පියදාස සිරිසේන නවකථා එකතුව- 05-පරිවර්තනය i

Wikibooks වෙතින්

පරිවර්තනය

PARIWARTHANAYA

(ක්‍රි.ව. . 1934)


සංඥාපනය[සංස්කරණය]

      සිංහල භාෂාව කියවා ‍තේරුම් ගත හැකි පොදු ජනතාව අතර සභ්යෂ ගුණ ධර්ම දියුණුකර ලීමේ පිරිසිදු අදහසින් නැසීගිය පියදාස සිරිසේන මහතා විසින් ලියන ලද ප්රකබන්ධ කථා රාශියකි. 
    රටේ නොයෙක් අවස්ථාවලදි ජාතියේ පරිහානියට ඉවහල්වුනු නොවුනු නොයෙක් කරණු මුල්කර ගෙන ලියැවුනු ග්රේන්ථ අතුරෙන් මේ “පරිවර්ථනය” යද එකක් වේ. මිට වර්ෂ 27 කට ප්රතථම ලියන ලද මේ කුඩා ග්රරන්ථය එදාට වඩා බෙහෙවින් අද කියවා ප්රියෝජන ගත යුතු බව අප‍ගේ අවංක හැඟ‍ීමයි.	
  මේ පොතේ සියළු අයිතිවාසිකම් අප සතුය. අපගෙන් අවසර ‍නොමැතිව කිසිවක් උපුටා ගැනීම නීති වීරෝධි බැව් සියළු දෙනා විසින් සැලකිය යුතුයි. 



                                                                     මිට,

ආරිය පාල සිරිසේන


1961 අගෝස්තු 1 වෙනි දින, මහරගම “සේනානී” නිවසේ දීය.


01. පරිච්ජේදය[සංස්කරණය]

    වයලට් නෝනා ටිකක් අමනාප ගතියකින් සෙනසුරාදා උදේ නැගිට මුහුණ සෝදන්ට පටන් ගත්තාය. “මොකද වයලට්. අද පාන්දරින්ම උඹ කිපියාක් මෙන් සැරවැර වෙන්නේ ? කිසිම වරදන් නොකර වුන් ලුසියා කෙල්ලටත් පහරක් ගසා-කිසිම ව‍ාරයක් නැතිව හැඩිදැඩි ඉලන්දාරියෙක් වා‍ෙග් මුහුණ සෝදන්නේ මොකද? ගැහැණු ළමයින්ගේ මෘදු-මොළොක් ගතියක් ශාන්ත ගතියක් තිබෙන්ට ඕනැ නේද? මොකද උඹ ඔය තරම් වෙනස් වීමකට-පරිවර්තනයකට පත්වුනේ-ඊයේ ස්ත්රිේන්ගේ ඡන්දදායිකා සමිතියට ‍ගොහින් ආවාට පසු ‍නොවේද? එතැන්හිදී නුඹේ හිතත්-ගුණධර්ම ආදියත් පරිවර්තනය වුණාදැ”යි මම්මා ඇසුවාය. 
    වයලට් අර්ධයක් කිපුණු කොටිදෙනක මෙන් මුහුණ සෝදා ගෙන ළඟ වැලේ තිබුණු තුව‍ායෙන් ඉක්මන් ලෙස මුහුණ පිසදා තුවාය වැලට විසිකළාය. තුවාය වැලේ නොරැදී කාණුවේ වැටුණේය. ඒ දුටු මෑණියන් සහ කා‍ගේත් හිත් දුෂ්යැ විය.  නමුත් වයලට් ආපසු ඒ පැත්තවත් නොබලා තමාගේ කාමරයට ගොස් හිස පීරන්ට පටන් ගත්තාය. මොනර පිල් කලඹක් හා සමාන ඇගේ දීර්ඝවි-සුමුදුවු කේස කලාපය පීරමින් “මේ කරදරයක්, පඹ ගාලක් වාගේ මේ ඉසකෙස් වල්ලක් තබා ගැනීමෙන් ඇති කරදරේ! ඉක්මනට ගමනක් බිමනක් යන්ටවත් හැටියක් නැත. පැය බාගයක් මේකේ අවුල් අරින්නටත්- පීරන්ටත්-ගොතන්ටත්-බඳින්ටත් මේ මොන කරදරයක්ද? අපේ අම්මලාගේ අඥානකමට කුමක් කරන්ටද? මෙය කපා දමන්ට ඇත්නම් කොපමණ හොඳ ද? දැන් “ශිලාචාර” ඉංග්රීතසි නෝනාලා හැමදෙනාම මේ කොන්ඩය කැපීම පිළිගෙන ඉවරයි. අබේ රටේ අඥානයින් අධික නිසා අපට තවමත් කේස කලාපය ආරක්ෂාය කරන්ට සිද්ධවෙලා තිබෙනවා”කියමින් ඉක්මනට හිස පීරා ගත්තාය. 
   ඉක්මණින්ම ඇඳ ගත්තාය. ඉංග්රී.සි ඇඳුම් සියල්ලම ඇඳ ඔසරියක් ද මතුපිටින් ඇඳගෙන ‍ෙත්වතුර මේසය ළඟට අවුත් ව‍ාඩිවෙන්නේවත් නැතුව කඩයප්පන් කා තේවතුර කෝප්පයද බී “මම්මේ අද අපේ සභාවේ මිටිමක් දැන් අටට පවත්වලවා- මම ඒකට


92 පරිවර්තයනය

 යන්ට ඕනෑ”යයි කියන කොට කේන්තියෙන් සිටි ඇගේ මවු වන පීරිස් නෝනා   “මොකද වයලට් උඹ ඔල්මාද ද? උඹ අති ධාවනයෙහි නො‍වේද? ටිකක් ඉක්මන් අඩුකොට නිවි සැනසිල්ලේ වැඩ කරපන්-නුඹ පිරිමි ළමයෙක් ‍නොවෙයි. උඹ ගැහැණු ළමයෙක්. ඔය තරම් කඩිමුඩියේ වැඩකිරිම ගැහැණු දරුවන්ට යුතු නැත.” කියන කොටමත් සිල්වා අද්වකාත් තරුණ මහතා මොටෝකාරයකින් එහි පැමිණි‍යේය. එවිට පිරිස් මහතා ඉස්තෝප්පුවේ සිටි බැවින් සිල්වා තරුණ මහතා පිළිගෙන වාඩිවෙන්ට කීවේය. “වාඩිවි කතා කරකර ඉන්ට වේලාවක් නැත.දැනුත් වෙලාව ඉක්මලා- මා ආවේ වයලට් නෝනාත් සමඟ සභා රැස්විමට යන්ටයි. ඊයේ “මිටිමේ” දි ඇයත් සමඟ යන පිණිස එන්ට යයි මට ආරාධනා කළ බැවින් දැන් ආවෙමි. කො වයලට් නෝනා?” ක‍ියා මහත් කලබලයකින් ඇසුවේය.
 පීරිස් මහත‍ා ධනවතෙකි. යුරොපීය “ශිෂ්ටාචාරය”ය යි කියන කෝකට නමුත් වැඳ නමස්කාර කරන කෙනෙකි. මේ කාලේ මෙහි ඉන්නා ජනයා ආශ්වාස ප්රානශ්වාස කරන්ට ඉගෙන ගත්තේත් යුරෝපාකාරයන්ගෙන් බව සලකන පීරිස් මහත්මයා ගෙට දුවගොස් “මොකද වයලට් ප්රාමාද? අන්න සිල්වා අද්වකාත් මහතා උඹත් සමඟ මිටිමකට යන්ට ඇවිත් ඉන්නාවා. උන්නැහේට පරක්කුවේවි.ඉක්මනින් යන එක හොඳා”කියමින් කාමරයට ඇතුල් වුයේය. ඒ මේලා‍වට පීරිස් නෝනා දියණියට තර්ජනය කරමින් ඉන්නා වේලාව විය. පීරිස් මහතා දුවට ඉක්මනින් යන්ට කියන කිම-ඉක්මණින්ම “ඉර්ධිවීමට” සිතාවුන් වයලට්ට මහත් අනුබලයක් විය. මම්මාගේ තර්ජනයත් පියාගේ අනුබලයත් මැද තරුණ වයලට්’ නෝනාට පහත් සංවේග දෙකම එකවිඩේ පැම්ණිම එක විඩේම නාන්ටත් ගිනි තපින්නටත් සිද්ධවුවා මෙන් විය. වයලට්ට කොයි අන්දමේ වේගත් විඳින්ට පිළිවන් දක්ෂ තරුණියක් බැවින් උපේක්ෂා සහගතව උන්නාය. කාමරයට ගිය පීරිස් මහතා තවමත් එළියට නො ආ බැවින් නොඉවසිලි වන්තව ඉස්තෝප්පුවේ වුන් සිල්වා මහතාද කාමරය දොරකඩට ගියේය. පිරිස් මහතා ඔහු දෙස බලා “වයලට් නම් මිටිමට යන්ට සැරසී ඉන්නවා-නමුත් ඇගේ මවගේ කථාවක් නිසා ටිකක් ප්ර මාද බව පෙනේය”යි කීවාම “මොකද පීරිස් නෝනා දුව රටටත් ජාතියටත් වැඩ කරනවාට අසතුටුද? අද ස්ත්රීවන්ගේ ලොකු මිටිමක්-එහි යාමටයි මමත් ආවේ” කීවාම තවත් ටිකක් කෝපය අධිකවු පීරිස් නෝනා සිල්වා මහතා දෙස බලා මොකද “ස්ත්රීතන්ගේ මිටිමට





පියදාස සිරිසේන නවකථා එකතුව 93


මහත්මයාත් යන්නේ? මහත්මයාත් ස්ත්රී යක්ද? මගේ දුව රටටත් ජාතියටත් වැඩ කරන්ට ඔය මිටිමට යනවාද? එසේ නැතහොත් හිතුවක්කාර නීච වැඩවලට ඉඩ ලබාගන්නා පිණිස ඔය මිටිමට යනමාදැ යි මට තවමත් තේරුම් ගන්ට බැරිවී තිබෙන නිසා ටිකක් ඉක්මන් නැතුව ඉන්ට”යයි කීවාය.

  සිල්වා මහත්මයාට ‍‍කේන්ති ආවේය. පීරිස් නෝනා සමඟ කථා කරන්ට බිය සැකවු සිල්වා මහත්මයා පිරිස් මහතාට කථාකොට “මොකද පීරිස් මහත්මයා, පීරිස් නෝනා-පරණ පිටිසර කථා කියන්නේ දැන් ඉන්නේ විසිවැනි ශත වර්ෂායේ නොවැ! හැමදේම පරිවර්ත නය වෙන කාලෙක ඉන්නා අපට මේ පීරිස් නෝනා කියන කරුණුත් සලකන්නට පිළිවන්ද?
  රටට ආලයක් කා තුළත් ඇතිවෙන්ට ඕනෑ නේද? පිරිමින්ට මෙන්ට ස්ත්රී න්ටත් නිදහස තිබෙන්ට ඕනෑ නේද? පිරිමින් කරන වැඩ ස්ත්රී නුත් ස්ත්රී්න් කරන වැඩ පිරිමිනුත් කරමින් එක සමාන වියයුතු මේ නිදහස් කාලේ පීරිස් නෝනලා වැනි පරණ අදහස් ඇත්තන්ගේ කීම්වලට ඇහුමකන් දියයුතුදැ”යි කියනකොටම මේ ‍ලෝකයේ කිසිත් නොදත් පිරිස් මහතා කාමරයෙන් එලියට ආයේය. නමුත් ස්ථිරසාර ගතියෙන් අනුනවු පිරීස් නෝනා “හොඳයි මහත්මයා- ස්ත්රීසන් කරන වැඩ පිරිමින්- පිරිමින් කරන වැඩ ස්ත්රී හුත් කරන්ටයයි මහත්මයාලා කියන බව පෙනේ. ඉතින් පළමුකොටම ඒ කරන අන්ම්න්  මට ‍තේරුම්කර දෙන්ට” යයි කියා පීරිස් නෝනා සාලයට අවුත් ද සිල්වා අද්වකාත් මහතාටත් වාඩිවෙන්ට කියා ඒ නෝනාත් වාඩි ගත්තාය. “මට සමාවෙන්ට, දැන් මිටිම පටන් ගන්නටත් ඇති. මම ඉක්මනට යන්ට ඕනෑ’ය යි සිල්වා මහතා කීයා. “නැහැ මහත්මයා, ඒ මිටිම වැරදුණත් කමක් නැහැ- ස්ත්රීතන් විසින් කළයුතු වැඩ පුරුෂයන් විසිනුත්- පුරුෂයන් විසින් කළයුතු වැඩ ස්ත්රී-න් විසිනුත් කිරිමේ යුතුකම ම‍ට අවබෝධකර දුන්නෝත් මහත්මයා අද යන්නට යන මිටිමට නොගියත් ඇති පාඩුවක් නැත. ඉන්නිසා අපි වාද කරමුද?” කියා ඇසුවේය. සිල්වා මහතා වටපිට බලන්ට පටන් ගත්තේය. පීරිස් මහතා “ගෙ‍ාරක යකා මෙන්” හාන්සිපුටුවක් පිට වාඩි ගත්තේය. වයලට් නෝනා කුල්මත් වු ගව නෑම්බියක් ලෙස චලිත වුවාය. ඉක්බිති සිල්වා මහත්මයා ස්ථිරසාර කල්පානවෙන් යුත් පීරිස් නෝනා දෙස බලා “හොඳයි මම වෙන දිනක එන්නා. එසේ බැරිනම් අද සභාව ඉවරවුණාම ඒ සභාවේ ප්රනධාන නෝනාත් සමඟ එන්නේමි”යි




94 පරිවර්තවනය

කීයේය. “හොඳයි සිල්වා මහතා- ගිය අවුරුද්දෙ ඡන්දය විමසන්නට දුවපැන ඇවිදිම නිසා දරුවා බැගින් වදාගත් තරුණියන් ගෙන් එක් කෙනෙකු හෝ දෙන්නෙකුත් එක්කර ගෙන එන්ට බැලුවොත් හොඳා” කියා සිල්ව‍ා මහතාට යන්ට අවසර දුන්නාය.

  කෝපයෙන් දිලිහෙන වයලට් මම්මාට කථාකරමින් “අද මම කොපමණ බොරුකාරියක් වෙනවාද? දැන් ලෝකයේ ස්ත්රී හු ආණ්ඩු කිරිම. නිලතල කිරිම, අහස් නැව් ආදී සියලුම කටයුතු කරද්දි අපි විතරක් ‍ගේ ඇතුළට වැදී කුස්සියේ වැඩපළ විතරක් කරමින් ඉන්නා එක් හිරියයි මම්මා සිතනවාද? මුදල් හම්බකරන්ට- රැකීරක්ෂා  කරන්ට ස්ත්රීෙන්ට පවුද? මම්මා හිතාගෙන ඉන්නේ ලෝකය අපස්සට ගන්ටයි- ඒක කවදාවත්ම ඉෂ්ට වෙන්නේ නැත. මමත් මගේ නිදහසට වැ‍ඩ කරනවාමය”යි මරණ්ඩු ගතියෙන් යුතුව කිවාය. 
  “හොඳයි වයලට් අද අපි තීන්දු කරගනිමු. හොඳ යමක් කිරිම කාගේත් යුතුකමකි. ස්ත්අ‍රීන් පිරිමින්ගේ තත්වයටත් පිරිම් ස්ත්රීයන්ගේ තත්වයටත් පැමිණවිම හොඳයි මටත් වැටහුණොත් මමත් උඹ වාගේ ස්ත්රීමයක් නිසා මටත් ‍ෙහාඳ වේවි! දැන් සිල්වා මහත්මයා උඹලාගේ සමාගමේ සභාපතිනායත් සමඟ එන බව කීවා. මමත් දැන් ස්ත්රීම පුරුෂ කීප දෙනෙකු ගෙන්වනවා. අද දවාලට ඔවුන් හැම දෙනාටම කෑමබීමාදියෙනුත් සංග්රාහකොට ‍ලොකු විවාදයක් කරණවා. ඒ විවාදයෙන පරණ අදහස් ඇති අප පැරදු‍නොත් මමත් හෙට කොණ්ඩේ කපනවා. උඹේ කොන්ඩෙත් කප්පවා කලිසමකුත් අන්දවනමා. එතකොට උඹේ තාත්තාට කුස්සිය භාරදීලා මම වත්තෙ වැඩ කරවන්ට යනවා- මෙතන ඉන්නා වැඩකාරියන් හැමදෙනාටම අමුඩගස්සවා ඒ ඒ  වැඩ කරන්ට යාවනවා- වැඩකාරයන්ට කම්බායකුත් හැට්ටයකුත් බැගින් අන්දවා කුස්සියේ වැඩකරන්ට  සලස්වනවා- උඹලාගේ අළුත් අදහස් හරිහැටි අපට වැටහුණේ නැත. ඇත්තෙන්ම හොඳ එකක් දුටුවොත් එය පිළිගැනිම බොහොම ‍හොඳයි. දැන් මම වික්රරමසිංහ වෙද මහත‍ාටත්- අමරසේකර දොස්තර මහතාටත්- ජයසිංහ මාස්ටර්ටත්- ලෙනෝ උපාසක අම්මාටත්- පණිවුඩ අරිනවා. ඉතින් හැමදෙනාමත්- මමත්- උඹත් උ‍ඹේ සමාගමේ සභාපතිනියත් සිල්වා අද්වකාත් මහත්මයාත් යනාදි සියලු දෙනාම වාද විවාදකොට හොඳ අද්වකාත් මහත්මයාත් යනාදි සියලු දෙනාම වාද විවාදකොට හොඳ විදියක් තීන්දු කරගන්ට ඕනෑ. උඹලා කියන අළුත් නිදහස අපි කියන පරණ සිරිත් වලට වඩා හොඳවේදැයි බලමු. දැන් උඹ ඇඳුම් මාරු කරගෙන නාලා නිවි සැනසිල්ලේ




පියදාස සිරිසේන නවකථා එකතුව 95

හිටපන්-මමත් උඹ වැනි තරුණ කාලයක් ගතකළ කෙනෙකි. ඒ තරුණ කාලේන් දැන් මධ්යරම කාලේට බැස සිටිමි”යි කියා දුව අස්වසා තමන්ගේ ගෙදරට පැමිණෙන අමුත්තන්ටද දහවල් භෝජනා ලැහැස්ති කරණු සඳහා පීරිස් නෝනා කුස්සිය පැත්තට ගියා ය.

