පියදාස සිරිසේන නවකථා එකතුව- 04-සුචරිතාදර්ශය හෙවත් සරත් කුමාර චරිතය

Wikibooks වෙතින්
Jump to navigation Jump to search

සුචරිතාදර්ශය හෙවත් සරත් කුමාර චරිතය

(ක්‍රි.ව. 1928)



සංඥාපනය[සංස්කරණය]

නොයෙක් වර්ගවල මල් තිබේ. සමහරක් ලක්ෂණය - සුවඳක් නැත. සමහරක් සුවඳය. නමුත් ලක්ෂණ නැත. සමහර මල් ඉක්මණින් මැලවි යති - ඇතැම් මල් සතිය හමාර පරනොවී පවතී. විවිධ පිටින් හා ප්රමාණයෙන් යුත් මල් තිබෙතත්, කලක් පවතින පැහැයත්, සුගන්ධායත්, ලක්ෂ්ණත්, මටසිලුටු බවත් ඇති ආභරණයක් වශයෙන් පැළඳීමටත් සුදුසු මල් දුර්ලභ යම්සේද එමෙන්ම නුවණත් වැඩී සදාචාරයත් ඇතිවන රසවත් පොන්ද දුර්ලභයහ. කියවීමට ප්රිැය පොත් ඒ තරම් දුර්ලභ නොවෙති. පොතක් කියවීමෙන් ඇතිවන ඵලය චිත්ත විනෝදය පමණක්ම නම් සිහිනෙන් ප්රී.ති වීමට වඩා අමුත්තක් නොමැතියි. රසවත් කථාන්තරය කියවා අවසාන වනවිට ඒ කියවූ පුද්ගලයාට සුචරිත සම්පන්න වීමටත් - ඥානවත් වීමටත් නිරායාසයෙන්ම වාගේ ලැබුනොත් රත්රන් සොයන් කෙනෙකුට මැණිකුත් ලැබුණාට සමානය.

අප විසින් බොහෝ පොත් ලියන ලදහ. අපේ සියලුම පොත්වලින් පිටපත් ලක්ෂයකට ටිකක් වැඩියෙන් දැනට ප්රසිද්ධව තිබේ. ඒ එකක් වත් හිස් ප්රලාප නොවේ. “නව ප්රබන්ධත කථා” සංඛ්යාවට ඒ පොත් ගණන් ගණිතත් - උතුම්වූ ගුණ ධර්මයට මනුෂ්ය චිත්තය යොමු නොකරවන එකද පොතක් අප විසින් නොලියන ලදී. අපට පණස් අවුරුද්ද සම්පූර්ණනවූ මේ අවුරුද්දේ ලියා සමාප්ත කරණ ලද මේ “සුචරිතාදර්ශ්ය” අපේ බලවත් ප්රීතියට හේතුවූ පොතක් විය. සිංහල මනුෂ්ය යන්ගේ උසස් බවට මේ පොතෙන් ඇතිවන පිහිටාධාරය අපි දනිමු. අවුරුදු තිහක් පමණ අපේ ජාතියේ ඵෙහ ලෞකික පාරලෞකිකාභිවෘධියට වාඩියට වැඩ කළ අපට ඒ පරාර්ථකාමී ක්රිෞයා නිසා මෙලොවදීම ලැබුනු එක්තරා විපාකයක් වශයෙන් මේ “සුචරිතාදර්ශ්ය” ලියා නිම කරන්ට හැකිවීයයි සලකමු.

මේ පොත මුල සිට අග දක්වා සැලකීමෙන් කියවා බලන කෙනෙකුටම පොතේ වටිනාකම විනිශ්චය කරගත හැක්කේය. එසේද උවත් අපේ පොත්වලින් මෙන්ම මේ පොතෙන්ද නියම ප්රයෝජනය ලැබිය හැකි වැඩි පිරිසක් වර්තමාන පරම්පරාවට වඩා මීලඟට ඇතිවන පරම්පරාවේ අය බැවින් ඔවුන්ගෙන් ලැබෙන ගෞරවාදරය අපේ උත්සාහයට ප්රතිඵල වශයෙන් අපි බලාපොරොත්තු වමු.

අනවකාශත්වය නිසා ශුද්ධි පත්ර බැලීමේදී නොදුටු සුළු දොස් තැනින් තැන ඇතත් - පොතේ ප්රයෝජන ලැබීමට කියවන්නාට අපහසු නැත. මේ පොතේ පෙණෙන අපේ යෙදුම් වෙන පොත පතකට ගැණීම සම්පූර්ණ යෙන්ම තහනම්ය. පොතේ සම්පූර්ණ අයිතිවාසිකම අපේමය.


02. පරිච්ඡේදය[සංස්කරණය]

ප්‍රිය පුත්‍රය, නුඹේ පියා පරලොක‍‍ප්‍රාප්තවී දැනට අවුරුදු නවයකි. නුඹේ වයස අවුරුදු 12 කි. මට ද ඉක්මණින්ම මරණය පැමිණේය යි සිතමි. මගේ ජීවත්විම
ගැන වැඩි ආශාවක් නැත. නුඹේ යහපත් - පින් දහම් කරගැණීමේ කල්පනාවත් නිසා නොවේ නම් මගේ ජීවත්වීමේ අපේක්ෂාවත් කොහෙත්ම නැත. මට 

නුඹ ආරක්ෂා කරගෙණ සෑමදාම ඉන්ට නොලැබේ. අද හෙට හෝ තව අවුරුදු තිහ හතළිහකින් නො අනුමානවම මැරෙන්නෙමි. ඒ හෙයින් මේ ලෝකයේ තනිවම කල්ගත කිරීමට උඹට ඉඩ ඇර දෙමව්පිය වූ අපට වෙන්වී යන්ට සිද්ධ වේ. එහි සත්යය නුඹේ පියාගෙන්ම ‍ප්‍රත්යෙක්ෂ විය. නුඹේ පියානන් වහන්සේ නුඹ අත්හැර පරලොව ගියේය. එතුමා තුළ නුඹ කෙරේ පැවති ආදරය කියන්ට අමාරුය. නමුත් එයින් කිසි ඵලක් නොවීය. මා තුළ ද නුඹ කෙරේ පවත්නා ආදරය අ‍ප්‍රමාණය. ඒ එසේද උවත් ඒ ප්රේකම නමැති යකඩදාමය නෙළුම් දණ්ඩක් සුවසේ කඩා දමන්නාක් මෙන් බිඳ දමා මට මැරෙන්ට සිද්ධ වේ. ඉතින් පුත්‍රයානනි, ලපටි උවත් නුඹ මගේ බඩේ දස මාසයක් පමණ කල් විසූ හෙයිනුත් - ශ්රී‍ බුඬදාස වික්රමසිංහ නමැති පවිත්‍ර චාරිත්‍ර ඇති මහෙශාක්ය ගතියෙන් යුත් සිංහල මහතාට දා වූ කෙනෙක් හෙයිනුත් නුඹේ ලපටි හිත නමැති පාෂාණයේ මගේ මේ අවවාද ජීවිතාන්තය දක්වා නො මැකෙන පරිද්දෙන් ලියා තබාගත මැනවි. සියලු දුශ්චරිතයට මුල වඋ මිත්යාදෘෂ්ටිය පිළිකුල් කළ යුතුය. අවුරුදු දෙදාස් දෙසියයකට වැඩි කාලයක් අපට උරුමව එන - අප විසින්ම ආරක්ෂා කළ යුතු උතුම් සම්බුද්ධ ශාසනය ආරක්ෂා කිරීම නුඹේ යුතුකමකි. බුද්ධ ධර්මය නමැති අමෘත ජලයෙන්ම මිස වෙන කිසිවකින් ලෝභ, ද්වේෂ, මෝහ නමැති මහා ගින්න නිවාගත නොහැක. සත්වයා උපදින්නේ තමාගේ කර්මයට අනුවමය. පූර්වයෙහි කළා වූ පුණ්යාකර්මයට අනුව උපන් ඒ සත්වයා කල්යාණ මිත්ර සේවනයත් උතුම් ‍ප්‍රතිපත්ති ගරු කිරීමත් නිසා ස්වර්ණයෙන් තනන ලද රූපය දිවි දළින් ඔබ ලන්නාක් මෙන් වධ වඩා බැබලීමටත් කීර්තිමත් භාවයටත් පැමිණේ. පෙර පින් කොට උබන්නත් පාප මිතු සේවනයට වැටී දුශ්චරිතයෙහි ගැළුනොත් ස්වර්ණක රූපයක් ඊයම් වතුරේ දමා ගත්තාක් මෙන් ‍එහි ලක්ෂණය අඩු ‍ව

අපකීර්තියට පැමිණේ. පව් කොට උපන් සත්වයා පවා උතුම් කල්යාණ මිත්ර් සේවනයට බැස සුචරිත ධර්මයේ හැසිරේ නම් තඹ පිත්තලාදී රූපයක් රත්රන් වතුරේ දමා ගත් කලක් මෙන් උපන් පහත් ගතිය මැකී ගොස් ‍බැබලීමකට පත් වේ. පව් කොට උපන් සක්වයා නැවතත් පව් කෙරේ නම් තඹ පිත්තලාදී රූපයක් අසුවී මඩ ආදිය තැවරූ කලක් මෙන් ඉතාමත් පිළිකුල් බවට පැමිණේ. ඒ නිසා පෙර ජාතියේ කළ පව් පින්වල සම්පූර්ණ විපාකය මේ ජාතියේ කරණ කර්මයට අනුවම ඇතිකර දෙන බව තදින්ම සලකාගත යුතුය. දැන් ලක්දිව ඉන්නා සිංහල දරුවන් තනන මව්පියෝ අන්ධයෝය. සිංහල දරුවන් සිංහලව ඉන්ට පුරුදුවනතුරා මේ රට වාසීන්ට පුද්ගලික වශයෙන්වත් - සමූහයක් වශයෙන්වත් සැපතක් නො ලැබේ. දැන් මේ රටේ කෙරෙණ ඉගැන්වීම මායාවකි. සර්කස් ආදියට පුරුදු කරණ වඳුරන්, රිළවුන්, සුනඛයන් මෙන් ඒ ඒ කටයුතුවලට දරුයෝ පුරුදු කරණු ලබති. ගුණ නුවණින් හා මහෙශාක්ය භාවයෙන් යුත් මනුෂ්යුයෙක් වීමට හේතුභූත වන ඉගැන්වීමක් මෙහි නැත. විදේශික පූජකයන් යටතේ කෙරෙණ ඉගැන්වීමෙන් ජාති භ්රවෂ්ට “නිකම්ම නිකම් සත්තු” කොටසක් වෙති. ලෝකයේ ඇති එකම සැපත වූ ලෞකික විමුක්ති සැපය ගැන කිසිවෙක් නො දනී. සෛවරී භාවයෙන් ජීවත්වීම ගැන කිසිවකු තුළ ආලයක් නැත. ස්වකීය මුතුන් මිත්තන්ගේ උදාර චරිත ගැන කිසිදු දැනුමක් නැත. සත්කීර්ති ශරීරයක් ලබා නො මැරුණොත් උත්පත්තිය කුච්ඡය - නින්දිතයයි සලකන්නෙක් මේ රටේ නැත. එසේ වීමට හේතුව පුහු ඉගැන්වීමය - දෙමව්පියන්ගේ අඥානකමය. කෙතරම් නීච පහත් ක්රිඉයාවක් කරලාවත් කුණු ශරීරයට සැප පහසු දීමම දැන් රටවාසීන්ගේ අදහස වේ. අනුන්ගේ ආධාරයෙන් ජීවත් වීමට - අනුන්ගේ ආධාරයෙන් උසස් වීමට - අනුන්ගේ ආධාරයෙන් ගැලවීම ලැබීමට බලා සිටින්නා වාලෙකි - බියසුල්ලෙකි - අඥානයෙකි. ඒ හෙයින් මාගේ ප්රිය පුත්රකයා‍ණනි, ශරත් චන්ර්චා දාස කුමාරයානනි. නුඹ නුඹේ රටෙහිදීම විදේශික නොවීය යුතුය - බියසුල්ලෙක් නොවීය යුතුය - බඩ වියතට ජීවත් වන්නෙක් නොවිය යුතුය - අනුන්ගේ ඇගේ එල්ලී ගැලවීමට කැමැතතෙක් නොවිය යුතුය - අනුන්ගේ උපකාරයෙන් පණ කබල රැක ගැණීමට බලාපොරොත්තු නොවිය යුතුය. මගේ පුත්රඋයානෙනි. ජීවිතය තුච්ඡ ලෙස ගතකළොත් උත්පත්තිය සුනඛ උත්පත්තියක් පමණවත් නොවටනේය. ස්වකීය ජාතියේ මහොත්තමයන්ගේ උසස් ප්රතිබ්ම්බය බැලිය යුතුයි - ලෝකයේ උපන් උත්තමයන්ගේ යසස් ශරීර බැලිය


යුතුයි - වීර්ය නොකොට ලැබෙන සැප, සැප බව නො සැලකිය යුතුයි. නුඹට ඒ ඒ අවස්ථාවේ පැමිණෙන දුක් කායික චෛතසික ශක්තියෙන් ඉවසා දරාගත යුතුයි. දුක් විදීමට බැරි තැනැත්තාට සංසාරයෙන් මිදෙන්ට බැරිය. මේ බව සිත්හි තබාගෙණ යම් තරමක් දුක් පැමිණේ ද ඒ සියල්ල ප්රීනතිසහගත සිතින්ම වින්ද යුතුයි. නු‍ඹේ ජාතිය - උතුම් සිංහල ජාතිය ආරක්ෂා කරගැණීම මෙලොව වශයෙන් ලැබෙන අනිත් සියලුම සැපට වඩා උතුම්කොට සැලකිය යුතුය. යම් කෙනෙකුට යමෙකු ගලවන්ට පිළිවනැයි යන ඉගැන්වීම කපටින් විසින් මනුෂ්යටයා වාල්භාවයට යොමු කර ගැනීමට තැනූ දක්ෂ උපායක් බව සිතා විමුක්ති සැපයට පරම විරුද්ධ වූ ඒ ගුප්ත වහල් භාවයට දිවි යතත් නොබැ‍ඳෙව” යි කියා පුතා‍ගේ හිස සිඹ වික්රසමසිංහ හාමිනේ ක්රී ඩා කරන්ට සැරසී වුන් පුතාට යන්ට ඉඩ දුන්නේය. මේ කථාව ඇසූ දොළොස් ඇවිරිදි චන්ර් වුදාසත් - ඔහුගේ අතවැසියා මෙන් ස්වකීය මව විසින්ම වචන නමැති මැණික් ස්වකීය හිත් නමැති ස්වර්ණ භාජනවල තැන්පත් කරගත් බව ඉදිරියෙහිදී අපට දක්නට ලැබේ. මෙසේ කලක් පසුවන අතර වික්රදමසිංහ හාමිනේ කාලයාත්රාද කිරීමෙන් ස්වකීය පුත්ර්යා මව් පිය දෙදෙනාම නැති අනාථයෙක් විය.

මවගේ අභාවයෙන් පසු ශරත් චන්ර්ිරීදාස ස්වකීය මවගේ අයියා වන ඒකනායක මහතාගේ ආරක්ෂාවට පත්විය. ශරත් චන්ර්ාස දාස රුපියල් ලක්ෂ භාගයකට ධන හිමියෙක් වූ නමුත් ඔහු කුඩා බැවින්ද ස්වකීය සහෝදරයා කෙරේ බලවත් විශ්වාසයක් තිබුනු බැවින්ද වික්ර්මසිංහ හාමිනේ ඒකනායක මහතාට මුලු ධනයම පවරා තිබුනේය. ඒකනායක මහතා උත්පත්තියෙන්ම බෞද්ධාගම කාරයෙක්ව සිටි නමුත් අන්තිමේදී “ස්ත්රිතයානි” වූ කෙනෙකි. මේ “ස්ත්රිධයානිය” කියන ආගම ස්ත්රියක් නිසා ස්වකීය ආගම අත්අරින්නාට කියන නමකි. භාර්යාව නිසා ස්වකීය ආගම අත්හළ තැනැත්තා ආගම ධර්මයට වඩා කුඩා කුලචාරිත්රක අත් ඇරීම ගැන කථා කරන්ටවත් ඕනෑ නැත. සරත් චන්ද්රුදාසත් ඔහුගේ තනාගත් සහෝදර එමරසේනත් යන දෙදෙනා ඒකනායක මහතුන්ගේ අනුග්රසහයෙන් වැඩුනෝය. සරත් චන්ද්රදාස තීක්ෂණ බුද්ධිමත් ධාරණ ශක්තියෙන් අනූන නිරෝගි ළමයෙක් හෙයින් අවුරුදු 16 ක් වන විට උවමනා තරම් ඉංග්රීසි, සිංහල, ගණිත, මිණිතාදී ශාස්ත්ර ඉගෙණ ගත්තේය. ඔහුගේ තනාගත් සහෝදර අමරසේනත් දෑවුරුද්දකට පමණ බාල නමුත් ස්වකීය ජීවිතයටත් වඩා තමාගේ

සහෝදරයා වන සරත් චන්ද්රාදාස කෙරෙහි ආදරයෙන් නොයෙකුත් වතාවත් කිරීමෙන් වෙන් නොවන ඡායාවක් මෙන් හැසුරු‍නේය. සරත් චන්ද්රිදාස ගේ මාමාට වඩා නැන්දා - වයලට් ඒකනායක ළමාතැනී රෞද්රත කෙනෙකි. වල් යුරෝපීය ස්ත්රියකගේ ගති සිරිත් කිසිවක් අත් නොහළ ඒ තැනැත්තියගේ අනාචාරීවූ පැවතුම් ආදිය අපේ මේ කථාන්තරයෙහි සටහන් කළ නො හැක්කේය. “ මනුෂ්‍්තයාගේ හිතට කයට රුචි එළවන සියල්ල කිරීම කළ නො හැක්කේය. “මනුෂ්යුයාගේ හිතට කයට රුචි එළවන සියල්ල කිරීම යුතුය. ඒ සියල්ලම ‍එසේ කළත් භක්තියෙන් ආදරයෙන් දෙවියන් අදහන අයට ගැලවිල්ල තිබේ” වන බොළඳ විශ්වාසයෙහි පිහිටි වයලට් නෝනා නිතරම පාහේ පල්ලි යන භක්තිවන්ත ක්රිොස්තියානිකාරියකි. වයලට් නෝනාට සහ ඒකනායක මහතාටත් ඇත්තේ එකම දියනියකි. ඇගේ නම ඩොරොතිය. සරත් චන්ද්‍රදාසට අවුරුදු 16 වන කාලේ ඩොරොතිගේ වයස 14 නමුත් අවුරුදු තිහකටත් වඩා වයසැති ස්ත්රි යක් මෙන් සියල්ලෙන් නිපුණ වූ “පැහිච්ච” කෙනෙක් විය. අම්මාගේ ගතිගුණ කිසිවක් අත් නොහළ මේ ඩොරොති සිංහල ජාතියේ කෙනෙකැයි සිතීමට තරම් අන් කිසිවකට අසතුටු නොවීය. සරත් චන්ද්ර දාසගේ මාමා වන ඒකනායක මහතා කලින් “සිංහල” බවට මඳක් සතුටුව සිටි නමුත් ස්වකීය භාර්යාවගේ ආශ්රවයෙන් එහෙම පිටින්ම සිංහල ගතියෙන් පහවූ කෙනෙක් විය. ඉතින් ඒකනායක වලව්වේ වැඩෙන සරත් චන්ද්රහදාස හරියටම කපුටුවන් මඬ්යවයේ සිටින හංසයෙකුට සමාන විය. ශරත් චන්ර්ක් දාස ක්රයමයෙන් සිංහල ගතියෙන් පහකොට “ක්රිවස්තියානිත්” කර ස්වකීය දියනිය වන “ඩොරොති” කසාද බඳවාදී සරත් ට අයිති ධනයත්- ඔවුන්ට අයිති ධනයත් පාවාදීම ඒකනායක මහතාගේ හා නෝනාගේත් එකම කල්පනාව විය. මෙය ඒකාන්ත සිද්ධියක් හැටියටම ඔවුන්ට සලකන්ට ද යුතුව තිබුනේය. මක්නිසාද? ඒකනායක මහතාගේ බෑනා බැවිනුත් - සරත් මවුපියන් නැති අනාථයෙක් බැවිනුත්ය.

සරත් ඒකනායක වලව්වට පදිංචියට එන කාලේ ඩොරොති “බෝඩිං ස්කෝලේ” බැවින් අහම්බයකින් මිස නිතර දක්නට නොලැබුනේ ය. නමුත් සරත් එහි පැමිණ අවුරුදු තුනක් ගතවන විට ඩොරොති ලොකු තරුණියක් වූ බැවින් මව් පියන් විසින් ගෙදරට ගෙන්වා ගන්නා ලදී. යුරෝපීය ක්රතමයට ඇති දැඩිවූ තරුණියන්ට කා සමග උවත් - කොයි වේලේ උවත් කතාබහ සිනහ කෙළි කවට කාරණයක් නොවීය. ඩොරොති “මම්මාගේ” අශික්ෂිත ගතියට උත්පත්තියෙන්ම හිමිකාරියක්ව නැවතත් බෝඩිං කොලීජියේ විගඩම්


පුරුදු කළ කෙනෙක් නිසා සාමාන්යථ සංකර ස්ත්රි යකට වඩා හත් අට ගුණයකින් අශික්ෂිත වූවාය. සරත් චන්ද්ර දාස වික්ර මසිංහ තමාගේ මස්සිනා වන බව පමණක් නොව ඇගේ මව්පියන් විසින් ඈට ස්වාමි කමට තෝරාගෙණ ඉන්නා අය බවද ඈ දන්නීය. ඒකනායක නෝනා දියනියට කිසි ආරක්ෂාවක් නො කරණ කෙනෙක් නොවූවත් ඇය ශරත් චන්ද්ර දාස සමග කසාද බඳවන්ටම නියම කරගෙණ තිබෙන හෙයින් ඈට සම්පූර්ණ නිදහස දී තිබුනේය. ඩොරොති ගෙදරට පැමිණ හත් අට දවසකින්ම මස්සිනා සමග කෙළිකවට කරන්ට සිතට ගත්තීය. නමුත් සුශික්ෂිත වූ සරත් චන්ද්ර්දාස ඩොරොති ඉන්නා බවක්වත් නොදන්්නේය.කන බොන වේලාවකදී හැර අනික් සියලු වේලේම ස්තෝප්පුවේ ස්වකීය කාමරයේ සිටින්නේය. සරත් චන්ද්රිදාසට උවමනා වැඩපල තමාගේ බාල සහෝදරයෙක් වැනි අමරසේන නමැති අතවැස්සා විසින් කරණු ලැබේ. එක් නිවාඩු දිනක පාඨශ‍ාලාවේ පොත්පත් පාඩම්කොට ඉවර වූ පසු ස්වකීය මධුර වූ ජන්ම භාෂාව කෙරෙහි මහත් ප්රේවමයක් ඇති සරත් මේ කවි දසය ටිකක් ශබ්ද නගා කීයේය.

“රැස් කෙසුරෙන් ගිහි ණි දුනුකේ තඹිලි තු රු වලා සිය පෙති සපැමි ණි වට කළ මුහුළු සහ යු රු අරුණුවන් නුබ මි ණි නාලිය රැදි මහ රු අවරඔර සරසරෙව් වැජඹි ණි පුවක් ලැහැබින් සැදුනු විසිතු රු

සවසැදුරු දි ස් නා තරු බරිනි දෙරණ ට නුඹ පහණේ නහ ස් නා බට නුබි නඩක් විලස ට රන් වටිනි ර ස් නා මල් පුල් එක ලෙස ට නැහැසු ඉරිමෙන් වලා දි ස් නා සුනිල් කැලයක් අතරමග දි ට

එකල වැද ලීය තු ළ මුල මුව රළ කෙළෙ න ඇතිරිලි ඇති ලමඟ කො ළ වෙළපෙහි මොනර පැළඹෙ න මදනල වැද වග ළ සුනිල් කොල ලෙල දෙ න සුවඳ මල් රොන්පටින් සුලක ළ විහිදී අතු අඟ කොවුල් හඬල න

මිනි මුතු මල් කැනැ ති අස බමුණ ගම් වැ සි අග කෙළෙන මිහිලොල්සැ ති මග රැඳුන අද තො න සි එහි එක් රුකෙක නි ති ගෙට ගිය අඹුව න සි වසන දෙවියෙක් හාස්කම් ඇති අතුරුදන්වී කියා මේ ලෙ සි


මිණි කිරු ළිස පැළ ඳ මේ කිමෙකැයි කි යා බැඳ මුරුත මල් ඉන සැ ඳ බලමින් නොදැක දෙවි යා සැදී දිව සළු හැ ඳ සිත දුක් කිය කි යා පෙනී සඳරැසිනෙව් වෙළෙප්මැඳ බියෙන් අඬමින් බමුණුදුකි යා

මේ කවි අසාගෙණ සිටි ඩොරොති සහ ඇගේ මව් පුදුම වූහ. “සරත් ‘එළුව’ දන්නා හැටි අනේ! ඔය ළමයා ඕවා ඉගෙණගෙන මෝඩයෙක් වෙන එක ගැන කණගාටුයි. ඕවා දන්නෝ උන්නාන්සේලාය. සරත්ට කුමටද? දැන් කාලේ ඉලන්දාරි ඔබඳු පරණ දේවල් කුමට පාඩම් කරණවා ද? ඉංග්රීතසි කවි සින්දු තිබියදී සිංහල කවි හා බණ කුමටද? ඒවා දන්නා අය “අශීලාචාර මෝඩයෝය.” “ අනෙ, මම්මේ! ඉතින් ‘ගොඩතාලෙව’ බැහැලා ඉන්නා සරත් සමග මට ‘මැරි කරන්ට’ පුළුවන්දැ”යි ඩොරොති මම්මාට කීවාය. මම්මාටත් දුවටත් සරත්ගේ මධුර කවි ඇසුනේ හරියටම නරින්ට සිංහ නාදයක් ඇසුනු ලෙසය. තමන්ගේ පහත් තත්වය නිසා නරියා සිංහ නාදයට තැතිගෙණ අමාරුවට පත් වන්නාක් මෙන් සිංහල ජාතියේ ඉපද උතුම් සිංහල ශබ්ද ශාස්ත්රග නොඉගෙණ ජාතිභ්ර්ෂ්ටවන කාලකණ්ණියන්ට උසස් සිංහල පොත පතක ප්රගකාශිත දේ ඇසෙන විට තමාට නොතේරෙණ බැවින් වික්ෂිප්ත භාවයට පත්වීම සිරිතකි. ඩොරොතිගේ මව් වන ඒකනායක නෝනා දුවනියගේ ඔලුව අතගාමින් “සරත් සිංහල සංස්කෘත දැනගත්තාක් මෙන්ම ඉංග්රීගසි භාෂාව ද හොඳින් ඉගෙණගන්නා කෙනෙකි. ඒ ලමයාගේ බුද්ධ භක්තියත් පරණ සිරිත්වලට ඇති කැමැත්තත් අපි නැති කරන්ට ඕනෑ. ඩොරොති. උඹ සරත් සමග කථාබස් කොට ඔහු උඹේ අත් අඩංගුවට ගණින්. උඹට කැමති එකක් කරගත්තාට අපෙන් තහනමක් නැතැයි” යි මම්මා දුවට කීවාය.

මේ වේලාවේ අමරසේන සරත්ගේ උවමනාවක් සඳහා පිටකොටුවට යන්ට ගියේය. සරත් සනීප පුටුවක් පිට හාන්සිවී පත්රවයක් බලමින් සිටියේය. වට පිට හා ගෙදරත් කිසිවෙක් නැති නිස්කලංක වේලාවක් නිසා ඩොරොති හෙමින්ම සරත්ගේ කාමරයට අවුත් (ඉංග්රීලසි කථාව අපි සිංහලෙන්ම යොදමු.)” මගේ ප්රේසමවන්තයාණනි. දැන් ටිකකට ඉස්සරින් කිව් ගාථාවල් කොහෙන් ඉගෙණ ගත්තේදැ” යි අසමින් සරත් උන් පුටුවේ අතඋඩ වාඩිවී සරත්ගේ මුහුණ අතගාමින් සිනාසුනාය. සරත් වහාම උඩුමියාවී බලා (සිංහලෙන්ම) “ඩොරොති උඹ ගෙදර ඇතිවන ගැහැණු ලමයෙකි. උඹ සමග මම උවමනා එකක් කථාකරන්නෙමි. නමුත් මේ වාඩිවී ඉන්නා හැටි අශොභනයි. යම් කෙනෙක් දුටුවොත්


උඹත් මාත් දෙන්නාම අශික්ෂිතයයි සලකයි. කරුණාකර අ‍ර පුටුව උඩින් වාඩි ගත්තොත් උඹට මා කිව් ‘ගාථා’ වල විස්තරයක් කියන්නෙමි” යි කීවේය. එබසට කුල්මත්වූ ගවදෙනෙක් වැනි ඩොරොති ඉවතින් තිබුනු පුටුව උඩ වාඩිවෙනවා වෙනුවට සරත්ගේ බෙල්ල බදාගෙණ ඔහුට හාදුවක් ද දෙමින් පුටු අත උඩින් සරත්ගේ උකුලට ලිස්සා වැටීගත්තාය. සරත්ට බලවත් කෝපයක් ඇතිවිය. ඇගේ වැළඳගැන්ම කබරොස්සා වැලකින් බැන්දාක් මෙන් හැඟුනේය. ඇගේ සිඹීම අසූචි තැවරු කටු අත්තක් ස්වකීය මුහුණේ ඇද්දාක් මෙන් දැනුනේය. ඉවසිලිවන්ත සරත් ඩොරොති තදින් තල්ලුකර නොදමා හෙමින් නැගිට ඈට සනීප පුටුව ඉඩ අර ඉවතින් තිබුන අත් පුටුව උඩ වාඩිවී මෙසේ කියන්ට ප‍ටන් ගත්තේය. “ඩොරොති. උඹ විලිබිය නැති ස්ත්රියයක් බව දනිමි. නමුත් මේ තරමටම විලිබිය නැති තැනැත්තියක්ය යි නොදැන සිටියෙමි. නීති ප්ර.කාර විවාහකර ගත් ස්ත්රීල පුරුෂයන් අතර කාමාසාවෙන් සිප වැළඳ ගැණීමාදිය ඇතිවීම සත්යවකි. නමුත් ඒ විවාහ වූ අයත් ඉතාමත් රහසිගතව ඊට සුදුසු වේලාවක පමණක් ‍එසේ කරති. උඹත් මමත් හරියටම දෙවර්ගයක සත්තු වාගේය. කවදාවත් කතා බහක් - කුළුපගකමක් නැති උඹ පළමුවෙන්ම කථාකරන්ට ආ දවසේ මා සමග මෙසේ හැසුරුණා නම් හොඳින් කුළුපගවූ මිත්රනයන් සමග උඹ නොහැසුරුණු අන්ද්මක් ඇතැයි නොසිතමි. අහෝ, නුඹලා වැනි විලිබිය නැති ගෑණුන් උපන් මේ ‍රටේ අපටත් උපද්න්ට සිද්ධවුනා නොවේදැ”යි කියන කොට ඩොරොතිට ලජ්ජා භයත් අට නොගත් නමුත් තමාගේ අදහසට සරත් විරුද්ධවූ බැවින් අඬමින් ගෙට දුව ගොස් මම්මා සමග හයියෙන්ම මෙසේ කියන්ට පටන් ගත්තාය.

“මම්මා, මේ සරත් මට තරක වචනයක් කියා මට අඩන්තේට්ටම් කරන්ට හැදුවා. මොහු අපේ ගෙදර නවත්වා ගන්නෙ ඇයි? මොහු වහාම දොරට දමන්ට ඕනෑ” යි කීවාය. මම්මා මේ කාරණය හොඳ හැටි දන්නා නමුත් සරත් ඇගේ දුවනියගේ නීච අදහසට ‍එකඟ කරවා ගැණීමට බල කරණ පිණිස ඉක්මණින් දුවගෙණ අවුත් “මොකද සරත්. උඹ ඩොරොතිට බලහත්කාරකම් කරන්නේ? උඹට ඒ ළමයා සිරිත් ප්රගකාර කසාද බඳවා දෙන්ට අපි කැමතියි. දැන් උඹේ අන්කල් (මාමා) ආ හැටියේ මම ඕක කියන්නෙමි. උඹ ඊට වහාම සතුටු විය යුතුය”යි කීවාය. බලවත් ලජ්ජාවෙන් හා හිතේ හටගත් සංවේගයෙන් මුර්ජාවී වුන් සරත් නැන්දාට වචනයක්වත් නො කියා තමන්ගේ හිත නිස්කලංක කරගැනීමට වීරිය කරමින් සිටියේය. එවිටම තමාගේ ඇතිකරගත්

සහෝදරයා වන අමරසේන ද ආවේය. සරත් බලවත් සිතිවිලි නමැති යකඩදාමයක පැටලී අමාරුවෙන් සිටින බැව් දුටු අමරසේන ද කිසිත් කථා නොකර පැත්තකටවී සිටියේය.

02. පරිච්ඡේදය[සංස්කරණය]

තද ග්රීකස්මය ඇති කාලයක සෙනසුරාදා සවස පහට පමණවූ මේ වේලාවේ ඒකනායක උන්නැහේ ඔවුන්ගේ දේවගැති වන පෙරේරා උන්නැහේත් සමග ගෙදර ආහ. ඔවුහු ආ හැටියේ කෙලින්ම ගේ ඇතුළට ගිය හ. ඒකනායක නෝනා ඔවුන්ට තේවතුර බොන්ට දී ඉව‍රවෙන කොටම දුරුමුඛවූ කඳළු සහිත ඇස් ඇති ඩොරොති ඔවුන් ලඟට ආවාය. “මොකද - ඩොරොති, උඹ කණගාටුවෙන් මෙන් ඉන්නේ මක්වුණාදැ”යි ඒකනායක උන්නැහේ ඇසීය. මේ සංකර දුෂ්ට හැතිරී තමා කළ අපරාධය නිර්දෝෂවූ සරත් පිටට ‍ආරෝපනය කොට “පප්පා, උඹේ ‘තැච්චු’ (බෑනා) මට සෑමදාම හිරිහැර කරණවා! මම අද ස්තෝප්පුවේ කාමරය ලඟට යන කොට ඔහු මා අතින් අල්ලා ඇද හිරිහැර කළා! මට එහෙම කරන්ට ඉඩ ඇර ඉන්නේ මන්දැ”යි ඇසීය. මේ කීමට ඒකනායක නෝනාට කට කොනකින් සිනා ඇතිවිය. ඒකනායක මහතා මෙය පල්ම පල් බොරුවක් බව සිතාගත්තේය. නමුත් පෙරේරා පාදිලි තැන පමණක් සත්ය වූ කාරණයක් ලෙස සිතාගෙණ ඔහුගේ මුහුණ නරක් කරගත්තේය. ඩොරොති කළ අයුත්ත සරත් පිටට ආරෝපනය කළ බව ඒකනායක මහතා දන්නා නමුත් මේ වේලාවේ සරත්ට තමාගේ දියනිය විවාහ කරදීමට තීන්දුකර ගැණීම බලවත් වාසියකැ යි සිතා සරත්ට ද ගෙයි සාලේට කථාකළේය. තමාගේ හිතේ සංවේගය මඳක් අඩුකර‍ගන වුත් සරත් මාමාගේ වචනයට කීකරුව ඔවුන් සිටි ශාලාවේ පැත්තක පුටුවක් උඩ වාඩි ගත්තේය.

ඒකනායක මහතා සංසුං ලීලාවෙන් සරත්ට කථාකොට “සරත්, උඹ මගේ එකම නංගීගේ එකම පුත්රලයායි. උඹ ඉතා උසස් අදහස් ඇති නම්බුකාර ජීවිතයක් ගතකළ පියෙකුගේත් - මවකගේත් පුත්ර්යෙකි. ඒ නිසා උඹට වරදක් කරන්ට බැරිය. මගේ දියනිය - උඹේ නෑනා සමග කැමති අන්දමට කෙළි කවට කළාට කිසි වරදක් නැත. උඹ වාගේ තරුණ වයසේ කෙනෙක් එහෙම කිරීම පුදුමයකුත් නොවේ. නමුත් අද අපේ මේ පාදිලිඋන්නාන්සේ ඉදිරිපිටදී උඹ ඩොරොති සමග කසාද බඳින බවට පොරොන්දුවී ඒ විවාහය මේ මාසේ තුළදී සම්පූර්ණ කරන්ට ඕනෑ. එවිට උඹේ දෙමව්පියන් විසින් මා නමට ලියා තිබෙන උඹේ දේපලත් - අපට අයිතිව තිබෙන සියල්ලත් මම උඹලා දෙන්නා නමට ලියා දෙන්නෙමි”යි කීය. මේ සරත් කුමාර වික්රමමසිංහ නැමැති හැබෑ සිංහල පෝතකයා මිනිත්තු පහක් පමණ නිශ්ශබ්දව සිට “මාමණ්ඩි, මගේ මෑණියෝත් - පියානෝත් නම්බුකාර ජීවිතයක් ගතකළ උත්තවයන් බව මේ දැන් කීවෙහිය. ඇත්තෙන්ම නම්බුකාර මව්පියන්ට දාව අවනම්බුකාර දරුවෙක් උපදිතොත් ආශ්චර්යකි. ඒ ස්වභාව ධර්මයට විරුද්ධ සිද්ධවීමකි. අඹ ගස්වල ජම්බු අටගැන්මක් වැනිය. ඉතින් නම්බුකාර දෙමව්පියන්ගේ දරුවෙක් වන මා නම්බුනාර නොවන දෙමව්පියන්ගේ දරුවෙක් සමග හෝ නම්බුකාර විධියට නොහැදුනු දරුවෙක් සමග එක්වීම ස්වභාව ධර්මයට පවා විරුද්ධව ක්රිටයාවකැ”යි කීයේය. දේවගැති කෙනෙකුන් ඉදිරිපිටදී සරත් මෙසේ කිවූ බැවින් කෝපයට පත් ඒකනායක “ ආ සරත්! උඹේ මවට ඇතිවිය නොහැකියි. ඒ හෙයින් නුඹේ මව්ත් - නුඹත් නම්බුකාර වෙන්ටත් හැටියක් නැත. උඹේ “බණ” ඉගෙණීමේ වැරැද්දෙන් අපට මේ චෝදනාව කළේයයි මම සිතමි”යි කීයේය. ස්වකීය මාමාත් - නැන්දාත් ඉදිරිපිටදී නම් කුමක් කීවත් නිෂ්ඵල නමුත් පෙරේරා දේවගැති තැන සිටි බැවින් කථාකරණ වචන සියල්ලම නිෂ්ඵල නොවන බව සැලකූ සරත් මෙසේ කීවේය. “උඹත් උඹේ භාර්යාවත් ‘බණ’ නොදන්නා වැරැද්දෙන්ම අවනම්බුකාරයන්වූ බවත් එබන්දන්ගේ දුව උත්පත්තියෙන්මත් අවනම්බුකාරියක්ව ඉගෙණීමෙන් හා ක්රිවයාවෙන්ද අතිශයින්ම අවනම්බු කාරියක්වූ බවත් මම මේ දැන් ඔප්පු කරමි. උඹ අපේ මව් උපන් මෑනියන්ගේ කුසේම උපන් නමුත් උඹේම ක්රිකයාවෙන් අවනම්බු කාරයෙක් වූයෙහිය. අපේ බනේම ඒ බව උගන්වා තිබෙනු මිස උඹලාගේ ‘බණක’ එබඳු ශ්රේහෂ්ඨ ඉගෙණීමක් ඇත්තේත් නැත.

“න ජච්චා වසලො හොති-න ජච්චා හොති බ්රානහ්මණො - කම්මනා වසලො හොති - කම්මනා හොති බ්රාතහ්මණො”

යන මේ ප්රලනීත ඉගැන්වීම දෙස බලනවිට එක කුසයකම

අවනම්බුකාරයෙකුටත් - නම්බුකාරයෙකුටත් උපදින්ට ඉඩ තිබේ. උඹේ අවනම්බුකාරකම මා දන්නා අනිත් සියල්ලන්ගේම අවනම්බුකාරකමට වඩා දැඩිය. ස්ත්රිඅයක් නිසා ස්වකීය දෘෂ්ටිය විපය්යාියි ස කරගන්නාට සමාන චපලයෙක් මිහිපිට නැත. ආත්ම ගෞරවය, ආත්ම ශක්තිය ඇති කිසිවෙකුට ස්ත්රියයක් නිසා හෝ යම්කිසි ලාබ ප්රතයෝජනයක් නිසා ආගමක් අත්හරින්ට බැරිය” - මේ කියනකොටම වාගේ තවත් අමුත්තෙක් ඒකනායක මහතුන්ගේ ගෙදරට පැමිණියේය. මේ වනාහි ශ්රීය පරාක්රටමසිංහ නමැති කීර්තිමත් බැරිස්ටර් කෙනෙකි. ඉතාමත් ඉහළින් නීති ශාස්ත්රීය ඉගෙණ බොහෝ කාලයක් අධිකරණ ශාලාවල වැඩකොට මහත් ධන සම්භාරයක් උපයා ගත් මේ මහතා මේ කාලයේ පොල්වතු හා රබර්වතු වවමින් නගරයේ කෙළවරේ වසන්නෙකි. ඒකනායක මහතා සමග මිත්ර්හෙයින් මරදානට ආ ගමන් ඒකනායක වලව්වටද පැමිණියේය. ඉතින් මේ අමුත්තා ආ හැටියේ ඒකනායක නෝනා ඉදිරියට අවුත් - යුරෝපීය ක්රුමයට ආචාර කොට පිළිගෙන ගෙට කැඳවා වාඩිවෙන්නට සැලැස්සුවාය. හිතේ බලවත් සංවේගයෙන් කථාකරමින් සිටි සරත් - තමාගේ කථාව නවත්වා බිම බලාගත්වනම උන්නේය. ශ්රී පරාක්ර මසිංහ මහතාටද තේවතුර කෝප්පයක් ගෙණවුත් පිළිගැන්වූ බැවින් ඒ පානය කොට ඉක්බිති - “ඒකනායක මහතාත් පෙරේරා දේවගැති තැනත් - මේ තරුණ මහතාත් වැදගත් කථාවක්‍ හෝ විවාදයක් කරමින් ඉන්නා වාගේ පෙනෙ‍නවාය. මගේ පැමිණීම ඒ කථාවට බාධාවක්දැ”යි ඇසුයේය. සිතේ බලවත් කලබලයකින් වික්ෂිප්තව වුන් ඒකනායක මහතා “අප කථාකරමින් ඉන්නේ ඉතාමත් වැදගත් කාරණයක් තමා - තමුන්නාන්සේ වැනි උගත් වැදගත් අපේ හිතෛෂි කෙනෙක් මේ වේලාවේ පැමිණීම එක් අතකින් “දෙවාශීර්වාදයක්” යයි සිතමි. මේ ඉන්නා දේවගැති තුමාත් මේ තරුණ මහත්මයාත් ශ්රීව පරාක්රෂමසිංහ මහතාට ඔවුන් ගැන දැනුමක් නැති බව කී විට දේවගැති මහතා නම් ඔවුන්ගේ දේවස්ථානය භාර ‘උගත්’ පෙරේරා මහත්මයා බවත් - තරුණ මහතා තමාගේ සහෝදරීගේ හා කාලයාත්රාි කළ වික්රිමසිංහ මුදලිතුමාගේත් එකම පුත්රහයා බවත් කීවේය. ශ්රීා පරාක්රරමසිංහ මහතා මදක් වටපිට බලා “මේ වික්ර මසිංහ මුදලිතුමාගේ පුත්ර්යාද” යි අසමින් ටික වේලාවක් කල්පනාකොට “ මේ ලමයාගේ පියානන් මගේ මිත්රරයෙකි. මට බලවත් හිංසා පීඩා ලජ්ජා අලාභ හානි කළ මිත්රියෙකි. ඇත්තෙන්ම මට හිංසා පීඩා ලජ්ජා අලාභ හානි කළ කෙනෙක් මගේ


මිත්රනයා ය කීවාම තමුන්නාන්සේලාට පුදුමයක් විය හැක. ඒ වික්ර මසිංහ මුදලිතුමා හැබෑ ඍජු ගුණ ඇති, නිර්භීත, සත්ය4යට දිවි දීමට අත්යාර්ථයෙන් සැරසුනු පුදුම සිංහලයෙකි. එතුමා එක් ප්රදස්ථාවකදී මට බලවත් හිංසා පීඩාවකුත් රුපියල් දසදාහක අලාභයකුත් අවනම්බුවකුත් කළේය. ඒ වේලාවට ඒ ක්රිුයාව වරදක් බව වැටහුනු නමුත් ඇත්තෙන්ම ඒ මහතාගේ දුර පෙණෙන ඤානයෙනුත් අවංක ඍජු සත්පුරුෂ ගතියෙනුත් මට කර දුන් යහපතට මගේ ජීවිතය පූජා කළත් මදි තරම්ය. ඒ පුදුම වික්රටමාන්විත වික්රවමසිංහ මුදලිතුමාට පුත්රයයෙක් ඉන්නා බව ඇසීමට මට මහත් ප්රීිතියකි” කියා ශ්රීහ පරාක්ර‍මසිංහ බැරිස්ටර් මහතා පුටුවෙන් නැගිට හිතේ අමාරුව නිසා කරබාගෙන වුන් සරත් කුමාර වික්රහමසිංහ මහතා ගඟට ගොස් - ඔලුව අතගා ඉක්බිති හිස සිඹ “මොකද - වික්රාමසිංහ පොතකයානනි. කනගාටුවෙන් ඉන්නේද? පියානන් වාගේ සිංහල තේජස් පැතිරවිය යුතුයි” කීවේය. මෙතනදී බලවත් නිශ්චල භාවයක් ඇතිවිය. සරත් කුමාර මහතාවත් - ඒකනායක මහතාවත් - දේවගැති තැනවත් කිසිත් කථා නොකර නිශ්ශබ්ද වූහ. ස්වකීය දියණියගේ නින්දිතත හැසිරීම සරත් පිටට ආරෝපනය කළ ඒකනායක මහත්මිය ඉවතින් තිබුණ පුටුවක වාඩිවී මේ කථාව අසාගෙණ වුන්නාය. සරත්ට චෝදනාකරන්ට - අවවාද කරන්ට සිතාවුන් ඒකනායක මහතාගේ උගුර කට වේලී ගියා පවණක් නොව ඔහු කියන්ට සිතාවුන් වචනද මතක නැතිවී ගියේය. සරත් අශික්ෂිතයෙකැයි සිතාගත් පෙරේරා දේවගැති තැනද වික්ෂිප්ත විය. ශ්රීස පරාක්රයමසිංහ බැරිස්ටර් මහතා සරත්කුමාර වික්රතමසිංහගේ පියාණන් සම්බන්ධව කී වචන ටික නිසා ඒකනායක පවුලේ උදවිය - සරත් සම්බන්ධව වචන මාත්රවයක් වත් ප්ර‍කාශ කරන්ට භයපත්වූහ. කිසිවෙක් කථා නොකර ඉන්නා බව දුටු ශ්රීර පරාක්රමමසිංහ මහතා පුදුමයට පත්ව “මොකද මහත්වරුනි, මා කී කථාව ගැන සැකද? බොරුවක් කීවෙම්යයි සිතන්නහුදැ”යි ඇසීය. එවිට ඒකනායක මහත්මිය අමාරුවෙන් සිනහවී “බැරිස්ටර්තුමා, වික්ර මසිංහ මුඩ්ලියර් කළ පුදුම වික්රුමය දැන් අපටත් කියා දුන්නොත් වටීය. ඒ කථාව තේරුම්ගන්ට හොඳය. ඒ කථාව තේරුම්ගන්ට බැරිව අපි නිශ්චලව ඉඳිමු”යි කීවාය. “ඔව්, මගේ කථාන්තරය ටිකක් දිගය - නමුත් මේතාක්ම කිසිවෙකුත් නොදන්නා රහසක් කාටවත් දැනගන්ට බැරිව යටපත්වී යාමෙන් මතු ඇතිවෙන සිංහලයන්ට පාඩුවක් හෙයින් මම විස්තර ලෙස කියන්නෙමි” යි කියා මෙසේ පටන් ගත්තේය.

“පසු ගිය කාලයේ අපේ ලක්දිව අද්වකාත්වරුගෙනුත් වැඩි කොටසක් හෘදයෙහි තෙත් ගතියක් නැති මුදලට කැහු ලෑටි වුනු මිනිස්සුය. මමත් ඒ පන්තියේ කෙනෙක්ව සිටියෙමි. රුපියල් ලක්ෂ පහක් පමණ රැස්කරගන්නාතුරු කිසිම යුක්තියක්, ධර්මයක්, මනුෂ්ය්ගතියක් නොසලකා - ධනය උපයා ගන්න කල්පනාවක් මට ඇතිවිය. ඒ කල්පනාව මට ඉබේම නිකම්ම ඇතිවූ එකකුත් නොවේ. මගේ පියා කෝරළ මුදලි කෙනෙක් නිසා ඒ පියානන්ගේ ගතියත් මට ජන්මයෙන්ම පිහිටියේය. මගේ මව්ද යුරෝපීය ක්රාමයට ඇති දැඩිවූ උඩඟු කමින් කෙළවරට ගිය ස්ත්රිමයකි. මව්පිය දෙදෙනාගේම නපුරු ගති උත්පත්තියෙන්ම ලබාගත් මම උතුම් ධර්මයෙන් විරහිත පුහු ඉගැන්වීමත්, ලෝකයා මුළා කිරීමට හෙවත් යුරෝපීය මිනිසුන්ගේ අධිපති භාවය රැක ගැණීමට පතුරණ ක්රි ස්තියානි ආගම ඇදහීමක් නිසා අතිශයින්ම නපුරුවූ, පපුවේ තෙතමනයක් නැති යුක්ත්යාදයුක්තිය අබමල් රේනුවක් පමණ නොතකන ආත්මාර්ථකාමී කුහකයෙක්ව සිටියෙමි. 1910 යේදී මට හිතවත් මිත්ර් නොතාරිස් කෙනෙක්ද ‍මගේ කන්තෝරුවේම ඔහුගේ කන්තෝරුවත් පිහිටුවාගෙණ වැඩ කළේය. නඩු හබ ඉඩ කඩම් ගැන මගෙන් උපදෙස් ගන්ට එන අයගෙන් ඔප්පු තිරප්පු ආදියත් මේ ‍නොතාරිස් මහතාට ලැබෙන හෙයින් මටත් ඔහුටත් දෙදෙනාටම - මිතුකම් පැවැත්වූ එළුවාටත් බල්ලාටත් මෙන් එක සමානව ලාභ ප්ර යෝජන ලැබුනේය. මෙකී අවුරුද්දේ ජූලි මාසයේදී වික්රමමසිංහ මුදලිතුමා ‍කාගේදෝ පොල් වත්තක් ගැනීමට ඒ සම්බන්ධ ඔප්පුවලට අමුනා තිබෙන නඩු තීන්දුවක් පරීක්ෂාකර බැලීමට ‘ගිනි’ පහකුත් සමග ඒ නඩු කොටස් මා අතට භාර දුන්නේය. ඊට කලිනුත් වික්ර මසිංහ මුදලිතුමා මම අඳුනන්නෙමි. ඉතින් ඒ ඔප්පු හොඳ බව මා කී බැවින් රුපියල් විසිදාහකට අත මුදලට ගන්නා ඒ පොල්වත්ත සම්බන්ධ ඔප්පුව ලිවීමට මගේ කන්තෝරුවේ ඉන්නා පොන්සේකා නොතාරිස් තැනට පවරා ගොස් පසු දින උදේ ඉඩම් හිමියනුත් සමග කන්තෝරුවට ආවේය. ඉඩම් හිමියන් සතර දෙනාත් සමග අවුත් ඔවුන් පහත සිටියදී වික්රොමසිංහ මුදලිතුමා සොල්දරය උඩට ආයේය. මේ වේලාවේ පොන්සේකා නොතාරිස් තැනත් ඔහුගේ ලියන්නෙකුත් වික්ර්මසිංහ මුදලිතුමාත් මාත් පමණක් සොල්දරය උඩ සිටියෙමු.

වික්රසමසිංහ මුදලිතුමා ඉඩම් සඳහා ගෙවිය යුතු රුපියල් 20,000 කුඩා නෝ‍ට්ටුවලින්ම ගෙනවුත් තිබුන බැවින් එය ලොකු මිටියක් විය. මෙසේ ඔප්පුව බලමින් මිනිත්තු දහයක් පමණ ගත කරණවිට මෝටෝරථයක් අවුත් කන්තෝරුව ඉදිරිපිට නැවැත්වීය. ඒ රථයේ සිට තරුණ ශක්තිමත් ලන්සි මහතෙකුත් රන්වන් පාට ඇති තරුණ භාවයෙන් කෙළ පැමිණි යුරෝපීය ක්රෙමයට සැරසුනු තරුණියකුත් මහලු දුවිඩ ස්ත්රිතයකුත් බැස මගේ කන්තෝරුවට ඇතුල් වූහ. ඔවුන් එපිටදී අඳුනාගත නොහැකිවූ නමුත් ලන්සි මහතාත් තරුණියත් මගේ මිත්ර යෝය. ඔවුහු කෙළින්ම මගේ කන්තෝරුවට - සොල්දරේ උඩට ආහ. සොල්දරය උඩ නොතාරිස් තැනට වෙන්කර තිබෙන කොටසත් මගේ පුද්ගලික කාමරයක්ද තිබුනේය.

මා සමග කලින් සියල්ලම කථාබස්කොට තීන්දු කරගෙණ තිබුණු බැවින් ඩී. සිල්වාත් ඔහු සමග ආ ස්ත්රී්න් දෙදෙනාත් එකපාරටම මගේ රහස් කාමරයට පිවිස වාඩි ගත්හ. මමද ඒ එක්කම ගොස් “පොන්සේකා උන්නැහේ, අර ඔප්පුව රැගෙන එන්ට”යි කීවෙමි. නොතාරිස් උන්නැහේද කලින් පිළියෙලකර තිබුනු ඔප්පුවත් රැ‍ෙගන කාමරයට අවුත් එහි සිටි මහලු ස්ත්රිනයට අත්සන් කරන්ට කීය. භයින් ත්රගස්තවූ ඒ ස්ත්රිටය කෑගසමින් “මට නම් අත්සන් කරන්ට බැරිය, මා මේ අත්සන් කරන්නේ මොන මර උගුලකටදැයි මම නොදනිම්. කිසිම ලියමනකට අත්සන් කරන්ට බැරිය”යි ඒ මහලු මව දෙමළ භාෂාවෙන් කීයේය. එවිට මම ම ඈට තර්ජනය කොට “උඹ මේකේ අත්සන් නොකොළොත් නුඹ පොලීසියට අරිනවා. උඹ මා ඉදිරියේදී පසුගිය සුමානේ වෙච්ච පොරොන්දුව ඉෂ්ට කරන්ටම ඕනෑය”යි තදින් කීවෙමි. එවිට මහළු ස්ත්රිවය අඬමින් මම වුනු පොරොන්දුවක් නැත. තමුන්නාන්සේ මේ තක්කඩි සිල්වාත් සමග එකතුව මගේ අසරණ අඥාන නැහැදිච්ච දුවත් ඔහුට දීලා මගේ ඉඩකඩම් ටිකත් ඔහුට ලියා දෙන්ටයයි කී කීම් එකක්වත් මම භාර නොගනිමි. දැන් මට බලහත්කාරකම් කොට ඔප්පුවකට අත්සන් ‍කරන්ට කියන්නේ මොන අපරාධයක්ද? අද්වකාත් වරුය, නඩුකාර වරුය, වැදගත් මහත්තැන්ය කියන අය මෙහෙම කරතොත් හොර - තක්කඩි මොනවා නොකරත්ද? මගේ දුවට අපේ දෙමළ කම නැතිවෙලා - ලන්සි ‘පැෂන්’ ඕනෑ වෙලා අපේ පරම්පරාවත් - අපේ වස්තුවත් විනාශ කරන්ට හදනවා - අනේ! මේ අපරාධය බලන්ට කතරගම දෙවියෝවත් නැද්දෝ” කියමින් කෑගසන්ට


විය. ඩී. සිල්වා නමට ලියනලද මේ විශාල ඔප්පු තංගම්මාගේ අත්සන ගන්ට නොයෙකුත් තර්ජන කළ නමුත් ඈ මුරන්ඩුව සිටින හෙයින් බො‍රු අත්සනවත් යොදන්ට මමත් ඩී. සිල්වාත් - නොතාරින්ත් - තන්ගම්මාගේ දුව වන එහි සිටි තරුණ මේරිත් ඉංග්රී්සියෙන් කථා කරණ විට සොල්දරය උඩ උන් වික්රිමසිංය මුදලිතුමාට මේ කාරණය අවබෝධව අප සිටි කාමරයේ දොර ඇරගෙණ එහි තුළට වැදී මට කථාකොට “ශ්රීව පරාක්රදමසිංහ මහතාණෙනි, මම තමුන්නාන්සේ මනුෂ්යීයෙක සිතා සිටියෙමි. දැන් නම් මට පෙණෙන්නේ තිරිසනෙක් බවයි. අසරණ ස්ත්රිෙයක් භයපත් කොට ඇගේ දුව සමග ඇගේ වස්තුව යම් බේබදු අවලමෙකුට පවරා දී රුපියල් දහදොළොස්දාහක් ගන්නවාට වඩා ගෙරිකපන කැත්තකින් ඔය බඩ කපාදමනවා නරකිදැ”යි ඇසුයේය. එවිට ඩී. සිල්වා මා කථා කරන්ට ප්රඇථම” ඒයි, කටවහපන්- උඹ උඹේ වැ‍ඩ බලාගණින් - අනුන්ගේ පලහිලව් ගැන උඹට කාරියක් නැතැ”යි කීයේය. සිංහලයෙක් මෙන් කිපුනාවූ විකුමසිංහ මුදලිතුමා සිංහ ගර්ජනා කරමින්” ඒයි සංකරයා, මේ උඹ ඉන්නේ සිංහල වීපයේ බව බලාගනින් මේ රටේ හිමි කාරයන් කවදාවත් තමන්ගේම වැඩේ බලා ගෙණ අතට පැමිණියක් අනුභව කොට ජීවත්වුන සුනඛයෝ නොවෙති. ලෝ වැඩ නොකොට තමන්ගේම පාඩුවේ කල් ගත කිරීමේ අදහස - එනම් නින්දිත ආත්මාර්ථකාමී ගතිය මේ රටේ ඇතිකළේ උඹලාගේ මුතුන්මිත්තන් වන යුරෝපීයන් විසිනි. මා මිස අන් කිසිවෙකු අදහන්නා තබා ඔහුගේ හත් මුනුබුරු පරම්පරාවෙනුත් පලිගන්නා බව උගන්වනලද පහත් ගලිල දෘෂිටියත් සමග උඹලාගේ මිනිසුන්ගේ ආත්මාර්ථකාමී ගතිය මේ රටේ බෝවුනායින් ධර්මයවත් යුක්තියවත් නැතිව ගියේය. පුංචි එකා ලොකු එකාගේ ගොදුර බවට පමුණුවා ගත් - දුර්වලයා බලවතාගේ වහල් බවට පමුණුවා ගත් උඹලා උඹේ කාරිය බලාගනින්’ කියන බව ඇත්තකි. නමුත් අනුන්ගේ යහපත පිණිස හෘදය මාංශයත් කැප කළ සිංහලයන් ඉදිරියේ උඹට උ‍ඹේ මනදොළ සපලකරන්නට නොලැබේය”යි කියා ඩී.සිල්වාව බෙල්ල ලඟින් අල්වා කාමරයෙන් එලියට තල්ලු කළේය. වික්රයමසිංහ මුදලි තුමාගේ නිර්භීත අර්ථාන්විත වචන ධන ලෝභයෙන් අන්ධ වූ මටද කිසි වැදගැන්මක් නොවූ බැවින්” ඒයි, මුඩ්ලියර් උඹ මේ ඉන්නේ මගේ කන්තෝරුවෙයි - උඹ කට පියාගෙණ බැහැලා නොගියොත් උඹ ගුටිත් කා මාන්චුත් ලාගෙන පොලීසියට යන්නෙහිය”යි කීවෙමි. ඩී.සිල්වා කාමරයෙන් එලියට තල්ලු කොට මා දෙස රවා බලා මට බලවත් කම්මුල් පහරක් දී


“තෝ හැබෑ මහත්මයෙක්! තාත් - සිල්වාත් දෙන්නාටම මම අද හරියටම තලමි. තොපි නින්දිත අපරාධ කරන ජඩයෝ ! මේ මහලු දුර්වල ස්ත්රිරයට බලහත්කාරකම් කරද්දී ඒ දැක නිසොල්මනේ ගෙදර යාමට වඩා පරලොව යාම - පරලොවත් නරකාදියට උවත් යාම මට සැපකි” යි කියා මට තවත් පහරක් පයින් ගසා මහලු දෙමළ ස්ත්රි යක් අතින් අල්ලා ගෙණ වික්රකමසිංහ මුලදිඳු එලියට බැස යන්ට ගියේය. ඔහු අපරාධ පරීක්ෂක කන්තෝරුවට යන්ට ඇත සිතා අපි ලියා තිබුණු ඔප්පුව වහාම පුළුස්සා දමා එතන සිටි සිල්වා හා මේරි නම් වූ ඔහුගේ පෙම්බරීවත් පිටත්කර යවා කන්තෝරුව නිශ්චලව තබා ගනිමු. නමුත් වික්ර මසිංහ මුදළිඳු පොලිසියට හෝ අපරාධ පරීක්ෂක කන්තෝරුවට නොගොස් කෙලින්ම තන්ගම්මාගේ බෑනා කෙනෙක් වන පෙරකදෝරු කෙනෙක් ලඟට ගොස්, ඈ ලවා සියලුම තොරතුරු කියවා තන්ගම්මාගේ රුපියල් තුන් ලක්ෂයක් පමණ වටිනා බූදලය මේරි නමැති හිතුවක්කාර අනාචාරී දුවට අයිති නැති කොට ප්රමසිද්ධ පත්රරයක දැන්වීමක් ප්රුසිද්ධ කරවන ලදී. ඒ දැන්වීම මෙසේය - “කන්දස්වාමි තන්ගම්මා නමැති වැන්දඹු වූ ම‍ගේ දුවනිය වන මේරි මට අකීකරුව අපේ ආගමත් කුලචාරිත්රවත් ඉක්මවා හිතුවක්කාර අන්දමින් කල් ගත කරන බැවින් ඈට මා සන්තක කිසිවක් අයිති නැත්තේය. මගේ මරණයෙන් පසු, ම‍ගේ බූදලය අයිතිකාරි වීමට නම් මගේ දුව ‘මේරි’ යන නාමය ඉවත් කොට ද්රමවිඩ නාමයක් ගත යුතුය - ක්රි ස්තු භක්තිය ඉවත් කොට හින්දු ආගම්කාරියක් විය යුතුය - යුරෝපීය ඇඳුම් අත්හැර ද්ර‍විඩ ඇඳුම් ඇන්ද යුතුය - ද්රිවිඩ භාෂාව හොඳින් ඉගෙන ගෙදර දොරේ සියලුම කථා බස් දෙමළ භාෂාවෙන්ම කළ යුතුය - ද්රකවිඩ සිරිත් විරිත් හොඳින් දැන ඒවූ පරිද්දෙන් පිළිපදින ඉංග්රීතසි භාෂා ශාස්ත්ර උගත් නමුත් ඒ කිසිවක් ද්රඒවිඩ ධර්ම ශාස්ත්රාරදියට ඉහලින් ගරු නොකරණ සැබෑවූ ද්රතවිඩ මහතෙක් සමග මගේ දුව විවාහ විය යුතුය. ඒ තත්වායට මගේ දුව පැමිණි පසු ගෙවිය යුතුය. අවුරුදු තුනක් ඈ පිරිසිදු ද්ර්විඩ ස්ත්රි යක් ලෙස කල් ගත කරන බව මගේ බෑනා වන පිල්ලේ පෙරකදෝරු මහතාටත් - සිවනාථම් පඬිතුමාටත් - කරිරේසු වෙළඳ මහතාටත් හොඳින් පිළිගන්ට ලැබුනොත් ඊට පසු ඈට මගේ බූදලය සම්පූර්ණයෙන් අයිතිවන්ටත් මා විසින් ඉහත සඳහන් කළ එකම කාරණයක්වත් ඈ ස්ථිර ලෙස පිළි නොගෙන මග ඇරියොත් මගේ බූදලයෙන් ඈට කිසිම දෙයක් අයිති නැති බවත් මෙයින් ප්රොකාශ කරමි. තවද ‍පරවෙශධාරිව

අවකල් ක්රි යාවෙන් යුක්තවම මගේ දුව ම‍ගේ අණට අකීකරුව මා මැරී ගිය පසු එක අවුරුද්දක් කල් ගතවන තුරුවත් ක්රිකයා කළොත් මගේ මුළු වටිනාකම රටේ මහා ජනයාගේ යහපතට වියදම් කිරීමට මගේ බූදලේ බලකාරයන්ට මෙයින් පවරමි” යි යන මේ ඔප්පුව ලියවා සහතික කරවා තුන් භාෂාවෙන්ම ප්රිසිද්ධ කරවන ලදී. වික්ර මසිංහ මුදලිඳුගේ මේ පුදුම ක්රි යාව කිරීම නිසා මහත් විපතක් වැලකුනේය. බලවත් දුශ්චරිත කරමින් සිටි බෙබදු ඩී. සිල්වා සමග විවාහ වී දුක් විඳින්ට සිටි මේරි එයින් නිදහස් කරන ලදී. හොර ඔප්පු ලිවීමත් - ඊට අනුබල දීමත් ගැන නීති මගින් දඬුවම් විඳින්ට සුදුස්සන් වන පොන්සේකා නොතාරිස් තැනත් - මමත් එයින් නිදහස් කරන ලදිමු. මගේම කන්තෝරුවේ මගේම කාමරය තුළදී ශක්තිමත් අප තිදෙනෙක් සිටියදීත් ඒ කිසිත් නොතකා අපට නිග්රයහ කොට අපට තලා අසරණ මහලු ස්ත්රිසය විපත්තියෙන් මුදවා ගත් නමුත් ඒ සඳහා ශතයක්වත් නොගෙණ යුතුකම් කළ වික්රීමසිංහ මුදලිඳු ගැන සිතා බලන විට උන්නැහේ ගේ අතිජාත පුත්රකයෙක් කවදාවත් අයුත්තකට - අධර්මයකට යටහත් වේයයි මම නොසිතමි” යි කීයේය. මේ කථා ප්රාවෘත්තිය ඒකනායක මහතාත් එම නෝනා මහතාත් පෙරේරා පාදිලි තානත් පුදුමයෙන් අසා සිට සිතේ මනාපයක් නැතිව නමුත් ශ්රී පරාක්රමමසිංහ බැරිස්ටර් තුමාට ස්තුති කළහ. බැරිස්ටර් තුමාද ඔවුන්ට සුභ ප්රාතර්ථනාකොට - තව වරක් සරත් කුමාර වික්රිමසිංහගේ හිස අත ගා යන්ට ගියේය.


03. පරිච්ඡේදය[සංස්කරණය]

ශ්රීර පරාක්රතමසිංහ මහතා හදිසියෙන්ම පැමිණීම නිසා සරත්ට වගපලත් කියා පාදිලි තැන ඉදිරිපිටදී ස්වකීය දියනියගේ මගුල් පලහිලව්ව තීන්දුකරගන්ට බලාපොරොත්තු වූ ඒකනායක මහතා සම්පුර්ණයෙන් වෙනස්වී කිසිවක් කතා කරගත නොහැකි ගොළුවෙක් මෙන් වූයේය. පෙරේරා පාදිලි උන්නැහේත් ටිකක් වේලා නිශ්ශබ්දව කල්පනා කරමින් සිට ඒකනායක මහතා ගිලින්ටවත් - වමාරන්ටවත් බැරි ඇමක් ඩැහැගත් බව තේරුම් ගෙණ “හොඳයි - ඒකනායක මහතානනි. මේ සරත් කුමාර මහතා සම්බන්ධ කාරණය වෙනින් දවසක කතාකරමු - දැන් හොඳටම හවස්වූ බැවින් මම යන්නෙම් - ආයුබෝවන්! කියා එහි සිටි කාටත් ආචාර කොට යන්ට ගියේය.

ශ්රීා පරාක්රේමසිංහ මහතා ස්වකීය පියාණන් පිළිබඳව කරණ ලද අකුටිලවූ ප්රීශංසාවෙන් ප්රඑමුදිතවූ සරත් කුමාර වික්රළමසිංහ මහතා උනස්නෙන් නැගිට තමාගේ කාමරයට ගියේය. සිංහයන්ගේ තේජවන්ත ගමනාදී ඉරියව් දැක උදාසීන වන කැනහිල් දෙනක් මෙන් ඒකනායක ළමාතැනීද උනස්නෙන් නැගිට යන්ට ගියා ය. පුරාණ කාලයේ දන් උදියා නමැති මිනිහෙක් ගල්ගැහුනාත් මෙන් ගල්ගැහී ඉන්නා ඒකනායක මහතා ළඟට බොළඳ සිනහවෙන් බබලන මුහුණෙන් යුත් ඩොරොති අවුත් “මොකද පප්පා. ඔයහැටි කල්පනා කරන්නේ ? අර දැන් ඇවිත් ගිය “ටොප්හැට්කාර’ නාකියා අතඇරපු බොරුබේගල් විශිවාස කරලා පප්පා ඒ ගැන කල්පනාවේ වැටිලාදැ”යි ඇසීය. ශ්රීබ පරාක්රාමසිංහ මහතා සත්යාය කථා කරණ තමාගේම උවත් වරද කියන - වරද පිළිගන්නා නිර්භීත මහතෙක් බව දන්නා ඒකනායක මහතාට ස්වකීය දියනිය කළ නින්දාව තවත් හිතට අමාරුවක් වීමෙන් තිබුනු සිහියත් විකෟති වූවාක් මෙන් මෙසේ කියන්ට පටන් ගත්තේය. “ඩොරොති, උඹලාට අන්තරාය කරණ ලද්දේ අප විසින්මයි. ස්වභාව ධර්මයට විරුද්ධව වැඩ කළ විට පසුතැවිලි වන්ට සිද්ධවීම ඒකාන්තය. සිංහල දරුවන් සිංහල විධියටම මිස අනික් කොයි විධියකයවත් ඇතිදැඩි කළොත් ඒ සිංහල දරුවා කොයි විධියක දරුවෙක්වත් නොවී පුදුම - අද්භූත දරුවෙක් වෙන බව මට දැන් ප්රසත්යයක්ෂ වුනා ! දැන් මේවා තේරුම් ගන්ට පටන් ගත්තේ එකොළොස්වෙනි පැයේදීය. උඹ ගැනත් - උඹ වාගේ ඇති දැ‍ඩිවූ සිංහල ගැහැණු පිරිමි දරුවන් ගැනත් කල්පනා කරණ මිනිසුන්ට පිස්සු නොවැටේ යයි මම නො සිතමි. ඒ නිසා කරුණාකර උඹ මට ටිකක් විවේක දීපන්නැ”යි කීවේය. මේ කථාව කරණ ලද්දේ ඉංග්රීටසියෙන් නිසා “ඩොරොතිට” ‍ත් තේරී “පප්පා” සමග බලවත් ලෙස කිපී “මම්මා” ඉන්න පැත්තට ගොස් කනු කුනු ගාන්ට පටන් ගත්තීය. ඒකනායක මහතා රාත්රී් බත් වේලාව දක්වා තමා හිටි පුටුව පිට ඉඳගෙණම කල්පනා කළේය. අප්පු අවුත් කථාකළ පසු තද නින්දේ සිටි කෙනෙක් මෙන් නැගිට බත් කන්ට ගියේය. කෑම මේසයේ වෙනදා මෙන්ම ස්වකීය භාර්යාවත් - දුවත් - බෑනා වන සරත් කුමාරත් වාඩිවී ආහාර අනුභව කළහ. නමුත් වෙනදා මෙන් කිසිවෙක් ඔවුනෙවුන් සමග කතාබහක් හෝ සිනහවක් නොමැතිව සතුරු පිරිසක් එක්ව සිටියාක් මෙන් ඔවුනොවුන් කෙරේ අප්රිසන්න භාවයක් ඇඟවූහ. ආහාර අනුභවයෙන් පසු ඒකනායක මහතා සරත් කුමාරට කථාකොට “සරත්, උඹ සමග ඉතා වැදගත් කාරණයක් ගැන කථාකොට තීන්දු


කරගන්ට සිටි නමුත් ශ්රී පරාක්ර මසිංහ බැරිස්ටර් තුමා පැමිණීමෙන් ඒ නොහැකි විය. දැන් ඒ ගැන කථාකරමුදැ”යි ඇසීය. බලවත් කල්පනාවෙන් මැඩී ගිය සිත් ඇති සරත් ද “ඔව්, මාමාට කැමති කාරණයක් කථා කරණවාට මගේ කිසි අකැමැත්තක් නැත. එසේද උවත් මාමා කරන්ට අදහස් කර තිබෙන කථාව ඕනෑවට වඩා ඉක්මණින් කරණ එකක් බව මට වැටහුනාය”යි කීය. ඔව් - සරත්, ඒක නම් හැබැයි - නමුත් අපේ ළමයා - ඩොරොති එක් විධියක ආරක්ෂාවේ තැබීමටත් - ඇගේ සමහර මෝඩ අදහස් නැතිකොට ගුණවත් කෙනෙක් කරණ පිණිසත් සුදුස්සක් කිරීම ඉතාමත් ඉක්මන් බව අද මට වැටහුනා. උඹ ඉගෙණීමට යුරෝපයටත් යන්ට ඕනෑ. අපේ දේපල සියල්ලක් සුදුසු අන්දමට ලියා තැන්පත් කරන්ට උවමනා නිසා උඹ උඹේ නෑනා කසාද බඳින්ට ඕනෑමයි. උඹ ඉගෙනගෙන ආවාට පසු අඹුසැමියන් වශයෙන් කල් ගතකරන්ට පුළුවන. එසේ කරණතුරු මගේ හිතට කිසිම සැනසිල්ලක් නැතැ”යි කීයේය. “මාමා මට සමාවෙන්ට - මට අවුරුදු දහයකට දොළහකට පසු වැළ‍ඳෙන්නේ අසවල් ලෙඩේය කියා නො දැන අසවල් බෙහෙත සුදුසු යයි වෛද්යාළචාරියෙකුට සිතන්ට වත් බැරිය. මම වැඩි වයසට පැමිණ කසාදයකි බඳින්ට උවමනා උනොත් ඒ වකවානු‍ෙව්දී ඒ ගැන මාමාට කියන්නෙමි. කසාද බඳින්ටම ඕනෑ යයි කියා උපන් කෙනෙක් ඇත කියා මම නො සිතමි. හොඳයි, යම් විධියකින් සුදුසු කාලය වන විට මට අසාධ්යට රෝගයක් හැදුනොත් නැත්නම් මා විවාහ වීමට අයොග්යන කෙනෙක් වුවොත් - මාමාගේ දුවනියට මහත් කරදරයක් දුකක් අත්වෙන්නේ නැද්ද? කසාද බඳින්ට ඕනෑ ඒ ඇතුළත් වන දෙදෙනාටම අවශ්යරයෙන් එසේ සම්බන්ධ වීමට උවමනා කාලයක ඒ දෙදෙනාගේ බලවත් කැමැත්තෙන් මයි. දෙමව්පියන්ගේම කැමැත්තේ හැටියට එසේ කිරීම බෝනික්කන්ගේ මගුල් වැනි ලපටි ක්රිකයාවකි. මාම මට කුමක් කළත් මගේ වයස අවුරුදු 25කට වැඩිවන තුරා කසාද බැන්දත් ඒ අවිශ්වාසය එසේමයි. ඒ නිසා මේ කත‍ාව මේ තරමින් යටහත් කර දැම්මොත් වඩාත් හොඳය”යි කීයේය. “ඔව් - උඹ තර්ක බිඳහෙලා උත්තර කියන්ට මට පිළිවන් කමක් නැහැ. එහෙනම් මට සෑහෙන වෙනින් කෙනෙක් සොයා මම ඩොරොතිව ඔහුට කසාද බඳවා දෙන්නෙමි. ඉතින් උඹේ කටයුතු මම කරන්නෙමි.

මාමාටත් මා සම්බන්ධව යම්කිසි කටයුත්තක් ඇත කියා මම සිතමි. එසේ තිබෙනවාදැ”යි ඇසුයේය. “උඹේ මෑණියන් ජීවත්ව සිටිද්දී උඹලාට අයිති දේපල ටික මා නමට ලියා දුන්නේ මගෙන් පොරොන්දුවක් අරගෙණය. ඒ පොරොන්දුව නම් “සරත් කුමාරට ඩොරොතිව කසාද බඳවා දී උඹලාගේ දේපලත් - මා සන්තක සියල්ලත් ඔහුට ලියා දෙන්ටත් - යම් විධියකින් ඔහු ඩොරොති හා විවාහ නොවෙ‍තොත් ඒ දේපල මට කැමැත්තක් කරගන්වත්ය” - ඉතින් මගේ නංගිත් සමග කරගත් පොරොන්දුව මම ඉෂ්ට කරන්නෙමි” යි කීයේය. මාමාගේ තක්කඩි කථාව ගැන පුදුමයට පත් සරත් මඳක් සිනහ වෙමින් අපේ මෑණියන්ගේ මිම්මෙන් මාමාව මැණ තිබේ. ඉතින් මිම්ම කොටවීමෙන් දැන් කාරණය වැරදුනු බව හැගේ. ඒකට කාරණයක් නැත. මාමාට සතුටක් කරන්ට”යි කියා තමා ඉන්න ස්තෝප්පුවේ කාමරයට ගොස් නිදාගන්ට සැරසුනේය. සරත් කුමාරලාගේ ඇතිකර ගත් සහෝදර අමරසේන සිනාසෙමින් “නරින්ට බොක්ක සෝදන්ට දී නැවත එය ලබාගන්ට බලාපොරොත්තුවීම පුදුමයක් ලෙස මට නොපෙණේ. හාමු මහත්මයාට දැන් කුමක් සිද්ධවේය කියා හිතන්නෙහිද? දැන් වැරැදි දෙකකින් එකක් කරන්ටම සිද්ධවී තිබේ. එනම් - එක්කෝ ඩොරොති නෝනා කසාද බැඳගන්ට ඕනෑ - නැතිනම් බූදලේ නැතිවෙනවා. ඉතින් මේ වැරදි දෙකෙන් පිළිගන්ට කැමති කෝකදැ”යි සිනාසෙමින් ඇසුයේය. තමාගේ ඉතා හිතෛෂි අවංක සහෝදරයෙක් වැනි වූ අමරසේන විසින් කවට වශයෙන් කී කාරණය එසේ කවට එකක් නොව ඉතා භාරදූර එකක් බව සිතමින් සිටි සරත් කුමාර මෙසේ කීයේය. “ඔව් - අමරසේන, එක්කෝ උරචක්රමමාලයක් කරලා ගන්ට වේ - නැතහොත් තුට්ටුවක් වත් නැතුව මඟට බහින්ට වේ. මේ වරදි දෙකෙන් එකක් කරගැණීමට සිද්ධවී තිබේ. නමුත් දැන්ම ම අප ඒ ගැන කල්පනා කළොත් අපේ සිත්හි වෛරයක්ද අටගත හැක. යමෙක් කළ වරදට අපත් වැරැද්දක් කළොත් ඒ වෛරය ආරම්භ කිරීමකි. අනේ අමරසේන, වස්තුවක් නිසා තබා ප්රා්ණය නිසාවත් ක‍ාවත් කෙරේ වෛරයක් ඉපදවීමට මම කැමති නො වෙමි. පුරාණ කාලයේ ගම දියනියක් සමග කිකිළියක් ඇති කරගත් වයිරය කොපමණ කල් පැවතීද කෙතරම් දුක්ඛ දායක වී දැයි උඹ ඇසුවේදැ’යි සරත් කුමාර මහතා ප්රීශ්න කෙළේය. අමරසේන ඒ නොදත් නිසා - කියන්ට ආරාධනා කළ බැවින් සිංහල කාව්යශයට නගන ලද පැරණි කථාව මෙසේ කීයේය.

ඉ සු රෙ න් ඉඳුරු පුරවර දිනු සැවැත් පු ර අ ස ලි න් සුසැදි පඬුපුර නම් ගමෙක පෙ ර පි ට ති න් පැමිණි වැද්දෙක් ඒ ගම ගෙද ර කෙ ලෙ සන් මුත් නව‍ාතැන් ගෙන රැයක් තැ ර

රා සි ය කැසුබු බිජු ඒ වැදි අත තිබු න දා සි ය ලවා පිසවා කන සඳ සොරෙ න ඒ සි ය ලුම රහස දුටු ‍කතෙකුට තරු ණ ඈ ස ය නට නොදන්වා ඉන් එකක් දු න

ග ම දුව තරුණ රහසින් එ බිජුව කමි නි නි ම නැති ගෙසින් සතුටුව රසෙහි බැ‍ඳෙමි නි එ ම බිජු මිසක අන් අහරක් රිසි නොව නි ත ම මවහට පැවසූ තොරතුරු තතු ලෙසි නි

පෙ ම ව ත් දිනිති දියනිය නළවන පිණි ස ගෙ ණ වු ත් කිකිළි බිජු පිස දුනි පසු දව ස බ ල ව ත් ලෙස ඇලී බිජුවට එම දිගැ ස ත ම වෙ ත් කිකිළියෙකු ගෙන්වා ගති විග ස

එ තැ න් සිට කිකිළි බිජු ලුව කල එක ත ල ඟි න් ඉඳම කයි පිළිකුල් නොකර සි ත ඇ සි න් තම එබව දකිනා කිකිළි සි ත ත‍ දෙ න් වයිර ඇතිවිය කෙරෙහි ගම ක ත

ත ම පැ ට වු න් කන ගම කතට වෙර බැ ඳ ටි ක දි න කි න් මිය ගොස් කිකිළිය දුහ ද පි ළි සි ඳ මි න් බැළලිය කුස එගෙයි සො ඳ නි සි වි ල සි න් වැඩිලා එහි සිටින ස ඳ

ග ම තරුණිය මැරිලා කළ පව් විල ස එ ම ගෙදරම කිකිළිය වි උපනි ය ස සැ ම වරෙහිම ඈ ලන බිජු බැළලි රො ස අ ම ලෙස සැණෙන් කයි ඉඳ කිකිළි අබිය ස


තෙ ව ර ක් තමන් බිජු කන බව දුටු කිකි ළි ඉ ව ර ක් නොවන වෙර බැඳගෙණ වෙත බැළ ලී ක ව ර ක් කරමි සිතමින් ඉඳ දුකින් බ ලි ස ස ර ක් අහෝ! දික් කළ හැටි! බල නොමැ ලී

කි කි ළී මිය ගොසින් දිවිදෙන වී උප නී බැ ළ ලී මැරී එ වනෙහි මුවදෙනක් වූ නී එ ක ලී එ මුවදෙන වැදූ දරුද සමගි නී නොමැ ලි ටික දිනෙන් දිවිදෙන කෑ තුටි නී

මෙ ලෙ සි න් දෙදෙන සසරෙහි පන්සියක් ව ර ති රි ස න් අපායේ ඉපදී දුකැති ත ර උ නු නු න් සපා කා දරුවන් සහ අද ර නො ම දි න් දුක් ලදිය බැඳියෙන් සිතු ‍වයි ර

න ර ද ම් තිලෝගුරු සෑසි මුනි පව ර ස ද හ ම් අමාවෙන් සත සතපා නිත ර දෙ වු ර ම් වෙහෙර තුල බඹ වෙහෙරින් සත ර ම න ර ම් උතුම් මහ සඟ සහ වසන ව ර

වෙ ර බ න් දෙදෙනගෙන් එකියක් යකිනි වෙ ලා පි ණ කි න් අනිකි කුල ගෙදරන්හි ඉපදි ලා වැ‍ ඩෙ මි න් සරණ ගිය පසු එ ලද නිසි ක ලා ද රු ව න් වැදූ සඳ යකිනිය හට දැනි ලා

පෙම ව ත් දිනිති බලමින් සිටින අතර ම ගු ණ නැ ත් රුදු යකින් බිළිඳා කයි වහ ම වැ දු ස ත් වරක් පෙම යුත් දරු සත්දෙන ම බ ල ව ත් යකිනි කෑවයි දුක් දී මෙහෙ ම

මෙ පු ව ත් පතළ වී මුළු රට දන අත ර එ ම හ ත් කැළඹුමක් ඇතිවිය සිරිත් යු ර දි ය නෙ ත් තිලෝගුරු අප මුනි සඳ සත ර ම හ මෙ ත් පතුරුවා එ දෙදෙන වෙත එව ර


කැඳ වා වෙතට යකිනිත් ගැහැණියත් සෙ ද වි ඳ වා එන මහත් දුක සසර වෙර බැ ඳ න ඳ වා බසින් හෙලිකොට දම් දෙසා සො ඳ මු ද වා හළසේක උන් වයිර මුල් සි ඳ

ව යි රෙ න් වයිරයක් නොම සංසි ‍ඳේ ම ය කු ළු ණෙන් වයිර නැති වෙන්නට යෙ දේ ම ය එ බැ වි න් ගුණැති සුදනෙනි සියලු දේ ම ය නු ව ණි න් සිතා කළහොත් වැඩ සැ දේ ම ය

ටිකක් ශබ්ද නගා කියන ලද මේ කවි පංක්තිය ඒකනායක මහතා අසාගෙණ සිටි නමුත් ඔහුට හරිහැටි තේරුම් ගත නොහැකි විය. අමරසේනට කව් පංක්තිය හොඳින් තේරුම් ගිය බැවින් සරත් කුමාර මහතාගේ බූදලය නැතිව ගියත් ස්වකීය මාමා වන ඒකනායක මහතා සමග වෛරයක් නොබඳිනා බැව් වැටහුනු බැවින් මහත් සතුටට පැමිණ සුවසේ නිදා ගත්තේය. පසුදින උදේම සිරිත් ප්රැකාර සරත් කුමාර මහතා පාඨශාලාවට ගියේය. සවස් භාගයේ ඔහු ගෙදර ආ හැටියේම ඒකනායක මහතාත් - පෙරේරා පාදිලි තැනත් ඔහුට කථාකොට තමන්ගේ කැමැත්ත දැන් කොහොමදැයි ඇසුවෝය. ඒ සම්බන්ධ පෙරේරා පාදිලි උන්නැහේත් - සරත් කුමාරත් අතර සිද්ධ වූ කථාව ප්රබයෝජන හෙයින් මෙහි යොදනු ලැබේ.

පෙරේරා දේවගැති - සරත් කුමාර මහත්මයා මුරණ්ඩු වෙන්ට එපා. දැන් මව්පියන් වෙනුවටත් - මාමා වෙනුවෙටත් ඉන්නේ මේ මාමා පමණකි. උන්නැහේගේ හිත අසතුටු නොවන්ට ක්රිායා කිරීම මහත්මා වැනි ලපටි ළමයකුගේ යුතුකමකි.

සරත් - දේවගැති මහතාට ඒ කීමට ස්තුති කරමි. නමුත් මාමාට හෝ වෙන මනුෂ්යමයෙකුට තබා දෙවියෙකුටවත් යමෙකුට පැමිණෙන දුක් සැප ආදිය වලක්වන්ට හෝ වෙනස් කරන්ට බැරිය. ඒ සියල්ල තමා විසින්ම කරගත යුත්තකි. සත්වයන්ට සියල්ලම සිද්ධ‍වන්නේ එක්තරා ධර්මතාවයක් අනුවමයි. ඒ ධර්මතාවය වෙනස් කිරීමට මව්පියන්ට හෝ අන්යව කිසිම ඤාතිවරයෙකුටත් නොහැක. ඒ ඒ පුද්ගලයන් විසින්ම වීය්ය්ව ් ප්රිඥා දෙක යොදා ක්රි්යා කළොත් සමහර විට මඳක් වෙනස් කරගත හැක. ඥාති මිත්රා දීන්ගේ උපකාර බලාපොරොත්තු නොවන මට. සිද්ධවිය යුත්තක් වේවා!


පෙ: දේ - මහත්මයා ඉංග්රීගසි භාෂා ශාස්ත්ර් ඉගෙණගත් කෙනෙකුත් වෙලා “ඉරනමට” යම් යම් දේ සිද්ධවෙනවයි කීම පුදුමයි!

සරත් - මම එහෙම විශ්වාස කරන්නෙක් නොවෙමි. නමුත් “ඉරනම” ලෙස යම් යම් දේ සිද්ධවෙත් යයි කියා ඇතැමි කෙනෙක් කරණ විශ්වාසයටත් වඩා දෙවිකෙනෙක් සියල්ලම ආණ්ඩු කරමින් ඒ ඒ මිනිසුන්ට දුක් සැප පමුණුවන බැව් කියන තමුන්නාන්සේලාගේ විශ්වාසය ඊට වඩා ඤාණවන්ත ද?

පෙ: දේ - ඔව්, ලොකු උගත්තු එය විශ්වාස කරති.

සරත් - කවුද ඒ උගත්තු! ඉංග්රීඤසි භාෂාවටත් - බයිබලයත් පමණක් උගත්තු ද?

පෙ: දේ - තවත් දේවල් දන්නා අය.

සරත් - එතකොට ඉංග්රී-සිත්. බයිබලයත්. ඉංග්‍රීසි නීතියත්. ඉංජිනේරු වැඩත්, යුද්ධ ශිල්පත් යනාදී කර්මාන්ත උගත්තු ද?

පෙ: දේ - ඔව්, උගත්තු එය විශ්වාස කරති.

සරත් - හොඳයි, ඔය කියන් මිනිසුන් අතර පාළි භාෂාව ආදී පෙරදිග භාෂා ශාස්ත්රර හා බුද්ධ ධර්මය උගත් අය සිටිද් ද?

පෙ: දේ - එහෙම එකක් මම නොදනිමි.

සරත් - හොඳයි, තමුන්නාන්සේ “සර්ව බලඛාරි සෑම තැනම ඉන්නා” දෙවියන් අදහන්නේ එක දවසක්වත් දුටුවෙහිද?

පෙ: දේ - එහෙනම් සරත් කුමාර බුද්ධාගම අදහන්නේ බුදුරජාණන් වහන්සේ දුටුවෙහිද?

සරත් - ඔව්, කදිම ප්රරශ්නයකි. දැන් මා ලඟ තොටගමුවේ සාමි, කාලිදාස, ෂේක්ස්පියර්, මිල්ටන් ආදී කිවියරයන්ගේ පොත් තිබේ. ඔවුන්ගෙන් කාවත් මම නුදුටිමි. නමුත් මට කිසිම සැකක් නැතිව මේ තරම් කවිත්වයෙහි සමත්ථි පණ්ඩිතයන් යයි ඔවුන් ගැන සලකන්ට බැරිද?

පෙ: දේ - සත්තකටම පුළුවනි.

සරත් - අන්න ඒ අන්දමින් බලා ඒ කාරණය තේරුම් ගත්විට බුදුරජාණන් වහන්සේ යන නමින් දතයුතු සියල්ල දැන වදාළ ලොකතුය ඉක්මවූ උත්තමයෙක් විසූ බව මට ප්රාත්යතක්ෂව පෙණේ.


පෙ: දේ - ඒ කොහොමද?

සරත් - බුද්ධ ධර්මය ඥානය මෙහෙයා ඉගෙණීමෙනි. “ මැතමැටික්ස්” කියන උසස් ගණිත ශාස්ත්රුය උගත් කෙනෙකුට ගැටලු සහිත යම්කිසි ගණනක් නිරාකරණයකොට එය සත්යය බව තේරුම් ගත හැක්කේ යම්සේද - බුද්ධ ධර්මය හොඳින් උගත් කෙනෙකුට ලෝක ස්වභාවයත් - මනුෂ්යා දි සත්වයන්ගේ ස්වභාවයත් හොඳින් දැනගත හැක්කේය. එසේ ඒ බව හොඳින් දැනගත් තැනැත්තාට ඒ ධර්මය දේශනා කළ උත්තමයා සියල්ල දැන ගත් නික්ලේශීවූ ලෝක ස්වභාවය ඉක්මවූ ‍මහොත්තමයා බව හොඳින් අවබෝධ වේ. මට මේ ආත්මයේදී දකින්ට බැරිවූ නමුත් ප්රවත්ය ක්ෂ වූ මේ ප්රනණීත වූ ධර්මය ඉගෙණීම නිසා බුදුරජාණන් වහන්සේ විසූ බව ඒකාන්ත සත්යූයක් විය. නමුත් දෙවියන් ගැනත් එහෙම කියන්ට පිළිවන්ද?

පෙ: දේ - හොඳයි, බුදුරජාණන් වහන්සේ සර්වඥ බවට මහත්මයාට වැටහුනු කරුණු එකක් දෙකක් කියන්ට.

සරත් - එබඳු උතුම් කාරණා එකක් දෙකක් නොව දෙතුන් සියයක් කියන්ට පිළිවනි. ඔන්න බලන්ට - ලෝකවල පටන් ගැන්මක්වත් කෙළවරක්වත් - ලෝකවල සංඛ්යා වක්වත් නැත යන සත්යකවූ කීම බුදු රජාණන් වහන්සේ ඇර වෙන කවරෙක් කීවේද? ලෝකවල පටන්ගැන්මක්වත් - කෙළවරක්වත් - සංඛ්යාපවක්වත් නැති බව අසර්වඥ වූ කාටවත් නොවැටහෙන හෙයින් ඒ ඒ කාලවල විසූ උගත් මිනිස්සු නොයෙක් මත ප්රෙකාශ කර තිබේ. දැන් ශාස්ත්රවය ඉතාමත් දියුණුවට පැමිණ තිබෙන බැවින් ඒ බුදුහාමුදුරුවන්ගේ ප්ර කාශය සත්යම බව අබෞද්ධ ශාස්ත්රුඥයන්ට පවා ප්රාත්යතක්ෂ වී තිබේ. සියල්ලම ඇතිවෙමින් නැතිවෙමින් පවත්නා විපරිනාම ධර්මයත් සදාකාලිනවූ කිසිම සංස්කාරයක් ලෝකයේ තිබිය නොහැකි බවත් බුදුරජාණන්වහන්සේම පමණක් දැන වදාළේය. වර්තමාන කාලයේ මහ ශාස්ත්රමවල හැටියෙනුත් ස්ථිරවූ නිත්යම වූ කිසිම සංස්කාර ධර්මයක් නැති බව දැන් ඔප්පුවී තිබේ. තමාගේ ගැලවුම්කාරයා තමාම බව උසස් ශාස්ත්රුයට අතිශයින්ම එකඟය. කිසිවකුට කිසිවතු ගල්වන්ට බැරිය. ඒ ඒ තැනැත්තාම ප්රතතිපත්ති පුරා දීර්ඝ කාලයක් උත්සාහ කොට භවයෙන් එතරවිය යුතුයයි


වදාළ බුද්ධ වචනය දැන් ප්රුත්යරක්ෂව තිබේ. අපේ පැවැත්ම සම්බන්ධ සුළු කරුණු වත් තමාගේම වීර්යෙන් මිස අන්ය‍යෙකුගේ ක්රි.යාවකින් සිද්ධ නොවන බව ඊට ප්ර ත්යේක්ෂවූ සාක්ෂියක්. කෙනෙකුගේ දිය පිපාසය හෝ ක්ෂුධාගින්නවත් තමාටම මිස ‍අන්යායෙකුට නැතිකර දමන්ට බැරි බව අපට පෙණේ. ඒ සුළු කරුණ එසේ නම් වැදගත් ලොකු කරුණු ගැන කියන්ටම උවමනා නැත. මනුෂ්යළයාගේ හිතෙහි හටගන්නා ලෝභ, ද්වේෂ, මෝහ යන පාප මුල් නිසාම දුක් පැමිණෙන බවත් ඒ දෙෂත්රෙය තුනීකළ තරමට මෙලොවදීම සැප ලැබෙන බවත් අපට අත්හදා බැලිය හැක. සත්වඝාතනය, සොරකම, පරදාර සේවනය, බොරුකීම, යනාදී පව් කරණ තැනැත්තා ඉතාමත් අපිරිසිදු අල්පෙශාක්යර ගතියෙන් යුත් දුක්ඛිත මනුෂ්යතයෙක් බව අප ඇස් ඉදිරිපිටම පෙණේ. ඒ අතර සතර විධිවූ දරුණු දුශ්චරිත කිරීමට පරමාධාරය වන සුරාපානය පාප ආකාරයක් බව දැන වදාළ එකම ශාස්තෲන් වහන්සේ අපේ බුදුරජාණන්වහන්සේ පමණකි. අහියා, අල්ලා මහමත්, ක්රිිස්තුස්‍, ක්රි,ස්ණා ආදී කිසිම ආගම් කර්තෘවරයෙක් සුරා පානය ලොවට අවැඩදායක බව දැනගෙන නැත. වර්තමාන කාලයේ පාඨශාලාවක අකුරු කියන කුඩා ළමයින් තරමටවත් සුරා පානයේ දරුණුකම ඔවුහු නොදැන වුන්හ. ඔහුද සුරාපානය කළ බව ඔවුන් සම්බන්ධ කථා ප්රඔවෘත්තිවල සඳහන් වේ. බුදුරජාණන් වහන්සේම පමණක් සුචරිත ක්රිුයා නිසා චිත්ත සුද්ධියක් - ඒ නිසාම වාක් සුද්ධියත් - ඒ නිසාම ක්රිරයා සුද්ධියත් - ඒ නැවත අනුලෝම වශයෙන් සත්වයාගේ උසස් භාවයත් සමග දියුණුවන හැටිත් පෙන්වා වදාළේය. දෙවියන් යකුන් ගස් ගල් පර්වතාදියට කරණ යාඥාව - අඥානයන්ගේ මුළා ක්රියයාවක් බැව් පෙන්වා වදාළ එකම උත්තමයා සියල්ල දැනගත් තථාගත සම්මා සම්බුදු රජාණන් වහන්සේ පමණකි. ආර්ය අෂ්ටාංගික මාර්ගය, සත්තිස් බොධිපාක්ෂික ධර්මය යන උතුම් ධර්ම මාර්ගයක් ප්රආකාශවන්නේ මේ එකම බුද්ධාගමේ පමණකි. බලවත් ග්රීකස්මයෙන් පෙළිපෙළී වුත් කෙනෙකුට සිහිල් පවණක් ලැබුනුකල සතුට ඇතිවන්නේ යම්සේද මේ උතුම් ආර්ය අෂ්ටාං ගික මාර්ගය පිළිපදින්ට පටන්ගත් ඥානය ඇති පුද්ගලයාට බලවත් සැනසිල්ලත් ප්රීගතියත් ඇතිවන්නේය.

ලෝකයේ තිබෙන තාක් වික්රචමවත් ක්රි්යාත් - ගුණවත් මෛත්රීි සහගත ක්රිමයාත් - තේජවන්ත උදාර ක්රිවයාත් සියල්ලම මනුෂ්යියන් විසින්ම කරණලද බවත් - දැනුත් මනුෂ්යකයන් විසින්ම කරණු ලබන බවත් ඉතිහාසයෙන් පෙණේ - අපේ ඇසටද පෙණේ. අපේ තථාගතයන් වහන්සේගේ ධර්මයේ උගන් වන සත්තිස් බොධිපාක්ෂික ධර්මය පුරුදු කරණ කෙනෙකුට ඇති වන බලවත් - ශක්තියත් - ගුණයත් අත්හදා බලන්ට පිළිවන් එකකි. තමාටම අත්හදා බැලිය හැකි - සත්ය ය වූ ධර්මයක් බුද්ධාගමේ මිස වෙන කිසිම ආගමක ඇත්තේ නැත. අඥාන කමින් - පණ බයෙන් අන්ධ භක්තියෙන්ම පමණක් ඇදහිය හැකි ක්රි ස්තියානි ආදී පහත් දෘෂ්ටියක් අප වැන්නන්ටත් අදහිය හැකිදැ”යි සරත් කියන කොටම පෙරේරා පාදිලි තැනට වැඩිදුරට කිසිත් කථා කරන්ට ඉඩක් නැති නිසාත් - සරත් කුමාර වික්රසමසිංහ මහතා කෙරේ බලවත් ලෙස අප්රසසන්නවූ නිසාත් පෙරේරා පාදිලි තැන උනස්නෙන් නැගිට ඇතුල් සාලයට ගොස් ඒකනායක මහතා හා එම නෝනාත් ඉදිරිපිට තිබුනු පුටුව උඩ වාඩිවී “රාළහාමි, මේ සරත් කුමාර වික්රටමසිංහ නමැති තමුන්නාන්සේලාගේ බෑනා හොඳටම නරක් වෙලාය. ඔහු පාළී, සංස්කෘත ආදී ගැඹුරු භාෂා සාස්ත්රස උගත් කෙනෙකි. ඔහු ක්රිඔස්තියානියට හරවා ගැණීම තබා ක්රිාස්තියානි ස්ත්රි්යක් සමග විවාහ කරවීමක් කවදාවත් කළ නොහැකි වැඩකි. ඔහුට ඩොරොති නෝනා පාවාදීමට බලා පොරොත්තුවීම නිෂ්ඵල ක්රිියාවකි. ඒ නිසා ඔහු මෙතනින් ඉවත් කර දමන්ට අපේ පෙරේරා මුදලි තුමාගේ පුතාට මම ඩොරොති ජෝඩු කරන්නෙමි” යි කීය. එවිට මහත් ප්රීකත්යට පත් ඒකනායක ලමාතැනී “ඔය කියන්නේ ජැක්සන්දැ”යි ඇසීය. ඔව් එයා තමයි” කීවාම ඒ වචනය ඇසුනු ඩොරොතිගේ ඉහෙන් මලක් පිපුනාක් මෙන් විය. ඒකනායක මහතාද සතුටුව දේවගැති තැනට එදා රෑම ඒ සම්පන්ධව කථා කරන්ටය කියා පිටත්කර යවා කොටයෙක් මෙන් කිපී සිටි ඔහු සරත් සිටි කාමරයට ගියේය.


