයෙනවා නම් ඒ ගැන ප්රුමුදිතව වෙන විධියකින් නොහැකි නම් හිතෙන්වත් සතුටුවීම් වශයෙන් ආධාර කළ යුතුය”යි කියන කොට ඇගේ සහෝදරි වන ප්රෙුමවතීද නිදා උන් පැදුර උඩම වාඩිගෙණ “දැන් නංගී කියාපු කාරණා වලට කටේ මසුරන් දමන්ට වටිනවා. දැන් කාලේ උපාසක අම්මලා තබා සමහර මහණුන්නාන්සේලාත් අනුන්ට බණ කියන කොට නම් මහා මෛත්රීකයත් කරුණාවක් ප්රලකාශ කරනවා. නමුත් තමන්ගේම හිතේ ඇත්ත වශයෙන් නම් කිසිම මෛත්රීල කරුණාවක් නැත. මේ කාලකණ්ණි ගතිය නිසා එකෙකුගේ දුයුණුවටත් සැපතටත් කැමති නැති නිසා රට දියුණු නොවේ. එපමණකුත් නොව අනුන්ගේ යහපතට ඊර්ෂ්යාන කරණ පහත් නීච හිත තිබෙන නිසා කරන්නාවූ කුසල ක්රිරයාවවත් පිරිසිදුව මහත්ඵල මහානිසංස නොවන බව ඒකාන්තය. අපේ අම්මා සුනන්දා නෝනාට ලැබෙන්ට යන සුභ සිද්ධියට ඊර්ෂ්යාන කිරීමෙන් ඇතිවන ප්රනයෝජනය නම් අපේ අම්මාට සහ දරුවන් වන අපටත් මෙලොව පරලොව දෙකින්ම මහත් පිරිහීමක් ඇතිවීම පමණකැ”යි කීවාම - ඊර්ෂ්යාහවන්ත මහලු ස්ත්රි යගේ කට වැසුනේය.

අල්ලපු ගෙයි මහලු ස්ත්රිෂය කළ කථාවත් - ඇගේ දියණියන් දෙදෙනා කිවූ ප්රෙශස්ත වචනත් අසාගෙණ සිටි බැන්ජමින් මහතාගේ හිත අතිශයින්ම ප්රූසන්න බවට පැමිණ “මේ තරුණියන් දෙදෙනා නොඅනුමානව සුනන්දා හා නිතර ආශ්රනය කරන්ට ඇත. එබැවින් මේ එළිවෙන්ට තිබෙන පැය තුනත් සුනන්දා සමග කතා කිරීම නිදා ගන්නවාට වඩා සනීපය”යි කල්පනා කොට තමන් නිදාවුන් සෝපාව උඩම වාඩිගෙණ ලඟ තිබුණු ඉටිපන්දම දැල්වූයේය. මඳක් වත් නිදා නොගත් සුනන්දා එකපාරටම නැගිට දොරකින් නොවසන ලද ඒ කුඩා කාමරයට ගොස් බලවත් ආදරයෙන් බැන්ජමින්ට කථා කොට “අනේ මේ කුඩා ගෙයි උවමනා තරම් වාතය නැති නිසාදෝ නින්ද නොයන බව පෙනේ. දැන් මේ ඉටිපන්දම් පත්තු කෙළේ නින්ද නොයන නිසාදැ”යි ඇසුවාය.

“නැහැ සුනන්දා - තව එළිවෙන්ට තිබෙන්නේ පැය තුනකි. නමුත් මට අවුරුද්දක් තරම දික් බව පෙණෙනවා. එබැවින් සුනන්දා නිදි නැත්නම් - තවත් ටික වේලාවක් කතා කරණ අදහසින් ඉටිපන්දම දැල්වීමි”යි බැන්ජමින් කීයේය.

සු - දැන් එක විඩයක් පැවති අපේ කථාව නිසා - ඒ අසාගෙන උන් උපාසිකා ආච්චිට ඉන්ට බැරි තරමට ඊරිෂ්යාව ගින්නක් අටගෙණ තිබේ. ඒ පිළිබඳව අල්ලාපු ගෙයි කෙරුණු කථා තමුන්නාන්සේටත් ඇසුනා ද?.

බැ - ඔව් සුනන්දා නෝනා ඒ කතා තුනම මම ඕනෑ කමින් අසා සිටියෙමි. ඒ කථාකළ මහලු අම්මාගේ නපුරු අදහස් නැති කිරීමට තරම් චිත්ත සුද්ධියක් ඒ දුවරු දෙන්නාට ඉගෙණ ගන්ට ලැබුනේ සුනන්දා නෝනා ඉන්නා ගෙට අල්ලපු ගෙයි ඉඳීම නිසාය යිද කල්පනා කළ මට සුනන්දා කෙරෙහි පැවති මගේ අදහස් තවදුරටත් ස්තබ්ධ විය.

සු - (සතුටු කඳුළු හෙළමින්) මා නිසා ඒ තරුණියන් දෙදෙනාට යථා මාර්ගයේ යන්ට ලැබුනා යයි තමුන්නාන්සේ නිසැකව සිතා ගත්තේ කොහොම ද?.

බැ - ඇයි සුනන්දා එහෙම කියන්නේ -

“ සුපිපි බඳුවද ම ල් ඉදි‍රියෙ දෑවාන ග ල් රතුවේ ඔබ අස ල් මේ මට හැඟුනේ එමෙන් මෙතෙපු ල්

කියා තොටගමුවේ මහා ස්වාමි කියා තිබෙන ප්රැශස්ත උපමාව කවදාවත් වෙනස් කළ හැකි ද?