 “හර්මානිස්- තෝ ඉතින් මිරිස් අඹරපිය- අපි හරක් මේච්චල් කරනවා” කියමින් පොඩිහාමි  කුස්සිය පැත්තේ සිනහසෙමින්- නටමින් ඉන්නා විට පිරිස් නෝනාට පෙනුණේ වත්තේ කොනක වළක් හාරමින් වුන් හර්මානිස් දෙස බලා “මොකද හරිමානිස්- මේ පොඩිහාමි  කෙල්ල නටන්නේ- උඹ මොකවත් කීමාද- මොකවත් කළාද? කියා ඇසුවාම “නැත. ගැහැණු පිරිමින්ට වඩා උසස් වියයුතුයයි නෝනා මහත්මයලා කියමින් පෙරලන්ට හදනවා- නමුත් මම කිවේ “තොපිලා ඉහල ගියොත් අපිලා අපේ ගම් පැත්තට යනවා මිස තොපිලාට යටත් වෙන්නේ නැත” කියලයි. ඉතින් - ඉතින් ඒක මිසක් වෙන කිසි කලබලයක් නැත කීවා. දන්නේ නැද්ද දෙමළෙන් කියා තිබෙන කවිය-
  අ   ඟ   න  ක් එක දෙඩුව මිහිකත සැ                                               ලේයා
 දෙ දෙ‍ නෙ ක් දෙඩුවහොත් තරු බිම හැ                                            ලේයා
 ති  දෙ නෙ ක් දෙඩුව මහ සමුදුර විය                                                  ලේයා
 ක   ව   ර   ක් නොවෙද වැඩියෙන් දෙඩු ක                                         ලේයා


‍02. පරිච්ජේදය[සංස්කරණය]

    පීරිස් නෝනා අමුත්තන් හත් අට දෙනෙකුටත් සමඟ කෑම සුදානම් කර බලාගෙන වුන්නාය. සිල්වා අද්වකාත් මහතා ස්ත්රී  සංගමයේ සභාපතිනියත්- තවත් “විචක්ෂණ” තරුණ නෝනා කෙනෙකු සමඟ හරියට 11ට ආවේය. පීරිස් නෝනා පණිවුඩ යැවු අයගෙන් වික්රනමසිංහ වෙද මහතා හදිසි අසනීපයක් යයි සිතා ඉක්මණින්ම අයේය. ලෙනෝ උපාසකම්මා විජේසිංහ හාමිනේ නමැති ධර්මශාස්ත්රන උගත් කුලාංගනාවකුත් එක්කරගෙන ආවායත. අමරසේකර දොස්තර මහතා දහවල් බත් කා දොළහට ‍ඉස්සරින් එන බව ටැලිපොන් මගින් දැන්නුවේය.
   අමුත්තන්ට සංග්ර හ කිරිමට මහත් අභිලාෂයක් ඇති පීරිස් නෝනා


96 පරිවර්ත්නය

අද්වකාත් මහතා සහ ඔහු සමඟ ආ කාන්තාවන් දෙදෙනාත්, තමා ගෙන්වු වෙද මහතා සහ ස්රීු න දෙදෙනාත් යන අමුත්තන් හදෙන සමඟ පවුලේ පිරිසත් දහවල් භෝජන අනුභව කොට ඉවරවු පසු බුලත් සුරුට්ටු ආදියෙන්ද සංග්රුහකොට මෙසේ කීවාය.

    “මගේ දියණිය වයලට් බොහොම නිදහස උවමනා බවත් පිරිමිත් හා සමානව ක්රි යා කරන්ට ඕනෑ බවත් කීවාම, මම ඊට විරුද්ධවිමෙන් අපේ ගෙදර කලබලයක් ඇතිවී තිබෙනවා. ඒ අතර මේ අද්වකාත් මහතා පැමිණි විට ඒ කාරණය කීවෙමි. උන්නැහේ කියන්නෙත් පිරිමි කරණ වැඩ ස්රීකාත න් විසිනුත් ස්ත්රී.න් කරණ වැඩ පිරිමින් විසිනුත් කළයුතු බව සහ ස්ත්රීකන්ට හිතුමනාපයේ ක්රිනයා කරන්ට ඉඩදීම යුතු බවත්ය. නමුත් මා අසා තිබුණේ “ගැහැණු දරුවෙක් විවාහ වනතුරු මව‍ුපියන්ගේ ආරක්ෂාවේ සිටිය යුතුය. දරුවන් ලැබි මහලු වයසට පැමිණියාට පසු දරුවන්ගේ ආරක්ෂාවේ සිටිය යුතුය” යනුයි. නමුත් අළුත් “ශිෂ්ටාචාරයේ” අන්දමට දෙමවුපියන්වත්. ස්වාමිපුරුෂයාවත්, දරුවන්වත් නැතිව ස්ත්රිටයකට ස්වේච්ජාචාරීව කල්යැවීම සුදුසුයයි කියයි. ඇත්තෙන්ම මේ විධිය හොඳ ‍  ඳ, නැතහොත් පරණ සිද්ධාන්ත විධිය හොඳ දැයි විවාදකොට තීරණයක් කරග‍ැණිමට කලක පටන් අදහසක් පැවැත්තේය. මම මුරණිඩු නොවෙමි. යුක්ති සහගතව කියන කාරණා පිළිගන්ට මම කැමතිවෙමි. මේ ස්ත්රීමන් පිළිබඳ පරිවර්තනය හොඳය. වැඩදායකය කියා මට අවබෝධ වුණොත් මම ඉතා කැමැත්තෙන්ම පිළිගණිමි. ඉන් නිසා දැන් මේ සභාවේ ඉන්නා මාත් මගේ මහත්මයාත දියණියත් පුතත් ඇතුළු අමරසේකර දොස්තර මහතා ආදි තමුන්නාන්සේලා හත්දෙනත් යන එකොළොස් දෙනාගෙන් යුත් පිරිස විසින් අන්තිම තීන්දුවට පැමිණෙනතුරු විවාදකොට මේ පරිවර්තනය පිළිගන්ට හෝ ප්රතති‍ෙක්‍ෂප කරන්ට ‍හෝ ඕනෑ‍” යයි කීවාය. 

සභාපතිනි - ඇත්තෙන්ම පිරිස් නෝනාගේ කල්පනාව බොහොම හොඳයි. පරණ බමුණු මහල්ලන්ගේ කියුම් නම් අපට පිළිගන්ට බැහැ. ස්ත්රීොන්ටත් පුරුෂයන්ට ‍‍හා සමැන හැම ‍දේකම අයිතිවාසිකම තිබෙන්ට ඕනැ. එසේ නැත්නම් එය අපරාධයකි.

ලෙනෝහාමි උපාසිකාව - ස්ත්රීි ආත්මයේ උපන් අපි පුරුෂයන්ගේ බලය හා නිදහස අපට ඕනෑය යි සිතුවාට එය හොඳ




පියදාස සිරිසේන නවකථා එකතුව 97

සිතිවිල්ලක් නොවේ. නෝකා මහත්මයා බලන්ට පුරුෂයන්ගේ මෙන් අපේ මුහුණුවල රැවුල නේන්ානේ මොකද ?

සිල්වා අද්වකාත් - ඒක සුළු කරුණක්, එය ස්වභාව ධර්මයේ හැටියි.

වික්රාමසිංහ වෙද මහතා - ඕවි ස්වභාව ධර්මයේ හැටි තමා, ස්ත්‍රීයන්ට පුරුෂයන්ට නැති අංගප්රකත්යංතග තිබෙතොත් ස්ත්රීධ පුරුෂ දෙසක්ෂරය අතර අන්යොරන්යන වෙනසක්ද තිබිය යුතු බව එයින් ඔප්පු වෙනවා නොවේද?

පීරිස් මහතා - ඔය පරණ කාථාන්තර කුමටද? දැන් පවත්නා කරුණු ඉදිරියට ගන්ට.

වි: වෙද මහතා - මොනවද මේ පිරිස් මහතා කියන්නේ! මා කීවේ අළුත් කථාන්තරයක්වත් පරණ කථාන්තරයක්වත් නොව ශරීරයේ අංග ප්රනත්යං ගවලින් ස්ත්රිරන් හා පුරුෂයන් එක හා සමාන නොවන බවත්, ඒ අසමානත්වය නිසාම ඔවුනොවුන්ගේ ගතිගුණ හා පැවැත්ම ආදිය් එක හා සමාන නොවීය යුතු බවත් පමණකි. ඉතින් ඒක මේ සභාවේ ඉන්න කාටවත්ම ‍ෙත්රුම් කරගන්ට බැරිද?


පීරිස ‍නෝනා - අපි පළම‍ුකොටම සභාව දෙකට බෙදාගෙන විරුද්ධ ප්රීති විරැද්ධ ඔන්න ස්ත්රිමන්ට පුරුෂයන්ට සමාන නිදහසත් බලයත් උවමනාය කියන පැත්තට කවුද? මේ සභාපතිනි, මේ ගුණවර්ධන තරුණ නෝනා, ද සිල්වා අද්වකාත් මහතා, අ‍පේ මහත්මයා (පිරිස්) අ‍පේ වයලට්, වෙන කව්ද අපේ විල්සනුත් ඒ පැත්තේද?

විල්සන් - අනේ අප්පේ මම කොයි පැත්තකටවත් නැත. වාදෙන් ජය ලැබෙන පැත්තට පැන ගන්නා පිණිස මම මධ්ය්ස්ථව ඉඳිමි.

පිරිසි නෝනා - එතකොට අමරසේකර දොස්තර මහතා කොයි පැත්තේද?

අමරසේකර - මම‍ත් මධ්යරස්ථව ඉඳිමි. මේ කාරණය මටත් තවම නිශ්චය කරගන්ට බැරිවු කරුණකි. ස්ත්රී‍න්ට පුරුෂයන්ට මෙන් අධික නිදහස හොඳ නැති බව මගෙත් කල්පනාවයි. ඒ නමුත් වාදය කෙළවර නවතුරු මම මධ්ය ස්ථව ඉඳිමි.

පීරිස් නෝනා - එහෙනම් ස්ත්රීකහු පුරුෂයන් හා එක සමාන විය යුතුය කියන පැත්තට ස්ත්රී සංගමයේ සභාපතිනි, තරුණ ගුණවර්ධන නෝනා, තරුණ වයලට් නෝනා, ද සිල්වා

98 පරිවර්තසනය


අද්වකාත් මහතා සහ අ‍පේ පිරිසි මහතාත් යන පස්දෙනා පමණකි. ස්ත්රීුහු ස්ත්රීතහු ලෙසටම සිටිය යුතුය කියන පක්ෂයට ඉන්නේ මම, වික්ර්මසිංහ වෙද මහතා. විජේසිංහ හාමිනේ, ලොනෝහාමි උපාසිකාව යන හතර දෙනා පමණකි. අප දෙසක්ෂයටම මධ්ය ස්ථව අමරසේකර දොස්තර මහතාත් ම‍ගේ පුතා විල්සනුත් සිටිති. හොඳට ශාස්ත්රා්නුකූලව කලබල නැතුව අපි මේ කාරණය නිවි සැනසිල්ලේ විනිශ්චකර ගනිමු. බැණුම් අපහාස ආදියත් නැතුව අපට අපේ රටේ අනිත් ජනයාටත් යහපතක් නව පිණිස මේ කාරණය විනිශ්චය කර ගනිමු.

‍සභාපතිනි - “ස්ත්රීතන් හා පුරුෂයන් එක සමාන විය යුතුය” කීවේ රූපයෙන් නොවේ. හිතෙන් හා ගති කරිි යාවලින් ස්ත්රීරන් හා පුරුෂයන් එක සමාන විය යුතු බවයි අපි කියන්නේ.

විජේසිංහ හාමිනේ - සිංහයන් දුටු කැනහිලෙකුටත් ඔය අදහස පහලවි තිබෙන බව ‍කථාන්තරයක මා අසා තිබේ. කැනහිලා කල්පනා කලේ මටත් සිංහයාට ‍වගේම සතර ගාතයක් තිබේ. මා කන්නේත් සත්ව මාංසයි. සිංහයා කන්නේත් ඒවාමයි. මට කිදිම සියුම් ලොම් තිබේ. රෞද්රි නිය තිබේ. වල්ගයකුත් තිබේ. සිංහයාටත් ඒවා තිබේ. ඒ නිසා සිංහයාට වඩා අඩුවෙන් ඉඳිමට කිසි යුතුකමක් නැත කියා සිංහයා සමඟ තර්ක කරන්ට ගොස් අඥාන කැනහිලා විනාශවුණු බව ඒ කථාන්තරයෙන් ප්රරකාශ වේ. ස්ත්රී්හුත් අත පය ආදියෙන් පුරුෂයන්ට සමාන නමුත ස්වභාව ධර්වයේ හැටියට ඉතාමත් සුකුමාල වු, ශරීර ශක්තියට වඩා චිත්ත ශක්තියෙන් කටයුතු කළ යුතුවු- සටන් කිරිමාදි ආක්රයමණයට වඩා ආරක්ෂක භාවයෙහි පියිටියාවු වර්ගයකි. ස්ත්රීරන්ට මාතෘය, භාර්යාවය, ප්රි යවය, සුන්දරිය, ශ්රිකයාකාන්තාවය, ගෘහිණිය- යන ආදි සුමධුර අර්ථාන්විත නාම තිබෙන්නේත් ඒ නිසාය.

“අ බ ර ණ සමඟ සිටි පිරිවරද තම වෙ ත

නො ද  ර ණ  තැන දැරුවහොත් නොමවේ දිමු                               ත
කො ප ම ණ  රජ ඉසුරු ලදුවත් මුළු දිය                                         ත
සි     ළු මි ණ  සරණ බඳහොත් අපහස කර                                     ත

යන ආප්තෝපදේශයත් අපට මතක් වේ.




පියදාස සිරිසේන නවකථා එකතුව 99

වික්රසමසිංහ වෙදමහත්මයා -

                   	ප්රයකෘති රූපිණි නාරි

රමණි ප්ර ම්ඛාන් ජගත් තස්යර නාරී සව් ශ්රේ ෂ්ඪං මානනීයා ස දෛව හී


 ස්ත්රීහන් ලොකයේ රූපිවු- රමණියවු- ශ්රේ ෂඨවු- ගරු බුහුමන් කටයුතු වර්ග්යායි ඉතා පුරාණ පටන් සලකා තිබේ. ඉතින් අද මේ කෙරෙන්ට යන විවාදයේ තේරුම මොකද? ස්ත්රීබන් දාසියන් මෙන් සලකන්නට කියනවාදැ- නැතහොත් ස්ත්රීරන්ගෙනුත් පුරුෂයන්ගෙන් මෙන් බර වැඩපල කරවා ගන්ට කියනමාද-? එසේ නැත්නම් මොකක් සඳහා මේ විවාදය කරනවාදඅ යි මට කියා දෙන්ට. 

අද්වකාත් සිල්වා මහතා - අන්න වෙද මහත්මයාගේ කථාව බොහොම හොඳයි. ස්ත්රීත වර්ගයා උතුම්-ගරු කටයුතු වර්ගයක් බව වෙද මහතා පිළිගන්නා බව පෙනේ. අපි කියන්ුනේ මේකයි. ස්ත්රීතන්ට උගන්වන්ට ඕනෑය. නිදහස දෙන්ට ඕනෑය. සමාගම පවත්වන්ට ඉඩදෙන්ට ඕනෑය. රැකිරක්ෂා් කරා දියුණු වෙන්ට ඉඩදෙන්ට ඕනෑය. ඕනෑ තැනක ඕනැ වෙලාවක යන්ට ‍එන්ට ඉඩ දෙන්ට ඕන‍ෑය. කොටින්ම ක‍ියතොත් පිරිමින් වගේ කොයි කොයි කටයුතුවලටත් ස්ත්රීමන්ට ද නිදහස දිය යුතුය යනු අපේ කීමයි. පීරිස් ‍ නෝනා කියන්නේ එසේ හොඳ නැත කියායි. මේ වාදයත් ඒකමයි. ඉතින් වෙද මහතාගේ කල්පනාම කුමක්ද?

වෙද මහතා - ඔන්න කාරණය මට දැන් වැටහුනා. එහෙනම් මහත්මයා කියන්නේ

දැලිපිහියෙන් රැවුලත් ක‍ප‍ා‍ගෙන ගසුත් කපා ගෙන දරත් පලාගෙන කුරුම්බත් කපාගෙන කෑමට ඉඩදීම සුදුසුය කියායි. අනේ අප්පේ මට නම් ඒක ඇල්ලුවේ නැහැ. ස්ත්රීාන්ට ඉගැන්විම ඇත්තෙන්ම අවශ්යකයයි. අපේ රටේ කුල ස්ත්රීනන්ට නානා විධි ශිල්ප ශාස්ත්රා දිය ඉගැන්විම කල බව අපේ ප්රකශස්ත පණ්ඩිතයන‍ගේ පොත්පත් වලින් පෙනේ. 


“මෙනිරිඳු‍ෙග් දු ළ                                                       ඳ
 උල කුඩය දේවි ‍ෙසා                                                  ඳ
 ‍සොමි ගුණෙනි පුන් ස                                                ඳ
 පවති සිරිසඳ සිරින් ඇම ස                                           ඳ

100 පරිවර්තරනය

රුසිරු ගුණ සිතා සුර තුර දිනු දෑතා විලසින් වි නීතා ‍ලොවට කුළුණෙන් සදිසි මාතා

සිටියද ලද වය ස පින්කමට මයි අදහ ස පන්සිල් ඇම දව ස පොයැ අටසිල් රකි නිසි ලෙ ස

සිතු බුදු රුවන වෙ ත සදහම් කෙරේ සවන ත සැපත් මහ සඟ වෙ ත මොවුන් සරිකොද මෙයින් මෙදිය ත

යස සුර නිකා වන් තළිණෙන් දෙන එකා වන් කල්ම සාකා වන් ලොවට පෑ වැනි විසාකා වන්

තෙවළා බණ අ සා දැනගෙන සිතින් විම සා පැවතම එම ලෙ සා දනන් තුඩ තුඩ සැදු යස සා

නැණින් සරසවි ඉ ත මෙ කතට ගුණ බරණ යු ත පෙණුනු බිඹු කැඩප ත මිසක් සරිවන ලොවැ කවුරු ඇ ත

සක් දෙවි කලා වන් නොතබා දත් කලා වන් නවසඳ කලා වන් නලල තිලකෙවි මන කලා වන්

 මේ පුරාණ සිංහල කුල ස්ත්රී න් ඉගෙනගත් හැටි දැක්විමකිත. පොරවත් දැලිපිහියත් යන දෙකම ඉතාමත් ප්ර්යෝජනවත්ය. නමුත ඒ දෙක එක අන්දමට පාවිච්චි යුතු නොවේ. එකක් ඉතාමත්ම සියුම්

පියදාස සිරිසේන නවකථා එකතුව 101


වැඩටත් අනික ගොරෝසු ව‍ැඩ සඳහාත් යෙදිය යුතුය. දෙකෙන් එකම අන්දමට වැඩ ගත්තොත් ඒ ආයුධ දෙකත් නරක්ව මිනිසුන්ටද පලක් නැති වේ. එමෙන්ම ස්ත්රී් පුරුෂ දෙපසටම සාධාරකය එක හා සමාන වැඩ කළ යුතුය යන මතට මේ ලෝකයේ කිසි දෙයක් නොදත් අඥාන මිනිසුන්ගේ මතයක් වියයුතුය.

සභාපතිනි - හිටින්ට, අපේ අදහස ‍‍තේරුම් නොගෙන් වාගේ කථා කරණ බව පෙනේ, ස්ත්රී න්ගේ තත්වය දියුණු කරන්ට වැඩ කිරිම අපේ අදහසයි.

වෙද මහතා - සත්තකෙන්ම ඊට විරුද්ධ කවුද? ස්ත්රීහන්ගේ තත්ත්වාය දියුණු කිරිමට නොව ස්ත්රී තත්ත්වාය නැති කොට ස්ත්රිවන් පුරුෂ තත්වසයට පැමිණවිමට වැඩ කිරිම නරක බව පමණයි අප කීවේ.

සිල්වා - ස්ත්රිකන් හා පුරුෂයන් එක්ව සම්බන්ධව වැඩ කිරිවෙන් මිස රටක් දියුණු නොවන බව අපේ කල්පනාවයි.

පීරිස් නෝනා - කල්පනාව නොව ඇත්තත් ඒකමයි. ස්ත්රීසන් පුරුෂයන් එක්ව, සම්බන්ධව, සමගිව, යථා විධියෙන් කල්ගත කිරි‍මෙන්ම මිස ඔවුනොවුන් වෙන්ව-වෙනසුව සිටියොත් දැන් ඉන්නා මිනිසුන් මැරි ගියාම ලෝකය හිස් ‍ හිස් වේවි. ඉන්නිසා ස්ත්රීන පුරුෂයන්ගේ සම්බන්ධතාවය නරකය කියන කෙනෙක්වත් ඊට නිසා ස්ත්රී් ඊට විරුඬ වන කෙනෙක් වත් මේ ලෝකයේ ඇතැයි මම නොසිතමි.