04. පරිච්ඡේදය[සංස්කරණය]

සරත් කුමාර වික්රචමසිංහ ‍ඒ වේලාවේ පත්රියක් බලමින් මේසය ලඟ පුටුවේ වාඩිවී සිටියේය. ඔහුගේ සහෝදරයෙක් වැනි අමරසේනද ස්තෝප්පුවේ සිටියේය. ඒකනායක මහතා තමාගේ තලතුනා ගතියවත් තමා සරත් කෙරෙහි පැවැත්වියයුතු මෛත්රීඒ කරුණාදී ගුණයවත් ගැන නොසලකා ඒ කාමරයේ තිබුනු පුටුවක් පිට වාඩිගෙන “සරත්, උඹ ඔයතරම් හිතුවක්කාර පැහිච්ච මිනිහෙක් බව කලින් දැනගත්තා නම් අපේ ගෙදරටවත් වැද්ද නොගනිමි. දැන් උඹ අපේ ගෙදර පැයක් වත් ඉන්නවාට මම කැමති නැත. උඹ ඕනෑවට වඩා බණ ඉගෙණගෙන අපේ පාදිලි මහත්මයාගේ හිත සතුටු කරණවා වෙනුවට එතුමාගේ හිතත් අපේ හිත් මෙන් කලකිරවා තිබේ. දැන් ඉතින් උඹ අපේ ගෙදරින් ඉවත්ව උඹට පිළිවන් තැනක් බලාගත යුතුය. උඹේ මව් මට පවරා තිබෙන දේපල උඹට අවුරුදු 21 පැමිණියාම දෙන්ට බලන්නෙමි. මගේ දුව - ඩොරොති කෙරෙහි බොහොම අප්ර්සන්න ගතියක් ඇති උඹ මේ ගෙදර ඉඳීම උඹටත් - ඒ ළමයාටත් - අපටත් අන්තරායක්ය”යි කීය. මේ අශික්ෂිත කථාවට මඳකුත් නොකිපුනු - කල නොකිරුණු අධෛර්ය නූනූ සරත් කුමාර වික්රයමසිංහ මහතා උනස්නෙන් නැගිට. “දැන් මාමා මට කියන්නේ මේ රෑම කොහොවත් යන්ටද - නැතහොත් උදේ යන්ටද?” යි සංවේගදායක ලෙස ඇසීය. සරත් කියන්නේ කුමක් දැයි ඉතා ඕනෑ කමින් බලාපොරොත්තුව සිටි ඒකනායක ළමාතැනී මේ වචනයෙන් බලවත් කෝපයට පැමිණ “ උඹ තරම් නැහැදිච්ච අහංකාර මිනිහෙකු අපි දැක්කේ නැත. හොඳයි, උඹ හපනෙක් නම් දැන්මම පිටවී පලයන්නැ”යි කීය. සරත් කුමාර විකුමසිංහ නැමැති භය සන්ත්රාමසාදී කිසිවක් නොදත් උතුම් සිංහල දරුවා නැගිට ස්වකීය ඇඳුම් ඇඳගෙණ “අමරසේන, රික්ෂෝ රථයක් රැගෙණ අවුත් මගේ මේ පොත් පෙට්ටියත් - ඇඳුම් පෙට්ටියත් තබාපන්ය”යි කීයේය. ඉතාමත් සුවච කීකරුවූ ‍ අමරසේන පාරට ගොස් රික්ෂෝ රථයක් ගෙණවුත් පොත් පෙට්ටියත් - ඇඳුම් පෙට්ටියත් එහි තබාගෙණ වත්තේ තාප්පෙන් එලියට අවුත් නැවතුනේය. මේ යන්නේ කොයිබට දැයි නොදත් අමරසේන එසේ පාර අද්දර සිටිනවිට සරත් කුමාර මහතාද මාමාට හා නැන්දාටත් ආචාරකොට මහපාරට ආවේය. එවේලාව රාත්රීක අටහමාරට පමණ විය. වහින්නට මෙන් අවකාශය බරව පැවැත්තේය. දුර්වලවූ චන්ද්රටයා වරින් වර වලාකුල් අතරෙන්

පෙණෙතත් නිරවුල් සතුටු දායක රාත්රි යක් නොවීය. තමා‍ගේ හිත කිසිවකදීත් කලනොකිරවා ගැනීමට තරම් ශක්තියක් මේ තරුණ වික්ර්මසිංහ තුළ පැවැත්තේය. ස්වකීය මෑණියන් විසින් ඉතා කුඩා කාලයේදී පුරුදු කළා - වූ අවුරුදු 5 හේ පටන් අවුරුදු 20ක් වයස් වන මේ කාලය අතරතුර එක රැයක් හෝ එක උදයක් අත නෑර සජ්ඣායනා කළ මහා මඞගල සූත්රඩයේ සඳහන්වන කරුණු තිස්අට සිහිපත්වූ බැවින් තමන්ට පැමිණි විපත නිසා මඳකුත් වඤ්වල භාවයක් හෝ බියක් ඇතිනොවූ සරත් කුමාර වික්රණමසිංහ තමා ඉගෙණ ගන්නා ශාස්ත්රහ ශාලාවේ ආචාර්යවරයෙක්වූ තමාගේ හිතෛෂි මිත්ර යෙක් වන අමරසේකර මහතා නැවතී ඉන්නා තැනට පොත් හා ඇඳුම් රැගෙණ යන්ට යයි අමරසේනට නියම කළේය. එවෙල‍ාවේ තමා අතේ කිසිම මුදලක් නැති බැවින් ස්වකීය සහෝදර අමරසේනටත් - තමාටත් යාමට රික්ෂෝ රථ නොගෙණ පොත් ආදිය පමණක් ර‍ි‍ක්‍ෂෝ රථයේ තබාගෙන අමරසේනට පයින්ම යන්ට කීයේය. අමරසේනත් එසේම කළේය. ඔහු රික්ෂෝ රථයක් සමග ඉක්මණින් යන්ට ගියේය. සරත් කුමාර වික්ර.මසිංහ මහතා කල්පනා කරමින් ඉතාමත් හෙමින් සැරේ බස්නාහිර පැත්තෙන් තිබෙන පාරට බැස එතනින් ටිකක් දුර ගොස් ඉක්බිති කුඩා වීථියකට බැස එහි දකුණු පැත්තෙන් යනවිට සරත්ට පැමිණි විපත ගැන‍ ශෝකයට පත් රාත්රි් නැමැති කාන්තාව කඳුළු වගුරුවන්ට ප‍ටන් ගත්තාක් මෙන් තදබල වැස්සක් වසින්ට පටන්ගත්තේය. තමා ගමන් කරමින් සිටි පාර ලොකු මන්දිරවලින් යුත් වීථියක් නොව කුඩා ගෙවලින් හා යුරෝපීය වෙළඳුන්ගේ බඩු ගබඩා වලින් යුත් එකකි. ගෙවල් බලබලා මහ පාරේ තෙමෙමින් ගමන් කිරීම මුඪ ක්රි යාවකැයි සිතූ සරත් පාර අයිනේ තිබුනු කුඩා ගේක අගුවට ගොඩනැගී ගත්තේය. ඒකාබද්ධ ගෙවල් පෙළේ තමා සිටි ගෙයින් තුන්වෙනි ගෙදර මිහිරි හඬක් පවත්නා බව ඇසී අගුව දිගේම අවුත් ඒ ශබ්දය ඇසෙන ගෙයි දොරකඩ ලඟට පැමිණ බැලුවේය. එම ගේ කුඩා එකක් වුවත් අලඞකාර වටිනා දැව භාණ්ඩ කීපයක් ඇති අලඞකාර විශාල ප්රකදීපයක් දැල්වූ කදිම ගේ පුන්චක් බව පෙනුනේය. එම ගෙයි මැද සාලේ දැල්වෙමින් එල්ලා තිබුනු ප්රේදීපය යටින් ත්රයබූ සේවත වස්ත්ර්යක් අතුරණලද ලක්ෂදණ මේසය ලඟ පුටු දෙකක් උඩ වාඩිගත් මධ්ය ම වයසේ ස්ත්රිතයකුත් -අවුරුදු 15ක් පමණ වයස්ගත ගැහැණු ළමයෙකුත් මිහිරි ගාථා පඞක්තියක් කියවමින් සිටින බව පෙණෙනු සරත් තවත් ඕනෑ කමින් ගේ තුළ එබී බැලුවේය. සරත් පළමු වරත් - දෙවෙනි වරත්


එබී බලන බව දුටු ඒ ගෙදර කටයුතු කරණ කුඩා ළමයා ඒ ගෙයි ස්තෝප්පුවේ සිට දුවගෙණ ගොස් අර ගාථා කියමින් සිටි කුල ස්ත්රිෙයට, “අන්න නෝනා මහත්මයා, අපේ දොරකොඩ මහත්මයෙක් ඉන්නවා - යුරෝපීය විධියට ඇඳපු මහත්මයෙක් - නෝනලා ගාථා කියනවා අසා එබි එබී බලනවාය”යි කීවේය. එවිට ඒ මධ්යගම වයසේ ස්ත්රි ය වන මල්ලිකා හාමිනේ නැගිට එලියට අවුත් ඒ කවුදැයි බැලුවාය. නොනවත්වා වසින වැස්ස නිසා යාගත නොහැකිව වුන් සරත් දෙස බැලූ ඒ කුල ස්ත්රිේයට පාරත් - ගෙයි අගුවත් මඳක් අන්ධකාර බැවින් සිංහලයෙක්ද - ලංසියෙක්ද යන වගවත් තේරුම්ගත නොහැකිම “ එන්ට මහත්මයා, වැස්ස පායන තුරා මෙහි වාඩිවී සිට යන්ටය” යි කීවාය.

මෘදු වචනයෙන් කළ ආමන්ත්ර්ණය නිසාත් - අන්ය” ගෙදරක නොමැති මියුරු ගාථා සජඣායනය ඇසුනු නිසාත් සතුටට පත් සරත් දෙවරක් කථාකරණ තුරු නොයිඳ මල්ලිකා හාමිනේලාගේ ලක්ෂණ කුඩා ගෘහය ඇතුළට ගියේය. පහන් ආලෝකය තදින් පැතිරෙන පෙදෙසට යන්ටත් ප්ර්ථම මල්ලිකා හාමිනේ සරත් කුමාර මහතා ඇඳින. “අනේ පුන්චි හාමු. මේ අනියම් වේලේ වැස්සේ කොයිබ යනවාද. මොකද මේ තනියම ඇවිදින්නේ?” කියා සරත්ගේ හිස බදා සිඹ ඔවුහු පොත් කියවමින් සිටි මේසේ අසල පුටුවේ වාඩිකරවා ගත්තේය. සරත්ට මේ ගෞරවයත් - අඳිනීමත් පුදුමයක් මෙන් විය. සරත් ඉතා මෘදු ලීලා‍වකින් ස්වකීය මෑණියන් හා සමාන වයසැති මල්ලිකා හාමිනේ දෙස බලා “මා අඳුනන්නෙහිද?”යි ඇසීය. සතුටු කඳුලෙන් පිරුණු ඇස් ඇති මල්ලිකා හාමිනේ - “පුංචි හාමු. මගේ අයියාගේ පුතනු‍වෝය - මා අපේ පවුලෙන් ඉවත් කරණු ලැබූ හෙයින් පියාණන් ඉන්නා කාලේ ගියා ආවා මතක නැත. නමුත් පුංචි හාමුගේ මෑණියන් මා සමග කථා බස් නොකල සතියක් ඇත්තේ නැත. අප සමග ඉතාමත් වෛරවූ - සිංහල ගතිය ඉක්මවා ක්රිේයා කරණ ඒකනායක මහතාත් - ලමාතැනීත් ලඟ ඉන්නා නිසා අප දැන කියාගන්ට වත් - පුංචි හාමු සමග කථා බහක් කරගන්ට වත් ලැබුනේ නැත. ඉතින් පුතා. මේ රාත්රිහයේ තනියම කුමට ඇවිදිනවාදැ?”යි කියා සරත්ට මුහුණ සෝදා ගන්ට වතුර භාජනයක් දෙවා ඔහු එසේ කරගත් පසු ප්රනණීත ලෙස පිළියෙලකර තිබුනු භෝජන අනුභව කරන්ට කැඳවීය. තමන්ගේ නැන්දා කෙනෙක් ඉන්නා බව වත් මීට ප්රකථමයෙන් නොඇසූ සරත් “එක නැන්දා කෙනෙකුන් නැතිවෙන කොටම වෙනින් නැන්දා කෙනෙක් සම්භවීම අද්භූත සිද්ධියකැ”යි සිතමින් මල්ලිකා හාමිනේත් -ඇගේ කුඩා දියණිය වන සුජාතාත් සමග


එකට ආහාර අනුභව කළේය. ඔවුහු ආහාර අනුභව කළ පසු මල්ලිකා හාමිනේ ස්වකීය දියණියන්ට කථාකොට “සුජාතා, මේ උඹේ මාමා වන විනක්රවමසිංහ මුදලි තුමාගේ පුත්රථයායි. මා නැතිව ගිය හෝ නුඹේ පියා එහෙම පිටින්ම උඹව මතක නැතිකර දැමුවොත් ඉන්පසු උඹේ පැවැත්මට උඹේ මස්සිනාගෙන්ද පිහි‍ටාධාර ලබා ගත යුතුය”යි කියා ඔවුනොවුන් අඳුන්වා දුන්නාය. “අම්මේ, එහෙනම් අපේ ගෙදර අද රෑට නවතින්ට යයි මස්සිනාට කියන්ඩ - එතකොට අපට හොඳින් කථාබස්කර දැන ඇඳින ගත හැකිය”යි මව් සමග හෙමින් කියන මධුර සුරතල් හඬ ඇසූ සරත්ගේ හිත වෙඬරු මෙන් දියව ගියේ ය. සුජාතාගේ දිගු පුළුල් ඇස් දෙකෙත් - ලාක්ෂා මලක් වැනි රක්ත පැහැ ඇති ලපටි තොල් දෙකත් - පිරිසිදු රෝස මලක් වැනි පැහැපත් වස්ත්ර යත් බලන බැල්මට වඩ ව‍ඩා අලඞකාරව පෙණුනු සරත් ස්වකීය නැන්දනියන්ගේ මුහුණ එක වරකුත් - සුජාතාගේ මුහුණ දෙවරයකුත් බලමින් ඔවුන් දෙදෙනා තුලා කර බලන්ට පටන් ගත්තේය. සරත් සුජාතා කෙරෙහි බලවත් ඇල්මක් ඇතිකර ගත් බව දැනගත් මල්ලිකා හාමිනේ ඔවුන් දෙදෙනාටම කථාකර ගන්ට සලස්වන පිණිස “මෙන්න සරත් කුමාර, නුඹේ නෑනා උඹට අද මෙහි නවතින්ට කියනවා - නමුත් නුඹ ගෙදරට නොදන්වා අවුත් සිටින බැවින් රැයක් මෙහි නවතිනවාට මම කොහෙත්ම සතු‍ටු නොවෙමි. ඉතින් උඹේ පුංචි නෑනා සහග කථා කළාට වරදක් නැත - එයාගේ වයස අවුරුදු 15 කි. නමුත් අපේ ඉතිහාසයත් - අපේ ගුණ ධර්මත් - අපේ කුලචාරිත්රුත් උවමනා තරමට ඉගැන්නුවෙමි. ඉංග්රීාසි භාෂාව වඩාම ඉහළට උගන්වන්ට වෑයම් නොකොට සිංහල භාෂාව ව්යා කරණ හා කාව්යාහලඞකාරත් සමග ඉගැන්නුවෙමි. මේ කුමාරිහාමි නුඹේ විකුමවන්ත පියානන්ගේ නැගනිය වන මා කුස ඉපද මා ලඟම අවුරුදු පහළොවකුත් මාසයක්ම වැඩුනේය. මේ නුඹේ නෑනාගේ පියාත් නුඹ විසින් අවශ්ය යෙන්ම දැනගත යුතු කෙනෙකි. අපේ පූර්ව අකුසලයකින් මෙබඳු අප්ර්සිද්ධ වීථියක කුඩා ගේක සිටිතත් ඒකනායක වලව්වට වඩා සුවපහසුව ඉන්ට පිළිවන්කම් එම‍ට තිබේ. උඹේ ආරක්ෂා කරගැණීමට ඉතාමත් සුදුසු තැනැත්තියක්ව වුන්නේ මමය. නුඹේ මෑණියන් මැරෙද්දී උඹ හදා වඩා ගැණීමට මගෙන් බලවත් ලෙස ඉල්ලුවාය. නමුත් මා බලාපෙ‍ාරොත්තුවූ සියල්ල අනිත් අතට පෙරළීමෙන් දුෂ්ටවූ ඒකනායක ලමාතැනී නුඹේ ආරක්ෂාකාරී වූවාය”යි කියනකොට සරත්ට මේ කථා ප්ර වෘත්තිය

හීනයක් මෙන් වී “හොඳයි - නැන්දම්මා, මේ තොරතුරු සියල්ලක් අසා බලා දැනගෙණ සතුටුවීමට මම හෙට එන්නෙමි. මගේ සහෝදර අමරසේන නුපුරුදු තැනකට යවා දැනටත් පැය හතරක් පමණ විය. ඔහු මා එනතුරු බලාගෙණ ඉන්නේය. මම දැන් එහි ගොස් හෙටවත් - නිවාඩු ලැබුනු හැටියේවත් එන්නෙමි. මට දැන් යන්ට අවසරදැ”යි ඉතා අමාරුවෙන් කීයේය. සරත්ගේ සහෝදරයෙක් වැනි අමරසේන ගැන මතක්වූ බැවින් හදිසියෙන් දකින්ට ලැබුනු මෑණියන් වැනි මල්ලිකා හාමිනේත් දිව්යිප්සරාවක ශ්රිනයාව ගත් සුජාතත් අත්හැර - ඔවුන් සම්බන්ධ තොරතුරු කිසිත් දැනගන්ට නොසිට යන්ට පිටත්වූ සරත් කුමාර වික්ර මසිංහ තව වරක් ස්වකීය කුඩා නෑනා දෙස බලා “සුජාතා, අපේ පාප කර්මය තවමත් නොගෙවුන බැවින් අද හදිසියේ රාත්රිෑයේම නුඹ දක්නට ලැබුනේය. දැන් මෙපමණ වේලාවක්වත් මෙහි මා නතර කිරීමට තිබුනු බලය නුඹත් - මගේ ප්රේ්මණීය මෑණියන්ගේ ගතිගුණ වෙනස් නොවූ මේ නැන්දනියනුත් පමණකි. ඒ නිසා දැන් මම යන්නෙමි”යි කියන කොට මෙත්තා, මුදිතා, කරුණා, උපෙක්ඛා යන සතර බ්රටහ්ම විහරණයෙන්ම යුත් චෛතසිකයන්ගෙන් ආකුලවූ මල්ලිකා හාමිනේ “පුතා, සරත් කුමාරයානනී, ගොහින් එන්ට - පුතා ගැන මම නොසිතූ එකම පැයක් මට මතක නැත. නමුත් සුදුසු ප්රටස්තාව පැමිණෙන තුරු බලා සිටියෙමි - පුතා ගෙහින් හෙට උදේ එන්ට”ය කියමින් ඔලුව සිම්බාය. සරත්ට හදිසි වේලාවක් නමුත් සුජාතා සමග කථා නොකොට නොයා හැකි බැවින් “සුජාතා, මගේ ඇස් ලැබු ඵලය ලැබුනේ අදයි - මම හෙට උදේ එන්නෙමි” යි කියන කොටත් සුපුෂ්පිත පද්මයක් තුළ වැදි ඉතා ආශාවෙන් මධුපානය කරණ මීමැස්සියක් බලහත්කාර කමින් ඉන් ඉවත් කළාක් මෙන් සරත්ගේ රෑපශ්රීී නමැති රසාඤජනයෙන් නෙත් සිත් සතපමින් සිටි සුජාතාද “හොඳයි - හෙට සෙනසුරාදා නිසා උදේ හතට තේවතුරට මෙහාට එන්ට”ය කියා කොඳ කැකුළු වැනි දන්තාග්රියන්ද පෙණෙනසේ කීවාය. සරත් ඒ කුඩා ගෙයින් එලියට බැස ගත්තේය. වලාකුන් වලින් ප්රීතිච්ජන්තව තිබූ චන්ද්රය මණ්ඩලයද බබළන්ට පටන් ගත්තේය. හදිසියෙන් සම්භවූ නැන්දනියනුත් - දිව්යඩප්සරාවක ශ්රිතයාව ගත් ස්වකීය නෑනාත් නිසා ප්රූමාදවූ සරත් විනාඩි පහළොවකින් අමරසේන දකින පිණිස අමරසේකර මහත්මයාගේ ගෙදරට පිමිණියේය. සරත් එනතුරු මග බලමින් සිටි අමරසේකර මහතා ඔහු දුටු හැටියේ “මොකද සරත්, අප දැන් සිතමින් වුන්නේ නුඹ සොයන්ට යන්ටයි - දැන් අමරසේන අවුත් පැය හතරහමාරක් විය. මේ

තරම් දීර්ඝ වේලාවක් කොයිබ ගියාද? යි ඇසුයේය. “අනේ - මහත්මයා, වර්ෂාව නිසා දෙපැයක් ගතවිය. අමුතු බතක් හා අමුතු ඤාතිත්වයක් නිසාත් -අමුතු ප්රීාතියක් නිසාත් අනිත් දෙපැය හමාර ගතවීය”යි කියනකොට අමරසේන මහතා සිනාසී “වරෙන් සරත් බත් කන්ට - උඹ නිසා මමත් තවම බඩ ගින්නේ. නමුත් අමරසේන නම් බත් කෑවාය”යි කියා අමරසේකර මහතා සරත් සමග බත් කෑ බැවින් අමරසේකර මහතාට කන්ට කීයේය. අමරසේකර මහතා ඉක්මණින් බත් කා අවුත් “සරත් කුමාර මේ ‍රාත්රිතයේ පොතුත් ඇඳුමුත් ආදී රැගෙණ ආවේ මක්නිසාදැ”යි ඇසුයේය. ස්වකීය මාමා වන ඒකනායක මහතා කළ කී කටයුතු සියල්ලක් නොසඟවා හිතෛෂි මිත්ර යා වන අමරසේකර මහතාට කීයේය. මේ කථා ප්රිවෘත්තිය සංවේගයෙන් අසාගෙණ වුන් අමරසේකර මහතා “කමක් නැහැ - සරත්, උඹ ඔය සිද්ධ වීම ගැන කනගාටුවෙනවා වෙනුවට ප්රී්ති විය යුතුයි. උඹ ඉගෙණ ගන්නාතුරු උඹට උවමනා කාලයක් මා ලග ඉන්ට පුළුවනි. උඹේ සියලුම වියහියදම් මම කරන්ානෙමි. ඒ නැවත ගන්නා බලාපොරොත්තුවකින් නොව උඹ වැනි සුවච කීකරු අභිවෘද්ධිකාමී උතුම් දරුවෙකුට උපකාර කිරීම ලෝකයේ හොඳ නරක දත් ‍කාගේත් යුතුකමක් බැවිනි. උඹේ බූදලය නොදී ගන්ටත් ඒකනායකට ඉඩක් නැත. ඒ කොයිවත් පස්සේ බලාගණිමු. දැන් අපට පැමිණි තිබෙන කටයුතු කරගණිමු” යි කියා අමරසේකර මහතා සරත්කුමාර සතුටු කෙළේය. ඇත්තෙන්ම සරත් කණගාටු නොවන්නෙකි. වයසින් අඩු උවත් නුවණින් මුහුකුරා ගොස් සිටි සරත් අමරසේකර මහතාට මෙසේ කීය.


05. පරිච්ඡෙදය[සංස්කරණය]

ප ටන්ගැන්මක්වත්, කෙළවරක්වත්, ප්ර මාණයක්වත් නැති මේ ලෝකයේ උපදිනා සත්වයන්ට සත්යකවූ ස්වභාවය අවබෝධ කරගන්ට ලැබෙන්නේ ඉතාමත් හදිසියකින්ය. කල්ප දහස් ගණන් අවිද්යාේන්ධකාරයෙන්ම මේ ලෝක වාසී සත්වයෝ මුළා වෙති. සමහර කල්පවල උපදින ‍ලෝකනාථවූ දශබලධාරී තථාගතයන් වහන්සේලාගේ උතුම් ධර්මය නිසා නොවේ නම් මුළු ලෝකය එක හා සමාන දුක් විලකි - එක හා සමාන ඇඳිරි ගේකි. දැන් අප ඉපද ඉන්නා කාලය ඉතා උතුම් කාලයකි. ධර්මය ප්රනකටව පවතී. කාම තෘෂ්ණාවෙන් පීඩිතව

මුළාවූ ආගම කර්තෘ වරයන්ගේ ඉගැන්වීම්වල නිමග්න ජනයා අසංඛ්යඋ ගණන් සිටිතත් කෘත පුණ්යව සත්වයන්ට සත්යමය අවබෝධ කරගන්ට පහසු කාලයකි. ඉතින් සත්යතය අවබෝධ කරගත් පුද්ගලයෙක් බේදයට, අධික සන්තාපයට, අධික මුළාවට, අධික පීඩාවට පැමිණවිය හැකි බලයක් ලෝකයේ නැත. මම කුඩා කාලයේ පටන්ම මගේ ගුණවත් උගත් මෑණියන් විසින් ධර්මයයෙහි හසුරුවන ලද්දෙක්මි. සත්ව යන්ගේ උත්පත්තියත් - පැවැත්මත් සත්යිවූ ලෙස මම දනිමි. ඒ නිසා අබමල් රේණුවක් තරමවත් චිත්තවිපර්යාසයක් දැන් මේ සිද්ධවීම නිසා මට නැත්තේය - මම නොතැවෙමි”යි කියනවිට සරත්ට වඩා වයසින් වැඩි අමරසේකර මහතාට ඒ ස්වභාව ධර්මය ප්රෙත්යයක්ෂ නොවූ හෙයින් එය විස්තර කරණ ලෙස කීයේය. අළුතෙන්ම දැනගත් නැන්දා සම්බන්ධවත් - කුඩා නෑනාගේ රූපශ්රීීය ගැනත් සිතමින් සිටි සරත්ට ස්වකීය මිතුයා හා කථාකරන්ට සිද්ධවූ බැවින් සිත්හි පැවතුනු බරගතිය මඳක් අඩුවිය. ඉතින් සරත් මෙසේ කියන්ට පටන් ගත්තේය.

“අමරසේකර මහත්මයා, උත්පත්තියෙන් බෞද්ධ උවත් වර්තමාන කාලයේ බොහෝ බෞද්ධ දරුවන්ට කුඩා කාලයේම ඒ උතුම් ධර්මය නූගන්වන නිසාත් - ඒ ධර්ම ප්ර තිපත්තියෙහි නොහසුරු වන නිසාත් සත්ය‍ය තේරුම් ගැණීම දුෂ්කරය. දැන් අප ඉගෙණ ගන්නා ඉංග්රීනසි භාෂා ශාස්ත්රනවල ප්රුකාශ නොවන ප්ර ත්ය ක්ෂ සත්යග ධර්මයක් අපේම භාෂාවෙන් නොව අපේ භාෂාවටත් මාතෘ භාෂාව වන පාළි භාෂාවෙන් විස්තර කොට තිබේ. ඒ සත්යඅ වූ ධර්මය හොඳින් දැනගන්නා තුරා කිසිම කෙනෙකුට ස්වභාව ධර්මයාගේ තත්වාබෝධයක් ඇති නොවේ. ස්වභාව ධර්මයාගේ තත්වාවබෝධයට චිත්ත චෛතසික යන දෙක සම්බන්ධ හොඳ දැනගැනීමක් ඇතිවිය යුතුය. දැන් අපේ හිතේ හටගන්නා ඒ ඒ සිතුවිල් කරණකොටගෙණ එකම ශරීරය විපරිත වන බව ‍අපට පෙණේ. නමුත් චිත්ත චෛතසිකාදී ධර්ම නූගත් කෙතරම් පණ්ඩිතයෙකුටවත් ඒ නොවැටහේ. අපේ හෘදය කොෂයෙහි පවත්නා ලේ ආශ්රිය කොට පවත්නා චිත්තයත් - එයින් නික්මෙන චෛතසිකත් යම් යම් ආකාරයද ඒ ඒ ආකාරයටම ඒ ලේ ධාතුවද වෙනස් වේ. ඒ හෘදය කෝෂයෙන් නික්මෙන ලේ මුළු ශරීරයේම ලොකු කුඩා නහරවල ධාවනය කරණ බැවින් ඒ ශරීරයේ වර්ණාදී ගුණයන් පවා චිත්ත චෛතසිකයන්ට අනුකූල බව අපට පෙණේ. ඉතින් මේ ඉපදී ඉන්නා ආත්ම භාවයේදීම මේ ශරීරය තුළම හටගන්නා පවා ඒ ඒ ගති ගුණවලට පමුණුවනු ලැබේ නම් චිත්ත චෛතසික ධර්මයන්ට එක්වන සුචරිත දුශ්චරිතාදී කර්මවේගය චුතියෙන් ඉක්බිති අමුතු අමුතු ක්ර මයේ රූප - ශරීර ඇති කරන්ට බැරියයි කිවහැකිද? හැබැයි, ගැඹුරු සියුම් වු මේ ධර්මය ගැණ කල්පනා කළ නොහැකි අයට හිතේ රාගය ඇතිවූවිටත්, ද්වේෂය ඇතිවූවිටත්, මෝහය ඇතිවූවිටත්, විතර්කය ඇතිවූවිටත්, ශ්රූද්ධාව ඇතිවූවිටත්, ප්රමඥාව ඇතිවූවිටත්, හෘදය කෝෂයේ පවත්නා ලෙය අමුතු අමුතු වර්ණයට වෙනස් වේ. රාග සහිත හිත ඇතිවූවිට ඒ හාදය කෝෂයේ ලෙය තද රතටද, ද්වේෂ සහගත හිත ඇතිවූවිට ඒ ලෙය කළු පැහැයටද මොහ සහගත හිත ඇතිවූවිට ඒ ලේ මස් සේදූ ජලයත් මෙන් කිළුටු මඳ රතු පැහැයටද, විතර්ක සහගත හිත පහළවූ විට කොල්ලු තැම්බූ ජලය මෙන් අපිරිසිදු රක්ත වර්ණයටද, ශ්රසද්ධා සහගත හිත පහළවූවිට මදටිය වන් පැහැයටද, ප්රිඥා සහගත හිත පහළවූවිට ජාතිරඬ් මාණික්යැයක් සේ ප්රැභාවත් බවටද පැමිණේ. ඉතින් මේ හෘදය කොෂගත ලේ ධාතුව ඒ ඒ සිතිවිලි අනුව ඒ ඒ ස්වභාවට පත්වන බව ස්වභාව ධර්මයක් වන නමුත් දක්ෂ වෛද්ය වරයෙකුට වත් චෛතසික ධර්මාවබෝධයක් නැතිව තේරුම්ගත නොහැක්කේය. ඉන් නිසා සත්වයාගේත් - කර්මයේත් සුව දුක් ආදිය ලැබීමේත් ස්වභාව ධර්ම යුත්කීන් තේරුම් ගැණීමට ප්රවථම චෛතසිකාදී ගැඹුරු සියුම් ධර්මය ඉගෙණ ගතයුතුය”යි කියනකොට අමරසේකර මහතා බලවත් හැඟීමක් ඇතිවී “ඇත්තෙන්ම සරත්, අපේ වර්තමාන ඉගෙණීම ඉතාමත් පුහු එකකි. මම ඉක්මණින්ම පාළි භාෂාව ඉගෙණ ගන්නෙමි. මම අද හෙටම විද්යොයදය පිරිවෙණට ගොස් උගත් ස්ථවිරයන්වහන්සේ නමක් සමග කථාකොට ඉක්මණින්ම පාළි භාෂාව ඉගෙණ ගන්නෙමි. දැන් උඹ කියන්ට අදහස් කළ සියුම් ධර්ම ක්රභමයත් නැවත ඇසීමට කල් තබන්නෙමි”යි කීවිට සරත්ද සතුටුව ඔවුන්ගේ කථාව නවත්වා නිදාගත්හ. ඔවුන් නිදාගන්ට සූදානම්වූ වේලාව රාත්රිව එක බැවින් ඉක්මණින්ම තදින් නිදාගත්හ. උදේ පහමාරට පමණ අමරසේකර මහතා නැගිට සරත්ටද කථාකොට “සරත්” අද මා හපුතලේ අපේ මාමලාගේ ගෙදරට එන්ට පොරොන්දුවී තිබේ. මෙහෙන් දුම්රිය යන්නේ උදේ හතහමාරටය. කරුණාකර උඹත් මා සමග එතොත් අපේ ඇඟටත් ශීතල දේගුණයෙන්ද සැපක් ඇති කරගෙන දැන් ඇතිවී තිබෙන කරදරද බොහෝ දුර මතක නැතිකොටගෙණ තුන් හතර දිනකින් එන්ට පිළිවන. දැන් අමරසේන මෙහි නවත්වා යන්ට පිළිවන් බැවින්‍ ලොකු පහසුවක්ද තිබේ. යමු - හැබෑවම යමු” යයි කීවේය. එදින උදේ හතට


තේවතුර බීමට සුජාතාලාගේ ආරාධනාව ඇති සරත් මේ ගමන යාමට සමර්ථද? නමුත් සරත් කුමාර අමරසේකර මහතා නොසතුටු නොකොට ඔහුලේ ආරාධනාව පිළිගෙණ වහාම සූදානම්වී ඔහුත් සමග හපුතලේට යන්ට පිටත්විය. සෙනසුරාදා සරත් කුමාරත් සමග හපුතලේ පදිංචි මාමාගේ නිවසට ගිය අමරසේකර මහතා බදාදා රාත්රී දුම්රියෙන් කොළඹට පැමිණියේය. එදා ඔවුන් පැමිණෙනවිට ර‍ාත්රී් නවයත් පසුවෙලාය. දෙදෙනාම අමරසේකර මහතාගේ නිවසට අවුත් ප්රීරතියෙන් රාත්රීන කාලය ගෙවා ගත්තෝය. පසුදින බ්රාහස්පතින්දා උදේම අමරසේකර මහතා ස්වකීය පාඨශාලාවට යන්ට සූදානම් විය. ටික දිනක් පාඨශාලාවට යන්ට උවමනා නොකරණ නිවාඩු කාලයක් ලැබී තිබුනු සරත් පසුගිය සිකුරාදා රාත්රීට තමාව සම්මුඛවූ නැන්දා හා සුජාතාත් තමාගේ අභිමුඛයේ පෙණෙන්නාකිමෙන් වූයේය. ස්වකීය මිත්ර්යා සතුටු කරණ පිණිස සෙනසුරාදා හපුතලේ පැත්තට ගිය නමුත් සුජාතගේ දර්ශීනය කෙතරම් හිතේ පැවැත්තේද කිවහොත් ඒ දින පහ අවුරුදු පහකටත් වඩා දීර්ඝ කාලයක් බව වැටහුනේය. අමරසේකර මහතා පාඨශාලාවට යන්ටත් පෙර සරත් කුමාර තමා පුරුදු ඇඳුමෙන් සැරසී නැන්දා හා නෑනාත් බලන පිණිස පිටත්ව ගියේය.

රික්ෂෝ ආදී රථයක්නුත් නොගොස් සූර්ය රශ්මිය රෞද්රප වන්ට පෙර සරත් කුමාර නැන්දනිය යයි තමාට හැඟවූ ගුණවත් කුලස්ත්රි්ය හා ඇගේ සුරතල් රූප සම්පන්න දියනියත් සමඟ තවදුරටත් කථා බස් කොට වැඩි වේලාවක් ගතකරණ අදහස නිසා පයින්ම හෙමින් ගියේය. පසුගිය සිකුරාදා තමා ගිය රඩ්ස්ලේන් පාරේ ඒ ගෙවල් පෙළ බලා ගියේය. එකට යාබද ගෙවල් හයකම වහලේ උළු ඉවත් කොට ඒ සියල්ලම දොරවල් හැරදමා තිබෙන බවත් - කපුටන් පමණක් ඒ ගෙවල් තුළ ඔබ මොබ හැසිරෙණ බවත් දුටු සරත්ට බලවත් මුළාවක් ඇතිවිය “ඇත්තෙන්ම ‘ඉක්මන් වුනාම කොරොස් කටෙත් අත දමන්ට බැරිය’ කීවාක් මෙන් මටත් ඉක්මණ නිසා වැරදී තිබේ. ගිය සිකුරාදා රාත්රීත මා ආවේ මේ වීථිය දිගේ නොවේ යයි සිතමි”යි තමාටම කියා ගණිමින් ඊලඟ අනිත් වීදිය කෙළවර වනතුරු ගමන් කෙළේය. ඒ වීදියේ ඇවිදිනවිට “නැහැ - මම සිකුරාදා එහා සන්දියෙන් මාරුවී අර පාළු ගෙවල් තිබෙන වීදියෙන්ම ගියා මතකයි - තව වරක් එහි යමි” යි සිතා නැවතත් රඩ්ස්ලේන් වීදිය දිගේ ගමන්කොට තමා සිකුරාදා ඇතුල්වූ ගේවත්-ඒ ගෙවල් පේලිය වත් එහි නැති බැවින් ඒ කොනේ සිට මේ කොනටත් - මේ කොනේ සිට ඒ කොනටත් හතර වාරයක් ගමන්


කිරීමෙන් බලවත් පීඩාවට පත් සරත් මෙසේ සිතුයේය. “මේ උළු ඉවත්කොට දොරවල් ඇරදමා පාළුවට ඇර තිබෙන කුඩා ගෙවල්හයෙන් එකක් මගේ නැන්දාත් - නෑනත් විසූ ගෙයක් විය යුතුය. මගේ නොඉවසිලිවන්තකම නිසා මේ ගැන කල්පනා කිරීමෙනුත් - යම් කෙනෙකුගෙන් විමසා නොබැලීමෙනුත් අයුතු වෙහෙසක් වින්මදෙමි”යි තමාටම චෝදනා කරගණිමින් ඒ විදියේ කෙළවරේම තිබුනු තේවතුර කඩයට ‍ගොස් එහි සිටි මනුෂ්යමයාට කරුණාවන්ත ලෙස කථාකොට “අර ඒකාබද්ධ ගෙවල් හයේ උළු ඉවත් කොට දොරවල් ඇරදමා තිබෙන්නේ මන්ද? එහි උන් මිනිස්සු කොයිබ ගිහින්ද? කරුණාකර මට කියා දුන මැනව”යි කීවිට ඒ යහපත් මනුෂ්යුයා ද ඇයි, මහත්මයා දන්නේ නැද්ද? ඔය ගෙවල් හයෙන් තුන්වෙනි ගෙයි සිටි දෙමළ ස්ත්රි යකටත් හතර වෙනි ගෙයි සිටි සිංහල හාමිනේ කෙනෙකුටත් මහාමාරි‍ රොගය වැළඳී ඒ දෙදෙනාම මළ බවත් - අන්තිම ගෙයි සිටි තවත් සිංහල මිනිහෙකුට හා ඊට එහා කඩේ වුන් මරක්කල කොලුවෙකුටත් ඒ ලෙඩේ වැළඳී තිබුන බවත් කියා ගිය අඟහරුවාදා බලවත් කල බලයක් සිද්ධවී ඒ මළකුණ්රිත් -‍ ලෙ‍ඩ අයත් - ඔය වීදියේ අනිත් ගේවල වුන් සියලුදෙනාත් සමගම වසංගතාරොග්ය් ශාලාවටත් - ලෙඩුන් සමග සිටි අය තවත් කඳවුරකටත් ගෙණයන ලදී. ගේවල තිබුනු සියලුම දේ ගිනි තබා ගෙවල් සමහරක් කඩා දමා සමහරක උළු ඉවත්කර දොරවල් ඇරදමා මහත් විපතක් සිද්ධවුනා. සඳුදා උදේ හයට මේ මුළු වීදියම පොලීසියේ හා නාගරික සභාවේ මිනිසුන්ගෙන් පිරී ඉතිරි ගොහින්ය. අපේ මේ කඩේ ඩින්ස් රෝඩ් වීදියට අයිති උවත් මෙයද කඩා දමන්ට නියම කර ඩීන්ස් රෝඩ් වීදියට අයිති උවත් මෙයද කඩා දමල්ට නියම කර තිබුනේය. දොස්තර මහතුන්ටත් - නාගරික සභාවටත් කියා යන්තම් අද මම කඩේ දොරවල් ඇරියෙමි. අනේ ඒ මැරුණා යයි කියන වැදගත් හාමිනේ ගැන බොහෝ දෙනා දුක් වෙනවා. මහත්මයාගේ වැදගත් කවුරුවත් ඒ ගේක හිටියාදැ”යි අන්තිමට ඒ මනුෂ්ය යා ඇසුයේය. මේ භයංකර කර්ණ කටුක ප්රිවෘත්තිය ඇසූ සරත්ගේ හිත කෙතරම් සංවේගයට පත්වීද කිවහොත් එක වචනයක්වත් කථා නොකොට ඒ ලඟ සන්ධිේයේ වුන් රික්ෂෝ රථ කාරයෙකුට කථාකොට එහි නැගී වසංගතාරොග්ය් ශාලාවේ අසල ලෙඩුන් හා එක්ව වුන් නිරොගීන් නවත්වන ස්ථානයට ‍ගොස් කාවත් සමග කථාබස් කරන්ට වීරිය කළේය. එහෙත් ඒ කඳවුර ඇතුළට කාටවත් යන්ට නොදෙන බැවින් තමාට සම්මුඛවූ අයගෙන් ඒ ගැන කිසිම තොරතුරක් හරිහැටි දැනගත නොහැකි විය. නමුත් සිංහල, දෙමළ‍,

මරක්කල, ජා ආදි ජාතිවල ස්ත්රීද පුරුෂයන් හැට හැත්තෑ දෙනෙක් ඒ ස්ථානයේ නවත්වාගෙණ ඉන්නා බවත් - ලෙඩේ වැළඳී දෙදෙනෙක් රඩ්ස්ලේන් වීදියෙදීම මළ බවත් - නිරෝගිව ගෙණා අයගෙන් තුන්දෙනෙකුට මෙහිදී ලෙඩේ වැළඳී එයින් දෙදෙනෙක් මළ බවත් එක්කෙනෙකුට දැන් සනීපයයි ආරංචියක් තිබෙන බවත් ඒ අ‍ය කීයේය. පිටතින් එන කාටවත් තවත් දවස් කීපයක් පසුවනතුරු කඳවුර තුළට යාමට අවසර නැති බව එහි මුරකරමින් සිටි කරුණාවන්ත පොලිස් භටයා කී බැවින් - වික්ෂිප්ත වූ සිත් ඇති සරත් කුමාර වික්රවමසිංහ තමා නැගී ගිය රික්ෂෝ රථවේම නැගී අමරසේකර මහතාගේ නිවසට දවල් දොළහට පමණ පැමිණියේය. ඉතාමත් ශෝකාතුර ලිලාවෙන් එන සරත්ගේ මුහුණ දුටු ඔහුගේ කරුණාවන්ත සහෝදරභූත අමරසේන සරත්ගේ හිත සැනසෙන අන්දමට එහිදී කටයුතු කළේය. සරත්ට හදිසියෙන්ම සම්ඵවුනු ප්රේනවණීය නැන්දම්මාත් - දිව්යාතප්සරාවක් පරයන ලදරු නෑනා වන සුජාතාත් සමග ඒ රාත්රිේයේ පැය දෙකක් තුළ පමණක් ප්රීාති වෙන්ට ලැබී එයින්ම ඒ සියල්ල අන්තර්ධානවීම ඇත්තෙන්ම මේ කියවන්නන්ට පුදුමයක් වියයුතු නොවේද? ආශ්චර්යෝද්භූත මේ ‍ලෝකයේ ස්වභාවය සාවධානය කල්පනාකර බැලීමට නුවණ ඇතහොත් ‍ඒ මේ පුදුමයද ඉතාමත් අද්භූතයක් නොවේ. ඉතින් සරත් කුමාර බලවත් චිත්තසන්තාපයෙන් අවුත් කුමක් කළේද? ඔහු දැනගෙන තිබුනු වෛද්යොචපදේශයන් අනුව ක්රිායා කළේය. හිස සිසිල්වත් දෙපතුල් උෂ්ණවත් පවත්නා ශරීරයක ලේ ධාවනය විකෘති නොවන බව දන්නා සරත් ඇඳුම් ඉවරකර ටික වේලාවකට පසු ජලස්නානය කොට - දවල් බත් අනුභව කොට තමාගේ කාමරයේ කවිච්චිය උඩ හාන්සිවී මෙසේ කල්පනා කරන්ට පටන්ගත්තේය අප එක්කෙනෙකුහට යම්කිසි ආපදාවක් විපතක් පැමිණිවිට අපි එය ඉතාමත් ලොකු කාරණයක් කොට සිතම්හ. නමුත් එක විඩේ මුළු ප්ර දේශවල්, මුළු රටවල් මුහුදු බත් වෙති - ගිලා බසිති - ගින්නෙන් ද භෂ්ම වෙති - ගිනිගෙන දන අළු වලින් වැසි යති. ඉතින් එබඳු ප්රයදේශවල කොතරම් සුඛුමාල රූපශ්රීශයෙන් යුත් සුවච කීකරු දූ දරුවන් සහිත මව්පියවරු ඔවුනොවුන්ගේ මුහුණු බලමින්ම විනාශ නොවෙත්ද? එසේම ඒ අන්තරායට පත්වන ප්රගදේශවල ඉඳලා කෙතරම් ශබ්ද ශාස්ත්රාදදියෙහි ප්රපවීණ පණ්ඩිතවරු එසේම කෙතරම් දක්ෂ යුද්ධ සේනාධිපතිවරු, කෙතරම් උසස් රජවරු, කෙතරම් ධනවත් සි‍ටුවරු, කෙතරම් ප්රේරමයෙන් විසූ අඹු සැමියෝ විනාශ නොවෙද්ද? සියලුම


සංස්කාර ධර්මයෝ අනිත්ය වෙත් යයි ප්ර ත්ය ක්ෂ නොවූ වරද නිසා නොවේ නම් විපරිනාම ධර්මය විසින් ආණ්ඩු කරනු ලබන භවයේ ඉන්නා අපට කොයිම කාරණයකටවත් දුක්වන්ට සුදුසු නැත. ලෝක විෂය අචින්ත්ය බවත් - සංස්කාරයන් විපරිනාම බවත් සර්වඥතාඥානයෙන් දැන වදාළ සමන්තභද්රතවූ - සම්යකයක් සම්බුද්ධයන් වහන්සේගේ තක්කාවචරවූ - ත්රි-විධ කල්යා්ණයෙන් යුක්තවූ - ප්ර්ත්යේක්ෂ සත්යූවූ ශ්රීත සද්ධර්මය පවතිද්දී මම කුමකට දුක් වෙම්දැ”යි සිතා තමන්ගේ චිත්ත දෞර්මනස්ය්ය නැතිකර ගන්නා පිණිස මේ කවි පඞක්තිය තනන ලදී.

කැන් දා ගෙණ ගොසින් කරුමය මිතුරු මෙ නී නැන් දා සමඟ පෙම්බර දිනිතියකු වැ නී න න් දා සුරඹ දිනු සුරතල් ඇගෙ දිය නී අ න් දා මහද බිතු දෙනුවන් සිපි විසි නී

ද ස් ක ම කරණලද හැකියෙද වෙන කාට ති ස් සෙ ම දන් පෙණෙයි එ දෙදෙන රුව පාට බ ස් අ ම වන් සවන් වන් ඔප ලයි ඊට වි ස් ක ම මෙ වැනි බැරි විස්කම් දෙවි යාට

ල ක ල් රූ රසඳනෙන් යුග නුවන් නි වා සි හි ල් බස් දෙලෙන් කැළඹුනු ම සිත නි වා වි ම ල් රස බොජුන් දී කුස ගිනිද නි ව‍ා වි පු ල් පෙම් වැටු‍පයෙන් දුක් අඳුරු නි වා

ස පු ර ණ ලද සතුට නැන්දා සහ දිය නී අ ව ර න වී මහද දුක් ගණදුරු පිරු නී මෙ දෙරණ මෙතෙක් කල් කෙනෙකුට නූලෙසි නී අ ස ර ණ මටම අයියෝ! මෙ විපත යෙදු නී

සු ප ස න් සුදාගේ දිගු වරල මුදු ඉ තා කු සු මි න් අවුල් කොට එ රැයේ තිබුනි ගෙ තා ම ට දැ න් පෙණෙන හද බිත සිතියම දිමු තා හි ම ඹි න් සඳුන් ගෑ ලෙස තොස වඩයි නෙ තා

එ දා රැය පැමිණි නුපුරුදු මා දැක ලා සෙදා රහස කීමට කණට ලංවේ ලා වි දා සිටි නුවන් ඇගෙ විහිදෙන සුනි ලා මෙදා මට පෙණේ පුල් ඉඳුවරවරන් තු ලා

වි ස ල් නමුත් සොමි කැළුමෙන් ස‍ඳෙක යු රු උ දු ල් වත දසන් රොන් යුග බැම බම රු දෙතොල් පෙති සුරත් නැහැ කෙමියෙන් රුසි රු ල ක ල් ඇගෙ උවන පිපි තඹර සිරි දැ රු

ඇ ඳී තිබෙන මෙ රුසිරු මහද රෙදි ක ඩේ නො දී අස් වැසිලි කරදර කරයි දි ඩේ බැ ඳී පවතිනා සිත අදර මලක ඩේ කෙ දි නක ‍හැකිද පිසලන්ට එක වි ඩේ

දු ක ත් සමුදයත් දුක් නොමැති අප ව ග ප ස ත් අරි අටඟ වන දුක් නසන ම ග ලො ස ත් හට දෙසුව මුනිඳුගෙ තිලෝ අ ග ම ත ත් බැඳ වඳිමි සිරි පා පියුම යු ග

රු ව න ම් මැසි දසන දැල බැඳුනු කෙණෙහි ම සි ත න ම් මකුළු ගන්නේ වැළඳ නිතර ම සැප න ම් මුළාවකි පුහුදුන්ගෙ වැටහු ම බ ව හි ම් නොකොට විසුවොත් ඇතිවේ දුක ම

දෙ වි ය ත් බඹුත් මිනිසත් ඈ සියලු දෙ න වැ තිරෙ ත් තණස් දොස් මෝහය මෙ ති දොසි න කි ය ත ත් සැපය යන නම අනුවණ කමි න නොම වෙ ත් කිසි සැපක් සසරෙහි කිසිම තැ න

දු ක නො වි ඳි නා මොහොතට සැප යයි කිය ති වි ප රි ත වු නා යින් පසු දුක බව හැගෙ ති ගො ව හැ ම දෙනා විඳිනා දුක සැප නමැ ති මේ ද හ ම වි නා සැපයක් නම් ලොවේ නැ ති


කෙ ලෙ සු න් කෙරෙන් දුරුවී ති දොස නැසූ ස ඳ සැ බ වි න් සැප ලැබේ නොවෙනස් වන නිබ ඳ එ නි ව න් සැපට මග පෙන්නූ තිලෝ බ ඳ මු නි ඳු න් සරණ යව් සැප කැමතියෙනි සෙ ඳ

මේ කව් පංක්තිය තනා දෙතුන් විඩයක් කියවූ පසු සරත්ගේ චිත්තදෞර්මනස්ය මඳක් අඩුවූ බැවින් ඔහුට අස්වස් ලැබුනේය. සරත් හා අමරසේනත් මින්පසු කුමක් කරන්ට දැයි ඔවුන්ටම විනිශ්චය කරගත නොහැකි අවස්ථාවක් වී තිබුනේය. සරත් ‍අමරසේනට කථාකොට “ඉතින් අමරසේන, අපි කුමක් කරමුද? මගේ දැන් ඉගෙණීමේ ප්රොමාණයට කොයිබවත් පාඨශාලාවක උගන්වා මසකට රුපියල් පණහක් පමණ පඩි ලැබිය හැක. ඒ මුදලෙන් උඹටත් - මටත් යන්තම් ජිවත්විය හැක. මට නම් තවදුරටත් ඉගෙණගන්ට වයසත් - දක්ෂකමත් - තිබේ. නමුත් වියදම් කරන්නේ කවුද? උඹටවත් යම්කිසි උපායක් කල්පනා වෙතොත් කියාපන්නැ”යි කීයේය. ස්වකීය ස්වාමියානන් කෙරෙහි බලවත් භක්ත්යාාදරය ඇති අමරසේන ගෞරව සහිතව මෙසේ කීවේය. “ඒකනායක රාළහාමි හිතට අමාරු වේලාවේ ටිකක් නුසුදුසු ලෙස කථාකළ නමුත් හාමු මහතාගේ දේපල වලින් වියදම් නොකර ඉඳීයයි සිතන්ට බැරිය. මම පෙරේදා මරදානේ දුම්රියපලට යද්දී ඒකනායක වලව්වට කැඳවා මගෙන් තොරතුරු අසා මට කීවේ සරත්ට පිස්සා වෙන්ට එපාය කියාපන් - ඔය උඩඟුකාරකමෙන් කන්ට අඳින්ට ලැබෙන එකක් නැත. එයාගේ බූදලෙත් - අපේ බූදලෙත් දෙන්ටත් - මේ ගේදොර භාර දෙන්ටත් අපි කැමතියි. තරහ ගතිය දුරුවුනා නම් එන්ට කියාපන්’ කියායි. ඉතින් ම‍ගේ කල්පනාවේ හැටියට සමහරවිට ඒකනායක රාළහාමි අද හෙට හාමු මහත්මයා බලන්ට එනවාට සැක නැත. ඒක නිසා අපි ඉවසිල්ලේ ඉඳිමුය”යි අමරසේන කීවේය. සරත්ට අමරසේනගේ බොළඳ කථාවට සිනා පහළවූ නමුත් ඒ කිසිත් නොහඟවා “හොඳයි - බලමු” කියා හුනස්නෙන් නැගිටිනකොටම පාඨශාලාව ඇරී අමරසේකර මහතාත් එන බව දුටුවේය. අමරසේකර මහතා පාඨශාලාවට යන්ටත් පෙර ‘කාවදෝ’ බලන්ට ගිය සරත් උපෙක්ෂාා සහගත සිතින් ඉන්නා බව දුටු අමරසේකර මහතා “මොකද සරත්, සසරට කලකිරී ඉන්නවාදැ”යි සිනාසෙමින් ඇසුයේය. ඇත්තෙන්ම සසරට කලකිරෙන්ට තරම් ඥානයක් ඇති උදවිය ලක්ෂයකට එකෙක්වත් ලෝකයේ නැත. භවය ඉතාමත් දික්වන්නේ ඊට කල කිරීමට තරම් හේතුඵල ධර්මය තේරෙණ මිනිසුන්ගේ අ‍ඩුකම


නිසයි. මම අමරසේකර මහතාට ඇත්තක් කියම්. දැන් අපේ මේ ගෙදර ඉදිරිපිට තිබෙන කුහුඹිගුලේ ඉන්නා තරම සංඛ්යාඇවක මිනිස්සු මේ කොළඹ නගරයේම ඇත්තේ නැත. ඉතින් කොළඹ පමණක් තිබෙන කුහුඹු ගුල්, කඩි ගුල්, දිමිගොටු ආදියේ කු‍ඩා සතුන්ගේ සංඛ්යානව සලකා බැලුහොත් මුළු ලෝකයේ ඉන්නා සතුන්ගේ සංඛ්යා‍ව සලකා බැලුවෙත් මුළු ලෝකයේ ඉන්නා මිනිසුන්ුගේ ගණනට වඩා කෝටි ගුණයකටත් වැඩිය. ඉතින් ඔය කුහුඹි ආදී ක්ෂුද්රග සතුන් ඔය තරම් තම - අනිත් අපාද විපාද චතුෂ්පාදාදී තිරිසනුන්ගේ සංඛ්යානව කියවන්ටවත් බැරිය. මේසා විශාල තිරිසන් අපායක් අපට පෙණෙන්ට තිබෙන බැවින් මනුෂ්යව ආත්මය ලබාගැණීමට තිබෙන දුෂ්කරතාවයත් තිරිසන් ආදී සතර අපායවලට ඉතාමත් පහසුවෙන් සත්වයන්ට පැමිණිය හැකි බවත් අපට පෙණේ. ඉතින් එසේ වීමට හේතුව කර්මඵල දැනගැණීමට තරම් ඥානය මනුෂ්යරව උපන් අයගෙනුත් දාහකට පන්දාහකට එකෙක් සමර්ථ නොවීම වේ. තෘෂ්ණාවට ගොදුරුව සංසාරයේ හැසිරෙන සත්වයෝ ධර්මයෙන් හෝ අධර්මයෙන් හිතට කයට සැපය කියා වැටහෙනතාක් ක්රියයා කරමින් දුකින් දුකටත් අන්ධකාරයෙන් අන්ධකාරයටත් පත්වෙති. දෙවියෙක් ලෝකය මැව්වාය, එසේම දෙවියෙක් ලෝකයා ගලවනවාය යන කපටින්ගේ කථාවෙන් මුළාවට පත්ව ඉන්නා කෝටි ගණන් මනුෂ්යල ප්රායණීහු නරකය. ප්රේ,ත ලෝකය, තිරිසන් අපාය යන තුන් අපා‍යේ උපදිති. මනුෂ්ය ව උපන්නත් ඇති නොවේ. බුද්ධෝත්පාද කාලයකදී මනුෂ්යා ත්මයකුත් ලබා ප්‍රතිරූප දේශයකත් වාසය කරමින් නිදහස් ධර්ම ශාස්ත්රායත් ඉගෙණගන්ට යම් කෙනෙකුට ලැබුනොත් පමණක් හේතුඵල ධර්මය තේරුම්ගන්ට ලැබේ. එසේ නොලැබුනු මනුෂ්යපයන් තිරිසන් ආදී අපායවල පහසුවෙන්ම උපදින නිසා අප ඇස් ඉදිරිපිටම මනුෂ්ය්යන්ට වඩා කෝටි වාරයකින් ඒ තිරිසන්ගත සත්වයන්ගේ අධිකත්වය ඇතිව පවතී. සසර කලකිරීමයයි කියන්නේ නෛෂ්ක්ර්ම්යි සංකල්පනාවයි. එය ආර්ය අෂ්ටාං ගික මාර්ගයේ එක අංගයකි. මොහොතක්වත් සසර කලකිරීමට තරම් ඥාන ශක්තියක් මේ ආත්මයේදී ඇතිකරගත හැකි නම් එය ඊලඟට මනුෂ්යානත්මයක් ඇතිවූවිට වඩා හොඳින් දියුණුකර ගැණීමට ආධාරයක් වන්නේය. මේ නිසා කලකිරීම ‍එසේ මෙසේ සුලු කාරණයක් ලෙස නොසිතිය යුතුය”යි සරත් කුමාර කීවිට අමරසේකර මහත්මයා පුදුමව බලා සිට “ඇත්තෙන්ම සරත්, ඉතා හොඳ අදහස් - ගැඹුරු කල්පනා - ඇතිතාක්ම

තිබෙන්නේ අපේ ධර්මයේ බව මටත් දැන් වැටහෙනවාය. යුරෝපීය රටවල් ක්රෛනෂ්ටව පූජකයන්ගේ කපටි මායාවෙන් වසාගෙන සිටි බැවින් ඔවුන්ට පිටස්තර ලඝු දේ ගැන මිස ගැඹුරු ඥානය මෙහෙයා කල්පනා කළයුතු කිසිවක් ගැන ඉගෙණීමක් ලැබී නැත. ඉතින් අපේ රටට පැමිණ ඉන්නා මිෂනාරින් විසින් අපේ මිනිසුන්ටද පිටතින් ඔප දම දමා මුළාකළ බැවින් අපේ මුතුන් මිත්තන් හොඳින් දැන තිබුනු ගැඹුරු කරුණු අපට විහිලුවක්වී තිබෙතත් දැන් අපි ප්ර බෝධයක් ඇතිකොට පහත්වූ - ලාමකවූ - නිශ්ශාරවූ පුහුවූ මිෂනාරී ඉගැන්වීම පැත්තකට කොට අපේ මුතුන්මිත්තන්ගේ ප්ර-ඥාගෝචරවූ - චිත්තචෛතසික ධර්මානුගතවූ උසස් ඉගෙණීමට වර්ධනය කළයුතු බව මට හොඳින් වැටහුනා. අද රාත්රිී ‍මගේ මිත්රි ප්රිනාන්දු මහතාටත් එන්ට කියන්නෙමි. උන්නැහේ ක්රිනස්තියානිකාරයෙකි. අපි සාකච්ඡාවක් කරමු”යි කීවේය. සරත්කුමාරද ඊට අතිශයින් සතුටුව ධර්ම සාකච්ඡා පැවැත්වීම මනුෂ්යවයන්ගේ උභයලෞකාභිවෘද්ධියට අසහාය කාරණයක් බවද කියා වෙනදාටත් වඩා වේලාපසින් රාත්රීස බත අනුභව කොට සූදානම්ව සිටියේය. ප්රකනාන්දු මහත්මයා තද ක්රිභස්තු භක්තිකයෙකි. උසස් ඉංග්රීමසි ශාස්ත්ර. ශාලාවක ආචාර්යවරයෙකි. උන්නැහේගේ තවත් මිත්රකයෙක් වන පෙරේරා උන්නැහේත් සමග අමරසේකර මහතුන්ගේ තවත් මිත්රරයෙක් වන පෙරේරා උන්නැහේත් සමග අමරසේකර මහතුන්ගේ නිවසට රාත්රි් අටහමාරට පැමිණියේය. ඔවුන් පැමිණි පසු තේවතුරවලින් සංග්රතහකොට දැන් අපේ ගැඹුරු ධර්ම සාකච්ඡාව කිසිම ආගමකටවත් - කිසිම පුද්ගලයෙකුටවත් නින්දාවක් - චෝදනාවක් ඇතිකරණ පිණිස නොව සත්යග පරීක්ෂාකර ගැණීමට කරණ වාදයකි යි කියමින් සත්යාය සෙවීමේ වැදගත්කම ගැන ඇමරිකාවේ උපන් මහා පණ්ඩිතයෙක් වන ඉංගර්සෝල් පඬිතුමා විසින් කරණ ලද කථාවක්ද අමරසේකර මහතා විසින් කියවන ලදී. මේ කියවන්නාගේ ප්ර්යෝජනයට ඒ කථාවකද සිංහල කොට අපි මෙහි බහාලමු.


06. පරිච්ඡෙදය[සංස්කරණය]

“හැබෑ සත්යචගවේෂක තෙම යමක් පුරාණවූ පමණින්ම මැනවැයි කියා පිළිනොගණී. අලුත්වූ පමණින්ම ප්රයතික්ෂේපද නොකෙරේ. මළගිය තැනැත්තන්ගේ වචන ඔවුන් මළගිය පමණින්ම ගරුකොට නොපිළිගණී. දැන් ජීවත්ව ඉන්න වුන්ගේ වචන


ඔවුහු දැන් ඉන්නා තැනැත්තෝය කියා එපමණින්ම ප්රොතික්ෂේප නොකෙරේ. හෙතෙම දේශකයා ගැන කිසිත් නොසළකා (ඔහු කවුරු වුවත්) ඔහුගේ වචනය එහි සත්යශතා හේතුවෙන් එහි අඩංගු හේතු යුක්තීන් නිසාම ඒ සත්යරගවේෂක තෙම උතුම් කොට සලකයි රජෙක් වුවත් - දාසයෙක් වුවත් - පණ්ඩිතයෙක් වුවත් - වැඩකාරයෙක් වුවත් - ඒ කවුරු වුවත් ඒ හේතුවෙන් ඔහුගේ වචනයෙහි සත්යවයෙනුත් - හේතු යුක්තීන් ගෙනුත් අ‍ඩු වැඩි බවක් නොවේ. යමක් කියන්නාගේ වචනය වටිනා බවට පැමිණීමට ඒ කියනලද තැනැත්තහුගේ කීර්තියෙන් හෝ තනතුරෙන් පිටිවහලක් නොලැබේ. කීර්තියත් - ථානාන්තර යත් - ලෝගු හා බිෂොප් තොප්පිත් - පාප් තොප්පිත් - ඔටුණුත් ඒකාන්තයෙන් යමක් කීම පිණිස උවමනා වෙතොත් ඒ බොරුවක් මිස අන් යමක් කීම සඳහා නොවේ. ප්රාාඥවූ - අවඞකවූ - තීක්ෂණ බුද්ධිමත් පුරුෂයෝ තුමු මහාජනයා විසින් ආණ්ඩු කරණු නොලැබෙත්. ඔවුහු (පණ්ඩිතයෝ) ඒකාන්ත සත්යරයයි හැගුණු යමක් ඇද්ද ඒ පිළිගණිත්. තමන්ගේ නුවණට හුරු නොවේයයි හැඟුනු පැරණියන්ගේ මතද, ආගම භක්තීන්ද, ධර්ම කොටස්ද ඔවුහු ගරුකොට නොසලකත්. හැම අතේම ඔවුහු සත්යතයම සොයත්. සත්යඔය හමුවූ හැටියේ ඉතා ප්රීහතියෙන් පිළිගණිත්. කලින් පිළිගෙණ තුබුන මතයද ඉවතලා අනුන්ගේ බල කිරීම හා ක්රො ධකිරීම්වලින් බියනොවී ඔවුහු (පණ්ඩිතයෝ) සත්යහය පිළිගණිත්. මේ වනාහි අවංකවූ නුවණැතියන් ගිය මගයි. මින් අන්යත මාර්ගයෙක් ඔවුන්ට ඇතිවිය නොහේ.

සියලු කාය්ය්මා මණ්ඩලයන්හි සත්ය යම අපේක්ෂා කරණු ලැබේ. දේශපාලන කර්තව්ය්යන්හි යෙදුන තැනැත්තා පෙර තම රටෙහි ඇතිවූ වැරදි දේ ඉවත් කොට රට හැදීම පිණිස ලෝක ඉතිහාසය කියවයි. සියලු ජාතීන්ගේ තත්ත්ව සම්බන්ධ ප්රාවෘත්තීන් එක්රැස් කරයි. භුගර්භ ශාස්ත්ර.ඥයා සත්යපයන් සොයනු සඳහා පර්වතයන් විනිවිද බලයි. කඳු නැගී ගිනිකඳුවල විවර බලයි. ද්වීප හා මහද්වීපයන්හි ඇවිදියි. මේවා ඔහු කරන්නේ ලෝක ඉතිහාසයේ යම් සත්යපයක් සොයාගනු පිණිසයි. ඔහු සත්ය්යම පතයි. රසායන ශාස්ත්ර ඥ තෙම නොයෙක් රසායන වර්ග පෙරණ භාජනද ගෙණ පමණ කළ නොහැකි වාර ගණනක් අත්හදා බලමින් ද්රභව්ය යන්ගේ ස්වභාවයන් සොයන්ට තැත් කෙරේ. ස්වභාව ධර්මයෙන් සිද්ධ වූ දේවල ඇති හැටි සොයා බලන්ට හෙතෙම මහන්සි ගණී. මහා ශිල්පීහු අතට අසුවන දේම තතු සෙවීමට ආධාර කොට ගණිත්. ඔවුහු ස්වාභාවික උපාය වලින්ම ස්වභාවික බලය මැඩගෙණ ඒ


පාවිච්චි කිරීමට තැත් කරත්. ඔවුහුද සත්ය යම සොයත්. ඒකාන්ත සත්යාය ඔවුහු බලාපොරෙ‍ාත්තු වෙත්. ශාරීරික වෛද්යබයෝද ශල්ය කර්මත කරණ වෙදහුද තමන් ඇසෙන් දකින දේද, අත්හදා බැලීමෙන් හැඟුනු දේද, පරීක්ෂණයෙන් වැටහුනු දේද, පිළිගණිත්. ඔව්හු මිනිස් සිරුර සොයා දැනගණිත්. ශරීරයේ බල නහර, කුඩා නහර, ලේ යන මේවාද මොළයේ පුදුම ක්රිරයා ශක්තියද කෙබඳුදැයි සොයා ඒවායේ විස්තර දැනගනිත්. ඔවුන් බලාපොරොත්තු වන්නේ සත්ය‍ය මිස ඉන් බාහිර කිසිවක් නොවේ. සියලු ශාස්ත්රතඥයන්ගේම බලාපොරොත්තුවත් එසේම සත්යවය සොයා ගැණීමයි. හැම පැත්තෙන්ම සත්යොයම ඔවුහු බලාපොරොත්තු වෙත්. ඔවුන් සොයාගත් සත්යනය ලොවට බෙදාදීම ඔවුන්ගේ ඉතා වැදගත් මෙහෙයයි. ඔවුන්ගේ ප්රොඥා වීර්ය දෙක සමව ක්රිදයා කරයි. මළ කෙනෙකු කී දෙයක් වුවත් දැන් ඉන්නා කෙනෙකු පිළිගත් දෙයක් වුවත් ඉන් කමක් නැත. ඔවුන් කියතත් ඔවුන් දැනගත් දේමය. ප්රකඥානුගත විමසීම ඇතිකරගත යුතුයි. සත්ය්ය සෙවීම මනුෂ්යදයා විසින් කළයුතු නම් - නුවණට හුරුව අවඞකව ක්රි්යා කළ යුතු නම් - පරානුග්ර‍හය කළයුතු නම් මෙසේ ඔවුන් සොයාගත් සත්යුය සෙස්සන් විසින්ද දතයුතුයි.

තමාගේ අවංක අදහසට බාධා කරන්නෝද, බාධා කිරීමට තැත්කරන්නෝද දියුණුවේ සතුරෝයි - සත්යීයේ සතුරෝයි. තමාගේ අදහස ප්ර්කාශ කරමින් අන්යදයන්ට සිය අදහස් පවසන්ට ඉඩ නොදෙන තැනැත්තාගේ අහංකාරකමටත් - ලජ්ජා නැති කමටත් වඩා නීචකමක් ලොව නැත. සමහර මත ශ්රේමෂ්ඨයය්ද ඒවා සොයා බැලීමට මනුෂ්ය යාට බලය නැතැයිද කීම ප්රසමාණ නොවේ. ඒ ඔවුන් උත්තමයයි කියන මත උත්තම බව කවුරු දනීද? සත්ය‍ වශයෙන් නොවැටහෙන යමක් උත්තමයයි අපට වැටහේද? ශතවර්ෂ ගණනක්ම නිදහස් කථාව දේව අපරාධයක් විය. අවංක මතය ප්රණකාශ කිරීම තරම් අපරාධයක් ඒ කාලයෙහි ඇති නොවීය. වර්ෂ ගණනක්ම පණිඩිතයන්ගේ තොල්හි මුද්රා තබන ලදී. සිය අදහස් කියන්ට අවකාශ නොදෙන ලදී. සත්යයය විසින් දල්වන ලද්දාවූද, උට්ඨාන වීර්යය විසින් ගෙණ යමින් රැක ගන්නා ලද්දාවූද ආලෝකය (සතුරු පක්ෂ විසින්) රුධි‍රයෙන් නිවනලදී. සත්යයය නිතරම නිදහස් කථා පක්ෂයෙහි වේ. නිතරම තමා සොයා බලන ලෙස ‘සත්යදය’ තෙම ඉල්වයි. සත්ය තෙම තමා ‍ප්රයකටවීමටද ලෝවැසියා විසින් හැඳිනගනු ලැබීමටද තදින් බලාපොරොත්තුවෙයි. නිදහස, සාකච්ඡාව, අවංක කථාව, පරීක්ෂණය, උට්ඨාන වීර්යය, යන


මොවුහු සත්යසය‍ෙග් යහලු මිත්ර්යෝ වෙත්. සත්ය්ය තෙමේ ආලෝකයද එලිමහනද ප්රිකයකොට සලකන්නේය. විනිශ්චය ඥානය, සියලු ශ්රේ ෂ්ඨ මානසික ධර්ම යන මොවුන්ට සත්යොය රුචි වේ. කෙලෙස් සංසිඳුවීමටද, ප්ර්ඥා නමැති ගිනිදැල්ල විශාල කිරීමටද සත්යොය තෙමේ බලාපොරොත්තු වේ. තිහීනයෙක් හෝ වාලෙක් වේවා කියා සත්යසය තෙමේ මනුෂ්යායන්ට අණ නොකෙරේ. මිනිසුන් මෝඩයන් කොට ඔවුන් ලවා තමාට වන්දවා ගැනුමටත් - ඔවුන් බියගන්වා ඔවුන් ලවා යාඥා හෝ ප්රදශංසා කරවා ගැණීමටවත් සත්ය ය තෙමේ කැමති නොවේ. සත්ය ය තෙම සියලු මින්සුන්ට මෙසේ කියයි. කෙසේද? ‘නුඹලාම සිතාබලාපල්ලා - දෙවියෙකුට යම් නිදහසක් ඇත්නම් ඒ නිදහසම නුඹලාටත් ඇතිකරගනිල්ලා නුඹලාගේ අවංක අදහස ප්රුකාශ කිරීමට සුදුසුකම් ඇති නිර්භීත තැනැත්තෝ වෙයල්ලා’ යනුයි. අපි කුමක් හෙයින් සත්ය ය අවබෝධ කරමුද? කුමට සත්යලය පරීක්ෂා කරමුද? සොයා බලමුද? අපි කුමක් නිසා අවංක සිතැති පරානුග්රුහයට කැමතියෝ වන්න මෝදඝ අපි කුමට අපේ අවංක අදහස ප්රැකාශ කරමුද? මේ සියල්ලටම දෙන එකම උත්තරය නම් මනුෂ්යද වර්ගයාගේ සාන්තිය පිණිසමය.

නුවණ දියුණු කළයුතුයි. ලෝවැසියා විසින් සිතා බැලිය යුතුයි. නිදහස්ව කථාකළ යුතුයි. කී පමණින් විශ්වාස නොකිරීම ගුණ ධර්මයකැයි ලෝවැස්සා විසින් දැනගත යුතුයි. නුවණින් පිළිගත හැකි වනතුරුම කිසිම ප්ර්ශ්නයෙක් තීන්දුවට නොපැමිණේ. ස්වභාවයෙන් ඇතිවන බාධාවල් මනුෂ්ය යා විසින් ඉහතකී උපාය මාර්ගයෙන් මැඩපවත්වනු ලැබෙත්. යටකී පරිදි ක්රි යා කිරීමෙන් මනුෂ්යඋ තෙමේ ලෙඩින් සුව වේ. ලෙඩ දුකට හෝ නොපැමිණේ. හෙතෙම දුක් ලුහුඬු කරගණී. යථොක්ත මාර්ගය අනුව යාමෙන් මනුෂ්යන තෙම තම ආයුෂය දික්කර ගණිය්. ජීවිතය උසස් කර ගණියි. හැම පැත්තෙහිම හෙතෙම සිය බලය පතුරුවයි. හෙතෙම තමාගේ අඩුලහුඬුකම් පිරිමසා ගණී. අභිමතාර්ථ සිද්ධියට පැමිණේ. හෙතෙම කාටත් ආරක්ෂාවරණ ගුප්තියද, ජීවනෝපායද, වාසස්ථාන හා සැපතද ලබාගැනීමට මග සලසයි. ලෝවැස්සාගේ අගහිඟකම හා අපරාධ යථොක්ත මාර්ගයේ යන තැනැත්තා විසින් දුරුකරණු ලැබේ. භය නමැති සර්පයෝද, මිථ්යා දෘෂ්ටි නැමැති යක්ෂ රාක්ෂයෝද ඒ සත්ය,ගවේෂකයා විසින් වසනු ලැබෙත්. හෙතෙම නුවණැති නිදහස් අවංක ශාන්ත පුරුෂයෙක් වෙයි. ආකාශයේ ඉහළ ඉන්නා ආණ්ඩුකාරයා යථොක්ත


සත්ය ගවේෂකයා විසින් රජකමින් පහකරණු ලැබේ. නිරයේ ගින්න නිවනු ල‍ැබේ. ඔහු කරණකොටගෙන ගුණවත් යාචකයෝ ‍අවඞක ප්ර්යෝජනවත් අය වෙත්. කපටිකම විසින් භය කෙරෙන් ඉන් මතු බදු අයකරණු නොලැබේ. (කපටියාට ඉන් මතු මිනිසුන් බියගන්වා ඔවුන්ගෙන් මුදල් අයකර‍ගත නොහේ.) බොරුව උතුම් ලෙස සලකනු නොලැබේ. අන් ජීවිතයක් ගලවා ගැනීමට තව ජීවිතයක් හානි කරනු නොලැබේ. දෙවියෙකුට ආදරය කිරීම පැත්තක තබා ඒ වෙනුව‍ට මිනිස්සු ඔවුනොවුන් කෙරෙහි මෛත්රි ය පතුරුවනු ලැබේ. සම්පරායිකවුම (පරලොවදී විපාක දෙන්නාවූම) සැපතක් නිසා නොව මිනිස්සු උත්සාහ කරන්නේ දෘෂ්ට ධර්මිකවූද (මෙලොවදීද ලැබෙන) සැපත් සඳහායි. ස්වභාව ධර්මයම තමාගේ තතු ප්රාකාශ කෙරේයයි සත්යෙයගවේෂක තෙම දැන ගණී. තමාගේ උත්සාහයෙන් තාරකාවන්ගෙන් හෙළිවන කරුණුද, වලාකුල්වලින් හෙළිවන දේද, ගල් පස්වලින් හෙළිවන ගුප්ත කරුණුද, ගංගා මුහුදු වලින් සොයාගණු ලබන කරුණුද, වැස්සෙන් හා ගින්නෙන් දැනගණු ලබන සත්ය්යන්ද, මල් පැල වලින් හෙළිවන ගුප්ත දේද, ජීවිතහේ නානා විශේෂ ලක්ෂ‍ණයන් ගෙන් එළිවන රහස් කරුණුද, තවත් ලොව ඇති නානා ගුප්ත දේද සත්යොගවේෂකයා සොයාගන්නේය. මේ ප්රුවෘත්ති. මනුෂ්යනයා‍ගේ පිහිටම මනුෂ්යයයාට යයිද කියා මනුෂ්යකතෙම තේරුම්ගණී. විත්තයාගේ නිදහසට විරුද්ධව තමාගේ නොකැලැල් සත්ය්වාදී තාවයට විරුද්ධව යමක් කරණු තබා සිතීමවත් (අවංකවූ) ඔහුට හැකි නොවේ” යනුයි.

අපක්ෂපාතය සත්යවය පරීක්ෂා කිරීමට කැමති කාවිසිනුත් මේ උසස් පඬිවරයාගේ කථාව හොඳින් සැලකිය යුතුය. සත්යතය සෙවීම පිළිබඳව කරනල් ඉංගර්සෝල් පඬිතුමා කරනලද මේ ප්රුකාශය මී‍ට අවුරුදු 2500 කටත් පෙර ශාක්යස මුනීන්ද්ර යානන් වහන්සේ සිංහ සේනාධිපතියාටත් - කාලාම බ්රායහ්මණයාටත් - තවත් නොයෙක් වියතුන්ටත් පෙන්වා වදාරණ ලදී. සත්ය‍ය සොයන කිසිවෙක් පුද්ගලික ප්ර මාණයෙන්වත්, කාල ප්රවමාණයෙන් වත්, ජාති ප්රනමාණයෙන්වත් කිසිම කාරණයක් භාර නොගෙණ සත්යුය - සත්යමය වශයෙන්ම තේරුම් ගැණීමට වීර්ය කළයුතුය. සත්යුය සොයන තැනැත්තා භයත් - ලොභයත් - ද්වේශයත් - පක්ෂපාත කමත් යන සතර අගතිය පැත්තකින් තබා කාරණය විමසා ගතයුතුයි. නමුත් බෞද්ධාගම් ඇර අනිත් සියලුම ආගම්වල නියමය ඒ ඒ දෙවියාගේ කීම ‍එහෙමම පිළිගන්ටත් - එසේ පිළිනොගත්තොත් ඒ


අකීකරු වන මිනිසුන් සදාකාලික අපායට දමන බවත් වේ. මේ අසාධාරණ අයුතු නීතිය නිසා අසඞඛ්යය ගණන් මිනිස්සු මොහාන්ධකාරයේ ගැලී ‍ඒ ඒ ආගම්වලට දාසවී සත්යසයට විරුදධව - සත්ය්යට සතුරුව සිට මෙලෝ පරලෝ දෙකටම අවැඩ සලසාගෙණ තිබේ. මේ නිසා දැන් අමරසේකර මහත්මයා මතක් කර දුන් කරුණු බෞද්ධවූ හෙවත් නිදහස් ආගම්කාරයෙක්වූ මට කිසි අපහසුවක් නැතිව සලකන්ට පිළිවන් නමුත් දේව භයින් අගතිගාමි වන අප මිත්රව ප්රකනාන්දු මහතාටත් - නිදහස් හිතකින් - පිරිසිදු නුවණකින් මේ වාදය කරන්ට පිළිවන්දැයි දැන ගැණීමට මම කැමැත්තෙමි”යි සරත් කුමාර කීයේය. ක්රිටස්තියානිය අන්ධ භක්තියෙන් දූෂිතව සිටි නමුත් මෑත කාලයක පටන් නිදහස් උසස් ශාස්ත්රීිය පෙ‍ාතපත කියවන උගත් පුනාන්දු මහතාද මෙසේ කීයේය. ‘මම කලක පටන්ම ඇමරිකාවේ පෝල් කේරස් පඬිතුම‍ාගේත් - ජර්මනියේ මැක්ස්මුලර් ආදී පඬිවරුන්ගේත් - එඞගලන්තයේ හක්ස්ලි ආදී පණ්ඩිතයන්ගේත් පොත් කියවමින් සිටින්නෙක්මි. ඇත්තෙන්ම - ඥානයට උසස් ශාස්ත්ර්යට නින්දාවන අන්දමකින් ආගමක් ඇදහීමට මමත් කැමති නවෙමි. ඉන්නිසා ඉතාමත් වටිනා කරුණු කීපයක් ගැන අපි කථාකරමු. කොටින්ම බෞද්ධාගමෙත් ක්රිමස්තියානි ආගමෙත් මුල් ධර්ම ගැන පමණක් ශාස්ත්රානුකූලව කථාකරමුය”යි ප්රමනාන්දු මහතා කීයේය.

සරත් කුමාර ඇතුළු අනිත් පිරිස සතුටුවූ බැවින් ඔවුන්ගේ ලුහුඬු විවාදය ආරම්භ කරණ ලදී.

ප්ර්නාන්දුි - බුද්ධාගමේ මූලික ඉගැන්වීම කුමක්ද?

සරත් - අනිත්යුය, දුක්ඛය, අනාත්මය යන කරුණු තුනයි.

ප්ර්: - ඉතින් මේ කරුණ්ර් තුන ශාස්ත්රායනුකූලව ඔප්පු කළහැකි සත්යායක් වුනොත් ක්රිදස්තියානි ආගම එයින්ම බොරුවක් - ප්ර්ලාපයක් වේ. අපට වැඩිදුර විවාද නොකරම කාරණය තේරුම් ගන්ට පිළිවන. මක්නිසාද, ක්රිකස්තියානි ආගමේ මුල් ධර්මයත් දෙවියන්වහන්සේය - ගැලවුම්කාරයන්වහන්සේය - සුද්ධෝත්මයානන්වහන්සේය යන තුන වේ. යම් හෙයකින් බෞද්ධාගමේ උගන්වන අනිත්යනය, දුක්ඛය, අනාත්මය යන තුන සත්ය වුවහොත් පිතා පුතා සුද්ධාත්ම යන තුන එයින්ම බොරු වන හෙයිනි.

ස: - තර්කාදී ගැඹුරු ශාස්ත්රය දැන නුවණින් කල්පනා කිරීමට බැරි


නැන්දා සහ සුජාතත් සම්බන්ධ තොරතුරු නිශ්චය වශයෙන් දැනගැණීමටය. සරත්ට ඈතදීම මිනිසුන් රංචු රංචු යන එන බව පෙණී ඔහුද ඉක්මන් කොට අසලටම ගියේය. එදා රෑ ඒ කඳවුරේ පොල්අතු ‍ගේකට ගිනිගැණීමෙන් එහි සිටි අයවලුන් අතර බලවත් කලබලයක් ඇතිවුනු බවත් - එහි සිටි අයගෙන් බෙ‍ාහෝ දෙනා පැනලා ගොස් සිටින බවත් දැනගන්ට ලැබුන සරත්ගේ හිත අධික කණගාටුවට පත්වූ බව කිවමනා නොවේ. මුළු කඳවුරේම ගින්න පැතිරෙන්ට ප්ර ථම නිවා දමනලදී. එවේලාවට පොලිසියේ ආරක්ෂාවත් මහා ජනයාට නිදහස් ලෙස ඒ ස්ථානයට පැමිණෙන්ටත් පිළිවන්ව තිබුනු බැවින් සරත්කුමාරද පැමිණ ස්වකීය නැන්දමනිය හෝ සුජාතා සිටින්නීදැයි හොඳින් පරීක්ෂාකර ගත්තේය. ඒ දෙදෙනාගෙන් කිසිවෙක් ඒ ස්ථානයේ නොමැති බැවින් ඔවුන් දෙන්නාම මහාමා‍රියෙන් මිය ගිය බව සරත්කුමාර සිතා ගත්තේය.

“අප්පං සුඛං ජලලවං විය හො තිණග්ගෙ දුක්ඛනතු සාගර ජලංවිය සබ්බලොකෙ සංකල්පනා තදපිහොති සභාවතොහි සබ්බං තිලොකමපි කෙවල දුක්ඛමෙව”

පින්වත, මුළු ලෝකයෙහිම ඇතිතාක් සැප උපමාකරතොත් තණ අග පිණි බින්දුවකටත් - එසේම ලෝකයෙහි ඇති දුක් මහා සාගරයේ විශාල ජලස්කන්ධයකටත් සමාන කළහැක්කේය. එබැවින් මේ භවය සැප මිශ්රල නොවූ දුක් ගොඩක් හා සමාන වන්නේය. භවය කෙවල දුක්පීඩක් බව සංවේග ප්රා ප්ත වේලාවට සත්වයන්ට හැඟී යන නමුත් දී‍ර්ඝ කාලයක් හොඳින් පුරුදු කරණ ලද සත්තිස් බොධිපාක්ෂික ධරමයන්ගෙන් නියුක්ත තැනැත්තාට එක මොහොතේදීම නැවතත් තෘෂ්ණාර්ධානව තුච්ඡවූ “ශාස්වත” හැඟීම ඇතිවේ. දීර්ඝ කාලයක් උත්සාහයෙන් පුරුදු කරණලද සත්තිස් බොධිපාක්ෂික ධර්මයෙන් යුත් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ හොඳින් ගමන් කරණ පුද්ගලයාට පමණක් සෝවාන් මාර්ග ඥානයත් ඵලයත් ලැබීමෙන් පසු නිසැකවූ අවබෝධය ලැබේ.

සංසාරයේ පවත්නා බලවත් දුක්කඳ මෙනෙහි කරණ සරත්ට ස්වකීය නැන්දනි‍යගේ හා නෑනාගේත් නොදැකීම හෙවත් එවුන්ගේ වියෝගය අමුතු දුකක් හැටියට නොවැටහී ස්ථිරවූ කල්පනාවෙන්


යුක්තව ලෙඩුන් නවත්වන කඳවුරෙන් ස්වකීය වාසස්ථානයට පැමිණියේය. මහමාරි ගෙඩුන් සමග වුන් නිරෝගීන් නවත්වන කඳවුර ගිනි ගෙණ ඇතිවූ කලබලය මඳකින් සංසිඳී ගියේ නැත. නොයෙක් තරාතිරමේ උදවිය ඒ ස්ථානයට පැමිණ තම තමන්ගේ සම්බන්ධකම් ඇතියන් ගැන තොරතුරු විමසන්නට පටන්ගත්හ. මේ පිරිස අතරේ ශ්රී පරාක්රසමසිංහ නැමැති වෘද්ධ අද්වකාත් තුමාද දක්නා ලදී. සරත්ගේ මාමා වන ඒකනායක මහතාද එහි පැමිණියේය. මේ දෙන්නා ඔවුනොවුන් අඳුනන්නන් පමණක් නොව ඤාතීන්ද බැවින් මොවුන් දෙන්නාම මෙතනට පැමිණීම ගැන එක්කෙනෙකුට වඩා අනිකා තුළ පුදුමයක් ඇතිවිය. “ඒකනායක මහත්මයා, බලන්ට සිද්ධ වූ විපත! මේ කඳවුරේ වුන් කීපදෙනෙක් මළාද, කීදෙනෙක් දඩාවතේ හිස්ලූලූ අත දිවගොස් අනාථවුනාද කියා කාටවත් නොතේරේය”යි ශ්රීා පරාක්රඅමසිංහ බැරිස්ටර් මහතා කීවිට ඒකනායක මහතාටත් කාරණය තේරී “මමත් ආවේ අපේ හිතේසිවන්තයන් දෙදෙනෙකුට වුන විපතක් ගැන සෝදිසි කිරීමයි. ඈතින් ඤාතිත්වයක් ඇති අපේ සහෝදරියකට මහාමාරිය වැළඳුනායයි කියා අසාධ්යඤරොග්යත ශාලාවට ගෙණ ගොස් තිබේ. ඉතින් ඒ ඇත්තියගේ කුඩා දියනිය රෝගීන් නවත්වන තැනට ගෙණ අවුත් තිබේ. දැනට ලෙඩව සිටි තැනැත්තියටවත් - නිරෝගිව සිටි ඇගේ දියනියවත් දෙන්නාම දකින්ට නැත. ඔවුන් මැරෙන්ට ඇතැයි සිතමි. තමුන්නාන්සේ මෙහි පැමිණියේ ඇයි?” කියා ඒකනායක මහතා ඇසීය. “මම මේ අවිදින්ට ගොස් රේස් පිට්ටනියේ ටිකක් සඤ්චාරණයකොට ගෙදර යන ගමන් මෙහි කලබලය දැක ආ ගමණකි. මරණය කාටත් සාධාරණය - නමුත් නියම කාලයට මිස එනම් කර්මවේගය අනුව මිස මරණය සිද්ධනොවේ. මේ කඳවුරෙත් - ආරොග්යව ශාලාවෙත් තබා රෞද්රම යුද්ධ භූමිවලත් නොමැරී ඉතිරිවන්නාවූ අයත් සිටිති. සමහරවිට යුද්ධ භූමිවල මළ මිනි අස්සේ දෙතුන්දවසේ සිහිනැතිය ඉඳ ඉක්බිති නැගී සිටින්නන්ද අනන්තය. ඉන් නිසා මේ කඳවුරේ ගින්නට ගෙදුරු නොවූ අයත් ඉන්ට හැකැ” යි කීය. “ඔව්, ඒක නම් හැබෑතමා - නමුත් ගින්නෙන් දාගිය මළකඳන් කීපයක් මමත් බැලීමි. එහි මට අවබෝධවූ අන්දමට අපට ඤාතිවන ගැහැණු ළමයාගේ මෘත ශරීරයත් තිබුනා වගේ පෙණේ. ඇගේ මෑණියන්ද ආරෝග්ය ශාලාවේදී මළාවෙන්ට ඇතැ”යි ඒකනායක මහතා කීවිට ශ්රීර පරාක්ර මසිංහ මැතිතුමා සාක්කුවෙන් ලේන්සුව රැගෙණ මුහුණ පිසදා ගත්තේය. “හොඳයි - ඒකනායක මහත්මයා මට දවල්වුනා - මම යන්නෙමි”යි අතට අතදී යන්ට ගියේය.

කළේය. ඒ බව දන්නෝ ඉතාමත් ටික දෙනෙකි. ඒ නිසා මටවත් තමන්ගේ භාර්යාව හා දුව බලන්ට ආ බව නොකීවේය. මමත් ඒ බව නොදන්නාක් මෙන් අපේ ඤාති වන ස්ත්රිවයකුත් - ඇගේ දියනියත් බලන්ට ආ බව කීවෙමි”යි ඒකනායක මහතා කියනකොටම ‍ජෝන් සිල්වාට උවමනාවටත් වඩා කාරණය තේරුම් ගියේය. එසේ තේරුම් ගොස් “ඉතින් රාළහාමි, ඔය බැරිස්ටැර තුමා විශාල ධනවතෙක්දැ”යි ඇසීය. “හැබෑ ධනවතෙක් - මා හිතන හැටියට රුපියල් පණස් ලක්ෂයකටත් වැඩියේ දේපල තිබෙන කෙනෙක් - උන්නැහේ මල්ලිකා වික්රලමසිංහ කසාද බැඳලා නම් ‍ඒ බූදලය ඈටත් - ඇගේ දියනියටත් ලැබෙන්ට තිබුනා. දැන් ඒ දෙන්නාම මළා නම් ශ්රීූ පරාක්රහමසිංහගේ බූදලය ලැබෙන්ට ඉන්නා එකම උරුමක්කාරයා උන්නැහේගේ අයියාගේ දියනියක් පමණකි. ඒ තැනැත්තී ඉන්නේ බද්ල්ලේය. ඒ තැනැත්තී බදුල්ලේ සිටි අමරකෝන් නමැති මහතා සමග විවාහවී ළමයි තුන්දෙනෙක් ලැබුනාට පසු මිය ගොස් තිබේ. දැන් අමරකෝන් නෝනාත් - ඇගේ දරුවනුත් මිස අන් කිසිවෙකුට ශ්රීම පරාක්රඅමසිංහතුමාගේ බූදලයට හිමිකාරකමක් නැත. ඇත්තෙන්ම ඒ බූදලය තබා ඉන් කොටසක්වත් ලබාගැණීමට තරම් හේතුවන්තයෙක් අප කා අතරවත් ඇත්තේ නැතිකොට” යයි කියා තව වරක් සුරුට්ටුව පත්තු කර ගත්තේය. මේ කථාව අමෘතයක් මෙන් අසා සිටි ජෝන් සිල්වා “හොඳයි, ඔය මල්ලිකා නෝනාගේ දුව කොපමණ වයසක කෙනෙක්ද? නම දන්නවාද? මොන හැඩහුරුකමේ කෙනෙක්දැ”යි ජෝන් සිල්වා ඇසුවේය. “මොකද? සිල්වා, උඹට ඒ ගැන ඔපමණ විස්තර කුමටදැ”යි උළුවහු කණුවට හේත්තුවී වුන් ඒකනායක ලමාඑතනී ඇසුවේය. “නැහැ - වලව්වේ මහත්මයෝ. ඒ ළමයා ඒ ජීවත්ව ඉන්නවා නම් - යම් තැනකදී දකින්ට ලැබුනි නම් මෙහාටවත් ගෙණත් බාරදී රටට හිමිවෙන්ට යන බූදලය ඒ ළමයාට අයිතිකර දෙන්ට සිතාගෙණ තොරතුරු ඇසුවෙමි”යි කපටි සිල්වා එකක් හිතේ තබාගෙණ අනිකක් ප්රරකාශ කෙළේය. ඒකනායක ලමාතැනී ගෙට ගොස් සුජාතාත් - මල්ලිකා වික්රරමසිංහ හාමිනේත් එක්ව සිටගෙණ ගත් ඡායා රූපයක් ගෙනත් දී “මේ ළමයාගේ වයස අවුරුදු 12ක් පමණ වේ - නම සුජාතා ශ්රී් පරාක්රාමසිංහය - සිත් කාවදින පෙණුමක් ඇති මේ ළමයා සොයාගන්ට ලැබුනොත් - එසේ නැතිනම් ඉන්නා තැනක් අපට දැනුම් දුන්නොත් සිල්වාට පවුම් සියයක් දෙන්නෙමි”යි කියා පින්තූරයද තබා ගන්ට කීවේය. මේ ප්රෙවෘත්තිය දැනගන්නා අදහසින්ම බොරු මිත්රක

කමක් ඇතිකළ ජෝන් සිල්වා “හොඳයි” කියා ඒකනායක රාළහාමිටත් - ලමාතැනීටත් ආචාර කොට රික්ෂො රථයේ නැගී තමාගේ කෛරාටික පිරිස නැවතී ඉන්නා වැල්ල වීදියේ කන්තෝරුවට ගියේය.


07. පරිච්ඡෙදය[සංස්කරණය]

සිල්වා එහි පැමිණෙනවිට “උතුවන් නමැති ඔහුගේ රංචුවේ එකෙක් සිල්වා මහත්මයා. මම මේ ඇවිද‍ගණ එන්නේ හොඳ වැඩක් දැකලයි - පිටිසර පොහොසත් වෙළෙන්දෙක් ග්රෑ න්ඩ්පාස් වීදියේ කොප්පරා කඩේකට කොප්පරා පාරම තිහක් විකුන්නා. ඒ ගණනට රුපියල් 2700ක චැක් එකක් ලැබුනා. ඔහු ඒක මාරු කරන්ට ගොස් බැංකුවේ ඉන්නවා - එතන මම පිලිප්පුව නවත්වා ආවා. පිලිප්පු කොහොම නමුත් මිනිහාව එක්කරගෙණ ඒවි. දැන් මහත්මයා ඉක්මණින්ම ඔහු ආවාම ඔහුගේ අතවැසියන්ට කන්තෝරුව සූදානම් කරන්ට නියම කළේය. ඔවුහු ලනුපැදුරුත් - පලසුත් ලා ලියන මේසය කරුවල පුටු ආදිය ඒ ඒ තැන තබා ලියන උපකරණද ඔප්පු මිටියක්ද මේසේ උඩ තබන ලදී. ලක්ෂණ පින්තූර, වටිනා ඔර්ලෝසුවක් ආදී දෙයින් ඒ කන්තෝරු කාමරය සැරසූහ. කන්තෝරු කාමරයට ඇතුළෙන් තිබෙන කාමරයේ දොරට ලක්ෂණ තිරයක්ද දමන ලදී. ඒ තිරයට එහා පැත්තේ කන්තෝරුව දෙස වරින් වර එබී බලන සර්වාභරණයෙන් සරසන ලද “මැගී” නමැති වෙශ්ය ස්ත්රිරයද ජොහානා නම් දස ඇවිරිදි කෙල්ලක් ද නැවැත්වූහ. සිල්වා හොඳට ඇඳ පැළඳගෙණ අවුත් ලියන මේසය ලඟ පැද්දෙන පුටුව පිට වාඩි ගත්තේය. කන්තෝරුවේ එක් පසකින් හොඳට ඇඳපැළඳගත් මහළු මිනිසුන් දෙදෙනෙක් පුටු දෙකක් උඩ ද ඉදිරිපිට කුඩා බංකුවක් උඩ බාපනයක් ලාගත් පියුන්කාරයෙක්ද වාඩිවී සිටියේය. මෙසේ මොවුන් සූදානම් වන අතර බැංකුවේදී රුපියල් 2700 ක් මාරු කරගත් රතු උපාසකරාළ පිටකොටුවේ “සිටි බේකරි”යට අවුත් පාන් ආදිය කා තේවතුර බොන්ට සූදානම් විය. ඔහුත් සමගම ආ පිලිප්පු ද ඒ මේසේ පසකින්ම වාඩිවී, මොකද අප්පුහාමි අද මෙහැටි උෂ්ණ? මම මර්කන්ටයිල් බැංකුවෙන් චැක් එකක් මැරු කරන්ට ගිහින් ආවා - අපොයි ඉන්ට බැහැ උෂ්ණයේ” යයි කීය. අහිංසක රතු උපාසක උන්නැහේ “ඔව් - මේ උෂ්ණ කාලේ තමයි” කියනකොට “අප්පුහාමි.


සම්බන්ධවූ හොරු හත්දෙනා අතර ඒ ඒ ප්රිමාණයට බෙදාගත්හ. අහිංසක රතු උපාසකත් සමග උසාවිය ලඟට යන්ට ආ පිලිප්පු කයිමන් දොරක‍ඩ ලඟදී මගහැර ගොස් තමාගේ මුදල් කොටස වන රුපියල් 250ත් රැගෙණ ගෙදර ගියේය.

රතු උපාසකට වැරදුනු බව වැටහුනු නමුත් චැක් එක මාරුකරගන්ට පිලිවනැයි සිතා රාත්රි් හෝටලයක නැවතී සිට පසුදින උදේම මර්කන්ටයිල් බැංකුවට ගියේය. බැංකුවේ කටයුතු පටන්ගන්නේ උදේ දහයට උවත් රතු උපාසකට තිබෙන උවමනාවේ දැඩිකම නිසා උදේ දහයට උවත් රතු උපාසකට තිබෙන උවමනාවේ දැඩිකම නිසා උදේ අටේ පටන්ම බැංකුවේ දොරකඩ රැකගෙණ ඉන්ටවිය. මුළාවූ සත්වයාට හැමදේම බර බැව් ප්රකත්යටක්ෂවේ. බැංකුව විවෘත කළ පසු චැක් කොළය මුදල් ගෙවන ස්රාේප්ට දුන්නේය. ඔහු ලියන්නෙක් අතට දුන්විට මේ චැක් කොලය අවලංගු කළ චැක් පොතක කොලයක්ය - මේ නම ඇති අයට ගනුදෙනුවක් අපේ බැංකුවේ නැතැ”යි කීය. අහෝ! රතු උපාසකට කුමක් සිතෙන්ට ඇද්ද? ඔහුගේ මුළු වත්කමෙන් හතරෙන් තුන් පංගුවක් තරම්වූ රුපියල් දෙදහස් හත්සියයක් කපටියෙකුගේ සුලු උත්සාහයට ගොදුරුවීම කෙතරම් කණගාටුදායකද? බැංකුවට ගොස් රැවටුනු රතු උපාසක අප්පු තමාට චැක් කොළය දුන් කන්තෝරුව සොයා ගි‍යේය. එබඳු ස්ථානයක් මුළු වැල්ල වීදියේම ඇවිද්දත් සොයාගතනුහුන බැවින් සුසුම්ලලා ගමට ගොස් රුපියල් 2700 ය නැතිවඋ ශෝකයෙන්ම ඔහු රෝගාතුරව සිට නොබෝ දිනකින් මිය ගියේය. මෙබඳු අති භයානක කපටි ක්රිගයාවලින් ධන උපයන ජෝන් සිල්වා ඒකනායක මහතා ගෙන් දැනගත් කාරණය නිකම්ම් යටපත්කර දමයිද? ජෝන් සිල්වා ගෙදරින් ආ හැටියේම ඔහුටත් ඔහුගේ අනුචරයන්ටත් රුපි: 2700 ක් ලැබීම ශ්රීආ පරාක්රයමසිංහ තුමාගේ බූදලයත් ලබා ගැණීමට පිළිවන් බවට සාක්ෂියක් ලෙස ඔහු සලකා ඒ සම්බන්ධව ඉතා සැලකිල්ලෙන් ක්රිටයා කරන්ට පටන් ගත්තේය.

පළමුකොටම ශ්රී පරාක්රලමසිංහ තුමා ඉන්නා ස්ථානය බලා යන්ට ඔහු ගියේය. එතුමා කොළඹ හැව්ලොක් නගරයේ ඉතා රම්යනවූ සුවපහසු ඇති ස්ථානයක හුදකලාව වාසය කරණ - ධර්මශාස්ත්රය පොත් බැලීවෙන්ම කාලය ගතකරණ කෙනෙක් බවත් - පිටස්තර කිසිවෙක් සමග වැඩි කථාබහක්, ආශ්රණයක් නැති විවේකකාමී කෙනෙක් බවත් හොඳින් දැනගත් ජෝන් සිල්වා එතුමාගේ ලියන මහතෙක් සමගවත් මිත්ර්වුනොත් යම් කිසි තොරතුරක් දැනගත හැකැයි ශ්රීක පරාක්රිමසිංහ මහතාගේ ප්රිධාන ලිපිකරු තැන කවරෙක්දැයි පරීක්ෂා කරන්ට


පටන්ගත්තේය. ශ්රීර පරාක්රහමසිංහ මහතාගේ ප්රලධාන ලිපිකරු කොල්ලුපිටියේ පදිංචිව ඉන්නා ධර්මදාස නමැති ගුණවත් සිංහල මහතෙකි. මේ මහතා උදය සවස පන්සිල් සමාදන්වන හැමදාම සවස් බාගේ පන්සලට ගොස් රත්නත්රහය වැඳ පුදන නිතරම ධර්මශ්රැවණයට පැමිණෙන ස්වකීය දූ දරුවන් හා භාර්යාවත් තමා රක්නා ප්රමතිපත්තියේම පිහිටුවාගෙණ දැහැමෙන් සෙමෙන් කල්යවන කෙනෙකි. මේ ලියන මහතා සමග මිත්රණවීමට නම් “බොරු උපාසකයෙක්” විය යුතු බව ජෝන් සිල්වාට වැටහුනේය. බොරුම බොරු උපාසකයෙක් උවත් සිල් ගත් දිනයෙහි සැබෑ උපාසකයන් සමග හැසිරෙන බැවින් ඒ දවසේ වත් සතුන් මැරීම, සොරකම් කිරීම, පරදාරසේවනය කිරීම, සුරාපානය කිරීම ආදී දරුණු පාප ක්රිහයාවන්ගෙන් වැලකියයුතු බැවින් එක පැයක්වත් ඒ පව් එකක් දෙකක්වත් නොකර සිටිය නොහැකිවූ ජෝන් සිල්වා උපාසකයෙක්වී ධර්මදාස මහතා සමග මිත්රසවීමට මන්දොත්සාහිවිය. ශ්රීම පරාක්රඑමසිංහ මහතාගේ පරණ පියොන්කාරයෙක් සිටියි. ශ්රීි පරාක්ර්මසිංහ තුමා අධිකරණ ශාලා වල වැඩ කරද්දී එතුමාගේ කටයුතු කළ මේ අන්තෝනි අප්පු නමැති මහල්ලා තවමත් ශ්රීධ පරාක්ර මසිංහ වලව්වේම වැඩ කරයි. මොහුට වැඩි වැඩක් නැතත් උදේ 8 ට පමණ වලව්වට ගොස් යම් කිසි වැ‍ඩ පණිවිඩ ආදියක් ති‍බුනොත් ඒ සියල්ල කරදි සවස තුන හතර වන විට කොටහේනේ තමා පදිංචි ස්ථානයට යන්නේය.

මොහු ඉතාමත් භක්තිවන්ත රෝමානු කතෝලිකයෙකි. අවුරුදු 60ක් පමණ වයස්ගත නමුත් පඤ්චවිධ දුශ්චරිතයෙන් කවදාවත් නොවැලකුනු මොහු නිතරම පාහේ පල්ලියටත් යන කෙනෙක්ය. ධර්මදාස ලියන මහතා ගැන තොරතුරු අසා වැඩි ප්ර සන්නයක් නැති ජෝන් සිල්වා අන්තෝනි අප්පු සමග මිත්රර වීම වඩාත් පහසු බව සලකා අන්තෝනි අප්පු ඉන්නා තැන ආදි ඔහු‍ගේ තොරතුරු විමසාගත්තේය. ධර්මදාස ලියන මහතා නිතර යන එන වාලුකාරාම විහාරස්ථානයට එක් රාත්රි්යක ජෝන් සිල්වා ඔහුගේ දෙවෙනියා වන පිලිප්පුත් සමග ගොස් පරික්ෂාවෙන් සිටියේය. පියුන්කාරයෙකුට වඩා ලියන්නෙකුගෙන් ප්ර යෝජන ගතහැකි නිසා ධර්මදාස මහතා රැවටීමට පුළුවන්දැයි වීරියකර බැලීමට මේ ගමන ගියේය. ජෝන් සිල්වා හා ඔහුගේ මිත්ර යාත් පන්සලේ ඉන්නා විට ධර්මදාස මහත්මයා ස්වකීය භාර්යාවත් - පුත්රරයන් දෙදෙනා හා දියනියත් සමග පන්සලට පැමිණියාහ. දැමූ ඉඳුරන් ඇති මව්පිය දෙදෙනා හා දරු තිදෙනාත් දුටු එහි වන්දනා කරමින් වුන් අය

ස්වාමින් වහන්ස නමක්ද බුද්ධ පූජාව සඳහා පුවක් මල් පාවිච්චි කිරිම ඉතාමත් අශොභන ක්රිහයාවක් බවද ලොකනාථවූ තථාගත සම්මා සමුබුදුරජාණන් වහන්සේට පිරිසිදු වර්ණවත් සුවදැති මල් වර්ගම පූජා කළයුතු බවත් - මින්පසු පුවක් මල් පිදීම අත් ඇර දැමිය යුතු බවත් කියමින් මේ වැදගත් ක‍ාරණය කියා දුන් ධර්මදාස මහතාට ස්තුති කටයුතු බවත් කීයේය. සැබවින්ම ඒ සභාවේ උන් කිසිවෙක් ඉන් පසු පුවක් මල් බුද්ධ පූජාවට පාවිච්චි නොකිරීම ධර්මදාස මහතාට මහත් සතුටක්විය. තමන්ගේ කටයුත්ත සම්පූර්ණ කරගන්නා තුරු ආගම අදහන මිනිස්සු රට පුරාම ඉන්නා මේ කාලේ ජෝන් සිල්වා වැනි කපටියෙක් බොරුවට මල් පූජා කිරීම පුදුම නොවේ. ඉතා පහත් පවුල්වල අසරණ මිනිස්සු තමන්ගේ මනොරථය ඉෂ්ටකරගන්නාතුරු බලවත් ලැදිකමින් ඒ ඒ ආගම අදහති. අල්පමාත්රනයකින්වත් ඒ ආගම කෙරෙහි ශ්රවද්ධා මාත්රමයක් නැති අයට ස්ත්රිරයක් - ධනයක් - නම්බුවක් - කීර්ති ප්රළශංසාවක් ලැබීමට ඉඩ ලැබුනු තැන ඒ තමා දීර්ඝ කාලයක් රටට දැනගන්ට ඇදහූ ඇදහිල්ල “වසුරක්” මෙන් පිළිකුල් කොට දක්වන බවත් පෙණේ. ස්වර්ණ භාජනයක මිස සිංහ තෙල් ආරක්ෂා නොවේ. උසස් ගති ගුණ සංකීර්ණ පහත් පවුල්වල උපනුන් තුළ ස්ථිරව නොපවතී. සුනඛයාට කෙතරම් නුසුදුසු තැනකින් ලැබුනත් - ඒ ලැබුනු දේ පථ්යකවුනත් - අපථ්යණවුනත් ඒ ගිලදැමීම සුනඛයාගේ ගතිය වේ. නමුත් සිංහලයෙක් කවදාවත් එසේ නොකරයි. තිරස්චීනයන් අතරත් මෙසේ පවත්නා ස්වභාව ධර්මය මනුෂ්යතයන්ගෙන් පිරී බාහිරවේයයි කෙසේ සිතතමුද? දෙමළෙකුගේ පුතෙක් හෝ මුණුබුරෙක් සිංහල ජාතියේ උදාරතර ගුණය කෙසේ පෙන්වයිද? දැන් අපේ රටේ සංකීර්ණ අය ඉංග්රී සි ආදි භාෂා ශාස්ත්රභ ඉගෙණ ධනයෙන් නිලයෙන් ඉහල ගියත් ඔවුහු තමාගේ ගෞරවයට “සිංහල” කියා ගත්තත් කියම සිංහල ගතිගුණ ඔවුන්ට කෙසේ පිහිටත්ද? සිංහල ජාතිය දැන් නම් ඉතාමත් සංවේගදායක තත්වයක පවතී. එහෙත් පිරිසිදු ලෙස ශාසනය පවත්නා අවුරුදු පන්දාහ තුළම සිංහල ජාතියත් වරින්වර වැටෙමින් නැගිටිමින් පවත්නා බව නිසැක හෙයින් දැන් අපේ ජාතියට ඈඳී ඉන්නා සංකීර්ණ අධමයන් තමාට වාසිගත හැකි තැනදී තමා ඉණබඩ වඩා ගත් උතුම් ආගමට - තමාට උසස්වීමට ආධාරවූ ආගමට නින්දා අපහාස කළත් අපට කාරණයක් නොවේ. ජෝන් සිල්වා වනාහි සර්වසංකීර්ණ අධම කෛරාටිකයෙකි. මෙබන්දක් තමාගේ මනොරථය මුදුන් පමුණුවා ගැණීමට හෙවත් ධර්මදාස මහතා සමග මිත්රන වීමට මල් පූජාකිරීම පුදුමයක් නොවේ.