සු - අපි මේ ගෙට පදිංචියට අවුත් අවුරුදු පහක් පමණ වෙනවා - තාත්තාගේ මරණයෙන් මාස තුන හතරකට පසු අපේ කටයුතු සුළු කරන්ට සිද්ධනු නිසා මේ කුඩා ගෙය පිළියෙල කර ගන්නාලදී. අප එන කොටත් මේ උපාසක අම්මලා මෙහි සිටියා මේ දැන් කතාකළ තරුණියන් දෙදෙනා මට සමාන


වයසේ නමුත් නිතරම ආශ්රඑය කිරීමෙන් හා ඔවුන් මැහුම්, ගෙතුම්, මල් තැනීම ආදී කර්මාන්ත උගන්වා දීමෙන් උපකාර කළ නිසා ඒ තරුණියන් දෙදෙනා ඉතාමත් ශික්ෂිතව ගරු කටයුතු ජීවිතයක් ගත කරන්නාහ. ඔවුන්ගේ මෑණියෝ උපාසක අම්මා ඊර්ෂ්යා් ක්රෝ්ධාදියෙන් හරිත නමුත් නිතරම පන්සල් යන පින් දහම් කරණ කෙනෙකි. මගේ ආශ්ර යෙන්ම තැන්පත් බවට පත් ඒ තරුණියන් දෙදෙනා‍ගෙන් මට කවදාවත් අහිතක් වේයයි මම නොසිතමි.

බැ - ඉතින් සුනන්දා අපේ මේ කථාව දැනුත් ඔවුන්ට ඇසෙන්ට පිළිවනි. ඔවුහු යම්කිසි කලබලයක් කරත්යයි මට එක් ක්රනමයක සැකයක්ද ඇතිවිය.

සු - තමුන්නාන්සේට අබමල් රේනුවක හිරිහැරයක් අවනම්බුවක් වීමට ඉඩ ඇති තැනක නම් මෙහි නවතින්ට සලස්වන්නේ නැත. ඒ ගැන කිසි සැකයක් නැතිව නිදාගන්ට.

බැ - සුනන්දා නෝනා අද නිදා ගත්තෙහි ද? මට නම් නිදිමත කියන්නේ කුමක්ද කියාවත් නො වැටහේ. මගේ එකම බලාපොරොත්තුව එලිවෙන්නේ කොයි වේලාවේද කියායි.

සු - (සිනාසෙමින්) මට කොහෙත්ම නිදිමතක් නැත. මේ රාත්රිකය සතියකට වඩා දික් බව මටත් ‍වැටහේ. නමුත්...නමුත්

බැ - මොකද “නමුත්, නමුත්” කියා දෙවරක්? ඉතින් උදේ වනතුරු කතා කරමු. සුනන්දා නෝනා ලෝකයේ ඉන්නා ස්ත්රීතන් හත් දෙනා- එනම් සප්ත භාර්යාවන් දැකලා තිබෙනවා ද? ඔවුන් ගැනවෙන් වෙන් වශයෙන් කල්පනා කර තිබෙනවා ද?.

සු - මම ඒ සප්ත භාර්යාවන් පිළිබඳ තොරතුරු ඉතා හොඳින් පරීක්ෂා් කරගත් වාර බොහෝය. දැන් අප ඉන්නා මේ වත්තේම සප්ත භාර්යාවෝ සිටිති. දැන් අල්ලාපු ගෙදර කථාකළ උපාසක අම්මා‍ගේ දියනිවරු දෙදෙනත් මමත් නිතරම මේ වත්තේ ඉන්නා සප්ත භාර්යාවන්ගේ තො‍රතුරුත් විස්තර කරමින් සිනාසෙන්නෙමු.

බැ - හොඳයි සුනන්දා නෝනාට දකින්ට ලැබුණු ඉතාමත්ම දුෂ්ට ස්ත්රිලය කවුද - ඇගේ, තත්වය කොහොමද? - ඇගේ ඒ නපුරු ගති දකිනවිට කුමක් සිතුනේද?


මා දුටු ඉතාමත් දුෂ්ට වධක බාරිය මේ වත්තේ කෙනෙක් නොවේ. අපේ තාත්තා ජීවත්වන කාලේ මීට අවුරුදු පහකට ප්රකථම අප පදිංචි උන්නේ මරදාන පළාතේය. අපේ ගේ ඉදිරිපිට ලොකු ගෙයක් තිබුණා. ඒ ගෙදර පෙරේරා මහත්මයා නමින් කෙනෙක් උන්නා. ඉඩම් හිමි ධනවත් කෙනෙකි. ඉතින් ඒ පවුල ඒ ගෙයි පදිංචි වන විට මගේ වයස අවුරුදු 15 ක් නමුත් ඒ දුෂ්ට ස්ත්රිනයගෙන් පීඩා ලත් පෙරේරා මහතාගේ දුක්ඛිත භාවය ගැන මහත් අනුකම්පාවක් මා තුළ ඇතිවිය. අපේ අම්මා සමහර දාට ඒ ස්ත්රි්යගේ නින්දිත කථා අසාගෙණ ඉන්ට බැරිව ඉස්සරහ පැත්තේ දොරවල් වසා ගෙයි කුස්සිය පැත්තට වෙනවා.