ද සිල්වා - තවමත් අපේ අදහස් ‍තේරුණේ නැත. ස්ත්රීොන්ටත් පුරුෂයන්ට මෙන්- ආණ්ඩු බලය හා වෙන වෙන කටයුතුවල බලය දිය යුතුය. එකට ක්රිුයාකළ යුතුය.

වෙද මහතා - මේ කාරණය කවුරුත් පටලවාගෙන කතා කරන බව මට හැගේ. එනිසා ස්ත්රි න්ට අයිති වැඩත් පුරුෂයන්ට අයිති වැඩත්-ස්ත්රී න්ට සුදුසු නිදහසත් පුරුෂයන්ට සුදුසු නිදහසත් මේ මේ යයි අපි පළමු කොටම තීන්දුකර ගනිමු.

ලෙනෝ හාමි - මොනවද වෙද මහත්මයා තරුණ ස්ත්රීතන් පුරුෂයන් සමඟ නිදහසේ සමාගම් පවත්වා සිද්ධවුණු හරියත් දැන් සිද්ධවන හරියත් මේ මහත්වරුත් දන්නාහු නම් එකට මිශ්රණව වැ‍ඩ කිරිම බලවත් අයුත්තක් බව කාට වුවත් වැ‍නටහෙනු නිසැකය.


102 පරිවර්තනනය


වයලට් නෝනා - එතකොට යුරොපයේ ස්ත්රීබ පුරුෂයන් කිසි වෙනසක් නැතිව එක සමානව එකට ගැටෙමින් ක්රිියා කරනවා මක්වෙලා තබෙනවාද ?

අමරසේකර දොස්තර - . . . . යුරෝපයේ සදාචාරය අඩුවීමටත්, පහත් අශික්ෂි ත ලෙඩ සහිත දරුවන් බෝවීමටත්, දරුවන් ඉපදවීම වැළැක්වීමටත්, නහර දුර්වල රෝග අධිකවිමටත්, දික්කසාද වැඩිවිමට හා රට පිරිහිමට හේතුවත් මේ ස්ත්රීගන්ගේ නිදහස බව දක්ෂ වෛද්යැවරුත් පණ්ඩිතයොත් කියති. එමෙන්ම යුරෝපයේ ස්ත්රීේන්ගේ නිදහසත් හිතුවක්කාර ක්රිඩයත් ඇත්ත තමයි.

පීරිස් නෝනා - ඉතින් මහත්වරුනි, අප විසින් කොයි රටවලිනුත් ඉගෙනගත යුත්තේ හොඳ පාඩම්ද- එසේ නැතහොත් නරක පාඩම්ද? යනු දැනගන්නට මම කැමතියි.

සභාපතිනි - මේ රටේ පුරුෂයන් හා එක්ව වැඩ කිරිමෙන් ඇතිවිණ‍ැයි කියන අමුතු වැරදිවලින් යමක් කාටවත් කියන්නට පුළුවන් ද?

ලෙනෝහාමි - පළමුපාර ස්ත්රී ඡන්දය විමසිමට අප ඉන්නා විදියටත් කදිම තරුණිය න් දෙන්නෙකුත් තරුණයෙකුත් මොටෝකාරකින් ආවා මට මතකය. නමුත් ටික කලකට පසු ඒ තරුණියන්ගේන් එකියක් අ‍ෙප් ගෙට පිටිපස්සා පැත්තේ වත්තේ කුඩා ගෙයක ළමයෙක් වඩාගෙන සිටියදි මා සමඟ කථාකළ වේලාවේ කීවේ ස්ත්රීගන්ට දැන් ලැබි තිබෙන නිදහස හිතට කයට හොඳ වුණත්- නම්බුවට දියුණුවට හොඳ නැති බවයි. ස්ත්රී න්ගේ මහාර්යාභරණ “ලජ්ජා භය” දෙක බව අපි අසා තිබේ. නමුත් ස්ත්රීර පුරුෂ මිශ්රයණයෙන් ඊට අනතුරු නොවි තිබේයයි කිය හැකිද?

ද සිල්වා - ඔය කියන්නේ තරුණියන් දෙදෙනෙක් දරුවන් වදාගත්හ විත්තියද? ඒ දෙන්නාගේ මොඩකමින් කර ගත් සුළු වැරැද්ද නිසා ස්ත්රීෙන්ගේ නිදහස නැති කරන්නට සුදුසු ද?

පීරිස් නෝනා - ගෙදර ඇතිවන තරුණියක් දඩාවතේ ඇවිද ඉක්බිති දරුවෙකුත් වදාගැනිම මහත්මයාගේ කල්පනාවේ හැටියට සුළු වරදක්! අනේ අප්පේ මෙබඳු කාලයක කුමට ජිවත්වෙමුද?

දොස්තර මහතා - ස්ත්රී පුරුෂයන්ගේ සදාචාරය එහෙම පිටින්ම නැතිවි ගියේ අධික නිදහස නිසා බව පෙර අපර දෙදිගම


පියදාස සිරිසේන නවකථා එකතුව 103


පණ්ඩිතයන් පිළිගත් කාරණයකි. මහා පණ්ඩිත ‍තොටගමුවේ හිමියන් කියා තිබෙන නිරවශෙෂ වචනය ධර්මයෙන්ම කොපිකළ එකකි. එයින් කියන්නේ ස්ත්රීවන්ටත් පුරුෂයන්ටත් විවේකයක් ලැබුණොත් තමාගේ කැමැත්තට සැහෙන කෙනෙකුත් සම්බවුණොත් සුදුසු ස්ථානයකුත් ලැබුණොත් නොඅනුමානව වරදට වැටෙන බවය.කෙලෙස් සහිත කිසිම කෙනෙකුට එසේ නොවේයයි කියතොත් ඒ මුග්ධ බොරුවකි.

  “පිරිමිනුදු පත                                                            න
    අවසර කල් රහස් තැ                                                 න”
 යන මේ තුන එක්වන්නට නොලැබෙන අන්දමට ප්ර වේසම් නුනොත් කවුරු නමුත් වරදට බැඳීම ඒකාන්තය. එසේ නොවේ යයි කවරම ස්ත්රීුයක් හෝ පුරුෂයෙක් කියතත් ඒ බොරුවකි. 

සභාපතිනි - ඔය කරුණු නිසා ස්ත්රී න්ගේ තත්වය පහත් කළ යුතුද?

වෙද මහතා - ස්ත්රීණන්ගේ තත්වය පහත්වන්නේ ස්ත්රීපන් වශයෙන් ක්රි යා කරන විට නොව- පුරුෂයන් වශයෙන් ක්රි‍යා කිරිමෙන් බව අපේ කල්පනාවයි. මැණිකක් හෝ වටිනා ආභරණයක් අලංකාර පෙට්ටියක සුරක්ෂිතය තබාගත යුතුය. ඒ ආභරණය හෝ මැණික ඉලපතක්, ගිරයක්, කිල්ලෝටයක් මෙන් ගෙයිමුල්ලක හෝ බුලත් තටුවක දමා තිබුවොත් ඒ මැණාකේ හෙවත් ආභරණයේ අගය ඇතිවේද, එය ප්රවවේසම්වේද? සත්තකෙන්ම නැත. එමෙන්ම පුරුෂයන් විසින් කළ යුතු දැඩි ක්රිදයා කිරිමට ස්ත්රීආන්ට ඉඩදුන්නාම ස්ත්රීසන්ට ගෞරව කිරිමක් යයි අපට පිළිගත හැකිද?

සිල්වා - දැන් එතකොට එංගලන්තයේ ස්ත්රීකන් බැරිස්ටර් ආදි වැඩත් පිර්ලිමේන්තුවේ සාමාජික ධුරත් ‍නොහෙක් ඉහළ රැකී රක්ෂාත් කරන්නේ?

වෙද මහත‍ා - ඒ බව අපි දනිමු. එබඳු උසස් පදවි ලැබිමට සුදුසු තරම් දක්ෂය ස්ත්රී න් ඉඳහිටලා ඇතිවේ. රජකම කරන බිසෝවරුන් කලාතුරකින් ඇතිවෙයි. ඒ විශේෂ කාරණයකි. සාමාන්යන වහයෙන් ස්ත්රී්න් පුරුෂයන්ට වඩා සුරක්ෂිත මෘදුවු පිරිසක් විමෙන් ගෙදර දොරේ කටයුතු යථා විධියෙන් බලාගැනිමත් සඳහාම ඇතිවුණු බව සැලකිය යුතුය. මාතෘ පදවිය ප්රුසිද්ධ



104 පරිවර්තමනය


ස්ත්රීින්ට ආරක්ෂාකළ නොහැක. හිතුවක්කාරකමට එහෙ‍ මෙහෙ ඇවිදින ධනවත් ස්ත්රීරන්ගේ ගෘහ ප්ර සිද්ධ හොටල්වලට වඩා අමුත්තක් නැත. නිතර මවුගේ ආශ්රරයෙන් නොවැඩෙන දරුවන්ගෙන් බලාපොරොත්තුවක් විය නොහැක. සභාවල ඇවිද- ආණ්ඩු පාලනයේ නියුක්තව සිට රාත්රි යට ගෙදර එන ස්ත්රිනය ගෙදර වැඩකාරයන්ගේ දයාව නිසා රැකෙන ආගන්තුක තැනැත්තියකි. දූ පුත්රකයන් සිටිතොත් අම්මා වාගේ ඔවුනුත් නිදහසේ ඇවිද රැට ගෙදර ඒම සිරිතකි. ගෙදර හිඟමඟ අඩු පාඩු කිසිත් ස්ත්රීඔය නොදත් නිසා පුරුෂයා උපයන තාක් ධනය මෙහෙකරුවන්ට කැමති අන්දමට වියදම් කිරිමත් සක්සුකරුවම් කම් ආදි කිසිවක් ගැණ නො සැලකිමත් නිසැක කාරණයකි. පුරුෂයා හරිහම්බ කිරිමටත්, ස්ත්රියය ඒ සියල්ල නිසි අන්දමට වියදම් කරමින් ගෙදරදොර ප්රිුයකරු අන්දමට තබාගනිමින් පුත්රත දුහිතෘන් ශිෂ්ටාචාර අන්දමට තනා ගැනිමටත් පත්වන කෙනෙකි. ස්ත්රීතය පුරුෂයන්ගේ වැඩ කරතොත් කවුරු නමුත් ස්ත්රිතයකට හිමි කටයුතු කිරිමට පත්කර ගත යුතුය. නොඑසේ නම් ජනසමාජය එහෙමපිටින්ම විපර්යාස විය යුතුය.

සභාපතිනි - එතකො මේ ඇත්තන්ගේ කල්පනාව ස්ත්රිහන් ලිප්බොක්කට තල්ලු කරන්ටද ?

පීරිස් නෝනා - ඔය කියන්නේ අයුතු කතාවකි. ලිප්බොක්කේම ඉන්නා ස්ත්රී වරුන් අපි නුදුටිමු. ලපටි කාලේ දෙමව්පිය සහෝදරාදීන් සමඟත්, තරුණ කාලේ ස්වාම්පුරුෂයා සමඟත්, මහලු කා‍ලේ දරුවන් සමඟත් උත්සව, පුණ්යසකර්ම සහා ආදියට ස්ත්රී හු යති. ගෙදර දොර බලාගනිමින්, මැහුමි, ගෙතුම්, ව්විම් ආදී කටයුතු කරති. වැදගත් යහලු මිත්රදයන් සමඟ කතාබස් කරති. නොයෙක් ශාස්ත්ර ඉගෙන එයින් තමනුත් ප්රගයෝජනය ගනිමින් අන්යමයන්ටත් ප්රශයෝජනය සලස්වති. සිංහල කුල ස්ත්රීනන්ගේ ඒ උතුම් නිදහසත් සත්චාරිත්ර්ත් ඒ අන්දමට පැවතුනු නිසා රට ජාතිය ආගම වෙනුවෙන් දිවි පුදා ක්රිශයා කරන්ට පුළුවන් වීර පුරුෂයන් මේ රටේ ඉපදුණු බව පෙනේ.

සිල්වා - එතකොට යුරෝපීය රටවල ඉන්නා නිදහස් ස්ත්රි න් නිසා වික්රීමවන්ත මිනිස්සු ඉපද නැද්ද?




පියදාස සිරිසේන නවකථා එකතුව 105


දොස්තර මහතා - ඇත්තෙන්ම කදිම ප්ර ශ්නයක් දැන් ඉන්නා ස්ත්‍ ීන් ගත් නිදහස මිට අවරුදු පහළොවක්ට විස්සකට ප්රතථම යුරෝපීය ස්ත්රී්හු නොගත්හ. අපේම පරණ ස්ත්රීවන්ට තිබුණු නිදහසට වඩා අධික නිදහසක් නොගත් වැදගත් යුරෝපීය ස්ත්රීනන් විසු කාලේම උපන් යුරෝපීය වික්ර මවන්තයන් තවමත් යුරෝපයේ කටයුතු කරති.

සභාපතිනි - හිටින්ට, පීරිස් නෝනා ඔය කියන අන්ද්මට දැන් ස්තරීේඒ න්ගේ දියුණුව සඳහා අප විසින් පිහිටුවා තිබෙන ස්ත්රීමන් කරන වැඩත් හොඳ නැති බව පෙනේ. එංගලන්ත ආදි රටවල ස්ත්රී්න් කරන වැඩත් හොඳ නැති බව පෙනේ. පිරිස් නෝනල් කියන්නේ ඒකද?

පීරිස් නෝන‍ා - අපි එහෙම නොකියමු. ස්ත්රීතන්ගේ සමාගම් මගින් කරන්ට වැඩ එමට තිබේ. රටේ දුරාචාරිව ඉන්නා ස්ත්රීින් එක්රැස් කොට ඔවුන්ට මැහුම්, ගෙතුම වීවිම්, කොසු ඇඹරිම් ආදි රක්ෂාවල් කරන්නට ස්ථානයක් පිහිටුවා ඔවුන් ආරක්ෂා කරගෙන සුචරිත සම්පන්න වු පසු සෑහෙන පුරූෂයන්ට පාවිදීම. දෙමළ මරක්කලාදි ගෙවල්වල දාස මෙහෙ කරන අසරණ සිංහල ගැහැණු දරුවන්ට සුදුසු වැඩපල ‍සොයදි ඔවුන්ගේ ජාති ගෞරවයත් ආත්ම සිද්ධියත් සලසාදීම. නුගත් අඥාන ස්ත්රිරන්ට හොඳ නරක ස්ත්රීණන්ගේ යුතුකම් වේ. එසේ නැතිව තරුණයන් සමඟ තැන් තැන්වල මිටින් තබමින් කලබල සහිත දේශපාලන රැස්විම්වල හැසිරිම හිතුවක්කාර ස්ත්රීින්ගේ විනාශයට කාරණයකි.

සිල්වා - නෝනා මහත්මයාලා කියන කතා අපට තේරෙන්නේ නැත.

වෙද මහත්මයා - ඒවා තේරෙන්ට හොඳ නරක කුමක්දැයි පළමු කොටම ඉගෙන ගත යුතුය. කුල ස්ත්රීරන් විසින් කට පාඩම් කරගත යුතු සිංහල කවි පංක්තියක් මහත්මයාගේ ප්රරයෝජනයට මෙහිදි කියන්නේමි. ටිකක් වැඩිවුවත් ඉවසිල්ලෙන් අහගෙන ඉන්ට. හැබෑ කුලස්ත්රීනන්ගේ යුතුකම හා චාරිත්ර් මෙහි හොඳින් දැක්වේ.





106 පරිවර්තෙනය

සු සි රි ත් දහම් දනය ද පස්කම් සෙ වන සැ ප ත ත් සුර පුර සොඳ සලස වන හි මි සි ත් වදන බැළුමෙන් නාබඳ පින වන

	ලොව  නැ  ත් කෙනෙකු තම පිය බිරිඳ සම	වන

සි යැ සෙ වි රකින පතිවත දම් සිතිනි තර රැ ඳ වෙ වි දනන් තුඩ තුඩ යස ගොස ප තර පි න වෙ වි හිම සිතැඟි රස බොදුනෙන් නි තර ලි ය ළු වි කෙනෙක් නැත මව් හැර ලෙව් අතර

ලෙ ඩ නෙයෙක් තැවුල් නඩු හබ කරද රින සි ති න දු ක් වසල කල පැමිණ අද රින සු මු දුනෙ ක් ඔවායෙන් හිමි දුක හ රින වෙ න කෙනෙක් නොමැත තම පිය බඳ සි රින

කි සි ව ත් නොමැති සඳ හිමි දුගියකු ලෙ සින ද න ව ත් සිටුවරෙකු හට පවතින ලෙ සින පෙ ම සි ත් නොබිඳ උවටැම් කරදෙන නි සින කෙ නෙ කු ත් වෙන ඇද්ද ලත්! පිය කත ලෙ සින

වි ස ගො ර සපුන් අල්වන මුන්සප් කෙ මින නි සි යු ර ගුලෙන් උඩ නඟනා ලෙස සෙ මින ගු ණ ස ර නැණින් යුතු ළඳ හිමි වෙත පෙ මින සු ර පු ර ගෙසින් තුටුවෙයි ගිමි සහ නො මින

ය හ ප ත් පැවතු මැති සුබ ලකුණෙන් යුත්වු පි ය ක ත් සරණගත් කෙනෙකුට සිරි මත්වු ම ඳ මු ත් අද බෙලෙනි ඈ තමහට අත්වු කි ම අ ත් වන කරුණ වැඩිවිය ලෙස සිත්වු

දු ක සේ වසන කල හිමි ලෙඩවු ‍නො ‍ මින සි යැ සේ නිදි නොලැබ පා මුලෙහි ලගි මින නි සි සේ කැඳ අහර අහ වර වර දෙ මින ලි ය සේ සඟහ කරනේ කව්රුද පෙ මින

බී ම ය සුරා නොකලෙහි වේ සැරි මය යා ම ය නැටුම් බලනට දු කෙළි මය පා ප ය මිතුරු පරදර නිති සෙවි මය මේ ස ය දොසිනි ලිය හිමි වෙන් කිරි මය පියදාස සිරිසේන නවකථා එකතුව 107

ක ට යු තු නොකටයුතු මෙයයි දැනෙ න්නට නි ති සි තු සතුටු කමකින් ලොව වස න්නට ස තු ව තු ගෙදොර නම ගම නැති නොව න්නට මු දු සි තු යුතු ලියක ඕනෑ බල න්නට

දි වු ණු ව ලෙ ස ක් කෙනෙකුගෙ හානිය නොලස සි දු වු ව තැ න ක් තම ඉතිරියගෙන් වි ලස කි ය න ට‍ නොහැ ක් කෙමි මට නම් කිසි වි ලස ඉ න් ය ස ලි ය ක් පතනුව දුරලා අ ලස

 මේ රසවත් කවි පංක්තිය වෙද මහතා විසින් කියා විස්තර කරදෙන වේලාවට ස්ත්රී න්ගේ අධික නිදහස පතන පක්ෂයේ සභාපතිනිය හැ අද්වකාත් සිල්වා මහතා ආදීන්ට ටිකක් අමාරු විය. මේ කවි වලින් ප්රැකාශවන ගුණයෙන් යුත් ස්ත්රී යක් කවදාවත්ම පුරුෂයන්ගේ කටයුතුවලට මැදහත් නොවන බවද ප්‍රකාශ විය. 