ඉතින් තිසරණ පන්සිල් සමාදන්ව මල් පහන් පුදා තෙරුවන් වැඳ ස්වකීය නිවසට යාමට ගමන්ගත් ධර්මදාස මහතා සහ පවුලේ උදවියත් සමග ජෝන් සිල්වා හා පිලිප්පුත් යන්ට පිටත් වූහ. ධර්මදාස මහතාත් පස්සෙන් එන නොයෙක් කෙනාවූ හෙයින් කා ගැනවත් අමුතු සැලකිල්ලක් නොකොට ස්වකීය නිවසට පැමිණියේය. ජෝන් සිල්වාත් - පිලිප්පුත් පදිංචි ස්ථානය දැන ගෙණ යන්ට ගියහ. පසුදින උදේ ධර්මදාස මහතා ස්වකීය කන්තෝරුවට ගිය හැටියේම ජෝන් සිල්වා එලවපු කුඩයක්, ඉදුනු කෙසෙල් ගෙඩි අ‍ැවරි දෙකක්, කිතුල් හකුරු මුල් තුනක්, ලොසින්ජර බෝතල තුනක් ඇරගෙන රික්ෂෝ රථයකින් ගොස් ධර්මදාස මහතුන්ගේ ගේ ඉදිරිපිට බැස ඒ ගෙණ ගිය ද්ර්ව්යො රික්ෂෝ කාරයා ලවාම ඉස්තෝප්පුවට ගෙන්වා එහ පැත්තකින් තැබුවේය. ධර්මදාස හාමිනේ - හේමලතා හොඳින් ධර්මශාස්ත්රැ උගත් නුවණැති ස්ත්රියයක්. ඈ ගෙහි සිට වහාම එලියට අවුත් ජෝන් සිල්වාට වාඩිවෙන්ට කියා “මේ කොයිබ සිට ආ කෙනෙක්ද. මම නාඳුනමි - මහත්මයා සම්බවෙන්ටද ආවේය” කියා ඇසුවේය. සමහර ස්ත්රීවහු යමෙක් යම්කිසි තෑග්ගක් ගෙණාවොත් ඒ ගැනම හිත යොදනු මිස ඒ පැමිණි පුද්ගලයා ගැන විභාගයක් නොකරති. නමුත් හේමලතා ඒ ගෙණවුත් තිබුනේ කුමක්ද කියාවත් නොබලා පැමිණි අය සමග කථාකරන්ට පටන්ගත්තීය. ජෝන් සිල්වා ඉතාමත් සුවිනීත ගතියකින් “මම ආවේ පොල්ගහවෙල සිටයි - ධර්මදාස මහතා සම්මුඛවීමටයි - ගෙදර එන්නේ කොයි වෙලා වේදැ”යි ඇසීය.

“ගෙදර එන්ට හවස්වෙනවා - මහත්මයා හැව්ලොක් ටවුමට ගියොත් කන්තෝරුවේදී සම්බවෙන්ට පිළිවනි - එසේ යන එක හොඳය”යි කීවාය. ‘යන්ටය’ කී පසු නැවතීම අමාරු බැවින් ගෙණා ද්රොව්යය භාරගන්නටයයි කියා ජෝන් සිල්වා පිටත්වීය. නමුත් හේමලතා ඔහුට කථාකොට “මේ ද්ර ව්යරයත් මහත්මයාටම භාරදුන මැනවි. මා නාඳුනන කෙනෙකුගෙන් මගේ මහත්මයාගේ අවසර නැතිව යමක් භාරගැනීමට මම කැමති නොවෙමි”යි කීවාය. මේ කථාව ඇසූ ජෝන් සිල්වා පුදුමයට පැමිණ රසවත් පලතුරු ආදී දෙයක් තබා නිකමට ලැබෙතොත් කාගේවත් ඉසේ ඇම්ම පවා පිළිගැණීමට බොහෝ ස්ත්රීිහු කැමතිය. ඉතින් මෙ පුදුම ස්ත්රිටය හැබෑ ඉගෙණීමක් ලැබූ ශික්ෂිත මවකගේ දියණියක්ම විය යුතුය. ඒ නිසා ධර්මදාස මහත්මයාගෙන් මගේ අදහස ඉෂ්ට කර ගන්ට ලැබේදැයි සිතමින් තමා ගෙණ ආ


තෑග්ගත් රික්ෂෝ රථයේ දම්මවා ගෙණ ජෝන් සිල්වා හැවිලොක් නගරයේ පිහිටි ශ්රීර පරාක්රණමසිංහ මැතිතුමාගේ නිවස සොයා ගියේය. ජෝන් සිල්වා රික්ෂෝ රථයෙන් බැස ධර්මදාස මහතා ඉදිරියට ගොස් ඉක්බිති රික්ෂෝකාරයාට තමාගේ තෑග්ග ගෙණ එන්ට කීයේය. ධර්මදාස මහතා “තෑග්ග” ය කී හැටියේම මිනිහා කපටියෙක් බව තේරුම් ගෙණ ඔහුත් සමග මෙසේ කථාකළේය.

ධර්මදාස - තමුසේ කොයිබද? තෑග්ගක් රැගෙණ ආවේ කුමක් නිසාද?

‍ජෝන් සිල්වා - මම පොල්ගහවෙල! තෑග්ගක් රැගෙණ ආවේ මහත්මයාට දෙන පිණිසයි.

ධ - මීට ප්ර ථම නාඳුනන කෙනෙකුට තෑග්ගක් ගෙණ ආවේ කුමක් නිසාද? තමුසේගෙන් තෑගි ලැබීමට තරම් සුදුසු වැ‍ඩක් නොකළාවූ මම තමුසේගේ තෑග්ග බාරගන්නෙම් නම් අධර්මවාදියෙක් වියයුතුය. ඉතින් එබඳු කෙනෙක් ඇඳින ගැණීමට තමුසේ ආවේ ඇයි?

ජෝ: සි: - අනේ! මහත්මයා මට සමාවෙන්ට. දැන් කාලේ ලොකු කෙනෙක්, මුදලි කෙනෙක්, රටේ මහත්මයෙක් යටත් පිරිසෙයින් ගම්මුලාදෑනියයෙක් ලඟට යතත් “දැකුමක්” රැගෙණ නොගියොත් සැලකුමක් ලබන්ට බැරිය. ඒ නිසා මොකවත් රැගෙණ යාම සිරිතක් වී තිබෙන බව සැලකූ මමත් මොකවත් රැගෙණ ආවෙමි.

ධ - ඔව්! හොරකමක්, කපටිකමක්, අයුත්තක් කොට එයින් නිදහස් වන පිණිස නැත්නම් අයුත්ත යටපත් කරගන්නා පිණිස තක්කඩි මිනිස්සු මුදලි, රටේ මහත්තැන් ආදීන්ට වේලාපහින්ම සතුටු පඬුරු අරගෙණ යති. ඉතින් අධර්මවාදී කෛරාටික ජනයා “තෑගි” ගෙණ යාම පුරුදුකළ බැවින් නිතරම “තෑගි” වලට ගිජුවූ සමහර මුලාදෑන් වැදගත් නිර්දෝෂ කෙනෙක් යම්කිසි කාරණයක් සඳහා පැමිණියත් “දැකුම” නොදැක්කොත් ඒ මිනිහාගේ උවමනාව ඉෂ්ටකර නොදීම සිරිතක්වී තිබේ. තමාට කරණලද යම්කිසි උපකාරයක් නැති කෙනෙකුට තෑගි දීමත් - තමා විසින් යම්කිසි උපකාරයක් කරණු නොලැබූ කෙනෙකුගෙන් තෑගි ලබා ගැණීමත් එක හා සමාන වැරදි දෙකකි. යම්කිසිවෙක් “අයුත්තක්” කරවාගන්ට සිතාගෙණ තෑග්ගක් ගෙණාවොත් එය පිළිගත් තැනැත්තා අර අයුත්තට


ආධාර කරන්ටම බැ‍ඳේ. ඒ නිසා ඉතාමත් හිතෛෂි දන්නා අඳුනන මිත්රකයෙකුගෙන් මිස කිසිම තෑග්ගක් භාරගැණීමට මම කැමති නැත. දැන් තමුසේ මෙහි ආ කාරණය පමණක් මට කිවහොත් මැනවැ”යි කීවිට ජෝන් සිල්වාට “තෝන්තු” වුනාක් මෙන් චී “මහත්මයා ඉතාත් හොඳ කෙනෙක් බව ආරංචිව මහත්මයා සමග මිත්ර”වෙන්ට සිතාගෙණ ආවෙමි”යි කීයේය. ජෝන් සිල්වාගේ කපටි කථාව හොඳින් අවබෝධවූ ධර්මදාස “මම ඉතාමත් හොඳ කෙනෙක් බව ආරංචි නම් ඒකත් බොරුවකි. මට වඩා හොඳ මිනිස්සු කෙළවරක් නැතිව මේ ලෝකයේ සිටිති. මගේ හොඳකමට නොව මා නිසා මහත්මයාගේ යම්කිසි ගුප්ත අදහසක් ඉෂ්ට කරගැණීමට මේ ගමන ආ බව මට දැන් ප්රිත්යකන්ෂය. ඉතින් මහත්තමයා ඇදලා තිබෙන ‍දැලේ පැටලී කරදර විඳිනවාට වඩා මා ඉන්නා අන්දමට සිදහස්ව ඉඳීමට ඉඩදුන මැනැවැ”යි කියා ධර්මදාස මහතා තමන්ගේ කටයුතු බලාගත්තේය. මේ කථාබස් පැත්තකින් ඉඳගෙණ ඇසූ අන්තෝනි අප්පු කන්තෝරුවෙන් එලියට අවුත් ජෝන් සිල්වා සමග කථා කළේය. “මහත්මයා, ඔය ධර්මදාස එසේ මෙසේ මිනිහෙක් නොවේ. කිසිවෙකුට රවටන්ට බැරි කෙනෙකි. ඒ නිසා වෙන මාර්ගයක් බලනු මිස ඔහුගේ මාර්ගයෙන් අද්වකාත් මැතිතුමා හා මිත්රයවිය නොහැකැ”යි කීවාම ජෝන් සිල්වා තමා ගෙනගිය දේ අන්තෝනි අප්පුට දී “අද රාත්රිව උඹ ‍අපේ කාමරයට එන්ට ඕනෑ” යයි කියා යන්ට ගියේය.


08. පරිච්ඡෙදය[සංස්කරණය]

ශ්රීක පරාක්ර මසිංහ මැතිතුමා විවේකව ඉන්නාවූද නොයෙක් ඉතිහාස පොත් හා ධර්ම ශාස්ත්රිපය පොත් කියවීමෙන් විශාරද ඥානයක් ලබාගන්නා ලද කෙනෙක් උවත් අප්රපසිද්ධ නමුත් තමා විවාහ කර ගත් භාර්යාවත් - තමාගේ දේහශ්රීඋය මදකුත් වෙනස් නොකළ සුජාතා නමැති ලදරු දියනියත් ගැන කල්පනා කිරීමෙන් කීප දිනක් ශෝකාතුරව සිට ජෝන් සිල්වා ධර්මදාස බලන්ට ආ දවසේ උඩුමහල් තලයෙන් බැස ස්වකීය කන්තෝරුවට පැමිණියේය. ධර්මදාස මහතා සමග ධර්ම ශාස්ත්රිැය කරුණු ගැන මිත්රකයෙකු සමග මෙන් කථාකරණ ශ්රීධ


පරාක්රනමසිංහ මැතිතුමා එදිනද බොහෝ කලකින් නොදුටු හිත මිත්රගයෙකු දුටු කලක් මෙන් ධර්මදාස මහතා දැක” පසුගිය සතියේම වරින්වර මට වේදනා උපදවන සිතිවිලි ඇතිවුනා. පරමාර්ථ වශයෙන් බලන කල නම් දුක්වියයුතු කරුණක් ලෝකයේ නැත. නමුත් උසස් ශාස්ත්රය බලයෙන්වත් යටපත්කර දැමිය නොහැකි අන්දිමට සිතේ කණගාටු ආදිය ඇතිවන බව පෙණේ. උඹේ වැ‍ටහීමේ අන්දමට යම් කිසිවෙකුට සිද්ධවන විපතක් හෝ හානියක් තවත් කෙනෙකුට වැලැක්විය හැකිද?” කියා ශ්රීප පරාක්රතමසිංහ තුමා ධර්මදාස මහත්මයාගෙන් ඇසුයේය. ස්වකීය ස්වාමි භූත උසස් මැතිතුමා කවදත් සමාන මිත්රයයෙක්රහ සමග මෙන් කථාකොට පළපුරුදු ඇති ධර්මදාස මහතා

පිචෙය්යග ථඤ්ඤං අමතංච බාලො වුද්ධිංගතො සොච ජිගුච්ඡතෙ තං සජාතු එවං අනුභූය රජ්ජං ඤාණස්ස පාකෙ සතතං ජහාති

යන මේ ශ්රීෙ සංඝබොධි මහරජාණන්ගේ අදහස අපි තෝරා බලමු නම් නුවණෙහි ප්ර යෝජන අපට දතහැක. “ලදරුතෙනම අමෘතයක් මෙන් තනකිරි බොන්නේය. නැවත ලොකුවුනාට පසු ඒ ලදරුවාම ඒ තනකිරි පිළිකුල් කෙරේ. මේ පරිද්දෙන් අපේ බොධිසත්වයන් වහන්සේ සමහර කාලවල රජ සැප අනුභව කොට නුවණ මේරුණු කල්හි රාජ්යසය හැරපියා ගෘහාභිනිෂ්ක්ර මණය කරන්නේය” මේ අන්දමට බලන කල තෘෂ්ණාව යම් තරම් පවතීද ඒ තරමට ඒ ඒ පුද්ගලයන් කෙරෙහිත් - ද්රමව්ය් කෙරෙහිත් අපේ සිත්හි ප්රේදමයත් - ඊට සම්බන්ධවූ ශෝකයත් අනූනවම පවතී. නමුත් නුවණින් සලකා බලනවිට ලදරුවා මුලදී කිරට ප්රේරමකළත් ලොකුවුනාට පසු පිළිකුල් කරන්නාක් මෙන් සාමාන්යි ජනයා ප්රේකම කරණ වස්තුව නුවණැත්තන් විසින් පිළිකුල් කළ යුතුය. එසේ කරණවිට ද්ර්ව්යාසදිය කෙරේ පවත්නා ඒ ප්රේවමයත් ඒ නිසාම පවත්නා භය ශෝකාදියත් මැඩ පවත්වන්ට පිළිවන. තමුන්නාන්සේටත් වරින්වර ‍එසේ කල්පනා වෙන්ට ඇතුවාට අනුමාන නැත. ඉතින් තමන්ගේ හිතෛෂිවූ මව්පිය දූදරු ආදීන්ට පවා ස්ද්ධවන විපත් අනතුරු ආදී සියල්ලම නැතිකර දැමිය හැකි කිසිවෙක් ලෝකයේ නැත. “කම්මපටි සරණො” යන ධර්මය එසේ නේවේ යයි ඔප්පු කරන්ට මේතාක්ම කිසිවෙකුට පිළිවන් නොවීය. ඒ හෙයින් දූදරු ආදීන්ට පවා තමන්ගේ යුතුකම් වශයෙන් කටයුතු සංග්රයහ කරණු මිස තමන්ගේම

ශක්තියෙන් කිසිවෙකුගේ විපතක් - අනතුරක් වැලැක්විය නොහැකි බව ප්රතත්යකක්ෂවූ සත්ය යක් බව පෙණේ” යයි කීවේය. “ඔව්, ධර්මදාස. උඹ තේරුම් ගෙණ තිබෙන හැටි බොහොම හරි. මගේ හිතෛෂි මිත්ර යෙක් වන වික්රිමසිංහ මුදලිඳගේ එකම පුත්රොයා දැන් අනාථව දුකසේ කාලය ගත කරණ බව මට දැනගන්ට ලැබුණා. ඒ ළමයාගේ දියුණුවට උවමනාවටත් වඩා ලොකු ධනයක් ‍සම්පාදනය කර තැබූ වික්රමමසිංහ මුදලිඳුට එවේලාවට වැටහුනු ඉතාමත් හොඳ ක්රගමයට ඒ ළමයා ආරක්ෂා කර ගන්ටද සැලැස්වූ නමුත් අන්තිමේ ඒ උපක්රුම සියල්ලම අවැඩදායක බවට හැරුනා. අප සම්බන්ධ කරුණුත් මීට වැඩියක් නොවේ. ඉතින් ධර්මදාස මට උඹ සමග අවශ්ය්යෙන්ම කථාකරන්ට උවමනාකර ති‍බුනේ අපේ ඉතිහාසයේ ඇති සත්යබතාවයත් ඊයේ රාත්රීම මට අවබෝධවීමෙනි. මා ඉන්දියාවේ ඉතිහාසය පිළිබඳ පොතක් කියවද්දී අප රට ගැන කියා තිබෙන කරුණුත් මට ප්ර්ත්යහක්ෂවුනා. උඹත් ඒ ගැන කල්පනා කර තිබෙනවාද කියා මට කිවයුතුයි. මට වැටහුණු කාරණය උඹට කියමි.

අපේ ඉතිහාසයේ බුද්ධාගම අවුරුදු පන්දහසක්ම නිරුපද්රිුතව පිරිසිදු ගෙස ලක්දිව පවත්නා බව කියා තිබේ. මේ කීම වෙනස් වුනොත් අපේ ඉතිහාසය එහෙම පිටින්ම බොරුවේ. ඉතින් ධර්මදාස මම ඉතාමත් පරීක්ෂාවෙන් කරුණු සෙව්වෙමි. අපේ සිංහල ජාතිය පවන්ගත්තේ සුලු වශයෙන්. නමුත් බුද්ධාගම ආරක්ෂා කරන්ට නියත විවරණ ලැබූ පිරිසකි. ඉතින් විජය කුමාරයා සහිත පිරිස පළමුවෙන්ම යක්ෂයෝයයි සම්මත රෞද්රව මිනිසුන් සමග සටන්කොට ලක්දිව ශිෂිටාචාර කොට දියුණුකළ පසු සිංහලයන්ට වඩා විශාල ජාතියක්වූ දකුණු ඉන්දිටයාවේ දෙමළු ලක්දිව රාජ බලය පිහිටුවා ගන්ට වීර්යකර තිබේ. නමුත් කුඩා පිරිසක් වන සිංහලයන් මැඩපවත්වන්ට දෙමළුන්ට නොහැකිවිය. ලක්දිව සිංහලයන් දියුණුවී - බෞද්ධාගම සිත්වූ පරිදි අවබෝධ කිරීමට තරම් ඥානවන්තවූ හැටියේ මහා මහෙන්ද්ර් මහරහතන් වහන්සේ හා පිරිස වැඩමවා බුද්ධාශාසනය පිහිටුවනලදී. එතැන් පටන් බුද්ධාගම අද මේ මොහොත දක්වාත් අනිත් කිසිම රටක නොපවත්වන්නා තරම් පිරිසිදු ලෙස පවතී. ඉතින් ධර්මදාස බලසම්පන්න එළාර රජුටවත් - මාඝ රජුටවත් - තවත් සිය ගණන් ද්රමවිඩ රජුන්ටවත් කෙතරම් මහන්සිගත් නමුත් සිංහල ජාතිය මකා දමන්ටවත් බැරිවිය. සිංහල ජාතිය නැතිවුනා නම් බුද්ධාගමත් නැතිවේ - බුද්ධාගම නැතිවුනා නම් සිංහල ජාතියත් නොඅනුමානවම නැතිවේ. ඉතින් ධර්මදාස පුදුමයක් බලමු. මීට අවුරුදු දාහකට වාගේ ප්රාථම ඉන්දියාවේ

මහමත් කලබලය කෙතරම් තදින් පැතිර ගියාද කිවාහොත් මුළු ඉන්දියාවෙන්ම බෞද්ධාගම සූන්යත කරණලදී. ඔරන්සිබ් නම් මහමත් අධිපතියා ඉන්දියාව පමණක් නොව මලක්කා රට, ජාවා රට පවා යටත්කොට බෞද්ධ නාමයත් මකාදමා මුළු රටම මහමත් කරණලදී. ඔහු දකුණු ඉන්දියාවට පැමිණ එහි බෞද්ධ නාමය මකා මහමත් කරණලදී. ලක්දිවට ඉතාමත් ආසන්නවූ ගුන්දිරා රටට හෙවත් මාලදිවයිනටද පැමිණ එහි විසූ බෞද්ධයන් මැඩ ස්වකීය මහමත් දෘෂිටිය දියුණු කරනලදී. මුළු ඉන්දියාවත් - ඒ ආසන්න කුඩා ර‍ටවලුත් කිසි අමාරුවක් නැතිව යටත් කරගෙණ ස්වකීය මහමත් භක්තිය දියුණුකළ මේ බලවත් සේනාපතියා ලක්දිවටත් පැමිණියා නම් අද ලක්දිව පදිංචිකාරයෝ කව්ද? ඇත්තෙන්ම සිංහලයෝ නො වෙති. නමුත් මේ මහමත් ශක්තික සේනාපතියාට මාලදිවයිනෙන් මෙහාට එන්ට සිතක් පහලවී නැත. ඇත්තෙන්ම මෙය පුදුමයක් නොවේද? පන්දහසක් පවත්නා බුද්ධශාසනය සිංහලයන් විසින් ආරක්ෂා කිරීම ඒකාන්ත හෙයින් කොයි ක්ර්මයකින් නමුත් මුළු ජමිබුද්වීපයත්, මලක්කා, ජාව‍ා, මාලදිවයින් ආදී සියලු තැන්වලත් ගලාගිය මහමත් භක්තිය නමැති සැඩපහර ලක්දිවට නායේය. එදා ඕරන්සිබ්ට පාර මුවාහ කොට සිංහලයන් ආරක්ෂා කරණලද්දේ කවරෙකු විසින්ද? ඇත්තෙන්ම ධර්මදාස අපේ ඉතිහාසයේ ලියා තිබෙන අනාගත කියුම් සියල්ලම ස්ථිරවූ හැටි සලකා බලනවිට සිංහල ජාතිය තරම් පුණ්යකවන්ත මනුෂ්ය් වර්ගයක් මුලු ලෝකයේම නැති බව පෙණේ. කල්ප ගණනකින් නොලැබිය හැකි උතුම් බුද්ධශාසනය ආරක්ෂා කිරීමේ උතුම් මෙහෙය සිංහලයන්ගෙන් ඉවත්කිරීමට පරංගි නමැති යුරෝපීය ජාතිය අවුරුදු 155 ක් තිස්සේ දරා තිබෙන උත්සාහය අප්රමමාණයි. ලක්දිව මුහුදුකර පළාත්වල විසූ පිරිසිදු සිංහලයන් මැරෑ හැටිත් ඔවුන්ට වද දුන් හැටිත් සලකා බලනවිට ආර්ය ලේවල දැඩිකම නිසාම ඔවුන්ට බෞද්ධාගම ජීවිතයට වඩා සලකන්ට පිළිවන්ව තිබේ. යුදෙව් රටේ මිනිසුන් විසින් දෙවියෙකැයි සම්මත කරගත් ඇහිය: හා ඔහුගේ පුත්ර්යායි පටබැඳගත් ක්රියස්තුස් නමැති ගලිල ජාතික ගැලවුම්කාරයාත් සිංහලයන්ට පිළිගන්වන්ට පරංගින් ගත් උත්සාහයෙන් විස්සෙන් තිහෙන් කොටසක් වත් උත්සාහ නොකොට මුළු පරවර ජාතියත් - ගෝවා ජාතියත් ක්රිකස්තියානි කරගන්ට පරංගින්ට පිළිවන්විය. නමුත් ඇත්ත වශයෙන් සලකනවිට අමිශ්රස - තේජවන්ත එකම සිංහලයෙක් මේතාක් ක්රිතස්තියානි කිරීමට පරංගින්ටවත් - ඔවුන්ගෙන් පසු නොයෙක් මිෂනාරින්ටවත්

නොහැකිවීමෙන් සිංහලයන්ගේත් බෞද්ධාගමේත් ඇති සම්බන්ධතාවය ප්රැත්යහක්ෂවේ. ලක්දිව බෞද්ධාගම අවුරුදු පන්දහසක්ම පිරිසිදු ලෙස පවත්නා බවට මහමත් බලය මෙහි නොපැමිණීමත් - පරංගි බලය මැඩපැවැත්වීමත් - ඕලන්ද බලය රැවටීමත් - මිෂනාරී බලයට සිනහවීමත් පමණක් නොව තවත් හොඳ සාක්ෂියක් ධර්මදාසට පෙන්වන්නෙමි. උතුම්වූ බෞද්ධාගම දියුණුවන්නේ ප්රරතිපත්ති පුරණ කාලයේම පමණයි. ප්ර්තිපත්ති පිරීමට ධර්මවිනය හොඳින් උගත් භික්ෂුන් බහුල විය යුතුයි. අවුරුදු 155 ක් පමණ පරංගින්ගේ නිරන්තර සටන් වලින් දුක්ඛිතව විනාශව ගිය සිංහල ජාතියට ද්රගවිඩ පරවර ආදි පහත් ජාතිවල සෙනගත් ඈඳීම නිසාත් - ඔහු ම්ලේච්ඡ ගලිල ආගම පිළිගත් නිසාත් අධික බලතර විපතක්ද එක්වූයේය. මේ කාලයේම වීරපරාක්රතම නරෙන්ද්රරසිංහ නමැති අන්තිම රජුගෙන් පසු සිංහල සිංහාසනය වඩිග කුමාරවරුන්ට හිමිවීමෙන් තවත් කරදරයකුත් එක්ව සිංහලයන්ගේ ධර්ම ශාස්ත්රම ඥානය සම්පූර්ණයෙන්ම වාගේ නැතිවී ගියේය.

බුද්ධාගම ලක්දිවින් මුලොච්ඡින්නව යායුතුව තිබුනේ ඒ කාලයේමැයි. නමුත් පන්දහසක්ම ලක්දිව පැවතියයුතු ශාසනය අවුරුදු දෙදහස් ගණනකින් අන්තර්ධාන විය නොහැකි නිසා ශක්රුයාගේ හා දුටුගැමුණු, පරාක්රිමබාහු ආදි දෙවිවරුන්ගේ සම්මතය ඇතිව හෝ නැතිව වැලිවිට පිණ්ඩපාතික සරණංකර සංඝරාජ නමින් උත්තමයෙක් ඇතිවූයේය. මුන්වහන්සේ උපදින කාලයේ ලක්දිව පැවති පහත් දුක්ඛිත භාවයත් - ධර්ම ශාස්ත්රස නාමමාත්රදයෙන් මිස අනික් ක්රදමයකින් නොපැවති හැටිත් බලනවිට තව වරක් ලක්දිව බෞද්ධ බලය පැණ නැගීයයි. එවකට විසූ කිසිවෙකුටත් සිතිය නොහැකි විය. කිසිම අධිකතර බලයක් නොමැති මේ දිව්යව කුමාරයා වැලිවිට කියන ග්රාවමයේ ඉපිද කිසිවෙකුගේත් මෙහෙයීමක් - සහායයක් නොමැතිව ශබ්දශාස්ත්රයයත් - බුද්ධාගමත් ඉගෙණ සියම් රටින් ලැබූ ආධාරයත් ඇතිව නැවතත් ලක්දිව ස්ථිරසාර ලෙස බුද්ධශාසනය පිහිටුවන ලදී. පරංගි ඕලන්දය මහමත් ද්ර විඩාදී අසාධාරණ ආණ්ඩු බලයත් අතුරුදන්වී වීර්යෙන් ප්රිකට කරවා දුන් උත්තම ධර්මය දැන් අපේ රටේ පවත්නා හෙයින් දැන් අපට ලැබී තිබෙන බලවත් ඉංග්රීදසි ආණ්ඩුව කිසිම ආගමකට විරුද්ධ නැතුවා පමණක් නොව බුද්ධාගම ආරක්ෂා කරදීමට වෙනස් කළ නොහැකි පොරොන්දුවකින් බැඳී සිටින නිසාත් ආණ්ඩුාබලයකින් සිතිය හැකි තරම් ඉදිරි කාලයකදි බුද්ධාගමට කිසි

උවදුරක් සිද්ධ නොවේ. ඒ හා සමානවම සැලකියයුතු තවත් කරුණු රාශියක්ම ධර්මදාස මට වැ‍ටහී තිබේ. බුද්ධ ධර්මයත් ශබ්ද ශාස්ත්රාාදියත් ලක්දිවත් වෙන රටවලත් අප්රවකටවූ පසුගිය ශතවර්ෂ දෙකතුනේදී පරම සත්ය ය ප්රයකාශ වන මේ උතුම් බුද්ධාගම ඇදහීම ලෝක වාසීන්ගෙන් අතපසු විය. නමුත් දැන් ‘බෞද්ධය’ කියා ගැණීම සිංහලයන්ට පමණක් නොව නිදහස් අදහස් ඇති අන්යබ ජාතිවල මිනිසුන්ටද මේ ලෝකයේදී ලැබියහැකි බලවත් ගෞරවයත් සැනසිල්ලක්වී තිබේ. වර්තමාන කාලයේ උගතුන්ගෙන් අද්විතීයවූ බෙංගාලේ ආණ්ඩුකාර ධූරය දැරෑ රොනල්ඩ්ෂේ සාමි ඉන්දියාවෙන් අස්ව එංගලන්තයට ගිය ලඟදී එතුමාට දුන් රාත්රිඩ භෝජන සංග්රෙහයකදී කථා කරමින් කීවේ “අශෝක රජතුමා බලවත් යුද්ධ සංග්රාසමයෙහ‍ි යෙදී සතුරන්සාධා මුළු මහත් දඹදිව එකච්ඡත්රාකොට රට සමෘද්ධිමත්කොට ඊලඟට කරණලද්දේ කුමක්ද? පරමාත්ථ සත්ය්ය ප්රටකාශවන්නාවූ සාන්දෘෂිටිකවූ ප්ර ඥාවට අතිශයින් ගෝචරවූ පිළිපදින්නාට මේ ආත්මභාවයේදීම ඉෂිටවිපාක ලැබිය හැක්කාවූ ශාන්තප්ර්ණීත උතුම් ධර්මය පිළිගෙණ ඒ උතුම් බුද්ධ ධර්මය මුළු ලෝකයේම ප්ර්කට කර හැරීම බව පෙණේ. දැන් ජර්මන් යුද්ධය කොට - මුලු ලෝකයේ පැවති ඉතාමත් දරුණු සංග්රාබමය කොට ජය ලබා ඉන්නා අප විසිනුත් කටයුත්තේ මේ උතුම් බුද්ධාගම පිළිගෙණ අනිත් ලෝකවාසීන් අතටද උතුම් ධර්මමෘතය බෙදාදීමට කල්පනා කිරීමය” යන්නයි. බෞද්ධාගම “මිත්යාෙද වකැයි කියමින් ක්රියස්තියානි ආගම බලවත් පරිශ්ර්යෙන් දියුණුකළ යුරෝපීය රටවල උගතුන්ද අද දවසේ ක්රියස්තියානිය ආශාස්ත්රීියවූ නූගත් පහත් මිනිසුන් විසින් පටන්ගත් නිෂ්ප්රරයෝජන මායාවක් බවත් බෞද්ධාගම සත්යලවූ ප්රිඥාගොචර වූ උතුම් ධර්මයක් බවත් ප්ර කාශ කිරීම ඉදිරි අවුරුදු දෙදහස් ගණනක් පිරිසිදුව බෞද්ධාගම පවත්නා බවට සාක්ෂිපයක් බව හොඳින්ම වැටහේ. ඉතින් ධර්මදාස, මුළු ලෝකයේම ඉන්නා පරමාර්ථ ධර්ම ඥානයක් ඇති මනුෂ්යසයන්ට අමාවක් වැනිවූ නිර්මල තථාගත ධර්මය ආරක්ෂා කිරීමේ විවරණය ලත් සිංහලයන් තරම් සැලකියයුතු මනුෂ්ය ජාතියත් ලෝකයේ ඇතිවිය හැකිද? අප ජාතියට වඩා තථාගත ධර්මයේ අයිතිය ඇති දැන් ඉන්නා එකම ජාතිය බුරුමයෝය. තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පැමිණ ධ්යා න සුවයෙන් සත්සතිය ගෙවා පළමුවෙන්ම ලැබූ දානය පිළිගන්නා ලද්දේ තපස්සු භල්ලුක නමැති බුරුම සහෝදරයන් දෙදෙනා ගෙනි. පළමුවෙන්ම ලෝකයේ සුගතාගම්කාරයන්වූ බුරුමයන් ඇරුනාම උතුම්වූ තථාගත

ශාසනය රැකගැණීමේ ගෞරවය සිංහල අපට ලැබීම ඇත්තෙන්ම ධර්මදාස, සිංහලයන්ට දිව්ය සැප ලැබුනාට වඩා ප්රීමතිදායක නොවේද? යනාදිය කීවිට ධර්මදාස මහතා සර්වඥ ශාසනය පන්දහසක් පැවතීමට ඉඩ ලැබුනු පිළිවෙළ මේ අන්දමට මීට පෙර කල්පනා නොකරණලද්දක් බැවින් ප්රීුතියට පැමිණ “මේ අද ඇසූ කරුණු සිංහල ලේ ඇතියන්ගේ ගේ කුල්මත් කරවන - අධික ප්රීමතියට පමුණුවන කරුණුය”යි කියා ප්ර්ශංසා කළේය. ඊට පසු ශ්රී් පරාක්රරමසිංහ මැතිතුමා තමන්ගේ හිතේ පවත්නා කරුණු තමා නොදැනුවත්වම ව‍ාගේ මෙසේ ප්ර කාශ කළේය.

වික්රපමසිංහ මුදලිඳු ස්වකීය පුත්රොයාට උවමනාවටත් වඩා ධනය උපයා ඔහු අඩු ආයුෂයෙන් මළ බැවින් පුතාගේ දියුණුව සඳහා ඒ ධනය භාරකළ යුතු ඉතාම හොඳ ඇත්තාට එය භාරදී මිය ගියේය. ඉතින් සරත් කුමාර වික්ර මසිංහ නමැති ඒ ලමයාත් මව්පියන්ගේ ගතිගුණ වෙනස් නොකළ කිසිම පවක් නොකරණ ඉතාමත් උසස් ඉගෙ‍ණීමක් ඇති - ස්වකීය ආගම, ජාතිය, රට කෙරෙහි බලවත් ප්රේ මයක් ඇති කෙනෙක්වූ නමුත් සංසාරයේ කළ දැඩි පාපකර්මයක් මතුවුනාක්මෙන් දැන් ඒ ළමයාට දුක් විඳින්ට සිද්ධවී තිබෙන බව පෙණේ. ස්වකීය මාමා වන ඒකනායකත් - ඔහුගේ භාර්යාවත් ඔවුන්ගේ අයුතු අදහසට එකඟ නොවන බැවින් ඒ ලමයාගේ දෙපලත් නොදී ඒ ලමයා අනාථ බවට පමුණුවා තිබෙන බව ආරංචියි. ඇත්තෙන්ම ධර්මදාස ස්වකීය ධනය නැති වෙනත් ඒකනායකලාගේ අයුතු අදහස්වලට සරත් කුමාර වික්රැමසිංහ නොබැඳුනොත් ඔහු හැබෑ සිංහලයෙක් - පිරිසිදු ආර්ය වංශිකයෙක් - ස්ථිර සාර ගුණැති මනුෂ්යඳ දෙවියෙක් බව මට නිසැකය. ඒ බව මට ප්රිත්ය ක්ෂවුනුවිට මගේ ධනය ඔහුට අයිති කරමි. නමුත් ධර්මදාස, මගේ දියනිය - සුජාතා ගැන නුඹ දන්නවා ඇති. ස්වකීය මවුත් සමගම විනාශවී ගිය ඒ ලමයා සිහි නොවන එකම පැයක් මට ලැබේද? මගේ විශාල ධනයට හිමිකාරීව ඉපිද ඒ කිසිවකින් ප්රැයෝජන ගන්ට නොලැබුනු ඇගේත් - මවගේත් කර්මවේගය අපි කොහොම විනිශ්චය කරමුද? යනාදී වශයෙන් කියා ශ්රීම ප‍රාක්රමමසිංහ මැතිතුමා හාන්සිපුටුවේ දිග ඇරී ඇහැ පියාගෙණ නිසොල්මන් වූයේය. ධර්මදාස මිනිත්තු තුනහතරක් නිසොල්මන්ව සිට “තමුන්නාන්සේ ඔය විපතට වඩා දරුණු විපතක් ගැන අසා නැද්ද? තවමත් වලව්වේ මහතාත් - කුමාරිහාමිත් අනතුරට පැමිණි බව නිශ්චය කරගත නොහැක. හොඳයි යම් විධියකින් එසේම වුනත් මේ ලෝකයේ ඔයිට වඩා සංවේගදායක

සිද්ධියක් වුනේ නැත කියා සිතමුද”යි කීයේය. එවිට පරාක්රිමසිංහ මැතිතුමා, ඔව්! ධර්මදාස අග් මුල් නැති මේ ලෝකයේ - අග් මුල් නැති කාලාන්තරයේ සිද්ධවූ සිද්ධිවලට විශේෂයක් අපට පමණක් සිද්ධවිය නොහැක. ලොකනාථවූ සම්මා සම්බුදු දීපදෝත්තමයානන් වහන්සේ පෙන්වා වදාළ සත්යේ මාර්ගයේ ගමන් කිරීමෙන් මිසක් අන්යත සැනසිලිදායක ශාස්ත්ර්යක්වත් - ශිල්පයක්වත් - ධර්මයක්වත් - ඇදහීමක්වත් - ප්ර්තිපත්තියක්වත් ඇත්තේ නැත. මගේ සුරතල් සුජාතාත් - ඇගේ පියකරු මෑනියනුත් මේ ලෝකයේ ඉපදී නිකම්ම මැරෙන්ට සුදුසු සුජාතාත් - ඇගේ පියකරු මෑනියනුත් මේ ලෝකයේ ඉපදී නිකම්ම මැරෙන්ට සුදුසු නම් එසේ වියයුතුමය. යම් කිසි සැප පහසු දුක් වේදනාදියක් විඳ කාලයක් වාසය කරන්ට සුදුසු නම් එසේ විය යුතුය. මගේ යුතුකම් හැකි තරමින් ඉෂ්ට කළෙමි. දැන් කුමක් සිද්ධවුනත් ඊට සතුටුවීමට වැඩි අමුත්තක් කරන්ට නැතැයි කියා ශ්රීු පරාක්රදමසිංහ මැතිතුමාට අත්සන් තැබීම පිණිස මේසේ උඩ තබා තිබුනු ලියුම් කීපයකට අත්සන්කොට එතුමා යන්ට ගියේය.

ධර්මදාස මහතා එදා පටන් සරත් කුමාර වික්රඑමසිංහත් - සුජාතාත් - මල්ලිකා වික්රඑමසිංහ මැතිණියන් ගැන පරීක්ෂා කරන්ටත් කල්පනා කරන්ටත් පටන් ගත්තේය. ශ්රී පරාක්රටමසිංහ මැතිතුමාගේ නිරවුල් බූදලයේ වටිනාකම රුපියල් විසිලක්ෂයකට අධිකය. ගුණධර්මයේ පිහිටි පරාර්ථකාමී සත්පුරුෂයන්ට හෝ පරාර්ථදායී වැඩ කරණ යහපත් මිනිසුන් කීප දෙනෙකුට හෝ මේ බූදලය ලැබුනොත් මුළු රටේම වාසනාවකි. නමුත් ආණ්ඩුවේ නිලධාරීන්ටත් - වෙන යම් කිසි ප්ර්සිද්ධ කෙනෙක් දෙන්නෙක් අතටවත් මේ බූදලය පැවරුණොත් ඔවුනොවුන්ගේ හිතුවක් කරනු මිස අසරණ අපේ ජාතියටවත් - රාජාවාත්යරදීන්ගේ ආධාරයක් නැති අ‍පේ ආගම සඳහාවත් වියදම් කරණ එකක් නැත. එහෙයින් මෙහි උරුමක්කාරයන් දැන් නැත්නම් වෙනින් සුදුසු කෙනෙකුටවත් මෙය පවරාදීමට වීර්ය ගණිමි”යි ධර්මදාස මහතා අධිෂ්ඨාන කර ගත්තේය. කන්තෝරුවේදී ඒ ඒ වතුවලට හා ගනු දෙනුකාරයන්ටත් ලියනලද ලියුම් තැපැල් කිරීමට අන්තෝනි අප්පුට ධර්මදාස මහතා කථා කළ නමුත් ඔහු නොසිටියේය. මිනිත්තු තුන හතරක් වනතුරු කන්තෝරුවේ ස්තෝප්පුවේ වුන් අන්තෝනි කොයි ගියේදැයි විපරම් කළ නමුත් දැනගත නොහැකිවිය. එහි සිටි කුඩා ළමයෙකු ලවා ලියුම් ටික තැපැල් කොට ධර්මදාස හතරහමාරට පමණ යන්ට ගියේය. ඒ යනවිට මහපාර පැත්තේ ඉඳලා කන්තෝරුවට දුවන අන්තෝනි අප්පු දුටු ධර්මදාස මහතා ඔහුට කථාකොට “මොකද

අන්තෝනි අප්පු උඹ කොහේ ගියාද? උඹ කාටවත් නොකියා උන් හැටියේම ගියාම වැඩ කරන්නේ කොහොමදැ”යි කීවාම කපටි අන්තෝනි තුනට හතරට නැමී “අනේ මහත්මයෝ අපේ සහෝදරියක් ඇවිත් ඇගේ උවමනා‍වක් සඳහා තිඹිරිගස්යායට මාත් සමග ගියා! අද්වකාත් උන්නාන්සේ සිටි බැවින් මහත්මයාට කියා අවසර ගෙණයන්ට බැරිවුනා” යි කියා කන්තෝරුව වසා තිබුණ බැවින් ඔහුත් ආපසු හැරී ධර්මදාස මහතා සමගම ටිකක් දුර අවුත් තේ වතුර කඩයකට ඇතුල්විය.

ධර්මදාස මහතා වෙනදා මෙන් ගෙකර අවුත් සවස් භාගයේ භාර්යාව හා දරුවන් සමග පන්සලටද ගොස් මල් පහන් පුදා සතුටින් උන්නේය. රාත්රීර නවයහමාරට පමණ අන්තෝනි අප්පුත් ජෝන් සිල්වාත් ධර්මදාස මහතුන්ගේ ගෙදරට පැමිණියෝය. හදිසියෙන් මේ පැමිණීම ගැන පුදුමයට පත් ධර්මදාස ඔවුන්ට වාඩි වෙන්ටත් නොකියා “මොකද අන්තෝනි අප්පු? මේ වේලාවට මේ අයත් සමග අ‍ාවේ කුමක් නිසාදැ”යි කීය. “ඒකද ධර්මදාස මහත්මයා, ශ්රීි පරාක්ර්මසිංහතුමා‍ගේ දියනිය ජිවත්ව ඉන්නවා පිටකොටුවේ මරක්කල ගෙදරක සිටියි. ඒ ගැහැණු ලමයා ලෙඩුන් නවත්වන ස්ථානය ගිනිගත් වේලාවේ හම්බන්කාරයෙකු විසින් එක්ක යන ලදුව දැන් අන්යත වේශයකින් පිටකොටුවේ ඉන්නා බව ආරංචිය”යි කීහ. ඇත්තෙන්ම ධර්මදාස ඔවුන්ගේ පැමිණීම ගැන කලින් අසතුටුව සිටි නමුත් මේ කීම නිසා ඔවුන්ට වාඩිවෙන්ට කියා තොරතුරු විස්තරව ඇසුයේය. මොවුන් මේ නොවන බැවින් ධර්මදාස මහතා සතුටු කරන්ට අනම්මනම් කීවා මිස අනිකක් නොකීවෝය. නමුත් ධර්මදාස ඔවුන්ගේ කීම මධ්යීස්ථව භාරගනිමින් “හොඳයි - එසේ නම් කාරණය හොඳින් විභාගකර බලා මට දැනුම දුන්නොත් පවුන් සියයකට අඩු නොවන ගණනක් ලබාදෙන්නෙමි”යි ජෝන් සිල්වාට කීයේය. ජෝන් සිල්වාට උවමනාකර ති‍බුනේ කොයි විධියකින් නමුත් ධර්මදාසගේ ගෙදරට නිතර යන එන උපායක් යොදා ගැණීම බැවින් ඔහුගේ මනදොළ සඵලවීයයි සතුටුව අන්තෝනි අප්පුත් සමග ඉක්මණින් යන්ට ගියේය. ජෝන් සිල්වාත් - අන්තෝනි අප්පුත් බම්බලපිටියේ සිට එන ගමන් කොල්ලුපිටියේ තේ කඩයකට තේ වතුර බොන පිණිස ගියේය. ඒ කඩේ ‍ඒ වේලාවට සරත් කුමාර වික්ර මසිංහගේ තනාගත් සහෝදරයා - අමරසේනත් තේ වතුර බොමින් උන්නේය. මඳක් කිළුටුවූ සරමකුත් - බැනියමකුත් පමණක් ඇඳගෙණ ඔළුවේ ලේන්සුවක් බැඳගෙණ උන් ඒ

කොළුවා දඩාවතේ ඇවිදින හම්බ කොළුවෙකුට වැඩි අමුත්තෙක් ලෙස සැලකීම ජෝන් සිල්වාටත් - අන්තෝනි අප්පුටත් කිසිම ඉඩක් නොතිබුනු බැවින් - කඩේ අයිතිකාරයන් හා එහි වැඩකරණ සියලුදෙනාමත් හම්බයන් නිසාත් ඔවුන් කරන්නාවූ කටයුත්ත ගැන ඕනෑ එකක් කථාකර ගැනීමට මෙය ඉතාමත් සුදුසු ස්ථානයකැයි සලකා ජෝන් සිල්වා පු‍ටුවක් උඩ වාඩිවෙමින් “තම්බි! අපට කන්ට මොකවත් ඕනෑ - තේ වතුරත් ඕනෑ” කියන් කොට තම්බි වහාම ඉදිරියට අවුත් “රාළහාමි! බිරියානි - ඔඳ බිරියානි තිබෙනවා - ඔඳ කුකුල් මස් තිබෙනවා - ගේන්ඩද?” කියා ඇසූවිට හුඟක්ම හිත ප්රීෙතිසහගතව උන් ජෝන් සිල්වා “හොඳයි එහෙනම් අරන් වරෙන්” කියා දුන්තෙල් බතුත් - කුකුල් මාලුත් ගෙන්වාගෙණ දෙන්නාම අනුභව කරමින් මෙසේ කථාකරන්ට පටන්ගත්තෝය. “අන්තෝනි අප්පු, අපේ වැ‍ඩේ තරමක් දුරට ගොණුවුනා වාගේ පෙණේ - ඒකනායක ගෙදරට උවමනා කරන්නේ සරත් වික්රරමසිංහ නාස්තිකර දමන්ටයි. මට උවමනාකරන්නේ ධර්මදාස නාස්තිකර දමන්ටයි. යම් විධියකින් ඔය දෙක කර ගත්තොත් ශ්රීක පරාක්රදමසිංහගේ විශාල ධනය ‍අපේයි. ඉතින් මේ කටයුත්ත කිරීමට ලොකු මුදලක් ඕනෑ. ඒ මුදල ඒකනායක ලමාළුතනිගෙන් ලබාගන්ට වීරිය කරන්ට ඕනෑ - හැබැයි - අන්තෝනි අප්පු. ශ්රීල පරාක්රේමසිංහතුමාගේ කන්තෝරුවෙනුත් අස්නොවී ධර්මදාස මහතාට විශ්වාස ඇති කෙනෙක්ව ඉන්ට ඕනෑ - සරත්කුමාර වික්රුමසිංහ කියන ගැටයා මම යන්තම් දුටුවා පමණකි. ශ්රීක පරාක්ර්මසිංහ තුමාගේ දුව - සුජාතා ‘සැග්රි ගේෂන්’ ගෙවල් ගිනිගත් වේලාවේ දාලා ගියා -අපි අමුතුවෙන්ම සුජාතෙක් හදලා ඊට පසු සරත් වික්රවමසිංහත් ධර්මදාසත් ඉවරකර ගත්තොත් එතකොට ශ්රීද පරාක්රතමසිංහ උන්නත් මළත් අපේ කාරිය හරි! මගේ අනිත් හවුල්කාරයා නීතිඥ පෙරේරා හාමු මහත්මයායි. උන්නැහේට ඒකනායක වලව්වෙන් හිරේ ලබා දුන්නොත් මා කියන ඕනෑ එකක් කරදෙනවාට අනුමාන නැත. උඹ කරුණාකරලා කවදත් උදේ කන්තෝරුවට ගිය වේලේ පටන් ධර්මදාස සමග ශ්රීා පරාක්රනමසිංහ මැතිතුමා කථාබස් කරණ කොයිම කාරණයක් වුවත් හොඳින් දැනගෙණ මට එදාම කියාපන්නැ”යි කියමින් කෑමත් බීමත් ඉවර ‍කළේය. මේ කථාන්තරය එහායින් තුබුනු බංකුවේ වාඩිවී තේවතුර බොමින් සිටි අමරසේනත් ඉතා ඕනෑ කමින් අසාගත්තේය. “ඒකනායක වලව්ව” කියනකොටම බලවත් සැලකිල්ලකට පත් අමරසේන සරත්කුමාර වික්ර්මසිංහ හාමු ගේ නමත් කියවුනු කාරණයක් කෙසේ තේරුම නොගණීද? රාත්රීක එකොළයට පමණවූ මේ වෙලාවේ ජෝන් සිල්වාට තවදුරටත් ප්ර?මාද විය නොහැකි බව කියා ‍අන්තෝනි අප්පුට රුපියලකුත් දී ගෙදර යන්ට ගියේය.


09. පරිච්ඡෙදය[සංස්කරණය]

අමරසේන ශත පහක තේවතුර බීමට අවුත් දැනගත් කරුණ ඔහුට උසුලාගෙණ යා නොහැකි තරම් බර එකක්විය. ධෛර්යමත් උසස් මේ සිංහල දරුවා අතේ ශතයත් වත් - රැකීමට මාර්ගයක්වත් නැති වෙලාවක සිටි නමුත් බලවත් වීරපුරුෂයෙකු මෙන් පාරට බැස මෙසේ කල්පනා කළේය. “මාගේ ස්වාමියාද සො‍හොයුරාද වන සරත්කුමාර හාමුගේ ධනයත් පැහැරගෙණ එතුමා මැරීමටත් - එතුමාට යම්කිසි ආධාරයක් හෝ අනුකම්පාවක් ඇති ධර්මදාස යන මහතෙකු විනාශ කිරීමටත් - බලවත් ලෙස මගේ ස්වාමියානන්ගේ හිතේ ඇඳී පවත්නා සුජාතා නැමැති කුමාරි හාමිනේ වෙනුවට අන්යම කෙල්ලක් සූදානම් කිරීමාදී විශාල කුමන්ත්රේණයක් දැන් පිළියෙළකර තිබෙන බව පෙනේ. ඇත්තෙන්ම මෙය මම දැනගන්නෙමි - මෙය සුණුවිසුණු කරන්නෙමි - මගේ ස්වාමිවූ සරත් කුමාර මහතා ගලවා ගන්නෙමි - උවමනා කළොත් මගේ ජීවිතය පරිත්යාසග කොට එතුමන් ගලවා ගන්නෙමි - ධර්මදාස කියන ඇත්තාද මැරීමට මොවුන්ට ඉඩ නොදෙන්නෙමි - සිංහල ජාතියේ කීර්තිස්කන්ධයට තවත් සුලු කොටසක්වත් එකතු කිරීමට වීරිය කරන්නෙමි”යි සලකා තමන්ගේ ස්වාමියා වන සරත්කුමාර වික්රීමසිංහ මහතා ඒ දවස්වල නැවතී ඉන්නා කෝට්ට පාරේ පිහිටි අමරසේකර මහතුන්ගේ නිවසට ගියේය. ඒ වේලාවට ගෙදර කවුරුත් නිදා සිටි බැවින් අමරසේන කිසිවෙකුටත් කථා නොකොට ස්තොප්පුවේ තිබුනු බංකුව උඩ දිග ඇඳුනේය. එලිවීමට තවත් තිබෙන්නේ පැය හයකි. මේ හයපැයේම කල්පනා කළත් අපට යෙදී තිබෙන බලවත් අනතුර ගැන මඳක්වත් පැහැදිලි කර ගත නොහැකියි සිතමින් බංකුව පිට දිග ඇදුනු අමරසේනට එදා රෑ පැවති අන්දනම වැඩියෙන් චිත්තාකර්ෂණය වන “භාෂාවකින්” කිය ‍තොත් අමරසේනට මෙසේ කිය හැක.


ත රි ඳු ත් රිවිත් නැතියෙන් දැන් මේ මිහි ත ලේ බ ල ව ත් අඳුරු යක්රජ වී රැපැයි බ ලේ එ ම යු ත් මරු වැදී මගෙ හද විමන තු ලේ නි ම තැන් කරණ කරදර හුණු කර මිනි ලේ

ක රු ව ල යකුගෙ සුමිතුරු වන බක මූ නා ක රු ව ල තුර වෙලප ඉඳ හූ හූ ගා නා පි රි ක ල මහද සිතිවිලි ගිනි දැල් නා නා ගි නි මැ ල යකි සිරුර පිටතට නොම පේ නා

බො මි න් මඩ වතුර වෙල බඩ පැමිණ ය ල ස ව න් යුග පිරුණි දෙන මැඩි හඬිනි ද ල ත දි න් දුක් සුළඟ වැද ලෙස මුහුදු රැ ල ව රි න් වර සැලුනු හැටි මගෙ හද ලද ල

දි ය නෙ ත ගිය දෙ සේ හැර ගණඳුරු එ ද් දී තු රු ම ත සුව ලෙ සේ කොවුලන් සැත පෙ ද් දී ක ප යු ත දිඟු වි සේ සව රැය පවති ද් දී නි දි ම ත එනුකෙසේ හදවත කකි ය ද් දී

ස ඳ නැ ත අමාවක පෝයට සිල් ක ත් තේ ඉ ර නැ ත මහමෙරේ උතුරට යා ග ත් තේ තු රු නැ ත අඳුරු මහ යක්රද ගිල ග ත් තේ හ ද ව ත දන බැවින් ම නෙතට නිදි නැ ත් තේ

ස ම හ රු මලවි දෙන පස සැර ලැබ තැවෙ ති අ න තු රු වෙතොත් තමහට අනිකෙක් තැවෙ ති මෙම යුරු කිසිත් මා වෙනුවෙන් යෙදී නැ ති හ ද තු රු ගිනි කඳක් ඒ නමුදු ඇවිලෙ ති

කි ය මි න් මෙලෙස තැවෙනා ඔහු දැක විග සේ සොබමන් ඉඳුරු දික් ඉත මිතුරු සඳ තො සේ දි නි ඳු න් වඩින බව සහතික කරණ ලෙ සේ වි ග සි න් පිරෙව්වේ අරුණලු මෙදිය කු සේ

රාත්රිිය - කොයි රාත්රිමයත් ඉංග්රී සි පැයින් දොළොස් පැයකි. නමුත් ලෝභ, ද්වේෂ, මෝහ භයාදින් පීඩිත වික්ෂිප්ත සිත් ඇතිව නිදිවර්ජිත


තැනැත්තාට ඒ දොළොස් පැයක්වූ රාත්රි ය දොළොස් මසක් තරම දික්ව වැ‍ටහේ. අමරසේනටත් මෙබඳු දීර්ඝ රැයක් ලැබී යන්තම් ගෙවා ගත්තේය. සිරිත් ප්රඒකාර ‍උදේ පහමාරට අවදිවන සරත්කුමාර වික්රයමසිංහ මහතා නැගිට ඉස්තෝප්පුවට ආවිට දිරා ගිය ‍සරොන් මාල්ලක් හා තැනින් තැන සිදුරුවූ කිලුටු බැනියමක් ඇඳ අමරසේන බංකුව උඩ දිග ඇඳී ඉන්නා හැටි දැක බලවත් සංවේගයට පැමිණ “අමරසේන, උඹ දෙතුන් දවසක්ම මෙහි නාවේ ඇයි? උඹටත් මටත් මේ තත්වයට පැමිණෙන්ට සිද්ධවේයයි සිතු කෙනෙක් නැත. ‘අචින්තිතම්පි භවති’යි වදාළ ලෝකනාථයන් වහන්සේ උතුම් වචනය අපට ‍අපෙන්ම ප්රපත්ය’ක්ෂ විය. උඹට කෑම ඇඳීමාදිය හොඳින් නොලැබීම ගැන හිතට කණගාටුදැ”යි ඇසීය. සොහොයුරෙකුටවත් වඩා අතිශයින් ස්නෙහවත් අමරසේන “මම නම් උපන්දා සිට දුක් වින්දාවූ - මව්පියන් කවුද කියාවත් නොදත් පව්කාරයෙක්මි. තමුන්නාන්සොගේ පින්වත් මෑනියන් නිසා සැපතට පත් මම මගේ උත්පත්ති වේලාවට වඩා දැනුත් සැපවතෙක්ව සිටියදී කුමට දුක්වෙම්ද? නමුත් තමුන්නාන්සේට ජනක කර්මයට හාත්පසින් විරුද්ධ දෘවූ අපරාපරිය වේදනීය කර්මයක් පළදීම ‍කාට උවත් ඉවසිය නොහැක්කකි. එහෙත් ‘සියල්ලම සිද්ධවන්නේ හොඳටය’ කී කීම මට ඊයේ ප්රවත්යඑක්ෂ වුනා. අපට මේ විධියට අසරණවෙන්ට නොලැබුනා නම් මෙලෝ පරලෝ දෙකෙන්ම විනාශවීමට හේතු කරුණුත් අප වටකර තිබෙන බව මට පෙණේ. මෙසේ දුක්ඛිත භාවයට පැමිණ පහත් ජීවිතයක් ගතකරන්ට නූනා නම් අප නොදැනුවක්වම අපේ විනාශය සිදුවනු ඒකාන්තය. දැන් ඒ විනාශය සිද්ධ වුනත් අපට දැනගන්ට ලැබිලාය. ඒ නිසා තමුන්නාන්සේගේ බූදලයත් නැතිව අනාථවන්ටවීම හොඳයයි මම සිතමි”යි අමරසේන කීය. තමන්ගේ දුක්ඛිතභාවයටත් වඩා අමරසේන විඳින අමාරුකම් නිසා බලවත් සංවේගයෙන් සිටි සරත් කුමාරට අමරසේන කී ගැඹුරු කථාව නොවැටහුනේය. ඔහු විඳින දුක නිසා කියන කථාවකැයි සරත්ට වැටහුනේය.

ඉක්බිති සරත් මුහුණ සේදා උදේට ඒ බෝඩිං ගෙදරින් දුන් තේ කෝප්පය බී අමරසේනට තමා අතේ තිබුනු ශත 50 හේ කාසිය දී මෙසේ කීවේය. “කෝට්ටේ ඉංග්රීබසි ස්කෝලයක ගුරුකමක් කිරීමට මම භාරගතිමි. මසකට රුපියල් 50 ක් පඩි ලැබේවි. උඹටත් මටත් දෙන්නාටනම සුවසේ ජීවත්වෙන්ට නම් පඬිය මදි. මගේ මේ නවාතැන් පලටම රුපියල් 35ක් ගෙවිය යුතුයි. ඉතිරි 15 දවල් කෑමටත් - ඇපුල්ලුම්

කුලී ආදියටත් - ඇඳුම් වලටත් මදිය. නමුත් උඹත් සුලු වැඩක් සොයා ගන්නා තුරු කොයිබවත් නොගොස් මෙහිම සිටිය යුතුය. උඹ නොසිටියොත් මගේ දුක තුන් හතර ගුණයකින් අධිකවේ” යයි සරත්කුමාර කීයේය. “හාමු මහත්මයාට මෙන්ම මටත් සුළු අක්ෂාවක් ලැබෙන්ට තිබේ. සමහරවිට මට නිතර ‍එන්ට නොලැබෙන්ටද පිළිවන. කොයි හැටි වුනත් සතියකට වරක්වත් මම එන්නෙමි. මට ලැබෙන රක්ෂාවත් එහි ගොස් කීප දිනක් සිටියාට පසු මම ඇවිත් කියන්නෙමි. හාමු මහත්මයා බයිසිකල් රථයෙන් යන එන නිසා සවස්වෙන්ට පෙර නිතරම මේ බෝඩිමට එන්ටත් ඕනෑ. රාත්රීන කාලයේ කෙතරම් උවමනාවක් නිසාවත් - කාගේ ඉල්ලීමක් නිසාවත් ගෙදරින් පිට නොයා යුතුය”යි කියා බලවත් ශෝකයෙන් මෙන් තමාට දුන් ශත 50 ත් රැගෙණ අමරසේන බෝඩින් නිවාසයෙන් පිටත්වී බොරැල්ලේ සන්ධියට අවුත් හත දහයක් වියදම්කොට කා බී නවයට පමණ උසාවිය වීදියේ පෙරක දෝරු මහතුන්ගේ කන්තෝරු බලමින් හැසුරුනේය. පෙරේ‍රා නම ඇති නාම සටහන් ලෑලි රාශියක් නිසාත් - මුලකුරු නොදත් බැවින් “හාමු” පෙරකදෝරු පෙරේරා උන්නැහේගේ කන්තෝරුව සොයා ගන්ටත් බැරිව එහාට මෙහාට යමින් සිටියේය.

ඊයේ රාත්රිය හම්බ කඩෙන් තේවතුර බොද්දී කථාව පැවැත්වූ දෙන්නාගෙන් කෙනෙක් වන ජෝන් සිල්වා රික්ෂෝ රථයෙන් අවුත් එක් කන්තෝරුවක් ඉදිරිපිට බැස්සේය. එතනත් පෙරේරා නමක් තිබුනු බැවින් - අමරසේනගේ සියුම් කල්පනා වෙන් තමා රාත්රීර දුටු මිනිහා ඇඳින ගැණීමත් නිසා ඒ කන්තෝරුවේ පැත්තකින් පරීක්ෂාකාරීව වුන්නේය. ජෝන් සිල්වා කන්තෝරුවට ඇතුල් වෙනවාත් සමගම “කොහොමද මිස්ටර් සිල්වා කටයුතු හුඟක් දුරට ගොණුවුනාද? මගේ කන්තෝරුව බලාකර ගනිමින් වුන් කොල්ලා ඊයේ කේලමක් කියා අසුවී මම එලවා දැම්මා - මට කොල්ලෙක් නැතුව අද කන්තෝරුව අතුගෑවේවත් නැහැ - බැරිද මට කොල්ලෙක් සොයා දෙන්ට” යයි කියන කොට සිල්වාද “හාමු මහත්තයා සිංහල කොල්ලෙක් තබා ගත්තොත් අපට කිසි වැඩක් කරන්ට බැහැ - කොච්චි කොල්ලෙක් නම් බොහොම හොඳයි - කොච්චියාට සිංහල කොල්ලෙක් හාමු මහත්තයා ලඟ ඉඳීම අපේ බරපතල රහස් කටයුතුවලටත් මහත් බාධාවකි. ඒ නිසා ‍කොචිචි කොල්ලෙකු මම මේ වරුවේම සොයා එන්නෙමි”යි කීයේය. අමරසේනට මේ සියල්ලම හොඳින් ඇසුනේය. ඔහු වහාම


සන්තබස්තියමේ කු‍ඩා පිට්ටනියට දිවගොස් තමා ඇඳ සිටි සරම කොච්චි අඳින ලෙසට ඇඳගෙණ කොච්චි බඳින ලෙස ඔලුවේ ලේන්සුවත් බැඳ‍ ගෙණ පෙරේරා හාමුගේ කන්තෝරුව ලඟට අවුත් එබී බලන්ට විය. ඒ වේලාවට සිංහල මිනිස්සු තුන් දෙනෙක් පෙරකදෝරු මහතා සම්බවෙන්ට අවුත් සිටි බැවින් ‍ජෝන් සිල්වාට මොකවත් කථාකරගත නොහැකිව නොඉවසිලිවන්තව වුන්නේය. අමරසේන කොච්චි වේශයෙන් සන්තබස්තියම පැත්තේ සිට අවුත් පෙරකදෝරු හාමුගේ කන්තෝරුව දොරකඩ හැසිරෙනු දුටු ජෝන් සිල්වා ඔහුට දෙමළෙන් කථාකළේය.

අමරසේනට හොඳහැටි දෙමළ කථා කළ හැක. කොච්චින් ශබ්ද කරණ අන්දමට මලයාලම් වචනද මිශ්රහව කථා කළහැකි බැවින් ජෝන් සිල්වා බලාපොරොත්තු අන්දචමට “හරි කොච්චියෙක් ලෙස අමරසේන උත්තර දුන්විට ජෝන් සිල්වා පෙරේරා හාමුව කථාකොට “බලන්ට හාමු. හරියන වැඩේට ලකුණක්! හාමු මහත්තයාගේ කටයුතුවලට මේ කාලේ සිංහල භාෂාව නොදන්නා මෝඩපාහේ කොච්චි කොලුවෙක් අවශ්යයයෙන්ම උවමනා කර තිබුනා. පැය බාගයක් යන්ට ඉස්සරින් ඉබේම අප ලඟට ආ හැටි දුටුවාදැ”යි ප්රීනතියෙන් සිනාසී කොච්චි කොලුවා ලඟට කැඳවා තොරතුරු ඇසුවේය. තමාගේ රටේ මිනිස්සු කණ්ඩියක් ලක්දිවට එද්දී ආ බවත් - තවමත් රක්ෂාවක් නොලැබුනු බවත් - ගෙදරක හෝ කන්තෝරුවක නවතින්ට කැමැති බවත් - පළමු මාස් දෙකේදීම කෑම ඇඳීම පමණක් දුන්නත් ඇති බවත් කීවේය. ඔහුගේ නම ඇසූවිට “රාමන්” යයි කීවේය. ජෝන් සිල්වාත් පෙරේරාත් රාමන් ගැන අතිශයින් පැහැදී ඔහු නවත්වා ගත්තාහ. ර‍ාමන්ට “ඩෝටි” රෙදි දෙකකුත් - බැනියමකුත් එවේගේම ගෙන්වාදී කන්තෝරුවේ වැඩපල කර ඉවරවුනාම පෙරේරා පෙරකදෝරු මහතා නවතින ස්ථානයට ගොස් උන්නැහේගේ ආවතේව කිරීමට නියම කළේය. ඒ දවස පෙරේරා හාමුට නඩු කීපයක් ඇති දිනක් බැවින් ජෝන් සිල්වාට රාත්රිථ එන්ට කීවේය. “රාමන්” සවස් වනතුරු වැඩ කොට පෙරේරා හාමුත් සමග ඔහු නැවතී ඉන්නා මරදානේ ගෘහයට අවුත් එහි තිබූනු වැඩපලද කරන්ට පටන්ගත්තේය. රාමන් මෝඩයෙක් බව පෙරේරා හාමුට හැඟුනු බැවින් වඩාත් සතුටුවිය. ජෝන් සිල්වාට නියම කළ ලෙස රාත්රීර නවයට තරම අන්තෝනි අප්පුත් සමග පෙ‍රේරා හාමුගේ ස්ථානයට පැමිණියේය.


මව්පියාදීන්ගෙන් ඉවත්ව හුදකලාව ඉන්නා පෙරේ‍රා උන්නැහේගේ කුඩා ගෙදර රාමන් හැර වෙන කිසි කෙනෙක් නැති බැවින් ඔවුන්ට කැමති කාරණයක් කථාබස් කිරීමට අවහිරයක් නැත. රාමන් තමාගේ ආහාර කොටස අටට පමණ කාලා පස්සා පැත්තේ ස්තෝප්පුවේ නිදාගෙණ සිටි‍යේය. පෙරේරා හාමු ජෝන් සිල්වා දුටු හැටියේ “අපට ලැබුනු කොලුවා - රාමන්” ඉතාමත්ම හොඳ එකෙකි. ඌට සිංහල වචනයක්වත් බැරුවාටත් වඩා අලි මෝඩයෙකි. ඒ නිසා අපට උවමනා කරණ දෙයක් කථා කර ගත හැකැ”යි කීයේය.

මෙසේ කථාබස් කරමින් කෑම කද්දී තරමක් වෙරිවෙන්ට සුරාපානයකළ පෙරේරා හාමු ‍ජෝන් සිල්වලාට සංග්රවහ කරන්ට උවමනා නිසා ඔවුන්ටත් දී තමනුත් විෂ්කි ටිකක් නැවතත් බීවේය. මෙසේ කා බී කථාව පටන් ගත්හ.

ජෝන් සිල්වා - මොනවද හාමු මහත්තයෝ, මේ පුතයා හිතුවොත් කරන්ට බැරි දෙයක් කොයින්ද? සුජාතා වෙනුවට ගැහැණු ළමයෙක් ලැහැස්ති කරගත්තා !

හාමු - කෝම සොයාගත්තාද? වැදගත් හැටියට පෙණීම ඇති ‍එකියක්ද?

ජෝ - මම කලක පටන් අඳුනන මංගොහාමි‍ගේ ලෝකෙ කාපු කෙල්ලක් - හොඳ හැඩහුරුකම් ඇති එකියකි. මේකි ලවා ඕනෑ සුර වැඩක් කරවාගන්ට පිළිවනි. හොඳට ගවුන් අන්දලවා ආභරණ පැළැන්දුවාම ඉතාමත් ඉහල වලව්වක තරුණියකගේ මෙන් “අඟරදඟර” තිබෙනවා! දැන් කාලේ බොහෝ ධනවතුන්ගේත් ඉංග්රීරසි ඉගෙණගත් අයගේත් දූ වරුන්ට තිබෙන ඉතාමත් ඉහල ගුණය ලැජ්ජා භය නැති එක තමයි ! අර ඕස්ට්රේ ලියන් හේවායින් කැඳවාගෙණ එක්ක යන්ට ගිය තරුණිය ඔවුන්ගේ උකුල්පිට රෝසමලක් සේ බැබලුනාක් මෙන් මේ වා සොයාගත් මාගරට් නෝනාත් ඕනෑ කෙනෙක් සමග කථාබස් කරන්ට හපනියෙකි !

අන්තෝනි - මොකද සිල්වා මහත්මයා, ලැජ්ජා භය නැති ගෑණු ළමයි ඉතා උසස්යයි කියන්නේද?

සිල්වා - එහෙම තමයි අන්තෝනි දැන් හැටි! ඉස්සර නම් ලැජ්ජා භය ඇතිවීම ස්ත්රීනන්ගේ උසස් ගුණයකි. දැන් එහෙම නොවෙයි - අපේ ස්කෝලවල ගැහැණු ළමයින්ට රේස් දුවන්ට - පිණුම් පණින්ට -


නෘත්යස ගීත පවත්වන්ට - පික්නික් යන්ට - නිතරම පුරුදු කරති. ඉතින් ඒ ක්රියයාවලට සමර්ථ වන තරමට ලැජ්ජා භයත් නැතිවෙති. මා සොයා ගත් කෙල්ලටත් ස්කෝලයකට නොගොසින්ම සියලුම ‘පැෂන්ස්’ පුරුදුවී තිබේ.

හාමු - ඉතින් ඒකිගේ නම හරිගස්සා ගත්තාද?

සිල්වා - මම ඒ ළමයාව ‍අපේ නවාතැන්පලට එක්ක ගොස් සුජාතාගේ තත්වවයට සුමානයක් තුළදී පිළියෙල කරන්නෙමි. ඈට හොඳට කන්ට බොන්ට අඳින්ට පළඳින්ට දී අපට උවමනා කරුණු කොතනකදී උවත් කිසි භයක් චකිතයක් නැතිව කියන්ට පුරුදු කරන්නෙමි. හොඳයි තව සුමානයකින් අපේ “සුජාතාව” හාමු මහත්මයාට පෙන්නුවාම මගේ සමර්ථකම දැනගන්ට පුළුවනි.

හාමු - ඉතින් සිල්වා. ඒකනායක වලව්වට ගියේ නැද්ද?

සිල්වා - දැනුත් මම එන්නේ එහේ ඉඳලයි - ඒකනායක රාළහාමි ස්වකීය බෑණා වන සරත් කුමාරට දුවනිය දීමට තවමත් වීරිය කරණවා - නමුත් වලව්වේ මහත්මහාටත් පුංචි නෝනාටත් ඒ සරත්ව හරකෙක් විතරවත් උවමනා නැත. මට පෙරේදා රුපියල් 500 කුත් දී සරත් පිස්සෙක් කරන්ට හෝ වෙන කොයි අන්දමකින් හරි විනාශකර දමන්ට හෝ කීවා! මක්නිසාද ඔහු ඉන්නාතුරු ඒකනායක රාළහාමිගේ දුවනිය කාටවත් නොදෙන්ටත් - බූදලේ සරත්ටම දෙන්ටත් ඒකනායක රාළහාමි කල්පනා කරණ බැවිනි. වලව්වේ මහත්මයාගේ අදහස මිසක් රාළහාමිගේ අදහසක් කෙලෙස ඉෂ්ටවේද? වලව්වේ මහත්මයා මට කීවේ හෙට ඉරිදා බැවින් රාළහාමිත් ගෙදර නැත කියා හාමු මහත්මයා සමග එන්ටයි - හෙට උදේ පල්ලි ගිහින් ඉවරවුන හැටියේ එහි යන්ට ඕනෑ.

හාමු - හොඳයි! මම එන්නෙමි. ඉතින් සිල්වා ! සරත් පිස්සෙක් කරණවයි කියමු. මට ඒකනායක වලව්වෙන් කසාද බඳින්ට ලැබුනයි කියමු - නමුත් අපි ශ්‍රී පරාක්රබමසිංහගේ බූදලේ අයිති කරගන්නේ කොහොමද?

සිල්වා - ඇත්තෙන්ම ඒක තමයි. අමාරුව. දැන් මේ අන්තෝනි අප්පුව යාලුනරගෙණ ඉන්නෙත් ශ්රී් පරාක්ර මසිංහ තුමාගේ රහස් ලේකම් ධර්මදාසව විනාශ කරන්ට හෝ එතනින් අහක් කරගන්ට ඕනෑ කරන්නේත් ඒකටයි. උන්නැහේ අන්තිම

කැමැත්ත ලියන්ට කටයුතු සූදානම් කරණවා - ඒ වැඩේ හාමු මහත්මයා ලවා කරවාගන්ට ලැබුනොත් ඔක්කොම හරි නොවේද?

හාමු - ඒක නම් එහෙම තමයි. නමුත් සරත් කුමාරත්, ධර්ම දාසත් දෙන්නෙකු අන්තර්ධානකොට - ශ්රී් පරාක්රහමසිංහත් මිත්ර කර ගෙණ ‍වල් කෙල්ලෙකු උතුම් කුලකාන්තවකගේ තත්වයට පමුණුවා - පියා අසතුටුව සිටියදී වැදගත් ස්ත්රිේයක් සරණ පාවා ගැණීම ආදී මේ බාරදූර වැඩේ කිරීමට ජෝන් සිල්වාට පුළුවන් නම් මට පිළිවන් ඕනෑ දෙයක් කරදෙන්නෙමි. නමුත් අහු නොවී ඉතාමත් රහසිගතව කළයුතු වැඩකි. යම් විධියකින් එකකින්වත් කොණක් කාටවත් දැනගන්ට ලැබුනොත් අපේ කෙරුම් ඔක්කොම ඉවරයි!

අන්තෝනි - හාමු මහත්මයා මේ වැඩේ භාරදූරකම කී නිසා මමත් එකක් කියන්ට කැමතියි - සැග්රිඩගේෂන් කඳවුර ගිනිගත් වේලාවේ එහි උන් සුජාතා පරාක්රාමසිංහ කුමාරිහාමි මළාය - අශාධ්යහ රෝගීන්ගේ ආරෝග්ය් ශාලාවේ සිටි මල්ලිකා වික්ර මසිංහ ලමාළුතනිත් මළායයි සිතාගෙණ අපි මේ කටයුතු කරගෙණ යනවා - හොඳයි, යම් විධියකින් ඔය දෙන්නාම හෝ දෙන්නාගෙන් එක්කෙනෙක් හෝ ජීවත්ව ඉන්නේ නම් අපට කුමක් කළහැකිද? ඒ නිසා පළමුකොටම විපරම් කර ගතයුතුව තිබෙන්නේ ඒ දෙන්නා ගැනයයි මම සිතමි.

සිල්වා - ඔව් ! අන්තෝනි අප්පු, ඒක නම් හැබැයි - උඹ හිතාගෙන ඉන්නේ මම ඒ ගැන විපරම් නොකළාය කියාද? මම ජෝන් සිල්වා බව උඹ දැනගනින්! අශාධ්යම රෝගීන්ගේ ආරෝග්යාශාලාවේ උන් මල්ලිකා ලමාඑතනී මැරිළා ගියා! සුජාතා කුමාරිහාමිත් කඳවුර ගිනිගත් වේලාවේ හම්බ මිනිහෙකුගේ අතට අසුවී කොයිබ ගියාද කියා කාටවත් දැනගන්ට බැහැ! ඒ නාකි හම්බයා නොඅනුමානව ඒ කුමාරිහාමිත් රැගෙණ ඉන්දියාවට යන්ට ඇති - එසේ නොගියත් හම්බ ගෙදරකට ඇතුලත් කරගත් සිංහල ගැහැණු ළමයෙක් කොයි ‍කාලයක එලියට ඒද? එසේ හම්බ මරක්කල බවට පමුණුවාගත් සිංහල ස්ත්රීලන් කොපමණය කියා හිතනවාද?

හාමු - හොඳයි! ජෝන් සිල්වා, තමුසේ මට වඩා මේ කාරණය

දන්නවා ඇති - ඉතින් දැන් අපි පළමුකොට කුමක් කළයුතුද?

සිල්වා - හෙට ඉරිදා බැවින් පල්ලි ගොහින් ආ හැටියේ අපි ඒකනායක වලව්වට යමු. අප දෙන්නා යනකොට ඒකනායක ලමාතැනී හා දියනිය ඩොරොති නෝනාත් පල්ලි ගොහින් අවුත් ඉන්නවාට අනුමාන නැහැ - එතකොට ඩොරොති නෝනාගෙත්, හාමු මහත්මයාගෙත් මංගල්යතය තීන්දුකර ගන්ට පිළිවනි. මට තව මුදල් ටිකකුත් ඕනෑ - ඒකත් ලබා ගන්ට පිළිවන්. ඉන් නිසා අපි පළමුකොට හෙට ‍ඒකනායක වලව්වට යමු - කියා හෙට උදේ 9 ට පෙ‍ාරොන්දුවී ජෝන් සිල්වා හා අන්තෝනි අප්පුත් යන්ට ගිය හ.

ඉරිදා උදේ දහයට ‍ජෝන් සිල්වා - ඒකනායක වලව්වට ඇවිත් මේතාක් තමා කළ හපන්කම් ඒකනායක ලමාඑතැනීට කියමින් උන්නේය. පෙරේරා පෙරකදෝරු උන්නැහේත් පල්ලියේ කටයුතු ඉවරවූ ඉක්මණින් ඒකනායක වලව්වට ආයේය. ඒකනායක ලමාඑතනී බෑණාකමට බලාපොරොත්තු වන පෙරේරා හාමු හොඳින් පිළිගෙන දුවනියට - ඩොරොතිටද කථාකොට “ගොන් බලු” බීර වලින් සංග්රිහයද කොට කථා කරන්ට පටන්ගත්තාය. අලුත් පිටට නැන්දම්මලාගේ හැටි ඉතාමත් සතුටු දායකය.

“අ ලු ත් පිටට බෑණා ගෙදර එන කො ට ම ලු ත් පුදා දුව කැඳවයි ඉදිරිය ට ක ලු ත් ගොසින් බෑණා පරණ වෙන කො ට බ ලු ත් නොවටීය බෑණා නැන්දා ‍ට”

යනාදී පුරාණ ආප්තෝපදෙශ කිසිත් නොදත් පෙරේරා හාමු ඩොරොතිගේ දර්ශනයෙන් අධික ප්රීෙතියටත් නැන්දාගේ කරුණාවන්ත භාවයෙන් බලවත් සැනසිල්ලටත් පත් බැව් දුටු ජෝන් සිල්වා පෙරේරාට කථාකොට හාමු මහත්මයාගේ දැන් කල්පනාව කියන්ට - වලව්වේ මහතා ඉදිරියේම කියා අදම කාරණය තීන්දුකරගන්න එක හොඳය”යි කියනකොට කට කොණකින් සිනහසෙමින් ඉන්නා ඩොරොතිගේ මුහුණ දෙස බැළූ පෙරේරා හාමුගේ හෘදය ඊශ්වර දැහැනෙන් මතුරණු ලැබූ ශ්රී විෂ්ණුගේ අත හිස පිට තබනු ලැබූ අනඞගයාගේ හිස මෙන් දා ගියේය. ඉක්බිති ඒකනායක ලමාතැනී මෙසේ කීයේය. “හාමු මහත්මයා, අපේ තරාතිරම රටේ කවුරුත් දනිති. අපට ඉන්නා එකම දරුවා වන ඩොරොති අපේ රාළහාමිගේ බෑණා

වන සරත්ට විවාහකර දෙන්ට හිතාගෙණ හිටියා. නමුත් එයා බුද්ධාගම්කාරයෙකි. කාලයට ඔබින හැටියට “සීලාචාර” වෙලා නැහැ. විෂ්කි වීදුරුවක් බොන්ට බැරි, සුරුට්ටුවක් සිගරැට් එකක් බොන්ට බැරි, හරක් මස් ටිකක් කන්ට බැරි, සභාවකදී තරුණියක් වැළඳගෙණ නටන්ට බැරි, පල්ලි ගොහින් සින්දුවක් කියන්ට බැරි මිනිහෙක් මගේ දුවට හිමිකර දෙන්නේ කොහොමද? සැප විඳින්ට නම් බීම බොන ඉංග්රී සි විධියටම කල්ගත කරණ කෙනෙක් සමග කසාද බඳින්ට ඕනෑ. දැන් මට තිබෙන සැප මම දනිමි. පල්ලි යනවාය කියා ගොස් උවමනා යාළු මිත්ර.යන් සමග මුළු දවසම හොඳින් ගතකර ගෙදර ආවත් මගේ මහත්මයාගෙන්වත් මවුපියන්ගෙන්වත් කිසි කරදරයක් නැතිව දේව මෙහෙයට ගිය බව කියා සතුටු වෙන්නට පිළිවන. ඊටත් වඩා විෂිකි බ්රැෙන්ඩි ආදිය නොබීවොත් අධික කාමුක ගතියක් ඇති නොවේ. මනුෂ්යි ලෝකයේ තබා දිව්යට ලෝකයේ පවා “මුද්රිික පානය” තිබෙන බව අපේ බයිබලයේ උගන්වයි. බුද්ධාගම්කාරයෙකුට කුකුළෙක්, ඌරෙක්, ගොණෙක් මරාගෙණ කන්ටවත් ඉඩක් නැත. අපට ඒ සියල්ලක්ම සික්වූ පරිද්දෙන් කරගන්ට් ඉඩ තිබේ. කොටින්ම සිංහල කුල චාරිත්රි පැවැත්වීමට නම් බුද්ධාගම්කාරයෙක් වෙන්ට ඕනෑ - ක්රිලස්තියානිවූ හැටියේ යුරෝපීය සිරිත හිමි වේ. සිංහල සිරිත් පැවැත්වීමෙන් මෘදු මොලොක් ශාන්ත නිරාහංකාර, වියදම් අඩු, චාන් ජීවිතයක් ගතකරන්නට වේ. මට නම් පේන්ටවත් බැරි ඒක තමයි. පිරිමියෙක් තබා ගැහැණියක් උවත් - ටිකක් සූර්වෙන්ට - ඉඳහිටලා නටන්ට පණින්ට - ඉඳහිටලා මනාප තැනක යන්ට - එන්ට - ලක්ෂණ ඇඳුම් අඳින්ට - නුවරඑලි, බණ්ඩාරවෙල ආදී තැන්වල යන්ට එන්ට සතුටු නැද්ද? මගේ එකම දුව ඩොරොතිව මම නම් කිසිකලක බුද්ධාගම්කාරයෙකුට විවාහකර නොදෙමි. බද්ධාගම්කාරයෙක්ව සිටි අපේ රාළහාමි මා කසාද බැඳ තුන්මාසේ යන්ටත් පෙර මම ක්රියස්තියානිකර ගනිමි. මම එසේ කළේ මට ඕනෑ කරන නෙයියාඩම් නටන්ට ඉඩගන්නා පිණිසය. සිංහල ගතියේම ඉන්ට නම් බෞද්ධ වියයුතුයි. යුරෝපීය වීමට නම් ක්රිිස්තියානි වියයුතුයි. යුරෝපීය නොවී අධික කාම සැප විඳින්ට බැරිය. යුරෝපීය වෙලා ඒ අනුව ප්රී.තිවී අවුරුද්දක් ජීවත්වන කල සිංහල කුලසිරිත්වල අන්දමට සියක් අවුරුද්දක් ජිවත්වෙනවාට ව‍ඩා මට නම් හොඳයි. ඉතින් මට මනාප සැප පහසු මගේ එකම දියනියටත් ලබාදීමට මම සතුටු නොවෙම්ද? ඒ නිසා කෙතරම් යුතුකම් තිබුනත් කොපමණ

උගතෙක්වුනත් සරත්ට ඩොරොතිව දෙන්නේ නැත. මගේ හිතට අල්ලපු මහතෙක් නම් මේ හාමු මහතායි. මොකද ජෝන් සිල්වා. ඩොරොතිත් මේ පෙරේරා හාමුත් එකට ගැළපෙනවා නොවේද? කියා නොඉවසිලිවන්ත ලෙස ඒකනායක ලමාතැනී ජෝන් සිල්වාගෙන් ප්රැශ්න කළාය. ලමාතැනීගේ කථාවට අතිශයින් පැහැදී සිටි ජෝන් සිල්වාටත් පෙරේරා හාමුටත් ඒ ගැන ස්තුති කරන්ට වචන නැතිව සිටියෝය. එහෙත් ජෝන් සිල්වා සිනාසී “වලව්වේ මහත්තයාගේ කථාව සත්යියෙනුත් සත්ය්යකි. මේ කාලේ හැටියට “ඉංග්රී සි පැෂන්” නොගෙන ඉන්නෝ ‘වනචර’ අමුඩිත්තෝ පමණකි. ක්රි“ස්තියානි ආගම තරම් සතුටුදායක පහසුවෙන් ඇදහිය හැකි ආගමක් කෙයින්ද? අපට උවමනා තරම් සැප පහසු විඳලා, කාලා, බීලා, නටලා, දුශ්චරිත කරලා, ඕනෑ අපරාධයක් කරලා උවත්, වච්ඤා කළාම ඒ පව් ඔක්කොම ඉවරයි. අපටම ගැළවෙන්ට ශක්තියක් නැත. නමුත් පව්කාර අප වෙනුවෙන් ජේසුස් ක්රිැස්තුස් වහන්සේ දුක් වින්දේ අප ගළවන්ටයි. ඉතින් උන්වහන්සේ කෙරෙහි විශ්වාසකරණ කිසිවෙක් අපායට නොයයි. ඉංග්රීිසි ආදී යුරෝපීය ජනයාගේ චාරිත්රෙ ගන්ට නම් - ඔවුන් හා සමානව නිදහස්ව කැමති කැමති හැටියට පස්කම් සැප විදීමට නම් ක්රි ස්තියානි වෙන්ට ඕනෑ. මගේ මව්පියන් බුද්ධාගම්ක‍ාරයෝ නමුත් මම ලොකුවුනාට පසු බුද්ධාගම අත් ඇරියෙමි. සතෙක් මරාගෙණ කන්ට - මත්පැන් ටිකක් බොන්ට - හිතුමනාපයේ හැසිරෙන්ට බුද්ධාගම්කාරයෙකුට ඉඩක් නැත. එහි මනුෂ්ය යන්ගේ නිදහස නැතිකර තිබේ. සතුන් මැරීමෙන් වැළකෙන්ට ඕනෑ - සොරකම් කිරීමෙන් වැළකෙන්ට ඕනෑ - පරදාර සේවනය කිරීමෙන් වැලකෙන්ට ඕනෑ - බොරු කීමෙන් වැළකෙන්ට ඕනෑ - සුරාපානය කිරීමෙන් වැළකෙන්ට ඕනෑ - බොරු කීමෙන් වැළකෙන්ට ඕනෑ - සුරාපානය කිරීමෙන් වැළකෙන්ට ඕනෑ - මේ කාරණා පහෙන් සම්පූර්ණයෙන් නොවැලකුනොත් ඒ ඇත්තා හොඳ බුද්ධාගම්කා‍රයෙක් නොවේ. මීටත් වඩා බුද්ධාගම්කාරයෙක් විසින් පිළිපැදියයුතු පිළිවෙත් රාශියකි. මව්පිය ශ්රබමණ බ්රාධහ්මණ ආදී වැඩිහිටියන් දුටුවිට හුනස්නෙන් නැගිට ඔවුන්ට ගරුබුහුමන් දක්වන්ට ඕනෑ - මව්පියාදීන්ට හොඳින් සංග්රෙහ කරන්ට ඕනෑ - සියලුම සත්වයෝ නිදුක් නිරෝගීව සුවපත් වෙත්වායි උදේ සවස භාවනාවකින් මෛත්රි පුරන්ට ඕනෑ - කිසිවකුගේ යස ඉසුරක් දැක ඊර්ෂ්යාප නොකොට ඒ අනුන්ගේ සැපත ගැන ප්රී තිවෙන්ට ඕනෑ - තමන් දුක්විඳලාවත් අනුන් සුවපත් කරන්ට ඕනෑ - පඤ්චකාම සැප විඳිතත් ඒ ගැන දැඩි ලොභ ගතියක් ඇතිකර නොගෙණ අමිහිරි කෂායක්

බොන්නාක් මෙන් ඒ පඤ්චකාම සැප විඳීමත් බෞද්ධයන්ගේ ගතියකි. බෞද්ධාගම ඇදහීමෙන් ඇතිකර ගැණීමට බලාපොරොත්තුව නිවන් දැකීමලු - ඒ නිවනය කියන්නේ - කිසිම කෑම බීමක් නැතිව කෙළිසෙල්ලම් නැති කමදාවත් පඤ්චකාමයට කැමැත්තක් අට නොගන්නා පුදුම ස්ථානයක්ලු.

ඉතින් මෙබඳු බැරෑරුම්වූ කටයුතු කරන්ට හා ගැඹුරු ධර්ම තේරුම් ගන්ටත් කාට පුලුවන්ද? ක්රිහස්තියානි ආගම එහෙම එකක් නොවේ. මිනිත්තු පහකදී ඕනෑම මෝඩයෙකුට තේරුම් ගන්ට පුළුවන, “පටන් ගැන්මේදී දෙවියන් වහන්සේ අහසත් පොළවත් මැවිවා - ඒ මැවීම කළේ මීට ඉහත අවුරුදු 5929 වෙන් වර්ෂයේ ඔක්තෝම්බර් මාසේයි! දෙවියන් වහන්සේ සදාකාලිකයි. උන්වහන්සේ ලෝකය මවා - ගස් කොලන් මවා - ඉර හඳ මවා - සතුන් මවා - ඊට පස්සේ මඩ වලින් ආදම් කියා මිනිහෙකුත් ඔහුගෙන් ඉල අටයක් හොරකම්කර ඒව කියා ගැහැණියකුත් මැව්වා - ඉතින් ලෝකයාට හොරකම ඉගැන්නුවේ දෙවියෝය. මට නම් ‍හොරකම ඉගැන්වූ අයට වඩා උත්තමයෙක් නැත. ඊටත් වඩා දෙවියන්වහන්සේ සතුන් ම‍රා කන්ට - වෙන ආගම්වල මිනිසුන්ගේ අඹුවන් කොල්ලකාගන්ට උගන්වා තිබේ. මේ ක්රිවස්තියානි ආගම තරම් ඕනෑම හිතු මනාපයක් කරන්ට පුළුවන් ඕනෑම මෝඩයෙකුට තේරුම් ගතහැකි තවත් ආගමක් කොයින්ද? චිත්ත චෛතසික රූප නිර්වාණ ධාතු ආයතන ආදී කිසිම ඉගැන්වීමක් නැති අපේ ක්රිතස්තියානි ආගම ඇදහීම කොපමණ ලේසිද? ඊටත් වඩා ක්රිකස්තියානි කාරයෙකුට උවමනා කරණ ඕනෑම අපරාධයක්කර ගැලවෙන්ට ගැලවෙන්ට පුළුවනි. ඇරත් ක්රිඕස්තියානි අදහන මිනිහාට මෙහෙදී විතරක් නොව ස්වර්ගයේත් මොන ෂෝක්ද? එහේ හොඳ වයින් තිබේ - රවිකිඤ්ඤා ගාන්ට බාල් නටන්ට සින්දු කියන්ට තරුණ තරුණියන් වැළඳගෙණ උවත් නටන්ට පුළුවනි. මේ අන්දමේ තේරුම් ගන්ට පහසු - පව්කළාට ඒ පව් භාරගන්ට දිව්ය පුත්රතයෙක් ඉන්නා - කන්ට බොන්ට නටන්ට ඉඩ ඇති - ස්වර්ගයක් තිබෙන ආගමක් තිබියදී ගැඹුරු ධර්ම ඉගෙණ ගන්ටත්, ප්රතතිපත්ති පුරන්ටත්, භාවනා කරන්ටත්, සීලවන්ත වෙන්ටත් ඇති රුදාව කුමක්දැ”යි ජෝන් සිල්වා කියනකොට - සතුටට පත් - ඒකනායක ලමාතැනී ස්වකීය දියන්ය වන ඩොරොති ලඟට කැඳවා “ඩොරොති, උඹ මේ පෙරේරා හාමු සමඟ සරණ වෙන්ට කැමති නොවේදැ”යි ඇසීය. ඒ ප්ර ශ්න වලට කිසි

ලැජ්ජාවක් භයක් නැති ඩොරොති සිනාසෙමින් පෙරේරා හාමුට අතට අතදී කථා කොට ඔහුත් සමග ටිකක් තිබුනු පුටු දෙකක්පිට වාඩිවී කථාකරන්ට පටන් ගත්තාය. ජෝන් සිල්වා ඒකනායක ලමාතැනීත් සමග කථා කරමින් - පෙ‍රේරා හාමුට බුදලේ දුන්නාම ඇති. දැන් උන්නැහේට දෑවැද්ද වශයෙන් කිසිවක් උවමනා නැත. නමුත් සරත් හාමුවත් සුජාතා පරාක්රනමසිංහවත් නැතිකර දැමීමට ලොකු වියදමක් උවමනා කර තබේ. ඒ නිසා මට අද හවස මක්කරලාවත් රුපියල් 1000ක් ලැහැස්තිකර දෙන්ට ඕනෑය. ප්රසමාද වුනොත් මොකවත් කරන්ට ලැබෙන්නේ නැතැ”යි ජෝන් සිල්වා කීයේය. “හොඳයි, ජෝන් සිල්වා දැන් රාලහාමි ඒවි. මාලඟ නම් රුපියල් දෙතුන් සියයකට වැඩි මුදලක් නැත. රාළහාමිගෙන්වත් ඒ රුපියල් 1000 හ ඉල්ලා ගන්ට ‍බලන්නෙමි”යි කීවාය. ජෝන් සිල්වාගේ කාරිය ඉෂ්ට නොවන තැනට කථාව කෙරෙන බව වැටහී “එහෙම නොවෙයි සරත් හාමුට අනතුරක් කර ඔහු පිට දකිනතුරා රාළහාමිට මේ බව කියන්ට නරකයි. සරත්ට අන්තරාය කරණවාට රාළහාමි කොහෝමවත් සතුටු නොවේ. ඒක නිසා අපේ කටයුතු හුඟක් දුරට කෙරෙණ තුරු අපිම රහසින් වැඩ කරන්ට ඕනෑ. ඒ නිසා ලමාඑතැනී මක් කරලාවත් මට උවමනා මුදල් ටික කාගෙන්වත් අරන් දෙන්ටය”යි කීය. ජෝන් සිල්වාගේ කථාව හැබෑ බව ඒකනායක ලමාඑතැනිටත් වැටහී “හොඳයි ජෝන් සිල්වා මම අපේ ගණුදෙනුකාර හෙට්ටියා ගෙන්වත් රුපියල් දාහක් අරන් දෙන්නෙමි” උඹ දුවලා වී පී පී චේට්ටිත් සමග වරෙන්යයි කියා ජෝන් සිල්වා පිටත්කර යවා ඒකනායක ලමාතැනී දුවත් අලුත් බෑනාත් යන තුන්දෙනා ‘පුංචි විෂ්ති’ අඩිය බ‍ැගින් ‘ගසා’ දවල් කෑම කෑහ. දොළහමාරට පමණ චේට්ටි අයියා ජෝන් සිල්වාත් සමග අවුත් “මොකද අලව්වේ මාත්තයා, අදිස්සියක්ද, මොකද රුපියල් දාහක්’ කියා ඇසුවේය. ‘ඔව්’ චෙට්ටි අයියා, රාළහාමි වත්තට ගොහින්, මට දැන් පවුන් සියයක් ඕනෑ. උඹ ගෙනාව‍ාද? කියා ඇසුවාය. ‘ඔව්’ මම දෙන්නා - මේ නෝට්ටුවේ අත්සන් කරන්ටයයි - මොකවත් නොලිව් (පුහු) “ඔන්ඩිමාන්” නෝට්ටු කොලයක මුද්දරයක් උඩ අත්සන් කරවා ගෙණ චෙට්ටිරාළ “යොඳයි - අලව්වේ මාත්තයා රාත්රීම අතට කාවත් එවන්ට - සල්ලි දෙන්නෙමි”යි කියා යන්ට පිටත් විය. එවිට ජෝන් සිල්ව‍ා -“අන්න වළව්වේ මහත්තයා කියන්ට මුදල් මට දෙන්ටය කියා එවිට මම රාත්රි් ගොහින් ගණිමි”යි කී බැවින් - වලව්වේ මහත්මයාද එසේ කීවාය. හෙට්ටියා යන්ට ගියේය. ඩොරොති ගේ හිතට හොඳ හැටි පිරිමහිනා

පෙරේරා හාමුත් සමග අල්ලාප සල්ලාප කථාව පැවැත්තුවේය. ජෝන් සිල්වාද දවල් කෑමත් වලව්වෙන්ම ලබාගෙණ කාලා ඒකනායක වලව්වේ මහතාට ආචාරකොට තව දවස් හත අටක් යන්ට ප්ර ථම සරත්ටත් සුජාතාටත් කරණ වැඩේ පෙන්වන්නෙමි”යි කියා - යන ගමන් “පෙරේරා හාමුත් ඩොරොතිත් ඉන්නා ස්ථානයට එබී” හාමු මහත්මයා, ඉක්මණින් එන්ට - දැන් ගමනක් යන්ටත් තිබෙනවා - ඊටත් වඩා ඒකනායක රාළහාමිත් මෙලහකට එනවා ඇති කියා ජෝන් සිල්වා මිදුලට බැස්සේය. නමුත් පැණි හැලියේ වැටුනු ඇඹලයෙක් වැනි පෙරේරා‍ හාමු ඩොරොතිගේ කාමුක නිසරු වචන නැමැති කොහොල්ලෑ වලින් හා ඈ දක්වනලද රූපයෙහි බැඳී සිටි නිසා ස්ථානයවත් වේලාවටත් තමාගේ තත්වය වත් කල්පනා කරන්ට අසමර්ථව ඩොරොතිත් සමග සල්ලාපයේ යෙදී වුන්නේය. “ඉතින් ඩියර්” දැන් කාලේ ඉෂ්ටයිල් එකක් නැති පවුල් ටිකයි. අපි කසාද බැන්දාම පළමු වෙන්ම එංගලන්තයට යන්ට ඕනෑ. අපේ බූදලයත් - අපේ පප්පා ගේ සිස්ටර්ගේ බූදලයත් පවුන් ලක්ෂයකට වැ‍ඩියි. මම්මත් මාත් ටිකක් වියදම් කරණවා - පප්පා නම් අලි ලෝබයා - මට නම් ඉවසන්ට බැරි ලෝබකමයි. මම “ඩියර්” සමග කසාද බඳින්ට ඉස්සරින් - වේලාපහින්ම දැනගන්ට කැමැතියි - මට කැමති හැටියට වියදම් කරන්ටත් - ගෙදරදොර තබාගන්ටත් - මට ඕනෑ හැටියට හැසිරෙන්ටත් - කල් ගතකරන්ටත් ඉඩ දෙනවාද කියා - එසේ බැරිනම් මම ඩියර් සමග කසාද බඳින්ට කැමති වෙන්නේ නැහැ. මොකද ඒ ගැන අදහස කොහොමදැ”යි කියන කොට මෙහි බරපතලකම පෙරේරාට වැටහුනු නමුත් - විශාල බූදලයක්ම බලාපොරොත්තු වන ගුණධර්මාදි කිසිවක් නොදත් - නොසලකන පෙරේරා ඩොරොති ගේ හිත අප්රුසන්න වේයයි කියා - “හොඳයි ‍ඩාර්ලින්” උඹට සියල්ලෙහිම ප්රිධානකම දෙන්නෙමි. අප්ර සිද්ධ ‍වශයෙන් නුඹට ඕනෑ හැටියට හැසුරුණත් - “සුදු කළු රේස්” දුවන්නේ නැත කියා පොරොන්දු වුනොත් මට හොඳටම ඇත කීවේය. මේ ‘සුදු කළු රේස්’ වෙන විධියකට තේරුම් ගත් ඩොරොතිත් සතුටුව අතට අත දී ආචාර කොට පෙරේරා නැවතී ඉන්නා ස්ථානයට ගියෝය. ඔවුන් එහි පැමිණෙනවිට අන්තෝනි අප්පුත් තවත් දෙදෙනෙකුත් එහි ‍අවුත් උන්හ. එහි වැඩකාරකමේ නියුක්ත රාමන්ද බොහෝ කඩිසර ලෙස ඒ ඒ කටයුතු කරමින් උන්නේය. ජෝන් සිල්වා

හා පෙරේරා හාමුත් එහිදීද පුන්චි අඩියක් ‘ගසා’ අනිත් තිදෙනාටද බොන්ට දී ඔවුන්ගේ කුමන්ත්ර ණයට පටන්ගත්හ.


10. පරිච්ඡෙදය[සංස්කරණය]

“දැන් හතට මම හෙට්ටියා ලඟට ගොස් පවුන්සියයක් ගෙණෙන්නෙමි. සුජාතා වෙනුවට මා විසින් පිළියෙල කරගෙණ ඉන්නා මාර්ගරට් හා ඇ‍ගේ මෑණියන් වන මංගොනෝනාත් හෙට පිටකොටුයේ පදිංචි කරවන්ට ඕනෑ. මරක්කල වේශය ගන්නා මගේ මිතු පෙමියානුවත් එහි පදිංචි කරවන්ට ඕනෑ. පෙමියානු මරක්කයෙක් වශයෙනුත් මංගොනෝනා ඔහුගේ භාර්යාව වශයෙනුත් මාගරට් කඳවුරෙන් පිටමන්වී ගිය සුජාතා හැටියටත් - ශ්රීප පරාක්රතමසිංහ බැරිස්ටර් තුමාගේ ප්ර ධාන ලිපිකරු වන ධර්මදාසට ප්රරත්ය‍ක්ෂ කරවා ගත්තොත් මගේ අදහසෙන් දෙකෙන් කොටසක් ස්ථිර වුනායයි මට හැ‍ඟේ. ඒ නිසා ඔක්කොටම ඉස්සරින් අන්තෝනි අප්පු යොන් වීදියේ මුඩුක්කුවකින් හෝ ‍වත්තක් ඇතුළේ මසකට රුපියල් 10 යක් පමණ කුලී ගෙවන ගෙයක් ගත යුතුය. ඒ ගෙට උවමනා බඩු ටිකක්ද ඕනෑය. මේ සියලුම අදහස්වලදී නීති ප්රයකාර සිද්ධවන හරි වැරදි හාමු මහත්තයා කියන්ට උවමනාය”යි ජෝන් සිල්වා කීයේය. ජෝන් සිල්වාගේ සූර කල්පනා ගැන බලවත් ප්ර සන්න භාවයට පත් පෙරේරා හාමු - ජෝන් සිල්වාගේ ඇඟට තට්ටුකොට - සිල්වා, උඹ ගජ හපනා - අපි කෙතරම් නීතිය ඉගෙණ ගත්තත් උඹ වාගේ සූත්තර යොදන්ට අපට බැරිය. ඇත්තෙන්ම මේ වැඩේ හරි ගියොත් අපට කරන්ට බැරි දෙයක් නැත” කියා තවත් පුංචි අඩිය බැගින් ගැසූ පසු ජෝන් සිල්වාත් අන්තෝනි අප්පුත් පිටකොටුවේ හෙට්ටි වීදියට ගියෝය. එතනට පැමිණ සිටි අන්තෝනි අප්පුගේ මිත්රවයන් වන පෙමියානුත් ‘ගවුඩා’ යයි කවට වශයෙන් කියන බාරොන් අප්පුත් මාර්ගරට් හා ඇගේ මවු ඉන්නා තැනට ගියෝය. ජෝන් සිල්වා ගිය හැටියේම හෙට්ටිරාළ පවුන් සීය දුන්නේය. අන්තෝනි අප්පුටත් රුපියල් දහයක් දීලා උඹ උදේම අපේ ගෙදරට වරෙන්නැයි කියා ජෝන් සිල්වාද ගියේය.

