පියදාස සිරිසේන නවකථා එකතුව- 05-ඩෙබර කෙල්ල i
ඩෙබර කෙල්ල
හෙවත්
වික්රකමපාලගේ හයවෙනි වික්රයමය
(ක්රි. ව. 1944)
528
සංඥාපනය
ලොකයේ ඒ ඒ ජාතිවල මිනිසුන්ගේ භාෂාවලින් ලියනු ලබන ෙපාත් අප්ර මාණය. මේ කාලයේ ෙපාත් ප්රබසිද්ධ කිරිම ධන සැපයිමට මාර්ගයක් වි තිබෙන හෙයින් විශේෂයෙන්ම පොත් ප්රාකාශයට පමුණුවනු ලැබේ. එහෙත් හැම පොත්ක්ම ෙහාඳ නැත. සමහර පොත් දුරාචාරය වැඩිවිමට ද හේතුවන බව පෙනේ. හොඳ පොතක් වුවත් එය කියවන අයට ෙපාත් කර්තාගේ අදහස පරිදි ප්රේයෝජනය නොලැබේ. ෙහාඳ පොතක් සුවඳැති මලකට සමානය. එහෙත් ඒ සුවඳ මගෙන්ද සත්වයන් තුන් දෙනෙකුට තුන් ආකාරයක ප්‍ක්යෝජන සැලසේ. මී මැස්සා මල් පැණි උරාබි වදයක් සෑදිමට සහභාගි වේ. මකුළුවා සුවඳැති මලට අවුත් එහි තිබෙන විෂ රැගෙන ගොස් මැස්සන් ආදි කුඩා සතුන් මැරිමට එය පාවිච්චි කරයි. සමනලයා ගිමන් සන්සිඳිමට මල උඩ වාඩි වි මලේන කිසිවක් නොගෙන යයි. එමෙන්මද පොත් කියවන්නෝද හොඳ පොත්වලින් පවා තුන් විධියක ප්රතයෝජන ගනිති. උගත් සත්පුරුෂ ජනයා පොතේ සාරාංශය තේරුම් ගෙන එයින් ප්ර යෝජන ගනී. පොත කියවන සමහර අධමයෝ පොතේ යම් තැනක යමත් තිබෙතෙත් ඒ අසභ්ය කරුණු පමණක් ඉගෙන ගනිති. ධර්ම ශාස්ත්රම නුගත් මෝඩයා පොත බලා සිනාසේ.
අපේ මේ පොත වනාහි ඉතාමත් ම කුඩා එකකි. ෙපාත විශාල නොවෙතත් ප් යෝජන ඉතාමත් විශාලය. රක්ත මාණික්ය යක් තිරිවානා ගලක් මෙන් විශාල නොවෙතත් එහි අගය බොහෝය. මේ පොත රහස් පරික්ෂණයකුගේ වික්රමයක් මෙන් ගලපන ලද්දකි. “ඩෙබර” වචනය පළතුරු වර්ගයක නමක් වුවත් මෙහිදි වෙන අදහසක් සඳහා යොදන ලද්දකි. වර්තමාන කාලයේ මිනිසුන්ට දුශ්චරිතයේ විස්තර එක වචනයකින් පෙන්වා සිටිම ඉතාමත් දුෂ්කරය ඒ හෙයින් මේ “ඩෙබර” යන වචනය පාවිච්චි කරන්නට අදහස් කරන ලදි.
(1) ඊර්ෂයාව, (2) ක්රෝ.ධය, (3) නොසන්සුන්කම. (4) කෙලෙහි ගුණ නොදැනිම. තමන්ගේම තත්වය නොදැනිම, (6) අහංකාරය, (7) අධික මාන්නය, (8) කපටිකම, (9) වැඩිහිටිය්නට ගෞරව නොකිරිම. (10) සුරාපානය කිරිම, (11) සල්ලාසකමේ හැසිරිම, (12) පරලොව ඇතැයි කල්පනාව නැතිකම, (13) ධර්ම ශාස්ත්රලවලට අගරු කිරිම, (14) යටහත් පහත්කම නින්දාවක් ලෙස සැලකීම, (15) පැරණියන්ගේ සත්චාර්ත්ර් විහිළු යයි සැලකීම, (16) ප්රකමාණය ඉක්මවා වියදම් කිරිමට සුදානම් විම, (17) තමා මුලින් විසු තත්තවය මතක නැති කරිම, (18) මතු
529
කාලය ගැන ෙනා සැලකීම, (19) හැමවිටම වඩා ඉහළින් ඉන්නට සිතිම, (20) ගුණවත් උතුමන් ඉන්නා බව නොසැලකිම යන ආදි දුසිරිත් රාශියක් එන වචනයකින් පෙන්වනු සඳහා මේ වචනය ෙයාදා ගන්නා ලදි. මේ වචනය රටේ ප්රයකට වුනාට පසු ඩෙබරා, ඩෙබරී, ඩෙරුන් යයි කියන විට ම කිසිවකට ගත නො හැකි රොඩ්ඩේක් බව මහජනයා තේරුම ගනිති. ඩෙබරයෙක් තුළ කිසිම ගුණයක් නැත. යටත් පිරිසෙයින් තමා ඇති දැඩි කරන මවුපියන් කෙරෙහි වත් ගෞරවයක් හෝ සැලකිල්ලක් නැත. සුදුසු ප්රිස්තාවට හෝ ස්ථානයට රුචි වන වචනයක් වත් නො දැනේ. ඉතින් ඩෙබරා කියන කොට ම කිසිවකට ගත නො හැකි නිකම් මනුෂ්යේ ප්රාතණයක් බව තේරුම් ගත හැකි ය.
අෙප් මේ පොතේ දක්වා තිබෙන කරුණු ඇස් ඉදිරිපිට ම ප්රකත්යක්ෂ වි තිබෙන කරුණු ය. මේ එකක් වත් බොරු යයි කීමට කාටවත් බැරිය. ඩෙබරියක කුසේ අපන් හැබෑ මනුෂ්යඑයෙකු කිසිවකුට පෙන්වා දෙන්නට බැරිය. පරම්පරා තුනක් ඩෙබර වෙවි ආ පවුලක තිරස් වින ගතිවලින් තොර වු කෙනෙකු දකින්නට බැරි ය. දැන් අපේ රටේ මෙබඳු ඩෙබරයන් ඉතාමත් අධික ය. මේ රටේ පවත්නා ඉගැන්විම් ක්රැමයේ වරදිනුත් අනාර්ය පහත් ජාතීන් සමඟ සංකීර්ණ විමෙනුත් සිංහල විනාශ වේගෙන යන බැව් දුටු අප විසින් මේ පොත ලියන ලද්දේ අවංක වු ජාති ආලයෙන් මය. අපේ මේ සත් ව්යාවපාරයේ ප්රයතිඵල ඉක්මනින් ම ඇති විය ෙනා හැකි කුමක් නිසා ද මෙහි දක්වන ලද ධර්මය තේරුම් ගත හැකි උගතුන් අඩු බැවිනි. එහෙත් අවුරුදු හත අටකදි මධ්ය්ස්ථ ජනයාගේ අත් දැකීමවලින් ඩෙබර යන නාමය ගරුහිත එකක් බව රට වාසීන් පිළිගත් විට ඩෙබ්රුන්ගේ සංඛ්යානව වර්තමාන කාලයේ ඉන්නා රොඩින්ගේ සංඛ්යාෙව මෙන් අඩු විය හැකි යයි අපි සලකමු. ශ්රයද්ධ, ප්රුඥා, වීර්ය යන කරුණු තුනෙන් පිරිහුණු සිංහලයාට දිව්යු බ්ර හ්ම ආදින්ට වත් යම් කිසි උපකාරයක් කළ නො හැකි බව අපට ප්ර ත්ය ක්ෂ හෙයින් මේ පොත් ලියන ලදි. මෙය ලියා සමාප්ත කරන ලද්දේ එක දහස් නවසිය තිස් නවයේ අගෝස්තු මාසයේ දි ය.
මේ වගට, පියාදස සිරිසේන
1944 ජුලා 31 “සේනානි” නාවින්න, මහරගම
530
01. පරිච්ජේදය
බිනර මාසේ මුල් සතියේ ඉරු දින උදේ නවයට පමණ මා සම්බ වෙන්නට මහත්මයෙක් පැමිණියේ ය. ඒ මහතා පැමිණෙන වේලාවට මගේ මිත්ර යෙකු සමඟ කථා කරමින් සිටි නමුත් ඒ ආගන්තුක මහතා ආ හැටියේම වාගේ මගේ මිත්රයයා යන්නට ගියේ ය. ආගන්තුක මහාත ආ හැටියේම වාගේ මගේ මිත්ර යා යන්නට ගියේ ය. ආගන්තුක මහතා ලියමනක් ද ගෙනැවිත් තිබුණෙන් ලියමන බලන්නට ප්ර ථම උන්නැහේට වාඩි වෙන්ට සලස්වා, මෙග් අතවැසි ළමයා ලවා තේ කෝප්පයකින් ද සංග්රහ කොට “මහත්මයා සමඟ කථා කරන්ට ප්රගථම ලියමන බලන්ට දැ”යි ඇසුවෙමි. ඔව් කරුණාකර ලියමන බලන්න. එවිට මා ආ කරණයේ අවශ්ය තාවය වැටහේ ය”යි ඒ මහතා කීයේ ය. ඒ ලියමන මගේ මිත්රය ස්වාමින් වහන්සේ නමකගෙනි. මෙබඳු කරුණු ගැන මැදහත්විම භක්ෂුවකට නො සෑහෙන බැවින් උන්වහන්සේගේ නාමය මෙහි සඳහන් නොකරමි. එහෙත් ලියමන මෙසේ ය. “කෝන්ගොඩ වික්රනමපාල මහතාණෙනි, මේ සගඟ එන ද සිල්වා මහතා ආණ්ඩුවේ නිලධාරියෙකි. උන්නැහේට කමහත් කරදරයක් සිදුවි තිබේ. හාර මාසයකටත් වැඩි කාලයක පටන් ඇතිව තිබෙන මේ කරදරය දැන් ඉතාම උග්රේ තැනට පැමිණ තිබේ. විවාහ මංගල කටයුත්තක් පිළිබඳවයි. මේ ම්හමතා ධනවත් වැදගත් කෙනෙකි. යම්කිසි කාරණයක් පරීක්ෂාකොට නිසැකව දැනගත කෙනෙකි. යම්කිසි කාරණයක් පරීක්ෂාකොට නිසැකව දැනගත නො හැකි වි මහත්මයා වෙත එවමි. කරුණාකර මේ කාරණය නිරවුල් කර දුන මැනවි. මහන්සියට ප්රමතිඵල ද ලැබෙනවා ඇත” යනාදියයි. “ද සිල්වා මහතාණෙනි, ලියනෙන් මේ කාරණය පිළිබඳ කිසිවක් තේරුම් ගත නො හැකිය. ඉතින් මහත්මයා බලාපොරොත්තු රහිත කෙනෙක නොවේනම් ප්රීැතියෙන් හා නාසැක බලාපොරොත්තුවෙන් මහත්මයාගේ දුක්ගැනවිල්ල කියන්න” යයි කීවෙමි. තමා අතේ තිබුන සිගරැට් පෙට්ටියෙන් එකක් ගෙන දල්වා ගත් ද සිල්වා මහතා අමුතු ධෛර්යයකට පැමිණියකු මෙන් මා දෙස බලා, “වික්ර්මපාල මහතා ගැන මා නොයෙකුත් දේ අසා තිබේ. ලක්දිව නොයෙක් රහස් පරීක්ෂා කොට, ඉතා දක්ෂ ලෙස ඒ සියල්ලක් ප්රබකට කර දුන් බව පොත් පත් කයවන්නෝ කියති. එහෙත් මගේ අහේතුවට මෙන් සිංහල භාෂාව මට ෙහාඳ හැටි නොතේරෙන බැවින් මහත්මයගේ
පියදාස සිරිසේන නවකථා එකතුව 531
පොත් කියවන්නට බැරි විය. අද මහත්මයා දැකීමෙන් හා මහත්මයා පළමුවෙන් කී වචන කිපයෙන් මගේ හිත මහත් ප්ර සන්න භාවයට පැමිණියා හ. එහෙයින් මගේ දුක් ගැනවිල්ල සම්පුර්ණයෙන් කියන්නෙමි. හැබැයි, එය රහස් වශයෙන් තබා ගත යුතුය. මහත්මයා හැම වේෙල් ම හැම දේ ගැන ම බලාපොරොත්තු ඇතිව, ධෛර්යයෙන් ක්රිවයා කරන බව මට පළමුවෙන්ම කී කථාවෙන් වැටහුණා”යයි කීවේය.
“ද සිල්වා මහතාණෙනි, ‘විමුක්ත්’ ය කියා ඒකාසන්ත සැපතක් තිබේ. ඒ සැපත වෙනස් නො වන සදාකාලික් සැපතකා. ඒ සැපත ලබා ගැනිමේ අමාරුව, දුෂ්කරතාවය ප්රවකාශ කිරිමට පුළුවන් වචන කිසිම මනුෂය භාෂාවක් නැත. ඉතින් එබඳු සැපතක් තිබෙන බව වැටහුණු පුද්ගලයෙක් ලෝකය හෙවත් ජිවිතය අයහපත්ය හෙවත් පලක් නැති එකක්ය යන හැඟිමකට පත් නොවේ. නිකෘෂ්ටාර්ථික යයි ලෝකය ගැන සිතන නාස්තික දෘෂ්ටිකයා එක අතකින් තිරිසනෙකුට වඩා අනන්තය. මම ඉතා සැපවතෙක් නොවෙමි. ඉතා ම දුඛිතයෙකු ද නොවෙමි. මට වඩා සැපවත්තයන් හා දුක්ඛතයෙකු ද නොවෙමි. මට වඩා සැපවන්තයන් හා දුක්ඛිතයන් ලෝකයේ ඉන්නා බව මට ම පෙනෙන හෙයින් දැන් අප සලකන සැප හෝ දුක ඒ තරම් වැදගත් නොවේ. අපට ඒකාන්ෙත නිසැක තත්වයක් තිබෙන බව ප්රත්ය ක්ෂ හෙයින් ඒ තත්ත්වයට පැමිණිමට විරිය කරනු සඳහා ලෝකයේ ඉදිමත්, ලෝකයත් හොඳය කියා සලකමි, ඉතින් එබඳු ස්ථිර බලාපොරොත්තුවක් තිබෙන කෙනෙකුට මේ ලෝකයේදි හෙවත් මේ ජිවිතයේදි ඇතිවන කොතරම් විශාල සැපක්වත් කොතරම් භයංකර දුකක්වත් මන්දෝත්සාහි විමට කාරණයක් නොවේ”යයි කිවෙමි.
මගේ කථාවෙන් තව දුරටත් පැහදුනු ද සිල්වා මහතා මෙසේ කියන්නට පටන් ගත්තේ ය. “මහත්මයා ගැන කරුණු කිවු හාමුදුරුවන් මට කෙළේ උදව්වකි. මහත්මයාට ඉතා විශාල ගණනක් ෙනාව රුපියල් දාහක් හමාරක් වුවත් මම ගෙවන්නෙමි. ඒ බැවින් පැමිණ සිටින කණගාටුදායක තත්ත්වයෙන් මා මුදා ගත්තොත් මැනැමැ”යයි කියා ඔහුගේ කථාන්තරය කියන්නට පටන් ගත්තේය.
“මිට මාස හතරකට පමණ පෙර මගේ නැන්දාකමට බලාපොරොත්තු වන නෝනා මගේ මාමාකමට බලාපොරොත්තුවන අමරසිංහ රාළහාමිත් කොළඹට පැමිණියාහ. මගේ භාර්යාකමට
532 ඩෙබර කෙල්ල
බලාපොරොත්තු වන ඔවුන්ගේ දියණිය වන ග්රේහස් දකින පිණිස ඔව්හු කොළඹ ආහ. ඒ තරුණ නෝනා තවමත් කොළඹ කන්යාර මඩමක ඉගෙන ගන්නීය. ඒ තරුණ නෝනා මේ අවුරුද්දේ ‘මැට්රිකියුලේෂන්’ විභාගය ගන්නා බැවින් ඒ විභාගයන් පසු මාත් සමඟ කසාද බැඳිමට පොරොන්දු වි සිටි. නෝනාගේ මවුපියෝ තරමක ධනවත් ය. දුව වෙනුවෙන් රුපියල් පන්දාහක තරම දේපලත්, මුදලුත් දෙනු ලැබේ. දැනට මට රුපියල් 500 ක් පඩි ලැබෙතත් සිවිල් නිලධාරි පන්තියේ උසස් තත්වයට පැමිණිමට හැම අතින් ම ඉඩ තිබේ. මගේ ‘ප්රේනමවන්තී’ සමඟ විවාහ ගිවිස ගෙන අවුරුදු තුනක් පමණ වෙනවා. අපේ මවුපියාදි වැදගත් අය ද මේ විවාහයට කැමැති ය. එහෙත් යම්කිසි පුදුම වචනයක් අපේ පවුල් අතරේ ප්රවසිද්ධ වී යාමෙන් අපේ මෑණියෝ දැන් විවාහයට අසතුටුව මට තර්ජනය කරති.පියාත් එසේ ම අකැමැති ය. ග්රේ ස්ගේ මවු සහ පියා දැන්ම ම කසාද බඳින්නට යයි මට බල කරති. මගේ ‘ප්රේ මන්තී’ ග්රේ ස් ද ඉගෙනිමේ වැඩත් අතපසු කරමින් ඉක්මනින් නිති ප්ර කාර විවාහ කර ගන්නට යයි මට නිතර ම කරදර කරයි. ඉතින් අපේ මවුපියන් ආදි අපේ පක්ෂය අසතුටු වන්නට හේතු වුනු පුදුම කාරණය වික්රවමපාල මහතා සමඟ කියන්නටත් ෙනා හැකි තරම් සුළු එකකි. මගේ කල්පනාවේ හැටියට නිකම්ම නිකම් විහිළුවකි. ඒ එසේ ද වුවත් දැන් නම් මා අමාරුවේ ය. මගේ කරුණාවන්ත මවුපියන් අසතුටු කර ගන්නට මට අමාරුය. එමෙන් ම අවුරුදු තුනක් තිස්සේ බලවත් ප්රේුමයෙන් සිටින ඉතා ලක්ෂණ උගත් තරුණියකුත්, රුපියල් පනස් දාහකට වැඩි දැවැද්දකුත් අත්හැර දමන්නට ද අමාරුය. දැන් මම වැරදි දෙකෙන් එකක් කරිමට නියම වු පුද්ගලයෙක්ව සිටිමි. මේ වැරදි දෙක ම නොකොට විවාහය සිද්ධ කර ගැනිමට තිබෙන බාධාව නම්. පුදුම එකකි. අද්භුත එකකැ”යි කියා ද සිල්වා මහත්මයා තවත් සිගරැට්ටුව්ත දල්වා ගත්තේය.
මේ පුද්ගලයා අවංක මෝඩයෙක් බව වැටහුණු මම සිනාසි, “දැන් මහත්මයා පැමිණ තිබෙන විපත නම් තේරුණා. මේ විපත සිද්ධවන්නට හේතු වු ‘පුදුමය’ තවම කීවේ නැත. ඒ ‘පුදුමය’ සම්පුර්ණයෙන් ම දැනගන්තුරු මට කිසිවක් කියන්නට බැරිය. ඒ නිසා මේ ඇබැද්දියට හේතු වු කාරණය කිව මැනැවැ”යි කීවෙමි. “ඔව්, වික්රපමපාල මහතා සිනාසෙන්ට එපා, ග්රේ ස්ගේ නැඟනිය වන අයිරිනුත් මරදානේ දුම්රියපලට අවුත් තිබේ. දෙතුන් දිනකට ප්රෙථම
පියදාස සිරිසේන නවකථා එකතුව 533
මොටෝ රථයෙන් ආ ඔවුහු ෙකාළඹ දි මොටෝ රථය ස්වකීය පුත්ර යාගේ ඕනැකමට ඔහුට දි ඒ තුන්දෙනා දුම්රියෙන් ගාල්ලට යන පිණිස මරදානට අවුත් තිබේ. අමරසිංහ රාළහාමි ධනවතෙක් වුවත් මුදල්වල අගය දන්නා කෙනෙක් බැවින් දෙ වැනි පන්තියේ අවසර පත්රධ දෙකහමාරක් ගෙනවුත් දුම්රිය එනතුරු වේදිකාවේ වාඩිවි වුන්හ. පියා ගෙන ආ ටිකැට් කුඩා දියණිය අතට දුන් විට ඈ ඒවා බලා “මෙන්න මම්මේ, පප්පා ටිකැට අරගෙන තිබෙන්නෙ දෙ වැනි කැලැසියට ය. අපට දෙවැනි කැලෑසියේ යන්නට පුළුවන්ද? පළමුවැනි කැලෑසියේ ටිකැටි තුනකට ෙලාකු ගණනක් යනවාද? මට නම් දෙවැනි කැලෑසියේ යන්නට ලැජ්ජයි” කියා තිබේ. මම්මාට ඉතාමත් ෙලාකු ලජ්ජාවක් ඇති වි, “ඔව් අයිරින්, පප්පා කුණු ලොභයෙක්. සුළු මිනිස්සුත් ගමන් කරන දෙවෙනි කැලෑසියේ අපට යන්නට සෑහෙනවාදැ”යි පප්පාට (අමරසිංහ රාළහාමිට) චෝදනා කරන්නට පටන් ගත්තීය. කුඩා දියණියත්, නෝනාත් කරන කරච්චලය, ඒ වේලාවට වේදිකාවට වුන් බොහෝ දෙනා බලාවුන්හ. නුවරටත් ගාල්ලටත් පිටත්වන දුම්රිය දෙකක් ම ඇති වේලාවක් හෙයින් විශාග පිරිසක් හැසිරෙද්දි කරන ලද මේ ‘හබය’ සමහර දෙනෙක් විශේෂ වශයෙන් සැලකු බව පෙනේ. අමරසිංහලා වුන් බංකුව ඉදිරිපිට ම වු බංකුව වාඩිවි සිටි වැදගත් තලතුනා මහතෙක් මේ ‘හබය’ ඉතා ඕනෑකමින් බලා සිට - ඔහු ළඟම වාඩි වි සිටි හාමුදුරු නමක් සමඟ කථා කරමින් ‘අනේ හාමුදුරුවනේ පළමු වැනි පන්තියේ හෝ දෙවැනි, පන්තියේ ගමන් කළාට මේ තරම් කරච්චලයක් කුමකට ද? අද උදේ පොල්ගහවෙල දුම්රිය පොලේදිත් මෙබඳු කරච්චලයක් දුටුවෙමි. ඒ පොල්ගහවෙලදි මෙන් ම මෙ තැනදිත් මේ කරච්චලය කරන්නේ නො අනුමානය ‘ඩෙබර කෙල්ලෙක්’ විසින් වියි යුතුය. දැන් ලක්දිව ඩෙබර කෙල්ලගේ කෙළි මඬලකැ”යි සිනාසෙමින්, හාමුදුරුවනුත් සමඟ නුවර පැත්තට යන දුම්රියේ තුන් වැනි පන්තියේ කාමරයක නැගුණාහ.
“ඉතින් මේ වචනය කිවු මනුෂ්යායා දෙස ඉතා කෝපයෙන් බලාගත්වනම වුන් අමරසිංහ නෝනාත්, රාළහාමිත් කුඩා දියණිය වන අයිරිනුත් දෙස බලා සිනාසෙමින්, නුවර පැත්තට ගමන් කළ ඒ මනුෂ්යඩයා ඔවුන්ට නොපෙනි ගියේ ය. ගාල්ලේ දුම්රියද ආයේ ය. අමරසිංහ රාළහාමිට අවලාද කියමින් නෝනාත්, දුවත් අමරසිංහත් සමඟ ගාලු දුම්රියේ දෙවැනි පන්තියේ කාමරයක ඉතාමත්
ඩෙබර කෙල්ල 534
අකැමැත්තෙන් ඉඳ ගත්හ. “මම්මේ, අර නාකි මිනිහා මට ‘දෙබර කෙල්ල’ කිවා. මට ඒ මිනිහාගේ කට කඩන්නට ඇත්නම්” යයි කිවා ය. “නැහැ අයිරින්, ඒ නාකියා කිවේ ‘ඩෙබර කෙල්ලය’ කියායි. එසේ කීවේ මගේ මුණ දෙස බලාගෙනය. උඹට නොව කීවේ මට ය”යි මම්මා කිවා ය. එවෙලාවට මඳක් සංසිඳි වුන් අමරසිංහ රාළහාමි ඉතා අමාරුවෙන් සිනාසි “මට ඇහුනේ ‘දබර කෙල්ලය’ කියායි. එහෙත් අයිරින්ට කීවාද? නෝනාට කීවාද? මට කියන්න්ට බැරිය’යි කීයේ ය. මේ පිරිස ගෙදර ගොස් මේ කථාන්තරය ගෙදරවුන් අයට කියා තිබේ. පිරීස් අප්පු නැමැති ඔවුන්ගේම වැදගත් කෙනෙකු මේ කථාව අසා පුදුමව - “කියු මිනිහා කෙනෙක් ය”යි කියා ඔවුන්ට “කොලොප්පන්” කොට අෙප් මවුපියන් සමඟ ද කථාන්තරය කියා තිබේ.
“ ඉතා සුළු කාරණා බොහෝ දුරට සලකන අපේ මෑණියෝ, අපේ සනිගේ නැන්දම්මා ‘ඩෙබර කෙල්ලකැ’යි යම්කිසි උගතෙක් ප්ර කාශකොට තිබේ. මේ පණ්ඩිතයා සොයා ඔහුගෙන් ම ඔහුගේ වැටහිම දැන ගන්නා තුරු අමරසිංහ ගෙදරින් විවාහයක් කරගන්නට ඉඩදෙන්නේ නැතැයි කියා තිබේ. දැන් මේ වචනය දිගින් දිගට ගොස් තිබේ. මෙය සිද්ධ වි මාස හතරකි. නොයෙක් පණ්ඩිතයන් හා උගත් හැමුදුරුවරුත් මේ වචනය නිකම් විහිළුවක් බව අපේ මෑණියන්ට අවබෝධ කරව්නනට උත්සාහ කර තිබේ. එහෙත් අපේ මෑණියන් කියන්නේ ‘ඒ වචනය කිව් මිනිහා මට මුණගස්වන තුරු කවදාවත් මා සතුටු කරන්නට බැරිය’ කියා ය. ඒ නිසා කෝන්ගොඩ වික්රතමපාල මහතා ඒ වචනය කිවු මිනිහා සොයා දුන්නොත් ඊට සෑහෙන ගාස්තුවක් ගෙවන්නෙමි”යි කීවේ ය.
මා පුපුරන තරමට හිනාවක් ආයේ ය. එහෙත් ඉවසා දරාගෙන, “ආ සිල්වා මහත්මයා, වැඩි ප්රිමාදයක් නැතුව මේ කොළඹින්න ම ඒ ‘පණ්ඩිතයා’ වාගේ කෙනෙක් සොයා ගන්නට බැරි ද? ටිකක් කටහැකර කපටි පාහේ මිනිහකු අල්ලා ගත්තොත්, ‘ඒ ඩෙබර කෙල්ලය’ කීවේ මම ය. දුම්රිය වේදිකාවේ ඝෝෂා කළ නිසා නිකම් පාහේ කවටකමට කිවු වචනයක්ය’ කියා මහත්මයාගේ මෑණියන්ට කිව්වාම වැඩේ අවසාන ෙනාවේදැ”යි ඇසුවෙමි. “අනේ මහත්මයෝ එබඳු මිනිසුන් එකකු නොව දෙතුන් දෙනකු අපේ මැණියන් වෙතට පමුණවන ලදී. ඒ ආ මිනිසුන් කාරණය ගැන කථා කරන්නටත් පළමු ඒ මිනිසුන් දුටු හැටියේම අපේ මෑණියන් කීවේ “තමුසේ ඩෙබර
පියදාස සිරිසේන නවකථා එකතුව 535
කෙල්ල ගැන කථා කළ පණ්ඩිතයා නොවේ. නිකම් බොරු සාක්ෂි කියන්නට පැමිණි කෙනෙකි. ‘ඩෙබර කෙල්ලය’ කියන වචනය විසඳන්නට තරම් කෙනෙක් ඇතහොත් ඒ කිවු මහත්මයා ම පමණක් ය”යි අපටත් චෝදනාකර ඒ පැමිණි ඇත්තන්ටත් සැරවි පිටත් කරන ලදි. ඉතින් බැරි ම තැන වික්රවමපාල මහතා ලවා මේකට සැනසිල්ලක් ඇති කරගන්නට සිතාගෙනන ආවෙමි”යි කියේ ය.
“අනේ අෙප් රටට ගිය කල! සිංහල භාෂාව ෙනා දැන සිංහලෙන් සිතන්නට නො හැකිව මේ රටට ගිය කල! මේ මහත්මයා උසස් ඉංග්රීභසි දැනිමක් ඇති කෙනෙකි. එහෙත් ‘ඩෙබර කෙල්ල’ යනු කුමක් ද කියාවත් ෙනා තේරෙන ගොම බජ්ජෙක. මෙබඳු අයවලුන් අධිකව සිටිද්දී මෙබඳු අයවලුන් අධිපතිව සිටිද්දී මේ රටටත් වගතුවක් වේදැ”යි මට සිතුනේ ය. එසේත් සිතා “ඩෙබර කෙල්ලන් ගෙන් සිංහල ජාතිය නඟා සිටවමු”යි දාඪ අධිෂ්ඨානයක් ඇති කර ගත් මම උනස්නෙන් නැගිට ස්තෝප්පුවෙන් ශාලාවට යන පිණිස සිල්වා මහාතට කථා කෙළෙමි. “අපි දැන් පැයක් පමණ මෙහි ම සිටියෙමු. යම්කිසි අමුත්තක්, මාරුවිමක් කිරිමෙන් එක්තරා ප්රැබෝධයක් ඇති වේ . එන්න වඩා සැප පහසු තැනකට” කියා ද සිල්වා මහාතාත් සමඟ සාලයේ තිබුණ වඩා ෙහාඳ පුටු දෙකක වාඩි ගතිමු. මගේ අතවැසි ළමයාට කියා අමද්යඩප විදුරු දෙකක් ද ගෙන්වා ගෙන බි. “ඉතින් සිල්වා මහතා හදිසියකට යන්නට ද? දැන් වේලාව නවයයි. දහයමාර වනතුරු කථා කරමු ද”යි ඇසුවා ම. “අද මට නිවාඩු දිනයකි. මගේ කාරණය ඉටුකර දෙතොත් මුලු දවසම ගත කරන්නෙමි”යි කීයේ ය. “ඔව් වඳුරන්ට මුහුද මැදින් පාරක් තනන්නට පිළිව්න වුනා නම් මිනිහෙකුට මහත්මයාගේ වැඩේ වැනි සුළු වැඩක් කරන්නට බැරිකම්ක නැත. හැබැයි නොපසුබස්නා ධෛර්යයත්, අධිෂ්ඨානයත් පමණක් ඕනැ. නුවණත් විරියත් සුදුසු කාල පරිච්ජේදයක් හොඳින් වියදම් කළොත් කරන්නට බැරි දෙයක් ඇත්තේ නැත. විරිය නැමැති පහනේ තෙල් තිබියදි දල්වන ලද පහන් දැල්ලෙන් අඳුර නැති කර ගත හැකිය. එහෙත් කාලය නැමැති සුළඟ විපර්යාස විමෙන් ජිවිතය විනාශ වුනොත් අදහස් කළ කටයුත්ත නිරර්ථක විය හැකි ය. ඒ එසේද වුවත් ෙහාඳ දෙයක් සඳහා යෙදු නුවණෙත්, වීය්ය්කි යෙත් විපාක කවදා නමුත් ලැබෙනු නිසැක ය. ඉන් නිසා අපි මේ ගැන විරීය කර බලමු “කියා සිනිසී, මහතාණෙනි, මරදානේ දුම්රිය පලේදි ‘ඩෙබර කෙල්ලය’ කී මහතා නො සොයා ඔය වචනය අපි ම
536 ඩෙබර කෙල්ල
විසදා ගත්තොත් මදි දැ”යි ඇසුවෙමි.
“අනේ ! මහත්මයෝ අපේ මෑණිය්නට ඒ මහතා මුණ ගස්වා දෙන තුරු ඒ වදනය කොයි අතට විසදුවත් හරි යන්නේ නැතැ”යි ද සිල්වා මහතා කීවේය.
“ඩෙ බර - දෙ බර - කෙ බර - ස බර - ද බර -ක බර යනාදි එක සමාන වචන පන්තියකි. මේ වචනවල අදහසත් එක සමානය. ඉතින් මහත්මයාගේ නැන්දා මාමලාට මේ වචනය හයෙන් ෙකායික වුනත් සංවේගදායක විය හැකි ය. ඉතින් වචන හය ම මහත්මයලා කා ලවා ව්ත විසඳවා ගෙන තිබේ ද?”
“ප්රහසිද්ධ පණ්ඩිත හාමුදුරු නමක් ‘ඩෙබර කෙල්ල’ යන්න විමසන්නට අවුත් මෑණියන් සමඟ වාද කොට පැරදි ගියා. ‘ඩෙබර කියන්නේ පළතුරු වර්ගයක් ළු, එහෙත් ‘ඩෙබර කෙල්ලය’ කියන කොට ඉතාමත් භයංකර අදහසක් ඇති වෙනවා යයි අපේ මෑණිය්නගේ කල්පනාවයි. ඒ නිසා අපේ මැණිය්න සතුටු කොට මගේ මංගල්යේය කරගැනිමට මක් කරලා වත් මේ වචනය කිවු තැනැත්තා සොයා ගත යුතුය”යි කීවේ ය.