03. පරිච්ජේදය[සංස්කරණය]

       මොවුන්ගේ මේ විවාදය කෙරෙන තැනට රාජකාරියෙන් ඉවත්ව ඉන්නා සිංහල නඩුකාර මහතෙක් පැමිණියේය. එතුමා පැමිණි විට ඔවුන් කරන විවාදය මුල පටන් විස්තර කොට කියාදි ඉක්බිති  “වර්තමාන ස්ත්රී න්ගේ පරිවර්තනය” හොඳව සිද්ධවුවක්ද නරකට සිද්ධවුවක්දැ”යි පීරිස් නෝනා ඇසුවාය.
     “ඇත්තෙන්ම රටට පිරිමහින-රටට ඉතාමත් වැඩදායක විවාදයක් කරගෙන යන බව පෙනේ. වර්තමාන කාලයේ ස්ත්රීරන් පත්වි ඉන්නා තත්වයත්, ස්ත්රීනන්ගේ ඉගෙනිමත් අතිශයින්ම අනර්ථදායනය. එහෙත් ලක්දිව මුළු ස්ත්රීන වර්ගයාම අනර්ථදායකයයි කිය නොහැක. ස්ත්රීෙන් හෙවත් පවුලක පුත්රර දුහිතෘන් හැම දෙනාම මෑණියන් අනුවම ඇති දැඩිවිම ස්වභාවයකි. නමුත් මේ කාලයේ ශාස්ත්ර ශාලවල ‘බොඩිං’ වි ඉගෙන ගන්නා දරුවන් විශේෂ වශයෙන් ගැහැණු දරුවන් නොමග යන බව පෙනේ. වයසට ‍නොසැහෙන කතා බසුත් ස්ථානයට නොසැහෙන නිදහසත් ඇතිවිම නිසා ළපටි දරුවන්ගේ ලජ්ජා භය ආදී ආත්මය ආරක්ෂාවන ගුණධර්ම නැතිවි යාම න‍ිසාත්- මිථ්යාීවාදින්ගේ කිසිම හරයක් නැති පොත් පත් කියවිම නිසාත් 


108 පරිවර්තයනය


නොමඟ ගිය තරුණ තරුණියන් ගේ ආශුය නිසිත්- දැන් කිසිම ගුණධර්මයක් නැති නැකම්ම නිකම් මනුෂ්යේ රූපවලින් අපේ ලක්දිව ද පිරි ඉතිරි යන්නට පටන්ගෙන තිබේ. එබඳු කාලයක “ස්ත්රීදන්ගේ පරිවර්ත නය” ගැන මෙබඳු විව‍ාදයක් කරණු දැක්ම ප්රීකත්යට කාරණයක්’ යයි ඒ වෘද්ධ නඩුකාර මහතා කීයේය.

  ස්ත්රීයන්ගේ අධික නිදහසට හෙවත් වර්තමාන පරිවර්තනයට විරුද්ධවු පීරිස නෝනාගේ පක්ෂය මේ නඩුකාර මහතා‍ගේ කතාව ගැන සතුටු වුනු නමුත් අනිත් පක්ෂය එනම් “ස්ත්රීකහුත් පිරිමින් මෙන්ම හැම තැනකදීම කටයුතු කළයුතු”යයි කියන ද සිල්වා මහතාගේ පක්ෂය නඩුකාර මහතාගේ කතාවට අප්ර්සන්නව “දියුණුවු හැම රටවලම ස්ත්රීුන්ටත් පුරුෂයන්ට මෙන්ම නිදහසත්, බලයත්, ස්ව බුද්ධයෙන් කටයුතු කිරිමත් යන බවට පිළිගෙන තිබියදී දැන් ඊට විරුද්ධ වන්නේ මක්නිසාදැ”යි ඇසුයේය. නඩුකාර මහතා ටික වේලාවක් නිශ්ශබ්දව සිට “මහත්වරුනි, තමන් නොදන්නා කාරණයක් ගැන හුතනවිටත්, කතාකරන විටත්, කාටවත්ම නිසැක ලෙස ඇත්තක්වත් බොරුවක්වත් හිතන්ට හෝ කියන්ට බැරුය. සීනි ආදිවු පැනිරස දෙයක් නොකාපු කෙනෙක් ලක්ෂ ගණන් ජනයා ඒ කන බව දුටුවත් එක වරක් සීනා කාපු කෙනෙකුට තරම් සීනිවල හැබැ රසය නොවැටහෙ. එමෙන්ම වර්තමාන ස්ත්රීර පරිවර්තනයෙ ඇති භයංකර භාවය වැටහෙන්නේ ඒ පරිවර්තනයට ගිය ස්ත්රීනන් ආශ්රීය කොට අමාරුවට පත් කෙනෙකුටම පමණකි. එපමණක් නොවේ- ඒ විපරිත වුන ස්ත්රීරයකගෙන් දුකට පැමිණියාවුද විපරිත නොවු ගුණවත් ස්ත්රී්යකගෙන් සැපතට පැමිණියාවුද මිනිසුන් දෙදෙනෙකුට මිස අන්යව කිසිවෙකුටත් වර්තමාන විපර්යාසයේ අනිෂ්ට විපාකත්-පුරාණ සත් චාරිත්රයවල ඉෂ්ට විපාකත් හොඳින් නොවැටහෙ”යයි වෘද්ධ විනිශ්චකාරතුමා කීයේය. 

ද සිල්වා අද්වකාත් - හොඳයි නඩුකාර මහතාට වර්තමාන ශිෂ්ටාචාරයෙනුත්-පරණ ශිෂ්ටාචාරයෙනුත් වඩා හොඳ කුමක් යයි අවබෝධවි තිබේද?

නඩුකාර - ඇත්තෙන්ම එය අසන්නටත් ප්ර ශ්නයක් නොවේ. දැන් ලෝකය දියුණුයි. යන්ත්ර්, සුත්රම යාන, ව‍ාහන සැප පහසුවලින් ආඪ්යදයි. නමුත් “ශිෂ්ටාචාරයක්ය”යි ඒ දියුණුවට නම තැබීම අයුත්තකි. “ශිෂ්ටාචාරය”යි කිය යුතු ධර්මයට හෙවත් ධර්ම ප්රයතිපත්තියටයි. ඒ ධර්ම ප්රටතිපත්තිය වර්තමාන දියුණුවට




පියදාස සිරිසේන නවකථා එකුතව 109

නොගැලපෙන එකකි. වර්තමාන කාලයේ අන්දමට කෑම, බිම, ඉඳුම්, හිටුම් පැවතුම් ආදිය පුරුදු කරගත් සාමාන්ය් ජනයා තබා-මහණ උන්නාන්සේලාත් ධර්ම ප්රරත්මත්තිය “විහිළුවක් පරණ මෝඩ අදහස්” බව සලකති. හැබැයි ඒ උන්නාන්සේලා බණ කියන කොට නම් ධර්ම ප්රසත්පත්තියේ අගය වර්ණනා කරති. නමුත් කවදාවත්ම ඒ ධර්ම ප්රසත්පත්ති අනුව ක්රිණයා නොකරති.

ද සිල්ව‍්ා - එතකොට පරණ ශිෂ්ටාචාරය මේ කාලයට නොගැලපෙන මේ කාලයේ පළිපැදිය නොහැකි එකක්වි තිබෙනවා නොවේද?

නඩුකාර මහතා - ඔවි මේ කාලේ අප රටේ කරණ ඉගැන්විමත්- පවුල්වල පවත්නා දුසිරිතුත් නිසා ධර්ම ප්රිතිපත්තිය දුර්වලවි අභාවයට යමින් පවති. ඒ ධර්ම ප්රතතිපත්තිය දුර්වලවන තරමටම රටේ අපරාධත් දුක්ඛිත කමත් අධිකවේ. හැබෑ සැපතක් ලැබිමට නම් ධර්ම ප්රපතිපත්තියේම පිහිටිය යුතුය. වෙලාවට නරකාය කීවත්-කාලයට ඔබින්නේ නැත කීවත් ස්ථානයට රුච් නැත කීවත් බෙහෙතක් නොබි රෝගය සුව නොවන්නාක් මෙන් මනුෂ්ය්යෙකුට කලබල නැතිව. ණයතුරුස් නැතිව, කාය චිත් විවේකයක් ඇතිව ජිවත්වන්ට ඕනෑ නම් ධර්ම ප්ර කිපත්තිය අවශ්යි වේ. “ධර්මයෙන් පිට සැපතක් නැතැ”යි කී උතුම් වචනය ආකාශයේ අඳින්ට පිළිව්න් නම් මා සත්තක සියලුම දේත් මගේ ජිවිතයත් පරිත්යාළග කරමි. විශේෂ වශයෙන් ස්ත්රීප පක්ෂය ධර්ම ප්රිතිපත්තියෙහි යෙදි නොවෙසෙතොත් ඒ රට කාලකණ්ණි දුක්ඛිතයන් ගෙන් පිරි ඉතිරෙන රටක් බව සැලකිය යුතුය.

ද සිල්වා - හොඳයි අපේ නඩුකාර මහතා මේ විවාදයේ මැදදි සම්බන්ෂවු කෙනෙකි. ස්ත්රී න්ගේ අළුත් ක්ර ම ගැන කතා කරණ අපේ පක්ෂුයටත් මුලදි නොබැ‍ඳුනා ඉංග්රී සි අපරදිග භාෂා ශාස්ත්රැ හොඳින් දන්නා කෙනෙකු බැවින් නඩුකාර මහතාට මේ අභිනව ක්රදමයත් පරණ ක්රාමයත් සම්බන්ධයෙන් ඇතිවි තිබෙන අවබෝධය අපට ‍හොඳින් කියා දුන්නොත් එයින් අපේ විවාදය තින්දු කරන්නෙමු. පීරිස් නෝනා මහතාත් ඊට එකඟද?

පීරිස් නෝනා - ඇත්තෙන්ම අපි ඉතිමත් සතුටින් එකඟ වන්නෙමු.




110 පරිවර්තඅනය


අපේ කටයුතු විනිශ්චයකාරතුමා අවුරුදු 25 ක් පමණ යුක්තිය ඉෂ්ටකළ අවංක විනිශ්චයකාරයෙික. අපේ ජාතියේ දියුණුව පිළිබඳව ආරම්භවු මේ විවාදයේත් තීන්දුව එතුමාගෙන් ලැබීම මහත් වාසනාවක් හැටියට අපි සලකමු.

නඩුකාර මහතා - මගේ වැටහිම මේ සභාවේදි කියන්නෙමු. ඇත්තට පයින් නොගසා ඒ පිළිගැනිම සභාවේ යුතුකමකි. දැන් අපේ රටේ ඇතිවි තිබෙන අපරාධ වලින් හා ණය ගැතිකමින්ද- ආත්ම ඝාතනවලින් හා උමතු රෝගවලින්ද සියේට අනුවක් ස්ත්රීින් නිස‍ා ඇතිවි තිබෙන බව සැලකිය යුතුය. පිරිමි පක්ෂයද විපර්යාසවි තිබෙන බව ඇත්තකි. එසේ වි තිබෙන්නේ විපර්යාසයට පැමිණි මෑණිවරුන්ගේම දරුවන් බවද සැලකිය යුතුය. මම දැන් තමුන්නාන්සේලාට පුංචි කථාන්තර දෙකක් කියන්නේමි. ඒ කථාන්තර ඇසු පසු නිරායාසයෙන්ම ස්ත්රීද පරිවර්තනයේ ඇති වැරැද්ද තමුන්නාන්සේලාටම වැ‍ටහෙනවා ඇත.


 “මගේ ජිවිත කථාව මෙසේය. මගේ මවුපිය දෙදෙනාම ශික්ෂිිතවු ධර්මානුධර්ම ප්රවතිපත්තියෙහි හැසුරුණු චාන් ජිවිතයක් ගතකොට සුවසේ විසු දෙදෙනෙකි. මම කුඩා කාලේ ඉංග්රීතසි කොලීජියක නතර කරණු ලැබ ඉංග්රීටසි භාෂාව ප්රතගුණ කරවන ලද්දෙමි. මා නීති ශාස්ත්රයශාලාවේ ඉගෙන ගනිද්දි මිත්රායෙකු නිසා මගේ නෝනාලාගේ ස්ථානයට යාමෙන් ඇයත් සමඟ මිත්රනවිමි. එසේ මිත්රරවි ඉන්නා අතර නීතිඥයෙක් වු පසු නීති ප්ර කාර විවාහ බන්ධනයට පැමිණියෙමි.  මගේ නෝනා හොඳට ඉංග්රී්සි උගත් පළමුවෙනි පංක්තියේ ස්ටයිල් කාරියෙකි. කසාඳ බැඳ දවස් විස්සක් පමණ වනතුරා නම් ඈ කෙරෙහි මගේ ආදරය පැවතුනේය. එතැන් පටන් මේ දක්වා අවුරුදු තිහක් පමණ ඈ සමඟ අඹු සැමියන් මෙන් කල්ගත කරණ නමුත් ඈ කෙරෙහි මගේවත් මා කෙරෙහි  ඇගේවත් හැබෑ ප්රේතමයක් ඇත්තේ නැත. නමුත් ‍ලෝකයෙන් වන අවනම්බුව ගැන බියෙන් ඈත් සමඟ කල්ගත කරමි. මේ මක්නිසාදැ යි තමුන්නාන්සේලාට නොතේරෙන්ට පිළිවන. මගේ නෝනා ස්වාමි ගෞරවය. ස්වාමි භක්තිය ඇති කොනක් නොවේ. මා සතුටු කිරිමට ඈ කවදාවත් සිතන්නේ නැත. ඈ සතුටුවිමට උවමනා කරුණු සම්පාදනය කරදිමට බැඳුනු වහලෙකු ලෙස මා සලකන්නීය. ඕනැවට වඩා උගත්කම ඇති යටහත් පහත්කම අයුත්තක් යයි සලකන ග‍ැහැණු කවුරුත් මගේ ‍නෝනා ට 




පියදාස සිරිසේන නවකථා එකතුව 111

වඩා අමුතු නොවෙති. ස්වාමිපුරුෂයන් ඉන්නහු යයි කිසි සැලකිමක් ඔවුන් තුළ නොවති. ගෙදර දොරේ කටයුතු දෙස කවදාවත් නොබලති. තමන්ට හිතුන හැටියේ ඕනෑ වේලාවක ඕනෑ තැනකට යති. වියහයදම් හෙටත් අයවැය දෙක ගැන කිසිත් නොදනිති- නොසලකති. ඒ ස්ත්රීයයට උවමනා තරම් මුදල් ආදිය දෙන්ට අතේ නැති නම් මේ ලෝකයේ තිබෙන තරම් අමුලික බොරු කියමින් මට ගැරහීම මගේ භාර්යාවගේ සිරිතකි. මා නඩුකාරයා නමුත් මගේ ස්ත්රීීය ඉදිරියේ නම් අපේ උසාවියේ පියුන් කෙනෙකු තරමට වත් මගේ උසස් කමක් නැත. සුළු කථාවක් ඇති වුණත් එය කෙළවර කරන්නේ ආතා මුත්තා කාලේ කුලමලත් කියා මිනිමරා ගන්ටත් සෑහෙන තරමට චිත්ත වේදනා ඇති වුනාට පසුය. මේ පරිවර්තනයට පැමිණි ස්ත්රිතන් තුළ භයක්, ලජ්ජාවක්, ගෞරවයක්, නිහතමානි ගතියක් ඇත්තේම නැත. තමා අශිෂ්ටාළචාර නිසා සත්පුරුෂයාත් අශිෂ්ටාචාර යයි සිතන්නීය. පරදාර සේවනාදි කිසිම පාපයක් නොකරණ ධර්මකාමි පුරුෂයන් කෙරෙහිත් මේ දුෂ්ට ස්ත්රීිහු සැකකොට අමුලික බොරු චෝදනා කරති. පසුගි දවසක මහනුවර පළාතේ විසු මුණසිංහ නමැති මහතෙක් බෙල්ලේ වැල ලාගෙන එල්ලී මළේ මොකද? ඒ මනුෂ්යුයා කරුණාවන්ත ඥාති ස්නේහය ඇති යුක්ති ගරුක කෙනෙකි. ඔහුගේ වැඩිමල් සහෝදරයා මැරි අනාථ පවුලක් වුන්නේය. ඒ පවු‍ලේ ගැහැණු දරුවෙකු විවාහකර දීමට වියදම් කොට ඒ මඟුල හොඳින් පවත්වන ලදි. මේ බව දැකිමෙන් ඉවසුම් නැතිව ගිය මුණසිංහගේ බිරිඳ මුණසිංහට දිනපතාම ගර්හා කරන්ට පටන් ගත්තාය. මුණසිංහගේ අයියාගේ වැන්දඹු ස්ත්රී්ය සමඟ එකතු නිසා මේ වියදම් කරනවා යයි කියා දිනපතා කරණ අයුතු නින්දාව විඳ දරාගත නොහැකි දුර්වල මුණසිංහ වදක බාරියගෙන් නිදහස් වන පිණිස බෙල්ලේ වැල ලාගෙන මැරුණේය. ඉතින් මා ගැනම කියන්ට ‍ගොස් පිටස්තර කරුණුත් කියන්ට වුනා. මගේ භාර්යාව සමාගම්වලට දේශපාලන සමාගම්වලටත් යන ලොකු උගතියකි. නමුත ගෙදර දොර දරුවන් හා උපයන දෙය ඥාති මිත්රා දින් ගැන අබමල් රේණුවක්වත් ‍නොසලකන වදකාරියකි. ස්වාමිපුරුෂයාගේ පටන් වැඩකරුවා දක්වා කාටත් අපහාස කරණ කෙනෙකි. තමා කියන දෙය මිස අනිකක් නොසලකන ඉතාමත් නීච ගතියක් මේ අධික නිදහස සලකන ස්ත්රීසන් තුළ නිසැකවම ඇති වේ. මේ කී‍වේ පරිවර්තනය වු ‍මගේ බිරිඳ ඇතුළු ස්ත්රී්න්ගේ හැටිය.