ජෝන් සිල්වා ගෙදර ‍එනකොට - දොරකඩ මොටෝරථයක් නවත්වා තිබෙන බව දැක ඉක්මන්කොට අවුත් බැලුයේය. එහි තමා නාඳුනන යුරෝපීය ඇඳුමෙන් සැරසුනු සිංහල තරුණයෙක් සිටින බව දැක

“මොකද මහත්මයා - කා සම්බවෙන්ටද අවුත් ඉන්නේ” කියා ඇසීය. ජෝන් සිල්වා එනතුරා බලා වුන් තරුණ අභයරත්නද - “ආයුබෝවන් - මුන්නැහේටද ජෝන් සිල්වාය කියන්නේ කියා අසා රථයෙන් බැස ජෝන් සිල්වාත් සමගම ඔහුගේ කාමරයට ඇතුල්ව වාඩිගත්තේය. ජෝන් සිල්වා කලින් නාඳුනන ඒ මහත්මයාගේ තොරතුරු ඇසූ විට සියල්ල විස්තර කොට කියාදී ඉක්බිත් මෙසේත් කීයේය. “මම” ආවේ මිස්ටර් සිල්වා සම්බවෙන්ට ලොකු උවමනාවකටයි - ඒකනායක වලව්වේ කුළුපග කෙනෙක්ය කියා මට ආරංචියි. ඒ නිසා මගේ උවමනාවක් පහසුවෙන් ඉෂ්ටකරවා ගැණීමට සිල්වා උන්නැ‍හේගෙන් පුළුවන් බව සිතා ආවෙමි. එය ටිකක් රහසකි. කියන්ටදැ”යි අසනකොටම කපටි සිල්වා “රහස්” වැඩම කරන්නෙක් බැවින් “ඔව් මහත්මයා ඒකනායක වලව්වෙන් මට කරගත නොහැකි වැඩක් ඇත්තේ නැත. මහත්මයා භය නැතිව ඕනෑ රහසක් කියන්ට” යයි කීවේය. මේ කීමෙන් ධෛර්යමත්වූ තරුණ අභයරත්න රුපියල් සියයක් කලිසම් සාක්කුවෙන් රැගෙන ජෝන් සිල්වා අතේ තබා ‘මෙන්න මිස්ටර් සිල්වා සුළු තෑග්ගක්’ මට උවමනා කාරණය නම් ඒකනායක වලව්වේ පවිස්තිනා නැමැති ලක්ෂණ ආයා කෙනෙක් ඉන්නවා - අන්න ඒකි මට පංගාර්තු කර දෙන්ට ඕනෑ - ඈ මට ගෙණත් දුන්නාම මිස්ටර් සිල්වාට තවත් මොකුත් දෙනවා - හැබැයි ඒකි මාලඟ හිටවන්ට ගෙණෙන බව නොකියා වෙන යම් කිසි ප්රවයෝගයක් කියා එක්කර ගෙණ එන්ට ඕනෑය”යි කීවාම කපටි සිල්වා රුපියල් දෙතුන් සියයක් කඩාගන්ට මාර්ගයක් බව වැටහුනු බැවින් හොඳයි - මම උත්සාහ කර බලන්නා - යම් විදියක්න් මට බැරි වුනොත් නම් ඔය ඕනෑකම වෙන කාටවත් ඉෂ්ට කරදෙන්ටවත් පුළුවන් වෙන්නේ නැහැ. ඉන්නිසා මහත්මයා දැන් යන්ට - මම හෙට ගොහින් වැඩේ කරන්ට බලන්නෙමි. මහත්මයා හෙට හවස්වරුවේ එන්ටයයි කියා තරුණ අභයරත්කව පිටත්කර යැව්වේය.

පෙරේරා හාමුගේ කටයුතු කරණ ‍රාමන්”දැන් කුමක් කරම්දැ”යි සිතමින් රාත්රික කෑම කා නිදාගෙණ කල්පනා කළේය. “මගේ ස්වාමිභූත සරත් කුමාර වික්ර්මසිංහ මහතා පිළිබඳව සිද්ධවන්ට යන මේ ආශ්චර්යමත් කාරණය මේ තරමින්ම කඩා සුණු විසුණු කර දමන්ටත් මට පිළිවන. එසේ කළොත් සුජාතා පරාක්රණමසිංහ කුමාර්හාමිව සොයාගන්ට වත් සරත් කුමාර හාමුට ඒකනායක රාළහාමිගෙන් ලැබිය යුතු ධනය ලබාගන්ටවත් අපේ රටට සාපයක්ව ඉන්නා අධම

කෛරාටික හොරුන්ට අච්චුවක් කරන්ටවත් ලැබෙන්නේ නැත. ජෝන් සිල්වාටත් - පෙරේරා පෙරකදෝරු උන්නැහේටත් මනාප එකක් කරන්ට ඉඩදී අන්තිමේදී කටයුත්ත කුමක්දැයි බලන්නෙමි. ඒ හෙයින් මේ කිසිවක් සරත් හාමුටවත් නොකියම්”යි හිතින් නිශ්චය කරගෙණ සුවසේ නිදාගත්තේය. ස්වකීය නැගණිය තමාගේ ආරක්ෂාවට පැමිණවූ ප්රි්යකරු බෑනා නුවන් වන සරත් කුමාර වික්රාමසිංහ මහතා විඳිනා දුක ගැනත් ඔහු බලාපොරොත්තුවූ උසස් ඉගෙණීමට ඉඩ නොදීම ගැණත් කල්පනාවූ ඒකනායක මහතාගේ හිතට බලවත් සංවේගයක් ඇතිවූයේය. “සරත් අත කිසි වරදක් නැත. මගේ ස්ත්රි යත් ඈ අනුව ඇති දැඩි වුනු මගේ දියණියත් යම දූතියෝයි. ඔවුන්ගේ තත්ව.ය හොඳින් දැන දැන සරත් වැනි පණ්ඩිතයෙක් - ආත්ම ගෞරවය ඇති සිංහලයෙක් ඔවුන්ට සම්බන්ධ නොවීම පුදුමයක් නොවේ. මගේ සිත්රිාය මගේ මස් කෑවත් - මගේ නැගණියන්ගේ බූදලය සරත්ට ලියා දෙන්නෙමි”යි සිතූ සිතිවිල්ල - හෘදය ඇතුළේ විදුලි එලියක් මෙන් විනිවිද පැතිර ගියේය. ඒකනායක මහතාට මේ සිතුවිලි ඇතිවූයේ මධ්යදම රාත්රි ය ඉක්ම ගොස් එලිවෙන යාමයේය. රාත්රීධ භෝජනානුභවයේදී බීගත් “විෂ්කි” වල සැර ගතිය සිඳී ගොස් හිත ප්රිකෘති ගතියට පැමිණි පසු ඇතිවුනු මේ සිතුවිල්ල ය‍ටපත් වීමට අමුතු අරමුණු නේන පිණිස ඒකනායක රාළහාමි ඉතුරු පැයත් නිදාගත්තේය. සිරිත් ප්රණකාර උදේ නැගිට උදේ ආහාර ගත්තාට පසු ඒකනායක ළමාතැනී ස්වකීය පුරුෂයාට කථාකොට - “ආ ඩියර්” ඩොරොතිගේ වයස සම්පූර්ණ යි, අපට ඉන්නේ එකම දරුවායි. ඈ ගැන කිසිත් නොසලකා ඉන්නේ - සරත්ට කීකරුකර ගන්ටද - කවදාවත් ඒක නම් කෙරෙණ වැඩක් නොවේ. ඔහු මහා වස මුරණ්ඩු කාලකණ්ණියෙකි. ඔහුට ‘මහණ’ වෙන්ට කියා අපේ ළමයා - ‘හැදිච්ච’ මහත්මයෙකුට දෙමුය”යි කිවාය.

ඊයේ රාත්රිච සරත් ගැන කල්පනාවුනු ඒකනායක රාළහාමි ගේ හිතට මේ කථාවෙන් බලවත් හැඟීමක් ඇතිව - මඳක් නොසන්සුන් ගතියටද පැමිණ “ඔව් - ඩොරොතිව කාටවුනත් නොදී කොහොමද? සරත්ට ‘මහණ’ වෙන්ට හැකිනම් ඔහු එසේ නොකරණ එකක් නැත. මහණවීම ඒ තරම් ලෙහෙසි හැමටම කරගත හැක්කේයයි සිතන්නේ අපේ අඥානකම් නිසාවෙනි. ගිය ගිය තැන මහණවෙන කපටින් - කාලකණ්ණින් සිටින බව නම් ඇත්තකි. නමුත් එවුන් - ශ්රකමණ මලකඩ, ශ්ර මණ පරඬල්, ශ්ර මණ කෝලම් බව ලෝකයා දනිති, එසේම සලකති. හරියට මහණවුනු - හරියට මහණකම් කරන - හැබෑ මහණුන්නාන්සේ නමක් - තවමත් රාජකුමාරයෙකුට - මහා ඇමතියෙකුට - වඩා මේ ලෝකයේදීම උසස් බව, ශ්රේ ෂ්ඨ බව අපට පෙනේ. සරත්ට උඹලා කවටකම් කරන්නේ - ඒ ළමයා කවරෙක්දැයි දැකගන්ට බැරි නිසායි. උඹෙත් මගෙත් දූ වන ඩොරොති නමැති නරි බැල්ලිය සරත් නමැති කෙශර සිංහ රාජයාට ජෝඩුකළාට කවදාවත් හරියන්නේ නැතැ”යි - ළම‍ ා එතනී බලාපොරොත්තු නොවූ තද කථාවක් ඒකනායක රාළහාමි කෙළේය. ළමාතැනී සිහිනෙකින්වත් බලාබොරොත්තු නොවූ මේ කථාව අසා වැඩි දුරටත් කථා කිරීම නුවණට හුරු නැතැයි - උදේම නිසා ළමාතැනීටත් වැ‍ටහී තමාගේ කාමරයට ගොස් - ‍ඩොරොතිට අඬගසා “ඩොරොති දැන් පප්පාගේ හිත නරක්වෙලා වගේ පෙණෙනවා - උඹේ කල්ක්රිමයාව ඉතාමත් නරක බව සත්තයි. මමත් හොඳ මදි උඹ ඒව‍ාගේ සියගුණයකටත් වඩා නරකයි. ඊයේ ඉරිදා උඹ බැලීමට මනමාලයෙකුත් ආ බව උඹ දන්නවා - එසේත් තිබියදී පොන්සේකා ගෙදර ගර්ලිත් උඹත් කොතරම් රෑ වෙලාද ගෙදර ආවේ - උඹලා කා සමග දඩාවතේ ඇවිදිනවාද නොදනිමි”යි කීවාය. “මම්මත් අමුතුවෙන්ට යනව‍ා - අපට ඕනෑ තැනක ගියාට අ‍ාවාට ඇති කාරිය මොකද?......... “ගැහැණුන්ටත් පිරිමින්ට මෙන්ම නිදහස් හිතුමනාපයේ හැසිරීමත් යුරෝපීය ‘ශීලාචාරේ’ ප්රෙධාන අදහස බව හොඳින් පිළිගත් මම්මා දැන් කුමක් කියනවාදැ”යි ඩොරොති කී හැටියේම මහලු ඒකනායක නෝනාගේ කට වැසී නිශ්චල විය. ඒකනායක රාළහාමිට රාත්රියයේ පහළවූ සිතුවිල්ලේ වේගය තවමත් අඩු නොවූ බැවින් රික්ෂෝ රථයක් ගෙන්වාගෙන සරත් කුමාර වික්ර මසිංහ මහතා බලන්ට යන පිණිස පිටත්විය. ඒකනායක කරුවල ගහ ලඟ සරත් නැවතී ඉන්නා ස්ථානයට යන විට සරත් භික්ෂූන්වහන්සේ නමකුත් සමග කථා කරමින් සිටිනු දුරදීම දැක “ මා ආ වෙලාව හොඳ නැතැයි සිතමින්ම රික්ෂෝ රථයෙන් බැස සරත් ඉන්නා ගෙට ඇතුල්විය. සරත් ස්වකීය මාමා දුටු හැටියේ බලවත් ගෞරවයක් දක්වා හුනස්නෙන් නැගිට වැඳීමෙන් ආචාරකොට වාඩි වෙන්ට ඉල්ලා සිටියේය. සරත් සමග කථාකරමින් සිටි ගුණවත් භික්ෂුවන්වහන්සේද ඒකනායක රාළහාමි පැමිණිවිට වහාම පිටත්වී ගියේය. ඒකනායක සරත් දෙස බැලූවිට ඔහු සිතා සිටි තරමට දුක්ඛිතභාවයකින් නොව ඉතාමත් ප්රී ති සහගත බලාපොරොත්තු සහිත භාවයකින් සිටිනු දැක - මොකද සරත් දැන් උඹේ කල්පනාව කො‍ හොමද? උඹ දැන් කුමක් කරන්නෙහිදැ”යි ඇසීය. මාමණ්ඩි, මගේ කල්පනාව කිසි විටක අමුත්තක් වුනේ නැත. දැන් මම කෝට්ටේ පැත්තේ ස්කෝලයක

උගන්වමින් ඉඳිමි. මසකට රු: 60‍‍/-ක් ලැබෙනවා එයින් සැපසේ ඉඳිමි”යි කීයේය. මම ආවෙ උඹෙත් අන්තිම වචනය දැනගන්ටයි. අපේ ඩොරොති‍ත් පෙරේරා මුදියන්සේ රාළහාමිගේ පුතා වන නීතිඥ පෙරේරා මහතාට කථාකර තිබෙනවා. ඒ නිසා උඹ නොබඳිතොත් ඔහුටවත් ඒ මගුල තීන්දුකර ළඟදී කසාද බන්දදවන අදහස තිබේ. ඉතින් උඹ ඒ ගැන කියන්නේ මොකදැ”යි ඇසුයේය. “ඔව් මාමණ්ඩි, ඒක බොහොම හොඳයි - මට නම් දැන්ම කසාද බඳින්ට හැටියක් වත් සුදුසුකමක් නැහැ. මාමණ්ඩිලා හොඳ කෙනෙකුට ඩොරොති බඳවා දෙන එක හොඳය”යි කීවේය. මුදල් හදල් ආදියෙන් අමාරුවුනාට පසුවත් සරත්ගේ හිත වෙනස්වේයයි සිතා වුන් ඒකනායක රාළහාමිට - ඊයේ රෑ ඇතිවුනු සිතිවිල්ලත් මතක් නොවී - සරත්ගේ නිර්භීත අදහස් - ස්ථිර මතය ගැන කෝපව හොඳයි - එහෙනම්, උඹේ දේපලවලට කුමකින් කුමක් උවත් මට දොස් කියන්ට එපා - ‍ඩොරොති කසාද නොබඳිතොත් ඒ කිසිවක් උඹට නොදෙමි”යි කීය. “ඔව් මාමණ්ඩි. අපේ අම්මා ඒ දේපල වලට කරන්ට කී හැටියක් කළ මැනවි. මා උපදින විට - කමිස කඩමාල්ලකවත් ඇඳ නොගෙණ නිර්වස්ත්ර.වම උපන් බව දනිමි. ඉතින් කිසිවත් නැතිව හුනතින් මේ ලෝකේ උපන් මම - කිසි දෙයක් නැති කෙනෙක්ව ඉඳ හුනතින්ම පරලොව ගියොත් මගේ උත්පත්තිය ව්යා ර්ථය - නිෂ්ඵලය. නමුත් හුනතින් ආ මම - මෙහිදී මොකවත් සම්බකරගෙණ - සෑහෙන තරම් දේත් රැගෙණ පරලොව යාමටම වීරිය කරන්නෙමි. ඒ නිසා මාමණ්ඩි මට අයිතිය කියන ධනය දෙතොත් දෙන්ට - නොදෙතොත් සතුටක් කරන්ට ය”යි කීවේය. සරත් ඒකනායක රාළහාමි සමග තමාගේ බලවත් අමාරුවත් අසරණ කමත් කියා බැගැපත්ව යමක් ඉල්ලන්නේ යයි සිතා සිටි නමුත් - සරත් තුළ එබඳු හැඟීමක් ඇත්තේම නැති බව පෙණීමෙන් - ඔහුට ඊයේ රාත්රී ඇතිවුනු සිතුවිල්ලද අන්තර්ධානව ගොස් “හොඳයි, එහෙනම් මම යන්නෙමි”යි කියා යන්ට ගියේය. උදේ ස්වකීය භාර්යාව කෙරෙහි කලකිරී සිටි ඒකනායක රාළහාමි දවල් දොළහ වනවිට නැවතත් ඈ ‍කෙරේ බලවත් ප්රේීමයක් ඇතිව, යුතුකම් ගුණදහම් පිළිබඳව රාත්රි යේ ඇතිවුනු සිතුවිල්ල සහමුලින් මතක නැතිකොට ස්වකීය වදකභාරිය වන වයලට් සමග මෙසේ කීයේය. “ඉතින් සරත් ගැන මගේ කිසිම බලාපොරොත්තුවක් නැත. උඹ සමග කථාකළ ජෝන් සිල්වා ගෙන්වා ඩොරොතිගේ මංගල්යල තීන්දුකර ගත්තාට වරදක් නැත. පෙරේරා හාමු බොහොම පිරිමහින කෙනෙක් බව අපේ පාදිලි උන්නාන්සේත් කීප විඩයක්ම කියා තිබේ. ඒ නිසා වැඩි දුර විභාගකරන්ටවත් සරත් ගැන මින් ඉදිරියට බලාපොරොත්තුවෙන්ටත් කරුණක් නැතැ”යි කීයේය. ඒකනායක ළමාතැනීට මහත් ප්රීතතියක් ඇතිවී - ස්වාමි පුරුෂයා උදේ දැක්වූ ස්වභාවට හාත්පසින්ම විරුද්ධව දැන් ‘ඇත්ත’ තේරුම්ගෙණ තිබෙන බව වැටහුනේය. “හොඳයි ඩියර්, මම දැන් ජෝන් සිල්වා ගෙවන්නෙමි - පෙරේරා හාමු ගිය ඉරිදා මෙහි ඇවිත් ගියා - ඩොරොති සමගත් කථාකළා - ඔහු බොහොම කැමතියි - ඉතින් ඔවුන්ට බූදලේ ලියා දුන්නොත් වෙන දෑවැද්දක් දෙන්ට උවමනා කරන්නේත් නැත. අනේ ඩියර්, හෙට මම ඔහුව ගෙන්වන්නෙමි. හෙටම මේ ගැන තීන්දුතවක් කියන්ටය”යි කීවාම ඒකනායක රාළහාමි සතුටු බව දන්වා යම්කිසි කරුණක් සඳහා යන්ට ගියේය.

ඒකනායක මහතා වළව්වෙන් පිටවී පැයක් යන්ට ප්රිථම ජෝන් සිල්වා රික්ෂෝ රථයකින් දුවගෙණ ආයේය. වෙනදාටත් වඩා සැලකිලි ඇතුව ඒකනායක ලමාඑතැනී ඔහු පිළිගෙණ “ඔන්න ජෝන් සිල්වා අපේ අදහසම ඉෂ්ටවුනා - රාළහාමි මේ විඩේ සරත්ට හොඳටම කළකිරී පෙරේරා හාමුව ඩොරොතිට දිමට නිසැකවම තීන්දුේකර ගත්තා - ඉතින් ඔබ හෙටම පෙරේරා හාමුත් සමග අවුත් කථාව තීන්දුකර ගතයුතුය”යි කීවාය. “ඔව්, හොඳයි එය එසේ කරමු. නමුත් මා මේ කලබලයේම ආවේ - වලව්වේ මහත්මයාගෙන් කාරණයක් දැන ගන්ටයි. මල්ලිකා වික්රගමසිංහ නැමැති ශ්රීග පරාක්රහමසිංහ තුමාගේ භාර්යාව ජීවත්ව ඉන්නවායයි ආරංචියක් ඊයේ රෑ මට දැනගන්ට ලැබුනා. ඒ ඇත්තී කෝට්ටේ වැදගත් ගෙදරක නවත්වාගෙණ ඉන්නා බවත් - ඇගේ දියනිය වන සුජාතා මළ බැවින් - ඒ පරාක්රමමසිංහ තුමාගේ බූදලය සරත්ට ලියවා දෙන්ට යන බවත් අපට දැනගන්ට තිබේ. ඉතින් සරත්ට ජිවත්වන්ට ඉඩ ඇරියොත් අපේ අදහස් මොකවත් ඉෂ්ටවෙන්නේ නැහැ. අනිකක් තබා සරත් එක් විධියක මිනිහෙක් වුනොත් ඔහුගේ මව විසින් ඒකනායක රාළහාමිට ලියාදී තිබෙන බූදලයත් නොගෙණ නොසිටී. ඉතින් ම‍ගේ හිතට අමාරුවෙලා තිබෙන්නේ අපි විය හියදම් කරලා මහන්සි වෙලා පිළියෙල කරගත් ප්ර යෝගය කැඩී ගියොත් අපට වෙන පාඩුවක් මේ ඩොරොති නෝනාගේ මඟුල හරිනොයන එකත්ය”යි කීවේය. මේ කාරණය හොඳට නොවැටහුනු ඒකනායක ළමාතැනී “ ආ ජෝන් සිල්වා, සරත් ජිවත්ව සිටියොත් ඩොරොතිටත් පෙරේරා හාමුටත් විවාහ වෙන්ට බැරි මන්ද? මට ඒ ගැන සිතාගන්ට බැරිය. මේකේ රහස තීන්දුකරලා කියා පන්නැ”යි නොඉවසිලිවන්ත ලෙස ඇසුයේය. දැන්

අපේ පෙරේරා හාමු මහතා පවුන් දාහකට වඩා නයයි. මාසේකට හෙට්ටින්ටත් ඇප්ගන් කාරයින්ටත් රුපියල් තුන්සියයකට වඩා පොලීගෙවනවා. කෑම ඇදීම ආදියටවත් උන්නැහේට සපයා ගන්ට අමාරුයි. ඉතින් උන්නැහේගේ සියළුම අ‍ඩුපාඩු පිරිමසාගන්ට බලා ඉන්නේ බඳින තැනින් ලැබෙන ලොකු බූදලයකිනුයි. ඉතින් සරත් කුම‍ාර වික්රනමසිංහ මහතාට අයිති රුපියල් පණස් දාහක තරම් දේපල මිසක් පෙරේරා හාමුව බලාපොරොත්තුවන්ට තිබෙන්නේ කුමක්ද? වළව්වේ මහත්තයාලාගේ මුළු වටිනාකම රුපියල් තිස්දායකට වඩා නැත. එයින් දැනටම රුපියල් විසිදාහක් තරම් නය තිබෙන බව පෙනේ. එදා මා රුපියල් දාහ ගත් හෙට්ටියාටම රුපියල් හත්දාහක් දෙන්ට තිබෙන බව ඔහු කීවා. ඉතින් රුපියල් තිස්දාහක දේපල ඇති කෙනෙක් හෙට්ටියන්ට රුපියල් විසිදාහක් ණය වුනොත් - පෙරේරා හාමු රටේ තොරතුරු හොඳින් දන්නවා. වළව්වේ මහත්මයාලාට තිබෙන්නේ සරත් වික්රාමසිංහ මහතාගේ ධණය පමණයි. එය නිරවුල් ලෙස පෙරේරා හාමුට නොදෙතොත් ඔහු මඟුගට සතුටු මේ යයි මට නොසිතේය”යි කීය.

ඒකනායක ළමාතැනී මේ කථාව අසා තමන්ගේ තත්වය ලෝකයාත් දන්නා බව වැටහී - “ඉතින් ජෝන් සිල්වා සරත්ගේ බූදලය නැත්නම් අපට කිසිවක් කරගත නොහැකි පුහු මිනිසුන් බව පෙරේරා හාමුත් දැනගෙන තිබේ. සරත් හොඳින් ජීවත්ව හිටියොත් ඩොරොතිව කාටවත් දී ගන්නට බැරිතරමට අමාරුවේවි. උඹටත් මා විසින් රුපියල් එක්දහස් පන්සියයක් විතර දෙනලද්දේ සරත්ට යමක් කරණ පිණිසයි. දැන් මට කියන්නේ කුමක්දැ?”යි ඇසීය. “ඔව්, වළව්වේ මහත්මයාට කාරණය තේරුම් ගියොත් මට උදව් කරතොත් මක්කරලාවත් වැ‍ඩේ කරන්නෙමි. මට පළමුවෙන්ම උවමනාකරන්නේ වළව්වේ මහතා ලඟ ඉන්නා ආයා වන පවිස්තිනා හාමි පිරිමියෙක් වශයෙන් යොදාගන්ටයි. ඈ ගැන මම කල්පනාකළේ - වෙන තැනක වල් පාහේ ස්ත්රිදයක් ‍මගේ කටයුත්තට යොදාගත හැකි නමුත් දක්ෂක පක්ෂ නිර්භීත කමත් - ඇහැට ප්රි ය රූපයක් ඇති කෙනෙක් උවමනා බැවින් ඒ ගැන සොයා පරීක්ෂා කළ මට මේ පවිස්තිනා තරම සෑහෙන කෙනෙක් දැනගන්ට බැරිවුනා. ලමිස්සිව කොයි විධියකින්වත් අපට ඕනෑ කටයුත්තෙහි යොදවාගන්ට පිළිවන් වුනොත් මේ මාසය තුළම සරත්ට වැඩේ කරන්නෙමි”යි කීයේය. ඒකනායක ළමාතැනී ටිකක්වෙලා කල්පනා කරමින් සිට “ආ සිල්වා - මට මොකවත් තේරුනේ නැහැ. පවිස්තිනා ඉතාමත් ලපටි කාලේම


අරගෙන හදාගත් කෙල්ලකි. ඇගේ මව් පියදෙදෙනා කව්ද කියා ඈවත් අපිවත් නොදනිමු. ප්රදසූතිකා ආරොග්යෙ ශාලාවේ සිටි සාත්තුකාරියක් මට ගෙණත් දුන් ළමයෙකි. ඩොරොතිට පසු මට ළමයින් නැතිව සිටියදී ඈ දරුකමට වගේ තනාගෙණ සිටිමි. පවිස්තිනා ඩොරොතිට වඩා අවුරුද්දකට වයසින් බාල වේ. ඉතින් ඩොරොතිගේ ආයා ලෙස ඉතා ආදරයෙන් ඉන්නා ලමිස්සියෙකි. හොඳ ලක්ෂණ ලමයෙක් නිසා ඩොරොතිටත් වඩා ලක්ෂණ නිසා වැ‍ඩිපුර එලියට පහලියටවත් බහින්ට ඉඩ නොදී ආරක්ෂා කළා. දැන් ඊටත් වඩා කරදරයක්වී තිබේ. ඩොරොතිත් පවිස්තිනාත් එකවිඩේ දුටු කෙනෙක් මගේම දියනිය දෙසවත් නොබලා පවිස්තිනා ගැනම විමසති. ජෝන් සිල්වා පවිස්තිනා ගැන දැනගත්තේ කොහොමද? ඈව දුටුවාදැ?”යි ඇසුවාය. “මම දු‍ටුවෙමි - නමුත් කතාකරන්ට ඉඩක් ලැබුනේ නැහැ. ඇගේ තොරතුරු මේ ඉන්නා කුස්සි අම්මාගෙන් අසා දැනගතිමි. උවමනා තැනදී නුවණින් හා ධෛර්යයෙන් ක්රි යා කරන්ට පුළුවන් කෙණෙක් අපේ වැඩකට උවමනා කර තිබේ. ඉතින් පිරිමියෙක්ම ඒ වැඩේට යෙදුවොත් අප බලවත් අන්තරායකට පත්වෙනවා. ගෑණු කෙනෙක් පිරිමි වෙස් අරගෙන ඒ වැඩේ කළාම - උවමනාවිට ඒ පිරිමියා නොවේයයි අපට ගැලවෙන්ට ඉතාමත්ම හොඳ මාර්ගයක් වෙනවා - මේ කාරණය ඉතාමත් බරපතල වැඩකි. මේ ගැහැණු ළමයා ලැ‍බුනොත් නොඅනුමානව සරත්ට අනතුරු කරන්ට පුළුවනි. ඉතින් ලමාතැනී ඊට සතුටුදැ”යි ඇසීය.

දරුවෙකු මෙන් අවුරුදු 18 ක් පමණ ඇති දැඩිකළ රූපත් තරුණියක් - ජෝන් සිල්වා වැනි කෛරාටිකයෙකුගේ බලවත් කුමන්ත්ර ණයකට සහභාගිවීමට සලස්වන්ට තරම් දුෂ්ට හිත් ඇති ස්ත්රීරන් ඉන්නා මේ කාලයේ ජාතිය විනාශ කොට ස්වකීය සැප පහසු සලකා ගන්නා උදවිය ඉඳීම පුදුමද? ඉතින් ඒකනායක ලමාතැනී “හොඳයි, ජෝන් සිල්වා දැන් පවිස්තිනා ඩොරොතිත් සමග නාමින් සිටියි. අද හවස ජෝන් සිල්වා මෙහාට එන්ට - මම පවිස්තිනාත් සමග කථාකොට ඇගේ අදහස කියන්නෙමි. ඈත් සතුටු නම් ජෝන් සිල්වාගේ උවමනාව ඉෂ්ට කරන්නෙමි”යි කීවාය. “මේ වැඩේ කොහොම නමුත් ඉෂ්ට කොළොත් මම කොයි හැටියකින්වත් සරත්ට වැඩේ කරන්නෙමි. මම පහට ඉස්සරින් එන්නෙමි. මක්කරලාවත් ළමාතැනී පවිස්තිනාට අපේ මේ කටයුත්තට මැදිහත් කර දියයුතුය”යි කියා ජෝන් සිල්වා යන්ට ගියේය.


11. පරිච්ඡෙදය[සංස්කරණය]

ජෝන් සිල්වා ගෙදර එන කොට අභයරත්න මහත්මයා ඇවිත් සිටියේය. ජෝන් සිල්වා රික්ෂෝ රථයෙන් බසිද්දිම කොහොමද මිෂ්ට සිල්වා - කාරිය හරි ගියාද? වඩා සතුටක් නැති බව පෙණෙනවා - මා හිතාවුන්නේ තමුසේ ඒ කෙල්ලත් සමග ඒවිය කියා”යි කීය. ජෝන් සිල්වා ටිකක් සිනාසී “මහත්මයාලා සිතන තරම් පහසුවෙන් යමක්කර ගැනීමට ලැබෙන්නේ කලාතුරකිනි. ඊටත් වඩා මේ මහත්මයාට පවිස්තිනා ඔය තරම් උවමනා කාරණය මට තේරුම් කර මට සම්පූර්ණ ඇත්ත කියන්ට. මේ කෙල්ල තමුසේට මේ තරම් අවශ්යට කාරණය මට වත් නොකියා රුපියල් සියයක් දුන් තරමින් මට ඈ සමග එන්ට පිළිවන්ද? නමුත් මම පිළිවෙලක් කර ගත්තෙමි. ඉතින් ඒ මා කියන් පිළිවෙලත් මහත්මයාට කියන්ට නම් මේ කෙල්ල උවමනා කාරණය කියනු මැනැවැ”යි ජෝන් සිල්වා කීය. අභයරත්න මහතා කලින් සිතාවුන්නාට වඩා කාරණය බරපතල බව වැ‍්ටහී “මිස්ටර් සිල්වා - පවිස්තිනා ගැන කටයුතු විශේෂයක් නැත. ඈ ඩොරොතිත් සමග පල්ලි ගිය කීප ‍දවසක්ම ඈ දැක විපරම් කළාම - ඇගේ සාමිදුව වන ඒකනායක ලමාතැනීගේ ආරක්ෂාවේ ඉන්නා කෙනෙක් බව දැන ගතිමි. මට ඇය අපේ ගෙදර නොව වත්තේ බංගලාවේ නවත්වා ගැණීමට බලවත් ආශාවක් ඇතිවී තිබේ. කරුණන්ට ඇතිවන හිතිවිලි දන්නේ නැද්ද? ඇය සම්බන්ධව වෙන කිසිවක් නැහැ. ඇගේ රූපයට මගේ සිත ඇලීම මිස අනිකක් නැත. ඈට ඒකනායක වලව්වෙන් ලැබෙන ප්රේයෝජනයට වඩා පඩිත් ඇඳුම් පැළඳුම් ආදියත් දෙතොත් ඒ ගෙදර වැඩකාර කමෙන් ඉවත්ව වෙන තැනකට නොයාද? තමුසේට මේක කීවේ තමුසේ ඒකනායක වලව්වේ මහතාගේ ගජ මිත්ර්යෙක් නිසයි. මම රුපියල් සියයක් දුන්නේත් - මට ඒ ගැන ඇති බලවත් ඕනෑකම නිසායි. ඉතින් දැන් වෙනම කැරුණු විභාග කරන්නේ මන්දැ”යි ඇසීය. ජෝන් සිල්වා අභයරත්න මහත්මයාට සුරුට්ටුවලින්ද සංග්රගහකොට ඔහුගේ ඉදිරියේ පුටුවක වාඩිවී “ඔව් මහත්මයෝ මමත් හිතාගෙන වුන්නේ ඒකනායක ලමාතැනීගේ ආයා කුලියට ඉන්නා සාමාන්යම වැඩ කාරියක් ලෙසටයි. එසේ සිතාගෙණ ඒකනායක් ලමාතැනී සමග පහසුවෙන්ම ඈ එක්කරගෙණ එන්ට සිතා කථා කළෙමි. නමුත් ඇගේත් ඒකනායක ලමාතැනීගේත් සම්බන්ධතාවය

වෙන විධියකි. ඒකනායක ලමාතැනීහට ප්ර‍සූතිකාරෝග්ය ශාලාවේ සාත්තුකාරියක් උපන් තුන් දිනකින් ගෙණත් දුන් ළමයෙක් බවත් - ස්වකීය දුව මෙන්ම ආදර ගෞරවයෙන් රැක බලාගෙණ ඉන්නා කෙනෙක් බවත් - ඒ ලමාතැනීගේ දුව වන ‍ඩොරොතිට වඩා ලක්ෂණයෙන් පමණක් නොව අනිත් කාරණා වලින්ද උසස් කෙනෙක් බවත් මට කීවේය. ඇත්තෙන්ම මම ඔය වලව්වට කීප දිනක් ගිය නමුත් ඔය කියන පවිස්තිනා යන්තම් දුටුවෙමි. එදා මා හිතුවේ ඒ වලව්වේම නෝනා කෙනෙක් බවයි. ඒකනායක ලමාතැනීට බැරිය නොකියහැකි කාරණයක් කියලා පවිස්තිනා ඉල්ලූ බැවින් නොදී ඉන්නා එකක් නැත. කොයි එකටවත් මම පහට යන්නෙමි. මහත්මයා හයට විතර මෙහාට ආවොත් හොඳය. හැබැයි මගේ මහන්සියට තව පවුන් ‍පහළොවක් ගෙවිය යුතුය. ඒ මුදල මේ කොච්චි කොළුවා සමග ගොස් ඔහු අත වේලාපහින්ම එව්වොත් මම පහට විතර පවිස්තිනා මෙහි නවත්වාගෙණ ඉඳිමියි කියා - හාමු පෙරකදෝරු මහතාගේ පණිවි‍ඩයක් සඳහා ජෝන් සිල්වා වෙත අවුත් සිටි රා‍මන්ද අභයරත්න මහතාගේ මොටෝ රථයේ නංවා යැව්වේය.

තරුණ අභයරත්න එනතුරා ආසාවෙන් බලා සිටි අභයරත්න රාළහාමි. පුතා ගෙට ගොඩවුන හැටියේම “මොකද සනී, පියසීලි (පවිස්තිනා) ජෝන් සිල්වාගේ මාර්ගයෙන් ලබාගන්ට පිළිවන්දැයි ඇසීය. ඔවුන් ලඟ ඉන්නේ කොච්චි මිනිහෙක් නිසා කිසි භයක් චකිතයක් නැතිව කථාව පටන් ගත්තේය. “මොනවද පප්පා, ජෝන් සිල්වා අලි අමාරුකාරයෙක් - ඒ මිනිහා ලවා යමක් කරවා ගත්තොත් උනහපුළුවන්ගෙන් කඳුළුත් ගත හැක. පවිස්තිනා ගෙනත් දෙන්ට පිළිවන්ලු - මාදීබු රුපියල් සියයත් සමග රුපියල් 250 ක් ඉල්ලයි. ඒ ඉතිරි මුදල රුපියල් 150 ය එවන්ටයයි මේ කොච්චි කොළුවාත් එව්වා - ඉතින් පප්පේ පවුන් 25 ක් දිලා වැඩකාර කෙල්ලෙක් ගෙණ ඊමේ අදහස මට තේරෙන්නේ නැහැ. පප්පා හැමදාම ඔය කෙල්ල ගැණ මතක් කරණවා මිසක් ඈ පිළිඳව රහස මටවත් නොකී කොට ඈ ගැන වෙහෙසී ක්රි යා කිරීමට මගෙත් ධෛර්යක් නැත. ඈ ගැන ලඟාකර ගත්තොත් රුපියල් දෙලක්ෂයක බූදලයක් ලැබෙන බව දිනක් පප්පා කී නමුත් මට එය කෙසේද තේරෙන්නේ නැත. ජෝන් සිල්වා ලවා බැරි වුනොත් වෙන් ක්රඑමයකින්වත් ඔය තරුණිය ගෙන්වා ගැණීමට මෙහි රහස මටවත් කීවොත් මම කැමිති වෙමි. නැත්නම් මම තරඟ පන්දු ක්‍ීි ඩාව බලන්ට යන්නෙමියි” යි තරුණ ‍අභයරත්න ලෑස්ති වු‍නේය.


මහළු අභයරත්න වටපිට බලා - ස්තෝප්පුවේ ඉන්නා රාමන් (කොච්චියා) මිස අන් කිසිවෙක් නැති බැවින් පවිස්තිනා පිළිබඳව ප්ර වෘත්තිය ස්වකීය පුත්රියාට මෙසේ කීවේය. “අනේ සනී, මම පිස්සෙක්ද? අවුරුදු 18 ක් මුළුල්ලේ ඔය ලමයා නොසොයා සිටි එක දිනක්වත් නැත. ගිය සුමානේ - හදිසියෙන් ඈ ජීවත්ව ඉන්නා බව නිසැකව දැනගත් වේලේ සිට මගේ පපුව දනවා. ඔය ලමයා උවමනා කරන්නේ උඹට කසාද බඳවා දෙන්ටයි. සිරිවර්ධන රාළහාමිගේ එකම දුවයි. ඔය ළමයාට අයිති ධනය රුපියල් දෙලක්ෂයකට වැ‍ඩියි. ඔය ලමයාටත් ඈ විවාහ කරගත යුතු ඇගේ මස්සිනාටත් පමණක් අයිත් වීමට ඒ විශාල බූදලය ලියා තිබේ.

තරුන අභය - හොඳයි පප්පා දැන් ඒ බූදලය ආරක්ෂා කරන්නේ කවුද?

මහලු අභය - ඇයි ඒ ළමයාගේ මවු දැන් ජීවත්ව ඉන්නවා. මහනුවර “සීගිරි” නම් නිවසේ පදිංචිව ඉන්නා ඉතා උසස් ගුණවත් උපාසිකාවක්.

තරුණ අ: - ඉතින් ඔය ලමයා ඒ මවු ලඟ නොසිට මේ කාගේවත් ගෙදරක වැඩකාරකමේ ඉන්නේ ඇයි?

මහළු අ: - රහසත් ඕක තමා. ඔය ලමයා ජීවත්ව ඉන්නා බවක් ඒ මව්ට සොයා ගන්ට බැරිව ඉන්නවා. ඈ ‍ලඟ තිබෙන අන්තිම කැමැත්තේ “පියසීලිව” නමැති මගේ දුවටත් - මගේ නංගිගේ පුත්ර්යාටත් - මේ බූදලය අයිතිය”යි ලියා තිබේ.

තරුණ අ: - මට මේ පප්පා කියන කාරණය ‍තේරෙන්නේ නැහැ. හොඳයි - පියසීලි අපට ලැබුනත් - ඈටත් ඇගේ මස්සිනාටත් නියමකර තිබෙන බුදලේ අපට කොහොම ලැබේද?

මහලු අ: - ඇයි ළමයා, මම එය ලැබීමට උපක්ර ම යොදා සූදානම් කර තිබෙනවා.

තරුන අ: - හොඳයි පප්පාගේ මේ කථාව මටත් අවබෝධ වන පිණිසත් - පප්පාකේ උපක්රපම හරියාද කියා දැනගන්නා පිණිසත් මුළු කථාන්තරයම මට කියන්ට.

මහලු අභයරත්න සාලයට ගොස් ලැමනේඩ් බෝතලයක් බීලා ටිකක් උගුරකට තෙමාගෙණ අවුත් පුතා ලඟම තිබුන සනීප පුටුවේ වාඩිගත්තේය. මේ කථාන්තරය ඇසීමට පුල පුලාවුන් තරුණ අභයරත්න එය විස්තර ලෙස කියන තුරු බලා වුන්නේය. කිසිවක් නොතේරෙණ ගොණෙකු මෙන් ස්තෝප්පුවේ කුළුණු කණුව ලඟ වාඩිවී මේ කථාව ඉතා හොඳින් අසමින් රාමන් නමැති කොච්චි වේසයෙන් සිටි අමරසේනද උන්නේය. මහලු අභයරත්න මහතා මුළු කතාන්ත‍රය මෙසේ කියන්ට පටන් ගත්තේය. “ඔන්න සනී - උඹට තුන් අවුරුද්ද වුනු කාලේ මට අසනීපයක් සෑදී ස්පිරිතාලයට ගියෙමි. මට හැදී තිබුනේ වාතාබාධයක් බැවින් සුලු සල්යසකර්මයක් කළ හැටියේ එය නැතිවිය. නමුත් තුවාල සුවවෙන තුරා ‍ඇ‍ඳෙන් බසින්ටවත් එපායයි දොස්තර මහතා නියම කළේය. මෙසේ මම ඉන්නාවිට ප්රඳසිද්ධ ධනවතෙක් වන සිරිවර්ධන රාළහාමි බලවත් අමාරුවෙන් ස්පිරිතාලයට ගෙණවුත් සල්යනකර්මයක්ද කර මගේ ලඟම ඇඳක උන්නැහේත් නවත්වන ලදී. උන්නැහේ එතනට එන්ට හේතුවත් අසනිපවෙන්ට හේතුවත් මෙසේය. උන්නැහේගේ නැගනියන් ගර්භනීව සිට ගෙදරදී බලවත් අමාරුවී ප්රේසූතිකාරෝග්යේ ශාලාවට ගෙණ එනලදී. එහිදී සල්යපකර්මයක් කොට ළමයා බිහිකරවන ලදී. ළමයා නොමළ නමුත් මවු මළාය. සිරිවර්ධන රාළහාමි ඉතා ආදරයෙන් සිටි එකම නැගණියන්ගේ මරණය නිස හටගත් සංවේගයෙන් ඉන්නාවිට - උන්නැහේගේම භාරියාව - පියසීලිගේ මව්ටද - ප්රදසූත කිරීම අපහසුවී - මේ ආරෝග්යම ශාලාවටම ගෙන ආවේය. ස්වකීය භාර්යාව දක්ෂ වෛද්යවවරයන්ට භාරදී - නැගනියගේ මෘතදේහය පිළිබඳ ආදාහන කෘත්‍යය ඉෂ්ට කරණ ලදී. මේ ආදාහනය සඳහා සිරිවර්ධන රාළහාමිගේ බාප්පාගේ පුතා (ඤාති සහෝදරයා) ද පැමිණි වුන්නේය. ස්වකීය නැගනියට ලැබුනු පුත්රදයා ඉතා හොඳින් ප්රදවේසම් කරන්ට සලස්වා - තමාගේ භාර්යාවගේ ප්රදසූතය විමසමින් සිටින විට ස්වකීය බිරිඳ දුවනියක් වැදූ බවත් මව්ට ඉතාමත් අමාරු බවත් දැනගන්නා ලදී. ප්රේදමවන්ත නැගනියගේ මරණයත් - ස්වකීය භාර්යාවගේ මරනාසන්න භාවයත් තදින් හිතට වැදුනු සිරිවර්ධන රාළහාමිට මුර්ජාවක් සෑඳී සල්යභ කර්මයක් කරණ තුරා සිහි නාවේය. සල්ය කර්මය කළායින් පසු මගේ ඇඳ ලඟම ඇ‍ඳේ නිදිකරවන ලදින් පසුදින උදේ සිහි ඇතිවිය. ස්වකීය නැගණියගේ ළදරු පුතා දුටු නමුත් තමාගේ ළදරු දියණිය දකින්ටවත් නොලැබූ සිරිවර්ධන රාළහාමි තමාට සාත්තු කරමින් සිටි කරුණාවන්ත සාත්තුකාරිය කැඳවා “නංගී” නුඹට මම රුපියල් 100 ක් දෙන්නෙමි. ප්රැසූතිකාගාරයේ ඉන්නා නුඹේ මිතුරියගේත් ආධාර ඇතිව මට උපකාරයක් කරන්ට ඕනෑ - පළමුදා ළමයෙකු ප්රේසූත කොට මිය ගිය ගුණතිලක හාමිනේගේත් පුතා තුන්වෙනි කාමරයේ සිටියි. ඒ ළමයාගේ

තුනටියේ ස්වස්තික ළකුණක් මුළු ජීවිතයේදීම නොමැකෙන ලෙස කරන්ට ඕනෑ. එසේම හතරවැනි කාමරයේ මගේම භාර්යාව ගැහැණු දරුවෙකු ප්රටසූත කර මව් ඉතාමත් අනතුරු අඩියක සිටියි. ඒ ළමයාගේත් තුනටියේ ස්වස්තික ලකුණ දිව්හිම නොමැකෙන ලෙස කරන්ට ඕනෑ. එසේ කිරීමට එතන දොස්තර මහතාට යමක් දියයුතු නම් ඒත් මම දෙන්නෙමි”යි කීයේය. මේ කථාවට සතුට‍ුවූ සාත්තුකාරි එවේලේම තමා අතට සිරිවර්ධන රාළහාමි දුන් රුපියල් 100 ද රැගෙණ යන්ට ගියේය. එදින රාත්රීහ දොස්තර හා තවත් සාත්තුකාරියක්ද සහාය කරගෙණ ළමයින් දෙදෙනාගේම තුනටියේ සවසතික ලකුණ කරණ ලදී. පසුදින උදේ ඒ බව සිරිවර්ධන රාළහාමි දැනගත්විට මහත් ප්රීයතියට පැමිණි නමුත් ඔහුගේ අසනීපය බලවත් වන බවත් - ඔහුගේ ආසන්නය බවත් දැන නොතාරිස් කෙනෙකු කැඳවා අන්තිම කැමති පත්රරයක් ලියවන ලදී. එහි තමාගේ කුඩා දියණියටත් - කුඩා බෑනාටත් සියල්ලම හිමිකර ඔවුන් තවමත් රෙජිස්ටර් නොකළ නිසා ඔවුන්ට ආර්ය නම් දෙකක්ද සඳහන් කොට තුනටියේ ලකුණු කරන ලද ස්වස්තික ලකුණෙන් හා වෙන ක්රඳමවලින් ඔවුන් දැන ගතයුතු බවත් සඳහන් කොට - බූදලයේ බලය ස්වකීය භාර්යාවටත් තබන ලදී. ඒ කුඩා දියණියත් බෑනත් ජීවත් වුනොත් ඒකාන්තයෙන් විවාහ වියයුතු බවත් අන්තිම කැමති පත්රෑයේ ලියන ලදී.

මේ අන්තිම කැමති පත්රලය ලියා අත්සන් කරද්දී සිරිවර්ධන රාළහාමිගේ ඤාති සහෝදරයාද ලඟ සිට ‘අයියේ මට මොකුත් නැද්දැ”යි අසන ලදී. අමාරුවෙන් සිටි සිරිවර්ධන රාළහාමි - උඹට මම අක්කර 20 ක පොල්වත්තක් අරන් දුන්නා. ඒ මදිදැ යි කීය. නමුත් ඔහු තරහවී ගිය බව මට පෙනුනේය. ඉතින් සිරිවර්ධන රාළහාමි එදා රෑ මළේය. මට සනීපවී ප්ර සූතිකාරොග්යන ශාලාවට අවුත් බැලූවිට සවස්තික ලකුණකළ ලමයි දෙදෙනා එහි නැති බව දැනගතිමි. පසුව පරීක්ෂාකළ විට සිරිවර්ධන රාළහාමිගේ ඤාති සහෝදරයා ඒ ළමයින් දෙදෙනාම කාට නමුත් ගෙනයන්ට දී තිබෙන බවත් - පිරිමි ළමයා නැත්තටම නැති කරණ අධම තරම් ගැහැණියකට භාරදුන් බවත් දැනගතිමි. බලවත් අසනීපෙන් සිටි සිරිවර්ධන හාමිනේ මාසයකට පමණ පසු සුවවී තමා වැදූ දරුවා විමසූ විට ඈ මළායයි දන්වන ලදී. සිරිවර්ධන හාමිනේ ධර්මය තදින් විශ්වාස කරණ කෙනෙක් නිසා මගේ දුව මළොත් පුදුමෙකි. කොහේ නමුත් ඈ ඉන්ට ඕනෑය යි ලෙඩ සුවවූ හැටියේම යන්ට ගියා ය. මේ ගැන නිතරම තොරතුරු විමසූ මට දැනගන්ට ලැබුනේ මියගිය සිරිවර්ධන රාළහාමිගේ ඤාති සහෝදරයා තමාට බූදලෙන් කිසිවක් නොලැබූ නිසා සිරිවර්ධන රාළහාමිගේ දුවත් බෑනාත් දෙන්නාම යම්කිසි දුෂ්ටයන් දෙදෙනෙකුට ගෙනයන්ට සැලැස්සූ බවයි. සිරිවර්ධන හාමිනේ ජීවත්වේය යන බලාපෙ‍ාරොත්තුවක් ඔහු තුළ නොතිබුනු බැවින් මුළු බූදලවය ඔහුට ලැබේයයි විශ්වාසකොට මේ අපරාධයකර තිබේ. ඉතින් සනී, සිරිවර්ධන රාළහාමිගේ දියණියට “පියසීලි” යන නාමය තබන්ට ඔහු නියමකර ඒ අන්තිම කැමැත්ත කියවද්දී මටත් ඇසුනා. ඔහුගේ බෑනාටත් ආර්ය සිංහල නමක් තබා තිබුනා - නමුත් මට ඒක මතක නැත. යම්කිසි ප්රයයෝගයකින් ඒ අන්තිම කැමති පත්රමය බලා උඹ ඒ නම තබා ගන්ට අපට පුළුවනි. මේ තාක් ‍එසේ නොකළේ පියසීලි ජීවත්ව ඉන්නවාද යන්න නිශ්චය වශයෙන් දැන ගන්නාතුරුයි. නම්ත් ඔහුගේ දියණියගේත් බෑනාගේත් තුනටියේ කර තිබෙන ස්වස්තික ලකුණ උඹේ තුනටියේද කර තිබේ. යම් දවසක පියසීලි නුඹව විවාහ කර ගන්නා විට අර බූදලේ තිබෙන නමම උඹටත් පාවිච්චි කළ හැක. ඉතින් මක්කරලාවත් පියසීලි එක්ක වරෙන්නැ”යි ඉතා ඕනෑ කමින් අභයරත්න රාළහාමි පුතාට කීයේය.

මේ කථාන්තරය මදකුත් චිත්ත චෛකල්ය යක් නොමැතිව අසාවුන් තරුණ අභයරත්න අමුතු ජීවිතයක් ලැබ බලවත් ශක්තිමත් භාවයට පැමිණියකු මෙන් උනස්නෙන් නැගිට තම‍ාගේ කාමරයට ගොස් ඇඳුම ඉවත්කර කැඩපතකින් තමාගේ තුනටියේ කර තිබෙනවායැයි කී ස්වසතික ලකුණ බැලුයේය. ඇත්තෙන්ම එය ඉතාමත් පැහැදිලි ලෙස තිබෙනු දුටුකල ස්වකීය පියා ඉතා දක්ෂයෙක් බවත් - කර තිබෙන අදහස ඒකාන්තයෙන් ඉෂ්ටවන බවත් සලකා නැවතත් ඇඳලෙණ සාලයට අවුත් “පප්පේ පවිස්තිනා නමින් ඉන්නේ පියසීලි බව පප්පා දැනගත්තේ කොහොමදැ”යි ඇසීය. “අනේ, සනී ඒ සිද්ධියත් පුදුම එකකි. ගිය සතියේ මහා ආරෝග්යය ශාලාවට යන හන්දියේ මම හැසිරෙමින් සිටියෙමි. එසේ උන්නේ ඔය ස්ථානයේ කටයුතු කරණ යම් කිසිවෙක් සම්බනවෙන පිණිස ඈත මෑත බලමින් පාර අද්දර මම සිටියෙමි. එවිට බල්ලි ගොහින් එන දෙගොඩහරි වයසේ නෝනා කෙනෙකුත් රූපත් තරුණියන් දෙදෙනෙකුත් ඉදිරියට - මහළු දුක්ඛිත ස්ත්රි යක් පැමිණ “වලව්වේ මහත්මයා - මට මොකවත් දෙන්ට - ඔය එක්ක යන්නේ මම ස්පිරිතාලෙන් ගෙනත් දුන් පුංචි කෙල්ල නොවේද - අනේ ඒකිවත් මට උපකාරයක් නොකරණ හැටි” කියනකොට උඹ හිඟාකන්නේ ඔහොමද කියා ශත දහයක් දී යන්ට ගිය හ. ඒ තුන්දෙනා

ගියාට පසු ඒ මහළු ස්ත්රිතයට ශත පණහක්දී කාරණය විභාගකළ විට සිරිවර්ධන රාළහාමි‍ෙග් සියණිය ඒකනායක වලව්ව ඒ මැහැලිය විසින් භාරදුන් බව හොඳින්ම දැනගතිමි”යි මහළු අභයරත්න රාළහාමි කීයේය.

පියාගේ කථාව අසා ඉතාමත් සත්යර බව වැටහුනු තරුණ අශයරත්න මහතා “ඉතින් පප්පේ, තව ප්රළමාද කරන්ට නරකයි. ජෝන් සිල්වාට තව රුපියල් එකසිය පණහක් දීලාවත් ඔහු ලවාම පියසීලිව ගෙන්වා ගතයුතුයි. ඒ නිසා දැන් කොච්චියාට යන්ට කියමු. මම ඒ මුදලත් රැගෙණ පහට යන්නෙමි”යි පප්පාට කියා කොච්චියාට යන්ට කියමු. මම ඒ මුදලත් රැගෙණ පහට යන්නෙමි”යි පප්පාට කියා කොච්චි කොළුවාට කථාකොට “උඹ පලයන් - ඒ කෙල්ල ගෙදර ගෙනත් නවත්වා ගන්ට කියාපන් - සල්ලිත් අරගෙණ මම පහට එන බව කියාපන්නැ”යි දෙමළෙන් කියා රාමන් පිටත්කර යැව්වේය. ර‍ාමන් වහා ජෝන් සිල්වා ලඟට දුවගොස් දෙමළෙන් මෙසේ කීයේය. ඒ මහත්මයා තවත් වයසක කෙනෙකුත් සමග බොහෝ වේලා මොනවාද කථාකරමින් සිට අන්තිමේ මට යන්ට කී‍වේය. සවස 6 ට විතර මොටෝකාර් එකක් රැගෙණ වැඩකාර කෙල්ල එක්ක යන්ට එන බවද කීවේය. ඒ එනකොට රුපියල් 150 ත් රැගෙණ එන බවත් කීයේය” යනුයි. ජෝන් සිල්වා මහත් සතුටට පැමිණ “‍ඔව්, රාමන් රු. 150 දෙනතුරු කෙල්ල ගෙණයන්ට නොදෙමි. මම දැන් ඒකනායක වලව්වට ගොස් පවිස්තිනාත් සමග අවුත් පවිස්තිනා - බබාහාමි ආච්චිලාගේ ගෙදර නවත්වා එනවා - මට මෙහිදී මුදල් දුන්නාම ඈත් සමග යන්ටයයි අබයරත්නට කියනවා - කොහොමටවත් පවිස්තිනා මෙහාට එක්ක නොඑමි”යි කීයේය. රාමන්ද ඉක්මන්වී - “සිල්වා මහත්මයා දැන් හොඳටම පරක්කුයි. අපේ හාමු මහත්මයා මෙළහකටත් ගෙදර එනවා ඇත” කියා එක පිම්මට පෙරේරා පෙරකදෝරු මහතුන්ගේ ගෙදරට දිව අ‍ාවේය. රාමන් එහි තිබුනු අවශ්යද කටයුතු කරන විටම තුනහමාරට පමණ පෙරකදෝරු මහතා පැමිණියේය. “රාමන්, උඹ ‍ජෝන් සිල්වාගේ ගෙදරට ගියාද - මොකද එහේ කළ වැ‍ඩ’ කියා ඇසුවාම “ඔව් මම දොළහට විතර ගොස් මෙහි ආවේ දැනුයි. සිල්වා මහතාගේ පණිවිඩයකට කුරුඳුවත්තේ ලොකු වලව්වකට ගියා - හෙට මොනවාද කටයුත්තක් තිබෙන බවක් කියා මට එන්ට කීවේය”යි කියා රාමන් ඉතා බැගෑපත්ව “හාමු මහත්මයා - අපේ රටෙන් ලොකු සාමි කෙනෙක් ඇවිත් අපේ මිනිස්සු අද හවස ලොකුවට උත්සව පවත්වනවා - මගේ මෙහි වැඩත් ඉවරයි. ඒ නිසා මම පංචිකාවත්තේ අපේ මිනිසුන් ඉන්නා තැනට යන්ට ඕනෑ. මට අවසරදැයි ඇසීය. එදා රාත්රිම මිත්රුයෙකුගේ මඟුල් ගෙදරක යාමට පෙරේරා හාමුට නියමවී

තිබුනු බැවින් රාමන් ගෙන් කිසි පලයක්ද නැති නිසා - “හොඳයි රාමන්, උඹ පලයන් - නුමුත් රාත්රිායේම එන්ට ඕනෑය” කියා රාමන්ට රුපියලක් දී යන්ට අවසර දුන්නේය. රාමන් බලවත් හදිසියක් වූවෙකු මෙන් මරියකඩේ හන්දියට අවුත් ට්රෑේම්රථයේ නැගී බොරැල්ලේ හන්දියෙන් බසින කොටම සරත් කුමාර වික්ර මසිංහ මහතා තවත් තරුණන් දෙන්නෙකු සමග කුරුඳුවත්ත පැත්තට යන බව දැක දුවගෙණ ගොස් ඒ මහතාට කථා කළේය. කොච්චියෙකු මෙන් සිටි අමරසේන කවුදැයි සරත්ට එකපාරටම අඳුනා ගන්ට බැරිවිය. රාමන් ඒ මහතා අනිත් මහතුන් ගෙන් ඉවතට කැඳවා - තමා අමරසේන බවත් - බලවත් කුමන්ත්රතණයක් දැනගන්ට ලැබී - ඒ නිසා කොච්චි වේශයෙන් ඉන්නා බවත් කීවාම සරත්ගේ ඇස්වලින් කඳුලු හැලෙන්ට පටන්ගෙණ “හොඳයි, අමර, උඹ ගිය සුමානේ මා සම්බවෙන්ට ආ වේලාවේවත් - උඹ කොච්චි වේශයෙන් ඉන්නා බව නොකීවේ” කියා තමාගේ මිත්ර යන් දෙදෙනාට යන්ට කියා ‘රාමනුත්’ සමග සරත් කුමාර වික්ර මසිංහ මහතා ස්වකීය නැවතුම් පලට යාමට ආපසු ගමන් ගත්තේය. අමරසේන බලවත් ප්රීමතියකින් කථාකරණ බවත් - ඔහු ලොකු බලාපොරොත්තුවකින් සිටින බවත් පෙණී දැන් අමර මා සම්බවෙන්ට හදිසියේම ආවේ මන්දැ”යි ඇසීය. ‍”මම ආවේ ඉතාමත් හදිසියකටයි - එහි විස්තර ආදී කිසිවක් දැන් කියන්ට බැරිය. මට කලිසම් මේස් සපත්තු හා තොප්පියකුත් ඇඳගෙණ යන්ට උවමනාවක්වී තිබේ. රුපියල් 60 ක් මුදලුත් ඕනෑය. තව පැය භාගයකට වඩා පමා වෙන්ටත් බැරිය”යි කීය. අමරසේන නොකියන දෙයක් ඕනෑ කමින් විභාග නොකිරීම සරත්ගේ සිරිතකි. තමාගේ ජීවිතයට තමාටත් වඩා අමරසේන ආදරේ බව ප්රසත්යතක්ෂව දත් සරත්කුමාර අමරසේන කියන කිසිවක් ඉෂ්ට නොකර නොසිටින්නේය. නුමුත් මේ කාරණය අබ මල් රේනුවක් තරමටවත් නොවැටහුනු සරත් කුමාර - “මල්ලී - අමර, අඹට මගේ ඇඳුම් කුට්ටමක් ඇඳගෙණ යන්ට පිළිවනි - මිත්රමයෙකුගේ මුදලක්ද මා අතේ තිබේ. ඒ රුපියල් සියය මාසයක් පමා වෙලාවත් ඔහුට ගෙවිය හැක. ඉතින් උඹ ප්රඒවේසමෙන් - අමාරුකාර තක්කඩීන්ගේ උගුල්වලට අසුනොවී ක්රි.යා කළයුතුය”යි කීවාම - ධෛර්යවත් - ඍජු සිතින් යුත් අමරසේනගේ තොල්වලින් “ධමේමා භවෙරක්ඛති ධම්මචාරී” යයි කියවෙන බව සරත්ට දැනුනේය. ඉක්බිති අමරසේන තමා ඇඳ සිටි රෙද්දත් බැනියමත් ‍ඉවර කොට සරත්ගේ ඇඳුම්වලින් සැරසීගත් විට කුමාරයෙකු මෙන් මහෙශාක්ය පෙණීමක් ඉසුළුයේය. “හොඳයි - අමර, යන ගමනක් පලයන් - උඹේ ප්රකවේසම සෑම වේලේම සිහියේ තබාගණින්” කියා රුපියල් සියයක් අතට දුන්නේය. අමරසේන ඇඳ පැලඳ ගියාට පසු “ටිකක්වත් ඔහුගේ ගමණ පිළිබඳ තොරතුරු අසන්ට බැරිවුනේය” ය ස්වල්ප චිත්ත සන්තාපයක් ඇතිවූ බැවින් සරත් කුමාර ඒ සංසිඳී යන පිණිස ස්වකීය නැවතුම්පලේ සිටි මිත්ර යෙකුත් සමග ටැනිස් සෙල්ලම කරන්ට පටන් ගත්තේය. අමරසේන බොරැල්ලේ සන්ධියට පැමිණෙන විට වේලාව හතර හමාර විය. ඒ කාලයේ දහවල් දවස රෑට වඩා අධික බැවින් හතර‍ාමාර වේලාව තුනට තරම් ‍දවල් වාගේ මිනිසුන්ට දැනුනේය.


12. පරිච්ඡෙදය[සංස්කරණය]

ජෝන් සිල්වා තුනහමාරට පමණ ගෙදරින් පිටත්ව ඒකනායක වලව්වට පැමිණ “වලව්වේ මහත්මයෝ, මගේ ක‍ටයුතු ප්රමමාදවන්නේ මට උවමනා පිරිස නැති බැවිනුයි. දැන් පවිස්තිනා සමග කොහොම නමුත් යන්ට ඕනෑය”යි කීවේය. ඒකනායක වලව්වේ මහතාට පවිස්තිනාගේ උසස් චරිතයේ වටිනාකම නොතේරෙතත් තමා ගෙදර ඉන්නා බවක්වත් අනිත් වැ‍ඩ කාරයෙකුට පවා දැනගත නොහැකි ලෙස ඉතාමත් සාන්තදාන්ත ලෙසින් අවුරුදු 18 ක් පමණ තමා ලඟ උන් ලමයෙකු දෙන්නේ කොහොමදැයි කනගාටුවී - තමාගේ දියණිය වන ඩොරොතියත් කථාකොට ආ “ඩොරොති, ජෝන් සිල්වාගේ ඉතාමත් වැදගත් කටයුත්තක් සඳහා උපකාරයට යොදවා ගැණීමට පවිස්තිනා සමග යන්ට ඕනෑය කියනවා - ඉතින් මේ ළමයා පිටත් කර යැවීම යුතුදැ?”යි ඇසීය. ස්ත්රී ස්වභාව ඉක්මවූ ඩොරොති සිනාසී, “මොනවාද මම්මේ, දැන් කාලේ රහස් පරීක්ෂණවල පවා යෙදී සිටින්නේ ස්ත්රීවන් බව බයස්කෝප් දර්ශනවල දුටුවේ නැද්ද? බවිස්තිනා නිකම්ම ගෑනු පරාණයක්ව මුල්ලේ වැදීගෙණ ඉන්නවා - ඔන්න ඔය ජෝන් සිල්වාගේ වික්රනමවන්ත ක්රිැයාවල්වත් ඉගෙණ ගන්ට ඈ පිටත්කර අරින්ටය”යි කීවාම උගත් දුවගේ කීමට විරුද්ධවීමට අකමැති ඒකනායක ලමාතැනී පවිස්තිනාට අලුත් චීත්ත රෙද්දකුත් හැට්ටයකුත් අන්දවා - වැඩකාරියකට සුදුසු රිදී වලලු, රිදී ඇටපට කුරු ආදී ආභරණත් පළඳවා - “ පවිස්තිනා, උඹ මේ සිල්වා මහතාලාගේ ගෙදර කීප දිනක් නැවතී ඉඳලා - උන්නැහේ කියන කාරණයකට උපකාරවෙලා වරෙන්නැ”යි කීයේය. තමා යන්නේ අන්තිම පාපතරයෙකු සමග වුවත් මේ ඒකනායක වලව්වෙන් ඉවත්වෙන්ට ලැබීම ගැන සතුටුවූ පවිස්තිනාත් - “හොඳයි මම ගොහින් එන්නෙමි”යි ඒකනායක වලව්වේ මහතාටත් ඩොරොතිටත් වැඳීමෙන් ආචාරකොට හතරමාරට පමණ ජෝන් සිල්වා විසින් ගෙන්වනලද රික්ෂෝ රථයේ නැගී පිටත්විය.

ජෝන් සිල්වා ඉදිරියේ රික්ෂෝ රථයෙන් යන නිසා පවිස්තිනා කොයිබට යන්නීදැයි සැක සහිතව වත් නොසිතුවේය. පරණවාඩිය පාරේ පිහිටි බබාහාමිලාගේ ගෙදර ඉදිරිපිට රික්ෂෝ රථ නවත්වා ජෝන් සිල්වා ඒ ගෙට ඇතුල්විය. පවිස්තිනාත් රික්ෂෝ රථ නවත්වා ජෝන් සිල්වා ඒ ගෙට ඇතුල්විය. පවිස්තිනාත් රික්ෂෝ රථයෙන් බැස ගෙට ඇතුල්වී ගත්තේය. ජෝන් සිල්වා - බබාහාමි නමැති මහලු ස්ත්රිටයට කථාකොට “නැන්දේ - මෙන්න මේ “ආයා” ටිකකට මෙහි නවත්වා ගන්ට ඕනෑ - පහට විතර කලිසම් ඇඳපු තරුණ මහත්මයෙක් මොටෝ රථයකින් අවුත් මෑ සමග යනවා ඇත. අතුවක් මෙහි ඉන්ට දෙනු මැනව”යි කියා ඒ මහලු ස්ත්රි යට රුපියලක් දී ජෝන් සිල්වා යන්ට ගියේය. පවිස්තිනා බිම බලාගත්වනම උන්නීය. එහි සිටි ස්ත්රීකවරු ඈට වාඩිවෙන්ට කී නිසා ලඟ තිබුනු පුටුව උඩ වාඩිවී මුවෙන් නොබැන උන්නාය. නොයෙක් කාරණා දත් බබාහාමි තමන්ගේම දියණිය වන දෙගොඩහරි වයසේ සිටි මාර්තාට කථාකොට “බලාපන් මාර්තා, මේ ආයාගේ හැටි! ඇත්තෙන්ම හොඳ ඇඳුම් ඇතුව ඉන්නවා නම් - දැන් ලංකාවේ කොයිම ‍වලව්වකවත් නැති තරම් ලක්ෂණ කුමාරියෙක් නොවේද? අනේ අනිච්චං සංසාරේ හැටි! ලක්ෂණ ගැහුණු අසරණ පවුලක උපන්නාම මොන අගයක්ද? අනුන්ගේ ‍දර දිය අදින්ටත් ලමා ලපටින් නලවන්ටත් මිස - ඔවුන්ගේ රූපශ්රි යාවෙන් කුමන පලක්දැ”යි කීවාම මාර්තාත් පියසීලි ලඟට අවුත් බලා පුදුමව කල්පනා කරන්ට ප‍ටන්ගත්තේය. හරියට වෙලාව පහකුත් මිනිත්තු දහය විය. බොරැල්ලේ හන්දි්යේ කුලී මො‍ටෝරථයක් පරීක්ෂා කරමින් සිටි අමරසේනට එතනින් සෑහෙන රථයක් ගත නොහැකි නිසා කොටුවට යන්ට සිතී ට්රෑතම් රථය පිටත්වන්ට තවත් මින්ත්තු පහක් තිබෙන බැව් දැනගත් අමරසේන නොඉවසිල්වන්තව ඈත මෑත බලන විට වෝඩ් වීදිය පැත්තේ සිට මොටෝ රථයක් එන බව දැක ඒ ඉදිරියට ගොස් ඒ රථය නවත්වන්ට සංඥා කළේය. එය කුලියට මගින් පටවන රථයකි. මාතලේ සිට ඉංග්රීඅසි මහත්මයෙක් ගෙණ අවුත් ආපසු යන්ට යන බව ඩ්රනයිවර් කී බැවින් මහත්ප්රී තියට පත් අමරසේන “ට්රෑයම් රථය ඉක්මණින් පිටත්ව නොයාමත් හොඳටම සිද්ධවිය”යි සලකමින් ඩ්රපයිවර්ට කථාකොට “මිත්රතය මටත් තව ලමයෙකුටත් පේරාදෙණියට යන්ට උවමනා කර

තිබේ. නිකම් යන රථයේ අපත් නංව‍ාගෙණ යන්ට පිළිවන්ද? එසේ නම් කීයක් අයකරන්නෙහිදැයි ඇසුයේය. ඒ රථයේ ඩ්රෙයිවර් ඉතාමත් ශික්ෂිත කරුණාවන්ත සිංහල තරුණයෙකි. වර්තමාන කාලයේ ඉන්නා මොටෝ රථචාරීන්ගෙන් සියේට හැටපස් දෙනෙකු‍ටත් වැඩි දෙනෙක් මත්පැන් බොන, ‍නොහික්මුණ, සෑමවේලේම සුරුට්ටු හෝ සිගරැට් දුම් උරමින් - මහා උදාරම් ගතියෙන් සිටින අයය. එබන්දන් නිසාම මොටෝ රථයට “මගමරුවා”යයි නමක්ද ඇතිවී තිබේ. මාවතේ යන්නන් ගැන කිසි වග විභාගයක් අනුකම්පාවක් නැතිව මොටෝරථ එලවන නොහික්මුණු මිනිසුන් අතර ශික්ෂිතවූ කරුණාවන්තවූ යහපත් රථ පදවන්නන් කලාතුරකින් පමණක් දකින්ට ලැබේ. අමරසේනට සම්බවූ රථය පදවන්නාත් සිනාසී “‍මම දහයට ප්රනථම මාතලේට යන්ටත් ඕනෑ - මහත්මයා මෙහෙන්ම රථයක් ගෙණ ගියොත් රුපියල් 60 ක් ගෙවිය යුතුයි. නමුත් මේ නිකම් යන රථය නිසා රුපියල් 25 ක් ගෙවන්ටයයි කීයේය. එබසට මහත් ප්රී තියට පත් අමරසේන - රථයේ ඉස්සරහ ආසනයේ නැඟී - හරියටම පහකුත් මිනිත්තු විස්සට පරණවාඩිය පාරේ බබාහාමිලාගේ ගේ ලඟට ඇවිත් - රථය නවත්වා - අමරසේන ඒ ගේ දොරකඩට ගොස් - ‍ජෝන් සිල්වා මෙහි නවත්වා ගිය ළමයා එක්ක යන්ට ආවෙමි - කෝ ඒ ලමයා කියා ඇසුවාම පැත්තකින් වාඩිවී සිටි පවිස්තිනා නැගිට ඉදිරියට ආයේය. බබාහාමි, ඔන්න මහත්මයා ඒ ලමිස්සි එක්ක යන්ට - අපටත් සන්තෝෂයක් කරන්ට”යි කීවාම අමරසේන ඒ මැහැලියට රුපියලට රුපියලක් දී පවිස්තිනා රථයේ ප්ර ධාන ආසනයේ නංව‍ාගෙණ තමා ඉස්සරහ ආසනයේ නැග පිළිවන් ඉක්මණින් රථය දුවවන්ට යයි රථාචාය්ය්යේ යාට කීවේය. පරණවාඩිය දිගේ ගොස් ටැම්පල් රෝඩ් පාරට වැටී එතනින් බේස්ලයින් පාරෙන් ගොස් උරුගොඩ වත්ත පාරේ ගමන් කොට කොස්ගස්ලග සන්ධියෙන් සැන්ට ජෝසැප් වීථියට වැටී - නුවර පාරේ ගමන්ගත් මොටෝ රථය මිනිත්තු දහයකට පෙර කැලණි පාර හරහා දුම්රිය පාරත් පසු කර ගියේය. අමරසේන පවිස්තිනා රථයේ නංවාගෙණ ගොස් හරියට මිනිත්තු දහයට - ජෝන් සිල්වාත් අභයරත්නත් යන දෙදෙනා මොටෝ රථයෙන් බබාහාමි ආච්චිලාගේ ගෙදරට අවුත් රථය නවත්වා - ජෝන් සිල්වා රථයෙන් බැස ගෙට ඇතුල් වෙමින්ම “ඔන්න පවිස්තිනා උඹේ වාසනාවන්ත කාලේ - අන්න අරතරුණ හාමුලාගේ ගෙදර නැවතීමට උඹව සලස්වන්ට ආවෙමි”යි කියනකොට - ගේ ඇතුලේ සිට එලියට ආ බබාහාමි ආච්චි - මොකද සිල්වා මහත්මයා - පවිස්තිනාට “කේන්දර” කියන්නේ ඈ


ඔයිටත් වඩා ලපටි ලක්ෂණ මහත්මයෙක් සමග දැන් මිනිත්තු දහයකට ඉස්සරින් වාගේ ගියා. ඇයි මට කියා ගියේ මොටෝ රථයකින් තරුණ මහත්මයෙක් ඇවිත් කථා කළොත් පවිස්තිනා භාරදෙන්ට නොවෙද - මම ‍එසේ කළෙමි”යි කීය. ජෝන් සිල්වාට දෙයියන් සිහිවිය. “ඒ මොටෝ රථය ගියේ කොයි පැත්තටද? ඒ තරුණයා කොයි විධියේ කෙනෙක්ද? මොටෝ රථයේ නොම්මරයවත් ආච්චි දුටුවේ නැද්දැ”යි වේගයෙන් ඇසුයේය. අනේ ! මම ඒ මොනවත් නොබැලැවෙමි. මොටෝ රථය මරදාන පැත්තට ගියායයි මම හිතමි. තරුණ ඩ්රටයිවර් කෙනෙක් සමග - අවුරුදු 18 ක් විතර ඇති තරුණ මහත්වයෙක් - කලිසම් මේස් සපත්තු ඇඳි - හීන්දෑරි ඉතාමත් ප්රි!යකරු කුමාරයෙක් වාගේ කෙනෙක් අවුත් - “ජෝන් සිල්වා මෙහි නවත්වා ගිය ගැහැණු ලමයා සමඟ එක්ක යන්ට ආ බව” කීවිට මම භාර දුනිමියි කියා බබාහාමි ආච්චි වාඩිගත්තේය. ජෝන් සිල්වා එලියට දුවගොස් “ඒකද මහත්මයා කවුදෝ තරුණයෙක් පවිස්තිනා එක්ක ගොහින් - ඔන්න බලන්ට අපි විෂ්කි බොන්ට බීම සාප්පුව ලඟ නොනැවතුනා නම් මිනිත්තු දහයකට ඉස්සරින් එන්ට තිබුනා. දැන් මේ රහස මට නම් තේරෙන්නේ නැහැ” කියනකොට අභයරත්නට සිහි නැතිවිය. ඔහු වියරු වැටුනාක් මෙන් “මොකද ජෝන් උඹ කළ අපරාධය - මගේ පවුන් විසිපහකුත් අරගෙණ අපට අවශ්යඋයෙන්ම උවමනාකර සිටි ඒ තරුණිය වෙන කාටවත් එක්ක යන්ට සැලැස්වීම උඹේ කපටිකමකි. මොකද මේකේ තේරුම” කියා තදින් අසුයේය.

“පවිස්තිනා ඉතාමත් තද රහසකට හේතුවක්ය. මේ මොකක්දැයි සොයන්ට ඕනෑය”යි සිතූ ‍ජෝන් සිල්වා මොටෝ රථයේ නැගී - “මහත්මයා තරහනොවී ඉවසන්ට - ලංකාවේ කොයිබ හිටියත් මම පවිස්තිනා සොයන්නෙමි. එන්ට මහත්මයා මාත් සමග” කියා දුර්මුඛව වුන් අභයරත්නත් සමග ඔහුගේ ගෙදරට ගියේය. ජෝන් සිල්වා හා අභයරත්නත් ඔවුන්ගේ ගෙදරට ගොස් එහි කථා කරද්දී - රාමන් වේශයෙන් වුන් අමරසේන පියසීලිත් සමග පේරාදෙනියට ගමන් ගත්හ. ධර්මදාස නැමැති එහි වුන් ඩ්රියිවර් ඇත්තෙන්ම සමර්ථයෙකි. හයට ඉස්සරින් වේයන්ගොඩත් පසුකොට දිවවූ රථය වංගු හා විෂම ස්ථානවලදී ඉතා හෙමින් පැදවූ නමුත් ඔ‍හුගේ සාමාන්ය වේග ප්රුමාණය පැයකට හැතැප්ම 25 කට අඩු නොවීය. පවිස්තිනා දෙස අමරසේන හෝ රියැදුරාවත් ඔවුන් දෙස පවිස්තිනා නමින් වුන් පියසීලිවත් නොබැලීමත් ඔවුන් අතර වචන මාත්රෙයකවත් කථාවක් නොපැවැතීමත්

මේ කියවන්නාට පුදුමයට කාරණයකි. චන්ද්රවයා උදාවීම නිසා රථයේ වේගවත් විදුලි පහන් එලිය නැතත් මහවත ඉතා හොඳින් පෙණෙන බැවින් බිසෝවෙල දක්වාම ගමන් වේගය අඩු නොකොට ගියේය. එතැන් සිට බලවත් කඳු පල්ලම් සහ වංගු අධික බැවින් මනා සිහියෙන් යුත් පළපුරුදුකම් ඇති ඒ ධර්මවාදීවූ ධර්මදාස නම් රියැදුරා හෙමින් ගොස් උතුවන් කන්දේදී රථය නතර කොට උවමනාකර තිබුණු වතුර ටිකක් රථ යන්ත්රුය සඳහා ගෙණ නැවතත් ගමන් ගත්තේය. ගොළුවන් බිහිරන් මෙන් කිසි කථාවක් නැතිව යන මේ තරුණියගේත් තරුණන් දෙදෙනාගේත් ගමන කාව්යන භාෂාව දත් කතාන්තරකාරයෙකුට රසවත් පද්යතයකින් නොදක්වා සිටිය නොහැක්කේමය.

ව ත පු න් සඳක යුතු රුසිරැති පිය සී ලි ර ත යෙන් මොටෝ දිවයයි වැදෙමින් දූ ලි සලෙලැන් සොයන මනයොන් සඳ මන මා ලි ස ම ගි න් බලාවුනි බැඳ හෙල වෙල කේ ලි

න න් ර න් මිණි බරණ කිසිවක් නැතත් ඇ ගේ ර න් ව න් ගතෙහි වන් විදුලිය එලිය ඇ ගේ ද න් ව න් නට සමත් විය රුසිරු කොමල ගේ පි න් ව න් සතට කිම පිහිටක් අනිකෙකු ගේ

ම වි පිය සොහොයුරන් හිතවත් කොනකු ගැ න දි ව් තුරු තුරු අදහසක් සිත තුළ නොපැවතු න යො ව් නෙත් සපිරි පිය පියසීලිගෙ උව න බැ වි සඳ කියන වැනි නිලඹර බබලමි න

සි ටි මු ත් මෙතෙක් දැසියක්වී ගෙය මුල්ලේ බ ල ව ත් කුසල් ඇති පියසීලිගෙ දු ල්ලේ පැහැපත් උවන බලනා මෙන් කර තුල්ලේ ත රි ඳු ත් රතය මත දිවයෙයි එක එල්ලේ

ගු ණ ව ත් රියැදුරු තෙපැයක් කර හි ම් මේ නි සි යු ත් රතය එලවා ගොස් එක පි ම් මේ පැහැ පත් තරිඳු කැළුමැති එරැයෙහි එ ම් මේ වි ය ප ත් කඳුබඩට කඩුගන්නා නැ ම් මේ


ස ඳ කැ න් ලැබ පුබුදු වන පස මල් ළඳ ල වැ දෙමි න් ගිරි මතින් එන දල දහර දු ල රි ය වු න් කුමරි විඳ සීතල සුවඳ න ල බ ල මි න් සතුටුවිය මග අවට කඳු පෙ ල

තෝ රා ගත් අමරසෙන් නැණ දු ලේ යා සු රා රිය ඇදුරු එම රැස ත ළේ යා පා රා විසම ගෙවමින් නොවික ලේ යා පේ රා දෙණියෙ උයනත් පසු කෙ ළේ යා

ත රි ඳු න් මුදුන් වත පුර දසවක දව සේ සු ප ස න් මොටෝරිය විපතක් නොව සුව සේ මු ව කි න් තවම නොදෙඩූ දෙදෙන සහ තො සේ මොහොති න් ගොසින් නැවතනි “සීගිරිය” අ සේ


අමරසේන අභයරත්නලා කථාකරද්දී දැනගත් “සීගිරිය” මේයයි සලකා - ඒ ගේ ඉක්මවා බඹ හත අටක් ගොස් රථය නවතා රථයෙන් බැස - පවිස්තිනාටද බසින්ට කීයේය. මේ කොයිබද - මේ කවුද - කුමකට ආවේද - කොයිබ යනවාද යනාදී කිසිවෙක් නොදත් - අහිංසක සුකුමාලවූ පියසීලි දෙවරක් කියන තුරු පමානොවී අමරසේනගේ කීමට එකපාරටම රථයෙන් බැස්සාය. ඉක්බිති අමරසේන රුපියල් විසිපහ වෙනුවට තිහක් සාක්කුවෙන් ගෙණ ධර්මදාස නම්වූ ඒ රියදුරා අතට දී - “මිත්රහය මේ ලොකු උපකාරයෙකි. මෙය මගේ හිතෙන් කවදාවත් නොමැකේ” කියා දුන්විට ගැණවත් ධර්මදාස ගෞරවයෙන් ඒ මුදල් අතට ගෙණ “මහත්මයාණනි, මම නිකම්ම මාතලේට යන ගමනකි.අතිරේක වශයෙන් තමුන්නාන්සේලා නංව‍ාගෙණ ආවෙමි. මුලදී රුපියල් 25 ක් ඉල්ලූ නමුත් එපමණ කුලියක් ගන්ට යුතු නැත. ඒ නිසා මට රුපියල් 15 ක් ඇත” කියා ඒ තිහෙන් 15ක් අමරසේන මහත්මයාටම දුන්නේය. ඔවුන්ගේ පෙරුත්ත නිසා මිනිත්තු තුනක් පමණ ප්ර්මාද ඇතිවිය. ධර්මදාස රුපියල් පහලොවට වඩා කීයක්වත් නොගන්නා බව කී හෙයින් අමරසේන ආපසු රුපියල් 15 බාරගෙණ නැවතත් රියදුරාට ස්තුති කොට යන්ට සමු දුන්නේය. ධර්මදාස ඔවුන් ගැන බලවත් ලෙස පැහැදී ම‍ාතලේට යන්ට ගියේය. පාර අයිනේ ගස්වල ඡායාව නිසා මදක් අඳුරුව ති‍බුනේය. අමරසේන පියසීලි ලඟට විත් ඈ දෙස හුදු කරුණාවෙන් බලා “නැගනියෙනි, නුඹ මීට පෙරත් මම දුටිමි. නුමුත් කවදාවත් කථා නොකළෙමි. මා කවුද කියා


තවමත් නුඹට නොවැටහේ. දැන් ඒ වැටහීමෙන්ද පලක් නැත. අර එහායින් පෙණෙන්නේ නුඹේ මවු ඉන්නා ගෙයයි. සිරිවර්ධන ලමාතැනිය නියන්නේ නුඹේ මෑණියෝයි. ඒ ගෙට ගොස් මෑණියන් ඇඳිනගෙණ යටපත්වී පැවතුන නුඹේ කුසල් අනුව සැපවින්ද යුතුයි. මම යන්ට යමි. නුඹ කා සමග මෙහි ආවේදැයි ඇසුවොත් කිසිත් නොදන්නා බව කිව යුතුය.” එපමණකුත් නොවේ. “ප්රිඇය නැගනියන්, නුඹෙත් නුඹ ඇති කළ ඒකනායක පවුලේත් අන්ය ලෝකයාගේත් යහපත සලකා නුඹ තවත් කාරණයක් තදින් සිතේ තබාගත යුතුය. එනම් නුඹ මෙපමණ කල් සිටියේ කොයිබද - කා ලඟද - කාගේ ගෙදරද - කවර කාරණයක් නිසා කවරෙකු විසින් මේ ගමණ එක්කරගෙණ ආවේද යනාදිය නුඹේ මෑණියන් විසින් හෝ අන්යස යමෙකු විසින් ඇසුවොත් කිසිවෙක් නොදන්නා බව කිව යුතුය. නුඹේ නම “පියසීලිය” - පවිස්තිනා යන නාමයත් නුඹට තිබුනාද කියා යමෙක් ඇසුවොත් ගොළු තැනැත්තියක් මෙන් සිටිනු මිස පිළිතුරු නොදිය යුතුයි. දැන් නු‍ඹේ වයස අවුරුදු 18 කි. මෙතාක් නුඹ නොසිටි කෙනෙක් මෙන් සලකා අද දින නුඹ අමුතුවෙන් “ඕපාතිකව” උපන් දිව්යි ස්ත්රි යක් බව සලකාගණින්. නුඹ නිසා බලවත් ආශ්චර්ය කරුණු අපට දැක්ක හැක. ඉතින් මම යන්නෙමි. උඹ කෙරෙහි මා දැක්වූ ගෞරවය සලකාගත හැකිනම් මා මේ කිවූ කරුණුත් නොවලහා රක්ෂා කළයුතුය”යි අමරසේන කීය. ඉදිරිපිට තිබෙන ගේට්ටුව ලඟට ගොස් පියසීලිට එහි ඇතුළට යන්ට කීවේය.

අමසේන කියන මේ කථාබස් හීනයක් දකින්නාක්මෙන් අසා සිටි පියසීලි ඇස්වලින් කඳුලු හෙලමින් “අනේ, සොහොයුරානනි, දැන් රාත්රිතයේ - මා කවදාවත් නා රටක, කවදාවත් නොදුටු ගෙදරක් පෙන්නා, මා කවදාවත් නොඇසූ අම්මා කෙනෙක් ලඟට යන්ට කියා තමුන්නාන්සේ ඉවත්ව යන්ටද? ඔය කියූ කරුණු මට නොතේරේ. ඒ සියල්ලම ඇත්ත නම් මහත්මයා කියන ඒ මගේ මෑණියන්ට මා භාරදී මට කළ මේ උපකාරයට තෑගි වශයෙන් ලැබිය යුතු මගේත් මගේ මෑණියන්ගේත් ජීවිතත් පරිත්යාෙග වශයෙන් නොලපා යන්නේ ඇයිද ? ඇත්තෙන්ම මට මේ කරන්ට හදන්නේ කෙබඳු අනතුරක්ද ? ගෙදරක වැඩකාරියක් ලෙස ඇති දැ‍ඩිවුනු මා වැනි අසරණ තරුණියක් මේපමණ දුර එක්කරගෙණ අවුත් මධ්යනම ර‍ාත්රිරයේ අතරමංකොට යාමට තමුන්නාන්සේ වැනි රූප සෞන්දර්යයෙන් යුත් - දිව්යිගතියෙන් සොභාමත් කාන්තියක් ඇති සිංහල මහතෙකුට පිළිවන්ද ! යි ඉතා


බැගෑපත්ලෙස කීවාවූ පියසීලිගේ ඇසිවලින් හුනු ලේ වැනි කඳුලු වැගිරෙන්ට පටන් ගත්තේය.

චන්ද්රතකාන්තිය නිසා ඔවුනොවුන්නේ මුහුණුවලින්ම ඔවුනොවුන්ගේ අදහස් තේරුම් ගැණීමට පිළිවන් මේ තරුණ දෙදෙනාගේ වෙන්වීම බැරෑරුම් කාරණයක්ව පැවැත්තේය. තාප්පය අයිනේ ගේට්ටුව අසල සිටගෙණ කථාකරණ බැවින් - ඒ ගෙයි දෙදෙනකැයි මග යන්නෝ විපරම් නොකළාහ. ගෙයි ඉන්නා උදවිය රාත්රිි බත් අනුභව කරණ වේලාව වූ බැවින් එහි කිසිවෙකුටද මේ ගේට්ටුව ලඟ කථාකරමින් සිටි තරුණ යුවල දක්නට නොලැබුනේය. මිනිත්තු දහයක් පමණවූ මේ ප්රරමාදය අමරසේනට ඉතාමත් දීර්ඝය කාලයක් විය. නමුත් පියසීලි ඉතා බැගෑපත් ලෙස ඉතා අමාරුවෙන් - තමාට ආඩාපලි වශයෙන් කී කථාව අසා අධික ලෙස හුනුවූ හෘදයක් ඇති අමරසේන “ප්රේශමවන්ත නැගනිය, මට සමාවෙන්ට, නුඹට අනතුරක්, අපරාධයක්, අයුත්තක් කරණ පිණිස නුඹ නොගෙණාවෙමි. මම නුඹ ගැලෙව්වෙමි. මාත් නුඹත් ඇතුළු අප කාගේත් ස්වාමි දරුවන්ට මෙහෙකරණ මම ඉතාමත් ගුප්ත ඥානයකින් නුඹ ගෙණ ආවෙමි. නුඹත් සමග මම නුඹේ මෑණියන් ඉදිරියට ගියොත් මගේ ස්වාමි දරු සංඛ්යා.ත සහෝදරයානන් බගවත් විනාශයකින් ගැලවීමට තිබෙන උපාය සුණු විසුණු වන්නේය. අප සමූහයකට යෙදී තිබෙන ක්රෑීරතර කුමන්ත්රසණයක ඉතා සුළු කොටසක්වන නුඹේ මේ ගැලවීම ගැන මට ප්රීීතිවිය නොහැකියි. දැන් මම කිඹුලාගේ කට නොව උගුරේ සිටිමි. උගේ දත් දෙකක් අතරට වැටී සිටි නුඹ පමණක් එලියට තල්ලුකරගතිමි. තවමත් කිඹුලාගේ රෞද්රීවූ මුඛයටත් එහා උගුරේ ඉන්නා මට - ඒ කිඹුලාගේ මුඛයෙන් ඉවතට තල්ලුකරණු ලැබූ නුඹ සමග ප්රීඑතිවිය හැකිද? මම ඒ මුඛයෙන් ඉවතට පැනගත් විටක නුඹ දක්නට එන්නෙමි - භය නැතිව සිරිවර්ධන රාළහාමිගේ අතිජාත දියනිය මෙන් - ඒ රාළහාමිට අයිති මේ ගෙට ගොස් ප්රේළමවන්ත මෑණියන් සමග ප්රීටතිවෙන්නැ”යි කියා ගේට්ටුව අමරසේන විසින් විවෘතකොට - නොකැමැත්තෙන්ම ඇය එහි ඇතුල්කොට තමාම නැවතත් ගේට්ටුව වහා විදුලියක්මෙන් එතනින් බඹ තිහ හතළිහක් ඔබ්බට යා ගත්තේය. පියසීලි චන්ද්රයකාන්තියෙන් පෙනෙනතෙක් අමරසේන ගිය දිසාව බලාවුන්නීය. අමරසේන මිනිත්තුවත් පමණ ඉදිරියට යනවිට නුවර සිට මොටෝ රථයක් එනහඬ - ඇසී ලේන්සුව වැනීමෙන් එය නවත්වන ලදී. ඒ රථය එක් මහතෙකු පටවාගෙණ කොළඹ යන එකක්වූ බැවින්

අමරසේනටද එහි නැඟී යාගත හැකිවිය.

පියසීලි සිරිවර්ධන නිවසේ ගේට්ටුව තුළ හිටගත් හැටියේම සිත් පිත් නැති රූපයක් මෙන් මිනිත්තු දහයක් පමණ වුන්නාය. සිරිවර්ධ හාමිනේ ආහාර අනුභවකොට ස්තෝප්පුවට ආවිට මිදුලේ රූපත් තරුණියක් ඉන්නා බව දැක මෙහෙකරුවෙකුට කථාකොට කීවාය. මෙහෙකරුවා වහාම අවුත් “නුඹ කවුද, මෙතන කුමක් නිසා නැවතී ඉන්නවාදැ”යි අසනකොට විකෘතිව වුන් පියසීලි ඔහු දෙස බලාගත්වනම මුවෙන් නොබැන උන්නාය. “ගොලු ස්ත්රිුයක් - වලව්වේ මහතා - ගොලු ස්ත්රිායක්ය”යි මෙහෙකරුවා කෑගැසීය. කරුණාවන්තවූ සිරිවර්ධන ලමාඑතනී මිදුලට බැස ඒ තරුණියගේ අතින් අල්වා - “වරෙන් ගේ ඇතුළට - උඹ තනිව මෙහි කුමට ආවෙහිද - කොයිබ සිට ආවෙහිද - වරෙන් රාත්රි්යේ කොහේවත් නොගොස් මෙහි සිට උදේ පලයන්නැ”යි කියා සාලයට කැඳවාගෙණ ගියාය.

13. පරිච්ඡෙදය[සංස්කරණය]

ප්රිායසීලි ගෙයි සාලයට පැමිණියා ය. කලින් පැවති පහන් ආලෝකයෙන් නොලැබුනු අමුතු කාන්තිමත් භාවයක් ගෙයි ඇතිවිය. සිරිවර්ධන හාමිනේත් ස්වකීය නැන්දනී වන මහලු හාමිනේත් - වැඩකාරියන් හා වැඩකාරයනුත් මේ පුදුම “ගොලු” තරුණිය දෙස බැලූ ඇස් වෙනතක යොමුකරවිය නොහැකිව උන්හ. මෙසේ මිනිත්තු පහළොවක් තරම නිශ්ශබ්දව පැවති පසු මේ තරුණිය දැකීමෙන් - ප්රනකෘති චලනයට වඩා විසිවාරයකටත් අධිකව හෘදය චලනය ඇතිවූ සිරිවර්ධන හාමිනේ - තව වරක් පියසීලිගේ අතින් අල්වා මෙහි වා‍ඩිවෙයන්නැයි පුටුවක් උඩ වාඩි කරවූවාය. පළමුවෙනි වර මෑණියන් විසින් අල්වද්දීම - මේ තමාගේ ප්රිඩය මෑණියන්යයි වැටහීවුන් පියසීලි දෙවෙනිවර ලැබූ හස්ත ස්පර්ශයෙන් නිසැක ලෙස තම මෑණියන් බව ‍තේරුම් ගෙණ වාඩිවෙනවා වෙනුවට අඬන්නට පටන්ගත්තීය. දහ අට වර්ෂයකට පසුව පහන් එලියෙන් දුටු මෑණියන් ඉදිරියේ සතුටු කඳුළු වගුරුවන මේ රූපත් තරුණිය හඬන විට එහි සිටි සිරිවර්ධන ලමාතැනියට හා ආච්චිටද අනිත් වැඩකාරයින්ටද නොහඬා සිටිනු නොහැකිවිය. මෙසේ මොවුන් ටිකවේලාවක් හඬනවිට මහලු හාමිනේ ලේලිය වන සිරිවරිධන හාමිනේට කථාකොට “මේ ලමාතැනී පෙරේදා

දුටු සිහිනයේ ප්රිතිථලයයි මම සිතමි. මේ අවුත් ඉන්නේ අන්තර්ධානව සිටි “පියසීලිදැ”යි කීවාය. පියසීලි පිළිබඳ ඔවුන් නිතරම සිහින දැක්ක බවත් වැටහුනු පියසීලි මෑණියන්ගේ පතුල්දෙක බදාගෙණ බිම හොත්තීය. අහෝ දරු ප්රේුමයත් මාතෘ ප්රේුමයත් සිහිනැති කළ හැක්කේද? එකම ආත්මභාවයකදී තබා අවංක ප්රේිමය අළුයට තිබුනු ගිනි අඟුරක් මෙන් මතුවන්නේය. ලෝක ස්වභාව එසේම තිබෙද්දී අවුරුදු දහඅටක් වයසැති තරුණියකට ස්වකීය මෑණියන් දැකීමෙන් හා ස්ඵර්ශවීමෙන් ඒ සිවකීය මව් බව දැනගත නොහැකිද? මවුත් දියණියත් දෙදෙන වළඳගෙණ සිහිසන් නැතිව සිටිද්දී - එහි සිටි අනිත් අයගේ බලවත් උත්සාහයෙන් ඔවුන් සනසා සිහි එළවාගත්හ. පැයකට පමණ පසු කුසගින්නේ සිටි පියසීලි ආහාර ටිකක් කා පැන් ටිකක් බිව් පසු - සිරිවර්ධන හාමිනේ දියණියගේ හිස අතගාමින් “නුඹ මෙපමණ කල් සිටියේ කොයිබද? නුඹ මෙහි පැමිණියේ කොහොමද - මා නුඹේ මව බව උඹට දැනුම් දුන්නේ කවුද” යනාදිය ඉතා ආදරයෙන් ඇසුවාය.

බලවත් සතු‍ටින් හා සංවේගයෙන් සිහිසන් නැතිව සිටි පියසීලි මුළු ජීවිතය තුළම තමා දැනුවත්ව නියම මවුට “අම්මේ” යන මධුරවූ උතුම් වචනය පළමුවෙන්ම කියමින් “අම්මේ - මට” දැන් බොහොම මහන්සිය - මම නිදාගන්ට කැමැත්තෙමි”යි කී බැවින් ඉතාමත් සුව පහසු ඇති ඇඳක් ඈට පිළියෙලකරදී නිදාගන්ට සැලැස්සුවාය. කිසිම දෙයක් ගැන කල්පනා නොකොට නිදාගත් පියසීලිට ඉක්මණින් නින්ද ගියේය. පියසීලි නිදාගත් පසු “ඇගේ ආච්චි - මහලු සිරිවර්ධන හාමිනේ - ගෙදර වැ‍ඩකාරියන් හා වැ‍ඩකාරයන් අතරත් පැය දෙකකටත් වඩා නොයෙකුත් කථාබස් පැවැත්තේය. “අනේ ලමයා, උඹ ‍පෙරේදා රාත්රිබ දුටු ස්වප්නය මට කී හැටියේම තුන්දිනකට ප්රොථම අපට පියසීලි සම්භවියයුතු බව මම නොකීවෙම්ද? දැන් මේ ලමයා කා සමග කොයිලෙසට ආවේදැයි අපට විමසාගන්ට බැරිවුනා - ඉතින් ලමයා පියසීලි මේ ලමයා බවට නම් කිසි සැකක් නැත. උඹෙත් මගේ පුතාගෙත් හැඩහුරුකම් එකට මිශ්රනව හැදුනු රූපයක්මය - ගමනත් කතාබහත් එයා කාරමය. නමුත් මගේ පුතාගේ අන්තිම කැමති පත්රවයේ සඳහන් “ස්වස්තික” ලකුණ පියසීලිට දැනනොගන්ට රහසින් බලාගන්ට දැන් කදිම ප්ර‍ස්තාවකි. එය බලාගණිමුදැ”යි මහලු සිරිවර්ධන හාමිනේ ලේලියගෙන් ඇසුවේය. දීර්ඝ කාලයක්ම සිරිවර්ධන වලව්වේ ඉන්නා ආයා කෙනෙක් වන පුන්චි මැණිකේ සිරිවර්ධන හාමිනේ කියන්ටත්

පළමුව - “ඔව් හාමිනේ - ඒ ලකුණ බලා සැකමැර ගැණීම හොඳයි - නමුත් පියසීලි නෝනාට ඒ නිසිවක් අඟවන්ටවත් හොඳ නැතැ”යි කීවේය. ප්රීලතියෙන් කුල්මත්ව ඉන්නා සිරිවර්ධන හාමිනේට ඒ ගැන වැඩි උවමනාවක් නැතත් ආච්චිගේ හා ගෙදර වුන් වැඩකාරාදීන්ගේ උවමනාවට ලාම්පුවේ සඳහන් ඒ ලකුණ තිබේ. දැයි බැලූ විට ( ) ස්වස්තික ලකුණ ඉතාමත් පැහැදිලි ලෙස තිබෙන බව දක්නාලදී. මෙයින් ප්රනමුදිකවී ඒ පිරිස අමුතුවෙන් ලැබුනු මේ අද්භූත වස්තුව නිසා ඇතිවූ ප්රීෙතියෙන්ම උන්හ. එහි ඉන්නා පරණ ලියන්නෙක් වන පේම්ස්, සිරිවර්ධන හාමිනේට කථා කොට “හාමිනේ ලියන කාමරේ ඉඳලා මා යනකොටම මේ නෝනා පැමිණි බව දැන් මට වැටහුනා. එවේලාවේ මොටෝ රථයක් අවුත් අර එහායින් තිබෙන ගස යට නවත්වනවා මම දුටිමි. මිනිත්තු තුන හතරකින් නැවතත් ඒ රථය ගිය නමුත් දෙදෙනෙක් පාර අයිනේ ඉන්නවාත් මම දුටිමි. ජෑන්ස් මහතුන්ගේ ගෙය ඉදිරිපිට නැවැත්වූ බැවින් ඒ ගෙදරට යන අයයයි මම සිතුවෙමි. ඉතින් මේ අද්භූත සිද්ධිය හෙට උදේම දැනගන්ට පිළිවනැ”යි කීවේය. සිරිවර්ධන වලව්ව පියසීලි නැමැති මාණික්ය යෙනුත් චන්ද්ර කාන්තියෙනුත් ඇතුළත පිටත එකවිඩේ අලංකාරවීම ඔවුන්ට පමණක් නොව අන්යුයන්ගේ ප්රීමතියේදී ප්රීළතිවිය හැකි මේ කියවන සත්පුරුෂයන්ටද ප්රීනතියක්වනු නිසැකය.