“එහෙනම් සිල්වා මහාතගේ වැඩේ ඉතාමත් භාරදුර ය. මේ වචනය කිවු තැනැත්තාගේ නම ගම පළාත හැඩහුරුකම ආදි කිසිවක් දන්නේ නැත. ඔහු අඳුනන කෙනෙක් වත් කියන්නට බැරි ය. ඉතින් හතළිස් ලක්ෂයක් පමණ ඉන්නා මිනිසුන් අතර සියුම් පරීක්ෂණයක් කළ යුතුව තිබේ. ඒ වැඩේ ආරම්භ කරන්නට ප්රිථමයෙන් ද සිල්වා මහතාගේ මවුපියන්වත්, නැන්දා මාමාකමට බලාපොරොත්තු වන අමරසිහංල රාළහාමි නෝනාවත් ඒ වේලාවේ ඕනෑ ය.ඔවුන් දකින්නේ කොහොමදැ”යි ඇසුවෙමි. “ඒ සම්මුඛවිම අමාරුවක් නැත. ලබන ඉරිදා උදේ මම එන්නෙමි, එවිට වික්රවමපාල මහාත මාත් සමඟ එන්න ගාල්ලේ අපේ නිවසට, අමරසිංහ රාළහාමි ගෙන්වා ගන්නෙමි. එදා ම හවස මහත්මයාට කොළඹ එන්නට හැකි ය. මගේ කාරයෙන් ම මේ සියලු ගමන් යා හැකි ය”යි කී බැවින් අපේ කථාව අවසාන විය.
සිල්වා මහාත චැක් පතක් දිමට සැරසුණේය.ඒ බව දැන ගත් මම, “මොකද සිල්වා මහතාණෙනි, මගේ ගාස්තුව දෙන්නට ද හදන්නේ ? මා තව ම කිසි වැඩක් කෙළේ නැත. වැඩක් නො කොට යමක් ගැනීම
පියදාස සිරිසේන නවකථා එකතුව 537
හොරකමට පමණක් දෙවැනිය. හොරකමය කියන්නේ අනුන්ට අයිති දෙයක් වංචා සිතින් ගැනිම ය. මේ දැන් කරන්නට යන්නේ අන්යතයන්ගේ දෙයක් කිසිම හිමිකමක් නැති කෙනෙකුට දිමයි. මෙතැන ‘වංචාවක්’ යන වචනය සම්මත නීතියෙන් ස්ථිර නොවෙතොත් තමාට හිමි නැති දෙයක් ගන්නට කැමැතිවිම වංචා සහිත ගැනිමකි. සිල්වා මහතා කැමැත්තෙන් ම වාගේ එය දෙතත් ඇත්ත වශයෙන් නම් කැමැත්තෙන් ම නොවේ. සිල්වා මහතා බලාපොරොත්තු වන වැඩේ කෙරේ ද විශ්වාසයක් නැත. මක්නිසා ද? හොඳින් කෙරුනත් ෙනා කෙරුනත් තමන්ගේ ගාස්තුව වේලාපහින් ම ලැබුණු නිසා ය. දැන් අප රටේ බොහෝ දෙනා ප්රේමාණය ඉක්මවා වියදම් කරන්නෙත් ණය ගැති වන්නේත් ආංඩුවට හෝ වෙන වෙන ස්ථානවලට වංචා කාරයන් වි බොහෝ විට බන්ධනාගාරයට පවා යන්නේත් තාමට නියම වශයෙන් හිමි නැති මුදල් වියදම් කිරිමෙනි. මුදල් ළඟ තිබෙතොත් වියදම් කිරිමට අවශ්යි කරුණකුත් පැමිණියොත් කාගේ මුදලක් හෝ වියදම් කිරිම මනුෂ්ය ගිතයකි. දෙවියන් බුදුන් සන්තක සම්මාදම් පවා කිරිම ඒකාන්තය. හැබැයි, සමහරෙක් ඒ මුදල නැවත ගෙවනවා යයි සිතාගෙන එසේ කරති. එහෙත් ටික දිනක් යන විට නැවත ගෙවිමේ කල්පනාව අතුරුදහන්වි, ඒ නොගෙවිමට පිළිවන් තරම් උපක්රකම යොදති. ඇත්ත වශයෙන් ධාර්මික වශයෙන් තමාට හිමි මුදලක් මිස වෙන කොයිම මුදලක්වත් ගන්නා තැනැත්තා අවංක- නිසැකවම අවංක කෙනෙක් නොවේ. තමා විසින් යම් වැඩක් කළොත් ඊට නියම කරග්ත මුදල ගන්නවා මිස වෙන කිසිවක් ගැනිම මගේ සිරිත නොවේය”යි කීවා ම මට තව වරක් ස්තුති කොට සිල්වා මහතා යන්නට ගියේ ය.
02. පරිච්ජේදය
ද සිල්වා මහ්තමයා ඩෙබර ෙකාල්ලෙක් හෝ කෙල්ලකගේ පුතෙක් නොවන බව ඒකාන්තය. “මගේ ප්රේ මවන්ත මවුපියන්ගේ හිත නරක් කර ගන්න අමාරු ය”යි ද සිල්වා කීයේය. අවුරුදු තුනක් තිස්සේ ප්රෙෙම බන්ධනයෙන් බැදි ඉන්නා ග්රේ”ස් ගැනත් ඈ වෙනුවෙන් ලැබෙන රුපියල් පනස් දාහේ දායාදයටත් වඩා මවුපියන්ගේ විරුද්ධත්වය සලකන අය අපේ රටේ විරල ය. තරුණියක් සමඟ දිනක් දෙකක් කථා කළ පමණින් මවුපියන් හා
538 ඩෙබර කෙල්ල
කුලගෝත්රඩ ආදි කිසිවක් නොතකා විවාහ වන්නත් සියේට අසුවක් පමණ ද විවාහ වන තරුණිය යක්ෂණියක් වුවත් රුපියල් දෙතුන් දාහක දේපල ලැබෙතොත් විවාහ වන අය සියේට පහළොවක් පමණ ද මේ රටේ සිටිති. මවුපියන්ගේ හා වැඩිහිටි ඥාති මිත්රාළදින්ගේ සම්පූර්ණ කැමැත්තත් ස්ත්රීුයකගේ පරම්පරොනුගත වු ඉගෙනීමෙන් හා ආශ්ර්ය කිරිමෙන් ද ලබා ගත්තා වු උසස් ගුණධර්ම පමණක් සලකාගෙන විවාහ වන ගණන සියේට දෙන්නෙකුට වැඩි නැත. මවුපියන්ගේ කැමැත්තත් දායාදයක් දෙකම සලකාගෙන විවාහ වන අය සියේට තුන් දෙනෙකි පමණකි. ඉතින් මේ සිල්වා මහතා අන්තිමට කී සියේට තුන් දෙනාගේ කොටසේ ඉන්නා වැදගත් කෙනෙකි. එබඳු උසස් අදහස් ඇති වන්නේ පළමුවන පාසලේදිම ය. ද සිල්වාගේ පළමුවන පාසැල හෙවත් මාතෘ ගර්භය පිරිසිදු වු සැලකිය යුතු එකක් බව පෙනේ. ද සිල්වා ලබා තිබෙන්නේ වර්තමාන කාලේ ලක්දිව කෙරෙන ‘මන්කි බ්රෑසන්ඩ්’ ඉගෙනිම ය. ඉතින් ඔහ් ඉන්නේ කිඹුල්, පිඹුරු ආදී ප්රෙචණ්ඩ සතුන් ඉන්නා ලක්ෂණ මලක් පිපී තිබෙන ගැඹුරු දියවලක ඉවුරේය. ඔහු මල නිසා දියවලට නොවැටි කැලේ අනිත් පැත්තට දිව ගත්තොත් ගැලැවේ. නැතහොත් ගැඹුරු වලේ වැටි කිඹුලන් හට ගොදුරු වේ. උසස් බලාපොරොත්තුවක් ඇති සිංහල ජාතියේ පුනරුත්ථාපනයට ආධාර වන මෙබඳු තරුණයන් නැති වෙන්නට යා නොදි ඩෙබර කෙල්ලන්ටත් එක් වන්නට ඉඩ නොදි ආරක්ෂාකර ගැනිම ජාති හිතෛෂි හැම දෙනාගේ ම යුතුකමකි. ඒ හෙයින් කොයි ක්ර්මයකින් නමුත් ද සිල්වා උන්නැහේ හැම දෙනාගේ ම යුතුකමකි. ඒ හෙයින් කොයි ක්රනමයකින් නමුත් ද සිල්වා උන්නැහේට පිහිට වන්නෙමි”යි අධිෂ්ඨාන කරගෙන එකොළහට පමණ වතුර නා දහවල් බත් අනුභව කළායින් පසු නිදහසේ ඉන්නා විට නිවාඩුවක් ලැබුණොත් ලැබුණු හැටියේම මා සම්බ වෙන්නට එන අල්විස් මහත්යා ආයේ ය.
“එන්න - අල්විස් මහත්මයා, ආ වේලාව හොඳයි. වැදගත් නෝනා කෙනෙකුට ‘ඩෙබර කෙල්ලය’යි නින්දා කිරිම ගැන පවුලක කලබලයක් ඇතිවි තිබේ. ඩෙබර කෙල්ලය කියන්නේ කාටදැයි අලිවිස් මහතා දන්නෙහි දැ” යි ඇසුවාම උන්නැහේ කරමල පිපිරෙන තෙක් සිනාසෙන්නට පටන් ගත්තේ ය. හුඟක් වෙලා සිනිසී “ආ වික්රපමපාල මහත්මයා, ධර්මයේ පෙනෙන්නේ සප්ත භාර්යාවෝ ය.ඉතින් ඔය ‘ඩෙබර කෙල්ල’ ඒ සත් දෙනාගෙන් කාට සමදැ”යි ඇසුයේ ය. ඒ හත් දෙනාගෙන් දුෂ්ට භාර්යාවෝ තුන් දෙනෙකි. මේ ‘දෙබර කෙල්ලට’ ඒ
පියදාස සිරිසේන නවකථා එකතුව 539
තුන් දෙනාගේ ම දුරුගුණ එක්වි තිබේ. ධර්මයේ පෙණෙන භාර්යාවන්ට වඩා විශේෂ භාර්යාවෝ කාලේ සිටිති.
ද බ ර කෙ ල් ල සම වෙයි දබරැ’ඟිල්ල ට ඩෙ බ ර කෙ ල් ල සයෙන් සමහ දෙබරෙ ට ක බ ර කෙ ල් ල ගත ෙදාස් දක්වයි ලොව ට නි ත ර එ ල් ල වෙයි දුක මුන් සිටි තැන ට
ස බ ර කෙ ල් ල වනයේ හැසිරෙන යකි නි කෙ බ ර කෙ ල් ල ගමකට සම වෙයි සැපි නි ඩෙ බ ර කෙ ල් ල සියලුම අවගුණ ගිහි ණි අ ඟ ර අ ල් ල න්ට කාටත් නොහැකි මෙ නි
ඉතින් මෙ තැන කෙල්ලන සදෙනෙකු සඳහන් වේ . මේ සදෙනාගෙන් පස් දෙනුක තුළ පවත්නේ එක එක දුරුගුණය වුවත් ‘ඩෙබර කෙල්ල’ කියන දුර්ජනියට ලෝකයේ ඇති තාක් සියලුම දුර්ගුණ ඇත්තේ ය. එ බැවින් දබර කරන්නා වු ද දෙබරයක් මෙන් රේද්රු වු ද කෙබර හෙවත් බොරු කේලම් වලින් පරිපූර්ණ වු ද, වනාන්තරයේ හැසිරෙන අශිෂ්ටාචාර වැදි කෙල්ලකට සමාන වු ද, කබර නම් චර්ම රෝගයෙන් පිඩිතවු ද යන ආදි දුර්ගුණ ඇති කෙල්ලන් පස් දෙනෙකු ගොඩකටත් ‘ඩෙබර කෙල්ල’ එක හත් අට ගුණයකින් වැඩි ය.එහේත අපේ රටේ ජනයා ‘ඩෙබර කෙල්ල’ අඳුනන්නේ නැත. ඒ නිසා ද සිල්වාගේ නැන්දම්මා පරීක්ෂා කිරිමෙන් පුද්ගලික වශයෙන් මට ප්ර්යෝජනයක් වුණත්, නුණත් අපේ ජාතියේ සියේකින් එකෙකුට වත් ප්රනයෝජනයක් ලැබුණොත් සිංහල ජාතිය වඳ විමෙන් වළක්වා ගත හැකි ය.අප වැනි දුර්වල තත්ත්යක පින් මඳ තත්ත්වයක උපන් කෙනෙකුට ලෝකයේ එක මිනිහෙකුට වත් යම් කිසි යහපත් මාර්ගයක් පෙන්වා දෙන්නට ලැබුණොත් ඒක ෙලාකු වැඩක් ලෙස සැලකිය යුතුය යි සිතු මම එදින සිකුරාදා බැවින් ද සිල්වා මහතා එන්නේ ඉරිදා යයි කී නිසා මගේ පරණ මිත්රදයෙකු සම්බවිම පිණිස මහනුවර යන්නට කල්පනා කෙළෙමි.
මා ගෙදරින් පිටත් වු වේලාවට දුම්රියක් නොතිබුණේ ය. බස් රියකින් වත් යන්නට සිතාගෙන පිටකොටුවට ගොස් එ වෙලේ ම පිටත්වෙන බව කිවු බස්රියක නැගුණෙමි. රටේ තත්ත්වය පරික්ෂා
540 ඩෙබර කෙල්ල
කර ගැනිමට නම් හැම පන්තිවල ම ජනයා ආශ්රරය කරමින් ඔවුන්ගේ කථාබස් අදහස් උදහස් දැනගත යුතුය. උසස් ම පන්තියේ ජනයා ආශ්රේය කිරිමෙන් දැනගත හැක්කේ ඉතාමත් ටිකකි. මධ්යඋම පන්තියේ ජනයාගෙන් බොහෝ දේ කැන ලක හැකිය. පහත් අසරණ පන්තියේ ජනයාගෙන් දැනගත හැකි කරුණු අනන්තය. මා බස්රියේ නැගුණේ වැඩි කැමැත්තකින් නොවේ. බස රථවල සේවය කරන පිරිසගෙන් ඉතාම්ත වැඩි කොටස නරක අය බව රටේ කියති. එහෙත් ඒ නිකම් කටොළු කථාවික. කොයි රංචුවලත් කළු බැටළුවන් ඉන්නාක් මෙන්, බස් මෙහෙයෙහි නියුක්ත වුවන් අතර ද නරක නො හැදිච්ච අය ඉන්නට බැරිකමක් නැත. මා නැඟුණු බස්රියේ ඩ්රැයිවර් මට ආසනයක් දී ඉතාමත් මෘදු බසින් කථා කළ අන්දම අපේ වර්තමාන උසස් ශාස්ත්රි ශාලාවක තරුණයෙක් වත් නොකරන තරම් ය. එහි සිටි කොන්දොස්තර ද බස් රියට ආ මගින් යථා විධියෙන්න නංවා ඔවුන්ගේ බඩුමුට්ටු ද ඒ ඒ තැන්වල තබා ඉවර වු පසු බස්රිය නික්මුනේය. මා වුනනේ දෙවන ආසන පේලියේ ය. පෙරමුණේ ආසන දෙකේ මහත්මයෙක්ද, නෝනා කෙනෙක් ද වාඩිගෙන උන් හ. තුන් වන ආසන පේලියේ ගම්බද මහළු ස්ත්රිෙන් දෙදෙනෙක් ද දොගාඩහරි වයසේ ස්ත්රීආයක් ද වුන් හ. ඔවුන් අස්ල්්වැසි හෝ ඥාති සම්බන්ධයක් ඇති අය බව මට වැටහුනේය. “ජොහානලාගේ නැන්දා සම්බන්දයක් ඇති අය බව මට වැටහුනේය. “ජොහානලාගේ නැන්දා මගෙන් ඉල්ලා ගත් රුපියල් පහ නැවත දෙන්නට සිද්ධවේය කියා සිතාගෙනදෝ බොරු වරදක් ගෙන මා සමඟ තරහවි ඉන්නවා. ඒ මනුස්සයාට ඒ වෙල්වේ සිදුවි තිබුණ ලැබුණත් නොලැබුණත් අහල පහල ඉන්නාන දන්නා අඳුනන කෙනෙකුට උපකාරයක් කිරිම අපේ යුතුකමකි” යි එක් මහළු ස්ත්රීයයක් දෙගොඩහරි වයසේ ස්ත්රීකයට කියන බව ඇසුනේය. “අනේ මැගි පුංචිම්මේ, අපේ නැන්දාගේ විත්තිය කියන්නට එපා. මුලු ගමේ ම ඉන්නා කාටත් අංචි අදාන පුදුම කෙනෙකි. අපේ තාත්තාගේ නැගණිය වුනත් ඒ තාත්තාගේ ගතිගුණ කිසිවක් උන්දෑට පිහිටා නැත. කෙළෙහි ගුණ නොදත් හැම දෙනාම පහත් ෙකාට සලකන අපේ නැන්දාගේ තරම දුවරුන්ගෙනුත් පුත්තුන්ගෙනුත් දැන ගන්නට බැරි ද? උන්දැගේ මිනිහා ජුවානිස් මාමා කොපමණ හොද සත්පුරුෂයෙක් ද? කිසිම පවක් අපරාධයක් නොකොට ගමේ රටේ කිසිවකු සමඟ කල කෝලාහලයක් නැතුව තමන්ගේ පාඩුවේ හොඳන් කල් ගත කරන කෙනෙකි. එහෙත් උන්දැගේ දුලා දෙන්නත් පුත්තු තුන් දෙනත් අපේ පළාතේවත් නැති
පියදාස සිරිසේන නවකථා එකතුව 541
තරම් නපුරු දුෂ්ට අධම අසත්පුරුෂයන් බව උඹලා අපි පමණක් ෙනාව අපේ පළාතේහැම දෙනාම දන්නවා. පියා ඉතාමත් ෙහාඳ සත්පුරුෂයෙක්ව සිටියදි දරුවන් නරක්විම පුදුම කාරණයක් යයි අපේ පන්සලේ හාමුදුරුවොත් ජුවානිස් අප්පු මාමා සමඟ කියනවා මම අසාගෙන උන්නා. එහෙත් ඒ හැමුදුරුවන්ට ඒ කාරණය තේරුම් කරගන්නට බැරිව කර්මයේ හැටි ඔහොම තමාය”යි කියා නිකම් ගසා බසා දැම්මා. අප්පච්චි කොපමණ ෙහාඳ වුනත් අම්මා නරක නම් දරුවන් හොඳ කොතරම් ෙහාඳ වුනත් ඒ වැඩෙන පැලය සාරව්ත වෙන්නේ නැත. මේ බව ෙනා දන්නා මෝඩයෝ අප්පා ගෙන් දරුවන්ගේ ගුණාගුණ මනිති. දන්නේ නැද්ද අපේ ජුවානිත් මාමා නිතරම කියන සිවුපදය:
“අම්මා නැති ක ලේ
අප්පා වේද කික ලේ සරු සාරවු වෙ ලේ මිසක නැත අස්වැන්න සප ලේ
උඹ ඇසුවේ නැද්දි ? අපේ නැන්දාගේ චරිතයේ අන්දමට උන්දෑගේ දුලා දෙන්නත්, පුතත් ඔය තරමින්ව්ත ඉඳිම පුදුමයක්ය”යි ජොහානාහාමි කියා අවසන් කොට බුලත් විටක් කන්නට ලැහැස්ති වුනාය.
මේ ස්ත්රීනන් දෙදෙනාගේ කථාව ඉතා ඕනෑකමින් අසා වුන් මගේ සිත ප්රයමුදිත විය. ඔවුන් දැන හැඳින ගැනිම අවශ්යඉ යයි සිතු මම. “මේ හාමිනේලා බහින්නේ කොතැනින්ද? ඔය දැන් කළ කථාව පොතකින් දැන ඉගෙන ගත් කරුණු ද? නැතහොත් අත්දැකිමෙන්ම දැනගත් කරුණුදැ”යි ඇසුවෙමි. ජොහානාහාමි ටිකක් ලැජ්ජා අටග්තතාක් මේන “මොකද මහත්මයා අපේ මේ ගමකතාවලට ඇහුන් කන් දි සිටි බව් අපි සිතුවේ නැත. අපි කතා කෙළේ පොත පතකින් දැනගත් දෙයක් නොව අබපේ මෑණියන් ගෙන් දැනගත්දේය”යි කීවාය.
මේ කථාව ඇසු මට බලවත් හැඟිමක් ඇති විය. මට අවුරුදු දෙදාහකට ප්රකථම ලක්දිව ඇතිවු ප්රඇජාවර්ධන බලය තවමත් සම්පුරුණයෙන් ම නැතිවි ගොස් නැත. පරංගි, ඕලන්ද, ඉංග්රීවසි දෙමළ, පරවර, මොප්ලා ආදින්ගේ උපක්රකම අධික නොවු පළාත්වලත්, යුරෝපිනය ඉගැන්විම ක්රිමය හෙවත් වහල් දෘෂ්ටි සංඛ්යාලත ඉගැන්විම
542 ඩෙබර කෙල්ල
නොලැබු පළාත්වලත්, පැරණි සුදාරකෝත්පත්ති ධර්මය තවමත් පවත්නා බවත් මට ප්රිත්යපක්ෂ විය. ඉතින් ජොහානාහාමි හා අනිත් මහලු ස්ත්රි්න් දෙ දෙනාත් බස රථයෙන් බසින බව මට දැනුනේය. “දැන් මම ඉක්මන් ගමනක් යන නිසා නොවේ නම් හාමිනේලාත් සමඟ එනවා. දැන් මට හාමිනේට ලියුම් ලැබෙන හැටි කිව මැනව’යි කියා ජොහානාහාමිගේ නම ගම ආදිය ලියාගෙන ඔවුන්ට ස්තුත්කොට බස් රථයෙන් නුවරට ගියෙමි.
මගේ සත්ක්රි්යාවලදි මට නිතරම ආධාර කරන සයිමන් මහතා සම්බවෙන්නට ගිය මේ ගමන මා හිතුවාටත් වඩා සඵල ගමනක් විය. සයිමන් මහතා නැවති ඉන්නා තැන තවතින මට, එදින ඒ මහතාගේ හිතවත් අන්යය වැදගත් මහතුන් දෙපොලක් ද මුණ ගැසුන බැවින් එදා රාත්රිදයෙන් තුනෙන් දෙ කොටසක් පමණ වේලා අපේ ජාතියත් ආගමත් පිළිබඳස පත්සනා අවදානම් තත්වය ගැන හොඳින් කථා කරන්නට ලැබුනේ ය. සයිමන් මහත්මාය හා උන්නැහේගේ මිත්රලයන් දෙදෙනත් මාත් අර කෙරුනු කථාබස්වලදි නොයෙකුත් කාරණා පිළිබඳව කතා කළ නමුත් “ඩෙබරෙ කෙල්ල” ගැන විමසිමේ අදහසක ද පැවැත්තේ ය. “හොඳයි මේ මහත්තැන්ගෙන් කිසි කෙනෙක් ඩෙබර කෙල්ලක් ගැන අසා නැද්ද”යි සිනා සෙමින් ඇසුවෙමි.
අප සතර දෙනාගෙන් කෙනෙක් වන ගුණරත්න මහතා අවිවාහකයෙකි, උන්නැහේට විවාහ මංගල්යනයක් ජෝඩු වි කේන්දර දෙක බලා තිබේ. ඒ කේන්දර බලද්දි නක්ෂත්ර යන් වෙන වෙන ධර්ම ශාස්ත්රදත් හොඳ්න දන්නා තලතුනා වයසේ පිහිටි උඩරට නිලමේ කෙනෙක් ගුණරත්න මහතාට රහසිගතව කී කථාවක් ඒ මහත්මයා සිනාසෙමින් මෙසේ කීවේය. “වික්රමමපාල මහතා ඩෙබර කෙල්ලය කියන කොට මට මතක් වුනා අපේ තාත්තා සම්බවිමට දඹදෙණිය පළාතේ කෙනෙක් අවුත් සිටියදි මනමාලයකගේ කේන්දරය බලන ලදී. ඒ අමුත්තා ද කේන්දර පිටපත බලා සිනාසුනේය. ඒ සිනාසිම මගේ සිතට මහ්ත බරක් විය. අපේ කේන්දර පරීක්ෂා කොට බැලු නක්ෂත්රදවරයා කීවේ කේන්දර දෙක ඉතාමත් හොඳ බවත් ය. ඉතින් තාත්තා ඔහුට රුපියල් දෙකක් ද දි පිටත් කර යැව්වේ ය. ඊට පසු ආගන්තුකයා පිටත් සමඟ යම් කිසි කාරණා වගයක් කථාකර ගත්තාට පසු ආගන්තුකයා යන්නට පිටත් විය. ඔහුට කලින් මම ගෙයින් පිටව ෙගාස් ඔහු එනතුරු අපේ වත්තේ ගේට්ටුව ළඟ නැවති සිටියෙමි. ඒ කරුණාවන්ත තලතුනා මහතා මා දැන සිනාසී, ‘මොකද
පියදාස සිරිසේන නවකථා එකතුව 543
මහත්මයා යන්නේ බැහැරක්ද? අපේ ගමේ තිබෙන තාත්තාගේ කුඹුරක් ගැන කථාකර ගන්නටයි මා අවේ. දැන් බැලු තරුණියගේ කේන්දරයේ හැටියට නම් ඈ ‘ඩෙබර කෙල්ලකි’ මහත්මයා ඒ ස්ත්රීුය විවාහකර නො ගත මානැමැ”යි කියා සිනාසි යන්නට ගියේය. ඇත්තෙන්ම වික්රිමපාල මහාතණෙනි, ‘ඩෙබර කෙල්ල’ යන වචනය ඇසුවේත් එදාම ය. මම මහත් පුදුමයකට පැමිණ මට ජෝඩු කරන ලද මංගල්යසය ලබන අවුරුද්ද වන තෙක් කල් දමන්නට යයි අපේ මවුපියන්ගෙන් ඉල්ලා සිටියෙමි”යි කීවේය.
මේ තරුණ ගුණරත්නගේ කථාව මට ඇර එහි සිටි අනික් දෙදෙනාට වැදගත් කාරණයක් නොවි ය. මට නම් ඉතාමත් ම වටිනා කාරණයක් විය. ද සිල්වා මහතාගේ නාන්දනියට ‘ඩෙබර කෙල්ල්’ යන නාමය පට බැද දුන් අද්භුත අමුත් තා මේ ගුණරත්න තරුණයාගේ මනමාලියගේ කේන්දයට දුටු පමණින් ඩෙබර කෙල්ල බව දැනගත් පණ්ඩිතයා යයි මට හැඟුනේ ය. ඉතින් ඒ කිසිත් නො කියා රාත්රිබ 9 ට පමණ කොපිත් බි අප හතර දෙනා නැවතත් කථා කරන්නට පටන් ගතිමු. සයිමන්, ගුණරත්ණ, මා යන තුන්දෙනා හැර එහි සිටි අනික් මහතා වෙළෙන්දෙකි. ඒ වෙළඳ නිර්භිත ජාති හිතෛෂි, කුහක ගතියෙන් විරහිත, පොදු යහපතට කැමැති සිංහලයෙකි. කෝන්ගොඩ වික්ර මාපල නැමැති මා ගැන අසා තිබුණ නමුත් සම්මුඛ කථා කරන්නට ලැබුණේ එදා ය.
ඉතින් ගුණවර්ධන මහතා මාත් සමඟ කථාංවට බැස්සේ ය.
ගුණවර්ධන - මහත්මයා බොහෝ කාලයක පටන් මේ රටටත් අපේ ජාතියටත් ඉතාමත් විශිෂ්ට මෙහෙයක් කරන කෙනෙක බව ගරුෙකාට සලකන විශාල පිරිසක් සිටි යයි තමුන්නාන්සේ සිතන්නෙහි ද?
මම - ඇත්තෙන්ම ගුණවර්ධන මහතාණෙනි, දැන් මගෙන් අසන ලද්දේ මා මිට පෙර කවදාවත් ෙනාසිතුවකි. රටට යම් කිසි මෙහෙයක් කළ සත්පුරුෂයකු ගැන සලකන්නට විශාල පිරිසක් සිටිතොත් ඒ රට හැදි ඉවර ය.
අපේ රට හැදි ඉවර නම්, මේ රටේ එකම හිඟන්නෙක් වත්, අසරණයෙක් වත්, කාලකණ්ණියෙක් වත්. තක්කඩියෙක් වත්. අධමයෙක් වත්, අල්ලස් ගන්නා මුලාදෑනියෙක් වත්, පුහු නම්බු
544 ඩෙබර කෙල්ල
නාමවලට කැමැති මෝඩයෙක් වත් ඉන්නට බැරිය. මේ රට හැදුනා නම් අපට කරන්නට ඉතුරු වන්නේ, ඇතැමෙකුට අග්රඟ පංචකාම සැප ඉපදිවිමාදි සියුම් ධර්ම අත්හදා බැලිමාදිය යි. දැන් අපේ රෙට හැදිමට ආරම්භ වි තිබෙනවා පමණකි. එහෙත් පොදු ජනයාගේ බලවත් අඥානකම නිසා කිසිම කටයුත්තක් නිසි අන්දමට පිළියෙළ කර ගන්නට තවමත් බරිය.
ගුණවර්ධන - මහත්මයාගේ කල්පනාවේ හැටියට අපේ රට හැදේ ද? ඒ කොයි කාලේ ද? රට හැදිමට ඉතාමත් ම අවශය උපක්රේමය කුමක් ද? යන කාරණා තුන මහත්මයා කල්පනා කර තිබේ ද?
මම - අපේ රට හා ජාතිය පිළිබඳව යම් කිසි සිතිවිල්ලක් වත් සිතුවේ මහත්මයා විසින් අසන ලද ප්රාශ්න තුන මගේ ඥානයේ තරමට විසදා ගෙනමයි. මගේ විසඳා ගැනිමත් මගේ බලාපොරොත්තුවත් මේ ආත්මයේදි ඉෂ්ට වෙන්නේ නැත. සමහරවිට තුන්වන ආත්මභාවයේදි ඉෂ්ට විය හැකිය. ඒ නිසා විශාල කටයුත්තක් ජාතියක රටක උසස් දියුණවක් හෝ පුනරුත්ථාපනයක් අවුරුදු දහයකින් දොළහකින් හෙවත් අවුරුදු සියේකින් හමාරකින් සම්පූර්ණ නොවි යයි කලකිරිමට හෝ මන්දෝත්සාහි විමට කිසි යුතුකමක් නැත.
ගුණවර්ධන - මහත්මයා “අපේ රට හැදේ ය”යි ෙනාඅනුමානව සිතාගෙන ඉන්නේ මොන බලයක් පිට ද?
මම - මේ ඉතාමත් ෙහාඳ ප්රශ්නයකි. මේ ප්රාශ්නය විසදා නිරාකරණය කරගෙන ස්ථිර විශ්වාසයේ පිහිටා ගන්නට පිළිවන් කෙනෙකුට මිස වෙන කාටවත් ම රටට යහපතක් කරන්නට බැරිය.
ගුණවර්ධන - අද එළිවනතුරා වත් කථාකොට මේ තරුණ නිරාකරණය කර ගත යුතු ය. ඉතින් මහත්යා “අපේ රට දියුණු වේය” යන අදහස ඇති කර ගත්තේ නිකම් සිතිවිලි මාත්රමයකින් ද නැතහොත් ප්රුත්ය ක්ෂ වු හේතු යුක්ති උඩ ද?
මම - මා එසේ නිරාකරණය කරගෙන තිබෙන්නේ එකකුත් සියේකට අධික ප්ර ත්යවක්ෂ කරුණු උඩමයි. ධර්මය, නෂ්ටාවශේෂ පුරාණ දේ, තර්කය. දිනෙන් දින සිද්ධවන විපරිත ආදිය මගේ අවබෝධයට ආධාර වි තිබේ.
ගුණවර්ධන - මේ රට දියුණු නොවි තව තවත් පිරිහෙන්නට බැරි ද?
පියදාස සිරිසේන නවකථා එකතුව 545
මම - එසේ වෙෙතාත් ඉර සඳත් නොපායා තිබෙන්නට පිළිවන. සිංහලද්විපය පිළිබඳ කථන්තරය ඉතිහාසගතව පවති. ලියා තිබෙන ඒ කථාන්තරය ෙපාළොව යට සැඟවි තිබි මැත කාලයක පටන් එළියට ගන්නා නෂ්ටාවශේෂ ද්ර ව්යිවලින් ස්ථුට කරයි මුළු ලෝකයේ පැතිරි පවත්නා සරුවඥයන් වහන්සේගේ ධාතු පස්වාදහස් පන්සිය වසක් ගිය කල ස්වර්ණමාලා මහා චෛත්යරයට රැස්ව එහි තැන්පත් කර තිබෙන ධාතු ද්රෝ්ණයට එක්ව ජය ශරීයට මහා බෝමාඩට පැමිණ එහිදි බුද්ධ ශරීරයක් මැවි ලෝකයේ පවත්නා තේජෝ ධාතු ශක්තියේන් ගිනිගෙන ධාතු අන්තර්ධාන වන බව ඉතිහිසයෙහි හා ධර්ම ප්රකකරණවල ද ලියා තිබේ. මිට අවුරුදු දෙදහකට පෙර ලියන ලද ඒ කාරණය ඉටු වුනු සැටි බලන්න. ලක්වදිවට නොයෙක් විධිවලින් පැමිණි සතුරන් විසින් ස්වර්ණමාලා චෛත්යේය බිඳ එහි වස්තුව ගන්නට තැත් කළ වාර අප්රසමාණය. එහෙත් මහා චෛත්යව ගර්භය කිසිවකුට සිදුරු කළ නොහැකි විය. රජුට රට සුන්ය විම නිසා මහා චෛත්යසය මත මා වෘක්ෂ වැඩි අපිළිවෙළේ පස් කන්දක්ව පැවැත්තේය. මේ චෛත්යය මිට අවුරුදු 75 කට පෙර පැවැති තත්ත්වය තේරුම් ගැනිමට එවකට සිටි ආංඩුකාරයෙක් කි වචන හොඳට ම සැහේ. චෛත්යතය හෙළිකරමින් සිටි නාරන්විට සුමනසාර සාමින් දැක “මෙහි දකුණු පැත්ත පමණක් හෙළි කිරිමට තම්න්නාන්සේ හය වරක් මැරි ඉපදිය යුතුය”යි කිමෙන් වැඩේ තිබුණ තත්ත්වය සිතා ගත හැකිය. ඉතින් එබඳු තත්ත්වයක පැවැති ස්වර්ණමාලිය සම්පුර්ණයෛන් ප්රැතිසංස්කරණය කොට රන් කොතක් පළඳවා මහෝත්සවයෙන් විවෘත කරන ලදි. දැන් ඉතින් ඉතිරි කාලය . එනම් ඉතිරි අවුරුදු 3116 නරුපද්රිතතව චෛත්යැය පවති. එසේ නම් “මගේ මහා චෛත්යනය ධාතු නිධානය තෙක් පවතීවා”යි දුටුගැමුණු මහරජතුමා කළ අධිෂ්ඨානය සත්ය වුනා නොවේ ද? සිංහල ජාතිය වඳ කිරිමට තිබුණ එකම උපක්රසමය සිංහලයෙන් යුදෙව ආගමට හරවා ගැනිමය. අවුරුදු තුනකින්ම උත්සාහ ෙකාටත් ඇත්ත වශයෙන් බලතොත් සිංහලයන්ගෙන් සියේට එකකු ව්ත ක්රිමස්තියානි කර ගන්නට බැරිවි තිබේ.