බැ - මොනවාද ඒ දුෂ්ට ස්ත්රිතය කළ හිංසා පීඩා ?

සු - පෙරේරා උන්නැහේට නොබණින වේලාවක් ඇත්තේම නැත. ඔන්න කඩේට ගොහින් මාළු එලවළු ආදියත් ගෙනා වොත් ඒවා නරකය කියා බණිනවා. සාප්පුවට ගොස් රෙදි පෙරදි ආදියක් ගෙණාවොත් ඒත් නරකය කියා බණිනවා. වැදගත් කටයුත්තක් සඳහා ගොහින් ආවොත් “හොර මගුලේ” ගොහින් ආවායයි කියා බණිනවා, කාටවත් ආධාරයක් වශයෙන් සත පහත් දහයක් දුන්නත් “ඔය මොකක්ද අදහසක් පිට දුන්නාය”යි කියමින් බණිනවා. සමාගමකට පන්සලකට ගොහින් ආවොත් “මිතුරියන්” බලන්ට ගොස් අවුත් නිදා ගන්නවායයි කියා බණිනවා ය. ඉතින් බැණිල්ලත් එසේ මෙසේ අඩු ලුහු‍ඬෙන් හෙමින් කරණ එකක් නොවේ. ඒ පළා‍තම දෙවනත් වන්ට කරණ බැණීමකි. මේ පෙරේරා උන්නැහේට කෑමක් තබා තේවතුර කෝප්පයක් වත් හිත දූෂ්යි නොවී කවදාවත් බොන්ට නොලැබුණු බව අපේ තාත්තා සමග කියනවා මට ඇසුනේය. උන්නැහේගේ නෝනාට කිසිවකින් අඩුපාඩුවක් නැත. අනිකක් තබා අවුරුද්දට එකෙකු බැගින් ළමයින්ද වදනවා. නමුත් කවදාවත් ප්රීවතියෙන් මිනිහාගේ හිත නොරිද්දා - මිනිහාට නොබැණ - හත්වලාමෙට නාඬා එක දිනක්වත් ඉන්නේ නැත. එක් දිනක් අපේ අම්මත් මාත් සමග ඒ පෙරේරා උන්නැහේත් ඔහුගේ භාර්යාවත් දරුවන් තුන් හතර දෙනෙකුත් මාලිගිකන්දේ විහාරස්ථානයට මල් පූජා

කරන්ට ගියෙමු. එසේ ගොස් ඉතාමත් ප්රීලතියෙන් බුදුන් වැඳ මල් පූජා කොට අපි කාන්ඩේම එන අතර මගදී අසරණ මහලු අම්මණ්ඩි කෙනෙක් අපෙන් පිනට ඉල්ලුවාය. අපේ අම්මා සත පහක් දුන්නේය. පෙරේරා උන්නැහේ සාක්කුවේ අත දමා සතක් දහයක් නැති බැවින් සත විසිපහේ කාසියක් අර අසරණ ස්ත්රි යට දුන්නේය. මේක දුටු ඔහුගේ භාර්යාව යකින්නක් මෙන් කිපී එතැනදීම ඒ මනුෂ්යනයාට බණින්නට පටන් ගත්තාය. දැන් ජයසේකර හාමිනේ ඒ ගෑනිට දුන්නේ ශත පහකි. මේ මනුෂ්යකයා ශත 25 ක් දුන්නේ නො අනුමානවම මොකක්දො ඔත්තුවකටයි. බුදුන් වඳින්ට ගොහන්වත් හොර මගුලේ කල්පනාව අත්අරින්ට බැරි ජඩයා”යි කියනකොට මග යන එන මිනිස්සු කුමක් සිතනට ඇද්ද? මේ දුෂ්ට යක්ෂණී මෙසේ නිග්රනහ කර්ණ කොට “ආ පෙරේරා නෝනා - පෙරේරා මහතා වැනි ධනවත් මහතෙක් අසරණ මැහැල්ලකට සත 25 ක් පිණට දීම අයුත්තක්ය - නීච අදහසින් දීපු දීමනාවක්ය කියා මේ මහත්මයාට මේ මහ පාරේදීම නිග්රකහ කිරීම කෙතරම් අයුත්තක්දැ”යි අපේ අම්මා කීවාම ඒ යක්ධණිය අපේ අම්මටත් බැන වැදුනාය. දිනකට එක පැයක් වත් ප්රී්තියෙන් සමගියෙන් කල්ගත නොකරණ ඒ ස්ත්රි”ය තරම් දුෂ්ට වධක බාරියක් ගැන පොත පතකින්වත් මම නොඇසීමි. කිසිම කෙනෙකු ගැන විශ්වාසයක් නැති කිසිම සත් ක්රි”යාවකට සතුටු නැති අනුන්ගේ යහපතට අල්පමාත්ර යකින්වත් මැදහත් නොවන හැම දෙනාම තමා වාගේ ආත්මාර්ථකාමීවූ කුහක නීච අදහස් ඇතියන්යයි සලකන ඒ ස්ත්රිාය සමග පෙරේරා උන්නැහේ කල් ගත කිරීම ගැන අපේ අම්මත් තාත්තත් නිතරම කතාකරණවා මට අසුනේය. තවත් වධක බාරියක් මා දුටු නමුත් මේ ඉතාමත් දරුණු වධක බාරිය ය.

බැ - හොඳයි සුනන්දා නෝනා චොර බාරියන්වත් දැක තිබේ ද?