පේරාදෙණියෙන් රාත්රී් 8.30 ට පමණ මොටෝරියේ නැඟුණු අමරසේන 12.30 ට කොළඹට පැමි‍ණියේය. තමා ආ රථාචාර්යයා රුපියලක් තිහක් ඉල්ලූ බැවින් ඒ මුදල් ගෙවා - රාත්රීම එකට පමණ සරත් කුමාර නැවතී ඉන්නා කෝට්ටේ පාරේ නැවතුම් පලට ගියේය. දෙවරක් කථා කරන්ට ප්රරථම දොර ඇරගෙණ එලියට ආ සරත් කුමාර දුටු අමරසේන ඉතා භය භක්තියෙන් “හාමු මහත්මයා තවමත් නිදාගත්තේ නැද්දැ”යි ඇසීය. ඇත්තෙන්ම අමරසේන කෙතරම් ධර්මනශාස්ත්ර උගත් නමුත් “උඹ අද හවස ගිය රහස් ගමන නිසා උඹ කෙරේ ඇති අවංක ප්රේාමයක් ඇති මට නිදාගත හැකිද? හොඳයි මගේ නින්දෙන් පලක් නැත. උඹ ගියේ කොයිබටද - කාත් සමගද - කුමටදැයි කියාපන්නැ”යි ඇසුවේය. “දැන් මා වැඩකරුවෙක් ලෙස ඉන්නා පෙරේරා පෙරකදෝරු තැනගේ කුමන්ත්රාණකාර ජෝන් සිල්වා ඒකනායක වලව්වේ ලමයෙක් මෙන් ඇතිකරගෙන වුන් පවිස්තිනා අභයරත්න නම් කෙනෙකුට පවරාදෙන ලදී. ඉතින් එය දැන ගත් මම ඉතා වැදගත් පොහොසත් පවුලක ලමයෙක් වන පවිස්තිනා‍ගේ තොරතුරු තරුණ අභයරත්නට ස්වකීය පියා කියද්දී රාමන් වේශයෙන් ඉඳගෙණ අසාගත් බැවින් - අභයරත්නටත් ජෝන් සිල්වාටත් නොදැනුවත්වම ඒ ලමිස්සියගේ මව් වෙතට ගෙණ ගොස් දී ආවෙමි. ඒ සිද්ධියේ විස්තරය දැන් වැඩි ප්රගයෝජනයක් නැත. නමුත් උවමනාවූ විට මම කියන්නෙමි. දුකින් පීඩිතයෙකු සුවපත් කිරීමට මගේ ඥානයත් ශක්තියත් දැන් යෙදුවෙමි. එහි ඉෂ්ට විපාක නොඅනුමානව අපට මේ ආත්මයේත් ලැබී සසර වසනාතුරුත් ලැබී - සසරින් මිදීමටද ඒ ආධාර වියහැක. දැන් මා යා යුතු වේලාවයි. හාමු මහත්මයා මින් පසු මේ විධියට ඉක්මණින් දොර ඇරගෙණ එලියට එන්ට එපා - කථා කරන්නේ මා බව කීවත් තනිව එලියට එන්ට කමක් නැත” කියා තමා ඇඳගෙණ සිටි කලිසම් ආදී ඇඳුම් ගලවා කලින් ඇඳගෙණ වුන් “කොච්චි ඇඳුත්” ඇඳගෙණ රුපියල් සියයෙන් වියදම් වී ඉතුරුව තිබුනු රුපියල් 55ත් සරත් අතට දී වහාම මරදානට ආයේය. රාමන් අවුත් පෙරේරා හාමුගේ නැවතුම්පලේ ස්තෝප්පුවේ නිදා ගත්තේය. පෙරේරා හාමු උදේ අටට විතර නැගිටිනකොට රාමන් ස්තෝප්පුවත් අතුගා මුහුන සෝදන වතුර ආදී කළමනාත් සූදානම් කොට ඉන්නා බව දැක සතුටුවූ පෙරේරා හාමු “මොකද රාමන්! උඹ ආවේ බොහොම පරක්කුවෙලාද. කොහොමද උඹලා ලොකු සභාවක් පැවැත්තුවාදැ”යි ඇසුයේය. “මම එ‍නකොට රාත්රි එකට පමණ ඇති. අපේ ජාතියේ මිනිස්සු තුන්සියයක් පමණ එකතුවුන‍ා. බොහොම කථා බස් කෙළි සෙල්ලම් - සංග්ර්හ තිබුනාය”යි කීවේය. “ඉතින් රාමන් - දැන් කොච්චි ජාතියත් ලංකාවේ අයිතිකාරයත් උනා නොවේද? ඉස්සර සිංහල රටට දැන් ගියකලය”යි සිනහවෙමින් කීවාම රාමන්ද සිනාසෙමින් “අපේ මිනිස්සු මහත්මයාලාට චිංගලයා මෝඩයා කැවුම් කන්න යෝදයායි කියනවාය” කියම්න් තමන්ගේ වැඩ කරන්ට පටන්ගත්තේය. අටහමාරට පමණ ජෝන් සිල්වා රික්ෂෝ රථයකින් අවුත් බැස පෙරේරා හාමු ලඟින් වාඩි ගත්තේය. “කොහොමද සිල්වා, දැන් කටයුතු කෙතරම් දුරට හරිද? ඊයේ මගුල් කෑමක මම ගියා - අපේ රාමනුත් කොච්චින්ගේ ස්වාමි කෙනෙක් අවුත් පංචිකාවත්තට ගියා. රාත්රීේ 12 වනතුරා දොරවසා තිබුන නිසා ජෝන් සිල්වා ඊයේ රෑ කණගාටුවෙන් යන්නට ඇතැ”යි කීයේය. “ඒකද හාමු මහත්මයා, ඊයේ මට සිද්ධවුනාවූ අකරතැබ්බය ඔච්චරද - ඒකනායක වලව්වේ කදිම වැඩකාර කෙල්ලක් වුන්නා - කෙල්ලක් නොවෙයි ලමිස්සියක් - ඒ පවිස්තිනා ඒකනායක ලමාතැනී ස්පිරිතාලෙන් අරගෙණ

හදාගත් කදිම තරුණියකි. ඉතින් ඔය ලමිස්සී ධර්මදාසත් සරත් කුමාර වික්ර්මසිංහත් පිටි දැකීමට ආධාරයක් කර ගැණීමට මම සිතාගෙණ ඒ බව ඒකනායක ලමාතැනීත් සමග කියලාත් තිබෙන අතරට අභයරත්න රාළහාමිගේ පුත්ර් තරුණ අභයරත්නට ඒ ලමිස්සිව උවමනාකොට - පවුන් 10 කුත් දී ඊට පසු තවත් පවුන් පහළොවකුත් දෙන බව කී බැවින් - මම තකහනියේ ගොස් ඒකනායක වලව්වෙන් එක්ක අවුත් පවිස්තිනා පරණවාඩිය ප‍ාරේ බබාහාමි නැන්දලාගේ ගෙදර නවත්වා තරුණ මහතෙක් මොටෝ රථයකින් අවුත් කථාකළාම භාර දෙන්ටයයි බබාහාමි නැන්දාට කියා ආවෙමි. ඉතින් සවස 5-10 ට මමත් අභයරත්නත් එතනට යනකොට ඒ ලමිස්සී කවුදෝ තරුණයෙක් විසින් එක්කරගෙණ ගොහින්ය. දැන් මට සිද්ධවුනේ බලවත් පාඩුවකි. මට ලැබෙන්ට තිබුනු රුපියල් 150 ත් නැතුව ගියා කදිම ලක්ෂණ තරුණියත් නැතුව ගියා. අභයරත්න කොටියෙක් වාගේ කිපී මට විරුද්ධව වැඩ කරන්ටත් පටන් ගත්තා. ඊයේ රාත්රි මුළුල්ලේම කොළඹ ඉන්නා තරම් මොටෝකාර් ඩ්ර යිවර්ලාගෙන් විභාග කළ නමුත් මේ තරුණිය එක්ක ගිය මොටෝ රථයක් ගැන විමසාගන්ට බැරිවුනි. රාත්රි එකොළහමාරට පමණ මෙහාටත් ආ නමුත් දොරවසා තිබුනු බැවින් කනගා‍ටුවෙන් යන්ට ගියෙමි. දැන් කුමකින් කුමක් කරම්දැයි සෝකයෙන් ඉඳිමි”යි - ජෝන් සිල්වා පෙරේරා හාමුට කීයේය. පෙරේරා හාමු සිනාසී “පුංචි අඩියක් ගසා කෙල්ලක් නැතිවුනාට තව කීදෙනෙක් අභයරත්නට අඬගසා දෙන්ට බැරිද? ඒ ගැන ඇති කළ කල්පනාව අත්හැර දමන්ට අපේ වැඩේ දැන් කොපමණ දුරට කෙරුණාද, මීලඟට කරන්ට තිබෙන්නේ කුමක්දැයි දැන් සාකච්ඡා කරන්ට ඕනෑ. සිල්වා පිට වැඩවලට නොගොස් මේ අදහස්කළ වැඩේම කරගන්ට ඕනෑය”යි කීවේය. “හාමු මහත්මයාටත් වඩා මටත් ඉක්මන් කරන්ට උවමනාවී තිබේ. නමුත් රුපියල් ලක්ෂගණනක තරම් බූදලයක් මාසයකින් දෙකකින් හිමි කර ගැනීම ලේසිද ? හාමු මහත්මයාට ඒකනායක වලව්වෙන් කසාද බඳවා දීම කිසි අපාසුවක් නැත. නමුත් සරත් කුමාර වික්රැමසිංහ හොඳින් ඉන්දිද්දී එසේ කිරීමෙන් බූදලේට කලබල වියහැකි නිසා ඔහුට අන්තරාය කරන්ටම ඕනෑ - ඉටක් වඩා සරත් කුමාර ගැන මම තවත් ආරංචියක් අන්තෝනි අප්පු කිව්වා. ශ්රී් පරාක්රඩමසිංහ මැතිතුමාගේ බූදලය ඔහුගේ භාර්යා තනතුරේවුන් මල්ලිකා වික්රරමසිංහ නෝනාටත් එතුමාගේ දියනිය වන සුජාතා කුමරියටත් සරත් කුමාර වික්රරමසිංහටත් සුළු කොටසක් එතුමාගේ රහස් ලේකම් වන ධර්මදාසටත් ලියා තිබෙන බවත් අන්තෝනි අප්පු කිව්වා. අන්තෝනි අප්පු මේ අන්තිම කැමති පත්රසය හොඳින් දැනගන්ට වීරියකළ නමුත් “අලි අමාරුකාරයෙක්” වන ධර්මදාසගෙන් දැනගන්ට බැරිවී තිබේ. පරාක්රිමසිංහ තුමාගේ භාර්යාව මල්ලිකා මහමාරියෙන් මළා - ඒ ගැන සැකක් නැත. සුජාතාත් මළා - නැත්නම් මරක්කල ගැහැණියක් බවට හරවාගෙණ දැන් ඉන්දියාවේ ඉන්නවා. ඇගෙනුත් කාරියක් නැත. ධර්මදාසත් - සරත් කුමාරත් නැතිකර ගත්තොත් සුජාතා වෙනුවට අපි සූදානම් කරගෙණ ඉන්නා මාගරට්ට බූදලය ලබා දෙන්ට පිළිවන. නමුත් සුජාතා වෙනුවට ඉන්නා ඒ මාගරට්ගෙන් අපට එය ලබා ගන්ට පිළිවන් ක්රාමය කල්පනාකර ගත්තොත් ඔක්කොම වැඩේ හරිය”යි කියනකොට ප්රීිතියෙන් පිනාගිය පෙරේරා පෙරකදෝරු මහතා සිනාසී - ජෝන් සිල්වාට සරත් කුමාර හා ධර්මදාස නැතිකළ හැකිනම් - අපට බූදලය එන්ට පිළිවෙළ මම යොදන්නෙමි”යි කීයේය. ශ්රීඅ පරාක්රළමසිංහ තුමාගේ රුපියල් පණස් ලක්ෂයක පමණ බූදලයට සුජාතා එකම හිමි කාරිය වූවොත් - එය ඈට ලැබෙන්ට ලියා තිබෙන බව ඔප්පු උනොත් මාර්ගරට් සුජාතා බව ඔප්පුකරගත්තොත් - මම ඈ කසාද බැඳගන්නෙමි. මුළු බූදලෙන් කොටසක් සිල්වාට දෙන්නෙමි. ඈ කසාද බැඳලා ටික දවසකින් පන්නා දමා හෝ වෙන අනතුරකට පත්කොට ඒකනායක වලව්වෙන් කසාදය බැඳගන්නෙමි. මුළු බුදලෙන් කොටසක් සිල්වාට දෙන්නෙමි. එසේ දෙන බවට පොරොන්දුවක්ද නීතිප්රසකාර දෙන්නෙමි. නමුත් සරත් කුමාරටත් ධර්මදාසටත් වඩා ශ්රීව පරාක්රිමසිංහ ජීවත්ව සිටියදී මාර්ගරට් සුජාතා බවට ඔප්පු කරන්නේ කොහොමද? සුජාතාගේ ගතිගුණ කතාබහ ආදිය දැන් මාර්ගරට්ට පුරුදු කොට සැග්රිොගේෂන් කඳවුරෙන් ආ තොරතුරු ආදිය ඔප්පුකොට ඈ බූදලේ හිමිකාරිය කළහැක්කේ ධර්මනදාසත් ශ්රීු පරාක්රුමසිංහත් නැත්නම් පමණකි. ඔවුන් සිටියදී මාර්ගරට් සුජාතා බවට පමුණුවා ගන්නේ කෙසේදැයි මට තේරෙන්නේ නැතැ”යි පෙරේරා පෙරකදෝරු මහතා කීයේය.

හාමු මහතාටත් වඩා ඔය කාරණය මම කල්පනා කළෙමි. ධර්මදාසට අනතුරක් කරන්ට ප්රඔථම සුජාතා වෙනුවට සූදානම්කර ඉන්නා මාර්ගරට් ඔහුට පෙන්නුම් කර ඔහු විසින් ශ්රී පරාක්ර මසිංහතුමාට ඒ බව විශ්වාස කරවිය යුතුය. ධර්මනදාස යමක් කීවොත් කිසි සැකක් නැතිව ශ්රීර

පරාක්ර මසිංහ තුමා විශ්වාස කරණු ඒකාන්තමයි. ඒ නිසා මරක්කල මිනිහෙක් ලඟ ඈ ඉන්නා බව මම ධර්මදාසට කීවෙමි. ඔහුට පෙන්නුම් කර ගැනීමට කටයුතු සූදානම් කොට ඉක්බිති ධර්මදාසට අන්තරායක් කළොත් මිස ශ්රීට පරාක්රනමසිංහ තුමා නැසී ගියත් මාර්ගරට්ට බූදලය හිමිකරගන්ට පිළිවන් කමක් නැත. ඉන්නිසා මරක්කල ගෙදරක්මෙන් පිළියෙලකර තිබෙන මාගරට්ගේ ගෙදරට රහසින් මෙන් ධර්මදාස එක්ක අවුත් ඔහුට පෙන්වා විශ්වාස ගන්නා පරිද්දෙන් මාගරට් ලවා සුජාතාට සිද්ධවූ තොරතුරු කියවාදී - එක්තර‍ා බලයක් නීති මගින් මාර්ගරට්ට සලස්වා ගැණීම මගේ පළමුවෙනි අදහසය”යි ජෝන් සිල්වා කීවාම - එය ඉෂ්ට කළ හැක්කක් බව වැටහුන පෙරේරා පෙරකදෝරු මහත්මයා - “ඔව් ජෝන් සිල්වා - මරක්කල ගෙදර ඉන්නේ සුජාතාය - ඈ අපට පවරා දියයුතුය”යි උසාවියට දිවුරුම් පෙත්සමක් දී එය උසාවියෙන් ඉෂ්ටකර ගත් හැටියේම ධර්මදාසත් සරත් කුමාරත් හා ශ්රීි පරාක්රෙමසිංහත් නැතිවුනොත් නොඅනුමානවම මාර්ගට් සුජාතාම වන්නේය. ඉතින් අපේ අදහස ගැන කිසිම සැකක් කරන්ට උවමනා නැත. පළමුකොටම සරත් නැතිකර දමමු. එතකොට ඒකනායක ලමාතැනීගෙනුත් තව තවත් උපකාර ලැබේ. ඒ උපකාරත් ලබාගෙණ ඊලඟට මම මාර්ගරට් - “සුජාතා ශ්රීඋ පරාක්රලමසිංහ”ය කියා කසාද බැඳ තබන්නෙමි. එසේ කළාට පසු ඈ ලබා ගැණීමට ශ්රී පරාක්ර මසිංහ නාකියා එවා ඒ ගැන ක්රි යා කරන්ටත් ප්රැථම ඔවුන් දෙදෙනාම නාස්තිකර දමමු. එවිට මාර්ගරට්ටත් ඇගේ මවුවන මංගොහාමිටත් මොකවත් දී කොහොටවත් යවා ඩොරොති විවාහකර ගතහැක”යි කීවාම ජෝන් සිල්වා “දැන් මම නුවර යන්නෙම්. මගේ මිත්රජ ගහල මිනිහෙක් එක්ක එන්ට ඕනෑ - ඔහු ලවා යම්කිසි ක්ර්මයකින් පළමුකොට සරත්ට අන්තරාය කරන්නෙමි. හාමු මහතා ලඟ තිබෙතොත් මට පවුන් විස්සක් දුනමැනවැ”යි කීයි. ඇත්තෙන්ම හාමු ලඟ සතයක්වත් නැත. නමුත් කටයුත්තේ අවශ්යයතාවය සලකා “හොඳයි සිල්වා, මම රැගෙණ එන්නෙමි”යි රික්ෂෝ රථයක නැගී - ස්වකීය මව් වන පෙරේරා ලමාතැනිය ලඟට ගොස් ඉතාමත් හදිසි ගණුදෙණුවකට රුපියල් දෙසීයක් උවමනා බව කියා සිටියේය. පුතා ‍කාගේදෝ මුදලක් වියදම් කර ගෙණ උසාවියට ගණන් දෙන්ට බැරිව ඉන්නා බව සලකා බිය පත්වූ මැහැලිය තමා ලඟත් මුදල් නැති බැවින් - ඔවුන්සගේ පල්ලියේ දේවගැති වන පෙරේරා පාදිලි තැනට ලියුමක් ලියා එතනින් ඉල්ලා ගෙණයන්ට පුතාට කීයේය. පෙරේරා පාදිලි තැනගේම මුදල් නොව පල්ලියට අයත් මුදල් රුපියල් 200 ක් දුන්නේය. ඉතා අමාරුවෙන් සපයාගෙණ ආ රුපියල් 200 ය අනුන් මරන පිණිස උපක්රනම යෙදීමට ජෝන් සිල්වාට දුන් මේ මනුෂ්යරයා උගතෙකු, මුදලි කෙනෙකුගේ පුතෙකු කියා සිතීම දුෂ්තර වූවත් ඒ ඇත්තකි. ඉතින් මේ රුපියල් 200 ය අතට ගත් කෛරාටික ජෝන් සිල්වා ස්වකීය වාසස්ථානයට අවුත් තමාගේ රංචුවේ අන්තෝනි අප්පුත් සමග යොන් වීදියේ මුඩුක්කුවේ ඉන්නා පෙමියානුත් - මංගොහාමි - යන මරක්කල වෙස් ගැන්වූ පවුලත් ඔවුන්ගේ දියණිය වන සුජාතා පරාක්ර්මසිංහ කුමාරිය වෙනුවෙන් ඉන්නා මාර්ගරට්ද ඉන්නා තැනට අවුත් කාරණා පරීක්ෂාකොට බැලූහ. මංගොහාමි නියම මරක්නල මොට්ටක්කිලියලාගෙන මරක්කල ලියකගේ ලීලාවෙන්ම කටයුතු කරණ බව දුටු අන්තෝනි අප්පු හා ජෝන් සිල්වාත් අතිශයින් සතුටු වූහ. කපටි පෙමියානුට මිස්කින් හැටියට හරියටම වැඩකරන්ට හුරු නැති නමුත් ඔහු ලෙහෙසියෙන් අල්වාගණු නොහැකි බලවත් හොරෙකි. ඉතින් ජෝන් සිල්වා හා අන්තෝනි, හවස හතරට පමණ තේවතුර සූදානම් කරවාගෙණ බීලා මිස්කින් (පෙමියානු) පාතුම්මා (මංගොහාමි) සහ බිබි (සුජාතා වෙනුවට ඉන්නා මාර්ගරට්) යන තුන්දෙනා ජෝන් සිල්ව‍ා ඉදිරියට කැඳවා ඔවුන්ට කලින් උගන්වා තිබෙන කරුණු උවමනා තැනකදී ඒ අන්දමට පෙන්වා ක්රිායා කරන්ට පිළිවන්දැයි පරීක්ෂාකරණ පිණිස තුන්දෙනාගෙන්ම විභාග කරන්ට පටන් ගත්තේය. මේ කුඩා ගෙට අල්ලාපු අනික් පැත්තේ හරි කෙලින්ම තිබෙන ගේ අබ්දුල්ලා නම් හම්බයෙක් පදිංචි එකය. මේ මරක්කල වෙස් ගත් සිංහල පවුල ඉන්නා ගේ අවට කු‍ඩා ගෙවල් විස්සක පමණ ඉන්නන්ගෙන් පවුල් තුනක් ඇර අනික් සියලුම ගේවල සිටින්නේ හම්බයෝත්, මරක්කලයෝත්ය. මේ නිසා ජෝන් සිල්වා ආදී පිරිසට උවමනා අන්දමකට කතාබස් ආදියක් කිරීමට කිසි සැකක් බියක් නැත. ඉතින් ජෝන් සිල්වා පළමුකොටම මාර්ගරට්ව ඉදිරියට කැඳවා මෙසේ පරීක්ෂා කළේය. දැන් මාර්ගට් ලවා නඩු ශාලාවකට හෝ වෙන කොතනකට හෝ කැඳවා උඹෙන් කරුණු පරීක්ෂා කළොත් කියන්නේ කොහොමද යන්න දැන ගැණීම පිණිස මා අසන ප්රොශ්න වලට උත්තර දීපන්.

ජෝන් - උඹේ නම මොකක්ද?

මාර්ගරට් - මගේ නම “සුජාතා ශ්රීන පරාක්රපමසිංහ”

ජෝ - උඹේ මව් කව්ද - පියා කව්ද?


මා - මගේ මව් මල්ලිකා වික්ර5මසිංහ - පියා ආතර් ශ්රීස පරාක්රනමසිංහ

ජෝ - උඹේ වයස කීයද?

මා - අවුරුදු දහසයයි මාස 3 යි

ජෝ - උඹේ මව්පිය දෙදෙනා ජීවත්ව ඉන්නාහුද?

මා - පියා ඉන්නවා - මව් මීට අවුරුද්දකට ඉස්සර මහමාරි ලෙඩේ වැළඳිලා මළා.

ජෝ - උඹ දැන් ඉන්නේ පියා ලඟද?

මා - නැහැ, දැන් ඉන්නේ මිස්කින් නමැති මරක්කල මිනිහාගෙත් පාතුම්මා නැමැති මරක්කල ගැහැණියගෙත් දුවක් හැටියටයි.

ජෝ - ඒ මොකද? ඇයි මුල පටන්ම පියා ලඟ නූන්නේ?

මා - මගේ මම්මාට මහමාරිය වැළඳී මාත් ඇතුළු ඒ විදියේම උන් අය ලෙඩුන් සමග සිටිය නිරෝගින් නවත්වට ස්ථානයට ගෙණයන ලදී. මගේ මව් ස්පිරිතාලේදී මැරෙන්ට ඇත. සැග්රියගේෂන් කඳවුරට ගිනි ඇවිලී එහි සිටි අය කලබල වෙලා දිවූහ. මාව මේ මිස්කින් නානා විසින් ගෙණ අවුත් දරුවෙකු මෙන් ඇතිකර ගන්නා ලදී.

ජෝ - ඉතින් උඹේ මවුත් පියත් එක තැන එක්ව වාසය නොකළ බව මෙයින් පෙණේ. මව් තැතිවුනාම පියා විසින් උඹව ආරක්ෂා කරගතයුතු නොවේද?

මා - මට ඒ ගැන තේරුමක් නැහැ. අපේ පියා බම්බලපිටියේ විශාල මන්දිරයක ඉන්නවා. මවුත් මමත් උන්නේ රඩ්ස් ලේන් වීදියේ කුඩා ගෙයකයි. අපට උවමනා සියලුම දේ පියා විසින් දුන් බවත් පියා මා එක්කරගෙණ නොයෙක් වාරවල බම්බලපිටියට ගිය බවත් මට මතකය. පියා ඉන්නා ලොකු මන්දිරයේ මව්ව නවත්වා නොගත්තේ මන්දැයි මම නොදනිමි.

ජෝන - දැන් උඹේ පියා ලඟට ගියොත් ඔහු උඹ අඳුනා ඔහුගේ දුව හැටියට බාරගෙණ උඹට ඔහුගේ සියලු දේපලාදිය භාරදේවිද ?

මා - ඔව්, මගේ පියාට මා ඉන්නා තැනක් ගැන ආරංචිවුන හැටියේ මා ගෙන්වාගෙණ මට සංග්රිහ කරණවාට කිසි අනුමානයක් නැහැ. “ඇති මාර්ගරට් - උඹට ඕනෑ එකකට උත්තර දෙන්ට

පුළුවනි. උඹ උත්තර දෙන හැටිත් හොඳයි. තවත් කාරණා රාශියක් මම හෙටත් උගන්වන්නෙමි. වරෙන් පෙමියානු උඹවත් ටිකක් විභාග කරන්ට ඕනෑයයි - ජෝන් සිල්වා පෙමියානුගෙන්ද මෙසේ විභාග කළේය.

ජෝන් - උඹේ නම මොකක්ද?

පෙමියානු - මගේ නම මිස්කින්.

ජෝ - වයස කීයද?

පෙ - අවුරුදු 48 යි.

ජෝ - උඹ කසාද බැඳලාද?

පෙ - ඔව්, පාතුම්මා සමග කසාද බැඳලා.

ජෝ - උඹලාගේ උපන් රට ලංකාවද - ඉන්දියාවද?

පෙ - ඉන්දියාවේ ත්රි නවේලියේ ය. ලංකාවට ඇවිත් දැන් අවුරුදු 25ක් පමණ වෙනවා.

ජෝ - උඹට දරුවන් ඉන්නවාද?

පෙ - දරුවන් නැහැ. දරු කමට හදාගත් සිංහල ගෑණු ළමයෙක් ඉන්නවා.

ජෝ - ඒ ළමයා ලැබුනේ කොහොමද?

පෙ - ගිය අවුරුද්දේ මරදානේ ඩින්ස් රෝඩ් පාරේ කඩේක වෙළඳාම් කරද්දී එක ගෙදරක මහමාරිය හැදී ඒ වීදියේම වුන් මිනිසුන් සැග්රි ගේෂන් කඳවුරට ගෙන ගියා. ඒ කඳවුර හදිසියෙන් ගිනිගෙණ එහි වුන් අය පැනලා ගියා - ඉතින් ලක්ෂණ සිංහල ගැහැණු ළමයෙක් කාත් කවුරුත් නැති බව දැක මා විසින් ගෙණ අවුත් දරුකමට ඇති දැඩි කරනවා.

‍ජෝ - උඹේ භාර්යාවත් ඒ කඳවුරට ගෙණ ගියාද?

පෙ - නැහැ - ඈ එතකොටත් වුන්නේ දැන් අපි ඉන්නා යොන් වීදියේ ලේන් පාරේය. ඒ නිසා ඈ ඒ කරදරයට අසුවුනේ නැත.” ඔව් පෙමියානු උඹටත් හොඳටම කාරණය තේරෙනවා - උඹට දෙමළත් හොඳටම පුළුවනි. මාර්ගරට්ට දෙමළ බැරි එකෙන් ඈ සිංහල ළමයෙක් බව වැටහෙනවා. මංගොහාමි (පාතුම්මා) ගැන විභාග නොකළාට ඒ හාදි ගැන මම දනිමියි කියනකොට ලෝකය කාලා ඉන්නා මංගොහාමි සිනාසි මොනවාද සිල්වා

මහත්මයා දෙමළෙන් තබා කොයි එකකින් මගෙන් ප්ර5ශ්න කළත් මට උත්තර දෙන්ට බැරිද - ඔය මාර්ගරට්ට කාරණා ඉගැන්නුවෙත් මමයයි මංගොහාමි කීවාය. සිල්වා හා අන්තෝනි අප්පුත් පෙමියානුලා දුන් තේ වතුර බී සතුටුව “අපි තව දවස් තුන හතරකින් මහත්මයෙක් සමග මෙහාට එනවා. ඒ වේලාවට මාර්ගරට්ව හොඳට පෙන්වන්ට එපා. යන්තම් ඡායාව පෙන්වා සඟවා ගන්ට ඕනෑ. මංගොහාමි දෙමළෙන් හැර සිංහලෙන් වචනයක්වත් කථා කරන්ට එපා. පෙමියානුත් දෙමළෙන්ම කතා කරන්ට ඕනෑය”යි කියා ඔවුන්ට රුපියල් පහකුත් දී යන්ට ගිය හ.

“බිත්තිවලට කන් තිබේය”යි ගුප්තවූ අදහස් ඇති වචනය ඇත්තකි. මොවුන්ගේ මේ කථාව හොඳින් අසාවුන් ඊට එහා පැත්තක ගෙයි ඉන්නා තරුණිය මේ මරක්කළ වේසධාරී සිංහල පවුල ගැන සැක කරමින් පැවැත්වූ අදහස - මේ කථාව අසා නිරාකරනය වූ බැවින් ප්රීපතිවිය.


14. පරිච්ඡෙදය.[සංස්කරණය]

මාර්ගරට්ලාගේ ගෙදරට අල්ලාපු අනික් පැත්තේ අබ්දුල්ලාගේ ගෙදර ඉන්නා මාර්ගරට්ගේම වයසේ සයිබුම්මා නැමැති තරුණිය ඇයගේ මෑණියන් ලෙස ඉන්නා නාච්චි උම්මා නමැති ගැහැණියගෙන් නොවිඳිනා වදයක් නැත්තේය. ගෙදරදොරේ සියලුම වැඩ කළත් කවදාවත් සතුටට පත් නොවන ඒ රෞද්රන ස්ත්රිදය ඇගේ සහෝදරියක් බැලීමට නුවරට පිටත්ව ගොස් සිටි දවසක් බැවින් සයිබුම්මාට - මාර්ගරට්ලාත් සමග ‍ජෝන් සිල්වා කළ කතාව හොඳින් අසාගන්ට ඉඩ ලැබුනේය. ඇගේ පියා මෙන් ඉන්නා අබ්දුල්ලා උදේට වැඩට ගොස් සවස පහට එන බැවින් මාර්ගරට් සමග කථාකරන්ට කැමැත්තක් ඇතිවූ නමුත් එදා නොහැකි වීය. පසුදින සෙනසුරාදා උදේත් අබ්දුල්ලා වැඩට ගියේය. අබ්දුල්ලාගේ බිරින්ද වන නාච්චි උම්මා තරම් රෞද්රද නොවන ඒ නාකිමරක්කළ මිනිහා - සයිබුම්මාට බලවත් සැලකිල්ලක් ඇති කෙනෙකි. සයිබුම්මා - හිස පීරීමක්, මුහුණ සේදීමක්, වතුර නෑමක්, පිරිසිදු වස්ත්රච ඇඳීමක් ගැන කවදාවත් කල්පනා නොකරන්නීය. දැලි කුණු වැකි ගතින් යුත් කිලිටි දුර්වර්ණ රෙද්දක් ඉස

වසා පොරවාගත් සයිබුම්මා - මාස දෙකක් තිස්සේ සිංහලෙන් කථාකරණ මරක්කල ගෙදරට එන්ට සිතා සිට අන්තිමේදී ඒ සෙනසුරාදා උදේ අබ්දුල්ලා වැඩට ගිය පසු ස්වකීය ගෙදර දොර වසා, සයිබුම්මා මාර්ගරට්ලාගේ ගෙදරට ආයේය. ඒ වේලාවේ මංගොහාමි හා පෙමියානුද කොයිබදෝ ගොස් සිටි බැවින් තනිව හුන් මාර්ගරට්ට මහත් ප්රී තියක්ව සයිබුම්මාට දෙමළෙන් කථාකොට වාඩිවෙන්ට කීයේය. සයිබුම්මාට තවත් හොඳ හැටි දෙමළ කථාකළ නොහැකි බැවින් තමාගේ මොට්ටක්කිලිය අහක් කොට මාර්ගරට් නෝනා උඹත් සිංහල බව උඹලා මේ ගෙදර පදිංචියට ආ දවසේම දැනගතිමි. උඹ තබා උඹලාගේ මවු පිය දෙදෙනාත් සිංහල බව මම දනිමි”යි කීවාම මාර්ගරට් මහත් පුදුමයට පැමිණ “උඹත් සිංහලද උඹ හම්බ ගෙදර ඉන්නේ මන්දැ”යි ඇසුවාය. අනේ මාර්ගරට් “මම නම් සිංහල තමා - මගේ මව්පියන් කවුද කියාවත් මම නොදනිමි. කුඩා කාලේ මම අබ්දුල්ලාට අසුව දැන් ඔවුන්ගේ දාස මෙහෙවර කරමින් ඉඳිමි. මගේ ගමවත් - නමවත් මම නොදනිමි. මට යන්ට එන්ට තැනක් නැති නිසා - අනාථව හම්බ ගෙදර ඉඳිමි. ඉතින් උඹලා මේ මරක්කල වෙස් ගෙන ඉන්නා හැටි පුදුම”යි කීවාම - මාර්ගරට් මේ මරක්කල වෙසධාරි සිංහල ගැහැණු ලමයා කෙරේ මහත් කරුණාවක් උපදවා තේවතුර කෝප්පයක්ද සූදානම්කොට දී කථා කරන්ට පටන්ගත්තීය. “සයිබුම්මා - නිතරම අහන බැණුම් හා විඳින වද බිත්තියෙන් මෙහා පැත්තේ ඉන්නා අපට නිතරම ඇසෙනවා - නමුත් අපි මෙපමණ කල් හිතාගෙණ උන්නේ - අබ්දුල්ලාගේ ඉස්සර ගෑණියෙකුගේ දුවකට නාච්චිරේ උම්මා වදදෙනවාය කියාය. ඇත්තෙන් මෙචිචර කල් සයිබුම්මා සිංහල බව දන්නවා නම් මම පුළුවන් තරම් උපකාර කරනවා - මීට පසු ඉ‍ඩ ඇති හැම වෙලාවකම මෙහාට එන්ට. හැබැයි අපේ බාප්පා වස නරක බේබද්දෙකි. ඒ මිනිහා ඉන්න වේලාවට එන්ට කමක් නැත. මින්පසු සයිබුම්මාගේ දුක සැප කියන්ට අපි “සූස්තරයක් කරමු. මේ “වරිච්චි” මැටි බිත්තියේ මුල්ලේ සිදුරක් කරමු. එවිට රෑට හෝ දවාලට ඒ සිදුරෙන් ඉරටයක්වත් කෝටු කැබෙල්ලක්වත් මේ ගෙට රිංගවූවිට මම බිත්ති‍ය අද්දරට ඇවිත් උඹ කියන එකත් ඉෂ්ට කරන්නෙමි! යි කියා බිත්තියේ මුල්ලේ ගෙබිමට හේත්තුවන තරම් පාතින් අඟල් දෙකක පමණ සිදුරක් කළෝය. ඒ සිදුර පරීක්ෂාවෙන් නො සෙව්වොත් නො පෙණෙන ලෙස ගෙවල් දෙකේම යම්කිසි භාණ්ඩයක් ඒ සිදුර ලඟ තබන්ටද නියම කර ගත්හ. එදා දාවලට ඔවුන් දෙදෙනා බත් උයාගෙණ මාර්ගරට්ලාගේ

ගෙදරදීම කෑහ. මෙසේ කා බී ප්රී තිව දෙදෙනා නැවතත් කතා කරන්ට පටන් ගත්හ. මාර්ගරට් සයිබුම්මාට කථා කොට “අනේ සයිබුම්මා - අපි කරන්ට යන කාරණය ඉෂ්ට උනෙත් නුඹත් හම්බ ගෙදරින් අහක්කර උඹටත් සැපසේ ඉන්ට සලස්වනවා - උඹ කොපමණ දුක් විඳගෙණවත් දෙතුන් මාසයක් අබ්දුල්ලාගේ ගෙදරම හිටපන්. ඇත්තටම නුඹ ගැන නම් ඉවසන්ට බැරි තරම් කණගාටු”යි කීවාය. මේ කථාව ඉතා තදින් හිතට ගත් සයිබුම්මා අනේ මාගරට් මරක්කල, හම්බ, කොච්චි, දෙමළ, තුප්පහි ගේවලට අසුවී නොයෙකුත් දුශ්චරිතවල ගැලී කුකුලන්, ත‍ාරාවුන් ආදී සතුන් මරමින් - බලවත් නින්දා අපහාස ලබමින් - ගුටි බැට කමින් දුකසේ කල්ගත කරන සිංහල ගැහැණුන්ගේ ගණන මාර්ගරට් දනිතොත් පැලීලා මැරේවි. මේ කොළඹ නගරයේ පමණක් හත් අට සියයකටත් වඩා - මේ පහත් ජාතීන්ගේ ගේවල දාස මෙහෙයේ වැදගත් අසරණ අනාථ සිංහල ගෑණු ඉන්නා බව මම දැනගතිමි. සිංහල ගැහැණු ළමයින් මොවුන් ලබා ගන්නේ මෙසේය. වැඩකාර කමටත් - ගණිකා මඩම්වලටත් ගෑණු දරුවන් සොයා ඇවිදින ඒ රක්ෂාවක් වශයෙන් කරණ වල් සිංහල ගැහැණුත් එබඳුම පිරිමින් බොහෝ දෙනෙක් සිටිති. මරක්කල දෙමළාදී ගේවලට ගොස් රුපියල් හත අටක් ලබාගැනීමේ නින්දිත කල්පනාවෙන් - අසරණ නූගත් මිනිසුන් අධික පිටිසර ගමකට ඒ දුෂ්ට ස්ත්රීව පුරුෂ‍යන් පැමිණ අවුරුදු දහය පහලොව ගැහැණු ළමයෙක් දුටුවොත් - නූගත් ඇගේ මවටත් පියාටත් බලවත් කරුණාවක් දක්වා - “අනේ අප්පුහාමි, ඇයි මේ ළමයට මෙහෙම දුක් විඳින්ට ඉඩ ඇර ඉන්නේ - කොළඹ වැදගත් වලව්වක, උසස් මහත්තැන් ගෙදරක මේ ළමයා නවත්වන්ට නරකද? හිටින්ට සයිබුම්මා - කථාව ටිකකට නවත්වන්ට අන්න මහපාරදිගේ විශාල පෙළහරක් යනවා. පංචතූර්ය නාද ඇසේ, කොඩි, සේසත් අතින් ගත් සුදු වස්ත්රාසදියෙන් සැරසුනු මිනිසුන් හා ළමුන්ද - එසේම සුදු වස්ත්ර යෙන් සැරසුන දැමූ ඉඳුරන් ඇති, මල් වට්ටි හා මල් කලස් ගත් තරුණ, මහලු ස්ත්රී්න් මහ රාශියකද ගමන් කරති. ඒ අලංකාර පෙළහර බලන්ට යමුද කියා මාර්ගරට් සයිබුම්මා එලියට ඇද්දේය. “මාර්ගරට් උඹ ගොහින් බලාපන්. මගේ මේ කිළුටු වස්ත්ර“ත් අපිරිසිදු ශරීරයත් රැගෙණ කොහොම එලියට බහින්ටද?” ඊටත් වඩා මරක්කල ගැහැණියක් පෙළහැරවල් බැලීමට මහපාරට කොහොම යන්ටද? උඹ නිකම් බොරුවට මරක්කල වේසධාරි බැවින් උඹට තර්ජනය කරණ කෙනෙක් නැත. උඹ ගොහින් හොඳහැටි බලාගෙන වරෙන්නැ”යි සයිබුම්මා මාර්ගරට් පිටත් කැර යැව්වාය.

මාර්ගරට් වේල්ල වීදියේ හන්දියට දුව අවුත් පෙළහැර බැලුවේය. පංචතූර්ය වාදනය කරන්නෝ, කොඩි සේසත් දරන්නෝ, මල් හා සුවඳ විලවුන් ගත් ස්ත්රීකන්, කස කා‍රයෝ, ලී කෙළි කාරයෝ, ප්රී‍ති ගීතිකා කරන්නෝ, සාදු! සාදු!! බුදු පෙළහර කියන්නෝ, අනිද්දා වෙසක් පොහොය වේ. ලෝකනාථවූ ලෝක ස්වාමිවූ ශාක්යනසිංහ තථාගත සම්මා සම්බුදු රජාණන් වහන්සේ උපන්නාවූද, සම්බුද්ධ රාජ්යනයට පැමිණ වදාළාවූද - අනුපදිශේෂ පරිනිර්වාණ ධාතුවෙන් පිරිනිවන් පා වදාළවූද - ත්රිූවිධ ආකාරයකින් පරිසුද්ධවූ මේ ‍මහොත්සවට යයි ශබ්ද නගා කියන හඬක් - ඒ පෙළහැර බලාවුන් මාර්ගරට්ටද හොඳින් ඇසුනේය. ඈ ප්රීමතියෙන් කුල්මත්ව ඈත බලනවිට - සුදු ඇඳුමෙන් සැරසුනු මහතෙක් අලංකාර ලෙස මුද්ර්ණය කොට නොමිළේ බෙදා දෙන පත්රිිකාවත් මාර්ගරට්ටද ලැබුනේය. ඈ ඒ පත්රනයත් රැගෙණ දිවගොස් - ඈතින් එබී බලා ඉන්නා සයිබුම්මාගේ ඇගේ දැවටෙමින් “අනේ සහෝදරිය, මෙන ලක්ෂණ පෙළහැරකිද? වෙසක් උත්සව‍යයි කියමින් ඒ බව ප්රිසිද්ධ කරන පිණිස මේ පෙළහර කොළඹ වීදියක් ගානේ ඇවිද ඉන්පසු මාලිගාකන්දේ පිරිවෙණට යන්ට යනවා. අනේ සයිබුම්මා උඹලා අපි තමයි මේ ලෝකේ පව්කළ සත්තු නේද? මෙවැනි උත්තම දවසකවත් පන්සලකට හෝ සභාවකට ගොස් මේ මහා උත්තම දවසකවත් පන්සලකට හෝ සභාවකට ගොස් මේ මහා උත්තමයන් වහන්සේට වඳින්ට පුදන්ට උන්වහන්සේගේ ගුණ කියා ප්රී ති වෙන්ට නැ නොවේදැ”යි කියා අනිත් ගැහැණු ළමයා සුසුම්ලමින් “අනේ මාර්ගරට් උඹලා ‍නම් බොරු මරක්කල වෙස් ගෙණ ඉන්නා අයයි. කැමැත්ත තිබෙතොත් උඹලාට වෙසක් උත්සව පවත්වන්ට බැරි කමක් නැත. නමුත් මිථ්යාතදෘෂ්ටි අන්යක ජාතිවල ජනයා ලෝකස්වාමිවූ මහා කාරුණික තථාගතයන් වහන්සේගේ මහා මෛත්රීිය ආදී ග්රාණස්වාදනය නොලැබීම පුදුමයක්ද? ඒ තථාගත ශාසනය ආරක්ෂා කරන්ටම ලක්දිවට පැමිණි සිංහල ජාතියේ ඇතැම් ජනයාත් ඒ උතුම් ශාක්යර මුනීන්ර්හල යානන් වහන්සේ නො අදහා ශලිල නම් මිථ්යාන ආගමක් අදහන කල වෙන මිනිසුන් ගැන කුමට කියමුද? මුළු ලෝකය එකම මගුල් ගෙයක්වී පුදුම සාන්ත භාවයක් මේ වෙසක් දිනයේ දැනුත් ඇතිවේ නම් ඒ මහෝත්තමයන් වහන්සේ උපන් වෙසක් දිනය ගැන අපි කොහොම සිතමුදැ”යි කියමින් සතුටු කඳුළු වෑහෙන ඇස් ඇති මරක්කළ වේසධාරි සිංහල ගැහැණු ලමයා තව පාරක් සුසුම් ලමින් “ ආ මාර්ගරට උඹ ‍අතේ තිබෙන ඔය පත්රිුකාව කුමක්ද කරුණාකර මටත් ඇසෙන්ට එය කියවනු මැනවියැ”යි කීවාම සිංහල කවි - සින්දු ඉතා මිහිරි ලෙස කියවන්ට

පිළිවන් මාර්ගරට් එය කියවන්ට පටන් ගත්තාය.

අ ම ත ග සැප සතට දෙන මහ කුළුණු මෙත ත ම දි වි ඇසිස් මස් දී දිගු කල් අනත නි ම ක ළ පුරා පෙරුමන් සමතිස් සමත න ම දි මි බෝසතාණන් පරහිත නිරත

ති රා සර නැණින් දිවි පෙම් කොටින් ලො ප ද රා මව් මුහුද පීනා ලෙසින් සැ ප වි රා ජි ත එමත් බැව සිට නිසා අ ප පු රා මනපදන් නිදි නව අසෙකි ක ප

සැ ප ත කි දුක සතට සැප දෙමි ‍සසර වැ දී නෙතුවැකි පෙර ගොයුම් මුනිඳුන් දැක පැහැ දී නි සැක කි බුදු බවට කියමින් එතැන් හි දී ස ත සැ කි කපක් සපුරා වාප දන් නි දී

පි වි තු රු සුමේදය ඉසිවරව සිටි ස ඳා දි ව කු රු බුදුන් දැක මඬ ගොහොරු වෙ වැ දා මොකැදුරු සතර බැව් පැතු ස‍ඳෙහි නිසි ලෙ දා වි සි තු රු නියත විව‍රණ දුන් සේක එ දා

එ තැ න් සිට සසර සිව් සැකි කප් කෙළෙහී නු දු න් දන් නොකළ පින් කිම දිය තුලෙහී උ ප න් උපන් තැන පර වැඩෙහිම දෙළෙහි කි ය න් නට හැකිද රඟ ඔබෙ පින් බලෙහී

දි වි කු රු මුනි පටන් සිව රජුව වෙසතු රූ පි ය ක රු අඹු දරුන් දුන් දන් අතුර තු රූ නි සි යු රු එකත් බැවකුත් නොකෙළෙය නිස රූ බු දු කු රු හිම වැඳුම රජ සැපට වැඩි ග රූ

ති සී ස ම් පෙරුම් පුන් පසු දියබ න් දූ තු සී පු ර සෙමර නල දෙන සුර ල න් දූ නි සි දි ව සැපත් විඳ දිනූ සුර නි න් දූ ඇ සි බ ඹ යැදුම් බුදුවන ලෙස කැ න් දූ


ස ක කු ල තඹර විල පොබ කරණ දින ර ද ගු ණ දු ල සුදෝවුන් මහ රජුගෙ මන න ද සි රි ක ල දැසි කළැකි සුසිරිත් අකර බ ඳ සු ල ක ල මහා මායා කුස සුපිළි සි ඳ

සි රි බු දු මඟුල් දින පතුරණ අදහසි න පි රි ස ඳු මුලු කපෙහි සොමිකැන් සඟව මි න කි රි සි ඳු සිරින් කළ මහ පොළව හැම තැ න පි රි සු දු වෙසඟ පුණු පොහොලත් මගුල් දි න

ස ඳු න් ‍දලෙහි වැද එන මඳ මඳ ප ව න මු දු න් තුරු කොවුල් පොකුරඹ බී හ ඬ න න ඳුන් නෙත් සවන් මන් සව්සිරි ග හ න න ඳුන් වන පැරයු ලුම්බිනි රජ උ ය න

සි යි ල් ඇ ල් පවන් විඳ විඳ මුසු සුව ඳ උ ඳු ල් පී ල් රඟන මියුරන් වෙළෙප් මැ ඳ ල ක ල් වි ල් තෙරස රජ මෙහෙසිය සුහ ද සු පු ල් ස ල් සෙවන සල් සා රැගත් ස ඳ

සු ව යෙ නි වුන් බිසව්හට රජ උයන තු රූ නොදැනුනි මැකිණියක කන දුක වත් නපු රූ ස පැ මි නි සුදත් පිරිසිදු බඹ පිරිස් තු රූ බි හි වු නි කපිලවත් පුර අග රජ කුම රූ

වි පු ල් බු දු ම ගු ල් එකෙණෙහි සුදුල්විය අ ක ල් වැසි ල කල් මල් ලොව සුපුල්විය තැ වු ල් සි ත සි ය ල් සැපතින් විමල්විය ම ඟු ල් දි න ම ඟු ල් සක්වල මඟුල්විය

ලො ව ස ත් හට නිවන් මග හෙලි කරණ ලෙ ද සි දු හ ත් ගොයුම් අංගීරස කුමරු ස ඳ සි රි ම ත් මව් කුසින් දිනූ වෙසඟ දින න ද ඔ බ ට ත් සුබ මඟුල් වේවා සැපැති සො ඳ

මේ රසවත් කව් අසා සිටි සයිබුම්මා බලවත් ප්රීිතියට පැමිණ හොඳයි මර්ගරට් උඹලාවත් අනිද්දා පන්සලට ගොස් තුනුරුවන් වැඳ මල් පහන් පුදා ප්රීරති වෙයල්ලා, පව්කාර මා වැනි අයට මරක්කලාදීන්ගේ ගේවලට අසුව ඉන්නා අසරණ ගැහැණු දරුවන්ට කවදා සැනසිල්ලක් ලැබේදැයි කිව නොහැක. ඉතින් මා කියා ගෙණ ආ කරුණු අසාපන් - “එසේ කොළොත් ඒ ළමයාට හිතේ හැටියට කන්ට අඳින්ටත් ලැබී - මැහුම් ගෙතුම් ආදී වැඩ පළත් ඉගෙණ ගෙණ හොඳට “ශීලාචාර” වෙලා - මාසෙකට උඹලාට රුපියල් හත අටක ප්රණයෝජනත් ලබාගත හැක. හැබැයි ලමයාට අවුරුදු හටඅටක් විස්සක් වනවිට ගෙදරටත් කැඳවා ගන්ට පුළුවනි. ඉතින් ඒ කාලේ ඒ ලමයාට “හැදිච්ච” වැදගත් කෙනෙක් සමඟ කසාදයක් බඳින්ටත් පුළුවන කීවාම අර මෝඩ මව් පියෝ ඉව්වා කාරියගේ හෝ ඉව්වාකාරයාගේ බසට මුළාවී කුඩා දුවරුන් ඔවුන්ට භාර දෙති. ඉතින් ඒ අධමයෝ අහිංසක සිංහල ගැහැණු දරුවන් ඔවුන්ට භාර දෙති. ඉතින් ඒ අධමයෝ අහිංසක සිංහල ගැහැණු දරුවන් සමග කොළඹට අවුත් ඇතැම්විට ගණිකා‍වියන්ටත් සමහර විට මරක්කල, හම්බ, ‍කොච්චි, දෙමළ, තුප්පහි ආදීන්ටත් භාරදී රුපියල් විස්ස තිහ ලබා ගණිති. ඉතින් අහිංසක ගැහැණු දරුවන්ගෙන් සියේට අනූපස් දෙනෙක් තරම් මෙලොවත් පරලොවත් දෙකම විනාශ කර ගණිති. ගණිකා මඩම් වලට අසුවූවන්ටත් වඩා මරක්කලාදීන්ගේ ගේ වලට අසුවන සිංහල ගැහැණු දරුවන්ට සියලු අතින්ම අන්තරාය සිද්ධවේ. සතුන් මැරීමට, දරුණු දුශ්චරිතවලට, නීච වහල් මෙහෙයට, බලවත් නින්දා අපහාසයට ගොදුරුව ඒ සිංහල ස්ත්රිුන් ගම රටට ගොසිනුත් කරන්ට කිසිත් නැති නිසා අපායේ වැටුනු සත්වයන්මෙන් ඒ ඒ තැන්වල තරුණ කාලය ඉක්මයාමටත් පෙර දරුණු රෝගවලින් නිසි වයස් යන්ට ප්ර ථම මැරෙති. නැත්නම් හිඟන්නන්ගේ රැලට එක්වෙති. දැන් අපේ මේ සිංහල ද්වීපය අන්යට ජාතීන්ගේ කෙළිමඬලක්ය. බඩ රැක ගන්ට අපේ රටට රිංගන කොච්චි, පරවර, බෝරා, හම්බ ආදීන්ට දැන් අපි දාස මෙහෙවර කරම්හ. ඉතින් මේ විපත ගැන සලකන උසස් සිංහල කුල ස්ත්රිඬය කවුද? යුරෝපීය ක්රචමයට දඩාවතේ ඇවිදින, අධික සැප පහසු ‍සඳහා මසකට රුපියල් හත් අටදැහ වියදම් කරණ සුදු මිනිසුන් පස්සේ දුව ඇවිදින ලොකු ගැහැණු නම් අපේ ‍රටේ සිටිති. නමුත් ස්වකීය ජාතියේ අනාථ, අසරණ, නූගත් ගැහැණු දරුවන්ගේ යහපත සඳහා මදක්වත් සලකන වියදමක් කරණ සිංහල කුල ස්ත්රිවයක් අනේ අපේ රටේ නැති හැටි! මම මේ හම්බ ගෙදරට ආවාට පසු සිංහල ගැහැණුන් විඳින දුක් කරදර අවනම්බු ගැන දැනගත් ‍තරම් සම්පූර්ණයෙන් මාර්ගරට්ට කීවොත් මාර්ගරට් මැරේවි. මම මේ අබ්දුල්ලාගේ ගෙදරට ආවාට පසු තවම නෑවේ නැහැ - හරි හැටි ඔළුව පීරුවේ නැහැ - පිරිසිදු වස්ත්රආයක් ඇන්දේ නැහැ - එසේ කිරීමට මට පිළිවන්කමක් තිබුනත් - කවදාවත් එසේ නොකරමි. මක්නිසාද, ටිකක් පිරිසිදුව ඇහැට සතුටු උපදවන අන්දමට හිටියොත් මේ හම්බයන්ගෙනුත් - අවට ඉන්නා මරක්කල යන්ගෙනුත් ප්රදවේසම්වීමට ලැබෙන්නේ නැති බැවිනි. අනේ මාර්ගරට් උඹ කොහොම නමුත් මාවත් මේ අපායෙන් මුදාගන්ට ඕනෑය”යි කීවාම - එවෙලාවට තදින් සංවේගයට පත් මාර්ගරට් කඳුළු හෙලමින් - තමාට වඩා වයසින් ටිකක් අ‍ඩුවූ සයිබුම්මා වැළඳගෙණ බලවත් අනුකම්පාවක් පෙන්නුවාය. මොවුන්ගේ මේ කථාබස් ඉවරවෙනකොට එකට පමණ විය. සෙනසුරාදා වේලාපහින් වැඩ ඇරෙණ බව දත් සයිබුම්මා “ඉතින් මාර්ගරට් අක්කේ - උඹලාගේ තොරතුරු මට කීවේ නැහැ. උඹලා මරක්කල වේශයෙන් මේ මරක්කල මුඩුක්කුවේ ඉන්නේ මන්ද? මගේ හිතට මහත් කණගාටුවකි. ඇත්ත කියාපන්නැ”යි කීවාය. සයිබුම්මා කෙරෙහි බලවත් ස්නේහයක් ඇතිකරගත් මාර්ගරට් මෙසේ කියන්ට පටන්ගත්තාය. “අනේ සයිබුම්මා මේක කාටවත් කියන්ට එපා - උඹට කියන්ට කෙනෙකුත් නැති බව මම දනිමි. ශ්රීන පරාක්රනමසිංහ කියා බැරිස්ටර් කෙනෙකුගේ එකම දුවත් භාර්යාවත් දෙන්නාම මහාමාරි රෝගීන් සමග සිටි අය නවත්වන සැග්රිංගේෂන් කඳවුරේදී හෝ අසාධ්යහ ආරෝග්යන ශාලාවේදී නැතිවුනා. ඉතින් ඒ ශ්රී පරාක්රයමසිංහ තුමාගේ රුපියල් තිස්ලක්ෂයක පමණ බූදලය ලබාගන්ට උපක්රිමයක් වශයෙන් මාවත් අපේ අම්මාවත් අම්මාගේ අළුත් මිනිහා වන පෙමියානුවත් මරක්කල වෙස්ගන්වා තිබේ. ඒකේ විස්තරය මෙහෙමයි. ශ්රී පරාක්රීමසිංහ තුමාගේ දියනිය වන සුජාතා සැග්රිමගේෂන් කඳවුර ගිනිගත් වේලේ මරක්කලයෙකුට අසුව ඉන්න බව ඔප්පු කර මෑ සුජාතා බව පිළිගැන්නුවොත් ශ්රී් පරාක්රටමසිංහ තුමා මල හැටියේ වෙන කවුරුත් උරුම කියන්ට නැති බැවින් මට ඒ බූදලය අයිති වෙනවා. ඒ අයිති වුනාම මටත් උවමනා තරම් වස්තුව දීලා ජෝන් සිල්වා උන්නැහේත් තවත් හාමු මහත්මයෙකුත් ඒ ධනය බෙදාගන්ට සූදානම්කර තිබෙනවා. ඉතින් ‍එසේ කිරීමට සරත් කුමාර වික්රෝමසිංහ කියා හාමු කෙනෙකුත් ධර්මදාස යයි කියන ශ්රීත පරාක්රසමසිංහ තුමාගේ ලියන මහතාත් මරා දැමීමට ජෝන් සිලවලා උපක්රශම යොදනවා - දැන් ඒ ගැන හුඟක් දුරට වැඩකර තිබේ. අපේ කෛරාටික අම්මාත්, බේබදු බාප්පාත් ජෝන් සිල්ව‍ා කියන කෝක නමුත් කරණු නියතයි. ඉතින් මමත් මෙච්චරකල් වීදියක්ගානේ “රස්තියාදු” වෙවී සිටි නමුත් ඉතින් නම් නම්බුකාර වැදගත් කෙනෙක් මෙන් ඉන්නෙමි”යි මර්ගරට් කීවාය. සයිබුම්මාගේ

වෙලාව දෙක ලංවූ බැවින් ස්වකීය නිවසට ගොස් අබ්දුල්ලා ගෙදර එනවිට කටයුතු සියලු මෙහෙ නිමවා උන්නීය.

‍ජෝන් සිල්වා මහනුවර අසල ගහල මිනිසුන් පදිංචි ගමට ගොස් තමා කලින් දැන අඳුනන “ක‍ඩවරයා” නමැති ගහලයා සම්මුඛව තමාගේ උවමනාව කීයේය. කඩවරයා මිනීමරා පුරුදු සිත් පිත් නැති ගලක් වැනි අධමයෙකි. කඩවරයාට ගෙදර එන්නට නොලැබෙන බව කියා ඔහුත් සමග ආයේය. ක‍ඩවරයාගේ මුහුනුවර හරියටම ස්ත්රීත මුහුණත් වැනිය. දැලී රැවුල කොහෙත්ම නැති ගැහැණු මුහුණුවරින් යුත් ශක්ති සම්පන්න රතුපාටින් යුත් මේ කඩවරයාට ස්ත්රීව ඇඳුම් ඇන්දවූවිට කාටවත්ම ඔහු ගැහැණියක් නොවේයයි කිව නොහැක. කඩවරයාත් කැටුව ජෝන් සිල්වා කොළඹට අවුත් ඔහු පදිංචි ස්ථානයේ නවත්ව‍ාගෙන නොයෙක් කාරණා ඉගැන්වූයේය.

ඒකනායක වලව්වේ සිට තමා අඬගසාගෙණ අවුත් ඉක්බිති අන්තර්ධානවූ පවිස්තිනා වෙනුවට කඩවරයා සූදානම්කර ගත්තේය. කම්බායක් හැට්ටයක් අන්දවා වලලු කූරු, කරාබු, ඇට වැල් ආදි ස්ත්රීක පළඳනා ඇන්දලවූකල කිසිවෙකුට සැකකළ නොහැකි ස්ත්රිවයක් වැනි කඩවරයාගේ මාර්ගලයෙන් තමාගේ දුෂ්ට අදහස් ඉෂ්ට කරගන්ට පිළිවන් බව වැටහුනු ජෝන් සිල්වා අතිශයින් ප්ර සන්න විය. වර්තමාන ‍කලේ සිංහල මිනිසුන්ගෙන් ඉතා පහත් කුලවල පිරිමි එක කණක් හෝ දෙකම විදීම සිරිතකි. කඩවරයාගේ කන්දෙකම විද තිබීමත් ස්ත්රිෝයකට මෙන් ලොකු කේස කලාපයක් (කොණ්ඩයක්) ඇතිවීමත් මුහුණේ එකම දැලි රැවුල් ගසක්වත් නොඒමත් කඩවරයාගේ ස්ත්රීග විලාසයට බලවත් ආධාරයක් විය. ඉතින් දෙදිනකට පමණ පසු කඩවරයා ස්ත්රීස විලාසයෙන් අන්දවාගෙණ රාත්රී. අටට පමණ ජෝන් සිල්වා ඔහුත් සමග හාමු පෙරකදෝරු තැන ඉන්නා මාලිගාකන්දේ ගෙදරට ගියේය. පෙරකදෝරු තැනත් එහි සිටි රාමනුත් කඩවරයා ගැහැණු කෙනෙකැයි නිසැකව සිතාගත්හ. නමුත් ජෝන් සිල්වා සිනාසී “හාමු මහත්මයා දුටුවාද මගේ හපන්කම් - මා විසින් එක්ක ආවාට පසු අන්තර්ධානවුණු පවිස්තිනා වෙනුවට ගැහැණියක් ලැහැස්තිකර ගත්තෙමි”යි පළමුවෙන් කියා ඉක්බිති ක‍ාරණය විස්තර කරදී කඩවරයාට හාමු පරකදෝරු තැන අඳුන්වා දුන්නේය. ඉතින් මොවුන් මීලඟට කරන්ට හදන උපාය ගැන කථාබස් කරගත්හ. අන්තෝනි අප්පුත්, කඩවරයාත්, හාමු පෙරකදෝරු

තැනත්, ජෝන් සිල්වාත්, අරක්කු අඩිය බැගින් ගසා කථාව පටන්ගත්හ. ර‍ාමන් තමාගේ කන්දෙක එතන තබා ගෙදර දොරේ වැඩ කළේය. ජෝන් සිල්වා සුරුට්ටුවක් පත්තුකරගෙන උරමින් - “ඉතින් හාමු මහත්මයා අපට පළමුවෙන්ම උවමනා ශ්රීත පරාක්රරමසිංහ තුමාගේ අන්තිම කැමැත්ත බලාගැණීමටයි. ඒකට කුමක් කටයුතුදැ”යි ඇසීය. ටිකක් වේලා කල්පනාකළ හාමු - යම් විධියකින් ධර්මදාස ලියන්නා මැරුවත් අපට ඒ අන්තිම කැමති පත්ර ය නොලැබේ. ඉන්නිසා ඔහුගේ ගෙදර අපේ කෙනෙකු නවත්වා ඒ මාර්ගයෙන් ඔප්පුව සොරකම් කරගත යුතුයි. එසේ ඔප්පුව සොරකම් කරගත් හැටියේම ධර්මදාසටත් සරත්ටත් ඉදිරියට පැමිණ ක්රි්යා කරන්ට බැරි අන්දමකුත් කරගන්ට බැරි අන්දමකුත් කරගන්ට ඕනෑයයි කීය. ඔව් මේ කඩවරයා හෝ වෙනින් අප කියන යමක් කරණ ස්ත්රීනන් දෙදෙනෙක්ම ධර්මදාසලාගේ ගෙදරටත් සරත්ලා නැවතී ඉන්නා බෝඩිං නිවාසයටත් යවන්ට කල්පනා කළේ ඒ අදහස ඉෂ්ටකරගන්ටයි. ඉතින් ඒ කල්පනාව හරිනොවේදැයි ජෝන් සිල්වා හාමු පෙරකදෝරු තැනගෙන් ඇසුයේය. ඔව් ජෝන් සිල්වා උඹේ කල්පනාව බොහොම හොඳයි, අප කියන හැටියට කරණ ගැහැණු දෙන්නෙක් සූදානම්කරගෙණ ඔවුන් මේ දෙපලේ වැඩකාර කමට නවත්වා ගත්තොත් අපට මොනවා කරන්ට බැරිද? එක දවසකින්ම අපට උවමනා අය විනාශකරගත හැක. නමුත් මේ ස්ථාන දෙකට වැඩ කරුවන් උවමනාකර තිබේද නැද්ද යි දන්නේ කොහොමද? එක ගෙදරකට අපේ මේ රාමන් යවන්ටත් බැරිනමක් නැත. ර‍ාමන් අප කියන උවමනා එකක් කරාද (රාමන් අඩගසා දෙමළෙන් කථාකරමින්) රාමන් අපේ මිත්රන ගෙදරක ටික කලක් ඉන්ට ඕනෑවෙලා තිබෙනවා - ඔවුන් සතුටු වුනොත් උඹ එසේ කරන්ට කැමතිදැයි පෙරකදෝරු තැන ඇසූවිට රාමන් එක පාරටම උවමනා එකක් මම කරන්නෙමියි දෙමළෙන්ම කීයේය.

එද ඔවුන්ගේ කථාබස් නවත්වා පසුදින සවස ජෝන් සිල්වා පෙරකදෝරු තැන ලඟට අවුත් ඒකනායක වලව්වෙන් පවිස්තිනා කැඳවාගන්ට සූදානම්වූ අදහස ඊට වඩා හොඳින් කර ගැණීමට ස්ත්රීා රූපයත් ඇති කඩවරයා ලැබුනු බැවින් මහත් බලාපොරොත්තු සහිත බව කීය. මේ දෙදෙනා මෙසේ කථාබස් කරමින් සිටින අතර ශ්රීත පරාක්රීමසිංහ තුමාගේ කන්තෝරුවේ ඉන්නා පරණ පියුම්කාරයා වන ජෝන් සිල්වාගේ මිත්රක අන්තෝනි අප්පුද එතනට ආ‍යේය. “වාඩිවෙයන් අන්තෝනි ඉඳා මේ “විෂ්කිටික” කියා - පෙරේ‍රා පෙරකදෝරු මහතා

ඔහුට සංග්රිහකළ පසු ජෝන් සිල්වා අන්තෝනි අප්පුට කථාකොට “අන්තෝනි අප්පු දැන් අපේ කටයුත්ත ගැන වැඩි මහන්සියක් නොගන්නා හැඩයි - උඹ මක්කරලාවත් ධර්මදාසලාගේ ගෙදරට කුස්සි අම්මා කෙනෙක් භාරදෙන්ට ඕනෑ. වෙන විධියකින් බැරනම් එතන දැන් ඉන්නා කුස්සි අම්මා අහක්කරලාවත් ඈ ප්රෙයෝගයකින් එලවා දමාලාවත් අපට ඕනෑ කරණ ස්ත්රිරයක් එහි නවත්වන්ටවී තිබේ. ඒ ගැන පරීක්ෂාකරන්ට දැන් අන්තෝනි අප්පුට යන්ට පුළුවන්දැ”යි ඇසීය. “හොඳයි සිල්වා උන්නැහේ මම ගොහින් බලඤ්ඤා. ධර්මදාස මහත්මයාගේ හාමිනේ පුදුම නුවණක් ඇති ස්ත්රිොයක් - මම ගොහින් වග තුග බලාගෙන අටට ඉස්සරින් එන්නෙමි”යි කියා අන්තෝනි අප්පු බම්බලපිටියේ ධර්මදාස මහතුන්ගේ ගෙදරට ගියේය. ඔහු යන විට ධර්මදාස උන්නැහේ භාර්යාව හා දියනියද පුත්ර යා හා නැන්දම්මාද යන පස් දෙනා ධර්ම කථාවක් කරමින් වුන්හ. අන්තෝනි දුටු හැටියේ “මොකද අන්තෝනි අප්පු හදිසියේ වාගේ රාත්රීද ආවේ - යම්කිසි උවමනාවක්දැ”යි ධර්මදාස මහතා ඇසුවේය. “නැත - මට එහෙම හදිසියක් නැත - කුස්සියේ වැඩපල දත් ගැහැණු කෙනෙක් අපේ ගෙදර නවත්වාගෙණ ඉන්නවා - ඒ ඇත්තිට රක්ෂාවක් ලබා දෙන්ට කීවාට මහත්මයාලාට කුස්සි අම්මා කෙනෙක් උවමනා දැයි බලන්ට ආව‍ා - වෙන හදිස්සියක් නොවේයයි අන්තෝනි කීවේය. එවිට ධර්මදාස මහතා සිනාසී ඔන්න එන්තෝනි අප්පු ඔය හාමිනේගෙන් අසාපන්. උවමනාය කියතොත් එක්ක වරෙන්නැ”යි කීවේය. එවිට ධර්මදාස හාමිනේ සිනාසී “අනේ අන්තෝනි අප්පු කුස්සි අම්මලා තබාගෙන කටයුතු කරන්ට අපි මොන ලමාතැනීලාද ? මොන පොහොසත්තුද? අපේ මහත්මයාට ලැබෙන්නේ රු: 150 කි. එයින් යැපෙන්ට පස්දෙනෙක් හය දෙනෙක් තරම් ඉන්නවා - ලමයි දෙන්නාට ඉගැන්වීමට රු: 50 විතර යනවා - තවත් කුස්සි අම්මලාටත් ආයලාටත් කොහොම ගෙවන්ටද? ක‍ඩේට ගොස් යමක් ගෙණෙන්ට දර වතුර ගෙණත් දෙන්ට වී ටිකක් පිටි ටිකක් කොටවාගන්ට උවමනාවිට අල්ලාපු වත්තේ දෙමල ගැහැණියක් ඉන්නවා - මේ ගෙදර ඉන්නා ලමයා පමණක් අපේ මෙහෙකරුකමේ සිටියි. අප පස් හය දෙනාට උයා පිහා ගන්ට මටත් අම්මාටත් පිළිවනි. මෙපමණ කල් කළෙත් එහෙමයි. මත්තට එසේවත් කරන්නෙමු. දැන් කාලේ අපටත් වඩා නිවට ගේවල කුස්සි අම්මලා ආයලා දෙතුන්දෙනා සිටිති. නමුත් ඔව්හු අය වැය නොතේරෙණ ස්ටයිල්කාරයෝයි. මට මහන්ට පිළිවනි - ලියන්ට කියවන්ටත් පිළිවනි - නමුත් ඒ සියල්ලටම වඩා

හොඳින් උයන්ට පිහන්ටද පුළුවන. අපේ ගෙදර හරියට කුස්සි අම්මෙකුගෙන් කමක් නැත. කරුණාකර අන්තෝනි වෙන උවමනා තැනකට පවරා දියයුතුය”යි කීවාම ඊට පසු කිසිවක් කියන්ට ඉඩක් නැති අන්තෝනි අප්පු වහාම ආපහු ආයේය.

ධර්මදාසලාගේ ගෙදර කඩවරයා නැවැත්වීමට බලාපොරොත්තුවක් නැති ජෝන් සිල්වා - සරත්කුමාර වික්රොමසිංහ සමග කොයි විධියකින් නමුත් මිත්රයවී ඒ මිත්රස කමෙන්ම ඔහුට අන්තරය කරමියි අධිෂ්ඨාන කරගත්තේය. “හොඳයි හාමු මහත්මයා අන්තෝනි අප්පුට ධර්මදාසගේ නෝනාගෙන් බුරුලක් ලබාගත නොහැකි වුනත් මම හෙට සරත් වික්රගමසිංහගෙන් බුරුල ලබාගණිමි”යි පෙරකදෝරු මහතාට කියා තවත් විෂ්කි අඩියක් ගසා ගෙදර ගියේය. පසුදින ඉරිදා දවසක් බැවින් දවල් දෙකට තරම අන්නාසි හා දොඩම් ගෙඩි කීපයකුත් සතුටු පඬුරක් වශයෙන් රැගෙණ රික්ෂෝ රථයක් නැගී ‍ජෝන් සිල්වා බොරැල්ලේ සරත්ලා ඉන්නා බෝඩිං හවුසියට ගියේය. ජෝන් සිල්වා බොරැල්ලේ සරත්ලා ඉන්නා බෝඩිං හවුසියට ගියේය. ජෝන් සිල්වාගේ කරුමයට මෙන් එවේලාවට එතන ලොකු සභාවකි. සරත්කුමාර වික්රමමසිංහ මහතා විසින් “දේශපාලන” ශාස්ත්රගය” යන මාතෘකාවෙන් වැදගත් කථාවක් කරණ බව ප්ර්සිද්ධ කෙට තිබුනු නිසා - පාඨශාලා ශිෂ්යියන් හා තවත් බොහෝ දෙනෙක් ඒ කථාව ඇසීමට පැමි‍ණවුන් බැවින් ජෝන් සිල්වාට එහි ස්තෝප්පුවටවත් නැග ගැණීමට අවකාශ නැතිවිය. වර්තමාන කාලේ දේශපාලන ශාස්ත්රැය පිළිබඳ කථා බොහෝ සෙයින්ම ඉංග්රීාසියෙන් පවත්වන නමුත් වික්රතමසිංහ තරුණ මහතාගේ කථාව සිංහලෙන්ම කරණ ලද්දක් බැවින් සිංහගයන්ගේ ප්රසයෝජනයට එය මෙහි යොදනු ලැබේ. ප්ර්සිද්ධ අධිනීතිඥ මහතෙක් මූලාසනය පිළිගත් ඉක්බිති සභාවට අඳුනාවා දෙනු ලැබූ සරත්කුමාර වික්ර්මසිංහ තරුණ මහතා මේ කථාව කරන්ට පටන් ගත්තේය.


15. පරිච්ඡෙදය[සංස්කරණය]

සභාපති තුමනි, මහත්වරුනි,

“දේශපාලන ශාස්ත්රචය” වර්තමාන කාලයේ දක්නට තිබෙන පොත් පත් පැරණි කාලවලත් ඒ නමින්ම නො පැවතුනායයි සිතන්ට බැරිය. නමුත් බටහිරදිග් වාසීන් එය අමුතුවෙන්ම නිපදවූ ශාස්ත්රැයක් මෙන් සලකන බව පෙණේ. පෙරදිග රටවල දේශපාලන ශාස්ත්ර්ය

වෙනත් ශාස්ත්රන සමග මිශ්රපකොට පොත් පත් තනා තිබෙතත් දේශපාලන ශාස්ත්රාය ඉතා හොඳින් ප්රලකාශවන ග්රපන්ථ පෙරදිග සංස්කෘතාදී භාෂාවලින් ලියා තිබේ. අපේ සිංහල භාෂාවෙන් එබඳු පොතක් දැකීමට දැන් නැතත් අප රටේ පැවති ආණ්ඩුක්ර ම දෙස අවංකව කල්පනාකර බලන විට සිංහල ජනයා දේශපාලන විධි හොඳින් දැන තිබුනාට කිසි අනුමානයක් නැත. අපේ පන්සියපණස් ජාතක පොත, පංචතන්ත්රිය, හිතොපදෙශය ආදී පොත්වල දේශපාලනය පිළිබඳ ඉතා අගනා ගුරුකම් දක්නා ලැබේ. තාරකා ශාස්ත්රදය - පෘථුවි ගර්භ ශාස්ත්රගය ආදී ශාස්ත්රම පිළිබඳව මෙන් ග්රෙන්ධ නැතත් පන්සිය පණස් ජාතකාදී පොත් කියවීමෙන් නැතහොත් උගත් ගුරුව‍රයෙකුගෙන් ඉගෙණීමෙන් දේශපාලන විධි නිරායාසයෙන්ම දැනගන්ට ලැබේ. රටක් සමෘද්ධිමත් භාවයෙන් යුක්තකොට ප්රෙජාවන්ගේ ආරක්ෂාවත්, දියුණුවත්, සතුටත්, සමගියත්, ධර්මශාස්ත්රව දැනීමත්, ගුණ නුවණත්, සදාචාර සම්පන්න භාවයත් ඇතිවන අන්දමට රට පාලනය කරණ පිළිවෙළ උගන්වන ශාස්ත්රවයට දේශපාලන ශාස්ත්ර්යයි කියනු ලැබේ. පෙරදිග රටවල ඉතා උසස් දියුණුවත්, ශිෂ්ටාචාර භාවයත්, අප්රනමාණ කාලයක පටන් පැවතෙන නමුත් - බටහිර ලෝකය විවිධ ශාස්ත්රා ලෝකයෙන් බැබළෙන්ට පටන්ගෙණ වැඩි කාලයක් නැත. “පොලිටිකල් ඉකොනොමි” යන “ජන ධන පාලනය හෙවත් රාජ ධන පාලන විධිය” විධිවූ පරිද්දෙන් දැනගත් ඥානයක් පුරාණ යුරෝපියයන්ට නොතිබුනු බව ඒ පිළිබඳව ග්රින්ථ ලියූ යුරෝපීය පණ්ඩිතයෝ කියති. යුරෝපීය ජාතීහු ප්රවධානකොට බොහෝ ජාතීන් අතර වර්තමාන කාලයේ මෙන් ජාත්යුන්තර ගණුදෙනු වෙළහෙළඳාම් ආදියක් පෙර නොපැවති බැවිනුත් - දැන් වාගේ ඒ කාලවල නොයෙක් රටවල සංචාරය කරණ වෙළඳාදීන් අධික නොවීමත් නිසා ජන ධන පාලන ශාස්ත්රණය වර්තමාන කාලයේ මෙන් ‍මුළු ලොවට සාධාරණ අන්දමට පිළියෙල කිරීමද උවමනා නොවීය. නමුත් පැරණි මුදල් වර්ග ලිය කියවිලි දෙස බලන විට දියුණුව සිටි දඹදිව, චීනය, බැබිලෝනියාව, රෝමය ආදී රටවල් දේශපාලන ශාස්ත්ර යත් - ජන ධන පාලන ශාස්ත්රියත් ඉතා ප්ර ශ්න ලෙස උගන්වන ලද බව ඒත්තු ගතයුතුය. පන්සිය පණස් ජාතකාදී අපේ පොත්වල සඳහන් වැදගත් කරුණුත් දේශපාලනයට අවශ්යබ ප්රකතිපත්තිත් - එකම පොතකින් පහසුවෙන් දැනගැණීමට දැන් පිළිවෙලක්වී නොමැතිකම අපට බලවත් පාඩුවක්වී තිබේ. දේශපාලන ශාස්ත්ර්යේ ඉතාමත් ප්රැයෝජනවත් කොටසක් - දුකසේ අවබෝධ කර ගතයුතු

කොටසක් - රටේ පාලනය හෙවත් රාජ ධන පාලන ක්ර මයම බව සැලකිය යුතුවේ. රෝම ඉන්දියාදී රටවල පණ්ඩිතයන්ගේ පැරණි පොත්වල මේ පිළිබඳව සඳහන් වන ප්රරශස්ත කරුණුවලට අගෞරව නොකොට - යුරෝපීයයන් විසින් මේ ශාස්ත්රරය ක්රිඅස්තු වර්ෂයෙන් 18 වෙනි 19 වෙනි ශත වර්ෂ දෙකේදී ප්රනචාරයට පමුණුවන ලද බව පිළිගත යුතුයි. පැරණි කාලේ ආණ්ඩුවක් පිළිබඳවත් ආණ්ඩුවේ සේවා භටයන් පිළිබඳවත් පැවති ක්රලම මේ කාලයට වඩා හාත්පසින් වෙනස්ය. මුලාදෑනීන්ට රජුගෙන් ගමිවරත් - හේවායන්ටද සමූහයක් වශයෙන් හෝ පුද්ගලික වශයෙන් ගම්වර ආදියද ලැබී ඒ ඒ අය ඔවුන්ගේ මහන්සියෙන් දිවි පවත්වා ගණිමින් රාජකාර්ය කොට තිබේ. දැන් එය එසේ නොවේ. ඒ නිසා වර්තමාන කාලයෙහි නිලධාරින් තෝරා ගැණීම, යුද්ධභටයින් නඩත්තු කිරිම, අයබදු ගැනීම, තීරුව ආදිය ගැනීම, කටයුතු බෙදා වෙන් කිරීම, වෙළඳාමට පහසුකම් හා නිදහස දීම ආදී නානාවිධි අභිනව ක්රදමානුකූලව යොදාගෙණ තිබේ. ඒ නිසා දැන් දේශපාලන විධින් පිළිබඳ කාරණා පුරාණ කාලයේ මිනිසුන්ට කල්පනා කර බලන්ටවත් නොලැබේයයි කීම වරදක් නොවේ. වර්තමාන කාලයේ මනුෂ්යය සමාජයේ තත්වබයත් සැප පහසුත්, අදහස් උදහස් ආදියත් හොඳින් විනිශ්චය කර ගත් ජනයා ඒ ඒ මිනිසුන්ගේ පැවැත්මත් අභිවෘද්ධියත් සඳහා අත් දැකීමෙන් කාරණා කාරණා දැන ගත් ව්යැවස්ථාදායක මන්ත්රී්න් හා නීතිවේදීන්ගේ සම්මුතියෙන්ම දේශපාලන ක්රඅමය පිළියෙල කරගණ්රක ලැ‍බේ. මේ උසස් දේශපාලන ක්රමම යථා විධින් ලෙස සකස්කර ගැණීමට දැන් ප්රතකටව පවත්නා භූගෝල තාරකාදී ශාස්ත්රමද අතිශයින්ම ඉවහල් වේ. පුරාණ කාලයේ පැවති බොරු කථාන්තර දේව නිර්මානය, දෙවියන්ගේ කැමැත්තේ හැටියට සියල්ලම සිද්ධ වෙනවාය යනාදී මිථ්යාි මත යටපත් කොට මනුෂ්ය් ඥා‍නයෙන් මනුෂ්යම වීර්යයෙන් විවිධ ශාස්ත්රාවනුකූලව ක්රිොයා කිරීමෙන් මනුධ්යනයාට සුඛිතව, සමගිව, ප්රීෙති සහගතව ජීවත් වන්ට පිළිවනැයි යන කල්පනාව අතිවීම නිසා මේ දේශපාලන ක්ර්මය අමුතු උසස් ශාස්ත්ර යක් හැටියට ලෝකයේ ප්රලකටව ගිය බව සැලකිය යුතුයි.

ක්රිි: ව: 1723 නේදී ස්කොට්ලන්තයේ උපන් ආචාර්ය ඇඩැම් ස්මිත් මහතා පළමුවෙන්ම ඉංග්රී.සි භාෂාවෙන් දේශපාලනය පිළිබඳ ග්රසන්ථයක් ලියනලදී. ග්ලාස්ගෝ යුන්වර්සිටි ශාස්ත්ර ශාලාවේ ඉගෙණ දක්ෂ යෙක්වූ මේ මහතා එහි තර්ක ශාස්ත්ර්යෙහි හා ගුණධර්මයෙහි හා ගුණධර්ම පිළිබඳ ආචාර්යවරයෙක්ව සිට එතුමාගේ 36 වෙනි ඇවිරිද්දේ දි (The

Theory of Moral Sentiments) “ ශික්ෂිත හැඟීම පිළිබඳ කල්පනා මාත්රyයක්” යන පොත ප්ර සිද්ධ කරණ ලදී. මෙය අත්යාරදරයෙන් ර‍ටවාසීන් පිළිගැණීම නිසා ධෛර්යට පැමිණි ආචාර්ය ඇඩැම් ස්මිත් මහතා “An Enquiry into the Nature and Causes of the Wealth of Nations) “ස්වභාව ධර්ම පරීක්ෂණ‍යක් සහ ජාතීන් ගේ ධනයට හේතු” යන ප්රnකරණය ලියා ප්රමසිද්ධ කරණ ලදී. ජන ධන පාලනය පිළිබඳ ඉතාමත් පැරණි පොත මේයයි කියති. මේ අභිනව ග්රාන්ථයේ පැණෙන අමුතු කල්පනා සහ පූර්වා පර විරොධිමෙන් පෙණෙන කරුණුද ඇතත් ප්ර්ත්ය ක්ෂවූ නොයෙක් තොරතුරු ආදිය නිසා මේ පොත මුළු යුරෝපයේම පැතිර ගොස් ප්රතන්ස ආදී අන්යය භාෂාවලටද නගනු ලැබුවේය. ආචාර්ය ස්මිත් මහතාගේ අදහස් මනුෂ්යය සමාජයට අවැඩදායක බවද ඊට පසු පිළිගෙණ බොහෝවිට ප්රහතික්ෂේප කොටද තිබේ. ඒ ඒ ජනයා අතර පරම්පරාගතව පවත්නා චාරිත්ර් ක්රෂම ඔවුන්ට කෙතරම් දුෂ්කර උවත් වෙනස් කිරීම කිසිසේත් උචිත නොවෙතත් - කාලෝචිතව ගුණ ධර්මදියට හානි නොවන ලෙස ජන සමාජයේ පහසුව හා දියුණුවද පිරිමැස්මද ගෙණදෙන යම් යම් ක්ර ම අමුතුවෙන්ම උවත් රටකට පුරුදු කිරීම කිසිසේත් අවැඩදායක නොවේ. ආචාර්ය ස්මිත් මහතාට පසු ඩිලරිවිරා, බුන්තම්, මැල්තස්, සේ, සිස්මොන්ඩි, රිකාර්ඩො ආදී යුරෝපීය ජාතිවල උගතුන් විසින්ද මේ පිළිබඳව නොයෙක් පොත් ලියා තිබේ. ඉතින් නා නා උගතුන් විසින් නා නා ක්රිමවලින් උගන්වන ලද දේශපාලන ශාස්ත්ර යේ පළමුවෙනි කොටස වන ජන ධන පාලන ශාස්ත්රලය පිළිබඳ මගේ ප්රා‍රම්භය මේ තරමින් නවත්වා - ඒ ශාස්ත්රසය පිළිබඳ ඉතා සංක්ෂේප විස්තරයක් කරමි. එනම්:- (1) කටයුතු කොටස් කර බෙදීම. (2) ධනය (3) වටිනාකම, (4) ධනය බෙදා දීම, (5) යන්ත්රෝමපකරණ, (6) කුලී, (7) උවමනා කිරීම හා සැපයීම, (8) [අන්කිසිවෙකුට නොදී] ඉඩම් ආදී සියල්ලම තමාට ලබා ගැනීම, (9) දහයෙන් පංගුවේ (වතු) බදු, (10) අයබදු, (11) විදේශීය වෙළඳාම, (12) ජනගහනය, (13) දුගීන් පිළිබඳ නීතිය, (14) පදිංචියට වෙන රටකට යාම, (15) (මුදල්) ජාතික නය, (17) ජීවිත සහතික කිරීම සහ (18) කර්මාන්ත පිළිබඳව ආණ්ඩුවේ ව්ය1වස්ථාවල සම්බන්ධය” යන මේ කාරණා 18 පිළිබඳව හොඳින් අවබෝධ කරගත් විට මේ ශාස්ත්රයය එක් ප්රකමාණයකට දැනගත හැක්කේය.

1. කටයුතු කොටස් කර බෙදීම.[සංස්කරණය]

දියුණුවූ රටක වාසය කරන මනුෂ්යබයෙක් මිනිසුන් විරහිත වනගත රටකට යම් හේතුවකින් පැමිණියොත් ඔහු‍ගේ ජීවිකාව ආරක්ෂාකර ගැනීමට අවශ්ය් කටයුතු සියල්ලක් ඔහු විසින්ම කර ගත යුතුය. ආහාර පිණිස උවමනා ධාන්ය උපදවා ගැණී‍මත් ඒ ධාන්යග හෙවත් වී වේලා කොටා සහල් කරගෙණ දින පතාම උයා ගැණීමත් ඒ බත කෑමට උවමනා එලවලු වර්ග වවා ගැනීමත්, ඒවා පිසීමට ගන්නා දුරු මිරිස් ආදිය වවාගෙන ඒ සකස්කර ගැණිමත්, මත්ස්යස - මාංශ කන්නෙක් නම් ඒ සපයා ගැණීමත්, ගෙයක් හදා ගැනීමත්, එය පිහපාදා ගැනීමත්, තවත් ජීවත්වීමට උවමනා කුදු මහත් සියලුම කටයුතු කර ගැනීමත්, ඒ තැනැත්තාට භාරවේ. ඉතින් මෙහි ප්රුතිඵල වශයෙන් හුදකලාව ජීවත්වන ඒ ජීවිතය මොහොතක්වත් නිශ්කලංක නැති සියයකටත් අධික කටයුතු දිනපතාම කළයුතු රාශියක අනවසරයෙන් යෙදී දුක් විඳින මිනිහාට තවත් මිනිහෙක් ලැබුනොත් ඔහුගේ මහත් කටයුතු රාශියෙන් කොටසක් ඒ දෙවෙනියාට භාරකළ හැක්කේය. එකෙක් කුඹුරේ වැඩට ගියවිට අනිකාට ඒ දෙදෙනාට උවමනා ආහාර ටික සම්පාදනය කිරීමටත් වෙනින් එලවලු ටිකක් හෝ වෙන යම් වැවිල්ලක් කිරීමටත් ඉඩ ලැබේ. ජීවත් වීමට උවමනා කුදු මහත් කටයුතු එක්කෙනෙකු විසින්ම කරණවාට වඩා දෙන්නෙකු විසින් කරගත්තොත් මද සැනසිල්ලක් ඇතිවන බව කාටත් තේරේ. ඉතින් මේ කටයුතු තුන්දෙනෙක්ද ඉක්බිති හතර දෙනෙක්ද, පස්දෙනෙක්ද, හදෙනෙක්ද, විස්සක්, තිහක්ද ඒ ඒ කටයුතු කරන්ට පටන් ගත්තොත් එකිනෙකාට බලවත් පහසුවක් ලැබී විවේකය හා සැපත් ලැබිය හැක. ගමක මිනිසුන් 100 ක් සිටිත් නම් එයින් 10 දෙනෙක් මුළු ගමටම උවමනා වී සහල් ද දෙදෙනෙක් එලවලු වර්ගද, තවත් පස් දෙනෙක් අත්පා මෙහෙවරද, තවත් දෙදෙනෙක් රෙදි විවීමද, තවත් පස් දෙනෙක් අත්පා මෙහෙවරද, තවත් හතර දෙනෙක් ඒ ඒ අය උපදවන ද්රතව්ය මිළදී ගෙන ඒ ඒ අයට බෙදා දීම වශයෙන් වෙළඳාම් කිරීමද, ධර්ම ශාස්ත්ර‍ ඉගැන්වීම‍ාදියට තවත් කීප දෙනෙක්ද, යනාදී වශයෙන් ගමේ ඉන්නා සියක් දෙනා කුදු මහත් කටයුතු හැට හැත්තෑවක් කරතොත් කිසිවෙකුට අධික ආයාසයක් නැතිව සුවසේ ජීවත්වන්ට පිළිවන. පුරාණ කාලයේ මේ නොයෙක් කටයුතු කරන්නන් ඒ ඒ කුලයේ අයවල්යයි සම්මතව ඒ ඒ කර්මාන්ත වල නාමයෙන්ම කුල හෙදයද අටගෙණ තිබේ. ඉතින් ඒ ඒ කුල වල


උපදින්නත් ඒ ඒ කටයුතුවල උස් පහත් කමේ හැටියට රට වාසීන්ගේ උස් පහත් සැලකීමටද පත් වූඋ බව පෙනේ. මේ කුල භෙද වශයෙන් පැවති කටයුතු මේ කාලයේ හැටියට අවැඩදායක ලෙස වැටහෙතත් විධිවූ පරිදි ඒ පිළිවෙළ පවත්වතොත් ඒ ඒ කටයුත්තෙහි දක්ෂ මිනිසුන් රටෙ ඇතිවීමට හේතුවේ. එකෙක් කරණ කටයුතු අන්යෙයන්ට අවශ්යර හෙයින්ද එකම කටයුත්තේ නියුක්ත තැනැත්තා කටයුතු කීපයක් කරණවාට වඩා ඒ එක කටයුත්තෙහිම යෙදෙන විට ඒ කටයුත්ත පහසුවෙන් හොඳිනුත් කළහැකි බැවින් එකිනෙකාගේ කර්මාන්ත හෙවත් වැඩපළ කාටත් ලාභයට ලබා ගැණී‍මට ඉඩ ලැබේ. මේ කර්මාන්තාදිය කොටස් කරගෙණ කිරීම් නිසාම ඒ ඒ දේ කිරීමට පහසු වන යන්ත්රා - සූත්රෙ ආදියද උපදවා ගන්නා බව සැලකිය යුතුය. ඒ ඒ කර්මායන්තාදිය කොටස් කරගෙණ කිරීම් නිසාම ඒ ඒ දේ ‍කිරීමට පහසු වන යන්ත්රම - සූත්රර ආදියද උපදවා ගන්නා බව සැලකිය යුතුය. ඒ ඒ කර්මා න්තාදිය කරණ මිනිසුන්ගේ දූ දරුවනනුත් ඒ ඒ කර්මාන්ත කිරීම අවශ්යායයි නූගත් මිනිසුන් අතර මතයක් පැවති නමුත් ධර්ම ශාස්ත්රර ප්රනකට පුරාණ කාලවලත් දැන්වත් එබඳු නියමයක් නැත. සමහරවිට යකඩ කර්මාන්ත කාරයකුගේ පුත්රතයෙකුට ඒ යකඩ වැඩට වඩා රෙදි විවීම පිළිවන් විය හැක. එබැවින් තමාට වඩා රුචි, වඩා හුරු, වඩා පහසු කටයුතු කිරීමේ පිළිවෙල යුරෝපීය ර‍ටවල ඉතා හොඳින් ප්රෙකට වූ බැවින් කුල භෙදය වැරදි ලෙස පවත්වන වර්තමාන දඹදිව හා ඊට ආසන්න ලක්දිව ආදී පෙරදිග රටවලද දියුණුවෙන් අ‍ඩුව පවතී. ගොවිකම් හා වෙළඳාම් කරමින් රැකුනු සිරිවර්ධන සිටාණන්ගේ පුත්රඩයා - වේදේහ රජුගේ අග්රම අමාත්ය යාව ජම්බුද්වීපයේ - දේශපාලන ඥානයෙන් කෙළ පැමිණි උතුමා බව දැක්වූ හැටි උම්මග්ග ජාතකයෙන් පෙනේ. රාජාමාත්යිව ඒ ‍මහෞෂධ පඬි තුමාට නොයෙක් තැන්වලදී “ගොවියා පුත් සීසා කන පමණ මුත් කුමන මන්ත්රී කම් දැනීදැ”යි නිග්රලහ කොටද තිබේ. ඉතින් කොයි කාලවල හෙවත් කොයි කර්මාන්තාදිය කරන පවුල් වලත් විවිධ කටයුතු කර්මාෙන්තාදියෙහි සූරයෝ උපදිති. කටයුතු බෙදා වෙන්කර ගැණීමේදී ඒ ඒ සාමාන්යා කටයුතු පමණක් නොව - ආණ්ඩු කිරීමටද සියලුම මිනිසුන්ට අවශ්යාය. රෙදි වියන මිනිහා එයින් උපදවන මුදලෙන් කොටසක් සහල් පිණිස දෙන්නාක් - නිතියත් පිළිවෙළත් ආරක්ෂා කිරීම පිණිස පිහිටුවා තිබෙන ආණ්ඩුවට ඒ ඒ පුද්ගලයන් විසින් අය බද්දක් ගෙවීමද, ඒ ඒ අයගේ සැප පහසුවට වැඩ කරන්නා අන්යවයන්ගේ සුවපහසු සලසා දෙන්නා හැටියට සැළකීමත් ශිෂ්ටාචාර මිනිසුන් විසින් සැලකිය යුතු ධර්මතාවයක් බව පෙනේ.

2. වස්තුව.[සංස්කරණය]

මිළ කළහැකි හෙවත් යම් කෙනෙක් මිළ දී ගන්නා දේට වස්තුවය යි කියනු ලැබේ. මනුෂ්යාෙදී සත්වයන්ට ප්ර යෝජන හෙවත් පරිභෝග කරණ සියල්ලම වස්තු හැටියට නොසලකති. ජීවත්වීමට අවශ්යසවූ දේ පවා ඉතා අධිකව තිබෙතොත් ඒ වස්තුවක් හැටියට නොසලකති. සමහර රටවල හෝ පළාත්වල වස්තුවක් හැටියට සලකන ද්ර ව්ය. සමහර පළාත්වල කිසිම වටිනාකමක් නැති දේ වෙති. මිළ කළහැකි වන්නේත් වටිනා වස්තුවක් හැටියට ගණන්ගනු ලබන්නේත් ඉතා ටිකවූ අ‍ඩුවූ සුලභ නුවූ දේ පමණකි. සියලුම සත්වයන්ගේ ජීවත්වීමට අසහාය දේ වන වාතය කිසිම වටිනා කමක් ඇති දෙයක් හැටියට කිසිවෙක් නොසලකති. මක්නිසාද එය හැම තැනම පිරී පවත්නා හෙයින්ද උවමනා කාට උවත් ඒ ආශ්වාස ප්රා ශ්වාස කිරීමට තිබෙන හෙයිනි. අව් රශ්මියද එසේමය. සමහර පළාත්වල වතුර වස්තුවක් ලෙස සලකති. නමුත් ඇතැම් පළාත්වල කිසිවෙක් ඒ නො සලකති. තිරිවානේ ගල් වටිනා වස්තුවක් නොවෙතත් ඒ සමගම තිබෙන මැණික් ගල් ඉතාමත් වටිනා වස්තුවකි. වස්තුවක අගය හෙවත් වටිනාකම අධික වන්නේ එහි ප්රතයෝජනයේත් දුර්ලභත්වයේත් හැටියටය. කාටත් සාධාරණව පවත්නා වාතය, ඉරු රශ්මිය, චන්ද්රන රශ්මිය ආදී වස්තු ටිකක් ඇර අනිත් කොයිදේටත් උරුමක්කාරයෝ සිටිති. යම් දේකට උරුමක්කාරයෙක් සිටියි නම් එය වස්තුවක් - වටිනා දෙයක් හැටියට සලකනු ලැබේ. මහපොළව කාටත් සාධාරණය. එහෙත් ඒ පොළවෙන් විවිධ ප්රලයෝජන ගතහැකි බැවිනුත් - ඒ පොළව සීමා සහිත බැවිනුත් - උරුමක්කාරයෝ සිටිති. සමහර මුහුදුද උරුමකරගෙණ ඒ ඒ ජාතීන් විසින් ආරක්ෂා කරණු ලැබෙතත් එයින් ප්රමයෝජනද ගණු ලැබෙත්. සීමා සහිතවූද යම් යම් ප්රරයෝජන ලබාගත හැකිවූද සියලුදේම වස්තු සංඛ්යාුවට ඇතුළත් බව පෙණේ. වස්තුවෙහි හෙවත් වටිනා දෙයෙහි ඇති තවත් අඦඞගයක් අයිතිකාරයාට උවමනා විටක තවත් කෙනෙකුට විකුණා ගැණීමට පිළිවන්කම වේ. වස්තුවෙහි පවත්නා තවත් විශේධයක් නම් එක්කෙනෙකුට මදක් වටිනා දේ තවත් කෙනෙකුට සියවරක් අධිකව වටිනා බවයි. කාල වශයෙන්ද පළාත් වශයෙන්ද වස්තුවෙහි විශේෂ ගති පවතී. කොළඹදී රු.1-50 කට ගන්නා දර හොණඩරය අනුරාධපුරයේදී ශත 25 කටත් අ‍ඩුවෙන් ගන්ට ලැබේ. මීට අවුරුදු 50 කට පමණ ප්ර්ථම රුපියල් 2 කුත් ශත 50 කට ගතහැකිව තිබුනු කොළඹ නගරයේ බිම් අක්කරයක් දැන් රුපියල් 30,000 කටවත් ගත නොහැක්කේය.

වස්තුවයයි සම්මත දෙයෙහි තවත් බොහෝ විස්තර තිබේ. මේ විස්තර ඉගෙණීමෙන් ලැබිය හැකි ඥානය බොහෝය. යම්කිසි දෙයක් ප්රසයෝජනවත් නම් - යමෙකුට විකිණිය හැකිනම් - යමෙකුට බද්දට හෝ කුලියට දී යම්කිසි ප්ර යෝජනයක් ලැබිය හැකිනම් ඒ දේ වස්තු සංඛ්යායවට ඇතුලත් වේ. වෛද්යමවරයා ඔහුගේ සාමර්ථ්යමය ලෙඩෙකුගේ සුවපත පිණිස යෙදූවිට ඒ සාමර්ථ්යැය වස්තුවකි. නීතිඥයෙකු පිළිබඳව උගත් පණ්ඩිතයෙකු දක්ෂ කථිකයෙකු නිර්භීත අවංක පත්රත කර්තෘවරයෙකු ආදීන්ගේ සාමර්ථතාවෝද වස්තු වෙති. මක්නිසාද, මේ කියූ අයගේ සාමර්ථය අන්යතයන්ගේ ප්රකයෝජනයට දී ඔවුන්ගෙන් යම්කිසි මුදල් ගණනක් ලබාගත හැකි බැවිනි. විද්යාඩ ධනය ලෝකයේ ඇති අනික් සියලුම වස්තුවට වඩා උතුම් වේ.

තිබූ තැනක සොර සතුරන් ගත නොහෙ නා එසැඩවනා වතුරෙන්වත් වල නොයෙ නා කෝප උවත් රජ මැතිඳුන් ගත නොහෙ නා උගතමනා සිල්පයමයි මතු රැකෙ නා

ජනගහනය, මුල් මුදල සහ නිෂ්පාදනය යන තුන ධනය පිළිබඳව අවශ්යයයෙන් සැලකිය යුතුය. ධනය හෙවත් වස්තු‍වයයි කියනු ලබන විවිධ දේ කොටස් තුනකට බෙදිය හැක. එනම් - ජීවත්වීමට අත්යුවශ්යයක දේත් - ශිෂ්ටාතචාර භාවයත් - අධික සැප පහසුත් යන තුනය. මුලින් කී අවශ්ය ආහාර පාන ආදිය නැත්නම් ජීවත්වීමටවත් කිසිවක් කිරීමටවත් නොහැක්කේය. දෙවනුව කී ශිෂ්ටාචාර භාවය නැත්නම් ජන සමාජයේ ශික්ෂිකත ලෙස සොභන ලෙස හැසිරීමට නොහැක්කේය. මෙයින් පිටස්තරවූ අධික සැපපහසු - කාමසුඛල්ලිකානුයෝග සංඛ්යා ත අධික පංචකාමය වේ. නමුත් තුන් විධියම ඒ ඒ ජාතිවල හෙවත් ඒ ඒ පඞක්තිවල මිනිසුන්ට විෂමව පවතී. ඒ එසේමයි. සමහර පවුලක උපන් කෙනෙකුට මොටෝරථය ජීවිතයට අත්යාතවශ්යහක දෙයක් වේ. ඊට පහත් පවුලක කෙනෙකුට සෝබන කමට අලංකාරයට උවමනා දෙයක් විය හැක. ඉතා පහත් පවුලක කෙනෙකුට ඒ මොටෝරථය අධික සැප පහසු සංඛ්යාඊවෙහි ඇතුළත් වේ. මේ නිසා - අත්යමවශ්යයකතාවයත්, ශිෂ්ටාැචාරතාවයත්, අධික සැපවත් තත්වයත් ඒ ඒ පුද්ගලයන් සම්බන්ධව වෙනස්ව පවත්නා බවද සැලකිය යුතුයි.

ජාතියක සමෘර්ධත්වය පුද්ගලයෙකුගේ සැප පහසුවට වඩා වැදගත් බැවින් සමූහයක් හෙවත් ජාතියක් පිළිබඳව දියුණුව හෙවත්

සමූහයකගේ ධනය දේශපාලන ශාස්ත්ර ඥයන් විසින් විශේෂයෙන් සලකනු ලැබේ. ජාතියක් ධනවත්වීම නිසා සුචරිතාදී ගුණධර්ම වැඩෙන්නාක් මෙන් පුද්ගලයෙකුට අධික ධනය ලැබීමෙන් බොහෝවිට ආයුතු අපරාධ දියුණුවටද හේතුවන්නේය.

3. වටිනාකම හෙවත් අගය.[සංස්කරණය]

වටිනාකම හෙවත් අගය දෙවිධියකි. ප්රායෝජනයේ හැටියට අගයවීමත් -හුවමාරු‍වේ හැටියට අගයවීමත්ය. ප්රියෝජනය පිණිස උපදවනු ලබන ද්රරව්ය‍වල අගය - ඒ ඒ ද්රවව්ය. ඉපදවීමට ගන්නා මහන්සියේ හැටියට අඩු වැඩි වේ. නමුත් මුදල්වලින් ගණුදෙනු කිරීමේදී යම් කිසිවෙක් වඩා මහන්සිවී උපසවන ලද දේ තවත් කෙණෙක් ඊට අඩුවෙන් මහන්සිවී උපදවන ලද දේ තවත් කෙණෙක් ඊට අඩුවෙන් මහන්සිවී උපදවන ලද දේ තවත්‍ කෙණෙක් ඊට අඩුවෙන් මහන්සිවී උපදවන එම දෙය තරමම මිස ‍ඊට වඩා කොහෙත්ම වැඩි නොවේ. කාලයට අවශ්යද දේය, ශාස්ත්රීඊය සොයාගැණිමය, ඒ ඒ කාලවල ස්වභාවයෙන්ම හටගන්නා දේය යන තුන්වැදෑරුම් විධියෙන් ඒ ඒ දේවල අගය අධික වේ. යම්කිසි ඇඳුම් ආයිත්තම් වර්ගයකට රටේ මිනිසුන් කවුරුත් කැමතිවීනම් - ඒ කාලයේදී ඒ දෙයෙහි අගය වැඩිවේ. කලින් නොපැවති අමුතු දෙයක් උපදවන ලද්දේ නම් ඒ මුල් කාලයේ එහි අගය ඉතාමත් අධිකය. දුර්භික්ෂයක්, නියගක්, ධාන්ය විනාශවීමක් හෝ යුද්ධ කෝලාහලාදියක් ඇතිවී නම් ධාන්යක ආදියේ මිළ ඉතාමත් අධික වන්නේය. යම් යම් දේවල වටිනාකම හෝ අගය - කාලෝචිතවීමෙනුත්, අභිනව වශයෙන් ඉපදවීමෙනුත් - ස්වභාව ධර්ම වේගයෙනුත් හදිසියෙන්ම උසස් බවට පැමිණේ. මේ නිසා වටිනාදම හා අගයන් ඒ ඒ කාලයත් ස්ථානයත් අනුව සලකාගත යුතුවේ.

4. ධනය බෙදාදීම.[සංස්කරණය]

ධනය ඉපදවීමට පංගුකාරයෝ දේශපාලන ශාස්ත්ර ඥයන් විසින් තුන් කොටසකට බෙදනු ලැබෙත්. එනම් - කම්කරුවෝය, ධනපතියෝය, ඉඩම් හෝ ධන උපදින තැන් හිමියෝය යන තුන් කොටසය. මෙයින් මුලින් කී කම්කරු පක්ෂය ධනය ඉපයීමට හිත හෝ ශරීරය මහන්සි කරන්නෝය. දෙවනුව දී ධනපතියෝ - ඒ ධන ඉපයීමට උවමනා උපකරණ සම්පාදනය දෙමින් කම්කරුවන් නඩත්තුකරන්නෝය. තුන්වෙනි කී ඉඩම් හිමියෝ නම් - පොළව, ආකර, ජලබල ආදී තමාගේ උරුමය යම් ගාස්තුවක් උදෙසා දෙන්නෝය. මුලින් කී කම්කරුවන්ට දෙන වේතනයට “පඩිය” යයි කියනු ලැබේ. දෙවනුව කී ධනපතියන්ට

ලැබෙන ධනයට “ලාභය” යයි කියනු ලැබේ. තුන්වෙනුව කී ඉඩම් හිමියන්ට ලැබෙන ප්රටයෝජනයට “බද්ද” යයි කියනු ලැබේ. කර්මාන්තාදියෙන් උපදවන ධනය මේ තුන් නාමයෙන් බෙදනු ලැබේ. නමුත් මෙසේ ලබන ධනය පඩිය - ලාභය - බදුය යන කොටස් තුනට සමාන නොව අසමානවම බෙදනු ලැබේ. සමහර කටයුතුවලදී - අනිත් දෙපක්ෂයට වඩා කම්කරුවන්ගේ කොටසට ලැබේ. අසමානත්වය ඇතිවන්නේ කරුණු පහක් හේතු කොටගෙණ බව කිව හැක. (1) රක්ෂාව වඩා නම්බුකාර නම් මිනිසුන්ගේ සිත් අලවන වඩා පහසු එකක් නම් - ශරීර පීඩාවට හේතු නොවේ නම් - ස්වකීය ගමේ ‍රටේම ඉඳගෙන කළහැකි එකක් නම් එය අඩු පඩියට කරණු ලැබේ. (2) පහසුව හෙවත් මිළ අඩුකම නිසා හෝ කරණ වැඩේ ප්රයතිඵලය වන ලාභය ඉතා සුළුනම් ඒ කටයුත්තේදී අඩු ‍පඩියක් බලාපොරොත්තු විය යුත්තේය. (3) නිතරම කළ නොහැකි හදිසියෙන් පමණක් කරණ කටයුත්තක් නම් එහිදී පඩිය අධික විය හැක. (4) රක්ෂාව භාරධූර වගකිවයුතු එකක් නම් අනතුරුදායක එකක් නම් පඩිය අධිය විය යුතුය. (5) තරඟයෙන් කටයුතු දේ නම් - එනම් සමහරුන්ට සඵලවන් සමහරුන්ට සඵල නොවන කටයුත්තක් නම් එහිදී ද පඩිය අඩුවිය හැක.