546 ඩෙබර කෙල්ල
ගුණවර්ධන - හිටින්න, ඉතාමත් ගැඹුරු ප්රැශ්නයක් මතු වුනා ක්රඑස්තියානි විමෙන් “සිංහල ගතිය” වෙනස් වේ ද? ක්රිැස්තියානි අගම අදහන අයට සිංහලය කීම වැරදි ද?
මම - මෙය ඉතාමත් ගැඹුරු වු සියුම් නුවණින් විසදා ගත යුත්තකි. “බෞද්ධාගම නැති වුන දා සිංහල ජාතියත් නැතිවේ” යයි සර් පොන්නම්බලම් රාමනාදන් මහතා ප්ර කාශ කරන ලද නිරවශේෂ වචනයකි. දුටුගැමුණු කුමාරයා සොළින් සමඟ බලවත් යුද්ධයක් කරන ලද්දේ කුමක්නිසා ද? බෞද්ධාගම නැතිවිම නිසා සිංහල ජාතියත් වඳවි යන බැවින් ය. ඊට පසු නොයෙක් රජ දරුවන් හා පණ්ඩිකයන් හා ජාතී හිතෛෂින් විසින් ද සිංහල ජාතියට යම්කිසි සංග්රයහයක් කරන ලද නම් ඒ සියල්ලක් ම කරන ලද්දේ සිංහලයාගේ “නාමය” හැඩ ගැසී තිබෙන බෞද්ධාගම ආරක්ෂා කර ගැනීමෙන්, දියුණු කර ගැනීමෙන් ම බව පෙනේ. ගුණවර්ධන - හොඳයි, සිංහල ජාතියේ සෑම දෙනා ම ක්රිරස්තියානි වුනා නම් සිංහල ජාතිය දියුණු විය ෙනා හැකි ද? සිංහලයන්ගේ ජාතික ආගම ක්රි ස්තියානා වුනා නම් සිංහලයන්, “සිංහලයන්” වශයෙන් ඉන්නේ නැද්ද?
මම - ඉතාමත් ම වැදගත් ප්රහශ්නයකි. අවුරුදු දාහකට වැඩි කාලයක් පැවැති සභ්ය ත්යක් හෙව්ත ශිෂ්ටාචාරයක් වෙනස්කොට ජාතියක් අමුතු සභ්ය ත්වයකට හෙවත් ශිෂ්ටාචාර භාවයකට පැමිණවිම සම්පූර්ණයෙන් මේරුණ ගසක් කළුවර බුරුත ගසක් නමා වෙනස් ෙකාට වෙන අතකට හැරවිම නො හැකි බව කිවමනා නොවේ. එහෙත් ඒ ගස කපා දමා අන්යි ගසක් නම රෝපනය කළ හැක්කේ ය. ඒ වනාහි කලින් පැවති ගස නොවේ. ඉංග්රීකසි - ප්රපන්ස - ඉතාලි ආදී මනුෂ්ය ජාතීන් ක්රි ස්තියානි වි සිටිති. ඔවුහු ඉතා පහත් තත්ත්වයක සිටියදි ක්රිඒස්තියානි පුජකයන් විසින් ක්රිතස්තියානි සභ්යතත්වයට පමුණු වාගත් පසු ඔවුන් ක්රිිස්තියානියෙන් දියුණු විය හැකි තරමට දියුණු වි එයින් නො නැවති ලෝකයේ පවත්නා උසස් ශිල්ප ශාස්ත්ර ත්, ගැඹුරු ධර්මයත් ස්වල්ප වශයෙන් වත් ප්රගුණ කරගෙන දැන් නමින් ක්රිිස්තියානි වු ක්රිඹස්තියානියට කිසිම
පියදාස සිරිසේන නවකථා එකතුව 547
සම්බන්ධයක් හෝ සමානත්වයක් නැති උසස් දියුණුවකට පැමිණ සිටිති.
ගුණවර්ධන - හොඳයි ආදී යුරෝපීය ජාතින්ට දැන් තිබෙන උසස් දියුණුව ක්රිරස්තියානි ආගම නිසා ඇතවුවක් නොවේ ද?
මම - හිටින්න. යම්කිසි අශිෂ් මනුෂ්‍ය වර්ගයක් නිර්වස්ත්ර ව ඉන්නා කාලයක ඔවුන්ට ෙකාල ආදියෙන් වත් විලි වසා ගන්නට පුරුදු කිරිම ඉගැන්විමක් නොවේ ද? ශිෂ්ට සම්මත ප්රලයෝජනයක් නමුත් ඒ ජාතය කොල පත්රො හම් ආදිය අඳින්නට පටන් ගත් පසු වෙන වෙන දියුණු වු මනුෂ්යපයන් දැක වෙන රටවල තොරතුරු දැනගෙන කපුවලින් නුල් කැට රෙදි ඇදිමත්, ඊටත් පසු විවිධ පට වස්ත්රඇ ආදී අලංකාර ඇඳුම් ඇඳිමත් පුරුදු කරගත් පසුත් අර මුලින් ලැබුණු ෙකාල පත්රට ආදයෙන් විලි වසා ගැනීමට තරම් ඉතා පහත් ශිෂ්ටාචාරයට පසසන්නට හෝ, ඒ ශිෂ්ටාචාරයේ ම රඳා සිටින්නට සුදුසු ද? උසස් ශිෂ්ටාචාරයක් සභ්යශත්වයක් නො පැවති යුරෝපයට ක්රිුස්තියානි ආගමෙන් යම් කිසි ප්රශයෝජනක් ලැබුණාට සැකක් නැත. එහෙත් ඒ අල්ප සභ්යමත්වය ක්රරමයෙන් දියුණු කර ගත් යුරෝපීය ජාතීහු ක්රිිස්තියානියත් සම්බන්ධකර තබාගෙන ම ඔවුන්ගේ විවිධ ශිල්ප කර්මාන්ත ඥානය විශාල කර ගැන්මෙන් දැන් උසස් ජාතයක් ඉන්නා නමුත් සිංහලයන් පිළිබඳව කිසිවක් එසේ නොවේ. මක්නිසාද? නිර්වස්ත්රාව සිටියෙකුට කපු පිළි ආදිය නොව කොළ පත්රඑ ආදියවත් ෙහාඳ නමුත් සියුම් පට වස්ත්රළ අදිමින් විසු කෙනෙකුට ඒ කොළ පත්රක ආදී අශිෂ්ට ඇඳුම්කිපන් කිසි පලක් නැතුවාක් මෙනි. ක්රිරස්තියානි ආගමේ සභ්ය්ත්වය යන්තම් වත් ශිෂ්ටාචාර භාවයකට නො පැමිණි පහත් ජාතියකට මිස වෙන කාටවත් ප පලක් නැති බව අවංක වශයෙන් ඇත්ත කථා කරන කෙනෙකුට වැටහේ. කපු පිළි ආදී වස්ත්ර අඳින්නට පොරවන්නට දත් කෙනෙකුට මෘග සම් හෝ කොළ පත්රව අඳින්නට සැලැස්විම මෙන් පෙරදිග ශිෂ්ටාචාර ජාතීන් අශිෂ්ටාචාර, වහල්, බැගෑපත් දුඃඛිතයන් කිරිමට මිස වෙන කිසිම කාරණයකට ප්ර්යෝජන නුන බව පෙනේ. යම්හෙයකින් සිංහල ජාතිය ක්රිටස්තියානි ජාතියක් වුනා නම් අවුරුදු 2400 කට අධික කාලයක් පැවැති සිංහලයන්ගේ උසස් දියුණුවේ නෂ්ටාවශේෂ ද අන්නර්ධාන කොට දමා
548 ඩෙබර කෙල්ල
“සිංහල” යන තේජවන්ත නාමය ද නැති කර දාම “නිකම් ම නිකම් මනුෂ්යක ජාතියක්” මේ රටේ වාසය කරනවාට කිසි අනුමානයක් නැත. අපේ ගාම්භිර රසවත් භාෂාවත් ඇස් ඉදිරිපිට ප්රනත්යඅක්ෂ වන වැඩදායක චාරිත්ර්ත් ප්ර්ත්යෂක්ෂ වු සත් ධර්මයත් ඒ සත් ධර්මයට අසහාය සාක්ෂියක් වන පුරාණ නෂ්ටාවශේෂයනුත් සිංහලයන්ගේ අනභිභවනීය වන ආත්ම ගෞරවය, ආත්ම ශක්තිය හා ආත්ම විශ්වාසයත් විදහා පෙන්වන මහා වැව් ආදි වාරිමාර්ගත් යන සියල්ලක්ම සිංහල ජාතිය සහමුලින් ම ක්රි ස්තියානි වුනා නම් මිට අවුරුදු දෙතුන් සියයකටත් පෙර අන්තර්ධාන වී ඉවර ය. ආගමක ඇත්ත නැත්ත වශයෙන් අපට විවාද කරන්නට දැන් කිසිත් නැත. කුමක් නිසා ද? වර්තමාන කාලයේ ඉන්නා හැම ජාතිවල ම හැම රටවල ම හැම පන්තිවල ම උගත් ජනයා හේතුඵල ධර්මය උගන්වන ආගම හැර අනිත් සියල්ල ම අන්ධ භක්ති බව පිළිගෙන තිබෙන හෙයිනි.
ගුණවර්නධන - හොඳයි, ක්රිිස්තියානි සිංහලයන්ට ඒ “ක්රිපස්තියානි” යන ගුණ වචන නො යොදා “සිංහල” කියා කියන්නට සුදුසු නැද්ද ?
මම - සත්තකෙන්ම සුදුසු නැත. ලක්දිව උපන් පලියට හෝ සිංහල භාෂාව කථා කරන පලියට හෝ කිසිවකුට සිංහලය කීම වැරදිය. සිංහල හිතත් - සිංහල ශරීරයත් යන දෙකම ඇති කෙනෙකුට පමණක් ම සිංහලයා කියනවා මිස වෙන කාටවත්ම එසේ කිය නො හැකිය.
ගුණවර්ධන - සිංහල හිතය කියන්නේ කුමක් ද? දෙමළ හිතය කියන්නේ කුමක් ද? ඒ දෙකේ වෙනසක් තිබෙනවා ද?
මම - ඔව්, ඉතා හොඳින් විනිශචය කර ගත යුත්තකි. සිංහල මිනිහාය හෙවත් සිංහල ශරීරයයි කියන එකකුත්, දෙමළ මිනිහාය දෙමළ ශරීරය කියා වෙන එකකුත් තිබෙනවා ද?
ගුණවර්ධන - ඔව්, සිංහල මිනියාත් දෙමළ මිනිහාත් දෙදෙනෙකි.
මම - ඒ කොහොම ද? ශරීරයක් තැනි තිබෙන දෙතිස් කුණප ෙකාට්ඨාශ සිංහලයාගේත්, දෙමළයාගේත්, යුරෝපීයයාගේත්, කාපිරියාගෙත් එක සමානය. එහෙත් පාටෙන් හා හැඩහුරු කමෙන් වෙනස් නිසා ඒ ඒ ජාති වශයෙන් බෙදී තිබෙනවා.
පියදාස සිරිසේන නවකථා එකතුව 549
ඉතින් එක හා සමාන කේස ලෝමාදි දෙතිස් කුණපයෙන් සැදුනු ශරීරවලට, පාටත් හැඩහුරුකම් ආදියත් නිසා එක එක ජාතිය නමින් අඳුනා ගනාතොත් මේ ශරීරයෙ වඩා ප්ර ධාන “නාමය” හෙවත් චිත්ත චෛකසික ධර්මය නිසා මනුෂ්ය යාගේ වෙනසක් ඇති විය යුතු නොවේ ද?
ගුණවර්ධන - හොඳයි, සිංහල හිත බෞද්ධාගම ආශ්රියෙන් මිස වෙන ක්රවමයකින් හැඩගැස්විය නොහැකි ද?
මම - ඇත්තෙන්ම පිළිවනි. එහෙත් ඒ හිත සිංහල හිත නොවේ. මේ අඹ ගස ඇර වෙනත් ගස් තිබේ. එහෙත් ඒ සියල්ලම අඹ ගස් නොවේ. සිංහල හිත සිංහල ජාතියේ ශිෂ්ටාචාරයත්, ගුණ ධර්මත්, ප්ර තිපත්තිත්, සත්චාරිත්ර ත් අනුව හැඩගැසුනු එකකි. ඒ හැඩ ගැසීම වනාහි සිංහල දරුවා මනුෂ්යත ලෝකයේහි එළිය දකින්නටත් ප්ර ථම මාතෘ ගර්භයේ දීම වෙන සිද්ධියකි. ඒ මාතෘ ගර්භයේදි ඇති වන හැඟීම් හා අදහස් දරුවාට අනායාසයෙන් ම ඇති වන කරුණු ය. එහෙත් ඒ ළමයා වැඩිවිය පැමිණෙන විට ගුරු ආශර වනයෙන් හා ඉගැන්විම බලයෙන් වැඩි කරන්නට හෝ අඩු කරන්නට බැරි කමක් නැත. එහෙත් මාතෘ ගර්භයේදි මවගේ චෛතසික නිසා ඇති වන සිංහල, දෙමළ, යුරෝපිය. චින, ජපන් ආදී සිතිවිලි ඒ ඒ රූපවලින් යුත් දරුවන් තුළ වැඩි දියුණු විමෙන් ම ඒ ඒ ජාත්වලට අයත් මිනිසුන් ඇති වන බව සැළකිය යුතුය. යම් යම් මනුෂ්යා ජාතිවලට හිමිව පැවති ආගම ධර්ම ගතිගුණ භාෂා ශාස්ත්ර. හා සභ්යනත්වය වෙනස් වන විට ඔහු අන්ය ගතියකට පරිවර්තනය විම නිසැක ය. මිරිදියේ උපන් මත්ස්යයා කරදියට හෝ කරදියේ උපන් මත්ස්යරයා මිරිදියට හෝ දැමිමට සමානය. දැන් ලෝනයේ මිනිසුන් ගැන කථා කරන හැටි බලන්න. ඉංග්රීනසින්ට සාමාන්යනයෙන් ඉංග්රීකසියාය කියාත් බෞද්ධාගම හෝ මහමත් ආගම වැළඳ ගත් තැනැත්තාට ඉංග්රී්සි බෞද්ධයා ය. ඉංග්රී සි මහමත් කාරයායි කියති. තමන්ගේ ජාතිය ආගමෙන් පිට කොයි ආගමක් වැළඳගත් ආගමේ නාමයත් එකතු වන බව පෙනේ. ඉංග්රීයසි, ප්ර්න්ස, ජර්මන්, චින ආදි හැම ජාත්වලම ජනයාට බෞද්ධ, හින්දු මහමත් ආදී ආගමක් වැළඳගත් විට ඒ නාමයක් සමඟ නම් කරති. ඉතින් සිංහලයන්ට පමණක් “සිංහල ක්රිකස්තියානි
550 ඩෙබර කෙල්ල
කාරයා” හෝ “ක්රිඉස්තියානි සිංහලයා” හෝ කියා කථාකරිම අයුත්තක් නොවේ. නුමත් රටේ පොදු වැඩවලදි ඒ වෙනස සැලකිම අප්රායෝජනය”යි කීවාම හුඟක් කථා කරන්නට සිතා ගෙන වුන් ගුණවර්ධන මහතාට කරණය හොඳින් අවබෝධ වුයෙන් අපට සුවසේ නිදාගන්නට කාලය ලැබුණේය.
03. පරිච්ජේදය
පසුදින සෙනසුරාදා උදේ මාෙග් මිත්ර් සයිමන් මහතගේ සංග්ර හ සත්කාර විඳ මා නුවරට පැමිණි කාරණය කිීවෙමි. “ඩෙබර කෙල්ලය” කීමෙන් එකතරා සිල්වා මහත්මයකුට ඇතිවි තිබෙන කලබලය ඉතාමත් කණගාටුදායකය. මේ එක පවුලක් දෙකක් පිළිබඳ කාරණයක් ද නොවේ. නුවර පැත්තේ ඉන්නා අලුත් ධනවතුන් හෝ උසස්විමට දඟලන මිනිසුන් අතරත් පරම්පරාගත පරඉන්ධානීන් යයි පැවැතෙන සමහරුන් අතරත් පවත්නා ගුප්ත කරුණු රාශියක් ගැන දැන ගැනීමට වුවමනා කර තිබේ. මේ නුවර පැත්ත පමණක් නොව මුළු ලක්දිවම පිළිබඳ ව කරන්නට යන පරික්ෂණයකි. එහෙත් සයිමන් මහතා නුවර නැවතී ඉන්නා බැවින් මා මේ නෙ පුවල් පිළිබඳ තොරතුරු අවකාශ ඇති පරිද්දෙන් පිළිවන් තරම් දුරට පරීක්ෂාකර බලා දුන මැනැවි. අපටම මේ රට හදන්නට බැරිය. එහෙත් අපට පසුව මෙහි ඇතිවන පින්වතකුට හෝ පින්වතුන්ට අපේ රටත් ජාතියත් යථා ස්ථානයට පමුණුවා ගන්නට අධාරවන යමක් කර තැබිම අපේ යුතුකමකි. ඒ නිසා ලක්දිවට ඇතිව් තිබෙන ඉතාමත් භ්යංරකාර වැරැද්ද රටවැස්සන්ට ක්රනමයෙන් ටික ටිකවත් අවබෝධ කර දුන්නොත් අපේ උත්පත්තියෙන් ද යම්කිසි පලක් ලැබේයයි සිතිය හැකිය. මම අද කොළඹ ය්මික. “ඩෙබර කෙල්ල” යන වචනය ගැන විමසන්නට මාත් සමඟ යන පිණිස සිල්වා මහතා හෙට එන්නේය. මිත්රියාගේ මට උවමනා තොරතුරු ටික ඉක්මනින් ලැබුණොත් මැනැවැ”යි කියා මා අතේ තිබුණු ගිහි පැවිදි පිරිසකගේ නම් ලැයිස්තුව දි දවල් දොළහට එන බස් රියකින් කොළඹ ආවෙමි.
“අපේ මස්සිනාෙග් අපේ වැඩිමල් සහෝදරියගේ පුතා ඉතාමත් කුඩා දරුවෙකි. “ඩැන්හැම් ශිෂ්ය ත්වය” දිනාගත් මේ දරුවාට වඩා වයසින්ද වෙන නොයෙක් ක්රළමවලින්ද සම්පුර්ණය කියා සිතිය හැකි
පියදාස සිරිසේන නවකථා එකතුව 551
ළමයින් තිස් ගණනක පිරිසක් පරදවා සමර්ථ වු මේ ළමයා මගේ බෑනාය. අක්කාගේ පුතාය. ඔහුගේ පියා හෙව්ත අපේ මස්සිනා ක්රි මිනල් නඩු දහහතරකට පැටළුනු කීප වාරයක්ම සිරගෙට ගිය දුෂ්ට මිනිහෙකි. ඔහු ස්වකීය භාර්යාවවත් දරුවන්වත් නොසලකන පහත් පැවතුම් ඇත්තෙකි. ඔහුගේ පුතා ධර්මය ශාස්ත්රී ඉගෙනීමෙන් පමණක් නොව විවිධ කර්මාන්තවල නිපුණ කෙනෙකි. නරක ළමයෙකු සමඟ ආශ්ර යවත් නොකරන මේ දරුවා අපේ ගමට ආභරණයක් වගේය. ඔහු ආශ්රමය කරන අප පමණක් නොව දකින අයත් ඔහු කෙරේ බලවත් ඇල්මක් ඇති කරති. රෞද්රයවු ගුණ ධර්ම ප්ර්තිපත්ති කිසිවක් නැති පියෙකුගේ දරුවෙක් මෙවැනි උසස් කෙනෙක්ව හැදෙන නමුත් රටේ ප්රණසිද්ධ උගතෙක් වන පෙරේරා ස්කෝලේ මහතාගේ පුතා මළපත අකුරවත් උගන්වන්නට බැරි පාහර කාලකණ්ණියෙක්ව සිටි. සකෝලේ මහතා ඒ ලඹයාට උගන්වන්නටත් ඔහු ශික්ෂිත් දරුවෙක් කරන්නටත් කළ උත්සාහ අප්ර මාණය. හොරකම්, අශික්ෂිත අනාචාරකම් ආදියෙන් දුෂිත කාලකණ්ණියා හදන්නට බැරි තැන මග්ගොන පරිශෝධක ස්ථානයට යවන ලදී. එහි ටික කලක් ඉඳ නොයෙක් මැරකම් කළ බැවින් එයින්ද දොට්ට දමන ලදුව පොලිසියේ පාලනයටවත් තබන්නට ඕනැයයි ස්කෝලේ මහතා එක් කරගෙන ගමට ගොස් තිබේ. දැන් ඔහු මුළු ගමටම වසංගතයකි. ඉතාන් මහත්මයෝථ මේ දෙකාරණය මෙසේ වන්නට හේතුව කුමක්දැ”යි බස් රථයෙ වුන් වැදගත් පෙනීමක් ඇති මහත්මයෙක් තවත් කෙනෙකුට කියන බව අසාවුන් මට “ඩෙබරය”යි ඉබේම කියැවුණෙන්. මේ කථාන්තරය කී මහතාට මගේ වචනය ඇසි තිබෙන්නේ “කෙබරය” කියාය.
උන්නැහේ එකවරටම මා දෙස බලා. “මහත්මයා ඒ කතාව “කෙබරය”යයි කීවේ ඒ ගැන මොකවත් දැන ගෙන ද? මහත්මයා අපේ පළාතේ කෙනෙක් ද නොවේ . ඉතින් සම්පූර්ණයෙන්ම සිදුවි තිබෙන අද මේ මොහොතේදිත් ඇස් ඉදිරියටම ඔප්පු කළ හැකි කාරණයටක “කෙබරයක්” යයි කිවේ කුමක් නිසාදැ”යි මගෙන් ඇසුයේ ය. “මහත්මයා සමාවෙන්න. මහත්මයා ඉතා ෙහාඳ සත්පුරුෂයෙක් බව මට ප්ර ත්යමක්ෂය. ඉතින් එබඳු කෙනෙක් ප්රහකාශ කළ සත්ය“ ප්රපවෘත්තියකට ‘කෙබරය’ කියන්නට තරම් මම පහත් කෙනෙක් නොවෙමි. මා කීවේ ‘කෙබරය’ කියා නොව ‘ඩෙබරය’ කියා බව සැලකුව මැනැමැ”යි කිවෙමි.
552 ඩෙබර කෙල්ල
එවිට බස් රථයේ වුන් තවත් මහතක් සිනාසෙමින් “මේ ඩෙබරයත ‘පුලකච්චන්නා පුලකච්චන්නා’ කියු වචනය හා සමාන එකක්දැ”යි ඇසුයේ ය. ඒ “පුලකච්චන්නා” කථාන්තරය නොදන්නා බොහෝ දෙනෙක් බස් රථයේ වුන් බැවින් ඔවුනොවුන්ගේ දැනගැනම සඳහා ඒ මහතා ඒය විස්තර කෙළේය. “උගත් ස්වාමින්වහන්සේ නමක් ඇබිත්ත ළමයකුත් සමඟ කිසි කටයුත්තක් සඳහා ගමනක් ගොස් ගමක් මැදින් පන්සලට එමින් සිටියේ ය. ඒ ගමේ කොලුවෙක් ‘පුලකච්චන්නා, පුලකච්චන්නා’ යි කැ ගසමින් හාමුදුරුවන් පසුකොට දිව්වේය. මේ වචනය ඇසුනු හාමුදුරුවන්ට එය නොවැටහි “මේ කුමන භාෂාවක වචනයක්ද, පාලිද, සංස්කෘතද, සිංහලද, හින්දිද, සෞරසේනිද, දෙමළ යානදි වශයේන කල්පනා කරමින් කිසිත් නොවැටහි පන්සලට ගොස් නොයෙකුත් අකාරාදි ෙපාත් පෙරලා ‘පුලකච්චන්නා’ යන වචනය සෙව්වේ ය. ධර්මය ප්රරකරණ හා අටුවා පොත් ආදිය ද පරීක්ෂා කළ නමුත් එබඳු වචනයක් නො දැකිමෙන් වෙහෙසට පත් හාමුදුරුවන්ට රාත්රිරයේ සුවසේ නිදාගන්නටද ෙනාහැකි විය. පසුදින උදේ ද ෙපාත් අල්මාරි අවුස්සමින් වෙහෙසෙන හාමුදුරුවන්ට හීල් දානේ ලැහැස්ති බව කියන්නට ඇබිත්ත ළමයා ගියේය. දානේ ගැන මතක් නොවු හාමුදුරුවෝ ඇබිත්ත ළමයා වන ජේමිස්ට කථාකොට “ආ ජේමිස්, ඊයේ සවස උඹත් මමත් කුඹල් ගම මැදින් එද්දී කොල්ලෙක් කියාගෙන ගිය වචනය උඹට මතකදැ”යි ඇසුයේ ය. “ඔව් හාමුදුරුවනේ ඒ කොල්ලා කියා කියා දිවේෙව් “පුලකච්චන්නා පුලකච්චන්නා” යන වචනය”යි කීවේය. ඉතින් ජේමිස් ඔය කොලුවා අපටත් තේරුම් ගන්නට බැරි වචනයක් කිය කියා ගියේ කොහොමදැ’යි ඇසුවාම “ඇයි ස්වාමින්වහන්සේ දුටුවේ නැද්ද ඒ පාර අයිනේම වලන් පෝරණයක කල පුච්චනවා දුටු ඒ කොලුවා ‘කල පුච්චන්නා කල පුච්චන්නා’ කියනවා වෙනුවට “පුල කච්චන්නා, පුල කච්චන්නා” කියමින් දිව්වේය”යි ඇබිත්ත කොලුවා කීයේය.
මේ උගත් හාමුදුරුවන්ට ඉවසිය නොහැකි තරම් ලජ්ජාවත් ඇතිවි ඉතාමත් සුළු දේ ෙලාකුවට හිතට ගැනීමෙන් ෙකාතරම් අමාරුවට පත් වෙනවාදැ යි වැටහි මෙසෙත් කල්පනා කෙළේය. “අනේ ලෝකයාගේ මුළාවක හැටි! සත පහක් නොවටිනා කැරණය ලොකුවට සිතිමෙන් මිනිමරා ගන්නා මිනිසුන් කොපමණ සිටිත් ද? යම්කිසි කටහැකරයෙක් කියන කේලම්වලට රැවැටි කී දෙනෙක්
පියදාස සිරිසේන නවකථා එකතුව 553
නිවැරදි අය සමඟ වයිර නොවේ ද්ද? අපට ඇසෙන පෙණෙන දේ ඉතා අලංකාර ලෙස සිතට ගැනීමෙන් කොතරම් මුලාවකට පත් වෙත් ද?” යානදි වශයෙන් සිතා හාමුදුරුවන්ගේ වෙහෙස සංසිඳුවා ගත්තේ ය. මේ කතාවට හැම දෙනාම සතුටු වුහ.
ඩෙබරය- කෙබරය වාගේ ඇසුණු මහතාගෙන් මම සමාව ඉල්විමි. කෙබරයටත් වඩා නැක ‘ඩෙබරය’ ඇත්ත වශයෙන් සලකතොත් ඉතාමත් සුළුය. වැදගත් නොවන පළතුරු ජාතියක නමකි. එහෙත් ‘ඩෙබරය’ යන්න යම් කිසි ස්ත්රී යකට හෝ පුරුෂයෙකුට ගුණ වචනයක් වශයෙන් පාවිච්චි කරතොත් ඒ තැනැත්තී හෝ තැනැත්තා ජනසාමාජයට සාපයකි. මා මෙහිදී ‘ඩෙබරය’ කීවේ පෙරේරා ස්කෝලේ මහත්මයාගේ ළමයා දැන් ඒ ගමට සාපයක්ව තිබෙන බව මහත්මයෙක් කී නිසා එසේ විමට හේතුව ‘ඩෙබරය’ බව වැටහීමෙන් ය. පුදුමයටක මෙන් ඒ වචනය මගේ මුවින් ගිලිහුනේය. මම කැමැත්තෙන්ම ඕනෑ කමින්ම නො කී වෙමි”යි කි විට බස් රථයේ වුන් බොහෝ දෙන පුදුම වුහ.
පුලකච්චන්නා කථාව කී මහත්මයා මා දෙස ඉතා ඕනෑකමින් බලා “තමුන්නාන්සේ ඉතාමත් කල්පනා සහිත ධර්මය ශාස්ත්රන ගරු කරන පින්වතෙක් බව මට වැටහුනා. කරුණාකර තමුන්නාන්සේ නැවති ඉන්නා තැනත්, නාමයත් කීවොත් ඔය ඩෙබර ශබ්දයේ විශේෂ විභාග හා ඒ සම්බන්ධයෙන් උවමනා දේත් දැනගැනිමට මම එන්නෙමි” යි කීෙව් ය.
මේ කථාබස්වලිනන් අපට නොදැනිමෙන්ම කොළඹ පැමිණියෙමු. කොළඹදී බස් රථයෙන් බැස මගේ නාම සටහන ඒ මහතාට දි මා සම්බ වෙන්නට එතොත් ඉරිදා දවසක ආ යුතු බව කියා සවස හයට පමණ මගේ නිවසා පැමිණියෙමි.
මා ගෙදර එනවිට මා සම්බවිම පිණිස ආ මහතුන් දෙදෙනෙක් වුන්හ. එයින් එක් කෙනෙක් තලතුනා කෙනෙකි. අනිත් මහත්මයා යුරෝපීය විධියට ඇඳගත් තරුණයෙකි. ඔවුන් නවතින්නට කියා මගේ ඇඳුම් මාරුකර මුහුණ කට සෝදාගෙන මගේ අතවැසි ළමා විසින් පිළියෙළ කර දුන් තේ කෝප්පය ද බී ඒ ආගන්තුක මහතුන් සමඟ කථා කරන්නට ආවෙමි. විතානච්චි නැමැති ඒ වයස්ගත මහතා මට බුලත් අතක් දී “තමුන්නාන්සේගෙන් මගේ පුතාට ගුරුකමක් ලබා දෙන පිනිසයි මේ අවේ. අපි ඉන්නේ කොටහේනේය.මගේ
554 ඩෙබර කෙල්ල
පුත්රියාගේ පුදුම කල්පනාවක් තිබේ.ඒ කල්පනාව මොහුට පමණක් ඇති එකක් නොව දැන් අපේ රටේ ඉන්නා ස්ත්රීා පුරුෂ බොහෝ ෙදන තුළ පවත්නා එකකි. ඉතින් වික්රේමපාල මහතාගේ ඉතාමත් සාරවත් ප්රුත්ය ක්ෂ අදහස් හා කතාබස් ගැන ප්රනසන්න වු මා මොහුත් සමඟඅද ආවේ මොහුගේ දුරුමත නිරාකරණය කරවා ගැනිමට ය. අපේ රටේ බොහෝ දෙනාට ප්ර යෝජන වන පිණිස කරුණාකර මොහු සමඟ ටික වේලාවක් කථා කරන්න”යයි ඉල්ලා සිටියේය.
මම ඒ තරුණයා දෙස බලා “හොඳයි, මිත්රනයාට දැනගන්නට වුවමනා කුමක්දැ”යි ඇසුවාම ඔහු මෙසේ කියන්නට පටන් ගත්තේ ය. “දැන් ලෝකයේ දියුණු වි ඉන්නා ජාතිවල ස්ත්රී න්ටත් පුරුෂයන්ටත් මෙන් ම නිදහසත්, බලයත් තිබේ. ස්ත්රි න්ට දේශපාලන බලය, සෛරිව ක්රිහයා කිරිමේ බලය, ශිල්ප ශාස්ත්ර ඉගෙනිම. රැකී රක්ෂාවල නියුක්තව සම්භ කිරිම, ක්රීරඩා නාට්යට ආදිය නරක යයි අපේ පරණ මිනිස්සු කියති. එහෙත් මට වැටහී තිබෙන්නේ ස්ත්රීහන්ටකත් පුරුෂයන්ට මෙන් ම හැම දෙයක් ම පුරුදු කරන තුරු මේ රට දියුණු නො වන බව ය. ඉතින් මේ අදහසට මහ්තමයා විරුද්ධ ද?
මට සිනා පහළ විය. “මිත්රට මහත්මයා අවංක කෙනෙක් මෙන් සිෙත් පවත්නා අදහස ප්රමකාශ කළ බැවින් ටික දෙනෙකුටවත් ප්රයයෝජන වන පිණිස කථා කරමු. මහතමයා ‘කොවියුනිස්ට්’ නැති නම් සම සමාජ වාදියෙක් ද?”
විතානච්චි - හොඳයි. කොමියුනිස්ට් හෝ සමසමාජ වාදියකු මිස අන්යකයෙක් ඉහතින් මා කී කරුණු පිළිබන්නේ නැද්ද?
මම - මහත්මයා කියන කරුණු සියල්ල පිළිගනිතොත් ඒ තැනැත්තා හෝ තැනැත්ති නිසැකයෙන්ම සමසමාජ කාරයෙක් හෝ කොමියුනිට්ස් කාරයෙක් විය යුතුය.
විතානච්චි - මා කිවු කරුණුවලට මහත්මයා සම්පූර්ණයෙන් ම විරුද්ධ ද?