සු - (සිනාසෙමින්) ගිය මාසේ වනතුරා මේ වත්තේ චොර බාරියක් සිටියා ය. ඇගේ නම ලුවිසාහාමිය. කසාද බැඳගෙන උන් මිනිහ අබරන් සිංඤෝ නමැති වඩුරාල කෙනෙකි. ඒ මනුෂ්යගයා දවසකට රුපියල් තුනක් විතර සම්බ කරන කෙනෙකි. නමුත් රෑටවත් එක වේලක් කන්නටවත් ඔහුට නොලැබේ. ස්ත්රි්ය අතට දෙන මුදලෙන් ඇගේ හොර පුරුෂයාට සංග්රේහකර දෙන්නා

සමග දහවල් අයුතු ලෙස ‍කල්ගත කරති. ඉතින් මේ පවුල නිතරම කලහ කරමින් ඝෝෂා කරමින් ඉඳීම මේ වත්තේ ඉන්නා ශිෂ්ටාචාර මිනිසුන්ට කරදරයක් වූ බැවින් ඉඩම් හිමියන්ට කියා අස්කරවන ලදී.

බැ - ඉතින් සුනන්දා නෝනාට වධක භාර්යාවගෙනුත් චොර භාර්යා‍වගෙනුත් වඩා දරුණු කවුරු යයි අවබෝධවී තිබෙනවාද?

සු - මගේ වැටහීම නම් චොර බාරියටත් වඩා වධක බාරිය දරුණු බවයි. මක්නිසාද පුරුෂයා සම්බකරණ දේ හොර සැමියන්ට දෙතත් චොර බාරිය ගෙන් වධක බාරියගෙන් තරම මිනිහාට හෝ දූ දරු ඥාති මිත්රාගදීන්ට කරදරයක් නැති බැවිනි.

බැ - සුනන්දා නෝනා සාමි බාරියන් දැකලා නැද්ද?

සු - (සිනාසෙමින්) අප ඉන්නා මේ ඉඩම ඇතුළුව කොළඹ නගරයේ තවත් ඉඩ අයිති අප්පුහාමිගේ හාමිනේ පළමුවෙනි පඞක්තියේ “සාම බාරියකි” ඒ අප්පුහාමි මහා ඉවසිලිවන්ත නිරහංකාර අහිංසක මිනිසෙක් නිසා ඒ පවුලේ කිසි කරදරයක් නැත. ඒ හාමිනේගේ අණට කීකරුව හරියටම දාසයෙක් ව‍ාගේ කල්ගත කරණවා. සමහර විට ඒ හාමිනේ මිනිහාට බල්ලෙකුටත් වඩා පහත් ලෙස කථා බස් කොට ඒ තැනැත්තියට උවමනා දාස මෙහෙවරක් ගන්නවා. හැබැයි, ඒ තැනැත්තිය බුද්ධාගම් කාරියක් නොවේ. කසාද බඳිද්දී ඈට ලැබුනු දායාදයකුත් නැති නමුත් අප්පුහාමි ධනවත් කෙනෙක් බැවින් සියලුම බල පිළිවන් කාරකම් ඈ අයිති කරගෙන මිනිහාව දාසයෙක් කරගෙණ ඉන්නවා.

බැ - සුනන්දා නෝනා වධක, චොර, සාමි යන දුෂ්ට බාරියන් තුන්දෙනා ගැනම නිශ්චයකට පත්ව ඉන්නා බව මට පේනවා. නමුත් මාතු, බගිනි, මිතුරු, දාසි යන යහපත් භාර්යාවන් ගැනත් විපරම් කොට තේරුම් ගෙණ තිබෙනවාද?.

සු - මේ කාරණ මගෙන් විමසන්නට උවමනා මොක ද? මිය ගිය මාගේ මිත්රි සුනන්දා ගුණරත්න නෝනාගේ ලිපිය ලැබීමට තරම් සුදුස්සියක් වන මම සප්ත භාර්යාවන් ගැන නොදනිමි ද?.

බැ - නැහැ සුනන්දා නෝනා මේ කරුණු ගැන නොදන්නී යයි මම නොසිතමි. එමෙන්ම සුනන්දා නෝනා වධක, චොර, සාමි යන දුෂ්ට භාර්යා සංඛ්යා වේ නොවන බවත් මම නිසැකවම දනිමි.


නමුත් අපට කාලය ගත කරන්ට උවමනා නිසාත් පොත පතෙන් හෝ කෙනෙකුගෙන් ඇසීමෙන් දැනගත් කාරණා තමන්ගේම අත් දැකීමෙන් ඉගෙණ ගැණීම වඩා ප්ර ශස්ත භාර්යාවන් පිළිබඳ දැනීම කෙසේදැයි දැන ගන්නා පිණිසත් මේ කථාව පටන් ගතිමි. ඉතින් මාතු බාරියක් දැක තිබේ ද?