සිත වෙහෙසා කරණ කටයුතුවලින් ලැබෙන ප්රමතිඵලය - කය වෙහෙසා කරණ කටයුතුවලට වඩා අධික විය යුතුය. නමුත් බොහෝවිට හිත වෙහෙසන හැමදෙනාටම ප්රධයෝජන නොලැබෙන බැවින් කය වෙහෙසන කුලීකාරයන්ට මෙන් නිසැක ප්රවයෝජනයක් ‍බලාපොරොත්තු විය නොහැක්කේය. ඉගෙණීමෙන් - එනම් නීත්ඥ, වෛද්ය්, ආචාර්ය ආදී රක්ෂාවල් කරන්නෝ රටේ ධනය ඉපයීමට තමුන්ම කිසි වෙහෙසක් නො ගණිතත් ධනය උපයන මාර්ගයත් ඊට ආධාරත් ඒ ධන උපයන්නන්ගේ සුභසිද්ධියත් නිසා වැඩකරණ බැවින් ‍ගොවියා - වියන්නා ආදීන්මෙන්ම රටට උවමනා ද්ර,ව්ය් නූපදවතත් - ශිෂ්ටාචාර මිනිසුන් අතර ඔවුන් නැතුව කටයුතු කළ නොහැක්කේය. ගොවියෙකුට හෝ පාන් පුළුස්සන්නෙකුට - ලෙඩ දුක් වැළඳිවිට ඒ සුවකිරීමට වෛද්යෙවරයෙකුත් - නයක් තුරහක්වූවිට නීති මගින් ක්රිියා කිරීමට නීතිඥයෙකුත් - ඔවුන්ගේ දූදරුවන්ට ඉගැන්වීමට ආචාර්යවරයෙකුත් අවශ්ය‍ බැවින් - ඒ ගොවියා උපයන ධාන්ය්වල ඵලය ඒ කාටත් බෙදී යා යුතුය.

කටයුතු කිරීමේදී ධනපතියෙක් මැදහත්ව ලොකු ධනයක් ඒ සඳහා යෙදීම ඒ ධනපතියාටම පමණක් නොව - වැඩකරුවන් රාශියකටත් රටවාසීන්ටත් එකාකාරවම ප්රණයෝජන වේ. ධනව‍තාගේ ධනය එම කටයුත්තේ යෙදවූකල - යමක් උපදින බැවින් ඒ උපදින ධනය කීපදෙනෙකුට බෙදී යන බැවින් රටේ පැවැත්මට ධනවතා අතිශයින් ආධාරිභූතය, ඉඩම් හිමියාත් එසේමය.

5. යන්ත්රශ සූත්රායදිය.[සංස්කරණය]

යන්ත්රම, සූත්ර්, ගැල්, වාහන, අලි, අසුන් ආදි බර අදින සතුන් හා ආවුධ උපකරණ සියල්ලම මේ කොටසට අයත් වේ. මේ යන්ත්රය උපකරණ නැත්නම් දැන් කරණ කර්මාන්ත කිසිවක් මෙපමණ ලාභයට කළ නොහැක්කේය. ඒ ඒ කර්මාන්තවලට යොදන ධනයෙන් හෙවත් අරමුදලෙන් වැඩි කොටසක් මේ යන්ත්ර් සූත්රාෙදිය සඳහා යොදවන බැවින් - යන්ත්රා දී උපකරණ කර්මාන්තයක අරමුදල් යයි කිව හැක. මනුෂ්ය යාගේ කටයුතුවලට ඇතුන් අසුන් ඔටුවන් ආදි සතුන්ගේ ආධාරය ප්රැයෝජනවත්ය නමුත් ධූම යන්ත්රටය ඒ සියල්ලටම වඩා දැන් ආධාරය. උවමනා තරම් ලොකු කුඩා යන්ත්ර සියල්ලම කටයුතුවලට යෙදීමට දැන් පිළියෙලකර තිබේ. ඒ යන්ත්රතවලින් ගතහැකි ප්රුයෝජනයද ඉතා අධිකය. අශ්වයන් තිහක වේගය ඇති යන්ත්ර්යක් - දිනපතා ඉතා අ‍ඩු වියදමින් පාවිච්චි කළහැක - අප්රා ණවත් ඒ යන්ත්ර්යෙන් කරදර කලබල නැතිව නිශ්කලංකව වැඩ ගත හැක. යන්ත්රයයකින් වැඩ කරනවිට ඊට නිවාඩුදිමක් - ලෙඩට දුකට බලාගන්ට උවමනාවක් නැත - කෙනෙකුගෙන් වැඩ ගන්නාක් මෙන් නොව ස්වාමියාට උවමනා වේලාවක් වැඩ ගැණීමට පිළිවන - මේ නිසා මනුෂ්යොයා විසින් කටයුතු බොහෝ වැඩපල යන්ත්රියක ආධාරයෙන් ලාභයටත් ප්රෂවේශමටත් ඉක්මණටත් උවමනා කොයි මොහොතේදීත් කරගැණීමට පිළිවන්කම තිබේ.

යන්ත්ර් සූත්ර් ඉපදවීම මනුෂ්යහයන්ගේ රැකී රක්ෂාස නැතිවීයාමකැයි බොහෝදෙනා සිතති. නමුත් යුක්ති සහිතව කල්පනා කරණවිට යන්ත්රෂ සූත්රව ඉපදවීම නිසා මිනිසුන්ටත් කටයුතු අධික වෙනවා මිස වැඩ අ‍ඩුවන බවක් නොපෙණේ. මොටෝ ලොරියකින් කරත්ත විස්සකින් අදින බඩු එක දිනකදී ඇද්දවිය හැක. ඉතින් කරත්තකාරයන් 20 කගේත් ගොණුන් 40 කගේත් රැකීම ඒ ලොරිය නිසා නැතිවියයි සිතති. එසේද උවත් ලොරිය තැනීමටත් ඒ පැදවීමටත් ශුද්ධකිරීමටත් - ඒ සඳහා


උවමනා ටයර්, තෙල් ආදිය සම්පාදනය කිරීමටත්, ඒ ලොරියට එක දිනකට කරත්ත 20 ක පටවනා බර පැටවීමට උවමනා සෙනග යෙදවීමටත් අවශ්යි බැවින් - ලොරිය නිසා අමුතු කර්මාන්තකාරයන් උවමනා කළා මිස කර්මාන්තකාරයන්ගේ ගණන අඩු වූ බවක් නොපෙණේ. යන්ත්රක ඉපදවීමෙන් කම්කරුවන්ගේ කටයුතු අඩුවීමක් නොව යම් යම් දේ කිරීමේ පහසුවත් ඉක්මන්කමක් වැ‍ඩිවී යයි කිව යුතුය. යන්ත්ර සූත්රන ඉපදවීමෙන් කර්මාදන්තයක් ආරම්භ කිරිමට උවමනා අරමුදල අධිකවීම ඒකාන්ත නමුත් මිනිසුන්ගේ කටයුතු අඩුකිරීමට හේතුවීයයි නොසිතිය යුතුය.

6. බදු.[සංස්කරණය]

යම්කිසි කර්මාන්තයක් හෝ වැවිල්ලක් කරණ අයට ඒ සඳහා යෙදිය යුතු අරමුදල පමණක් නොව ඒ කටයුතු කරණ ඉඩම හෝ ගෙවල් දොරවල් ආදිය සඳහාත් මාස්පතා හෝ අවුරුදු පතා හෝ බද්දක් ගෙවන්නටද සිද්ධවේ. ඉඩම හෝ ගේ තමා සන්තකම උවත් ආණ්ඩුවට යම් බද්දක් ගෙවිය යුතුය. වාතය ආදී භූතයන් මෙන් පොළොවත් බදු විරහිත වියයුතු නමුත් කාට නමුත් බදු නොගෙවා පොළව පාවිච්චිකරන්ට බැරි මන්දැයි යමෙකුට සිතිය හැක. වාතය මෙන් පොළව සීමා රහිත වස්තුවක් නොවේ. සීමා සහිත සියල්ලේම වටිනාකමක් තිබේ. පොළව ජනගහනය මෙන් වැඩිවිමක් නොවන බැවින් ජනගහනය වැ‍ඩිවන තරමට පොළොවේ වටිනාකමද වැ‍ඩිවේ. සාරවත්කමේ හැටියටත් පිහිටීමේ හැටියටත් පොළවේ අගය තව දුරටත් අධික වේ. ජන ධන පාලන ශාස්ත්රියේදී පොළවත් වෙළඳ කටයුතුවල කොටසක් ලෙසට සලකනු ලැබේ. මක්නිසාද එහි සාරවත් අසාරවත් භාවයේ හැටියට ප්රලයෝජන ලැබෙන බැවින් ඒ සඳහා බදු ගෙවිය යුත්තේ ඒ ඒ අන්දමට බැවිනි. ඉතින් මේ බදු ගෙවිල්ල උපදින අස්වැන්න ආදියෙන් කොටසක් නම් කිසි අයුත්තක් නැත. මක්නිසාද උපදින ලාභය හෙවත් ප්ර්යෝජන බෙදා ගැණීමක් බැවිනි. නමුත් ප්රනයෝජනය නොතකා සාමාන්ය‍ වශයෙන් බදු අයකිරීම ගැන පමණක් විරුද්ධ මත දක්වති. අයබදුත් ලාභයටම අයිති ගණනෙන් යන නිසා ඒ ගැන කෙඳිරීමක් නොවටී. වියදමට වටිනාකමටත් මැද්දේ ඉතිරිවන කොටස ලාභය බැවින් එයින් කොටසක් වන බද්දද අරමුදලෙන්ම කලින්ම සලකාගත යුත්තකි.


7. උවමනාකිරීම හා සපයාදීම.[සංස්කරණය]

කර්මාන්ත හා වස්තුව රැස්කිරීමත් පිළිවඳව මෙන්ම, උවමනා කිරීම හා සපයාදීමේදීත් ස්වභාවික ධර්මබලයේ සම්බන්ධතාවක් මනුෂ්යායන්ට ඇතිවේ. ජීවිතයේ පැවැත්මට උවමනා කෑම බිම ආදිය ඉතාමත් දුප්පත් මිනිහාට වඩා වැඩියෙන් ධනවත් අයටද පරිහරණය කිරීමට පිළිවන්කමක් නැත. ශරීරයට අපථ්යෙ නොවන්නට ධනවතෙකුටවත් අධිකලෙස කන්ට බොන්ට බැරිය. ඇඳීමත් ශරීරය වැසීමට වඩා වෙන කරන්ට දෙයක් නැත. ඒ හෙයින් අධික ධනවතා තමා කන බොන දේත් අඳින් පළඳින දේත් ගෙදර දොර යාන වාහන ආදියත් අත්යා ලංකාර ලෙස පිළියෙලකර ගණිමින් සාමාන්යව මනුෂ්යවයන්ට නොහැකි ලෙස විවිධ කරුණු තමන්ගේ ධනය වියදම් කරන පිණිස සම්පාදනයකර ගනියි. මේ නිසා ධනවතාගේ ධනය ඇති අනිත් උදවියටද රුචිවීමෙන් ඒ අලංකාරවූද ‍අධික සැප පහසු ඇත්තාවූද කටයුතු රටට උවමනා වන්නේය. මේ කාරණය සතර විධියකින් කල්පනාකළ හැක. සැපයීම, උවමනාකිරීම, ඉපදවීම හා පරිහරණය කිරීම යනුවෙනි. සැපයීම - ඒ හිමියා විසින් වටිනා මිළට මාරුකරණ දේකට හෝ දක්ෂකමට - සමර්ථ භාවයත් අදාළවේ. යම්දේකට මිළ ගණන් හෝ අන්යර වස්තුවක් දීලා ලබා ගැණීමට කැමැත්තක් ඇතිවීම උවමනාවයයි මෙහිදී සැලකිය යුතුය. ඉපදවීම වනාහි කලින් මිළ නොකරණලද අභිනව ද්රාව්යසයක් ඉපදවීම වේ‍. පරිහරණය වනාහි ඒ ඒ ද්ර ව්යද පාවිච්චි කිරීම හෙවත් විනාශකර දැමීම වේ. ඉතින් ඉපදවීම සපයාදීමය කියාත්, උවමනාව පරිහරණය කිරීමය කියාත් ගණන්ගත හැක. යම් දෙයකට කැමැත්තක් ඇතිවීමට එය රටට උවමනාවක් යයි සැලකියයුතු නොවේ. ඉතාමත් සැප පහසු ගෙණදෙන හෝ අතිශයින් අලඞකාරවත් වූ යමක් උපසවන්ට පිළිවන - එහෙත් එය රටවාසී බොහෝ දෙනෙකුට පාවිච්චි කිරීමට ඉඩ ඇති - වටිනාකම සාමාන්යය රට වැස්සන්ට ගෙවිය හැකි දෙයක් නූනොත් - රටට උවමනා කරණ එකක් බවට නොපැමිණේ. එබැවින් රට වාසීන්ගේ තත්වයට පිරිමහින කාටත් පහසුවෙන් මිළදී ගත හැකිවීමට යමක් කිරීම රටට උවමනා බවට පැමිණවීමේ ප්රහධාන ගුරුකම වේ.

පරිහරණය කිරීමත් කීප විධියකි. සමහර දේවල් සම්පූර්ණයෙන් විනාශව යති. කෑම බීම ආදිය පාවිච්චියෙන් පසු ඉතිරි නොවේ.

පාවිච්චි කරණ රෙදි පොරදි දුර්වලව මිළ ගණන දිනෙන් දින අ‍ඩුවේ. සමහර දේවල් කඩා බිඳ අන්යප දේවල් තැනීමෙන් නියම මිළට වඩා උසස් වටිනාකමට පැමිණේ. ඒ වනාහි පුනර් සම්පාදනයට පාවිච්චි කිරිමයි. කපු නූල් බවට පමුණුවා රෙදි තැනීම වැනියි. කා බී විනාශයට නොයන ද්රිව්යකයත් - පරිහරණයෙන් පසු අගය අ‍ඩුවන ද්රකව්යනයත් ඇර - තිබුනු හැටියටම පරිහරණය කර ඉක්බිති ව‍ඩා අධික මිළ ගණනකට විකිණිය හැකි ද්රනව්ය‍ද තිබේ. දක්ෂ ශිල්පීන්ගේ කර්මාන්ත - පින්තූර - උගතුන්ගේ පොත් පත් - පැරණිකම නිසා ගෞරවයට පැමිණි ද්ර්ව්ය ආදිය මේ පංක්තියට ඇතුළත්වේ. පරිහරණය කිරීම වනාහි යම් දෙයක් හිමියාගෙන් හෝ තැනූ අයගෙන් නැතහොත් වෙළෙන්ද‍ාගෙන් මිළදී ගැනීමයයි කිව හැක.

ජන ධන පාලන ශාස්ත්රෙයේදී යමක් සැපයීමත් උවමනා කිරීමත් යන දෙක අන්යො න්යර විරුද්ධව පවතී. රටවාසීන්ට උවමනා දෙයක් ඉපදවූවිට එය ඕනෑ තරමට සපයා දිය නොහැකිනම් එහි මිළ ඉතාමත් අධික බවටත් - යමක් උවමනා තරමටත් වඩා ඉපදවිය හැකි නම් එහි මිළ ගණන පහත් බවටත් පැමිණේ. ද්ර ව්ය යක සුලභත්වය නිසා මිළ පහත බැසීමත් - එසේම ද්රනව්ය යක දුර්ලභත්වය නිසා මිළ ඉහළ නැඟීමත් යන දෙකාරණය පිට ඒ ඒ දේ තනන කර්මාන්තකාරාදීන්ගේ වැටුප් ඉහළ පහළ යාමද ලාබ අලාභද සිද්ධවන බව සැලකිය යුතුයි. විවිධ හේතුවලින් සිද්ධවන මේ කාරණයේදී රටේ ආණ්ඩුව යුතුයි. විවිධ හේතුවලින් සිද්ධවන මේ කාරණයේදී රටේ ආණ්ඩුව මගින් - නීතිමගින් මීට ප්ර තිකාර යොදනු ලැබේ. අධික ලාභ ලැබෙන කර්මාන්තාදියට අයබදු වැඩි කිරීමෙනුත් - අලාභ පාඩු ලැබෙන කර්මාන්තවල බදු හදු ඉවත් කොට සමහර විට ආණ්ඩුවෙන් හෝ ඊට ආධාරකර රටවැසියාට අත්යායවශ්යාක දෙය පහසු මිළට විකිණීමට සලස්වනු ලැබේ.

8. සම්පූර්ණයෙන් හිමිකර ගැණීම.[සංස්කරණය]

යම් භූමිභාගයක හෝ - යම්කිසි ද්රැව්ය‍යක් හෝ - කර්මාන්තයක් අන්ය කිසිවෙකුට කළ නොහැකි ලෙස එක පුද්ගලයෙක් විසින් හෝ ආණ්ඩුවක් විසින් හිමිකර ගැණීම මෙයින් අදහස් කරණු ලැබේ. දැන් අප රටේ සුරා වෙළඳාම් හා පෙරීම ආණ්ඩුවට මිස වෙන කාටවත් කළ නොහැක්කේය. ආණ්ඩුවට යම් මුදලක් ගෙවා වෙන කෙනෙකුට කළහැක. එබඳු කටයුතුවලට සම්පූර්ණයෙන් අයිතිකම හතර විධියකින් පවතී. පේටන්ට් නම් බලයලත් ද්රපව්යතය - යම් කෙනෙක් විසින් අමුතුවෙන්ම

තනාගත් යන්ත්ර සූත්රදයක් හෝ - ආභරණ දැව භාණ්ඩ ආදි ද්ර්ව්යයයක් හෝ - බෙහෙත් කන බොන ද්රිව්යිය ආදී කොයිම දෙයක් උවත් - ආණ්ඩුවේ මැදහත් වීමෙන් ලියා පදිංචිකරවූවිට එය ඒ හිමියාටම මිස අන්ය යෙකුට තනා විකුණන්ට බලයක් නැත. මේ එක් විධියක සම්පූර්ණ හිමිකම් ඇතිවීමයි. දෙවෙනි විධිය නම් - යම් පළාතක හටගන්නා යම් ද්රකව්යවයක් එක මිනිහෙකුටම අයිති භූමියකම තිබේ නම් කවුරුත් ඔහුගෙන්ම ගතයුතුය. එසේම යමෙකු විසින් ලියන ලද පොත පතක්ද ඒ අයටම අයිති බැවින් ඔහුගෙන්ම මිළේට ගත යුතු බැවින් - මේත් එක් ක්ර මයක සම්පූර්ණ හිමිකම් ඇති ක්රමමයක් බව සැලකිය යුතුය. තුන්වෙනි ක්ර මය මේ තරම් අවහිර නැත. පොතක් ප්රකසිද්ධකළ අය හිමියා උවත් - ඔහුගෙන් පොත් උවමනා තරමක් ගැණීමටත් - මහත් රාශියක් ගණිතොත් වඩා ලාභයට ගැණීමට පිළිවන්වන්නාක් වැනි ක්ර්මයකි. හතරවෙනි සම්පූර්ණ අයිතිය ඉ‍ඩම් පිළිබඳව බව සලකාගත යුතුය. යම් කෙනෙකුට කෙතරම් අවශ්යතවුනත් ඔහු සතුටු නැතහොත් කෙතරම් ලොකු මිළයටවූවත් විකුණනු නොලැබේ. ඉතින් ඒ ඉඩම් ඒ අයිතිකාරයාටම මිස අන් කිසිවෙකුටවත් ප්ර‍යෝජන ගත නොහැක්කේය. සියලුම රටවල රජදරුවන් පිළිබඳව එක නීතියක් පවතී. එනම් රජකම හෙවත් ඔටුන්න වැඩිමහල් කුමාරයා ගුණ නුවණින් හා වෙනත් කරුණුවලින් රජකම් කිරීමට සුදුස්සෙක් නම් මේ නීතිය වරදක් නොවේ. නමුත් ඇතැම් රටවල මව් පියන්ගේ දේපල වැඩිමල් පුත්රවයාට පමණක් අයිතිවීමේ නීතියක්ද පවතී. වාසනාවකට මෙන් අපේ රටේ එබඳු නීතියක් නැත. අප ‍රටේත් පවත්වා එක්තරා වැරදි සිරිතක් තිබේ. ඇතැම් මව්පියවරු තමන් සන්තක සියල්ලම පිරිමි දරුවන්ට දීමයි. ගැහැණු දරුවන්ට විවාහවනවිට යමක්දී - ඉතිරි සියල්ලක්ම පිරිමි දරුවන්ට හිමිකර දෙති. ඒ වනාහි බලවත් අසාධාරණ අයුතු ක්රිකයාවකි. දෙමව්පියන්ගේ ලෙඩ රෝග පවා ගැහැණු පිරිමි කාටත් සාධාරණව ඇතිවනකල - ඔවුන්ගේ ධනය පිළිබඳව පමණක් විශෙෂයක් කිරීම යුතුද? ගැහැණු පිරිමි කාහටත් සමානව ධන හා ඉඩක‍ඩම් ආදිය බෙදාදීම ධර්මය දත් සාධාරණ අදහස් ඇති මව්පියන්ගේ අසහාය යුතුකමකි.

9. ආගමට දෙන (දහයෙන්) පංගුව.[සංස්කරණය]

	යුරෝපයේ ක්රි ස්තියාන් බලය පවතිද්දී මෙබඳු දීමනාවක් පැවතී තිබේ. බලහත්කාරකම දක්වන මිථ්යාක ආගම්වලට මෙබඳු බලය ඇතිකර නොගත්තොත් ඒ ආගම ස්ථිරලෙස පවත්වාගත නොහැක.

ක්රිාස්තියානීන්ගේ බයිබලයේ මෙබඳු නියමයක් කරගත්තේත් ඒ නිසාමය. යුරෝපීය ජනයා උසස් ශිල්ප ශාස්ත්රල උගත් පසු ක්රිේස්තියානි ආගමේ බලය සුන්බුන්වී ගිය බැවින් දැන් රටේ ආදායමෙන් දහයෙන් පංගුවක දීමක් නැත. නමුත් නිදහස නොදී තවමත් මිනිසුන් වහල් තත්වයේ තබා ගෙණ ඉන්නා රෝමානු කතෝලික සභාව නූගත් මස් මරන්නන් ගෙන් එබඳු බද්දක් අයකරණ බව පෙණේ. ආගමකට - පූජකයෙකුට නිති බලයකින් යමක් දීමට සැලැස්විම මහත් අයුත්තකි. දායකයාගේ ශ්රටද්ධාව නිසා දෙන දේම පමණක් ආගමටත් පූජකයන්ටත් හිමිවිය යුතුය. අපේ ‍රටේ පවත්නා ආගම - බෞද්ධාගම ලෝකයාට සියලු ආකාරයෙන්ම නිදහස දුන් ආගම බැවින් කිසිවෙක් යමක් දීමට බැඳී නැත්තේය. එහෙත් ශ්ර ද්ධාවත් රජුන් ඇමතියන් සිටුවරුන් ධනවතුන් හා ශ්රනද්ධාවත් වෙන ජනයා‍ත් පූජා කළාවූද පූජා කරන්නාවූද ඉඩකඩම් ආදී වස්තු සියල්ලක්ම අපේ භික්ෂූන් වහන්සේලාට අයිතිය. පැරණි සිද්ධස්ථානවලට අයිති විශාල වතු කුඹුරු ඉඩ කඩම් ආදිය මේ කාලේ බලවත් ගිහි පැවිද්දන් විසින් අයුතු ලෙස නාස්ති කිරීම උතුම් සිද්ධස්ථාන නටබුන්වී ය‍ාමට හේතුවී තිබේ. ආගමකට නීති බලයකින් පොදු ජනයාගේ දේපලවලින් කොටසක් නුදුන්නත් - ඒ ඒ ඇත්තන් විසින් පූජාකරණලද දේවල් යථා ක්ර මයෙන් ආරක්ෂාකර නියම ප්රනයෝජන ගැණීමට සැලැස්වීම අර්ථසංරක්ෂණයෙහි ඉතා වැදගත් කාරණයක් බව පෙණේ.

10. අයබදු ගෙවීම.[සංස්කරණය]

රටක වාසය කරණ කෙනෙක් තමාගේ වත්කමේ හැටියටත් ආණ්ඩුවෙන් ලැබෙන ආරක්ෂාවටත් - ප්රේසිද්ධ මංමාවත් ආදියෙන් ප්රෝයෝජන ලබන හැටියටත් ‍ගෙවන්නාවූ ගෙවීමට අයබදු යයි කියනු ලැබේ. ජනසමාජයකගේ පැවැත්මට උතුම් නීති අනුව පවත්වන සාධාරණ ආණ්ඩුවක් ඇතිවිය යුතුමය. ඒ ආණ්ඩුව පැවැත්වීමට නිකම්ම බැරිය. විශාල වියදමක් උවමනා කෙරේ. ඒ ආණ්ඩුව පාලනය කිරීමට උස් පහත් නිලධාරීන් හා වැඩකරු මහා සමූහයක් අවශ්යවවේ. ඔවුන්ට පඩි නඩි ඉඳුම් හිටුම් දීමටත් රට ආරක්ෂාවට විධාන සැලැස්වීමටත් රටේ මංමාවත් ඇලදොල වාරිමාර්ගාදිය සකස්කර දීමටත් රටට සනීපාරක්ෂාව ඉගැන්වීමට හා අමුතු අමුතු අභිවෘද්ධමාරිග පිළියෙල කර දීමත් වැසියන්ගේ සන්තුෂ්ටිය හා දියුණුවට උපකාරීවන නොයෙකුත් කටයුතු පිළියෙලකර දීම‍ාදියටත් ආණ්ඩුවට විශාල මුදලක් උවමනා කෙරේ. ඒ මුදල රටවැසියා නොපෙළා අයබදු වශයෙන්

ලබාගැණීම ආණ්ඩුවට අවශ්යචවේ. මේ නිසා සාධාරණ ලෙස අයබදු ගෙවීමත් රටවාසීන්ගේ යුතුකමකි.

11. පිට රටවල් සමග වෙළඳාම.[සංස්කරණය]

ජන ධන පාලන ශාස්ත්රටය ඉතාමත් වැදගත් කාරණයකි. පුද්ගලයන් දෙදෙනෙක් අතරේ කෙරෙණ ගනුදෙනුවකට වඩා ජාති දෙකක් අතරේ කෙරෙන ගනුදෙනුව ඉතාමත් විශාලය. මුලදී පිටරටක යම් කෙනෙක් පැමිණ වෙළඳාම් ආරම්භ කරණ නමුත් ඒ වෙළඳාම් නිසා ඒ විදේශීය ජාතීන්ගේ ශිල්ප ශාස්ත්ර චාරිත්ර වාරිත්රව ගුණ ධර්ම හා ආගම පුරාගම පවා දැනගන්ටත් ඔවුනොවුන් හා සම්බන්ධතා ඇතිවීමටත් බලවත් ආධාරවන බව සැලකිය යුතුයි. සර්වඥයන්වහන්සේ වැඩ ඉන්නා කාලේ උතුරු දඹදිවින් මෙරටට පැමිණි බෞද්ධ වෙළඳුන් උදේ සවස සජ්ඣායන කළාවූ බුදුගුණ ගාථා අසා ලක්දිව රජුගේ දුහිතෘ වන ශ්රීජ මුක්තාලතා කුමරිය පැහැදී - වෙළඳුන් අත බුදුජාණන්වහන්සේට පූජා භාණ්ඩත් යවා බුදුරජාණන් වහන්සේගෙන් ලැබුනු චතුරාර්ය සත්යස සඳහන් පත්රිාකාවත් - එහිම සඳහන් බුද්ධරූප සටහනත් දැක ලක්දිවදීම සෝවාන් ඵලයට පැමිණි බවත් පෙනේ. ලක්දිව වෙළඳාමට පැමිණි පරංගි ජනයා - අපේ රටත් අල්වාගෙණ සිංහලයන්ගේ නම් ගම් සිරිත් විරිත් පවා වෙනස්කොට ඔවුන්ගේ ආගමවන රෝමානු කතෝලික සමය බලවත් වද හිංසා කොට සිංහලයන්ට පිලිගැන්වීමට වීරිය කළ බවත් පෙණේ. මේ නිසා පිටරට වෙළඳාම - ස්වකීය රටේ වෙළඳ ද්රවව්ය.ය විකුණා ගැණීමටත් පිට රට‍වලින් ස්වකීය රටට ‍අවශ්ය්දේ ලබාගැණීමටත් පමණක් නොව - ආගම පුරාගම ආදී නොයෙක්දේ පිට රට වෙළඳාම නිසා ඇතිවේ. ඥානවන්ත ඇමතියන්ගෙන් හා අධිපතීන්ගෙන් යුත් රටවලට පිට රට වෙළඳාම බලවත් යහපතක් වන්නාක් මෙන්ම ආත්මාර්ථකාමී කුහක මිනිසුන් හා නිලධාරීන් ඇති ආණ්ඩුවක් නිසා පිට රට වෙළඳාම ස්වකීය රට පිරිහීමටද බලවත් ආධාරයක් බව පෙණේ.

12. ජනගහනය.[සංස්කරණය]

රටක මනුෂ්ය යන් පිළිබඳව බටහිර දේශපාලනය ශාස්ත්රීඥයන් අතර පුදුම නොයෙක් මත පවතී. මවුෂ්ය යන් බෝවන තරමට ආහාර ද්රනව්යනය බෝ නොවේයයිද - ඒ නිසා සෙනග අධිකවීමෙන් නිරාහාරව අසරණව මිනිසුන්ට මැරීයන්ට සිද්ධවේයයිද ඔවුන්ගෙන් සමහරු කල්පනා කරති. නමුත් පුරාණ රෝමය ප්ර න්සය ආදී රටවල දූ දරුවන් අධික පවුල්වලට

තෑගි බෝග පවා දෙමින් සෙනග බෝකිරීමට ධෛර්යදී තිබෙන බවද පෙණේ. යම් ජාතියක බලයත් ශක්තිමත් භාවයත් තේරුම්ගත හැකි පළමුවන කාරණය නම් ඒ ජාතියට අයත් ශක්ති සම්පන්න සුඛිත සෙනගගේ තරමෙන්මයි. ඒ හෙයින් උගත් ශික්ෂිත රජුන් ඇමතියන් ඉන්නා රටවල ජනයා රූපලක්ෂණයෙන් හා ආයුෂයෙන්ද ගුණ නුවණින් හා දක්ෂභාවයෙන්ද යුක්තව සිටියි. “ජාතීන්ගේ ධනය” නම් වූ ජනගහණය පිළිබඳව මෝල්තස් නම් පණ්ඩිතයා කියා තිබෙන හැටියට මිනිසුන්ගේ බෝවීම 2, 4, 8, 16, 32, 64 යනාදී වශයෙන් බවත් ධාන්ය ආදී ආහාර ද්රමව්ය, වැඩිවන්නේ 2, 3, 4, 5, 6 යනාදී අන්දමට බවත් කියා තිබේ. නමුත් මෙය ඇත්තක් නොවේ. ස්ත්රිතයක් හා පුරුෂයෙක් නිසා දරුවන් හතරදෙනෙක් හෝ ඊට වැඩි ගණනක් උපන්නත් ඒ කාල සීමාව අන්තිම වශයෙන් අ‍ටවර්ෂයක් වේ. නමුත් ධාන්ය් වර්ගම උවත් අවුරුද්දකට දෙවරක් කපා ගත හැක - එවිට අටවර්ෂය තුළ 16 ගුණයක් දියුණුවිය. වනුෂ්යැයන්ගේ බෝවීම සැපදායක රටවල අධික උවත් ස්වාභාවික වශයෙන් පැමිණෙන රෝග දුර්භික්ෂාදී විපත්වලින් වන විනාශය සලකා බලනවිට රටට උවමනා තරමට ව‍ඩා සෙනග අධිකවන් රටක් සොයාගත හැක්කේ කලාතුරකින් වේ. කාලයෙන් කාලයට මනුෂ්යහයන්ගේ පදිංචිය වෙනස්වීම නිසා සමහර පළාත්වල උවමනාවට වඩාත් ඇතැම් පළාත්වල උවමනාවට අඩුවෙනුත් ජනගහනය පවතින්ට පිළිවන. එහෙත් මුලුරටකට පිරිමහින තරමට වැඩියෙන් ඒ ජාතියටම අයත් සෙනග වැඩිවන්නේ - කලාතුරකින් සමහර ජාතීන් අතර පමණකි. එවිට පිට රටවල පදිංචිවීමාදියෙන් ඔවුන්ගේ වාසස්ථාන සලස්වා ගණිති. දැන් අපේ රටේ බස්නාහිර පළාතේ උවමනාවටත් වඩා ජනයා අධිකව අමාරුවෙන් ජීවත්වෙයි. නමුත් උතුරු මධ්යාම පළාතට උවමනා තරමින් සීයෙන් කොටසක්වත් නැතිව ‍ඒ ප්රධදේශය නිසරුව පවතී. මේ බස්නාහිර පළාතේ අධික ජනගහනයත් ස්වකීය රටවැසි සිංහලයන් නිසා නොවේ. පරදේශීන්ට පහසුවෙන් ඇතුල්වී නිදහස් ලෙස හැසිරෙන්ට ඉඩ ඇති බැවින් බව පෙණේ. මේ ජනගහණය වැඩිව - කෑම බීම ආදිය අඩුවේය යන ලුහුඬු කල්පනාව බොරුවකි. ආහාරපාන ආදී ද්රනව්යබය මනුෂ්යඩයාගේ ඥානයේත් වීර්යයේත් තරමට ඉපද වියහැකි අචෙතන ද්රරව්යරය වෙති. නමුත් මනුෂ්‍යයන් බෝකර ගැණීම පරිශ්ර මයෙන් හා ගුණ නුවණින් යුක්තව පමණක් කළ ගුප්ත සිදුවීමකි. ජාතියක සත්චාරිත්රර උසස් ධර්ම ශාස්ත්රව ඥානයත් යම් තරමක් දියුණුකරණලද නම් ඒ ජාතියටම පමණක් දීර්ඝ කාලයක් ආයුෂ ඇතිවේ. මෙය

ඉතාමත් ගැඹුරු ප්රදශ්නයකි. ජාතියක උත්කෘෂ්ට භාවය ඇතිවීමට ‍උදාර ගුණයෙන් යුත් ප්රරඥා සම්බන්න පරාර්ථකාමී මිනිසුන් බහුල විය යුතුය. එබන්දන් බහුල වීමට උසස් ප්රාතිපත්ති රක්ෂා කිරීමට ජාතියට පුරුදු විය යුතුය. (මේ කාරණය ඉතාමත් විශාල එකක් බැවින් මේ කථාවේ නොව මේ පොතේ අන් තැනක ප්ර සිද්ධ වන ඒ පිළිබඳ ප්රොවෘත්තියෙන් ඉගෙණ ගත යුතුය.) - කතෘර්‍.

13. අසරණයන්ට ආධාර.[සංස්කරණය]

අපරාධකාරයන් ජන සමාජයෙන් වෙන්කොට - ඔවුන්ගේ සුචරිත වර්ධනය වැඩෙන්ට දඬුවමක් වශයෙන් බන්ධනාගාරයක තබා ගැනීම ප්ර්ශස්ත දේශපාලන නීතියකි. මේ නීතියම රටේ හිඟන ජනයා ගැනත් යෙදීම ඉතා සුදුසු බව පුරාණයේ මෙන්ම දැනුත් ඉන්නා උගත්තු බොහෝ දෙනා පිළිගනිති. ත්යාුගවත්, ශ්රඋද්ධාවත් ජනයා ඉන්නා නිසා අසරණයන්ට රැකෙන්ට ඉඩ අතත් අලස කම්මැලියන්ට හිඟා නොකා ස්වකීය ශරීරය වෙහෙසා යමක් සපයාගෙන කෑමට ඉගැන්වීම පිණිසත් - කොයි ක්රාමයකින්වත් සපයාගෙණ කෑමට බැරි දුක්ඛිතයන්ට ජන සමාජයේ නොගැටී හුදකලාව සැපසේ ඉඳීමට උපකරණයක් වශයෙනුත් අසරණයන් පිළිබඳ නීති විධි පණවා ක්රි යා කිරීමට උපක්රරමයක් වශයෙනුත් අසරණයන් පිළිබඳ නීති විධි පණවා ක්රි යා කිරීම ඉතාමත් සතුටුදායක බව කාටත් පෙනේ. අපේ රටේ උසස් රජදරුවන්ගේ කාලවල අනාථ ‍ශාලාවල් ආදිය පිහිටුවා තිබේ. එංගලන්තයේ එලිසබැත් රැජිනියගේ කාලයේ 1601 කේදී පළමුවෙන්ම අසරණයන්ට උපකාර කිරීමේ නීතිය වලංගු කර ත‍ිබේ. දැන් මේ කාලේ ජපන් ආදී රටවලත් - වීදියක හිඟාකෑම නීති විරෝධි ක්රිවයාවක් කොට සලකා දඬුවම් කරමින් සියලුම අසරණයන්ට වාසස්ථාන හා කෑම බීම සූදානම් කර තිබේ. මෙබඳු උසස් නීති අනුව රට‍ ආණ්ඩු කරනවිට අනාථ අසරණයන් එබඳු රටක උපදින්නේත් අහම්බයකිනි. අනාථයන්ට හා මහලු අයට පින් පඩිදීමාදිය සඳහා රට වාසීන්ගෙන් බදු අය කිරීමද සමහර රටවල පවතී. එය කිසිසේත් අයොග්ය් නොවේ.

14. වෙන රටකට පදිංචියට යාම.[සංස්කරණය]

ජනගහණය අධිකවූ පළාත්වලින් - ඉඩකඩම් ආදිය නැති මිනිසුන් වෙන පළාතක පදිංචි කරවීම ඔවුන්ගේත් ඒ පළාතේ ඉන්නා අනිත් අයගේත් ආණ්ඩුවෙත් ප්රකයෝජනයට අසහාය කාරණයකි. මුළු රටේම සෙනග අධික නම් අවසර තිපෙන අන්යව රටකට යැවිය යුතුය. ඉඩකඩ අධික නිසාති ස්වජාතිකයන් නිසාත් ඉංග්රී්සි කාරයන්ට කැනඩාවට හා

ඕස්ට්රේසලියාවටත් යාමට අවසර දී ඒ රටවල ආණ්ඩුවලින් ආධාරත් ඉඩකඩම් හා රැකී රක්ෂාත් සලස්වා දෙන බව පෙණේ. අපේ රටේ බස්නාහිර පළාත හැර අන්යැ කොයි පළාතකවත් අධිකරතර ජනගහනයක් නැත. මම මේ නිසා අපේ සෙනඟට පි‍ටරටකට යාමට තවමත් උවමනාවක් නැත. එහෙත් ජන සූන්ය ව පවත්නාවූ උතුරු මධ්යකම ඌව, නැගෙණහිර පළාත්වලට දුප්පත් මිනිසුන් යවා පදිංචිකරවීම ඔවුන්ට රැකී රක්ෂාවක් ලැබී සැප ජීවිතයක් ගත කරන්ට ලැබෙනවත් ඇර, වල්බිහිව පවත්නා පළාත් සශ්රීගකමත් වීමටද හේතුවේ. එහෙත් ඒ පළාත් ජනවාසයට සුදුසු තරම් වාරිමාර්ග මංමාවත් හා ආරොග්ය් ශාලා ආදියෙන් යුක්ත කොට අසරණ ජනයාට ආණ්ඩුවේත් ආධාර නොලැබුනොත් කවදාවත් සචච්ඡන්දුයෙන්ම සිද්ධ නොවේ. අපේ රට ජන සූන්යු පළාත් ගැන ආණ්ඩුවේ නොසැලකිල්ලත් මිනිසුන්ගේ දීන භාවය නොසැලකිල්ලත් දවසින් දවස අපරාධ වැ‍ඩිවීමටත් කාලකණ්ණීන් අධිකවීමටත් හේතුභූතව පවතී.

15. මුදල් - ජාතික ණය.[සංස්කරණය]

හැම ර‍ටවලම ජාතික ණයක් තිබේ. එංගලන්තයේ ජාතික ණය මුදල ඉතාමත් අධිකව පවතී. රාජ්යබයේ අවශ්යං කටයුතු සඳහා මහා අරමුදල මඳවූ විට වරින් වර වෙන රටවලින් ගන්නා ණය එක්වීමෙන් විශාල මුදලක් වේ. ඒ මුදල් සඳහා අවුරුදු පතා ගෙවන පොලියත් - වරින්වර මුල් මුදලත් ගෙවීමේ භාරය මුළු රටවාසීන් පිටම පැවරී තිබෙන එකකි. මේ ණය ගැණීම ස්වකීය රටින්ම ගැණීම ඉතාමත් හොඳ සිරිතය. එසේ නොහැකිවූ තැනදී අන්යණ ධනවත් රටකින්වත් ගතයුතුය. මුළු රට වාසීන්ගේ ප්ර යෝජනය සඳහා ගත් මුදලක් නිසා “ජාතික ණය”යි මුළු රටවාසීන්ම ණය කාරයෝය.

16. ජීවිතය සහතික කිරීම.[සංස්කරණය]

මේ ක්රතමය පුරාණ තිබුනේදැයි කීම දුෂ්කරය. දැන් දියුණුවූ සෑම රටවලම ජීවිත සහතික කිරීමේ බලවත් සමාගම් පවතී. ජීවිතය අවසානයේදී හෝ සීමා සහිත කාලයක් තුළදී - එක්තරා මුදලක් ලබාගැනීමට වරින්වර මුදල් ගෙවීමෙන් මේ සහතිකය කරනු ලැබේ.‍ සමහර අයට එක වරක් පමණක් ගෙවන්ට සිද්ධවුනත් ඔහුගේ දූ දරු ආදීන්ට විශාල ගණනක් ලැබෙන අවස්ථාද මේ නිසා ඇති වේ. එහෙත් අවුරුදු 20 ක් ගෙවා ඉක්බිති විශාල මුදලක් බලාපොරොත්තු වෙන්නන්ගෙන් සියේට හතළිහක් තරම් අවුරුදු තුන, හතර, හත, අට

බැගින් ගෙවා - එතැන් පටන් ගෙවන්ට බැරිව තමා ගෙව් මුදල ඒ සමාගම සන්තකකොට දුර්මුඛ වෙති. මේ නිසා ජීවිත සහතික සමාගම්වලට අධික ලාභයක් මිස පාඩුවක් නොලැබේ. දැන් ජීවිත් පමණක් නොව කර්මාන්තශාලා, වෙළඳ ශාලා ආදියද සහතික කරනු ලැබෙත්. එයින් බලවත් ප්රරයෝජන අත්වේ. ගින්නෙන් හෝ වෙන අනතුරකින් ඒ කර්මාන්ත ශාලා විනාශවුනොත් ඒ හිමියාට කිසි අමාරුවක් නොවිඳ තමන්ගේ ඒ කර්මාන්ත ශාලාදිය සහතික කිරීම අර්ඛසංරක්ෂණයේදී ඉතා වැදගත් කාරණයක් ලෙස සැලකිය යුතුය.

17. කර්මාන්ත පිළිබඳව ආණ්ඩුවේ ව්ය වස්ථාවල සම්බන්ධතාවය.[සංස්කරණය]

නොයෙක් කර්මාන්ත යථා විධියෙන් පවත්වා ගැනීමට ආණ්ඩුවේ ව්යෙවස්ථා අවශ්යයව පවතී. ඒ ඒ කටයුතුවලට නියුක්ත කම්කරු ආදීන්ගේ ආරක්ෂාවටත් සනීපයටත් මේ සම්බන්ධතාවය අවශ්යමයෙන්ම උවමනා කෙරේ. දැන් අප රටේ මිනිරන් පතල් පිළිබඳවත් ධූම යන්ත්රාෙදිය ඇති වැඩ පලවල් පිළිබඳවත් පවත්නා නීති ක්රිමය එසේ නැතහොත් ඒ ඒ කටයුතු අතිශයින් ව්යාතකූලවනු නිසැකය. ඒ හෙයින් මනුෂ්යුයන්ගේ අර්ථසංරක්ෂණය සඳහා ආණ්ඩුව විසින් පිළියෙල කර තිබෙන කර්මාන්ත පිළිබඳ ව්යුවස්ථා හොඳින් පිළිපැදීම අවශ්ය වන්නේය.

ඉතාමත් සංක්ෂේප වශයෙන් විස්තරකොට කියූ මේ කරුණු 17 ත හොඳින් අවබෝධ කරගත් තැනැත්තෙකුට දේශපාලනය මෙන්ම තමාගේම පාලනයද ඉතා හොඳින් කරගත හැකිය. සාමාන්යම මිනිසුන්ට දේශපාලන නීතිය ලදරුවන්ට තික්ත කසායක් මෙන් අරුචිය. එහෙත් ප්ර තිඵලය ඉතාමත් අවශ්යස එකකැ”යි කියා රාත්රීෙ 7 ට කථාව සමාප්ත කරනලදී.

16. පරිච්ඡෙදය[සංස්කරණය]

සභාව විසිරගිය පසු ඉවසිල්ලක් නැතිව සිටි ජෝන් සිල්වා සරත් කුමාර මහතා ලඟට පැමිණ ඔහු ගෙණ ආ අන්නාසි දොඩම් ආදී සතුටු පඬුරුද ඉදිරියේ තැබුවේය. “මොකද මේ සතුටු පඬුරු - මම තමුසේ නාඳුනමි. පැමිණියේ කුමකටද? - කොයිප සිටදැ”යි සරත්කුමාර ඉතාමත් කරුණාවෙන් ජෝන් සිල්වා ගෙන් ඇසුවේය. කපටි සිල්වා - “මහත්මයා මා නාඳුනනවාට මම නම් හොඳින් අඳුනමි. මහත්මයාගේ පියානන් වන වික්රකමසිංහ මුදලිතුමා ලඟ ලියන්නෙක් වශයෙන් මම කලක් වැඩ කළෙමි. මම කොළඹට අවුත් මාසයකට වැඩි නැත. අපේ මුදලිතුමාගේ බූදලය තමුන්නාන්සේට නොදී - තමුන්නාන්සේගේ මාමා හිමිකරගත් බව අසා ඒ ගැන කණගාටුවෙන් - හාමු මහතාට ඒ පිළිබඳව යම්කිසි ආධාරයක් කරන බලාපොරොත්තුවෙන් මම පැමිණියෙමි”යි කීවේය. සරත්, ජෝන් සිල්වාගේ වචන සැබෑයයි විශ්වාස කොට කාමරයට ගොස් ඇඳුම් වෙනස්කොට - තමාත් ‍තේවතුර බී - ජෝන් සිල්වාටද තේවතුර කෝප්පයක් බොන්ට දී තමාගේ කාමරයට ‍එක්ක ගොස් නැවතත් කථාව පටන් ගත්තේය.

තමුසේ අපේ තාත්තා ලඟ කටයුතු කළ නොකළ බවක් ‍මම නොදනිමි. මට අයිති දේපල මගේ මාමා භුක්ති විඳීම නම් ඇත්තකි. ඉතින් නීති මාර්ගයෙන් ඒ මට නැවත අයිතිකර ගැනීමට ඉඩක් නැත. ඒ දේපල අයිතිකර ගැනීමට මාමාගේ දුවනිය කසාද බැඳගත යුතුය. ඈ කසාද බැඳගෙන දේපල ලබාගන්නවාට වඩා නිකම් මියයාම මහත් සැපතකි. ඉන්නිසා සිල්වා උන්නැහේ ඒ බූදලය ගැන මහන්සි වන්ට කමක් නැත. දැනට මට රු. 60 ක් වාගේ මසකට පඩි ලැබේ. එයින් ජිවත් වීමට මට පිළිවනත මා ගැන අනුකම්පාකර මේ පැත්තට ඒම ගැන ස්තුති කරමි”යි කියා සිල්වාට යන්ට කීවේය. සිල්වාගේ තෑගිත් එහිම තබාගිය බැවින් ඔහුට තව වරක් එහි පැමිණෙන්ට ඉඩ ලැබුනු නිසා මහත් ප්රීිතියට පැමිණ “දැන් රෑවුනු නිසා මම යන්නෙමි. මම හපුතලේට යන්ට ප්රාථම හාමු මහතා සම්බවෙන්ට තව වරක් එන්නෙමි”යි කියා ජෝන් සිල්වා ගෙන ආ අන්නාසි දොඩම් ආදිය කා ප්රීනති වූහ.

ජෝන් සිල්වා රාත්රි 8 ට පමණ පෙරේරා පෙරකදෝරු මහතා පදිංචි ස්ථානයට පැමිණ අපේ අදහස් සම්පූර්ණවන්ට යන්නේය. මම අද සරත්කුමාර සම්බවෙන්ට ගියෙමි. ටිකක් මිතුරුවුනෙමි. හෙටත් ගොස් කථාබස් කර මිත්රමව සතියක් යන්ට ප්රිථම ඔහුව මර උගුලක පටලවන්නෙම්”යි කියා විෂ්කි අඩියක් ගසා සින්දු කියන්ට පටන් ගත්තේය. මේ වේලාවට රාමන් එතන නොසිටියේය. සරත්කුමාර වික්රිමසිංහ පිළිබඳ ජෝන් සිල්වාලා කළ කථාබස් වලින් රාමන් මේතාක් දැනගත නොහැකි වූයේ මෙදින කී කරුණු ‍පමණක්ය. රාමන් යම්කිසි වැඩකට ගොස් ආ බැවින් ජෝන් සිල්වාගේත් හාමු පෙරකදෝරු තැනගේත් කථාබස් මොනවාදැයි දැනගත නුහුනු බැවින් මහත්කනස්සල්ලට පැමිණ ජෝන් සිල්වාට දෙමළෙන් කථාකොට “සිල්වා මහතා අද ගියේ කොහේද - මොකද රෑවෙනතුරු නාවේ” කියා නිකමට පාහේ ඇසුවේය. ජෝන් සිල්වා හාමු පෙරකදෝරු තැනත් සමග මාර්ගරට් ඉන්නා තැනට යාමට සූදානම්ව සිට් බැවින් රාමන්ගේ කථාවට ඇහුම්කන්වත් නොදී යන්ට ගිය හ.

හාමු පෙරකදෝරු මහතාත් - ජෝන් සිල්වාත් මාර්ගරට්ලාගේ ගෙදරට ගොස් තේවතුර ආදියෙන් සංග්ර හ ලැබ ඔවුන්ගේ කථාව පටන්ගත්හ. මිස්කින් නමින් ඉන්නා පෙමියානුත් - පාතුම්මා නමින් ඉන්නා මංගොහාමිත් ඉදිරියට කැඳවා ජෝන් සිල්වා මෙසේ කියන්ට පටන් ගත්තේය. “හෙට නැත්නම් දවස් කීපටකින් මාර්ගරට් - අපේ මේ පෙරකදෝරුහාමු මහතාට කසාද බඳිනවා. ඒ කසාද බඳින කොට උඹලා දෙන්නා මරක්කල වේශය පෙන්වන්ට ඕනෑ - උඹලා මේ ලමයා හදාගත් බවත් - දැන් ඒ ලමයාගේ කැමැත්තේ හැටියට සිංහල මහත්මයෙකුට කසාද බඳවා දෙන බවත් කියා දිස්ත්රි ක් නඩුකාරයෙකුගෙන් අවසර ගන්ට ඕනෑ - ඒ සඳහා හෙට පෙත්සමක් දීමට පෙමියානු (මිස්කින්) හාමු පෙරකදෝරු මහතුන්ගේ කන්තෝරුවට එන්ට ඕනෑ - මංගොහාමිත් මොට්ටක්කිලිය ලාගෙණ උසාවිය වරෙන් - මාර්ගරට් ‍හොඳට ගවොමක් ඇඳ ඉංග්රී්සි විධියට හිටපන්. උඹලාගෙන් නඩුකාරයා යම් ප්ර ශ්නයක් ඇසුවොත් ඊට සෑහෙන උත්තර මම කලින් උගන්වාපු හැටියට කියන්ට ඕනෑ. මාර්ගරට් උඹේ නම් “සුජාත් ශ්රීු පරාක්රටමසිංහ”බව නිර්භීතව කියාපන් යනාදිය කියා - ඉතින් මේ දිව්රුම් පෙත්සමෙන් බලය ලබාගත් හැටියේ පෙරකදෝරු හාමුව මාර්ගරට් කසාද බඳවනවා - එය අපට උවමනාවිටක පහසු වෙන් කරගත හැකැයි කියා ඔව්හ්රව යන්ට ගියෝය. අල්ලාපු හම්බ ගෙදර ඉන්නා අයට මේ සියල්ලම හොඳින් ඇසුනු නමුත් - ඔවුන්ට ගණනක්වත් නොවීය. දඩාවතේ ඇවිදිමින් සිටි මාර්ගරට්ට පෙරකදෝරු හාමු කෙනෙක් සමග විවාහවෙන්ට ලැබීම පුදුමයක් ලෙස ඈට පමණක් නොව මෙය කියවන්නන්ටද වැටහෙනවා ඇත.

අමරසේන පේරාදෙනියට ගොසින් ඇරලූ පියසීලි ‍ගැන කීපදිනක්ම කිසි කලබලයක් නොවීය. සිරිවර්ධන හාමිනේ ධර්මය තදින් විශ්වාස කරන්නියක් බැවින් සවකීය දියනිය කොහොම නමුත් ලැබේයයි පැවතී විශ්වාසය ස්ථිර වූ හැටි සිතමින් බලවත් ප්රීයතියට පත්වූවාය. අවුරුදු 18 කට වැඩි කාලයක් අනුන්ගේ ගෙදරක දාසියක් මෙන් විසූ පියසීලි තමන්ගේ තත්වය අවබෝධ කරගත් පසු ස්වකීය මෑනියන්ගේ ප්රීුතිය වර්ධනය කරමින් - මෑනියන්ගේ හිත වෙඬරු මෙන් හුණුකරවමින් - සුරතල් වචන කියමින් මෑනියන්ගේ උකුලේ හිස තබාගෙණ “අනේ අම්මේ - මා පූර්ව ජාතියේ පින් නොකළා නම් අම්මාට දූ වන්ටත් මෙබඳු කුලයක උපදින්ටවත් බැරිය. ඉතින් ඒ පින් කිරීම නිසා උපන්නා නම් මට කුඩාකාලේ මගේ මෑනියන්ගෙන් වෙන්වීමටත් පියා ඇහින්වත් නොදැකීමටත් යුතුකම කුමක්ද? කර්මයය විසින් සත්වයා බෙදනු ලැබේය කී ධර්මයේ අන්දකමට මා උපන් පවුලේ යස ඉසුරු නොලබා අනාථ දාසියක් වීමට හේතුව කිමදැයි ඇසීය. පුතා නුඹ ඇති දැඩිවී තිපෙන්නේ මිත්යා් දෘෂ්ටික ගෙදරක වේ. නුඹට උසස් ධර්ම ය ඉගෙණගන්ටවත් කල්යාතණ මිතුයන් සේවනය කරන්ටවත් ලැබී නැත. නමුත් පූර්වකර්ම ශක්තිය නිසා යන්තම් මිථ්යා දෘෂ්ටියේ තදින් ගැලෙන්ට ඉඩ ලැබී නැත. කෙතරම් පින් වන්තයන්ට උවත් ඔවුන්ගේ පිණවැසී මහත් දුක් කරදර විඳින්ට ලැබෙන බවත් එසේම මහත් පව්කාරයන්ට පවා ඔවුන්ගේ ඒ බලවත් පාපකර්ම ආවරණ වී මහත් සැප සම්පත් ලබන්ට හේතු වන බවත් උතුම් බුද්ධධර්මයේ උගන්වා තිබේ. මනුෂ්යනයෙක් මුළා නොවී ඥානවන්ත ලෙස කල්යැවීමට නම් බුද්ධධර්මය හොඳින් ඉගෙණගත යුතුය. ඒ ධර්මය හොඳින් පිළිපදිමින් ප්රුත්යික්ෂකර ගතයුතුය. මගේ දියනියට වැ‍ඩි කල් යන්ට ප්රකථම මම ධර්මය උගන්වා දෙන්නෙමි. අපේ ඉතා හිතෛෂි දසසිල් උපාසිකාවක් ඉන්නවා - උඹ මෙහාට පැමිණෙන්ට දවසකට ඉස්සරින් අනුරාධපුර පළාතේ වන්දනාවට ගියා. උඹ මගෙන් වෙන්වී ශෝකයෙන් උන් මට මහත් සැනසිල්ල ලැ‍බුනේ ඒ උපාසිකා මැතිණිය නිසාමය. ඒ මැතිණියගේ එකම දුවනියත් මහාමාරී රෝගයෙන් මිය ගිය විට - ලක්ෂ තිහ හතළිහක බූදලයත් අත්හැර දමා - දැන් දසසිල් රකිමින් ධර්මචාරීම හැසිරෙණවා. “ධර්මචතී” නමැති ඒ උපාසිකා මැතිනිය ලඟදීම මෙහි එනවා ඇත. ඒ ආවිට උඹට හොඳින් බණ දහම් උගන්වමි” යි සිරිවර්ධන හාමිනේ දුවනියගේ හිස සිඹ කීවාය. මොවුන් මෙසේ කථාකරමින් ඉන්නා අතර සිරිවර්දන බූදලයේ කටයුතු කරණ ප්රකධාන ලිපිකරුවා වන පීරිස් නුවර උසාවියේ යම්කිසි වැ‍ඩකට ගොස් ආ හැටියේම සිරිවර්ධන හාමිනේට කථාකොට “ඒකද, තමුන්නාන්සේලාගේ බූදලේ පිළිබඳව - සිරිවර්ධන රාළහාමිගේ අන්තිම කැමැත්තේ සඳහන් සවසතික ලකුණ දරණ ලමයෙක් ගැන මට ආරංචියක් ලැබී තිබේ. ඒ ගැන පරීක්ෂා කරන්ටදැ”යි ඇසුයේය. “ඒ අපේ රාළහාමි කියන ලමයා - ඒ රාළහාමිගේ නැගනියන්ගේ ලමයා යි. ඔහුට නම් මව්වත් පියාවත් නැත. ස්වස්තික ලකුණක් පිටේ සටහන් කරගෙණ කීප දෙනෙකුට උවත් එන්ට බැරිකමක් නැත. නමුත් ඒ තරමින් පියසීලිව විවාහකර දෙන්ටවත් අපේ බූදලය භාරදෙන්ටවත් බැරිය. සමහරවිට පීරිස් උන්නැහේට ඔය පණිවිඩය කියන්ට ඇත්තේ පියසීලි නවත්වාගෙණ සිටි ගෙදරින් ඉවත්කොට කාටද පවරාදෙන්ට තැනූ අධම මිනිහාම වෙන්ටත් බැරි කමක් නැත. පිටේ සවසතික ලකුණ සලකුණු කළ කෙනෙක් සෙවීම නොව පිළිවන්කම තිබෙතොත් පියසීලි අපේ ගෙදරට ගණවුත් බස්සවා ගිය උත්තමයා සොයාපන්. සමහරවිට ඒ මනුෂය‍ වේශයගත් දෙවිකෙනෙක් විය හැක. තරුණ වයසේ සිටි නමුත් හැතැප්ම 72 ක දීර්ඝ මාර්ගයේදීවත් මෙහි පැමිණ පැය ½ යක් පමණ පියසීලි සමග කථාකරද්දීවත් රාගික වචනයක්වත් නොකියා - උපන්හැටියේ මවුගෙන් වියෝවූ මේ ලමයා මෙහි ගෙණත් ඇරළූ ඒ උත්තමයා - මනුෂ්ය යෙක්වී නම් මට දැනගන්ට ලැබුනොත් - අපේ සියලු ධනයත් - උවමනා නම් අපේ ජීවිතත් දෙන්නෙමු. අපට දැනගන්ට ඕනෑ ඒ ඇත්තා යයි කීවේය. පීරිස් උන්නැහේට ස්වස්තික ලකුණක් ඇති අබයරත්න ගැන කරුණු කීවේ හාමුදුරු නමක්ය. පියසීලි ගැනවත් සිරිවර්ධන පවුල ගැනවත් නොදත් ඒ ස්වාමීන්වහන්සේ - අබයරත්නගේ පිටේ තිබෙන ස්වස්තික ලකුණ දුටු බැවින් - සිරිවර්ධන බූදලේ තොරතුරු ඇසූවිට “මම නම් ඔය විධියේ ලකුණක් ඇති කෙනෙකු දුටිම්”යි හාමුදුරුවන් කී බැවින් මේ කථාව ඇතිවිය. හාමුදුරුවෝ පීරිස් උන්නැහේට මුනගැසුනු දවසේම කොළඹට පැමිණියේ සිරිවර්ධන බූදලය ප්රමයෝගයෙන් ලබාගැණීමට බලාපොරොත්තුවූ අබයරත්න රාළහාමි දුම්රියපළේ ඉන්නාවිට විය. හාමුදුරුවන් සමග කුළුපග බැවින් - සිරිවර්ධන රාළහාමි - ස්වකීය පුත්රියාට බලවත් වැරදීමක්වී - එයින් අටගත් කනගාටුවෙන් අසනීපවී ඉන්නා බව කීවේය. “පුදුමයි රාළහාමි අද පත්තිරිප්පුවේදි රාළහාමිගේ පුතනුවන් ගැන මම මතක් කළා. මහනුවර සිරිවර්ධන රාළහාමි කෙනෙකුගේ විශාල බූදලයේ කොටසක් ස්වකී ස්වස්තික ලකුණ දරණ තරු‍ණයෙකුට අයිති බවක් අප ටිකක් අඳුනන ඒ බූදලේ කටයුතුකරණ පීරිස් උන්නැහේ අප සමග කීවිට “ස්වස්තික ලකුණ දරණ තරුණයෙක් මම දනිමි”යි ද කීවා - ඉතින් ලමයාගේ අසනීපය හොඳින් බලාගත යුතුය”යි කියා හාමුදු‍රුවෝ යන්ට ගියහ. අබයරත්න රාළහාමි පියසීලි විපරම් කරණ අදහසින්ම ගාලු පළාතට යාමට සූදානම්ව ඇවිත් වුන් නමුත් ස්වාමීන්වහන්සේගෙන් මේ ආරංචිය ලැබුනු හැටියේම ඒ ගමන නවත්වා ස්වකීය නිවසට අවුත් - “ඇඩි උඹ කනගාටුවෙන්ට එපා. සිරිවර්ධ න පවුල දැන් ඉන්නේ මහනුවර - ඒ සිරිවර්ධන බූදලේ කටයුතු කරණ පීරිස් නමැති ලියන්නාව සුනන්දක හාමුදුරුවන්ට සම්බවී “පවින්තිනා” සොයන්ට පළමු - ඒ සිරිවර්ධදන ලමාතැනීගේ තොරතුරුත් දැනගෙණ පීරිස්ට මොකවත් දී ඔහු යහළු කරගත යුතුය. පවිස්තිනා නමැති ඒ තරුණිය සොයාගත නොහැකි වුනොත් බොරු “පවිස්තිනෙක්” වත් හදා උඹව බූදලය ලබාගන්ට පුළුවන. උඹ ධෛර්යමත්ව නුවර යන්ට ඕනෑය”යි කියා අබයරත්න රාළහාමි පුතාට රුපියල් 500 යකුත් දී - පසුදින උදේ යන්ට නියම කළේය. තරුණ අබයරත්නට අමුතුවෙන් ජීවිතයක් ලැබුනාක් මෙන් උදේම දුම්රියෙන් නුවර ගොස් - සිරිවර්ධන පවුල ගැන තම මිත්ර යන්ගෙන් විපරම් කළේය. සවස් වනතුරුත් ඒ ගැන දන්නා කෙනෙක් සම්බ නොවී අන්තිමේදී අබයරත්නගේ මිත්ර පෙරකදෝරු කෙනෙක් සමග කථාකළාම - පේරාදෙණිය පාරේ පදිංචි සිරිවර්ධන ලමාතැනීගේ තොරතුරු කීවේය.

තරුණ අභයරත්න එදා රාත්රීම හෝටලයක නැවතී ඉඳ උදේම පේරාදෙණිය පාරේ සීගිරි නම්වූ නිවසට ගියේය. පීරිස් සම්මුඛ වීමට සිතාගෙණ ගිය නමුත් - ඔහු නොසිටි බැවින් - එහි සිටින වෙනින් ලියන්නෙකුගෙන් තො‍රතුරු අසා දැනගත්තේය. සිරිවර්ධන ලමාතැනීගේ තොරතුරු අසා දැනගත්තේය. සිරිවර්ධන ලමාතැනීගේ නැතිවී සිටි - බලාපොරොත්තුවක් නැතිව සිටි දුවනිය මීට දසදිනකට වාගේ ඉස්සරින් ලැබුනු බවද අබයරත්නට දැනගන්ට ලැබී - මහත් පුදුමයට පත් අබයරත්න ඒ තරමින් කථාබස් නවත්වා කොළඹ අවුත් පියාට කාරණය කීයේය. “අපෙන් රුපියල් 500 යකුත් රැගෙණ ජෝන් සිල්වා - පවිස්තිනා ස්වකීය නිවසට යවා තිබේ. දැන් “පප්පේ” අපේ බලාපොරොත්තු සියල්ලක්ම කඩවුනා නොවේද? අබයරත්න රාළහාමිගේ පුත්රපයාට ස්වස්තික ලකුණක් තිබුනත් ඒ තරුණිය දෙයිද ? සිරිවර්ධන රාළහාමිගේ අන්තිම කැමැත්තේ සඳහන්වන ස්වස්තික ලකුණ ඇති ඇත්තා උන්නැහේගේම නැගනියගේ පුතා වේ. දැන් මීලඟට කටුයුතු කුමක්දැයි පප්පාට සිතෙ‍තොත් කිව මැනවැයි කීවේය. “ඔව් ඇඩී, දැන්නම් කාරණය ඉතා සැක සහිතයි. ස්වකීය මව් ලඟට යන්ට පෙර ඔය ලමයා කසාද බැඳගන්ට ලැබුනා නම් ඔක්කොම හරි. දැන් උඹ ගොහින් ජෝන් සිල්වා එක්ක වරෙන්නැ”යි කීයේය. තරුණ අබයරත්න ස්වකීය මොටෝ රථයේම නැගී ජෝන් සිල්වා සොයා ගියේය. සවස තුනට පමණ වන මේ වේලාවේ ජෝන් සිල්වා සොයා ගියේය. සවස තුනට පමණ වන මේ වේලාවේ ජෝන් සිල්වා පෙමියානු හා මංගොහාමිත් මාර්ගරට් එක්ක ගොස් - මාර්ගරට් සිංහල මිනිහෙකුට කසාද බැඳීමට දිස්ත්රිාක් නඩුකාරයාගෙන් අවසර ලබාදී - හාමු පෙරකදෝරු මහතාත් සමග ආවා පමණකි. ජෝන් සිල්වා සරත් කුමාර වික්ර මසිංහ මහතා සම්මුඛවීමට යාමට සිතා එලියට බසිනකොටම තරුණ අබයරත්න මොටෝරථයෙන් අවුත් ඉන්නවා දැක පෙරකදෝරු මහතා ඉදිරියේ කිසිත් කථානොකර “මොකද මහත්මයෝ මා සම්බවෙන්ට නම් යමු අපේ ගෙදරට” කියා ඒ රථයේම නැගී ජෝන් සිල්වාගේ නැවතුම්පළට ගියේය. හාමු පෙරකදෝරු තැන උසාවියේ සිටලා ආ හැටියේම ඒකනායක වලව්වට යාම සිරිතකි. මේ අවකාශය බලාගෙණ රාමන්ද පෙරකදෝරු මහතාගේ කාමරයේ දොර වසා ‍ජෝන් සිල්වාගේ ගෙදරට දිවගත්තේය. අබයරත්න අතරමගදී කිසි‍වක් නොකියා ජෝන් සිල්වාගේ ගෙටම අවුත් පු‍ටුවක් පිට වාඩිගෙණ කාරණය කියන්ට හදනවිට රාමන්ද ආවේය. ජෝන් සිල්වාට රාමන් ගැන සැකයක් නැති බැවිනුත් ඔහුට හොඳහැටි සිංහල නොතේරෙන බැවිනුත් ඔවුන්ගේ කථාවට කිසිම බාධාවක් නැති බව සලකා “ -මොකද මහත්මයා පවිස්තිනා ගැන යම් ආරංචියක් තිබෙනවාදැ”යි ජෝන් සිල්වා ඇසීය. “ඒකද - මිස්ටර් ජෝන් සිල්වා - තමුසේ නොදන්නා වාගේ කථාකරණ හැටි ! පවිස්තිනා ඇගේ මෑනියන් වෙත යවා - ඈ ගැන ආරංචියක්වත් තිබේ දැයි මගෙන් අසන්නේ පුදුමයක් නොවේදැ”යි ටිකක් කේන්තියෙන් මෙන් තරුණ අබයරත්න කීයේය. දැන් ජෝන් සිල්වාට අන්දුන්කුන්දුන් නැතිවිය. කාරණය ඉතා විශාල එකක් බව වැටහුනු ජෝන් සිල්වා සිනාසී, “මහත්මයා මට කීවේ වැඩකාරියක් වන පවිස්තිනා ගෙණවුත් දෙන්ටයි - ඒකිගේ මව් පියන් ඉන්නා බවක්වත් ඈ වටිනා වැදගත් කෙනෙක් බවක්වත් මට කීවේ නැත. ඒ පවිස්තිනා පිළිබඳ ඇත්තම නොකියා මහත්මයා කරගත් මෝඩකමට මට කරන්ට දෙයක් නැත. නමුත් මේ කාරණය මට නොසඟවා කීවොත් මහත්මයාගේ අදහස ඉෂ්ටකරදෙන්ට මට බැරිකමක් නැතැ”යි කීයේය. මිස්ටර් සිල්වා විසින් ඈ ඇගේම මව් ලඟට නාරින ලද්දී නම් ඈ රෑ ගෙණ ගියේ කව්ද? ඈට අම්මා කෙනෙක් ඉන්නා බවක් ඈ දන්නේ නැත. දැන් ඈ ඉතා උසස් මව් කෙනෙක් යටතට පත්ව - අපට හිතන්ටවත් බැරිතරම් තත්වයක ඉදී. අප කළවියදමත් අපේ බලාපොරොත්තුත් නිරර්ථකවුනාය”යි කීයේය. “අනේ මහත්මයෝ ඔය කථාවෙනුත් - පවිස්තිනා ගැනවත් - ඈ කෙරෙහි මහත්මයාගේ හිතේ පවත්නා අදහස් ගැනවත් මට තේරුම් ගත නොහැකි විය. ඇත්තෙන්ම ඈ ඇගේ මව් වෙත පමුණුවනවා තබා ඈට මව් ආදි කිසිවෙක් ඉන්නා බවක්වත් මම නොදනිමි. දැන්වත් මට කාරණය විස්කරකර කියා දුන්නොත් - මටත් සෑහෙන උපකාරයක් කරතොත් - මහත්මයාට ඒ ලමිස්සිව ලබා දෙන්නෙමි. මා ගැන හරිහැටි නොදන්නා නිසා මහත්මයා සැක කරතත් ටික කලක් මා ආශ්ර්ය කළා නම් කවදාවත් මගේ වචනයක් අහක දමන්නේ නැතැ”යි ජෝන් සිල්වා කීයේය.

සඳුන්වලටත් වඩා මොලොක්වූ කපටින්ගේ වචන ගැන තත්වූ පරිදි නොදත් අබයරත්න - පවිස්තිනා පිළිබඳ ප්රතවෘත්තිය ඔහුගේ පියා කිව් අන්දමට ජෝන් සිල්වාට කීවේය. “අනේ මහත්මයා - මේ ප්රහවෘත්තිය නොවලහා මුලදීම මට කීවා නම් මෙලාහකට පවිස්තිනා කසාද බැඳගෙණ ඉවරය. නමුත් දැන් මම සිරිවර්ධන රාළහාමිගේ නැගනියන්ගේ බවම ඔප්පුකොට මහත්මයාට ඒ ලමිස්සිව ප්රළසිද්ධියේම විවාහකර දෙන්නෙමි. ඔය කටයුත්ත මට කළ නොහැකිවූයොත් කරන්ට පිළිවන් කිසිවෙක් මේ මිහිපිට නැත. ඒ නිසා මහත්මයාත් සමග නුවර යන්ට ඕනෑ. මට ඒ ගෙදර පමණක් පෙන්වන්ට - එවිට මම අනිත් සියල්ලම කරන්නෙමි”යි කීයේය. ජෝන් සිල්වාගේ මේ බුහුටි කථාව තමා අදහන බයිබලයේ “සත්යීය” ටත් වඩා තදින් විශ්වාසකළ තරුණ අබයරත්න “එහෙනම් දැන්මම යමු” කියා ජෝන් සිල්වාත් නංවාගෙණ සවස පහමාරට කොළඹින් පිටත්ව පේරාදෙණියට ගිය හ. මොවුන්ගේ - මේ ගමන හොඳහැටි දැනගත් රාමන් නමින් ඉන්නා අමරසේන - පියසීලි තවත් උගුලකට මොවුන් අසුකරණු නොඅනුමානයයි කනස්සල්ලෙන් - ඔවුන් පිටත්වූ හැටියේ තමා ඉන්නා පෙරකදෝරු මහතුන්ගේ ගෙට ගොස් - මෙසේ කල්පනා කළේය. “පියසීලි උසස් මව්පියන්ගේ දරුවෙකි. ඈටත් ඒ උසස් ගතිය පිහිටා තිබෙතොත් - ඈ අන්තරයෙන් ගැලවූ මා ගැන සිතේ බලවත් ගෞරවයක් ඇති විය යුතුයි. මගේ ජ්යෙගෂ්ට සහෝදරයාට වන විපතෙන් ගලවා - එතුමා ඉතා උසස් අඩියකට පත්කරන්ට ලැබුනොත් මගේ ජීවිතයේ ඵලය ලැබුනා වේ. පියසීලි - මේ කරදරවලින් බේරෙණතුරු අවිවාහකව උන්නොත් ඈ විවාහකර ගන්ට පිළිවන්දැයි බලන්නෙමි. ඈට පැමිණෙන්ට ආ බලවත් විපතෙනුත් ගලවා කවදාවත් සොයාගත නොහැකි ඈගේ මෑනියන් වෙතට පත්කරදුන් මා ඉන්නා බව පමණක් දැන් මම ඈට දන්වන්නෙමි. යම්විධියකින් ඇගේ ගැලවුම්කාරයාවන මා ඉන්නා බව නොදැන්නුවොත් ඈ කරණ වරද එනම් අන්යමයෙකු සමග විවාහවීම අපරාධයක් යයිද කිව නොහැක. එබැවින් ඈට ලියමනක් යවන්නෙමි.

ඒ ලියමනත් ගුප්ත ලෙස ලියන්නෙමි. එය තේරුම් ගැණීමට අසමර්ථනම් ඇගෙන් මට කමක් නැත. අද පෙරකදෝරු උන්නැහේ එන්නේ රාත්රීම කෑමත් රැගෙණ සමහර විට දොළහට පමණය. එබැවින් පියසීලිට ලියමනක් ලියමියි සිතා වැ‍ඩකරු කොචිචි වේශයෙන් ඉඳිතත් සිංහලාදී භාෂාශාස්ත්රය ඉතා හොඳින් උගත් අමරසේන මෙසේ ලියන්ට පටන් ගත්තේය.

හෙ ල ස ඳ කුමුදු පෙති හිමඹින ඔරා ය ලී පි රි ස ඳ රැසින් වියලා ලා කළොත් ගු ලී එ ම ලෙ ද සිහිල් හදැතිව වෙතෙහි පියසි ලී ම ත ක ද ගැලෙව් හැටි පත් විපතින් තුමු ලී

ගු ණ ව ත් මොටෝරියකරු මා සිතේ ති බේ හ ද ව ත් සෙලෙහි නුඹෙ පිළිරුවද ඇඳ ති බේ නු ඹෙ සි ත් කෙලෙසදැයි දැන් දැනුමට නොලැ බේ නොයෙද ත් මේ ලොවෙහි හොඳ නරක දෙක ඉ බේ

ස ම ති ස් පෙරුම් සපුරා බුදුවුනු මහ තා අ ද හ ස් නැති ඇසතු රුක කළ උදව් සි තා දි ගු ඇ ස් ඉඳුනිලින් සතියක් පිය නව තා ස හතො ස් ලෙස පිදිය මුලු ලොවට වැඩ ව තා

ද හ ම ක් කෙළෙහි ගුණ සැලකුමට දිය තු ළේ කි සි වෙ ක් වෙනින් සමනැත දිගැසිනි ලක ළේ සැ ප ත ක් නුඹට සලසා දුන් ව රැ තු ළේ මි නි හෙ ක් කළ නොහැකි දස්කමකි මා ක ළේ

ත රුණෙ ක් උවත් ගෙණ ගියෙ ඒ රෑ දව ස අ බැ ට ක් ලොබක් නො‍කළෙමි කුළුණු සිත මි ස නු ව ණ ක් ඇතොත් නුඹටත් ඒ සැබෑ බ ස නි සැ ක ක් වනු නැද්ද සුරලිය වැනි දිගැ ස

එ බැ වි න් නුඹ විමසමින් මම සිටි න්නෙමි කෙනෙකුන් හට මුලා නොවෙවයි කිය න්නෙමි සි ත මි න් කෙළෙහිගුණ සොයොහුරු රකි න්නෙමි එ තු ම න් සුරැක ඉක්බිති නුඹ දකින් න්නෙමි මේ වගට, නුඹ අන්තරාවෙන් ගලවාගත් තැනැත්තා.


රාමන් නමින් සිටින අමරසේන මේ කවි හය තනා හොඳට ලියා ඇන්විලොප්හි බහා සිරිවර්ධන හාමිනේ භාරයේ පියසීලි සිරිවර්ධනට ලැබෙන ලෙස තැපැල් කළේය. එදා රාත්රීර අබයරත්නත් ජෝන් සිල්වාත් මහනුවර ගොස් රාත්රීප හෝටලයක නැවතී ඉඳ පසුදින උදේම පේරාදෙණිය පාරෙන් එමින් එම නිවස ජෝන් සිල්වාට පෙන්වාදෙන ලදී. ඔවුහු දවල් දොළහටත් ඉස්සරින් කොළඹට ආහ. අබයරත්න අතේ තිබුනු මුදලෙන් රුපියල් දෙසිය පණහක්ද ජෝන් සිල්වාට ලැබුනේය. ජෝන් සිල්වා අබයරත්න බොරුවෙන් සනසා - “මම හෙට නැත්නම් අනිද්දා නුවර ගොස් සිරිවර්ධන හාමිනේ සමග කථාකොට හාමු මහත්මයාට පවිස්තිනා කසාද බන්දවා දෙන්නෙමි” යි කියා - පෙරකදෝරු හාමු සම්බවීමට උසාවිය ලඟට ගියේය. ජෝන් සිල්වා එක්ක අවුත් ඉන්නා ස්ත්රීව වේසධාරී කඩවරයා නමැති ගහලයා ඒකනායක වලව්වේම පවිස්තිනා වෙනුවෙන් කටයුතු කරන්නේය. ඒකනායක රාළහාමිගේ දුවනිය ඩොරොති කසාද බැඳීමට එන පෙරකදෝරු මහතාද නිතරම යන එන බැවින් - ඩොරොති මහත් බලාපොරොත්තුවක් ඇති ස්ත්රීන වේසධාරී කඩවරයාට අනිත් වැඩකාරයන්ටත් වඩා සැලකිලි දක්වමින් හින්නි නමින් ඉන්නා ඒ කඩවරයාත් ස්වකීය කාමරයෙහිම නවත්වා ගත්තේය. මේ පුදුම පලහිලව්ව කිසි‍වක් නොදත් ඒකනායක රාළහාමි - ස්වකීය භාර්යාවටත් අශික්ෂිත දුවටත් මුලාවූ නමුත් ස්වකීය නැගනියන්ගේ එකම පුත්ර්යා වන තමාට භාරකරණ ලද තරුණ සරත් කුමාර වික්රනමසිංහ ගැනම කල්පනා කරමින් ඉන්නා විට ජෝන් සිල්වා වලව්වට එන බව දැක ලමාතැනීට කථාකොට - මීට ඉස්සරිනුත් දවසක් දෙකක් දුටුවෙමි. මොහු කවුදැයි අසනකොටම ජෝන් සිල්වාත් ගෙට ආවේය.

ලමාතැනී - ඇයි රාළහාමි දන්නේ නැද්ද? අපේ ලමයාට හාමු පෙරකදෝරු මහතාට ජෝඩු කළේ මේ සිල්වා උන්නැහේ තමා - අනේ අපට බොහොම හිතේසිවන්ත හොඳ කෙනෙකි. ඔන්න අද රාළහාමිත් කථාබස්කොට දැන කියාගන්ට.

රාළහාමි - ආ සිල්වා උන්නැහේ - කොහොමද හාමු පෙරකදෝරු උන්නැහේ හොඳ කෙනෙක්ද? උසාවියේ හුඟක් වැඩ තිබෙනවාද? මිනිහාගේ කල්ක්රිියාව කොහොමද? මිනිහාගේ කල්ක්රිදයාව කොහොමද? මිනිහා වැදගත් නම්බුකාරයෙකු බව නම් මම දන්නවා. අනිත් මොකවත් මම නොදනිමි.


ජෝන් සිල්වා - ඇයි තමුන්නාන්සේලාටත් වැදගත් වන පෙරේරා මුදලිතුමාගේ පුතෙක් නොවේද? පාදිලි උන්නාන්සේත් වරක් කීවේ ඔය හාමු මහතා ගැනමයි. ඩොරොති නෝනාහාමුට හැම අතින්ම කැපෙනවා - දැන් හාමු මහතාට නිවාඩුවක් නැති තරමට වැඩත් ලැබෙනවා - තව ටික කලකින් අද්වකාත් විභාගයත් ගන්ට බලාපොරොත්තුයි. කිසි වරදක් කියන්ට නැති භක්තිවන්ත ක්රිනස්තියානිකාරයෙකි.

රාළහාමි - නම්බුකාර ‍කමෙන්ම පලක් නැති‍කොට ! නම්බුකාර යන්ටත් පාදඩයෝ දරුවන බව ‍අපේ නංගිගේ පුතා සරත් කීවා මට මතකයි. ඒ කොයිහැටි උනත් ‍ජෝන් සිල්වා උඹ ‍ජෝඩුකාර තිබෙන ඔය මගුල අන්තිම වශයෙන් තීන්දුකර ගන්ට ප්ර ථම කරුණාකර මගේ බෑනා සම්බවෙන්ට ගියොත් හොඳයි.

ලමාතැනී - අනේ අපට නම් සරත් ඕනෑ කමක් නැහැ. දැන් කන්ට අඳින්ටවත් නැතිව රස්තියාදු වෙන කාලකන්නියෙක්. අනිකත් තබා ඔහු සහෝදරයෙක් මෙන් හදාගෙණ වුන්න අමරසේනත් ඉබාගාතේ ගොස් දැන් කොළඹවත් නැතිලු. තද බුද්ධාගම්කාරයායයි කියමින් ලොකු බණ කාරයෙක් බව පෙන්වාගෙණ ඉන්න ඔය ගොඩතාලේ මිනිහාට ඩොරොතිව දෙන්ටත් බැහැ - ඒ ලමයා ගන්ට කැමතිත් නැහැ.

රාළහාමි - ඇයි ඔහොම කියන්නේ. සරත්ට කන්ට අඳින්ට නැති කළේ අපිම නොවෙමුද? ඒ ලමයාට අයිති බූදලේ ප්ර්වේසමට අපේ නමට ලියාපුඑක හරියටම ඈලියාවට ගියා ව‍ාගේ වුනා - ඒ ලමයාගේ මව්පියන් වුන්නා නම් ලංකාවේ කීර්තිමත් බැරිස්ටර් කෙනෙක් වෙනවාට කිසි සැකක් නැත. බුද්ධාගම්කාරයන් නරකය කියා අපට දැන් හැ‍ඟෙතත් - මුළු ලෝකවාසීන්ටත් එක සමාන මෛත්රිපයක් කළේත් ගුණ ධර්ම පුරුදු කළේත් - ඒ බුදුරජාණන් වහන්සේ සහ උන්වහන්සේගේ ශ්රා වකයෝත් බව අපේ ඇස් ඉදිරිපිට පෙණෙනවා. ඉතින් ඒ ගැන වැඩිපුර කථාබහෙන් කමක් නැහැ. ජෝන් සිල්වා කරුණාකර සරත් කුමාර වික්රකමසිංහ ලඟට ගොස් ඔහුගේ බූදලයෙත් මා සන්තක සියලුදේත් දෙන බව කියා ඩොරොතිව කසද බැඳීමට ඔහුගේ සිත සතුටු කරදෙන්ට - ඊට සතුටු පඬුරු වශයෙන් මම පවුන් සියයක් දෙන්නෙමි.

ලමාතැනී - ඔව් - දැන්ම ම සිල්වා උන්නැහේ යන්ට - ඒ ගිය හැටියේම ඒ ගැටයාගේ මුරණ්ඩුකම් දැනගත හැකියි. එතකොට පෙරේරා හාමුට අපේ ලමයාව තීන්දුකර දීලා අපට නිදහස් වෙතෑකි. රාළහාමිගේ හිතත් සුද්දවෙන්ට එහෙම යන එක හොඳයයි කීය.

මේ කථාව ජෝන් සිල්වාට දෙවිධියකින් වාසිවූයේය. ඒකනායක රාළහාමිගේ හිතේසිවන්තකම ලබාගැණීමටත් සරත් කුමාර වික්රෙමසිංහ මහතා සමග මිත්ර වෙන්ටත් බලවත් ඉඩක් බැවින් සතුටුවූ ජෝන් සිල්වා - ගේ ඇතුලට ගොස් තේවතුර බොන්ට පටන්ගත්තේය. හින්නි නමින් ඉන්නා කඩවරයා නමැති ගහලයා විසි ඇවිරිදි තරුණියක් මෙන් ඉන්නා ලීලාව දුටු ජෝන් සිල්වාට දරාගත නොහැකි ලෙස හිනා පහලවිය. නමුත් ප්රදයෝගයේ කෙළ පැමිණි ජෝන් සිල්වා “කොහොමද හින්නි - උඹට මේ වලව්ව හොඳද? අපේ උවමනාව සතියකින් දෙකකින් ඉෂ්ට කරගන්ට ඕනෑ - හොඳින් හිටපන්” කීවාම මිනීමරු කඩවරයාද සිනාසී - අපේ ඕනෑකම ඉක්මණින් ඉෂ්ටවෙන බව මට දැන් වැටහී තිබෙනවා - හොඳයි සිල්වා මහතා පිළිවන් එකක් කරන්නෙමියි කියේය.

ජෝන් සිල්වා තේවතුර බොන කොටම ලමාතැනී හා ඩොරොති එතනට අවුත් මෙසේ කථා කරන්ට පටන්ගත්හ.

ලමාතැනී - සිල්වා උන්නැහේ දැන් අපේ රාළහාමිට පිස්සු වාගෙයි. එයාගේ බෑනාට බූදලේ ලබාදෙන්ට හැටියක් නැතිව මේ ඔක්කොම කරදර ඇතිවී තිබෙනවා - මමවත් මේ ලමයාවත් ඒ විකාර පිස්සාට සතුටු නැත. හොඳයි ජෝන් සිල්වා උන්නැහේ ගොහින් කථාබස් කළ හැටියේම මිනිහා එපාවෙනවා නොවේද කියා බලන්ට.

සිල්වා - මමත් සරත් කුමාර වික්රේමසිංහ මහත්මයා ගැන ටිකක් දනිමි. උන්නැහේ ඩොරොති හාමුට නම් නොගැලපේ. ස්ටයිල් එකක් නැති වාන් මිනිහෙක්. ඊටත් වඩා තද බුද්ධාගම්කාරයෙක්. ඒ කොයි හැටි උනත් අද රාත්රි. මම ගොහින් අවුත් රාළහාමි තුළ ඔහු ගැන තිබෙන බලාපොරොත්තුව එහෙමපිටින්ම නැතිකර දමන්නෙමි. ලබන සුමා‍ෙන් වාගේ ඩොරොති නෝනා හාමුගේත් අපේ හාමු පෙරකදෝරු මහතාගෙත මංගල්යඩයට නම් ප්රුසිද්ධ කරන්ට පිළිවනි.

ඩොරොති - (ප්රී තියෙන් සිනාසී) සිල්වා උන්නැහෙගේ ඒ කාරණය, කෙසේ වෙතත් අපට ගෙණත් දුන් වැඩකාරි හින්නි - ඉතාමත්


හොඳයි - මම බොහොම ආදරෙයි. මෙතන කලින් වුන් පවිස්තිනා බකතපසියෙක් වාගේ මුල්ලට වැදිලා උන්නා - අනිකක් තබා ගෙදර ඉන්නා කෙනෙකුවත් අඳුනන්නේ නැහැ - කාමරයට වැදී මැහුවා ගෙතුවා අකුරු කීවා - අනිකක් මොකටද, මෙතන අවුරුදු දෙකකටත් වැ‍ඩි කාලයක් හිටි සරත්ව හා එයාගේ වැඩකාරයා වන අමරසේනවත් කවදාවත් දුටුවේ නැති ගෑණියෙකි. නමුත් හින්නි එහෙම නොවෙයි. මෙහාට ඇවිත් සුමානයවාට මොකද මෙතන ඉන්නා හැමදෙනාම දන්නවා - හින්නිට මම කොච්ර ආදරේද කීවොත් ඊයේ රාත්රිායේ පටන් මගේ කාමරයේම නිදාගන්ටත් කීවා - ජෝන් සිල්වා උන්නැහේ අද රාත්රීේ සරත් ලඟට ‍ගොස් - හෙට උදේම ඇවිත් පප්පාගේ හිත කලකිරවා ඔහු ගැන ඇති බලාපොරොත්තුව ඉවරකරගන්ට ඕනෑ.

ජෝන් සිල්වා - ඔව්, මම දැන් ගොහින් තවත් මගේ මිත්ර්යෙකුත් සමගම වික්රසමසිංහ මහතා සම්බවෙන්ට යන්නෙමි යි කියා වලව්වෙන් පිටත්ව ගියේය.

17. පරිච්ඡෙදය[සංස්කරණය]

කඩවරයාට ලැබී තිබෙන ඉඩ ප්ර ස්තා ගැන ජෝන් සිල්වාට බලවත් සැකයක් ඇතිවූ නමුත් තම‍ාගේ මනෝරථය සම්පූර්ණෝ කර ගන්නාතුරු කිසිම දෙයක් කරන්ට ඉඩ නැති බැවින් - කිසිවක් නොදන්වා ඔහු යන්ට ගියේය. ඔහු කෙලින්ම අබයරත්නලාගේ ගෙදරට ගියේය. ඒ යනකොට අබයරත්න රාළහාමිත් ඇඩි (පුත්රේයා) ත් කතාකරමින් ස්තෝප්පුවේ වාඩිවි වුන්හ. ජෝන් සිල්වා එන බව දුටු ඔවුහු මහත් සතුටට පැමිණ ඔහු ගෙට කැඳවා තේ වතුර දී කථාකරන්ට පටන්ගත්හ. ජෝන් සිල්වා පවිස්තිනාගේ තොරතුරු කලින් නොදන්නා බැවින් නොසැලකිලිකමින් ලබාගන්ට බැරිවුනු බවත් හෙට නොහොත් අනිද්දා නුවර ගොස් මක්කරලාවත් කාරණය එක විධියකට ගොණුකරගෙණ එන බවත් කීවේය. මෙසේත් කියා අද රාත්රීක හතට පමණ රාළහාමිත් මා සමග ගමනක් යන්ට එන්ට ඕනෑ - ඒ යන්නේ එක්තරා ඉලන්දාරියෙක් සම්බයෙන්ට බොරැල්ලටයි. ඔහුට ඒකනායක ගෙදරින් මගුලක් කථාකරණවා - නමුත් ඔහු ඊට අසතුටු නිසා තව වරක් ගොස් ඔහු සතුටු කරවන්ට ඒකනායක රාළහාමි කි‍යනවා - ඉතින් මේ තරුණයා පවිස්තිනා ගැන බලා ඉන්නා එක්කෙනා බවත් මට දැනී


තිබෙනවා - පුළුවන් වුනොත් ඉක්මණින් ඒකනායක ගෙදරින් මොහුට කසාද බඳවන්ට ඕනෑ - එසේ බැරිවුනොත් මොහුට වෙන උපක්රරමයක්වත් කරලා පිටු දක්නට ඕනෑ - නුවර සිරිවර්ධන වලව්වට යන්ට ඉස්සර මොහු ගැන තීන්දුවක් කරගන්ට තිබෙන නිසා රළහාමිත් ආවොත් හොඳයයි අබයරත්න මුළා කරණ පිණිස ජෝන් සිල්වා කීයේය.

අබයරත්න රාළහාමි ඒ කථාවට බොහෝ සතුටුව හොඳයි - සිල්වා උන්නැහේ මම ලෑස්තිවෙලා ඉන්නවා - රැට කෑමත් සූදානම් කරගෙණ බලාපොරොත්තුව ඉන්නවා - එතකොට දෙන්නාටම මෙහෙන් කෑම කාලා යන්ට පුළුවනැයි කීවාම ජෝන් සිල්වා රික්ෂෝ රථයේ නැඟී - වේලාව සවස පහ බැවින් - හාමු පෙරකදෝරු උන්නැහේ ඉන්නා තැනට ගොස් ඔන්න අපේ වැඩ ඔක්කොම හරි, අද මම සරත් බලන්ට යනවා ඔහුට උගුල මානලයි අද එන්නේ, හෙට උදේ හාමු මහත්මයා නිකම් සාමාන්යඔ මිනිහෙක් හැටියට සැරසී පිටකොටුවේ රෙජිස්ට්රාඋර් කන්තෝරුවට ඇවිත් ඉන්ට. මාර්ගරට් හා ඇගේ මවුත් සමග මමත් උදේ අට ට එන්නෙමු. හෙට නම් ප්රිසිද්ධකර තබා දාහත‍රදිනකින් අප්රඅසිද්ධ ලෙස කාටවත් දැ‍නනොගන්ට කසාදය බැඳ තබමු. එසේ කොට සතියක් යන්ට ඉස්සර - මාර්ගරට් සුජාතා පරාක්රොමසිංහ කොට - ශ්රීඑ පරාක්රටමසිංහ තුමාගේ බුදලයට හිමිකාරිය කරන්නෙමි. දැන් ශ්රී‍ පරාක්රෝමසිංහ තුමා අසනීපයෙන්ලු. මේ විඩේ ඉතුරුකරන්ටත් බැරියයි මා සමග අන්තෝනි අප්පු කීවා. ඉතින් දහපහළොස් දිනක් යන්ට ප්රබථම ශ්රීඅ පරාක්ර‍මසිංහ තුමා මළත් අසනීපයෙන් සිටියත් අපේ අදහසට කිසි බාධාවක් නැත. අද මම සරත් සම්භවී හෙට ධර්මදාස - පරාක්රසමසිංහ තුමාගේ ප්රබධාන ලියන්නා සම්බවෙන්නෙමියි කියා විස්කි අඩියකුත් ගසා දැම්මේය. ඒ වේලාවට සූර්පිටවුන් පෙරේරා හාමු සිනාසී - හොඳයි මිස්ටර් සිල්වා - ඉක්මණට වැඩේ කරමු - දැන් නම් තුට්ටුවක්වත් ඇත්තේ නැහැ - හෙටිටි දෙන්නෙකුත් බායිලා හතර දෙනෙකුත් හම්බයන් තුන්දෙනෙකුත් මරක්කලයෙකුත් දිනපතාම ණය ගෙණයන්ට එනවා - එපමණක් නොවේ - කිරිකාරයාට තුන්ම‍ාසේක සල්ලි දෙන්ට තිබේ. පාන්කාරයාට හාරමසක දෙන්ට තිබේ. ගෙවල්කාරවාට මාස එකොළහක බදු යන්ට තිබේ. එපමණක්ද? ඩෝබිට පස්මාසේකත් - රැවුල කපණ බාබර්ට රුපියල් 18 කුත් දෙන්ට තිබේ. දැන් මාසයකින්ම මට එක නඩුවකුත් නැත - මම්මාගෙන් වදකර ගන්නා සොච්චමත් මේ ටිකේ මිස්ටර් සිල්වාට දුන්නා. අ‍ඩි ගැහුවා - මට නම් කරන්ට දෙයක් නැහැ - මේ ශ්රී් පරාක්ර මසිංහ නාකියාගේ බූදලයත් ඒකනායක බූදලයත් ලබා නොගත්තොත් මට නම් ඉන්ට මගක් නැහැ - සිල්වා උන්නැහේ කොහොමවත් ඉක්මන් කරන්ට - මම හෙට උදේ පිටකොටුවේ රෙජිස්රාක් ර් කන්තෝරුවේදී සම්බවෙන්නෙමි”යි කීවාම - ජෝන් සිල්වා “හොඳයි” කියා යන්ට ගියේය. හරක්මස් කැබැල්ලක් තම්බමින් සිටි රාමන්ද මේ කතාව හොඳින් අහගෙණ සිට පෙරකදෝරු තැනට තකහනියේ මසුත් පානුත් කන්ට දී තමාගේ ජාතියේ මිනිසුන් ඉන්නා පංචිකාවත්ත පැත්තට යාමට තිබෙන බව කියා අවසර ගෙණ යන්ට ගියේය. එදා හාමුගේ ලංසි මිතුරියන් කීපදෙනෙක් එහි පැමිණෙන බව කියා තිබුනු නිසා රමන්ගේ ගමන ගැන ඔහු ව‍ඩාත් සතුටු විය.

ජෝන් සිල්වා හරියට හතට අබයරත්නලාගේ නිවසට පැමිණියේය. සුදානම්කර තිබුනු ආහාර අනුභවකොට මහලු අබයරත්න රාළහාමිත් - ජෝන් සිල්වාත් රික්ෂෝ දෙකක නැගී සරත්කුම‍ාර වික්රාමසිංහ මහතා ඉන්නා බෝඩිං නිවසට හරියට අටට පැමිණියාහ. ඒ වේලාවට එහි සියලු දෙනාම රාත්රී බත් කා ඉව‍රවූ හැටියේමය. මිදුලේ සක්මන් කරමින් සිටි සරත්කුමාර මහතා ඔවුන් දැක තමා සම්බවෙන්ට ආ බැව් කී බැවින් ස්තෝප්පුවේම ඔවුන්ට වාඩිවෙන්ට සලස්වා තමාද සනීප පුටුවක් උඩ වාඩිවී කථාකරන්ට පටන්ගත්තේය. ජෝන් සිල්වා‍ත් අබයරත්න රාළහාමිත් බෝඩිං නිවසේ තරුණන් කීප දෙනෙකුත් පමණක් නොව සරත්කුමාර මහතාත් සාරවත් කථාබස් ඇසීමට නිතර පැමිණෙන විජයසිංහ නම් තලතුනා මහතෙක්ද මේ වේලාවේ උන්හ. ජෝන් සිල්වා තමා කියන්ට සිතාගෙණ ආ පරිදි “හාමු මහතා සමග වැදගත් කාරණයක් කබාකරගන්නා පිණිස අපි ආවා - කරුණාකර කාම‍රයට එනවාදැ”යි ඇසීය. ඔව් මට එන්ට බැරිකමක් නැහැ - වැදගත් කාරණයක් නම් - මෙතනම ඉඳගෙණ මේ මගේ සහෝදරයන් වැනි මහත්තැනුත් මගේ පියා හා සමාන වයසැති විජයසිංහ මහතාත් ඉදිරියේම කථාකළොත් වඩා හොඳයි. වැදගත් කාරණයක රහසක් කොයින්ද? ඊටත් වඩා සිල්වා උන්නැහේ ඇවිත් ඉන්නේ තවත් මහතෙකුත් සමග බව පෙණේ. ඉතින් තුන්දෙනෙක් සමග කරණ රහස් කථාව කුමක්ද ? මෙහිදීම කථාකරතොත් මම වැඩියත් කැමැත්තෙමි. මේ ඇවිත් ඉන්න මහතා කවුදැ”යි සරත්කුමාර වික්රකමසිංහ මහතා ඇසු‍යේය. එබසට ජෝන් සිල්වා අබයරත්න රාළහාමි ගැන වර්ණනා මුඛයෙන් කරුණු දක්වා අඳුන්වා දුන්නේය. ඉතින් ඔවුන්ගේ කථාව පටන්ගත්තේය.

ජෝන් සිල්වා - මමත් අබයරත්න රාළහාමිත් අ‍ාවේ මහත්මයාට අනුකම්පාකොට - මහත්මයාගේ බූදලේ ලබාදීමට පිළියෙලක් යොදාගන්නා පිණිසයි. ඉතින් ඒ සම්බන්ධි කථාබස් එලිමහනේම කථාකරන්ට කැමති නම් අපෙන් වරදක් නැත. අපි කථාකරන්ට කැමතියි.

සරත් - ඔව් ජෝන් සිල්වා උන්නැහේ මගේ බූදලය අප්රිකට රහසක් නොවේ. මා ගැන දන්නා කවුරුත් මට යමක් තිබුන බවත් ඒ සියල්ලම මගේ මාමා අයිතිකරගෙණ ඉන්නා බවත් දනිති. ඉතින් ඒ ගැන රහසින් කථාකරන්නේ කුමටද?

ජෝ: සි: - රහසින් කථාකරන්ටය කීවේ අනිකක් නිසා නොව මංගල්යන කථාවකුත් තිබෙන නිසාවෙනි. දැන් මේ සභාවේ ඒ පිළිබඳව කථාකරණවාට හාමු මහතා සතුටුද?

සරත් - ඇත්තෙන්ම මගුල් කථා ඉතාමත් එලිමහනේ - ඉතාමත් හොඳ සභාවලදී කළ යුතුතකි. මංගල්යඑ කටයුතු විශෙෂයෙන්ම ප්රවසිද්ධියේ කළයුතු බව කලින් නම් ප්රුසිද්ධ කිරීමෙන්ම පෙණෙනවා නොවේක? මනමාලිගේ හා මනමාලයාගේත් නම් ගම් ආදිය සටහන්කොට රෙජිස්ටමර් කන්තෝරුවේ එල්වා තබන්නේ - ඒ දෙන්නාගේ එක්වීමට බාධාවක් තිබේ නම් දන්වන පිණිසයි. දැන් අපේ රටේ රහසින්ම වාගේ මගුල් ජෝඩුකරගෙණ අන්තිමේ ප්ර සිද්ධියේම අනයව්යඩසනයට පත්වෙනවා - මම ඊට කැමති නැත. ඒ නිසා සිල්වා උන්නැහේ කියන කරණ එකක් ප්ර්සිද්ධියේම කියන්ට කරන්ට.

ජෝ: සි: - මහත්මයාගේ මාමා ඒකනායක රාළහාමි තමුන්නාන්සේට ස්වකීය දියනියටත් ව‍ඩා ආදරේයි. ඉතින් තමුන්නාන්සේ පිට තැනකින් කසාද බඳිනවාට‍ කොහෙත්ම කැමති නැත. ඒ රාළහාමිගේ බුදලේත් - තමුන්නාන්සේගේම බූදලේත් එකවිටම ලියා දෙන්ට - ඒ ඩොරොති නෝනා හාමු කසාද බැන්ද යුතුයයි කීම වරදක්ද? ඇත්තෙන්ම හාමු මහතා මීට සතුටු නොවන්නේ ඇයි?

සරත් - මගේ මාමන්ඩි මට ආදරය නිසා - ඔහුගේ දුව කසාද බැඳවීමට සමාන කළහැකි වැඩක් - පසුගිය කාලේ තුර්කියේ රජකම් කළ අබ්දුල් හමීඩ් නම් සුල්තන් රජුත් කර තිබේ. සුල්තන් රජු රජකමෙන් ඉවත් කිරීමට වැසියන් විසින් සූදානම් කළ


වේලා‍වේ - තමාගේ අන්තඃපුරයට දුව ගොස් - ඉතාමත් ලක්ෂණවූ තමා නිතරම අධිකතර ලෙස ප්රේතමය කළ ස්ත්රි්යට වෙඩි තබා ඇය ම‍රා දැම්මේය. අපේ මාමා මට බොහොම ආදරේ නිසා ඔහුගේ දුව කසාද බඳවාදීම හරියටම සුල්තන්ගේ ආදරය නිසා - ලක්ෂිණ තරුණියට වෙඩි තැබීමටත් වඩා පුදුම දුරුණු ක්රි යාවකි.

අබයරත්න රාළහාමි - (කථාවට බසිමින්) මහත්මයාගේ කථාබස් අසන්ට ලැබීම මහත් ලාභයකි. ඉතින් ලොකු බූදලයකුත් සමග රූප සම්පන්න තරුණියක් ඒත් ඇවැස්ස නෑනා කෙනෙක් කසාද බඳින්ට යයි කීම මිනීමැරීමටත් වැ‍ඩි දරුණු අපරාධයකැයි කියන්නේ ගැඹුරු අදහස් ඇතුව බවට කිසි අනුමානයක් නැත. ඒ නිසා මාත් සමග කථා කරණ මෙන් ඉල්ලමි.

සරත් - බොහොම හොඳයි. රාළහාමි අලුත් මිත්රකයෙකි. සිල්වා උන්නැහේට වඩා මෝරාපු කෙනෙකි. එබඳු කෙනෙකු සමග කථාකිරීම වැඩියෙනුත් ප්රෙයෝජනයි. අනාචාරී දුෂ්ට ගැහැණියක් කසාද බැඳීම මැරෙණවාට ව‍ඩා අන්තයයි කීම කෙනෙකුට නම් එසේ නො වැටහේ. දරුණු රෞද්රය කටුවලින් සර්ජිත කළ පීප්පයක දමා මිනිහෙකු පෙරළාගෙණ ඇවිදීමෙනුත් එකපාරට දිවි තොර කිරීමෙනුත් කාලකණ්ණි මිනිහාට වඩා පහසු කෝකද?

අබය - කටුපීප්පයේ දමා පෙරළනු ලැබීමට වඩා එකපාරට මැරෙණ එක හොඳයයි මමත් පිළිගණිමි. ඉතින් මහත්මයා කියන්නේ කුමක් ගැණද?

සරත් - දුෂ්ට ස්ත්රි.යක් සරණකර ගැණීම ගැනයි.

අබය - දුෂ්ට ස්ත්රී.න්ය කියන්නේ කෙබඳු ස්ත්රී්න්ටද? හොඳ යහපත් ස්ත්රී න්ය කියා මහත්මයා කියන්නේ කාටද?