මම - මම ලෝකයේ කිසිම දෙයකට සම්පූර්ණයෙන් ම විරුද්ධ නො වෙමි. මෂ්ය ස්ථ කල්පනාවෙන් සලකා බලන විට හැම දෙයක ම ගතයුත්තක් ද තිබේ. කොයිම දෙයක් වත් සහ මුලින්ම ම ඉවත් කිරිම හොද නැත. ස්ත්රීමන් පිළිබඳව කියන බලතල හා නිදහස ගැන නුවණින් සලකා බලා කථා කරතොත් “පැරණි බමුණු මාල්ලන්ගෙන් කීම් අසත්යබ කියන්නට වත් වර්තමාන
පියදාස සිරිසේන නවකථා එකතුව 555
සමසමාජ හෝ කොමියුනිට් වාදින්ගේ කිම් සත්ය ය කියන්නට වත් බැරි ය. හෙයින් මහත්මයා මුලා නො විය යුතුය. දැන් ලෝකයේ දියුණුව ඉන්නා ජාතිවල ස්ත්රිාන්ට පුරුෂයෙකුට මෙන් නිදහසත් බලයත් තිබේය”යි මහත්මයා කියයි. ඒ බොරුවකි. ලෝකයේ ඉන්නා ජාතින්ගෙන් අද්විතිය බලවත් ජාතියක්ට විසු ප්රංඒස ජාතිය කිප දිනක් සටන් කොට ජර්මන් ජාත්යට යටත්ව පසුබැස්සේ ය. කඳුළු වගුරුවමින් කතාකළ මාර්ෂල් පෙටේන් නම් සේනාපති තුමා කීවේ කුමක් ද? ස්ත්රීන පුරුෂ කාටත් නිදහසත් බලයත් එක සමානව ලබා දී අධික සැප පහුස කම් වලට ප්රගන්ස ජනයා ගොදුරු විමෙන් මේ ජාතික විනාශය සිද්ධ වු බවය. පසුගිය කාලයේ ඉතාමත් බලසම්පන්න ජාතින්ට විසු ජර්මන්, ජපන්, ඉතාලි ආදී ජාතින ස්ත්රීෙ පක්ෂයට සීමා සහිත නිදහසත් බලයත් මිස පුරුෂයන් හා සමසමව ක්රිසයා කරන්නට ඉඩ දි නැත. කීර්තිශේෂ භාවෝපගත වික්ටෝරියා මහාරාජිනින් වහන්සේගේ කාලයේ ඉංග්රී සි ජාතියේ ස්ත්රිරන්ට දැන් පවත්නා අධික නිදහස නො තිබුණේ ය. ඉංගරීීර්සි ජාතියේ මුළු ලෝකයේ නිදහස නො තිබුණේ ය.ඉංග්රී සි ජාතියේ මුළු ලෝකය අභිභවනය කිරිමට තරම් පින්වුතන් උපදින්නෙත් ඒ කාලයේ බව මහත්මයා දන්නෙහි ද?
වික්ටෝරියා මහේෂිකාවන් වහන්සේගේ කාලයේ බයිසිකලයක් පැදීම, අශ්වයෙක් පිට යාම ආදිය පවා ස්ත්රීසන්ට නොහොබනා දැඩි සැඩි ක්රිියා හැටියට සලකා තිබේ. ස්ත්රීප වර්ගය වැලකට සමානය. වැලකට හුදකලාව පවතින්නට බැරිය. පුරුෂ නැමැති ගසක කණුවක ආධාරය නො ලත් වැලක් කවදාවත් යථා විධියෙන් නො පවති. දුපිළිවෙළ්ටආ බිම දුවන වැලි මඩ ගොහොරු කුණු කසල ගොඩවලද පැටලි දුෂිත වන්නේ යම්සේද මවුපිය සහෝදරාදින්ගේ හෝ යහපත් ස්වාමිපුරුෂයකුගේ යටතේ ආරක්ෂාව නො වෙසෙන ස්වේච්ජාවචාරි ස්ත්රීපයක් ප්රරතිපත්තිකාමි ගුණවත් කෙනෙක් වේයයි යමෙක් සිතතොත් ඔහු ලෝක ස්වභාවය නොදත් මෝඩයෙකි. ස්ත්රී්න්ට අවශ්යෙ වු නිදහසත් යහපත් ධර්ම ශාස්ත්රවත් වුවමනා මය. එහෙත් පුරුෂයන් විසින් කටයුතු රැකීරක්ෂා කිරිම, නිලතල දැරීම, දේශපාලන ආදී ක්රිියාවලට ස්ත්රින පක්ෂය බැඳුණු හැටියේ ම ඔවුසන්ගේ මෘදු මොලොක් ගතා ගුණ වෙනස් වි හිතුවක්කාර දැඩි සැඩ දුරාචාර අමනෝඥ පිරිසක් විම සිය දහස් වර අත්දැක තිබෙන කරුණු බව සැලකිය හැකිය.
556 ඩෙබර කෙල්ල
ස්ත්රී න්ගේ නිදහස ආදි බලතල විශේෂයෙන්ම මධ්ය ස්ථ විය යුතුය. සුවච, කීකරු, නිහතමානී, භය ලජ්ජා සහිත මෘදු මොෙලාතක් ගතා ඉක්මවු ස්ත්රීුන් යම් රටක අධික වේද ෙනා අනුමානවම ඒ රට පිරිහි යනු ඒකාන්ත ය.
විතානච්චි - එතකොට මහත්මයා කියන්නේ ස්ත්රීයන්ට මුළුගැන්වි කුස්සියේ ම ඉන්නට කියා ද?
මම - කවදාවත් මම එසේ නො කියමි. එසේ කියන කෙනෙක් ඇතොත් ඔහු උම්මත්තකයෙකි. ස්ත්රීකසන් මුළුගැන්නෙන්නේ ඉතාම පහත් වනචර ගේවල පමණකි. සත්‍රීීය ගෘහයට පහණකි. පහණක් ලිප්බොක්කේ තබන මෝඩයා කවරෙක් ද? පහණ තබනු ලබන්නේ ගේ මධ්යෘයේ පිරිසිදු මේසයක් උඩ ය. ඉතා පිරිසිදුවෙන් ප්රමවේසමෙන් තබාගන්නා වස්තුවත් පහණය. ස්ත්රීරන්ට ධර්ම ශාස්ත්රට සිවු සැට කලා ශිල්ප ආදිය ඉගැන්විමටත්, ගෘහ සංවිධානය ප්ර.ගුණ කරවිමටත්, ගරු බුහුමන් සැලකිලි සැප පහසු ආදිය දීමත් දියුණුවන පවුල්වල, රටවල අසහාය චාරිත්ර්යක් විය යුතුය. වේලා අවේලා නො බලා දඩාවතේ යාමටත්, අමනෝඥ ක්රීිඩා හා පොත පත බැලීමටත්, රැකීරක්ෂා තනතුරු බලතල ලැබිමටත් ඉඩ දිම ගස් වැල් කරිමටත්, වීරිය කිරිම වැනි මුග්ධ ක්රිැයාවකි. හොඳයි, අධික නිදහසත් අධික බලතලත් ලැබුණු ස්ත්රීවයකෙග් පවුලත් පරම්පරාවත් දියුණුව උසස්ව පැවැති තැනක් මේ තරුණ මහතාට කිව හැකි ද? අපේ රටේ “සම සමාජ” නම් මිථ්යාේවාදයක් පටන් ගන්නා ලදී. ඒ උද්දච්ජ වාදයට එක්වුණු ස්ත්රීආන් හා පුරුෂයන් අතර ඇතිවුණු විෂම ගති ක්රිනයා ආදිය මහත්මයා දන්නෙහි ද? කුල චාරිත්ර හා ප්ර තිපත්ති සුනු විසුණු කිරිම නිසා ඒ සම සමාජ වාදයට මඳක්වත් සම්බන්ධ ස්ත්රිහ පුරුෂයන් සදාචාරයෙන් පමණක් ෙනාව සැප සම්පත් ආදියෙන් ද පිරිහි ගොස් විනාශ වුන බව නො පෙනේදැ”යි මා විසින් ප්රයකාශ කළ විට තලතුනා විතානච්චි පුත්රැයාට කථාකොට “ළමයා, උඹට දැන වැටහුනා ද කල්යා ණ මිත්රත සේවනයත්, බොහෝ දේ අසා බැලිමෙන් ලබා ගන්නා බහුශ්රැටත භාවයත් නැති කෙනෙකුට නියම මාර්ගයේ ගමන් කළ නොහැකි ය. අන්ධයෙක් මෙන් මගත් නො මගත් ගමන් කොට අපේ ධර්ම ශාස්ත්රැ තේරුම් ගෙන පුද්ගලික වශයෙනුත් ජාතියක්
පියදාස සිරිසේන නවකථා එකතුව 557
වශයෙනුතක් දියුණුවිමට අද මේ ඇසු කරුණු හොඳට ම සෑහෙනවා නොවේදැ”යි පුතාට කියා මුව නො සෑහෙන සේ මට ස්තුති කොට ඒ තලතුනා මනුෂ්යාණ පුතත් සමඟ යන්නට ගියේ ය.
04. පරිච්ජේදය
ප සු දින ඉරිදා උදේ හතහමාරට දා සිල්වා මහතා ලක්ෂණ මොටෝ රථයකින් ආයේ ය. “අනේ වික්රාමපාල මහාතාණෙනි, මේ සතිය මට ඉතාමත් දීර්ඝ කාලයක් විය. ඉරිදා වන්නේ කවදා දැ යි සිතුණු වාර ගණන අප්රයමාණ ය”යි සිනාසෙමින් කීයේ ය. “ඔව් සිල්වා මහත්මයා ලෝකනාථ වු තථාගත සම්මා සමුබුදුරජාණන් වහන්සේ ඔය කාරණය ඉතාමත් පැහැදිලි ලෙස අපට උගන්වා තිබේ.
“දිඝා ජාගරතො රත්ති දීඝං ඝන්තස්ස යොජනං දීඝො බාලානං සංසාරෝ සද්ධම්මං අවිජානතං”
සැපසේ නින්ද නො යන පුද්ගලයාට තිස් පැයක් වු රාත්රිායක් මාසයකටත් වඩා දීර්ඝ බව වැටහේ. යම් කිසි උපද්රතවයක් භයක් නිසා හතා දමාගෙන දුවන පුද්ගලයාට හැතැප්මක් පමණ දුර මාර්ගය ගවි ගණනකටත් වැඩියෙන් දිර්ඝ බව පෙනේ. දුඃඛය, සමුදය. නිරෝධය, ආර්ය අෂ්ටාංගික මාර්ගය යසන සත්යක ධර්මය නො දත් බාලයාට මේ සංසාරය හෙවත් භවය අතිශයින් ම දීර්ඝය”යි වදාළ ඒ ලෝකනාථයන් වහන්සේ සිහි කිරිමට තරම් පුරුද්දක් හෝ ශක්තියක් සිල්වා මහතාට තිබුණා නම් ඉරිදා ලබනතුරු ඇති වු දීර්ඝත්වය පුදුම විමට කරුණක් නොවේ.
“අපි මෙහෙන් පිටත්වන්නට ඕනැ. අටහමාරට බැවින් මම සුදානම් වන්නෙමි. කරායේ නැගුණු පසු සිල්වා මහතාට මම හොද කථාවක් කියන්නෙමි. එය මිට අවුරුදු පහකට පමණ ප්ර්ථම වැදගත් මහතෙකුට සිද්ධ වු සත්යර ප්ර වෘත්තියක්ය”යි කියමින් මමද සැරසි මොටෝ රථයේ වාඩි ගතිමි. රතය බම්බලපිටිය පසු කරන තෙක් ද සිල්වා මා සමඟ වචනයක්වත් කථා නො කෙළේය. ඔහුගේ ප්රේ මවන්තී ග්රේ ස් ඉගෙන ගන්නා බෝඩිං ස්කෝලය ද ඒ අතරතුරේදි මට පෙන්වුයේය .
558 ඩෙබර කෙල්ල
ඒ පෙන්නු පසු ද සිල්වා අසුවැසි ගියාක් මෙන් “වික්රරමපාල මහතා සිද්ධ වු සත්ය කථා ප්රුවෘත්තියක් කියන බව කීවා. දැන් එය කිවොත් ගමනට ඉක්මනින් වගේ වෙනවා නේදැ’යි කීවාම මට සිනාසෙන්නට මුඛය මදි වය.
“හොඳයි සිල්වා මහතාට ප්රාකෘති සිහිට ආවේ දැන් නොවේදැ”යි ඇසුවෙමි.
සිල්වා - ඔව්, ඇත්තෙන් ම දැන් තමා මගේ ප්රේ ම ග්රේමස් ඉන්නා ස්කෝලය දකින තුරා මගේ හිත තිබුණේ එතනයි. ඉතින් හිතක් නැතුව ශරීරයෙන් වැඩක් නැති බව දැනුයි මට වැටහුනේ.
මම - ඔව්, සිල්වා මහතාණෙනි. සත්වයන් පිළිබඳ සත්යේ දැනිමක් ඇති කර ගැනිමට චින්ත චෛකසික ධර්ම පිළබද තරමකවත් දැනිමක් ඇතිකර ගතයුතුය. මහත්මයට මා කියන්නට පොරොන්දු වු කථාන්තරයත් එබඳු එකකි.
සිල්වා - වික්රරමාපල මහත්මය ‘ඩෙබර කෙල්ලන’ පරීක්ෂණයට යන මේ ගමනේදි ඉංගිරිසි භාෂා ශාස්ත්රාුදිය ඉගෙනීමෙන් නො ලැබු ඉතා සියුම් ගැඹුරු ප්රිත්ය ක්ෂ නුවණක් ලබා ගන්නට පිළිවන් වන බව පළමුවෙන් ම මුණගැසුණු දිනේ ම මට වැටහුනා. කරුණාකර හිතේ විපර්යාසයෙන් සිද්ධවුනාය කියන කාරණය කුමක් දැයි කියා දෙන්න.
මම - මා මේ කියන කථාවන් වඩා අද්භුත කථාන්තරය ධර්ම ප්රසකරණ ආදියේ පෙනේ. ඒ සියල්ලම සත්යය කරුණු ය. හැත ලෝභයෙන් ද්වේෂයෙන් හා මෝහයෙන් කිළුටු වු විට ප්ර කෘති සිහිව හෙවත් ඥානය සහමුලින් ම වෙනස් වේ. මෙහි පුදුමය නම් ලෝභයට හෙවත් රාගයට හිත බැඳුනු හැටියේ ම මෝහය ද ඊට එකතු විමයි. ඉතින් රාගයත් මෝහයත් දෙක එක් වු හැටියේම නිරායාසයෙන් වාගේ ද්වේෂයෙ ද එකතු වේ. එ බැවින් රාගයෙන් හෝ ද්වේෂයෙන් හෝ මෝහයෙන් හෝ යම් කෙනෙකුගේ හිත දුෂ්යෝ වේ ද, නො අනුමානව තුන් දෝෂයෙන් ම ඒ සිත දුෂ්යව වුනු බව සලකා ගත යුතු ය. මේ මා කියන කථාන්තරය උගත් වැදගත් මහතෙකු විසින් තමාට ම සිද්ධ වු කාරණයක් පිළිබඳව කියන ලද්දකි. ඔහු වැදගත් පවුලක තරුණ මහතෙකි. ඉංගිරිසි සිංහල භාෂා දෙක ම හුඟක් දුරට උගතෙකි. මිත්ර යෙකුත් සමඟ යම්කිසි කාරණයෙක් සඳහා කොළඹින් හැතැප්ම
පියදාස සිරිසේන නවකථා එකතුව 559
පහළොවක් දුර ගමනක් ගියේ ය.ඒ ගමනේදි ඒ සමඟ ගිය මිත්ර යා වෙන තැනකට ගිය වේලාවේ දී රූපත් තරුණියක් සමඟ කථා කරන්නට ඉඩ ඇති විය.
කවදාවත් නාඳුනන කලින් කිසිම තොරතුරක් නො දන්නා මේ තරුණිය කෙරෙහි මොහුගේ සිත කොතරම් තදින් ඇලුනේ ද කිවහොත් “ලබන බදාදා” ඈ සම්බවිමට ඇගේ ගෙරදට එන බව කියා පොරොන්දුවක් ද ඇතිකර ගත්තේ ය. තමාගේ මිත්රේයාත් සමඟ ආපසු කොළඹ ආ නමුත් ඉරිදා පටන් බදාදා වනතුරු කාලය පසු කරන්නට ෙනාහැකිව සදුදා සවස් භාගයේ ම එහි යන්නට කල්පනා විය. බලවත් වර්ෂාව නිසා ගෙයකින් එළියට යා නො හැකි නමුත් දුම්රියෙන් යාමට හැතැම්ප දොළහකුත් තිරික්කලයකින් යාමට හැතැප්ම තුනකුත් ඇති මේ ගමන යන්නට අදහස් කෙළේ ය. අදහස් කොට තෙමි තෙමි ම ගොස් දුමිරියක නැගි වුවමනා ස්ථානයට ෙගාස් එහි දුම්රියපලේදි තිරික්කලයක් සොය ගැනීමට දුෂ්කර වි තිබේ. සත පනහක් ගෙවා යා හැකි රුපියල් දෙකක් ගෙවන්නට පොරොන්දු වි කරත්තයක් සොයා ගෙන තිබේ. තදබල වර්ෂාවෙන් විනාශ වි තිබුණ ගම්සභා පාරක් ඔස්සේ නාදුනන ගමකට සවස පහට පමන ගිය මොහුට තමාට මුණ ගුසුණ් තරුණිය ඉන්නා බව කි ගෙදර සොයා ගත නොහැකි විය. රාත්රිු හතවන තුරුත් උත්සහා ෙකාට ඒ ගේ සොයාගත නොහැකිව ආපසු දුම්රිය පලට අවුත් එළිවන තුරු පාළු දුම්රිය පළේ බංකුවක් පිට කුසගින්නේ ම රාත්රිුයක් ගත කළ ඒ මහතාට තෙතෙ ඇඳුම් පිටින් ම නිදිමැරු දුක වත්. කුසගින්නේ සිට අමාරුව වත, තමන්ගේ තත්වය වත් නො වැටහි උදේ ද ඒ තරුණිය මුණ ගැසුන තැන ෙසායන්නට ගිය බව මට කීයේ ය. මුළු ජිවිතයේදි ම ඒ තරම් කටුක අවස්ථාවකට නො පැමිණි නමුත් ඒ තරුණිය සොයාගන ඈ සමඟ කථා බස් කොට ඈට මුදලකුත් දී ඈ සමඟ මිත්ර් වන තුරු තමාට පැමිණ දුක් කරදර කුසගිනි ආදි කිසිවක් නො දැනීම ඉතා ම ලොකු පුදුමයක් හැටියට විස්තර කළ ඒ මහතා ඉන් පසු චිත්ත චෛතසික ධර්මය පිලිබඳ ව කොතරම් දුරට ඉගෙනගෙන තිබේ ද කිවහොත් දැන් අභිධර්මාචාර්යයෙක් ලෙස පිළිගත හැක්කේ ය. රාගයෙන් වෙලි ගිය සිත මෝහයෙන් ධෛර්යයට පමුණුවන බැවින් නො වින්ද යුත් ගර්හිත දුකක් විඳිමට පවා ශක්තිමත් කරනු ලැබේ.
සිතේ චපල ගතිය ගැන කිසිත් නුගත් අයගේ මුළාව සැබැවින්ම නින්දිත ය. ඒ හෙයින් අපේ රට උසස් තත්වයකට පැමිණිවිමට නම්
560 ඩෙබර කෙල්ල
අපේ පාඨශාලාවල දැන් පවත්නා නිස්සාර ඉගැන්විම් ක්ර මය වෙනස් කොට මනුෂ්ය යන්ගේ නිසැක උසස් දියුණුවට බාහිර කරුණු වලට වඩා මනුෂ්යියන්ගේ අභ්ය්න්තර පරිශුද්ධ භාවය ගැන නිසැක ඉගැන්විමක් ඇති කරවිය යුතු ය. මේ ඉගැන්විමේ ක්රනමය දැනට ලෝකයේ ඉතාමත් විරල ය. කොමියුනිස්ට් හෙවත් ලක්දිව සමහරු සමසමාජය යි කියන උච්ජේද වාදයත්, දෙවියෙකු විසින් ගලවනවාය දියුණු කරනවාය කියන වහල් භාවයත් යන දෙකෙන් මුළු ලෝකය පිරිලා ය. චිත්ත චෛතසික ධර්ම පිලිබඳව ප්රිමාණවත් දැනීමක් ඇති කෙනෙකුට මේ අන්ත දෙක ම පිළිකුල් ය. මක්නිසා ද සත්වයා පිළිබඳ නිසැක අවබෝධයක් ඔහුට ඇතිව තිබුණු හෙයිනි.
මා මෙසේ කථා කරද්දි සිල්වා මහත්මයා හුඟක් දුරට කල්පනා කරන බව මට හැඟුනේ ය. දවල් එකොළහට පමණ අපි සිල්වා මහතුන් පදිංචි ස්ථානයට පැමිණියෙමු. ගාල්ලේ කොටුවේ පිහිටි මේ රම්ය් නිවසට ගිය හැටියේ ම එතැන අධිපති කුල ස්ත්රීදය උසස් පැවතුම් ඇති යමක් කමක් දන්නා කෙනෙක් බව මට වැටහුණේ ය. ඇතතෙන් ම ඒ එසේ ම ය. මැණික් ගරන ස්ථානවල තිබෙන තිරිවනා ගල් දෙස බැලීමෙන් ම එහි තිබුණ මැණික් ඉල්ලම්වල හැටි ද කිය හැකි ය. ඉතා හොඳ රක්ත මාණික්යි සම්භවුන මැණික් ඉල්ලම්වල තිබුණ තිරිවානා ගල් ද රතු පාටින් යුක්ත ය. එමෙන් ම ඉතා හොඳ ශික්ෂිත කුල ස්ත්රීතයක් වාසය කරන ගේත් මිදුල ආදී අවට භුමියත් යථා විධියෙන් පිරිසිදුව පවති.
අප ගෙට ඇතුළු වු හැටියේ ම ද සිල්වා මහතාගේ මෑණියන් හා පියාණන්ට මාඅඳුන්වා දෙනු ලැබිය. වැඳිමෙන් ආචාර සමාචාර දැක්වු ඉක්බිති වාඩිගත් මට කිරි තේ කෝප්පයකින් ද සංග්රටහ කොට ඒ වයස් ගත හාමිනේ පසෙකින් වාඩිගෙන මෙසේ කියන්නට පටන් ගත්තා ය. “කෝන්ගොඩ වික්රනමාපල මහතා ගැන දැනගෙන බොහෝ කල්ය. ඩිංගිරි මැණිකා, විමලතිස්ස හාමුදුරුවන්ගේ මුදල් පෙට්ටිය, වලව්වක පලහිලව්ව, ඉෂ්ට දෙවියා, මහේශ්වරි ආදින් සෙවිමෙන් වික්ර මපාල මහතා ෙලාවට දක්වන ලද වික්ර මය මතු එන පරම්පරාවල සිංහලයන් අපටත් වඩා හොඳින් සලකනු ඒකාන්ත ය. අෙප් පුතා, අපේ එක ම පුතා සනී. තරුණියක් විවාහ කර ගැනිමට අදහස් කර සිටිනවා. යම් යම් ඵල ප්රයයෝජන නිසා අපිත් ඊට විරුද්ධ නොවි සිටිය නමුත් යම් කිසි පින්වතෙක් ඒ සනීට ලැබෙන්නට ඉන්න නැන්දම්මා ‘ඩෙබර
පියදාස සිරිසේ නවකථා එකතුව 561
කෙල්ලය’ කියා පටබැදි නාමයක් දි තිබේ. ‘ඩෙබර කෙල්ල’ ගේ කථාන්තරය මම සද්ධර්ම රත්නාකරයෙන් කියවා තිබේ. ඉතින් ඩෙබර කෙල්ලක් හෝ දුවක් හෝ අපේ ගෙරදට ඩෙබර හොඳ නැත. එහෙත් මේ අමරසිංහ රාළහාමිගේ හාමිනේට ඩෙබර කෙල්ලය කිවේ කුමක් නිසා ද යන ඒ කියු මහත්මයාගෙන් ම දැනගන්නා තුරු මගේ පුතාට, සනීට මේ විවාහය කරගන්නට ඉඩ දෙන්නේ නැත. ඉතින් වික්රමමපාල මහතා මේ පුද්ගලයා සොයා දුන මැනවි. එ පමණක් නොව අමරසිංහ රාළහාමි හා හාමිනේත් දුවරු දෙන්නා හා පුත්රුයාත් ආදි පවුලේ තත්ත්වයන් මට විමසා දුන්නොත් මහත්මයාට පින් සිද්ධවෙනවා පමණක් නොව මම රුපියල් පන්දාහක් මුදලෙන් දෙන්නෙමි’යි කීයේ ය.
මේ වචන ටික කියා ඉවර වෙන කොටම අමරසිංහල රාළහාමි, හාමිනේ, පුතා. ග්රොස්(මනමාලි) කුඩා දුව අයිරින්ද යන පස්දෙනා ම සැලුන් කාරයකින් අහ. එදා දාවලට සිල්වා මහතුන්ගේ ගෙදරින් ආහාර ගැනීමට ආරාධනා කර තිබුණු නිසාත් ලොකු ප්ර සිද්ධ වික්රාමපාල වන මා ඩෙබර කෙල්ල කී තැනැත්තා පරීක්ෂා කිරිමට එන නිසාත් අමරසිංහ පවුල මෙසේ පැමිණි බව සැලකිය යුතුය.
සිල්වා මහතා විසින් මා ඔවුන්ට අඳුන්වා දෙන ලදී. අමරසිංහ රාළහාමි මට ප්ර සන්න වු බව වැටහුණේ ය. එහෙත් හාමිනේ සහ දරුවන්ටත් මා ගණනකට වත් නැති බව පෙණුනේය. ඉතින් අපි සැමදෙනා ම හොඳට පිළියෙල කර තිබුණු භෝජන අනුභව කෙළෙමු. සිල්වා මහතා සහ උන්නැහේගේ මවු පිය දෙ දෙන අනුභවයෙන් පසු මේ “ඩෙබර පලහිලව්ව” අද ම නිරාකරණය කරගෙන නිදහස් විය යුතු බව කිහ. ඉතින් ඒ පිළිබඳව ඇති වු කථාව කියවන්නාගේ ප්රනයෝජනය පිණිස මෙහි යොදනු ලැබේ.
අමසිංහ රාළහාමි - මහත්මයා ඩෙබර කෙල්ලය කී මිනිහා ගැන විපරම් කෙළේ නැද්ද?
මම - තවම නැහැ. මේ පිළිබඳව ම විපරම් කිරිමට ඒ මිනිහා පිළිබඳ යම් කිසි විස්තරයක් නැතව බැහැ. ඩෙබර කෙල්ලය කීවේ කාට ද?
අමරසිංහ - අප සිටි පැත්ත බලාගෙන කීවා මිස කාට කිවා දැයි වැටහුනේ නැත.
මම - කියන්නට හේතුව මොකක් ද?
562 ඩෙබර කෙල්ල
අමරසිංහ - මම දෙ වැනි පංතියේ ටිකැට් ගෙනා නිසා මේ අපේ කුඩා දියණිය
අයිරින් ඒ බව “මම්මාට” කිවා ම මම්මා ටිකක් කේන්ති ෙගාස් කථා කළා. ඒ අපේ කථාව ඉදිරිපිට බංකුවේ වාඩි වි සිටි හමුදුරු කෙනෙකුත් වයස්ගත සිංහල මිනිහෙකුත් අසා ගෙන වුන්නා. ටුවිඩි රෙද්දක් ඇදපු කරවහන කොට් එකක් ඇඳපු මේස් නැතුව සපත්තු දෙකක් දාපු කොන්ඩය බැඳලා නමුත පනාවක් හෝ තොප්පියක් පාවිච්චි නො කරන අවුරුදු හැටක් පමණ වයස් ගත ඒ මනුෂ්යියා නිර්භිත සිනාමුසු මුහුණින් යුත් කෙනෙක් ය.
මම - ඉතින් එය ‘ඩෙබර කෙල්ල’ යන වචනය කියන විට අමරසිංහ හාමිනේත් දියණියත් ඇර තවත් ස්ත්රීනන් වුන්නා ද?
අමරසිංහ - ටිකක් ඈතින් වුන්නා මිසි අප ළඟ ම වුන්නේ නැහැ.
මම - එහෙනම් ඒ වචනය කීවේ හාමිනේට ද දුවට ද කියා තේරුම් ගත හැකි වුනා ද?
අමරසිංහ - මගේ නෝනත් ළමයාත් මිස අන්යද බවලතෙක් ඒ ළඟ නො සිටි බැවින් ‘ඩෙබර කෙල්ල්ය’ කීවේ මගේ කුඩා දියණියට වෙන්නට පිළිවන. එහෙත් මගේ නෝනත් එයට කී වචනයකැයි කෝපවි සිටි.
මම - නෝනා කෝප වෙතොත් ලොකු මෝඩකමකි. නෝනාට කිවත් දුවට කීවත් එහි ඇති වෙනසක් නැත.
අමරසිංහ - ඒ මොකද? අම්මාටත් දුවෙකුගේ වැරැද්ද අයිති වෙනවා ද?
මම - අමරසිංහ රාළහාමි ජ්යෝලතිෂ ශාස්ත්ර ය විශ්වාස කරන්නෙක් ද?
අමරසිංහ - ඇත්තෙන්ම ම මම විශ්වාස කරනවා.
මම - එහෙනම් නෝනාගේ කේන්දරය බලා පුත්ර. දුහිතෘන්ගේ ගති ගුණත් පුත්ර දුහිතෘන්ගේ කේන්දර බලා මවුගේ ගති ගුණත් නිසැකව ම හොඳින් කියන්නට පිළිවන් ජ්යෝ තිෂ් ශාස්ත්රකඥයෝ සිටිති.
මේ තැනදි සිල්වා මහතාගේ මවු පියෝ සිනාසුනා හ. අමරසිංහ රාළහාමි සතුටු වුනා මිස සිනාසුනේ නැත. එහෙත් අමරසිංහ හාමිනේට තදබල කෝපයක් ඇති විය. ග්රේතස් සහ අයිරින්ට මේ කථාබස් නිකම් විහිළුවක් මෙන් විය. සිල්වා මහතා ග්රේ සි දෙස
පියදාස සිරිසේන නවකථා එකතුව 563
වරකුත් අමරසිංහ නෝනා දෙස වරකුත් බලිමන් නොසන්සුන් කෙනෙක් මෙන් උන්නේ ය. බලවත් කෝපයට පත් අමරසිංහ නෝනා දන්ඩෙන් පහර කෑ සැපින්නක් ලෙස මා දෙස රවා බලා මෙසේ ඇසුවාය. “මහත්මයා මවුගේ කේන්දරයෙන් පුත්ර දුහිතෘන්ගේ හොඳ නරකත් පුත්ර“ දුහිතෘන්ගේ කේන්දරයෙන් මවුගේ ෙහාඳ නරකත් කියන්නට පුළුවනැයි කිවේ පියාගේ කේන්දරයෙන් පුත්රක දුහිතෘන්ගේ හොඳ නරකත්- පුත්රැ දුහිතෘන්ගේ කේන්දරයේන පියාගේ හොඳ නරකත් කියන්නට බැරි ද?
මම - ඇත්තෙන් ම ඉතා වැදගත් ප්රරශ්නයකි. නෝනා මහතා ඉපදෙව්වේ ‘මවු පිය’ කියනු මිස “පිය මවු” කියන තැනක් ඇත්තේ නැත. දරුවන් සම්බන්ධ අයිතිවාසිකමෙන් හතරෙන් තුන් කොටසක් මැණියන්ට හිමි ය. හතරෙන් එක කොටසක් පමණක් පියා සතුය. එබැවින් මෑණියන් ගෙ චරිතයටත් ගති ගුණවලටත් ගොදුරු වු දරුවාට පියාගේන් ඇති වන්නේ හැඩය (රූපය) ගමන සහ පරම්පරාගත නාමයත්පමණකි. එය ද සමහරවිට වෙනස් වේ. ඇතැම් මවුවරු ස්වකීය සහෝදරයන්ට සමහර මුවවරු ස්වකීය පියාට තවත් සමහර තාමට මා හෝ හිතෛෂි ඥාතියෙකුට හෝ මිත්රයයෙකුට දැඩිතර ඇල්මක් තිබුණොත් ඒ උපදින දරුවා මෑණියන් විසින් දැඩිතර ප්රේටමයෙන් සලකන තැනැත්තාගේ හැඩහුරුකමට අනුව යේ. ඉතින් නෝනා මහතා ඒ බව පිළිගන්නවා ද?
අමරසිංහ නෝනා - ඇත්තෙන්ම මම පිළිගනිමි. මගේ පුතා විනී ඔහුගේ පියා වගේ නොවේ. මම නිතර ම සිහි කරන මගේ බැල මලනු කෙනෙක් වුන්නා. ඔහු අවුරුද්දකට ඉස්සර මැරුණා. ඉතින් මගේ පුතා හරියට ම මුහුණුවරෙන් හා උස මහතින්ද ගමනෙන් ද ඒ මලයා වගේ ය.
මම - ඇත්තෙන්ම ඇත්ත ඇත්තක් ලෙස අවංකව පිළිගන්න කෙනෙක් දකින්න ලැබීම ප්රී්තියකි. ඉතින් හිතේ පවත්නා රූපය අන්දමට දරුවන් හැඩ ගැසෙතොත් හිෙත් පවත්නා ගතිගුණ හොඳ නරක ඉෂ්ට අනිෂ්ට බලයට අනුව දරුවන් ගේ අභ්යින්තරය සම්පූර්ණ වන බව නෝනා මහත්මයාට වැටහෙන්නේ නැද් ද?
අ. නෝනා - (නිසොල්මන් වුවා ය)
564 ඩෙබර කෙල්ල
අමරසිංහ රාළහාමි - ඔව් මහතාණනි, කියන්න අපේ නෝනාට කාරණය හොඳ හැටි වැටහුනේ නැත. කරුණාකර තව ටිකක් විස්තර කරන්න.