සු - මේ වත්තේ එහා ගෙවල් පේලියේ කෙළවරේ ගෙයි ඉන්නා අමරාවතී හාමිනේ ආදර්ශමත් මාතු භාර්යාවකි. ඇගේ පුරුෂයා මසකට රුපියල් හැටක් පඩි ලබන ලිපිකරුවෙකි. නමුත් ඒ මනුෂ්යරයා ලබන සැප පහසු ඇත්තෙන්ම පුදුමයි. අවුරුදු තුනකට වැඩි කාලයක් ඒ පවුල ගැන අපි දනිමු. කවදාවත්ම අමරාවතී හාමිනේ ස්වකීය පුරුෂයා නැතිව නැතහොත් ඔහුටත් කොටසක් නොතබා රසවත් දෙයක් කෑවායයි කිය නොහැකි තරමය. එක් දිනක් අපේ ගෙදරට ආ වේලාවේ මංගල්යව කේක් කෑලි කීපයක් තබා අපි තේවතුර බොන්ට දුනිමු. මා විසින් මංගල්ය් ඇඳුමක් මසා දුන් මගුල් ගෙදරකින් කේක් කෑලි තිහ හතළිහක් පමණ අපට එවා තිබුන දිනක ඒ සංග්රකහය කරණ ලදි. ඉතින් අමරාවතී එක කේක් කෑල්ලක් කා තේවතුර කෝප්පයක් බී තවත් කේක් කැබලි දෙකක් ගත්තේය. අපේ නැන්දත් මමත් සිනාසී මොකද - කෑලි දෙකක් පමණක් ගත්තෙ - හත අටක් ගන්ටය කීවාම - “ නැහැ දෙකක් ඇති - එකක් මහත්මයාටත් අනික ළමයාටත් ය” කීවාය. ස්වකීය මහත්මයාට අන්දවන, ඇඟ සෝදවන, කවන පොවන, ඉතා මෘදු ආදර බසින් කථාකරණ ඒ තැනැත්තී ඇත්තෙන්ම මාතු බාරියක් බව නිශ්චය කර ගතිමි” යි කීය.

බැ - ඉතින් ඇත්තේ තවත් භාර්යාවන් තුන් දෙනෙකි. එනම් මිත්රක, භගිනි, දාසි යන තුන්දෙනාය. මේ තුන්දෙනා පිළිබඳවත් සුනන්දා නෝනාගේ වැටහීම දැනගන්ට ලැබුනොත් හොඳය.

සු - මිත්රබ භාර්යාවක් සමග කල්ගත කරණ මහතෙක් මේ වත්තේ සිටියි. උන්නැහේ හොඳ උගතෙකි. නමුත් දුප්පත් කෙනෙකි. උන්නැහේගේ භාර්යාවද ඉතාමත් දුප්පත් පවුලක කෙනෙකි. එසේ ද ඉතාමත් ශික්ෂිතව ඇති දැඩිවූ උගත් ස්ත්රි්යකි. රත්නායක නමැති ඒ මහත්මයාට රුපියල් දහ දාහකට වඩා දේපල ඇති තැනකින් විවාහයක් කරගන්ට ඉඩ තිබුන නමුත්, මේ ලීලා නමැති තරුණිය තමා ඇඳුම් පැළඳුම් ආදිය දී විවාහ කරගත් බව අපට කීවේය. රත්නායක මහත්මයා නක්ෂත්රආය හොඳින්


දන්නා කෙනෙකි. ඒ අනුසා‍රයෙන් ලීලාගේ තත්වය තේරුම් ගෙණ තිබේ. මේ දෙන්නා කතාබස් කරණ හැටිත්, හැසිරෙණ හැටිත්, ඇත්තෙන්ම පුදුමය. අසතුටෙන් ඉන්න වේලාවක් වත් නැත. ඒ ගෙදරට ගිය ගෙනෙකුට ඒ දෙදෙනාගේ ප්රිතයංකර භාවය ගැන සතුටු නොවී යන්ට බැරිය.

භගිනි බාරියන් ඉන්නා ගෙදරවල් මා කීපයක් දැක තිබේ. එයිනුත් මේ උපාසක අම්මලාගේ ගෙට අල්ලපු ගෙයි ඉන්නා ස්වර්ණතිලකා ඉතාමත් ප්රසශස්තය. ස්වාමි පුරුෂයා කොටුවේ කන්තෝරුවක ලියන්නෙකි. වැඩිමහල් සහෝදරයෙකු දුටු සුවච කීකරු නැගනියක් මෙන් සෑම වේලේම ඈ හැසිරෙන්නීය. ඒ මහත්මයා ඉන්නා වේලාවක ඔවුන්ගේ ගෙට ගියොත් ස්වර්ණතිලකා දකින්නට ලැබෙන්නේ අහම්බයකිනි. මක්නිසාද ස්වාමි පුරුෂයා ඉන්නා බැවිනි. සමහරදාට ඔවුනුත් සමග පන්සල් යනවිට “අයියත් නංගිත් පන්සල් යනවාදැ”යි කවටකම් කරනවා. ස්වාමි පුරුෂයාට ඇහෙන නොඇහෙන තරමට හෙමින් මෘදු බසින් කතා කරණ, එමෙන්ම ගෙදර දොරේ කටයුතු ඉතාමත් භය පක්ෂකමින් කරණ මේ තරුණිය ලබාගෙණ ඉන්නා ඒ මහත්මයා ඉතාමත් සතුටින් සැපතින් කල් පවන බවත් මම දනිමි.

දාසි භාර්යාවන්ට සමානව කල්යවන හොඳ ස්ත්රී්න් ද මේ වත්තේ සිටිති. කිසිම ශාස්ත්රායක් නොදත් යහපත් දාසි භාර්යාවෝද සිටිති. දාහක් දී මිලේට ගනු ලැබූ දාසියක් මෙන් ස්වාමියාට කීකරුව ගෙදර දොරේ කටයුතු කරමින් ඉන්නා ඒ නූගත් ස්ත්රී්න්ගේ මෝඩකම් නිසා යම් යම් අඩුපාඩු ඇතත් පවුලක සමගියට හා දියුණුවට බාධාවක් නැත.