සරත් - ඔව් රාළහාමිගේ ප්රරශ්නයට මම උත්තර දෙන්නෙමි. නමුත් ඉතා ලුහු‍ඬෙන් උත්තර දීම අපහසුයි. යහපත් ස්ත්රි‍යක් සොයා ගැණීම රක්ත මාණික්යඬයක් සොයා ගැණීමටත් වඩා දුෂ්කරය. දැන් අපේ රටේ ස්ත්රී්න්ගෙන් සියේට පස් දෙනෙක්වත් නියම ස්ත්රී. ගුණයෙන් යුක්ත නොවේ. ඒ හෙයින්ම සුඛිත භාවය


නැතිව ගොස් මුලු රටම දුක්ඛාන්ධකාරයෙන් පිරී පවතී. එපමණකුත් නොව පින්වත් දරුවන් ඉපදීමද අඩුවී පවතී.

අබය - ඔය මහත්මයා කියන ස්ත්රී න් නම් නූගත් පිටිසර පාහේ ස්ත්රීරන් විය හැකියි. ඉංග්රීනසි ආදී භාෂා උගත් වැදගත් පවුල් වල ස්ත්රීීන් නම් ඔය මහත්මයා කියන දුෂ්ට සංඛ්යාීවට ඇතුළත් නෑ නොවේද?

සරත් - රාළහාමිත් අනිත් අය මෙන්ම මුළාවේ වැටී සිටින කෙනෙක් බව පෙණේ. තරමක‍ටවත් ශික්ෂිත විලිබිය ඇති ස්ත්රීකන් තවමත් සොයාගත හැක්කේ ගම්බදවම බව පෙණේ. නගරවල ස්ත්රී න්ගෙන් සියේට අනූපහකටක් වඩා “වදක බාරියෝය” සියේකට හතර පස්දෙනෙක් තරම ශික්ෂිත කුල ‍ස්ත්රියයෝද සිටිති. ඔවුන් සියලු දෙනාම ධර්මයෙන් ප්රෂයෝජන ගන්නා පවුල්වල උපන් පූර්වයෙහි කරණ ලද පින් ඇති තැනැත්තිරයෝයි. ස්ත්රි යක් ශික්ෂිත බව විමසා ගැණීමට - ඈ ඉන්නා ගෙදරින් - ඈ උපන් පවුලෙන් - ඇගේ පුත්රා දුහිතෘන් ගෙන් හා ඇගේ ස්වාමියාගෙන්ද පිළිවන.

අබය - ඒ කොහොමද? ශික්ෂිත ස්ත්රිනයකගෙන් ගෙදරත්, පවුලත්, පුත්රි දුහිතෘන්ගෙත්, ස්වාමියාගේත් තත්වය විමසා ගත හැකි කෙසේද?

සරත් - සපුමලේ සුවඳත්, පැහැයත්, මෘදුගතියත් යනාදී සියල්ලම එකවිඩේ ඇතිවේ. නමුත් සමහර මල්වල ලක්ෂණ පමණකුත් තවත් මලක මෘදු ගතිය පමණකුත් තිබේ. ශික්ෂිත ස්ත්රි්ය ඉන්නා ගෙදර හිඟයක් මඟයත් නැත. ඈ ඉන්නා පවුලේ සමගියත් සාන්ත භාවයත් සුඛිත භාවයත් අනඋනවම පවතී. ශික්ෂිතවූ උතුම් කුල ස්ත්රිියකගේ ගර්භයේ - ලෙඩ රෝග බහුල, අකාලයේ මැරෙණ, ගුණ නුවණ නැති, පින් බලයෙන් තොර පුත්ර යෙක් හෝ දූ කෙනෙක් පිළිසිඳ නොගණී. ශික්ෂිත ස්ත්රිරයගේ ස්වාමිපුරුෂයා නන්දන වනයේ ක්රීසඩා කරණ දිව්ය කුමාරයෙක් මෙන් නිතරම සතුටු සිතින් බලාපොරොත්තුවෙන් සුඛිත භාවයෙන් කල් යවයි. මේ කියූ කරුණු එනම් - ගෙදරත් අ‍ඩුපාඩු නැතිව, පවුලත් සුඛිතව පින්වත් දරුවනුත් ඉන්නා ප්රීිතියෙන් කල්යවන සත්පුරුෂයෙක් හිමි බවට ලැබී ඉන්නා ස්ත්රිරයක් දුටුවොත් අන්න ඒ තැනැත්තීම පමණක් ශික්ෂිත ගුණවත් ස්ත්රි යක් බව සලකා ගත යුතුය. ඉතින් රළහාමි මෙබඳු ස්ත්රී න් ඉන්නා පවුල් දැක තිබේද?

අබය - එහෙම තැනක් මම නම් දැකලාවත් නැහැ. ලොකු ගෙවල් දොරවල් ඉඩකඩම් වතුපිටි ධන සම්පත් ඇති පවුලුත් එසේම උගත් ප්රීසිද්ධ දරුවන් ඇති පවුලුත් ඒව‍ායේ අකාලයේ නොමියන නිරෝගී දූ දරුවන් හා නිතර සතුටින් හා නිෂ්කලංක භාවයෙන් කල් යවන පුරුෂයෙනුත් ඉන්නා පවුලක් මට සිහිකරන්ට බැරිය. මහත්මයා කියන අන්දමේ පවුලක් ගැන දන්ටනේ නම් ඒ බලන්ට යාමට පවා සුදුසුය.

සරත් - ඇත්තෙන්ම එබඳු පවුල් තිබේ. උවමනා නම් එබඳු ගෙදරකට දෙකකට මහත්මයාත් සමග යන්නෙමි. මම එක පවුලක් කියන්නෙමි. ශ්රීෙ පරාක්රමමසිංහ බැරිස්ටර් තුමා ගේ ලේකම් වන ධර්මදාස මහතාගේ ගෙදරට යන්ට. අන්න ඒ මහතාට ශික්ෂිත ස්ත්රිසයක් ලැබී තිබේ. එහි විපාක වශයෙන් නය නැති - නිතර අතමිට යමක් තිබෙන, නිරෝගි සුඛිත පින්වත් දරුවන් ඉන්න පවුලක් ධර්මදාස මහතාට තිබේ.

අබය - හොඳයි. මහත්මයාට ඔය කාරණය ඔය තරම් හොඳින් දැනගන්ට ලැබුණේ කොහොමද - ඔය තරම් ඔය කාරණය ගැන විපරම් කළේ කුමටද?

සරත් - රාළහාමි මොනවා කියනවාද. මනුෂ්‍යයෙකු විසින් ඒ මනුෂ්ය්යා උසස් වීමටත්, සුඛිත වීමටත්, නිරෝගී වීමටත්, ශක්තිසම්පන්න වීමටත්, දීර්ඝායුෂ්ක වීමටත්, රූපසම්පන්නවීමටත්, හේතුව කුමක්ද කියාත් - මනුෂ්යයයා පහත් වීමටත්, දුක්ඛිත වීමටත්, රෝගී වීමටත්, දුර්වල වීමටත්, විරෑපි වීමටත, අල්පායුෂ්ක වීමටත් හේතුව කුමක්දැයි කියාත් - හොඳින් අවබෝධකර නොගන්නා ලද්දේ නම් - ඒ මනුෂ්යියාගේ මිනිසත් භාවයෙන් ඇති ඵලය කුමක්දැයි සැලකිය යුතුයි. යමක් සපයාගෙණ කෑමත්, නිදාගැන්මත්, කාම සේවනය කිරීමත්, මරණභය ඇතිවීමත්, තිරිසන්නුටත් ති‍බේ. මනුෂ්යකයාත් ඒ කාරණා සතර පමණක් දන්නා සතෙක් නම් තිරිසනාට වැඩි අමුත්ත කුමක්දැ යි සලකා බැලීම වටී.

අබය - අනේ මහත්මයෝ මම දන්න කිසි කෙනෙක් ඔය මහත්මයා කියන කාරණා දනීයයි මම නොසිතමි. මහත්මයාගේ අදහස මිනිහෙකුටම ඔහුගේ වීර්යයෙන් උසස්කමත්, සුඛිතකමත්, නිරෝගිකමත්, ශක්තිසම්පන්නකමත්, දීර්ඝායුෂත්, ලක්ෂණවත් භාවයත් ඇතිකර ගන්නට පුළුවන්ය කියාද?

සරත් - ඔව් සත්තකෙන්ම එසේමයි. ඒ කාරණය මම ඇස් ඉදිරිපිට පෙන්වා දෙන්නෙමි. මනුෂ්යඑයා පිළිබඳ හොඳක් හෝ නරකක් පවතී නම් ඒ මනුෂ්යමයා විසින් ඇති කරගත් හොඳ හෝ නරක බව නිසැකව සැලකිය යුතුයි. මේ කාටත් තේරුම් ගත හැකි කාරණය රාළහාමිට තවමත් වැටහුනේ නැද්ද?

අබය - මට ටිකක්වත් වැ‍ටහුනේ නෑ - “මම හුඟක් කල් ජීවත්වන්ට කැමතියි. ඉතින් එසේ වෙනවාද - මම ලක්ෂණ වෙන්ට කැමතියි - ඉතින් එසේ වෙනවාද - මම ධනවත් උසස් කෙනෙක් වෙන්ට කැමතියි - ඉතින් ‍එසේ වෙනවාද?

සරත් - හොඳයි මම ඊට පිළිතුරු දෙන්නෙමි. ඒ පිළිතුරු දීවට පළමුවෙන් කාරණයක් කියන්නෙමි. මනුෂ්යෙයෙකුට ස්වකීය සරීරය පිරිසිදුව තබාගන්ට පිළිවන්ද?

අබය - ඔව්, හොඳ වතුරෙන් ඇඟ සෝදාගෙණ පිරිසිදු ඇඳුම් පැළඳුම් ඇඳීමෙන් පිරිසුදු ලෙස ඉන්ට පිළිවනි.

සරත් - හොඳයි, ඉතින් ලෝකයේ ඉන්නා සියලුදෙනාම පිරිසුදුව ඉන්නාහුද? ටික දෙනෙක් පමණක් ‍එසේ ඉඳිත්ද?

අබය - සියේට තිහ හතළිහක් පමණ පිරිසුදුව සුද්ධ පවිත්ර්ව ඉඳිති. අනිත් වැඩි පිරිස අපවිත්රතව කිළිටිව - කිළුටු රෙදි පෙරෙදි ඇඳ ගෙණ සිටිති.

සරත් - ඔව් බොහොම හරි, ටික දෙනෙක් පිරිසුදුව ඉන්ටත් වැඩි පිරිසක් අපිරිසිදුව කිළුටු ඇඳගෙණ ඉන්නටත් හේතුව කුමක්ද?

අබය - ඔවුන්ගේ නූගත්කම, මව්පියාදීන්ගෙන් පිරිසුදුකම් පුරුදු නොවීම, දුප්පත්කම සහ ඒ ඒ පළාත්වල අශිෂ්ටාචාරකම යනාදියයි.

සරත් - ඔව් රාළහාමි, කාරණය හොඳින් තේරුම්ගෙණ තිබේ. ඉතින් පිරිසුදුව ඉඳීම, දුටුවන් පිණවීමටත්, ලෙඩ රෝග අඩු වීමටත්, ශරීර ශක්තිය ඇතිවීමටත් හේතු බව රාළහාමිටම තේරෙණවා ඇති. ඉතින් ඒ අනුසස් සියල්ලක්ම ලැබීමට ආධාර වන පිරිසුදු

භාවය - ලෝකයේ කාට උනත් ඇතිකර ගත හැකි නම් - උසස් වීමටත්, සුඛිත වීමටත්, නීරෝගිවීමටත් ශක්තිසම්පන්න වීමටත්, දීර්ඝායුෂ්ක වීමටත්, රූපසම්පන්න විමටත් හේතුවූ ප්රීතිපත්තිද මනුෂ්යයයා පිළිබඳව පවතී. රාළහාමි, ක්රි්ස්තැභක්තිකයෙක් හෙවත් “අහේතු අප්පච්චයවාදී” කෙනෙක් බැවින් නොතේරේ. පිරිසිදු වතුරෙන් ශරීරය සෝදා ගැණීමෙන් ශරීරයේ පිරිසිදුනමත් තවත් ආනිශංසත් ඇතිවන්නාක් මෙන් - සුචරිතයෙහි හැසිරීමෙන් - ශරීරය පිරිසුදුකර ගැණීමට වැඩි බලතර විපාක වන උසස්කමත්, සුඛිත භාවයත්, නීරෝගි බවත්, ශක්තිසම්බන්න භාවයත්, දීර්ඝායුෂ හා රූපසම්පන්න භාවයත් ඇතිවේ. ඉතින් ඒ සුචරිත ධර්මය හෙවත් මේකියූ උසස් භාවාදිය ඇතිවීමට හේතු වන ධර්ම ප්රසතිපත්ති රාළහාමිට විස්තරකර දෙන්ටද?

අබය - ඇත්තෙන්ම, මහත්මයා කියන්නේ අමුතු කතාවක් - අපි ඕවා කවදාවත් ඇසුවේ නැහැ. මිනිසුන්ට ඔය කියන ගති ගුණ ඇතිකරගත ‍හැකිනම් - “දෙවි කෙනෙක්” ඒ සියල්ල සලසා දෙනවාය කියන්නේ?

සරත් - ඒ පල් බොරුවක්! දෙවිකෙනෙක් මිනිසුන්ට ඒ උසස් ගුණ දෙනවා නම් අයහපත් ගුණ දෙන්නෙත් ඒ දෙවියා විසින් විය යුතුයි. ඉතින් ලෝකයේ සමහරුන්ට උසස් සැප පහසුත් සමහරුන්ට පහත් දුක්ඛිත භාවයත් සලස්වන දෙවියෙක් සිටී නම් ඔහුට වැඩි කාලකන්නියෙක් සිටිය නොහැක. උසස් ධර්මව ශාස්ත්රස නොදත් අඥාන මිනිසුන් මුළා කොට කපටියන් විසින් ඉනබඩ රැක ගැණීමට හදා තිබෙන ආගම් උසස් ශාස්ත්රිය ප්ර කට මේ කාලේ ඇද්හීටම නින්දාවකි. ඇත්ත නම් එවලේම ඇත්ත විය යුතුය.

අබය - එතකොට මහත්මයාගේ ආගම වන බුද්ධාගමේ තිබෙන කරුණු එවලේම ඇත්තද?

සරත් - ඇත්තෙන්ම එවේලේමත් - ඊට පසු අනන්ත අප්ර්මාණ කාලයකුත් ඉෂ්ට විපාකදායක ඇත්තක් නොවේ නම් අපේ ආගමට “බෞද්ධ ආගම හෙවත් ඥානයට පමණක් ගොචර” ආගමයයි කියයිද?

අබය - හොඳයි. එතකොට බුද්ධාගම්කාර සියලු දෙනාටම ඔය මහත්මයා කියන උසස්කම, සුඛිතකම ආදී ගුණ රාසිය විපාක රාසිය ලැබී තිබෙනවාද?

සරත් - ඇත්තෙන්ම හැබෑ බුද්ධාගම්කාරව පරම්පරාගත දෙකක් ගතවූ සියල්ලන්ටම ඒ මා කියන උසස් බව - සුඛිත බව ආදිය ඒකාන්තයෙන්ම අයිතිවෙනවා - නමුත් බුද්ධාගම්කාර නම් කියන අයට නම් එසේ ඇතිවන්නේ නැත.

අබය - මේ මහත්මයා කියන්නේ කුමක්ද? බුද්ධාගම්කාරයා කවුද - බුද්ධාගම්කාරයායයි කියාගන්නා කවුද?

සරත් - ඇත්තෙන්ම එහෙම දෙන්නෙක් සිටිති. බුද්ධාගම්කාරයාය කියනු ලබන්නේ - බුද්ධ, ධම්ම, සංඝ යන රත්නත්රයයේ සරණ ගොස්, සතුන් මැරීම, සොරකම් කිරීම, පරදාර සේවනය කිරීම, බොරුකීම, සුරාපානය කිරීම යන පංචවිධ දුශ්චරිතයෙන් සම්පූර්ණයෙන්ම වැලකී, මව් පිය කුලදෙටු ආදීන්ට සංග්ර්හ වතාවත් ආදිය තරණ තමාට මෙන්ම අන්යයයන්ටත් මෛත්රි කරණ, දන්‍ දෙන, යහපත් කටයුතුවලට මැදහත් වන, ඊර්ෂ්යාර ක්රොවධාද්යක් නොකරණ, කොටින්ම දාන සීල භාවනාදී දස පුණ්යම ක්රි යාවන්හි හැසිරෙණ අයටය. ඒ හැබෑ බුද්ධාගම්කාරයා වේ. බුද්ධාගම්කාරයා යන නාම මාත්ර්ය කියා ගන්නා අධමයන් රට පුරා සිටිති. ඔවුන්ට උසස් සුඛිත බැවි ආදී හැබෑ බුද්ධාගම්කාරයන් විසින් පමණක් ලැබිය හැකි විපාක කිසිම කාලයක නොලැබේ.

අබය - ඇත්තෙන් මහත්මයාගේ කථාව ඉතාමත් ප්රබයෝජනයි. කොපමණ රෑවුනත් තව ටිකක් මේ කාරණය විස්තර කරන්ට ඕනෑ - හැබෑ බුද්ධාගම්කාරයාටත් මේ උසස් සුඛිතාදී විපාක ලැබෙන්නේ පරම්පරා දෙකක් තුනක් ගියාට පසුයයි කී මේ අදහස කුමක්ද?

සරත් - හොඳ ප්ර ශ්නය. යමෙක් හැබෑ බෞද්ධයෙක් වුනු නමුත් ඔහුගේ මව් පිය දෙදෙනා අබෞද්ධ හෙවත් ‍බොරු බුද්ධාගම්කාරයන්ව සිටියාහු නම් - ඒ ඔවුන් කළ පංචවිධ දුශ්චරිතයේ විපාක ලෙස ඔවුන්ට දරුකමට පැමිණෙන්නේ පහත් තත්වයක කෙනෙක් වේ. පූර්ව ජාතියේ කරණලද දස පව් ඇති ඒ දරුවාට පංචවිධ දුශ්චරිතයෙහි ගැලී අපිරිසිදුව සිටි මව් පියන්ගේ නරක ලේධාතුවත්, ලෙඩරෝගත් උරුමවන බැවින් - එසේ උරුමවූ

තැනැත්තා මුහුකුරා ගිය පසු හැබෑබෞද්ධයෙක්ව ක්රිූයා කරතත්, උසස් බව, සුඛිත බව, නිරෝගී බව, ශක්තිසම්පන්න බව, දීර්ඝායුෂ හා රූපසම්බන්න බව යන මේ සියලුම ගුණ ඔහුට හිමි නොවේ. මක්නිසාද මේ ගුණ වලින් වැඩ කොටස උත්පත්තියෙන්ම ලබාගෙණ ඉපදියයුතු හෙයිනි. විශේෂ වශයෙන් - මෑනියන්ගේ ගතිගුණ සිතිවිලි අනුව දරුවාගේ උස්පහත් ගති‍ගුණ ඇතිවේ. මව් නිතරම සතුටින් කාලය ගතකරණ, පරාර්ථදායී ක්රි යාවල නියුක්ත, ධර්ම ශාස්ත්ර් ප්රාගුණ කරණ, ආගම කෙරෙහි අචල ශ්රතද්ධාවක් ඇති දාන සීල භාවනා යන ත්රි විධ පුණ්යරක්රිතයාවේ හැසිරෙණ කෙනෙක් නම් - පියාත් සුරාපානාදී දුසිරිත්වලින් විනිර්මුක්ත පිරිසිදු පැවතුම් ඇති නිරෝගි කෙනෙක් නම් - ඒ මව්පිය දෙදෙනා නිසා අටගන්නා දරුවා නි‍රෝගිවූ දීර්ඝායුෂ ඇති හදිසි අනතුරුවලින් තොරවූ, රූප සෞන්ක්ධර්යයෙන් හා ශක්තිසම්පන්න භාවයෙන් යුත් ධාරණ ශක්තිය ඇති නිතර කීර්තියට කැමති පින්වත් කෙනෙක් වේ. මව් තොමෝ නිතර කණගාටුවෙන් ශෝකයෙන් දුකෙන් පෙළෙන කෙනෙක් නම්, කාමුකවූ, අනාචාරිවූ, ධර්මශාස්ත්ර්යක් නොදත්, ගුණනුවණක් නැති, පහත් පැවතුම් ඇති, අධම ස්ත්රිසයක් නම් පියාත් එසේම සුරාපානාදී දුශ්චරිතයෙහි ගැලුනු, ඒ හෙයින් සිතත් ශරීරයත් දූෂිතභාවයට පමුණුවාගත් අධමයෙක් නම් ඒ මව් පිය කෙකෙනාට දාව උපදින දරුවා රෝගිවූ අල්පායුෂ්කවූ පින් නැති, රූබලක්ෂණයෙන් හීන නැතහොත් අංගප්ර්ත්යංිගයෙන් විකලවූ ඉගෙණීමාදියට අසමර්ථ සත්කීර්තිය කුමක්ද කියාවත් නොදත් පහත් පැවතුම් ඇති, නීච මනුෂ්යමයෙක් වේ. මේ අත් දුටු සත්ය්යකි. ප්ර්සිද්ධ අධිනීතිඥවරයන් ගේද, මුදලි මුහන්දිරම් ආදී මිනිසුන්ගේද දූ දරුවන් දෙස පරීක්ෂා සහිතව බැලීමෙන් මේ කාරණය තේරුම්ගත හැක්කේය. ඉතින් උසස් බව හෝ පහත්බව ඉතාමත් වැඩ්වී දක්නට ලැබෙන්නේ පිරිසුදුව පරම්පරා දෙකක් තුනක් හෝ අපිරිසිදුව අධර්මගතියෙන් යුතුව පරම්ප‍රා දෙකක් තුනක් ගතකළ අය පිළිබඳව බැවින් රාළහාමි මුළා නොවී මේ කාරණය තේරුම්ගත යුතුවේ.

අබය - හොඳයි මහත්මයා කියන්නේ මව් පිය දෙදෙනාගේ චරිත

සුද්ධියත් ශරීරසුද්ධියත් නිසාම උසස් සුඛිත දරුවන් ඇති වෙන බවද?

සරත් - මව්පියන්ගේ චරිත සුද්ධියත් ශරීර සුද්ධියත් නිසා - පිරිසුදු දෙදෙන කරණ‍ කොටගෙණ පහත් පව්කාර කාලකණ්ණියෙකුට ඔවුන් මව්පිය බවට පමුණුවාගන්ට බැරි බැවින් ඒ උසස් චරිතයෙන් යුත් පිරිසුදු මව්පියන්ගේ දරුකමට - දිව්ය් මනුෂ්යායදී ලෝකවලින් චුතවන පින්වත් සත්වයෝම පැමිණෙති. එබඳු පින්වත් දරුවන් උපන්විට - ඒ පිරිසුදු තිබුනත් - වහාම ඒ අඩුපුඩුවත් හැරිගැසී ඒ පවුල මෙලොවදීම දිව්යෝ සම්පත් හා සමාන සැප විඳිති. මේ නිසා සුචරිතයේ විපාක නුවණ ඇති ඒ මිනිසුන්ට අවබෝධවීමෙන් වඩ වඩාත් සුචරිත ධර්මය පුරා මෙලොවත් මහත් සතුටින් කල් ගතකොට පරලොවත් අධිකතර ප්රීපතියට පැමිණෙති.

අබය - එතකොට මහත්මයා කියන්නේ - අබෞද්ධවූ නිසාත්, සුරාපානාදියෙන් හැසුරුණු නිසාත් අපේ දරුවන් උසස් නොවන බවද?

සරත් - ඇත්තෙන්ම රාළහාමි සුරාපානාදී දුසිරිත් කළ, දැනුත් එසේ කරණ කෙනෙක් බව මේ මොහොතවනතුරුත් මම දැන නොසිටියෙමි. නමුත් දැන්නම් රාළහාමි - මිථ්යාසවාදී අධමයෙක් බව වැටහුනා. හොඳයි රාළහාමිට සිටිතොත් ඔවුන් පව්කාර අධම කාලකණ්ණි දරුවන් නොවෙත්දැයි බලමු.

අබය - හොඳයි මහත්මයාගේ මව් පියන් සම්යායක්දෘෂ්ටිකවූ - සුචරිත ධර්මයෙහි හැසුරුණු - පිරිසිදු චරිතයක් ශරීරත් ඇති ඇත්තන් නම් මහත්මයා සියල්ලෙන් සම්පූර්ණවූ සුඛිතවූ කෙනෙක් වියයුතු නොවේද?

සරත් - ඇත්තෙන්ම මගේ මව්පිය දෙදෙනා ඉතාමත් හොඳ උසස් පැවතුම් දෙදෙනෙක් බව අසනලදී. මා තුළ විද්යා මාන ගුණවලින්ද ඒ මව්පියන්ගේ උදාරතර උසස් ගතිය මට ප්ර ත්යාක්ෂනය.

අබය - (ටිකක් සිනාසෙමින්) මෙන්න සිල්වා උන්නැහේ අපේ සරත් හාමු හොරවුනා. මම නිතරම සුරාපානය කළ සතුන් මැරීමාදිය කළ කෙනෙකි. මගේ හාමිනේත් එබඳුම කෙනෙකි. ඉතින් ඒ

පහත් අපිරිසුදුය කියන අප දෙදෙනා කරණකොටගෙණ උපන් අපේ ලමයා දැන් රාජකුමාරෙක් වාගේ සැප විඳිනවා. ඔහුට දැනටම රුපියල් සියක්දාහක තරම දේපල හිමිවී තිබෙනමා. නමුත් ඉතා හොඳ පැවතුම් ඇති මව්පිය දෙදෙනෙකු කරණකොටගෙණ උපන්නාවූ මේ මහතා දැන් රස්තියාදුවන්නේ ඇයි? දෙමව්පියන් සතු ධනවත් නැතිව, ඉන්ට තැනක්වත් නැතිව, දැන් දුක් විඳින්නේ පින් වැඩිවෙලාද? මිනිසුන් මුලාවෙලා ඔය සුචරිතත් කර්මියත් ගැන කතා කරණවා මිස මොන විහිලුවක්ද? කොහොම හරි ධනය සපයා ගත්තොත් ඒ මිනිහාටත් ඔහුගේ අඹුදරුවන්ටත් සැපසේ ඉන්ට පුළුවනි. ඒ මිස උසස් පරම්පරා ඇතිවන්ට - පින්වත් දූ දරුවන් ඇතිවන්ට සුචරිත ධර්මය පිරිය යුතුයයි යන මේ කථාව නිකම්ම විහිලුවක් බව මහත්මයාගෙනුත් මගේ පුතාගෙනුත් අපට පේනවා.

සරත් - (ටිකක් සිනහවෙමින්) මගේ දෙමව්පියන් සතු ධනය අපේ මාමා කොල්ලකාගෙණ එය නැවත මට දෙන්ට නම් ඔහුගේ අශිෂ්ටාචාර දියනිය කසාද බැඳගන්ට කියා සිටි බැවින් මම දිළින්දෙක් වෙලා - ඒ දුෂ්ට හැතිරිගෙන් ඉවත්වුනෙමි. නමුත් මම දැන් මගේම වීරියෙන් මට උවමනා තරම් සැප පහසු විඳීමට යමක් සපයා ගණිමි. මෙසේ කාය චිත්ත විවේකයත් ධර්මයේ හැසිරීමත් ඇති මම රුපියල් කෝටියක බූදලයක් ඇතියෙකුට වඩා සැපවිඳින්නෙක්මි. ඊටත් වඩා මගේ ජීවිතයෙන් හතරෙන් කොටසක්වත් ගත නොවී මගේ පින්වත් භාවය තේරුම්ගත නොහැක්කේය. අනිත් අතට රාළහාමිගේ පුතාට අධර්මවාදිලෙස ලැබී තිබෙන රුපියල් සියක්දාහක් ඔහු දැනට විඳිනවායයි කියන සැපත් බාගවෙලාවට අවුරුද්දක් යන්ටත් ඉස්සර නැතිවී ගොස් සමහර විට ඔහුගේ පව්කාරකමත් එබඳු පව්කාරයෙක් රාළහාමිට දරුකමට ලැබුනේ රාළහාමිගේ හා භාර්යාවගේත් පහත් පැවතුම් ආදිය නිසා බවත් රාළහාමිගේ හා භාර්යාවගේත් පහත් පැවතුම් ආදිය නිසා බවත් රාළහාමිට දැනගන්ට බැරි නැත. ඒ කොයි හැටි උනත් මිනිහෙකුතේ පින්වත් බවත් පව්කාර බවත් සම්පූර්ණයෙන් නිශ්චය කරගත යුත්තේ ඔහු මැරුණාට පසු - ඔහුගේ දූ දරුවන්ගේ හා - ඔහු සම්බන්ධව ඇතිවන සත්කීර්තියෙන් හෝ අපකීර්තියෙන්ය. ඒ නිසා මා කුඩා කාලේ මගේ මව්පියන් මළ නමුත් අපරාපර්ය වෙද්යස කර්මයක් පලදී දැන් මා ටිකක් අඩුපාඩු ඇති කෙනෙක් වුවත් මගේම මව්පියන්ගේ උසස් කීර්තිය ඒ ඇත්තන් ගැන දන්නා කා අතරත් ප්රිකටව පවතී. මගේ පින්වන්තකම හෝ පව්කාරකම විමසීමට යටත් පිරිසෙයින් මගේ ජීවිත කාලයෙන් තුනෙන් කොටසක්වත් යා යුතුය.

ජෝන් සි: - රාළහාමි දැන් රෑවුනා. හාමු මහතාගෙත් රාළහාමිගෙත් කතාව හොඳටම දික්වුනා. තවමත් අප කතාකර ගන්ට ආ කාරණය ගැන වචනයක්වත් හරි හැටි කතාකර ගන්ට බැරිවුනා. ආගම ධර්මය ආදි කරුණු ගැන අපට උවමනා නැත. ඒකනායක රාළහාමිගේ දුවනිය ඩොරොති හාමු කසාද බැඳීමට හාමු මහතා කැමතිද?

සරත් - සිල්වා උන්නැහේලා වාගේ මිනිසුන්ට නම් එබඳු කරුණු ගැන “හා හූ” කියා පිළිතුරුදී ඉවර කරගත හැක. ඔහොම මඞගල්යරයවලට ඇතුල්වුන මිනිස්සු විඳින වදේ සිහිබුද්ධි ඇතිව බලන්නන්ට මේ ලෝකයන් එපා වෙනවා. පස්කම් සැප සඳහාම යමෙක් නියම වශයෙන් ස්ත්රිනයක් කසාද බඳිතොත් ඔහු අන්තිම මෝඩයෙකි. මටත් ඒ ගොඩේ වැටෙන්ට සිල්වා උන්නැහේත් අබයරත්න රාළහාමිත් කියන්නාහුද?

අබය - ඇත්තෙන්ම හාමු මහතා කියන කථා සියල්ලක් අපට නම් පිස්සු කතා මෙන් හැ‍ඟෙනවා. එසේ හැ‍ඟෙන්නේ හාමු මහතා වාගේ ධර්ම ශාස්ත්රම නූගත් නිසා වෙන්ටත් බැරි නැත. කසාද බඳින්නේ පස්කම් සැප විඳීම නිසා නොවේ නම් වෙන කුමක් නිසාද?

සරත් - පස්කම් සැප විඳීමට නම් කසාද නොබැඳ - සුල්තන්ලා වාගේ බහු භාර්යා පරිහරණය කළ යුතුය. ශිෂ්ටාචාර ගුණවත් මිනිස්සු කසාද බඳින්නේ ධනසම්පත් ආදිය සපයන්නේත් මෙන්න මේ අදහසට ය:-

පර පුරය වැඩුම ට

මිසක් කම් සැප විඳුම ට

සත් ‍දන ගුණැති සෙ ට විවා නොම වෙති දියත කිසි වි ට


ලොවට වැඩ නොම කො ට අතට පත් දෙය කෑම ට තිරිසන් සතුන් හ ට මිසක් යුතු නැතිමය මිනිසු න ට

පැරකුම් යුතු ද නා කිත් සිරුර ඇති කර නා පිණිස මිස ලො ද නා පෙළනු සඳහා කිසි නොකර නා

එබැවින් සිහල ද න වෙහෙසව දන උපයමි න ලොවට වැඩ සැලසෙ න උතුම් කටයුතු කළහ පෙර දි න

යනාදී වශයෙන් සිංහල පණ්ඩිතවරයෙක්ම දක්වා තිබෙන කරුණු රාළහාමිට නොතේරෙතත් ධර්ම ශාස්ත්ර ඉගෙණිමට වීරිය කරණ අපට හොඳින් තේරේ. එසේ තේරුම්ගත් අපට ධනයක් සඳහා අධර්මයක් හෝ අවැඩදායක යමක් කළ නොහැක්කේය.

අබය - එහෙනම් හාමු මහත්මයා කියන්නේ මාමණ්ඩිගේ දියනිය විවාහකර නොගන්න බවයි - ඉතින් අපි යන්නෙමුය”යි කියා අබයරත්නත් සිල්වාත් යන්ට පිටත්වී - කපටි සිල්ව‍ා තව වරක් හාමු මහතාට බොරුවට යටහත් හිතෛෂි භාවයක් දක්වා යන්නට ගිය හ. ඔවුන් පිටත්ව යනකොට රාත්රීව දොළහත් පසුවිය. බෝඩිං නිවසේ සිටින තරුණන් සරත් කුමාර වික්රරමසිංහ මහතාගේ කථාවට අතිශයින්ම පැහැදී “සරත් - ඇත්තෙන්ම අප මේ මේතාක් නොදැන සිටි “සුදාර කොත්පත්තිය” අද හොඳින් ඉගෙනගන්නට ලැබුනා. යුරෝපීයයන්ගේ “ඉයුජානික්ස්” නම්වූ සුදාරකෝත්පත්ති ක්රැමය ශාරීරික ධර්ම විද්යාොව පමණක් ප්රතගුණ කරවීමෙන් ඇතිකරණ එකකි. එය අසම්පූර්ණවූ සැක සහිතවූ එකක්වී ති‍බේ. නමුත් මිත්රවයා දැක්වූ ඉයුජැනික්ස් සුදාරකොත්පත්ති ක්රවමය නොවරදින ඉතා ප්ර්ත්යසක්ෂවූ එකක් බව හොඳින්ම පෙනේ. ශාරීරිකවූද මානසිකවූද පරිශුද්ධ භාවය එක්වීමෙන් උසස් දරුවන් අටගන්නා බව ප්රේකාශිත තථාගත ධර්මය ප්රකගුණ කළාවූ කෙනෙක්ම පමණක් ඉහාත්මයේදී නොවැරදීම උසස් වන බවත් සුඛිත වන බවත් අද අපට

හොඳින්ම වැටහුනේය”යි ඒ උන් පිරිස සරත් කුමාර වික්රයමසිංහ මහතාට ස්තුති කරනලදී.

18. පරිච්ඡෙදය[සංස්කරණය]

එහි සිටි පෙරේරා නම් එක් මහතෙක් තව දුරටත් මේ ගැන කතාකරන්ට කැමති බව කී නිසා සරත්කුමාර නැවතත් මෙසේ කියන්ට පටන් ගත්තේය. “යම්කිසි ක්රි යාවකට - කර්මයට විපාකයක් ඇති බව නොවැටහෙන මෝඩයෙක් ඇතැයි කියන්ට බැරිය. අනුභව ‍කළොත් බඩ පිරේ. ආහාරපානයක් නොගත්තොත් සාපිපාසා ඇතිවේ. දුර්ගන්ධ දෙයක් ඇ‍ඟේ තැවරුනොත් ශරීරයෙන් සුගන්ධය නික්මේ. සුවඳ ද්රදව්යකයක් ඇ‍ඟේ තැවරුනොත් ශරීරයෙන් සුගන්ධය නික්මේ. උඩ පැන්නොත් බිම වැටේ. දිව්වොත් හති ඇතිවේ. වෙහෙස දැනේ. නෑවොත් ඇඟ පවිත්රයව ශරීරය ප්ර්කෘතිමත්වූ බව දැනේ. මේ ආදි වශයෙන් ඒ ඒ ක්රියයා කිරීමෙන් - දුක්ඛ වේදනාවක් හෝ සැපවේදනාවක් ඇතිවන ප්රෙතිඵලයක් තමාටම දැනගන්ට ලැබේ. ඉතින් මේ ප්රනත්යරක්ෂ සත්යනය කාටවත්ම නැත කියන්ට බැරිය. දෙවියෙක් බඹෙක් යකෙක් හෝ අන්යප මනුෂ්යරයෙක් කළාවූද කරන්නාවූද නියමයකින් ආධාරයකින් නොව ඒ ඒ මිනිහා විසින්ම කරණ ක්රිතයාවට අනුරූපව විපාක ලැබෙන බව දැන් අපට ප්රිත්ය ක්ෂය. ඉතින් මේ ලෝකයේ මිනිසුන් අතර උතුම්වූද, හීනවූද අය සිටිති. අල්පායුෂ ඇති මිනිස්සුත්, දීර්ඝායුෂ ඇති මිනිස්සුත් සිටිති. බො‍හෝ රෝගාබාධා ඇති මිනිස්සුත් අල්පාබාධා ඇති නිරෝගි මිනිස්සුත් සිටිති. අවලක්ෂණ රූපයෙන් යුත්වූද දුටුවන් ප්රිලය එලවන රූපයෙන් යුත් ලක්ෂණ මිනිස්සුද සිටිති. අල්පානුභව ඇති අප්ර්සිද්ධ මිනිස්සුත්, සුප්ර සිද්ධවූ මහානුභාව ඇති මිනිස්සුත් සිටිති. කෑම ඇඳීමට පවා ධන සම්පත් නැත මිනිස්සුත්, උපභෝග පරිභෝග සම්පත්තියෙන් ආඪ්යපවූ මිනිස්සුත් සිටිති. චණ්ඩාල ආදී නීචකුලවල මිනිස්සුත් ක්ෂත්රිමය බ්රා්හ්මණාදී උසස් කුලවල මිනිස්සුත් සිටිති. කිසිම ධර්මයක් ශාස්ත්ර්යක් ඉගෙණගත නොහැකි සුලු කරුණක් පවා නොතේරෙන නුවණනැති මිනිස්සුත්, සියුම් ගැඹුරු ධර්ම ශාස්ත්රපපවා පහසුවෙන් තේරුම් ගතහැකි නුවණ ඇති මිනිසුන් සිටිති. ඉතින් මනුෂ්යරයන් අතර මේ ආදි විවිධ මිනිසුන් ඇතිවීමට හේතුවක් ප්රසත්ය.යක් නැතිව කිසිසේත් නොහැකි බව කටවුවත් තේරුම් යායුතුය. මක්නිසාද? මෙලොවදීම හොඳ කරණ මිනිහාට ප්රකශංසාවත් නරක කරන මිනිහාට

රාජදඬුවම් ආදියත් ලැබෙන බව අප කාටත් පෙණෙන හෙයිනි. දෙවියෙක් බ්රදහ්මයෙක් මිනිසුන් මවන ලදනම් මේ මිනිසුන් අතරේ අල්පායුෂ්ක ආදී විවිධ භේදඇති මනුෂ්යහයන් සිටිය නොහැකි බව කාට උවත් හොඳින් වැටහිය යුතු නොවේද?

පෙරේරා - ඔව් වික්රසමසිංහ මහත්මයානනි, එය හොඳින් වැටහුනා. ඉතින් (1) අ‍ඩු ආයුෂ ඇත්තාවූ ද, (2) ‍රෝග බහුලවූ ද, නිරෝගිවූ ද, (3) අවලක්ෂණ රූපයෙන් යුක්තවූ ද, ප්රි(යකරු ලක්ෂණ රූපයෙන් යුක්තවූද (4) අල්පානුභාව ඇත්තාවූද, මහානුභාවසම්පන්නවූ ද, (5) වස්තුව නැති දිළිඳුවූද, මහත් සම්පත් ඇති ධනවත්වූ ද (6) චණ්ඩාවල ආදි නීච කුල ඇත්තාවූ ද, ක්ෂත්රි යාදී උසස් කුලවත්වූද (7) අඥානවත්වූද නුවණ ඇත්තාවූද යන උභය වර්ගයෙන් සත්වැදෑරුම වූ මේ 14 වර්ගයක මිනිස්සු ලෝකයේ සිටිති. ඉතින් මේ එකම මනුෂ්ය්වර්ගයා අතර මෙබඳු ප්රනභේදයක් ඇතිවීමට හේතුවක් හෙවත් ප්රෂත්යගයක් නැතැයි යන්තම්වත් ධර්මශාස්ත්ර දැනෙන කෙනෙකුට කිව නොහැක්කේය. එබැවින් කරුණාකර මේ අල්පායුෂ්ක හෙවත් අඩු වයසේ මියයන්ට හේතුව කුමක්ද?

සරත් - ඔව් බොහොම හොඳයි - අපි පළමුකොට එක එක කාරණය ලුහු‍ඬෙන් විභාග කරගණිමු. අඩු ආයුෂ ඇතිවීමට හේතුව සතුන් මැරීම හෙවත් ප්රා ණඝාතය වේ.

පෙරේරා - දීර්ඝායු ඇතිවීමට හේතුව?

සරත් - සතුන් නොමැරීම හෙවත් සියලු සත්වයන් වෙත මෛත්රීව කිරීම දීර්ඝායු ලැබීමට හේතුවේ.

පෙරේරා - බොහෝ ‍රෝග ඇතිවීමට හේතුව?

සරත් - සත්වහිංසාව හෙවත් සතුන්ට වදබන්ධන හිංසා පීඩා කිරීම වේ.

පෙරේරා - නීරෝගිවීමට හේතුව?

සරත් - සත්වන හිංසාවෙන් වෙන්වී අසරණ දුක්ඛිත මනුෂ්යාකදී සතුන්ට සාත්තු සංග්රාහ කිරීම නීරෝගිවීමට හේතුවේ.

පෙරේරා - රූපයෙන් අවලක්ෂණවිමට හේතුව?

සරත් - ක්රෝරධකිරීම - දණ්ඩෙන් පහරලත් සර්පයෙක්මෙන් අනුන් කෙරේ කිපී ක්රෝලධ කිරීම අවලක්ෂණවීමට හේතුවේ.


පෙරේරා - ලක්ෂණවීමට හේතුව?

සරත් - ක්රොලධ නොකිරීම රූප සම්පන්නවිම හේතුවේ.

පෙරේරා - අල්පානුභාවය ඇතිවීමට හේතුව?

සරත් - අන්යඅන් කෙරෙහි ඊර්ෂ්යමකිරීම එනම් මේ අය මෙපමණ හොඳින් උසස් අන්දමින් ඉන්නවාය යනාදී වශයෙන් අනුන් ගේ යසඉසුරු නොඉවසීමයයි කියන ඊර්ෂ්යාන කිරීම අල්පානුභාවය ඇතිවීමට හේතුවේ.

පෙරේරා - මහෙශාක්ය‍ හෙවත් මහානුභාවේ ඇතිවීමට හේතුව?

සරත් - ඊර්ෂ්යාශ නොකිරීම හෙවත් අනුන්ගේ යසඉසුරු දැක ප්රහමුදිතවීම - මහානුභාව සම්පන්නවීමට හේතුවේ.

පෙරේරා - වස්තුව නැති දිළින්දෙක්වීමට හේතුව?

සරත් - මසුරුකම හෙවත් ශ්රිමණාදී ගුණවතුන්ටත් අසරණ යාචකාදීන්ටත් ලොකාර්ථදායී සත්ක්රි යාවලටත් නොදීම දිළිඳු වීමට හේතුවේ.

පෙරේරා - ධනවත් වීමට හේතුව?

සරත් - ත්යාධගවත් භාවයෙන් යුක්තව සිල්වත් ගුණවත් උතුමන්ට සංග්රතහ කිරීමත් අසරණ දුගී මගී යාචකාදීන්ට සතුටින් සංග්රසහ කිරීමත් ලොකාර්ථදායී සත් ක්රිීයාවලට පරිත්යාගග කිරීමත් ධනවත්වීමට හේතුවේ.

පෙරේරා - නීච කුලයෙහි ඉපදීමට හේතුව?

සරත් - වැන්දයුතුතන්ටවත් පිදියයුත්තන්ටවත් එසේ නොකොට දැඩි මාන්නයෙන් යුක්තවීම නීච කුලයේ ඉපදීමට හේතුවේ.

පෙරේරා - උසස් කුලයේ ඉපදීමට හේතුව?

සරත් - අධික මාන්නයෙන් වෙන්වීම හෙවත් වැන්දයුතු අයට වැඳම, පිදියයුත්තන්ට පිදීම, ගරුකළයුත්තන්ට ගරුකිරීම උසස් කුලයේ ඉපදීමට හේතුවේ.

පෙරේරා - අඥාන වීමට හේතුව?

සරත් -හොඳ නරක කුමක්ද? ධර්මය කුමක්ද? යනාදී වශයෙන් දැනගැනීම සඳහා කල්යාුණ මිත්රදයන්කරා නොඑලඹීමත් උතුම් වූ ධර්මය නොඇසීමත් හෙවත් කරුණු දන්නවුන් සේවනය නොකිරීමත් අඥාන වීමට හේතුවේ.

පෙරේරා - ඥානවත් විමට හේතුව?

සරත් - කාරණා දත් කල්යා ණ මිත්රය පණ්ඩිතයන් වෙත එලඹ ධර්මය අසා දැනගැණීම වශයෙන් පවත්වන කල්යා‍ණ මිත්ර සේවනය නුවණ ඇතිවීමට හේතුවේ. ඉතින් පෙරේරා මහත්මයාට මේ කරුණු ඇත්ත යයි වැටහුනාද?

පෙ - සත්තකෙන්ම මට වැටහුනා. තව විස්තරයක් අසන්ට කැමතිය - දැන් අල්පායුෂ්ක මිනිහෙක් වීමට හේතුව මීට ඉස්සර ආත්මයක ප්රා ණඝාතය කිරීම බව පැහැදිළිය. ඉතින් මේ ආත්මයේදී ප්රාඅණඝාත ක‍රණ අයට මේ ආත්මයේදීම විපාක නොලැබේද?

සරත් - ඔව් - පෙරේරා මහත්මයා අසන්නේ කර්ම විස්තරයකි. සමහරවිට මේ ආත්මයේදීමත් විපාක දෙන්ට පිළිවන. සමහරවිට නොදෙන්ටත් පිළිවන. කර්ම විස්තරය හොඳින් දැනගත්විට මෙලොව අදී වශයෙන් ඒ ඒ කර්මවලට විපාක දෙන හැටි දැනගත හැකිය. ඒ සම්බන්ධ සුලු විස්තරයක් කරමි. “කර්මය”නම් කුසලා කුසල චෙතනා සමූහයකි. ඒ චේතනා රාශිය 29 වන ආකාරයකි. අකුසල් සිත් 12 ය. කාමාවචර කුසල් සිත් 8 ය. රූපාවචර කුසල් සිත් 5 ය. අරූපාවචර කුසල් සිත් 4 ය. ඉතින් මේ සිත්වලින් සිතා කරණ ලද කර්ම සියල්ලම දොළසකට බෙදා තිබේ. කුසල් වශයෙන් හෝ අකුසල් වශයෙන් ඒ දොළස සැලකිය යුතුයි. එනම් (1) ජනක කර්මය, (2) උපස්තම්භක කර්මය, (3) උප පීඩක කර්මය, (4) උපඝාතක කර්මය, (6) ආසන්න කර්මය, (7) ආවිර්ණ කර්මය, (8) කෘතත්වාුත් කර්මය, (මේ කර්ම සතර විපාක දෙන පිළිවෙළ වශයෙන් වූ කර්ම සතරයි) (9) දෘෂ්ටි ධර්ම වෙද්ය කර්මය, (10) උප පද්යි වෙද්යා කර්මය, (11) අපරාපර්ය වෙද්ය් කර්මය, සහ (12) අහෝසි කර්මය, (මේ කර්ම සතර විපාක දෙන කාල වශයෙන් වූ කර්මය යි.) යනුවෙන් කර්මය දොළොස් ආකාර ප්ර්භේද බව සැලකිය යුතුයි. ඉතින් මේ කර්ම දොළස පිළිබඳ ඉතාමත් සංකෂේප විස්තරයක් කරමි. (1) ජනක කර්මය නම් - ප්රකතිසන්ධි විපාක හා ප්ර්වෘත්ති විපාක - මාතෘ ගර්භයක ඉපදීමටත් එහි ඉපදීම බිහිවීම ආදියත් සලසා දෙන - කුසල් හෝ අකුසල් කර්මය වේ. (²) උපස්තම්භක කර්මය නම් - සුගතියක


හෝ දුගතියක උත්පාදකර වූ ජනක කර්මයට ආධාර දෙමින් පවත්නා කර්මය යි. (³) උපපීඩක කර්මය නම් - ලබාගෙණ උපන්නාවූ සැප හෝ දුක බොහෝ කල් පවතින්නට නොදී අතරතුර ඒ වෙනස් කරමින් - සැපට හෝ දුකට බාධා කරන්නාවූ කර්මුය යි. (4) උපඝාතක කර්මය නම් - අන්ය‍ කර්ම බලයකින් ඇතිව පවත්නා විපාක සිඳ බිඳ දමන්නාවූ කර්මයයි. (5) ගරු කර්මය නම් - වෙන කර්මයකින් වැලැක්විය නොහැකි මරණින් මත්තේ නොඅනුමානව විපාක දෙන කුසල කර්මය හෝ අකුසල කර්මයයි. (6) ආසන්න කර්මය නම් - මරණ මොහොතේදී කරන්ට යෙදෙන කර්මයයි. (7) ආවීර්ණ කර්මය අකුසල් කර්මයයි. (8) කෘතත්වාත් කර්මය නම් - ගරු කර්මය ආසන්න කර්මයයි. ‍ආවීර්ණ කර්මයට අයිති නොවන හුදෙක් කළ පමණක්ම වූ කර්මයයි. (9) දෘෂ්ටි ධර්ම වෙද්ය කර්මය නම් - මේ ආත්මභාවයේදීම පමණක් විපාක දෙන කර්මයයි. (10) උප පද්යො වෙද්යා කර්මය නම් - මෙයින් චුතවූ උපදින ආත්ම භාවයේදීම පමණක් විපාක දෙන කර්මයයි. (11) අපරාපර්ය වෙද්යී ‍කර්මය නම් - 3 වෙනි ආත්ම භාවයේ පටන් නිවන් දකිනතුරුම ඉඩ ලැබුනු විටක විපාක දෙන කර්මයයි. (12) අහෝසි කර්මය නම් - විපාක නොදී නිශ්ප්රෙභා වන යි - එනම් දෘෂ්ටි ධර්ම වෙද්ය- කර්මයට මේ ආත්මයේදී විපාක නොලුබුනොත් එය අහෝසි වේ. උප පද්යද වෙද්යය කර්මයකට දෙවෙනි ආත්මභාවයේදී විපාක නොලැබුනොත් එය අහෝසි වේ. අපරාපර්ය වෙද්යො කර්මය රහත් ඵලයට පැමිණීමෙන් අහෝසිවේ. මෙසේ මා විසින් ඉතාමත් සැකෙවින් කියනලද මේ කර්ම විස්තරය උගත් පණ්ඩිතයන් ආශ්රායෙන් හොඳින් ඉගෙණ ගත යුතුය. අද අපේ කථාවේදී මීට වැඩි විස්තරයක් කළ නොහැක්කේය.

පෙරේරා - මහත්මයාගේ ඒ විස්තරය මට නම් තරමක් තේරුණා. මට තේරුම් ගැනීමට අවශ්ය- ධර්මය නම් (Eugenics) නමින් ඉංග්රී සියෙන් උගන්වන “සුද‍ා‍රකොත්පත්තිය” අපේ ධර්මයෙන් තේරුම් ගන්නා පිළිවෙළයි. උවමනා තරමට එය විස්තර කර දුන්නොත් මට පමණක් නොව මුළු රටටම ප්රරයෝජන වේ.

සරත් - ඔව්, ඇත්තෙන්ම අපේ රට දියුණුව පැවති කාලේ සාමාන්යන


216 සුචරිතාදර්ශය

රටවාසීන්ට “සුදාරකොත්පත්තිය” පිළිබඳ දැනීමක් තිබුනා. රටේ ඇතිවූ යුද්ධ භයාදිය නිසා රට හා ජාතිය පිරිහීමෙනුත් - ධර්ම ශාස්ත්රර ඉගෙනීමට ඉඩ නැතිවීමෙනුත් ක්රහමයෙන් ඒ දැනීම නැතිව ගොස් අන්තිමේදී තිරිසනුන් මෙන් - කාමාශ්වාදය නිසා විවාහ වීමත් - ප්රතකෘති ස්නේහය නිසා දරුවන් තැනීමත් පැවතෙනවා මිස සුදාරකොත්පත්තිය ගැන කිසිවෙක් මොකවත් නොදනී.

පෙරේරා - බටහිර රටවල උගන්වන ඉයුජැනික්ස් නම් සුදාරකොත්පත්ති ක්රේමය සත්යර ද?

සරත් - එහිත් සත්යර කරුණු තිබේ. නමුත් සම්පූර්ණ සත්යමයක් නොවේ. මක්නිසාද අකර්මවාදී වූ ශරීරික ධර්ම විද්යාිව පමණක් දන්නා පණ්ඩිතයන් විසින් ලියනලද ඒ ශාස්ත්ර ය අසම්පූර්ණ හෙයිනි.

පෙරේරා - යහපත් දරුවන් ඇතිවීමට වම්පියන්ගේ ශරීරවල පිරිසිදුකම ප්ර‍ධාන නොවේද?

සරත් - මව්පියන්ගේ ශරීරවල පිරිසිදුකම තුන්වෙනි වේ - හිත්වල පරිසුද්ධ භාවය පළමුවෙනියි - ප්රිතිපත්ති පිරීම දෙවෙනි ය - ශරීරවල නිරෝගිතා ආදී පරිසුද්ධ භාවය තුන්වෙනියි.

පෙරේ‍රා - ධනවත් උසස් මිනිසුන්ට -අල්පායුෂ්ක වූ - රෝගී වූ, අඥාන වූ - දරුවෝ සිටිති. එබැවින් මහත්මයා කියන චිත්ත පරිසුද්ධියත්, ප්රවතිපත්ති පිරීමත්, නිරෝගිතාදී ශරීර පරිශ්ර්ද්ධ භාවයත් උසස් දරුවන් ලැබීමට අවශ්යි බව පෙනේ.

සරත් - සත්තකෙන්ම කර්මවාදී සත්යන ධර්මය නොදත් පණ්ඩිතයන්ට ශාරීරික ධර්ම විද්යා්වෙන්ම ඒකාන්ත “සුදාරකෝත්පත්තිය” ප්රීත්ය්ක්ෂාකාරයෙන් පෙන්වාදීම අමාරුයි. එහෙත් බටහිර “සුදා‍රකොත්පත්ති ධර්මය” සලකන්නන්ට පවා එයින් ප්රටයෝජන ලැබිය හැකි බව පෙනේ.

පෙරේරා - සුදාරකොත්පත්තියට ප්ර”ධාන හේතුව මව් ද පියා ද?

සරත් - මෙය ඉතාමත්ම වැදගත් කාරණයකි. යහපත් උසස් දරුවන් ලැබීමට මුල් වන්නේ උසස් ගුණ ඇති මෑණියෝ වෙති - පියා දෙවෙන් වෙයි. දරුවෙකු සම්බන්ධ පුණ්ය පල ආදිය දහයට බෙදා බැලුවාම හත් ගුණයක් මව් නිසාත් තුන් ගුණයක් පියා නිසාත් ඇතිවේ.


පෙරේරා - දරුවාගේ උසස් ගති ගුණ මව්පියන් නිසාම ඇති වෙතොත් ඒ දරුවාගේ කර්ම විපාකයක් පලදෙන බව හැ‍ඟෙන්නේ නෑ නොවේද?

සරත් - ඉතාමත් ප්රපශස්ත ප්රමශ්නයකි. ලෝකයා මුලාව ඉන්නේත් ඔය නිසාමයි. ඒ නිසා මේ කාරණය ඉතාමත් හොඳින් විස්තර කටයුතුව තිබේ. පෙරේරා මහත්මයා ඡායා රූප ගැනීමේ ශිල්පය ගැන අසා තිබේද?

පෙරේරා - ඔව් මම අසා තිබේ. කැමරා නම් යන්තුයෙන් - ඖෂධ ගල්වනලද වීදුරුවට - ඒ පිළිබඳව ක්රිායා පටිපාටියක් දත් ශිල්බඥයෙකු විසින් යම් කෙනෙකුගේ හෝ වස්තුවක පින්තූර ගැනීමෙන් ඒ මිනිහාගේ හෝ වස්තුවේ නියම ස්වභාව කිසිත් වෙනස් නොවන්නට පින්තූරය ගන්නා බව දනිමි.

සරත් - යම් පුද්ගලයෙක් අත පය දිගු කරමින් ඇස් පියමින් මුඛය විවෘත කිරීම් ආදී නොසංසුන් ගතියක්න් සිටියදී පින්තූරයක් ගණු ලැබුවොත් - එය කෙසේ වේද?

පෙරේරා - ඇත්තෙන්ම එය විකාර සිතියමක් වේ. ශිල්පියා කොතරම් දක්ෂ වුවත් පින්තූරය ගණු ලබන තැනැත්තා තැන්පත්ව සිටි අන්දමටම මිස වෙන කිසි විධියකට ඡායාරූපය නො ලැබේ.

සරත් - හොඳයි යම් පුද්ගලයෙක් පින්තූරය ගන්නාවිට මුඛය විවෘත කරගෙණ සිටියොත් - ඔහුගේ ඡායා රූපයේ ප්රිකෘති මුඛයේ ස්වභාව දක්වන ගතියක් ඇති වේද?

පෙරේරා - සත්තකෙන්ම නැත. කට විවෘත කරගත් අශොභන ඡායා රූපයක් ඔහුට ඇතිවේ.

සරත් - ඉතින් එසේ සිටියදී විකාර රූපයක් ඇතිවේ. දක්ෂ ශිල්පියා පින්තූරය ගැණීමට පෙණී ඉන්නා ඇත්තන් යථා විධියෙන් තබා පින්තූරය ගන්නා බව සැලකිය යුතුය. ඒ අන්දමටම මව්පියන්ගේ හිතටත් ක්රිණයාවටත් අනුරූප වූ ප්රවතිසන්ධි චිත්තයක් ඇති සත්වයෙක්ම දරුකමට පැමිනෙන බව සැලකිය යුතුයි. උසස් පිරිසිදු ශරීරයක් ඇති මව්පියන්ගේ දරුකමට පැමිණෙන තැනැත්තාගේ ප්රරතිසන්ධි චිත්තය කාමාවචර කුසල් සිත්වලට ඇතුළත් බව සැලකිය යුතුය. ඔහුගේ ජනක කර්මය කුසල් සහගත බැවින් මව්පියන්ගේ


උසස් පැවැත්මට විපාකයක් වශයෙන් දිව්යර ලෝකාදියෙන් චුතවන පින්වත් සත්වයෙක් දරුකමට එලඹේ. එවිට උපදින තැනැත්තාගේ කුසල කර්මයම ප්ර්ධාන වෙන බව සැලකිය යුතුය. එහෙත් ඒ පින්වත් සත්වයාට ඉපදීමට ස්ථානය පිළියෙල වූයේ මව්පියන්ගේ උසස් පැවැත්ම නිසා බව තේරුම් ගත යුතුය.

පෙරේරා - එතකොට ගුණ ධ‍ර්ම විරහිත මව්පියන්ටත් සමහරවිට උසස් දරුවන් ලැබෙන්නේද?

සරත් - ඒ අනියම් විධියක් - දෙහි ඇ‍ටවලින් කලාතුරකින් දොඩම් ගස් ද ඇතිවන්නාක් ‍වැනි ක්රිතයාවකි. එබඳු අද්භූත සිද්ධවීම් පවුල් ලක්ෂයකින් එකක්වත් සිද්ධ නොවේ.

පෙරේරා - දැන් අපට කාරණය හොඳින් වැටහුනා. මව්පියන්ගේ චරිතයට අනුකූලව පින් හෝ පව් අධික ලමයෙක් උපදින බවත් ඒ ලමයා උපන් පසු ඉගෙණීම ආශ්රාධදිය නිසා මව්පියන්ට වඩා අධික ගුණයට හෝ අවගුණයට පත්වන බවත් දැන් අපට හොඳින් වැටහුනා. මව්ගේ සිතීම ගර්භස්ථ දරුවාගේ මොලේ ඇ‍ඳෙන බවත් සුදාරකොත්පත්තියට චිත්ත චෛතසිකාදී අභ්ය න්තරපරිසුද්ධ භාවය අවශ්යත බවත් හොඳින් වැටහුනා යයි කියා පෙරේරා ආදී එහි සිටි තරුන පිරිස සරත්ට ස්තුතිකොට රාත්රීය එකත් පසුවී සතුටින් නිදාගත් හ.

19. පරිච්ඡෙදය[සංස්කරණය]

ජෝන් සින්වා හා අබේරත්න රාළහාමිත් ඔවුන්ගේ නිවසට පැමිණියාහ. තරුණ අබේරත්න ඔවුන් එනතුරුම නොනිදා උන්නේය. සරත් ඒකනායක පවුලට නොබැ‍ඳෙන බව ඔවුහුද නිසැක ලෙස පිළිගත්හ. ඒ බව පසුදින උදේම ඒකනායක වලව්වට පැමිණි ‍ජෝන් සිල්වා ඒකනායක රාළහාමිට කීවේය. උන්නැහේ කනගාටුවුනු නමුත් ඒකනායක ලමාතැනීට ඒ වචන ඇසීමෙන් බලවත් ප්රී තියක් ඇතිවිය.

ඒකනායක ලමාතැනී - මොකද ජෝන් සිල්වා - අපේ රාළහාමිගේ සැක යන්ට උඹලා තව විඩයක් සරත් කුමාරයා බලන්ට ගියා නොවැ! මොකද කීවේ?


සිල්වා - මොනවාද ‍වලව්වේ හාමුදුරුවනේ - අපි ඒ ගැන කතා කරන්ට ගියා. ඒ ගිය වේලේ පටන් ඒ හාමුදුරු මහතා අපට බන කියන්ට පටන් ගත්තා. මට මේ ලෝකේ දෙයක් තේරුනේ නැහැ. මට ඕනෑ කරන බනක් නැහැ. මොකවත් හම්බකරගෙණ හොඳට කාලා බීලා ඉඳීම මිස වෙන මොන බණද?

ලමාතැනී - අන්න මටත් ඇහුනේ එච්චරයි. බණ වැඩි උනායින් තමයි එයාගේ අම්මත් තාත්තත් ඉක්මනට මැරී ගියේ. ඒ වාගේම එයාටත් බණ වැඩිවීම නිසා හිඟාකාලා මැරෙන්ට වෙනවාට කීයක් ඔ‍ට්ටු ද?

රාළහාමි - බණ නම් කවදාවත් වැ‍ඩිවෙන එකක් නැහැ. බණ වැඩි වුන කාටවත් මෙලෝ පරලෝ දෙකේම අනතුරක් නොවේ. නමුත් බණ කියමින් දුසිරිත් කරන්නන්ට නම් අමාරු වෙන්ට පුළුවනි. ඊටත් වඩා බණ කොහෙත්ම නොදැන දුශ්චරිත කරන්නන්ට කොයි මොහොතේ අනතුරු වේ දැයි කියන්ට බැරියයි කියා ඉවර වෙනවාත් සමගම පෙරේරා හාමු පෙරකදෝරු මහත්මයා මොටෝ රථයකින් ඒකනායක වලව්වට ආයේය.

ඔහු හොඳින් පිළිගත් ඒකනායක ලමාතැනී - මගුල් ජෝඩුකාර ජෝන් සිල්වාත් සිටි බැවින් අද සියල්ලම තීන්දු කර ගණිමියි සිතා “ඔන්න රාළහාමි අද ‍අපේ මංගල්යදය තීන්දු කරගන්ට ඕනෑ - පෙරේරා හාමුත් ජෝන් සිල්වාත් රාළහාමිත් ඉන්නා බැවින් කතා කරගත යුත්තක් තිබේ නම් අදම තීන්දු කර ගණිමු යයි” කීවාය. එල්ලෙන්ටත් වැල් නැතිව ඉන්නා පෙරේරා හාමුද - “ඔව් මා ආවෙත් සතුටක් තිබෙතොත් අදම නම් රෙජිස්ටර් කරවීමටයි - ‍ජෝන් සිල්වා මා සමග කීවෙත් - අන්තිම දවස අදය කියායි - එසේ නම් පල්ලියට ගොස් අපේ දේවගැති මහතාට කියා නම් ප්රතසිද්ධ කරමු - නැත්නම් උන්නැහේ ගෙන්වමුය”යි කීය. ඒකනායක ලමාතැනීට ඉසේ මලක් පිපුනාක් මෙන් ඒකනායක උන්නැහේ ලඟට දුවලා “ඔව් ඩියර්. කරන්ට තිබෙන වැඩේ මොකට පරක්කු කරණවාද - එහෙනම් දැන්මම. මොටෝ රථයේ නැගී ගොස් පෙරේරා පාදිලි උන්නාන්සේ සමග එන්ටයයි කීයේය. එක පැයක්වත් අස්වැසිල්ලෙන් ඉන්ට නම් ඈ කියන දේ කළයුතු බව - අ‍ඟේ “මළවලාමය” අසා පුරුදු ඒකනායක රාළහාමි දන්නා බැවින් - “හොඳයි උඹ කියනවා නම් පාදිලි උන්නාන්සේ එක්ක එන්නෙමියි” කියා මොටෝ රථයේ නැගී ඔවුන්ගේ දේවගැති තැන වෙත ගියේය. දේවගැති තැනත් වරක් අදහස් කළ මගුල බැවින් ඒකනායක රාළහාමිත් සමග මොටෝ


රථයෙන් පිටත් විය. ඔවුන් එනකොට ඒකනායක ලමාතැනී මඟුල් ගෙදරක් මෙන් කෑම බීම ලැහැස්තිකර ති‍බුනේය. දියනිය වන ඩොරොතිට ඇඳ පැළඳගෙණ පියානාව ගහන්ට කීවාය. නමුත් හින්නි නමින් ඉන්නා කඩවරයා නම් චණ්ඩාල ජ‍ඩ මනුෂ්යඔයා ඇගේ “ආයා” වුනාට පසු ඩොරොති වෙනස්වී කිසිම බලාපොරොත්තුවක් නැත්තියක් මෙන් ඉන්නීය. කෑම බීමට හෝ ක්රීමඩාදියකට කිසි සතුටක් නැතිව හින්නිව ලඟම තබ‍ාගෙණ නිදා ඉඳීම දහ දොළොස් දිනක පටන් ඇගේ සිරිතක් විය. නමුත් මම්මාගේ කරදරයට හොඳට ඇඳ පැළඳගෙණ පියානාව තට්ටු කරන්ට පටන්ගත්තීය.

මේ අතර පාදිලි තැනත් - ඒකනායක රාළහාමිත් ආයේය. පෙරේරා පාදිලිතැන “පෙරේරා හාමුව දැක - ඔන්න හාමු මහත්මයා මේ මඞගල්යදය ජෝඩු කළේත් මමයි. නම් ප්ර සිද්ධ කිරීමටත් මට ලැබුනා - දේවාශීර්වාදයෙන් සුභ මඞගන්ය යක් වේවායි කියා අතට අත දී - වාඩිගෙණ කවු‍රුත් සතුටු වියයුතු කතා පැවැත්තුවෝය.

ජෝන් සිල්වා පෙරේරා හාමුට කථාකොට “ඔන්න හාමු මහත්මයා දෑවැද්ද හා බූදලේ පලහිලව් දැන් කතාකර ගත්තොත් හොඳයි. අපේ මේ පාදිලි උන්නාන්සේ ඉන්දදීම ඒ තීන්දු “කර ගැනීම සෑහේ යයි” කීවේය. එවිට ඒකනායක රාළහාමි - ඔව් ජෝන් සිල්වා - අප සන්තක යමක් තිබේද - ඒ සියල්ලම අයිති වෙන්නේ අපේ දුවටයි” කියනකොට ලමාතැනී නැගිට “ඇයි රාළහාමිගේ නංගීගේ බූදලේ” කිය‍ා ඇසුවේය. ඔව් ඒකත් දැන් මා නමින් තිබේ. සරත් මට අකීකරු වුනු නිසා ඒකත් අයිතිවෙන්ට ඕනෑ”යයි කියනකොට - වැඩකාරුවන් දෙදෙනෙක් කේක් හා විස්කෝතුත් - ෂැම්පිනුත් පිළිගැන්වූහ. යාඥාවත් කියා ‍පෙරනම් ප්රතසිද්ධ කරණ ලදී. බූදලය ලියාදීමේ කටයුතු තමාට කැමති නොතාරිස් කෙනෙකුට භාරදෙන්ට යයි ඒකනායක රාළහාමි කී බැවින් - පෙරේරා පෙරකදෝරු මහතාද සතුටුව ලබන මාසේ මැදදී කසාද බැඳීමට තීන්දු කරගෙණ කවුරුත් ප්රීදතිව සිට සවස 6 ට පිරිස ඒ ඒ තැන්වලට ගිය හ. පෙරේරා පෙරකදෝරු තැන යනකොට රාමන් එතන වැ‍ඩ කරමින් සිටියේය. සිල්වාගේ මිත්රන පෙමියා‍නුත් අත්තෝනි අප්පුත් ඔවුන් ආ හැටියේම ආහ. ඉතින් එහිදී ජෝන් සිල්වා විසින් සරත් විනාශ කිරීමට යොදා තිබෙන පිළිවෙළ කථා කරගත්හ. “ඔන්න හාමු මහතා ලබන මස 18 වෙනි බදාදා රාත්රීළ අපි සරත් පිටිදකින්ට ඕනෑ - එදා රාත්රීම දහයට මම

සරත් සම්බ‍වෙන්ට ගොස් මක්කරලාවත් එතන නවාතැන් ගන්නෙමි. මේ පෙමියානුත් හින්නී නමින් ඉන්නා කඩවරයාත් අතරමන් වූ අසරණ අඹු සැමි දෙදෙනෙක් වාගේ එතනට රාත්රීන එකොළහට එනවා ඇති. ඒ ආවාම ඔවුන්ටත් ඉස්තෝප්පුවේවත් නවතින්ට මම සලස්වන්නෙමි. මාත් ඉස්තෝප්පු වේ ඉඳලා සරත්කුමාර නිදාගත් හැටියේ - මම එතනින් අවුත් - මගේ මිත්ර අබයරත්න මහතාත් සමග නුවර යන්නෙමි. ඉස්තෝප්පුවේ කාමරයේ නිදා ඉන්නා සරත්ට පෙමියානුත් කඩවරයත් සුදුසු අනතුරක් කොට පැනලා යනවා ඇති. කඩවරයාගේ ස්ත්රීය වේශය ඉවත්කොට පෙමියානුත් මරක්කල වේශය ගත්තාම ඔවුන් අඳුනා ගැණීමට කාටවත් බැරිය - ඉතින් සරත්ට යම්කිසි අනතුරක් වුනාට අප කවුරුවත් අසු වන්නේ නැත. ඉතින් මේ පිළිවෙළ හරිදැ”යි හාමු මහතා කියන්ට ඕනෑ යයි කීවේය. ගෙදර නොයෙක් කටයුතු කරමින් මේ කුමන්ත්රනණය අසා සිටි රාමන්ට පෙරේරා හාමු කථාකේට විෂ්කි බෝතලයත් සෝඩාත් ගෙනෙන්ට කීයේය. ඔහුද ඒ ගෙණත් දුන්නේය. ජෝන් සිල්වාත් ඔහුගේ මිත්රනයන් දෙදෙනාත් පෙරේරා හාමුත් - පුන්චි අඩිය බැගින් ගැසූ පසු බලවත් ධෛර්යට පැමිණි බැවින් වැඩිදුරටත් පුරසාරම් කියා ‍ජෝන් සිල්වා යොදා තිබෙන උපාය ඉතාමත් හොඳයයි ප්රරශංසා කළහ. පෙරේරා හාමු ඒ ගැන ඉතාමත් ප්රීඋතිව “ආ ජෝන්, සරත්ට එට්ටුව පෙරළන්ට හදා තිබෙන උපක්රාමය නම් ඉතාම අගෙයි. කිසිවෙකුටත් දැනගත නොහැකි හොඳ විධියක්. නමුත් ධර්මදාසට කුමක් කරමුද? ඒ ගැන මිස්ටර් සිල්වා යොදාගෙණ තිබෙන උපක්රාමය මට තවමත් දැනගන්ට බැරිවුනා. කරුණාකර ඒකත් කියන්ට යයි කීවාම ජෝන් සිල්වා සිනාසී “මොනවද හාමු මහත්මයා ඔහුටත් මාර්ගරට්ටත් එක වි‍ඬේම එට්ටුව පෙරළන හැටි බලන්ට. අනිද්දා හවස ධර්මදාසට සුජාතා පෙන්වන බවට මම පෙ‍ාරොන්දු වුනා. රාත්රිි හතට ඔහුත් සමග පෙමියානුලාගේ ගෙදර ලඟට ගොස් මොට්ටක්කිලිය ලාගෙණ මරක්කල තරුණියකගේ වේශයෙන් ඉන්නා මාර්ගරඒ යන්තම් පෙන්වන්නෙමි. ඔහු සුජාතා බව නිසැකව අවබෝධ කරවා ඇය ලබාගන්නා පිණිස ආසාවක් ඇති කොට ඔහුගෙන් මුදලකුත් මම ගන්නෙමි. ලබන මස 18 වෙනි බදාදා රාත්රිල ඈ හොරෙන් කැඳවා දෙන්නෙමියි ධර්මදාසට ගෙන්වා මගේ මිත්රස මිනීමරු මොටෝරථකාරයෙකුගේ රථයකට මාර්ගරට් හා ධර්මදාසත් නංවා යවන්නෙමි. ඒ ඇලඩින් නමැති මගේ මිත්රන ඩ්ර යිවර් ධර්මදාස හා මාර්ගරට්

කසාද බඳින දින අනිද්දා බැවින් ඈ විවාහවුනු පසු මිය ගියත් ශ්රීි පරාක්රඳමසිංහගේ බූදලය හිමිවීම නියතය. මක්නිසාද දැන් උන්නැහේ අසනීපයෙන් බැවින් ධර්මදාස මළොත් දැනට ලියා තිබෙන බූදලය වෙනස් නොවන බැවිනි. ඈ අන්තරායට පත්කොට ඊට පසු සතියේ හෙවත් අප නියම කරගත් අන්දමට ඒකනායක රාළහාමිගේ දුවනිය කසාද බැඳ ඒ බූදලයත් - හාමු මහතාට ලබා ගන්ට පිළිවන් වේවි. හොඳයි තව පහලොස් දිනක් යන්ට ප්රුථම මා විසින් කරන්ට යෙදෙන හපන්කම බලන්ට පිළිවනැ”යි කීවාම අන්තෝනි අප්පු හා පෙමියානුද බොහොම සතුටුව සිල්වා මහතා අපට කියන ඕනෑම එකක් අපි කරණවායයි ඔවුන් කවුරුත් මහත් ප්රී තියට පැමිණ රාත්රීක දොළහට පමණ සිය නිවෙස් වලට ගිය හ.

ජෝන් සිල්වාද ගෙදරට අවුත් තමා යොදා තිබෙන උපක්රීම වල අගය කල්පනාකරමින් සතුටුව නිදාගත්තේය. උදේ හයට තරුණ අබයරත්න මොටෝරථයේ නැගී අවුත් ජෝන් සිල්වාට කථා කෙළේය. මොකද සිල්වා උන්නැහේ. උදේ හයට ලැහැස්තිවෙලා ඉන්නවාය කියා තවමත් බුදි මොකද? නුවර යන්නේ නැද්දැයි ඇසුයේය. “ඔව් මහත්මයා මට මතක නැතුව නිදාගත්තා නොවේ. අද මම විතරක් නුවර යන්ටයි සිටින්නේ මහත්මයාත් සමග නුවර යන්නේ ඒ මා තනියම ‍ගොහින් ආවාට පස්සේය. දැන් හතාමාරේ කෝච්චියෙන් ගොස් මම හෙට හවස එන්නෙමි. පවිස්තිනා ඇගේ මව්ගේ කැමැත්තෙ න් කසාද බඳින්ට පිළියෙල කරගත නොහැකි වුනොත් රහසින් කැමැතිකරගෙණ මව්ටවත් නොදැනුවත්ව ඈ කසාද බඳවා දුන්නොත් මහත්මයාට ඇද්දැ”යි ජෝන් සිල්වා කීවේය. “ඇත්තෙන්ම ජෝන් සිල්වා උන්නැහේ ඈ එසේ කසාද බඳවා දුන්නොත් එවලේම තමුසේට රුපියල් දාහක් දෙන්නෙමි. ඊට පසු තවත් උවමනා උපකාරයක් කරන්නෙමි. ඔය තමුසේ කියන්නේ පවිස්තිනා ඒ තරම් පහසුවෙන් කසාද බැඳගන්ට පිළිවන්ද නැද්ද යන බව දැනගෙනදැ”යි අබයරත්න ඇසුවාම “අතේ මහත්මයෝ ජෝන් සිල්වාව තවමත් අඳුනන්නේ නැහැ. ඔය පවිස්තිනා තබා - ඕනෑම දක්ෂයෙකු මට එක දවසින් නමාගන්ට පුළුවන් බව දැනගන්ට හොඳයි - මම මහත්මයාට ලබන සතියේදී පවිස්තිනා කසාද බඳවා දුන්නොත් මදිදැයි කීවේය. අබයරත්නත් ජෝන් සිල්වාගේ නිර්භීත කීම් ගැන පුදුමව ‘හොඳයි?, මිස්ට‍ර් සිල්වා දැන් හයාමාරයි එහෙනම් ලැහැස්තිවෙලා රේල්ලට යන්ට, මගෙන් යමක් උවමනාදැයි ඇසුවේය. “මට අද මහරාශියක් වියදම් ඕනෑ - රුපියල් දෙසිය පණහක්

නැතුව අමාරුයි - හාමු මහතා කරුණාකර මට රුපියල් 250 ක් දීලා යන්ට ඕනෑය”යි කීවාම අබයරත්න කිසි ලෝබකමක් නැතිව ඔහුට රුපියල් 250 ක් දී ඔහුවත් තමාගේම මොටෝ රථයේ රථයේ නංව‍ාගෙණ මරදානේ දුම්රියපලට ගොස් ඉක්බිති තමාගේ අතින්ම මුදල් ගෙවා දෙවෙනි පංක්තියේ යාම ඊමට අවසර පත්රියක්ද අරන් දුන්නේය. ජෝන් සිල්වාත් මහත් සතුටින් හතාමාරට පිටත්වන දුම්රියේ දෙවෙනි පංක්තියේ කාමරයක නැග්ගේය.

ඔහු නැගුණු කාමරයේ කලකිරුණු ගතියක් ඇති යුරෝපීය ඇඳුමෙන් සැරසුන තරුණයෙක් පමණක් සිටියේය. මරදාන පසුවුනු හැටියේ ජෝන් සිල්වා සිගරැට් ටින් එක සාක්කුවෙන්ගෙණ එකක් පත්තුකරගෙණ ඒ තරුණයාටත් සිගරැට් බොන්ට කියා ටින් එක එහෙමපිටින්ම ඔහු අතට දුන්නේය. මේ දීමනාවේ නිර්ලොභීකමත් ගෞරවයත් සැලකූ තරුණයා ජෝන් සිල්වා කෙරෙහි මහත් සැලකිල්ලක් ඇතිකොට කථාවට බැස්සේය.

ජෝන් - මහත්මයා මේ බැහැරක්ද? මහත්මයාගේ නම කොහොමද? පදිංචි කොහේද?

තරුණයා - මගේ නම රුද්රි්ගු, මම නුවර යනවා - සමහරවිට මම මාතලේටත් යන්නෙමි. මේ මහත්මයා කොහාටද?

ජෝන් - මම පොල්වතුකාරයෙක්. මගේ ගණුදෙනුකා‍රයෙක් සම්බවීමට නුවර යන්නෙමි. මගේ නම ජෝන් සිල්ව‍ා, මහත්මයා දුටු හැටියේම මගේ හිතේ බලවත් කනගාටුවක් ඇති වුනා. මොකද මහත්මයා කලකිරුනා වාගේ මළානිකව ඉන්නේ.

රුද්රිාගු - මිස්ටර් සිල්වා වැදගත් උගත් කෙනෙක් බව පෙණෙනවා. මට වෙලා තිබෙන විපත කීවොත් මුන්නැහේ පුදුම වෙනවා. මම මේ යන්නේ සිහියකින් කල්පනාවකින් නොවේ. මට කරන්ට කිසිත් නැති නිසා නිකම්ප‍ාහේ ඇවිදින්ට යනවා.

ජෝන් - මොකද මහත්මයාට යම් කිස අමාරුවක් නම් මම පිහිට වෙන්නෙමි. මුදල්හදලකින් අමාරුවක් නම් මට උදව් කරන්ට පුළුවනි.

රුද්රිිගු - බොහොම ස්තුතියි. මට මුදලුත් දැන් බොහොම හිඟයි. ඊටත් වඩා මගේ භාර්යාවගේ කරදරයත් ඇගේ නෙරෙක්කුත් විඳ දරාගන්ට බැරිව ඉන්න අතර දැන් ඒකී මා අත් ඇර උ‍ඩරට පැත්තට ගෙහින් කොයිබ ඉන්නවාද කියා දන්නේත් නැහැ.


දැන් මට සිද්ධවී තිබෙන අවුල දෙවියන්ට මිස වෙන කියන්ට කෙනෙක් නැත.

ජෝන් - මොකද කසාද බැන්දේ හිතුවක්කාර කමටද? වැදගත් තැනකින් නොවේද? උගත් ස්ත්රිේයක් නොවේද?

රුද්රි ගු - අනේ මිස්ටර් සිල්වා - ප්රගසිද්ධ මහත්මයෙකුගේ දුවක්. අපේ මව්පියන්ගේ ඕනෑකමට ඉතාමත් ප්රමසිද්ධයෙන් කරගත් මගුලක්! මගේ “වයිfප්” සීනියර් ලෝකල් පාස්කළ උගතියක්.

ජෝන් - ඉතින් මොකද කරදරය?

රුද්රිනගු - මිස්ටර් සිල්වාට මම කථාන්තරයක් කියන්නෙමි. මී දෙනෙකුත් පැටවෙකුත් රාත්රි්යේ ගොදුරු සොයා ඇවිදින විට ගේ හිමියා හබකයක් මානා හට්ටියක් තබා තිබුනේ ය. ඒ හට්ටිය තවත් බරවීමට ගණදෙවියන්ිගේ ලෝභ රූපයක් ඒ හට්ටිය පිට තබා තිබුනේය. හබකේ දවටා තිබුනු කෙසෙල් ගෙඩි කැබැල්ලේ සුවඳ ආඝ්රාේණය කළ මී පැටවා මවුටත් හොරෙන් හට්ටිය ඇතුළට රිංගා කෙසෙල්ගෙඩි කැබෙල්ල කනවිට හබක ගැස්සී, හට්ටිය බිම පතිතවී - මී පැටවා අසුවූයේය. ඉතින් ඌ මරහඬ තියනවිට එලියේ සිටි මව් මීච්චි -“අනේ පුතේ හඬන් නෙ කුමටද - දෙයියන් සිහිකර ගණින්නැ”යි කීයේය. එවිට හට්ටිය ඇතුලේ සිටි මී පැටවා අනේ අම්මේ මට මේ හට්ටිය උස්සාගෙණ එලියට බහින්ට ඉඩ නොදෙන්නෙත් ඒ දෙවියන්යයි කියා ඇඩුවේය. ඉතින් සිල්වා උන්නැහේ ඒ වගේ මටත් මේ අමාරුව සිද්ධවී තිබෙන්නේ මගේ භාර්යාවගේ උගත්කමත්, ධනවත්කමත්, වැදගත්කමත් තමයි. දැන් මට හිඟානොකා හිඟාන්ට වී තිබෙන්නේත් හිතට මහත් කනගාටු ඇතිවී තිබෙන්නෙත් ඇගේ “උසස් සීලාචාරකම” නිසාය.

ජෝන් - ඔහෝ එහෙනම් මහත්මයාගේ නෝනා කොයි විධියකින්වත් සතුටු කරන්ට බැරි කෙනෙක්!

රුද්රිබගු - අනේ මිස්ටර් සිල්වා - ඒක මොකට කියවනවාද? අපි කසාද බැඳලා මාස හතරයි. මේ එකසිය විසිදවසෙන් තුන් හතර දිනක් ඇර අනිත් සියලුම දිනවල මගෙත් ඇගෙත් හිත ප්රෙසන්නව ඉන්ට ලැබුනේ නැහැ. අගේ සිත සතුටු කරන්ට පිළිවන් මිනිහෙක් මුළු ලෝකේම නැත.

ජෝන් - ඒ මොනවායින්ද? කෑම ඇඳීම ආදියෙන්ද?


රුද්රි ගු - අපේ ගෙදර කෑමබීමාදියෙන් කිසි හිඟයක් නැත. නමුත් මේ තැනැත්තී මටවත් - අනිත් ගෙදර කාටවත් සැනසිල්ලක් දෙන සතු‍ටු මුහුණෙන් එක පැයක් ගතකරණ කෙනෙක් නොවේ. මා විසින් මොකක් කීවත් ඈට හොඳ නැත - මා විසින් කොපමණ හොඳ දෙයක් ගෙණාවත් ඈට රිස්සෙන්නේ නැත. උ‍දේ හැතැප්ම 20 ක් දුර ගමණක් ගොහින් ආවත් නැවත හිතුනොත් තව කො‍හේවත් යවනවා. අපට ලැබෙන තරමටවත් අපේ ප්රතමාණයවත් කවදාවත් නොදන්නා මේ හැතිරි කියන්නේ ඈට හිතෙන දේ නොකොළොත් ජීවිතෙත් පලක්නැත කියයි. මා සමග ඈ විවාහවුනේ බලවත් ප්රේකමය පෙන්වාලාමයි. ඈ විසින් මට ලියන ලද “ආදර හසුන්” පණහකටත් වැඩියි ඈ ගෙදර දොරේ වැඩ මොකවත් නොදනිතත් සිනියර් ලෝකල් පාස් කළ කෙනෙකි. ලොකුම ලොකු ඉංග්රීකසි ගැහැණු කොලීජියක අවුරුදු හතක් බෝඩිං වෙලා සිටි කෙනෙකි. නමුත් දැන් ඈ මට අබමල් රේනුවක් තරමවත් ආදරේ නැත. මා පේන කොට ඈට විසක් වාගේය - මටත් දැන් ඈ පෙණෙන්ටවත් බැරිය. මගේ මව්පිය සහෝදරාදීන්ට ඈ වච්චනාවිවෙලා!

මොවුන්ගේ මේ කථාව අසාගෙණ අල්ලාපු කාමරේ සිටි තලතුනා මහතෙකුගේ හිත උණුවී වේයන්ගොඩ දුම්රිය පලේදී ඔවුන් සිටි කාමරයට ඇතුල්විය - විජේරත්න නැමති ඒ තලතුනා මහතා ඔවුන්ගේ කතාව අසා මහත් කනගාටුවට පත්වූ බව කීවේය.

ජෝන් - ඔව් මහත්මයා - අපේ මේ තරුණ මහතාට “උගත් වැදගත් ධනවත්” නෝනා කෙනෙක් “ප්රේමමය” මුල් කරගෙණම කසාද බැඳලත් සිත් තැවුල්ලට පැමිණෙන්ට වී තිබෙනවා. උන්නැහේට සැනසෙන යමක් මහත්මයා වැනි තලතුනා කෙනෙකුට කියා දෙන්ටත් පුළුවන. අනේ මේ ලෝකේ කරදර!

විජේරත්න - (රුද්රිේගු කථාකොට) මහත්මයා හදිසියේ හිතුවක්කාරකමට විවාහවුනු කෙනෙක්ද?

රුද්රිුගු - නැහැ. අවුරුදු දෙකක් පමණ මගේ මව්පිය ඤාතිවරයනුත් මාත් පරීක්ෂාකොට කරගත් විවාහයක්. මට ඇගේ ජීවිතයටත් වඩා ආදරේ බව දන්වා එව් ලියුම් ගණනක්ම මා ලඟ තිබේ. නමුත්


දැන්නම් ගරඬි කුණකට තරමවත් මට ආදරේ නැත.

විජේරත්න - ආදරය, ප්රේ.මය, රතිය හෙවත් ආසාව යන මේ එක සමාන වචනයි. ආදර පෙරදැරි කරගෙණ කසාද බැන්ද අය ගෙන් සියේට අනූවකටත් වඩා මහත්මයා මෙන් දුකට පත් වී ඉන්නා බව දනිමි. මේ වේයන්ගොඩ පැත්තේ වැදගත් මිනිහෙක් ආදරේ නිසා කසාද බැඳ ආදරේ නැතිවුනු හැටියේ ඊයේ රාත්රිආ ඇසටික් ඇසිඩ් බී මරුමුවට පත්විය. “ආදරේ” හැටි ඔහොමතමා!

රුද්රිටගු - ආදරේ නිසා කසාද නොබඳිතොත් කුමක් නිසා කසාද බැන්ද යුතුද?

විජේරත්න - හොඳ ප්රේශ්නය. කසාද බැන්ද යුතු ආදරය නිසා නොව ලෝකයේ පවත්නා චාරිත්රග ධර්මයක් ගිහිගෙයි විසීමේ ස්ථිරතර භාවයක් ඉෂ්ටකරණු සඳහා පමනකි. ඒ ගෘහස්ථ ධර්මයට අදාල යුතුකම් පසක් ස්ත්රීහ විසින් පුරුෂයාට ඉෂ්ට කරණ පිණිසත් එසේම පුරුෂයා විසින්ද ස්ත්රීපට යුතු කම් පසක් ඉෂ්ට කරණ පිණිසත් - අවංක පෙරොන්දුවකින් බැඳී පටන් ගන්නා ගෘහස්ථ වාසයට විවාහවීමයයි ව්යොවහාර කරති. මොනවද මහත්මයෝ ආද‍යයි කියන්නේ හිතේ හටගන්නා රාගයේ මලකඩටයි. ස්ත්රිනයෙකුට හෝ පුරුෂයෙකුට දැඩි රාග චෙතනාවක් ඇතිවූවිට යම් පුරුෂයෙක් හෝ ස්ත්රිටයක් හමුවී නම් ඔහු කෙතරම් තමාට නොගැලපෙන කෙනෙක් උවත් ඈ කෙරේ හෝ ඔහු කෙරේ බලවත් ආදරයක් ඇතිවේ. නමුත් ඒ රාග ‍චෙතනාව තුනීවෙන කොටම ඈ නොහොත් ඔහු කෙරේ පැවති “ආදරය” අන්තර්ධාන වේ. ආදරය ඇතිවන වේලාවකුත් නැතිවන වේලාවකුත් තිබේ. නමුත් ධර්මය හෙවත් තමාගේ යුතුකම් ශ්ෂ්ටාචාර මනුෂ්ය යන්ට කොයි වේලාවකවත් වෙනස් කළ නොහැකි බැවින් ස්ත්රි‍යකට දැක්විය යුතු යුතුකම් රක්ෂාකරණ පුරුෂයාත්, පුරුෂයෙකුට දැක්විය යුතු යුතුකම් දක්වන ස්ත්රිපයත් පමණක් හැමදාම ආදරේ ඇති ප්රීෙති සහගත, සමගි සම්පන්න දෙදෙනෙක් වෙති. එබඳු පවුලක්ම පමණක් ලෝකයේ හොඳින් කල් ගතකරති. අනිත් කවුරුත් පාහේ දවසක් හොඳිනුත් දෙදවසක් දුකෙන් කනගාටුවෙනුත් - කාලයක් සමගිවත් - එක් කාලයක් චණ්ඩවෘගයන්මෙන් ඇණ කොටා ම‍රාගණිමිනුත් දුකසේ වෙසෙති.


රුද්රි ගු - ඒ යුතුකම හෙවත් ධර්මය කුමක්ද?

විජේරත්න - පුරුෂයා විසින් ස්ත්රි්යට යුතුකම් පසක් ඉෂ්ටකළ යුතුය - ස්ත්රිේය විසින් ද පුරුෂයාට යුතුකම් පසක් ඉෂ්ට කළ යුතුය - පුරුෂයා විසින් ඉෂ්ට කළයුතු යුතුකම් පස නම්:- (1) ස්ත්රිමයට ගෞරව අන්දමින් කථා කිරීම, (2) තා, තී, බොල ආදි වශයෙන් නොව, ප්රේරමිය, හාමිනේ, මැණිකේ ආදී ප්රි,යකරු වචනයෙන් කථාකිරීම (3) අන්යප ස්ත්රීරන් සේවනය නොකිරීම, (4) ගෙදර දොරේ කටයුතු ධන සම්පත් ආදිය රැක ගැණීමේ මෙහෙය ස්ත්රිීයට පැවරීම, (5) තමන්ගේ තත්ව යේ ප්රෙමාණයට ස්ත්රිපයට සුදුසු රන් රිදී ආදී ආභරණත් ඇඳුම් පැළඳුම් ආදියත් සම්පාදනයකර දීම යන යුතුකම් පස ඉෂ්ට කිරීමට සිතාගෙණ ස්ත්රි යක් විවාහ කරගත යුතුය. ස්ත්රිදය විසින්ද ස්වාමි පුරුෂයාට යුතුකම් පසක් ඉෂ්ට කළ යුතුය. එනම්:- (1) ස්වාමි පුරුෂයා කෙරෙහි බලවත් අනුකම්පාවක් ඇති කිරීම, (2) තමා විසින් ගෙදර දොරේ කටයුතු වැඩපළ ඕනෑකමින් හා සැලකිල්ලෙන් කිරීම, (3) පිරිවර ජනයාට හෙවත් තම ස්වාමියාගේ කටයුතුවල නියුක්ත ජනයාට හා ඤාතීන්ටත් සුදුසු පරිද්දෙන් සම්භාවනා කිරීම, (4) හිතින්වත් අන්යව පුරුෂයන් ගැන ආසා නොකිරීම, (5) පුරුෂයාගේ වස්තුව නිරර්ථකයේ නැති නොකොට නුවණින් හා ප්ර්වේශමෙන් වියදම් කරමින් ඒ ආරක්ෂා කිරීම යන මේ කාරණා පස විස්තර සහිතව ඉගෙණ ඒවූ පරිදි පිළිපදින්ට පිළිවන් ස්ත්රිසයක්ම සරණ බන්ධනයට ඇතුළත්විය යුතුය. මේ යුතුකම් ඉෂ්ට කරණකොට ආදරය ප්රේණමය ආදී නම්වලින් ප්රළකාශ වන ඇල්ම ඇතත් නැතත් ඒ පවුල කවදාවත් භෙදවන්නෙවත් විනාශවන්නේවත් නැත.

රුද්රිනගු - අනේ මහත්මයෝ ඕවා අපි කවදාවත් ඇහුවේවත් නැත. “අපි නම් ආදරේ” සලකා - ඉංග්රීාසි උගත්කමත් සලකා කසාද බැන්දා.

විජේ‍රත්න - ඉතින් මහත්මයාට උනු ඇබැද්දිය ගැන පුදුමද? ගොණා එක තැනක කකා සිට ටිකක් බඩ පිරුණාම වෙනින් තවත් තැනකට රිංගයි - සමහරවිට කාගේවත් එලවලු කොටුවකට හොරෙන් රිංගා පොළුපාරවලුත් කයි. එමෙන්ම ආදරේම නිසා කසාද බැන්දාම ටික දිනක් යනකොට ඒ ආදරේ “අප්රිමය” වුනාම - වෙනින් තැනකට “ආදරේ” කරණු ඒකාන්තය. ආදරයයි කියන්නේ කාම තෘෂ්ණාවෙන් නඟින රස්මියයි - එය

ශෝකයට හේතුවෙයි. එබැවින් කිසිම ඉගෙණීමක් පුරුදු කිරීමක් නැතිව තිරිසනුන් අතර පවා ඇතිවන ආදරය වැනි දිරා ගිය පරඬලකින් බැඳි විවාහයක් කෙසේ ස්ථිර විය හැකිද? යුක්ති ධර්මය නැමැති විශාල යකඩ දාමයකින් බැඳුනු අඹු සැමි දෙදෙනාම පමණක් ලෝකයේ භය ලැජ්ජාඇතිව - කෙරම් දුකක් අමාරුවක් අගහිඟයක් ලැබුනත් ඒ සියල්ල විඳ දර‍ගෙණ සමගියෙන් හා ඉවසිල්ලෙන් කල්ගත කරණ බව සැලකිය යුතුය.

රුද්රිලගු - ආදර පෙරටු කරගෙන කසාද බැන්ද කවුරුවත්ම වාසනාවන්තවෙලා නැද්ද?

විජේරත්න- ඇයි මා මුලදීම කීවා මතක නැද්ද? ආදරය නිසාම කසාද බැන්ද අයගෙන් සියේට අනූවක් කඩා බාල්දුවන නමුත් සියේට දහයක් පමණ හොඳින් කල්ගත කරණවාය. එසේ වීමට හේතුව ඇතැම් තරුණ තරුණියන් අන්ධවූ ආදරයෙන්ම විවාහවුනත් ඔවුහු ටික කලකදී ධර්මවාදීව යුතුකම් රකින්නෝ වෙති. පටන්ගත්තේ ආදරයෙන් වුනත් යුක්ති ධර්මයට බැසීම නිසා ඔවුන්ගේ විවාහ වාසනාවන්ත භාවයට පැමිණෙති.

රුද්රිනගු - හොඳයි මහත්මයා විවාහවූ කෙනෙක්ද? මහත්මයා බලවත් දුකකට කරදරයකට කවදාවත් පැමිණියේ නැද්ද?

විජේරත්න - ඇත්තෙන්ම මහත්මයා ඇසූ ප්රූශ්නය ඉතා අගෙයි. මම විවාහවුනේ අවුරුදු 30 ක් පමණ වයසට ගියාට පසුයි. ඊට හේතුව ස්ත්රීතන් පිළිබඳව මගේ තිබුනු බලවත් කලකිරීමයි. ඉතාමත් ලක්ෂණ ගැහැණියක්. ඉතාමත්ම උගත් ගැහැණියත්, හොඳටම නරක බව එබඳු ස්ත්රී න් කසාද බැන්ද තැන්වලින් මම දැනගතිමි. කිසිවක් නූගත් ගැහැණිත් ඉතාම අවලක්ෂණ ගැහැණිත් - දුප්පත් අසරණ ගැහැණිත් - සන්නීපාත රෝගයටත් වඩා නරක බවද දැනගතිමි. ඉතින් මධ්යණම තරමෙහිවූ පවුලක්ම සොයමින් - ධර්ම ශාස්ත්රඉයත් - ඒ සමගම ඉංග්රී්සි භාෂාවත් ඉගෙණගත්, මුළු ගැන්නි නොසිටින එහෙත් දඩාවතේ දුවපැන යාමට පුරුදු නැති, වඩාම රූපසම්පන්න භාවයත් නැති ස්ත්රිනයක් සිත සිතා ඉන්නවිට මට යහපත් ස්ත්රිූයක් ලැබුනේය. ඇගේ මෑණියන් ශ්ක්ෂිත ගුණ නුවණ ඇති ශාන්තදාන්ත කෙනෙක් බවත් පියා අධර්මයෙන් තොරව දැහැමෙන් සෙමෙන්

ජීවිකාව කරණ කෙනෙක් බවත් අවුරුදු කිපයක්ම පරීක්ෂාකොට දැනගත් පසුවම විවාහවීමි. අපි විවාහවී දැනට විසි අවුරුද්දක්ය. කවදාවත් අප දෙදෙනා අතර අප්රාශන්නයක් ඇතිවුනේවත් ඔවුනොවුන්ට අමනාප අප්රිඅය වචනයක් කථාකළේවත් නැත. අපේ රටේ ස්ත්රී න්ගෙන් වැඩිදෙනා අතර පවත්නා පහත් ගතියක් නම් පුරුෂයා‍ගේ මහන්සිය, අමාරුව, අනාථ භාවය නොතකා තමා‍ගේ ගමන් බිමන් ඇඳුම් පැළඳුම් ආදී කටයුතු ගැන කතා කිරීමත්, පුරුෂයාට සලකා සංග්රළහ කිරීමට වඩා ඔහු ගෙණ ආ දේවල් ගැන නැතහොත් තමාට කියන්ට උවමනා දේවල් ගැන හිතීමත්ය. මගේ ස්ත්රි්ය තුළ මේ පහත් ගතිය කවදාවත් ඇතිවුනේ නැත. මට හොඳට කන්ට අඳින්ට නැත. මම කවදා නොවින්ද දුක් දැන් විඳිනවාය යනාදි වශයෙන් කියන ආඩාපලිය මම කවදාවත් නොඇසුවෙමි. මා විසින් උපයන තරමිනුත් මගේම කැමැත්තෙන් ගෙණත් දෙන ඇඳුම් පැළඳුම් රෙදි පෙරදි ආදියෙනුත් ඈ හැමදාම සතු‍ටුවන්නීය. මේ නිසා මගේ විවාහයෙන් සර්වප්රෙකාරයෙන්ම සතුටුවී සිටිමි. මහත්මයාලා යුරෝපීය සිරිතට වැඩුනු පුරුෂයන්ගේ හිස පිට නටන ස්ත්රීාන් කෙරෙහි ලෝභ කොට දැන් විඳින වදේ ගැන කනගාටුවෙමි කියනකොට දුම්රිය පොල්ගහවෙලට ලඟාවූ බැවින් ඒ මහත්මයා එතනින් බැස යන්ට ගියේය. දුම්රිය කාමරයේ වුන් රුද්රිෙගුත් ජෝන් සිල්වාත් නැවතත් කථාකරන්ට පටන් ගත්තාය.

රුද්රිතගු - සිල්වා මහත්මයා - දැන් කතාකළ මහත්මයාගේ කීම හරි නොවේද?

ජෝන් - හරි තමයි - නමුත් මේ කාලේ ඕවා කොහේ හොයන්ටද? මට නම් ඔය බණ කතා ඇහෙණ‍කොටත් එසේ ඇම්මයි. මගේ කල්පනාවට නම් ස්ත්රිඇයගෙන් කරදර ලැබෙතොත් ඈ අත්හැර දැමීමයි! හැබැයි කසාද බැන්ද ස්ත්රිියක් නම් ලේසියෙන් අත්හැර දමන්ටත් අමාරුයි. මම නම් දැනට ස්ත්රීයන් හත් අටදෙනෙක් අත්හැර දමා තිබේ. ඔන්න ඔය කතා ඔක්කොම සිහි නැතිවෙන්ට පුංචි අඩියක් ගහමු කියා සිල්වාගේ බෑග් එක ඇර එහි තිබුනු මත්පැන් බෝතලය ගෙණ රුද්රිගගුටත් අඩියක් දී තමුනුත් අඩියක් ගැසුවේය. ඉක්බිති දෙදෙනාටම අධික වෙරි ඇතිවූ බැවින් නුවරට යන තුරුත් කතාබහක් නැතිවිය.

20 . පරිච්ජේදය[සංස්කරණය]

රුද්රි ගු - දුම්රියේම වුන්නේය. ජෝන් සිල්වා දුම්රියෙන් බැස රික්ෂෝ රථයක නැගී තමාට පුරුදු හෝටලයට ගොස් දහවල් බත්කා - දවල් දෙකට පමණ සිරිවර්ධන ලමාතැනීලාගේ ගෙදරට ගියේය. ඔහු යන වේලාවට සිරිවර්ධන ලමාතැනීත් පියසීලිත් වන්දදනාවේ ප්ර සිද්ධ මල්ලිකා වික්ර්මසිංහ ලමාතැනීයත් - සිරිවර්ධන ආච්චිත් තවත් වැඩකාරියන් කීපදෙනෙකුත් සමග පේරාදෙණියේ මල් වත්තට යන්නට සූදානම්ව අශ්වරථවලට නගින බව දුටු ජෝන් සිල්ව‍ාගේ හිත අධෛර්යව ඒ ගේ ඉක්මවා ටිකක් දුර රික්ෂෝ රථයෙන්ම ගොස් - මෙසේ කල්පනා කළේය. “කල්පනා සහිතවූ ධර්මශාස්ත්රබ උගත් මේ ලමාතැනී රවටා පියසීලි, අබයරත්නට කසාද බඳවා දීමට කිසිම කාගයක ලැබෙන්නේ නැත. අබයරත්නට කපටිකමක් කොට රුපියල් දාහක් ගන්ට පිළිවන් දැයි උත්සාහ කිරීම මගේ යුතුකමකි. ඒ ගැන සෝදිසියකුත් කරණ පිණිස කඩවරයාලාගේ ගෙදරට දැන් යමි”යි සැලකූ ජෝන් සිල්වා තමා ගිය රි‍ක්ෂොය රථය ආපහු හරවාගෙණ අවුත් හෝටලයට ගොස් තේ වතුර ද බී මහගමට ගියේය. ඔහු යන විට කඩවරයාගේ ස්ත්රිුය තවත් ඥාතීන් කීපදෙනෙකුත් සමග ප්රීයතියෙන් ඉන්නා වේලාවක් විය.

“අනේ සිල්වා මහත්මයා අපේ මනුස්සයා එක්කරගෙන ගොහින් දැන් දෙමාසයක් විතර වුනා. එදා යද්දීම දීපු රුපියල් තිහ හැමදාටම ඇද්ද? ඒ මනුස්සයාගෙන් ලියමනක්වත් ලැබුනේ නැහැ. කොහොමද අපේ එක්කෙනාගේ සනීප, එන්ට සිල්වා මහත්මයා ඈඳිගන්ටය”යි කියා හුරතලී ජෝන් සිල්වාට ඔවුන්ගේ ගෙදර තිබෙන ඉතාම හොඳ පුටුව දුන්නේය.

සිල්වා වාඩිවී මනුෂ්යරයන්ගේ හෘද මාංසය රත්කළ හැටි කපටි හිනාවෙන් සිනාසී “මෙන්න හුරතලී උඹට රුපියල් තිහක් දෙන්ටයයි කඩවරයා මට කීවා - දැන් කඩවරයාට බොහොම ජයයි. වලව්වක “ආයා” වැඩෙ කරණවා - මේ මාසේ 20 වෙනිදා තරමට එනවා ඇතැ”යි කීයේය. හුරතලිත්, ඇගේ මවුත්, ඒ මැහැලියගේ නගා එතනින් ඇගේ දියනිය වන රූපයෙන් හා ස්ත්රී. ලීලාවෙන් අගතැන්පත් පවිස්තිනාත් බඩවැල් පෙරළෙන තරමට හිනාවෙමින් “මොකද සිල්වා මහත්මයා කඩවරයා “ආයා” වැඩේ කරන්නේ - පිරිමින්ටද ගැහැණුන්ටදැ”යි

ඇසුයේය.