මම - මවුගේ කේන්දරයෙන් ඇගේ චරිතය සම්පුර්ණයෙන්ම විදහා පෙන්විය හැකි ය. ඉතින් ඇගේ ගර්භයේ නව මස් පසළොස් දිනක් වාසය කළ දරුවාගේ චරිතයත් එසේ බව කියන්නට වැඩි මහන්සියක් ගත යුතු නොවේ. ඉතින් පියාගේ සම්බන්ධය අප්රයධාන බැවින් පියාගේ කේන්දරයෙන් ම දරුවන්ගේ තත්ත්වයත්, දරුවන්ගේ කේන්දරවලින්ම පියාගේ තත්ත්වයත් කියන්නට බැරි ය.
ද සිල්වා හාමිනේ - ඉතින් මහත්මයා කේන්දය සම්බන්ධයෙන් අත්දැකපු නිදර්ශනයක් දෙකක් කීවොත් අපට මේ කාරණය වඩා ෙහාඳන් අවබෝධ වේ. එ වැනි එකක් දෙකක් කීවොත් නරක ද?
මම - මා දැකපු මවුවරුන්ගේ කේන්දර සිය ගණනක් තිබේ. මනුෂ්යුයකුගේ හිත පිළිබඳව කිව හැකි ප්රමධාන ග්ර්හයා චන්ද්ර්යා ය. ඉතින් ඒ චන්ද්ර යා ඉන්නා කේන්ද්රියක් මවුට තිබෙතොත් ඒ මවුට ලැබෙන දරුවන් හැම දෙනාගේම පාහේ චන්ද්රුයා නරකය. අසුබ තැනක, නීච තැනක, ඒරාෂ්ටකයක හෝ පාපා චන්ද්රදයා නොවු දරුවෙක් ඒ පවුලේ ඇති නොවේ. එමෙන්ම බ්රරහස්පති, සිකුරු, බුදහු ආදි සුබ ග්ර හයන් නරක් වු මවකගේ දරුවන්ට ද අසුබ ග්ර්හ යෝග වලින් පෙළෙන කේන්ද්රත වෙති. සෙනසුරු, අඟහරු ආදි රෞද්රය ග්රනහයන් බලවත් කේන්දරයක් ඇති මවකගේ දරුවන් ඉතාමත් රෞද්රබ ගතියෙන් හා අවාසනා ගතියෙන් යුත් දරුවන් බව පෙනේ.
අමර. නෝනා - මවුගේ පාපය ගෙවන්නට දරුවෝ බැඳිලා ද? මවුගේ කරුමය ඒ මවු විඳිනවා මිස දරුවෝ කුමට විඳිත් ද?
මම - ඉතා හොඳ ප්රාශ්නයකි. උත්පත්තියෙ ඇති වන්නේ කර්මානුරූපව මහ, ලෝභ, ද්වේශ, මෝහ යන චේතනාවලින් හරිත වු ශිලයක්, ගුනයක්. ඤාණයක්, කරුණාවක්, මෛත්රීනයක්, සදාචාරයක්, හික්මීමක්, ප්රයතිපත්තියක් නැති පහත් වු පැවතුම් හා පහත් නුගත් ජන සමාජයේ හැසිරෙන ස්ත්රී්යකගේ ගර්භයෙහි සතර අපායේන චුතවන පහත් සත්වයෙක් මිස
පියදාස සිරිසේන නවකථා එකතුව 565
අලෝභ, අදෝෂ, අමෝහ යන ත්‍ි හේතුක කාමාවචර කුසල චිත්තයෙන් ප්රභතිසන්ධිය ගනනා එක ද සත්වයෙක් නුපදි. ඔන්න බලන්න නෙළුම්, මානෙල්, සපු, දුනුකේ ආදි සුගන්ද්යන ඇති මල් පිපි තිබෙන තැනක මළ මුත්රහ ආදි යම්කිස අපවිත්රධ දෙයක් තිබුණොත් නිලමැස්සා වහන්නේ කොයිබ ද මලක ද නැතහොතක් අසුඩි පිඩක ද? මෙය අත්හදා බලගන්නට පිළිවන් කාරණයකි. කුණු කසල ගොඩේ මිස මලක වහන නිලමැස්සා හදිසියෙන් මලක ඉඳ ගත්තත් එහි මොහොතක් වත් නො නවතින්නේ ය. කෙතරම් ඈතක වුවත් තිබෙන දුරුගන්ධ දෙයක් පිට වසා එහි තවතින්නේම ය. ඉතින් අලෝභ , අදෝෂ, අමෝශ යන කුසල් සිත්වලින් හරිත දාන සීලාදි කුසල් කරන සුවච කීකරු සදාචාරය සම්පන්න කුල ස්ත්රීනයකගේ ගර්භයෙහි නරකාදි සතර අපායෙන් ම චුත වන සත්වයෙකුට කිසිසෙත් පිළිසිඳ ගත නො හැක්කේ ය. එ කෙසේ ද කිවහොත් ඉතා තදෙන් රත්කළ යකඩය මැස්සන්ට වාඩි ගත නො හැක්කාක් මෙනි. බැරි වේලාවත් වාඩි වුෙනාත් ඒ ක්ෂණයෙහි ම භෂ්ම වන්නේ ය.
අමරරසිංහ - ඔය ප්රතතිසන්ධිය පිළිබඳව අපට තව දුරටත් විස්තර කළොත් වික්රමමපාල මහතා “ඩෙබර කෙල්ල” සොයා නුදුන්නත් මේ ගමනෙත් අපට බොහෝ ප්රයෝජන ය.
මම - හොඳයි. මේ කාරණය තමයි ඉගෙනීම වලින් ඉතාමත් සියුම්, ගැඹුරු සත්ය වු ඉගෙනීම. ඉතින් මේ චුති ප්රනතිසන්ධිය පිළිබඳව ඉගෙන ගන්නටන නම් පළමුකොට ම චිත්ත චෛතසික ධර්මය ගැන තරමක් දුරවත් ඉගෙන ගත යුතු ය. එබඳු දැනිමක් නැති අය අධික නිසාමයි අපේ රට පහත් පවුකාරයන්ගෙන් අධික වුයේ . ඉතින් මේ ‘ඩෙබර කෙල්ල’ ගේ පලහිලව්වෙන් අභාවයට ගොස් සැඟවි තිබෙන ධර්මයක් එළි වන බව හොඳින් තේරුම් ගෙන අපේ කාලයත්, ධනයත් ඒ සඳහා ගතනොකළාට වරදක් නොවේ ද?
ද සිල්වා - “ඩෙබර කෙල්ල” යන නමින් පුරාණ කථාන්තරයක් තිබෙනවාලු. වික්රලමපාල මහතා කරුණාකර ඒ කථාන්තරය මේ ඉන්නා පිරිසට කියා දුන්නොත් “ඩෙබර කෙල්ල” වන්නේ කෙසේදැයි පළමුකොට ම තේරුම් කර දුන්නොත් ඉතාමත් හොඳ ය.
566 ඩෙබර කෙල්ල
මම - ඒ කථාන්තරය මම දනිමි. ඒ වනාහි සද්ධර්මරත්නාවලියේ පෙනෙන කථාවකි. “දඹදිව එක්තරා නුවරක එක් රාජ කුමාරයෙක් විසුවේ ය. ස්වකීය මාලිගයේ උඩු මහල් තලයේ සැප පුටුවක වාඩිගෙන විදිය දෙස බලාගෙන ඉන්නා සිරිතක් ද ඔහුට ඇති විය. ඒ වීදිය දිගේ “ඩෙබර -ඩෙබර” කියමින් මසන් විකුණා ඇවිදින කෙල්ලක් සිටියා ය. රාජ කුමාරයා කීප දිනක් ම මේ කෙල්ල දෙස බලා ඈ පිළිබඳ සිත් ඇති කර තිබේ. ඇගේ කේස කලාපය, කන්, නාසා, අත, පය, ආදිය දෙස වෙන් වෙන්ව බැලිමේ කාමයෙන් මුළා වු ඒ කුමාරයාට මේ අසරණ කෙල්ල දිව්යාංැගනාවක් මෙන් පෙනි ගොස් ඈ ස්වකීය මාළාගයට කැඳවා ඇගෙන් ඩෙබර (මසන්) මිලදි ගෙන අනුභව කෙළේය. මෙසේ කිප වරක් ඇ සමඟ කථාබස් කිරිම නිසා ඈ කෙරෙහි බලවත් ප්රේුමයක් ඇතිකරගෙන ඇගේ අසරණ මවුපියන් කැඳවා ඔවුන්ට මුදල් ආදිය ද දී ඒ කෙල්ල ස්වකීය අන්තඃපුරයෙහි රදවා ගත්තේ ය. මේ අසරණ ‘ඩෙබර කෙල්ල’ රාජ භෝජන කමින්, පිරිසිදු සළුපිළි අඳිමින්, රන්, මැණික් ආභාරණ පළඳිමින්, සුව පහසු ඇති යාන වාහනවල සැතපෙමින කල් ගත කරන විට ඈ නියම රාජ කුමාරියකටත් වඩා උඩඟු වුවා ය. එක් දිනක් මේ රාජ කුමාරයා ඩෙබර ? (මසන්) ගෙඩි ගෙන්වා රන් තැටියක තබා අනුභව කරමින් වුන්නේ ය. එතැනට මේ කෙල්ල පැමිණ රාජ කුමාරයා සමඟ අල්ලාප සල්ලාපන කථා කරමින් “ඔය අනුභව කරන්නේ මොනවාදැ”යි ඇසුවා ය. තමා අවුරුදු ගණනක් හිස තබාගෙන ඇවිද වෙළඳාම් කොට රැකුන ඩෙබර අඳුනන්නේ නැති ලෙස “ඔය මොනවාදැ”යි ඇසීම ගැන බලවත් කලකිරිමට පත් රාජ කුමාරයා, “තී මේ ගෙඩි වර්ගය අඳුනන්නේ නැද්ද? මිට ප්රකථම මේවා දුටුවේ නැද්ද මේවා ඩෙබරය”යි කිවේ ය. එවිට මේ කෙල්ල “චිඃ! මම කවදාවත් නුදුටුවෙමි. ඩෙබර කන්නට ලජ්ජා නැද්දැ”යි ඇසුවා ය.
කුමරයාගේ සිත බලවත් අප්රයසන්නයට පත් විය. තමා දිවි රැක ගත් ‘ඩෙබර’ මේ තරමට පිළිකුල් කොට නාඳුනන බව කියන කෙළෙහිගුණ නො දත් මෑ වැනි දුෂ්ට එකියක දැකීම පවා නරක ය. තමාට පිහිට වු මේ ‘ඩෙබර’ මතක නැති වු මෑට දැන් මේ රජ සැප නිසා ඇතිව් තිබෙන ගර්වය මේ තරමින් නවතී ද? සත්තමකෙන් ම
පියදාස සිරිසේන නවකථා එකතුව 567
නැත. මට බඩා උසස් කෙනෙක් ලැබුණොත් මෑ ඒකාන්තයෙන් ම මාත් නැඳුන මට ද පිළිකුල් කරනු ඒකාන්තය. ඒ හෙයින් අකාතඥ වු තමාගේ තත්ත්වය සම්පූර්ණයෙන් ම මතක නැති කර දමා රාජ කුමාරියකගේ තත්ත්වයටත් ඉහලින් සිතූ මෑ‍්ගේ පහත් උත්පත්තිය දැන් මට ප්ර ත්ය ක්ස වේ. මෑ නැවතත් ඩෙබර (මසන්) විකුණා ජිවත් විමට යවමි යි සිතා ඇගේ මවුපියන් ගෙන්වා ඈ පැළඳ සිටි රන් මුතු මැණික් ආභරණත් සළු පිළිත් ඉවත් කරවා යන්තම් රෙදි කඩක් දි මවුපියන්ට බාර කෙළේ ය. මේ වනානහි ‘ඩෙබර කෙල්ල’ පිළිබඳ පුරාණ කථාන්තරය බව සැලකිය යුතුය. ඉතින් වැඩි විස්තරයක් නොකළත් ඩෙබර කෙල්ල කවරෙක් දැයි අප කාටත් තේරුම් ගත හැකි ය.
ද සිල්වා - එහෙනම් කෙළෙහි ගුණ නො දත් ස්ත්රීවන් “ඩෙබර කෙල්ල”යි කීම යුකිති යුක්ත බව පෙනේ. එහෙත් එබඳු කෙනෙකුට ඩෙබර කෙල්ලය කියන්ට යුතු නැහැ නොවේ ද? මේ කථාන්තරය කියා ඉවරවන ෙකාට සිල්වා මහතාගේ මවුිපය දෙදෙනාත් අමරසිංහ රාළහාමිත් තදින් සිනාසෙන්නට පටන් ගත් නිසා සිල්වා ඩෙබර කෙල්ලගේ දුෂ්ට තත්තවය සැහැල්ලු කරන පිණිස මගෙන් ප්ර්ශ්න ඇසුවා මිස වෙන ප්රසයෝජනයකට නොවේ. ඒ එසේ වුවත් මා කථාන්තරය කියා නිමවන විට අමරසිංහ හාමිනේ ෙකාටි දෙනක් මෙන් වුවා ය. ඇගේ දියණිවරුන් දෙදෙනාත් පුත්රේයාත් තද කෝපයට පත් වු බව මට වැටහුනේ ය. සිල්වා මහතා ඇසු ප්ර්ශ්නවලට තවමත් පිළිතුරු නුදුන් මා දෙස බලා මහලු සිල්වා හාමිනේ මෙසේ කීවා ය.
“වික් යමපාල මහතා ඩෙබර කෙල්ලන්ගේ කථාන්තරය ඉතා හොඳින් කියා දුන්නාට ස්තුති කරමි. එහෙත් අපේ පුතා සනී ඇසු ප්රිශ්නවලට සුදුසු පිළිතරු තවමත් නුදුන්නේ මක්දැ”යි ඇසුවාය.
මම - ඔව් හාමිනේ, අපේ සිල්වා මහතාට පිළිතුරු දෙන්නටයි මේ හදන්නේ. ‘ඩෙබර කෙල්ලය’ කියන්නේ කෙළෙහි ගුණ නො දන්නා ස්ත්රීටයකට බව අපේ සිල්වා මහතා දැන් පිළිගන්නා බැව් දැක්ම ප්රීගතියකි. ප්රිටය සිල්වා මහාතණනි. ශරීරයක ප්ර ධාන ප්රරත්යංකගවලින් පලක් තිබේ ද? හිස නැත්නම් කපා දමන ලද
568 ඩෙබර කෙල්ල
නම් ඔහුට ප්රා ණයක් නැති මළ කඳක් නම් එහි තිබෙන අත පය කන් නාසා ආදියෙන් කුමක් කරන්නට ද? හිස නැතිවන කොට ම අනිත් අවයව වලින් පළක් නැතිවන්නේ යම්සේ ද කෙළෙහිගුණ නැති වන කොට ම ඒ සත්වයා තුළ අල්ප මාත්රදයක සත්ගුණයක් ඉතිරි නොන වන්නේන ය. යම් හෙයකින් තාවකාලික යම් යම් මිනිස් ගුණ දෘශ්ය මාන වුනත් කෙළෙහිගුණ නොදන්නා ස්ත්රිියක් හෝ පුරුෂයෙක් නයක් හෝ පොළඟකු තරම වත් ෙහාඳ යයි නොසිතුව මැනැවි. කෙළෙහිගුණ වානහි අන්යත මනුෂ්යම ගති ගුණ ආරක්ෂා කරදෙන දිව්යැමය බලය වේ. ඔන්න බලන්න ලෝකයේ ඥෙය්යර මණ්ඩලය කරතලාමලකයක් මෙන් දැන වදාළ ලෞකික ලෝකෝත්තර විමුක්ති සැප ලබා ගත් සැටියේ ම ශරීැන ශාක්යල මුනීන්ද්රි තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙළේ කුමක් ද?
උන්වහන්සේට පවු පින් නැත. සකල ක්ලේශයන් නිසා නිර්වාණ සැපතට පැමිණ වදාළ මහෝත්තමයන් වහන්සේ නැවත පින් කිරිමෙන් ඒ පුණ්ය් විපාකය විඳිමට ඉඩක් නැත. එහෙත් උන්වහන්සේ ක්ලේශ මාර යුද්ධයෙන් ජය ගෙන ඒ ප්රීමති සුඛයෙන් ශ්රීහ මහා බෝධිය යට තණ පළඟ මත්තෙහි සත් දිනක් වැඩ සිට ඒ තණ පළගෙන් නැගි ශ්රීඛ මහා බෝධිය දෙස බලා වදාරා කුමක් කළ සේක් ද? අචින්ත්ය් වු දරුණු සංසාර දුඃඛයෙන් මිදිමට මා භාවනා කරද්දි සෙවනින් ආධාර වු මේ ඇසතු වෘක්ෂය කෙරෙහි මගේ කෘතඥතාවය පෙන්වමි. අචේතන වු ගසකින් පවා යම් කිසි ප්රියෝජනයක් ලැබුවෙහි නම් ඊට ගෞරව කිරිමෙන් කෙළෙහි ගුණ දැක්විම සත්පුරුෂ ධර්මයකැයි සලකා ඉන්ද්ර නීල මාණික්ය් පැහැ යුත් දිගු පුළුල් නේත්රප යුගල විවෘත කරගෙන ඇසි පිය නොහෙලා සත් දිනක් මුළුල්ලේ දිවා රෑ දෙක්හි ඒ ඇසතු වාක්ෂ රාජයා දෙස බලාගෙන නේත්රල කාන්තියෙන් පුජා කළ සේක. ලෝකයේ ඇති ගුණවලින් ශ්රේලෂ්ඨ වු කෙළෙහි ගුණය යම් සත්වයකු තුළ නැතුනම් ඔහු තුළ වෙන කිසිම සත් ගුණයක් නිසැක ලෙස නො පවත්නා බව සැලකිය හැකිය. ශරිරයෙහි ඇත්තා වු අක්ෂි ආදි සියලුම ඉන්ද්රිපයයන්ට වඩා ජිවිතේන්ද්රි ය ප්ර්ධාන වන්නේ ය. එසේ ම මනුෂ්යරයන්ට ඇතිවියහැකි ගුණවලින් කෙළෙහි ගුණය හෙවත් කෘත ගුණය ඒකාන්තයෙන් ම ශ්රේිෂ්ඨ ය. මනුෂ්යක තුළ ජිවිතේන්ද්රිරය
පියදාස සිරිසේන නවකථා එකතුව 569
නැති නම් අක්ෂා ආදි අනිත් ඉන්ද්රි ය බලය්ක නො පවත්නේ යම්සේද මේ කෙළෙහි ගුණ නැමැති උතුම් ගුණය නැති සත්වයා තුළ කිසිම සත් ගුණයක් නැත්තේ ය.
ඉතින අප කිවු ඩෙබර කෙල්ලගේ කථාන්තරයේන දැක් වෙන්නේ එ කෙල්ල තුළ කෙළෙහි ගුනයක් නැති බව ය. ඉතින් ඒ බව හොඳින් දැනගත් රාජ කුමාරයා ඈ වහාම නෙරපා දමන ලද්දේ ය. ඈට පියකරු රූපයක් ඇත්තේ ය. ඇසුවන් ප්රීාතියට පමුණුවන මිහිරි වචන කිමට ඈ සමර්ථව සිටියා ය. ආශ්රනය කළ වුන්ට යම් යම් උදවි පදව් ද ඇගෙන් නො ලැබුණේ නැත. රස ස්පර්ශා දියෙන් ඒ කුමාරයා ප්රීකති සාගයේ ගිල්විය හැකි ඒ ඩෙබර කෙල්ලගේ අනිස්ථිර වු, චපල වු, තාවකාලික වු යම් යම් ගති ගුන තිබුණ නමුත් ස්ථිර සාර වු සත් ගුණයක් ඈ තුළ නො පවත්නා බව තමා රැකුණු ඩෙබර (මසන්) ගෙඩි නො හඳුනමි යි කියමින් ඊට අවමන් කළ බව ප්ර ත්යබක්ෂ කරගත් රාජ කුමාරයා ඇගෙන් වෙන් වු බව පෙනේ. ඉතින් ලෝකයේ යම් රටක යම් කාලයක “ඩෙබර කෙල්ලක” කියහැකි ස්ත්රිකයක් ඇතිව් නම් ඇගෙන් ඉවත්විම ඇර වෙන කළ යුත්තක් නැති බව දැන් වැටහෙනවා නොවේ ද?
මේ කථාව අසාගෙන වුන් අමරසිංහ හාමිනේට පාර සීයක් තැළුම් කැ ගව දෙනෙකුට මෙන් වේදනා ඇති විය. මෙ තැන ඉඳිමෙන් තව තවත් හිත් වේදනා ඇති වෙනවා මිස වෙන කිසි පලක් නැතියි වැටහුනු අමරසිංහ හාමිනේ ස්වකීය පුරුෂයාට කථාකොට “මට ගෙදර කටයුතු වගයක් තිබේනවා. මමත් ළමයිනුත් ගෙදර යනවා. රාළහාමි මේ ඇත්තන් සමඟ කථාබස් කොට එන්නයි”යි කියා අමරසිංහ මේ ඇත්තන් සමඟ කථාබස් කොට එන්නයි”යි කියා අමරසිංහ හාමිනේත් දුවරු දෙන්නත් පුත්රඑයාත් කාරයේ නැගි ස්වකීය නිවසට යන්නට ගියේ ය.
ඈ ඒ තැනින් ඉවත්ව යාම ගැන අනිත් හැම දෙනාට ම වඩා සතුටු වුනේ අමරසිංහ රාළහාමි ය. තමාට දැන ගන්නට අවශ්ය කරුණු කිපයක් අසා ගන්නට තිබුණ බැවින් භාර්යාව ඉවත්ව ගිය හැටියේ මෙසේ ඇසුවේ ය.
“ආ වික්රවමපාල මහත්මයාණනි, ‘ඩෙබර කෙල්ලයය’ කියන මේ ගුණමුකු ස්ත් බීන්ගේන් ඇතිවන පරම්පරා එකක් වත් මහතාමයාට කියන්නට බැරි ද?”
මම - ඇත්තෙන් ම රාලහාමි මොනවා කියනවා ද? වැලි ගොඩක
570 ඩෙබර කෙල්ල
වැලිවලිනන් අත්තිවාරම් දමන ලදුව අලංකාර ලෙස තනන ලද විශාල ගෘහයක් දීර්ඝ කාලයක් පවතින නිසා රාළහාමිට කල්පනා කරන්නට පුළුවන්ද? ගෘහයක ප්ර ධාන ෙකාටස අත්තිවාම යි. සුදුසු භුමියක වුවමනා තරම් පොළොව කැන සිමෙන්ති කළු ගල් ආදියෙන් ඉතාමත් සවි බල ඇති අත්තිවාරමක් මතුයෙහි ම විශාල ගෙයක් තැනිය යුතු ය. ඉතා කුඩා පැලක් වැනි ගෙයක් නම් අත්තිවාරම දුර්වල උනත් ටික කාලයක් පවතින්නට බැරි කමක් නැත. සොල්දර තට්ටුවක් හෝ දෙකක් සහිත නොයෙකුත් කවුළු දොරවල් ඇති අලංකාර මන්දිරයක් තනවතොත් භූමි කම්පාවකදි පවා නො සෙල්වෙන ශක්ති සම්පන්න අත්තිවාරමක් පිට ම ඒ ගේ තැනවිය යුතුය. එමෙන් ම පරම්පරා කීපයක් අවිචිජින්නව ස්වකිය පවුල රැක ගැනීමට නම් උසස් උදාර සභ්යාත්වයක් ඇති උසස් අදහස් ඇති ස්වකීය චිත්ත චෛතසිකයන් පාලනය කර ගැනීමට බලයක් ඇති ස්ත්රී යක් භාර්යාව කරගත යුතු ය. පංචකාරම සැප විඳිමට නම් තමාට රුචි කා සමඟ හැසුරුණත් කමක් නැත. කුමක් නිසා ද තාවකාලික වශයෙන් වාසය කිරිමට තනා ගත් පැල අවුරුද්දකින් හමාරකින් විනාශ වි ගියාට කවුරුවත් පසු තැවිලි නොවන්නාක් මෙන් එදා වෙල සපයා ගෙන කමින් ලෝකයේ කල් ගත කරන කෙනෙකුට කොයි ස්ත්රීවයක් එක හා සමාන වන්නාක් මෙනි.
අමරසිංහ - වික්ර මපාල මහතාණෙනි. සමහර උදවිය ඒ කියන්නේ සියේට එක් කෙනෙක් දෙන්නෙක් පමණ දුප්පත් අසරණ පවුල්වල උපන් නමුත් කලකදී ධනවත්ව බලසම්පන්නව ප්රඅසිද්ධියට පැමිණෙන බව පෙනේ. ඉතින් ඩෙබර කෙල්ලක ගේ බඩක උපන් කෙනෙක් නම් ඒ දුර්ලභ වශයෙන් ඇති වන ධන සම්පත් පරම්පරා කීපයකට ගෙන ෙගාස් ලෝකයේ සත් කීර්තයට පැමිණෙන්නට නො ලැබේ ද?
මම - මේ ජිවිතය හෙවත් මනුෂ්යේ ජිවිතය පිළිබඳව ඉතාමත් තීක්ෂණ වශයෙන් කල්පනා කළ යුතු කාරණයත් මේක ම බව සලකනු මැනැවි. මව් ඩෙබර කෙල්ලක් නම් පියා ඉතාමත් උගත් ගුණධර්මයෙන් සමන්විත නිශ්චල සත්පුරුෂයෙක් නම් සමහර විට ඒ පරම්පරාව දීර්ඝ කාලයක් ආරක්ෂා කර ගන්නට බැරි කමක් නැත. එහෙත් ඩෙබර කෙල්ලගේ පුතෙකුට හෝ ඩෙබර
පියදාස සිරිසේන නවකථා එකතුව 571
කෙල්ලකගේ ස්වාමිපුරුෂයෙකුට උගත් කමක් තිබුණත්, ධනය තිබුණත්, ඉඩ කඩම් ගෙවල් දොරවල් තිබුණත් එක පරම්පරාවක් වත් කීර්තිමත්ව සැපවත්ව ඉන්නට ලැබුණු බවක් මට නම් දැනගන්නට නුපුළුවන් විය.
අමරසිංහ - ඇත්තේන් ම මහත්මයෝ එහෙනම් මේ ‘ඩෙබර ප්රතශ්නය’ තරම් සැලකිය යුතු වෙන ප්රුශ්නයක් ඇත්තේ ම නැති බව පෙනේ. හොඳයි, ඩෙබර කෙල්ලකගේ පුතෙකුට තමා ඉගෙන ගත් ශිල්ප ශාස්ත්රියෙන් හෝ තමා උපයා ගත් ධනයෙන් නිස්කලංකව සුව සේ ජිවත් වන්නට ඉඩක් නො ලැබේ ද?
මම - ඩෙබර කෙල්ලකගේ බඩේ උපන් නමුත් ඒ මවුගේ ආශ්රැයෙන් තොරව කල්යා ණ මිත්රි සේවනයක් ලැබි තමාගේ භාර්යාකමට සභ්ය්ත්වයෙන් යුත් ගුණවත් පවුලක ශිෂ්ටාචාර කුල ස්ත්රීනයක් ලැබුණොත් සමහරවිට ඩෙබර කොල්ලෙකුගේ පුත්රුයකුට වුවත් පරම්පරාව යථා ක්රිමයෙන් මුල් බස්වා ගන්නට බැරිකමක් නැත.
ද සිල්වා - එසේනම් වික්රවමපාල මහතාණනි, මේ රටෙ ජනයා හෙවත් සිංහලයා උසස් කිරිමට තිබෙන අසහාය මාර්ගය ඩෙබර කෙල්ලන් අපේ ජාතියෙන් පරිබාහිර කර ගැනීම හෙවත් අපේ ජාතියේ බෝවිමට තිබෙන ඉඩකඩ නැති කර දැමිම බව පෙනේ. ඉතින් ඊට කළ යුතු උපක්ර ම කුමක් ද, වික්රනමපාල මහත්මයෝ?
මම - අප රටෙ ඩෙබර කෙල්ලන් හා කොල්ලන් බෝවිම පැළැක්විමට ඉතාමත් අවශ්ය- කරුණු දෙදකි. (1) දැන් මේ රටේ පවත්නා ‘රිලා ඉගැන්විම’ සහමුලින් ම අත් හිටවිය යුතු ය. සිංහල භාෂාව (දෙමළ පළාත්වල දෙමළත්) කුඩා කාලේ පටන් ඉගැන්විය යුතුය. ඉංගිරිසි අතිරේක භාෂාවක් හැටියට අධික ගාස්තුවක් අයකරමින් ඒ ඕනෑ කරන කෙනෙකුට පමණක් ඉගැන්විය යුතු ය. ඉගැන්විම රාජ්ය යට ම හිමි අන්යර කිසිම ආගමකට හෝ සමාගමකට හිමි නො වන එකක් විය යුතුය. (2) පරදේශික පුජකයන් මේ රටින් පිටමන් කළ යුතු ය. (අ) ස්ත්රීට පක්ෂය්ට කොයි ආගමක පුජකයකු සමඟවත් පව් සමා කිරිමට හෝ පින් පුරවා ගැනීමට ඉඩ නොදිය යුතුය. මේ වර්තමාන ඉගැන්විම ක්රෝමත් මහණ උන්නාන්සේලා හෝ පාදිලි යන
572 ඩෙබර කෙල්ල
පුජකයන්ගේ ආශ්රෙයත් යම් තරම් බහුල වේ ද ඒ තරමට රටේ ඩෙබර කෙල්ලන් බෝවෙන බව සිල්වා මහත්මයා නිසැකව නිර්භයව කියමි.
ද සිල්වා - ඉතින් දැන් පවත්නා ආංඩු ක්රේමයේ හැටියට ඒවා වෙනස් කළ හැකි ද?
මම - දැන් පවත්නා ආංඩු ක්ර්මයේ හැටියටත් මේ වැරැදි හරි ගස්සා ගන්නට බැරි කමක් නැත. දැන් පවත්නා ආංඩු ක්රමය තවත් ටිකක් පරිශෝධනය කර ගත්තොත් හොඳට ම පුළුවන.
ද සිල්වා - ‘ඩෙබර කෙල්ලය’ කියා අපේ නැන්දම්මාට සරදම් කළ මිනිහා සොයා ගන්නට ඕනෑය කියා මට නම් හිතෙන්නේ නැත. ඒ නිසා ඩෙබර කෙල්ලන් ගැන හොඳ අවබෝධයක් ඇති වික්රනමපාල මහතාට ම ඩෙබර කෙල්ල පරීක්ෂා කර දිමට බාරදෙමුද? අම්මේ කියා සිල්වා මහතා ස්වකීය මෑණියන් ගෙන් විමසුවේ ය.
මවු - ඔව් සනී, මටත් එය අදහස ඇති වුනා. අමරසිංහ රාළහාමි සතුටු නම් ඔය ඩෙබර කෙල්ල යයි කවට කම් කළ මිනිසා සෙවිමෙන් වැඩිය පලක් නැත. මෙ තැන දැන් තිබෙන ප්ර්ශ්නය අමරසිංහ රාළහාමි තමාගේ භාර්යාවට ඩෙබර කෙල්ලය කියනවාට සතුටු ද නැද්ද යනු දැනගැනීම පමණකි. තම තමගේ අඩුපාඩු හරි වරැදි කියනවාට සතුටු කෙනෙක් ලෝකයේ නැත. අනික් අයකුට කුමකින් කුමක් වුවත් තමන්ගේ අදහස් ඉෂ්ට කර ගැනිම ලෝකයේ සිරිතකි. මට ඉන්නේ එක ම පුත්රසයා යි. ඔහු අපේ පරම්පරාව ගෙන යි යුතුය. ඉතින් සිංහල කුල චාරිත්රෂ ගුණ ධර්මාදයහොඳන් පුරුදු නැති අළුත් ස්ත්රීන වර්ගයටත් අයත් ඉංගිරිසියෙන් හෝ සංකර භාෂාවකින් හිතන කථා බස් කරන ගැහැණු ළමයකු මගේ පුතාට කසාද බඳවා දීම යුතු ය. කියා අමරසිංහල රාළහාමි කල්පනා කරන්නෙහි දැයි සිල්වා හාමිනේ ගෞරව සහිතව ඇසුවා ය.
අමරසිංහ - දැන් මෙ තැන ඉන්නේ සිල්වා රාළහාමිත් හාමනේත් පුත්ර්යා වන තරුණ සිල්වා මහතා සහ අපේ ගරු කටයුතු අමුත්තා වන වික්රතමපාල මහත්මයාත් පමණකි. මගේ වරද සඟවන්නට මම කැමැති නැත. මා විඳින දුක තවත්
පියදාස සිරිසේන නවකථා එකතුව 573
කෙනෙකුටත් පවරා දිමට තරම් අධමයෙක් නොවෙමි. ඒ නිසා මගේ හාමිනේගේ ස්වභාව ගතිය මගේ දියණිය තුළත් පවතිතොත් ඒ මගේ දියණියට බොහෝ කාලයක් වියදම් කොට කරන ලද ඉගැන්විමෙන් ඈට ස්වකීය මෑණියන්ට වඩා උසස් අදහස් ඇතිවි ඈ ශිෂ්ට පැවතුම් ඇති කෙනෙක් වි නැත්නම් මේ තරුණ සිල්වා මහතාට ඈ භාර්යා කර දිමට මම කොහෙත් ම කැමැති නො වෙමි. කුමක් නිසා ද මගේ භාර්යාවගෙන් මා විඳින කරදර වද හිංසා මට වඩා හොඳින් දන්නා වෙන කෙනෙක් නැති යයි අමරසිංහ රාළහාමි කියේ ය.