බැ - දැන් සුනන්දා නෝනා, කුකුළන් පමණක් නොව කාක් කන්ද, අඬලන බව පෙනේ. ඉතින් මට දැන ගන්ට උවමනා සුනන්දා නෝනා කවර භාර්යාවක් ද යන වගයි.

සු - මම මීට ඉහත ආත්මවලත් තමුන්නාන්සේ ගේ දාසි භාර්යාව ව සියලුම යුතුකම් ඉෂ්ට කෙළෙමි. මේ ආත්මයේත් මීට පසු නිවන් දකිනාතුරුත් ඒ දාසි භාර්යා පදවියෙන් වෙනස් නොවෙමියි කියා බැන්ජමින්ගේ දෙපා ළඟ බිම හොත්තීය.

බලවත් කරුණාවෙන් හුණුවී ගිය සිත් ඇති බැන්ජමින් ඈව සෝපාව උඩ වාඩි කරවා “සුනන්දාවෙනි, ස්ත්රිමයකගේ ශරීරය හස්තයෙන් වත්


ස්පර්ශ කළේ අදය. අපේ බලවත් සම්බන්ධතාවය අනත්ත කාලයක් පැවති එන නමුත් නීති ප්ර කාර අඹු සැමි බවට පත්වන තුරු පිරිසිදු මනුෂ්යැයන් ලෙස මුලු රාත්රිනයක් හැසිරෙන්ට පිළිවනුවූ අපට මේ ජීවිතය ඉතාමත් ගෞරවාකා‍රයෙන් ගත කරන්ට පිළිවන්වනු නිසැකය”යි කියමින් පියන ලද දිගු පුළුල් ඇස් නමැති පෙතිවලින් ද සිහින් දික්වූ නාසය නමැති කර්ණිකාවෙන්ද සුරක්තවූ දෙතොල නමැති රේණු භාරයෙන් ද සමුපලක්ෂිතවූ සුනන්දාගේ චක්ත්රස පද්මය සිඹ දැන් නැගිට යව මැනවයි කියා සුනන්දාගේ චිත්තය ප්රගබෝධ කෙළේය.

ප හ න් තරුව බැබලෙන පෙරගිර පැත්තේ ප හ න් සිත් සැවුල් නද දෙන තුරු මත්තේ ප හ න් මිණි මැදුර සුනඳා එක යුත්තේ ප හ න් වෙමින් සිය හිමිසඳ සිප ගත්තේ

පැ ය ක් තිස් සරා කොඳවන කර පුබු දු රැ ය ක් සතට දුන් නිදහස පුන් තරි ඳු ම ත ක් වත් නොකොට තම බල පමින් රු දු නැ ත ක් තෙදින් දිස්වන්නට සිතු දිනි ඳු

පෙ ර ගි ර හිසින් නික්මෙන අරුණළු කඳ ට දි න ක ර වඩින බැව් හැඟුණෙන් නිසැක කො ට ව ද ක ර ණෙව් පිබිදෙන්නට නුවරු න ට න ද ක ර වූහ නලා කම්හල්වල එවි ට

ස ඳ කො ඳ අඳුරු තුරු මලවිය විසූ තර වි පි රි සි ඳ අතුරුදන් කර දිය අමුතුම වි දි න ර ද හිමිට සර විල් ලිය පමා නො වි බි ඟු න ඳ නාද වැහෙනා යතුර කර කැ වි

වැ ඩ ඇ ති වන උතුම් පිළිවෙත් නොසි න්දා ලි ය ප ති සසර විසූ ලෙස සඳ කුඹු න්දා සෙ නෙ හැ ති අමරසිහ මැති සහ සුන න්දා ක ප යු ති දිගු එරැය ගෙව්වෝ ලබ න්දා

බැන්ජමින්ට මෙන්ම උදේ පහට නැගිටීමට නිතර පුරුදු වූ සුනන්දා පහමාර වන විට ශරීර කෘත්යා දී කටයුතු කරගන්නා කාලය විය.


බැන්ජමින්ට නුපුරුදු වූ කු‍ඩා ස්ථානයක දහවල් වනතුරු ඉඳීමටත් වඩා සුනන්දාගේ මිතුරියන්ගේ දර්ශන පථයට අසුවීම කරදරයක් වන බව හැඟුනෙන් හයටත් ප්ර්ථම ඇඳ ගෙණ මෙසේ කීයේය. ‘සුනන්දා නෝනා සමග යාමට මම හරියට එකොළහට එන්නෙමි. ඒ වනවිට සුනන්දා නෝනා සඳහා මා විසින් තනවන ලද ස්වර්ණාභරණද රැගෙන එන්නෙමි. අද අපි කොළඹ ප්රවධාන විවාහ ‍ලේකම් ශාලාවේදී නීති ප්ර කාර විවාහවී සවස අපේ ගෙදර යන්නෙමු. ඊට සූදුනම් වී සිටිනු මැනවි. මේ ගෙයි තිබෙන සුලු දැව භාණ්ඩ ආදිය උපකාර කළ හිතෛෂි වන්තයන්ට දීමට කතාකර ගත යුතුය. මා ගමට යන්නේ සුනන්දා නෝනා සමග පමණක් නොව මෑණියන් හා නැන්දනියනුත් සමග බැවින් මෙහි යම් යම් ගනු දෙණු කතාබස් ආදියක් ඇතොත් ඒ සියල්ලක්ම මා එන්නට ප්ර්ථම නිමකර ගත යුතුය” යි කියා බැන්ජමින් එතනින් පිටත්ව ගොස් තමාට පුරුදු හෝටලයට පැමිණ උදේ ආහාර පානාදිය රැගෙණ තම මිත්රො කර්මාන්ත කාරයෙකුට තනනට දී තිබුනු ස්වර්ණාභරණ ද රැගෙන ස්වකීය මිත්ර‍ විජයසිංහ මහතා සම්මුඛ වන්නට ගොස් “චින්තා මාණික්යඑ රත්නය” නමින් ඔවුන් සෙවූ ලියමන සම්භ වූ බවත් ඒ ලියමන ධර්මයට ගරු කරණ සත් පුරුෂයන්ට ඒකාන්තයෙන්ම “චින්තා මාණික්යල” ය කටත් වඩා වටිනා බවත් කීවේය.