112 පරිවර්තීනය


 අපේ වලව්වට අල්නාපු වත්තේ පුන්චි ගෙයක ඉන්නා දුප්ප්ත්ි පවුලක් ගැන මම දනිමි. පොඩි අප්පුහාමි නැමැති ඒ ගෙදර මනුෂ්‍යයා පරණ සිංහල තලෙට වැඬ‍ුණු පිටිසර ස්ත්රීපයක් විවාහකාරගෙන දරුවන් දෙදෙනෙක් ඇතුව ඉතාමත් සැපසේ ව‍ාසය කරයි.‍  දිනකට සුළු මුදලක් සපයන ඒ මනුෂ්යවයා‍ෙග් භාර්යාව කෙතරම් පරිස්සමෙන් හා ගෞරවයෙන් කල්යවන්නීද කිවහොත් ඒ දරු දෙදෙනත් ස්වාමියාත් සමඟ කිසි හැලහොල්මනක් නැතිව ප්රීඒතියෙන් කල්ගත කරණ සැටි අසා පුදුමවිමි. හැම පෝයකටම ස්වාමියාත් දරුවනුත් සමඟ පන්සලට ගොස් පන්සිල් සමාදන්ව මල් පහන් පුදා බුදුන් වැඳ ඉතාමත් ප්රිසතියෙන් පින්දහම් ද කරන්නීය. ස්වකිය ස්වාමියා මොන ද්ර ව්ය‍ක් ගෙනාවත් එය කවදාවත්ම නරකය, මදිය කියන සිරිතක් ඈ තුළ නැත. කෑමට මොන ද්රරව්යයයක් ගෙනාවත් එය ඉතාමත් ප්රී තියෙන් පිළිගෙන ඉතාමත් රසට පිළියෙළ කිරිම ඇගේ පුදුම ගුණයකි. කෙතරම් නරක රෙද්දකි-ඇඳුමක් ගෙනාවත් ඒ ඉතාමත් හොඳ දෙයක් ලෙස පිළිගෙන ස්වාමියා සතුටුකරන්නීය. ස්වාමියාට මුදල් හදල් අතින් අමාරු බව දුටුවොත් ඈ සුරක්ෂිත කරගෙන තිබෙන මුදල් දි පුරුෂයාගේ සිත සනමා සතුටු කරන්නීය. පුරුෂයා නිතරුණේ බැන්නත් අපවාද කීවත් කවදාවත් වචනයක් ‍නොකියා ස්වාමියා‍ෙග් කෝපම සංසි‍ඳෙනතුරු රූපයක් මෙන් නිසොල්මන් වන්නිය. ස්වාමියා දෙවිකෙනෙකු යටහත් වියයුතු උතුමෙකු ලෙසට ඒ ස්ත්රීනය විසින් සලකනු ලැබේ. මේ ස්ත්රීකය නුගත් අඥාන තැනැත්තියකුත් මෝඩියකුත් නොවේ. සිංහල භාෂාව හා ධර්මයත් හුඟක් දුර ඉගෙණගත් භය ලජ්ජා ඇති-නියම ස්ත්රී  තත්වයේ පිහිටි කෙනෙක් නිසා ස්වාමියාට යටහත් පහත් කමින් ඉඳිම ධර්මත්වයක-යුතුකමක කියා පිළිගත් තැනැත්තියක් නිසා මේ සමාදානයත් සතුටත් ඒ ගෙදර පවත්නේය. මේ කියන ලද්දේ පරිවර්තකනයට නොගොස් සිද්ධාන්තව පවත්නා කුල ස්ත්රී  ගතියෙන් කල්යවන ස්තරීා  යක් පිළිබඳ ලුහුඬු කාරණයකි.
  ස්වේජාච‍ාරි භාවයෙන් කල්ගත කිරිම ස්ත්රීයන්ගේ විනාශයටත් ඒ හෙයින්ම ජාතියේ විනාශයටත් හේතුවන බව සැලකිය යුතුය. ස්වේච්ජාචාරී ස්ත්රී්න් තුළ හැබැ දරු ස්නේහයක් නැත. දැන් අප රටේ ස්ත්රීකන්ගෙන් එලිමහනේ ප්රරකටව ඉන්නා ඉංග්රීේසි ආදි භාෂා උගත්  “නිදහස්” ස්ත්රී්න් සියයට අනුපස් දෙනෙකුටම දරුවෙකුට පෙවිමට කිරි බින්දුවක් නැත. මවු කිරි ‍නොබි ඇතිවන දරුවන්ගෙන් ඉතාමත්



සුළු



පියදාස සිරිසේන නවකථා එකතුව 113 ‍

වැඩි පිරිසක් කමකට නැති රොඩිඩෝය. අපේ රටේ ධන හානියටත්, රෝග බහුලවිමටත්, ලදරු මරණ අධික විමටත් ප්රහධාන හේතුව ස්ත්රීහන්ගේ අධික නිදහසත් පුරුෂ ගතියෙන් ක්රිනයා කිරිමත් බව පෙනේ. ස්ත්රී්න්ට නිවැරදි ධර්මශාස්ත්රේත්-මැහුම් ගෙතුම් ආදී හස්ත කර්මාන්තත් ගෘහ සංවිධාන ශාස්ත්රීයත් මිස අන් කිසිවක් ඉගැන්විය යුතු නොවේ. අහස් නැව් පැදවිම්, මො‍ටෝ රථ පැදවිම, දේශපාලන කටයුතු කිරිමාදි අන්තරාදායක කිසි‍වක් කිරිම ස්ත්රීසන්ට ඉඩදිය යුතු නොවේ. දැන් යුරෝපීය ඇතැම් රටවල් නිසැක පිරිහිමට බැස තිබේ. දරුවන් වදන මවුවරුන් අඩුවී ත‍ිබේ. දුරාචාරය තදින් පැතිර ගොස් තිබේ. ස්වාමි භක්තියෙන් කල් ගතකරණ ස්ත්රී‍යක් දැකිම පවා දුර්ලභය, ස්ත්රී.න් අතර නහරගත අසනිපත්, තවත් භයානක ලොඩත් අතිශයින් බහුලය. එවැනි ලෙඩ සහිත ස්ත්රීේයක් විසින් දරුවකු ප්රනසුත කළත් කවදාවත් ඔහුගෙන් වැඩක් නොවේ.

  ස්ත්රීුන්ට අධික නිදහස දීමේ භයංකරකම ලොකයේ විසු පණ්ඩිත ජනයා ප්රසකාශ කොට තිබේ. ලෝක ස්වාමිවු තථාගතයන් වහන්සෙ ඉතාමත් ප්රරවේශමෙන් භික්ෂුණිශාසනය පිහිටුවා වදාරණලදි. චිනය ප්රාඥප්ති පැමිණවිමේදී භික්ෂු භික්ෂුණින්ට සාධාරණ විනය ප්රණඥප්ති ද භික්ෂුන්ටම පමණක් සාධාරණවු විනය ප්ර්ඥ්පති ද පණවා වදාළේය. ස්ත්රීු පුරුෂ දෙපක්ෂය එක අන්දමින්ම සැලකිය යුතු නම් විනය ප්රරඥප්ති තුන් ආකාරයකින් පණවා වදාරන්නේ නැත. ස්ත්රීස පුරුෂ දෙපක්ෂයටම සාධාරණ කටයුතු හා චාරිත්රාරත් ති‍බේ. නමුත් ස්ත්රිරන්ට පමණක් විශේෂවුද, පුරුෂයන් පමණක් විශේෂවුද, කටයුතු දුෂ්ට ජනසමාජයෙහි ඇතිවිය යුතුය. එසේ විශේෂයක් වුවමනා නැත කියා ස්ත්රී  පුරුෂයන් එක හා සමාන නිරිමට ක්රිායා කරන්නේ මුළාවුවෝ වෙති. අපේ රටේ ජනසමාජය දුෂ්ය  කොට රට අධර්මයට හෙලිම බලවත් අපරාධයකි. ස්ත්රීේන්  “ලිප්බොක්කට” තල්ලුකරණ වාය යි කියමින් කල ස්ත්රීතන් නාඩගම් කාරීයන් කිරිම බලවත් අයුත්තක්ය. ස්ත්රීකන් ලිප්බොකකෙත් පුරුෂයන් මඩවගුරෙත් ඉන්නා පවුල් ඇත්තෙන්ම වාසනාවන්තය. ස්ත්රී න් දේශපාලනයටත් පුරුෂයන් රේස් සුදුවටත් පටන් ගත්තාට පසු මුළු ‍ලෝකයම දුසිරිතෙන් හා දුක්ඛිත භාවයෙන් වැසී ගොස් තිබේ. ඒ නිසා ස්ත්රීළන්ට සීමාරහිත නිදහසත් බලයත් දිම බලවත් අයුත්තකැයි කීයේය. 

ද සිල්වා අද්වකාත් - අපේ ස්ත්රීත සංගමයේ සභාපතිනියත් මේ තරුණ නෝනා මහත්මයාත්-දැන් අපේ වෘද්ධ නඩුකාර මහතාගේ



114 පරිවර්තතනය


දීර්ඝ කථාවට කුමක් කියන්නහුද?

වෙද මහතා - මෙකද තුෂ්ණිම්භුතව ඉන්නේ? දැන් අපේ රටේ ඉන්නා ස්වෛරි ස්ත්රීතන් ගැන දොස් කිය යුතු ඔවුන්ටම පමණක් නොව ඔවුන්ගේ මවුපියාදි වැඩිහිටියන්ටත් සමඟ බව කිය යුතුය. ගැහැණු දරුවන්ට ඉගැන්විය යුතු සදාචාරය ඉතා ලපටි වියේදිම මතක නැතිකර දමා-ප්රනමාණය ඉක්මවා අඳින්ට පළඳින්ටත් නුසුදුසු බයස්කෝප් ආදිය බලන්ටත් ඉඩ හැර තිබේ. සදාචාර සම්පන්න නොවන ධනවත් මිනිසුන්ගේ දූ දරුවන් හැසිරෙන අන්දම බලාගෙණ ඔවුන් යන ස්කෝලවල ඉගෙණ ගන්නා සාමාන්යෙ ගැහැණු ළමයා ද විලිබිය නැති හිතුවක්කාර පිරිසක් වෙය‍ි. ඒ කුඩා කාලේ පුරුදුවු හිතුවක්කාර ගතිය පුරුෂයකු හා විවාහවු පසුව වඩාත් නරක අන්දමට පෙන්විම නිසා දැන් අපේ රට දුක් කරද‍රවලින් පිරුණු අපායක්වි තිබේ.


ද සිල්වා අද්වකාත් - ස්ත්රීකන්ගේ නිදහසට විරුද්ධව මේතාක්ම දැක්වු කරුණු එකක්වත් මට වැටහුණේ නැත.

වෙද මහතා - ඇත්තෙන්ම අද්වකාත් මහතා අවංකව කතාකරණ කෙනෙකු බව පෙනේ. තමා නොදන්නා භාෂාවකින් යමක් කීවාට නො වැටහේ. අනිත් අතට තමාගේ වැරදි ඉගෙණිමට විරුද්ධවන යමක් කීවත්- ඒ වැරදි හිතින්ම කල්පනා කරණ කෙනෙකුට යම්කිසි කාරණයක් කියාදිම මුනින් නමාපු භාජනයකට වතුර වැක්කිරිමට සමැනය. ප්රංදශයේ ‍හෝ එංගලන්තයේ අභිචාරිකාවන් හා අභිරමණය කළ උදවියට ලක්දිව කුලස්ත්රීණන්ගේ ලජ්ජා භය දෙක හරියට නයාට අඳුකොළ මෙන් විෂ සහිත බව පෙනේ.


04. පරිච්ජෙදය[සංස්කරණය]

සභාපතිනි - හොඳයි ඉංග්රීජසි පන්නෙට ඇතිදැඩිව නිදහස් අන්දමට ක්රිරයාකරණ වැදගත් ස්ත්රී්යකට හෝ කීප දෙනෙකුට පැමුණුන හානියක්- අකරතැබ්බයක් කාටවත් කියන්නට පිළිවන්ද?

දොස්තර - අන්න හොඳ ප්රෙශ්නයක්. ඒ අතේ අකරතැබ්බ සහ අනතුරු සියයකුත් එකකටත් වඩා මම දනිමි. මේ සභාවේ ඉනනා

පියදාස සිරිසේන නවකථා එකතුව 115

අනිත් අයද එබඳු විපත් දන්නවාට කිසි අනුමානයක් නැත.

ද සිල්වා අද්වකාත් - ‍හොඳයි දොස්තර උන්නැහේ දන්නා ඒවායින් එකක් දෙකක් කියන්ට.

දොස්තර - 1913 නේ අප්රේසල් මාසේ 6 වැනිදා සිද්ධවු අපුරු නාඩගමක් පළමුකොටම කියන්නෙම්. ම‍ගේ පිටිසර මිත්ර්යෙක් එදින කොළඹ අවුත් සිටියේය.රාත්රිා කෑමෙන් පසු බයස්කෝප් නම් චිත්රර රූප දැකිමට ඔහු ඉතාමත් සතුටු බව කියා පෙරැත්ත කළ බැවින් මම ඔහුත් සමඟ මරදානේ බහස්කොප් ශාලාවකට ගියෙමි. දෙකෙන් පංගුවක් පමණ වේලා ඒ සිතියම් පෙන්වා නිවාඩු කාලයක් දුන්නේය . එසේ නිවාඩු දුන් හැටියේම ඒ ස්ථානයේ කළමණාකාර තැන සභාවට අවුත් මෙසේ කියන්නට පටන් ගතතේය. “නෝනාවරුනි, මහත්වරුනි, මෙතැන දැන් කලබලයක් සිද්ධ‍ෙව්. එක් මහ්තමයෙක් පිස්තෝිලයක් රැගෙන් ‍ගේට්ටුව ළඟ රකිනවා. ඒ මහත්මයාගේ නෝනා වෙනින් මහත්මයෙකුත් සමඟ බයිස්කොප් බලන්ට ආවාලු. ඉතින් ඒ නෝනාටත් ඈ සමඟ පැමිණි මහත්මයාටත් වෙඩි තබන බව කියමින් ගේට්ටුව ළඟ ඉඳගෙන ඝෝෂා කරණවා. ඉන්නිසා කරුණාකර පිටස්තර කෙනෙකු සමඟ යම් නෝනා මහත්මයෙන් බයස්කෝප් බලන්ට ඇවිත් සිටි නම් ඉක්මනින්ම නැගෙනහිර පැත්තේ ‍ෙග්ට්ටුවෙන් පිටවි යා යුතුයි”යි මැනේජර් කිවේය. ඉතින් මුළු ශාලාවට කැළඹුණා මෙන් විය. ගෑණු පිරිමි ජෝඩු දහතුනක් මර භයෙන් බියපත්ව වාහම නැගිට ගියහ. මැනේජර් කිවේ එක ‍ජෝඩුවක් ගැන පමණකි. තම ස්ත්රීවය වෙන මිනිහෙකු සමඟ බයස්කෝප් බලන්න ආ බව දැනගෙන කොලහල කළේ එක මිනිහෙක් පමණකි. නමුත් තවත් ස්තරීන න් දොළොස් දෙනෙක් තම තමන්ගේ හිතවත් මිතුරන් සමඟ රාත්රි් නවයේ සිට දොළහ එක දක්වා බයස්කොප් බැලු බව අපට පෙණුනේය. ගෙදරවල ඇති දැඩිවන අවිවාහක තරුණියන් සතර දෙනෙකුත්-විවාහවී පුරුෂයන් ඉන්නා නවදෙනෙකුත් මේ පිරිසට අයිතිබව නැවත පරීක්ෂාකළ අපට දැනගන්නට ලැබුණේය. ඇත්තෙන්ම මහත්වරුනි, යුරෝපයේ නම් මෙබඳු සංචාරය කිරි‍මෙන් නියුක්තවන බව බොරු නොවේ. නමුත් කුල ස්ත්රීචන් විසින්





116 පරිවර්තරනය


අතිශයින්ම පිළිකුල් කළයුතු මේ නින්දිත නිදහස නිසා අපේ රටේ විරෝධව කාලකණ්ණිව ඉන්නා පවුල් කොපමණද? ස්ත්රීේන්ගේ නිදහසටත් හිතුවක්කාර අන්දමට හැසිරිමටත් ගරු කරණ අපේ අද්වකාත් සිල්වා මහතාට සිද්ධවුනු තවත් කාරණයක් කියන්නේමි. කුසුම් ප්රතදර්ශනයක යෙදී-එහිදි “සල්ලං” වෙලා-එංගලන්තයට ගොස් නිදහස් වි එයින් පසු ‍ලෝකය හිනැස්සෙව් “උගත් තරුණිය” ගැන මා නොකීවත් කවුරුත් ‍දනිති. නමුත අළුත විවාහවී-බණ්ඩාරවෙල ගිය “උගත් තරුණියක්” හා ඇගේ ස්වාමිපුරුෂයාත් පිළිබඳ කථාන්තරයක් කියන්නෙමි. මේ තරුණියට කලින් පෙම්බැඳ සිටි තරුණයා සමඟ විවාහ වෙන්නට බැරිවිය. වෙනින් තරුණයෙකු සමඟ විවාහවි මසකට පසු-ඒ අළුත් ජෝඩුව බණ්ඩාරවෙලට යන්නට සුදානම්වි දුම්රියපලට ආවෝය. පුදුමයකට මෙන් විවාහවීමට ඉඩ නොලත් තරුණයාද-එදා නුවරඑළියට යන පිණිස දුම්රියපලේ වුන්නේය. තරුණ අඹුසැමි දෙදෙ‍නා පළමුවෙනි පංක්තියේ කාමරයක නැග්ගාහ. තරුණ අඹුවගේ මිත්රළ තරුණයා වෙනින් කාමරයකට නැග්ගේය. තරුණිය නිදහස ලබාගත් ලොකු ඉගැණිමක් ලැබු ප්රාසිද්ධ පවුලක කෙනෙකිය. ඈ සමඟ විවාහවි ඉන්නා තරුණයා ඉංග්රී්සි භාෂා ශාස්ත්රක උගත් නමුත් සදාචාරය ගරු කරන්නෙකි. දුම්රිය පිටත්වෙන්නට ප්රයථම පුරුෂයාට කථාකොට “එහා කාමරයක මගේ මිත්ර. නෝනාවරු වගයක් ඉන්නාවා- ජෝ මෙහි ඉන්ට- මම ඒ නෝනාවරුත් සමඟ කතා කරමින් ගොස් පොල්ගහවෙලදී නැවැත්වු පසු එන්නේමි”යි කියා පරණ ආදරවන්තයා සිටි කාමරටය ගොස් නැංගේය. මේ තරුණ මහතා ඇගේ කීමට ඉජ දුන් නමුත් එතැනදි නෝනාවරුන් නැග්ග බවක් ඔහු ‍නොදුටු නිසා බලවත් සැකයක් ඇතිවිය. එතකොටමත් දුම්රිය පිටත්විය. ඉතින් කුමක් කරන්නටද? තරුණ ස්වාමියා නොඉවසිලිවන්තව සිටියේය. වේයන්ගොඩදී දුම්රිය නැවැත්විය. තරුණ ස්වාමියා ඉක්මණින් දිවගොස් සිය බිරිඳ පරීක්ෂා කෙළේය. ලක්ෂණ තරුණයෙකු සමඟ “ප්රීසති සහගතව කථාසල්ලාපයේ” යෙදි වුන් සිය බිරිඳ දැකගත් ඔහුට “ස්ත්රීයන්ගේ නිදහස” තිත්තවි-තමා ඔවුන් දුටු බව ‍නොහඟවා අවුත කලින් සිටි කාමරයේ නැඟි පොල්ගහවෙල දක්වා





පියදාස සිරිසේන නවකථා එකතුව 117

ගමන්කොට එහිදී ඇඳුම් පෙට්ටි දෙකත් දුම්රියෙන් ඉවතට ගෙන තමාද දුම්රියෙන් බැස සිය බිරිඳ පොරොන්දුවු ලෙස එන්නීදැයි බලා සිටියේය. දුම්රිය පිටත්විය. තරුණ බිරිඳට පරණ මිත්ර යා සමඟ පැවති සල්ලාපය කෙතරමි සතුටුදායකද කිවහොත් පොල්ගහවෙලට දුම්රිය පැමිණි බව පවා නොදැනුණේය. ස්වාමිපුරුෂයා බණ්ඩාරවෙලට යනවා වෙනුවට පොල්ගහවෙල තානායම් පොළට ගොස් එදා රාත්රිි නැවති ඉඳ පසුදින කොළඹට අවුත් තරුණියගේ මවුපියන් වෙත කාරණය තත්වු පරිදි කියා ඔහු ගෙදර යන්නට ගියේය. නිදහස කියන්නේ කුමක්ද? ස්තරී කින්ගේ සදාචාරය රැකෙන්නේ කෙසේද යනාදි කිසිවක් නොදත් ඡනයා කියන ප්රුලාප වලට රැවටි ඡනසමාඡය කිලිටි කිරිම අපරාධයක් නොවේද?