ඇත්තෙන්ම මේ කථාව අසා වුන් මගේ ඇගේ රොමෝද්ගත විය. කුමක් නිසා ද අමරසිංහ වැනි මිනිහෙක් තමාගේ වැරැද්ද පිළිගෙන අන්ය යකුට එහි දුර්විපාක විඳින්නට ඉඩ නොදි ලෝකවාසින් ගලවා ගැනීමේ උදාර අදහසක් දැක්විම ගැන ප්රීනතියට පත් වුන නිසා ය. මුල් කාලයේ පිළිවෙලක ඉගෙනිමක් නැතුව “ආඩතාඩේට” හැදි හදිසියකින් හෙවත් බලවත් පරිශ්රිමයකින් ධනවතෙක් වුනු මේ තැනැත්තා අධිකතර අධමයකු වෙන්නට යුතුව තිබියදි තමන් රැ වැටුනු වලේ දවල් තබා මධ්යධම රාත්රි්යේ වත් අන් කෙනෙකු හෙලන්නට අසතුටු වන අමරසිංහ රාළහාමි නො අනුමානව සත්පුරුෂයෙක් විය යුතු ය. දැන් කාලේ පමණක් නොව කොයි කාලවලත් තමාගේ අඩුපාඩු ප්රිමාදදෝෂ හා වැරැදිත් වසඟකොට තමාගේ ප්රොමාණයටත් වඩා ඉහල පවුල් හෙවත් මිනිසුන් ඥාති බවට පත්කර ගැනීම සිරිතකි. අමරසිංහ රාළහාමි සමඟ අද රාත්රිත කතාකොට ඔහුගේ තත්ත්වයත් ඔහු තුළ පවත්නා උදාර අදහසුත් ඔහුට කොහොම ලැබුණේ දැයි දැන ගනිමි යි කල්පනා කොට “හොඳයි මහත්මරුනි, මේ කාරණය පිළිබඳව අද අප කථා කළා හොඳට ම ඇත. දැන් ඉතින් කාලය වෙනින් ක්රී ඩා සහගත කථා බස් ආදියෙන් ගතකළ යුත්තම්හ. අද රාත්රිල අමරසිංහ රාළහාමිත් මමත් එක කාමරයක නිදා ගන්නට ඕනෑ. රාළහාමිත් මාත් වුවමනා තරම් වේලා කථා බස් කොට අපේ මංගල්යන පලහිලව්වත් දැන් ඉදිරිපත් වි තිබෙන “ඩෙබර කෙල්ල” පිළිබඳ කථාබසුත් හෙට නිරාකරණය කර ගනිමු”යයි කීවෙමි .
මගේ මේ යෝජනාවට හැම දෙනාම සතුටුවුහ. වේලාව හතරාමාරට පමණ වුයෙන් අතිරේක වශයෙන් පිළියෙළ කරන ලද
574 ඩෙබර කෙල්ල
කොපිත් පානය කොට බුලත් කමින් සිටින අතර අමරසිංහ රාළහාමි කව් පංතියක් කීවේ ය.
ද න ව ත් සිටුවරුන් හිඟමනෙ බැස සිඟ ති බ ල ව ත් සෙන්පතින් මෙහෙකරු වි ඉඳි ති සි රි ම ත් රජුන් අන් දෙස පැමිණ ළතැවෙ ති මෙ ම යු ත් වෙනස් විමක් මෙ දියත පව ති
මො හො කු ත් නොමැති අසරණ කපටි සමහ රු බ ල ව ත් වි වෙසෙති වෙස් ගෙන ඇමති ව රු කු ල ව ත් දනන් හා උගතුන් කර නිස රු වැ ජ ඹෙ ත් අද කපටි දන පුදුමයක් යු රු
මැ ඩි ය න් නයින්ගේ ෙගාදුරක් වුවත් අ නේ එ ල ව න් නට නයින් පසු යන බවත් පෙ නේ මෙ ලෙ සි න් පුදුම කලියුග කල් පැමිණි තැ නේ කු ම කි න් පසු තැවිලි වනුදෝ මෙ බලමි නේ
ලො ව ඇ ති සියල්ල ම සහ ලොව ද නිසැකි නී පෙ ර ලෙ ති වෙනස් වෙති සව් සත ද සතති නී නු ව ණැ ති දහම් දත දන මේ බව සිතමි නී සැ න සෙ ති උතුම් පිළිවෙත් හී හැසිරෙමි නී
ග ලි ලේ කුදිටු දෙමළේ යොත් ලේ සැඩ යා අ ප ලේ කළ නමුත් සිරි සදහම් මැඩ යා ස ක ලේ සුමුසු සිහලේ කළ ලෝ වැඩ යා බැ බ ලේ තව වරක් පතුරා තුති හඩ යා
යන මේ කවි පහ ඉතා මිහිරි ෙලස ඒ ඒ තැනදි ශබ්ද නගා කී අන්දමින් ම මොහු නිකම් ම මිනිහෙක් නොව එක්තරා උසස් දැනිමක් ඇති කෙනෙක් බවද මට වැටහුණේ ය. වැටහි රාළහාමිට ඔය පාඩම් කරග්නනට ලැබුණේ පොතකින් ද කියා ඇසුවා ම තමා නිතර ම “සිංහල ජාතිය” පත්රොය කියවන බවත් රසවත් කවි ආදිය දුටු විට පාඩම් කර ගන්නා බවත් කීයේ ය.
එහෙනම් රාළහාමි මත් කවියක් කියන්නෙමි.
පියදාස සිරිසේන නවකථා එකතුව 575
ස දේ මෙන් පතල පැරකුම් දුටු ගැමු නු
උ දේ සවස මුනිඳුට පසු සිහි කර නු
වි දේ සින්ගෙ දුසිරිත් පිළිකුල් කර නු
මෙ දේ කරන තුරු නැත වෙන්නේ දිවු නු
අමරසිංහ රාළහාමි ඒ කිවයත් ලියා ගත්තේ ය. ලියගෙන පුරාණ කාලයේ ගාලු නගරය පැවැති තත්ත්වය ගැන කරුණු කියන්නට පටන් ගෙන ලෝක ස්වභාවය කලින් කල වෙනස් වන අන්දම විස්තර කෙළේ ය. ගාලු පුරය නැව්තොට නිසා පිට රටින් බඩුගෙනෙන්නාවු ද මරෙට බඩු පිට රට යවන්නා වු ද ප්රනධාන වෙළඳ පළට පැවතුනේ සිංහලද්වීපය මනුෂ්ය වාසි වු කාලේ පටන් ය. ගාලු වරාය පරංගි ඕලන්ද කාලවල ඔවුන්ගේ යුද්ධ කටයුතුවල මුල් ස්ථානය කරගෙන තිබුණේ ය. ඕලන්ද ආංඩුවේ අගනුවර හැටියටත් ආංඩුකාරයාගේ ප්රනධාන වාසස්ථානය හැටියටත් ගාලු නගරය පැවැති තිබේ.
දෙ වැනි රාජසිංහ රජතුමා විසින් පරංගින් මර්දනය කරද්දී බලවත් සටන් ඇත්වුයෙත් ගාල්ලේදි ය. දැන් පවත්නා කොටුව ඕලන්දයින් විසින් බඳවන ලද්දේ කලින් තිබු පරංගි කොටුව සිංහලයන් විසින් විනාශ කර දැමුවාට පසුව ය.
05. පරිච්ජේදය
අ ප මෙසේ කථා කරමින් ඉන්නා අතර ඔර්ලෝසුවේ අට වැදුනේ ය. සිල්වා මහතුන්ගේ ගෙදර තිබු භෝජන ගන්නේ ඒ වේලාවට බැවින් අමරසිංහ රාළහාමි ඇතුළු පස් දෙනා ම රස මසවුලෙන් යුත් භෝජන අනුභවකොට දවන ලද මී කිරි ද අතිරේක වශයෙන් අනුභව කෙළෙමු. අමරසිංහ රාළහාමි සමඟ හුදකලාව කථා කරන්නට තිබෙන බැවින් අපට පිළියෙල කරන ලද නිදාගන්නා කාමරයට පැමිණ එහි තිබුණු පහසු ඇති පුටු දෙකක වාඩිවි අපේ කථාව පටන් ගන්නා ලදී.
මම - අමරසිංහ රාළහාමි සමඟ කථා බස් කෙළේ අද පමණකි. ඒ සුළු කාලය තුළ රාළහාමිගේ සෘජු ගතිය ගැන මම බලවත් ප්රීමතියකට පැමිණියෙමි. දැන් අප කථා කරන්නට යන්නේ ජිවිතයේ තිබෙන ඉතාමත් ම වැදගත් කාරණය ගැන ය. ඉතින් මෙය සුළුකොට සැලකීමත් මෙහි යම් යම් කරුණු
576 ඩෙබර කෙල්ල
සඟවාගෙන කථ කිරිමත් වැඩක් නොවේ. සත්යෙය සොයා ගැනිමට නම් අවංකවම ක්රිකයා කළ යුතුය. ඉතින් ඒ ගැනි විස්තර කිරිම අපට නැහැ නොවේ ද?
අමරසිංහ - අනේ වික්ර මපාල මහත්මයෝ, දැන් මගේ වයස අවුරුදු 66 කි. මේ දීර්ඝ කාලයෙන් අවුරුදු 40 ක් පමණ මම මට ම හොරෙක්ව වංචාකරයෙක්ව සිටියෙමි. විශේෂ වශයෙන් කාම තෘෂ්ණාව පවතින කාලයේදි මා වැටි වුන් ප්රිපාතය ඉතිමත් භයංකර ය. එ තැන් පටන් සත්යා සත්ය වශයෙනුත් බොරුව බොරුව වශයෙනුත් ම වැටහි ගියේ ය. උගත් ගිහි පැවිදි උතුමන් ආශ්රවය කරන්නට ලැබිමෙනුත් අභ්ය න්තර පරිශෝධනය සඳහා ලියන ලද ප්රරශස්ත ප්ර බන්ධ කියවිමෙනුත් ක්ර මයෙන් මට ලැබි තිබෙන ඥානයට දැන් මම නින්දා නොකරමි. ඒ දැන් ලැබි තිබෙන දැනිම අවුරුදු විස්ස තිහ කාලයේ දි මට තිබුණා නම් ඇත්තෙන් ම මගේ පුත්ර යා හා දියණිවරුන දෙදෙනාත් දිව්යප ස්වභාවයෙන් යුක්ත ය. මම දෙවියෙක්මි. මගේ භාර්යාව දෙව් දුවකි. දැන් එ යට ගිය කරුණු ගැන ලත ෙනාවෙමි. ඒ නිසා අබ මල් රේණුවක් පමණ වත් බොරු නොකියා මගෙන් අසනු ලබන කරුණුවලට පිළිතුරු දෙන්නෙමි යයි කිවේ ය.
අමරසිංහ රාළහාමිගේ අවංකකම ගැන බලවත් විශ්වාසයක් ඇති මු මම ඔහුගේ හිතක වේදනා නො වන පිණිස මෙසෙත් කිවෙමි.
“රාළහාමිත් මමත් අනිත් ලෝකයේ සත්වයෝත් නොවින්ද දුකක්වත්, සැපක්වත්, නුපන් පමත් ලෝකයත්, උසස් ආත්මවත් ඇත්තේ යයි නො සිතනු මැනමි. කුහුඹු, කෝඳුරු ගැඩවිල්, පනු ආදි කුඩා නීච සත්ව ජාතීන්, රූපවචාරාදි බ්රමහ්හම ලෝකත්, වසවර්ති ආදි දිව්යු ලෝකත්, මනුෂ්යාවදි කාම ලෝකත් අප්රබමාණ ය.ඉතින් එබඳු භවයක සැරිසරන අපි මේ ආත්මයේදි පහත් කෙනෙක් හෝ උසස් කෙනෙක් වි ඉපදිම ගැන ලජ්ජා වෙන්නට වත් කණගාටු වෙන්නට වුවමනාවක් නැත. ඒ හෙයින් අමරසිංහ රාළහාමිගේ මවුපියාදි පරම්පරාව නො වලහා මට කියන්නට.
අමරසිංහ - අනේ මහ්තමයේ, එය ඉතා ප්රීාතියෙන් කියන්නෙමි. මගේ පියා මා කුඩා කාලයේදි ම මැරි තිබේ. ඒ මගේ පියාණන් ගේ පියා ගම්බද ගොවියෙකි. අපේ මුල් ගමේ තොරතුරු වැඩි දුර
පියදාස සිරිසේන නවකථා එකතුව 577
ෙනා දන්නා නමුත් මා ටිකක් ධනවත් වුනාට පුස නැකම් කියාගෙන එන මිනිසුන් බැලුවාම ඒ ගම සුඛිත නොවු යන්තම් ජිවත් වන මිනිසුන් ගෙන් යුත් ගමක් බව පෙනේ. අපේ මැණියන්දෑ පියාගේ මරණයෙන් වැන්දඹුවු පසු ශිෂිටාචාර ලෙස කල් යවා තිබේ. අපේ පියා ශ්රසද්ධාවේන යුත් අනුන්ගේ විපතේදි හිත උනුවන කෙනෙක් ව සිටියේ ය. මා කෙරෙහි බලවත් ප්රේ මයක් දැක්වු අම්මා නොයෙකුත් මෙහෙකොට මා ඇතිදැඩි කළ නමුත් සෑහෙන ඉඩගනිමක් ලබා දිමට අත මිට නැති බැවින් දඩාවතේ පාහේ ෙලාකු වුනෙමි. මට වයස අවුරුදු 18 ක් පමණ වන විට මෑණියෝ ද මළහ. එතැන් පටන් වාසල වලම් වත්තේ මෙහෙකරුවකුව සිටියෙමි. කෑම දි මසකට රුපියල් දහයක් පඩි ලබමින් සිටි මා අවුරුදු 20 කු වනතුරු ම එ තැන සිටියෙමි. ඒ වත්ත අසල පදිංචි අශික්ෂිත ස්ත්රීරයක් වන ජනෝහාමි මගෙන් නොයෙකුත් උපකාර ගනිමින් ඇගේ දියණිය මට පාවා දීමට කටයුතු කළාය. එවකට වයස අවුරුදු පහළොවකට වැඩි නොවන කැරොලයින් - මගේ භාර්යව - කෙරෙහි මගේ හිතේ වැඩුණු ප්රේ මය කොයිතරම් ද කිවහොත් ඇගේ කලබල අවකල් ක්රිෙයා ආදිය මට ම කරන සංග්රලහ හැටියට වැටහුණේ ය. තවමත් නීතිප්රිකාර ඈ විවාහ කර නොගත් නමුත් ඒ ඉතාමත් ළපටි අවස්ථාවේ ඇගේ විකාර දුටු කවුරු වුනත් ඈ ඉන්න පළාතකවත් ඉන්නේ නැත. උසස් බලාපොරොත්තුවක් නැති ධර්ම ශාස්ත්‍කවාදි කිසිවක් ෙනාදත් කාම සැපත ජිවිතයේ පරමාර්ථය යි සිතා වුන් මම කැරොලයින්ට හා ඇගේ දුෂ්ට මවටත් මා උපයන තරම් දේ පමණක් නොව වංචා ප්රයයෝග කරමින් ද මුදල් උපයා දුනිමි. මනුෂ්යම ජිවිතයේ අභ්යරන්තර පරිශුද්ධ භාවයක් ගැන අබ මල් රේණුවක වත් දැනිමක් නොමැති මම කැරොලයින් විවාහ කර ගතිමි. ඉතින් මේ විවාහය වුනාට පසු ගිහි ජිවිතයේ ඇති කම්කටොලු සියල්ල ම වින්ද මට ඒ කිසිවක් අප්රි ය වුනේවත් ඒ නිසා වින්ද වද හිංසා මොකක්වත් නිෂ්ප්ර යෝජන යයි දැනුනේවත් නැත. ඉතින් ළමයි හත්දෙනෙක් ලැබුණා. එයින් හතර දෙනෙක් මැරුණා. ඒ මැරුණු ළමයින්ගෙන් එකෙකුට වත් අවුරුදු හතක් වයස වුනේ නැත. දැන් ඉන්නේ කුළුදුල් පුතත් තුන්වැනි දුවත්
578 ඩෙබර කෙල්ල
හතරවැනි දුවත් පමණකි.
මම - ඉතින් රාළහාමිගේ ජිවිත කථාවේ කොටස් කීපයක් මග ඇරුනා. කරුණාකර ඒ විස්තර කර දෙන්න. පවුල් වෙලා ෙකාපමණ කාලයක් දිළිඳුව සිටියා ද?
අමසිංහ - අපේ නැන්දම්මා වන ජනෝහාමි මැරෙන තුරු ම එදා වේල සපයාගෙන කන දිළිදෙක්ව සිටියෙමි.
මම - ජනෝහාමි මැරෙනවිට වයස කීය ද? එතකොට ළමයි කීදෙනෙක් ලැබිලා ද?
අමරසිංහ - එතකොට මගේ වයස අවුරුදු තිස් හතක් පමණ වේ. ළමයි හයදෙනෙක් ලැබිලා එයින් දෙන්නෙක් මැරිලා.
මම - නැන්දම්මා ගෙදර ඉඳිම ප්රවයෝජනයක්ව තිබුණා ද?
අමරසිංහ - දුවගේ කටයුතුවලට පහසු වුනා. දරුවන් බලාගැනීමෙන් ද යමක් සපයා දීමෙන් ද අපට ආධාර වුන බව කිය යුතුය.
මම - අමරසිංහ රාළහාමි පුරාණ බ්රාුහ්මණයින්ගේ කථා විශ්වාස කරන්නෙක් නොවේ නම් මම ඇත්තක් කියන්නෙමි. නැන්දම්මා කෙනෙක්. ඒ කියන්නේ භාර්යාවගේ මව් ගෙදර නවත්වා ගැනිම හා සමාන පාපයක් ලෝකයේ ඇත්තේ ම නැති බව පුරාණ පණ්ඩිතයන්ගේ කීමකි.
අමරසිංහ - (ටිකක් තිගැස්සී භය පත් වුනාක් මෙන් පුටුව කිට්ටු කර ගනිමින්) අනේ මහත්මයෝ එය කථා පළමු වරට ඇසුවේ අද යි. අපේ නැන්දම්මා අපේ ගෙදර නැවති වුන්නේ අවුරුදු දහහතරකි. ඒ අවුරුදු දහහතර තුළ සන්ඩු නුන, දවසක් කෝලහාල කර නොගත් දවසක්, දෙස් දෙවොල් නොකි දවසක් තිබුනා යයි මට මතක නැත. එහෙත් උන්දැ ඉන්නාතුරු අපට වගතුවක් නො තිබුණේ ‘නැන්දම්මා ඉඳිම’ නිසා බව වැටහුණේ දැන් බව සලකනු මැනැවි. ඒ දවස්වල නොයෙකුත් ජරමර වැඩ කරලා සමහර දිනවල රුපියල් හතර සම්ප කරනවා. අඟුරු බැමේ ෙකාන්ත්රා ත්තුවක් අරගෙන අවුරුදු කිපයක් වැඩ කළා. සමහර මාසවල රුපියල් හත්අට සියය සම්බ කරන තිබේ. එසේ වැඩි මුදලක් ලැබුණු මාසේ දි ළමයින් දෙකුන් දෙනෙකුට හෝ භාර්යාවක හෝ තදබල ලෙඩ වැළදි ඒ මුදලත් වියදම්ව රුපියල් පනහක් හැටක් ණය විම
පියදාස සිරිසේන නවකථා එකතුව 579
සිරිතකි. ලෙඩකි නොවැළඳුනොත් නඩුවක් හෝ කෝලහාලයක් වත් ඇති වේ. එසේත් නැත්නම් මඟල් ගෙයක් දෙකක් හෝ ඈත කමනක් වත් යන්නට සිදුවේ. ඇත්තෙන් ම ඊට හේතුව දැන් කාමලේ නිදහස් සෛවරි චාරිත්රි පුරුදු කරන “උගත් ස්ත්රී න්” කවටකම් කරන පැරණි බ්රා හ්මණ කිමක් වන “නැන්දම්ම ගෙදර නවත්වා ගැනීම සැපයෙක්” යන කීම බ්රාකහ්මණ පණ්ඩිතයන්ුගේ කිම ඉතාමත් සත්යන බව මට ප්රනත්යක්ෂ වුනා. අපේ නැන්දම්මාගේ නිරන්තර කරච්චලය අවුරුදු දහහතරක් විඳ දරාගෙන සිටියෙමි. නැන්දම්මාගේත් දුෂ්ට වු දුවගේත් කරච්චලයෙන් පීඩා විඳිමින් සිටි මට නාගරික සභාවේ ෙකාන්ත්රා්තුවක් ලැබුණා. ඒ නැන්දම්මා මිය ගොස් අවුරුද්දකට පමණ පසුව ය. ඒ කොන්ත්රා්ත්තුවෙන් රුපියල් පන්දාහක් පමණ ලැබුණා. එය මට පවරා දුන් මැම්බර් මහතාගේ කොටස මට ලැබුණු ලාබයටත් වැඩිය. ඒ මුදල බැංකුවේ තැන්පත් ෙකාට මාසයක් යන්නට ප්ර ථම රේස් ටිකැට් එකක් ඇදුනේ ය. රුපියල් හතළිස් දාහක දිනුම ලැබුණ හැටියේම මගේත් මගේ භාර්යාවගේ හා දරු තිදෙනාගේත් ගති ගුණ සම්පූර්ණයෙන් ම වෙනස් වුන හැටි ඇසුවොත් මහත්මයා පුදුම වෙනවා ඇත.
මම - ඒ මොකද? කරුණාකර විසතර කරන්න.
අමරසිංහ - මේ මුදල අපට ලැබුණු හැටියේ මගේ හාමිනේ සිටු දියණයක් විය. හත් මුතු පරම්පරාවේ ම සිටු සම්පත් විඳපු කුමාරිය්ක මෙන් කල්පනා කළාය. මගේ දුලා දෙන්නා හා පුතා නියම ම රාජ කුමාරියන් කුමාරයෙක් ලෙස වි පුදුම වෙනසකට පත් වුහ. කුඩා දවසේ පටන් “අම්මා - තාත්තා” කියමින් සිටි අපේ දරුවන් තිදෙන රේස් දිනුම ලැබි සතියක් ගත වෙන්නට ප්රමථම “මම්මා - පප්පා” කියන්නට පටන් ගැනිම ඇත්තෙන්ම පුදුමයක් නොවේ ද? මගේ හාමිනේට “නෝනා මහත්මයාය, වලව්වේ මහත්මයා ය”කිම ලොකු මදිකමක් මෙන් විය. “වලව්වේ හාමුදුරුවෝ”ය නොකියා කවුරු කථා කළත් ඒ ශබ්දය අසෙන්නේ නැත. කලින් ගෙදර දොරේ වැඩ ඉවුම් පිහුම් සියතින් ම කල මගේ ස්ත්රී.යට කුස්සියට යාම ඉතාමත් නින්දිත වැඩක් විය. අනේ
580 ඩෙබර කෙල්ල
මහත්මයෝ, මේ මුදල ලැබුණු හැටියේ ම අපේ ගෙදරට සිද්ධවුණු පුදුම වෙනස ගැන මට සිතාගන්නට වත් නොහැකි විය.
මම - ඉතින් අමරසිංහ රාළහාමිගේ සිත වෙනස් වුනේ නැද්ද?
අමරසිංහ - ඇත්තෙන්ම මගේ හිතත් වෙනස් වුනා. ඒ වෙනස්විම ද පුදුම අන්දමේ වෙනස්විමකි. මා තුළ කලින් පැමැති තදබල තණ්හාව අඩු වුනා. හිතේ පැවැති අහංකාරගතිය අඩු වි ඉතාමත් චාම් ජිවිතයක් ගත් කිරිමට කල්පනා වුනා. උදේ සවස තුනුරුවන් වැඳිමටත් දුප්පත් අසරණ අයට උදම් කිරිමටත් මගේ හිතේ තද කැමැත්තක් ඇති වුනා. කොටින් ම කියතොත් මා කුඩා කාලයේ වුන් පහත් තත්ත්වය ඉතාමත් සැපදායක යයි මට වැටහුනා.
මම - ඉතින් රාළහාමි භාර්යාවගේත් පුත්රා දුහිතාන්ගේත් කැමැත්තක් හැටියට ක්රි යා කරන්නට සැරසුනේ නැද්ද?
අමරසිංහ - ඇත් තෙන් ම ධනය ලැබුනායින් පසු මම ඔවුන්ගේ වාලෙක් වුනෙමි. වා සනාවකට මෙන් අපට ලැබුණු මුදලෙන් අක්කර පණහක් රබර් වත්තක් ගන්නට ලැබුනු තවත් ඉඩකඩම් හා ගෙවල් දොරවල් ද ගන්ට ලැබුණා. ඒවා ලැබිම නිසා මගේ හිතේ නම් උදාරම් ගතියක් ඇති වුණේ නැත. එහෙත් මගේ “නෝනාත්” දරුවනුත් කියන කියන අන්දමට කල්ගත කරන එක නම් ඇත්ත වශයෙන් ම සිදුවිය. එසේ නො කළේ නම් මට ජිවත්විමට ඉඩක් නැති බැවිනි.
මම - ධන සම්පත් ලැබෙන්නට ලැබෙන්නට නිහතමානිව චාම් ජිවිතයක් ගත කරන මිනිහෙක් සොයා ගැනීම ඉතාමත් දුර්ලභය. ඉතින් ඊට හේතුව කුමක්ද ? කියා රළහාමි කල්පනා කොට තිබේ ද?
අමරසිංහ - මට ඒ ගැන කල්පනා කිරිමට තරම් ඥාණක් නැත. කරුණාකර එය මට විස්තර කර දෙන්න.
මම - ඊට හේතුව අමරසිංහ රාළහාමිගේ මෑණියන් නිහතමානි නිරහංකාර කෙනෙක් විමයි. ගින්නකට කුණුන රොඩු වැටෙන තරමට ගින්න වැඩිවේ. එහෙත් ජලය වැටෙන තරමට ගින්න නිවි සංසිදේ. දරුවෙක් මාතෘ ගරුභයක පිළිසිඳෙන්නේ ක්රිමානුකූලවයි. එහෙත් ඒ මෑණියන්ගේ චිත්ත සන්තානයේ
පියදාස සිරිසේන නවකථා එකතුව 581
ඇතිවන තණ්හා, ක්රෝ ධ, ඊර්ෂ්යා , නොසන්සුන් ගිත ආදි දුර්ගුණ ගරුභස්ථ දරුවාගේ මොළේ තිබෙන සියුම් රන්ධ්රවල පිරේ. එමෙන් ම යම් මවු කෙනෙකුගේ චිත්ත සන්තානයෙහි හටගන්නා මෘදු ගති, කරුණා මෛත්රියය. ත්යාකගවත් සිතිවිලි, ප්රීපතිය සොම්නස ආදි උතුම් ගුණද ගර්භස්ථ දරුවාගේ මොළේ පිරේ. ඉතින් ළමයා උපන්නාට පසු එකුවන දුර්ගුණය්ත සත්ගුණයත් නිසා ගර්භයේදි ඇතිවුණු ගති ගුණ අඩු වැඩිව මුහුකුරා යන්නේ ය. මෘදු මොලොක් ගති ආදි සතුගුණ ජලයට සමානය. ඉතින් ස්වභාවයෙන් පිහිටා තිබෙන තාෂ්ණාව වැඩෙන සම්පත් ලැබිමෙන් අධික වනවිට මාතෘ ගර්භයේ ඇතිවු දුරුගුණ නැමැති කුණු කසල නිසා විෂ ම අහංකාරාදි ගින්නෙන් සත්වයා උමතු කෙරේ. එහෙත් ස්වභාවයෙන් පිහිටි තෘෂ්ණාව වැඩිවිමට හේතුවන ධන සම්පත් ආදිය එක්වුනත් මාතෘ ගර්භයේදි ඇති වු මෘදු මොලොක් ගති ආදි සත්ගුණ කල්‍යාණ මිත්රෙ සේවනාදියෙනුත් වැඩි දියුණුකර ගත් තැනැත්තාගේ ඒ සත්ගුණ නැමැති සිහිල් ජලයෙන් මාන අහංකාරාදි ගිනි නිවන බැවින් ධන සම්පත් ලැබිම නිසා විකාරයට පත් වන අයත් එසේම ධන සම්පත් ලැබිම නිසා වඩා ෙහාඳ ගති ගුණ පිහිටන අයත් ඇතිවෙති. ෙකාටින් “ඩෙබර කෙල්ලක්” මාතෘ කර ගෙන උපදින කිසිවෙක් සත්ගුණයෙහි නොපිහිටන බව තේරුම් ගත යුත ය.
අමරසිංහ - දැන් මහත්මයාගේ ප්ර ණිත ධර්ම කථාව මට මඳක් අවබෝධ වුනා. මගේ භාර්යාව ඩෙබර කෙල්ලන් බව මට නිසාක ය. ඉතින් මහත්මයෝ මගේ දුවරු දෙන්නත් ඩෙබර කෙල්ලන් මද? මගේ භාර්යාව දුෂ්ට මව් පිය පරම්පරාවක ඉපදි පහත් වැඩුණු කෙනෙකි. ඉතින් ඒ මගේ භාර්යාවගේ ගුනමය දරුවන්ට හිමි වේද? මා තුල පවත්නා සමහර ගති ගුණවත් ඔවුන්ට හිමි නොවේ ද? ඔවුන්ට ලබාදුන් ඉංගිරිසි ඉගෙනිමෙන් කිසිපලක් නො ලැබේ ද යනු දැන් මගේ හිතට ඇති මහත් බරකි.
මම - ඔව් අමරසිංහ රාළහාමිගේ ඥානවන්ත කල්පනාව ගැන ස්තුති කරමි. සමහර දරුවන්ට මවුගේ ගති ගුණත් සමඟ පියාගේ ගති ගුන ද එක්නව බව බටහිර ශාස්ත්රගඥායෝ කියති. එ හෙයින් රාළහාමි තුල පවත්නා නිරහංකාර කරුණාවන්ත භාවය ඇති
582 ඩෙබර කෙල්ල
වුනොත් වාසනාවකි. එහෙත් රාලහාමි වඩා හොඳ මිනිහෙක් වි තිබෙන්නේ එය දරුවන් ලැබුණාට පසුව බව මා සමඟ කළ කථා බස් වලින් පෙනේ. ඒ කොයි හැටි වුනත් පියාගේ ගතිගුණ දරුවන්ට පිහිටපු තැනක් මට දකින්නට ලැබුනේ කලාතුරකින් නිසාත් රාළහාමිත් කියන තිසා පරික්ෂාකර බලමු. රාළහාමිගේ දරුවන්ගේ ජම්ම දෝෂය හෙවත් මාතෘ ගර්භයේදි ඇති වු දුර්ගුණ ඔවුන් විසින් ලබල ඉගෙනීම නිසා හොඳ අතක යෙදුනේ යයි මම මොහොතකට වත් විශ්වාස නො කරමි. හොඳයි, ෙකායි හැටි වුනත් දැනට කොළඹ බෝඩිං වි ඉගෙන ගන්නා දුවරු දෙන්නා ගැනත් දැන් නිකම් පාහේ හැසිරෙන පුත්රගයා ගැනත් මම කරුණු විමසන්නෙමි. ඔවුන් තුන්දෙනා නියම ඩෙබරයන්ම ද යන්න හොඳින් ඔප්පු වුනොත් රාළහාමිටත් ප්රනත්යික්ෂකර දුන්නොත් රාළහාමි කුමක් කරන්නෙහි ද?
අමරසිංහ - (ඔලුවේ අත තබාගෙන) ඇත්තෙන්ම මහත්මයෝ, එසේ වුනොත් දැන් මා සන්තකව තිබෙන රුපියල් ලක්ෂයක් පමණ ධනයත් මා බලාපොරොත්තු වන උසස් පරම්පරාවත් සහමුලින් ම නැති වේද?
මම - සත්තකෙන් ම ධනයත් ඉඩගඩම් ආදියත් පමණක් නොව රාළහාමිගේ නාමයෙහි ද තාර ගෑවෙනවාට කිසිම අනුමානයක් නැත.
අමරසිංහ - එතකොට ඩෙබර වර්ගයේ කෙල්ලකගේ කුසේ උපන් දුවෙකුගේ හෝ පුතෙකුගෙන් කිසිම බලාපොරොත්තුවක් නැද්ද? ඩෙබර කෙල්ලගේ කුසේ ඉපිද ධනය ඉඩකඩම්, නම් ගම විනාශකර රටට සාපයක් වුණු ගැහැන් ළමයකු හා පිරිමි ළමයුක ගැන මහත්මයා දන්නෙහි ද?
මම - ඇත්තෙන් ම රාළහාමි ඩෙබර කෙල්ලන්ගේ බඩේ ඉපිද මවු පිය පර්ම පරාවට පමණක් නොව රටට ද අන්තරා ය කොට තමනුත් අපාය දුක් හා සමාන දුක් විඳ මැරි ගිය ස්ත්රී පුරුෂයන් දහස් ගණනක් මම දිනිමි. කොටින් කියෙතාත් ඩෙබර කොල්ලකගේ බඩේ ඉපිද ඉතාමත් ප්රිණිත ඉගෙනිමකුත් නො ලැබු එක ද කෙනෙක් ලෝකයේ ජිවත් වන්නේ නැත. මේ නිරවශේෂ වචනයකි.
පියදාස සිරිසේන නවකථා එකතුව 583
අමරසිංහ - එතකොට මහත්මයා කියන්නේ “ඩෙබර කෙල්ලක්” දරුණු “දෙබරයකටත” වඩා භයානක බවයි. දැන් ඉතින් කරන්නට දෙයක් නැත. මේ රටෙන් ඩෙබර කෙල්ලන් අතුරුදන කිරිම හා සමාන පුණ්යයකර්මයක් නැති බව මට වැටහේ. ඉතින් එය ප්රමත්යක්ෂ කරගෙන මහත්මයාගේ අවවාදයෙහි පිහිටිම දැන් මගේ බලාපොරොත්තුවයි. ඒ නිසා මගේම දරුවන් ඩෙබරයන් ද කියා නිසැකව පරීක්ෂා කර දෙන තුරු මහත්මයා හොඳනි ම දන්නා ඩෙබර කෙල්ලක ගේත් කොල්ලෙකුගේත් සවිස්තර ජිවිත කථා දෙකක් කියා දෙන්න.
මම - හොඳයි, සවිස්තරව කියෙතාත් දීර්ළ වනබැවින් ඉතාමත් ම ලුහුඬින් කථාන්තර දෙකක් පමණක් කියමි. එයින් පළමුෙකාටම අසන්නට කැමැති ඩෙබර කෙල්ලන් ගැන ද නැතහොත් කොල්ලෙක් ගැන ද?