විජයසිංහ මහතාගේ ප්රි.යාව වන සුනේත්රාා, විජයසිංහ මහතාටත් ප්ර ථම ස්වකීය මිත්රායා දීර්ඝ කාලයක් පරීක්ෂා කොට සොයාගත් ලියමන ලැබීම ගැන ප්රීීතිව තව දුරටත් මෙසේ ප්ර ශ්න කළාය.

“මහත්මයාට ඒ බලාපොරොත්තු වූ ලියමන පමණක් ලැබුනාද ඒ ලියමණට අනුගත කුලාංගනාවත් ලැබුනා ද - ලියමනෙනුත් ඒ හිමිව සිටි කුලාංගනාවගෙනුත් වඩා අගය කොට සලකන්නේ කුමක් ද” කියාත් ඇසුවාය. ප්රීංතියෙන් පිණමින් සිටි බැන්ජමින් මහතා සිනාසී “මා සොයා ඇවිද්දේ අපේ නෑනා වන සුනන්දා විසින් මිතුරියකට ලියන ලදැයි කියන ලියුමය. ඒ ලියමන ගැන යම්තම්වත් විමසීමට ඉඩක් ලැබුනේ මේ විජයසිංහ මහතාගේ මිත්ර ධර්මය නිසාය. ඒ මිත්රල ධර්මිය ඇතිවූයේ පරාර්ථකාමි සත් ක්රිනයාවක් දැකීමට, එනම් බාලිකා පාසැලේ සංවත්සරික සභාවට පැමිණීමය. ඉතින් ඒ ප්ර්ශස්ත ලිපිය සෙවීමෙන් මා බලාපොරොත්තුවූ මගේ ප්රිණයාව වන ‍සුනන්දා ද මට ලැබුනේය. හොඳ අදහසකින් කර වැඩකින් තවත් හොඳ රාශියක් එකිනෙකට වඩ වඩා හොඳ කරුණු රාශියක් සිද්ධවන බව මා පිළිබඳ


මේ සිද්ධ වීමෙන්ද ප්ර ත්ය6ක්ෂ වූයේය. එක් අධර්මයක් නිසා අධර්ම රාශියක්ම කරන්ට සිද්ධවීමත්- එක් මෝඩ කමක් නිසා මෝඩකම් ගණනාවක් නැතිව කරන්ට නොහැකි වන බවත් මේ නයින්ම තේරුම් ගත යුතුය”යි කියා සුනන්දා විවාහකර ගැණීමේ සාක්ෂිකරුවෙක් වශයෙන් අත්සන් කිරීමට විජයසිංහ මහතාට ආරාධනා කෙළේය.

ඔව් සත්තකෙන්ම මමත් එන්නෙමි. එකොළහට අපි සුනන්දාලාගේ ස්ථානයට ගොස් ඔවුනුත් සමග ලේකම් ශාලාවට ගොස් ඒ කටයුතු ඉවර කරගෙණ දහවල් භෝජනයට මෙහි පැමිණිය යුත්තම්හ. ඉන් ඉක්බිති මහත්මයාට සතුටු අන්දමක් කළාට වරදක් නැතැ”යි කී බැවින් - බැන්ජමින් වේලාව පැමිණෙන තුරු විජයසිංහ මහතුන්ගේ සංග්ර හ විඳිමින් වුන්නේය.

සුනන්දා උදේ ආහාරපානාදිය ගන්ටත් ප්රගථම අමරසිංහ මහතාගේ පැමිණීම ආරංචිවූ ඒ වත්තේ ස්ත්රී හු සුනන්දා දැකීමට අවුත් පිරි ගත්හ. සමහරුන්ගේ සිත්වල ඊර්ෂ්යාසව ඇතිවූ නමුත් සුනන්දාට උසස් ස්වාමි පුරුෂයෙකු ලැබීම ගැන අවංකව සතුටු වූ ස්ත්රී න් ද එහි වුන්හ. සුනන්දා වෙනදාටත් වඩා ඔවුන් කෙරෙහි ගෞරවාදර ද දක්වා එහි වුන් තරුණ කාන්තාවන්ට අවවාද වශයෙන් මෙසේ කීවාය.