“නැහැ හුරතලී මම කියන්නේ ඇත්ත. කඩවරයා ඒකනායක වලව්වේ ආයා වැඩේ ඉන්නවා - හොඳයි ඔහු ආවාම උඹලා අහපල්ලා”යි ජෝන් සිල්වා සිනාසෙමින් කීයේය.

“අම්මේ - එහෙනම් මම ඔට්ටුවක් අල්ලන්ටද - කඩවරයා එන්නේ කුමාරිහාමි කෙනෙකුත් අරගණවාට - ය”යි කියමින් හුරතලී ඉල පුපුරන තුරු සිනාසුණාය.

මේ අතර ජෝන් සිල්වාට තේවතුර කෝප්පයකුත් සූදානම් කරගෙණ හුරතලීගේ පුන්චම්මාගේ දුව වන පවිස්තිනා ඉදිරියට අවුත් - හොඳයි සිල්වා මහත්මයා අපේ මස්සින් ආයා වැඩේට පත්කළාට ගෞ‍රවයක් වශයෙන් මේ තේ වතුර කෝප්පය බොන්ටය”යි කියා චිත්තාකර්ෂණය වන ඇගේ මුකුළුභාවය දක්වා පැත්තකට වූවාය.

“හුරතලී, මේ පවිස්තිනා උඹලාගේ වැදගත් කෙනෙක් බව මට පෙනේ. පවිස්තිනාගේ තොරතුරු මට කියා දෙන්ට කැමතිද? “පවිස්තිනා” කියන කොටම ඈ ගැන හොඳ කාරණයක් මට මතක්වුනාය”යි ජෝන් සිල්වා ගැඹුරු කල්පනාවෙන් කීයේය.

පවස්තිනා හිනාවෙන්නට පටන් ගත්තීය. හුරතලීත් හිනහවෙමින් සිල්වා දුන් රුපියල් තිහත් ඔඩොක්කුවේ තබා ගණිමින්” මොකද සිල්වා මහත්මයා පවිස්තිනාට මංගල්ය්යක්වත් ජෝඩු කරන්ටද? කියා හුරතලී අසා පවිස්තිනාගේ මුහුණ බලමින් “නංගී උඹේ ජීවිත කථාව උඹම කියනවා”ද නැතහොත් මම කියන්ටදැ”යි ඇසුවාය. “විලිබිය” කියන ගුණ ධර්මය බේතකටවත් ගන්ට නැති පවිස්තිනා සිනාසී හොඳයි මා නොකීවාට අක්කා නොදන්න එකක්ද, මුල සිටම කියා දෙන්ටය”යි කීවාය.

ජෝන් සිල්වාට උවමනාකර තිබෙන්නේත් ලෝකේ කාපු ස්ත්රි්යක් බැවින් “මට නොසඟවා ඇත්ත කීවොත් පවිස්තිනාට ජීවිතාන්තය දක්වා රැකෙන්ට මාර්ගයක් සලස්වා දෙන්ීනෙමි”යි ජෝන් සිල්වා කීවේය. “හොඳයි සිල්වා මහත්මයා අද රෑට මෙහි නවතින බැවින් රාත්රි කෑම ලැහැස්ති කරන්ට ඕනෑ. හතට විතර බත් කාලා ඔක්කොම තොරතුරු කියන්නෙමි” යි සිල්වාට සාලේ ඉන්ට සලස්වා ස්ත්රීඔවරු හතරදෙනාම කුස්සියට වැඳී හොඳ හැටි ආහාර පිස සිල්වාට බත් කන්ට දී ඉක්බිති ඔවුහුත් අනුභව කොට බුලත්ද කමින් කථාකරන්ට පටන් ගත්තාහ.


“සිල්වා මහත්මයා, මේ ඉන්නේ අපේ අම්මාය. මේ ඉන්නේ අපේ කුඩම්මාය - පවිස්තිනාගේ අම්මාය. අපේ රටේත් ජාතියේත් සිරිතක් වශයෙන් ස්ත්රීා පුරුෂයන්ගේ ගති ගුණ වෙන රට වලට වෙනස්ය. මා නොකීවත් ඒ සියල්ලම සිල්වා මහත්මයා දන්නවාය. පවිස්තිනාට අවුරුදු 14 වෙන්ටත් ඉස්සර ඇලෙන් එහා වත්තේ ඉංග්රීාසි මහත්මයාට ඈ ඕනෑකළාය. පවිස්තිනා ඒ බංගලාවේ අවුරුදු 4 ක් සිටියාට පසු ඒ මහත්මයා රට ගියා. ඒ යද්දී පවිස්තිනාට රන් රිදී බඩුත් රෙදි පෙරෙදිත් රාශියක් ලැබුනා. මුදලෙනුත් රුපියල් දාහක් විතර ලැබුනා. ඉතින් මේ ගමේ හැමටම වඩා පවිස්තිනා - ලක්ෂණවූ - සීලාචාරව අඳින්ට පළඳින්ට වුනා. ඉංග්රී සිත් කථා කරන්ට පුළුවන් කදිම ලමිස්සියෙක් වුනා. අම්මලාගේ වදේට ඈව කිරාට කසාද බැඳ දුන්නා. ඒ කාලකණ්ණියා බීලත් සූදුකෙළලත් පවිස්තිනාගේ මුදල් පමණක් නොව කන කරේ දේත් හමාසෙන් නාස්තිකලා. ඉතින් හයමාසෙන් කසාදය අවලංගුකොට ගෙදර ඇවිත් ඉන්නාවිට අර එහායින් පෙනෙන ගෙදර උක්කුවාට කසාද බැන්දා. ඒ ‍මෝඩ ගොණා සමග ඉන්ට බැරිය කියා පවිස්තිනා දික්කසාද වුනා. ඉතින් ඊට පස්සේ ගිය අවුරුද්දේ මුලදී තවත් කෙනෙකුට කසාද බැඳ මාස දෙකකින් ඒ කසාදය අවලංගුකොට ගොයිගම මහත්තයෙක් සමග මාසයක් පමණ කල් ගතකළා. දැනට පවිස්තිනාගේ වයස අවුරුදු විස්සකි. නමුත් ප්ර සිද්ධ වශයෙන් දීග පහක ගොස් තිබේ. දැන් මීලඟට සිල්වා මහත්මයා ජෝඩු කරණ මඟුලට කෙතරම් ආයුෂද කියන්ට බැරිය”යි කීවාය. “අනේ මෙවැනි පහත් විවාහ නීතියක් තවමත් මේ රටේ තිබෙන හැටිය”යි සිතමින් ඒ බව නොහඟවා සිල්වා මෙසේ කීයේය. පවිස්තිනා ඇත්තෙන්ම වාසනාවන්තියකි. මටත් ලොකු මුදලක් ලබාගන්ටත් උඹලාගේ රුපියල් හත්අට දාහකට වඩා දේ නොඅනුමාවත් - වාසනාවක් ති‍බුනොත් රුපියල් ලක්ෂයකටවත් වැඩි බූදලයක් ලැබෙන්ටත් තිබෙන කටයුත්තක් කරන්ට ඉඩ ලැබී තිබේ. හැබැයි මෙය ඉතාමත්ම රහසකි. කාරණය ඉෂ්ටකරගෙණ දෙතුන් මාසයක් යන තුරු පවිස්තිනාගේ තාත්තටවත් කියන්ට එපා. උඹලා එසේ පොරොන්දු වෙනවාදැ”යි සිල්වා ඇසීය. “ඔව් මහත්මයෝ - අපි ඒ කාරණය අප හතරදෙනාගෙන් පිට කාටවත් දැනගන්ට ඉඩ දෙන්නේ නැතැ”යි දිවුරුම් පිට කියා සිටියෝය.

“හොඳයි, එහෙනම් මම ලුහු‍ඬෙන් කාරණය කියන්නෙමි. පේරාදෙණියේ පවිස්තිනා පියසීලි සිරිවර්ධන කියා තරුණියක් සිටිනවා. ඇගේ නම මිසක් ඈව කවදාවත් නොදුටු කොළඹ ධනවත් හාමු


කෙනෙකුට රහසින් ඈ කසාද බැඳගන්ට උවමනා කර තිබේ. මම මේ ඇවිත් ඉන්නෙත් ඒ ගැනමය. ඉතින් ඒ ලමිස්සිව කසාද බඳින්ට ඒ මම කියන අබයරත්නට නොලැබේ. ඒ වෙනුවට මේ පවිස්තිනා කසාද බඳවමු. ඔහු යම් කාලයක දැනගෙණ පවිස්තිනා අත ඇර දැම්මත් පවිස්තිනාට මාසේකට රුපියල් හැටක් පමණ ගත හැකි. නැත්නම් අබයරත්නගේ විශාල බූදලය හිමිවේ. කසාද බැඳවූ හැටියේ රත්රන් බඩුත් රෙදිපිළිත් රුපියල් දෙතුන් දාහක අරගන්ට පුළුවන - ඇත්තටම අද මට පවිස්තිනා සම්බවුනේ පවිස්තිනාගේ පිණක්ය. ඉතින් මේ ගැන උඹලාට සැත ඇති කරුණු ඇසුවොත් මට කාරණය විස්තර කර කියා දෙන්ට පිළිවනැ”යි ජෝන් සිල්වා කීයේය.

හුරතලීත් පවිස්තිනාත් අප්රවමාණ ප්රීනතියට පත්වු‍මුහ. මැහැලියන් දෙදෙනාට මේ මොකවත් නොවැටහුනු බැවින් නිශ්ශබ්දව උන්හ. සියලු දඟ ප්ර‍යෝග හා සූසැට මායම් ඉතා හොඳින් ප්ර ගුණ කළ පව්ස්තිනා - හුරතලීත් ප්රරථම ජෝන් සිල්වාත් සමග කතාවට බැස්සා ය.

පවිස්තිනා - සිල්වා මහත්මයා කියන කාරණය නම් ඉතා හොඳ එකක් බව පෙනේ. නමුත් ඔය කියන අබයරත්න මහත්මයා කියන ලමිස්සි ගැන මොකවත් විභාග නොකර කසාද බඳියිද?

ජෝන් - ඔව්, පවිස්තිනා ඔහුට මොකවත් විභාග කරන්ට ඉඩක් නැත. මේක ලොකු රහසකි. තුනටියේ ස්වස්තික ලකුණ තිබෙන තරුණියක් කච්චේරියට පමුණුවා දුන් හැටියේ විශේෂ බල පත්රියක් පිට කසාද බැඳගන්නවා.

පවිස්තිනා - ඉතින් මගේ තුනටියේ එහෙම ලකුණක් නැතිව කොහොමද?

ජෝන් - හෙට උදේ නුවර ගොස් - ඇඟ කොටන මිනිහෙකුට කියා එම ලකුණ කරවාගත හැක. පවිස්තිනාට මඟුල්දාට ඇන්ද යුතු පට ඔසරි හැට්ට ආදියට රෙදිත් අරන් දෙන්ටත් සමග හුරතලීත් අපි දෙන්නාත් නුවර යන්ට ඕනෑ.

පවිස්තිනා - හොඳයි හිටින්ට - ඉතින් කසාද බඳින්ට එන්නේ අබයරත්න පමණක්ද?

ජෝන් - නැහැ. ඔහුත් ඔහුගේ පප්පත් මමත් එනවා. ඒ ඔක්කොම කරණ හැටි උඹලාට විස්තරකර දෙන්නෙමි. ඔන්න හෙට උදේ අපි නුවර යනවා - එහි ගොස් උඹේ තුනටියේ ස්වස්තික ලකුණක් කොටවා එය පරණ එකක් බව පෙණෙන්ට ඒ විධියේ සායමක්

ගාවාගෙණ පරවර සාප්පුවකට ගොස් රුපියල් සියයකට සාරියකුත් ඊට ඔබිනා හැට්ට රෙදිත් සපත්තු මේස් ආදී කලමනාත් රැගෙණ එනවා. පවිස්තිනා ක්රිේස්තියානි කාරියක් වෙන්ට ඕනෑ. ඉතින් සිස්ටර්ලා සම්බවෙන්ට ආ හැටියේ මගේ කීමට හෝටලයට එක්කරගෙණ ආ හැටියට ඒ නියම දිනට මම එක්ක යන්නෙමි. ඒ ගියාම අබයරත්නගේ පියා විසින් පවිස්තිනා කිසි බයක් චකිතයක් නැතිව ඒවා උත්තර දෙන්ට ඕනෑ. පළමුකොටම අබයරත්න රාළහාමි මෙසේ අසන්නට පුළුවනි. උඹ දැන් ගෙදරින් ආවේ කොහොමද? මම සිස්ටර්ලා බලන්ට මඩමට නිතරම එනවා. අදත් ආවාම මේ සිල්වා උන්නැහේ අබයරත්න තරුණ මහතා දකින්ට කැමතිය කියා මාව එක්කරගෙණ ආවා - ඉතින් උඹත් සමග හුරතලීත් යන බැවින් මේ “මගේ ආයා” කියන්ට ඕනෑ. කොළඹ ඒකනායක ගෙදර අවුරුදු 19 ක් විතර සිටි බවත්, උඹට සහෝදර වන තරුණ මහත්මයෙක් සමග එතනින් පිටවී ඒමට ඉඩ ලැබුනු බවත් කියන්ට ඕනෑ. ඉතින් මම්මාට අකීකරුව මෙහෙම කසාද බඳින්නේ මන්ද කියා ඇසුවාම, මගේ පප්පා මා උපන් දවසේම මැරි ගිය බවත්, මගේ මාමාගේ පුතාට මා කසාද බැඳීමට නියමකළ බවත්, ඒ මගේ මාමාගේ පුතාගේ පිටේත් මගේ මෙන්ම ස්වස්තික ලකුණ තිබෙන බවත්, ඒ මගේ මාමාගේ පුතා මේ අබයරත්න මහත්මයා යයි ජෝන් සිල්වා කී බවත්, මා මෙන්ම උන්නැහේත් ක්රිමස්තියානිකාරයෙක් බැවින්ද, අම්මාට උවමනා බුද්ධාගම්කා‍රයෙකුට මා විවාහකර දීමට බැවින්, අම්මාට රහසින් මේ විවාහයට කැමැතිවුන බවත් කියාපන්නැයි කියා - කච්චේරියේදී අසන්ට යෙදෙන ප්රිශ්නවලට උත්තර දෙන හැටිත් - යනාදී සියලුම කරුණු පැය තුනක් මුලුල්ලේ ජෝන් සිල්වා කියා දුන්නේය.

ඔවුනොවුන්ගෙන් අසනලද ප්රතශ්නවලට පසු පවිස්තිනාටත් හුරතලීටත් කාරණය හොඳින් අවබෝධව “හොඳයි සිල්වා මහත්මයා අපි සතුටුයි. අපට කොහොමත් රුපියල් තුන්හාරදාහක් වත් ලැබෙන වැඩක් - ඊටත් වඩා පවිස්තිනා නංගිව වංශවත් තරුණ මහතෙක් සමග ලොකු හෝටලයක කීප දවසක් කල්ගත කරන්ටත් ලැබෙන වැඩක් බැවින් මේ ගැන වැ‍ඩිදුර කරුණු කියන්ට කමක් නැහැ. දැන් වෙලාව

දොළහයි. අපි නිදාගනිමු. කියා - සිල්වාට ස්තෝප්පුවේ ඇඳක් පිළියෙලකොට දී පවිස්තිනාත් හුරතලීත් ඈලාගේ මව්වරු දෙදෙනාත් ගේ ඇතුලේ නිදා ගත්තාහ. ජෝන් සිල්වාට ලැබුනු හදිසි ප්රඇස්තාව ගැන කෙතරම් සතුට ඇතිවීද කිවහොත් ඔහුට නින්දවත් ගියේ නැහැ. මේ වනාහි ප්රාසිද්ධ වශයෙන් යන්ට ලැබෙන හයවෙනි දීගය නිසා ප්රීගතිමත්වූ පවිස්තිනා - හුරතලීටත් නිදාගන්ට නොදී - අබයරත්නව රවටන හැටිත්, ඔහුගේ ආදරය දිනාගන්නා හැටි යනාදී කරුණුත් කියද්දිම කුකුළාද ඇඬලුයේය. බදාදාට එලිවිය. උදේ පහට කිරිබත් උයා ජෝන් සිල්වාටත් කන්ට දී ඔවුන්ද කා බී ඇඳ පැළඳගෙණ පවිස්තිනාත් හුරතලීත් ජෝන් සිල්වාත් යන තුන්දෙනා කටුගස්තොටින් දුම්රියේ නැගී නුවරට ආහ. දුමුරියපළෙන් අවුත් ක්වීන්ස් හෝටලය ලඟට ආවිට - “සිල්වා මහත්මයා අපි කසාද බැන්දාම “හොනිමුන්” ගතකරන්නේ මෙන්න මේ හෝටලේය”යි මහත් ගර්වයකින් කීවාය. “ඔව් පවිස්තිනා, ඇත්තෙන්ම මේ හෝටලේ කාමරයක් රැගෙණ අබයරත්න හාමු නවතිනවාට කිසි අනුමානයක් නැත. ඉතින් උඹ වාගේ වාසනාවන්තියක් නැතැ”යි කියා කවුරුත් සතුටුවෙමින් ඇඟ කොටන තුප්පහි මිනිහාගේ ගෙදරට ගොස් පවිස්තිනාගේ පිටේ ස්වස්තික ( ) ලකුණක් කොටවා එය පරණ එකක් මෙන් හැ‍ඟෙන්ට සායමක් ද ගා ඉක්බිති පරවර සාප්පුවකට ගොස් පවිස්තිනාට හා හුරතලීටත් රුපියල් දෙසීයක රෙදි පෙරෙදි සපත්තු මේස් අරන් දී - සිකුරාදා උදේ - අබයරත්න මහතා හා මහලු අබයරත්න රාළහාමිත් ජෝන් සිල්වාත් එන බවත් - ජෝන් සිල්වා මොටෝරථයකුත් රැගෙණ හුරතලීලාගේ ගෙදරට එන බවත්, ඒ එනකොට පවිස්තිනා පියසීලී සිරිවර්ධන - සුරංගනාවක් වාගේ සැරසී සිටිය යුතු බවත් - හුරතලී ලක්ෂ ණ චීත්ත රෙද්දක් හා හැටිටයක් ඇඳ ආයා කෙනෙක් මෙන් සැරසී සිටිය යුතු බවත් කියා ජෝන් සිල්වා ඔවුන්ට තවත් රුපියල් දහයක් දී - ඔවුන් බස්රථයක නංවා තමා ස්ටේෂමට ගියේය.

හවස දෙකේ දුම්රියේ නැගුණු ජෝන් සිල්වා හයාමාරට කොළඹට පැමිණෙයේය. එහිදී රික්ෂෝ රථයක නැගී කෙළින්ම පෙරකදෝරු හාමු ඉන්නා තැනට ගොස් - “කොහොමද හාමු මහත්මයා කටයුතු සියල්ල සූදානම්දැ”යි ඇසුයේය. ජෝන් සිල්වාගේ සූරකම් ගැන අතිශයින් සතුටුව ඉන්නා පෙරේරා මහත්මයාද ජෝනට වාඩිවෙන්ට කියා විෂිකි අඩියක්ද බොන්ට දී “මොනවද මිස්ටර් සිල්වා ඒ හැටි ලැහැස්තියක් - හෙට උදේ දහයට මම පිටකොටුවේ රෙජිස්ටර් කන්තෝරුවට එන්නා - මිස්ටර් සිල්වා මම මාර්ගරට් හා ඇ‍ගේ මවුත් සමග එන්ට - හැබැයි

මිස්ටරර් සිල්වා මම මාර්ගරට් බඳින්නේ සිල්වා ඈ විනාශකර දමනවයි කී නිසා වෙනි. එසේ නොකළොත් මට ඒකනායක වලව්වෙන් බඳින්ට හැටියක් නැහැ. මෑ ජීවත්ව සිටියදී ඒකනායක ගෙදරින් බැන්දොත් මට මහගෙට” යන්ට වෙනවා - අන්න ඒක ගැන බලාගන්ට ඕනෑය”යි කීවාම තක්කඩි ජෝන් සිල්වා සිනාසී “හාමු මහත්මයා මේ මොනවා කියනවාද - අදත් බදාදා - ලබන බදාදා රාත්රි මාර්ගරට් හා ධර්මදාසත්, සරත් හා (පිළිවන් වුනොත්) ශ්රී පරාක්රේමසිංහත් ඉවරයි. ඒ සියල්ලම සූදානම්කර තීන්දුයි. මාර්ගරට් කෙල්ල සුජාතා ශ්රීන පරාක්ර මසිංහ නමින් කසාද බැඳලා ම‍රා නොදැම්මොත් අපේ උත්සාහ‍යේ ඇති පලේ මොකද - ශ්රී පරාක්රුමසිංහගේ රුපියල් තිස්ලක්ෂයක තරම් බූදලය ඇගේ පුරුෂයාට හිමිවේ. දැන් උසාවියට දී තිබෙන මිස්කින්ගේ හා පාතුම්මාගේ දිවුරුම් පෙත්සමෙනුත්, මේ කසාදයෙනුත් ඈ ශ්රීස පරාක්ර්මසිංහ නාකියාගේ බූදලය හිමිය. මගේ ආසාව ඔය දවසේම ඔහුටත් එට්ටුව පෙරළන්ටයි. ඔක්කොම කාරණා මේ තුන් හතර ‍දවසේදී යොදවන්නෙමි. හොඳයි මම දැන් ගොහින් හෙට දහයට මාර්ගරට්ලාත් සමග පිටකොටුවේ රෙජිස්ටර් කන්තෝරුවට එන්නෙමි” යි කියා ‍ජෝන් සිල්වා යන්ට ගියේය.

පෙරේරා මහත්මයාට කෑම සූදානම් කරමින් සිටි රාමන්ට බලවත් සංවේග ඇතිවිය. “අහෝ මනුෂ්ය තිරිසනුන්ගේ හැටි! වන මෘගයන්වත් කීප දෙනෙක් එකවිට මරා තමාගේ බොක්ක පුරවා නොගනිති. කොටියා මරන්නෙත් ඔහුට ‍එවේලාවට කෑ හැකි සතෙකු පමණක්ය. නමුත් මේ මිනිස් තිරිසන්නු සියයක් දෙසීයයක් උවත් විනාශකොට ධනයක් ලබාගැණීමට මැලි නොවෙති. අහෝ! මනුෂ්යක ලෝකයක හැටි” යි සිතමින් රාමන් සංවේග ප්රාමප්තවී තමාගේ කටයුතු කළේය.

බ්රයහස්පතින්දා එලිවිය. උදේ නවයට ජෝන් සිල්වා ඇඳ පැළඳගෙණ මාර්ගරට්ලාගේ ගෙදරට ගියේය. මාර්ගරට් ඇත්තෙන්ම ලක්ෂයණ කාන්තාවත් ව‍රාගේ උන්නාය. ඇගේ දික්වූ කේසකලාපය සුවඳ තෙල් ගල්වා ලොකු කොණ්ඩයක් කොට බැඳ - මඳක් කාලවර්ණවූ මුහුණේ සුවඳ සුනු ඉලීමෙන් දුර්වල දුඹුරු වර්ණයකට පමුණුවා ගෙණ තිබුනේය. මංගොහාමිද හොඳින් සැරසී වුන්නාහ. මාර්ගරට් පට ඔසරියක් ඇඳ උසස් පංක්තියේ සිංහල ස්ත්රිවයකගේ වේශයෙන් සිටුනුදුටු ජෝන් සිල්වා අතිශයින් සතුටුව - මොටෝ රථයක් ගෙන්වා ඔවුන් දෙදෙනාත් සමග හරියට දහයට පිටකොටුවේ විවාහ රෙජිස්ටෙර්


කන්තෝරුවට ආහ. ඔවුන් අවුත් මිනිත්තු දහයක් යන්ටත් ප්රජථම හාමු පෙරකදෝරු මහතා සහ අන්තෝනි අප්පුත් මොටෝරථයකින් අවුත් බැස්සාහ. ලේකම් මහතා සිරිත් ප්රිකාර විවාහ බන්ධනය කරණ ලදී. මව්පියන් ලඟ නැති නමුත් සුජාතා ශ්රී පරාක්රිමසිංහගේ විවාහයට - උසාවියෙන් ලැබී තිබෙන බලය නිසාත් ඇගේ වයස සම්පූර්ණ නිසාත් ලේකම් මහතාට කිසි අවහිරයක් නොතිබුනේය. ඊට සාක්ෂිකාරයන් වශයෙන් අන්තෝනි අප්පුත් ජෝන් සිල්වාත් අත්සන් තැබූහ. කසාද බැඳ අවසන්වූ හැටියේ පෙරකදෝරු මහතා හා අන්තෝනි අප්පුද ජෝන් සිල්වාද එක මොටෝ රථයක නැගී උසාව්ය පැත්තට ගියහ. මාර්ගරට් හා ඇ‍ගේ මව් ඔවුන්ගේ ගෙදරට ආහ. මාර්ගරට්ට බලවත් ප්රීුති දිනයක් විය. තමාගේ මිතුරිය වන අල්ලපු ගෙදර සයිබුම්මාට - කථාකොට “එන්ටය” යි කීවාම - සයිබුම්මා ඈත මෑත බලනවිට උදේ හයට අබ්දුල්ලා යද්දී කොටිදෙනෙක්වාගේ වුන් ඔහුගේ භාර්යාව වන නාච්චිඋම්මා - එහා වත්තට ගොහින් බව දුටු බැවින් - සයිබුම්මා - ඉස්සරහ පැත්තේ තිබෙන මාර්ගරට්ලාගේ ගෙදරට දිවගත්තාය. “අඩේ අප්පා මාර්ගරට් නෝනා අද සුරංගනී වගේ ඉන්නා හැටි! ආ මාර්ගරට් මේ පට ඔසරිය - මේ හැට්ටය, මේ රත්රන් බඩු උඹේ මනමාලයා දුන්නාද - ඉතින් අද කසාද බැන්දකොට පෙරකදෝරු මහතාගේ ගෙදරට නොගොස් මෙහාට ආවේ මොකදැ”යි ඇසුවාය. “සයිබුම්මා උඹට මම කාරණය කියන්නා. මම ඉතින් නම් මාර්ගරට් නොවේ. පෙරේරා ලමාතැනී. මගේ මහත්මයා හාමු කෙනෙකි. පෙරකදෝරු කෙනෙකි. ලබන බදාදා අපි කොහොම නමුත් පෙරේරා වලව්වේ පදිංචියට යනවා - අප රවටා වෙනින් කටයුත්තක්කර ගැණීමට “සුජාතා ශ්රීඉ පරාක්රයමසිංහ” නමක් දී මා කසාද බැන්ද නමුත් - මම වැඩේ කරගන්නෙමි. ඉතින් සයිබුම්මා උඹටත් මම උදව් කරන්නෙමි”යි කියනකොටම නාච්චිඋම්මාගෙදර අවුත් “එංගනී සයිබුම්මා - වා ෂුරුක වා” කියා කෑගසන බව ඇසී සයිබුම්මාට සිහියත් විකලව එහි දිව්වාය. මාර්ගරට්ගේ සහ ඇගේ මව් වන මංගොහාමිගේත් චිත්ත ප්‍රීතිය අප්රාමාණවිය. ඔවුන්ට ලැබුනු යස ඉසුර ගැන සතුටුව - මවත් දුවත් වැළඳගෙණ ප්රීමතිවූහ. “අම්මේ අපේ තාත්තා නැතිවුනුදා පටන් අපි නොවින්ද දුකක් නැත. උඹ දැන් හිමිකමට තබ‍ාගෙණ ඉන්නා පෙමියානු දැන් අපට තරම් නොවේ. මම උඹ ආරක්ෂා කරගන්නෙමි. ලබන බදාදා වනතුරු අපට මරක්කලයින් හැටියටම මරක්කල වේශයෙන්ම ඉන්ටයයි ජෝන් සිල්වා උන්නැහේ කියා තිබේ. ඒ කීම අපි කොහොම

නමුත් ඉෂ්ට කරන්ට ඕනෑ. අද අටට පමණ මාව රහසින් පෙන්නා දීමට මහත්මයෙකුත් සමග ‍ජෝන් සිල්වා එන බව කීවා. අපට මේ උපකාරය කරදුන් නිසා ජෝන් සිල්වා කියන කියන කොයි එකක් උවත් 18 වෙනිදා වනතුරු කරන්ට ඕනෑ. ඊට පස්සේ අපි මක්කරලාවත් කුරුඳුවත්තේ පිහිටි පෙරේරා වලව්වට රිංගාගන්ට ඕනෑය”යි කීවාම මංගොහාමිද සුරුබුහුටිවූ තරුණ දියණියගේ ඇඳුම් පැළඳුම් ලිහා තැන්පත්කොට කලින් ඇඳ තිබුනු මරක්කල හැට්ටයත් මොට්ටක්කිලියත් ඇයට අන්දවා තමන්ද එසේ ඇඳගෙණ වුන්නාය.

ජෝන් සිල්වාත් අන්තෝනි අප්පුත් හාමු පෙරකදෝරු මහත්මයාත් උසාව්ය ලඟට ගොස් මොකක්දෝ නඩුවක තොරතුරක් වෙනින් පෙරකදෝරු මහතෙකුට දැනුම්දී පෙරකදෝරු මහතා නැවතී ඉන්නා තැනටගොස් - “අ‍ඩි” ගසමින් ප්රීුතිවෙන්ට පටන්ගත්හ. පෙරකදෝරු මහතාගේ ප්රීඅතිය කෙතරම් වේගවත් වීද කිවහොත් රාමන්ට කථාකොට “හම්බ කඩේකට දුව ගොස් ගොදම්බ රොටිත් කුකුල් මසුත් ගෙණෙන්ය”යි නියම කළේය. රාමන්ද දුව ගේස් රුපියල් 2 කුත් ශත 50 ක ඒ ගෙණත් දුන්නේය. ජෝන් සිල්වා ආදී ඒ තුන්දෙන විෂ්කිත් බොමින් කුකුල් මසුත් කමින් කරණ කථාව අසා ගැණීමට රාමන්ද පුල පුලා උන්නේය. “මිස්ටර් සිල්වා දැන් ඔන්න මම ශ්රීල පරාක්ර මසිංහගේ බූදලේ අයිතිකාරයා. දැන් මාර්ගරට් හා ධර්මදාසත් සරත් කුමාර වික්ර්මසිංහත් මැරූ හැටියේ අපේ වැඩේ හරි. එසේ කළ හැටියේ මම සිල්වාට කොළඹින් හොඳ ගෙයකුත් මීගමු දිස්ත්රිපක්කයෙන් පොල්වත්තකුම් මුදලෙන් රුපියල් ලක්ෂයකුත් දෙනවාමයි. අන්තෝනි අප්පුගෙත් ඇද අරිනවාමයි - හැබැයි ලබන බදාදා රාත්රීඩ - බ්රතහස්පතින්දාට එලිවෙන්ට ප්රමථම මේ කිවූ තුන්දෙනාම නොමැරුවොත් ඊට පසු ‍නම් බලාපොරොත්තු විය යුතු මොකුත් නැතැයි” යි කීවේය. කොපමණ බීවත් වෙරි වැ‍ටී වමනය ආදී විකාර නොකරණ ජෝන් සිල්වා පෙරකදෝරු මහත්මයාගේ අත පිට අත තබා - “ඔන්න හාමු මහතා - තුන්දෙනාටම එට්ටුව පෙරළා බදාදා දොළහට ප්ර ථම අන්තෝනි අප්පුත්, කඩවරයාත් පෙමියානුත් මමත් හතරදෙනා මෙහාට එනවා - අපට එවේලවෙට හොඳට කෑමත් බීමත් ලෑස්තිකර තබන්ට - මම දැන් ඒ ගැන වේලාපහින් කරගතයුතු වැ‍ඩ වගයක් කරන්ට යනවාය”යි කියා අන්තෝනි අප්පුත් හා යන්ට පිටත්වී “අන්තෝනි, උඹ දැන් මා සමග අපේ ගෙදරට එන්ට කමක් නැහැ. උඹ කෙළින්ම පරාක්ර්මසිංහ තුමාගේ කන්තෝරුවට යන එක හොඳි. බදාදා රාත්රීර අටට ධර්මදාස මාර්ගරට්


සමග පිටත්කර යැව්වාම ඉඩක් ලැබුනොත් ශ්රීී පරාක්රටමසිංහටත් තට්ටු කරන්ට මගේ කල්පනාවයි. අද රෑ හතට මම බම්බලපිටියට ගොස් ධර්ම දාස සමග අවුත් සුජාතාය යි කියා මාර්ගරට් පෙන්වා ඔහුගේ සිත පොළඹවා ගන්නෙමි. උඹ බොහොම ඕනෑ කමින් කන්තෝරුවේම වැඩකරපන්නැ”යි කියා වලව්වට ගියේය. ජෝන් සිල්වා යනකොට මහලු අබයරත්නත් ලමාතැනීත් පුතත් තුන්දෙනාම ස්තෝප්පුවේ කතාකරමින් වුන්හ. ජෝන් සිල්වා දුරදීම දැක්ක ඔවුන්ට බලවත් ප්රීුතියක් ඇතිවිය. මව්පිය දෙදෙනාටත් ප්රදථම තරුණ අබයරත්න ඉදිරියට අවුත් “මොකද මිස්ටර් සිල්වා - නුවරට ‍ගොස් එන්නේ දැන්ද, කො‍හොමද ගිය කාරණා” කියා නොඉවසිලිවන්ත ලෙස ඇසුයේය. ප්ර්යෝගයේ කෙළවරට පැමිණි ජෝන් සිල්වා මහන්සිව ඉන්නා කෙනෙක් මෙන් රික්ෂෝ රථයෙන් බසිමින් “පෙරේදා හිටම නින්දක්, නිවාඩුවක් නැතිව ඉන්නා ‍ජෝන් සිල්වාගෙන් මිදුලේදීම තොරතුරු අහන්නේ මක්නිසාදැයි මට නොතේරේය”යි සිනාසෙමින් කියා රික්ෂෝකාරයාට ශත 25 ක් ගෙවා ඔහු පිටතකර යවා අබයරත්න රාළහාමිත් ලමාතැනීටත් ආචාරකොට වාඩි ගත්තේය. අබයරත්න රාළහාමිත් තමාගේ කපටි උපාය සාර්ථක වීයයි සිතා සිල්වාට ජින්ජර්බීර බෝතලයකින්ද සංග්රතහකොට ඔහු ගිය ගමනේ විස්තර අසන්ට පටන් ගත්තේය.

21. පරිච්ඡෙදය[සංස්කරණය]

“ඔව් රාළහාමි, ඔක්කොම පිළිවෙළට කියන්නෙමි, මගේ කථාන්තරය දිග එකකි - වලව්වේ අපට විරුද්ධ කෙනෙක් නැතත් කාමරයකට ගොස් ටිකක් රහසේ කතාකර ගත්තොත් හොඳ නොවේදැ”යි කීවාම තරුණ අබයරත්න අභිෂේක ලදුවාක් මෙන් සතුටුව පියාණන් හා ඔවුන් ජෝන් සිල්වාත් තමාගේ කාමරයටම කැඳවා ගොස් වාඩිවෙන්ට සලස්වා ජෝන් සිල්වාටත් හොඳ පුටුවක් දී වාඩිවෙන්ට කීවේය. කාමරයේ දොරවල් අඩවල්කොට ජෝන් සිල්වාද වාඩිගෙණ ඔහුගේ කථාන්තරය මෙසේ කියන්ට පටන්ගත්තේය. “මම ගිය අඟහරුවාදා උදේ හතාමාරේ රේල් වෙන් ගොස් - හෝටලයකින් දවල් කෑම කා - හරියට දවල් එකට පේරාදෙනියේ පාරේ තිබෙන සිරිවර්ධන වලව්වට ගියා - මා යන කොට එතන ලොකු කලබලයක්! ඉතින් මමත් ස්තෝප්පුවේ කන්තෝරු කාමරයට ගොස් කලින් ටිකක් අඳුනන පීරිස් මහත්මයා නමැති සිරිවර්ධන බූදලේ වැඩකරණ

ලියන්නාත් සමග කථා කළෙමි. නැසීගිය සිරිවර්ධන රාළහාමිගේ බෑනා වන අබයරත්න නමින් දැන් ඉන්නා තරුණ මහතා - සොයාගත් බවත් උන්නැහේගේ පිටේ ඔප්පුවේ සඳහන් ස්වස්තික ලකුණ තිබෙන බවත් - උන්නැහේ දැන් හොඳ ක්රි්ස්තියානි කාරයෙක් බවත් - මේ ආවේ ඒ ගැන ලමාතැනීට දැනුම්දීමට බවත් කීවෙමි. එවිට පීරිස් උන්නැහේ මාත් සමග එලියට අවුත් - එහායින් තිබෙන තේවතුර කඩයකට ගොස් මටත් තේවතුර කෝප්පයක් අරන්දී මෙසේ කීවේය. “මිස්ටර් සිල්වා, ඔය සිරිවර්ධකන ලමාතැනී - පිස්සු ගැහැණියක්! දුවනිය ලැබුනු දවසේ පටන්‍ ‍හොඳටම පිස්සු - ඈ කියන්නේ ඔප්පුවේ සඳහන් මිනිහා දැන් නැත කියා තමාට ඈත නෑ කමකින් බෑනා වන සමරසේකර නැමැත්තාට කසාද බඳවා දෙන්ට ඕනෑ බවයි. ඈ හොඳ බුද්ධාගම්කාරියක් නිසා කොයි විධියකින්වත් හරවා ගන්ට නොයෙකුත් උත්සාහ කරවා බණ දන්නා පණ්ඩිතයන් නිතරම ගෙදර කලබල කරණ නිසා සැනසිල්ලේ ඉන්ටවත් හැටියක් නැත. නමුත් පවිස්තිනා නෝනා දෙකට කපා දැම්මත් ක්රි්ස්තියානිකාරයෙක් සමග මිස කසාද නොබඳින් බව කියා අදත් ගම් පෙරළි, ජෝන් සිල්වා උන්නැහේ දෙතුන් දවසක් නුවර ඉන්ට. දැන් සිරිවර්ධන ලමාතැනී‍ගේ බෑනා වන සමරසේකරත් ඔහුගේ මවුත් ඇවිත් ඉන්නවා. නමුත් පවිස්තිනා නෝනා ඔවුන්ගේ විත්තියක්වත් නැතිව හැමදාම උදේ සවස දෙකේම මිෂන් හවු‍සියේ ඉංග්රී්සි නෝනලා සමග කතා බස්කරමින් එතනම පාහේ වැඩි කාලය ගතකරයි. දැනුත් ඒ නෝනා අ‍ායාත් සමග “මිෂන් හවුසියට” යාමට සූදානම් වුනා.සිල්වා උන්නැහේ කියන අබයරත්න මහතා සම්බන්ධව කතා කරන්ට දැන් හොඳ නැත. ඇවිත් ඉන්නා නෑයින් ගියායින් පසු එන්ටය’යි මට කීවේය. මේ කාරණා දැනගත් මගේ හිතට මහත් ධෛර්යයක් ලැබී - ඔහුට ස්තුතිකොට මම මිෂන් හවුසියට ගියෙමි. මා යනකොට ඉංග්රීීසි නෝනා කෙනෙකුත් සමග පවිස්තිනා නෝනා කතාකරමින් ස්කෝගේ බංගලාවේ සිටියේය. මා දුටු හැටියේ - ඉදිරියට අවුත් - මා එකපාරටම ඇඳින - එදා මාව ඒකනායක ගෙදරින් ඉවත්කොට මගේ මම්මා ලඟට එව්වේ තමුසේ නොවේදැ”යි සිනාසෙමින් ඇසුවාය. “ඔව් නෝනා හාමු මම ඒ කළ උපකාරයට සතුටු පඬුරු ලබාගන්ටයි මම ආවේ. එදා රෑ මොටෝ කාර් එකෙන් මගේ මල්ලී අත නෝනා එව්වා - එයාට රාත්රී නිසා ඇඳිනගන්ට බැරිවෙන්ට ඇති” කීවාම. ඔව් ඒ


ආ අය ජෝන් සිල්වාගේ මල්ලී බව කීවායයි - මට ස්තුතිකොට වාඩිවෙන්ටත් කියා “ඉතින් සිල්වා උන්නැහේට මගෙන් උවමනා උදව්ව මොකක්දැ”යි ඇසුවාය. මමත් බොහොම ගෞරව දක්වා - නෝනා හාමුගේ මස්සිනා අබයරත්න රාළහාමි විසින් දරුකමට හදාගෙණ ඉන්නවා - උන්නැහේගේ තුනටියේ ස්වස්තික ලකුණක් තිබෙනවා - නමුත් ඒ අබයරත්න පවුල ක්රිිස්තියානි බැවින් ඒ මහත්මයාත් හොඳ ක්රිඒස්තියානිකාරයෙක් වෙලා ඉන්නවා. ඉතින් උන්නැහේ මගේ මාර්ගයෙන් නෝනා හාමු ඉන්නා බව දැනගෙණ මක්කරාවත් උන්නැහේ සමග කසාද බැඳින්ට සතුටු කරවාදෙන මෙන් කීවාය. එතකොට පවිස්තිනා නෝනා මහත් ප්රීිතියට පැමිණ “ඇත්තෙන්ම මගේ මස්සිනා ක්රිිස්තියානි කාරයෙක්ව ඉන්නවා නම් ජීවිතයත් දෙන්නෙමි. කෝ උන්නැහේ මෙහි ඇවිත් ඉන්නවාද - මට දකින්ට ඇත්නම් හොඳය”යි කීවාම මගේ සාක්කුවේ තිබුනු මේ හාමු මහතාගේ පින්තූරය අතට දුනිමි. පවිස්තිනා නෝනා - එය හොඳහැටි බලා - අමුතු ස්වභාවකට හැරුණු කෙනෙක් මෙන් - ඒ පින්තූරය පපුවට හේතුතු කරගෙණ - මිස්ටර් ජෝන් සිල්වා - මාව දුෂ්ට ඒකනායක ගෙදරින් ගලවා මගේ මම්මා ලඟට එව්වාටත් වඩා ලොකු උපකාරයක් දැන් කළ බව පෙනේ. මට ලොකු බූදලයක් හිමි නමුත් ගණුදෙණු කිරීමට නම් දැන් ඉඩක් නැත. මට නියම බලය ලැබුනු හැටියේ මම සිල්වා උන්නැහේට රුපියල් පන්දාහක් දෙන්නෙමි. මගේ මම්මා පරණ තාලේ මෝඩ ගැහැණියක්. මම්මාගේ කැමැත්තෙන් නම් මට මේ අබයරත්න මහතා සමග කසාද බඳින්ට ලැබෙන්නේ නැත. එයාට ඕනෑකර තිබෙන්නේ එයාගේ ඈත බෑනා කෙනෙක් වන උපාසකයෙක් සමග කසාද බඳින්ටයි. ඒ නිසා සිල්වා උන්නැහේ මගේ මස්සිනා පමුණුවා දුන්නොත් මම්මාටත් හොරෙන්ම කසාද බැඳ නැවත මම්මල ලඟට එන්ට පුළුවන. මට දැන් අවුරුදු 20 කට කිට්ටු බැවින් මගේම කැමැත්තෙන් කසාද බඳින්ටත් පුළුවන - මම අබයරත්න මහතා සමග කසාද බැඳ දෙදවසක් පසුවුනු හැටියේ මම්මාගේ විරුද්ධ කමුත් මගඇර අපට මුලු බූදයේ කටයුතුත් පවර මම්මා “දසසිල් ‍උපාසිකාවක්” වෙනවාට කිසි අනුමානයක් නැතැයි පවිස්තිනා නෝනා කීවාම, මගේ හිත මහත් ප්රීකතියට පැමිණ එහෙනම් - ලබන සිකුරාදා (අනිද්දා) නුවර රෙජිස්ටර් කන්තෝරුවේදී විශේෂ බල පත්රැයක් පිට කසාද බඳින්ට සතුටුදැයි මා ඇසුවාම, ඔව් අබයරත්න මහත්මයා -

උන්නැහේ ඇතිකරගත් අබයරත්න රාළහාමිත් ඇවිත් ගෞරව ලෙස කසාද බැඳීම කරතොත් අනිද්දා තබා දැන් වුනත් මම කැමතිය”යි පවිස්තිනා නෝනා කීවාය. වැඩිදුර කතාකරන්ට මොකවත් නැති නිසා මම අද උදේ කෝච්චියෙන් ආවෙමි” යි ජෝන් සිල්වා කීවේය.

මේ ජෝන් සිල්වාගේ කථාව අසාවුන් අබයරත්න රාළහාමිට හා ලමාතැනීටත් තරුණ අබයරත්නටත් අමෘතාභිෂෙක කළාක් මෙන් විය. ඔවුන්ගේ බයිබලයේ තිබෙන “සත්යක” කීම් හා සමානවම මිස්වාසකොට “සිල්වා උන්නැහේම මේ කටයුත්ත කළා මිස සිහලද්වීපයේ වෙන කෙනෙක් නම් මේ වැඩේ කරන්නේ නැත. අපේ පොරොන්දුවටත් වඩා සිල්වා උන්නැහේට තෑගි දෙනවා - එහෙනම් දැන්මම අපි නුවර යමුද? වලව්වේ මහත්මයාත් යන්ට ඕනෑද” මහලු අබයරත්න කෙළ හැලෙමින් ඇසුයේය. “බලවත් කෙනෙක් මේ ගමනට උවමනා නැහැ - රාළහාමිත් හාමු මහත්මයාත් මාත් ගියාම ඇති. අපි එලිවෙනකොට 4 ට විතර මෙහෙන් පිටත් වුනාම උදේ 8 ට නුවරයි. ඉතින් ක්වින්ස් හෝටලයට ගොස් - සුමා‍නයක් නැවතීමට කාමරයක් ගණිමු. උදේ 11 ට පවිස්තිනා නෝනාත්, ඒ නෝනාගේ ආයාත් අඬගසාගෙණ මම හෝටලයට එන්නෙමි. එවිට ඒ නෝනා හාමුත් සමග කතාබස් කොට රෙජිස්ටර් කන්තෝරුවට ගොස් විශේෂ බලපත්රෝයකින් කසාදය ලියා පදිංචිකර - මේ හාමුටත් නෝනාටත් ඒ සුමානය හෝටලේ ඉන්ට සලස්වා අපි අනිද්දාම කොළඹ එන්නෙමු. එතකොට ඒ සුමාන ගතවුනාම පේරාදෙණියේ වලව්වට හෝ මෙහාට ඒ ජෝඩුවට යන්ට පුළුවනියි කීවේය. ජෝන් සිල්වාගේ පිළිවෙළ ගැන කියන්ට කිසිම අඩුලුහු‍ඩක් නැති බැවින් ඔවුහු මහත් සතුටට පැමිණ සවස හතරවූ බැවින් කවුරුත් අතුරුපස කා තේවතුර බීවාහුය. “ඉතින් මිස්ටර් සිල්වා අද රෑට කෑම මෙහ - මෙහිම නිදා ඉඳලා උදේ හතරට අප පිටත්වෙමුය”යි තරුණ අබයරත්න කීවේය. ඔව් හාමු එහෙම හොඳයි - රාත්රීි නවයට මම එන්නෙමි. මගේ වෙන ඔනෑකමකට දැන් යනවාය”යි කියා ජෝන් සිල්වා කෙළින්ම හාමු පෙරකදෝරු මහත්මයා ඉන්නා නවාතැන් පලට ගොස් පෙරකදෝරු මහත්මයාත් සමග කතාකරන්ට පටන්ගත්තේය. “හාමු මහත්මයා ඒකනායක වලව්වට අද ඊයේ ගියේ නැද්ද - මොකද මනමාලි සමග අල්ලාප සල්ලාප කතාබහටත් නොගියේ” කියා ජෝන් සිල්වා කවටකම් වශයෙන් ඇසුවාම “මිස්ටර් සිල්වා තමුසේ මනමාලියන්ගේ විත්තියක් කියනවා මට බාරදුන් නඩුවක මුදල් ලැබී එය මට වියදම් වෙලා කරන්ට දෙයක් නැතුව

ඉන්නවා - ඒ මුදල් අයිතිකාර මහලු ස්ත්රිමයක් ඇගේ දියණිය වන ලමිස්සියත් දැන් දෙගමනක්ම ඒ මුදල් ගෙණයන්ට ආවා. අද උන් දිවුරුම් පෙත්සමක්දී මට විරුද්ධ වැඩ කරන්ට සූදානම් කරගත්තා - ලබන බදාදා ඒ රුපියල් 1600 ය දෙනවායයි තවත් පෙරකදෝරු මහතෙකුගේත් උදව් වෙන් ඔවුන් දෙන්නා සනසා ගමට යැව්වා. ඉතින් ලබන බදාදා ඒ මුදල ගෙවන්ට බැරිවුනොත් මගේ කටයුතු ‍වල්වෙනවා. ඉතින් මිස්ටර් සිල්වා - අපේ අළුත් නැන්දම්මාගෙන්වත් රුපියල් දෙදාහක් ඉල්ලා ගන්ට බැරිදැ”යි පෙරේරා පෙරකදෝරු තැන ඇසුවේය. “හාමු මහත්මයා - ඒ ස්ත්රීරන්ට එන්ට කියාපු දිනේ හරි නැහැ. බදාදා නොව බ්ර හස්පතින්දා එන්ට කීවානම් රුපියල් දෙදාහට පන්දාහක්වත් අරන් දෙන්ට තිබුනා. සරත්ට අනතුරු කළදාට පසුවදා තෑගි වශයෙන් මට රුපියල් දෙදාහක් දෙන්ට ඒකනායක ලමාතැනී පොරොන්දුයි. ඉතින් ලබන බදාදා රාත්රීල අප වැඩේ කළාම බ්රනහස්පතින්දා උදේම මට සල්ලි ! ඒ තබා හාමු මහතාටත් රත්රන් පවුන් 200 ක් එදාට ලැබෙන බව මම දනිමි”යි ජෝන් සිල්වා කීවාම බලවත් සතුටට පත් පෙරේරා පෙරකදෝරු තැන - එහෙම නම් ඒ ගැහැණු දෙන්නා බදාදා රාත්රිත කොළඹ කොහේවත් නවත්වා ගන්ට සලස්වා බ්ර්හස්පතින්දා උන්ගේ රුපියල් 1600 ට ගෙවා මේ කරදරයෙන් නිදහස් වෙන්ට පුළුවනි. ඊට පසු මේ මාසේ අන්තිම වෙන්ඩ ප්ර්ථම ඩොරොතිව කසාද බැඳ ඒකනායක බූදලෙත් ලබාගත හැකි. ඉන් පසු දෙතුන්මාසයක් යන්ට ප්රොථම ශ්රීඒ පරාක්රාමසිංහ නාකියාගේ රුපියල් තිස්ලක්ෂයේ විශාල බූදලෙත් අපේය” කියම්න් ප්රීරතිවුනු පෙරේරා පෙරකදෝරු තැන පුන්චි විෂ්කි අඩියක් ගසා ජෝන් සිල්වාටත් එකක් දුන්නේය. එවිට වේලාව හයට පමණවිය - මොටෝරථයක් ගෙණවුත් දොරකඩ නැවැත්තුවේය. “රාමන් කවුද ඔය කියා බලාපන්නැ”යි ජෝන් සිල්වා කීය. “කළු හීන්දෑරි තරුණෙක් පමණක් කාර් එකේ ඉන්නවා - වෙන කවුරුවත් නැතැ”යි රාමන් කීවිට - ජෝන් සිල්වා එලියට අවුත් බලා තමා ගේ මිත්ර ඇලඩින් ඩ්ර යිවර් බව දැක සතුටුව “කොහොමද ඇලඩින්, අපි බම්බලපිටියට ඉස්සර යොන් වීදියේ මුඩුක්කුවට යමු. ඇහැපාටේදී ස්ථානය බලාගෙණ ගියාම රාත්රීො නොවැරදීම එතනට එන්ට පිළිවනැ”යි කීයේය. “ඔව් එහෙම හොඳය”යි මිනීමරු ඩ්රැයිවර් කෙනෙක් වන ඇලඩින් සුරුට්ටුව උරමින් කීවේය. ජෝන් සිල්වා පෙරකදෝරු උන්නැහේට ආයුබෝවන් කියා රථයේ නගිනකොට රාමන්ද එතනට දුව අවුත් සිල්වා මහත්මයා ඌරු මස් ගෙණෙන්ට පිටකොටුවේ මාර්කට් එකට මාත් යනවා. මාත් සමග ගොස්


මාර්කැට්එක ලඟ මාව බස්සවන්ටය”යි රාමනුත් එහි නැග ගත්තේය. රථය අලුත් කඩේ පාරෙන් ගොස් වේල්ලේ වීදියෙන් උතුරට හැරී යොන් වීදියට යන මුඩුක්කුවට ගොස් - මංගොහාමිලාගේ ගෙයි දොරකඩ නැවැත්තුවේය. ජෝන් සිල්වා රථයෙන් බැස ගෙට ඇතුල්විය. මංගොහාමිත් පෙමියානුත් එහි උන්හ. මාර්ගට් බත් උයමින් සිටියාය. ජෝන් සිල්වා ගිය හැටියේ ඔවුහු “මොකද? සිල්වා මහත්මයා අර කියපු මහත්මයා අද එනවද - කීයටද එන්නේ - අපි ඉන්ට ඕනෑ කොහොමදැ”යි ඇසුවාහ. මේ අතර රාමනුත් රථයෙන් බැස ගෙට ඇතුල්ව දෙමළෙන් කතාකර - “සිල්වා මහත්මයා පරක්කු නම් මම යන්ටදැ”යි ඇසුවේය. හිටපන් රාමන් - මිනිත්තු පහක් හිටපන් කියා - සිල්වා මාර්ගරට්ට කථාකොට මාර්ගරට් උඹ ඔළුව ටිකක් පෙනෙන්ට මොට්ටක්කිලිය ඉවත් කරගෙණ මේ පුටුව පිට වාඩිවී හිටපන් මංගොහාමි මේ බිත්තියට හේත්තුවී ඒ එන මහත්මයා දිහා බලාපන් - පෙමියානු, උඹ පාර අයිනේ ගේ ඉක්මවායොන් වීදියට යන හැටියට පලයන් - මමත් ඒ මහත්මයත් හරියටම අටට මෙතනට එනවා. මමත් ඒ මහතාත් උඹලාගේ ගෙට එබී බලනකොට මොකවත් කතාකරන්ට එපා. අපි හොඳ හැටි බලාගෙණ ඉඳලා යනකොට මංගොහාමි දොරකඩට අවුත් දෙමළෙන් මොනවද බලන්නේ - ගෑණු ඉන්නා ගේවලට එබෙන්නේ ලැජ්ජා නැතුවද” කියාපන්නැයි කාරණා උගන්වා - රාමනුත් සමග නැවතත් මොටෝ රථයට නැංගේය. රාමන් පිටකොටුවේ මස්කඩේ ලඟ බස්සවා ජෝන් සිල්වා බම්බලපිටියේ ධර්මදාස මහතුන්ගේ ගෙදරට ගියේය.

ජෝන් සිල්වා එහි යනවිට ධර්මදාස මහතා - හාමිනේත් ස්වකීය දරු දෙදෙනාත් සමග පන්සලට ගොස් ආ හැටියේ විය. “මොකද මිස්ටර් සිල්වා - අර කිව් ගමනට වෙලාව හරිද? යන්ට ඔනෑ අටට නොවේදැ”යි ඇසුවේය. ඔව් මහත්මයා හරියට අටට යන්ට ඔනෑ - දැන් හතකුත් මිනිත්තු 43 කි. අටහමාරට ඉස්සරින් එන්ට පුළුවනි” කීවාම ධර්මදාස මහත්මයා ඉක්මණින් ඇඳගෙණ මොටෝ රථයේ නැගී යොන් වීදියේ මුඩුක්කුවට හැරෙණ හන්දියට ආවේය. එහිදී රථයෙන් බැස සිල්වාත් සමග මාර්ගරට්ලා ගේ ගෙදර දොරකඩට පැමිණිවිට - සිල්වා - ධර්මදාස මහතාට සුජාතා ශ්රීහ පරාක්රවමසිංහ. “සිංහල ගැහැණු ලමයෙක් බව මහත්මයාට වැටහුනා නොවේදැ”යි මිනිත්තු තුනක් පමණ ඈ දෙස බලන්ට සලස්වා ගේ ඉක්මවා ටිකක් දුර ගොස් “අර ඉන්නේ - ඒ ලමයා

එක්කරගෙණ ආ - මිස්කින් නානායයි කියා - පෙමියානුවත් පෙන්නා - ආපසු හැරුනේය. ඒ එන ගමන්ද ධර්මදාස ඉතා ඕනෑ කමින් බැළුවේය. එතකොට මාර්ගට් පුටුවෙන් නැගිට සිටි බැවින් - කදිම කඩවශමේ වැදගත් පෙණුමක් ඇති සිංහල තරුණියක් බව ධර්මදාසට වැටහී - සිල්වා කියන්නේ ඇත්තක් වෙන්ට පිළිවනැයි සිතුවේය. ඉතින් සිල්වාත් සමග මංසන්දියට අවුත් රථයේ නැග, “මිස්ටර් සිල්වා - ඒ ලමයා සුජාතා කුමාරිහාමිද නැද්ද කියා නිශ්චය වශයෙන් ම නොදනිමි - ඒ ලමයාගේ මව් නැතත් පියා ජීවත්ව ඉන්නා බැවින් ඒ මැතිතුමා ලඟට ගෙණ ගියාම ඈ සුජාතා වුනොත් තමුසේට එවෙලේම රුපියල් 5000 ක් ලබා දෙන්නෙමි. එසේ නූනොත් මට කරන්ට දෙයක් නැතැ”යි කීවාම, “ඔව් මහත්මයා වෙන මක්කා කරන්ටද, මට මේ ප්රනවෘත්තිය දැනගන්ට ලැබුනේ මිස්කින්ගේ අයියාගෙන්ය. ඔහුට මම දැනටම රුපියල් 50 කි දී තිබෙනවා - ඒ ලමයා ලබන බදාදා රාත්රීට අටට මේ රථයේ නංවාපු හැටියේම තවත් රුපියල් 100 ක් දෙන්ට ඕනෑ. හොඳයි ඒ ඔක්කොම මම බලා ගනිමි. මට මේ ගැන කොහෙත්ම සැකක් නැත. මහත්මයලාගේ ගෙදරට මේ කාර් එකම මේ ඩ්රපයිවර් අතම ගබන බදාදා රාත්රිට හතාමාරට එවන්නෙමි. එතකොට මහත්මයා අවුත් දොරකඩ රථය නැවැත්තුවාම “සුජාතා” රථබට නගීවි - හැබැයි ඈ ඒ වේලාවට සිංහල ඇඳුමෙන් සැරසී එනවා ඇති. එසේ නැතුව මරක්කල ගැහැණියක් වාගේ ආවොත් පාරේ යන අයගේ සැකයක් ඇතිවෙන බැවිනි” කීවාම ධර්මදාස සතුටුව ඒ මොටෝ රථයෙන්ම ගෙදර ගියේය. සිල්වා ඒ රථය හරවා ගෙණ කුරුඳුවත්තේ අබයරත්න වලව්වට පැමිණ තමාගේ අනුචරයා වන ඇලඩින්ට රුපියල් පහක්ද දී තමා ‍අබයරත්න වලව්වේ සූදානම්කළ රසවත් භෝජන සංග්රපහය ලැබ සුවසේ නිදාගත්තේය. එදා රෑ තරුණ අබයරත්නට තබා හතරට ඇති පැය ගණන 6 ක් උවත් තරුණ අබයරත්න අටවරකට වඩා ඔර්ලෝසුව බැලුවේය. නමුත් ජෝන් සිල්වා ඉතා හොඳින් නිදා ගත්තේය.

රාත්රි දෙකට පමණ නැගිට තරුණ අබයරත්න ගමනට සැසරි - ලොකු ගමන්පෙට්ටි දෙකක්ම පුරවා ඔහුගේ ඇඳුම්ද ලැහැස්ති කරගෙණ හරියට තුනට ජෝන් සිල්වාට හා ස්වකීය පියාණන්ටද කථාකොට ඔවුන්ද සූදානම් කරවාකෙණ - තේවතුරත් බී තමන්ගේ ඉතාම හොඳ ලොකු මොටෝරථයෙන් හරියට හතරට පිටත්වුනා හ. ඔවුන්ගේ මොටෝ රථාචාර්යයා වන සිරිල් ඉතාමත් දක්ෂයෙකි. හරියට උදේ


හතාමාරට ක්වීන්ස් හෝටලයට පැමිණියා හ. තරුණ ‍අබයරත්න හෝටලයේ මැනේජර් තැන සමග කථාකොට සතියක් දෙදෙනෙක් නැවතීමට හා ආහාරපානාදියටත් - කාමරයකට ගෙවියයුතු ගාස්තුත් අත්පිටම ගෙවා හෝටලේ දෙවෙනි මාලේ ලොකු කාමරයක් ලබාගෙණ එහි තමාගේ කළමනාත් තැන්පත් කරවා - තේවතුරත් බී - “ඉතින් මිස්ටර් සිල්වා - දැන්මම ගොසින් පවිස්තිනා නෝනා සමග ආවොත් නරකදැ”යි කීවේය. ඔව් දැන් නවයයි. මම දැන්මම යන්නෙමි. තමුන්නාන්සේලාගේ මොටෝකාර් එකෙන් යාම යුතුනැති පැවින් මම කුලියට කාර් එකක් රැගෙණ යන්නෙමි. මම පවිස්තිනා නෝනාත්, ඒ නෝනාගේ ආයාත් යන දෙන්නා සමගම එන්නෙමි. කසාදය බැන්දායින් පසු ආයාව පිටත්කර අරින්ට පුළුවනි”යි කීවාම අබයරත්න රාළහාමි සහ පුතා ඒ කීමට වඩාත් සතුටුවිය. ජෝන් සිල්වා කුලී මොටෝකාරයක් ගෙණ කටුගස්තොටට ගොස් එතනින් මහා ගමට පැමිණ රථය පාරේ නවත්වා හුරතලීලාගේ ගෙදරට ගියේය. සිල්වා එනතුරු මග බලමින් සිටිය පවිස්තිනා හා හුරතලීත් - තමා බලාපොරොත්තු වූවාටත් වඩා අලංකාර ලෙස සැරසී සිටින බව දැක මහත් ප්රී තියට පැමිණියේය. “එන්ට සිල්වා මහතා මේ පවිස්තිනාට අන්දවා තිබෙන හැටි හොඳද- මම ආයා ව‍ාගේ ලැහැස්තිවී ඉන්නා හැටි හොඳදැයි හුරතලී ඇසුවාය. “අත්තෙන්ම දැන් පවිස්තිනා නියම කුමාරිහාමි කෙනෙක් වාගේය. අබයරත්න පවිස්තිනා කෙරේ ඇති කරණ ප්රේයමය පවිස්තිනාට උසුලා ගන්ට බැරි නූනොත් වාසනාවකි. නමුත් උඹලාගෙන් අසන ප්රමශ්නවලට මා කලින් රාත්‍රියේ කියාදුන් අන්දමට අහුනොවී උත්තර දෙන්ට ඕනෑ. රෙජිස්ටර් කන්තෝරුවේදීත් මම්මා ජීවත්ව ඉන්න නමුත් ක්රි්ස්තියානි කාරයෙක් සමග කසාද බැඳින බැවින් දැන් නා බවත්, මම්මාගේ තද විරුද්ධ‍යක් නැති බවත් කියන්ට ඕනෑ. පවිස්තිනාට කිසිම ලැජ්ජාවක් භයක් නැති බව මම දනිමි. නමුත් කසාද බැඳලා හෝටලයට අවුත්, මමත් මහලු අබයරත්නත් ‍‍කොළඹ යන්ට පිටත්වන තුරු ඉතාමත් ලැජ්ජා භය ඇති මීට ප්රබථම පිරිමියෙක් සමග කතාබහක් නොකළ කෙනෙක් හැටියට ඉන්ට ඕනෑය”යි කියා පවිස්තිනා හා හුරතලීත් සමග මොටෝ රථයේ නැගී හරියට දහයාමාරට හෝටලයට ආවේය. නොඉවසිලිවන්තව මග බලමින් සිටි අබයරත්න, දිව්ය ප්සරාවක් වැනි පවිස්තිනා දැක ප්රීටතියෙන් ඉල්ප ගියේය. පවිස්තිනාත්, හුරතලීත් ජෝන් සිල්වා හා අබයරත්නලා දෙන්නත් ඔවුන්ගේ කාමරයටම ගිය හ. වැඩකරුවන් දෙදෙනෙක් ඔවුන්ට තේවතුර ගෙණවුත් සංග්රටහ කළහ. මහත් ලැජ්ජාවකින් මෙන්

ඉන්නා පවිස්තිනා ලඟට මහලු අබයරත්න ‍අවුත් “දුවනිය, උඹ උපන්දා පටන්ම මගේ තිබුනු ආසාව අද ඉෂ්ටවෙන්ට යනවා - නුඹේ මම්මා මේ විවාහයට නොසතුටු මන්දැ”යි ඇසුයේය. ලැජ්ජාවෙන් පියවුනු ඇස් ඇති කුල ස්ත්රිටයක් මෙන් සිටි පවිස්තිනා ඉතාමත් හෙමින්. “මම ක්රිකස්තියානිකාරයෙක් සමග මිස කසාද නොබඳින බව කී නිසා මම්මා කේන්තියෙන් ඉන්නවා. මා කැමති නැති පිටිසරපාහේ බුද්ධාගම්කාරයෙකුට මා ජෝඩු කළා - ඒකට මා අප්රිසන්නවූ බැවින් මම්මාට රහසෙන් මා බලාපොරොත්තුවූ මගේ මස්සිනා සමග විවාහ වෙන්ට කැමති වුනාය”යි කීවාම - තරුණ අබයරත්නට පවිස්තිනාගේ රූපය බලමින් ටික වේලාවක්වත් කසාද බැඳීම ප්රුමාද කරන්ට බැරිව “පප්පා දැන් ඒ කාරණා සියල්ල මිස්ටර් සිල්වා ඊයේ රෑ කී අන්දම බව පෙනේ. රෙජිස්රාන් ඒර් දහයමාරට කච්චේරියට එන්ට ඇති. ප්රාමාද කිරීමෙන් කමක් නැත. යමුය”යි කීවාම පැත්තකින් ඉඳගෙණ සිටි සිල්වා ඒ ලඟම සිටි හුරතලීට හෙමින් කථාකොට - “ආයා - නෝනා හාමුගේ තුනටියේ තිබෙන පුදුම සටහන රාළහාමිට පෙන්වන්ට පුළුවන්දැ”යි ඇසුයේය. හුරතලීද හුනස්නෙන් නැගිට පවිස්තිනා ලඟට ගොස් - ඈ විලියෙන් මිරිකී ඉන්නා හැටි දක්වද්දී ඔසරියට මඳක් වැසී තිබුනු පට හැට්ටය ටිකක් උස්කොට ඒ ලකුණ මහලු අබයරත්නට යන්තම් පෙන්වූවිට ඒ මනුෂ්යියා අභිෂේක ලද්දාක් මෙන් සතුටුව සියලු දෙනාම පහතට බැස ඔවුන්ගේ ලොකු මොටෝ රථයේ නැගී කච්චේරියට පැමිණ විශෙෂ බලපතුයක් පිට විවාහය රෙජිස්ටර් කරන්ට ඉල්ලා සිටියෝය. දෙන්නාගේ වයස විමසූවිට ඒ හරි බැවිනුත් දෙන්නාම ඉංග්රීිසි ආදිය උගත් “වැදගත්” පවුල්වල අය බැවින් විවාහය රෙජින්ටර්කොට පවිස්තිනා හා අබයරත්නත් අඹු සැමි බවට පැමිණවීය. ජෝන් සිල්වා හා මොටෝකාර් ඩ්රරයිවර් සිරිල්ද සාක්ෂිකාරයන් වශයෙන් අත්සන් කළහ. එකහමාරට ඔව්හු හෝටලයට අවුත් රසවත් ආහාර පානත් විස්කි ෂැම්පින් ආදී බීමත් ගෙණ ප්රීයතිමත්ව ඔවුන්ගේ කාමරයට පැමිණියා ය. පවිස්තිනා විලියෙන් මිරිකුණු තරුණ කුල ස්ත්රිියක් මෙන් “අයා උඹ දැන් ගෙදර පලයන්, අපි මිෂන්හවුසියට එන බව කියා ආ බැවින් දවල් කෑමට එනතුරු මම්මා බලාපොරොත්තු වෙනවා. ඒ නිසා උඹ දැන් ගොහින් මිස් බූල්ස් සමග මා නාවලපිටියට ගිය බවත් අද නුවරට නේන බවත් මමිමට කියාපන් - ඊට පස්සේ මම ඇවිත් ඔක්කොම කියන්නෙමි”යි කීවාය. මේ කථාවට තරුණ අබයරත්නට කෙතරම් ප්රීොතියක් ඇතිවීද කිවහොත් ඈ ගිලගනිට හිතුනාය. ආයා වන හුරතලීද මදක්වත් ප්ර මාදනොවී හෝටලයෙන් එලියට බැස රික්ෂෝ රථයක නැගී දුම්රිය පලට ගොස් - කටුගස්තොටට යන දුම්රිය එනතුරු නැවතුනාය. ඉක්බිති ජෝන් සිල්වා අබයරත්න මහතුන් දෙපොලම කථා කොට “දැන් තමුන්නාන්සේලාට ජෝන් සිල්වා කවුද කියා තේරෙන්ට ඇති. මේ වැඩේ මේ අන්දමට පහසුවෙන් ඉක්මනින් ගොණුකරගන්ට පිළිවන් මිනිහෙක් මේ ලංකාවේ සිටියිද? ඉතින් මගේ මහන්සියත් සතුටු පඬුරුත් මම බලාපොරොත්තු වන්නෙමි”යි කීවාම, මහලු අබයරත්න ජෝන් සිල්වාගේ උර ඉසට තට්ටු කරමින්, සිල්වා උන්නැහේ මේ කළ උපකාරයටත් දක්ෂ කමටත් ස්තුති කරන්ට වදන් කැත. දැනට මේ රුපියල් දෙදාහ ගන්ට - ලමයින් කොළඹට ආවාම තවත් උපකාර කරන්නෙමි. අපේ දිවි තිබෙන තුරුත් උපකාර කරන්නෙමි”යි කියා - රුපියල් දෙදාහකට චැක්කොළයක් දුන්නේය. එය කොළඹ බැන්කුවක එකකි. තරුණ අබයරත්න ජෝන් සිල්වාට අතට අතදී” මිස්ටර් සිල්වා - තමුසේව රුපියල් විසි තිස් දාහක පොහොසතෙක් කරන්නෙමි. මා බලාපෙරොත්තු වුනු මගේ “පෙම්බරිය” වැඩි මහන්සියකුත් නැතිවම මට ලබාදීම ගැන අපි දෙන තෑගි පසුවටයි. දැනට පප්පා දුන් රුපියල් දෙදාහෙන් සතුටු වෙන්ට - දැන් පප්පා සමගම ‍අපේ කාර් එකෙන් කොළඹ යන්ටය”යි කිවේය. පවිස්තිනාද කට කොනකින් සිනාසී “මිස්ටර් සිල්වාට බොහොම ස්තුතියි” කීවාය. අබයරත්න රාළහාමි පුතාට සහ ලේලීට කතාකොට “උඹලා වැ‍ඩිපුර ‍එහේ මෙහේ ඇවිදින්ට එපා. උඹලාගේ “හොනිමුන්” මෙහිම ග‍තකොට සිරිවර්ධන ලමාතැනී ලඟට දෙතුන් දවසකින් ගොස් - ඒ ලමාතැනීත් සමගම ලබන බදාදාවත් බෘහස්පතින්දාවත් කොළඹ එන්ට ඕනෑය”යි අවවාද කොට ඉංග්රීාසි විධියට අප්පොච්චි පුතාට හා ලේලිටත් අතට අත දී ජෝන් සිල්වාත් සමග හෝටලයෙන් බැස ඔවුන්ගේ මොටෝරථයෙන් රාත්රිඅ හතට කොළඹට පැමිණියා හ.

22. පරිච්ඡෙදය[සංස්කරණය]

අභිනව ජීවිතයට පැමිණි තරුණ අබයරත්න පවිස්තිනාගේ ලද බොළඳ ස්ත්රීන මායමින් ඇ‍ඟේ වසඟයට ගත් බොණික්කෙක් හා සමාන විය. මීට ප්රරථම ප්ර්සිද්ධ වශයෙන් දීග හයක ගිය මේ අශික්ෂිත වෛශ්යාහවියට අබයරත්න නමැති සුඛුමාල ලපටි තරුණයෙක් කෙසේ මර්දන කළ නොහැකි ද? ගාන්ධර්ම දිව්යලලෝකයට පැමිණියාක්මෙන්


සිකුරාදා රාත්රීන කාලය ගතකළ අබයරත්න සෙනසුරාදා උදේ වසවර්ති දිව්යාලෝකයේ උපන්නෙකු මෙන් ප්රීතතියට පැමිණවූ පවිස්තිනාගේ සූර මායම් - මෙබඳු පොතක සඳහන් කළහැකි ද? සෙනසුරාදා කාර්ගල් සාප්පුවට ගොස් රුපියල් එක්දහස් පන්සියයක තරම රෙදි පෙරෙදි හා ආභරණ ගත් පවිස්තිනා අඥාන අබයරත්නගේ අතේ තිබුනු රුපියල් එක් දහස් පන්සියයක් අඩංගු මුදල් පසුම්බියද තමාගේ ආරක්ෂාවට ලබා ගත්තාය. අබයරත්නත් පවිස්තිනාත් - පින්තූර ගැණීම. වීදිසංචාරණය කිරීම් ආදියෙන්ද තොර නොවී ඔවුන්ගේා “හොන්මුන්” කාලය ගතකරණ අතර කොළඹට පැමිණි අබයරත්න රාළහාමිත් ජෝන් සිල්වාත් ඔවුන් දෙන්නාගේම මන දොළ සඵල වීමෙන් ප්රීාතිමත් වූහ. ජෝන් සිල්වා උදේ එකොළහට ගොස් බැංකුවෙන් චැක් කොළය මාරු කරගෙණ රුපියල් දෙදාහ අතට ගෙණ පෙරකදෝරු හාමු සම්බවෙන්ට ගියේය. ප්රීෙතියෙන් ඉන්නා ජෝන් සිල්වාගේ මුහුණ බලා මොකද මිස්ටර් සිල්වා අද බොහොම සතුටින් වාගේ ඉන්නවා - මොකද ඊයේ නුවර ගියේ? අපේ කටයුතු පිළියෙල කරගත්තාද?” කියා ඇසුවේය. මේසේ උඩ තිබුනු විස්කි බෝතලෙන් ටිකක් වීදුරුවකට වත්කරමින් “මම මගේ මිත්ර යෙකු සම්බයෙන්ට තෙල්දෙනියට ගියා - ධර්මදාසත් මාර්ගරටුත් නංවා යවන මොටෝ රථය ඒ පාරේ විෂම කන්දකින් පෙරළුවාම මගේ මිත්ර ඩ්රරයිවර් වන ඇලඩින්ට උපකාරකොට ඔහු ආරක්ෂා කර ගැණීමට කෙනෙකුට පවරන්ට ගියා. දැන් අපේ වැඩ ඔක්කොම හරි - හාමු මහත්මයා ඒකනායක වලව්වට හේම ගියෙ නැද්ද? “මම ගියා සිල්වා - අපේ නැන්දා මා පිළිගෙණ බොහොම සංග්රකහ කළා නමුත් ඩොරොතිට ටිකක් අසනීපයයි කියා එයා වෙනදා වාගේ හුඟක් වෙලා කතා කළේ නැහැ. නැන්දා මට ඉස්සරියෙන්ම සතුටු පඬුරක්ය කියා රත්රන් පවුන් පණහකුත් දුන්නා. ඉතින් සිල්වා සරත් හා ධර්මදාසත් මාර්ගරටුත් 18 වෙනිදා විනාශ කරගත්තොත් ඔක්කොම වැඩ හරි බව මටත් පෙණේ - අද සෙනසුරාදා තවත් තිබෙන්නේ ඉරිදා, සඳුදා, අඟහරුවාදා තුන් දානක් පමණයි. දැන් සිල්වා යන්නේ කොහාටද?” කියා පෙරේරා පෙරකදෝරු මහතා ඇසුයේය. දැන් මම ගෙදර යනවා. අද රාත්රීෝ ධර්මදාසත් සම්බවෙන්ට බම්බලපිටියට යන්ට ඕනෑ - සඳුදා රාත්රී මම මෙහාට එන්නෙමි. හෙට එන්ට නිවාඩු නැත” කියා ජෝන් සිල්වා ගියේය. රාත්රීි හතහමාරට පමණ පෙරේරා පෙරකදෝරු මහත්මයා කා බී තමා අතට ඒකනායක ලමාතැනීගෙන් ලැබුනු රන් පවුන් පණහ තිබෙන බැවින් සූදු ක්රීකඩාව සඳහා ක්ලබ් ශාලාවට ගියේය. රාමන් නමින්

සිටින වික්ර මවන්ත අමරසේන‍ ගෙයි දෙ‍ාර වසාගෙන නිදාගත්තේය. ජෝන් සිල්වා හරියට අටට ධර්මදාස මහතුන්ගේ නිවසට රික්ෂො‍ රථයකින් ගියේය. රාත්රිම බත් කා ප්රිොය භාර්යාවන් සමග ධර්මාන්විත කථාවක් කරමින් සිටි ධර්මදාස මහතා ජෝන් සිල්වා දැක “වාඩිවෙන්ට සිල්වා උන්නැහේ, කොහොමද කටයුත්ත පිළියෙල කරගත්තාද? මම තවමත් අපේ බැරිස්ටර් තුමා සමග මොකවත් මේ ගැන කිව්වේ නැහැ. සිල්වා උන්නැහේ පෙන්වූ ලමිස්සිය ඇත්තෙන්ම සුජාතා නම් - ඇත්තෙන්ම අපට බලවත් ප්රීවතියකි. සරත් කුමාර වික්රෙමසිංහ ලැන බලවත් පැහැදීමට පැමිණ සිටින අපේ බැරිස්ටර් තුමාට - සුජාතා ලැබුනොත්, ඒ දෙදෙනා විවාහ කරදී ලොකු ප්රීසතියකින් ඉන්ට ලැබේයයි බලාපොරොත්තු වෙනවා - සිල්වා උන්නැහේ බදාදා රාත්රීර ඈ මොටෝ රථයට නංවා දුන්නොත් මම කොහොම නමුත් ගෙණ එන්නෙමි. ඈ සුජාතා වුනොත් සිල්වා උන්නැහේට එවලේම රුපියල් පන්දාහක් ලබා දෙන්නෙමි”යි කීවේය. සරත්ට සුජාතා දීමට තිබෙන කැමැත්ත ඇසූ ජෝන් සිල්වාගේ හිත තදින්ම නරක්ව, “මහත්මයා මම ඔය ගැහැණු ලමයා සොයන්ට ගත් උත්සාහය ඇසුවොත් පුදුම වෙනවා. මිස්කින් ඔය ලමයා සැග්රිොගේෂන් කඳවුරේ ගින්න ඇතිවූ දවසේ අරගෙන ගොස් මාස කීපයක් යනතුරුම කාටවත් දැනගන්ට බැරිලෙස වසඟ කරගෙණ උන්නා. නමුත් ඔය දැන් ඉන්න වීදියේ ගෙට ආවාට පසු, ඈ සමග නාන්ට ගිය - සිංහල ස්ත්රිදයක් - දෙමළ බැරි ඒ නෝනා සිංහල කෙනෙක් බව දැනගෙණ ඒක ඇගේ පුරුෂයා සමග කියා තිබේ. ඒ මිනිහා මම අඳුනන මගෙන් උදව් ගන්නා කෙනෙකි. එක් දවසක් මේ සුජාතා නෝනාගේ අන්තර්ධානය ගැන අප කතාකරණවිට ඔය මිනිහා අපට මේ ප්රෝවෘත්තිය කීවා. ඉතින් මම ඉතා අමාරුවෙන් මිස්කින්ගේ අයියා සමග යහලු වෙලා ඒ ලමයා එක්ක කතාකළාම කාරණය ඇත්ත බැවින් ඒ අසරණ ‘අබූට’ එදාම රුපියල් පණහකුත්දී ඔහුට තවත් රුපියල් සියයක් බදාදා දෙන්ට පොරොන්දුවී ගැහැණු ලමයා එක්ක එන්ට සලස්වා ගත්තා. මිස්කින්ට හා ඔහු ගේ ගෑණි පාතුම්මාට රහසින් කරණ වැඩකි. ඒ නිසා බලවත් රහසින් කාටවත්ම නොදැනෙන්ට ගෙණෙන්ට ඕනෑ - මගේ යහලු මොටෝරථ ඩ්ර යිවර් කෙනෙකුට ස්ථානයත් පෙන්වා සියල්ලම හොඳින් කරගන්ට සලස්වා තිබෙනවා. ඔහු මහත්මයාත් සමග එතනට යාමට බදාදා හතහමාරට මෙහාට එනවා ඇති. මම එවේලාවට වේල්ල වීදියේ හන්දියේ ඉන්නවා - ලමය අරගෙණ අවුත් වලව්වට භාරදෙනතුරුම බැරිස්ටර්තුමාට නොකියනඑක හොඳයි.

ඉතින් මම මේ ගැන මීට පසු එන්නේ නැතැ”යි ජෝන් සිල්ව‍ා කීවාම - ධර්මදාස මේ කථා ප්රටවෘත්තිය සම්පූර්ණ ඇත්තකැයි සිතා මහත් සතුටට පැමිණ “හොඳයි සිල්වා උන්නැහේ බදාදා හතහමාරට මොටෝරථය එවන්ට. ඒ සියලුම වියදම් මම බලාගන්නෙමි. යම්කිසි අමුත්තක් නූනොත්, සිල්වා උන්නැහේ ඊට කලින් නාවාට කමක් නැතැ”යි කියා සිල්වාට ස්තුති කළපසු ඔහු ගෙදර ආවේය.

සෙනසුරාදා සවස් වරුවේ පෙරේරා පෙරකදෝරුහාමු ලංසි තරුණියක් හා දෙගොඩහරි වයසේ ලංසි ගැහැණි‍යකුත් සමග ඔහුගේ නවාතැන් පලට අවුත්’ රාමන් මම දැන් නුවරඑළි යනවා. මගේ ඇඳුම් පෙට්ටිය ගෙණෙන් - මම නැවත එන්නේ අඟහරුවාදාටයි. සඳුදා සවස ජෝන් සිල්වා මා සම්පවෙන්ට ආවොත්, මා ගිය ගමන කියාපන්, උඹටත් ඉරිදා සඳුදා දෙකේ නිවාඩුයි. උඹේ යාලුමිත්ර යන් බලන්ට ගොස් රාත්රිුයේ මෙහි නිදාගණින්” කියා රාමන්ට රුපියල් දහයක්දී - ඔහු නෝනාලා දෙන්නා සමග මොටෝරථයකින් යන්ට ගියේය. රාමන්ගේ සිතට මහත් ප්රීුතියක් විය. කොයිහැටියක්න් නමුත් - ඉරිදා සරත් සම්බවෙන්ට යාමට සිටි රාමන්ට මේ ලැබුනු ප්රගස්තාව ආශ්චරියවත් විය. සෙනසුරාදා රෑ තනිවම කාලය ගතකළ රාමන් - ඉරිදා උදේම බෝඩිමට ගියේය. මාසයකින් පමණ තමා වෙත නොපැමිණි අමරසේන දුටු සරත් ඔහුගේ බලාපොරොත්තු සහිත පැහැපත් මුහුණ දුටුහැටියේ තමාගේ කාමරයට අඬගසා තේවතුර ගෙන්වාදී ඒ බිව් පසු බාල සහෝදරයෙකු සමග කථාකරණ කරුණාවත් වැඩිමල් සොහොයුරෙකු මෙන් “මොකද අමරසේන, පෙරකදෝරුවා ලඟ හිටපු කල් මදිද - දැන් මට රුපියල් හැත්තෑවක් ලැබෙනවා. උඹටත් සමග ඒ ඇති. මේ මාසේ අන්තිමට උඹ එන්ට ඕනෑය”යි සරත් කීවේය. “මම පෙරකදෝරුවා ලඟ ඉන්නේ මේ මස 18 වෙනිදා වනතුරු පමණකි. දැන් මම ආවේ අප පිළිබඳ කුමන්තුණයේ කෙළවර දැනගෙණ ඊට ප්රකතිකාර යොදා ගැණීමටයි. මාස හයක් මා වහල් මෙහෙ කළෙත් කොච්චියෙක්ව සිටියෙත් නිකම්ද? ඒකනායක ලමාතැනී, සහෝදරයානන් නැති කිරීමට යොදන ලද උපක්රැමයත්, සහෝදරයානන් නැසීමත් සමගම ශ්රීර පරාක්රිමසිංහ තුමාගේ බූදලය ලබාගැණීම සඳහා තවත් නිර්දෝෂ දෙන්නෙකු මැරීමටත් පිළියෙල කරගෙණ තිබෙන කුමන්ත්රණණය මම කොචිචි ‍වේශයෙන් ඉඳගෙණ හොඳින්ම දැන ගතිමි” යි කියා අමරසේන බිමබලා ගත්තේය. “අමර, මට මේකේ විස්තරය කියාපන්, මා මරණ එක කොහොම නමුත් කරණවයි කියමු - ශ්රීි පරාක්රණමසිංහ තුමාගේ බූදලය ලබාගන්නේ කවුද -

හොමද? මෙපමණ දවස් මේ විශාල කුමන්ත්ර ණය මා සමග නොකීවේ මන්ද මල්ලී” කියමින් සරත් නොඉවසිලිවත් විය.

“මම සහෝදර මහතානන්ගේ උතුම් මෑණියන් විසින් ඉපදී තුන්දවසේ පටන් තනන ලදිමි. මට වෙනින් මව්පිය දෙදෙනෙක් සිටිය යුතු නමුත් ඒ කව්ද කියා නොදත් මම, තමුන්නාන්සේගේ මෑණියන් විසින් පුරුදු කරදුන් ගුණ ධර්මත් උගන්වා දුන් ප්ර තිපත්තිත් ජීවිතයට වඩා ආද‍රයෙන් රකිමි. ධර්මයෙන් සැප ලැබෙන බවත් අධර්ම්යෙන් දුක ලැබෙන බවත් ප්රදත්ය්ක්ෂ කරගත් ඒ මෑණියන් අප දෙන්නාම උතුම් ප්රමතිපත්තියෙහි යොදවා තනද්දී - මට කීවේ සරත්ට යම් අනතුරක් වුනොත් උඹ එය වින්ද යුතුය - උඹ රැකගැනීමට සරත්ද ඔහුගේ ජීවිතය දෙනවා ඇත” යනුයි. සහෝදරයානන්ගේත් මගේත් බලවත් පාප කර්මයක් පළදුන් නිසා පසුවී යන අවුරුදු හතරකටත් වැඩි කාලය දුක් වින්දෙමු. කෙතරම් දුක්, නින්දා, අපහාස වින්ද නමුත් කවදාවත් අධර්මයක් අයුත්තක් නොකළ අපට උසස් සැපතක්ද ලැබෙන්ට බැරි නැත. මා දැනගන්ට වීරිය කළ කුමන්ත්ර ණය මීට කලින් කීවෙම් නම් සහෝදරයා මා ඉන්නා තැනින් ඉවත්කොට මාත් සමගම කොළඹ අත්හැර යනවාට අනුමාන නැත. එබැවින් කුමන්ත්රකණය එහෙමපිටින්ම දැනගෙන එය සුණු විසුනු කර දමන අදහසින් අන්තිම දක්වා සිටියෙමි. දැන් සියල්ලම සූදානම්ය. ලබන බදාදා රාත්රී් හාමු මහත්මයත්, ධරමදාසත්, මාර්ගරට් යන තරුණියත් යන තුන්දෙනාත් - ඉඩ ලැබුනොත් ශ්රී පරාක්රිමසිංහ තුමාත් මැරීමට සියලුම විධිවිධාන සලස්වාගෙන ඉවරය. ඉතින් අපි ඒ දුෂ්ටයන්ගේ කූට උපාය සුණු විසුණුකර උතුම් ලොකාර්ථයක් කිරීමට සූදානම් වන්ට ඕනෑය”යි අමරසේන කීයේය.

“අමර, මට මෙය ටිකක් විස්තර කරපන්, කුමන්ත්ර.ණ කාරයෝ කවුද? ඊට ආධාරකාරයෝ කවුද?” “ඒකනායක ලමා එතනිත් ජෝන් සිල්වාත්, පෙ‍රකදෝරු හාමුත් කුමන්ත්රිණ කාරයෝ යි. අබයරත්න, අන්තෝනි අප්පු, පෙමියානු හා කඩවරයා කියා ගහල මිනිහෙකුත් ඇලඩින් නම් ඩ්රතයිවරත් ආධාර කාරයෝ යි.”

ඉතින් මල්ලී, මා මරණ එක කාට උවත් පිළිවනි. ධර්මදාසටත්, මාර්ගරට් හා පරාක්රලමසිංහ මාමාත් මරන්නේ කොහොමද? එසේ මැරීමෙන් එතුමාගේ බූදලය ඔවුන්ට අයිතිවන්නේ කොහොමද?

“සහෝදරයානන් මරන්නේ ඒ බූදලයට උරුමක්කාර කමත්, ඔවුන්ගේ කූට උපාය එලිවීමත් වලක්වන පිණිසයි. මාර්ගරට් කියන


ගැහැණු ලමයා ලැහැස්ති කරගෙන ඉන්නේ සුජාතා ශ්රීම පරාකුමසිංහ වෙනුවටයි. මරක්කලයෙකුට හදිසියෙන් සම්බවී වසඟ කරගෙණ ඉන්නා ඒ ලමයා ලබාදීමටය කියා ධර්මදාසව එක්කගොස් ධර්මදාසත් මාර්ගරට්වත් ඇලඩින් නම් රථාචාරියා විසින් ඔහුගේ මොටෝ රථයෙන් ලබන බදාදා රෑ - මාසේ පෝයදාට පසුදින නුවරින් එහාදී රථය කන්දක් පහළට පෙරළා දමා ඔවුහු මරණු ලැබෙත්.”

“මොකද අමර, ඒ දෙන්නා එහෙම මැරු‍වත් පරාක්රණමසිංහ මාමාගේ බූදලය ඔවුන්ට ලැබෙන්නේ කොහොමදැ”යි නොඉවසිල්වන්ත ලෙස සරත් ඇසුයේය.

“දැන් මාර්ගරට් සුජාතා ශ්රීය පරාකුමසිංහ වෙලා ඉවරයි. දැනට ඈ ආරක්ෂා කරගෙණ ඉන්නා පාතුම්මා සහ මිස්කින් යන දෙදෙනා ගිය ම‍ාසේ දිස්ත්රි.ක් උසාවියට දිවුරුම් පෙත්සමක් දී ඒ ලමයා තමන්ට හදිසියෙන් සම්බවූ සුජාතා ප‍රාක්රදමසිංහ නම් සිංහල තරුණියක් බව කියා ඈ සිංහල මහතෙකුට විවාහ කර දෙන්ට අවසර ලබාගෙණ තිබේ. ඉතින් හාමු පෙරකදෝරු තැන ගිය බෘහස්පතින්දා ඈ කසාද බැන්දා. දැන් ඈ මරා දැමුවාම ශ්රී පරාක්රරමසිංහ බූදලයේ අයිතිකාරයා වන්නේ පෙරේරා හාමුයි. දැන් රහස වැ‍ටහුනාදැ”යි අමරසේන ප්රසකාශ කළේය.

“අමර, මට දැන් තේරුනා, එහෙමනම් මාර්ගරට් දැන් අපේ නැන්දාගේ දුව! ඉතින් ඈත් මරා ධර්මදාසත් මරා මාත් මරා, පරාක්රඅමසිංහ මාමාත් මැරුවොත් ඔවුන්ගේ අදහස හරි ! දැන් මට කාරණය වැටහුනා. මාර්ගරට් හා ධර්මදාසත් මොටෝ රථයක නංවාගෙණ ගොස් කඳු පල්ලමක දැමුවයි හිතමු. මා මරන්ට සිතාගෙණ ඉන්නේ කොහොමද?”

“බදාදා රාත්රී ජෝන් සිල්වා සහෝදරයානන් සම්බවීමට මෙතනට එන්නේය. ඔහු මක්කරලාවත් එදා රෑ මෙහි නවතිනවා ඇත. ඔහු අවුත් ටික වේලාවකින්. මිනීමරු කඩවරයා ස්ත්රී වේසයෙනුත් කාඩ පෙමියානු පුරුෂ වේසයෙනුත් අතරමංවූ අඹු සැමි දෙදෙනෙක් වශයෙන් මෙහි පැමිණෙන්නාහ. ඔවුන්ට මේ ස්තෝප්පුව නිදාගන්ට සැලැස්සූ පසු, ජෝන් සිල්වා දොර ඇරදී හෙමින් නාකි අබයරත්න ගෙණ එන මොටෝරථයේ නැගී නුවර යන්නේය. පෙමියානුත් කඩවරයාත් තමුන්නාන්සේට පිහියෙන් ඇණ පැනලා යනවා ඇත. පෙමියානු දැන් මිස්කින් නමින් ඉන්නා හම්බයා බැවිනුත්, කඩවරයා දැන් ඒකනායක ගෙදර ඉන්නා “හින්නි” නමැති ආයා බැවිනුත් ඔවුන් කිසිවෙක් මේ


වරදට අසුවන්නේ නැත.”

“හොඳයි, ඒකත් මට තේරුනා, ඒ උපක්රයමයත් ඉතා සූර යෙදීමකි. පරාක්රඳමසිංහ මාමා මරන්නේ කොහොමදැ”යි සරත් තවදුරටත් අමරසේනගෙන් ඇසුවේය.

“තමුන්නාන්සේත් මරා මාර්ගරට් හා ධර්මදාසත් මොටෝකාර් එකෙන් පිටත්කොට යැව් පසු ජෝන් සිල්වා අන්තෝනි අප්පුත් කඩවරයා හා මිස්කිනුත් සමග රාත්රී් දොළහට පමණ පරාක්රෝමසිංහ වලව්වට යනවා ඇත. අන්තෝනි අප්පුගේ කටහඬ බැරිස්ටර්තුමා හොඳින් අඳුනන් බැවින් සුජාතා කුමරිය සොයාගෙණ ආ බව කියා එතුමා එලියට කැඳවා - එලියට ආවොත්, කඩවරයා අතේ තිබෙන පිස්තෝලයෙන් වෙඩි තබා එතුමා මරණවා ඇතැ”යි කීවේය.

“දැන් මල්ලී මට සියල්ලම වැටහුනා. නුඹ හයමාසයක් පමණ වින්දාවූ දුකත් කළාවූ දාස මෙහෙයත් නිරර්ථ‍කයේ නොවීය. සතර දෙනෙකුගේ ජීවිත දානය දීමටත්. බලවත් අධර්මයන්ගේ කූට උපායක් සුණු විසුණු කිරීමටත් නුඹේ දුක් විදීමත් කොච්චි මෙහෙකරුවෙක් වීමත් හේතුභූත විය. අන්ය යෙකුගේ ගැලවීම සඳහා දුක් විඳීමට තබා අපේ ජීවිත පූජා කිරීමටත් අපි සතුටු විය යුත්තම්හ. ස්වකීය දරුවා මරලාවත් තමන්ගේ ජීවිතය රැක ගැණීමට කැමති වූ සත්වයන්ගෙන් යුත් මේ ලෝකයේ - අන්ය සත්වයන්ගේ දුක් නැති කිරීම පිණිස තමන්ගේ යසඉසුරුත්, සැප පහසුත් පමණක් නොව අනන්ත අප්රමමාණ ජීවිතත් පරිත්යා,ග කරන්ට සමර්ථයෝ ලෝකනාථ වූ බෝධිසත්වවරයෝ පමණකි. අනන්ත අප්රගමාණ වූ ලෝක සත්වයා විඳින සංසාර දුක්ඛය දකින ඒ බෝධිසත්වවරු අනන්ත අප්රරමාණ කාලයක් මුළුල්ලේ දසපාරමිතාය, දස උපපාරමිතාය, දස පරමාර්ථ පාරමිතාය යි තුන් ආකාර වූ සමත්රිංතසත් පාරමී ධර්මයන් පුරා අන්යත ලෝකයාගේ දුක් නසන පිණිස ඒ උත්තමයන් වහන්සේලා, සමහරවිටක ඉස්ද, සමහරවිටක ඇස් ද, ඇතැම් විටක ශරීර මාංස ද, තවත් විටක රුධිරය ද සමහරවිටක ජීවිතය ද පරිත්යාමග කරති. ධන ධාන්යාධදි සම්පත් ද, අඹු දරු ආදී ප්රිපයයන්ද, රජකමද, අසංඛ්යග වාරයන්හි පරිත්යාධග කරණ මේ මහෝත්තමයන්ට පරාර්ථචර්යාවෙහි හැසිරෙණ මහා සත්වයෝ යයි කියති. පිණත්, සැපතත් කැමක්ද? අන්යනයන්ගේ දුක් නැති කිරීම - තමා දුක් විඳලාවත් අන්ය්යන්ගේ දුක් නැති කිරීම - අන්ය යන්ට සැප දීම - අන්යඳයන්ගේ යහපතට වැඩ කිරීම පමණක්ම - පිණ බව සැලකිය යුතුයි. ශ්රේතෂ්ඨ වූ පරාර්ථචර්යාව නුපුරණ මනුෂ්යරයා තිර්ශ්විනයා යි කීම වරදක්

නොවේ. අපේ අම්මා අන්තිම අවස්ථාවේදී අපට කළ අවවාදයත් මේකමයි. අනුන්ගේ යහපත නිසා අපේ සියලු සැපතත් ධෛර්යත් යොදමු. අන්යියන්ගේ දිවි ගලවන පිණිස උවමනා නම්, අපේ ජීවිත පරිත්යා ගකොටවත් අනුන් ගැලවිය යුතුය”යි. බලවත් සොම්නසට පැමිණි සරත් කීවේය.

“ඉතින්, මේ සියල්ල සිද්ධවන්නේ බදාදාටයි - තමුන්නාන්සේ ධර්මදාසත්, බැරිස්ටර් තුමාත් ආරක්ෂා කරගත මැනවි. මෙතනට ජොන් සිල්වා ආවොත් එලවාගන්ට යයි මෙහි ඉන්නා මහත්තැන්ට කියා බැරිස්ටර්තුමාලාගේ ගෙදරට බදාදා දවල් දොළහට ගොස් ධර්මදාසත් සමගම බදාදා රාත්රීා එහි සිටිනු මැනවි. තවත් වැදගත් සැලකියයුතු කෙනෙක් දෙන්නෙක් ගෙන්වාගෙණ බදාදා රැය එහි ගතකළ මැනවි. මම මාර්ගරට් නිරපදෘත ස්ථානයකට ගෙණයන්නෙමි”යි අමරසේන කීයේය.

“උඹට ඒක කළ හැකිද? මට ධර්මදාසත් නවත්වාගෙණ මාමලාගේ ගෙදර ඉන්ට පිළිවනි. එසේ කළාම මාමාගෙත්, ධර්මදාසගෙත්, මගෙත් ජීවිත නිරායාශයෙන්ම ආරක්ෂා වෙති. නමුත් උඹ මාර්ගරට් රැගෙණ යන්ට ගියාම අනතුරක් නැද්ද? ඈ ගෙණ යන්නේ කොහාටද? අප දන්නා ඈත පළාතක වැදගත් ගෙයක් තිබෙනවා ද?”

“ඔව් ඒක මට පිළිවනි. මම ඇඳගෙණ මොටෝ රථයක් රැගෙණ ගියාම, ධර්මදාස යයි කියා සිතා මාර්ගරට් මගේ රථයට නගිනු නිසැකය. එතකොට අප විසින් ලැහැස්ති කරගන්නා මොටෝරථාචාර්යා, ප්රයවේශමෙන් අපත් රැගෙණ යන්නේය. මීට ප්රරථම ඒකනායක වලව්වේ පවිස්තිනා නමින් සිටි තැනැත්තී ජෝන් සිල්වාගේ කූට උපායෙන් තරුණ අබයරත්නගේ අන්තඃපුරයට ගෙණයන්ට තනද්දී දැනගත් මම ඒ කුලස්ත්රි්ය ඇගේ මව් වෙත ගෙණ ගියෙමි. ඒ උපකාරය නිසා මාර්ගරට් එක්ක ගොස් එහි නවත්වන්ට පිළිවන”

“අමර උඹ මාසයකට පමණ පෙර මොටෝරථයකින් ගෙණ ගියේ පවිස්තිනාද? පවිස්තිනා කවුද? ඈට මව් කෙනෙකුන් ඉන්නවාද? ඒකනායක වලව්වේ අපි අවුරුදු දෙකක් පමණ උන්නමුත් යන්තම් ඡායාව දැක්කා මිස කවදාවත් කථාකරන්ටවත් නොලැබුනු ඒ පවිස්තිනා - දාසියක් නොවේද? වැදගත් ගැහැණු ලමයෙක්දැ”යි සරත් ඇසුවේය.

“ඒ දාසිය‍ක් නොවේ - පේරාදෙණියේ සීගිරි නිවසේ සිරිවර්ධන රාළහාමිගේ දියනිය වන පියසීලි ය. ඇගේ පියා ආරෝග්යසශාල‍ාවේදී


අසනීපව සිටියදී උන්නැහේගේ නංගිට පිරිමි පුතෙකුත්, උන්නැහේගේම භාර්යාවට ගැහැණු දරුවෙකුත් ලැබී තිබේ. නංගී මළාය - තමාගේ භාර්යාවට අසනීප උනාය. සිරිවර්ධන රාළහාමිත් මැරුණේය. සිරිවර්ධන ලමාතැනිත් මැරේයයි සිතා එතන වැඩ කරණවුන්ට අත්ලස් දී අර පිරිමි ලමයත් ගැහැණු ලමයත් දෙන්නාම සිරිවර්ධරන රාළහාමිගේ ඤාති සහෝදරයෙකු විසින් අහක්කරගෙණ තිබේ. ගැහැණු ලමයා ඒකනායක වලව්වට ලැබී ඇතිදැඩි කරගෙණ අවුරුදු 18 කට පසු ජෝන් සිල්වා නමැති ජ‍ඩයාට පවුන් 25 ක් ගැණීමට ඒකනායක ලමාතැනී දුන්නේය. අර පිරිමි ලමයා ගැන මොකුත් නොදනිමි. ඉතින් පියසීලි පිළිබඳ ප්රිවෘත්තිය දත් අබයරත්න ස්වකීය පුත්ර5යාට ඈ කසාද බඳවා දී සිරිවර්ධන ලමාතැනීගේ විශාල බූදලය ගබාදෙන පිණිස ඈ ගෙන්වාගන්ට ලැහැස්ති වූ නමුත් - කොච්චි වේශයෙන් සිටි මා ඉදිරියේ ඔවුන් කථාකළ නිසා, මම එදා තමුන්නාන්සේගෙන් මුදල් ඉල්ලාගෙණ මොටෝරථයක් රැගෙණ අබයරත්නට ප්රදථමයෙන් පියසීලි නංවාගෙණ ගොස් පේරාදෙණියේ ඇගේ මව්ගේ නිවසට පිටත්කර ආවෙමි. ඉතින් එතනට මාර්ගරට් ගෙණ ගියාම නොඅනුමානව ඈ රැක බලාගෙණ ඔවුන්ගේ වලව්වේ ආයා වැඩ කටවත් සලස්වා ගන්නවා ඇතැ”යි අබයරත්න කීයේය.

“දැන් අමරසේන මට කාරණය හොඳටම තේරුණා, උමට මාර්ගරට්ගේ ජීවිත‍යත් ගලවා ක්ෂේමස්ථානයකට පමුණුවන්ට පිළිවන් බවත් මට නිසැකයි. මගේත්, ධර්මදාසගේත්, පරාක්රිමසිංහ මාමාගේත් දිවි ගලවා ආරක්ෂා කරගන්ටත් නිසැකව පිළිවන්. රාත්රිා සිද්ධවෙන්ට තිබෙන මේ භයංකර විපත්වලින් අපිත් මිදී අන්ය් තුන් හතරදෙනෙකුගේත් දිවි රක්ෂාකර දුන්නොත් අපේ උත්පත්තියේ ඵලය ලැබුනා යයි ප්රීතති විය හැක. මේ සඳහා තවත් කටයුතු කුමක් ද?

“මාර්ගරට් රැගෙණ යාමට එන ඇලඩින්ගේ රථය එන්ට මිනිත්තු පහළොවක් තියා මම හොටෝරථ‍යක් ගෙණයන්ට ඕනෑ - හොඳින්ම රථ එළවීම දත් තමාගේ යුතුකම් නිසැකව ඉෂ්ට කරණ රථාචාර්යයෙක් මම දනිමි. ඔහුගේ නම ගුණපාලයි. ඔහුගේ රථය බදාදා රාත්රික 7.15 ට ඕනෑ බව කීවෙමි. කොළඹ සිට පේරාදෙණියට යාමට ඔහු රුපියල් හැටක් ඉල්ලනවා. මම ඊට කැමති වීමි. දැන් අපට උවමනා හැටක් පමණකි. එ දැන්මම මා අතට ගත්තොත් වඩා හොඳය. මට එදා මා ඇඳගෙණ ගිය ඇඳුම් කට්ටලයද ඕනෑ - එය මේ කාමරයේම තබා මා ආවිට දෙන්ටයයි මෙතන කාටවත් කීවාම ඇති. හාමු මහත්මයා ලඟ මුදල් තිබෙනවාදැ”යි

අනුකම්පා සහගත බැල්මකින් බලමින් අමරසේන ඇසුවේය.

“ඔව් අමරසේන, උඹ දුර ගමණක් යන බැවින් රුපියල් සියයක්වත් අතේ තිබෙන්ට ඕනෑ - මා ලඟ මුදල් නැතත් කාගෙන්වත් අතමාරුවට ඉල්ලාගන්ටත් පිළිවනි. ඒ ‍එසේද උවත් අපේ මව්පිය දෙදෙනා වෙනුවෙන් පින්කමක් කිරීමට මා රක්ෂාවට යන දවසේ පටන් මාස්පතා ඉතිරිවන මුදල් පෙට්ටි පුන්චක දැම්මෙමි. ඒකේ කොපමණ තිබේද කියාත් මම නොදනිමි. අපේ ගුණවත් මෑනියන්ට හා පියාණන්ට පින්සි