අමරසිංහ - කෙල්ල ගැන පළමුකොට කියා නැවත කොල්ලා ගැන කියන්න. දැන් වේලාව තුනයි. එළිවනතුරු අනිත් තුන් පැයත් මේ කථාවට කාලය ගත කරන්නෙමි.
මම - අම්බලංෙගාඩ පළාතේ මුදලි කෙනෙක් වුන්නේ ය. ආංඩුවේ සේවයෙන් හා වෙනත් ක්ර මවලින් ධන ඉපයු මොහු මසුරෙකි. ඉතාමත් තද මසුරෙකි. අන්තිම කාලේ මුදලි නමින් ප්රාසිද්ධව සිටි මොහුත් ඩෙබර වර්ගයේ ය. ඔහුගේ භාර්යාව ද ඩෙබරියකි. ගෙදර වියදමට ඉතා පරික්ෂාවෙන් මුදල් දෙන මොහු පොල්බැව, දෙහි ඇස්ස පවා ගණන් ගත් කෙනෙකි. මොහුගේ භාර්යාව වැඩි ප්රීඩතියක් “දඩබඩ” කමක් නැති දුර්වල ස්ත්රිායක් වුවා ය. මේ මුදලි තැනට ලැබුණේ එකම දියණියකි. එකම දියණියක් ලත් මේ ලෝබි මුදලා තැන ඒ දියණිය සිය ජිවිතයටත් වඩා හොඳින් ආරක්ෂා කළ බව කියන්නට වුවමනා නැත. මේ පළමුවැනි පන්තියේ ඩෙබර කෙල්ලට තුප්පහි ගැහැනියක් ආයාකමට පත්කර ගෙන ඇති දැඩි කෙළේ ය. පවුය පින්ය වන කිසි හිඟිමක් නැති මේ මුදියන්සේ කුරුඳු පොල් ආදි විශාල වතුත් නොයෙක් නගරවල ගෙවලුත් ඇති ඉඩම් හිමියෙක් විය. ස්වකීය ඥාතීන්ට ටත් රටවැස්සන්ට වත් කිසිම පලක් නැති මේ මුදලි තැන කන්යා මඩමක නවත්වා දියණායට ඉගැන්නුවේය. මව්පිය දෙපසින් ම පරම්පරා කිපයක් ම “ඩෙබර” වු මේ කෙල්ලත් විශේෂයෙන් ඩෙබර ධර්මය
584 ඩෙබර කෙල්ල
උගන්වන පාසැලක ඉගෙණිම නිසා ලෝකයේ ඇතිතාත් අධම ගතිවලින් පරිපුර්ණ විය. මවුපියන් කෙරෙහි බලවත් පිළිකුලක් ඇති මේ තරුණිය නිවාඩු කාලයට ගෙදර ආ විට ඒ අසල්වැස්සන්ට වසංගතයක් පැමිණි කලක් මෙන් කරදරයක් විය. බළලුන් තැනිමට ඉතාම්ත පිළිකුල කරනනියකි. මවු සමඟ නිතර ම දබර කරන මේ දුෂ්ට ඩෙබරි මවුට හිංසා කරන පිණිස මවුගේ ඇඟේ බළලුන් දමයි. සමහරවිට බළලුන් සෝදන වතුර ඇඟට දමයි. ස්වකීය මෑණියන් ට පිළිකුල් වු මේ බළල් පලහිලව්ව නිසා මේ තැනැත්තිය මවුගේ පරම සැතිරියක් වුවාය. එක් දිනක් මවත් සමඟ දබර කරගෙන බළලෙකු මරා මස් කොට මවුට කන්නට දි ඒ කෑවායිනන් පසු “උඹ බළලුන්ව පිළිකුල්රකන නමුත් අද කෑවේ බළල් මස්ය”යි කියා ඒ මෑරූ බළලාගේ සමත් කකුල් හා නකුටත් මෑණියන්ට පෙන්වා තිබේ. අහෝ දුෂ්ට කමක මහත! ඒ අසරණ දුර්වල ස්ත්රි” වමනය කරන්නට පටන්ගෙන එයින් ම බලවත් රෝගයකට ගොදුරුව මිය ගියාය. මවත් පියාත් දෙන්නා ම මිය යාම නිසා ලක්ස පහක පමණ දේපල හිමි වු තරුණිය කොළඹ පදිංචියට ආවාය. අවුරුදු තුනකට වැඩි කාලයක් මේ ඩෙබර තරුණිය කළා වු අරුම පුදුම ගර්හිත දුශ්චරිත විසත්ර කරන්නට කිසිවකුට බැරි තරම්ය. මෑ ළඟ නැවති සිටි අප්පුලාත් වැඩකාරයෝත් පනස් දෙනෙකුට වඩා තරමක ධනවත් අය වු නමුත් මැගේ ධනය කෙසේ අන්තර්ධාන වි දැයි කියන්නට බැරිය. ගිනයේසිලින් විසිඑකේ හෙවත් රුපියල්දහමාරේ සුවඳ කුප්පිය එකවිට ම ලේන්සුවේ දමා කුප්පිය ඉවතට විසිකර දමන මේ තරුණිය සමහර රාත්රි යකදි ක්රී්ඩ බැලිමත් සහිත වියදම් රුපියල් එකදහස් පන්සියයකින් අවසන් කළ බව ඈ ළඟ සිටි අප්පු කි ය.
අවුරුදු පහකට වැඩි නො වන කාලයක දි රුපියල් ලක්ෂ පහකට අඩු නොවන ධනය විනාශ කර ග්ත මෑ අවුරුද්දකට වැඩි කාලයක් මරියකඩේ ආදි ස්ථානවල පිස්සියක් මෙන් හැසිරෙමින් කානුවල ලගිමින් හිඟාකමින් විසු අන්දම දුටු දහස් ගණන් ජනයා තවමත් ජිවත්වෙති. දරුණු ගර්හිත රෝග වලින් පෙළෙමින් නගරයේ පාරක් තොටක් ගානේ සිඟි කෑ මෑට තිබුණු ධනයත් තත්ත්වයක් සලකා බලන විට “ඩෙබර කෙල්ලක්” නුනා නම් රජ කුමාරියක් මෙන් සුව
පියදාස සිරිසේන නවකථා එකතුව 585
සේ ඉන්නට ඉඩ තිබුණේ ය. පරම්පරාගත ඩෙබර පවුලක ඩෙබර මවු කෙනෙකුගේ බඩේ ඩෙබර පියකුට දාව ඩෙබර ආශ්රතයෙන් ම ඇතිදැඩි වි ඩෙබර ඉගෙනීමකුත් ලබා ගත් ඩෙබරියක් නිසා මේ ලෝකයේ දිම නරකාද දුකට පත් වු නමුත් දෙතුන් ක්රතමයකින් පමණක් ඩෙබර නුනා නම් ඩෙබරයන් බෝ කරමින් කලකවත් මෙලොව වාසය කරන්නට බැරිකමක් නැතැ”යි මේ කථාන්තරය කියා අවසන් වන විට නිදිමත සංසිඳෙන පිණිස අමරසිංහ රාළහාමිත් මමත් බුලත් විට බැගින් කෑවෙමු.
ඩෙබර වරිගයේ ස්ත්රීය පුරුෂයන් පිළිබඳව විශේෂ ඉගෙනිමක් රටේ පතළවි ගියොත් රටට වන මහත් යහපත සලකා බලන කෙනෙකුට ඔවුන් පිළිබඳ කථාන්තරය දහසක් ඇසුවත් මදිය. මිට අවුරුදු හැටකට පමණ ඉස්සර පිටිසර ගමකින් ඉතා අසරණ මිනිහෙක් කොළඹට පැමිණියේ ය. මේ දුප්පත් මනුෂ්යියා අසරණ වු නමුත් ඩෙබර වර්ගයේ නොවේ. ඔහු කොළඹට අවුත් කුඩා සිවුපද පොත් වෙළඳාම ආරම්භ කෙළේය. ඒ කාල සම්පත්තිය හිමි වු මනුෂ්යතයා ක්ර්මයෙන් මුදල් සපයන්නට පටන් ගත්තේය. ඉතාමත් යටහත් පහත් ගුණයෙන් යුත් මේ මනුෂ්යයයා ප්රයසිද්ධ විහාරස්ථානයක නායක හාමුදුරු කෙනෙක් සමඟ මිතුරු විය. ඔහුගේ ශ්රපද්ධා භක්තියත් නිහතමානි ගතියත් නිසා ඒ හාමුදුරුවන්ගේ ආධාර උපකාර ද බොහෝ විය. අවුරුදු හත අටක් ගත වන්නට පෙර තරමක ධනයක් උපයා ගත් මොහුට ඩෙබර වර්ගයේ ස්ත්රි යක් භාර්යාවක් විය. ඩෙබර ස්ත්රීන කොතරම් දරුණු වුනත් මේ මනුෂ්යාගගේ නිහතමානිකම ආදි ගුණ කිසිවක් වෙනස් නුනේ ය. උත්සාහයත්, අපරාපරියවේදනිය කර්මයක උදාවිමත් කාලසම්පත්තිය්ත නිසා නො සිතු තරම් දියුණු වට පත් මේ මනුෂ්යවයාට ඩෙබර භාර්යාවගෙන් පුතෙක් ලැබුණේ ය. මොහු පියාග් ගෙති ගුණ කොහෙත් ම ෙනා ලැබු නියම ම ඩෙබරයෙක් විය. ඉතින් මේ ගුණවත් මනුෂ්ය්යා කවදාවත් නොසිතු තරම් ධන සම්පත් ලද නමුත් තමාගේ උපන් තත්ත්වය මතක නැති නො කෙළේ ය . ඒ නිසා පුත්රා යත් භාර්යාවත් අනිත් ඥාති මිත්රුයනුත් කොතරම් අයුතු ලෙස ලෝකය පෙරලන්නට උත්සාහ කළ නමුත් නො හැකි විය. පුත්රනයා ද අතිශයින් ම දරුණු වු නියම ම ඩෙබරියක් හා විවාහ විය. ඔවුන්ට ලැබුණු පුත්රා දුහිතෘන් ඩෙබර වර්ගයේ ඉහල ම පන්තියේ අය විය. පන්සලේ ඉතුරු වන බත කා ජිවිතය ආරම්භ කළ මේ මනුෂ්ය යාගේ ගෙදරට මාස් පතා කිරි බෝතල 250 ක් වුවමනා විම
586 ඩෙබර කෙල්ල
අද්භූතයක් වුවත් ඒ සත්යායකි. ඔසර් 250 ක් අල්මාරියේ තිබෙද්දි වෙසක් දින පන්සල් යාමට අළුත් ඔසරියක් නොගෙනා නිසා පන්සල් නොගිය මිණිබිරියක් නාකි මිනිහාට දකින්නට ලැබි මගේ අභාවයෙන් අවුරුදු පහක් යන්නට ප්රේථම උඹලා කලින් මා වුන් අඩියෙනුත් පහලට බසිනවා ඇතැයි පුතාට කියු වාර අප්ර මාණය. ඉතින් ගුණවත් නාකි මිනිහා මළේ ය. ඊළඟට ඒ පවුලට කුමක් වීද? අවුරුදු 5 ක් යන්නට ප්‍් ථම ලක්ෂ ගණන් තිබුණු ධනයත් ඉඩකඩනුත් කළ රැකීරක්ෂාවලුත් සම්පූර්ණයෙන් විනාශ කරගෙන අන්තිම දුගි බවට පත්ව දැන් රටට කෝලමක්වි තිබේ. මේ එක්තරා ඩෙබර කථාවකි. මෙබඳු කථාන්තර දහසක් දනිමි”යි කීවාම අමරසිංහ රාළහාමි මෙසේ ප්රාශ්න කෙළේ ය.
අමරසිංහ - ඉතින් මහ්තමයෝ, මේ ජිවිතය අවසන් වන තුරුවත් ඩෙබර වර්ගයේ මිනිස්සු ඉතා ඉහළ ගියා නම් ඔහුගේ දරුවන්ගේ කාලයේදිම සම්පූර්ණයෙන් නැතිවි යාම දැන් සිරිතක්ව තිබේ.
මම - ඇත්තෙන්ම ඒක තමා පුදුමය. ඩෙබර වර්ගයේ මිනිස්සු ඉතා ඉහළ ගියා නම් ඔහුගේ දරුවන්ගේ කාලයේදිම සම්පූර්ණයෙන් නැතිවි යාම දැන් සිරිතක්ව තිබේ.
අමරසිංහ - එසේ වෙන්නට කාරණය කුමක් ද?
මම - එය ඉතාමත් ප්රටවේසමෙන්, ගැඹුරු කල්පනාවෙන් තේරුම් ගත යුත්තකි. ඩෙබර වර්ගය අයත් නැති අසරණ මිනිහෙක් විරියත් නුවණත් ෙයාදා යම් කිසි කටයුත්තක් කිරිමේදි ඔහුගේ පෙර කුසල කර්මයක් මතුවුනොත් ඉතාම්ත් ප්රයසිද්ධ ධනවතෙක් හෙව්ත පොහොසතෙක් වන්නේ ය. යම්කිසි අහේතුවකින් ධනවත් වු මේ අළුත් පොහොසති තමාගේ පරණ තත්ත්වය මතක නැති කොට ගුණ ධර්ම ප්ර තිපත්ති ආදිය මතක නැති කොට දන මදයෙන් මත්ව ඩෙබර වර්ගයේ ස්ත්රීපයකුත් විවාහ කරගෙන් අනාර්ය සිරිත් විරිත් වල ගැලි සිමාන්තිකව කල් ගත කළොත් ඔහුට නො අනුමානව ම ලැබෙන්නේ සතර අපායෙන් චුතවන පහත් පවුකාර දරුවෙකි. නොහොත් කීප දෙනකි.
ඉතින් මේ දරුවා කොතරම් පවුකාරයෙක් වුවත් මවුපියන්ගේ ධන සම්පත් හිමි කරගෙන උපන් බැවින් ඒ මවුපියන් ජිවත්වන තුරු ඒ ධනයෙන් ප්රේයෝජන ලැබෙනු ඒකාන්තය. එහෙත් මවුපියන්ගේ අභාවයත් සමඟම ඒ ධනය ක්රපමයෙන් විනාශ කරගෙන අන්තිම
පියදාස සිරිසේන නවකථා එකතුව 587
කාලකණ්ණි බවට පත්විම නියත ය. ඊට හේතුව ඩෙබර වර්ගයේ නොවන පියා නුවණින් විරියේන ඉපයු ධන සම්පත් පරිහරණය කිරිමට ඩෙබර වර්ගයේ කෙනෙකුට ශක්තිය මදි විම ය. අධික ධනවත් බවක් නැතිව යන්තම් ජිවත් විමට නම් ඔහුට බැරි කමක් නැත. ඒ නිසා සමහර නුවණැති පියවරු තම දරුවන් ඩෙබරයන් බව හෙවත් පවුකාරයන් බව දැනගත් හැටියේ තමන්දුක සේ ඉපයු ධනය මේ පහත් දරුවන් විසින් විනාශ කර ඔවුනුත් විනාශ වන බව දන්නා හෙයින් ඒ ධනය ලෝකාර්ථදායක වැඩක යොදවා ඒ කාලකණ්ණි ඩෙබර දරුවන්ට යන්තම් මොකවත් ඉතුරු කර තබති.
ඒ ක්රිවයාව කරන්නට පිළිවන් උත්සාහයෙන් හා ඥානයෙන් ධනය උපයා නො මග නො ගිය නුවණැති ස්තපුරුෂයකුට පමණකි. මුළාවිමකින් ඩෙබර ස්ත්රීඋයක් විවාහ කරගත් නමුත් අන්තිමේදි කාරණය තේරුම් ගත් සත්පුරුෂයා දරුවන්ටත් බලවත් හානියක් නොකොට යන්තම් ජිවත්විමට තරම් ඔවුන්ට යමත් තබා තමා ඉපයු ධනය ලෝකාර්ථදායක සත් ක්රිවයාවකට දෙන්නේය. යම් ෙකනෙක් කොස් පැලයක් හිටවා එය හදිසියෙන් මෙන් පිදි ඒ ගසට උසුලන්නට බැරි තරම් ගෙඩි රාශියක් පලගත්තොත් එයින් රාශියක් කඩා දමා වැල ප්ර්වේශම් කර ගැනිම ගොවියාගේ යුතුකමකි.
එ මෙන් ම හදිසියෙන්, පරම්පරාගතාව නො ලැබි තුමු ම පොහොසත් වුණු මනුෂ්යායා නැතහොත් නිලයක් තලයක් ලැබු තැනැත්තා විනාශයට කරගන්නා මෝඩකමකි. දීර්ඝ කාලයක් අවිච්චින්තව පවත්නා පරම්පරා සියල්ලම යථා ක්රකමයේන ටිකෙන් ටික උසස් බවට පත් කර ගත් පරම්පරා බව පෙනේ. එක වරටම ඉතා ඉහල නගින මිනිහාගේ දෙවැනි පරම්පරාවත් ඒ නැග්ග් තත්ත්වයේම නො පවති. මේ නිසා ප්රනතිපත්ති අතින් දුර්වල ඩෙබර වර්ගයට වැටුණු දරුවන් ඇති මවුපියවරු විශේෂ වශයෙන් දරුවන්ට ඉතා සුළු වශයෙන් ජිවත් වන්නට සලස්වාදි නො මැරුනොත් උපයා තබන ලද මහත් නය නාස්ති කොට අන්තිමේදි ඒ මිය ගිය මවුපියන්ගේ මුහුණේ ද දැලි ගාන බව අත්දැක තිබේ. කුමක් නිසා ද? ප්රිතිපත්ති විරහිත ඩෙබර වර්ගයේ දරුවන්ට ධනය නො ලැබුණොත්
588 ඩෙබර කෙල්ල
ලෝකයටත් තාමටත් ඒ තරම් ම අනර්ථයක් කරන්නට බැරි හෙයින් ය”යි කි පසු අපේ කථාව නවත්වන ලදි.
06. පරිච්ජේදය
උදේ හය විය. මුහුණ කට සෝදාගෙන උදේ ආහාර පාන ගත් පසු අමරසිංහ රාළහාමිත්, සිල්වා මහතාත් උන්නැහේගේ මවුපිය දෙ දෙනාත් මා කෙරෙහි පැහැදුන තරම් ප්රිකාශ කොට ස්තුති කළෝ ය. තවද අමරසිංහ රාළහාමිගේ දුව, ග්රේදස් හදන්නට බැරි තරම් ඩෙබරියක් වි තිබුණොත් සිල්වා මවු පිය දෙදෙනා පමණක් නොව ග්රේසස්ගේ පියා වන අමරසිංහ රාලහාමිවත් ඈ විවාහ කර දීමට සතුටු නැති බව කිවේය. ළදරු කාලයේ ප්රේාමය නිසා සිල්වා මහතා ග්රේමස් අත්හැර අන්යු ස්ත්රීරයක් හා විවාහ වීමට වැඩි කැමැත්තක් නැතත් අමරසිංහ රාළහාමි ස්වකීය දියණිය කෙරෙහි ආදරයක් නැති වුනොත් ඈ විවාහ කර ගැනීමෙන් වැඩි පලක් නැති බව සලකා “හොඳයි වික්ර මපාල මහතාණනි. ග්රේ ස්ගේ තත්ත්වය ඉතා හොඳින් පරීක්ෂාකොට බලා මට දන්වන්න. යම් විධියකින් ඇගේ තත්ත්වය නිසැක ලෙස අවබෝධ කර දුන්නොත් වික්ර මපාල මහත්මයාට සුදුසු තෑග්ගක් දෙන්නෙමු”යයි කීයේ ය.
මම ඊට සතුටුව ග්රේයස් නෝනා නිසැක ඩෙබරියක් ද නැද්ද යන බව මාස තුනකට ප්රමථම ප්ර්ත්ය ක්ෂ කර දෙමියි පොරොන්දු වු පසු සිල්වා මහත්මයා මාත් සමඟ කොළඹ පිටත් විය. අමරසිංහ රාළහාමි රාත්රිකය නිදිමරා ගෙදර ගොස් නිදාග්තතේය. අමරසිංහ නෝනාත් ළමයින් කවටකම් කරන්නට පටන් ගත්හ. “වික්ර මපාල කියා කොතැනද බොරු කාරයකුට රැවිටි පප්පා නිදිමැරූ හැටි හතර හිනාවකි. ඩෙබර කෙල්ලන් කොල්ලන් ඩෙබර ගෑනුන් පිරිමින් කියා මිනිස්සු කොයින්ද? මිනිස්සු නම් ඔවුන්ට පුළුවන් හැටියට කමින් බොමින් සෙල්ලම් කරමින් ප්රී ති වෙමින් සැපසේ ඉන්නට ඕනෑ වරිගයකි. ධර්මයත් ප්රකතිපත්තියත් පරණ කථාන්තරයකි. පප්පා නිදිමැරූ නිසා හොඳවායින් විෂ්කි අඩියක් ගසා නිදා ගත්තාම ඔක්කෝම හරිය යි කිහ.
අමර සිංහ රාළහාමි දරුවන්ගේ හා භාර්යාවගේත් විහිළු තහළු වලට සිත් යොමු වෙනුවට බිහිරෙක් වාගේ හොඳටම නිදා
පියදාස සිරිසේන නවකථා එකතුව 589
ගත්තේ ය.
අමරසිංහ රාළහාමිට ස්වකීය බිරිදත් දරුවොත් කවටකම් කරන බව අපට දැනගන්නට ලැබුණේ කොළඹ ආවාට පසුව ය. ඉතින් ද සිල්වා මහාත මට විශේෂ වශයෙන් මෙසේ කිවේය. “අපේ මැණියන් සතුටු කර දුන මැනැවිත ග්රේෂස් විවාහ කර ගැනිමට ෙනා ලැබුණොත් මම විවාහ නොවෙමි. එහෙත් මගේ මෑණියන්ට අකිකරුව කිසිත් නො කරමි. එ හෙයින් වික්රනමපාල මහතා කරුණාකර උපකාරයක් කරන්න. ග්රේකස් ගැන විරම් කළ බවත් ඈ ඩෙබර කෙල්ලක් නොවන බවත් අපේ මවුට කියන්න. ඊට සතුටු පඬුරක් වශයෙන් රුපියල් දාහක් දෙන්නෙමි.
මගේ හිතට මහ්ත ලැජ්ජාවක් හා කණගාටුවක් ඇති විය. අතේ සිල්වා මහතාණනි. ඇත්ත නැතිකොට, නැත්ත ඇති ෙකාට කියා රුපියන් දාහක් ගැනීමට තරම් නීචයෙක් නම් මට “වික්රවමපාල” යන නාමය සුදුසු ද? දැන් සිංහල ජාතිය ඉතා පහත් තත්ත්වයකට වැටි තිබෙන බව මහත්මයාගේ මේ ඉල්ලිමෙන් ප්ර්ත්ය ක්ෂ වේ. මහ්තමයා වර්තමාන කාලයේ කෙරෙන ඉගැන්විමේ අග්රිස්තානයට පැමිණි කෙනෙකි. ඉතින් එබදු කෙනෙකුත් රුපියල් දාහක් අල්ලස් දි ඇත්ත නැත්ත කරන්නට හදෙතාත් පහත් පන්තියේ නුගත් සිංහලයෝ කොතරම් ගර්හිත වැඩ නො කරත් ද? ස්වකීය ආගම ගුන ධර්ම නිලතල නිසාත් තරුණියන් නිසාත් පාගා දැමු නිචයන් ඉන්නා රටක් පරදේශින්ගේ කෙළි මඩුල්ලක් විම පුදුමයක් නොවේ . දැන් මහත්ම ගතිය අපේ රටින් අන්තර්ධානව ගොස් තිබේ යයි මම පරැන්කාශ කරමි. ඊට ප්ර ධාන හේතුව ඩෙබරියන්ගේ කුසවල නීච ඩෙබරුන් හැ ඩෙබරියන් පිළිසිඳ ගැනිම බව මට ප්රඩත්ය ක්ෂ වි බොහෝ කල් බැවිනි.
මහත්මයාගේ පෙම්වති පිළිබඳ සත්යක ප්රළවෘත්තිය මිස අබ මල් රේණුවක තරම් වත් බොරුවක් මම නො කියමි. මහත්මයා උත්පත්තියෙන් ම ඩෙබරයෙක් නොවේ. ඊට නිසැක සාක්ෂියක් නම් “මම අවිවාහකව ඉන්නවා මිස මගේ මෑණියන්ට අකීකරු නො වෙමි” යි කිම ඉතා උතුම් මව් ගැබක උපන් කෙනෙකුට මිස අනිකෙකුට කිය නොහැකි ය. ග්රේිස් හොඳ කෙනෙක් බව කියන්නට යයි මට රුපියල් දාහක් අල්ලස් දෙන්නට යෝජනා කෙළේ මහත්මයා ලබා තිබෙන “මින්කි බ්රෑයන්ඩිරිලා ඉගෙනීමේ” වරදිනුත් ආශ්රවය කරන පහත් මිත්ර යන් නිසාත් බව මට වැටහේ මහත්මයාගෙන්
590 ඩෙබර කෙල්ල
මට සතයක්වත් වුවමනා නැත. මහත්මයාට ප්ර යෝජන වුනත් නුනත් ග්රේ ස් ආදි ඩෙබර කෙල්ලන් සමුහයක් විපරම් කොට විස්තරයක් ලියන්නෙමි. ඒ මගේ උත්සාහයෙන් එක මිනිහෙක් එක පවුලක් හැදුනොත් මට රුපියල් ලක්ෂයක් ලැබුණාට වඩා අගනේ ය. දැන් අපේ ජාතිය කපටි ආත්මාර්ථකාමි කුහකයන්ගෙන් දුෂිත බව ඇත්තකි. එහෙත් -
සුර ඟඟ තරඟ කිරිසිඳු එව් යස පැතු රු යුග තග දිනිඳු තද තෙද සහමුලින්ද රු දිය තග සිහළ ජාතිය පෙර විකුම් ස රු තණ අග පිණිසෙ කෙලෙසක දැන් වෙද නිය රු
ඉතින් සිල්වා මහතාණනි, රුපියල් දෙ තුන් දාහක් මසකට උපයන මිනිහා දිනකට සත පනහක් උපයන අසරණයාගෙනුත් රුපියල් පහක අල්ලසක් ලැබුණත් සතුටින් පිළිගන්නා කාලයකට දැන් අපි පැමිණ සිටිමු. එහෙත අපේ ජාතියේ ආයුෂයෙන් දෙදාස් පන්සියයක් ඉදිරියට තිබේ. ලෝකනාථයන් වහන්සේගේ ශ්රේනෂ්ඨ ශාසන රත්නය ආරක්ෂා කිරිමට නියත විවරණ ලැබු සිංහල ජාතිය තව දෙතුන් වරක්වත් යථා තත්ත්වයට ෙනා පැමිණ ශුන්යර විය නොහැකි ය. දෙවන පෑතිස්, දුටුගැමුණු, සද්ධාතිස්ස, භාතිකාභය, සංඝබෝධි, පරාක්රගමබාහු, චම්පකමල්ල. රාජසිංහ ආදි උත්තමයන් උපන් සිංහලද්වීපයේ එබඳු උතුමන් උපන් මේ රට දැන් ඉන්නා කුහක ආත්මාර්ථකාමින්ට හැමදාම උරුම විය හැකි ද? එ නිසා ද සිලවා මහතාට ඉවසිය නොහැකි තරම් ලජ්ජාවක් හටගෙන මගෙන් සමාව ඉල්ලා තමා විසින් දිමට අදහස් කළ තෑග්ග හෙවත් අල්ලස ඉවත් කරගෙන මට ස්තුතී කරගෙන මට ස්තුති ෙකාට යන්නට ගියේය.
එදා රාත්රිග ග්රේ ස් ගැන කල්පනා කරන්නට පටන් ගත් මට ඇතිවුණ සිතිවිලි කියවන්නාගේ විනෝදය පිණිස කාව්යර භාෂාවෙන් කියන්නෙමි.
වතා පුල් සසෙව් නෙතු නිළුපුල් සදි සි ඉතා නිල් වරල දිගු මුදු මල් ගැව සි යුතා දුල් රතොට රදලිය පැහැති නි සි නැතා ඇල් ම නොවනෙක් දැක මෙරූ රැ සි
පියදාස සිරිසේන නවකථා එකතුව 591
මල් දම් පැරයු අත් අග කොමල රතැ’ඟි ලි
පුල් සර සරන තිසරෙව් පියයුරු බැබැ ලි
ගල් වන සුවඳ සුනු සිය ගතෙහි පැහැදි ලි
කල් බද මෙබඳු දැක ඉඳිතැකි දෝ නො ඇ ලි
පැළ ඳ සිනිඳු පට සළු සුරඟනක ලෙ ස බොළ ඳ රස වදන් පිරි මුව අමා ලෙ ස මෙලෙ ඳ පිටින් ඔප ඇති අනඟ ලිය ලෙ ස කිම ඳ කියනු පියකට පිරි සොළොස් ව ස
එන මුත් ග්රේ ස් නම් දරු මෙ රුවැති යුව ති හොඳ නැත් යයි යමෙක් කියතොත් යුතු නො වෙ ති මෙම යුත් රුවක් පිනකින් මිසක නො ලැබෙ ති නිසි නැත් අයට ගැරහුම් මහ පවක් වෙ ති
එ සේ නම් කරුණ කිම ඈ නො තක න්න කෙ සේ හැකි ද බිරිඳක් තෝරා ග න්න ඇ සේ ලෙඩක් නැති සිල්වා මැතිඳු න්න දි සේ ඇගෙ රුසිරු සුරඹක් සම ව න්න
පින යි යුග නුවන් ඈ දුටු හැටියේ ම දැවෙ යි රා නළින් රස බස් ඇසුනා ම හැඟෙ යි සුර සැපත ඈ ගැන සිතුවා ම කිව යි නො කිවයි මෙ ලෙසයි වැටහ ම
ඉති න් මෙ බඳු තරුණියකට බැඳුණු සි ත රවි න් යුතු දනැ’ති තරුණෙක් මේ දිය ත විඳි න් නේ නැතිව ලැබුණොත් ගිහි සැප ත සිටි න් නට සමත් නම් පුදුමයක් වෙ ත
පිට තින් ඔපය සහ අඟපසඟ පියක රු මිස අන් කිසිත් සලකන්නට මෙ දිය තු රු සම තුන් දහසකින් එකෙකුත් නොවේ සු රු එබැ වින් මැන බලමු අඟනකගෙ තොරතු රු
592 ඩෙබර කෙල්ල
ව ත සර නුවන් නිළුපුල් දිගු නිල් වර ල නැ ත පවතින්නේ කිසි කෙනෙකුගෙ දිය තු ල කැ ත කුණු යුත් එ රුවමත් වේමය වික ල අ ත රක් නැතිව දින දින වේය පිළිකු ල
න මු ත් මේ සිරුර තුළ ඇතිව පවති න ප ස ත් ගුණ නුවණ සමඟින් ම පිනව න සි රි ත් සත් දහම් දත් බලය අපම න වැ ඩෙ ත් දිනෙන් දින එය පුදුමයක් ව න
ඒ සේ පසත් ගුණ නුවණට නු ගොදු රු වි සේ පයෙන් රුසිරෙන් අග පත් සිරු රු දි සේ සකල පිරි කළගෙඩි සෙ විසිතු රු කෙ සේ හැකි ද වැඩකට ගන්ට නිසි යු රු
ස ත් ගුණ නුවණ නො පිහිටි යම් කෙනෙකු තු ල නැ ත් මය සත් සිරිත් හෝ සෑහමේ බ ල නි ත් තම දිරන සිරුරත් සමඟ දිවි තු ල අ ත් කර ගනි දුක වැඩි වැඩි ව හැම ක ල
දහමක් ගුණක් විරියක් නුවණක් නො මැ තී සිරුරක් තිබෙන කෙනෙකුන්ගේ නියම ග තී බඳුනක් දිරන පිරැවු කසල එක යු තී දවසක් පාසා ම ඒ දෙවගෙම දිර තී
දිර තත් බඳුන එහි තුළ තැබුව මිණි මු තු බැබ ලෙත් නො දිරා ම වැඩියෙන් වි දිමු තු එම යුත් පිනැතියන්ගේ සත් ගුණ පැව තු මැරු ණත් වඩ වඩා දිස් වේය මතු ම තු
සැප තින් දිරන සිරුරට වැඩියෙන් රුවැ ති සුප සන් ගුණ දහම් සමගින් සත් සිරි ති පිළි ගන් නට යුතුය සත් දන වැඩ කැමැ ති එබැ වින් ‘ග්රෙතස් සලකන්නට ඉඩක් නැ ති
පියදාස සිරිසේන නවකථා එකතුව 593
ඩෙබ ර මවගෙ කුස තුළ දස මසක් වැ ස
නිත ර ලෝබ දොස් මෝ සිත් පිරි හි ස
අත ර තුරෙහි ඇගෙ දුසිරිත් දැක සියැ ස
කව ර දිනක වත් නොම විඳ දහම් ර ස
අ න රිය යුදෙව්වන්ගේ පල් බොරුවක ට ප න දී ගැතිව දුසිරිත් රැගෙන හිස පි ට වැ න සෙන ‘ග්රේ ස්’ ගේ රුව සලකන කල ට කැ න හිල් රැවටුනා මෙනි කෑල මලක ට
එබැවි න් කදිම තරුණ සිල්වා මහ තා ගලව න් නෙමි මෙ රුදු ඩෙබරිය කර ඉව තා ඩෙබරු න් ඩෙබරියන්ලක ඇති නොවන යු තා සිහලු න් හට කියා දෙන්නෙමි රසැ’ති ක තා
මේ කවි තනා එක වරක් කියවා ප්රීාතියට පත් මට සුවසේ නිදා ගන්නට පිළිවන් විය. හිතේ කරදර ඇති වු විට හිත නිශ්චල කර ගැනීමට ඉතා ම හොඳ උපක්රටමය නම් රසවත් අර්ථාන්විත කවි පංතියක් කියනා එහි අර්ථය මෙනෙහි කිරිම බව මට ප්ර ත්යඅක්ෂ වු වාර බොහෝ ය. හිත නොසන්සුන් බවට පවත් වු විට සමරු මත් පැන් බොති. සමහරු ගෙදර උදවිය සමඟ සන්ඩු දබර කර ගනිති. මේ දෙවිදියම අශිෂ්ට පහත් මිනිසුන් පුරුදුකරගෙන තිබෙන අවැඩදායක උපක්ර ම වෙති. හිතට කරදර පැටළිලි ඇති වු විට ඉතා රසවත් පොතක් බැලීම හෝ උගන් සත්පුරුෂයකු සමඟ කථාබස් කිරිම හෝ හිත නිශ්චල කර ගන්නා වැඩදායක උපක්රරම බව සැලකිය යුතුය.