“සහෝදරියෙනි - ධර්මය රක්ෂා කරන තැනැත්තා ඒ ධර්මය විසින්ම රක්ෂා කරනු ලැබේ” යයි වදාළ ලෝකනාථයන් වහන්සේගේ කීම ඒකාන්ත සත්යසයකි. මම අද එකොළහට නීති ප්ර්කාර සරණ බන්ධනයට ඇතුළත් වන්නෙමි. මීට ප්රේථම මගේ මෑනියන්ගේ මෙහෙයීමෙන් මාසරණකර ගැනීමට කීප දෙනෙක්ම උත්සාහ කළහ. කීර්තියක් ඇති නීතිඥ මහතෙක්ද අසරණ මා සරණ කරගන්ට උත්සාහ ‍කළේය. මා ඒ කිසිවෙකුටත් සතුටු නුවූයේ මගේ ධනවත් කමක් හෝ වෙනයම් උසස් කමක් සළකා ගෙණ නොවේ. මගේ පිරිසිදු ප්රෝතිපත්තියට ඔවුන් නොගැලපෙන බැවිනි. අප අසරණ නිසා තරමක කෙනෙක් ලැබුණු විට විවාහ විය යුතුයයි බොහෝ දෙනා ගෙනහැර දැක්වූ තර්ක මට රුචි නොවීය. ධනයත් කුලයත් රූප ලක්ෂණයත් යන සියල්ලටම වඩා ගුණය උසස් බව මට වැටහී තිබණු බැවින් එසේ කෙළෙමි. රූපය මෙන් දෙගුණයක් ප්රි ය වචනය ව‍ටනේය. ප්රිරය වචනය මෙන් දෙගුණයක් ප්රිගය ගුණය වටනේය. ඉතින් ප්රිනය ගුණට නැති කෙනෙක් කෙතරම් ප්රි‍ය වචනට හෝ ප්රිකය රෑපය ඇති කෙනෙක් වුනත් මට උවමනා නැතැයි සිතමින්ම ධර්ම ප්රතතිපත්තිය කෙරෙහි වඩ වඩාත්


ශක්තිමත් වූ මට මෙලොවදීම එහි විපාකයක් වශයෙන් සංසාරයේ දීත් මට පුරුදු මගේ ප්රේමමවන්ත ස්වාමි පුරුෂයාණන් ලැබුනේය. රූපයෙන් හා කුලයෙන් ද ධන සම්පත් ආදියෙන් ද සැළකිය යුතු ඒ මගේ මහත්මා ශිෂ්ටාචාර භාවයෙන් හා ප්රආතිපත්තිකාමි භාවයෙන්ද අග තැන්පත් කෙනෙකි. දැන් එකොළහට අපි මේ අපේ මිතුරියන් හා මිත්රකයන් ගෙන් ඉවත්වන්නෙමු. නමුත් අපේ හිතෛෂි භාවය කවදාවත් ඉවත් නොවේ. දකින දකින තරුණයන් කෙරෙහි සිත් ඇලවීම ආදී චපල ගති වලින් තොරව තමන්ගේ තත්වනයට ගැලපෙන ගුණ ධර්මයෙහි පිහිටි තරුණයෙක් ලැබෙනතුරු මගේ මේ මිතුරියොත් ඉවසිලිවන්ත විය යුත්තාහුය” යි ඔවුන්ට අවවාද කොට ගමනට සූදානම් වූහ.ඔවුන්ට නුවමනා බඩුමුට්ටු ද අසල්වාසින් කීප දෙනෙකුට පවරා නිවාඩු වන කොට බැන්ජමින් මහතා ස්වකීය මිත්රටයා වන විජයසිංහ මහතාත් සමග පැමිණ සුනන්දා නෝනා සහ ඇගේ මෑනියන්ද නැන්දනියද මොටෝ රථයෙහි නංවා ගෙණ මහා මොහොට්ටාල කන්තෝරුවට ගොස් විශේෂ බලපත්ර කින් නීති ප්රටකාර සරණ බන්ධනයට බැඳි ඉක්බිති දහවල් බතට විජයසිංහ මහතුන්ගේ නිවසට පැමිණිය හ.

විජයසිංහ මහතාගේ නෝනා වන සුනේත්රාහ - සුනන්දා නෝනා දුටු හැටියේම වැළඳගෙණ “මගේ ප්රිහය සුනන්දා - අපි එක පඞක්තියේ ඉගෙණ ගත්තාක් මෙන්ම එක හා සමාන ප්රී්තිමත් විවාහවලට ද ඇතුළත් වීමු”යි කියමින්ම අතිශයින්ම සතුටට පත්වූහ. පාසැළට යද්දී - මිය ගිය සුනන්දා හා මේ දෙදෙනාද එකට ඉගෙණ ගත් බැව් ආදි පරණ තොරතුරු හෙළිවීමෙන් ඇති වූ ප්රීනතියෙන් යුත් පිරිස දහවල් ආහාරයෙන් පසු බැන්ජමින් මහතාගේ නිවසට යන පිරිස අලංකාර මොටෝ රථයකින් ගමන් ගත්හ.

සේ ස ත සඳ කිරණ කිරණෙව් යස දිමු ත

ලෝ නෙ ත සසුන් සුරකින නිතර දිවි යු ත

දී අ ත රාජ සිහ කුමරුන් කළ සම ත

මා ඉ ත කඳ සුරිඳු සැරදේ මුළු දිය ත


උ තු මග සුසැදු සිරිපා මුනිඳු සමතැ ස

ම තු ලක් සසුන් වැඩුමට සිතැති අදහ ස

ක තු සඳ පතර සිරසෙන් නමැති ර ස

සි තු මිණි රුවන කෙළෙ සිය දන වැඩ පිණි ස



- සිද්ධිරස්තු -