සිල්වා අද්වකාත් - මහත්මයා කී කරුණු හදිසියෙන් සිද්ධවුනු පුදුම දේවල් මිස ස්ත්රී න්ට නිදහස ඇතිවිම නිසා සිද්ධවුනු කරුණු බව අපට ‍නොවැටහේ.

දොස්තර - බොහොම හොඳයි. නිදහස දුන්නත් නුදුන්නත් හැම ස්ත්රීවයකගෙන්ම ඔබඳු වැරදි සිද්ධ වන එකක් නැත. නමුත ස්ත්රීහන්ට වුවමනා නිදහස නිසා ස්ත්රීැන්ගේ ගති ගුණ සියල්ලක් පුරුෂ ස්වභාවයට හැරි ස්ත්රීවහුත් පුරුෂයන් මෙන් දැඩි සැඩව ක්රිගයා කිරිමටත් නපුරු රෞද්රට සිතිවිලි සිතිමටත් පටන් ගැනීම නිසා ජන සමාජය දුෂ්යිවි ඉතා පහත් තත්වයකට පත්වන බව මහත්මයාට කල්පනා වෙන්නේනැදිද?

සිල්වා අද්වකාත් - ඔවි, ඕවා එහෙම තමා! කලින් කල ඇති වන විපර්යාස වලදි ඒ ඒ ජනසමාජවල සිරිත් විරිත් වෙනාස්වීම කාටවත් වැලැක්විය නොහැක්කකි. අප දැන් මොටෝකර් අහස් යාත්රාැ‍, කම්බි රහිත විදුලි පණිවුඩ ආදිය පාවිචිච් කරම්හ. අපේ මුතුන්මිත්තන්ට ඒවා ගැන අසන්ටවත් ලැබුනේ නැත. ඉතින් ඒ කාලේ පැවැති ජනසමාජ චාරිත්ර පමණක් ඒ අන්දමට පවතිද?

දොස්තර - ඔව්, සිල්වා මහතා කී කාරණය ඉතාමත් වැදගත් එකකි. විපරියාසවිම ‍ ‍ලෝක ස්වාභාවයකි-ඒ විපර්යාසය කලියුග කාලේ ඒකාන්තම කාරණයකි.





118 පරිවර්තපනය


නිස්සාර පෘථීවි නාරෞෂධිරසා නීවාමහත්වං ගතා රාජා අත්වීථපරායනො භුවිත‍ෙල් විභ්රා න්යලකම්ස්ථාතඃ භාය්යාඅත බන්ධු සුබඬ ‍වෛරී හෘදයන් පුත්රෙසපිතුර්වෙෂතා ඉත්ථ මභුතමිදං ජගත් කල්යුගෙ ධර්මො වනාත්ත්රං ගතඃ

 සාර භුමි නිස්සාර විමද, නිරෞෂධවිමද, කුලහීනයන් මහත්තත්වයට පැමිණිමද, රජ දරුවන් ධනය ඉපදීමට පටන් ගැනිමද, බමුණන් අයුතු කර්මාන්තයන්හි යෙදීමද, භාර්යාව හා ඥාත් මිත්රාවදීන් සමඟ වෛර කිරිමද, පියා පුත්රයයා කෙරෙහි දිවේෂ කිරිමද යන මේ විපර්යාසය කලියුගයෙදි බහුල වේ. ධර්මව වනාන්තර ගතවන්නේය. ඒ නිසා විපර්යාසය ගැන පුදුම වන්නට ඉඩක් නැත. නමුත් ධර්ම ශාස්ත්රද ඇති අපේ රටේ උදවිය ඒ තරම්ම ඉක්මනට විපර්යාසවීම බලවත් අයුත්තකි. මකිනිසාද, අවුරුදු 2477 කටත් වැඩි කාලයක් මුළුල්ලේ දෙමළ, සොළී, ජා, චීන, පරංගි, ඕලන්ද ආදී ‍නොයෙක් ජාතීන් පැමිණ බලවත් විපර්යාස ඇති‍ෙකාට ජාතියක් වශයෙන් විනාශ කරන්නට තැත්කළ නමුත් ඊට ඉඩ නුදුන් මුතුන් මිත්තන්ගෙන් පැවතෙන ජාතියක් බැවින් ය.


05. පරිච්ජේදය[සංස්කරණය]

ද සිල්වා - ස්ත්රීනන්ට නිදහසත් ලැබ දේශපාලනය ආදි කටයුතුවල පුරුෂයන්ට සහභාගිව කටයුතු කළොත් රටට වන හානිය කුමක්ද?

දොස්තර මහතා - ස්ත්රීකන් ගත් අධික් නිදහස නිසා මාතෘ භක්තියක් සකසුරුවම් කම් ආදි ‍ ගිහිගෙට අ‍වශ්ය‍ කරුණුත් මේ රටෙන් තුරන්වුනා පමණක් නොව රටේ පින්වත් දරුවන් ඉපදිමද අඩුවු බව කිව හැක්කේය. දරුවන් වැදුවත් ඒ දරුවන් කිරි පොවා මාතෘ ස්නේහයෙන් යුක්තව ඇතිදැඩි කිරිමද දැන් ඉතාමත් අඩු බව පෙනේ. එංගලන්තයේ දක්ෂ වෛද්යදවරයන්ගේ මතයේ හැටියටත් ස්ත්රී්න්ගේ අධික නිදහසත් ස්වේච්ඡාචාරී භාවයත්- ඒනිසාම ඇතිවන ගර්හිත දුශ්චරිතත් නිසා ස්ත්රිඡන්ට ඉතාමත් සංවේග දායක ලෙඩ රොග ද බහුල බව ප්රනකාශය. පුරුෂයන්ට මෙන් දැඩි සැඩ ක්රිේයා කිරිම ස්ත්රීුන් නොමනා බව පිළිගන්නා උගත් ගුණවත් එකම




පියදාස සිරිසේන නවකථා එකතුව 119


ස්ත්රී යක්වත් ඇතැයි මම ‍ෙනාසිතමි.

සභාපතිනි - මේ දිර්ඝ වහයෙන් විවාදකළ නමුත් ස්ත්රී න් දේශපාලනාදි නිදහස් කටයුතු කිරිම නිසා සිද්ධවුනු විපතක් මේ සභාවේ කියන්නට පුළුවන් වුනාද?

පීරිස නෝනා - ඔව් ඇත්තෙන්ම ඒකත් එක කතාවක් තමා. අපේ වාදය ඉක්මනට ඉවර කිරිමට බළ දහම් ආදි ටිකක් සැඟවිල්ලේ තිබෙන කරුණු කොතරම් කීවත් මේ ඇත්තන්ට ප්ර්යෝජන නැත. දේශපාලනයෙන් හා වෙන වෙන නොයෙක් සමිති සමාගම් ආදියෙත් නිදහස් ලෙස හැසිරෙණ ස්ත්රීතන් කරගන්නා විපතුත් ඔවුන් නිසා පසුව විනාශවු පවුලුත් තරුණ කාන්තාවන් හිමියන් නැතිව දරුවන් වදාගෙන කරණ ගමපෙරළිත් දහසකුත් එකකටත් වඩා මම දනිමි. නමුත් ඒ කිසිවක ගුප්ත ලෙස කීමෙන් මේ සභාපතිනිය, සිල්වා අද්වකාත්, ම‍ගේ දියණිය ආදීන්ට පලක් ඇති බව නොපෙනේ. මේතාක්, කල් ‍හොඳ කල්ක්රිආයාවත් ස්ත්රීන විලාශයත් යෙහෙන් රැකගත් ඉන්දියටේ ස්ත්රීකන් අතරත මේ දේශපාලන පිස්සියන් ඇතිවි දික්කසාද උසාවිවලට පැමිණ ඔවුන් රහසින් කරණ අවකල් ක්රිතයා මේයයි අණබෙර ගසන බව පෙනේ. අපේ මේ සභාපතිනිය ආදීන්ට ඒ අණබෙරේ පවා ඇසෙන්නේ නැත. නමුත් අපේම ප්රිධාන දිස්ත්රි ක් උසාවියේද් අසන ලද අසරප්පා මොලමුරේ නඩුවෙන් උගත්කමෙන් ඊට එකතුකරගත් වල්බුරු නිදහසෙත් බලවත් විපත් වැටහුනේ නැද්ද?

සභාපතිනි - ඊට වරදකාරයා කවුද පුරුෂයා ද?

පීරිස් නෝනා - දෙදෙ‍නාම වැරදි කාරයන් බව උගත් තීක්ෂණ බුද්ධිමත් විනිශ්චයකාරතුමා පිළිගෙන තිබෙන නමුත් ඒ නඩුවෙන් ප්ර්කාශවුයේ

	කුමක්දැයි සලකා බැලිය යුතුය.

භාර්යාවක ගේ අගය

 දේශපාලනය ආදී බහුබුත කටයුතුවලට බැසීම නිසා ස්ත්රී්යගේ අගය නැතිවන අන්දමටත්- දරුවන් ඇති ස්ත්රී යක් වුවත් ඉක්මණින් අනාචාරයට බසින බවත් ඉතාමත් හොඳින් දක්ෂ අද්වකාත් මහත්තැන් ඒ නඩුවේදී පෙන්වා සිටි අන්දම කාටත් සිහි තබා‍ගත යුතතකි. ඒ නඩුවට පෙනී සිටි අධිනීතිඥ විජයරත්න මහතාගේ කථාවේදි මෙ‍සේත් කියා තුබුණේය. “අසරප්පා නෝනා නොයෙකුත් 


120 පරිවර්තකනය


දේශපාලන සමාගම් ආදියට බැඳි ක්රිතයා කිරිම නිසා ඇගේ පුරුෂයාට ඈ හා සම්බන්ධකම් පැවැත්විමට කාලයක් ‍නොලැබුණේය. 1922 න් පසු ඒ ‍නෝනා භාර්යාවක් හෝ මාතාවක් හැටියට කිසිම අගයක් ඇති නොමු බව පෙනුනේය. පැමිණිලිකාර අසරප්පා දොස්තර මහතාට ඔහුගේ භාර්යාව නැතිවුනු බව කීයේය. ඒ මහතා කියන හැටියට ඈ (අසරප්පා නෝනා) ස්වේජාචාරී අභිමානයෙන් යුත් ආත්මාර්ථකාමිව, දරුවන් ගැන නොසලකන කෙනෙක් වුනා පමණක් නොව, ප්රථමාණය ඉක්මවා කටයුතු කරන්නියක්ද වුවාය. අසරප්පා නෝනාගේ සාක්ෂියෙන් කරුණු දක්වමින් ඔවුන් දෙදෙනා අතර පැවති බලවත් අමනාප ගතිය දක්වන උගත් අධිනීතිඥ මහතා මෙසේ කීයේය. “අවුරුදු පමක් පමණ ඔවුන් දෙදෙනා ‘බලු බලල් වෘතයෙන් කල්ගතකර තිබේ. ඇගේ දොෂ රාසිය ඔහු පමණකුත් නොව අනන්ත බව ඇගේ සැමියා සාක්ෂි කුඩුවේදි ප්ර කාශ කෙළේය. ඈ කථාන්තර කාරියෙකි-මවු කෙනෙක් වශයෙන් සැලකීම අතිශයින් ගර්හිතය. මෙබඳු ස්ත්රීකයක් තමන්ට නැතිවිම නිසා ඔහු (පැමිණිලිකාරයා) අලාභයක් ඉල්ලා සිටිම අයුතු බවද’ ඒ උගත අධිනීතිඥ මහතා කීවේය.

වෙද මහත්මයා - ඔය නඩුව නිසා ඒ නඩුවේ දි ප්රාකාශවු කරුණු පත්රප වල ප්රයසිඬ කිරිමෙන් විලි බිය ඇතිව ගේවල ඉන්නා තරුණියන් ගේ විලිබිය දුරුවිමෙන් ඇතිවුනු හානියත් සුලුපටු නොවේ ඇත්තේන්ම අපේ ගෙදරට දිනපතාම ගත් සිංහල පත්රුයක් ගෙදරට නොගන්නා ලෙස මා විසින් නියමකරණ ලදී. කරුණාකර පීරිස් නෝනාගේ කථාවේ ඉතුර‍ැ කොටසත් කියන්ට!

පීරිස් නෝනා - මේ නඩු‍වේ දෙවෙනි විත්තිකාරයා වන මොලමුරේ මහතා සම්බන්ධ වෙන්නටත් ප්ර ථම මේ දෙන්නා අතර පැවති තිබෙන “අඹු සැමි” යන නාම මාත්රපයද නැතිවි ‍ගොස් තිබේ.ඈ මුදල් හදල් ප්රමමාණය ඉක්මවා වියදම් කරන්නීයකි. ඈ වංවාකාරියකි, ඈ රටේ ඇතිතාක් සමිති-සමාගම්වල සාමාජාකාවකි. වැහි දවසක (හිඟමඟ කාලයක) පිරිමසා ගන්නට මුදලක් ඉතුරුකර ගන්නට ඈ නොදන්නීය. ඇ‍ගේ දේශපාලන කටයුතු අධීකවුනා-ගෙදර දොරේ කටයුතු සියල්ලක් මඟ ඇරුනා. 1929 යේ පටන් ජනසමාජය අතර ප්රටසිද්ධවිම සඳහා දැන්විමක් වශයෙන් හැර අනිත් සියිලුම




පියදාස සිරිසේන නවකථා එකතුව 121

ක්රදමවලින් ඈ ඇගේ ස්වාමිපුරුෂයාට පලක් නැති කෙනෙක් වුනා.

උපාසකම්මා - අහන්ට හොඳ කතාන්තරය. හොඳ ඉංගිරිසි වඩාත් ‍හොඳ ඉංගිරිසි දැනගෙන සමැගම්වල “සරස්වතී” වාගේ හිටි අම්මණ්ඩි පිළිබඳ අනිත් අධීනීතිඥ මහතුන් හා විචක්ෂණ නඩුකාර මහත්මයා කුමක් කීවොද? අනේ අපුරු කතාන්තරය කියන්ට නෝනා මහත්මය.

පීරිස් නෝනා - ඒ කථාන්තරය ඔක්කෝම කියන්ට දිග වැඩියි. විචක්ෂණ දිස්ත්රිෝක් විනිශ්චයකාර තුමාද මෙසේ ප්රනකාශකර තිබේ.

“මොලමුරේ මහතා දේහපාලනඥයෙකි. අසරප්පා නෝනාද දේශපාලනියක්ය. ඈ ඉන්දියාවට ගොස් ආවාට පසු දේශපාලනය පිළිබඳ කටයුතුවලට සමුබන්ධවුවාය. 1931 දී ඈ මොලමුරේ මහතාට ලියුමක් යවා තිබේ. ඊට පිළතුරක් ලැබී නැත. එවිට මොලමුරේ මහතා ලියුමක් යවා තිබේ. ඊට පිළිතුරක් ලැබී නැත. එවිට මොලමුරේ මහතා ඈ සම්මුඛ වන්ට ගොසිනුත් නැත. ඉක්බිති හැක්ටර් ප්රබනාන්දු දොස්තර මහතා විසින් දෙන ලද දේව වරමෙන් යුත් රාත්රි. භෝජන සංග්රරහය පැමිණියේය. ඒ භෝජන සංග්රදහයට පැමිනි මොලමුරේ මහතාට අසරප්පා නෝනා මුණගැසුනේය. එහිදි මොලමුරේ මහතාගේ නේත්රය යුග්මය දෛවෝපගත රාත්රීු භෝජකයන් නමැති සාගරයේ පදින ඔරුවක් මෙන් පැවැත්තේය. ඉන්පසු පවත්වන ලද තේ සංග්රිහයකටද මොලමුරේ මහතා සිය දියණියත් සමඟ පැමිණියේය. මෙයින් පසු ඉතාමත් තකහනියේ මොලමුරේ මහතා අසරප්පා දොස්තර මහතා කන්තෝරුවේ ඉන්නා වේලාවේ උන්නැහේට රාත්රීස භෝජනයකට ආරාධනා කරන්නට අසරප්පා මහතාගේ ගෙදරට ගියේය. එහිදී මොලමුරේ මහතාට අසරප්පා නෝනා සම්මුඛව ඈ නැවතත් සම්මුඛ වන්නට වුවමනා බව කීවේය. ඉතින් ඒ උවමනාව ඉතා හදිසිතම ලියුමක්‍, විදුලිපණිවුඩයක්, ටැලිපෝන් පණිවුඩයක් එවනවා වෙනුවට මොලමුරේ මහතා- තමා එතනට යාම ගැන අතුටුදැයි දැනගන්නා පිණිස මෙන් අසරප්පා උන්නැහේලාගේ ගෙදරට ගියේය. ඉතින් අසරප්පා නෝනා ‍සොල්දරය උඩ කාමරයෙන් පහළ කාමරයකට අවුත් පදිංචිය ගත්තාය. එපමණකුත් නොව ඈ බ්රරහ්මචාරි වෙන්නටද කල්පනා කළාය.”






122 පරිවර්තමනය


   ඉතින් මේ උගත් විනිශ්චයකාර තුමාගේ ව්ය.ක්ත ලිපියට අටුවාවක ලියන්නට උවමනා නැත. සංක්ෂිශප්ත වශයෙන් නඩුකාරතුමා ලියා තිබෙතත් පොලිටික්සි නම් දෙශපානය කිරිමේ කටයුතු රූපසම්පන්න කුල ස්ත්රීයන් පිරිමින් හා සමාගම් පැවැත්වීමෙන්, රාත්රී් භෝජන ගැනිමෙන්, තේ සංග්රපහ විඳිමෙන් හටගන්නා ඇලමත් ඉන් ඉක්බිති සිද්ධවන බරපතට දරුණුත් මොලේ ඇති කාට වුවත් තේරුම් ගන්නට බැරිකමක් නැත.

දොස්තර මහතා - ස්ත්රිුන්ගේ නිදහස නිසා ස්වාමිභක්තියත් අගහිඟ කමුත් දරුමල්ලන් හා ගෙදර කටයුතු පැහැර හැරීමෙන් පැමිණ තිබෙන විපතුත් බලබලා ගලේ පැහැරූ බලලුන් මෙන් ලජ්ජාවේන මිරිකී නිසොල්මනේ ඉන්නා පිරිමින්ගේ ගණන අප්ර්මාණය. ඇතැම් කෙනෙක් උසාවියට එතත් එසේ නො එන මිනිසුන් නිසා නොවේනම් අද අපේ ලක්දිවත් එංගලන්තයේ මෙන්ම අමුතු දික්කසාද උසාවියක් පිහිටවිය යුතුය. ඉතින් අපේ රටේ පුරාණ පැවති ශිෂ්ටාචාරය සිහිකරමින් අපි හඬමු.

සභාපතිනි - පරාණ කාලේ මේ රටේ පැවතුනයි කියන ශිෂ්ටාචාර කුමක් ද? නිකම් බොරුවක්.

වෙද මහතා - ඔව් නෝනා මහත්මයා-ලංකාද්වීපය “ලිප්ටන් ගේ තේ වත්තය” යි විස්වාස කරණ යුරොපාකාරයන් දැනුත් සිටිති. පුරාණ ලක්දිව තොරතුරු සම්බන්ධව නෝන‍ාමහත්න්ගේ දැනීමත් ඊට වඩා දෙවෙනි නොවේ. අවුරුදු‍ දෙදහස් හාරසියයකට අධික කාලයක් මේ ර‍ටේ පැවති උතුම් ශිෂ්ටාචාරය විමසා ගැනිමට තරම් වර්තමාන කාලයේ ඉන්නා යුරෝපීය වේසධාරි ස්ත්රිව පරුසයන්ට් පිළිවන් ‍නම් අවංක උගත් යුරොපීය මහතුන් වර්තමාන මිනිසුන් ගැන අවඥා කරද්ද? බලවත් දියුණුවක් ඇතිකොට මුළු ‍ලෝකය විෂ්මය පත්වන ක්රිදයාකළ වීරපුරුෂයන් වදා වැඩු උත්තම මාතාවරු ලක්දිව නොසිටි බව සිතන තරම් සුළු දැනගැන්මක් ඇති ගැහැණු දේශපාලනය කරන්ටයාම හරියටම වඳුරන් රැලක් විසින් මල්වත්ත්ක් පරිපාලනය කළාට වඩා දෙවෙනි විය හැකිද?