පසු දින උදේ ග්රේ ස් පිළිබඳ තොරතුරු ටිකක් විමසන අදහසින් ප්රදසිද්ධ ආචාර්ය වරයකු ළඟට ගියෙමි. ඔහු ග්රේුස් ඉන්න ස්කෝලේ ආචාර්යවරයෙක් නො වේ. එහෙත් සිංහල ජාතිය දියුණු කිරිමට වැඩ කරන බව කියමින් මහත් ප්ර්සිද්ධියක් ලබාගෙන ඉන්නා කෙනෙකි. ඒ ආචාර්ය තැන මගේ නම හොඳින් දන්නා මහතෙකි. ඔහුගේ මිම්මෙන් මා වත් මැන බලා ගත් කෙනෙක් බව ටික වේලාවක් කථා කරන විට මට වැටහුණේය.
“වික්රටමපාල මහත්මයා මුණ ගැසීම ගැන සතුටු වෙමි. අපේ රට ජාතිය ගැන කථා කරන්නට සුදුසු කෙනෙක් ලෙස මම සලකමි. මොකද මේ පැත්තේ ආවේ යම් කිසි ප්රුකට රහසක් දැනගන්නා පිණිස දැ”යි සිනහසෙමින් මගෙන් ඇසුවේ ය.
594 ඩෙබර කෙල්ල
මම - තමුන්නාන්සේ අපේ රටත් ජාතියත් දියුණු කරන්නන්ගෙන් කෙනෙක් බව පෙනේ. ජාතික ඉගැන්ව්මේ ප්රපධානියෙක් බව ද ප්ර සිද්ධ ය. එහෙයින් මේ රටේ ඩෙබර කෙල්ලන් හා කොල්ලන් බෝවිම ගැන නමුන්නාන්සේ කුමකින් කුමක් කල්පනා කර තිබේදැයි දැන ගැනීමත් මගේ පැමිණිමේ එක් අදහසකි.
ආචාර්ය - (පුදුමයෙන් මෙන් මා දෙස බලා) මොකද වික්ර මපාල මහතාණනි, ඩෙබර කෙල්ලන් ය කොල්ලන් ය කියන්නේ කාට ද මම ඔය වචනය වත් ඇසුවේ අදමයි. දැන් අපේ රටේ එබඳු කෙල්ලන් හා කොල්ලන් සිටිත් ද? ඔවුන් තෝරා ගන්නේ කොහොමද ඔවුන්ගේ ගති ගුණ කොහොමද කරුණාකර මටත් වැටහෙන ලෙස ඒ කියා දුන්නොත් බොහොම හොඳ යි.
මම - තමුන්නාන්සේ තරහ නො වෙතොත් ඩෙබර කෙල්ලන් හා කොල්ලන් විස්තර කරමි. එය “කෙළෙහිගුණ නො දන්නා” තැනැත්තියට හා තැනැත්තාට හිමි නාමයකි. එහෙත් ඇත්ත වශයෙන් සලකා බලතොත් යකඩ දා ගිය ගෙයක කොට්ට මෙට්ටාදි සැහැල්ලු භාණ්ඩ කිසිවක් ඉතිරි නොවන්නාක් මෙන් කෙළෙහිගුණ නො දන්නා කෙනෙකු තුළ සත්යි වශයෙන් කිසි ගුණයක් ඇත්තේ නැත. එහෙත් සමහර කපටි අය තම තමාගේ ප්ර්යෝජනය පිණිස ඒ ඒ වේලාවට පොදු ජනයා මුළා කරන පිළිස යම් යම් ෙහාඳ කථා බසුත් හොඳ යෝජනාවලුත් කරමින් ඉතා හොඳ මිනිසුන්ගේ ජාති හිතෛෂින්ගේ වේසය පෙන්වති. ඇත්ත වශයෙන් සලකා බලන විට දැන් අපේ රට ඝනාන්ධකාරයෙන් අඳුරට රෞද්ර වු විෂ කටුවලින් ගහණ වු ඝනාන්ධකාරයෙන් අඳුරුව රෞද්රු වු විෂ කටුවලින් ගහණ වු කොටි ගව වලස් ආදි සතුන් ගහණ වු වනාන්තරයකට. සමාන ය.
ආචාර්ය - එහෙම කියන්නට එපා. මිට අවුරුදු පනහකට ඉස්සරින් පැවතියාට වඩා දැන් අපේ රට කොමණ දියුණු ද, කොතරම් උගත් ජනයා සිටිත් ද, කොපමණ ශාස්ත්රර ශාලා හා පාඨශාලා තිබේ ද, මහත්මයා කියන්නේ දැන් අපේ රට දියුණු නැත කියා ද?
මම - අපේ රට, සිංහලද්වීපය, ලංකාද්වීපහ, මිට අවුරුදු පණහකට කලින් තිබුනාට වඩා වැවිලි අතින් හා වෙළදාම අතින් දියුණු
පියදාස සිරිසේන නවකථා එකතුව 595
නැතැයි කියන්නට බැරි ය. එහෙත් ඒ රට! අපේ ජාතිය?
ආචාර්ය - අපේ ජාතියත් දියුණු බව පෙනේ. දැන් ඉංගිරිසි භාෂාව උගත් අයත් ආංඩුවේ උසස් තනතුරු දරන අයත්, අද්වකාත්, පෙරකදොරු, දොස්තර ආදි උසස් ජනයාත් අපේ ජාතියේ කොපමණ සිටිත් ද?
මම - මහත්මයා මිරිඟුව දන්නෙහි ද? වාලුකාන්තාර වලට ඝර්ම සුර්ය තාපස වැටි වැලි රත් වු විට ජලය ගලන්නාක් මෙන් රළ නගිමින් ඇති වන මිරිඟුව වැනි “ජාතික දියුණුවක්” දැන් සිංහල ජාතිය පිළිබඳව වත් ඇතිවි පවති. එහෙත් ඒ බව වැටහෙන්නේ දාහකගෙන් කෙනෙකුට දෙන්නෙකුට පමණි. කාන්තාරයේ රැළි නඟින මිරිඟු ජනය මරිචිය හෙවත්, මිරිඟුව හැටියට වැටහෙන එක ද මෘගයෙක් නැත. නුවණැති මිනිසෙකුට පමණකි ඒ වැටහෙන්නේ. එමෙන් ම දැන් සිංහල ජාතිය පවත්නේ ඉතාමත් අනතුරුදායක තත්ත්වයක ය. ඇත්ත වශයෙන් කියතොත් ඇත්තේ නම පමණකි.
ආචාර්ය - එහෙනම් ජාතියක් වශයෙන් සිංහල ජනයා ගණන් ගත නො හැකි ද? මහත්මයා කියන අන්දමට සිංහල ජාතිය වඳ වි සුන්යස වි යා ද? දැන් සිංහලුන් ජාතියක් හැටියට සලකන්නට බැරි ද?
මම - තමුන්නාන්සේ “ජාතික වීරයෙක්” හැටියට ප්රැසිද්ධ කෙනෙකි. එබඳු කෙනෙකු තුළ වත් අවංක නිසැක ජාතික හැඟිමක් නැත්නම් තමුන්නාන්සේලා වැන්නන්ගේ මාර්ගෝපදේශයෙන් වැඩෙන දරුවන් තුළ හැඟිමක් ඇත වේ ද?
ආචාර්ය - මහත්මයා කියන්නේ ඉතාමත් පැටළිලි සහිත ගැඹුරු කාරණයකි. මිට අවුරුදු හැට හැත්තෑවක් කලින් විසු “අමුඩිත්තන්” ලෙස මුළු ගැන්නී නොසිට ඉංගිරිසි ආදී භාෂා ශස්ත්ර් ඉගෙන ආංඩුවේ උසස් තනතුරු ලබාගෙන අලංකාර ලක්ෂණ ගේ දොර තනාගෙන මොටෝකාර් ආදි රථ වාහන තබාගෙන මස් පාන් ආදී ඕජා වඩන ආහාර අනුභව කරමින් කාමාශාව අධික කරන විස්කි, බ්රැ න්ඩි ආදිය බොමින් ස්ත්රීු පුරුෂ කවුරුත් නිදහසේ හැසිරෙමින් කානිවල් ආදි උත්සව පවත්වමින් උසස් තත්ත්වයක ජිවත්විම සිංහල කමට නරකය කියනවා ද?
596 ඩෙබර කෙල්ල
මම - මහත්මයා අපේ ජාතිය දියුණු කරණු සඳහා අවශ්යි මෙහෙයක යෙදි සිටින කෙනෙකි. එබඳු කෙනෙක් සාමාන්යණ ස්ත්රීය පක්ෂයට පහත් යුරෝපීය සභ්යනත්වයත් අධික නිදහසත් ස්වේච්ඡාචාරි භාවයත්, ප්රිතිපත්ති, විරහිත කාමුක ජිවිතයත් හොඳය කියතොත් අප ජාතියේ විනාශය, අන්තර්ධානය කිවමනා නොවේ. දැන් අපේ රටට බලවත් අන්තරායක්ව පවත්නේ ස්වකීය මාතෘ භාෂාවෙන් කල්පනා කළ හැකි ඉංගිරිසි ආදී යුරෝපීය භාෂාත් උගත් නියම සිංහලයන් මාර්ගෝපදේශකයන් නොවිම ය.
ආචාර් - දැන් මහත්මයාගේ කල්පනාව විජය කාලයට සිංහලයන් ආපසු අදින්නට ද?
මම - මහත්මයාගෙනුත් සතුටු දායක වචනයක් අසන්නට ලැබුණා. ඒ ගැන ස් තුතියි. සිංහල ජාතිය මේ පසුවි යන අවුරුදු දෙදාස් සාරසිය අසු හතරේදි විසි වරක් පමණ සංස්කරණය වි තිබේ. සර්වඥයන් වහන්සේ පිරිනිවන් පෑ දවසේ ලක්දිවට පැමිණි විජය කුමාරයා සහිත පිරිස ලක්දිව විසු යක්ෂ නාග රාක්ෂ කියන මනුෂ්යමයන්ට මිශ්ර විමෙන් හා ඔවුන් අතර පැවති චාරිත්රේ වාරිත්ර් පුරුදු විමෙන් ඒ පිරිස දඹදිවින් එද්දිට වඩා එක්තරා ප්රිතිසංස්කරණයට පත්වි තිබේ. ඒ පිරිස හෙවත් එවකට පැවැති සිංහල ජාතිය භද්දකච්චායනා කුමරිය හා පිරිස පැමිණි පසු තව වරක් සංස්රකණය වි තිබේ. උතුරු දඹදිව සභ්යපත්වයත් සමඟ ප්රරතිසංස්කරනය වු ඒ පිරිස දඹදිව බ්රා හ්මන පණ්ඩිතයන් ගෙන්වා ඉතාමත් ප්රරශස්ත ප්රිතිසංස්කරණයක් ඇති කර ගත්හ. ඒ ප්ර්තිසංස්කෘත සිංහල ජාතිය දේවනම් පියතිස්ස රජු දක්වා දවසින් දවස දියුණු වෙමින් වාසය කෙළේ ය. සකල ජම්බුද්වීපය ම සුඛිත භාවයට ශාන්ත බාවයට පමුණුවා තථාගත සම්මා සමුබුදු රජාණන් වහන්සේගේ ධර්මාමෘතයෙන් ලොව සැනැහු ද්විප චක්රාවර්ති රාජ කුමාර මහා මහේන්ද්ර් මහ රහතන් වහන්සේ ලක්දිවට වැඩම කර මුලු සිංහල ජාතිය අති ශ්රේ ෂ්ඨ තත්ත්වයකට පමුණුවා ඉතා උසස් සංස්කරනයක් ඇති කළ සේක. ඒ ප්රතතිසංස්කරණය වනාහි සිංහල ජාතියේ පුණ්යරවර්තනයන් උපදවන පවුකාරයන් නුපදවන ප්රතිසංස්කරණයක් විය. මිහිඳු මාහිමියන් හා සංඝ
පියාදස සිරිසේන නවකථා එකතුව 597
මිත්රාිවන් වහන්සේත් ප්ර මුඛව ඇති කළ ඒ සංස්කරණය අවුරුදු සියයකට වඩා නිරුපද්රිනතව පවතිද්දි සොළි බලය අධික වීමෙන් සිංහල ජාතිය සංකීර්ණ විය. සංකීර්ණ විමත් සමගම ඇතිවන බලවත් දුරුගුණය වන ආත්මාර්ථකාමි ගතිය පැතිර යාමෙන් සුළු පක්ෂයක නොමග යාමෙන් ඇති වු ඒ දුර්ගුණය දෙළ බලය අධික විමට ආධාර වු පසු ලක්දිව උපන් ගැමුණු කුමාරයා දෙමළ සංහාරය කොට භේදව පැවැති ත්රිප සිංහලය තව වරක් සමගිකොට ඉතාමත් විශාල සංස්කරණයක් ඇති කෙළේ ය. ඒ ප්ර්තිසංස්කරණය දීර්ඝ කාලයක් පැවැති නමුත් දක්ෂිණ ඉන්දියාවේ ජනයාත් උතුරු ඉන්දියාවේ ජනයාත් නිතර පැමිණිම නිසා තව වරක් සිංහල ජාතියේ තේජවන්ත භාවය මඳක් පිරිහි නැවතත් දෙමළ බලය වැඩුණේ ය.
මෙසේ වරින් වර නොයෙක් රජ දරුවන්ගේ වරදින් හා නිකාය භේද, රාෂ්ට්රව භේද, පක්ෂ භේද ආදිය ඇතිවීමෙන් ද සංකීර්ණවිමෙන් ද පිරිහි ගිය සිංහල ජාතිය මහා පරාක්රසමබාහු කුමාරයාගේ කාලය වන විට අතිශයින්ම දුර්වල බවට පැමිණියේ ය. ධර්ම ශාස්ත්රය දැනිමෙන් පිරිහි ගිය සිංහල ජාතිය ප්රමතිපත්තියෙන් හා සමගියෙන් ද ධනයෙන් ද බලයෙන් ද පිරිහී ගියේ ය. සිංහල ජාතිය ඒ පරාක්රනමබාහු කුමාරයා ඉතාමත් පරිශ්ර මයෙන් සම්පුර්ණ ප්රිතිසංස්කරණයකට පැමිණ වුයේ ය. ඒ පරාක්ර්මබාහු මහීපාලයන්ගේ කාලයේ සිංහල ජාතිය එක් ප්රිමාණයකට සංකීර්ණ වි තිබුණු නමුත් ඒ තුමාගේ තේජෝ බලසම්පන්න ආඥාව නිසා සිංහල සංකීර්ණයන් තුළ පැවැති ද්රුවිඩවාදි පහත ලෙස අතුරුදන්ව පරිශුද්ධ වංග ලෙයට මිශරකීර වු ශාක්යන ලෙය තව වරක බලසම්පන්න විය. බෞද්ධ සභ්යලත්වයෙන් හා උසස් ප්රශතිපත්තියෙන් ද යුත් නිර්භාත පරාර්ථකාමි ජාතියක් විය. මුලු ලක්දිව ම එක හා සමාන යස ඉසුරෙන් සුඛිත මිනිසුන්තගෙන් සම්පූර්ණ වු පසු නිතර අවැදායකව පැවැති දකුණු ඉන්දියාවේ සිංහල බලය පතුරුවා ඒ දකුණු ඉන්දියාවෙන් මේ රටට අවුරුදු පතා අයබදු ද එවිමට සලස්වන ලද්දේ ය.
අවුරුදු පහක් පමණ පැවැති මහා පරාක්රසමබැහු ආඥා චක්රඉය එසේ ම ගෙන යාමට එතුමාට අතිජාත පුත්ර යෙක් නැතිවිම සිංහල ජාතියේ දුර්භාග්ය විය. කල්යාඑණ බිසවගේ කාලය ඉතාමත් කලබල සහිත විය. ආත්මාර්ථකාමි නිලධාරින් නිසා ආංඩු බලය දුර්වල විය. ‘කාලිංග මාඝ’ නම් ෙසාලි රාජුට අවස්ථාව ලැබුණේ ය. පරාක්රයමබාහු රජ
598 ඩෙබර කෙල්ල
කාලයේ සිංහල හමුදාවක් වශයෙන් පුහුණු කරනු ලැබ සිටි ද්ර.විඩයන් ද මාඝයේ පක්ෂය ගෙන සිංහල රාජ්යවය ද්ර විඩයන් අතට පත් කළ බව පෙනේ. මාඝ රජ ලක්දිවට පැමිණි පර සතුරන්ගෙන් ඉතා ම දරුණු තැනැත්තාය. එළාර රජුටත් වඩා උපාය දක්ෂ වු මොහු බෞද්ධාගම දුර්වල කොට සිංහල සාහිත්ය ය ද සහමුලින් ම විනාශකර දැම්මේ ය. මහා වංශය ආදි සිංහල පොත් කීපයක් හැර එවකට තිබුණු නානා ශිල්ප ශාස්ත්රත පිළිබඳ වු ද ජාතිය, රට, ආගම පිළිබඳවු ද ගද්යය පද්ය පොත් දහස් ගණනක් විනාශ කොට පරාකරු ම සමුද්රටය නම් මහ වැවේ ඉතාමත් උස් අඩි හැත්තෑවක් පමණ වු වැව් බැම්ම කඩා නැගෙනහිර පැත්තේ ගම් නියම් ගම් නගර දහස් ගණනක් විනාශ කරළ මාඝයා නිසා නො මැරි දිවි ගලවා ගත් සිංහලයන් ටික දෙනා මායා රටටත් රුහුණු රටටත් පැන ගත්හ. රජ රට ද්රයවිඩ බලයට තව වරක් යටත් වුණා පමණක් නොව කුල සංකීර්ණයෙනුත් ජාති සංකීර්ණයෙනුත් රට භේදවි දුර්වල විමට පටන් ගත්තේ ය.
මාඝයාගේ බල බිඳෙන විට සිංහල ජාතිය අමුතු ම ජාතියක් විය. දෙවැනි පරාක්රණමබාහු රජතුමාගේ පියාණන් වන විජයබාහු නැවතත් සිංහලද්විපය හිමි කරගත් නමුත් ඒ කාලයේ පැවතුනේ අමුතු ම ජාතියකි. නා නා ශබ්ද ශාස්ත්රරදිය හොඳින් උගත් දෙවැනි පරාක්රමමබාහු හෙව්ත දඹදෙනි පරාක්රශමබාහු රජතුමාගේ කාලයේදි තව වරක් සිංහල ජාතිය සංස්කරණය විය. දැන් අපට හිමිව තිබෙන ගැඹුරු රසව්ත සිංහල පොත් ඒ තුමාගේ කාලයේ දි ලියැවුණු ඒවාය. රජතුමා ම මහා පණ්ඩිත වු බැවින් විශුද්ධි මාරිගයට සන්නයක් ලියන ලදි. බුත් සරණ, දම් දරණ, සඟ සරණ, අමාවතුර, ධර්මප්රතදිපිකාදි ශ්රේ්ෂ්ඨ ග්රතන්ථ ලියු ගුරුළුගෝමි මහා ආචාර්ය වරාදිනගෙන් හැඩ ගසුණු ඒ සිංහල ජාතිය ඇත් සෙල්පුර පරාක්රධමබාහු දක්වා පැවතියේ ය. අභ්යංන්තර කෝලාහලත් පර සතුරු කෝලාහලත් නිසා දුර්වල වෙවි ආ සිංහල ජාතිය කෝට්ටේ හෙවත් ජයවර්ධනපුර පරාක්රසමබාහු නොහොත් සවැනි පරාක්රලමබාහු රජතුමාෙග් කාලයේ දි නැවතත් ප්රොතිසංස්රකණය වි ප්රබබල වු බව කරවිම සිංහල ජාතියේ දියුණුවට අසහාය හේතු වු බව දෙවන පැතිස් කාලයේ පටන් ම ප්රරත්යවක්ෂ වු සත්යුයෙකි. ධර්ම ශාස්ත්රර දැනීමෙන් තොර සතර සංවර සීලාදි ගුණ විරහිත පහත් නීච මිනිසුන් ශාසන ගතව විසු යම් කාලයක් ඇති වි ද ඒ කාලයේ සිංහල ජාතිය ඉතාමත් දුර්වල දුඃඛිත පහත් තත්ත්වයක පැවැති බව පෙනේ.
පියදාස සිරිසේන නවකථා එකතුව 599
ක්රිේස්තු වර්ෂ 1555 සිංහල ජාතියේ ඉතාමත් අපල කාලයක පටන් ගැනිම සිදු විය. රට අභ්ය්න්තරගත විරුද්ධවාදිකම් වලින් වර්තමාන කාලේ ඒජන්ත (දිසාපති) මෙන් රජවරු කීප දෙනෙක් රජ කරන්නට පටන් ගැනීම නිසා දුරුවලව පවතිද්දී ක්රිනස්තු වර්ෂ 1505 දි එවකට යුරෝපයේ ඉතාමත් බලසම්පන්නව සිටි වෘතුගිසි හෙවත් පරංගි නම් සුදු මනුෂ්ය1 වර්ගයා ලක්දිවට පැමිණියේ ය. කෝට්ටේ හෙවත් ජයවර්ධනපුරයේ රජ කළ බුවනෙකබාහු රජුගේ කාලයේ දි මේ විපත සිදු විය. භේද භින්නව, අසමගිව, දුර්වලව, අඥාව සිටි සිංහලයන් රවටා පරංගියා කොළඹ නැව්තොට අයිත් කර ගත්තේය.
ඒ කාලයේ ඉතාමත් බලවත් ජාතය වු සියුම් දේශපාලන ඥානයෙන් හා සුරවිර භාවයෙන් ද යුත් පරංගියා කිසි අපහසුවක් නැතිව ලක්දිව තත්ත්වය හොඳන් විමසා බලා රට හිමි කර ගන්නට උපක්රුම යෙදුයේ ය. ඔවුන් පෙරදිග රටවල් හිමි කරගත් ප්ර ධාන උපාය මාර්ගය ලක්දිව දී ද ඉදිරිපත් කර කඩුවත් මත්පැන් බෝතලයත් බයිබලයත් යන තුන කොළොම් තොට ආදි මුහුදු බඩ පෙදෙස්වල ජනයාට පිළි ගැන්වුහ. එවකට මෙහි තිබුණු සුරාවට වඩා රෞද්රන වු පරංගි සුරා බෝතලයට වසඟ කරගැනීමට ඉතාමත් පහසු පිරිසක් ද මේ මුහුදුබඩ පෙදෙස්වල විසු බව පෙනේ.
පරංගියාගේ වසඟයට පිරිසිදු සිංහලයන් පැමිණවිම ඉතාමත් දුෂ්කර කාරණයක්ව පැවැත්තේ ය. මේ නිසා සිංහල කුමාරවරුන් කීපදෙනෙකු විසින් පවත්වන ලද දුපිළවළේ දුර්වල ආංඩු යටතේ විසු සිංහලයන් හැමදාම පරංගින් පිළිකුල් කළ බැවින් උපායෙහි දක්ෂ පරංගින් මුහුදු බඩ පළාත්වල විසු මිනිසුන්ට ඔවුන්ගේ ආගමත් චාරිත්රාත් පුරුදු කරවා ඔවුන් බලවතුන් කළ බව පෙනේ. ක්රි්ස්තියානි ආගම කොයිම ආගමක් වත් තේරුම් ගත නොහැකි නුගත් මුහුදු බඩ සෙනඟ සිංහල කතා කරන දෙමළුන් වුහ. ක්රිේස්තියානි ආගමේ ගැලවුම් කාරයා වන ක්රිංස්තුස් තුමා ද අනාර්ය (සැමිටික්) ජාතිකයෙක් වු නිසා ඒ ඒ දේට ඒ ඒ දෙය ඇද ගැන්මේ ස්වභාව ධර්මය දත් පරංගි මුහුදුබඩ විසු අනාර්ය සංකීර්ණ මිනිසුන් ක්රිැසතියානි කරගැනීමෙන් පරංගි බලය පිහිටුවා ගන්නා ලදි. ඉක්බිති සිංහල භාෂාවත් ධර්ම ශාස්ත්රසත් මුහුද බඩ පළාත්වලින් අතුරුදහන් විය. පුත්තලමේ සිට දෙවිනුවර තෙක් තිබුණු අලංකාර විශාල වෙහෙර විහාර දස දහස් ගණනක් විනාශ කළ පරංගියා ඔවුන්ගේ නුගත් පුජකයන් ලවා සංකීර්ණ නුගත් සිංහලයන්ට රුචිවන අන්දමේ පොත් පත් ද
600 ඩෙබර කෙල්ල
සිංහලෙන් ලියවයේ ය. දේවවේද පුරාණය හා යාච්ඥා පොත් ආදිය සිංහල භාෂාව පහත්කොට අනාර්යයන්ට රුචිවන අන්දමට ලියන ලද පොත් වෙති. මේ පහත් පොත් පාඨශාලාවල ඉගැන්විමට පටන් ගත් තැන පටන් සිංහලද්වියේ “වහල්” හිත අටගැනුෙණ් ය.අවුරුදු එක සිය තිස් පහක් පමණ කාලයක් පරංගියාගේ ගිය නමුත් සහමුලින් ම විනාශ කළ නොහැකි වු බව පෙනේ. සීතාවක විසු පළමුවන රාජසිංහ රජු පරංගියාට තදබල පහර දුන් නමුත් පිතෘඝාතනය නිසා උම්මත්තක වු ඔහු සිංහල සාහිත්ය යන් බුද්ධ ධර්මයත් රටින් මකා දමන්නට උත්සාහ කළ බැවින් ඔහුගෙන් රටට වැඩක් නො විය. ඊට පසු මහනුවර රජ කළ විමලධර්මසූරිය රජුගේ පුත්රන දෙවැනි රාජසිංහ කුමාරයා යුද්ධ ශිල්පය නිපුණ කර ගෙන පරංගියා සමුලාඝාතනයෙන් විනාශ කොට මුහුදුබඩ බළාත් එවකට ඉතා ප්රනසිද්ධ යුරෝපීය ජාතියක් වන ඕලන්දයින්ට ගිවිසුමක් පිට බාරදෙන ලදි. එඒවේලාවට ඒ රජුට කළ හැකිව තිබුණු ඉතා ම හොඳ උපක්රුමය වුවත් ඕලන්දයින් විසින් පරංගින්ට වඩා සියුම් උපක්රැමවලින් සිංහල ජාතිය පරිහානි මාර්ගයේ යොදවන ලද. අවුරුදු එකසිය තිස්පහක් පමණ හිමිකර ගෙන වුන් මුහුදුබඩ පළාත් ඉංගිරිසි ජාතිය විසින් පොරොන්දුවක් පිට ඕලන්දයින් ගෙන් බාරගත් නමුත් මුළු සිංහලද්වීපයම අත්පත් කර ගන්නා තුරු ඉංගිරිසින්ට අස්වැසිල්ලක් නැති විය. පරංගි ඕලන්ද දෙ ජාතිය ඉතාමත් සුළු වශයෙන් ප්රවයෝජන ගත් ලංකාද්විපය මුළුමනින් ම ඉංගිරිසින් අත්පත් කර ගැනීමෙන් අවුරුදු දෙදාස් තුන්සිය පණස් තුනක් මුළුල්ලේ සිංහලයන් විසින් පවත්වන ලද සෛවරිභාවය නැමැති දිව්ය බලය සම්පූර්ණයෙන් මතක නැතිවි ගියේ ය.
පරංගි මේ රටින් යන විට සිංහල ජාතිය ඊට කලින් කවදාවත් නොවු විරූ විකට ජාතිය්ක වුයේ ය. ඔවුන්ගෙන් පසු මුුහුදුබඩ පළාත් ඕලන්දයන් හා උඩරට පළාත් දුර්වල සිංහල රජවරුන් විසින් ආංඩු කිරිම නිසා තවත් දුර්වලව විකෘතව පැවැති සිංහල ජාතික අමුතු ම දුෂ්ප්රආතිසංස්කරණයකට පැමිණියේ ය. ඉක්බිති මුහුදුබඩ පළාත් ඉංගිරිසි විසින් ද උඩරට පළාත් වඩිග කුමාරයන් විසින් ද පාලනය කිරිම නිසා සිංහල ජාතිය පටන් ගෙන අවුරුදු දෙදාස් තුන්සියයක් වු දීර්ඝ කාලයක් තුළ නොපැමිණි තරම් ඛේදජනක දුෂ්ප්රාතිසංස්කරණයකට පැමිණි සිංහල ජාතිය මුළු සිංහලය ම ඉංගිරිසි ජාතියට යටත් වු පසු මේ දැන් පවත්නා දුෂ් ප්රහතිසංස්කරණයකට
පියදාස සිරිසේන නවකථා එකතුව 601
අවතීර්ණ වුයේ ය.
ධර්ම ශාස්ත්රත දෙකින් හා ධන සම්පත් ආදියෙන් ද පිරිහි සිටි සිංහල ජාතිය එක් දහස් අටසිය පහළොවේදි මුළු ජාතිය ම ඉංගිරිසි ආණ්ඩුවට යටත් වි ඉංගිරිසි නිලධාරින්ට රුචි අන්දමට ආංඩු කරනු ලබමින් ජාතික පරිහානියේ අන්තයටම පැමිණියේ ය. සිංහල ජාතියට අහම්බෙන් ලැබුණු ජේමිස් අල්විස් අද්වකාත් මහතා එක් දහස් අටසිය හැත්තෑ පහේදි කිවේ “අවුරුදු විසිපහක් ඉක්ම ගිය පසු සිංහල ජාතිය කියා අමුතු ජාතියක් නො පවතින බව ය” ඉංගිරිසි භාෂාවත් ඉංගිරිසි නීතියත් උගත් මේ සිංහල මහතා තුළ යම් යම් අවස්ථාවේදි සිංහල ජාතියේ ගෞරවය පැවැතුණ නමුත් ජාති ධර්ම ශාස්ත්රඅය විශේෂ වශයෙන් සිංහල ජාතිය පිළිබඳව ඉතිහාසය නොදත් ඒ මහතා යුදෙව් ආගම් කාරයෙක් වු බැවින් හා සිංහල ජාතිය සුන්යස වේයයි සැලකුවේ ය. එසේ සැලකිම සහේතුක බව ඒ කාලයේ පැවැති තත්ත්වය සලකන විට වැටහේ. රටේ දරුවන්ට ශිල්ප ශාස්ත්රඒ ඉගැන්විමේ උදාර මෙහෙය විදේශික මිථ්යාහදෘෂ්ටිකයන්ට භාර දුන් ජාතියක් මෙතරම් කාලයක් වත් පැවතේ යයි සිතිම ගැන ජේමිස් ද අල්විස් මහතාට ස්තූති කරන්නට වටනේ ය. අවුරුදු පන්දහස් පන්සියයක් තථාගත සම්මා සම්බුදු ශාසනය ආරක්ෂා කිරිමට නියත විවරණ ලැබු ජාතියක් වු නිසා ම විනාශ නොවි ඉතිරිවුනා මිස අන්ය මොනම ජාතියක් වුවත් සමුලඝාතනයෙන් විනාශ නොවි නො සිටින තරමට පසු ගිය අවුරුදු පන්සියයක් තරම් කාලය තුළ බරපතල හානි පැමිණියේ ය.
එහෙත් සිංහල ජාතිය අන්තර්ධාන වුනේ නැත. ඒ නාමය නැති නොවන තැනට දැන් කරුණු යෙදි තිබේ. සිංහල ජාතිය දැන් වැටෙන්නට පිරිහෙන්නට තැනක් නැත. මම ආචාර්ය මහතා සම්බ වනේනට ආවේ අපේ පරිහිමේ අන්තිම උපක්රජමය වන ඉගැන්විම වෙනස් කරන්න තවමත් කල්පනා කෙළේ නැද්දැයි අසන්නට ය.
දැන් අපේ ජාතිය අන්තිම පරිච්ජේදය දක්වාව සංකීර්ණ වි ඉවරය. ඉතාමත් ම ශ්රේගෂ්ඨ ගුණ ධර්මය සියයට අනු පස් දෙනෙකුගෙන් අන්තර්දාන වි ගොස්ය. අතිශයින් ම අවශ්යඨ උසස් ගුණය අන්තර්ධාන වුනා නම් ඊට අනුව ඇති විය යුතු හික්මිම, සදාචාරය, ආත්ම ගෞරවය, ආත්ම ශක්ති, ආත්ම විශ්වාසය, පරාර්ථකාමි භාවය, නිශ්ශරණාධ්යාආශය, පරාක්රකමය, කරුණාව, මෛත්රිකය ආදි ආර්ය
602 ඩෙබර කෙල්ල
ගුණ සහමුලින් ම විනාශ වි ගිය බව කිය යුත නොවේ.
සිංහල ජාතියට පුනර්ජිවයක් ඇති කිරිමට බැරි කමක් නැත. මෑත කාලයෙහි වැඩ කොට නැවතත් මෙහි ම ඉපද ඉන්නා පින්වතුන් බොහෝ ය. පින්වතුන්ට හෝ දිව්යො ලෝකවලින් චුතවන පින් ඇති සත්ත්වයන්ට හෝ ඉපදිමට දැන් ලක්දිව මාතෘ ගර්භ නැත. ඒ නිසා අපේ ආචාර්ය මහතා ආදි රටේ ඉගැන්විමේ නියුක්ත ජනයා නුවණින් කල්පනා කරතොත් මේ ඊට ඉතාමත් සුදුසු කාලය වේ. එහෙත් මට දැන් වැටහුණු හැටියට නම් ලක්දිව අනික් ශාස්ත්රක ශාලාවන් මෙන් ම මේ ශාස්ත්ර ශාලාවන් ඩෙබරයන් හා ඩෙබරියන් බෝ කරන ස්ථානයක්” යයි කියා මම යන්නට ගියෙමි.