පියදාස සිරිසේන නවකථා එකතුව 123


06. පරිච්ජේදය[සංස්කරණය]

වයලට් නෝනා - සීලාචාර ගුණවත් ස්ත්රී න් විසින් පිළිපැදිය යුතු අන්දම මේ සභාවේ ඉන්නා තලතුනා මහතෙක් අපට තේරෙන අන්දමට කියාදුන්නොත් ඉතා හොඳය. වර්තඅමාන නිදහසටත් ඉගෙනීමටත් වඩා ඒ පැරණි ශිෂ්ටාචාරය හොඳ නම් ඒ අනුව ක්රිඅයා කිරිම කාගේත් යුතුකමකි.

පීරිස් නෝනා - මට ප්රීිතියකි. මගේ දියණිය වන වයගට්ට මේතාක් ඔල්මාද හැඳුනාක් මෙන් ක්රිොයා කළා- දැන් ඇත්ත දැන ගැනිමට කැමැත්තයක් ඇති වුනු බව පෙනේ. ඇත්තෙන්ම අපේ මේ විවාදයට ඊට අතිශයින්ට ආධාර වුනු බව පෙනේ. ඒ නිසා පූර්වාපර දෙ‍දිගම ධර්ම ශාස්ත්රත උගත් අපේ වෘද්ධ නඩුකාරතුමා මේ සභාවට පිරිමහින කථාවක් කොට අපේ වැඩදායක විවාදය කෙළවර කරණ මෙන් ඉල්ලා සිටිමි.


නඩුකාර මහතා - වර්තමාන නිදහසේත් පුරාණ කාලයේ පැවති නිදහසේත් වෙනස පළමුකොටම සලකාගත යුතුය. ස්ත්රීදය මැණිකකි-පුරුෂයා ඒ මැණික්ය්ය ආරක්ෂාකරන්නෙකි. ස්ත්රීතන්ට පුරාණ කාලේ නිදහස පමණකි නො‍ව ගෞරවයත් සැලකිල්ලත් යන මේ සියල්ලම තිබුණේය. ස්ත්රිකයක් විසින් බර වැඩක් කිරිමට අන්තරාදායක කටයුත්තකට එළඹිමට ස්ත්රීණන්ට ඉඉ නොදි ඔවුන්ගේ සුඛුමාල ගතියත්-ගෞරවයත් ආරක්ෂා කරගෙන ති‍බේ. අලංකාර ඇඳුම් පැළැඳුම් සපයාදීම, රසවත් ඕජා සම්පන්න ආහාරපාන සපයාදීම පුරුෂයින්ගේ අසහය යුතුකමව පැවැත්තේය. හේන් කුඹුරු වැපිරීමේ කටයුතුත් වෙළහෙළඳාම්, ගණුදෙනු ආදී කටයුතුත්, රට පාලනය කරගැනීම ආදි දැඩි සැඩ කටයුතුත් යන මේ සියල්ල පුරුෂයන්ට පමණක් අයිතිවන අතර තමාගේ ගෘහය යථාවිදියෙන් පාලනය කර ගැනිමත්-පුරුෂයා උපයන ධනය නිසිසේ පාලනය කරගැනිමත්-සුදුකෙළිම, මත්පැන් පානය කිරිම, පරස්ත්රීන සේවනය කිරිමාදියෙන් ස්වකීය ස්වාමිපුරුෂයා පාලනය කිරිම, පුත්ර දුහිතෲන්ට නිසාගෙස උගන්වා-ප්රුතිපත්ති පුරුදු කරවා ඔවුන් පාලනය කරගැනීමත් ස්ත්රීසයට හිමිව පැවැත්තේය. ඉතින් ඒ පැරණි ශිෂ්ටාචාරය ඒ කාලයේ බහුල වශයෙනුත් දැන් ඉතාමත් දුර්ලභ වශයෙනුත් පවති. මේ ස්ත්රීහ



124 පරිවර්තයනය


පුරුෂ දෙපක්ෂයේ යුතුකම් ගැන නුවණින් කල්පනාකර බලනකාට වුවත් එහා ඇති අගය ‍හොඳින් වැ‍ටහේ. ඔරුවත් කොල්ලෑවත් එකතරම් වුවොත් ඔරුවේ පටවන තරම් බර කොල්ලෑවෙත් පැටවුවෝත් ඒ ඔරුව යාත්රාන කළ හැකිද? කිසිසේත් නොහැ. පොරවෙන් කළයුතු වැඩේ දැලිපිහියෙනුත් දැලිපිහියෙන් කළයුතු වැඩේ පොරවෙනුත් කළ යුතුද-කළ හැකිද?

   ස්ත්රී ය විසින් කළයුතු වැඩ පුරුෂයා විසිනුත් පුරුෂයා විසින් කළයුතු වැඩ ස්ත්රීා විසිනුත් කරන්නට යාම වැනි විපර්යාසයක් තවත් තිබේද? ස්ත්රී න්ට නිදහස වුවමනා බව සත්යටයකි. ආහාර පාන ඇඳුම් පැළඳුම් යම්සෙද ස්ත්රීද පුරුෂ කාටත් එකාකාරවම නිදහසය හා ශරීර ව්යා.යාමයද අවශ්ය් වේ. පුරාණ කාලයේ සහ සමහර පවුල්වල දැනුත් ඒ නිදහස විධිවු පරිද්දෙන් රැකගණිති. ස්ත්රී්ය මැණිකක් හා සමානව කල්පනාකර තිබේ. තවමත් අප රටේ උඩ පළාත්වල සමහර පවුල්වල ස්ත්රීාන්ට “මැණිකේ” යයි කියති. ඉතින් මැණිකක් හොඳින් ප්රකවේසම් කරගතයුතු ‍නොවේද ? මැණිකටම මැණික ප්රළවේසම් කරගත නොහැක. ඒ මැණිකට ආදරය ඇති අන්යදයක විසින් මැණික ප්රකවේසම්කර නොගත්තොත් කුමක් වේද? අන්ය‍ දේවලට වඩා මැණිකට ‍ලෝකවාසී කවුරුත් සතුටුවෙති. එහෙයින් රූප ශෝභා ආදියෙන් යුත් ස්ත්රීවයකට කාමරාගය ඇති කෙනෙක් ප්රේසම කිරිමද ස්වභා ධර්මයකි. ඒ මැණිකක් වැනි ස්ත්රීරයක ආරක්ෂකයෙකුත් නැති නම් ඒ ස්ත්රි ය සමඟ කථා සල්ලාපයෙන් පසු ඔවුනොවුන් කෙරෙහි ඇල්මක්ද ඇතිවිම නො අනුමාන සිද්ධියකි. වරක් දෙකක් තුනක් කථාබස් කිරිමෙන් පසුත් ඉඩකඩ නිවාඩු ලැබුනොත් ඔවුනොවුන් අතරේ වඩ වඩා සම්බන්ධතාවයද ඇතිවිම පුදුම නොවේ. මේ නිසා අපේ රටේ ස්ත්රීසන් ස්වේචාඡචාරිව සමිති සමාගම් ආදියේ හැසිරිම දුසිරිත් හැටියට සලකති. ගැහැණු දරුවෙක් විවාහයට ඇතුළත් වනතුරු මවුපිය සහෝදර ආදි වැඩිහිටියන් සමඟම මිස පන්සලටවත් යාම වරදක් ලෙස සලකා තිබේ. ඇත්තෙන්ම ඒ ඉතා ‍හොඳ සිරිතකි. තරුණිය සුදුසු උත්සව සභා ආදියට යාම කිසි සේත් වැරදි නැත. නමුත් එසේ යා යුත්තේ මවුපිය සහොදරාදී හිතෛෂි ආරක්ෂකයෙකුත් සමඟ පමණක්ය. එසේ ආරක්ෂකයෙකුත් සමග සභා ආදියට පැමිණෙන ගැහැණු දරුවෙකු සමඟ කථා සල්ලාප ආදිය කිරිමට කිසිවෙක් උත්සහා නොකරති. විවාහයකට පත්වන






පියදාස සිරිසේන නවකථා එකතුව 125


තුරාම තරුණිය ස්වකිය මවුපිය සහෝදරාදීන්ගේ ආරක්ෂාවත් ඇතිව පන්සලට යමත් ඥාති මිත්රාකදින් දකින්නට යාමත් උත්සව ආදියට යාමත් සිරිතක් කරගෙන ඉන්නා එකම ගැහැණු දරුවෙකුටත් හිතුවක්කාර මිත්ර්කම් ඇති නොවේ. තරුණියක් විවාහ වීමෙන් පසු කොතැනකට යතත් ස්වකීය ස්වාමිපුරුෂයා සමඟම යා යුතුය.විවාහවු පසු තරුණිය කෙරෙහි පැවති බලවත් වගකිමේ හැඟිම මවුපිය සහෝදරාදින් කෙරෙන් අන්තර්ධානවේ. ඉන්නිසා තරුණියක් විවාහවු පසු ස්වකිය මව්පියාදින් සමඟවත් උත්සව ආදීයට පැමිණියොත් නපුරු අදහස් ඇති අයට ඈ හා සමඟ කථා සල්ලාම ආදිය කරන්නට ඉඩ ඇති වේ. නමුත් ස්වකීය ස්වාමිප‍ුරුසයා සමඟ මිස ගෙයින් එලියට නොබැසීම ඉතා වැදගත් කාරණයක් ලෙස පෙරදිග ර‍ටවල සලකති. එහෙයින්ම තොටගමුවේ මහා ස්වාමි මෙසේ ප්රලකාශ කොට තිබේ.

	“‍නොකියා සිහි හිමි 					ට

නැතිවද උතුරු සළු‍පො ‍ට ගමන් ඉක්මන් කො ට නොයන්නුඹ වසන ගෙන් පිටත ට”

 විවාහවු පසු ස්වාමිපුරුෂයා කළුරිය කළත් අවුරුදු පණහ හැට දක්වා වයස්ගත ස්ත්රියය ස්වකීය දුදරු ආදු කෙනෙක් නැතිව සහා ආදියකට එළඹිය යුතු නොවේ. පෙරදිග රටවල සත්චාරිත්ර යක් හැටියට ස්ත්රීසන්ගේ ආරක්ෂාව කාල තුනේදි තුන් ආකාරයකට යොදාගෙන තිබේ‍. එනම්  (1) ලපටි කාලයේ සිට විවාහ වනතුරු මවුපිය වැඩිහිටි සොහොයුරාදින් ගේ ආරක්ෂාවේද   (2) විව‍ාහවු පසු ස්වකීය ස්වාමිපුරුෂයාගේද  (3)  ස්විමිපුරුෂයාගේ අභවයෙන් පසු ස්වකීය පුත්ර  දුහිතෘන් ආදින්ගේ ආරකිෂා වේද යන මේ තුන් විධියටය. මේ තුන්විධියේ ආරක්ෂා සහිතව නිදහස් සැප භුක්ති විඳින එකම ස්ත්රීනයක්වත් වරදකට නොවැටෙන බව ප්රකත්ය‍ක්ෂ කරුණකි. ආරක්ෂකයෙක් නැතිව හුද කලාව-ස්වේච්ජාචාරී අන්දසමින් සමිති සමාගම් ආදියෙහි හැසිරෙණ එකම ස්ත්රීෙයක්වත් නොමඟ නොගොස් ඇත කියා විශ්වාස නොකට යුතුය.

සභාපතිනි - හිටින්න! නඩුකාර මහතාණනි, ස්ත්රි්න් පිළබඳව ඔය තරම් ඉක්මණින් නොමඟ යාමට හේතුව කුමක්ද?

නඩුකාර මහතා - අන්න හොඳ ප්ර!ශ්නය. මින් ඉහත සඳහන් කළ




126 පරිවර්ත නය

නඩුවේ විත්තිකාර ස්ත්රී් පුරුස දෙදෙනා රාත්රිා ‍භෝජන සංග්රිහයේදිම අන්යො න්යුයන් කෙරෙහි ඇල්මක් ඇතිකර තිබෙන බැවි ඒ නඩු තීන්දුවේදි එලිවුනා නොවේද? මේ ලෝකයේ තිබෙන රූපවලින් ස්ත්රිවයගේ ඇසට ප‍ුරුෂ රූපයත් පුරුෂයාගේ ඇසට ස්ත්රී‍ රූපයත් හා සමාන ප්රියයකරු වෙන කිසිවක් ඇත්තේ නැත. මේ ස්වභව ධර්මයයි. ලෝක ස්වාමි තථාගතයන් වහන්සේ ඒකක නිපාතයේදි එය හොඳින් දක්වා වදාරා තිබේ. ස්වභාව ධර්මය වශයෙන් ස්ත්රීවයක් දැකිමෙන් පුරුෂයාගේත් පුරුෂයකු දැකිමෙන් ස්ත්රීායගේත් සිත ඔවුනොවුන් කෙරෙහි ඇල්මක් ඇතිකෙරේ. ඒ ස්ත්රි‍ පුරුෂ රූප දැකුම් කටයුතු යෞවනභාවාචියෙන් යුත්ක නම් තවත් ටිකක් අධිකතර ඇල්මක් හි‍ෙත් හටගැ‍නනේ. ඒ ස්ත්රී‍ පුරුෂ රූපවලට කතාබස් කිරිමට ඉඩපාඩු නිදහස ලැබුනොත් තවත් අධිකතර ඇල්මක් ස්වභාවයෙන්ම ඇතිවේ. ඒ ඇතිවු ඇල්ම තවදුරටත් දියුණුකර ගැනිමට නිදහසත් ඉඩපාඩුත් ඇතිවුනොත් නොඅනුමානව බලවත් වරදට ඔවුන් සම්බන්ධවනු ඒකාන්ත කාරණයකි. පුරුෂයට ස්ත්රි්යගේත් ස්ත්රීකයට පුරුෂයාගේත් දර්ශනයක් නැතිව අතක් ස්පර්ශුවිමෙන් පවා බලවත් කාමාසාවක් ඇතිවන බැව් ඒකාන්තය. ඉතින් ඒ ඒසේ නම් හොඳට ඇඳ පැළඳ ඉන්නා ස්ත්රීක ප‍ුරුෂයන් ඔවුනොවුන් දැක පලිසඳර කථා පවත්වමින් අතිනත ස්පර්ශ කළවිට කුමක් සිදු නොවේද? තවත් නිදහසත් ඉඩපාඩුත් ලැබුනොත් කුමකින් කුමක් නොවේද? දිවස් උලේ මරදුක් විදිමින් වුන් පුරුෂයෙකුට පුරුෂ වෙශයෙන් සිටි ස්ත්රීඋයක‍ගේ හස්ත ස්පර්ශය ප්රී තියක් වුනුකල සුවසේ ඉන්නා මිනිහෙකුට ස්ත්රිකයක් දැකීම කෙතරම් සැපතක් වන්නේදැයි කියන්නට උවමනා නැත.

පීරිස් නෝනා - කරුණාකර ඒ දිවස්උලේ ඉඳිමින් ස්ත්රීරයකගේ හස්තය දැනගත් පුරුෂයාගේ කථාන්තරය කියන්න. එයින් අපට බො‍ෙහා ප්රහයෝජනය.

නඩුකාර මහතා - ‍හොඳයි! ඒ දීර්ඝ කථාන්තරය පිළිවන් තරම් කෙටිකර කියන්නේමි. “රජගහනුවර බිම්බිසාර රජ්ජුරුවන් රාජ්යී කරණ සමයෙහි මිනිමැරිමේ වරදට අසුවු අපරාධකාරයෙකු එක් දවසක් දිවස්හුල තබන ලද්දේය. දිවස්උලේ තබන ලද වැරදි කාරයාගේ කකුල් හා අත්දෙක





පියදාස සිරිසේන නවකථා එකතුව 127


බැඳ- අමුසො‍ෙහානේම පිළියෙළ කර තිබෙන උලක ඇනීම ඒ කාලයේ දඬුවම් ක්රඅමය බව සැලකිය යුතුය. ඉතින් මේ කියන පවුකාර මිනිහාගේ අධෝමාර්ගයේන් අනින ලද උලපිටම සිටි නමුත් එවලේම මලේ නැත. එදින සවස් භාගයේ රජතුමා පිරිසකුත් සමඟ ඒ අමුසොහොන ලඟින් ඇවිදින්නට යනු දිවස්උලේ වුන් කාලකණ්ණියාට පෙනි “මහරජාණන් වහන්ස, නුඹවහන්සේට මෙහි නිමවන්නට පිළියෙළ කළ රාජභෝජනයෙන් ටිකක් මටත් ඒව්ව මැනවැ”යි ඉත‍ාමත් වේගයෙන් හඬනගා කීවේය. මේ වචනය ඇසු කරුණාවෙන් තෙත්වු ඇති රජතුමා ඉක්මණින් රාජමන්දිරයට පැමින මාලිගාවේ සේවකයන්ට කථාකොට රජගෙදර පිළියෙළකර තිබෙන තාක් රසවත් සුප ව්යංථජනාදියෙන් යුත් බත් පිඟානක් මරණාසන්නව අමුසොහොනේ දිවස්උල ඉන්නා දුක්ඛිත ප‍ුරුෂ්යාඟට යවන්නට නියම කළේය. රාජපුරුසයන් විසින් සියලුම ව්යංකජනාදිය සහිත ආහාර පතක් පිළියෙළකොට ඉක්බිති රජ්ජුරුවන්ට දන්වනුයේ “ස්වාමිනි මේ ආහාර බඳුන අමුසො‍හොනේ දිවස්උල ඉන්නා පුරුෂයාට කාවිසින් ගෙනගොස් දෙනු ලැබේදැ”යි ඇසීය. මරණිය දඬුවම විඳිමින් දිවසහුලේ තබා ඉන්නා ඒ කාලකණ්ණියාට ආහාරත් රැගෙන ඒ රාත්රිා කාලයේ අමු‍සොහොනට යන්නට සමර්ථයෙක් රජගෙදර නොසිටියේය. ඉක්බිති රජතුමා ඇමතියකු කැඳවා අමුසො‍හොනේ දිවස්හුලේ උන් අසරණ මිනිහාට ආහාරටික ගෙන ගොස් දෙන්නට තරම් සමර්ථයෙකු කැඳවා එව. මම ඔහුට මසුරන් දහසක් තෑගි කරන්නේමියි කීයේය. ඇමතියා මේ කටයුත්ත කිරිමට තරම් දක්ෂයෙකු විපරම් කරද්දි “කාකවලීය” නම් දුගියාගේ භාර්යාතොමෝ ඉදිරියට පැමිණ විසින් එදින රාත්රිට අමුසො‍හොනේ දිවස්හුල වුන් පුරුසයාට රාජ භෝජනය ගෙන‍ගොස් දීමට සතුටු බව කිවොත් රාජ පුරුෂයනුත් සමඟ රාජමාලිගාවට පැමිණියාය. මහරජතුමා ඒ දුගී ස්ත්රිමය දැක එම්බා තෙපි ස්ත්රීිව සිට භය නැතිව කෙසේ යම්දැයි කී කල්හි “දෙවයන් වහන්ස පුරුෂ වේශයකින් පංචායුඨ සන්නද්ධව බත්තලිය ගෙන යිමි” කීවාය.මහරජතුමා එපවත් අසා ඒ ස්තරීය ය එම ලෙසම සරහා බත්තලිය දී නික්මවිය. ඒ ස්ත්රීසය බත්තලියත් ගෙණ පුරුෂ වේශයෙන් නුවරින් පිටවී අමුසොහොනට යන්නි අතරමඟදි “සතඵල”





128 පරිවර්ත නය

නම් යක්ෂයෙකුටද අසු වී ඔහුගෙන්ද බේරි අමු සොහොනට ගියාය. ස්ත්රී් තොමෝ දිවස්හුල වුන් මිනිසා ළඟට පැමිණ එම්බා තොපට රාජභොජනය රැගෙන ආමියි කිවාය. දවස් බාගයකටත් වැඩි කාලයක් දිවස් හුල අනිනු ලැබ බලවත් දුක්ඛ වේදනාවෙන් වුන් ඒ තැනැත්තා බත් ගෙනා බව අසා-දිවස්හුල වුන් වේදනාවටත් වඩා ආහාර තෘෂ්ණාව බහුල හෙයින් මහත් සතුටට පැමිණ ලඟට ගෙන්වාගෙන පුරුෂ වේශයෙන් සිටි ඒ ස්ත්රීටයට බත් කවන්නට කීයේය. කාකවල්ලාය දුගියාගේ භාර්යාව ඉතා රසවත්වු ඒ රාජභෝජනය මැරෙමින් සිටි ඒ පුරුෂයාට ‍හොඳහැටි කැවුයේය. කවා පැන් පෙවු කල්හි මුඛයේන් පිටත වැකි ඉඳුල් බත්තුළු පිසදමන්නට දිවස්හුල වුන් මිනිහා කීවේය. පුරුෂ වේශයේන් සිටි අසරන ස්ත්රීදය තමා‍ගේ අතින් ඔහුගේ මුථය පිටත වැකුණු ඉඳුල් බත්තුළු පිසදැම්මාය. එවිට ඒ දිවස්හුල වුන් පුරුෂයා ඇගේ අත මුහුණ වැදගත්තාවු හැටියේන්ම මේ ස්ත්රී‍යකගේ අතේ ස්පර්ශයයි දැන අනුරාග චිත්තයේන් ඇගේ ඉසකෙස් වැටිය තමාගේ කටෙන් ඩැහැගත්තයෙ. එකල ඒ ස්ත්රී ය තමාගේ කෙස්වැටිය ඔහුගේ කටින් ගලවාගත නොහී තමා අත තිබු කඩුවෙන් කෙස්වැටිය කපා මිනිමරුවාගේ මුඛයේම තිබෙන්නට හැර ඉක්මණින් නුවරට අවුත් රාජමාලිගාව පැමින මහරජතුමා දැක වැඳ සිද්දවු තොරතුරු සියල්ලක්ම කීවාය. සද්ධර්මරත්නාකරයෙහි 34 වෙනි පරිච්ජේදයේ සවිස්තරව සඳහන් වන මේ කථාන්තරයේන් ස්ත්රීව පුරුෂයන් ඔවුනොවුන් කෙරෙහි වසඟවන අන්දම හොඳින් තේරුම්ගත හැක. අත්පා බඳිනු ලැබ බලවත් මරණ වේදනාවේන් අමුසො‍හොනේ දිවස් හුල වුන් දුක්ඛිත මනුෂ්ය්යා මධ්යවම රාත්රිොයේ පුරුෂ වේශයෙන් ගොස් ආහාර කැවු හිඟන ‍මෙහෙකාර ස්ත්රී්යගේ කර්කශ වු අතේ ස්පර්ශය නිසා- මරණ වේදනාවත් යටපත්කොට අත්දෙක බඳින‍ුලද නමුත ස්වකීය මුඛයෙන් ඒ පුරුෂ වේහධාරි අසරණ ස්ත්රීියගේ කුණු ගඳගසන කේස කලාපය ඩැහැ ගත්බව පෙනේ. අහෝ ලෝක ස්වභාවයක සැටි! කාම තෘෂ්ණාවේ දැඩිකම!! ඉතින් ස්ත්රීාය කෙරෙහි පුරුෂයන්ගේ සිතත් ඇසත් කෙතරම් දුක්ඛ්ත අවස්ථාවකදී වුවත් ඇලෙන අන්දම බලාගත මැනැවි. ලෝක ස්වභාව වශයෙන් පවත්නා මේ ගතියට ආධාර හා අනුබල ලැබුනොත් කෙතරම් උගතෙක් දක්ෂයෙක් වුවත්





පියදාස සිරිසේන නවකථා එකතුව 129


වරදට නොබැ‍ඳේ ද? ප්ර තකාරයට වඩා ප්ර වේසම යහපත් බව දැනගත් ශිෂ්ටාචාර ජනයා ස්වභාව වශයෙන් මනුෂ්ය සිත් මුලා වන කරුණු පිළිවන් තරම් ආවරණය කරගැනීමට සත්චාරිත්ර පිළියෙළ කරගෙන තිබේ. ලෝභ, ද්වේෂ, මෝහ යන පවුවලින් හරිතව් ලෝක සත්වයා ඒ පාපතර විවෘතවන පහසුවෙන් පව් තුනට ක්රි යා කරන්නට බලය ලබාදීම මනුෂ්යවයන් අතර දියුණුවක් නොව ‍ පිරිහීමක් බව සැලකිය යුතුය.

 ප්රේයමය-ආදරය යන නාමවලින් ප්රහකාශවන මෝහ සහගත ලොභය නිසා කවදැවත්ම කිසිම කෙනෙකුට මෙලොව පරලොව දෙක්හිම සැනසිල්ලක් ඇති නොව්. ප්රේුමය-ආදරය යන හැඟිම් ස්ත්රි්යක් තුළ ‍හෝ පුරුසයකු තුල පවත්න්නේ කාමාශාවෙන් කාම ශක්තියෙත් තරමටය. “විවාහ බන්ධනයට ඇතුළත් වන ස්ත්රිභ පුරුෂයන් තුළ ඔවුනොවුන් කෙරෙහි බලවත් ප්රේආමයක් ඇතහොත් ඒ දෙදෙනා හොඳින් කල්ගත කරත්ය” යන මුඪ වචනයක් රටේ පවති. කාම ආශාව ඇති පුරුෂයකු තුළ හො ස්ත්රී යකු තුළ හෝ ස්ත්රීියකු තුළ ඒ කාමාශාව සංසිඳුවා ගන්නට ආධාරවන කා කෙරෙහි වුවත් ප්රේහමයක්-ආදරයක් නැත්තෙ නැත. නමුත් විවාහ වන ස්ත්රී යත්-පුරුෂයාත් කාමාශාවේ රස්නය වන ප්රේෙමයත්-ආදරයත් සලකාගෙන විවාහවු විට- ඒ කාමාලය නමැති රස්මිය අඩු වන තරමට ඔවුනොවුන් තුළ ප්රේනමය හෙවත් ආදරයද වෙන්ස්වේ. මේ නිසා අඹුසැමි බවට පත්වන ස්ත්රීත පුරුෂයන්ට අයිති යුතුකම් කොයි අන්දමකින්වත් අත්හැර නොදැමිය හැකි යුතුකම් රාශියක් අපේ ධර්මයේ පෙන්වා දි තිබේ.
     යම් පුරුෂයෙක් විවාහයක් කරගත් ස්ත්රීහයට ආදරට හෙවත් ප්රේධමය ඇතත් නැතත් ඔහු විසින් ස්ත්රිකය කෙරෙහි පැවැත්විය යුතු යුතුකම් රාශියක් තිබේ. තමන්ගේ වත්කමේ ප්රසමාණයට තම ස්ත්රිැයට කෑම බිමි ඉඳුම් හිටුම් සලසාදීම- තම ප්ර්මාණයට ඔබිනා ඇඳුම් පැළඳුම් සපයාදිම- පින්කම් උත්සව සභා ආදියට ස්වකීය ස්ත්රී යක් සමඟ යාම- ඥාති මිත්රායදින්ගේ ගේවලට සුදුසු ප්ර ස්ථාවලදී භාර්යාවත් සමඟ යාම- පරස්ත්රී- සෙවනාදියෙන් තුරන්විම- ස්ත්රිටයට ගරුසරු අන්දමට කතා බසින් හා වෙන ක්ර මවලින් සැලකීම පුරුෂයකුගේ අසහාය යුතුකම වෙති. ඒ යුතුකම් ඉෂ්ට කිරිම ආදරය හෝ ප්රේ මය ඇතත් නැතත් ඒකාන්තයෙන්ම කටයුතුය.
 යම් ස්ත්රී යක් විවාහවු පසු ඈ පුරුෂයා කෙරෙහි ප්රේ මය ඇතත් නැතත් ඈ විසින් අවශ්යුයෙන්ම ඉෂ්ට කිරිමට බැඳුනු යුතුකම් හෙවත්




130 පරිවර්තනනය

ප්ර්තිපත්ති රාශියකි. භාර්යාවකට තවත් නාමයෝ වෙති. පාදපරිචාරිකිව, ගෘහණි, පතිනි ආදි නාමද භාර්යාවකට අනවරිථ වශයෙන් ඇති බව සැලකිය යුතුය. ස්වාමියාගේ දාසියක්, බිරින්දකි‍, මිතුරියක්, මවක් මෙන් ඒ ඒ අවස්ථාවල දී ක්‍රියා කිරිම සත්ගුණවත් භාර්යාවකගේ අසහාය යුතුකමකි. ස්වාමියා උසස් ගෞරවාන්විත කෙනෙකු මෙන් සැලකිම, ස්වාමියා සැකසුරුවම්කම් ආදියෙන් ආරක්ෂාකර ගැනිම, ගෙදර දොර යථාවිධියෙන් පවත්වා ගැනිම, ඥාති මිත්රාවදින් හා සමගියෙන් හා සතුටින් කල්ගත කිරිම, ස්වාමියා සිටිය දී ස්වේච්ජාචාරීව හෙවත් තමා කැමති අන්දනමට කටයුතු නොකිරිම, පරපුරුෂයන් ආශ්රාය නොකිරිම, ප්රතමාණය ඉක්මවා ඇඳුම් පැළඳුම් සැප පහසු ආදිය ගැන කල්පනා ‍නොකිරිම යනාදි කාරුණු ස්ත්රිකය පුරුෂයා කෙරෙහි ප්රේ මය ඇතත් නැතත් ඒකාන්තයෙන් කළයුතු යුතුකම්ය.

   ආදරය හෙවත් ප්රේාමය කියන මලකඩය සෑමදාම හ‍තිතේ පවත්නා එකක් නොවේ. කාමාග්නිය දැල්වෙන තරමට පැතිර යන රස්මිය ය කියන ගර්හිත ප්රේතමය ‍හෝ ආදරය ගැන සලකාගෙන නොව විවාහ බන්දනයට ඇතුළත වන්නේ-ස්ත්රීම පුරුෂයන් වශයෙන් ඔවුනොවුන්ට හිමි යුතුකම් ඉෂ්ටකිරිම සඳහා විය යුතුය. සිල් රකින්නට කැමති පුද්ගලයා සමාදන්වන සිල්පද පස ‍හෝ අට එදවස තුළවත් හොඳින් ආරක්ෂා කරගත යුතුය. එසේ ‍නොකරතොත් ඒ තැනැත්තා ලොව රවටන කපටියෙකි. ඒ කපටිකමින් ඔහුට ඇති වෙතොත් ඉතා සුළු ප්‍ ලයෝජනයකි. සමහර විට ඒ කපටි සිල්වතාට පරලොව යන්නටත් ප්රඑථම මොලොවදීම  නින්දා, අපහාස, අලාභ හානි, විපත් ආදිය ද විඳින්නට සිද්ධවේ. එමෙන්ම විවාහ බන්ධනයට ඇතුළත්වන ස්ත්රී, පුරුෂයන් විසින් කාම සැපතම පමණක් සලකාගෙන විවාහ විණොත් බොරුවට සිල්ගන්නා කපටින්ගේ ක්රි්යාවට සමානය. ස්ත්රීාය විසින් පුරුෂයාටත් පුරුෂයා විසින් ස්ත්රීතයටත් කළයුතු යුතුකම් ඉෂ්ට කිරිම ඒකාන්ත බලාපොරත්තුවෙන් විවාහ නුනොත් ඒ ගෙදර අපායක් හා සමානය. පිනවත් දු පුතුන්ගේ හා උපභෝග පරිභෝග සම්පත්තියෙන් යුත් ප්රීනතියෙන් කල්ගත කරන යම් පවුලක් වෙසේ නම් ඒ ගෙදර ස්ත්රීත පරුෂ දෙදෙනා ඔව‍ුනොවුන්ට හිමි යුතුකම් කරණ සදාචාර සම්පන්න අඹු සැමියන් බව සලකා ගත යුතුය.
  අපේම රටේ සිද්ධාන්තව පවත්නා උතුම් ශිෂ්ටාචාරය අත්හැර දමා වර්තමාන වලබුරු නිදහස දමාගෙන දඟලන්නෝ තම





පියදාස සිරිසේන නවකථා එකතුව 131


තමන්ගේම පමණක් නොව රටවැස්සන්ගේද සතුරෝ බව සැලකිය යුතුය. ස්ත්රී දුෂණාදි විෂම අදහසුත් මන්ත්රීස සභා ආදියට රිංගා ගැනිමේ බලාපොරොත්තු නිසා පිරිමින්ට පක්ෂව හෙවත් ඔවුන් අනුගතව ක්රිසයා කරණ ස්ත්රීමන් පෙලක් ද ඇතිවීම නිසා දැන් අපේ රටත් මහත් අන්තරාදායක අඩියක පවතී.


07. පරිච්ජේදය[සංස්කරණය]

සභාපතිනි - එතකොට පීරිස් නෝනාගේ පක්ෂයේ කවුරුත් කියන්නේ ස්ත්රීනන්ගේ නිදහසට වැ‍ඩකිරිම වැරදිය කියා බව පෙනේ.

පිරිස් නෝනා - අපේ පක්ෂයේ කිසිම කෙනෙක් එහෙම කීවේ නැත. අපේ පක්ෂයෙන් ප්ර කාශ කළ ප්ර ත්ය ක්ෂ සත්ය කරුණු එකකටවත් විරුද්ධව කථා නොකොට “ස්ත්රීාන්ගේ නිදහසට වැඩ කිරිමට විරුද්ධය”යි කියන කපටි බොරුව සභාපතිනිය වැනි නෝනා කෙනෙකු කියන්නට යුතු නැති තරම් එකකි. ස්ත්රීෝන්ට සම්පුර්ණ නිදහස අපේ රටේ තිබේ. ඒ නිදහස භුක්ති විඳින සැටිති- ඒ නිදහස යථා විඳියෙන් භුක්ති වින්දොත් ඒ නිසා මෙලොව පරලොව දෙක්හිම ඇතිවියහැකි ඉෂ්ට විපාකත් අපේ වෘද්ධ නඩුකාර තුමාගේ සාරවත් වු කථාවෙන් ‍හොඳ හැටි ප්රදත්යුක්ෂ විය.

දොස්තර මහතා - සිල්වා අද්වකාත් මහාත ආදි ස්ත්රීෂන්ගේ දේශපාලන සභාවල උදවිය කරන්නට දඟලන්නේ ස්ත්රී්න්ට නිදහස ලබා දීමේ වැඩක් නොව ස්ත්රීකන් දාමරික අශිෂ්ටාචාර පහත් කොටසක් කිරිම පමණක්ය. ස්ත්රීන පුරුෂයන් හා එක්ව සමාගම් පැවැත්විම, රාත්රීි භෝජන ගැනිම, තේ සංග්රුහ පැවැත්විම, නොයෙක් තැන්වල ඇවිදිම, රහස් සාකච්ඡා පැවැත්වීම, රට පාලනය කරන්නට යාම ආදි ක්රිොයාවලින් ස්ත්රී,න්ට නිදහසක්වත් සැපතක්වත් ලැබුනොත් කිඹුලන්ගේන් කඳුළුත්, කපුටන්ගෙන් තෙලුත් ලබන්නට පිළිවන. යුරෝපයේ සමහර රටවල ස්ත්රී,න් දාමරික ක්රිනයා කරමින් දුරාචාරීව හැසිරෙන අන්දම බයස්කෝප් ආදියෙන් දැනගත් සමහර කපටි අම්මන්ඩිලා පෙළක් සමිති සමාගම් රැසක් ඇතිකොට ස්ත්රීස සොඬ පිරිමින් රැළකුත් එක්කරගෙන කරන්නාවු විනාශය




132 පරිවර්තළනය

ඉතාමත් අයුතු බව සභාපති මැතිණිය තේරුම් ගත යිතුයි.

සිල්වා අද්වකාත් - අද මේ විවාදයෙන් ඉතාමත් වටිනා කරුණු රැසක් එලිවුනා. ස්ත්රී න්ගේ තත්වයත්-නිදහසක් ග‍ැන හොඳින් දැන ගන්නට මට ලැබුනේ අදයි. මින්තපසු මම නම් කිසිම කාලයක ස්ත්රීියකගෙන් යුත් සභාවක සාමාජිකයෙක් මුලිකයෙක් නොවෙමි.

නඩුකාර මහතා - මේ සභාවේ ඉන්නා මහත්තැන්ටත් නෝනා මහත්තැන්ටත් අත් දැකපු ප්රතක්ය ක්ෂ කරුණක් කියන්නට තිබේ. එය අසන්නට කැමතිද?

පීරිස් නෝනා - අනේ කරුණාවන්ත නඩුකාර තුමාණනි. තමුන්නාන්සේ මේ සභාවට පැමිණිම සිංහල කුල ස්ත්රිේන් ගේ පුණ්යත මහිමයක්න්ම සිද්ධවුවකි. කරුණාකර තමුන්නාන්සේ අත්දැක තිබෙන ප්රරත්යයක්ෂ සත්යනයත් මේ සභාවේදීම ප්ර්කාශ කරන්න.

නඩුකාර මහතා - පුණය සමාගම්, කථීක සමාගම්, දේශපාලන සම‍ාගම්, සදාචාර සමාගම් ආදී නානා නාමවලින් පවත් වන ස්ත්රී් පුරුෂ දෙපක්ෂයෙන් යුත් සමාගම්වලට බැඳි ඉන්නා අවිවාහක තරුණියක් විවාහ කරගන්නා පුරුෂයා අන්තිම මෝඩයෙකි - පවුකාරයෙකි - කාලකණ්ණියෙකි. නියම කටයුත්තක් නැතිව සවස හයට ප්රරථම ස්වක‍ීය නිවසට නොපැමිණෙන අවිවාහක තරුණයා සමඟ විවාහ වන ස්ත්රීරය අන්තිම පවුකාරියකි-මෝඩියකි-කාලකණ්ණි තැනැත්තියකි.

පීරිස් නෝනා - ස්ත්රී න්ගේ “පරිවර්තනය” කරණකොට ගෙන අපේ වයලට් හැදුනු හැදුනු පිස්සුව නිසා අද දින පවත්වන ලද මේ විවාදයේන් ස්ත්රීපන්ට විශේෂ වශයෙන් සි‍ංහල ස්ත්රී න්ට සැලසුනු යහපත ගැන දෙපක්ෂයේම නෝනා මහතුන්ට හා මහත්තැන්ටත් මුළු හෘදයෙන්ම ස්තුති කරමින් මේ විවාදය මෙයින් සමාප්තවු බව සතුටින් මතක් කරමි.


සිදධීරස්තු